instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඝාතනයට ලක් වූ ළමුන් විසිතුන් දෙනා අතුරෙන් 14 දෙනෙකු වයස අවුරුදු අටට අඩු දරුවන් බව ඇම්නෙස්ටි සංවිධානය පවසයි 'අරකන් බේරාගැනීමේ හමුදාව' හෙවත් 'අර්සා' (Arsa) ලෙස හැඳින්වෙන කණ්ඩායම අවස්ථා දෙකක දී හින්දු භක්තික සාමාන්‍ය වැසියන් 99 දෙනෙකු ඝාතනය කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි. නමුත් අර්සා කණ්ඩායම මීට ඉහතදී එම චෝදනා ප්‍රතික්‍ෂේප කර තිබේ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පවසන පරිදි මෙම ඝාතන සිදු කර තිබෙන්නේ මියන්මාර හමුදාවට එරෙහිව කැරලි ආරම්භ වූ මුල් කාල වකවානුව ඇතුළතය. රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් මියන්මාර හමුදාවට ද ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වී තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ලක්ෂ හතකට ආසන්න රෝහින්ග්‍යාවරුන් ඇතුළු තවත් පිරිස් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන ප්‍රදේශවලින් පලා ගොස් ඇත. ගැටුම් හේතුවෙන් අවතැන් වූවන් අතර මියන්මාර ජනගහනයෙන් බහුතරය වන බෞද්ධයන් මෙන්ම සුළුතර ජන කොටස්ක් වන හින්දු භක්තිකයන් ද සිටියහ. ගැටුම්වලින් අවතැන්ව බංග්ලාදේශයේ සහ රඛයින් ප්‍රාන්තයේ වෙසෙන පුද්ගලයන් සමග ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සිදු කළ සාකච්ඡාවලින් හෙළි වූ පරිදි අර්සා කණ්ඩායම මෙම සමූලඝාතන සිදු කර තිබෙන්නේ මියන්මාරයේ උතුරු ප්‍රදේශයේ පිහිටි 'මොන්ග්ඩොව්' (Maungdaw) ප්‍රදේශයේය. අගෝස්තු මස අවසානයේ දී ඔවුන් පොලිස් මුරපොළවලට ද ප්‍රහාර එල්ල කළහ. සිවිල් වැසියන් ඉලක්ක කරගෙන අර්සා කණ්ඩායම වෙනත් ප්‍රදේශවල ද ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සිදු කළ සොයාබැලීම්වල දී දැනගන්නට ලැබිණි. අර්සා කණ්ඩායම නිකුත් කළ මෙම ඡායාරූපයේ මැද සිටින්නේ ඔවුන්ගේ නායකයා වන 'අතා උල්ලා' අගෝස්තු 26 වෙනි දින අර්සා කණ්ඩායම හින්දු ගම්මානයක් වන Ah Nauk Kha Maung Seik වෙත එල්ල කළ ප්‍රහාරයේ තොරතුරු ඇතුළත් කර ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. මේ තොරතුරුද කියවන්න: "මෙය ඉතා කෲර, අමන ක්‍රියාවක්. අර්සා කණ්ඩායමේ සාමාජිකයන් හින්දු කාන්තාවන්, පුරුෂයින් සහ ළමුන් බොහෝ ප්‍රමාණයක් සිය ග්‍රහණයට ගෙන ඔවුන් බියවද්දා ඔවුන්ගේ ගම්මාන තුළ දීම ඝාතනය කර තිබෙනවා," යනුවෙන් වාර්තාවේ සඳහන් වෙයි. එම ගැටුම්වලින් දිවි බේරාගත් හින්දු පුද්ගලයන්ගෙන් සමහරෙක් සිය ඥාතීන් මරා දමනු දැක ඇති අතර අනෙක් අයට ඔවුන්ගේ කෑ ගැසීම් ඇසුණු බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සමග පවසා ඇත. "ඔවුන් පුරුෂයන් ඝාතනය කළා. අපිට ඔවුන් දිහා බලන්න එපා කිව්වා. ඔවුන් ළඟ පිහි තිබුණා. ඒ වගේම ඉස්කෝප්ප සහ යකඩ පොලු තිබුණා. අපි කැලය ඇතුළේ සැඟවුණා. හැබැයි අපිට එතන සිදු වන දේ යන්තම් දකින්න පුළුවන් වුණා. මගේ මාමා, තාත්තා සහ අයියාවත් ඔවුන් ඝාතනය කළා," Ah Nauk Kha Maung Seik ගම්මානයේ කාන්තාවක් පැවසීය. පුරුෂයන් විසි දෙනෙකු, කාන්තාවන් දස දෙනෙකු සහ ළමුන් විසිතුන් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අර්සා කැරලිකරුවෝ චෝදනා ලබා සිටිති. ළමුන් විසිතුන් දෙනා අතුරෙන් 14 දෙනෙකු වයස අවුරුදු අටට අඩු දරුවන්ය. පුද්ගලයන් 45 දෙනෙකුගේ මළසිරුරු එම ගම්මානයේ පිහිටි සමූහ මිනී වලකින් පසුගිය සැප්තැම්බර් මස ගොඩගත් බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි. අසල්වැසි ගම්මානයක 46 දෙනෙකු ඇතුළු ඝාතනය වූ අනිත් පුද්ගලයන්ගේ සිරුරු තවමත් සොයා ගෙන නොමැත. Ye Bauk Kyar නම් අසල්වැසි ගම්මානයේ හින්දු භක්තික පුරුෂයන්, කාන්තාවන් සහ ළමුන් එකම දිනකදී ඝාතනය කර ඇති අතර, ඝාතනයට ලක් වූ මුළු ගණන 99 කි. මියන්මාරයේ සමූහ මිනී වලවල් පිළිබඳ ඇති 'සැකය' කුමක්ද? බීබීසී බැංකොක් වාර්තාකරු ජොනතන් හෙඩ් පවසන පරිදි රඛයින් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගැනීමත් සමග රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් විශාල පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පලා යෑම, ආරක්ෂක හමුදා වෙත එල්ල වන දරුණු අපරාධ චෝදනා සහ මියන්මාර ආණ්ඩුව විසින් සොයා ගත්තා යැයි නිවේදනය කළ සමූහ මිනී වල පිළිබද පසුගිය සැප්තැම්බර් මාසයේ දී ලෝකයේ දැඩි අවධානය යොමු විය. නමුත් මරා දැමුණු පුද්ගලයන් මුස්ලිම්වරුන් නොව අර්සා කැරලිකරුවන් විසින් මරා දැමූ හින්දු භක්තිකයන් බව මියන්මාර රජය ප්‍රකාශ කළ බවත් බීබීසී වාර්තාකරු පවසයි. එම සමූහ මිනීවල පිහිටා තිබූ ප්‍රදේශය සහ එහි ඇති මළසිරුරු දැකගැනීමට මාධ්‍යවේදීන් රැගෙන යන ලදි. කෙසේ වෙතත්, මානව හිමිකම් පිළිබඳ ස්වාධීන පරීක්ෂකයන්ට රඛයින් ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර නොදීම හේතුවෙන් Ah Nauk Kha Maung Seik සහ අසල්වැසි ගම්මානය වන Ye Bauk Kyar හි කුමක් සිදුවූයේ දැයි සැකයක් මතුව තිබුණි. රඛයින් ප්‍රාන්තයේ ගැටුම් හේතුවෙන් ලක්ෂ හතකට ආසන්න රෝහින්ග්‍යාවරුන් බංගලාදේශයට පලා ගොස් ඇත තමන්ට එරෙහිව එල්ලවන සමූහ ඝාතන චෝදනා අර්සා කණ්ඩායම ප්‍රතික්ෂේප කර සිටින නමුත්, ඔවුන් මාස හතරක කාලයක් කිසිදු නිවේදනයක් නිකුත් කර නැත. ජාත්‍යන්තර මාධ්‍ය රඛයින් ගැටුම් පිළිබඳ වාර්තා කිරීමේදී ස්වාධීන පිළිවෙතක් අනුගමනය නොකරන බවට මියන්මාර රජය චෝදනා කරයි. නමුත් පසුගිය සැප්තැම්බර් මස ඝාතනය වූ හින්දු භක්තිකයන් පිළිබඳ බීබීසී ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. සිය ගවේෂණයේදී, "රඛයින් ප්‍රදේශය සහ බංගලාදේශ දේශ සීමාවේ සිටින පුද්ගලයන් රැසක් සමග සාකච්ඡා කර ඇති අතර, ඡායාරූප සාක්ෂි විශේෂඥයන්ට ලබා දී පරීක්ෂණ පැවැත්වූ," බව ඇම්නෙස්ටි මානව හිමිකම් සංවිධානය පවසයි. "මෙතෙක් ඉතා අඩුවෙන් වාර්තා වී තිබූ අර්සා කැරලිකරුවන් රඛයින් ප්‍රාන්තයේ සිදු කළ මානව හිමිකම් කඩ කිරීම් සහ ඉතිහාසයේ දැඩි අඳුරු කාලපරිච්ඡේදයක් ගැන මෙම ගවේෂණයෙන් හෙළි වී තිබෙනවා" යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ටිරානා හසන් සඳහන් කළාය. තවත් තොරතුරු: "අර්සා සිදු කර ඇති අතිශය කෲර ක්‍රියාවන් වගේම, අප සමග කතා කළ, මෙම සිද්ධියෙන් දිවි ගලවාගත් පුද්ගලයන්ට ඇති වී තිබෙන හැඟීම් නොසලකා හැරිය නොහැකියි. මියන්මාර ආරක්ෂක අංශ රඛයින් ප්‍රාන්තයේ සිදු කර ඇති අපරාධ වගේම, අර්සා සිදු කර ඇති මෙම දරුණු අපරාධ සියල්ලටම වගවීම ක්‍රියාවට නැගීම තීරණාත්මක කරුණක්." බංගලාදේශයේ පිහිටි රෝහින්ග්‍යා කඳවුරු ඔවුන්ට එරෙහිව නැඟෙන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අර්සා, ඔවුන්ගේ සාමාජිකයන් පහර දුන්නා යැයි ගම්වාසීන් "බොරු" ප්‍රකාශ කරන බව පවසති. රෝහින්ග්‍යා ප්‍රජාව බංග්ලාදේශයේ සිට සිය රට වෙත සංක්‍රමණය වී ඇති බව පවසන මියන්මාර ආණ්ඩුව ඔවුන්ට පුරවැසිභාවය ලබා ගැනීම වළකා ඇත. නමුත් පරම්පරා ගණනාවක සිට තමන් මියන්මාරයේ වෙසෙන බව රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව පවසයි. 2012 වසරේ රඛයින් ප්‍රාන්තයේ හට ගත් ගැටුම් හමුවේ සිය ගම්බිම් හැර යාමට සිදු වූ රෝහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙක් තාවකාලික කඳවරු තුළ දිවි ගෙවති. කෙසේ වෙතත්, බංගලාදේශය පවා ඔවුන්ට පුරවැසිභාවය දීම ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය අගෝස්තු මාසයේ මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් කැරලිකරුවන් විසින් හින්දු භක්තික සාමාන්‍ය වැසියන් රැසක් මරා දමනු ලැබ ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය සිදු කළ ගවේෂණයකදී හෙළි වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උළෙලේ සමාරම්භක කථාව කරමින් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ ත්‍රස්තවාදය නිමා කොට උසස් ම මානව හිමිකම වන ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවයි. බ්‍රිතාන්‍ය මහ රැජණ ගේ ශුභාශිංසන සමුළුවට පිරිනමමින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ඇමතූ චාල්ස් කුමරු පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් මුහුණ පාන ගැටලු පිළිබඳ සලකා ජනතාවට වඩාත් යහපත් අනාගතයක් උදා කිරීමට අපේක්ෂා කරන බව පැවසීය. රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උළෙල නෙළුම් පොකුණ රඟහලේ දී අවසන් වීමෙන් පසුව රාජ්‍ය නායකයින් අලංකාර රථ පෙරහැරකින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත කැඳවා ගෙන යන ලද අතර එහි දී රාජ්‍ය නායකයන් වෙනුවෙන් අලි පෙරහැරක් ද පැවැත්විණි.
සාමය සහ ස්ථායිතාව තහවුරු කිරීම නිසා පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපාන තීරණාත්මක ප්‍රාන්ත තහවුරුකර ගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබෙන්නේ මාස ගණනක් පුරා පැවති මත විමසුම්වලදී ජනාධිපතිවරණයේ වාසිය ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් හිමි කරගනු ඇතැයි ප්‍රකාශ කර තිබියදීය. ෆ්ලොරිඩා, ඔහායෝ සහ උතුරු කැරොලයිනා ප්‍රාන්ත ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජය මාවත හෙළි කර දීමට ඉවහල් විය. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හමුවේ ජාත්‍යන්තර කොටස් වෙළඳපොළ ශීඝ්‍ර පහත යාමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.
ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් පරාජයට පත් කරමින් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ හතළිස් පස් වැනි ජනාධිපතිවරයා ලෙස පත් වීමට නියමිතයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හොසේ මැනුවෙල් බරසෝ අලුතින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සම්බාධක අනුව වත්කම් ගනුදෙනු අත්හිටවනු ලබන සහ සංචාරක තහංචි බල පැවැත්වෙන රුසියානු සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් යුරෝපා හවුල විසින් නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුවයි ඉහත කී රුසියානු පැහැදිලි කිරීම සිදු වුණේ. රුසියාවේ ආරක්ෂක සහ බුද්ධි අංශයේ ප්‍රමුඛයන් දෙදෙනකු වන අලෙක්සන්දර් බොත්නිකොෆ් සහ මිහායිල් ෆ්රද්කොෆ් ද එම තහංචි ලැයිස්තුවට ඇතුළත් කොට ඇති බවයි වාර්තා වන්නේ. තෝරා ගැනීමක් නැගෙනහිර යුක්‍රේනය අස්ථාවර කිරීමට කෙළින්ම හවුල් වූ රුසියානු ජාතිකයන් අසූහත් දෙනා සහ සංවිධාන විස්සට ඉහත කී නිලධාරීන් දෙදෙනාත් ඇතුළත් කිරීමට යුරෝපා හවුල පියවර ගෙන ඇත. මේ අතර ප්‍රකාශයක් කරන යුරෝපා කොමිසමේ සභාපති හොසේ මැනුවෙල් බරසෝ, යුක්‍රේනය සම්බන්ධයෙන් සාම සැලසුමකට කැප වීම හෝ එසේ නැත්නම් ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙන මූල්‍ය සම්බාධක මාලාවකට මුහුණ දීම යන දෙකින් එකක් තෝරා ගන්නා මෙන් රුසියාවට අනතුරු ඇඟවීමක් කරයි.
යුක්‍රේන් අර්බුදය මුල් කර ගනිමින් යුරෝපා හවුල විසින් තමන්ට එරෙහිව පනවන ලද අතිරේක සම්බාධක හේතුවෙන් ආරක්ෂාවට අදාළ ජාත්‍යන්තර සහයෝගීතාවය අනතුරට පත් වනු ඇතැයි රුසියාව කියා සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සොයා ගත් ඇට සැකිලිවල තුවාල සහ කැඩුම් බිඳුම් තිබුණු බව පවසන මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, ඔවුන් මරා දමා ඇති බවක් එයින් ගම්‍ය වන බව ද පවසයි එහෙත් හමුදා කඳවුර භාරව සිටි එම නිලධාරියා කවුදැයි එක්සත් ජාතික පක්ෂය හෙළි කළේ නැහැ. මෙම මළ සිරුරු 80 ව දශකයේ අග භාගයේ "භීෂණ සමයේ" දී ඝාතනය කෙරුණු පුද්ගලයන් බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ. කෙසේ වුවත් නිසි පරීක්ෂණයකින් තොරව එවැනි කාල වකවානු නීර්ණය කිරීම නොකළ යුත්තක් බවයි, එජාප මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ. දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එවැනි චෝදනා එල්ල කරන බවට ද ඔහු ජවිපෙ ට චෝදනා කරයි. සමූහ මිනීවල "විශේෂයෙන් 1947 වර්ෂයේත්, 1955 වර්ෂයේත් මේ ප්‍රදේශවල ඇතිවුණු නාය යාම් තත්ත්වයන්, ඒ වගේම වසූරිය වගේ තත්ත්වයන් මේ ස්ථානය උපයෝගී කරගෙන තිබෙන බවට සැක සංකා තියෙනවා," යනුවෙන් ද මන්ත්‍රීවරයා පැවසීය. වසූරිය සහ නාය යාම් "සමහර කට්ටිය වසූරිය කියල කිවුවා, නාය යාම් කියල කිවුවා. මේක අපරාධ ස්ථානයක්, සඟවා වලලා දාපු ස්ථානයක් ඒ නිසා මේ ගැන පරීක්ෂණ කරන්න ඕන කියන එක මම මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා" මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන අදාළ වකවානුවේ දී ශ්‍රී ලංකාවේ පාලනය හෙබවූ එජාපයේ මෙම ප්‍රතිචාරය පිලිබඳව තමන් පුදුම නොවන බව එයට ප්‍රතිචාරය පළ කරන ජවිපෙ ප්‍රකාශ කරයි. "සූරියවැවේදි, එලියකන්දේදි, දිවුලපිටියේදි සමූහ මිනී වලවල් ගොඩ ගත්තා, එම මිනී වලවල්වල කාල වකවානු 88-89 බව ඉතාමත් පැහැදිලි ලෙස තහවුරු වී තිබෙනවා," යන්න අනුර කුමාර දිසානායක ජවිපෙ මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරයයි. මේ අතර බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන මාතලේ රෝහල සමීපයෙන් හමුවූ සමූහ මිනීවල අපරාධ ස්ථානයක් බව තමන් අධිකරණයට දැනුම් දී තිබෙන බව පැවසීය. එහිදී සොයා ගත් ඇට සැකිලිවල තුවාල සහ කැඩුම් බිඳුම් තිබුණු බව පවසන වෛද්‍ය ජයසේන, ඔවුන් මරා දමා ඇති බවක් එයින් ගම්‍ය වන බව ද පවසයි. "සමහර කට්ටිය වසූරිය කියල කිවුවා, නාය යාම් කියල කිවුවා. මේක අපරාධ ස්ථානයක්, සඟවා වලලා දාපු ස්ථානයක් ඒ නිසා මේ ගැන පරීක්ෂණ කරන්න ඕන කියන එක මම මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා," බව ද වෛද්‍යවරයා පැවසීය. කැනීම් ආරම්භ වූ පසුගිය නොවැම්බරයේ සිට මේ වන විට හමුවූ හිස් කබල් සංඛ්‍යාව 100 කට ආසන්න බව ද කැනීම් භාරව කටයුතු කරන වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන පවසයි. සබැඳි තේමා
ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සැක කරන පරිදි මාතලේ සමූහ මිනීවලේ ඇත්තේ තමන් රට පාලනය කළ සමයේ මරා දැමූවන් නම් එවකට පළාතේ හමුදා කඳවුරක් භාරව සිටි නිලධාරියකු මහින්ද රාජපක්ෂ රජයේ ඉහල තැනක සිටින බව එක්සත් ජාතික පක්ෂය (එජාප) ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දිල්ලි නුවර රෝහල් සතු අධි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර සායනික ඔක්සිජන් හිඟයකට ද මුහුණ දී සිටී. දිල්ලියේ කොවිඩ් සත්කාර ඒකක සහ අධි සත්කාර ඒකක පවත්වාගෙන යාම යුද හමුදාවට පැවරීම දිල්ලි පළාත් පාලන ආණ්ඩුවේ අවශ්‍යතාවය වී තිබේ. වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය මිලියන 20කට ආසන්න වී ඇත. පසුගිය සති දෙකකට ආසන්න කාලයක් ඇතුළත, දිනකට 300,000කට අධික ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පැවතුනි. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 222,000ක් ලෙස වාර්තා විය. නමුත සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය සහ සිදුවන මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පවතින බව විශේෂඥ මතය වී තිබේ. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස වෛද්‍ය පරීක්ෂණ සිදු නොවීම සහ වෛද්‍ය ප්‍රතිකාරයක් නොමැතිව බොහෝ දෙනා නිවෙස් තුළ මිය යාමයි. රෝගීන් පිරුණු රෝහල් ඔක්සිජන් සැපයීම සහිතව රෝගීන් 10,000කට පමණ ප්‍රතිකාර කළ හැකි සායන සහ තවත් අධි සත්කාර ඒකක දහසක් පමණ යුද හමුදාවේ සහය ඇතිව දිල්ලි නුවර පුරා පවත්වාගෙන යාමට බලධාරීහු කටයුතු කරමින් සිටිති. මේ පිළිබඳව අදහස් දක්වමින් දිල්ලි නුවර නියෝජ්‍ය මහ ඇමතිවරයා කියා සිටියේ, සෞඛ්‍ය සේවයට දරා ගත නොහැකි මට්ටමින් රෝහල් පිරී ඉතිරී යන බැවින් අමතර ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සම්පත් සහ පිරිස් බලය ලබා දීමට ආරක්ෂක අමාත්‍යංශයේ සහාය ලැබෙන්නේ නම් එය කාලීන වනු ඇති බවය. එමෙන්ම මේ වන විට අත්‍යවශ්‍යව පවතින ඔක්සිජන් ප්‍රවාහනය සඳහා ද "හදිසි සහාය" ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ඉන්දීය හමුදාව සතුව පවතින ඔක්සිජන් සිලින්ඩර රෝහල් කරා ප්‍රවාහනය කරන ලෙස දැනටමත් ඉන්දීය බලධාරීන් නියෝග කර තිබේ. එමෙන්ම, විශ්‍රාමික හමුදා වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම සඳහා ඔවුන් නැවත සේවයට කැඳවා ඇත. සෑම ප්‍රාන්තයකම රෝහල් සඳහා සැපයිය යුතු ඔක්සිජන් කෝටාව තීරණය කරනු ලබන මහ ආණ්ඩුවෙන් දිල්ලියේ රෝහල්වලට ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් සපයා නොමැති බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණි. නමුත් ඔක්සිජන් හිඟයක් පවතින බවට නැගෙන චෝදනා බලධාරීහු ප්‍රතික්‍ෂේප කළහ. ඔවුන් කියා සිටියේ ඔක්සිජන් ප්‍රවාහනයේ අභියෝග පවතින බවකි. ඉන්දියාව දිනකට ඔක්සිජන් ටොන් දහස් ගණනක් නිෂ්පාදනය කරයි. නමුත් බෙදාහැරීමේ ජාලය මත පවතින ආයෝජන හිඟකම හේතුවෙන් ඔක්සිජන් සැපයීම අඩාල වී ඇති බව විශේෂඥයෝ පවසති. තමන් සතු ඔක්සිජන් ප්‍රමාණය නිමාවෙමින් පවතිද්දී ඒ බව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දීමට දිල්ලි රෝහල් බලධාරීහු කටයුතු කරමින් සිටිති. "සිලින්ඩර් උස්සගෙන දවසම පාරේ" කුඩා සිලින්ඩර්වලට ඔක්සිජන් නැවත පුරවා ගැනීම සඳහා දීර්ඝ පෝලිම්වල පැය ගණන් ගත කිරීම දිල්ලි වාසීන්ගේ දෛනික ජීවිතයේ අංගයක් බවට පත්වී තිබේ. "මේක අපි දිනපතාම සටන් කරන යුද්ධයක්," දිල්ලියේ ශ්‍රී රාම් සිං රෝහල පවත්වාගෙන යන වෛද්‍ය ගෞතම් සිං පැවසීය. "මගේ කාර්ය මණ්ඩලයෙන් අඩක්ම සිලින්ඩර් උස්සගෙන දවසම පාරේ ඇවිදිනවා ඒවාට ඔක්සිජන් පුරවගන්න තැනක් සොයමින්." අගනුවරින් පිටත පවා ඇත්තේ මේ හා සමාන පීඩාකාරී තත්වයකි. ඉන්දියාවේ දකුණු දිග කලාපයේ කර්ණාටක ප්‍රාන්තයේ එක් රෝහලක පමණක් රෝගීන් 24 දෙනෙක් මිය ගියහ. නමුත් මෙම රෝගීන් සියලු දෙනාම මිය ගියේ ඔක්සිජන් නොමැති වීම හේතුකොට ගෙන බවට පළවූ වාර්තා ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. ඉන්දියාවේ කොවිඩ් අර්බුදය තවත් දරුණු වීමට උදාසීන ලෙස එරට දියත් වූ එන්නත් කිරීමේ වැඩසටහන ද හේතුවුණු බවට මත පළවේ. එන්නත් නිෂ්පාදනයේ දැවැන්තයා ලෝකයේ එන්නත් නිෂ්පාදනයේ දැවැන්තයා ඉන්දියාව වුවත් ඉන්දියාව තුළ කොවිඩ් එන්නත හිඟ විය. ජනවාරි මාසයේ පටන් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇත්තේ, බිලියන 1.4ක් වූ ඉන්දීය ජනගහනයෙන් 10%කට පමණි. මාත්‍රා දෙකම සම්පුර්ණ කර ඇත්තේ සමස්ථ ඉන්දීය ජනගහනයෙන් 2%ක් පමණි. ඉන්දියාව තුළ පවතින එන්නත් හිඟය තවත් මාස ගණනක් ගතවන තුරු පවතිනු ඇති බවට ඉන්දියාවේ 'Serum' ආයතනයේ ප්‍රධාන විධායක අදාර් පූනවල්ලා අනතුරු ඇඟවීමක් කළේය. 'Serum' ආයතනය ලෝකයේ දැවැන්තම එන්නත් නිෂ්පාදකයා ය. අදාර් පූනවල්ලා 'Financial Times' පුවත්පතට පවසා ඇත්තේ ප්‍රමාණවත් පරිදි එන්නත් සැපයීමට නොහැකිවීම සම්බන්ධයෙන් තම ආයතනයට අසාධාරන ලෙස අවමන් කර ඇති බවය. එන්නත් නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට ඔහු කල්තියා පියවර ගෙන නොමැත. ඊට හේතු දක්වමින් ඔහු කියා සිටියේ "ඇණවුම් නොතිබුණු අතර වසරකට එන්නත් බිලියනයකට වඩා අවශ්‍ය වේයැයි කිසිවෙකු නොසිතූ" බවය. ආදාහනාගාර සීඝ්‍රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇති බව ද පසුගිය සතියේ වාර්තා විය. දිල්ලි නුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ කොවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයන් සඳහා වෙන් කර නොමැති ආදාහනාගාරවල පවා, පවුලේ සාමාජිකයන් ආදාහනය කිරීමට මිනිසුන්ට මේ වන විට සිදුව ඇති බවය. "ඒ නිසා අපි යෝජනා කළා තවත් ආදාහනාගාර පිහිටුවිය යුතුයි කියලා," පොලිස් නිලධාරියා එන්ඩීටීවී පුවත් නාලිකාවට පැවසීය. කෝවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වසරේදී සවිස්තරාත්මක මාර්ගෝපදේශ නිකුත් කළේය. වෛරසය බෝවීම වළක්වා ගැනීම සඳහාවූ විශේෂ ක්‍රියාමාර්ග ද එහි ඇතුළත්ව තිබිණි. වසංගතය පාලනය කිරීම සහ මෑත සතිවලදී විශාල මැතිවරණ රැලි සහ ආගමික උත්සව පැවැත්වීමට ඉඩදීමට ගත් තීරණ සම්බන්ධයෙන් ඉන්දියාවේ මධ්‍යම රජය දැඩි විවේචනවලට මුහුණ දී සිටියි.
කොරෝනා දෙවැනි රැල්ල ඉතා කුරිරු ලෙස ඉන්දියාව වසාගෙන සිටියදී දිල්ලි අගනුවර බලධාරීහු එරට යුද හමුදාවේ සහාය ඉල්ලා සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙය 'කැසිනෝ ප්‍රේමි ජනතා ද්‍රෝහී අය වැයක්' බව මන්ත්‍රීවරයා පවසයි කොළඹ පැවති මාධ්‍ය හමුවක් ඇමතූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අය වැය යෝජනා විග්‍රහ කළේ "කැසිනෝ ප්‍රේමි ජනතා ද්‍රෝහී" අයවැයක් ලෙසින්. රජයේ සේවකයන්ට ලබා දුන් ජිවන වියදම් දීමනාව, නව බදු පනවමින් ජනතාවගෙන් උදුරා ගන්නා බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ. කෙසේ නමුත් අය වැය පරතරය අඩු කර ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අගය කිරීම විශේෂත්වයක්. 'ආර්ථික වැඩපිළිවෙලක් නෑ' 'රටේ ආර්ථිකය මෙහෙයවන්නේ අය වැයෙන් පිට' ආණ්ඩුවට දිගු කාලීන ආර්ථික වැඩපිළිවලක් හෝ ජනතාව මුහුණ දෙන ගැටළු වලට කෙටි කාලීනව විසඳුම් සෙවීමට හැකියාවක්ද නොමැති බව අය වැයෙන් පෙන්නුම් කෙරෙන බවයි, ජනතා විමුක්ති පෙරමුණ මේ අතර පවසන්නේ. රටේ ආර්ථිකය මෙහෙයවන්නේ අය වැයෙන් පිට බව මෙන්ම අය වැයෙන් ඉදිරිපත් වන යෝජනා ක්‍රියාත්මක නොවන බවත් මේ වන විට ජනතාව වටහා ගෙන ඇති බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ. එහෙත් විපක්ෂයේ එම චෝදනා බැහැර කරන වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර පවසන්නේ රුපියල් 10,000 ක පඩි වැඩි වීමක් කිසිදු රජයකට ලබාදිය නොහැකි බවයි. මේ අතර 20%ක්ව පැවති වාහන ක්ෂය වීමේ බදු සහනය වසරක් දක්වා ඉවත් කිරීම නිසා පාවිච්චි කළ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි. එහි සභාපති ඉන්දික සම්පත් කියා සිටියේ ඒ මගින් වාසි සැලසෙන්නේ වාහන ආනයනය කරන ව්‍යාපාරිකයන් අතලොස්සකට පමණක් බවයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අය වැය යෝජනා එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) දැඩි විවේචනයට ලක් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාර්ලිමේන්තුවට අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීවරයා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ය ඒ බව අනාවරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කටයුතු කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණ ඉදිරිපත්කරන manthri. lk වෙබ් අඩවිය විසිනි. ජනතාවගේ දැනගැනීම පිණිස පාර්ලිමේන්තු සැසිවාරවලට මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කෙරේ. ඒ අනුව සිය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද සහ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවලට සහභාගි වන්නේද යන්න පාර්ලිමේන්තු වෙබ් අඩවිය මගින් දැන ගත හැකිය. මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මැයි - ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාර 21ටම සහභාගි වී තිබේ. අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීවරයා අදාළ කාලවකවානුවේ පාර්ලිමේන්තුවට අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීවරයා ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ය. ඔහු සහභාගි වී තිබෙන්නේ පාර්ලිමේන්තු සැසිවාර 21න් එකකට පමණි. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු සහභාගි වී තිබෙන්නේ සැසිවාර දෙකකට පමණය. රත්නපුර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සහභාගි වී තිබෙන්නේ ද සැසිවාර දෙකකට පමණි. වතුකරයේ නායකයකු සහ කැබිනට් ඇමතිවරයෙකු වන කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් සහභාගි වී තිබෙන්නේ සැසිවාර 4කට පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සැසිවාර හතරකට සහභාගි වී ඇති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි වී තිබෙන්නේ සැසිවාර 21න් හතරකට පමණි. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පැමිණීම දිරිමත් කිරීම සඳහා මේ වසර මුල එතෙක් රුපියල් 500ක්ව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ දිමනාව රුපියල් 2500ක් දක්වා ඉහළ දැමිණි. 'පළමු පැය ඇතුළත පමණයි' මැයි - ජුලි කාර්තුවේ පාර්ලිමේන්තු සැසිවාරවලින් 25%-50%ත් අතර සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 43ක් වන අතර, 51%-75%ක් අතර පැමිණීම සටහන් කරගත් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 74කි. පැමිණීම 76%-90%ත් අතර සටහන් වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 90කි. සියලු සැසිවාර වලට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ ගණන 21ක් වන අතර ඊට කතානායක කරු ජයසූරිය ද ඇතුළත්වේ. මෙලෙස පාර්ලිමේන්තුවට සහභාගිවන මන්ත්‍රීවරුන් පවා බොහෝදුරට පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ පළමු පැය ඇතුළත පමණක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. "මළගෙවල් සහ මගුල් ගෙවල්වලට යාමට" ප්‍රමුඛත්වය ලබා දෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවිය යුතු බව වරක් පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. කෝප් ඇතුළු පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්‌වීම් රැසක්‌ මේ වන විට පවත්වා ඇතත් ඒ එකදු රැස්‌වීමකට හෝ සහභාගි නොවූ සාමාජික මන්ත්‍රීවරුන් සිටින බව කනගාටුවෙන් හෝ කිව යුතුව ඇතැයි කථානායක කරු ජයසූරිය පසුගියදා උත්සවයකට එක්වෙමින් කියා සිටියේය.
පසුගිය මැයි - ජුලි කාර්තුවේ පැවති පාර්ලිමේන්තු සැසිවාර 21 ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙකු සහභාගි වී තිබෙන්නේ සැසිවාර පහකට අඩු සංඛ්‍යාවකට බව අනාවරණය වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමතිවරයා ගේ ප්‍රකාශය ඉන්දීය ධීවරයන්ගේ කෝපයට හේතු වී ඇති බවයි ඉන්දීය ධීවර සංගම් නායකයෙකු වන එම්. ජේ. බෝස් කියා සිටියේ. ‘අගමැති කාර්යාලයේ නියෝජ්‍ය ඇමති නාරයනස්වාමි අපට කිව්වේ දින පහක් තුල ධීවරයින් නිදහස් කරන බවයි. දැන් ශ්‍රී ලංකා විදේශ ඇමති කියන්නේ හාත්පසින් වෙනස් කතාවක්” ධීවර නායකයා ප්‍රකාශ කරයි. ධීවර සමගිය ඉන්දීය මුහුදු සීමාවට පැමිණෙන ශ්‍රී ලංකා ධීවරයින් ඉන්දීය රජය මගින් අත් අඩංගුවට ගැනීමට එරට ධීවරයින් විරුද්ධ බව ප්‍රකාශ කරන ධීවර නායකයා, දෙ රට ධීවර නායකත්වය එකමුතුව ගැට‍ළු විසඳා ගත යුතු බව ද කියා සිටියි. ‘අපි ශ්‍රී ලංකාවේ ධීවරයින් හා සාකච්ඡා කර ඇති කර ගැනීමට උත්සාහ ගන්නා එකඟතාවට මෙය බාධාවක්. මේ නිවේදනයෙන් හදන්නේ දෙ රටේ ධීවර සමගියට බාධා කරවන්ටයි”. මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉන්දීය විපක්ෂ නායකයන් හමුව සාකච්ඡා පැවැත්වූ බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්, ශ‍්‍රී ලංකා මුහුදු සීමාව හරහා පැමිණෙන ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම පිළිබඳ අගමැති මන් මෝහන් සිංග් සමග සාකච්ඡා කළ බව ද, මුහුදු සීමාව උල්ලංඝනය කරන ධීවරයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය පීරිස් ප්‍රකාශ කළ බව ද දිල්ලියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ඉඩම් අත් පත් කරන එක නතර කරලා, මේ ගෙවල් හදන එක නතර කරන්න කියල තමයි උපවාසය ආරම්භ කළේ' යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් අහිමි වූවන්ගේ සංගමය එම උපවාසය ආරම්භ කළේ තෙලිප්පලෙයි මාවිට්ටපුරම් කන්දසාමි කෝවිලේ පැවති විශේෂ දේව පූජාවකින් අනතුරුවයි. 6300 කට වැඩි ඉඩම් අක්කර ප්‍රමාණයක් පවරා ගත් හමුදාව දැන් එහි නිවාස ඉදි කරමින් සිටීම උපවාසය ආරම්භ කිරීමට හේතුව බවයි, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් බීබීසී සංදේශයට කියා සිටියේ. "ඉඩම් අත් පත් කරන එක වහාම නතර කරලා, මේ ගෙවල් හදන එක නතර කරන්න කියල තමයි මේ සතියක උපවාසය ආරම්භ කළේ," ඔහු පැවසීය. හමුදාවේ මේ ක්‍රියාමාර්ගය හේතුවෙන් යාපනයේ ග්‍රාම සේවා වසම් විසි හතරක පහළොස් දහසකට අධික ජනකායක් නිවාස අහිමිව සිටින බවයි, එක් උද්ඝෝෂකයෙක් සංදේශයට කියා සිටියේ. කෙසේ නමුත් පලාලි සහ කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාප වෙනුවෙන් උතුරේ ඉඩම් පවරා ගෙන ඇත්තේ නීත්‍යානුකූලව බවයි, රජයේ බලධාරීන් ප්‍රකාශ කරන්නේ. මේ අතර උපවාසය සංවිධානය කිරීමට මූලික වූ වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මලිංගම් සුහීර්දන්ට මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වේ. වලිකාමම් උතුර ඇතුළු පළාත් ගණනාවක ඉඩම් පවරා ගැනීම අභියෝගයට ලක් කරමින් උතුරේ දහසකට අධික ජනතාවක් පවරා ඇති පෙත්සම් මේ වන විට අධිකරණය හමුවේ විභාග කැරෙමින් පවතී.
ඉඩම් අක්කර දහස් ගණනින් පවරා ගන්නා ආරක්ෂක හමුදා දැන් එහි නිවාස ඉදි කරමින් සිටින බව පවසන යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් අහිමි වූවන්ගේ සංගමය, පස් දින උපවාසයක් ආරම්භ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලෝකය පුරා වෙනත් රටවල් සමඟ යුරෝපා රටවල් රැසක් ද එක්සත් රාජධානියෙන් පැමිණෙන සංචාරකයන්ට තහංචි පනවනු ලැබ ඇත මේවනවිට ශ්‍රී ලංකාව, ඉතාලිය, ඉන්දියාව හා පාකිස්තානය ඇතුළු රටවල් 50 ට අධික සංඛ්‍යාවක් එක්සත් රාජධානියේ සිට සංචාරකයින් පැමිණීම අවහිර කර ඇති අතර උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අනුගමනය කළයුතු පොදු පිළිවෙතක් නිර්මාණය කිරීම සඳහා යුරෝපා හවුල සාකච්ඡා පවත්වා තිබේ. කෙසේවෙතත්, කෝවිඩ් පැතිරීම නිසා හටගත් බිය හේතුවෙන් පැනවූ සංචරණ තහනම් ලිහිල් කරමින් එක්සත් රාජධානිය හා ප්‍රංශය අතර අවලංගු කෙරුණු දුම්රිය, ගුවන් හා මුහුදු ගමන් සේවා අද (දෙසැම්බර් 23) යළි ඇරඹීමට ප්‍රංශය එකඟ විය. ඉරිදා (දෙසැ20 ) සිට දේශසීමා වැසීම හේතුවෙන් එංගලන්තයේ කෙන්ට් හි ලොරි 3000ට අසන්න ගණනක් සිරවිණි ප්‍රංශ පුරවැසියන්, එරට වෙසෙන බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන්ම බර බඩු අදින්නන් ආදියට එසේ සංචාරය කිරීමට ඉඩ කෝවිඩ් සම්බන්ධයෙන් පැය 72 ට අඩු කාලයකදී ලබාගත් වාර්තා සතුටුදායක නම් පමණි. කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය පැතිර යාමට ප්‍රතිචාර දක්වමින් දකුණු දිග හා නැගෙනහිර එංගලන්තයේ ප්‍රදේශ විශාල ප්‍රමාණයක ජනතාව නිවෙස්වල රඳවන දැඩි පියවර හඳුන්වාදීමට එක්සත් රාජධානියේ ආණ්ඩුව පියවර ගැනීමෙන් පසු විදෙස් ආණ්ඩු ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹුණහ. කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයට ගොදුරුවූවන් ඩෙන්මාර්ක් රාජ්‍යයෙන් ද සොයාගනු ලැබීමෙන් පසු ස්වීඩනය ඩෙන්මාර්කයෙන් පැමිණෙන විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් තහංචියක් පනවා ඇත. මෙම අලුත් කොරෝනාවෛරස ප්‍රභේදය වේගයෙන් පැතිරයන ආකාරයක් දක්නට ලැබෙන නමුත් එමගින් දරුණු මාරක අනතුරක් පෙනෙන්නට නැති බව ද පැවසෙයි. එක්සත් රාජධානිය සම්බන්ධයෙන් සංචාරක තහංචි පනවනු ලබන රටවල ලැයිස්තුව දීර්ඝවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයත් (WHO) අන්තරායකාරී තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබීම කෙරෙහි අවධානය යොමුකර තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතුකිරීම භාර අංශයේ ප්‍රධානී මයික් රයන් අදහස් දක්වමින්, අලුතින් පැතිරයන කොරෝනාවෛරස් ප්‍රභේදය වසංගතයක් පරිණාමය වීමේදී උද්ගතවෙන සාමාන්‍ය ප්‍රවණතාවක් යයි සඳහන් කළේය. එහෙත් ''එය පාලනය කරගත නොහැකි'' ප්‍රවණතාවක් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමුවකු වන මයික් රයන් පවසයි. එහෙත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පසුගිය ඉරිදා කියාසිටියේ වෛරසයේ නව ප්‍රභේදය පාලනය නොවූ මට්ටමක ඇති බවය. මේ අතර එක්සත් රාජධානියේ පැතිරයමින් පවතින වෛරස් ප්‍රභේදයට වෙනස් කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හසුවී ඇත. එම තත්ත්වය යටතේ ඇතැම් රටවල් විසින් දකුණු අප්‍රිකානු සංචාරකයන් සම්බන්ධයෙන් තහංචි පනවනු ලැබීමේ ප්‍රශ්නයකට එරට මුහුණ දී ඇත. එක්සත් රාජධානිය සම්බන්ධයෙන් සංචාරක තහංචි පනවනු ලබන රටවල ලැයිස්තුව දීර්ඝවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයත් (WHO) අන්තරායකාරී තත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබීම කෙරෙහි අවධානය යොමුකර තිබුණි. යුරෝපයේ සිදුවන්නේ කුමක්ද? කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය තම භූමීන්ට ව්‍යාප්තවීම වලක්වා ගැනීමේ පියවරක් වශයෙන් බොහෝ රටවල් එක්සත් රාජධානියේ සිට පැමිණෙන ගුවන්ගමන් තහනම් කිරීමට පියවර ගෙන ඇත. ප්‍රංශය එක්සත් රාජධානියෙන් පැමිණෙන මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය තහනම් කිරීමට පියවර ගැනීමෙන් අනතුරුව දෙරට අතර ගනුදෙනු කෙරෙන දකුණු බ්‍රිතාන්‍යයේ ඩෝවර් (Dover) වරායේ කටයුතු ව්‍යාකූල විණි. වෙළෙඳාම යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ අවශ්‍ය පියවර ගනිමින් ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එවර ප්‍රකාශ කළේය. උද්ගතව පවතින අර්බුදකාරී තත්ත්වය ''හැකිතාක් ඉක්මනින්'' නිරාකරණය කර ගැනීමට බලාපොරොත්තු තබන බවත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා තිබිණි. ප්‍රංශය ගත් තීන්දුව සමඟ 'ඩෝවර්' වරාය කරා ධාවනයවෙමින් තිබුණ ලොරි පෝලිම ගුවනට පෙනුන ආකාරය මේ අතර යුරෝපා හවුලේ සාමාජික රාජ්‍යයන් විසිහතේ නිලධාරීහු තම පාර්ශ්වයෙන් දැක්විය යුතු පොදු ප්‍රතිචාරය තීන්දුකිරීම සඳහා බ්‍රසල්ස් නගරයේ රැස්ව සාකච්ඡා කළහ. ඔවුන්ගේ තීන්දුව අඟහරුවාදා (දෙසැම්බර් 22) සවස්භාගයේ ප්‍රකාශ කෙරෙනු ඇතැයි අපේක්ෂා පළවෙමින් පැවති අතර සාකච්ඡාවට භාජනය වූ එක කරුණක් වුණේ, එක්සත් රාජධානියෙන් ගමන් ආරම්භ කරන්නන් එරටින් පිටවීමට පෙර කෝවිඩ් 19 -නොවන බව පරීක්ෂණයක් මගින් සහතික කර ගැනීමය. මේ අතර යුරෝපා මහාද්වීපයෙන් වාර්තා වූ යහපත් පණිවුඩයක් වුයේ , ෆයිසර් (Pfizer-BioNTech) එන්නතට යුරෝපා හවුලේ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලැබීමය. ඒ අනුව ලබන ඉරිදා තරම් කෙටිකාලයක් ඇතුළත එන්නත් කිරීම ආරම්භ කිරීමට මාර්ගය විවෘතව ඇත. එක්සත් රාජධානිය සම්බන්ධයෙන් සංචාරක තහංචි පනවන ලද ප්‍රධාන රටවල් අතරට රුසියාව,බෙල්ජියම,ප්‍රංශය,කැනඩාව.සහ අයර්ලන්තයත් ඇතුළත් විය. එම පියවර ගත් ආසියානු කලාපයේ රටවල් අතරට ඉන්දියාව,හොංකොං මෙන්ම ශ්‍රී ලංකාවත් එක්ව ඇත. ශ්‍රී ලංකාව ගත් පියවර බදාදා (දෙසැම්බර් 23) අලුයම 2.00 න් පසුව එක්සත් රාජධානියෙන් පැමිණෙන කිසිදු ගුවන්යානයකට නැවත දැනුම්දෙන තෙක් ගොඩබෑමට අවසර නොලැබෙන බව ශ්‍රී ලංකාවේ බලධාරීහු අඟහරුවාදා ප්‍රකාශයට පත්කළහ.මේවනවිට එක්සත් රාජධානියට සංචාරක තහංචි පනවා ඇති සෙසු රටවලට සමාන්තරව ඉහත කී නිවේදනය නිකුත්කරන ලද්දේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්ගමන් අධිකාරිය විසිනි. එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සිදුව තිබෙන්නේ එක්සත් රාජධානියේ පැතිරයමින් පවතින කොරෝනාවෛරස් නව ප්‍රභේදය සැලකිල්ලට ගනු ලැබීමය. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස බීබීසී සිංහල සේවයට පැවසුවේ එංගලන්තයෙන් පිටත්වන හෝ ඒ හරහා එන සියලු ගුවන් මගීන්ගේ පැමිණීම දෙසැම්බර් 23 සිට තාවකාලිකව අත්හිටුවන බවය. පසුගිය මාර්තු 18 දින පටන් සංචාරකයන් භාරගැනීම නතරකරන ලද නමුත් විදේශගත සිය රටවැසියන්ට ආපසු රටට ඇතුල්වීමට අවසරදීමේ පිළිවෙතක් ශ්‍රී ලංකාව විසින් දිගටම අනුගමය කරනු ලැබුණි. එහෙත් දෙසැම්බර් 26 දින පටන් සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් කටයතු කරමින් ඇත. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා ඒමේ ප්‍රධාන මාර්ගයක් වූ අතර කොරෝනා වසංගතය එම ඉපැයීම් විශාල අවපාතයකට ලක් කිරීමට හේතු වී ඇත. යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක් මේ අතර ප්‍රකාශයක් කරන යුරෝපා කොමිසම එක්සත් රාජධානියට පනවා ඇති සංචාරක තහංචිය ඉවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි කියාසිටියි. එහෙත් ඉංග්‍රීසි ඕඩය හරහා සංචාරකයන් ගමන්ගනු ලැබීමේ ''උනන්දුව අඩුකිරීමට'' පියවර ගතයුතු බවත් යුරෝපා කොමිසම පවසයි. එම තීන්දුව ගනු ලැබ තිබෙන්නේ යුරෝපා හවුලේ සාමාජික රටවල නියෝජිතයන් පොදු එකඟතාවකට පැමිණෙමිනි. එම තීන්දුව ගනු ලැබීමට පෙර යුරෝපා හවුලට අයත් රටවල් වෙන් වෙන් වශයෙන් එක්සත් රාජධානිය සම්බන්ධයෙන් සංචාරක තහංචි පැණවීමට පියවර ගත්හ. ''අත්‍යවශ්‍ය සංචාර සහ සැපයුම් ජාලය අඩාලවීම වලක්වා ගැනීම සඳහා දැනට බල පැවැත්වෙන ගුවන්ගමන් සහ දුම්රිය ගමන් තහනම දීර්ඝ නොකළ යුතුව ඇතැයි'' යුරෝපා කොමිසම පවසයි. ''එක්සත් රාජධානිය සහ යුරෝපා හවුල අතර අත්‍යවශ්‍ය නොවන සංචාර සහ ගනුදෙනුවලට අදාළ කටයුතු සඳහා මහජනයා උනන්දු නොකිරීමට සාමාජික රාජ්‍යයන් එකමුතු ක්‍රියාමාර්ගයක් ගතයුතුව ඇතැයි'' යුරෝපා හවුලේ අධිකරණ කොමසාරිස්වරයා පැවසීය. කියවන්න;
ලෝකයේ රටවල් ගණනාවක් විසින් සංචාරක තහංචි ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ දැනට එක්සත් රාජධානියේ පැතිරෙමින් පවතින කොරෝනාවෛරස නව ප්‍රභේදය සම්බන්ධයෙන් කෙරෙන ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් බරපතල අතට හැරෙමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'යම් යම් තැන්වලදී අපිට සමාන්තරව ගමන් කරන්න සිද්ද වෙනවා' තවමත් නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් නොපැවති නමුත් එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව විරුද්ධ පක්ෂ වරින් වර නිල නොවන ආකාරයෙන් සාකච්ඡා පවත්වන බව සඳහන කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා, රට බේරා ගැනීම විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල අරමුණ බවත් සඳහන් කළේය. "ඒ අරමුණේදී යම් යම් තැන්වලදී අපිට සමාන්තරව ගමන් කරන්න සිද්ද වෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු පියවර කවරක් දැයි පක්ෂය තවමත් අවසාන තීරණයකට එළැඹි නොමැති බවත් සරත් ෆොන්සේකා කියා සිටියේය. වෙනත් පොදු අපේක්ෂකයකුට සහාය දීම මගින් සිය පක්ෂයේ පසුබෑමක් ඇතිවීමට ඉඩ තිබෙන බව කියා සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා, එසේ පසුබෑමක් ඇති නොවන්නේ නම් පක්ෂය පොදු අපේක්ෂකයකුට සහාය දීමට ඉඩ තිබෙන බව සඳහන් කළේය. සිය පක්ෂය භේද භින්න කිරීමට උත්සාහ දරන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට චෝදනා කළ සරත් ෆොන්සේකා, සිය පක්ෂයේ නායකයාගේ 'කකුලෙන් අදින ආකාරයට' සිය පක්ෂයේ කටයුතුද අඩාල කිරීමට උත්සාහ නොකරන මෙන් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කළේය. "මහත්මා දේශපාලනයක් කරන්න කියලා අපි එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහායද අපේක්ෂා කරන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ ඉඟි කරන ලදැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. පසුගිය දින 10ට ආසාදිතයින් 13,000ක් හමුවී ඇති බව පවසන ඔහු, කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්‍ෂණ සිදු කරනු ලැබුවද රසායනාගාර වාර්තා ප‍්‍රමාදවීම නිසා දෛනිකව ප‍්‍රකාශයට පත් කෙරෙනුයේ සැබෑ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නොවන බව කියා සිටී. හුදකලා කරන ලද ප්‍රදේශයක යොදවා සිටින ආරක්ෂක හමුදා සාමාජිකයන් රට තුළ පවතින කොවිඩ් -19 අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සෞඛ්‍ය අංශ වෙත උපරිම සහයෝගය ලබාදෙන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටී. බ්‍රිතාන්‍යයේ පැතිරෙන B.1.1.7 යන කොරෝනා වෛරස ප්‍රභේදය මේවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවත් ඉන්දියාවේ පැතිරෙන වෛරස් ප්‍රභේදය මේ වන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් හමුවී නොමැති බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම ජිවන්දර මාධ්‍ය හමුවේ පැවසීය. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මාධ්‍ය හමුවේ පැවසුවේ තරුණ පරපුර මෙම නව ප්‍රභේදයේ ගොදුරක් වී ඇති අතර මේ වන විට කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකකකක ධාරිතාව උපරිම මට්ටමකට ළඟාවී ඇති බවය. රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, රජයේ රෝහල් 1105 ක් ඇත. ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් 1000 කටම ඇඳන් 3.5 ක් ඇති අතර පුද්ගලයින් 1,117 කට එක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් සහ පුද්ගලයන් 10,000 කට හෙදියන් 17.2 ක් සිටී. රජයේ රෝහල්වල ඇඳන් 74526 ක් ඇත. ඇඳන් 5120 ක් සහිත පෞද්ගලික රෝහල් 200 ක් ද ඇත. ශ්‍රී ලංකාවේ දැඩිසත්කාර එකක (ICU) ඇඳන් 700 ක් ඇති අතර, එම ඇඳන් වලින් 146 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇත බවට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශකරයි. ඔක්සිජන් පහසුකම් මේ වන විට රට තුළ ඇති ආයතන දෙකකින් නිපදවන ඔක්සිජන් ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සමස්ත වෛද්‍ය පරිභෝජනය මෙන් තුන්ගුණයක් බව එම ආයතන දෙකේ නිලධාරීහු බීබීසී සිංහල සේවය සමග පැවසූහ. දැනට ශ්‍රී ලංකාවේ දෛනික වෛද්‍ය ඔක්සිජන් අවශ්‍යතාව දිනකට ටොන් 35 කි. ශ්‍රී ලංකාවට ඔක්සිජන් නිපදවන සමාගම් දෙකෙහි දෛනික ඔක්සිජන් නිපැයුම් හැකියාව ටොන් 90 ක් වේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඔක්සිජන් නිෂ්පාදන ආයතන දෙකෙන් එක් ආයතයක් වන ඉන්ඩ්ස්ට්‍රියල් ගෑස් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ගුරුගේ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ සිය සමාගම මෑතකදී ධාරිතාව ඉහළ නංවා ඇති බැවින් දැනට සපයන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් සැපයීමේ හැකියාව ඇති බවකි. රටට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් නිෂ්පාදනය කරන නමුත් ඔක්සිජන් සැපයීමට අවශ්‍ය ටැංකි වැනි යටිතල පහසුකම් වල හිඟයක් ඇතැම් රෝහල්වල පැවතිය හැකි බව එම සමාගම් බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. කොරෝනා වෛරසය ; ශ්‍රී ලංකාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාවට ළඟා වෙයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මේ වන විට රෝහල්වලට අඛණ්ඩව ඔක්සිජන් සැපයීම සඳහා රජයේ රෝහල්වලට නව ටැංකි සැපයීමත් සමඟ රෝහල්වල යටිතල පහසුකම් වැඩි කිරීමට රජය ක්‍රියා කරන බවයි.කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය සැලකීමේදී දිවයිනේ ඕනෑම රෝහලකට දිනක් තුළදී ඔක්සිජන් සැපයිය හැකි බව ඔහු තවදුරටත් පැවසීය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ "දැනට හඳුනාගන්නා රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතය ඔක්සිජන් ලබාදිය යුතු මට්ටමේ අය. එය යම් ආකාරයකට අවදානම් තත්ත්වයක් වගේම වහාම ඔක්සිජන් තොග ගබඩා කර ගත යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ. අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කළා මේ සදහා අවශ්‍ය තොග පවතිනවද නැතිනම් ඒ සඳහා සාමාන්‍ය රෝහල් සේවාවන් පවත්වාගෙන යන්නේ කෙසේද, ඔක්සිජන් අතිරික්ත සංචිත පවත්වාගැනීමේ වැදගත් කමත් සාකච්ඡා කරලා ඒ සදහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා." යනුවෙනි. වෛරසයේ වත්මන් තත්ත්වය පවතින තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් පළ කළ ශ්‍රී ජවර්ධනපුර විශ්විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ අංශ ප්‍රධානී මහාචාර්‍ය නීලීකා මලවිගේ පෙන්වා දුන්නේ සීඝ්‍රයෙන් ඉහළ යන ආසාදිත සංඛ්‍යාව හේතුවෙන් රට ඉතාමත් බැරෑරුම් තත්ත්වයකට පත්ව තිබෙන බවකි. "මෙහිදී වඩාත් වැදගත් වන්නේ සෞඛ්‍ය අංශය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමයි," ඇය පැවසීය. "අද අප මේ මුහුණ දෙමින් සිටින්නේ, අනෙකුත් සියලුම රටවල් B.1.1.7 ප්‍රභේදය හඳුන්වා දීමෙන් පසු අත්විදි අවස්ථාවටයි. මෙම ප්‍රභේදය ඉතා ඉහළ සම්ප්‍රේෂණ අගයක් සතුයි. එම නිසාම ආසාදිත සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වීමත්, මෙම ආශ්‍රිත රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ ගණන වර්ධනය වීමත් හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අසීරුතාවයකට පත් විය හැකියි." "මෙම ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ අනෙක් රටවල්හි ආසාධිතයන් වර්ධනය වූ හැටි බලන්න. සංඛ්‍යා ඉහළ ගියේ නොසිතු අයුරින්. අපේ රටේ දැන් සිදුවෙමින් පවතින්නේද මෙම තත්ත්වයමයි." ඇය තවදුරත් පැවසුවේ එක්සත් රාජධානියේ ප්‍රභේදය, B.1.1.7, පළමු ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරීමට උපකාරී වන විකෘතිතා පවතින බවය. එබැවින් එය මුල් ප්‍රභේදයට වඩා වැඩි වේගයෙන් පැතිරේ. ඉදිරි සති කිහිපයේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුවේදැයි යන පැනයට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ "එය තීරණය වන්නේ මෙය පාලනය කිරීම සදහා යොදා ගන්නා ක්‍රමවේදයන් මතයි. බලධාරින් දැනටමත් නොයෙක් සීමාවන් පනවා තිබෙනවා. ප්‍රිය සම්භාෂණ, උත්සව යනාදිය තහනම් කිරීම අවස්ථාවේ හැටියට ඉතා හොඳ පිළියමක්. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මෙම පිළියම්වල බලපෑම කෙසේද යන වග බලා ගැනිමට තව සති දෙකකින් පමණ හැකි වෙයි." "ඉන්දියාව හා නේපාලය අත්විදින කනගාටුදායක තත්ත්වය අපිට පෙනෙනවා. අනෙක් ප්‍රභේදයන් රට තුළට පැමිණීම වලක්වා ගැනීමේ වගකීම අප සතුයි." වෛරසය සම්ප්‍රේෂණය අඩු කිරීමට කළ යුත්තේ කුමක් ද? මිනිසුන් එකිනෙකා සමඟ කටයුතු කිරීම වැළැක්වීම හෝ අවම කිරීම, නිවසේ සිට වැඩ කළ හැකි සියලුම පුද්ගලයින් නිවසේ සිට වැඩ කළ යුතු අතර සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන මේ සඳහා සැලැස්මක් සකස් කිරීමට උත්සාහ කිරීම තුළින් දැනට ශ්‍රී ලංකාවේ මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම අඩු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ලෙස මහාචාර්ය නීලීකා මලවිගේ පෙන්වා දුන්නාය. "අත්‍යවශ්‍ය වැඩ වලට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට හැර මිනිසුන් නිවසින් පිට නොවිය යුතුයි." "කෙසේ වෙතත්, මා දකින අයුරින්, ආසාදිතයන් ගණන හැකි පමණින් අඩු මට්ටමක පවත්වා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතුව තිබෙනවා. කොවිඩ් ආසාදිතයන් රෝහල්ගත කිරීමකදී අවම වශයෙන් දින 7ක් හෝ වැඩි ගණනක් රෝහලේ රැඳෙනවා. මෙය ඩෙංගු වැනි අනෙක් බෝවන රෝග වලට වඩා බොහෝ සෙයින් වෙනස් තත්ත්වයක්. මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය අංශ දැඩි අසීරු තත්ත්වයකට පත්වන බව මම යළි යලිත් කියන්නේ එම නිසයි. මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය අංශයට ක්‍රියාත්මක විය හැකි සීමාවන් තිබෙනවා. එම සීමාවට පැමිණි පසු සිදුවන්නේ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි. එම තත්ත්වය වලක්වා ගැනීම හා අවම කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතු වනවා." දිගු කාලීනව ගතහැකි හොඳම පිළියම එන්නත්කරණයයි. කෙසේ වෙතත්, එන්නත ලබා දීමෙන් පසු, ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය මගින් ආරක්ෂාව සැපයීම සඳහා අවම වශයෙන් දින 21 වත් ගත වෙන හෙයින් දැනට උද්ගතව ඇති තත්ත්වය සඳහා පිළියමක් ලෙස එන්නත භාවිතා කල නොහැකි බවට ඇය පැවසීය. මෙම තත්ත්වය හැකි අයුරින් පාලනය කලයුතු අතර දිගු කාලීනව පිළියමක් ලෙස එන්නත ලබා දිය හැකි බවට ඇය පැවසීය. නව වෛරස ප්‍රභේදය වාතයෙන් පැතිරෙන්නේද? රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ පවසන පරිදි නව ප්‍රභේදයේ බිඳිති වාතයේ පැයක පමණ කාලයක් පවතින බවට නවතම පර්යේෂණ වාර්තාවන් පෙන්නුම් කරයි. ආචාර්ය චන්දිම ජිවන්දර පවසන්නේ ඉතා කුඩා බිඳිති වාතයේ වැඩි කාලයක් පාවීම නිසා මෙය වාතය මගින් බෝවන ප්‍රවනතාවක් පෙන්නුම් කරන බවය. බොහෝ විට සංවෘත ස්ථානයන් හිදී සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩි අතර විවෘත හා එළිමහන් ස්ථානන්යන් හි දී වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු බව ද ඔහු කියා සිටියේය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසන්නේ වෛරසය වාතය මගින් ව්‍යාප්තවිමක් පිළිබඳ විවිධ වාර්තා පළවූවත් මෙතෙක් එය තහවුරුවී නොමැති බවකි. එය සම්ප්‍රේෂණය වීමේ ප්‍රධානම ක්‍රමය නම් මිනිසුන් සමීපව සිටීම හෝ සෘජු සබඳතා බව ද ඔවුහු පවසති. ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන්, සංවෘත ස්ථානවලට සීමා වී සිටිමෙන් සහ සමීප සම්බන්ධතා පවත්වාගැනීමෙන් වැළකීම මෙන්ම පුද්ගල දුරස්ථභාවය, සමූහයන් ලෙස රැස්නොවීම, කිවිසිමේ දි හා කැස්ස ඇතිවිටදී භාවිත කළ යුතු චර්යා රටා අනුගමනය කිරීම, විෂබීජහරණ පිළිවෙත්, දෑත් සේදීම, විෂබීජ නාශක දියර යෙදීම හා නිසි අන්දමට මුව ආවරණ පැළඳීම මගින් මෙම වෛරසය බෝවීම අවම කිරීමට හැකි බව බොහෝ සාක්ෂි සහිතව ඔප්පු කර ඇති ක්‍රම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පැවසීය. රජය ගෙන ඇති පියවර පවත්නා තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලුම පියවරයන් ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවාය. "අපි ICU එකට ගෙන්න කලින් නවත්තගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පැතිරීම වලක්වගන්න. නමුත් ICU capacity (ධාරිතාව) එකත් වැඩිකරගෙන යනවා. ඒවාවල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා සමහර ඒවා වල staff අඩුයි. ඒවා හදාගෙන යනවා. අදාළ නර්ස්ලා ලබාදීලා ඒ වැඩකටයුතු කරගෙන යනවා. වැඩියෙන්ම ඕන hydro oxygen නේ එක නිකන් ward එකක bed එකක් උඩ හරි ඔක්සිජන් දෙන්න පුළුවන් නේ ඒ ටිකට සුදානම තියෙනවා." "වසංගත තත්ත්වය ප්‍රබලව පැවතුනොත් එය අපේ ධාරිතාවය ඉක්මවායාමේ ප්‍රබල ඉඩක් තියෙනවා. ඒ නිසා අපි දිගින් දිගටම ඉල්ලන්නේ තවමත් මේ කාරණය තේරුම් අරගෙන නැතිනම් සංචරණය සීමා කරන්න. ඒ වගේම මුවආවරණ පැළඳීම දුරස්ථභාවය වගේම විෂබීජහරණ ක්‍රියාවලියට අනුගත වෙන්න කියන කාරණය තමයි අපි ඉල්ලන්නේ." මේ අතර සෞඛ්‍ය පහසුකම් ධාරිතාව උපරිම මට්ටමට පැමිණීම හේතුවෙන් ආයුර්වේද රෝහල් වෙත ද කොරෝනා රෝගීන් හට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට අවසර දී තිබේ.
ශ්‍රී ලංකාව තුළ දිනකදී හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවා පසුගිය දිනවල හමුවීමත් සමඟ මේ වන විට රට තුළ පවතින සෞඛ්‍ය පහසුකම්වල ධාරිතාව උපරිම මට්ටමකට පැමිණෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පැවසූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය එම චෝදනාව එල්ල කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් කරමිනි. රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන මෙන් දැනුම් දෙන දිනවල ජාතික නිදහස් පෙරමුණේ නායකයා නිසියාකාරව පෙනී නොසිටින බවයි, පොල්ලිසිය එහිදී සඳහන් කළේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි බැවින් නීතිපතිවරයා වෙත පරීක්ෂණ ගොනු යැවීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. කරුණු සලකා ලැබූ මහේස්ත්‍රාත්වරිය ලබන 28 සහ 29 යන දිනවල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරියේ පෙනී සිට අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන මෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා වෙත නියෝග කළාය. පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීම පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
රාජපක්ෂ පරිපාලනයේ බලධාරීන්ට එරෙහි දූෂණ, වංචා චෝදනා සම්බන්ධ පරීක්ෂණවලට සහාය දීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවට පොලිසිය විමල් වීරවංශ මන්ත්‍රීවරයාට චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එසේ වුවද එම කම්පනය ඊයේ (නොවැම්බර් 13) මධ්‍යම රාත්‍රියේ ඇතිවූ භූමිකම්පාව තරම් ප්‍රබල වී නැත. රික්ටර් මාපකයේ 7.5 සටහන් කරමින් ඇතිවූ පළමු භූමිකම්පාවෙන් පුද්ගලයන් දෙදෙනකු මරුමුවට පත් වූ අතර ඒ සමග සුනාමි අනතුරු සංඥා නිකුත් කිරීමට බලධාරීහු කටයුතු කළහ. පසු කම්පන තවදුරටත් වාර්තාවන අතර පීඩාවට පත් නවසීලන්තවාසීන් නිදිවර්ජිතව රැය පහන් කරන ආකාරය දැක ගත හැකි විය. සන්නිවේදන පහසුකම් ඇණහිට ඇති අතර ඇතැම් ගොඩනැගිලි සහ නිවාසවලට හානි සිදු වී තිබේ. 2011 වසරේ දී ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ සිදු වූ භූමිකම්පාවෙන් එකසිය අසූපස් දෙනෙකු මරණයට පත් විය. එම භූමිකම්පාවට වඩා මෙවර ඇති වූ භූ චලනය ප්‍රබල වුවත් ඉන් එතරම් හානියක් වාර්තා වී නොමැත.
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපකයේ 6.3 වාර්තා කරමින් තවත් භූමිකම්පාවක් ඇති විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින තිනෙත් ජයසූරිය එවන් ධෛර්යසම්පන්න තරුණයෙකි. වයස අවුරුදු හයක් වූ දරුවෙකුව සිටියදී සුනාමියට හසුවූ ඔහු හම්බන්තොට මහලේවායේ, කොටයක් මත දින එකහමාරක් පා වෙමින් සිටියදී සොයාගෙන රෝහල්ගතකර තිබුණේ මළ සිරුරු සෙවීමට පැමිණි පිරිසක් විසිනි. තිනෙත්ගේ එකම සොයුරිය සමග ඥාතීන් පස් දෙනෙකුට සුනාමියෙන් දිවි අහිමි විය. සුනාමි ඛේදවාචකයෙන් පසු නව පන්නරයක් ලද ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මෙන්ම එම විද්‍යාලයේ විශිෂ්ට සිසුවාට හිමි සම්මානය ද හිමිකර ගත්තේය. එමෙන්ම තිනෙත් ජයසුරිය ඔරු පැදීමේ ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ රන් පදක්කම් 07ක් සහ රිදී පදක්කම් 04ක් ද තමන් සතු කරගෙන ඇත. "අවුරුදු හයේදි සුනාමියට හසුවී දවස් එකහමාරක් කොටයක් උඩ සිටිමින් ජීවිතය බේරාගත් මට දැන් කිසිවක් අභියෝග නොවේ,' ඔහු බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය. මේ ගැනත් දැනගන්න: නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර
2004 දෙසැම්බර් 26 වැනිදා ඇති වූ සුනාමි රළ පහරට සිය නෑ හිතමිතුරන් සහ වෙනත් භෞතික දෑ උදුරා ගත හැකි වුව ද ආත්ම විශ්වාසය උදුරාගත නොහැකි වූ බව සනාථ කරන දිරිය මිනිස්සු අප අතර සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනතුරට පත් ටයිටැනික් නෞකාවට විශාලත්වයෙන් සමාන අනුරුවක් ඉදි කෙරෙන්නේ පළමුවරටයි පසුගිය බ්‍රහස්පතින්දා වැඩ ආරම්භ කෙරුණ දිගින් මීටර 269 ක් වන නෞකා අනුරුව සිචුවෑන් පළාතේ ජලාශයක් තුළ ස්ථීර වශයෙන් නැංගුරම් ලා තැබෙනු ඇත. 1912 වසරේදී අනතුරට පත් ටයිටැනික් නෞකාව ඉදිකරන ලද්දේ බෙල්ෆාස්ට්හි හැරල්ඩ් සහ වොල්ෆ් සමාගම විසිනි. දිගින් මීටර 269 ක් වන නෞකා අනුරුව සිචුවෑන් පළාතේ ජලාශයක් තුළ ස්ථීර වශයෙන් නැංගුරම් ලා තැබෙනු ඇත. එංගලන්තයේ සවුතැම්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා සිය මංගල චාරිකාව ඇරඹි ටයිටැනික් නෞකාව හිමකුළක ගැටී අනතුරට පත් විය. අනතුරින් එහි ගමන්ගත් මගීන් 1,500 දෙනෙක් මරුමුවට පත්විය. 1997 වසරේදී සිනමාවට නැගුණු ටයිටැනික් වෘතාන්තය චීන වැසියන් අතර අතිශයින් ජනප්‍රිය වීමත් සමග ටයිටැනික් අනුරුවක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමුවිය. ව්‍යාපෘතිය සඳහා පවුම් ලක්ෂ 1150 වැය කෙරෙනු ඇතැයි අදාළ සමාගම 2014 වසරේදී නිවේදනය කළ බව AFP පුවත් සේවය වාර්තා කරයි එංගලන්තයේ සවුතැම්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා සිය මංගල චාරිකාව ඇරඹි ටයිටැනික් නෞකාව හිමකුළක ගැටී අනතුරට පත් විය ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය ක‍රන ලද කේට් වින්ස්ලට් සහ ලියනාඩෝ ඩිකැප්‍රියෝ රංගනයෙන් දායක වූ ටයිටැනික් චිත්‍රපටය සඳහා මුල් නෞකාවේ අනුරුවක් යොදා ගත් නමුත් විශාලත්වයෙන් එක හා සමාන අනුරුවක් නිර්මාණය කෙරෙන්නේ පළමු වරටයි. එය මුල් ටයිටැනික් නෞකාව මෙන් නර්තන ශාලා, පිහිනුම් තටාක සහ සිනමා ශාලාවලින් සමන්විත වනු ඇත. ව්‍යාපෘතිය සඳහා පවුම් ලක්ෂ 1150 වැය කෙරෙනු ඇතැයි අදාළ සමාගම 2014 වසරේදී නිවේදනය කළ බව AFP පුවත් සේවය වාර්තා කරයි.
විශාලත්වය අතින් ද සමානවන ටයිටැනික් නෞකාවේ අනුරුවක් චීනයේ විනෝද උයනක් (Theme park) තුළ ඉදිකිරීමට නියමිතයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ළමුන් හා කාන්තාවන් හිංසාවට ලක් නොකරන පිරිමි සමාජයක් බිහි කරමු' පසුගියදා කාත්තන්කුඩි මන්චන්තෝදුවායි ප්‍රදේශයේ අට හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කළ බවට සැක පිට අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ කාන්තාවෝ එම සිදුවීමට විරෝධය පළ කර උද්ඝෝෂණය කළහ. 'ප්‍රචණ්ඩත්වය නැති රටක් නිවසක් අපට ඕනේ' ඊට කාන්තා සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූ බව ශාන්ති සෙල්වදොරේ සංදේශයට කියා සිටියාය. මඩකලපුව ඔරලෝසු කණුව හන්දියේ සිට අධිකරණ සංකීර්ණය දක්වා ගමන් කළ විරෝධතාකරුවෝ ළමුන් හා කාන්තාවන්ට මුහුණ දීමට සිදු වී ඇති ප්‍රචණ්ඩත්වය නිමා කිරීමටත් ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටියහ. ඉහත කී දැරිය දූෂණය කර මරා දැමූ බවට සැක පිට අත්අඩංගුවට පත් පුද්ගලයා වෙනුවෙන් කිසිදු නීතිඥයකු ඉදිරිපත් නොවිය යුතු බවයි විරෝධතාවයට එක් වූ කාන්තාවෝ කියා සිටියේ.
මඩකලපුව දිස්ත්‍රික්කය තුළ සිදු වන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හා ළමා දූෂණ වලට විරෝධය පළ කර දෙමළ සහ මුස්ලිම් කාන්තාවෝ උද්ඝෝෂණයක නිරත වූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද මුක්ත කලාපයක් ලෙස රජය විසින් සීමා කරන ලද පටු බිම් තීරුවකට ගිය පසු මේ ප්‍රහාර එල්ල වුනු බවට සාක්ෂි යුද්ධයේ අවසාන අදියරේ දී රසායනික අවි සහ පොකුරු බෝම්බ ප්‍රහාර වලට තමන් ලක් වූ වග වන්නි වැසියන් සඳුදා වව්නියාව මහ අධිකරණයේ දී ප්‍රකාශ කළැ’යි මානව හිමිකම් නීතීඥ කේ එස් රත්නවේල් ප්‍රකාශ කළේය. සාක්ෂි කරුවන් ප්‍රකාශ කොට ඇත්තේ යුද මුක්ත කලාපයක් ලෙස රජය විසින් සීමා කරන ලද පටු බිම් තීරුවකට තමන් ගිය පසු මේ ප්‍රහාර එල්ල වුනු බවයි. ඉන්දීය නෞකාවක් ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මුල්ලිවයික්කාල් ප්‍රදේශයට මුහුදින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පිරිසක් මිය ගිය බවටත් අධිකරණය හමුවේ සාක්ෂි ලැබුණු බව නීතීඥ රත්නවේල් කියා සිටියේය. යුද හමුදාවට භාර දීමෙන් පසු අතුරුදහන් වූ තම ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලා වව්නියාව මහ අධිකරණයේ පැවරූ නඩු දාහතරක් සම්බන්ධ සාක්ෂි විමසීමේ දීයි මේ තොරතුරු ප්‍රකාශයට පත් වී ඇත්තේ. ශ්‍රී ලංකා රජය එල්ටීටීඊ ය යුද්ධයෙන් පරදවා ලූ 2009 මැයි මාසයට ආසන්න කාල සීමාවේ දී යුද හමුදාවේ ඉල්ලීම පරිදි ආරක්ෂාව පතා භාර වූ පිරිස් අතර මේ ඥාතීන් ද වූ බවයි පැමිණිලි කරුවන් ප්‍රකාශ කරන්නේ. සාක්ෂිකරුත් අතුරුදහන් යුද හමුදාවට ඥාතීන් භාර දීමේදී සාක්ෂිකරු වශයෙන් යොදා ගනු ලැබූ යාපනේ ශාන්ත පැට්‍රික් විදුහල්පති ෆ්‍රැන්සිස් ජෝසප් කතෝලික පුජක වරයාද අතුරුදහන් වී ඇති බවට පැවරු නඩුවක්ද මේ අතර ඇත. ශ්‍රී ලංකා රජය පවසා ඇත්තේ එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ දී කිසිදු සාමාන්‍ය වැසියකු මරා නො දැමුණු බවයි.
කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ දී ආරක්ෂක අංශ විසින් නීති විරෝධී අවි ප්‍රහාර සිදු කොට ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් බීබීසී සිංහල සේවයට පැවසීය. "නිල වශයෙන් පක්ෂය තීන්දුවක් අරගෙනත් නෑ. ඒවගේම විශ්වාස භංගයට මුල් වෙලා කටයුතු කරන කණ්ඩායම නිල වශයෙන් අපට ආරාධනා කිරීමක්, සාකච්ඡා කිරීමක් හෝ වෙනත් කිසිම දෙයක් කරලා නැහැ," කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියි. පෞද්ගලිකව තමන් එම යෝජනාවට විරුද්ධ වන්නේ කුමක් නිසාද යන කරුණත් ශ්‍රීලනිප මහ ලේකම්වරයා විස්තර කළේය. "මේ ආණ්ඩුවට පසුගිය මැතිවරණයෙන් කිසියම් උත්තරයක් ලැබිල තියෙනව නම්, ඒ උත්තරේට දුමින්දත් වග කියන්න ඕන, රනිල් වික්‍රමසිංහ මහත්තයත් වග කියන්න ඕන, ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේ පක්ෂ දෙකම වග කියන්න ඕනේ" ඔහු පෙන්වා දෙයි. "තනි පුද්ගලයෙකුට ඒ වගකීම භාරගන්න පුළුවන් කමක් නෑ." අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන සතියේ ගෙන ඒමට නියමිත බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ අතර පවසයි. පසුගිය සතියේ ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අදාළ යෝජනාව මේ සතියේ ඉදිරිපත් කරන බව සඳහන් කළේය. "අගමැතිට ළඟදීම යන්න වෙනවා" - මහින්ද "අගමැතිට ළඟදීම යන්න වෙනවා" යයි එහිදී සඳහන් කළ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, "අගමැති යවන්න, එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු කටයුතු කරයි වගෙයි පෙනෙන්නේ.මට කරන්න දෙයක් නැති වෙයි," හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. එජාප මතය එහෙත් බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ, පක්ෂයේ කිසිදු බෙදීමක් නොමැති අතර, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක්සත්ව අගමැතිවරයාට සහාය පළ කරන බවය. ඒකාබද්ධ විපක්ෂය එය ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ලෙස බැවින් කිසියම් ඇමතිවරයෙක් එයට සහාය පළ කරන්නේ නම් ඔහුට පදවියෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බව ද විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා වැඩිදුරටත් පැවසීය. පසුගියදා කරන ලද කැබිනට් සංශෝධනය "කොමඩියක්" ලෙසින් විග්‍රහ කළ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද සඳහන් කළේ විශ්වාස භංග යෝජනාවට සහාය දෙන්නේද, නොදෙන්නේද යන්න තීරණය කිරීමට සිදුවන්නේ චෝදනා සලකා බැලීමෙන් අනතුරුව බවය. මෑතදී අගමැති රනිල් වික්‍රමසිංහ දැඩි විවේචනයට ලක් කළ පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා විදේශගතව සිටින බව දැනගැනීමට ලැබිණ. ශ්‍රීලනිප ඇමතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ටී.බී ඒකනායක අමාත්‍යවරයා විශ්වාස භංග යෝජනාවට පක්ෂය අත්සන් තබා ඇති බව මේ අතර ජනමාධ්‍ය වාර්තා කරයි. "මේ ආණ්ඩුවට පසුගිය මැතිවරණයෙන් කිසියම් උත්තරයක් ලැබිල තියෙනව නම්, ඒ උත්තරේට දුමින්දත් වග කියන්න ඕන, රනිල් වික්‍රමසිංහ මහත්තයත් වග කියන්න ඕන, ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේ පක්ෂ දෙකම වග කියන්න ඕනේ" ඒ පිළිබඳ තමන් ද දුටුවේ මාධ්‍ය මගින් පමණක් බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි දුමින්ද දිසානායක අමාත්‍යවරයා, විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නය දැඩි විවේචනයට ලක් කළේය. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහට පදවියෙන් ඉල්ලා අස්වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළේ අගමැතිවරයා කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති නිසා නොවේ දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා කියා සිටියේ එවැනි ඉල්ලීමක් කළේද යන්න ගැන නිල වශයෙන් කිසිවක් කිව නොහැකි බවය. "ඒ කෙසේ වෙතත්, මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට, ඒ වගේම ආණ්ඩුවට දේශපාලන වශයෙන් තේරුම් ගත යුතු කාරණා සහ වෙනස් කළ යුතු කාරණා වෙනම තියෙනව," ඔහු පැවසීය. 'ආණ්ඩුව විනාශ කිරීමේ අරමුණක්' එබැවින් අදාළ විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර "විරසකයක් ඇති කිරීමේ" සහ "ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ" අරමුණින් ඒකාබද්ධ විපක්ෂය ගෙන යන දේශපාලන උපාය මාර්ගයක් බව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ විග්‍රහය වී තිබේ. "ඔවුන් බලාපොරොත්තු වනවා - එෆ්සීඅයිඩී එක අයින් කරගන්න, ඒවගේම ඒගොල්ලන්ට තියන නඩු හබ ටික අයින් කරගන්න, ඒවගේම සුවිශේෂී අධිකරණයක් පත්කරන වැඩේට විරුද්ධ වෙන්න. ඉතින් බොහොම පැහැදිලිව මේ සියල්ල යට තියෙන්නේ තමන්ට විරුද්ධව තියන චෝදනාවලින් කොහොමද ගැලවෙන්නේ කියන කාරණාව." එබැවින් 2015 ජනවාරි 08 ජනවරමට පිටු නොපෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු සියලු දෙනාට "වගකීමක් තිබෙන" බව ද අමාත්‍ය දුමින්ද දිසානායක අවධාරණය කළේය. "මේ රටේ අති බහුතරයක් ජනතාව මේ මැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නේ, හොරු ගැන කතා කළාට හොරු ඇල්ලුවේ නැති නිසා. හොරුන්ට ජයගන්න දෙන්නේ නැති ඕනෑම දෙයක් කිරීමට මේ ආණ්ඩුවට විශාල වගකීමක් තියෙනව." පක්ෂයක් ලෙසින් තීන්දුවක් ගෙන නැතත්, සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර සහ එස්.බී දිසානායක අමාත්‍යවරුන් මෙන් තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයා වැනි පිරිසක් විශ්වාස භංග යෝජනාවට සහාය දිය යුතුය යන ස්ථාවරයක සිටින බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසූ අවස්ථාවේ ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා කියා සිටියේ ඔවුන් සියලු දෙනාම ජනවාරි 08 ජනපතිවරණයේදී "හොරකම, දූෂණය, වංචාවට විරුද්ධ නොවූවන්" බැවින් තමන් ඒ පිළිබඳව "පුදුම නොවන" බවය. "එතකොට හැබෑවටම ජනතාව නියෝජනය කරපු අයගේ මතය ඕක නෙවෙයි. ඉතින් මත දෙකක් මෙතන තියෙනව."ඇමතිවරයා කියා සිටියි. බොහෝ දූෂිතයන්ට එරෙහිව අධිකරණ විමර්ශන ආරම්භ වී තිබෙන මොහොතක් ඔවුන්ගේ "ගැලවීම වෙනුවෙන්" කෙරෙන මෙවැනි උත්සාහයකට කිසිසේත් සහාය දිය නොහැකි බව අමාත්‍ය දුමින්ද දිසානායක අවධාරණය කළේය. තවත් වාර්තා:
ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකුවන තිලාන් සමරවීර ඒ බව කියා සිටියේ හෙට (මාර්තු 15) ආරම්භවීමට නියමිත බංග්ලාදේශ ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයට පෙර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. "අවංකව කතා කරනවානම්, ලංකාවට ආවට පස්සේ මුල් දින හත ඉතා අපහසු වුනා. ඉන් පසු තරගාවලිය ආරම්භාවුනාට පස්සේ එය ඉතා හොඳින් දරා ගත්තා" යනුවෙන් ඔහු පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තිලාන් සමරවීර ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 81 කි. 2013 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන විට ලකුණු48 ක සාමාන්‍යයක් සටහන් කර තිබූ ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ ටෙස්ට් පිතිකරුවෙකු ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම පිළිබඳ තිලාන් සමරවීර පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග වදින වෙනත් කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම ආරම්භයේදී අපහසු කාර්යයක් වූ බව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් පුහුණු කරවන තිලාන් සමරවීර පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආණ්ඩුවේ සුජාතභාවය අහිමි වී ඇති බව විරුද්ධ පක්ෂය පවසයි ආණ්ඩුවේ සුජාතභාවය අහිමි වී ඇති හෙයින් තම පක්ෂයේ සාමාජිකයන්ට තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අයිතියක් නැති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. වරෙක ප්‍රචණ්ඩ බවට පත් වුනු, සති දෙකක් මුළුල්ලේ පැවති උද්ඝෝෂණවලින් අනතුරුව "අවසාන සටන" ලෙසින් ඔවුන් විග්‍රහ කරන දේ වෙනුවෙන් හෙට යලිත් වීදියට බසින බවයි විපක්ෂයට සම්බන්ධ උද්ඝෝෂකයන් පවසන්නේ. තායිලන්තයේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනා කරන අගමැති යින්ලුක් ෂිනවත්, සියලු පාර්ශව එකඟ වන්නේ නම් මහ මැතිවරණයක් පැවැත්වීමටද තමන් සූදානම් බව සඳහන් කළාය.
තායිලන්තයේ ආණ්ඩු විරෝධීන් නව උද්ඝෝෂණ ආරම්භ කිරීමට ප්‍රථම ප්‍රකාශයක් කරන ප්‍රධාන විරුද්ධ පක්ෂය, තම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අයර්ලන්තයට එරෙහි එක් දින තරඟ දෙකේ ජයග්‍රහණය හැරුණු කොට ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් පිනවීමට කණ්ඩායම සමත් නොවීය එංගලන්තය සමඟ ටෙස්ට් තරඟාවලිය 2-0 කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම, එක් දින සීමිත ඕවර තරඟාවලියද 3-0 කින් පරාජයට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දීර්ඝ එංගලන්ත සංචාරයේදී තවත් ඉතිරිව තිබෙන්නේ අඟහරුවාදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම යාන්තමින් හෝ ජයග්‍රහණයට සමීප වූයේ ජය පැරදුමෙන් තොරව නිමා වූ ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගනයේ පැවති පළමු එක් දින තරඟයේදී පමණයි. "සමහරු අපිව පිළිකුල් කරාවි, සමහරු දිගටම අපිට ආදරය කරාවි. ඔබේ බලාපොරොත්තු කඩ කිරීම ගැන කණගාටුයි," බවයි ඇන්ජලෝ මැතිව්ස් ට්විටර් පණිවුඩයක සඳහන් කරන්නේ. 'සමහරු අපිව පිළිකුල් කරාවි, සමහරු දිගටම අපිට ආදරය කරාවි. ඔබේ බලාපොරොත්තු කඩ කිරීම ගැන කණගාටුයි' - ඇන්ජලෝ මැතිව්ස් "මේක අසීරු කාලයක් නමුත් අපි ඉක්මනින් යළිත් හිස ඔසවනවා." සෙනසුරාදා කාඩිෆ් නුවර පැවති සිවු වැනි එක් දින තරඟය පරාජය වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් හය වැනි ස්ථානය දක්වා පහල වැටුණු අතර, එංගලන්තය ශ්‍රී ලංකාව අභිබවමින් පස් වැනි ස්ථානයට පත් විය. එසෙක්ස් සහ ලෙස්ටර්ශයර් ප්‍රාන්ත කණ්ඩායම්වලට එරෙහිව පැවති පුහුණු තරඟ ජය පරාජයෙන් තොරව නිමාවීමෙන් අනතුරුව, සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ අයර්ලන්තයට එරෙහි එක් දින තරඟ දෙක පමණයි. තරඟාවලිය අතරවාරයේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ටෙස්ට් කඩුලු 300 ක් රැස් කළ තෙවැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමට සමත්විය. ලහිරු තිරිමාන්න, ධම්මික ප්‍රසාද් සහ දුෂ්මන්ත චමීර තිදෙනාටම ආබාධ හේතුවෙන් යළි ශ්‍රී ලංකාව බලා යාමට සිදු වූ අතර, නායක මැතිව්ස්, උප නායක දිනේෂ් චන්දිමාල් සහ ෆර්වීස් මහරූෆ් තිදෙනාම සිය ආබාධිත තත්වය නොතකා දිගටම ක්‍රීඩා කළහ.
එංගලන්ත සංචාරයේදී දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩාලෝලීන් ගෙන් සමාව ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමතිනිය ඒ බව ප්‍රකාශ කළේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති උත්වයකින් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. "මම හිතනවා මේක හොඳ වෙලාව සහ කළයුතුයි කියලා. ඒ ගැන ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් යම් තීරණයකට ඇවිල්ලා තියනවා කියලා මගේ විශ්වාසය," යනුවෙන්ද ඇමතිනිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ කැබිනට් සංශෝධනයක් සඳහා සුදුසු කාලය එළඹී ඇතැයි විශ්වාස කරන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එජාප ආධාරකරුවන්ට එරෙහිව වෙඩි තැබීම් හතරක්. 'ඇසින් දුටු සාක්ෂි පවා තිබුණත් ප්‍රශ්න කිරීමක් පවා සිදු වී නැහැ' - කැෆේ ඒ වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීමට බදාදා නිරීක්ෂකයන් සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය එකඟ වූ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ (කැෆේ සංවිධානය) රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට පැවසීය. "අපි ඒ ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට යන්නට වෘත්තීය සමිති ගණනාවක්, ක්‍රියාධරයන්, සිවිල් සංවිධාන අද පොදු එකඟතාවයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ඇතිකර ගත්තා," යනුවෙන්ද ඔහු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. නීතිඥ සංගමය සතුව ඒ සඳහා ප්‍රතිපාදන තිබෙන අතර, මීට ඉහතදී වැලිවේරිය ප්‍රදේශවාසීන් වෙනුවෙන් නීතිඥ සංගමය මේ අයුරින් මැදිහත් වී තිබෙන බවත් රජිත් කීර්ති තෙන්නකෝන් සිහිපත් කළේය. 'සටන' වැඩසටහන ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමටත් පෙරාතුව ප්‍රචණ්ඩ ක්‍රියා පමණක් නොව මාධ්‍ය වාරණයක් ද දියත් කොට තිබෙන බවට බලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන්ම පියෝ ටීවී, සහ ඩයලොග් රූපවාහිනිය පසුගිය සෙනසුරාදා සිරස නාලිකාවේ 'සටන' වැඩසටහන විකාශනයට බාධා කිරීම පැහැදිලි ලෙසින්ම මාධ්‍ය වාරණයක් බවයි කැෆේ සංවිධානය පවසන්නේ. සටන වැඩසටහන 'වාරණය කිරීමට' එරෙහිව මැතිවරණ දෙපාර්තමේන්තුවට බොහෝ පැමිණිලි ලැබී තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් දක්වා තිබෙන ප්‍රතිචාරය 'හාස්‍යජනක' බවද කැෆේ සංවිධානයේ ප්‍රකාශකයා සංදේශයට පැවසීය. එහෙත් එම වැඩසටහනට බාධා කළ බවට කිසිදු පැමිණිල්ලක් තමන් වෙත ලැබී නැති බවයි, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පොදු අපේක්ෂකයා ලෙසින් නම්කරනු ලැබීමෙන් අනතුරුව බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා හයක් වාර්තා වී තිබෙන බවද කැෆේ සංවිධානය පවසයි. ප්‍රචණ්ඩ ක්‍රියා හයක් ඒ අතරින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මග්ගොන ප්‍රාදේශීය සභා සභාපති චමිල රණසිංහට වෙඩි තබා බරපතල තුවාල කිරීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා හතරක්ම ගිනි අවි භාවිත කිරීමේ සිදුවීම් බවද රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කළේය. මාදම්පේ සහ මාදම්පේ මැදගම ප්‍රදේශයේදීත්, හාරිස්පත්තුවේදීත් එජාප ආධාරකරුවන්ට තවත් වෙඩි තැබීම් තුනක් සිදු වී තිබේ. මේ බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන, ඡායාරූප සහ ඇසින් දුටු සාක්ෂි ඇතුළු බොහෝ සාක්ෂි තිබෙන නමුත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් මතු නොව ප්‍රශ්න කිරීමක් පවා සිදු වී නොමැති බවද කැෆේ සංවිධානය පවසයි. එම චෝදනාව පිළිබඳව විමසීම පිණිස පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලේඛනගත කිරීමේ සහ වාර්තා කිරීමේ සුපුරුදු ක්‍රියාදාමයෙන් ඔබ්බට යමින් ප්‍රචණ්ඩ කියාවලට එරෙහිව අධිකරණය ඉදිරියට යාමට සූදානම් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘අපිට තොරතුරු ලැබිලා තියනවා සමහර පෝස්ටර් ඇලවිලා තියනවා, කටවුට් තියනවා කියලා. තොරතුරු ලැබිලා තියනවා ඡායාරූපය යොදා ගෙන කටවුට් පෝස්ටර් නිර්මාණය කරලා තියනවා කියලා. අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒවා ඉවත් කරන්න කියලා’ යනුවෙන් ශ්‍රී ලංකා කතෝලික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා සංදේශයේ සරෝජ් පතිරණ සමග පැවසූහ. සිය සභාව විසින් කරන ලද ඉල්ලීමට සදාචාර සම්පන්න ලෙස දේශපාලනයේ යෙදෙන සියලු පක්ෂ ගරු කරණු ඇතැයි තමා විශ්වාස කරන බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටියහ. ජනාධිපතිවරණය ජනවාරි අට වනදා පැවැත්වීමට නියමිත අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යෙදී ඇත්තේ ඉන් දින පහකට පසු ජනවාරි දහතුන් වනදායි. නමුත් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනවාරි දහතුන් වනදා සැලසුම් කළ පරිදි සිදු වනු ඇති බවත් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසූහ. මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක හෝ ඉන් අනතුරු නුදුරු දිනක පාප් වහන්සේගේ සංචාරයක් යොදා ගැනීම සම්ප්‍රදාය බිඳ දැමීමක් නොවේදැයි යන්න සංදේශය විමසූ අවස්ථාවේ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කියා සිටියේ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ජනාධිපතිවරණය යොදා ගන්නා ලෙස තමා ඉල්ලා සිටි බවයි. ‘ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරයෙන් පස්සේ කෙටි කාලයක් ඇතුළත මේක කරන්න එපා, මොකද පාප්තුමාගේ සංචාරය දේශපාලන වේදිකාවල ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාව වැඩි වෙන්න පුළුවන්. එක නිසා අපි ඉල්ලා හිටියේ පාප් වහන්සේගේ සංචාරයට ඉස්සෙල්ලා මැතිවරණය නිමා කරන්න කියලා’ යනුවෙන් කතෝලික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා වැඩි දුරටත් කියා සිටියහ.
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යොදා නොගන්නා ලෙස කතෝලික සභාව සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2012 වර්ෂයේදී පිළිකා රෝගීන් මිලියන 14.1ක් වාර්තා වූ අතර, මිලියන 8.2ක් මියගොස් තිබේ. නමුත් වර්තමානයේ දී මෙම රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබේ. ලෝක ජනගහන වර්ධනය සහ වැඩිහිටි ප්‍රජාව වැඩිවීම මෙයට එක් හේතුවක් ලෙස දක්වා ඇත. දත්ත අනුව, සෑම පුරුෂයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට සහ කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට සිය ජීවිත කාලය තුළ මෙම රෝගයට මුහුණ දීමට සිදු වේ. දිළිඳු රටවල් සමග සංසන්දනය කිරීමේදී ධනවත් රටවලින් පිළිකා රෝගීන් වැඩි පිරිසක් වාර්තා වේ. ඔවුන්ගේ ජීවන රටාව මෙයට හේතුවක් ලෙස දක්වා තිබේ. පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර සංවිධානය (IARC) රටවල් 185ක විවිධ පිළිකා වර්ග 36ක් ගැන නිරන්තරයෙන් සිය අවධානය යොමු කරමින් එහි ඇති බරපතල තත්ත්වය ගැන වාර්තා ඉදිරිපත් කරයි. පිළිකා පිළිබඳ දත්ත එකතු කිරීම පසුගිය වසර කීපය තුළ වර්ධනය වී ඇති අතර, ලොව පුරා පිළිකා රෝගීන් සහ ඒ හේතුවෙන් සිදුවන මරණවල වැඩි වීමක් දක්නට ඇති බව පරීක්ෂකයෝ පවසති. නවතම වාර්තාවට අනුව, පිළිකා හේතුවෙන් මියයන පිරිසෙන් විශාල කොටසක් පෙනහළු, පියයුරු සහ බඩවැල්වල හටගන්නා පිළිකා හේතුවෙන් මියයති. මේ තොරතුරුද කියවන්න: 'දුම්කොළ පාලනය' රටවල් 28ක පිළිකා හේතුවෙන් මියයන කාන්තාවන්ගෙන් වැඩි පිරිසකගේ මරණයට හේතුව පෙනහළු පිළිකා බව වාර්තාවේ සඳහන් වේ. ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්ක්, හංගේරියාව, චීනය සහ නවසීලන්තය ඇතුළු රටවල මෙම තත්වය වැඩි වශයෙන් දැකිය හැකිය. "ලෝකය පුරා කාන්තාවන්ට පෙර කවදාවත් නැති විදියට පෙනහළු පිළිකා වැළදීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දුම්කොළ" යැයි එක්සත් රාජධානියේ පිහිටුවා ඇති පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන පුණ්‍යායතනයේ ජෝර්ජ් බටර්වර්ත් පැවසීය. "එක්සත් රාජධානියේ පුරුෂයින්ට වඩා කාන්තාවන් අතර දුම්පානය ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඉතින්, පෙනහළු පිළිකා වැඩි වීම ගැන අපි පුදුම විය යුතු නැහැ." "ඒ වගේම, අඩු සහ මැදි ආදායම්ලාභී රටවල කාන්තාවන් අතර ද දුම්වැටි ඉතා විශාල ලෙස ජනප්‍රිය වෙමින් පවතිනවා. දුම්කොළ සමාගම්වල බලවත් වෙළෙඳ උපක්‍රම මෙයට මෙම තත්වයට බලපෑමක් එල්ල කර තිබෙනවා." "මෙම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ලෝකයේ සෑම රටක්ම දුම්කොළ පාලනය කිරීම සඳහා බලවත් ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතු බවයි," පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර සංවිධානයේ වෛද්‍ය ෆ්‍රෙඩී බ්‍රේ පැවසීය. 'අසාමාන්‍ය විවිධත්වය' සමස්තයක් වශයෙන් ගත් කළ, පිළිකා වර්ගවලින් භාගයක් සහ වැඩිම පිළිකා මරණ සංඛ්‍යාවක් මෙම වසරේ වාර්තා වන්නේ ආසියානු කලාපයෙනි. මෙම කලාපය තුළ ජනගහනය වැඩි වීම සහ වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වන සමහර පිළිකා බහුල වශයෙන් තිබීම මෙම තත්වයට හේතු වී තිබේ. උදාහරණයක් ලෙස, අක්මාවේ පිළිකා හටගත් රෝගීන් විශාල ප්‍රමාණයක් ආසියානු කලාපය තුළින් වාර්තා වේ. කෙසේවෙතත්, ලෝකය පුරා හඳුනාගෙන ඇති පිළිකා වර්ග සහ එහි ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගැනීමේදී "අසාමාන්‍ය විවිධත්වයක්" නිරීක්ෂණය වන බව වාර්තාවේ ලේඛකයෝ පවසති. මේ හේතුවෙන් සෑම රටක්ම පිළිකා මර්දන වැඩපිළිවෙළ සකස් කළ යුත්තේ ඔවුන්ට සරිලන විශේෂ ආකාරයකින් බව ඔවුහු තවදුරටත් පැවසූහ. තවත් තොරතුරු:
ලොව පුරා අලුතින් හඳුනාගත් පිළිකා රෝගීන් මිලියන 18.1ක් සිටින අතර, ඉන් මිලියන 9.6ක් මෙම වසර තුළ මිය යනු ඇතැයි වාර්තාවක් නිකුත් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බටහිර වර්ජීනියාවේ නිවාස සියයක්වත් විනාශ වීතිබේ. ආණ්ඩුකාර අර්ල් රේ තොම්බ්ලින් පවසන්නේ දැඩි සුළං සහිත කුණාටු තත්වය සහ ගංවතුර හේතුවෙන් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වලට විශාල හානියක් සිදුවී ඇති බවයි. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 55 න් 44 කම හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ. ප්‍රදේශය පුරාම නිවාස වලට හානි සිදුවී ඇති බවයි ආණ්ඩුකාරවරයා පවසන්නේ වෙළඳ සංඛීර්නයක කොටුවී සිටින 500 ක් පමණ පිරිසක් බේරා ගැනීම පිණිස මෙහෙයුම් ආරම්භ වී ඇති අතර විපතට පත් අනෙකුත් ප්‍රදේශ වල සිරවී සිටින පිරිස් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතී. ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වලට අඟල් 9 කට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඇතිවූ ගංවතුරින් නිවාස 100 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති අතර තවත් නිවාස දහස් ගණනකට විදුලි බල සැපයුම අඩාළ වී තිබේ. අවම වශයෙන් 20 දෙනෙකුවත් මේ වනවිට මියගොස් ඇත මෙහෙයුම් කටයුතු සඳහා හමුදා බටයන් 200 කට වැඩි පිරිසක් යොදවා ඇති බව ආණ්ඩුකාරවරයා පවසයි. දිස්ත්‍රික්ක 55 න් 44 කම හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ වයස අවුරුදු 8 ක පිරිමි දරුවෙකු ලිස්සා යාමෙන් සැඩ පහරට වැටුණු පසු ගසාගෙන ගිය බවයි දේවස්ථානයක සිටි දේවගැතිවරයෙකු පැවසුවේ. ළමයාගේ මව ඔහු බේරාගැනීමට උත්සාහ කළද ඇගේ අත ලිස්සා ගිය බවයි වීලින්ග් හි නාසරෙන් දේවස්ථානයේ දේවගැති හැරී ක්රෝෆ්ට් වැඩි දුරටත් පැවසුවේ. එම දරුවාගේ මළ සිරුර පසුව සැතපුම් භාගයක් පමණ ඈතින් පිහිටි ප්‍රදේශයක දී හමුවී තිබුණු බවයි වාර්තා වන්නේ. මේ ආකාරයටම සැඩ පහරට වැටුණු වසර හතරක පිරිමි ළමයෙකුගේ ද මළ සිරුර හමුවී තිබේ.
ඇමරිකාවේ බටහිර වර්ජීනියා ප්‍රාන්තයේ පවතින ගංවතුර හේතුවෙන් වසර 8 ක පිරිමි ළමයෙකු සහ අත දරුවකු ද ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් විසි දෙනෙකුවත් මරුමුවට පත් වූ බව නිලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෝෂාභියෝග චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් නැතැයි අභියාචනාධිකරණය තීන්දු කළේය ඒ අනුව ගම්පහ පදිංචි එච් ඩබ්ලිව් හේවගේ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම මේ මස 14 වැනි දා අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රමුඛ ත්‍රී-පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ඇයට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් නැතැයි තීන්දු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරු, එම තීන්දුව ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි. පාර්ලිමේන්තුව වෙත නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නැති බව පෙත්සම්කරු ගේ තර්කයයි. ශිරාණි බණ්ඩාරනායක ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ එයට එරෙහිව කරුණු දැක්වීමට තමන් අවසර ඉල්ලූ නමුත් එම අවසරය පවා ප්‍රතික්ෂේප කෙරුණු බව ද පෙත්සම්කරු පවසයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශන වාර්තාව අහෝසිකරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව අවලංගු කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විවෘත අධිකරණය ඉදිරියේ විභාග කිරීමට නව අගවිනිසුරු වරයා තීන්දු කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ඓතිහාසික කාර්යයට සියලු දෙනා දායක වුනා' කාරක සභා විවාදයෙන් අනතුරුව සංශෝධනයේ තුන් වෙනි වර කියවීම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණ. එයට පක්ෂව ඡන්ද 212 ක් ලැබුණු අතර, විරුද්ධව එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය භාවිත කළේය. යෝජානවා පිලිබඳ දෙවැනි වර ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 215 ක් ලැබී තිබුණි. මැතිවරණ ක්‍රමය සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සරත් වීරසේකර මන්ත්‍රීවරයායි. ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් කුමාර ඡන්දය දීමෙන් වැලකී සිටියේය. '20 වැනි සංශෝධනයත් සම්මත කළ යුතුයි' තුන්වෙනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරු දස දෙනකු සභා ගර්භයේ සිටියේ නැත. එය සම්මත වීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයද ඒ ආකාරයෙන්ම සම්මත වනු දැකීම සිය අභිප්‍රාය බව සඳහන් කළේය. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය පළ වී තිබූ අතර, ජනාධිපතිවරයාගේ නියෝජිතයා හැරුණු විට අනෙක් සියලු සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු බව ඔවුන්ගේ තර්කය වී තිබුණි. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තිදෙනකු ස්වාධීන පුද්ගලයන් විය යුතු බවත්, හත් දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවටත් අවසානයේදී දෙපාර්ශවය එකඟත්වයකට පැමිණ තිබේ. එම එකඟත්වය පිළිබඳව තමාගේ එතරම් මනාපයක් නොමැති බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, සිය ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් බැවින් සම්මුතියකට පැමිණීමට සිදු වූ බව සඳහන් කළේය.
විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ 'ඓතිහාසික කාර්යයට' දායකවීම පිළිබඳව විපක්ෂය ඇතුළු සියලු දෙනාට තුති පුදන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ඇත්ත කතා කරන්න දේශපාලන පක්ෂයක් අවශ්‍ය නැහැ." ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගේය පද රචක සහ කලා විචාරක බන්ධුල නානායක්කාරවසම් පසුගිය දිනක සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනී පුවත් විකාශයන්හි වැඩි ඉඩක් හිමි වන්නේ දේශපාලනඥයන් සඳහාය. කියවන්න: ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව ඉදිරිපිට විරෝධතාව පැවති අවස්තාව රජයට සහ පෞද්ගලික අංශයට අයත් මාධ්‍ය ආයතන දේශපාලනඥයන්ගේ හෝ ඒවායේ අයිතිකරුවන්ගේ දේශපාලන සහ ව්‍යාපාරික උවමනා මත මාධ්‍ය හසුරුවන බවට චෝදනා එල්ල වෙමින් තිබේ. එමෙන්ම, සිය දේශපාලන මතවාදය ජනගත කරනු වස් මාධ්‍ය ආචාරධර්ම (Media Ethics) කඩ කරමින් ජාතිවාදය වපුරුවන පුවත් වාර්තා කරන බවට ඇතැම් මාධ්‍යවේදීන් ද චෝදනාවට ලක්වේ. සිවිල් සංවිධාන ගණනාවක සහභාගිත්වයෙන් රජයේ සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ගණනාවක් ඉදිරිපිට බ්‍රහස්පතින්දා (ජනවාරි 10) විරෝධතා පැවැත්වුනේ මෙවැනි වටපිටාවකදීය. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට දින 51 ක කාලයක් පැවති අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ ජනමාධ්‍යවල හැසිරීම ඉහත කී විරෝධතාව සඳහා හේතු වූ බව ඊට එක්වූ සිවිල් සංවිධාන පවසති. විශේෂයෙන් ම "ජනතා දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාත භුක්ති විඳිමින් සහ ඒ ඔස්සේ ලාභ ලබමින් අවිචාරී මාධ්‍ය භාවිතයක යෙදෙන" බවට විරෝධතාවට එක් වූ සිවිල් සංවිධාන මාධ්‍ය ආයතන හිමිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට චෝදනා කරති. ඊට එක් වූ අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සාධු ජනරාව, නැගී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥවරු ඇතුළු සිවිල් සංවිධාන මාධ්‍ය ආයතන වෙත ලිපියක් භාර දුන්හ. "සෑම කතාවකටම දෙපැත්තක්" "මාධ්‍ය මුදලාලිකරණය වීම හරහා එළිබසින, ඔබලාගේ දේශපාලන හා ආර්ථික අභිලාශයන් පිහිටා ඇත්තේ, 'ජනමාධ්‍ය ස්වාධීන විය යුතුය' යන මහජන අපේක්ෂාවට එපිටින් බව රහසක් නොවේ. එහෙත් එම අභිලාශ ඔබගේ මෙන්ම තවත් කීප දෙනෙකුගේ පටු අභිලාශයන් මිස සමස්ත මහජනතාවගේ කැමැත්ත හෝ අවශ්‍යතාවය නොවන බව මතක් කිරීමට කැමැත්තෙමු. සෑම කතාවකටම අවම වශයෙන් දෙපැත්තක් ඇත. මෙම දෙපැත්තටම අදාළ කරුණු සන්නිවේදනය කිරීමට නොහැකි වුවද, අපක්ෂපාතී හා සාධාරණ ලෙස එම කතාවට අදාළ සන්දර්භය එළි කිරීම ඔබගේ වගකීමකි. විවිධ ආණ්ඩු මගින් ක්‍රියාත්මක කරන ලද වර්ගවාදී සහ ජාතිවාදී ක්‍රියාකලාපවල ප්‍රතිඵලයක් ලෙස, රටට අත්පත් කර දුන් තිස් වසරක සිවිල් යුද්ධයෙන් අප සැවොම හෙම්බත්ව ඇත. එම ක්‍රියාවලිය විසින් හා දේශපාලන ක්‍රියාවල අත්තනෝමතිකත්වය විසින් ජාතිවාදය වපුරා ඇති බිමක, තවදුරටත් මේ රට එම දිශාවට රැගෙන නොයාමට ඔබට විශාල වගකීමක් ඇත," යනුවෙන් එම ලිපියේ දැක්වේ. තවත් පුවත්: "වගකීම් විරහිත මාධ්‍යකරණය" ශ්‍රී ලංකාවේ කලක පටන් සිදුවුව ද "පසුගිය මාස කීපය තුළ එය ඉතාමත් විවෘතව සිදුවන ආකාරය" දැකගත හැකි වූ බව තරුණ කලාකාරිනියක වන සමනලී ෆොන්සේකා සඳහන් කළාය. "එකී තත්ත්වය අනුමත නොකරන ජනතාව සමග එක්වෙමින්" ඊට එරෙහිව හඬ නැගීම සිය අරමුණ බව ඇය කියා සිටී. විරෝධතාවට එක්වන අතරතුර බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ ඇය වැඩිදුරටත් සඳහන් කළේ, "ශ්‍රී ලංකාවේ බහුතර මාධ්‍ය ආයතන මුදලට විකිණෙන," බවය. සිය ආයතන ඉදිරිපිට පැවති විරෝධතා, රූපවාහිනී සහ සමාජ ජාල ඔස්සේ විකාශය කළ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන මෙම තත්ත්වය "මාධ්‍ය මර්දනයේ පළමු පියවර විය හැකි," බවට අනතුරු ඇඟවීය. එම චෝදනා ප්‍රතික්ෂේප කරන සමනලී ෆොන්සේකා ඉහත කී විරෝධතා මගින් "කිසිදු ආකාරයේ බලහත්කාරකමක් හෝ බලපෑමක් සිදු වුනේ නැහැ. පුවත් මවන්න අවශ්‍ය නැහැ. මේ විරෝධය පිළිගන්න. ලිපියක් භාර දීම පමණයි සිදු වුණේ," යනුවෙන් කියා සිටියාය. විරෝධතාවට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනවිරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඇතුළු පිරිස මෙවැනි පියවරකට යොමු වූයේ "සමාජ අසාධාරණයට එරෙහිව මිස කිසිදු දේශපාලන පක්ෂයක උවමනාවට නොවන," බවය. "ඇත්ත කතා කරන්න දේශපාලන පක්ෂයක් අවශ්‍ය නැහැ. අපිට, අපේ දරුවන්ට වෙන අසාධාරණය, මේ චැනල් මේ කරන විනාශය, රටක් වශයෙන් සිදුවන මෝඩ බොළඳ මිත්‍යා දෘෂ්ටික සමාජයක් බිහිවෙන එක වළක්වන්න, මේ වෙනුවන් බිඳක් හරි උදව් කරන්නයි අපි ඉදිරිපත් වුනේ," ඇය කියා සිටියාය. "මේ මොහොතේත් ඔවුන් ඔබලා අන්දවනවා. අපි මේ කරන දේ වැරදි විදිහට ප්‍රචාරය කරලා ඔවුන් ඔබව අන්දනවා, රැවටෙන්න එපා." තවත් පුවත්: පුරවැසි අයිතිය රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා විකාශනය කෙරෙන විද්‍යුත් සංඛ්‍යාත රජයේ දේපලකි. මහජනතාව සහ රටේ උන්නතිය උදෙසා එය කළමනාකරණය කිරීමේ වගකීම පැවරෙන්නේ පවතින ආණ්ඩුවටය. නමුත් අදාළ නිර්ණායක සම්පූර්ණ කරන තාක්ෂණික සහ මූල්‍ය සම්පත් ඇති සියලු දෙනාටම සංඛ්‍යාත නොලැබෙන බව සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසයි. "විවිධ දේශපාලන හිතවත්කම් මත සංඛ්‍යාත නිකුත් කර ඒ මත පවත්වාගෙන යන එෆ්එම් රේඩියෝ නාලිකා තියෙනවා පනහකට වැඩිය. 2017 වනවිට රජයේ ගුවන් විදුලිය ඇතුළුව රේඩියෝ ආයතන හිමි සමාගම් 16 ක් තිබුණා," යනුවෙන් ඔහු බීබීසී සිංහල සේවය සමග විස්තර කළේය. "ඒ වගේම සාමාන්‍ය ඇන්ටනාවකින් නොමිලේ හසුකර ගත හැකි රූපවාහිනී නාලිකා 18 ක් පමණ තිබෙනවා. රූපවාහිනී සංස්ථාව සහ අයිටීඑන් ශ්‍රී ලංකා ඇතුළුව සමාගම් දොළහක් තිබුනා." "මේ සියල්ල පවත්වාගෙන යන්නේ මහජන දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාත භාවිත කරමින්." ඉහත කී රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා විසින් "අමු අමුවේ පක්ෂග්‍රාහී පුවත් බෙදන බව," මහජනයාගෙන් යම් කොටසකට තේරුම් ගොස් ඇති බව ඔහුගේ අදහසය. සමනලී ෆොන්සේකා, බන්ධුල නානායක්කාරවසම්, ආචාර්ය රංග කලන්සූරිය සහ නාලක ගුණවර්ධන නමුත් විකාශ සහ ගුවන් කාලය සම්බන්ධයෙන් පුරවැසියාට යම්කිසි අයිතියක් ඇති බව ශ්‍රී ලංකාවේ බහුතරයකට අවබෝධ වී නැති බව සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පෙන්වා දුන්නේ උදාහරණයක් ගෙනහැර දක්වමිනි. "අපි හිතමු පුරවැසියෙක් මහපාරට බැහැලා බස් නැවතුමක ඉන්නවා. එතකොට මුලින්ම එනවා රජයට අයත් ලංගම බස් රථයක්. පුරවැසියා ඊට ගොඩවෙන්න හදනකොට කොන්දොස්තර කියනවා 'අපි ගෙනියන්නේ ආණ්ඩුවට පක්ෂ අය විතරයි කියලා. මේකෙන් පුරවැසියා වික්ෂිප්ත වෙලා බසයට නගින්නේ නැතිව බලා ඉන්නවා," "ඊළඟට එකින් එක එන්නේ පෞද්ගලික බස්. හැබැයි ඒවට හැමෝම නග්ගගන්නේ නැහැ. එක බස් එකකින් කියනවා 'අපි ගන්නේ අහවල් පක්ෂයේ සපෝටර්ස්ලා කියලා', තව බස් එකක් එනවා ඒක කියනවා අපි ගනුදෙනු කරන්නේ 'අහවල් කුලේ උදවිය' එක්ක විතරයි කියලා." "පුරවැසියා මේ වෙනකොට හොඳටම හෙම්බත් වෙලා. එයා අහනවා එහෙම කොහොමද කියලා. එතකොට කොන්දොස්තර කියනවා 'මේවා අපේ වාහන, මේවා අපේ ඩීසල් අපි ගෙනියන්නේ අපිට කැමති උදවිය විතරයි,' කියලා." ඉහත කී තත්ත්වයට සමාන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින බව සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධනගේ අදහසය. "සංඛ්‍යාත කියන්නේ මහජන දේපලක්. හරියට මහාමාර්ග වගේ. රජයෙන් නඩත්තු කරන මහා මාර්ගවල රජයෙන් බලපත්‍ර ලබා ගෙන ගමන් කරන බස් හිමියන්ට බැහැ තමන් තෝරා ගත් පිරිසකට විතරක් සේවය සපයන්න. එසේ කළොත් එය නීති විරෝධීයි." විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හැරුණු කොට 'ප්‍රජාතන්ත්‍රවාදයේ මුරපල්ලා' ලෙස හැඳින්වෙන මාධ්‍ය ඇත්ත වශයෙන්ම පිරිහීමකට ලක්ව තිබේද? දේශපාලන සහ ව්‍යාපාරික අවශ්‍යතා මත ක්‍රියාත්මක වන බවට චෝදනා ලබන මාධ්‍ය ආයතනවල සේවයේ නිරත මාධ්‍යවේදීන් ආචාරධර්ම සම්බන්ධයෙන් දැනුවත් නැතිද? මාධ්‍යවේදියකුගේ ඇසින් බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධයෙන් තරුණ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් කීප දෙනෙකුගෙන් විමසීමක් කළ අතර ඔවුන් සියලු දෙනාගේම මතය වූයේ, තමන් ආචාරධර්ම සම්බන්ධයෙන් දැනුවත් වුවත් ආයතනයේ අවශ්‍යතාව අනුව තමන්ට කටයුතු කිරීමට බලකෙරෙන බවය. "වැඩ කරන කොට ඒ ආයතනයේ තිබෙන න්‍යාය පත්‍රයට තමයි වැඩ කරන්න වෙන්නේ. බොහෝ විට තමන් විශ්වාස කරන ආචාරධර්මවලට අනුව වැඩ කරන්න බැහැ. සීමා ඇතුලේ රැකියාව කරන්න සිද්ධ වෙනවා," යනුවෙන් පෞද්ගලික රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති මැදිරියේ සේවයේ නිරත මාධ්‍යවේදියෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "පළමුවර මාධ්‍ය ආයතනයක වැඩට එන, ආචාරධර්ම සහ ජනමාධ්‍ය ගැන අධ්‍යාපනයක් සහිත මාධ්‍යවේදියෙකුට ඒ පීඩනය දැනෙනවා. නමුත් කාලයක් යද්දී ඒ සමාජ ක්‍රමය සහ ක්ෂේත්‍රය විසින් මේ පවතින ක්‍රමයට අනුගත වී වැඩ කරන්න ඒ මාධ්‍යවේදියා හුරු කරවනවා. කලක් ගත වෙද්දී ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා," නම හෙළි කිරීමට අකමැති වූ මාධ්‍යවේදියා සඳහන් කළේය. පවතින ක්‍රමයට විරුද්ධව යම් අයෙකු නැගී සිටින්නේ නම්, "ඔහුට හෝ ඇයට මාධ්‍ය හැර වෙනත් රැකියාවක් සොයා ගැනීම එකම විකල්පය," බව කී ඔහු යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින බව පවසන පෞද්ගලික නාලිකා වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ලබා ගැනීම මාධ්‍යවේදීන්ට අහුරා ඇති බවත් වැඩිදුරටත් පැවසීය. ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පුවත්පත් හා සම්බන්ධ ආචාරධර්ම පිළිබඳව කටයුතු කරති. නමුත්, ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් තොරතුරු ලබා ගන්නා රූපවාහිනිය සහ ගුවන් විදුලිය යන විකාශන මාධ්‍ය සඳහා අදටත් ආචාරධර්ම පද්ධතියක් සකස් වී නොමැත. 90 දශකය ආරම්භයේ පෞද්ගලික නාලිකා වෙත විකාශන අයිතිය ලබා දෙන අවස්ථාවේ ආචාරධර්ම පද්ධතියක් හෝ ඒ සඳහා ක්‍රමවේදයක් සකසා නොතිබූ බව අන්තර් ජාතික මාධ්‍ය සහයෝගීතාවේ ආසියා කලාපීය උපදේශක මෙන්ම රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු ද වන ආචාර්ය රංග කලංසූරිය පවසයි. "මා දන්නා තරමින් ලොව කිසිදු රටක පෞද්ගලික අංශයට සංඛ්‍යාත විවෘත කරන්නේ නැහැ එවැනි ක්‍රමවේදයක් හදන්නේ නැතිව. නමුත් ලංකාවේ ගජ මිතුරන්ට දෙන්න පටන් ගත්තා කිසිම ක්‍රමවේදයක් නැතිව. එහි ප්‍රතිඵලය තමයි අද මේ තිබෙන්නේ," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. "ඉතින් අවුරුදු විසිපහක්, විසියයක් මේ ක්‍රියාදාමය කරගෙන එනකොට, ඒ කියන්නේ පරම්පරාවක කාලයක්. ඒ නිසා අද පවතින තත්ත්වය උදාවීම අහම්බයක් නොවෙයි." ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව රාජ්‍ය මාධ්‍යයටත් පෞද්ගලික මාධ්‍යයටත් එකසේ බලපාන බව ආචාර්ය රංග කලංසූරියගේ අදහසය. නියාමනය ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වෙන කාලසීමාවලදී පමණක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් ආචාරධර්ම හඳුන්වා දෙන නමුත් ඒවා කඩකළ විට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ද වික්ෂිප්ත භාවෙන් පසුවන බව ඔහු පෙන්වා දෙයි. පවතින තත්ත්වය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විකාශන මාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍ය බව කී ආචාර්ය රංග කලංසූරිය, "නියාමනයක් කියන්නේ පාලනයක් නොවෙයි. නියාමනය කියන්නේ හරියට අපි මේ වැඩේ කරන්නේ කොහොමද කියන දේ. ඒක ඉන්දියාවේ, පකිස්තානයේ, ඉන්දුනීසියාවේ සහ ලෝකේ කොයි රටක ගත්තත් තිබෙනවා. මාධ්‍ය පාලනය කියන එකයි වැරදි," යනුවෙන් සඳහන් කළේය. "මියන්මාරයේ අවුරුදු පනහකට පස්සේ හමුදා පාලනයෙන් පස්සේ ඒ අය මාධ්‍යත් නිදහස් කළා. හැබැයි නියාමන ක්‍රමයක් හදනකම් ඔවුන් මාධ්‍ය නිදහස් කළේ නැහැ. හැබැයි අපි කළේ අනෙක් පැත්ත. මාධ්‍ය විවෘත කරලා අවුරුදු විසිහයකට පස්සේ හදනවා නියාමන ක්‍රමයක් හදන්න." මාධ්‍ය නියාමනය කළ යුත්තේ කෙලෙසද යන්න 'රාජ්‍ය මැදිහත් වී පාර්ලිමේන්තු පනතක් මගින්' නීතිගත කළ යුතු බව ඔහු කියා සිටී. "එය කරන්නේ ස්වාධීනව ද නැද්ද කියන දේත් ඒ පනතේ කියන්න ඕනි. එහෙම නැති වුනාම තමයි මිනිස්සු මේ වගේ මාධ්‍ය ආයතන ඉදිරියට යන්නේ." මාධ්‍ය ආයතන හිමිකරුවන් නියෝජනය කරන විකාශන සංසදයක් (Broadcasters Guilt) මේ වනවිට පිහිටුවා ඇති බවත් එහි පළමු සම්මන්ත්‍රණය ජනවාරි 31 පැවැත්වීමට නියමිත බවත් ආචාර්ය රංග කලංසූරිය පැවසීය. "වරදට දඬුවම්" "මේක සාධනීය තත්ත්වයක් ලෙස මම දකින්නේ. සමාජ මෙහෙවරක් සඳහා මාධ්‍ය පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔවුන් එහිදී කතා කරනවා. ආචාරධර්ම පද්ධතියක් එක්ක අපි නියාමනයකට යමු කියලා ඒ අය දැන් කතා වෙනවා. ඒක ආණ්ඩුව විසින් කරන නියාමනයක් නොවෙයි." වෛද්‍යවරුන් සහ නීතිඥවරුන් ඔවුන් විසින්ම නියාමනයකට ලක් කරනු ලැබ ඇති බව කී ඔහු එම ක්‍රමවේදය පනතක් වශයෙන් සම්මත කර ආණ්ඩුව විසින් පිළිගනු ලැබ ඇති බව පැවසීය. එලෙස මාධ්‍ය ද නියාමනයකට ලක් කළ විට, පුවතක අන්තර්ගතය සමබර විය යුතු බව කී ආචාර්ය රංග කලංසූරිය "එහෙම නොවුනොත් ඒකට බලපෑම් කරන අයට දඬුවම් ලැබෙනවා. ඒක ඇමැතිවරයාද, අමාත්‍යංශ ලේකම් ද ව්‍යාපාරයේ අයිතිකරුද කියලා නැහැ," යනුවෙන් සඳහන් කළේය. "ඒක රාජ්‍ය මාධ්‍යයටත්, පෞද්ගලික මාධ්‍යයටත් දෙකටම පොදුයි. දොස්තර කෙනෙක් ආචාරධර්ම කඩ කළොත් ඔවුන්ට දඬුවම් විඳින්න වෙනවා. නීතිඥවරුන්ටත් එහෙමයි. රජයේ දොස්තර ද පෞද්ගලික අංශයේ දොස්තර ද කියලා නැහැ. මාධ්‍යයත් එසේ විය යුතුයි. ආචාරධර්ම කඩ කළොත් රජයේ ද පෞද්ගලික අංශයේ ද කියලා නැහැ, දඬුවම් විඳිය යුතුයි." නියාමන ක්‍රමවේදයක් ස්ථාපනය කළ විට මාධ්‍යවේදීන් ආචාරධර්ම ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය. "ආචාරධර්ම ආරක්ෂා කිරීමට මාධ්‍යවේදියා බැඳී සිටී නම් ඔහු අනිවාර්යයෙන් ආචාරධර්ම ගැන දැනුමක් තිබිය යුතු කෙනෙක් විය යුතුයි. එහෙම දැනුමක් තිබෙන කෙනෙක් වෙන්න නම් ඒ සඳහා පුහුණුවක් ලබා ගත යුතු වෙනවා. ඇතැම් රටවල ඒ පුහුණුව නැතිව මාධ්‍ය හැඳුනුම්පත දෙන්නෙත් නැහැ."
"කාලෙක ඉඳලා රූපවාහිනී ප්‍රවෘත්ති මේ රටේ සෑම අංශයකම ඇති පිරිහීම ප්‍රකට කරවනවා. කිසිදු දේශපාලන කණ්නාඩියක් නැතිව මා කියන දේ ගැන හිතා බලන්න. ඉස්සර රූපවාහිනී නැති කාලේ සිරිල් රාජපක්ෂලා, ඩී එස් දයාරත්නලා, බර්ටි ගලහිටියාවලා ප්‍රවෘත්ති කියන කාලේ ප්‍රවෘත්ති කියන්නෙත් යම් අධ්‍යාපනික විවරණයක් ! ලංකාවෙ, ලෝකෙ සිද්ධ වෙන වැදගත්, කාලීන දේ බුද්ධිමත්, හරවත් විදියට ස්වාධීනව ඉදිරිපත් වුණා ! ඉරිදා සංග්‍රහය, සඳැල්ල, යෞවන සමාජය, සිතිජය, බටහිර වෛද්‍ය සාකච් ඡා ව, ගීයක රස, ගුවන් විදුලි රඟමඬල, විශ්ව සාහිත්‍යයෙන්, විද්‍යා දර්ශන, ගුරු කුලය, කණිටු සරසවිය .....! මොන තරමක් තව වැඩ සටහන් වලින් අප ජීවිත අර්ථවත් උනාද? රුපවාහිනී ප්‍රවෘත්ති පටන් ගත්ත වෙලාවෙ ඉඳල ඔබ බලන්න පෙන්නන්නෙ මොනවද කියල? මන්තරේ ජප කරන්න වගේ දේශපාලනඥයන්ගෙන් එකම ප්‍රශ්නෙ? බොහෝ විට ගමේ වහරින් "අග්ගිස්සවන්න" විපක්ෂයෙන් ආ අයට ඇමතිකම් නොදුන්නම ඒ අයට අප්සෙට්ද ? කැබිනට් ඇමැතිකම නැතිවීම ගැන ? අරයා මෙහෙම කියා තියෙනව, ඔයා ඒකට දෙන උත්තරේ ? පක්ෂෙ ඇතුලෙ ඝට්ටන නේද ? මේ කිසිම ප්‍රශ්නයක් අපේ රටේ බහුතරයට අදාළ නොවේ. මේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ ටික හැමදාම මස්තබාල්දුවන් සමගය . ප්‍රවෘත්ති බලා ඉවර වූ විට ලියුකීමියා තත්ත්වයට ලේ වතුර වේ. ඊනියා දේශපාලකයන් වීරයන් කරමින්, සාර ධර්ම සෝදා පාලුවකට යවමින් නිර්දය ලෙස නාලිකා කරන මේ ඕපා දූප ප්‍රවෘත්ති වලට එරෙහිව හඬක් නැගිය යුතුය . සැබවින්ම මට හිතෙන දේ සහ කිවයුතු දෙයින් අල්ප ප්‍රමාණයකි මේ රෑ ඇමිණුවේ. අපේ දරුවන් ගැන ඇතිවන ශෝකය , ඔවුන්ට ආදර්ශයට ලැබෙන කරුමක්කාර දේශපාලන වහුකුණු, ලජ්ජා භය නිල වශයෙන් උගුල්ලා දැමීමේ අවස්ථා ආදී දේ විස්සෝපී වේ. මුළු රටේම පිරිහීම ප්‍රවෘත්තිවලින් නියෝජන ය වේ."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. අනිසි බියක් ඇති කිරීම හෝ "බියවැද්දීමෙන්" මිනිසුන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමට යොමු කිරීම එවැනි ප්‍රකාශවල අරමුණ යැයි එවැන්නක් පළ කළ පුද්ගලයන් කීපදෙනෙකු අප සමග 'මැසෙන්ජර්' ඔස්සේ අදහස් හුමාරු කරමින් පැවසූහ. නමුත් මේ "බියවැද්දීම්" නිසා PCR පරීක්ෂණය මඟහරින පුද්ගලයන් සිටිය හැකිද? "මම PCR ටෙස්ට් එක කරන්න සෑහෙන බය වුණා. ෆේස්බුක් එකේ පෝස්ට් දැකලම තමයි මේ බය ඇති වුණේ. බය නිසාම ටෙස්ට් එක කළාට පස්සේ වමනේ ගියා. ඒ වගේම මගේ ටෙස්ට් එක කරන්න සෑහෙන අමාරු වුණා. අන්තිමට මට සැර කරළා තමයි කූර උගුරටයි, නහයටයි දැම්මේ," ජා ඇල පදිංචි ඉනුෂි කුරේ සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය. PCR පරීක්ෂණය මොළයට හානි කළ හැකිද? කොරෝනාවෛරස පරීක්‍ෂණ සිදුකරන අයුරු දැක්වෙන පින්තූර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි පුළුල් ලෙස සංසරණය වී ඇත. එමෙන්ම, PCR පරීක්ෂණ මඟින් "මොළයට හානි සිදු විය හැකි යැයි" සමහරු අදහස් පළ කර ඇත. කෙසේනමුත්, නාසයෙන් ඇතුළු කරන පුළුන් රැඳවූ කූර (swab) මොළයට පිවිස එයට හානි සිදු කළ හැකි යැයි යන්න සම්පූර්ණ වරදවා වටහා ගැනීමකි. මොළයේ ආරක්ෂිත ස්ථර රාශියක් පිහිටා ඇත. පළමු හා පැහැදිලිම ආවරණය හිස් කබල වන අතර ආරක්ෂිත පටල හා තරලවලින් තවදුරටත් මොළය ආරක්ෂා වී තිබේ. මොළයට හානි සිදු කිරීමට නම් නාසයට ඇතුළු කරන කූර පටක ස්ථර කිහිපයක් කඩා අස්ථියක් හරහා හා රුධිර නාල තුළට යා යුතුය. "පටක හා අස්ථි බිඳගෙන යන තරමේ බලයක් මේ ටෙස්ට් යොදන්නේ නැහැ. මේවා අනවශ්‍ය බිය ගැන්වීම් සඳහා පතුරවන බොරු මත. මොළයට හානි සිදුවෙලා වැනි සංකූලතා මෙතෙක් අපට අසන්න ලැබිලා නැහැ," වෛද්‍ය පවිත්‍රා ද සිල්වා පැවසුවාය. "ටෙස්ට් එක කරනකොට උගුරේ, නාසයේ කැසීමක් වගේ දෙයක් දැනෙන එක සාමාන්‍යයයි. සමහරුන්ට පොඩි කැස්සක්, නැත්නම් ඔක්කාරයට එන ගතියක් දැනෙනවා. ඒ කිසිදෙයක් කල් පවතින ලක්ෂණ නෙමෙයි. ටෙස්ට් එකට කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ කොරෝනාවෛරසය නිසා ලෙඩ වීමට," ඇය තවදුරටත් පැවසීය. PCR පරීක්ෂණය සිදු කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලැබූ පිරිසක් වන අතර, එයින් හානි සිදුවීමක් ගැන ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ බීබීසී සිංහල සේවයට පැවසීය. මොකක් ද මේ PCR පරීක්ෂණය? PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වෛරසයේ ජානමය ද්‍රව්‍ය විස්තාරණය කිරීම මෙමගින් සිදුවේ. PCR යනු කෙටි නාමය වන අතර, එහි දිගුව වන්නේ Polymerase Chain Reaction යන්නය. වෛරසය ඇති දැයි විනිශ්චය කිරීමට ඔබෙන් ලබා ගන්නා සාම්පල විද්‍යාගාර පියවර ගණනාවක් හරහා යා යුතුය. පුළුන් රැඳවූ දිග කූරක් (Swab) නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළු කර උගුර සහ නාස් කුහරය කෙළවර ආසන්නයෙන් සෙම පටල ලබා ගැනීමෙන් පසු, එම සාම්පල PCR පරීක්ෂණය සඳහා පැය 48ක් තුළ රසායනාගාර වෙත යොමු කළ යුතුය. එම රසායනාගාර අප එදිනෙදා දකින සාමාන්‍ය ඒවා නොවන අතර, විශේෂ දැනුමැති තාක්ෂණවේදීන්, විද්‍යාඥයන් සිටින රසායනාගාරය. කොරෝනාවෛරස පරීක්ෂණයෙන් පසු ඔබට "ඔව්" හෝ "නැත" යනුවෙන් පිළිතුරක් ලැබේ. කෙසේනමුත් ලබා ගත් සාම්පල තුළ වෛරසය කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න හෝ ක්‍රියාකාරී ආසාදනයක් වීමට ඇති ඉඩකඩ පිළිබඳ කිසිදු සඳහනක් පරීක්ෂණ ප්‍රතිඵලවල සඳහන් වන්නේ නැත. සක්‍රීය ලෙස වෛරස් විශාල ප්‍රමාණයක් ඇති පුද්ගලයෙකුට මෙන්ම දැනටමත් සුව වී ඇති ආසාදනයකින් ඉතිරිව ඇති කොටස් ඇති පුද්ගලයෙකුට ද 'ධනාත්මක' ලෙස පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනු ඇත. එංගලන්තයේ මහාචාර්ය හෙනගන් පවසන්නේ සාක්ෂි අනුව කොරොනාවෛරසය "සතියකට පමණ පසු ආසාදනය අඩු වන බව පෙනේ," යනුවෙනි. සක්‍රීය වෛරස තිබේදැයි බැලීමට සෑම සාම්පලයක්ම පරීක්‍ෂා කළ නොහැකි වුවද, කඩඉම් ලක්ෂ්‍යය විය යුත්තේ කොතැනදැයි විද්‍යාඥයින්ට සොයාගත හැකි නම් ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමේ සම්භාවිතාව අඩු කළ හැකි බව ද මහාචාර්යවරයා පැවසීය. මෙමගින් පැරණි ආසාදනයක් මත පදනම්ව ධනාත්මක ප්‍රතිඵලයක් ලබා දීම මෙන්ම පුද්ගලයන් අනවශ්‍ය ලෙස නිරෝධායනයට යොමු කිරීම වළක්වා ගත හැකිය. "මගේ දරුවාට කොවිඩ් 19 ලක්ෂණ නිසා අපේ ගෙදර හැමෝම ටෙස්ට් කළා. හැබැයි දරුවා සහ ගෙදර හැමෝම නෙගටිව්, මම විතරක් පොසිටිව් වුණා. මේක හිතා ගන්න බැරි දෙයක්. මම දොස්තරලගෙන් ඇහුවමත් කිව්වේ මේ වගේ දරුණුවට පැතිරෙන වෛරස් එකක දී මේ වගේ දෙයක් අසාමාන්‍යයි කියලා. ඒක නිසා දවස් තුනකට පස්සේ මම ආයෙත් ටෙස්ට් කළා. ඒ ප්‍රතිඵලේ නෙගටිව්," එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක පැවසූ අතර, ඇය සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැත්ත පළ කළාය. මෙය සමාජ මාධ්‍ය ජාලවල පළවන සේ "භයානක" පරීක්ෂණයක් නොවන නමුත් සංකීර්ණ පරීක්ෂණයක් බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ "මෙය සිදු කරන කෙනාට භයානක වන්නේ නැහැ. නමුත් පියවර කීපයක් ඔස්සේ සිදුවන සංකීර්ණ පරීක්ෂණයක්. සමාජයෙන් නැගෙන තවත් චෝදනාවක් තමයි PCR පරීක්ෂණයට මේ තරම් කාලයක් ගත වන්නේ ඇයි කියන එක. ඔවුන් අසන්නේ ලේ පරීක්ෂාවක් වගේ ඉක්මණට මෙය සිදු කරන්න බැරි ඇයි කියලා. මේ තත්ත්වයට හේතුව, මේ වන විට සාම්පල් විශාල ප්‍රමාණයක් එන නිසා අපට කාලයක් ගත වෙනවා මේ පරීක්ෂණ සිදු කරන්න. එය ප්‍රමාදයක් නොවෙයි, නමුත් පරීක්ෂණයේ සංකීර්ණ බව එක්ක ගතවන කාලයයි" "මෙය සංකීර්ණ ක්‍රියාවලියක් නිසා අපි නිවැරදි වාර්තාවක් දෙන්න ඕනේ. මෙහි දී සිදුවන්නේ යම් කාලයක් ගතවන සම්පූර්ණ ක්‍රියාවලියක්," ඔහු තවදුරටත් පැහැදිලි කළේය. PCR පරීක්ෂණය සම්බන්ධ විවිධ අත්දැකීම් රටවල් ගණනාවක් හරහා ගුවන් ගමන් කීපයකින් පසු ශ්‍රී ලංකාවට පැමිණි නිල්මිණී PCR පරීක්ෂණ හතරකට මුහුණ දී ඇති අතර එම අත්දැකීම් බීබීසී සිංහල සේවයට පැවසුවාය, "ලංකාවට එන්න ෆ්ලයිට් කීපයක් ගන්න වුණා, රටවල් දෙකක PCR කළා. ලංකාවට ඇවිත් නිරෝධායනයේ ආයෙත් PCR දෙකකට මුහුණ දුන්නා. මට මුලින් අපහසු වුණේ නැහැ. හැබැයි තුන්වෙනි එක කරළා පැය කීපයක් යනකොට නහය, මූණ ඉදිමුණා. දවසක් යනකොට ඒක හොඳ වුණා. කොහොම වුණත් මේකට බය වෙන්න ඕනේ නැහැ. ඊට වඩා ප්‍රශ්න වෙනවා ලෙඩේ හැඳුනොත්," ඇය පැවසීය. මේ අතර, ගම්පහ පදිංචි ධම්මිකා ලොකුහේවා පැවසුවේ, PCR පරීක්ෂණය කිරීමේ දී හෝ ඉන් පසුව ඇයට කිසිදු අපහසුතාවක් නොදැනුන බවය. "මගේ ටෙස්ට් එක නෙගටිව් ආවා. ටෙස්ට් එක කරනකොට කිසිම අමාරුවක් වුණේ නැහැ. උගුරේ, නහයේ පොඩි කැසිල්ලක් ආවා විතරයි. ඒ අය කියන විදිහට හොඳට කට ඇරලා, දිව එළියට දමලා ඉවසීමෙන් හිටියාම හැමෝටම කරදරයක් නැහැ," ඇය පැවසුවාය. PCR පරීක්ෂණය සිදු කරන ආකාරය සහ කොරෝනාවෛරසය පිළිබඳ දිගින් දිගටම වීඩියෝ සහ ඡායාරූප නැරඹීම නිසා ඒ ගැන දැඩි බියකින් පෙළෙන බව කොළඹ පදිංචි සමාධි කුරුවිට බීබීසී සිංහල සේවයට පැවසුවාය. "මට වෛරස ලක්ෂණවත් නැහැ. හැබැයි PCR කරනකොට අමාරු වෙන වීඩියෝ, ඡායාරූප දැකලා, විවිධ අය කියන කතා අහලා හොඳටම බයක් දැනෙනවා මේ ගැන. මේවා ඇත්තද බොරුද කියලා හිතා ගන්න අමාරුයි." Swab එකට හුස්ම ගැනීමෙන් පමණක් පරීක්ෂණය සිදු කළ නොහැකිද? "කෝවිඩ් ඇත්තටම ඔබේ හුස්මෙන් බෝ වෙනවා නම්, ඔබට Swab එක මත හුස්ම ගන්න බැරි ඇයි? එය ඔබේ නාසයේ පිටුපසට තල්ලු කළ යුත්තේ ඇයි?" යනුවෙන් ඉන්ස්ටග්‍රෑම් බොහෝ දෙනෙකු අතර බෙදී ගිය ප්‍රකාශයක් දක්නට ලැබිණි. ආසාදිත පුද්ගලයෙකුට කැස්ස හෝ කිවිසුම් යන විට වෛරසය පිරී ඇති කුඩා බිඳිති වාතයට එකතු වීමෙන් එය පැතිරී යා හැකිය. නමුත්, රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ද්‍රව්‍ය මෙමගින් එකතු නොවේ. "නාසයෙන් හෝ උගුරෙන් සෙම් පටල ගැනීමෙන් වඩාත් නිවැරදි පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනවා," යැයි වෛද්‍ය පවිත්‍රා ද සිල්වා තවදුරටත් පැවසුවාය. සිහින් කූරකට හුස්ම පිටකිරීමෙන් වෛරස් අංශු හෝ වෛරසය රැගෙන යන සෛල හඳුනාගත නොහැකිය. නමුත්, නාසයට සහ උගුරට Swab ඇතුළු කර ලබා ගන්නා සෙම් පටලවලින් වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙනු ඇත. PCR පරීක්ෂණය යොදාගන්නා වෙනත් කාර්යයන් කුඩා DNA සාම්පලයක පිටපත් විශාල ප්‍රමාණයක් ගෙන ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරන්නේ ද PCR පරීක්ෂණයයි. අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී අපරාධකරුවන් හඳුනාගැනීම සහ වෙනත් කාර්යයන් සඳහා ද මෙම පරීක්ෂණය යොදාගනු ලැබේ. ඊට අමතරව පුද්ගලයෙකුගේ දෙමාපියන් හඳුනාගැනීම මෙන්ම විවිධ ආසාදන හඳුනාගැනීමටද මෙම පරීක්ෂණය යොදා ගැනේ. මේ තොරතුරුද කියවන්න:
කොරෝනාවෛරස පරීක්ෂණ මගින් මිනිසුන්ට හානියක් විය හැකි බවට විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආචාර්ය දයාන් ජයතිලක ඇමරිකාවේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් වෙන මේ යෝජනාවට සංශෝධන වැඩි වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ යුරෝපා රටවල් විසිනි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ලවා දිගින් දිගටම විමර්ශනය කිරීමට ඉඩ ලබා දීමට ගන්නා උත්සාහය පිළිගත නොහැකි එකක් යැයි කොළඹ සිට අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේය. ස්වාධීන පරීක්‍ෂණයක් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා නිශ්චිත සිදුවීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර කීර්තියක් සහිත විනිශ්චයකාරවරයෙක් වන සී ජේ වීරමන්ත්‍රී ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට තමන් ශ්‍රී ලංකාවට යෝජනා කළ අතර,එම නිර්දේශය ක්‍රියාත්මක කළා නම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන යෝජනාව පරාජය කිරීමට ඉඩ තිබුණ බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, එවැනි නිර්දේශ ක්‍රියාත්මක නොකළ පමණින් ශ්‍රී ලංකාව පිළිබඳව සොයා බැලීමට එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පූර්ණ බලතල පැවරීම වැරදි බවයි, ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ. සුනන්ද දේශප්‍රිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ සිට කථා කළ ‘යුක්තිය’ පුවත්පතේ හිටපු කර්තෘ සුනන්ද දේශප්‍රිය කියා සිටියේ, අළුත් සංශෝධන අනුවත් ශ්‍රී ලංකාවට තමන්ගේ ම ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමට ඉඩ තිබෙන බවයි. කෙසේ වෙතත් පසුගිය අවුරුදු පහක කාලයක් තුල දී ශ්‍රී ලංකාව ට තමන්ගේ ම ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමේ හැකියාවක් නැති බව සනාථ වී ඇති බවයි සුනන්ද දේශප්‍රිය කියා සිටියේ.
ජිනීවා හිදී පැවැත්වෙන මානව හිමිකම් කොමිසම් සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන යෝජනාවට සංශෝධන එක් වෙමින් ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සී වී විග්නේශ්වරන් මහ ඇමතිවරයා ජනාධිපති රාජපක්ෂ හමු වූ අවස්ථාව සී වී විග්නේශ්වරන් මහ ඇමතිවරයා බ්‍රහස්පතින්දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක බීබීසී සංදේශය ට කියා සිටියේය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ද සාකච්ඡාවට සහභාගී වුවන් අතර වෙති. ශ්‍රී ලංකාවේ ගැටළු වලට රට තුළින් ම විසඳුම් සොයා ගැනීම පිණිස එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉකුත් දා දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුවේ දී ආරාධනා කොට තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් බීබීසීයට කියා සිටියේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉතා ප්‍රවේසමෙන් සලකා බැලීමට සූදානම් බවයි. ජනාධිපතිවරයා හා දෙමළ ජාතික සන්ධානය අතර මුහුණට මුහුණ ලා සාකච්ඡා අවසන් වතාවට පැවැත්වුණේ මෙයින් දෙවසරකට ඉහතදී. අලුත්ම සාකච්ඡා පිලිබඳ තොරතුරු ලද සැනින් පළ කරන්නෙමු.
ජනාධිපතිවරයා අරලිය ගහ මන්දිරයේ දී උතුරේ මහ ඇමැතිවරයා මුණ ගැසී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘මාගේ යාවජීව ගුරුතුමාණන් වන ගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා ප්‍රමුඛ මගේ සහෘදයන් කිහිප දෙනෙක් ජාති භේදයකින් තොර දෙමළ, මුස්ලිම් පිරිස් ඒ මැතිවරණයේදී අපට අහිමි වුනා, අහිමි කළා. යුද්ධය නිමා වුනාට මේ රටේ අනිත් පැත්තෙන් සෑම අංශයකම නිදහස නැති වෙලා තියන බව මට හිතුණා, මට හැඟුණා, දැනුණා.’ යනුවෙන් කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රසන්න සෝලංගආරච්චි කියා සිටියේය. එළඹෙන ජනාධිපතිවරණය ඓතිහාසික මැතිවරණයක් බවත් ශ්‍රී ලංකාවේ අවසාන විධායක ජනාධිපතිවරයා වන්නේ මෛත්‍රිපාල සිරිසේන බවත් ප්‍රසන්න සෝලංගආරච්චි එහිදී සඳහන් කළේය. බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරි ජනාධිපතිවරණයෙදී කුමන තීරණයක් ගනු ඇත්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි කියා සිටියේ ඇයගේ දේශපාලන තීන්දු සම්බන්ධයෙන් තමාට අදහස් දැක්වීමට නොහැකි බවයි. ‘භාරත මන්ත්‍රීතුමාගේ ලේනෙ එයාගේ ඇඟේ දුවන්නේ. නංගිත් සමහරවිට හොද තීන්දුවක් ගනියි’ යනුවෙන් ප්‍රසන්න සෝලංගආරච්චි වැඩි දුරටත් පැවසුවේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කරන බව කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙය සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ ඝනයේ ආසාදනය වීමකි. එය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ 'මියුකොමයිකොසිස්' (mucormycosis)යනුවෙනි. දිලීර (පුස්) වර්ගයක් හේතුවෙන් හටගනු ලබන එම රෝගයට ගොදුරුවූ පුද්ගලයන්ගෙන් 50%ක් පමණ මරණයට පත්විය හැකි බව ඇස්තමේන්තු කොට ඇති අතර රෝගියකු බේරා ගැනීමට හැකිවන්නේ ඔහුගේ හෝ ඇයගේ ඇසක් ඉවත්කරනු ලැබීම මගින් පමණක් බවද පැවසෙයි. එය දුර්ලභ ව්‍යාධියක් වන නමුත් මෑත මාසවල ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසයට ගොදුරුවී සුවය ලද සහ සුවපත්වෙමින් සිටින රෝගීන් අතර එම කළු දිලීර ආසාදනයට ගොදුරුවූවන් දහස් ගණනක් පිළිබඳ තොරතුරු ලැබුණි. වෛද්‍යවරුන්ට අනුව කොවිඩ් වෛරසය මැඩලීමට ශාරීරික උත්තේජක ඖෂධ දෙනු ලැබීම සහ දියවැඩියාව සහිත රෝගීන් ඉහත කී කළු දිලීරය ආසාදනය වීම අතර සම්බන්ධයක් දක්නට ලැබෙයි. එම වෛද්‍යවරුන් වැඩිදුරටත් අදහස් දක්වමින් බීබීසියට සඳහන් කළ පරිදි '' කොවිඩ් වෛරසය ආසාදිතව ඉන් සුවය ලැබීමෙන් දවස් දොළහත්-දහ අටත් අතර කාල සීමාවක් තුළ පුද්ගලයකුට එම කළු දිලීරය අසාදනය වීම සිදුවිය හැකි බවක් දක්නට ලැබෙයි. ඉන්දියාවේ මෙතෙක් වාර්තා වී ඇති 'කළු දිලීර' ආසාදිතයන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ බටහිර ඉන්දියාවේ ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත දෙකෙනි. ඒ හැරුණුවිට තවත් ආසාදිතයන් අටත් -නවසීයත් අතර සංඛ්‍යාවක් වෙනත් ප්‍රාන්ත පහළොවකින් වාර්තා විය. එපරිද්දෙන් රෝගීන් වාර්තාවීමත් සමඟ එම රෝගය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉන්දීය ප්‍රාන්ත විසිනවයට දැනටමත් පවසා ඇත. එම දිලීරයට ගොදුරුවෙන රෝගීන් වෙනුවෙන් වෙන්කරන ලද රෝහල් වාට්ටු ඉතා ඉක්මණින් පිරීයමින් ඇතැයි වෛද්‍යවරු පවසති. 'මියුකෝර්' පුස් බහුලව දක්නට ලැබෙන්නේ පස, ශාක, පොහොර සහ දිරාපත් වන පලතුරු සහ එළවළු ආදියෙහිය මධ්‍යම ඉන්දීය නගරයක් වන 'ඉන්ඩෝ' (Indore) හි ඇඳන් 1,100ක් සහිත රජයට අයත් 'මහාරාජා යෂ්වන්ත්‍රාවෝ' ආරෝග්‍ය ශාලාවේ සතියකට පෙර දිලීරය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව පස්දෙනකු වූ නමුත් එය පසුගිය සෙනසුරාදා (ජූනි 22) වනවිට 185ක් තෙක් ඉහළගොස් තිබුණි. එම රෝගීන්ගෙන් 80%කට අධික සංඛ්‍යාවක් වහාම සැත්කම් සඳහා යොමුකිරීමට සිදුවූ බව එම රෝහලේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වෛද්‍ය වී.පී. පාන්ඩේ බීබීසියට පැවසීය. කළු දිලීරය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සඳහා සිය රෝහලේ වාට්ටු එකොළහක ඇඳන් 200ක් සූදානම් කර ඇතැයි වෛද්‍ය පාන්ඩේ පවසයි. ''මේ රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව අනපේක්‍ෂිත මට්ටමින් ඉහළයමින් පවතිනවා'' වෛද්‍යවරයා සඳහන් කළේය. 'ඉන්ඩෝ' (Indore) රෝහලේ පමණක් කළු දිලීර ආසාදිත රෝගීන් 400ක් වත් හඳුනාගනු ලැබ ඇතැයි වෛද්‍ය පාන්ඩේ සඳහන් කළේය. "කළු දිලීර ආසාදනය දැන් කොවිඩ් -19 ට වඩා දැඩි අභියෝගාත්මක වී තියෙනව. රෝගීන්ට නිසි වේලාවට විධිමත්ව ප්‍රතිකාර කළේ නැත්නම් මරණ අනුපාතය 94% දක්වා ඉහළ යන්න පුළුවන්. ප්‍රතිකාරවලට යන වියදමත් අධිකයි. ඖෂධ සැපයුමකුත් සිදුවන්නේ `නැහැ''වෛද්‍ය පාණ්ඩේ වැඩිදුරටත් පැවසීය. "මීට පෙර අවුරුද්දකට අපට වාර්තාවුනේ කළු දිලීර රෝගීන් එක්කෙනෙක් දෙන්නෙක් විතරයි'' 'මියුකොමයිකොසිස්' (Mucormycosis) යනු ඉතා දුර්ලභ ආසාදනයකි.පස්,ශාක වර්ග,පොහොර සහ නරක් වූ පලතුරු හා එළවළු ආදියේ එය බහුලව දක්නට ලැබෙයි. ''කළු දිලීර ආසාදිතව ඇතැයි රෝග විනිශ්චය කෙරුණ පුද්ගලයන්ට සති අටක පමණ කාලයක් දිනපතාම ''ඇම්ෆොටෙරිසින්'' බී (amphotericin B) හෝ "ඇම්ෆෝ-බී"("ampho-B") නියම කරනවා. එම ව්‍යාධිය සඳහා ඖෂධ වර්ග දෙකක් ඇත. එනම්,ප්‍රමිතිගත 'ඇම්ෆොටෙරිසින් බී ඩියෝක්සිකෝලේට්''(amphotericin B deoxycholate) සහ ''ලිපොසෝමල් ඇම්ෆොටෙරිසින්''(liposomal amphotericin) යන ඖෂධ දෙවර්ගයයි. තම නගරයේ රෝහල් හතරක රෝගීන් 201ක් දෙනකුට අදාළ තොරතුරු තමා සතුව ඇතැයි වෛද්‍ය පාන්ඩේ පවසයි. එම රෝගීන්ගෙන් වැඩිදෙනා කොවිඩ්-19 වෛරසය ආසදිතව සුවය ලද්දෝ වෙති. එසේම වැඩිදෙනා පිරිමින් වීමත් විශේෂත්වයකි. ඔවුන්ට කොවිඩ් ආසාදිත සමයේ ශාරීරික උත්තේජන ඖෂධ දී ඇති අතර දියවැඩියාවෙන් පෙළෙන්නන් ලෙස ද හඳුනාගනු ලැබ ඇත. මීට අදාළ තවත් සමීක්‍ෂණයක් සිදුකරනු ලැබ ඇත. ඉන්දීය වෛද්‍යවරුන් හතරදෙනකු විසින් සිදුකරන ලද එම අධ්‍යයනයේ දී කොවිඩ්-19 ආසාදිතව පසුව 'මියුකොමයිකොසිස්'(mucormycosis) ආසාදනය වූ සියයකට අධික පිරිසක් විමර්ශනය කරනු ලැබ ඇති අතර ඔවුන්ගෙන් හැත්තෑ නවදෙනෙක්ම (79) පුරුෂයෝ වූහ. එම රෝගීන් අතර අසූතුන් දෙනෙක්ම දියවැඩියාවෙන් පෙළෙන බව ද අනාවරණය විය. 'මුම්බායි'නගරයේ රෝහල් දෙකක කළු දිලීර ආසාදිත රෝගීන් හතළිස් පස්දෙනකු (45) යොදාගනිමින් සිදුකරන ලද තවත් අධ්‍යයනයකින් ඔවුන් සියලු දෙනාම දියවැඩියා රෝගීන් හෝ දියවැඩියාව වැළඳීමට ආසන්න තත්ත්වයක සිටින බව අනාවරණය විය. ඔවුන් සැම කෙනෙකුගේම රුධිරයේ සීනි ඉතා ඉහළ මට්ටමක විය. "මියුකොමයිකොසිස්'(mucormycosis) ආසාදනය වූ රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමක නැහැ " අක්ෂි ශල්‍ය වෛද්‍ය අක්ෂේ නායර් බීබීසීයට පැවසීය. 'මියුකොමයිකොසිස්' කියන්නේ කුමක්ද? 'මියුකොමයිකොසිස්' (Mucormycosis) යනු ඉතා දුර්ලභ ආසාදනයකි. පස්,ශාක වර්ග,පොහොර සහ නරක් වූ පලතුරු හා එළවළු ආදියේ එම දිලීරය බහුලව දක්නට ලැබෙයි. ''මේ දිලීරය හැම තැනකම පවතින්න පුළුවන් දෙයක්. එය පසෙහි සහ වාතයේ මෙන්ම නිරෝගී මිනිසකුගේ නාසයේ හෝ සෙම සොටු ආදියෙහි පවා තියෙන්න පුළුවන්'' මුම්බායි නගරයේ අක්ෂි ශල්‍ය වෛද්‍ය ආක්ෂේ නායර් පවසයි. එම දිලීරය 'සෛනස්' (sinuses) තත්ත්වයන්ට,මොළයේ සහ පෙනහළුවල ආසාදනයවීම් කෙරෙහි හේතුවිය හැකිය. එපමණක් නොව, දියවැඩියා හෝ පිළිකා රෝගීන්ට සහ HIV ඒඩ්ස් රෝගය නිසා ශාරීරික ප්‍රතිශක්තිය හීනවූ තත්ත්වයක සිටින පුද්ගලයන්ට මෙම දිලීරය ආසාදනය වීම මාරන්තික අනතුරකි. මුම්බායි වසංගතය විශාල වශයෙන් පැතුරුන කලාපයකි ශ්‍රී ලංකාවේත් 'කළු දිලීරය' තිබෙනවාද? කොවිඩ්-19 වසංගතය පැතිරයමින් පවතින අතරවාරයේ අම්පාර ප්‍රදේශයෙන් කළු දිලීරය ආසාදිත රෝගියකු හමුවූ බවක් ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමඟ ශ්‍රී ලංකාව තුළත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුවෙමින් පවතී. මේ අතර කොළඹ පැවැත්වුණු මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර ''කළු දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවන'' බව පෙන්වා දුන්නාය. එහෙත් ලංකාවේ කොවිඩ් ආසාදනය වූ කිසිවකුට 'කළු දිලීරය' ආසාදනය වීමක් වාර්තා වී නැති බවත් විශේෂඥ වෛද්‍යවරිය පවසයි. "මියුකොමයිකොසිස්' (mucormycosis) යනුවෙන් හඳුන්වනු ලබන කළු දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවෙයි. උදාහරණයක් විදිහට 1919 වර්ෂයේ දී අපට කළු දිලීර ආසාදනය වීම් 42ක් වාර්තා වී තිබෙනවා. 2020 වසරේ දී 24 දෙනකුත් මේ වර්ෂයේ දී මේ දක්වා 24 දෙනකුත් වාර්තා වී තිබෙනවා. එහෙත් ඒ කිසිම රෝගියකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නැහැ. අදාළ පරීක්‍ෂණ සිදුකෙරෙන්නේ වෛද්‍ය පර්යේෂණායතනය මගින් වීම නිසා අපට නිසැකවම කියන්න පුළුවන් කොවිඩ් ආසාදිතයන්ට "මියුකොමයිකොසිස්'(mucormycosis) කියන රෝග තත්ත්වයක් ඇති වී නැති බව'' ශ්‍රී ලංකාව නිරක්ෂය ආසන්නයේ පිහිටි රටක් නිසා ඒ දිලීරය ලැබීමට අවශ්‍ය සියලු පරිසර සාධක ලංකාවේ ඇති බව පවසන වෛද්‍යවරිය එම දිලීරය රටේ පස්වල පවතින බවත් සඳහන් කළාය. තවදුරටත් කරුණු පැහැදිළි කළ වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර ''මේ දිලීරය අසාදනය වන්නේ ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්ට'' බවත් පැවසුවාය. ශ්‍රී ලංකාවෙන් 'කළු දිලීර' රෝගීන් හමුවූ බවට ලැබෙන වාර්තා ශ්‍රී ලංකා රජය මගින් බැහැර කරනු ලැබ ඇත. ''අම්පාර ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගියාට කළු දිලීරය ආසාදිත බවට පැතිරෙන තොරතුරු අසත්‍යයක්'' බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු භාර රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍යසුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. ගංගා නම් ගංඉවුරේ කොවිඩ් මළසිරුරු ආදාහනය කෙරෙමින් පවතින ආකාරය තවත් තොරතුරු;
කොවිඩ්-19 වසංගතයට මැදිව සිටින ඉන්දියාව තවත් රෝග ව්‍යසනයකට ගොදුරුවෙමින් ඇති බවට වාර්තා ලැබෙයි.එම රෝගය හඳුන්වනු ලබන්නේ කළු දිලීර("black fungus") ආසාදනය යනුවෙනි.එම ව්‍යසනයට ගොදුරු වූ රෝගීන් නව දහසකට ආසන්න සංඛ්‍යාවක් මේවනවිට වාර්තාවී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආබාධිත හමුදා සෙබළකු වන දිනේෂ් ප්‍රියන්ත හේරත් මීටර 58.2 ක් දුර හෙල්ල විසි කිරීමට සමත් විය ආබාධිත හමුදා සෙබළකු වන දිනේෂ් ප්‍රියන්ත හේරත් මීටර 58.2 ක් දුර හෙල්ල විසි කිරීමට සමත් විය. තරඟයේ රන් පදක්කම ඉන්දියාවට හිමි වූ අතර චීනය විසින් රිදී පදක්කම දිනා ගනු ලැබිණ. ශ්‍රී ලංකාව පැරාලිම්පික් පදක්කමක් දිනා ගනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. 2012 ලන්ඩන් පැරාලිම්පික් උළෙලේ ටී46 මීටර 400 දුර දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් ආබාධිත සොල්දාදුවකු වන යූඩීපී ප්‍රදීප් සංජය පැරාලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විය.
බ්‍රසීලයේ රියෝ අගනුවර පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීමේ තරඟයේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා ආබාධිත මළල ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් දිනා ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එවකට හිටපු යුද හමුදාපතිවරයා වශයෙන් යුද හමුදාව කොළඹදී කළ මෙහෙයුම් සම්බන්ධයෙන් එහිදී තමන්ගෙන් දීර්ඝ වේලාවක් කරුණු විමසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඒ බව කියා සිටියේ, වත්තල පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි. "මම දීර්ඝ වෙලාවක් ඉඳගෙන, පැය පහක් පමණ මම ගත කළා එතන," ඔහු පැවසීය. හමුදා බුද්ධි අංශය රාජකාරි මට්ටමෙන් කළ කටයුතු සම්බන්ධයෙන් හැරෙන්නට ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ පිළිබඳව විමසා බැලීමට හමුදාපතිවරයාට වගකීමක් පැවරී නැති බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කළේය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිණිස සිකුරාදා තමන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබූ බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සනාථ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා කණ්ඩායම නම්කරමින් මාධ්‍යවේදීන්ට ලබාදෙන නිල සටහනේ කුමාර් සංගක්කාර තරඟයේ නායකයා ලෙස සටහන් කොට තිබූ අතර, එංගලන්ත නායක ස්ටුවර්ට් බ්‍රෝඩ් සමඟ කාසියේ වාසිය උරගා බැලීම සඳහා පිටියට පැමිණියේත් ඔහුයි. මහේල ජයවර්ධන පිට පිටම තරඟ කිහිපයදීම කාසියේ වාසිය දිනා ගැනීමට අපොහොසත්වීම නිසා තමන්ට නායකත්වය පැවරුණු බවයි, සංගක්කාර ඒ අවස්ථාවේ කියා සිටියේ. කෙසේ නමුත්, තරඟයේ සැබෑ නායකයා කවුරුන්ද යන්න පිටිය මැද දී මහේල ජයවර්ධන හැසිරුණු ආකාරයෙන් ක්‍රීඩාලෝලීන්ට මෙන්ම විනිසුරුවන්ට ද රහසක් නොවීය. තරඟය අවසානයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ යථාර්ථය හෙලිකළ නායක ජයවර්ධන, කණ්ඩායමට ලබාදී තිබූ කාල වෙලාව තුල පන්දු වාර විස්ස යැවීමට අපොහොසත්වීම නිසා තමන්ට දැනටමත් දඩයක් නියම වී තිබීම එම තීරණයට හේතුව බව පැහැදිලි කළේය. සඳුදා තරඟයේදීත් යලිත් එවැනි තත්වයකට මුහුණ දුන්නේ නම්, තමන්ට තරඟ තහනමක් පැනවීමට ඉඩ තිබුණු බවත්, අවසාන පූර්ව වටය වැනි තීරණාත්මක තරඟයකදී තරඟ තහනමක් පැනවීමේ අවදානම සලකා බලා නිල නායකයා ලෙසින් සංගක්කාර පත්කිරීමට කණ්ඩායම තීරණය කළ බවත් ඔහු පැවසීය.උප නායක ඇන්ජලෝ මැතිවුස්ට ද එවැනිම දඩයක් නියමවී තිබීම ඔහු නායකයා ලෙස නම් නොකිරීමට හේතුව බවයි, ඔහු කියා සිටියේ. මහේල ජයවර්ධන "හුඟක් වෙලාවට මේ නීතියත් දැන් වෙනස් වේවි සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමයි. කොහොම වුනත් ලෝක ශූරතාවලිය ඉවර වෙන්න කලින් එහෙම වෙනස් වෙන එකක් නැහැ කියල මම හිතනවා. සමහර වෙලාවට මට දැන් අයිසීසී එකෙන් කෝල් එකක් ඒවි කරුණු විමසලා" කෙසේ නමුත් තමන් ක්‍රීඩාවේ කිසිදු නීතියක් හෝ රීතියක් උල්ලංඝණය නොකළ බව අවධාරණය කළ නායක මහේල ජයවර්ධන, කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයේ නීති පොත් පෙරලා බැලූ බවද සඳහන් කළේය. නීතිය වෙනස් වේවි "හුඟක් වෙලාවට මේ නීතියත් දැන් වෙනස් වේවි සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමයි. කොහොම වුනත් ලෝක ශූරතාවලිය ඉවර වෙන්න කලින් එහෙම වෙනස් වෙන එකක් නැහැ කියල මම හිතනවා. සමහර වෙලාවට මට දැන් අයිසීසී එකෙන් කෝල් එකක් ඒවි කරුණු විමසලා," යන්නයි, ඊළඟ තරඟයේදීත් එවැනිම උපක්‍රමයක් යොදාගන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ. මේ අතර තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදෙන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ ලේඛක ඇන්ඩෘ ප්‍රනාන්දු, ඕවර විස්ස යැවීම සඳහා කිසියම් ප්‍රමාදයක් වීම මඟින් තරඟයේ ප්‍රතිඵලයට කිසිදු හානියක් නොවූ අතර එය ක්‍රීඩාලෝලීන්ටද බාධාවක් නොවූයේ නම්, එවැනි සුළු වරදකට තරඟ තහනමක් වැනි දැඩි දඬුවමක් දීම සාධාරණදැයි ප්‍රශ්න කරයි. නායක ජයවර්ධන එම කරුණු හෙළි කළේ ලෝක ශූර එංගලන්තයට එරෙහිව විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමෙන් අනතුරුවයි. නියමිත පන්දු ඕවර පහ අවසානයේ ලකුණු 31 කට කඩුලු පහක් දවාගත් ලසිත් මාලිංග තරඟයේ වීරයා ලෙසින් නම් කෙරුණු අතර, ලකුණු 26 කට කඩුලු දෙකක් දවාගනිමින් දහනම හැවිරිදි අකිල ධනංජය දැක්වූ දස්කම්ද කැපී පෙනුණි. ලෝක ශූරතාවලිය අතරවාරයේ ලොව දක්ෂතම විස්සයි විස්ස කණ්ඩායම ලෙසින් ද නම් කෙරුණු ශ්‍රී ලංකාව, සුපිරි අටදෙනාගේ වටයේදී අපරාජිතව ඉදිරියට ගිය එකම කණ්ඩායම බවට ද පත්වෙමින් ප්‍රබල දස්කම් දක්වමින් සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අවසාන පූර්ව තරඟයට සහභාගී වීමට නියමිතය. සරෝජ් පතිරණ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සබැඳි තේමා
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී එංගලන්තයට එරෙහිව සඳුදා පැවැත්වුණු විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුමාර් සංගක්කාර නම් කළේ සද් චේතනාවෙන් බව නායක මහේල ජයවර්ධන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ජනාධිපතිතුමා යහපාලනයට අකටයුත්තක් වෙන කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ" පක්ෂය අභ්‍යන්තරයෙන්ම මතු වූ ප්‍රබල පීඩනය හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පක්ෂයේ සභාපති පදවිය අත්හැර ගියා විනා එය ස්වේච්ඡාවෙන් ගත් තීරණයක් නොවන බවද එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු තුසිත හල්ලොලුව බීබීසී සංදේශයට පැවසීය. "පක්ෂෙ ඇතුලේ හිටපු සියලු දෙනාම එයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනව පක්ෂය නව ජනාධිපතිතුමාට භාර දීල එයාට අයින් වෙන්න කියල," යනුවෙන් ඔහු සඳහන් කළේය. නව ජනාධිපතිවරයාට සභාපති පදවිය පැවරෙන සිකුරාදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමට නව ජනාධිපතිවරයාත්, හිටපු ජනාධිපතිවරයාත් දෙදෙනාම සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ. දේශපාලන පළි ගැනීම් සිය පවුලේ සාමාජිකයන්ට එරෙහිව සිදු විය හැකි දේශපාලන පළි ගැනීම් හා හිරිහැර වළක්වා ගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹි ඇති හැඩක් පෙනී යන බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ. එහෙත් හිටපු ජනාධිපතිවරයා සමඟ බදාදා රාත්‍රියේ පැවැත්වුණු සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු කොන්දේසියකට එකඟ වී නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ ව්‍යාපාරයේ තුසිත හල්ලොලුව අවධාරණය කරයි. "යහපාලනයට යම්කිසි අකටයුත්තක් වෙනවා නම් කවදාවත් එතුමා එහෙම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ කියන එක මම හොඳටම දන්නවා," යනුවෙන්ද ඔහු කියා සිටියේය. නව ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමිවීමත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ සහායයෙන් තොරවම ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිවන බැවින් මින් ඉදිරියට පාලක සන්ධානයේ ගමන් මාර්ගය කවරක් වනු ඇත්දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ පාලක සන්ධානය මේ මොහොතේ දින සියයේ වැඩපිළිවෙල කෙරෙහි පූර්ණ අවධානය යොමු කොට සිටින බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය ලබා ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු කොන්දේසියකට එකඟ වී නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ ව්‍යාපාරය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ක්‍රියාධරයන් දෙදෙනා 'ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා ගෙන' තමන්ට ලැබුණු වාර්තා අනුව ඉන්ෆොර්ම් සංවිධානයේ රුකී ප්‍රනාන්දු සහ යාපනයේ සාමය සහ සංහිඳියාව සඳහා වූ මධ්‍යස්ථානයේ ප්‍රවීන් පියතුමා කිලිනොච්චියේදී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවාගෙන ඇති බව පෙනී යන්නේ යයි මානව හිමිකම් නීතිවේදී එස් රත්නවේල් බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. හදිසි නිවේදනයක් නිකුත් කරන ස්විට්සර්ලන්තයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙබ් අඩවිය, තමන් සහ ප්‍රවීන් පියතුමා කිලිනොච්චි පොලිසියේ රඳවා ගෙන සිටින බව රුකී ප්‍රනාන්දු සිය ජංගම දුරකතනයෙන් දැනුම් දුන් බව පවසයි. පුතා අතුරුදහන් ඒ පිළිබඳව වැඩ විස්තර දැන ගැනීම පිණිස පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට ජෙයකුමාරි බාලේන්ද්‍රන් සහ ඇයගේ දියණිය පසුගිය සිකුරාදා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. ඇයගේ පුත්‍රයා අතුරුදහන් වී ඇති අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ සංචාරය කරද්දී අතුරුදහන් වීම් වලට එරෙහිව පැවති උද්ඝෝෂණ වලදී ජෙයකුමාරි බාලේන්ද්‍රන් ඉදිරියෙන්ම සිටියාය. ඇයගේ පුත්‍රයා බලහත්කාරයෙන් කොටි හමුදාවට බඳවා ගෙන ඇති බවත් යුද්ධය අවසානයේදී හමුදාවට භාර වීමෙන් අනතුරුව අතුරුදහන් වී ඇති බවත් වාර්තා වී තිබුණි.
පොලිස් අත් අඩංගුවේ සිටින මානව හිමිකම් ක්‍රියාකාරිනිය සහ ඇයගේ දියණිය පිළිබඳව විමසා බැලීමට කිලිනොච්චිය බලා ගිය මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනකු පොලිසිය විසින් රඳවා ගනු ලැබ ඇති බව ක්‍රියාධරයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගමැතිවරයා ඒ බව සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් රටේ ආර්ථිකයට සහ කෘෂි කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ අගයක් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව 2017 වසරේ බලාපොරොත්තුවූ ආර්ථික වර්ධන වේගයට ළඟාවීම නොහැකි වූ බවත් අගමැතිවරයා සඳහන් කළේය. "මේ වසරේ අපි 5.5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළා. නමුත් නියඟය හා ගංවතුර නිසා මෙය 4.5% දක්වා අඩු වන බව මහ බැංකුව වාර්තා කරලා තිබෙනවා. අපේ රටේ කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ සියයට 1.2 ක් බවට පත්වී තිබෙනවා." රටේ කෘෂිකර්මයට හා ආර්ථිකයටත් විශේෂයෙන්ම ගෘහස්ත ආර්ථිකයටත් දේශගුණික වෙනස්කම් ඉතා අහිතකර ලෙස බලපා තිබෙන බව පෙන්වාදුන් අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ දේශගුණික රටාව ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බව පසුගිය සමයේ පැවති කාලගුණික විපර්යාසයන් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ විට දක්නට ලැබෙන බවත් සඳහන් කළේය. "දිගින් දිගටම පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළම ගොවීන්ට තම වගා කටයුතු වල නිරතවීමට හැකියාවක් ලැබුනේ නැහැ. සමහර පළාත්වල කන්න තුන හතරක්ම වගා පාළුවට ගියා," අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය. "විශේෂයෙන්ම පසුගිය දිනවල පැවති නියං තත්ත්වය හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස පහත වැටුනා. සහල් නිෂ්පාදනය ද විශාල වශයෙන් අඩු වුනා. මෙම කාලය තුල එළවලු වගාවද 30% කින් පමණ අඩු වී තිබෙනවා." ගොවීන් උඩරට හෙක්ටයාර් 14,798 කුත් පහතරට හෙක්ටයාර් 32,216 කුත් එළවලු වගා කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය බලාපොරොත්තු පළකර තිබුණත් සැබවින්ම වගා කර තිබුනේ උඩරට හෙක්ටයාර් 10,712 ක් සහ පහතරට හෙක්ටයාර් 19,673 ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය. "පොල් හිඟයට ප්‍රධාන හේතුව නියඟය" "කලක් තිස්සේ පැවති දේශගුණික රටාව මෙසේ වෙනස්වීම හේතුවෙන් අපගේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාවන් වෙනස් වීමට භාජනය වුණා. තමන්ට ගොවිතැන සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ගොවීන්ට තිබුනේ නැහැ. සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව ගොවීන් විසින් තීරණ ගන්නට පෙළඹුණා. සමහරු වගා කිරීම අතහැර දැම්මා. සමහරු වගා ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදා ගත්තා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් උඩරට ප්‍රදේශවල එළවළු වගා බිම් ප්‍රමාණය 36% කිනුත්, පහත රට එළවළු වගා බිම් ප්‍රමාණය 30% කිනුත් අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විටින් විට වාර්තා කර තිබෙනවා." මෙය "නිදහසට කරුණු දැක්වීමක්" නොවන අතර වගකීම භාරගැනීමට ආණ්ඩුව සූදානම් නමුත් යතාර්ථය පැහැදිලි කිරීමක් පමණක් බව ද අගමැතිවරයා අවධාරණය කළේය. මේ තත්වය යටතේ සහල් ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට සිදු වී තිබෙන අතර ලබන මහ කන්නය වනවිට සාමාන්‍ය අස්වැන්නක් බලාපොරොත්තු වෙන බවත් ඔහු පැවසීය. ලබන වසරේ රටේ පොල් හිඟයක් ඇති බිය හැකි බවත් අගමැතිවරයා සඳහන් කළේය. සහල් මිල ගැන වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් "මසකට පොල් ගෙඩි මිලියන හතලිහක් පමණ වන හිඟය පියවා ගෙන දේශීය ගෘහස්ථ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් පොල් සැපයුමක් තහවුරු කිරීමට පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ට පොල් මද ආනයනය කිරීමට අවසරය ලබා දීමටත් තීරණය කළා." ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ මෙම දේශගුණික වෙනස්වීම් සැලකිල්ලට ගෙන ආර්ථිකය සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ මෙම තත්වයට මුහුණ දීම සඳහා අළුත් යාන්ත්‍රණයක් සැකසීමට සිදුවන බවයි කියා සිටියේ. තවත් විස්තර:
මේ වසරේ ශ්‍රී ලංකාවට බලපෑ නියඟය හා ගංවතුර හේතුවෙන් රටේ කෘෂි අංශයේ වර්ධන වේගය සෘණ 1.2% ක් දක්වා පහත වැටී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාරා මාටින් මාස පහක් වයසැති සිය දියණිය ආරියා අතැතිව වේදිකාවට ගොඩවූ එම මෝස්‌තර දැක්ම පසුගිය ඉරිදා මෙම සංදර්ශනය පැවැත්වුනේ ජල ක්‍රීඩා සඳහා උචිත පිහිනුම් ඇඳුම් නිරූපණය කිරීම වෙනුවෙනි. "මට විශ්වාස කරන්න බැහැ මම දිනපතා යෙදෙන ක්‍රියාවක් මුල් කරගෙන මම සහ මගේ දියණිය පුවත් සිරස්තල බවට පත් වෙලා කියන එක" යැයි ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණි. සමාජ ජාල පරිශීලකයන් බොහෝ දෙනෙකු ඇයගේ ක්‍රියාව අගයමින් විවිධ වැකි පළ කර තිබූ නමුත් ඇය අවධානය දිනා ගැනීමට උත්සහ කරන බවට සමහරු චෝදනා නැගූහ. මෙම මෝස්තර නිරූපණ සංදර්ශනයට ඉදිරිපත් වීම සඳහා තරග කළ නිරූපිකාවන් අතුරෙන්, මාරා මාටින් අවසාන වටයට තේරුණු දහසය දෙනා අතර සිටියාය. රත්‍රන් පැහැති කාන්තා පිහිනුම් ඇඳුම් කට්ටලයකින් සැරසුණ ඇය නිරූපණයේ යෙදෙන අතරතුර ආරියාට මව් කිරි දී තිබේ. මේ තොරතුරුද කියවන්න: සංගීතයෙන් සහ පැමිණ සිටි පිරිසෙන් නැගෙන ඝෝෂාවෙන් දරුවා ආරක්ෂා කිරීමට ඇයගේ කන් ආවරණය කර තිබෙනු දක්නට ලැබිණි. "වේදිකාවේ ඇවිදින අතරතුර දරුවාට කිරි දීම අම්මා කෙනෙක් විදියට මගේ කතාවයි," මාරා මාටින් පසුව සටහන් කර තිබුණි. ඇයට සහාය පළ කරමින් බොහෝ දෙනෙකු ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පණිවිඩ යවා තිබෙනු දක්නට ඇත. "මෙය ඉතාමත් ප්‍රබෝධමත් ක්‍රියාවක්!!!!! මම ඉතා කැමතියි මෙයට!!!!," එක් පණිවිඩයක සඳහන් විය. "ඔව්!!!!! මේ වගේ එඩිතර වීම ගැන සහ මව් කිරි දීම සාමාන්‍යය දෙයක් බවට පත්කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා!! මෙයින් මා ඉතා සතුටට පත්වෙනවා" යැයි තවත් පණිවිඩයක සටහන් වී තිබුණි. නමුත් මෙයට සියලුදෙනාගේම කැමැත්ත හිමි වූයේ නැත. "ඇයි ඔබ මේ වගේ දෙයක් කළේ? මම සිතන්නේ ඔබට අවධානය අවශ්‍ය වෙලා වගේ" යැයි එක් පුද්ගලයෙකු සටහන් කර තිබුණි. තවත් තොරතුරු:
ඇමෙරිකාවේ මයාමි නගරයේ පැවැත්වූ මෝස්තර නිරූපණ සංදර්ශනයක නිරූපිකාවක් සිය බිලිඳු දියණියට මව් කිරි දෙමින් මෝස්තර නිරූපණය සඳහා වේදිකාවට පිවිසීම හේතුවෙන් පැමිණ සිටි පිරිස මහත් කැළඹීමට පත්ව ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් බීබීසී කොළඹ වාර්තාකරු අශාම් අමීන්ට කියා සිටියේ ලබන දෙසැම්බර් මස 08 වෙනි දින ජනාධිපතිවරණ නාම යෝජනා කැඳවනු ලබන අතර 2015 ජනවාරි 08 වෙනි දින ඡන්ද විමසීම් සිදු කෙරෙන බවයි. මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් පොදු අපේක්‍ෂකයා හැටියට මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයාත් තරඟ වදින අතර සෙසු අපේක්‍ෂකයන් කවුරුන් විය හැකිද යන්න තවමත් ප්‍රකාශයට පත් වී නැත.
මී ළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි 08 වෙනි දින පැවැත්වෙන බව ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් මෙයින් ස්වල්ප වේලාවකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇඳිරි නීතිය නොතකා ගල් මුල් ප්‍රහාර එල්ල කළ කණ්ඩායමක් දෙසට හමුදා විසින් සිදු කළ විවෘත වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනකු මරුමුවට පත් වූ බවයි පොලිසිය කියා සිටියේ. ඉන් අනතුරුව තවත් පුද්ගලයකු මරුමුවට පත් වී තිබේ. කාශ්මීරයේ විශාලතම කැරලි කණ්ඩායමේ ජනප්‍රිය තරුණ නායකයකු මීට දින දහයකට ඉහතදී හමුදා විසින් ඝාතනය කරනු ලැබිණ. එතැන් සිට මේ දක්වා ඇති වූ ගැටුම් හේතුවෙන් මරුමුවට පත් පිරිස හතළිස් දෙකකි. බලධාරීන් විසින් ප්‍රදේශයේ ජංගම දුරකථන සංඥා අවහිර කිරීමට කටයුතු කොට ඇත.
ඉන්දීය කාශ්මීරයේ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනකු මරුමුවට පත් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හමුවීම සඳහා ඔවුන්ගේ මව්පියන්ට, නීතිවේදියන්ට අවසර දිය යුතුයි' ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජිකයින් ඇතුළු ක්‍රියාධරයන් එම චෝදනාව එල්ල කළේ අඟහරුවාදා පෙරවරුවේ කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයකට එක් වෙමින්. වත්මන් රජය විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම සඳහා යොදා ගන්නා බවයි, එහිදී අදහස් දැක්වූ අතුරුදන් වුවන්ගේ අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ. "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට නො හැකි නම් ඊට මානුෂික මුහුණුවරක් ලබා දිය යුතුයි. එම පනත යටතේ අත් අඩංගුවට ගන්නා පුද්ගලයින් හමුවීම සඳහා ඔවුන්ගේ මව්පියන්ට, නීතිවේදීන්ට අවසර දිය යුතුයි," යනුවෙන් බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේය. 'වින්දිතයන් පෙළීමට' 'ත්‍රස්ත මර්ධන පනත තිබෙන්නේ රජයේ වුවමනාවටයි' එල්ටීටීඊය යලි හිස ඔසවන බවට පළ වන වාර්තා ආණ්ඩුවේ අවශ්‍යතාවය මත සිදු වන්නක් බවයි, ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ශක්තිවේල් පියතුමා මේ අතර කියා සිටියේ. "උතුරේ විශාල වශයෙන් රඳවා සිටින හමුදා තවදුරටත් රඳවා ගැනීම සඳහා තමයි රජය මේ වගේ කතා කියන්නේ," යනුවෙන්ද ශක්තිවේල් පියතුමාසඳහන් කළේය. විරෝධතාවයට එක් වී සිටි අතුරුදන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ අදහස් දක්වමින්, වින්දිතයන් පෙලීම සඳහා ත්‍රස්ත මර්ධන පනත යොදා ගැනීම හෙලා දකින බව කියා සිටියාය. කිලිනොච්චියේ බාලේන්ද්‍රන් ජෙයකුමාරි අත්අඩංගුවට ගැනීම තුලින් එය මනාව පැහැදිලි වන බවයි, ඇය කියා සිටියේ. උද්ඝෝෂකයින් ගේ චෝදනා ප්‍රතික්ෂේප කරන ජනාධිපති නීතිවේදී හේමන්ත වර්ණකුලසුරිය බීබීසී සංදේශයට කියා සිටියේ ජාතික ආරක්ෂාව තකා මෙම පනත පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය බවයි. "මේ නීතිය ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඇමරිකාව වැනි රටවල තිබෙනවා නම් ඇයි අපට විතරක් මේ නීතිය පවත්වා ගෙන යන්න බැරි," යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි. විරෝධතාවය පැවති අවස්ථාවේ කොළඹ අධිකරණ සංකීර්ණය අවට පොලිස් ආරක්ෂාව තර කොට තිබුණි.
කොටි සංවිධානය නැවතත් බිහි වීමේ අවදානමක් පවතින බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම ක්‍රියාත්මක කළ යුතු බවට ආණ්ඩුව මතු කරන තර්කය සැඟවුණු න්‍යායපත්‍රයක් මත සිදුවන්නක් බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ශ්‍රී ලංකාව වැනි රටක් විවිධ ක්‍රීඩා වෙනුවෙන් සියලුම ක්‍රීඩාංගන යොදා ගත යුතුයි' මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කරන්නේ කාල්ටන් සුපර් සෙවන් රග්බි ශූරතාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීම හේතුවෙන් එහි තණතිල්ල විනාශ වන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කොළඹ සිටින බීබීසී වාර්තාකරු අසාම් අමීන් ට්විටර් සමාජ ජාලය මාර්ගයෙන් ඔහුගෙන් විමසීමක් කළ අවස්ථාවේ දී. "ශ්‍රී ලංකාව වැනි රටක් විවිධ ක්‍රීඩා වෙනුවෙන් සියලුම ක්‍රීඩාංගණ යොදා ගත යුතු," බවයි, මන්ත්‍රීවරයා සිය ට්විටර් ප්‍රතිචාරයේ සඳහන් කරන්නේ. 'පුතාලගේ මනදොල සැපිරීම' කාල්ටන් සුපර් සෙවන් රග්බි ශූරතාවලිය සංවිධානය කරනු ලැබුවේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින්. පුතාලගේ මන දොල සැපිරීම සඳහා පවත්වන මෙවැනි තරඟාවලිවලින් විශාල අසාධාරණයක් වෙනවා එහෙත් අනෙක් ක්‍රීඩාවන් සඳහා විවෘත නොවන ගාල්ලේ ක්‍රීඩාංගණය ජනාධිපති පුත්‍රයා විසින් සංවිධානය කරන රග්බි තරඟාවලිය සඳහා පමණක් ලබා දීම 'බලවත් අසාධාරණයක්' බවයි, ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ. කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලිය හේතුවෙන් ක්‍රීඩාංගණයට සිදුවන හානිය යථා තත්වයට පත් කිරීමට වැය වන්නේ මහජන මුදල් බව ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සංදේශයට පැවසීය. "තමන්ගේ පුතාලගේ මන දොල සැපිරීම සඳහා පවත්වන මෙවැනි තරඟාවලි වලින් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල අසාධාරණයක් වෙනවා විතරක් නෙවෙයි, රටේ විශාල ධනයක් මේ සඳහා වැය කරන්න වෙනවා," යනුවෙන් ද ඔහු පැවසීය. ඕස්ට්‍රේලියාව වැනි රටවල එකම ක්‍රීඩාංගණයේ ක්‍රිකට් සහ රග්බි තරඟ පැවැත්වෙන නමුත් ඒ සඳහා විශේෂ විධි විධාන සකස් කොට තිබේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් ක්‍රීඩාංගණවල ක්‍රිකට් තරඟ පැවැත්වෙන විට ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද තණතිලි ගෙනැවිත් අතුරන අතර, වෙනත් ක්‍රීඩා වෙනුවෙන් ක්‍රීඩාංගණය විවෘත කිරීම පිණිස ක්‍රිකට් තරඟය අවසන් වූ විට එම තණතිලි ඉවත් කෙරේ. ඕස්ට්‍රේලියාවේ උදාහරණය එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි තාක්ෂණයක් ක්‍රියාත්මක නොවේ. සුනාමියෙන් විනාශවූ ගාල්ලේ ක්‍රීඩාංගණය යලි ප්‍රතිසංස්කරණය සඳහා අති විශාල මුදලක් වැය වූ අතර, එයට අරමුදල් රැස් කිරීම පිණිස ඉයන් බොතම් සහ ෂේන් වෝන් වැනි ලොව සුපතල ක්‍රීඩකයෝ ද දායක වූහ. ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පමණක්‌ වෙන් කෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් සිය ක්‍රීඩා පුහුණුවීම් වලදී දැඩි දුෂ්කර වාතාවරණයකට මුහුණ දීමට පළාතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු විය. සියලු ක්‍රීඩාංගණ, සියලු ක්‍රීඩා සඳහා විවෘත විය යුතු නම්, වෙනත් ක්‍රීඩා සඳහා ද ගාල්ල ක්‍රීඩාංගණය විචෘත වන්නේ දැයි අසාම් අමීන් මතු කළ ප්‍රශ්නයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රතිචාරයක් පළ කොට නොතිබිණ.
ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය රග්බි ඇතුළු වෙනත් ක්‍රීඩාවන් වෙනුවෙන් ද යොදා ගැනීමේ කිසිදු වරදක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මියගිය පිරිස අතර ළමුන් ද සිටින බව අලුත්ම වාර්තා සඳහන් කරයි. ක්‍රීඩාංගනයේ පැවති, ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගය අවසානයේදී 'විශාල පිපිරුම්' හඬක් ඇසුණු බව සිද්ධිය දුටුවෝ පැවසුහ. පොලිසිය පවසන පරිදි, පිරිමි අයෙකුවන ප්‍රහාරකයා ද පිපිරීමෙන් මියගොස් තිබේ. මැන්චෙස්ටර් නගරය අවට රෝහල් හයක තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කෙරේ. 15 හැවිරිදි ඔලිවියා කැම්බල් ආගිය අතක් නැත. මැන්චෙස්ටර් නගරය තුළ මෙතෙක් හටගත් "වඩාත් බියකරු" සිදුවීම මෙය බව කියා සිටි ප්‍රධාන පොලිස් නිලධාරී ඉයන් හොප්කින්ස්, "ප්‍රහාරකයා තනිවම ක්‍රියාත්මක වුවාද නැතිනම් කිසියම් ජාලයක කොටස්කරුවකුව සිටියාද" යන්න තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකවන බව පැවසීය. ඔවුන් සඳහන් කරන පරිදි අරීනා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රවේශපත් කාර්යාලය දෙසින් පිපිරීම් දෙකක් ඇසී තිබේ. සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කෙරිණි. මේ අතර මැන්චෙස්ටර් පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිද්ධිය වූ ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙසය. සංගීත ප්‍රසංගය නැරඹීමට ගොස් සිටි සිය බිරිඳ සහ දියණිය ගෙන ඒමට ගිය ඇන්ඩි හෝලි පැවසුවේ "මම එතන ඉන්න වෙලාවේ ඇතිවූ පිපිරීමත් සමග මාව අඩි තිහක් පමණ ඈතට විසිවුණා" යනුවෙනි. "යළි නැගී සිටි අවස්ථාවේ බිම සිරුරු වැටී තිබෙන ආකාරය දුටුවා. මගේ පලවෙනි අරමුණ වුනේ මගේ බිරිඳ හා දැරුවා සොයාගන්න එකයි. කොහොම හරි මම එයාලව හොයාගත්තා" යැයි ද ඔහු පැවසීය.
එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පිපිරීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අද (සෙනසුරාදා) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පැවති විජයග්‍රාහී සමරු උත්සවයට අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ රටේ ඒකීයභාවය රක ගැනීමට ඇප කැප වන බවයි. කෙසේවෙතත් අනාගතයේදී අභියෝගවලට මුහුණ දීමට තම රජයට සිදුවන බවත් ජනාධිපතිවරයා ප්‍රකශ ප්‍රකාශ කළේය. "කොටින්ට රට පාවාදෙන්න සටන් විරාම ගිව්සුම් ගහපු අය මේ ජාතියේ වීරත්වය අමතක කරවන්න නිතර උත්සාහ ගන්න බව අපි දන්නවා; උත්සාහ ගන්නවා, " ජනාධිපතිවරයා පැවසුවේය. අතීත සිදුවීම් අතීත සිදුවීම් ගැන ආවර්ජනය කරමින් එවක සිටි රාජ්‍ය නායකයන් රටේ ආරක්ෂාව ගැන මෙන්ම ඒකීය භාවය ගැන තැකීමකින් ක්‍රියා නොකළ බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා චෝදනා කළේය. 1977 දී හයෙන් පහක බලයක් ලබා ගනිමින් බලයට පත්වූ පළමු විධායක ජනාධිපතිවරයා කොටි ත්‍රස්තවාදී ජනතාවට පහර දෙන විට , තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපයා ගත යුතු බව ප්‍රකාශ කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ සිහිපත් කළේය. ඊලඟට බලයට පත්වූ ජනාධිපතිවරයා පොලිස් නිලධාරීන් හත් සියයකට යටත්වන ලෙස උපදෙස් දී ඔවුන් කොටින්ට පාවා දුන් බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ සියලු දෙනාම කොටින් විසින් ඝාතනය කල බව පැවසුවේය. කොටින්ට අවිආයුධ ලබා දුන් එතුමා කොටින් විසින්ම මහ මගදී ඝාතතනය කළ බව කියා සිටි ජනාධිපතිවරයා, "එල්ටීටීඊ නායකයාට වෙඩි නොවදින ඇඳුමක් දීල සාමයට අතින් අල්ල ගෙන කැඳවා ගෙන ආව ඉන්දියාවේ අගමැතිවරයාත් එදා තමිල් නාඩුවේදී මරල දැම්ම," ප්‍රකශ කළේය. විදේශ රටවල් සමඟ එක්ව සටන් විරාම ගිව්සුම් අත්සන් තැබුවත් කොළඹ බෝම්බ පුපුරුවා හැරීම් නවතා දැමීමට ඔවුන් අසමත් වූ බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. විවිධ උපාය විවිධ උපාය හා උපක්‍රම අත්හදා බලමින් මාතෘභූමිය පාලනය කිරීමට උත්සාහ ගත් අවස්ථාද තිබූ බව පැවසූ ජනාධිපතිවරයා, "ලෝකෙ තිබිච්ච අරාබි වසන්තය, තව කාලෙකට ග්‍රීක යක්කු , තව කාලෙකට අධිකරණයේ ස්වාධීනත්වය, තව කාලෙකට ජන මාධ්‍ය නිදහස, මානව හිම්කම් කාලෙකට, හැම මාස හයෙන් හයට උත්තර බඳින්න" ආදී වශයෙන් විස්තර කළේය. කෙසේ වෙතත් එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීම ඉතිහාසයෙන් කිසිදාකත් මකා දැමිය නොහැකි බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් දේශයේ එක බිම් අඟලක් උදුරා ගැනීමට හෝ බෙදීමට හෝ ඉඩ නොතබන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතිඥා දෙයි
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පිළිකා රෝගයකට ගොදුරු වූ ආටුරෝගේ සහාකාරිය 'පෙලුසා' 2012 වසරේදී මිය ගිය අතර එතැන් පටන් ආටුරෝ මානසික ආතතියට ගොදුරු වී සිටි බවයි පැවසෙන්නේ නමින් 'ආටුරෝ' ලෙස හැඳින්වූ ඉහත කී හිම වලසා මිය යන විට තිස් වන වියේ පසු විය. ආටුරෝ මීට වසර දෙකකට ඉහතදී ජාත්‍යන්තර අවධානයක් දිනා ගත් සත්වයෙකි. වඩාත් ශීත දේශගුණයක් පවතින කැනඩාවට ආටුරෝ මාරු කර හරින ලෙස ඉල්ලමින් දහස් සංඛ්‍යාත පිරිසක් පෙත්සමකට අත්සන් තැබූහ. කෙසේ නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මෙන්ඩෝසා සත්වෝද්‍යානයේ බලධාරීන් කියා සිටියේ සිහිසන් කොට රැගෙන යෑම ආටුරෝගේ වයසට ඔරොත්තු නොදෙනු ඇති බවයි. පිළිකා රෝගයකට ගොදුරු වූ ආටුරෝගේ සහාකාරිය 'පෙලුසා' 2012 වසරේදී මිය ගිය අතර එතැන් පටන් ආටුරෝ මානසික ආතතියට ගොදුරු වී සිටි බවයි පැවසෙන්නේ. ආජන්ටිනාවට රැගෙන එන විට ආටුරෝගේ වයස අවුරුදු අටකි වයෝවෘද්ධ භාවය හේතුවෙන් ඒ වන විටත් ආටුරෝගේ ශරීර සෞඛ්‍ය දුර්වල වී තිබූ බවත් සත්වෝද්‍යාන බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.
ආජන්ටිනාවේ සිටි එකම හිම වලසා මිය ගිය බව 'මෙන්ඩෝසා' සත්වෝද්‍යානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ විදේශයක සිටින බව එක්සත් ජාතීන්ගේ කමිටුවක් හමුවේ වරක් ප්‍රකාශ කළ හිටපු නීතිපති වරයා හෝමාගම මහේස්ත්‍රාත් වරයා හමුවේදී කියා සිටියේ ප්‍රගීත් එක්නැළිගොඩ සිටින තැන දන්නේ දෙවියන් වහන්සේ පමණක් යයි ද සන්ධ්‍යා එක්නැළිගොඩ සිහිපත් කළාය . ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් නඩු දෙකක් ගොනු කර ඇති අවස්ථාවක පරස්පර අදහස් දරණ මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත්කිරීම නිසා තමන්ට යුක්තිය ඉටු වේයැයි සිතීමට අපහසු බවයි ඇය ප්‍රකාශ කරන්නේ. තවත් දෝෂාභියෝගයක් මොහාන් පීරිස්ට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවශ්‍ය තරම් හේතු ඇති බව පවසන ලක්මව දියණියෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිවේදී නිමල්කා ප්‍රනාන්දු මොහාන් පීරිස්ගේ පත්වීමට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියාය. මාධ්‍ය හමුව ඇමතු සත්‍යවේල් පියතුමා කියා සිටියේ මේ දේශපාලනික පත්වීමත් සමග අධිකරණයෙන් යුක්තියක් බලාපොරොත්තු විය නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් සංදේශයට අදහස් දැක්වූ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක පවසන්නේ ජනාධිපතිවරයා මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත් කරන ලද්දේ ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් කිසිඳු නීතිමය ගැටළුවක් නැතැයි යන විශ්වාසය මත පදනම්ව බවයි . සබැඳි තේමා
අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් පත් කිරීම නිසා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලට සාධාරණයක් ඉටු වේදැයි බරපතල සැකයක් මතු වී ඇතැයි සන්ධ්‍යා එක්නැළිගොඩ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇපල් ජංගම දුරකථනවල 'හෑන්ඩ් සෙට්' උපාංගවල අලෙවිය 15%කින් පහත වැටී තිබීම මෙයට හේතුව ලෙස සඳහන් වේ. නමුත්, වසර එකොළහක් වැනි කාලයක් ඇතුළත iPhone ජංගම දුරකතනවල මිල ඩොලර් දහස් ගණනක් වූයේ කෙසේදැයි ඔබට මතකද? මෙම දුරකතනවල සිදු වූ ප්‍රධාන වෙනස්කම්, එහි ප්‍රමාණය, උපාංග සහ වෙනස්වන මිල පිළිබඳ මෙම ලිපියේ සඳහන් වේ. ආරම්භය - iPhone 2G iPhone 2G දුරකතනය ඇපල් සමාගම සිය ප්‍රථම iPhone ජංගම දුරකතනය එළිදැක්වූයේ 2007 වසරේ ජුනි මස ඇමරිකා එක්සත් ජනපදයේදීය. වේගවත් 3G තාක්‍ෂණය වෙනුවට 2G සම්බන්ධතාව යොදා ගැනීමට ඇපල් සමාගම ගත් තීරණයත් සමග, මෙම ප්‍රථම දුරකතනය ප්‍රසිද්ධියට පත් වූයේ iPhone 2G ලෙසය. නමුත් මෙය දැන් සමහර පැරණි භාණ්ඩ එකතු කරන්නන් සතු භාණ්ඩයක් බවට පත් වී තිබෙන අතර, eBay වෙබ්අඩවිය හරහා එහි සැබෑ මිලට වඩා වැඩි ගණනකට අලෙවිවන ආකාරය දක්නට ලැබේ. කෙසේවෙතත්, 4GB දත්ත ගබඩා කළ හැකි ප්‍රමාණයේ iPhone 2G ජංගම දුරකතනයක මිල ඇමරිකානු ඩොලර් 499ක් වූ අතර, 8GB iPhone 2G දුරකතනයක් ඇමරිකානු ඩොලර් 599ක් විය. 3G තාක්ෂණය සමග නිකුත් වූ iPhone iPhone 3G දුරකතනය 2008 වසරේ දී රටවල් 22කට නිකුත් කළ iPhone 3G දුරකතනය පළමු සති අන්තය වන විට මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබිණි. iPhone දෙවෙනි පරම්පරාවට අයත් කළු සහ සුදු පැහැයන්ගෙන් යුත් මෙම දුරකතනය සමග වසර දෙකක සම්බන්ධතාවක් ද සමග ඩොලර් 99ට මිල කර තිබිණි. iOS 2.0 මෘදුකාංග තාක්ෂණය සමග එළිදැක්වූ මෙම දුරකතනය කිහිප විටක් ම යාවත්කාලීන කිරීම සිදු විය. එමගින් බහු මාධ්‍ය කෙටි පණිවිඩ (MMS) මෙන්ම පිටපත් කිරීම සහ නැවත ඇලවීමේ (copy and paste) උපාංග මෙම දුරකතනයට ඇතුළු විය. ඉන් වසරකට පසු iPhone 3GS දුරකතනය එළිදැක්වීය. එහි S අකුරෙන් හැඟවෙන්නේ දුරකතන මෘදුකාංගය ක්‍රියාත්මක වන වේගය වන අතර, මෙය "වේගවත්ම සහ වඩාත්ම හොඳ ස්මාර්ට් දුරකතනය" ලෙස එකල හඳුන්වනු ලැබිණි. කෙසේනමුත්, 2010 වසරේ ජුනි මස දී ඇපල් සමාගම විසින් iPhone 3G දුරකතනය වෙළෙඳපොළෙන් ඉවත් කරන ලදී. මේ තොරතුරු ද කියවන්න: iPhone 4 ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් 2011 වර්ෂයේ දී වයස 56ක් වන විට පිළිකා රෝගයෙන් මිය ගියේය. 2010 වර්ෂයේ ජුනි මස ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත් වූ ලොව පුරා සිටින ඇපල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සම්මේලනයේ දී හතරවන පරම්පරාවට අයත් iPhone දුරකතනය එළිදැක්වීය. iPhone 4 වෙළෙඳපොළෙහි තිබෙන සිහින්ම ස්මාර්ට් ජංගම දුරකතනය බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් එම සම්මේලනයේ දී ප්‍රකාශ කළේය. "මෙය නැවත වරක් සියලු දේ වෙනස් කරනවා," එවර ඔවුන්ගේ තේමා පාඨය විය. iPhone 4 දුරකතනයේ නවතම උපාංගය වූයේ ඉදිරිපස සවි කර තිබූ කැමරාවයි. මෙය අනෙකුත් ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදකයන්ට මහත් අභියෝගයක් බවට පත් විය. මේ වන විට ඇපල් ස්මාර්ට් ජංගම දුරකතනවල ඉදිරිපස කැමරාව භාවිත කරමින් වීඩියෝ ඇමතුම් ලබා ගැනීමේ හැකියාව ද ඇත. එය FaceTime video chat ලෙස හඳුන්වයි. 16GB දත්ත ගබඩාවක් සහිත iPhone 4 ජංගම දුරකථනය ඇමරිකානු ඩොලර් 652කට සහ 32GB දත්ත ගබඩාවක් සමග ඇමරිකානු ඩොලර් 784කට මිල දී ගත හැකි විය. වසරකට පසුව, ඇපල් ජංගම දුරකතන පස්වන පරම්පරාවට අයත් iPhone 4S එළිදැක්වූ අතර, ප්‍රථම වතාවට 'Siri' නැමති ශබ්දයෙන් පාලනය වන කෘතීම බුද්ධියක් සහිත මෘදුකාංගයක් 2011 ඔක්තෝබර් මස දී හඳුන්වා දුන්නේය. iPhone 5 iPhone 5 2012 සැප්තැම්බර් මස එළිදැක්වූ iPhone 5 ස්ටීව් ජොබ්ස් යටතේ නිර්මාණය වූ අවසාන ජංගම දුරකතනය විය. ඔහු 2011 වර්ෂයේ දී මිය ගියේය. මෙම දුරකතනය නිෂ්පාදනයට පෙර ඇණවුම් භාර ගැනීමට ඇපල් සමාගම ක්‍රියා කළේය. පැය 24ක් ඇතුළත ඔවුන්ට මිලියන දෙකකට වැඩි ඇණවුම් ප්‍රමාණයක් ලැබිණි. 4G තාක්ෂණය සමග හඳුන්වා දුන් මෙම දුරකතනය, ඉතා සිහින්, බරින් අඩු මෙන්ම පැරණි iPhoneවලට වඩා උසින් වැඩි තිරයක් සහිත විය. 16GB දත්ත ගබඩා කිරීමේ ප්‍රමාණයක් සහිත iPhone 5 ජංගම දුරකතනයේ මිල ඇමරිකානු ඩොලර් 692ක් වූ අතර, 32GB දත්ත ගබඩාවක් සහිතව ඩොලර් 784ක් ද 64GB සමග ඩොලර් 915කට ද අලෙවි විය. නමුත් 2013 වසරේ දී iPhone 5C සහ 5S හඳුන්වාදීමත් සමග iPhone 5 නිෂ්පාදනය නතර කිරීමට එම සමාගම පියවර ගත්තේය. iPhone 6 ප්‍රමාණයෙන් විශාල ජංගම දුරකතන වන iPhone 6 සහ 6 Plus 2014 සැප්තැම්බර් මස iPhone 6 සහ 6 Plus ලෙස ප්‍රමාණයෙන් විශාල ජංගම දුරකතන වර්ගයක් ද එළිදැක්වීය. iPhone 6 හි තිරය අගල් 4.7ක් වූ අතර, 6 Plus ජංගම දුරකතනයේ තිරය අගල් 5.5ක් විය. නව උපාංග බොහෝ ප්‍රමාණයකින් සමන්විත මෙම නව දුරකතනයේ වැඩිදියුණු කළ කැමරා, කල් පවතින බැටරි මෙන්ම භාණ්ඩ මිල දී ගත් පසු ජංගම දුරකතනයෙන් බිල්පත ගෙවීමේ හැකියාව ඇති Apple Pay මෘදුකාංගය ද හඳුන්වා දී තිබිණි. iPhone 6 දුරකතනය සිම් කාඩ්පතක් නොමැතිව ඇමරිකානු ඩොලර් 705කට මිල දී ගත හැකි විය. ඇපල් සමාගමේ පෙරළිකාර ජංගම දුරකතන වූ iPhone 6 සහ 6 Plus, වසරකට අඩු කාලයක දී වෙනස් වූ අතර, iPhone 6S සහ 6S Plus වෙළෙඳපොළට නිකුත් කෙරිණි. iPhone7 iPhone 7 2016 සැප්තැම්බර් මස iPhone 7 හඳුන්වා දුන් ඇපල් සමාගම එය ඇමරිකානු ඩොලර් 718කට මිල කර තිබිණි. iPhone 7 Plus ජංගම දුරකතනයේ මිල ඇමරිකානු ඩොලර් 875ක් විය. රතු, කළු සහ අළු යන විවිධ වර්ණවලින් නිම වූ මෙම ජංගම දුරකතන 32GB හෝ 128GB දත්ත ගබඩා කළ හැකි ප්‍රමාණවලින් නිකුත් කර තිබිණි. iPhone නවතම පරම්පරාවට අයත් මෙම දුරකතනයේ 'හෙඩ්ෆෝන් (headphone)' සම්බන්ධ කළ හැකි අහුව ඉවත් කර තිබුණු අතර, ජලයට ඔරොත්තු දීමේ තාක්ෂණය සහ මෙගා පික්සල් 12ක කැමරාවක් සවිකර තිබිණි. iPhone 8, 8 Plus සහ X iPhone 8, 8 Plus සහ X ස්මාර්ට් ජංගම දුරකතන 2017 සැප්තැම්බර් මස ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පිහිටි ඇපල් සමාගමේ ප්‍රධාන මධ්‍යස්ථානයේ දී iPhone 8, 8 Plus සහ X යන ස්මාර්ට් ජංගම දුරකතන එළිදැක්වීය. iPhone 8, 8 Plus ජංගම දුරකතන රිදී, අළු සහ රත්‍රන් පැහැයන්ගෙන් මිල දී ගැනීමේ හැකියාව තිබේ. පෙර නිකුත් කළ iPhone 7වල දක්නට ලැබුණු ඇලුමිනියම් ආවරණය වෙනුවට iPhone 8 සහ 8 Plus වීදුරු ආවරණයක් සහිතව නිම කර තිබෙනු දක්නට හැකිය. 64GB iPhone 8 ජංගම දුරකතනයක් මිල ඇමරිකානු ඩොලර් 915ක් වන අතර, 64GB iPhone 8 දුරකතනය ඩොලර් 1045කට මිල කර ඇත. iPhone ජංගම දුරකතනවල දස වෙනි සංවත්සරය සනිටුහන් කරමින් iPhone X දුරකතනය 2017 නොවැම්බර් මස වෙළෙඳපොළට නිකුත් කළේය. එම ජංගම දුරකතනයේ 'home' බොත්තම ඉවත් කර තිබූ අතර, අගල් 5.8කින් යුත් තිරය OLED තාක්ෂණයෙන් නිපදවා තිබේ. එමෙන්ම, මෙය වයර නොමැතිව ආරෝපණය කළ හැකිය. නවතම උපාංග බොහොමයකින් සමන්විත iPhone X දුරකතනය ඇමරිකානු ඩොලර් 1300කට මිල කර තිබේ. ඉන් පසු.... පසුගිය වසරේ දී ඇපල් සමාගම iPhone XR, iPhone XS සහ XS Max නම් තවත් ස්මාර්ට් ජංගම දුරකතන තුනක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. මේ අතරින් මිලෙන් අඩුම දුරකතනය ඇමරිකානු ඩොලර් 980ක් වන අතර, මිලෙන් අධිකම දුරකතනය ඩොලර් 1897ක් ලෙස මිල කර තිබේ. නමුත් මේ අධික මිල ගණන් නුදුරේදීම වෙනස් වන බව ඇපල් සමාගමේ ප්‍රධානියා වන ටිම් කුක් සඳහන් කළ ද, එය කෙදිනක කෙසේ සිදුවේ දැයි තවමත් හෙළි කර නොමැත. තවත් තොරතුරු:
ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක් ඇති බව එම ආයතනයේ ප්‍රධානියා වන ටිම් කුක් ඇඟවීමක් සිදු කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් තිබූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඉකුත් වසර සඳහා වන වාර්තාව නිකුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තියානි දේවස්ථාන, හින්දු කෝවිල් හා ඉස්ලාමීය පල්ලි වලට එල්ල වන ප්‍රහාර විභාග කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට හෝ බලධාරීන් මැලි බවයි. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සහතික කෙරෙන අන්දමේ ආගමික නිදහසක් රට තුල ක්‍රියාත්මක වුවත්, සදාචාරයට පටහැනි අන්දමින් හෝ බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීම පිළිබඳව චෝදනාවට ලක්වූ ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් වලට එරෙහි ප්‍රචණ්ඩ ප්‍රහාර 2012 වසර තුලදීද දක්නට ලැබුණු බවත් වාර්තාවේ සඳහන්. එසේ වුවද එවැනි ප්‍රහාරයන් ඊට ඉහත වසරට වඩා අඩුවෙන් වාර්තාවී ඇති බවද ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව ප්‍රකාශ කරයි. බෞද්ධ කණ්ඩායම්වල ප්‍රහාර අදාල වසර තුළ මෙම ප්‍රහාර පිලිබඳ පැමිණිළි පනහකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි, එහි තවදුරටත් සඳහන් වන්නේ. ආගමික සිද්ධස්ථානවලට එල්ල වන ප්‍රහාරවලට වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට බලධාරීන් මැලි බව වාර්තාව පවසයි 2012 වසර තුල සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් තිබූ බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ධර්ම ප්‍රචාරක ක්‍රිස්තියානි නිකාය වලට අයත් දේවස්ථාන ලියා පදිංචි කිරීමට අපහසු වන අන්දමේ බාධක පිළිබඳව මෙම කණ්ඩායම් පැමිණිලි කර ඇති අතර ජාතික ක්‍රිස්තියානි සභාවේ සාමාජිකත්වය නොලද කුඩා ක්‍රිස්තියානි නිකාය, ආගමික කටයුතු අමාත්‍යංශයේ පුණ්‍ය ආයතන ලෙස ලියාපදිංචි කිරීම අපහසු ක්‍රියාදාමයක් වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කරයි. උතුරු ප්‍රදේශයන්හි පැවැති යුද වාතාවරණය නිමා වීමෙන් පසු, ප්‍රධාන වශයෙන් හින්දු භක්තික දෙමල වැසියන් දිවි ගෙවන මෙම ප්‍රදේශයන්හි ආරක්ෂක හමුදා අනුග්‍රහයෙන් බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීම 2012 වසර තුල ඉහල ගොස් තිබෙන බවත් එහි සඳහන්. මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ආයතන සහ ලබ්ධිකයන්ට එරෙහි ප්‍රහාරයනට වගකිවයුතු බවට චෝදනාවට ළක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේට දඬුවම් ලබාදීමට බලධාරීන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව අවධානය යොමු කරයි.
ශ්‍රී ලංකාවේ රජය ප්‍රසිද්ධියේ ආගමික නිදහස අනුමත කළත්, ප්‍රායෝගිකව ඇතැම් ක්ෂේත්‍ර වල ගැටළු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රනිල් වික්‍රමසිංහ සමග සජිත් ප්‍රේමදාස 1947 පළමු පාර්ලිමේන්තුවේ පටන් අඛණ්ඩව ව්‍යවස්ථාදායකය තුළ නියෝජනය වූ, ශ්‍රී ලංකා දේශපාලනයේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය, 2020 මැතිවරණයේ දී තමන් ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාර ආරම්භය වනවිටත් නම් කරගැනීමට අසමත්ව ඇත. දේශපාලන පක්ෂයක් ලෙස සංවිධානය වීමෙන් වසරක් තරම් කෙටි කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂය 1947 මහමැතිවරණයේ දී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය බවට පත්වෙමින් සෙසු පක්ෂවල ද සහයෝගය ඇතිව අගමැති ඩී.එස්.සේනානායකගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් ඉතිහාසයට එක්වුණේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු ආණ්ඩුපක්ෂය වශයෙනි. ඉන් අනතුරුව 2020 මහමැතිවරණය තෙක් පවත්වා ඇති සියලු මැතිවරණවල දී ආණ්ඩුබලය දිනාගැනීමට හෝ නොඑසේනම් අඩුතරමින් විපක්ෂය ලෙස හෝ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට එම පක්ෂය සමත් විය. ආණ්ඩුබලය අහිමි වූ මහමැතිවරණවලින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට විපක්ෂ නායක පදවිය අහිමිව ඇත්තේ එක් වතාවක් පමණි. 1956 මැතිවරණ පරාජයේ දී ආසන අටක් ලද එක්සත් ජාතික පක්ෂයට වඩා ලංකා සම සමාජ පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත හැකිවීම හේතුවෙන් විපක්ෂ නායක පදවිය ආචාර්ය එන්.එම්.පෙරේරාට පැවරුණි. එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ 2020 මහා පරාජයට පෙර ඔවුන් ලද පළමු සහ දැවැන්ත දේශපාලන පරාජය වර්තා වූයේ 1956 මහමැතිවරණයේ දීය. එම මැතිවරණයේ දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක විසින් නායකත්වය දෙන ලද මහජන එක්සත් පෙරමුණ ලද ජයග්‍රහණය හමුවේ එක්සත් ජාතික පක්ෂය ලද ආසන සංඛ්‍යාව අටකට සීමා විය. එවැනි දරුණු පරාජයක් හමුවේ වුවද, පක්ෂ නායක අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල සිය පාර්ලිමේන්තු අසුන ආරක්ෂාකර ගැනීමට සමත් විය. එහෙත් 2020 මැතිවරණය දේශපාලන ඉතිහාසයට එක්වන්නේ 1994 පටන් වසර විසිහයක කාලයක් විපක්ෂ නායකයා ලෙස හෝ අගමැතිවරයා ලෙස දිගින් දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ඔහුගේ පාර්ලිමේන්තු ආසනය පවා අහිමි කරන ලද අමිහිරි දේශපාලන අත්දැකීමක් අත්කරමිනි. 1956 පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂය ලද ඊළඟ මහා පරාජය වාර්තා වන්නේ 1970 මහමැතිවරණයේ දීය. එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය දිනාගත් සමස්ත ආසන සංඛ්‍යාව දහහතකට සීමා විය. එහෙත් 1977 මහමැතිවරණයේ දී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආසන අටකට සීමා කරමින් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් දිනාගැනීමට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සමත්විණි. එජාප මූලස්ථානය වූ සිරිකොත මන්දිරයට වෙඩි තැබීමකින් අලියා ලකුණට හානි සිදුවූ අවස්ථාවක් 1956 සහ 1970 දී ලද දැවැන්ත පරාජය හමුවේ වුවද, එක්සත් ජාතික පක්ෂය සමස්ත රට වශයෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම විශේෂත්වයකි. 1970 දී ආසන දහහතකට සීමාවුවද,රට මට්ටමින් ගත්විට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා තිබිණි. එවැනි තත්ත්වයක් යටතේ දේශපාලන විචාරකයන් විසින් එක්සත් ජාතික පක්ෂය විග්‍රහ කරන ලද්දේ රටේ ජාතික මට්ටමින් මුල්බැසගත් වැඩිම ඡන්ද පදනමක් සහිත දේශපාලන පක්ෂය වශයෙනි. 1970 මැයි 27 දින පැවති මහමැතිවරණයේ දී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික මට්ටමින් ඡන්ද 1,817,349ක් ලබාගෙන තිබියදී ආසන දහහතකට සීමාවූ එක්සත් ජාතික පක්ෂය ජාතික මට්ටමින් ඡන්ද 1,879,996 ක් ලබා ගැනීමට සමත්විය. එහෙත් 2020 මැතිවරණ ප්‍රතිපල අනුව, එක්සත් ජාතික සම්බන්ධයෙන් කලින් පැවති ඉහත කී සම්ප්‍රදායික නිර්වචනය තවදුරටත් වලංගු නොවන අතර එම පක්ෂය මුළු රටේම ලද ඡන්ද ප්‍රමාණය 249,435කට සීමා විය. එය ජාතික මට්ටමින් මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්දවලින් 2.15% ක් පමණි. සිරිකොත ඉදිරිපිට ගැටුමක් සිදුවූ අවස්ථාවක් එජාප ඉරණම ලද වමේ පක්ෂ අතීතයේ මහා කීර්තියක් පැවති දේශපාලන පක්ෂ අතර එක්සත් ජාතික පක්ෂය මුහුණ දුන් ආකාරයේ ඉරණමකට ගොදුරු වූ තවත් දේශපාලන පක්ෂ කිහිපයකි. පිලිප් ගුණවර්ධන විසින් විප්ලවකාරී සම සමාජ පක්ෂය යන නමින් ආරම්භ කරනු ලැබ, පසුව මහජන එක්සත් පෙරමුණ යන නමින් ක්‍රියාත්මක වෙමින් පැවති දේශපාලන පක්ෂය 1970 මහ මැතිවරණයේ දී එකම පාර්ලිමේන්තු ආසනයක් හෝ දිනාගැනීමට අසමත් විය. මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන ඇතුළු එම පක්ෂයේ අපේක්ෂකයන් ලෙස 1970 මැතිවරණයට තරඟ වැදුන සියලුම අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ පරාජයට පත්වූහ. එක්සත් ජාතික පක්ෂය මහා ජයග්‍රහණයක් වාර්තා කරන ලද 1977 මහමැතිවරණයේ දී ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද ඊට සමාන දේශපාලන ඉරණමකට ගොදුරු විය. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා අවධියේ පටන් වාමාංශික දේශපාලන පක්ෂ සඳහා පැවති පාර්ලිමේන්තු නියෝජනය 1977 මැතිවරණයෙන් අවසන් වූයේ ආචාර්ය එන්.එම්.පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ සහ පීටර් කේනමන් වැනි සියලුම වාමාංශික දේශපාලන නායකයන් පවා පරාජයට පත්වීමෙනි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අධිනීතිඥ සරත් මුත්තෙට්ටුවේගම එකම වාමාංශික මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළද, ඔහුගෙන් අනතුරුව තේරී පත්වූ සියලුම වාමාංශික මන්ත්‍රීවරු ඔවුන් අයත් දේශපාලන පක්‍ෂයෙන් නොව යම්කිසි දේශපාලන සන්ධානයකින් හෝ ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට පිවිසි පුද්ගලයෝ වූහ. සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස සහ ජේ.ආර්.ජයවර්ධන අතරත් දේශපාලන විරසකභාවයන් පැවතුණි සමගි ජන බලවේගය 2020 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියක් පමණක් වුවද එම පක්ෂයෙන් වෙන්ව ගොස් 'සමගි ජන බලවේගය' යන නව පක්ෂයෙන් තරඟ වැදුණු, තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ලෙස පෙනී සිටින පිරිසක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙති. සමගි ජන බලවේගය දේශපාලන පක්ෂ කිහිපයක එකතුවක් වන අතර, ඊට නායකත්වය දෙන, කලින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වූ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා විණි. 2020 මැතිවරණයේ දී සමගි ජන බලවේගයට ජාතික ලයිස්තු මන්ත්‍රී පදවි හතක් ද සමඟ ආසන 54 ක් දිනාගැනීමට හැකි විය. සමගි ජන බලවේගයට එක්ව සිටින සිය ඇතැම් සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇති නමුත් සජිත් ප්‍රේමදාස ඇතුළු ඉදිරිපෙළ නායකයන්ගේ සාමාජිකත්වය හෝ පක්ෂය තුළ දරන තනතුරු සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නැත. එවැනි පරිසරයක් තුළ එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් වෙන්ව ගිය කණ්ඩායම යළිත් පක්ෂය තුළට ගැනීමට සමත්වුවොත් පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා සමඟ තවත් කණ්ඩායමක් එකතුවනු ඇත. කියවන්න ;
අද (අගෝස්තු 20) ආරම්භ කෙරෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශේෂ කරුණු දෙකක් හේතුවෙන් ඓතිහාසික මුහුණුවරක් ගනී. ඉන් පළමුවැන්න, වසර තුනකට පමණ පෙර ආරම්භ කරන ලද ළාබාල දේශපාලන පක්ෂයක් (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ) තුනෙන් දෙකක බලයක් ද සහිතව පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ අසුන් ගැනීමය. දෙවැන්න, 1947 පටන් වසර හැත්තෑ දෙකක කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ මුහුණක් එහි නොවීමය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇය සිය පවුලේ අය සමග කල්පිටිය තෙහෙලිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට පැමිණ සිටියාය. අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුව තුන් මසක් සපිරෙන ඊයේ දින (ජූලි 21) රටපුරා විවිධ ආගමික වතාවත් සංවිධාන කර තිබිණි. කල්පිටිය තෙහෙලිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ද ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකර ආගමික වතාවත් පැවැත්විණි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය බහුතරය කතෝලිකයන් වුවත් එහිදී බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරුණු අතර එහි පැමිණ සිටි පිරිස සර්ව රාත්‍රික පිරිත් සහ දානමය පිංකමක ද යෙදුණහ. පිරිත් පිංකම ආරම්භ කිරීමට පෙර පාස්කු දින එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිකර පන්දම් දල්වනු දක්නට ලැබිණි. මේ සදහා සියලු ආගම්වලට අයත් පුද්ගලයන් සහ ආගමික නායකයන් එක්වී සිටීම විශේෂත්වයකි. "අපිව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්" "සියලු ආගම්වලට අයත් පුද්ගලයන් සහ ආගමික නායකයන් එක්ව සිටියා" "අපේ ආගමේ කියලා තියනවා පිරිමි ගැවසෙන ස්ථානවල කාන්තාවන් ඉන්න හොඳ නැහැ කියලා. ඒ නිසයි අපි විශේෂ අවස්ථාවක හැර අපේ පල්ලියට නොයන්නේ . නමුත් අද මේ පිංකමට ආවේ ඒ නීතියටත් පිටුපාලයි . නීතියට වඩා ජාතික සමගිය වැදගත් වෙනවා. "මේ පුද බිමේ අද සියලු ආගමිකයන් එකතු වෙලා ඉන්නවා . අපි ජාතික සමගිය, ජාතින් අතර සුහදතාව වර්ධනය කරන ඕනෑම වැඩකට එකතු වෙන්න දෙවරක් හිතන්නේ නැහැ. මගේ මහත්තයා පිරිකර පූජා කරන්න පෙර එය අරගෙන ජනතාව අතරට ගියාම මට ලොකු සතුටක් දැනුනා .මම හිතනවා ඒ අයටත් ඒ සතුට දැනෙන්න ඇති කියලා" යැයි ෆාතිමා නුස්රත් පැවසුවාය. පසුව ඇය වඩාත් බැරෑරුම් හඬකින් පැවසුවේ, "සමහර විට අපේ අය කීප දෙනෙක් අපිව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. නමුත් මට විශ්වාසයි ඒ කීප දෙනත් වැඩි කල් නොගොස් අපිට එකතු වෙනවා කියලා. මොකද අපිට දැන් අවශ්‍ය ජාතික සමගියයි," යනුවෙනි. "අද මේ පිංකමට ආවේ ඒ නීතියටත් පිටුපාලයි" - ගුරුවරියක වන ෆාතිමා නස්රත් කල්පිටියේ බහුතරය ආර්යන්ගේ එකමුතුවේ කැදවුම්කරු සහ කල්පිටිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන කිහිපයක විහාරස්ථානාධිපති බැඳිවැව දියසේන හිමියන් මෙම ආගමික වතාවත් සංවිධානය කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කර තිබිණි. මේ සඳහා කල්පිටියේ පදිංචිකරුවන් බහුතරයක් සහය දුන් බව උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ. "කල්පිටියේ බහුතරයක් ඉන්නේ කතෝලික හා මුස්ලිම් ආගමික බැතිමතුන්. මම අවුරුදු දහයක් මේ ප්‍රදේශයේ ජිවත් වෙනවා. මේ දෙපාර්ශවය එක්කම කටයුතු කර තිබෙනවා." "අපි සියලු දෙනාගේ අඩුපාඩු තිබෙනවා, නමුත් අපි සියලු දෙනා මනුෂ්‍යයෝ. සියලු දෙනාගේ තියෙන රුධිරය රතු පාට කියන එක අමතක කරන්න හොඳ නැහැ." "මම අද මේ වැඩපිළිවෙළ සංවිධානය කළෙත් මේ හැමෝම එකතු කරන්නයි. මොකද මේ වසරේ පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයෙන් බලන්න ගත්තා .මේ තත්ත්වය රටකට අහිතකරයි .ගැටලුවක් ඇත්නම් කතාකර විසදාගත යුතුයි," පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ පැවසූහ. "මේ අවුරුද්දේ පාස්කු දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල වුණේ ප්‍රධාන වශයෙන් කතෝලික පල්ලිය ඉලක්ක කරගෙන. නමුත් මිට වසර ගණනාවකට පෙර ජපන්නු කොළඹට බෝම්බ දැම්මේ මුළු රටම ඉලක්ක කර ගෙනයි. " "අපි සියලු දෙනාගේ අඩුපාඩු තිබෙනවා, නමුත් අපි සියලු දෙනා මනුෂ්‍යයෝ. සියලු දෙනාගේ තියෙන රුධිරය රතු පාට කියන එක අමතක කරන්න හොඳ නැහැ." "මේ ප්‍රහාර දෙකේම මහා මොළකරුවන් ඉන්නේ පිටරටවල . එදා අපි ජපන්නු එක්ක ජන්මාන්තර වෛරයක් ඇතිකරගත්තේ නැහැ. නමුත් මේ පාර බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ අපේ ඇතැම් ජනතාව මුස්ලිම් ජනතාව එක්ක ජන්මාන්තර වෛරයක් ඇති කර ගත්තා . මුස්ලිම් කඩ වර්ජනය කරන්න පටන් ගත්තා." "ඔවුන්ගේ ඇදුම් පැළදුම්වලට තහනම් නියෝග දාන්න කිව්වා. මුස්ලිම් විරෝධී රැල්ලක් ක්‍රියාත්මක වුණා. අපි මේ උත්සාහ කරන්නේ මේ රැල්ල ඉදිරියට එන්න නොදී පසු පසට ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එකයි. මේ සිදු කළේ පුංචි දෙයක් . නමුත් මෙවැනි පුංචි පුංචි දේ කිරීම තුළ විශාල වෙනසක් සිදුවෙනවා," යැයි පූජ්‍ය බැඳිවැව දියසේන හිමියන් තවදුරටත් පැවසූහ. තෙමස සපිරෙන දා කාදිනල් හිමි ප්‍රකාශය මේ අතර ප්‍රහාරයෙන් තෙමසකට පසු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඊයේ යළි විවෘත කෙරුණි. "මුස්ලිම් අය මේකට වග කියන්න ඕනේ නැහැ. මෙතන දී කියන්න ඕනේ, අපේ නායකයන්ට කොන්ද පණ මදි" - කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. නැවත විවෘත වූ දේවස්ථානයේ දිව්‍ය පූජාව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වය මධ්‍යයේය. මෙහි දී සිය අදහස් ප්‍රකාශ කරමින් කාදිනල් හිමියන් පැවසුවේ, "මේ ප්‍රහාරය නොමග ගිය තරුණයන් පිරිසක් අල්ලාගෙන ජාත්‍යන්තර ඕනෑ එපාකම් පිරිමහන්න, මේ රට අස්ථාවර කරන්න, ඔවුන්ගේ කුමන්ත්‍රණ සාර්ථක කරගන්න, කෝලාහලක් ඇතිකරන්න සිදු කළ ප්‍රහාරයක්," යනුවෙනි. මියගිය අයගේ නම් කොටා ඇති පුවරුවක් පල්ලිය ඉදිරියේ ස්ථාපිත කර තිබේ "මුස්ලිම් අය මේකට වග කියන්න ඕනේ නැහැ. මෙතන දී කියන්න ඕනේ, අපේ නායකයන්ට කොන්ද පණ මදි. මෙහෙම නෙමෙයි ඒ අය වැඩ කරන්න ඕනේ. විදේශීය බලවේගවලට මේ රටට අත පොවන්න දෙන්න බැහැ.. මේ භූමියේ සශ්‍රීකභාවය ශක්‌තිමත් කරන්න නායකයෝ අපිට උදව් කරන්න ඕනේ," උන්වහන්සේ තවදුරටත් පැවසූහ. බලධාරීන් සිය වගකීම ඉටු කළ ආකාරය ගැන ද උන්වහන්සේ සිය දේශනය තුළදී වැඩි දුරටත් අදහස් පළ කළේය. "ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් තිබුණේ නැහැ. මේ ලැබුණු ඔත්තු මඟ හැරලා අත හැරලා දැම්මා. තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ." "ඔබ හොඳට ඇවිදගෙන ගිහින් හොඳට ජීවත් වෙච්ච අය දැන් මේ රෝද පුටුවකට, ඇඳකට සීමා වෙලා තියෙන්නේ හිතුවක්කාර, දඩබ්බර, කිසිම ප්‍රතිපත්තියක් නැති නායකයන්ගේ වැරදි වැඩ නිසයි. ඒ නිසා, දැන් කාලය ඇවිත් තියෙනවා මේ ඔක්කොටම ගෙදර යන්න කියන්න." යැයි ද උන්වහන්සේ කියා සිටියේය. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් නැවත විවෘත වූ දේවස්ථානයේ දිව්‍ය පූජාවට සහභාගී වූහ මේ අතර පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව ක්‍රියා කළ ආකාරය ගැන පූජ්‍ය බැඳිවැව දියසේන හිමියන් ද සිය ප්‍රසාදය පළ කළහ. කාදිනල් හිමිපාණන්ගේ නායකත්වය, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ තවත් එක් අවස්ථාවක් බව ද පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ පැවසූහ. "අද ලංකාව ලෝකය ඉදිරියේ මේ තත්වයෙන් ඉන්නේ කාදිනල් හිමිපාණන්ගේ ක්‍රියා කළාපය නිසයි . එක වචනයකින් මුළු රට ගිනි තියන්න තිබුණා .නමුත් එතුමා සෑම විටම කිව්වේ මේ ප්‍රහාරයට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වගකිවයුතු නැහැ කියලයි. ඒ ප්‍රකාශය තුළ ලෝකය ඉදිරියේ උසස් ජනතාවක් වුනේ කතෝලිකයන් පමණක් නොවෙයි සමස්ත ජාතියයි." ප්‍රහාරයෙන් තෙමසකට පසු යළි විවෘත කළ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මේ තොරතුරුද කියවන්න: අමිහිරි අත්දැකීම කල්පිටියේ පැවති ආගමික වතාවත්වලට එක්වූ බ්‍රහ්ම ශ්‍රී සෝමසුන්දරම් ත්‍යාගරජා කුරුක්කල්තුමා පැවසුවේ තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් වූ දෙමළ ජනතාව රටේ කොතැනක සිටියත් "කොටි " යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ බවය. "එදා අපි යාපනේ හිටියත්, කොළඹ හිටියත්, වතුකරේ හිටියත් කොටි ඒ කියන්නේ එල් ටී ටී යීලේබලය ඇලෙව්වා . අද මුස්ලිම් ජනතාවටත් තියෙන්නේ ඒ වගේ තත්වයක් තමයි. එහෙම තත්වයක් තුළ මෙවැනි කටයුතු ඇත්තටම අගය කළ යුතුයි." සර්ව රාත්‍රික පිරිත් පිංකමක "දේශපාලනඥයන් සහ මාධ්‍ය" දේශපාලකයන් විසින් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනතාව පොළඹවනු ලැබීම හේතුවෙන් රටේ ජනවාර්ගික සහ ආගමික ගැටලු නිර්මාණය වූ බව සුලෙයිමාන් ෆවුසුල් රමිෂා පැවසුවාය. ඇය සිය දරු දෙදෙනාද සමග පිරිත් පිංකම ආරම්භ වීමට පැය කිහිපයකට පෙර මේ විහාරස්ථානයට පැමිණ සිටියාය. "අද බලන්න රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන දේශපාලකයන් ඉන්නවද කියලා .ඒ වගේම තමයි මාධ්‍යයත්. එකක් එක්කෙනෙකුට කඩේ යද්දී ,තව එකක් තව කෙනෙකුට කඩේ යනවා ." සුලෙයිමාන් ෆවුසුල් රමිෂා "දේශපාලකයා, මාධ්‍යය මේ දෙක නිවැරදි පාරට අවොත් අන්න එදාට මේ ප්‍රශ්ණ ඉවරයි. නමුත් අපිට බලන්න ඉන්න බැහැ. අඳුරට රජ කරන්න දෙන්න බැහැ. අපි අද කළේ එක ඉටිපන්දමක් හරි දල්වන එක තමයි . එය මේ අඳුර මකන්න මදි වෙන්න පුළුවන් නමුත් අපි උත්සාහයක් ගන්නවා" යැයි සුලෙයිමාන් ෆවුසුල් රමිෂා පැවසීය. තවත් තොරතුරු:
"මේ වගේ පිරිත් පිංකමකට පන්සලට ආපු පළමු වතාව. මගේ මහත්තයා තමයි අද පළමු පිරිකරේ පූජා කළෙත්. ඒ වගේම පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මරණයට පත් ජනතාව සිහිකරලා පන්දමක් දල්වන්න මටත් හැකිවුණා," පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ ගුරුවරියක වන ෆාතිමා නුස්රත් පැවසුවාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු මේ තොරතුරු හෙළිකළේ, ගනේමුල්ල ප්‍රදේශයේ මවකට HIV ආසාදනය වීම මත ඇගේ දියණියගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවීමේ තත්වය ගැන අදහස් දක්වමිනි. "HIV තියෙනවයි කියලා අනිත් ළමයි ඔක්කොම අස්කරගෙන ගියත් පාසල මේ ළමයත් එක්ක පවත්වාගෙන යායුතුයි"යනුවෙන් වෛද්‍ය සිසිර ලියනගේ පැවසීය. ව්‍යාප්තවීමට හේතුව HIV ආසාදනය වූවන් හා ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කිරිම මගින් එම ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු නොවීමේ තත්වයක් ඇතිවන බව පෙන්වාදෙන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ එමගින් HIV තව තවත් ව්‍යාප්ත විය හැකි බව පෙන්වාදුණි. ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තවීමට 99% ක් හේතු වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා බව වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේය. "මදුරුවන්ගෙන්, මකුණන්ගෙන් බෝවෙන්නේ නැහැ, අතින් අල්ලුවයි කියල, සිප ගත්තයි කියල බෝවෙන්නේ නැහැ, එකට නෑවයි කියල, තුවා, වැසිකිලි භාවිතා කළයි කියල බෝවෙන්නේ නැහැ, ඒ නිසා මේ අනියත බියක් තමයි ඇතිකරගෙන තියෙන්නේ"
HIV ආසාදිත හෝ ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කරන අයට එරෙහිව පියවර ගතහැකි නීති සම්පාදනය කෙරෙහි අවධානය යොමුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යාපනය විශ්වවිද්‍යල‍යේ ආචාර්යවරුන් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙමින් එල්.ටී.ටී.ඊ.යට යළි පණදීමට සූදානම් බව පැවසෙන පත්‍රිකා මීට දින දෙකකට ඉහතදී විශ්ව විද්‍යාලය හා ඒ අවට පළාත්වල කිසියම් පිරිසක් විසින් බෙදා හැර තිබේ. ජීවිත තර්ජන මේ නිසා තම ජීවිතවලට විශාල තර්ජනයක් එල්ලවී ඇති බව ප්‍රකාශ කරන විශ්ව විද්‍යාල ආචාර්යවරු මෙම පත්‍රිකා ව්‍යාපාරයට රජය හා රජයට සම්බන්ධ දේශපාලන පක්ෂද ආරක්ෂක අංශද සම්බන්ධ බවට තමන් සැකකරන්නේ යැයිද පවසති. යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරු වහාම මේ තත්ත්වය නතර කිරීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල බලධාරීන් ඇතුලු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති. අසාධාරණ ක්‍රියාවක් මේ අතර ලබන මැයි මස 16 වෙනිදා සිට 20 වෙනිදා දක්වා යාපනය විශ්ව විද්‍යාලය කිසිදු හේතුවක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබීම අසාධාරණ ක්‍රියාවක් ලෙසද ඔවුහු පෙන්වා දෙති. යාපනය විශ්ව විද්‍යාලය මෙම කාලය තුළ වසාදැමීමට හේතුව කුමක්දැයි කොළඹ බී.බී.සී.වාර්තාකරු අසාම් අමීන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් විමසුවිට ඔහු කියා සිටියේ බුද්ධි අංශ විසින් සිදුකළ දැණුම් දීමකට අනුව විශ්ව විද්‍යාලය වසා දමා ඇති බවයි. බුද්ධි අංශ දැනුම්දීම් අවසන් යුද සැමරුම් කාලයේදී මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සිහි කිරීම පිණිස මේ කාලය තුල සංවිධානාත්මක උත්සව පැවැත්විය හැකි බවට බුද්ධි අංශ දැනුම් දී ඇති බවයි ඇමතිවරයා පැවසුවේ. පසුගිය වසරේද යාපනය විශ්වවිද්‍යල‍ය තුල එවැනි සිදුවීම් ඇතිවූ බවද ඇමතිවරයා සඳහන් කළේය.
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී අද සිකුරාදා උද්ඝෝෂණයක නිරත වුනේ තම ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල තර්ජනයක් මේ වන විට විවිධ පාර්ශව වලින් එල්ල වෙමින් තිබෙන බව පවසමින්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශකයෙක් සඳහන් කළේ අදාළ පෙත්සම භාර ගෙන ලියාපදිංචි කොට වැඩිදුර කටයුතු කිරීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති බවයි. නයෝමි මිෂෙල් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව විසින් පෙත්සම ගොනු කළ අතර එහි විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා සහ කටුනායක පොලිසියේ නිලධාරීන් නම් කර තිබේ. දැඩි භක්තිය පෙත්සම්කාරිය පවසන්නේ තම අතක බුදුරජාණන් වහන්සේගේ රුව පච්චයක් ලෙස කොටා ඇති බවත් පසුගිය අප්‍රේල් මස නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේ දී බුදුන් වහන්සේට අපහාස කලේ යැයි චෝදනා කරමින් බලධාරීන් තමා අත් අඩංගුවට ගත් බවයි. තමා බුදුන් වහන්සේ කෙරෙහි දැඩි භක්තියකින් පසු වන බවත් බුදුන් වහන්සේට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුල නැති බවත් කී ඇය ඒ නිසාම අදාළ පච්චය කොටා ගත් බව තව දුරටත් පැවසීය. පොලිසිය මගින් තමා බන්ධනාගාර ගත කල බව පැවසූ පෙත්සම් කාරිය එහි දී බන්ධනාගාර නිලධාරීන් තමන්ට අයුතු ලිංගික යෝජනා ඉදිරිපත් කිරීම නිසා තමන් දැඩි මානසික පීඩනයකට ලක් වූ බව පැවසුවාය. පොලිස් ක්‍රියා මාර්ග මේ පිළිබඳ අදහස් දක්වන මානව හිමිකම් නීතිවේදි ගුණරත්න වන්නිනායක පවසන්නේ පොලිසිය විසින් ගත් ක්‍රියා මාර්ගය අනුමත කල නොහැකි බවයි. යම් පුද්ගලයෙකුට තමන් කැමති ආගමික නායකයෙකුගේ රුවක් තමන්ගේ ශරීරයේ කොටා ගත හැකි බවත් එහි කිසිම වරදක් තමන් නොදකින බවත් පැවසූ ගුණරත්න වන්නි නායක වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ භක්තිය නිසා මිනිසුන් එවැනි දේ කරන බවයි.
බුදුන් වහන්සේට අපහාස කලේ යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන බලහත්කාරයෙන් පිටුවහල් කිරීම හේතුවෙන් සිදු වූ සිය මූලික අයිතීන් කඩ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලමින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන රජය පවසන්නේ තමන් 'මානුෂික මෙහෙයුමක්' දියත් කළ බවයි. මාර්තුවේ රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී යෝජනාව ගෙන ඒම සඳහා තවත් රටවල් 47ක් සමග සාකච්ඡා කරන වග යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ස්ටීවන් ජේ රැප් අඟහරුවාදා තමන් සහ මාවයි සේනාධිරාජා මන්ත්‍රීවරයා සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බවයි එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමග කියා සිටියේ. දමිළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළ පරිදි ඉකුත් මාර්තුවේ දී මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාවෙන් ඉල්ලා තිබුණු පරිදි ශ්‍රී ලංකාවේ රජය යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර නො ගත් බව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ පිළිගැනීමයි. ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් සඳහා යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජනපදය පෙළඹී ඇත්තේ ඒ නිසා බවයි සුමන්දිරන් මන්ත්‍රී වරයා ප්‍රකාශ කළේ. එල්ටීටීඊ යට එරෙහි චෝදනා ශ්‍රී ලංකාවේ රජයට මෙන් ම එල්ටීටීඊ සංවිධානයට ද එල්ල වන යුද අපරාධ පිළිබඳ චෝදනා එවැනි පරීක්ෂණයකින් විමර්ශනය කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි. 2009 මැයි මාසයෙන් පසු උතුරේ දෙමළ ජනතාවට එරෙහිව සිදු වන පීඩා පිළිබඳ ව විභාග කිරීමට යොමු වන ලෙස ද දමිළ ජාතික සන්ධානය යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති වරයා ගෙන් ඉල්ලා සිටි බවත් සුමන්දිරන් මන්ත්‍රී වරයා කියා සිටියේය. එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සමග පැවැත්වූ සාකච්ඡාවට සවන් දෙන්න බදාදා සංදේශයෙන්.
ශ්‍රී ලංකාවේ රජය එල්ටීටීඊ සංවිධානය පරදවා ලූ යුද්ධයේ දී සිදු වූ යුද අපරාධ පිළිබඳ චෝදනා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකින් විභාග කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන් හමුවට ගෙන ඒමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් යුක්‍රේනයේ ආණ්ඩුව අර්බුදයට මුහුණ දෙන අකාරය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ ප්‍රශංසාවට ලක් විය. යුක්‍රේනයේ රුසියානු භාෂාව කථා කරන ජනතාව රැක ගැනීම සඳහා තමන් යුක්රේන අර්බුදයට මැදිහත් වූ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් කළ ප්‍රකාශය පිළිබඳව අදහස් පල කළ ජෝන් කෙරී කියා සිටියේ මෙය ආක්‍රමණකාරී ක්‍රියා පිළිවෙතක නිරත වීම සඳහා හේතුවක් කර ගෙන ඇති බවයි. ව්‍යාජ හේතු සහ බලහත්කාරය භාවිතා කරමින් සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු පරිපාලනයට චෝදනා කළේය. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් යුක්‍රේනයේ සිදුකළ මැදිහත්වීම මානුෂික හේතු මත සිදු කළ එකක් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් කියා සිටියේය. නීත්‍යනුකූල ආකාරයට පත් වූ ජනාධිපති වික්තර් යනුකොවිච් යුක්‍රේනයේ රුසියානු භාෂාව කථා කරන ජනතාව රැක ගැනීම සඳහා කළ ඉල්ලීමකට ප්‍රතිචාර පළ කරමින් තමන් මැදිහත් වූ බවයි මාධ්‍යවේදීන් අමතමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් ප්‍රකාශ කළේ. වික්තර් යනුකොවිච් බලයෙන් පහ කිරීමෙන් අනතුරුව යුක්‍රේනයේ අන්තර් වාර පාලනයක් ඇතිවී තිබේ. රුසියානු භාෂාව කථා කරන වැඩි පිරිසක් වෙසෙන ක්‍රිමියාව ආයුධ සන්නද්ධ පිරිස් පිරිස් විසින් පාලනය කෙරෙන බවට පළ වෙන වාර්තා රුසියානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. මේ පිරිස් සහ රුසියානු පරිපාලන අතර සම්බන්ධයක් නැති අතර ඔවුන් පළාත ආරක්ෂා කිරීමට කටයුතු කරන ප්‍රාදේශීය කණ්ඩායම් වන බවත් ව්ලැද්මීර් පුතීන් කියා සිටියේ ය. තමන් මේ ආරක්ෂකයින් පුහුණු නොකළ බවත් රුසියානු ජනාධිපතිවරයා පැවසීය.ක්‍රිමියාව අත්පත් කර ගැනීමට හෝ යුක්‍රේනයේ යුද්ධයක් ඇති කිරීමට තමන් තුළ අදහසක් නැතැයි රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
රුසියාව යුක්‍රේනය සම්බන්ධයෙන් ආක්‍රමණශීලී පිළිවෙතක් අනුගමනය කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී යුක්‍රේනයේ අගනුවර වන කිව් හිදී කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම අමාත්‍යවරයා කවුරුන් දැයි සාකච්ඡා කර නමක් යෝජනා කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාට උපදෙස් දුන් බව සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. ජනාධිපතිවරයා ඔවුන්ට එම උපදෙස් ලබා දී තිබෙන්නේ අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. සබැඳි යොමු: රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් ප්‍රකාශක පදවියෙන් ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් මීට ඉහතදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට යළිත් හමුදාපති පදවිය හෝ එවැනි ඉහල තනතුරක් භාරගන්නා මෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල සාකච්ඡාවක දී ප්‍රකාශ කරන ලද බවට රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවක දී සඳහන් කිරීම මුල්කර ගනිමින් ඔහු සහ ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ඇතුළු පිරිසක් අතර හටගත් විවාදයෙන් අනතුරුවය. "ජනාධිපතිතුමා 'කොලොප්පමට' කළ ප්‍රකාශයක් රාජිත සේනාරත්න ඇමතිවරයා කැබිනට් තීන්දුවක් ලෙස කැබිනට් මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත්කළා," යනුවෙන් ඒ පිළිබඳව ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා සඳුදා බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය. "රාජිත සේනාරත්න ඇමතිවරයා ඉන් පෙරත් එවැනි දේ කැබිනට් මාධ්‍ය හමුවලදී කියල තියෙනව. කැබිනට් තීන්දු තීරණ නොවෙයි, ඔහු කියන්නේ ඔහුගේ පෞද්ගලික අදහස්," සෙනෙවිරත්න ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. එහෙත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිගටම සම කැබිනට් ප්‍රකාශකවරයකු වශයෙන් කටයුතු කරනු ඇති බව සඳහන් කළ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව කැබිනට් ප්‍රකාශකවරයා තමන් හෝ දුමින්ද දිසානායක ඇමතිවරයා නොවන බව අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හැරුණු කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තවත් කැබිනට් අමාත්‍යවරයකු මීළඟ කැබිනට් මාධ්‍ය හමුවට එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට අවමගුල් පෙරහැරේ ගමන් කරනු ලැබීමට බල කිරීම "අමුතු සහ කුරිරු දෙයක්" බව ද ස්පෙන්සර් අර්ල්වරයා බීබීසී4 ගුවන් විදුලියේ Today වැඩසටහන සමග අදහස් දක්වමින් සඳහන් කළේය. එවකට වේල්සයේ කුමරිය වූ ඩයනා කුමරියගේ සොහොයුරා ඒ අදහස් පළ කළේ සිය සොහොයුරියගේ මරණයෙන් විසි වසරක් ගෙවීම සම්බස්න්ධයෙන් අදහස් දක්වමිනි. "මට බොරු කිවුව. ඒක කරන්න ඕන කියල ඒ දරුවෝ ඉල්ලන බව මට කිවුව. ඇත්තටම ඔවුන් ඒක කරන්න කැමති වෙලා නෑ," ඔහු පැවසීය. සබැඳි යොමු: 1997 අගෝස්තු 31 වෙනි දින ප්‍රංශයේ පැරිස් අගනුවරදී රිය අනතුරකට මුහුණ දුන් ඩයනා කුමරිය රෝහලේදී මිය ගියාය. "එදා දවසේ මට කරන්න වුන අමාරුම දේ ඒක. අම්මගේ මරණේ ගැන දුක්වෙමින් හිටපු දරුවෝ දෙන්නෙකුත් එක්ක මගේ සොහොයුරියගේ දේහය පිටිපස්සෙන් ඇවිදින එක," ස්පෙන්සර් අර්ල්වරයා බීබීසී යට පැවසීය. "හරිම අමුතු වාතාවරණයක, කොහේවත් බලන්නේ නැතිව ඉස්සරහ බලාගෙන යන්න කියල අපිට කියල තිබුණේ." "තාමත් මම සමහර දවස්වලට ඒ ගැන මතක්වෙලා නින්දෙන් ඇහැරෙනවා." ඇය ළමා විය ගත කළ නිවස පිහිටි භූමියේ ඩයනා කුමරියගේ දේහය මිහිදන් කරනු ලැබීමෙන් අනතුරුව, සිව් වතාවක්ම එම නිවසට ඇතුළුවීමට උත්සාහ දරා තිබුණු බව ද ඇයගේ සොහොයුරා පැවසීය. විලියම් සහ හැරී කුමරුන් දෙදෙනා අවමගුල් පෙරහැරේ ගමන් නොකළ යුතුය යන්න සිය උපදේශය වුවත්, ඔවුන් දෙදෙනාත් ගමන් කළ යුතු යයි ඒ වනවිටත් තීරණය කර තිබුණු බව බකිංහැම් මාලිගයේ නිලධාරියෙක් දැනුම් දුන් බව අර්ල්වරයා සඳහන් කළේය. "මම කිවුව ඩයනා හිටිය නම් ඒකට කැමති වෙන්නේ නෑ කියල. ඊට පස්සේ ඒ ගැන අදහස් හුවමාරුවක් ඇතිවුණා," ඔහු පැවසීය. "අන්තිමට මට බොරු කිවුව. එහෙම යන්න ඕනෑ කියල දරුවෝ කියන බව මට කිවුව." සබැඳි යොමු: සිය මව මිය ගිය අවස්ථාවේ අවමංගල්‍ය පෙරහැරේ ගමන් කිරීමට සිදුවීම පිළිබඳව පළමු වරට අදහස් දක්වමින් හැරී කුමරු පසුගියදා කියා සිටියේ, එසේ කරන මෙන් කිසිදු දරුවෙකුගෙන් ඉල්ලා නොසිටිය යුතු බවය. ඩයනා කුමරිය සමග තමන් සිදුකළ අන්තිම දුරකථන කතාබහ හදිසියේ නිමවූ ඉතාම කෙටි කතාබහක් වීම පිළිබඳව ඔටුන්න හිමි විලියම් කුමරු සහ හැරී කුමරු ද පසුගියදා සංවේගය පළ කළහ. ඩයනා කුමරිය සිය දරුවන් දෙදෙනා සමඟ සිය මවගේ හදිසි අභාවයට වසර විස්සක් පිරීමත් සමඟ රූපවාහිනී වාර්තා චිත්‍රපටයක් සඳහා අදහස් දැක්වූ විලියම් කුමරු ඔවුන් සිය පිය පාර්ශවයේ මිත්තණිය වන බ්‍රිතාන්‍ය එලිසබත් රැජිනත් සමඟ ස්කොට්ලන්තයේ ගත කරමින් සිටියදී සිදු වූ එම අන්තිම කතාබහ ඉතා කෙටි එකක් වූ බව සඳහන් කළේය. සිය මව ඔවුන් අත්හැර යනවිට විලියම් කුමරු පහළොස් හැවිරිදි වියේ පසු වූ අතර ඔහුගේ සොහොයුරු හැරී කුමරුගේ වයස අවුරුදු දොළහක් විය. පුත් කුමරුන් දෙදෙනාම සිය මව හඳුන්වා දෙන්නේ ඉතාම විනෝදශීලී, චාම්, මිත්‍රශීලී චරිතයක් හැටියටය. "මගේ ඉදිරි ජීවිත කාලය පුරාම මා පෙළන කනගාටුව අම්මාත් එක්ක කරපු ඒ අන්තිම දුරකථන කතාව ඒතරම් කෙටි එකක් වීම වෙන්න පුළුවන්," යනුවෙන් හැරී කුමරු පවසා තිබුණි. "අපි අම්ම ගැන නොසිතපු එක දවසක් නැහැ" සිය මව වූ ඩයනා කුමරියගේ අභාවයෙන් අනතුරුව විසි වසරක් මුළුල්ලේ ඇය පිළිබඳව "කිසිවක් නොසිතා සිටීමට" දැරූ උත්සාහය ව්‍යවර්ථ වූ කළ මානසික උපදේශන සේවාවල පිහිට පැතූ බව ද හැරී කුමරු ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබුණි. සිය ජීවිතය වසර දෙකක් "තනිකරම අවුලක්" වූ බව පවසන හැරී කුමරු, එක් අවස්තාවක "සම්පූර්ණ මානසික බිඳවැටීමක" ආසන්නයටම පැමිණි බවත් විස්තර කර තිබුණි. විලියම් සහ හැරී දෙසොහොයුරන්ම දැන් මානසික සෞඛ්‍යය පිළිබඳව බ්‍රිතාන්‍ය ජනතාව අතර අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන්වලට සහාය දක්වති.
ඩයනා කුමරිය ගේ අවමගුල් උත්සවය අවස්ථාවේ ඇයගේ දේහය පසුපසින් ගමන් කළ යුතු යයි ඇයගේ දරුවන් දෙදෙනා ඉල්ලා සිටි බව පවසමින් තමන්ට 'බොරු කිවූ' බවට ඩයනා කුමරියගේ සොහොයුරු ස්පෙන්සර් අර්ල්වරයා චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල නිලධාරීන් පාර්ලිමේන්තුවේ ආර්ථික ආංශික කාරක සභාව හමුවට කැඳවා තිබිණි. බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ කොළඹ වරාය පරිශ්‍රයේ රඳවා ඇති බහාලුම්වල මිනිස් ශරීර කොටස් ඇති බවක් තවමත් පරීක්ෂණවලින් තහවුරුවී නොමැති යැයි පාර්ලිමේන්තු ආර්ථික ආංශික කාරක සභාව හමුවේ ප්‍රකාශ වූ බවය. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න ද බීබීසි සිංහල සේවයට පැවසුවේ බහාලුම් තුළ මිනිස් ශරීර කොටස් ඇති බව මෙතෙක් තහවුරු වී නොමැති බවකි. නමුත් එම බහලුම් තුළින් හමන දුගඳ හේතුවෙන් එවන් සැකයක් ඇතිවී තිබෙන බව ඔහු කියා සිටියේය. භාවිත කරන ලද මෙට්ට ලෙස හඳුන්වා ප්‍රතිඅපනයනය කිරීම සඳහා යැයි පවසමින් එක්සත් රාජධානියේ සිට බහාලුම් 241ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. ඉන් බහාලුම් 130ක් වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතන පරිශ්‍රයට ගෙන ගොස් තිබිණි. ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක තවමත් වසරකට වැඩි කාලයක් පුරා රඳවා තිබේ. හේලීස් ෆ්‍රී සෝන් ආයතනයේ නිලධාරින්ද තොරතුරු විමසීම සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබිණි. ඔවුන් සතුව ඇති බහාලුම් වහා ප්‍රතිඅපනයනයට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ ආර්ථික ආංශික කාරක සභාව නියෝග කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේය. කොළඹ වරායේ රඳවා තිබෙන බහාලුම් ද වහා නැවත රැගෙන යන ලෙස ආනයන සමාගමට දැන්වීමට කටයුතු යොදා ඇති බව රේගුව පාර්ලිමේන්තු කමිටුවට දැනුම් දුන් බව ද හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කළේය. එක්සත් රාජධානියේ සිට මෙම අපද්‍රව්‍ය සහිත බහලුම් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත්තේ සිලෝන් මෙටල් ප්‍රොසෙසිං කොර්පරේෂන් නම් සමාගම බවට ශ්‍රී ලංකා රේගුව හඳුනාගෙන තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න බීබීසී සිංහල සේවයට තහවුරු කළේය. දැනට කොළඹ වරායේ නිෂ්කාශනය නොකොට රඳවා ඇති බහාලුම් එක්සත් රාජධානියේ ෆීලික්ස්ටෝ නම් වරායෙන් නැව්ගත කර තිබෙන බවද ඔහු පැවසීය. ඒවා භාවිත කරන ලද මෙට්ට ලෙස දක්වා ඇත. "එක්සත් රාජධානිය රටක් ලෙස කුණු එව්වා කියන්න බැහැ. ශ්‍රී ලංකාවේ කුණු දාන්න ඕනේ කියන එක ඔවුන්ගේ රටේ තීරණයක් කියල කියන්න බැහැ. මේක සමාගම් දෙකක් අතර වෙච්ච ව්‍යාපාරික ගණුදෙනුවක්. ඔවුන් තමයි මේ ක්‍රියාවලිය මුල්‍ය අරමුණු මත සිදුකරලා තියෙන්නේ. එම සමාගම් වලට එරෙහිව නීතිමය පියවර ගන්න කියන නිර්දේශය අපි සිදුකළා," හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කළේය. කටුනායක අපනයන සැකසුම් කලාපයේ තබා ඇති "ආනයනික අපද්‍රව්‍ය" මේ අතර, එක්සත් රාජධානියෙන් ආනයනය කර ඇති අපද්‍රව්‍ය සහිත බහාලුම් යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙස හා ඉදිරියේ දී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමක් බ්‍රහස්පතින්දා (ජුලි 25) අභියාචනාධිකරණය හමුවේ සළකා බැලිනි. කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එම අපද්‍රව්‍ය සහිත බහාලුම් එම ස්ථානයන්හි පරිසරයට හානියක් නොවන ලෙස පවතින ආකාරයෙන්ම තබා ගන්නා බවට එහිදී රජය වෙනුවෙන් නීතිපතිවරයා එකඟතාවය පළ කළේය. පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම බහාලුම් පරිසරයට මුදා හරිනු ලැබූවොත් එයින් විශාල පරිසර හානියක් සිදුවිය හැකි බවය. එම නිසා අදාළ බහාලුම් විවෘත කර ඒවායේ අඩංගු අපද්‍රව්‍ය වෙනත් ස්ථානවලට රැගෙන යාම වැළැක්වීමට කටයුතු කරන ලෙසද පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, අදාළ බහලුම් තුළ අන්තර්ගත බව කියන ද්‍රව්‍ය වෙනත් ස්ථානවලට රැගෙන යාමට අනුමැතිය නොදෙන බවට අධිකරණය හමුවේ එකඟතාවය පළකර තිබේ. මෙම පෙත්සම ලබන සඳුදා (ජූලි 29) යළි කැඳවීම නියමිතය.
එක්සත් රාජධානියේ සිට අපද්‍රව්‍ය සහිත බහලුම් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආර්ථික ආංශික කාරක සභාව බදාදා (ජුලි 24) තොරතුරු සොයා බැලීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොමිසමේ සභාපති හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම යුද්ධයේදී මානව හිමිකම් නීතිය කඩ වී ඇත්දැයි සොයා බැලීම කොමිසමේ විෂය පථයට එක් කර ඇත්දැයි බීබීසී දෙමළ සේවය කළ විමසීමකදී කොමිසමේ සභාපති හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම එසේ පැවසුවේය. යුද්ධය පැවති සමයේ එල්ටීටීඊ සංවිධානය ජාත්‍යන්තර මානුෂීය නීතියට යටත්ව ක්‍රියා කර තිබේදැයි යන්න පිළිබඳවත් එම සංවිධානය විසින් දරුවන් යුද්ධයට බඳවා ගැනීම කෙතෙක් දුරට ජාත්‍යන්තර නීතිය කඩ කිරීමක්දැයි සොයා බැලීමත් තම විෂය පථයට එක කර ඇති බවයි කොමිසමේ සභාපති පරණගම පවසන්නේ. ජාත්‍යන්තර නීතිය යටතේ සාක්ෂි පිළිබඳ සොයා බැලිය යුතු හෙයින් කොමිසමට උපදෙස් ලබා දීම සඳහා ජාත්‍යන්තර නීති විශාරදයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද්ධයේදී ආරක්ෂක හමුදාව තම රාජකාරිය ඉක්මවා ගොස් ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කර ඇත්දැයි සොයා බලන මෙන් තමාට දන්වා ඇති බව අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ කොමිසමේ සභාපති හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අප්‍රිකාවේ 'ටුර්කානා' ගෝත්‍රික මවක් සිය බිළිඳා සිරුරේ පිටුපස රඳවා ගනිමින් 'ටුර්කානා විල' උළෙලට සහභාගීවීම සඳහා ගමන්ගනිමින් සිටි අවස්ථාවක් අලුතින් මව්පිය පදවි ලද බටහිර වැසියන් දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන එකම වෙනස එය නොවේ. නිදි ගැන්වීමේ පටන් නියමිත වේලාවකට යහනට යැවීමේ පටන් දරුවන් දෙපයින් නැගීසිටින්නන් අතරට එක්කිරීම තෙක් දරුවන් ඇතිදැඩි කරනු ලැබීම සඳහා අනුගමනය කළ යුතුයයි අප විසින් ප්‍රමිතිගත කරන ලදුව පවතින පුරුදු බොහෝවිට සිදුවෙයි. කුඩා දරුවන් අඩුතරමින් මාස හයක කාලයක්වත් තම නිදන කාමරයේ ම නිදිගන්වන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ දෙමව්පියන්ට උපදෙස් සපයනු ලැබේ. නමුත් බොහෝදෙනෙක් එය දකින්නේ දරුවන් බලාගනු ලබන විධිමත් ආයතනයකට යවනු ලබන තෙක් ඇති අතරමැදි කාලයක් ලෙසිනි. එහෙත් ලෝකය පුරා වෙනත් සමාජයන්හි බිළිඳු දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් තුරුළේ ගතකරන කාලය දීර්ඝවූවකි. බොහෝ ආසියානු රටවල එක දරුවෙක් පමණක් නොව ඊට වැඩි ගණනක් වුවද ඔවුන්ගේ දෙමාපියන්ගේ කාමරය බෙදාහදා ගන්නවා පමණක් නොව, එකම සයනයේ නිදන බව 2016 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ 70%ක් ළමුන් එපරිද්දෙන් ජීවත්වෙන අතර, ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ එම ප්‍රවනතාව 80%කි. දෙමව්පියන් සහ බිළිඳු දරුවන් එකම සයනයේ නිදාගැනීම සම්බන්ධයෙන් අප්‍රිකානු රටවලින් ලැබෙන චිත්‍රය අපැහැදිලි එකක් නමුත් එම සමාජයේත් එකී පුරුද්ද පැවතීම මගින් පෙන්නුම් කෙරෙන්නේ එය විශ්ව මට්ටමකට ආසන්න තත්ත්වයකින් පවතින පුරුද්දක් වන බවය. බටහිර සංස්කෘතික බලපෑම් ඇතත් ඉන්දියාවේ ද දරුවන්ට වෙනම කාමර ඇති නිවාසවල දරුවන් අතර පවා සයනය බෙදාහදා ගනිමින් නිදාගැනීමේ මුල්බැසගත් සම්ප්‍රදායක් ඇති බව බැංගලෝරයේ වෛද්‍යවරියක මෙන්ම මාපිය උපදේශකවරියක වන ඩෙබ්මිටා දත්තා (Debmita Dutta) පවසයි. ''හතර දෙනකුගෙන් යුක්ත පවුලකට කාමර තුනක් තියෙනව. කාමර දෙකක් දරුවන් දෙදෙනාට. අනිත් කාමරය දෙමව්පියන්ට. නමුත් දරුවන් දෙදෙනාම නිදාගන්නේ දෙමව්පියන්ගේ ඇඳේ'' එකම සයනයක නිදාගැනීම රාත්‍රී කාලයේ ළමුන් පිබිදුන විට ඇතිවෙන කරදරය අවම කරගැනීමට එක මාර්ගයක් වන බව වෛද්‍ය දත්තා පවසන්නීය. දත්තාගේ දියණිය ගත්විට ඇයට ඇයගේ දෙමව්පියන්ට යාබදව අකුලන ඇඳක් තිබුණි. වයස අවුරුදු හත වනතෙක් දියණියට එම ඇඳෙහි නිදාගත හැකිවිය. ''මව්කිරි දීම නතරකරනු ලැබීමෙන් පසුව පවා අපේ දුව අපිත් එක්ක එකම කාමරයේ නිදාගන්න කැමති වුණා.'' දරුවා ඔවුන්ගේම ඇඳෙහි තබාගනු ලැබීම දරුවන්ට යම්දෙයක් දීමක් වැනි හැඟීමක් ඇතැම් දෙමව්පියන් තුළ පවතී කල්තබාම ස්වාධීනත්වය සඳහා දිරිගන්වනු ලැබීම පුද්ගලවාදය ඉලක්ක කරගත් සම්ප්‍රදායික බටහිර සංස්කෘතිය සමග බැඳුනකි. එම දැක්ම අනුව දෙමව්පියන් සහ දරුවන් එකට නිදාගැනීම එම දරුවන් මව්පියන් මත රඳා පැවැත්ම සඳහා කෙරෙන දිරිගැන්වීමක් ලෙස පෙනීයාමට ඉඩකඩ ඇත. එහෙත් දත්තා වැනි වඩාත් සාමූහිකවාදී මතධාරී දෙමව්පියන් එම කරුණ එයාකාරයෙන් දකින්නේ නැත. ''දෙමව්පියන් දරුවන්ට එක්තරා ස්වයං-විශ්වාසයක්,එක්තරා ස්වාධීනත්වයක් ලබා දෙන්නේනම් ඔවුන් දෙමව්පියන්ගේ වෙන්ව ඔවුන්ගේම ජීවිතයක් ගොඩනගා ගනීවි. ඔවුන් දෙමව්පියන් මත සදහටම රැඳී සිටින්නේ නැහැ'' දත්තා පෙන්වා දෙයි. මේ අතර බටහිර රටවල බොහෝ දෙමව්පියන් නින්දට යාම පුරුදු පුහුණු කිරීමේ ක්‍රමෝපායයන් වෙත යොමුවීම වෙනුවට තෝරාගනු ලබන ආන්තික ක්‍රියාවක් වන්නේ ළමුන්ට ''හඬන්නට ඉඩ හැරීමය''. එහි අරමුණ දරුවා දීර්ඝ නින්දකට යොමුකොට දෙමව්පියන්ට අවශ්‍ය විවේකයක් ලබා ගැනීමය. බටහිර සම්ප්‍රදාය බල පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ දෙමව්පියන්ට දරුවන් නිදිගැන්වීම පුරුදු පුහුණු කෙරෙන රාජ්‍ය අරමුදලින් පවත්වා ගෙන යනු ලබන නේවාසික පාසල් පහසුකම් පවා පවතී. ඉහත සඳහන් කරන ලද සංස්කෘතිකමය පරතරය පවතින්නේ බිළිඳුන් නිදාගනු ලබන ස්ථානය සම්බන්ධයෙන් පමණක් නොවේ. එම දරුවන් නිදිගන්වන වෙලාව සහ ඔවුන් කොපමණ කාලයක් නිදාගනු ලබන්නේද යන කරුණු අතින්ද වෙනස්කම් ඇත. ජපානයේ තෝකියෝ බේ උරයසු ඉචිකවා වෛද්‍ය මධ්‍යස්ථානයේ (Tokyo Bay Urayasu Ichikawa Medical Center) ප්‍රධාන විධායක නිලධාරී ජුන් කොහ්යමා(Jun Kohyama) සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව,මාස තුනක් පිරුන ජපන් දරුවන් සෙසු ආසියාතික රටවල වෙනත් බිළිඳුන් නිදන කාලයට වඩා අඩුකාලයක් නිදාගන්නා බව පෙන්නුම් කරයි. ''ඇතැම්විට ඊට හේතුව, නිදාගැනීම කම්මැලිකමක් ලෙස සැලකීමේ ජපන් පුරුද්ද වියහැකි බව ජුන් කොහ්යමා පවසයි. කොහ්යාමා තවත් දෙයක් සොයා ගත්තේය. එනම්, ආසියානු කලාපයේ දරුවන් සෙසු කොකේසියානු රටවල දරුවන්ට වඩා පසුව නින්දට යන බවය. දරුවන් සමඟ වැඩි වේලාවක් ගතකරනු ලැබීමේ දෙමාපිය උවමනාව ඊට එක්තරා හේතුවක් බවත් ඔහු පවසයි. එසේම දෙමව්පියන් සහ බිළිඳුන් එකම සයනයේ නිදාගැනීමේ සංස්කෘතිකමය චාරිත්‍රයත් ඊට හේතුවකි. ''දරුවා තම සිරුරේම කොටසක් ලෙස දෙමව්පියන් හඟිනවා'' ජුන් කොහ්යාමා පවසයි. එක්සත් රාජධානියේ මෙන්ම එක්සත් ජනපදයේ ඇමෙරිකානු ළමා සෞඛ්‍ය ඇකඩමියත් හදිසි ළමා මරණ (SIDS) අඩුකරගැනීමේ පියවරක් වශයෙන් ළමුන් තමන්ගේ නිදන කාමරයේ නිදිකරවන ලෙස උපදෙස් දෙන නමුත් ළමා මරණ අනතුරු වැඩිවෙමින් ඇතිහෙයින් ඔවුන් තමන් නිදන ඇඳේම තබා නොගන්නා ලෙසත් කියා සිටියි. එකම සයනය දරුවන් සමඟ පොදුවේ බෙදාහදා ගනු ලබන ඇතැම් රටවල හදිසි ළමා මරණ (SIDS) සින්ඩ්‍රෝම් අනුපාතය ඉතා පහළ මට්ටමක පවතී මේ සම්බන්ධයෙන් බුවනේෂ්වර් හි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්යවරයකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයකු ද වන රෂ්මි දාස් (Rashmi Das) පවසන්නේ කුමක්ද? දුම්පානය සහ මත්බීම වැනි වෙනත් අනතුරුදායක හැසිරීම් නොමැතිවිට බිළිඳු මරණ(SIDS ) අනතුර වැඩිවීම කෙරෙහි සයනය බෙදාහදා ගනු ලැබීම හේතුවන්නේද යන්න මෙම මාතෘකාව සම්බන්ධයෙන් ඉතා ඉහළ මට්ටමේ සමීක්‍ෂණයක් සිදුනොකොට තක්සේරු කරනු ලැබීම දුෂ්කර බව මහාචාර්ය රෂ්මි දාස් පවසයි. මෙම කරුණ සම්බන්ධයෙන් බොහෝ හැදෑරීම් සිදුකෙරෙන්නේ බිළිඳුන් සමඟ සයනය කිරීම අවම මට්ටමක පවතින ඉහළ ආදායම් සහිත රටවලය. එහෙත් දෙමව්පියන් සහ බිළිඳුන් එකට සයනය කිරීම සම්ප්‍රදායක්ව පවතිනන අඩු ආදායම් සහිත රටවලින් ලෝකයේ අඩුම ළමා මරණ අනුපාත වාර්තා වෙයි. මෙය භූගෝලීය මට්ටමින් සරල තැනක් ගනු ලබන කාරණයක් නොවන බවත් පෙනීයයි. ලෝකයේ වෙනත් කලාපයකින් සංස්කෘතික චර්යාවන් රැගෙන පැමිණ බටහිර රටක ජීවත්වෙන ඇතැමෙක් බිළිඳු මරණ අනතුරේ අඩුවක් ද රැගෙන එයි. උදාහරණයක් ලෙස පාකිස්තාන සම්භවයක් සහිත එක්සත් රාජධානියේ ජීවත්වෙන පවුල් ගත්විට එම පවුල්වල මව්වරුන් බිළිඳුන් සමග තමන්ගේ සයනයක නින්දට යන නමුත් එම ප්‍රජාව අතර ළමා මරණ අනුපාතය පහළ මට්ටමක පවතී. ''එය ළමා මරණ අඩුවීම සමඟ බැඳුන සංස්කෘතිකමය චර්යාවක්'' ඩරම් සරසවියේ (University of Durham) සමාජ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක සහ එම සරසවියේ දෙමව්පියන්-බිළිඳුන් සයනය කිරීම පිළිබඳ අංශයේ අධ්‍යක්‍ෂවරිය වන හෙලන් බෝල්(Helen Ball) පවසයි.'බ්‍රැඩ්ෆර්ඩ්' නගරයේ වෙසෙන පාකිස්තාන සම්භවයක් සහිත මව්වරු මව්කිරි දීම අතින් ඉහළ අනුපාතයක් වාර්තා කරයි. එසේම එම කාන්තාවන් අතර දුම්පානය සහ මත්බීම නොකරන සුලුය. ඔවුන් සිය බිළිඳුන් වෙනම කාමරයක නිදි කරවති. එම සියලුම කරුණු බිළිඳු මරණ අනතුර අවමවීම කෙරෙහි හේතුවෙන බවක් පෙන්නුම් කෙරෙයි. දෙමව්පියන් බිළිඳුන් සමඟ නින්දට යාම දිරිගන්වනු ලැබීමට තමා මනාප බව රෂ්මි දාස් පවසයි. එහෙත් මෙහිදී ප්‍රවේශම් විය යුතුව ඇති කරුණු කීපයක්ද පෙන්නුම් කෙරෙයි. එනම්,එවැනි දෙමව්පියන් දුම්පානය කිරීමෙන් වැළකිය යුතුය. ඇල්කොහොල් භාවිතය නතරකළ යුතුය. බොහෝ තරබාරු නොවිය යුතුය යන්න තවත් නිර්දේශයකි. ''The Lullaby Trust'' යනු එක්සත් රාජධානියේ බිළිඳු මරණ වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මකවන පුණ්‍යායතනයකි. සිය දරුවන්ට සුරක්‍ෂිත නින්දක් සඳහා පසුබිම සකස්කරන ලෙස එම ආයතනය දෙමව්පියන්ට උපදෙස් දෙයි. රාත්‍රි කාලයේ එක්ව නින්දට යාම සහ දිවාකාලයේ ළමුන් ඇඟට රඳවා තබාගැනීම ඔවුන් සමඟ සමීපව සිටීමට මග සලසයි රාත්‍රි කාලයේ එක්ව නින්දට යාමේ දී මෙන්ම දිවාකාලයේ දෙමව්පියන් එහා මෙහා යාමේදී සහ ගෙදොරදොරේ වැඩ කටයුතු කිරීමේ දී ළමුන් ඇඟට තබා රඳවාගනු ලැබීම ඔවුන් සමීපව තබාගැනීමේ මාර්ගයකි. මෙය අලුත් සම්ප්‍රදායක් නොව මිනිසා විසින් දීර්ඝ කාලයක පටන් අනුගමනය කරන ලද පුරුද්දකි. ළමුන් ගෙනයාමට දැන් පාවිච්චි කෙරෙන 'ප්‍රෑම්' වික්ටෝරියානු යුගයේ ජනප්‍රියවීමත් සමඟ ළමුන් රැගෙන යන සාම්ප්‍රදායික විධික්‍රම බටහිර සමාජයේ ඇතැම් කොටස් අතර සාමාන්‍ය නොවන තත්ත්වයකට පත්විය. ලෝකයේ සෙසු කලාපයන් ගත්විට ඒවායේ ළමුන් ගෙනයාම සඳහා විවිධ වූ ක්‍රම ඇති බවක් දක්නට ලැබෙයි. ළමුන් ඇඟට තබා එල්ලාගෙන නොයන දෙමව්පියන් ඔවුන්ගේ දරුවන් වඩාගෙන එහාමෙහා ගෙනයාමේ දී ඔවුන් ඉක්මණින් සන්සුන් වෙන බවක් තේරුම් ගැනීමට ඉඩකඩ ඇත. ''එවැනි රිද්මයානුකූල චලනයන් බිළිඳකු සන්සුන් කර ගැනීමේ බලයක් සහිත බව දෙමව්පියන් අවබෝධයෙන් දන්නා'' බව ජපානයේ මස්තිෂ්ක විද්‍යාව පිළිබඳ 'රිකේන්' මධ්‍යස්ථානයේ කුමී කුරෝඩා (Kumi Kuroda) පවසයි. සැබෑ මානසික මිණුම් නොව දෙමව්පියන්ගේ දිනපොත් උපයෝගීකර ගනිමින් කලින් සිදුකරන ලද සමීක්ෂණයකදී දක්නට වූ ළමුන් ගෙනයාම මගින් ඇතිවෙන මානසික බලපෑම ගැන කුරෝඩා අවධානය යොමුකිරීමට පටන්ගත් අතර ළමුන් ගෙනයාමට යොදන කාලය සහ ඔවුන් අඬන ප්‍රමාණය අතර එකිනෙකට සම්බන්ධයක් ඇති බවක් එහිදී අනාවරණය නොවුණි. ''මට මුලින් අදහස සමඟ එකඟවෙන්න අමාරුයි'' කුරෝඩා පවසන්නීය. දරුවකු රැගෙන යාම ඔවුන්ගේ හෘදගැස්ම සහ චලනය මෙන්ම ඔවුන් අඬන ප්‍රමාණයේත් අඩුවක් සිදුවෙන බව කුරෝඩාගේ පර්යේෂණය මගින් හෙළිවිය. ළමයකු අතින් නොගෙන ''ප්‍රෑමයක'' තබා හෝ මෝටර් රථයක රැඳවු අසුනක තබා රැගෙනයාම හෝ චලනය නොවී රුවාගෙන සිටීම මගින් එම දරුවන් සන්සුන් වන අතර එවැනි ක්‍රියාමාර්ග සංයුක්තවීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලද හැකි බව කුරෝඩා පවසන්නීය. දිවා රෑ දෙකේ ළඟින් සිටීම මගින් බිළිඳුන් ජෛවීය කතාබහක් අපේක්ෂා කරති. උපතින් පළමු මාස කීපය තුළ දරුවන් පැය විසිහතරේම පෝෂණය කළ යුතුව ඇත. ළමුන් නිදාගැනීමේ රටාව වර්ධනයවීම සහ රාත්‍රියේ ඔවුන් නින්දට වැටීම දියුණුවීම ආරම්භවීමෙන් අනතුරුවත් පළමු අවුරුද්ද ඇතුළ තවත් ඔවුන් රාත්‍රිකාලයේ පිබිදීම ස්වභාවිකය. නින්ද සඳහා හුරුකිරීමේ එහාම අන්තය බිළිඳකු අඩන්නට අත්හැර දමනු ලැබීමය එහෙත් ''දරුවන් රැයෙහි පිබිදීම ස්වභාවික" යන්න බටහිර ලෝකයේ පළමුවරට මව්පිය පදවි ලද්දන් ඔවුන්ගේ පවුල්වලින් ,හිතමිතුරන්ගෙන් සහ ඔවුන්ගේ සංස්කෘතිය කෙරෙන් ලබන පණිවුඩය නොවේ. ''අපි ළමුන් රැයෙහි නින්දෙන් නොනැගිටිය යුතුය යන සංස්කෘතිකමය මිථ්‍යාව දියුණු කරනු ලැබ තිබෙනවා'' බෝල් පවසයි. මේ මිථ්‍යාවට ඒ සමඟ බැඳුනු ප්‍රතිවිපාක ඇත. කල්තබා මව්පියන් වීමේදී නින්දට බාධාවීම මගින් යොවුන් වියේදී සිදුවූ දරු ප්‍රසූතිය සමඟ බැඳුන මානසික ආතතියක් වෙයි. එහෙත් දරුවකුගේ නින්ද සැලැස්මකට අනුව තහවුරු කිරීමට යත්න දැරීම ප්‍රශ්නය නිවැරැදිව ග්‍රහණය කිරීමක් නොවන්නේයයි බෝල් පවසයි. ඒ වෙනුවට දෙමව්පියන්ට සෘජුව උදව්වීම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වැඩිදියුණු කරන සුලුය. ''සෙසු දෙමව්පියන්ට වඩා මානසික ආතතියෙන් පෙළෙන දෙමව්පියන් දරුවන්ගේ නින්ද අඩාලවීම මගින් පීඩා විඳිනව'' බෝල් සඳහන් කරයි. සැබැවින්ම අප ඉදිරිපත් කරන තර්කය වන්නේ දෙමව්පියන්ගේ මනසේ වැඩකරන්නේ කුමක්ද යන්න අපි තේරුම්ගත යුතුය කියන එකයි. හැමදෙයක් ගැනම වෙනස් විධියකට හිතන්න අපි ඔවුන්ට උදව්කළ යුතුව තියෙනව'' ඇය අලුතින් මව්පියන් වූ පුද්ගලයන් ළදරු නින්ද පිළිබඳ නිවැරදි තොරතුරු සැපයීම සඳහා ළදරු නින්දට අදාළ තොරතුරු මූලාශ්‍රයක් එක්කරනු ලැබ ඇත. කෙමෙන් වැඩෙන ළදරුවන් රාත්‍රිය පුරා නිදාගැනීමට සමත්විය යුතුබව 1950 දශකයේ සිදුකරනු ලැබ ඇති සමීක්‍ෂණයකින් හෙළිවී ඇත. ලන්ඩන් නගරයේ ජීවත්වූ ළදරුවන් 160 දෙනකු යොදාගනිමින් සිදුකර ඇති එම සමීක්ෂණය අනුව මාස තුනක් පිරුණු දරුවන්ගෙන් 70%ක් රැය පුරා නිදන්නට පටන්ගෙන ඇත. එම සමීක්‍ෂණය සිදුකළ පුද්ගලයන් රාත්‍රිය පුරා නිදාගැනීම අර්ථගන්වා තිබෙන්නේ අඬන්නට පටන්ගැනීම මගින් දෙමව්පියන් ඇහැරවීමක් සිදු නොකිරීම සහ මධ්‍යම රාත්‍රියේ පටන් උදෑසන පහ වනතෙක් බාධා කිරීමක් සිදු නොකිරීමය. එසේ නැතිව, බොහෝ අලුත් දෙමව්පියන් බලාපොරොත්තුවන පැය අටක අඛණ්ඩ නින්ද නොවේ. කිසිදු අවස්ථාවක දී ළදරුවන්ගෙන් 30%ක් එම වයසේ දී දීර්ඝ නින්දක නොසිටියහ. සමීක්ෂණයට භාජනය කෙරුණු ළමුන්ගෙන් අඩක්ම ඔවුන්ගේ පළමු වසර ඇතුළත රාත්‍රියේ අන්තිම භාගයෙහි කීපවරක් පිබිදුණහ. ''අවුරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් ඇතුළත ළමුන්ගේ ජෛවීය හදගැස්මේ මහා විපර්යාසයක් සිද්ධවෙලා නැහැ'' බෝල් පෙන්වා දෙයි. ''නමුත් අපගේ සංස්කෘතිය විශාල වශයෙන් වෙනස් වුණා. දශක කීපයක් ඇතුළත ළමුන්ගේ සහ ඔවුන් හදාවඩා ගැනීමේ අපේ බලාපොරොත්තුවල මහා වෙනසක් සිදුවුණා'' ''ළදරුවෝ මෙලොවට පැමිණි අසරණයෝ වෙති. අප විසින් එම දරුවන් සානුකම්පාවෙන් රැක බලාගත යුතුව ඇත''ඩෙබ්මිතා දත්තා පවසයි. අද පවා ළදරුවන්ගේ නින්ද සම්බන්ධයෙන් සිදුකෙරෙන සමීක්ෂණවලින් වැඩිකොටසක් සිදුවන්නේ ලෝක ජනගහනයේ උප මාතෘකාවක් වශයෙනි. ''පසුගිය දශක කීපය තුළ සමීක්ෂණ වලින් වැඩිහරියක් බටහිර රටවල දරුවන් සම්බන්ධයෙනුයි සිදුකරනු ලැබ තිබෙන්නේ'' බෝල් පෙන්වා දෙයි. ''අපි ළදරුවන් බලාගනු ලබන ආකාරයන් සම්බන්ධයෙන් සංස්කෘතීන් අතර නිසැක වෙනස්කම් ඇති අතරවාරයේ ඔවුන් අතරත් බොහෝ වෙනස්කම් තියෙනව. බටහිර රටවල හැම කෙනෙක්ම ළදරුවන් ඔවුන්ගේම වෙනත් කාමරයක නිදිගැන්වීම නිවරැදිම ක්‍රමයයි කියල හිතන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත්, ඉතාලියේ සිදුකරන ලද එක සමීක්ෂණයකදී දෙමව්පියන් කියල තිබුණා - ඒක ''අකාරුණික ක්‍රියාවක්'' කියල'' ළදරුවන් බලාගැනීම කෙරෙහි දෙමව්පියන්ගේ පෞද්ගලික චර්යාවන් සහ හැඩගැසීම් බෙහෙවින් බලපායි. දේවල් ඉටුකිරීමේදී හැම මාපියකුම ඔවුන්ට ආවේණික පිළිවෙතක් සොයාගනියි. ''හැම පවුලක්ම එකිනෙකින් වෙනස්. අතිවිශාල විවිධත්වයක්'' කුරෝඩා පවසයි. මෙහිදී කුරෝඩා අනුගමනය කළ පිළිවෙත කුමක්ද? දිවාකාලයේ දරුවන්ගෙන් ඈත්ව සිටීමට සිදුවෙන හෙයින් ඊට සරිලන විසඳුමක් ලෙස ඇය ඇයගේ දරුවන් හතරදෙනා සමඟ රාත්‍රියේ එක්ව නින්දට ගියාය. මම දිවාකාලයේ පූර්ණ කාලීන රැකියාවක නිරතවෙනවා. ඉතින් මම රැය පුරා දරුවන්ගෙන් වෙන්ව නිදාගත්තොත් දරුවන්ට වෙන්කෙරෙන කාලය අවම වෙනවා. රාත්‍රියේ පවා අපට දැඩිව සංජානනය වෙන්න පුළුවන්. ඒක සැබෑ සන්නිවේදනයක් සහ එක්ව කල්ගෙවීමක් '' දෙමාපියන්ගේ සියලු තෝරාගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුරෝඩා කියාසිටින්නේ, වෙනත් දෙමව්පියන් කරන දේවල් සම්බන්ධයෙන් සෙවීමට කරදර නොවී තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් ගැලපෙන ක්‍රමයක් සොයාගත යුතුව ඇති බවය. ''මම හිතනවා - දෙමව්පියන්ට සහ බිළිඳාට එකිනෙකාට ආශක්තවෙන්න පුළුවන් කියල''ඇය පවසයි. ''එය ටැංගෝ නැටුමක් වගෙයි'' කියවන්න;
බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙනකොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබාගන්නා අතර ඇතැම්විට දරුවන් සිය යහනෙහිම තබා නිදි කරවති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ෂින්ජියෑන් හි 'වෘත්තීය අධ්‍යාපන කුසලතා මධ්‍යස්ථානය' ලෙස නිල වශයෙන් නම්කරනු ලැබ ඇති ආයතනයේ දොරටුවක් කෘත්‍රිම ඔත්තුබැලීමේ තාක්‍ෂණයක් සහිත AI සීසීටීවී කැමරා පද්ධතිය මගින් මිනිසුන්ගේ මුහුණේ හැඟීම් කියවිය හැකියයි සැලකේ. එවැනි කැමරා පද්ධතියක් ෂින්ජියෑන් හි 'උයිගර්' ජාතිකයන් අධීක්‍ෂණය සඳහා ස්ථානගත කරනු ලැබ ඇති බව බීබීසියට දැනගැනීමට ලැබුණි. බීබීසී 'පැනරාමා' විශේෂාංගයට අදහස් දැක්වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් පවසන පරිදි 'ෂින්ජියෑන්' ප්‍රාන්තයේ පොලිස් ස්ථානයන්හි එවැනි කැමරා පද්ධතියක් සවිකර ඇත. ඒ සඳහා ලැබී ඇති සාක්‍ෂි අධීක්‍ෂණය කළ මානව හිමිකම් උපදේශකයෙක් එම භාවිතය විග්‍රහකරන ලද්දේ ''බලවත් මානසික කම්පනයක්'' ලෙසිනි. එම කැමරා පද්ධතිය සම්බන්ධයෙන් ඉදිරිපත්වෙන ප්‍රකාශන සම්බන්ධයෙන් ලන්ඩන් නගරයේ පිහිටි චීන තානාපති කාර්යාලය මගින් සෘජු ප්‍රතිචාරයක් දක්වා නැත. එහෙත් සියලු ජනවාර්ගික කණ්ඩායම්වල සමාජ සහ දේශපාලන අයිතිවාසිකම් සහතික කරනු ලැබ ඇතැයි තානාපති කාර්යාලය පවසයි. ෂින්ජියෑන් පළාතේ චීනයේ සුළුජන කණ්ඩායමක් වන 'උයිගර්' ජාතිකයන් මිලියන 12ක් පමණ වාසයකරන අතර ඔවුන්ගෙන් බහුතරය මුස්ලිම්වරු වෙති. ප්‍රාන්තයේ වැසියන් දිනපතා සෝදිසි කිරීමට ලක්කෙරෙති. එපමණක් නොව ''දැඩි මතභේදයකට'' තුඩු දී ඇති ''නැවත අධ්‍යාපනය ලබාදෙන මධ්‍යස්ථාන'' විශේෂයක් එම ප්‍රාන්තයේ ක්‍රියාත්මක කෙරෙයි. මානව හිමිකම් සංවිධාන මගින් එම ආයතන හඳුන්වනු ලැබ තිබෙන්නේ ''රැඳවුම් කඳවුරු'' යන වචනයෙනි. දශ ලක්ෂයකට අධික ජනතාව එම මධ්‍යස්ථානයන්හි රඳවනු ලැබ ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි. වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින බෙදුම්වාදී කණ්ඩායම්වල ත්‍රස්ත ප්‍රහාර මගින් පුද්ගලයන් සිය ගණනක් මරාදමා ඇති හෙයින් අධීක්‍ෂණ ක්‍රියාදාමයක් අවශ්‍යකරන බවට බේජිං පාලකයෝ නිතරම තර්ක කරති. Xinjiang is believed to be one of the most surveilled areas in the world බීබීසී පැනරාමා වැඩසටහනට අදහස් දැක්වූ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ඊට සහභාගී වූයේ සිය නම අනාවරණය නොකිරීමේ කොන්දේසිය යටතේය. ඊට හේතුව ඔහුට සිය රැකවරණය සම්බන්ධයෙන් සැකයක් පැවතීමය. ඔහු රැකියාව කරන සමාගමත් එය රහසක් වශයෙන් තබා ගැනීමට එකඟ විය. AI තාක්ෂණය උපයෝගී කරගනිමින් විමර්ශනය කරන ලදැයි පවසන 'උයිගර්' රැඳවියන් පස්දෙනකුගේ පින්තූර ඉංජිනේරුවරයා විසින් 'පැනරාමා' සඳහා ප්‍රදර්ශනය කරනු ලැබීය. මෙම අධීක්‍ෂණ කැමරා පද්ධතිය මගින් ප්‍රදර්ශනය කෙරෙන දත්ත මගින් පුද්ගලයකුගේ මනසෙහි තත්ත්වය සම්බන්ධයෙන් සංඥාවක් ලබාදෙයි. සෘණාත්මක ආකල්පවලින් පෙළෙන අයකුගේ මනසේ තත්ත්වය රතුපාටින් පෙන්නුම් කෙරෙයි ''මීයන් විද්‍යාගාරවල පර්යේෂණවලට යොදාගනු ලබන ආකාරයට චීන ආණ්ඩුව 'උයිගර්' ජාතිකයන් විවිධ අත්හදාබැලීම් ආදියට යොදාගන්නවා''එම ඉංජිනේරුවා පැවසීය. ප්‍රදේශයේ පොලිස් මධ්‍යස්ථානයන්හි කැමරා සවිකරනු ලැබීම සඳහා ඔහු විසින් ඉටුකරනු ලබන කාර්යභාරය ඔහු විස්තර කරයි. ''අපි මිනිසුන්ගේ හැඟීම් මීටර් තුනක දුරසිට කියවිය හැකි මට්ටමින් කැමරා ස්ථානගත කළා. එය ඔත්තුකරුවකුගේ කාර්යභාරයට සමාන එකක්. නමුත් ඉතා දියුණු තාක්ෂණයක්'' මෙම කාර්යයේ දී චීනය පුරා පොලිසිවල සවිකරනු ලැබ ඇති පුද්ගලයන් සන්සුන්ව තැබිය හැකි විශේෂ පුටු ("restraint chairs") නිලධාරීන් විසින් භාවිත කරන බවත් ඔහු පවසයි. ''එවිට ලෝහමය වළලු මගින් අත්වල මැණික්කටු ළඟින් සිර කෙරෙනවා. ඒ වගේම වළලුකර ළඟිනුත් සිරකිරීමක් සිදු කෙරෙනවා'' පුද්ගලයකුගේ මුහුණේ ඉරියව් මොහොතෙන් මොහොත වෙනස්වෙන ආකාරය සහ මිනිසකුගේ ඇඟේ සමෙහි ඇසට නොපෙනෙන ක්‍ෂුද්‍ර සිදුරු පවා හසුකරගත හැකි මට්ටමින් එම AI කැමරා පද්ධතිය දියුණු කරනු ලැබ ඇති ආකාරය පිළිබඳව සාක්ෂි පවා ඉංජිනේරුවා ඉදිරිපත් කළේය. ඉංජිනේරුවා සඳහන් කළ පරිදි මෘදුකාංගය මගින් 'Pie ප්‍රස්ථාරයක්' නිර්මාණය කරයි. එම ප්‍රස්ථාරයේ රතු කොටස මගින් පුද්ගලයකුගේ මනසෙහි අවුල් සහගතභාවය සහ නිශ්ප්‍රභ කෙරෙන සුලු මානසික හැඟීම් පිළිබිඹු කෙරෙයි. කිසිදු සාක්ෂියකින් තොරව පූර්ව නිගමන මත තීන්දුවලට එළැඹෙන මට්ටමින් එම මෘදුකාංගය නිමවා ඇති බව ඔහු කියා සිටියි.. ලන්ඩනයේ පිහිටි චීන තානාපති කාර්යාලය 'ෂින්ජියෑන්' පළාතේ භාවිත කරනු ලබන මිනිස් චිත්තවේග හඳුනාගැනීමේ මෘදුකාංග භාවිතය පිළිබඳ ප්‍රශ්නවලට ප්‍රතිචාර නොදැක්වූ නමුත් මෙසේ පැවසීය. "ෂින්ජියෑන්' පළාතේ සියලු ජනවාර්ගික කණ්ඩායම්වල දේශපාලන, ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සහ ආගමික නිදහස සහතික කරනු ලැබ තිබෙනවා. ජනවාර්ගික වෙනස්කම් නොසලකා ජනතාව සමගියෙන් ජීවත්වෙනවා. මිනිසුන්ගේ පෞද්ගලික නිදහසට කිසිදු තහංචියක් නැහැ. ඔවුන් සාමකාමී ජීවිතයක් ගත කරනව" ඉංජිනේරුවා විසින් ඉදිරිපත්කරන ලද සාක්ෂි චීන මානව හිමිකම් අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යක්‍ෂ සොෆී රිචඩ්සන්ට පෙන්වනු ලැබුණි. ''ඒවා සිත කම්පාවට පත්කරන මට්ටමේ සාක්ෂි. එම ක්‍රියාවලිය මිනිසුන් 'Pie ප්‍රස්ථාරයකට ලඝු කිරීමක් විතරක් නොවෙයි, එය දැඩි පීඩනයක් යටතේ මිනිසුන් බලහත්කාරයකට ගොදුරුකර ගැනීමක්'' සැක කටයුතු හැසිරීමක් කොලරාඩෝ සරසවියේ ඩැරන් බයිලර් (Darren Byler) පවසන පරිදි 'උයිගර්' ජනයාට නොකඩවාම ප්‍රදේශයේ බලධාරීන්ට DNA සාම්පල දීමට සිදුව ඇත. එම ජනයා ඩිජිටල් පරීක්ෂණවලට භාජනය කෙරෙන අතර එම තොරතුරු ආණ්ඩුවේ දුරකථන 'ඇප්' මෘදුකාංගයක් බාගත කෙරෙයි. එමගින් එම ජනයාගේ සම්බන්ධතා ලැයිස්තුවලට අදාළ තොරතුරු සහ ඔවුන් විසින් හුවමාරු කරගනු ලබන පණිවුඩ සියල්ල එක්රැස්කර ගැනීමට හැකිවෙයි. ''උයිගර් ජන ජීවිතය දත්ත එක්රැස් කරන මෙවලමක තත්ත්වයට පත්වෙලා තිබෙනවා'' ඩැරන් බයිලර් (Darren Byler) පැවසීය. ස්මාට් ජංගම දුරකථන ආදිය මගින් බලධාරීන්ට පුද්ගලයන් ගමන්ගන්නා ස්ථාන, ඔවුන් සිටින තැනක් ආදී සියල්ල හඳුනාගත හැකිය. ''මිනිස්සු ඔවුන්ගේ ගෙවල්වල ඉස්සරහ දොර වෙනුවට පිටුපස දොරෙන් පිටව යනවද? ඔවුන් තමන්ගේ නොව අනුන්ට අයත් මොටර් රථයකට ඉන්ධන පුරවනවද? ඔයවගේ හැම දෙයක් ගැනම තොරතුරු එකතු කරනවා''චීන මානව හිමිකම් අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යක්‍ෂ සොෆී රිචඩ්සන් සඳහන් කළාය. ''බලධාරීන් මිනිසුන්ගේ ගෙවල්වල දොරවල්වලින් පිටත QR කේත සවිකිරීමට පියවර අරගෙන තියෙනවා. එමගින් බලධාරීන්ට ඒ ගෙදරක ඉන්නේ කවුද? නොඉන්නේ කවුද? කියල පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්'' ''එක් එක් පුද්ගලයා මට්ටමින් තොරතුරු පද්ධතියක්'' සඳහා අදාළ සමාගම තාක්ෂණය සංවර්ධනය කරනු ලැබීමේ ඊනියා වැඩපිළිවෙලක නිරතවෙමින් සිටි බවක් පෙන්නුම්කෙරෙන ලියවිල්ලක් ද චීන මානව හිමිකම් පිළිබඳ ආයතනයට හමුවී ඇත. ''ආණ්ඩුව හැම පුද්ගලයකුගේම පෞද්ගලික තොරතුරු ගබඩාකර තබා ගැනීමට පියවර ගනීවි. දේශපාලන ක්‍රියාකාරකම්,මිනිසුන් පවත්වන සම්බන්ධතා,ඔවුන්ගේ සම්බන්ධතාවල ඇතුලාන්තය සහ ඔවුන්ගෙන් කවරාකාරයේ තර්ජනයක් එල්ලවෙන්න පුළුවන්ද ආදී කරුණු ගැන බලධාරීන්ට එමගින් අවබෝධයක් ලබාගන්න පුළුවන්''වීඩියෝ අධීක්‍ෂණය සම්බන්ධයෙන් ලෝකයේ බලවත්ම ආයතනය වන IPVM ආයතනයේ කෝනර් හීලි(Conor Healey) පවසයි. 'හික්විෂන්' (Hikvision)ව්‍යාපාරය කැමරා ඇතුළු භාණ්ඩ රාශියක් නිපදවයි ''මේ උපාංග යොදාගනිමින් ආණ්ඩුවට සිය පුරවැසියන්ගේ සියලු හැසිරීම් පුරෝකතනය කළ හැකිවෙනවා.මට හිතාගන්න බැහැ - ආණ්ඩුවකට මේ වගේ විශ්ලේෂණයක් කරන්න හැකියාවක් ලැබේවි කියල ජෝර්ජ් ඕවෙල්වත් හිතන්න ඇති කියල'' එක් එක් පුද්ගලයා අධීක්‍ෂණය සහ එක් එක් පුද්ගලයා සඳහා වෙන් වෙන් වශයෙන් තොරතුරු පද්ධති සැකසීම (One Person, One File system) සම්බන්ධයෙන් නගන ප්‍රශ්නවලට Huawei ආයතනය සුවිශේෂී පිළිතුරක් ලබා නොදෙයි. එහෙත් ඔවුන් පුනපුනා කියාසිටින්නේ,තමන් ක්‍රියාත්මක වෙන ස්ථානයන්හි රජයන් ස්වාධීනව කටයතු කරන බවය. ''එක් එක් පුද්ගලයා සඳහා වෙන් වෙන් වශයෙන් තොරතුරු පද්ධති සැකසීම''(One Person, One File system)සම්බන්ධයෙන් තමන්ට ''දැනුමක් නැතැයි'' ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය පවසයි. හික්විෂන් (Hikvision) චීන සමාගම විසින් 'උයිගර්'ජනයා හඳුනාගත හැකි AI කැමරාවක් සම්බන්ධයෙන් පළකරන ලද දැන්වීමක වාණිජමය ද්‍රව්‍ය IPVM ආයතනයට හමුවී ඇති බව ප්‍රකාශ වී ඇත. එසේම තවත් බලවත් තාක්ෂණික සමාගමක් වන Dahua විසින් සංවර්ධනය කරන ලද 'උයිගර්'ජාතිකයන් හඳුනාගත හැකි මෘදුකාංගයක පේටන්ට් බලපත්‍රයත් ඔවුන්ට ලැබී ඇති බව පැවසෙයි. සිය පේටන්ට් බලපත්‍රය චීනයේ පිළිගත් ජනවාර්ගික කණ්ඩායම් 56ටම අදාළ වන අතර තමන් සිතාමතා කිසිදු එක ජනවර්ගයක් ඉලක්ක කර නැතැයි 'Dahua' පවසයි. වැඩිදුරටත් අදහස් දක්ල්වන 'Dahua' පවසන්නේ ''එක්සත් රාජධානිය ද ඇතුළුව එය ක්‍රියාත්මක වන "සෑම වෙළෙඳපොළකම නීති සහ රෙගුලාසිවලට අනුකූලව" "ජනතාව ආරක්‍ෂිතව තබා ගැනීමට උපකාරී වන නිෂ්පාදන සහ සේවාවන්" සපයන බවය.. ''තම අන්තර්ජාල වෙබ් අඩවියේ ඇතුළත් තොරතුරු නිවැරැදි නොවන බවත් ඒවා යළි අධීක්ෂණයකින් තොරව ඇතුළත් කරනු ලැබ ඇති බවත් 'හික්විෂන්' (Hikvision) පවසයි. එසේම සුළුජනයා හඳුනාගනු ලබන තාක්‍ෂණයක් තමන් සතුව හෝ විකුණා නැති බවත් එම සමාගම සඳහන් කරයි. සඳහන් කරනු ලබන පේටන්ට් බලපත් ගැන තමා දැන නොසිටි බව චීනයේ AI පාලන ජාතික කමිටුවේ සභාපති ආචාර්ය ලෑන් ෂුවේ (Dr Lan Xue) පවසයි. ''එවැනි ක්‍රියා සම්බන්ධයෙන් චීනයෙන් පරිබාහිරව චෝදනා රාශියක් තියෙනවා. ඒවා නිවැරැදි හෝ සත්‍ය වූ ඒවා නොවෙයි''ආචාර්ය ලෑන් ෂුවේ කියා සිටියි. "ෂින්ජියෑන්ග් පළාතේ ජනතාව ආරක්ෂා කිරීමේ සැබෑ වගකීම පැවරෙන්නේ ෂින්ජියැන්ග් පළාත් පාලන ආයතනයට කියල මම හිතනවා. ඒ සන්දර්භය තුළ තාක්‍ෂණය භාවිත කරන්නේ නම් එය තේරුම්ගන්න පුළුවන්'' ඔහු සඳහන් කළේය. එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලය තත්ත්වය වඩාත් යුක්ති සහගත කරමින් මෙසේ පවසයි. ''උයිගර් ජනයා විශ්ලේෂණය කෙරෙන ඔවුන්ගේ මුහුණු කියවිය හැකි කවරාකාරයේ හෝ ඊනියා තාක්‍ෂණයක් නැහැ'' දිනපතා සෝදිසිය තමා නිරන්තරයෙන් සෝදිසිකිරීමට ලක්වෙමින් ඇති බව හූ ලියුගේ හැඟීමයි ලෝකයේ ඔත්තු බලන කැමරා මිලියන 800ක් පමණ භාවිතයට ගැනෙමින් පවතින අතර එයින් භාගයක්ම චීනය සතුයයි ඇස්තමේන්තු කෙරෙයි. එපමණක් නොව,නාගරික පරිසරයෙහි පදනම් තුළ AI තාක්ෂණය ස්ථානගත කරන ලද 'චොන්ග්කිං'(Chongqing) වැනි 'ස්මාර්ට්' තාක්ෂණය සහිත නගර ගණනාවක් ද චීනය සතුය. 'චොන්ග්කිං'(Chongqing)නගරයේ කටයුතු කරන ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන හු ලියු (Hu Liu) තම අත්දැකීම් බීබීසී 'පැනරාමා' වැඩසටහනට එක්කරමින් මෙසේ සඳහන් කළේය. ''කවුරුහරි කෙනෙක් ගෙදරින් පිටවෙලා සෝපානයට ඇතුල්වෙන කොට ඒ සමඟ ඔහු කැමරාවකට හසුවෙනවා. හැමතැනම කැමරා'' ''මට ගමනක් යන්න කුලී රථයක් කැඳවන අවස්ථාවල දී කුලීරථ සමාගම මගේ සියලු තොරතුරු ආණ්ඩුව වෙනුවෙන් සටහන් කරගන්නවා. ඉතින් මම ආපනශාලාවකට ගිහින් මගේ මිතුරන් කීපදෙනෙක් හමුවෙමින් සිටින විට බලධාරීන් කැමරා මගින් දන්නවා-මම ඉන්නේ කොතැනද? කියල'' ''මම මගේ මිතුරු සමාගම් පවත්වන ලද ඇතැම් අවස්ථාවල ඒ විගසම ආණ්ඩුවේ නියෝජිතයෙක් මා විමසූ අවස්ථා තියෙනවා. ඔවුන් මට අනතුරු අඟවලත් තියෙනවා. ඔවුන් කියනවා 'මේ පුද්ගලයා නැවත හමුවෙන්න එපා-මේ මේ දේවල් ආයෙත් කරන්න එපා' කියලා" ''ඔත්තු බලන මේ කෘත්‍රිම උපකරණ නිසා අපට දැන් හැංගෙන්න තැනක් නැහැ'' හු ලියු (Hu Liu) පවසයි. තවත් තොරතුරු;
AI යනු කෘත්‍රිම බුද්ධිය හෝ 'අයි' තාක්ෂණය සහිත තීක්‍ෂණ සීසීටීවී කැමරා පද්ධතියකි. එය වත්මන් ඩිජිටල් ලෝකයේ දියුණු තාක්‍ෂණ මෙවලමකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජීවවිද්‍යා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක වී ජනතාවට සේවය කිරීමය. දෑතේ ආබාධ සහ වෙනත් සංකූලතා ඉදිරියේ නොසැලී සිය ඉලක්කය කරා ගිය ඇගේ කතාවයි මේ. කැමරාකරණය: චමිල් රූපසිංහ, නිෂ්පාදනය: සුනෙත් පෙරේරා මේ ගැනත් කියවන්න:
සැත්කම් විසිහතකට මුහුණ දී ඇති ඇය උසස් පෙළ විභාගය සමත් වූයේ A සාමාර්ථ දෙකක් සහ B සමාර්ථයක් සමඟිනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එරමුදු කැස්බෑවන් නමින්ද හැඳින්වෙන බටු කැස්බෑවන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය බිජු දමන සමය බවයි කැස්බෑ සංරක්ෂණයේ යෙදෙන TREE FOUNDATION පදනම පවසන්නේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක් වී කැස්බෑ ආරක්ෂක බලකායක් ලෙස දිවා රෑ මුර සංචාරයේ යොදවා තිබෙන ධීවර ප්‍රජා බලකායට අටසියයකට වැඩි බටු කැස්බන් ගේ මළ සිරුරු හමු වූ බවයි පදනමේ සභාපතිනි සුප්‍රජා ධරිනි බීබීසී දෙමළ සේවයේ සදාත් අහමඩ් බකීර් ට කියා සිටියේ. සුප්‍රජා ධරිනි වඳ වී යමින් ඇති එරමුදු කැස්බෑවුන් මෙතරම් විශාල සංඛ්‍යාවක් ඉන්දීය වෙරළෙහි එකවර මරා දමනු ලැබ තිබෙනු මෑත අවුරුදුවල දුටු පළමු වතාව මෙය යයි විශේෂඥයෝ පවසති. වෙරළ තීරය දිගේ වෙසෙන ධීවර ප්‍රජාව ගෙන් එක් රැස් කරගත් තොරතුරු වලට අනුව පෙබරවාරි 17-18 දෙ දින ට්‍රෝලර් යාත්‍රා පනහකට ආසන්න සංඛ්‍යාවක් කිලෝමීටර් දහයක් පමණ දියඹේ මසුන් මැරීමේ නිරත වී තිබෙන බව TREE FOUNDATION පදනම විසින් හෙළි කොට තිබේ. ගොදුරු බිමක් මේ මුහුදු කලාපයේ බහුලව වෙසෙන ඉස්සන් නීති විරෝධී අයුරින් හෝ අල්ලා ගැනීමට ට්‍රෝලර් කරුවන් පැමිණ ඇති බව යි පදනමේ විශ්වාසය. ඉස්සන් ගහන පෙන්නා මෝය ඉතා ඉහළ ජෛව විවිධත්වයක් සහිත පෝෂ්‍ය පදාර්ථ බහුල කලාපයක් බව TREE පදනමේ සභාපතිනිය ප්‍රකාශ කරන්නීය. ඒ නිසා ගොදුරු සොයා ඒ කරා පැමිණ සිටි කැස්බෑවුන් ද ට්‍රෝලර් දැල් වල පැටලී මිය යන්නට ඇති බව යි සුප්‍රජා ධරිනි පැවසුවේ. “ පෙබරවාරි දහය පහළොව අතර රංචු පිටින් කැස්බෑවන් දෙ ලක්ෂයකට වැඩිය ඔරිස්සාවේ රිශිකුලියා වෙරළට පැමිණ සිටියා බිත්තර දාන්න. බිත්තර දාලා ආපහු යන සමහර කැස්බෑවන් මෙතන කෑමට ඇවිත් හිටියා වෙන්න පුළුවන්. ඒ වගේම නෙල්ලුර් වල බිත්තර දාන්න යන කැස්බෑවොත් මේ කලාපයේ ඉන්න ඉඩ තිබෙනවා. ඒ නිසා තමයි 800 කට වැඩි විශාල ගණනක් මේ ට්‍රෝලර් දැල් වල පැටලිලා මැරිලා තියෙන්නේ.” පැටලෙන කැස්බෑවුන් ට ගැලවී යා හැකි ආම්පන්න මාළු දැල් වල සවි කළ යුතු වුවත් ට්‍රෝලර් කරුවන් එම රෙගුලාසි නො තකා කටයුතු කරන බවයි සුප්‍රජා ධරිනි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයේ බටු කැස්බෑවන් සිය ගණනින් මරා දැමීම පිළිබඳව මහා පරිමාන ධීවර කර්මාන්තය වග කිව යුතු බව පරිසර සංරක්ෂණ වේදීහු හා වනජීවී නිලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් කෙසේ නමුත් දැනට ඉදිරිපත්ව තිබෙන කෙටුම්පතට ද තම පක්ෂයේ සහාය හිමි වන බව එහි නායක ආර් සම්බන්දන් බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමක දී කියා සිටියේය. ‘මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ අරමුණක් ඇතිව. අපේ ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වෙලා තියෙන නිසා අපි ඒ අය දිරිමත් කළ යුතුයි. ඒ නිසා අපි ඒ යෝජනාවට සහාය දෙනවා.’ ආර් සම්බන්දන් කියා පැවසීය. 'ජාත්‍යන්තර විමර්ශනයක්' කෙසේ නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශනයක් ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ඇතුළු ඇතැම් විරුද්ධ පක්ෂ ජිනීවා යෝජනාව විවේචනයක් කොට තිබෙන්නේ නොවේද යන්න සම්බන්දන් මන්ත්‍රීවරයාට යොමු කෙරුණු ප්‍රශ්නයක්. ‘ඒ යෝජනාව කියවල බලන්න. අභ්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව ඒකෙ තියෙනවා. ඒක මහ කොමසාරිස්වරිය නිරීක්ෂණය කළ යුතු බවත් එහි තියෙනවා. ඒ වගේම මහ කොමසාරිස් වරියගේ විමර්ශනයක් පවත්වන්නත් ඉඩ සලසල තියෙනවා. එතුමිය පවත්වන විමර්ශනය ජාත්‍යන්තර විමර්ශනයක් නෙමෙයි නම් වෙන මොකක්ද?’ සම්බන්දන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එබැවින් මේ අවස්ථාවේ ඉතා ප්‍රවේශම් සහගතව කටයුතු කළ යුතු බවත් සම්බන්දන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනා කෙටුම්පත තවත් ශක්තිමත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනතුරුව ඊට පාර්ලිමේන්තු අනුමැතිය ද ලබා ගැනීමට අදහස් කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වේ. මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් සංවර්ධන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදාන ලැබීමට නියමිතය. ඊට අදාළ යෝජනාවට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබුණු බව මීට පෙර මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසීය. "මෙම සංවර්ධන ආධාර ප්‍රදානය අනුමත කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය එක්සත් ජනපදය අගය කරයි," යනුවෙන් ද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. නමුත් මෙම ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකාව තුළ විවිධ පාර්ශව වෙතින් විරෝධය පළවෙමින් පවතී. ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී යෙදුණු උපවාසය බදාදා (නොවැම්බර් 06) අත්හැර දමන ලදි. උපවාසය අත්හරින ලෙස ඉල්ලා ජනාධිපතිධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීම් කර තිබු බවට වාර්තා පළ වේ. උඩුදුම්බර කාශ්‍යප හිමි මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ස්වාධීනත්වය ට සහ ආර්ථික කටයුතුවලට බලපෑම් ඇතිවන බව පවසමින් 'සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානය ද බදාදා (නොවැම්බර් 06) කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලිපියක් බාර දුන්නේය. ලිපිය බාර දීමට පෙර එම සංවිධානයේ සාමාජිකයෝ තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක යෙදුණහ. "MCC පිළිකාවක්" යනුවෙන් ද සමහර විරෝධතා පුවරුවල සඳහන් කර තිබුණි. එහෙත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යෝජිත ගිවිසුම මගින් ලැබෙන අරමුදල් නිසා අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන 11ට පමණ ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව මෙම සහයෝගය ඉල්ලා සිටි බවය. යෝජිත ගිවිසුම මගින් ඉඩම් සහ ප්‍රවාහන යනුවෙන් ව්‍යාපෘති දෙකක් යෝජනා කර ඇත. ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 67ක් වෙන් කර ඇති අතර ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. "මෙම ප්‍රදානයෙන් සහය වන වැඩසටහන් මගින් රථවාහන තදබදය අවම කිරීම, කොළඹ පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම, පළාත් මාර්ග වැඩිදියුණු කිරීම සහ ඉඩම් පරිපාලනය ක්‍රමවත් කිරීම සහ ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනට ආරම්භ කොට ඇති කටයුතු පුළුල් කරනු ඇත," යනුවෙන් ද එම නිවේදනයේ දැක්වේ. මේ වන විට මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම, මුදල් අමාත්‍යාංශය විසින් සිය වෙබ් අඩවියෙහි පළ කරනු ලැබ ඇත. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය ට බලපෑම් කෙරෙනු ඇතැයි එල්ලවන චෝදනාවට පිළිතුරු දෙමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ අදාළ ගිවිසුම මගින් එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතිය පැවරීමක් හෝ හෝ බදු දීමක් සිදු නොවනු ඇති බවය. මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුමේ සඳහන් වන්නේ, "ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කර ඇති පවතින ඉඩම් පිළිබඳ අවකාශිය දත්ත හා ඉඩම් හිමිකම් පිළිබඳ වැඩසටහන පුළුල්කිරීම සහ වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන MCC ඉඩම් ව්‍යාපෘතිය මඟින් ඩොලර් මිලියන 67ක් ඇස්තගම්න්තු කර ඇත," යනුවෙනි. නමුත් මෙම ගිවිසුමට විරෝධය දක්වන පාර්ශ්ව පවසන්නේ ගිවිසුම මගින් ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කෙරෙන බවත් එම ආර්ථික කොරිඩෝව තුළට වැටෙන රජයේ සහ රජයේ ආයතන සතු ඉඩම් හඳුනාගෙන MCC ගිවිසුම මගින් පිහිටුවනු ලබන MCA - Sri Lanka නමැති පුද්ගලික සමාගමකට එම ඉඩම් නතුකර එම සමාගම මගින් සිය කූට අරමුණු ඵලගැන්වෙන පරිදි රජයේ ඉඩම් දීර්ඝකාලීන බද්ද ට ලබා දීම කෙරෙනු ඇති බවය. "ප්‍රවාහන ව්‍යාප්තියෙන් ඉදිරි වසර 20 හි දී ප්‍රමාණිත ආර්ථික ප්‍රතිලාභ අනුපාතය 19% වන අතර ඒ ඔස්සේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල නගරබඳ සහ පළාත්බඳ ප්‍රවාහන යටිතල පහසුකම්වල කාර්යක්ෂමතාව සහ ශාක්‍යතාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වේ" යනුවෙන් MCC ගිවිසුමෙහි සඳහන් ය. මිලේනියම් චැලේන්ජ් ප්‍රදාන වැඩසටහන වෙනත් හවුල්කාර රටවල් 29ක් සමග ද ක්‍රියාත්මක බව පවසන ඇමෙරිකානු තානාපති කාර්යාලය, මෙම ගිවිසුම මගින්, "එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග ඇති හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වා යෑමට සහ ආර්ථික වර්ධනය තුළින් දරිද්‍රතාව අවම කිරීම සඳහා දරන ප්‍රයත්නයට සහය වීමට අපේක්ෂා කරයි," යනුවෙන් සඳහන් කරයි. මේ තොරතුරුත් කියවන්න:
ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනිදා නිමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය සමග මිලේනියම් චැලේන්ජ් කොර්පරේෂන් ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ගාල්ලේ පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු 229 ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාණු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. දෙවන ඉනිම සඳහා පිටියට බට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 237 ක් ලබා ගත් අතර තරඟය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ලකුණු 413 ක ඉලක්කයක් හිමි විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 183 ක් පමණි. දිල්රුවන් පෙරේරා ලකුණු 70ට කඩුළු 06 ක් බිඳ දැමූ අතර රංගන හේරත් ලකුණු 74 ට කඩුළු 2ක් බිඳ දැමීය. තරඟයේ පළමු ඉනිමේදී රංගන හේරත්ට කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීම හැකි වීමත් විශේෂත්වයක්.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව වසර දාහතකට පසු පළමු වරට ටෙස්ට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බලය විමධ්‍යගත කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් හමුවූ අවස්තාවේදී දන්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කොට ඇත්තේ. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සතු බලතල අඩු කිරීමට පියවර නොගත යුතු බවත් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් විසින් පෙන්වා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ එරට නායකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් සංදේශයට පැවසුවේ.
13 වන ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කරමින් පුළුල් ලෙස බලය විමධ්‍යගත කිරිමේ අවශ්‍යතාව ඉන්දියාව විසින් ප්‍රකාශ කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලොව ළාබාල ම දූපත හුන්ගා ටොංගා හුන්ගා හාපයි යනුවෙන් දිව පැටලෙන සුලු නමක් යෙදී ඇති, යමහලකින් හටගත් මේ දූපත පැසිෆික් සාගරයෙන් මතුවුයේ 2015 වසරේදීය. සාගර තරංගවලට හසුවූ තැන සිට එහි හැඩය වෙනස්වීමට පටන් ගැනිණි. මේ නිසා සෙමෙන් සිදුවන දූපතේ සේදී යාම විද්‍යාඥයින්ගේ ඉතා සමීප නිරීක්ෂණයට ලක්ව තිබේ. රතු ග්‍රහයා (අඟහරු) මත ජලය ඇසුරින් බිහිවූ දූපත් රැසක මෙවැනි ම ආකාරයේ ශේෂයන් ඇති බව ඔවුහු සිතති. එය සැබෑවක් නම්, එය සැබවින් ම සිත්ගන්නා සුලු ය. පෘථිවිය මත දී සමුදුරු යට යමහල් ක්‍රියාකාරීත්වය හමුවන ඕනෑම තැනක ක්ෂුද්‍ර ජීවයට රුකුල් දෙන තත්ත්වයන් නිතර හමුවේ. හුන්ගා ටොංගා හුන්ගා හාපයි දූපත හටගැනීම හරහා පර්යේෂකයින් එය දකින්නේ අඟහරු ග්‍රහයාගේ පුර්ව ජලාශ්‍රිත පරිසරය හොඳින් අවබෝධ කරගත හැකි දර්ශකයක් සේම එහි සරල ජීවයක් ජනිත වීමට හිතකර විය හැකි තත්ත්ව පැවතියේද යන්න අවබෝධ කරගත හැකිවන බවය. අඟහරු මත යමහල් අළුවලින් සැදි පාෂාණවලින් සමන්විත කේතු දුටු බව විද්‍යාඥයින් සිතයි "රතු ග්‍රහයා මත පුරාතන ජලාශ්‍රිත තත්ත්ව, ගැඹුරු බව හා ආයුකාල පිළිබඳ ඉඟියක් මෙවැනි භූ නිමැවුම් හරහා අපට ලබාගත හැකියැයි සිතනවා." යැයි එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනයේ (නාසා) ගොඩාර්ඩ් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ජිම් ගාර්වින් පැවසීය. "ඒ අනුව, අඟහරු අවබෝධ කරගැනීම සඳහා අපව පුහුණු කිරීමට පෘථිවිය මත ඇති HTHH (හුන්ගා ටොංගා හුන්ගා හාපයි) අප යොදා ගන්නවා" යැයිද ඔහු කියා සිටියේය. ආචාර්ය ගාර්වින් හා ඔහුගේ සගයින් හුන්ගා ටොංගා හුන්ගා හාපයි දූපත ගැන ඔවුන් කළ අධ්‍යයනවල තොරතුරු, පෘථිවි හා ග්‍රහලෝක පිළිබඳ විද්‍යාඥයින්ගේ ලොව විශාලතම වාර්ෂික හමුව වන ඇමෙරිකානු භූ භෞතික සංගමය පවත්වන හමුවට ඉදිරිපත් කෙරේ. මේ දුපත ගොඩ නැගුනේ නිරිතදිග පැසිෆික් සාගරයේ ටොංගා දුපත් සමුහය අතර සාගරයේ ගිලී ඇති කිලෝමීටර 1.3 ක උසින් යුතු හුන්ගා යමහලෙනි. සමාන තොරතුරු: පැසිෆික් සාගරයේ ළදරු දිවයින ප්‍රංශ ප්ලේයඩීස් චන්ද්‍රිකාව මගින් ගන්නා ලද 2015 විදාරණයට පෙර හා පසු ඡායාරූප දූපත පිළිබඳ චන්ද්‍රිකා ආශ්‍රිත රූ සටහනක් : 2015 අප්‍රේල් (වම) සහ 2017 සැප්තැම්බර් (දකුණ) මේ නව භූ නිමැවුම දක්නට ලැබුනේ "සර්ට්සේයානු" විදාරණයකිනි. ඒ නම යෙදුනේ 1963 - 1967 අතර අයිස්ලන්තයට ඔබ්බෙන් උතුරු අත්ලාන්තික් සාගරයේ සර්ට්සේ නමින් හැඳින්වුණු දූපත ඊට බොහෝ සමාන වූ බැවිනි. මෙවැනි අවස්ථාවලදී ශීත මුහුදු ජලය සමග උණුසුම් මැග්මා එක්වීමෙන් අළු සහ පාෂාණ කොටස් ප්‍රබලව පුපුරායයි. මේ අනුව සාගර ජලය මතුපිට එක්රැස්වන කොටස් එකතුවී යමහල් අළුවලින් සැදි පාෂාණවලින් සමන්විත කේතුවක් සැකසේ. හුන්ගා ටොංගා හුන්ගා හාපයි (HTHH) සැලකීමේදී එය මීටර 100 වඩා වැඩි උසකින් යුතුවේ. එසේ වුවත් එය වැඩිකලක් පවතී යැයි විද්‍යාඥයෝ අපේක්ෂා නොකරති. සැඩ කුණාටු හේතුවෙන් කලකින් එය බිදී යනු ඇත. කෙසේවෙතත්, ඊට දශක කිහිපයක් ගතවිය හැකි අතර වඩා සුපැහැදිලි චන්ද්‍රිකා රූප භාවිතයෙන් එහි සෑම පියවරක්ම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති. ඇත්තෙන්ම, නුතන අභ්‍යවකාශ යුගයේදී මේ ආකාරයෙන් විදාරණය වූ පළමු දූපත මෙය වන අතර ක්ෂණිකව අතුරුදහන්ව නොයන්නකි. HTHH හි මුල් අවදිය මෙන්ම එහි විකාශනය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ දැකීමක් කක්ෂයේ සිට විද්‍යාඥයින් වෙත ගෙන දේ. "HTHH සමග කරන අධ්‍යයනයේදී අප අපේක්ෂා කරන එක් දෙයක්වන්නේ වෙනස් ගැඹුරු තත්ත්ව වලදී ජලය සමග සේදී යාමේ වේගයට සම්බන්ධ කිරීමයි." අචාර්ය ගාර්වින් බීබීසී සමග පැවසීය. "මේ දූපත එය සේදී යාමේ චක්‍රය තුළ පවතින ආකාරය කාලානුරුපව ඡායාරුපගත කිරීමකට යොමු කරනවා. අඟහරු මත තත්ත්වය සෙවීම සඳහා එවිට එය අපට කිසියම් ක්‍රමාවලියක් සපයාවි. සමහරවිට එය අපට පෙන්වාවි එම ග්‍රහයාගේ සමහර තැන්වල ජල මට්ටම මීටර දහයේ ප්‍රමාණවල සිට මීටර සිය ගණනක ගැඹුර තිබු බව. ඒ වගේම මෙවැනිම සේදී යාමකට සරිලන කාලයක් තිබූ බව පෙන්වාවි." යැයි ඔහු සඳහන් කළේය. ජලය සහ කාලය ජීවය සඳහා අවශ්‍යම කරුණුය. ඒ වගේම එය ශක්ති ප්‍රභවයක් මෙන්ම පෝෂක ද සපයයි. පෘථිවිය මත සමුද්‍රීය යමහල් විවරයකදී මේ සියලු තත්ත්ව හමුවේ. උණුසුම් පාෂාණ පැලුම් අතරින් ගලන ඛනිජවලින් පොහොසත් ජලය ආශ්‍රිතව ක්ෂුද්‍ර ජීවීන් ගොඩනැගේ. මෙවැනිම ආකාරයේ, අඟහරු ග්‍රහයාගේ අතීත ක්‍රියාකාරීත්වය පිළිබඳ සාක්ෂි විමසීම සඳහා විද්‍යාඥයින් චන්ද්‍රිකා යොමු කිරීම කෙරෙහි මෙය ද එක් හේතුවකි. (බීබීසී විද්‍යා තොරතුරු වාර්තාකරු ජොනතන් ඇමෝස් සකස් කළ වාර්තාවක් ඇසුරිනි)
පෘථිවියේ අලුත්ම භූමි උපත මෙය වන අතර අඟහරු ග්‍රහයා මත ජීවය පිළිබඳ සාක්‍ෂි සෙවිය යුත්තේ කොහිද යන්න සම්බන්ධයෙන් මෙය මග පෙන්වීමක් කරනු ඇතැයි විශ්වාස කෙරේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිනමා ශිල්පී ජූඩ් රත්නම් (Jude Ratnam) තමන්ම ප්‍රකාශ කරන ආකාරයට "ද්‍රෝහියෙකි". දෙමළ ජාතිකයෙකුවන ඔහු, ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදී විවිධ කුරිරු ක්‍රියාවල යෙදුන බවට LTTE සංවිධානයට චෝදනා කරයි. තමන්ට එසේ හැඟෙන්නේ කුමක් නිසාදැයි, බීබීසී ආසියානු ජාලයේ (BBC Asian Network) නලිනී සිවදාසන් (Nalini Sivathasan) සමග ඔහු විස්තර කළේය. "යුද්ධයේ අවසාන කාලය වනවිට, මට ඕන වුණේ LTTE එක පරාජය වෙනව දකින්න. මගේම ජාතියේ මිනිස්සු ඝාතනයවෙලා හරි මට ඒක අවසන් වෙනව දකින්න ඕන වුණා," රත්නම් පවසයි. සිංහල බහුතරයකින් සමන්විත ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් LTTE සංවිධානය පරාජයට කරනු ලබමින් 2009 දී යුද්ධය නිමාවට පත්විය. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තුව අනුව අවසන් ප්‍රහාරයේදී ප්‍රධාන වශයෙන් දෙමළ ජනතාව ද ඇතුළුව 40,000 ක පිරිසක් මරුමුවට පත්කරමින් එම ජයග්‍රහණය උදාකර ගනු ලැබුනේ විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි කරමිනි. යුද්ධය අවසන්වී දශකයකට ආසන්න වෙමින් පවතිද්දී, 100,000 ට වැඩි පිරිසක් ඝාතනය වූ වසර 26 ක ගැටුම පිළිබඳ ශ්‍රී ලංකාවේ සිනමාකරුවෝ නැවත අධ්‍යයනයක නිරතැවෙමින් සිටිති. නිර්මලන් නඩරාජා (Nirmalan Nadarajah) සහ ඥානදාස් කසිනතර් (Gnanadas Kasinathar) වැනි දෙමළ ජාතික අධ්‍යක්‍ෂවරු, සිවිල් වැසියන් ඉලක්ක කිරීම සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳ චෝදනා එල්ලකරමින් සියුම් ලෙස ශ්‍රී ලංකා රජය (ඔවුන්ගේ නිර්මාණවලදී) විවේචනය කළේය. නමුත් රත්නම් ඊට වඩා ඉදිරියට යයි. ඔහුගේ 'පාරාදීසයේ යක්‍ෂයෝ' (Demons in Paradise) චිත්‍රපටයත් සමග ඔහු, දෙමළ කොටි සංවිධානය ප්‍රසිද්ධියේ විවේචනය කරන පළමු චිත්‍රපට නිර්මාණකරුවා බවට පත්වේ. "තවත් චිත්‍රපට තිබුණා...ඒවායේ දෙමළ ජනතාව නිකම්ම වින්දිතයන් ලෙස නිරුපණය කරපු. එහෙත් එය ගැටුමකදී ඒක ප්‍රශ්න සහගතයි." මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලදී සහ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් දෙමළ කොටි සංවිධානය කුප්‍රකට නමුත් ශ්‍රී ලංකාවේ සහ ඉන් පිටත වෙසෙන බොහෝ දෙමළ ජනතාව ඔවුන් වීරයන් ලෙස සලකති. ඒ බොහෝ දෙනා කොටි සංවිධානය සැලකුවේ, 1956 දී සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව කරමින් පනවන ලද නීතිය ද ඇතුළු දෙමළ විරෝධී නීති පැනවූ ජාතිකවාදී ආණ්ඩු සහ සිංහල කලහකාරී ජනයාගෙන් තමන් ආරක්ෂා කරන එකම කණ්ඩායම ලෙසිනි. නමුත් තමන් ආරක්ෂා කළයුතුව තිබූ තමන්ගේම ජන වර්ගයට එරෙහි වඩාත් කෘරත්වය පළ කළේ කොටි කැරලිකරුවන් බව රත්නම්ගේ විශ්වාසයයි. දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් 1970 දී ඉස්මතු වූ දෙමළ ජාතිකවාදී කණ්ඩායම් දෙස චිත්‍රපටයේ අවධානය යොමුවේ. නමුත් එම කණ්ඩායම එකිනෙකා මරා ගන්නට වීමත් සමග දෙමළ කොටි සංවිධානය ජයග්‍රාහකයන් ලෙස ඉස්මතු විය. එක් සමූල ඝාතනයකදී, කොටි සංවිධානය ඔවුන් තමන්ගේ සතුරු ටෙලෝ (TELO) සංවිධානයේ සාමාජිකයන් සිය ගණනක් මරා දැමුවේය. කලින් ප්‍රතිවාදී දෙමළ සංවිධානයක සටන්කරුවෙකු වූ ඔහුගේ මාමා අනුගමනය කරන අතරවාරයේ රත්නම්ට ඔහුට කොටි සංවිධානය විවේචනය කරන්නන් හමුවිය. එක් දර්ශනයකදී පුද්ගලයෙක් කොටි සංවිධානයෙන් තමන්ට විඳින්නට වූ වධ හිංසා පිළිබඳ විස්තර කරයි. "මගේ තාත්ත නිදාගෙන ඉඳිද්දී ඔවුන් ඇඳ පිටින් ම අරගෙන ගියා. ඔවුන් ඉස්තිරික්කයක් යොදාගෙන ඔහුට වධ දුන්නා. ඔහුගේ පිටුපසට ඉස්තිරික්කය තැබුවා. ඉඳිකටුවලින් ඔහුගේ ඇස හෑරුවා. ඔවුන් ගොඩක් දෙනාට ඒ වගේ වධ දුන්නා." බෙදුණු ප්‍රතිචාරය 2017 වසරේ ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ (Cannes Films Festival) මුලින්ම තිරගත වීමත් සමග 'පාරාදීසයේ යක්‍ෂයෝ' චිත්‍රපටයට විශාල විචාරක පිළිගැනීමක් ලැබිණි. ශ්‍රී ලංකාවේ සිංහල ආධිපත්‍යය සහිත මාධ්‍ය ද චිත්‍රපටය වර්ණනා කළේය. "ශ්‍රී ලාංකිකයෙක්, ශ්‍රී ලංකාව පිළිබඳ කරන ලද ඉතාමත් අවංක, ධෛර්යසම්පන්න සහ වැදගත් කලා නිර්මාණයක්," යනුවෙන් ද ඩේලි මිරර් (The Daily Mirror) පුවත්පත එය හඳුන්වා දී තිබිණ. කොටි සංවිධානයේ බොහෝ නායකයන් 2009 දී මරා දමනු ලැබුණ බැවින් පාරාදීසයේ යක්‍ෂයෝ චිත්‍රපටයේ නැගෙන චෝදනාවලට ඔවුන්ගේ ප්‍රතිචාරය ප්‍රේක්ෂකයන්ට කිසි දින දැනගැනීමට නොහැකිවනු ඇත. කෙසේ වෙතත් පුළුල් දෙමළ ජන සමාජය තුළින් චිත්‍රපටය කෙරෙහි එල්ලවූයේ කෝපයකි. දෙමළ අනන්‍යතාව පිළිබඳ විශේෂඥයෙක්වන නොර්වේ හි පදිංචි අතිතන් ජයපාලන් (Athithan Jayapalan), කොටි සංවිධානය අපරාධ සිදුකළ බව ප්‍රතික්ෂේප නොකරයි. කෙසේ වුවත් චිත්‍රපටය මගින් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ගැන නොදැනුවත් අන්තර්ජාතික ප්‍රේක්ෂකයා නොමග යැවිය හැකි බව ඔහුගේ අදහසය. "මේ හැම වෙලාවකම ශ්‍රී ලංකාව ලෝක අවධානයෙන් ගැලවුණා, දැන් මේ චිත්‍රපටයත් ඇවිත් ... ශ්‍රී ලංකා රාජ්‍යය කෝ? ඒක චිත්‍රයෙන් එළියේ තියෙන්නේ." ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කරන ලද අපරාධ කොටි සංවිධානය කළ අපරාධවලට වඩා බෙහෙවින් බරපතල බව ජයපාලන් විශ්වාස කරයි. දෙමළ ඩයස්පෝරාවට අනතුරු ඇඟවීම දෙමළ ජන සමාජයට, විශේෂයෙන්ම වෙනත් රටවල වෙසෙමින් කොටි සංවිධානය පිළිබඳ සිහින දකින දෙමළ ජනතාවට අනතුරු ඇඟවීම සිය අභිලාශය බව රත්නම් පවසයි. නමුත් ශ්‍රී ලංකාවේ වෙසෙන මානව හිමිකම් නිතීඥ මතුරි තමිල්මරන් (Mathuri Thamilmaran) ඒ අදහස සමග එකඟ නොවේ. ඇය 'පාරාදීසයේ යක්‍ෂයෝ' නැරඹුවේ කොළඹදීය. චිත්‍රපටය දෙමළ ජනතාව වෙසෙන රටේ අනෙකුත් ප්‍රදේශවල තිරගත කිරීමට රැගෙනයාමෙන් වැලකී සිටින්නේ මන්දැයි ඇය රත්නම්ගෙන් ප්‍රශ්න කරයි. "දෙමළ ජනතාව පිළිබඳව මේ චිත්‍රපටය දෙමළ ජනතාවට නොපෙන්වීම හාස්‍යජනකයි. මට ඒ ගැන සැකයි." තුවාල සනීප වේවිද? පසුගිය දශකයේදී, ඡායාමාත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවට නැවත සාමය උදාවිය. නමුත්, ශ්‍රී ලංකාව තවදුරටත් ජනවර්ග මත බෙහෙවින් බෙදී සිටින බවට 'පාරාදීසයේ යක්‍ෂයෝ' චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර තවත් උදාහරණයකි. පෙරලා කරන පහරදීම් සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන නමුත් සිය සිනමා නිර්මාණය ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ ජනතාව අතර සහජීවනයක් ඇති කිරීමට උපකාර වනු ඇතැයි ජූඩ් රත්නම් උදක්ම කියා සිටියි. තවත් පුවත්:
( අවවාදයයි: ඔබේ සිත් කැළඹවිය හැකි ආකාරයේ තොරතුරු මෙහි අඩංගුවේ. )
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආණ්ඩුවේ කෙටි පණිවුඩය මගින් නීතිය අතට ගැනීමට ජනතාව පෙළඹවීමට ඉඩ තිබෙන බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ බිය පළකරති එවැනි පණිවුඩ ප්‍රසිද්ධියේ හුවමාරු කරගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ආණ්ඩුවේ පාලනය යටතේ පවතින විදුලි සංදේශ අධිකාරිය විසින් යවන ලද කෙටි පණිවුඩයේ සඳහන් වේ. එවැනි පණිවුඩ හුවමාරුවන අවස්ථාවල එයට එරෙහිව නීතිමය පියවර ගැනීම පිණිස තමන්ට දැනුම් දෙන මෙන් ද ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ ඉස්ලාම් දහමට අපහාස කිරීම මරණ දඬුවම ලැබිය හැකි වරදකි. ආණ්ඩුවේ මෙම කෙටි පණිවුඩය මගින් නීතිය අතට ගැනීමට ජනතාව පෙළඹවීමට ඉඩ තිබෙන බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ බිය පළකරති. ඝාතනයක් මුස්ලිම් පූජකයන්ගේ පෙළඹවීම් මත කල්ලි ගැසුණු පිරිස් විසින් පුද්ගල ඝාතන සිදු කරනු ලැබීම පාකිස්තානයේ බොහෝ විට දක්නට ලැබෙන්නකි. ඉස්ලාම් දහමට නිගරු කළ බවට චෝදනා ලැබූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු, පසුගිය අප්‍රේල් මාසයේ එම විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යයන් විසින් මරා දමනු ලැබීමෙන් අනතුරුව විශ්ව විද්‍යාලය වසා දැමීමට සිදුවිය. උතුරු පාකිස්තානයේ මර්දාන් නගරයේ පිහිටි එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් පිරිසක් අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණි.
දෙවියන් වහන්සේට අපහාසවන ආකාරයේ කිසිදු අදහසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු කර නොගන්නා මෙන් අනතුරු අඟවමින් පාකිස්තාන ආණ්ඩුව දස ලක්ෂ සංඛ්‍යාත රටවැසියන්ට කෙටි පණිවුඩ යවා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එරටින් දිනකදී වාර්තා වන කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 150,000 ඉක්මවා ඇත. ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ එරට දෛනික රෝගීන් සංඛ්‍යාව 20,000 අඩු සංඛ්‍යාවක් දක්වා පහත වැටී තිබිණි. සාපේක්ෂ වශයෙන් රෝගීන් අඩුවෙන් වාර්තා වූ ඉන්දියාව සෞඛ්‍ය අර්බුදයක් දෙසට තල්ලු වූයේ කෙසේද? වැඩි විස්තර සඳහා ඉහත වීඩියෝව නරඹන්න මේ ගැනත් කියවන්න:
පසුගිය සති කීපයේ සිට ඉන්දියාවෙන් වාර්තාවන දෛනික රෝගීන් සංඛ්‍යාවේ තීව්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉපැරණි නැටුෆියානු පුද්ගලයන්ගේ ආහාර ගැන සාක්ෂි සොයන අතරතුර තිරිඟු සහ බාර්ලිවලින් සාදන ලද මෙම මත්පැන් වර්ගයේ අවශේෂ හමු වී තිබේ සංචාරක දඩයම්කරුවන් භූමදානය කරන ලද ප්‍රදේශයක අධ්‍යන කටයුතුවල යෙදෙන අතරතුර මෙම ස්කාගාරය සොයාගෙන තිබේ. මින් පෙර හමුවූ සාක්ෂි අනුව බීර නිෂ්පාදනය වසර 5,000ක් පැරණි යැයි සඳහන් කර තිබුණත්, නවතම සොයා ගැනීමත් සමග එයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව පෙනී යයි. පාන් නිෂ්පාදන ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස බීර සාදන ලදැයි පෙර එළැඹ තිබූ නිගමන ද මෙම සොයාගැනීමත් සමග වෙනස් වනු ඇත. කෙසේනමුත්, ප්‍රථමයෙන් නිෂ්පාදනය කරන ලද්දේ පාන් ද බීර ද යන්න පැහැදිලි නැති බව ගවේෂකයෝ පවසති. මළ ගිය ඇත්තන් සිහි කරමින් ඔවුන්ට ගෞරව දැක්වීම සඳහා කෙරෙන චාරිත්‍ර වෙනුවෙන් පැරැන්නෝ බීර නිෂ්පාදනය කර ඇති බව පසුගිය ඔක්තෝබර් මස පළවූ 'Journal of Archaeological Science: Reports' නම් පුරාවිද්‍යාත්මක සඟරාවේ සඳහන් වුණි. "මිනිසුන් විසින් නිෂ්පාදනය කරන ලද, ලොව මෙතෙක් හමුවූ පැරණිතම මත්පැන් බවට මෙය පත්වෙනවා" යැයි ගවේෂකයන් කණ්ඩායම මෙහෙයවූ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලි ලියූ (Li Liu) ස්ටැන්ෆර්ඩ් පුවත් සේවයට පැවසීය. මේ තොරතුරුද කියවන්න: පැලියෝලිතික හා නියෝලිතික යුග අතර නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ ජීවත් වූ ඉපැරණි නැටුෆියානු පුද්ගලයන්ගේ ආහාර ගැන සාක්ෂි සොයන අතරතුර තිරිඟු සහ බාර්ලිවලින් සාදන ලද මෙම මත්පැන් වර්ගයේ අවශේෂ හමුවූ බව ලි ලියූ පැවසුවාය. ලෙන් පොළොව තුළ කොටා තිබූ සෙන්ටිමීටර 60ක් දක්වා ගැඹුරින් යුතු ගල් වංගෙඩි තුළ තිබී මෙම අවශේෂ හමු වී ඇත. පැලෑටිවර්ග ඇතුළු ආහාර ගබඩා කිරීමට, කෙටීමට සහ පිසීමට මෙම ගල් වංගෙඩි භාවිත කර තිබේ. උතුරු ඊශ්‍රායලය කාමෙල් කඳුවැටියේ, රැඛෆෙත් (Raqefet) ලෙන තුළ මෙම ගල් වංගෙඩි දැකිය හැකිය වර්තමානයේ ඇති බීරවලට වඩා වෙනස් වූ පැරණි බීර, තලපයක් ලෙස හෝ කැඳ ලෙස තිබී ඇත. ඔවුන්ට හමුවූ අවශේෂ සමග සංසන්දනය කිරීමේ අරමුණින් ගවේෂකයෝ පැරණි බීර නැවත සෑදීමට කටයුතු කර තිබූහ. එය සෑදීමට අවශ්‍ය මෝල්ට් ලබාගැනීම සඳහා ධාන්‍ය වගා කර, එයින් සාදා ගත් තලපය රත් කර, පසුව ඊස්ට් දමා පැසෙන්නට තැබූ බව අධ්‍යන වාර්තාවේ සඳහන් වේ. තවත් තොරතුරු:
ඊශ්‍රායලයේ හයිෆා නගරය ආසන්නයේ ඉපැරණි ලෙනක් තුළින් වසර 13,000ක් පැරණි බීරවල අවශේෂ හමුවී තිබෙන අතර, එය ලෝකයේ පැරණිතම ස්කාගාරය විය හැකි බව ගවේෂකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"දැන් ඉන්න තරුණයො රා බොන්න උනන්දු නැහැ. ඒ අය අලුත් විදිහෙ මත්පැන්වලට හුරු වෙලා'' රා මදින්නන් හිඟකම හේතුවෙන් ඉල්ලුමට සරිලන රා සැපයුමක් පවත්වා ගැනීමට තමන්ට නොහැකි වී ඇති බවයි යාපනයේ සංචාරය කළ මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දුට රා හල් හිමියන් පවසා ඇත්තේ. සමස්ත ශ්‍රී ලංකාවටම පොදු කර්මාන්තයක් වූ තල්, කිතුල් හා පොල් රා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාම්ප්‍රදායික උරුමයකි. "දැන් ඉන්න තරුණයො රා බොන්න උනන්දු නැහැ. ඒ අය අලුත් විදිහෙ මත්පැන්වලට හුරු වෙලා. ඒ ගැන එයාලට එහෙම දොස් කියන්නත් බෑ. මොකද අපි ලියාපදිංචි රා නිෂ්පාදනය කරන්නන් වෙලා අපේ දරුවන් මේකට සම්බන්ධ වෙන්නෙ නැහැ. ඒකත් මේ අභියෝගවලට තවත් හේතුවක්." ගුරු නගර් රා හලේ හිමිකරු පැවැසූ බවයි ශිවන්ති ප්‍රනාන්දු සංදේශයට වාර්තා කළේ. රා යනු එක් අතකින් මත්පැන් වර්ගයක් වශයෙන් හැඳින්වුවද දේශීය විදේශීය මත්පැන් හා රා අතර වෙනස හැදෙන්නේ මෙසේයි. රා යනු ස්වභාවිකවම නිපදවනු ලබන්නකි. රා-වල බොහෝ කොටස් විවිධාකාරයෙන් ඖෂධ වශයෙන්ද ආහාරමය වශයෙන්ද භාවිතයට ගැනේ. මත්භාවය සිහිබුද්ධිය සිඳෙන තරමට අවදානමක්ද නැත. 'අවදානමක් නැහැ' මීට වසර තුනකට පමණ පෙර සන්ධාන ආණ්ඩු කාලයේදී සංඛ්‍යා ලේඛනවලට අනුව යාපනයේ ජනගහනය මෙන් පහළොස් ගුණයක ජනතාවක් මත්පැන් භාවිතයට පෙළඹී සිටි බවයි මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු කියා සිටියේ රා හැඳින්වෙන්නේ ස්වභාවිකව නිෂ්පාදනය කෙරෙන මත්පන් වර්ගයක් වශයෙනි. යාපනය ඇතුළු උතුරුකරයේ අනන්‍යතාවක් වශයෙන් හැඳින්වෙන තල් ගස යනු එම ප්‍රදේශ පෝෂණය කරන කප් රුකක් බවයි එම ප්‍රදේශවල ජනතාව පවසන්නේ. යම් ආකාරයක 'කෝපි කඩ' සංස්කෘතියක් රා-හල්වල පවතින අතර දුවා දරුවන්ගේ තොරතුරු, දේශපාලන කරුණු යනාදී සියල්ල කියවන්නට ලැබෙන පුවත් ඒජන්සියක් වශයෙනුත් 'රා-හල්' හැඳින්විය හැකි බවයි මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු කියා සිටියේ. මීට වසර තුනකට පමණ පෙර සන්ධාන ආණ්ඩු කාලයේදී සංඛ්‍යා ලේඛනවලට අනුව යාපනයේ ජනගහනය මෙන් පහළොස් ගුණයක ජනතාව මත්පැන් භාවිතයට පෙළඹී සිටින නමුත් ඒ රාවලින් තොරව වන අතර ආණ්ඩු මාරු වූවාට යාපනයේ මත්පැන් ප්‍රවර්ධනය කෙතරම් සාර්ථකව සිදු වන්නේද යන්න සනාථ කරන්නේ ඒ ආශ්‍රිත රාත්‍රී අවන්හල් සංස්කෘතිය වන බවයි බවයි ඇය පවසන්නේ. යාපනයේ තල් රා ප්‍රවර්ධනය හා ඒ ආශ්‍රිත නව නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් විමසීමට යාපනය තල් සංවර්ධන මණ්ඩල වගකිව යුත්තන් සම්බන්ධ කර ගැනීමට නොහැකි තරමට ඔවුහු කාර්යබහුල වී සිටින බවද පැවසූ මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු තල් ප්‍රවර්ධනය පිළිබඳව බොහෝ සැකසුම් ජනතාව හමුවේ තැබුවද රා කර්මාන්තය සම්බන්ධයෙන් ඔවුන් නිරුත්තර බව පැවසුවාය. බලධාරීන්ගේ අවධානය දුවා දරුවන්ගේ තොරතුරු, දේශපාලන කරුණු යනාදී සියල්ල කියවන්නට ලැබෙන පුවත් ඒජන්සියක් වශයෙනුත් 'රා-හල්' හැඳින්විය හැකිය මේ සඳහා නව වැඩසටහන් අරඹන බව කියූවත් එකී කාරණා ආරම්භ කිරීමට තවත් කොතෙක් කාලයක් ගත වේද යන්න අනුමාන කළ නොහැක්කේ මීට වසර 04කට පෙරදී යාපනය තල් සංවර්ධන මණ්ඩලය අප වෙත ලබා දුන් පිළිතිරු තවමත් අජීවී ඒවා වීම හේතුවෙන් බව ඇය පවසන්නීය. රටේ ආර්ථිකය ඉහළ දැමීම ගැන සාකච්ඡා කරන විට තල් වගාව යනු ඒ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයක් කළ හැකි කර්මාන්තයක් වන අතර තල් අරක්කු සහ රා බෝතල් කිරීම ඉනුදු ප්‍රමුඛ කර්මාන්ත වනවා මෙන්ම පැසුණු තල් රා යනු තල් අරක්කු නිෂ්පාදනයට කදිම ලෙස ගැලපෙන්නක් බවයි මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු පවසන්නේ. යාපනය තුළ තල් අරක්කු ස්කාගාර තුනක් මේ වන විට වෙළඳපොළ පවත්වාගෙන යන හෙයින් යාපනය තල් අරක්කුවලට විදේශීය හා සංචාරක වෙළඳපොළක් නිර්මාණය කිරීම නිසැකවම කළ හැකි දෙයක්ය යන්න අවිවාදිත තත්ත්වයක් වන්නේ මේ වන විට යාපනයේ තරු හෝටල්වල ප්‍රවර්ධනයටද තල් රා අත්‍යාවශ්‍ය සාධකයක් වීම හේතුවෙන් බවයි ඇය අදහස් කරන්නෙ.
යාපනය මුල් කර ගත් උතුරු පළාතේ නාගරික ග්‍රාමීය ප්‍රදේශවල සාම්ප්‍රදායික කර්මාන්තයක්ව තිබු සිය කර්මාන්තය රජයේ නිසි සහයෝගයක් නැතිකමෙන් අඩාල වෙමින් පවතින බව රා කර්මාන්තකරුවෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශ සීමාව නගරාධිපතිවරයා එම ඉල්ලීම සිදු කළේ ඇමරිකාව සහ අසල්වැසි මෙක්සිකෝව අතර දේශ සීමාව වෙන් කරමින් තාප්පයක් බැඳීම සඳහාවන සැලසුම පිළිබඳ අදහස් දක්වමිනි. එවැනි බෙදීමක් "වහල්භාවයට සහ වේදනාවට" හේතු විය හැකි බවට අනතුරු අඟවන නගරාධිපති මයිකල් මුලර් ඒ හරහා "දසලක්ෂ ගණනක ගේ ජීවිත විනාශ විය හැකි" බව පෙන්වා දුණි. 1961 වසරේ සිට 1989 දක්වා වූ කාල සීමාව තුළ ජර්මනියේ බර්ලින් නගරය තාප්පයකින් වෙන් වී පැවතිණි. බර්ලින් තාප්පය (1986 වසරේ ගනු ලැබූ ඡායාරූපයක්) දෙරට දේශ සීමා අතර තාප්පයක් බැඳීම මුල් කරගනිමින් මතු වී තිබෙන මතභේද සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙක්සිකෝවේ ජනාධිපති එන්රික් පේනා නියෙටෝ එකඟතාව පළ කළහ. අසල්වැසි මෙක්සිකෝව අතර වූ දේශ සීමාව වෙන් කරමින් තාප්පයක් බැඳීම ජනාධිපති ට්‍රම්ප් විසින් ලබා දෙනු ලැබූ ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතරින් එකකි. එම තාප්පය බැඳීම සඳහා මෙක්සිකෝව මුදල් ලබා නොදෙන බව එරට ජනාධිපතිවරයා දිගින් දිගටම අවධාරණය කළේය.
"හුදකලා මාර්ගයක ගමන් නොකරන" ලෙස බර්ලිනයේ නගරාධිපති මයිකල් මුලර් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රදර්ශණය කළ දිරියට සහ නායකත්වයට තම ආචාරය පිරිනමන බවද නීතිවේදීහු පවසති අගවිනිසුරුවරියට එරෙහි සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය නීතිවිරෝධී බව පවසන නීතිවේදී එකමුතුව, අගවිනිසුරුවරිය පදවියෙන් පහකිරීම "අධිකරණ ස්වාධීනත්වයේ, නීතියේ ආධිපත්‍යයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනමටම" එල්ල වූ බරපතල අතුල් පහරක් බව ද පවසයි. පදවියෙන් පහකිරීමේ නියෝගය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට ලැබී තිබෙන බව නීතිවේදී එකමුතුව සනාථ කරයි. 'අගවිනිසුරු කල් ඉල්ලුවේ නෑ' කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැති බවයි, ඇගේ නීතිවේදී කන්දයියා නීලකන්ඩන් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ. සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමයේදී අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රදර්ශණය කළ දිරියට සහ නායකත්වයට තම ආචාරය පිරිනමන බවද නීතිවේදීහු පවසති. මේ අතර ලබන අප්‍රේල් මාසය දක්වා පදවියේ රැඳී සිටීම සඳහා අවසර දෙන මෙන් අගවිනිසුරුවරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවට ඉරිදා ලංකාදීප පුවත්පතේ පළකොට තිබෙන පුවතක් පිළිබඳව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ගේ නීතිවේදීන් එම පුවත තරයේ ප්‍රතික්ෂේප කොට තිබේ. එය "සත්‍යයෙන් තොර, සාවද්‍ය සහ පාඨකයන් නොමඟ යවන සුළු" පුවතක් ලෙසින් හඳුන්වාදෙන එවැනි පුවතක් පළ කිරීමට පෙර පුවත්පත විසින් තමන් ඇමතිය යුතුව තිබූ බව ද පෙන්වා දෙති. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහකිරීමේ නියෝගයට අත්සන් තැබූ ජනාධිපති මහින්ද රාජපක්ෂ එම නියෝගය අගවිනිසුරුවරියට භාර දී ඇති නමුත්, ඇය තවමත් ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරිය බව නීතිවේදීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සායන හිඟවීම හේතුවෙන් මුලදී නිවස ආසන්නයේම රෝගීන්ට ප්‍රතිකාර කළ නොහැකිවීම සුවය ලැබූවන් යළි නිවසට රැගෙන නොයාමට එක් ප්‍රධාන හේතුවකි ප්‍රධාන කරුණු කිහිපයක් හේතුවෙන් ඥාතීන් ඔවුන් යළි සිය නිවාසවලට රැගෙන යාමට මැලිකමක් දක්වන බව අංගොඩ මානසික රෝහලේ, මානසික රෝග පිළිබඳ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් බීබීසී සිංහල සේවයට පැවසීය. විශේෂයෙන්ම අංගොඩ සහ මුල්ලේරියාව මානසික රෝහල් දෙකේ මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ වූයේ ඔවුන් යළි සමාජගත කිරීම පිළිබඳව සලකා බැලීමෙන් තොරව බව පෙන්වාදෙන විශේෂඥ වෛද්‍යවරයා, එබැවින් දුර බැහැර ප්‍රදේශවල සිට රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔවුන් සිය සමාජයෙන් ගිලිහුණු බවත් සඳහන් කළේය. (සාකච්ඡාව ඇතුළත් බීබීසී සංදේශය) විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් පෙන්වාදෙන පරිදි සුවය ලැබූ රෝගීන් යළි නිවසට රැගෙන නොයාමට තුඩු දෙන අනෙක් ප්‍රධාන කරුණු අතර: "කියන්න සන්තෝසයි, ඉස්සරහට වඩා දැන් ආකල්ප ගොඩක් වෙනස්වෙලා" එහි ප්‍රතිඵලයක් වශයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස වැයවන රජයේ මුදල් සුවය ලැබූ පුද්ගලයන් රැකබලා ගැනීම පිණිස වැය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදු වී තිබේ. "පිටරට වගේ නම් සමාජ සේවා අමාත්‍යාංශය විසින් තමයි මේගොල්ලන්ව රැක බලා ගන්නේ. ඒත් ලංකාවේ මේගොල්ලන්වත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රැක බලාගන්නවා," විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් පැවසීය. "පිටරට වගේ නම් සමාජ සේවා අමාත්‍යාංශය විසින් තමයි මේගොල්ලන්ව රැක බලා ගන්නේ" මානසික රෝගීන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සමාජයේ ප්‍රබල ආකල්පමය වෙනසක් සිදුවෙමින් පවතින නමුත්, රෝගයෙන් සුවය ලැබුවත් විශේෂයෙන්ම රැකියා වෙළඳපොලේ පවතින තරගකාරී වාතාවරණය හේතුවෙන් ඔවුන්ට ඒ තරගයට මුහුණදීමට අසීරුවීම ඔවුන් යළි නිවසට කැඳවාගෙන යාමේදී ඥාතීන් මුහුණදෙන තවත් ප්‍රධාන ගැටලුවකි. අනෙක් අතට ඔවුන් වෙනුවෙන් පුනරුත්ථාපන ක්‍රියාදාමයක් දියත්කර, අපහසුවෙන් හෝ ඔවුන් යළිත් සමාජගත කිරීම ඔවුන් තුළ ඉතිරිව පවතින රෝග ලක්ෂණවලින් (Residual Symptoms) සුවය ලැබීමට රුකුලක් විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. (බීබීසී සංදේශයට සවන්දෙන්න)
මානසික රෝගාබාධවලින් පෙලී, ප්‍රතිකාර ලබා, පූර්ණ සුවය ලැබූ 600 කට ආසන්න පිරිසක් තවමත් රෝහල්ගතව සිටින බව වෛද්‍යවරු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජාතික සංඝ සම්මේලනය ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය හලාවත,මුන්නේෂ්වරම් ‘කාලි’ දේවාලයේ වාර්ෂික සත්ව බිලි පූජාව තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි. එම තීන්දුව බල රහිත කරන මෙන් ඉල්ලමින් ‘කාලි’ දේවාලය මගින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් විභාගයට කැඳ වූ අවස්ථාවේයි, අග විනිසුරු මොහාන් පීරිස් සිය අදහස ප්‍රකාශයට පත් කළේ. එහෙත් ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක පස්සරමුල්ලේ දයාවංශ හිමියන් පවසන්නේ, බලපත්‍රයක් යටතේ හෝ සත්ව ඝාතන සිදු කිරීමට අනුමැතිය දීමපිළිබඳ ව තමන් විරුද්ධ වන බවයි. මුන්නේශ්වරම් කාලි කෝවිල. “ සත්ව ඝාතනය අපි අනුමත කරන්නේ නැහැ. බලපත්‍රයක් යටතේ සිදු කරන සත්ව ඝාතන වලට වුනත් අපි විරුද්ධයි. මීළඟ නඩු දිනයේ අපි අපේ විරෝධය අධිකරණය හමුවේ ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා” පස්සරමුල්ලේ දයාවංශ හිමියෝ පවසති. කාලි දේවාලයේ එකඟතාව මුන්නේෂ්වරම් ‘කාලි’ දේවාලය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අදාළ පෙත්සම කැඳ වූ අවස්ථාවේ අධිකරණයට කරුණු දක්වමින් අවශ්‍ය අවසර පත්‍රයක් ලබා ගනිමින් ‘සත්ව හිංසා පනත උල්ලංඝනය නොවන ආකාරයට’ සත්ව බිලි පූජා පැවැත්වීමට තම එකඟතාවය පළ කරන බව’ කියා සිටියේය. එහෙත් ජාතික සංඝ සම්මේලනය ඇතුළු පාර්ශව කීපයක් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කියා සිටියේ එම යෝජනාවට ඔවුන් විරුද්ධ බවයි. එම අවස්ථාවේ අගවිනිසුරුවරයා කරුණු දක්වමින්, සත්ව හිංසා පනත උල්ලංඝනය නොවන ආකාරයට නිසි බලපත්‍රයක් ලබාගෙන බිලි පූජා පැවැත්වීම නීති විරෝධී නොවන බවයි කියා සිටියේ. ඒ අනුව අදාළ නඩු විභාගය ලබන විසිඑක් වෙනි දින තෙක් කල් දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත කී යෝජනා හොඳින් අධ්‍යයනය කර එදින අධිකරණය හමුවේ කරනු දක්වන මෙන් වගඋත්තරකාර පාර්ශවයේ නීතිවේදීන්ට නියම කළේය.
නිසි බලපත්‍රයක් ලබාගැනීමෙන් පසුව සත්ව බිලි පූජා පැවැත්වීමට ඉඩ දිය හැකි බව අග විනිසුරු මොහාන් පීරිස් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇය ක්‍රීඩා කළ තරඟයක් නැරඹීමට පැමිණි ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා තරු ගැන කළ විමසීමකදීයි, මරියා ෂරාපෝවා එම ප්‍රකාශය කර තිබෙන්නේ. පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ඉතා හොඳ ක්‍රීඩකයෙකු බව කියා සිටි මරියා ෂරපෝවා, 'ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ නම් තැබූ සචින් තෙන්ඩුල්කාර් ද ඔබේ තරඟය නැරඹුවා නේදැයි' මාධ්‍යවේදියා විමසූ විට 'සචින් කියන්නේ කවූදැයි' පෙරලා ප්‍රශ්න කළාය. සචින් තෙන්ඩුල්කාර් ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව ෂරපෝවා දැන නොසිටි අතර ඇයගේ ප්‍රකාශය අන්තර්ජාලයේ 'ට්විටර්' මෙන්ම 'ෆේස්බුක්' වෙබ් අඩවියේ ද ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර මහත් කැළඹීමක් ඇති කිරීමට සමත් විය. ඉන්දීය ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ කෝපය පළ කළේ ට්විටර් වෙබ් අඩවියෙහි 'මරියා ෂරපෝවා කියන්නේ කවුද?” ආදී ප්‍රශ්න පළ කරමිනි. ඔවුහු ෂරපෝවාගේ ෆේස්බුක් පිටුවේත් සචින් තෙන්ඩුල්කාර්ගේ නම සඳහන් කරමින් විවිධ අදහස් පළ කර ඇත.
'විම්බල්ඩන්' තරඟාවලියේ මාධ්‍ය හමුවක දී ලෝක ටෙනිස් ක්‍රීඩා ශූරියක වන මරියා ෂරාපෝවා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට්ලෝලීහු කැළඹීමට පත්ව සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරය එල්ල කළ ඇතා මරා දමන ලද බව වනෝද්‍යානයේ කළමණාකරු පවසයි සාරා බ්රූක් නම් බ්‍රිතාන්‍ය ගුරුවරිය මෝටර් රථයකින් වනෝද්‍යානය තුළ සැරිසරමින් සිටියදීයි ඇත් ප්‍රහාරයට ගොදුරු වුණේ. ඇත් දළය මෝටර් රථයේ බඳ සිදුරුන කරමින් සාරා බ්රූක් ගුරුවරියගේ පාදයක වැදීමෙන් ඇය තුවාල ලද අතර ඇයට රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වූ බවත් වාර්තා වෙයි. සාරා බ්රූක් ගමන් ගත් රිය පසුපසින් ධාවනය වෙමින් තිබුණ වෙනත් වාහනයක ගමන් ගනිමින් සිටි පිරිසක් ඇත් ප්‍රහාරය වීඩියෝ ගත කරනු ලැබ “යූ ටියුබ්” අන්තර් ජාල වෙබ් අඩවියේ පළ කරනු ලැබ තිබෙනවා. කෲගර් ජාතික වනෝද්‍යානයේ කළමණාකරු, විලියම් මබාසා පවසන්නේ ප්‍රහාරය එල්ල කළ ඇතා මරා දමන ලද බවයි.
දකුණු අප්‍රිකාවේ 'කෲගර්' ජාතික වනෝද්‍යානයේ දී ඇතකුගේ ප්‍රහාරයකට ලක් වූ බ්‍රිතාන්‍ය කාන්තාවක් ජීවිතය බේරා ගත්තේ යාන්තමින්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙය රජයේ වියදමින් මුද්‍රණය වන සඟරාවක් වන අතර හර්යානා ප්‍රාන්තය තුළ ගව මස් වෙළඳාම හෝ අනුභවය නීතියෙන් තහනම් වේ. මේ අතර තුර දිල්ලියේ තිරගත වීමට නියමිතව තිබු වාර්තා චිත්‍රපටයක් අත්හිටුවීමට ද රජය බලපෑම් කළ බව දිල්ලි ශිෂ්‍ය සිනමා උළෙලේ සංවිධායකයෝ පවසති. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ මාංශ වෙළඳාමේ යෙදෙන්නන් ගේ කුළය පිලිබඳ කතාවකි. ගව ඝාතනයේ යෙදුණු බවට සැක පිට මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු මෑතකදී පහර දී මරා දැමීමත් සමග ඉන්දීය දේශපාලනය තුළ ගව මස් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ. බිලියන එකයි දශම දෙකක් වන ඉන්දීය ජන ගහනයෙන් සියයට අසූවක් වන හින්දු භක්තිකයෝ ගවයා දේවත්වයට සබඳකම් දක්වන සත්වයකු ලෙස සලකති. ගව මස් වෙළඳාම හෝ පරිභෝජනය ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල තහනම් වන අතර බොහෝ විට ඉන්දියාව තුළ වෙළඳාම් කෙරෙන්නේ මී ගව මස්. මී ගවයා දේවත්වයට සම්බන්ධ සත්වයකු ලෙස සලකනු නොලැබීම ඊට හේතු වී ඇති බව වාර්තාකරුවෝ පවසති. ගව ඝාතනය, වෙළඳාම සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින නීති රීති දැඩි කිරීමට වර්තමාන ඉන්දීය හින්දු දක්ෂිණාංශික ආණ්ඩුව කටයුතු කළේය.
ගව මස්වල පෝෂණ ගුණය පිළිබඳව ලිපියක් පළ කිරීමේ වරදට ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍රකාශයට පත් වන සඟරාවක කර්තෘවරයාගේ වැඩ තහනම් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'කැන්ගරු' ක්‍රිකට් ඉතිහාසයේ එවැනි පියවරක් ගන්නා ලද පළමු අවස්ථාව මෙය වේ. 'ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මාතෘ නිවාඩු සැලසුම' පසුගිය ජූලි පළමුවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාවට නංවා ඇත. එම සැලැස්ම අනුව ප්‍රාන්ත සහ ජාතික මට්ටමේ මෙන්ම 'බිග් බෑෂ්' කොන්ත්‍රාත්තු සහිත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වැටුප් සහිත මාස දොළහක නිවාඩුවක් ලැබේ. තමා විසින්ම ප්‍රසූත කරන ලද දරුවන් වෙනුවෙන් මෙන්ම හදාවඩා ගැනීම සඳහා ලබාගත් දරුවකු වෙනුවෙන් ද වැටුප් සහිත එම "දෙමාපිය නිවාඩුව" ලැබෙනු ඇත. මෙම වැඩ පිළිවෙලේ තවත් විශේෂ ප්‍රතිලාභයක් වන්නේ, කොන්ත්‍රාත්තුවක් සහිත ක්‍රිකට් ක්‍රීඩිකාවක් ගැබ්ගත් විට හෝ හදාවඩා ගැනීමට දරුවකු ලබාගත් අවස්ථාවක ඇයගේ සහකරුට හෝ සහකාරියට ද සුමාන තුනක වැටුප් සහිත නිවාඩුවක් පිරිනැමීමය. ඉහත කී සැලැස්ම අනුව එම වසරක මාතෘ නිවාඩුව අවසන් වීමෙන් අනතුරුව, ඊළඟ වසරේ පටන් ඔවුන්ගේ ක්‍රීඩා කොන්ත්‍රාත්තු යළි බලපැවැත්වේ. ක්‍රීඩිකාවන්ගේ මාතෘ නිවාඩු ව්‍යාපෘතියට අදාළ දෙවසරක සාකච්ඡාවලින් අනතුරුව පැවති හමුවක් එපරිද්දෙන් කොන්ත්‍රාත්තු යළි බල ගැන්වීමට අමතරව, දරුවාට වසර හතරක් වනතෙක් වෙනත් ප්‍රතිලාභ රැසක් ද ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට හිමිවෙන බව නව වැඩ පිළිවෙල මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මවකගෙන් ශතකයක් පසුගිය සිකුරාදා සිඩ්නි නගරයේ දී ඉහත කී සැලැස්ම ප්‍රකාශයට පත්කරමින් අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා ඇලිසා හීලි (Alyssa Healy)මෙසේ කියා සිටියාය. "අංග සම්පූර්ණ ඒ වගේම දෙමාපිය නිවාඩු පිළිවෙතේ අභිමතයට අනුකූල මේ වගේ ක්‍රීඩාවක කොටස්කාරියක් වීමට ලැබීම මට ආඩම්බරයක්" "ක්‍රීඩාව සහ සංචාරය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් කෙරෙන ඉල්ලීම් අනුව, මේ සැලැස්ම මගින් ක්‍රීඩිකාවන්ට සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඔවුන් තෝරා ගත්තොත්,ඔවුන්ගේ ළමයින් රැකබලා ගැනීම වගේම ක්‍රීඩාවට සහභාගීවීම යන අරමුණු දෙකම ඉටු වෙනවා" කඩුලු රකින ක්‍රීඩිකා ඇලිසා හීලි (Alyssa Healy) වැඩිදුරටත් සඳහන් කළාය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් අවස්ථා කීපයක්ම එක්දින ලෝක කුසලානය දිනා ගෙන ඇත "මිතුරු මිතුරියන් සහ පවුලේ සාමාජිකයන් විසින් දරුවන් බලාකියා ගැනීම දෙමව්පියන්ට ශාරීරික සහ සංවේදී පිරිවැයක්" ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාව පවසන්නීය. "මෙය වෘත්තීය සුරක්ෂිතභාවයක් මෙන්ම, ක්‍රීඩිකාවන්ගේ අනාගත සලසුම්වලත් වෙනසක් ඇතිකරන වැඩ පිළිවෙලක්" ඇය පෙන්වා දෙයි. ඉහත කී නව සැලැස්ම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සාකච්ඡා කරමින් සිටියේ 2017 වසරේ සිටය. ඊට හවුල් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තාරකාවක් වන සාරා එලියට් (Sarah Elliott) ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියදී දරුවකු රැකබලා ගත් මාතාවක් ද වන්නීය. ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වකවානුවේ 2013 වසරේ දී පිරිමි දරුවකු ප්‍රසූත කළ සාරා, යළි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙමින් එංගලන්තයට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවාය. ඇය එම ශතකය වාර්තා කරන ලද්දේ ක්‍රීඩාව අතරවාරයේ ලැබෙන විවේකයේ දී මාස නවයක් වූ සිය පුතුට මව්කිරි දෙමිනි. කියවන්න.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එරට ක්‍රිකට් ක්‍රීඩක සම්මේලනයේද සහයෝගය ඇතිව සිය ක්‍රීඩිකාවන්ට මාතෘ නිවාඩු ක්‍රමයක් ක්‍රියාවට නංවා ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වසර දෙකක් ඇතුලත වැලිකොන්ද වැසියන් 26 දෙනකු පිලිකාවෙන් මියගොස් තිබේ කනත්ත ගමගේ නෝබට් සිල්වා ගේ නිවසට අලුයම දෙකට පමණ කඩා වැදුණු ත්‍රස්ත විරෝධී පොලිසිය අත් බෝම්බ සහ පතරොම් සමඟ ඔහු අත් අඩංගුවට ගත් බවයි, ප්‍රදේශවාසී මාධ්‍යවේදියකු වන රත්නසිරි නල්ලපෙරුම බීබීසී සංදේශයට කියා සිටියේ. දොරපේවාසී ජනතාව බෝම්බ හෝ වෙනත් ආයුද භාවිත කරන බවක් මීට පෙරාතුව තමන්ට දැන ගන්නට ලැබී නැතැයි පවසන ඔහු, එස්ආර්ආර්අයි කම්හලේ පරිසර දූෂණයට එරෙහිව උද්ඝෝෂණවලට සම්බන්ධ වීමෙන් අනතුරුව සති කිහිපයක් තිස්සේ ගම්වාසීන්ට නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙමින් තිබෙන බවද සඳහන් කළේය. 'සම්බන්ධයක් නෑ' "මිනිස්සු ඉල්ලන්නේ ජීවත්වීමේ අයිතිය. හුස්ම ගැනීමේ සහ පිරිසිදු ජලය පානය කිරීමේ අයිතිය. අනික මේකට පලවෙනි උත්තේජනය දුන්නේ අක්මීමන සහ ඉමදුව ප්‍රදේශය සභා සභාපතිවරු," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. නිවසේ ආයුධ තිබුනේ කෙසේ දැයි පවුලේ සාමාජිකයන් විමතිය පළ කරන බව පවසන රත්නසිරි නල්ලපෙරුම කර්මාන්ත ශාලා බලධාරීන් විසින් කිසිවකු හෝ යොදා ගෙන නෝබට් සිල්වාගේ නිවසේ ආයුධ තැන්පත් කළේදැයි ගම්වාසීන් සැක කරන බවද සංදේශයට පැවසීය. අත් අඩංගුවට ගන්නා ලද සිය සේවාදායකයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන තිස් වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද බව නෝබට් සිල්වාගේ නීතිවේදී බුද්ධි ජයවර්ධන සංදේශයට පැවසීය. සැකකරුගේ නිවස තුල නොව නිවස පිහිටි ඉඩමේ සීමාව තුල දී පුපුරන ද්‍රව්‍ය හමුවූ බව සංදේශයට පැවසූ පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, එම පුපුරණ ද්‍රව්‍ය වෙනත් කිසිවෙකු විසින් එහි තැන්පත් කළේද යන්නත් සොයා බලන බවද සඳහන් කළේය. "මේ බොරු තොරතුරක් නම් දීල තියෙන්නේ ඒ ගැන විභාග කරනවා. යම්කිසි ආකාරයකට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් වරදකට පටලන්න උත්සාහ කරලා තියෙනව නම් ඒ ගැන අපි කටයුතු කරනවා," යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය. කෙසේ නමුත්, කම්හලට එරෙහි උද්ඝෝෂණය සහ ඔහු අත් අඩංගුවට ගැනීම අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි, පොලිස් ප්‍රකාශකවරයා පවසන්නේ.
ඩීඑස්අයි සමාගමට අනුබද්ධ රබර් කර්මාන්ත ශාලාවෙන් පිට වන විෂ වායුව පාලනය කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයට එක්ව සිටි පුද්ගලයකු සිකුරාදා උදෑසන පොලිස් ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව පළාතේ බොහෝ දෙනා භීතියෙන් තැති ගැනී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හදිසියේ අසනීපව රෝහල්ගත කරන ලද ප්‍රියත් ලියනගේ දිවියෙන් සමුගන්නා විට හැට වෙනි වියේ පසුවිය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ප්‍රියත් ලියනගේ 'තරුණයා' පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ජනමාධ්‍ය ලෝකයට පිවිසිණි. 1980 දශකයේ මුල්භාගයේ එක්සත් රාජධානියට පැමිණි ප්‍රියත් නාට්‍යකරණය සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටින අතරවාරයේ බීබීසී සිංහල සේවයට එක්විය. කලක් අඩාලව පැවති බීබීසී සිංහල සේවය එම් වසන්තරාජාගේ ප්‍රයත්නයෙන් යළි පණ ගැන්වුණු අතර, ආරම්භයේ දී එම වැඩසටහනට සම්බන්ධ සෙසු මාධ්‍යවේදීන් වශයෙන් ඉන්ද්‍රා රාමනායක, රෙඩ්ලි සිල්වා, සරත් වලගෙදර සහ සිනමා අධ්‍යක්ෂ ජී.ඩී එල් පෙරේරා කටයුතු කළහ. මාධ්‍යවේදී එම් වසන්තරාජාගේ පුරෝගාමිත්වයෙන් යළි පණගැන්වුනු බීබීසී ලෝක සේවයේ සිංහල සේවයේ 'සංදේශය' වැඩසටහන එහි පූර්ව අවධියෙන් වෙනස් මුහුණුවරක් ගනිමින් තත්කාලීන ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවනතා කෙරෙහි දැඩි නැඹුරුවක් සහිත විසංවාදී වැඩසටහනක් බවට පත්වූ අතර, වසන්තරාජා බීබීසියෙන් සමුගැනීමෙන් අනතුරුව 'සංදේශය' සංස්කාරක පදවිය පැවරුණු ප්‍රියත්, වසන්තරාජා විසින් ආරම්භ කරන ලද සම්ප්‍රදාය පෙරට ගෙනයාමේ ප්‍රයත්නයෙහි නිරතවූයේ විවිධ දිශාවන්ගෙන් එල්ලවෙමින් පැවැති අභියෝගයන් පවා නොතකමිනි. මුල් අවධියේ මිනිත්තු පහළොවකට සීමාවූ 'සංදේශය' ගුවන්විදුලි වැඩ සටහන පැය භාගයක් තෙක් දීර්ඝකරනු ලැබීම සහ බීබීසී සිංහල අන්තර්ජාල වෙබ් අඩවිය ආරම්භකරනු ලැබීමත්, වැඩසටහන ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළකරනු ලැබීමත් ප්‍රියත් ලියනගේ අවධියෙහි තබන ලද ඉදිරි පියවර වෙති. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතිශයින් දරුණු තත්ත්වයක පැවති එම අවධියෙහි යුද්ධයේ සැබෑ තොරතුරු වාර්තාකරණයේ දී එවක එල්ලවෙමින් පැවති දැඩි අභියෝගය මැද ප්‍රියත්, සිය සේවා කාලය තුළදී ලන්ඩනයේ කාර්යමණ්ඩල සගයින් වූ රෙඩ්ලි සිල්වා, චන්දන කීර්තිබණ්ඩාර, නන්දන වීරරත්න, උපාලි ගජනායක, ඉන්ද්‍රා රාමනායක, විමලසේන හේවගේ, එම්.ජේ.ආර් ඩේවිඩ්, සරෝජ් පතිරණ සහ නිදහස් මාධ්‍යවේදියකු මට්ටමින් සම්බන්ධ වූ දයාපාල තිරාණගම මෙන්ම කොළඹ වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දු සමඟ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතවෙමින් සිටියේ ගැරහුම් පමණක් නොව ජීවිත අවදානම ද නොතකමිනි. යාපනයේ සිට බීබීසී යට වාර්තාකරණයේ නිරත වූ නිමලරාජන් මයිල්වාගනම් කුරිරු ඝාතකයන් විසින් මරාදමන ලද අතර, ඔහුගේ කාර්යභාරයට උපහාරයක් වශයෙන් ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේ විශේෂ මැදිරියක් නම්කරනු ලැබ ඇත. ප්‍රියත් ලියනගේ සමඟ BBC සංදේශය කාර්යමණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් - බුෂ් හවුස් ඉදිරිපිට (වමේ සිට) විමලසේන හේවගේ, නන්දන වීරරත්න, ඉන්ද්‍රා රාමනායක, සරෝජ් පතිරණ, චන්දන කීර්තිබණ්ඩාර, ප්‍රියත් ලියනගේ සහ උපාලි ගජනායක 1987-89 භීෂණ සමයේ මෙන්ම සිවිල් යුද සමයෙහි සහ ඉන් අනතුරුව එම් වසන්තරාජාගේ සහ පසුව ප්‍රියත් ලියනගේ අවධියෙහි බීබීසී සංදේශය ගුවන්විදුලි වැඩසටහන ශ්‍රී ලංකාවේ පමණක් නොව මැදපෙරදිග ඇතුළු ලෝකයේ බොහෝ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ මාධ්‍ය මූලය බවට පත්විය. එම අවධියෙහි ප්‍රියත්ගේ පුරෝගාමිත්වයෙන් බීබීසී සිංහල 'සංදේශය' සහ 'තමිලෝසෙයි' දමිළ වැඩසටහන ශ්‍රීලංකා ගුවන්විදුලි සේවය ඔස්සේ සජීවී මට්ටමින් විකාශනය කිරීම ආරම්භ වූ අතර, පසුකාලයෙහි 'සිරස' ගුවන්විදුලිය ඔස්සේ බීබීසී සිංහල ප්‍රවෘත්ති විකාශනයක් ආරම්භකිරීමට ද ඔහු පියවර ගත්තේය. එම කාර්යයේ දී තිසර රතුවිතාන, තක්ෂල ශ්‍රීනාත් ප්‍රනාන්දු සහ අසාම් අමීන් ඇතුළු මාධ්‍යවේදීන් රැසක් සම්බන්ධ කරගනිමින් බීබීසී සිංහල සේවය තවත් පුළුල් කිරීමට ප්‍රියත් ලියනගේ කටයුතු කළේය. බීබීසී මාධ්‍ය ජීවිතයේ දී ප්‍රියත් ලියනගේ විසින් සම්පාදනය කරන ලද 'The boy with a violin' ගුවන්විදුලි විශේෂාංගය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයෙන් පුදනු ලැබුණි. එය ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් අනාථ භාවයට පත් දරුවකුගේ ඉරණම සම්බන්ධයෙනි. බීබීසී සිංහල සේවයේ සංස්කාරකවරයා වශයෙන් කටයුතු කරන අතරවාරයේ ඔහු ශ්‍රී ලංකාවේ තොරතුරු ජාත්‍යන්තරයට වාර්තාකරණය සඳහාත් දායක විය. ප්‍රියත් ලියනගේ සහ එල්මෝ ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය වාර්තාකරුවන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුවක දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරමින් කලා නිර්මාණ කාර්යයන්ට දායක වූ ප්‍රියත් ලියනගේ සම්මානලාභී සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරනලද 'ඉර මැදියම' චිත්‍රපටයේ තිරනාටක රචකයා මෙන්ම ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'හොරු සමඟ හෙළුවෙන්' නාට්‍යයේ මුල්පිටපත සිංහලට පරිවර්තනය කිරීම සඳහාත් දායකවිය. එම වසරේ හොඳම චිත්‍රපට තිර නාටකයට පිරිනැමෙන රාජ්‍ය සම්මානය 'ඉර මැදියමට' හිමිවිය. සිනමා ක්‍ෂේත්‍රයට නිශ්චල ඡායාරූප ශිල්පියකු වශයෙන් ප්‍රියත් පළමුවරට හවුල් වූයේ ජයලත් මනෝරත්න විසින් සිනමාවට ගෙනඒමට උත්සාහ දරන ලද 'දවස තවමත් තරුණයි' චිත්‍රපටය සඳහාය. පසුව ඔහු වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද 'දඩයම' චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ශිල්පියා ලෙසත් කටයුතු කළේය. දේශපාලන තොරතුරු වාර්තාකරණය පමණක් නොව කලා විචාරකයකු වශයෙන් ද භූමිකාවක් සහිත ප්‍රියත් ලන්ඩන් නගරයට පැමිණෙන මාධ්‍යවේදීන් සහ කලාකරුවන් සමඟ සාකච්ඡා සම්මන්ත්‍රණ සංවිධානය කිරීම අතින් පමණක් නොව ඔවුන්ට සත්කාර කිරීමෙහි ද නොපැකිළිව කටයුතු කළේය. පුරා දශක තුනකට ආසන්න කාලයක් බීබීසී සිංහල සේවය ඔස්සේ විශිෂ්ඨ මාධ්‍ය භාවිතයක නිරත වූ ආදරණීය ප්‍රියත් ලියනගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියානෙනි! සිංහල සේවයේ සමස්ත කාර්ය මණ්ඩලය වන අප සියලුදෙනා ඔබගේ අභාවයෙන් බලවත් කම්පාවට පත්ව සිටින්නෙමු. අපගේ මාධ්‍ය සගයා ප්‍රියත්ගේ අභාවයෙන් ශෝකයට පත්ව සිටින ඔහුගේ ප්‍රිය බිරිඳ දුලාමනී, පුතුන් තිදෙනා වන ගයාන්, දුලාන් සහ ප්‍රියාන් වෙත අපගේ මෙන්ම අපට එක්වෙන සහෘද පාඨකයන්ගේ සහ අසන්නන්ගේ ද බලවත් ශෝකය පිරිනමන්නෙමු. කියවන්න:
බීබීසී සිංහල සේවයේ හිටපු සංස්කාරක ප්‍රියත් ලියනගේ ලන්ඩනයේ රෝහලක දී අභාවප්‍රාප්ත වූ බව සිංහල සේවයේ කාර්ය මණ්ඩලය වන අපි සාතිශය සංවේගයෙන් යුතුව වාර්තාකරමු.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වින්දිතයන්ගේ ඥාතීන් ඇතුළු 7000 කට අධික පිරිසක් කාර්ය සාධක බලකාය ඉදිරියේ අදහස් දැක්වූහ එබැවින් සිය නිර්දේශ ක්‍රියාවට නගන මෙන් ආණ්ඩුවට බලකිරීම සිවිල් සමාජයේ වගකීම බවත් කාර්ය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු බීබීසී සංදේශයට පැවසීය. ආචාර්ය සරවනමුත්තු ඒ බව කියා සිටියේ එම චෝදනා පරීක්ෂා කරන විනිසුරු මඬුල්ල සඳහා එක් විදේශීය විනිසුරුවකුවත් අසුන් නොගන්නා බවට අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළකරමිනි. "උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අපිට කියනවා, අධිකරණය ගැන විශ්වාසය තියන්න පුලුවන්ද කියල. පක්ෂපාතීද, විශ්වාසවන්තද, ඒ වගේ සැක ගොඩක් තියෙනව," ඔහු පැවසීය. "වගවීම සොයාගන්න යාන්ත්‍රණයක් පිහිටුවන්න යනවා නම්, දේශීය මට්ටමෙන් පමණක් පිහිටුවනවා නම් විශ්වාසයක් නෑ. වගවීම සොයන්න යනවා නම් විශ්වාසයක් තියෙන්න ඕනනේ. ස්වාධීනත්වයක් තියෙන්නේ ඕනනේ." අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් ඉල්ලමින් උතුරේ වැසියෝ උද්ඝෝෂණද දියත් කළහ කාර්ය සාධක බලකාය මිශ්‍ර අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කළේ එබැවින් බවයි, ආචාර්ය සරවනමුත්තු සංදේශයට කියා සිටියේ. "අපි උතුරේ මිනිස්සුන්ට කථා කළා. දකුණේ මිනිස්සුන්ට කථා කළා. ඒගොල්ලන්ගේ තොරතුරු උඩ තමයි අපි ඒ නිර්දේශ ඉදිරිපත් කළේ." "යුධ අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වැනි ජාත්‍යන්තර අපරාධ මෙන්ම වධ බන්ධනයට ලක් කිරීම, අතුරුදහන් කරවීම හා දූෂණය කිරීම් වැනි බරපතල මානව හිමිකම් අපහරණය යනාදියට සමාව දීම නීති විරෝධී වන අතර පිළිගත නොහැකිද වේ," යනුවෙන්ද කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි. ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ කාර්ය සාධක බලකායේ ලේකම්වරයා කියා සිටියේ ඇතැම් අපරාධවලට අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දිය යුතු බව ජාත්‍යන්තර තලයේ පවා පිළිගැනීම බවයි. කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසමින් "වරදක් කරලා තියෙනව නම්, සාක්ෂි තියෙනව නම්, ඒ සුදුසු පියවර ගන්න ඕනේ." විදේශීය විනිසුරන් අවශ්‍ය නැතැයි ආණ්ඩුව දරන මතයට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාද අනුමැතිය පළ කළ බවට අමාත්‍ය රාජිත සේනාරත්න කරන ප්‍රකාශයද ගැටළු සහගත බව ආචාර්ය සරවනමුත්තු පවසයි. "මම නම් දන්නේ නෑ කොහෙද මේක කියල තියෙන්නේ කියලා." කිසියම් කමිටුවක සාමාජිකයන් ලෙසින් පත්වූ පමණින් ඔවුන් 'බුද්ධිමතුන්' ලෙස පිළිගත නොහැකි බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. එහෙත් ඇමතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව තමන්ට කිසිදු ප්‍රතිචාරයක් දැක්විය නොහැකි බව ආචාර්ය සරවනමුත්තු බීබීසී සංදේශයට පැවසීය.
යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් මගින් තමන්ට සාධාරණය ඉටු වනු ඇතැයි වින්දිතයන්ගේ කිසිදු විශ්වාසයක් නැති බව සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය අවධාරණය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පලාලි ගුවන් තොටුපල හා කන්කසන්තුරේ වරාය පුළුල් කිරීම සඳහා ඉඩම් ලකුණු කොට ඇතැයිද ආණ්ඩුව පවසයි ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ප්‍රකාශයක් කළ ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ පලාලි ගුවන් තොටුපල හා කන්කසන්තුරේ වරාය පුළුල් කිරීම සඳහා ඉඩම් ලකුණු කොට ඇතැයි දැනුම් දුන්නේය. ඉඩම් අහිමි වන්නන් වෙනුවෙන් වන්දි සහ යාබද ප්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබා දෙන බවද සඳුදා ආරම්භ වූ මානව හිමිකම් මණ්ඩලයේ විසි තුන් වැනි සැසි වාරය අමතමින් ඔහු කියා සිටියේය. යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවූ සියලුම දෙනා මුළුමනින්ම පදිංචි කරවා හමාර බවත් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන් හමුවේ ප්‍රකාශ කොට සිටියේය. ඉකුත් වසරේ සැප්තැම්බරය වනවිට යුද අනාථයන් අතුරින් අවසාන කණ්ඩායම මුලතිව් හි යළි පදිංචි කරවූ අතර විසි හතර දහසකට අධික පිරිසක් අනුග්‍රාහක නිවාස වලට ගොස් ඇති බවයි රවිනාථ ආර්යසිහ ප්‍රකාශ කළේ. ඒ අනුව සමාජගත කොට ඇති මුළු පිරිස 295,873 ක් බවද, ශ්‍රී ලංකා දුත මණ්ඩලයේ ප්‍රධානී ආරියසිංහ මානව හිමිකම් මණ්ඩලය ට දැනුම් දුන්නේය. යුද්ධය හමාර වූ බව රජය විසින් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ වර්ග කිලෝමීටර දෙදහසකට වැඩි භුමි ප්‍රමාණයක වලලා තිබු බිම් බෝම්බ දැන් ඇත්තේ වර්ග කිලෝ මීටර සියයකටත් අඩු ඉඩක යැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.
පලාලි ඇතුළු හමුදා කඳවුරු වල සිටින භට සේනා වෙනත් තැන් වලට ගෙන ගොස් මුල් අයිති කරුවන් සිය ජන්ම භුමියේ පදිංචි කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වසර 20කට පසු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටී. ඒ, එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකය. කෙසේ වෙතත්, මෙවර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට තරග කරනුයේ ජනතා විමුක්ති පෙරමුණ යටතේ නොවේ. බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගය සමග එක්ව සිටින පාර්ශව සමග ඇති කර ගන්නා පෙරමුණක් යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. ජාතික ජන බලවේගය නිර්මාණය වී ඇත්තේ, කණ්ඩායම් 28ක එකතුවකිනි. තෝරා ගත්තේ සුදුසු අපේක්ෂකයා නොවේ ද? ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ වී තිබිණි. ඇතැමෙකු පවසා තිබුණේ, "ගොඩ නැගෙන්න තිබුණු ලක්ෂ 25 ක විතර මහා ජන එකමුතුවක් එක සැණෙන් පුරුදු ලක්ෂ 5 ට ම නැවත කඩං වැටුණු," බවය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි ෆේස්බුක්හි පළ කර තිබූ අදහසකින් කියවුණේ, අනුර කුමාර දිසානායක විවේචනය කරන්නන් විකල්පයක් යෝජනා නොකරන බවය. මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සුමිත් චාමින්ද ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ, "ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය අද ගත්තේ ඉතා ම වැරදි තීරණයක්," යනුවෙනි. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක නම් කිරීම වැරදි තීරණයක් ද? ඔහු තෝරා ගනු ලැබුවේ කුමන පදනමක් මත ද? යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය ජාතික ජන බලවේගයට සහය දක්වන ප්‍රමුඛ පෙළේ විද්වතුන් දෙදෙනෙකුගේ අදහස් විමසීය. ආචාර්ය හරිනි අමරසූරියගේ අදහස: ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය ද ජාතික ජන බලවේගයට සහය පළ කරන විද්වත් මණ්ඩලයට අයත් වේ. ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, "පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා විකල්පයක් සෙවීමට සිදුවූ," බවය. "මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ සාධාරණත්වය කියන දේවල් ප්‍රධාන පක්ෂ දෙකෙන් අපේක්ෂා කරන්න බැහැ. අපි අපේක්ෂා කළා 2015දී ඒ වෙනස සිදු වෙයි කියලා. ඒත් ඒක වුණේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා ඒ දේවල් ආරක්ෂා කරන්න පුළුවන් විකල්පයකට සහය දෙන්න." ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් තමන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවය. "ජනාධිපති ධූරය දේශපාලන අත්දැකීම් නැති කෙනෙකුට කරන්න බැහැ. ඒකට දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් අවශ්‍යයි. හිටපු ගමන් මතු වෙන තාරකා හරියන්නේ නෑ. ඒ නිසා මේ බලවේගය සමග එක් වෙලා ඉන්න කණ්ඩායම් 28 ම සාකච්ඡා කරලා හැමෝගෙ ම කැමැත්ත මතයි අනුර කුමාර දිසානායක නම් කළේ. අනුර කුමාර දිසානායක නම් කිරීම සුදුසු නැහැ කියල සමාජ මාධ්‍යවල පළවෙන අදහස් මම පිළිගන්නේ නැහැ." මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ අදහස: මහාචාර්ය ලියනගේ අමරකීර්ති "අපි ජාතික ජන බලවේගය ගොඩනැගුවේ අවුරුදු කීපයකට පෙර ඉඳන්. නිදහසෙන් පස්සේ රට පාලනය කරපු කණ්ඩායම් රට පාලනය කරපු ආකාරය වෙනස් කළ යුතුයි කියන මතයේ ඉඳන් තමයි අපි මේ බලවේගය ගොඩ නැගුවේ," පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ශක්තිය භාවිත කරමින් යම් වෙනසක් සිදු කිරීම සඳහා අනුර කුමාර දිසානායක අපේක්ෂකත්වයට නම් කළ බවය. "දැන් තියෙන ජනතා විමුක්ති පෙරමුණ 88/89 කාලේ තිබුණ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි. 1994 ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණීමෙන් පසු ඔවුන් හොඳ අතට වෙනස් වුණා. ඒ වගේ ම ජනතා විමුක්ති පෙරමුණ තමයි බිම් මට්ටමේ හොඳ ම සංවිධාන ශක්තියක් හිමි පක්ෂය. ඒ නිසා මම හිතනවා ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීම සුදුසුයි කියලා. සර්ව සම්පූර්ණ අපේක්ෂකයෝ ලෝකේ කොහේවත් නෑ. අපි තෝර ගන්න ඕන වඩාත් හොඳ පුද්ගලයායි." ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම 2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට හිමි වූයේ, 4.87%ක ඡන්ද ප්‍රතිශතයකි. 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය 5.75%ක් විය. කෙසේ වෙතත්, පසුගිය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දුන් කලාකරුවන් සහ විද්වතුන් රැසක් මෙවර ජාතික ජන බලවේගය සමග එක්ව සිටිනු ඉරිදා (අගෝස්තු 18) පැවති රැලියේදී දක්නට ලැබිණි. තවදුරටත් කියවන්න.
පසුගිය වසර 20ක ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ ඉතිහාසය:
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියාවේ ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයකට 'වැසිකිලි නැහැ' වැසිකිළි පහසුකම් නොමැති වීම මෙම අපරාධය සිදුවීමට බලපෑ ප්‍රධාන කරුණක් වූ බැවින් මෙවැනි තීරණයක් ගත් බවයි, සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානය පවසන්නේ. දූෂණයට ලක් කොට මරා දැමුණු දැරියන් දෙදෙනා නිවසින් පිටතට ගොස් ඇත්තේ ඔවුන්ගේ නිවසේ වැසිකිළි පහසුකම් නොමැති වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ. ඉන්දියාවේ ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වන කෝටි හැටකට වැඩි පිරිසක් ශරීර කෘත්‍යය සඳහා විවෘත පෙදෙස් භාවිතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවල දැක්වේ.
පසු ගිය දා සමූහ දූෂණයට ලක් කොට එල්ලා මරා දමන ලද බව සැලකෙන දැරියන් දෙදෙනා ජීවත් වූ ප්‍රදේශයේ සෑම නිවසකට ම වැසිකිළියක් සාදා දීමට ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ස්වේච්ඡා සංවිධානයක් වන සුලාබ් ජාත්‍යන්තරය ඉදිරිපත් වී සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මද්‍යසාර සහ දුම්වැටි භාවිතාවට එරෙහිව දැනුවත් කිරීම් සිදු කළත් මත්පැන් සහ දුම්කොළ සමාගම් සිය ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගනු වස් සමාජය නොමඟ යවන සුළු ප්‍රචාර සිදු කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ පැවති දුම්වැටි විරෝධී සමුළුව අමතමින්. දුම්වැටි දවටනවල ඇති අනතුරු හැඟවීමේ අවවාදයට අමතරව එම දවටනවල ඇති ලාංඡන සහ ආවේණික වර්ණ ඉවත් කිරීම සඳහා ද පියවර ගන්නා බව එම අවස්ථාවට එක් වී සිටි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.
'දුප්පත්කම වැඩි වෙන්නත් දුප්පතාගේ සෞඛ්‍ය පිරිහෙන්නත්' මත්පැන් සහ දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කළ පා ගමන හා රැළියට නීතීඥවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති නායකයින්, මාධ්‍ය සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව කටයුතු කරන්නේ දැයි බීබීසී දමිළ සේවය, තමිලෝසයි හි ජෙයප්‍රකාශ් නල්ලුසාමි කළ විමසීමකට පිළිතුරු දෙමින් රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය වරයා කියා සිටියේ රජය 'ව්‍යවස්ථානුකුලව පියවර ගනු ඇති' බවයි. අධිකරණය විසින් දෙන තීන්දු පිළිගැනීම හෝ නොගැනීම රජය විසින් කරනු ලබන්නේ තමන්ගේ දේශපාලන ලාභය තකා යැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි. "ජනාධිපතිවරණය අවුරුදු පහක්ද හයක්ද කියනකොට ඒක පිළි ගන්නවා. දිවි නැගුමේ කොටස් ගැන කියනකොට ඒක පිළි ගන්නවා. දෝෂාභියෝගය එනකොට ඒක පිළි ගන්නේ නැහැ," යයි එජාප මන්ත්‍රී රවී කරුණානායක බීබීසී සංදේශයට පැවසීය. විපක්ෂය නැගිට යයි "ජනාධිපතිවරණය අවුරුදු පහක්ද හයක්ද කියනකොට ඒක පිළි ගන්නවා. දිවි නැගුමේ කොටස් ගැන කියනකොට ඒක පිළි ගන්නවා. දෝෂාභියෝගය එනකොට ඒක පිළි ගන්නේ නැහැ" එජාප මන්ත්‍රී රවී කරුණානායක අභියාචනාධිකරණය විසින් දෝෂාභියෝග ක්‍රියාවලිය තහනම් කොට තිබියදී රජය අත්තනෝමතික ලෙසින් එය විවාදයට දින නියම කළ බව පැවසූ කරුණානායක මන්ත්‍රීවරයා ඊට විරෝධය පාමින් සමස්ත විපක්ෂයම සඳුදා පැවැති පක්ෂ නායක රැස්වීමෙන් නැගිට ආ බව කියා සිටියේය. ආණ්ඩු පාක්ෂික සභිකයන් විසින් ලබාදුන් දෝෂාභියෝග වාර්තාව ජනවාරි දහය, එකොළහ දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුනොත් ඊට සහභාගී වන්නේද යන්න පිළිබඳව තම පක්ෂය තවමත් තීන්දු කොට නැති බවත් එජාප මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. බදාදා කතානායක වරයා හමුවී 'මෙය දරදඬු පාලනයක අංග ලක්ෂණයක්' දැයි විමසා තීරණයක් ගන්නා බවයි ඔහු කියා සිටියේ. මේ අතර දෝෂාභියෝග වාර්තාව විමර්ශනය කොට උපදෙස් දීමට ජනාධිපති වරයා සිව් පුද්ගල කමිටුවක් පත් කොට ඇතැයි රජය නිවේදනය කොට ඇත. පාර්ලිමේන්තු හා අධිකරණ කටයුතු පිලිබඳ ප්‍රවීණයකු, ජ්‍යෙෂ්ට නීතිඥයකු, මුල් පෙලේ බැංකු කරුවකු හා පුරවැසි සමාජයේ පිළිගැනීමට ලක්වූ අයකු ගෙන් සමන්විත කමිටුව අඟහරුවාදා වැඩ ඇල්ලූ බවයි රජයේ නිවේදනයේ සඳහන් වන්නේ. දෝෂාභියෝග වාර්තා විමර්ශනයේ අපක්ෂපාතී භාවය හා ස්වාධීනත්වය රකිනු වස් කමිටු සාමාජික නම් හෙළි නොකැරෙන බව රජය වැඩි දුරටත් ප්‍රකාශ කරයි. අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය තහනම් කිරීම සම්බන්ධ නඩු විභාගය අභියාචනාධිකරණයේ පැවැත්වෙන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය කොළඹදී පා ගමනක් හා රැළියක් සංවිධානය කොට තිබිණි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
විනිසුරුවරුන් සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මේතාක් අනුගමනය කරන ලද ක්‍රියාදාමය 'එලෙසම ක්‍රියාවේ යොදවන බව,' අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය තහනම් කරමින් අධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් රජය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ සඳහා අයිස් යොදා ගනිමින් නිර්මාණය කරන ලද මන්දිර සහ වර්ණවත් අයිස් මූර්ති එකතුවක් ඉදිරිපත් කොට තිබිණ. 'හාබින්' නගරය, චීනයට අයත් දැඩි ශීත දේශගුණයක් පවතින ප්‍රදේශ අතුරින් එකකි.
චීනයේ වාර්ෂිකව පැවැත්වෙන 'හාබින්' ජාත්‍යන්තර හිම සහ අයිස් සැණකෙළිය මෙවරත් ආරම්භ විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විවාහය තුල සිදු වන ප්‍රචණ්ඩත්වය ඉතා බහුලයි ආසියා ශාන්තිකර රටවල් හයක පුරුෂයන් දස දහසක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. මෙහි දැක්වෙන අන්දමට විවාහය තුල සිදු වන ප්‍රචණ්ඩත්වය ඉතා බහුලයි. ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ සම්බන්ධීකාරක පද්මිණි වීරසුරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරු මේ සඳහා නීති සම්පාදනය වී නො තිබුණු බවයි. සමස්තයක් වශයෙන් ගත් කල ආසියානු පුරුෂයන්ගෙන් සියයට විසි පහක් වත් විවාහයේ දී හෝ ඇසුරේ දී කාන්තාවක් දූෂණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි. මෙම සමීක්ෂණය සඳහා පැපුවා නිව්ගිනි, ඉන්දුනීසියාව, බංගලාදේශය, කාම්බෝජය, චීනය සහ ශ්‍රී ලංකාව යොදා ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් සියයට 14.5ක් එක් වතාවක් වත් ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති බවට පිළිගත් බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාවක් හෙළිදරව් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු කොරියාව 'නායක කිම් ජොන්ග් උන් ගේ ලාභ ප්‍රයෝජන සඳහා පමණක් පවතින රාජ්‍යයක්' උතුරු කොරියාව යනුවෙන් රටක් ඉතා ඉක්මනින් නැති විය බවයි දකුණු කොරියානු ආරක්ෂක ප්‍රකාශක කිම් මින් සිඔක් පවසන්නේ. උතුරු කොරියාව තුල මානව හිමිකම් සහ නිදහස නැති බව පවසන දකුණු කොරියානු ප්‍රකාශකයා, එරට පවතින්නේ තනි පුද්ගලයකු වන නායක කිම් ජොන්ග් උන් ගේ ලාභ ප්‍රයෝජන සඳහා පමණක් බවයි වැඩි දුරටත් පැවසුවේ. මෑතක දී උතුරු කොරියාව විසින් දකුණු කොරියානු අගමැතිනිය ගණිකාවකට සමාන කළ අතර ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා හඳුන්වා තිබුණේ කළු වඳුරෙක් ලෙසින්. කොරියානු රාජ්‍යයන් දෙක අතර දැන් දක්නට ලැබෙන්නේ ඉතාම පිරිහුණ සබඳතා සහිත කාල පරිච්ඡේදයකි.
උතුරු කොරියාවට වාග් ප්‍රහාරයක් එල්ල කළ දකුණු කොරියාවේ නිලධාරියෙක්, උතුරු කොරියාව සැබෑ රාජ්‍යයක් වශයෙන් පිළිගත නොහැකි බව කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"පසුව ඒ ප්‍රශ්න වැඩි වෙලා අවුරුද්දක් විතර උසාවි ගිහින් අපි දික්කසාද වුණා. මටයි දරුවටයි නඩත්තු ලැබෙනවා. වෙන මොනවා නැතත් අද මට මරණ බය දැනෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්," මානෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සජිනි අධිකාරි පැවසුවාය. වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනෙකු තමන් අදහන ආගම අනුව සියලු චාරිත්‍ර ඉටු කර අති උත්කර්ෂවත් මංගල උත්සව පවත්වා විවාහ දිවියට ඇතුළු වුවද දික්කසාද වීම් විශාල ලෙස වැඩි වෙමින් පවතින බව දත්ත, වාර්තා සහ අදාළ කරුණ සම්බන්ධයෙන් පළ වන විශේෂඥ මත අනුව පෙනී යයි. සමාජීය සාරධර්ම, සංස්කෘතිය මෙන්ම පවුල් සබඳතා පිළිබඳ තැකීමේ දී දික්කසාද වීම් වැඩි වීම එතරම් සුභදායී නොවන බව සමහරෙක් පවසති. නමුත් විවාහ දිවියේ අතිශය කටුක අත්දැකීම්වලට මුහුණ දී මේ වන විට දික්කසාද වී සිටින පුද්ගලයන්ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමක දී බොහෝ දෙනෙක් සිය දුෂ්කර දිවි පෙවතින් මිදීම ගැන සතුට පළ කළහ. දික්කසාද වීම්වල වැඩිවීමක් දිනකදී ශ්‍රී ලංකාවේ විවාහක යුවළ 300ක් පමණ දික්කසාද වන බව සංඛ්‍යාලේඛන ඇසුරින් පෙනී යන්නේ යැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති Art Of living (ජීවත් වීමේ කලාව) නම් රසවින්දන වැඩසටහනේදී පැවසුවාය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දත්තවලට අනුව ද, දික්කසාදවීම්වල වැඩි වීමක් ඇති බව එයට අනුබද්ධ 'ආලෝකා' උපදේශන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ භද්‍රා උඩවත්ත බීබීසී සිංහල සේවයට පැවසීය. මේ අතර, කොළඹ අලුත්කඩේ සහ අවට අධිකරණවල දික්කසාද නඩුවලට පෙනී සිටින නීතිඥවරු පස් දෙනෙකු පැවසුවේ වසර දහයක කාලයක සිට දික්කසාද වීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමට තමන් වෙත පැමිණෙන පිරිසේ "විශාල" වැඩිවීමක් ඇති බවය. "මම දැන් නිදහස්" "මගේ නෝනා මට අතට අහු වෙන එකෙන් ගහනවා. කිසිම හේතුවක් නැතුව කුණුහරුපෙන් බනිනවා. කෑමට කෙළ ගහලා දෙනවා. මේ දේවල් නිසා මම වෙනම ජීවත් වෙන්න ගත්තා. මම සතියක් ඒ ගෙදරින් එළියට ගිහින් හිටිය වෙලාවක එයා ගේ ඇතුළට ඇවිත් ටැප් ඇරලා, ලයිට් දාලා ගිහින් තිබුණා මට පාඩු කරන්න." "අන්තිමට අපි ඩිවෝස් වුණා. සාධාරණ තීන්දුවක් ලැබුණ නිසා මම දැන් නිදහසේ ජීවත් වෙනවා," නම හෙළි කිරීමට අකමැති වූ හැට එක් හැවිදිරි කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පැවසීය. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විවාහ නීතිය ඇතුළු නීති රැසක මූලාරම්භය යටත්විජිත යුගය තෙක් දිව යයි. 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනත විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතියයි. උඩරට හා මුස්ලිම් පුද්ගලයන්ගේ විවාහ සහ දික්කසාද නීතිය 1952 අංක 44 උඩරට විවාහ හා දික්කසාද ආඥා පනත සහ 1951 අංක 13 මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත අනුව ක්‍රියාත්මක වේ. සාමාන්‍ය නීතිය යටතේ විවාහ යුවළක් දික්කසාද වීමේ ක්‍රියාවලිය තරමක් දීර්ඝ වන අතර, ඒ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කර විත්තිකාර පාර්ශවයේ 'වරද' ඔප්පු කළ යුතුය. "ඛේදජනක තත්ත්වයක්" දික්කසාද නඩු සඳහා නීති උපදෙස් පතා එන සේවාදායකයන්ගෙන් 80%ක් පමණ කාන්තාවන් බව නීතීඥ මධූෂා විරාජිනී හෙට්ටිගේ බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "පැමිණිලි පාර්ශවය වැඩි හරියක් එන්නේ කාන්තාවන්. අපි දැන් දකින තවත් විශේෂත්වයක් තමයි බොහෝ කාන්තාවන් ගෙදර දොර වැඩ සියල්ල කරළා, දරුවොත් බලාගෙන, රැකියාවට ගිහින් සැමියාටත් එක්ක කන්න බොන්න, අඳින්න දෙන එක. පවුලේ සියලු බර බිරිඳගේ කර මත දාලා, සැමියන් බීමට ඇබ්බැහි වෙලා, පසුව පවුලේ අයට ගහනවා, බනිනවා. මේක හරිම ඛේදජනක තත්වයක්." "ගොඩක් කාන්තාවන් සෑහෙන්න ඉවසනවා. හැබැයි අවසානයේ සැමියා දරුවන්ටත් කරදර කරන්න පටන් ගත්තාම, ඔවුන්ගේ ඉවසීමේ සීමාව පනිනවා. අවසානයේ අපි හරහා උසාවි යනවා." නීතිඥවරිය පැවසුවාය. නීතීඥ මධූෂා විරාජිනී හෙට්ටිගේ සාමාන්‍ය නීතිය තුළ චෝදනා තුනක් යටතේ දික්කසාද නඩු ගොනු කළ හැකිය. ඒවා නම්; මෙය කොටස දෙකකි, එනම්: "එයා කැමති වුණේ අසාමාන්‍ය කායික සම්බන්ධතාවකට" "මම කසාද බැදලා අවුරුද්දක් හිටියා හැබැයි තවමත් කන්‍යාවියක්. බැන්ද දවසේ රෑ ඉදන් අපි දික්කසාද වෙනකම් එයා කැමති වුණේ අසාමාන්‍ය කායික සම්බන්ධතාවකට විතරයි. මම කායිකව වගේම මානසිකවත් සෑහෙන දුකක් වින්දා. අපි යාළු වෙලා බැන්දේ." "ලංකාවේ පවතින සංස්කෘතික ප්‍රශ්න නිසා අපිට බඳින්න කලින් කායික සම්බන්ධකමක් තියාගන්න ඉඩ ලැබුණේ නැහැ. එක අතකට එහෙම තිබුණානම් මගේ ජීවිතේ මේ වගේ විනාශ වෙන්නේ නැහැ," විසිපස් වියැති තරුණියක බීබීසී සිංහල සේවයට පැවසීය. උඩරට නීතිය සාමාන්‍ය නීතියට වඩා උඩරට සහ මුස්ලිම් නීති යටතේ විවාහ වූ යුවළකට දික්කසාදය ලිහිල් සහ වියදම් අවම ක්‍රියාවලියකි. උඩරට නීතිය යටතේ දික්කසාද වීමේ චෝදනා පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි ආකාරයට පනතට ඇතුළත් කර ඇත. මේ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කිරීම අනවශ්‍ය වන අතර, අදාළ උඩරට ප්‍රදේශයේ දිස්ත්‍රික් විවාහ රෙජිස්ටාර්වරයා වෙත දික්කසාද වීමට හේතු දක්වමින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. "ලිබරල් සංස්කෘතියක්" ජයසේන ජයකොඩි රචනා කළ 'බැද්දේ ගෙදර' කෘතියේ සඳහන් 'එක ගෙයි කෑම' යන සංකල්පය හුවා දක්වමින් මානව හිමිකම් සහ සමාජ සේවා ක්‍රියාකාරිනියක වන නදීෂා පලිහවඩන බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය. අතීත ශ්‍රී ලංකාවේ විවාහ උත්සවයක සිතුවමක් "අපි බොහොම ලිබරල් සංස්කෘතියක් තිබුණ රටක්. පැරණි ලියවිලිවල සඳහන් වෙලා තිබෙන විදිහට අතීතයේ දී විවාහය කියන සම්බන්ධය ඉතා සුන්දර ඒ වගේම අන්‍යෝන්‍ය අවබෝධය මත සිදු වූ එක්වීමක් විදියට සලකා තිබෙනවා. දැන් වගේ නීති රීතිවලින් බැඳ දමාපු දෙයක් නෙමෙයි." "ඒ වගේම ලිංගිකත්වය ගැන ඉතා විවෘත මනසකින් බලලා තිබෙනවා. බැද්දේ ගෙදර වගේ පොත්වල තිබෙන එක ගෙයි කෑම වැනි සංකල්පවලින් ඒ ගැන ඔප්පු වෙනවා. නමුත් බටහිර ලෝකයට මේවා ගෝත්‍රික දේවල් විදිහට පෙනුණ නිසා අපිට ඔවුන්ගේ නීති රීති සහ සම්ප්‍රදායන් හඳුන්වා දීලා තිබෙනවා. " "හැබැයි දැන් බටහිර රටවල් ඔවුන්ගේ නීති රීති වර්තමානයට ගැලපෙන විදිහට වෙනස් කරළා, බොහොම ලිහිල් සම්ප්‍රදායන් අනුගමනය කරනවා. අපි තවමත් ඔවුන් කලින් දීලා ගිය ගතානුගතික සම්ප්‍රදායන්,වික්ටෝරියානු සංස්කෘතිය අනුගමනය කරමින් විඳවනවා," ඇය තවදුරටත් පැවසුවාය. මුස්ලිම් නීතිය විවාහය මෙන්ම දික්කසාදය අදාළ යුවළ අයත් වන මුස්ලිම් නිකායේ නීති ප්‍රකාරව කටයුතු කළ යුතු බව මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනතේ 98(2) වගන්තිය සඳහන් වේ. ඔවුන්ට දික්කසාද ලබා ගැනීම කිහිප ආකාරයකින් සිදු කළ හැකිය. මෙහි තවත් කොටස් දෙකක් තිබේ: පනතේ සඳහන් වන කාර්ය පටිපාටිය අනුගමනය කරමින් කාති අධිකරණයක් තුළ දී දික්කසාද විය යුතුය. "හඳහන් ගැලපුනා" "අපේ අම්මලා සෑහෙන්න හඳහන් විශ්වාස කරනවා. ඒක නිසා මම යාළු වුණ කිසි කෙනෙකුට ඒ අය කැමති වුණේ නැහැ. අන්තිමේ දී ඒ අය හොයලා දුන්න කෙනෙක් මම බැන්දා. ඒ මනුස්සයා සෑහෙන ලෝබ කෙනෙක්. අවුරුදු තුනක් යනකම් කෑමකටවත් මාව එළියට එක්කගෙන ගිහින් නැහැ. කිසිම විනෝද ගමනක් ගිහින් නැහැ." "මම යාළුවෝ එක්ක එළියට යන්න ඇහුවොත් බනිනවා. දවසක් හොඳටම ගැහුවා ඇඳුම් ගන්න සල්ලි වියදම් කළා කියලා. මම එයාව අතහැරලා අම්මලා ගාවට ආවා. හැබැයි ගෙදර අයට ලැජ්ජා කළා කියලා ආයේ බැනුම් ඇහුවා. ගැහැණියක් වුණාම ඉවසන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියන්නේ." "මහත්තයා මාව ඩිවෝස් කළා ද්වේශ සහගත අතහැර යෑම යටතේ. ඇත්තටම අසරණ වුණත්, තනියම වන්දි ඉල්ලලා සටන් කරන්න මට ශක්තියක් තිබුණේ නැහැ. ආයේ මම කවදාවත් කසාද බදින්නේ නැහැ කියලා තීරණය කරළා ඉවරයි," දුලක්ෂිනී අමරතුංග බීබීසී සිංහල සේවයට පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: "කලියුග කාලය" බීබීසී සිංහල සේවය කළ විමසුමක දී ආයුර්වේද වෛද්‍ය සහ ජෝතිෂ්‍යවේදී ඩී ඩී දමිත් කරුණාතිලක පැවසුවේ, පොරොන්දම් ගැළපීමෙන් පමණක් විවාහය සාර්ථක නොවන බවය. "දැන් විවාහ වෙන අයගෙන් 50%ක් විතර පොරොන්දම් බලලා විවාහ වෙනවා. ඕක දකුණු ඉන්දියාවෙන් ආපු ක්‍රමයක්. පොරොන්දම්වලින් 100%ක් විවාහය තීරණය කරන්නේ නැහැ. දෙන්නෙක්ගේ උප්පත්තියෙන් එන ග්‍රහ පිහිටීම් ගැනයි බලන්න ඕනේ." "කොහොම වුණත්, කෙන්දරේට සියල්ල තීරණය කරන්න බැහැ. දැන් සමාජය තුළ දික්කසාද වැඩි වන්න බාහිර දේවල් සෑහෙන්න බලපාලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල සහ තාක්ෂණය." "මේක කලියුග කාලය. මිනිස් හැසිරීම් වෙනස් වෙලා," ඔහු පැවසුවේය. "එළි වෙනකම් සිංදු කිව්වා" "මට කසාද බඳින්න උවමනාවක් තිබුණේ නැහැ. හැබැයි අම්මලා බලෙන්ම වගේ පත්තරේ මංගල යෝජනාවලට අයැදුම් කළා. කේන්දර ගැළපෙන අය බලන්නත් ගියා. අන්තිමේ දී ගෙදරින් හොයලා දීපු කෙනාව බැන්දා," කුලියාපිටියේ පදිංචි සුමින්ද රත්නවීර පැවසීය. "පළවෙනි දවසේ රෑ එයාව අල්ලනවටවත් කැමති වුණේ නැහැ. ඒ වෙනුවට එයා තනියම සිංදු කියන්න පටන් ගත්තා. රෑ එළි වෙනකම් කිව්වා. මම ඇත්තටම බයත් වුණා. දෙවෙනි, තුන්වෙනි දවසෙත් ඒ දේම වුණා." "පසුව දැනගත්තා එයාට තදබල මානසික ආබාධයක් තියෙනවා කියලා. අන්තිමේ දී අපි බැඳලා සතියෙන් වෙන් වුණා. මට ජීවිතය ගැන මහා කලකිරීමක් ඇති වුණා. අපිට කැමති විදියට නිදහසේ ජීවත් වෙන තත්වයක් මේ රටේ තවමත් ඇති වෙලා නැහැ කියලා මට හිතෙන්නේ," ඔහු තවදුරටත් පැවසීය. "හිරිහැර විඳගෙන ජීවත් වෙන්න ඕනේ නැහැ" දික්කසාද වීමේ සඳහා පැමිණෙන බොහෝ පිරිස වයස 30-40ත් අතරේ පසුවන අතර, විවාහ වී මාස කිහිපයකින් දික්කසාද වන පිරිස ද වැඩි වී ඇති බව නීතිඥ මධූෂා විරාජිනී හෙට්ටිගේ තවදුරටත් පැවසීය. "සමහරු අවුරුදු 19 විතර කසාද බැඳලා, අවුරුදු 22 වෙනකොට දික්කසාද වෙලාත් ඉවරයි. ඒ වගේම චාරිත්‍රානුකූලව කැන්දන් යන්න කලින්ම දික්කසාද වෙන අයගෙත් වැඩි වීමක් තිබෙනවා." "කොහොම වුණත් හිරිහැර විඳගෙන එකට ජීවත් වෙන්න ඕනේ නැහැ. ඒ වගේ අවස්ථාවක රටේ නීතිය අනුව වෙන් වීම සුදුසුයි. සමහරු රණ්ඩු නොකර බොහොම සාමදානයෙන් වෙන් වෙනවා. දික්කසාද වෙන්න අධිකරණයට එන්නෙත් හිනා වේගන. හැබැයි සමහරු ගොඩක් කල් නඩු කියනවා." "දරුවෝ ඉන්න අය තමන්ගේ වැරදි හදාගන්න උත්සහ කරළා, ඉවසීමෙන් කටයුතු කළොත් හොඳයි. දරුවෝ මේ ප්‍රශ්නවලට මැදි වෙලා සෑහෙන්න විඳවනවා අපි උසාවිවල ඕනෑ තරම් දැකලා තියෙනවා. සමහරු දරුවෝ නිසා සියලු කරදර ඉවසගෙන නීතියෙන් වෙන් නොවී, දෙන්නා දෙපැත්තට වෙලා ජීවත් වෙන අයත් ඉන්නවා." "මොනවා වුණත් නීතියෙන් බඳින්න කලින් එකට ජීවත් වෙලා බලන (Living together) බටහිර රටවල තියෙන සංස්කෘතිය මම අගය කරනවා. ඒ දෙයින් අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් වැළකෙනවා," ඇය තවදුරටත් පැවසුවාය. උපදේශන සේවා දෙදෙනකු විවාහ වීමට පෙර මෙන්ම විවාහ වූ පසුව ඔවුන්ට ඇති වන ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීමේ වැඩසටහන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ක්‍රියාත්මක කරන බව එයට අනුබද්ධ 'ආලෝකා'උපදේශන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ භද්‍රා උඩවත්ත සඳහන් කළාය. සිය උපදේශන සේවාවලින් ගැටලු විසඳීම මෙන්ම පවුල් දිවියක් පවත්වාගෙන යෑම පිළිබඳ උපදෙස් ලබා දීම ද කෙරෙන අතර, දික්කසාද වීමට ගිය යුවළ අධිකරණයෙන් සිය සංවිධානය වෙත යොමු කරන බව ද ඇය පැවසුවාය. "විවාහ වෙලා බොහොම ටික කාලයකින් දෙන්නා වෙන් වෙන තත්වයක් දැන් දකින්න පුළුවන්. ඉවසීම සහ එකිනෙකාට ගෞරව කිරීම අඩු වීම මෙයට හේතු වෙලා තිබෙනවා. සෑහෙන්න ණය වෙලා මහා විශාල විවාහ උත්සව ගන්න බොහෝ දෙනෙක් පෙලඹිලා ඉන්නවා. පසුව විවාහ ජීවිතය පටන් ගන්නේ ණය ගෙවා ගන්න බැරුව රණ්ඩු කරගෙන." "එක ගෙදර එක ඇඳේ නිදාගෙන හිටියත් සිතින්, කයෙන් වෙන් වෙලා ජීවත් වෙන අයත් බොහොමයක් දැන් දකින්න ලැබෙනවා. අවසානයේ ඒ අය අධිකරණයෙන් නවතින්නේ. අපේ පැරණි සංස්කෘතිය අනුව බොහෝ දෙනෙක් ඉවසන්න පුරුදු වෙලා හිටියත්, නූතන පරම්පරාවේ විවාහ යුවළ අතර ඒ දේ දකින්න නැහැ." "පොඩි රණ්ඩුවක් වුණත් බොහෝ දුරක් ගෙනියන්න මේ අය පෙලඹිලා ඉන්නවා. බෙදා ගැනීම්, දෙන්නා කතා කරලා එකඟතාවන්වලට එන එක විශාල විදියට අඩු වෙලා තිබෙනවා. ඒ වගේම බිරිඳ සහ සැමියා වෙනත් පිටස්තර පුද්ගලයන් සමග රහස් සම්බන්ධතා පවත්වන එක සෑහෙන වැඩි වෙලා තිබෙනවා." "අපි යම් දුරකට හෝ මෙම තත්ත්වය සමනය කරන්න පුළුවන් ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. උසාවියෙන් අපි ළඟට යොමු කිරීමට අමතරව, ඕනෑම කෙනෙක්ට අපි ළඟට පෞද්ගලිකව පැමිණ උදව් ලබා ගන්න පුළුවන්. කතා බහ කර විසඳන්න පුළුවන් ප්‍රශ්නයකට පවා උසාවි ගිහින් දික්කසාද වීම නෙමෙයි අපි කළ යුත්තේ," ඇය පැවසුවාය. තවත් තොරතුරු:
"මගේ කලින් මහත්තයා තීන්ත බාස් කෙනෙක්. එයා හැමදාම හවසට බීලා ඇවිත් මට ගහනවා. අපි දෙන්නා කාලයක් ආදරෙන් හිටියා. පළවෙනි බබා ලැබුණාට පස්සේ ඒ වගකීම බෙදා ගන්න බැරුව සෑහෙන්න රණ්ඩු වෙන්න ගත්තා."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමෙරිකාවේත් වසරකට ළමා විවාහ දහස් ගණනක් "මම එතකොට පොඩි කෙල්ලෙක්. මට ඕන වුනේ පෙම්වතෙක් වගේ කෙනෙක්," ඇය පවසන්නීය. "ඒත් මගේ අම්ම කළේ ඊට වඩා එහෙම පිටින්ම වෙනස් දෙයක්." සිම්බාබ්වේ, මලාවි සහ එල් සැල්වදෝරය ඇතුළු රටවල් පවා මෑත දී ළමා විව්වහ තහනම් කරනු ලැබූ නමුත්, ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ළමා විවාහ නීති විරෝධී නොවේ. එක්සත් ජනපදයේ ප්‍රාන්තවලින් අඩකම විවාපත් වීමේ අවම වයස නීති පොත්වලට ඇතුළත් කොට නැත. එසේ ඇතුළත් කරන ලද ප්‍රාන්තවල පවා අවම වයස අවුරුදු 13 හෝ අවුරුදු 14 වැනි බාල වයසකි. මේ තත්වය යටතේ ගතව ගිය 15 වසර ඇතුළත ලක්ෂ දෙකකට අධික බාල වියේ දරුවන් එක්සත් ජනපදයේ දී විවාහ කර දී තිබේ. ෂෙරී ජොන්සන් ළමා වියේදී විවාපත් වීමට බල කෙරුණු තවත් කාන්තාවකි. "මාව දූෂණය කරපු මිනිහට මාව කසාද බන්දල දුන්න. මාව දූෂණය කරපු මිනිහ එක්ක මට ජීවත් වෙන්න සිද්ද වුනා," ඇය පවසන්නීය. "එයාට එතකොට අවුරුදු 20 යි, මට අවුරුදු 11 යි. අවුරුදු 16 වෙනකොට මට දරුවො හය දෙනෙක් හිටිය," ෂෙරී ජොන්සන් සිය මතකය අවදි කරයි. "මම පොඩි කෙල්ලෙක්, අතේ සල්ලි නෑ. ඉතින් මම මොනවද කරන්නේ මට ඒ මනුස්සයගෙන් යැපෙන්න සිද්ද වුනා." ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත් දැන් ඇය තමන් වාසය කරන ෆ්ලොරිඩා ප්‍රාන්තය තුළ ළමා විවාහ තහනම් කිරීම වෙනුවෙන් උද්ඝෝෂණය කරමින් සිටියි. අම්මා විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙන විට 13 හැවිරිදි වියේ පසු වූ එන්ජල් සිය ප්‍රථම දරුවා බිහි කරන විට 14 හැවිරිදි දැරියකි. "මට දැනුනේ මම වහලියක් වගේ. මගේ ජීවිතේ ගැන මට බලාපොරොත්තු ගොඩක් තිබුණ," ඇය වේදනාවෙන් සිය ළමා විය සිහි කරයි. "කසාද බැන්දේ නැත්නම් මේ වෙන කොට කොයිතරම් දේ කරන්න තිබුණද කියල නිතරම මට හිතෙනව," බීබීසී යේ අලීම් මක්බුල් (Aleem Maqbool) සමග අදහස් පළ කරන අවස්ථාවේ ඇයට සිය කඳුළු සඟවාගත නොහැකිය. එක්සත් ජනපදයේ දී ළමා විවාහවලට ගොදුරු කෙරෙන අති බහුතරය පිරිමි දරුවන් නොව දැරිවියන්ය යන්න තමන්ගේ උපකාර පතා පැමිණෙන බොහෝ දෙනා සලකා බැලීමේදී දකින්නට ලැබෙන ප්‍රධානම කරුණ බව 'අන්චේන්ඩ් ඇට් ලාස්ට්' (Unchained at Last) ෆ්‍රයිඩි රයිස් (Fraidy Reiss) බීබීසී යට කියා සිටියාය. "අනික බොහෝ අවස්ථාවල විවාහය සඳහා බල කරලා තියෙන්නේ ඔවුන්ගේම දෙමාපියන්," ඇය වැඩිදුරටත් සඳහන් කළාය. සබැඳි යොමු:
සිය මව විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබන විට ඒන්ජල් 13 හැවිරිදි බාල වියේ දැරියකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම වාර්තාවේ සඳහන් වන පරිදි 2006 වර්ෂයේ සිට මේ දක්වා පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 45 දෙනෙකු තුවාල ලබා ඇත. ඇමරිකාවේ තුළ වසරකට අලෙවිකෙරෙන මිලියන 17 ක වාහන සංඛ්‍යාවෙන් අඩකට වැඩි වැඩි ප්‍රමාණයක් ම යතුරක් නොමැතිව පණගැන්විය හැකි මෝටර් රථ වේ. බොත්තමක් තද කිරීමෙන් රථය පණ ගන්වා වාහනයෙන් බැස ඉවතට ගිය පසු අතපසුවීමකින් එය නතර නොකර බොහෝ වෙලාවක් එන්ජිම ක්‍රියාත්මක වී පැවතුනහොත්, වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් අධික ප්‍රමාණයක් අවට වාතය සමග මිශ්‍ර වේ. එලෙස පිටවන විෂ වායු ආඝ්‍රාණය කිරීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව නිශ්චිතව දැන ගැනීමට අපහසු වන අතර, එම මරණ වාර්තා කර ගැනීමට එක් විශේෂ ආයතනයක් තවමත් පිහිටුවා නොමැත. පොලිස් වාර්තා, නඩු, ප්‍රවෘත්ති වාර්තා, ගිනි නිවන හමුදා සහ මෙම ගැටලුව පිළිබඳ මහජනයා දැනුවත් කිරීම සදහා ක්‍රියාකරන කණ්ඩායම්වලින් ලැබුණු තොරතුරු සැලකිල්ලට ගෙන 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත පෙර සඳහන් කළ මරණ සංඛ්‍යාව වාර්තා කර ඇත. මේ තොරතුරුද කියවන්න: යතුරක් නොමැතිව පණ ගැන්විය හැකි මෝටර් රථ ලෝකය පුරා විශාල වශයෙන් භාවිතා කරනු දක්නට ලැබේ. මෙවැනි රථවල යතුර වෙනුවට රියදුරු සතුව කුඩා උපාංගයක් තිබිය යුතු අතර, එහි ඇති බොත්තම තද කිරීමෙන් වාහනය පණ ගැන්විය හැකිය. එම උපාංගය වාහනය තුළ නොමැතිව එය පණ ගැන්විය නොහැක. නමුත් එම උපාංගය වාහනයෙන් ඉවතට රැගෙන ගිය විට පවා එහි එන්ජිම නවතින්නේ නැත. පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව යතුර වෙනුවට ඇති උපාංගය සමග රියදුරා රථයෙන් බැස ගිය පසු සමහර දෙමුහුන් (Hybrid) මෝටර් රථවල එන්ජිම ස්වයංක්‍රීයව නතර වන ලෙස නිර්මාණය කර ඇත. නමුත් එවැනි වාහනවල බැටරියේ ආයු කාලය අවසන් වෙමින් පවතින විට පෙර සඳහන් ක්‍රියාව හරියාකාරව සිදු වන්නේ නැත. මෙතෙක් වාර්තා වී ඇති මරණ බොහොමයක් සිදු වී ඇත්තේ, පිටතින් වැසිය හැකි ගරාජයක් ඇතුළත අතපසුවීමකින් තම වාහනය පණ ගන්වා යෑමෙන් එයින් පිටවන කාබන් මොනොක්සයිඩ් වායුව නිවාස තුළට ඇතුළු වීමෙන් යැයි 'ද නිව්යෝර්ක් ටයිම්ස්' වාර්තාවේ සඳහන් විය. තවත් තොරතුරු: සමහර මෝටර් රථ නිෂ්පාදකයන් මෙම තත්වය පිළිබද රියදුරන්ට අනතුරු අඟවන සටහන් රථය තුළ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. "පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවට තමයි අප ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්නේ. ටොයෝටා ආයතනය නිෂ්පාදනය කරන 'ස්මාර්ට්' යතුරු ක්‍රමය පිළිගත් ආරක්ෂක ප්‍රමිතීන්ට අනුව හෝ ඒවා අභිබවමින් තිබෙනවා" යැයි ටොයෝටා ආයතනයේ ප්‍රකාශකයෙකු බීබීසී වෙත පැවසීය. මෙම ගැටලුව මුල් කොට ගෙන ඇමරිකානු පුද්ගලයන් කණ්ඩායමක් 2015 වර්ෂයේ දී ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදකයන් දස දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කළහ. එහිදී අදාළ තාක්ෂණය "මාරාන්තික" දෙයක් ලෙස හැඳින්විණි. කෙසේ වෙතත්, 2016 වර්ෂයේ දී විනිසුරුවරයෙකු විසින් එම නඩුව නිෂ්ප්‍රභ කරනු ලැබීය.
යතුරක් නොමැතිව පණ ගැන්විය හැකි මෝටර් රථවල එන්ජිම නැවැත්වීමට අතපසු වීම නිසා රථය ඇතුළත එකතු වුණ කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වී පුද්ගලයන් ගණනාවක් මිය ගොස් ඇති බව 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් වාර්තාවක දැක්වේ.