instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සම අනුග්‍රාහක රටවල නියෝජිතයන් සඳුදා සාකච්ඡා මේසයේ යෝජනාවේ මූලික කෙටුම්පත සම්බන්ධයෙන් සඳුදා ජිනීවා නුවර පැවැත්වුන සාකච්ඡාවේදී එය තවත් දැඩි කරන මෙන් කැනඩාව, ස්විට්සර්ලන්තය සහ බටහිර යුරෝපා රටවල් ඉල්ලා සිටි බව ජිනීවා නුවර වෙසෙන මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය බීබීසී සංදේශයට කියා සිටියේය. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සඳහන් කරමින් මූලික කෙටුම්පත බොහෝ දුරට සංශෝධනය කෙරෙනු ඇති හැඩක් දක්නට ලැබෙන බවයි, සුනන්ද දේශප්‍රිය සඳහන් කළේ. බලය බෙදීම සාකච්ඡාවට එක්ව සිටි බ්‍රිතාන්‍ය නියෝජිතවරයා ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන්නේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය යටතේද, නො එසේනම් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතු ද යන්න පිළිබඳව සාකච්ඡාවේ විශේෂ අවධානය යොමු වී තිබුණු බව එයට සහභාගි වූ කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා නිමල්කා ප්‍රනාන්දුද සංදේශයට කියා සිටියාය. එමෙන්ම බලය විමධ්‍යගත කිරීම හා සම්බන්ධව උතුරේ පමණක් නොව නැගෙනහිර පළාතේ වාතාවරණයද යෝජනාවට ඇතුලත් විය යුතු බව සාකච්ඡාවේ අවධානයට ලක් වුනු තවත් කරුණක්. "ඒ යෝජනාව සංශෝධනය වෙනවා, වඩා තීව්‍ර ආකාරයෙන්. ඒ කියන්නේ වඩා පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි කියන තැන දක්වා සංශෝධනයක් එනවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය. චීනය, රුසියාව, කියුබාව සහ පාකිස්තානය එයට එරෙහිව කරුණු දැක්වූ නමුත් ඉන්දියාව කිසිදු මතයක් පළ නොකොට නිහඬව සිට තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් කරුණු දැක්වීම පාකිස්තානයට භාර දී ඇති හඩක් පෙනී යන බව පවසන නිමල්කා ප්‍රනාන්දු, මේ සතිය අග පමණ වන විට සංශෝධිත පිටපත ප්‍රකාශයට පත් වනු ඇතැයිද බලාපොරොත්තු පළ කළාය.
ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, මොන්ටිනීග්‍රෝව, මැසිඩෝනියාව සහ මුරුසි රාජ්‍යයේ සම අනුග්‍රාහකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව මූලික කෙටුම්පතට වඩා දැඩි කෙරෙනු ඇති බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"අපරාධවලට සම්බන්ධ අපේක්ෂකයින් විශාල ලෙස වැඩිවීම" හේතුවෙන් මේ ගැන කඩිනම් විසඳුමක් ලබා දිය යුතුව තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය. අදාළ අපේක්ෂකයින්ගේ තොරතුරු එම පක්ෂවලට අයත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල හෙළි කිරීමට පැය 48ක කාලයක් ලබා දී ඇත. 2019 දී අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් 43%ට අපරාධ වාර්තා ඇති අතර එය 2014 දී 34%ක් විය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ සංගමය (ADR) විසින් මෙම දත්ත එළිදක්වනු ලැබ ඇත. 2004 දී අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් 24%ක් සහ 2009 දී 30%ට අපරාධ වාර්තා තිබී ඇති අතර, මේ වන විට එම සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව දත්ත අනුව පෙනී යයි. සමහර මන්ත්‍රීවරුන්ට එරෙහිව ඇත්තේ සුළු චෝදනා හෝ දේශපාලනික පෙළඹීම් මත සිදු වූ අපරාධය. නමුත්, සොරකම් කිරීම, රාජ්‍ය නිලධාරීන්ට පහරදීම්, මිනීමැරීම් මෙන්ම ස්ත්‍රී දූෂණය වැනි බරපතල චෝදනා ලද බොහෝ දෙනෙක් සිටිති. "චෝදනා නොමැති" අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට නොහැකි වන්නේ මන්දැයි අධිකරණය විමසීය. "ජයග්‍රාහීභාවය" වෙනුවෙන් යැයි පවසා චෝදනා ලද අපේක්ෂයන් මැතිවරණයට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් සාධාරණීකරණය කිරීමක් නොවන බවද අධිකරණය පැවසීය. අදාළ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස පක්ෂවලට දන්වා ඇති අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකනු ඇත. ඉන්දියාවේ දේශපාලන පක්ෂ චෝදනා ලද අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ ඇයි? සෞතික් බිස්වාස්, බීබීසී පුවත්, දිල්ලි "බරපතල අපරාධ චෝදනා ඇති අපේක්ෂකයින් තෝරා ගැනීමට පාර්ශවයන් පොළඹවන ප්‍රධාන සාධකය ඔවුන්ගේ මුදල් බලයයි," දේශපාලන විද්‍යාඥයෙකු වන මිලාන් වෛෂ්නව් පවසයි. ඉහළ යමින් පවතින මැතිවරණ පිරිවැය සහ අපැහැදිලි මැතිවරණ මූල්‍ය ක්‍රමය නිසා පක්ෂ සහ අපේක්ෂකයින් වෙත ලැබෙන මුදල් සහ වියදම් ගැන හෙළි වන්නේ අල්ප වශයෙනි. මේ හේතුවෙන්, "ස්වයං-මූල්‍ය සම්පාදක අපේක්ෂකයින්ට පක්ෂවලින් වැඩි කැමැත්තක් දක්වන අතර, පක්ෂයෙන් මුදල් සම්පාදනයක් වෙනුවට ඔවුන් පක්ෂයට 'කුලියක්' ගෙවීම වැන්නක් සිදු වෙනවා." එවැනි අපේක්ෂකයින්ගෙන් බොහෝ දෙනා අපරාධ වාර්තා සහිතය. කොටස් තුනකින් යුතු ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ, දේශපාලන තනතුරු මිලියන තුනක් ඇත. ඒ හේතුවෙන්, සෑම මැතිවරණයක් වෙනුවෙන්ම සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වේ. බොහෝ පක්ෂ අධිපතියන්ගේ මෙහෙයවීම යටතේ තිබෙන අතර, පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් සහ කොන්දේසි නොමැත. මේ හේතුවෙන් "ගැඹුරු සාක්කු සහිත අවස්ථාවාදීන්ට අපේක්ෂකයින්" ලෙස ඉදිරිපත් වීමට අවස්ථාව සැලසේ. "අපරාධකාරී අපේක්ෂකයෙකුට තමන් රොබින් හුඩ් වැනි චරිතයක් යැයි කියමින් පෙනී සිටීමට මෙහි ඉඩකඩ සෑදී තිබෙනවා," ඔහු තවදුරටත් පැවසීය. මේ තොරතුරුද කියවන්න:
දේශපාලන පක්ෂවලින් තරග වදින අපරාධ වාර්තා සහිත අපේක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය කරමින්ද, එවැනි අපේක්ෂකයන් තෝරා ගැනීම සාධාරණීකරණය කිරීමට හේතු ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් ද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු ආබාධයට ලක්ව ඇත්තේ බ්‍රහස්පතින්දා (ජුනි 08) ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගයට පෙර පැවති පුහුණු සැසියකට සහභාගි වෙමින් සිටියදීය. ඒ අනුව චාමර කපුගෙදර වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දු කර තිබේ. එංගලන්ත සංචාරයේ සංචිතයට ඇතුළත්ව නොසිටියත් එහි පුහුණු වීම් සඳහා සහභාගි වෙමින් සිටි ධනුෂ්ක ගුණතිලක සංචිතයට ඇතුළත් කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ. බ්‍රහස්පතින්දා ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වන්නේ පිතිකරුවෙක් වශයෙනි.
පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරු චාමර කපුගෙදරට චැම්පියන්ස් කුසලාන එක් දින තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී= තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දීය පොලිසිය ගොවීන්ගේ පෙළපාලියට කඳුළුගෑස් එල්ල කළ අවස්ථාව ගොවීන්ගේ ප්‍රයත්නය වූයේමාර්ග බාධක බිඳහෙලමින් අගනුවරට ඇතුළුවීමය. එහෙත් එම අවස්ථාවේ පොලිසිය විසින් ගොවීන් ඉලක්ක කර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබිණි. ජනරජ දිනය උදාවෙත්ම ගොවීන් විශාල පිරිසක් ට්‍රැක්ටර්වලින් ගමන්ගනිමින් සිටියදී තවත් ගොවීහු පාගමනින් පෙළපාලියෙන් දිල්ලිය බලා ගමන් ගනිමින් සිටියහ. මාර්ග බාධක නිසා බොහෝ ගොවීන් කලින් සැලසුම් කරන ලද මාවත්වලින් ඉවත්ව වෙනත් මාර්ග ඔස්සේ ගමන් ගනිමින් සිටියදී පොලිසිය සමඟ ගැටුම් ආරම්භ වී ඇත. නව ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමේ අරමුණ කෘෂිකර්මාන්තය 'ලිබරල්කරණය' යයි ආණ්ඩුව ප්‍රකාශ කළත් එමගින් සිය අදායම් අහිමිවනු ඇතැයි ගොවීහු කියා සිටිති. ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවලට විරෝධය පළකරන ගොවි නියෝජිතයන දස දහස් ගණනක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පටන් දිල්ලි අගනුවර සීමාවේ වර්ජන ව්‍යාපාරයක නිරතවෙමින් සිටියහ. ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ යෝජනා හකුලාගන්නා ලෙසය. එම යෝජනා තාවකාලිකව නතරකිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ද ගොවීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවක් වාර්තා විය. තමන් පාර්ලිමේන්තුව දෙසට ගමන් ගනිමින් සිටි බව ගොවීහු පවසති අඟහරුවාදාට (ජනවාරි 26) යෙදුණු ඉන්දීය ජනරජ දිනයෙහි, ගොවීන් විසින් යෝජනා කරන ලද විරෝධතා රැළියට අවසරදීමට සාකච්ඡා වට කීපයකින් අනතුරුව පොලිසිය එකඟව තිබුණි. එම අවසරය දී තිබුණේ දිල්ලි අගනුවර මධ්‍යයේ පැවැත්වෙන වාර්ෂික ජනරජ සමරු උත්සවයට බාධා නොකිරීමේ පොරොන්දුව අනුවය. පොලිසිය ගොවීන් සඳහා මාර්ග කීපයක් වෙන්කර තිබූ අතර ඒවා වැඩි ප්‍රමාණය අගනුවර සීමාවේ මහාමාර්ග විය. ගොවීන් පිවිසුම් මාර්ග කීපයක දී පොලිසිය විසින් පනවන ලද රෙගුලාසි අනුව කටයුතු කරන ලද බවක් පෙනීගියත්, අගනුවර පිවිසුම් කලාප හයෙන් තුනක් වන ඝාෂිපූර්,සින්ඝු,සහ ටික්රි යන ස්ථානයන්හි දී ගොවි උද්ඝෝෂකයෝ පොලිස් බාධක බිඳ හෙලූහ. ඝාෂිපූර් පිවිසුම් දොරටුවෙන් ඇතුල්වූ ගොවි පෙළපාලිය පාර්ලිමේන්තුව පිහිටි අගනුවර මධ්‍ය කලාපය දෙසට ගමන් ගනිමින් සිටියහ, ''මෝඩි මහත්මයාට මේ කළු යෝජනා හකුලාගන්න වෙන එක සහතිකයි!'' බීබීසී සමග අදහස් දැක්වූ එක ගොවි විරෝධතාවාදියෙක් කියා සිටියේය. ගොවීන් මධ්‍යම දිල්ලිය කරා යන අතරවාරයේ ITO මෙට්‍රෝ දුම්රිය මංසන්ධියේ දී පොලිසිය සමඟ ගැටෙන ආකාරය සහ ඔවුන්ට කඳුළුගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කෙරෙන ආකාරය පින්තූර මගින් පෙන්නුම් කෙරෙයි. ට්‍රැක්ටර් රථවල නැගුණු ගොවීන් පොලිස් භටයන් සිතාමතාම යටකරමින් පෙරට යාමට උත්සාහ කරන අතරවාරයේ දෙපාර්ශ්වයටම තුවාල සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය මගින් වාර්තාකරනු ලැබුණි. සිය ගණනක් කාන්තාවන් ද ගොවි පෙළපාලිවලට එක්වී සිටියහ මෝඩි ගේ යෝජනා මොනවාද? ඉන්දීය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ යෝජනා මගින් සිදු කෙරෙන්නේ කෘෂිකර්මාන්තය තුළට ''නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය'' හඳුන්වා දීමකි. එමගින් සිය නිෂ්පාදන වෙළෙඳාම,මිල නියමකිරීම සහ ගබඩාකිරීම සඳහා මෙතෙක් ගොවීන් සඳහා පැවැති නීතියේ ලිහිල්වීමක් සිදුවෙයි. ඒ සමඟ නිදහස් වෙළෙඳ ආර්ථිකයට හසු නොවීම සඳහා ගොවීන් සතු රැකවරණය අහිමිවනු ඇත. නව යෝජනා මගින් සිදුකෙරෙන තවත් විශාල වෙනසක් වන්නේ,ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළේ මිල ගණන් අනුව පෞද්ගලික වෙළෙඳුන්ට, කෘෂිකාර්මික ව්‍යාපාරිකයන්ට සහ සුපිරි වෙළෙඳපොළ ජාලයන්ට විකිණීමට සිදුවීමය. දැනට ඉන්දියාවේ 90%කට අධික ගොවි ජනයා සිය නිෂ්පාදන පොදු වෙළෙඳපොළවල විකුණා ගනිති. ආණ්ඩුවේ සහතික මිලට සිය නිෂ්පාදන අලෙවිකර ගත හැකිවන්නේ ඔවුන්ගෙන් 6%කට පමණි. එවැනි වාණිජ ක්‍රියාවලියක් මගින් අවසානයේදී තමන්ට ආණ්ඩුව විසින් නිර්දේශ කරනු ලබන තොග මිල ගණන්වලට සිය නිෂ්පාදන විකිණීමට සිදුවිය හැකි අතර තමන්ට වෙනත් විකල්ප තෝරාගැනීමක් ඉතිරි නොවිය හැකි බවට ගොවීහු මැසිවිලි පළකරති.. නව යෝජනා නීතිගත කරනු ලැබුවහොත්, පෞද්ගලික ගැනුම්කරුවකු විසින් ඉදිරිපත් කරනු ලබන මිලගණන්වලට එකඟ නොවන ගොවියකුට නැවත පොදු වෙළෙඳපොළ කරා යාමට හැකියාවක් නැත. එසේම සාකච්ඡා අතරමැද හෙට්ටු කිරීමටත් අවස්ථාවක් නැත. මාස කීපයක කාලයක් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවෙමින් සිටින ගොවීන්ගෙන් වැඩිදෙනා පංජාබ් සහ හර්යානා ප්‍රාන්තවලට අයත් ගොවීහු වෙති. ඒවා ප්‍රධාන වශයෙන් වී සහ වීට් ගොවිතැන සිදුකෙරෙන ප්‍රධාන ඉන්දීය ප්‍රාන්ත දෙකයි. එම ගොවීන් සිය නිෂ්පාදන පොදු වෙළෙඳපොළේ සහතික මිලකට සිය නිෂ්පාදන අලෙවිකර ගනිති. දැන් පවතින තත්ත්වය වන්නේ ගොවීන් පොදු වෙළෙඳපොළේ දී සහතික මිලකට සිය නිෂ්පාදන අලෙවිකර ගැනීමය යෝජිත නීති අවශ්‍ය ද? ඉන්දියාවේ කෘෂිකර්මාන්තය ප්‍රතිසංස්කරණය විය යුතුය යන්න සම්බන්ධයෙන් බොහෝ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ විශේෂඥයන්ගේ එකඟතාවක් ඇත. එහෙත් ආණ්ඩුව විවේචනය කරන්නන් පෙන්වා දෙන්නේ උපදේශාත්මක ක්‍රියාදාමය අනුගමනය කිරීමට බලධාරීන් අපොහොසත්ව ඇත. නීතිය අනුමත කරගැනීමට පෙර වෘත්තීය සමිතිවල විශ්වාසය දිනාගැනීමට අසමත් වූ එක් කරුණක් නම්, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කඩිනමින් ඉදිරිපත් කරමින් ඡන්දයකට ඉදිරිපත් කිරීමත් පාර්ලිමේන්තු විවාදය සඳහා ප්‍රමාණවත් කාලයක් නොදීමෙන් විපක්ෂය කෝපයට පත් කිරීමය. ප්‍රාන්ත ආණ්ඩුවලටත් අවස්ථාවක් නොලැබුණි. කෘෂිකර්මාන්තය ඉන්දීය ආර්ථිකයේ ප්‍රධාන දහරාවක් වන බව සැලකිල්ලට ගැනීමට ප්‍රතිසංස්කරණ යෝජනාකරුවන් අසමත්ව ඇත යන්න විශේෂඥයන් විසින් පෙන්වා දෙනු ලබන තවත් කරුණකි. ඉන්දියානු ප්‍රජාවෙන් හරි අඩකට වඩා කෘෂි ගොවිපලවල වැඩ කරන නමුත් එමගින් ලබන ඵලය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හයෙන් එකක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි. එම කෘෂි නිෂ්පාදන ඵලදායීතාව පහත වැටෙමින් පවතින අතර නවීකරණයේ ඌනතාව හේතුවෙන් කෘෂිකාර්මික ආදායම දශක ගණනාවක් තිස්සේ හැකිලෙමින් ඇත. මෙම තත්ත්වය යටතේ ඉන්දීය ගොවීන්ගේ බෝග නිෂ්පාදන විසිතුනකට අවම මිලක් නියමකරනු ලැබ ඇති අතර, සහන දීමනා, අයබදුවලින් නිදහස් කරනු ලැබීම සහ බෝගවලට රක්‍ෂණයක් ලබාදීම ආදිය දැනට සිදුකෙරෙයි. ''එම මාවතින් අප ඉවත්කෙරෙන අතර මහා ව්‍යාපාරිකයන් සමඟ ගනුදෙනු කරන ලෙස ආණ්ඩුව අපට කියනවා. නමුත් පළමු පියවරේදීම, කොහෙත්ම අපි එවැන්නක් ඉල්ලා සිටියේ නැහැ. ඇයි ,ආණ්ඩුව අපට මේ විධියට සලකන්නේ?'' ඉන්දීය ගොවියකු වන රකේෂ් ව්‍යාස් පසුගිය දිනක බීබීසී සමග අදහස් දක්වමින් ප්‍රශ්න කළේය. දශක ගණනාවක් දෙමින් තිබුණ සහන ඉවත්කරනු ලැබීම ගොවීන් සමඟ සිදුකරනු ලබන සංවාදයක් තුළින් සිදුවියයුතු බවත්,එසේ නැත්නම්, බිය සහ සැකය හේතුවෙන් අදාළ ක්‍රියාවලිය නියමිත මාවතින් පිටපැනීමට ඉඩකඩ ඇතිබවත් විශේෂඥයෝ පෙන්වා දෙති. පසුගිය විරෝධතා ව්‍යාපාරයට හවුල්ව සිටි ගොවියකුට පොලිස් භටයකු පහරදෙන මෙම පින්තූරය අන්තර්ජාලයෙහි විශාල වශයෙන් හුවමාරුවෙමින් තිබුණි කියවන්න; .
ඉන්දියානු ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට එරෙහිව සටන්වැදී සිටින ගොවි ජනතාව, එරට ජනරජ සැමරුම් ආරම්භ වෙද්දී ට්‍රැක්ටර් පෙළපාලියකින් දිල්ලි අගනුවරට ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය සහ ගොවීන් අතර ගැටුමක් ඇතිවිය..
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අනුව යාල අංක1 කළාපයේ ආරක්ෂාව පිණිස දිනකට ඇතුළු වන උපරිම 'සෆාරි' ජීප් රථ සංඛ්‍යාව 300 ක් විය යුතු යයි තීරණය කරන ලද බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය. "මූලික තීරණයක් අපි ගත්තේ 300 ට තමයි, ඊට පස්සේ බලපෑම්, නොයෙකුත් දේවල් ආවට. ඒ තුන්සීය හාරසීයට වැඩි කෙරුවත් 300 ටම තිබිය යුතුයි කියන ස්ථාවරය තීරණය කරලා තියෙනවා," ඔහු පැවසීය. ජීප් රථ හිමියන්ගේ සහ ප්‍රදේශය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඉල්ලීම මත යාල අංක1 කලාපයට දිනකට ඇතුළු වන ජීප් රථ සංඛ්‍යාව 500 දක්වා වැඩි කිරීමට අමාත්‍යවරයා තීරණය කරන ලද බව ජනමාධ්‍ය වාර්තාකර තිබුණි. එහෙත් වාහන 500 දක්වා වැඩි කිරීමේ තීන්දුවක් නොගත් බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, සිය තීන්දුව වූයේ ජීප් රථ සංඛ්‍යාව 400 දක්වා ඉහළ දැමීමට යයි සඳහන් කළේය. අමාත්‍යවරයාගේ එම තීන්දුව පිළිබඳව පරිසරවේදීන් සහ පශු වෛද්‍යවරුන් දැඩි විරෝධය පළ කළ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ ද ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දෝෂදර්ශනයට ලක් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුණි. "දවසකට ජීප් 300 තමා සුදුසුම මේ යාල block1 එක දීර්ඝ කාලීන ලෙස ආරක්ෂා කරන්න ඕනේ නම්. අගමැතිතුමාත් ඉන්නේ දැඩි ලෙස ඒ ස්ථාවරයේ," අමාත්‍යවරයා පැවසීය. "මොකද ඒ ගහ කොළ, සතා, පරිසරය ඔක්කොම විනාශ මුඛයට පත්වේගෙන එනවා." සබැඳි යොමු: දිවියන් දකින්න යාල යන්න ගතව ගිය තුන් වසර ඇතුළත අංක1 කළාපයට වසරකට ඇතුළු වී තිබෙන වැඩිම වාහන ප්‍රමාණය 402ක් බව පවසන වන ජීවී කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යාල වනෝද්‍යානයට ඇතුළුවන වාහන සංඛ්‍යාව වැඩි වීම යනු එකම සතෙක් නැරඹීම පිණිස "පොර කමින් යන වගේ තත්වයක්" ඇති වී තිබෙන බැවින් ඒ තත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාව මතු වී ඇති බවය. "ඒ එක්කම ඒ වාහන අපි one-way කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ පාරේ යන කොට සතෙක් ඉන්නවා කියල ටෙලිෆෝන් කෙරුවත් ඒ පාරේ ආපහු යන්න බෑ." ඒ අතරවාරයේම යාල අංක1 කළාපයේ පමණක් නොව අනෙක් කළාපවල සහ සිතුල්පව්ව විහාරස්ථානය අසල 'ඔන්ඩච්චි' වනෝද්‍යානයේ ද සතුන් නැරඹීම සඳහා සංචාරකයන් දිරිමත් කිරීම සිය අභිලාශය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. යාල වනෝද්‍යානයේ කළාප අංක5, වේරගල සහ ලුණුගම්වෙහෙර වැනි ප්‍රදේශවල ද සතුන් බහුලව ගැවසෙන බැවින් කලාප අංක1 පමණක් සංචාරය නොකර සතුන් බැලීම පිණිස එම ප්‍රදේශවල ද සංචාරය කරන මෙන් අමාත්‍යවරයා සත්වලෝලීන්ගෙන් ඉල්ලීමක් කරයි.
යාල වනෝද්‍යානයට දිනකට ඇතුළු වන ජීප් රථ සංඛ්‍යාව ඉහළ දැමීමට මීට පෙරාතුව ගන්නා ලද තීරණය වෙනස් කරන ලද බව වන ජීවී කටයුතු භාර අමාත්‍යවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහෙත් ඇයට, ඇයගේ සොහොයුරාට සහ සොහොයුරියට සිරියාවේ පුරවැසිභාවය අහිමිය. ඒ ඔවුන්ගේ මව ඉස්ලාම් භක්තික කාන්තාවක සහ පියා ක්‍රිස්තියානි භක්තිකයෙකු වීම හේතුවෙනි. මිශ්‍ර විවාහයක් බැවින් ඔවුන් දෙදෙනා අතර විවාහය සිරියානු බලධාරීන් පිළිනොගැනීම එයට හේතුවයි. සිරියාවේ අඹු සැමි යුවලක් අතර විවාහය නිල වශයෙන් පිළිනොගන්නේ නම් ඔවුන්ට දාව උපත ලබන දරුවන්ට එරට පුරවැසිභාවය හිමි නොවේ. ඔවුන්ට පුරවැසිභාවය ලබාදීම ලෙබනනය ද ප්‍රතික්ෂේප කරයි. "මට රටක් නෑ," මහා පවසන්නීය. "ඒ නිසා මම ලෙබනන් ජාතිකයෙකුත් නෙවෙයි, සිරියානු ජාතිකයෙකුත් නෙවෙයි." මිශ්‍ර විවාහයක දරුවෙකු වීම හේතුවෙන් රටක් අහිමිවීම මේ ගැටලුව හේතුවෙන් තෙවසරකට ආසන්න කාලයක් මුළුල්ලේම ඇයට සිය මව දැකගැනීමට ද නොලැබිණ. පුරවැසිභාවයක් අහිමි බැවින් කිසිදු විදෙස් චාරිකාවක නිරතවීම පමණක් නොව රෝගාබාධයකට ප්‍රතිකාර ගැනීම පිණිස ජාතික සෞඛ්‍ය සේවයේ පිහිට පැතීමේ අවස්ථාව ද ඔවුන්ට අහිමි කරනු ලැබ තිබුණි. "මගේ දුක කියමින් මම හැම රටකම තානාපති කාර්යාලවලට ගියා," මහා පවසන්නීය. "අපිව පිළිගත්තේ බ්‍රසීලය විතරයි." දේශපාලන අනාථයන් ලෙසින් බ්‍රසීලය විසින් ඔවුන් භාරගනු ලැබීමෙන් අනතුරුව පැය 48 ක් ඇතුළත ලෙබනනයෙන් පිටවන මෙන් මහා සහ ඇයගේ සොහොයුරාටත් සොහොයුරියටත් දන්වනු ලැබිණ. වහාම ෆේස්බුක් පිහිට පැතූ ඔවුහු බ්‍රසීලයේ දී තමන් භාරගැනීමට කැමති කාන්තාවක සොයා ගත්හ. ඇය එමිලින්ය. මහා දැන් බ්‍රසීලයේ ගොවිපොලක සේවය කරමින් සිටියි. ඔවුහු බ්‍රසීලයට පැමිණ මේ වනවිට දෙවසරක් සහ මාස දහයක් ගත වී ගොසිනි. තෙවසරකට ආසන්න කාලයක් සිය දරු තිදෙනා නොදුටු ඔවුන්ගේ මව ද ඔවුන් සොයා බ්‍රසීලයට පැමිණියාය. එහෙත් මව පැමිණෙන විට දරු තිදෙනා අතරින් එක් දරුවෙක් මෙලොව හැර ගොසිනි. බ්‍රසීලයේදී මහා ගේ සොහොයුරා පැළඳ සිටි අත් ඔරලෝසුව පැහැර ගැනීමට පැමිණි සොර මුලක් ඔහුට වෙඩි තබා මරා දමා තිබුණි. "මාව පිළිගත්තේ මේ රට විතරයි," මහා පවසන්නේ සතුට සහ ශෝකය මිශ්‍ර හැඟීමකින් බ්‍රසීලයේ සිය මිතුරිය, එමිලින්, වැළඳ ගනිමිනි.
මහා මමු ලෙබනනයේ උපත ලැබූ සිරියානු ජාතික තරුණියකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මියන්මාරය නොහොත් බුරුමය සිය දළ දේශීය නිෂ්පාදනයෙන් හරි අඩක් සපුරා ගනු ලබන්නේ ජේඩ් කර්මාන්තයෙනි අඩි 14 ක් උසින් සහ අඩි 19 ක් දිගින් යුත් ජේඩ් පාෂාණය ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හැත්තෑවකට මිල කොට ඇති බව වාර්තා වේ. මියන්මාරයේ ජේඩ් මැණික් සඳහා ප්‍රසිද්ධියක් උසුලන කචින් ප්‍රාන්තයේ පතලකින් මැණික සොයා ගනු ලැබ ඇත. ලොව තත්ත්වයෙන් ඉතා ඉහළ ජේඩයිට් ඛනිජවලින් අති බහුතරය සපයනු ලබන්නේ මියන්මාරයයි. ජේඩ් මැණිකක් සහිත පෙන්ඩනයක් මියන්මාරය හෙවත් බුරුමය සිය දළ දේශීය නිෂ්පාදනයෙන් හරි අඩක් සපුරා ගනු ලබන්නේ ජේඩ් කර්මාන්තයෙනි. අසල්වැසි චීනය, මියන්මාරයෙන් ජේඩ් මැණික් මිලදී ගන්නා ප්‍රධාන රටවල් අතරින් එකකි. චීන වැසියන් විසින් ජේඩ් මැණික් හඳුන්වනු ලබන්නේ 'දිව්‍යමය පාෂාණ' ලෙසය.
ටොන් එකසිය හැත්තෑපහක බරින් යුත් දැවැන්ත ජේඩ් මැණිකක් මියන්මාරයේ පතලකින් හමුවෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීර කලාපයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ඉන්දීය හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක භටයන් දාහත් දෙනකු මරුමුවට පත් විය ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවේ කෝපය පළ වන බවයි ආරක්ෂක කටයුතු පිළිබඳ විශ්ලේෂක රාහුල් බේඩි පවසන්නේ. පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ඉන්දීය හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක භටයන් දාහත් දෙනකු මරුමුවට පත් විය. මෑත වසර කීපය තුළ ඉන්දීය කාශ්මීරයේ ආරක්ෂක අංශ ඉලක්ක කොට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙයයි. ගිනි අවි සහ අත් බෝම්බ රැගත් ප්‍රහාරකයන් හමුදා කඳවුරට කඩා වැදී ප්‍රහාර එල්ල කොට තිබේ ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ඉන්දීය ආණ්ඩුව කියා සිටියේ තහනම් කරන ලද පාකිස්තානයේ ක්‍රියාත්මක ජයිෂ්- එ-මොහම්මද් නමැති කැරලි කණ්ඩායමට අයත් පුද්ගලයන් විසින් ප්‍රහාරය එල්ල කොට ඇති බවයි. ත්‍රස්තවාදයට අනුබල දෙන බවටත් ඉන්දියාවේ ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා පාකිස්තානයට චෝදනා කළේය. එහෙත් එම චෝදනාව පාකිස්තාන ආණ්ඩුව තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ හමුදා කඳවුරකට ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි යන්න සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ජ්‍යේෂ්ඨ ඇමතිවරු අතර හමුවක් පැවැත්වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රෝහල්වලට යළි යළිත් එල්ල කෙරුණු ප්‍රහාර, වධබන්ධන හා ලිංගික ප්‍රචණ්ඩත්වය, බලහත්කාර පැහැරගෙන යාම් මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධ හමුදා ඒකකවලට අණදුන් තැනැත්තා වශයෙන් ජනරාල් ජගත් ජයසූරිය පෞද්ගලිකව අපරාධ වගකීමක් දරන බවට බ්‍රසීලියා හා බොගෝටා නගරවල සඳුදා (අගෝස්තු 28) ගොනුකරන ලද නඩුවලින් චෝදනා එල්ල කෙරී ඇති බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ. "එක්සත් ජාතීන්ගේ වාර්තාවල ද නම සඳහන් වූ මෙවැනි අයෙකුගේ ක්‍රියා පිළිවෙත සලකා බැලීමේදී ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශයකට යැවීම සැහැසි ක්‍රියාවකි. ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය මෙන්ම එහි ලතින් ඇමෙරිකානු සහකරුවන්ගේ අපේක්ෂාව ජනරාල්වරයා නඩුවට මුහුණ දෙනු දැකීමයි. නමුත් ඒ වෙනුවට අපිට දැනගන්නට ලැබුනේ ඔහු හදිසියේම කලාපයෙන් පලාගොස් ශ්‍රී ලංකාවට ගොස් ඇති බවය," යැයි ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකාව මෙන්ම දකුණු අප්‍රිකානු මානව හිමිකම් නීතිවේදිනියකවන යැස්මින් සූකා සඳහන් කළාය. "තමන් නිවැරදි යැයි ජනරාල් ජයසූරිය සැබවින්ම විශ්වාස කරන්නේ නම් ඔහු කළ යුතුව තිබුනේ තනතුරේ රැදී සිටිමින් අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දීමයි," යැයි පැවසූ ඇය, "ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යයට මෙන්ම වගවීමට සැබවින්ම කැපවී සිටින්නේ නම් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට මෙය වෙලාවයි," යනුවෙන්ද සිය නිවේදනයෙන් කියා සිටී. ලතින් ඇමෙරිකානු සංවිධාන කිහිපයක් සමග සහයෝගීතාවයෙන් මෙම නඩුව ගොනු කිරීම සම්බන්ධීකරණය කර ඇත්තේ ස්පාඤ්ඤ නීතිවේදියකුවන කාලෝස් කස්ට්‍රෙසානා ෆර්නැන්ඩස් විසිනි. ඔහු, ජනරාල් විඩේලා සහ ජනරාල් පිනෝෂේට එරෙහිව 1996 දී ස්පාඤ්ඤයේ ජාතික අධිකරණයේදී නඩුවක් ඇරඹු ස්පාඤ්ඤ නීතිවේදීන් අතරින් කෙනෙකි. පසුව, ගුවාතමාලාහි, දුර්විපාක නොලබා සිටීමට එරෙහි කොමිසමේ (CICIG) ප්‍රධානියාව සිටියදී හිටපු ජනාධිපති අල්ෆොන්සෝ පොර්ටිලෝ ඇතුළු යුධ අපරාධකරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකයින් ගණනාවකට අධිචෝදනා ගොනුකර ඇත. ජනරාල් පිනෝෂේ "ජනරාල් පිනෝෂේ හෝ විඩේලාට එරෙහිව අප ගෙන ගිය නඩුවට වඩා බරපතල අපරාධ පිළිබඳ සාක්ෂි මෙහි තිබෙනු දැක මා කම්පනයට පත් වුණා." යැයි පැවසු කස්ට්‍රෙසානා, "කවුරුවත් මුලින් විශ්වාස කළේ නැහැ පිනෝෂේගේ නඩුව ඉදිරියට යැයි කියා හෝ මිලිටරි ජුන්ටාව වගවීමෙන් බඳවා තබන්න ආජන්ටිනා අධිකරණයට කෙදිනකවත් හැකිවේවි කියා; ගුවාතමාලා ආරක්ෂක හමුදා වගවීමෙන් බඳවා තබයි කියා, නමුත් හොඳ, කැපවීමෙන් යුතු මිනිසුන් නිසා වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්නට හැකිවුනා යැයි මා කියන්නට කැමතියි. ඔහු බ්‍රසීලයෙන් පලායාම මා තකන්නේ නැහැ; නඩුව ඇරඹෙමිනුයි තිබෙන්නේ. ඔහු අපට වඩාත් පහසු කර තිබෙනවා, මොකද පලා යාම නිසා තවදුරටත් ඔහුට මුක්තිය හිමිවෙන්නේ නැහැ." ජනරාල් පිනෝෂේ ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය පවසන්නේ 2007-9 කාලය තුළ ජනරාල් ජගත් ජයසූරිය වන්නි ආරක්ෂක ආඥාපතිව සිටි සමයේදී ඔහුගේ අණ යටතේ පැවතියේ යැයි පැවසෙන 'ජෝසෆ් කඳවුර' නම්වූ වධ කඳවුරින් පලා ආ 14 දෙනෙකුගෙන් තමන් ප්‍රකාශ එක්රැස්කොටගෙන ඇති බවය. වධ දීම සඳහාම ගොඩ නගන ලදැයි පැවසෙන එම කඳවුර තුළ මාංචු හා දම්වැල්, රැඳවියන් උඩු යටිකුරු කර එසවීම සඳහාවූ කප්පි, සිවිලිමේ මාංචු ලෑ හැකි දඬුවලින් සමන්විත වධකාගාර මෙන්ම භූගත රැඳවුම් කුටිද වූ බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. රාත්‍රියේදී රැඳවියන් නගන විලාප ඇසුණු බවත් එය කඳවුරේ පිහිටි ජනරාල්වරයාගේ නිවස්නයට ද ඇසෙන්නට ඇති බවත් වින්දිතයින් පැහැදිලි කළ බව එම සංවිධානය පවසයි. එය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හමුදාපති පදවියට පත් ජනරාල් ජයසූරියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොර ඝාතන මෙන්ම අර්බුදය අවසානයේදී භාරවූ සියගණනක් බලහත්කාරයෙන් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් ද මෙම නඩුවෙන් ඔහුට චෝදනා එල්ල කර ඇති බවය. 'පලා ගියේ නෑ' ජනරාල් ජගත් ජයසූරිය බ්‍රසීලයෙන් 'පලා ගොස්' ඇත්දැයි විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහිශිනී කොලොන්නේ බීබීසී සිංහල සේවයට කියා සිටියේ, මේ මාසය අවසානයේ ඔහුගේ නිල කාලය අවසාන වූ බවය. සිය ධුර කාලය අවසානයේ යළිත් සිය රට බලා පිටත් වූ ජනරාල්වරයා, බදාදා (අගෝස්තු 30) කොළඹට ළඟාවීමට නියමිත බව ද ප්‍රකාශිකාව සඳහන් කළාය. "ඔහු බ්‍රසීලයෙන් පිටත් වන දිනය කලින් සැලසුම් කර තිබුණු අතර, ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු රටින් පලා ගියේ නැත," යනුවෙන් ද මහිශිනී කොලොන්නේ වැඩිදුරටත් සඳහන් කළාය. වැඩිදුර විස්තර විමසීම පිණිස විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ විදේශ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.
බ්‍රසීලයේ සිටින ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව, 2009 ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් බ්‍රසීලයේ හා කොලොම්බියාව තුළ යුද අපරාධ චෝදනා ගොනු කළ බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සැප්තැම්බර් මාසයේ ඇමරිකාවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඔබාමා සහ අවුන් සාන් සුචී අතර හමුව පැවැත්වුණි දෙදෙනා අතර පැවති හමුවෙන් සති කිහිපයකට පසු ඇමරිකානු ජනාධිපතිවරයා විසින් විධායක නිවේදනයක් නිකුත් කරමින් මෙය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. අඩු සංවර්ධිත රටක් ලෙස මියන්මාරයට වෙළඳ වාසි ලබාගැනීමට තිබූ හැකියාව 1989 දී නවතා දමනු ලැබුවේ එරට රජය විසින් සිදුකරන ලදැයි කියැවුණු මානව හිමිකම් කඩකිරීම් හේතුවෙනි. එහෙත් ධවල මන්දිරය ප්‍රකාශ කළේ මියන්මාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් ඇඟවෙන්නේ එරට තවදුරටත් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි. මියන්මාරයේ හමුදා පාලනය පැවති සමයේදීය සම්බාධක පනවා තිබුණේ මේ අනුව අසාදු ලේඛන ගතවූ සමාගම් 100 ක් සහ පෙර පැවති හමුදා පාලනය සමග පෞද්ගලික සම්බන්ධතා පැවති පුද්ගලයන් බොහොමයකට එරෙහිව පැවති වෙළඳ සීමා ඉවත්කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් පුද්ගලයන් කිහිප දෙනෙකුට එරෙහිව පවතින සම්බාධක ඉවත් නොකෙරෙනු ඇත. 1962 වසරේ සිට 2011 වසර දක්වා මියන්මාරය පාලනය කළේ බලය අල්ලාගත් හමුදා පාලනයක් විසින්. එවකට විරුද්ධ පක්ෂ නායිකාව වූ අවුන් සාන් සුචී වසර 15 ක් සිරගත කොට තැබුණු අතර 2015 පැවති මැතිවරණයෙන් ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය ජයග්‍රහණය ලැබීය
මියන්මාරයේ රාජ්‍ය උපදේශිකා අවුන් සාන් සුචී සමග පැවති හමුවෙන් පසු කලයක් තිස්සේ මියන්මාරයට එරෙහිව පැවති ඇමරිකානු සම්බාධක ජනාධිපති බරක් ඔබාමා විසින් ඉවත්කරනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ළමුන්ට ලිංගික අතවර කරමින් ඔවුන් විසින් කරන ලද හානියට මම පුද්ගලිකවම සමාව ඉල්ලා සිටිනවා' ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක්‍රියා කරන ජාත්‍යන්තර කතෝලික සංවිධානයක සාමාජිකයන් අමතමිනුයි, පාප් වහන්සේ එසේ සමාව ඉල්ලා සිටියේ. "ඇතැම් පූජකවරුන් - සුළු පිරිසක් පමණක් - විසින් සිදු කරන ලද සියලු පාපී ක්‍රියාවන් වෙනුවෙන් මා පුද්ගලිකවම මැදිහත් විය යුතු බව මට හැඟෙනවා," යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ. "ළමුන්ට ලිංගික අතවර කරමින් ඔවුන් විසින් කරන ලද හානියට මම පුද්ගලිකවම සමාව ඉල්ලා සිටිනවා." ළමා අපයෝජක පූජකවරුන් සිය වැරදිවලට දඬුවම් විඳිය යුතු බවද පාප් වහන්සේ සඳහන් කළහ. ළමා අපයෝජක පූජකයන් සම්බන්ධ ප්‍රශ්නය යට ගැසීමට උත්සාහ දරන බවට ඇතැම් කතෝලික භක්තිකයෝ පාප් වහන්සේට චෝදනා කරති. කතෝලික සභාව කැලඹු මේ ආන්දෝලනය සම්බන්ධයෙන් පාප් වහන්සේ මෙතෙක් කළ දැඩිම හෙලා දැකීම මෙය බවයි, වාර්තාකරුවන් පවසන්නේ.
ළමා ලිංගික අපචාරවල යෙදුනු රෝමානු කතෝලික පූජකවරුන් වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති ව්ලදිමීර් පූතින් ඒ බව සඳහන් කර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ තුන් දින රුසියානු නිල සංචාරය අතරවාරයේ රාජ්‍ය නායකයන් දෙදෙනා අතර පැවති දීර්ඝ සාකච්ඡාවේදීය. වසර 43 කට පසුව ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරත වූ පළමු වතාව මෙයයි. "ඊට අමතරව ඔහු කිවුවා සංචාරක ක්ෂේත්‍රයේ තවත් ප්‍රවර්ධනය කළ යුතු වැඩසටහන්වලට අපි සහාය වෙනවා කියලා," ජනාධිපතිවරයා සමග රුසියානු සංචාරයට එක් වී සිටින ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක බීබීසී සිංහල සේවයට පැවසීය. එමෙන්ම පරිපාලන කටයුතු අඩපණ වී තිබෙන ශ්‍රී ලංකාවේ තේ වතු වෙනුවෙන් ආයෝජනය කිරීමට රුසියානු ආයෝජකයන් යෙදවීමේ හැකියාව තිබෙන බවත් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවාය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සඳහන් කරද්දී ශ්‍රී ලංකා තේ සහ බණ්ඩාරනායක නාමය රුසියානු වැසියන් අතර තවමත් ඉතා ජනප්‍රිය බව සිය සංචාරයේදී දැකගන්නට ලැබුන බවත් ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක වැඩිදුරටත් පැවසීය.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර බිඳ වැටී තිබෙන සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීම පිළිබඳව රුසියානු ජනාධිපතිවරයාගේ අවධානය පළ වී තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය ක්‍රීඩා දිවිය තුළ සියලුම අංශවලින් ලකුණු 10,000 කට වඩා රැස් කිරීමට සමත් වූ ඔවුන් තිදෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ සිය නම රැන්දුවේ දක්ෂ නායකයන්ට වඩා අති දක්ෂ ක්‍රීඩකයන් ලෙසිනි. තිලිණ කණ්ඩම්බි, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, තිසර පෙරේරා සහ ලහිරු තිරිමාන්න 19 න් පහළ ජගත් කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් අනතුරුව සිය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ අනෙක් ක්‍රීඩකයෝය. යොවුන් ජගත් ශූරතාවලියේ දස්කම් පා ක්‍රීඩකයන් පසුගියදා ටෙස්ට් වරම් ලැබූ අයර්ලන්තය ද ඇතුළුව ටෙස්ට් රටවල් 11 ක නායකත්වයට පත් වී සිටිති. කෙසේ වුවත් ඇෆ්ඝනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ මෑත දී බැවින් ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයන් මේ අතරට ඇතුළත් නොවේ. 2008 දී යොවුන් ජගත් කුසලානය දිනාගත් විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම 12 වෙනි ක්‍රිකට් යොවුන් ලෝක කුසලාන ශූරතාවලිය ලබන වසරේ ජනවාරි 13 වෙනි දින නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිතය. අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයක සඳහන් වන පරිදි යොවුන් කුසලානයේ දක්ෂතා දක්වා සිය රටේ නායකත්වයට පත් වූ ක්‍රීඩකයන් අතරින් මේ වන විට ප්‍රබල අවධානය යොමු වී තිබෙන්නේ විරාත් කෝලි, ස්ටීව් ස්මිත් සහ කේන් විලියම්සන් කෙරෙහිය. ඔවුන් තිදෙනාම 2008 යොවුන් ජගත් ශූරතාවලියේ පෙළහර පෑවෝ වෙති. 2010 යොවුන් ජගත් ශූරතාවලියේ ක්‍රීඩා කළ එංගලන්ත පිලේ ජෝ රූට් මෙන්ම පකිස්තානයේ සෆ්රාස් අහ්මඩ්, දිනේෂ් චන්දිමාල්, බටහිර ඉන්දීය කොදෙවු පිලේ ජේසන් හෝල්ඩර් සහ සිම්බාබ්වේ කණ්ඩායමේ ග්‍රේම් ක්රෙමර් තවමත් සිය කණ්ඩායම්වල නායකත්වය හොබවන ක්‍රීඩකයෝය. තිසර පෙරේරා ද පසුගියදා ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායකත්වයට පත් කෙරිණ. ජනවාරි මාසයේ පැවැත්වෙන වයස 19 න් පහළ ජගත් ක්‍රිකට් ශූරතාවලියේදී පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය සහ අයර්ලන්තය ද ඇතුළත් ඩී කාණ්ඩයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වැදීමට නියමිතය. තවත් යොමු:
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය, බ්‍රයන් ලාරා සහ ඉන්සමාම් උල් හක් යන හිටපු ක්‍රිකට් නායකයන් තිදෙනාම 1988 පැවති සමාරම්භක යොවුන් ජගත් කුසලානයට ක්‍රීඩා කළ බව ඔබ දැන සිටියාද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'කොයිම ආකාරයකින්වත් සිය දිවි හානි කර ගැනීම අනුමත කරන්නේ නෑ' එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් එම ප්‍රකාශය කළේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිට, බෝධිය අසලදී බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබා ගැනීම පිළිබඳව සිංගප්පූරුවේ සිට බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. ඉන්දරතන හිමියන් ජාතික හෙළ උරුමයේ සාමාජිකයකු බවත්, මෑතක් වන තුරුම එම පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයක් දරා තිබෙන බවත් වාර්තාවල දැක්වේ. "කොයිම ආකාරයකින්වත් සිය දිවි හානි කර ගැනීම අනුමත කරන්නේ නෑ නමුත් යම් උදාර අරමුණු පෙරදැරි කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන අවස්ථා තියෙනව," සෝභිත හිමියෝ පැවසූහ. 'ජීවිත හානිය පාප ක්‍රියාවක්' භික්ෂූන් වහන්සේ සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවේදී වාර්තා වන්නේ ඉතා කලාතුරකින් ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබාගැනීම සියලු දෙනාගේම සංවේගයට හේතුවක් බවද එහිමියෝ සඳහන් කළහ. ජීවිත හානිය පාප ක්‍රියාවක් වන නමුත් "චේතනාව කුමක්ද කියන එක පැහැදිලි කරගෙනයි ඒකෙ හොඳ නරක තීරණය කරන්න වෙන්නේ," යනුවෙන්ද ඕමල්පේ සෝභිත හිමියෝ සංදේශයට පැවසූහ. ඉන්දරතන හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුලත් කළ බව කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කොට තිබුණි. උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී තිබෙන බව, මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් ජී ඒ දිසානායක පැවසීය. විරෝධය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් තිබ්බතයේ බොහෝ භික්ෂූන් වහන්සේ සිරුරට ගිනි තබා ගන්නා නමුත්, ශ්‍රී ලංකාවේ එවැන්නක් වාර්තා වන්නේ ඉතා කලාතුරකින්. ශ්‍රී ලංකාවේ ඇතැම් භික්ෂූන් වහන්සේ ද මස් අනුභව කරති.
වෙසක් පුන් පොහෝ දින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවාසීන්ට කිසිසේත්ම යහපත් ආදර්ශයක් නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
vasවසර පහක තරඟ තහනමකින් අනතුරුව මොහමඩ් අමීර් පසුගිය ජනවාරි මාසයේ යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රීඩාවට අවතීර්ණ විය 2010 වසරේ එංගලන්තය සමඟ පැවැත්වුණු තරඟයක කොටසක් පාවාදීමේ චෝදනා මත 24 හැවිරිදි මොහමඩ් අමීර්ට වසර පහක තරඟ තහනමක් පැනවිණ. ඔහු එංගලන්තයේ මාස තුනක සිරදඬුවමක්ද ගත කළේය. බුකිකරුවන්ගෙන් මුදල් ලබාගැනීම පිණිස හිතාමතාම නිපන්දු යැවීමේ චෝදනාවට ඔහු වැරදිකරු බව ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය තීන්දු කළේය. එවකට ටෙස්ට් කණ්ඩායමේ නායකයා වූ සල්මන් බට් සහ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් අසීෆ් ද එම තරඟයේ කොටසක් පාවාදීමේ චෝදනාවට වැරදිකරු බව 2011 පෙබරවාරි මාසයේ තීන්දු කෙරිණ. තහනම හමාරයේ එංගලන්තයට එරෙහි තරඟාවලිය සඳහා ඔහු තෝරා ගන්නා බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. ඉන් අනතුරුව පැවති අධිකරණ විභාගයකදී ඔවුන් තිදෙනාටම සිර දඬුවම් නියම කෙරිණ. පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ මොහමඩ් අමීර් තරඟ තහනමට ලක්වීමට පෙරාතුව එංගලන්ත සංචාරයේදී ලකුණු 18.36 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 219 ක් දවා ගෙන සංචාරය තුල පාකිස්තානයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබා සිටියේය. එංගලන්ත සංචාරය සඳහා වීසා බලපත්‍ර ලැබීමත් සමඟම එයින් වසර හයකට ආසන්න කාලයකට පසුව ඔහු ලබන ජුලි මාසයේ යළිත් පළමු වතාවට ලෝඩ්ස් පිටියේදී එංගලන්තයට එරෙහිව තරඟ වැදීමට ඉඩ තිබේ.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන මේ වසරේ පැවැත්වෙන තරඟාවලියට සහභාගිවීම පිණිස පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් අමීර්ට වීසා බලපත්‍ර නිකුත් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'දත්ත ගබඩාවකට' සම්බන්ධ කර ඇති අව් කණ්ණාඩි අපරාධවලට සම්බන්ධවූවන්ගේ සහ නීතියේ රැහැනින් පලා යන පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් 'දත්ත ගබඩාවකට' සම්බන්ධ කර ඇති එම අව් කණ්ණාඩි පැළදගත් පොලිස් නිලධාරීන්ට විශාල පිරිසක් පරිලෝකනය කරමින්, ඔවුන් අතර සැඟවී සිටින සැකකරුවන් හඳුනාගැනීමට හැකි වෙයි. එවැනි තාක්ෂණයක් භාවිතා කිරීම තුලින් රාජ්‍යයේ බල අධිකාරිය තවත් ශක්තිමත් විය හැකි බවට විවේචන එල්ල වී ඇත. ඉහත කී ආකාරයේ අව් කණ්නාඩි පාවිච්චි කරමින් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දැනටමත් හැකි වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. කාර්ය බහුල දුම්රිය ස්ථානවල එම අව් කණ්ණාඩි භාවිතා කරමින් සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසියට හැකි වී ඇත. එමගින් මෝටර් රථ අනතුරු සිදු කර පලා ගිය පුද්ගලයන්, මිනිස් ජාවාරමේ යෙදෙන්නන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මේ තොරතුරුද දැනගන්න: චීනය නව මාදිලියේ යුද නැවක් දියත් කරයි චීනය ‘සයිබර්’ යුද්ධයට සැරසෙයි විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරන විසි හය දෙනෙකු හඳුනාගැනීමට ද එම අව් කණ්ණාඩි උපකාර වී ඇති බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 'People's Daily (පීපල්ස් ඩේලි) පුවත්පත වාර්තා කරයි. මෙම අව් කණ්ණාඩියට භාවිතා කර ඇති තාක්ෂණය මගින් පොලිසියට සැක කටයුතු පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ගෙන එය දත්ත ගබඩාවේ ඇති ඡායාරූපය සමඟ සංසන්දනය කළ හැකිවෙයි. එම ඡායාරූප දෙක එකට ගැළපුනහොත් අදාළ පුද්ගලයාගේ නම සහ ලිපිනය ඒ මොහොතේම පොලිස් නිලධාරියාට ලැබෙයි. එහෙත් චීන පාලකයන්ට මෙම තාක්ෂණය දේශපාලන විරුද්ධවාදීන් සහ සුළු ජාතිකයන් මර්දනය කිරීමටත් යොදා ගත හැකි බවට මත පළ වෙමින් පවතී. ලෝකයේ සෙසු රටවල් සමඟ සංසන්දනය කිරීමේදී මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතය අතින් ඉදිරියෙන්ම සිටින රට චීනයයි. එම තාක්ෂණය හේතුවෙන් කිසිම පුද්ගලයෙකුට නීතිය මග හරිමින් කටයුතු කළ නොහැකි බවට චීන බලධාරීහු අනතුරු අඟවති. චීනයේ දැනට සවි කර ඇති CCTV කැමරා ගණන කෝටි දාහතක් පමණ වන අතර තවත් එබඳු කැමරා කෝටි හතළිහක් සවි කිරීමේ සැලැස්මක් පවතී. එම කැමරාවලින් බහුතරයක් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහිත ඒවා වන අතර, එය අද ලෝකයේ පුළුල්ම CCTV කැමරා පද්ධතියයි.
චීන පොලිසිය අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා 'මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය' අන්තර්ගත අව් කණ්ණාඩි විශේෂයක් භාවිතා කිරීම ආරම්භ කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වඳුරඹ ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු වඳුරඹ පොලිස් අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගිය බවට නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ. පැහැර ගෙන යාම එම සැකකරුවන් බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට අනුබල දුන් බවට චෝදනා ලැබූ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයාගේ රාජකාරි සඳහා යොදවා සිටි, අත් අඩංගුවේ පසුවූ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් තිදෙනෙකු අද, බදාදා අධිකරණයට ඉදිරිපත් කොට තිබිණ. බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට නියෝග කළේය. වරෙන්තු එම තිදෙනා නිදහස් කලත්, ප්‍රධාන සැකකරුවන් වන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ ඔහුගේ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කෙරිණ. මේ අනුව, වඳුරඹ දී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීමට සූදානම් කළ ස්ථානයට ගිනි තබා අලාබ හානි සිදු කිරීම සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන දෙසැම්බර් 29 වැනිදා සිද්ධියට අදාලව පොලීසිය මුලින් අත් අඩංගුවට ගත් තිදෙනාත්, අද, බදාදා ඇප මත නිදහස් කළ තිදෙනාත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ ඔහුගේ රියදුරාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ නියෝජ්‍ය ඇමතිවරයා සහ රියදුරු ඉදිරි දින කිහිපය ඇතුළතදී අධිකරණයට බාරවීමට බලාපොරොත්තු වන බවයි.
නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගන්නා මෙන් බද්දේගම මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඉරණතිව් දූපතේ පදිංචිකරුවන් පිරිසක් අද (මාර්තු 3) විරෝධතාවක් ඇරඹීමත් සමඟම මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතී. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (මාර්තු 02) පැවසුවේ කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදානය සඳහා ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බවය. එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසුවේ ඉරණතිව් දුපතේ ද ජනතාව ජීවත් වන අතර ඔවුන් භූගත ජලය භාවිත කරන බැවින් මෙම තීරණය එම ජනතාවට කෙසේ බලපාන්නේද යන්නයි.එසේම භූමදානය වෙනත් ස්ථානවල කළ නොහැක්කේ මන්ද යනුවෙන් ඔවුහු තවදුරටත් ප්‍රශ්න කළහ. එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඔහු ඒ පිළිබඳව අදාළ විශේෂඥ කමිටුවට දැනුම්දෙන බවකි. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතාවක් පමණක් නොව ශ්‍රී ලංකා ජාතියේ ද අවශ්‍යතාවක් ලෙස සළකා බුද්ධිමත් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත ස්තූතිය ප්‍රකාශ කරමින් ට්විටර් සටහනක් තැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ජෙහාන් හමීඩ් වැඩිදුරටත් සඳහන් කළේ "ජෛව අපද්‍රව්‍ය සඳහා සුසාන භූමියක් ලෙස" ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බවය. වර්ග කිලෝමීටර හයක් පමණ වන දුපත් දෙකකින් සමන්විත මන්නාරමට එපිටින් පිහිටි කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් ඉරණතිව් දූපතේ මේ වන විට ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් 108ට අයත් පුද්ගලයින් 335 දෙනෙකු පමණ වාසය කරන බව සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. කෙසේවෙතත් මේ දක්වා එම දූපතේ කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති බව පවසන දූපත්වාසීන්, පෙන්වා දෙන්නේ ඉරණතිව් දූපතේ නැවත පදිංචි කිරීම් සිදුවන තත්ත්වයක් යටතේ කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම ගැටලුවක් බවය. ඒ අනුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු එම දූපතේ භූමදානය කිරීමට එහි පදිංචිකරුවන් දැඩි විරෝධයක් දක්වන බව මාධ්‍ය වාර්තාවල දැක්විණි. මේ අතර, කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සඳහන් මාර්ගෝපදේශ සකස්කර අවසන් බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසූවේ අදාළ මාර්ගෝපදේශ අද (මාර්තු 03) නිකුත් කිරීමට පියවර ගන්නා බවය. කියවන්න: මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසන්නේ රජය ඉරණතිව් දූපතේ කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට ගත් තීරණය දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් එකිනෙකාට එරෙහි කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් බවය. එය කෝවිඩ් ආසාදිත මෘත දේහ භූමදානයට ගත් තීරණය යටපත් කිරීමේ උත්සාහයක් බව ද ඔහු පෙන්වා දෙයි. "දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් අවසානයේ, රජයේ වෙන් කිරීමේ ක්‍රියාමාර්ග නිසා එකතුවෙලා .එය හොදටම පේනවා පසුගියදා පැවති පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා වූ විරෝධතාවයෙන්. මෙම ප්‍රජාවන් දෙක එකට එකතු වී ඇති බව ඔවුන් දැක්ක නිසා ඔවුන් එයට භීතියට පත්වෙලා දැන්. මෙය ඔවුන්ගේම නාට්‍යයක්,"යනුවෙන් රවුෆ් හකීම් බීබීසී සිංහල සේවයට පැවසීය. මුස්ලිම් හා ද්‍රවිඩ ජාතින් භේද කිරීමට දරන උත්සාහයක් "සාමාන්‍ය රාජ්‍ය බුද්ධි මෙහෙයුමක්" ලෙස ද ඔහු හැඳින්වීය."අපි දන්නවා ඔවුන් අපි එකිනෙකාට එරෙහිව ජනතාව ධ්‍රැවීකරණය කිරීමට උත්සාහ කරමින් මැතිවරණ ජයග්‍රහණය කිරීමට පවා සමත් වූයේ කොහොමද කියලා. අපි දන්නවා මධ්‍යස්ථ සිංහලයන් සිටින බව, මම හිතන්නේ මේ රටේ දෙමළ හා මුස්ලිම් නායකත්වයේ පරිණතභාවය නිසා හා දුරදක්නා නුවණ නිසා අපි මෙන්ම සිංහල ප්‍රජාවේ බහුතරයක් ද මෙම ලාභ දේශපාලනයට වැටෙන්නේ නැති බව.""මෙය ඔවුන්ගේ ලාභ දේශපාලනය මිස අන් කිසිවක් නොවේ. ඔවුන් සිතන්නේ එවැනි දේ කිරීමෙන් ග්‍රාමීය සිංහල බෞද්ධ ජනතාව රැවටීමට ඔවුන්ට හැකි බවයි," යනුවෙන් ද රවුෆ් හකීම් පැවසීය. කෝවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් විරෝධය පළකිරීමක් - බොරැල්ල කනත්ත ඉරණතිව් දුපතේ කෝවිඩ් මෘතදේහ භූමදාන කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන සියලු දෙනා ඇමතීමට බීබීසී සිංහල ගත් උත්සායන් සාර්ථක නොවීය. ඒ පිළිබඳ කළ වීමසීමට, මෙම ලිපිය පළ කෙරෙන අවස්ථාව තෙක් ම ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොවිණි. කෙසේවෙතත්, ඇතැම් සමාජ ක්‍රියාකාරීන්ගේ විවේචනය වී ඇත්තේ, ජිනීවා හි මතුවන තත්ත්වයට මුහුණ දීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ලිඛිතව ප්‍රකාශ කළ ද ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොකෙරෙන තැනට පියවර ගෙන ඇති බවය. ඒ සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසුවේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. කෝවිඩ් ආසාදිත මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ඉදිරි පැය 48 තුළ දී ලැබෙතැයි තමන් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කියවන්න:
කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ කිළිනොච්චිය, ඉරණතිව් දූපතේ භූමදානය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ ද කොරෝනා ආසාදිතයන්ගේ මෘත දේහ බැහැරකිරීමේ ගැටලුව තවමත් අවසන් වී නැති බවට මුස්ලිම් ප්‍රජාව මැසිවිලි නගති. ඔවුන් පවසන්නේ රජය මෙම ගැටලුව නිරාකරණය කිරීමට කිසිදු සාධනීය පියවරක් නොගෙන දිනෙන් දින කල්මරණ බවය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පුද්ගලයන් විසිදෙනෙකු පමණ රෝහලට රැගෙන ගොස් තිබේ බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයේ සිටි මගීන් 143 දෙනාගෙන් කිසිවෙකුටත් මෙම සිද්ධියෙන් බරපතල හානි නැතැයි වාර්තා විය. මයාමි එයාර් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් මෙම යානය කියුබාවේ ගුවන්තනාමෝ බේ සිට ඇමරිකාවේ ජැක්සන්විල් හි හමුදා කඳවුරක් බලා පියාසර කරමින් තිබිණි. සිකුරාදා (අප්‍රේල් 03) රාත්‍රියේ ගුවන් යානය ගොඩබාන විට කුණාටු තත්වයක් පැවතුණු අතර එය ගුවන් පථයෙන් ඉවත ගොස් අසළ පිහිටි ශාන්ත ජෝන්ස් ගංගාවට ලිස්සා ගිය බව මගීහු පැවසූහ. පුද්ගලයන් විසිදෙනෙකුට පමණ සුළු තුවාලවලට ප්‍රතිකාර කර තිබේ. "එය ඉතා බිය ජනක අවස්ථාවක්" යැයි යානයේ සිටි මගියෙකු වන ෂෙරිල් බෝමන් CNN පුවත් සේවයට කියා සිටියාය. "ගුවන් යානය බිම වැදී උඩ පැන්නා. ඒ වෙනකොට එය ගුවන් නියමුවාට පාලනය කරගන්න පුළුවන් තත්වයක තිබුණේ නැහැ. එය නැවත වතාවක් උඩ විසි වුණා," ඇය පැවසීය. "අපි වතුරේ හිටියේ. අපිට හිතා ගන්න බැරි වුණා කොහේ ද ඉන්නේ කියලා, ඒක ගඟක් ද මුහුද ද කියලා හිතා ගන්න බැරි වුණා." ගුවන් යානා ඉන්ධන ගංගාවට ගලා යන විට එයින් නැගුණ ගන්ධය දැනුණ බව ඇය තවදුරටත් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න:
කුණාටු සහිත අයහපත් කාලගුණයක් මැද ඇමරිකාවේ ෆ්ලොරීඩාහි ගුවන් තොටුපලකට ගොඩබට ගුවන් යානයක් ගුවන් පථයෙන් ලිස්සා ගොස් අසල පිහිටි ගංගාවක නතරව තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ඔබ ප්‍රසිද්ධ තරුවක් නම් ඔබට කාන්තාවන්ට, ඔබ කැමති ඕනෑම දෙයක් කළ හැකියි' යනුවෙන් ට්‍රම්ප් කියා සිටින ආකාරය වීඩියෝ පටයේ දැක්වේ 2005 වසරේ දී ඔහු කාන්තාවන් සම්බන්ධයෙන් අසභ්‍ය ප්‍රකාශයක් කරනු දැක්වෙන වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමගයි එම පියවර ගත්තේ. 'ඔබ ප්‍රසිද්ධ තරුවක් නම් ඔබට කාන්තාවන්ට, ඔබ කැමති ඕනෑම දෙයක් කළ හැකියි' යනුවෙන් ට්‍රම්ප් කියා සිටින ආකාරය වීඩියෝ පටයේ දැක්වේ. කාන්තා සබඳතා සහ ඔවුන් සිප ගැනීම පිළිබඳව ට්‍රම්ප් පුරසාරම් දොඩන ආකාරයත් වීඩියෝ පටයට ඇතුළත් වෙයි. ඉහත කී ප්‍රකාශය තුළින් තමන් පිළිබඳ නිගමනයකට නොඑන ලෙස රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා ඉල්ලා සිටියි. කාන්තාවන් සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ මුල්පෙළේ නායකයන් විසින් ද හෙළා දකිනු ලැබ ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශන 'ඉතා බියකරු' ඒවා හැටියට විග්‍රහ කරමින් 'මේ පුද්ගලයාට ජනාධිපති පදවියට පත් වීමට ඉඩ දීමට පුළුවන් කමක් නැතැයි' ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පැවසුවාය.
කාන්තාවන් සම්බන්ධයෙන් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීමක් පිළිබඳව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමාව අයැද සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දින ගණනාවක සිට වසා දමා ඇති කටාර් සහ සෞදි අරාබිය අතර දේශ සීමා පිවිසුම් එහෙත් එම යෝජනා මගින් විසඳුමක් සඳහා මග පෑදිය හැකි සංවාදයකට මුලපිරිය හැකි බව ඔහු කියා සිටී. සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් ඉදිරිපත් කළ කොන්දේසි 13 ක් කටාර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා විසින් සෙනසුරාදා ප්‍රතික්ෂේප කරනු ලැබීය. ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් එල්ල කරන චෝදනා කටාර් රාජ්‍ය ප්‍රතික්ෂේප කරයි. කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය අතර මතුව ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සති දෙකකට වැඩි කාලයක් පුරා පවතින අතර ඉරානය සහ තුර්කිය කටාර් වෙත ආහාර සහ වෙනත් භාණ්ඩ සපයමින් සිටිති. ඇමරිකාවේ ප්‍රතිචාරය ඉරානය සමග පවත්වන සබඳතා අඩු කරන ලෙස සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් යන රටවල් කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටිති. එමෙන්ම කටාර්හි පිහිටි තුර්කි හමුදා කඳවුර වසා දමන ලෙස ඉල්ලා සිටින ඉහත කී අරාබි රටවල් සිය කොන්දේසි ඉටු කිරීම සඳහා දින දහයක කාලයක් පසුගිය සිකුරාදා ලබාදුණි. කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන ලද කොන්දේසි අතරට එරට ආණ්ඩුවේ අරමුදල් මත පවත්වා ගෙන යනු ලබන අල් ජසීරා රූපවාහිනී සේවය වසා දැමීමත් ඇතුළත් වේ. කටාර් සහ අරාබි රටවල් අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එම රටවලින් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය සහ අන්තවාදය මැඩපැවැත්වීම සඳහා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසය. ඉහත කී අරාබි රටවල් විසින් පසුගිය සිකුරාදා කටාර් වෙත කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධවල මන්දිරයේ ප්‍රකාශක සීන් ස්පයිසර් විසින් අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හඳුන්වනු ලැබුවේ "පවුලේ ප්‍රශ්නයක්" ලෙසය. ඒ හේතුවෙන් එම රටවල් එක්ව ඊට විසඳුම් සෙවිය යුතු බවත් ඔහු කියා සිටියේය. කටාර් රාජ්‍ය සම්බන්ධයෙන් දැඩි මතයක් පළ කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩෝහා පාලනය ත්‍රස්තවාදයට ඉහළ මට්ටමින් අනුග්‍රහය ලබා දෙන බවට චෝදනා කළේය. කෙසේ නමුත් කටාර් සහ සෙසු අරාබි රටවල් ඇමරිකාවේ සමීප මිතුරු රාජ්‍යන් වන අතර එක්සත් ජනපදයට අයත් මැදපෙරදිග පිහිටි විශාලතම හමුදා කඳවුර පිහිටා ඇත්තේ ද කටාර් රාජ්‍ය තුළය. කටාර් වෙත ප්‍රධාන වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ සෞදි අරාබිය ඔස්සේ ගොඩබිම් මාර්ගයෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මුහුදු මාර්ගයෙනි. අර්බුදය හමුවේ එම මාර්ග වසා දමා ඇති අතර කටාර් වෙත සිය ගුවන් කලාපය වසා දැමීමටත් එම රටවල් කටයුතු කළහ. ආර්ථික වශයෙන් කඩා වැටීමකට නොගොස් විකල්ප මාර්ග ඔස්සේ සිය අවශ්‍යතා සපුරා ගැනීමට යොමුව සිටින කටාර් රාජ්‍ය කුඩා වුවත් ධනවත් රටකි. ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති. ශ්‍රී ලාංකිකයන් සහ සැපයුම් BBC සිංහල ෆෙස්බුක් අඩවිය ඔස්සේ අදහස් දක්වමින් එරට සේවයේ නිරත ඇතැම් ශ්‍රී ලාංකිකයන් කියා සිටියේ අර්බුදකාරී වාතාවරණය හමුවේ එරට වෙළඳසල් තුළ කිරි නිෂ්පාදනවල අඩුවක් පවතින බවය. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල පලතුරු සහ එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් ඔවුහු පවසති. කෙසේ නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බවය. අර්බුදය විසඳා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමේ උත්සාහයක නිරතව සිටී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා කියා සිටියේ කටාර් රාජ්‍ය අදාළ කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වුවහොත් සෙසු අරාබි රටවල් ඉන් වෙන් විය හැකි බවය. ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ? කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න ඊමේල් : [email protected]
සම්බාධක ඉවත් කිරීම සඳහා අරාබි රටවල් හතරක් විසින් කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන ලද ඇතැම් ඉල්ලීම් "ඉටු කිරීමට අපහසු" වනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම එන්නත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. මේ අතර ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට වෙනත් එන්නත් වර්ගයකින් දෙවන මාත්‍රාව ලබා දීම හෝ එක් මාත්‍රාවක් පමණක් ගතයුතු වෙනත් එන්නතක් ලබා දීම වැනි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි ද සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. මේ ගැනත් කියවන්න:
ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය අතර සිටින හය ලක්ෂයක පමණ පිරිසකට දෙවන මාත්‍රාව ලබා දීම මේ වනවිට ගැටලුවක්ව පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පරිසරවේදී පුබුදු වීරරත්න පැවසුවේ අලි පැටවුන් හතර දෙනකු පිළිබඳව තොරතුරු සෙවීමේදී එම ජාවාරමේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි. අක්‍රමිකතා අලි පැටවුන් හතර දෙනකු නියැඳි වශයෙන් තෝරා ගෙන එම අලි පැටවුන්ට අදාළ ලිපි ගොනු වල තිබෙන අක්‍රමිකතා සම්බන්ධව විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ වසරේ ජුලි මාසයේ 22 දින සිය වාර්තාවක සඳහන් කර තිබූ බව ඔහු පෙන්වා දුන්නේය. එම අක්‍රමිකතා පිලිබඳව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දින 14 අතුලත පිළිතුරු විමසා සිටි නමුත් ඒ සඳහා පිළිතුරු ලැබුනේ මාස දෙකකටත් වැඩි කාලයකට පසුව බවයි ඔහු පැවසුවේ. වනාන්තරවලින් නීති විරෝධී ලෙස අලි පැටවුන් අල්ලා ගෙන ව්‍යාජ ලේඛන මගින් ලියාපදිංචිය ලබා ගත් පුද්ගලයන් ආරක්ෂා කිරීමටත් විගණකාධිපති දෙපාර්තමේන්තුව වැරදි යයි කියා පෑමටත් එම ලිපියෙන් උත්සාහ කොට තිබු බව පරිසරවේදී පුබුදු වීරරත්න පැවසුවේය. මව් සතුන් මරා හෝ වෙඩි තියා පලවා හැර හෝ අලි පැටවුන් අල්ලා ගැනීම සිදු කෙරුණ බව පැවසූ ඔහු දැන් අලුත් තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් පශු වෛද්‍යවරුන්ගේ සහය ඇතිව අලි පැටවුන් නිර්වින්දනය කොට සුඛෝපභෝගී වාහන සහ ලොරි රථ තුළ කොළඹට ප්‍රවාහනය කරන බව කියා සිටියේය. ව්‍යාජ ලේඛන ඉන් අනතුරුව එම සතුන් හීලෑ කෙරෙන අතරතුර වන ජීවී දෙපාර්තමේන්තුවේ ව්‍යාජ ලේඛන සකස් කෙරෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. සමහර බලපත්‍රලාභීන් ග්‍රාම සේවා නිලධාරීන්ගේ, පශු වෛද්‍යවරුන්ගේ, වනජීවී නිලධාරීන්ගේ අත්සන් හා ලේඛන කූට ලෙස සකස්‌ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම අක්‍රමිකතා පිළිබඳව පරිසර සංවිධාන විසින් මානව හිමිකම් කොමිසමට, විගණකාධිපති දෙපාර්තමේන්තුවට, අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට, පොලිසියට සහ නීතිපති දෙපාර්ත මේන්තුවට පැමිණිලි කළ ද අල්ලස්‌ ‌ හෝ දූෂණ විමර්ශන කොමිසම හෝ පොලිස් මූලස්ථානය හෝ රහස් පොලීසිය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බවයි ඔහු පැවසුවේ. මේ සඳහා ක්‍රියාත්මක වූයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව, නීති පති දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිසම පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය. නව නීති පරිසරවාදීන් නගන චෝදනා පිළිබඳව විමසීමක් කළ විට වන ජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එච්. ඩී .රත්නායක එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු පැවසුවේ සිය නිලධාරීන් දැනුවත් කොට අපරාධ කරුවන් අල්ලා ගැනීමේ වැඩ සටහනක් මෙන්ම අධිකරණ ක්‍රියා මාර්ගයන් ද ගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් පවතින නීතියේ අඩු පාඩු තිබෙන බවත් නව නීති සම්පාදනය කිරීමේ උවමනාවක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ අලි පැටවුන් සොරකම් කර ගැනීමේදී සිදු කරන ජාවාරමේ ඇතුල් පැත්ත පරිසර සංවිධාන විසින් හෙළි කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉසයිප්‍රියාට ලිංගික අතවර කොට මරා දමා ඇති බව චැනල්4 වාර්තාව පවසයි "අපි ජීවග්‍රහණයෙන් අත් අඩංගුවට ගත් 12,000 කට ආසන්න පිරිසක් පුනරුත්තාපනය කොට මේ වන විට සමාජගත කොට තිබෙනවා. කිසිම අවස්තාවක ඉසිප්‍රියා ඒ අතර හිටියේ නැහැ," බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසීයට කියා සිටියේ. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භට පිරිසක් ඇය ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගෙන එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ දියණිය දැයි විමසන අවස්ථාවේ, තමන් ප්‍රභාකරන්ගේ දියණිය නොවන බව ඇය දෙමළ භාෂාවෙන් පිළිතුරු දෙන අන්දම චැනල්4 වාර්තාවේ පැහැදිලිව දැක්වේ. සරත් ෆොන්සේකා ඉන් අනතුරුව ඉසයිප්‍රියා මරා දමා තිබෙන අන්දමද වාර්තාවට ඇතුලත්. ඇයට ලිංගික අතවර කොට මරා දමා ඇති බවද චැනල්4 වාර්තාව පවසයි. එහෙත් වීඩියෝ පටයේ සැබවින්ම සිටින්නේ ඉසයිප්‍රියාද, නොඑසේනම් 'කිසියම් රඟ දැක්වීමද' යන්න සනාථ වනු ඇත්තේ විශේෂඥ පරීක්ෂණයකින් පසුව පමණක් බවයි ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හමුදා ප්‍රකාශකවරයා බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමිට කියා සිටියේ. යුද්ධය අවසානයේ හමුදාවට භාර වූ 12,000 ක් එල්ටීටීඊ සාමාජිකයන් අතර ඉසයිප්‍රියාත් සිටියේද යන්න තමන් නොදන්නා බව බීබීසීය කළ විමසීමකදී කියා සිටි එවකට හමුදාපති පදවිය දැරූ ජනරාල් සරත් ෆොන්සේකා, කෙසේ නමුත් භාර වූ සියලු දෙනා සම්බන්ධ සියලු විස්තර යුද හමුදාව සතුව තිබෙන බවද සඳහන් කළේය. "මම හමුදාපති කාලේ එහෙම චෝදනාවක් ඇවිල්ල තිබුනේ නෑ. මම නායකත්වය දෙද්දී හමුදාවේ ඔය වගේ දේවල් වුනේ නෑ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.
එල්ටීටීඊ සංවිධානයේ රූපවාහිනී නිවේදිකාවක වූ ඉසයිප්‍රියා හෙවත් ශෝභා අත් අඩංගුවට ගෙන, ලිංගික වද හිංසා කොට මරා දැමූ බවට චැනල්4 නාලිකාව අලුතෙන්ම ඉදිරිපත් කොට තිබෙන වාර්තාව ව්‍යාජයක් බව ශ්‍රී ලංකා හමුදාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බස්නාහිර පළාත් සභාවේ ආසන පනස් හයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී තිබෙන අතර, එක්සත් ජාතික පක්ෂයට ආසන 28 ක් හිමි වී තිබේ. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන නමයක් දිනාගනිමින් බස්නාහිර පළාත් සභාවේ තුන්වන ප්‍රධාන පක්ෂය බවට පත්වන අතරවාරයේ, ජනතා විමුක්ති පෙරමුණට හිමි වී තිබෙන්නේ ආසන හයක් පමණයි. මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයට එක් ආසනයක්ද මුස්ලිම් කොන්ග්‍රසයට ආසන දෙකක්ද හිමි වී තිබේ. දකුණු පළාත් සභාවේ ආසන තිස් තුනක් දිනා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය ලබද්දී එක්සත් ජාතික පක්ෂයට හිමි වී තිබෙන්නේ ආසන දාහතරක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ ආසන පහක් ලබාගනිමින් තෙවන ස්ථානයද, ආසන තුනක් හිමිකරගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සිව්වැනි ස්ථානයද ලබාගත්හ.
සෙනසුරාදා පැවති දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසු ජයග්‍රහණයක් අත් කර ගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දුනීසියානු සහ වියට්නාම ගමන් බලපත්‍ර හිමි චුදිත කාන්තාවන් දෙදෙනා අදාළ චෝදනාවට වරදකරුවන් වුවහොත් ඔවුන්ට මරණ දණ්ඩනය හිමිවනු ඇති බව මැලේසියාවේ නීතිපති මොහොමඩ් අපාන්ඩි අලි කියා සිටියේය. ක්වාලාම්පූර් අගනුවර ගුවන් තොටුපලේ රැඳී සිටි කිම් ජොන්ග් නාම් ඝාතනය කිරීම සඳහා "වී එක්ස්" (VX) නමැති විෂ රසායනය භාවිත කොට ඇති බව මැලේසියානු පොලිසිය පවසයි. ඝාතනය පිටුපස උතුරු කොරියාව සිටින බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ගේ වැඩිමහල් සොහොයුරු කිම් ජොන්ග් නාම් මේ අතර කිම් ජොන්ග් නාම් ගේ මෘත ශරීරය තමන් වෙත භාර දෙන ලෙස ඉල්ලා උතුරු කොරියාවේ ඉහළ පෙළ නියෝජිතයෙක් මැලේසියාවට පැමිණ සිටියි. ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවේ පසුවන සෙසු කොරියානු ජාතිකයා නිදහස් කරන ලෙසත් උතුරු කොරියාවේ තානාපති නියෝජිතවරු ඉල්ලා සිටිති. කිම් ජොන්ග් නාම් ඝාතනය කිරීම සඳහා විෂ රසායනයක් භාවිත කොට ඇති බවට වූ නිගමනය උතුරු කොරියාව ප්‍රතික්ෂේප කරයි.
උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ගේ වැඩිමහල් සොහොයුරු කිම් ජොන්ග් නාම් ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනාට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බව මැලේසියාවේ නීතිපති පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ වලස් ගහණය හයසීයක් පමණ වන බවයි සමස්ත ලංකා වනජීවී නියාමක නිළධාරින්ගේ සංගමය පවසන්නේ මිනිසුන් හා ගැටීම අවම කොට නැවත කැලයට අනුගත කිරීම සඳහා ඉහත කී වලස් පැටවුන් සිව් දෙනා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පුනරුත්ථාපනය ලබමින් සිටින අතරතුර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතට පවරා ගනු ලැබිණ. ඉන් වලස් පැටවුන් තිදෙනකු උඩවලව අතුරු සෙවණ භාරයේ සිටි අතර තවත් වලස් පැටවකු ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය භාරයේ පසු විය. එලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි වලස් පැටවුන් සිව් දෙනා ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබීමට එරෙහිව පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය විසින් අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කොට තිබිණ. ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අදාළ නඩුව විභාගයට ගත් අතර වලස් පැටවුන් සිව් දෙනා පුනරුත්තාපනය සඳහා නැවතත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරන මෙන් අභියාචනාධිකරණය එහිදී නියෝග කළේය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විරෝධය නොතකා වලසුන් සිව් දෙනා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතට ගැනීම සම්බන්ධයෙන් සමස්ත ලංකා වනජීවී නියාමක නිළධාරින්ගේ සංගමයේද විරෝධය එල්ල විය.
ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටි වලස් පැටවුන් සිව් දෙනකු පුනරුත්ථාපනය කොට වනයට මුදා හැරීම සඳහා යළි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් හමු වීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය තමන්ට "ගෞරවයක්" වනු ඇති බව මැයි මස ආරම්භයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් සහ ඇමරිකානු ආණ්ඩුවේ හිටපු බලධාරීන් පිරිසක් අතර නෝර්වේහිදී හමුවක් පැවැත්විණි. එම හමුවෙන් අනතුරුව අදහස් දැක්වූ උතුරු කොරියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීනි චොයි සුන් හුයි කියා සිටියේ ට්‍රම්ප් පාලනය සමග සංවාදයකට මුල පිරීමේ හැකියාවක් පවතින බවය. උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් හමු වීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය තමන්ට "ගෞරවයක්" වනු ඇති බව මැයි මස ආරම්භයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. උතුරු කොරියාවේ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මුල් කර ගනිමින් මාස ගණනාවක් පුරා ඉහළ යමින් පවතින කලාපීය උණුසුම හමුවේ එම අදහස් පළ විය. උතුරු කොරියානු විදේශ අමාත්‍යංශයේ ඇමරිකානු සබඳතා භාරව කටයුතු කරන චොයි සුන් හුයි බීජිං නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ප්යොංයැං පාලනය සහ වොෂින්ටනය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාවක් පවතින බවය. උතුරු කොරියානු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කැමති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටි නමුත් දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බවත් සඳහන් කළේය. කෙසේ නමුත් සිය මිසයිල අත්හදා බැලීම් තවදුරටත් සිදු කරන බව උතුරු කොරියාව දිගින් දිගටම කියා සිටී. ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව කොරියානු අර්ධද්වීපය වෙත ප්‍රහාරක නෞකා යැවූ අතර දකුණු කොරියාව තුළ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය.
නිසි කොන්දේසි යටතේ ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට සුදානම් බව උතුරු කොරියාව පවසා ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"නීතිය කැඩුවොත් ජාතිය ආගම නොබලා කටයුතු කරන්න" "නීතිය කැඩුවොත් පොලිසියේ යුතුකමක් තිබෙනවා වහාම ක්‍රියා කරන්න ඒ පුද්ගලයන්ට එරෙහිව. කොයි ආගමක, කොයි ජාතියකට අයත් වුනත් කමක් නැහැ" යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු ඒ බව කියා සිටියේ ජාතික තරුණ සේවා සභාවේ සාර්ථකව ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ අඟහරුවාදා (මැයි 23) පැවති උත්සවයක් අමතමිනි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ නැවතත් යුද්ධයක් ඇති වීමට ඉඩ දිය නොහැකි බව කී අගමැතිවරයා රට තුළ සමගිය නොමැති විට සංවර්ධන ඉලක්ක කරා ළඟා විය නොහැකි බවත් සඳහන් කළේය. ජන කොටස් අතර ආගම්වාදය සහ ජාතිවාදය ඇති කිරීමට යම් අයෙකු උත්සාහ කරන්නේ නම් එය වහා නවතා දැමිය යුතු බව අගමැතිවරයා පැවසීය. ආගම මුල් කර ගනිමින් වෛරය පතුරවන ලෙස කිසිදු ආගමක සඳහන් නොවන බව කී අගමැතිවරයා "බුදු හාමුදුරුවෝ අපට කියා තිබෙනවා වසලයා කවුද බ්‍රාහ්මණයා කවුද කියලා" යනුවෙන් පැවසීය. බෞද්ධ දර්ශනය මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී තිබෙන බව මුස්ලිම් ජනතාව පවසති හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි වැනි වෙනත් ආගම් තුළත් එම ඉගැන්වීම එළෙසම තිබෙන බව පැවැසූ අගමැතිවරයා 1983 ශ්‍රී ලංකාවට පිටුපසින් සිටි රටවල් අද වන විට ඉදිරියට ගොස් සිටින බව කියා සිටියේය. "ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය ආදී රටවල් සියල්ලම අප පසු කර ඉදිරියට ගිහින්. බංග්ලාදේශය අප ආසන්නයටම පැමිණ සිටිනවා. අපේ පිටුපසින් සිටින්නේ මියන්මාරය, ඇෆ්ගනිස්තානය, ලාඕසය, කාම්බෝජය යන රටවල් පමණයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී තිබෙන බව මුස්ලිම් ජනතාව පවසති. එම ක්‍රියා වත්මන් පාලනයට එරෙහිව මුස්ලිම් ජනතාව උසිගැන්වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් බව ආණ්ඩුව පවසයි.
ජාතිය,ආගම කුමක් වුවත් රටේ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අදටත් රෑ නිදිවරා දරු මුණුපුරන් වෙනුවෙන් හඬන එච් .ඩී තෙරේසා පීරිස් 2019 අප්‍රේල් 21 වැනිදා උදෑසන හතයි තිහට පමණ තෙරේසා ගේ දියණිය සිය දරුවන් තිදෙනා ද සමඟ පාස්කු මංගල්‍ය පුජාවට සහභාගී වීමේ අරමුණින් පෙනෙන මානයේ වූ කටුවාපිටිය දේවස්ථානය කරා ගියේ යළි නොඑන බව නොදැන ය. ''දුව ජීවත්වුණේ මගේ ගෙදර. එදා ඇවිදගෙන පල්ලිගිය ඒ ගොල්ලෝ නැවත ගෙදර අවේ මිනී පෙට්ටිවල. එයාගේ සැමියාට එදා උදේ පුජාවට යන්න වුණේ නැහැ. ඒ නිසා ජීවිතය බේරුණා. එත් ඒ දරුවා ත් දැන් මේ ගෙදරටවත් එන්නේ නැහැ. ඇවිත් කොහොම ඉන්නද?" "මගේ පවුලටම ශක්තියක් වුණේ මගේ ලොකු පුතා. එයා, එයාගේ බිරිඳ දරුවන් දෙදෙනා එක්ක එදා පුජාවට ගියා. පුතයි දරුවෝ දෙන්නයි බෝම්බයට බිලි වුණා. ඒ දුව විතරක් බේරුණා. එයා දැන් මේ ගෙවල් අතහැර දාල ගිහින් නෑයෙකුගේ ගෙදරක ජිවත් වෙනවා. ඇත්තටම මේ දරුවෝ, දරු මුණුබුරන් තමයි මගේ ජීවිතය. ඔවුන් තමයි මාව බලාගත්තේත්. මේ ගෙවල් දෙකම දැන් සොහොන් පිට්ටනි වගේ පාලුවට ගිහින්," යැයි තෙරේසා පීරිස් කදුළු පිසදමමින් පැවසුවාය. තෙරේසා පිරිස්ගේ දියණිය වන තිස්පස් හැවිරිදි වූ රසිකා දිල්රුක්ෂි , මිණිබිරියන් දෙදෙනා වූ දාහතර හැවිරිදි හෂිනි ප්‍රවිෂා, නව හැවිරිදි ශලොමි හිමායා සහ මුණුබුරු හත් හැවිරිදි ශලොම් සතිෂ්ක කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූහ. එසේම ඇගේ වැඩිමහල් පුත්‍රයා වන ජූඩ් මාවතේ ම පදිංචිව සිටි හතලිස් හත් හැවිරිදි දුලිප් ශාන්ත කුමාර, ඔහුගේ දියණිය වන විසිඑක් හැවිරිදි රජිනි විනූරා සහ දහසය හැවිරිදි විමුක්ති චතුරංග, තෙරේසා ගේ පවුලේ මියගිය අනෙකුත් සාමාජිකයෝ වෙති. "ගෝඨාභය ජනාධිපතිතුමා බලයට එන්න කලින් කිව්වනේ මේකට සාධාරණයක් කොයි වෙලාවක හරි ඉෂ්ඨ කරනවා කියල. මම පත්තර අරං තියලා තියෙනවා එතුමා කියපුව. දැන් ඔක්කොමලා අල්ලාගෙන තියෙන්නේ, මහ මොළ කාරයත් අල්ලගත්ත කියනවා. එහෙනම් කෝ ඉතිං ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා ද? අපිට සාධාරණයක් වුණේ නැහැ. කටුවපිටිය ජනතාව බලාගෙන ඉන්නවා අවරුදු දෙකක් කිට්ටුවෙන්න ආව මොකක්ද කරන සාධාරණය කියලා" යැයි තෙරේසා තවදුරටත් පැවසුවාය. මියගිය හතලිස් තුන් දෙනෙකුගේ සිරුරු මිහිදන් කෙරුනු කටුවාපිටිය පිහිටි සුසාන භූමිය කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 104 දෙනෙකු මිය ගිය බවට වාර්තා පළවූ අතර ඒ අතරින් මියගිය හතලිස් තුන් දෙනෙකුගේ සිරුරු මිහිදන් කෙරුණේ කටුවාපිටිය පිහිටි සුසාන භූමියකය. කටුවාපිටිය, කටාන, දිවුලපිටිය ආදී ප්‍රදේශ ගණනාවක කතෝලික බැතිමතුන් ප්‍රහාරය එල්ලවූ දින දේවස්ථානයට පැමිණ සිටි අතර ඇතැමුන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි පරිද්දෙන් විනාශවී තිබු බව ද ප්‍රදේශවාසීන් පැවසීය. ප්‍රහාරය හමුවේ කම්පනයට ලක්වීම, අස්ථි බිඳීම් හා බරපතල තුවාල ලැබීම්වලින් පීඩා විඳින පිරිස් කටුවාපිටිය හා ඒ ආසන්න ප්‍රදේශවල අදටත් ජිවත්වන අතර තිස්හය හැවිරිදි තිළිනා හර්ෂනී ද එවන්නිය කි. කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඇය පදිංචිව සිටින්නේ කටුවාපිටිය කතෝලික දේවස්ථානයට පිවිසෙන සාන්ත සෙබස්තියන් මාවතේය. කොඳු ඇටපෙළ බිඳීමකට ලක්ව ශල්‍යකර්මයකට භාජනය කර සිටින හර්ෂනී මාස 14 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව දැන් නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය. මිගමුව විවිධ සේවා සමුපකාරයේ ගිණුම් අංශයේ සේවය කළ ඇය තිදරු මවකි. ඇය තම වැඩිමහල් දියණිය වන එකොළොස් හැවිරිදි ලයාරා පුබුදුලී, එවක අවරුදු 6 යි මාස පහක් වූ වැඩිමහල් පුතු දුලෝද් ප්‍රේමින සහ බාල පුතු සිව් හැවිරිදි දයෝද් කියෝෂ් හා තම මව සමග පාස්කු මංගල්‍ය සදහා දේවස්ථානයට ගොස් සිටියාය. බෝම්බකරු දේවස්ථානයට ඇතුළුවූ වම් දොරටුව ආසන්නයේ අසුන්ගෙන සිටි ඇය ඇතුළු පිරිස දැඩි කම්පනයකට ලක්වන විශාල ශබ්දයක් සමගින් පිපිරීමක් සිදුවූ බව හර්ෂනී පැවසීය. අස්ථි බිඳීමකට ලක්ව තවදුරටත් නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින තිළිනා හර්ෂනී ''පුජාව අවසන් වෙලා සුරෝලය (දේව ප්‍රතිමාව සහිත පෙරහැර) පිටත්ව යන්න කලින් මගේ අතේ ගැටගහල තිබුණ පාස්කු නූල ගැලවුණා. ඊට පස්සේ ඒක මම නැවත ගැටගහගන්න මගේ ලොකු පුතා ඔඩොක්කුවට ගත්ත. එයා ඔඩොක්කුවේ තියාගෙන මම නූල නැවත ගැටගැහුවේ. එතකොටම විශාල ශබ්දයක් පිටවුණා. නැවත නැවත ඇහුන ඒ ශබ්දය. එතකොට මට දැනුණා මගේ වම් ඇහෙන් වතුර ගලනවා වගේ. මගේ අත් දෙක කකුල් දෙක පණ නැතිව ගියා. මම එතැනම වැටුණා," යැයි ඇය එම අමිහිරි මතකයන් ආවර්ජනය කරමින් පැවසීය. "මිනිස්සු කෑගහන දේවල් වලින් දැන ගත්ත බෝම්බයක් පිපිරිලා කියල. මගේ අම්මට සුළු තුවාල සිදුවෙලා තිබුණා. දුව නැගිටලා තිබුණා. එයාගේ බෙල්ලට තුවාල වෙලා තිබුණා. පස්සේ මගේ අම්ම අනිත් දරුවන් දෙන්න හොයල තිබුණා. මගේ අතේ හිටපු වැඩිමහල් පුතා මිය ගිහින් කියල අම්මට දැනිල තිබුණා. ඊට පස්සේ පොඩි පුතා හොයද්දි එයා වැටිලා ඉද්දි අම්ම නැගිටවල තිබුණා. ඊට පස්සේ තමයි අම්ම මං ළඟට ඇවිත් බලල තිබුණේ. මං හුස්ම ගන්නවා කියල අම්ම දැනගෙන වටේ හිටපු අයගෙන් උදව් ඇතිව මාව මිගමුව රෝහලට ඇතුළත් කර තිබුණා ත්‍රිවිල් එකකින්." "මම නැවත ගෙදර ආවේ මාස 14 කට පසුව ජුනි 19 වැනිදා. ඒ එන්න ළංවෙද්දි තමයි මම දැන ගත්තේ මගේ ලොකු පුතා නැතිවෙලා කියල. මට ඒක දරා ගන්න අමාරුවුණා. මොකද එයා අවසන් වෙලාවේ හිටියේ මං ළඟ. එයා කඳාන අලුත් පාසලේ දෙවැනි පංතියට ඇතුළු කරා විතරයි එතකොට'' තිළිනා හර්ෂනී මාස 14 ක් මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබා තිබු අතර එම ප්‍රතිකාර කටයුතු සඳහා කතෝලික ප්‍රජාව මූලික වී ක්‍රියාත්මකවන සෙත්සරණ ආයතනය උදව් උපකාර කල බව ද ඇයට නිවසේ නවාතැන් ගැනීමට වෙනම කොටසක් ඉදිකර දීමට හා ප්‍රතිකාර සදහා පහසුකම් ලබා දීමට පරිත්‍යාගශිලින් කටයුතු කළ බව ද ඇය පැවසුවාය. තම දරුවා අහිමිව තමන් ද ඇඳකට සීමා කළ රෝගියෙකු බවට පත් කළ මේ අපරාධයේ වරදකරුවන්ට දඬුවම් කිරීමට රජය අපොහොසත්වීම පිළිබඳව හර්ෂනී කනස්සල්ලෙනි. ''මේ රජයෙන් සාධාරණයක් ඉෂ්ටවෙයි කියන බලාපොරොත්තුවෙන් මිනිස්සු රජයට බලයට එන්න සහය දුන්නා. ගිය අවුරුද්දේ අප්‍රේල් 21 වෙන්න කලින් සාධාරණය ඉටුකරනවා කියල කිව්වා. දැන් මේ අවුරුද්දේ අප්‍රේල් 21 ත් ඇවිත් තියෙනවා. වචනයක් පමණයි. ක්‍රියාවක් නැහැ. සාධාරණයක් අපි දකින්නේ නැහැ. හැමෝම කරන්නේ තමන්ගේ වැරදි අනුන් පිට පටවලා එයාලා නිදහස් වෙන එක," යැයි ඇය පැවසීය. "අඩුම තරමේ පාස්කු කොමිසමේ වාර්තාවට අනුවවත් ඒ අය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. නම් වශයෙන් සඳහන් කරන පුද්ගලයින්වත් ඒ අය අධිකරණයට ගෙනල්ලා දඬුවම් කරන්නේ නැහැ. අපි පල්ලි ගියේ වඳින්න. හැබැයි මේ අපරාධය සිද්ධ වෙනවා කියල ඉහළ නිලධාරීන් මැති ඇමතිවරුන් දැන දැන ඉඳළත් ඒක වලක්වන්න ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අපි කියන්නේ මේකට ගෑවිච්ච හැමෝම නීතිය ඉදිරියට ගෙනැල්ල දඬුවම් කරන්න. ආයේ මේ වගේ දෙයක් නොවෙන්න''. දිවි බේරුණු, තිළිනා හර්ෂනී ගේ බාල පුත්‍රයා මේ සියල්ල දෙස නිසොල්මනේ අසල පුටුවක වාඩිවී බලා සිටියත් අපත් සමඟ එකදු වචනයක් හෝ කතා නොකිරීමට ඔහු වග බලාගත්තේය. කටුවාපිටිය ජූඩ් මාවතේ දෙවැනි පටුමගේ පදිංචි ජූඩ් ප්‍රසාද් අප්පුහාමි (43) එදින දේවස්ථානයේ මංගල්‍යට සහභාගී වී සිටියේ සිය බිරිය හා දියණියන් දෙදෙනා සමගයි. වසරක් පාසා මංගල්‍යයේ වීදි සංචාරය වෙනුවෙන් වාහන සුරුවම සුදානම් කරන ජූඩ්, පවුලේ උදවිය දේවස්ථාන පරිශ්‍රයේ සිටියදී පිටතට පැමිණ ලැගුම් ගෙය අසල සුරුවම් රථය නවතා සැරසිලි කටයුතුවල යෙදිණි. බෝම්බය පුපුරා ගොස් තිබුණේ ඒ අතරතුරයි. ජූඩ් ප්‍රසාද් අප්පුහාමි ''මගේ පොඩි දුවයි බිරිඳයි හිටියේ පොඩි පල්ලියේ. නමුත් ලොකු දුව හිටියේ ලොකු පල්ලියේ. එයා තමයි එදා පල්ලියේ යාඤාව කියෙව්වේ. ඒක කියවලා අල්තාරය ඉදිරිපිටම බංකුවක වාඩි වෙලා හිටියා. බෝම්බය පිපිරෙනකොට එයා හිටියේ ඒ ආසන්නයේ. වාසනාවකට ළමයාගේ ජිවිතයට හානියක් වුණේ නැහැ. හැබැයි අදටත් දුවගේ කන ඇහෙන්නේ නැහැ. අපි දෙයක් කියපුවහම එයා ඇඟිල්ලෙන් කන හොල්ලලා ඒක නැවත අහගන්නවා. මේවා අපිට විඳින්න පුළුවන් දේවල්ද? දුව අවරුදු 20 ක ගැහැණු දරුවෙක්. අපේ කාලය දැන් ඉවර නමුත් මේ දරුවන් තවම ජීවිතය පටන් ගත්තා විතරයි," යනුවෙන් ජූඩ් බීබීසී සිංහල සේවයට කියා සිටියේය. "අපි කියන්නේ වරද කරපු අයට නිසි දඬුවම් දෙන්න කියල. ඒ කියන්නේ උසාවි දාන්න කියල නෙමෙයි එල්ලලා මරන්න කියල අපි කියන්නේ. ඒ තරම් අපිට වේදනාවයි." කටුවාපිටියේ ඇති විරෝධතා පුවරුවක් කටුවාපිටිය මෙන්ම රටේ විවිධ ප්‍රදේශ වල විශාල පිරිසක් මෙසේ යුක්තිය අයැද සිටින්නේ වසර දෙකක් ගතවී ඇතත් තවමත් සාධාරණය ඉල්ලා ඔවුන් ලතැවෙන බැවිනි. 21ක් හැවිරිදි වත්තල ඔලියමුල්ලේ පදිංචි ග්ලෝරියා ජෝර්ජ් කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබුවා පමණක් නොව ඇයට සිය පියා ද අහිමි විය. වත්තල ඔලියමුල්ලේ පදිංචි ග්ලෝරියා ජෝර්ජ් ''යුක්තිය ඉටු උනත් නැතත් මගේ තාත්තව මට ලැබෙන්නේ නෑ. නමුත් එයා මැරුණේ අනතුරකින් නෙමෙයි. ඒක මිනීමැරීමක්. ඒ නිසා මට දැනගන්න ඕනා මගේ තාත්තව ඇයි මැරුවේ කියලා. ඒ වෙනුවෙන් මම නැගී සිටිනවා. මාත් එක්ක හැමෝම එකට හිටගන්න. මේ වගේ දෙයක් ආපහු වෙන්න හොඳ නෑ. මගේ හොඳම යාළුවා වෙච්ච මගේ තාත්තව නැති පාඩුව වචන වලින් කියලා නිම කරන්න බෑ. අද අම්මා හුගක් දුක් විඳිනවා නංගිටයි මටයි උගන්නන්න, කන්න බොන්න දෙන්න,'' යනුවෙන් ග්ලෝරියා ජෝර්ජ් පැවසීය. ''ත්‍රස්තවාදීන්ට පුළුවන් වුණා මගේ තාත්තාව නැති කරන්න. මටයි, මගේ නංගිටයි තුවාල කරන්න. ඒත් ඒ අයට බැරි වුණා මගේ සිහිනය විනාශ කරන්න. අපේ ශ්‍රී ලංකාවේ ඔක්කොම විනාඩි පහයි මතක. යමක් වුණ ගමන් ඒ ගැන හැමෝම කතා කරනවා. ඒත් ඊට පස්සේ ඒ ගැන මතක නෑ. පාස්කු ප්‍රහාරයත් ඒ වගේ. ඒ දවස්වල මාස තුන හතරක් වින්දිතයන් එක්ක කතා කළා. ඊට පසුව ඒක අමතකයි.ඒක එහෙම වෙන්න හොඳ නෑ. මම විතරයි දන්නේ මගේ තාත්තා නැති වේදනාව. ඒක වෙන කාටවත් තේරුම් ගන්න බෑ.''
"හැමදාම හිසට තියන කොට්ටය උදේ අව්වට දානවා. ඒක කඳුළු වලින් තෙත් වෙනවා රෑ පුරාවට. මට රාත්‍රිය එළිවෙනකන් අදටත් නින්දක් නැහැ. මතක් වෙනවා මගේ දරුවෝ. ඒ දරුවන්ගේ දරුවෝ. මේ ගෙදර මම දැන් තනි වෙලා. කෑමක් බිමක් හදන්නවත් හිත දෙන්නේ නැහැ. කවුරු වෙනුවෙන්ද මේවා කරන්නේ කියල හිතෙනවා. මගේ පවුලේ හත් දෙනෙක් බෝම්බෙට බිලිවුණා" යැයි කටාන කටුවාපිටිය ශාන්ත ජූඩ් මාවතේ පදිංචි එච් .ඩී තෙරේසා පීරිස් (67) බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ කඳුළින් බර වූ නෙතිනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොලොන්නරුව දිස්ත්‍රික්කය මින්නේරිය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 32,744 (50.22%) මහින්ද රාජපක්ෂ 31,747 (48.69%) 08.42 කොළඹ දිස්ත්‍රික්කය රත්මලාන මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 29,554 (55.76%) මහින්ද රාජපක්ෂ 23,144 (43.66 08.38 නුවරඑලිය දිස්ත්‍රික්කය වලපනේ මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 32,340 (50.59%) මහින්ද රාජපක්ෂ 30,354 (47.48%) 08.35 යාපනය දිස්ත්‍රික්කය නල්ලුර් මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 24,929 (79.87%) මහින්ද රාජපක්ෂ 5,405 (17.32%) 08.33 මඩකලපුව දිස්ත්‍රික්කය මඩකලපුව මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 97,779 (80.39%) මහින්ද රාජපක්ෂ 21,473 (17.65%) 08.31 කළුතර දිස්ත්‍රික්කය බේරුවල මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 53,280 (56.96%) මහින්ද රාජපක්ෂ 39,424 (42.15%) 08.14 ගාල්ල දිස්ත්‍රික්කය රත්ගම මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 36,209 (60.57%) මෛත්‍රිපාල සිරිසේන 23,038 (38.54%) 08.12 ගම්පහ දිස්ත්‍රික්කය කැලණිය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 37,884 (53.16%) මහින්ද රාජපක්ෂ 32,856 (46.11%) 08.09 මහනුවර දිස්ත්‍රික්කය හේවාහැට මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 28,049 (52.84%) මහින්ද රාජපක්ෂ 24,167 (45.53%) 08.06 කුරුණෑගල දිස්ත්‍රික්කය බිංගිරිය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 37,574 (54.28%) මෛත්‍රිපාල සිරිසේන 31,166 (45.02%) 08.04 මොනරාගල දිස්ත්‍රික්කය වැල්ලවාය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 76,069 (62.87%) මෛත්‍රිපාල සිරිසේන 43,678 (36.1%) 08.01 ගාල්ල දිස්ත්‍රික්කය බද්දේගම මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 43,369 (56.57%) මෛත්‍රිපාල සිරිසේන 32,347 (42.19%) 07.52 කෑගල්ල දිස්ත්‍රික්කය රඹුක්කන මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 27,400 (54.12%) මෛත්‍රිපාල සිරිසේන 22,690 (22,690) 07.46 මහනුවර දිස්ත්‍රික්කය හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 71,533 (57.69%) මහින්ද රාජපක්ෂ 51,156 (41.26%) 07.43 කුරුණෑගල දිස්ත්‍රික්කය දොඩන්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 28,010 (53.45%) මෛත්‍රිපාල සිරිසේන 23,847 (45.5%) 07.38 කොළඹ දිස්ත්‍රික්කය උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 51,537 (75.07%) මහින්ද රාජපක්ෂ 16,423 (23.92%) 07.32 ගම්පහ දිස්ත්‍රික්කය දිවුල්පිටිය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 45,813 (52.91%) මෛත්‍රිපාල සිරිසේන 40,112 (46.33%) 07.29 කුරුණෑගල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෛත්‍රීපාල සිරිසේන 33,384 (51.22%) මහින්ද රාජපක්‍ෂ 31,591 (48.47%) 07.24 නුවරඑලිය දිස්ත්‍රික්කය නුවරඑලිය - මස්කෙලිය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 171,578 (73.01%) මහින්ද රාජපක්ෂ 57,718 (24.56%) 06.30 ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පරාජය පිළිගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. 06.28 කොළඹ දිස්ත්‍රික්කය නැගෙනහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 35,167 (67.45%) මහින්ද රාජපක්ෂ 16,601 (31.84%) 06.25 මාතර දිස්ත්‍රික්කය කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 40,084 (63.06%) මෛත්‍රිපාල සිරිසේන 22,939 (36.09%) 06.23 මහනුවර දිස්ත්‍රික්කය කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 41,238 (55.06%) මහින්ද රාජපක්ෂ 32,930 (43.97%) 06.20 බදුල්ල දිස්ත්‍රික්කය ඌව පරණගම මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 25,337 (51.74%) මෛත්‍රිපාල සිරිසේන 22,894 (46.75%) 06.17 ගාල්ල දිස්ත්‍රික්කය හබරාදූව මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 38,028 (58.86%) මෛත්‍රිපාල සිරිසේන 25,932 (40.14%) 05.55 මඩකලපුව දිස්ත්‍රික්කය පදිරුප්පු මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 44,485 (81.76%) මහින්ද රාජපක්ෂ 8,216 (15.1%) 05.52 යාපනය දිස්ත්‍රික්කය උඩුප්පිඩි මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 18,137 (78.68%) මහින්ද රාජපක්ෂ 3,937 (17.08%) 05.49 ගාල්ල දිස්ත්‍රික්කය අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 32,871 (55.15%) මෛත්‍රිපාල සිරිසේන 26,187 (43.93%) 05.44 ගාල්ල දිස්ත්‍රික්කය බෙන්තර - ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 42,015 (59.08%) මෛත්‍රිපාල සිරිසේන 28,287 (39.78%) 05.41 පොලොන්නරුව දිස්ත්‍රික්කය පොලොන්නරුව මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 72,875 (62.86%) මහින්ද රාජපක්ෂ 41,961 (36.19%) 05.38 පොලොන්නරුව දිස්ත්‍රික්කය මැදිරිගිරිය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 32,875 (53.89%) මහින්ද රාජපක්ෂ 27,623 (45.28%) 05.35 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සේරුවාවිල මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 26,716 (51.12%) මෛත්‍රිපාල සිරිසේන 24,833 (47.52%) 05.32 කළුතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ 14,830 (53.15%) මෛත්‍රීපාල සිරිසේන 12,962 (46.46%) 05.29 කොළඹ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ 12,856 (51.19%) මෛත්‍රීපාල සිරිසේන 12,160 (48.42%) 05.27 අනුරාධපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෛත්‍රීපාල සිරිසේන 23,032 (53.72%) මහින්ද රාජපක්‍ෂ 19,643 (45.82%) 05.18 යාපනය දිස්ත්‍රික්කය කයිට්ස් මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 8,144 (55.48%) මහින්ද රාජපක්ෂ 5,959 (40.6%) 05.15 මාතර දිස්ත්‍රික්කය වැලිගම මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 40,715 (55.36%) මෛත්‍රිපාල සිරිසේන 32,247 (43.85%) 05.11 හම්බන්තොට දිස්ත්‍රික්කය තිස්සමහාරාමය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 78,546 (59.99%) මෛත්‍රිපාල සිරිසේන 50,977 (38.93%) 05.08 මාතර දිස්ත්‍රික්කය දෙවිනුවර මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 35,795 (59.32%) මෛත්‍රිපාල සිරිසේන 24,092 (39.93%) 05.03 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය මුත්තූර් මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 57,532 (87.54%) මහින්ද රාජපක්ෂ 7,132 (10.85%) 05.00 රත්නපුර දිස්ත්‍රික්කය කලවාන මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 32,336 (61.5%) මෛත්‍රිපාල සිරිසේන 19,508 (37.1%) 04.57 මහනුවර දිස්ත්‍රික්කය පාතදුම්බර මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 37,840 (57.79%) මහින්ද රාජපක්ෂ 26,762 (40.87%) 04.54 නුවරඑලිය තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෛත්‍රීපාල සිරිසේන 6,699 (52.37%) මහින්ද රාජපක්‍ෂ 6,057 (47.35%) 04.48 ගාල්ල දිස්ත්‍රික්කය අක්මීමන මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 39,604 (52.77%) මෛත්‍රිපාල සිරිසේන 34,807 (46.38%) 04.46 හම්බන්තොට දිස්ත්‍රික්කය මුල්කිරිගල මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 52,202 (64.58%) මෛත්‍රිපාල සිරිසේන 27,601 (34.14%) 04.42 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 49,650 (79.11%) මහින්ද රාජපක්ෂ 12,056 (19.21%) 04.40 මොනරාගල දිස්ත්‍රික්කය මොනරාගල මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 50,408 (61.69%) මෛත්‍රිපාල සිරිසේන 30,381 (37.18%) 04.33 ගාල්ල දිස්ත්‍රික්කය බලපිටිය මැතිවරණ කොට්ඨාශය මහින්ද රාජපක්ෂ 23,283 (58.45%) මෛත්‍රිපාල සිරිසේන 16,196 (40.66%) 04.10 යාපනය දිස්ත්‍රික්කය කිලිනොච්චිය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 38,856 (72.11%) මහින්ද රාජපක්ෂ 13,300 (24.68%) 03.56 යාපනය දිස්ත්‍රික්කය චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 23,520 (77.23%) මහින්ද රාජපක්ෂ 5,599 (18.38%) 01:20 මාතලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ :8,483 (50.13%) මෛත්‍රීපාල සිරිසේන :8,394 (49.60%) 01:19 හම්බන්තොට තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ :10,295 (64.45%) මෛත්‍රීපාල සිරිසේන :5,620 (35.18%) 01:11 පොලොන්නරුව තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ :4,309 මෛත්‍රීපාල සිරිසේන :9,480 01:10 මාතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ : 113,270 (55.87%) මෛත්‍රීපාල සිරිසේන :10,382 (43.71%) 01:08 කෑගල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ :14,976 (51.21%) මෛත්‍රීපාල සිරිසේන :14,163 (48.43%) 01:02 ගාල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මහින්ද රාජපක්‍ෂ : 16,116 (53.49%) මෛත්‍රීපාල සිරිසේන : 13,879 (46.06%) 23:50 2015 ජනාධිපතිවරණයේ ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිඵලය වශයෙන් රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි. මහින්ද රාජපක්ෂ ඡන්ද 11,864 ක් ලබා ඉදිරියෙන් සිටින අතර මෛත්‍රීපාල සිරිසේනට හිමිවී ඇත්තේ ඡන්ද 9053 කි. මහින්ද රාජපක්ෂ: 56.56% මෛත්‍රීපාල සිරිසේන: 43.16%
මෙතෙක් නිකුත් වී ඇති ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලවලට අනුව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ඉදිරියෙන් සිටියි. මෛත්‍රිපාල සිරිසේන 51.28% ඡන්ද6,217,162 මහින්ද රාජපක්ෂ 47.58% ඡන්ද 5,768,090 08.45
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හලාවත මත්ස්‍ය වෙළදපොළ රජය පවසන්නේ හොද මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබූ නමුත් මේ වතාවේදී ජංගම වෙළෙඳසල් හිමියන්ගේ ගේ උනන්දුව අඩු බවය. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමට ආරම්හ වූ 2020 මුලභාගයේ ඇති කළ නිරෝධායන ඇදිරිනීතිය සමයේ සමාජයේ ඇති වූ කතා බහනම් පාසල් සිසුනට නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට නිසි ක්‍රම වේදයක් නොමැති කම හා ජාලගත අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීමය. වසරකට වැඩි කාලයක් ගතවී 2021 වසරේ මැයි මස වන විටත් මෙම ගැටලුවට නිසි විසඳුමක් තවමත් ලැබී නොමැත. ඊට මෑත උදාහරණයක් වූයේ මාතලේ ලග්ගල නාවුල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අක්කරහාඩුව ග්‍රාමයේ හිමි නමක් විහාරස්ථානයේ වැසිකිලියේ වහල මත නැඟ සූම් තාක්ෂණය ඔස්සේ දරුවන්ට ඉගැන්වීමේ කටයුතු වල නියැලෙන බවට පළවූ මාධ්‍ය වාර්තාය. අනතුරුව එක්තරා පෞද්ගලික ජංගම දුරකථන ආයතනයක් විසින් එම ප්‍රදේශයේ ජනතාවට රුපියල් තුන්දහසක මුදලකට ඇන්ටනා විකිණීම පිළිබඳ සිද්ධියක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයකින් හෙළි කළේය. එහෙත් එම පෞද්ගලික ජංගම දුරකථන සේවා සමාගම බීබීසී සිංහල සේවය සමග පැවසුවේ සිය සමාගමේ නියෝජිතයන් එවැනි ඇන්ටනා අලෙවියක නොයෙදුණු බවය. එම ප්‍රදේශයේ දුරකථන සංඥා තීව්‍ර කර එම හිමි නමට තම සමාගමේ රවුටර හයක් නොමිලේ ලබාදී ප්‍රදේශයේ අනෙකුත් පුද්ගලයින්ට රුපියල් 3999ක් වන රවුටරය රුපියල් 3000ක මුදලකට අලෙවි කර ඇති බව ද සමාගම සඳහන් කළේය. මෙයින් පැහැදිලි වන්නේ වසංගතය රට තුළ ව්‍යාප්ත වී වසරක් ගතවී ඇතත් තවමත් අවශ්‍ය මූලික පහසුකම් පවා සැපිරී නැති බවය. 'ඔන්ලයින් අධ්‍යාපනය': පාරුවේ නැග 'ඉන්ටර්නෙට්' හොයාගෙන යන දරුවෝ මේ අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ මේ දිනවල අන්තර්ජාල සේවාවන්හි වේගය මන්දගාමී වීමක් නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති බවකි. ඒ හේතුවෙන් මාර්ගගත ක්‍රමයට එනම් අන්තර්ජාලය හරහා ඉගැන්වීම් ක්‍රියාවලීන් සඳහා සහභාගී වන පිරිස් මෙන්ම නිවසේ සිට අන්තර්ජාලය හරහා රැකියාවේ නිරතව සිටින (work from home) පුද්ගලයින් මහත් අපහසුතාවට පත්ව ඇති බවට තමන්ට පැමිණිලි ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කළේය. "ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන් සියල්ල සඳහා සේවා සැපයීමට ශ්‍රී ලංකාවේ දැනට පවතින ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මින් පෙර අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සපයන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමු නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කණගාටුවට පත්වනවා," යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් පැවසීය. ආර්ථිකය නගාසිටුවීමට ඩිජිටල් තාක්ෂණය වඩා ඵලදායි ලෙස යොදා ගැනීම රජයේ වගකීමක් වන අතර ඒ සදහා අත්‍යවශ්‍ය වන වේගවත් අන්තර්ජාල පහසුකම් ජනතාව වෙත ලබාදීමට කටයුතු කිරීම, අන්තර්ජාල සේවා සපයන සමාගම් නියාමනය කරන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වගකීමක් බවත් ඔහු පැවසීය. පෞද්ගලික ජංගම දුරකථන සේවා සපයන සමාගමක ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ පවතින තත්ත්වය හමුවේ එකවර දුරකථන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ප්‍රයෝගික ගැටලු මතුව ඇති බවය. පවතින කොරෝනා තත්ත්වය හමුවේ ජංගම දුරකථන සේවා සඳහා පවතින ඉල්ලුම ඉතාමත් සීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර ඒ සදහා අවශ්‍ය යටිතලපහසුකම් වර්ධනය ඉතා ඉක්මණින් කළ නොහැකි බව ඔහු සඳහන් කළේය. එළවළු වෙළෙඳාම එළවළු ගොඩගැසී ඇති නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානය මේ අතර දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථානයන්හි පැන නැගී තිබූ තත්ත්වයපසුගිය දා මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. රටේ සංචරණ සීමා නැවත වරක් පැනවීම නිසා නැවතත් තමන්ගේ අස්වනු විකුණා ගැනීමට නොහැකිව ඒවා විනාශවී ගිය බවට ගොවීහු මැසිවිලි නැගූහ. මෙසේ තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවී ඇත්තේ ඒවා මිලදී ගැනීමට නිසි ක්‍රියාමාර්ගයක් තවමත් සකස් කිරීමට රජය අපොහොසත් වීම නිසා බව ගොවින්ගේ චෝදනාව ය. දඹුල්ලේ ගොවින් පමණක් නොව රටේ අනෙක් පළාත්වල ගෝවීන් මුහුණ දෙන තත්ත්වය මෙයට වෙනස් නොමැති බව පෙනේනේ එම ප්‍රදේශයන් හි ගොවීන් මුහුණදෙන තත්ත්වය ද විමසා බැලීමේදීය. ඩී.එම්. පුංචිබණ්ඩා "මම බඩ ඉරිඟු වගේම ගම්මිරිස් වගාවයි කරන්නේ. හැම අවුරුද්දෙම හොඳ සරු අස්වැන්නක් නෙලා ගන්නවා. අපි ගොඩාක් වියදම් කරලයි මේ ගොවිතැන් කරන්නේ. බඩ ඉරිඟු වලට සේනා දළඹුවෙක් ඇවිත් බොහෝම අමාරුවෙන් තමයි ගොවිතැන ආරක්ෂා කර ගත්තේ. එහෙම කරලා හදාගත්තු වගාවේ අස්වැන්න නෙලලා විකුණ ගන්න බැරි තත්ත්වෙකට අද පත්වෙලා. ඉරිඟු ටික මෝරන්න කලින් කඩා ගන්න ඕනි. ඒ වුණාට නගරෙ තියෙන පොළවල් වහලා නිසා මේ වෙනකොට ඵලදාව විකුණගන්න බැරිවෙලා තියෙනවා' වෙනදාට නම් පාර අයිනේ තියෙන අපේ කඩේ ඉස්සරහ ඉරිඟු තම්බලා විකුණනවා. නමුත් අද ඉරිඟු තැම්බුවට කන්න මිනිස්සු නැහැ. අපිට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා," යනුවෙන් ගොවිමහතෙකු වන ඩී.එම්. පුංචිබණ්ඩා පැවසීය. මේ වන විට පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් දැඩි අසීරුවකට ලක්ව ඇති බව නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් පිරිස ද පැවසූහ. "බඩු වල මිල ඉතා දුර්වලතාවයේ තමා තියෙන්නේ. ගොඩක් අඩු වෙලා තියෙන්නේ මිල. ඔක්කොගෙම වගේ මිල අඩුයි. වෙළෙන්දොත් නැ විකුණගන්නත් බෑ. ගොවියෝ ඔක්කොම අසරණ වෙලා වෙළෙන්දොත් අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේ." එළවලු ව්‍යාපාරික ශාන්ත නිහාල් පැවසීය. ශාන්ත නිහාල් ශාන්ත නිහාල් කියා සිටියේ ගොවීන්ගේ එළවලු මිලදී ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙලක් තිබිය යුතු බවය. එසේ නොමැති නම් සිය අස්වනු විකුණාගත නොහැකි වීම නිසා ඉදිරි කන්නවලදී ගොවීන් ගොවිතැනින් ඉවත්වීමෙන් රට ආහාර හිඟයකයට මුහුණ දිය හැකි බවය. "දැන් බඩු විකුණන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. කෝවිඩ් 19 තත්ත්වය අනුව අපෙන් බඩු ගන්න වෙළෙන්දෝ එන්නේ නැති තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ගොඩක් ආර්ථික (මධ්‍යස්ථාන) වහලා දැනට. අනිත් එක අරන් යන එළවලු ටික වෙළෙන්දන්ට විකුණ ගන්න බැරි නිසා අද දවසේ එන වෙළෙන්දා පහුවදා එන්නේ නැහැ. අපි දැක්කා රටේ ප්‍රදේශ කීපයක එළවලු මිලදී ගන්න රජයෙන් වැඩපිළිවෙලක් කරලා තියනවා. අපේ රටේ අපිට තියෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල. අපි ගැන කිසි දවසක හොයලා බලලා නැහැ .මාධ්‍ය උනත් කතා කරන්නේ දඹුල්ල ගැන විතරයි . ඒ නිසා රජය වුණත් බලන්නේ දඹුල්ල ගැන විතරයි." යනුවෙන් මොහොමඩ් ඉර්ෂාඩ් පැවසීය. මාළු වෙළදාමට ඇති බලපෑම හලාවත මත්ස්‍ය වෙළෙඳපොළ රටේ ප්‍රධාන මත්ස්‍ය වෙළෙඳපොළ අතර හලාවත මත්ස්‍ය වෙළෙඳපොළට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. විවිධ ප්‍රදේශවලින් මාළු මිලදී ගැනීම සඳහා බොහෝ පිරිසක් හලාවතට පැමිණෙන අතර රටේ ප්‍රදේශ රැසකින් හලාවත මාළු වෙළෙඳපොළට තොග ලැබෙයි. ප්‍රේමරත්න රාජපක්ෂ හලාවත මාළු වෙළෙඳපොළේ පැරණිම සාමාජිකයකු වන හැටහය හැවිරිදි ප්‍රේමරත්න රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසුවේ පවතින තත්ත්වය හමුවේ සිය රැකියාවට "ආයුබෝවන් කීමට" සුදනම්ව සිටින බවකි. "මේ ගමේ මිනිස්සු විතරයි එන්නේ. පිට මිනිස්සු එන්නේ නෑ. පිට අයට එන්නේ වෙළෙන්දො පමණයි. ඉතින් ඒක හින්දා වෙළෙඳාම හොදටම අඩපණ වෙලා තියෙන්නේ. ගමේ මිනිස්සු එන්නේ යන්නේ බොහොම අමාරුවෙන්. තව එකක්, පිටින් එන්නේ අයිඩින්ටි නොම්බරේ හැටියට." යනුවෙන් ඔහු පැවසිය. "කොරෝනා වලට පෙර දවසකට අපි සැලකියයුතු මුදලක් හොයා ගත්තා. දැන්නම් රුපියල් හාර පන්සියක් හොයා ගන්නේ අමාරුවෙන් . මිනිස්සු මාළු ගන්න එන්නේ නැහැ. ධීවරයෝ මුහුදු යාම අඩුකරලා. මිනිස්සු අයිඩින්ටි නම්බර් එක විදියට තමා එන්නේ. මාලු ගණන් හින්දා ගන්නෙත් නෑ. විකුණගන්නත් අමරුයි. එක දවසක් එන කෙනා අනෙක් දවසේ එන්නේ නැහැ." මාළු අලෙවියේ නිරත 43 හැවිරිදි ආර්. එම්. සුසන්ති පැවසුවාය. ආර්. එම්. සුසන්ති වසර පහළොවක පමණ කාලයක් හලාවත මත්ස්‍ය වෙළෙඳපොළේ රැකියාවේ නියුතු හතලිස් හත් හැවිරිදි සුභාෂිනී දම්මිකා ප්‍රනාන්දු පවසන තත්ත්වය ද ඊට වෙනස් නැත. සුභාෂිනී දම්මිකා ප්‍රනාන්දු "අයිඩෙන්ටි සාස්තරේ මෙහෙ මිනිස්සු දන්නේ නැහැ. ඉරට්ට ද මොකද්ද ඒක දන්නෙත් නැහැ. ටී වී එක බලද්දී පිස්සු හැදෙනවා. අපිට ඕවා තේරෙන්නේ නැති නිසා මිනිස්සු එලියට බහින්නේ නැතුව සම්බෝලයි බතුයි කාලා හරි ගේ ඇතුළට වෙලා ඉන්නවා. කොරෝනා තත්ත්වය හමුවේ වෙළෙඳුන් පමණක් නොව බහුතර සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත්ව සිටිති. රංජිත් වීරසිංහ "මම දැන් අවුරුදු 30ක් විතර කරන්නේ ත්‍රීවීල් රස්සාවයි. බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවත් කරවන්නේ මේ රස්සාව කරලයි. පහුගිය කාලේ උදේ පාක් එකට ගිහින් හවස් වෙද්දී අපි ගෙදර ආවේ බොහෝම සතුටින්. මට හොඳට හයර් තියෙනවා. ඉතින් වාහනයේ ෆිනෑන්ස් ගෙවන්න. දරුවන්ගේ අධ්‍යාපනයට උදවු වෙන්න වගේම දරුවන්ගේ හා බිරිඳගේ වගේම මගේ අවශ්‍යතාවයන් හොඳින් කරගත්තේ මේ ත්‍රීවීල් රස්සාවෙනුයි," රංජිත් වීරසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසීය. "නමුත් දැන් අවුරුදු දෙකක විතර ඉඳලා අපි පුදුම කරදරේකයි වැටිලා ඉන්නේ. වාහනේ ෆිනෑන්ස් ගෙවන්න විදිහක් නැහැ. මේ කොරෝනා වසංගතය කවදා ඉවර වේදැයි හිතාගන්නවත් බැහැ. අපේ පාලකයින්ගේ ඉඳලා බොහෝ දෙනෙක්ගේ වැරදි හින්දා අද ගොඩාක් මිනිස්සු දුක් විඳිනවා. වෙනදා වගේ අද හයර් නැහැ. තුන් දෙනෙක්ව වාහනේ දාගෙන යන්න බැරි එකත් අපිට බලපානවා. මේ දවස්වල ඔත්තේ ඉරට්ටේ අංක වලටයි නගරෙට යන්න වෙලා තියෙන්නේ'. මේ කිසිම දෙයක් බඩ දන්නේ නැහැ. බඩගින්න හැම ගින්නකටම වඩා ලොකුයි." මේ අතර රජය පවසන්නේ වර්තමානයේ පවතින තත්ත්වය රටේ සාමන්‍ය තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක වන ස්වභාවයට සම කළ නොහැකි බවය. රජය විසින් කොරෝනා පළමු රැල්ලේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කොට තිබුණු අතර මෙවරද එලෙසම නැවත වතාවක් ගොවීන් ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රම වේදයක් සකස් කොට තිබූ බව කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේය. එමෙන්ම කෘෂි කර්මාන්ත, වැවිලි කර්මාන්ත හා ආහාර වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවාහනය ඇතුළු කරුණුවලට නිදහස ලබා දෙමින් අදාළ ක්‍රමවේදය සකස් කොට තිබෙන බව ඔහු කියා සිටියේය. "හැබැයි මේ වතාවේදී අපි කියන්න අවශ්‍යයි පළමුවෙනි වතාවට වඩා ඒ ජංගම වෙළෙඳ මහතුන්ගේ සහ ඒ ව්‍යාපාර වල නිරත වෙච්ච අයගේ උනන්දුවෙ අඩු කමක් තිබුණා. අපි විශ්වාස කරනවා මේ වතාවේ නැවත වතාවක් ඒ තත්ත්වය ඇතිවෙයි කියලා. නමුත් අපි ඒ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. කෘෂි කර්මාන්ත අමාත්‍යංශය එකට මැදිහත් වෙනවා ඒ වගේම තමයි ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳසල් හරහා ආහාර ලබාදෙන්නටත් එක ගමකට අවම වශයෙන් වෙළෙඳසල් දෙකක් විවෘතව කොට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට අවශ්‍ය පහසුකම් සකස් කොට තියෙනවා." යනුවෙන් ඔහු පැවසීය. තවත් තොරතුරු;
කොරෝනා වෛරසය තුන්වන රැල්ල ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමත් සමග තමන් විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටින්නේ මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට බලධාරීන්ට නොහැකි වීම හේතුවෙන් බවට ජනතාව චෝදනා නගති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දිවි නසා ගැනීම් වළක්වන්නේ කෙසේද? 'සුමිත්‍රයෝ' ජීවිතය ගැන කලකිරුණු පුද්ගලයන්ට සවන් දී ඔවුන්ගේ ගැටළු නිරාකරණය කර දෙන සංවිධානයකි. තරුණ බොක්සිං ක්‍රීඩකයෙකු, පොලිස් නිලධාරියෙකු සහ තරුණ නළුවෙකු සියදිවි නසා ගැනීමේ පුවත් ගත වූ සතිය ඇතුළත වාර්තා වීමත් සමග සිය දිවි නසා ගැනීම් පිළිබඳව සමාජයේ යළිත් වරක් සංවාදයක් මතු වී තිබේ. පසුගිය වසර තුන ඇතුළත ශ්‍රී ලංකාව තුළ වසරකට සිය දිවි නසා ගැනීම් 3,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාව, ජනගහනයට ප්‍රතිශතයක් ලෙස ලෝකයේ වැඩිම සිය දිවි නසා ගැනීම් වාර්තාවන රටවල් අතරින් එකකි. ශ්‍රී ලංකාව තුළ සිය දිවි නසා ගැනීම් පොලිස් සංඛ්‍යාලේඛන අනුව මෙම මරණවලට වැඩි වශයෙන් හේතු වී තිබෙන්නේ ආර්ථික ගැටළු, ප්‍රේම සම්බන්ධතා, පවුල් ප්‍රශ්න සහ මානසික ගැටළුය. සිය දිවි නසා ගැනීම් අඩුකර ගැනීමට එයට තැත්කරන පුද්ගලයන් සමග සිටින නෑදෑ හිතමිතුරන්ට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව සුමිත්‍රයෝ සංවිධානයේ ක්‍රියාකාරිනියක වන සමන්තා ගොවිපල්ගොඩ පවසයි. "ප්‍රශ්න දරා ගැනීමට හැකියාව අඩුවීම මේකට එක හේතුවක්. බලාපොරොත්තුවක් නැතිවුනාම, අහන්න කෙනෙක් නැතිවුනාම මේක ඒගොල්ලන්ගේ හිතට එන්නේ. ඒ වෙලාවට කවුරුහරි ඉඳල ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන් නම්, ඒගොල්ලන්ට ඇහුම්කන් දෙනවනම් ඒ සිතුවිල්ල අයින් කරගන්න පුළුවන්." සාමාන්‍යයෙන් සිය දිවි නසාගැනීමේ සිතුවිල්ලක් පැය 48ක කාලයක් පමණ සක්‍රියව පවතින බව ද ඇය සඳහන් කළාය. "සියදිවි නසා ගැනීමේ අදහසක් තියෙන කෙනෙක් ඒකට ඉඟියක් දෙනවමයි. ගොඩක් වෙලාවට අපේ සමාජය පුරුදු වෙලා තියෙනවා මේක විහිළුවට අරගෙන මග හරින්න." "නමුත් අපි ඒ වෙලාවේ කළ යුත්තේ එයත් සමග කතා කිරීම. ඇයි ඔයා එහෙම කියන්නේ, ඇයි ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ කියල ඇහුවොත් ඒ කතා කිරීමම ඇති එයාව ජීවත් කරන්න," සුමිත්‍රයෝ සංවිධානයේ සමන්තා ගොවිපල්ගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය. සියදිවි නසා ගැනීමේ උත්සාහයක නියැලුණු පුද්ගලයකු සමග ඒ ගැන කතා නොකළ යුතු බව ඇතැමුන්ගේ මතය වුවත් සිදු කළ යුත්තේ ඒ ගැන කතා කිරීම බව අවධාරණය කළාය. "සමහර විට එයාගේ ප්‍රශ්නේ පොඩි එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක එයාට ලෝක දෙයක්. ඒ නිසා කතා කරන්න." මේ අතර මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින තත්වය පිළිබඳව පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස්, අවශ්‍ය කාර්ය මණ්ඩල නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට ප්‍රතිකාර කිරීම බරපතල ගැටළුවක්ව පවතින බව කියා සිටියේය. විශේෂඥයන් සිටින නමුත් මානසික වෛද්‍යවරුන්, මානසික උපදේශකයන් සහ සමාජ සේවකයන් ඇතුළු සහාය කාර්ය මණ්ඩලවල බරපතල හිඟයක් පවතින බවද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. "මෙම හිඟය ලංකාවේ හැම තැනම තියෙනවා. ඒකත් එක හේතුවක් තමයි රෝගී සත්කාර ක්‍රමය 100% ක් ලබාදීමට නොහැකිවීමට," විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් පැවසීය. එය පියවීමට පියවර නොගන්නේ ඇයි? විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් පෙන්වාදෙන පරිදි එයට හේතු කිහිපයක්ම තිබේ: මෙම ගැටළුව පිළිබඳව දිගින් දිගටම බලධාරීන්ට පෙන්වා දුන් නමුත් එයට විසඳුමක් නොලැබුන බව පවසන විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, නිසි සැලසුමක් නොමැතිවීම මෙන්ම ඇතැම් පරිපාලන ගැටළුද මේ තත්වයට බලපා තිබෙන බවය. "මගේ අවුරුදු 35 දි, එකම දේ අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියනව. ඒවා කවදාවත් ඉටුවෙලා නෑ."
කිසිවෙකු ජීවිතය ගැන කළකිරී ඇතැයි ඇඟවීමක් කළහොත් ඔහුට/ඇයට සවන් දීමෙන් එම පුද්ගලයා සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ලෙන් ඉවත්කර ගත හැකි බව සුමිත්‍රයෝ සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මිනිස් කට හඬ ඇසුරෙන් ගැහුණ -පිරිමි- ළමා -කාන්තා සහ ජන වර්ග වෙන් කොට හදුනා ගැනීමේ හැකියාවක් අලින්ට ඇති බවයි,ජාතික විද්‍යා ආයතනය මගින් පළ කරන ලද පර්යේෂණයකින් හෙළිදරව් වී තිබෙන්නේ. පටිගත කරන ලද විවිධ හඬ අලින්ට ඇසෙන්නට සැලැස්වූ විට අලින් එකිනෙකට වෙනස් ප්‍රතිචාර පළ කළ බවයි, කෙන්යාවේ දී වනගත අලින් සම්බන්ධයෙන් විමසුමක යෙදුන පර්යේෂකයින් කියා සිටින්නේ. ‘මසායි’ බසින් කෙරුණු පටිගත කිරීම් වලට අලින් බිය පළ කළ නමුත් එම පණිවුඩයම ‘කම්බා’ බස කථා කරන පිරිමින් වෙතින් ඇසුන විට අලින් කලබල නොවූ බව පර්යේෂකයෝ කියා සිටිති. ජීවන රටාව පර්යේෂකයෝ ‘අර බලන්න බලන්න - අතන අලි රංචුවක්’යන පණිවිඩය ගැහැනු, පිරිමි සහ ළමා කට හඬවලින් ‘මසායි’ සහ ‘කම්බා’ බසින් පටිගත කොට ප්‍රචාරය කළහ. සත්ව පාලනයේ යෙදෙන ‘ මසායි’ පුරුෂයන් මීට පෙර තම හරකුන් අලින් ගෙන් බේරා ගැනීම සඳහා අලින් මරා දමා ඇති හෙයින් අලින්ගෙන් බිය මුසු ප්‍රතිචාරයක් පළ වූ බවයි, පර්යේෂකයින් ප්‍රකාශ කරන්නේ. එකම පණිවුඩය ‘කම්බා’ බස කථා කරන පිරිමින් වෙතින් ඇසුන විට අලින් කලබල නොවූ බව පර්යේෂකයෝ කියා සිටිති. කම්බා බස කථා කරන පිරිස් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන අතර ඔවුන්ගේ ජීවන රටාව අනුව අලින් හා ගැටෙන සුළු සිදුවීම් ඇති වෙන්නේ නැත. පර්යේෂණය පැවැත්වූ බ්‍රිතාන්‍ය සසෙක්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කැරන් මැක්කොම්බ් සහ ආචාර්ය ග්‍රෙමි ෂනොන් කියා සිටියේ, තමන් මීට පෙර සිදු කළ පර්යේෂණ වලදී අලින්ටත් . වඩාත් දරුණු ලෙස හැසිරෙන සිංහයෙකුගේ සහ සිංහ ධේනුවකගේ හඬ වෙන් කොට හඳුනා ගැනීමේ හැකියාවක් අලින්ට තිබෙන බව තමන්ට සනාථ වූ බවයි.
අලින්ට මිනිස් කටහඬ තේරුම් ගත හැකි බව පර්යේෂණයකින් හෙළිදරව් වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු මින්නේරියේ සිට හබරණ දක්වා, මින්නේරිය ජාතික වනෝද්‍යානය ඉදිරිපිට මාර්ගයේ කැළි කසළ ඉවත් කිරීමේ කටයුතු වල නිරත වී සිටී. වාහන වලින් ගමන් කරන පුද්ගලයන් මාර්ගයේ දමා යන කැළි කසළ අඩංගු මලු පහක් පමණ දිනකට එක්රැස් කරන බව ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය. මේ ගැනත් දැනගන්න:
මිනිසුන් මාර්ග දෙපස බැහැර කෙරෙන කැළි කසළ තුළින් පිළිබිඹු වන්නේ අදාළ පුද්ගලයාගේ වැදගත්කමේ තරම බව හබරණ ජීවත්වන ලක්ෂ්මන් සිල්වා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය එම අදහස පළ කළේ ශ්‍රී ලංකාවේ සංචාරය හමාර කිරීමෙන් අනතුරුව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ඒ පිළිබඳව සංදේශය කළ විමසීමකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ‘සැලසුම් සහගත න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවක් පෙනෙන්නට ඇති බව’යි. ශ්‍රී ලංකාව තුළ ‘මේ වන තෙක් ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් සිදුවී නැති’ බවයි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ. එල්ටීටීඊය ‘කුරිරු මිනීමරු සංවිධානයක්’ වශයෙන් හැඳින්වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය එවැනි සංවිධානයක් උත්කර්ෂවත් කිරීමට උත්සාහ දරන ඩයස්පෝරා වලට කිසිදු තැනක් හිමි නොවන බවත් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව ‘අධිකාරීවාදී පාලනයක් කරා ගමන් කරමින් පවතින බවට ළකුණු ඇතැ’යි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය ඉන්දීය දෙමළ සම්භවය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඇමතිවරුන් කළ ප්‍රකාශ පිල්ලේගේ කෝපයට හේතුවිය යුද ගැටුම් හමාර වී වසර හතරක් ඉක්ම ගොස් තිබුනත්, ශ්‍රී ලංකාව අධිකාරිවාදී පාලනයක් කරා ගමන් කරමින් සිටින බැවින් රටේ ජනතාව තවමත් පීඩා විඳින බවට ඇය කළ නිරීක්ෂණයයි, බොහෝ මාධ්‍යවල සිරස්තලය වී තිබුනේ. ගැටුම් පැවති කලාපයේ කෙරෙමින් තිබෙන සංවර්ධන කටයුතු පිළිබඳව ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස්වරිය, කෙසේ නමුත් අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වැනි සාමාන්‍ය ජන ජීවිතයේ අංශයන්ට හමුදාව අත පොවමින් සිටීම පිළිබඳව සිය අවධානය පළ කළ බව හෙරල්ඩ් ස්කොට්ලන්ඩ් පුවත්පත වාර්තා කරයි. ද හින්දු, ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් සියල්ලම මහ කොමසාරිස්වරියගේ නිරීක්ෂණවලට ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබිණ. මේ අතර තමන් හමුවී කරුණු දැක්වූ පුද්ගලයන්ට හමුදාව තර්ජනය කළ බවට නවී පිල්ලේ නගන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සූදානම් යයි කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කළ ප්‍රකාශයට දි එකොනොමික් ටයිම්ස් පුවත්පතේ ප්‍රමුඛස්ථානයක් හිමි වී තිබිණ. තමන් හමුවී කරුණු දැක්වූ පුද්ගලයන්ට හමුදාව තර්ජනය කිරීම ගැන නවී පිල්ලේගේ අවධානය කෙසේ නමුත් එම චෝදනා පිළිබඳව මහ කොමසාරිස්වරියගේ කාර්යාලය අදාළ සාක්ෂි ඉදිරිපත් කළ යුතු යයි ඇමතිවරයා සඳහන කළ බවද පුවත්පත පවසයි. චීනයට බරපතල අන්දමින් ණය වී සිටින ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගැනීමට තරම් තවදුරටත් බලවත් රටක් නොවන බවට විද්‍යා සහ පර්යේෂණ පිළිබඳ අමාත්‍ය චම්පික රණවක කළ ප්‍රකාශය ද එම වාර්තාවට ඇතුලත්. උතුරු නැගෙනහිර පලාත්වලින් හමුදාව ඉවත් කොට, එම පලාත්වල හැකි ඉක්මනින් සිවිල් පරිපාලනය පිහිටුවන ලෙස මහ කොමසාරිස්වරිය ආණ්ඩුවෙන් කළ ඉල්ලීමට බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබිණ. මේ අතර ලංකානිවුස්වෙබ් වෙබ් අඩවියේ පලව තිබූ වාර්තාවකට අනුව, මහින්ද රාජපක්ෂ පරිපාලනය විවේචනය කොට තිබෙන නමුත් සමස්තයක් වශයෙන් දෙමළ ජනතාවගේ අනන්‍යතාවය විනාශ කිරීම් වස් ශ්‍රී ලංකා රාජ්‍යය ගෙන යන ව්‍යාපාරය නිරීක්ෂණය කිරීමට අපොහොසත්වීම පිළිබඳව ඕස්ට්‍රේලියාවේ දෙමළ කොන්ග්‍රසය මහ කොමසාරිස්වරිය විවේචනයට ලක් කොට තිබේ. සිය ඉන්දීය දෙමළ සම්භවය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු ඇයට අපහාස කිරීම පිළිබඳව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය කෝපය පළ කළ බව කැනඩා ගුවන් විදුලි සේවය වාර්තා කරයි.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ ගේ සත්-දින ශ්‍රී ලංකා සංචාරය සහ සංචාරය හමාරයේ ඇය නිකුත් කළ නිවේදනය ලොව පුරා ජනමාධ්‍යවල අවධානයට ලක් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තමාට ලැබුණ හුස්ම ගැනීමට ආධාර කෙරෙන යන්ත්‍රය (respirator ) තරුණවියේ පසුවෙනා රෝගියාට පරිත්‍යාග කළ ජුසෙපේ බෙරදෙලි නම් පූජකවරයා මරණය වැළඳගන්නා විට 72 වන වියේ පසුවිය. එම සිද්ධිය වාර්තාවන්නේ කොරෝනාවෛරසය දරුණු තත්ත්වයක් පවතින 'ලෝවෙරේ' (Lovere) නම් ඉතාලි නගරයෙනි. කොරෝනාවෛරසයට ගොදුරුව මේ වන විට අඩුතරමින් ඉතාලි පූජකවරුන් පනස්දෙනෙකුවත් මරණයට පත්ව ඇත. ඉතාලිය ලෝකයේ කොරෝනාවෛරසය හේතුවෙන් දරුණුතම තත්ත්වයක දැනට පවතින රට වේ. රටවල් 160ට අධික සංඛ්‍යාවකට තර්ජනයක් වී ඇති Covid -19 වෛරසයට ගොදුරුව මේවනවිට මරණයට පත් ජන සංඛ්‍යාව 16,000ට අධික ය. රෝහල් ආරංචි මාර්ගවලින් පැවසෙන පරිදි, කස්නිගෝ (Casnigo) නම් නගරයේ දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයාව සිටි ජුසෙපේ බෙරදෙලි, තමා වෙනුවෙන් සිය දේවස්ථානයේ බැතිමතුන් විසින් මිලට ගෙන සපයන ලද හුස්ම ගැනීමට ආධාර කෙරෙන යන්ත්‍රය භාවිතයට ගැනීම ප්‍රතික්ෂේප කරමින්,එය තමාට නොව තරුණ වියේ රෝගියකු සඳහා උපයෝගී කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත. පූජකවරයාගේ මෘතදේහය මිහිදන් කිරීම සඳහා ගෙනයමින් තිබූ අවස්ථාවේ නගරයේ ජනතාව ඔවුන්ගේ නිවෙස්හි සඳලුතලයේ සිට අත්පොලසන් දෙමින් මරණයට පත් සිය ආගමික නායකයා වෙනුවෙන් ගෞරවය පළ කළ බව වාර්තා විණි. ජුසෙපේ බෙරදෙලි පූජකවරයාගේ මරණය සම්බන්ධයන් ජේම්ස් මාටින් විසින් සමාජ මාධ්‍යජාලයේ පළ කරනු ලැබ ඇති 'ට්විටර්' පණිවුඩයක් සම්බන්ධයෙන් දහස් ගණනක් ජනතාව ප්‍රතිචාරය පළ කර ඇත. ''ලෝකය කොයිතරම් කුඩා තැනක් ද? මගේ සමස්ත (විස්තෘත) පවුලට ම 'ෆාදර්' එක්ක කිට්ටු සම්බන්ධයක් තිබුණා. මගේ ඥාති සහෝදරයන්ට ඔවුන්ගේ පියා නැතිවුනාට පස්සේ ඔවුන්ට 'තාත්තා' කෙනෙක් වුනේ 'ෆාදර්'. ඔහු ඉතාම හොඳ මනුෂ්‍යයෙක්......අහිංසක ආදරණීය චරිතයක් '' යැයි එම පණිවිඩයෙන් කියැවිණි. කොරෝනා වෛරසයට ගොදුරුව මරණයට පත් වෛද්‍යවරුන් සහ පූජකවරුන් වෙනුවෙන් අඟහරුවාදා (මාර්තු 24) පැවැත්වූ දේව මෙහෙය මෙහෙයවන ලද්දේ ෆ්‍රාන්සිස් පාප්වහන්සේ විසිනි. ස්පාඤ්ඤයේ මහලු ජනයාගේ ඉරණම මේ අතර විශ්‍රාමික මහලු ජනතාව වාසය කරන, මේදිනවල අමතකව ගිය මහලු නිවාස කිහිපයක් කොරෝනාවෛරසය මැඩලීමට හවුල්වෙමින් සිටින සොල්දාදුවන් විසින් සොයාගනු ලැබ ඇති අතර, ඇතැම් ස්ථානවලදී ඇඳන් මත මියගොස් සිටි පුද්ගලයන්ගේ මළසිරුරු හමු වී ඇති බව ස්පාඤ්ඤ විදේශ අමාත්‍යාංශය පැවසීය. එම සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කර ඇති බව ස්පාඤ්ඤ නීති නිලධාරීහු පවසති. ස්පාඤ්ඤය කොරෝනාවෛරසය ඉතාම දරුණු තත්ත්වයක පවතින යුරෝපා රාජ්‍ය කිහිපයෙන් එකකි. ස්පාඤ්ඤ යුද හමුදාව එරට කොරෝනාවෛරසය වාර්තා නොවන මහලු නිවාසවලට උපකාර වෙමින් ඇත. ඉතාලියට පසු යුරෝපයේ දරුණු ම තත්ත්වයක් පවතින ඊළඟ රට ස්පාඤ්ඤය ය. මේ අතර කොරෝනාවෛරසයෙන් මරණයට පත්වූවන්ගේ සිරුරු තැබීම සඳහා හිම ක්‍රීඩා සඳහා පිළියෙල කර තිබූ ස්ථානයක් (ice rink) තාවකාලික මෘත ශරීරාගාරයක් බවට පත් කිරීමට ස්පාඤ්ඤ බලධාරීහු ක්‍රියා කරමින් සිටිති. ''විශ්‍රාමිකයන් සඳහා වන නිවාසවල ජීවත්වෙන මහලු ජනතාවට සලකනු ලබන ආකාරය සහ ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැඩි ලෙස අධීක්ෂණය කරනවා" යැයි ස්පාඤ්ඤ ආරක්ෂක ඇමතිනී මාගරිටා රොබ්ලෙස් එරට පෞද්ගලික රූපවාහිනී චැනලයකට අදහස් දක්වමින් සඳහන් කළාය. ''ඇතැම් මහලු ජනයා සහමුලින් ම අත්හැර දමනු ලැබ සිටින ආකාරය යුද හමුදාව ඔවුන්ගේ සංචාරයන්හි දී දැක තිබෙනවා. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇඳන් මතම මරණයට පත්ව තිබුණ අවස්ථා ද දැක තියෙනවා '' ඇමතිවරිය පැවසුවාය. ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කරන පරිදි කොරෝනාවෛරසය පැතිරීමත් සමඟ ඇතැම් මහලු නිවාසවල සාත්තු සේවකයන් එම ජනයා අත්හැර දමාගොස්' ඇත. අවසන් කටයුතු සඳහා අවමංගල සේවාවන් විසින් මළ සිරුරු ගෙන යනු ලබන තෙක් ශීතාගාරවල තබන බව සෞඛ්‍ය නිලධාරීහු පවසති. එහෙත් කොරෝනා ආසාදනය හේතුවෙන් මරණයට පත්ව ඇතැයි සැකකෙරෙන්නන්ගේ සිරුරු, විධිමත්ව විශේෂ උපකරණ සහිතව සූදානම් කොට ඇති අවමංගල කාර්ය මණ්ඩල විසින් රැගෙන යනතෙක්,ඒවා තිබූ සයන මතම තිබෙන්නට ඉඩ හැරෙනු ඇත. ස්පාඤ්ඤ සෞඛ්‍ය ඇමති සැල්වදෝර් ඉල්ලා මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්,'' විශ්‍රාමිකයන් වාසය කරන නිවාසවලට නිශ්චිත ප්‍රමුඛතාවක්"දෙන බව කියා සිටියේය. '' අපි එවැනි මධ්‍යස්ථාන ඉතාම දැඩිව අධීක්ෂණය කරනවා '' ඇමතිවරයා පැවසීය. මේ තොරතුරු ද දැනගන්න:
කොරෝනාවෛරසය ආසාදිතව රෝහල්ගත කරනු ලැබීමෙන් අනතුරුව, තමාට හුස්ම ගැනීමට ආධාර කෙරෙන යන්ත්‍රය (respirator) නන්නාඳුනන තරුණයෙකුට පරිත්‍යාග කරමින් මරණය වැළඳගත් මහලු පූජකවරයෙකු පිළිබඳව ඉතාලියෙන් වාර්තා විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දත් සුදු කිරීම සඳහා පිළියෙළ කරනු ලැබ ඇති එම රසායනයෙහි අන්තර්ගත හයිඩ්‍රජන් පැරොක්සයිඩ් ප්‍රමාණය නියමිත මට්ටමට වඩා තුන්සිය ගුණයකටත් වඩා වැඩිබව ' පාරිභෝගික සංවිධානයක් පවසයි. 'විච්' (Which) පාරිභෝගික සංවිධානය විසින් පරීක්‍ෂණයට ලක්කරනු ලැබ ඇති නිෂ්පාදන තිස් හයකින් තවත් විස්සක නීතියට පටහැනි පිරිසිදු කිරීම් සඳහා යොදාගනු ලබන 'බ්ලීච්' රසායනය ඇතුළත් බව අනාවරණය විය. ඒ අනුව එම නිෂ්පාදන සියල්ල 'අලිඑක්ස්ප්‍රස්'(AliExpress) 'ඇමසන්'(Amazon) සහ 'ඊබේ'(eBay) ඇතුළු අන්තර්ජාල අලෙවිකරණ අඩවි මගින් ඉවත් කරනු ලැබ ඇත. 'හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' අන්තර්ගතය 30.7%ක් වැනි අධි මට්ටමක් සහිත ඉහත කී භාණ්ඩ නිෂ්පාදනය කරන ලද 'ඕරල් ඔර්තොඩොන්ටික් (Oral Orthodontic Materials Store) සමාගමේ ප්‍රතිචාරය කුමක්ද? ''තමන් අතින් සිදුවූ වැරැද්ද හෙළිවූ වහාම එය නිවැරැදි කරන ලද බව එම සමාගම පවසයි. ''එකී සියලු නිෂ්පාදන අලෙවියෙන් ඉවත්කර ගත්'' බව සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවියේ නිරත 'අලිඑක්ස්ප්‍රස්'(AliExpress) ව්‍යාපාරය මෙසේ පවසයි. ''නිෂ්පාදන භාණ්ඩවල සුරක්‍ෂිතභාවය අපි බලවත් ලෙස සැලකිල්ලට ගන්නවා. අපගේ ලැයිස්තුගත කිරීම්වලට අදාළ ප්‍රමිතීන් උල්ලංඝනය කරනු ලබන භාණ්ඩ වහාම අලෙවියෙන් ඉවත් කිරීමට පියවර ගත්තා'' ''අප අන්තර්ජාලයේ සිදුකෙරෙන භාණ්ඩ අලෙවියට වේදිකාවක් හදන එම ගනුදෙනුවේ දී ඊට පහසුකම් සලසනු ලබන වෙළෙඳපොළ කාර්යය ඉටුකරන පාර්ශවයක්..'අලිඑක්ස්ප්‍රස්'(AliExpress) ඔස්සේ භාණ්ඩ විකුණන වෙළෙන්දන් අපේ ප්‍රතිපත්ති සහ නීති රෙගුලාසි ආදියට අනුගතව ඔවුන්ගේ වෙළෙඳාම සිදුකළ යුතුයි. අපේ කොන්දේසි කඩකරන වෙළෙන්දන් හසුවුනොත් ඔවුන්ට එරෙහිව අපි පියවර ගන්නවා'' 'අලිඑක්ස්ප්‍රස්'(AliExpress) ව්‍යාපාරය කියා සිටියි. රසායනික පිළිස්සීම් එක්සත් රාජධානියේ භාණ්ඩ අලෙවියේ දී භාණ්ඩයක අන්තර්ගත 'හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' ප්‍රමාණය 0.1% කට වැඩි නොවිය යුතුය. වෘත්තීය දන්ත වෛද්‍යවරුන්ට අයැදුම් කළහැකි නෛතික මට්ටම 6%කි. 'විච්'(Which) පාරිභෝගික සංවිධානය විසින් පරීක්ෂණයට ලක්කරන ලද නිෂ්පාදන හයක අන්තර්ගත 'හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' ප්‍රමාණය 10% කටත් වඩා වැඩි මට්ටමක විය. 'හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' අධි ප්‍රමාණයක් සහිත එක් නිෂ්පාදනයක් මස් කැබැල්ලක ආලේපනය කරනු ලැබීමෙන් මිනිත්තු තිහකට පසු දක්නට ලැබෙන ආකාරය පාරිභෝගිකයන්ට සුදෝසුදු දත් දෙපෙලක් අවශ්‍ය කරන්නේ නම්, ඒ සඳහා වෘත්තීය දන්ත වෛද්‍යවරයකුගේ පිහිට ලබාගන්නා ලෙස 'විච්' පාරිභෝගික සංවිධානය උපදෙස් දෙයි. එවැනි පියවරක් නොගෙන වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් තිබෙන දත්වලටත් හානි සිදුවීමේ අනතුරක් පවතී. බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍යවරුන්ගේ සම්මේලනයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය පෝල් වුඩ්හවුස් (Dr Paul Woodhouse) මෙවැනි අනතුරු ඇඟවීමක් කරයි. ''හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' ඉතාම ප්‍රබල රසායනයක්. එය වැරදි ආකාරයට පාවිච්චි නොකළ යුතුයි. එම රසායනය පාවිච්චියට ගතයුතු ආකාරය සම්බන්ධයෙන් දන්ත වෛද්‍යවරුන්ට පුහුණුවක් ලබා දෙනවා. ඒ අනුව දන්ත වෛද්‍යවරු දන්නවා- දත් සුදුකෙරෙන නිෂ්පාදන ගැන. දත්වලට සහ විදුරුමසට හානියක් නොවී ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔවුන් දන්නවා'' දන්ත වෛද්‍ය පෝල් වුඩ්හවුස් (Dr Paul Woodhouse) වැඩිදුරටත් මෙසේ දැනුවත් කිරීමක් සිදුකරයි. ''ඔබගේ විදුරුමස විනාශ කර ගත්තොත් ඔබට එය කවදාවත් නැවත ලබාගන්න බැහැ.ඒ සමඟ ඔබට ඔබේ දත්ටිකත් අහිමි වෙනවා. රසායන වැරදි ආකාරයට පාවිච්චි කළොත් ඒවා දත් විනිවිද ගිහින් දතේ මරණය උදා කරනවා'' දත් සුදුකර ගැනීම-කරුණු සහ උපදෙස් 'විච්'(Which) පාරිභෝගික අධීක්ෂණ ආයතනය මෙවැනි උපදේශයක් සපයයි. '' ඔබට ඔබගේ දත් ඔබ විසින්ම ඔපකර ගැනීමට අවශ්‍යනම්,භාණ්ඩ වෙළෙඳාම සම්බන්ධයෙන් කීර්තියක් සහිත සාප්පුවකින් අවශ්‍ය දේවල් මිලට ගන්න. හේතුව එම නිෂ්පාදනවල සුරක්‍ෂිතභාවය සම්බන්ධයෙන් නෛතික සහතික කිරීමක් අවශ්‍යකරන හෙයිනි. අන්තර්ජාල වෙළෙඳුන්ගෙන් මිලට ගැනීමට වඩා එමගින් ආරක්ෂාව සහතික කෙරෙයි'' 'විච්'(Which) ආයතනයේ පාරිභෝගික සුරක්ෂිතතාව පිළිබඳ අංශයේ ප්‍රධානී සූ ඩේවිස් (Sue Davies) මෙසේ සඳහන් කළාය. ''මහජනයා අනාරක්‍ෂිත අන්තර්ජාල වෙළෙඳ ප්‍රවාහයකට ගොදුරුවීමට ඉඩ හරිමින් ඔවුන්ගේ ආරක්‍ෂාවට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ නැතිබව පැහැදිලියි'' ''ඔවුන්ගේ වෙබ් අඩවිවල විකුණන නිෂ්පාදනවල ගුණාත්මකභාවය සඳහා අන්තර්ජාලයේ වෙළෙඳපොළවල් පවත්වාගෙන යනු ලබන සමාගම්වලට ඉහළ මට්ටමේ නෛතික වගකීමක් පවරනු ලැබීම ඇත්තවශයෙන්ම ඉතාම වැදගත්. අන්තරායකාරී සහ නීතියට පටහැනි නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් වැලකීමට අවශ්‍ය වඩාත් යහපත් රැකවරණයක් එමගින් පාරිභෝගිකයන්ට සැලසෙනවා'' සූ ඩේවිස් (Sue Davies) වැඩිදුරටත් පෙන්වා දෙන්නීය. දත් කිරිසුදු කර ගැනීමට ගොස් සංකූලතාවලට ගොදුරුවූවන් ප්‍රතිකාර සඳහා තම සායනයට පැමිණෙන බව දන්ත වෛද්‍ය ජස්පාල් පූර්බා පවසයි (සෞඛ්‍ය තොරතුරු පිළිබඳ BBC අංශයේ කතෘ මිෂෙල් රොබට්ස්ගේ ලිපියක් ඇසුරිනි) කියවන්න;
දන්ත සායනයකට නොගොස් ගෙදරදීම සුදෝසුදු දත් දෙපෙලක් සකස්කර ගැනීමට උපයෝගී කරගත හැකි උපාංග කට්ටල විකිණීමේ ජාවාරමකට අදාළ වෙළෙඳ දැන්වීමක් අන්තර්ජාලයේ පළකරනු ලැබ ඇත. එහෙත් එම උපාංග කට්ටලයට ඇතුළත් දත් සුදුකෙරෙන රසායනය නිසා විදුරුමස පිළිස්සී දත් අහිමිවීමේ අවදානමක් ඇති බව පරීක්‍ෂණයක් මගින් හෙළිදරව් කරනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 457ක් ලබා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමේ හොඳම පිතිකරුවන් හතර දෙනකු ලකුණු පහළොවක් තුළදී දවාලීමට ධම්මික ප්‍රසාද් සමත් විය. ඊයේ සඳුදා තරඟය නතර කරන විට එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ කඩුලු පහකට ලකුණු 57 ක් පමණි. එංගලන්තයේ හෙඩින්ලි (Headingly) ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 160 ක් ලබා ගත්තේය. ඔහු හා අටවැනි කඩුල්ල සඳහා මනා සම්බන්ධතාවක් පැවත්වූ රංගන හේරත් ලකුණු 48 ක් ලබා ගනිමින් දුවද්දී දැවී ගියේය.
රට තුල පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියකින් පළමු වරට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්වීමේ අභියෝගයට මුහුණ දී සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මුළුමනින්ම විනාශ කිරීම හෝ වෙනත් දෙයක් සඳහා භාවිතකිරීම යන අදහස් දෙක අතර වූ ගොඩනැගිල්ලේ අනාගතය පිළිබඳව පුළුල් කතිකාවතක් පසුගිය කාලය පුරා සිදුකෙරුණි. ඒ ඇඩොල්ෆ් හිට්ලර් උපත ලද නිවස එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුම සිය නිර්දේශයක් නොවන බවට ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව විසින් කරන ලද ප්‍රකාශයෙන් අනතුරුවය. සඳුදා ස්වදේශ කටයුතු අමාත්‍ය වොල්ෆ්ගැන්ග් සොබොත්කා ප්‍රකාශ කළේ විශේෂඥ කමිටුවක් විසින් ගොඩනැගිල්ල විනාශකළ යුතු බවට තීරණයක් ගෙන ඇති බවය. සංකේතාත්මක බලය නව නාසිවාදීන්ගේ ප්‍රණාමයට පාත්‍රවීම වැළැක්වීම සඳහා ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබූ ගොඩනැගිල්ල විනාශ කර දැමීමට ඔස්ට්‍රියානු බලධාරීන් තීරණය කළ බව මින් පෙර වාර්තාවූයේ ඒ අනුවය. නමුත් ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව පවසන්නේ හිට්ලර් උපත ලද නිවස කඩා ඉවත්කිරීමට ඔවුන් තීරණයක් ගෙන නොමැති බවය. ඒ අනුව පරිපාලන ගොඩනැගිල්ලක් වශයෙන් වෙනස් කිරීමට හෝ එහි සංකේතාත්මක බලය ගිලිහී යන ආකාරයේ ඊට සමාන විකල්ප පියවරක් ගන්නා ලෙස එම කටුව නිර්දේශ කර ඇත. 1889 අප්‍රේල් 20 වැනිදා හිට්ලර් උපත ලැබුවේ ඔස්ට්‍රියා-ජර්මානු දේශ සීමාවේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ලේ ඉහළම මාලයේ කුළියට ගෙන තිබූ කාමරයකදීය. නාසි පාලන කාලය තුළ දී නගරයට ඇදී ආ සංචාරකයන් හේතුවෙන් එය හිට්ලර් පුදබිමක් බවට පත්විය. 1944 දී නාසීන් ගේ පාලනය බිඳ වැටෙද්දී එය වැසී ගියේය. හිට්ලර් උපත ලැබුවේ ගොඩනැගිල්ලේ ඉහළම තට්ටුවේ කමරයකදීය 'බ්‍රවුනාවුවම් ඉන්' (Braunau am Inn) නමැති මෙම ගොඩනැගිල්ල නව නාසිවාදීන්ගේ ප්‍රණාමයට නතුවීම වැළැක්වීමට රජය කොතරම් උත්සාහ ගත්තද තවමත් එය සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති. මුළුමනින්ම විනාශ කිරීම හෝ වෙනත් දෙයක් සඳහා භාවිතකිරීම යන අදහස් දෙක අතර වූ ගොඩනැගිල්ලේ අනාගතය පිළිබඳව පුළුල් කතිකාවතක් පසුගිය කාලය පුරා සිදුකෙරුණි. එම මත ගැටුම තවත් සංකීර්ණ වූයේ ගොඩනැගිල්ලේ හිමිකාරිය එය විකිණීම ප්‍රතික්ෂේපකිරීම හේතුවෙනි. නුසුදුසු දෙයකට භාවිතකිරීම වැළැක්වීම පිණිස 1972 සිට රජය විසින් කුලියට ගනු ලැබ තිබූ මෙම ගොඩනැගිල්ල වසර ගණනාවක් පුරා එහි හිමිකාරිය වන ගර්ලින්ඩ් පොමර් නම් කාන්තාව සහ රජය අතර ආරවුලකට හේතුවී තිබුණි. අබාධිතයන් සඳහා මධ්‍යස්ථානයක් මේ වනවිට විශ්‍රාම ගෙන සිටින පොමර් මෙම ගොඩනැගිල්ල රජයට විකිණීම නොකඩවා ප්‍රතික්ෂේප කළාය. පසුගිය වසර පහක කාලය තුළ අලුත්වැඩියාකිරීමට ඇය ඉඩ නොදීම හේතුවෙන් මෙම ගොඩනැගිල්ල හිස්ව පැවතුණි. එය මීට පෙර අබාධිත පුද්ගලයන් සඳහාවූ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබීය. කෙසේවුවද, සරණාගතයන් සඳහා වූ මධ්‍යස්ථානයක් ලෙස එය භාවිතා කිරීමට අපේක්ෂා කළ පිරිසත් ඔස්ට්‍රියාව නාසි පාලනයෙන් මිදීම සංකේතවත් කෙරෙන කෞතුකාගාරයක් ඇරඹීමට සැලසුම් කළ පිරිසත් ගොඩනැගිල්ල බිඳ හෙළීමේ තීරණය හේතුවෙන් නොසතුටට පත්ව සිටියහ. මෙම ගොඩනැගිල්ල ඉපැරණි උරුමයක් ලෙස නගර මධ්‍යයේ පැවතිය යුතු බව පවසමින් මීට පෙර සංස්කෘතික සංවිධාන කිහිපයක්ම එය බිඳහෙළීමේ යෝජනාවට විරුද්ධත්වය පළ කළහ.
ඇඩොල්ෆ් හිට්ලර් උපත ලද නිවස එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුම අත්හිටවූ බව ඔස්ට්‍රියානු ආණ්ඩුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහල යයි. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් අතර හමුවක් ‘සිරිකොත’, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද, බදාදා පැවැත්වුණු අතර එහිදී පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලය පිහිටුවා ගන්නා ලදී. හුනයිස් ෆාරුක් මන්ත්‍රීවරයා ද මේ අවස්ථාවට එක් විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් එක්සත් ජාතික පක්ෂයට එක් වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ ස්ටයිරෝෆෝම් (Styrofoam) භාවිතය තහනම් කිරීමටත්, ගලපාගෝස්හි තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් තහනම් කිරීමටත්, චීනය දිරාපත් වන ප්ලාස්ටික් බෑග් භාවිතයට යොමු වීමටත් කටයුතු කරමින් සිටින බව එම වාර්තාවේ ඇතුළත්ව ඇත. නමුත් ගංගා සහ සාගරයට මහා පරිමාණයෙන් ප්ලාස්ටික් එකතුවීම අවම කිරීමට තවත් බොහෝ පියවර අනුගමනය කළ යුතු බව එම වාර්තාවේ කතුවරු අනතුරු අඟවති. ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ රටවල ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ඉතා හොඳ ප්‍රතිපත්ති හඳුන්වා දී ඇතත්, ඒ කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බවය. ප්ලාස්ටික් මළු කානු පද්ධතිවල සිර වී ජලය බැස නොයාමෙන් ගංවතුර තත්වයන් ඇති වීම සහ ගවයන් පොලිතින් ආහාරයට ගැනීම දියුණු වෙමින් පවතින රටවල් බොහෝමයක දැකිය හැකිය. ලොව පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැළැක්වීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මිශ්‍ර ප්‍රතිඵල ලැබී ඇති බව වාර්තාවේ සඳහන් වේ. කැමරූන්හි ප්ලාස්ටික් මළු තහනම් කර ඇති අතර, නිවෙස් තුළ එකතු කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකකට යම් මුදලක් ගෙවනු ලැබේ. එහෙත් තවමත් ප්ලාස්ටික් මළු රට තුළට අනවසරයෙන් රැගෙන එමින් පවතී. ප්ලාස්ටික් සම්බන්ධයෙන් බොහෝ රටවල නීති සම්පාදනය කර ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා ඇත. මේ තොරතුරුද දැනගන්න: ප්ලාස්ටික් වෙනුවට විභව ජෛව ආදේශක 35ක් පිළිබඳ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත. එයට කෙසෙල් මුවවලින් මෙන්ම බඩ ඉරිඟු වලින් සාදන රෙදි වර්ගයක්ද අයත්ය. හාවන්ගේ ලොම්, මුහුදු තෘණ සහ දිලීර ද ආදේශක ලෙස හඳුන්වමින් එම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. ප්ලාස්ටික්වලට විකල්පයක් ලෙස අන්නාසි කොළ වලින් සාදන ලද Piñatex නැමැති ද්‍රව්‍යයක් පිළිබද වාර්තාවේ සඳහන් වී ඇත. කෙසේවෙතත්, ජීව විකල්ප හඳුන්වාදීම සම්බන්ධයෙන් ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයින් ඉතා සුපරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන බව පෙනී යයි. තවත් තොරතුරු: "වාර්තාවේ සඳහන් තක්සේරුවට අනුව මෙය ගැටලු රහිත, ලාභදායී ක්‍රියාපටිපාටියක්. මෙයින් මිනිසුන්ට මෙන්ම මුළු ලෝකයටම විශාල වාසි රැසක් අත් වෙනවා. අපේ ප්‍රශ්නය ප්ලාස්ටික් නොවේ, අපි ප්ලාස්ටික් භාවිත කරන ආකාරයයි," එක්සත් ජාතීන්ගේ පරිසර ප්‍රධානියා වන එරික් සෝල්හයිම් පැවසීය. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සදහා ව්‍යාපාරවලින් පුළුල් සහයෝගයක් අවශ්‍ය බව වාර්තාවේ ලේඛකයෝ සඳහන් කරති. ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් විවිධ රටවල ජාතික සැලසුම් හඳුන්වා දී තිබේ: •බොට්ස්වානා - ප්ලාස්ටික් මළු සඳහා වෙළෙන්දන් මුදල් අය කළත් එය පාලනය කිරීමට "අපොහොසත්" වී තිබේ. •එරිත්‍රියා - ප්ලාස්ටික් මළු සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර කාණු පද්ධති සිර වීම සීඝ්‍රයෙන් පහත ගොස් ඇත. •ගැම්බියාව - ප්ලාස්ටික් මළු තහනම් කර ඇතත්, "දේශපාලන බලපෑම් නිසා නැවතත් මතුවෙමින් තිබේ." •මොරොක්කෝව - ප්ලාස්ටික් තහනම් කර ඇත. වසරකට ප්ලාස්ටික් ටොන් 421ක් ඉවත් කර ඒ වෙනුවට රෙදි වර්ගයක් හඳුන්වාදෙමින් සිටී. •බංගලාදේශය - ප්ලාස්ටික් මළු භාවිතය තහනම් වුවත් එය නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැත. •චීනය - 2008 වර්ෂයට පෙර ප්ලාස්ටික් මළු බිලියන තුනක් වාර්ෂිකව භාවිත කර ඇත. නමුත් වර්තමානයේ දී තුනී ප්ලාස්ටික් මළු තහනම් කිරීම හේතුවෙන් සුපිරි වෙළෙඳසල්වල 60%-80% කින් ප්ලාස්ටික් භාවිතය පහත වැටී තිබේ. නමුත් එළිමහන් වෙළෙඳපොළවල තවමත් ප්ලාස්ටික් මළු භාවිතය දැකිය හැකිය. •වියට්නාමය - ප්ලාස්ටික් මළු සදහා බද්දක් අය කළත්, තවමත් විශාල වශයෙන් භාවිත කෙරේ. පවතින බද්ද පස් ගුණයකින් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. •අයර්ලන්තය - බද්දක් පැනවීම නිසා ප්ලාස්ටික් මළු භාවිතය 90%කින් පහත වැටී ඇත. •කෙන්යාව - සෑම ගවයෙක්ම සිය ජීවිත කාලය තුළ ප්ලාස්ටික් මළු 2.5ක් ආහාරයට ගෙන තිබේ. වර්තමානයේ දී ප්ලාස්ටික් මළු නිෂ්පාදනය, භාවිතය සහ ආනයනය තහනම් කර ඇති අතර, එය කඩකරන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදලක් මෙන්ම වසර හතරක සිර දඬුවමක් ද පැනවිය හැකිය.
ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමට රටවල් පනහක් මේ වන විට විවිධ පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති විශාලතම වාර්තාවේ සඳහන් වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයා බෙම්මුල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කළේ. එම පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අනාවරණය වී ඇති බව ඔහු ප්‍රකාශ කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු කර ඇති ප්‍රකාශයේ සත්‍යතාවය පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බවයි පොලීසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කොටදෙනියාව පොලීසිය විසින් පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය ප්‍රකාශ කළේය. එසේ කළේ ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කොට ඔවුන්ගේ ශරීරයෙන් ලබා ගන්නා කොටස් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂනයෙදී ලබා ගත ආගන්තුක කොටස් සමඟ සැසඳීම සඳහා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි විසින් ප්‍රකාශ කොට ඇත. එම පරීක්ෂණද සිදු කෙරෙමින් තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
කොටදෙණියාව, බඩල්ගම සේයා සදෙව්මි දැරිය දූෂණය කොට ඝාතනය කළ බවට විශ්වාස කෙරෙන ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා හඳුනා ගෙන සිටින බව පොලීසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති සමාව ලබා දිය යුත්තේ කිනම් වරදකට සිරගත වූ පුද්ගලයන්ටදැයි ශ්‍රී ලංකා නීතියේ සඳහන් වී නොමැත අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කළේය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම සහ රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනු කර තිබුණ චෝදනාය. කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට ගත් තීරණයට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ. ජනාධිපති සමාව ලබා දීම 'සාමාන්‍ය' ක්‍රියාවක් ද? ජනාධිපති සමාව යනු කුමක්ද, සහ එය අභියෝගයට ලක් කළ හැකි දැයි ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුගෙන් විමසූ විට, බහුතරයක් එය හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුට අයත් සාමාන්‍ය ක්‍රියාවක් ලෙසය. සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි "ඒක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුට තිබෙන ගොඩක් බලතලවලින් එකක්. මම නම් හිතන්නේ නැහැ ඒ වගේ දෙයක් ගැන සාමාන්‍ය ජනතාව හැටියට අපිට ප්‍රශ්න කරන්න පුළුවන් කියලා. ජනාධිපතිගේ තීරණයකට එරෙහිව අපිට උසාවි යන්න බැහැ නේද?" යැයි ගෘහණියක වන චතුරි විතානගේ පැවසුවාය. "ජනාධිපති සමාව කියන්නේ වෙසක් පොහොය දිනය සහ නිදහස් උත්සවය දවසේ සිරකරුවන් කොටසක් නිදහස් කරන එක කියලයි මම හිතන්නේ. හැබැයි ඒ ගන්න තීරණයට උසාවියකට ගිහින් 'චැලේන්ජ්' කරන්න පුළුවන් කියලා මම දැනුවත් නැහැ," කඩුවෙල පදිංචි රුචිරා කරුණාරත්න පැවසීය. රාජ්‍ය නායකයන් සිරකරුවන්ට සමාව දීම ශ්‍රී ලංකාව තුළ දුරාතීතයේ සිටම පැවැත එන සම්ප්‍රදායකි. රාජාණ්ඩු සමයේ පමණක් නොව, යටත් විජිත සමයේ පවා, බ්‍රිතාන්‍ය මහ රැජිනගේ නිර්දේශය මත, සිරකරුවන් නිදහස් කිරීම සිදු කෙරිණි. ඩොනමෝර් හෝ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරවරුන්ගේ නිර්දේශය අනුව සිරකරුවන් නිදහස් කෙරිණි. "අපි දන්න කාලයේ ඉඳන් ජනාධිපති සමාව ගැන ඇහිලා තිබෙනවා. හැබැයි ඒකට අදාළ නීතිමය තත්වය ගැන අපිට අවබෝධයක් නැහැ. ශ්‍රී ලංකාව පාලනය කරන පුද්ගලයෙකුට අයත් සාමාන්‍ය වැඩක් ලෙස තමයි අපි මේ ගැන දන්නේ. ඇත්තටම අසරණ සිරකරුවන් නිදහස් කිරීම හොඳ දෙයක් වුණත්, මේ බලය වැරදි විදියට පාවිච්චි කළොත් මුළු රටටම බලපාන මහ ප්‍රශ්නයක් වෙනවා," යැයි හැට හතර වියේ පසුවන එස් ජී සුධර්මා පැවසීය. ඒ සම්බන්ධයෙන් මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ප්‍රවීණ නීතිවේදියෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන ඉතිහාසය තුළ සිරකරුවන්ට සමාව ලබා දීම සම්බන්ධයෙන් ඇතැම් සීමා තිබුණු අතර, වර්තමානයේ දී මෙය අධිකරණයට කරන බලපෑමක් ලෙස දැකිය හැකි බවය. 1883 දී ශ්‍රී ලංකාවේ පිහිටි සිර කඳවුරක චිත්‍රයක් "මේකේ රසවත් ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලම තිබුණේ ජනාධිපතිගේ සමාවක් නෙවෙයි. රැජිනගේ සමාව. ඊට පස්සේ ආණ්ඩුකාරයාගේ සමාව," යනුවෙන් ඔහු පැහැදිලි කරන්නට යෙදුණි. "ඉස්සර ඩොනමෝර් හෝ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරයාගේ සමාව තිබුණට, නිසි පරිදි නඩු අහල දඬුවම් ලබපු අයව නිදහස් කළේ නැහැ. බණ්ඩාරනායක ඝාතනයට හසු වූ සෝමාරාම නිදහස් කරන්න කියල ඉල්ලීමක් ඉදිරිපත් වුනා. ඒත් නිදහස් කළේ නැහැ." "78 දී ජනාධිපතිවරයාට මේ බලය දාල ලියා ගත්ත. ඒක අධිකරණයට කරන බලපෑමක්," ආචාර්ය මහානාමහේවා තවදුරටත් පැවසීය. ජනාධිපති සමාව යනු කුමක් ද? සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි. 34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ. එමෙන්ම, වරදකරුට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක් ද නැතහොත් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ද යන්න ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය. අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමට ද ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබේ. කෙසේනමුත්, අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ. එවන් පුද්ගලයෙකු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. එම වාර්තාව ජනාධිපතිවරයා අතට ලැබුණු පසු, ඒ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය. අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ එම වාර්තාව නීතිපතිවරයාට යැවිය යුත්තේ අදාළ උපදෙස් ලබා දීමෙන් පසු අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට යවන ලෙස උපදෙස් ලබා දෙමිනි. ඉන්පසු, අදාළ අමාත්‍යවරයා සිය නිර්දේශ ද සඳහන් කරමින් වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි. "මරණ දඬුවමට නියම වූ පුද්ගලයෙකුට සමාව ලබාදීමේ දී හැර වෙනත් අවස්ථාවල දී ජනාධිපතිවරයාට විශේෂ ඉල්ලීම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය බොහොම පුළුල් ලෙස අර්ථකථනය කරන්න පුළුවන් විදියට සකසලා තිබෙන්නේ," යනුවෙන් නීතිවේදිනී ජී එම් රණසිංහ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට විස්තර කළාය. "ජනාධිපති සමාව ලබාදීමේදී සලකා බැලිය යුත්තේ මොනවගේ කරුණු දැයි නීතියේ පැහැදිලිව සඳහන් කර නැහැ. ජනාධිපතිවරයා රටේ සුභසිද්ධිය සහ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු සේ සලකා සිය අභිමතය අනුව ක‍්‍රියා කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති තවත් බලයක් ලෙස මා මෙය දකිනවා," ඇය තවදුරටත් සඳහන් කළාය. මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 736 දෙනකු හා සිරකාරියන් 26 දෙනකු වශයෙන් 762 දෙනකු නිදහස ලැබූහ. මේ අතර වැඩි වශයෙන් සිටියේ සුළු වැරදිවලට සිර දඬුවම් ලැබූ පුද්ගලයන් සහ යම් වරදක් හේතුවෙන් අධිකරණය මගින් නියම කළ දඩ මුදල ගෙවා ගත නොහැකිව සිටි පුද්ගලයන්ය. මේ තොරතුරුද කියවන්න: "නිර්ණායක නැහැ" ජනාධිපතිවරයාගේ සමාව හිමිවිය යුතු සිරකරුවන් තෝරා ගැනීමේදී කිසිදු නිර්ණායකයක් සලකා නොබලන්නේ ද? වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වී යන සිරකරුවන් පිරිසක් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය කියා සිටියේ එවැනි සම්මත නිර්ණායක මාලාවක් නොපවතින නමුත් අධිකරණ අමාත්‍යංශය මගින් ඒ ඒ අවස්ථාවන් හි නිර්ණායක ඉදිරිපත් කරන බවය. "සම්මත නිර්ණායකයක් කියල කියන්න බැහැ. මේ වන තෙක් තිබෙන අත්දැකීම් අනුව කියන්න පුළුවන් බොහෝ වෙලාවට බරපතළ නොවන වැරදි වලට සිටින අය තමයි නිදහස් කරන්නේ," ඔහු පැවසීය. "යම් කෙනෙක් නිදහස් වීමට අදාළ පසුබිම අපට අදාළ නැහැ. ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කරනවා. සමහරවිට අමාත්‍යංශය හරහා නිර්දේශ වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්." ඔහු පැවසීය. මේ අතර, ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාවක් මෙම වසරේ ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ අතර, සිරකරුවන් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල සංශෝධනය විය යුතු බවට එහිදී යෝජනා වී තිබේ. 1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ "ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" යනුවෙන් හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවූ බව නීති විශාරදයෝ පවසති. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වූයේ 1972 දීය. කෙසේනමුත්, වසර කීපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය. හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මේ වන විට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19ක් හඳුන්වා දී ඇති අතර ඒ සියල්ල මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. ජනාධිපති සමාව අභියෝගයට ලක් කළ හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය අනුව ජනාධිපති ධූරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි ලෙස සඳහන් වී තිබේ. නමුත්, එම ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් සන්ධ්‍යා එක්නැලිගොඩගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකියාව ලැබී ඇත්තේ මේ හේතුවෙනි. "ජනාධිපති සමාව ලබා දීම වරදක් යැයි පවසමින් සෘජුව නඩු පවරන්න නීති නැහැ. නමුත්, 19 වෙනි සංශෝධනය යටතේ යම් වරදකරුවෙකු නිදහස් කිරීම මගින් තවත් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී තිබෙන බව සඳහන් කරමින් නඩු පවරන්න පුළුවන්," නීතිවේදිනී ජී එම් රණසිංහ පැවසීය. "ඒ හැර, අනෙක් සෑම අවස්ථාවකදීම අදාළ කාරණා සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා වරදකරුවාට කොන්දේසි රහිත සමාවක් හෝ කොන්දේසි සහිත සමාවක් ලබා දෙන්න. ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් පුද්ගලයාගේ තරාතිරම හෝ වෙනත් කරුණු කිසිවක් බලපාන්නේ නැහැ." අධිකරණයට අපහාස කිරීමේ වරදට ජනාධිපති සමාව දිය හැකිද? ජනාධිපති සමාව ලබා දිය යුතු නිර්ණායක සඳහන් වී නොමැති හෙයින් ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය අනුව අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද ඕනෑම පුද්ගලයෙකු නිදහස් කළ හැකිය. ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට ගත් තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සන්ධ්‍යා එක්නැලිගොඩ මේ වන විට ක්‍රියා කර තිබේ කෙසේනමුත්, "ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දීම, ජනාධිපතිවරයා අධිකරණයට කළ අපහාසයක්" ලෙස ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්වා තිබිණ. 2016 ජනවාරි 25 වැනිදා, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නඩුව කැඳවා අවසන් වූ පසු අධිකරණයේ අවසරයක් නැතිව එම ස්ථානයට පැමිණි ඥාණසාර හිමියන් අධිකරණයට අපහාස වන ආකාරයට මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කර, රජයේ නීතිඥ දිලීප පීරිස්ට බැන පරිභව කර තිබිණි. මෙවන් '"අශෝභන හැසිරීමකට වරදකරු වූ පුද්ගලයෙකු නිදහස් කිරීමෙන් ජනාධිපතිවරයා ද අධිකරණයට අපහාස කිරීම අනුමත කර ඇති අතර, අධිකරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස බලපෑම් කර තිබෙන බව" මාධ්‍ය වාර්තාවල දැක්වේ. කෙසේනමුත්, ජනාධිපති සමාව ලබා දිය යුත්තේ කිනම් වරදකට සිරගත වූ පුද්ගලයන්ට දැයි ශ්‍රී ලංකා නීතියේ සඳහන් වී නොමැත. ජනාධිපති සමාව සමාජයේ කතාබහට ලක් වූ අවස්ථා කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක ද අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත කෙරිණි තවදුරටත් අදහස දැක්වූ නීතිවේදිනී ජී එම් රණසිංහ: "මීට කලින් ජනාධිපති සමාව ලබා දුන් අවස්ථා කිහිපයක් ගැන දැඩි ලෙස පසුතැවීමක් ඇති වුණත්, ඒ කාලයේ හැටියට ජනතාවට එළිපිට අදහස් දක්වන වටපිටාවක් තිබුණේ නැහැ. වාචික විවේචන එල්ල වුණත් ඒවා ප්‍රබල වුණේ නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි ඔස්සේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා රජයට දැඩි බලපෑම් එල්ල කරන්න පුළුවන්," යනුවෙන් කියා සිටියාය, "අදාළ නීති රීති, නිර්ණායක නැති වුණත් විධායකය සහ රජයට දැඩි පීඩනයක් එල්ල කිරීමේ හැකියාව ජනතාවට ලැබිලා තිබෙනවා. එය පසුගිය කාලයේ සිදු වූ සිද්ධි කිහිපයකදීම ඔප්පු වුණා," ඇය වැඩිදුරටත් සඳහන් කළාය. තවත් තොරතුරු:
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමත් සමඟ ජනාධිපති සමාව පිළිබඳ සමාජය තුළ ප්‍රබල සංවාදයක් මතු විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පෙට්‍රෝලියම් ආදී පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට හැකිවෙන පරිදි වඩාත් සංවර්ධිත රටවල් වල වැසියන් තමන්ගේ ජීවන රටාව සහ පරිභෝජන රටාවන් වෙනස් කරගත යුතු බව ප්‍රැන්සිස් පාප්තුමන් කියා සිටින්නේ රදගුරුවරුන් වෙත යවන ලිපියකින්. කතෝලික සම්ප්‍රදාය අනුව පාප් වහන්සේ මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන්නේ ඉතා වැදගත් උපදේශන ඉදිරිපත් කිරීමටයි. පිටු 192 කකින් සමන්විත මේ ලිපිය තුළින් පාප් වහන්සේ පෙන්වා දෙන්නේ මිහිතලය උණුසුම් වීමට මිනිස් ක්‍රියාකරකම් දැඩිව බලපා ඇති බවයි. මිනිසා හිතුමතයට මිහිතලය පාලනය කිරීමටත් එය විනාශ කිරීමටත් නැඹුරු වී සිටින බව පාප් වහන්සේ පෙන්වා දෙති. ඇමේසන් වනාන්තරයේ ජෛව විවිධත්වයටත් උත්තර සහ දක්ෂිණ ධ්‍රව කලාප වල අයිස් ග්ලැසියර වල දියවී යාම පිළිබඳවත් පාප් වහන්සේ තම අවධානය යොමු කොට සිටී. පාප් වහන්සේ ගේමේ අදහස් දැක්වීම දෙසැම්බර් මාසයේදී ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන් ගේ කාලගුණික සමුළුවේ කතා බහ කෙරේ සුභවාදී බලපෑමක් කරනු ඇතැයි ඇතැම් පරිසරවේදීහු වීශ්වාශ කරති. ඇමරිකාවේ කොන්ස්ර්වෙටිව් පාක්ෂික ජනාධිපති ධුර අපේක්ෂකයින් වන ජෙබ් බුෂ් සහ රික් සන්ටෝර්ම් යන දෙදෙනාම පාප් වහන්සේට කාලගුණ විද්‍යාවට සම්බන්ධව අදහස් දැක්වීමට ඇති සුදුසු කම් පිළිබඳව ප්‍රශ්න කොට සිටියත් ඔක්සෆෙර්ඩ් විශ්ව විද්‍යාලයේ භු පද්ධතීන් පිළිබඳ මහාචාර්ය මයිල්ස් ඇලන් කියා සිටියේ පාප් වහන්සේට මතු පරපුර වෙනුවෙන් අදහස් දැක්වීමට අයිතියක් ඇති බවයි.
පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම කෙරේ කඩිනම් අවධානය යොමු කරන්නැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගනුවර ඡන්ද මධ්‍යස්ථාන ගණනාවක ගැටුම් හටගෙන තිබේ උද්ඝෝෂණ රැළියක් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ සුතින් තරතින්, රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගියේය. අගනුවර වෙනත් ඡන්ද මධ්‍යස්ථානවලද ගැටුම් හටගත් අතර, ඡන්ද මධ්‍යස්ථානවල දොරටුවලට ඉබි යතුරු දමා වසා දැමූ උද්ඝෝෂකයන් ලබන සතියේ පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් කලින් සිය ඡන්දය භාවිත කිරීමට උත්සාහ කළ ඡන්දදායකයන්ට හිරිහැර කළ බවද වාර්තාවේ. බැංකොක් අගනුවර ඡන්ද මධ්‍යස්ථාන පණහෙන් හතලිස් අටක ඡන්ද විමසීම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට හෝ අතරමඟ නවත්වා දැමීමට උද්ඝෝෂකයෝ සමත් වූහ. කෙසේ නමුත් රට පුරා බොහෝ ස්ථානවල ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වුණු බවයි, ආණ්ඩුව පවසන්නේ.
තායිලන්තයේ ආණ්ඩුවට හිතවාදී පිරිස් සමඟ බැංකොක් අගනුවරදී හටගත් ගැටුමකදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායකයෙක් වෙඩි තබා මරා දමා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පෙළපාලි පවත්වන ලෙස මොක්ටඩා විසින් මේධි හමුදාවෙන් ඉල්ලනු ලැබ ඇති බවයි පැවසෙන්නේ මේධි හමුදාව වසර ගණනක් පුරා ඉරාකයේ සිටි ඇමරිකානු හමුදාව සමග සටන් වැදුනහ. ඉරාකය පුරා පෙළපාලි පවත්වන ලෙස පූජක මොක්ටඩා විසින් මේධි හමුදාවෙන් ඉල්ලනු ලැබ ඇති බවයි පැවසෙන්නේ. ඔහුගේ නියෝජිතයෙකු වන රාද් අල් සක්රි විසින් කර්කුක් හි පැවති රැළියකදී මේධි පෙළපාලි කරුවන් අමතනු ලැබූ බවද සඳහන්.
ප්‍රබල ඉරාක පුජකයෙකු වන මොක්ටඩා අල් සදර් ට පක්ෂපාතී ෂියා මුස්ලිම් සටන්කාමීන් දහස් ගණනක් ඉරාක අගනගරය වන බැග්ඩෑඩ් සහ වෙනත් නගර වල වීදි ඔස්සේ පෙළපාලියෙන් ගමන් කළහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රටේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දී ඇතිවාක් මෙන්ම අනිකුත් ආගම් ඇදහීමේ අයිතියද සහතික කර ඇති බවයි හින්දු මහා සංගමයේ සභාපති කන්දයියා නීලකන්ඩන් අධිනීතිඥ වරයා කියා සිටියේ. බුද්ධාගම සඳහා පමණක් වන පිළිවෙතක් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දෙයි. සිංහල පමණක් ප්‍රතිපත්තිය සිංහල පමණක් ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවට රටක් වශයෙන් තිස් වසරකට වැඩි කලක් පීඩා විඳි බව ප්‍රකාශ කරන හින්දු මහා සංගමයේ සභාපති වරයා, ආගමික වෛරය ඇවිස්සීමත් රටේ නීතියට පටහැනි බව කියා සිටියේය. බීබීසී දමිළ සේවයේ ජෙයප්‍රකාෂ් නෙල්ලුසාමි හා සාකච්ඡාවකට එක්වෙමින් කන්දයියා නීලකන්ඩන් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් රජයේ මෙන්ම විපක්ෂයේද අවධානයට යොමු කොට ඇති බව. "අවුරුදු තිහක් තිස්සේ තිබුණු සිංහල පමණක් ප්‍රතිපත්තිය නිසා රට බරපතල පීඩාවට පත් වෙලා තියෙනවා. බුද්ධාගම පමණයි කියන ප්‍රචාරය හා ප්‍රතිපත්තිය ඔසවා තැබුවොත් රටට බරපතල ප්‍රතිවිපාක විඳින්නට සිදුවේවි." බලයේ සිටින ඇතැමුන් මේ අන්තවාදී ව්‍යාපාරයට අකමැති බව සාකච්ඡා වලදී තමනට වැටහී ගොස් ඇතැයි පැවසු සමස්ත ලංකා හින්දු මහා සම්මේලනයේ සභාපතිවරයා රජය මෙම පිළිවෙත අනුමත නොකරනු ඇතැයිද විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකාව සිංහලයන් සහ බෞද්ධයන් සඳහා පමණක් උරුම වූ රටක් ලෙස අන්තවාදී බෞද්ධ සංවිධාන ගෙනයන ප්‍රචාර නැවත්වීමට පියවර ගත යුතු යයි සමස්ත ලංකා හින්දු මහා සංගමය රජයෙන් ඉල්ලා සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණු ගැනත් "පශ්චාත් යුද ශ්‍රී ලංකාව - යුක්තිය සහ ජීවිතය" මැයෙන් පැවැත්වෙන ජයාරූප ප්‍රදර්ශනය ගැන අදහස් දක්වමිනි. "මේක යුක්තිය ඉල්ලන ප්‍රදර්ශනයක්. පානම මිනිස්සු සිංහල, මුලතිව් අම්මල දෙමළ, තාමත් ඔවුන් මහපාරේ ඔවුන්ගේ දරුවෝ ඉල්ලලා. පානම මිනිස්සු පාරේ තමන්ගේ ඉඩම් ඉල්ලලා. උමා ඔයෙත් එහෙමයි," සම්පත් සමරකෝන් බීබීසී සිංහල සේවයට පැවසීය. "පානම මිනිස්සු සිංහල, මුලතිව් අම්මල දෙමළ" "මේ ෆ්‍රේම් කරන්න බැරි ජිවිත දකුණට ගෙනල්ල අපි කියනවා අපිට යුක්තිය හොයලා දීපල්ලා කියලා." තවත් කියවන්න: අතුරුදහන්වූ සිය දරුවන් ඉල්ලා මාපියන් කරන අරගලය, සිය ඉඩම් ඉල්ලා මිනිසුන් කරන අරගලය, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා කරන අරගලය, අලුත්ගම ගැටුම, විවිධ විරෝධතාවලට සිදු වූ පහරදීම් යනාදී සිදුවීම්වලට අදාළ විවිධ ඡායාරූප, ජනවාරි 30 සහ 31 දිනවල කොළඹ ජේඩීඒ පෙරේරා කලාගාරයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි. "අපි දන්නේ නැහැ ඡායාරූපයකින් අපිට යුක්තිය ලබාදෙන්න පුළුවන්ද කියලා, කිලිනොච්චියේ අම්මලට, පානම අම්මලට. නමුත් අපි බලකරන්නේ පාලකයන්ට බලධාරීන්ට මේ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරන්න කියලා." "අපිට පුළුවන් අරගලයේ ස්වරූපයන් හා ජීවත්වීමේ රූප හරහා ජනයාට සම්මුඛ කරන්නට," විකල්ප වෙබ් අඩවියේ කර්තෘවරයා ද වන සම්පත් සමරකෝන් සඳහන් කළේය. පිඩාවට පත්ව ඇති මිනිසුන්ට යුක්තිය ඉටුනොකර ගොඩනැගිලි, මංමාවත් ගොඩ නගා රට දියුණු කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය. සබැඳි යොමු:
2009න් පසුව බොහෝ දෙනා මගහැරීමට උත්සාහ කරන, එහෙත් යුද්ධය, ඉඩම් අහිමිවීම් වැනි ස්වභාවික නොවන තත්ත්වයන්ගේ ගොදුරු බවට පත්වූ මිනිසුන් තවමත් ඉල්ලා සිටින 'යුක්තිය' පිළිබඳ දකුණේ ජනතාවට සන්නිවේදනය කිරීමේ වෙහෙසකර අභ්‍යාසයක තමන් ඇතුළු පිරිසක් යෙදී සිටින බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂක සම්පත් සමරකෝන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බටහිර පැපුවා නිව්ගිනියාවේ කොම්බයි ගෝත්‍රිකයෝ තවමත් මිනී මස් බුදින බව විශ්වාස කෙරේ පොලිසියට පැමිණි පුද්ගලයාගෙන් තවදුරටත් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු මිනිස් අතක් සහ කකුලක් ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව පොලිසිය ඔහු ක්වාසුලු නටාල් (KwaZulu-Natal) ප්‍රදේශයේ නිවාසයකට රැගෙන ගිය අවස්ථාවේ තවත් මිනිස් සිරුරු කොටස් හමු වී තිබේ. සබැඳි යොමු: සැකකරුවන් අතරින් දෙදෙනෙකු සාම්ප්‍රදායික කට්ටඩියන්වන අතර, ඔවුන් සිවුදෙනාට එරෙහිව මිනීමැරීම සහ මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ නඩු පවරනු ලැබ තිබේ. අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව සැකකරුවන් පිරිස ඩර්බන් නගරයට කිලෝමීටර 175 ක් පමණ වයඹ දෙසින් පිහිටි එස්ට්කොර්ට් (Estcourt) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණ. 'සංවිධානාත්මක කණ්ඩායමක්' අවුරුදු 22 සහ 32 අතර වයසේ පසුවන මෙම පුරුෂයන් පිරිස සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් විය හැකි බව දකුණු අප්‍රිකාවේ පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී යට පැවසීය. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ වැසියෙකුවන මේ පුරුෂයා මිනීමස් කෑමේ චෝදනාව පිළිගත්තේය Estcourt ප්‍රදේශයේදී සිය ඥාතීන් අතුරුදහන් වූයේ නම් තමන්ට දැනුම්දෙන මෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන පොලිසිය ඉල්ලීමක් කරයි. සැකකරු රැගෙන ආ සිරුරු කොටස් එක පුද්ගලයෙකුගේ ද, නොඑසේනම් කිහිප දෙනෙකුගේ ද යන්න පැහැදිලි නැති බැවින් ඒ සඳහා වෝහාරික වෛද්‍ය විශේෂඥයන්ගේ සහාය ලබාගන්නා බවත් පොලිසිය පවසයි. මීට මාසයකට ඉහතදී මිනිස් හිසක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ඩර්බන් නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. කට්ටඩියෙකුට විකිණීම සඳහා ඔහු එම මිනිස් හිස රැගෙන යමින් සිටි බව විශ්වාස කෙරේ.
"මිනී මස් කාල මට දැන් එපා වෙලා" යනුවෙන් පවසමින් පොලිස් ස්ථානයකට පැමිණි බව පැවසෙන පුද්ගලයෙකු ඇතුළු පුරුෂයන් සිවු දෙනෙකු මිනී මස් කෑමේ චෝදනා යටතේ දකුණු අප්‍රිකාවේ අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලැබිණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය මැයි මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කොටු වී සිටි මගීන් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 12ක් ආරම්භ කළ වර්ජනය අඟහරුවාදා (දෙසැම්බර් 12) හය වෙනි දිනයේත් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට ලක්ව ඇති අතර කාර්යාල දුම්රිය රැසක් ධාවනය නොවීය. ක්‍රියාත්මක වූ දුම්රිය සේවාවන්හි දැඩි තදබදයක් දක්නට ලැබුණු අතර වර්ජනය කරන සේවකයන්ට මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබුණි. "මේවා පුද්ගලීකරණය කරන්නම ඕන ලක්ෂ ගණන් පඩි අරන් තවත් වර්ජනය කරනවා," "කියල වැඩක් නැහැ, ඔක්කොම එලවල දාලා අලුත් අය ගන්න ඕනේ," "ආණ්ඩු දැනගන්න ඕනේ මේවා කලින් සාකච්ඡා කරලා විසඳන්න," "සාමාන්‍ය පෙළ ළමයින් වෙනුවෙන් වත් මේ වර්ජනය නවත්වන්න තිබුනා, ඒකවත් කරේ නැහැ," යනාදී ලෙසින් මගී ජනතාව ආවේගශීලිව මාධ්‍ය වෙත අදහස් පළ කළහ. මේ අතර අඟහරුවාදා රැස්වූ කැබිනට් මණ්ඩලය, වර්ජනයේ නියැලී සිටින සේවකයන්ගේ ගැටළුව විසඳිම සඳහා විශේෂ ව්‍යපෘති අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කළ බව රජයේ ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය. පසුගිය ඔක්තෝබර් මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ දුම්රියක පා පුවරුවේ එල්ලී ගමන් කරන මගීන් අඟහරුවාදා සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය හැර ගියවුන් ලෙසින් සළකන බව දුම්රිය දෙපාර්තමේන්තුව මේ අතර නිවේදනය කළේය. දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර ඇති බැවින් සේවයට වාර්තා කිරීම අනිවාර්ය බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අතිකාල දීමනා ද සමග දුම්රිය රියදුරෙකු මසකට රුපියල් දෙලක්ෂයකට වඩා වැටුපක් ලබන බව සඳුදා පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් කියා සිටි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේය, එසේ තිබියදීත් ඔවුන්ගේ වැටුප් තල තවත් ඉහළ දමන්නැයි ඉල්ලමින් සිදුකරන වැඩ වර්ජනය ඉතාමත් අසාධාරණ බව ද සඳහන් කළේය. මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින මගී ජනතාව වෙනුවෙන් ලංගම බස්‌ රථ යොදවා තිබෙන බව ලංකා ගමනාගමන මණ්‌ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේය. දුම්රිය වර්ජනය අවසන් වන තුරු ලංගම රියදුරන්ගේ සහ සහායකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ඇති අයට සහ කලින් දුම්රිය ආසන වෙන්කරවා ගත් මගී ජනතාවට කිසිදු අමතර ගාස්‌තුවක්‌ ගෙවීමකින් තොරව අදාළ බස් රථවල ගමන් පහසුකම් ලබා දෙන බව ද සභාපතිවරයා කියා සිටියේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ද විශේෂ බස් රථ යොදවා තිබෙන බවය.
විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාවට ඇතිවන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යමණ්ඩලවලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳුදා (දෙසැම්බර් 11) රාත්‍රියේ කළ විශේෂ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමිව ඇති ආකාරයක් දකින්නට නැත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගාල්ලේ පැවති බොදු බල සේනා රැස්වීමකට සහභාගි වී භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය අගය කොට තිබුණි අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් බීබීසී සංදේශයට ඒ බව කියාසිටියේ භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුත් පිරිසක් පැපිලියානේ ෆැෂන් බග් ආයතනයට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්. බොදු බල සේනා සංවිධානය විසින් ගෙනයමින් තිබෙන ජනතාව අතර "වෛරය, ක්‍රෝධය පැතිරවීමේ" ව්‍යාපාරය පිළිබඳව ආණ්ඩුව ඉක්මන් පියවර නොගතහොත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය පළ වීමට ඉඩ තිබෙන බවට ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා අනතුරු අඟවයි. 'වෛරය, ක්‍රෝධය පැතිරවීමේ ව්‍යාපාරය' "නීතිය අතට ගන්නා" බොදු බල සේනා වැනි සංවිධාන මගින් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් හදිසි කැබිනට් මණ්ඩල කැඳවන මෙන් තමන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවද අමාත්‍ය හකීම් සංදේශයට කියා සිටියේය. මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර වැළැක්වීම සඳහා පියවර ගන්නා මෙන් ද අමාත්‍යවරයා ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි සිය ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී සාකච්ඡා කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුත්, එය ප්‍රමාණවත් නොවන බව සිය මතය බවයි, අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ. ෆැෂන් බග් ආයතනයට එල්ල කළ ප්‍රහාරයට තම සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි, බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සංදේශයට කියා සිටියේ. එහෙත් පසුගියදා මහනුවර පැවති බොදු බල සේනා රැස්වීමක් ඇමතූ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, ෆැෂන් බග් ආයතනයට "ඉතාමත්ම පහත්, නින්දිත ආකාරයට" චෝදනා එල්ල කොට, එයට පහර දෙන මෙන් "ව්‍යංගයෙන්" උපදෙස් දුන් බව අමාත්‍යවරයා අවධාරණය කරයි. තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය අමාත්‍ය හකීම් ජ්‍යෙෂ්ට අමාත්‍ය ෆවුසි මෙන්ම රිෂාඩ් බදිඋද්දීන් සහ අතාවුල්ලා අමාත්‍යවරුන් අමතා සඳහන් කළ බවයි, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙන්නේ. මේ අතර මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර නැවැත්වීමට බලධාරීන් පියවර නොගන්නේ නම් අනාගතයේදී බරපතල තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බව රිෂාඩ් බදිඋද්දීන් අමාත්‍යවරයා අමාත්‍යවරයා අනතුරු අඟවයි. හකීම් සහ අතාවුල්ලා අමාත්‍යවරුන් ද එකඟවන්නේ නම්, "අද සවස වුවත්" ඇමති පදවියෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බවද අමාත්‍ය බදිඋද්දීන් පැවසීය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා සංවිධානයේ රැස්වීම්වලට සහභාගි වීම මගින් මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට එවැනි "නීතිවිරෝධී" සංවිධානවලට රුකුල් දීමක් සිදු වී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහි පවතින දැඩි සීත කාලගුණය හමුවේ නිවස ඝන අයිස් තට්ටුවකින් ආවරණය වී තිබිණි. එය සැබෑ ඡායාරූපයක් බව පිළිගැනීම සමාජ ජාල සාමාජිකයන් බොහෝ දෙනෙකු ප්‍රතික්ෂේප කළ බව ඡායාරූප ශිල්පියා සඳහන් කළේය. ඔන්ටාරියෝ විලට නුදුරින් පිහිටි නිවස මේ අතර කුණාටු සහිත දැඩි සීත කාලගුණය හමුවේ නිව්යෝර්ක් සහ නිව්ජර්සි යන ඊසාන දිග ප්‍රාන්තවල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එමෙන්ම අයහපත් කාලගුණය හමුවේ එක්සත් ජනපද ජාතික කාලගුණ සේවාව විසින් පෙන්සිල්වේනියා සහ කනෙටිකට් යන ප්‍රාන්තවලට අයත් ඇතැම් ප්‍රදේශ තුළ අනතුරුදායක තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පාසල් වසා දමා ඇති අතර ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කරනු ලැබ ඇත.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ඔන්ටාරියෝ විල හරහා සීත සුළං හමා යෑමත් සමග අයිස්වල ආක්‍රමණයට ලක් වූ විලට නුදුරින් පිහිටි නිවසක් සිය කැමරා කාචයේ සටහන් කර ගැනීමට ප්‍රාදේශීය ඡායාරූප ශිල්පියෙකු සමත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වර්ජනය හේතුවෙන් හලාවත හා මීගමුව මාළු වෙළඳපොළවල් වසා දමා තිබිණ සඳුදා පැවති වර්ජනය හේතුවෙන් ලංකාවේ ප්‍රධානතම මාළු වෙළඳ පොළවල් දෙකක් වන හලාවත හා මීගමුව මාළු වෙළඳපොළවල් වසා දැමීමට සිදු විය. 2012 වර්ෂයේ පෙබරවාරි මාසයේ ඉන්ධන මිල ඉහල දැමීමේ දී රට පුරා ධීවරයන් ඊට විරෝධය පළ කළ අතර හලාවත දී පැවති ධීවර උද්ඝෝෂණයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඇන්ටනි ප්‍රනාන්දු ධීවරයා මරුමුවට පත්විය. තවත් කිහිප දෙනෙකු එහි දී තුවාල ලැබුවේය. තුවාල ලැබීමෙන් අසරණ ව සිටි ජේසු මරිය කිංස්ලි නමැති ධීවරයා සිය දිවි නසා ගත්තේ තම දරුවන්ට බරක් වීමට නො හැකි බව පවසමින්. සාකච්ඡා 'සාර්ථකයි' රට පුරා පැවති උද්ඝෝෂණ නැවතුණේ ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දෙන බව රජය පොරොන්දු වූ පසුවයි. එලෙස ලබා දුන් සහනාධාරය මේ වන විට නවතා දමා ඇති බවයි, ධීවරයන් පවසන්නේ. කතෝලික සභාවේ මෙහෙයවීමෙන් තමන්ගේ ඉල්ලීම් පිළිබඳ ව සඳුදා ධීවර අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡා අසාර්ථක වූ බවද ධීවර නායකයෝ පවසති. සිය ගැටලුවලට විසඳුම් ලබා දීම පිණිස මේ මස 27 වන දින දක්වා කල් දෙන මෙන් ආණ්ඩුව ඉල්ලා සිටි බව ඔවුහු බීබීසී සංදේශයට කියා සිටියහ. කෙසේ නමුත්, ධීවර නායකයන් හා කතෝලික ආගමික නායකයන් සමග සඳුදා පැවැත්වුණු සාකච්ඡා සාර්ථක වූ බවයි, ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න සංදේශයට කියා සිටියේ.
ධීවරයන්ට ලබා දුන් ඉන්ධන සහනාධාරය නවතා දැමීමට විරෝධය පළ කරමින් මීගමුවේ සිට කල්පිටියේ බත්තලන්ගුන්ඩුව දක්වා ධීවරයෝ මුහුදු යාමෙන් වැලකී වර්ජනයක නිරතවී සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'රකා' නගරයේ පවතින ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී තිබේ සිරියානු ආණ්ඩුවට එරෙහි 'කුර්දි' සටන්කාමීන් ප්‍රමුඛ සන්නද්ධ කණ්ඩායම් වලට ඇමරිකාව ප්‍රමුඛ යුද සන්ධානයේ ප්‍රහාරක ගුවන් යානා සහාය ලැබෙයි. පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා 'රකා' නගරයේ සාමාන්‍ය වැසියන් සිය ගණනක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ. ආණ්ඩු විරෝධී සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා (Syrian Democratic Forces) පසුගිය සතිය තුළ 'රකා 'නගරයේ බටහිර, නැගෙනහිර සහ උතුරු කලාප තුළ ඉදිරියට ඇදෙමින් ඔවුන්ගේ බලය තහවුරු කර ගෙන ඇත. ''රකා' නගරයේ සටන් නිසා සාමාන්‍ය වැසියන් එක් ලක්ෂ හැට දහසකට ආසන්න සංඛ්‍යාවක් සිය නිවාස අතහැර පළා ගොස් ඇත. සාමාන්‍ය වැසියන් 'රකා' නගරයේ සාමාන්‍ය වැසියන් පනස් දහසත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් කොටු වී සිටින බව එක්සත් ජාතීන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ තිබේ එම නගරයේ බලය අහිමිවීම අයිඑස්(IS) කැරලිකරුවන්ට "තීරණාත්මක පහරක්" වනු ඇතැයි ඇමරිකාව ප්‍රමුඛ සන්ධානය පවසයි. විදේශිකයන් ද ඇතුළු හාරදහසක් පමණ කැරලිකරුවන් 'රකා' නගරය තුළ රැඳී සිටින බවට විශ්වාසයක් පවතී. නගරය තුළ සාමාන්‍ය වැසියන් කොපමණ සංඛ්‍යාවක් කොටු වී සිටීද යන්න තවම පැහැදිලි නැත. එහෙත් එහි සාමාන්‍ය වැසියන් පනස් දහසත් - ලක්ෂයත් අතර ප්‍රමාණයක් සිටින බව එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවයි.
සිරියාවේ 'රකා' (Raqqa) නගරයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් ඉලක්ක කොට එල්ල කරන ලද ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකාබද්ධ ගුවන් ප්‍රහාර හේතුවෙන් "අති විශාල ජීවිත හානියක්" සිදුව ඇති බව යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් අනතුරුව පල්ලවා බග්ලා (දකුණේ) රෝගී විය අප්‍රේල් 22 වෙනිදා සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඔහුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවය. දින හතරකට පසුව ස්කෑන් තාක්ෂණය යොදා ගනිමින් කරන ලද පරීක්ෂාවකින් ඔහුගේ පෙනහළුවල ද ආසාදිත තත්වයක් පෙන්නුම් කෙරුණි. රෝග ලක්ෂණ මතුවී දින අටක් යන තුරු දිගටම උණ ගතිය පැවතුණු හෙයින් 58 හැවිරිදි බග්ලා රෝහල් ගත කරන ලදී. වෛද්‍යවරු රුධිර පරීක්ෂණ කළහ. ස්ටෙරොයිඩ ලබා දුන්හ. බග්ලා දියවැඩියාවෙන් පෙළෙමින් සිටි අයෙකි. ඔහුගේ රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ යමින් පැවතුණි. වාසනාවකට මෙන් රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය බරපතල මට්ටමින් පහළ බැස නොතිබුණි. දින අටකට පසුව බග්ලා රෝහලෙන් පිටවී යාමට පෙර වෛද්‍යවරු ඔහුට ස්කෑන් ඡායාරූප දෙකක් පෙන්වූහ. එක් ස්කෑන් ඡායාරූපයක දැක්වෙන්නේ කොවිඩ් වැළඳුණු නමුත් ඒ වනවිට එන්නත් ලබා ගෙන නොසිටි පුද්ගලයෙකුගේ පෙනහළුවල තත්වයයි. එම රෝගියා ද දියවැඩියාවෙන් පෙළුණු අයෙකි. බග්ලාගේ වයසේ ම පසුවන පුරුෂයෙකි. අනෙක් ස්කෑන් ඡායාරූපයේ දැක්වෙන්නේ බග්ලාගේ පෙනහළුවල තත්වයයි. "වෙනස පැහැදිලියි. වෛද්‍යවරු කිව්වේ මම එන්නත ලබාගෙන නොතිබුනා නම් දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් යන්ත්‍රයකට මාව සම්බන්ධ කරන්න වෙනවා කියල. කල්තියා මම එන්නත ලබාගෙන තිබුන නිසා මගේ ජීවිතය බේරුනා." බග්ලා පැවසීය. එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ බිලියන 1.3ක් වූ ඉන්දීය ජනගහනයෙන් 3%ක් වැනි සුළු පිරිසකට පමණි. නමුත් එන්නත සම්පුර්ණ කිරීමෙන් දෙසතියකට පසුව කොරෝනාවෛරසය ආසාදනය වූ පිරිසගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ බිලියන 1.3ක් වූ ඉන්දීය ජනගහනයෙන් 3%ක් වැනි සුළු පිරිසකට පමණි එවැනි තත්වයක් යටතේ සෞඛ්‍ය සේවකයින්, වෛද්‍යවරුන්, රෝහල් සේවකයින් සහ හෙදියන්ට එහි පීඩාව දරන්නට සිදු වී තිබේ. පල්ලවා බග්ලා ට අසාදනය වී ඇත්තේ කුමන වෛරස් ප්‍රභේදය දැයි සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරනු ලැබිණ. මෙම පරීක්ෂණයේ අරමුණ වී ඇත්තේ ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව වෛරස් ප්‍රභේද සඳහා එන්නත සම්පුර්ණ කළ පුද්ගලයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසී ඇත්ද යන්න සොයා බැලීමය. කොරෝනාවෛරස් එන්නත් ඵලදායී බව මතභේදයකින් තොරව පිළිගත හැක. නමුත්, නැවත වතාවක් කොවිඩ් 19 වැළඳීම වළක්වාලීමට එම එන්නතට නොහැකිය. එන්නත ලබා ගැනීම මගින් බොහෝ පුද්ගලයන් අසාධ්‍ය වීම හෝ මරණයට පත්වීම වලක්වා ගත හැකිය. එම නිසා "එන්නත පරාජය කරමින් ඇතිවන ආසාදන" බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. අප්‍රේල් 26 වෙනිදා වන විට එක්සත් ජනපදයේ මිලියන 95ක් එන්නත සම්පුර්ණ කර තිබුණි. ඒ අතරින් 9,045 දෙනෙකුට නැවත වතාවක් කොවිඩ් අසාදනය වූ බව එරට රෝග මර්දන මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. ඉන් 835 දෙනෙකු (9%) රෝහල් ගත කරන ලදී. 132 දෙනෙකු (1%) මරණයට පත් විය. රෝහල් ගත කරන ලද පිරිසෙන් තුනෙන් එකකට සහ මරණයට පත්වූ පිරිසෙන් 15%කට කොවිඩ් රෝග ලක්ෂණ මතු නොවූ අතර මරණයට පත්වූ හේතුව කොවිඩ් 19ට සම්බන්ධයක් නැත. නිසි දත්ත වාර්තා නොමැතිකම හේතුවෙන් ඉන්දියාවෙන් ලැබෙන සාධක තරමක් අපැහැදිලිය. නමුත් නැවත වාරයක් කොවිඩ් 19 වැළඳුනු පිරිස ඉන්දියාවේ ඉහළ යමින් පවතී. ඒ අතර එන්නත සම්පුර්ණ කළ සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් සිටිති. කීප දෙනෙකු මරණයට පත් වී තිබේ. නමුත් එම මරණ සිදු වූයේ සෘජුවම කොවිඩ් 19 නිසාදැයි යන්න එතරම් පැහැදිලි නැත. එන්නත් හිඟ වීම හේතුවෙන් ඉන්දියාවේ එන්නත් වැඩසටහන මන්දගාමී විය නිල වාර්තා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත සම්පුර්ණ කළ සෑම ඉන්දියානුවන් 10,000ක් දෙනා අතුරින් තුන් හතර දෙනෙකුට නැවත කොවිඩ් 19 වැළඳී ඇති බවය. නමුත් මෙම දත්ත වාර්තා අසම්පුර්ණ බව පෙනෙන්නට තිබේ. මුල් මාස තුන ඇතුළත සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී, තමන් එන්නත සම්පුර්ණ කර තිබේදැයි යන ප්‍රශ්නය අසා නොමැත. රෝහල්වලින් ලැබෙන සාක්‍ෂි එක්සත් ජනපදයේ 'Mayo' සායනයේ මහාචාර්ය වින්සන්ට් රාජ්කුමාර් ප්‍රකාශ කළේ තමන් තමිල්නාඩුවේ ප්‍රධාන රෝහල් දෙකකට කතා කොට විස්තර ලබාගත් බවය. එහිදී දැනගන්නට ලැබී ඇත්තේ එම රෝහල්වල සිටින එන්නත් සම්පුර්ණ කළ සේවකයන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයකට පමණක් නැවත කොවිඩ් 19 වැළඳුණු බවකි. "එහෙම රෝගී වුණු සුළු දෙනා ඉක්මනින්ම සුවය ලබා තියෙනවා." ඔහු පැවසීය. දිල්ලි නුවර කොවිඩ් රෝගීන් සඳහා වෙන්වුණු විශාලතම රෝහල වන ලෝක් නායක් ජායි ප්‍රකාශ් නාරායන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන, එන්නත සම්පුර්ණ කරන ලද වෛද්‍යවරුන්ගෙන් 60%කට නැවත කොවිඩ් වැළඳී ඇති නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට රෝහල්ගත වීමට අවශ්‍ය නොවූ බව විශේෂඥ වෛද්‍ය ෆාරා හුසේන් පැවසුවාය. "ඔවුන්ගේ පවුල්වල, කොවිඩ් 19 වැළඳුණු ඇතැම් සාමාජිකයන්ට රෝහල්ගත වන්නට සිදු වුනා." වෛද්‍යවරිය ප්‍රකාශ කළාය. දිල්ලියේ තවත් රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් සනාථ වී ඇත්තේ, එහි සේවකයන් 113 දෙනෙකුගෙන් 15 දෙනෙකුට එන්නත සම්පුර්ණ කර දෙසතියකට පසුව කොවිඩ් 19 වැළඳී ඇති බවය. ඉන් 14 දෙනෙකුට සුළු රෝග ලක්ෂණ මතු වූ අතර එක් අයෙකුට පමණක් රෝහල්ගත වීමට සිදු වී තිබේ. "එන්නත පරාජය කරන කොවිඩ් වැළඳුණු රෝහල් සේවකයන් ගොඩක් අපි දකිනවා. නමුත් ඉන් බොහෝ පිරිසකට මතුවී ඇත්තේ සුළු රෝගී තත්වයක්. බරපතල ලෙස රෝගී වීම එන්නතින් වළක්වනවා." මෙම අධ්‍යයන වාර්තාවේ සම කර්තෘ වෛද්‍ය අනුප් මිස්රා පැවසීය. ඉන්දියාවේ මාරාන්තික මට්ටමකින් පාලනයකින් තොරව ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් වෛරසය විකෘතිවීමට පහසුකරවන බව විද්‍යාඥයෝ පවසති එන්නත සම්පුර්ණ කළ පසුවත් කොවිඩ් 19 වැළඳුණු සෞඛ්‍ය සේවකයන් හය දෙනෙකුගේ ශ්ලේෂ්මල පරීක්ෂණයකට භාජනය කරන ලදී. මෙම අධ්‍යයනය සිදු කෙරුනේ කේරල ප්‍රාන්තයේ ය. එම අධ්‍යයන වාර්තාවේ කතුවරයෙකු වන වෛද්‍ය විනෝද් ස්කාරියා පවසන පරිදි එකී රෝගීන්ගෙන් දෙදෙනෙකුට ආසාදනය වී තිබුණේ කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයකි. නමුත් ඔවුනට බරපතල රෝග ලක්ෂණ මතුවී නොතිබිණි. මෙවැනි ආසාදනයන් ඉන්දියාව පුරා ව්‍යාප්තවීම සහ ඊට එරෙහිව එන්නත ක්‍රියා කරන ආකාරය පිළිබඳව පරීක්ෂා කිරීමට වැඩි දත්ත ප්‍රමාණයක් රැස්කළ යුතු බව විද්‍යාඥයෝ පවසති. "දැන් මිනිස්සු නිතරම අහන ප්‍රශ්නයක් තමයි එන්නත ලබාගැනීමෙන් පස්සේ නැවතත් කොවිඩ් වැළඳෙනවා කියන්නේ ඇත්තක්ද? කියල." වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ෂහිඩ් ජමීල් පැවසීය. "ඒ වගේ අනුමාන වාර්තා නිසා එන්නත ලබාගැනීමට සිටින මිනිස්සු අතරේ දෙගිඩියාවක් ඇතිවෙනවා." ඉන්දියාවේ එන්නත් වැඩසටහන දුර්වල මට්ටමකින් සිදුවීම හේතුවෙන් 'සමූහ ප්‍රතිශක්තිය' (Herd immunity) පෙනෙන මානයක නොතිබීම බරපතල ප්‍රශ්නයකි. එන්නත ලබාගැනීමට ජනතාව අදිමදි කිරීම මගින් ප්‍රශ්න තවත් නරක අතට පත්වනු ඇත. ඉන්දියාවේ මාරාන්තික මට්ටමකින් පාලනයකින් තොරව ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් වෛරසය විකෘතිවීමට පහසුකරවන බව විද්‍යාඥයෝ පවසති. බෝවීමේ වේගය වැඩි නව ප්‍රභේද ඇතිවීම මගින් එන්නත් මගින් ලබා දී තිබෙන ප්‍රතිශක්තිය පරාජය වීමට ඉඩකඩ ඇති බව ද ඔවුහු පවසති. අනාගතයේ දී ඇතිවිය හැකි කොවිඩ් රැලි සඳහා කල්තියා සුදානම් වීමට, වෛරසයේ නව ප්‍රභේද පිළිබඳව දිගින් දිගටම පරීක්ෂා කරමින් සිටීම ඉතා වැදගත් වනු ඇත. අවසාන වශයෙන් විද්‍යාඥයන් කියා සිටින්නේ එන්නතක ඵලදායීතාවය පිළිබඳව විවිධ මට්ටම්වලින් ප්‍රතිඵල දක්නට ලැබෙන නමුත් රෝගය බරපතළ වීම සහ රෝහල්ගතවීම වලක්වාගැනීම සඳහා එමගින් ආරක්ෂාවක් සැලසෙන බවය. නමුත් එන්නත් මාත්‍රා දෙකම සම්පුර්ණ කිරීමෙන් පසුව ද කොවිඩ් ආසාදනය විය හැකිය. ඔවුන්ගෙන් අන් අයට බෝවීම ද සිදුවනු ඇත. එබැවින් සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අත් නොහැරිය යුතුය. මුහුණු ආවරණ පැළඳීම, ජනාකීර්ණ ස්ථානවලින්, ජන ඒකරාශිවීම් වලින් සහ හොඳින් වාතාශ්‍රය හුවමාරු නොවන - වායුසමනය කරන ලද කාර්යාලයීය පරිශ්‍රයන් ගෙන් ඈත් වී සිටීම තවත් බොහෝ කාලයකට පිළිපැදිය යුතු වේ. ඇතැම් විට මුහුණු ආවරණ දෙකක් පැළඳීම අනිවාර්ය කිරීමට සිදුවිය හැකිය. කේරල ප්‍රාන්තය එවැනි පියවරක් ගෙන තිබේ. ජනතාවට ලබා දෙන සෞඛ්‍ය පණිවිඩ බොහෝවිට අපැහැදිලි ය. ඒවා නිශ්චිත විය යුතුය. උදාහරණයක් ලෙස දක්වතොත්, එන්නත සම්පුර්ණ කළ උදවියට නිවෙස් තුළ දී හෝ කාර්යාල තුළ දී නිදහසේ හමුවීම් සිදුකළ හැකිද? වැනි කාරනා නිශ්චිතව පැහැදිලි කළ යුතුව පවතී. "එන්නත වැඩ කරනවා. නමුත්, නොසැලකිලිමත් ලෙස හැසිරීමට හෝ ඔබේ ආරක්ෂාව අතහැර දැමීමට එමගින් ඔබට බලපත්‍රයක් ලැබෙන්නේ නැහැ. ඔබ දිගටම ඉතා පරීක්ෂාකාරීව සිටිය යුතුයි." පල්ලවා බග්ලා අවධාරණය කරයි. ඔහු ඒ බව අත්දැකීමෙන් දනී.
පල්ලවා බග්ලා දිල්ලියේ මාධ්‍යවේදියෙකි. කොවිඩ් 19 එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට උණ සහ උගුර කැසීම ඇතිවිය. ඇඟපතේ වේදනාවක් ඇති විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තරඟයේ ජයග්‍රාහකයා තීරණය කෙරුනේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමය මගින් තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය කෙරුනේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමය මගින්. මුලින්ම පන්දුවට පහර දුන් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක් ලකුණු 71 ක් රැස් කළ අතර, බෙන් ෆෝක්ස් ලකුණු 51 ක් රැස් කිරීමට සමත් විය. ඉන් අනතුරුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ඕවර 21 ක් තුල ලකුණු 169 ක් රැස් කළ යුතුව තිබූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නමයක් දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 146ක් පමණයි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින්. ඒ ලකුණු 31 ක්. ලබන අඟහරුවාදා එංගලන්තයට එරෙහිව තරඟ වැදීමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම කෙන්ට් සහ සසෙක්ස් කණ්ඩායම්වලට එරෙහිව තවත් පුහුණු තරඟ දෙකකට සහභාගී වීමට නියමිතයි.
එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අඟහරුවාදා පැවැත්වුණු පුහුණු තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම ලකුණු 22 ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පදවියෙන් ඉවත් කරනු ලැබ සිටින හිටපු සභාපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, විනිසුරු මුඩ්ගල් කමිටුව විසින් ඉදිරිපත් කර තිබුණ සීල් තැබූ ලියුම් කවරයක අන්තර්ගත තොරතුරු හෙළිදරව් කරමින්, ක්‍රිකට් ක්‍රීඩා තරඟ මුදලට පාවා දුන් පුද්ගල ලැයිස්තුවේ ශ්‍රී නිවාසන්ගේ නමත් ඇතුළත් වෙන බව අනාවරණය කොට ඇත. එන්. ශ්‍රී නිවාසන් චුදිත ලැයිස්තුවේ දහතුන් වැනි ස්ථානයේ සිටින බවයි අනාවරණය කෙරුණේ. එම රහස්‍ය තොරතුරු පළමු වරට ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.කේ.පට්නෙක් කියා සිටියේ, ශ්‍රී නිවාසන්ට එරෙහිව චෝදනා දොළහක් ඇති බවයි. රහස්‍ය ලියුමේ තොරතුරු අයි.පී.එල්.තරඟ පාවාදීමට එරෙහි ක්‍රිකට්ලෝලීන්. ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත කී රහස්‍ය ලියුම් කවරය තුළ වූ තොරතුරු අනාවරණය කළේ, නීතිවේදී සී.ඒ.සුන්දරම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ප්‍රතිචාරය පළ කරමින් තර්ක කරමින් සිටියදී. නීතිවේදියා කියා සිටියේ, අධිකරණය මතුපිටින් පෙනෙන දේ මිස වැඩිදුරටත් අවධානය යොමු කළ යුතුව තිබුණ ද්විතීයික සාක්‍ෂි සම්බන්ධයෙන් සැලකිල්ලක් නො දක්වා ඇති බවයි. අයි.පී.එල් ක්‍රිකට් තරඟ මුදලට පාවා දෙනු ලැබීමට අදාළව දැනට ප්‍රකාශිත තොරතුරු අනුව එන්.ශ්‍රී නිවාසන් ඇතුළු දහතුන් දෙනකුගේ නම් ඊට ඇතුළත් වෙන අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනකුත් ඔවුන් අතර වෙති. ඉන්දීය ප්‍රීමියර් ලීග්(IPL) තරඟාවලියේ දී මුදලට තරඟ පාවා දීම් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදු කෙරෙමින් පවතින අතරවාරයේ,ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් තමා ඉවත් කරනු ලැබීමේ අතුරු තහනම් නියෝගය යළි සලකා බලන මෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී නිවාසන් දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණ අතර, අධිකරණය අවධාරණයෙන් කියා සිටියේ ශ්‍රී නිවාසන් ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ කිසිදු වගකීමක් දරද්දී සාධාරණ විභාගයක් පැවැත්විය නොහැකි බවයි. අදාළ නඩු විභාගය අප්‍රියෙල් විසි දෙවැනි දිනට කල් තබනු ලැබිණ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් පසුගියදා ඉවත් කෙරුණ එන්.ශ්‍රී නිවාසන් එම පදවියෙහි ඔහු යළි පිහිටුවන මෙන් ඉල්ලා සිටිමින් ඉදිරිපත් කර තිබුණ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බැහැර කරනු ලැබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදියට ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද කියල අපි අවධානයෙන් බලා ඉන්නවා' ජගත් සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනයේ සම සභාපතිනි හෙළනා කෙනඩි ආදිපාදවරිය ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. "අපි දන්න විදියට ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරිය අතර සම්බන්ධතා බිඳ වැටිලා තියෙන්නේ. අගවිනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට විරුද්ධව ඔහුගේ මූල්‍ය කටයුතු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන්න පුළුවන් බව අපි දන්නවා නමුත් ඒක සහ අගවිනිසුරුවරිය අතර කිසිම සම්බන්ධයක් නෑ," ආදිපාදවරිය සඳහන් කළාය. "අගවිනිසුරුවරියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න යන්නේ මොන චෝදනා මතද කියල අපිට තවම පැහැදිලි නෑ. නමුත් විශේෂයෙන්ම මේ දිනවල අධිකරණයේ ක්‍රියාකාරිත්වය හමුවේ දෝෂාභියෝගයක් ගෙන ඒම දේශපාලන අරමුණකින් සිදුවන්නක් කියන අදහස මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අධිකරණය කරන දේට ආණ්ඩුව කැමති නෑ ඒ නිසා අගවිනිසුරුවරිය ඉවත් කරන්න හදනවා කියන අදහස," යනුවෙන්ද බ්‍රිතාන්‍ය අධිකරණයේ රාජ නීතිඥවරියකද වන ආදිපාදවරිය සඳහන් කළාය.
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නය දේශපාලන අරමුණකින් කෙරෙන්නක් බවට සාධාරණ සැකයක් මතුවන බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එල්ටීටීඊ සැකකරුවන් 400 දෙනකු උතුරු නැගෙනහිර ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන බව ආරක්ෂක අංශ වාර්තාවක් පවසයි උතුරේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද වාර්තාවකයි, ඒ බව සඳහන් වෙන්නේ. ඔවුන්ගෙන් 400 දෙනකු උතුරු නැගෙනහිර ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන බව පවසන එම වාර්තාව අනෙක් පිරිස විදේශගතව සිටින බව ද එම වාර්තාවේ සඳහන්. දැනට සැඟවී සිටින මෙම එල්ටීටීඊ සැකකරුවන් පිරිස වහාම අත් අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය එම වාර්තාව මඟින් අවධාරණය කොට තිබේ. යාපනවාසීන් බූස්ස කඳවුරට මේ අතර, එල්ටීටීඊ සැකරුවන් බව පවසමින් කිලිනොච්චිය සහ යාපනයෙන් අත් අඩංගුවට ගන්නා ලද 44 දෙනකු දකුණු පළාතේ බූස්ස රැඳවුම් කඳවුරට මාරු කොට යවා ඇති බව මානව හිමිකම් කොමිසම පවසයි. මේ පිරිස නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වන මෙන් ඔවුන්ගේ ඥාතීන් තමන්ගෙන් ඉල්ලා සිටි බවයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ යාපන දිස්ත්‍රික් නිලධාරී තංගවේල් කනකරාජ් බීබීසී සංදේශයට කියා සිටියේ. කෙසේ නමුත් යාපනයේදී අත් අඩංගුවට ගන්නා ලද එම 44 දෙනා තමන් භාරයේ නැති බවයි, පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් දර්ශණ හෙට්ටිආරච්චි පවසන්නේ. මෙම පිරිස සම්බන්ධ පරීක්ෂණ පොලිස් ත්‍රස්ත විමර්ෂණ කාර්යාංශය යටතේ පවතින බව ද ඔහු පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ආරක්ෂක අංශවලට භාර නොවූ සහ අත් අඩංගුවට පත් නොවූ එල්ටීටීඊ සැකකරුවන් 1200 දෙනකු තවමත් සැඟවී සිටින බව ආරක්ෂක අංශ බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අවුරුදු තුන හමාරක පමණ වයසැති අලි පැටවා මීට මාස දෙකකට පමණ ඉහතදී ඇත් අතුරු සෙවනට භාර දී තිබෙන්නේ අධිකරණ නියෝගයකින් අනතුරුවයි. මැයි පස් වනදා ප්‍රතිකාර ලබා දීම සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට ගෙන ගිය මරණයට පත් අලි පැටියා, ව්‍යාජ බලපත්‍රයක් භාවිත කර ළඟ තබා ගැනීමේ චෝදනා මත අධිකරණ නියෝගයකට අනුව බලපත්‍ර කරු රක්‍ෂිත බන්ධනාගාර ගත කර, මැයි මස නව වැනි දින අලි පැටියා උඩවලව ඇත් අතුරු සෙවනට යවනු ලැබීය. වනජීවි දෙපාර්තමේන්තුවේ ලුණුගම්වෙහෙර පිහිටි දකුණු කලාප කාර්යාල භූමියේ දෙසතියක කාලයක් නිරෝගී තත්වයෙන් පසු වූ මෙම අලි පැටියා, ඇත් අතුරු සෙවනට ගෙන ගොස් මාස දෙකකට පසු මෙසේ මිය ගොස් තිබේ. නඩු විභාග නවතී අධිකරණ නඩුවලට සම්බන්ධ අලි පැටවුන් මීට පෙර අවස්ථාවලදීත් ඇත් අතුරු සෙවනේ සිටියදී මියගොස් ඇති බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසුවේය. එම පැටවුන් මියයාමෙන් අනතුරුව ඔවුන්ගේ අයිතිය සම්බන්ධ අධිකරණ විමර්ශන නතර වූ බවද ඔහු පැවසීය. නිලධාරීන් කරන මේ චෝදනා පිළිබඳව සංදේශය කළ විමසීමකදී ඇත් අතුරු සෙවනේ නිලධාරීන් පැවසුවේ, මාධ්‍යවලට අදහස් දැක්වීමට තමන්ට අයිතියක් නැති බවයි. වනජීවී කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් වියමුනි සොයිසා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. අඩි හතරක් පමණ උසැති මිය ගිය අලි පැටියාගේ වයස අවුරුදු තුන හමාරක් හතරක් පමණ විය හැකි බව වනජීවි දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි. නමුත් අලි පැටියාගේ නීත්‍යානුකූල අයිතිය සනාථ කරන බලපත්‍රයක් ඇතැයි පවසන හොරණ වරුණ කන්නන්ගර කියා සිටියේ අලි පැටියාගේ වයස අවුරුදු අටක් හෝ නවයක් බවයි. අවුරුදු හතක කාලයක සිට අලි පැටියා ඔහු සන්තකයේ සිටි බව කියා සිටි වරුණ කන්නන්ගර, අලි පැටියා දින ගණනකින් ආහාර ගත් බවක් පෙනෙන්නට නැති බවත් හදිසි මරණ පරීක්ෂණය සඳහා එහි ගොස් සිටි අවස්ථාවේදී පැවසුවේය. මහා සංඝරත්නය වැඩමවා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අද අඟහරුවාදා අලි පැටියාගේ අවසාන කටයුතු සිදු විය.
යහපත් සෞඛ්‍යයෙන් උඩවලව ඇත් අතුරු සෙවනට භාර දුන් අලි පැටවෙකු සඳුදා මිය යාම අබිරහසක් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ඔහුට ආරක්ෂාව දෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න ඕනි තර්ජනයක් තියනවද නැද්ද කියන කරණය මත. හැබැයි ඒක යම් දේශපාලන ක්‍රියාකාරකමක් මත තීන්දු වෙනවා නම් ඒක සාධාරණ නැහැ" අද (මැයි 04) පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පොලිස් නිලධාරීන් 42 දෙනෙකු මැයි දිනයෙන් පසු ඉවත් කර ඇති බවය. "ඔහුට ආරක්ෂාව දෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න ඕනි තර්ජනයක් තියනවද නැද්ද කියන කරණය මත. හැබැයි ඒක යම් දේශපාලන ක්‍රියාකාරකමක් මත තීන්දු වෙනවා නම් ඒක සාධාරණ නැහැ" යනුවෙන් ඒ පිළිබඳ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. දේශපාලන නායකයන් හෝ ව්‍යාපාර වෙත ආරක්ෂාව සහ වෙනත් පහසුකම් ලබා දීම සඳහා ආණ්ඩුව සතු බලය උපයෝගී කර ගනිමින් "බලපෑම් කිරීම යුක්තිසහගත නොවන" බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ආණ්ඩුවේ ප්‍රතිචාරය එය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානයට ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වෙත ප්‍රතිචාර පළ කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන පරිදි හිටපු ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බව කියා සිටි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ආරක්ෂාව සඳහා අවශ්‍ය තරම් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ලබා දී ඇති බව සඳහන් කළේය.
මැයි දිනය මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති ආරක්ෂාව අඩු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොවැක්ස් යනු කොවිඩ් එන්නත් ලබා ගැනීමට සමාන අවස්ථා හිමි කර ගැනීම සහතික කරනුවස් හඳුන්වා දී ඇති ජාත්‍යන්තර එන්නත් වැඩසටහනයි. කොවැක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් 264,000 ක් ලැබී තිබිණි. කොවැක්ස් වැඩසටහනේ විශාලතම තනි එන්නත් සැපයුම්කරු ඉන්දියාවේ සීරම් ආයතනයයි (SII ලෙස ද හැඳින්වේ). මාර්තු මස එරට අපනයන අත්හිටුවීමත් සමග සීරම් ආයතනය පෙර සැලසුම් කර තිබූ එකඳු නැව්ගත කිරීමක් හෝ සිදු කර නොමැත. කොවැක්ස් වැඩසටහන වෙනුවෙන් එන්නත් මිලදී ගෙන බෙදා හරිනු ලබන්නේ එක්සත් ජාතීන්ට අනුබද්ධ යුනිසෙෆ් සංවිධානය විසිනි. G7 සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් සතු එන්නත් මාත්‍රා, සෙසු රටවල් සමග බෙදා ගන්නා ලෙස යුනිසෙෆ් සංවිධානය එම රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියි. ඔවුන් ලබන මස එක්සත් රාජධානියේ දී හමුවීමට නියමිතය. තමන්ගේම වැසියන්ට එන්නත් ලබා දීමේ වගකීම සපුරාලන අතරේ ඉහත කී රටවල් එක්ව සෙසු රටවලට එන්නත් මාත්‍රා මිලියන153 ක් ප්‍රදානය කිරීමේ හැකියාවක් ඇති බව තමා විසින් ලබා ගන්නා ලද දත්ත මගින් පෙනෙන්නට ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි. 'විශාල කනස්සල්ලක්' කොවිඩ් 19 ; ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් අයට ඇති විකල්ප මොනවාද ? සීරම් ආයතනය, කොවැක්ස් වෙත සැපයීමට තිබූ එන්නත් බිලියන දෙකෙන් අඩක් පමණ මේ වසර තුළදී ලබා දීමට නියමිතව තිබිණි. එහෙත් මාර්තු, අප්‍රේල් හෝ මැයි යන මාස සඳහා සැපයුම් ලැබී නොමැත. ජුනි අග වන විට මාත්‍රා හිඟය මිලියන 190 දක්වා වර්ධනය වෙතැයි බලාපොරොත්තු පළ වේ. "අවාසනාවකට, මීළඟ මාත්‍රා තොගය ලැබෙන්නේ කවදාද යන්න කිව නොහැකි තැනක අප ඉන්නේ," යනුවෙන් යුනිසෙෆ් හි කොවැක්ස් සැපයුම පිළිබඳ සම්බන්ධීකාරක ගියාන් ගාන්ධි පැවසීය. "දේවල් යථා තත්ත්වයට පත් වෙතැයි අපි බලාපොරොත්තු වෙනවා. එහෙත් ඉන්දියාවේ තත්ත්වය අවිනිශ්චිතයි.... ඒ වගේම විශාල කනස්සල්ලක් තිබෙන්නේ," තමා සතු අතිරේක එන්නත් සැපයුම් හැකි ඉක්මනින් පරිත්‍යාග කරන ලෙස යුනිසෙෆ් සංවිධානය G7 සාමාජික රටවල් වන කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය මෙන්ම යුරෝපා සංගමයේ සාමාජික රටවලින් ද ඉල්ලා සිටියි. ඇතැම් රටවල් සිය ජනගහනය මෙන් කිහිප ගුණයක් එන්නත් ඇනවුම් කර තිබේ. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ කැනඩාව ද ඒ අතර වෙති. එක්සත් රාජධානිය සතු අතිරේක සැපයුම්වලින් වැඩි කොටසක් වඩාත් දුප්පත් රටවලට ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පෙබරවාරි මසදී පොරොන්දු විය. එහෙත් ඔහු එය ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත කාලයක් පිළිබඳ සඳහන් කර නොමැත. එක්සත් ජනපදය සම්බන්ධයෙන් ද ඇත්තේ ඒ හා සමාන කතාවකි. ඉන්දියාවේ අර්බුදය දැක මේ දක්වා මාත්‍රා ප්‍රදානය කර ඇති එකම G7 සාමාජික රට ප්‍රංශයයි. නේපාලයේ කොවැක්ස් බෙදා හැරීම ජුනි, ජුලි සහ අගෝස්තු යන මාසයන්හි සිය මාත්‍රා සැපයුමෙන් 20% ක් ප්‍රදානය කිරීමෙන් වඩාත් දුප්පත් රටවල එන්නත් හිඟය අවම කිරීමට ධනවත් සහ ප්‍රබල G7 රටවලට හැකි බව යුනිසෙෆ් පවසයි. ජුනි මැද වන විට මාත්‍රා ලක්ෂ පහක් ලබා දීමට ප්‍රංශය පොරොන්දු වී ඇති අතර ඉදිරි සතිවලදී සිය දේශීය සැපයුම්වලින් මාත්‍රා ලක්ෂයක් ලබා දීමට බෙල්ජියම පොරොන්දු වී තිබේ. සිය සැපයුම් සෙසු රටවල් හා බෙදා ගැනීමට පොරොන්දු වී ඇති අතලොස්සක් රටවල් අතර ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද වෙති. ඉන්දියාවේ සිදුවෙමින් පවතින දේ ඒ අසල සහ කලාපයෙන් බැහැර සෙසු රටවල ද සිදුවීමට ඇති හැකියාව පිළිබඳ විශාල සැලකිල්ලක් යොමු වේ. "නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින... ඒ වගේම ආජන්ටිනාව සහ බ්‍රසීලය වැනි රටවල විශාල වශයෙන් රෝගීන් හමු වෙන අතරේ ඒවායේ සෞඛ්‍ය පද්ධතිය දුෂ්කර සටනක යෙදී සිටිනවා," යනුවෙන් යුනිසෙෆ් හි අධ්‍යක්ෂිකා හෙන්රියෙටා ෆෝ පැවසීය. "ළමුන් සහ පවුල්වලට සිදුවන හානිය ගණනය කරන්න බැරි වේවි," එන්නත් ගැටලුව තවත් ඉහළ යාම කොවැක්ස් වැඩසටහන හරහා ලැබෙන එන්නත් මත වැඩි විශ්වාසයක් තබා ඇති ඇතැම් රාජ්‍යයන් අතර අප්‍රිකානු රටවල් ද වෙති. එහෙත් ලොව බොහෝ කොටස්වල මෙන් එහිද ඇතැම් ප්‍රජාවන් අතර එන්නත ලබා ගැනීමට පැකිලෙන ස්වභාවයක් දක්නට ඇත. එන්නත ජනතාවගේ අතටම පත් කර දීම තවත් ප්‍රධානතම අභියෝගයකි: ඒ සඳහා සෞඛ්‍ය සේවකයන්ට විශේෂ පුහුණුවක් ලබා දිය යුතු අතර එන්නත් අඩංගු කුප්පි යටිතල පහසුකම් අඩු, දුරබැහැර හෝ ප්‍රත්‍යන්ත ප්‍රදේශ වෙත ප්‍රවාහනය කළ යුතුවේ. මේ වන විටත් පළමු එන්නත ලබා දී ඇති, වඩාත් අනතුරුදායක කාණ්ඩයේ සිටින පුද්ගලයන්ට දෙවෙනි එන්නත ලබා දෙනවාද නැතිනම් මීළඟ එන්නත් තොගය නුදුරේම ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන්, සැලසුම් කළ පරිදි තවත් පුද්ගලයන්ට දිගටම එන්නත් ලබා දෙනවාද යන්න තීන්දු කිරීමට ඇතැම් රටවලට සිදුව ඇත. "බොහෝ අප්‍රිකානු රටවල සෞඛ්‍ය සේවකයන් සහ අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන පුද්ගලයන්ට තවමත් එන්නත් ලබා දිය යුතු තත්ත්වයක අපි ඉන්නේ," යනුවෙන් ගියාන් ගාන්ධි පැවසීය. "එසේ වුවත් ඉහළ ආදායම් සහිත රටවල් යෞවන වියේ පසුවෙන්නන් වැනි කොවිඩ් අවදානම අඩු ජනයාට එන්නත ලබා දෙමින් සිටිනවා," ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි රුවන්ඩාව, සෙනගාලය සහ ඝානාව ඇතුළු ඇතැම් රටවල් තමන් සතුව තිබූ අවසන් මාත්‍රා ලබා දෙමින් සිටිති. අප්‍රිකාවේ කොවැක්ස් ලබා දීම මූලාශ්‍රය: ලෝක සෞඛ්‍ය සංවිධානය "ඉන්දියාවේ තත්ත්වය ගැන අපි ඇත්තෙම දුකට පත් වෙනවා," ලෝක සෞඛ්‍ය සංවිධානයේ, අප්‍රිකාවේ ප්‍රතිශක්තීකරණ සහ එන්නත් වැඩිදියුණු කිරීමේ වැඩසටහනේ වෛද්‍ය රිචර්ඩ් මිහිගෝ පවසයි. "අපේ කොවැක්ස් මාත්‍රාවලින් (මිලියන 18) වැඩි ප්‍රමාණයක් මෙතෙක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්," "ප්‍රමාණවත් තරම් එන්නත් තිබෙන රටවල් ඒවා බෙදා හදා ගැනීමට සහාය දීමේ ගෝලීය ප්‍රතිඥාව රැකීම අතිශය වැදගත් කියා මා සිතනවා. මක්නිසාද යත් සෑම තැනකම වෛරසය පැතිරීම අප නවතා නොදැමුවොත්, ජනතාවට සම්පූර්ණයෙන්ම එන්නත ලබා දී ඇති ස්ථානවල පවා මේ වසංගතය අවසන් කිරීම අතිශය දුෂ්කර විය හැකියි." මොකක්ද මේ කොවැක්ස්? කොවැක්ස් වැඩසටහන යළි නියමිත ඉලක්කය වෙත යොමු කර ගැනීමේ උත්සාහයක් වශයෙන් වෙනත් එන්නත් සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයන් අතර අලුතින් එකඟතාවන්ට පැමිණීම සඳහා කටයුතු කෙරෙමින් පවතී. එහෙත් ඉන්දියාවෙන් ලැබීමට නියමිතව තිබූ හිඟ එන්නත් ප්‍රමාණය එළඹෙන සතිවලදී සපුරා ගැනීමට එම කිසිඳු ගිවිසුමකට හැකියාවක් නොමැත. වඩාත් දුගී රටවල් සඳහා එම හිඟ එන්නත් ප්‍රමාණය පියවා ගැනීමට මේ මොහොතේ ඇති එකම මග වන්නේ වඩා ධනවත් රටවල් විසින් සිය අතිරික්ත ඇනවුම්වලින් කොටසක් පරිත්‍යාග කරනු ලැබීම පමණි. (ගෝලීය සෞඛ්‍ය වාර්තාකාරිනී ටියුලිප් මසුම්දර්ගේ වාර්තාවක් ඇසුරෙනි)
ඉන්දියාවේ තවදුරටත් පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර කොවැක්ස් එන්නත් වැඩසටහන සඳහා එන්නත් මාත්‍රා මිලියන 140 ක හිඟයක් ඇතිව තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම කපුටු වර්ගයාට අතු ඉති කැබලි භාවිතයෙන් කෘමීන් අල්ලා ගත හැකි බව දිගු කාලයක් තිස්සේ දැන සිටිය ද, ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් ආහාර ලබා ගැනීම සඳහා උපකරණ නිර්මාණය කර ගන්නා බවත් පර්යේෂකයෝ පවසති. අදාළ අධීක්ෂණය අනුව අතු රිකිල්ලක් කෙක්කක් බවට පත් කර ගැනීමේ හැකියාව සහ අවබෝධය එම කපුටන් සතු බව පර්යේෂකයන් හඳුනා ගෙන ඇත. එවැනි උපකරණ භාවිතය නිසා සැඟවී ඇති කෘමි ආහාර සොයාගනු ලැබීමේ කපුටු හැකියාව දස ගුණයකින් පමණ වැඩි වෙයි. "කුඩා කෙඳි ඉවත් කර ගැනීමට ඔවුන් තමන්ගේ හොට උපකරණයක් ලෙස නිවැරදිව භාවිත කරනවා. ඉතා තියුණු උලක් ලෙස සකසා ගැනීම නිසා අවහිරයක් නැතුව ගොදුර ලබාගන්න පුළුවන්" ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටියන් රූට්ස් පවසයි. තවත් බොහෝ සත්ව කොට්ඨාශ, විශේෂයෙන් ම අග්‍රේෂයන් (primates) සහ අලියා ඔවුන්ට ආවේනික ලෙස උපකරණ භාවිත කරයි. නමුත්, කෙක්කක් තනා ගැනීමට දන්නේ මිනිසාත් මෙම කැලිඩෝනියානු කපුටාත් පමණක් යයි විශ්වාස කෙරෙයි. වෙනත් පුවත්:
ස්කොට්ලන්තයේ ජීවත්වෙන 'කැලිඩෝනියානු' කපුටු වර්ගයා ආහාර සපයා ගැනීමට භාවිත කරන විශේෂ තාක්ෂණයක් පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බහුලව සංසරණය වූ ඡායාරූපයක් මේ සිද්ධියත් සමග විවාහ, ළමා අපචාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතියේ හිඩැස් පිළිබඳ සාකච්ඡාවක් මෙන්ම, "නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවෙකු සමග මවක් තනි කළ යුතු දැයි" තර්ක ගොඩනගන බොහෝ පිරිසක් ද සමාජ මාධ්‍ය ජාල තුළ දැක ගත හැකිය. සිද්ධියට සෘජුවම අදාළ පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහයන් කිසිවක් සාර්ථක නොවීය. කෙසේනමුත් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි කීපයක මෙම සිද්ධිය වාර්තා කර තිබිණි. ඔවුන් අත්අඩංගුවට ගත් පසු ලබාගත් ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් සංසරණය වනු දැකිය හැකිය. අදාළ යුවළ අත් පටලාගෙන සිටින අයුරු දැක්වෙන එම ඡායාරූපය මුල් කරගත් ප්‍රේමණීය කවි පද ලියැවී ඇතිවා සේ ම 'ළමා අපචාරයක්, ස්ත්‍රී දූෂණයක්' සිදු කළ බවට අදාළ පුද්ගලයාට දැඩි චෝදනා ද එල්ල කර තිබිණි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටි විසිහතර හැවිදිරි ශ්‍රී ලාංකිකයෙකු මෙම ජපන් තරුණිය සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් මත ඇය රහසේ ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒමට ක්‍රියා කර තිබූ බව එම වෙබ් ලිපිවල සඳහන් වී තිබිණි. මේ සම්බන්ධයෙන් තරුණියගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුව, පොලිසිය මෙම යුවල සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙන බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. නීතියට පටහැනිද? මෙහිදී කාන්තාවන්ට එරෙහිව සිදුකරන දරුණුතම ගණයට අයත් වන 'ලිංගික අපරාධයක්' මෙන්ම ළමා අපචාරයක් පවා සිදුව ඇතැයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ නීතිඥවරු පැවසූහ. "නීතියට අනුව අදාළ පුද්ගලයා වැරදි ගණනාවක් සිදු කර තිබෙනවා. ඔහු වැඩිහිටි පුද්ගලයෙක් බව පැහැදිළියි. එහෙම කෙනෙක් බාල වයස්කාරයෙකු සමග ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම වැරදියි. මෙයට බරපතල නීති තර්ක අවශ්‍ය නැහැ. සාමාන්‍ය දැනුමක් තිබෙන මැදිහත් පුද්ගලයෙකුට වැටහෙන්න අවශ්‍ය කාරණයක්," නීතිඥ නිලුපුල් ගුණතිලක පැවසුවාය. "මේ සිද්ධිය සමාජයේ බොහෝ දෙනෙක් වෙනත් විදිහකට දකින්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මීට වඩා බරපතල ඛේදනීය සිද්ධි මේ ලංකාවේ අධිකරණවල ඕනා තරම් ඇහෙනවා. හැබැයි අනික් අතට මේ කතිකාව ගොඩනැගුණු එක නීතියේ යම් හිඩැස් පුරවන්න තල්ලුවක් වෙනවා," නීතිඥවරිය තවදුරටත් පැවසීය. කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව මෙසේ වර්ගීකරණය කර තිබේ: අදාළ ලිංගික ක්‍රියාව කිනම් අපරාධයක් යටතේ අර්ථ නිරූපණය කළ යුතුද යන්න තීරණය කිරීමේදී කරුණු කීපයක් සැලකිල්ලට ගනු ලැබේ. අපරාධයට අදාළ සිද්ධිමය කරුණු මෙම කරුණු ලිංගික අපරාධය සම්බන්ධයෙන් පවත්වන පොලිස් විමර්ෂණවල සිට නඩු විභාගය දක්වා සියලු කාරණා සඳහා වැදගත් වේ. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි නීතියේ හිඩැසක් ද? ජපාන - ශ්‍රී ලාංකික යුවල සම්බන්ධයෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ බීබීසී සිංහල සේවයට සිය අදහස් පළ කළේය. "මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම කියන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් පවතින නීති වෙනස් විය යුතු බවයි. එක්සත් රාජධානියේ මේ හා සම්බන්ධ නීතිවල වයස අවුරුදු 13ට අඩු අය හෝ වයස 13ත් 16ත් අතර අය හෝ 16ත් 18ත් නැත්නම් 18ට වැඩි වයසේ පසුවන දෙදෙනෙක් අතර ලිංගික සම්බන්ධතා ගැන වෙන් වෙන් වශයෙන් පැහැදිලි කර තිබෙනවා. නමුත් අපේ නීතියට අනුව ගැහැණු දරුවා 16ට අඩුනම් පිරිමි කෙනාගේ වයස අදාළ නැහැ. මේ නිසා නීතිය වෙනස් වෙන්න ඕනේ කියන තැන මමත් ඉන්නවා" "හැබැයි නීති වෙනස් වුණා කියලා 16ට අඩු කෙනෙක් සමග වයස 18ට වැඩි පුද්ගලයෙක් ලිංගිකව එක් වන එක සම්බන්ධයෙන් නීති වෙනස් වෙන්න දෙයක් නැහැ. මොකද මේ තියෙන නීතිය නිවැරදියි. අදාළ පුද්ගලයා වැඩිහිටියෙක් කියන කාරණාව මෙහි දී සැලකිල්ලට ගැනෙනවා." සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය කාන්තාවකට සිදුවන බරපතල හිංසන නීතිමය වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් සුළු කොට තැකිය නොහැකි අතර, එයට උපරිම නීති සම්පාදනය කර ඇත්තේ 'දැන හෝ නොදැන' සිදුකරන අපරාධවලට නිසි දඬුවම් ලබා දීමටය. තමන්ට සිදුවන්නේ අපරාධයක් යැයි තීරණය කළ නොහැකි වයසක සිටින ගැහැණු දරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා වයස් සීමා සහිතව නීති පනවා තිබේ. ශ්‍රී ලංකාවේ මෙවැනි අපරාධමය චෝදනා සම්බන්ධයෙන් නීති පවතින්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහයේය. දූෂණයට ලක් වූ තරුණිය වයස අවුරුදු 16ට අඩු නම්, එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස හැඳින්වේ. 1995 අංක 20 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනතේ 364 වගන්තියට අනුව, දැරියගේ කැමැත්ත ඇතුව හෝ නැතුව යන මූලික නෛතික සිද්ධාන්ත දෙක මෙහි දී අදාළ නොවේ. අවුරුදු 16ට අඩු තරුණියක සමග ලිංගික සංසර්ගයේ යෙදෙන තැනැත්තෙකු ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතේ වරදකරු වනු ඇත. "දැන් එතකොට මේ කතාවේ හරය වන්නේ ' වැඩිහිටියෙකු, බාල වයස්කරුවෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නම්, ඔබ ඇයව ගැබ් ගැන්වීමට වග බලා ගන්න' කියන එක ද?" අවුරුදු හතකට නොඅඩු අවුරුදු විස්සක් නොඉක්මවන බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ දඩ මුදලක් ගෙවීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වරදට දඬුවම් ලෙස දක්වා ඇත. අදාළ නීතිය ව්‍යවස්ථාපිතව නැතහොත් යම් පනතක් මගින් පනවනු ලබන නීතියක් බැවින් මෙම වරද ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නමින් හැඳින්වේ. මේ අතර, ස්ත්‍රියගේ කැමැත්ත නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණය ලෙස අර්ථ දක්වමින් 1883 අංක 02 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියේ කරුණු පැහැදිලි කර තිබේ. ස්ත්‍රිය අවුරුදු දහසයට අඩු වන විට ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව මෛථුනයෙහි යෙදීම ස්ත්‍රී දූෂණයක් ලෙස 363 වගන්තියේ (ඉ) අනු වගන්තියේ ද සඳහන් වේ. කෙසේනමුත්, බහුවිධ නීති පද්ධතියකින් යුත් ශ්‍රී ලංකාව වැනි රටක සාමාන්‍ය නීතියට අමතරව, ආගම, උපන් ප්‍රදේශය වැනි නිර්ණායකයන්ට යටත්ව විශේෂ නීති ද ක්‍රියාත්මක වේ. උඩරට නීතිය, මුස්ලිම් නීතිය සහ තේසවලාමෙයි නීතිය මෙයට උදාහරණ වේ. හිඩැස් සහිත එකිනෙකට පරස්පර නීති නිසා ලිංගික අපරාධ සම්බන්ධ නඩු තීන්දුවලින් යුක්තිය ඉටු නොවුණු අවස්ථා ද ඉතිහාසය පුරාවට අසා ඇත. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි අදාළ නීතිය පදනම් කරගෙන ශ්‍රේෂ්ඨධිකරණය ලබා දුන් නඩු තීන්දුවක් ගැන නීතිඥ තිෂ්‍ය වේරගොඩ පැහැදිලි කළේය. "එහිදී සිදු වුණේ, බිරිඳ විදේශයක සිටින විට සැමියා ඇයගේ බාලවයස්කාර නැගණිය සමග ලිංගික සම්බන්ධතාවක් පවත්වා තිබෙනවා. එයින් නැගණිය ගැබ් ගත්තා. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යන චෝදනාව මත ඔහුට එරෙහිව නඩු පැවරුවා." "එම නඩුවේ කාරණා සැලකිල්ල ගෙන චූදිතයාට ලැබුණේ අත්හිටවූ සිරදඬුවමක්. ඔහු මේ වන විට ඒ දරුවා රැකබලා ගනිමින් දරුවාටද අවශ්‍ය දේ සපයනවා. ඔහු අපරාධයක් කර තිබුණත් ඔහුට තවදුරටත් දඬුවම් නොකළ යුතු බව අධිකරණය පැවසුවා. අවුරුදු 10 ක් සිර දඬුවම් දුන්නොත් දරුවාට පියෙකු අහිමි වීම මෙහිදී සැලකිල්ලට ගත්තා," ඔහු තවදුරටත් පැවසීය. "ජපාන දැරිවියගේ සිද්ධියේ දී ගැටලුව වෙන්නේ, වැඩිහිටි පුද්ගලයෙක් තමන් කරන ක්‍රියාව නීතිවිරෝධී බව දැන දැනම බාල වයස්කරුවෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා තිබීමයි. එම නීති විරෝධී ක්‍රියාවෙන් තරුණිය ගැබ් ගෙන ඇති නිසා දැන් ඔහුට නිදහස් වෙන්න අවසර දෙන්න කියනවා." "කාන්තාව ගැබ් ගත්තේ නැත්නම් තවත් ළමා අපයෝජකයෙකු විදිහට සමාජය ඔහුව හෙළා දකිනවා. නමුත් දැන්, සමාජය ඔහුට අවස්ථාවක් දීමට කැමැත්තෙන් සිටින්නේ ඔහු පියෙකු නිසා." "දැන් එතකොට මේ කතාවේ හරය වන්නේ ' වැඩිහිටියෙකු, බාල වයස්කරුවෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නම්, ඔබ ඇයව ගැබ් ගැන්වීමට වග බලා ගන්න' කියන එක ද?." "සදාචාරය කියන්නේ මෙය නොවෙයි. සමාජය සහ අධිකරණ පද්ධතිය දිරිමත් කළ යුත්තේ ද මේ දේ නොවෙයි," නීතිඥවරයා තවදුරටත් පැවසීය. "දරුවා පව්" ජපාන-ශ්‍රී ලාංකික යුවල සම්බන්ධයෙන් රටේ පවතින නීතිය නොව "මානුෂීය දෘෂ්ඨි කෝණයකින් බලන්න" යැයි තවත් බොහෝ පිරිසක් සිය අදහස් ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකාවේ සිරගෙවල්, මාතෘ නිවාස, පරිවාස හා ළමාරක්ෂක සේවා "සෑහීමකට පත් විය නොහැකි" මට්ටමේ තිබෙන හෙයින් මෙම යුවල මෙන්ම උපදින දරුවා ද විවිධ දුක් ගැහැට විඳිනු ඇතැයි සමහරුන්ගේ මතය වී තිබිණි. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි බොහෝ දෙනෙකු මෙම කතාවේ ඇතුළාන්තය නොදැන, මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක් මත සිය හැගීම් ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබිණි. එමෙන්ම අදාළ ශ්‍රී ලාංකික පුද්ගලයා "වීරයෙකු" ලෙස හුවා දැක්වීමට ද සමහරු උත්සහ කර තිබිණි. "දැන් වුණ දේ වුණා, එයා දැන් අම්මා කෙනෙක්. ඒ ගැන හිතලා නීතියෙන් සමාවක් දෙන්න ඕනේ. තාත්තා කෙනෙක් නැතුව මේ වගේ රටක තරුණ අම්මා කෙනෙක් කොහොම ද ජීවත් වෙන්නේ. අපේ පරිවාසවල තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ ළමයා මහා දුකක් විඳියි ඉස්සරහට. මට පේන විදිහට එයා කළ එකම වරද ආදරය කරපු එක," ව්‍යාපාරික කාන්තාවක වූ දෙහිවල පදිංචි ධනංජි සේනාරත්න පැවසුවාය. මේ අතර, හෙදියක වූ උදාරා පැවසුවේ, "දරුවා බිහිකරන්න සහ හදා වඩා ගන්න එයාට ශක්තිය ඕනේ. ඒකට දරුවාගේ තාත්තා ඉන්නම ඕනේ. මොන දේ වුණත් ඒ පිරිමි කෙනා ගැහැණු කෙනාගේ අත තදින් අල්ලාගෙන ඉන්න විදියෙන්ම පේනවා ඒ ආදරයේ තරම. මිනීමරුවෝ පාර්ලිමේන්තු ගිහින්, මේ තාත්තා බන්ධනාගාර වෙනවා කියන්නේ නීතිය වැඩක් නැහැ කියන එක." "ආදරය සුන්දර වරදක් කියනවනේ," ඇය තවදුරටත් පැවසීය. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි කෙසේනමුත්, මෙම සිද්ධියට ලැබෙන සමාජ ප්‍රතිචාර ශ්‍රී ලංකාව තුළ මෙම තත්ත්වයට මුහුණ දෙන දැරිවියන්ට නොලැබෙන්නේ මන්දැයි තවත් සමහරු ප්‍රශ්න කරති. "අපේ රටේ දරුවෝ මේ වගේ ප්‍රශ්නවලට සෑහෙන මුහුණ දෙනවා. නිසි ලිංගික අධ්‍යාපනයක්, දැනුමක් නොමැති කම නිසා වගේම, ලිංගික බලහත්කාරකම් නිසාත් ගැබ් ගැනීම් සිද්ධ වෙනවා. හැබැයි මේවා මාධ්‍යයේ පළ වුණත් මේ තරම් කතිකාවක් ඇති වෙලා නැහැ," නීතිවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් වන ප්‍රමෝදා සෙනෙවිරත්න පැවසුවාය. "හැම කෙනාම වැදගත්, නමුත් චිත්‍රපටියක් හා සමාන කතාවක් අදාළ සිද්ධියට පසුබිම් වුණාම එයට සෑහෙන ප්‍රචාරයක් ලැබෙනවා. මෙතන සිදුවිය යුත්තේ රටේ නීතියට අනුව කටයුතු කිරීමක් මිස, මේ වගේ වැරදිවලට අනුබල දීමක් නෙමෙයි. තමන්ගේ දරුවා වැරදි පාරේ ගිය දවසට තමයි මේ සිද්ධියේ බරපතලකම තේරෙන්නේ," ඇය තවදුරටත් පැවසුවාය. පවුල් සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මුළු ගැබ් ගැනීම්වලින් 6.1%ක් සිදුවන්නේ වයස අවුරුදු 13-19ත් වන තරුණියන් අතරය. දත්ත අනුව, නව යොවුන් ගැබ් ගැනීම්වලින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පහළ ස්ථානයක සිටිය ද, බොහෝ දුෂ්කර පළාත්වලින් අනුවේදනීය කතා රාශියක් අසන්නට ලැබේ. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සහ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල නව යොවුන් වියේ ගර්භණීභාවය බහුලව දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වාර්තාවල සඳහන් වේ. නමුත් කොළඹ වැනි නගරබද ප්‍රදේශවලින් වාර්තා වන්නේ සුළු පිරිසකි. විවාහ වෙන්න බැරිද? දෙදෙනාම එකඟත්වයෙන් ඇති කර ගත් ලිංගික සම්බන්ධතාවක ප්‍රතිඵලයක් වශයෙන් ගැබ් ගැනීමක් සිදු වුවද, අවුරුදු 18 වන තෙක් අදාළ යුවළට විවාහ වීමට අවසර නොමැත. එයට හේතුව නම්, ශ්‍රී ලංකාවේ පවුල් නීතියට අනුව විවාහ වීමට හැකි අවම වයස අවුරුදු 18 වීමය. එපමණක් නොව, රියදුරු බලපත්‍රය ලබා ගැනීම, බැංකු ගනුදෙනු සහ ඡන්දය ප්‍රකාශ කිරීම වැනි ක්‍රියාවලට ද අවම වයස දහඅටය. තාර්කික තීරණ ගැනීමට දහ අටට අඩු පුද්ගලයෙකුට නොහැකි වීම මත මෙම සීමා පනවා තිබේ. සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි කෙසේනමුත්, අපරාධ නීතිය තුළ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය අදාළ වන්නේ අවුරුදු 16න් පහළ දැරිවියන්ටය. එයින් ගම්‍ය වන්නේ වයස 16ට වැඩි දැරිවියකට ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම ගැන ස්වාධීන තීරණයක් ගැනීමේ හැකියාවක් ඇති බව නීති සම්පාදකයින් තීරණය කර තිබීමය. තම ලිංගික ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගත හැකි නමුදු, අදාළ තරුණිය විවාහපත් වීමට වයස අවුරුදු 18 සපිරෙන තෙක් සිටිය යුතුය. මේ අවස්ථා දෙකේදීම අදාළ තරුණයාට ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතේ නඩු පැවරීමට ඉඩ ඇත. එමෙන්ම දෙපාර්ශ්වයටම අවුරුදු 18ට වැඩි වන තෙක් විවාහ වීමට ද අවසර නැත. මෙහි දී ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් යටතේ නඩු පැවරීමක් සිදු නොවේ. දෙපාර්ශ්වයටම වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ පසු විවාහ විය හැකිය. මේ තොරතුරුද කියවන්න:
ජපාන ජාතික පහළොස් වියැති තරුණියක ඇයගේ පෙම්වතා යැයි පවසන ශ්‍රී ලාංකික පුද්ගලයෙකුගෙන් ගැබ් ගෙන ඇතැයි සඳහන් පුවතක් ශ්‍රී ලාංකාවේ ප්‍රධාන මාධ්‍යවල පළ වීමත් සමග ඒ ගැන සමාජ මාධ්‍ය ජාලවල දැඩි කතා බහක් ඇති වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගමැතිවරයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා අදාළ යෝජනාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරමිනි. අභිනවයෙන් පත් කර ගනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් සම්පාදනය කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතු අතර එලෙස සම්මත කර ගනු ලබන පනත් කෙටුම්පත ජනමත විචාරණයක දී මහජන අනුමැතියෙන් ද සම්මත වුනොත් පමණක් එය රටේ මූලික නීතිය ලෙස පිළිගත යුතු බවයි අගමැතිවරයා සඳහන් කළේ. ජනාධිපති ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිණාමය අගමැති රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැන පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කළ අතර ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ කිසිදු ව්‍යවස්ථාවකට ‘ජාතික සංහිදියාව’ ශක්තිමත් කිරීමට නොහැකිවූ බවයි. ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ගලේ කොටන ලද දෙයක් ලෙස නොවෙනස්ව පැවතිය යුතු යැයි තමා විශ්වාස නොකරන බවයි’ ජනාධිපතිවරයා සඳහන් කළේ. යුද්ධය ජයග්‍රහණය කිරීමට විධායක ජනාධිපති ධුරය ඉවහල් වූ බව පවසමින් තවදුරටත් එම පදවිය පවත්වා ගත යුතු බවට තර්ක කරන කණ්ඩායම් වලට ප්‍රශ්නයක් යොමු කළ ජනාධිපතිවරයා ‘ඉදිරි කාලයෙහි මේ රට තුළ තවත් යුද්ධයක් බලාපොරොත්තු වන්නේදැයි’ ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය. තවත් යුද්ධයක් අවශ්‍යද? උතුරේ සහ දකුණේ ජනතාව එක් කිරීමට ගන්නා උත්සාහයේ දී ඒ සම්බන්ධයෙන් ලබා ඇති දිගු කාලීන අත්දැකීම් සැලකිල්ලට ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබිඹු කෙරෙන ආකෘතියක් රටට ගැළපෙන ‘සුන්දර ව්‍යවස්ථා දරුවකු’ බිහි කිරීම තම රජයේ අවශ්‍යතාව වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට කිසිදු විදේශීය බලපෑමක් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ‘අසත්‍ය ප්‍රකාශ කරමින් රට තුළ නොසන්සුන්භාවයක් ඇති නොකරන ලෙස ඉල්ලීමක් ද කළේය. ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු විවාදයකට යොමු කරමින් සම්මත කර ගන්නා බවයි රජය පවසන්නේ.
ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට රටේ ජනතාව අතර පුළුල් එකඟතාවක් ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කෙරෙන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමට 2015 ජනවාරි අටවෙනි දින ජනාධිපතිවරයාට පැහැදිලි ජනවරමක් ලැබී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වීමේ ප්‍රතිඵලය වන්නේ ඉරානය දිරිමත් වී යුද්ධයකට මග පැදීම බවත් ඉන් ගෝලීය ආර්ථිකයට බලවත් හානි සිදුවනු ඇති බවත් මොහොමඩ් බින් සල්මන් කුමරු සඳහන් කළේය. සිය ඛනිජ තෙල් මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් අනතුරුව ටෙහෙරාන් පාලනය කුමරුගේ දෝෂ දර්ශනයට ලක්විය. කුමරුගේ මේ ප්‍රකාශයෙන් සිදුවන්නේ "අන් කවරක් නොව, (සෞදියට) ලජ්ජාව අත්කරදීම" බව ඉරානය පැවසීය. මේ අතර මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය සම්බන්ධයෙන් ද කුමරු අදහස් පළකර තිබේ. එම ඝාතනය සම්බන්ධ ඇතැම් වගකීම් තමා භාරගන්නා බව කුමරු ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් CBS පුවත් සේවයට අදහස් දක්වූ කුමරු, තමා අදාළ ඝාතනයට පෞද්ගලිකව අණ කල බවට වන චෝදනා ප්‍රතික්ෂේප කළේය. සවුදියේ අරාබියේ, තිරයෙන් පිටුපස සිටින පාලකයා ලෙස සැළකෙන සල්මාන් කුමරු, රියාද් පාලනය විවේචනය කළ මාධ්‍යවේදී ජමාල් කෂෝගිව පෞද්ගලිකව ඉලක්ක කළ බවට සැක කෙරේ. 2018 වසරේ ඔක්තෝබර් දෙවැනිදා තුර්කියේ පිහිටි සවුදි අරාබි කොන්සල් කාර්යාලයේදී කෂෝගි ඝාතනය කෙරිණ. ජමාල් කෂෝගී ඉකුත් ඉරිදා "CBS' 60 Minutes" ප්‍රවෘත්ති වැඩසටහන හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කුමරු මේ සම්බන්ධව අදහස් පළකළේය. එහිදී ඔහු පවසා තිබුණේ මෙම ඝාතනය සෞදි ආණ්ඩුව වෙනුවෙන් සේවයේ නිරත පුද්ගලයින් අතින් සිදුවූවක් බැවින්, රටේ නායකයකු ලෙස එහි වගකීම තමා සම්පුර්ණයෙන්ම භාරගන්නා බවය. කෙසේ වෙතත් කෂෝගී ඝාතනයට සෘජුවම අණ දුන් බවට හෝ ඝාතනය සිදුවන අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බවට නැගෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය. යේමනයේ සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ද අදහස් පළකළ කුමරු ඒ වෙනුවෙන් වන දේශපාලන විසඳුමක් සඳහා සාකච්ඡා පැවැත්වීමටද යෝජනා කරන බවක් පෙනිණි. හූති කැරළිකරුවන් සෞදි අරාබියේ නායකත්වයෙන් යුත් සන්ධානයක සහය ඇතිව එරට රජයේ හමුදා , ඉරානයේ සහය ලබන හූති කැරළිකරුවන්ට එරෙහිව සටන් වැද සිටිති. ඉරානය සෞදි අරාබියේ කලාපීය ප්‍රතිවාදියා මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ විරුද්ධවාදියෙකි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සීමා කිරීම අරමුණු කරගත් ගිවිසුමෙන් ඉවත් විය. මේ වසරේ ඇමරිකාව සහ ඉරානය අතර උණුසුම කැපී පෙනෙන ලෙස ඉහළ ගියේ, මැයි සහ ජූලි අතර ගල්ෆ් කලාපයේදී තෙල් ටැංකි හයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ද ඇමරිකාව ඉරානයට චෝදනා කිරීමත් සමගිනි. නමුත් එම චෝදනා ටෙහෙරානය ප්‍රතික්ෂේප කරයි. තෙල් පිළිබඳ අනතුරු ඇඟවීම? සැප්තැම්බර් මාසයේ මුලදී සෞදි අරාබියේ තෙල් සැපයුම් මධ්‍යස්ථානවලට එල්ල වූ ප‍්‍රහාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉරානය පවසයි. එම ප්‍රහාර නිසා ගෝලීය තෙල් සැපයුමෙන් 5% ක් පමණ බිඳ වැටුණු අතර තෙල් මිල ඉහළ ඉහළ යාමටද එය හේතුවක් විය. එහෙත් සෞදි සිහසුනේ උරුමක්කාරයා වන මොහොමඩ් බින් සල්මාන් පැවසුවේ "ඉරානයට බාධා පැමිණවීම සඳහා ලෝකය දැඩි හා ස්ථිර ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, ලෝක අරමුණුවලට එල්ලවන තර්ජනය තවත් තීව්‍ර වනු අපට දැකගත හැකි වේවි" යනුවෙනි. "තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි අතර තෙල් මිල අපේ ජීවිත කාලය තුළ අප දැක නැති තරම් ඉහළ මට්ටමකට පැමිණෙනු ඇත." මැදපෙරදිග කලාපය "ලෝකයේ බලශක්ති සැපයුමෙන් 30% ක්, ගෝලීය වෙළෙඳ මාර්ග වලින් 20% ක්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක් පමණ නියෝජනය කරනවා" යැයි ඔහු පැවසීය. "මේ කාරණා තුනම නතර වේ යැයි සිතන්න. මෙයින් අදහස් කරන්නේ සෞදි අරාබිය හෝ මැද පෙරදිග රටවල් පමණක් නොව ගෝලීය ආර්ථිකයේ සමස්ත බිඳවැටීමක්" යැයි කුමාරයා සඳහන් කළේය. ඉරානයේ " මෝඩකම" මත එල්ල කරන ලද ප්‍රහාරවල, උපාය මාර්ගික ඉලක්කයක් නොවූ බවද පැවසීය. සැප්තැම්බර් 14 වන දින අබ්කායික් සහ කුරයිස් හි පිහිටි තෙල් සැපයුම් මධ්‍යස්ථාන දෙකට ඩ්‍රෝන යානා 18 ක් සහ කෘස් මිසයිල 7 ක් එල්ල කළ බව සෞදි අරාබිය පවසයි. සෞදි අරාබියේ ඛනිජ තෙල් මධ්‍යස්ථානයක් ගිනි ගනිමින් තිබුණ ආකාරය ඉරාන හිතවාදී හූති කැරලි කරුවන් පැවසුවේ තමන් මෙම ප්‍රහාර පිටුපස සිටින බවකි. මෙම තෙල් සැපයුම් මධ්‍යස්ථානවලට පහර දී සතියකට පසු, තවදුරටත් එල්ලවිය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා සවුදි අරාබියට හමුදා යැවීමට ඇමරිකාව ඉදිරිපත් විය. යේමනය ගැන ඔහු පැවසුවේ කුමක්ද? යේමනයේ සිවිල් යුද්ධය හූති කැරලිකරුවන්ට දක්වන සහයෝගය නවත්වන ලෙස කුමරු ඉරානයෙන් ඉල්ලා සිටියේ යුද්ධය අවසානයකට ගෙන ඒම "වඩාත් පහසු" වනු ඇති බව පවසමිනි. " යේමනයේ ගැටලුවට දේශපාලන විසඳුමක් සඳහා වූ සෑම පියවරකටම අද අප විවෘතයි." යැයි ඔහු කීය. දින කිහිපයකට පෙර හූති සටන් කරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය සම්බන්ධයෙන් අදහස් පළ කළ කුමරු එය දේශපාලන සංවාදයක් සඳහා වූ "ධනාත්මක පියවරක්" ලෙස අර්ථදැක්වීය. මෙම සිවිල් යුද්ධය ලෝකයේ දරුණුතම මානුෂීය ව්‍යසනයට මග පාදා ඇති අතර එරට ජනගහනයෙන් 80% කට මානුෂීය ආධාර හෝ ආරක්ෂාව අවශ්‍ය බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව, මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ සිට මේ දක්වා 70,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විශ්වාස කෙරේ. සිරගත කර ඇති කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ගැන ? ලුජේන් අල්-හැත්ලූල් කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන ලුජේන් අල්-හැත්ලූල් හට බන්ධනාගාරයේදී වධහිංසා පමුණුවා ඇතැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව සොයා බලන බව ද මෙම සම්මුඛ සාකච්ඡාවේදී කුමරු පැවසීය. පිරිමියෙකුගේ අවසරයකින් තොරව රිය පැදවීම සහ සංචාරය කිරීම වැනි අයිතිවාසිකම් උදෙසා සාර්ථක උද්ඝෝෂණයක් සංවිධාන කළද හැත්ලූල් සහ සහ තවත් ක්‍රියාකාරීහු පිරිසක් වසරකට වැඩි කාලයක් අත්අඩංගුවේ පසුවෙති. කියවන්න
ඉරානයට බාධා කිරීමට ලෝක ප්‍රජාව පියවර නොගන්නේනම් තෙල් මිළ සීග්‍රයෙන් ඉහළ යාමට ඉඩ ඇතැයි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු අනතුරු අඟවා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ හා සමාන කාලයකට ඉහතදී ශ්‍රී ලංකාවේ බීබීසී වාර්තාකරු ලෙසින් පත්ව කොළඹ ආ චාල්ස් හැවිලන්ඩ් උතුරු කරයට ආගිය වාර ගණන දස වතාවක් තරම්. ඒ වකවානුව තුලදී භෞතික හා ආර්ථික වශයෙන් පළාත අත් කොට ගෙන තිබෙන්නේ සැලකිය යුතු වෙනසක්. ජනාකීර්ණ යාපනයේ ප්‍රවර්ධනයට විදේශගත දෙමළ ප්‍රජාව එවන මුදල්ද එක් සාධකයක්. යාපනය අවට උතුරේ අනිකුත් පළාත් වල ද අලුතින් ඉදිවූ කඩසාප්පු, බැංකු, පාරවල්, පාලම් දැකගත හැකියි. ඒ අතින් උතුරේ සිදුවී ඇත්තේ ලොකු විපර්යාසයක් බවයි බීබීසීය වෙනුවෙන් වාර්තා චිත්‍රපටයක් පටිගත කරද්දී ඔහු දුටුවේ . කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ රජය හා දෙමළ විමුක්ති කොටි හමුදා අතර යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් අති මහත් සංඛ්‍යාව උතුරු කරයේ ඉතිරි කොට තබා ගොස් ඇත්තේ මහා විස්සෝපයක්. ගුවන් ප්‍රහාරයකින් පුතා, ලේලිය හා මුණුපුරන් දෙදෙනා මරුමුවට පත්වූ දේවී ඥානම්මා දිවි ගෙවන්නේ ශෝකයේ අඳුරු සෙවනැල්ලේ. ඒ ප්‍රහාරය පතිත වූයේ යුද්ධය බිහිසුණු ලෙස ඇවිල ගිය 2009 පෙබරවාරි මාසේ විසි හතර වැනිදා. මරණයේ දුගඳ "ඉස්සෙල්ලාම මුණුපුරාගේ බඩ තුවාල වෙලා බඩවැල් ඔක්කොම එලියට ඇවිත්. මම ඒක තද කරලා වෙලුවා. පුතාටත් තුවාලයි. සිහි කල්පනාව නැහැ. ඒ දෙන්නම බිම දිගා කරලා අනිත් දෙන්නා හොයන්න ගියා. බලනකොටම කෆීර් එකෙන් ඇවිත් ගහලා දරුවාගේ බෙල්ල ගැලවිලා ගියා. ඒ දෙන්නත් එතනම අන්තරා උනා." සියල්ල සිදුවුයේ දේවීගේ ඇස් ඉදිරිපිට. එදා මතකය අදත් සිත කය පාරවන්නක්. "එකපාරටම මට මහ අමුතු ගඳක් දැනෙනවා. එතකොට සිහි කල්පනාව නැතිවෙලා මං ඉන්නේ කොහෙද කියලවත් තේරෙන්නේ නැතිව යනවා. හරිම බයක් දැනෙනවා. කොයි වෙලාවෙත් ළමයි ගැනමයි සිහි වෙන්නේ." උතුරු කරය පුරා කියැවෙන එවැනි කතා, ගණනින් දහස් සංඛ්‍යාතයි. අතුරුදහන් යුද්ධයේදී මනුෂ්‍ය වර්ගයාට එරෙහිව සිදු කැරුණු අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන රජයට එල්ල කර තිබෙන චෝදනා ඉතා බරපතලයි. අතුරුදහන් කිරීම් ඉන් එක් අපරාධයක්. අතුරුදහන් කරනු ලැබුවන්ගේ තොරතුරු එක්රැස් කරමින් සිටියදී කුහන් මුරුගනාදන් සිය සගයා ලලිත් කුමාර් වීරරාජ් සමගින් 2011 දෙසැම්බරයේදී, අතුරුදහන් දහස් ගණන අතර සැඟව ගියේ උතුරුකරයේදී. කුහන්ගේ බිරිඳ ජනාතා අද පදිංචිව ඉන්නේ අඩක් බැඳ වැඩ නවතා දැමූ නිවෙසක. ඇගේත් දස හැවිරිදි දියණියගෙත් ජීවිත ඒ නිවහන විලසින්ම අතරමග ඇන හිටි සෙයක් හැඟෙනු වලක්වනු බැහැ. “එයා අප්පට හරි ආදරෙයි. හැමදාම අප්පා කිය කියා අඬනවා. දරුවට අප්පා නැතිව හරි අමාරුයි.” කුහන් සොයා දෙන ලෙස රජයට බලකරන මෙන් ඉල්ලා කුහන්ගේ ක්‍රියාකාරී සගයෝ නඩු පැවරූහ. එහෙත් නඩුව විභාගයට ගැනීමට කලින් දා රාත්‍රියේ වෙස් මුහුණු ලාගත් සිව් දෙනෙක් ජනාතා සහ දියණිය වෙසෙන ගෙදරට කඩා වැදුනෝය. “උසාවි ගියොත් එහෙම අප්පා නැති වුනා වගේ දුවට අම්මත් නැති වෙයි කියල බය කළා. ඊට පස්සේ මම උසාවි ගියේ නැහැ. කවුරුත් මෙහෙ ඉන්නේ බයෙන්. උස්සන් ගියේ කවුද කියල දැනගත්තත් කවුරුවත් කියන්නේ නැහැ. ඒ අයටත් ඒ දේම වෙයි කියලා.” අධිකරණයෙන් පිහිටක් වෙතැයි හෝ කුහන් ආපසු ගෙදර එතැයි හෝ ජනාතාට විශ්වාසයක් නැත. මාධ්‍ය වේදියකුගේ ඝාතනය ලාල් වික්‍රමතුංග, චාල්ස් හැවිලන්ඩ් කැඳවාගෙන ගියේ 2009 අවුරුද්ද මුල මහ දවාලක කොළඹ තදාසන්නයේ සිය සොයුරු සන්ඩේ ලීඩර් කතුවර ලසන්ත වික්‍රමතුංග මරා දමනු ලැබූ තැනට. ඝාතනයට වග කිව යුත්තේ කවුද යන්න ගැන ඔහු තුළ සැක සංකාවක් නැහැ. "මං දන්නවා. රටේ තොටේ මිනිස්සු ඉවෙන් වගේ දන්නවා. ඒ වගේම මමත් දන්නවා. නිශ්චිත සාක්ෂි උසාවියක ඉදිරිපත් නොවුනොත්, අපිට හැඟෙන දේ තමයි, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදීයි ලසන්ත වික්‍රමතුංග මරා දැමුවේ කියන එක." ජනපති පුත් නාමල් රාජපක්ෂ චාල්ස් හැවිලන්ඩ් සමග සාකච්ඡාවකට එක්වුයේ උතුරේ යුද පීඩිතයන් කිලිනොච්චියේ නැවත පදිංචි කිරීමේ උළෙලකට සහභාගී වෙමින් සිටියදී. ගුවන් බෝම්බ පහරට ගොදුරුවී පවුලේ සාමාජිකයන් සිව් දෙනකු මියගිය දේවී වැනි දස දහස් ගණනක් උතුරේ පමණක් නොව දකුණේද සිටින බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා අවධාරණය කළේ. "ඉස්කෝල වලට බෝම්බ දාපු එක ගැන මොකද කියන්නේ? එල්ටීටීඊ එක ලෝක බැංකුවට බෝම්බ දැම්ම එක ගැන මොකද කියන්නේ? දකුණේ ආගමික සිද්ධස්ථාන වලට එල්ටීටීඊ එක බෝම්බ දාපු එක ගැන මොකද කියන්නේ? ඇත්තටම අපි දන්නේ නැහැ ෂෙල් ගැහුවෙ ආණ්ඩුවද එල්ටීටීඊ එකද කියන එක." උතුරේ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂා භංගත්වය හා කම්පාව තම රජය නොතකා හැර ඇතැයි යන්න නාමල් රාජපක්ෂ විසින් ප්‍රතිෂේප කැරිණ. එමෙන්ම අතුරුදහන් වීමක් ගැන පැමිණිල්ලක් ඇත්නම්, පොලිසිය නිසියාකාර පරීක්ෂණ සිදු කරනු ඇති බවට ජනාධිපති පුත්‍රයා විශ්වාසය පළ කළේය. එමෙන්ම පුද්ගලයන් අතුරුදහන් වනු දකින්නට කිසිවෙකුත් කැමති නැති බවත් රාජපක්ෂ තරුණ මන්ත්‍රී වරයා ප්‍රකාශ කරයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි සිදුවීම්ද තමන් පමණක් නොව රටේ කවර අයකුවත් අනුමත නොකරන බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් චාල්ස් හැවිලන්ඩ් හා කියා සිටියේ.
වෙඩි හඬ නිහඬ වී ගතවූ කාලය වසර හතරක්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සාධාරණත්වය ඉටු කර ගැනීමට සඳහා මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් නගන හඬ යටපත් කෙරෙන වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන බව පවසමින් ඇම්නස්ටි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක් පිළිබඳව කරුණු දැක්වූ මොහාන් සමරනායක කියා සිටියේ, විපක්ෂය, රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් කණ්ඩායම් වලට රජය විවේචනය කිරීමට ඉඩ ලැබී ඇති අතර තවත් කණ්ඩායම් ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සැසි වාරය වෙත කරුණු දැක්වීමට සුදානම් වෙමින් සිටින බවයි. දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නව නීදන් පිල්ලෙයි වාර්තාව පිළිගන්නා බව ප්‍රකාශ කොට ඇතැයි කී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක රට තුළ මර්ධනකාරී පිළිවෙතක් ක්‍රියාත්මක වේ නම් මෙවැනි දේ සිදු වෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය. ආණ්ඩුව දිගින් දිගටම අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම් පත් කළත් ඒ පිළිබඳ ව වාර්තා ප්‍රසිද්ධ නො කිරීම සම්බන්ධයෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරය නගන චෝදනාව සම්බන්ධයෙන් විමසූ විට මොහාන් සමරනායක කියා සිටියේ යුද්ධය හමාර වී තවමත් ගෙවී ඇත්තේ පස් වසරකත් තරම් අඩු කාලයක් බවයි. එම කාලය තුළ රජයට එකවර ප්‍රශ්න රාශියක් සමග පොර බැදීමට සිදු වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙයි. ඉහත කරුණු විභාග කිරීම සඳහා කොමිසමක් පත් කළ අතර දැන් අලුතින් පත් කොට ඇති කොමිසම අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි විභාග කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දීර්ඝ යුද්ධයක් නිමාවේ ඉතිරි වෙන දුෂ්කර ගැට‍ළු විසඳීම සඳහා කාලයක් ගත වෙන බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක වැඩිදුරත් කියා සිටියේය.
අදහස් පළ කිරීම මැඩලීමේ පිළිවෙතක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක බී බී සී සංදේශයට ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙරට අතර ධීවර සිරකරුවන් හුවමාරුවක්ද පසුගිය දා සිදුවිය යෝජනා පහක් ඇතුළත් මෙම න්‍යාය පත්‍රයේ සඳහන් වන්නේ සාම්ප්‍රදායික වශයෙන් මහ ඇමතිනිය විසින් හඳුන්වනු ලබන මුහුදු කලාපයේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයන්ට අයිතියක් තිබිය යුතු බවයි. චෙන්නායි නුවරදී සඳුදා පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වන ලාංකික ධීවර පිරිස සහ බලධාරීන් ඇතුළත් නියෝජිත පිරිස මේ වන විට ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ. මුහුද මැද දී සිරකරුවන් හුවමාරු කර ගනිමින් දිල්ලියේ පැවති මූලික සාකච්ඡාවලින් අනතුරුව මන්නාරමේදී සහ යාපනේදී පුළුල් සාකච්ඡා පැවති බව චෙන්නායි බලා පිටත්ව ගිය ධීවර නායක ඇල්බට් ජස්ටින් සොයිසා බීබීසීයට ප්‍රකාශ කළේය. 'එක දවසක් හරි' ‘එක දවසක් හරි අපේ මුහුදට ඇතුල් වීම ට කිසි සේත් එකඟ වන්න බැරි බව ඉන්දීය ධීවරයන්ට දැනුම් දෙන ලෙස අපේ ධීවරයන් අපිට කිව්වා. ඒ වගේම දිල්ලි රැස්වීමේ දී දෙරටේම නිලධාරීන් එකඟ වූ කාරණයක් තමයි මුහුදු සීමා කඩන ධීවරයන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බව. ඉන්දීය ධීවරයන් මසුන් මරණ ක්‍රම වෙනස් කරන්න උපදෙස් දෙන බවත් එසේ නොකරන අයට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් ඉන්දීය නිලධාරීන් අපට ප්‍රකාශ කළා. ඉතින් තමිල් නාඩු ධීවරයන් මීට එකඟ වෙන බව අපිට විශ්වාසයි.’ ඔහු තව දුරටත් කියා සිටියේය. 'දැනුවත් කර නෑ' නමුත් දිල්ලියේදී සාකච්ඡා වූ කරුණු හෝ චෙන්නායි නුවරදී සාකච්ඡා කෙරෙන කරුණු පිළිබඳව තමා දැනුවත් කර නැති බවයි එම සාකච්ඡා සඳහා කැඳවා නොමැති යාපනේ ධීවර නායක කන්ධවනම් සූරියකුමාරන් පවසන්නේ. ‘තමිල්නාඩු ආණ්ඩුව වගේ අපේ පළාත් සභාවත් ධීවරයන්ගේ සුබ සාධනය ගැන දැඩි උනන්දුවක් දැක්විය යුතුයි. ධීවරයන් තෝරලා රැස්වීම සම්බන්ධීකරණය කරන්න තිබුනේ ඒ ගොල්ලෝ. එහෙම කරන්නේ නැතිව ඒ අය මේ ගැන සද්ද නැතිව ඉන්නවා. ඒ ගොල්ලො මොකක් හරි පියවරක් ගත්තා නම් අපි සතුටු වෙනවා. එහෙම නැති තැන මේ රැස්වීමෙන් පලක් වේවි කියලා හිතන්න අමාරුයි. අපි හිතුවා බලයේ ඉන්න අපේ අය අපි ට සහන සලසන්න මොනවා හරි කරයි කියල. ඒත් එහෙම වෙලා නැහැ.’ සූරියකුමාරන් පැවසීය.
ඉන්දු ලංකා ධීවර ගැට‍ළු නිරාකරණය කර ගැනීම සඳහා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවරයන් අතර ඍජු සාකච්ඡා සඳුදා ආරම්භ වීමට නියමිතව තිබියදී තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එසේ නිරීක්ෂණයන් සිදු කෙරෙන බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිනිය විසින් ලිපියක් ජනාධිපතිවරයා වෙත යවා ඇති බව අන්තර් ජාල වෙබ් අඩවි සහ මුද්‍රිත මාධ්‍ය වල පළවී තිබිණ. අද, බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කළ ජනාධිපති ලේකම් කාර්යාලය ස්ථිර වශයෙන් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ආරක්ෂක බලධාරීන් හෝ ජනාධිපති කාර්යාලය හෝ එවැනි කිසිදු ආරක්ෂක නිරීක්ෂණ කාර්යයක යෙදී නැති බව යැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක සංදේශයට පැවසුවේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ගැන හෝ ඇගේ ආධාර කරුවන් ගැන හෝ එසේ නිරීක්ෂණ කටයුතු සිදු කර නැති බව එහි සඳහන් කොට ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. ඇගේ ලිපියට දීර්ඝ පිළිතුරක් යවන බවත් එම නිවේදනයේ සඳහන් වන බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක ප්‍රකාශ කළේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගේ ගමන් බිමන් හෝ වැඩකටයුතු රජයේ ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරන බවට නැගෙන චෝදනා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බොලිවුඩ් සුපිරි තරුව අතගත් ගායකයෙකු සහ ගීත රචකයෙකු වූ 25 හැවිරිදි නික් ජෝනස් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් බිහිවූ ගායකයෙකු වන නික් ජෝනස් 'ජෝනස් බ්‍රදර්ස්' නම් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ද වී සිටියේය. ඔහු සහ 36 හැවිරිදි සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා අතර විවාහ ගිවිසගැනීම පසුගිය සෙනසුරාදා (අගෝස්තු 18) පෞද්ගලික උත්සවයක් ලෙස පැවැත්විණි. මෙම දෙපළ උත්සවය තුළ සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුම්වලින් සැරසී සිටිනු දක්නට ලැබුණි. මෙම විවාහ ගිවිසගැනීම ගැන මින් සති තුනකට පෙර සිට කටකතා පැතිරී ගොස් තිබුණත් මේ වනතෙක් එය තහවුරු කර තිබුණේ නැත. ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වෙන දිනය ගැන මෙතෙක් නිවේදනය කර නොමැත. විවාහ ගිවිසගැනීමේ උත්සවයේ ඡායාරූපය අතරින් එක සමාන ඡායාරූප දෙකක් ඔවුන් දෙදෙනාම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල පළ කර තිබේ. නික් ජෝනස් එම ඡායාරූපය පහළින් සටහනක් තබා ඇත්තේ ප්‍රියංකා චොප්රා "ජෝනස්ගේ අනාගත බිරිඳ" ලෙස පවසමිනි. ඉන්දියානු චාරිත්‍ර අනුව පැවති විවාහ ගිවිසගැනීම 'රොකා' උත්සවය ලෙස හැඳින්විය. මෙහිදී යුවළට එකිනෙකා අතර ත්‍යාග හුවමාරු කර ගත හැකි අතර, ඔවුන්ගේ පවුල් දෙක එකතුවීම පිළිබඳ ප්‍රසිද්ධ කරනු ලැබේ. මෙම විවාහ ගිවිසගැනීම සමරමින් 'ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones)' නිළි සොෆී ටර්නර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සුභ පැතුම් පළ කර තිබුණි. "මම සෑහෙන සතුටට පත් වෙලා ඉන්නේ ඔයාව අපේ පවුලට සාදරයෙන් පිළිගන්න ප්‍රියංකා චොප්රා. මම ඔබ දෙදෙනාටම ආදරෙයි" ලෙස නික් ජෝනස්ගේ සහෝදරයා වන 'ජෝ' සමග විවාහ ගිවිසගෙන සිටින සොෆී ටර්නර් පැවසීය. "මගේ සහෝදරයා ගැන මීට වඩා සතුටක් මට නැහැ. අපේ පවුලට ඔබ සාදරයෙන් පිළිගන්නවා ප්‍රියංකා චොප්රා. අපි ඔබට ආදරෙයි" යැයි ජෝ සිය ට්විටර් ගිණුමේ පළ කර තිබිණි. කෙටි ඇසුරකින් පසු සිදු වූ විවාහ ගිවිසගැනීම් පසුගිය කාලය තුළ කලා ලොව සුලබව දක්නට ලැබුණි. ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනස් අතර විවාහ ගිවිසගැනීම ද එම රැල්ලට සිදු වූවක් බව සමහරුන්ගේ මතයයි. සති කීපයක ඇසුරකින් පසු, මෙම වසර මුලදී ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු ගායිකාවක් වන අරියානා ග්‍රන්ඩේ (Ariana Grande) ප්‍රහසන නළුවෙකු වන පීට් ඩේවිඩ්සන් විවාහ කරගැනීමට තීරණය කළාය. පසුගිය මාසයේ තවත් ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු ගායකයෙකු වන ජස්ටින් බීබර් ඔහුගේ පැරණි පෙම්වතියක් වූ මෝස්‌තර නිරූපණ ශිල්පිනී හෙයිලි බෝල්ඩ්වින් සමග නැවත එක් වී විවාහ ගිවිසගන්නා ලදී. ප්‍රියංකා චොප්රා 2000 වසරේදී ලෝක රූ රැජිණ කිරුල දිනා ගත් පසු, ඉන්දියානු චිත්‍රපට පනහකට වැඩි ප්‍රමාණයකට සිය දායකත්වය ලබා දී ඇත. ඇය බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පිනියන් අතර රැඳී සිටී. ප්‍රියංකා චොප්රා 2000 වසරේදී ලෝක රූ රැජිණ කිරුල දිනාගත් අවස්ථාව 2016 වසරේ ටයිම් සඟරාව පළ කළ ලොව වැඩිම බලපෑමක් එල්ල කළ හැකි පුද්ගලයන් 100 අතරට ප්‍රියංකා චොප්රා ඇතුළත් කර තිබුණි. එමෙන්ම, පසුගිය වසරේ ෆෝබ්ස් සඟරාව පළ කළ ලොව බලවත්ම කාන්තාවන් 100 අතර ද ඇයගේ නම සටහන් වී තිබේ. 'කොන්ටිකෝ (Quantico)' ටෙලිනාට්‍ය මාලාවෙන් සහ වෙන්ටිලේටර් (Ventilator), බේවොච් (Baywatch), 'අ කිඩ් ලයික් ජේක් (A Kid like Jake) යන සිනමාපටවල රංගනයෙන් ප්‍රියංකා චොප්රා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධියට පත් විය. ඇය මේගන් මාකල් සහ හැරී කුමරුගේ විවාහ උත්සවයේ ආරාධිතයෙකු ද විය. 'කොන්ටිකෝ (Quantico)' ටෙලිනාට්‍ය මාලාවෙන් සහ සිනමාපට කීපයක රංගනයෙන් ප්‍රියංකා චොප්රා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධියට පත් විය. නික් ජෝනස් ඔහුගේ සහෝදරයින් වන ජෝ සහ කෙවින් සමඟ පිහිටවූ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියේය. නමුත් ඔහු ප්‍රසිද්ධියට පත් වුයේ ඩිස්නි චිත්‍රපටියක් වන 'කෑම්ප් රොක් (Camp Rock)' හරහාය. නික් ජෝනස් ඉන්පසු ඔහු තනිව ගායකයෙකු ලෙස ගීත කීපයක් එළි දැක්වූ අතර, ඇමරිකානු 'X Factor' ගායන තරගයේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කළේය. 25 හැවිරිදි නික් ජෝනස් ප්‍රියංකා චෝප්රාට විවාහ යෝජනාව කළේ පසුගිය ජුනි මස ලන්ඩන් නුවරදීය. මේ තොරතුරුද දැනගන්න:
මාස කීපයක සම්බන්ධතාවකින් පසු ප්‍රියංකා චොප්රා ඇමරිකානු ජාතික නික් ජෝනස් සමග විවාහ ගිවිසගැනීම පිළිබඳ පළවූ තොරතුරු තහවුරු කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම නඩුව පවරා තිබෙන්නේ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා විසින් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන පෙත්සම් විභාගයට සම්බන්ධවයි, අධිකරණය එම නියෝගය කළේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් මීට ඉහතදී පාර්ලිමේන්තුවේදී මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා සඳහන් කොට තිබුනේ සන්නද්ධ කණ්ඩායමක් විසින් මාධ්‍යවේදියා පැහැර ගෙන ගොස් ඇති බවට තොරතුරු තිබෙන බවයි. 'දෙවියන් වහන්සේ පමණයි' අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලේකම්වරයා අධිකරණයට කැඳවා ප්‍රශ්න කරන මෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අධිකරණය, ලබන මස 13 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කළේය. ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටී. ප්‍රංශයේ වෙසෙන මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන විසින් ඔහු ප්‍රංශයේදී තමාට හඳුන්වා දුන් බව පාලක සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කළේය. එහෙත් අරුන්දික මන්ත්‍රීවරයා තමාට කිසි දිනක ප්‍රංශයේදී මුණ නොගැසුණු බව ඒ පිළිබඳව කළ විමසීමකදී මංජුල වෙඩිවර්ධන බීබීසී සංදේශයට පැවසීය. එක්නැලිගොඩ මාධ්‍යවේදියා විදේශයක දේශපාලන රැකවරණ ලබා සිටින බවට තොරතුරු ඇතැයි, එවකට කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක පදවිය හෙබවූ වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස්, ඊට ඉහතදී ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් අධිකරණයට කැඳවා විමසීමක් කළ විටය මොහාන් පීරිස් කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිස අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් පීඑම් රංජිත්ට හෝමාගම අධිකරණය නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොප් ගායිකා කේටි පෙරී හින්දු දේව විශ්වාසයන්ට අනුව කාලි මෑණියන් සළකනු ලබන්නේ විනාශයට අධිපති දෙවඟන ලෙසය. දිනකට පෙර කේටි පෙරීගේ Instagram පිටුවේ පළ කරන ලද එම ඡායාරූපය සඳහා එකොළොස් දහසකට අධික පිරිසක් අදහස් (comments ) පළ කොට තිබේ. බොහෝ අදහස් පළ කොට ඇත්තේ නින්දා සහගත ලෙසිනි. අදාළ ඡායාරූපය ඉවත් කරන ලෙස ඇතැම් අය ඉල්ලා සිටි අතර පොප් ගායිකා කේටි පෙරී ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. පළමු අවස්ථාව නොවේ ඉන්දියානුවන්ට සංවේදීවන කරුණු අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් කතාබහට ලක් වූ පළමු ජාත්‍යන්තර තාරකාව ඇය නොවේ. ටෙනිස් තරුවක්වන මරියා ෂරපෝවා හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචීන් ටෙන්ඩුල්කාර් කවුරුන්දැයි යන්න නොදැන සිටීම සම්බන්ධයෙන් මීට පෙර ඉන්දියානුවන්ගේ කෝපය පළ විය. එසේම හොලිවුඩ් නළු රිචර්ඩ් ගියර් විසින් බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටි සිප ගනු ලැබීමට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ද ලැබිණි. ඉන්දීය ජාතික ධජයෙන් සරසන ලද පාපිසි අලෙවි කිරීම සම්බන්ධයෙන් මෑතකදී Amazon අන්තර්ජාල අලෙවි සමාගමට එරෙහිව කෝපය පළ විය. ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට ඉන්දීය විදේශ ඇමතිවරයා පැවසීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙස එම සමාගමට බල කෙරිණි.
තමන් කෝපයට පත්ව සිටින බව පෙන්නුම් කිරීම සඳහා පොප් ගායිකා කේටි පෙරී විසින් කාලි මෑණියන්ගේ රූපයක් අන්තර්ජාලයේ පළ කරනු ලැබීම සම්බන්ධයෙන් සයිබර් අවකාශයේ සැරිසරන ඉන්දියානුවෝ කෝපයට පත්ව සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොළඹ දී රාමසාන් උපවාසය නිමා කෙරුණු අවස්ථාවක් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාමසාන් උපවාසය අවසන් කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් ලීගය මහර බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන්ට වාර්ෂික දිවා භෝජන සංග්‍රහය පැවැත්වූ අවස්ථාවේ අදහස් දක්වමිනි. "මේක මුස්ලිම්වරුන්ට ඉතාම අභියෝගමත් කාලයක්," යනුවෙන් සඳහන් කළ අමාත්‍ය කබීර් හෂීම්, "ලෝකය පුරාම ඉස්ලාම් ධර්මයට එරෙහිව විශාල ප්‍රචාරයක්" ගෙනයමින් පවතින බවත් පැවසීය. බෝ සෙවණේ රාමදාන් "විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළම ඉඳගෙන අන්තවාදී කොටස් මුස්ලිම් ප්‍රජාවට අපකීර්තිය ඇතිකරන කොට, ඉස්ලාම් ධර්මයටම වැරදි අර්ථකථනයක් ඇතිකරමින් ජාත්‍යන්තර වශයෙන් ලොකු කුමන්ත්‍රණයක් අපේ ආගමට විරුද්ධව ක්‍රියාත්මක වන අවස්ථාවේදී අපි සියලු දෙනාටම ලොකු වගකීමක් තියෙනව ඇත්තටම ඉස්ලාම් ධර්මය කුමක්ද කියන එක ලෝකෙට පෙන්වා දෙන්න." ටීබී ජායා ගේ පුරෝගාමිත්වයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් ලීගය සිංහල මහා සභාව සහ ද්‍රවිඩ කොංග්‍රසය වැනි සංවිධාන සමග එක්ව ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීම පිණිස සටන් වැදුණු ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා, දුරාතීතයේ පටන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සිංහල රජවරුන් සමග එක්ව ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වැදුණු ආකාරයත් පෙන්වා දුන්නේය. "මේ වෙලාවෙ අපේ ආගමට ධර්මයට අභියෝග තියෙන කොට අපි හැමකෙනාටම වගකීමක් තියෙනව ශ්‍රී ලාංකික පුරවැසියෝ හැටියට මේ රට වෙනුවෙන් අපේ යුතුකම් හරියට ඉෂ්ඨ කරන්න," යනුවෙන් ද ඔහු සඳහන් කළේය. රාමසාන් උපවාසය අවසන් කරන මහර බන්ධනාගාරයේ සිරකරුවෝ රාමදාන් උපවාසය නිමාකිරීම සනිටුහන් කරමින් මහර බන්ධනාගාර රැඳවියන්ට දිවා භෝජනය ලබා දී ආගමික වතාවත් ඉටුකිරීම හැට වසරකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා මුස්ලිම් ලීගය වාර්ෂිකව සිදු කරන පුණ්‍ය කර්මයකි. තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා බන්ධනාගාර නේවාසිකයන් පුනරුත්ථාපනයෙන් පසුව යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ දී යම් යම් ගැටළුකාරී තත්ත්වයන් පැන නැඟී තිබෙන බව ද පැහැදිළි කළේය. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කොට දීර්ඝ දඩුවම්වලට යටත් සිරකරුවන්ට නෛතිකව සමාව ලබා සමාජ ගතවීමට අවස්ථාව උදාකිරීම පිණිස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය කබීර් හෂීම් වැඩිදුරටත් පැවසීය. "විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළම ඉඳගෙන අන්තවාදී කොටස් මුස්ලිම් ප්‍රජාවට අපකීර්තිය ඇතිකරන කොට අපි සියලු දෙනාටම ලොකු වගකීමක් තියෙනව ඇත්තටම ඉස්ලාම් ධර්මය කුමක්ද කියන එක ලෝකෙට පෙන්වා දෙන්න"
ඉස්ලාම් ආගම වෙනුවෙන් පෙනී සිටින බව පවසන අන්තවාදීන්ගේ ක්‍රියා හේතුවෙන් ලොව පුරා මුස්ලිම් ජනතාවට එරෙහිව විරෝධයක් මතු වී තිබෙන බව පවසන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එය වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම මුස්ලිම් ජනතාවගේ යුතුකමක් බව පෙන්වා දෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ෆ‍්‍රී මාර්ච්' සංවිධානයේ කැඳවුම්කරු වන නීතිඥ ගුණරත්න වන්නිනායක සේවය නිමවා ‍මෝටර් රථයෙන් නිවසට යමින් සිටියදී, ඒ පිටුපස පැමිණි පුද්ගලයින් 4 සිව්දෙනෙකු වාහනයේ වීදුරුව පහත් කරන ලෙස පවසා තර්ජනය කර පහරදීමට තැත් කළ බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය පවසයි. ඔහුගේ බොරලැස්ගමුව පිරිවෙන පාරේ පිහිටි නිවස ඉදිරිපිටදීයි මෙම තර්ජනය සිදුව තිබෙන්නේ. ගුණරත්න වන්නිනායක, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වුණු දෝෂාභියෝගයට එරෙහිව ප්‍රබල හඬක් නැගූ විපක්ෂ ක්‍රියාකාරිකයෙක්. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
කොළඹ පිහිටි නීතිවේදී ගුණරත්න වන්නිනායකගේ නිවසට ඇතුළු වීමට මඳ වේලාවකට පෙර ආයුධ සන්නද්ධ කණ්ඩායමක් දරූ උත්සාහයක් අසාර්ථක වූ බව නීතිවේදීන්ගේ එකමුතුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"සමහරුන්ට මේ දෙයින් සිත් රිදීමක් ඇති වෙන්න පුළුවන්. නමුත්, ඊට එහා ගිය වෛරයක් නැත්නම් භීෂණයක් ආගම ගැන ඇති වෙන්න අවශ්‍යයි 'ICCPR' පනත ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගැනීම් සිදු කරන්න." "මිනිස් අයිතිවාසිකම් ගැන අපි සාපේක්ෂව බලන්න ඕනේ. ඕනෑ ම පුද්ගලයෙකුට තිබෙනවා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය," ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය. මොකක්ද මේ 'ICCPR' පනත? 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR), සිවිල් යුද සමයේ මෙන් ම පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු වූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ප්‍රබල සංවාදයට ලක් වූ පනතකි. මෙම පනතේ පූර්විකාවේ සඳහන් වන්නේ, "සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ව්‍යවස්ථාමය පියවර මගින් පිළිගැනීමක් ලබා දී නැති මානව හිමිකම්වලට අදාළ ඇතැම් ව්‍යවස්ථා බලාත්මක කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි," යනුවෙනි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හිමි වන මූලික අයිතිවාසිකම් පිළිබඳව සඳහන් කර තිබේ. තිස් වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධමය වාතාවරණය තුළ ඇතැම් මූලික අයිතිවාසිකම් සීමා වූ බවට එල්ල වූ චෝදනා හමුවේ, යුද්ධ ගැටුම්වලින් අනතුරුව එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සඳහා නීති සම්පාදනය කරමින් පිළිගත් ජාත්‍යන්තර සම්මුති හා සමගාමීව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය. 2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු නොවුණු ඇතැම් මානව හිමිකම් තහවුරු කිරීම එමගින් අපේක්ෂා කෙරේ. 1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ, 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව ද පාර්ශවයක් ලෙස එක් විණි. 1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන් ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලට ද ව්‍යවස්ථාමය පිළිගැනීක් ලබා දීම සිදු විය. මින් පෙර, ප්‍රමාණවත් ලෙස ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා නොදුන් ඉහත කී සම්මුතියේ සඳහන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට සරිලන නීති සම්පාදනය කිරීම සඳහා රජයට මතු වූ අවශ්‍යතාව ICCPR පනතේ ආරම්භය ලෙස දැක්විය හැකිය. ජාත්‍යන්තර සම්මුති අනුව පිළිගැනුණු ඇතැම් අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ලබා දීම මෙන් ම එකී අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම පනතෙන් සිදු විය. මෙම පනතෙන් ජනතාව පීඩනයට පත් කළ හැකි ද? පසුගිය දා පොල්ගහවෙල ප්‍රදේශයේ භික්ෂූන් පිරිසක් සිදු කළ පැමිණිල්ලකට අනුව සම්මානලාභී ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවයි. දෙදරු පියෙකු වන ශක්තික සත්කුමාර ඔහු තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවේ. ඒ අතර, රහීම් මසාහිනා ඇඟලා සිටි දිගු ගවුමේ පිටුපස 'ධර්ම චක්‍රයක හැඩයේ' සලකුණක් තිබීම හේතුවෙන් හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ අඩංගු වගන්තිවලින් බලාත්මක වන නීතිය අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු විණි. මේ හේතුවෙන් බොහෝ පිරිසක් අදාළ පනත 'ජනතාව මර්දනය' කිරීම සඳහා ක්‍රියාත්මක වන්නක් ලෙස හඳුන්වා තිබිණි. එමෙන් ම, අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීමේ හැකියාව ද මෙම පනතෙන් ලැබෙන බවට සමහරු මත පළ කර තිබිණි. පනතේ 3 (1) වගන්තියේ අන්තර්ගතය බොහෝ විට මෙම මතවාදවලට තුඩු දිණි. ඉහත සඳහන් අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබන්නේ ද මෙම වගන්තිය යටතේ සැපයෙන නීති අර්ථකථනය කිරීමෙන්ය. 3 (1) වගන්තිය අනුව, "කිසි ම තැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය." එමෙන් ම, 3 වැනි වගන්තියේ (4) වැනි උප වගන්තිය ප්‍රකාරව "මේ වගන්තිය යටතේ වූ වරදක් සංඥෙය සහ ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසි ම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතුය," යනුවෙන් සඳහන් වී තිබේ. ඒ අනුව, 3 (1) වගන්තියේ සඳහන් ආකාරයේ වරදක් සිදු කළ තැනැත්තෙකුට ඇප ලබා ගැනීමේ මුල් අවස්ථා අධිකරණය වන්නේ මහාධිකරණයයි. එහි අරුත වන්නේ මහාධිකරණයකට වඩා පහළ අධිකරණයකින් ඇප ලබා ගැනීමට නොහැකිය යන්නයි. ඒ අනුව, 1997 අංක 30 දරන ඇප පනත මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක නොවේ. "මෙවැනි වගන්තියක් යටතේ පුද්ගලයෙකුට නඩු පවරද්දී පොලිසිය ඉතා පරිස්සම් වෙන්න ඕනේ. මෙය අධිකරණයට වුණත් යම් සීමා පනවන පනතක්" "මේ වගන්තියට පුළුල් සහ පටු අර්ථ විවරණ දෙකක් දෙන්න පුළුවන්. එසේ අර්ථ විවරණය කරන කොට පනතේ තිබෙන අනෙක් දේ සමග කියවා බැලීම අවශ්‍යයි," ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසීය. "මෙහි පළමු වගන්තියේ තිබෙන්නේ 'යුද්ධය පැතිරවීම'. නමුත් ඉන් පසු සඳහන් වෙන එදිරිවාදිකම් සහ වෛරය ඇති කිරීම යන දේවල් ද අර යුද්ධයක් ඇති කිරීමේ මට්ටමට ළඟා වන තරමේ ක්‍රියාකාරකම් වෙන්න ඕනේ." "උදාහරණයකට, මම කිව්වොත් මගේ බුදු දහම තමයි ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨතම ධර්මය කියලා, පනත අනුව ඒකත් වරදක් විදියට යම් කෙනෙක් සිතන්න පුළුවන්. නමුත් එය 'වෛරය පැතිරවීම' මට්ටමට ළඟා වෙන්නේ නැහැ," ඔහු පැවසුවේය. පනත පුළුල් ලෙස විග්‍රහ කළ විට එහි අරමුණ අයිතීන් මර්දනය කිරීම නොව අයිතීන් වඩාත් තහවුරු කිරීම යැයි නීතිඥවරයා තවදුරටත් පැවසීය. රහීම් මසාහිනාගේ ඇඳුමේ තිබූ රූපයක් නිසා අත්අඩංගුවට ගැනීම ගැන අදහස් දැක්වූ ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසුවේ, "බෞද්ධයෙක් වශයෙනුත් මම මේ සිද්ධිය දැඩි කනගාටුවෙන් හෙළා දකිනවා. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. මුලින් ම, මේ ඇඳුමේ තිබෙන්නේ ධර්ම චක්‍රයක් නෙමෙයි, පැහැදිලිව පෙනෙනවා ඒක නැවක සුක්කානම කියලා," යනුවෙනි. හිටපු ජනාධිපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ බුදු රුවක් තබා ගෙන සිටින අතර, මාධ්‍ය සාකච්ඡාවකදී එය පෙන්වා සිටියේය "මම දැක්කා බෞද්ධ කොඩිය මහපු කමිස වෙළෙඳපොළෙහි විකුණන්න තිබෙනවා. කොඩිය වෙනුවට ධර්ම චක්‍රය දැම්මා නම් ඒකත් වැරද්දක් වෙන්න ඕනේ. නමුත්, කාන්තාව මුස්ලිම් වීම මත අත්අඩංගුවට අරගෙන රඳවා ගත්තා. මිනිස්සු ධර්ම චක්‍රය කමිසවල වගේ ම පළඳනාවක් විදියටත් භාවිත කරනවා. එහෙම බැලුවොත් ඒ සියලු දෙනා වගේ ම ඒවා විකුණන අයත් වැරදිකාරයෝ වෙන්න ඕනේ." 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතට අදහස් දක්වමින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ පවසා ඇත්තේ පුද්ගල අයිතීන් සුරැකීම සඳහා හඳුන්වා දුන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සිවිල් නිදහස සීමා කිරීමට යොදාගෙන ඇති බවය. ශක්තික අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස සීමා කිරීමක් වන අතර, රහීම් මසාහිනාගේ සිද්ධිය පනතේ කරුණු අනිසි ලෙස යෙදවීමක් ලෙස ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි. මේ තොරතුරුද කියවන්න: 'ICCPR' ක්‍රියාත්මක වූ විශේෂ අවස්ථා මොනවා ද? 2018 මාර්තු මස දිගන සිදු වූ කලහකාරී සිදුවීමවලින් පසු මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ සහ තවත් පුද්ගලයන් දිගු කලක් බන්ධනාගාරගත වීම ද මෙම පනත සහ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන් සිදු විය. හදිසි නීති මෙන් ම මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජන කොටස්වලට අයත් පිරිස වරින් වර ඇති වූ යුද්ධමය තත්ත්වයන් සහ කලහකාරී සිදු වීම් යටතේ අත්අඩංගුවට පත් වී තිබේ. කෙසේ වෙතත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතින් විවිධ ආකාරයේ අයිතිවාසිකම් ආවරණය කර ඇති අතර, 4(1) වගන්තියෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයාගේ අයිතිවාසිකම් ගැන පවා සඳහන් කර තිබේ. නයෝමි කෝල්මන් නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් 2014 වර්ෂයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ, එම පච්චය මහ ජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් පසු ඇය මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර, ඉන් ලද නියෝගයක් අනුව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු ක‍ළේය. නමුත්, මානව හිමිකම් කඩවීම යටතේ ඇය ගොනු කළ නඩුව අවසානයේදී එම බ්‍රිතාන්‍ය කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් වශයෙන් රුපියල් අට ලක්ෂයක් ගෙවිය යුතු යයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ වන විට කිහිප වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබූ නයෝමි පැවසුවේ, සැදැහැවත් බෞද්ධයෙකු වන තමා සිය බාහුවේ බුදුරුවක් පච්චා කොටා ගන්නා ලද්දේ "බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා," යනුවෙනි. "කොහොම වුණත්, මෙවැනි වගන්තියක් යටතේ පුද්ගලයෙකුට නඩු පවරද්දී පොලිසිය ඉතා පරිස්සම් වෙන්න ඕනේ. මෙය අධිකරණයට වුණත් යම් සීමා පනවන පනතක්," යැයි ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසීය. 3(1) වගන්තිය යටතේ නඩු පැවරූ විට මහාධිකරණයෙන් ඇප ඉල්ලීමේදී 'විශේෂ කරුණු' ඉදිරිපත් කළ යුතුය. නමුත්, එම විශේෂ කරුණු මොනවා ද යන්න නීතිය තුළ අර්ථ නිරූපණය කර නොමැත. මේ අනුව, නඩුවලදී විනිසුරුවරුන්ට අතිවිශේෂ කරුණු යන්න විග්‍රහ කිරීමට පුළුල් නිදහසක් හිමි වේ. මූලික අයිතිවාසිකම් යටතේ නඩු ශක්තික සත්කුමාර මෙන් ම ෆාතිමා නුශ්රා සාරූක් ද මේ වන විට සිය මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ. 1978 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ ද පුරවැසියන්ට හිමි වන මූලික අයිතිවාසිකම් ගැන දක්වා තිබේ: "ශ්‍රී ලංකා වාසී ජනතාවගේ මතු පරම්පරාවල ද ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් බිහි කිරීමෙහි ලා සහ සුරක්ෂිත කිරීමෙහි ලා ඒ පරම්පරා විසින් දරන්නා වූ ප්‍රයත්නයේදී සහාය වීමට පැමිණෙන සකල ලෝක වාසීන්ගේ ද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරෙන අස්පර්ෂණීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා…" ඕනෑ ම පුද්ගලයෙකුට භාෂණයේ නිදහස, නැතහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිමි වේ එමෙන් ම, ව්‍යවස්ථාවේ 4(ඈ) මූලික අයිතිවාසිකම් පිළිබඳ මෙසේ සඳහන් කර තිබේ: "ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප‍්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය." ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය යටතේ ඕනෑ ම පුද්ගලයෙකුට භාෂණයේ නිදහස, නැතහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිමි වේ. එමෙන් ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තිය යටතේ ඕනෑ ම පුද්ගලයෙකුට තමන්ගේ කැමැත්ත අනුව ඕනෑ ම ආගමක් වැළඳ ගැනීමේ නිදහස ද, විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද හිමි වේ. හෘද සාක්ෂියේ නිදහස තුළින් පුද්ගලයෙකුට තමන්ට රිසි දෙයක් සිතීමේ සහ ඕනෑ ම ආගමක් හෝ සදාචාරාත්මක කාරණාවක් ගැන තමන් කැමති මතයක් දැරීමේ අයිතිය හිමි වේ. කෙසේ නමුත්, මේ සියලු අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ අන් අයගේ පෞද්ගලිකත්වයට හානි නොකර, ආත්ම ගරුත්වයට හානි නොකර, ඔවුන්ගේ අයිතිවාසිකම් ද සුරැකෙන ආකාරයෙනි. පුද්ගල අයිතිවාසිකම් සීමාව ඉක්මවා භාවිත කිරීමට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විවිධ පනත් සහ නීතිවලින් නොයෙකුත් සීමා පනවා තිබේ. තවත් තොරතුරු:
"සිදුහත් කුමාරයාගේ චරිතය මාර්ටින් වික්‍රමසිංහයන් 'බව තරණය' ලෙස එළිදක්වනවා. ඒ වගේ ම නීති ශිෂ්‍යයෙක් ලියපු තවත් පොතක සිදුහත් කුමාරයා 'දඩබ්බරයා' ලෙස හඳුන්වා තිබෙනවා... මේ සෑම පොතක ම ආශ්චර්යවත් සිදුහත් කුමාරයෙක් ගැන වෙනුවට බොහොම සාමාන්‍ය කුමාරයෙක් ගැන කියවෙන්නේ."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අරක්කු ජාත්‍යන්තර වෙළෙඳපොළට ඇතුළු කිරීමට ගත් උත්සාහයන් මේ වන විට සාර්ථක වෙමින් පවතී පොල් මලේ සාරයෙන් නිෂ්පාදනය කරන අරක්කු සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලාකිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම පානය ලෝකය පුරා ප්‍රචලිත කිරීම නිෂ්පාදකයන්ගේ මීළඟ අරමුණ වී ඇත. මේ වන විට ද ලන්ඩන් නුවර පිහිටි සුපිරි ගණයේ අවන්හල්වලින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කු මිලදී ගැනීමේ හැකියාව තිබේ. ආහාරපාන සහ සංචාර ගැන ලිපි ලියූ ඇන්තනී බෝඩේන් අරක්කු හඳුන්වා ඇත්තේ, "බර්බන් සහ රම් අතර සිදු වූ කසාදයක් වගේ. හැබැයි බලවත් මෙන්ම පිච්චෙන සැර ගතියක් සහ අමුතු මද්‍යසාර සුගන්ධයක් විහිදෙනවා," යනුවෙනි. පොල්වලින් සෑදූ තද පැහැති රම් වර්ගයකට සමාන අරක්කුවලට මෙතෙක් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් හෝ අගය කිරීමක් ලැබී නොමැති බව ශ්‍රී ලාංකීය නිෂ්පාදකයෝ පවසති. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව තුළ පවා වැදගත් පානයක් ලෙස අරක්කු ප්‍රසිද්ධ නොවූ අතර, එය හැඳින්වුණේ "පහළ තත්වයේ" මද්‍යසාරයක් ලෙසිනි. කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශවල දිවි ගෙවන ප්‍රභූ පිරිස් අතර පිටරටින් ආනයනය කරන ස්කොච්, විස්කි, වයින් සහ රම් වඩාත් ප්‍රසිද්ධ වී තිබේ. පොල් ගසෙන් බාගත් සැණින් සුදු පැහැයෙන් දිස්වන රාවල ඇත්තේ මිහිරි මෙන්ම ඇඹුල් මිශ්‍ර රසකි මේ අතර, බලයේ සිටි සමහර ආණ්ඩුවලින් අරක්කු නිෂ්පාදනයට වෙළෙඳපොළක් නිර්මාණය කිරීම වෙනුවට මද්‍යසාරවලට දැඩි නීති පනවා එය සමාජයට අහිතකර දෙයක් ලෙස හුවා දක්වා තිබිණි. එම තත්වය අරක්කු නිෂ්පාදනයට අහිතකර ලෙස බලපෑවේය. මද්‍යසාර නිෂ්පාදනය විශාල බදු මුදලකට යටත් විය යුතු අතර, වෙළඳ ප්‍රචාරක කටයුතු කිරීම නීතියෙන් තහනම්ය. කෙසේවෙතත්, බාධක මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කු උසස් තත්වයකට රැගෙන ඒම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට ඇතුළු කිරීමට ගත් උත්සාහයන් මේ වන විට සාර්ථක වෙමින් පවතී. විශේෂ මිශ්‍රණයකින් සාදා ගත්, මිහිරි රස, වැඩි මිලැති අරක්කු වර්ග ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල් බොහෝමයක වෙළෙඳපොළ ආකර්ෂණය කර ගැනීමට නිෂ්පාදකයන් සමත් වී ඇත. මෙය කලවම් නොකර හෝ 'කොක්ටේල් (cocktail) ලෙස පානය කළ හැකි මද්‍යසාරයක් ලෙස ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ පැරණිතම අරක්කු නිෂ්පාදකයන් වන 'රොක්ලන්ඩ් ඉස්කාගාරයේ' කළමනාකර අධ්‍යක්ෂ වන අමල් ද සිල්වා විජේරත්න මෙම මද්‍යසාර වර්ගය ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමෙහි ලා ඉදිරියෙන්ම සිටින පුද්ගලයන් අතරින් කෙනෙකි. උසස් තත්වයේ අරක්කු නිෂ්පාදනවල අඩංගු වන්නේ පොල් මලේ සාරය සහ ජලය බව ඔහු ඉතා උනන්දුවෙන් විස්තර කළේය. අරක්කු නිෂ්පාදනය "මගේ ලේවල තිබෙන දෙයක්" ඔහු පැවසීය. රා වල අඩංගු ස්වභාවික සීනි සහ යීස්ට්වල ක්‍රියාකාරීත්වයෙන් එය ක්‍රමයෙන් මද්‍යසාර බවට පත් වේ ව්‍යාපාරයක් මට්ටමින් අරක්කු නිෂ්පාදනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග 1924 දී ගිවිසුමකට එළඹුණු අමල් ද සිල්වා විජේරත්නගේ මුත්තාගේ සහෝදරයෙකු වන ජේ බී එම් පෙරේරාට මෙම මිශ්‍රණය නිර්මාණය කිරීමේ පූර්ණ ගෞරවය හිමි වේ. ප්‍රංශයේ නිෂ්පාදනය කරන ලද මත්පැන් පෙරන විශේෂ කල්දේරමක් ද යොදා ගනිමින් ඔහු කළ නිර්මාණය නිසා නොපැසුණු, රළු මද්‍යසාරයක් සුමට මිහිරි පානයක් බවට පත් කර ගැනීමට හැකි වී තිබේ. එම වටිනා නිර්මාණය අනාගතයට රැගෙන යෑම තමන්ගේ උත්සාහය බව අමල් පැවසීය. මෙහි එක් පියවරක් ලෙස රොක්ලන්ඩ් ආයතනය ඉහළ වෙළෙඳපොළක් සඳහා මද්‍යසාර නිෂ්පාදනය ආරම්භ කර තිබේ. දීර්ඝ කාලයක් බැරල්වල දමා පරණ කරන ලද අරක්කු ලොව පුරා මද්‍යසාර භාවිත කරන්නන් අතර ජනප්‍රිය වෙමින් පවතී. මෙමගින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කුවලට ලෝක වෙළෙඳපොළ තුළ දොරටු විවෘත වෙමින් තිබේ. 2002 වර්ෂයේ දී ප්‍රථම වතාවට එක්සත් රාජධානියට අරක්කු හඳුන්වා දී තිබෙන අතර, එය "ලෝකයේ අමාරුම මද්‍යසාර වෙළෙඳපොළ" ලෙස අමල් හඳුන්වයි. නමුත්, මේ වන විට 'සිලෝන් ඇරැක්' සඳහා ශ්‍රී ලංකාවට වඩා විශාල වෙළෙඳපොළක් එක්සත් රාජධානිය තුළ නිර්මාණය වී ඇති බව ඔහු පැවසීය. වර්තමානයේ දී සිංගප්පූරුව, ජර්මනිය සහ ජපානයට මෙම නිෂ්පාදන ආනයනය කරනු ලබයි. මෙම වසරේ දී ඉන්දියානු වෙළෙඳපොළට ද අරක්කු හඳුන්වාදීමට නියමිතය. "රා මදින්නන්" අනුගමනය කරන ක්‍රම පරම්පරා ගණනාවක් වෙනස් නොවී පවතී සිංගප්පූරුවේ පිහිටා තිබෙන 'නේටිව්' (Native) නම් අවන්හලේ කොක්ටේල් වර්ගයක් සඳහා සිලෝන් අරක්කු යොදන බවත්, එය එහි වැඩියෙන්ම අලෙවි වන පානය බවට පත් වී ඇති බවත් එහි හිමිකරු විජේ මුදලියාර් පැවසීය. "අරක්කු කියන්නේ ඉතා අගනා මද්‍යසාර වර්ගයක්. එයින් එන්නේ ඉතා නැවුම් සහ පිරිසිදු රසක්. තද පැහැති මද්‍යසාර පරිහරණය කරන අයට පරණ කළ අරක්කු කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ තේරීමක්," ඔහු පැවසුවේය. ශ්‍රී ලාංකිකයන් කොපමණ කලක් අරක්කු පරිහරණය කළේ ද යන්න දැන ගැනීමට මාර්ගයක් නොමැති වුවත්, මෙය ලෝකයේ පැරණිතම මද්‍යසාර වර්ගයක් බව විශ්වාස කෙරේ. එයට හේතුවක් ලෙස අමල් ද සිල්වා විජේරත්න පැවසුවේ, "පැසවීමේ ක්‍රියාදාමය ගැන දෙවියන් කොහොමත් බලාගන්නවා" යනුවෙනි. ඔහු මෙයින් අදහස් කළේ රා වල අඩංගු ස්වභාවික සීනි සහ යීස්ට්වල ක්‍රියාකාරීත්වයෙන් එය ක්‍රමයෙන් මද්‍යසාර බවට පත් වීමය. පොල් ගසෙන් බාගත් සැණින් සුදු පැහැයෙන් දිස්වන රා වල ඇත්තේ මිහිරි මෙන්ම තරමක ඇඹුල් මිශ්‍ර රසකි. නමුත් පැසවීමේ ක්‍රියාවලිය ඉතා වේගයෙන් සිදුවන නිසා පැය කිහිපයක් ඇතුළත එහි මද්‍යසාර ප්‍රතිශතය 6%ක් බවට පත් වේ. ශ්‍රී ලංකාවේ පැරණිතම අරක්කු නිෂ්පාදකයන් වන 'රොක්ලන්ඩ්' විස්කි හෝ බ්‍රැන්ඩි සාදන ආකාරයටම රා ආසූත (distilled) කරගත් පසු මධ්‍යසාර ප්‍රතිශතය 60%ක් බවට පත් වේ. නමුත්, ජලය එකතු කර ගැනීමත් සමග එය 40% දක්වා අඩු වේ. කෙසේවෙතත්, රා මැදීම වැනි රැකියාවක නියැලීමට ඉතා ශක්තිමත් මනසකින් හෙබි පුද්ගලයෙකු විය යුතුය. "රා මදින්නන්" අනුගමනය කරන ක්‍රම පරම්පරා ගණනාවක් වෙනස් නොවී පවතී. ඔවුන් දිනකට දෙවරක් ඉතා උස පොල් ගස් මුදුනේ පිහිටා තිබෙන නොපිපුණු මල්වලින් රා එකතු කිරීමේ නියැලේ. හොඳින් වැඩුණ පොල් ගසක උස අඩි 200ක් පමණ වේ. මේ තොරතුරුද කියවන්න: ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදකයන් වන DCSL, IDL, Mendis සහ Rockland යන සමාගම්වලට අයත් විශාල පොල් වතුවල රා මදින්නන් සිය ගණනක් රැකියාවේ නිරත වී සිටී. ඒ සෑම රා මදින්නෙකුටම බලා ගැනීම සඳහා ගස් පෙළක් ලබා දී ඇති අතර, එම ගස් අතර ගමන් කරන්නේ කඳ මුදුනේ බැඳි කඹයක ආධාරයෙනි. පොළොවෙන් උඩ පැය ගණනාවක් සිටින ඔවුහු ගස් අතර ගමන් කරමින් රා එකතු කරති. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් හතර පමණක් විවිධ මිශ්‍රණ සහ විවිධ මට්ටමේ අරක්කු වසරකට ලීටර මිලියන 60ක් නිෂ්පාදනය කරයි. අරක්කුවල ඇති රා ප්‍රමාණය අනුව එහි තත්වය සහ මිල තීරණයේ වේ. ලොව පුරා ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අරක්කු අනර්ඝ තත්වයේ අරක්කු නිෂ්පාදනය කරන්නේ 100%ක් පොල් මලේ සාරය අසූත කිරීමෙන් වන අතර, "එක්ස්ට්‍රා ස්පෙෂල් ඇරැක්" (Extra Special Arrack) ලෙස නම් කර ඇති මිලෙන් අඩු වර්ග පැණි මණ්ඩිවලින් සාදා ගනු ලබයි. මූලික මට්ටමේ අරක්කුවල රා ඇත්තේ 3%ක් වැනි ප්‍රමාණයකි. තවමත් ශ්‍රී ලංකාව තුළ විකිණෙන අරක්කුවලින් 70%ක් මිල අඩු ඒවා වන අතර, ඉහළ මිල අරක්කු වර්ග පරිහරණය කිරීම ආඩම්බරයට කරුණක් බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. "මට හමුවෙන සමාගම් ප්‍රධානීන් බොහෝ දෙනෙක් කියන්නේ ලොව පුරා සිටින ඔවුන්ගේ වැදගත් සේවාදායකයන්ට තෑගි කරන්න අරක්කු බෝතලයක් නැතිව යන්නේ නැහැ කියලා," අමල් ද සිල්වා විජේරත්න පැවසීය. අරක්කු ගැන තිබෙන මතවාදය බිඳ හෙළීමේ ක්‍රියාවලිය ඉතා සෙමින් නමුත් ප්‍රතිඑලදායී ලෙස සිදුවන බවත් ඔහු සඳහන් කළේය. "මේ දේට අවුරුදු ගණනාවක් ගතවෙයි. හැබැයි දිගටම ඇඳගෙන යන්න ඔබට අධිෂ්ඨානයක් තිබිය යුතුයි." "කොහොම වුණත්, අරක්කුවලට ලැබිය යුතු අවධානය සහ පිළිගැනීම ලැබෙන්න තව බොහෝ කාලයක් ගත වෙයි." තවත් තොරතුරු:
බීබීසී මාධ්‍යවේදිනී අයේෂා පෙරේරාගේ වාර්තාව ක් ඇසුරිනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඕෂදී අකල්කි පුංචිහේවා සිසුවිය අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබමින් මාර්තු මාසයේ පැමිණි කොරෝනා පළවැනි රැල්ල අගෝස්තු මුල වන තුරු රටේ පැවතීම හේතුවෙන් පාසල් එම මාර්තු ,අප්‍රේල් ,මැයි ,ජූනි ,ජූලි යන මාසවලදී වසා තැබිණි. සාමාන්‍යයෙන් අප්‍රියෙල් නිවාඩුවෙන් පසු දෙවෙනි වාරය සදහා අප්‍රේල් මස අග පාසල් ආරම්භ කිරීම සාමාන්‍ය තත්ත්වය වුව ද කොවිඩ් හේතුවෙන් පාසල් නැවත ආරම්භ කෙරුණේ අගෝස්තු මාසයේදීය. නමුත් කොරෝනාවෛරසය පැතිරීම යළි හිස එසවීමත් සමග නැවතත් ඔක්තෝබර මාසයේ සිට පාසල් වසා දැමිණි. "අගෝස්තු දෙවැනි වාරය පටන් ගනිද්දී පළමුවැනි වාරයේ සිලබස් එකේ සමහර ඉගැන්වීම් සිදුකර තිබුණෙත් නැහැ. තුන්වැනි වාරය පටන් ගත්තේ සැප්තැම්බර් මාසයේ. සැප්තැම්බර් මාසයේ පටන් ගත්තු ඉස්කෝලේ නැවත ඔක්තෝම්බර් 04 වැනිදා වසා දැමුණා. අවුරුද්ද ඉවරවෙන්න තව මාස 2යි තියෙන්නේ. ලබන මාසේ නැවත පාසල් ආරම්භ කෙරුණත් දෙසැම්බර් නිවාඩුවට පාසල් වසා දැම්මොත් අපි ඉස්කෝලේ ගිහිං හෝ යන්න තියෙන්නේ හරියට බැලුවොත් මාස දෙකයි." නමුත් බොහෝ පාසල් විසින් ළමුන්ට දුරස්ථව අන්තර්ජාලය හරහා ඉගැන්වීමට පටන්ගෙන තිබුණ ද ඕෂදී පවසන්නේ අන්තර්ජාලය හරහා නැතහොත් ඕන් ලයින් (online) අධ්‍යාපනය ඉතා දුරස්ථ බවත් ගුරුවරයා ඉදිරිපිට අධ්‍යාපනය ලැබීම මෙන් ප්‍රායෝගික නොවන බවත්ය. ''ඉස්කෝලේ 10 වසර පංති හතරක් තිබුණා, අවම වශයෙන් පංති හතරේ ළමයි 140 කට වැඩිය හිටියා. කෝවිඩ් ආපු පළමු අවස්ථාවේ පාසලේ ඇතැම් ගුරුවරු සමාජ මාධ්‍ය ගෘප් (groups) හදල පැවරුම් දැම්මා. නමුත් ඕන් ලයින් හිටියේ ළමයි 60 ක් විතර. නැවත පාසල් ආරම්භ කරද්දී ළමයි බහුතරයක් පැවරුම් කරලා තිබුණේ නැහැ. මම කළෙත් නැහැ. ඇත්තටම අපි දන්නේ නැහැ ඒවා කරන්නේ කොහොමද කියල. ඔක්කොම තියරි. ඒවා අපි ඉගෙන ගෙන තිබුණේ නැහැ," ඇය පැවසීය. ඇය වැඩිදුරටත් පැවසුවේ පෞද්ගලික ගුරුවරුන් කිහිප දෙනෙකු හරහා ඇය දුරස්ථව "ඔන්ලයින්" ක්‍රමයට ඉගෙන ගන්නා බවය. එම අන්තර්ජාල පංතියේ ළමයින් හැටක් පමණ සිටින බවත් අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් වීඩියෝව ක්‍රියාත්මක කිරීමෙන් ගුරුවරයා දකින නමුත් බොහෝවිට සිදුවන්නේ ශබ්දය පමණක් ක්‍රියාත්මක කර ගුරුවරයා පවසන දෙය පමණක් අසාගෙන සිටීම බවත් ඇය කියා සිටී. "ඇත්තම කියනවනම් ප්‍රශ්නයක් අහන්නවත් ළමයෙක් ඉදිරිපත් නොවෙන තරම් මේ ක්‍රමයට. එකක් අපිට විෂය බද්ධ කරුණු අවබෝධයක් නැහැ. මං හිතන්නේ හුඟක් ළමයි ගෘප් එකේ හිටියට පාඩමේ ඉන්නවම කියල හිතන්න අමාරුයි. එතැනින් නැගිටලා ගියත් කව්රුවත් දන්නේ නැහැ. හැබැයි පංති කාමරයේ අධ්‍යාපනය එහෙම නෙමෙයි. අපි ගුරුවරයා දකිනවා ඔහු උගන්වන රටාව මනසට කා වැදෙනවා. අපි ඔහු හෝ ඇය සමග සෘජුව ප්‍රශ්න අසනවා. වෙනත් ළමයි අසන ප්‍රශ්න සමග අපි අපේ දැනුම පරික්ෂා කරනවා. මාස ගණනාවක් පාසල් අධ්‍යාපනය නොලබා සිටීම තුළ මේ අධ්‍යාපන ක්‍රම දෙකේ වෙනස තදින්ම දැනෙනවා. එක්කෝ මේ ඔන් ලයින් අධ්‍යාපන ක්‍රමය මීට වඩා හොඳ ක්‍රමයකට ක්‍රියාත්මක වෙන්න ඕනේ," ඕෂදී සිසුවිය වැඩි දුරටත් පැවසීය. ගෝලීය කොරෝනා වසංගතය සමග පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සිසු පරපුරට එල්ලවී ඇති අභියෝග බොහෝය. ඇතැම් සිසුන් අන්තර්ජාල අධ්‍යාපනයට පිවිස සිටින නමුත් එම වරප්‍රසාදය සම දෙනාට එක සේ භුක්ති විඳිය නොහැකිය. සිසුන් පුද්ගලිකව අන්තර්ජාල මාර්ගගත (online) අධ්‍යාපනයට යොමු වීම කෙරෙහි ඔවුන්ගේ ආර්ථික හා සමාජ මට්ටමද බලපාන අතර විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේදී ඔන්ලයින් අධ්‍යාපනය තිබෙන්නේ සතුටුදායක තත්ත්වයක නොවන බවත් විශේෂයෙන් ගම්බද පාසල් වල සහ නගර වලින් පිට බොහෝ පාසල් වල මෙම තත්ත්වය සුලබ බවත් විශ්ලේෂකයෝ පවසති. කුමන හෝ අධ්‍යාපන ක්‍රියාවලියක් ක්‍රියාත්මක නොවන පසුබිමක අන්තර් ජාල අධ්‍යාපනය පැවතීම සාධනීය කරුණක් වන නමුත් එහි පවතින අනෙකුත් ගැටලු ඇතැම් දරුවන්, ගුරුවරුන් පමණක් නොව මව්පියන් තුළ ද ඇති කර තිබෙන්නේ ව්‍යාකුල තත්ත්වයකි. කොරෝනා සහ පාස්කු ඉරුදින ප්‍රහාරය කොරෝනා වසංගතය සමග අධ්‍යාපනය අඩාලවීමේ බලපෑම තදින් දැනුණු තවත් සිසු කණ්ඩායමක් වනුයේ මෙවර උසස් පෙලට පෙනී සිටි සිසුන් ය. ඔවුන් කොරෝනා රැල්ල පමණක් නොවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් අධ්‍යාපනයට ඇතිවූ එල්ල වූ බලපෑමට ඉතා තදින් මුහුණ දුන් පිරිසක්. ''මම උසස් පෙලට කළේ තාක්ෂණ වේදය. ඉංජිනේරු තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණවේදය සදහා විද්‍යාව යන විෂයන් ඉගෙන ගත්තා. 2019 වසරේ පාසල් දෙවැනි වාරය ආරම්භයත් සමගම සහාරන්ගේ බෝම්බ ප්‍රහාරය නිසා පාසල වසා දැමුණා. නැවත පාසල පටන් ගත්තේ මාස දෙකකට පස්සේ. ඊට පසුව 2020 පෙබරවාරි ඇඩ්මිෂන් දෙනකං පාසල් පැවැත්වුණා. මාර්තුවල කොරෝනා ඇවිත් පාසල නැවත වසා දැම්මා," යනුවෙන් ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ ඩී එන් සී සහන් නිමේෂාන් සිසුවා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය. ඩී එන් සී සහන් නිමේෂාන් "ඇඩ්මිෂන් දුන්නට එක්සෑම් වෙනකං පාසල් යන්න ඕනේ. මොකද ප්‍රයෝගික පරීක්ෂණ තියෙනවා. අපිට ඉංජිනේරු තාක්ෂණයට ප්‍රැක්ටිකල් 64 ක් තිබුණා. නමුත් කළේ ඉන් හතරක් විතරයි. ඊට පස්සේ නැවත පාසල් පටන් ගත්තේ ඔක්තෝම්බර් විභාගෙට මාසයක් තියල, ඒ වෙනකොට සිලබස් කවර් කරලා තිබුණේ නැහැ. අවරුදු දෙකම ගත්තහම මාස 8 කට වැඩිය ඉස්කෝලේ යන්න බැරිවුණා. විභාගය අමාරු වුණා." මෙවර උසස් පෙලට මුහුණ දුන් කුරුණෑගල අධ්‍යාපන කලාපයේ දසුන් වන්නිනායක සිසුවා බීබීසී සිංහල සේවයට පැවසුවේ තමන් නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවක් නොමැති බවය. පළමු වතාවෙන්ම විභාගය සමත් වීම අරමුණු කරගෙන තමන් තාක්ෂණ වේදය හැදෑරු බවත් එම අරමුණ ගිලිහී ගිය බැවින් ඉදිරියේදී විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු නොවී වෘත්තිය අධ්‍යාපනයකට යොමුවන බවද ඔහු පැවසුවා. මේ අතර කොරෝනා වසංගතය විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට මුලදී යම් බලපෑමක් එල්ල කළ නමුත් අන්තර්ජාල අධ්‍යාපනය මගින් එය යම් තාක් දුරකට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව විශ්ව විද්‍යාල සිසුහු පවසති. රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉරෝෂ් අල්පොන්සු ''කුමන හෝ අධ්‍යාපනයක් නොලබා පැවති තත්ත්වය මත යුජීසී (UGC) එක මැදිහත්වෙලා ඔන්ලයින් එඩියුකේෂන් පටන් ගත්ත එකේ වරදක් නැහැ. නමුත් අපේ කැම්පස් එකේ ගත්තහම හැමෝටම මේ ක්‍රමය පිළිබඳ පුළුල් අවබෝධයක් නැහැ. ළමයි මේ වෙනකොට ඉන්නේ ගෙවල්වල. හැමෝගෙම මානසික මට්ටම, ආර්ථික හා සමාජ මට්ටම එක හා සමාන නැහැ, සමහර ළමයින්ට පාවිච්චි කරපු පරිඝනක උපකරණයක් ගන්නවත් වත්කමක් නැහැ. තවත් කාරණයක් තියෙනවා මේ සිස්ටම් එකේ එරස් (errors) ගොඩක් තියෙනවා. සයන්ස් ෆැකල්ටි එකේ ගත්තාම ඔන්ලයින් ටෙස්ට් තියෙනව. නමුත් නිශ්චිත කාලයකදී මේ ටෙස්ට් වලට සන්නිවේදන පහසුකම් නැතුව සහභාගී වෙන්න ළමයින්ට හැකියාවක් නැහැ. මේක ළමුන් පිට බලෙන් පටවන තැනකට යන්න හොඳ නැහැ,'' යැයි රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉරෝෂ් අල්පොන්සු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් එලෙස පැවසීය. කොළඹ කේන්ද්‍ර කරගත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන එච් එම් පවිත්‍රා සෙව්වන්දි බීබීසී සිංහල සේවයට පැවසුවේ කාර්ය සම්පාදනය හා ප්‍රවාහන කළමනාකරණ උපාධිය හදාරන තමන්ට සතියේ දින හතරක් හෝ පහක් සිය අධ්‍යාපන ආයතනය විසින් අන්තර් ජාලය ඔස්සේ දේශන සදහා සහභාගී වීමට ඉඩ සලසන ලද බවය. දේශීය සිසුන් හා විදෙශීය සිසුන් වශයෙන් කණ්ඩායම් දෙකක් ලෙස මෙම ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදෙන බවද ඇය පැවසුවා. නව සාමාන්‍යකරණය (new normalcy) හා මංගත අධ්‍යාපනය (online educataion) කොවිඩ් වසංගතය හමුවේ මෙරට අධ්‍යාපනය නව ස්වරූපයකින් හැඩ ගැසිය යුතු බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පැවසීය. ඔහු පවසන්නේ ගුරු භූමිකාව මෙන්ම රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති නව තත්ත්වය හමුවේ වෙනස් විය යුතු බවයි. ''අපේ රටේ දරුවන් පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ලැබුවේ පන්ති කාමරය තුළ. ගුරුවරයා පන්ති කාමරයේ උගන්වනවා ඊට ළමුන් අනුගත වෙලා වැඩ කරනවා. නමුත් දැන් කොවිඩ් ඇවිත් මේ චර්යාවට ඇටෑක් (Attack) කරලා තිබෙනවා. මේ ඈටක් එක අපිට එකවරම දරාගන්න අමාරුයි. මොකද අපි මෙවැනි ප්‍රහාර වලට සුදානම් වෙලා හිටියේ නැහැ." ආචාර්ය ප්‍රභාත් ඒකනායක පැවසීය. "අපි අතර මනෝභාවයක් තියෙනවා ඇතුළත මැවුන දේ පිළිගන්නා පිටත දේ පිළිනොගන්නා මනෝ සංස්කෘතියකට. ගුරුවරයාගේ භූමිකාව මේකයි, ළමයාගේ භූමිකාව මේකයි කියලා අපි ඇඳගත්ත චිත්‍රයක් තියෙනවා. ඒක වරදක් නෙමෙයි කාලාන්තරයක් තිස්සේ අපි හුරුවට ගෙනා දෙයක්. ඒ හුරුව පුරුදු කර ගත්ත අපි online education දාපු ගමන් පීඩාවට පත්වුණා. අපි කතාවට කියනවා තාක්ෂණය නැතුව ඉස්සරහට යන්න බෑ කියලා. දැන් කොවිඩ් ඇවිල්ලා අපිට කියනවා උඹලා ඉගෙනගන්න තාක්ෂණය පාවිච්චි කර පල්ලා කියලා." ආචාර්ය ප්‍රභාත් ඒකනායක ආචාර්ය ඒකනායක පවසන්නේ මෙම නව සාමාන්‍යකරණය සමාජය සෘණාත්මකව නොගෙන ධනාත්මක වැළඳගත යුතු බවය. විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමය තුළ මෙයට අනුගතවීමට සමාජය මැලිකමක් දක්වන බව කී ඔහු තවදුරටත් පැවසුවේ නව ක්‍රමය පිළිබඳව අවබෝධයක් නොමැතිකම හේතුවෙන් මෙම අවිශ්වාසය ගොඩනැගී ඇති බවකි. මෙම තාක්ෂණය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීම තුළින් දරුවන්ට ගුරුවරුන්ට පමණක් නොව මවුපියන්ටත් ගැටලු විසඳාගැනීමට අවස්ථාව උදා වන බව ඔහු කියා සිටී. යම් ගැටලුකාරී අවස්ථාවක දී ක්‍රියා කළයුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් තාක්ෂණය තුළම විසඳුම් තිබෙන බවත් මෙම උපකරණ සමග ගනුදෙනුවේදී අවභාවිත සිදුවන්නේ නම්, ළමුන්ගේ ආරක්ෂාවට ප්‍රශ්න මතුවන්නේ නම්, නැතහොත් ළමයිගේ අධ්‍යාපනයට තවත් ළමුන් කොටසක් බාධා කරනේනම් ඒ සදහා මුර පද භාවිතය, මියුට් (mute) කිරීම් වැනි උපක්‍රම භාවිතා කළහැකි බැවින් දෙමාපියන් මේ පිළිබද බිය විය යුතු නැති බව ද අචාර්ය ඒකනායක කියා සිටියේය. "ඊළඟ කාරණය ගුරුවරුන් නිර්මාණශීලී විය යුතුයි. අපි දන්නවා පන්තිකාමරයේ ඉගැන්නුවත් නිර්මාණශීලීත්වය නැති ගුරුවරු ඉන්නවා. නමුත් සමහර ගුරුවරු එහෙම නෑ නිර්මාණශීලියි. දරුවන්ගේ අධ්‍යාපනයය වෙනුවෙන් කැපවෙනවා. තමන්ගෙ නිර්මාණශීලීත්වය අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරනවා." කෙසේවෙතත්, ආචාර්ය ප්‍රභාත් ඒකනායක තවදුරටත් පවසන්නේ අන්තර්ජාල අධ්‍යාපනය ලබාදීමේදී ගැටලු රැසක් තිබෙන අතර පාසල් මට්ටමෙන් නව තාක්ෂණයට යාමට අවශ්‍ය අවම පහසුකම් වත් තිබේද යන්න ගැටලුවක් බවය. නව මාධ්‍ය භාවිතයේදී අත්‍යාවශ්‍ය උපකරණ තිබෙන බවත් ඒවා රටේ පාසල් පද්ධතිය තුළ නොමැති බවත් ඔහු කියා සිටී. "රජය මැදිහත් විය යුත්තේ මෙන්න මේ කාරණයේදී. අඩුම තරමින් ටැබ් එකක් වත් දරුවෙකු සතුව තිබිය යුතුයි. ඒ වගේම පහසු ගාස්තුවකට ලබාගත හැකි අන්තර්ජාල සම්බන්ධතාවක් තිබිය යුතුයි. සේවා සපයන ආයතනවලට ගහන බදු අඩු කරල මේ පහසුකම් සෑම දරුවකුටම ලබාදෙනවා නම් අධ්‍යාපන ක්‍රමයට ප්‍රවේශ වෙන්න බාධාවක් නැහැ. ඇත්ත වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය කළ යුත්තේ මේ වෙලාවේ එම කටයුත්තයි. මගේ අදහස නම් සෑම දරුවකු සතුව අඩුම තරමින් ටැබ් එකක් තිබිය යුතුයි. බහුතරයක් මව්පියන්ට ඒ වෙනුවෙන් මුදලක් වෙන්කිරීමට හැකියාවක් නෑ." "ඇයි ටැබ් එකකට ස්මාර්ට් ෆෝන් එකකට මේ පෙළපොත්වල තියෙන පාඩම් නව ස්වරූපයකින් දාන්න බැරි. මෙම පහසුකම් රජය විසින් සකස් කර දීම අනාගත ආයෝජනයක්. අපි දන්නවා අධ්‍යාපනයේ සිද්ධාන්තයක් තියෙනවා කනට ඇහෙන දෙයින් සියයට 10 යි මතකයට නැගෙන්නේ කියලා. ඒ වගේම ඇහැට දකින දෙයින් සියයට හතළිහයි මතකේ තියෙන්නේ. සියයට 80 ක් මතක තියෙන්නේ කණින් අහල, ඇහෙන් දැකල, අතෙන් මනසෙන් කරපු දේට කියල. ඒ කියන්නේ ඉන්ද්‍රයන් වැඩි ප්‍රමාණයකට ගෝචර වූ දෙයක් වැඩියෙන් මතක තියෙනවා." ආචාර්ය ප්‍රභාත් ඒකනායක වැඩිදුරටත් පැවසීය. පුර්ව ළමා අධ්‍යාපනය ළමා අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී කුඩා ළමුන්ගේ අධ්‍යාපනය ගැනද අවධානය යොමුකිරිම අත්‍යාඅවශය. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ මුල් ළමාවිය පිලිබඳ අධ්‍යාපන විද්වතකු වන මුල් ළමාවිය පිළිබඳ ආසියා පැසිෆික් ජාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත එච් එම් වසන්ත හේරත් මහතා පැවසීය. ''කුඩා ළමයෙක් වයසින් වැඩෙන එක අපිට නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔහු වැඩෙනවා මෙන්ම ඔහු තුළ ගොඩ නැගිය යුතු ආකල්ප, කුසලතා, හැකියාවන් තියෙනෙවා. විශේෂයෙන් පාසල් යන්නට පෙර ළමයින්ට ලබා දෙන පුර්ව ළමා අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනයක් නොවේ. අධ්‍යාපනයට ප්‍රවේශ වීමට අවශ්‍ය අවස්ථා නිර්මාණය කිරීමක්. ඒ තුළින් තමයි දරුවා පාසල් අධ්‍යාපනයට අවශ්‍ය මුලික හුරුව ලබා ගන්නේ. මේ කාල වකවානුවේදී දරුවෙකුගේ සියුම් මාංශ පේශි වර්ධනයට අවශ්‍ය ක්‍රියාකාරකම් ගොඩක් තිබෙනවා. අපි ළමයිට මැටි අනන්න දෙන්නේ, කඩදාසි බෝල පොඩි කරන්න දෙන්නේ අත්වල තියෙන, ඇඟිලිවල තියෙන සියුම් මාංශ පේශි වර්ධනය කරවන්න. මේවා නිසි පරිදි වර්ධනය නොවුණොත් අඩුම තරමින් අකුරක් ලියන්න පැන්සල අල්ල ගන්නවත් දරුවෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ." "කොවිඩ් කියන්නේ ආපදා තත්වයක්. අපි දන්නවා අපේ රටේ හදිසි ආපදා තත්ත්වයකදී ඉස්සරලාම කරන්නේ පාසල් වහන එක. ගං වතුරක් ගැලුවත්, නාය යාමක් සිදුවුණත් පාසල් වසා තබනවා. සමහරවිට විපතට පත් අයට නවාතැන් දෙන්නෙත් පාසලේ. මේ වෙලාවේ පාසලත් විපතට පත්වෙලා තියෙන්නේ. අපි කොච්චර කාලයක් මෙහෙම වහල තියන්නද? මම කියන්නේ මේ රටේ ගුරුවරුන් ඉන්නවා දෙලක්ෂ තිස්පන්දහසක්. මේ අය එක්කෝ දරුවන් එක්කෙනා දෙන්නා හෝ පාසලට කැඳවල නිරෝධායන නීති රැකලා අධ්‍යාපනය ලබා දිය යුතුයි. එහෙම නැතිනම් ගුරුවරු නිවෙස් කරා ගොස් අධ්‍යාපනය ලබා දිය යුතුයි. මොකද මේ ගුරුවරුන් වැටුපක් ලබනවා. එම වැටුප් ගෙවන්නේ මහජනතාව." එච් එම් වසන්ත හේරත් "කොවිඩ් හෝ වෙනත් උපද්‍රවයක් හේතුවෙන් ගුරුවරයෙකු නිහඬ වීම අනුමත කරන්න බැහැ. මොකද ඔහුගේ කාර්යභාරය විශාලයි. ගුරුවරුන් නිදා ගත්තොත් අනාගතයේ ජාතියක් නිදා ගනීවි." වසන්ත හේරත් තවදුරටත් පැවසුවේ කුඩා දරුවන්ට online education ක්‍රමය සාර්ථක අත්දැකීමක් ලෙස හැදින්විය නොහැකි අතර තවත් අතකට පාසල් ළමුන් මෙම ක්‍රමය තුළ අසීරුතාවට මුහුණ දෙන බවය. "online education නරක දෙයක් නෙමෙයි. නරක ඊට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරන්නේ නැතුව එය ළමුන් පිට පැටවීමයි. අනෙක් පැත්තෙන් මේක දැන් ඇතැම් ටියුෂන් ගුරුවරුන්ගේ මාෆියාවක් බවට පත්වේගෙන යනවා. දෙමව්පියන්ට මේ පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. මව්පියන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. සද්භාවයෙන් කරන එම කැප කිරීම ඇතැම් පුද්ගලයින් භාවිත කරන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න." එච් එම් වසන්ත හේරත් තවදුරටත් පවසන්නේ මෙහිදී අධ්‍යාපන දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් පැවරෙන බවය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත් වී මෙම තත්ත්වය කළමනාකරණය කළයුතු අතර ඔවුන් කුමක් කරන්නේ ද යන්න සමාජ ගත කළයුතු බවය. එමෙන්ම නිර්මාණශීලිව මේ ගැටලුවට පිළියම් සෙවීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් නව ප්‍රවේශ හදුන්වා දිය යුතු බව ද ඔහු කියා සිටී. "ජනමාධ්‍ය මේ වෙනුවෙන් පුළුල් ලෙස භාවිත කල යුතුයි. නමුත් අධ්‍යාපන නාලිකා හෝ තිබෙන ජාතික නාලිකාවල ගුවන් කාලය භාවිත කරන්නේ කළු ලෑලි ඉදිරිපිට සම්ප්‍රදායික විදිහට උගන්වන ගුරුවරයෙකුගේ ක්‍රියාව වීඩියෝ කරලා ඒක ප්‍රචාරය කරන්න. මෙය සාර්ථක ඉගැන්වීම් ක්‍රමයක්ද? මේක නව මාධ්‍ය භාවිත කිරීමක්ද? නැහැ." එච් එම් වසන්ත හේරත් තවදුරටත් පවසන්නේ "අපි on line education මේ වෙලාවේ සාර්ථක ක්‍රම වේදය කියල හඳුනාගෙන තියෙනවා නම් මං කියන්නේ එය පටන්ගත යුත්තේ පාසැල් ගුරුවරුන්ගෙන්. ඒකට අවශ්‍ය පහසුකම් ලබා දීම තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීම. ඇත්ත වශයෙන්ම කොවිඩ් හමුවේ අපි නිද්‍රශීලි ප්‍රතිපත්තියක ඉන්නේ. ඉස්සරලම මේ පිළිබඳව විද්වත් කතිකාවතක් ආරම්භ කළ යුතුයි. ඊට අධ්‍යාපනවේදීන්, විද්වතුන්, ප්‍රවීණයින් සහභාගී කරවා ගත යුතුයි. ඒ ප්ලැට්ෆෝම් එක නිර්මාණය කරන තුරු අපි අඳුරේ අතපත ගෑමක් විනා අන් යමක් සිදු නොවන බව කණගාටුවෙන් හෝ කිව යුතුයි." මෙම තොරතුරු ද දැනගන්න:
''මම මේ අවුරුද්දට හරියට බැලුවොත් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මාස දෙකක් විතරයි. නොවැම්බර් අග වනතෙක් කොවිඩ් පැවතුණොත් අවුරුද්දෙම පාසල් අධ්‍යාපනය මාස දෙකකට සිමා වෙනවා," එසේ බීබීසී සිංහල සේවය සමග පැවසූ ඕෂදී අකල්කි පුංචිහේවා මාවතගම අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘දූෂිත ගනුදෙනුවේ ලිපි ගොනුව අරගන්න ආවද කියල තමයි අපි අහන්නේ. අපේ චෝදනාව ඒකයි.’ -රනිල් ප්‍රකාශයක් නිකුත් කරන RSF හෙවත් දේශ සීමා නොමැති මාධ්‍ය වේදියෝ සහ JDS හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ පවසා ඇත්තේ පරීක්ෂණ හමාර කිරීමට පළමු පොලිසිය අපරාධය සම්බන්ධයෙන් මත පළ කිරීම රටේ මාධ්‍ය නිදහස මුහුණ පා සිටින අවදානම් සහගත තත්වය කියා පාන බවයි. මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසන පරිදි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම ගේ නිවසට අවි රැගෙන සෙනසුරාදා පාන්දර පිරිසක් කඩා වැදුණේ දූෂිත ගනුදෙනුවකට අදාළ ලිපි ගොනු පැහැර ගෙන යාමටයි. විපක්ෂ නායකයා මෑතදී ගොඩ නැගුණු සමගි බලවේගයේ විරෝධතාවකට එක්වෙමින් වැලිවේරියේ දී කියා සිටියේ විදේශීය ඉදිකිරීම් සමාගමකට කොළඹ පිහිටි අගනා ඉඩමක් විකිණීමේදී සිදුවී ඇති දුෂිත ලෙස හැඳින්වුණු ගනුදෙනුවක ට අදාළ ලිපි ගොනුව මන්දනා ඉස්මයිල් මාධ්‍යවේදිනිය සතුව තිබූ බවයි. ‘ඒක අරගන්න ආවද කියල තමයි අපි අහන්නේ. අපේ චෝදනාව ඒකයි.’ රනිල් වික්‍රමසිංහ තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ජන මාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනිය ගේ නිවසට කඩා වැදුනේ කොල්ලකරුවන් යයි ශ්‍රී ලංකාවේ පොලිසිය කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධාන මෙන් ම ශ්‍රී ලංකාවේ විපක්ෂය ද අවිශ්වාසය පල කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ඒ අපරාධ කරපුව ගැන මගේ ළඟ තොරතුරු තියෙනව. නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරනවා" අමාත්‍ය සරත් ෆොන්සේකා ඒ බව සඳහන් කළේ, තමන් යුද මෙහෙයුම්වලට සම්බන්ධ නොවූ අතර එවකට යුද මෙහෙයුම් භාර සිටියේ එවකට හමුදාපති සරත් ෆොන්සේකා බවට ජනරාල් ජගත් ජයසූරිය මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමිනි. පසුගිය සතිය වන තුරුම බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා නගමින් ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) සංවිධානය විසින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ නඩු පවරනු ලැබ තිබේ. "යුද පෙරමුණේ එයා සටන් මෙහෙයුවේ නෑ. නමුත් ඔහු යටතට පත්වෙනවා අත්අඩංගුවට ගන්නා අය වැනි පිරිස්. එවැනි අයට අදාළව යම් අපරාධ කරනවා කියල මට තොරතුරු ලැබුණා," යනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ කොළඹ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් අමතමිනි. "සාක්ෂි දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ඒක කරන්න පුළුවන්. අන්තිම වශයෙන් මේ සියල්ල අවසානයකට ගෙනෙන ලිඛිත ලියවිල්ලක් තියෙන්න ඕන" ජනරාල් ජගත් ජයසූරිය හමුදාපති පදවියට පත්වීමෙන් අනතුරුවත් "ඒ ක්‍රියා පිළිවෙත දිගටම ගිය," බව ද අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කළේය. සබැඳි යොමු: "ඒ අපරාධ කරපුව ගැන මගේ ළඟ තොරතුරු තියෙනව. නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරනවා." යුද්ධය අවසාන වූ පසුව ජනරාල් ජගත් ජයසූරිය විසින් කරන ලද "අපරාධ" සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, එහි ආරම්භක පියවර ලෙස ඔහුගේ අධි සහායකවරයා ලෙස ක්‍රියා කළ ලුතිනන්වරයෙකු පවා අත්අඩංගුවට ගන්නා ලද බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ නමුත් එම පරීක්ෂණය ආරම්භ කරන අවස්ථාවේම තමන් හමුදාපති ධුරයෙන් ඉවත් කරන ලද බව ද ෆීල්ඩ් මාෂල්වරයා පැවසීය. "ඔහු කළ අපරාධවලට එවක සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා, ඔවුන්ගේ ආශීර්වාදය ලැබුන බවත් මට තොරතුරු තියෙනව." යුද්ධයේ අවසන් අදියරේ දී බරපතල යුද අපරාධ සිදු කළ බවට දෙපාර්ශවයටම චෝදනා එල්ල වේ රෝහල්වලට යළි යළිත් එල්ල කෙරුණු ප්‍රහාර, වධබන්ධන හා ලිංගික ප්‍රචණ්ඩත්වය, බලහත්කාර පැහැරගෙන යාම් මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධ හමුදා ඒකකවලට අණදුන් තැනැත්තා වශයෙන් ජනරාල් ජගත් ජයසූරිය පෞද්ගලිකව අපරාධ වගකීමක් දරන බවට බ්‍රසීලියා හා බොගෝටා නගරවල සඳුදා (අගෝස්තු 28) ගොනුකරන ලද නඩුවලින් චෝදනා එල්ල කෙරී ඇති බව 'ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය' සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එහෙත් "යුද්ධයේ දී ඉදිරි පෙළේ මෙහෙයුම් කාර්යභාරයක් නොපැවරුණ" බව බීබීසී සිංහල සේවයට කියා සිටි ජනරාල් ජගත් ජයසූරිය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. තවත් සබැඳි යොමු: භූමියේ භටපිරිස්වලට තමා අණදීමේ නොයෙදුණු හෙයින් තමාට එරෙහිව නගන චෝදනාවල පදනමක් නොමැති බව ද ජනරාල්වරයා අවධාරණය කරයි. යුද හමුදාව වරදක් කර නොමැති නම් චෝදනාවන්ට ලක්වූවන්ගේ නම් පිරිසිදු කෙරෙන ජාත්‍යන්තර විභාගයක් ප්‍රතික්ෂේප කරන්නේ මන් දැයි බීබීසී ය විමසූ විට "එම තීරණය ඉහළ මට්ටමින් ගත යුත්තක්" වන බව ජනරාල් ජයසූරිය සඳහන් කළේය. "එවැනි විභාගයකට මුහුණ දීම ප්‍රශ්නයක් නොවෙයි. සාක්ෂි දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ඒක කරන්න පුළුවන්. යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනවා. අන්තිම වශයෙන් මේ සියල්ල අවසානයකට ගෙනෙන ලිඛිත ලියවිල්ලක් තියෙන්න ඕන," ජනරාල්වරයා පවසයි.
යුද්ධයේ අවසාන අදියරේ අත්අඩංගුවේ පසු වූ පුද්ගලයන් ආරක්ෂා කිරීම සහ යුද පෙරමුණට සැපයුම් කටයුතු භාරව සිටි හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය අපරාධවල නියැලී සිටියේ යයි තමන්ට පැමිණිලි ලැබුන බව එවකට යුද හමුදාපතිවරයා වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මුල්තාන් බන්ධනාගාරය වටා ආරක්ෂාව තර කර තිබේ. 2013 මාර්තු මස 33 හැවිදිරි කථිකාචාර්ය ජුනයිඩ් හෆීස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහම්මද් නබිනායකතුමා සම්බන්ධයෙන් අපහාසාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කිරීම හේතුවෙනි. ආගමික පූජනීය වස්තූන්ට අවමන් කරනු ලැබීම පාකිස්තානය තුළ බරපතල වරදක් වන අතර, අදාළ චෝදනාවට ලක් වූ පුද්ගලයා දැඩි මතධාරීන්ගේ ගොදුරක් බවට ද පත් විය හැකිය. කථිකාචාර්ය ජුනයිඩ් හෆීස්ගේ නඩුව සඳහා පෙනී සිටීමට එකඟ වූ නීතිඥ රෂිඩ් රෙහ්මාන් 2014 වර්ෂයේ දී වෙඩි තබා ඝාතනය කෙරිණි. අනෙක් සිරකරුවන්ගේ ප්‍රහාරයට නිරන්තරයෙන් ලක් වීම නිසා, වසර ගණනාවක් පුරා තනිව සිරමැදිරියක් තුළ කල් ගෙවීමට කථිකාචාර්යවරයාට සිදු විය. ජුනයිඩ් හෆීස්ට එරෙහිව මරණ දඬුවම නියමකර තිබෙන්නේ, ඔහු රඳවා සිටි 'මුල්තාන්' මධ්‍යම බන්ධනාගාරයේ අධිකරණයක් මගිනි. ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද ජුනයිඩ් හෆීස් ඇමරිකානු සාහිත්‍යය, ඡායාරූපකරණය සහ නාට්‍යකරණය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් ලබා ඇත. නැවත පාකිස්තානයට පැමිණි ඔහු අත්අඩංගුවට පත් වන තුරු ම 'බහවුද්දීන් සකාරියා' විශ්වවිද්‍යාලයේ (BZU)කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය. පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන් සිය මිතුරන් අතර රසකැවිලි බෙදා හරින ආකාරය. මෙය 'ඉතා අවසාවන්ත' තීන්දුවක් වන අතර එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ජුනයිඩ් හෆීස් වෙනුවෙන් දැන් පෙනී සිටින නීතිඥවරයා AFP පුවත් සේවයට පැවසීය. මේ අතර, "අල්ලාහු අක්බර්" සහ "දෙවියන්ට අපහාස කරන්නන්ට මරණ දඬුවම" යැයි පවසමින් පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන් සිය මිතුරන් අතර රසකැවිලි බෙදා හරින ආකාරය දක්නට ලැබිණි. "මෙම තීන්දුව බරපතල යුක්ති අවගමනයක්. එය මවිතයට කරුණක්. එම තීන්දුව මගින් අපි බලාපොරොත්තු සුං වූ තත්වයකට පත්වුණා " යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශ කර ඇත. මේ තොරතුරු ද කියවන්න: දේව අපහාසය සම්බන්ධයෙන් පාකිස්තානයේ පවතින නීති මොනවා ද? ඉස්ලාම් ආගමට අපහාස කරන ඕනෑම පුද්ගලයෙකුට මරණ දඬුවම ඇතුළු දැඩි දඬුවම් නියම කිරීමට පාකිස්තාන නීතිය යටතේ හැකියාව තිබේ. 1860 දී ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යය පාලකයන් විසින් දේව අපහාස සම්බන්ධ නීතිය ප්‍රථමයෙන් සම්පාදනය කරණු ලැබ තිබේ. 1927 දී එය තවදුරටත් විකාශනය කර ඇත. 1947 දී පාකිස්තානය ඉන්දියාවෙන් වෙන් වූ නමුත් මෙම නීති එලෙසින් ම පාකිස්තානයට උරුම විය. ආගමික සභාවකට බාධා කිරීම, සුසාන භූමියකට අනවසරයෙන් ඇතුළු වීම, ආගමික ඇදහීමකට අපහාස කිරීම හෝ චේතනාන්විතව ආගමික ස්ථාන හෝ පූජා භාණ්ඩ අපවිත්‍ර කිරීම හෝ විනාශ කිරීම යන සියල්ල අපරාධ වරදක් ලෙස මුල් නීතිවල සඳහන් වේ. පැරණි නීති යටතේ අදාළ අපරාධවලට දඬුවම වසරක සිට වසර දහය දක්වා සිර දඬුවමක් පමණි. නමුත්, ජෙනරාල් ෂියා-උල් -හක් යටතේ 1980 සිට 1986 දක්වා තිබූ හමුදා පාලන කාලය තුළ මෙම නීතිවලට නව වගන්ති ඇතුළත් කර ඇත. දේව අපහාසය යන චෝදනාවකට මරණ දඬුවම නියම ව සිටි ක්‍රිස්තියානි ආගමික කාන්තාව, ආසියා බීබී. අදාළ නීතිය "ඉස්ලාම්කරණය" කිරීමට මෙන්ම පාකිස්තානයේ ප්‍රබල මුස්ලිම් ජනගහනයෙන් වෙන් කර, මුස්ලිම් නොවන පිරිසක් බවට 1973 දී ප්‍රකාශ කළ 'අහ්මදි' ජන කොට්ඨාශය නීත්‍යනුකූල ලෙස වෙන් කිරීමට ජෙනරාල් ෂියා-උල් හක්ට අවශ්‍ය වී තිබිණි. ඉස්ලාම් ආගමික නායකයන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම නව වගන්ති යටතේ නීති විරෝධී වන අතර, "චේතනාන්විතව" කුරානය කෙලෙසීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකිය. මුහම්මද් නබිතුමන්ට අපහාස කිරීම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස පසුව හඳුන්වා දී තිබේ. දේව අපහාසය වරදට මරණ දඬුවම නියම වූ හතළිස්‌දෙනෙකු සිටින නමුත්, මෙතෙක් එය ක්‍රියාත්මක කර නොමැත. ආසියා බීබී නැමැති පාකිස්තාන ක්‍රිස්තියානි කාන්තාව දේව අපහාස වරදට මරණ දඬුවම් නියම වී අට වසරක් බන්ධනාගාරගත වී සිට පසුගිය වසරේ නිදහස් වීමත් සමඟ මෙම නීතිය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු විය. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් ඇය නිදොස් කොට නිදහස් කෙරුණු නමුත්, එම තීන්දුවට එරෙහිව රට පුරා විරෝධතා පැවැත්විණි. ආරක්ෂාව පතා ඇයට වෙනත් රටක පදිංචියට යෑමට සිදු විණි. තවත් තොරතුරු:
දේව අපහාසය යන චෝදනාවට වරදකරු වූ පාකිස්තාන් සරසවි කථිකාචාර්යවරයකුට මරණ දඬුවම නියම කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් මෙතෙක් වැය කරන ලද මුදල් අයකර ගැනීමට කටයුතු කරන මෙන් නීතිපතිට නියෝග අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය. ඒ අනුව ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නැතැයි තීන්දුවක් ලබාදෙන මෙන් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ. තීරු බදු රහිත වාහන එහෙත් එයට විරෝධතා ඉදිරිපත් කළ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු අදාළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට තර්ක කළහ. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් නොකරන්නේ නම් ඇයගේ මන්ත්‍රී ධුරය හිටපු අමාත්‍ය පියසේන ගමගේ හිමි වේ මෙය පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ එයට මැදිහත් වීමට අධිකරණයට බලයක් නොමැති බව ඔවුන්ගේ තර්කය වී තිබුණි. එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන අභියාචනාධිකරණ විනිසුරුවරුන්, පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු පිළිගන්නා බව තීන්දු කළහ. එමෙන්ම මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් මෙතෙක් රජය විසින් වැය කරන ලද මුදල් ඇයගෙන් අයකර ගැනීමට කටයුතු කරන මෙන් අධිකරණය නීත්පතිවරයාට නියෝග කළේය. ඒ අනුව මන්ත්‍රීවරියගෙන් අයකරගනු ලබන්නේ ඇයට ගෙවූ දීමනා පමණක්ද, නොඑසේනම් තීරු බදු රහිත වාහන දීමනා ඇතුළු මෙතෙක් ඇයට හිමි වූ සියලු මූල්‍ය වරප්‍රසාද එයට ඇතුලත් වන්නේද යන්න පැහැදිලි නැත. 'ඓතිහාසික තීන්දුවක්' අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට හැකියාව තිබෙන නමුත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු අධිකරණය හමුවේ ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකළහ. මන්ත්‍රීවරියගෙන් අයකරගනු ලබන්නේ ඇයට ගෙවූ දීමනා පමණක්ද, නොඑසේනම් තීරු බදු රහිත වාහන දීමනා ඇතුළු මෙතෙක් ඇයට හිමි වූ සියලු මූල්‍ය වරප්‍රසාද එයට ඇතුලත්ද යන්න පැහැදිලි නැත තීන්දුව ප්‍රකාශයට පත්වන අවස්ථාවේදී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැත. පෙත්සම ඉදිරිපත් කළ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෙකු වන ඇන්ටන් කැමිලස් ගුණසේකර තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මෙය ඉතිහාසගත නඩු තීන්දුවක් බවය. ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන ගීතා කුමාරසිංහගෙන් හිස්වන මන්ත්‍රී ධුරය හිටපු අමාත්‍ය පියසේන ගමගේට හිමිවීමට නියමිතය. ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය දක්වන්නෙකි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොලිසිය විසින් එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවේ ශරීර කොටස් ලබා ගැනීම සඳහා මෑත කාලය තුළ වාර්තා වූ පුද්ගල ඝාතනවලින් අනතුරුවය. ඝාතන පහක් සිදු වූ මිලාන්ජ් දිස්ත්‍රික්කයේ දී ඒ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. "තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස් කබල තුළ රත්‍රන් අඩංගු බවට විශ්වාසයක් පවතිනවා" යනුවෙන් සැම්බෙසියා පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන අෆෝන්සෝ ඩයස් කියා සිටියේය. යකැදුරන්ගේ උපක්‍රමයක් එසේම ඇල්බීනෝ පුද්ගලයන් ද එවැනි ඇදහිලි මත ඝාතනයට ලක්ව තිබේ. පසුගිය සති කිහිපය තුළ පමණක් එවැනි ඝාතන තුනක් වාර්තා විය. තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස තුළ රත්‍රන් අඩංගු බවට වන මතය තමන් වෙත පැමිණෙන සේවාදායකයන් ලවා මිනිස් හිස් ගෙන්වා ගැනීමට යකැදුරන් විසින් යොදා ගනු ලබන කූට උපක්‍රමයක් බව මපුටො අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසයි.
මොසැම්බික් රාජ්‍යයේ වෙසෙන තට්ට හිස් සහිත පුද්ගලයන් ඇදහිලි මත පදනම් වූ ප්‍රහාරවලට ලක් විය හැකි බවට එරට පොලිසිය අනතුරු අඟවයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ භූගත උමං මාර්ගයක සිටුවා තිබූ ආරුක්කුවක් වෙනස්වීම නිසා ඊට ඉහළින් යොදා තිබූ පස් ගිලා බැසීමකට ලක් වී ඇති බවට ප්‍රදේශවාසීහු සැක පහළ කරති. ගාලු කොටු පවුර වටා භූගත උමං මාර්ග ඇතුළු ශාලා සහ කාමර පද්ධතියක් ඇති බව ඇතමුන්ගේ විශ්වාසයයි. කොටුව නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව පිණිස අවදානම් ප්‍රදේශය ආවරණය කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු බලධාරීන් විසින් තාවකාලික ආරක්‍ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගනු ලැබ ඇත. 2004 වසරේ සුනාමි රළ පහර පැමිණීමෙන් පසුවත් මීට සමාන ගැඹුරු අගාධයක් කොටු පවුර ආසන්නයේ වෙනත් ස්ථානයක ඇති වී තිබිණි. කාලගුණ තත්වය යහපත් වූ පසු කොටු බැම්මේ සංරක්ෂණ කටයුතු ඇරඹීමට නියමිත බව පුරාවිද්‍යා බලධාරීහු පවසති. 1588 වසරේදී පෘතුගීසි විසින් ඉදිකරන ලද ගාලු බලකොටුව 17 වන සියවසයේදී ලන්දේසි විසින් නවීකරණය කරන ලදී.
ගාල්ල කොටු පවුර ආසන්නයේ අඩි අටක පමණ විශ්කම්භයෙන් යුත් අඩි 15 - 20 ක් පමණ ගැඹුරු අගාධයක් නිර්මාණය වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය සුළු පියා අතින් දිගින් දිගටම දූෂණයට ලක් වූ දැරිය තවත් මාස හතරකින් සිය දරුවා බිහිකිරීමට නියමිත බව උතුරු ඉන්දීය රෝතක් නගරයේ පොලිසිය බීබීසී යට පැවසීය. සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටියි. ගැබිණි කාන්තාවගේ ජීවිතයට අනතුරක් පවතින බව වෛද්‍යවරුන් සනාථ නොකරන්නේ නම් සති විස්සකට වඩා පිරුණු දරු ගැබක් ගබ්සා කිරීම ඉන්දියාවේ නීතියෙන් තහනම්ය. 'කියන්න එපා' ඉන්දීය සංස්කෘතිය තුළ පිරිමි දරුවන්ට වැඩි ඉල්ලුමක් පවතින බැවින් පසුගිය වසර කිහිපය තුළ ගැබිණි මවුවරුන් විසින් දස ලක්ෂ සංඛ්‍යාත දැරියන්ගේ කළල විනාශ කරනු ලැබ ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව එම නීතිය පනවනු ලැබ තිබේ. එහෙත් සති විස්සකට වඩා පිරුණු දරු ගැබ ගබ්සා කිරීමට අවසර ඉල්ලමින් දූෂණයට ලක් වූ කාන්තාවන් ඇතුළු කාන්තාවන් කිහිප දෙනෙක් මෑත මාස කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමු කළහ. ඒ සියලු පෙත්සම් අධිකරණය විසින් වෛද්‍ය විශේෂඥයන් වෙත යොමුකරනු ලැබ තිබේ. සති විස්සකට වැඩි දරු ගැබ ගබ්සා කිරීමට අවසර ඉල්ලමින් කාන්තාවන් කිහිප දෙනෙක් මෑත මාස කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමු කළහ හර්යානා ප්‍රාන්තයේ රෝතක් නගරයේ වෙසෙන දස හැවිරිදි දැරියගේ පවුලේ සාමාජිකයන් කළ ඉල්ලීම එවැනි එක් පෙත්සමකි. එම දැරිය ගැබ් ගෙන ඇති බව හෙළි වී තිබෙන්නේ ඒ පිළිබඳව සැක කළ දැරියගේ මව ඇය වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය අවස්ථාවේදීය. ගෘහ සේවිකාවක වශයෙන් සේවය කරන මව සේවයට ගිය අවස්ථාවල බොහෝ විට දැරිය නිවසේ තනි වී ඇති අතර, ඒ අවස්ථාවල මවගේ දෙවැනි ස්වාමි පුරුෂයා තමන් දිගින් දිගටම දූෂණය කළ බව දැරිය සිය මවට පවසා තිබේ. ඒ පිළිබඳව කිසිවක් මවට නොකියන මෙන් සුළු පියා ඇයට තර්ජනය කර තිබේ. පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මව විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණි කිරීමෙන් අනතුරුවය.
සිය දරු ගැබ ගබ්සා කරගැනීමට අවසර දෙන්නැයි දූෂණයට ලක් වූ දස හැවිරිදි දැරියකගේ පවුලේ සාමාජිකයන් කළ ඉල්ලීම පිළිබඳව ඉන්දීය වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සලකා බලමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යම් පුද්ගලයකුට දිනපතා මුණගැසෙන පිරිස සහ ඔහුගේ සමාජ ජාලය ජීවිතයේ කොටසක් ලෙස හැඳින්විය හැකිය. මිතුරන් ආශ්‍රය කිරීමෙන් මානසික ආතතිය අවම කරන බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. එමෙන්ම මේ ලෝකය තුළ අපට හිමි ස්ථානය හඳුනාගැනීමට ඔවුන් උපකාර කරනු ඇත. නමුත් මිනිසුන් සිය මිතුරන් ලෙස බොහෝ විට තෝරා ගන්නේ එක සමාන ගති පැවතුම්, අදහස් ඇති පුද්ගලයන් බව සාක්ෂි නිරීක්ෂණය කිරීමෙන් හෙළි වෙයි. පුද්ගලයකු තම සමාජ සම්බන්ධතා පුළුල් කිරීම තුළින් බොහෝ වාසි අත් කර ගත හැකිය. උදාහරණයක් ලෙස වෙනස් ගති ලක්ෂණ ඇති පුද්ගලයන් ආශ්‍රය කිරීම තුළින් නිර්මාණශීලී හැකියාව වර්ධනය වෙනවා සේම එම පුද්ගලයාට සහ සමාජයට අත් වන වාසි බොහෝය. පුද්ගලයකුගේ අදහස්වලට සමාජ ජාලයෙන් එල්ල වන බලපෑම පිළිබද පරීක්ෂක කණ්ඩායම් තවමත් අධ්‍යයනය කරති. අප තුළ ඇති ආකල්ප අනුව ලෝකය දකින ආකාරය වෙනස් විය හැකි අතර එයට ප්‍රතිරෝධී අදහස් ඉවත ලෑමට බොහෝ අය පෙළඹෙති. ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ මත සනාථ කරගැනීම සඳහා අන් අයගේ අදහස් සහ තමන්ට නොගැළපෙන තොරතුරු මඟහැරීමට කටයුතු කිරීමට ඉඩ ඇත. බොහෝ මිනිසුන් සමාන සමාජ මනෝභාවයන්ගෙන් සමන්විත මිතුරන් ඇසුරු කිරීමට කැමැත්තක් දක්වන අතර, ඉතා කුඩා පිරිසක් පුළුල් පරාසයකින් යුත් අදහස් සහිත පුද්ගලයන් සමග මිශ්‍ර වීමට කැමැත්ත දක්වති. විවිධ අදහස් සහ ගති ලක්ෂණ සහිත පුද්ගල කණ්ඩායමක සිටින සාමාජිකයන් තුළ අන් අයගේ අදහස්වලට ගරු කිරීමේ ප්‍රවනතා දැකිය හැකිය. එමගින් ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ද ඇති විය හැකිය. "එක වර්ගයේ කුරුල්ලන් එක රංචුවට පියඹනවා" වැනි හැසිරීමක් සමාජ විද්‍යාඥයින් හඳුන්වන්නේ 'සමානුකූලතාව'(homophily) ලෙසය. එවැනි කණ්ඩායමකට අයත් පුද්ගලයන් ඒකාකාරී බවින් යුක්තය. මෙය බොහෝ ආකාරයට සිදුවිය හැකිය. නිදසුනක් වශයෙන්, පාසලේ දී එකම ජාතියකට අයත් දරුවන් එක කණ්ඩායමක සිටිනු දැකිය හැකිය. එපමණක් නොව, එක සමාන කොණ්ඩා මෝස්තර තිබෙන අය මෙන්ම ඇස් කණ්නාඩි පළඳින අය එකට කාණ්ඩ ගැසී සිටිනු දක්නට ලැබෙයි. මේ තොරතුරුත් කියවන්න: වැඩිකලක් ගත වීමට පෙර පුද්ගලයන්ගේ වයස, සමාජ පන්තිය, දේශපාලන දර්ශනය, ආගම සහ ජාතිය අනුව සමාජය කුඩා කොටස්වලට බෙදී යනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් තුළ වෙනස් ආකාරයේ අධිමානසික තත්වයන් වර්ධනය වීමට ඉඩ ඇත. නිදසුනක් වශයෙන්, එක් කණ්ඩායමක්,අන් පුද්ගල කණ්ඩායම්වලට වඩා සිය කණ්ඩායම වඩාත් "හොඳ" ලෙස දැකීමට පුරුදු විය හැකි අතර, සිය කණ්ඩායම අන් අයට වඩා දැනුමෙන් සහ විනෝදයෙන් ඉහළ මට්ටමක සිටින බව සිතීමට පෙළඹෙනු ඇත. මෙම තත්වය තවත් නරක අතට හැරෙමින් විවිධ කණ්ඩායම්වලට අයත් පුද්ගලයන් එක් ප්‍රදේශයකට සංක්‍රමණය වී අසල්වැසියන් ලෙස ජීවත් වීම ආරම්භ කරන අතර, ඔවුන්ගේ මතයට සරිලන පාසල්වලට යාමට පටන් ගනු ඇත. කලාතුරකින් මුණ ගැසෙන පුද්ගලයන්ගේ මතය විමසනවාට වඩා අප හා සමාන අදහස් දරන පුද්ගලයන් ඇසුරු කිරීමට අපි කැමැත්තක් දක්වන්නෙමු. එසේ ක්‍රියා කිරීමෙන් අන් අයගේ පුරුදු, සිතුවිලි සහ හැඟීම් නොසලකා හැර ලෝකය පිළිබද අප තුළ ඇති මතය ගොඩ නගා ගැනීමට අපි උත්සාහ දරන්නෙමු. කෙසේ වෙතත්, විවිධ කාණ්ඩවලට අයත් මිතුරන් ඇති කර ගැනීම ඉතා යහපත් බව පර්යේෂණවලින් පෙනී යයි. තවත් තොරතුරු: එක සමාන පුද්ගලයන් තුළ එක සමාන ඍණාත්මක අදහස් ද තිබිය හැකිය. විවිධ චරිත ලක්ෂණ සහිත පුද්ගලයන් ඇසුරු කිරීම තුළින් අප තුළ ධනාත්මක සිතුවිලි ජනනය විය හැකි අතර මානසික ආතතිය අවම වීමට එය හේතුවක් විය හැකිය. විවිධ පුද්ගලයන්ට සවන් දීමෙන් සමාජය දෙස පොදුවේ සානුකම්පිතව බැලීමට අප පුරුදු වෙනු ඇත. උදාහරණයක් වශයෙන් සමරිසියන් ඇසුරු කිරීමෙන් ඔවුන් පිළිබඳව අප තුළ මුල්බැස ගත් ආකල්ප වෙනස් වනු ඇත. එම ආකල්පමය වෙනස, උදාහරණයක් ලෙස අපට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් මුදල් ඇති පුද්ගලයන් ඇසුරු කරන විට යහපත් ආකාරයට බලපානු දැකීම පුදුමය දනවන සුළු වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප තුළ මුල්බැස ගත් මානය, දුර්මත සහ කාණ්ඩ ගැසීම් අවම වනු ඇත. නොයෙක් කණ්ඩායම් සමග සබඳතා ගොඩනගා ගැනීමෙන් අප තුළ ඇති ආකල්ප වෙනස් වන බව ලොව පුරා සිදු කළ බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත. මුල් කාලයේ දී මෙම අධ්‍යනයන්ගෙන් වැඩි කොටසක් සිදු කර ඇත්තේ එක්සත් ජනපදය තුළය. එහි සුදු ඇමෙරිකානු පාසල් සිසුන් සහ අප්‍රිකානු සම්භවයක් ඇති සිසුන් එකම පාසලක අධ්‍යාපනය හැදෑරීමට සැලැස්වීමෙන් පෙර තිබූ බෙදීම් අවම කර ගත හැකි වූ බව පෙනී ගොස් ඇත. ඊට සමාන සාර්ථක පරීක්ෂණ මහා බ්‍රිතාන්‍යයේ ද සිදු කරනු ලැබ ඇත. එහෙත් බොහෝ සමාජයන්හි විවිධ ජන කොටස් තවමත් කණ්ඩායම් වශයෙන් බෙදී ජීවත් වනු දක්නට ලැබෙයි. ඒ අතරවාරයේ ඔවුන් සමග අනියම් ආකාරයෙන් සබඳතා ඇති කර ගැනීමෙන් වුවද අප තුළ ඇති ආකල්ප වෙනස් කර ගත හැකිය. නිදසුනක් ලෙස, අන්‍යෝන්‍ය මිතුරන් හරහා අනෙකුත් කණ්ඩායම් සමග සම්බන්ධ වීම ඔවුන් සමග සෘජු සම්බන්ධතා පැවැත්වීම තරමටම ඵලදායී වනු ඇත. විවිධ ජන සමූහ සහ පුද්ගලයන් පිළිබඳව නිර්මාණය කර ඇති සිනමාපට හෝ රූපවාහිනී වැඩසටහන් නැරඹීමෙන් ඔවුන් ගැන ඇති ආකල්ප වෙනස් කර ගැනීමට බොහෝ අයට හැකි වී ඇත. උතුරු ඇමෙරිකාව, යුරෝපය, ආසියාව, අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව පදනම් කර ගනිමින් හැට වසරකට ආසන්න කාලයක් එවැනි පර්යේෂණ සිදු කර ඇත. විවිධ වර්ගයේ මිනිසුන් ඇසුරු කිරීමෙන් සහ ඔවුන් සමග එකට ජීවත් වීමෙන් වඩාත් සාමකාමී, ධනාත්මක අදහස් ඇති ලෝකයක ජීවත් විය හැකි බව එම පර්යේෂණවලින් හෙළි වී ඇත. (බීබීසී #CrossingDivides වැඩසටහන් මාලාව ඇසුරෙනි)
ජීවිතය ගලා යන විට මුහුණ දීමට සිදු වන බාධක, දුක් කම්කටොළු වගේම සතුට බෙදාගැනීමට ද මිතුරන් විශාල සංඛ්‍යාවක් සිටීම ඉතා වැදගත්ය. නමුත් "අපට සමාන ගති පැවතුම් තිබෙන පිරිසක්" පමණක් ආශ්‍රය කිරීමෙන් ජීවිතයේ යම් හිඩැසක් ඇති නොවන්නේද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"රටට ගැලපෙන ජන සංඛ්‍යා වර්ධනයක් පවත්වාගෙන ගියොත් අපිට ලංකාවේ වතුර ටිකක් බොන්න පුළුවන් තැනක් සෑම තැනකම තිබෙන විදිහට හදා ගන්න පුළුවන් වේවි." ලොව රටවල් 195 ක සාඵල්‍යතා වේග (Fertility rates), මරණ, සංක්‍රමණ සහ ජනගහනයේ ඇති විය හැකි වෙනස්කම් සම්බන්ධයෙන් 'The Lancet' සඟරාව ජුලි මස නිකුත් කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය වසර 2100 වන විට මිලියන 10.45 දක්වා පහළ යනු ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි. ඉහත කී වාර්තාවට අනුව 2017 වසරේදී මිලියන 21.60 ක් වූ ශ්‍රී ලංකාවේ ජනගහනය 2031 වසරේදී එහි උපරිමයට, එනම් මිලියන 22.34 කට ළඟා වනු ඇත. 2017 වසරේදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය (එක් කාන්තාවක් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය) 1.80 ක් වන අතර මේ සියවස අග වන විට එය 1.46 දක්වා පහළ යනු ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. යම් රටක සාඵල්‍යතා වේගය දල වශයෙන් 2.1 ට අඩු නම් ජනගහනය සංඛ්‍යාත්මක වශයෙන් පහළ යාම ආරම්භ වී ඇතැයි සැලකෙයි. නිල වාර්තා අනුව 1963 වසරේදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය 5.0 කි. 2016 වසර වන විට එම අගය 2.2 දක්වා පහළ ගොස් තිබේ. දකුණු ආසියාව තුළ අපි කොතැනද? සාඵල්‍යතා වේගය පහළ යාම ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්ත්වයක් නොවේ. වර්ෂ 2100 වන විට ස්පාඤ්ඤය සහ ජපානය ඇතුළු රටවල් 23 ක ජනගහනය අඩකින් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ. 1950 දශකයේදී ලොව කාන්තාවන් බිහි කළ දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය 4.7 ක් විය. වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ අගැයීම් පිළිබඳ ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි 2017 වසරේදී ගෝලීය සාඵල්‍යතා වේගය 2.4 දක්වා, එනම් අඩකින් අඩු වී ඇත. ඒ සම්බන්ධයෙන් ඔවුන් කළ අධ්‍යයනය මගින් ප්‍රක්ෂේපනය කර ඇත්තේ වසර 2100 වන විට ගෝලීය සාඵල්‍යතා වේගය 1.7 ට පහළ අගයක් ගනු ඇති බවය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ සියවස අවසාන වන විට ලොව ජනගහනය බිලියන 8.8 (කෝටි 880) දක්වා පහළ යනු ඇති බවත් ඊට පෙර, වසර 2064 පමණ වන විට එම අගය එහි උපරිමයට, එනම් බිලියන 9.7 ට (කෝටි 970) ළඟා වනු ඇති බවත් පර්යේෂකයෝ පවසති. අදාළ වාර්තාවට අනුව 2017 වසරේදී දකුණු ආසියාවේ සාඵල්‍යතා වේගය 2.27 කි. "වසර 2100 වන විට එම අගය 1.33 දක්වා පහළ යනු ඇත." සාඵල්‍යතා වේග පහළ යමින් ඇත්තේ ඇයි? කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට සහ රැකියා වෙත යොමු වීම මෙන්ම පහසුවෙන් උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ හැකියාව නිසා දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීමට කාන්තාවෝ නැඹුරුවක් දක්වති. එම තත්ත්වය ලොව සාඵල්‍යතා වේග පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පර්යේෂකයෝ පවසති. නමුත් කාන්තා අධ්‍යාපනය සහ උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ පහසුකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ආපසු හැරවීම ඒ සඳහා විසඳුමක් නොවන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 51% කට අධික ප්‍රතිශතයක් කාන්තාවන්ය. මහ බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාව තුළ ආර්ථික වශයෙන් සක්‍රිය කාන්තාවන් සංඛ්‍යාව මිලියන 3.04 කි. ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය 34.5% කි. ආර්ථික වශයෙන් සක්‍රිය නොවන කාන්තාවන් සංඛ්‍යාව මිලියන 5.78 කි. 2016 වසරේ නිල සමීක්ෂණ වාර්තාවලට අනුව වයස අවුරුදු 15-49 ත් අතර කවදා හෝ විවාහයට ඇතුළත්ව සිටි කාන්තාවන්ගෙන් රැකියාවල නිරතව ඇත්තේ 33% ක් පමණි. ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් අධ්‍යාපනයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබුණ ද ඔවුන් රැකියාවලට යොමු වීම සාපේක්ෂව පහළ මට්ටමක පවතින බව ඉහත කී දත්ත මගින් පෙන්නුම් කරයි. 2016 වසරේ ජනවිකාශ සහ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවට අනුව පසුගිය විසි වසර තුළ, වෙනත් වයස් ඛාණ්ඩවල සාඵල්‍යතාව පහළ යමින් තිබෙන අතරේ අවුරුදු 25-34 වයස් සීමාවට අයත් කාන්තාවන්ගේ සාඵල්‍යතාව ඉහළ ගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් රැකියාවලට යොමු වීම, සාඵල්‍යතා වේගය පහළ යාම කෙරෙහි සෘජුවම බලපා ඇතැයි නිශ්චිතව කිව නොහැක. ශ්‍රී ලංකාවේ ජනවර්ග සහ සමාජීය මට්ටම් අනුව සාඵල්‍යතා වේගය 2012 ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව: 2012 ජන හා නිවාස සංගණනයට අනුව: විශේෂඥ මතය කුමක්ද? සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යා, ව්‍යාප්තිය, වයස් සංයුතීන් තුළ සිදුවෙන වෙනස්කම් සහ ප්‍රතිවිපාක ඇතුළු ජන විකාශය පිළිබඳ පර්යේෂණ වාර්තා සහ ඒ ආශ්‍රිත ප්‍රක්ෂේපණ සිදු කළ ප්‍රවීණයෙකි. ශ්‍රී ලංකාවේ ජනගහනය පහළ යන බවට ජාත්‍යන්තර ආයතන ලබා දී ඇති පුරෝකථන සහ ප්‍රක්ෂේපණ සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව ඔහු බීබීසී සිංහල සේවය වෙත පැවසීය. මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා සඳහන් කරන පරිදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය තවමත් 2.1 ට මදක් ඉහළින් පවතියි. 2010-2012 කාල සීමාවේ ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අගය 2.4 ත් 2.5 ත් අතර අගයක් ගත් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එම වැඩිවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන හරිහැටි අවබෝධ කරගෙන නොමැති බව කියා සිටියේය. "සාඵල්‍යතාව අඩු වෙමින් ඇවිත් යම් කිසි හේතු ගණනාවකට එය එකවරම වැඩි වුණා. ඒ වැඩිවීම සිදු වුණු රටවල් කිහිපයයි තිබෙන්නේ. එයින් එකක් ශ්‍රී ලංකාව," "මා කලින් කළ ප්‍රක්ෂේපණ අනුව පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සාඵල්‍යතාව සීග්‍රයෙන් අඩු වෙනවා, අපේ ජනගහනය මිලියන 22 ක් වගේ වෙනකොට උපරිමයකට එන බව. ඒ ස්ථාවර අගය දශක කිහිපයක් එලෙස පැවතිලා අඩු වෙන්න පුළුවන් බව ප්‍රක්ෂේපණය කර තිබුණා," "නමුත් 2010 -2012 කාලවල සාඵල්‍යතාවේ වැඩි වීමක් දැක්කට පසු මම අලුතෙන් කරපු ප්‍රක්ෂේපණ මගින් පෙන්නලා තිබෙනවා 2050, 2060 ගණන් වෙනකොට අපේ ජනගහනය මිලියන 25 ක් 26ක් දක්වා වැඩි වෙන බව. ඒ වැඩිවීම මිලියන 27 ක් වෙන්නත් පුළුවන්. 2100 ගණන් වෙනකොට පොඩි බැස්මක් සිදු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර කලින් වැඩි වුණු සඵලතාවය යළි අඩු වෙමින් පැවතීම." යනුවෙන් මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පැවසීය. නමුත් ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජනගහනය අඩුවීමේ හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ ජනගහනය 'අඩු නොවීමට' හේතු? ශ්‍රී ලංකාව තුළ ජනගහනයේ පහළ යාමක් සිදු නොවීම කෙරෙහි 'අපටම අනන්‍ය වූ' කරුණු තුනක් බලපාන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. ඒවා නම්: දැනට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කට ආසන්න අගයක් ගනු ලබන නමුත් ඉදිරියේදී ඊට තවත් මිලියන 4-5 ත් අතර සංඛ්‍යාවක් එක් වූ පසු භූමියට දරා ගත නොහැකි මට්ටමක් ඇති විය හැකි බවට මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා අනතුරු අඟවයි. "දැනටමත් කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ගැටලු පවතිනවා. පානීය ජල ප්‍රශ්න තිබෙනවා. කැලෑ එළිපෙහෙළි කිරීම නිසා අලි ගම් වැදීම ඇතුළු බරපතල පාරිසරික ගැටලු රාශියක් මතු වෙමින් පවතිනවා. මේ දැන් වෙනකොට තත්ත්වය, 2050, 2060 වෙනකොට ජනගහනය තවත් වැඩි වුණොත් මේ තත්ත්වය උග්‍ර වෙනවා," රටක් වශයෙන් එවැනි අර්බුදකාරී තත්ත්වයක් අප ඉදිරියේ පැවතියත් පෙර සඳහන් "තරඟය" නතර කිරීමට මිනිසුන්ගේ සූදානමක් නොමැති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. "අන්න එතන තමයි අපිට තිබෙන උභතෝකෝටික ප්‍රශ්නය. මේක ගැටලුවකට යන බව මා පෙන්වා දී තිබෙනවා. මේ කෝවිඩ්-19 නිසා ඒ ගැටලුව තවත් බරපතල වෙනවා. නමුත් මේ තත්ත්වය නතර කිරීමත් පහසු දෙයක් නොවෙයි. මොකද වැඩි දෙනෙක් බලන්නේ අර ගැටලුව දෙස නොවෙයි, තමන්ගේ ප්‍රමාණය අඩු වැඩි කර ගැනීම කියන එකට තමයි මුල් තැන දී තිබෙන්නේ," මහාචාර්යවරයා පවසන පරිදී ඉහත කී තත්ත්වය මග හරවා ගැනීමට ඇති එකම මග එකී ගැටලුව පිළිබඳ සෑම ජන වර්ගයකටම අවබෝධයක් ලබා දීම පමණි. "රටට ගැලපෙන ජන සංඛ්‍යා වර්ධනයක් පවත්වාගෙන ගියොත් අපිට ලංකාවේ වතුර ටිකක් බොන්න පුළුවන් තැනක් සෑම තැනකම තිබෙන විදිහට හදා ගන්න පුළුවන් වේවි. එහෙම නැතිව දැන් යන රේස් එකේ නම් අර්බුද ගොඩක් එනවා ඉස්සරහට," සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය. මේ ගැනත් කියවන්න:
දරු උපත් පහළ යාම නිසා මේ සියවස අග වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය අඩකින් අඩු වෙතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"2020 දී ජනාධිපතිවරණයක් නැහැ" කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (ජන.11 ) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වාදුන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් කරා යාම ආණ්ඩුවේ අපේක්ෂාව බවය. ජනාධිපතිවරයාගේ අරමුණ ද එය ම බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් පවසන දේ අදාළ නොවන බව ද කියා සිටියේය. විධායක ජනාධිපති ධුරය එලෙසම පවත්වාගෙන යාමටත් 2020 වසරේ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඉදිරිපත් වියයුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව අමාත්‍ය සරත් අමුණුගම පසුගියදා පැවසීය.
වසර 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය නොවැම්බර් තිස් වනදා රාවය පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ජනාධිපතිවරණය පිළිබඳ තම පුවත් පතේ පළ කළ ලිපියක් ඊට හේතු වී ඇති බවයි රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන බීබීසීයට කියා සිටියේ. පසුගිය නොවැම්බර් තිස් වනදා රාවය පුවත්පතේ සිරස්තලය වූයේ ‘මෛත්‍රීට 59% මහින්දට 41%යි. බුද්ධි ලොක්කා ඉවතට’ යන්නයි. එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ ලැබුණු තොරතුරු පදනම් කර ගනිමින් රජයේ බුද්ධි අංශ ප්‍රධානියා විසින් සකසන ලද වාර්තාවක් ඉහත කී ප්‍රධාන සිරස්තලයට පසු බිම වූ බව රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන පැවසුවේය. 'සත්‍ය තොරතුරු' බුද්ධි අංශ වාර්තාවෙන් අසතුටට පත් ජනාධිපතිවරයා විසින් රජයේ බුද්ධි අංශ ප්‍රධානියා ධුරයෙන් ඉවත් කර ඇති බවත් ඉහත කී පුවත්පත් ලිපියේ සඳහන් විය. එම වාර්තාව සත්‍ය වාර්තාවක් බව තවමත් වගකීමකින් යුතුව කියා සිටින්නේද යන්න බීබීසීයේ තිසර රතුවිතාන විමසූ අවස්ථාවේ රාවය කතුවරයාගේ පිළිතුර වූයේ ‘අනිවාර්යයෙන්ම අපට ලැබී තිබෙන තොරතුරු අනුව එම වාර්තාවේ සත්‍යතාවය පිළිබඳ කිසිම අභියෝගයක් එල්ල වෙලා නැහැ’ යන්නයි. ඉහත කී ලිපිය පළ වීමෙන් අනතුරුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් යැයි කියා ගත් පිරිසක් පැමිණ කොළඹ අවට සහ ආනමඩුවේ රාවය අලවි නියෝජිතයන් බිය වද්දා තොරතුරු ලබා ගෙන ඇති බවත් රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන කියා සිටියේය. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇමතීමට බීබීසීය ගත් උත්සාහය සාර්ථක නොවීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය දෙකහමාරක් පමණ තමාගෙන් ප්‍රශ්න කළ බව රාවය පුවත්පතේ කතුවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතිවේදීන් මෙම විරෝධතාවට එක්ව සිටියහ මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතිවේදීන් මෙම විරෝධතාවට එක්ව සිටියහ. විරෝධතාකරුවන් අවධාරණය කර සිටියේ නඩු විභාගයක් නොමැතිව දින 352 ක් රඳවාගෙන සිටින ජයකුමාරි නිදහස් කිරීමට රජය වහා පියවර ගත යුතු බවයි. අතුරුදන් වුවන් පිලිබදව සොයා බැලීමේ කමිටුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු අදහස් දක්වමින් කියා සිටියේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට රජය කර ඇති ප්‍රකාශය සතුටට කරුණක් වුව ද එය ප්‍රායෝගිකව ව ක්‍රියාත්මක නොවන බවයි. විදියේ විරෝධය සංවිධානයේ ගායක ජයතිලක බණ්ඩාර අදහස් දක්වමින් වත්මන් රජය දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිලිබද ව මහත් උවමනාවෙන් බලා සිටින බව කියා සිටියේය. මේ අතර ජයකුමාරි රඳවා ගැනීම පිළිබද නඩුව අද කැඳවූ අවස්ථාවේදී ත්‍රස්ත මර්ධන අංශය අධිකරණයට දැනුම් දී සිටියේ මෙම සැකකාරිය පිලිබදව ගන්නා ක්‍රියා මාර්ගය ගැන නීතිපතිවරයාගේ ලිඛිත උපදෙස් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි. ඒ අනුව පැමිණිල්ල ලබන 10 වනදා දක්වා කල් තැබූ අධිකරණය එදිනට නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කරන මෙන් පොලිසියට නියම කළේය. කොටි සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම සදහා මුල් වී ක්‍රියාකළ ගෝපි නමැති පුද්ගලයාට නවාතැන් පහසුකම් ලබා දුන් බවට චෝදනා කරමින් පසුගිය වසරේ බාලේන්ද්‍රන් ජයකුමාරි ත්‍රස්ත මර්ධන පනත යටතේ රජයේ ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබුණි. එහෙත් තමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඇය සිය නීතිවේදීන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ.
රැඳවුම් භාරයේ පසුවන මානව හිමිකම් ක්‍රියාධාරිනියක වන බාලේන්ද්‍රන් ජයකුමාරි නමැති කාන්තාව මුදා හරින මෙන් රජයට බල කරමින් කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපස ඊයේ (06 වැනි සිකුරාදා) නිහඬ විරෝධතාවක් පැවැත්විණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දැනට රිමාන්ඩ් භාරයේ පසුවන වවුනියාව ප්‍රදේශයේ පදිංචි රාගවන් සුරේෂ් නමැති සැකකරුවා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළේ. පෙත්සම්කරු පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2009 වසරේදී තමා අත් අඩංගුවට ගෙන පොලිස් භාරයට පත් කල බවයි. පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත එක් වසරක කාලයක් පුනරුත්ථාපනයට ලක් කිරීමෙන් පසුව තමා නිදහස් කෙරුණු බවයි ඔහු ප්‍රකාශ කළේ. ඉන් අනතුරුව ත්‍රස්ත මර්ධන කාර්යාංශය 2011 වසරේදී තමා නැවත අත් අඩංගුවට ගත් බව පවසන පෙත්සම්කරු, එසේ අත් අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට පොලීසිය අසමත් වූ බවට ද චෝදනා කළේය. දැනට නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ පසුවන තමා නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනයට ලක් කිරීමෙන් පසුව නිදහස් කල එල්ටීටීඊ සැකකරුවකු නැවත ත්‍රස්ත මර්ධන කාර්යාංශය මගින් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2009 වසරේ සිට මේ දක්වා සිය දෙමව්පියන් විසින් අවසරයකින් තොරව ඔවුන්ගේ ෆේස්බුක් පිටු තුළ තමන් අපහසුවට පත් කරවන සහ පෞද්ගලිකත්වයට හානි කරවන සුළු ඡායාරූප පන්සියයකට වැඩි ප්‍රමාණයක් පළ කොට ඇති බවට දහඅට හැවිරිදි වියේ පසු වන තරුණිය චෝදනා කරයි. මිතුරන් හත්සියයකට වැඩි පිරිසක් සිටින දෙමව්පියන්ගේ ෆේස්බුක් ගිණුමේ තම කුඩා කාලයේ ඡායාරූප පළ කිරීම තුළින් තමන්ගේ ජීවිතය අවාසනාවන්ත තත්වයට පත් කළ බවයි ඇය පවසන්නේ. කෙසේ නමුත් සිය දරුවාගේ ඡායාරූප ෆේස්බුක් තුළ පළ කරනු ලැබීම තරුණියගේ පියා සාධාරණීකරණය කරයි. සමාජ මාධ්‍ය තුළ ළමුන්ගේ ඡායාරූප පළ කිරීම තුළින් ඔවුන් විකෘති ලිංගික ආශාවන් සහිත පුද්ගලයන්ගෙන් අනතුරට ලක් වීමේ හැකියාව පවතින බව මාධ්‍යවේදිනියක් වන රෝසි වෙට්ස් පවසන්නීය. ඒ පිළිබඳ සැකසුණු වාර්තාවට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.
සිය අනු දැනුමෙන් තොරව තම ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයේ පළ කොට ඇති බවට දෙමව්පියන්ට චෝදනා කරමින් ඕස්ට්‍රේලියානු තරුණියක් අධිකරණයට ගොස් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම ගිවිසුම ප්‍රකාර ව්‍යාපෘතියේ අයිතිය චීන සමාගම සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අතර 80% - 20% වශයෙන් බෙදී යන බවත් හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. "මුල් අවුරුදු 15 දී මූලික ගෙවීම හැරුණු විට කිසිම ආදායමක් ලංකාවට නොලැබෙන අතර ඉන් පසුව ආණ්ඩුවට අයත් 20% සඳහා ලාභාංශ ප්‍රකාශ කළහොත් පමණක් ආදායමක් ලැබෙනු ඇත," යනුවෙන්ද නිවේදනයේ දැක්වේ. තමන්ට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට ආණ්ඩුව මෙවැනි ගිවිසුමකට එළැඹි තිබෙන්නේ චයිනා හාබර් සමාගම 'මෙයට වඩා බෙහෙවින්ම වාසිදායක' ලංසුවක් ඉදිරිපත් කර තිබෙන අතරවාරයේ බවටත් හිටපු ජනාධිපතිවරයා චෝදනාවක් එල්ල කරයි. අදාළ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයටද බලපෑම් ඇතිවන බැවින් මුළු වරායම හෝ ඉන් කොටසක් අවුරුදු 99 ක් වැනි දීර්ඝ කාලයක් සඳහා බදු දීමට තමන් ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ බවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි. තවදුරටත් දීර්ඝ වශයෙන් අදහස් දක්වන හිටපු ජනාධිපතිවරයා, හම්බන්තොට වරාය පරිශ්‍රය පමණක් නොව ඉන් පිටත තවත් අක්කර 15,000 ක් ද විදේශීය සමාගමකට 99 අවුරුදු බද්දක් යටතේ ලබාදීමට ආණ්ඩුව එකඟ වී තිබෙන බවත් සඳහන් කරයි. "මේ ගණුදෙනුවෙන් ලංකාවට සිදුවෙන ආර්ථික වාසිය හෝ අවාසිය ගැනත්, වරාය පරිශ්‍රෙයේ පාලනයත්, රටේ ස්වාධිපත්‍යත්, පරිසරයට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙනුත් සැලකිල්ලට ගත යුතු ගැටළු ඇත,"යනුවෙන්ද නිවේදනයේ සඳහන්වේ. කෙසේ නමුත් දකුණු පලාතෙන් අක්කර 15,000 ක් ලබාදීමේ කිසිදු ගිවිසුමකට මෙතෙක් අත්සන් තබා නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ මහනුවරදී රැස්වීමක් අමතමින් සඳහන් කළේය. විදේශ ආයෝජන සහ කර්මාන්ත රටට අවශ්‍ය නමුත්, ශ්‍රී ලංකාවේ භුමියේ අයිතිය වෙනත් කිසිදු රටකට අයත්වීමට ඉඩ ලැබෙන ආකාරයට ඒ සඳහා ඉඩම් ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. අදාළ ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට ප්‍රදේශයෙන් පවරාගනු ලබන්නේ අක්කර 1235 ක් පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සිකුරාදා රාත්‍රියේ හම්බන්තොටදී සංඝයා වහන්සේ අමතමින් සඳහන් කළේය. මේ අතර සඳුදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ හිටපු කතානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව කර්මාන්ත ඉදිකිරීම පිළිබඳව සතුටුවන නමුත් එය සිදු විය යුත්තේ කිසිවකුටත් හානියක් නොවන ආකාරයට බව සඳහන් කළේය.
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ඩොලර් මිලියන 1,080 ක මුදලකට චයිනා මර්චන්ට් සමාගමට 99 අවුරුදු බදු දීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගිවිසුමකට එළැඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිටපු අගමැතිවරයා ඔහුට එරෙහි චෝදනා බැහැර ලයි. හිටපු අගමැතිවරයා උසාවියට ඉදිරිපත් කෙරුණේ, ඔහු බලයේ සිටිය දී යුද හමුදාව යොදවමින් සිදු කළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කොට නඩු පැවරීම සඳහායි. තායිලන්තයේ තවත් හිටපු අගමැතිවරයකු වන තක්ෂින් සිනවත්ගේ ආධාර කරුවන් මෙයින් වසර තුනකට පෙර බැංකොක් අගනුවර විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටි අතර ඔවුන්ගෙන් බහුතරය නිරායුධවයි සිටියේ. නිරායුධ විරෝධතාවාදීන් එම විරෝධතාවාදීන් විසුරුවා හරිනු ලැබීම සඳහා තායිලන්ත යුද හමුදාව සිදු කළ වෙඩි තැබීමේදී අනූවකට අධික මහජන ජීවිත විනාශයක් වාර්තා වුණි. එම ප්‍රහාරයේදී මාරක අවි ආයුධ පාවිච්චි කිරීම සඳහා එවකට අගමැති අභිසිත් වෙජාජීව යුද හමුදාවට බලය දී තිබුණි. එහෙත් හිටපු අගමැතිවරයා කියා සිටින්නේ, තමා කිසිදු වරදක් සිදු කර නැති බවයි. තක්ෂින් සිනවත් ගේ සොහොයුරිය වන යින්ග්ලුක් සිනවත්ගේ පාලනය පෙරලා දැමීමට යත්න දරන තායිලන්ත විපක්ෂයේ නායකයන් අතරට අභිසිත් වෙජාජීව ද එක් වෙයි.
තායිලන්තයේ හිටපු අගමැති අභිසිත් වෙජාජීව(Abhisit Vejjajiva) උසාවියට ඉදිරිපත් කෙරුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයකට පෙර හමුදාව සිවිල් දේශපාලනඥයින් රඳවා තබා ගත්තේය 2011 දී ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කරා යාමට පෙර පීඩාකාරී මිලිටරි පාලන තන්ත්‍රයන් යටතේ වසර 50 ට ආසන්න කාලයක් පාලනය විඳදරාගත් ජනතාවට නැවත කුමන්ත්‍රණයක් තුළින් රට පුරා භීතියේ කම්පනයක් ඇති කර තිබේ. අවුං සාන් සූ චී සහ අනෙකුත් දේශපාලනඥයන් අද (පෙබ. 01) අලුයම අත්අඩංගුවට ගැනීම, අමතක කර දැමීමට උත්සහ කළ අතීතය නැවතත් රටේ ජනයාට සිහි ගන්වා ඇත. සූ චී සහ වරක් තහනම් කරන ලද, ඇය නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) පක්ෂය 2015 දී තේරී පත්වීමෙන් පසු, වසර 25 ක් තුළ දුටු වඩා නිදහස් හා අපක්ෂපාති මැතිවරණයක් රට තුළ මෙහෙයවීය. සඳුදා උදෑසන එම පක්ෂය සිය දෙවන ධුර කාලය ආරම්භ කිරීමට නියමිතව තිබිණි. එහෙත් බුරුමය ලෙස ද හැඳින්වෙන මියන්මාරයේ ව්‍යවස්ථාවට ස්තුති වන්නටරාජ්‍ය බලය තම ග්‍රහණයේ තබා ගැනීමේ හැකියාව මෙන්ම පාර්ලිමේන්තුවේ ආසනවලින් හතරෙන් එකක් සහ රටේ බලවත්ම අමාත්‍යාංශ පාලනය කිරීමේ හැකියාව ද හමුදාවට ලැබී ඇත. දැන් මතුවන ප්‍රශ්නය වන්නේ හමුදාව මේ අවස්ථාවේ බලය අල්ලාගත්තේ ඇයි යන්නයි - එමෙන්ම තවදුරටත් කෙරෙන විමසීමට අනුව ඊළඟට කුමක් ද? 'රැව්දෙන' වංචා චෝදනා බීබීසී අග්නිදිග ආසියාවේ වාර්තාකරු ජොනතන් හෙඩ් පෙන්වා දෙන පරිදි නිශ්චිත වේලාව පහසුවෙන් පැහැදිලි කළ හැකිය: සඳුදා (පෙබ. 01) උදෑසන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වීමට නියමිතව තිබුණද දැන් එය සිදු නොවේ. රටේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි ජන සංහාර පිළිබඳ චෝදනා මධ්‍යයේ වුවද විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත් සූ චී ගේ එන්එල්ඩී පක්ෂය නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් 80% ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබිණි. හමුදා සහය හිමි විපක්ෂය ඡන්දයෙන් පසු වංචා පිළිබඳ චෝදනා කිරීමට වහාම පටන් ගත්තේය. අලුතින් පිහිටුවන ලද වැඩබලන ජනාධිපතිවරයා විසින් අත්සන් කරන ලද ප්‍රකාශයකින් මෙම චෝදනාව නැවත නැවතත් මතුකරන ලද අතර වසරක් පුරා හදිසි නීතිය පැනවීම ඉන් සාධාරණීකරණය කෙරිණි. "2020 නොවැම්බර් 8 වන දින පැවති බහු-පක්ෂ මහ මැතිවරණයේ ඡන්දදායක ලැයිස්තුවේ පැවති විශාල අක්‍රමිකතා විසඳීමට මැතිවරණ කොමිසම (යුඊසී) අපොහොසත් වුණා" යැයි එහි උප සභාපති ලෙස කටයුතු කළ හිටපු ජෙනරාල් මයින්ට් ස්වේ පැවසීය. යැන්ගොන් හි නගර ශාලාව තුළ සෙබළුන් දැක ගත හැක එහෙත් චෝදනාවන්ට සහාය දැක්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැත. "නිසැකවම අවුං සාන් සූ චී අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත්තා" යැයි හියුමන් රයිට්ස් වොච් (එච්ආර්ඩබ්ලිව්) හි ආසියාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් බීබීසී සමග පැවසීය. "මැතිවරණ වංචා පිළිබඳ චෝදනා එල්ල වී තිබෙනවා. එය තරමක් උලප්පා පෙන්වීමක්. නමුත් මේවා සාක්ෂි නොමැතිව ඉදිරිපත් වී ඇති වංචා චෝදනා." එසේ වුවද රොබට්සන් පවසන්නේ බලය උදුරාගැනීම "විස්තර කළ නොහැකි" බවය. "[ඡන්දය] බලය අහිමි වීමක් අදහස් කළාද? පිළිතුර නැත." 'ජාතියේ පියා' අපහසුතාවට පත් කිරීම නොවැම්බරයේ පැවති ඡන්ද විමසීමේදී හමුදා සහාය ලත් එක්සත් සහයෝගීතා සහ සංවර්ධන පක්ෂය (යූඑස්ඩීපී) සුළු ආසන සංඛ්‍යාවක් දිනා ගත් බවක් පෙනෙන්නට තිබුණද 2008 පැවති හමුදා ජුන්ටා පාලන සමයේදී නිර්මාණය වූ මතභේදාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ස්තූතිවන්ත වන්නට, රජයට බලපෑම් කිරීමේ සැලකිය යුතු බලයක් තවමත් හමුදාව සතුව ඇත. එමගින් හමුදාවට පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක් නිරායාසයෙන් ලබා දෙනවා පමණක් නොව ස්වදේශ කටයුතු, ආරක්ෂක සහ දේශසීමා කටයුතු යන ප්‍රධාන අමාත්‍යාංශ තුනෙහි පාලනය ද හිමි වෙයි. එබැවින්, ව්‍යවස්ථාව එලෙසම පවතින තාක් හමුදාවට යම් පාලනයක් හිමිවේ. එහෙත් බහුතරය ඇති එන්එල්ඩි පක්ෂයට ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකිද? ජොනතන් හෙඩ් පවසන පරිදි, එය කළ නොහැකි කාර්යයකි. එය කිරීමට පාර්ලිමේන්තුවෙන් 75% කගේ සහාය අවශ්‍ය වේ. හමුදාවට අවම වශයෙන් 25% ක පාලනක් ඇති විට එය කළ නොහැකි කාර්යයකි. ජපානයේ සිටින මියන්මාර පුරවැසියන් හමුදාවට විරෝධය දැක්වීම සඳහා දැනටමත් පාරට බැස ඇත හිටපු මාධ්‍යවේදියෙකු හා තාක්ෂණික අධ්‍යාපනඥයෙකු වන අයේ මින් තන්ට් යෝජනා කරන්නේ සඳුදා සිදුවූ ක්‍රියාව සඳහා තවත් හේතුවක් තිබිය හැකි බවය: හමුදාව පාර්ශ්වයෙන් එය අපහසුතාවට ලක්වන කරුණකි. "ඔවුන් පරාජයක් අපේක්ෂා කළේ නැහැ," ඇය යැන්ගොන් (රංගූන්) හි සිට බීබීසී සමග පැවසීය. "හමුදාවේ පවුල්වල අය ඔවුන්ට විරුද්ධව ඡන්දය පාවිච්චි කර තිබෙනවා විය යුතුයි." ඇත්ත වශයෙන්ම, එය ඊට වඩා බොහෝ සෙයින් වැඩි ය. "හමුදාව රට තුළ සිය තත්ත්වය දෙස බලන ආකාරය ඔබ තේරුම් ගත යුතුයි," අයේ මින් තන්ට් තවදුරටත් පැවසුවාය. "ජාත්‍යන්තර මාධ්‍යයන් අවුං සාන් සූ චී 'මව' ලෙස හැඳින්වීමට පුරුදුව සිටිනවා. හමුදාව තමන් හඳුන්වාගන්නේ ජාතියේ පියා ලෙස ලෙසයි." එහි ප්‍රතිඵලයක් වශයෙන්, පාලනය සම්බන්ධයෙන් සැළකීමේදී එය "බැඳීමක් සහ හිමිකමක්" වැනි හැඟීමක් දැනේ. මෑත වසරවලදී, රට ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වඩාත් විවෘත වී ඇති හෙයින්, එම සිදුවීම එතරම් ප්‍රියජනක සිදුවීමක් නොවේ. "ඔවුන් පිටස්තරයින් දෙස බලන්නේ අනතුරක් ලෙසයි." නොවැම්බරයේ පැවති ඡන්ද විමසීමේදී රෝහින්ග්‍යා වැසියන්ට ඡන්ද බලය අහිමි කිරීම සම්බන්ධයෙන් මතුවූ ජාත්‍යන්තරයේ කනස්සල්ල මෙන්ම වසංගත තත්ත්වයද, මේ අවස්ථාවේදී මේ අයුරින් ක්‍රියාකිරීම සඳහා හමුදාවට ධෛර්යයක් දී තිබෙනවා විය හැකි යැයි අයේ මින් තන්ට් පැවසීය. ඒ සියල්ලම, තවමත් ඇයව පුදුමයට පත් කරයි. අනාගතය කෙබඳු වේද? ඇත්ත වශයෙන්ම, එතරම් වාසි සහගත නොවන මෙවන් අවස්ථාවක හමුදාව මෙසේ ක්‍රියා කළේ මන්දැයි විශේෂඥයින් හට ද නිශ්චිතව කිව නොහැකිය. "වර්තමාන ක්‍රමය හමුදාවට ඉමහත් වාසිදායක බව මතක තබා ගැනීම වටිනවා. හමුදාවට පුර්ණ අණසකක්, සිය වානිජමය අරමුණු වෙනුවෙන් අත්පත් කරගත හැකි ජාත්‍යන්තර ආයෝජනයක් මෙන්ම යුද අපරාධ සඳහා සිවිල් වැසියන්ගෙන් දේශපාලන ආවරණයක් ද ලැබී තිබෙනවා" යනුවෙන් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ, ආසියා පර්යේෂණ ආයතනයේ පශ්චාත් ආචාර්ය උපාධිධාරී ජෙරාඩ් මැකාති බීබීසී සමග පැවසීය. "නිවේදනය කර ඇති පරිදි වසරක් සඳහා බලය අත්පත් කර ගැනීම තුළින් චීන නොවන ජාත්‍යන්තර හවුල්කරුවන් හුදෙකලා කරාවි. හමුදාවේ වාණිජමය අවශ්‍යතාවන්ට හානි කෙරෙන අතරම සූ චී සහ එන්එල්ඩී පක්ෂය තවත් ධුර කාලයක් සඳහා බලයට පත් කළ මිලියන සංඛ්‍යාත ජනතාවගේ ප්‍රතිරෝධය තවත් උත්සන්න කරාවි." අනාගත මැතිවරණවලදී යූඑස්ඩීපීයේ ස්ථාවරය වැඩිදියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා විය හැකි වුව ද එවැනි පියවරක අවදානම "සැලකිය යුතු" බව ඔහු ජෙරාඩ් මැකාති පවසයි. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ෆිල් රොබට්සන් පෙන්වා දෙන්නේ මෙම පියවර මියන්මාරය නැවත වරක් "පාරියා රාජ්‍යයක්" (ජාත්‍යන්තරයෙන් කොන්වූ රාජ්‍යක්) බවට පත්වීමේ අවදානමට ලක්ව ඇති අතර රට තුළ පුද්ගලයින් කෝපයට පත් කරනු ඇති බවය. "මියන්මාරයේ ජනතාව ඇස් පියාගෙන සිටිනු ඇතැයි මම සිතන්නේ නැහැ," ඔහු තවදුරටත් පැවසීය. "ඔවුන්ට නැවත හමුදාව සමඟ අනාගතය කරා යාමට අවශ්‍ය නැහැ. ඔවුන් සූ චී දකින්නේ හමුදා බලය නැවත පැමිණීමට එරෙහි බලකොටුවක් ලෙස යි." සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳා ගත හැකිය යන බලාපොරොත්තුව තවමත් පවතින නමුත් ඔහු පෙන්වා දෙන්නේ "විශාල විරෝධතා ආරම්භ වනු අපට පෙනෙන්නට පටන් ගන්නේ නම්, ඒ විශාල අර්බුදයක මුලයි." කියවන්න:
සිවිල් රජයකට බලය පැවරීමට එකඟ වී දශකයකට පසු මියන්මාරයේ හමුදාව යළි රටේ පාලනය අත් පත් කර ගත බව නිවේදනය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අන්‍යයන්ට වඩා උසස් තැනකට ඒම වෙනුවෙන් ලෝකයේ හමුදා නව තාක්ෂණික අත්හදා බැලීම්වලට නිතර යොමුවනවා. උදාහරණයකට 'ඩක්ට් ටේප්' (duct tape) නමින් හැඳින්වෙන වෙලුම් පටිය දෙස හැරෙමු. එය ඇමෙරිකාවේ ඉලිනොයි හි පිහිටි යුද්ධෝපකරණ කම්හලක සේවිකාවක ගෙනා යෝජනාවක ප්‍රතිඵලයක්. දෙවෙනි ලෝක යුද සමයේදී ඇයගේ පුතුන් නාවික හමුදාවේ සේවයේ යෙදී සිටියා. ඒ කාලයේදී පතුරම් පෙට්ටි මුද්‍රා තැබීමට යොදා ගත් වහා කැඩී යන සුලු කඩදාසි පටි නිසා, වෙඩි ප්‍රහාර මැද සෙබළුන් අපහසුතාවලට ලක්වෙනු දැක කණස්සලු වූ වෙස්ටා ස්ටවුඩ්ට් හට විසඳුමක් හමුවුණා. ඒ, ජලයට ඔරොත්තු දෙන රෙදි පටියක්. තමන්ගේ යෝජනාවට සිය වැඩ පරීක්ෂකයින්ගෙන් සහයෝගයක් නොලැබෙන බව දුටු තැන ඒ ගැන ජනාධිපති රූස්වෙල්ට් වෙත දන්වා යැවුවා. එහි ප්‍රථිඵලය වුණේ වෙස්ටාගේ අදහස යථාර්ථයක් බවට පෙරලන ලෙස ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබීමයි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා 2014 වසරේ දී නව වැඩපිළිවෙලක් ගැන නිවේදනයක් කරමින් "අපි 'අයන් මෑන්' (Iron Man) නිර්මාණය කරමින් සිටින බව ප්‍රකාශ කරන්නයි මෙතැනට ආවේ" යි ජනමාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා. එහිදී සිනහ මතුවුවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බරපතල වූවක්. එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදාව ඒ වනවිටත් වැඩ ආරම්භ කර තිබුණා. ඒ, 'ටාලෝස්' (Talos - Tactical Assault Light Operator Suit) නමින් හැඳින්වෙන ආරක්‍ෂිත ඇඟලුමක්. එය ඇඟලු පුද්ගලයෙක් සතුරු ස්ථානයකට ඇතුලුවෙන ආකාරය හා ඇඳුමේ සන්නාහයේ වැදී ඉවතට වෙඩි උණ්ඩ යන ආකාරයක් නිරූපණය කෙරෙන වීඩියෝ ක්‍රීඩාවක් වැනි ප්‍රවර්ධනාත්මක දර්ශන පෙළක් ද එහිදී ප්‍රදර්ශනය කෙරුණා. 'අයන් මෑන්' බිහිවන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. නමුත් වසර 5 කදී එම වැඩපිළිවෙල හමාර වෙද්දී එහි නිර්මාපකයින්ගේ අපේක්ෂාව වූයේ අදාළ ඇඟලුමේ කොටස් අනාගතයේදී වෙනත් ආකාරයකින් භාවිත කෙරෙනු ඇති බවයි. එක්සත් ජනපදය සිහින මැවූ සිය 'ටාලෝස්' නම් බාහිර සැකිල්ල ප්‍රවර්ධන වීඩියෝවකින් පෙන්වූ ආකාරය සිය සෙබළුන්ගේ ආරක්ෂාව හා ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා බාහිර සැකිල්ලක් ගැන අවධානය යොමු කිරීම, හමුදා විසින් සොයමින් සිටින එවැනි අපේක්ෂා සහගත තාක්ෂණික ක්‍රමවේදවලින් එකක් පමණයි. මේ ආකාරයේ වැඩිදියුණු කිරීම් අලුත් තත්ත්වයක් නොවේ. අවි, ඇඟලුම් හා පුහුණුව ආදිය සම්බන්ධයෙන් අතීතයේ සිට ම කෙරුණු වැඩිදියුණුව හමුදාවන්ට ලැබුණු රුකුලක්. නමුත් අදවනවිට, වැඩිදියුණු කිරීමේ අර්ථය හුදෙක් සොල්දාදුවෙකුට වඩා හොඳ ගිනි අවියක් දීමෙන් ඔබ්බට යන දෙයක් වෙන්නට පුළුවන්. එහි අර්ථය, ඒ සෙබළා වෙනස්කමකට ලක්කිරීමක් වෙන්නට පුලුවන්. "න්‍යෂ්ටික බෝම්බයකට වඩා දරුණු" දෙයක් ඉතා ඉක්මණින් නිර්මාණය කරන්නට මානවයා පියවර ගනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් 2017 දී අනතුරු ඇඟවූවා. "කිසියම් ලක්ෂණ දෙමින් මිනිසකු නිර්මාණය කරන්නට මිනිසාට පුළුවන් යැයි කෙනෙකු හිතන්නට පුළුවන්. ඒ න්‍යායාත්මකව විතරක් නොවෙයි, ප්‍රායෝගිකවත්. ඒ මිනිසා අති දක්ෂ ගණිතඥයෙක්, සංගීතඥයෙක් හෝ සොල්දාදුවෙක්, එනම් බියෙන්, අනුකම්පාවෙන්, පසුත්වීමෙන් හෝ වේදනාවක් නොදැනී සටන් කරන්න පුළුවන් මිනිසෙක් වෙන්න පුළුවන්." එක්සත් ජනපදයේ හිටපු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් පසුගිය වසරේදී චීනයට බාල ගනයේ චෝදනාවක් එල්ල කළා. "ජීව විද්‍යාත්මක වශයෙන් දියුණු කළ හැකියාවන්ගෙන් පිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමේ අරමුණින්, මහජන විමුක්ති හමුදාවේ සාමාජිකයින් මත චීනය මානවීය පරීක්ෂණ කර තිබෙනවා." යැයි ඔහු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවතේ ලිපියක් පළකරමින් පවසා තිබුණා. එම ලිපිය "බොරුවලින් යුත් මිශ්‍රිතයක්" බව චීනය පැවසුවා. ජාතික බුද්ධි සේවා අධ්‍යක්ෂ තනතුරට අලුතින් පත් කෙරුණු ඇව්රිල් හේන්ස් දරන්නෙත් ඇයගේ පූර්වගාමියාගේ මතයමදැයි කළ විමසීමේදී ඇය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ඇගේ කාර්යාලය පැවසුවත් චීනෙයන් එල්ලවන තර්ජනය සම්බන්ධයෙන් ඇය කළ අනතුරු ඇඟවීමක් පිළිබඳ ප්‍රකාශනයක් දෙස යොමු කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ න්‍යාය පත්‍රයේ වූ බොහොමයක් ඉවත ලෑමට බයිඩන් පරිපාලනය ක්‍රියා කලත්, පෙනෙන්නට තිබෙන්නේ චීනය සමග උණුසුම් තත්ත්වය ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ අංගයක් ලෙස ඉදිරියටත් පවතින බවක්. අපේක්ෂාවට එදිරි යථාර්ථය සිය නිලයන් අතර සුපිරි සෙබළෙකු සිටීම හමුදාවකට හිරිහැරකාරී අපේක්ෂාවක්. වේදනාව, අතිශය ශීතල හෝ නින්දක අවශ්‍යතාවට එරහිව යන සෙබළෙක් ගැන සිතන්න. නමුත් 'අයන් මෑන්' කෙනෙකු තැනීමේ ඇමෙරිකානු උත්සාහයෙන් පෙනෙන්නේ, ඒ සඳහා ඇති තාක්ෂණිකමය අවහිරතාව විසින් අපේක්ෂාව යටපත් කරන බවක්. 2019 දී ඇමෙරිකානු විද්‍යාර්ථීන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පත්‍රිකාවකින් කියැවුණේ ජාන සංස්කරණය, බාහිර සැකිලි හා මිනිස් - යන්ත්‍ර සුසංයෝගයක් වැනි තාක්ෂණ පිළිබඳ චීන හමුදාව "ක්‍රියාකාරීව ගවේෂණය" කරන බවයි. එහි එක කර්තෘවරියක වන එල්සා කානියා, රැට්ක්ලිෆ් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සැක පළ කළා. "චීන හමුදාව සාකාච්ඡාවේ යෙදෙමින් හා යථාර්ථයක් කිරීමේ අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න අවබෝධ කරගැනීම වැදගත්. නමුත් ඒ අපේක්ෂා මෙන්ම තාක්ෂණය මේ වන විට තිබෙන්නේ කොතැනද යන්න අතර පරතරය හඳුනාගැනීමත් වැදගත්." යැයි නව ඇමරිකානු ආරක්ෂාව පිළිබඳ ආයතනයක සාමාජිකාවක් වන කානියා පැවසීය. "ලොව පුරා හමුදාවන්, සුපිරි සොල්දාදුවන් තැනීමේ හැකියාව ගැන විශාල අරමුණක සිටිනවා විය හැකි වුණත්... අවසානයේ විද්‍යාව තුළ ඇති හැකියාවට අනුව, මායිම් ඉක්මවා යන කවර හෝ පාර්ශවයකට අවහිරතා මතුකරනවා. රැට්ක්ලිෆ් මහත්මයා කතා කළේ වැඩිහිටියන් මත කරන පරීක්ෂණ ගැන. ජාන සංස්කරණය භාවිත කර වැඩිහිටියන් තුළ ඇති සමහර ලක්ෂණ වෙනස් කරද්දී, කළල වල ඩී එන් ඒ වෙනස් කිරීමෙන් "සුපිරි සෙබළෙක්" කරා යා හැකි බොහෝ ව්‍යාජ මාර්ග වලින් එකක්." මෙය කළ හැකිද යන්නට වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ මෙම තාක්ෂණය භාවිතයට ගැනීමට විද්‍යාඥයින් පෙළඹේද යන්න බව යැයි ලන්ඩන් යුනිවර්සිටි කොලිජියේ අණුක ජාන විද්‍යාඥයකු වන ආචාර්ය හෙලන් ඕ'නීල් පැවසුවා. "ජාන සංස්කරණය මෙන්ම ආධාරක ප්‍රජනනයකින් සමන්විත වූ එහි සංයෝගයෙන් යුතු වූ තාක්ෂණයන්, සංක්‍රාන්තිජාන හා කෘෂිකර්මාන්තය ආදියෙහි සාමාන්‍ය භාවිතයක් බවට පත්වෙමින් තිබෙනවා. මේ සංයෝගය මානව භාවිතයට ගැනීම දැනට සදාචාරාත්මක නොවන බව පෙනෙන්නට තිබෙනවා." චීන විද්‍යාඥයෙකු වන හේ ජියන්කුයි 2018 දී වැදගත් නිවේදනයක් කළා. ඒ, එච්අයිවී වැළඳීමෙන් වැළක්වීම සඳහා නිවුන් දැරියන් දෙදෙනෙකුගේ කළල තුළ ඩීඑන්ඒ සාර්ථකව වෙනස් කිරීමට තමා සමත් වූ බවයි. මෙයට එල්ල වූයේ දැඩි විරෝධයක්. එවැනි ජාන සංස්කරණය චීනය ඇතුළු රටවල් බොහොමයක තහනම් කෙරුණා. එය සාමාන්‍යයෙන් ඉවතලන කෘතීමව සාරවත් බවට පත් කළ (IVF) කළල වලට පමණක් සීමා වී ඇති අතර, ඒවා වහාම විනාශ කර දරුවෙකු බිහි කිරීමට භාවිතා නොකළ යුතුය. ඔහුගේ පර්යේෂණ වෙනුවෙන් විද්‍යාඥයින් පෙරට ආවත් ආණ්ඩුවේ තහනමට පිටින් යාම නිසා ඔහුට සිරගත කෙරුණා. ඇතැම් විශ්ලේෂකයින් චීනයේ උත්සාහය දකින්නේ ඇමෙරිකාවට දැක්වූ සෘජු ප්‍රතිචාරයක් ලෙසයි. 2017 දී ගාර්ඩියන් (The Guardian) පුවත්පතේ පළවූ වාර්තාවකින් කියැවුණේ ආක්‍රමණික විශේෂ අතුගා දැමිය හැකි ජාන නෂ්ට තාක්ෂණයක් වෙනුවෙන් ඇමෙරිකානු හමුදා අංශයක් විසින් ඩොලර් දසලක්ෂ ගණනක් ආයෝජනය කර ඇති බවයි. ඊට හමුදා යෙදවුම් ද අයත්විය හැකි බවට එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ද අනතුරු අඟවූවා. වාසිදායක තත්ත්වයක් බලාපොරොත්තු වන්නේ චීනය හා ඇමෙරිකාව පමණක් ම නොවේ. "වැඩි දියුණු කළ සෙබළුන්" නිර්මාණය සඳහා ප්‍රංශ සන්නද්ධ හමුදාවලට ද අනුමැතිය දී තිබූ තිබුණේ එම පර්යේෂණ සඳහා සකස් කෙරුණු ආචාරධර්ම පිළිබඳ සීමා ද සමගයි. "අපි කරුණුවලට මුහුණ දෙන්න ඕනෑ. හැම දෙනාම අපි වගේ සැක සංකා ගැන තකන්නේ නැහැ. අනාගතයේ වෙන දේට අපි සූදානම් වෙන්න ඕනෑ" යැයි ආරක්ෂක අමාත්‍ය ෆ්ලොරන්ස් පාර්ලි සඳහන් කළා. දුෂ්කර පරිසර තත්ත්වයන්ට හොඳින් මුහුණ දීමට සෙබළුන්ට සහය දීම සඳහා ජානමය වෙන්සකම්වල සහය අපේක්ෂා කෙරෙනවා පුද්ගලානුබද්ධතා වැඩිදියුණු කිරීම ආරක්ෂිතව ඉටුකිරන්නට විද්‍යාඥයින්ට හැකිවුණත්, හමුදා ක්ෂේත්‍රයේ එය භාවිතයට ගැනීමේදී ඊටම අවේනික වූ ගැටලු මතු කළ හැකියි. උදාහරණයක් ලෙස, හමුදාවේ විධාන ව්‍යුහය තුළ අවදානම් සහිත විය හැකි කාර්යයක් සම්බන්ධයෙන් එකඟනොවීමට තරම් නිදහසක් සෙබළෙකුට ලැබේවිද? චීනය මෙන්ම රුසියාවද සිය හමුදා ආශ්‍රයෙන් කෝවිඩ් එන්නත් අත්හදා බලන ලද බව වාර්තා වුණා. "හමුදාවක් පවතින්නේ සෙබලාගේ අභිමතාර්ථ ඉෂ්ට කරන්නට නොවෙයි. එය පවතින්නේ උපක්‍රමික වාසියක් ලැබීමට හෝ යුද්ධයක් දිනන්නටයි," යැයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාරධර්ම පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ජුලියන් සවුලෙස්කු කියා සිටියා. "සොල්දාදුවන් මත පැටවිය හැකි අවදානම්වල සීමාවක් තිබෙන නමුත් ඒවා සාමාන්‍ය සමාජය මත පැටවුණු දේට වඩා අඩුයි." කවරෙක් සඳහා වුණත්, වැඩි දියුණු කිරීමකින් ලැබෙන වාසියට වඩා අවදානම කිරා මැනීම වැදගත් බව මහාචාර්ය සවුලෙස්කු ගේ අදහසයි. "නමුත් ඇත්තෙන්ම" යැයි තවත් එකතු කිරීමක් කළ ඔහු, "හමුදාව තුළ මෙහි තිබෙන්නේ වෙනස් තත්ත්වයක්. තනි පුද්ගලයින් අවදානම් දරුවත් බොහෝවිට ඔවුන්ට ප්‍රතිලාභ ලබන්නේ නැහැ." යැයි පැවසුවා. මේ ගැනත් දැනගන්න: සෙබළුන්ව තබන්නේ ජීවිතයත් මරණයත් අතර තත්ත්වයක. ඔවුන්ගේ ආරක්ෂාව සහතික කෙරෙනවා නම් වැඩිදියුණු කිරීම් පිළිගැනීමට ලක්වේවි යැයි සිතන්නට හැකියි. නමුත් එය එතරම් ලෙහෙසි දෙයක් ලෙස, කැලිෆෝර්නියා පොලිටෙක්නික් ප්‍රාන්ත සරසවියේ දාර්ශනිකයෙකු වන මහාචාර්ය පැට්‍රික් ලින් නොසලකයි. "හමුදා වැඩිදියුණු කිරීම් යන්නෙන් අදහස් කෙරෙන්නේ පර්යේෂණ කිරීම හා තමන්ගේ පුරවැසියන් අවදානමේ හෙලීමයි. ඉතින්, වැඩිදියුණු කරන ලද සොල්දාදුවන් කොතරම් දුරට ආරක්‍ෂිත ද යන්න පැහැදිලි නැහැ. සිද්ධවෙන්නේ එහි අනෙක් පැත්තයි. ඔවුන්ව වඩා අනතුරුදායක මෙහෙයුම්වල යොදවාවි. නැතිනම් වැඩිදියුණු නොකළ අය නොගන්නා තරමේ වැඩි අවදානම් තත්ත්ව භාරගැනීමයි" 'කැප්ටන් ඇමෙරිකා' තවමත් පෙනෙන මානයක නැහැ. නමුත් පුදුමය දනවන නිර්මාණයක් කිරීමේ හැකියාව සැමවිටම තිබෙනවා. "හමුදාව තුළ යම්දේ මතුවීම සම්බන්ධයෙන් සදාචාරාත්මක හෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ක්‍රියාවට නැගීම දුෂ්කරයි. ස්වභාවයෙන්ම, ජාතික අරමුණු ආරක්ෂාකිරීම වෙනුවෙන් වූ රහස්‍ය භාවයක් මෙන්ම පුද්ගලිකත්වයක් ඊට තිබෙනවා," යැයි මහාචාර්ය සවුලෙස්කු පවසනවා. "ඉතින්, සදාචාරත්මකව ගත්විට එය දැඩි වූවක්. හැමදේම සාමාන්‍යයෙන් විවෘත නිසා මේ කාලයේ විද්‍යාව හෝ වෛද්‍යමය ක්ෂේත්‍රවල සැලකිය යුතු දැඩි බවක් තිබෙනවා." මෙම ක්ෂේත්‍රය නියාමනය කරන්නට කළ හැකි හෝ කළ යුතු දේ සැලකීමේදී මහාචාර්ය ලින් සඳහන් කරන ආකාරයට "පවතින ප්‍රධාන අභියෝගයක් නම් මෙය ද්වී භාවිත පර්යේෂණයකට සමීප බවයි. උදාහරණයක් ලෙස සැලකුවොත්, බාහිර සැකිලි පිළිබඳ පර්යේෂණයේදී මුලින් අවධානය යොමු කළේ සෞඛ්‍යමය තත්ත්වයක සිටින පුද්ගලයන්ට උදව් කිරීම හෝ සුව කිරීමයි. ඒ අංශභාග තත්ත්ත්වයට පත් රෝගීන් නැවත ඇවිද්දවීම වැනි දෙයක්." මනසින් පාලනය කළ හැකි මේ බාහිර සැකිල්ල, අංශභාගයෙන් පෙළෙන මිනිසකුට යළි ඇවිද යාමට සලසයි "නමුත් මේ චිකිත්සක භාවිතය පහසුවෙන් ම අවියක් බවට පෙරලන්නට පුළුවන්. එය සිදුවීම වැළක්විය හැක්කේ කෙසේද යන්න පැහැදිලි නැති අතර එයින් කියවන්නේ, චිකිත්සක පර්යේෂණ ද කළකිරවන තරමේ පුළුල් නියාමනයකින් තොරව මෙය නියාමනය කළ හැක්කේ කෙසේද යන්න පැහැදිලි නැහැ. " ආචාර්ය ඕ'නීල් ට අනුව ජානමය පර්යේෂණ අතින් චීනය දැනටමත් ඉදිරියට ගිහින්. අනෙක් රටවල් තමන් ම අවාසිදායක තත්ත්වයකට ගෙන ගිහින්. "මම හිතන්නේ මේ සම්බන්ධයෙන් දැන් පවතින යථාර්ථය ගැන අවධානය යොමු කරනවාට වඩා, සදාචාරාත්මක බව පිළිබඳ තර්ක විතර්ක මැද අපි කාලය අපතේ හැරලා." ඇය පවසනවා. "අනුමාන හා දුෂ්පෝෂණය සම්බන්ධයෙන් ඕනෑවට වඩා ශක්තිය වැය කරලා. තාක්ෂණය යොදා ගැනීම වගේම සැබෑ අවදානම් තත්ත්ව සම්බන්ධයෙන් බොහෝ ශක්තියක් වැය කළ යුතුයි. එතකොටයි අපට එය හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්. මොකද කීවොත්, එය වෙනත් තැනක සිද්ධ වේවි. ඒ වගේම මේ වෙනකොටත් වෙනත් තැනක එය සිදුවෙනවා. එය වරදින්න පුළුවන් කොතැනද කියා අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ අඛණ්ඩ පර්යේෂණවලින් පමණයි " (බීබීසී පුවත් හි තොම් පූල් සකස් කළ ලිපියක් ඇසුරිණි)
චීනය, 'කැප්ටන් ඇමෙරිකා' චරිතය මෙන් වූ තමන්ගේ ම මාදිලියක් නිර්මාණයට උත්සාහ දරනවා ද? ඇමෙරිකානු බුද්ධි තොරතුරු නම් කියා සිටින්නේ එවැන්නක්. නමුත් අතිශයෝක්තියෙන් ඔබ්බට ගිය විට, 'සුපිරි සෙබළෙක්' නිර්මාණය කිරීමේ හැකියාව එතරම් අමුත්තක් නොවන අතර ම ඒ සඳහා උනන්දුව දක්වන්නේ චීනය පමණක් ම නොවේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආදාහනාගාර තුළ චිතක සැකසීමට ප්‍රමාණවත් ඉඩ නොමැති වීම නිසා මරණයට පත් වූවන්ගේ ඥාතීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනාවක් හෝ ඇතැම් විට දින කීපයක් රැඳී සිටීමට සිදුව ඇත. සඳුදා (අප්‍රේල් 26) පමණක් ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 352, 991 ක් වාර්තා වූ අතර එය ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න. මේ ගැනත් කියවන්න:
කොරෝනා වෛරස් ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ යාමත් සමග මතුව ඇති දැඩි සත්කාර ඇඳන්, ඖෂධ සහ ඔක්සිජන් හිඟය හමුවේ ඉන්දියාවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වයස අවුරුදු දෙකක් පමණ වන බවට විශ්වාස කෙරෙන අලි පැටවා කිලෝමීටර් 5 ක පමණ දුරක් දිය පහරට හසුව ගසා ගෙනවිත් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. පැය 3 ක පමණ මෙහෙයුමකින් පසු පැටවා ඇළෙන් ගොඩ ගැනීමට හැකි වී තිබේ. පසුව අලි පැටවා මලින්ද රක්ෂිතයට පළවා හැර ඇත.
පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ ඇළකට වැටී සිටි අලි පැටවකු ගම්වාසිහු සහ වනජීවි නිලධාරිහු එක්ව බේරා ගෙන තිබේ.