instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සබරගමු පළාතේ පාසල් හැර දිවයිනේ අන් සියලු පාසල් සඳුදා යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි එබැවින් එම පාසල් ඇතුලුව සබරගමු පළාතේ පාසල් පනස් දෙකක් දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය. මෙසේ වසා දමා තිබෙන්නේ නාය යාම් සහ ස්වභාවික විපත් හේතුවෙන් අවතැන් වූ ජනතාවට නේවාසික පහසුකම් ලබාදෙමින් දැනටමත් අවතැන් කඳවුරු ලෙස පවත්වාගෙන යන කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ පාසල් තිස් එකක් සහ කෑගල්ල නාය යාමේ අවදානම පවතින පාසල් දහ නවය බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය පැවසීය. කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අධ්‍යාපන කලාපයේ පාසල් විසි දෙකක්, දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් දාහතක්, කෑගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් හතක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් හයක් මෙසේ දින නියමයකින් තොරව වසා දමා තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා සියලු පාසල් බ්‍රහස්පතින්දා සිට වසා දැමිණ එම පාසල් හැරුණු විට අයහපත් කාලගුණය හේතුවෙන් මෙතෙක් වසා දමා තිබුණු දිවයිනේ අනෙක් සියලුම පාසල් සඳුදා යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක හටගත් ගංවතුර සහ අරණායක ඇතුළු ප්‍රදේශවල හටගත් නාය යාම් හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සියලු පාසල් වසා දමන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. මේ අතර රත්නපුර දිස්ක්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වළදුර, දෙල්වලමුකලාන කන්ද නායයාමේ අවදානමක් ඇති බැවින් කන්ද පහළ පිහිටි මිල්ලගස්තැන්න, විතානකන්ද සහ වළදුර යන ගම්වල පදිංචි පවුල් හැටක් ඉවත් කළ බව රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බීබීසී සංදේශයට පැවසීය. නාය යාමේ අවදානමට ලක්ව තිබෙන්නේ ආසියාවේ ආදිම මානවයා විසු බව සැලකෙන බටදොඹ ලෙනට පහළ ප්‍රදේශය බව අජිත්ලාල් ශාන්ත උදය වාර්තා කරයි. ඉවත් කළ පිරිස කුරුවිට එක්නැලිගොඩ විද්‍යාලයේ රඳවා සිටිති.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දහ නවයක් නාය යාමේ අනතුරක් පවතින බව ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කළු ජූලියේදී වැලිකඩ බන්ධනාගාරයේ දෙමළ රැඳවියන් 53 දෙනකුද ඝාතනයට ලක් විය. 1983 ජූලි 23 වනදා ඇරඹි කළු ජූලිය සිදු වී මේ සතියට වසර තිස් තුනක් ගත වී තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ කළු ජූලියෙන් මරුමුවට පත් සිය ඥාතීන් සිහි කොට උතුරේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වේ. වව්නියාවේ හින්දු කෝවිලක පැවති එවැනි ආගමික වැඩසටහනක් සඳහා එක් වී සිටි පිරිසෙන් එක් අයෙකි වෛද්‍ය තුරෙයිරාජ් විලියම් ජේ කුලරාජ්. කළු ජූලිය සමයේ අත්අඩංගුවට පත් වෛද්‍ය තුරෙයිරාජ් වැලිකඩ බන්ධනාගාරයේදී මුහුණ දුන් අත්දැකීම් බීබීසී සිංහල සේවයට විස්තර කළේය. පහර කෑමට ලක් වූ පුද්ගලයන්ට ප්‍රථමාධාර ලබා දීම හේතුවෙන් තමා අත්අඩංගුවට පත් වූ බව ඔහු පවසයි. කුට්ටිමනී, ජගන් ඇතුළු දෙමළ රැඳවියන් මරා දමා ඇති බව ඔවුන් රඳවා සිටි සිර මැදිරිවලට මදක් ඔබ්බෙන් පිහිටි සිර මැදිරියක රඳවා සිටි තමා දැන ගත් ආකාරය ඔහු සිහි කරයි. 'පොලු මුගුරු අතින් ගත්' 'අපේ බ්ලොක් එකටත් එන්න උත්සාහ කරලා තිබෙනවා.නමුත් ඔවුන්ට එන්න බැරි වෙලා. නමුත් අනිද්දා ඒ වෙලාවටම අපේ බ්ලොක් එකට කට්ටිය ආවා. ' 'අපිට ගහන්න ආපු අය අතරේ විසි පස් දෙනෙක් විතර හිටියා. පොලු, යකඩ ඔවුන් අතේ තිබුණා. ඔවුන් දොර අඟුල් කඩා දැම්මා.' (හඬ පටයට සවන් දෙන්න) කළු ජූලියේ ප්‍රචණ්ඩත්වය වැලිකඩ බන්ධනාගාරය දක්වා පැතිරී ගියේ කෙසේද? 'ඩොක්ටර් රාජ සුන්දරම් ඒ මොහොතේ මා සමග සිටියා. එයාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්.' 'ඇයි මල්ලි අපට ගහන්න එන්නේ. අපි කරපු වරද මොකක්ද? කියලා ඔහු ඇසුවා' ඒ මොහොතේ කලහකාරීන් අතර සිටි අයෙක් තම මිත්‍රයා පිටතට ඇද ගත් ආකාරය වෛද්‍ය තුරෙයිරාජ් සිහි කරයි. 'එතකොටම තව එක් කෙනෙක් ලොකු පොරවකින් රාජ සුන්දරම්ගේ ඔලුවට ගැහුවා. කරාමයක් ඇරියා වගේ ලේ වීසි වුනා. එයා එතනම මැරුණා' ඉන් අනතුරුව යකඩ පොල්ලකින් පහර කෑ තමා සිහිසන් වූ බව වෛද්‍ය තුරෙයිරාජ් සඳහන් කළේය. 'ලේ විලක්' මිනිත්තු තිහකට හෝ විස්සකට පසු හමුදා සාමාජිකයන් පැමිණ තමා සිර මැදිරිවලින් පිටතට රැගෙන ගිය බවයි ඔහු පවසන්නේ. 'අපි පඩිපෙළ බැහැලා එනකොට දැක්කා මිනිස්සු මැරිලා හැමතැනම. ලේ විලක්. ඒ මළ සිරුරු උඩින් අපි එළියට බැස්සා' වැලිකඩ බන්ධනාගාරයට කලහකාරී පිරිස් කඩා වැදුණු අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් එහි නොසිටි බවත් වෛද්‍යවරයා සිහිපත් කරයි. 'නිලධාරීන්, බන්ධනාගාර ආරක්ෂකයන් කිසි කෙනෙක් එතන නැහැ. කුට්ටිමනී ඇතුළු පිරිස මරා දැම්මට පස්සේ මම කිව්වා එස්පී මහත්තයව හම්බ වෙන්නේ ඕනි කියලා.' 'සාමාන්‍යයෙන් උදේ පාන්දර ඇවිත් ගුඩ් මෝනින් ඩොක්ටර් කියන එතුමා ඒ දවසෙම ආවේ නැහැ' (සංදේශයට සවන්දෙන්න) 'අපි එළියට එන කොට දැක්කා ඔහු සහ පහළොස් දෙනෙක් විතර ඇවිද එනවා. එස්පී මාව අඳුරනවා හොඳට. ඔහු කිව්වා එන්න ඩොක්ටර් අපි බෙහෙත් දාමු කියලා.' 'මම කිව්වා, ඔයාගේ බෙහෙත් තියා ගන්නවා. මට බෙහෙතුත් ඕනි නැහැ. මුකුත් ඕනි නැහැ. එස්පී මහත්තයා හම්බ වෙන්න ඕනි කියලා මම ඊයේ ඉඳලා පණිවිඩ ඇරියා. ඒත් ඔයා අවේ නැහැ' 'වේදනාබර මතකය' අවදානම් තත්වය තවමත් පහව ගොස් නොමැති බව තමා පිටතට රැගෙන ආ හමුදා කණ්ඩායමේ නිලධාරීවරයා ඒ අවස්ථවේ තමාට පැවැසූ බවයි වෛද්‍ය තුරෙයිරාජ් සඳහන් කළේ. 'ඩොක්ටර් තාම අවදානම ඉවර නැහැ. මම කියන දේ අහන්න කියලා ඔහු කිව්වා. ඊට පස්සේ ඒ නිලධාරීවරයා අපිව ට්‍රක් එකට ගෙන ගියා. එතනින් ගුවන් තොටුපලට ගිහින් මඩකලපුවට බන්ධනාගාරයට රැගෙන ආවා.' වසර තිස් තුනක් ගත වී ඇතත් එදා තමා මුහුණ දුන් ඒ වේදනාබර අමිහිරි සිදු වීම් තවමත් එලෙසම මතකයේ රැඳී තිබෙන බව වෛද්‍ය තුරෙයිරාජ් විලියම් ජේ කුලරාජ් වැඩිදුරටත් කියා සිටියේය. රට පුරා පිහිටි දෙමළ ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑමට ලක් වූ අතර ලක්ෂ ගණනක් දෙමළ වැසියන් නැගෙනහිර සහ උතුරු පළාත් බලා පළා ගියහ. තවත් දහස් ගණනක් විදෙස් ගත වූහ. ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයට කළු ජූලිය ප්‍රධාන හේතුවක් වූ බව විශ්ලේෂකයන්ගේ මතයයි. වසර විසි හයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මරුමුවට පත් සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.
වසර තිස් තුනකට පෙර දෙමළ බෙදුම්වාදී කැරලිකරුවෝ උතුරේදී හමුදා සාමාජිකයන් දහතුන් දෙනකු ඝාතනය කළහ. ඒ සමග ගත වූ දින කීපය තුළ කලහකාරී සිංහල පිරිස් විසින් රට පුරා දෙමළ ජාතිකයන් හාරසීයත් තුන්දහසත් අතර සංඛ්‍යාවක් මරා දමනු ලැබිණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආණ්ඩුව විසින් දූෂණය සහ උද්ධමනය ඇතිකිරීමේ හේතුවෙන් රටේ සෑම පුරවැසියෙකුටම රුපියල් දහ අට දහසක අතිරේක වැයක් දැරීමට සිදුව ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේය. "විදුලි බිල වැඩි කළේ එයාර් බස් දහයකට ගෙවන්න, රෝල්ස්- රොයිස් වලට ගෙවන්න සහ මත්තල ගුවන් තොටුපලට " යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය . උද්ඝෝෂණයට දස දහසක් පමණ සහභාගි වූ අතර මෙය මෑත කාලයේ විපක්ෂය අගනුවර සංවිධානය කළ දැවැන්තතම උද්ඝෝෂණය බව කොළඹ සිට වාර්තා කරන අසාම් අමීන් කියා සිටියේය. ආණ්ඩුවට සහාය පළ කිරීමට පැමිණි උද්ඝෝෂණකයන් පිරිසක් විපක්ෂයේ පෙළපාලිකරුවන් කොළඹ කොටුව දුම්රියපොළ අසලට පැමිණෙද්දී එතැනින් ඉවත් වූහ. රජයට සහය පලකරන රැලියට සහභාවූ කණ්ඩායම්, එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කළේ කොටි හිතවාදීන් හා එක්ව රට දෙකඩ කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව පවසමින්.
ආණ්ඩුව අක්‍රමවත් ලෙස ආර්ථිකය හැසිරවීමේ ප්‍රතිවිපාක ජනතාවට විඳීමට සිදුවී ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ විදුලි බිල වැඩිකිරීමට එරෙහිව කොළඹ පැවති උද්ඝෝෂණයකට සහභාගිවෙමිනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වසර 20කට වැඩි කාලයක් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ ඔහු ඉන්දියාවේ සාර්ථක ම ටෙස්ට් නායකයින් අතරින් කෙනෙකි. End of Twitter post, 1 විශිෂ්ට වමත් පිතිකරුවෙකු වූ ගංගුලි එක්දින ලකුණු 10000 ඉක්මවූ, කඩුලු 100කට වඩා බිද හෙළූ, උඩපන්දු 100කට වඩා රැක ගත් සුවිශේෂී ක්‍රීඩකයෙකි. දේශීය තරගවලදී විශිෂ්ට දස්කම් දැක්වූ සව්රව් ගංගුලි ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ අතර සිය පළමු ඉනිමේදී ම ශතකයක් (131) වාර්තා කරමින් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළේය. ඔහු ඉන්දීය කණ්ඩායමේ නායකත්වය භාර ගත්තේ, තරග පාවාදීමේ සිද්ධි හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට මුහුණ පා සිටි වකවානුවකය. ඔහු නව කණ්ඩායමක් සකසා, කණ්ඩායමේ ආත්ම විශ්වාසය ගොඩ නැගීමට සමත් වූ අතර, එය ඔහුගේ ක්‍රීඩා දිවියේ දක්නට වූ පෞරුෂත්වයේ අනන්‍යතාව විය. තරුණ ක්‍රීඩකයින්ට අවස්ථා දෙමින් ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීය. තරග ජය ගැනීමේ පුරුද්දක් ඉන්දීය කණ්ඩායම තුළ ඇති කළේ ගංගුලිය. ඔහු නායකයෙකු ලෙස ක්‍රියා කළ ආකාරය පසුව නායකත්වයට පත්වූ රාහුල් ඩ්‍රාවිඩ්ගේ සහ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයට පදනම සැකසීය. සව්රව් ගංගුලි සිය වෘත්තීය ජීවිතය තුළ මතභේදයන්ට මුහුණ දුන්නේය. වැඩි ම කතාබහට ලක්වූයේ, එවක ඉන්දීය පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රෙග් චැපල් සමග ඇති කර ගත් අර්බුදය ය. එංගලන්තය පරාජය කිරීමෙන් පසු ලෝඩ්ස්හිදී ගංගුලි එය සැමරූ ආකාරය දැඩි අවධානයට ලක් විය. එම ක්‍රියාව ඉන්දියාව පරාජය කිරීමෙන් පසු මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී කමිසය ගලවා දමමින් සතුට සැමරූ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්ට දුන් පිළිතුරක් ලෙස සැලකිණි. ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමෙන් පසු සව්රව් ගංගුලි දේශපාලනයට අවතීර්ණ වනු ඇති බවට කටකතා පැතිරිණි. එහෙත්, ඔහු දේශපාලනයට පිවිසියේ නැත. 2014 ලෝක් සභා මැතිවරණයට තරග කරන ලෙස භාරතීය ජනතා පක්ෂය කළ යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කළේය. ඉන්දීය පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවට සව්රව් ඇතුළත් කරගැනීමට එහි වැඩි බලය හිමි ත්‍රින්මූල් කොංග්‍රසයට අවශ්‍ය විය. ඒ වන විට සචින් තෙන්දුල්කර් ද එම මණ්ඩලයට ඇතුළත් කර තිබිණි. කෙසේ වෙතත්, සව්රව් ගංගුලි එයට ඇතුළත් කිරීමේ කටයුතු සාර්ථක නොවීය. 2021 වසරේදී පැවැත්වීමට නියමිත බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයේදී සව්රව් ගංගුලි ඉදිරිපත් කිරීමට භාරතීය ජනතා පක්ෂය උත්සහ දරයි. කෙසේ වෙතත්, ඔහු එම පක්ෂයට නිලවශයෙන් එක්වනු ඇත්දැයි යන්න හෝ ඒ වෙනුවෙන් සහය පළකරන්නේදැයි යන්න මෙතෙක් පැහැදිලි නැත. ඔහු මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ, එය සිදු නොවන දෙයක් වන අතර කිසිවකු එවැන්නක් තමන්ට පවසා නැති බවය. සව්රව් ගංගුලි බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති ධූරය දරමින් සිටි අතර ඔහුට ඉන් ඉවත් වීමට සිදුවේ. මේ වන විට එම සංගමයේ සම ලේකම් ධූරය දරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන ජග්මෝහන් ඩල්මියාගේ පුත් අභිෂේක් ඩල්මියා බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති ධූරයට පත් වීමේ ඉඩකඩ පවතී. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ව්‍යවස්ථාවට අනුව සභාපති ධූරය ගංගුලිට හිමි වනුයේ, මාස නවයක කාලයක් සදහා පමණි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යුහය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සාමාජිකයින් 9 දෙනෙක් ඇතුළත් වෙති. සභාපති, උප සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, සම ලේකම්, ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ පිරිමි නියෝජිතයෙකු, කාන්තා නියෝජිතවරියක, ඉන්දීය ප්‍රිමියර් ලීග් පාලක මණ්ඩලයේ නියෝජිතයෙකු සහ මධ්‍යම රජයේ නියෝජිතයෙකු යන පිරිස එම මණ්ඩලයට අයත් වෙති. තවදුරටත් කියවන්න.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක 'කොල්කටාහි කුමාරයා' (Prince of Kolkata) යනුවෙන් හැඳින්වෙන සව්රව් ගංගුලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට පත්වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය පියාගේ ආරක්ෂක කණ්ඩායමට අනුයුක්ත කරන මෙන් යෝෂිත රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් ඉල්ලෙමක් කොට තිබුණි එම පරීක්ෂණයේ වාර්තාව ආරක්ෂක අමාත්‍යංශයට යොමු කළ බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික සිල්වා කියා සිටියේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදා මූලස්ථානයට මාරු කිරීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. කෙසේ නමුත් ලබන සඳුදා සිට ඔහු නාවික හමුදා මූලස්ථානයට මාරු කොට තිබෙන්නේ සේවා අවශ්‍යතා මත බවයි, කමාන්ඩර් ඉන්දික සිල්වා පවසන්නේ. 'හෙළි කරන්න බෑ' හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩායමට අනුයුක්ත කරන මෙන් යෝෂිත රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් කරන ලද ඉල්ලීමකින් අනතුරුව එයට අනුමැතිය පළ කළ බව නාවික හමුදාව පසුගියදා නිවේදනය කළේය. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාව තුළ විශේෂ වරප්‍රසාද ලබා ගත් ආකාරය සොයා බලන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේය ඉන් අනතුරුව ඔහු යළිත් මූලස්ථානයට මාරු කළේ, පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙසින් දැයි සංදේශයේ සරෝජ් පතිරණ විමසීමක් කළ අවස්ථාවේ කමාන්ඩර් ඉන්දික සිල්වා කියා සිටියේ ඒ පිළිබඳව තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවයි. එම පරීක්ෂණයේ නිගමණය කවරක් දැයි හෙළි කිරීමට තමන්ට හැකියාවක් නැති බවද ඔහු පැවසීය. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගත් ක්‍රමවේදය සහ ඔහු නාවික හමුදාව තුළ විශේෂ වරප්‍රසාද ලබා ගත් ආකාරය සොයා බලන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පසුගියදා බීබීසී සංදේශයට පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගත්තේ කෙසේද යන්න පිළිබඳව පැවැත්වූ පරීක්ෂණය මීට දින කිහිපයකට ඉහතදී අවසන් කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිකුරු ග්‍රහලොව: මධ්‍ය අක්ෂාංශ අතර ෆොස්ෆයින් නිරීක්ෂණය කෙරිණි එහෙත්, තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට දැන් ලක්ව තිබෙන්නේත් එයම ය. තමන්ට පැහැදිලි කළ නොහැකි ආකාරයේ වායුවක් සිකුරු ග්‍රහයාගේ වායුගෝලය තුළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔවුහු මේ තත්ත්වයට පත්ව සිටිති. එම වායුව හැඳින්වෙන්නේ ෆොස්ෆයින් (phosphine ) නමිනි. එහි අණුවක් සෑදෙන්නේ ෆොස්ෆරස් අණුවක හා හයිඩ්‍රජන් අණු තුනක සංයෝගයෙනි. පෘථිවිය මත්තේ නම් ෆොස්ෆයින් වායුව රඳාපවතින්නේ, පෙන්ගුයින් වැනි සතුන්ගේ අන්ත්‍ර තුළ ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන් ඇසුරේ හෝ ගොහොරු වැනි ඔක්සිජන් අඩු පරිසර තුළ ය. ඇත්තෙන්ම, කාර්මිකව මෙය නිෂ්පාදනය කළ හැකි වුවත් සිකුරු මත කර්මාන්තශාලා කොයින්ද? එහි පෙන්ගුයින් ද කිසිසේත් නැත්තේමය. එසේනම් මෙම වායුව එහි පවතින්නේ කෙසේද? සිකුරු ග්‍රහ ලොව පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 50ක් ඉහළින්? මේ, එක්සත් රාජධානියේ කාඩිෆ් සරසවියේ මහාචාර්ය ජේන් ග්‍රීව්ස් හා ඇගේ සගයින් අසන ප්‍රශ්නයයි. සිය නිරීක්ෂණයේ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් ඔවුහු 'නේචර් ඇස්ට්‍රොනොමි' සඟරාවේ පළ කළහ. මෙම අණුකයේ ස්වභාවික මෙන්ම ජීව විද්‍යාත්මක නොවන ප්‍රභවයක් තිබිය හැකිය යන්න පෙන්වීම සඳහා කරන ලද විමර්ශනවල තොරතුරු එහි ඇතුළත්වේ. එසේවුවත් දැනට ඔවුන් සිටින්නේ වික්ෂිප්ත තත්ත්වයක ය. සිකුරු පිළිබඳ මෙතෙක් දන්නා සියලු දේ මෙන්ම එහි පවතින ස්වභාව අනුව ගත්විට නිරීක්ෂණයට ලක්වූ ප්‍රමාණය තුළ, ෆොස්ෆයින් සඳහා වූ ජීව විද්‍යාත්මක නොවන පියසටහනක් පැහැදිලි කිරීමට මෙතෙක් කිසිවකු සමත් වී නැත. "විශ්වයේ අන් තැනක ජීවය සෙවීම ගැන මගේ වෘත්තීය ජීවිතය පුරාම මා උනන්දු වුණා. ඉතින්, මෙය මා අතිශයින් ම සිත්ගන්නා සුලු දෙයක් වුණා." මහාචාර්ය ග්‍රීව්ස් කීවාය. "නමුත්, අපට අතපසු වුණේ කුමක්දැයි අපට පැහැදිලි කරන ලෙස අවංකවම වෙනත් අය දිරිගන්වනවා. අපේ පත්‍රිකාව හා දත්ත ප්‍රවේශයට විවෘතයි. විද්‍යාවේ හැටි එහෙමයි." සැබවින් ම නිරීක්ෂණය කෙරුණේ කුමක්ද? සිකුරු ග්‍රහලොවේ ෆොස්ෆයින් වායුව ඇති බව මහාචාර්ය ග්‍රීව්ස් ගේ කණ්ඩායම විසින් නිරීක්ෂණය කරනු ලැබුවේ හවායි හි ස්ථාපිත ජේම්ස් ක්ලාර්ක් දුරේක්ෂය ආධාරයෙනි. පසුව චිලී රාජ්‍යයේ පිහිටි 'අටකාමා විසල් දුරේක්ෂය' (Atacama Large Millimeter/submillimeter Array) භාවිතයෙන් කළ නිරීක්ෂණයේදී එහි පැවැත්ම තවදුරටත් තහවුරු කරගැනිණි. ෆොස්ෆයින් වායුවට ම ආවේණික වූ "අන්තර්ග්‍රහණ රේඛාවක්" ඇති අතර මිලිමීටර 1ක් තරම් වූ තරංග ආයාමයක දී එය වටහා ගැනීමට මෙම ගුවන් විදුලි දුරේක්ෂවලට හැකිය. සිකුරු ග්‍රහලෝකයේ මාධ්‍ය අක්ෂාංශවල දී මෙම වායුව නිරීක්ෂණය කර ඇති අතර එය පෘෂ්ඨයේ සිට දළ වශයෙන් කිලෝමීටර 50ත් 60ත් අතර වූ උන්නතාංශයක පවතී. ෆොස්ෆරස් අණුවකින් හා හයිඩ්‍රජන් අණු තුනකින් ෆොස්ෆයින් අණුවක් සෑදේ මෙය මෙතරම් අපූරු ඇයි? අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ අන් තැනක ජීවය සෙවීමේදී, සිකුරු ග්‍රහයා ලැයිස්තුවේ ඉහළ තැනක නොවීය. පෘථිවිය හා සසඳනවිට එය අතිශය අප්‍රසන්න තැනකි. වායුගෝලයේ 96% ක් කාබන් ඩයොක්සයිඩ්වලින් සමන්විත එහි හරිතාගාර ආචරණයේ බලපෑමට ලක්ව ඇත. පෘෂ්ඨයේ උෂ්ණත්වය පීට්සා උදුනක තරම් ය. එනම් අංශක 400ට අධිකය. සිකුරු වෙත යැවුණු අභ්‍යවකාශ යානා එහි ගොඩබෑමෙන් පසු විනාශ වීමට පෙර ගත කර තිබුණේ විනාඩි කිහිපයක් පමණි. සිකුරු තුළ ජීවයක් සැබවින්ම පවතින්නේ නම් එය සොයාගත හැකියැයි අපේක්ෂා කළ හැක්කේ කිලෝමීටර 50 ක් තරම් උසකදී ය. ජීවයක් රඳාපවත්වා ගැනීමට තරම් සමත් නොවන උෂ්ණත්වයකින් යුතු සිකුරු පිළිබඳ චිත්‍රණයක් අප සැක සංකා පළ කළ යුත්තේ ඇයි? සිකුරු ගේ වළාවන් ඝනය. ඒවා ප්‍රධාන වශයෙන් ම (75-95%) සල්ෆියුරික් අම්ලයෙන් සමන්විතය. එනම් එය, පෘථිවිය මත සප්‍රාණික ජීවීන් ගොඩනගන සෛලීය ව්‍යුහවලට හානිකරය. ඇමෙරිකාවේ තාක්ෂණය පිළිබඳ මැසචුසෙට්ස් ආයතනයේ (MIT- Massachusetts Institute of Technology) ආචාර්ය විලියම් බෙයින්ස්, මෙම පරීක්ෂණය කළ කණ්ඩායමට ඇතුළත් වූ ජෛවරසායනඥයෙකි. සිකුරු ග්‍රහයා මත අපේක්ෂා කළ හැකි වෙනස් සංයුක්තවල විවිධාකාර සංයෝජන පිළිබඳ ඔහු අධ්‍යයනය කර ඇත. පීඑච්3 (PH3) සෑදීම මෙන්ම ඔහු විමර්ශනය කළ සියලු රසායනික ප්‍රතික්‍රියා සඳහා යමහල්, අකුණු හා උල්කාශ්ම පවා කිසියම් කාර්ය භාරයක් ඉටුකර තිබේද යන්න ඔහු අධ්‍යයනය කර ඇත. ඔහු ප්‍රකාශ කරන්නේ නිරීක්ෂණය කර ඇති ෆොස්ෆෙයින් ප්‍රමාණය නිපදවීමට එය 10,000 වාරයක් තරම් දුර්වල බවකි. සල්ෆියුරික් අම්ලය තුළ නොනැසී පවතින්නට නම්, වාතයේ රඳන සිකුරු ක්ෂුද්‍ර ජීවීන් තුළ කිසියම් හඳුනා නොගත් අතිශයින් ම වෙනස් ජෛවරසායනයක් තිබිය යුතු වීම හෝ කිසියම් සන්නාහයක් බවට පරිණාමය විය යුතු බව ආචාර්ය බෙයින්ස් කියා සිටී. "මූලික වශයෙන්, ජලයට ප්‍රිය ජීවයකට සල්ෆියුරික් අම්ල බිඳිත්තක් තුළ කිසියම් ආරක්‍ෂිත කවචයක සැඟවෙන්න පුළුවන්." යැයි ඔහු Sky At Night වැඩසටහන සමග එක්වෙමින් පැවසීය. "අප කතා කරන්නේ ටෙෆ්ලොන් වලට වඩා දැඩි යමකින් වටවූ බැක්ටීරියා ගැනයි. ඒවා සම්පූර්ණයෙන් වැහිලා. නමුත් එයාල කොහොමද ආහාර ගන්නේ? වායු පිට කරන්නේ? ඒක තමයි ඇත්තෙන්ම තේරුම් ගන්න ගන්න බැරි දේ." සිකුරු මත ගොඩබෑ සෝවියට් යානයට ඡායාරූප කිහිපයක් එවාගත හැකිවිණි ප්‍රතිචාර මොනවාද? මෙය ප්‍රවේසම් සහගත හා කුතුහලය ඇති කරන තත්ත්වයකි. තමන් සිකුරු ග්‍රහයා මත ජීවය සොයා ගත් බවක් එම කණ්ඩායම ඉඳුරාම ප්‍රකාශ නොකරයි. පවතින අදහස තවදුරටත් සොයා බැලිය යුතු අතර ෆොස්ෆයින් කෙරෙහි වූ කිසියම් මග හැරුණු භූවිද්‍යාත්මක හෝ අප්‍රාණික වූ රසායනික පියවරක් ඇත්නම් එය සොයා යාමට විද්‍යාඥයෝ කටයුතු කරති. ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාර්ය කොලින් විල්සන්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ වීනස් එක්ස්ප්‍රස් (Venus Express) අභ්‍යවකාශ යානය (2006-2014) ගොඩනැගීමේ යෙදුනු අයෙකු වන අතර එන්විෂන් (EnVision) නමින් හැඳින්වෙන නව මෙහෙයුමක් සංවර්ධනයෙහි ලා ක්‍රියා කළ ප්‍රධාන පෙළේ අයෙකි. මහාචාර්ය ග්‍රීව්ස් ඇතුළු කණ්ඩායමේ නිරීක්ෂණ, සිකුරු ග්‍රහ ලොව සම්බන්ධ අලුත් පර්යේෂණ මාලාවකට පෙළඹවීමක් බව ඔහු කියා සිටී. "ෆොස්ෆයින් පිළිබඳ මුල් නිරීක්ෂණ වර්ණාවලීක්ෂය පිළිබඳ වැරදි අර්ථ නිරූපනයක් විය හැකි වුවත්, එය එසේ නොවේ යැයි මා සිතනවා. එය සැබවින්ම අපූරුයි. ඒ වගේම ඒක අලුත් සොයාගැනීම්වලට මග පාදනවා. වායුගෝලය තුළ ෆොස්ෆයින් නිර්මාණය කිරීමට හේතුවන වෙනත් රසායනික පියවර සොයා ගැනීමට පුළුවන් වුණත් සිකුරු වළා අතර ජීවයක් තිබීමට ඉඩක් නැති බවයි මා සිතන්නේ. නමුත් මේ සොයාගැනීමත් සමග සිකුරු ග්‍රහ ලොවේ බොහෝ අපූරු දෑ සොයා ගැනීමට හැකි වෙයි සිතනවා," යැයි බීබීසී ප්‍රවෘත්ති සමග ඔහු පැවසීය. ඒ හා සමාන අදහසක් දරන්නෙකි, වෙස්ට්මින්ස්ටර් සරසවියේ ආචාර්ය ලුවිස් ඩාර්ට්නෙල්. තාරකා ජෛව විද්‍යාඥයෙකු වන ඔහු පෘථිවියෙන් එපිට ජීවය පැවතීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනය කළ අයෙකි. ඔහු සිතන ආකාරයට අඟහරු හෝ බ්‍රහස්පතිගේ උප ග්‍රහයන් සහ සෙනසුරු ජීවය සොයා ගැනීම කෙරෙහි ඔට්ටු තැබිය හැකි ස්ථානය. "සිකුරු ග්‍රහයාගේ ඉහළ වළා අතර ජීවයකට රැකවරණයක් ඇතිනම්, එය ඇත්තෙන්ම චිත්තාකර්ෂණීයයි. මන්ද යත්, එයින් කියවෙන්නේ සමස්තයක් ලෙස අපේ මන්දාකිණිය තුළ ජීවය ඉතා සාමාන්‍ය දෙයක් විය හැකි බවක්. එයට පෘථිවිය වැනි ග්‍රහයන් අවශ්‍ය කෙරෙන්නේ නැහැ. ක්ෂීර පථය හරහා පැතිරුණු සිකුරු වැනි දැඩි උෂ්ණත්වයකින් යුතු ඕනෑම තැනක ජීවයට පැවතිය හැකියි. " ෆොස්ෆයින් පිළිබඳ සංඥා තහවුරු කෙරුණු චිලී හි පිහිටි ALMA දුරේක්ෂය ප්‍රශ්නය නිරාකරණය කළ හැක්කේ කෙසේද? විශේෂයෙන් ම සිකුරු වායුගෝලය විමර්ශනය සඳහා යානා යැවීමෙන් එය නිරාකරණය කරගත හැකිය. 2030 ගණන් සඳහා වූ ප්‍රධාන පෙළේ මෙහෙයුමක් දළ සැලසුමක් සකස් කරන ලෙස එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය (NASA) මෑතදී විද්‍යාඥයින්ගෙන් ඉල්ලීමක් කළේය. මෙම සංකල්පයට අනුව ගගන රොබෝවක් හෝ උපකරණවලින් හෙබි බැලුනයක් සිකුරු වළා අතරින් ගමන් කරවීමට යෝජනා කෙරිණි. සිකුරු වෙත බැලුනයක් යැවීම පිළිබඳ චිත්‍රණයක් "රුසියානුවන් තමන්ගේ වේගා බැලුනයෙන් (1985 දී) මේ දේ කළා" යැයි කණ්ඩායමේ සාමාජිකාවක වන තාක්ෂණය පිළිබඳ මැසචුසෙට්ස් ආයතනයේ (MIT) මහාචාර්ය සාරා සීගර් පැවසුවාය. "සල්ෆියුරික් අම්ලයෙන් ආරක්ෂා කිරීම සඳහා ටෙෆ්ලෝන් ගැල්වූ එය මැනුම් කරමින් දින කිහිපයක් පාවුණා." "අනිවාර්යයෙන් ම එහි ගොස් තත්කාලීන මැනීම් කරන්න පුළුවන්. බිඳිති කෙරෙහි අවධානය යොමු කරමින් ඒවායේ ගති ලක්ෂණ මනින්න පුළුවන්. ඒ වගේම ඒ සමග අන්වීක්ෂයක් යවා එහි ජීවය විමසා බැලීමට උත්සාහ දරන්න පුළුවන්," යැයි ඇය කීවාය. (විද්‍යා කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු, ජොනතන් ඒමෝස් සකස් කළ ලිපියක් ඇසුරිණි) කියවන්න:
සප්‍රාණික ජීවීන් සිකුරු ග්‍රහයාගේ වළා අතර පාවෙමින් සිටින්නේය යන අදහස ඉතා අසාමාන්‍ය තත්ත්වයකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"පළාත් සභාවල තිබෙන විෂකුරු ගතිය අඩු වන ඕනෑම පියවරකට සහාය දෙනවා" පක්ෂයේ ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා එම අදහස් පළ කළේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට ලබා දී තිබෙන පොලිස් සහ ඉඩම් බලතල ඇතුළු ඇතැම් බලතල ඉවත් කල යුතු බව යෝජනා කරමින් පක්ෂය ඉදිරිපත් කොට තිබෙන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධවේදීන් හමුවේ කරුණු දක්වමින්. තම යෝජනාව පිළිබඳව සෑම දේශපාලන පක්ෂයක්ම, සියලු ජාතික සංවිධාන සහ රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ පවා සාකච්ඡා පැවැත්වීමට තම පක්ෂය සූදානම් බව ද අමාත්‍යවරයා කියා සිටියේය. 'නම්‍යශීලීයි' "අපි මේ ප්‍රශ්නයේදී අතිශයින් විවෘතයි, අතිශයින් නම්‍යශීලීයි මේ සම්බන්ධ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න," යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය. පළාත් සභාවල තිබෙන "විෂකුරු ගතිය" අඩු වන ඕනෑම පියවරකට තම පක්ෂයේ සහාය හිමිවන බවද ජාතික හෙළ උරුමය පවසයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් ඉදිරිපත් කොට තිබෙන යෝජනා පිළිබඳව අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියෝ, තමන් විසින්ම නිර්මාණය කරන ලද 1978 ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව එම පක්ෂය විසින්ම තීරණය කිරීම පිළිබඳව සතුටු වන බව සඳහන් කළහ.
උතුරු නැගෙනහිර පලාත්වල ඉඩම් අයිතිය දෙමළ ජනතාවට පමණක් වෙන්විය යුතු බවට කෙරෙන ඕනෑම යෝජනාවකට දැඩි විරෝධය පළ කරන බව ජාතික හෙළ උරුමය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මිනිසුන් එක් ලක්ෂ පන් දහසකගේ ආහාර රටාවන් නිරීක්ෂණය කරමින් සිදු කරන ලද මෙම පරීක්ෂණයෙන් නිගමනය වූයේ සකසන ලද ආහාර අනුභවය කිරීමෙන් පිළිකා හටගැනීමේ දැඩි අවදානමක් ඇති බවය. පෙර සකසන ලද ආහාර පිළිබදව අනතුරු ඇගවීමක් එම ගවේෂණය මගින් සිදු කර ඇත. කෙසේ වුවද නිරෝගී දිවියක් පවත්වාගෙන යාම සඳහා හිතකර ආහාර වේලක් ලබා ගැනීම යහපත් බව විශේෂඥයෝ පවසති. සකසන ලද ආහාරවලට අයත් වන්නේ මොනවාද? •මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ඇසුරුම් කරන ලද පාන් සහ බනිස් වර්ග •පැණි රස හෝ වෙනත් රස කාරක යොදා ඇසුරුම් කරන ලද බැදපු අර්තාපල් කැබලි සහ වෙනත් කෙටි කෑම වර්ග •චොකලට් සහ පැණි රස වර්ග •සෝඩා සහ පැණි බීම වර්ග •මීට් බෝල්ස්, බැදපු මස් සහ මාළු කැබලි (nuggets) •ක්ෂණික නූඩ්ල්ස් සහ සුප් වර්ග •ශීත කරන ලද හෝ රාක්ක මත විකිණීමට තබා ඇති පිසූ ආහාර •සම්පූර්ණයෙන් සීනි, තෙල් සහ මේදය අධික ද්‍රව්‍යයන්ගෙන් සකසන ලද ආහාර පුද්ගලයකුගේ ආහාර අනුභව කරන රටාව පිළිකා ඇති වීමේ අවදානමට සෘජුව බලපාන බව පිළිගත් සාධකයකි. අධික තරබාරු බව, දුම්පානය සේම පිළිකා වර්ධනයට බලපාන අනෙක් හේතුව වෙයි. සකස් කළ මස් වර්ග අනුභව කිරීමෙන් ද පිළිකා ඇති වීමේ සුළු අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) ප්‍රකාශ කරයි. නමුත් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සකසන ලද ආහාර පරිභෝජනයෙන් සිදු වන්නේ කුමක්ද? පැරීසියේ සෝබෝන් විශ්වවිද්‍යාල කණ්ඩායමක් විසින් මිනිසුන් පරිභෝජනය කරන ආහාර පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලදී. වසර පහකට ආසන්න කාලයක් නිරීක්ෂණයනයට ලක් වූ පිරිස අතරින් වැඩිදෙනා මැදි වයසේ කාන්තාවන්ය. මෙම පරීක්ෂණයේ නිගමනයන්ට අනුව සකසන ලද ආහාර අනුභව කිරීම 10% කින් වැඩිවූ විට, හඳුනාගත් පිළිකා රෝගීන් ප්‍රමාණය 12% කින් වැඩි වන බව බ්‍රිතාන්‍යය සෞබ්‍ය සඟරාවක සදහන් වෙයි. පරීක්ෂණයෙන් හෙළි වූ කරුණු: •මිනිසුන්ගෙන් 18% ක් පමණ තම අහාර වේලට සකසන ලද ආහාර එකතු කර ගනියි. •වසරකට මිනිසුන් 10,000 ක් අතරින් 79 දෙනෙකු පමණ පිළිකා රෝගයට ගොදුරු වෙයි. •සකසන ලද ආහාර අනුභවය කිරීම 10% කින් වැඩි කළ විට ඉහත සදහන් ප්‍රමාණයට අමතරව වසරකට තවත් නම දෙනෙකු පමණ පිළිකා රෝගීන් විය හැකිය. තවත් තොරතුරු: කැන්සර්සීක්; පිළිකා කල්තබා දැනගත හැකි රුධිර පරීක්ෂණයක් පියයුරු පිළිකා ගැන ශ්‍රී ලංකාවේ පුරුෂයන් දැනුවත්ද? පිළිකා අවදානමක් නිසා කාන්තාවකට ඩොලර් මිලියන එකසිය දහයක් පිළිකා රෝගීන් වෙනුවෙන් ක්ෂණික ඇමතුම් සේවයක් "මෙම ප්‍රතිඑලවලින් ඇඟවෙන්නේ සකසන ලද ආහාර පරිභෝජනය සීඝ‍්‍රයෙන් වර්ධනය වීම නිසා මීලග දශක කිහිපය තුළ පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැකි" බව පරීක්ෂකයෝ පෙන්වා දෙති. ඔවුන් තවදුරටත් පවසන්නේ මෙම තත්වයට හේතු වන කරුණු දැනගැනීමට සහ "මෙය ස්ථිර කරගැනීමට තවත් විශාල ප්‍රමාණයේ" ගවේෂණයක් සිදු කළ යුතු බවය. 'අනතුරු ඇඟවීමක්' සකසන ලද ආහාර පරිභෝජනය පිළිකා වර්ධනය වීමේ අනිවාර්ය හේතුවක් ලෙස මෙම ගවේෂණයෙන් හෙළි නොවෙයි. සකසන ලද ආහාර සියල්ල පිළිකා කාරක ලෙස හැදින්විය නොහැක. මෙම ගවේෂණයේ බොහෝ අපැහැදිලි කරුණු ඇති අතර, පිළිකා වර්ධනය වීමට හේතුව සකසන ලද ආහාර අධික ලෙස පරිභෝජනය කරන්නන් අතර දැකිය හැකි වෙනත් හැසිරීම් රටා ද විය හැකිය. දුම් පානය, උදාසීන බව, කැලරි අධික අහාර අනුභව කිරීම සහ ගැබ්ගැනීම වළක්වන ඖෂධ භාවිතය එම පුද්ගලයන් අතර බහුලව දැකිය හැකිය. මෙම බාහිර කරුණු "සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකි" බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති. ඔබ පරිභෝජනය කරන පාන් වර්ගය අනුව පිළිකා හටගැනීමේ අවධානම වෙනස් වෙනවාද? "මේ වගේ කෑම වැඩි වශයෙන් කන විට ශරීරය මහත් වෙනවා, අධික තරබාරු බව පිළිකා හට ගැනීමේ අවධානම වැඩි කරනවා" යැයි පිළිකා මර්ධනය පිළිබදව එක්සත් රාජධානියේ පර්යේෂණ සිදු කරන මහාචාර්ය ලින්ඩා බවුල්ඩ් පැවසුවාය. ඇය තව දුරටත් සඳහන් කරන්නේ මෙය "අපිට හිතකර ආහාර වේලක් ගැනීමට කළ අනතුරු ඇඟවීමක්. ඔබ පළතුරු, එළවලු වැනි කෙඳි සහිත අහාර වැඩිපුර අනුභව කරන්නේනම්, සකසන ලද ආහාර කුඩා ප්‍රමාණයක් එහෙන් මෙහෙන් පරිභෝජනය කිරීම පිළිබදව කනස්සල්ලට පත් විය යුතු නැත" යනුවෙනි. 'සකසන ලද ආහාර' යන්නෙහි තේරුම පැහැදිලි නැති බවට මෙන්ම මෙම ආහාර පිළිකා කාරකයක් ලෙස හැදින්වීමට බලපාන හේතු මෙම පරීක්ෂණයෙන් හෙළි වී නොමැති බවට බොහෝ අදහස් පළ වී ඇත. මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන පාන්, සකසන ලද ආහාර ගණයට අයත් ලෙස මෙම ගවේෂණයෙන් හෙළි කර ඇතත්, නිවසේදී හෝ තම ප්‍රදේශයේ බේකරියේදී සාදා ගන්නා පාන් ගැන සඳහනක් නොමැති බව මහාචාර්ය ටොම් සැන්ඩර්ස් තම අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේය. මේ තොරතුරුද දැනගන්න: දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්! පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්‍ෂණ 12 ක් මරු පරදා ජීවිතය ජයගත් දිරිය මවක් කෝටි 25ක් දීල මාස 16යි; පෙට් ස්කෑනරය තාම නැහැ; "ලැජ්ජයි"
කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරමින් සෘජුව අනුභව කළ හැකි ආහාර නැතහොත් සකසන ලද ආහාර පරිභෝජනය කිරීමෙන් පිළිකා හටගැනීමේ අවදානමක් ඇති බව ප්‍රංශයේ සිදුකළ ගවේෂණයකදී හෙළි වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟ පාවා දීමේ උත්සාහයක් ලෙස සැලකෙන රහසිගත සංවාදයක් පටිගත කෙරුණු හඬ පටයක් ඩේලි මිරර් පත්‍රයට ලැබී තිබුණි "ඒ ගැන පරීක්ෂණය කරලා අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටත් අපි ඒ ගැන දන්වල තිබෙන," බවයි, ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශයට කියා සිටියේ. එම පරීක්ෂණයේ නිගමනය ප්‍රකාශයට පත් කිරීම හෝ නොකිරීම අයිසීසීය සතු වගකීමක් බවද ඔහු පැවසීය. කෙසේ නමුත් මේ පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පැවසුවේ අදාළ චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පවත්වනු ඇති බවයි. ප්‍රවේශ පත්‍ර වැඩි මිලට විකිණීම ක්‍රීඩාවේ දූෂණ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමන කරන අයිසීසීය, එවැනි චෝදනා පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන මෙන් තමන් සාමාජික රටවලට දැනුම් දී ඇති බවද ඔහු පැවසීය. ලොකු භාග්‍යයක් "ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු භාග්‍යයක් පලවෙනි වතාවට ශ්‍රී ලංකාවට සියයට සීයක් තරඟ පැවැත්වීමට ලංකාවට භාර දුන්නා" ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයක සියලු තරඟ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ජගත් පාලක මණ්ඩලය තීන්දු කිරීම ශ්‍රී ලංකාව ලැබූ භාග්‍යයක් බව පවසන සභාපති උපාලි ධර්මදාස, අයිසීසීය සමඟ එක්ව එම ශූරතාවලිය සාර්ථකව පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටුවන බවද සංදේශයට කියා සිටියේය. කෙසේ නමුත් ප්‍රවේශ පත්‍ර සඳහා 60,000 ක පමණ ඉල්ලුමක් තිබූ මොහොතක 35,000 ක් ආසන තිබූ ක්‍රීඩාංගනවල ඒ සියලු දෙනා සඳහා ආසන පැනවීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් ඔහු පැවසීය. එවැනි අවස්ථාවක ප්‍රවේශපත්‍ර වැඩි මිලට ලෙවි කරන්නේ නම් තමන්ට එය පාලනය කළ නොහැකි බව පවසන සභාපතිවරයා, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ප්‍රවේශ පත්‍ර වැඩි මිලට අලෙවි කිරීමට උත්සාහ කළ ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ නිලධාරියෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන බවද සඳහන් කළේය. "ක්‍රිකට් පාලක මණ්ඩලය පැත්තෙන් එකම එක චෝදනාවයි ආවේ - ටෝනි ජයවර්ධන කියල ඛේත්තාරාමේ වැඩකරන පුද්ගලයෙක් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකුණන්නට යෙදුන යම්කිසි ටිකට් තොගයක් විකුණල ඔහුට පොලීසියේ එන්ට්‍රියක් දාල, ඒ මගින් කටයුතු කිරීමටත් දැනට අපි ඔහුගේ වැඩ තහනම් කරලා තියෙනව විනය පරීක්ෂණය ඉවර වෙනකම්," සභාපතිවරයා පැවසීය. හම්බන්තොට ඇතුළු සියලුම පළාත්වල ප්‍රදේශයේ ක්‍රීඩා ලෝලීන්ට ප්‍රවේශපත්‍ර විකිණීම සඳහා තමන් සියලු පියවර ගත් බවයි, ඔහු පවසන්නේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
පසුගිය අගෝස්තු මාසයේ නිමාව දුටු ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟ පාවා දීමේ උත්සාහයක් ලෙස සැලකෙන රහසිගත සංවාදයක් පටිගත කෙරුණු හඬ පටය පිලිබඳ පරීක්ෂණ පවත්වා එහි වාර්තාව අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයට යොමු කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම යෝජනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා බොහෝ දෙනෙක් සිය අදහස් ප්‍රකාශ කළහ. අදාළ යෝජනාව ඉදිරිපත් කරන්නේ "විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින්" යැයි කී අමාත්‍යවරයා, මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම් රටවල් විශිෂ්ඨ ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවද පැවසීය. මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පැවසූයේ "දහ අටට වැඩි අයට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාව මිලිටරිකරණ මානසිකත්වය පෙන්වන්නක්" බවය. "හමුදා පුහුණුව දෙන්න කලින් මිනිස්සුන්ගේ හොද්දට දාන්න කහ කුඩු ටිකක් දෙන්න වැඩපිළිවෙලක් ගේන්න. කොහේ තියෙන සල්ලියක් ද හමුදා පුහුණුවක් ක්‍රියාත්මක කරන්න?," ජනවාරි 18 වෙනි දින කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා පැවසීය. සරත් වීරසේකර අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ "18ට වැඩි තරුණ තරුණියන්" ලෙස සඳහන් වුවද වයස් සීමාවක් සඳහන් නොවිණි. එමෙන්ම විශාල පිරිසකට හමුදා පුහුණුව ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන, ඉඩ පහසුකම් වැනි මූලික කරුණු ගැන පැහැදිලි කිරීමක් ද නොමැත. මෙම ප්‍රකාශය පිළිබඳ කරුණු දක්වමින් හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යට පැවසුවේ, "හමුදාව මෙවන් යෝජනාවක් ගැන දැනුවත් වී නැති"බවය. "මේ වෙන තෙක් ශ්‍රී ලංකා යුද හමුදාවවත්, ත්‍රිවිධ හමුදාවවත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා නැහැ... කෙසේනමුත් ඉදිරියේ දී එවන් කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒක රජයේ ප්‍රතිපත්තියක් නම් අපට දැනුම් දෙයි. නමුත් මම දැනුවත්ව මෙම තත්ත්වය අපට දැනුම් දීලා නැහැ," හමුදාපතිවරයා පැවසුවේය. අනිවාර්ය හමුදා පුහුණුව ලබා දෙන ලොව වෙනත් රටවල් මොනවාද? දකුණු කොරියාව තවමත් උතුරු කොරියාව සමඟ විටින් විට ගැටෙන දකුණු කොරියාව තුළ ජාතික හමුදා සේවය සම්බන්ධයෙන් දැඩි පද්ධතියක් ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය මට්ටම යහපත් සියලුම පුරුෂයන් හමුදාවේ මාස 21ක් ද, නාවික හමුදාවේ මාස 23ක් හෝ ගුවන් හමුදාවේ මාස 24ක් ද සේවය සම්පූර්ණ කළ යුතුය. පොලිස් බලකායේ, වෙරළාරක්ෂක බලකායේ, ගිනි නිවීමේ සේවාවේ සහ සමහර විශේෂ අවස්ථා වලදී රජයේ දෙපාර්තමේන්තු වල සේවය කිරීමට ද විකල්ප තිබේ. කෙසේනමුත්, ක්‍රීඩාවෙන් රටට කීර්තිය අත්කර ගන්නා පුරවැසියන් මේ පුහුණුවෙන් නිදහස් කර තිබේ. උතුරු කොරියාව උතුරු කොරියාව ලොව දීර්ඝතම අනිවාර්ය හමුදා සේවය ඇති රට වන අතර, පුරුෂයන් අවුරුදු 11 ක් සහ කාන්තාවන් අවුරුදු හතක් සේවයේ යෙදිය යුතුය. උතුරු කොරියානු හමුදා එරිත්‍රියාව එරිත්‍රියාවේ පුරුෂයන් සහ තරුණ, අවිවාහක කාන්තාවන් මාස 18ක කාලයක් ජාතික හමුදාවේ සේවය කළ යුතුය. කෙසේවෙතත්, මානව හිමිකම් කණ්ඩායම්වලට අනුව, මෙම හමුදා සේවය බොහෝ විට වසර ගණනාවක්, නැතහොත් දින නියමයක් නොමැතිව දීර්ඝ කෙරේ. "සිවිල් වැසියන්ගේ හමුදා පුහුණුව සහ මිලිටරි වගකීම් නියමිත කාලයට අවසන් නොවන බව දැකගන්න පුළුවන්. පුද්ගලයන් බලහත්කාරයෙන් සේවයේ යෙදවීමක් ලෙස මේ ක්‍රියාවලිය පවත්වාගෙන යනවා" යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය 2015 දී පැවසීය. මානව හිමිකම් සංවිධානයට අනුව මෙම හමුදා පුහුණුව එරිත්‍රියානුවන් එරටින් පලා යාමට ප්‍රධානතම හේතුව බවට පත් වී තිබේ. එරිත්‍රියානුවන් බොහෝ දෙනෙක් එක්සත් රාජධානියේ සරණාගතභාවය පතා ඇත. ස්විට්සර්ලන්තය වයස අවුරුදු 18 ත් 34 ත් අතර පුරුෂයන් සඳහා ස්විට්සර්ලන්තයේ හමුදා සේවය අනිවාර්ය වේ. හමුදා සේවය ඉවත් කළ යුතු යැයි 2013 දී ජනමත විචාරණයක් පැවැත්විණි. එහිදී 73%ක පිරිසක් අනිවාර්ය හමුදා සේවයට කැමැත්ත පළ කළහ. මේ සම්බන්ධයන් ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණයක් සිදුකළ තෙවෙනි අවස්ථාව මෙයයි. මෙහිදී මූලික සේවාව සති 21 ක් දිගු වන අතර වාර්ෂිකව අමතර පුහුණුවක්ද ලබා දේ. කාන්තාවන් අනිවාර්ය හමුදා සේවයට යටත් නොවන නමුත් ඔවුන්ට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකිය. වසර දෙසීයකට අධික කාලයක් යුද්ධයකට සම්බන්ධ නොවුණු ස්විට්සර්ලන්තය තුළ එක් භාෂාවක් හෝ සංස්කෘතියක් නොපවතින අතර, ඔවුන් හමුදා පුහුණුව දකින්නේ සියලුදෙනා එක් කරන ක්‍රියාවලියක් ලෙසය. ඔස්ට්‍රියාවේ පවතින්නේද මේ හා සමාන තත්ත්වයකි. බ්‍රසීලය 18 හැවිරිදි පුරුෂයන් සඳහා හමුදා සේවය අනිවාර්ය වේ. එය මාස 10 ත් 12 ත් අතර කාලයක් පවතී. සෞඛ්‍ය හේතූන් මත මෙයට සහභාගී නොවී සිටිය හැකිය. එමෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන පුද්ගලයෙකු නම් හමුදා පුහුණුව ලැබීම ප්‍රමාද කළ හැකිය. බඳවා ගැනීම්වල දී බොහෝ දෙනෙකු හරවා යවන තත්ත්වයක් බ්‍රසීලයේ දක්නට ඇත. එයට හේතුව නම් එම වසර තුළ හමුදාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා 18 හැවිරිදි තරුණයන් සිටීමය. බඳවා ගැනීමට පෙර තරුණයින් ප්‍රධාන වශයෙන් ශාරීරික පරීක්ෂණ මාලාවකට සහභාගී විය යුතුය. ඊශ්‍රායලය පුරුෂයන්ට හා කාන්තාවන්ට ඊශ්‍රායලයේ හමුදා සේවය අනිවාර්ය වේ. පුරුෂයන් ඊශ්‍රායල ආරක්ෂක බළකායේ (IDF) වසර තුනක් සහ කාන්තාවන් වසර දෙකක් පමණ සේවයේ යෙදිය යුතුය. එය දේශීය මෙන්ම විදෙස්ගත ඊශ්‍රායල් පුරවැසියන්ට ද අදාළ වේ. නව සංක්‍රමණිකයන්, ඇතැම් ආගමික කණ්ඩායම් සහ සෞඛ්‍ය හේතු මත පුහුණුව නොලබා සිටිය හැකිය. විශේෂ අවස්ථා වලදී පමණක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙටි කාලීන සේවාවක් සම්පූර්ණ කිරීමට අවසර ඇත. සිරියාව සියලුම සිරියානු පුරුෂයින් සඳහා හමුදා සේවය අනිවාර්ය වේ. 2011 මාර්තු මාසයේදී ජනාධිපති බෂාර් අල් අසාද් හමුදා සේවය මාස 21 සිට 18 දක්වා අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කළේය. හමුදා සේවය මගහරින රාජ්‍ය සේවකයින්ට රැකියා අහිමි විය හැකිය. හමුදා සේවයෙන් පලා යන අය වසර 15ක් සිරගත කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පැවසීය. සිරියානු හමුදා ඇතැම් රටවල් මෑත වසරවලදී හමුදා සේවය නැවත හඳුන්වා දීමටද ක්‍රියා කර තිබේ. මෙය පරිපූර්ණ ලැයිස්තුවක් නොවන අතර මිලිටරි සේවය සහ පුහුණුව ලබා දෙන තවත් රටවල් ලොව පුරා තිබේ: 'හොඳ සහ නරක' අනිවාර්ය හමුදා සේවයට එරෙහිව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තර්ක කීපයක් ගොඩ නැගී ඇත. මෙය නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දක්වා ඇත. එමෙන්ම, මෙමගින් උසස් අධ්‍යාපනය සඳහා පුද්ගලයන් ඇතුළු වීම ප්‍රමාද කරන අතර, සිවිල් ශ්‍රම වෙළෙඳපොළට ඇතුළු වීම ද දැඩි ලෙස ප්‍රමාද කරන බව සඳහන් වී තිබේ. හමුදා පුහුණුවක් ලැබීමට සෑම පුද්ගලයෙකුටම නොහැකි අතර ඒ සඳහා ශාරීරික, මානසික සහ චිත්තවේගීය ඉල්ලීම් සපුරාලිය යුතුය. මෙවැනි ක්‍රියාවලියක් මගින් පුද්ගලයන්ගේ ජීවිත පවා අවදානමට ලක් විය හැකි බව ඇතැමුන් පෙන්වා දෙයි. ඒ, හදිසි අනතුරු සිදුවන්නේ සැබෑ සටන්වලදී හෝ යුධ පිටියේදී පමණක් නොව, පුහුණුවීම් වලදීද අනතුරුවලට ලක් වීමේ ඉඩකඩ ඇති බැවිනි. හමුදා පුහුණුව ලැබූ පමණින් පුරවැසියන් විනයගරුක, නීතිගරුක වේ දැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැම්හු ප්‍රශ්න කරති. ඊට උදාහරණ වශයෙන් හිටපු සහ සේවයේ නිරත හමුදා සාමාජිකයන් සම්බන්ධ අපරාධ හුවා දක්වා තිබිණි. කෙසේනමුත්, තවත් පිරිසක් කියා සිටින්නේ අනිවාර්ය හමුදා පුහුණුව තුළින් විනය ගොඩ නැගී රට සංවර්ධනය වන බවය. මේ තොරතුරුද කියවන්න:
වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පසුගියදා ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සමාජයේ ජන කොටස් අතර ප්‍රචන්ඩ ක්‍රියා මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බව බොදු බල සේනා සංවිධානය පවසයි එම සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ පැපිලියානේ ෆැෂන් බග් රෙදිපිළි වෙළඳසැලට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අදහස් පළ කරමින්. බෞද්ධ භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ සිය ගණනක පිරිසක් විසින් වෙළඳසැලට ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කරද්දී, පොලිස් නිලධාරීන් බලා සිටිනු වීඩියෝ පටවල දැක්වේ. එම "අඥාන, පහත ගණයේ" ප්‍රහාරය තදින්ම හෙලා දකින බව සංදේශයට පැවසූ ඥානසාර හිමියන් එය විග්‍රහ කරන්නේ තම සංවිධානය අපකීර්තියට පත් කිරීම පිණිස දියත්ව ඇති ක්‍රියාදාමයක කොටසක් ලෙසින්. කෙසේ නමුත් සමාජයේ ජන කොටස් අතර ප්‍රචන්ඩ ක්‍රියා මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවද එහිමියෝ පවසති. ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තිදෙනකු අත් අඩංගුවට ගෙන සිටින බව පොලිස් ප්‍රකාශක, පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි ට පැවසීය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් වෙළඳ ව්‍යාපාර වර්ජනය කරන මෙන් කිසිවෙක් ඉල්ලා සිටින්නේ නම්, එය "සම්පූර්ණ ගෝත්‍රවාදී අදහසක්" බව පවසන බොදු බල සේනා සංවිධානය, තමන් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සේවයට වාර්තා කළත් 'ගන්න පඩියට වැඩක් නොකර නිකම්ම කාලය කා දමා ගෙදර යන' ඇතැම් නිලධාරීන් ගැන, ඇතැම් රටවල ජනතාවගෙන් නිතර දෙවේලේ චෝදනා මතු වීම අලුත් පුවතක් නොවේ. නමුත් මෙම පුද්ගලයා වසර 15ක් තිස්සේ රාජකාරියට වාර්තා කිරීමක් හෝ සිදුකර නැතැයි පැවසේ. නමුත් වැටුප් ලබා ඇති බවට චෝදනා එල්ලවේ. මෙම අපූරු පුවත වාර්තා වන්නේ ඉතාලියෙන් ය. රෝහල් සේවකයෙකු ලෙස පත්වීම් ලබා සිටියදී රාජකාරියට වාර්තා කිරීමකින් තොරව පහළොස් වසරක් පුරා වැටුප් ලබා ඇතැයි මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබේ. ඉතාලියේ දකුණු කලාපයේ, කටන්සාරෝ නගරයේ පිහිටි Ciaccio රෝහලේ සේවය සඳහා පත්වීම් ලබා සිටි ඔහු 2005 වසරේ පටන් රාජකාරියට වාර්තා කර නොමැති බව පැවසේ. ඉතාලියේ Ansa පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට, වංචා කිරීම, අසාධාරණ ලෙස මුදල් අය කිරීම සහ රාජකාරිය අවභාවිතයේ යෙදවීම යන චෝදනා මත මෙම පුද්ගලයා පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ. කිසිදු රාජකාරියක් කර නොමැති බවට සැලකෙන මෙම පුද්ගලයා හට පහළොස් වසර පුරා වැටුප් ලෙස ගෙවා ඇති මුළු මුදල යූරෝ 538,000ක් (පවුම් 464,000) බව වාර්තා වේ. මෙම පුද්ගලයා රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත්තේ Calabria නගරයේ රෝහලකය දීර්ඝ විමර්ශනයේ ප්‍රතිඵලය ඔහු සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම රෝහලේ කළමනාකරුවන් හය දෙනෙකු පිළිබඳව ද විමර්ශන පැවැත්වෙමින් තිබේ. ඉතාලියේ රාජ්‍ය සේවය තුළ සිදුවී ඇතැයි සැලකෙන මෙම වංචාව පිළිබඳව පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද දීර්ඝ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස කීපදෙනෙක් අත්අඩංගුවට පත්වී සිටිති. මෙම පුද්ගලයා රජයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී 2005 වසරේදී ඉහත කී රෝහලේ රාජකාරියක් සඳහා පත් කර තිබේ. එතැන් පටන් ඔහු රාජකාරියට වාර්තා කිරීම පැහැරහැර ඇති බව පොලිසිය පවසයි. තමන්ට එරෙහිව විනයානුකුල ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට ඔහුගේ කළමනාකාරියකට තර්ජනය කර ඇති බවට ද පොලිසිය චෝදනා ඉදිරිපත් කර ඇත. එම කළමනාකාරිය පසුව විශ්‍රාම ගොස් ඇති බව ද පොලිසිය පැවසීය. නමුත් මෙම පුද්ගලයා සේවයට වාර්තා නොකිරීම පිළිබඳව එවක් පටන් කිසිවෙකුගේ අවධානයට ලක්වී නොමැත.
යම්කිසි පුද්ගලයකුට වසර 15ක් තිස්සේ නිකරුණේ වැටුප් ගෙවීමක් කළ හැකිද? වැටුපක් ලබන පුද්ගලයෙකුට ඒ සා දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු රාජකාරියක නිරත නොවී සිටිය හැකිද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දු -පකිස්තාන් නායකයන් මෝඩි පසුගිය වසරේ අගමැති පදවියට පත් වීමෙන් පසු පකිස්තානයේ සිදු කරන පළමු සංචාරයයි මේ. අගමැති මෝඩි ඉතා හදිසියේ සිදු කෙරුණ සිය පකිස්තාන් සංචාරය පිළිබඳව හෙළි කරන ලද්දේ ‘ට්විටර්’ පණිවුඩයක් මගිනි. පකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් මුණ ගැසීම සඳහා තමා ලාහෝර් නගරයට ‘ගොඩ වදින’ බවයි අගමැති මෝඩි සිය ‘ට්විටර්’ පණිවුඩයේ ලියා තිබෙන්නේ. ඉන්දියානු නායකයා ලාහෝර් නගරයට ගොඩ බැස්සේ ඇෆ්ඝනිස්තානයේ සිට ආපසු සියරට බලා යමින් සිටින අතරයි. ඇෆ්ඝන් සංචාරයේ දී ඔහු කාබුල් පාර්ලිමේන්තුව අමතා දෙසුමක් ද කළේය. ඉන්දු උප මහාද්වීපයේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා වන ඉන්දියාව සහ පකිස්තානය අතර සාම සාකච්ඡා යළි පණ ගැන්වීම සඳහා ගනු ලබන අලුත්ම ප්‍රයත්නය අගමැති මෝඩි ගේ ලාහෝර් ගමනයි. කාබුල් නගරයේ දී උණුසුම් පිළිගැනීමක්. දෙරටේ අගමැතිවරුන් දෙදෙනා පසුගිය දා පැරිස් නගරයේ පැවැත්වුන ජගත් දේශගුණ සමුළුව අතරවාරයේත් මුණ ගැසුන අතර ඔවුන් අතර කෙටි සංවාදයක් ද සිදු වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කෙරුනේ. අද (25) ලාහෝර් හමුව සිදු වුණේ පකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් ගේ උපන් දිනයේ යි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝඩි පකිස්තානයට ලඟා විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හෙට බ්‍රහස්පතින්දා ඉන්දියාවත් සමඟ ආරම්භ කෙරෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි ජැක් කලීස් පවසන්නේ. කේප් ටවුන්හි උපත ලද තිස් අට හැවිරිදි, ජැක්ස් හෙන්රි කලීස් ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකි. මංගල ටෙස්ට් තරඟය කලීස් ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය ආරම්භ වන්නේ,1995 දී එංගලන්තය සමඟ සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වෙමින්. ටෙස්ට් තරඟ වලදී මේ වන විට ලකුණු 13174 ක් ලබා සිටින කලීස්, කඩුළු 292 ක් බිඳ හෙළා තිබෙනවා. 1996 දී සිය පළමු ජාත්‍යන්තර එක්දින තරඟයට සහභාගී වෙන ජැක් කලීස් එක දින තරඟ 325 කදී ළකුණු 11574 ක් වාර්තා කොට ඇත. අයි.පී.එල් ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ද කැපී පෙනෙන ක්‍රීඩකයකු වන ජැක කලීස්, ‘රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්’ සහ ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ ක්‍රීඩා සමාජ නියෝජනය කර ඇත.
තුන් ඉරියව්වෙන් සපන් කම් පෑ ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනා අතර සිටින දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජැක් කලීස් ටෙස්ට් සහ පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව ප්‍රකාශයට පත් කෙරිණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔවුන්ගේ ඥාතීන් මළ සිරුරු හඳුනා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කළේ. අවසන් කටයුතු සිදුකිරීම පිණිස ඥාතීන්ට පහසුකම් සැලසූ බවත් ඔහු පැවසුවේය. පශ්චාත් මරණ පරීක්ෂණ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත අනුරාධපුර මහා රෝහලේ දී විශේෂඥ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කළ බවයි ඔහු සඳහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වීම සඳහා ත්‍රිකුණාමලයේ සිට පැමිණි මිය ගිය ගෝපිගේ මාමා වන එස්. බාලගුරුධරන් කියා සිටියේ තම බෑනා ගේ මළ සිරුර ලබා දෙන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටියත් ත්‍රස්තවාදී ක්‍රියාවක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති නිසා මළ සිරුර තමා වෙත බාර දීමට නොහැකි බව පොලීසිය පැවසූ බවයි. ගෝපිගේ මරණයෙන් පසු තම පවුල අනාථ භාවයට පත්වූවා පමණක් නොව සමාජයෙන් එල්ල වන නින්දා හා අපහාස මෙන්ම ආරක්ෂක අංශ වල බලපෑම ද මේ වන විට වැඩි වී ඇති බවයි එස්. බාලගුරුධරන් තවදුරටත් කියා සිටියේ.
පදවිය ප්‍රදේශයේ දී යුද හමුදා වෙඩි තැබීමෙන් මිය ගිය සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝපි, සුන්දරලිංගම් හෙවත් තේවියන් සහ නවරත්නම් නවදීපන් හෙවත් අප්පන් යන එල්ටීටීඊ සැකකරුවන් තිදෙනා ගේ මළසිරුරු අද අනුරාධපුරයේ දී රජයේ වියදමින් සිදු කෙරිණ .
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බී.බී.සී.යට පැවසුවේය. ඉතා විශ්වාසදායක පුද්ගලයින්ගෙන් ලැබුණු තොරතුරක් මත පෙබරවාරි19 දා පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර ගැනීමේ අරමුණින් යැයි දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. පරීක්ෂණ මන්ත්‍රීවරයා තොරතුරු ඉදිරිපත් කල පුද්ගලයන් පිළිබඳව සහ ඔවුන් කළ සම්පූර්ණ විස්තර මොනවාදැයි කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන් සතුව ඇති සියලු තොරතුරු ජන මාධ්‍යයට හෙලි කල නොහැකි බවයි. කෙසේ වෙතත් රහසිගතව රඳවා ගෙන සිටි පිරිසට නාවික හමුදා ට්‍රක් රථ මගින් ආහාර පාන සැපයූ අන්දම තොරතුරු සැපයූ පුද්ගලයන් විසින් විස්තර කල බව කී මන්ත්‍රීවරයා එම පුද්ගලයන් නිදහස් කළේද එසේත් නොමැතිනම් ඔවුන්ට සිදු වූයේ කුමක්ද යන්න ගැන වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවද කියා සිටියේය. රහසි ගත කඳවුරේ රඳවා සිටි පුද්ගලයන් වෙන වෙනම රඳවා සිටි අතර ඔවුන්ට එකිනෙකා සමග කිසිදු සම්බන්ධතාවක් පැවැත්වීමට කඳවුර බාර නිලධාරීන් ඉඩ නොතැබූ බවද තමන්ට තොරතුරු සැපයූ පිරිස කියා සිටි බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. විශාල සැකයක් මේ අන්දමට පවත්වා ගෙන ගිය තවත් කඳවුරු ඇති බවට දෙමළ වැසියන් තුළ විශාල සැකයක් පවතින බව කී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් පැවසූ පරිදි යුද සමයේ දී අතුරුදහන් වූ බවට සැක කෙරෙන 140000 ගේ කථාව සත්‍ය යැයි පිළිගැනීමට මෙවැනි රහසිගත රැඳවුම් කඳවුරු සාධකයක් වන බවද කියා සිටියේය. යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම වසර දෙකක් තිස්සේ රැස් වන නමුත් කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව එකම සැකකරුවකු හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ සොයා ගැනීමට හෝ නිලධාරීන්ට නොහැකිවී ඇති බැවින් එම කොමිසම පිළිබඳවද කිසිදු විශ්වාසයක් නැතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අභ්‍යන්තර කටයුතු හා මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වුයේ නැත.
ත්‍රිකුණාමළයේ නාවික හමුදා කඳවුරේ ගෝඨා නමින් වූ රහසිගත කඳවුරක දෙමළ වැසියන් 700ක් සහ දෙමළ පවුල් 35 ක් වෙන වෙනම රඳවා සිටි බවට පැවසෙන තොරතරු ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමතිවරයා ඒ බව කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන කමිටු සැසි වාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. "අධික රුධිර පීඩනය, අංශ භාගය, දියවැඩියාව, පිළිකා සහ හෘද රෝග. මේ රෝග තත්වයන් තමයි අපිට තිබෙන ප්‍රධාන අභියෝග." "දුම් කොළ හා මද්‍යසාර භාවිතය, අක්‍රිය ජන ජීවිතය, අහිතකර ආහාර හා මානසික ආතතිය වැනි දේවල් තමයි මේ රෝග ඇති වෙන්න හේතු." දුම් පානයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නිර්දේශ කරන ලද පොදු ස්ථානවල දුම් බිම තහනම් කිරීම, රූපමය අවවාදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති බව කියා සිටි සෞඛ්‍යය අමාත්‍යවරයා එම නිෂ්පාදනවල බදු ඉහළ නැංවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවත් සඳහන් කළේය. "72% ක් වන වර්තමාන දුම් කොළ බද්ද 90% දක්වා වැඩි කරන්නත් ඒකට 15% ක වැට් බද්දක් පනවන්නත් යෝජනා කොට තිබෙනවා." දුම් කොළ නිෂ්පාදන සඳහා බදු වැඩි කිරීමෙන් දුම් පානය අවම කළ හැකි දැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ බදු ඉහළ නැංවීමට කටයුතු කළ සෑම අවස්ථාවකදීම 4% ක පමණ පිරිසක් දුම් බීමෙන් ඉවත් වී ඇති බවයි. ලෝක සෞඛ්‍යය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන කමිටු සැසි වාරය සඳුදා ආරම්භ වූයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී. සමුළුව සඳහා කලාපයේ සෞඛ්‍යය අමාත්‍යවරුන් ඇතුළු විදේශීය සෞඛ්‍යය බලධාරීන් 200 දෙනෙක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාව තුළ 68% ක් මරණවලට හේතු වී ඇති බෝ නොවන රෝග පාලනය සඳහා අධික සීනි, මේදය සහ ලුණු අඩංගු ආහාර සඳහා ඉහළ බද්දක් පැනවීමට කටයුතු කරන බව සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නාය යාමට හසු වී වැළලී ගිය නිවාස 66 ක් හමුදා සාමාජිකයන් විසින් හඳුනා ගනු ලැබ ඇති බව කියා සිටි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම අගය බෙහෙවින් ඉහළ හා හැකි බව සඳහන් කළේය. බදාදා උදෑසන මළ සිරුරු හතක් සොයා ගැනීමට හැකි වූ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසීයට කියා සිටියේ. 150 ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය. දරුණු නාය යාමකට හසු වූ අරණායක සිරිපුර, පල්ලෙබාගේ සහ එළඟිපිටිය යන ගම්මානවලට අයත් පවුල් දෙසීයක් පමණ නාය යාමට ගොදුරුව අතුරුදන් වී ඇති බවට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය බිය පළ කරයි. නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශකයකු පැවසුවේ එතරම් පවුල් සංඛ්‍යාවක් අතුරුදහන් වී සිටීදැයි යන්න නිශ්චිතවම කිව නොහැකි බවයි. නාය යාමට හසු වී වැළලී ගිය නිවාස 66 ක් හමුදා සාමාජිකයන් විසින් හඳුනා ගනු ලැබ ඇති බව කියා සිටි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම අගය බෙහෙවින් ඉහළ හා හැකි බව සඳහන් කළේය. අරණායක වැළලී ගිය නිවාස 'හැට හයක් හඳුනා ගැනේ' මේ අතර බුලත්කොහුපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමට හසු වූ පුද්ගලයන් අතුරින් තිදෙනකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවත් තවත් දාසය දෙනකුවත් අතුරුදහන් වී සිටින බවත් පොලිසිය තහවුරු කරයි. දින තුනක් පුරා දිවයිනේ බොහොමයක් ප්‍රදේශවල පැවති අධික වර්ෂාව හමුවේ ඇතිවූ හදිසි ජල ගැලීම් සහ නාය යෑම්වලට ගොදුරු වී විසි පස් දෙනකුට අධික පිරිසක් මරුමුවට පත් වී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. බදාදා උදෑසන වන විට ගංවතුර හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් අවතැන් වී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
අරණායක නාය යාමට ලක් වූ ප්‍රදේශයේ සහන කටයුතු සඳහා හමුදා සාමාජිකයන් තුන්සීයකට වැඩි පිරිසක් යොදවා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රනින් නිම වූ කමිසයක් ඉන්දීය මහා බැංකුව එවැනි පියවරක් ගෙන තිබෙන්නේ,රට දරුණු ආර්ථික අර්බුදයක් සමඟ පොර බදමින් සිටියදී. බැංකුවේ නිලධාරියෙක් අදහස් දක්වමින්,තම අරමුණ කොතරම් රන් සංචිත කෝවිල් සතුව තිබේද යන්න තක්සේරු කිරීම මිස, ඒවා මිලදී ගැනීම නොවන බවයි කියා සිටියේ. හින්දු බැතිමතුන් විසින් පරිත්‍යාග කරන ලද රත්රන් ටොන් සිය ගණනක් ඉන්දියාවේ බොහෝ පොහොසත් කෝවිල් සතු ඇති බවයි, වාර්තා වන්නේ. ලොව රත්රන් වැඩි වශයෙන් පළඳින රට ඉන්දියාවයි. රත්රන් මිලට ගැනීම රටේ වෙළෙඳ හිඟය උග්‍ර වීමට සහ ඉන්දියානු රුපියලේ වටිනාකම පහත වැටීමට හේතු වී ඇති බවත් ප්‍රකාශ වෙයි.
ඉන්දීය මහ බැංකුව,රටේ කෝවිල් සන්තක සියළුම රත්රන් සංචිත ලේඛනගත කරන මෙන් පොහොසත් හින්දු කෝවිල්වලට දැනුම් දී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ඔහු විශිෂ්ට දක්ෂතා ඇති තරුණයෙක් බව ඇන්ජලෝ මැතිව්ස් පෙන්නුම් කළා" යයි හිටපු නායක කුමාර් සංගක්කාර කියා සිටියේය. "මේ තරගාවලියේ දී අපට වාසි හා අවාසි අවස්ථාවන්හි ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකාරයෙන්ම පේනවා ඔහුගේ තීක්ෂණ බුද්ධිය හා නායකත්වයේ ගති ලක්ෂණ" සංගක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය. දෙවන ටෙස්ට් තරඟයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනසකට යොමු කෙරුණ මැතිව්ස්ගේ පළමු ඉනිමේ කඩුලු හතර සහ දෙවන ඉනිමේ ශතකය නිසා ඇන්ජලෝ මැතිව් තරගයේ වීරයා සම්මානයෙන් ද පුදනු ලැබුණි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එංගලන්තයේ පැවැත්වුන ටෙස්ට් තරඟාවලියකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයයි. තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ ඊයේ අඟහරුවාදා නිම වූ දෙවැනි ටෙස්ට් ගැටුමේ අවසන් දිනයේ අවසාන පන්දුවාරයේදීයි. අත් නො හළ අධිෂ්ඨානය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ, “එය විශිෂ්ට ජයග්‍රහණයක් " වන බවයි. "අපි අපේ උත්සාහය අවසන් මොහොත තෙක්ම අත්හැරියේ නැහැ, විශ්වාසය දිගටම තියා ගත්තා, අපේ පන්දු යවන්නන්ට එතරම් අත්දැකීම් නැහැ, නමුත් ඔවුන් හොඳ ස්ථානවලට පන්දු යැව්වා"කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය. මෙම ජයග්‍රහණය ‘ඉතා විශේෂ එකක්’ බව පැවසූ මහේල ජයවර්ධන මෙම තරඟාවලිය බොහෝ දුරට ඔහුගේ අවසාන එංගලන්ත සංචාරය විය හැකි බවයි කියා සිටියේ. කාලගුණයේ අභියෝගයත් ජය ගනිමින් " ස්ලිප්හි පන්දු රකින කොට මම කුමාර්ට කිව්වා, තරඟය අන්තිම පන්දු වාරය දක්වා ක්‍රීඩා කිරීමට සිදු විය හැකි බව. එය එලෙස ම සිදු වුණා " මහේල ජයවර්ධන සඳහන් කළේය. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මැයි සහ ජුනි මාසවල තම රටේ පැවැත්වෙන තරගාවලියක් දෙදාහේ වසරේ සිට මෙතෙක් පරාජය වී නො තිබුණ බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. එම මාසවල පවතින කාලගුණය හා පන්දුව දැඩි ලෙස දෝලනය වීම ආසියානු රටවල කණ්ඩායම් මුහුණ දෙන දැඩි අභියෝගයක් බවත් එම අභියෝගයට ද මුහුණ දෙමින් ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය ඉතා විශිෂ්ට එකක් බවත් ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට නායකත්වය හා ක්‍රීඩාවේදී තුන් ඉරියව්වෙන් ඔහු දැක්වූ දක්ෂතා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් දින සහ ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ඉවහල් වූ ප්‍රධානතම හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එවැනි වේදිකා නාට්‍යයක් පසුගියදා යාපනයේ වීරසංහම් ශාලාවේ වේදිකා ගත විය. සිංහල දෙබස් සහිත නාට්‍ය නැරඹීම සඳහා පැමිණි බහුතරයක් දෙනා දෙමළ කතා කරන රසිකයන් වූ අතර නාට්‍යයේ දෙබස් තේරුම් ගැනීමට අපහසු වූ බව ඔවුහු කියා සිටියහ. මේ අතර පසුගියදා වව්නියාවේ නවගම ගම්මානයේදීත් දෙමළ දෙබස් සහිත වේදිකා නාට්‍යයක් වේදිකා ගත වූ අතර එය නැරඹීමට පැමිණ සිටි සියලු දෙනා සිංහල භාෂාව කතා කරන රසිකයන්. 'නාට්‍යය නම් හොඳයි පේන විදිහට. ඒ වුනාට ඔක්කොම තිබ්බේ දෙමළ භාෂාවෙන්. ඒ නිසා අපිට කිසි දෙයක් තේරුණේ නැහැ' ගම්වාසී එක් තරුණියක් කියා සිටියාය. සංහිඳියාව ගොඩ නැගීමේ අරමුණින් උතුරේ වේදිකා ගත වන නාට්‍යය සඳහා භාෂා ගැටලුව බාධාවක් නොවේද? සිංහල භාෂාව නොදන්නා අයකුට සිංහල දෙබස් සහිත නාට්‍යයක් පෙන්වීමෙන් කෙතරම් බලපෑමක් සිදු වේ දැයි යන්න විශ්‍රාමලත් කථිකාචාර්ය පී.බී සෙල්වරාජ් ප්‍රශ්න කරයි. රාජ්‍ය සම්මානලාභි වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන පරාක්‍රම නිරිඇල්ල කියා සිටියේ දෙබස් හරහා ගොඩ නැගෙන නාට්‍යය සඳහා භාෂාව සෑම විටම බාධාවක් වන බවයි. කෙසේ නමුත් එවැනි නාට්‍යයකින් සංහිඳියා ගමනට ඇති කරන බලපෑම අධ්‍යක්ෂක පරාක්‍රම නිරිඇල්ල ප්‍රශ්න කරයි. (''සංහිඳියාව ගොඩ නැගීම සඳහා නාට්‍යය කලාව යොදා ගත හැකිද?' යන්න පිළිබඳ බීබීසී සංදේශය වෙනුවෙන් දිනසේන රතුගමගේ කළ විමසුමකට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.)
උතුරත් දකුණත් අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා විවිධ සංවිධාන සහ කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල වේදිකා නාට්‍යය ඇතුළු කලා උළෙලවල් පැවැත්වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තම සංගමයේ නිලවරණයේදී තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරන්නේ ඒ ඒ අධිකරණවල විනිසුරුවරුන් බව, මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නීතිඥ සංගමයේ ලේකම් නීතිවේදී අමල් රන්දෙනිය කියා සිටියේය. එහෙත් නීතිඥ රාමනාදන් කන්නන් යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස පත්කිරීමට විරෝධය පළකිරීමක් ලෙස හෙට දින නිලවරණයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය දන්වා ඇතැයි ද නීතිවේදී අමල් රන්දෙනිය පැවසීය. රාමනාදන් කන්නන් නීතිවේදියා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කරනු ලැබුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමක් අනුව බව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා සඳහන් කළේය. කෙසේ නමුත් තමන් දැනුවත්ව එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බව සංගමයේ ලේකම් නීතිවේදී අමල් රන්දෙනිය පවසයි. "ඇත්තටම මා හෝ අපේ විධායක කමිටුව දැනගෙන හිටියේ නැහැ මෙවැනි ලිපියක් ගිය බවට. ඇත්තටම මේ ගැන අපි දැනගන්නෙත් අධිකරණ නිලධාරීන්ගේ සංගමය අපිව දැනුවත් කලාට පසුවයි," ඔහු පැවසීය. සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තම සංගමය අධ්‍යයනය කරමින් සිටින බවත් ලේකම්වරයා පැවසීය. "පසුව දැනගත්තා සංගමයේ මඩකලපුව ශාඛාවේ ඉල්ලීම මත සභාපතිවරයා මෙම නිර්දේශය කළ බව." සංගමයේ ලේකම්වරයා එල්ලකරන මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. රාමනාදන් කන්නන් විනිසුරුවරයාගේ පත්වීම අවලංගුකිරීම සඳහා නීතිඥ සංගමයට කිසිවක් කළ නොහැකි බවත් ලේකම්වරයා සඳහන් කළේය.
විනිසුරුවරුන්ගේ සංගමය වර්ජනය කිරීම හේතුවෙන් හෙට දින පැවැත්වීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එජාප නියෝජිත පිරිස මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් පසු 'ව්‍යවස්ථාවට අපහාසයක්' " ජනාධිපතිවරණය නොවැම්බර් 20 වෙනිදා කැදවල මැතිවරණය 8 වැනිදා පවත්වන්න යනවා කියල විවිධ ආරංචි පැතිරෙනවා, මේක අපි දකින්නේ ව්‍යවස්ථාවට කරන අපහාසයක් විදිහට, මොකද මැතිවරණයක් අවශ්‍ය බව නිවේදනය කරන්න රජයට පුළුවන් හැබැයි දිනය තීරණය කල යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා විසින්" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. රජයේ අමාත්‍යවරුන්ට මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ කිසිදු ප්‍රකාශයක් කිරීමට නීතිමය බලයක් නොමැති බව පැවසූ කරු ජයසුරිය මන්ත්‍රීවරයා ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා ට පැමිණිලි කල බවයි ප්‍රකාශ කළේ. 'නීතිමය බලයක් නැහැ' ඊයේ කොලඹ දී මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රශ්න කලේ ජනාධිපතිවරයාගේ නක්ෂත්‍ර කරුවන්ට අවශ්‍ය පරිදි ජනවාරි මස නව වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සුදානම් වන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳ ව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කළ බවයි. 'නැවත තරඟ කරන්න බැහැ' " වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ ව්‍යවස්ථාවට අනුව නැවත තරග කරන්න හැකියාවක් නැහැ අපි ඒක මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වා දුන්නා" යනුවෙන් ඔහු පැවසීය. ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වසර 4 ක නිල කාලය සම්පුර්ණ වු විට මැතිවරණයක් කැඳවිය නො හැකි බව ද ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වා දුන් බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අද උදසන මැතිවරණ කොමසාරිස්වරයා වෙන වෙනම මුණගැසුණු අතර ජනාධිපතිවරණ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කළ බවයි එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මන්ත්‍රීවරයා හමුවෙන් අනතුරුව මාධ්‍යට පවසා සිටියේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳ නීතිපති උපදෙස් මත පරීක්ෂණ පවත්වන බවයි වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට සැක පිට ඉකුත්දා කොළඹදී ඉන්දීය ජාතිකයින් අට දෙනෙකු අත් අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණ නියෝග මත ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මිරිහානේ පිහිටි විශේෂ කඳවුරක රඳවා තිබිණි. එහි සිටි එක් සැකකරුවෙකු පළා ගිය බවයි පොලිසිය මීට ඉහතදී අධිකරණයට වාර්තා කළේ. එසේ පළා ගිය සැකකරු මේ වන විට රටින් පිටව ගොස් ඇති බව පොලිසිය අධිකරණයට වාර්තා කළ බවයි විත්තියේ නීතිඥ ලක්ෂාන් ඩයස් කියා සිටියේ. එම සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙස දන්වා අධිකරණය දැනටමත් වරෙන්තුවක්ද නිකුත් කොට තිබේ. අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳ නීතිපති උපදෙස් මත පරීක්ෂණ පවත්වන බවයි. පරීක්ෂණ කඩිනමින් නිම කරන මෙන් පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර ඉන්දීය ජාතිකයින් හත් දෙනා ලබන 31 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය. එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසයි අධිකරණය පොලිසියට නියම කොට සිටියේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වන බව පැවසෙන නීති විරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටියදී පළාගිය ඉන්දීය ජාතිකයා රටින් පිටව ගොස් ඇති බව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද අපරාධ චෝදනා සම්බන්ධ කරුණ කොළඹ පැවති රාජ්‍ය නායක සමුළුව අභිභවනය කළේය විලියම් හේග් මේ බව කියා ඇත්තේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස හෝ එක්සත් ජාතීන්ගේ විමර්ශනයකට මුහුණ දීමට සිදුවන බව අගමැති ඩේවිඩ් කැමරන් ජනාධිපති මහින්ද රාජපක්ෂට කියා සිටීමෙන් අනතුරුවයි. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ගේ ම පරීක්ෂණයක් පැවැත්වීම මගින් යුද හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කරන බව ලෝකය හමුවේ විදහා දැක්වුව හොත් එය 'මහත් වෙනසක්' සිදු කරනු ඇති බවයි. 2015 සමුළුව මෝල්ටාවේ මෙම කරුණ කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අභිභවනය කළේය. මෝල්ටාව 2015 නායක සමුළුවේ සත්කාරක රට බව පොදු රාජ්‍ය මණ්ඩල නායකයෝ ප්‍රකාශයට පත් කළහ. ලබන සමුළුව පැවැත්වීමට නියමිත ව සිටි මුරිසි අගමැති නවීන් චන්ද්‍ර රාම්ගුලාම් මෙන්ම කැනඩා අගමැති ස්ටීවන් හාපර් මෙවර කොළඹ ඒමෙන් වැළකී සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ට විරෝධය දක්වමින්. ඉන්දීය අගමැති මන් මෝහන් සිං ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීය. එල්ටීටීඊ ය පරදවා ලූ යුද්ධයේ අවසාන වකවානුවේ යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ සිදුවූ බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකාවේ රජය ප්‍රතික්ෂේප කරයි.
ලබන මාර්තු මාසයට පෙර යුද අපරාධ පරීක්ෂණයක් තහවුරු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුව ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය වරයා විශ්වාසය පළ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අද (පෙබ.13) කොළඹ එම්.සී.ඒ පිටියේ පැවති තරගයේ ඕවර පනහක් අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 122 ක් රැස් කිරීමට තායිලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ ඕවර තිස් හතරක් සහ පන්දු හතරක් අවසානයේ කඩුලු තුනක් දැවී ජයග්‍රහණය කරා ළඟා වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර සහ ශ්‍රීපාලි වීරක්කොඩි කඩුලු දෙක බැගින් දවා ගත්හ. තායිලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි පොල්ගම්පොල ලකුණු 49 රැස් කළ අතර නිපුනි හංසිකා ලකුණු 38 රැස් කළේය.
කාන්තා ජගත් කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තායිලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු හතක ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියාවේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 18 ඉක්මවා ඇත වෛරසයේ දෙවෙනි රැල්ල ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විනාශකාරී ලෙස පැතිරෙමින් තිබෙන අතර බ්‍රහස්පතින්දා දින (අප්‍රේල් 29) නව රෝගීන් 386,452 ක් වාර්තා වී තිබේ. එය එක්දිනක් තුළ රටකින් වාර්තා වූ විශාලතම රෝගීන් සංඛ්‍යාවයි. රට පුරා තවත් මරණ 3,500 ක් වාර්තා වී ඇති අතර ඉන් 400 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන්නේ දිල්ලියෙනි. අගනුවරින් එතරම් මරණ වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 18 ඉක්මවා ඇත. කෝවිඩ්-19: ඔක්සිජන් හිඟයක් මැද ඉන්දියාවේ වාර්තාගත කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් එක්සත් ජනපදයෙන් ලබා දුන් පළමු වෛද්‍ය සැපයුම් තොගය සිකුරාදා (අප්‍රේල් 30) ඉන්දියාවට ලැබුණු අතර, ධවල මන්දිරය පවසන පරිදි එහි ඩොලර් මිලියන 100කට වඩා වැඩි ආධාර ඇත. නමුත් ඔක්සිජන් සැපයුම සහ රෝහල් ඇඳන් හිඟය ඉන්දියාව පුරා තවමත් දක්නට ලැබෙන අතර කෝවිඩ් රෝගීන්ගේ ඥාතීන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ උපකාර අයැද සිටිති. මේ තොරතුරු ද කියවන්න: දිල්ලි නුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ කෝවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයන් සඳහා වෙන් කර නොමැති ආදාහනාගාරවල පවා, පවුලේ සාමාජිකයන් ආදාහනය කිරීමට මිනිසුන්ට මේ වන විට සිදුව ඇති බවය. "ඒ නිසා අපි යෝජනා කළා තවත් ආදාහනාගාර පිහිටුවිය යුතුයි කියලා," පොලිස් නිලධාරියා එන්ඩීටීවී පුවත් නාලිකාවට පැවසීය. කෝවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරේදී සවිස්තරාත්මක මාර්ගෝපදේශ නිකුත් කළේය. වෛරසය බෝවීම වළක්වා ගැනීම සඳහාවූ විශේෂ ක්‍රියාමාර්ග ද එහි ඇතුළත්ව තිබිණි. වසංගතය පාලනය කිරීම සහ මෑත සතිවලදී විශාල මැතිවරණ රැලි සහ ආගමික උත්සව පැවැත්වීමට ඉඩදීමට ගත් තීරණ සම්බන්ධයෙන් ඉන්දියාවේ මධ්‍යම රජය දැඩි විවේචනවලට මුහුණ දී සිටියි. බ්‍රහස්පතින්දා (අප්‍රේල් 29) දින ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා රජය වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ එරට මරණ අනුපාතය ලෝකයේ අවම අගයක් ගන්නා බවත් ඔක්සිජන් සැපයීම "ප්‍රමාණවත්" බවත් ය. ඔක්සිජන් සැපයුම සහ රෝහල් ඇඳන් හිඟය ඉන්දියාව පුරා තවමත් දක්නට ලැබෙන අතර කෝවිඩ් රෝගීන්ගේ ඥාතීන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ උපකාර අයැද සිටිති සෞඛ්‍ය අමාත්‍යය හර්ෂ් වර්ධන් ඒඑන්අයි (ANI) පුවත් ඒජන්සියට පැවසුවේ විදේශයන්ගෙන් ඇතුළු "බොහෝ ක්‍රමවලින් ඔක්සිජන් දැන් ලබා ගත හැකි" බවත් ඒවා ගබඩා කිරීම සහ 'ක්‍රයෝජනික්' ටැංකි ද සකස් කරමින් සිටින බවත්ය. කෝවිඩ් පරීක්ෂණ කට්ටල මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සහ එන් 95 මුහුණු ආවරණ 100,000ක් රැගත් එක්සත් ජනපද හමුදා ගුවන් යානයක් සිකුරාදා (අප්‍රේල් 30) උදෑසන දිල්ලි නගරයට ගොඩ බැස්සේය. එක්සත් රාජධානිය ද මෙම සතිය මුලදී ඉන්දියාවට 'වෙන්ටිලේටර්' පරිත්‍යාග කළේය. කෙසේවෙතත්, ඉන්දියාවේ බොහෝ විශේෂඥයන් පවසන්නේ තවත් උපකරණ අවශ්‍ය බවය. අඟහරුවාදා (අප්‍රේල් 27) මුම්බායි හි ආචාර්ය සරීර් උඩ්වාඩියා බීබීසී සේවයට කියා සිටියේ මෙම ආධාර "සාගරයට දිය බිඳක්" පමණක් වන බවය.
සීඝ්‍රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යෝජනාවලියේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රමුඛත්වය ලැබෙන යෝජනා එහිදී හඳුනා ගත් බව හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා පැවසුවේය. සාකච්ඡා ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා පක්ෂ දෙක නියෝජනය කරමින් කමිටුවක් පත් කර ගත් බවත් පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ සඳහන් කළේය. ජාතික හෙළ උරුමය දෙවන වතාවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමඟ සාකච්ඡාවක නිරත වුණේ. අපැහැදිලියි අරලියගහ මන්දිරයේ පැවති එම සාකච්ඡාවට හෙළ උරුමය නියෝජනය කරමින් චම්පික රණවක, උදය ගමන්පිළ, එම පක්ෂයේ සභාපති පුජ්‍ය අතුරුලියේ රතන හිමි ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක් වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජයන්ත, මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, ජෝන් සෙනවිරත්න සහ බැසිල් රාජපක්ෂ යන අමාත්‍යවරු සාකච්ඡාවට සහභාගී වී සිටියහ. මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය ගනු ලබන තීන්දුව තවමත් අපැහැදිලි තත්වයකයි පවතින්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේදී තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවලිය සුභවාදී අන්දමින් භාර ගත් බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ බීබීසීයට කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම සංවත්සර උළෙල සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 24ක් මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවේ සහ ඉන්දීය නාවික හමුදාවේ ගුවන් යානා 23 ක් සහභාගී වන බව ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කපිතාන් දුශාන් විජේසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය සැමරීම සදහා මාර්තු 2 වෙනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී ප්‍රධාන උත්සවය පවත්වන අතර ක්‍රීඩා ඇතුළු විවිධ උත්සව සංවිධානය කර ඇති බවය. "ආරක්ෂක ක්ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාවේ 'ප්‍රමුඛතා' හවුල්කරුවෙක්" ලෙස සලකන බව කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ඉරිදා (පෙබ. 28) නිකුත් කළ නිවේදනයක දැක්විණි. "ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුමට ඉන්දීය ගුවන් හමුදා සහ ඉන්දීය නාවික හමුදා පිරිස් සහභාගී වීම දෙරටේ සන්නද්ධ හමුදා අතර වර්ධනය වන සහයෝගීතාව, සුහදතාව සහ මිත්‍රත්වය පෙන්නුම් කරයි." යැයි සඳහන් වූ එම නිවේදනය, ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2020 නොවැම්බරයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවතී ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතා සාකච්ඡා සඳහා පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෙවාල්, ආරක්ෂක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියාවේ පූර්ණ සහයෝගය පිළිබඳ සහතිකයක් දී ඇති බව ද පෙන්වා දෙයි. සංදර්ශනයට සහභාගිවීමට පැමිණි ඉන්දියානු නිලධාරීන් ඉන්දියානු ගුවන් හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව මෙම අවස්ථාවට ඉන්දියාවේම නිෂ්පාදිත සාරංග් (නවීන සැහැල්ලු හෙලිකොප්ටර්) යානා ද ඇතුළත් කෙරෙන ගුවන් සංදර්ශනයකට එක්වනු ඇත. ඒ අතර 'සූර්ය කිරන්' යනුවෙන් හඳුන්වන හෝක්ස් යානා, 'තේජාස්' ප්‍රහාරක ගුවන් යානා, 'තේජාස්' පුහුණු යානා සහ ඩෝනියර් සමුද්‍රීය මුර සංචාර ගුවන් යානා ද සහභාගී කිරීමට ද නියමිතය. මේ පියවර ගෙන තිබෙන්නේ දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබිඹු කිරීමට මෙන්ම දෙරටේ හමුදා අතර වසර ගණනාවක සමීප සම්බන්ධතා සහ සුහදතාවන්ට අනුකූලව බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසීය. මෙම යානා ඉන්දීය ගුවන් හමුදාවේ සී 17 ග්ලෝබ් මාස්ටර් (C17 Globe Master) සහ සී 130 ජේ (C130J) ප්‍රවාහන ගුවන් යානා වල සහාය ඇතිව පෙබරවාරි 27 වන දින කොළඹට පැමිණි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.. "ගුවන් හමුදාවේ සහ ඉන්දියානු නාවික හමුදාවේ එවැනි විවිධාකාර හා විශාල යානා ප්‍රමාණයක් යෙදවීම, ඉන්දීය සහ ශ්‍රී ලංකා සේවාවන්හි අනුබද්ධ බලවේග අතර ඇති මිත්‍රත්වයේ සහ සමීප අන්තර් ක්‍රියාකාරිත්වයේ ශක්තිමත් බැඳීම්වලට සාක්ෂියක්" යැයි ද එම නිවේදනයේ සඳහන් වේ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ප්‍රදර්ශනයට තබා ඇති සියලුම ඉන්දියානු ගුවන් යානා ඉන්දියාවේම නිෂ්පාදිත ඒවා වන අතර එමඟින් ඉන්දියානු පර්යේෂණ හා සංවර්ධන අංශයේ දේශීය තාක්‍ෂණික හැකියාවන් සහ ඉන්දියාවේ ආරක්ෂක කර්මාන්තයේ නිෂ්පාදනවල විශ්වසනීයත්වය නිරුපණය කරන බවය. පළමු වරට විදේශයක ප්‍රදර්ශනයට තබන ඉන්දියාවේම නිෂ්පාදිත 'තේජාස්' නම් සැහැල්ලු ප්‍රහාරක පුහුණුයානාව දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ඉන්දියානු ගුවන් නියමුවන් සමඟ එක්ව පියාසර කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන්ට සැලසෙන බව ද එහි දැක්වේ. ඉන්දියාවේම නිෂ්පාදිත තේජාස් නම් සැහැල්ලු ප්‍රහාරක යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ට අර්ධ වාර්ෂිකව සපයන ' ඩෝර්නියර්' පුහුණු කිරීම් අඛණ්ඩව සිදු කිරීමක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීන්ට, ඉන්දීය නාවික හමුදාවේ 'ඩෝර්නියර්' සමුද්‍රීය මුර සංචාර ගුවන් යානයේ අත්දැකීම් අවස්ථාව ද මෙහිදී සැලසේ. මේ අතර ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්‍ෂක උපදේශක ලේකම් කාර්යාලය සඳුදා (මාර්තු 1 වෙනිදා) කොළඹදී විවෘත කෙරිණි. ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශවික සමුළුවේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී ස්ථාපනය කෙරුණු බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 70 වන සංවත්සරය මාර්තු 2 වන දින සමරනු ලබන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක බලඝණය සහ අංක 6 හෙලිකොප්ටර් බලඝණය සඳහා ජනාධිපතිගේ වර්ණ පිදීමට නියමිතය. මෙම ඓතිහාසික සිදුවීම සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු වරට මහා පරිමාණයෙන් ගුවන් කරනම් සහ ගුවන් සංදර්ශනයක් මාර්තු තුන්වෙනිදා සිට පස්වෙනිදා දක්වා ගාලුමුවදොර දී පැවැත්වීමට නියමිතය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම කතානායකයා "වසන්ත" ලෙස තමාව හඳුන්වන ලෙස කළ ඉල්ලීමට අනුව එනමින්ම මෙහිදී ඔහුව හැඳින්වේ. කීර්තිමත් ගුරවරයෙකු වන "වසන්ත" විවිධ ඉගෙනුම් ක්‍රම පිළිබඳ පර්යේෂණ කරන්නෙකු ද වෙයි. නමුත් එදින උදෑසන ඔහුට මිතුරෙකුගෙන් ලැබෙන දුරකථන පණිවිඩයකින් කියවුණේ ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ, තම දියණිය සමාජ මාධ්‍ය ඔස්සේ ගණිකාවක් බවට හුවා දක්වා තිබූ සංස්කරණය කළ ඡායාරූප ගණනාවක් හා වීඩියෝ දර්ශන කිහිපයක් සහිත පෝස්ටුවක් සම්බන්ධයෙනි. වසන්තට ද ඒ පෝස්ටුව දකින්නට ලැබුණි. මුහුණු පොතේ ගිණුමක් හෝ නොමැති තම දියණිය සම්බන්ධව මෙවැනි දෙයක් සිදුවූයේ කෙසේදැයි විමතියට පත්වූ ඔහු වසර අවසානයේ උසස්පෙළ විභාගයට මුහුණ දීමට සිටින තම දරුවා මෙය දැන ගැනීම තුළ ඇතිවන ව්‍යාකූලත්වය, පාසල් ගුරුවරියක වන දරුවාගේ මව මෙය දැනගැනීම හරහා මතුවන තත්ත්වය, මෙම සිදුවීම සිය පාසලේ දරුවන් දැන ගැනීම, ගුරුවරුන් දැන ගැනීම මගින් ඇතිවන තත්ත්වය, සිහිවූ විට වසන්ත ඉතා අසීරු අඩියකට පත්විණි. ඔහුගේ අරමුණ වුයේ අඩුම තරමින් දරුවාගේ විභාගය අවසන් වනතෙක් හෝ මේ පුවත සඟවා තබා ගැනීමය. ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි වසන්ත තම සමීප මිතුරන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කළ අතර ඔවුන්ගේ අරමුණ වූයේ මෙම ක්‍රියාව සිදුකල පුද්ගලයා කව්රුන්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීමය. සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරූ පෝස්ටුව හොඳින් නිරීක්ෂණය කළ ඔවුන්ට තරුණ ගැහැණු ළමයාගේ හැඩරුවට සමාන හැඩරුව සහිත කාන්තාවක් මෙම පෝස්ටුව සකස් කිරීමට උපයෝගී කරගෙන ඇති බවත් ඇයගේ වීඩියෝ දර්ශන හා තරුණ ගැහැණු ළමයාගේ ඡායාරූප මුසුකර අසැබි දර්ශන හා ඡායාරූප නිර්මාණය කර ඇති බවත් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්විය. අදාළ දැරියගේ ඡායාරූප ඇය යන එන අවස්ථාවල නිවසට ආසන්න ගම් ප්‍රදේශයේම ස්ථාන කිහිපයක දී ලබාගෙන ඇති බවත් ඔවුනට නිරීක්ෂණය විය. ඇතැම් ඡායාරූප ගෙන තිබුණේ ඇගේ යහළු යෙහෙළියන්ගේ මුහුණු පොත් වලින් හා ඇය අධ්‍යාපනය ලැබූ පාසලේ මුහුණු පොතේ ගිණුමෙන් බව හඳුනාගැනීමට ඔවුනට අපහසු නොවිණි. ඔවුන්ගේ උපකල්පනය බවට පත්වුයේ ගම් ප්‍රදේශයේ දී ඡායාරූප ගැනීමට ගම් වැසියකුගේ සහය ලැබෙන්නට ඇති බවය. කෙසේ වෙතත් මෙහි මුලාරම්භය සොයා ගැනීමට මත්තෙන් තම දියණිය හා සම වයසේ පසුවන දැරියක ද මෙවැනිම අත්දැකීමකට මුහුණ දී සිය දිවි නසා ගැනීමේ පුවතක් දැනගැනීමට ලැබීමෙන් වසන්ත තවත් භීතියට පත්විය. යාපනයේ දැරියක් වන ඇය ගැන බලාපොරොත්තු තැබූ තරුණයෙකු ඇගේ ඡායාරූප විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවට මෙම සිදුවීමට අදාළව පරීක්ෂණ පවත්වන පොලිසිය සැක මතු කර තිබිණි. තම දියණිය මෙන්ම ඇයත් අපචාරවල යෙදෙන්නන්ගේ ගොදුරක් බවට පත්වූවා පමණක් නොව ජිවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුවීම පිළිබඳව වසන්ත මහත් කනස්සලට පත්විය. මෙම සිද්ධියත් සමග පුවත සැඟවිය නොහැකි බව තේරුම් ගත් වසන්ත තම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් වඩා සුදුසු විකල්පයක් ගැන කල්පනා කළේය. ඔහුගේ තීරණය වූයේ කරුණු සැඟවීමට වඩා ඒවා හෙලිකිරීම හා ඊට මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකස් කර තැබීම වඩා සුදුසු බවය. ඒ අනුව ඔහු තම දියණියට සිදුව ඇති තත්ත්වය සැලකිරීමට තීරණය කළ අතර බිරිඳ ද දැනුවත් කිරීමට තීරණය කරන ලදී. බිරිඳ, දියණිය සහ තම බාල පුත්‍රයා මේසයට කැඳවූ වසන්ත සිදුව ඇති දේ ඔවුනට සැලකර අපරාධය සිදුකල පුද්ගලයා ඉක්මණින් සොයා නිතියේ රැහැනට හසුකර දෙන බවට ඔවුන් තුළ විශ්වාසය ගොඩනැංවීය. පියෙකුගේ භූමිකාව ප්‍රකට කළ ඔහු ඒ තුළින් අසත්‍ය හා අසභ්‍ය වූ පුවතේ නිර්මාණකරු හඳුනා ගැනීමට පවුලේ සහය ලබාගැනීමට ද සමත් විය. ව්‍යාකූල අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කර දියණියගේ විභාගයට අවම බලපෑමක් වන ලෙස නිවස කළමනාකරණය කර ගැනීමට කැපකිරීමක් කරන ලෙස, දියණිය හැර පවුලේ අනෙක් සියලු දෙනාගෙන් වසන්ත ඉල්ලීමක් ද කරන්නට විය. කෙසේ නමුත් අපරාධකරු හඳුනා ගැනීම පහසු නොවීය. ඔහු එක පිට එක අලුත් නිර්මාණ කර අන්තර්ජාලයටත් සමාජ මාධ්‍යටත් මුදාහල අතර වසන්ත ගූගල් ඇතුළු අන්තර්ජාල ආයතනවලට ලියමින් දියණිය හා සම්බන්ධ පෝස්ටු ඉවත්කිරීමට කටයුතු කරන්නට විය. දිගින් දිගටම සිදුවූ ක්‍රියාව තුළ වසන්ත වෙහෙසට හා පීඩාවට පත්වූ නමුත් ''මගේ දුව වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන්'' යන දැඩි අදිටනින් ක්‍රියා කරන්නට විය. දින, සති, මාස ගෙවී යද්දී වසන්තට සිය දියණියගේ ඡායාරූප ලබා ගත් පුද්ගලයා සම්බන්ධයෙන් දැරියගේ මිතුරෙකුගෙන් විශ්වසනීය තොරතුරක් දැනගන්නට ලැබුණි. ගමේ තරුණයකු වන ඔහු දැරිය යන එන තැන් වල ගැවසුණ අයෙකු වන අතර මෙම අනාවරණයත් සමග සිදුවීම් එකිනෙක ගලපා ගැනීමට පවුලේ උදවියට හැකිවිය. වසන්ත දිනක් උදෑසන හිරු වැටෙන්නටත් පෙර "අතට හොඳින් හසුවන මුගුරක්" ද රැගෙන සැක සහිත පුද්ගලයාගේ නිවස කරා රථය පැදවූයේ ඔහුට තරවටු කර තම දියණියට සිදුවූ අපහාසයට විසඳුමක් ලබාගැනීමටය. නිදා සිටි තරුණයා මව්පියන්ගේ ද සහය ඇතිව අවදි කළ ඔහු සියලු තොරතුරු දන්නා බවත් පහරදී පොලිසියට භාර දීමට පෙර මෙහි අග මුල පැවසීමට කෙටි කාලයක් ලබාදෙන බවත් දැඩි හා ස්ථිර ස්වරයකින් තරුණයාට පැවසීය. ''මම ගියේ ඇත්තටම ගියේ කොන්ද කඩන්න, මොකද අපි දන්න කියන කෙනෙක්, අපිත් එක්ක මග තොටේදී හොඳට කතා බහ කරන කෙනෙක්. ගමේ ඉඳගෙන මේ වැඩ කරන්න දෙන්න බැහැ,'' යනුවෙන් තවමත් අඩුවක් නොමැතිව පිටවෙන කෝපය පිටකරමින් වසන්ත පවසන්නට විය. වසන්තගේ උපක්‍රමය සාර්ථක වූ අතර සියල්ල හෙළිකරන්නට වැඩි වෙලාවක් ගතනොවීය. අසැබි දර්ශන නිර්මාණය කළ පුද්ගලයා කව්රුන්ද යන්න ඔහුගේ මුවින් අනාවරණය විය. තමන් සිදු කළේ එම පුද්ගලයා වෙනුවෙන් ඡායාරූප ලබාගැනීම පමණක් බව පවසා ඒවා ලබාගත් දුරකථනය හා ලබාගත් ඡායාරූප ගණනාවක්ද ඔහු වසන්තට ලබාදීමට කටයුතු කර තිබුණි. සිය දියණිය හා සම වයසේ පසුවන අයකු මෙම අසැබි දර්ශන අන්තර්ජාලයට මුදාහැරි බවත් මෙම පුද්ගලයා ඇය සහභාගිවූ අමතර කුඩා කණ්ඩායම් පංති කිහිපයකට සහභාගී වී ඇති බවත් පසුකාලීනව බැංකුවක සේවයට එක්වී එහි රාජකාරි කරන්නෙකු බවත් හඳුනා ගැනිණි. ඔහු පදිංචිව සිටින්නේ වසන්තගේ නිවසට කිලෝමීටර කිහිපයක දුරින් බවත් හෙළි විය. සියල්ල අනාවරණය කරගැනීමෙන් පසුව මොහුගේ ක්‍රියාව ඔවුගේ මව්පියන්ට සැල කර සිටීමට වසන්ත කටයුතු කළ අතර අදාළ පුද්ගලයා පසුදා උදෑසන සිය මව්පියන් දෙපලද සමග වසන්තගේ නිවසට පැමිණියේ පොලිසිය වෙත නොගොස් ප්‍රශ්නය සමථයකට ගෙන ඒමේ අරමුණෙනි. අනතුරුව තරුණයා වසන්තට සහ ඇගේ බිරිඳට වැඳ සමාව ගෙන නැවත වරදක් ඇති නොවන බවට දිවුරා පොරොන්දු වී පිටව යන්නට විය. වසන්ත තම දියණිය පිඩාවට පත්කළ පුද්ගලයාට සමාව දුන් අතර එම සිද්ධිය හිතවතෙකු සමග හෝ නැවත කතාකිරීමෙන් වැලකි සිටීමට තීරණය කරන ලදී. එහෙත්, ඉන් සිව් වසරකට පසුව, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ වසන්තට නැවතත් මිතුරෙකුගෙන් ලැබුණු පණිවිඩයකින් පැවසුණේ ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන (spa) ආයතනයක් වෙනුවෙන් අන්තර්ජාලයේ පළ කර ඇති දැන්වීමක සිය දියණියගේ ඡායාරූපයක් තිබෙන බවකි. වසන්ත එම ආයතනයට කතාකොට කළමනාකාරිත්වයෙන් මේ ගැන විමසුවිට ඔවුන්ගේ පිළිතුර වී තිබුණේ ''මේක අපිට කුරුණෑගල කෙනෙකුගෙන් ලැබුණේ.'' යනුවෙනි. ඡායාරූප ලබාදුන් පුද්ගලයා ඇය "කුලී ගණිකාවක්" බවට හඳුන්වාදුන් බවද ඔවුන් වසන්තට පවසා තිබුණි. මේ සම්බන්ධයෙන් වසන්ත මහනුවර නියෝජ්‍ය පොල්ස්පතිවරයා යටතේ ක්‍රියාත්මක අන්තර්ජාල අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර පෙර සිද්ධියේ පුද්ගලයා සම්බන්ධයෙන් ද පුර්ණ දැන්වත් කිරීමක් කරන්නට විය. එමෙන්ම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් සංසදය Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) වෙතද පැමිණිලි කර විමර්ශනයක් කර දියණියට සිදුවන අසාධාරණය ගැන සොයා බලන ලෙස ඉල්ලීමක් කර තිබුණි. නමුත් වසන්ත බලාපොරොත්තු වූ ආකාරයේ විමර්ශනයක් එමගින් සිදුනොවූ අතර පසුගිය ජනවාරි මස 08 වැනිදා නැවත වරක් සිය දියණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් ප්‍රදර්ශනය වීම මත වසන්ත ඒ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයට පැමිණිලි කරන්නට විය. වසන්තගේ කෝපය ඉහවහා ගියේ සිය දියණිය විභාගයකට සූදානම් වන සෑම මොහොතකම සිදුවෙන මෙම නොහොබිනා ක්‍රියාව ගැන තමන් පැමිණිලි කළ ආයතනවලින් හෝ නිසි විසදුමක්, පිළිසරණක් නොමැතිවීම සම්බන්ධයෙනි. වසන්ත දිගින් දිගටම අනුමාන කරනුයේ මෙය නැවත නැවතත් සිදුකරනුයේ අන් කිසිවෙකු නොව පෙර වැරැද්ද සිදු කළ පුද්ගලයාම බවය. වසර ගණනාවක් නීතියේ පිහිට පැතූ වසන්ත පිහිටක් නොලද පසුබිමක ඔහු පෙර සැක කළ පුද්ගලයා සොයා ඉකුත් ජනවාරි මස දිනක ඔහුගේ සේවා ස්ථානයට (බැංකුවට) පිවිසි අතර පසුව බැන වැදීම්, පහරදීම් ආදී සිදුවීම්වලින් අනතුරුව දෙපාර්ශවයටම පොලිසියේ සිර මැදිරිය තුළ රාත්‍රිය ගතකිරීමට ද සිදුවිය. ඉන් වසන්තගේ ගැටලුව විසඳෙනවා වෙනුවට තවත් සංකීර්ණ වූ අතර දැන් එය සමථ මණ්ඩලය හමුවේත් ඉන් එය විසඳාගත නොහැකි වුවහොත් විසඳුමක් වෙනුවෙන් අධිකරණයට යෑමටත් සිදුවේ. දැන් සිදුව තිබෙන්නේ සිද්ධිය ඉතා සංකීර්ණ වීමය. ''මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනවාරි 08 වැනිදා පැමිණිලි කළා කරුණාකර මේ ගැන හොයා බලල විසඳුමක් දෙන්න කියල. නමුත් සිදුවූ දෙයක් නැහැ. අනතුරුව මම ජනවාරි 25 වැනිදා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂවරයාගෙන් ලිඛිත විමසීමක් කරනවා මගේ පැමිණිල්ල ගැන ඔබතුමාලා ගත්ත තීරණය කුමක්ද යනුවෙන් අහල නමුත් අද වනතුරු (මාර්තු 2 දින) වනතෙක් පිළිතුරක් නැහැ." "මම මගේ දරුවා වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්නවා,'' යැයි වසන්ත බීබීසී සිංහල සේවයට පැවසුවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ක්‍රියාකාරිත්වය ගැන ඉතා කනස්සල පළකරමිනි. මේ සම්බන්ධයෙන් පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවැනි ලිඛිත පැමිණිලි ලැබීමේ ප්‍රමාදයක් සිදුවිය හැකි අතර තමන් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවය. මේ අතර SLCERT ආයතනයේ ප්‍රකාශකයකු පැවසුවේ මෙවැනි පැමිණිලි සම්බන්ධයෙන් තම ආයතනයට කළ හැක්කේ අදාළ සමාජ මාධ්‍ය හරහා එවැනි පෝස්ටු ඉවත් කිරීමට මැදිහත් වීම පමණක් වන අතර නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසිය වෙත පැමිණිලි කළ යුතු බවය. පරිගණක අපරාධ පැමිණිලි 14 000 ක් මේ අතර සර්ට් (CERT) ආයතයන හෙවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම සංසදය කළ අනාවරණයකට අනුව පසුගිය වසරේ (2020) ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ එම ආයතනයට පරිගණක අපරාධ සම්බන්ධ මාර්ගගත පැමිණිලි 14657 ක් ලැබී ඇත. මින් පැමිණිලි 14284 ක්ම ලැබී තිබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් වන අතර වංචා කිරීම් සම්බන්ධව පැමිණිලි 109 ක් හා මුල්‍ය හා විද්‍යුත් තැපෑල වංචා කිරීම් 55 මේ වාර්තා අතර දැක්වේ. අපයෝජනය, වෛරය හා පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් වලට අදාළව ලැබී ඇති පැමිණිලි ගණන 47 කි. දුරකථන වෙත අනවසරයෙන් ඇතුළුවීම් 06 ක්, වෙබ් අඩවි සම්මුතිය උල්ලංඝනය කිරීම් 76 ක්, අනිෂ්ට මෘදුකාංග ගැටලු 09 ක්, තතුබෑම් 15 ක්, බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීම් 01 ක්, සේවාදායකයා සම්මුතියකට ලක්විමේ එක් සිද්ධියක් හා වෙනත් අපරාධ සිදුවීම් 35 ක් මෙම වාර්තාවට ඇතුළත් වේ. සර්ට් ආයතයනයේ ප්‍රකාශිකාවක පැවසුවේ පරිගණක අපරාධ සම්බන්ධ තොරතුරු තම ආයතනය විසින් විමර්ශන සදහා පොලිසියට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබන අතර වෙබ් ජාල වලින් පෝස්ටු ඉවත් කිරීම වැනි අවශ්‍යතා සඳහා තාක්ෂණික සහය අවැසි නම් පමණක් ලබාදෙන බවද ඇය පැවසීය. අසභ්‍ය චිත්‍රපට සමීක්ෂණය මේ අතර ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව සොයා බැලීම් හා සමීක්ෂණ සිදුකරන ක්‍රියාකාරී ආයතනයක් වන The Grassrooted Trust සංවිධානය 2016 වසරේදී කළ සමීක්ෂණකදී අසභ්‍ය චිත්‍රපට නරඹන ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනවරණය කරගෙන ඇත. එහි අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය පැවසුවේ මාර්ගගත ක්‍රමයට Bakamoono.lk යන වෙබ් අඩවිය හරහා පුද්ගලයින් 800 ක් ප්‍රතිචාර දැක්වූ එම සමීක්ෂණය ක්‍රියාත්මක කෙරුණු බවය. එහිදී ප්‍රධාන වර්ග කිරීම් 4 ක් යටතේ අසැබි වෙබ් අඩවි වෙත පිවිස මෙම චිත්‍රපට නැරඹීමට පුද්ගලයින් නැඹුරුවක් දක්වන බව හෙළිවී යැයි ඇය පැවසීය. ශ්‍රී ලංකා (sri lankan), ගැහැණු යහළුවන් (girl friend), යොවුන් (teenege) හා homemade (නිවාස සහ පුද්ගලික ස්ථාන) එම වර්ග 04යි . පබා දේශප්‍රිය '' අපිට පෙනී ගියා මෙම පෝන් සයිට්ස් වල තිබෙන චිත්‍රපට වෙනුවෙන් මුල්‍ය වටිනාකමක් ලබා දී තිබෙන බව. homemade කැටගරි එකට යන පුද්ගලයින්ගෙන් 34% ක් ප්‍රකාශ කර තිබුණා එම චිත්‍රපට වල පෙනී සිටින චරිත තමන් වීඩියෝ කරන බව දැනගෙනම ඒවාට පෙනීසිටිය බව. තවත් 29% ක් කියල තිබුණා තමන් කැමැත්තක් දක්වන්නේ රහසිගතව වීඩියෝ කළ දර්ශන සහිත චිත්‍රපට සදහා කියල. ඒ කියන්නේ මේවට මුල්‍ය වටිනාකමක් දීල තියෙනවා." යනුවෙන් ඇය පැවසීය. ඇය තවදුරටත් පැවසුවේ තරුණ ගැහැණු හා පිරිමි ළමයින් ප්‍රේම සම්බන්ධතා පවත්වන කාලයේදී පුද්ගලිකව කරන වීඩියෝ කිරීම් හා ඡායාරූප පසු කාලීනව මෙම "පෝන් සයිට්ස්" වලට ඇතුළත් කර ඇති බවය. එසේ සිදුවන්නේ තම පෙම්වතිය අමනාප වීම වැනි පුද්ගලික හේතු මුල්කරගෙන විය හැකි බව පවසන ඇය පෙන්වා දෙන්නේ ඊටත් එහායින් මේ දර්ශන සදහා මුදල් වටිනාකමක් ලබාදී ඇති බවකි. "කුමන ක්‍රමයකට හෝ අන්තර්ජාලයට මුදාහැර තිබෙන දර්ශන පසුව මොඩිෆිකේෂන් විදිහට අන්තර්ජාලයේ දහස් ගණනින්, මිලියන ගණනින් පිටපත් වෙනවා. ඇතැම්විට අදාළ ගැහැණු ළමයාවත් දන්නේ නැහැ මේවා මේ සයිට්ස් වල තියෙනවා කියල. නමුත් ඒවා දැනගන්නාවිට ඔවුන් බරපතල පීඩාවකට පත්වෙනවා. එම පිඩාව එල්ල කරන්නේ පරිගණක අපරාධ කරුවන්. ඔවුන් මිලදී ගන්නා හෝ වෙනත් ක්‍රමයකට එකතු කරගන්නා දර්ශන, ඡායාරූප භාවිත කර මේ සිද්ධියට මුහුණ පා සිටින ගැහැණු ළමුන් මෙන්ම පිරිමි අයද පිඩාවට ලක්කර මුදල් ඉල්ලා සිටිනවා," යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමග පැවසීය. ඇය තවදුරටත් පැවසුවේ ඇතැම් අය දැන් සිටින රැකියාවේ තරාතිරම, දරුවන් බිරිඳ හෝ සැමියා සමග සිටින පවුල් පසුබිම යන කරුණු මත මෙන්ම අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලය ආදී ස්ථාන වෙත මේවා යොමුවනු ඇතැයි ඇති බියට මෙම පුද්ගලයන්ට මුදල් ලබාදීමට පෙළඹෙන බවය. "ඇතැම් ගුරුවරුන්ගෙන් අපිට පැමිණිලි ලැබී තිබෙනවා මෙවැනි සිදුවීම් ගැන. ඇතැම්විට මිට අවරුදු පහළොවකට විස්සකට පෙර ඡායාරූප ගත් ඒවා තමයි මේ. තම ඉතා විශ්වාස ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග ආදරයෙන් බැඳුනු කළ ගත් වීඩියෝ හෝ ඡායාරූප ඔවුන්ටත් නොදැනී කරදරකාර සෙවනැල්ලක් ලෙස පසුපස එනවා." යනුවෙන් පබා දේශප්‍රිය පැවසීය. "තවත් කණ්ඩායමක් ඉන්නවා තමන් ළඟ කිසිම ඡායාරූප නැහැ. ඔවුන් විවිධ ක්‍රම මගින් දුරකථන අංකය හොයාගෙන ගැහැණු ළමුන්ට කතා කර කියනවා අපි ළඟ ඔබගේ නිරුවත් පින්තූර තියෙනවා ප්‍රසිද්ධ නොකරන්නනම් තව පින්තූර 5 ක් එවන්න කියල, සමහරු බයට ඔවුන්ට පින්තූර යවනවා, පසුව එම පින්තුරම ඔවුන් අවභාවිත කරනවා.'' පබා දේශප්‍රිය පවසන්නේ මෙවැනි පීඩාවකට ලක්වන අයෙකු සම්බන්ධයෙන් සමාජය ප්‍රතිචාර දක්වන ස්වරූපය ද ඉතා කණගාටු දායක බවය. ගෘහස්ථව පවතින ප්‍රචණ්ඩත්වය ගැන දන්නා ගැහැණු ළමයෙකු මෙවැනි පීඩාවක් මව්පියන්ගෙන් වසන් කරනවා පමණක් නොව අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ජීවත්වීමට පවා පෙළඹෙන බව සඳහන් කළාය. ''අපි හඳුනා ගත් එක් දැරියක් අපරාධකරුවකුගේ දිනපතා ලිංගික අවශ්‍යතා වෙනුවෙන් හිංසනයට ලක්වෙලා හිටියා. ඇයට මේ ගැටලුව කියන්න කෙනෙක්, තැනක් නැහැ. විසදුමක් වෙනුවෙන් මැදිහත්වෙන්න කෙනෙක් හිටියේ නැහැ. සැබවින්ම සිදුවිය යුත්තේ රටේ මුලික අධ්‍යාපන ප්‍රතිපත්තිවලටම මෙම විෂය ඇතුළත් කිරීමයි. ඒ තුළින් ගැහැණිය නැතිනම් කාන්තාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු තුළ කුඩා කාලයේදීම ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කළ හැකියි. එවැනි ආකල්ප වර්ධනයක් සහිත පුරවැසියකු කවදාවත් තමන් ආදරයෙන් බැඳුනු පෙම්වතියගේ නිරුවත් පින්තුරයක් අපරාධ කරුවෙකු අතට පත් කරන්නේ නැහැ." තවත් කියවන්න:
"වසන්ත" 2016 වසරේ ජුනි මස දිනක උදෑසනින් අවදි වුයේ විභාගයකට සුදානම් වෙමින් සිටින ළමුන් පිරිසකගේ විශ්වාසය ගොඩ නැංවීම සදහා වන දේශනයකට පිටව යෑම සදහායි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇතැම් උද්ඝෝෂණවලට මෛත්‍රීපාල - මහින්ද විරෝධී දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් සහ සාමාජිකයන් සම්බන්ධ වුවද සති ගණනාවක් පුරා පැවති බොහෝ විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබුනේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සිවිල් ක්‍රියාකාරීන් විසිනි. කොළඹට පමණක් සීමා නොවුණු විවිධ වයස් ඛාණ්ඩ සහ රැකියාවල නිරත දුර බැහැර සිට පැමිණි කාන්තාවන් පවා එවැනි විරෝධතා ව්‍යාපාරවල පෙරමුණ ගෙන තිබීම විශේෂත්වයකි. එක් විරෝධතාවකට එක්ව සිටි හඟුරන්කෙත සිට පැමිණි අසූ වැනි විය ආසන්නයේ සිටින බව විශ්වාස කළ හැකි වයෝවෘද්ධ කාන්තාව ඊට එක් උදාහරණයකි. "ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයෙන් රට අනතුරේ, ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවන්ට ජනබලයෙන් පිළිතුරු දෙමු" යන තේමාව යටතේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපස සති ගණනාවක් පුරා දියත් වූ සත්‍යග්‍රහ ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කර තිබුනේ ද කාන්තාවකි. රජයේ සේවකයෙකු බැවින් ප්‍රසිද්ධියේ සිය නම පළ නොකරන ලෙස ඉල්ලා සිටි ඇය මල්ලිකා ලෙසින් හඳුන්වමි. "දවස් 24 අපි අඛණ්ඩව සත්‍යග්‍රහ කළා. ඒක ඉවර වෙනකල් මම නිදාගත්තේ නෑ." ඇය පවසන්නීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, කලාකරුවන්, රජයේ සේවක සේවිකාවන්, වෘත්තීය සමිති නායකයන්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන්, තරුණ , තරුණියන් පමණක් නොව කිසිදු සංවිධානයක් නියෝජනය නොකළ බොහෝ දෙනා ද තමන්ට හැකි පමණින් එම සත්‍යග්‍රහයට සහභාගි වී සිටි බව සංවිධායකයෝ පවසති. ඒ අතරින් බහුතරය කාන්තාවන් බව මල්ලිකා පවසන්නීය. බොහෝ ජනමාධ්‍ය තත්ත්වය "විකෘති කිරීමට" උත්සාහ කළත් කාන්තාවන් වශයෙන් රටේ පැවති අර්බුදය නිසි ලෙස වටහා ගනිමින් පුරවැසියන් වශයෙන් සිය වගකීම ඉටු කළ බව ඇයගේ අදහසය. "2015 දී අපි ලොකු අරගලයක් කළා යහපාලනය වෙනුවෙන්. ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච දේ 100% ක් නොවුනත්, අපිට නිදහසේ කතාකරන්න අයිතිය තිබුනා,එලියට බැහැල හඬක් නගන්න අවස්ථාව තිබුනා. අපිට බැටන් ප්‍රහාර, මරණ තර්ජන ඒ මොනවත් නැතුව අපි එලියට බැහැල කතා කළා. ඊට පස්සේ 62 ලක්ෂයක් පත්කරපු ජනාධිපති අපි එපා කියපු කෙනා අගමැති හැටියට පත් කළාම ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන අදහසේ අපි හැමෝම හිටියා," මල්ලිකා විස්තර කළාය. එබැවින් කිසිවෙකුගේ බලය ආරක්ෂා කිරීමට හෝ රනිල් වික්‍රමසිංහ නැවත අගමැති කිරීම සඳහා නොව, ජනාධිපතිවරයා දියත් කළ "ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය" පරාජය කිරීම පිණිස පෙළගැසීමේ අවශ්‍යතාව සලකා බැලූ තමන් ඇතුළු කණ්ඩායමක් සත්‍යග්‍රහයක් දියත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළ බව ඇය පවසන්නීය. කලාකාරියන්ගේ උද්ඝෝෂණය ලිප්ටන් වටරවුම ඉදිරිපස උද්ඝෝෂණය එහිදී මහජනතාවගේ දෛනික ජීවිතය බාධා නොවන ආකාරයේ යමක් කළ යුතු බව ද ඔවුන්ගේ අදහස වී තිබේ. ඇය පවසන පරිදි එතැන් සිට ලැබී ඇත්තේ ඔවුන් පවා බලාපොරොත්තු නොවූ අන්දමේ ප්‍රතිචාරයකි. දානපතියන්, ව්‍යාපාරිකයන්, සාමාන්‍ය මහජනතාව ඇතුළු ඇය කිසි දින දැන නොසිටි බොහෝ දෙනා ආහාර පාන, ජලය, සිසිල් බීම ඇතුළු ද්‍රව්‍ය දින 24 පුරාම ඔවුන්ට පරිත්‍යාග කළ බව කී මල්ලිකා ප්‍රසිද්ධියේ පෙනී සිටීමට අකැමැත්ත පළ කළ ඇතැමුන් කුලීකරුවන් අත ආධාර එවීමට කටයුතු කළ බව සඳහන් කළාය. සත්‍යග්‍රහය දියත් කිරීමත් සමග ඇය පළමු සතියේ රැකියාවෙන් නිවාඩු ගෙන තිබේ. ඉන්පසුව දිනපතා දහවල් රැකියාවට ගොස් ඇති මල්ලිකා, සවස හතරට පමණ සත්‍යග්‍රහ භූමියට ගොස්, ආහාර, පාන, සහභාගි වන පිරිස් ඇතුළු එහි සියලු කටයුතු සංවිධානය කර යළි නිවස බලා ගොස් ඇත්තේ රාත්‍රී දෙකට පමණය. ඇය පවසන පරිදි නිසි නින්දක් නොමැති වුවත් ඊළඟ දිනයේත් ඇයගේ දිනචරියාව එය වී තිබේ. ඒ අතර "කඩාකප්පල්කාරීන්" පිළිබඳ විමසිල්ලෙන් පසුවීමට ද සිදු වූ බව ඇය සිහිපත් කරන්නීය. උද්ඝෝෂණවලට සම්බන්ධ වූ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් පසුගියදා කතානායක කරු ජයසූරිය මුණ ගැසී, "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරම්භ කළ ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවලියේ දී ව්‍යවස්ථානුකූලව කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ ගරුත්වය හා සම්ප‍්‍රදායන් රකිමින් ඉතා නිර්භීතව පියවර ගැනීම සහ ඓතිහාසික තීරණයන් දීම" සම්බන්ධව කතානායකවරයා වෙත ගෞරවය හා ස්තූතිය පළ කළහ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් "කාන්තාවන් සහ තරුණ පරපුර ලබා දුන් නොසිතු මට්ටමේ දායකත්වය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ගැන සුභ ලකුණක්" - කතානායක කරු ජයසූරිය ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ කතානායක කරු ජයසූරිය, දේශපාලන අර්බුදය මතු වූ අවස්ථාවේ විශේෂයෙන්ම කාන්තාවන් සහ තරුණ පරපුර එයට එරෙහිව නැගී සිටීම "පෙර නොවූ විරූ ආකාරයේ, නොසිතු මට්ටමේ දායකත්වයක්" ලෙස හැඳින්වීය. "ඒක ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ගැන සුභ ලකුණක් හැටියට මම දකිනවා," යනුවෙන් ද කතානායක කරු ජයසූරිය සඳහන් කළේය. කතානායකවරයා ද සඳහන් කළ පරිදි, ඇතැම්විට එකම පවුලේ මව, දියණිය සහ මිණිපිරිය ද එවැනි උද්ඝෝෂණවලට එක්ව සිටියහ. සිය මව සහ දියණිය සමග සත්‍යග්‍රහයට සහභාගි වූ කොළඹ වාසය කරන ධනුෂි සේනානායක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය මගින් සිය ඡන්දය දීමේ අයිතිය උල්ලංඝනය වූ බැවින් තවදුරටත් ඒ ගැන නිහඬව සිටීමට තමන්ට හැකියාවක් නොවූ බවය. "මහින්ද රාජපක්ෂ කියන්නේ අපි දෙතුන් පාරක් ඡන්දයෙන් පරාජය කරපු කෙනෙක්. අපිට අවශ්‍ය නෑ ආයෙත් වැඩවසම් යුගයකට යන්න. ප්‍රශ්නයක් තිබුණ නම් ඒක විසඳගන්න මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය නෑ," ඇය පවසන්නීය. "අපි දැන් නිහඬ විය යුතු නෑ. දැන් තමයි නියම පසුබිම හැදිල තියෙන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පිවිසුමකට. අපි නිහඬ වුනොත් තව මාස හයකින් අපි ආයෙත් හිටපු තැනටම යන්න පුළුවන්." රනිල් වික්‍රමසිංහ යළිත් අගමැති පදවියට පත්වුවත් සිය අරගලය නිමා වී නැති බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි ඇය, "ජාතිවාදය සහ අන්තවාදය පතුරවන පිරිස්" හෙළිදරව් කොට ඔවුන් අන්තවාදීව පරාජය කළ යුතු බවත් කියා සිටියාය. "අපි දැන් නිහඬ විය යුතු නෑ. දැන් තමයි නියම පසුබිම හැදිල තියෙන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පිවිසුමකට. අපි නිහඬ වුනොත් තව මාස හයකින් අපි ආයෙත් හිටපු තැනටම යන්න පුළුවන්." මේ අතර කොළඹ සිටින ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන ත්‍යාගි රුවන්පතිරණ ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණේ, තමන් කරන බොහෝ කටයුතු සම්බන්ධයෙන් තමන්ට වෙනස් මතයක් දරන විශ්‍රාමික වෛද්‍යවරියක වන සිය මව සිදුවෙමින් පැවති බරපතල අසාධාරණය දරාගත නොහැකිව ජීවිතයේ පළමුවරට තමන් සමග වීදිබට බවය. "දුව මොකක් හරි පෙළපාලියකට යනවා නම් මටත් කියන්න, යනුවෙන් මාගේ මව පැවසුවා. මේක කොයිතරම් දරුණු අසාධාරණයක් ද කියල අපි දෙන්නම දැඩි ස්ථාවරයක ඉන්න එක ගැන මට සතුටුයි," යනුවෙන් ඇයගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. විහාර මහා දේවී උද්‍යානය අසල පැවති සත්‍යග්‍රහය හැරුණු විට, සති ගනනාවක් මුළුල්ලේ කොළඹ විවිධ ස්ථානවල තවත් විරෝධතා ව්‍යාපාර දියත්ව තිබුණි. ජන අණසක, සමාජ සාධාරණත්වය උදෙසා මහජන ව්‍යාපාරය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අලුත් පරපුර, ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මහජන ව්‍යාපාරය, සමාජ සමානාත්මතාවය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු වැනි සංවිධාන එවැනි විරෝධතා ව්‍යාපාර සංවිධානය කළ පිරිස් අතර විය. ව්‍යවස්ථා අර්බුදය පැවති සමයේ ඉතා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට රජයේ මාධ්‍යවලට චෝදනා කරමින් ලේක්හවුස් ආයතනය ඉදිරිපස විරෝධතාවක් දියත් වූ අතර, තරුණ කලාකරුවන්ගෙන් සැදුම්ලත් සංවිධාන මාධ්‍ය සාකච්ඡා ඇතුළු විරෝධතා දියත් කරද්දී, කාන්තාවන් පිරිසක් විසින් "අපි පුරවැසියෝ" නමින් ද සංවිධානයක් පිහිටුවාගෙන තිබිණ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විශේෂ චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කරද්දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කුප්‍රකට "සමනල චෝදනාවෙන්" අනතුරුව සමකාමී කණ්ඩායම් "ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු " නමින් සංවිධානයක් පිහිටුවා ගත්හ. "සමනල ඡන්ද වලංගු නැද්ද?" ජනාධිපතිවරයා විසින් යළි වරක් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත්කිරීමෙන් අනතුරුව බොහෝ විරෝධතා ව්‍යාපාර නිමා කෙරුණ ද රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන ලෙස ඉල්ලා සිටිමින් කාන්තාවන් ඇතුළු ක්‍රියාකරුවන් තවදුරටත් සාමකාමී උද්ඝෝෂණවල නිරත විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික නීතිවේදිනියක වන සොරායා ඩීන්, කාන්තාවන්ට නැගී සිටින මෙන් ඉල්ලා සිටිමින් වරින්වර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දියත්කරන උද්ඝෝෂණ ද කැපී පෙනුනි. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිනියන් එක පෙරමුණකට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බව ඇය බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. "දේශපාලන කුමන්ත්‍රණය" අවසාන වුවත් එය මෙහෙයවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නගන තුරු සටන තවමත් නිමා වී නැති බව පවසමින් පසුගිය දෙසැම්බර් 19 වෙනි දින ද පිටකොටුව දුම්රිපොල අසලදී උද්ඝෝෂණයක් පැවැත්විණ. විශේෂයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රටේ අර්බුදකාරී වාතාවරණයක් ඇති කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහ අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නව ජනරජ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන මෙන් "කට්ටිය නින්දට ගියාද? සටන තවම අවසන් නැත" මැයෙන් වූ එම උද්ඝෝෂණයට එක්වූ විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. විශේෂයෙන්ම විධායක ජනාධිපති ධුරයේ පවතින "නින්දිතකම" හේතුවෙන් ඔක්තෝබර් 26 වෙනි දිනෙන් අනතුරුව ශ්‍රී ලංකාව "අරාජික තත්ත්වයකට" පත්කළ බව විරෝධයට එක්ව සිටි සිනමා නිලි සමනලී ෆොන්සේකා මාධ්‍ය හමුවේ කියා සිටියාය. "රනිල්ගේ ආර්ථික කොල්ලය පරදවමු" උද්ඝෝෂණයේ තවත් එක් සටන් පාඨයක් විය. කෙසේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව සම්බන්ධ අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ වුව විශේෂයෙන්ම කලාකරුවන්ගේ කාර්යභාරය විය යුත්තේ වීදි බැසීම නොව සිය නිර්මාණ මාර්ගයෙන් එයට විරෝධය පළ කිරීම බව කලාකරුවන් යුවලකගේ මතය වී තිබේ. ලන්ඩන් නුවර සංචාරයක් අතරවාරයේ බීබීසී මැදිරියට පැමිණි සංගීතඥ තරුපති මුණසිංහ සහ ගයනි ගිසන්තිකා ඒ බව කියා සිටියේ ෆේස්බුක් ඔස්සේ සජීව සංවාදයකට එක්වෙමිනි. 2015 ජනවාරි 08 වෙනි දින බලයට පත්වීම සඳහා සිවිල් සමාජ ක්‍රියාධරයන් ඇතුළු විවිධ ජනකොටස් ලබා දුන් දායකත්වය මුලදී අගය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුව ඇතැම් සිවිල් සමාජ සංවිධාන දැඩි විවේචනයට ලක් කළේය. විශේෂයෙන් රටේ පැවැත්මට "රාජ්‍ය නොවන සංවිධාන" (NGO) මගින් බලපෑම් එල්ලවන බව ඔහු අවස්ථා කීපයකදීම පවසා තිබිණි. ජනාධිපතිවරයාගේ " ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය" පරාජය කිරීම පිණිස කාන්තාවන් ප්‍රබල දායකත්වයක් දැක්වුව ද, ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර් 17 වෙනි දින කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ රැලියේදී අදහස් දැක්වීමට කිසිදු කාන්තාවකට අවස්ථාව ලබා දී නොතිබිණි. එක්සත් ජාතික පක්ෂය පුරුෂයන්ට පමණක් වේදිකාව සකසා දීම පිළිබඳ විවේචන ද එල්ල විය. පසුගිය නොවැම්බර් 21 වෙනි දින ආරම්භ වූ සත්‍යග්‍රහය නිමාවට පත්වූයේ දෙසැම්බර් 14 වන දාය. "ඇත්තටම ලොකු ආඩම්බරයක් තියෙනව, ජයග්‍රහණයකින් අවසන් කරන්න ලැබුනා," මල්ලිකා මා සමග කියා සිටියාය. කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය තුළ රටවැසියන්ට සාධාරණය ඉටුකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ අපොහොසත් වුවහොත් යළිත් වරක් කාන්තාවන් එයට එරෙහිව පෙළ ගැසෙනු ඇති බව ඇය පවසන්නීය. "රටේ පළවෙනි පුරවැසියා හෝ දෙවෙනි පුරවැසියා කරන්නේ වරදක් නම් මම නම් පැහැදිලිවම එලියට බහිනවා. සිරිකොත ද, පොහොට්ට්ටුව ද මට අදාළ නෑ. රටට හානියක් වෙනව ද එතෙන්දි අපි පෙරමුණ ගන්නවා කාන්තාව විදියට." "ඉස්සර වගේ කාන්තාව දැන් ගෙටම සීමා වෙලා නෑ, පුරුෂාධිපත්‍යය තියෙන බව හැබෑව නමුත් සමහර වෙලාවට පිරිමින් අභිබවා කාන්තාව පෙළ ගැසෙන අවස්ථාවක් තියෙනව කියල මට හිතෙනවා."
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකිරීමත් සමග ශ්‍රී ලංකාවේ මතු වූ බරපතල දේශපාලන සහ ව්‍යවස්ථා අර්බුදය හමුවේ කොළඹ ඇතුළු රට පුරා විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර මතුවන්නට විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොලිස් විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරට බලපෑම් කරන බවට අමාත්‍ය සාගල රත්නායකට චෝදනා එදින පොලිස්පතිවරයා 'සර්' නමින් ආමන්ත්‍රණය කරමින් දුරකථනයෙන් ඇමතුවේ නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායකට යයි විශ්වාස කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරවු කළේය. පොලිස්පතිවරයා 'නිලමේගේ කේස් එක' නමින් හැඳින්වුයේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර පිළිබඳව බව සඳහන් කරන දූෂණ විරෝධී පෙරමුණ, ඔහු අත්අඩංගුවට නොගන්නා මෙන් බලපෑම් එල්ලවීම මගින් 'යහපාලන රජය එළිපිටම හොරු රකින බව' හෙළිවී ඇතැයි අවධාරණය කරයි. රුපියල් ලක්ෂ 55 ක වාහන කුලියට ගැනීමක්, සේවකයින් 39 ක් වෙනත් රාජකාරි කටයුතු සඳහා යෙදවීම, ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් 'නිලමේට' එරෙහිව විමර්ශන සිදුවෙමින් පවතින බවත් දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය. රාජපක්ෂ පාලනයේ 'ඉහලම පවුලක' සමීපම ඥාතියකු වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර, මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ලංකා ඛනිජ වැලි (ලංකා මිනරල් සෑන්ඩ්) සමාගමේ සභාපති සහ ක්‍රියාකාරී අධුක්ෂ ධුර හෙබැවූ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය. ඔහුට එරෙහි විමර්ශන පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ රජිත් කීර්ති තෙන්නකෝන්, "මිනරල් සෑන්ඩ් සමාගම සතු රුපියල් මිලියන 40 හම්බන්තොට බීච් පාක් එකක් සෑදීම ලබා දුන්නා. මුදල් ගත්තේ නාගරික සංවර්ධන අධිකාරියට. මුදල් ඉල්ලුවේ නාමල් රාජපක්ෂ මහතායි. හදපු බීච් පාක් එකක් නෑ. මුදල්වලට වෙච්ච දෙයකුත් නෑ," යනුවෙන්ද පැවසීය. දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරන පරිදි, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට, ජනාධිපති කාර්යාලයේ පරිහරණයට අවශ්‍ය බව පවසමින් පුද්ගලික වාහන දෙකක් කුළී පදනම මත ලබාගැනීම 'නිලමේට' එරෙහි තවත් චෝදනාවකි. "මිනරල් සේවකයෝ 39 ක් ප්‍රධාන කාර්යාලයෙන් පිටත දේවාලයක කටයුතු සඳහා යොදවා ඇති බවට චෝදනාවක් තිබෙනවා," කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් පැවසීය. දූෂණ විමර්ශන ක්‍රියාදාමය 'දේශපාලන න්‍යායපත්‍රයක්' මත ක්‍රියාත්මක වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පසුගියදා චෝදනා කළේය "සැබවින්ම ඔවුන් කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුයි. නීතිඥ එස්කේ ලියනගේ එක් පුද්ගල විනිශ්චය සභාව මේ ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිළි කරන්න උපදෙස් දුන්නා. ඒ විමර්ශන සිදු වෙනකොට තමයි මේ බලපෑම් එල්ල වෙන්නේ." 'මහා පරිමාණ හොරු' රැකීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවටද උලපනේ සුමංගල හිමියන්, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ සහ චමීර පෙරේරාද සහභාගි වූ මාධ්‍ය හමුවේදී දූෂණ විරෝධී පෙරමුණ චෝදනා කළේය. කෙසේ නමුත් අදාළ 'නිලමේ' අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා නොපැකිලෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය. මෙම චෝදනා පිළිබඳව කරුණු විමසීම පිණිස බීබීසී සංදේශය කිහිපවතාවක්ම ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර ඇමතූ නමුත්, ඔහු දුරකතනයට පිළිතුරු දුන්නේ නැත.
අත්අඩංගුවට නොගන්නා බවට පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවකදී ප්‍රතිඥා දුන් 'නිලමේ' නම් පුද්ගලයාට එරෙහිව බරපතල දූෂණ චෝදනා යටතේ පොලිස් විමර්ශන පැවැත්වෙන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ඇත්තටම අපි මේ කියවන ඉතිහාසය ඉතිහාසයද?' "අවුරුද්දේ විවිධ මාසවල වරින්වර සිදු වුනු සියලු ක්‍රියාකාරකම් එක වේදිකාවකට ගෙනල්ලා එකවර උළෙලක් විදිහට ඉදිරිපත් කිරීමක් තමයි මෙහිදී සිදු වුනේ," සිනමා උළෙලේ අධ්‍යක්ෂකවරිය අනෝමා රාජකරුණා කියා සිටියේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. යුද්ධය නිසා බිඳුණු හදවත් සුවපත් කිරීමට සිනමාව ප්‍රවේශයක් කර ගත හැක්කේ කෙසේදැයි යන්න පැහැදිලි කරමින් ඇය සඳහන් කළේ පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ බිහි වූයේ ''රජ කතා සහ ඉතිහාස කතා පමණක්'' බවයි. "ඇත්තටම අපි මේ කියවන ඉතිහාසය ඉතිහාසයද?" රජ කතා සහ වීර කතාවලට පමණක් කැප වූ ලාංකීය සිනමාවක් තුළ උතුරේ තරුණ පිරිස් සිය නිර්මාණ හරහා තම ජීවන වෘතාන්ත තිරයට නැගීමට උත්සාහ කරන බවයි ඇය කියා සිටියේ. 'තරුණ පරපුරෙන් ඉහළ ප්‍රතිචාර' "ඒ ඔවුන්ගේම කතා මේ කලාපයෙන් බැහැර පිරිසකට දැන ගැනීමේ අවස්ථාවක් ලැබිලා තියනවා. මේ උළෙලට ඇතුළත් නිර්මාණ අතුරින් වැඩි හරියක් දෙමළ භාෂාවෙන් මේ කලාපයේ නිර්මාණය වෙච්ච නිර්මාණ." ජාත්‍යන්තර සිනමා උළෙල හරහා සිනමාව නැරඹීම සඳහා ප්‍රේක්ෂකාගාරයක් ගොඩ නැගෙන බවත් එමගින් දෙපාර්ශවය අතර සන්නිවේදනයක් ගොඩ නැගෙන බවත් සිනමා නිර්මාණ ශිල්පිනී අනෝමා රාජකරුණා පෙන්වා දෙන්නීය. "කෙටි චිත්‍රපටකරුවෝ විසි තුන් දෙනෙක් චිත්‍රපටි ඉදිරිපත් කරලා තියනවා. ඔවුන්ගෙන් සමහරක් සිංහල කතා කරන අය. ඔවුන්ගෙන් සමහරක් දෙමළ කතා කරන අය. අපි දැක්කා ඔවුන් අතර ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙනවා." සිනමාව වැනි ප්‍රකාශන මාධ්‍යයක් උපයෝගී කොට ගෙන මෙතෙක් පළ නොකළ අදහස් පළ කිරීමට මෙම නිර්මාණකරුවන්ට උළෙල හරහා අවස්ථාව ලැබී ඇති බවයි ඇය පවසන්නේ. බිඳුණු හදවත් සුවපත් කිරීමට 'සිනමාව ප්‍රවේශයක්' කෙටි චිත්‍රපට නිර්මාණ ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් බිහි වන්නේ යාපනයේ බවත් ඇය සඳහන් කළාය. සිනමා උළෙල සඳහා උතුරේ මෙන්ම කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි තරුණ සිනමා ලෝලීන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බවත් සිනමා උළෙලේ අධ්‍යක්ෂකවරිය අනෝමා රාජකරුණා වැඩිදුරටත් කියා සිටියාය. සැප්තැම්බර් 15 වැනි දින ආරම්භ වූ සිනමා උළෙල 21 වනදා දක්වා පැවැත්වේ.
යාපනයේ පළමු වරට ජාත්‍යන්තර සිනමා උළෙලක් සංවිධානය කළේ, උතුරත් දකුණත් අතර කිසියම් ගනුදෙනුවක් ඇති කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් බව සංවිධායකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"හෙට දවසේදී සමහර වෙලාවට සමහර නායකයෝ තම තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න පුළුවන්. නිර්පාක්ෂික වෙන්න පුළුවන්" "හෙට දවසේදී සමහර වෙලාවට සමහර නායකයෝ තම තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න පුළුවන්. නිර්පාක්ෂික වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුනයි කියල මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා එකතුවෙලා තියෙන එකමුතුකමේ මේ බලය බිඳ දමන්න කාටවත් පුළුවන් කමක් නෑ," මනූෂ නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය. හිටපු ජනපතිවරයා ලබා ගත් ඡන්ද 58 ලක්ෂයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ දායකත්වයක් නොලැබුණු බැවින් ඔහු ඉවත්වීම සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට කිසිදු අභියෝගයක් නොවන බවයි, හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ. 'ජයගන්නවා' "අල්පෙනෙති තුඩක අඩුවීමක් මේ 58 ලක්ෂෙට වෙලා නෑ. මේ ප්‍රමානේ තිබුණම හොඳටම ඇති. අපි මේ මැතිවරණ සටන ජයග්‍රහණය කරනවා." කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ඡන්ද ලක්ෂ 62 ක් දිනා දීමට දායක වූ සියලු බලවේග මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය සමඟ සිටින්නේ නොවේදැයි විමසූ විට ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය වැනි පාර්ශවකරුවන් දැන් එයින් ඉවත්ව ගොස් ඇති බවයි. "අල්පෙනෙති තුඩක අඩුවීමක් මේ 58 ලක්ෂෙට වෙලා නෑ. මේ ප්‍රමානේ තිබුණම හොඳටම ඇති. අපි මේ මැතිවරණ සටන ජයග්‍රහණය කරනවා" රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්කේඩීඑස් ගුණවර්ධන ඇතුළු අමාත්‍යවරුන් සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පළාත් සභා මන්ත්‍රීවරිය ඉවත්වීමත් සන්ධානයට කිසිදු පාඩුවක් නොවන බවත් හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරයි. "ගිය ජනාධිපතිවරණයට අපි මුහුණ දෙනකොට ඔය කවුරුවත් අපිට හිටියේ නෑනේ? ඔය කට්ටිය කොහොමත් අනිත් පැත්තට නේ වැඩ කළේ? ඔය කිසිම කෙනෙක් 58 ලක්ෂයට වගකිවයුතු ය නෙවෙයි." ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනවාරි 16 වැනි දින ශ්‍රීලනිපයේ නායකත්වයට පත්විය මේ අතර ජාවාරම්කරුවන් සන්ධානය වෙනුවෙන් මුදල් විසි කරන බවට චම්පික රණවක අමාත්‍යවරයා ඉරිදා කොළඹ දී එල්ල කළ චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ මනූෂ නානායක්කාර කියා සිටියේ, ජාවාරම්කරුවන් මුදල් විසි කරන්නේ තමන්ට නොව එක්සත් ජාතික පක්ෂයට බවයි. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී ප්‍රකාශයක් කරමින්. විශේෂයෙන්ම දූෂණ, වංචා පිළිබඳව ප්‍රසිද්ධියේ එජාපයට චෝදනා කළ චම්පික රණවක අමාත්‍යවරයා දැන් ඒ පක්ෂය සමඟම එක්ව සිටින බවයි එයට ප්‍රතිචාර දක්වමින් සන්ධානයේ ප්‍රකාශකයා කියා සිටියේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයෙන් ඉල්ලා අස් වී මහ මැතිවරණයේ දී නිර්පාක්ෂිකව සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙන හැඩක් පෙනී යන බව සන්ධාන මැතිවරණ ක්‍රියාකාරී කමිටුවේ සාමාජික මනූෂ නානායක්කාර හිටපු මන්ත්‍රීවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අවුරුදු 100 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වයෝවෘද්ධ පුද්ගලයන්ට රුපියල් 5,000 ක මාසික දීමනාවක් එවැනි වයෝවෘද්ධ වැඩිහිටි ජනගහනයක් වාසය කිරීම කිසියම් රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිනුම් දණ්ඩක් ලෙසින් සැලකෙන බව ද කැබිනට් මණ්ඩල තීන්දු දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා (Help Age Sri Lanka) ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා සමන්තා විදානවඩුගේ පෙන්වාදෙන පරිදි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවීම මෙතරම් වයෝවෘද්ධ වැඩිහිටි ජනගහනයක් වාසය කිරීමට එක හේතුවක් බව පෙන්වා දුන්නේය. "ඊටත් අමතරව දැන් අපේ සෞඛ්‍ය සේවය ඉතා හොඳයි. ඉතින් අපි විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනව මේ බෝ නොවන රෝග ගැන," ඇය සඳහන් කළාය. සබැඳි යොමු: ශ්‍රී ලංකාවේ යහපත් සෞඛ්‍ය සේවය හේතුවෙන් වැඩිහිටි ජනගහනයට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට අවස්ථාව හිමිවන බව පෙන්වා දෙන හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පවසන්නේ වැඩිහිටියන්ගේ සුබසාධනය පිළිබඳව රට තුළ පළවෙමින් පතින අවධානය ද වැඩිවෙමින් පවතින බවය. "අපිත් හැම අවුරුද්දකම ලංකාව පුරාම ජංගම වෛද්‍ය සේවා වැඩසටහනක් කරනවා. ඇස් පෙනීම වර්ධනය කරන්න කන්නාඩි ලබා දෙනවා එක පැත්තකින්, අනෙක් පැත්තෙන් ඇසේ සුද මතුවුණ ඇයට නොමිලේ සැත්කම් කරනවා." ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් වයස අවුරුදු 100 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වයෝවෘද්ධ පුද්ගලයන්ට රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබා දිය යුතු බවට සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්බී දිසානායක ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. වැඩිහිටියන්ට නොසලකන බවට වරින් වර අහඹු වාර්තා පළවුවත්, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් අතරින් 99% ක්ම තවමත් ජීවත් වෙන්නේ සිය දරුවන් හෝ පවුලේ සාමාජිකයන් සමග බව පෙන්වා දෙන සමන්තා විදානවඩුගේ වැඩිහිටියන් බලගැන්වීම සම්බන්ධයෙන් එය ඉතා යහපත් ප්‍රවණතාවක් බවත් සඳහන් කරයි. "අපිත් නිතරම ප්‍රවර්ධනය කරන්නේ වැඩිහිටියා බලගැන්වීම සහ පවුලට උදවු කිරීම වැඩිහිටියා බලාගැනීම සඳහා. හෙල්ප් ඒජ් ආයතනයත් වැඩිහිටි නිවාස හදන සංකල්පයට යන්නේ නැහැ," ඇය කියා සිටියාය. "අපි පවුලට උදවු කරනවා වැඩිහිටියා නිරෝගීව තියාගන්න." තවත් සබැඳි යොමු: වයස අවුරුදු හැටට වැඩි පුරවැසියන්ට ජීවත් වීමට සුදුසුම රට ස්වීඩනය බව 2014 දී ග්ලෝබල් ඒජ් වොච් (Global Age Watch) සංවිධානය ක්‍රියාත්මක කළ සමීක්ෂණයකින් හෙළි විය. රටවල් සියයක් ආශ්‍රයෙන් පැවැත්වූ එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව 43 වෙනි ස්ථානය හිමි කර ගනිමින් වැඩිහිටියන් සඳහා අවශ්‍ය පරිසරයෙන් යුත් මධ්‍යස්ථ රටක් ලෙස හඳුනාගෙන තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ පළමු ස්ථානය සහ ආසියාවේ හතර වැනි ස්ථානය හිමි වී තිබුණි. වැඩිහිටි පරපුරට විවෘතව ඇති සමාජ සම්බන්ධතා, සමාජ ආරක්ෂණය සහ සමාජය තුළ ඇති නිදහස යන වටිනාකම් අතින් කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ඉහළ මට්ටමක් හිමි කර ගන්නා බව ග්ලෝබල් ඒජ් වොච් සංවිධානය (Global Age Watch) සංවිධානය සිය වාර්තාවේ සඳහන් කරයි. එම සමීක්ෂණයට අනුව වැඩිහිටියන්ට ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ ලැයිස්තුවේ අවසාන රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කර තිබුණි. සම්පත් සහ ධනය ජීවත්වීම පිණිස අවශ්‍ය එකම දේ නොවන බව ශ්‍රී ලංකාවට දර්ශකයේ ඉහළ ස්ථානයක් හිමි වීමෙන් සනාථ වන බව විශ්ලේෂකයෝ පවසති.
වයස අවුරුදු සියය ඉක්ම වූ වයෝවෘද්ධ පුද්ගලයන් 350 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙන බව හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම සම්බාධක සිය ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩපණ කර දැමීමේ ක්‍රියාවක් ලෙසින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍යාංශ නිවේදනයක සඳහන් වන බව KCNA නිල පුවත් සේවය වාර්තා කරයි. මේ තත්වය යටතේ එක්සත් ජනපදයේ උපක්‍රම අසාර්ථක කළ හැකි එකම මාර්ගය සිය නිවාරණ ක්‍රමවේද ශක්තිමත් කිරීම බව ද නිවේදනයේ සඳහන් වේ. බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමේ උතුරු කොරියානු වැඩසටහනට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සිකුරාදා (දෙසැම්බර් 23) එරටට එරෙහි අලුත් සම්බාධක පණවනු ලැබිණ. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කෙටුම්පත් කරන ලද අලුත් සම්බාධක පැණවීමේ යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15ම ඒකමතික අනුමැතිය පළවිණ. උතුරු කොරියාවේ පෙට්‍රල් ආනයන 90% කින් අඩු කිරීම එම යෝජනාවේ එක් ප්‍රධාන පියවරකි. පසුගිය අප්‍රේල් මාසයේදී උතුරු කොරියාව සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කළ අයුරු එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය උතුරු කොරියාවට එරෙහිව දැනටමත් බොහෝ සම්බාධක පණවා තිබේ. එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක් එම සම්බාධක උල්ලංඝනය කරමින් උතුරු කොරියාව සමග වෙළෙඳ සම්බන්ධතා පවත්වා තිබෙන බව පසුගිය සැප්තැම්බර් මාසයේ අනාවරණය කෙරිණ. අලුත් සම්බාධක මොනවාද? උතුරු කොරියාව සම්බන්ධ ගැටලුවට රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් විසඳුමක් සොයා ගැනීමේ අරමුණින් නව සම්බාධක පිළිබඳව යෝජනාව ඉදිරිපත් කරන බව එක්සත් ජනපදය සඳහන් කළේය. එහෙත් එම සම්බාධක සිය රටේ "ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක්" පමණක් නොව "කොරියානු අර්ධද්වීපය ඇතුළු කළාපයේ ස්ථාවරභාවය අනතුරේ හෙළන" පියවරක් බව ද උතුරු කොරියාවේ ස්ථාවරය වී තිබේ. දශකයකට ආසනන කාලයක් මුළුල්ලේ එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පණවමින් සිටින නමුත් එමගින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදාකරගැනීමට හැකි වී නැත. විශේෂයෙන්ම නව සම්බාධක හේතුවෙන් සිය න්‍යෂ්ඨික වැඩසටහන තවත් වේගවත් කරන බව උතුරු කොරියාව පවසයි. මෑතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පණවන ලද සම්බාධක සහ වෙනත් බොහෝ බලපෑම් හමුවේත් උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික සහ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම් ක්‍රියාත්මක කළේය. ශ්‍රී ලංකාව සම්බාධක උල්ලංඝනය කිරීම එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වෙන අයුරු උතුරු කොරියාව ගැන තවත් යොමු:
තමන්ට එරෙහිව අලුතෙන්ම පණවා තිබෙන එක්සත් ජාතීන්ගේ සම්බාධක සිය රටට එරෙහි "යුදමය ක්‍රියාවක්" බව උතුරු කොරියාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හමුදා සොල්දාදුවකු සහ දැරිය දූෂණය කිරීම පිණිස කාමරයක් සපයා දුන් කාන්තාවකද සැකකරුවන් දොළොස් දෙනා අතර සිටිති පසුගිය ජූලි 10 වැනි දින නිවසින් අතුරුදහන් වූ දහතුන් හැවිරිදි දැරිය එදින දහවල් යාමයේ පුරුෂයන් නම දෙනකු විසින්වත් දූෂණය කරනු ලැබ ඇති බවයි, මාතර කොට්ඨාශ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසන්නේ. එදිනම රාත්‍රියේ තවත් පුරුෂයන් පිරිසක් විසින් දැරිය සමූහ වශයෙන් දූෂණය කර ඇති බවත් කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත පසුගිය සතියේ බීබීසී සංදේශයට කියා සිටියාය. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 12 දෙනකු පසුගිය සිකුරාදා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු අතර, තවත් සැකකරුවන් දෙදෙනකු ඉරිදා සවස් යාමයේ කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ. දස වැනි වියේ සිට වසර ගණනාවක් සිය පියාගේ කම්හලේ සේවය කරන පිරිස ඇතුළු පුරුෂයන් අතින් දිගින් දිගටම දූෂණයට ලක් වූ බවත් දැරියගේ ප්‍රකාශයේ සඳහන්. ජූලි 11 වැනි දින සරණක් පතා මාතර විහාරස්ථානයකට පැමිණි අවස්ථාවේ එහි වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේ නමක්ද තමන් දූෂණය කළ බවත් දැරිය පොලිසියට පවසා තිබේ. චුදිත භික්ෂුන් වහන්සේ ඇතුළු තවත් සැකකරුවන් හය දෙනකු තවමත් සොයමින් සිටින බවත් පොලිස් පරීක්ෂකවරිය සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී සඳහන් කළාය. ඒ අතරින් සැකකරුවන් තිදෙනෙකුගේ අනන්‍යතාවය දන්නා නමුත්, ඉතිරි තිදෙනා තවමත් නමින් හඳුනාගෙන නැති බවත් පොලිසිය පවසයි. හත් වැනි වියේදී සිය සොහොයුරාගේ මිතුරෙකු අතින් මුලින්ම ලිංගික අපයෝජනයට ලක් වූ බවත්, ඉන් අනතුරුව දස වැනි වියේ සිට වසර ගණනාවක් සිය පියාගේ කම්හලේ සේවය කරන පිරිස ඇතුළු පුරුෂයන් අතින් දිගින් දිගටම දූෂණයට ලක් වූ බවත් දැරියගේ ප්‍රකාශයේ සඳහන්.
මාතර, පිටබැද්දර ප්‍රදේශයේ බාල වියේ දැරියක දූෂණය කිරීමේ චෝදනාව මත තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය බ්‍රහස්පතින්දා ඡන්ද විමසීමකින් තොරවම සම්මත කළේය. "ඒක සම්පූර්ණ වැරදි වැඩක්. මේ ආණ්ඩුවට මේක ඉල්ලා අස්කර ගන්න තිබුණා," හිටපු ජනාධිපතිවරයා පැවසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ බව සඳහන් කළේ ජනාධිපතිවරණය අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී සංස්ථාවට ලබා දුන් වෙළඳ දැන්වීම්වලට අදාළ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බරපතල වංචා සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වියදම් කිරීම සම්බන්ධ වගකීම තමන්ට භාරගත නොහැකි බවද ඔහු සඳහන් කළේය. තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වූ බැවින් එහිදී මුදල් අවභාවිතයක් සිදු වී තිබෙන්නේ නම් පක්ෂය එහි වගකීම භාරගත යුතු බව ඔහුගේ ස්ථාවරයයි. මුදල් 'අවභාවිතයක්' ITN නාලිකාවට ලබා දුන් වෙළඳ දැන්වීම් සඳහා මුදල් නොගෙවීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මීට ඉහතදී කොමිෂන් සභාව ඉදිරියට කැඳවා තිබුණි.
ශ්‍රී ලංකාවේ යුද්ධය හා සම්බන්ධ චෝදනා විභාග කිරීම සහ සංහිඳියාව වෙනුවෙන් පියවර ගැනීම උදෙසා පියවර ගැනීම සම්බන්ධ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස තවත් වසර දෙකක කාලයක් ලබාගැනීම රට පාවාදීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිවරයා අද පළමුවරට මහා මණ්ඩල සැසිවාරයට සහභාගි විය ජනාධිපතිවරයා සමඟ එක්සත් ජනපද සංචාරයට එක් වී සිටින ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක ඒ බව කියාසිටියේ පාප්වහන්සේගේ ඉල්ලීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කිසියම් ප්‍රතිචාරයක් පළවූයේ දැයි බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. "එතුමා ඒ ප්‍රකාශය ඊයේ අසා සිටියා. එතුමා යම්කිසි දෙයක් හිතට අරගෙන ඇති. නමුත් මම දන්නේ නෑ ජනාධිපතිතුමාගේ තීරණය කොයි වගේද කියලා," ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක පැවසීය. මරණ දඬුවම සම්පූර්ණයෙන්ම ඉවත් කරන මෙන් පාප් වහන්සේ ඉල්ලා සිටියහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ජගත් නායකයන්ද හමුවීමට නියමිත ඔහු පැවසීය. ජනාධිපතිවරයා ඇමෙරිකානු ජනාධිපති ඔබාමාද හමුවීමට නියමිත නමුත්, ඒ සඳහා තවමත් නිශ්චිත දිනයක් යොදා ගෙන නැත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වෙමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිකුරාදා මහා මණ්ඩල සැසිවාරයේ සමාරම්භක සමුළුවට සහභාගි වූ අතර, ලබන 30 වැනි දින මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.
මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කරන මෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයෙන් කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාවධානව අසා සිටි බව ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ "මාසේ පඩිය ගන්න අයට ගාණක් නෑ රට වැහුවම. හැබැයි ස්වයංරැකියා කරන අයට බිස්නස්කරන අයට දවස් 10ක් වැහුවොත් සමහරවිට ඒ පාඩුව පියව ගන්න අවුරුද්දක් යයි. අපිට බෑ එක පැත්තක් ගැන විතරක් හිතලා තීරණ ගන්න." ජනාධිපතිවරයා පැවසීය. "කොවිඩ් රෝගීන් සමග සෘජුව සම්බන්ධතා පවත්වන සෞඛ්‍ය අංශ නිලධාරීන් කොවිඩ් රෝගයට ගොදුරු නොවන්නේ ඇයි. ඒ අය හරියට මාස්ක් එක දානවා. නිවැරදිව අත් හෝදනවා. නිවැරදි ක්‍රම අනුගමනය කරනවා. මේක තමයි අපි සමාජයට දෙන්න ඕනේ. මේවා කළොත් කිසි ප්‍රශ්නයක් නැතුව රට දුවන්න පුළුවන්. ජනතාව අවධානයෙන් ඉන්නවා නම් රටක් දුවන්න හැකියි," ඔහු වැඩිදුරටත් පැවසීය. බස්නාහිර පළාතට දැනට පනවා තිබෙන නිරෝධායන ඇඳිරිනීතිය ලබන සඳුදා (නොවැ. 9) උදෑසන 5.00 වනවිට ඉවත් කිරීමට කෙසේ හෝ පියවර ගන්නා ලෙස තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (නොවැම්බර් 5) මාධ්‍ය හමුවේ සදහන් කළේය. "මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝණත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් තවත් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා," ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. "ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. " යුද හමුදාපතිවරයා තවදුරටත් පැවසීය. කොරෝනා වෛරසය වාර්තා වූ අවසන් මරණ හතම කොවිඩ් වැලඳීමෙන් සිදු වූ මරණ බවට තහවුරුව ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුවය. ඒ අතර බ්‍රහස්පතින්දා (නොවැම්බර් 5) වාර්තා වූ මරණ පහෙන් තුනක්ම නිවෙස් වලදීම සිදුව තිබේ. එම තත්වය හමුවේ රට නැවතත් මේ අවස්ථාවේදී සම්පුර්ණය්යෙන් විවෘත කිරීම කෙතරම් සුදුසුද යන්න සෞක්‍ය විශේෂඥයන් ප්‍රශ්ණ කරයි. මෙම තත්වය හමුවේ සෞඛ්‍ය විශ්ලේෂකයන් පවසන්නේ රට විවෘත කිරීමට බලධාරීන් ඉක්මන් වුවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන බවකි. නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගෙන රට විවෘත කිරීම ඉතාමත් භයානක බවට ඔවුහු පවසති. වෛද්‍ය නිල්මිණි විජෙමුනිගේ "මම හිතන්නේ අපට පූර්ණ විවරයක් කළ නොහැකියි. මගේ හැඟීම නම් ඔවුන් "විවෘත" කරනු ඇති නමුත් බොහෝ ආසාදිතයින් ඇති ප්‍රදේශ දැඩි සීමාවන් සහිතව තබා ගනී. ඔවුන් කෙසේ හෝ විවෘත කිරීමට පෙර පරීක්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතුයි. එසේ නොමැතිනම් විශාල පොකුරු නැවත වර්ධනය වීමේ අවදානමක් අපට තියෙනවා," යැයි සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රයේ වෛද්‍ය නිල්මිණි විජෙමුනිගේ බීබීසී සිංහල සේවය සමග පැවසීය. සෞඛ්‍ය ප්‍රතිපතති කේන්ද්‍රය සෞඛ්‍ය පද්ධති පර්යේෂණ, සෞඛ්‍ය ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ආර්ථික විද්‍යාව වැනි දේ පිළිබඳ කටයුතු කරන ලාභ නොලබන පර්යේෂණ ආයතනයකි. "මෙල්බර්න් හි ඔවුන් සීමාවන් ලිහිල් කළේ දිනපතා හමුවන නව ආසාදිතයන් ගණන 0 කට ආසන්න වන තෙක් ඔවුන් එම නගරය විවෘත කලේ නැහැ. අපට දිනකට 200-400 වඩා වැඩි නව ආසාදිතයන් ප්‍රමාණයක්හමුවෙනවා. පරීක්ෂණ පුළුල් නොකර අපි සම්පූර්ණයෙන්ම විවෘත කළහොත්, වියට්නාමය, නැගෙනහිර ආසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි පාලනයක් අපට කිරීමට හැකි වේ යැයි මම හිතන්නේ නෑ." "ජනාධිපතිවරයා සිය වීඩියෝ පටයේ සඳහන් කර ඇත්තේ පරීක්ෂණ සහ වෛද්‍ය අංශ වැඩිදියුණු කර විවෘත කළ යුතු බවයි. අපට කාලයක් ඉතිරිවී නෑ ඒ නිසා ඔවුන් කලින් කළ දේ ඉතා ඉක්මණින් කරනු ඇතැයි මම සිතනවා. එසේ වුවහොත් අපට හමුවන නව රෝගීන් ගණන ඉක්මණින් යටපත් කළ හැකිවෙයි. තවමත් පරීක්ෂණ තිබෙන්නේ දිනකට 12,000 කටත් අඩු ප්‍රමාණයක," වෛද්‍ය විජේමුනිගේ පැවසුවාය. මිණුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් විහිදීමට පටන්ගත් කොරෝනා රෝගීන්ගේ පොකුර ආරම්භවී දැනට මාසයක් ගතවී ඇති බවත් එම කාලය තුළ රෝගීන් 8500 කට අසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය. මිණුවන්ගොඩ පොකුර ආරම්භවන විට රට තුළ රෝගීන් 3500 කට අඩු ප්‍රමාණයක් සිටියත් මේ වන විට කොරෝනා වෛරසය රටේ සියලුම දිස්ත්‍රික්කයන් හි ව්‍යාප්තවී ඇති බව ද එම සංගමය සියා සිටී. "පළමු මාස නවයට ම රෝගීන් 3500යි එක මාසයකට රෝගීන් 8500 යයි. එතකොට මේ මිණුවන්ගොඩ-පෑලියගොඩ පොකුරු රට තුළ කොතරම් තදින් ව්‍යාප්තවෙලා තියනවද කියන්න වෙන සාධක අවශ්‍යවෙන්නේ නෑ. සමස්ත රට තුළ ම කොරෝනා රෝගීන් ඉන්නවා," රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍යයට පැවසීය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක බීබීසී සිංහල සේවයට පැවසුවේ රෝගීන් සංඛ්‍යාව දිනපතාම සිය ගණනින් වාර්තා වීමත් සමගම දැනට රට තුළ පවතින තත්ත්වය යම් බරපතල ස්ථානයක ඇති බවය. "ප්‍රධාන පොකුරු දෙක වන බ්‍රැන්ඩික්ස් පොකුර සහ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුර අශ්‍රිතව ඇති වුන අනු පොකුරු වලින් අශ්‍රිතයින් විශාල ප්‍රමාණයක් වාර්තාවෙනවා. මෙම තත්ත්වය ඉක්මණට ම පාලනය කරන්න ඕන, මොකද එහෙම පාලනය කරේ නැති වුණොත් සෞඛ්‍ය අංශවල ධාරිතාවට මේ තත්ත්වය දරාගන්න බැරිවෙයි," මහාචාර්ය ඉන්දික කරුණාතිලක පැවසීය. "හැබැයි මෙහිදී දිගින් දිගටම ඇදිරිනීතිය දමමින් පවත්වාගෙන යන්න බැහැ. මීළගට අවශ්‍ය වෙන්නේ සංචරණය සිමා කරමින් රටේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන අතර රටේ ජනතාව නව සාමාන්‍ය තත්ත්වයට හුරු කිරීම. මේ තත්ත්වය යම් ආකාරයකින් පාලනය කළත් නැවතත් අර පරණ විදිහටම නොසලකා හරින මට්ටමකට ආවොත් නැවත වරක් දරුණු මට්ටමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්." මහාචාර්ය ඉන්දික කරුණාතිලක තවදුරටත් පැවසුවේ රට තුළ මේ වන විට මතුවී තිබෙන තත්ත්වය ඉතා ඉක්මණින් පාලනය කර ගැනීමට හැකි යැයි තමන් විශ්වාස නොකරන බවය. "මේ වයිරසය කලින්ට වඩා වැඩි වේගයෙන් පැතිරෙනවා. මේ ව්‍යාප්තියත් එක්ක බැලුවම මේ තත්ත්වය ඉක්මණට පාලනය කරන්න පුළුවන් වෙයිද කියල කියල හිතන්න බෑ. යම් කාලයක් යයි මේක හරියට පාලනය කරන්න. ඉතින් මෙය පාලනය කර ගන්න බැරි උනොත් තත්ත්වය දරුණු වෙන්න පුළුවන්. ඒ තත්ත්වය නිසා සංචරණය සිමා කරන්න වෙනවා, අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන අතර." මහාචාර්යවරයා පැවසුවේ මුලින්ම එකවර රෝගීන් 700ක් 800ක් හමුවන විට සෞඛ්‍ය අංශ ලොකු අභියෝගයකට මුහුණ දුන් නමුත් මේ වන විට එම සෞඛ්‍ය අංශයේ තිබෙන සුදානමත් සමග එම තත්ත්වය පසුගිය සතියේදී සැහෙන දුරකට හොද මට්ටමකට ගෙන ඇති බවය. "හැබැයි දැන් වුණත් අභියෝග තියෙනවා. දවසකට රෝගීන් 300-400ක් වැඩි වෙන නිසා රෝහල් පද්ධතිය තියෙන්නෙ අභියෝගාත්මක මට්ටමක," මහාචාර්ය ඉන්දික කරුණාතිලක පැවසීය. "අනිවාර්යයෙන්ම රට විවෘත කළ පසු සංචරණය වැඩිවුණොත් රෝගීන් සංඛ්‍යාව වැඩිවීමේ හැකියාවක් තියෙනවා. නැත්තේ නැහැ. ඒ අහියෝගයට ලැහැස්තිවෙලා ඉන්න වෙනවා. රටක් හැටියට තියෙන අහියෝගය තමයි නව සාමාන්‍ය කියන තත්ත්වයට පුරුදු වෙන එක. දැන් මේ තියෙන වෛරස් ප්‍රභේදය ඉක්මණින් පැතිරෙනවා නම් කලින්ටත් වඩා වැඩියෙන් පරිස්සම් වෙන්න වෙනවා." "මේක සෞඛ්‍ය අංශයටම පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මේ තීරණ ගත යුත්තේ සෞඛ්‍යය අංශයේ නායකත්වය යටතේ. ඒක ඉතාමත් වැදගත්. සෞඛ්‍ය අංශවලින් රට වහල තියන්න කියල ඉල්ලලා නැහැ හැබැයි සංචරණය පාලනය කරන්න කියල නම් ඉල්ලලා තියෙනවා. රට අරින්න කියන කාරණාවේදී අර කලින් තිබුන විදිහට සම්පුර්ණයෙන්ම ඇරලා කිසිම දෙයක් සලකන්නේ නැතිව ඉන්න බැහැ. යම් යම් සීමාවන් පනවන්න වෙයි මේ තත්ත්වය පාලනය කර ගන්න. අත්‍යවශ්‍ය සේවාවන් ආර්ථික කාරණාවන් පවත්වාගන්න වෙනවා, නැතුව දිගටම මේ තත්ත්වයෙන් ඉන්න හැකියාවක් නැහැ." රට අගුළු දැමීමේ අනෙක් පැත්ත එනම් අඩු ආදායම්ලාභී නිවැසියන්ට ඇති බලපෑම, දෛනික ආදායම්ලාභීන්ට හා ස්වයංරැකියාවන් හි නිරත වුවන්ට ඇති බලපෑම ආදිය සහ ඔවුන් ලද සහයෝගය කෙබඳුද යන්න රටට වැටහෙන නමුත් පවතින තත්ත්වය පාලනය නොකර රට විවෘත කිරීම ඉතාමත් භයානක බවට ප්‍රජා වෛද්‍ය හා දේශපාලන විශ්ලේෂකයන් ගේ මතය වී තිබේ. ඔවුන් පවසන්නේ මෙයට පිළිතුර රට විවෘත කිරීමට හදිසි වනවාට වඩා රජය මේ අවස්ථාවේදී වැඩි අවධානයක් දිය යුත්තේ වෛරස ව්‍යාප්තිය වලක්වගැනීමට හා අඩපණ වී ඇති ආර්ථිකය නව සාමාන්‍ය තත්ත්වය යටතේ සංචරණ සීමාවන්ට අනුව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බවය. ඒ අනුව අඩු අදායම් ලාභීන්ගේ හා ස්වයං රැකියාවල නිරතවුවන්ගේ ආර්ථිකය පිළිබදව නිසි තීරණ ගත යුතු බව ඔවුහු පවසති. වැලිකඩ බන්ධනාගාරය තුළින් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු හමුවීම පිළිබද ට්විටර් පණිවුඩයක් තැබූ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මෙවැනි ඉල්ලීමක් කළේය. "ශ්‍රී ලංකාවේ විශාලතම බන්ධනාගාරය වන වැලිකඩ, වසංගතයට ගොදුරු වී තිබේ. ශ්‍රී ලංකාවේ විශාල ජනාකීර්ණ හා අපිරිසිදු බන්ධනාගාර තවත් විශාල පොකුරක් බවට පත්විය හැකිය. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බන්ධනාගාර ප්‍රජාව බේරා ගැනීම සඳහා වේගයෙන් ක්‍රියා කළ යුතුයි." මෙම තොරතුරු ද දැනගන්න:
හැකි ඉක්මණින් රට විවෘත කළ යුතු බවත් කොරෝනා උවදුර හේතුවෙන් දීර්ඝකාලයක් රට වසා තබාගත නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පැවැති සාකච්ඡාවකදී පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නමුත් පොලීසිය කියා සිටින්නේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බවයි. ශිවයෝගනාදන් විද්‍යා නමැති පාසල් ශිෂ්‍යාව සමූහ දූෂණයකට ලක්කොට මරාදැමූ බවට සැක කෙරෙන සැකකරුවන් අට දෙනෙක් අද මැයි19 දා යාපනයේ කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ. එම අවස්ථාවේදී අධිකරණ භූමියේ සිටි ජනතාව සැකකරුවන්ට පහරදීමට තැත් කිරීම නිසා අධිකරණ භූමිය තුළ දැඩි නොසන්සුන් තත්වයක් හට ගෙන තිබුණි. ප්‍රදේශවාසීන් මෙම සැකකරුවන් අට දෙනාගෙන් තුන් දෙනෙකුගේ නිවාස වලට අලාභ හානි සිදු කළ බවට වාර්තාවී ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ එක් නිවසකට ගිණි තබා තිබුණු බවයි. දූෂණයට ලක්වූ පාසල් ශිෂ්‍යාවගේ උපැස් යුවලක් සහ කරාබු ජෝඩුවක් එක් සැකකරුවකුගේ නිවසේ ඇති බවට පොලීසියට තොරතුරක් ලැබුණු නමුත් නිවස පරීක්ෂා කිරීමට යන විට එම නිවස ගිණිගෙන තිබුණු බවද ඔහු පැවසුවේය. මෙවැනි සිද්ධීන් නිසා සාක්කි සියල්ල විනාශ වී යන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඉන් සිදුවන්නේ සැකකරුවන්ට වාසි සහගත තත්ත්වයක් උදාවීම බවද කියා සිටියේය. පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් නවදෙනෙකුම අත් අඩංගුවට ගෙන ඇති බැවින් ජනතාව නීතිය අතට ගත යුතු නැතැයිද ඔහු පැවසුවේය. දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටත් ශිෂ්‍යාව පදිංචි පළාතට පොලිස් මුරපොලක් ලබාදීම පිණිසත් ජනතාව සමග සාකච්ඡා කිරීමට අද අඟහරුවාදා දහවල් පුංගුඩුතීවු පළාතට ගිය යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා වට කරගත් ජනතාව ඔහුට යාමට නොදී බලපෑම් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පිළිගත් අතර ඔහු කියා සිටියේ එවැනි සිද්ධියක් ඇතිවූයේ ජනතාව පොලිස් පරීක්ෂණ පිළිබදව දැණුවත්වීමක් නොමැති නිසා යැයිද පෙන්වා දුන්නේය. ජනතාව උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ යාපනය පළාතෙන් කොළඹට පළා ගිය සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙස යැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ජනතාව උද්ඝෝෂණය කරණ විටත් එම සැකකරු කොළඹදී පොලිස් අත් අඩංගුවට පත්වී සිටි බවද පැවසුවේය. පොලිස් අත් අඩංගුවට පත්වන සියලුම සැකකරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට ඩී.එන්.ඒ.තාක්ෂණය ඔස්සේ මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද ඔහු සඳහන් කළේය. මේ අතර පොලීසිය විසින් සිදු කරණ පරීක්ෂණ පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව කියමින් යාපනයේ සියලුම පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාසල් වලින් එළියට පැමිණ අද 19 දා උදෑසන පාසල් ඉදිරියේදී උද්ඝෝෂණයක නිරත වූහ. මේ සම්බන්ධයෙන් බී.බී.සී.යට අදහස් දැක්වූ යාපනයේ ගුරුවරයෙකු කියා සිටියේ යාපනයේ සියලු වෙළද සල් මුලු දිනයේම වසා දමා මෙම සිද්ධියට විරෝධය පල කළ බවයි.
යාපනය පුංගුඩුතීවු පළාතේදී 17 හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණය කොට මරාදැමූ සැකකරුවන්ට එරෙහිව පොලීසිය ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් යාපනය නියෝජ්‍ය පොලිස්පති වරයා වට කරගත් පිරිසක් ඔහුට අද අඟහරුවාදා බාධා කළහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බොරැල්ල ජින්ටෙක් ආයතනය මේ බව තහවුරු කර ඇති බව රහස් පොලිසිය අද, අඟහරුවාදා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් වරයාට දැනුම් දුන්නේය. පසුගිය 11දා අත්අඩංගුවට ගනු ලැබූ කොටකෙතන පදිංචි නීල් ලක්ෂ්මන් නැමැති තිස් පස් හැවිරිදි පුද්ගලයාගේ ඩීඑන්ඒ මෙසේ ගැලපෙන බවයි එම තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිස් නිලධාරීන් දන්වා සිටියේ. ඒ අනුව එම සැකකරු මේ මස 29 දින දක්වා තවදුරටත් රිමාන්ඩ්බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය. මේ වසරේ සැප්තැම්බර් මාසයේ ඕපාත වත්තේ තේ දලු නෙළමින් සිට වරුවක් වැඩ කර නිවසට පැමිණෙන්නට ආ ඕපාත වත්තේ පදිංචි නාදන් පාප්පු නැමැති දෙදරු මවක් මහ දවල් කපා කොටා මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය ඇගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණයට පැවසුවේය. දෙදහස් දොළහ වසරේ මැයි මාසයේ ඝාතනයට ලක්වූ සේතුංගගේ දයාවතී සහ සේතුංගගේ තිලකාවති යන සොහොයුරියන් දෙදෙනාගේ, ඒ .එල්. ප්‍රේමාවතී සහ පුෂ්පා කුමාරි යන මව සහ දියණියගේ මෙන්ම, එස්.එම්. ඩිංගිරිමැනිකේ සහ සිරිවර්ධන මැනිකේ යන කාන්තාවන් හය දෙනාගේ ඩීඑන්ඒ, සැකකරුගේ ඩිඑන්ඒ හා සැසඳෙන බව ජින්ටෙක් ආයතනය දන්වා ඇති බව එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ඝාතනයට ලක්වූ මෙම කාන්තාවන් හය දෙනාම දුෂණයට ලක්ව තිබු බවත් ඔවුන්ගේ යෝනිවලින් ගත් ඩීඑන්ඒ රටා සැකකරුගේ ඩිඑන්ඒ රටා සමග ගැලපෙන බවත් ජින්ටෙක් ආයතනය දන්වා ඇති බවද රහස් පොලීසිය අධිකරණයට පැවසුවේය. අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු විශේෂ පොලිස් ආරක්ෂාව මත එම ඝාතන සිදුවූ ස්ථාන නිරීක්ෂණයට රැගෙන ගිය බවද රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. නාදන් පාප්පු නැමැති කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත්ත ද ඇගේ ඩීඑන්ඒ හා සැකකරුගේ ඩිඑන්ඒ සැදෙන්නේ ද යන්න තවම දන්වා නැති බව ද ඒ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරන බවද රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මේ වන විටත් මෙම ගම්මාන ආශ්‍රිතව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. කොටකෙතන ගමේ විශේෂ පොලිස් මුර පොළක් ද ස්ථාපිත කර ඇත්තේ වසර කිහිපයකට පෙරයි. ඊට පසුද මෙම ගම්මාන වල අබිරහස් ඝාතන සිදු විය. ගත වූ අට වසරක කාලය තුල ඉහත ගම්මාන ආශ්‍රිතව පිරිමින් හය දෙනෙක් ද අබිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇතත් ඔවුන් ගැන පරීක්ෂණ යටපත්ව ඇතැයි ගම්වැසියෝ කියති. එසේ ඝාතනයට ලක්ව තිබුණේ අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ ඝාතන සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් කිහිප දෙනෙකු බවද ප්‍රදේශවාසීහු පවසති. එක් පුද්ගලයෙකු සිය දිවි හානි කර ගත් බවද ගම්වාසීහු පවසති. එසේම ඩීඑන්ඒ වාර්තා සැසඳුණ කාන්තාවන් කිහිප දෙනෙකුගේම ඝාතන සම්බන්ධයෙන් ද පුද්ගලයන් කිහිප දෙනෙකු පොලීසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම අභිරහස් කාන්තා මිනිස් ඝාතන නිසා කොටකෙතන, වරාපිටිය, නිලදුරේ, දිඹුල්වල, ඕපාත ආදී ගම්වල ජනතාව තවමත් ජිවත් වන්නේ බියෙන් හා සැකයෙන්. සමහරු ගෙවල් දොරවල් හැර ගොස් සිටිති. හිරු බැස යන්නට පෙර නිවෙස්වලට වි රැය පහන් කරන්නට ගම්වාසීහු පුරුදුව සිටිති.
කහවත්ත පොලිස් වසමේ කොටකෙතන, දිඹුල්වල, ඕපාත, නිලදුරේ, වරාපිටිය, ආදී ගම්මාන ආශ්‍රිතව වසර කිහිපයක් තිස්සේ සිදුවූ කාන්තා ඝාතන දහනවයකින් හයක් සම්බන්ධයෙන් එකම පුද්ගලයෙකුගේ ඩිඑන්ඒ වාර්තා ගැලපෙන බව පරීක්ෂණවලින් හෙළි වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මනාප අංක සටහන් කළ දැන්වීම්, ඡන්ද මධ්‍යස්ථාන අවට මාර්ගයේ විසුරුවා තිබීමේ සිද්ධීන් අම්පාර, වවුනියාව සහ කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකම දක්නට ලැබුණි. ඒවා ඉවත් කිරීමේ කටයුතු පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය විසින් සිදු කරන ලදී. කෙසේ නමුත් ඡන්ද විමසීමට බාධාවක් වන බරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ක්‍රියාත්මක වන අද (අගෝස්තු 05) දිනයේ ද නීති විරෝධී ප්‍රචාරක කටයුතු පිළිබඳ වාර්තා වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
''මේ තත්ත්වය තව මාස තුනක් වගේ දිගටම ගියොත් අත්‍යවශ්‍ය නොවන ඖෂධවල, පුද්ගලයන්ට විශේෂ වූ වෙළෙඳ නාමයෙන් ගන්න ඖෂධවල ප්‍රශ්නයක් එන්න පුළුවන්.'' එම තත්ත්වය මත ඉන්දියාවේ ආනයන අපනයන ක්‍රියාවලියට ද බලපෑමක් එල්ල කර තිබේ. එය ශ්‍රී ලංකාවාසීන්ට කෙසේ බලපානු ඇත්දැයි සොයාබැලීම ඉතා වැදගත් වේ. ඊට හේතුව ශ්‍රී ලංකාවේ දෙවෙනි වෙළෙඳ හවුල්කරුවා ඉන්දියාව බැවිනි. වටිනාකම අනුව සැළකු විට ඉන්දියාව පසු කරමින් ඉදිරියට පැමිණි චීනය 2020 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවා බවට පත්විය. ශ්‍රී ලංකා මහා බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවට අනුව, ආනයන අපනයන ද්විත්වය ඇතුළත් සමස්ත විදේශීය වෙළෙඳාමෙන් 40%ක් ශ්‍රී ලංකාව සිදු කරනු ලබන්නේ චීනය , ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය සමග වේ. එම රටවල් තුන සමග 2019 දී කළ මුළු වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 12.5ක් වන අතර 2020 දී එම අගය ඩොලර් බිලියන 10.5 දක්වා අඩු විය. ''අල, ලූණු, මිරිස් කිසියම් ප්‍රමාණයක් පරිප්පු වැනි අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හුගක් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්.'' ශ්‍රී ලංකාව 2020දී සමස්ත ආනයනවලින් 19.2% ක් සිදු කර තිබෙන්නේ ඉන්දියාවෙනි. 2020 ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන ප්‍රභවයන් ANNUAL REPORT 2020 / CENTRAL BANK OF SRI LANKA දීර්ඝ කාලයක් පුරා වෙළෙඳ ගනුදෙනු සිදුවීම, ප්‍රවාහන වියදම අඩුවීම, දේශපාලන සම්බන්ධතා සහ වෙළෙඳ ගිවිසුම් ආදිය පදනම් කර ගනිමින් අත්‍යවශ්‍ය ආහාර සහ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය සිදු කරනු ලැබේ. ''අපි අල, ලූණු, මිරිස් , කිසියම් ප්‍රමාණයක් පරිප්පු වැනි අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හුඟක් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. මේවා බොහොමයක් ආනයනය කරන්නේ පුද්ගලික අංශයෙන්. කොවිඩ් තත්ත්වය හමුවේ ඉන්දියාවෙන් භාණ්ඩ පැටවීම අඩාල වුණොත් අපේ වෙළෙඳුන් වෙනත් වාසිදායක මාර්ගවලට ගිහින් පකිස්ථානයට, බුරුමයට, බංගලිදේශයට මාරු වෙනවා. ඒක නිසා ලොකු බලපෑමක් වෙන්නේ නෑ. සමහර විට වාසියක් වෙන්න පුළුවන්. කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය වලටත් ඕකම තමයි වෙන්නේ.'' යනුවෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලොකු අර්බුදයකට යන්න පුළුවන්.'' අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාවේ තත්ත්වය එතරම් බලපෑමක් ඇති නොකළ ද නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ජාතික විද්වත් සංවිධානයේ, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපති ආචාර්ය අනිල් ජයන්ත බීබීසී සිංහල සේවය සමග කළ අදහස් දැක්වීමේදී සඳහන් කළේය. ''අපේ ආනයනවලින් ලොකු ප්‍රතිශතයක් ඉන්දියාවෙන් වුණාට, අපනයන පැත්තෙන් බැලුවොත් ඒක ඉන්දියාවට පොඩි ප්‍රතිශතයක්. ඒ නිසා ඉන්දියාව මුහුණ දී ඇති තත්ත්වය මත ඔවුන් අපිට තියෙන සැලකිල්ල අඩු වුණොත් අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයත්, කර්මාන්ත, සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ප්‍රති අපනයන ක්ෂේත්‍රය ගත්තොත් මරු පහරක් වෙන්න පුළුවන්. නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලොකු අර්බුදයකට යන්න පුළුවන්.'' යනුවෙන් ආචාර්ය අනිල් ජයන්ත කියා සිටියේය. මේ වනවිට චීනය ශ්‍රී ලංකාවේ විශාලම වෙළෙඳ හවුල්කරුවා බවට පත් වුව ද ශ්‍රී ලංකාවෙන් සිදු කරන අපනයන සැළකීමේදී චීනයට වඩා වැඩි ප්‍රතිශතයක් ලංකාවෙන් ඉන්දියාවට භාණ්ඩ අපනයනය කරන බව ද ඔහු පැවසුවේය. ආහාර ද්‍රව්‍ය සහ ඖෂධවලට අමතරව රෙදිපිළි හා රෙදිපිළි උපාංග, ඛනිජ තෙල් නිෂ්පාදන, ගොඩනැගිලි ද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර හා උපකරණ, රසායනික නිෂ්පාදන ආදිය ඉන්දියාවෙන් ආනයනය කෙරේ. සත්ත්ව ආහාර, කුළු බඩු, රෙදි පිළි, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සුළු කෘෂිකාර්මික නිෂ්පාදන ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩ අතරට අයත් වේ. ඉන්දියාවෙන් එන්නත් ලැබීම පමා වෙයි කොවිඩ් 19 රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත් ලබා දීම ජනවාරි 29 වැනිදා ආරම්භ විය. ඒ ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලැබීමත් සමගය. ඒ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාව ඇනවුම් කරන ලදී. ඉන් ලක්ෂ 05ක් ලැබුණු අතර ඉතිරිය අදියර දෙකක් යටතේ අප්‍රේල් සහ මැයි ලබා දීමට ඔවුන් එකඟ වී සිටි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැයි 04 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ''අපිට ලක්ෂ හයක එන්නත් ගැටලුවක් තියෙනවා. ඒක හංගන්න දෙයක් නෑ. '' ''අනපේක්ෂිත විදියට ඉන්දියාවේ තිබුණු දරුණු වසංගතයත් එක්ක සීරම් ආයතනයට බැරි වෙනවා අවශ්‍ය පරිදි එන්නත් ටික ඩිලිවර් කරන්න. අපිට ලක්ෂ හයක එන්නත් ගැටලුවක් තියෙනවා. ඒක හංගන්න දෙයක් නෑ. මේක රජයේ වරදක් හින්දා නෙමෙයි. වසංගතයේ තත්ත්වය මත නිෂ්පාදකයන්ට අවශ්‍ය කරන සැපයුම දීගන්න බැරි හින්දා. ඒ එක්කම අපි ස්පුට්නික් එන්නත ගේන්න, ෆයිසර් එන්නත ගේන්න කටයුතු කරලා තියෙනවා.'' යනුවෙන් ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇති වෙයිද ? ඉන්දියාවේ පවතින තත්ත්වය මත මේ වන විට ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් මතුවී නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''බෝ නොවන රෝග සඳහා අවශ්‍ය ඖෂධ වලින් බහුතරයක් අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා නිෂ්පාදනය කරනවා. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි ගේන්නේ චීනයෙන්. ඒ සැපයුම් මාර්ගයට ලොකු හානියක් වෙලා නෑ. අමුද්‍රව්‍ය තොග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඉන්දීය සැපයුම නැති වුණා කියලා විශේෂයෙන් රාජ්‍ය ක්ෂේත්‍රයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි මේ තත්ත්වය තව මාස තුනක් වගේ දිගටම ගියොත් අත්‍යවශ්‍ය නොවන ඖෂධවල, පුද්ගලයන්ට විශේෂ වූ වෙළෙඳ නාමයෙන් ගන්න ඖෂධවල ප්‍රශනයක් එන්න පුළුවන්.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. තවත් තොරතුරු: කොවිඩ්-19 රෝගීන්ගේ සීග්‍ර වර්ධනය හමුවේ රට කෙතරම් සුදානම්ද? කොවිඩ් 19 අතර "ගැට ගැසෙන" ජීවිත ශ්‍රී ලංකාවේ 'කොවිඩ් තත්ත්වය ගැන ප්‍රස්තාර පහක්
කොවිඩ් 19 නිසා මේ වනවිට ලෝකයේ වැඩිම බලපෑමක් එල්ලවී ඇති රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඉන්දියානුවන් ජීවිතය ඉල්ලා හඬා වැටෙන අයුරු, ඔක්සිජන් නොමැතිව මිය යන අයුරු මෙන්ම රෝහල් පිරී ඉතිරී ඇති අයුරු දැක්වෙන ඉතා සංවේදී දර්ශන මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. එමෙන්ම මියගිය ඥාතීන්ගේ දේහ ආදාහනය කිරීමට වාරය ලැබෙන තුරු මහමග තබා ගෙන දිගු පෝලිම් වල සිටිනා ඉන්දියානුවන් සහ 'විශාලාවක්' වී ඇති ප්‍රදේශ දැක්වෙන දර්ශන ද ඒ අතර වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින සත්ත්ව විශේෂ වෙළෙඳාම සම්බන්ධයෙන් කටයුතු කරන Cites ආයතනයේ වාර්තාවකට අනුව ජාවාරම් කරන ලද ඇත් දළ ටොන් 40 සොයා ගෙන ඇත. පසුගිය දශකය තුළ අප්‍රිකානු අලි ඇතුන් 111,000 දඩයමට ලක්ව ඇති අතර එසේ දඩයමට ලක් වීමේ වේගය කලාප ගණනාවක් තුළ ඒකාකාර මට්ටමකට ළඟා වී තිබේ. එම තත්ත්වය සතුටුදායක නමුත් අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් Cites ආයතනය තවදුරටත් අනතුරු අඟවයි. "ගෝලීය වශයෙන් දියත් කර තිබෙන සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵල ලැබෙන්න පටන් ගෙන තිබෙනවා. නමුත් නිසැකවම අප තවමත් අවශ්‍ය තැනට ළඟා වී නැහැ" යනුවෙන් එම ආයතනයේ මහ ලේකම් ජෝන් ස්කැන්ලන් පැවසීය. අදාළ වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ආසියාව වෙත දළ තොග වශයෙන් අපනයනය නොකර ඒවා යොදා ගනිමින් ආභරණ නිර්මාණය කිරීම අප්‍රිකාව තුළ ඉහළ යමින් පවතින තත්ත්වයක් තුළදීය. තොග වශයෙන් ජාවාරම් කෙරෙන ඇත් දළ අල්ලා ගැනීම පහසුය. පසුගිය දශකය තුළ බරපතළ ලෙස අලි ඇතුන් දඩයමට ලක් වූ නැගෙනහිර අප්‍රිකාව විශේෂ ප්‍රගතියක් ලබා ඇති බව ජෝන් ස්කැන්ලන් සඳහන් කළේය. "දඩයම ඉහළම මට්ටමට ළඟා වූ 2011සිට ස්ථීර පහළ යාමක් දක්නට තිබෙනවා. දඩයමට ලක් වීමේ නැඹුරුව සමස්තයක් වශයෙන් 2008 වසරේ තිබූ මට්ටම දක්වා පහළ ගොස් ඇති බව 2016 වසරේ විශ්ලේෂණ මගින් නිගමනය කළ හැකියි" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. පසුගිය දශකයක කාලය ඇතුළත බොට්ස්වානා, දකුණු අප්‍රිකාව සහ නැමීබියාවේ අලි ඇතුන් සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි වුවත් මධ්‍යම අප්‍රිකාවේ අලි ගහනයේ විශාල පහළ යාමක් දැකිය හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති. එම කලාපය තුළ නීති විරෝධී අලි දඩයම ඉහළ මට්ටමක පවතින බවත් ඔවුහු පවසති. ශ්‍රී ලංකාවේ තත්ත්වය ශ්‍රී ලංකාවේදී විනාශ කෙරුණු ඇත් දළ තොගය ශ්‍රී ලංකා රේගුව භාරයේ වසර තුනකට අධික කාලයක් පැවති ඇත් දළ තොගයක් 2016 වසරේ ජනවාරි මාසයේ දී කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ විනාශ කෙරිණි. දළ ලබා ගැනීමට මරා දැමුණු සතුන් වෙනුවෙන් සර්වාගමික නායකයන් පැවැත්වූ ආගමික වතාවත්වලින් අනතුරුව එසේ එම දළ විනාශ කෙරිණි. රුපියල් මිලියන 400 ක් පමණ වටිනා එම ඇත් දළ තොගය කොළඹ වාරයේදී අත්අඩංගුවට ගැනුණේ 2012 මැයි මස 12 වෙනිදා ය. මේ අතර ශ්‍රී ලංකාව තුළ වසරකට අලි ඇතුන් 200 ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් වනජීවී භාරයේ අධ්‍යක්ෂ සී.සී හිදැල්ලආරච්චි කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන් මූලික වශයෙන් මරණයට පත් වන්නේ අලි මිනිස් ගැටුමට මැදිවීමෙන් බවය. සංස්කෘතිමය කරුණු මත ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන්ට සුවිශේෂී ස්ථානයක් පවතින බැවින් ඔවුන් දඩයම් කිරීම ඉතාමත් පහළ මට්ටමක පවතින බව කී වනජීවී භාරයේ අධ්‍යක්ෂවරයා අප්‍රිකානු අලින්ගෙන් 99% දළ පිහිටියත් ශ්‍රී ලංකාවේ අලි අතරින් දළ පිහිටා ඇත්තේ 5% අඩු ප්‍රමාණයකට බව පෙන්වා දුණි. යටත් විජිත පාලන සමයේ දළ ලබා ගැනීම පිණිස ඇතුන් විශාල වශයෙන් දඩයම් කිරීම ද ශ්‍රී ලංකාවේ ඇත් ගහනය පහළ යාමට හේතු වූ බව ඔහු සඳහන් කළේය. "ඇත් දළ වෙළෙඳාම සඳහා අපේ ඇතුන් අල්ලලා මරලා, විශේෂයෙන්ම යුරෝපයට අරන් ගියා. ඇතුන්ගේ වඳ වීමේ ස්වභාවයට එය අද බලපා තිබෙනවා" තවත් ඇතෙකු සමග සටනකින් පසුගිය ජුනි මාසයේ දී මරණයට පත් යාල වනෝද්‍යානයේ විසූ තිලක් නමැති සද්දන්තයා ඇත් ගහනය අල්ප බැවින් ශ්‍රී ලංකාවේ කැලෑ තුළ වෙසෙන ඇතුන් නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබී ඇති බව කී වනජීවී භාරයේ අධ්‍යක්ෂවරයා "ඇතෙකු අඩු වුනොත් මොකද වුනේ කියලා මිනිස්සු හොයනවා. ඒ නිසා මරණ ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා" යනුවෙන් සඳහන් කළේය. ශ්‍රී ලංකාව තුළ අලි අතුන් 7000 ආසන්න සංඛ්‍යාවක් වෙසෙන බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ. පසුගිය දශක තුන ඇතුළත කාලය හා බැලීමේ දී අලි ගහනයේ යම් අඩුවක් දක්නට ඇති බව කී වනජීවී භාරයේ අධ්‍යක්ෂ සී.සී හිදැල්ලආරච්චි වනජීවී අමාත්‍යංශය ලබන වසරේ ජනවාරි මාසයේ දී අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළේය. සබැඳි යොමු:
අප්‍රිකාවේ අලි ඇතුන් දඩයම අඛණ්ඩව පස්වෙනි වසරටත් පහළ ගොස් ඇති අතර ලොව පුරා ඇත් දළ තොග අල්ලා ගැනීම් පසුගිය වසර තුළ වාර්තාගත මට්ටමකට ළඟා වී ඇති බව වාර්තාවක් පෙන්වා දෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මහජනතාව අතර ව්‍යාජ පුවත් පතුරවා හැරීමට ඉඩ තැබීම' සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි අංශ චෝදනාවට ලක් කරමින් ට්‍රම්ප් ට්විටර් පණිවුඩ නිකුත් කළේය. තහවුරු නොකරන ලද චෝදනාවලින් පැවසෙන්නේ ට්‍රම්ප් වෛශ්‍යාවන් සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන රුසියාව සතු බවය. කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහසිගත තොරතුරු රුසියාව සතුව පවතින බවට පලවන වාර්තා ක්‍රෙම්ලිනය ද ප්‍රතික්ෂේප කළේය එමෙන්ම ඔහුගේ ව්‍යාපාර අවශ්‍යතා කෙරෙහි බලපාන තොරතුරු ද රුසියාව සතු බවට ඇතැම් ඇමරිකානු මාධ්‍ය වාර්තා කොට තිබිණි. කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහසිගත තොරතුරු රුසියාව සතුව පවතින බවට පලවන වාර්තා ක්‍රෙම්ලිනය ද ප්‍රතික්ෂේප කළේය. රුසියාව සහ ඇමරිකාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතාවලට හානි කිරීමේ අරමුණින් එවැනි ප්‍රචාර ගෙන යන බව රුසියානු ජනාධිපති වැල්ද්මීර් පුතින්ගේ ප්‍රකාශකයකුවන දිමිත්‍රි පෙස්කොෆ් කියා සිටියේය.
සිය වෘත්තිමය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ රහසිගත තොරතුරු රුසියාව සතුව ඇති බවට පළවන වාර්තා ඇමරිකාවේ ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ඉඩම් අක්කර 15,000 ක් චීන සමාගම්වලට ලබා දීම ඇතුළු විදෙස් සමාගම්වලට මහා පරිමාණයෙන් ඉඩම් ලබා දීමේ සැලැස්මක් පවතින බව මෙවර අය වැය යෝජනා තුළින් පැහැදිලිවන බවටත් ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය චෝදනා කරයි. එම සැලැස්මේ කොටසක් වශයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම අහෝසි කොට ඉඩම් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඉඩම් බැංකුව වැනි නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ උත්සාහයක ආණ්ඩුව යෙදී සිටින බවට තොරතුරු ලැබී ඇති බව එම සන්ධානය නියෝජනය කරන ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සාමාජික චින්තක රාජපක්ෂ බීබීසී සිංහල සේවයට කියා සිටියේය. "විශේෂයෙන්ම ඉඩම්, ස්වාභාවික සම්පත් සාමාන්‍ය ජනතාවගෙන් උදුරා ගෙන සීමිත පිරිසක් අතට පත් කරන සැලැස්මකට තමයි වත්මන් ආණ්ඩුවේ නව ලිබරල් ආර්ථික සැලැස්ම ගමන් කරමින් ඉන්නේ," ඔහු පැවසීය. 'ජීවය නැති සංවර්ධන- අවසන ව්‍යසනයකි' "දැනට සුළු නිෂ්පාදකයන් අත බෙදී පවතින ඉඩම් මහා පරිමාණ ක්‍රියාවලියකට නතු කිරීමේ ආණ්ඩුවේ සැලසුමක් පවතින බවට උදාහරණයක් තමයි, මෙවර අය වැය ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා කියා සිටියා මාදුරුඔය දකුණු ඉවුර මුල් කර ගනිමින් ඉඩම් අක්කර විසි දහසක් අපනයන වෙළඳපොළ අරමුණු කරගත් වාණිජ මට්ටමේ වගාවන් සඳහා යොමු කරන බව." සුළු පරිමාණ ඉඩම්වලින් ඔබ්බට ගොස් අක්කර සිය ගණනක ඉඩම් පද්ධතියක් සේ සලකා ඒ මත ගොඩනගන කෘෂිකර්මාන්ත සහ සංවර්ධන ක්‍රියාවලියක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව ඉන් පැහැදිලිවන බව චින්තක රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය. වත්මන් ආණ්ඩුවේ එම ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳව ඉතා බියකරු චිත්‍රයක් මතු කරන ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය, එය විග්‍රහ කරන්නේ 'ජීවය නැති සංවර්ධනය - අවසන ව්‍යසනයකි' යනුවෙනි.
විදේශ සමාගම්වලට ඉඩම් ලබා දී, ශ්‍රී ලංකාවේ ගොවීන් ඇතුළු සුළු පරිමාණ වගාකරුවන් අතර පවතින කෘෂිකර්මාන්තය සීමිත පිරිසක් අතට පත් කිරීමේ 'බියකරු සැලසුමක්' පවතින බවට ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය අනතුරු අඟවයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මිනුවන්ගොඩ එහෙත්, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රයෙන් රෝගය ව්‍යාප්තවීම ආරම්භ වීමෙන් පසු මේ වන විට දිස්ත්‍රික්ක 21 කට සම්බන්ධ ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළේය. ඔහු තවදුරත් ප්‍රකාශ කරන්නේ බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ පොකුර දිවයිනෙන් වාර්තා වූ 33 වන කොවිඩ් 19 පොකුර බවත් එය විකාශනය වන ආකාරය හඳුනාගෙන ඇති නිසා රට තුළ දැනට පවතින තත්ත්වය පාලනය කළ හැකි නමුත් මේ ඊට නිශ්චිත කාල සීමාවක් ස්ථිර ලෙස ප්‍රකාශ කළ නොහැකි බවය. "දැනට මෙතෙක් කල් සියලු කටයුතු හරියට කළමනාකරණය කරලා තියෙනවා අපෙ පුරෝකථනයන් අනුව අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය පහසුකම් සපයාගෙන තියෙනවා. ටෙස්ටින් උනත් දැන් පෙරේදා (ඔක්. 12) 7000 කට අසන්න ගණනක් කරල තිබුණා. ඊයෙත් ඒ වගේ කරලා තිබුණා," "රජයේ රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සමහරෙක් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් කොරෝනා වෛරසය රජයේ රෝහල්වල පැතිරෙනවා කියා අදහස් වන්නේ නැහැ, වෛරසය රෝහල්වල පැතිර ගොස් නොමැති නිසා රෝගීන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ." වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසීය. නිරෝධායනයට රැගෙන යමින් නමුත් සෞඛ්‍ය අංශයේ විශ්ලේෂකයන් පවසන්නේ ශ්‍රී ලංකාව මේ වන විට මෙම ගෝලීය කොරෝනා වසංගතයට මුහුණදීමට කෙතරම් සුදානම්ද යන්න මත රටේ ඉදිරිය තීරණය වනු ඇති බවය. රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2018 අවසන් වන විට ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් 1000 කට ගිලන් ඇඳන් 3.5 ක් තිබූ අතර රජයේ රෝහල් 613 ක් තිබුණි. පුද්ගලයන් 1,035 කට එක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් සහ රජයේ රෝහල්වල පුද්ගලයින් 599 කට එක් හෙදියක් විණි. රජයේ රෝහල්වල ගිලන් ඇඳන් 7644 ක් ඇත. ඇඳන් 5120 ක් පෞද්ගලික රෝහල් 200 ක තිබේ. ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දත්තයන්ට අනුව අඟහරුවාදා (ඔක්. 13) වන විට ලංකාවේ රෝහල් 13ක් කොරෝනා රෝගීන්ට වෙනුවෙන් වෙන්කර තිබිණි. එම රෝහල් හි ඇඳන් 1691ක් ඇති අතර එයින් හිස්ව තිබුණේ ඇඳන් 251ක් පමණි. එම දත්තවලට අනුව ජාතික බෝවන රෝග නිවාරණ ආයතනය (අයි ඩි එච්) හි ඇඳන් 120 ක පහසුකම් ඇති අතර ඔක්. 13 වැනි දා වන විට රෝගීන් 163 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් වැලිකන්ද මුලික රෝහලේ ඇඳන් 110ක් ඇති අතර එහි රෝගීන් 120ක් ප්‍රතිකාර ලබමින් සිටි බවත් කියවිණි. ඇඳන් 200 ක් ඇති කඹුරුගමුව රෝහලේ 213 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටියහ. තෙල්දෙණිය මුලික රෝහලේ ඇඳන් 120ක් ඇති අතර රෝගීන් 121 දෙනෙකු සිටින බවත් කාත්තන්කුඩි රෝහලේ ඇඳන් 120ක් ඇති අතර රෝගීන් 126 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම දත්ත පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසන්නේ දැනට රට තුළ හටගෙන ඇති තත්ත්වය නිවැරදි හා කාලීන තීරණ ගැනීම තුළින් කළමනාකරණය කර ගත හැකි නමුත් සමාජමය ව්‍යාප්තියක් දක්වා වසංගතය පැතිරයාමේ අවදානම පහව ගොස් නොමැති බැවින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීමට රට සුදානම්ව සිටිය යුතු බවය. "දැනට අපට හමුවන රෝගීන් සංකූලතා නොමැති වීම නිසා හා බොහෝ රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා අපට අවශ්‍ය වන්නේ රෝගීන් රෝහල් තුළ තබාගෙන නිරීක්ෂණය කිරීමට අවශ්‍ය පහසුකම්. මේවා රෝහල් තුළ හෝ තාවකාලිකව සැදු විශාල රෝහල් තුළ කළ හැකි බැවින් ඒසදහා අප සුදානම් විය යුතුයි," මහාචාර්ය ඉන්දික කරුණාතිලක බීබීසී සිංහල සේවයට පැවසීය. "බොහෝ දේවල් මේ වන විට කරලා තියෙනවා එත් තව ඉක්මණට කළ යුතු දේවල්, මම කිව්වා වගේ රෝගීන් නිරීක්ෂණයට හා වෙන්කර තැබීමට අවශ්‍ය විශාල පහසුකම් වැනි දේවල් තියෙනවා ඉක්මණින් කරන්න. මේකෙදි අපිට දැනට තියෙන ජාතික රෝහල් මේ කාර්ය සදහා යොදාගැනීම තුළින් සාමාන්‍ය සෞඛ්‍ය සේවයට හා රෝගීන්ට බලපෑමක් එල්ලවෙන්න පුළුවන් නිසා මේකට වෙනමම පහසුකම් සපයාගැනීම සුදුසුයි." ඔහු තවදුරටත් පැවසුවේ රටේ පරීක්ෂණ ක්‍රියාවලිය දැනටමත උපරිම මට්ටමකට පැමිණ ඇති බවත් පරීක්ෂණ පහසුකම් ඉතා ඉක්මණින් වැඩිකරගත නොහැකි බැවින් වෛරසය ව්‍යාප්ත වීම වලක්වාගැනීමට කටයුතු කළ යුතු බවය. දැනට පවතින පහසුකම් අනුව රට තුළ දිනකට පීසීආර් පරීක්ෂණ 4000ක් පමණ සිදු කිරීමට පසුකම් ඇති බව බලධාරීන් පවසන අතර ඇතැම් දිනවලදී ඊට වැඩි සාම්පල ප්‍රමාණයක් ලබා ගැනීමට සිදුවන බව ඔවුහු පවසති. රට තුළ සිටින වෛද්‍ය කාර්යමණ්ඩලය හා සෞඛ්‍ය කාර්යමණ්ඩලය එක දිගටම පවතින වසංගත තත්ත්වය හමුවේ දිගින් දිගටම රාජකාරියේ යෙදීම තුළ ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ තත්ත්වයක තබාගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරින් පවසයි. නම හෙලි කිරිමට අකමැති වු සෞඛ්‍ය බලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් අගුලූ දමා තිබු කාලය තුළ ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසන තත්ත්වයකට මුහුණ දිමට අවශ්‍ය පහසුකම් සහ අවශ්‍ය පද්ධතිය ස්ථාපනය කළ මුත් ශ්‍රී ලංකාවේ ඇතැමුන් සියල්ල සැහැල්ලුවට ගැනීම හේතුවෙන් රටේ අනපේක්ෂිත ආකාරයෙන් රෝගීන් වැඩිවීමක් සිදු වුවහොත් එයට මුහුණ දීමේ හැකියාව පිළිබඳ ගැටලු මතුවිය හැකි බවය. මෙම තොරතුරු ද දැනගන්න:
ශ්‍රී ලංකාවේ වාර්තාවූ පළමු කෝවිඩ්-19 රෝගියා ලෙස චීනයේ හුබෙයි පළාතෙන් ආ 44 හැවිරිදි චීන කාන්තාවක් ජාතික බෝවන රෝග නිවාරණ ආයතනයට (අයි ඩි එච්) 2020 ජනවාරි 27 වන දින ඇතුළත් කිරීමේ සිට බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රයෙන් මතුවූ පොකුර හමුවන තුරු ශ්‍රී ලංකාව, වසංගත තත්ත්වය ඉතා කාර්යක්ෂමව කළමනාකරණය කළ රටවල් කිහිපයෙන් එකක් ලෙස හැදින්විණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"අවශ්‍ය විටෙක" තමා වෙනුවෙන් වැඩ බලන ලෙස අගමතිවරයා විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් වෙතින් ඉල්ලා ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. කොරෝනාවෛරසය ආසාදනය වී සිටි 55 හැවිරිදි අගමැති බොරිස් ජොන්සන් ඉරිදා (අප්‍රේල් 05) රෝහල්ගත කෙරිණි. කොරෝනාවෛරසය ආසාදනය වී රෝහල් ගත වී සිටින නමුත් බ්‍රිතන්‍ය අගමැති බොරිස් ජොන්සන් ආණ්ඩුව මෙහෙයවමින් තවමත් සිය ධුරයේ වගකීම් ඉටු කරමින් සිටින බව නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය රොබර්ට් ජෙන්රික් පවසා මීට පෙර පවසා තිබිණි. කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් දින 10කට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉරිදා (අප්‍රේල් 05) රෝහල් ගත කෙරුණු බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය. ඔහු ලන්ඩන්හි රෝහලක් වෙත රැගෙන යනු ලැබ ඇත්තේ, ශරීර උෂ්ණත්වය ඇතුළු "පහ නොවන රෝග ලක්ෂණ" තිබියදීය. අගමැතිවරයාට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි "පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයක්" වශයෙන් එවැනි පියවරක් ගත් බව පැවසේ. සාමාන්‍ය දිනවල ජනයාගෙන් පිරී පවතින ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් වීදිය කොරෝනාවෛරසය පිළිබඳ තවත් පුවත්: 55 හැවිරිදි බොරිස් ජොන්සන් රාත්‍රිය පුරා "දෛනික පරීක්ෂණ" මාලාවකට ලක් කෙරුණු බව වාර්තා විය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, "ඔහුගේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍යවරයා පරීක්ෂණ සදහා රෝහල්ගත කළ," බවය. "මේක අගමැතිවරයාට දින 10ක් පුරා රෝග ලක්ෂණ දිගට ම තිබුණ නිසා ගනු ලැබූ පූර්වාරක්ෂක පියවරක්." ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිවරයාට සුවය පතයි මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කළේ, බොරිස් ජොන්සන්ට සුවය පතා "ජාතියේ ආශීර්වාදය" පළ කරමිනි. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක කියර් ස්ටාමර් ද බොරිස් ජොන්සන්ට "ඉක්මන් සුවය" ප්‍රාර්ථනා කළේය. කොරොනාවයිරසය ආණ්ඩුවේ ඉහළ ම මට්ටම්වලට බලපෑම් එල්ල කර තිබේ. අගමැති බොරිස් ජොන්සන් වෛරසයේ අප්‍රසන්න යථාර්ථය පෞද්ගලිකව අත්විදිමින් සිටී. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් තරයේ පවසන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා තවදුරටත් බොරිස් ජොන්සන් බවය. අමාත්‍ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සමග සමීපව කටයුතු කරන බවත් අගමැති කාර්යාලය කියා සිටී. විය නොහැකි යයි සිතන දේ යථාර්ථයක් බවට පත් කිරීමට ඇති හැකියාව කොරෝනාවෛරසය යළි යළිත් ඔප්පු කරමින් සිටී. උපදේශකයින්, නිලධාරීන් සහ අමාත්‍යංශ සේවකයින්ට ස්වයං හුදෙකලා වීමට එය බල කර තිබේ.
කොරෝනාවෛරස් රෝග ලක්ෂණ "උත්සන්නවීම" හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු බව අගමැති නිල නිවසේ ප්‍රකාශකයෙකු පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෝටර් රථ ලක්ෂ හයක ඉන්ධන දහන දත්ත වෙනස් කළ බවට පසුගිය සතියේ හෙළිදරව් වීමෙන් පසුවයි මෙම නව හෙළිදරව්ව සිදුකර ඇත්තේ එම සමාගම නිෂ්පාදනය කළ මෝටර් රථ ලක්ෂ හයක ඉන්ධන දහන දත්ත වෙනස් කළ බවට හෙළිදරව් වීමෙන් පසුවයි මෙම නව හෙළිදරව්ව සිදුකර ඇත්තේ. එම වාහන ජපානය තුළ අලෙවිකළ ඒවා බවයි ඔවුන් පවසන්නේ. පසුගිය සතියේ සිදුවූ හෙළිදරව්ව පිලිබඳ කෙරෙන පරීක්ෂණ පිලිබඳ කරුණු ඉදිරිපත් කළ එම සමාගමේ සභාපති තෙත්සුරෝ අයිකාවා පැවසුවේ පරීක්ෂණ ඉදිරියට පැවැත්වෙන අතර තවත් මෙවැනි සිදුවීම් සොයා ගත හැකි වනු ඇති බවයි. අප නොදන්නා තව බොහෝ දේවල් තිබියහැකි බවයි ඔහු පැවසුවේ. "අපි දන්නෙ නැහැ 'සමස්ථ චිත්‍රය' කොහොමද කියල. ඒක සොයාගන්න තමයි අපි මේ කටයුතු කරන්නෙ" යනුවෙන් තෙත්සුරෝ අයිකාවා පැවසුවේ අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවක දී. තමාට මේ පිළිබඳව විශාල වගකීමක් තිබෙන බවත් කොපමණ මෝටර් රථ සංඛ්‍යාවක් සඳහා මෙසේ ව්‍යාජ දහන දත්ත ඇතුළත් කලේද යන්න නොදන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය. මේ නවතම හෙළිදරව්වත් සමග අඟහරුවාදා සමාගමේ කොටස් 10 % කින් පහළ වැටී තිබෙන අතර ඒ අනුව පසුගිය සතියේ සිට සමස්තය 50% කින් පහත වැටී ඇති බවයි වාර්තාවන්නේ. මිට්සුබිෂි සමාගමේ 'ඊ කේ වැගන්' මෙම මෙම දහන දත්ත වංචාව ට ලක්වූ ප්‍රධාන නිෂ්පාදනයක් බවයි පැවසෙන්නේ. ධාවනය වූ දුර සම්බන්ධ අසත්‍ය දත්ත 'ඊ කේ වැගන් සහ ස්පේස්' (eK wagon and eK Space) මාදිලියේ මෝටර් රථ එක්ලක්ෂ පනස් හත් දහසක ද, නිසාන් සමගම සඳහා නිපද වූ ඩේස් සහ ඩේස් (Dayz and Dayz Roox vehicles) හාරලක්ෂ හැට අට දහසක ද ඇතුලත්කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා මිට්සුබිෂි සමගම විසින් පත්කර ඇති බාහිර නීතිඥවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුව විසින් මාස තුනක් ඇතුළත වාර්තාවක් ලබා දීමට නියමිත ව තිබේ. ඉහත කී වාහන මාදිලි වල නිෂ්පාදන සහ විකිණීම් අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.
වසර 1991 සිට මෝටර් රථ නිෂ්පාදන වල දහන දත්ත ව්‍යාජ ලෙස වෙනස් කළ බව මිට්සුබිෂි මෝටර්ස් සමාගම පිළිගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජල මට්ටම වැඩි වශයෙන් ඉහළ යාම නිසා ගංගා ඉවුරු පුපුරා යාමේ අවදානමක් පවති සතියක් මුළුල්ලේ පැවති දැඩි වැසිවලින් අනතුරුව බටහිර බෝල්කන් කලාපයේ හටගත් නායයෑම් හා ගංවතුර හේතුවෙන් විසි දෙනකුවත් මිය ගොස් තිබේ. මේ වන විට සර්බියාවේ අගනුවර වර්ෂාපතනය අඩු වී ඇති නමුත් අසල්වැසි ක්‍රොයේශියාවේ සහ බොස්නියාවේ වැසි ජලය සාවා ගංගාවට එක්වනු ඇතැයි අපේක්ෂිතයි. ප්‍රදේශයේ විපතට පත් පිරිස් අමතා ඔබ්රෙනෝවැක් නගරයේ සේවයේ නියුතු සහන සේවකයෙක් බලධාරීන් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. "අපිට සහයෝගය දක්වපු ස්වේච්ඡා සේවකයන්, හමුදා නිලධාරීන් ඇතුළු පරිපාලනයට මම ස්තුතිවන්ත වෙනවා. නමුත් මට ඒ වගේම කියන්න ඕනි සමහර මිනිස්සු ඉන්නවා මේ අවදානම තේරුම් ගන්නේ නැති නැත්තන් එහෙම අයගේ මානසිකත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් දේපොළ අත හැරලා යන්නේ නැහැ," යනුවෙන්ද ඔහු පැවසීය. ගංගා ජල මට්ටම එන්න එන්නම ඉහළ යාම හේතුවෙන් ගංගා ඉවුරු පුපුරා යාමේ අවදානමක් පවතින අතර ගංවතුර රැල්ල හේතුවෙන් සර්බියාවේ නිකොලා ටෙල්සා ප්‍රධාන විදුලි බලාගාරයට ද හානි සිදු විය හැකි බවට බලධාරීහු අනතුරු අඟවති.
සර්බියාවේ සාවා ගංගාව පිටාර ගැලීම හේතුවෙන් 'ගංවතුර රැල්ල' නමින් ඔවුන් හඳුන්වන තත්වයට මුහුණ දීමට සැරසෙමින් සිටින බව සහන සේවකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
භින්නෝන්මාදය(schizophrenia) යනු මනස තල දෙකක ක්‍රියාත්මක වීම නැතහොත් සන්නිවේදනය සහ ක්‍රියාව අතර සම්බන්ධය නැතිව ගොස් ඇති වන උමතුව වශයෙන් විස්තර කළ හැක. ලන්ඩන් නුවර ‘කිංග්ස් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ දුම් පානය කරන්නන්ට මෙම මානසික රෝගී තත්වය ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින අතර ඉතා අඩු වයස්කාර දුම් බොන්නන් මේ තත්වයට වැඩියෙන් ගොදුරු වන බවයි. මනෝ විකාරය එම පර්යේෂකයන් කණ්ඩායම විසින් සිදු කරන ලද පර්යේෂණ 61ක් අනුසාරයෙන් ‘ලාන්සට් සයිකෑට්රික්’ සඟරාවේ පළ කරන ලද විශ්ලේෂණයේ දැක්වෙන්නේ සිගරට්ටුවේ ඇති නිකොටීන් මිනිස් මොලයට වෙනස් කම් සිදු කිරීමට සමත් බවයි. සිය පරීක්ෂණයෙන් මුලික කරුණු ඉදිරිපත් වුවත් මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්විය යුතු බවයි ‘කිංග්ස් කොලේජ්’ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ. දුම්පානය සයිකෝසියාව නැතහොත් මනෝ විකාරයට හේතු වන බව බොහෝ කාලයක සිට විශ්වාස කළ කරුණකි. නමුත් භින්නෝන්මාදය ඇති රෝගීන් දුම්පානය කරන්නේ සිය මනස තුල පවතින ශෝකී ස්වභාවය සහ මනස තුලින් ඇසෙන බවට ඔවුන් විශ්වාස කරන කට හඬ වලින් මිදීමට වන බවයි මින් පෙර විශ්වාස කෙරුණේ. ‘කිංග්ස් කොලේජ්’ පර්යේෂකයන් කණ්ඩායම විසින් දුම්පානය කරන්නන් දාහතර දහස් පන්සීය පනස් පහක් (14 555) සහ දුම්පානය නොකරන පුද්ගලයන් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් එක සිය හැට දෙකක් (273162) සිය පරීක්ෂණයට යොදා ගෙන ඇති අතර එයින් ලද ප්‍රතිඵල පහතින් දැක්වේ. ලන්ඩන් නුවර ‘කිංග්ස් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව සහ ස්නායු විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ජේම්ස් මැක්කේබ් පවසන්නේ අධ්‍යනය විසින් මුලික කරුණු හෙළිදරව් වුවත් පර්යේෂණ ඉදිරියට ගෙන යාමට ශක්තිමත් සාක්ෂි අවශ්‍ය වන බවයි.
දුම්බීම භින්නෝන්මාදය(schizophrenia) වර්ධනය වීමට ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකි බව පවසන පර්යේෂකයෝ, දුම්බීම සහ භින්නෝන්මාදය අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බව පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනතාවට වගකියන මාධ්‍ය ක්ෂේත්‍රයක් උදෙසා ශ්‍රී ලංකා ජනමාධ්‍ය ක්ෂේත්‍රය හා වෘත්තීය නගා සිටවීමට නිර්දේශ 101 ඇතුළත් සැලැස්මක් අද අඟහරුවාදා මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ලේකම් කාර්යාලය විසින් එළිදක්වනු ලැබිණ. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයට සමගාමීව කොළඹදී පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට ක්ෂේත්‍රය තුළ පවතින උවමනාව සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් පවතින බවයි. 'දැන් වෙලා තියෙන්නේ මාධ්‍ය නිදහසට සටන් කරන්නේ අපි, මාධ්‍ය නිදහස එපා කියන්නේ මාධ්‍ය.' තමන්ගේ වෘත්තීය සගයකු වූ අතුරුදහන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී නොසිටින මාධ්‍යත් සමග එහි නිදහස සම්බන්ධයෙන් කතා කිරීමට ඇත්තේ කුමක්දැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය. වසර 13 කට ඉහතදී තමන් විසින් ගෙන ඒමට උත්සහ කළ තොරතුරු දැන ගැනීමේ පනත යළි ගෙන ඒමට හැකි වීම පිළිබඳ සතුටු වන බවද අගමැතිවරයා පැවසීය. අඩුපාඩු ඇතත් මාධ්‍ය නිදහස උදෙසා වත්මන් ආණ්ඩුව තම කාර්යභාරය ඉටු කර ඇති බව කියා සිටි අගමැතිවරයා නව ව්‍යවස්ථාවක් සැකසීමේදී මූලික මාධ්‍ය නිදහස තව දුරටත් ශක්තිමත් වනු ඇති බවයි සඳහන් කළේ. උත්සවය ඇමතූ විපක්ෂ නායක ආර් සම්බන්ධන් පසුගිය කාලයේ සිදු වූ මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉලා සිටියේය.
මාධ්‍ය නිදහස තහවුරු කරනු වස් ආණ්ඩුවේ ඇති කැපවීම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට ඇති බවක් ඔවුන්ගේ ක්‍රියාකලාපය හරහා පෙනෙන්නට නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානයේ දී අසාර්ථක වුවත් ලෝක කාන්තා ක්‍රිකට් වාර්තා කිහිපයක් බිඳ දමමින් චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 178 ප්‍රබල අවධානයට පත්විය. පන්දු 143 ක් තුළ රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් වූ අතර, ඒ සමග කාන්තා එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට පත්විය. එයට අමතරව සිය කණ්ඩායම රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතයට හිමිකම් කියන ක්‍රීඩිකාව වීමේ ලෝක වාර්තාව ද ඇයට හිමි විය. "ඇත්තටම පෙර පුහුණුවීම් හින්දා තමා මට මේවගේ ඉනිමකට යන්න ලැබුණේ. ගොඩක් සතුටුයි ඒ ගැන. හොඳ ප්‍රතිචාර ලැබුණා ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් හා විචාරකයන්ගෙන්," යනුවෙන් කොළඹ දී බීබීසී සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් ඇය කියා සිටියාය. 'හොඳම එක් දින ඉනිම' 'සංගාගෙන් ආරම්භ වී ජයසූරියගෙන් අවසන් කළ ඉනිම' ගැන චමරි තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දැන් සිය රට පැමිණ සිටී. චමරි අතපත්තු නොදැවී රැස් කළ ලකුණු 178, ලෝකයේ අංක එකේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස සැලකෙන ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ. "ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවොත් ලොකු ප්‍රසාදයක් දැක්වුවා. ඔවුන් බලාපොරොත්තු වුනේ නැහැ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් මෙහෙම ඉනිමක් ක්‍රීඩා කරාවි කියලා." චමරිගෙන් පසුව වැඩිම ලකුණු ලබා ගත් සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා තරග වැදී තිබෙන්නේ එතරම් දක්ෂ කණ්ඩායම් නොවන ඩෙන්මාර්කයට සහ අයර්ලන්තයට එරෙහිවය. එබැවින් චමරි අතපත්තුගේ ඉනිම ලෝකයේ හොඳම කාන්තා එක් දින ඉනිම ලෙස හැදින්විය හැකි බව ක්‍රීඩා විචාරකයෝ පවසති. සංගක්කාර සහ ජයසූරිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය ඉනිම අවසන් කළ පසු එම ඉනිම ගැන අදහස් දක්වමින් චමරි අතපත්තු පවසා තිබුණේ කුමාර් සංගක්කාර මෙන් ආරම්භ කර සනත් ජයසූරිය මෙන් සිය ඉනිම අවසන් කළ බවය. "මුල් කඩුලු බිඳ වැටුණු නිසා මුලින් සංයමයකින් ක්‍රීඩා කළා. පන්දුවාර 35 න් පස්සේ තමයි හයියෙන් පහරවලට ගියේ. ඒ ඉනිම ගොඩනගපු ආකරය ගැනයි මම එහෙම කිව්වේ," ඇය බීබීසී යට විස්තර කළාය. චමරි අතපත්තු එසේ විශිෂ්ට දස්කම් දැක්වුවත් ජගත් කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 7න් ජයගැනීමට හැකිවූයේ පාකිස්ථානය සමග පැවති තරගය පමණය. "අපේ අඩුපාඩු ගොඩක් තිබුණා. අවසන් තරග කිහිපයේදී මටත් ලකුණු අතරට එන්න බැරිවුණා. ඒ අඩුපාඩු මගහැරගෙන ඉදිරි තරගාවලි ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා." පාසල් ශිෂ්‍යාවන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුකරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළ චමරි අතපත්තු, කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කළහොත් ක්‍රීඩිකාවන්ට ද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට හැකි බව අවධාරණය කළාය.
කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කළහොත් ක්‍රීඩිකාවන්ට ද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට හැකි බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරයක් නිසා හානි වූ කටුවාපිටිය දේවස්ථානය ඔහු මේ බව බීබීසී සිංහල සේවයට පැවසුවේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඉදිරි කටයුතු ගැන විමසූ අවස්ථාවේදීය. ජුලි 24 වෙනිදා උදෑසන 10.30ට කමිටුවේ සාක්ෂි විමසීම අරඹන බව ද නියෝජ්‍ය කථානායකවරයා පැවසීය. සක්‍රීය සේවයේ නිරත බුද්ධි අංශ නිලධාරීන් විශේෂ කාරක සභාව ඉදිරියට කැඳවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට ඉහතදී අවධාරණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණ ද ජුලි 24 වෙනිදා කාරක සභාව ඉදිරියට කැඳවා තිබේ. ඔවුන් මීට ඉහතදී ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියට කැඳවා තිබුණ ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ඔවුන් කැඳවීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් පැවතින. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි තවදුරටත් පැවසුවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අගෝස්තු මස මුල් සතිය වන විට සකසා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය. අප්‍රේල් 21 වෙනිදා දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මියගිය අතර තුවාල ලැබූ ගණන 500කට අධිකය. ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් කියවන්න: පාස්කු ඉරිදා දිනයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය පළ කරමින් තමන් කැබිනට් රැස්වීමට සහභාගි නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජුනි 07 වෙනි දින පැවති විශේෂ කැබිනට් අමාත්‍ය හමුවේ දී පවසා තිබිණි. ඉන් අනතුරුව සතියකට වරක් අඟහරුවාදා දිනයේ පැවැත්වෙන කැබිනට් රැස්වීම ජූනි 11 වන දා නොපැවැත්විණ. දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් නොවිය යුතු බවත්, ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. කෙසේ වෙතත්, කතානායක කරු ජයසූරිය ජූනි මස 8 වන දා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පාර්ලිමේන්තුවේදී ඇති කර ගත් එකඟත්වයකට අනුව තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වන බවය. "වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටී. එය කඩ කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිලි අවබෝධයක් ඇති බව නිසැකය," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් විය. විශේෂ කාරක සභාව පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් එවන ලද ලිපියක් කතානායක කරු ජයසූරිය වෙත යොමු කළ නමුත් කතානායකවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි. එහෙත් ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කතානායක කරු ජයසූරිය කියා සිටියේ, අදාළ ලිපිය කාරක සභාවට විනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොවූ බවය. තවත් ලිපි:
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජුලි 24 වෙනිදා කැඳවන බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'අමාත්‍ය කරුණා නැගෙනහිර එල්ටීටීඊ නායකයා වූ සමයේ කළ අපරාධ පිළිබඳවත් සොයා බලන්න' නවී පිල්ලේ ගේ නියෝජිත රෝරි මුන්ගවන් එම ප්‍රතිඥාව දුන්නේ, යුද්ධයේ අවසාන වසර කිහිපයේ දී පමණක් නොව සමස්ත යුද්ධයේදීම සිදු වූ අපරාධ පිළිබඳව සොයා බලන මෙන් ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එකමුතුව ඇයගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී. විශේෂයෙන්ම කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් නැගෙනහිර එල්ටීටීඊ නායකයා වූ සමයේ බෞද්ධ භික්ෂුන් වහන්සේ මරා දැමීම, දරුවන් පැහැර ගැනීම ඇතුළු අපරාධ පිළිබඳව සොයාබලන මෙන් ත්‍රිකුණාමලය නගරයට රැස් වී සිටි සිය ගණනක් උද්ඝෝෂකයෝ මහ කොමසාරිස්වරිය ගෙන් ඉල්ලා සිටියහ. නියෝජ්‍ය අමාත්‍ය කරුණා එල්ටීටීඊ නායකයාව සිටි සමයේ එල්ටීටීඊය විසින් පැහැර ගන්නා ලද බව පැවසෙන දරුවන්ගේ මවුවරුද අතුරුදහන් දරුවන්ගේ ඡායාරූපද අතැතිව උද්ඝෝෂණයට එක් වී සිටියහ. විශේෂයෙන්ම අරන්තලාව භික්ෂු ඝාතනය සහ දිමුලාගල විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඝාතනය කිරීම ඇතුළු අපරාධ පිළිබඳව ද සොයා බලන මෙන් මහ කොමසාරිස්වරිය ගෙන් ඉල්ලා සිටින පුවරු විරෝධතාකරුවන් අත තිබුණු බව මාධ්‍යවේදී ආර්ජී ධර්මදාස වාර්තා කරයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් නියෝජනය කරන ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එකමුතුව වෙනුවෙන් අනුර බණ්ඩාර සිය ඉල්ලීම් ඇතුලත් පෙත්සමක් මහ කොමසාරිස්වරියට භාර දුන්නේය.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති දශක තුනකට ආසන්න කාලය තුල ශ්‍රී ලංකාවාසී සියලුම ජාතීන්ට එරෙහිව සිදු කෙරුණු සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සොයා බලන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මේ පැහැදිලි කිරීම කරන්නේ ආරක්ෂක ලේකම්වරයා අලුත්ගම සිද්දියට සම්බන්ධ බවට චෝදනා කරන නිසා' පසුගිය වසරේ මාර්තු මාසයේ ගාල්ලේ පැවති මෙත්සෙවණ නම් ආයතනයක් විවෘත කිරීමේ උත්සවයට ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ වීම, ඔහු සහ බොදු බල සේනාව අතර බැඳීමක් තිබෙන බවට චෝදනා එල්ල වීමට හේතු වූ බවයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ. බොදු බල සේනාවේ භික්ෂූන් වහන්සේ එම වැඩසටහනට සහභාගි වී සිටියත් ආරක්ෂක ලේකම්වරයා එයට සහභාගි වූයේ පිළිගත් ස්වාමීන් වහන්සේ නමක් වන කිරම විමලජෝති හිමියන්ගේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ලද ආරාධනාව අනුව පමණක් බව ද බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය. "එදා ඒ උත්සවයේ ගත්ත ඡායාරූප තමයි උපයෝගී කරගන්නේ මේ ආරක්ෂක ලේකම්වරයා සහ බොදු බල සේනා සංවිධානය අතර සම්බන්ධතාවයක් තියෙන බවට මතයක් ඇති කරන්න. ඒක පදනම් විරහිත මතයක්," යනුවෙන්ද ඔහු පැවසීය. අලුත්ගම ගැටුමෙන් පසු මෙත්සෙවණ බොදු බල සේනා සංවිධානයට අයත් ආයතනයක් බවට ජනමාධ්‍ය වාර්තා සඳහන් කළ බව පෙන්වා දුන් අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කළ හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ බොදු බල සේනාවේ හිමිවරුනුත් එම ස්ථානයට පැමිණ සිටියේ ආරාධනාවක් අනුව බවයි. එහෙත් මෙත්සෙවණ මධ්‍යස්ථානයේ හිමිකාරත්වය සම්බන්ධයෙන් හටගත් මතභේදයක් හේතුවෙන්, වහාම එයින් ඉවත්වන ලෙස පසුගිය වසරේ මාර්තු 29 වන දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනාවට නියෝග කළේය. බොදු බල සේනාවට සහාය දෙන බවට සහ ආරක්ෂා කරන බවට ආරක්ෂක ලේකම්වරයාට චෝදනා ආරක්ෂක ලේකම් වැනි රටේ ඉහල පුරවැසියෙක් ආරාධනාවක් භාර ගැනීමට ප්‍රථම ඒ පිළිබඳව සොයා නොබලන්නේ මන්ද යන්න සංදේශය බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියට යොමු කළ ප්‍රශ්නයක්. "දැන් ඔබට මගුල් ගෙදරකට එන්න කිව්වම ඔබ බලනවද ඒ මගුල් ගෙදර තියන්නේ කොහොමද, ණයක් අරන්ද මේක කරන්නේ, නැත්නම් ඒගොල්ලන්ගෙම මුදලින්ද කියලා?. එහෙම වුනොත් අපිට හම්බවෙන ආරාධනා ගොඩකට අපිට යන්න වෙන්නේ නැහැ," යන්න ඒ ප්‍රශ්නයට හමුදා ප්‍රකාශකවරයා පළ කළ ප්‍රතිචාරයයි. මේ පිළිබඳව පසුගිය වසර පුරාවටම පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප නොකළ ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා පසුගිය වසරේ බොදු බල සේනා සංවිධානයේ වැඩසටහනකට සහභාගී නොවූ බවට අලුත්ගම ගැටුමෙන් අනතුරුව ප්‍රකාශ කිරීමට පෙළඹුනේ ඇයිද යන්න සංදේශය මතු කළ තවත් ප්‍රශ්නයක්. "අපි ඒවා අලුයම ඉවතලූ කෙල පිඬක් සේ ඉවත දැම්මා. නමුත් දැන් මේ පැහැදිලි කිරීම කරන්නේ ආරක්ෂක ලේකම්වරයා අලුත්ගම සිද්දියට සම්බන්ධ බවට ඉඳුරාම චෝදනා කරන නිසා." 'ආණ්ඩුවේ අනුග්‍රහය' තමාගේ උත්සාහය බොදු බල සේනාව හෙළා දැකීම නොව ආරක්ෂක ලේකම්වරයා සහ ඔවුන් අතර සම්බන්ධයක් පවතින බවට පැතිර යන මතය නිවැරදි කිරීම පමණක් බව බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය අවධාරණය කළේය. එහෙත් බොදු බල සේනා සංවිධානය කි‍්‍රයාත්මක වන්නේ ආණ්ඩුවේ අනුග‍්‍රහය යටතේ බවට ජනතා විමුක්ති පෙරමුණ යලිත් වරක් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. ආරක්‍ෂක ලේකම්වරයාගේ හා ආරක්‍ෂක අංශවල අනුග‍්‍රහය ඔවුන්ට ලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කළේ, තමන් වරදක් කර ඇත්නම් අත් අඩංගුවට ගන්නා මෙන් බොදු බල සේනාව කරන ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින්. "ආණ්ඩුව විසින් රකින ආයතනය ආණ්ඩුවට කියනවා පුළුවන් නම් අපිව ගන්න කියලා. හාමුදුරුවෝ අලුත්ගම කළ ප්‍රකෝපකාරී ප්‍රකාශයම ඇති ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න," යනුවෙන්ද ටිල්වින් සිල්වා පැවසීය. රටේ ප‍්‍රශ්න යටපත් කිරීම උදෙසා ආණ්ඩුව මෙවන් සංවිධාන යොදා ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා සංවිධානයේ කිසිදු වැඩසටහනකට සහභාගි වී නැතැයි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහුට ගෞරව පිදීම පිණිස ලොව පුරා බොහෝ රටවල ගොඩනැගිලි, පුවත්පත් මුල් පිටු සහ වෙබ් අඩවිවල වර්ණය දම්පාටින් සරසා තිබේ. පොප් ගායකයකු ලෙසින් අසූව දශකයේදී ජනප්‍රියත්වයට පත්වූ ප්‍රින්ස් බ්‍රහස්පතින්දා මිනෙසෝටා හි පිහිටි සිය නිවසේදී මියගොස් තිබුණි. ඔහුගේ මරණයට හේතුව කවරක්දැයි තවමත් අනාවරණය වී නැත. Purple Rain සහ Sign O' the Times ප්‍රින්ස්ගේ ඔහුගේ ජනප්‍රියතම ගීත තැටි අතරට එක්වේ. ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා සිය සංවේගය පළ කරමින් කියා සිටියේ ලෝකයටම ඉතා නිර්මාණශීලී කලා දැවැන්තයකු අහිමි වූ බවයි. නාසා ආයතනය සිය ප්‍රණාමය පුද කරමින්
බ්‍රහස්පතින්දා දිවියෙන් සමුගත් පොප් ගායක ප්‍රින්ස්ට ලොව පුරා සංගීත ලෝලීහු දම්පාටින් ප්‍රණාමය පුදමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෝෂාභියෝගය විමර්ශනය පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීමක් බවයි, සමරවීර මන්ත්‍රීවරයා පවසන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මාට ලිපියක් යවන එජාපයේ මාධ්‍ය අංශ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා, වත්මන් වාතාවරණය යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිලිබඳ හරාරේ ප්‍රතිපත්ති අනුගමණය කරන්නේ දැයි සොයා බලා වාර්තා කරන මෙන් අමාත්‍ය කමිටුවට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කරයි. විපක්ෂ මන්ත්‍රීවරුන් ඉවත්ව ගොස් තිබියදීත් දෝෂාභියෝගය විමර්ශනය කළ තේරීම් කාරක සභාවේ කටයුතු දිගටම පවත්වාගෙන යාම පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීමක් බවයි, සමරවීර මන්ත්‍රීවරයා පවසන්නේ. "අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ මුලසුන හැටියට ආදර්ශයක් විය යුතු මොහොතක, අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහිව දියත්කොට ඇති දඩයම තුලින් අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලික එකඟතාවයන්, මූලධර්මයන් සියල්ලම වගේ බිඳ දමා තියෙනව කියල මම හිතනවා," සිය ලිපිය පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා පැවසීය. තරුණ නීතිඥ සංගමය 'ආදර්ශයක් විය යුතු මොහොතක්' "අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් පනස් ගාණක එහි මුලසුන හැටියට ආදර්ශයක් විය යුතු මොහොතක, අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහිව දියත් කොට ඇති දඩයම තුලින් අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලික එකඟතාවයන්, මූලධර්මයන් සියල්ලම වගේ බිඳ දමා තියෙනව කියල මම හිතනවා" මංගල සමරවීර මන්ත්‍රීවරයා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කොට තිබූ චෝදනා අතරින් තුනකට ඇය වරදකාරිය වී ඇති බව විමර්ශනය සිදු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සෙනසුරාදා ප්‍රකාශ කළේය. සමස්ථ චෝදනාවලින් චෝදනා පහක් විභාගයට ගත් බවත් ඉන් චෝදනා තුනකට අගවිනිසුරුවරිය වැරදිකාරිය වන අතර චෝදනා දෙකකින් ඇය නිදහස් වන බව තේරීම් කමිටුවේ තීරණය යයි එහි සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේය. කෙසේ නමුත්, අගවිනිසුරුවරිය දෝෂාභියෝග චෝදනාවලට වැරදිකාරිය වී නැති බව පැවසූ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කන්ඩායමේ සාමාජික සාලිය පීරිස්, තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ගෙන් හත්දෙනකුගේ වාර්තාව ප්‍රතික්‍ෂේප කරන බව ද බීබීසී සංදේශයට පැවසීය. සාක්ෂි ලැයිස්තුවක් හෝ ලේඛණ ලැයිස්තුවක් හෝ ලබා දී නොතිබුන බව කියා සිටි නීතිඥ සාලිය පීරිස් හරස් ප්‍රශ්ණ ඇසීම සඳහා සාක්‍ෂිකරුවන් ගෙන එන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පැමිණිලි පාර්ශ්වය පැය විසිහතරකටත් වඩා අඩු කාලයක් තුළ උත්තර බඳින ලෙස ලේඛණ අනූවක් අගවිනිසුරුවරිය වෙත ඉදිරිපත් කළ බවයි සඳහන් කළේ. මේ අතර නිවේදනයක් නිකුත් කරන තරුණ නීතිඥ සංගමය, "දෝෂසහගත" සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය හෙලා දකින මෙන් ජාත්‍යන්තර නීතිවේදී සංගමයෙන් ඉල්ලීමක් කරයි. තේරීම් කාරක සභාවේ තීන්දුවට පෙරාතුවම එහි ආණ්ඩු පක්ෂ සාමාජිකයන් සිවු දෙනකු අගවිනිසුරුවරිය වැරදිකාරිය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇති බව පවසන තරුණ නීතිඥ සංගමය, ශ්‍රී ලංකා ආණ්ඩුවේ මෙම "නීති විරෝධී" ක්‍රියාදාමය සම්බන්ධයෙන් ලොව පුරාම රටවල නීතිවේදී සංවිධාන දැනුවත් කරන මෙන්ද ජාත්‍යන්තර නීතිවේදී සංගමයෙන් ඉල්ලා සිටියි. පළාත් සභාවල බොහෝ බලතල බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ විෂය පථයට පැවරෙන 'දිවි නැගුම' පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමට ප්‍රධානම හේතුවක් වූ බවද නීතිවේදී නුවන් බෝපගේ ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනය වැඩිදුරටත් පවසයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩුව දියත් කොට තිබෙන 'දඩයම' පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ අමාත්‍ය ක්‍රියාකාරී කමිටුව කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එසේම සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් නියෝග කළ බව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක දැක්වේ. සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් තමා කණගාටුවට පත් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ. අදාළ මරණ සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකපිට පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් පස්දෙනාගේ සේවය අත්හිටුවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිකුරාදා පැවසීය. යාපන පොලිසිය මීට ඉහතදී කියා සිටියේ කන්කසන්තුරේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සිසුන් දෙදෙනා හදිසි අනතුරකින් මරුමුවට පත් වූ බවය. මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී එක් සිසුවකුගේ සිරුර තුල තිබී වෙඩි උණ්ඩයක් හමු වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසීය කළ විමසීමකදී සනාථ කළේය.
මරුමුවට පත් යාපනය සරසවි සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම පවුල්වලට අයත් 39,092 දෙදෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 239 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඒ ඒ දිස්ත්‍රික්කවල ආරක්‍ෂිත ස්ථානවල රඳවා සිටින පවුල් සංඛ්‍යාව මේ අතර ගංවතුර සහ නාය යාම්වලට හසුව මරණයට පත් සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් තිබේ. නිල වාර්තාවලට අනුව අතුරුදහන්ව සිටින පිරිස 91 කි. ගංවතුර, නාය යාම් සහ සුළං හේතුවෙන් පවුල් එක්ලක්ෂ අසූ පන්දහස් අටසිය පහකට (185,805) අයත් හත්ලක්ෂ හාරදහස් අටසිය පහළොස් දෙනෙකු (704,815) පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. කාලගුණ වාර්තාව මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු පළාත්වල (විශේෂයෙන් ඌව පළාතේ) සවස් කාලයේ තැනින් තැන වැසි සහිත ගිගිරුම් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. මාතලේ දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා සාමාන්‍ය තද සුළං ඇති විය හැකි බවත් එහි සඳහන් වේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පසුගිය දිනවල පැවති ගංවතුර සහ නාය යාම් හේතුවෙන් අවතැන් වූ පවුල් 11,203 ක් තවදුරටත් ආරක්‍ෂිත ස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු පවතින රජයට එරෙහිව සිදු කරන වීදි විරෝධතා නතර කරවීමේ අරමුණින් බිය ගැන්වීම සඳහා මෙවැනි ක්‍රියාවක් සිදු කර ඇති බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු බීබීසීයට කියා සිටියේ. 'තවත් බලු ඔලුවක්' ‘ඊයේ රාත්‍රියේ (05 වැනිදා) මගේ බිරිඳ සහ දියණිය සමඟ නිවසට එන විට ගේට්ටුවේ පොලිතින් පාර්සලයක් එල්ලා තිබුනා. පසුව එය පරීක්‍ෂා කර බලද්දී එහි තිබුණේ මරා දමන ලද සුනඛයෙකුගේ ඔලුවක්, ලේ පිටින්ම. මගේ හිතවතුන්ට කතා කර බලද්දී මට දැනගන්න ලැබුනා ප්‍රසංග ප්‍රනාන්දු කියන අපේ තවත් සහෝදරයෙකු ගේ ගෙදරටත් බලු ඔලුවක් දාලා ගිහින් තියෙන බව.’ මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බවත් එය පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් තම නිවසට පැමිණි බවත් ඔහු කියා සිටියේය. 'ගල් ගහපු අය' ‘එයාල අහනවා සැක කවුද කියල. මම පැහැදිලිව කිව්වා මීට පෙර, අතුරුදහන් වූවන්ගේ වාර්ෂික උත්සවයේදී මටත් අපේ සහෝදරවරුන්ටත් එරෙහිව පෝස්ටර් ගහල මගේ ගෙදරට ගල් ගහපු අයම තමයි මේක කරන්න ඇත්තේ කියල.’ ‘අපේ ජයතිලක සහෝදරයට එප්පාවලදී පහර දුන්න. හම්බන්තොටදී පහර දුන්න. හම්බන්තොටදී ඔවුන් මාව හොයල තිබුනා මට පහර දෙන්න. ඒත් ඔවුන්ට මාව හඳුන ගන්න බැරි උනා. ඒ බාධක මැද්දේ අපි දිගටම මේ විරෝධතා කරගෙන ආ නිසා අපිව බිය ගන්වන්න හදන්නේ. විශේෂයෙන්ම මේ මැතිවරණයේදී ඉදිරි දින දෙක තුනේදී අපි මැදිහත් වෙයි කියල හිතලා අප බිය ගන්වන්න කරපු දෙයක්.’ අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ප්‍රකාශ කරයි. මහින්ද මහත්තයත් එක්ක මෙම ක්‍රියාව නිසා සිය බිරිඳ සහ දියණිය භීතියට පත් වී සිටින බව ද බ්‍රිටෝ ප්‍රනාන්දු බීබීසීයට පැවසීය. ‘මගේ දියණිය විශාල කඩා වැටීමකට ලක් වී සිටිනවා. ඇය නොකා නොබී රෑ එළිවෙන තුරුම හඬමින් අවදියෙන් සිටියේ.’ ‘මම අතුරුදහන් වීම් වලට එරෙහිව මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක අනූ දෙකේ දී කටයුතු කරද්දී වත් මෙහෙම තර්ජන තිබුණේ නැහැ. ඒ කාලේ අපි මාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එකට වැඩ කරද්දීවත් මෙහෙම දෙයක් වුනේ නැහැ.’ ඔහු තව දුරටත් කියා සිටියේය.
‘වීදියේ විරෝධය’ ව්‍යාපාරයට එක් වී සිටින ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාධරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු ගේ නිවස ඉදිරිපිට ගේට්ටුවේ, මරා දැමූ සුනඛයෙකු ගේ හිසක් එල්ලා ගොස් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලතින් ඇමරිකානු කතෝලික පුජක වරුන් සමග පැවති පොද්ගලික රැස්වීමකදී පාප් වහන්සේ විසින් පවසන ලද්දක් උපුටා දක්වන එම වාර්තාවට අනුව වතිකාන පාලන අධිකාරය ශුද්ධ වු පුද්ගලයින් බොහෝදෙනෙකුගෙන් සමන්විත වුවත් දුෂණ හා වංචා සිදුවෙන බවද උන්වහන්සේ පවසා ඇත. පාලන අධිකාරිය තුල සමලිංගික පිරිස් සිටින බව සත්‍යයැයි පවසන පාප්වහන්සේ ඒ පිළිබඳව කල හැක්කේ කුමක්දැයි සොයා බැලීමට තමන් වහන්සේට සිදුවන්නේ යැයිද පැවසූ බව සඳහන්. පෞද්ගලික අරමුණු කෙසේවුවද, සමලිංගික වතිකාන පුජක වරුන් ඔවුන්ගේ පෞද්ගලික අරමුණු ඉදිරියට ගෙනයාම වෙනුවෙන් එක්ව කටයුතු කරමින් සිටින බවට මීට පෙර අවස්ථාවකදී පලවූ මාධ්‍ය වාර්තා වතිකානය ප්‍රතික්ෂේප කර සිටියා. මේ අතර, පාප් වහන්සේ විසින් එම පෞද්ගලික රැස්වීමේදී කරන ලද සංවාදයේ සාරාංශයක් මාධ්‍ය වෙත නිකුත්වීම පිළිබඳව ලතින් ඇමෙරිකානු පුජක කණ්ඩායම නියෝජනය කරන සංවිධානයක් විසින් පාප් වහන්සේ වෙතින් සමාව අයැද සිටි බවද සඳහන්.
වතිකානය තුල එහි පාලන අධිකාරයට සම්බන්ධ සමලිංගික කල්ලියක් ක්‍රියාත්මක වන බවත්, දුෂණ හා වංචා සිදුවෙමින් පවතින බවත් ශුද්දෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිළිගෙන ඇති බව වාර්තාවී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔවුන්ගෙන් ඇතැමකු යළි කවදා හෝ පැමිණෙනු ඇතැයි ඇතැමකු බලාපොරොත්තු දල්වා සිටින අතරවාරයේ, සිය සමීපතමයා දිවි හැර ගොස් ඇති බව දන්නා නමුත් සත්‍යය සොයා ගැනීමට තවත් සමහරෙක් තවමත් උත්සාහ දරමින් සිටිති. ඒ අතුරුදහන් වූවන් සැමරෙන ජාත්‍යන්තර දිනය පසුගිය අගෝස්තු 30 වැනි දිනට යෙදී තිබිණ. අතුරුදහන් වූවන් සැමරෙන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් විශේෂ කාව්‍ය රචනා තරඟයක් දියත් කරන ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන පරිදි, බලහත්කාර අතුරුදහන් කරවීම් ලොව වැඩිම වශයෙන් වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවෙන්. සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සිය අත්දැකීම් කවියට නගන මෙන් ඇම්නස්ටිය ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි කාව්‍ය රචනා තරගයක් දියත් කළ පමණින් සිය සමීතමයන්ට අත් වූ ඉරණම කවරක් දැයි නොදැන වේදනාවෙන් තැවෙන දස දහස් සංඛ්‍යාත සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකිකයන්ගේ ඒ වේදනාව සමනය කෙරෙන්නේද? "වේදනාව යටපත් කිරීමක් මම හිතන්නේ කරන්න අමාරුයි කවිය සහ වෙනත් කලා අංශවලින්," යන්නයි ඒ ප්‍රශ්නයට ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩගේ ප්‍රතිචාරය වූයේ. සිංහල 'නිහඬ කළ සෙවණැලි' කාව්‍ය රචනා තරගයේ සිංහල භාෂා අංශයේ එක් විනිශ්චයකරුවෙක්. "කරන්න පුළුවන් වෙන්නේ ඒ වේදනාව දිහා වෙනත් අංශවලින් බලන්නට මිනිසුන්ව යොමු කිරීමයි." ලබන ඔක්තෝබර් 30 වැනි දින දක්වා සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සිය අත්දැකීම් කවියට නගන මෙන් ඇම්නස්ටිය ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 'පාලකයන් විසින් රටක ජනතාවට අත් කරන ආපදාවන් සම්බන්ධයෙන් මම හිතනවා හැම මාධ්‍යයක්ම භාවිත කරලා ඒ පිළිබඳ දැනුවත්භාවයක් ලෝකේ හැම රටකම ඇති කරන්න ඕන' "විශේෂයෙන්ම දේශපාලනික කාරණා මුල් කරගෙන, පාලකයන් විසින් රටක ජනතාවට අත් කරන ආපදාවන් සම්බන්ධයෙන් මම හිතනවා හැම මාධ්‍යයක්ම භාවිත කරලා ඒ පිළිබඳ දැනුවත්භාවයක් ලෝකේ හැම රටකම ඇති කරන්න ඕන කියල," ඔහු පැවසීය. අතුරුදහන්වූවන් පිළිබඳව තොරතුරු සෙවීම සහ ඔවුන්ගේ ඥාතීන්ට සහන සලසන දේශපාලන ව්‍යාපාර ශ්‍රී ලංකාවේත් ක්‍රියාත්මක වූ නමුත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ කළ කලාවේ අවශ්‍යතාවය මතුවන බවයි, දේශපාලන විශ්ලේෂකයකුද වන ගාමිණී වියන්ගොඩ පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ජනවාරි මාසයේ පැවති ජනපතිවරණයෙන් සහ අගෝස්තු මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඇති වූ පරිවර්තනය හමුවේ ගතව ගිය දශකයක පමණ කාලය ඇතුලත දිවයිනේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව ආපසු හැරී බැලීමට 'අවකාශයක් උදා වී ඇති' බව ඔහුගේ අදහසයි. 'අපි අපි ගැනම යළි සිතා බැලීමට කාලය ඇවිත්' එහෙත් එසේ 'ආපසු හැරී බැලූ' පමණින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට සාධාරණය ඉටු වන්නේද? "ඇත්තෙන්ම ඔබ ඔය කියන කාරණය කවියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි," ඒ යළිත් ගාමිණී වියන්ගොඩ. (ඔහු සමඟ බීබීසී සංදේශයේ සංවාදයට සවන් දෙන්න) "එක ඇත්තවශයෙන්ම කළ යුත්තේ පාලකයා එක පැත්තකින්. අනිත් පැත්තෙන් සමස්තයක් වශයෙන් ගත්තහම සමාජය. මේ සමාජය දැනගන්න ඕනේ ඒ ඇතිවෙච්ච පීඩාවට විසඳුම් කොහොමද සොයා ගන්නේ කියන එක පිළිබඳ යම්කිසි අවබෝධයක් සමාජයට තියෙන්න ඕනේ." එමෙන්ම වත්මන් ප්‍රශ්නයට පිළියම් යොදන අතරම අනාගතයේ එය වළක්වන්නේ කෙසේද යන්න පිළිබඳව පාලකයාටත් නිසි දැක්මක් තිබිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙහිදී කවියාගේ කාර්යභාරය එයට අත්වැලක් සැපයීම පමණක් බව ඔහුගේ අදහසයි. "ඉතින් ඒක තීරණය වෙන්නේ එක පැත්තකින් අපේ රටේ නව පාලකයන් මේ කියන ප්‍රශ්න බරසාරව ගනීද කියන කාරණය, අනිත් පැත්තෙන් කලාකරුවන් මේක කොච්චර දුරට ගැඹුරින් තේරුම් ගනීද කියන කාරණා මත." 'අනාගතයේ එය වළක්වන්නේ කෙසේද යන්න පිළිබඳව පාලකයාටත් නිසි දැක්මක් තිබිය යුතුයි' ගතව ගිය දශක කිහිපය තුල ශ්‍රී ලාංකීය බලධාරීන්ගේ මෙන්ම සමාජයේද ක්‍රියාකලාපය දෙස යළි විමසුම් බැල්මක් හැලීමට කාලය එළඹ ඇති බවයි ප්‍රවීණ ලේඛකයා පවසන්නේ. "අපි අපි ගැනම යළි සිතා බැලීමට කාලය ඇවිත්." ([email protected] ඊමේල් ලිපිනයට ඔබේ කවි රචනා යොමු කරන්න)
ගතව ගිය දශකයකට ආසන්න කාලය ඇතුලත අතුරුදහන් වූ දස දහස් සංඛ්‍යාත පිරිසකට අත් වූ ඉරණම කවරක්ද යන්න ඔවුන්ගේ මවු පියන්, දරු දැරියන් ඇතුලු සමීපතමයන්ට තවමත් අභිරහසක්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵලය අනුව පක්ෂ කිහිපයක් අතර ජන්ද බෙදීයාම හා නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය හේතුවෙන් කුඩා පක්ෂවලට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිවීම මේ තත්වයට හේතු වී තිබේ. යම් ප්‍රාදේශීය සභාවක, නගර සභාවක හෝ මහ නගර සභාවක මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගැනීමට කිසියම් පක්ෂයක් සමත් වුවහොත් ප්‍රාදේශීය සභාවේ සභාපති හෝ නගරාධිපති වැනි තනතුරු සඳහා පුද්ගලයන් නම් කිරීමේ බලය අදාළ පක්ෂයේ ලේකම්වරයාට හිමිවේ. එසේ බහුතර බලයක් නොමැති නම්, අදාළ පළාත් පාලන ආයතනයේ ප්‍රධානී තනතුර හිමිවන්නේ එහි මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනා කැමැත්තක් දක්වන මන්ත්‍රීවරයාට හෝ මන්ත්‍රීවරියටය. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළත් හම්බන්තොට නගර සභාවේ බලය කාටද? එහෙත් මැතිවරණයේදී පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ බොහෝ පක්ෂවලට බහුතර මන්ත්‍රී බලයක් නොමැතිවීම හේතුවෙන් එම ආයතනයේ බලය ලබාගැනීම පිණිස අනිකුත් පක්ෂ සමග සන්ධාන ගතවීමට සිදු වී තිබේ. එසේ නොමැතිනම් තේරී පත්වුණු සෙසු පක්ෂවල හා ස්වාධින කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් එක්ව වැඩි මන්ත්‍රී සංඛ්‍යාව දිනාගත් පක්ෂය විපක්ෂයට දමමින් අදාළ ආයතනයේ බලය ලබාගැනීමට හැකියාව තිබේ. උදාහරණයක් හම්බන්තොට නගර සභාවේ ආසන 9ක් දිනාගනිමින් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය සමත් වුවත්, එහි දෙවෙනි සහ තෙවෙනි ස්ථානවලට පත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව එහි බලය පිහිටුවන බව ප්‍රකාශ කර තිබේ. එය අදාළ පක්ෂවල ඉහළ මට්ටමින් ගනු ලැබූ තීරණයක් නොව නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ තීරණයක් බව එම මන්ත්‍රීවරු ජනමාධ්‍ය වෙත පවසා තිබුණි. එහෙත් එවැනි සන්ධානයක් පිහිටුවීමේ බලාපොරොත්තුවක් නැති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නගර සභාවේ ආසන 7ක් හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 4ක් දිනාගෙන තිබේ. මෙලෙස පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළ එහෙත් බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ ආයතනවල බලය ලබාගැනීමට එහි සෙසු පක්ෂ උත්සාහ කරමින් සිටියි. කෝට්ටේ නගර සභාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි බහුතර බලයක් හිමි වී නොමැති බැවින් එහි බලය අත්පත් කරගැනීම පිණිස දෙවැනි ස්ථානයට පත් එක්සත් ජාතික පක්ෂය හා තුන්වැනි ස්ථානයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව කෝට්ටේ නගර සභාවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරයෙක් බීබීසි සිංහල සේවයට පැවසීය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ජයගත් ආයතනවල බලය ලබාගැනීම පිණිස දැනටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ලංකා කම්කරු කොන්ග්‍රසය එක්ව තිබේ. පක්ෂ නායකයන් කෙසේ පැවසුවත් පළාත් පාලන ආයතනවල නගරාධිපති/සභාපති තේරීමේ මෙම ජන්ද විමසීමේදී බොහෝ පැති මාරුකිරීම් දක්නට ලැබෙනු ඇති බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ පෙබරවාරි 15 දින කැඳවීමට තිබුණ පළාත් පාලන ආයතන සියල්ල සංස්ථාපනය කිරීම මාර්තු මස 6 වෙනි දින දක්වා කල් දමා ඇති බවය. ඒ අනුව එම ආයතනවල පළමු රැස්වීම පවත්වා සභාපති/නගරාධිපති පත්කර ගැනීම එදින සිදුකළ යුතුය. මෙලෙස ජයග්‍රහණය කළ පිරිස අත්හැර වෙනත් පිරිසක් බලය අත්පත් කරගැනීම විකෘති ජනමතයක් ඇතිකිරීමක් ලෙස ඇතැමුන් හඳුන්වන අතර තවත් සමහරුන් පවසන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් බවය. මෙම නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් සභා පිහිටුවීමේදී ගැටලු රැසක් මතු වී තිබෙන බව නාමල් රාජපක්ෂ සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරු බීබීසි සිංහල සේවයට පැවසූහ. එක්සත් ජාතික පක්ෂය ජයගත් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තවත් පක්ෂයක් සමග සන්ධානගතවීමට සිදුව තිබෙන බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබුණේ සිය පක්ෂය කිසිදු පක්ෂයකට බලය පිහිටුවීමට දායක නොවන බවය. මේ අතර පක්ෂවල අතිරේක ලැයිස්තුවලට මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන ද දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. කාන්තා නියෝජනය තහවුරු කිරිම හා කොට්ඨාස පරාජය වූ ප්‍රබල අපේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට සිදුවී ඇති බැවින් ලැයිස්තු තෝරාගත යුතු පක්ෂවල ආසන සංවිධායකයෝ දැඩි පීඩනයකට මුහුණ දී සිටිති. "හැමෝටම ඉඩක් දෙන්න බැහැ. ලැයිස්තුවේ ඉන්න හැම කෙනෙක්ම අවස්ථාවක් බලාපොරොත්තු වෙනවා. ඒවගේම කොට්ඨාසය පැරදුනු අයත් ඉල්ලනවා. මේකන් 80%ක් මාත් එක්ක තරහ වෙනවා," ගාල්ල දිස්ත්‍රිකක්යේ ආසන සංවිධායකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ දී කිසියම් පක්ෂයකයට බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතු වී ඇති බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉකුත් භීෂණ සමයේ මාතලේ ප්‍රදේශයෙන් දහසකට අධික පිරිසක් අතුරුදහන්ව සිටින බව නීතිවේදීහු පවසති මාතලේ මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට එම නියෝගය කළේ මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් ඇටසැකිලි සම්බන්ධ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ. 1988-89 සමයේ අතුරුදහන් වූ 24 දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලමින් ඔවුන්ගේ ඥාතීන් අධිකරණය වෙත දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කොට තිබුණි. පෙත්සම් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නීතිවේදීහු, අදාළ පෙත්සම සම්බන්ධයෙන් දන්නා තොරතුරු තිබේනම් ඉදිරිපත් වන මෙන් ඉල්ලා සිටිමින් පොලීසිය පුවත්පත් දැන්වීම් පළ කළ යුතු වුවත්, එය ඉටුකිරීමට පොලීසිය සමත් වී නැති බව අධිකරණයට දැනුම් දුන්හ. 1988-89 භීෂණ සමයේ මාතලේ ප්‍රදේශයෙන් දහසකට අධික පිරිසක් අතුරුදහන්ව සිටින බැවින් මෙම පරීක්ෂණ පිළිබඳව ඔවුන්ගේ ඥාතීන්ද දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් බවයි, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පවසන්නේ. ඉන් අනතුරුව, භාෂා තුනෙන්ම පුවත්පත් නිවේදන නිකුත් කරන මෙන් අධිකරණය පොලීසියට දැනුම් දුන් බව නීතිවේදී නාමල් රාජපක්ෂ බීබීසී සංදේශයට පැවසීය. මෙම පරීක්ෂණය සඳහා මැදිහත් වීමට අවසර දෙන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමකටද අධිකරණයේ අනුමැතිය පළවිය.
මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් සමූහ මිනීවල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ පුවත්පත් නිවේදන පළ කරන්නැයි අධිකරණය නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම විරෝධතාවෙන් අනතුරුව කාන්තාවන් විශාල පිරිසක් අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණ. විරෝධතාවට සහභාගි වූ කාන්තාවන් අතරින් පස් දෙනෙකුට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසීමට පොලිසිය අවසර දුන්නේය. ඒ අනුව, රංගන ශිල්පිනියන් වන නදී කම්මැල්ලවීර, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, ට්‍රේසි හෝල්සිංගර් සහ නාට්‍යවේදිනියක් වන රුවන්ති ද චිකේරා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් හමුවට ගොස් සිය ලිපිය භාර දුන්හ. මහාචාර්යවරියන්, කථිකාචාර්යවරියන්, නීතීඥවරියන්, රංගන ශිල්පිනියන්, මාධ්‍යවේදිනියන්, ලේඛිකාවන්, මෝස්තර නිර්මාණ ශිල්පිනියන්, නාට්‍යවේදිනියන්, නර්තන ශිල්පිනියන්, ගායිකාවන්, සමාජ ක්‍රියාකාරිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරියන්, ගුරුවරියන්, ගෘහ නිර්මාණ ශිල්පිනියන්, ව්‍යාපාරික කාන්තාවන් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ද මෙම විරෝධතාවට සහභාගි වී සිටියහ. මහ වැසි මධ්‍යයේ පැවැත්වුන විරෝධතාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කෙරුණ අතර, එයට සහභාගි වූ සියලු කාන්තාවෝ කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ. "පසුගිය ඔක්තෝබර් 26 වනදා ඔබ විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණය හේතුවෙන් අද වන විට අපගේ රට මහත් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. ආර්ථික වශයෙන් රට දිනෙන් දිනම උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතී. දේශපාලන සදාචාරය ද පෙර නොවූ විරූ ලෙස සෝදාපාළුවට හසුවී ඇත. තව දින කිහිපයක් මේ ආකාරයෙන්ම ගෙවෙන්නට හැරියහොත්, රාජ්‍ය ආයතන ඇතුළු මුළු මහත් සමාජය තුළ ප්‍රචණ්ඩත්වය ඇවිලී, මහත් විනාශකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක," යනුවෙන් එම කාන්තාවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ ලිපියේ ආරම්භක ඡේදයේ සඳහන් වෙයි. ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, චන්ද්‍රා කලුආරච්චි, මහාචාර්ය දුෂී මෙන්ඩිස්, ආචාර්ය සුභා මල්ලිකාහේවා, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, දිල්හානි අශෝකමාලා, දුලීකා මාරපන, ආචාර්ය කෞශල්‍යා පෙරේරා, අනෝමා රාජකරුණා, සුබෝධ්‍යා වැලිඅමුණ, රුවන්ති ද චිකේරා, ලංකා බණ්ඩාරනායක, ජයනි සේනානායක, දමිතා අබේරත්න, අමා විජේසේකර, නදී කම්මැල්ලවීර, ට්‍රේසි හෝල්සිංගර්, සීතා රංජනී, කුමුදු කුමාරසිංහ, නදීශානි පේලිආරච්චි, සුරංගා රණවක, නදී වාසලමුදලිආරච්චි, තරිදි ෆොන්සේකා, කුමාරි කුමාරගමගේ, තනුජා ජයවර්ධන, චිරන්ති මල්ලිකාරච්චි, නිල්මිණි බුවනෙක, සමාධි ලක්සිරි, චුලක්ෂි රණතුංග, රුවී ලක්මාලි හේරත්, කාංචනා තල්පාවිල, සුජානි මේනකා දහනායක, නිල්මිණි සිගේරා, සමනලී ෆොන්සේකා, බිම්සරා ප්‍රේමරත්න, වෙනුරි පෙරේරා, නිරංජලා මංජරී, ශ්‍යාමලිකා නානායක්කාර, අනුරාධා කෝදාගොඩ, රන්දුලා ද සිල්වා, හනා ඊබ්‍රහිම්, සෙල්වි සචිතානන්දන්, විශාඛා වේහැල්ල, කත්‍යානා අමරසිංහ, ප්‍රසාදිනී අතපත්තු, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, හර්ෂිකා රත්නායක, සුලෝචනා වීරසිංහ, කෞමදී ජයවීර, ද්‍රෞපදී ජයවීර, භවනීතා ලෝගනාදන්, තුෂාරි සෙව්වන්දි, අනුෂයා කොල්ලුරේ, මනෝහාරී හේවාවසම්, නදීරා නල්ලපෙරුම, හර්ෂණී පුෂ්පමාලා ආරච්චිගේ, ආරියවතී ජයකොඩි, තිළිණි රොද්‍රිගු, අමන්දා උදානි රොද්‍රිගු, රුචිරා තරංගනී රොද්‍රිගු, ඉන්ද්‍රා ද සිල්වා, සිරියාවති අතුකෝරළ, මනෝ මංජරී, සමදරා මාබුලගේ, තිලක්ෂණී රත්නායක සහ යශෝධා රසදුනි එම ලිපියට අත්සන් තැබූ කාන්තාවන්ය. මෙම විරෝධතාවෙන් පසු කාන්තාවන් විශාල පිරිසක් අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයාට භාර දීමට කටයුතු කර තිබිණි විරෝධතාව පැවැත්වෙන අතරතුර ඔවුහු සිය ෆේස්බුක් පිටු ඔස්සේ සජීවී වීඩියෝ ද නිකුත් කළහ. "ජනාධිපතිතුමනි, අපි ඉල්ලන්නේ අපේ දරුවන් සහ රටේ අනාගතය වෙනුවෙන් කරුණාකර මේ රට ඉතුරු කරන්න කියලා" යැයි රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර එක් වීඩියෝ පටයක පවසන්නීය. බොහෝ පැසසුම් සේම මෙම විරෝධතාව දැඩි විවේචනයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැමුන් අදහස් පළ කර තිබෙනු දක්නට ලැබිණි. විරෝධතාවට සහභාගී වූ සියලු කාන්තාවෝ කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ මේ අතර, විවිධ පුද්ගලයන් අසභ්‍ය සහ අශෝභන වැකි බොහොමයක් ද පළ කර තිබෙනු දක්නට ලැබිණ. මාධ්‍යවේදියෙකු සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ධර්මන් වික්‍රමරත්න මෙම කාන්තා විරෝධතාව විවේචනය කරමින් සිය ෆේස්බුක් පිටුවේ අදහස් පළ කර තිබුණි. මේ තොරතුරුද කියවන්න: එමෙන්ම, මාධ්‍යවේදියෙකු සහ නාට්‍යවේදියෙකු වන නිස් මන් රණසිංහ ද මෙම විරෝධතාව ගැන ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර තිබුණේ පහත දැක්වෙන අදහසය. "මෛත්‍රීපාල සිරිසේන මහතාණනි, මේ අන්ධකාර අනාගතයට රට ඇදගෙන නොයන ලෙස අපි මේ රටේ දූ දරුවන්ගේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. මේ තත්ත්වය ඇති වූයේ ඔබ විසින් ගන්නා ලද අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන තීරණ නිසාවෙනි. එය විසඳිය යුත්තේත් ඔබමය. විධායක බලතල උසුලන ඔබට අංශුමාත්‍රයක හෝ උවමනාවක් ඇත්නම් මේ අර්බුදය විසඳීමට බැරිකමක් නෑ," යනුවෙන් ද කාන්තා කණ්ඩායම ජනාධිපතිවරයා වෙත භාර දුන් ලිපියේ සඳහන් වේ. "අපටත් අපේ දරුවන්ටත් ජීවත්වීමට ඇත්තේ මේ රට පමණි. මේ රට, ආර්ථික වශයෙන් විනාශකාරී තත්ත්වයකට ඇද වැටුණහොත්, එහි බලපෑමට ගොදුරු වන්නෝ අපි වෙමු. දේශපාලනඥයන්ට මෙන්, නීති විරෝධීව එක් රැස් කරගත් ධනස්කන්දයක් අපට නැත. දේශපාලන බල පොරය නිසා ඇතිවන ආර්ථික අගාධයේ ගොදුර වන්නේ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ආදී දේශපාලනඥයන් නොව, මේ රටේ සාමාන්‍ය ජනතාවයි," ජනාධිපති වෙත යොමු කළ ලිපිය කාන්තාවන් සහ දේශපාලන ක්‍රියාකාරකම් කාන්තාවන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වීම සහ ඊට සම්බන්ධ සංවිධානවලට නායකත්වය දීම ඉතා අවම මට්ටමක පවතී. දැනට ක්‍රියාකාරී දේශපාලනයේ සහ නොයෙකුත් සංවිධානවලට නායකත්වය දරන කාන්තාවන්ට සමාජයේ ඇතැම් කොටස්වලින් එල්ල වන දරුණු චෝදනා සහ අපහාස ද නව කාන්තා නායිකාවන් බිහි වීම අවම වීමට එක් හේතුවක් බව ක්‍රියාකාරිනියෝ පවසති. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලැබී ඇති අදහස් පළ කිරීමේ නිදහස අයුතු ලෙස භාවිත කරමින් දරුණු අපහාසාත්මක වැකි පළ කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිති. විරෝධතා පෙළපාලිය ජනාධිපති මන්දිරය අසල දී නවත්වමින් ආරක්ෂක වළල්ලක් ලෙස සිටින පොලිස් නිලධාරිනියන් "සමාජයෙන් අඩක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැන බැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යයි මම සිතන්නේ නැහැ. සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුනම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යන් කොටසක් ලෙස සමාජීය වශයෙන් මෙන්ම ආගමික, සහ නීතිමය රාමු තුළත් අර්ථ දක්වා තිබීම මෙන්ම, කාන්තාවන්ට කළ හැකි සහ කළ යුතු රැකියා ලෙස නම් කළ ක්ෂේත්‍ර කිහිපයක් සමාජය තුල උත්කර්ෂයට නංවා තිබීම එයට හොඳම උදාහරණ වෙනවා," යනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායක මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කළාය. "එබැවින් එය පැහැදිලිවම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම් වල නිරත වීම අධෛර්යය කරන්නක් බව අමුතුවෙන් සඳහන් කරන්න ඕනෙ නැහැ." මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී කෞශල්‍යා හේරත් බීබීසී සිංහල සේවය වෙත ලිපියක් යොමුකරමින් මෙසේ සඳහන් කළාය. "කාන්තාවගේ ප‍්‍රධාන භූමිකාව ඇගේ ජීව විද්‍යාත්මක සහ ප‍්‍රජනන කාර්යය බව ශ්‍රී ලංකාවේ පොදු ජන සමාජයේ බොහෝ දෙනා තවමත් සළකන බව ප‍්‍රසිද්ධ කාරණයක්. මෙය සෑම සමාජ ස්ථරයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එසේම ඇගේ දේශපාලනික හා සමාජයීය දැනුම සම්බන්ධයෙන් "ගෑණුන්ගේ නුවණ හැඳි මිටේ දිගයි" යන ආකල්පය තවමත් බොහෝ පිරිස් විද්‍යමාන කරනවා." "මේ නිසා කාන්තාවට දේශපාලන අවකාශයට පිවිසෙන දොරගුළු සෘජුව මෙන්ම වක‍්‍රාකාරවත් වසා දමනු ලැබ තිබෙනවා." ලෝකයේ පළමු අගමැතිනිය තේරී පත්වූයේ 1960දී , එනම් මීට අවුරුදු 57කට පෙරදී ලංකාවේය කෙසේවෙතත් ලේඛිකාවක වන කුමාරි කුමාරගමගේ පළ කළ අදහස් අනුව මෙම තත්වයට කාන්තාවන් ද වගකිව යුතුය. "රටේ මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට හැම වරකම පාර්ලිමේන්තුවේ ගැහැනුන් කිහිප දෙනෙකුවත් සිටියා. ඒත් රටේ ගැහැනුන්ගේ තත්ත්වය ද රට තුළ ගැහැනු පිළිබඳ මතවාදයන් ද එන්න එන්නම පහළටම වැටුනා විනා යහපත් වීමක් නම් දකින්නට ලැබුණේ නැහැ," කුමාරි කුමාරගමගේ පවසන්නීය. "දැන් ඉඳහිට මේ ආයතනවලට තේරී පත්වෙන ගැහැනුන් එකා දෙන්නාවත් එක්කෝ ගැහැනු නියෝජනය යන්නෙහි අර්ථය දන්නේ නැහැ. නැත්නම් දන්නා වුවද නොදන්නා සේ පිරිමින් වල ඉහ ගන්නා මඩ ගොහොරුවේම ලැග ඉන්නට කැමැත්තක් දක්වනවා." කෙසේවෙතත්, දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා පසුගිය ඡන්දවලදී නොයෙකුත් ක්‍රමවේද සහ නීති රෙගුලාසි අනුගමනය කිරීමට රජය ක්‍රියා කළ අතර, පවතින දේශපාලන තත්වයට පක්ෂව සහ විරුද්ධව බොහෝ කාන්තා සංවිධාන බිහිවෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන අර්බුදය දිනෙන් දින උග්‍ර වීම හේතුවෙන් රට අරාජික තත්වයකට ඇද වැටී ඇතැයි පවසමින් කාන්තාවන් 50 දෙනෙකුට අධික පිරිසක් බදාදා (නොවැම්බර් 28) කොළඹ ගාලුමුවදොර පිටියේ දී විරෝධතාවක නියැලී සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අනුව අපරාධකාරී කොටස් මැඩ පැවැත්වීමට මෙන්ම වහාම සමාජය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පොලිසිය මෙන්ම ආරක්ෂක හමුදා ද සුදුසු පරිදි බලගැන්වෙන බව ජනාධිපති කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වේ. ඒ කෙතරම් කාලයක් සඳහා ද යන්න සහ කවර කොන්දේසි යටතේ ද යන්න ඇතුළු කරුණු සම්බන්ධ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අඟහරුවාදා (මාර්තු 06) රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂිතය. ඊට පෙරාතුව පාර්ලිමේන්තුව ඇමතූ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ද වන අගමැති රනිල් වික්‍රමසිංහ, අම්පාර, තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළේය. ''දේශපාලන බල තණ්හාවෙන් සිටින ඇතැම් කොටස්" රටේ ජනජීවිතය කඩාකප්පල් කිරීමට උත්සාහ දරමින් සිටින බව පැවසූ අගමැතිවරයා, "ඔවුන්ගේ එකම තුරුම්පුව ජාතිවාදය ඇවිස්සීම," බවට ද චෝදනා කළේය. "එක කණ්ඩායමක් සමාජ මාධ්‍ය හරහා සැලසුම් සහගතව පසුගිය මාස 09 තුළ මුස්ලිම් ජාතියෙන් සිංහල ජාතියට තර්ජනයක් සිදුවන බවට ප්‍රචාරයක් සිදු කර තිබෙනවා," යනුවෙන් ද අගමැතිවරයා පැවසීය. තවත් කියවන්න: හදිසි අවස්ථාව යනු කුමක්ද? රටේ ආරක්ෂාව, පැවැත්ම සහ සාමය පවත්වා ගැනීම සම්බන්ධයෙන් බරපතල තත්වයක් පවතින්නේ යයි විශ්වාස කරන අවස්ථාවක 1948 මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටස ක්‍රියාවට නැගීමට විධායකයට බලය පැවරෙන බව මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පෙන්වා දුන්නේය. එසේ මහජන ආරක්ෂක පනත ක්‍රියාවට නැගීම හදිසි නීතිය පැණවීම ලෙසින් විග්‍රහ කෙරෙන අතර, කිසියම් රටක හදිසි නීතිය ක්‍රියාත්මක වන තත්වය 'හදිසි අවස්ථාවක්' ලෙසින් විග්‍රහ කෙරේ. එලෙස හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක වනවිට සාමාන්‍ය නීතිය යටතේ පුරවැසියන්ට හිමිවන බොහෝ අයිතිවාසිකම් සීමා කිරීමේ බලය විධායකය සතුවන බව ද නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සඳහන් කළේය. එසේ විශේෂයෙන් සීමාකරනු ලබන අයිතීන් කවරේ දැයි ආණ්ඩුව මෙතෙක් නිවේදනය කර නැති අතර, රටේ පවතින තත්වය පැහැදිලි කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත. හදිසි නීතිය යටතේ සීමාවන අයිතීන් මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්.ජී පුංචිහේවා පෙන්වාදෙන පරිදි, ඉතාමත් හදිසි අවස්ථාවක් පැන නැගුනු අවස්ථාවක පණවනු ලබන හදිසි නීතිය මගින් සිදුකරනු ලබන්නේ "ඒ තත්වය මැඩපැවැත්වීම සඳහා නීතිය සහ හමුදාව යොදාගැනීම පිණිස බලය ලබාගැනීමය." "ඒ කියන්නේ කොටින්ම හමුදාවට වෙඩි තියන්න බලය දෙනවා කියන එක," ඔහු පැවසීය. "අනික ඒ වෙලාවට නීතිය අර්ථ නිරූපනය කරන්නේ හමුදාව සහ පොලිසිය," ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්.ජී පුංචිහේවා බීබීසී සිංහල සේවයට පැවසීය. එබැවින් ඔහු පවසන පරිදි හදිසි නීතිය යටතේ පොලිසිය සහ ආරක්ෂක අංශ මගින් සිදු කරනු ලබන වැරදි "සැඟවී යන" බව බොහෝ විට දක්නට ලැබෙන තත්වයකි. ඒ පිළිබඳව තවදුරටත් විග්‍රහ කරමින් ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී යට කියා සිටියේ, රටක පැවැත්ම අතින් ප්‍රබල තර්ජනයක් මතු වී තිබෙන මොහොතක සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම ICCPR යටතේ සහතික කරනු ලැබ තිබෙන අයිතිවාසිකම් අහෝසි කිරීමට එමගින් විධායකයට බලය පැවරෙන බවය. ඒ අනුව වධ බන්ධන පැණවීම ඇතුළු කරුණු කිහිපයක් හැරුණු විට ICCPR ගිවිසුම යටතේ සහතික කරනු ලැබ තිබෙන සියලු හිමිකම් හදිසි නීතිය යටතේ සීමා කෙරෙන බව ඔහු පෙන්වා දෙයි. නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පවසන පරිදි, ඒ අතර විශේෂයෙන් සඳහන් කළ හැකිය. ඔබ දැන සිටිය යුතු කරුණු ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙන්නේ ජනකොටස් අතර ගැටුම් පැතිරයාම වැළැක්වීමේ අදහසින් බැවින් එය "හොඳ දෙයක්" බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස්ජී පුංචිහේවාගේ අදහස් වී තිබේ. කෙසේ වුවත් "රංචු ගැසී කෝලාහල ඇතිකිරීම" කලබල ඇතිකෙරෙන ආකාරයේ "කට කතා පැතිරවීම" සහ "අවි ආයුධ භාවිත කිරීම" වැනි කරුණු හැරුණු විට රටේ සාමාන්‍ය ජන ජීවිතයට එමගින් ප්‍රබල බලපෑමක් එල්ල නොවන බව ද ඔහු පෙන්වා දෙයි. "සාමාන්‍ය ජන ජීවිතයට කිසිම බාධාවක් නෑ. වෛරය පැතිරවීම හැරුනම, භාෂණයේ නිදහසට කිසිම බාධාවක් නෑ." Theldeniya විශේෂයෙන්ම හදිසි නීතිය යටතේ පැනවෙන කොන්දේසි කවරේ දැයි යන්න ජනපතිවරයා විසින් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ නීතිවේදියා සඳහන් කළේය. වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් පළ කිරීමේ හෝ ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය හදිසි නීතිය මගින් කිසිදු ආකාරයකින් අහෝසි නොකෙරෙන බවය. බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර ද කියා සිටියේ, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ජාතිවාදී මෙන් ම අවලාද පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය. මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ අවශ්‍ය වන්නේ නම් "තවත් පියවර ගැනීමට" පවා ආණ්ඩුව පසුබට නොවන බවය. තවත් කියවන්න:
ශ්‍රී ලංකාව පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔවුන් ඒ බව කියා සිටියේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පරීක්ෂා කරන ජනාධිපති කොමිසම අද කාත්තන්කුඩිහි දී සාක්ෂි විභාගය ආරම්භ කළ අවස්ථාවේ. කොමිසම මුස්ලිම් ප්‍රදේශයක සාක්ෂි විමසන පළමු වතාව මෙයයි. පැහැර ගැනීමට ලක් වූවන්ගේ පවුල්වල බොහෝ ඥාතීන් කොමිසමට කරුණු කියා පෑමට කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි බවයි, බීබීසී සංදේශය වෙනුවෙන් වාර්තා කරන ශාන්ති සෙල්වදුරෙයි පවසන්නේ. කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි බොහෝ දෙනා මුස්ලිම් ජනතාව බවත් ඔවුන් 1990 ජූලි හත් වෙනි දින මඩකලපුවේ කුරුක්කල්මඩම්හි දී පැහැර ගැනීමට ලක් වූවන් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බවත් ශාන්ති සෙල්වදුරෙයි පවසයි. වසර විසිහතරක් සැමියා සොයා එම සිද්ධියේදී එකසිය හැත්තෑ පස් දෙනකු පමණ මරා දැමුණ බවයි සාක්ෂිකරුවන් කියා ඇත්තේ. මොහමඩ් කාසිම් මොහමඩ් හනීෆා පවසන්නේ,1990 සිද්ධියේදී ඔහුගේ සහෝදරයන් දෙදෙනකු අහිමි වූ බවයි. හතළිස් අට හැවිරිදි ෂාබියා උම්මා පවසන්නේ තමාට තම පියා අහිමි වූ බවයි. තවත් කාන්තාවක් කියා සිටියේ තමා 1990 දී අතුරුදහන් වූ තම සැමියා තවමත් සොයන බවයි. තවත් සාක්ෂිකරුවන් කියා සිටියේ මව්පියන් සහෝදර සහෝදරියන් හෝ වෙනත් කවුරුන් හෝ ඥාතියකු තමන්ට අහිමි වූ බවයි. සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක තුළ පැවැත්වෙන සාක්ෂි විභාගයට එකසිය දෙදෙනකු කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවා ඇති බවත් ශාන්ති සෙල්වදුරෙයි පවසයි. ඉරිදා සහ සඳුඳා මන්මුනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීද කොමිසම සාක්ෂි ලබා ගැනීමට නියමිතයි.
මඩකලපුවේ කුරුක්කල්මඩම්හි දී එල්ටීටීඊ ය විසින් පැහැර ගන්නා ලද පුද්ගලයන්ට සිදු වූ දෙයක් තවමත් දැන ගැනීමට නොමැති බව ඔවුන්ගේ ඥාතීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බැසිල් ප්‍රනාන්දු ඔහු එම අදහස පළ කළේ බීබීසී සන්දේශය සමඟ පවත්වන ලද සාකච්ඡාවක දී. සරත් නන්ද සිල්වා අගවිනිසුරු පදවියේ සිටිය දී ‘හෙල්පින් හම්බන්තොට’ නඩුවේ දී පමණක් නොව ඔහුගේ නිල කාලය පුරාම වැරදි තීන්දු දුන් බව සමස්ත ශ්‍රී ලංකාවම දන්නා කරුණක් වන බවයි නීතිඥ බැසිල් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පමණක් නොව ඉන් පසුව එම පදවියට පත් කෙරුණ පුද්ගලයන් ද දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය පාවිච්චි කරනු ලැබීම අද වන විට ගැඹුරු ප්‍රශ්නයක් වී ඇති බවයි, ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂවරයා කියා සිටින්නේ. අධිකරණයේ ගරුත්වය සරත් නන්ද සිල්වා උද්ගතව පවතින මෙම වාතාවරණය නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම මෙන්ම අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම අතින් ද අභියෝගයක් වී ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු ගේ අදහසයි. ‘ඇති කරන ලද ප්‍රශ්න වල මට්ටම ගත් විට හිටපු අගවිනිසුරුවරයා සමාව ඉල්ලා සිටීම පමණක් මදි. ඔහු ඒ සම්බන්ධයෙන් මහජනතාවට ඊට එහා ගිය පැමිණිලි කිරීමකුත්, ඇත්ත වශයෙන්ම එවැනි කනගාටු වීමක් පවතිනවාද යන්නත් වඩාත් හොඳින් පැහැදිලි කළ යුතුයි’ නීතිඥ බැසිල් ප්‍රනාන්දු කියා සිටියි. ජනාධිපතිවරයා බලයේ සිටින්නේ තමා නිසා බවට කරන ප්‍රකාශයේ හරයක් නැතැයි පවසන නීතිඥ බැසිල් ප්‍රනාන්දු,අග විනිසුරුවරයකු පදවියේ සිටිය දී සිදු කළ පැහැර හැරීම් ලැජ්ජාවකින් තොරව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකි තත්වයකට රට ඇද වැටී ඇති බවත් පවසයි. වගකිව යුත්තෝ අතීතයේ මහජනතාව තුළ දේශපාලනය කෙරේ කෙසේ වුවත්, අධිකරණය කෙරෙහි විශ්වාසයක් සහ ගෞරවයක් තිබුණ බව සිහිපත් කරන ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු, දේශපාලනඥයන්ගේ සහ ඇතැම් විනිසකරුවන්ගේ ක්‍රියාවන් නිසා අද වන විට එම තත්වය විනාශ වී ඇති බවපෙන්වා දෙයි. පාලකයන් විසින් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක පදවියෙන් දොට්ට දැම්මේ ‘කම්කරුවකු රැකියාවෙන් ඉවත් කරනවාටත් වඩා පහළ මට්ටමකින්’ බවත් ඔහු පෙන්වා දෙයි.
විනිසකරුවෙක් අධිකරණය තුළ ක්‍රියාත්මක වෙන අතරවාරයේ තමන් විසින් සිදු කරන ලද ක්‍රියාවක් වරදක් හැටියට පිළිගැනීම ඉතා බරපතළ කාරණයක් වන බව ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අගවිනිසුරු මොහාන් පීරිස් හම්බන්තොට පැවති කාල්ටන් පෙර පාසලේ උත්සවයකට සහභාගී වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) වගන්තිය ප්‍රකාර තමන්ට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. ජනාධිපතිවරයා සිය ඉල්ලීම මගින් ඉදිරිපත් කර තිබෙන්නේ තමන් දෙවතාවක් ජනාධිපති ධුරය සඳහා තේරී පත්වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය සම්මත කෙරුණු බවයි. 'නීතිමය ඉඩකඩක් තිබේදැයි කියන්න' එම සංශෝධනයට අනුව දෙවතාවක් එම ධුරය දරු අයෙකුට ඊට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරය දැරීමට නීතිමය ඉඩකඩක් තිබේදැයි නිගමනය කර මතයක් ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපතිවරයා අග විනිසුරු අමතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇති සිය ඉල්ලීම මගින් සඳහන් කර ඇත්තේ. සංදේශය කල විමසීමකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී එම්.එම්.ජයසේකර කියාසිටියේ මෙම ඉල්ලීමට අදාලව කරුණු දැක්වීමට අවශ්‍ය නම් ඒවා ලිඛිතව මෙමස 07 වනදා සවස 3.00 පෙර සිය කාර්යාලයට භාරදෙන මෙන් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි. විවෘත අධිකරණයට කැඳවනවාද ? මෙම ඉල්ලීම විවෘත අධිකරණයේ කැඳවන්නේ කවදාදැයි සංදේශය කල විමසීමට පිළිතුරු දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරිය කියා සිටියේ ඒ පිළිබඳව තමනට නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවයි. මේඅතර සංදේශය කල විමසීමකදී ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපති උපුල්ජයසුරිය කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරියගෙන් තමන්ට එවැනි ලිපියක් ලැබී ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර ඇති ඉල්ලීම ප්‍රසිද්ධියේ විභාගයට ගන්නේද එසේ විභාගයට ගන්නා දිනය කවදාද යන්න දැනුම් දෙන මෙන් තමා ලිඛිතව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරියගෙන් ඉල්ලීමක් කර ඇති බවද නීතිවේදී උපුල් ජයසුරිය සංදේශයට පැවසීය.
18 වන සංශෝධනයට අනුව දෙවතාවක් ධුරය දරු අයෙකුට තුන්වන වතාවත් ජනාධිපති ධුරයක් දැරීමට හැකියාවක් තිබේදැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (මාර්තු 20) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරපත් කළ බව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙකු වන අතුල රණගල බීබීසී සිංහල සේවයට කියා සිටියේය. 2009 වසරේදී ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ යළි ගොඩ ගැනුණේ ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා රස පරීක්ෂක වාර්තාව අතර පරස්පරතා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවය. හිටපු හමුදාපතිගේ ප්‍රකාශය අදාළ ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දෙනු ලැබූ ප්‍රකාශය අනුව හමුදාවේ එවක බුද්ධි අංශ ප්‍රධානියා යටතේ සිටි කණ්ඩායමක් පිළිබඳ පරීක්ෂණ කියාත්මක කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින අධිකරණයට දැන්වූ බව නීතිවේදි අතුල රණගල වැඩිදුරටත් සඳහන් කළේය. නඩු විභාගය ජුනි මාසයේ 19 වෙනිදා යළි කැඳවීමට නියමිතය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩ ගෙන සිදු කළ නවතම මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි නීතිවේදි අතුල රණගල පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම සමාගම් තමන්ට අයත් ඉඩම්වලින් පස් සහ බොරලු කැපීම හේතුවෙන් ඉඩම්වල විශාල වලවල් සෑදී ඇති බවයි ඔවුන් පවසන්නේ. දිනකට පස් සහ බොරලු රැගත් ටිපර් රථ 600 - 700 අතර ප්‍රමාණයක් මහා මාර්ගවල ගමන් කිරීම නිසා එම මාර්ග පරිහරණය කරන සාමාන්‍ය වැසියන්ට සහ මග දෙපස ජීවත් වන වැසියන්ට පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. බොරළු සහ පස්වලින් පැන නගින දූවිල්ල හේතුවෙන් සිය දරුවන්ට සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදු වී ඇති බවත් උතුරේ වැසියෝ පවසති. දරුවන් පාසල වෙත යන විට ඔවුන්ගේ නිල ඇඳුම් දුර්වර්ණ වන බවත් දෙමව්පියෝ කියා සිටිති. ටිපර් රථ අධික වේගයෙන් මහමග ගමන් කිරීම හේතුවෙන් මාර්ග අනතුරු වැඩි වීමේ අවදානමක් පවතින බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. බොරළු සහ පස්වලට අමතරව මහා මාර්ග දෙපස මෙන්ම තම ඉඩම්වලද පිහිටි වටිනා ගස් නීති විරෝධී අන්දමට කපා ගෙන යන බවටත් උතුරේ වැසියෝ චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් පළාතේ බලධාරීන්ට කොතෙක් පැමිණිලි කළද නීතිය ක්‍රියාත්මක නොවන්නේ අදාළ සමාගම් දේශපාලන බලවතුන්ගේ අනුමැතිය හා විශේෂ අනුග්‍රහය මත එම ක්‍රියාකාරකම්වල නිරත වන බැවින් යැයි උතුරේ වැසියන් කියා සිටිති. ඉහත කී චෝදනා සම්බන්ධයෙන් පළාත් බලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ තමන්ට එම විෂය අයත් නොවන බව පවසමින් ඔවුන් ප්‍රශ්නය මගහැර ගිය බවයි දිනසේන රතුගමගේ සංදේශයට වාර්තා කළේ.
උතුරේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සැපයුම් කරන සමාගම් ඔවුන්ගේ ලාභය ගැන පමණක් සිතීම නිසා පළාතේ පාරිසරික ගැට‍ළු රැසක් උද්ගත වී ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය ඡන්ද සලකුණ ලෙස 'අත' භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ගණනාවකදී 'පුටුව', 'බුලත් කොළය' යටතේ තරග කළ අතර මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද සලකුණ වන 'පොහොට්ටුව' යටතේ තරග කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය 2005 වසරෙන් පසුව ජනාධිපතිවරණ සඳහා 'අලියා' ඡන්ද සලකුණ යටතේ තරග නොකළ ද, මහ මැතිවරණ සියල්ල සඳහා ඉදිරිපත් වූයේ, 'අලියා' සලකුණ යටතේය. එහෙත්, එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයේදී සිය ඡන්ද සලකුණ ලෙස 'අලියා' යොදා ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. ඒ, ඔවුන් සමගි ජන බලවේගය නමින් පුළුල් සන්ධානයකින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති හෙයිනි. එසේ වුවහොත්, එක්සත් ජාතික පක්ෂය සහ 'අලියා' ඡන්ද ලකුණ ද මෙවර ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොවනු ඇත. හදවත හංසයා වෙයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයේදී 'හදවත' සලකුණ යටතේ තරග කරන බව පැවසුව ද, සලකුණේ අයිතිය සම්බන්ධයෙන් පැන නැගුණු විරෝධතා හේතුවෙන් පසුව එය අත්හැරීමට සිදු විය. සඳුදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක දැක්වූ අදහස්වලින් පැහැදිලි වූයේ ද ඡන්ද සලකුණ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවය. "ලාංඡනය කුමක් ද කියන එකටයි උත්තර හොයන්න ඕන. පෙර පරිදි ම විවිධ මත අපි ඉදිරියෙන් තියෙනව. එක කණ්ඩායමක් කියනව, මේ ලාංඡනය හොඳයි, තව කණ්ඩායමක් කියනව, මේ ලාංඡනය හොඳයි. අවසානයේ බහුතරයේ කැමැත්ත අනුව නීත්‍යනුකූලව, බාධාවකින් තොරව ඉදිරිපත් කළ හැකි ලාංඡනය තෝරාගෙන අපි ඒ ප්‍රශ්නයත් නිරාකරණය කර ගන්නව," යනුවෙන් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ, "ඉදිරි මහ මැතිවරණයේදී 'හංසයා' ලකුණ යටතේ තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇති," බවය. "දැනට අපි එකඟ වෙලා තියෙනවා හංසයා යටතේ තරග කරන්න. මහ මැතිවරණය කැදෙව්වට පස්සෙ තමයි සලකුණ මාරු කරන්න පුළුවන්. ඒක ගැන ස්ථිර තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා." "සලකුණක් වෙනුවෙන් සිඟමනේ නොයා යුතුයි" කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඉරිදා ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මහ මැතිවරණයේදී අලියා ලකුණ යටතේ තරග කළ යුතු බවය. "මේ රටේ ප්‍රධාන සන්ධාන හදපු දේශපාලන පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ කිසි ම කෙනෙක් සලකුණක් සඳහා හිඟමනේ නොයා යුතුයි. ඉතාම පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ සලකුණ හැටියට අලියා තිබෙනවා. ඒ නිසා නාම යෝජනා භාර දීල දින කීපයකින් තුණ්ඩු ඇදල ලකුණක් හොයන්න තරම් බංකොලොත් දේශපාලන පක්ෂයක් නෙවේ එක්සත් ජාතික පක්ෂය," වජිර අබේවර්ධන පැවසීය. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසුවේ, "සමගි ජන බලවේගය නියෝජනය කරන අනෙකුත් පක්ෂවල ඉල්ලීම අනුව අලියා සලකුණ හැර වෙනත් සලකුණකින් තරග කිරීමට සිදුව ඇති," බවය. මේ අතර, ඡන්ද සලකුණ සම්බන්ධ ප්‍රශ්නය මෙම සතියේදී විසඳා ගැනීමට සියලු පාර්ශව ක්‍රියා කළ යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබිණි. අලියාගේ සිට හංසයා කරා... 1946 සැප්තැම්බර් මස 06 වන දින බිහි වූ එක්සත් ජාතික පක්ෂය, 1947 ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළේය. එතැන් පටන් පැවති මහ මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය තරග කළේ අලියා ලකුණ යටතේය. කෙසේ වෙතත්, 2010 වසරේ සිට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණවලදී අලියා ලකුණ යටතේ තරග නොකළ අතර 2019 නොවැම්බර් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ, වසර 15කට පසුවය. 2015 වසරේ ජනාධිපතිවරණය 'හංසයා' ලකුණ යටතේ ඉදිරිපත් වී ජය ගත්ත ද, එම වසරේ පැවති මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් වූයේ, අලියා ලකුණ යටතේය. යම් හෙයකින් මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය 'අලියා' ලකුණ වෙනුවට වෙනත් ලකුණකින් ඉදිරිපත් වුවහොත් එය මහ මැතිවරණයක් සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනත් ලකුණකින් ඉදිරිපත් වන පළමු අවස්ථාව වනු ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය. සංකේත මාරු කිරීම වාසි ද? අවාසි ද? ආචාර්ය විශාකා සූරියබණ්ඩාර ප්‍රධාන දේශපාලන පක්ෂ සිය සංකේත වෙනුවට වෙනත් සංකේත භාවිත කරමින් මැතිවරණවලට තරග කිරීම මගින් එම පක්ෂවලට වාසියක් සිදුවේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාරගෙන් අදහස් විමසීය. ඇය ප්‍රකාශ කළේ, ප්‍රධාන පක්ෂයක සංකේතය වෙනුවට වෙනත් සංකේතයක් භාවිත කරමින් මැතිවරණවලට ඉදිරිපත් වීමෙන් අදාළ පක්ෂයේ අනන්‍යතාවට හානියක් සිදුවන බවය.‍ "පක්ෂවල සංකේත සමග ශ්‍රී ලංකාවේ ජනතාව මානසිකව බැඳී සිටිනවා. ඒ සංකේත අදාළ පක්ෂ පිළිබඳ ප්‍රතිරූපයක් ජන මනස තුළ නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ඒ සංකේත අදාළ පක්ෂවල අනන්‍යතාව සමග බැඳී තියෙනවා. අලුත් සංකේත භාවිත කළොත් පක්ෂයේ අනන්‍යතාවට හානි වෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1994 ඉඳලා ඒගොල්ලො 'අත' වෙනුවට 'පුටුව', 'බුලත් කොළය' වගේ වෙනත් සංකේත පාවිච්චි කළා. අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරිහානියට පත්වෙලා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන තත්ත්වයට පත්වුණා," ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නාය. එක්සත් ජාතික පක්ෂය 'අලියා' සලකුණ අතහැර තරග කිරීම සම්බන්ධයෙන් ඇති වී ඇති තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ඇය, "එක්සත් ජාතික පක්ෂය පළවෙනි වතාවට තමයි මහ මැතිවරණයකදී 'අලියා' ලකුණ අතහැරලා තරග කරන්න යන්නේ. මම දකින විදිහට 'හංසයා' ලකුණ අසමත්," යනුවෙන් කියා සිටියාය. "අලියා වෙනුවට හංසයා ලකුණ යෙදීමෙන් පක්ෂයේ අනන්‍යතාව තහවුරු වෙන්නේ නෑ. අලියා ලකුණින් එක්සත් ජාතික පක්ෂයට ලැබුණු දැවැන්ත ප්‍රතිරූපය ගොඩ නගන්න 'හංසයා' ලකුණට බැහැ. ඒකයි මගේ අදහස." තවදුරටත් කියවන්න:
මැතිවරණ අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල මුල් ඡන්ද සලකුණු වෙනස්වීම මෑත කාලීන දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී බොහෝ විට දක්නට ලැබෙන්නකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම්මානුවෙල් මැක්‍රෝන් ල-පෙන්ට වඩා 20% ක පමණ ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව ජනමත සමීක්ෂණ අනුව ඉඟි කෙරේ ඡන්දදායකයන් ව්‍යාකූල කිරීම පිණිස හැකරුන් විසින් සැබෑ ලිපිලේඛණ අතරට ව්‍යාජ ලිපිගොනුද ඇතුළත් කර තිබෙන බවත් ඔවුහු පවසති. ජනපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී සිය අපේක්ෂකයාගේ ජයග්‍රහණය වැළැක්වීමට හැකරුන්ට අවශ්‍යව තිබෙන බව පැහැදිලි යයිද එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය නිකුත්කළ නිවේදනයක දැක්වේ. හැකරුන්ගේ ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවියේ ඇතුළත් වූයේ සිය ප්‍රචාරක ව්‍යාපාරයට අදාළ නීත්‍යානුකූල ලිපිලේඛණ පමණක් බවත් එහි දැක්වේ. රුසියානු හැකරුන්? මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන් සහ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ල-පෙන් ඉරිදා (මැයි 07) පැවැත්වීමට නියමිත දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී එකිනෙකාට එරෙහිව තරග වදිති. මේ වනවිට මැක්‍රෝන් ල-පෙන්ට වඩා 20% ක පමණ ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව ජනමත සමීක්ෂණ අනුව ඉඟි කෙරේ. එම්මානුවෙල් මැක්‍රෝන් මීට ඉහතදීද හැකරුන්ගේ ප්‍රහාරවලට ලක් වූ අතර, රුසියාවේ සහ යුක්රේනයේ සිට එම ප්‍රහාර එල්ල කළ බව ඔහුගේ ප්‍රචාරක කණ්ඩායම ඒ අවස්ථාවේ චෝදනා කළහ. මොස්කව් පාලනයට හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමණය කරන මරීන් ල-පෙන් ප්‍රංශයේ බලයට පත්කරගැනීමට රුසියාවට අවශ්‍යව තිබෙන බව ඔවුහු සැක පළකරති. එහෙත් රුසියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. ඇමෙරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේ හිලරි ක්ලින්ටන් පරාජය කිරීමේ අරමුණින් රුසියානු 'හැකරුන්' නීතිවිරෝධී ලෙසින් ඩිමොක්‍රටික් පක්ෂයේ ඊමේල් පණිවුඩ අන්තර්ජාලයට මුදා හළ බවට චෝදනා එල්ල විය. ප්‍රධාන පක්ෂ නෑ දශක ගණනාවක් රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම -සමාජවාදී පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය - ප්‍රංශයේ ඡන්දදායකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම මෙවර ජනාධිපතිවරණයේ විශේෂම ප්‍රවණතාවකි. ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී මෙන්ම යුරෝපා සංගමයේ දිගටම රැඳී සිටීම සහ යුරෝපයේ අනාගතය ප්‍රංශ ජනපතිවරණයේද අවධානයට ලක්ව තිබෙන ප්‍රධානම මාතෘකාවකි. ප්‍රංශ ඡන්දදායකයන් එම්මානුවෙල් මැක්‍රෝන් සිය නාගත ජනපතිවරයා වශයෙන් තෝරා ගනු ලබන්නේ නම්, යුරෝපය සමග තවදුරටත් බද්ධවීම පිණිස ඔවුන්ගේ අනුමැතිය හිමිවේ. කිසියම් ලෙසකින් ඔවුන්ගේ තේරීම මරීන් ල-පෙන් වුවහොත්, යුරෝපා සංගමය වෙනුවට ස්වාධීන රාජ්‍යයන්ගෙන් සමන්විත යුරෝපයක් බිහි විය යුතු බවට ඇය ඉදිරිපත් කරන තර්කයට ප්‍රංශ ඡන්දදායකයෝ අනුමැතිය පළකරති.
අන්තර්ජාල 'හැකරුන්' සිය වෙබ් අඩවියට ඇතුළු වී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අදාළ ලිපිගොනු විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයට මුදා හැර ඇති බව ප්‍රංශ ජනපතිවරණයේ අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉවත් කරනු ලැබුණ මධ්‍යම කාරක සභිකයෙක්-බන්දුල ගුණවර්ධන සාලින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටී බී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන යන මධ්‍යම කාරක සභිකයන් පස්දෙනාගේයි සාමාජිකත්වය අත්හිටවනු ලැබ තිබෙන්නේ. පසුගිය පස් වැනි දා මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබුණ තීන්දුවලට පටහැනිව කටයුතු කිරීම එවැනි පියවරක් ගැනීමට හේතු වූ බව ඉහත කී මධ්‍යම කාරක සභිකයන්ට ඔවුන් ඉවත් කරනු ලැබීම දැනුම් දීමේ ලියුම්වල සඳහන් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ. මහින්දවාදීන් ඉවත් කරනු ලැබුණ මධ්‍යම කාරක සභිකයෙක්- සාලින්ද දිසානායක. ඉහත සඳහන් පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කොට ඇති සාමාජිකයන් සියලු දෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධූර අපේක්ෂකයා වශයෙන් පක්ෂය තුළට යළි ගෙන ඒමට කටයුතු කරන දේශපාලනඥයෝ වෙති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පෙර කී මධ්‍යම කාරක සභිකයන් ඉවත් කිරීමේ ලිපිවලට අත්සන් තබනු ලැබ ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි. හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දීම් වස් සංවිධානය කෙරෙන මහජන රැලිවලට සහභාගී වීමෙන් වළකින මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය සාමාජිකයන්ට දැනුම් දෙනු ලැබයි තිබුණේ. එහෙත් එම උපදේශය නොතකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් එවැනි රැලිවලට සහභාගී වෙමින් සිටිති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය සිය මධ්‍යම කාරක සභිකයන් පස්දෙනකු ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සමරිසි විවාහය නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට චාන්සලර් අන්ගෙලා මර්කල් මීට ඉහතදී විරෝධය පළ කළ අතර, ඡන්ද විමසීම පැවැත්වුණේ චාන්සලර්වරිය එම විරෝධය ඉවත්කරගැනීමෙන් දින කිහිපයකට පසුවය. නව නීතිය අනුව දරුවන් හදා වඩා ගැනීම ඇතුළු විවාහක යුවලකට හිමි සියලු වරප්‍රසාද සමලිංගිකයන්ටත් හිමි වේ. අන්ගෙලා මර්කල් ගේ දේශපාලන ප්‍රතිවාදීන් බොහෝ දෙනා සමලිංගික විවාහය නීතිගත කිරීමට පක්ෂ වූ නමුත් චාන්සලර්වරිය එයට එරෙහිව සිය ඡන්දය භාවිත කළාය. ඒ අනුව නව නීතියට පක්ෂව මන්ත්‍රීවරු 393 දෙනෙකු ඡන්දය දුන් අතර, 226 දෙනෙක් එරෙහිව ඡන්දය දුන්හ. ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දැක්වූ චාන්සලර්වරිය කියා සිටියේ විවාහය යනු කාන්තාවක සහ පුරුෂයෙකු අතර සිදුවන්නක්ය යන්න තමන් විශ්වාස කරන බවය. දරුවන්ගේ සුබසාධනය උදෙසා සමලිංගික විවාහයට එරෙහි විය යුතු බව 2013 මහ මැතිවරණය අවස්ථාවේ ඇගේ ස්ථාවරය විය. එහෙත් අනෙක් දේශපාලන පක්ෂ සිය ස්ථාවරයට එරෙහි බැවින් අනාගතයේදී ඒ සම්බන්ධයෙන් නිදහස් ඡන්ද විමසීමකට ඉඩ සලසන බව ඇය පසුගිය 26 වැනි දා සඳහන් කළේ ජර්මනියේ බොහෝ මාධ්‍ය විමතියට පත්කරමිනි. නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය (ෆරෝ දූපත් හැරුණු විට), ෆින්ලන්තය, අයිස්ලන්තය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, පෘතුගාලය, ලක්සෙම්බර්ග්, ප්‍රංශය, අයර්ලන්ත ජනරජය සහ බ්‍රිතාන්‍යය යන යුරෝපා රටවල් මේ වනවිටත් සමලිංගික විවාහය නීතියෙන් පිළිගෙන තිබේ.
සමලිංගික විවාහය නීතිගත කිරීමේ කෙටුම්පතකට ජර්මානු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිවිය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අදාල නීතිය ක්‍රියාවට නැගීම මගින් "පාලනයකින් සහ නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මකවන සත්ව වෙළෙඳාම වැළැක්වීම" සිය අභිලාෂය බව ආණ්ඩුව පවසයි. එය ක්‍රියාත්මක වූයේ නම් ඉන්දීය ඉතිහාසයේ පළමු වතාවට ගවයන් පමණක් නොව මී හරකුන් සහ ඔටුවන් ද මස් පිණිස විකිණීම තහනම් කරනු ලැබීමට ඉඩ තිබුණි. එසේ වූයේ නම් එමගින් රටේ මස් කර්මාන්තයට මෙන්ම හම් කර්මාන්තයට ද ප්‍රබල පහරක් එල්ල විය හැකිව තිබුණු බව අගවිනිසුරුවරයා පැවසීය. සබැඳි යොමු: මස් සහ හම් කර්මාන්තයෙන් යැපෙන ඉන්දියාවේ සුළුතර මුස්ලිම් ප්‍රජාව එම නීතියට දැඩි විරෝධය පළකළහ. එම නීතිය හඳුන්වාදීමෙන් දින කිහිපයකට පසුව එය ක්‍රියාවට නැගීම අත්හිටුවන මෙන් දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ පහළ අධිකරණයක් පසුගිය මැයි 30 වෙනි දින නියෝග කළේය. මී ගව ඝාතනය තමිල්නාඩු අධිකරණයේ තීන්දුව ජුලි 08 වෙනි දින අහෝසි වූ නමුත්, එය මුළු රටටම බලපැවැත්වෙන ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමණය විය. මේ අනුව අගෝස්තු මාසය අවසාන වනවිට ආණ්ඩුව අදාළ නීතියට සංශෝධන සහිතව එය යළි ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂිතය. හින්දු භක්තිකයන්ගේ පූජනීය සත්වයෙකු වන ගවයන් ඝාතනය කිරීම ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල තහනම් කර තිබෙන නමුත්, මී හරකුන් ඝාතනය කිරීම තහනම් කිරීමට ඉඩ තිබුණු පළමු අවස්ථාව මෙයය. ඉන්දියාවේ ගව මස් ලෙසින් බොහෝ විට අලෙවි කෙරෙන්නේ මී ගව මස් වන අතර, ලොව ප්‍රධානතම ගව මස් අපනයනකරුවෙකු වන ඉන්දියාව එමගින් උපයන වාර්ෂික ආදායම ඩොලර් බිලියන හතරකි. නව නීතිය මගින් "ජනතාවගේ ජීවිකාවට බලපෑමක් නොවිය යුතුය" යන්න අගවිනිසුරු ජග්දිෂ් සිංග් ගේ නිගමණය විය. නව නීතිය මගින් තමන් ආහාරයට ගත යුත්තේ කවරක්ද යන්න තීරණය කිරීමේ අයිතියට බලපෑම් කරන බව පෙත්සම ඉදිරිපත් කළ තමිල්නාඩු වාසීන්ගේ තර්කය වී තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව "ජයග්‍රහණයක්" බව මස් වෙළෙඳුන් වෙනුවෙන් පෙත්සම ඉදිරිපත් කළ සමස්ත ඉන්දීය කුරේෂ් ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානී අබ්දුල් ෆහීම් කුරේෂි පැවසීය.
ඉන්දියාව පුරා ගව ඝාතනය තහනම් කිරීමට අවස්ථාව සැලසෙන නීතියක් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2018 නොවැම්බර් 16 ව්‍යවස්ථා අර්බුදය පැවති සමයේ පාර්ලිමේන්තුවේ තත්ත්වය 2015 අගෝස්තු 17 වෙනිදා පැවති මහමැතිවරණයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකාවේ 08 වෙනි පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව ප්‍රවණතා කිහිපයක් සටහන් කළ පාර්ලිමේන්තුවකි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන බල කඳවුරු දෙක වශයෙන් සැලකුන එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පළමු වරට ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබුවේ 08 වෙනි පාර්ලිමේන්තුවේදීය. 1977 පසු පළමු වතාවට ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය වෙත පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය හිමි වීම ද එහි විශේෂත්වයකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හිටපු විධායක ජනාධිපතිවරයෙක් පළමු වරට යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම ද එහිදී සිදු විය. ශ්‍රී ලංකාවේ 08 වෙනි පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දුබල කෙරුණු පාර්ලිමේන්තුව යළි බල ගැන්වීමකට ලක් විය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර ඒ සඳහා වසර හතර හමාරක සීමාවක් එක් කිරීම, අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, මහාධිකරණ විනිසුරු පදවි සහ වෙනත් ඉහළ පත්වීම් සඳහා අනුමැතිය දීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීම එමගින් සිදු විය. ඒ හරහා පාර්ලිමේන්තුවට ස්වාධීනත්වයක් හිමි වූ අතර අදාළ පත්වීම් සිදු කෙරුනේ අභිනවයෙන් පිහිටුවන ලද ව්‍යවස්ථා සභාව මගිනි. දේශපාලන අතපෙවීම්වලින් තොරව රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය. එමෙන්ම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර හටගත් දරුණුතම බල අරගලයේ සංග්‍රාම පිටිය බවට පත් වන්නේ ද 08 වෙනි පාර්ලිමේන්තුවයි. ඔක්තෝම්බර් 26 වෙනි දින එවක අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීන්දුව ඊට හේතු විය. එහිදී පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් එවක කථානායක කරු ජයසූරිය සහ බහුතර මන්ත්‍රීවරු පෙනී සිටි අතර අගමැතිවරයා ඉවත් කිරීම මගින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඉහත කී බල අරගලය පැවති දින 52 ක තුළ අගමැති ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ, එම ධුරය සඳහා පත් වූ පළමු හිටපු විධායක ජනාධිපතිවරයා වශයෙන් ද ඉතිහාස ගත වෙයි. එකී කාලය තුළ 08 වෙනි පාර්ලිමේන්තුවේ සිදු වූ මිරිස් කුඩු ගසා ගැනීම්, කථානායක අසුනට වතුර වැත්කිරීම, පුටුවලින් ගසා ගැනීම, මයික් කැඩීමට ගිය මන්ත්‍රීවරුන්ම අතපය තුවාල කර ගැනීම, ගුටිබැට හුවමාරු, වැනි ක්‍රියා නිසා පෙර කවරදාකටත් වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම විවේචනයට ලක් විය. හිටපු ජනාධිපතිවරයෙක් විපක්ෂ නායක ධුරයට පත් වූ පළමු අවස්ථාව සනිටුහන් වන්නේ ද 08 වෙනි පාර්ලිමේන්තුවේදීය. පහත දැක්වෙන්නේ 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කළ කෙටි පසුවිපරමකි. (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය සහ ඔවුන් දක්වන දායකත්වය නිරීක්ෂණය කරනු ලබන Manthri.lk වෙබ් අඩවියේ දත්ත සහ විශ්ලේෂණ ඇසුරෙනි) 08 වෙනි පාර්ලිමේන්තුවේ වයස් ව්‍යාප්තිය 08 වෙනි පාර්ලිමේන්තුවේ වයස් ව්‍යාප්තිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් වැඩි ප්‍රතිශතයක් අයත් වන්නේ අවුරුදු 50-60 අතර වයස් ඛාණ්ඩයටයි. ඒ අතරින් 97% ක් අගෝස්තු 05 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරති. එම පාර්ලිමේන්තුවේ 22% ක් අවුරුදු 60-70 ත් අතර වයස් ඛාණ්ඩයට අයත් වන අතර ඉන් 96% මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් 6% ක් අවුරුදු 30-40 වයස් ඛාණ්ඩයේ පසු වූ අතර ඒ සියලු දෙනාම මෙවර මැතිවරණයට තරග කරති. පාර්ලිමේන්තු 08 ම නියෝජනය කළ මන්ත්‍රීවරු Manthri.lk වෙබ් අඩවිය පවසන පරිදි 1978 සිට පාර්ලිමේන්තු 08 ම නියෝජනය කළ මන්ත්‍රීවරු සංඛ්‍යාව 05 කි. රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් සෙනවිරත්න, ජෝන් අමරතුංග, ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ගාමිණී ලොකුගේ ඒ අතර වෙති. මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු 07 ක් නියෝජනය කර තිබේ. පාර්ලිමේන්තු 06ක් නියෝජනය කර ඇති මන්ත්‍රීවරු සංඛ්‍යාව 24 කි. 08 වෙනි පාර්ලිමේන්තුවට පළමු වර තේරී පත් වූ මන්ත්‍රීවරු සංඛ්‍යාව 70 කි. 'පවුල් දේශපාලනය' Manthri.lk වෙබ් අඩවිය පවසන පරිදි 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ 32 ක් හිටපු මන්ත්‍රීවරුන්ගේ පුතුන් හෝ දූවරුන්ය. පියා සහ පුතා දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කළ අවස්ථා දෙකකි.(මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ, රාජිත සෙනවිරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න) ස්වාමියා සහ බිරිඳ යන දෙපලම ද පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. (දයා ගමගේ සහ අනෝමා ගමගේ) සහෝදරයන් යුගල 4 ක් ද තුන් වෙනි පරම්පරාවේ 10 දෙනෙකු ද 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. නාම යෝජනා නොලැබුණු සහ ජාතික ලැයිස්තුවේ නම නැති හිටපු මන්ත්‍රීවරු 08 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් 208 දෙනෙකු හෙට පැවැත්වෙන මහමැතිවරණයට තරග කරන බව Manthri.lk වෙබ් අඩවිය පවසයි. නාම යෝජනා නොලද හෝ ජාතික ලැයිස්තුවල නම ඇතුළත් නොවන හිටපු මන්ත්‍රීවරු ඉහත ඡායාරූපයේ දැක්වේ. (පාර්ලිමේන්තුව නියෝජනය කළ කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් පසුගිය මැයි මස අභාවප්‍රාප්ත විය) ඉහත ලැයිස්තුවේ සිටින හිටපු මන්ත්‍රීවරුන් හැරුණු විට හිටපු අමාත්‍ය මංගල සමරවීර නාම යෝජනා භාරදීමෙන් අනතුරුව තරඟයෙන් ඉවත්විය. 'පාට මාරු කළ' මන්ත්‍රීවරු Manthri.lk පවසන පරිදි 2015 මහමැතිවරණය සඳහා තරග කළ පක්ෂයෙන් මෙවර තරග නොකරන හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 172 කි. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර 08 වෙනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු 107 දෙනා අතරින්: 71 දෙනෙක් සමගි ජන බලවේගයෙන් තරග කරති. තවත් 04 දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරති. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර 08 වෙනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු 94 දෙනා අතරින්: 81 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අතර ඉන් 06 දෙනෙක් සමගි ජන බලවේගයෙන් තරග කරති. නිවැරදි ලෙස ඡන්දය සළකුණු කරන හැටි මැතිවරණ කොමිසමේ සභාපති කියයි
පහත දැක්වෙන්නේ 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා නීති සම්පාදකයන් තෝරා පත් කර ගනු ලබන හෙට දිනට (අගෝස්තු 05) පෙර පැවති 08 වෙනි පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කළ කෙටි පසුවිපරමකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය මැයි මස 29 වනදා වරාය සේවකයන්ගේ ද සහයෝගය ඇතිව වනජීවී නිලධාරීන් විසින් බේරා ගනු ලැබූ අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවන වෙත රැගෙන යෑමට කටයුතු කොට තිබුණේ තුවාලවලට ප්‍රතිකාර ලබා දීම සඳහායි. අලි පැටවා සම්බන්ධයෙන් කළ විමසීමකදී උඩවලව ඇත් අතුරු සෙවනේ නිලධාරියෙක්‌ කියා සිටියේ පසුගිය 17 වනදා සිට ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය නිලධාරියකු නොමැති වීම නිසා අලි පැටවාට නිසි ප්‍රතිකාර ලබා දීමට නොහැකි වූ බවයි . උඩවලව ඇත් අතුරු සෙවනේ සේවය කරන එකම පශු වෛද්‍යවරයා විදේශ ගත වීම සඳහා නිවාඩු ලබා ගෙන ඇති අතර ඔහු වෙනුවට වැඩ බැලීම යොදවා සිටි පශු වෛද්‍යවරයා වනජීවී අමාත්‍යංශය විසින් වෙනත් ප්‍රදේශයක සිටින අලියකුට ප්‍රතිකාර කිරීම සඳහා යොමු කර ඇති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට හම්බන්තොට සිට වාර්තා කළේ. සඳුදා (20) උදෑසන අලි පැටවාගේ අසාධ්‍ය තත්වය පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා යැවූ බවත් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් අඟහරුවාදා (21) ඇඹිලිපිටිය පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු රැගෙනවිත් අලි පැටවාට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කලත් අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවයි ඉහත කී නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ. මේ වන විට උඩවලව ඇත් අතුරු සෙවනේ අධිකරණ නියෝග මත අලි පැටවුන් 14 දෙනෙකු රඳවා සිටින බවත් තවත් පුනුරුත්තාපනය වන අලි පැටවුන් 45 දෙනකු සිටින බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවට සිටින්නේ පශු වෛද්‍යවරුන් නව දෙනකු පමණක් බව සමස්ත ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් පශු වෛද්‍ය සුහද ජයවර්ධන කියා සිටියි.
හම්බන්තොට වරායේ දෙවන අදියරට අයත් මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටි සිටියදී බේරා ගත් මාස තුනක් පමණ වයසැති අලි පැටවා මිය ගොස් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඩෝහා අගනුවර එමෙන්ම ඉහත කී රටවල් විසින් සිය දේශ සීමා වසා දමනු ලැබීමත් සමග කටාර් රාජ්‍ය තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බවට ද බිය පළ වී ඇත. කටාර් රාජ්‍ය සහ සෞදි ආරාබිය අතර මතුව තිබෙන අර්බුදයට විසඳුම් ලබා දීමේ උත්සාහයක් කුවේට් එමීර්වරයාගේ නායකත්වයෙන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉස්ලාම් අන්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍ය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට අරාබි රටවල් හයක් සඳුදා (ජුනි 05) පියවර ගත්හ. කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. මේ අතර සෞදි අරාබියට සහාය පළ කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා මීට ඉහත දී ට්විටර් පණිවුඩයක් නිකුත් කළ අතර එය සියලු පාර්ශ්වවලට පොදුවේ කළ ප්‍රකාශයක් බව පසුව ධවල මන්දිරය නිවේදනය කළේය. තමන් පසුගියදා සෞදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැක ගැනීමට ලැබෙමින් පවතින බව සඳහන් කළ ඇමරිකානු ජනාධිපතිවරයා කටාර් රාජ්‍ය හුදෙකලා කිරීමට අරාබි රටවල් ගත් තීන්දුව "ත්‍රස්තවාදයේ බියකරු බව නිමා කිරීමේ ආරම්භය" සනිටුහන් කිරීමට ඉඩ ඇති බව පැවසීය. අරාබි රටවලට අවශ්‍යව ඇත්තේ කුමක්ද? ගල්ෆ් කලාපය තුළ හුදෙකලා වී නොසිටීමට අවශ්‍ය නම් අත්පත්කර ගත් ප්‍රදේශවල ක්‍රියාත්මක පලස්තීන හමාස් සංවිධානය සහ ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය සමග පවතින සබඳතා අත්හරින ලෙස සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරයා කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටියේය. පලස්තීනයේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් අතර විශාලතම සංවිධානය වන හමාස් සංවිධානය වසර දහයකට ඉහත ගාසා තීරයේ පැවති ගැටුමින් අනතුරුව අරාබි ලෝකය තුළ මැතිවරණයකින් ජයගත් එවැනි පළමු ඉස්ලාමීය කණ්ඩායම බවට පත්විණි. ඊජිප්තුවේ ක්‍රියාත්මක ඉස්ලාමීය කණ්ඩායමක් වන මුස්ලිම් සහෝදරත්වය එරට තුළ දේශපාලනික වශයෙන් සක්‍රිය වී තිබේ. හමාස් සහ මුස්ලිම් සහෝදරත්වය ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස ඇතැම් රටවල් හඳුන්වති. කටාර්හි සිදු වෙමින් පවතින්නේ කුමක්ද? වොෂිංටනයේ සිටින බීබීසී වාර්තාකාරිනී බාබරා ප්ලෙට් ඌෂර් පවසන්නේ කටාර්, සෞදි අරාබිය සහ කුවේට් යන සියලු රටවල් සිරියාවේ අන්තවාදී කණ්ඩායම්වලට මූල්‍යාධාර ලබා දුන් බවය. ඇමරිකාවෙන් එල්ල වූ පීඩනය මත සෙසු රටවල් ඉන් පසුබා ගිය අතර මධ්‍යථ ක්‍රියාකාරිකයකු මෙන්ම සමථකරුවකු ලෙස තමන්වම දකින්නට කටාර් රාජ්‍යය කැමැත්තක් දැක්වුවද, එහි ක්‍රියාකාරීත්වය අන් රටවලට වඩා විවේචනයට ලක්වන නොපැහැදිලි තත්ත්වයක් පෙන්වන බව ඇය පවසන්නීය. මේ අතර කටාර් විදේශ ඇමති ෂේක් මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් අල් - තානි කියා සිටියේ " කටාර් ආණ්ඩුව ඉස්ලාමීය අන්තවාදයට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැහැ" යනුවෙනි. ශ්‍රී ලංකාවට ඇති බලපෑම ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ විසිදහසක් පමණ කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති. කලාපයේ රටවල් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය එරට සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන්ට බලපා නැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. අඟහරුවාදා (ජුනි 06) නිවේදනයක් නිකුත් කරමින් විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ කියා සිටියේ ශ්‍රී ලාංකිකයන්ට බලපෑමක් ඇති වුවහොත් ඔවුන් නැවත ගෙන්වා ගැනීමට රජය සූදානම් බවය. මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ කියා සිටියේ අවශ්‍ය තරම් ආහාර සංචිත ඇති බවට එරට බලධාරීන් තානාපතිවරු දැනුවත් කළ බවය. ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ? කටාර් අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න Skype BBC Sinhala ඊමේල් : [email protected]
කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය, බහරේනය, ලිබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමනය, ඊජිප්තුව යන රටවල් අතර පවතින අර්බුදකාරී තත්ත්වය ඛනිජ තෙල් මිල, ගමනාගමන සහ නෞකා ප්‍රවාහන ක්ෂේත්‍ර කෙරෙහි බලපා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති පූතින් මේ මාසය අගදී ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිතව සිටියේය රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලෝන්ද් සමඟ හමුවක් සංවිධානය කර තිබූ අතර ප්‍රංශයේ පිහිටි ඕතඩොක්ස් පල්ලියක් විවෘත කිරීමටද කටයුතු යොදා තිබිණි. දෙරටේ නායකයන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා සිරියානු අර්බුදයට පමණක් සීමා වනු ඇති බව ප්‍රංශ ආණ්ඩුව නිවේදනය කිරීමත් සමග රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරය අවලංගු කොට ඇති බවයි ප්‍රංශය ජනාධිපති කාර්යාලයෙන් ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ. අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් අත පවතින ප්‍රදේශවලට රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාර පිළිබඳව ප්‍රංශයේ දැඩි අවධානය සිරියාවේ අලෙප්පෝ නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියාවට යුද අපරාධ චෝදනාවලට මුහුණ දීමට සිදු වෙතැයි ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් සඳුදා පැවසීය. මේ අතර අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් අත පවතින දිස්ත්‍රික්ක ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීම රුසියානු ප්‍රහාරක යානා නැවත ආරම්භ කර ඇති බව වාර්තා වේ. රුසියාවේ වෙනත් ප්‍රදේශවලින් ද ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන අතර අයිඑස් කැරලිකරුවන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වී දස දෙනකුවත් මරුමුවට පත් වී තිබේ.
සිරියාවේ ගැටුම් සම්බන්ධයෙන් පවතින මතභේද හේතුවෙන් රුසියාවේ ජනාධිපති ව්ලැද්මීර් පූතින් එළඹෙන සතියට යොදා තිබූ සිය ප්‍රංශ සංචාරය අවලංගු කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මියුනිච් සමුළුව අමතන ජර්මන් චාන්සලර්වරිය ආරක්‍ෂාව පිළිබඳ මියුනිච් ජාත්‍යන්තර සම්මේලනයේදීයි, දෙපාර්ශවය අතර වාග් සංග්‍රාමය ආරම්භ වී තිබෙන්නේ. සති කීපයක් පෙරට යමින් පවතින විරෝධතා ව්‍යාපාර වලින් පසුව, යුක්‍රේනයේ ඉරණම දෝලනය වෙන තත්වයක පවතින නමුත් එරට අනාගතය යුරෝපා හවුලත් සමඟ යයි යුරෝපා මණ්ඩලයේ සභාපති හර්මන් වොන් රොම්පුයි එම ජාත්‍යන්තර සමුළුවේදී කියා සිටියේය. යුක්‍රේනයේ අනාගතය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අදහස් දක්වමින්, එක්සත් ජනපදය ප්‍රජාතන්ත්‍රවාදී සටනකට සහයෝගය දුන් බවයි ප්‍රකාශ කළේ. ඊට ප්‍රතිචාරය දක්වමින් කතා කළ රුසියාවේ විදේශ ඇමති සෙර්ගේයි ලව්රෝෆ්, යුක්‍රේන් උද්ඝෝෂකයන් විසින් ගෙන යනු ලබන ප්‍රචණ්ඩ වීදි විරෝධතා ව්‍යාපාර සහ පොලිසියට එරෙහිව සිදු කරන පහර දීම් යුක්ති සහගත කරන බවට යුරෝපා හවුලට චෝදනා කර ඇත. යුක්‍රේන්හි පෙරට යන ගැටුමේ දසුන් දැනට තෝරාගෙන ඇති ක්‍රියා මාර්ගය තුලින් ප්‍රජාතන්ත්‍රවාදය නංවාලීම සඳහා කිසිදු මෙහෙයක් ඉටු නොකෙරෙන බවයි, රුසියාවේ විදේශ ඇමතිවරයා පෙන්වා දුන්නේ. රුසියාවේ ප්‍රතිචාරය ‘කීව්’ අගනුවර සිටින ඇමෙරිකානු තානාපතිවරයා ,දැනට රෝහල්ගත කරනු ලැබ සිටින යුක්‍රේන් විපක්ෂ ක්‍රියාකාරිකයකු බැලීම සඳහා යාමට උත්සාහයක් ගෙන ඇතත් ඔවුන්ට රෝහලට පිවිසීමට වෛද්‍යවරු ඉඩ දී නැති බවක් ද වාර්තා වෙයි. යුක්‍රේන් සමාජයට සහයෝගය පළ කරනු ලැබීම සංකේතවත් කිරීමක් වශයෙන්, රෝහලේ සිටින දිම්ත්රෝ බුලටෝෆ් බැලීමට කැනඩාවේ , යුරෝපා හවුලේ තානාපතිවරුන් සහ තමාට අවශ්‍ය කල බවයි,ඇමෙරිකානු තානාපති ජෙෆ්රි පියට් ප්‍රකාශ කළේ. යුරෝපා හවුලත් සමඟ හවුල් ගිවිසුමක් අත්සන් කරනු ලැබීම රුසියාවට හිතවත් යුක්‍රේන් ජනාධිපති වික්තර් යනුකොවිච් විසින් පසුගිය නොවැම්බර් මාසයේ බැහැර කරනු ලැබීමෙන් පසුවයි, එරට දැන් පවතින ගැටුම් රැල්ල පැතිර යන්නට පටන් ගත්තේ.
යුක්‍රේනයේ අනාගතය මුල් කර ගනිමින් රුසියාව සහ බටහිර බලවතුන් අතර ගැටුමක් හට ගෙන ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දූෂණය සඳහාවූ දර්ශකයේ රටවල් එකසිය හැත්තෑ හතකින් අනූ එක්වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන්නේ වසර විස්සක් වංචා අල්ලස් දූෂණ නීතිය යාවත්කාලීන නොකිරීම හේතුවෙන් බවයි එම ආයතනයේ කළමනාකාරිනී සසී ද මෙල් කියා සිටින්නේ. ස්වාධීනත්වය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය යටපත්වීම දූෂණය වර්ධනය වීමට ඉවහල්වී ඇති බවත් ඇය පැවසුවාය. ‘’රාජ්‍ය සේවයට ගොඩක් දේශපාලන බලපෑම් ඒමත් සමගම ඒක ලොකු ප්‍ර ශ්නයක් බවට අපි හඳුනාගෙන තියනවා. ඒවාගේම දකුණු ආසිතික කලාපය ගත්තහම ශ්‍රී ලංකාව තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය නැති එකම රට,’’යනුවෙන්ද ඇය පැවසුවාය. පුද්ගලීක අංශයද අද දූෂණයෙන් වෙලී ඇතැයි පවසන ඇය පෙන්වාදෙන්නේ අල්ලස් ගැනීම පුද්ගලික අංශයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවයි.
නීතිය පමණක් නොව ජනතාවගේ ආකල්ප සහ චර්යාවන් වෙනස් කිරීම, දූෂණය සහ වංචාව පිටුදැකීමට ඉවහල් වන බව ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වලාකුළු මත 'බීජ වැපිරීමට' චීනය නිතර මෙවැනි කාලතුවක්කු භාවිතා කරයි මෙය අහඹු ලෙස උදා වූ කාලගුණික තත්ත්වයක් නොවේ. කාලගුණය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නට චීන පරිපාලනය පටන් ගත්තේ අද ඊයෙක නොවේ. වසර ගණනක් තිස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබුණි. පසුගිය දෙසැම්බරයේ දී මෙහි තවත් පියවරක් ඉදිරියට තබන ලදී. කාලගුණය වෙනස් කිරීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් එය රට පුරා ක්‍රියාත්මක කෙරෙන බව චීන ආණ්ඩුව නිවේදනය කළේය. 2025 වන විට චීන භුමියේ වර්ග කිලෝ මීටර මිලියන 5.5ක වපසරියක් ආවරණය වන පරිදි කෘත්‍රිම වර්ෂාව සහ කෘත්‍රිම හිම පතනය ඇති කිරීම සඳහා මෙම වැඩසටහන පුළුල් කිරීම චීන පරිපාලනයේ ඉලක්කයයි. මෙම භූමි භාගය සමස්ත චීන භූමියෙන් 60%කට ආසන්නය. නමුත් මෙම වැඩසටහන අසල්වැසි රාජ්‍යයන්ගේ බරපතළ සැලකිල්ලට භාජනය වී තිබේ. ස්වභාවධර්මයට අත පොවන මෙම තාක්ෂණය නිසා අසල්වාසී රටවලට ඉන් ඇතිවන බලපෑම කෙසේ විය හැකිදැයි ඔවුහු ප්‍රශ්න කරති. කලක පටන් චීනය සමඟ මතභේද පවතින ඉන්දියාව ඉන් එක් රටකි. චීනය කාලගුණය වෙනස් කරන්නේ කෙසේද? මෙම ක්‍රමවේදය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ 'ක්ලවුඩ් සීඩිං' (cloud seeding) ලෙසිනි. 'වලාකුළු බීජායනය' නැතහොත් වලාකුළු මත බීජ වැපිරීම වැනි අරුතක් එහි ගැබ් වේ. මෙය අනෙකුත් රටවලට රහසක් නොවේ. ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය පිළිබඳව මනා දැනුමක් සහිතය. මෙහිදී කෙරෙන්නේ 'සිල්වර් අයඩයිඩ්' වැනි රසායන ද්‍රව්‍යයක් වලාකුළු පුරා විසිරීමයි. එමගින් වර්ෂාපතනයක් ඇතිකරවිය හැකිය. මෙය කාලගුණය යම් ප්‍රමාණයකින් වෙනසකට භාජනය කළ හැකි තාක්ෂණික ශිල්ප ක්‍රමයකි. වලා අතර 'බීජ වැපිරීම' නොහොත් Cloud seeding ක්‍රමවේදයට දිගු ඉතිහාසයක් තිබේ "බොහෝ රටවල් මේ තාක්ෂණය භාවිත කරනවා. චීනය දීර්ඝ කාලයක් තිස්සේ මේ ක්‍රමය යොදා ගන්නවා. ඉන්දියාවත් එය පාවිච්චි කරලා තියෙනවා." ඉන්දියාවේ කර්ණාටකයේ, මනිපාල් උසස් අධ්‍යාපන ආයතනයේ, කාලගුණ විශේෂඥ, ධනශ්‍රි ජයරාම් බීබීසියට ප්‍රකාශ කළේය. "දැඩි නියං ප්‍රශ්න පවතින ඊසාන දිග අප්‍රිකානු කලාපයේ රටවල් වගේම ඕස්ට්‍රේලියාවෙත් මෙම ක්‍රමවේදය භාවිත කරලා තියෙනවා." කෙසේ නමුත්, ඉහත කී රටවල් මේ ආකාරයට කාලගුණයට මැදිහත් වී ඇත්තේ ඉතා අඩු මට්ටමකිනි. ඒ අනුව බලන කළ චීනයේ මැදිහත්වීම බොහෝ සෙයින් වැඩි බව ජයරාම් පවසයි. වලා අතර 'බීජ වැපිරීම' හෙවත් Cloud seeding ක්‍රමවේදයට දිගු ඉතිහාසයක් තිබේ. එය ආරම්භ වූයේ එකදහස් නවසිය හතළිස් ගණන්වලදී ය. එවක මෙය ප්‍රධාන වශයෙන් භාවිත කළේ ඇමරිකා එක්සත් ජනපදයයි. නමුත් මෙහි ප්‍රතිඵල පිළිබඳව තවමත් විශාල සැකයක් පවතී. "මේකෙන් ඇතිවන බලපෑම පිළිබඳව විද්‍යාත්මක ලිපි ලියැවිලා තියෙන්නේ කීපයක් පමණයි." බීජිං නුවර Normal විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ජෝන් සී මුවර්, බීබීසීයට ප්‍රකාශ කළේය. "ක්ලවුඩ් සීඩිං කියන ක්‍රමය සංවර්ධනය කරලා තියෙන්නේ කිසිදු ආකාරයක විද්‍යාත්මක වලංගුභාවයකින් තොරව." "තම ගොවිතැන් ආරක්ෂා කර ගැනීම සඳහා චීනයේ ප්‍රදේශ 50,000ක පමණ මෙම ක්ලවුඩ් සීඩිං ක්‍රමය නිතිපතා ක්‍රියාත්මක වේ" ඔහු පවසන පරිදි, 'වලාකුළු මත බීජ වැපිරීම' මගින් කාලගුණය වෙනස් කිරීම චීනයේ සිදු වන්නේ "ක්‍රියාකාරී මෙහෙයුමක්" ලෙසිනි. "ඒක පර්යේෂණාත්මක ක්‍රියාකාරකමක් නොවෙයි. කිසිදු විද්‍යාත්මක පදනමකින් සිදුවන්නක් නොවෙයි. සාමාන්‍යයෙන් එය ප්‍රජා මට්ටමින් ප්‍රාදේශීයව සිදුවන දෙයක්." ආචාර්ය ජෝන් සී මුවර් පැවසීය. බීජිං අගනුවර විශාල උත්සව පැවැත්වෙද්දී මෙය ක්‍රියාත්මක වනු දැකිය හැකිය. වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරය වැනි විශේෂ අවස්ථාවන්හි දී පවා මෙම කාලගුණය වෙනස් කිරීම සිදුවේ. ආචාර්ය ජෝන් සී මුවර් පවසන පරිදි, තම ගොවිතැන් ආරක්ෂා කර ගැනීම සඳහා චීනයේ ප්‍රදේශ 50,000ක පමණ මෙම 'ක්ලවුඩ් සීඩිං' ක්‍රමය නිතිපතා ක්‍රියාත්මක වේ. "සාමාන්‍යයෙන් ඝන හිම කැට පතනය වීමෙන් වගා හානි සිදුවීම වලක්වා ගන්නත් මේ ක්‍රමය භාවිත කරනවා. එයින් කෙරෙන්නේ වලාකුළු අනතුරුදායක තත්ත්වයට පත් වීමට කලින් එහි ඇති වර්ෂා ජලය ඉවත් කිරීමයි." ඔහු පැවසීය. නමුත් මෙම විද්‍යාඥයා පවසන්නේ, ක්ලවුඩ් සීඩිං ක්‍රමවේදය චීනයේ ඵලදායී වී ඇත්තේ "වසරකට මාසයක් හෝ දෙකක්" පමණක් බවය. වලාකුළු මත 'බීජ වැපිරීම' නිසා 2011 දී බීජිං නුවරට හිමපතනය සිදු වූ බව චීනය පවසයි එක්සත් ජනපදය මේ පිළිබඳව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල සහිත ලිපියක් 2020 පෙබරවාරි මාසයේ, New Scientist සඟරාවේ පළ විය. 'ක්ලවුඩ් සීඩිං' ක්‍රමවේදය පිළිබඳව මෙම පර්යේෂණය සිදු කොට ඇත්තේ කඳු වටා ඇතිවන වලාකුළු ආශ්‍රිතව ය. මෙම වලාකුළු බිහිවන්නේ, හමන සුළඟ කන්දේ හැපී ඉහළට තල්ලු වීමෙනි. මෙම ක්‍රමවේදය මගින් වර්ෂාපතනයක් ඇති කරවිය හැකි නමුත් එය සිදුවන්නේ 10%කටත් වඩා අඩු මට්ටමකින් බව මෙහිදී පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ. වැස්ස අයිති කාටද? චීනයේ කාලගුණය වෙනස් කිරීම පුළුල් වශයෙන් දියත්වන බව නිවේදනය කෙරුණේ පසුගිය දෙසැම්බර් 02 වැනිදාය. එම නිවේදනයේ දැක්වෙන්නේ, ස්වභාවික ආපදා තත්ත්වයක දී, කෘෂි නිෂ්පාදනයේ දී සහ ලැව්ගිනි ඇතිවීමේදී මෙන්ම අසාමාන්‍ය පරිදි උෂ්ණත්වය ඉහළ යාමකදී හෝ නියඟයක දී මෙම වැඩසටහන උපකාරී වන බවය. ඒ හැරෙන්නට වැඩි විස්තරයක් එම නිවේදනයේ සඳහන් නොවේ. "මේ නිවේදනයේ නිකුත් කරලා තියෙන්නේ 'සංවර්ධනය වෙනුවෙන් අදහසක්' යන මාතෘකාව යටතේ. මෙයින් ගම්‍ය වෙන්නේ මහ ආණ්ඩුව විසින් මෙම වැඩසටහනට අදාළ ආකෘතිය සම්පාදනය කරලා පළාත් පාලන ආයතනවලට ලබාදීමෙන් පසුව එය ක්‍රියාත්මක වනු ඇති බවයි. විවිධ අමාත්‍යංශ සහ ප්‍රාදේශීය පාලනයන් මගින් ස්ථාවර ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. ඉන්පසුවයි සාමාන්‍යයෙන් ප්‍රතිපාදන නිකුත් කෙරෙන්නේ." බීජිං නුවර සිටින බීබීසී මාධ්‍යවේදී යිට්සිං වැං පැහැදිලි කළේය. මෙම නිවේදනය නිකුත් වූ සැනින් උතුරු චීනයේ ගැන්සු ප්‍රාන්තය "විශාල බලාපොරොත්තු සහිත ඉලක්කයන්" ඇතුළත් නිවේදනයක් නිකුත් කර ඇති ආකාරය ඔහු උපුටා දැක්වූයේය. ඒ සඳහා දැවැන්ත ඩ්‍රෝන යානා ද යොදා ගැනීමට සැලසුම් කර හමාරය. (වලාකුළු බලා යන සමාරම්භක ගුවන් ගමන නිවේදනය කරමින් Xinhua පුවත් සේවය නිකුත් කළ ට්විටර් පණිවිඩය.) 'වලාකුළු මත බීජ වැපිරීම' රට පුරා පුළුල් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන බවට පළමු නිවේදනය නිකුත් වී මාසයක් ගෙවෙන්නට මත්තෙන් ඒ සඳහා සිදු කෙරෙන සමාරම්භක ගුවන් ගමන Xinhua පුවත් සේවය විසින් පළ කරනු ලැබ තිබුණේ මෙලෙසිනි. මේ සඳහා යොදාගත් ඩ්‍රෝන යානය Ganlin-1 ලෙසින් නම්කර තිබුණි. චීන බසින් ඉන් අදහස් කෙරෙන්නේ "රසවත් වර්ෂාව" යන්නයි. මෙම වැඩසටහන සඳහා චීනය විසින් සිදුකරනු ලබන දැවැන්ත ආයෝජනය නතර කිරීමට, ක්ලවුඩ් සීඩිං ක්‍රමවේදය පිළිබඳව පවතින සැක සංකාවලට හැකියාවක් නොලැබුණි. අසල්වාසී රටවල් සමඟ භූ දේශපාලනික මතභේද වර්ධනය වෙමින් පවතින මොහොතක මේ පිළිබඳව ද බරපතල සැලකිල්ල යොමු වීම චීනයට බාධාවක් නොවීය. "මේ ක්‍රමවේදය පිළිබඳව පවතින එක සැකයක් තමයි ඉන්දියාවේ ගිම්හාන වර්ෂාපතනයට ඉන් බලපෑමක් වේවිද කියන කාරණය. එම වර්ෂාපතනය ඉන්දියාවට පමණක් නොවෙයි, මුළු කලාපයටම බලපාන දෙයක්. ඒත් මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනයන් සිදු කරලා නැහැ." කාලගුණ විශේෂඥ, ධනශ්‍රි ජයරාම් පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ, ඉන්දියාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා යහපත් මට්ටමකින් පැවතුණු අවධියක නම් චීනය විසින් සිදුකරනු ලබන මෙවැනි නිවේදනයක් ඉන්දියාවට ඇස නොගැසෙන්නට ඉඩ තිබුණු බවය. නමුත්, ඉන්දු - චීන දේශ සීමාව මත දෙරටේ හමුදා සොල්දාදුවන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවෙන් අනතුරුව ඉන්දියාව තුළ චීන විරෝධී ජන මතයක් ගොඩනැගී ඇත. වැස්ස "හොරකම් කිරීම" කාලගුණය වෙනස් කිරීම පිළිබඳව අසල්වාසී රටවල් සමඟ සම්බන්ධීකරණයක් නොතිබීම හේතුවෙන් "වර්ෂාව සොරා ගැනීමක්" පිළිබඳව ඉදිරියේ දී චෝදනා එල්ල වන්නට ඉඩ ඇති බව 2017 දී තායිවාන ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පළ කළ වර්තාවක සඳහන් වෙයි.ආචාර්ය මුවර් පවසන්නේ, ආසියානු මෝසම් වර්ෂා පිළිබඳ තත්ත්වය ඉතා සියුම් වුවද, කාලගුණය වෙනස් කිරීම මගින් ඊට ඇතිවන බලපෑම සනාථ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විද්‍යාත්මක සාධක තවමත් නොපවතින බවය. අනාගතයේ දී චීනය නවීන තාක්ෂණය යොදා ගනිමින් අවට රටවල් සමඟ එකඟතාවකින් තොරව හිරු එළිය පවා පාලනය කරන්නට පටන් ගතහොත්...? "මෝසම් වර්ෂාව තීරණය කෙරෙන එක් සාධකයක් තමයි ටිබෙට් සානුව සහ ඉන්දීය සාගරය අතර පවතින උෂ්ණත්වයේ වෙනස." ආචාර්ය මුවර් පැහැදිලි කළේය. "ඉතින්, සමහරු දැන් සැලසුම් කරන ආකාරයට, ටිබෙට් සානුවේ උෂ්ණත්වයේ සැලකියයුතු වෙනසක් ඇති කළහොත් එයින් අතිශය බරපතල ලෙස බලපෑමක් සිදු වෙන්න පුළුවන්." ඔහු ප්‍රකාශ කළේය. 'මකබාස්ලා' ආචාර්ය මුවර් සඳහන් කරන්නේ, ප්‍රාදේශීය මට්ටමින් සිටින චීන ඉංජිනේරුවන් ටිබෙට් සානුව අවට මහා පරිමාණයෙන් දියත් කිරීමට යන 'ක්ලවුඩ් සීඩිං' ව්‍යාපෘතිය පිළිබඳවය. මෙය මුළු මහත් ටිබෙට් සානුව පුරාම දියත් කෙරෙන නමුත් ඊට ජාතික මට්ටමේ දායකත්වයක් හෝ විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකර නොමැති බව ද ඔහු පැවසීය. "මේක හරියට 'මකබාස්ලා' කීප දෙනෙක් එකතුවෙලා අභ්‍යවකාශ යානයක් තනනවා වගේ වැඩක්. මාත් එක්ක වැඩ කරන බොහෝ චීන විද්‍යාඥයන් පවා මේ පිළිබඳව හොඳටම බියට පත්වෙලා ඉන්නේ." නමුත් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පිහිටි මනිපාල් උසස් අධ්‍යාපන ආයතනයේ, කාලගුණ විශේෂඥ, ධනශ්‍රි ජයරාම්ගේ අදහස නම්, 'වලාකුළු මත බීජ වැපිරීමට' වඩා එහා ගිය කාරණයක් දෙසට මුළු කලාපයේම බරපතළ සැලකිල්ල යොමු වී ඇති බවයි. අනාගතයේ දී චීනය නවීන තාක්ෂණය යොදා ගනිමින් අවට රටවල් සමඟ එකඟතාවකින් තොරව හිරු එළිය පවා කළමනාකරණය කරන්නට හෝ පාලනය කරන්නට පටන් ගතහොත් කුමන තත්ත්වයක් උදා වේදැයි කලාපය සිතන්නට පෙළඹී ඇති බව ඔහුගේ අදහසයි. විශේෂයෙන් මේ වන විට ඉන්දියාව සමඟ පවතින ආකාරයට අසල්වැසි රටවල් සමඟ මතභේද උත්සන්න වූ මොහොතක චීනය එම ක්‍රමවේදයන් කොයි ආකාරයෙන් දියත් කරාවිදැයි ඔහු ප්‍රශ්න කරයි. ඉන්දු - චීන දේශ සීමාව මත දෙරටේ හමුදා සොල්දාදුවන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවෙන් අනතුරුව ඉන්දියාව තුළ චීන විරෝධී ජන මතයක් ගොඩනැගී ඇත "මම හිතන්නේ නැහැ මෙතන තියෙන්නේ තාක්ෂණය පිළිබඳ අවදානමක් කියල. ඒක ප්‍රයෝජනවත් දෙයක් වෙන්න පුළුවන්. හැම රටකටම තියෙනවා තමන්ගේ කලාපය ගැන ස්වෛරීභාවයක්. නමුත් ප්‍රශ්නයක් වෙන්නේ මේවා ඒකපාර්ශවික තීරණ මත කරන්න ගත්තමයි. උදාහරණයක් හැටියට හිතල බලන්න මේ තාක්ෂණයෙන් යම්කිසි වැරද්දක් වුණොත් කවුද ඒ හානියට වන්දි ගෙවන්නේ?" ජයරාම් පවසන්නේ, ඉදිරියේදී ඇතිවිය හැකි විරසක මගහැරීමට නම්, මෙවැනි කටයුතු නියාමනය කිරීම සඳහා ගෝලීය රාමුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව පවතින බවකි. ආචාර්ය මුවර් ද ඊට එකඟය. කෙසේ නමුත් චීනයේ භූ ඉංජිනේරු ශිල්පයට නායකත්වය දෙන ආචාර්ය මුවර් අයැද සිටින්නේ සන්සුන් වන ලෙසයි: "චීනය යහපත් උදවියගෙන් කෙනෙකු වශයෙන් දිගටම පැවතීමට ඉතාම කැමතියි." බීජිං නුවර Normal විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ජෝන් සී මුවර් සැකහැර පවසයි.
බීජිං, ලොව වඩාත් ම දූෂිත පරිසරයක් සහිත නගරවලින් එකකි. නමුත්, වලාකුළුවලින් තොර පැහැදිලි ආකාශයක් හරහා හොඳින් හිරු රශ්මිය පොළොවට පතිතවන දිනයක් වේනම් ඒ චීනයේ අගනුවර දේශපාලන රැස්වීමක් පැවැත්වෙන දිනයකි; නැතහොත් ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන උත්සවයක් පැවැත්වෙන දිනයකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නීතිඥයන් විසින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේ කැපුම් තුවාල වලින් එම පුද්ගලයා මිය ගිය බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා සිය වාර්තාවේ දක්වා ඇතත් ඔහු වෙඩි ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවට ලක්ෂණ ඇති බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පැවසුවේ මළ සිරුර ගොඩ ගන්නා ලෙසට අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය පශ්චාත් මරණ පරීක්ෂණය නිරීක්ෂණය කළ බව පැවසූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය, අධිකරණ වෛද්‍යවරයා විසින් මිය පුද්ගලයකු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව එම පුද්ගලයාගේ පාර්ශවය විසින් මතභේදයට ලක් කොට ඇති බවයි කියා සිටියේ.
අලුත්ගම ගැටුම්වලින් මියගිය පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මතභේදයට ලක් කොට ඇති නිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එවැනි පියවරක් ගෙන තිබෙන්නේ , මොන්ගෝලියාව එය තමන්ට භාර දියයුතු යයි කියා සිටීමත් සමඟයි. Tyrannosaurus Bataar යනුවෙන් නම් කරනු ලැබ ඇති පාද දෙකක් සහිත, මීටර් හතක් පමණ දිග, මෙම ඩයනසෝරයන් මෙයින් අවුරුදු කෝටි හතකට පමණ පෙර ගෝබි කාන්තාරය පුරා සැරිසරන්නට ඇතැයි සැලකෙනවා. මොන්ගෝලියානු ඩයනසෝර් ඇටසැකිල්ල එක්සත් ජනපදයේදී ඩොලර් දශ ලක්ෂයකටත් අධික මිළකට වෙන්දේසි කරණ ලදී ඊට එරෙහිව නෛතික පියවර ගනිමින් මොන්ගෝලියානු ආණ්ඩුව කියා සිටියේ,එය තම රටේ සම්පතක් කොල්ල කෑමක් වූ බවයි. තම භූමියේ ඇති පොසීල, ජාතික සම්පත් ගණයට වැටෙන බව කියා සිටින මොන්ගෝලියාව විසින් ඒවා අපනයනය තහනම් කරනු ලැබිණ.
මොන්ගෝලියාවෙන් ගොඩ ගනු ලැබ, ඇමෙරිකා එක්සත් ජනපදයේදී පසුගිය මාසයේ වෙන්දේසි කෙරුන, ඩයනසෝර් ඇටසැකිල්ලක් යළි බලධාරීන්ගේ භාරයට ගනු ලැබුණා.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින්, නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ග්‍රේම් ස්මිත් සමග සංගක්කාර එම තරගාවලියේදී පළමුවරට විස්තර විචාරයට එක්වන බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. Champions Trophy සිය සිත්ගත් විශේෂ තරගාවලියක් බව පවසන කුමාර් සංගක්කාර, එහිදී ලැබූ ජයග්‍රහණ තමන්ට ගෞරවයක් බවත් සඳහන් කරයි. "දැන් විස්තර විචාරකයෙක් ලෙසත් ඒ තරගාවලියේ කොටස්කරුවෙක් වීමට මම මග බලා ඉන්නවා," යනුවෙන්ද ඔහු පැවසීය. ඕනෑම කණ්ඩායමකට ජයග්‍රහණය ලැබීමේ අවස්තාව තිබෙන බැවින් සති තුනක් මුළුල්ලේ පැවැත්වෙන එය ක්‍රීඩාලෝලීන් ප්‍රමෝදයට පත්කරන තරගාවලියක් වනු ඇති බවටත් කුමාර් සංගක්කාර බලාපොරොත්තු පළ කරයි. චැම්පියන්ස් ශූරතා තරගාවලියේ සන්නාම තානාපතිවරයකු ලෙසද කුමාර් සංගක්කාර නම්කරනු ලැබ තිබේ. සත්කාරක එංගලන්තය බංග්ලාදේශයට එරෙහිව තරග වදිමින් එම තරගාවලිය ජුනි 01 වෙනි දින ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතය.
ලබන ජුනි මාසයේ බ්‍රිතාන්‍යයේ ආරම්භවන චැම්පියන්ස් ශූරතා තරගාවලියේදී (Champions Trophy) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පළමුවරට ක්‍රිකට් විස්තර විචාරයට එක්වීමට නියමිතය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතික පක්ෂ සම්මේලනය මෙම නව ව්‍යවස්ථාව තුලින් ඒකීය රටක් තුළ බලය බෙදීමට කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ බලතල ආරක්ෂා කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන බවත් අගමැතිවරයා පැවසීය. එක්සත් පෙරමුණක් එක්සත් ජාතික පක්ෂය තනිවම මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සිතා ගෙන සිටියත් රාජපක්ෂ රෙජීමය යළිත් හිස එසවීමට තැත් කළ හෙයින් සෙසු පක්ෂ එකතු කර ගනිමින් එක්සත් පෙරමුණක් පිහිටුවා ගැනීමට අදහස් කළ බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. සෙසු පක්ෂ හා පෙරමුණක් ලෙසින් තරඟ කළත් පාර්ලිමේන්තුවේ දී වෙනමම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ හැකියාව තමන් හා එක් වෙන සෙසු පක්ෂ වලට ඇති බව රනිල් වික්‍රමසිංහ කියා සිටියේය. මේ මැතිවරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනුවට පංච මහා සැලැස්මක් ඉදිරිපත් කෙරෙන අතර ඒ යටතේ ආර්ථික ප්‍රදේශ හතළිස් අටක් පිහිටුවන බව අගමැතිවරයා කියා සිටියේය.
ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව සෙසු පක්ෂද සහභාගී කරගෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මමත කර ගැනීමට කටයුතු කරන බව කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ මහ සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජර්මනියේ පුවත්පතක් වෙත ලැබුණු ඉහත කී ලිපිගොණු ලොව පුරා පුවත් සිරස්තල මවන්නට හේතු විය. 01. බදු රැකවරණ ලබා දෙන 'ක්ෂේම භූමියක්' මොසැක් ෆොන්සේකා සමාගම පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය තම රටවල ආදායම් බදු සීමාවන්වලට හසු නොවී බදුවලින් රිංගා යෑම සඳහා වෙනත් රටවල සමාගම් ලියාපදිංචි කරන ධනවතුන්, දූෂිතයන් සහ අපරාධකරුවන් විසින් තම මුදල් එම සමාගම්වල යොදවනු ලැබේ. එවැනි සමාගම් හා සම්බන්ධ සාක්ෂි ලෝකයාගෙන් වසන් කිරීමට ඉහත කී පිරිස් බොහෝ විට සමත් වෙති. එසේ ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට හා නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට මොසැක් ෆොන්සේකා නීතිඥ සමාගම සිය සේවාදායකයන්ට පහසුකම් සලසා දී ඇති බවයි පසුගියදා එළිදැක්වුණු ලිපිගොණු මගින් පෙනෙන්නට තිබෙන්නේ. 02. මිතුරු සමාගම් රුසියානු ජනාධිපති පූතින් සහ ඔහුගේ සමීපතමයකු වන සෙර්ගෙයි සොර්දුගින් බදු රැකවරණ ලබා දෙන ක්ෂේම භූමි වෙත ගලා ආ මුදල් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතීන්ට අයත් බවක් නොපෙනේ. නමුත් ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සම්භාරයක් රුසියානු ජනපතිවරයාගේ මිතුරන්ට අයත් බවයි පෙනෙන්නට ඇත්තේ. ක්‍රෙම්ලිනය විසින් පැනමා ලිපිගොණු හා සම්බන්ධ හෙළිදරව් විග්‍රහ කරනු ලබන්නේ රුසියාවේ නාමයට හානි කිරීම සහ පූතින් භීතිය ඇති කිරීමේ සංඥාවක් ලෙසයි. තම මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා සිය විශ්වසනීය මිතුරන් යොදා ගෙන ඇතැයි පෙනෙන්නට තිබෙන බව ඇතැමෙකුගේ අදහසයි. 03. අයිස්ලන්තය දැඩි ජනතා විරෝධය හමුවේ අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන්ට සිය ධුරයට සමු දීමට සිදු විය සිය ස්කැන්ඩිනේවියානු ඥාති සහෝදරයන් මෙන් යහපත්, අවංක, ශිෂ්ට සම්පන්න සහ විශ්වසනීය රටක් බවයි අයිස්ලන්තය පිළිබඳව මෙතෙක් පැවති උපකල්පනය වූයේ. පැනමා ලිපිගොණු එළිදැක්වීමත් සමග ඩොලර් මිලියන ගණනක වත්කම් සඟවා තබා ගැනීම පිළිබඳ අයිස්ලන්ත අගමැතිවරයාට එරෙහිව චෝදනා එල්ල විය. ඒ සමග දහස් ගණනක් ජනතාව වීදි බැස අගමැතිවරයාට එරෙහිව විරෝධතා පැවැත්වූහ. දැඩි ජනතා විරෝධය හමුවේ අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන්ට සිය ධුරයට සමු දීමට සිදු විය. 04. බ්‍රිතාන්‍ය අගමැති සහ බොලිවුඩ් රජු අවංකභාවය පිළිබඳ විවේචන එල්ල වීමත් සමග සිය වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේය පැනමා ලිපිගොණුවලින් හෙළි වූ කරුණු පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් කරුණු පැහැදිලි කර තිබේ. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නැසී ගිය පියා ඉයන් කැමරන්, මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනුකරුවකු බව පැනමා ලේඛනවලින් හෙළි විය. තම පියා ජීවත්ව සිටිය දී ආරම්භ කරන ලද විදේශ සමාගම් වල කොටස් සඳහා තමා ද හිමිකම් කියන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් පිළිගෙන තිබේ. මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවංකභාවය පිළිබඳ විවේචන එල්ල වීමත් සමග සිය වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමට ඔහු කටයුතු කළේය. වත්කම් සැඟවීමට සහ ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් ලියාපදිංචි කරන ලද සමාගම් සහ තමා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි අමිතාබ් බච්චන් කියා සිටියේ. අමිතාබ් බච්චන් සහ ඔහුගේ ලේලිය වන බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියානුවන් 500 දෙනකුගේ නම් පැනමා ලිපිගොනුවල ඇතුළත් වන බවයි 'ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්' පුවත්පත වාර්තා කොටතිබුණේ. 05. පෙරදිග සහ මැදපෙරදිග චීන ජනපති ෂී ජින්පින්ගේ පවුලේ සාමාජිකයන්ගේ නම් පැනමා ලිපිගොණු තුළ ඇතුළත් වේ පැනමා ලිපිගොණු හා සම්බන්ධ ඇතැම් පුවත් අන්තර්ජාලය තුළ සෙවීම චීන වැසියන්ට අපහසු කාර්යයක් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ආදායම් බදුවලින් රිංගා යෑමේ අරමුණින් වෙනත් රටවල ලියාපදිංචි කරනු ලැබූ සමාගම් හා සබඳතා පැවති බව දැක්වෙන බලයේ සිටින සහ පෙර බලයේ සිටි චීන නායකයන් හත් දෙනෙකුගේ ඥාතීන් වෙත චෝදනා එල්ල කරමින් පළ වූ ලිපි ඒ අතුරින් විශේෂයි. චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහ එරට පාලක මණ්ඩලයේ ප්‍රමුඛ පෙළ සාමාජිකයන් දෙදෙනෙකුගේ නම් පැනමා ලිපිගොණු තුළ ඇතුළත් වේ. ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් සම්බාධක පනවනු ලැබ තිබියදීත් සිරියාවේ පාලනය හා සම්බන්ධ ප්‍රමුඛ පෙළ සාමාජිකයකු වන රාමි මක්ලොවුෆ්ට සිය සමාගම්වල වෙළඳ කටයුතු කර ගෙන යෑමට අවස්ථාව සලසා දී ඇති බව පැනමා ලිපිගොණුවලින් හෙළි විය. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය එම සංගම් පිළිබඳව දැනුවත්ව නොසිටි බවත් ලිපිගොණු මගින් පෙනෙන්නට තිබේ.
ලොව ක්‍රියාත්මක වන රහසිගත සමාගම් අතුරින් එකක් වන පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු ලිපිගොණු මිලියන 11.5 ක අඩංගු රහසිගත තොරතුරු පසුගිය සතියේ එළිදැක්විණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ ආණ්ඩුව පමණක් නොව ශ්‍රී ලංකාව බව එජාපය පවසයි සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ ආණ්ඩුව පමණක් නොව ශ්‍රී ලංකාව බව පවසන එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ විපක්ෂය සහ සිවිල් සංවිධාන සමඟද සාකච්ඡා කිරීම පොදු රාජ්‍ය මණ්ඩලයේ වගකීමක් බවයි. සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව තම පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් නැති බව අවධාරණය කරන ඔහු, කෙසේ නමුත් සමුළුවට මුවාවී සුඛෝපභෝගී වාහන ගෙන්වීම ඇතුළු ජාතික ධනය වියදම් කරමින් නාස්තිය "බරපතල ප්‍රශ්නයක්" බවද පවසයි. පළාත් සභා ඡන්දයට 'බයයි' මේ අතර සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා ඡන්දයට "බියෙන්" එය කල් දමා ගැනීම පිණිස ආණ්ඩුව විමල් වීරවංශ වැනි ඇමතිවරුන් යොදාගෙන "බළලුන් ලවා කොස් අට බාවමින්" සිටින බවද තිස්ස අත්තනායක කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. උතුරු පළාත් සභා මැතිවරණය රට බෙදීමේ උත්සාහය පියවර ලෙසින් හඳුන්වාදෙන වීරවංශ අමාත්‍යවරයා එම ඡන්දය පැවැත්වීමට පෙර පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කළ යුතු බව පවසයි. එහෙත් පාලක සන්ධානයේ හවුල්කාර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය එම ඉලීමට දැනටමත් විරෝධය පළ කොට තිබේ.
ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ආණ්ඩුව සමඟ පමණක් සාකච්ඡා කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය (එජාප) පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා විවේචනයට ලක් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉරාකයේ බටහිර දිග පිහිටි 'කයිම්' නගරයේ දී රියදුරන්ගේ හිසට වෙඩි තබා මරා දමන ආකාරය දැක ගැනීමට ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට සහ නගර වැසියන්ට බල කොට තිබේ. සිය පාලනයෙන් පැන යාමට උත්සහ කරන පුද්ගලයන්ට ඒ හා සමාන ඉරණමකට මුහුණ දීමට සිදු වනු ඇති බවටත් කැරලිකරුවන් අනතුරු හඟවා ඇත. උතුරු දිග ඉරාකයේ අයිඑස් පාලනයේ පවතින ගම්මානවල සිට කුර්දි පාලන ප්‍රදේශ වෙත පළා ගිය වැසියන්ට ඉස්ලාමීය රාජ්‍ය තුවක්කු කරුවන් වෙඩි තබා ඇති බව කුර්දි හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. එහිදී ගම්වැසියන් දෙදෙනකු මරුමුවට පත් වී ඇති අතර තවත් සිය දෙනකු පමණ අයිඑස් භාරයට පත් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ පවතින ප්‍රදේශවලින් පිටතට සාමාන්‍ය වැසියන් ජාවාරම් කළ බවට චෝදනා කරමින් කුලී රථ රියදුරන් පස් දෙනකුට මරණ දණ්ඩනය ලබා දීමට අයිඑස් කැරලිකරුවන් කටයුතු කොට ඇති බව ඉරාකයෙන් වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙල්බෝර්න් නගරය ඕස්ට්‍රේලියාවේ බොහෝ අංශ සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් මේ ප්‍රතිඵල මගින් ගම්‍ය වන අතර, ඕස්ට්‍රේලියාවේ ජනගහනය යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් සමන්විත බව එම සංගණනය මගින් අනාවරණය වූ එක් ප්‍රධාන කරුණකි. සංක්‍රමණිකයන් ගෙන් සැදුම්ලත් නූතන ඕස්ට්‍රේලියාවේ ජනගහණයෙන් 49% ක්ම විදේශයන්හි උපත ලැබූවන් හෝ විදේශයන්හි උපත ලැබූ එක් දෙමාපියකුගේවත් දරුවෙකි. 1979 දක්වා බලපැවැත්වුනු "සුදු ඕස්ට්‍රේලියාව" ප්‍රතිපත්තිය ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් බහුතරය යුරෝපා වැසියන් වුවත් අලුත්ම සංගණනය අනුව වර්තමානයේ එහි වෙසෙන සංක්‍රමණිකයන් අතරින් බහුතරය යුරෝපීයයන් නොවේ. විදේශයන්හි උපත ලැබූ ඕස්ට්‍රේලියානුවන් ගෙන් 40% ක් ආසියාවේ උපත් ලැබූවන් බව සංගණනයෙන් හෙළි විය. 2001 දී විදේශයන්හි උපත ලැබූවන් අතරින් ආසියානුවන් සිටියේ 24%කි. ඒ අතර යුරෝපයේ උපත ලැබූ ඕස්ට්‍රේලියානුවන් පිරිස 52% සිට 34% දක්වා පහල වැටී තිබේ. ඕස්ට්‍රේලියාවේ වෙනස් වෙන මුහුණුවර රටවල් වෙන් වෙන්ව සලකා බලන විට විදේශයන්හි උපත ලැබූවන් අතරින් වැඩිම පිරිස, එනම් 15% ක් සංක්‍රමණය වී තිබෙන්නේ එංගලන්තයෙනි. චීනයේ සිට 8.3%ක් සහ ඉන්දියාවේ සිට 7.4% ක් මෑත වසරවලදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ. පහත දැක්වෙන්නේ සංගණනයේ තවත් විශේෂ ලක්ෂණ කිහිපයකි: 'ආගමක් නෑ' ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වතාවට වැඩිම පුරවැසියන් පිරිසක් (29.6%)ක් තමන්ට ආගමක් නොමැති බව පවසා තිබේ. එය 2001 සංගණනයට වඩා 16% කින් වැඩිවීමකි. ඉන් අනතුරුව ආගම අනුව සලකා බලන විට වැඩිම පිරිස කතෝලිකයෝය. එය 22.6% කි. එංගලන්ත සභාවේ භක්තිකයන් 13.3% ක්, කිසිවක් සඳහන් නොකළ 9.6% ක්, ඉස්ලාම් භක්තිකයන් 2.6% ක්, බෞද්ධයන් 2.4% ක් සහ හින්දු භක්තිකයන් 1.9% ක් ද එරට වෙසෙන බව සංගණනයෙන් හෙළිවිය. මෙල්බෝර්න් 'විශාලම නගරය වේවි' ජනගහනය සලකා බලන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධම නගරය වන සිඩ්නි නුවරට වඩා ඉතා ඉක්මනින්ම මෙල්බෝර්න් නගරයේ ජනගහනය ඉහල යාමේ හැඩක් දක්නට ලැබේ. මේ වනවිට සිඩ්නි නුවර ලක්ෂ 48 ක ජනකායක් වෙසෙන අතර ලක්ෂ 44 ක් වෙසෙන මෙල්බෝර්න් නුවර ජනගහනය ඉතා ඉක්මනින් වර්ධනයවෙමින් පවතී. සිඩ්නි නුවරට වඩා මෙල්බෝර්න් නුවර නිවාස කුලියට ගැනීම ලාභදායක වීම එයට එක් හේතුවක් විය හැකිය. භාෂා 300 ක් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවයක් ඕස්ට්‍රේලියාවේ නිවාස තුල 300 කට වැඩි විවිධ භාෂා භාවිතවන බව ද සංගණනයෙන් හෙළි වී තිබේ. ඒ අනුව රටවැසියන්ගෙන් විශාල පිරිසක් (22.2% ක්) සිය නිවසේදී ඉංග්‍රීසි භාෂාව කතා නොකරන අතර, රටේ බහුලවම භාවිත වන විදේශීය භාෂාව (2.5% ක්) මැන්ඩරීන්ය. අරාබි භාෂාව රටවැසියන්ගෙන් 1.4% ක් භාවිත කරන අතර, කැන්ටනීස්, වියට්නාම සහ ඉතාලි භාෂා රටවැසියන් අතරින් 1.2% බැගින් සිය නිවෙස් තුළ භාවිත කරති.
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති සංගණනයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පහර කෑ බව පැවසෙන ගැබිනි මව හසිකා ශෂිකාන්ති ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ක්‍රියා කරන ලෙස සවිස්ත්‍රී කාන්තා සංවිධානය පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් සහ පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටියි. ගැබිනි මවකට පහර දී තිබියදීත් වගකිවයුතු ආයතනයක් ලෙස පොලිසිය නිහඩව සිටීම කෙතරම් යුක්ති සහගතද දැයි සවිස්ත්‍රී කාන්තා සංවිධානයේ ජාතික ලේකම් පද්මා පුෂ්පකාන්ති ප්‍රශ්න කරයි. මහජන සාමය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා කැප වූ ආයතනයක නිල දරුවන් රාත්‍රියේ බලහත්කාරයෙන් නිවසකට ඇතුළු වී ගැබිනි මවකට පහර දෙන තත්වයක් යටතේ තමන් පැතූ නිදහස නියමාකාරයෙන් ලබුනේ දැයි යන්න පිළිබඳ සැක පහළ වන බව 'දාබිඳු සමූහිකයේ' චමිලා තුෂාරි චමිලා පවසයි. ගැබිණි මවකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් 'වගකිවයුත්තන් නිහඬයි' කාන්තාවක් සහ දැරියක් වෙසෙන නිවසට රාත්‍රියේ කඩා පැන ප්‍රහාර සිදු කිරීම සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හරහා රජයද එවැනි ප්‍රහාර අනුමත කරන බවට ජාත්‍යන්තරයට පණිවුඩයක් ලබා දෙන බව මාධ්‍යවේදීනි මෙලනි මානෙල් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියාය. එම තත්වය පසුගිය පාලන සමයේ සිදු වූ අතුරුදන් කිරීම්, පහර දීම්, අත්අඩංගුවේ සිටියදී සිය දිවි හානි කර ගැනීම හෝ මිය යෑම වැනි සිදුවීම්වලට සමාන බවත් ඇය පෙන්වා දෙයි. මේ වන විට තම නිවසේ නිදහසේ ජිවත් වීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව පහර කෑමට ලක් වූ බව පැවසෙන ගැබිනි මව හසිකා ශෂිකාන්ති පවසන්නීය. තමා ස්වාමියා සහ දියණිය සමග සහෝදරියකගේ නිවසේ ජිවත් වන බව කියා සිටි ඇය තම ස්වාමියාට අසත්‍ය චෝදනාවක් එල්ල කොට හෝ අත්අඩංගුවට ගන්නා බව කියමින් පොලිසිය තර්ජන කරන බවත් සඳහන් කළාය. 'පොලිසියේ ප්‍රතිචාරය' ඉහත කී චෝදනා පිළිබඳ සාලියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එච්.සි. සි. කුමාරසිංහගෙන් බීබීසී සංදේශය විමසූ අවස්ථාවේ සිය නිලධාරීන් අදාළ නිවසට ගිය කාරණය ප්‍රකාශ කළ නොහැකි බවයි ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ. පහර කෑ බව පැවසෙන ගැබිනි මවගේ සැමියා හමුදාවෙන් පැන ආ පුද්ගලයකු බව කියා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට ඔහු හමුදා අත්අඩංගුවේ පසු වන බව පවසයි. පොලිසියේ රාජකාරියට බාධා සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි සාලියවැව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
සාලියවැව පොලිසියේ නිලධාරීන් යයි පැවසෙන පිරිසක් පලුගස්සේගම ප්‍රදේශයේ පදිංචි ගැබිනි මවකට පහර දුන් බවට එල්ල වන චෝදනා පිළිබඳ මෙතෙක් විධිමත් පරීක්ෂණයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් කාන්තා සංවිධානවල විරෝධය පළ වෙමින් ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිටපු අගමැති එහුද් ඔල්මර්ට් හට එරට උසාවිය විසින් වසර හයක සිර දඬුවමක් නියම කරනු ලැබිණි ඊශ්‍රායල ආණ්ඩුවේ හිටපු ප්‍රධානියෙක් දූෂණ චෝදනා මත සිරගත කෙරෙන පළමු අවස්ථාවයි මෙයයි. ඔල්මර්ට් හිටපු අගමැතිවරයා, ජෙරුසෙලමේ නගරාධිපතිව සිටි සමයේ නිවාස ව්‍යාපෘතියකට සහයෝගය පළ කිරීම සඳහා අල්ලස් ගත් බවටයි වරදකරු වී තිබෙන්නේ. රාජද්‍රෝහී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිටපු අගමැති ඔල්මර්ට් හා අල්ලස් ගැනීමට සම්බන්ධ වූ නිලධාරීන් ඇමතූ විනිසුරුවරයා කියා සිටියේ, ඔවුන්ගේ ක්‍රියාකලාපය රාජද්‍රෝහි ක්‍රියා ලෙසින් සැලකෙන බවයි. ඒරියල් ශරෝන් ගෙන් අනතුරුව දෙදහස් හය වසරේ අගමැතිධුරයට පත් වූ යෙහුද් ඔල්මර්ට් දෙදහස් අට වසරේ දී තනතුරෙන් ඉවත් විය. තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු පවසති .
අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකරු වූ ඊශ්‍රායලයේ හිටපු අගමැති යෙහුද් ඔල්මර්ට් හට අධිකරණය විසින් වසර හයක සිර දඬුවමක් නියම කරනු ලැබිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සාම්පුර් කරා ගිය දේශපාලන නායකයන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහභාගී වූ එම අවස්ථාවේ ජනතාව අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ යුද සමයේ ආරක්ෂක අංශ විසින් පවරා ගනු ලැබුන ඉඩම්වල අයිතිය ඒවායේ උරුමකරුවන්ට පැවරීමට පියවර ගන්නා බවයි. අද (22) සාම්පූර් යුද අනාථ පවුල් තුන්සීයකට පමණ ජනාධිපතිවරයා අතින් ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරුණ අතර එවැනි තවත් පවුල් පන්සීයක් පමණ මුත්තූර් ප්‍රදේශයේ ජීවත් වෙති. ජනාධිපතිවරයා කියා සිටියේ මෙම වර්ෂය අවසන් වීමට පෙර එම සියලුම පවුල් ඔවුන්ගේ මුල් ඉඩම්වල පදිංචි කරන බවයි. ජාත්‍යන්තර ආධාර ජාති ආගම් හෝ වෙනත් භේදයෙන් තොරව සියලුම ජන කණ්ඩායම් වලට සියලු සමාජ ඓතිවාසිකම් උරුම විය යුතු යයි කියා සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම සියලුම ජනතාවන්ට මේ රටේ අයිතියක් ඇති බවයි පෙන්වා දුන්නේ. ජාතීන් අතර සමගිය සහතික කිරීම තම පරමාර්ථය වන බව කියා සිටි ජනාධිපතිවරයා ඒ සඳහා වෙනම අමාත්‍යාංශයක් ආරම්භ කරන බවත් කියා සිටියේය. යලි පදිංචි කරන පවුල් වලට ආධාර සඳහා ප්‍රමාණවත් ජාත්‍යන්තර ආධාර ලැබී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනපතිට සවන් දෙන සාම්පූර් වැසියන් ‘යුරෝපා සංගමය නිවාස දහසක් හැදීමට ආධාර සපයා තිබෙනවා. ඒ වගේම, යුනිසෙෆ් ආයාතනය නිවාස එකසිය හතළිහකට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටිනවා’ ජනාධිපතිවරයා සඳහන් කරයි. පෞද්ගලික අවධානය එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකරණ අංශය මගින් ඩොලර් තුන් දහස් තුන්සීයක ආධාර සැපයෙන බව පවසන ජනාධිපති සිරිසේන ඉන්දියාව නිවාස ආධාර සපයන අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් දශ ලක්ෂයක ආධාර සැපයෙන බවයි කියා සිටියේ. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ උතුරු නැගෙනහිර නැවත පදිංචි කරවීම ගැන තමා පෞද්ගලිකවම සොයා බලන බවයි.
සාම්පූර් ප්‍රදේශයේ අවතැන් වී සිටි පවුල් තුන්සීයක් පමණ යළි පදිංචි කරවනු ලැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඊශ්‍රායලය හමුදාව පවසන පරිදි 2014 න් පසු ගාසා තීරයට එල්ල කළ විශාල ම ප්‍රහාරය මෙය ය ගැටුම් උත්සන්නවද්දී ඊශ්‍රායල අරාබි ජාතිකයින් ගෙන ගිය කෝළාහල ඊට හේතු විය. මෝටර් රථ ගිනි තැබුණු අතර ගාසා තීරයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරයකට ලක්වීමෙන් මෝටර් රථයක වුන් ඊශ්‍රායල අරාබි ජාතික පියෙක් සහ දියණිය මිය ගියහ. ගාසා තීරයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරද්දී පලස්තීන සටන්කරුවන් එල්ල කළ රොකට් ප්‍රහාර ඊශ්‍රායලය භූමිය අභ්‍යන්තරයට ඇදී ගියේය. වසර ගණනකින් පසු ඇවිලුණු දරුණු ප්‍රචණ්ඩත්වය හමුවේ අවම තරමින් පුද්ගලයින් 40ක් මිය ගියහ. ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා හි මහල් සංකීර්ණයක් විනාශ වෙයි "අද (මැයි 12) 2.45 විතර සයිරන් වැදුණා. මම ඉන්න ප්‍රදේශය දෙදරුම් කවමින් ඉහළ අහසේ පිපිරීම් වුණා. මොකක්ද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා." සිය අත්දැකීම බීබීසී සිංහල සේවයට විස්තර කිරීම අරඹමින් එසේ පැවසුවේ ගාසා තීරයෙන් එල්ලවූ රොකට් ප්‍රහාරවලට ලක්වූ ඊශ්‍රායලයේ අෂ්කිලෝන් ප්‍රදේශයට ආසන්න බීර්ෂවා නම් ප්‍රදේශයේ සේවයේ නිරත නලින් ලියනගේ ය. "අපිට කියලා තියෙන්නේ, හදිසියකදී සේෆ්ටි රූම් එකට යන්න කියලා...මට එන්න කියලා ගෙදර ඔක්කොම එතනට දිව්වා. මම බලාගන්නේ පැරලයිස් වුණ ලෙඩෙක් එයාව ඔසවන්නේ මැෂින් එකකින්. ඒත් මට ඒක කරන්න වෙලාවක් නැති වුණා. මට ම හිතාගන්න බැහැ එයාව අරගෙන රෝද පුටුවට ගත්තේ කොහොමද කියලා. ඒ අරගෙනයි සේෆ්ටි රූම් එකට ගියේ. " "ගෙවල්වල කට්ටිය අපිට කියලා තියෙන්නේ, හදිසියකදී ලෙඩාව ගන්න බැරිනම් ඒ ගැන හිතන්න එපා කියලා. ඒත් කොහොමද ඒක කරන්නේ... මම බලාගන්න කෙනා, මනුස්සයෝ නේ..." නලින්ගෙන් වචන පිට වූයේ හැගුම්බර ස්වරයකිනි. ලන්ඩන් වේලාවෙන් බදාදා දහවල් 1.14 ට පමණ ගත් දෙවෙනි ඇමතුමට ඔහුට පිළිවදන් දිය හැකි වුයේ විනාඩියක පමණ කාලයකි. "අම්මෝ... ඔන්න ආයේ ගහනවා... පස්සේ කතා කරන්නම්." යැයි කලබලේ පැවසූ නලින් දුරකථනය විසන්ධි කළේය. විනාඩි 15 කට පමණ පසු ඇමතුමක් දුන් ඔහු තත්ත්වය පහව ගිය බව දන්වා සිටියේය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු අඟහරුවාදා රාත්‍රියේදී ලෝද් නගරයට බලපාන පරිදි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළේය ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ජෙරුසලම හා අනෙකුත් ප්‍රදේශ වෙතට රොකට් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර ලෙස ගසා හි සටන්කරුවන් ඉලක්ක කර කරන බවය. සඳුදා සිට මධ්‍යම හා දකුණු ඊශ්‍රායලය වෙත පලස්තීන සටන්කරුවන්ගෙන් 1,000 ට අධික රොකට් ප්‍රහාර එල්ල විණි. අඟහරුවාදා (මැයි 11) ගාසා තීරයේ මහල් සංකීර්ණයක් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කොට විනාශ කිරීමෙන් අනතුරුව තමන් ටෙල් අවිව් නගරය ඉලක්ක කළ බව පලස්තීන සටන්කරුවෝ පවසති. තවත් මහල් සංකීර්ණයක් ඊශ්‍රායල ප්‍රහාරවලින් බිඳ වැටුණු අතර මහල් 12 කින් යුතු අල්-ජවහරා ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙස පදිංචිකරුවන්ට අවවාද කර තිබිණි. එසේ වුවත් සිවිල් වැසියන් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති. එම ප්‍රහාරයෙන් පසු ටෙල් අවිව් සහ බීර්ෂෙවා වෙත රොකට් 200 ට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව පලස්තීන සටන්කරුවෝ පැවසූහ. "රෑ නින්දේ ඉන්නකොට එකපාරට ම සද්දෙට අවදි වුණා. මට දැනුණේ හරියට මම ඉන්න ගෙදර කඩා වැටෙනවා වගේ. මම මේ රටට ඇවිත් අවුරුදු 7 ක්. ඒ වසර ගණනාවේ ම යම් සිදුවීම් වුණත් මේ තමයි මම මෙතෙක් මුහුණ දුන් බරපතල ම අවස්ථාව," යැයි බීබීසී සිංහල සේවයට පැවසුවේ බීර්ෂේවා ප්‍රදේශයේ ම රැකියාවේ නියුතු ටෙක්ලා ය. "රටේ මිනිස්සු එක්ක ඉන්නකොට අපිට එතරම් බයක් කියන එක දැනෙනවා නම් අඩුයි. කොහොම වුණත් තානාපති කාර්යාලය දැන්වීමක් එවල තිබුණා පාස්පෝට් එක සූදානම් කරගෙන ඉන්න කියලා" යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය. දෙපාර්ශයව අතර ගැටුම් හටගත්තේ මුස්ලිම් හා යුදෙව් ප්‍රජාවන්ගේ ශුද්ධ ප්‍රදේශයක් වන ජෙරුසලමේ ස්ථානයක ඊශ්‍රායල පොලිසිය හා පලස්තීන උද්ඝෝෂකයින් අතර මතුවූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් අනතුරුව සති කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුවය. උණුසුම් තත්ත්වය අවසන් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියහ. ඔවුන් "මහා පරිමාණ යුද්ධයක් කරා තත්ත්වය උත්සන්න කරනවා" යැයි මැදපෙරදිග පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ටෝර් වෙන්ස්ලන්ඩ් පැවසීය. සෞඛ්‍ය නිලධාරීන් හා වෛද්‍ය අංශ සඳහන් කරන පරිදි මෙතෙක් ගැටුම්වලින් කුඩා දරුවන් 10 ඇතුළුව අවම තරමින් පලස්තීනුවන් 35 දෙනෙකු සහ ඊශ්‍රායල ජාතිකයින් 05 දෙනෙකු මියගොස් තිබේ. ලෝද් හි නොසන්සුන් තත්ත්වය අතරේ මියගිය පුද්ගලයකුගේ අවමගුලක් ලෝද් හි සිදුවුයේ කුමක්ද? ටෙල් අවිව් නගරයට ආසන්න ලෝද් නගරය තුළ ඊශ්‍රායල අරාබි ජාතිකයින් ගෙනගිය උද්ඝෝෂණ මහා පරිමාණ කැරැල්ලක් දක්වා වර්ධනය විණි. දිනකට පෙරාතුව නගරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයකදී මියගිය ඊශ්‍රායල අරාබි ජාතික පුද්ගලයෙකුගේ අවමගුලකින් අනතුරුව මෙම උද්ඝෝෂණ හට ගැනිණි. ඊශ්‍රායලයේ 'හාස්රෙට්ස්' පුවත්පත වාර්තා කළ පරිදි එම ගැටුම්වලදී අවම වශයෙන් පුද්ගයින් 12 දෙනෙක් තුවාල ලබා තිබිණි. බදාදා (මැයි 12) ගාසා තීරයේ සිට එල්ල වූ රොකට් ප්‍රහාරයකට ගොදුරුවූ මෝටර් රථයක ගමන් කරමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ 16 හැවිරිදි දියණිය මිය ගිය බව 'ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්' වාර්තා කළේය. එම දැරියගේ මව ද තුවාල ලබා ඇත. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු අඟහරුවාදා රාත්‍රියේදී ලෝද් නගරයට බලපාන පරිදි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළේය. 'ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්' අන්තර්ජාල පුවත්පත පවසන පරිදි 1966 වසරෙන් පසු අරාබි ප්‍රජාව අරභයා ඊශ්‍රායල ආණ්ඩුව හදිසි බලතල යොදවන පළමු අවස්ථාව මෙය වේ. ඊශ්‍රායල හමුදාව සහ ගාසා තීරයේ පලස්තීන සටන්කරුවන් අතර ගැටුම් ඊශ්‍රායලය තුළ වෙසෙන අරාබි සුළුතරය අතර නොසන්සුන් තත්ත්ව මතුකරන්නේ එය උද්ඝෝෂණ දක්වා දිගහැරෙමිනි. ඊශ්‍රායල අරාබි ජනයා වෙසෙන අනෙකුත් නගරවල මෙන්ම නැගෙනහිර ජෙරුසලම හා බටහිර තීරයේද මෙසේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. මේ අතර බීබීසී සිංහල සේවය සමග තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් මහේෂ් ගුණවර්ධන කියා සිටියේ තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් විදේශ අමාත්‍යාංශය දැනුවත් කරන බවය. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාවට අදාළ නිවේදන නිකුත් කර ඇති බව කී ඔහු, විමසීම් සඳහා විශේෂ දුරකතන අංක දෙකක්ද ඔවුන් වෙත සපයා ඇති බව පැවසීය. පළමු ලේකම්වරයා සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුවත්භාවය අනුව 5,000 ට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වන විට ඊශ්‍රායලයේ රැකියාවල යෙදී සිටිති.
පලස්තීන - ඊශ්‍රායල ගැටුම් තවත් වටයකින් යළිත් මතු කරමින් දෙපාර්ශවය අතර පසුගිය දෙදින පුරා රොකට් සහ ගුවන් ප්‍රහාර ද එල්ලවීමෙන් අනතුරුව ඊශ්‍රායලයේ ලෝද් නගරයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිද්ධියෙන් අනතුරුව මාලක සිල්වා පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ පසුගිය සෙනසුරාදා පහර දීම සිදු වී ඇත්තේ කොළඹ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකදී. මෙහිදී අගතියට පත් පාර්ශවය ලෙස හතළිස් තුන් හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා සහ ඔහුගේ පෙම්වතිය හඳුනා ගෙන ඇති බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටින්නේ. මාලක සිල්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. මාලක සිල්වා සමඟ මෙම රාත්‍රි සමාජ ශාලාවට පැමිණි තවත් පිරිසක් ඉහත කී පහර දීමට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම පිරිස හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරන බව පොලිස් ප්‍රකාශකවරයා පැවසීය. සිද්ධියෙන් අනතුරුව මාලක සිල්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ. ඉහත කී රාත්‍රි සමාජ ශාලාවේ සවි කර තිබූ CCTV කැමරා පද්ධතියෙන් ලබා ගත් වීඩියෝ දර්ශන ද පොලිස් විමර්ශන සඳහා යොදා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දෙනු ලැබූ බවට ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සාකච්ඡාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවාගෙන එනු ලැබුවේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසිනි අගමැතිවරයා ඒ බව කියා සිටියේ සිකුරාදා රාත්‍රියේ අම්බලන්තොට වලව ජයවර්ධනාරාමයේදී දිස්ත්‍රික්කයේ මහා සංඟයා වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී. පවරා ගැනීමට නියමිත අක්කර 15000 න් ඉතිරි ප්‍රමාණය ලබාගන්නේ කුමන ප්‍රදේශවලින්දැයි තීරණය කිරීම සාගල රත්නායක අමාත්‍යවරයාට සහ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට භාරදෙන බවත් අගමැතිවරයා පැවසීය. කෙසේ නමුත් ඊට පෙරාතුව මහනුවරදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේ, චීන ව්‍යපෘති සඳහා දකුණු පළාතෙන් අක්කර 15,000 ක් ලබා දෙන බවට ආණ්ඩුව කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බවයි. ජනතාව පදිංචි ඉඩම් චීනයට පවරාදෙන බවට තොරතුරු ලැබීම හේතුවෙන් තමන් වහන්සේ එයට විරුද්ධව ක්‍රියා කරන බව භික්ෂූන් වහන්සේ පෙන්වා දුන්හ අම්බලන්තොට ජයවර්ධනාරාමයේ පැවති සාකච්ඡාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවාගෙන එනු ලැබුවේ හිටපු කථානායක චමල් රාජපක්ෂ විසිනි. එහිදී අගමැතිවරයා වෙත කරුණු පැහැදිලි කළ තිස්සමහාරාම රජමහා විහාරාධිපති දේවාලේගම ධම්මසේන හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේ, ජනතාව පදිංචි ඉඩම් චීනයට පවරාදෙන බවට තොරතුරු ලැබීම හේතුවෙන් තමන් වහන්සේ එයට විරුද්ධව ක්‍රියා කරන බව පෙන්වා දුන්හ. අක්කර 1235 කට වඩා ප්‍රදේශයේ ඉඩම් පවරා නොගන්නා බවට අගමැතිවරයා එහිදී ප්‍රතිඥාවක් දුන්නේය. "හම්බන්තොටින් ඉඩම් ලබා දෙන්නේ නැතිනම් මාතර, මොණරාගල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවලින් ලබා ගන්නවා. හම්බන්තොටට එපා නම් මට කරන්න දෙයක් නැහැ. මම බලහත්කාරයෙන් ඉඩම් ගන්නේ නැහැ," අගමැතිවරයා පැවසීය. හම්බන්තොටින් ඉඩම් ලබා දෙන්නේ නැතිනම් මාතර, මොණරාගල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවලින් ලබා ගන්නවා. හම්බන්තොටට එපා නම් මට කරන්න දෙයක් නැහැ' - අගමැති රනිල් ' හම්බන්තොට දැනට ක්‍රියාත්මක වන්නේ පළමු ගිවිසුම පමණක් වන අතර, එහි දෙවන සහ තුන් වන ගිවිසුම් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත බවත් අගමැතිවරයා එහිදී සඳහන් කළේය. ඉදිරි පියවරට අදාළ සාකච්ඡා සඳහා මහා සංඝරත්නයද කැඳවන බවට අගමැතිවරයා ප්‍රතිඥාවක්ද දුන්නේය. සෙනසුරාදා හම්බන්තොට උද්ඝෝෂණ තහනම් කරමින් ලබා දී තිබෙන අධිකරණය නියෝගය අවලංගු කරගැනීම පිණිස කටයුතු කරන මෙන් සාගල රත්නායක ඇමතිවරයාට උපදෙස් දෙන බවත් අගමැතිවරයා පැවසීය. කෙසේ නමුත් මෙම සාකච්ඡාවේදී මහා සංඝරත්නය ආණ්ඩුව සමග කිසිදු එකඟත්වයකට නොපැමිණි බව හම්බන්තොට ජාතික සම්පත් සුරැකිමේ භික්ෂු සංවිධානයේ කැඳවුම්කරු බැරගම ඥාණතිලක හිමියෝ බීබීසී සංදේශයට පැවසූහ.
හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ඉදිරි අදියර සඳහා චීන සමාගම්වලට ලබාදෙන්නේ අක්කර 1235 ක් පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.