instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එමී ක්‍රවුස් රොසෙන්තල් එමී ක්‍රවුස් රෝසන්තල් නම් එම කාන්තාව අලුත් හිතවතුන් හිතවතියන් දැනහැඳින ගැනීම සඳහා පහසුකම් සපයන වෙබ් අඩවියකට (Dating site) සිය ස්වාමිපුරුෂයාගේ තොරතුරු ඇතුළත් කරන්නේ ඔහුට ආදරණීය සහකාරියක් සොයා දීමේ බලාපොරොත්තුවෙනි. එම පිටුව තුළ සිය ස්වාමිපුරුෂයා සතු ඉහළ ගුණාංග ලැයිස්තුවක් සටහන් කළ ඇය "ගැළපෙන සහකාරියක් මෙය කියවා ජේසන්ව සොයා ඒවි" යනුවෙන් සටහන් කළාය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියේ මෙවැනි වෙබ් අඩවි තමන් විසින් මීට පෙර භාවිත කර නොමැති බවය. "මම දවස් 9,490 ක් ඔහු සමග එක නිවහනක එකට ජීවත් වී ලබා ගත් අත්දැකීම් මත, ජේසන් ගේ තොරතුරු ඇතුළත් ගිණුමක් (Profile) සකස් කරනවා" යනුවෙන් ඇය කියා සිටින්නීය. දශක තුනක් නව ඇරඹුමක් එමී ක්‍රවුස් රෝසන්තල් ළමුන් වෙනුවෙන් මෙන්ම සිය ජීවිතයේ සහ පවුලේ අත්දැකීම් පිළිබඳවත් පොත් ලියන ලේඛිකාවක් ලෙස නමක් දිනා සිටින්නීය. දශක තුනකට ආසන්න කාලයක් එකට දිවි ගෙවන එමී සහ ජේසන්ට වැඩුණු දරුවෝ සිටිති. 'ඔබට මගේ සැමියා සමග විවාහ වීමට අවශ්‍ය කරනවා විය හැකියි'යනුවෙන් එමී විසින් තබන සටහන අවසන් කරන්නේ "මම, මේ තිළිණය පිරි නමන්නේ පෙම්වතුන්ගේ දිනයේ. මෙය කියවන්නේ මගේ සැමියාට ගැලපෙන තැනැත්තිය යැයි මට බලාපොරොත්තු තැබිය හැකියි. ජේසන් මුණ ගැහෙන්න, තවත් ආදර කතාවක් පටන් ගන්න" ලෙසය. "මම මේ සුදු පැහැති කඩදාසියේ අග හිස්ව තබනවා. ඒ ඔබ දෙදෙනාගේ අලුත් කතාව ලියන්නයි" "මීට ආදරණීය එමී"
මාරාන්තික පිළිකා රෝගයකින් පෙළෙන කතුවරියක් සිය සැමියාට "ආදරණීය සහකාරියක් සොයා දීම" සඳහා ගනු ලබන උත්සාහයක් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තර්ජනයට ලක් වී සිටින මුහුදු ඌරන් විශේෂය (vaquita porpoise) සිටින ස්ථාන සොයා මුහුදේ ආරක්‍ෂිත ස්ථාන වෙත ඔවුන් කැඳවා යාම පිණිස ඩොල්ෆින් මසුන් යොදාගන්නා බව මෙක්සිකෝවේ පරිසර කටයුතු භාර ඇමති රෆායෙල් පචියානෝ (Rafael Pacchiano) පැවසීය. එම මුහුදු ඌරන් වඳවීමේ තර්ජනයට ප්‍රධානම හේතුව ලෙස සැලකෙන ධීවර දැල් භාවිත කිරීමත් මෙක්සිකෝව සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අදාළ මුහුදු ඌරන් විශේෂයෙන් මේ වනවිට ලොව ඉතිරිව සිටින්නේ 40 දෙනෙකු පමණක් බව විශ්වාස කෙරේ. එම ක්ෂීරපායී මත්ස්‍යයා දැනට වාසය කරන්නේ කැලිෆෝනියා බොක්කේය. ඔවුන් ආරක්ෂා කිරීම පිණිස ඩොල්ෆින් මත්ස්‍යයන් යොදාගැනීමේ ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඇමෙරිකානු නාවික හමුදාව සහ අතුරුදහන් වූ කිමිදුම් කරුවන් සෙවීම පිණිස ඔවුන් විසින් පුහුණු කරන ලද ඩොල්ෆින් මත්ස්‍යයන් පිරිසක් සමග පසුගිය වසරේ තමන් මෙම ව්‍යාපෘතිය අත්හදා බැලූ බව පවසන අමාත්‍ය රෆායෙල් පචියානෝ, එහිදී මුහුදු ඌරන් සිටින ස්ථාන සෙවීම සඳහා එම ඩොල්ෆින් මත්ස්‍යයන්ට පුහුණුවක් ලබා දුන් බවත් පැවසීය. "ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අපි වැඩිම මුහුදු ඌරන් ප්‍රමාණයක් අල්ලා ගත යුතුයි," ඔහු කියා සිටියේය. මුහුදු ඌරන් රැකගැනීමේ උද්ඝෝෂණයක නිරතව සිටින ජනප්‍රිය හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ධීවර දැල් තහනම් කිරීමේ මෙක්සිකෝ ආණ්ඩුවේ පියවර ප්‍රසංසාවට ලක් කොට තිබේ. මිරිස්ස මුහුදේ තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් 'වඳවීමේ තර්ජනයක්' විශේෂයෙන්ම මෙක්සිකෝ ජනාධිපති එන්රිකේ නියෝතෝට (Enrique Pena Nieto) සහ ලෝක වනජීවී අරමුදලට (WWF) ඔහු ස්තුතිය පුද කරයි. මෙක්සිකෝව විසින් 2015 දී පණවා තිබුණ තාවකාලික තහනම මගින් මුහුදු ඌරන් රැකගැනීමට ප්‍රමාණවත් දායකත්වයක් නොලැබුන බව පවසන ලෝක වනජීවී අරමුදල, එය ස්ථිර තහනමක් බවට පත්කොට නිසි පරිදි ක්‍රියාත්මක කරන මෙන් මෙක්සිකෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
ලොව වඳවී යාමේ වැඩිම තර්ජනයට මුහුණ දී සිටින මත්ස්‍යයන් විශේෂයක් ආරක්ෂා කරගැනීම පිණිස ඇමෙරිකානු නාවික හමුදාව විසින් විශේෂයෙන් පුහුණු කරන ලද ඩොල්ෆින් මත්ස්‍යයන් යොදාගැනීමට සැලසුම් කරන බව මෙක්සිකෝවේ ආණ්ඩුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන් ලිංගික වහලුන් ලෙස යොදා ගැනීම සහ ළමා සොල්දාදුවන් යොදා ගැනීම යන චෝදනා වලින් ජමාන් කටන්ගා නිදහස් වී තිබේ ජමාන් කටන්ගා යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහිව සිදු කළ අපරාධවලට වරද කරු වූ නමුත් ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන් ලිංගික වහලුන් ලෙස යොදා ගැනීම සහ ළමා සොල්දාදුවන් යොදා ගැනීම යන චෝදනා වලින් නිදහස් වී තිබේ. වසර 2003 දී කොන්ගෝ ජන රජයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයක් පමණක් සැලකිල්ලට ගෙන මෙම නඩු විභාගය පැවැත් වීම විශේෂ සිද්ධියක් ලෙස සැලකෙයි. කොන්ගෝ බලධාරීන් විසින් ජමාන් කටන්ගා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාර දෙන ලද්දේ වසර 2007 දී. මීට වසර දොළහකට පෙර ආරම්භ කළ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරද කරු බවට පත් කරන ලද දෙවැනි පුද්ගලයා ජමාන් කටන්ගා යි.
යුද අපරාධ චෝදනා එල්ල වී සිටි කොංගෝවේ හිටපු හමුදා නායකයෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරදකරු කරන ලදි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'රටේ මානව හිමිකම් උල්ලංඝණයන් සිද්දවන බවට කොමිසම කරන නිගමණයට මම කෙලින්ම එකඟ වෙනවා' බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව ප්‍රකාශ කළ හිටපු හමුදාපතිවරයා, එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහිව චෝදනා නැත්නම් ඔවුන් නිදහස් කළ යුතු බවද පැවසීය. "එල්ටීටීඊ සාමාජිකයන්ට වුනත් සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්‍ර ඉදිරිපත් කළ යුතුයි," ඔහු පැවසීය. එල්ටීටීඊ සැකරුවන් ඇතුළු ඕනෑම කෙනෙකු අසාධාරණ ලෙස රඳවාගෙන සිටීනම් තමන් එයට විරුද්ධ වන බව පවසන සරත් ෆොන්සේකා ඔවුන් නිදහස් කරගැනීම සඳහා සටන් කිරීම තමාගේ වගකීමක් ලෙස සලකන බවද බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය. උගත් පාඩම් කොමිසම පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ "අන්තවාදී වාමාංශික අදහස් දරන" පක්ෂයක් ලෙස විග්‍රහ කළ හිටපු හමුදාපතිවරයා, තමන්ට එම අන්තවාදී අදහස් සමග එකඟවිය නොහැකි බැවින් දැනට වෙනත් පක්ෂ සමඟ සම්බන්ධ නොවී තම පක්ෂය සමග පමණක් දේශපාලනයේ නිරතවන බවද පැවසීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියාව පිලිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ එහි බොහෝ නිර්දේශ සමග තමන් එකඟ වන බවයි. "රටේ මානව හිමිකම් උල්ලංඝණයන් සිද්දවන බවට කොමිසම කරන නිගමණයට මම කෙලින්ම එකඟ වෙනවා," ඔහු පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන් අතර සංහිඳියාවක් ඇතිවිය යුතු බවට කොමිසම කරන නිර්දේශයටද තම සහාය පලවන බවත්, පසුගිය සතියේ ජනාධිපති සමාවක් මගින් බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු හිටපු ජනරාල්වරයා කියා සිටියේය. කෙසේවුවද එල්ටීටී ඊ යට එරෙහිව කෙරුණු යුද්ධයේ අවසාන අදියරේදී යුධ අපරාධ සිදුකෙරුණු බවට කෙරෙන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව පවසන ඔහු, එවැනි යුධ අපරාධ පිළිබඳව නිශ්චිත චෝදනා තිබෙන්නේනම්, ඒ පිළිබඳව පරීක්ෂාකර බැලීම ආණ්ඩුවේ වගකීම බවද සඳහන් කළේය.
රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවනුත් දේශපාලන සිරකරුවන් බවත්, චෝදනා තිබෙන්නේනම් ඔවුන්ට විරුද්ධව එම චෝදනා ඉදිරිපත් කළ යුතු බවත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සේම නළුවකු ද වන අයෙක් තමන් හමුවේ පළ කළ හැසිරීම නම හෙළි කිරීමට අකමැති නවක ටෙලිනාට්‍ය නිළියක් බීබීසී සිංහල සේවයට එළෙස විග්‍රහ කළාය. සිය හැඩි දැඩි සිරුර සහ සමාජය තුළ කලාකරුවෙකු කෙරේ පවතින පිළිගැනීම උපයෝගී කරගනිමින් ඔහු තමන් අවනත කරගැනීමට උත්සාහ කළ බව එම තරුණිය කියා සිටියාය. කාන්තාවකට ස්වභාවයෙන්ම පිරිමියා ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් පවතින බවට සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ අතීතයේ සිට කියවෙන "මායම්" 64 ක් අනුසාරයෙනි. වර්තමානය වන විට එය විවාදයට තුඩු දෙන්නක් වී ඇති පසුබිමක පිරිමි පිරිමියා කාන්තාවක ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා කෙබඳු පියවරට අවතීර්ණ වන්නේද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම වටී. ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොතට අනුව "පිරිමි මායම්" වැන්නක් සම්බන්ධයෙන් ඉතිහාසය තුළ සුමටව අර්ථදක්වා නැත. නමුත් ගෝති‍්‍රක යුගවල සිට පිරිමියා සිය බලය පතුරවමින් කාන්තා සිත උද්දීපනය කිරීමට දැඩි ගිජු කමක් දැක්වූ බව පැහැදිළි වන බවද ඔහු පෙන්වා දෙන්නේය. "පිරිමි මායම් යන වචනය ඉතිහාසයේ භාවිත නොකෙරුනත් සූසැටක් වූ කලා ශිල්ප ප්‍රගුණ කිරීම පෙර ශිෂ්ටාචාරවල පැවතුණා. පිරිමියාගේ ශක්තිය උරගා බැලුණා. වේද ග්‍රන්ථවල පවා මේවා සඳහන් වෙනවා. දැන් බුද්ධ දර්ශනයේ පවා සිදුහත් කුමාරයට යසෝදරාව ඉදිරියේ ශිල්ප දක්වන්න සිදුවුණා ඇගේ සිත දිනාගැනීමට. තමන් ශක්තිමත් පුරුෂයෙක් කියන දේ පෙන්වා දුන්නේ. මේක කාන්තා සිරුරේ ලාලිත්‍යය ඇසුරින් වර්ග කෙරුණා වගේ මායම් ප්‍රමාණයක් නොවේ" ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත පෙන්වා දෙයි. ගොවි සමාජයේ පිරිමියා කාන්තා සිත දිනා ගත් හැටි "ගේ ඇතුළේ හැදෙන කැකුළු මල් කල වයස ආවම එළි බහිනවා. ඒත් කලාතුරකින්. බක් මහ සැණකෙළිය තමයි හොඳම අවස්ථාව තරුණ තරුණි දෙපාර්ශ්වයටම. බක් මහේ අවුරුදු ක්‍රීඩා බොහොමයක් පිරිමියාගේ කාය ශක්තිය පිළිඹිබු කරන ඒවා. අංකෙළිය, පොරපොල් , කොට්ටාපොර ක්‍රීඩා ඒ අතර ප්‍රධානයි. පුරුෂ ශක්තිය කාන්තාව දැක්කා. අපි එකට කියන්නේ "බාහු බලය" බලනවා කියලා තරුණයින්ගේ. ගොවිතැන් බත් කරන්න අම්බරුවෝ හේ කරන්න බාහු ශක්තිය අවශ්‍යයි. ගැමි ලියගේ හිත ඇදුනේ ඒකට. අදවගේ ජිම් ගිහින් ඇඟ හදාගත්ත තරුණයෝ එදා හිටියේ නෑ" ඔහු පැහැදිළි කරයි. එලෙස පිරිමියාට ආකර්ෂණය වූ තරුණ කාන්තා සිත වැඩිහිටි පරම්පරාවේ අනුදැනුම මත පසුව අවාහ විවාහ චාරිත්‍ර කෙරෙහි යොමු කෙරිණ. ශක්තිය මත පදනම් වූ පුරුෂයාගේ ආකර්ෂණය යටත් විජිත සමයේ ක්‍රමිකව වෙනස් වූ බව ද ඔහු පවසන්නේය. පිරිමියාගේ බාහිර පෙනුම මෙන්ම රැකියාව එහිදී මූලිකත්වය ගෙන තිබිණ. "සුදු ඒජන්තවරු සමග හරි හරියට ඉංග්‍රීසි බස හසුරවන, ජාතික ඇඳුම වෙනුවට ටයි කෝට් පළඳින සමාජයක් බිහිවුණා. කාන්තාවන්ගේ සිත විනෝදකාමී පිරිමින් කෙරෙහි යොමු වුණා. 60 දශකයෙන් පසු ඉහළ පන්තියේ ධනවත් පිරිසක් රටේ බිහිවුණා. ඒ සමාජය ඇසුරු කළ කාන්තාව ඒ සමාජය ඇසුරු කළ පිරිමියාට ආකර්ෂණය වුණේ වත්කමට සහ බලයට. ලිංගිකත්වය කියන දේ ක්‍රමිකව සමාජය තුළ සාමාන්‍ය දෙයක් බවට පත්වෙන්න ගත්තා. දේශීය දේ අගය නොකරන පිටරට සබන් පවුඩර් සුවඳ විළවුන් පාවිච්චිකරන , පිටරට නළුවෝ විදිහට කොන්ඩේ පීරන සහ ඇඳුම් ආයිත්තම් දරණ පිරිමියාට කාන්තා සිත ඇදී ගියා" ඉතිහාසයේ "පිරිමි උපක්‍රම " වර්ගීකරණය වූ හැටි යටත් විජිත සමයෙන් පසුව 50 දශකයේ සිට අසූව දශකය දක්වා ගැහැණු සිත ආකර්ෂණය කිරීමට පිරිමියා දැරූ යම් යම් උත්සාහ පිළිබඳව ජනශ්‍රැති පර්යේෂකවරයා කරුණු දක්වයි. සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඇතැම් පළකිරීම්වල "පිරිමි මායම්" සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් යම් අර්ථ නිරූපණ දී ඇති අයුරු දැකිය හැකිය. ඇතැම් පළකිරීම්වල කතෘ අඥාත ය. එතුළින් වර්තමාන තරුණයා තරුණිය ආකර්ෂණය කිරීමට උත්සාහ දරන අන්දම විග්‍රහ කෙරේ. මේ කිසිදු දෙයක් අතීත ජන සමාජයේ සිට අද දක්වා වර්ගීකරණයකට ලක්ව පැමිණි මාතෘකා නොවන බව ප්‍රකට දේශකයකු මෙන්ම ගේය පද රචකයකු වන නාරද විජේසුරිය පෙන්වා දෙයි . "මම හිතන්නේ කාන්තාව මායම් වලට කොටු කරන්නේ යම් ද්වේශ සහගත අය. මොකද කාන්තා සිරුරේ ලක්ෂණ තමයි මායම් බහුතරය. නමුත් පිරිමියා මායම් දක්වනවා ආදරය ප්‍රකාශ කිරීම වගේ දේකදී. ආදර සම්බන්ධයක් ඇතුළේ කොච්චර අවස්ථාවක් පිරිමියා ඒක නවත්වන්න උත්සහ කරනවද? තමන්ගේ පෙම්වතිය ප්‍රතික්ෂේප කරනවද. නමුත් යටිහිතින් කැමතියි ඇය තමන්ගේ පස්සෙන් ගෙන්වාගන්න. ඒකෙන් සතුටක් ලබන්න. තමන් හැරගිය පෙම්වතිය තමන් ගැන තවමත් හිතනවා කියා සතුටුවන්න. හැබැයි ගැහැණිය පස්සෙන් නිතර නිතර එන පිරිමියාට ඒ ගැහැණිය කැමති නෑ. ඒ වගේම බොහෝ පිරිමි කැමතියි ගැහැණුන් ගණන් නොගෙන ඉන්න. ආඩම්බරය දක්වන්න. මේ වගේ ප්‍රතික්ෂේප කිරීමේ ලක්ෂණ පෙන්වන්නේ අතිශය අවශ්‍ය තැනදී.අන්න ඒවා පිරිමි මායම්. නමුත් ඒවා අහිංසක මායම්" ඔහු පවසන්නේය. "ලිංගිකත්වය සහ කාන්තාව රැවටීම උදෙසා" පිරිමින්ගේ හැසිරීම කාන්තාවක් දිනා ගැනීම උදෙසා සමාජයේ පිරිමියා දැරූ අවිහිංසක උත්සාහය පරයා අයුතු සබඳතා, මුල්‍ය වංචා මෙන්ම ලිංගික අල්ලස් වෙනුවෙන් කාන්තාව යොමු කර ගැනීමට වර්තමානයේ බොහෝ පිරිමින් උත්සාහ දරන බව ක්ෂේත්‍ර කිහිපයක කාන්තාවන් සහ තරුණියන්ගෙන් කළ විමසීම්වලදී ඔවුන්ගේ අදහස් ලෙස ඉදිරිපත් විණි. විවාපත් කාන්තාවන් ඉලක්ක කර අවුරුදු 40 සහ 50 අතර වයස් කාණ්ඩයේ පිරිමි වැඩිදෙනෙක් ඒ සඳහා යොමුව සිටින බව එම තරුණියන් සහ කාන්තාවන් බහුතරයක ගේ අදහස වී තිබේ. ධනය, බලයෙන් යුතුවුවන් පමණක් නොව, සමාජයේ වැදගත් යැයි සම්මත රැකියාවල නියුතු එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් අත්දැකීම් ඇති බව ඔවුහු පැවසූහ. නම හෙළි කිරීමට අකමැති සරසවි සිසුවියක් ඇතැම් කථිකාචාර්යවරු සම්බන්ධයෙන් තම අත්දැකීම් හෙළිකළාය. "නිතර නිතර එයාගේ කාමරයට එන්න කියනවා. මුළින් ආපන ශාලාවේ මුණගැහෙමු කියනවා. පස්සේ එළියට ගිහින් කෑමකට ආරාධනය කරනවා. මේ වගේ දේවල් තුළින් අපේ කැමැත්ත සොයනවා උපක්‍රමිකව. වාර අවසානයේ ලකුණු මෙන්ම පැමිණීමේ ලේඛනය රැදී තිබෙන්නේ ඔවුන් අත නිසා මේ බලපෑම තිබෙනවා සිසුවියන්ට" "සමහර පිරිමි කැමති තමන්ගේ බිරිඳට සළකන ප්‍රමාණය කියන්න. හැබැයි ඒ කතාව ඇතුළේ තියනවා බිරිඳගෙන් ඊට නිසි ඇගයීමක් ලැබෙන්නේ නෑ කියන කළකිරීම. ඒ වගේම ලිංගිකව කරන ආරාධනය. ඒක හරිම ප්‍රේමනීයව තමන් අතින් වෙන දෙයක් කියල පැවසීම සහ තමන් ඊට අති දක්ෂයෙක් කියලා දැනෙන්න සැළැස්වීම. එහෙම දේකට කැමති උනොත් ඒ රහස පණ වගේ ආරක්ෂා කරනවා කියන දේ නිතර කියනවා. මේක පිරිමින්ගේ මායාවක් නෙවි තක්කඩි කමක්. ලේඛිකාවක මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ශිවන්ති ඒකනායක එලෙස පවසන්නීය. විවාහක කාන්තාවක වූ සොනාලි ජයවීරට ඇත්තේ මීට මදක් වෙනස් අත්දැකීමකි. " පිරිමි වැඩිපුරම මායම් දාන්නේ අවුරුදු 30 ඉක්මවූ විවාපත් කාන්තාවන්ට. මම සෘජුව කියනවා ලිංගික ආශාව මුල් කරගෙන කරන ආරාධනයක් ඒක. මොකද නොදන්නා අයට වඩා අපි හොඳින් ආශ්‍රය කරන අය තමයි මිතුරු වෙසින් ඇවිත් අවසානයේ මේ තත්ත්වයට පත්වෙන්නේ. එහෙම අවස්ථාවක සෘජුව ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ක්‍රමිකව අත්හැර දැමීම තමයි වැදගත් දේ" බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසලක සේවය කරන නම හෙළි කිරීමට අකමැති ගුරුවරියක තමන් මුහුණ දුන් අත්දැකීම් බීබීසී සිංහල සේවය හමුවේ ප්‍රකාශ කළේ "පිරිමි මායම්" කියන වචනයට වඩා උපක්‍රම භාවිත කිරීමේ සූරයන් බව පවසමිණි. "මට දුෂ්කර සේවයට මාරුවක් ලැබුණ. එතකොට මම අවිවාහකයි. ඒ පාසලේ හිටියා විවාහ නොවූ ගුරුවරයෙක්. ඉතින් ඒ ගුරුවරයාව මට ජෝඩු කරන්න සෙසු පිරිසට අවශ්‍ය වුණා. දරුවන් එක්ක යන අධ්‍යාපනික වැඩසටහන් වලට මාව ඒ ගුරුවරයා සමග යොමු කළා. සාහිත්‍ය සංගම් වලදී ඔහු මට පෙනෙන්න දස්කම් දක්වන්න ගත්තා. ළමයින්ට දෙන ආදර්ශ ප්‍රශ්නපත්‍ර වල පවා මම වෙනුවෙන් ආදර වැකි ලියන්න ගත්තා. හැබැයි මේක මාව ආදරයට පොළඹවා ගැනීමට ගත් උත්සහයක් මිස වෙන කාරණයක් නෙවි" ඇය පවසන්නීය. පවුල් ජීවිත තුළ ඇති ගැටලු බලහත්කාරයෙන් විමසා ඊට මැදිහත්ව වෙනත් ප්‍රයෝජන ලබාගැනීමේ චේතනාවෙන් පසුවන පිරිමින් ඇති බව එක් දරු මවක වූ අනුරාධා ලියනගේ පැහැදිළි කරන්නීය. "ගොඩක් පිරිමි කැමැති අනිත් කෙනාගේ පවුල් ප්‍රශ්ණ වලදී උපදෙස් දෙන්න. මුලින්ම සහෝදරයෙක් වගේ උපදෙස් දෙනවා. පස්සේ ක්‍රමයෙන් සැමියාගේ වැරදි අහලා තමන් ඒ වගේ සැමියෙක් නොවෙයි කියන දේ ඒ කාන්තාවට ඒත්තු ගන්වන්න බලනවා. මේක මායමක් නෙවි කපටි කමක්. උපදෙස් දෙන මුවාවෙන් වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය එකම පිරිසක් නිතර ගැටෙන ආයතන වල වැඩියි." ඇය පවසන්නීය. ජනමාධ්‍යවේදිනියක මෙන්ම රුපවාහිනී නිවේදිකාවක ද මීට සමාන අත්දැකීමක් හෙළි කළාය. සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඇය ද ඉල්ලා සිටියාය. "මට වඩා වයසින් තුන්ගුණයක් විතර වැඩි මාධ්‍ය ආයතනයක කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියෙක් එයා. ඇත්තටම මගේ තාත්තගේ වයසේ. මුළින් මට නොකළ වරදටත් හැමෝම ඉදිරියේ හැමදාම බනින්න ගත්තා. ඒ මාව බයකරගන්න. මම දුකෙන් ඉන්නකොට සනසන්න කෙටි පණිවුඩ එවනව. මම ආයතනයේ වෙන පිරිමි ආශ්‍රය කරනවට එයා කැමති නැතිබව පෙන්වනවා. මට අදරෙයිලු එයා එක්ක එළියට යන්න ආරාධනය කරනවා . අවසානයේ ඒවාට කැමති නැති උනාම මම ආයතනයේ කළ වැඩට අදාළව බොරුවට බනිනවා" ඇය කීවාය. "පිරිමි මායම්" ගැන පිරිමි අදහස පිරිමින් "මායම්" හෝ උපක්‍රම භාවිත කරමින් කාන්තාවන් වසඟ කරගැනීමට වෙහෙසෙන්නේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීම්වලදී ඇතැම් පුරුෂයින් එය පිළිගත්ත ද තවත් කිහිප දෙනෙකුගේ අදහස වූයේ කාන්තාවන් සිය අවශ්‍යතාව උදෙසා පිරිමියා මත යැපී අවසානයේ ඔහු ප්‍රතික්ෂේප කිරීම සඳහා මෙවැනි චෝදනා ඉදිරිපත් කරන බවය. " අද සමාජයේ කාන්තාව බලන්නේ පිරිමියාගේ ධනය බලය. අමුතුවෙන් පිරිමි අපිට මායම් දාන්න ඕන නෑ. ඔය දෙක තිබෙනවානම් පාලනය කරගන්න බැරිව කාන්තාවෝ ඇඟට එනවා. ඉස්සර රාත්‍රී සමාජ ශාලා යනවා කිව්වම ප්‍රශ්නයක් උනාට අද තරුණ කාන්තාවෝ බලන්නේ සල්ලි තියන කොල්ලෙක් එක්ක එහෙම ගිහින් කාලා බීල එන්න. ඉතින් මොකටද අපි මායම් දාන්නේ මේකයි සමාජේ හැටි" චින්තන පෙරේරා එවැනි අදහසකින් පසුවන්නේය. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයෙකු ගේ අදහස මෙසේ විණි. "ගෑනු රවටන පිරිමි නැතුවා නොවෙයි . මට වයස අවුරුදු 57 ක්. මම තේ ව්‍යාපාරිකයෙක්. දැන් මේ 'SUGAR DADDY' කියන දේ ගැන මට හොඳ අත්දැකීම් තියනවා. පාසල් වල පොඩි ගෑනු ළමයි සමාජ මාධ්‍ය හරහා කෙලින්ම අහන්නේ සම්බන්ධකම් පවත්වන්න. අපේ වයස අදාළ නෑ . අපි ඉස්සර වෙන්න ඕනෙත්නෑ. ඔවුන්ට මේ දිගු කාලීන සබඳකම් ඕනේ නෑ. අවශ්‍ය සල්ලි පමණයි. අනික සිසිවන උවන ඇති කාන්තාවෝ දැන් කොහෙද? දැන් කොන්ඩේ දිග කාන්තාවක් හොයාගන්න සෑහෙන්න උත්සහ කරන්න ඕන. කාන්තාවන්ට දැන් මායම් දාන්නත් බෑ. ඒ මායම් වලට අපි අහුවෙන්නෙත් නෑ." නම හෙළි කිරීමට අකමැති වූ ඔහු ද සාකච්ඡාවට තුඩුදෙන තවත් මාතෘකාවක් සපයමින් එසේ සිය අදහස් දැක්වීය. කියවන්න :
"අලුත් ටෙලිනාට්‍යයකට ගැලපෙනම මුහුණක් මට තියනවා කිව්වා. ඇත්තටම සතුටක් දැනුණා චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් එහෙම කිව්වම. පසුව මට තිර පරීක්ෂණයකට එන්න කිව්වා ඇතුල් කෝට්ටේ තැනකට. එදා ඔහුම කැමරාවකුත් අරන් ඇවිත් මගේ ඡායාරුප ගන්න පටන්ගත්තා. එක්වරම ඔහු රස්නෙයි කියලා ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ගැලෙව්වා. ටික වෙලාවකින් තමන් ඇඳ සිටි ඩෙනිම් කලිසමත් ගලවලා ගොඩක් කොට කලිසමක් ඇඳන් ආව. මට දැනුණා ඔහු ඔහුගේ වර්ධනය කරගත් මස් පිඩු මට පෙන්වන්න උත්සාහ කරනවා කියලා. අනවශ්‍ය සමීප වීමක් ඔහුට අවශ්‍ය බවත් තේරුණා. ඔහු සිතුවා ඔහු පිළිබඳව සමාජයේ තිබෙන ආකර්ෂණය නිසා මම ඕන දෙයකට කැමති වෙයි කියා. නමුත් මගෙන් ඊට එකඟතාවක් නැති තැන ඔහු තමන්ගේ උත්සාහය අත්හැරියා. අද වෙනකම් ඒ කියපු චිත්‍රපටිය කෙරුණේ නෑ"
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොලිතින් බෑගයක් යොදා ගනිමින් සකස් කරන ලද කමිසයක් හැඳ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන හය හැවිරිදි මුර්ටාසා අහ්මාඩිගේ රුව සහිත ඡායාරූපය පසුගිය ජනවාරි මාසයේදී සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පළ විය. ඒ සමග පාපන්දු ශූර ලයනල් මෙසී ගේ අත්සනින් යුත් අංක 10 සහිත පාපන්දු ජර්සියක් මුර්ටාසා වෙත තෑගි වශයේ ලැබිණ. නමුත් කුඩා මුර්ටාසාට සිය සුපිරි වීරයා සියැසින් දැක ඔහු මුණ ගැසීමට ද අවස්ථාව උදා වූ බව 2022 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන උළෙලේ සංවිධායක මණ්ඩලය පවසයි. ඇෆ්ගනිස්තානයේ ගාන්සි පළාතේ විසූ මුර්ටාසා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම ප්‍රදේශය හැර පසුගිය මැයි මාසයේදී පාකිස්තානය බලා පලා යාමට සිදු විය.
සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ගේ අංක 10 සඳහන් ටී ෂර්ටයට සමාන කමිසයක් හැඳ අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් ඇෆ්ගනිස්තාන දරුවාට සිය වීරයා හමු වීමට භාග්‍ය උදා වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව පිළිබඳව කාර්ය සාධක බලකාය මාස කිහිපයක් මුළුල්ලේ ජනතා අදහස් විමසීය ඉන් අනතුරුව එදිනම එය සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන බවත් කාර්ය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු බීබීසී සංදේශයට පැවසීය. "අනිවාර්යයෙන්ම අපි ප්‍රකාශයට පත්කරනවා. ආණ්ඩුව කරන්නේ නැත්නම් අපි කරනවා," ඔහු පැවසීය. ශ්‍රී ලංකාව පුරා විවිධ දිස්ත්‍රික්කවල සහ පලාත්වල සංචාරය කරමින් සහ ලාංකීය සමාජයේ විවිධ ජනකොටස් සහ ආගමික නායකයන් මුණගැසී කරන ලද අදහස් විමසීම්වලදී තමන්ට යෝජනා 7500 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඔහු සඳහන් කළේය. කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසමින් "ඉතින් ඒ යෝජනාවල මූලික කාරණා තමයි අපේ වාර්තාවේ අඩංගු වෙලා තියෙන්නේ." යුද අපරාධ චෝදනාවලට අදාළ ජිනීවා යෝජනාව ප්‍රකාර යාන්ත්‍රණ හතරක් පිහිටුවීමේදී ජනතාව ඉදිරිපත් කළ යෝජනා උපයෝගී කරගන්නා බවට ආණ්ඩුව ප්‍රතිඥා දී ඇති බව පෙන්වාදෙන ආචාර්ය සරවණමුත්තු, කාර්ය සාධක බලකාය හමුවේ ජනතාව දැක්වූ අදහස් ඒ සඳහා උපයෝගී කරගන්නේ දැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇති බවත් පැවසීය. කෙසේ නමුත් අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිළිබඳ පනත දැනටමත් සම්මත වී තිබෙන්නේ නොවේදැයි සංදේශය විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, ඒ අවස්ථාවේ එම පනත ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවන බව තමන් ආණ්ඩුවට දැනුම් දුන් බවයි. "අනිත් එක ඒ පනතට සංශෝධන අවශ්‍ය නම් තවමත් සංශෝධන ගේන්න පුළුවන්. කාර්යාලය තවමත් පිහිටුවල නෑනේ," ඔහු වැඩිදුරටත් පැවසීය.
යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව සඳහා ගත යුතු පියවර කවරේදැයි ජනතා අදහස් විමසා බලා සකස් කළ පූර්ණ වාර්තාව ලබන ජනවාරි මස තුන් වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙන බව සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හර්යානා එවැනි වෙනම කාන්තා පොලිසි පිහිටුවන පළමු ඉන්දීය ප්‍රාන්තයයි. අද අගෝස්තු 28 වැනිදා ආරම්භ කිරීමට සැරසෙන ඉන්දියාවේ පළමු කාන්තා පොලිස් ස්ථානය පිහිටා තිබෙන ගොඩනැගිල්ල මින් පෙර භාවිතා කළේ නගරයේ රථවාහන පොලිසිය විසිනි. පොලිස් පරීක්ෂවරියකගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරියන් විසිහත් දෙනකු නිරත කෙරෙන නව කාන්තා පොලිසියකට අනුබද්ධව පොලිස් කාන්තාවන් පනස් දෙනකුගෙන් යුතු ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධන ඒකකයක්ද අරඹන බවයි ගුර්ගාන් ප්‍රදේශයේ පොලිස් අධිකාරී නව්දීප් සිංග් බීබීසිය ට කියා සිටියේ. ඊට අමතරව කාන්තා පොලිස් ස්ථාන වල පිහිට පතා එන කාන්තාවන්ට මානසික සහන ලබා දීමට උපදේශක සේවා, නෛතික සේවා සහ පුනුරුත්තාපන සේවා සැපයීමට රාජ්‍ය නොවන සංවිධාන වල සහය ලබා ගැනීමටත් කටයුතු කරන බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ. මානසික සහන සේවා හර්යානා තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා බහුල වශයෙන් උත්පාදනය කරන කාර්යබහුල ප්‍රදේශයක් වන අතරම ලිංගිකත්වය මත වෙනස්කම් සිදු කිරීම සහ ලිංගික අතවර ඉතා බහුලව සිදු කෙරෙන ප්‍රාන්තයක් වශයෙන්ද ප්‍රචලිතයි. ඉන්දියාවේ ජාතික අපරාධ තොරතුරු කාර්යාංශය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව හර්යානා ප්‍රාන්තයේ දෑවැද්ද ඉල්ලා වද හිංසා සිදු කිරීම් 3501ක් දූෂණ සිද්ධි 1174ක් සමූහ දූෂණ 230ක් ඇතුළු කාන්තාවන්ට එරෙහි අපරාධ 8974ක් වාර්තා වී තිබේ.
කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන අපරාධ පරීක්ෂන සඳහා වෙනම කාන්තා පොලිස් ස්ථාන ආරම්භ කිරීමට ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කිලෝ ග්‍රෑම් 650 පමණ බරැති කිඹුලාගේ වයස අවුරුදු පනහක් පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති. කිඹුලා දැක බලා ගැනීම පිණිස දහස් සංඛ්‍යාත පිරිසක් මාරවිල බරුදල්පොළ වෙරළට පැමිණ සිටි බවයි ප්‍රසාද් පූර්ණිමල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ. නවගත්තේගම කලාප වනජීවී නිලධාරීන් පැමිණ කිඹුලා පුත්තලම ප්‍රදේශයේ ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගිය බවයි ඔහු කියා සිටියේ.
මාරවිල බරුදල්පොළ වෙරළේ සිටි අඩි 18 ක් පමණ දිගැති කිඹුලකු වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඊයේ සහ අද යාපනයේ සංචාරයක නිරත වූ යුරෝපීය සංගමයේ නියෝජිතයන් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි මහා ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේ. මාධ්‍යවේදීන්ගෙන් නැගුණ ප්‍රශ්නය වූයේ, ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට කැඳවීමට උත්සාහ දරන්නේ වක්‍රාකාරයෙන් ඔහු පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නයක් සමුළුවට සහභාගි කරවා ගැනීමේ අරමුණෙන් නොවේ ද යන්නයි. කෘත ගුණ සැලකීම ඉන්දියාවේ දැඩි බලපෑම මත රජය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම නිසා දෙමළ ජාතික සන්ධානයට එහි බලය තහවුරු කර ගැනීමට හැකි වූ බැවින් ඊට කෘත ගුණ සැලකීමක් වශයෙන් තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යාපනයට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් කියා සිටියේ. ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් තමන් හමු වූ අවස්ථාවාදී ඉන්දියාවට පැමිණෙන ලෙස තමන්ට ආරාධනා කළ බව පැවසූ මහ ඇමති විග්නේස්වරන්, තමන් ද දෙපාර්ශ්වය අතර සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට ඇති අවංක උත්සාහය නිසා එම අවස්ථාවාදී ඉන්දීය අගමැතිවරයාට යාපනයට පැමිණෙන ලෙස ආරාධනා කළ බව ප්‍රකාශ කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ට යාපනයට පැමිණෙන ලෙස තමන් ප්‍රකාශ කළේ රජයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් කියා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විවාහ මංගල්‍යය හේතුවෙන් වින්ඩ්සර් ප්‍රදේශයේ සිඟමන් තහනම් කිරීමේ යෝජනාවක් රාජකීය විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත මැයි 19 දිනට ප්‍රථම "ආවේගශීලී සිඟමන් යැදීම" සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස නගර සභාවේ ප්‍රධානී සයිමන් ඩඩ්ලි (Simon Dudley) පොලීසියෙන් කළ ඉල්ලීමත් සමග හටගත් විවාදය හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරිය ද දැඩි අපහසුතාවයකට පත්ව සිටියි. වින්ඩ්සර් නගර සභාවේ ප්‍රධානියා කළ ඉල්ලීමට තමන එකඟ නොවන බව අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසයි. නගර සභාව "පොලීසිය සමග එක් වී" නිවාස අහිමි පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා වග බලා ගතයුතු බව අග්‍රාමාත්‍යවරියගේ ස්ථාවරය වී තිබේ. ජනවාරි පළමුවෙනිදා සිට කොළඹ නගරයේද සිඟමන් යැදීම තහනම් කරන ලදී නගරාධිපතිවරයා නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ යාචකයන් සිටීම තුළ රාජකීය විවාහ මංගල්‍යය පැවැත්වෙන සමයේ නගරය "දුක්මුසු අඳුරු පෙනුමක්" ගනු ඇති බවය. එහෙත් ප්‍රාදේශීය පුවත්පතක හිමිකරුවෙක් පවසන්නේ යාචකයන්ට අපරාධ චෝදනා එල්ල කිරීම හෝ තාවකාලික ඉවත් කිරීම "ප්‍රශ්නයට විසඳුමක් නොවන බවය". 2015 වසරේ පවත්වන ලද ගණනයට අනුව 35ක් වූ නිවාස අහිමි පුද්ගලයන් 2016 වසරේදී 8 දෙනෙකු දක්වා අඩුවී ඇත. ඔවුන් ඉතා දුෂ්කර තත්වයන් යටතේ රිය ගතකරන්නේ මහා මාර්ග අසලය. මේගන් මාකල් ශ්‍රී ලංකාවේ ද ජනවාරි පළමුවෙනිදා සිට කොළඹ නගරයේ සිඟමන් යැදීම තහනම් කළ ආණ්ඩුව, කිසිදු පිළිසරණක් නොමැතිව හිඟමනට වැටී සිටින යාචකයින් රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ද ප්‍රකාශයට පත්කළේය. කොළඹ නගරයෙන් ඉවත් කරන යාචකයන්ට දිනකට රුපියල් 1,500ක් උපයාගත හැකි පරිදි පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා අවස්ථා ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. එහෙත් කොළඹ නගරයේ සහ ඒ අවට සිඟමනේ යෙදෙන යාචකයෝ මේ තහනම් පිළිබඳව දැඩි කැළඹීමකට පත්ව සිටිති. තමන්ගේ එකම ආදායම අහිමිවීම ගැන ඇතැමුන් කණගාටුවෙන් පසුවන අතර යළිත් තමන්ට රිදීගම යාචක පුහුණු මධ්‍යස්ථානයට යාමට සිදුවනු ඇතැයි තවත් සමහරු බියෙන් පසුවෙති. තවත් පුවත්:
හැරී කුමරුගේ හා මේගන් මර්කල් කුමරියගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත වින්ඩ්සර් මාලිගය පිහිටි ප්‍රදේශයේ "ආවේගශීලී සිඟමන් යැදීම තහනම් කිරීමේ" යෝජනාවක් පිළිබඳව බ්‍රිතාන්‍යය තුළ සංවාදයක් මතුව පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ළමා අපචාර වලට ගොදුරු කර ගනු ලැබුණ හාරදහසකට අධික පිරිසක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති. ආගමික කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන සහ ළමා ආරක්ෂණය සඳහා පත් කර ඇති රජයේ ඇතැම් නිලධාරීන්ට එරෙහිවයි ළමා අපචාර චෝදනා ඉදිරිපත් ව තිබෙන්නේ. ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙවැනි පියවරක් ගත්තේ ඇතැම් කතෝලික පූජකවරුන්ට එරෙහිව ද ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් ව තිබිය දීයි .
ඕස්ට්‍රේලියාවේ සිදුවී ඇතැයි පැවසෙන ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් ජාතික මට්ටමේ නඩු විභාගයක් ආරම්භ විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සමග හිට ගත්තු මිනිස්සු අපි. අද ඒ සියලු ප්‍රතිපත්ති පැත්තකට දාලා.' හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් රත්නපුර නගරයේ සංවිධානය කරන ලද රැළිය අමතමින්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා එකඟ වීමට නොහැකි වූ බැවින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඇතුළු පිරිසක් ශ්‍රීලනිපය ආරම්භ කළ බවත් අද එය එක්සත් ජාතික පක්ෂය පාමුල තබා ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සඳහන් කළේය. 'මේ පක්ෂය හැදුවේ එක්සත් ජාතික පක්ෂයට, ඒ පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව,' ඔහු කියා සිටියේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රට බෙදීමේ උත්සාහයක නිරත වී සිටින බැවින් ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පෙළ ගැසී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. සියලු පක්ෂ සහ පෙරමුණු ඒකාබද්ධ කර ගනිමින් ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව පෙළ ගැසෙන බවත් 'ඒකාබද්ධ විපක්ෂය නුදුරේ දීම ඒකාබද්ධ ආණ්ඩුවක්' බවට පත් වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. "අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" මැයෙන් රත්නපුර නගරයේ පැවති ජන රැළිය 'රහසේ කුමන්ත්‍රණය නොකොට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ආණ්ඩු බලය ලබා ගන්නා' බවයි ඔහු කියා සිටියේ. 'ඇමතිවරු පස්සෙත් සීඅයිඩිය දානවා, මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරලා. අපේ ගේ ඉස්සරහත් ඒකකයක් දාලා ගෙදරට යන එන අය ගැන ලැයිස්තු ලියනවා,' ඔහු සඳහන් කළේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වන බවට ඇතැමුන් ප්‍රකාශ කළත් එවැන්නක් සිදු නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. 'ගිලෙන නැවට පනින්නේ නැහැ. ගිලෙන නැවෙන් තමයි පනින්නේ' ඔහු පැවසීය. "අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" මැයෙන් පැවති ජන රැළියට බැසිල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එක් වී සිටියහ.
තමන් ඩාලි පාරේ පිහිටි බෝඩ් ලෑල්ලකට හෝ කාර්යාලයකට යට වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අපද්‍රව්‍ය බහාලුම් පරීක්ෂා කිරීම තත්ත්වය සම්බන්ධයෙන් බදාදා (ජූලි 24) බීබීසී කළ විමසීමකට පිළිතුරු ලෙස ඒ බව පැවසූ පරිසර ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කළේ, සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න පිළිබඳව තම ආයතනය විමර්ශනයක යෙදී ඇති බවකි. භාවිත කරන ලද මෙට්ට ලෙස හඳුන්වා ප්‍රතිඅපනයනය කිරීම සඳහා යැයි පවසමින් ආනයනය කරන ලද බහාලුම් 241න් 130ක් වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතන පරිශ්‍රයේ රඳවා ඇති අතර, ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක තවමත් ඇති බව බීබීසී සිංහල සේවය ඊයේ (ජූලි 23) කළ විමසීමකදී ශ්‍රී ලංකා රේගුව පැවසීය. අදාළ බහාලුම් තුළ ඇති මෙට්ටවලින් ඇතැම් ඒවා තුළ සායනික සහ වෙනත් අපද්‍රව්‍ය පුරවා තිබෙන බව ඒ පිළිබඳ විමර්ශනයක යෙදෙන මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර තිබිණි. "ඇත්තට ම මෙතන වෙලා තියෙන්නේ පාවිච්චි කරන ලද මෙට්ට ලෙස දක්වලා යම්කිසි අපද්‍රව්‍ය වගයක් ලංකාවට ගෙනැවිත් තිබෙනවා. එම මෙට්ට කවර තුළ විවිධාකාර කාපට්, ප්ලාස්ටික්, වෙන වෙන තැන්වලින් ඉවත් කරපු අප ද්‍රව්‍ය දුගඳ හමන දේ තමයි තිබෙන්නේ. ඒවා ඇරලා පරීක්ෂණයක් කරන්න බැරි තරමේ අපද්‍රව්‍ය තමයි එවලා තිබෙන්නේ." යැයි රේගු අධිකාරී ලාල් වීරකෝන් බීබීසී සිංහල සේවය සමග පැවසීය. මෙසේ බ්‍රිතාන්‍ය සිට ගෙන්වා ඇති අපද්‍රව්‍ය අතර සිරින්ජර්, මෙන්ම මෘතශරීරාගාරවලින් ඉවත් කෙරුණු මිනිස් සිරුරු කොටස් යැයි සැකකෙරෙන දේ ද ඇති බවට චෝදනා එල්ලවන බව ඇතැම් වාර්තාවල දැක්වේ. "ඔබේ කසල අංගනය නොවේ" බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතාව අදාළ කසළ තොගය අඩංගු බහාලුම් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වන අයුරු දැක්වෙන ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග ඒ පිළිබඳ විශාල කතිකාවක් ඇතිවන්නට විය. ඒ සමග මතුවෙමින් ඇති කෝපය අතරේ, භික්ෂුන් වහන්සේ මෙන්ම පරිසරවේදීන්ගෙන් ද සැදුම්ලත් පිරිසක් අද (ජූලි 24) කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතාවක යෙදුණහ. ඔවුන් අත වූ එක් විරෝධතා පුවරුවක "ශ්‍රී ලංකාව ඔබේ කසළ අංගනය නොවේ" යන්න සඳහන් විණි. කිහිපදෙනෙකුට පමණක් මහ කොමසාරිස් කාර්යාලය තුළට යාමට අවසර ලැබිණි. කෙසේවෙතත්, බහාලුම් යළි බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කෙරුණු ලිපියක් භාර දීම සඳහා විරෝධතාකරුවන් අතරින් කිහිපදෙනෙකුට පමණක් මහ කොමසාරිස් කාර්යාලයට ඇතුළුවීමට ඉඩ ලැබිණි. "මා මෙහි ආවේ මගේ රටේ සහ මගේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීම වෙනුවෙන්. අපේම කසළ බැහැර කිරීමේ දුෂ්කරතාවටත් අප මුහුණදී තිබෙනවා" යැයි, විරෝධතාවට එක්වීම සඳහා සිය පවුලේ සාමාජිකයින් සමග පැමිණ සිටි මංජුශ්‍රී සුමිත්‍රාරච්චි සඳහන් කළාය. "අපි තුන්වෙනි ලෝකයේ රටක්, ගැටලු රැසක් සමග අප අරගලයක යෙදිලා ඉන්න අතරේ වෙන කාගේවත් කුණුවලට අප වගකියන්නේ කොහොමද" යැයි ඇය ප්‍රශ්න කළාය. මේ පිරිස අතර සිටි දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශකයකු වන අවිශ්ක සෙන්දනායක, "මේ අපද්‍රව්‍යවල රසායනික ඇති බව දැනගන්නට ලැබුණා. මේ අපද්‍රව්‍ය කාන්දු වෙන අයුරුත් වීඩියෝවලින් දැක්කා." යැයි සඳහන් කළේය. "මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ආණ්ඩුව වගකීම දරන්නට ඕනෑ වගේම මේවා යළි හරවා යවන්නට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගන්න ඕනෑ" යැයි ද ඔහු කියා සිටියේය. කෙසේවෙතත්, එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය කියා සිටියේ එම අපද්‍රව්‍ය යළි ගෙන්වාගත හැක්කේ ඒවා නීතිවිරෝධීව හා සෘජුවම එංගලන්තයෙන් අපනයනය කළේ යැයි ඔප්පු කළ හැකිනම් පමණක් බවය. නීතිවිරෝධී අපනයනවලට වගකිවයුත්තන්ට සම්බාධකවලට ද මුහුණදීමට සිදුවන බව ඒජන්සිය පැවසීය. 'ප්‍රතිචක්‍රීකරණයට යැයි හැඟවීම' මේ සිදුවීම, බටහිර රටවල් විසින් ප්‍රතිචක්‍රීකරණයට යැයි හඟවමින් අපද්‍රව්‍ය බැහැර කරනු ලැබීමෙන් ආසියානු රටක් කෝප ගැන්වූ ආසන්නම අවස්ථාව වේ. තවදුරටත් විදේශීය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා භාර නොගැනීමට 2018 දී චීනය විසින් ගන්නා ලද තීරණයෙන් ලෝක ප්ලාස්ටික් කර්මාන්තය උඩු යටිකුරු වූ අතර අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට අපනයනය කිරීම වේගවත් විණි. පසුගිය මැයි මාසයේදී පිලිපීනය විසින් අපද්‍රව්‍ය බහාලුම් 69 ක් කැනඩාව වෙත හරවා යැවිණි. එහිදී කියවුණේ ප්‍රතිචක්‍රීකරණය සඳහා වූ ප්ලාස්ටික් යනුවෙන් වැරදි ලෙස ලේබල් කෙරී තිබු බවකි. මේ මස මුලදී කාම්බෝජය කියා සිටියේ අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 83ක් ඇමෙරිකාවට හා කැනඩාවට යවන බවකි. "කාම්බෝජය කුණු බක්කියක් නොවේ" යැයි එරට ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු පවසා තිබිණි. බීබීසී සමග සිය ප්‍රතිචාර දැක්වූ එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය "නීතිවිරෝධීව කෙරෙන අපද්‍රව්‍ය අපනයනයට වැට බැඳීමට කැපවී සිටිනවා" යැයි පැවසීය. "නිවැරදි ලෙස ප්‍රකාශ නොකර අපද්‍රව්‍ය අපනයනයේ යෙදෙන්නෙකුට වසර දෙකක සිර දඬුවමක් හෝ සීමාරහිත දඩයකට මුහුණ දීමට සිදුවනවා" යැයි එහි ප්‍රකාශිකාවක සඳහන් කළාය.
කැළි කසල අඩංගු බහාලුම් නැවත ගෙන්වා ගන්නා ලෙස දන්වමින් මෙතෙක් කිසිදු නිල ඉල්ලීමක් ශ්‍රී ලංකා බලධාරීන් වෙතින් තමන්ට ලැබී නැති බව එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ප්‍රකාශය කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ බ්‍රහස්පතින්දා (ජූලි 25) සාක්ෂි දෙමිනි. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ලෙස පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලයේ කිසිදු රැස්වීමකට තමා නොකැඳවූ බවත් ඔහු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ අනාවරණය කළේය. "රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය ප්‍රබල ආයතනයක් කියලා සැලකුවා නම් අපිව කවුන්සිල් එකට කැඳවන්න තිබුණා. අපව ආරක්ෂක කවුන්සිලයට ඇතුළත් කළ යුතුව තිබුණා," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා "ඔබ තුමාට ප්‍රහාරය සම්බන්ධයෙන් යම් නියෝගයක් ලැබුණා නම් මොකද කරන්නේ?" යනුවෙන් විමසීමක් කළේය. "අනිවාර්යයෙන් ම අපට හුඟක් දේවල් කරන්න තිබුණා. (බෝම්බකරුවන්) හය දෙනා ගැන විස්තර අපට දුන්නා නම් ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා වළක්වන්න තිබුණා. ඔවුන් පසුපස හඹා යන බව ඔවුන් දැනගත්තා නම් ඒ ගොල්ලෝ ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරන්නේ නැහැ." එම අදාළ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් නොකළේ කුමක් නිසාදැයි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ "මට හිතාගන්න බෑ" යනුවෙනි. "මේ ප්‍රහාරය ගැන ප්‍රබල පුද්ගලයන් දැනගෙන හිටියා. හැබැයි මට කිසි ම දැනුම් දීමක් කළේ නැහැ. එහෙම කළේ නැත්තේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ. එහෙම දැනුවත් කළා නම් හෝටල්, පල්ලි වෙනුවෙන් ආරක්ෂක සැලසුමක් වහා ම ක්‍රියාත්මක කරන්න තිබුණා. සෝදිසි කිරීම් කරන්න තිබුණා. සිද්ධිය වුණාට පස්සේ තොරතුරු ගලාගෙන ආවා. විසි වෙනිදා (20) ලැබුණ තොරතුරුවත් මට කිව්වේ නැහැ. මට තියෙන ප්‍රශ්නය තමයි, ඇයි ඒවා මට කළින් නොකිව්වේ කියන එක," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පිළිතුර විය. අප්‍රේල් නව වනදා තමන්ට ලැබුණු ලිපියක ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉලක්කයක් බවට නිශ්චිතව සඳහන්ව තිබූ බැවින් අප්‍රේල් 10 වනදා ම එයට ආරක්ෂාව යෙදවූ බව ඔහු පැවසීය. "ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට මම ආරක්ෂාව දැම්මා. හේතුව තමයි ලියුමේ ඒ ගැන විශේෂයෙන් සඳහන් කරලා තිබුණා. පල්ලි ගැන සඳහන් කරල තිබුණේ 'ඉම්පෝටන්ට් චර්චස්' කියලා. නිශ්චිතව ලියලා තිබුණේ නැහැ." විශේෂ කාර්ය බළකායේ වැඩිදෙනෙක් ප්‍රභූන්ගේ ආරක්ෂාවට මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද විශේෂ කරුණු අනාවරණය විය. කොළඹ සිටින විශේෂ කාර්ය බළකා සාමාජිකයින් 3137 දෙනාගෙන් 2245 දෙනෙකු ම යොදවා ඇත්තේ, ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ හෙළිවිණි. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පොරොත්තු රාජකාරිවල යෙදී සිටින හෙයින් අවශ්‍යතාවකදී ඔවුන් සේවයේ යෙදවිය හැකි බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් පැවසීය. එම අවස්ථාවේ අමාත්‍ය සරත් ෆොන්සේකා විමසා සිටියේ, ප්‍රභූ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරන විශේෂ කාර්ය බළකා සාමාජිකයන් 2245 දෙනාගෙන් 99%ක් පුද්ගලයින් තුන් දෙනෙකුගේ ආරක්ෂාවට යොදවා තිබෙනවා නේද? යනුවෙනි. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා එය පිළිගත්තේය. "දියුණු රටවල නම් නායකයන් ආරක්ෂා කරන්න රටේ තියෙන සියලු සම්පත් යොදවන්නේ නෑ. ඇමෙරිකාවේ පවා මෙතරම් ආරක්ෂාවක් දෙන්නේ නෑ. පිරිහිච්ච රටවල තමයි නායකයෝ ආරක්ෂා කරන්න රටේ තියෙන සියලු සම්පත් යොදවන්නේ," අමාත්‍ය සරත් ෆොන්සේකා පැවසීය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විමසීමක් කරමින් "මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාස්කු ප්‍රහාරය අතර යම් සම්බන්ධයක් පවතින බවක් පෙනී ගොස් තිබේදැයි" ප්‍රශ්න කළේය. "එහෙම සම්බන්ධයක් ගැන නම් තොරතුරු ලැබිලා නැහැ. ඒත් අප්‍රේල් 23 වෙනි දා ඊබ්‍රාහිම්ලාගේ 'මහවිල ගාඩ්න්ස්' වටලෑමේ දී ඔහුගේ සොහොයුරෙක් අත්අඩංගුවට ගත්තා. ඒ, හෙරොයින් සහ ඩිජිටල් තරාදියක් එක්ක. ඩිජිටල් තරාදි තියෙන්නේ ජාවාරම්කාරයන් ළඟ. ඒ ඇරෙන්න ඊබ්‍රාහිම්ගේ ඥාති සොහොයුරෙක් අත්අඩංගුවට ගත්තා - ටෙමඩෝල් පෙති තොගයක් එක්ක. මත්ද්‍රව්‍ය වැටලීම් නිසා ප්‍රහාරයක් ආව බවට වාර්තා වෙලා නෑ."
අප්‍රේල් මස 21 වන දින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළ තොරතුරු ඊට පෙර දින හෝ තමන්ට දැනුම් දීමක් කළා නම් එම ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිව තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන් ඇප මත නිදහස් කළේ, නඩුව විභාග වන තුරු මහජන සාමය කඩ කරන ක්‍රියාවල නිරත වීම තහනම් බවට කොන්දේසියක් පණවමින්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේ දී ඒ අසල උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිය දීත් සැකකරුවන් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ බවයි, පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ. එම චෝදනාව ප්‍රතික්ෂේප කළ නඩුවේ සැකකරුවකු වන දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ, මෙවැනි අධිකරණ නියෝගයක් පිළිබඳව තමන් වහන්සේලා දැනුවත්ව නොසිටි බව සඳහන් කළහ. 'දැන සිටියේ නෑ' "මෙවැනි නියෝගයක් ගැන අපි දැනුවත්ව හිටියේ නැහැ. පොලිසිය අධිකරණය නොමග යවලා මේ නඩුව පවරා තිබෙනවා," උන්වහන්සේ චෝදනා කළහ. නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, මාර්ගය අවහිර කරමින් පිරිත් දේශනා කිරිම බුදු දහමට එකඟ දැයි විත්තියේ නීතිවේදීන් ගෙන් ප්‍රශ්න කළේය. සැකකරුවන් පිරිස එම අවස්ථාවේදීම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව පොලිසිය වෙත දෝෂාරෝපණ එල්ල කළ මහේස්ත්‍රාත්වරයා, එහිදී වරදක් සිදු කළ බවට පොලිසියට චෝදනා කළේය. කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොවූ බවයි, ඇප ලබාගැනීමෙන් පසුව මාධ්‍යවලට අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ. බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, රොෂාන් රණසිංහ, ඩලස් අලහප්පෙරුම, උදිත ලොකු බණ්ඩාර, ජානක ප්‍රියන්ත බණ්ඩාර, එස්එම චන්ද්‍රසේන, සරත් වීරසේකර, වීරකුමාර දිසානායක සහ ජයන්ත කැටගොඩ ඇතුළු පිරිසක් ඇප මත මුදාහැරුණු මන්ත්‍රීවරු අතර සිටිති. ජාතික කොඩියට අපහාස ඊට අමතරව බස්නාහිර ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, උපාලි කොඩිකාර, රෝජර් සෙනෙවිරත්න, සුනිල් ජයමුනි ඇතුළු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු ද ඇප මත මුදාහැර තිබේ. මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිවරු ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක්ද විත්තිකරුවන් අතර සිටිති. සැකකරුවකු ලෙස නම් කර තිබු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, උන් වහන්සේ මිළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන මෙන්ද අධිකරණය නියෝග කළේය. වැඩිදුර විමසීම ජුලි මස 13 වනදාට කල් තැබිණ. උද්ඝෝෂකයන් ජාතික කොඩියට අපහාස කළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති පැමිණිලි පිළිබඳව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අනාවරණය වේ නම් ඔවුන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද කොළඹ මහේස්ත්‍රාත්වරයා මේ අතර රහස් පොලිසියට නියම කර තිබේ.
අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ සිදු කළ බවට චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, භික්ෂූන් වහන්සේ ඇතුළු විසි හය දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'දැන් මේ රටේ ආණ්ඩුවට ඔන්න එනවා විදුලි පුටුව කියලා ජනතාව රවට්ටලා ඡන්දය ගන්න අවස්ථාවක් දීල නැහැ' සන්ධානයේ ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් එම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. "ජාත්‍යන්තර විමර්ශන යෝජනාවක් ගෙන ආවොත් එයට එල්ල වන සිංහල ජනතාවගේ විරෝධය, ආණ්ඩුවට වාසි දායක විය හැකි නිසා ඔවුන් එය ඉදිරිපත් කර නොතිබෙනවා විය හැකියි," යනුවෙන්ද ඔහු කියා සිටියේය. දැනට ප්‍රකාශයට පත්ව තිබෙන යෝජනා කෙටුම්පතේ ඇතුලත් දකුණේ වැලිවේරිය ගැටුම, අගවිනුසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ඇතුළු කරුණු සලකා බලන විට දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කොට එමගින් විකල්ප ආණ්ඩුවක් ඇති කිරීම මෙම යෝජනාවේ තවත් අරමුණක් විය හැකි බවද "බලය බෙදා රට එක්සේසත් කරමු" සංවිධානයේ මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේය. 'බලාපොරොත්තු කඩ කළා' මෙම යෝජිත කෙටුම්පතෙහි පිඩාවට පත් දෙමළ ජනතාව මුහුණදෙන කිසිදු ගැටලුවක් අඩංගු නොවන බව පවසන ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා, මෙම යෝජනාවෙන් තමන්ට සාධාරණයක් ඉටු වනු ඇතැයි අතුරුදහන් වූවන්ගේ සහ යුද්ධයෙන් මිය ගිය අයගේ ඥාතීන් බලාපොරොත්තුවෙන් සිටි බවද පැවසීය. මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වසර පහක් කිසිදු පරීක්ෂණයක් නොකළ ආණ්ඩුවකට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම පිණිස තවත් වසරක් ලබා දීමෙන් අරමුණ කවරක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කළේය. උතුරු නැගෙනහිර දෙමළ ජනතා ප්‍රශ්නවලට ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් පමණක් විසඳුම් බලාපොරොත්තු විය නොහැකි බව මාධ්‍ය හමුව අමතමින් කියා සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ඒ සඳහා සිංහල, දෙමළ සියලු දෙනා එක්ව පොදු අරගලයක් කළ යුතු බව කියා සිටියේය. විදුලි පුටුව "අපි බලාපොරොත්තුවූ විදිහට, ලංකා ආණ්ඩුව බලාපොරොත්තුවූ විදිහට සැර යෝජනාවක් ආපු නැති නිසා, උතුරේ හා දකුණේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට එක්සත් පොදු අරගලයකට අපි යොමු වෙන්න ඕනේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නියෝජිතයින් දෙමළ ජාතික සන්ධානයට එක් දෙයකුත් රජයට තවත් දෙයකුත් පවසා ඇමෙරිකාවට ගොස් වෙනමම දෙයක් සිදුකර ඇති බවද මනෝ ගනේෂන් පැවසීය. "දැන් මේ රටේ ආණ්ඩුවට ඔන්න එනවා විදුලි පුටුව කියලා ජනතාව රවට්ටලා ඡන්දය ගන්න අවස්ථාවක් ඇමරිකානු ආණ්ඩුව දීල නැහැ." ශ්‍රී ලංකාවේ බලය බෙදා රට එක් සේසත් කළ හැක්කේ දේශීය සටනකින් පමණක් බවයි, මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ.
ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා නොසිටින්නේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ විකල්ප ආණ්ඩුවක් බලාපොරොත්තු වන නිසා විය හැකි බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ නීතිගත කිරීමට යෝජිත සිවු වැනි ව්‍යවස්ථාව මෙයයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් අත්හදා බලා ඇති අතර අලුතින් නව ව්‍යවස්ථාවක් නීතිගත කෙරුණ හොත් එය වසර හැට අටක් වැනි කෙටි කාල පරාසයක් ඇතුළත ක්‍රියාවට නැංවෙන සිව් වැන්න වීමෙන් එය රට තුළ පමණක් නොව අන්තර් රාජ්‍ය පද්ධතිය තුළ ද වාර්තාවක් තබනු ඇත. දේශපාලනමය වශයෙන් සංවිධානය වූ සමාජයක් වන යම්කිසි රාජ්‍යයක පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරමින් නව ව්‍යවස්ථාවක් කරා ගමන් ගැනීමට පියවර ගනු ලබන්නේ නම් පවතින ව්‍යවස්ථාවේ අශක්නුතාවයන් හඳුනා ගැනීම කාලීන උවමනාවකි. ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන 'ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' (1978) වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරනු ලැබීමේ ක්‍රියාවලියක් කරා පාලකයන් යොමු කෙරුණ එවැනි ව්‍යවස්ථාමය අශක්නුතාවයන් සාකච්ඡාවට ගැනීමේ අරමුණින් බීබීසී සිංහල සේවය ඉදිරිපත් කරන විශ්ලේෂණ මාලාවක පළමුවැන්නයි, මේ. ප්‍රවේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද? යන්න සම්බන්ධයෙන් විවිධ වචනවලින් ඉදිරිපත් කෙරුණ විශ්ලේෂණ රාශියක් ඇති අතර එම සියල්ල මගින් ගම්‍ය කෙරෙන පොදු තේරුමක් වන්නේ එය රාජ්‍යයක 'මූලික නීතිය' වන බවයි. ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා 1978 දී හඳුන්වා දුන් ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කෙරිණ බලය එකම ආයතනයක් වෙත සංකේන්ද්‍රගත වූ රාජාණ්ඩුවක හෝ ඒකාධිපති හෝ කතිපයාධිකාරී පාලනයක එවැනි මූලික නීතියක පැවැත්මක් අර්ථාන්විත නොවන අතර නූතන 'ජාතික රාජ්‍යයේ' ප්‍රභවය විසින් නිර්මාණය කෙරුණ ව්‍යවස්ථානුකූල පාලන සම්ප්‍රදායේ අවශ්‍යතාවය විසිනුයි නූතන වහරින් සහ මුහුණුවරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට මුල පුරනු ලබන්නේ. මෙවැනි ලුහුඬු විශ්ලේෂනයකදී එය අර්ථ ගැන්විය හැක්කේ 'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍යය සතු අසීමිත බලය පාලනය කරනු ලැබීමේ මූලික නීතිය' ලෙසින්. තෝමස් මොන්ටෙස්කිගේ බලතල වෙන් කිරීමේ සුප්‍රකට න්‍යාය මෙම වර්ධනයේ ඓතිහාසික සලකුණක් වන අතර ඉන් පෙර ක්‍රොම්වෙල්ගේ නැගී සිටීම සහ බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය හා බැඳුන ලිබරල් දේශපාලන දර්ශනය සමඟ මුසු වූ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ සංවර්ධනය මෙන්ම ප්‍රංශ මහා විප්ලවයෙන් අනතුරුව පැතිර ගිය නෛතික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය වත්මන් අර්ථයෙන් ගම්‍යමාන වෙන මූලික නීතියේ ප්‍රභවය හැටියට එක වැකියකින් සංගෘහිත කළ හැකි වෙයි. ශ්‍රී ලංකා අත්දැකීම රාජ්‍යයක මූලික නීතිය හැටියට දැනටමත් අප විසින් හඳුනා ගනු ලැබ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක චිරස්ථායී පැවැත්ම හෝ එය අඛණ්ඩව සංශෝධනය කිරීම කෙරෙහි එහි ප්‍රභවය තීරණාත්මක බලපෑමක් ඇති කරයි. ඉන්දියාවේ විවිධ භාෂා කතාකරන, විවිධ ආගම් අදහන සමස්ත වාර්ගික සහ සංස්කෘතික කණ්ඩායම් එකට බැඳ තබන හුයක මට්ටමින් සූත්‍රගත කිරීමට ආචාර්ය අම්බෙට්කාර් ප්‍රමුඛ ඉන්දීය ව්‍යවස්ථා සම්පාදකයෝ සමත් වූහ උදාහරණයක් වශයෙන් ජෙෆර්සන් සහ මැඩිසන්ගේ ෆෙඩරල් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1787) සියවස් තුනකට ආසන්න ආයු කාලයක් වළඳමින් තවමත් මූලික වෙනසකින් තොරව විරාජමාන වන අතර එම දීර්ඝ කාලය එය සංශෝධනය කරනු අතුලත ලැබ ඇත්තේ විසිහය වතාවක් පමණි. අපගේ ගෞරවනීය අසල්වැසියා වන ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදුණ සැණින් තමන්ගේම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගත් අතර එය යෝධ භූමියක විසිර වාසය කරන විවිධ භාෂා කතාකරන, විවිධ ආගම් අදහන සමස්ත වාර්ගික සහ සංස්කෘතික කණ්ඩායම් එකට බැඳ තබන හුයක මට්ටමින් නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික මට්ටමේ සංවාදයක් තුලින් සූත්‍රගත කිරීමට ආචාර්ය අම්බෙට්කාර් ප්‍රමුඛ ඉන්දීය ව්‍යවස්ථා සම්පාදකයෝ සමත් වූහ. ඉන්දියානු වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට සංශෝධන රාශියකට භාජනය කරනු ලැබුනත් එහි මූලික ව්‍යුහාත්මක ආකෘතිය තවත් ශක්තිමත් වෙමින් පවතිනවා මිස එහි ලිහී යාමක් පෙන්නුම් නොකරයි. තුලනාත්මකව බලන විට එම අත්දැකීම් මගින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලාංකේය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවර්ධනය උපතේ පටන්ම පෙන්නුම් කරන අමිහිරි විජාතික ප්‍රභවයද? නව ව්‍යවස්ථාව මගින් අනාගත පරපුරේ අයිතීන් සුරක්ෂිත කෙරේවිද? සමාජමය උවමනා ඉක්මවා යමින් හුදු 'බලය' පිළිබඳ ආකර්ෂණය මගින් ඕපපාතික මට්ටමින් ස්ථාපනය කරනු ලැබුණ නීති පද්ධතීන් සමුදායක් වූ බවක්ද? අඩු ආයුෂ ව්‍යවස්ථා දෙකක් ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්වය ප්‍රදානය කිරීමත් සමඟ ඊට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියක් ද 'පරිත්‍යාග කිරීමට' බ්‍රිතාන්‍ය පාලකයෝ නොමසුරු වූහ. එහෙත් තම අසල්වැසියා (ඉන්දියාව) අනුව යමින් එම ඩොමීනියන් බැඳීම කෙළවර කොට ස්වීය වූ ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ ජාතික අභිලාෂයක් කරා සමීප වීමට නිදහස් ලංකාවේ පාලකයන් අසමත් වූ අතර එවැනි පරිවර්තනයක් සිදු වන්නේ 1972 වසරේ 'ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' නිර්මාණය කර ගැනීමත් සමගයි. 1972 දී හඳුන්වා දුන් ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කෙරිණ ආරම්භයේ දීම එය ශ්‍රී ලංකාවේ දකුණේ සිංහල ප්‍රධාන දේශපාලන බලවේගවල පවා අභියෝගයට ලක් වූ අතර විශේෂයෙන්ම එය දමිළ සුළු ජනයාගේ ආශීර්වාදය නොලද්දේ ඔවුන්ට රැකවරණයක් හැටියට සැලකුණ 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වැනි සුප්‍රකට වගන්තිය, දෙවැනි මන්ත්‍රී මණ්ඩල ව්‍යවස්ථාදායක ආකෘතිය මෙන්ම නාමකරණයෙන් සීමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත් කිරීමට තිබුණ අවසරය අහෝසි කරනු ලැබීම හේතුවෙනි. සෝල්බරි ව්‍යවස්ථාවේ 29(ඉ) වගන්තිය සුළු ජාතික රැකවරණය සඳහා ප්‍රමාණවත් රැකවරණයක් නොවූ බව එහි නිර්මාතෘවරයා වන ශ්‍රීමත් අයිවර් ජෙනිංස් පවා පිළිගෙන තිබුන අතර 1972 දී සිදු වූයේ එම අල්ප රැකවරණයත් පැහැර ගනු ලැබීමයි. අනාගමිකවාදයට පිටුපෑම ඒ වෙනුවට 1972 අභිනව ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් වූ ශ්‍රී ලංකාවේ කීර්තිමත් ට්‍රොට්ස්කිවාදී දේශපාලන බුද්ධිමතුන් සහ එම පාලනයේ පුරෝගාමීහු සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්නට වූ අනාගමික මුහුණුවර මකා දමමින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරමින්ද, බුදුදහම රාජ්‍ය ආගම කරමින්ද අලුත් සමාජමය විසංවාදයකට මග විවර කළහ. 1972 ව්‍යවස්ථාව මගින් බුදු දහම රාජ්‍ය ආගම බවට පත් කෙරිණ යාන්තමින් අවුරුදු හයක් ආයු විඳ බිලිඳු වියේදීම අභාවප්‍රාප්ත කෙරුණ එම ව්‍යවස්ථාවේ අනුප්‍රාප්තිකයා වන දැනට තිස් හත් වන වියේ පසුවෙන වත්මන් 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්' ඉන් පෙර ව්‍යවස්ථාවේ චරිත ලක්ෂණය වන අනාගමිකවාදයට පිටුපෑම එලෙසින්ම දායාද කරනු ලැබ ඇත. 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ද්වය මගින් පුරවැසි අයිතිය සහතික කරනු ලැබීමක් හැටියට හුවා දක්වමින් 'මූලික අයිතිවාසිකම් ප්‍රකාශනයක්' මූලික නීතියේ අංගයක් හැටියට නීතිගත කරනු ලැබුන නමුත් ඒවා අලංකාර සැරසිල්ලක මට්ටමින් එහාට නොගිය බවයි රාජ්‍යය තුල ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුණ වෙනත් අණපනත් මගින් පෙන්නුම් කෙරුණේ. මේ අනුව අනාගමිකවාදයට පිටු පෑ වේගයෙන්ම ජාතික රාජ්‍ය සභාවේ බලය හරහා දේශපාලන විධායකය අසීමිත බලාධිකාරියක තත්වයකට ඔසවා තබනු ලැබීම මගින් 1972 ව්‍යවස්ථාවද, ජනාධිපති පදවියේ අසීමිත බලය පාර්ලිමේන්තුව සහ අධිකරණයට ඉහළින් ස්ථාපනය කරනු ලැබීම මගින් 1978 ව්‍යවස්ථාවද ප්‍රජාතාන්ත්‍රික රාමුවෙන් බොහෝ දුරට ඈත් වූ අතර එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය කදිම ලෙස නිරූපනය කෙරුණේ එම දෙපාර්ශවයම මහජන අනුමැතියෙන් තොරව ඔවුන්ට පැවරුන පාලන කාලය දීර්ඝ කර ගනු ලැබීමෙනි. බලය බෙදා හැරීම එම ව්‍යවස්ථා ද්වයම මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වූයේ ප්‍රාදේශීය මට්ටමින් බලය බෙදා හරිනු ලැබීමට දක්වන අකමැත්තයි. 1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් සිය ව්‍යවස්ථා රාමුවට කිසිදු ලෙසකින් ඇතුලත් නොවූ තේරුමක් නොමැති දිසා දේශපාලන අධිකාරියක්ද 1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා ඉන් එහාට යමින් ඉන්දියාවේ බලපෑම මත පළාත් සභා ක්‍රමයක් ව්‍යවස්ථා ගත කරනු ලැබීමටද පියවර ගනු ලැබුනත් එයද අදත් පවතින්නේ කවර බලයක් ඒවාට පැවරිය යුතුද යන විවාදාත්මක මට්ටමෙහිය. සිය ප්‍රදේශවලට බලය විමධ්‍යගත කෙරෙන දේශපාලන විසඳුමක් උතුරේ දෙමළ ජනතාව ඉල්ලා සිටිති නිදහසින් පසුව ඉන්දියාව මේතා කොමිසන් සභාවන්හි නිර්දේශ අනුව 'පංචායත් ක්‍රමය' මගින් ග්‍රාමීය මට්ටම දක්වා බලය විමධ්‍යගත කිරීමට පියවර ගනු ලැබුනත් ශ්‍රී ලංකාවේ පාලනය තවමත් සිටිනුයේ ඉන් බොහෝ දුරකය. ඇතැම් ප්‍රතිවිපාක නරක නොවන්නේ දුක් පීඩා මැද හෝ අලුත් දිශාවකට එමගින් මිනිසා තල්ලු කරන හෙයිනි. එම අර්ථයෙන් ගත්විට අප ලුහුඬින් සාකච්ඡාවට ගත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යුගලයත් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින දේශපාලන සමාජයකට අවශ්‍ය සාධාරණය ඉටු නොකිරීමේ පලය තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් දෙසට සමාජය තල්ලු කිරීමයි. එහෙත් බොහෝ සාම්ප්‍රදායික සමාජයන්හි පොදු අත්දැකීම වන්නේ බලයේ සිටින පාලකයන් සිය දැක්ම ඇතුළත් එසේම සහ බලය පවත්වා ගැනීමට මග සලසන ව්‍යවස්ථා සම්පාදනයෙහි ශූරයන් වන බවයි. එසේ නැතිව පවතින ආගම්වාදී එසේම බලය අසීමිත මට්ටමින් කේන්ද්‍රගත වූ ව්‍යවස්ථා සන්දර්භය තුළම තවත් ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරුනොත් එම දරුවා සමස්ත සමාජයේම ආදරය ලබන්නකු වේද? අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට සැරසෙන පාලකයන් මුහුණ දෙන බරපතළම ගැටලුව පවතින ව්‍යවස්ථාවේ අනාගමික විරෝධී වගන්ති වලින් බැහැර වීමයි.
ශ්‍රී ලංකාව තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ දිශාවකට ගමන් ගනිමින් සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණයක අඩුම ඡන්දදායක සහභාගිත්වය මෙවර වාර්තා වීමේ හැකියාවක් තිබෙන බව නිරීක්ෂකයෝ පවසති මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩුහි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ඡන්දපොළ නියෝජිතයාට පහර දී එලවා දමා තිබෙන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේදී පහර කෑමට ලක්වූ බව ද වාර්තා වේ. බීබීසී සංදේශයට අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ (ටී එන් ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී එස් යෝගේෂ්වරන්, නසිවන්තීවූ සහ වාලච්චේනේ ප්‍රදේශවල දී තම ඡන්දපොළ නියෝජිතයන්ට පහර දී එළවා දමා ඇති අතර පාලක සන්ධානයේ ආධාරකරුවන් ඡන්දදායකයන් බිය වැද්දූ බවත් පැවසීය. දෙමළ ජාතික සන්ධානය පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ටයි, මෙම සියලු ප්‍රහාර පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන්නේ. අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඉහල ඡන්දදායක සහභාගිත්වයක් වාර්තා වී තිබේ දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණවලට තරඟ වදින ප්‍රථම වතාව මෙයයි. නැගෙනහිර පළාතේ මැතිවරණය කෙරෙහි මෙවර විශේෂ අවධානය පලවී ඇති අතර, දස ලක්ෂයකට ආසන්න ඡන්දදායකයෝ ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති. කෙසේ වුවත් සිය ඡන්දය භාවිත කිරීමට බොහෝ ඡන්දායකයන් උනන්දුවක් නොදක්වූ බවයි උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් තුනෙන්ම ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ සියයට හැටකට අධික ඡන්දදායක සහභාගිත්වයක් දක්නට ලැබුන බවයි තේරීම් භාර නිලධාරියා ශාන්ති සෙල්වදුරේට කියා සිටියේ. මැතිවරණ දිනයේදී සිදුවීම් 121 ක් වාර්තා වී තිබෙන නමුත් ඒ අතරින් බරපතල ආකාරයේ සිදුවීම් ලෙසින් ගිනිය හැක්කේ සිදුවීම් 12 ක් පමණක් බවයි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානය මේ අතර පවසන්නේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණයක අඩුම ඡන්දදායක සහභාගිත්වය මෙවර වාර්තා වීමේ හැකියාවක් තිබෙන බවද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට පැවසීය. 'උනන්දුවක් නෑ' උතුරු මැද පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 287 ක පැවති ඡන්ද විමසීම ඉතා සාමකාමී වූ බවයි, තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන පොළොන්නරුවේ සිට වාර්තා කරන්නේ. දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයේ ඉතා අඩුවක් දක්නට ලැබෙන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසන අතර සියයට පණස් තුනක් ඡන්දදායකයන් සිය ඡන්දය භාවිතකොට තිබුන බවයි, ඡන්ද විමසීම අවසානයේ වාර්තා වූයේ. සබරගමුව පළාත් සභා මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගේ පමණක් නොව නිලධාරීන්ගේ පවා උනන්දුවක් දක්නට නොතිබූ බව අජිත් ලාල් ශාන්ත උදය රත්නපුරයේ සිට වාර්තා කරයි. කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක දිගු පෝලිම් දක්නට නොලැබුන බවයි, ඔහු පවසන්නේ. මේ අතර අනුරාධපුරයේ සිට වාර්තා කරන අතුල බණ්ඩාර පවසන්නේ ඡන්දදායකයන්ගෙන් සියයට පනහකට වැඩි පිරිසක් දිනය අවසානයේ සිය ඡන්දය භාවිතකොට තිබූ බවයි. සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා අනුරාධපුරයෙන් වාර්තා වී නැති බවයි, පොලීසිය පවසන්නේ. රාජාංගනයේ පිහිටි පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෙකුගේ නිවසට සෙනසුරාදා උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබෙන අතර ඒ පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන්නේ පාලක සන්ධානයේම ආධාරකරුවන්ටයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ඇතැම් සිදුවීම් වාර්තා වූවත්, පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම සාපේක්ෂව සාමකාමීව පැවති බව බලධාරීහු මෙන්ම මැතිවරණ නිරීක්ෂකයෝද පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නායකත්වයෙන් ඉවත් වෙන බව ඇය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට දැනුම් දුන් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ශෂිකලා සිරිවර්ධන කියා සිටියේ එය සිය පෞද්ගලික තීරණයක් වන බවයි. “කණ්ඩායමේ සාමාන්‍ය ක්‍රීඩිකාවක හැටියට හිඳිමින් දක්‍ෂතා ප්‍රගුණ කර ගනිමින් ක්‍රීඩාවට සහ රටට මෙහෙයක් සිදුකිරීම” සිය අභිලාෂය වන බවයි, ශෂිකලා සංදේශයට ප්‍රකාශ කළේ. ඇය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තව දුරටත් ක්‍රීඩා කරන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයේ දැක්වෙයි. ලෝක කණ්ඩායමට කාන්තා ක්‍රිකට් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්ව යන ශෂිකලා සිරිවර්ධන ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා නම් කරනු ලැබ සිටින ක්‍රීඩිකාවන් අතර සිටින්නීය. ලබන මැයි 19 වෙනි දින ‘මාර්ලිබෝන්’ කාන්තා ක්‍රිකට් සමාජයට(MCC ) එරෙහිව ලන්ඩනයේ ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරඟය සඳහා ඇය ලෝක කාන්තා ක්‍රිකට් පිළ නියෝජනය කරමින් තරඟ වදිනු ඇත. MCC කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කණ්ඩායමකට එරෙහිව මින් පෙර ‘ලෝඩ්ස්’ පිටියේ ක්‍රීඩා කර නැති අතර, ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පිටියට අවතීර්ණ වෙන පළමු අවස්ථාවද මෙයයි. MCC ක්‍රිකට් ක්‍රීඩා සමාජය ශෂිකලා සිරිවර්ධන ලෝක කණ්ඩායම සඳහා තෝරා ගනු ලැබ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රහයෙනි.
ශෂිකලා සිරිවර්ධන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'අපිට යම් යම් තොරතුරු ලැබී තිබුණා, අල්ලස ගැන දූෂණය ගැන' සංචාරයේ යෙදුන කණ්ඩායමේ සාමාජික අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ, හම්බන්තොටදී මන්ත්‍රී පිරිසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව කොළඹදී මාධ්‍යවේදීන්ට කරුණු දක්වමින්. හම්බන්තොට සංවර්ධන ව්‍යපෘති දැක බලා ගන්නා ලෙස ආණ්ඩුවෙන් දිගින් දිගටම කරන ඉල්ලීම් හමුවේ ආණ්ඩුවේ අවසරය ලබාගෙන තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හම්බන්තොට ගුවන්තොටුපල හා වරාය දැක බලා ගැනීමට පැමිණි බවයි, මන්ත්‍රීවරයා කියා සිටියේ. "අපිට යම් යම් තොරතුරු ලැබී තිබුණා, අල්ලස ගැන දූෂණය ගැන. ඒ වගේම ඉදි කිරීම් නිසි ප්‍රමිතියට නොකිරීම ගැන. ඒ නිසා අපි කල්පනා කළා මෙවන් පරීක්ෂණ චාරිකාවක යෙදෙන්න," යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේය. 'රාජ්‍ය ත්‍රස්තවාදය' සංචාරයේ නිරත වූ ඔහු ඇතුළු අජිත් මාන්නප්පෙරුම, එරාන් වික්‍රමරත්න, ආර් යෝගරාජන් සහ නලීන් බණ්ඩාර ජයමහ යන මන්ත්‍රීවරුන්ට ගල්මුල් ප්‍රහාර, තර්ජන, බියවැද්දීම් සහ කුණු බිත්තර ප්‍රහාරවලටද ලක්වීමට සිදුවූ බව එහි සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් බීබීසී සංදේශයට පැවසීය. හම්බන්තොට රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැර තිබූ බවට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද චෝදනා කළේය ප්‍රහාරයට හම්බන්තොට නගරාධිපතිවරයා සම්බන්ධ බව පවසන මන්ත්‍රීවරුන් පිරිස, ප්‍රහාරය අවස්ථාවේ එය වැළැක්වීමට උත්සාහ නොගත් බවට පොලිසියටද චෝදනා කරති. කෙසේ නමුත් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි. සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ ගාල්ල දිස්ති‍්‍රක්කය භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරටගේ ප‍්‍රධානත්වයෙන් සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. "කලහකාරී ලෙස හැසිරුන පුද්ගලයින් ගැනත් ගිනි අවියක් අතේ තියාගෙන සිටින පුද්ගලයා සම්බන්ධයෙනුත් පරීක්ෂණ පැවැත්වෙනවා. ඊට අමතරව එම ස්ථානයේ සිටි පොලිසියේ නිලධාරීන් රාජකාරීය නිසියාකාරයෙන් සිදු කළාද යන්නත් සොයා බලනවා," යනුවෙන් ඔහු කියා සිටියේය. මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සදහා යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් නිසි පරිදි සිය රාජකාරිය ඉටු කළේ දැයි විමර්ශනයක් පවත්වන බවද ඔහු පැවසීය. දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවලින් ඉවත් වූයේ සිය ආධාරකරුවන්ට පහර දෙන බවටත් තර්ජනය කරන බවටත් ආණ්ඩු පක්ෂ ආධාරකරුවන්ට චෝදනා කරමින්. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය තුළ රාජ්‍ය ත්‍රස්‌තවාදය මුදා හැර ඇති නිසා එම දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වූ බවයි, එකල ඒ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සඳහන් කළේ.
සුහද නිරීක්ෂණ සංචාරයක් සඳහා හම්බන්තොටට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ආණ්ඩුවේ මැරයන් බ්‍රහස්පතින්දා ප්‍රහාරයක් එල්ල කළේ ඔවුන්ට සැඟවීමට යමක් තිබෙන නිසා බවට සැක මතුවන බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දශක ගණනාවක් පුරා සිදු වූ අතුරුදහන් වීම් තේමා කොට ගනිමින් 'නිහඬ කළ සෙවණැලි' කාව්‍ය නිර්මාණ තරඟයට සහභාගි වන මෙන් දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30 දාට යෙදී ඇති අතර එම දිනය සනිටුහන් කරමින් කාව්‍ය තරඟය නිල වශයෙන් අද ඉරිදා ආරම්භ විය. ලෝකයේ අතුරුදහන් වූවන් වැඩි වශයෙන්ම සිටින රට ශ්‍රී ලංකාව බවත් යුද ගැටුම් පැවති දශක තුනක කාලය තුළ බලහත්කාරයෙන් සිදු කෙරුණු අතුරුදහන් වීම් පිළිබඳ දස දහස් ගණනින් වාර්තා වී ඇති බවත් එම සංවිධානය සඳහන් කළේය. ‘දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු වූ අතුරුදහන් වීම් ශ්‍රී ලාංකිකයන් ඉතා විශාල පිරිසකගේ ජීවිත වලට බලපෑ ඛේදනීය තත්වයක්. සෑම ජනකොටසකටම අයත් සෑම පවුලක් පාහේ තවමත් සිය සමීපතමයන් සොයමින් සිටිනවා’ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥවරිය යොලන්ඩා ෆෝස්ටර් පැවසුවාය. අතුරුදහන් වීම් පිළිබඳ තමා සතු ශෝචනීය අත්දැකීම් නිර්මාණාත්මක ලෙස බෙදා හදා ගැනීමට අවස්ථාව ලබා දීම මෙම තරඟයේ අරමුණ බවත් එම සංවිධානය පැවසුවේය. ඔක්තෝබර් 30 දාට පෙර සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි තමාට කැමති භාෂාවකින් සිය නිර්මාණ යොමු කරන ලෙසත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිර්මාණ කරුවන්ගෙන් ඉල්ලා සිටියි. කාව්‍ය නිර්මාණ තරඟයේ විනිශ්චයකරුවන් ලෙස ගාමිණි වියන්ගොඩ, ලියනගේ අමරකීර්ති, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, වීඅයිඑස් ජයපාලන්, ස්වාමිනාදන් විමල් ඇතුළු ප්‍රවීණ ලේඛකයෝ සහ කලාකරුවෝ රැසක් කටයුතු කරති.
ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සිදු කරනු ලැබූ අතුරුදහන් වීම් තේමා කොට ගනිමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කාව්‍ය නිර්මාණ තරඟයක් දියත් කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඌව පළාත් සභා මැතිවරණයට පසු සිදු කරනු ලැබ ඇති ප්‍රචණ්ඩ පහර දීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කාර්යයේ නිරත වෙන ප්‍රධාන සංවිධාන තුන වන CMEV, CAFFE සහ PAFFREL ආයතන ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරමින් කියා සිටින්නේ විපක්ෂයේ දේශපාලනඥයන්, ඔවුන්ගේ ආධාරකරුවන් සහ දේපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කොට ඇති බවයි. රාජ්‍ය බලය යොදා ගනිමින් ඇමති ඩිලාන් පෙරේරා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක බීබීසී සංදේශයට අදහස් දක්වමින්, සමස්ත පූර්ව මැතිවරණ සමය පුරාම ප්‍රචණ්ඩත්වය පමණක් නොව රාජ්‍ය බලයත් යොදා ගත් දේශපාලන කණ්ඩායම් පශ්චාත් මැතිවරණ සමයේත් ප්‍රතිවාදී දේශපාලන පක්ෂ ඉලක්ක කොට පහර දී ඇති බව සිය නිරීක්ෂකයන් විසින් වාර්තා කරනු ලැබ ඇති බවයි කියා සිටියේ. ඌව පළාතේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබන ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ගෙන් එක් අයකු වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඇමතිවරයා හාලිඇල ආසනයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම් අතර සිටි බව එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා CMEV ආයතනයට දැනුම් දී ඇති බව මැතිවරණ නිරීක්ෂක ආයතන වල ඒකාබද්ධ ප්‍රකාශනයේ දැක්වෙයි. ‘ගුටි කන්නේ නැහැ’ එම චෝදනාව සම්බන්ධයෙන් බීබීසී සංදේශය ඩිලාන් පෙරේරා ඇමතිවරයාගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, මැතිවරණ නිරීක්ෂක සංවිධාන එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් හැටියට ක්‍රියාත්මක වෙන බවයි. තමා කිසිදාක පූර්ව හෝ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හවුල් වී නැති බව කියා සිටි ඇමතිවරයා ‘අපි කාටවත් ගහන්නෙත් නැහැ - හැබැයි ගහන්න ආවොත් ගුටි කන්නෙත් නැහැ’ යි කියමින් සාකච්ඡාව නිම කළේය. මෙවර ඌව පළාත් සභා මැතිවරණය ‘සාපේක්ෂ මට්ටමින්’ සාර්ථක ආකාරයට පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා උත්සාහ ගත් නමුත් පොලිසියෙන් ඉල්ලා සිටි සහයෝගයවත් නොලැබුන බවයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක බීබීසී සංදේශයට කියා සිටියේ.
පසුගිය විසි වෙනි දින අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව සිදු කෙරුණ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නවයක් අද බ්‍රහස්පතින්දා වන විට වාර්තා වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මරණ දඬුවම ප්‍රකාශයට පත් කරද්දී චුදිතයකු අධිකරණය තුළ හඬා වැලපෙනු දක්නට ලැබිණ. නගරය වටා බස් රථය ධාවනය වෙමින් තිබිය දී ඔවුන් විසින් වරින් වර විසි තුන් හැවිරිදි ශිෂ්‍යාව දූෂණය කළ අතර පසුව ඇය මහා මග දමා යන ලදී. පසුගිය දෙසැම්බර් මාසයේ දී විසි තුන් හැවිරිදි එම ශිෂ්‍යාව දූෂණය කොට මරා දැමීමේ සිද්ධියෙන් පසු ඉන්දියාව පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හට ගැනින. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වින්ශ්චයකාරවරයා පැවසුවේ මේ සිද්ධිය මගින් ඉන්දීය ඉන්දියාවේ පොදු ජන හෘදය සාක්ෂිය කම්පාවට පත් කොට ඇති බවයි.
දිල්ලි නුවර දී බස් රථයක් තුළ තරුණියක සමුහ දූෂණය කර මරා දැමූ බවට වරද කරුවන් වූ හතර දෙනාටම ඉන්දීය අධිකරණයක් විසින් මරණීය දඩුවම නියම කෙරිණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණය මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ වැදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මංගල රැලිය ලබන එකොලොස් වෙනිදා අනුරාධපුරයේ මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි. එබැවින් වර්ෂාවකදී රැස්වීම් භූමිය මඩ වීම වැළක්වීමට මෙලෙස කළු ගල් අතුරා ගල් රෝල් මගින් ක්‍රීඩා භූමිය සැකසීම සිදු කරන බවයි ක්‍රීඩා සංගම් නිලධාරීන් පවසන්නේ. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති ඉන්දික අරුණ කුමාර පවසන්නේ මේ අන්දමට කළු ගල් ඇතිරූ පසු නැවත මෙම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බවයි. විශාල අපරාධයක් උතුරු මැද පළාත් ඇමතිවරයාගේ උපදෙස් මත මෙය සිදු කෙරෙන අතර ඒ සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැය වන බවයි ක්‍රීඩා සංගම් නිලධාරීන් පවසන්නේ. උතුරු මැද පළාත් මහා ඇමති එස් එම් රංජිත් සමරකෝන් වර්තමානයේ ක්‍රීඩකයින්ට පමණක් නොව අනාගත පරම්පරාවේ ක්‍රීඩකයන්ටත් ක්‍රීඩා කළ හැකිව තිබූ මෙම ක්‍රීඩාංගණය දේශපාලන රැස්වීමක් වෙනුවෙන් අහිමි කිරීම විශාල අපරාධයක් බවයි අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ ලේකම් සාගර පියතිලක පවසන්නේ. අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් වල නිලධාරීන් අද(04) දහවල් උතුරු මැද පළාත් මහා ඇමති එස් එම් රංජිත් සමරකෝන් හමු වී අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයට සිදු කරනු ලබන හානිය නවත්තන මෙන් ඉල්ලා සිටියහ. ක්‍රීඩා සංගම් වල නිලධාරීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහා ඇමතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ මංගල රැස්වීම වෙනත් ස්ථානයක පැවැත්වීමට නොහැකි බවයි.
අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා භාවිතා කරන ක්‍රීඩා පිටියට දේශපාලනික රැස්වීමක් පැවැත්වීම සඳහා කළු ගල් ඇතිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් බලවත් ලෙස සිය විරෝධය පළ කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බීබීසී පැනොරාමා හි ෆින්සෙන් ලිපිගොනු වාර්තාකරණ කණ්ඩායම විසිනි. බ්‍රිතාන්‍යයේ විශාලතම බැංකුව විසින් එක්සත් ජනපදයේ පිහිටි සිය ව්‍යාපාරය හරහා හොංකොංහි HSBC ගිණුම්වලට මුදල් යවා ඇත. ඒ, 2013 සහ 2014 වසරවලදීය. ඩොලර් මිලියන 80ක (පවුම් මිලියන 62) එම වංචාවට අදාළ බැංකුවේ භූමිකාව, අනාවරණය වූ ලේඛනවල විස්තර කර තිබේ. බැංකුවේ "සැකසහිත වැඩකටයුතු පිළිබඳ වාර්තා" ලෙස දැක්වුණු එම ලේඛන ෆින්සෙන් ලිපි (FinCEN Files) නම් වේ. එවැනි ක්‍රියාකාරකම් වාර්තා කිරීම පිළිබඳ සිය නෛතික රාජකාරි සැමවිටම තමන් විසින් ඉටු කරන ලද බව HSBC බැංකුව පවසයි. අදාළ ලිපි ගොනුවල දැක්වෙන ආකාරයට ආයෝජන ජාවාරම ආරම්භ වී තිබෙන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් බැංකුවට එරෙහිව එක්සත් ජනපදය තුළදී ඩොලර් බිලියන 1.9 (පවුම් බිලියන 1.4) ක දඩයක් පැනවීමෙන් අනතුරුව ය. මෙම ජාවාරම පොන්සි සැලසුමකි (Ponzi scheme). අලුත් සාමාජිකයින්ගෙන් එකතුකරගන්නා මුදලින්, දැනට සිටින කොටස්කරුවන් වෙත ගෙවීම් කරනු ලබන කුප්‍රකට මාදිලියේ ආයෝජන ජාවාරමක් මෙනමින් හැඳින්වේ. වංචාකරුවන්ගේ ගිණුම් වසා දැමීම සඳහා බැංකුව වහා ක්‍රියා කළ යුතුව තිබූ බව රැවටීමට ලක්වූ ආයෝජකයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ පැවසූහ. අනාවරණය වී ඇති ලේඛනවල වෙනත් හෙළිකිරීම් මාලාවක් ද ඇතුළත් වේ. කුප්‍රකට අපරාධකරුවකුට ඩොලර් බිලියනයකට වැඩි මුදලක් හුවමාරු කිරීමට එක්සත් ජනපදයේ විශාලතම බැංකුවක් සහය වූයේ ද යන ඇඟවීම ද ඊට අයත් ය. ෆින්සෙන් ලිපිගොනු (FinCEN) යනු කුමක්ද? සින්ෆෙන් ලිපිගොනු යනු මේ වනවිට අනාවරණය වී ඇති 2,657ක් වූ ලේඛන ප්‍රමාණයකි. ඉන් 2,100ක් SAR නොඑසේනම් සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා ය. එම SAR ලිපි යනු කිසියම් වරදක් පිළිබඳ සාක්ෂි නොවේ. ගනුදෙනුකරුවන් කිසියම් යෝග්‍ය නොවන දෙයක යෙදී සිටීමට ඉඩ තිබෙන බවට මෙම ලේඛන මගින් බැංකු බලධාරීන් වෙත දන්වයි. නීතිය ප්‍රකාරව තමන්ගේ සේවාදායකයින් කවුරුන්ද යන වග බැංකු දැන සිටිය යුතු වේ. ගැටලු සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන පාර්ශව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන අතරේ දී සේවාදායකයින්ගේ අනීතික මුදල් තවදුරටත් භාරගැනීම සහ SAR ලේඛනගත කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. සාපරාධී කටයුත්තක් සම්බන්ධයෙන් සාක්ෂි ඇත්නම්, මුදල් ගලායාම නතර කිරීමට ඔවුන් ක්‍රියා කළ යුතු ය. ලොව ඇතැම් විශාලතම බැංකු හරහා මුදල් විශුද්ධි වී ඇත්තේ කෙසේද යන්න මෙන්ම අපරාධකරුවන් විසින් සිය මුදල් සැඟවීමට නිනාමික බ්‍රිතාන්‍ය සමාගම් යොදාගෙන ඇත්තේ කෙසේද යන්න මෙම අනාවරණයෙන් පෙන්වා දෙයි. බස්ෆීඩ් (Buzzfeed) නම් වූ වෙබ්අඩවිය වෙත මුලින්ම අනාවරණය වූ 'සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා' (SAR) පසුව 'ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය' (ICIJ - International Consortium of Investigative Journalists) සමග බෙදාහදාගෙන ඇත. "ගෝලීය වශයෙන් විශාල ලෙස ගලායන අනීතික මුදල් සම්භාර ගැන බැංකු දන්නේ මොනවාද යන්න ගැන සූක්ෂ්ම විමසීමක්" ෆින්සෙන් ලිපිගොනු තුළින් සපයන බව ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදයේ ෆර්ගස් ෂීල් පවසයි. මෙසේ අනාවරණය වූ SAR ලිපි වසර 2000 හා 2017 අතර කාලය තුළදී ෆින්සෙන් (FinCEN) නොඑසේනම් එක්සත් ජනපදයේ පිහිටි මූල්‍ය අපරාධ නීති බලගැන්වීමේ ජාලය (Financial Crimes Enforment Network) වෙත යොමු කර තිබේ. එයින් ආවරණය කෙරෙන ගනුදෙනුවල වටිනාකම ඩොලර් ට්‍රිලියන 2ක් පමණ වේ. මෙම අනාවරණය හේතුවෙන් එක්සත් ජනපදයේ ආරක්ෂාවට බලපෑමක් එල්ලවිය හැකි බවත්, විමර්ශනවලට අවදානමක් ගෙනෙන අතර අදාළ වාර්තා ගොනු කරන ලැබූවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවිය හැකි බවත් ෆින්සෙන් පැවසීය. එසේවුවත්, මුදල් විශුද්ධිකරණයට එරෙහි සිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් යළි විමසා බැලීම පිළිබඳ යෝජනා එම ජාලය විසින් පසුගිය සතියේ නිවේදනය කළේය. වංචා මෙන්ම මුදල් විශුද්ධිකරණය වැළක්වීම සඳහා එක්සත් රාජධානිය ද සමාගම් තොරතුරු ලියාපදිංචියට අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳ සිය සැලසුම හෙළි කළේය. මේ පොන්සි ජාවාරම (Ponzi scam) කුමක් ද? තමා ගෝලීය බැංකුවක් පවත්වාගෙන යන බව මින්ග් සූ පවසා තිබිණි WCM777 යනුවෙන් හැඳින්වුණු ආයෝජන ජාවාරම සම්බන්ධයෙන් HSBC බැංකුව දැනුවත් කරනු ලැබ තිබිණි. මින්ග් සූ නම් වූ චීන ජාතිකයෙකු විසින් එය ආරම්භ කරන ලද්දකි. කැලිෆෝර්නියාවේ දී ශාස්ත්‍රපති උපාධියක් හදාරන ලද බව ඔහු පවසා ඇතත්, එක්සත් ජනපදයේ ජීවත් වීමට පැමිණියේ කෙසේද යන්න පිළිබඳ එතරම් තොරතුරු නොවීය. ලොස් ඇන්ජලීස් ප්‍රදේශය කේන්ද්‍ර කරගත්, සූ නොඑසේනම් "ආචාර්ය ෆිල්" යනුවෙන් තමන්ව හඳුන්වා ගන්නා ලද ඔහු 'ශුභාරංචි පතුරන දේවස්ථානවල' දේවගැතිවරයෙකු ලෙස පෙනීසිට ඇත. වර්ල්ඩ් කැපිටල් මාකට් (World Capital Market) නම් වූ ගෝලීය ආයෝජන බැංකුවක් තමන් විසින් මෙහෙයවනු ලබන බව කියා සිටි ඔහු පැවසුවේ දින සියයක් තුළදී 100% ක ලාභයක් ඉන් ගෙවන බවය. යථාර්ථය නම්, WCM777 යනුවෙන් හඳුන්වා තිබූ පොන්සි සැලසුම ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලැබීම ය. සංචාරය කරමින් පවත්වන සම්මන්ත්‍රණ, ෆේස්බුක් හා යූටියුබ් ඔස්සේ කෙරෙන අන්තර්ජාල සම්මන්ත්‍රණ (webinars) හරහා ආයෝජන අවස්ථා ලෙස හැඟවෙන ඩොලර් මිලියන 80 ක අලෙවියක් කර තිබිණි. WCM පොන්සි සැලසුම වෙනුවෙන් ෆේස්බුක් හි කරන ලද ඇතැම් පළකිරීම් ආසියානු හා ලතින් ඇමෙරිකානු ප්‍රජාව ඊට සම්බන්ධ කෙරිණි. ක්‍රිස්තියානි මුහුණුවර භාවිත කළ වංචාකරුවෝ එක්සත් ජනපදය, කොලොම්බියා හා පේරු යන යටවල දුගී ප්‍රජාව ඉලක්ක කළහ. එක්සත් රාජධානිය ඇතුළු වෙනත් රටවල ද මීට ගොදුරු වූ වින්දිතයෝ සිටිති. එහෙත්, මින් ඇතිවී තිබෙන බලපෑම මූල්‍යමය වූවක් පමණක් නොව, රෙනල්ඩෝ පචෙකෝ නම්වූ ආයෝජකයෙකු කැලිෆෝනියාවේ නාපා හි පිහිටි වයින් නිපදවන වතු යායක දියේ ගිලී සිටියදී හමුවීමේ සිද්ධියට ද මෙම ජාවාරම තුඩු දී ඇත. ගල් බැඳ ඔහු ගිල්වා තිබූ බව පොලිසිය පැවසීය. ඝාතනයට ලක්වූ රෙනාල්ඩෝ පොන්සි සැලසුමේ ආයෝජනය කර තිබිණි අදාළ ආයෝජන සැලසුමට ගිවිසුම්ගත වූ ඔහුට වෙනත් ආයෝජකයින් බඳවා ගැනීමට ද නියමව තිබිණි. සැමදෙනා ධනවතුන් වීම මෙම වැඩපිළිවෙලේ පොරොන්දුව විය. 44 හැවිරිදි පචෙකෝ විසින් හඳුන්වා දෙන ලද කාන්තාවකට ඩොලර් 3,000ක් අහිමි විණි. පචෙකෝ පැහැර ගැනීම සඳහා කුලියට ගත් පුද්ගලයින් අතින් ඔහු ඝාතනයට ලක්වීමට එය මුල් විය. "ඔහු උත්සාහ දරා තිබුණේ... මිනිසුන්ගේ ජීවිත වගේම තමන්ගේ ජීවිතයත් යහපත් කරන්න. ඔහු ජාවාරමට හසුවුණා වගේම රැවටුණා. අවාසනාවන්ත ලෙස තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවුවා," යැයි එම ඝාතනය පිළිබඳ විමර්ශනය කළ නිලධාරීන් අතරේ සිටි සැරයන් ක්‍රිස් පචෙකෝ (ඥාතියකු නොවේ) පැවසීය. "පොන්සි සැලසුමක වින්දිතයෙක් වීම නිසා ඔහුව ඝාතනය කර තිබෙනවා," යැයි ද ඔහු පැවසීය. ඒ වනවිටත්, තමන් WCM777 සම්බන්ධයෙන් තමන් විමර්ශනය කරන බව කැලිෆෝර්නියාවේ නියාමකයින් විසින් HSBC බැංකුව වෙත දන්වනු ලබා තිබිණි. එසේම එම ජාවාරම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් වෙත අනතුරු අඟවා තිබිණි. මෙය සිදුවූයේ 2013 වසරේදීය. මේ අතර ලියාපදිංචි නොකළ ආයෝජන අලෙවි කිරීම සම්බන්ධයෙන් කොලරාඩෝ හා මැසචුසෙට්ස් ප්‍රාන්ත මෙන්ම කැලිෆෝනියාව ද පියවර ගනිමින් සිටියේය. සිය පද්ධතිය හරහා සැකකටයුතු ගනුදෙනු කෙරෙන බව HSBC බැංකුව ද හඳුනාගෙන තිබිණි. නමුත් 2014 අප්‍රේල් මාසයේදී එසේ හඳුනා ගැනුණේ, හොංකොංහි HSBC බැංකුවේ වූ WCM777 ගිණුම් වසා ඇති බවට එක්සත් ජනපද මූල්‍ය නියාමකයා වන විනිමය හා සුරැකුම්පත් කොමිසම විසින් චෝදනා ගොනු කිරීමෙන් පසුවය. ඒ වන විට එම ගිණුම් තුළ කිසිවක් නොවූ තරම් ය. සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවල ඇත්තේ කුමක් ද? HSBC බැංකුව, ජාවාරම පිළිබඳ සිය පළමු වාර්තාව යොමු කර තිබුණේ 2013 ඔක්තෝබර් 29 වෙනිදා ය. හොංකොංහි පිහිටි, වංචාකරුවන්ගේ ගිණුම්වලට ඩොලර් මිලියන 6කට අධික ප්‍රමාණයක් යැවීම ඊට අදාළ වී තිබිණි. "ගනුදෙනුවල ආර්ථික හෝ නෛතික අවශ්‍යතාවක් පෙනෙන්නට නොවිණි" යැයි බැංකු නිලධාරීහු පැවසූහ. එසේම "පොන්සි සැලසුමක ක්‍රියාකාරකම්" පිළිබඳ චෝදනා දැක්විණි. 2014 පෙබරවාරි මාසයේදී දෙවෙනි SAR (සැකකටයුතු ක්‍රියාකාරකම් වාර්තාව) ලේඛනයකින් ඩොලර් මිලියන 15.4 ක සැකකටයුතු ගනුදෙනු මෙන්ම "පොන්සි සැලසුමක් විය හැකි" බව හඳුනාගෙන තිබිණි. මාර්තුවේදී තුන්වෙනි වාර්තාවක් සැකසුණේ WCM777 ට බැඳුණු සමාගමකට අදාළව ය. එහි වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 9.2 කි. මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ප්‍රාන්තවල නියාමන දැනුවත් කෙරුණු අතර කොලොම්බියා හි ජනාධිපතිවරයා විසින් විමර්ශනයකට නියම කරනු ලැබිණි. HSBC බැංකුව කළේ කුමක් ද? WCM777 සැලසුම කරළියට පැමිණියේ, මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ මුදල් විශුද්ධිකරණයට එරෙහිව එක්සත් ජනපදයේ නැගුණු චෝදනා විභාගයක් HSBC බැංකුව විසින් මග හැර ගොස් මාස කිහිපයකට පසුවය. අදාළ ක්‍රියාවලි වැඩිදියුණු කිරීමට බැංකුව එවර එකඟ විය. ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදයේ විශ්ලේෂණයකට අනුව පෙන්නුම් කෙරෙන්නේ, 2011 සහ 2017 අතර කාලයේදී හොංකොංහි පිහිටි ගිණුම් හරහා සැකකටයුතු ගනුදෙනු ක්‍රියාත්මක වෙමින් තිබූ බව HSBC බැංකුව විසින් හඳුනාගනු ලබා තිබූ බවකි. එහි වටිනාකම ඩොලර් බිලියන 1.5ක් වන අතර ඩොලර් මිලියන 900ක පමණ ප්‍රමාණයක් සමස්ත සාපරාධී ක්‍රියාවට සම්බන්ධ ය. නමුත් ගිණුම්වල අවසාන ප්‍රතිලාභ හිමිකරුවන් සහ එම මුදල් පැමිණියේ කොහි සිටද යනාදිය ද ඇතුළත් ගනුදෙනුකරුවන් පිළිබඳ ප්‍රධාන කරුණු ඇතුළත් කිරීමට එම වාර්තා අසමත් වී ඇත. සැකකටයුතු ක්‍රියාකාරකම් වාර්තා පිළිබඳ සාකච්ඡා කිරීමට බැංකුවලට අවසරයක් නැත. "2012 සිට ඇරඹුණු, බලප්‍රදේශ 60කට වැඩි ප්‍රමාණයක මුල්‍ය අපරාධවලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වූ සිය හැකියාව යළි විමසා බැලීමේ බහු වාර්ෂික වැඩපිළිවෙලක් HSBC යොමු වී තිබේ... 2012 පෙර පැවති තත්ත්වයට වඩා ආරක්‍ෂිත ආයතනයක් බවට HSBC පත්ව ඇත," යැයි HSBC පැවසීය. බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ, "(එක්සත් ජනපද නීතිඥයින් සමග එළඹුණු එකඟතාව) යටතේ වූ සියලු පොරොන්දු ඉටුකිරීමට ඊට හැකිවූ බව" එක්සත් ජනපද බලධාරීන් නිගමනය කර ඇති බවකි. 2017 දී චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද සූ අදාළ ජාවාරම සම්බන්ධයෙන් වසර තුනක කාලයකට සිරගත කෙරිණි. චීනයේ සිට ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය ඇමතූ සූ කියා සිටියේ, සිය ව්‍යාපාරය සම්බන්ධයෙන් HSBC බැංකුව තමන්ගෙන් විමසීමක් නොකළ බවය. WCM777 යනු පොන්සි සැලසුමක් බවට වන අදහස ඔහු ප්‍රතික්ෂේප කළේය. විනිමය හා සුරැකුම්පත් කොමිසම විසින් වැරදි සහගත ලෙස තමන් ඉලක්ක කරන ලද බව පැවසු ඔහු කියා සිටියේ කැලිෆෝනියාවේ අක්කර 400ට වැඩි බිම් ප්‍රදේශයක් තුළ ආගමික ප්‍රජාවක් ගොඩනැගීම සිය අරමුණ වූ බවය. පොන්සි සැලසුමක් යනු කුමක් ද? පොන්සි සැලසුමක් - යන්නට එනම හිමිවුයේ 20 වෙනි සියවස ආරම්භයේ විසූ රැවටිලිකරුවකු වූ චාල්ස් පොන්සි හේතුවෙනි - මෙවැනි සැලසුමකදී එයින් රැස්කරන මුදල්වලින් ලාභ ඉපදීම නොකෙරේ. ඒ වෙනුවට ආයෝජකයින්ට ගෙවීම් කෙරෙනුයේ ඊට එක්වන වෙනත් අලුත් ආයෝජකයින් වෙතින් ලැබෙන මුදලිනි. මෙම ගෙවීම් පියවීම සඳහා තව තවත් ආයෝජකයින් අවශ්‍ය කෙරේ. මේ අතර සැලසුමේ හිමිකරුවෝ මුදල් තමන්ගේ ම ගිණුම් වෙත මාරු කරති. ප්‍රමාණවත් ආයෝජකයින් සොයාගත නොහැකි වූ විට පොන්සි සැලසුමක් බිඳ වැටේ. අනාවරණයෙන් හෙළි වූ වෙනත් දේ මොනවා ද? රුසියානු මාෆියා නායකයින්ගේත් නායකයකු ලෙස හැඳින්වෙන්නෙකුට මුල්‍ය පද්ධතිය හරහා ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක් හුවමාරු කිරීමට බහුජාතික බැංකුවක් වන ජේපී මෝගන් (JP Morgan) බැංකුව සහය වුයේ කෙසේද යන්න ෆින්සෙන් ලිපි ගොනු මගින් පෙන්නුම් කෙරේ. ගිනි අවි, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා මිනීමැරුම් ද ඇතුළත් අපරාධ සම්බන්ධයෙන් සෙමියොන් මොගිලෙවිච් හට චෝදනා එල්ල වී ඇත. අපරාධවලින් උපයන ලාභ මුල්‍ය පද්ධතිය හරහා ගලා යාම නැවත්වීම සඳහා වූ පියවර බැංකු සතුව පවතී. නමුත් ජේපී මෝගන් විසින් 2015 දී SAR ලේඛනයක් ගොනු කරනු ලැබුවේ අදාළ ගිණුම වසා දැමුණු පසු ය. ලන්ඩනයේ පිහිටි සිය කාර්යාලය විසින් කිසියම් මුදල් ප්‍රමාණයක් යවනු ලබන්නට ඇත්තේ කෙසේද යන්න ඉන් හෙළි කරයි. 2002 සහ 2013 අතර කාලයේදී ඇබ්සි එන්ටප්‍රයිසස් (ABSI Enterprises) නම් වූ රහසිගත විදෙස් සමාගමකට ජේපී මෝගන් බැංකු සේවා සැපයුවේ කෙසේදැයි ඉන් විස්තර කෙරේ. වසර පහක කාලයක් තුළදී ජේපී මෝගන් විසින් දොළ බිලියන 1.02ක සමස්ත වටිනාකමින් යුතු ගනුදෙනු ප්‍රමාණයක් යැවූ බව හා ලද බව බැංකුව පවසයි. SAR ලේඛනයෙන් පැවසුණේ ඇබ්සි හි ප්‍රධාන සමාගම "සෙමියොන් මොගිලෙවිච් සමග සම්බන්ධතාවක් තිබිය හැකි බවකි - ඔහු FBI (ෆෙඩරල් විමර්ශන කාර්යාංශය) හට අවශ්‍ය කෙරෙන පළමු දස දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයෙකි" යනුවෙනි. "මුල්‍ය අපරාධවලට එරෙහිව ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට සහයෝගයක් ලෙස අප සියලු නීති හා රෙගුලාසි අනුගමනය කරනවා. මේ වැදගත් කාර්යයේදී දහස් සංඛ්‍යාත පිරිසකට මෙන්ම සිය ඩොලර් මිලියන සිය ගණනකට අප බැදී සිටිනවා," යැයි ජේපී මෝගන් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ෆින්සෙන් ලිපිගොනු යනු, අනීතික මුදල් ලොව වටා හුවමාරු කිරීමට අපරාධකරුවන් හට ඉඩ සලසමින් ප්‍රධාන පෙළේ බැංකු කෙසේ සහය වී දැයි හෙළි කෙරෙන රහසිගත ලේඛන අනාවරණයකි. බස්ෆීඩ් නිව්ස් (BuzzFeed News) විසින් ලබාගන්නා ලද එම ලිපි ගොනු ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (ICIJ) සමග මෙන්ම ලොව වටා ජනමාධ්‍යවේදීන් 400ක් සමග බෙදාහදා ගන්න ලදී. බීබීසී වෙනුවෙන් කෙරුණු පර්යේෂණයට මූලිකත්වය ගනු ලැබුවේ 'පැනොරාමා' වැඩසටහනය.
වංචාකරුවන්ගේ ක්‍රියාකාරම් පිළිබඳ දැනුවත්ව සිටියදී ඔවුන්ගේ ඩොලර් මිලියන ගණන් ලොව පුරා හුවමාරු කිරීමට එම වංචාකරුවන්ට එච්එස්බීසී (HSBC) බැංකුව විසින් ඉඩ සලසන ලද බව මේ වනවිට අනාවරණය වී ඇති රහසිගත ලිපිගොනුවකින් පෙන්නුම් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පළාත් සභාවට තරඟ වදින මෙන් තමන්ට ආරාධනා කළේ ආණ්ඩුවේ බලධාරීන් බව දයා මාස්ටර් පවසයි පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උතුරු පළාත් සභාව සඳහා තරඟ වැදීම පිණිස සෙනසුරාදා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේ තමන් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ට දැනුම් දුන් බවයි, වේලායුදම් දයානිධි හෙවත් දයා මාස්ටර් පවසන්නේ. ඔහු ඒ බව ප්‍රකාශ කළේ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්. 'සිංහල අන්තවාදී පක්ෂ' පළාත් සභා අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්වකාර ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ගෙන යන උද්ඝෝෂණ ව්‍යාපාරය පිලිබඳ ඔහුගේ මතය කවරක්ද යන්න දයා මාස්ටර්ට යොමු කෙරුණු තවත් ප්‍රශ්නයක්. දෙමළ ජනතාවට විරුද්ධව ගෙනයමින් තිබෙන "දැඩි ජාතිවාදී ව්‍යාපාරය" එම පක්ෂ වහාම නතර කළ යුතු බවයි, ඔහු කියා සිටියේ. ඒ වෙනුවට දෙමළ ජනතාව සමඟ එකමුතුව ක්‍රියා කිරීමට "සිංහල අන්තවාදී පක්ෂ" උත්සාහ කළ යුතු බවද කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය. උතුරු පළාත් සභාව සඳහා තරඟ වැදීම පිණිස අයදුම්පත් කැඳවමින් ආණ්ඩුව පුවත්පත්වල දැන්වීම් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබූ අතර, අපේක්ෂකත්වය බලාපොරොත්තු වන විසි දෙනකු සෙනසුරාදා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වී සිටි බව දයා මාස්ටර් කියා සිටියේය. සම්මුඛ සාකච්ඡාව සඳහා තමන්ට ආරාධනා කළේ ආණ්ඩුවේ බලධාරීන් බවයි ඔහු පවසන්නේ. එහිදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට ලබා දිය යුතු විසඳුම් පිලිබඳ සිය ස්ථාවරය හෙළි කළ බවත්, විශේෂයෙන්ම යුද්ධයෙන් අවතැන් වූ සියලු දෙනා වහාම යලි පදිංචි කිරීමේ අවශ්‍යතාවයත්, ඉඩම් අහිමි වූ ජනතාවට ඉඩම් ලබාදීමේ අවශ්‍යතාවයත් තමා අවධාරණය කළ බව ද දයා මාස්ටර් සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ තුන් වැනි සංශෝධනයෙන් විමධ්‍යගත කොට තිබෙන බලතල අඩු කිරීමට දැරෙන ප්‍රයත්නයට දෙමළ ජනතාවගේ දැඩි විරෝධය පළ වෙමින් තිබෙන බව එල්ටීටීඊ යේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇම්නෙස්ටි සංවිධානයේ නැගෙනහිර ආසියානු කලාපයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා රොසෑන් රෛෆ්(Roseann Rife) ප්‍රකාශයක් කරමින්,උතුරු කොරියානු දේශපාලන සිර කඳවුරුවල යටිතල පහසුකම් තවත් වැඩි දියුණු කෙරෙමින් පවතින බවක් ලැබී ඇති චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කෙරෙන බවයි කියා සිටියේ. ඇම්නෙස්ටි ජාත්‍යන්තරය තක්සේරු කරන ආකාරයට,උතුරු කොරියානු එක් දේශපාලන සිර කඳවුරක් හතරැස් කිලෝ මීටර් පන්සීයකටත් වඩා විශාලයි. භූමි ප්‍රමාණය අනුව එය ඇමෙරිකාවේ විශාල නගරයකට සම මට්ටමකයි පවතින්නේ. දේශපාලන සිර කරුවන් මරා දමනු ලැබීමට පෙර, ඔවුන් ලවාම ඔවුන්ගේ මිනී වල කණින බව හිටපු කඳවුරු නිලධාරියෙක් උපුටා දක්වමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැඩි දුරටත් කියා සිටියි. එය දෙලක්ෂයක පමණ දේශපාලන සිරකරුවන් සිර කර තබන කඳවුරු ජාලයක් බවයි,ඇම්නෙස්ටි සංවිධානය පවසන්නේ. එහෙත් ඉහත කී අදහස් බැහැර ලමින් උතුරු කොරියාව කියා සිටින්නේ,සිය භූමියේ එවැනි දේශපාලන සිර කඳවුරු නොමැති බවයි.
උතුරු කොරියාවේ පවත්වා ගෙන යන මහා පරිමාණයේ දේශපාලන සිර කඳවුරු ගැන හෙළිදරව් කෙරෙන චන්ද්‍රිකා රූපවාහිනී දර්ශන, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර කණ්ඩායමේ සහ විස්සයි විස්ස ජාත්‍යන්තර කණ්ඩායමේ නායකත්වය දැරීය. තිසර පෙරේරා ඒ බව ලිපියකින් දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. තමා පසෙකට වී වඩාත් තරුණ සහ වඩාත් දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමට කාලය එළඹ ඇතැයි හැඟෙන බව තිසර පෙරේරා සිය ලිපියේ සඳහන් කර ඇත. සිය පුද්ගලික ඉලක්ක සහ පවුල් ජීවිතයට අවධානය යොමු කිරීමට නිසි වේලාව පැමිණ ඇති බවත් ඉහත කී ලිපියේ දැක්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ අතීතයේ මෙන්ම වර්තමානයේදීත් තමන්ට සහාය ලබා දුන් ක්‍රිකට් කණ්ඩායම් නායකයන්ට, ඔහු සමඟ ක්‍රීඩා කළ අනෙකුත් සාමාජිකයන්ට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයට ද ඔහු ස්තූතිය පළ කර තිබේ. මේ ගැනත් කියවන්න:
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
0
Edit dataset card