instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක දීයි එම තීන්දුව ගෙන තිබෙන්නේ. නව මහ ලේකම්වරයා අද (22) උදේ වරුවේ සිය පදවියේ වැඩ භාර ගනු ලැබීමට නියමිතව සිටියේය. එම පදවියේ පුරප්පාඩුවක් ඇති වුණේ සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂ සන්ධානයට එක් වීමත් සමඟයි. නව මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා හැටියට ඛනිජ තෙල් කටයුතු භාර ඇමති අනුර ප්‍රියදර්ශන යාපා පත් කරනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මෙතන පොඩි ළමයිම විස්සක් විතර ඉන්නව. ඒ උනාට මෙයාල ඉස්කෝලෙ යන්නෙ නෑ. මෙයාලට උප්පැන්න සහතික මොකුත් නෑ' "විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය ඔහුය ..." මේ සියළු සාහිත්‍යමය වැකි වලින් නිර්වචනය කෙරෙනුයේ 'ළමයාය'. 1989 නොවැම්බර මස 20 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු දහ අටට අඩු සියළු අය දරුවන්. එහෙත් පොළොන්නරුව වැලිකන්ද සෙවණපිටිය ගම්මානයට ගියහොත් ඉලුක් යායකට මැදිව ළමා අයිතිවාසිකම් කිසිවක් නොදැන අනාරක්ෂිතව දිවිගෙවන දරුවන් විසි දෙනෙකු පමණ දැකගන්නට පිළිවන. සෙවණ පිටිය දුම්රිය ස්ථානයට පිටුපස උස්ව වැඩුන ඉලුක් යායකට මැදිව වෙසෙන මේ දරුවන්ගේ මව්පියන්ද ඉතා අඩු වයස්වල අය වෙති. වාසගමක් නෑ දහනව (19 ) හැවිරිදි කුමාරි (ඇයගේ සැබෑ නම නොවේ) සිය දෙහැවිරිදි දියණිය සේම තුන් හැවිරීදි නැගණියද බලාගන්නියක්. ''අපිට ඉන්න හරියට තැනක් නෑ මෙතන පොඩි ළමයිම විස්සක් විතර ඉන්නව. ඒ උනාට මෙයාල ඉස්කෝලෙ යන්නෙ නෑ. මෙයාලට උප්පැන්න සහතික මොකුත් නෑ," ඇය පවසන්නීය. වාසගමක් නොමැති මෙම දරුවන්ගේ නම ඉදිරියට දරුවාගේ පියාගේ නම භාවිත කෙරේ "ග්‍රාමසේවක මහත්තයට කිව්වම කියනව ප්‍රාදේශීය ලේකම් එකට යන්න කියල එතෙන්ට ගියාම අපිව ගණන් ගන්නෙ නෑ.'' වාසගමක් නොමැති මෙම දරුවන්ගේ නම ඉදිරියට දරුවාගේ පියාගේ නම භාවිත කරන බවත් කුමාරි අප සමඟ කියා සිටියාය. උදාහරණයක් ලෙස පියසේන (සැබෑ නම නොවේ) නමැති විසි හැවිරිදි වූ තරුණයාට දාව උපන් දරුවාට ඔවුන් ''පියසේන ගේ ... '' ලෙස නම්කරන බව ඇය පෙන්වා දුන්නාය. ආරක්ෂිත වටපිටාවක් හෝ නිවසක් නොමැතිව මේ ඉලුක් යාය තුළ හිසට වහලක් ලෙස ඔවුහු තාවකාලික කූඩාරම් අටවාගෙන සිටිති. 'ඉස්කෝලේ යවන්නේ නෑ' කුලී වැඩ සඳහා මව්පියන් පිට වී ගිය පසු මේ දරුවන් එම කාණඩය තුළ සිටින වැඩිමහලුම දරුවන් වූ අවුරුදු දහයත් නමයත් අතර ගැහැණු ළමුන්ගේ භාරයේ පසුවේ. දහවල් කාලය තුළ මේ දරුවන් සියල්ලෝම පසෙකින් ගලායන මහවැලි ගඟේ අන්තරායකාරී බව නොතකාම ගඟේ පිනායමින් ක්‍රීඩාවේ යෙදෙන අයුරු ද මට දැකගන්නට ලැබිණ. අට හැවිරිදි ''උපුල් ගේ පියුමි" (සැබෑ නම නොවේ) මා සමඟ කියා සිටියේ ඇයට පාසල් යාමට වුවමනා බවයි. "මම ආසයි ඉස්කොලෙ යන්න. මට සිංදු කියන්නත් පුළුවන්. ඒ උනාට අම්මල අපිව ඉස්කෝලෙ යවන්නෙ නෑ සෙවණපිටියෙ ඉස්කෝලෙ තියෙන්නෙ ළඟ.'' සිරිමතී වයස දහසයක් වූ සුන්දර යුවතියක්. ඇයටද පාසල ගමනක් නැහැ. "මම අම්ම එක්ක ගෙවල් වලට ගිහින් වැඩ කරල සල්ලි හොයනව. අපි ගොඩාක් දුර පළාත් වලට යනව. දවස් දෙකේ තුනේ අපි ඈත පළාත් වල ගිහින් එනව," ඇය මා සමඟ කියා සිටියාය. "ඡන්දේ දවස්වල ඡන්දේ ඉල්ලන එක්කෙනෙක් ඇවිල්ල අපිට ඉඩම් දෙනව කියල ලොරියක පටවගෙන බොරවැව කැලේකට ගෙනිච්ච. අපිට එහෙ ඉන්න බෑ අලි ගහනව ආයෙම අපි මෙතනට ආවා.'' ළමයින් උදෙසා නිකුත් කෙරුනු ප්‍රඥප්තියක් සහ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් බොහෝ ආයතන තිබුණද මේ දරුවන් ඒ කිසිවෙකුගේ ඇස ගැටී නැති බවයි පෙනී යන්නේ.
"අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය ..."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිවිල් ජනතාවට ආරක්ෂාව සලසා දීමට නොහැකිවීම ගැන පොලිසිය මෙන්ම අනෙකුත් අදාල අංශ වගකීම් භාර ගත යුතු බව කියා සිටියි. ‘’අද මෙහෙ මරණ තුනක් සිදුවෙලා තියෙනවා.තුවාල කරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. මේ සිදුවීම වෙන්නට පෙර පොලිසියේ උසස් නිලධාරින් මේ පලාතට පැමිණ පළාතේ තත්ත්වය හොඳටම අවබෝධ කරගෙන තමයි ගිහින් තයෙන්නේ’’. අපක්‍ෂපාති පරීක්ෂණයක් ඉන් පසු වූ මේ සිද්ධිය බරපතල කරුණක් බව බිබිසි සංදේශයට ප්‍රකාශ කල රවුෆ් හකීම් අමාත්‍යවරයා මේ පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි කියා සිටින්නේ. තම පක්ෂය මේ පිළිබඳව දැඩි ක්‍රියා මාර්ගයකට යොමු විය යුතු බවට ජනතාව ඉලා සිටින්නේ යැයිද ඔහු පැවසීය. ජනතාවට උපරිම ආරක්ෂාව සලසාදීමේ වගකීම රජය ඉටුකළේද යන ප්‍රශ්නය පැනනගින බවත් පවසන හකීම් අමාත්‍යවරයාගෙන් සංදේශය විමසුවේ තමා මේ රජයේ අමාත්‍යවරයකු නොවේද යනුවෙන්. ‘’මේ රජයේ අමාත්‍යවරයක් හැටියට ඉන්න එක පිළබඳව මම ලැජ්ජාවට පත්වෙනවා.’’යනුවෙන් කියා සිටියේය. දැනට මරණ තුනක් සිදුවී ඇති නමුත් ඒ පිළබඳව කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවයි අධිකරණ අමාත්‍යවරයා චෝදනා කරන්නේ.
ඊයේ අලුත්ගම සහ බේරුවල පැවති කලහකාරී තත්ත්වය ගැන සඳහන් කරමින්,නීතිය සහ සාමය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව පවසන්නේ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය ජනවාරි 10 වැනිදා කතරගම කිරිවෙහෙර අබියසින් තම සංචාරය ආරම්භ කළ ඇය ශ්‍රී ලංකාව වටා කිලෝමිටර් 1268 ක් තනිව පා ගමනේ යෙදීමට බලාපොරොත්තුවෙයි. කතරගම, ගාල්ල, කොළඹ, පුත්තලම, යාපනය, මඩකලපුව ඔස්සේ ඇගේ ගමන් මාර්ගය වැටී ඇත. දිනකට කිලෝමීටර් 20-25 අතර දුරක් ගමන් කරන ඇය කිලෝමීටර් 100 බැගින් වූ අදියර 13 කින් සිය පා ගමන නිම කිරීමට බලාපොරොත්තුවන බව බීබීසී සිංහල සේවයට කියා සිටියේය. සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් කළ තමන් එයින් උපයා ගත් වැටුප යොදා ගනිමින් මෙලෙස පා ගමනේ යෙදෙන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
තරුණියකට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක තනිව ආරක්ෂාකාරීව ගමන් කළ හැකි බව ඔප්පු කිරීමේ අරමුණින් රටවටා පා ගමනක යෙදෙන බව දේවිකා කාසිචෙට්ටි පවසන්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැප වනවා," ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැප වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක දැක්වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග පැවති හමුව සම්බන්ධයෙන් සතුට පළ කරන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සමීප මිත්‍රත්වය අගය කරයි. බ්‍රික්ස් - බිම්ස්ටෙක් (BRICS - BIMSTEC) සමගාමී සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෝවාහීදී හමු වූ බව ශ්‍රී ලංකා ජනාධිපති මාධ්‍ය කාර්යාලය පවසයි.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංගීත සංදර්ශන නැරඹීමෙන් ද සෞඛ්‍යයට හිතකර බව පර්යේෂකයෝ පවසති. ගායනා කිරීම සහ සෞඛ්‍යය අතර පවතින සම්බන්ධතාවට අදාළ මානසික, ජීවවිද්‍යාත්මක සහ චර්යාත්මක යාන්ත්‍රණය පිළිබඳව තොරතුරු සෙවීම සඳහා පර්යේෂකයින් රැසක් පසුගිය දශක දෙක පුරා උත්සහ දැරූහ. ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි මහාචාර්ය ඩේසි ෆැන්කෝර්ට් පවසන්නේ, ගායනා කරන අවස්ථාවලදී මිනිස් ශරීරය තුළ විපර්යාසයන් රැසක් සිදුවන බවය. "ගායනයේ යෙදෙන විට මානසික පීඩනය ඇති කරන කෝටිසෝල් වැනි හෝමෝන අඩු වීමක් සිදුවෙන්න පුළුවන්. ඒ වගේ ම ගායනා කරන විට අපේ මනෝ භාවයන්ට (mood) බලපාන හෝමෝන මට්ටම්වල වෙනසක් සිදු වෙනවා." විවිධ බලපෑම් ගායනය නිසා අත්වන සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ සිදුකළ මහාචාර්ය ෆෑන්කෝට් පවසන්නේ, එහි විවිධ බලපෑම් ඇති බවය. "ගායනය කියන්නේ බහුවිධ සෞඛ්‍ය ක්‍රියාකාරකමක්. ඒක අංග රැසකින් සමන්විතයි. ගායනය තුළ සංවේදී ප්‍රකාශයක් අන්තර්ගත වෙනවා. එය මානසික සෞඛ්‍යයට යහපත්. ගායනය නිසා සමාජමය අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙනවා. එය හුදෙකලා වෙලා කියන සිතුවිල්ල බැහැර කරනවා." ඇය පවසන්නේ, සංගීතයට සවන් දීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකි බවය. "සම්භාව්‍ය සංගීතය වේවා රොක් සංගීතය වේවා, ඕනෑ ම සංගීත සංදර්ශනයකට සවන් දෙන්නෙකුගේ මානසික පීඩනය අඩුවීම සිදුවන්නේ සමාන මට්ටමකින්. මෙය සන්දර්භමය සාධක වල ක්‍රියාකාරීත්වයක්." එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය මගින් 2011 වසරේදී පළ කරන ලද පර්යේෂණ ලිපියක දැක්වෙන්නේ, "මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැටලු පවතින පුද්ගලයින්ට ගායනයෙන් සහනයක් ලැබෙන," බවය. එම පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ, "බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවලට පවා සමූහ ගායනය තුළින් සැලකිය යුතු ප්‍රතිලාභ අත් කර ගත හැකි" බවය. ගායනා කිරීමේදී මනසට සහ ශරීරයට ඇති වන ඍජු බලපෑම පිළිබඳව කරුණු හෙළි කිරීමට ජර්මනියේ වෙසෙන කණ්ඩායම් ගායිකාවක ලෙස කටයුතු කරන ඇනාබෙල් ඉදිරිපත් වූවාය. "මම ගායනා කරද්දී මට දැනෙන්නේ ඒක භාවනාවක් වගේ. මම ඒ වේලාවට සංගීතය තුළ ගිලිලා ඉන්නේ. මට ලොකු සහනයක් දැනෙනවා ඒ වෙලාවට." සෑම බ්‍රහස්පතින්දාවක ම ඇය පැය තුනක කාලයක ගායනය පුහුණු වෙයි. "ගායනා කරන්න මුළු ශරීරය ම අවශ්‍යයි. මම ජිම් එකකට නොයාමට හේතුව ඒක," ඇය පැවසීය. ඩිමෙන්ෂියා ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට කරන ප්‍රතිකාරයක් ලෙස සංගීතය, විශේෂයෙන් ම ගායනය භාවිත කරයි. "අපි ගායනා කරන විට මොළයේ සමහර තැන්වලට වැඩිපුර රුධිරය ගලා යනවා. ඒ තැන් තමයි ඩිමෙන්ෂියා රෝගයට බලපාන තැන්. සංවේදීත්වයට බලපාන්නේ අන්න ඒ තැන්," වෛද්‍ය සයිමන් ඕෆර් පවසයි. එංගලන්තයේ චෙල්ටන්හැම් ප්‍රදේශයේ සේවය කරන වෛද්‍යවරයෙකු පැවසුවේ, ගීතවලට සවන් දීමෙන් "ඩිමෙන්ෂියා රෝගීන් තුළ පිබිදීමක් ඇති වන අතර ඔවුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු කර ගත හැකි," බවය. ප්‍රතිලාභ එක්සත් රාජධානියේ පුණ්‍යායතනයක් වන මයින්ඩ් සෝන්ග් ආයතනය වැඩිහිටි නිවාසවලට නිරන්තරයෙන් සිය ගායන ශිල්පීන් යවන්නේ, ඒවායෙහි වෙසෙන වැඩිහිටියන් ගායනය සඳහා පෙළඹවීමේ අරමුණිනි. "ඔබ සමූහයක් ලෙස ගායනා කරන විට හිමි වන ප්‍රතිලාභ ඉතා යහපත්. ගායනාවලට සහභාගි වීමෙන් පසු වැඩිහිටි පුද්ගලයින් ඊළඟ දවස වෙනකම් හොඳ මානසික තත්ත්වයක පසුවෙනවා කියලා ඒ වැඩිහිටි නිවාස පාලකයින් කියනවා," මයින්ඩ් සෝන්ග් ආයතනයේ සංගීත චිකිත්සක අංශයේ අධ්‍යක්ෂ මැගී ග්‍රේඩි පවසයි. එම ආයතනය පෙනහලු ආබාධ නිසා හට ගැනෙන ඇදුම රෝගයේ සිට පෙනහලු පිළිකා දක්වා රෝගීන් වෙනුවෙන් ගායන වැඩමුළු පවත්වයි. "ගායන වැඩමුළු පහකට හෝ හයකට සහභාගි වුණාට පස්සේ සමහර රෝගීන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ පැහැදිලි ලෙස යහපත් වුණා." එසේ නම්, බරපතළ පෙනහලු ආබාධ සහිත රෝගීන් ගායනා කිරීම තුළින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට උත්සහ දැරීම පුදුමයට කරුණක් නොවේ. කොලින් යනු දරුණු පෙනහලු රෝගයකින් පෙළෙන්නෙකි. එම රෝගී තත්ත්වය වැළඳුණු රෝගීන්ගෙන් අඩක් පමණ වසර තුනක කාලයක් තුළ ජීවිතක්ෂයට පත් වෙති. රෝගයේ බරපතළකම කුමක් වුවද, ගායනා කිරීම ඔහුගේ තත්ත්වය යහපත් වීමට උපකාර වන බව ඔහු පවසයි. "මම 16 දෙනෙකුගේ කණ්ඩායමක් සමගයි ගායනා කරන්නේ. ඒ මගින් මගේ හුස්ම ගැනීම පහසු වෙනවා. මම නිතර පෙනහලු ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාවලදී සමහර තත්ත්වයන් යහපත් අතට හැරිලා තියෙන බව තහවුරු වුණා." හෝමෝන ගායනය කිරීමේදී ඇති වන ශාරීරික ක්‍රියාකාරකම් නිසා ශරීරය තුළ එන්ඩෝෆින් (endorphins) නමැති හෝමෝනය මුදා හැරේ. මනස තුළ සතුට ඇති කිරීමට උපකාරී වන හෝමෝනය එයයි. ගායනා කරන අවස්ථාවේදී අපට ගැඹුරු ලෙස ස්වසනය කිරීමට සිදුවන අතර, ඒ මගින් ශරීරය පුරා රුධිර සංසරණ වේගය වැඩි වෙයි. එන්ඩෝෆින් හෝමෝනය වැඩි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. අප සිනාසෙන විට සහ චොක්ලට් අනුභව කරන විට ඇති වන එන්ඩෝෆින් ධාරිතාවට එය සමානය. අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, මිනිත්තු 40ක කාලයක් සමූහ ගායනයක නිරත වීමෙන් කෝටිසෝල් නමැති මානසික ආතතිය (stress) ඇති කරන හෝමෝනය ශීඝ්‍රයෙන් අඩු වන බවය. සාමාන්‍යයෙන් අපගේ කෝටිසෝල් ප්‍රමාණය දිනයක අවසානයේදී අඩු වන අතර, ගායනයේ නිරත වීමෙන් එය අඩු වීමේ ශීඝ්‍රතාව වැඩි වෙයි. තාක්ෂණ සහය නිවසෙන් පිටතට යාමට අකමැති පුද්ගලයින්ට තාක්ෂණය ඔස්සේ ගායන කණ්ඩායම් සමග සම්බන්ධ වී ඒ හා සමාන වටපිටාවක් ඇතිකර ගත හැකිය. මෙම සංකල්පය මගින් ලොව පුරා විසිරී සිටින ගායන ශිල්පීන් තාක්ෂණය හරහා ඒකරාශී කිරීමක් සිදුවෙයි. ග්‍රැමී සම්මානලාභී සංගීත අධ්‍යක්ෂවරයෙකු වන එරික් වයිටාකර් එවැනි ගායන කණ්ඩායමක් පවත්වාගෙන යයි. පර්යේෂකයින් පවසන්නේ, සමූහයක් ලෙස ගායනාවලට එක් වීමෙන් හුදෙකලාව අඩු වන අතර සමාජය සමග ගැටීමේ හැකියාව ද වර්ධනය වන බවය. තවදුරටත් කියවන්න:
ගායනය මගින් අපගේ ආත්මය ඔසවා තැබිය හැකිය. එසේම, එමගින් අපගේ ශාරීරික සෞඛ්‍යයට ද ප්‍රතිලාභ හිමි වන බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. ගායනා කිරීම මගින් පෙනහලු ආබාධ සහිත පුද්ගලයින්ට ශ්වසන හැකියාව වැඩි වීමත් ඩිමෙන්ෂියා වැනි රෝගී තත්ත්වයන්ට සහනයක් ලැබීමත් සිදුවෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු කොරියාව සිදු කළ නවතම මිසයිල අත්හදා බැලීම පිළිබඳ ජපාන මාධ්‍යවල ඉහළ අවධානයකට ල්;අක විය ඇමරිකානු භූමිය වෙත ළඟා වීමේ හැකියාවක් පවතින අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් සාර්ථකව අත්හදා බැලූ බව පැවසෙන පළමු අවස්ථාව මෙයයි. ජපාන මුහුදු සීමාවට මිසයිලය පතිත වී ඇති බව කී ඇමරිකාව එය උතුරු ඇමරිකාවට තර්ජනයක් නොවන බව සඳහන් කළේය. කොරියානු අර්ධද්වීපය තුළ ඉහළ යමින් පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ මිසයිල අත්හදා බැලීම් සිදු කරන වාර ගණන උතුරු කොරියාව විසින් ඉහළ නංවනු ලැබ ඇත. උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ නිරීක්ෂණය යටතේ හ්වාසොං 14 වර්ගයේ මිසයිලයක් දියත් කළ බව එරට රජයේ රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මිසයිලය කිලෝමීටර 2,802 ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී මුහුදු සීමාවේ වෙත වූ ඉලක්කයට ළඟා වීමට පෙර කිලෝමීටර 933 ක් පියාසර කළ බව නිවේදනයේ සඳහන් විය. එක්සත් ජනපද ශාන්තිකර විධානය මීට ඉහත දී කියා සිටියේ එය අන්තර් දුර විහිදුම් මිසයිලයක් බවය. උතුරු කොරියාව සතු මිසයිල මොනවාද? මිසයිල අත්හදා බැලීම අතින් උතුරු කොරියාව යම් කිසි සාර්ථකත්වයක් ළඟා කර ගෙන ඇති නමුත් අන්තර් මහද්වීපික මිසයිලයක් යොදා ගනිමින් නිවැරදි ඉලක්කය ලබා ගැනීමේ හැකියාව ඔවුන් සතුව නොමැති බව විශේෂඥයන්ගේ විශ්වාසය වී තිබේ. එමෙන්ම එවැනි මිසයිලයකට න්‍යෂ්ටික යුද ශීර්ෂයක් (Nuclear warhead) ලඝු කිරීමේ හැකියාව ද උතුරු කොරියාව සතුව නොමැති බවටත් විශේෂඥයෝ විශ්වාසය පළ කරති. දකුණු කොරියාවේ සෝල් අගනුවර සිටින බීබීසී වාර්තාකරු ස්ටීවන් එවන්ස් කියා සිටියේ අලුතින් අත්හදා බලන ලද මිසයිලයට ළඟා විය හැකි දුර සම්බන්ධයෙන් විවිධ මත පළ වන බවය. ඇමරිකාව සහ චීනය මිසයිල අත්හදා බැලීම් දිගින් දිගටම සිදු කරන බව උතුරු කොරියාව පවසයි. උත්සන්න වෙමින් පවතින කලාපීය උණුසුම හමුවේ ඇමරිකාව පසුගියදා කොරියානු අර්ධද්වීපය වෙත 'කාල්වින්සන්' ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව යැවූ අතර දකුණු කොරියාව තුළ 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය. අලුතින් සිදු කළ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය මෙතෙක් පූර්ණ ප්‍රතිචාරයක් පළ කර නොමැත.
දුර විහිදුම් "අන්තර් මහද්වීපික" (Intercontinental missile) මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ලංකා ඉතිහාසයේ විශාලතම මුදල් වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් වරදකරු කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට රජය මෙතෙක් ක්‍රියාකර නැහැ." පසුගිය පාලන සමයේ රගර් ක්‍රීඩාවේ දියුණුවට යැයි පවසමින් ක්‍රිෂ් නමැති ඉන්දීය සමාගමකින් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන එය වංචා කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එය කැඳවූ අවස්ථාවේදී පොලිසිය කියා සිටියේ පරීක්ෂණ අවසන්කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත්කර ඇති බවය. 'මේකද යහපාලනය?' ඒ අනුව පැමිණිල්ල ලබන මාර්තු මස 20 වෙනිදා යළි කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන්නැයි පොලිසියට දැනුම් දුන්නේය. අද දින නඩුව අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වරදකරුවන්වූවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීම රජය විසින් හිතාමතා මගහරිමින් සිටිනු ලබන බවය. "මේ වනවිට චෝදනාවලට ලක්ව සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විදෙස් ගමන් තහනම් කරලා. මගෙත් විදෙස් ගමන් තහනම් කරලා. එහෙත් ලංකා ඉතිහාසයේ විශාලතම මුදල් වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව මගින් වරදකරු කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට රජය මෙතෙක් ක්‍රියාකර නැහැ. මේකද යහ පාලනය " යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
මුදල් විශුද්ධකරන පනත යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පැවැත්වූ එක් පරීක්ෂණයක් අවසන්කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු මේ බව සඳහන් කරන්නේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යහපාලනයක් උදෙසා ඉදිරිපත් කර ඇති දින සියයේ වැඩසටහන් මාලාවේ යි. හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දේශපාලන පලි ගැනීම්වලට ලක් වී ඇති බවත් එම නිසා ඔවුන් දෙදෙනාට සාධාරණය ඉෂ්ට කිරීමට කටයුතු කරන බවයි එහි සඳහන් වෙන්නේ. මීට අමතරව කැසිනෝ ව්‍යාපාර සඳහා දැනට ලබා දී ඇති විශාල බදු සහන ඉවත් කිරීමට කටයුතු කරන බවද පොදු අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ. කැසිනෝ ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ නමුත් 2010 දී කැසිනෝ ව්‍යාපාරය නීතිගත කරමින් සම්මත කර ගත් පනත පිළිබඳව යමක් පැහැදිලිව මෙහි සඳහන් කර නොමැති බවයි මෙම ප්‍රතිපත්ති මාලාව පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ කියා සිටියේ. ජනතාවට විශාල ආර්ථික සහන ලබා දීමට පොරොන්දු කිහිපයක් සඳහන් කර ඇති මුත් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා ක්‍රමයක් පිළිබඳව සාර්ථක පැහැදිලි කිරීමක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ දක්නට නොමැති බවද ඔහු පැවසුවේය. ‘නමුත් මෙහි සඳහන් වෙනවා ලංකාවේ දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ ව්‍යාපෘතිවල දැවැන්ත දුෂණයක් පවතින නිසා එම සමාගම් සමඟ නැවත සාකච්ඡා කර මිල ගණන් යළි අඩු කර ගත හැකි බව. ඒ වගේම ලංකාව ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර පොලී වාරිකය අඩු කර ගත හැකි බවත් මෙහි සඳහන් කර තිබෙනවා.’ ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ පැවසීය.
තමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් හිටපු අගවිනිසුරුවරිය යළිත් එම තනතුරෙහි පිහිටුවන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු අප්‍රිකාවේ සිට ලම්පෙදූසා දූපතට ළඟාවන සංක්‍රමණිකයෝ (පැරණි ඡායාරූපයක්) දරා ගැනීමට නොහැකි තරම් විශාල පිරිසක් පටවා ගත් බෝට්ටු හතරක් මුහුදේ අතරමංව සිටිනු ඉතාලියේ නාවික හමුදා හෙලිකොප්ටර් යානාවලට දැක ගැනීමට ලැබී තිබේ. එම බෝට්ටුවල සිර වී සිටි අට සියයකට අධික පිරිසක් බේරා ගත් බව බලධාරීහු පවසති. එම සංක්‍රමණිකයන්ගෙන් බහුතරය ඊජිප්තුව, ටියුනීසියාව, ඉරාකය සහ පාකිස්තාන වැසියන්. සංක්‍රමණිකයන් දෙසීයකට අධික පිරිසක් රැගත් තවත් බෝට්ටුවක් සිසිලි දූපත කරා රැගෙන විත් තිබේ. සංක්‍රමණිකයන් රැගත් නෞකාවක් පසුගිය ඔක්තෝබරයේදී ලම්පෙදූසා දූපත අසල මුහුදේදී අනතුරට ලක්වීමෙන් සිය ගණනක් දෙනා මිය යාමෙන් අනතුරුව ඉතාලි නාවික හමුදාව ඉතාලිය සහ උතුරු අප්‍රිකාව අතර මුර සංචාර දැඩි කොට තිබේ.
මධ්‍යධරණී මුහුදේ බෝට්ටුවල කොටු වී සිටි සංක්‍රමණිකයන් දහසකට අධික පිරිසක් ගතව ගිය පැය විසි හතර ඇතුලත බේරා ගත් බව ඉතාලියේ නාවික හමුදාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන බෙදීම් දුරලීමට එය අත්‍යවශ්‍ය සාධකයක් බව කී ආචාර් විජේසිරිවර්ධන, "මිනිස්සු වශයෙන් අපි වෙනස්. සංස්කෘතීන් බැලුවහමත් එකිනෙකට වෙනස් දේවල් ගොඩක් අපේ රටේ තියෙනව. අපිට එච්චර ලේසියෙන් බේරෙන්න බෑ අපි දෙමළ, සිංහල වශයෙන් සංස්කෘති නම් කරලා. මොකද ඒවා ඇතුලේත් උප සංස්කෘතීන් තියෙනවා." යැයි සඳහන් කළේ ශ්‍රී ලංකාවට කලා, සංස්කෘතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ අධ්‍යයන චාරිකාවක් අතරතුර ලන්ඩනයේ බීබීසී සංදේශය මැදිරියේදී අදහස් දක්වමිනි. "අනිත් එක කවුරු හරි හිතනවා නම් එක සංස්කෘතියක් සම්පූර්ණයෙන් අනෙක් සංස්කෘතියෙන් වෙනස් කියල ඒකත් වැරදියි." (සාකච්ඡාවට සවන්දෙන්න) එහෙත් එම තත්ත්වය ප්‍රසිද්ධියේ පිළිගෙන අවශ්‍ය සංශෝධන දියත් කිරීමට සමාජයේ බියක් පවතින බව ඔහු පෙන්වා දුණි. "වෙනස්කම් නැත්නම් අපිට බෙදා හදාගන්න දෙයක් නෑ." යනුවෙන් පැහැදිලි කළ ඔහු, සිංහල උරුමය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් භාවිත කරන 'උරුමය' යන වචනය දෙමළ භාෂාවෙන් බිඳී ආ එකක් බව උදාහරණ ලෙස ගෙන හැර දැක්වීය. 'බෙදීම් සහ බලය' "අපේ අවුල තියෙන්නේ බෙදීම් නිසා. ඒක සම්පූර්ණයෙන් වෙනස් දෙයක් වෙනස්කම්වලට වඩා. භේදයක් හැම තිස්සෙම බලය හා සම්බන්ධයි." යැයි කියා සිටි ආචාර් සුනිල් විජේසිරිවර්ධන, පසුගිය පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ පැවති 'දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමය' තුළ රටේ සංස්කෘතියේ ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම නොතකා හැර තිබූ බව පැවසීය. විශේෂයෙන්ම රටක් දරුවා වෙනුවෙන් වෙන්කරන අවකාශය ඒ රටේ සැබෑ සංවර්ධනය පිළිබිඹු කෙරෙන කැඩපතක් බව ද ඔහු පෙන්වා දුණි. (සාකච්ඡාවට සවන්දෙන්න) පරාක්‍රම නිරිඇල්ල සමඟ එක්ව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ශ්‍රී ලංකාවට කලා, සංස්කෘතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ නිරතව සිටින්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය සහිතව ය. ඒ උත්සාහයට අදාළව ලොව පුරා රටවල හැඩ ගැසීම් පිළිබඳව තමන් හැදෑරීමක් කළ බව පවසන ආචාර්ය විජේසිරිවර්ධන, විශේෂයෙන්ම දරුවා පරිසරයට, ලෝකයට හුරු කිරීමේ අරමුණින් හතර වන ශ්‍රේණිය දක්වා ජපානයේ දරුවන් කිසිදු විෂයයක් නොහදාරන බව තමන්ට දැනගන්නට ලැබුන බව පෙන්වා දුන්නේය. "අපේ දෙමවුපියෝ නර්සරි එකේ ඉඳලා ළමයින්ට මනුස්සයෝ වෙන්න දෙන්නේ නෑ, විෂයයන් උගන්වනවා," ඔහු පැවසුවේ මඳ සිනහවකින් මුව සරසා ගනිමිනි.
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකරනු වස් එකිනෙකාගේ හර පද්ධති බෙදාහදාගැනීමේ සංවිධිත ක්‍රියාවලියක් අවශ්‍ය බව කලා සංස්කෘතික ඒකකයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කිම් පවුලේ ඉතිහාසය උතුරු කොරියාව නමින් රාජ්‍යක්. ලෝක සිතියමට එක් වූ දා පටන් ගතවූ දශක කීපය පුරාම එය පැවතුණේ බාහිර ලෝකයෙන් වෙන්වූ තත්වයකය. උතුරු කොරියාව තවමත් නාමික වශයෙන් කොම්යුනිස්ට් පාලනයක් පවතින රටවල් අතලොස්සෙන් එකකි. රටක් වශයෙන් උතුරු කොරියාව ජාත්‍යන්තරය තුළ හුදෙකලා වීමට වැඩි වශයෙන් බලපා ඇත්තේ එරට පාලනය විසින් දිගින් දිගටම සිදු කරනු ලබන න්‍යෂ්ටික අත්හදා බැලීම්ය. දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමග 1948 වසරේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයත් සමග උතුරු කොරියාව බිහි විය. අඩ සියවසකට ආසන්න කාලයක් උතුරු කොරියාවේ දේශපාලන සබඳතා හැඩ ගැන්වූ එරට නිර්මාතෘ කිම් ඉල් සුන්ග්ට උතුරු කොරියාවේ ඉතිහාසය තුළ වැඩි ඉඩක් හිමිවේ. ඔහු විසින් ගෙන යන ලද දැඩි රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය, පුද්ගලාභිවාදනය මත පදනම් වූ නායකත්වයක් බිහි වීමට හේතු විය. උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් උතුරු කොරියාවේ ඉතිහාසය තුළ සුවිශේෂී දින ඒකාධිපති රාජ්‍යයක් වශයෙන් සැලකෙන උතුරු කොරියාව සිතාමතාම මානව හිමිකම් උල්ලංඝනය කරන බවටත් චෝදනා එල්ල වේ. කිම් පවුලේ තෙවන පරම්පරාව නියෝජනය කරන උතුරු කොරියාවේ වත්මන් නායක කිම් ජොන්ග් අන් එරට නිර්මාතෘ කිම් ඉල් සුන්ග් ගේ මුනුබුරෙකි. කිම් ජොන්ග් අන් ගේ පියා වූ එරට නායකයාව සිටි කිම් ජොන් ඉල් හෘදයාබාධයක් හේතුවෙන් 2011 වසරේ දෙසැම්බර් මාසයේ දී මරණයට පත් විය. ඉන් අනතුරුව කිම් ජොන්ග් අන් උතුරු කොරියාවේ නායකයා බවට පත් විය. වත්මන් පාලනය කිම් ජොන්ග් අන් පාලනය යටතේ ද උතුරු කොරියාව සිය හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය තුළ තවදුරටත් රැඳී සිටියි. උතුරු කොරියාවේ රූපවාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍රවල සංඛ්‍යාත රජයේ මාධ්‍ය සේවා පමණක් විකාශනයවන පරිදි සුසර කරනු ලැබ තිබේ. දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමග 1948 වසරේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයත් සමග උතුරු කොරියාව බිහි විය පුවත්පත් සහ විකාශන ආයතන සියල්ල සෘජු ලෙසම රජයේ පාලනයේ පවතියි. රටේ ආර්ථික අපහසුතා සහ අගහිඟකම් පිළිබඳ මාධ්‍ය වාර්තා පළ නොවන අතර, උතුරු කොරියාව විදේශ මාධ්‍යවලට ප්‍රවෘත්ති වාර්තා කිරීම දුෂ්කර රටවල් අතරට එක්වෙයි.
උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ගේ වැඩිමහල් සොහොයුරු කිම් ජොන්ග් නාම් ගේ ඝාතනයත් සමග උතුරු කොරියාව සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර අවධානය යළි ඉහළ යමින් පවතියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සඳුදා (19) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදීයි මැතිව්ස් එම උපහාරය ලද්දේ. 2015 වසරේ ජනතා ක්‍රීඩකයා හැටියට සම්මානයට පත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර. වසරේ නැගී එන ක්‍රීඩකයා හැටියට කුසල් ජනිත් නම් කෙරුණි. නැගී එන ක්‍රීඩකයා - කුසල් ජනිත් පෙර්රා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ ‘ඩයලොග්’ අනුග්‍රහයෙනි.
ශ්‍රී ලංකාවේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මෙවර සම්මානයට පත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ග්‍රවුන්ඩ්ස්වලට සාමාන්‍යයෙන් දවසකට රුපියල් 50,000 ක් විතර ඉල්ලනවා' සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ලබාදෙන අනුග්‍රහය පිළිබඳව පවා තවමත් ස්ථිර වචනයක් ලැබී නැති බවත් සම්මේලනයේ ජාත්‍යන්තර සහ දේශීය සම්බන්ධීකාරිකා ටානියා ශුකූ බීබීසී සංදේශයට කියා සිටියාය. "ග්‍රවුන්ඩ්ස්වලට සාමාන්‍යයෙන් දවසකට රුපියල් 50,000 ක් විතර ඉල්ලනවා," ඇය සඳහන් කළාය. ක්‍රීඩාංගන පහසුකම් ලබාදෙන මෙන් කණ්ඩායම දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් කරමින් සිටින නමුත් මෙතෙක් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව කණ්ඩායමේ හිටපු නායක චන්දන සූරියආරච්චි සංදේශයට පැවසීය. 'නිල ඇඳුමක්වත් නෑ' "ක්‍රීඩා අමාත්‍යාංශය ලිපියක් යවල තියෙනව මේගොල්ලන්ට ක්‍රීඩාංගන පහසුකම් ලබාදෙන්න කියලා. නමුත් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපිත් එක්ක සාකච්ඡාවක්වත් කරලා නැහැ." 'තවමත් අපිට ක්‍රීඩා අමාත්‍යංශයේ ගුවන් ටිකට්පත් හැර වෙනත් කිසිදු ආයතනයකින් යහපත් ප්‍රතිචාරයක් ලැබිල නැහැ මූල්‍යමය පැත්තෙන්' ලබන ජනවාරි 16 වැනි දින සිට 25 වැනි දින දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන්ගේ ප්‍රථම විස්සයි විස්ස ලෝක ශූරතාවලියට සහභාගිවීම පිණිස රුපියල් ලක්ෂ දහතුනකට ආසන්න මුදලක් වැයවනු ඇති බව සඳහන් කළ චන්දන සූරියආරච්චි, ඒ සඳහා ගුවන් ටිකට්පත් ලබාදෙන බවට ක්‍රීඩා අමාත්‍යාංශය පොරොන්දු වී ඇති බවත් පැවසීය. ක්‍රීඩක නිල ඇඳුම සකසා ගැනීම සහ පුහුණුවීම ඇතුළු අනෙක් කටයුතු වෙනුවෙන් ආධාර කරන මෙන්ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සම්මේලනය අනුග්‍රාහකයන් ගෙන් ඉල්ලීමක් කරයි. "තවමත් අපිට ක්‍රීඩා අමාත්‍යංශයේ ගුවන් ටිකට්පත් හැර වෙනත් කිසිදු ආයතනයකින් යහපත් ප්‍රතිචාරයක් ලැබිල නැහැ මූල්‍යමය පැත්තෙන්," කණ්ඩායමේ හිටපු නායකයා වැඩිදුරටත් පැවසීය. දැන් මූල්‍ය වර්ෂය අවසානවෙමින් පවතින බැවින් අනුග්‍රහය ලබාදීම දුෂ්කර බව ආයතන කිහිපයක් දැනටමත් තමන්ට දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේය. දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන්ගේ මංගල විස්සයි විස්ස ජගත් ශූරතාවලිය දකුණු ඉන්දීය කේරල ප්‍රාන්තයේ කෝචි නගරයේදී පැවැත්වීමට නියමිතයි.
ලබන ජනවාරි මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක ශූරතාවලියට සහභාගි වන මෙන් ආරාධනාවක් ලැබී ඇතත්, සිය ක්‍රීඩකයන්ට පුහුණුවීමට පවා නිසි ක්‍රීඩාංගනයක් නොමැති බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සම්මේලනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිවරයා එම ඉල්ලීම කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ විවාදයට ගනු ලැබීම ආරම්භ වූ අවස්ථාවේ. තමාට ඡන්දය දුන් ලක්ෂ 62 ක ජනතාව මෙන්ම, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතාවත් විධායක ජනාධිපති බලතල ඉවත් කිරීමට ඒකමතිකව අනුමැතිය දී තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ එකඟත්වය පළ වී ඇති බවයි පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් පැවසුවේ, තම පක්ෂය 19 වන සංශෝධනය සඳහා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන බවයි. මාධ්‍ය නීතියේ වෙනසක් මේ අතර ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ වගන්තිය ඉවත් කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එම වගන්තිය මගින් මාධ්‍ය නිදහසට බලපෑම් එල්ල විය හැකි බවට විවේචන එල්ල වීමෙන් අනතුරුවයි, එය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන්නේ. ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කිරීමේදී පිටස්තර පුද්ගලයන් නොව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත් කර ගත යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් විරෝධය පළ වීම අද (27) පාර්ලිමේන්තුවේ දී දක්නට ලැබුණ විශේෂ අවස්ථාවක් විය. ව්‍යවස්ථාදායක සභාව මේ අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක් වූ එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළ කරුණු පමණක් 19 වැනි සංශෝධනයට ඇතුළත් කර ඇති බවයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ අදහස් දක්වමින් සංශෝධනයට සහාය ලබා දෙන්නේ විපක්ෂය ඉදිරිපත් කර ඇති සංශෝධන අනුමත කළොත් පමණක් බව කියා සිටියේය. 19 සම්මත කරන මෙන් ඉල්ලමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයේ දෙවන හා අවසන් දිනය විසිඅට වෙනි දිනට නියම කොට ඇත. එදින සවස 19 වැනි සංශෝධනය සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හෙවත් මන්ත්‍රීවරුන් 150 කගේ සහාය අවශ්‍යවේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහයෝගය දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'කන්ද උඩරට ගිවිසුම' අත්සන් කළ මහනුවර භාෂාව, සංස්කෘතිය, ආහාර, ක්‍රීඩා සහ බ්‍රිතාන්‍ය විලාසිතා මෙන්ම චාරිත්‍ර වාරිත්‍රද ශ්‍රී ලාංකිකයන් තවමත් යම්තාක් දුරකට අනුගමනය කරති. 1815 සිට 1948 දක්වා බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති අවධියේදී ශ්‍රී ලංකාව හැඳින්වූයේ 'සිලෝන්' ලෙසය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ ලොව පුරා ජනප්‍රියව ඇත්තේ 'සිලෝන් ටී' ලෙසය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පියාසර කරන විට අදටත් ගුවන් සේවිකාවන් මගීන්ට තේ පැන් සංග්‍රහ කරන්නේ "ඔබට සිලෝන් ටී අවශ්‍යද?" යැයි හඬ නඟා අසමිනි. කෙසේනමුත්, සිලෝන් නම් 'යටත් විජිත නාමය' රාජ්‍ය ආයතනවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය 2011 දී තීරණය කළේය. මේ ගැන විවිධ මත පළ වුණු නමුත් එය රජයේ අමාත්‍යවරු හැඳින්වූයේ 'යටත් විජිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමක්' ලෙසය. 1972 දී රට ජනරජයක් බවට පත් වී දෙවෙනි එලිසබෙත් රැජින දිවයිනේ රාජ්‍ය නායකත්වයෙන් ඉවත් වූ තැන සිට, පෘතුගීසි සමයෙන් උපුටා ගත් බ්‍රිතාන්‍ය යටත් විජිත නාමය වන සිලෝන් යන්න ද භාවිතයෙන් ඉවත් කෙරිණි. පසුව 'ලංකා' යන නාමයට ගෞරවනීය පැරණි පදයක් වන 'ශ්‍රී' එකතු කරන ලද අතර, මෙය දිවයිනේ සිංහල හා දෙමළ නම් වලට වඩාත් සමීප බවට තීරණය කෙරිණි. නමුත් ලංකා බැංකුව (Bank of Ceylon) සහ ලංකා ධීවර සංස්ථාව (Ceylon Fisheries Corporation) ඇතුළු බොහෝ ආයතනවල සිලෝන් යන නම නොවෙනස්ව පැවතුණි. කෙසේනමුත්, 'සිලෝන් ටී' යන නාමය තවත් බොහෝ කාලයක් නොවෙනස්ව පවතිනු ඇත. එය රටේ ජනප්‍රියම අපනයන භාණ්ඩයෙහි ගුණාත්මක බවේ සන්නාමයක් ලෙස තේ කර්මාන්තය විශ්වාස කරයි. සිලෝන් යන වචනයට ඓතිහාසික වටිනාකමක් ඇති බවට සමහරු විශ්වාස කරන අතර, අන් අය පවසන්නේ ස්වාධීන රටක් ලෙස ඉදිරියට යෑමට මෙම නම් වෙනස් කිරීම අවශ්‍යය බවය. බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණේ මොනවා ද? තේ සංස්කෘතිය බ්‍රිතාන්‍යයන් උඩරට රාජධානිය ඇතුළු කඳුකරයේ ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසුව, විවිධ බෝග වගා කර අත්හදාබැලීම් සිදු කර තිබිණි. දෑතින් තේ දළු නෙළීමට සමත් පිරිසකි 19 වන සියවස ආරම්භය වන විට ද වසර 20 කට වැඩි කාලයක් පුරා කෝපි ශ්‍රී ලංකාවේ අංක එකේ බෝගය විය. කොළ රෝගයකින් කෝපි පැළෑටි විනාශ වීමත් සමග, වෙනත් බෝග හඳුන්වා දීමට ක්‍රියා කර තිබුණු අතර තේ ගස් ඒ අතර ප්‍රමුඛ විය. වතුකරයේ රැකියා කිරීම සඳහා සිය පවුල් සමග ඉන්දියානු ද්‍රවිඩයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අතර ඔවුන් දෑතින් තේ දළු නෙළීමට සමත් පිරිසක් ලෙස හැඳින්විණි. අදටත් මෙම කාර්යයේ නිරත වන්නේ මේ පුද්ගලයන්ය. තේ දළු නෙලන්නන්ගේ ජීවන තත්ත්වය ඉතා පහත් මට්ටමක පැවති අතර පසුකාලීනව රජයන් සහ විශාල තේ සමාගම්වල අනුග්‍රහයෙන් ඔවුන්ට යම් පහසුකම් ලබා දී තිබේ. මහනුවර අවට කඳුකරය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ තේ යටත් විජිත සමය මෙන්ම ඉන් පසුව ද දිවයිනේ ආර්ථිකය හා සංස්කෘතියේ අතිශය වැදගත් අංගයක් බවට පත්විය. තේ නිෂ්පාදනය ඉහළ යාමත් සමඟ තේ පානය කිරීමේ සිරිත ද ජනතාව අතර ප්‍රචලිත විය. වර්තමානයේ දී බහුතරයක් ශ්‍රී ලාංකිකයින් අතර තේ දෛනික බීමක් බවට පත්ව ඇති අතර, එම කර්මාන්තය විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබේ. භාෂාව කුඩා දූපතට බ්‍රිතාන්‍යයන්ගෙන් ඇතිවුණ බලපෑම් අතර ඉදිරියෙන්ම තිබෙන්නේ ඔවුන්ගේ භාෂාව හඳුන්වා දීමය. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ සිලෝන්හි පවුලක ඡායාරූපයක් අද වන විට ශ්‍රී ලංකාවේ නිල භාෂා තුනක් තිබේ. එනම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසිය. සිංහලයන් ලන්දේසි හා පෘතුගීසි භාෂාවන්ට සමාන වචන කීපයක් භාවිත කළද, අධ්‍යාපන පද්ධතියට පවා පූර්ණ ලෙස ඇතුළත් වූයේ ඉංග්‍රීසි බස පමණකි. සියලු පාසල්වල දේශීය භාෂා සමඟ ඉංග්‍රීසි ද අනිවාර්ය විෂයක් ලෙස උගන්වන අතර යම් පුද්ගලයෙකු ඉංග්‍රීසි හොඳින් ප්‍රගුණ කර තිබීම කාර්යාල රැකියාවක් ලැබීමට පවා අත්‍යවශ්‍ය සුදුසුකමකි. දිවයින පුරා සියලුම වීදි සංඥා භාෂා තුනෙන්ම ප්‍රර්ශනය කිරීම නීතියක් බවට ද පත්ව ඇත. උසස් අධ්‍යාපනය, ව්‍යාපාර, අධිකරණ, බැංකු කටයුතු පමණක් නොව පෞද්ගලික කාර්යාල බොහොමයක ද වර්තමානයේ පුළුල් ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිත කෙරෙයි. ශ්‍රී ලාංකිකයන් ඉංග්‍රීසි කතා කරන විට යම් දුරකට බ්‍රිතාන්‍ය උච්චාරණයට සමාන වන්නේ ද මේ හේතු නිසාය. ක්‍රීඩා යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍ය නිලධාරීන් දිවයින තුළ පදිංචි වූ අතර, ඔවුහු සිය විනෝදාත්මක ක්‍රීඩා, සංස්කෘතික අංග ඇතුළු බොහෝ දේ දිවයිනට රැගෙන ආහ. බ්‍රිතාන්‍යයයෙන් ගෙන එන ලද කැපී පෙනෙන ක්‍රීඩා තුනක් නම් ක්‍රිකට්, ගොල්ෆ් සහ රග්බි ය. වීදි සහ උද්‍යානවල ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ තරුණියන් ශ්‍රී ලංකාවේ සුලභ දසුනකි වර්තමානයේ දී ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ වැඩිම මුදලක් සංසරණය වන ක්‍රීඩාව බවට පත්ව තිබේ. එංගලන්තය තුළ එයට හිමිව ඇත්තේ අවම ජනප්‍රියත්වයකි. වර්තමානයේ දී අවුරුද්ද පුරා ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් තරඟ සංවිධානය කෙරෙන අතර, පාසල්වල ද ක්‍රිකට් පුහුණුව ලබා දෙමින් කණ්ඩායම් නිර්මාණය කර ඇත. වීදි සහ උද්‍යානවල ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ තරුණියන් ශ්‍රී ලංකාවේ සුලභ දසුනකි. මේ උනන්දුව නිසා දෙවරක් ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රණය කිරීමට ද ශ්‍රී ලංකාවට හැකි විය. බ්‍රිතාන්‍ය නිලධාරීන් කොළඹ, නුවරඑලිය සහ මහනුවර නගරවල ගොල්ෆ් ක්‍රීඩාංගන තුනක් ඉදිකළ අතර ඒවා සියල්ලම අදටත් ක්‍රියාත්මක වේ. කෙසේනමුත්, "සල්ලිකාරයන්ගේ ක්‍රීඩාවක්" ලෙස බොහෝ දෙනෙකු හැඳින්වීමත් සමග සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ගොල්ෆ් ක්‍රීඩාවෙන් දුරස්ථ වී තිබෙන බව දැකිය හැකිය. ශ්‍රී ලාංකිකයන් රග්බි දැඩි ලෙස වැළඳ නොගත් නමුත්, පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමින් නිතර තරග සංවිධානය කෙරේ. යටිතල පහසුකම් තේ කර්මාන්තය ව්‍යාප්ත වීමත්, රටවැසියන්ගේ දියුණුවත් සමඟ මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකිරීම යටත් විජිත සමයේ ආරම්භ වුණි. නුවරඑලිය තැපැල් කාර්යාලය රට පුරා පාසල් ගොඩනැගුණු අතර, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ඇතුළු බොහොමයක අදටත් එම පැරණි ගොඩනැගිලි දක්නට ලැබේ. එමෙන්ම, කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අධිකරණ ගොඩනැගිලි සහ කුරුඳුවත්තේ පිහිටි ජාතික කෞතුකාගාරය, නුවරඑලිය තැපැල් කාර්යාලය වැනි නිල ගොඩනැගිලි රාශියක් ද ඉදිකෙරිණි. මේ අතර, කඳුකරයේ ද බ්‍රිතාන්‍යයන් විසින් තේ වැවිලිකරුවන්ගේ බංගලා ඉදිකරන ලද අතර ඉන් බොහොමයක් වර්තමානයේ දී හෝටල් ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත. ඔවුන් විසින් ඉදිකරන ලද දේවස්ථාන, හපුතලේ 'එඩිසන්' බංගලාව වැනි ස්ථාන අද ජනප්‍රිය සංචාරක ස්ථාන බවට පත්ව තිබේ. බ්‍රිතාන්‍යයන් කොළඹ සහ නුවරඑලිය නගරවල විශාල උද්‍යාන ඉදිකිරීමට ක්‍රියා කළ අතර, ඒ අතරින් වඩාත් ජනප්‍රිය වන්නේ කොළඹ පිහිටි වික්ටෝරියා උද්‍යානයයි. වර්තමානයේ දී එය විහාරමහාදේවි උද්‍යානය ලෙස හැඳින්වේ. දිවයිනට පැමිණි බ්‍රිතාන්‍යයන් නවාතැන් ගත් බංගලාවක් දුම්රිය සේවා බ්‍රිතාන්‍යයන් ඉතිරි කර ගිය සියලු යටිතල පහසුකම් අතුරින් වඩාත් වැදගත් වන්නේ මුළු රටම සම්බන්ධ වන සේ ඉදිකරන ලද දුම්රිය මාර්ගයි. රට තුළ පළමුවෙන් දුම්රිය පීලි සවිකිරීම බ්‍රිතාන්‍ය පාලන සමයේදී සිදු වූ අතර, සියලු ප්‍රදේශ යා වන සේ දුම්රිය පද්ධතියක් සැකසීමට ඔවුහු ක්‍රියා කළහ. මේ අතරින් දෙමෝදර, ඔහිය, පට්ටිපොළ වැනි උස් ස්ථානවල දුම්රිය මාර්ග විශ්මිත නිර්මාණ ලෙස අදටත් ලොව පුරා ප්‍රසිද්ධ වී තිබේ. දෙමෝදර ආරුක්කු පාලම නිදහස් සටන සහ 'වික්ටෝරියානු සංස්කෘතිය' බ්‍රිතාන්‍ය නීතිය, පරිපාලන ක්‍රම, බදු ගෙවීමේ ක්‍රම, අධ්‍යාපනය ඇතුළු බොහෝ දේ අදටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකයෙකු ලෙස, දේශපාලනික සහ වෙළෙඳ ගනුදෙනු රාශියක් ද දෙරට අතර වර්තමානයේ දී ක්‍රියාත්මක වේ. කෙසේනමුත්, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ද ඝාතන, කැරළි, සම්පත් මංකොල්ලකෑම්, වහල් සේවය ඇතුළු අපරාධ රාශියක් සිදු වූ බව ද ඉතිහාස පොත්පත්වල සඳහන් වේ. නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා රදලයින් අතර තිබූ අමනාපකම් සිය වාසියට හරවා ගනිමින් ඉංග්‍රීසින් සිය බෙදා වෙන් කිරීමේ පාලන ක්‍රමය සාර්ථක කරගත් බව ඉතිහාසයේ සඳහන් වේ. 1882 දී මහනුවර ඡායාරූපයක් සබරගමුව මහ දිසාවේ සහ මහ අධිකාරම් ධුරය දැරූ ඇහැලේපොළ මහ නිලමේගේ සහය උපක්‍රමිකව ලබාගෙන ඉංග්‍රීසින් කන්ද උඩරට ආක්‍රමණය කරමින් 1815 මාර්තු මස ගිවිසුමකින් දිවයිනේ අයිතිය පවරා ගත් අතර, එය "කන්ද උඩරට ගිවිසුම" නමින් ප්‍රසිද්ධ වී තිබේ. නමුත් ඉංග්‍රීසින්ගේ 'තාඩන පීඩන' දරාගත නොහැකිව 1818 කැරැල්ලක් දියත් කර ඇති නමුත්, නැවතත් රදල අසමගිකම් ප්‍රයෝජනයට ගෙන කැප්පෙටිපොල මහ නිලමේ ඇතුළු 1818 නිදහස් සටනේ නායකත්වය ඝාතනය කරමින් ඉංග්‍රීසිහු සිය බලය තහවුරු කරගත්හ. ඉන් පසුව නැවත කැරැල්ලක් ඇති වූයේ 1848 දීය. ගොන්ගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු ඇතුළු පිරිසකගේ නායකත්වයෙන් මෙම අරගලය ආරම්භ කරන ලද්දේ එවක ආණ්ඩුකාරවරයා වූ ටොරින්ටන් සාමිවරයා පනවන ලද බදු හතකට විරෝධය පළ කිරීමක් ලෙසය. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම පිණිස ඇඟ බද්ද, කරත්ත බද්ද, තුවක්කු බද්ද ආදී වශයෙන් මෙම බදු නම් කර තිබිණි. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ සිලෝන්හි ඡායාරූපයක් බදු විරෝධී අරගලයක් වශයෙන් දියත් වූ මෙම සටන් ව්‍යාපාරය කුරුණෑගල සිට මාතලේ දක්වා ව්‍යාප්ත විය. එය මැඩලිමට ඉංග්‍රීසි හමුදා යොදන ලද අතර ක්‍රමයෙන් එය ජනතා විමුක්ති අරගලයක් බවට පත්විය. නමුත් උපක්‍රමශීලීව දෙවෙනි කැරැල්ලද පරාජය කිරීමට ඉංග්‍රීසිහු සමත් වූහ. කෙසේනමුත් නිදහස් සටන 1915න් පසු දේශපාලන සටනක් බවට පෙරළිණි. රාජ නීතීඥ ඊ ඩබ්ලිව් පෙරේරා, එෆ් ආර් සේනානායක, සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, සර් ඩී බී ජයතිලක, ඩී ඇස් සේනානායක වැනි දේශපාලනඥයෝ මෙම දේශපාලන සටනට නායකත්වය දුන් බවට ඉතිහාසයේ සඳහන් වේ. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ සිලෝන්හි ඡායාරූපයක් බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව විවිධාකාරයෙන් දියුණු කළ ද ඔවුන් සංස්කෘතියට, ආගමට සහ දේශීයත්වයට අනිසි බලපෑම් එල්ල කළ බවට සමාජයේ අදටත් නිතර පවතින මතයකි. එමෙන්ම සමහරු තවමත් 'වික්ටෝරියානු සංස්කෘතිය' අනුගමනය කරන බවට එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම අදටත් එක ලෙස සිදුවේ. නමුත් ඉන් පෙර දිවයින යටත් කරගත් ලන්දේසී සහ පෘතුගීසීන්ගේ බලපෑම් ගැන දැඩි සාකච්ඡාවක් සමාජය තුළ නොමැත. කෙසේනමුත්, නිදහස ලැබී වසර 73ක් ගත වුව ද යටත් විජිත සමයේ බලපෑම් මෙන්ම ප්‍රතිලාභ ද එක ලෙස භුක්ති විඳීමට ශ්‍රී ලාංකිකයන්ට හැකි වී තිබේ. මේ තොරතුරු ද කියවන්න:
ශ්‍රී ලංකාව, පෘතුගාලය - නෙදර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යය යන යුරෝපීය රටවල් තුනක යටත් විජිතයක් වී තිබිණි. මෙම රටවල් තුනේම සලකුණු අදටත් ශ්‍රී ලංකාව තුළ බහුලව දැකිය හැකිය. නමුත් මේ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ 1948 දී නිදහස ලැබීමට පෙර අවසන් වරට යටත් කරගෙන සිටි මහා බ්‍රිතාන්‍යයේ බලපෑමය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පුණ්‍ය ආයතනයක් ලෙස හඳුන්වන මෙහි ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම, අධ්‍යක්ෂකවරයා වන්නේ මංජුල ලසන්ත උක්වත්ත නැමැති පුද්ගලයෙකි. මෙම ආයතනය දරුවන් අලෙවි කරන 'බේබි ෆාම්' එකක් බවට ඇතැමුන් චෝදනා කරන නමුත් මංජුල උක්වත්ත කියා සිටින්නේ තමන් සිදු කරන්නේ "පුණ්‍ය ක්‍රියාවක්" බවය. CSC නේෂන් ලංකා පුණ්‍ය ක්‍රියා රාශියක් සිදු කරන ආයතනයක් ලෙස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අති විශාල ප්‍රචාරයක් ලබා දීමට ද මංජුල උක්වත්ත ක්‍රියා කරමින් සිටියි. "අසරණ වූ ගර්භණී කාන්තාවන්ට පිහිට වන" ආයතනයක් ලෙස ෆේස්බුක් හි මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් ද නිරන්තරයෙන් දැක ගත හැකිය. ආයතනයේ ෆේස්බුක් ගිණුමේ 64,000කට අධික පිරිසක් සිටින අතර, ඔවුන් බොහෝ දෙනෙකු මෙම ආයතනයෙන් සිදු කරන ක්‍රියාවන් අනුමත කරන බවක් පෙනෙන්නට ඇත. "මේ පුද්ගලයා සිදු කරන්නේ නීත්‍යානුකූල දෙයක් ද නැද්ද කියන එක හරියට ප්‍රකාශ කරන්නේ නැහැ. කොහොම වුණත් මව්වරුන්ගේ, දරුවන්ගේ පින්තූර හැමතැනම අසීමිත විදිහට ප්‍රචාරය කරගෙන ගෙනියන මේ වැඩපිළිවෙල සම්පූර්ණ සමාජ විරෝධීයි. ඒ වගේම යම් කෙනෙක් මේ ක්‍රියාවේ නීත්‍යානුකූල බව ප්‍රශ්න කළ සැණින් එයාට අසාමාන්‍ය ලෙස මඩ එල්ල වෙලා, සමාජ මාධ්‍ය ජාල ගිණුම් පවා බ්ලොක් වෙනවා. මේක සංවිධනාත්මක මාෆියාවක් වගේ පෙනෙනවා," කොළඹ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියක පැවසීය. යම් පුද්ගලයෙකු CSC නේෂන් ලංකා ආයතනයේ නීත්‍යානුකූල බව ප්‍රශ්න කළ විට, එම තැනැත්තා මතු කරන ප්‍රශ්නය ඉතා සුළු වේලාවක් ඇතුළත ඉවත් කෙරෙන අතර, විවේචනය ඉදිරිපත් කරන සමහර කාන්තාවන්ගේ ෆේස්බුක් පිටු තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කිරීම ගැන ද අදාළ ආයතනයට චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන්, බොහෝ දෙනෙක් සිය අදහස් දැක්වූව ද නම හෙළි කිරීමට අකමැත්ත පළ කළහ. CSC නේෂන් ලංකා සිදු කරන්නේ කුමක් ද? මංජුල උක්වත්ත හඳුන්වා දෙන පරිදි CSC නේෂන් ලංකා යනු "ආධ්‍යාත්මික සමාජයක් සඳහා වන සාමාජීය පරිවර්තනයේ ජාතික ආයතනයකි." මෙම ආයතනයේ ක්‍රියාකාරිත්වය ගැන මෙන්ම ඔහුට එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් පළ කළ යූ ට්යුබ් සහ ෆේස්බුක් වීඩියෝ ද විශාල ප්‍රමාණයක් දැකගත හැකිය. "මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අනිසි ලෙස ගැබ් ගෙන දුක් විඳින ගර්භණියන් ආරක්ෂා කරළා, ඒ අයට උපදින දරුවන් මේ රටේ ස්ථාපිත නීතියට අනුව, ඒ මවගේ කැමැත්ත තියෙනවනම්, අපි ඒ දරුවා දාරක ස්නේහය තිබෙන ආදරණීය දෙමාපියන්ට ඒ දරුවන් හදා ගන්න දෙනවා," යනුවෙන් මංජුල උක්වත්ත සිය නිවේදනවල සඳහන් කරයි. මංජුල ලසන්ත උක්වත්තට විශ්වක්‍රීර්ති දේශමාන්‍ය යන ගෞරව නාම ද ඇත මෙම පුණ්‍ය ආයතනය පවත්වාගෙන යෑමට එංගලන්තය, ස්වීඩනය ඇතුළු රටවල් රාශියක ශ්‍රී ලාංකිකයන් ආධාර ලබා දෙන බව ද එහි දැක්වේ. "මතක තබා ගත යුතු කාරණය වන්නේ මේ වැඩපිළිවෙළ ලංකාව තුළ විතරක් නෙමෙයි ලෝකයේම ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව. ගර්භණියන් සුරක්ෂිත කරමින් ගබ්සා වන්නට තිබුණ කළල ආරක්ෂා කර ජාතියේ අනාගතය වෙනුවෙන් ඒ දරුවන් උපද්දවා මව සහ දරුවා දෙන්නගෙම ජීවිත සුඛිත මුදිත තත්වයට පත් කිරීමයි අපේ අරමුණ." ආයතනයේ ක්‍රියාදාමයට බෞද්ධ භික්ෂූන් පිරිසක් ද සම්බන්ධ කරගෙන ඇති අතර, රාජ්‍ය අනුමැතිය සමග අදාළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ඔහු නිරන්තරයෙන් පවසයි. ඔහුට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීම පිණිස මංජුල උක්වත්ත ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම උත්සහ කළ නමුත් ඔහු දුරකතනයට පිළිතුරු දුන්නේ නැත. අනිසි ගැබ් ගැනීමට ලක් වූ බව පවසන කාන්තාවන් සිදු කරන හෙළිදරව් මෙන්ම දරුවන් හදා ගැනීමට ලබා දීමේ දී පවත්වන උත්සවවල සේයාරූප සහ වීඩියෝ ද සමාජ මාධ්‍ය ජාල තුළ බහුලව දැකිය හැකිය. මෙම ක්‍රියාවලිය පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්දැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නැඟුණු ප්‍රශ්නයකට වීඩියෝ ඔස්සේ පිළිතුරු දෙමින් මංජුල උක්වත්ත පවසන්නේ, " මට විරුද්ධව පෙර වැරදි නැහැ. මම අපරාධ කරලා නැහැ. මගෙ නම පොලිස් පොත්වල ලියවිලා නැහැ. එහෙමනම් මම ඇයි පරිවාස දෙපාර්මේන්තුවෙ ලියාපදිංචි වෙන්නෙ? මම හොඳ මනුස්සයෙක්," යනුවෙනි. "දරුවන් උපද්දවා මව සහ දරුවා දෙන්නගෙම ජීවිත සුඛිත මුදිත තත්වයට පත් කිරීමයි අපේ අරමුණ" CSC නේෂන් ලංකා ආයතනයේ 'දස අවුරුදු සැලැස්මක් ද' එළිදක්වා තිබිණි. ඒ අනුව, 2020 සිට 2030 දක්වා "කාරණා හතක් මුල් කරගෙන රට තුළ අධ්‍යාත්මික පරිවර්තනයක් ඇති කිරීම" ඔවුන්ගේ බලාපොරොත්තුව බව සඳහන් වේ. එම කරුණු හත වන්නේ: CSC නේෂන් ලංකා ආයතනය ගැන අදහස් දක්වමින් කොළඹ පදිංචි චම්පිකා පැවසුවේ, "මේක නීත්‍යානුකූල වුණත් නැතත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔය රැඩිකල් කියල හිතාගෙන ඉන්න අය තමයි මේ අකුල් හෙළන්නේ. මීට වඩා නීත්‍යානුකූල නොවන දේවල් අපේ රටේ ඕනෑ තරම් වෙනවා. ඒ හින්දා මේ ආයතනයෙන් කරන මේ පුණ්‍ය ක්‍රියාවට අකුල් හෙලන්න එපා. මේ මනුස්ස ලෝකයේ ඉපදෙන්න ඉඩකඩ ලබලා දෙනවා කියන එක ලේසි පහසු පුණ්‍යකර්මයක් නෙවෙයි. මේ වැඩපිලිවෙලට අකුල් හෙලමින් පව් සිදුකර ගන්න එපා. වෙන දෙයක් බලා ගෙන පාඩුවේ ඉන්න," යනුවෙනි. රටේ නීතිය කුමක් ද? ස්වභාවික දෙමාපියන් හැර වෙනත් විවාහක හෝ අවිවාහක පුද්ගලයන් දරුවෙකු දරු කමට හදා වඩා ගැනීම 'දරුවන් කුලවද්දා ගැනීම' යන්නෙන් අදහස් වන අතර, ඊට අදාළ නීතිය 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනතේ සඳහන් වන බව නීතීඥ මදුෂි කොස්වත්ත බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය. නීතීඥ මදුෂි කොස්වත්ත "මේ සම්බන්ධයෙන් දරුවා වගේම ඒ දරුවා හදා ගන්න අය සපුරාලිය යුතු අවශ්‍යතා කීපයක් පනතේ සඳහන් වෙනවා. ප්‍රායෝගිකව සිදු විය යුත්තේ, අධිකරණය හරහා පෙත්සමක් ගොනු කරළා ඉල්ලුම්කාර පාර්ශවය විදිහට දරු කමට හදා ගන්න ඉල්ලන යුවල හෝ තනි පුද්ගලයා සඳහන් කරන්න ඕනේ. එහි වගඋත්තරකරුවන් විදිහට දරුවාගේ නම සඳහන් කළ යුතුයි. ඊට අමතරව දරුවාගේ ස්වභාවික මව සහ පියාගේ කැමැත්ත අනිවාර්යයෙන් තිබිය යුතුයි," ඇය සඳහන් කළාය. "ඊට අමතරව රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව සහ දරුවට අදාළ පරිවාස නිලධාරීන්ව වගඋත්තරකරුවන් ලෙස නම් කරළා, ඒ අයගෙන් කැමැත්ත විමසලා, දරුවාගේ උපරිම යහපත කියන සංකල්පය මත අධිකරණය තීරණයක් ලබා දෙනවා," යැයි නීතීඥවරිය පැවසුවාය. 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනත ප්‍රකාරව දරුවෙක් දරුකමට හදා ගැනීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා: දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය යනු කුමක්ද? දරුකමට හදා ගැනීමේ ආඥා පනතේ 4 වන වගන්තිය, දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් විස්තර කර ඇත. දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් හඳුන්වන්නේ දිසා අධිකරණය වන අතර, දරුවා කුලවද්දා ගැනීමට අදාළ නියෝගය ප්‍රකාශ කිරීමට පෙර දරුවා හදාගැනීමට දීමෙන් ඔහු හෝ ඇයගේ උපරිම යහපත සැලසී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය. මෙහිදී මූලික වශයෙන් සලකා බලන කරුණු නම්: "තනි පුද්ගලයෙකුට දරුවෙක් හදා ගන්න පුළුවන් කියලා පනතේ තිබුණට, අධිකරණයෙන් ඒකට අවසර දෙන්නෙම නැති තරම්. කොහොම වුණත්, දරුවන් කුලවද්දා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින්නේ යල් පැනගිය නීතියක්. 1940 ගණන්වලට අදාළ මේ නීතිය අනිවාර්යයෙන් සංශෝධනය විය යුතුයි," නීතිඥ මදුෂි කොස්වත්ත පැවසීය. "මේ නීතියේ සෑහෙන හිඩැස් තියෙනවා. ඒ හිඩැස්වල තමයි CSC නේෂන් ලංකා වගේ ආයතන එල්ලිලා ඉන්නේ. මේ යල් පැනගිය නීති නිසා ඇත්තටම දරුවෙකුගේ අවශ්‍යතාව තියෙන යුවලකට දරුවෙකු හදාගන්න එක අමාරු වෙන අවස්ථා අපි අත්දැක තියෙනවා." ළමා නිවාසවල සිටින දරුවන් කුලවද්දා ගැනීම සිදුවන්නේ කෙසේද? ළමා නිවාසවල සිටින දරුවන් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ අදාළ පළාතේ ළමා හා පරිවාස කොමසාරිස්වරයාටය. දරුවෙකු කුලවද්දා ගැනීමට ගැනීම සඳහා අධිකරණයෙන් තාවකාලික ආඥාවක් පමණක් නිකුත් කර තිබෙන අවස්ථාවක, දරුවා නැවත ළමා නිවාසයට භාරදීමේ හැකියාව ඇති නමුත්, අධිකරණය මඟින් ස්ථිර ආඥාවක් නිකුත් කළ පසුව එසේ කළ නොහැකිය. "නීතියේ තියෙන යම් දුර්වලතා නිසා, ළමා නිවාසයකින් දරුවෙක් හදා ගන්න ඉල්ලනකොට පරිවාස නිලධාරීන් හරි ඉක්මනට ඒ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තත්වයක් තියෙනවා. ඒ වගේ දේවල් CSC නේෂන් ලංකා වගේ ආයතනවලට වාසි සහගත වෙලා තියෙනවා." "ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම තහනම් වීම යන කාරණය මත, සමහරවිට ඔවුන් මේ සිදුකරන්නේ හොඳ දෙයක් වෙන්න පුළුවන්, නමුත් මංජුල කියන පුද්ගලයා මේ ලබා දෙන අනවශ්‍ය ප්‍රචාරය දැක්කාම ඕනෑම කෙනෙකුට සාධාරණ සැකයක් මතු වෙනවා," නීතිඥවරිය තවදුරටත් පැවසුවාය. ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි. ගබ්සා කිරීම සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන්, ස්ත්‍රී දූෂණ, කළලයේ බරපතළ විකෘතිතා, පවුල් සැලසුම් ක්‍රම අසාර්ථකවීම, ව්‍යභිචාර වැනි අවස්ථාවලදී ඇතිවන ගැබ් ගැනීම් ඉවත් කිරීමට නොහැකි නිසා කාන්තාවන් විශාල ගැටළු රැසකට මුහුණ දෙන තත්වයක් දැකිය හැකිය. දියුණු රටවල මෙන් ශ්‍රී ලංකාව තුළ තනි මවකට දරුවෙකු හදා වඩා ගැනීමට රජයෙන් සහයක් නොලැබෙන අතර, සමාජයෙන් එල්ල වන පීඩනය අන් සියල්ලට වඩා අසීරුය. ගබ්සා නීතිය ලිහිල් කරන ලෙස කාන්තා සංවිධාන, වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනෙක් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් කළ නමුත් ඒ සෑම අවස්ථාවකම ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කිසිදු රජයක් එම ඉල්ලීම් ක්‍රියාත්මක කළේ නැත. මේ අතර, ලොව පුරා රටවල් ගණනාවක ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කර තිබේ. "ඉවරයක් නැති අපහාස, හැබැයි....." තනි මවක ලෙස වසර 11ක් පුරා සිය දරුවා හදා වඩා ගත් මවක බීබීසී සිංහල සේවය සමග සිය අත්දැකීම් බෙදාගත්තාය. රෙදි සාප්පුවක වෙළෙඳ සහායිකාවක ලෙස රැකියාවක නිරත වන ඇය සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති විය. "මම ආදරය කරපු කෙනාගෙන් දරුවෙක් ලැබුණා. එයා මාව කසාද බැන්දේ නැහැ. මට වයස 23 දී දරුවා ලැබුණේ. කිසිම හව් හරණක් තිබුණේ නැහැ මට. හැබැයි එහෙම කියලා මගේ දරුවා කාටවත් දෙන්න ගියේ නැහැ," ඇය පැවසුවාය. ඇයට මෙන්ම දරුවාට ද සමාජයෙන් අනේක නින්දා අපහාස විඳීමට සිදු වී ඇති අතර, දරුවා පාසලකට ඇතුළත් කිරීමේ දී පවා විශාල ගැටළු රැසකට මුහුණ දීමට සිදුව තිබේ. "මාව පවුලේ අය පවා එළවල දැම්මා. රස්සා කළත් ඒවගේ ඉන්න මිනිස්සු කරන අපහාස සහ අයුතු ප්‍රයෝජන ගන්න හදන අවස්ථා ඉවරයක් නැහැ. හැබැයි, මට සහ දරුවට උදව් කරපු සහ අදටත් උදව් කරන මිනිස්සුත් සෑහෙන්න ඉන්නවා." "හැබැයි, මම අදටත් කොහොමහරි දරුවා හදාගෙන ජීවත් වෙනවා. දියුණු රටවල මම අහලා තියෙනවා තනි අම්මලට සෑහෙන දීමනා ලැබෙනවා කියලා දරුවා වෙනුවෙන්. ඒකට අපේ රටේ සලකන්නේ මේක මහා අපරාධයක් විදිහට." "ඔය ෆේස්බුක් එකේ කියන ආයතනවලට ගිහින් හැංගිලා දරුවෝ බිහි කරලා දරුවා කාටහරි දෙන්න අවශ්‍ය නැහැ. දරුවෝ සහ තනි අම්මලා වෙනුවෙන් මේ රටේ හොඳ වැඩපිළිවෙලක් තිබුණනම් හරි. දරුවෙක් බිහි වෙන්න දෙන එක පුණ්‍යකර්මයක් කියන මිනිස්සුම තමයි අනික් අතට ඒ දරුවටයි, අම්මටයි නොසෑහෙන්න ගරහන්නේ." "ඒ ගැරහිලිවලට බයෙන් හංගලා දරුවෝ බිහි කරළා, දරුවාගේ ලේ උරුමේ මකලා දාන එකයි ලොකුම පාපය කියලා මේ සමාජය දැනගන්නකොට හුඟක් පරක්කු වැඩි වෙයි," ඇය ඉතා ආවේගශීලීව පැවසුවාය. මේ අතර, උනේකා ලක්මිණි අබේරත්න, CSC නේෂන් ලංකා ආයතනය ගැන ෆේස්බුක් ඔස්සේ සිය අත්දැකීම් බෙදා ගනිමින් පවසා ඇත්තේ, "විවාහයට පෙර හෝ පසු ගැබ් ගත්තොත් දරුවා හදනවද ,නැත්ද කියන එක තීරණය කරන්නෙ දෙමාපියෝ. විශේෂයෙන් අවිවාහක ගැබ් ගැනීම් වලදි දරුව බිහිකරනවද නැත්ද කියන එක ඒ ගැබ දරණ කාන්තාවගෙ ජීවිතය සම්බන්ධ සංකීර්ණ කාරණාවක්. මේ පුද්ගලයා කොහොමද බල කරන්නෙ දරුවෝ උපද්දල එයාට දෙන්න කියල," යනුවෙන් සඳහන් කර තිබුණි. "ඔය වගෙ අවස්ථාවල කරන්න ඕන අතරමැදියෙක් වෙලා දරුවො කාටහරි දෙන එක නෙමේ. ඒ අදාල කාන්තාව, single parent කෙනෙක් හැටියට අභිමානයෙන් කටයුතු කළ හැකි අන්දමින් ඔසවා තැබීමට අවශ්‍ය ආකල්පමය පසුබිම සකස් කරන එකයි. දරුව හදාගන්න දෙන්න අවශ්‍ය නම් නීත්‍යානුකූල ක්‍රමයක් තියෙනවනෙ රටේ" යනුවෙන් ද ඇය එහි සඳහන් කරන්නීය. ශ්‍රී ලංකාවේ 'බේබි ෆාම්' 1980 වසරවල දී දරුකමට හදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උපත ලැබූ ළදරුවන් දහස් ගණනක් වංචනික ලෙස විවිධ රටවලට විකුණා ඇති බව 2017 දී නෙදර්ලන්ත වාර්තා චිත්‍රපටයකින් හෙළිදරවු කර තිබිණි. මෙය ශ්‍රී ලංකා බලධාරීන් පිළිගත් අතර, ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවට එවක රජය ප්‍රකාශ කළේය. මෙහිදී දරුවන් 11,000 ක් පමණ යුරෝපීය පවුල්වලට විකුණා ඇති අතර දෙපාර්ශවයටම ව්‍යාජ ලියකියවිලි ලබා දී ඇත. එලෙස විකුණූ සමහර දරුවන් 'බේබි ෆාම්වල' උපත ලැබූ බව වාර්තා වේ. ඒ අතරින් දරුවන් 4,000ක් පමණ හදා වඩා ගැනීම සඳහා ලබාදී තිබෙන්නේ නෙදර්ලන්තයටය. දරුකමට හදා ගැනීමට අවසර ලබා දුන් බලධාරීන් විසින් උප්පැන්න සහතික, දරුවන්ගේ නම් සහ ජීව විද්‍යාත්මක දෙමව්පියන්ගේ අනන්‍යතාවය ඇතුළුව සියලු ආකාරයේ ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට සාක්ෂි හමු වූ බව නෙදර්ලන්ත වාර්තා චිත්‍රපටය වෙනුවෙන් පරීක්ෂණ සිදු කළ කණ්ඩායමේ නොර්බට් රයින්ජන්ස් මේ සම්බන්ධයෙන් 2017 දී බීබීසී සේවයේ පළවූ ලිපියට සිය අදහස් දක්වමින් පැවසීය. "සමහර අවස්ථාවල දරුවාගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන් ලෙස පෙනී සිටීමට විවිධ පුද්ගලයන්ට මුදල් පවා ගෙවා තිබුණා." සමහර රෝහල් සේවකයින් ද මෙම අපරාධ ජාලයට සම්බන්ධව කටයුතු කළ බවට වාර්තා චිත්‍රපටයෙන් චෝදනා නඟා තිබේ. මතුගම රෝහලක නව මවුවරුන් කිහිපදෙනෙකුට තම දරුවන් උපතේ දී මියගිය බවට දන්වා, පසුව ඔවුන් හොර රහසේ දරුකමට හදා ගැනීම සඳහා විදේශයන්ට විකුණූ බවට ද වාර්තා විය. 1987 දී මෙවැනි ස්ථානයක් වටලා අලුත උපන් දරුවන් 20 දෙනෙකු සොයා ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ දරුවන් පිටරටක දරුකමට හදා ගැනීමට ලබා දීම තාවකාලිකව තහනම් කළේය. එහි සිටි මව්වරුන් අඩි 10ක තාප්පයකින් වටකර තිබුණු "සිරගෙයක් වැනි" ස්ථානයක රඳවා සිට ඇත. බීබීසී සිංහල සේවය 2017 දී මේ සම්බන්ධයෙන් පළ කළ ලිපියකට අදහස් දක්වමින්, සිය දරුවා ලබා දුන් දෙනියායේ පදිංචි එන් සිරිමාවතී පැවසුවේ, "මගේ එකම බලාපොරොත්තුව මගේ දුවගේ මුණ දැකගන්න එක. මම අදටත් දරුවා දුන්නු එක ගැන හිත හිතා අඩනවා. ඒ දවස්වල මහත්තයා මාව දාලා ගියා. නැති බැරි කම හින්දයි ළමය දෙන්න වුනේ," යනුවෙනි. එන් සිරිමාවතී විදේශිකයෙකු ශ්‍රී ලංකාවේ දරුවෙකු කුලවද්දා ගැනීමට අදාළ නීති මොනවා ද? විදේශීය රටක පුරවැසිභාවය හිමි අයෙකුට වුව ද ශ්‍රී ලංකාවේ දරුවෙක් කුලවද්දා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය. එහිදී පහත සඳහන් කරුණු අත්‍යවශ්‍ය වේ: කෙසේනමුත්, 2011 වසරේ දී කොළඹට නුදුරු පළාතක පිහිටවා තිබූ 'ප්‍රේම් නිවාසය' නම් පුණ්‍ය ආයතනයකට විරුද්ධව නඩු පවරා තිබුණේ බාලවයස්කාර මව්වරුන් ගැන අදාළ නීති ආයතනවලට නොදැන්වීම සහ දරුවන් විකිණීම සම්බන්ධයෙනි. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවූ පරීක්ෂණවලින් පසු එම පුණ්‍ය ආයතනයේ ප්‍රධානී මේරි එලිසා කන්‍යා සොහොයුරිය නිදහස් කළ අතර, මව්වරුන් සහ දරුවන් සම්බන්ධ සියලු කටයුතු ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව ඔවුන් සිදු කරන බව තහවුරු විය. 'ප්‍රේම් නිවාසය' ඉදිරිපිට තනා තිබූ තෙරේසා මව්තුමියගේ පිළිමය පැමිණිලි රැසක් CSC නේෂන් ලංකා ආයතනයට සහ මංජුල උක්වත්තට විරුද්ධව මේ වන විට පැමිණිලි රැසක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. කෙසේ නමුත්, පවතින නීතිමය ගැටළු හේතුවෙන් මෙවැනි ක්‍රියාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ යම් අපහසුතා පවතින බැවින් සියල්ලට ප්‍රථම නීති සංශෝධනය විය යුතු බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසීය. මේ තොරතුරුත් කියවන්න:
අනිසි ගැබ් ගැනීම්වලට මුහුණ දෙන කාන්තාවන් රඳවාගෙන, ඔවුන්ගේ දරුවන් බිහි වූ පසු හදා වඩා ගැනීම සඳහා වෙනත් අයට ලබා දෙන 'CSC නේෂන් ලංකා' නම් ආයතනයක් පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ මේ දිනවල දැඩි කතා බහක් ඇති වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාලනයකින් තොර හා නීති විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම යෝජනාව ප්‍රකාශයට පත් විය. නීති විරෝධී මසුන් මැරීම පාලනය කිරීම සඳහා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, ගැඹුරු මුහුදේ කෙරෙන මසුන් මැරීමේ කටයුතු වලට අවශ්‍ය ප්‍රමාණයට සම්බාධක ක්‍රියාත්මක නොකිරීම හා ජාත්‍යන්තර සහ කලාපීය ධීවර නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම යන කරුණු කොමිසම් ඇගයුම් වාර්තාවේ සඳහන්. දෙදහස් පහළොව වසරේ ජනවාරි මාසයේ මැද වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සාගර සම්පත් කටයුතු භාර යුරෝපා කොමසාරිස්වරිය මරියා දමනකි බේලිස්, ෆීජි, පැනමා, ටෝගෝ, වනුවාටු සහ ශ්‍රී ලංකාව යන රටවලට ඉහත කී කරුණු සම්බන්ධයෙන් මීට පෙර යුරෝපා කොමිසම අනතුරු හැඟවීමක් කළේය. සිහි කැඳවීමක් නමුත් ශ්‍රී ලංකාව හැර පෙර සඳහන් කළ රටවල් සියල්ල නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය මැඩපැවැත්වීම සඳහා ගත් පියවරයන්හි සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් යුරෝපා කොමිසම් ලැයිස්තුවෙන් ඉවත් වී තිබේ. ‘නීති විරෝධී මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මේ රටවල් පහ අපේ ඇගයීමට ලක් වෙනවා. නමුත් අවාසනාවකට මට ඒ දේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන්න බැහැ. අපි මේ ගත්ත තීරණය ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් නැවත සිතා බලන්න අවස්ථාවක් ලබා දේවි’ යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි පැවසුවාය. විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් අවම කිරීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් පුරා වසර හතරක් යුරෝපා කොමිසම හා ශ්‍රී ලංකාව අතර උණුසුම් මට්ටමේ සංවාදයක් පැවතුණි.
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම් කරන ලෙස යුරෝපා කොමිසම යෝජනා කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එකිනෙකාට සමාව දී එකම පවුලක එක් ජාතියක් ලෙස සමගි වන මෙන් බෙදී සිටින කොරියනුවන්ගෙන් උන්වහන්සේ ඉල්ලා සිටියි. සිය ප්‍රථම ආසියානු නිල සංචාරය නිමා කරමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියහ. උතුරු කොරියානු බලධාරීන්ට දේව මෙහෙය සඳහා ආරාධනා කර තිබූ නමුත් ඊට සහභාගී වීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි පැවසෙන්නේ. පාප් වහන්සේගේ සංචාරය සිදු වන අතරතුර දකුණු කොරියාව හා ඇමරිකානු හමුදා අතර යුද හමුදා පුහුණුවක් පැවැත්වේ. එම හමුදා පුහුණුව උතුරු කොරියාව විසින් හෙලා දැක තිබේ.
රෝමානු කතෝලික සභාවේ ප්‍රධානී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු කොරියාවේ සියාවුල් අගනුවරදී කොරියානු අර්ධද්වීපයේ සාමය හා සමාදානය වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත් වූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මුහුදු පතුලෙන් වැලි ඝන මීටර මිලියන ගණනක් පොම්ප කර කෘත්‍රිම හුල්හුමාලේ දූපත සෑදිණි - වැලි ගොඩ කරමින් තැනෙන දූපතේ ගුවන් දර්ශනයක් එහි ඇති සුඛෝපභෝගී වෙරළ නිවාඩු නිකේතන ලෝක ප්‍රකට වන්නට පුළුවන්. නමුත් 1,200ක් තරම් වූ විසිරී ඇති දූපත් සමූහයෙන් 80% ක් ම මුහුදු මට්ටින් මීටර 1 ට වඩා ඉහළින් පිහිටා නැති නිසා ඒවායෙහි පැවැත්මට, ඉහළ නගින මුහුදු ජල මට්ටම තර්ජනයක් වෙලා. නමුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පෙරළා සටන් කරන්න මාලදිවයින් වාසීන් තීන්දුවකට ඇවිත්. "බලාපොරොත්තුවේ නගරය" (City of Hope) ලෙස නමින් බෞතිස්ම කෙරෙන 21 වෙනි සියවසේ නගරයක් හුල්හුමාලේ හි කෘත්‍රිම දූපතේ ගොඩනගනවා. භූමිය ගොඩකිරීම හුල්හුමාලේ කෘත්‍රිම දූපතේ අලුතින් ඉදිකෙරුණු ගොඩනැගිලි මුහුදු පත්ලේ සිට පොම්ප කෙරුණු ඝන මීටර මිලියන ගණනක් වූ වැලි උපයෝගී කරගනිමින් ගොඩ කෙරුණු භූමිය තිබෙන්නේ මුහුදු මට්ටමට වඩා මීටර 2ක් ඉහළින්. මෙහි පළමු අදියර ආරම්භ වුණේ 1997 දී. 2019 වසර අග වනවිට හුල්හුමාලේ දූපතේ පදිංචි වී සිටි ජනගහනය 50,000 ට අධිකයි. නමුත් අලුත් දූපත කෙරෙහි තැබූ අපේක්ෂාව බොහෝ දුර විහිදෙන්නක්. වඩා සාර්ථක ලෙස කෙරෙන නිර්මාණයකට අනුව 2020 වසර මැද වනවිට 240,000 ක් දෙනාට එහි පදිංචිවීමට හැකි වේ යැයි අරමුණු කෙරුණා. 'දේශගුණ විපර්යාස සිහි තබාගෙන' කළ නිර්මාණයක් 2009 ඔක්තෝබර් මාසයේදී එවක ජානාධිපති මොහොමඩ් නෂීඩ් සිය කැබිනට් රැස්වීම මුහුද යට පැවැත්වූයේ දේශගුණ විපර්යාස නිසා මාලදිවයින මුහුණ පෑ ඇති තර්ජනය සිහිගන්වමින් "හුල්හුමාලේ සංවර්ධනය කිරීමේදී, එහි වාස්තුවිද්‍යාත්මක බව හා ප්‍රජාව කෙරෙහි දේශගුණික විපර්යාසයෙන් එල්ලවන බලපෑම ගැන හොඳට හිතා බලලයි." යැයි "බලාපොරොත්තුවේ නගරය" (City of Hope) අධීක්ෂණය කරන නිවාස සංවර්ධන සංස්ථාවේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ අරීන් අහ්මඩ් පැවසුවා. "උතුරේ සිට දකුණට දිශානත වන ආකාරයෙන් තිබෙන්නේ උෂ්ණත්වයෙන් එල්ල වන බලපෑම අඩු කරන්නයි. වාතය හොඳින් සැරිසැරීමට හැකිවන ලෙසත්, වායුසමන යන්ත්‍ර මත යැපීම අඩු කරන්නත් පුළුවන් වන ආකාරයෙන් වීථි නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම නිවාස සංකීර්ණවල සිට මීටර 100 - 200 තරමේ ඇවිදින දුරකින් පාසල්, දේවස්ථාන වගේම උද්‍යාන ගොඩ නැගිලා තිබෙන්නේ වාහන භාවිතය අඩු කරන්නයි." යනුවෙන් ඔහු පැහැදිලි කළා. කොරල් දුපත් 1192ක් පුරා මාලදිවයින විහිදී ඇත. බොහොමයක් දූපත් පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර එකහමාරක් තරම් උසකින් - ෆෙයිධූ ෆිනොල්හු දූපතේ ගුවන් දර්ශනයක් අලුත් නගර සැලැස්මේ කොටස්වලට විදුලි බස් හා පාපැදි සඳහා වූ මංතීරු ඇතුළත්. සූර්ය බලයෙන් බලශක්තිය ජනනය කිරීම හා ජල සුරක්ෂිතතාව ඇති කිරීමට වර්ෂා ජලය රැස් කිරීම ද හුල්හුමාලේ නගරය සැලසුම් කළ අයගේ ඉලක්කයක් වුණා. කොරල් පර වෙනුවට භූමිය? ඒත්, විශේෂයෙන් ම කොරල් පර හා නොකිළිටි සුදු පැහැ වෙරළට ප්‍රසිද්ධියක් උසුලන තැනක කෘත්‍රිම දූපතක් ගොඩ නැගීම ම පරිසරයට හානියක් නොවෙයි ද? භූමිය ගොඩ කිරීමෙන් කොරල් පරවලට තර්ජනයක් එල්ල විය හැක. "භූමිය ගොඩ කිරීම ප්‍රශ්නකාරී දෙයක්" යැයි මාලදිවයිනේ පර්යේෂණවල නිරතවීමේ අත්දැකීම් ඇති කොරල් පර දූපත් පිළිබඳ විශේෂඥයෙකු වන, නොර්තම්බ්‍රියා විශ්ව විද්‍යාලයේ භූගෝල හා විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය හෝලි ඊස්ට් පවසනවා. "කොරල් පර විනාශ කරනවා පමණක් නෙවෙයි, ඉන් නික්මෙන අවසාදිත කොටස් විශාල ප්‍රමාණයක් ඇදී ගිහින් වෙනත් කොරල් පරවල රැඳෙනවා. එයින් සිදුවෙන්නේ ඒවායේ පෝෂණයට, වැඩීමට හා පැතිරීමට බලපෑම් එල්ල කරමින් සූර්ය එලිය පතිත වීම වැළකීමයි" අතිමහත් අපේක්ෂාව නමුත් ඉහළ නගින ජනගහනය හමුවේ භූමිය ගොඩකිරීම මාලදිවයින් ජන ජීවිතයට දැන් සරල කරුණක්. මූහුදු දියේ ගිලී යාම පමණක් නොවෙයි,වෙරළ ඛාදනය හා ස්වභාවික උවදුරුවලට ද මාලදිවයින මුහුණ පා සිටිනවා සැනසීමට ඇති එක් කාරණයක් නම්, 2020 ලෝක බැංකු වාර්තාවට අනුව විශේෂයෙන්ම හුල්හුමාලේ ද ඇතුළු "මහා මාලේ කලාපය" තුළ සැලකිය යුතු ස්වභාවික වාසභූමියක් නැහැ. එහි කොරල් පර ද වියැකී ගිහින්. මූලික වශයෙන් ම මාලදිවයින් වාසීන්ගේ ජන ජීවිතය වැඩිදියුණු කිරීමට හුල්හුමාලේ ඉවහල් වුණත්, දේශගුණික විපර්යාස සිදුවන සමයක මානව වර්ගයාට අලුත් බලාපොරොත්තුවක් බවට පත්වෙන දූපත් ගොඩනැගීමට ද මග විවර කරනවා. (මේ ලිපිය සම්පාදනය කර තිබෙන්නේ බීබීසී ට්‍රැවල් හි පළ වූ ලිපියක් ඇසුරින්. ඉංග්‍රීසි බසින් පළවූ මුල් ලිපියට මෙතැනින් පිවිසෙන්න පුළුවන්.) මෙම තොරතුරුද දැනගන්න:
මාලදිවයින තරම් වෙනත් කිසිදු රටක් පාරිසරික තර්ජනයකට මුහුණ දෙන්නේ නැහැ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කිහිප වතාවක්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් අල්ලස් ලබා ගෙන තිබෙන බව පෙනී යන්නේ යයි අමාත්‍යවරයා පවසයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ කණ්ඩායමේ කළමනාකාර ඒආර්එම් අරූස් තමන්ගෙන් අල්ලස් ලබා ගත් බවට කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන ඉදිරිපත් කොට තිබෙන පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් පළ කරමින්. අදාළ චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේදී ඔහු වැරදිකරු බව නිගමනය කෙරුනොත් ඔහුට එරෙහිව සියලු නීත්‍යානුකූල පියවර ගන්නා බවයි, ඇමතිවරයා පවසන්නේ. ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය සමයේ නායිකා සිරිවර්ධන තමන්ට මුදලක් ලබා දුන් බව ඩේලි මිරර් පත්‍රයට පවසා තිබූ කළමනාකාර අරූස්, කෙසේ නමුත් එය අල්ලසක් නොවන බව අවධාරණය කොට තිබිණ. රමිත් රඹුක්වැල්ල ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තුරු ඔහු විනිසුරු කමිටුවේ සභාපති පදවියෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 'සැර මත්පැන් ඔහු භාවිතා කරලා නෑ. මොකද කණ්ඩායමේ අය එහෙම මත්පැන් පානය කරන්නේ නෑ' ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දැරූ සියලු පදවිවලින්ද ඔහු ඉල්ලා අස්වී තිබේ. මේ අතර ලන්ඩනය බලා යාත්‍රා කරමින් තිබුණු බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක දොර විවෘත කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ල ක්‍රීඩකයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, ක්‍රීඩකයාට බීමතින් හැසිරීමේ චෝදනාවක් එල්ල වී නොමැති බවයි. කෙසේ නමුත් සිද්ධිය පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, ගුවන් මගියා බීමත්ව සිටි බව තම විශ්වාසය බවයි. "ඔහු කුඩා වයින් බෝතලයක් හෝ දෙකක් බීපු බව තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න සැර මත්පැන් ඔහු භාවිතා කරලා නෑ. මොකද කණ්ඩායමේ අය එහෙම මත්පැන් පානය කරන්නේ නෑ," යනුවෙන් ද අමාත්‍ය අලුත්ගමගේ සංදේශයට පැවසීය. පාසල් වියේදී රමිත් රඹුක්වැල්ල ක්‍රීඩකයාට එරෙහිව චෝදනාවක් එල්ල වූ අවස්ථාවේ එය සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණු බව පවසන අමාත්‍යවරයා, මේ වතාවේ ඔහු වරදක් කොට තිබෙන බවට අදාළ පරීක්ෂණයේදී සනාථ වන්නේ නම් ඔහුට දඬුවම් කිරීමට පසුබට නොවන බව අවධාරණය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කිහිප වතාවක්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් අල්ලස් ලබා ගෙන තිබෙන බව පෙනී යන්නේ යයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එංගලන්තය සමග පවත්වන දෙවෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි දිනයේ විවේකය අතරතුර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීමට අනුව ජනවාරි 19 වනදා වන විට ටෙස්ට් කණ්ඩායම් අතර 6 වන ස්ථානයත් එක්දින කණ්ඩායම් අතර 8 වන ස්ථානයත් විස්සයි විස්ස පිටියේ 7 වන ස්ථානයත් හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් දූෂිත බව‍ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබේ. බොහෝ හිටපු ක්‍රීඩකයන්ගේ චෝදනාව වී තිබෙන්නේ 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය වෙනස් වී ඇති බවය. එතෙක් ක්‍රීඩකයන් ක්‍රීඩාවට ආදරය නිසා ක්‍රීඩාවේ නියැලුණත් අද වන විට ක්‍රිකට් ක්‍රීඩාව හුදු ව්‍යාපාරයක් බවට පත්වී ඇති බව ද එම චෝදනාවලින් කියැවේ. විශ්ලේෂකයන් හා හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පවසන්නේ වත්මන් ක්‍රීඩකයන් රැකියාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා විනා ක්‍රීඩාවට ඇල්මක් නැති බවය. අතීතයේදී සිටි ක්‍රීඩකයින් වෙනත් රැකියාවල නියැලෙන අතරතුර ක්‍රීඩාවේ යෙදුණ ද ඔවුන් ඉතාම මහන්සියෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කළ බව ද ඔවුහු පෙන්වා දෙති. මේ අතර ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳ එල්ලවන චෝදනා ද බරපතල ය. මෑතකදී දකුණු අප්‍රිකානු සංචාරයේදී විනය කඩකිරීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමට චෝදනා එල්ල විය. ඇතැම් ක්‍රීඩකයින් තරග අතරතුරදී දුම්පානය සහ මත්පැන් පානය කිරීම සඳහා යොමු වී සිටි බවට ද චෝදනා එල්ල විණි. ජනවාරි 4 වනදා ජොහැන්නස්බර්ග්හි වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවේ දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව දුර්වල ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කර ඇති අතර මෑත ඉතිහාසයේ ඔවුන්ගේ තරඟ බොහොමයක්ම පරාජය වී ඇත්තේ සෑම අංශයකින්ම දැවැන්ත විවේචන එල්ල වන අවස්ථාවකය. පළමු තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 7 කින් පරාජයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය බව ක්‍රිකට් විචාරකයෝ පවසති. සංචිතයේ සාමාජිකයින් සිව්දෙනෙකු ක්‍රීඩක විවේකාගාරය ආසන්නයේ කාඩ් ක්‍රීඩාවේ යෙදීමද කතාබහකට ලක්විණි. මේ තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා දෙසට ද ඇඟිල්ල දිගුවන්නේ, අදාළ සිදුවීම් සිදුවන මායිමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මෙන්ම කළමනාකරු හා ජාතික තේරීම් කමිටු ප්‍රධානී අසන්තා ද මෙල් යන දෙදෙනාම සිටි බැවිනි. මාධ්‍ය හමුවේ චෝදනාවලට ප්‍රතිචාර දක්වූ අසන්තා ද මෙල්, යම් සිද්ධීන් කිහිපයක් පිළිබඳව වාර්තාවන නමුත් ක්‍රීඩකයන්ගේ විනය පිරිහී නොමැති බව කියා සිටියේය. "ඒගොල්ලෝ හිටීයේ වෙනමම තට්ටුවක අපිත් එක්ක නෙමෙයි හිටියේ. මැච් එක ඉවර වෙලා තමයි අපිත් දැක්කේ මේ ටීවී එකෙන් මේගොල්ලෝ කාඩ් ගහනවා කියලා. ඉතින් ඒ වෙලාවේ මම ඒගොල්ලන්ට අඬගහල කිව්වා මේක කරන්න එපා මේ මැච් එක ගහන වෙලාවේ කාඩ් ගහන්න එපා කියල. මම ඒ ගොල්ලන්ට තදින් අවවාද කළා. හැබැයි මාධ්‍යයේ ගිය විදිහට මිනිස්සු හිතනවා ඇති මේ dressing room එකේ කාඩ් ගැහුවා කියල. dressing room එකේ කාඩ් ගැහුවේ නෑ." ක්‍රීඩකයින්ගේ විනය පිරිහී නැති බව පවසන ඔහු තවදුරටත් කියා සිටියේ, "ලෝකේ හැම ප්ලේයර් කෙනෙක්ම සිගරට් බොනවා මේගොල්ලෝ ඇවිල්ල පොඩි ළමයි නෙමෙයිනේ. ඉතින් අපිට කියන්න බෑ නේ සිගරට් බොන්න එපා බියර් එකක් බොන්න එපා කියල. අපිට කියන්න පුළුවන් ඕගොල්ලෝ පිට්ටනියට බැස්සහම ට්‍රේනිං කරනකොට ෆිට්නස් කරනකොට ඕගොල්ලෝ අපිට අවශ්‍ය විදියට ඉන්න ඕන." ක්‍රීඩකයින්ගේ ක්‍රියාකාරීත්වයේ පසුබෑම පිළිබඳ අදහස් පළ කළ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීම දීර්ඝ කාලයක සිට සිදුවන්නක් බවත් දෙවන පෙළ ක්‍රීඩකයන් නොමැති වීම ඊට හේතුවක් බවත් කීය. "මේ වැටීම කලෙක ඉඳන් එනවා. මේ රතු එලිය තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අපේ ක්ලබ් සිස්ටම් එකේ ඉඳලා මේක හදන්ඩ ඕන. මම හිතන්නේ මහේලලා සංගලා මේවා ගැන සෑහෙන්න කියල තියෙනවා." "දැන් ඇත්තටම බලද්දී අපේ දෙවෙනි කණ්ඩායමක් නෑ නේ දැනටමත්. දැන් බලන්න A ටීම් එකක් අවුරුදු දෙකකටවත් සෙල්ලම් කරලා නෑ. අපේ ඇත්තටම ලංකාවේ කණ්ඩායමට සෙල්ලං කරන්න පුළුවන් ක්‍රීඩකයන් 15 කට නේ. ඒ 15 දෙනා ඇරෙන්න අනිත් කට්ටියට තියෙන්නේ මොකද්ද? මොනවාද ගහන්නේ?" ක්‍රීඩකයන්ගේ මට්ටම ඉහළ දැමීමට නම් ඔවුන් හට ජාතික මෙන්ම ජාත්‍යන්තර තරගාවලි ලබාදිය යුතු බව ද ඔහු කියා සිටියේය. කියවන්න: කුසල් මෙන්ඩිස් කුසල් මෙන්ඩිස් ගේ දුර්වල පිතිහරඹය යටතේ ඔහු තවදුරටත් කණ්ඩායමේ තබාගැනීම පිළිබඳ අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපතිවරයා, "බින්දු හතරක් ගැහුවාට මගේ මතය අනුව එයා ලංකාවේ ඉන්න ඉතාමත් ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයෙක් එක පාරට එලියට දාන එක සාධාරණ නෑ. එයාගේ ෆෝම් එක වැටිලා තියෙන්නේ එයා මානසිකව වැටිලා ඉන්න නිසා," යැයි පැවසීය. ක්‍රිකට් විචාරක රංජන් පරණවිතාරණ බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඉහළ ආදායම් හා වරප්‍රසාද හේතුවෙන් කැපවීම ගිලිහී යාම, දුර්වල ශාරීරික පුහුණුව හා දරාගත නොහැකි මට්ටමේ අන්තර් සමාජ තරග හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ගුණාත්මක භාවය පිරිහී ඇති බවය. තවත් විචාරකයෙකු පැවසුවේ ක්‍රිකට් පරිපාලනයේ දූෂණ, දේශපාලන මැදිහත්වීම්, තරග පාවාදීමේ චෝදනා, ක්‍රීඩක කළමනාකරණ මාෆියාව, ක්‍රීඩකයින් අල්ලස් ලබා ගැනීම, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ, ක්‍රීඩකයන් තුළ එක්සත්කම හා කණ්ඩායම් හැඟීම නොමැති වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මෑත කාලයේ බිඳ වැටීමට හේතුවී ඇති බවය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ 2014 වසරේ සිට ක්‍රීඩාව වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබිමත් පවතින ගෝලීය කොරෝනා වසංගතය හමුවේ අවුරුද්දකට ආසන්න කාලයක් ක්‍රීඩා නොකිරීමත් නිසා ක්‍රීඩාව කඩාවැටී ඇති බවයි. ඔහු තවදුරටත් පැවසුවේ ලංකාවේ පවතින සියලුම ක්‍රීඩාවන් ප්‍රතිව්‍යුහගත කළ යුතු බවය. "ක්‍රීඩකයින්, වසරකට ආසන්න කාලයක් ටෙස්ට් ක්‍රිකට් හෝ එක් දින හෝ විස්සයි 20 ක්‍රීඩා කර නැත. එල්පීඑල් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය විය. එතැන් සිට ඔවුන් කෙලින්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ගියා. ඒ නිසා ඔවුන් එයට හැඩගැසිය යුතුයි. නමුත් එය වෘත්තීය ක්‍රීඩකයින්ට නිදහසට කරුණක් නොවේ," ඇමතිවරයා පැවසීය. "කෙසේ වෙතත්, අපි එංගලන්ත සංචාරයෙන් පසුව තීරණ කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. තරඟ සිදුවෙමින් පවතින හින්දා මේ මොහොතේ කිසිවක් ගැන අදහස් දැක්වීමට මට අවශ්‍ය නැහැ," යනුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ තත්වයේ ක්‍රීඩා කිරීමට යහපත් මානසික තත්වයක් තිබිය යුතු බවයි. "එබැවින් ක්‍රීඩකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් අපට විනය අවශ්‍ය වන අතර පුහුණුව සඳහා වැඩි විනයක් හා කැපවීමක් තිබිය යුතුය." "වසංගතයෙන් පසුව කිසිවක් සිදු නොවූ හෙයින් මෙම ක්‍රීඩකයින්ට නැවත ක්‍රීඩාවට පිවිසීමට අපට සාධාරණ කාලයක් ලබා දිය යුතුය. මම හිතන්නේ එක් පැත්තකින් පොදුවේ ගත් කල ක්‍රීඩාව පිළිබඳ අවධානය 2015 සිට 2020 දක්වා අඩු කර ඇති නිසා වගකීම සියලුම පාර්ශවයන් බෙදා ගත යුතු බවයි," යනුවෙන් ද අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේය. හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීම් වලට ඔහුගෙන් ප්‍රතිචාර නොලැබුණු අතර ඔහු මෑතකදී ස්කයි රූපවාහිනිය සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ "අර්බුදය ගැඹුරටම ගිලා බැහැලා. සහතික වශයෙන්ම මේක අහම්බයක් නෙමේ. මම කියන්නේ මේකට හේතුව වඩාත් උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ නොමැති වීමයි. අපි කාලයක් තිස්සේ ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයන් රැසක්ම බිහි කළා. ඒත් හිටි හැටියේම ඒ වගේ අය නිර්මාණය වෙන්නේ නැත්නම්, මේ තියෙන ක්‍රමවේදයේ ගැටලුවක් දක්නට ලැබෙනවා. සෑහෙන කාලයක් අපි දක්‍ෂතා නිර්මාණය වන දිහා බලාගෙන හිටියා. ඒත් ඒවා වඩාත් දියුණු තත්ත්වයට පත් කළේ නෑ." යනුවෙනි. මහේල ජයවර්ධනගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළ නමුත් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි බව ඔහු කියා සිටියේය. ක්‍රීඩා විචාරක රෙක්ස් ක්ලේමන්ටයින් ශ්‍රී ලංකාව එංගලන්ත පිලට පරාජයවීමෙන් අනතුරුව ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ "පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ අවුල අප විසින් නිවැරදි නොකළහොත් ශ්‍රී ලංකාව මෙම ඉරණම නැවත නැවතත් අත් විඳිනු ඇත. පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාකරන කණ්ඩායම් ඕනෑ තරම් තිබේ. සංගම් (club) තරහ කරගැනීමට ක්‍රිකට් ආයතනයට අවශ්‍ය නැත. නිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටීමට පසුගිය ක්‍රීඩා අමාත්‍යවරුන් සිව්දෙනා ම අපොහොසත් වී ඇත," යනුවෙනි. මාධ්‍යවේදී රෙක්ස් ක්ලේමන්ටයින් තවදුරටත් පවසන්නේ "වේගයෙන් අවප්‍රමාණය වන්නේ කුමක්ද? ක්‍රිකට් ද නැතිනම් රුපියල ද? රුපියල පහත වැටීම ස්ථාවරයි. එය දැන් ඩොලරයට රුපියල් 200 කි. ක්‍රිකට් ක්‍රීඩාව ද එසේමය. පසුගිය ටෙස්ට් තරග හතරේදී අපේ පිතිකරණය හතර වතාවක් බිඳ වැටී ඇත. අපේ පිතිකරුවන් කඩුල්ලට වඩා වැඩි කාලයක් ගත කරන්නේ සමාජ මාධ්‍යවල. මෙම කරුණට ප්‍රවේශවීම සමඟ සම්පූර්ණ අවුල් සහගත තත්වයක පවතී. යෝග්‍යතාවය, විනය සහ සැලසුම් කිරීම ඉතාමත් ප්‍රශ්න සහගතයි." පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් අඩු කිරීමට විශේෂඥයන් විසින් කිහිප විටක්ම යෝජනා කළ නමුත් පසුගිය ක්‍රීඩා ඇමතිවරු සිව්දෙනා ම එම ආයාචනය දෙස ඇස් පියාගෙන සිටි බවත් ක්‍රීඩා සමාජ වලට විරුද්ධ වීමට ක්‍රිකට් ආයතනයට උනන්දුවක් නොමැති බවත් ඔහු තවදුරටත් බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. "පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් අඩු නොකරන තාක් කල් කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. මේ වන විට ශ්‍රී ලංකාවට 'ඒ' කණ්ඩායමක් නැහැ." රෙක්ස් ක්ලේමන්ටයින් තවදුරටත් පවසන්නේ යෝග්‍යතාවය, විනය නැතිකම හෝ ක්‍රීඩකයින්ගේ වෘත්තීයමය නොවන ආකල්පය නොව ජනමාධ්‍ය ඔවුන්ගේ ප්‍රබලතම සතුරා ලෙසින් ක්‍රිකට් ආයතනය සලකන බවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ප්‍රධාන පාර්ශවකරුවන්ගෙන් එක් අයෙකු පසෙකට දැමුවා පමණක් නොව, සිය රසික රසිකාවියන් තහනම් කළේය යනුවෙන් ඔහු පැවසීය. "ගාලු කොටුවේ සිට වත් තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට ඉඩ නොදුනි. එය කුරිරුය." "රසිකයින්ට පිටුපාන ඕනෑම සංවිධානයක් විනාශ වීමට ඉඩ ඇත. අපේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වීම පුදුමයක් නොවේ."
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසානයට ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලි දොළහෙන් 8 ක්ම පරාජය වී ඇති අතර, එක්දින තරග 24න් ජයගෙන ඇත්තේ 10ක් පමණක් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමට වගකිව යුත්තේ ක්‍රීඩකයන්ද නැතිනම් බලධාරීන්ද යන්න පිළිබඳ සංවාදයක් මතුවී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔස්ට්‍රේලියානු නාවික හමුදාව කළින් අවස්ථාවකදී බෝට්ටුවක් මුහුදේදී වටලන ආකාරය ඔවුන් ආපසු හරවා නොයවන ලෙසට තාවකාලික අතුරු නියෝගයක් ඊයේ, සඳුදා පනවන ලදී. දේශපාලන රැකවරණ පතා පැමිණි මේ පිරිස සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය කිසිවක් ප්‍රකාශ කිරීම කළින් ප්‍රතික්ෂේප කළද, රජය ඔවුන් රෙගු යාත්‍රාවල රඳවා සිටින බව අධිකරණ හමුවේ පිළිගෙන තිබේ. දින තුනක කාල සීමාවක් ලබා නොදී ඔවුන් ආපසු නොයවන බවටත් ඕස්ට්‍රේලියානු රජය පොරොන්දුවක් දී ඇත. සරණාගතයන් පිරිසක් වෙනුවෙන් නඩුව ගොනු කළ නීතිඥයන් පැවසුවේ ඔවුන් ආපසු හරවා යැවීම නීති විරෝධී බවයි. ඔවුන්ගේ කැමැත්ත නොමැතිව ශ්‍රී ලංකාවට යැවීම සිදු නොකළ යුතු බවයි නීතිඥයන් පෙන්වා දෙන්නේ. සංක්‍රමණික නීතිය ඕස්ට්‍රේලියානු රජයේ නීතිඥයන් පැවසුවේ එම පිරිස රැගත් බෝට්ටුව ඉන්දියාවේ සිට පැමිණ ඇති බවට විශ්වාස කරන බවත් එය ඕස්ට්‍රේලියානු මුහුදු සීමාව පිටතදී නතර කළ බවයි. මේ නිසා ඕස්ට්‍රේලියානු සංක්‍රමණික නීතිය යටතේ ඒ සම්බන්ධයෙන් කෙරෙන ඉල්ලීම් බල රහිත බව ඕස්ට්‍රේලියානු නීතිපති ජස්ටින් ග්ලීසන් පැවසුවේය. දේශපාලන රැකවරණ පතා ඕස්ට්‍රෙලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු දැනටමත් ශ්‍රී ලංකාවට බාර දී තිබේ.
මුහුදේ රඳවාගෙන සිටින දේශපාලන රැකවරණ පතා ආ 153 දෙනා ආපසු ශ්‍රී ලංකාවට යැවීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ඕස්ට්‍රේලියානු මහාධිකරණයේ විභාග කෙරේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නව ප්‍රධාන විධායකවරිය වන රේලීන් කාස්ල් (Raelene Castle) ඉතා කැපී පෙනෙන වාර්තාවක් සහිත ආකර්ෂණීය චරිතයක් බව ඇයගේ පත්වීම නිවේදනය කරන රග්බි ඕස්ට්‍රේලියා (Rugby Australia) ආයතනය පවසයි. ඒ අනුව කාන්තාවක ලෝකයේ ජාතික රග්බි පාලක මණ්ඩලයක නායකත්වයට පත් වූ පළමු වතාව එය වේ. එම තනතුර සඳහා 200 කට ආසන්න අපේක්ෂකයන් පිරිසක් අත්දැකීම්වලින් පිරිපුන් රේලීන් කාස්ල් සමග තරග වැදී සිටි බව විශ්වාස කෙරේ. කාන්තාවක ලොව රග්බි පාලක මණ්ඩලයක ප්‍රධානියා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය විශේෂ අවධානයක් යොමුකිරීම සතුටට කරුණක් බව සිය පත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියාය. එහෙත් විශේෂයෙන්ම ක්‍රීඩාවේ පහළම තලයේ දී පුරුෂයන් මෙන්ම කාන්තාවන් ද විශේෂ කාර්යභාරයක් ඉටුකරමින් සිටින බව පෙන්වා දුන් ඇය, එබැවින් කාන්තාවක ප්‍රධාන විධායක තනතුරට පත්වීම "විශාල ඉදිරි පියවරක්" යයි තමන් විශ්වාස නොකරන බව ද සඳහන් කළාය. "ලැබුණු අවස්ථාව ගැන මම සතුටු වෙනවා." ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ නවසීලන්ත ජාතික කාන්තාවක වන රේලීන් කාස්ල්, මීට ඉහතදී නවසීලන්ත ජාතික නෙට්බෝල් කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබේ. ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමක ප්‍රධානියා වශයෙන් ද ඇය කටයුතු කළාය. ක්‍රීඩකයන් පුහුණු කරන පාපන්දු ශූරිය
ඕස්ට්‍රේලියාවේ රග්බි පාලක මණ්ඩලය සිය ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක සිය ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් පත් කර ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවති උත්සවයේදී චූලානන්ද සමරනායකට සම්මානය පිරිනමනු ලැබුවේ ලන්ඩනයේ සිටින මොන්ගෝලියානු තානාපතිවරයා විසින් ශිෂ්‍ය දේශපාලනයේ යෙදීමේ වරදට රැඳවුම් භාරයේ සිටියදී හුදෙකලාව මකා ගනු වස් ඔහු ඉදිරියේ තිබූ එක් විකල්පයක් වූයේ සාහිත්‍යයට යොමුවීම බවයි, 'චූලා' පවසන්නේ. කිර්ගීස් ජාතික සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතොෆ් ගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැලකෙන සමුගනිමි ගුල්සාරි කෘතියයි සිරකුටියේදී ඔහුගේ සමීපම මිතුරා වූයේ. "වාසනාවකට මට රුපියල් විස්සකට නැත්නම් විසිපහකට මේ පොත මට හමුවෙනව පේවුමන්ට් එකේ තියල," ඔහු සඳහන් කළේ ලන්ඩනයේ බීබීසී සංදේශය මැදිරියේදී මා සමඟ දොඩමලු වෙමින්. ග්‍රීක පරිවර්තන එකතුවකට, ජනප්‍රිය තුර්කි නළුවකුට, කසකස්තානයේ මහාචාර්යවරයකුට සහ රුසියාවේ මහාචාර්යවරියකටද සම්මාන හිමිවිය (ඡායාරූපයේ මැද සිටින්නේ ඇකඩමියේ ප්‍රධානී මහාචාර්ය රහීමා අබ්දුවයියේවා) චිංගීස් අයිත්මාතොෆ් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමේ භාග්‍යය ලැබූ 'චූලා' එම සම්මානය භාරගැනීම පිණිසයි, ලන්ඩනයට පැමිණ සිටියේ. චිංගීස් අයිත්මාතොෆ් ඇකඩමිය විසින් ඔහුට එම සම්මානය පිරිනමනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 10 වැනි දින ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවැත්වුණු උත්කර්ශවත් උත්සවයකදී. සිරකුටියකදී සාහිත්‍යකරණයට යොමු වූ අන්දම රටවල් ගණනාවක නියෝජිතයන් හමුවේ චූලානන්ද සමරනායක සම්මානය භාරගනිමින් විස්තර කළ අවස්ථාවේ සභාවෙන් මතුවුනේ උණුසුම් අත්පොලසන් නාදයක්. "It was a great speech," කෙනෙක් 'චූලාට' සුභපතනු මා දුටුවේ එම උත්සව සභාවට එක්වීමට මටත් ආරාධනාවක් ලැබී තිබුණු නිසා. (චූලානන්ද සමරනායක සමඟ සංවාදයට සවන්දෙන්න) චිංගීස් අයිත්මාතොෆ් ඇකඩමිය වෙනුවෙන් උත්සවය සංවිධානය කර තිබුනේ රිග්ල්ස්වර්ත් සාමිවරයා විසින් "ශිෂ්‍ය දේශපාලනයේ යෙදීමත් එක්කම ඒ පැවතිච්ච මර්දනයට දඩයම් වෙලා මගේ ජීවිතේ තුන්පාරක් මම අත්අඩංගුවට ගන්නවා," ඔහු මා සමඟ ඒ අතීතය මෙනෙහි කළේ ඊට දිනකට පෙරාතුව සංදේශය මැදිරියේදී. "මගේ ජීවිතේ තුන්පාරක් මම අත්අඩංගුවට පත්වෙනවා. තුන්පාරක් මම මරණයට මුහුණදෙනවා. තුන්වෙනි වතාවේ මම දීර්ඝකාලීන රැඳවුම් භාරෙකට පත්වෙනවා පොලිසිය සහ හමුදාව විසින් නඩත්තු කරන ලද කඳවුරුවල." පදික වේදිකාවේදී හමුවුන සමුගනිමි ගුරුසාරි කෘතිය පරිවර්තනය කිරීමට ඔහු යොමුවන්නේ එසේ අත්අඩංගුවේ සිටියදී. "ඒ නිසා මේ කෘතිය බිහිවෙන්නේ සිරකුටියක් ඇතුලේ. මම පරිවර්තකයෙක් වෙන්නේ එතනින්." ඉන් අනතුරුව තවදුරටත් අයිත්මාතොෆ් 'සොයා යාමට' පෙළඹුණු සම්මානලාභී පරිවර්තකයා මේ වනවිට කෘති පනහකට වඩා පරිවර්තනය කළ කෘතහස්ත ලේඛකයෙක්. සිය ජනප්‍රියම ලේඛකයකු වන අයිත්මාතොෆ් ලේඛකයාගේ ජනප්‍රියම නිර්මාණ හයක් සිංහල පාඨකයාට හඳුන්වා දීමට ලැබීම තමා ලැබූ භාග්‍යයක් මෙන්ම ඒ සඳහා තමා දැරූ වෙහෙස ඇගැයීමකට ලක්වීම පිළිබඳව ප්‍රබල සතුටක් දැනෙන බවත් ඔහු පැවසීය. නම් දැරූ රුසියානු ලේඛකයන් ගණනාවකගේ කෘති සිංහල පාඨකයාට හඳුන්වා දුන් 'චූලා' පවසන පරිදි පසුකාලීනව තමන් බරපතලම කම්පනයකට පත් කළ ලේඛකයා අනතෝලි රිබාකොෆ්. "රිබාකොෆ් හඳුන්වා දීමේ ගෞරවය මම පුදකරන්න ඕන පසන් කොඩිකාරට. පසන් කොඩිකාර අරබත් දරුවෝ පරිවර්තනය හරහා තමයි රිබාකොෆ් අපිට හඳුන්වල දෙන්නේ." (ශ්‍රී ලංකාවේ පරිවර්තන සාහිත්‍යය සහ ගුරු ගීතය චිත්‍රපටය - චූලානන්ද සමරනායක සමඟ සංවාදයේ දෙවැනි කොටස ඉක්මනින්ම)
අදින් දශක කිහිපයකට ඉහතදී පොලිසියේ හය වැනි තට්ටුවේ සිරකුටියක ගාල් කොට සිටි සමයේ තමා සාහිත්‍යකරණයට යොමු වූ බව පසුගියදා ලන්ඩනයේදී ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබූ ලේඛක චූලානන්ද සමරනායක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉරිදා රාත්‍රියේ එල්ල වූ මෙම ප්‍රහාර මාලාවට එජාපයේ කාර්යාල 13 ක්, ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල 4 ක් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාර්යාලයක් ගොදුරු වී ඇති බවයි කැෆේ සංවිධානය වාර්තා කරන්නේ. මේ අතරතුර බිබිල මොනරාගල පාරේ පිහිටි කණුල්වල එජාප කාර්යාලය පවත්වා ගෙන ගිය මොහොමඩ් නසීර්ගේ නිවසට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් ‘නැවත පක්ෂ කාර්යාල පිහිටුවන්නේ නම්’ මරා දමන බවට තර්ජනය කළ බව ද වාර්තා විය. 'පැය හයක් තුළ' අලුයම ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාව පැය හයකට වැඩි කාලයක් තුළ සිදු වී ඇති අතර ප්‍රහාරය එල්ල කළ පිරිස බිබිල පොලිස් බල ප්‍රදේශයේ නිදහසේ සැරි සරමින් මෙම ප්‍රහාර මාලාව දියත් කොට ඇති බව ද කැෆේ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේය. මේ පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති නමුත් අනවසරයෙන් තැන් තැන්වල සැරසිලි කර කාර්යාල පවත්වා ගෙන යාම අනුමත කළ නොහැකි බවයි. ඉරිදා දිනය මෙවර මැතිවරණයේ මෙතෙක් වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ දිනය වූ අතර මොනරාගල, බිබිල ඡන්ද බල ප්‍රදේශයෙන් පමණක් පැමිණිලි 18 ක් වාර්තා වී තිබේ. උද්ඝෝෂණ මේ අතරතුර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කොටුව දුම්රිය පළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි. පක්ෂ නායක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේ අරමුණු පැහැදිලි කරමින් බීබීසීයට කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ කියා සිටියේ පවතින රාජ්‍ය බලපෑම් ඉදිරියේ පොලිසිය සහ මැතිවරණ කොමසාරිස්වරයා අසරණ වී ඇති බවයි. පවතින චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර ලබා ගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීමට බීබීසීය ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.
මොනරාගල, බිබිල ඡන්ද බල ප්‍රදේශයේ එක් රැයක් තුළ විපක්ෂයේ පක්ෂ කාර්යාල 18 කට ප්‍රහාර එල්ල වීමත් සමගම ප්‍රදේශයේ ඡන්දදායකයන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන් දැඩි ලෙස බියට පත් වී සිටින බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් උදෙසා වූ කැෆේ සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොදු ජනතා පක්ෂයේ නායක අරවින්ද් කේජරිවාල් තේරී පත් වූයේ මහ ඇමතිනී ශීලා ඩික්ෂිට් පරාජය කරමින් දිගු කලක් ප්‍රාන්තයේ මහ ඇමති පදවිය හෙබැවූ ශීලා ඩික්ෂිට්, පොදු ජනතා පක්ෂයේ නායක අරවින්ද් කේජරිවාල් අතින් පරාජයට පත් වූ අතර, ආසන හැත්තෑවකින් යුත් ප්‍රන්නත සභාවේ බලයද කොන්ග්‍රස් පක්ෂයට අහිමි විය. දිල්ලි, රාජස්ථාන්, මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සභා තුනේම භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බවද මූලික ප්‍රතිඵලවලින් අනාවරණය වේ. ඒ අතර මධ්‍යම ඉන්දීය චතිස්ගාර් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂය සහ කොන්ග්‍රස් පක්ෂය අතර කරට කර තරඟයක් පවතින බව වාර්තා වේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙරාතුව ප්‍රධාන පක්ෂ දෙක පිළිබඳ ජන මතය විමසා බැලෙන අවස්ථාවක් ලෙසිනුයි, මේ මැතිවරණ සැලකෙන්නේ.
දිල්ලි අගනුවර ප්‍රාන්ත සභාවට සභිකයන් තෝරා ගැනීම පිණිස පැවැත්වුණු මැතිවරණයේදී අලුතින් පිහිටුවන ලද දූෂණ විරෝධී පක්ෂයකයට ප්‍රබල ජනතා සහයක් හිමි වීම හේතුවෙන් ප්‍රාන්තයේ බලය හෙබැවූ කොන්ග්‍රස් පක්ෂයට පාලන බලය අහිමි විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඒ බව සඳහන් කළේ කොළඹ පදනම් ආයතනයේ පැවති අතුරුදහන් වූවන් සම්බන්ධ ජාතික දින සැමරුම අමතා අදහස් පළ කරමිනි. යුද ගැටුම්වලින් අතුරුදහන් වූ උතුරේ සාමාන්‍ය වැසියන් මෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයන් 5600 ක්ද යුද්ධයේදී අතුරුදහන් වී ඇති බව පෙන්වා දුන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ඒ සියලු දෙනාට අත් වූ ඉරණම සොයා බැලිය යුතු බවත් සඳහන් කළේය. අතීතය පිළිබඳ 'හාරා අවුස්සා තුවාලය යළි පෑරීමට' සූදානම් නැති වුවත් දෙමාපියන් ඇතුළු ඥාතීන්ට සිය ආදරනීයන් අමතක කිරීමේ හැකියාවක් හා සූදානමක් නැති බැවින් ඔවුන්ට යුක්තිය ඉටු විය යුතු බවත් ඔහු පැවසීය. "අපි අමතක කරන්න සූදානම්. ඒත් මේ දෙමාපියන් තමන්ගේ ප්‍රියයන් අමතක කරන්න සූදානම් නෑ. ඔවුන්ට යුක්තිය ඉෂ්ට විය යුතුයි," ඔහු පැවසීය. එහිදී අදහස් දැක්වූ ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) සම්බන්ධ පනත සම්මත කර ගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය විරෝධ පල කිරීම දැඩි විවේචනයට ලක් කළේය. 89 යුගයේ අතුරුදහන් කිරීම්වලට විරුද්ධව රට තුල පමණක් නොව ජාත්‍යන්තරයට ගොස් හඬ නැගූ 'මානව හිමිකම් වීරයා' වර්තමානයේ මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි. "සමහර වෙලාවට එයාල ඉතිහාසය දන්නේ නැතුව ඇති. සමහර වෙලාවට මේ පනත තේරුම් ගන්න බැරුව වෙන්න ඇති," අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් පැවසීය.
දශක ගණනාවක් මුළුල්ලේ පැවති දේශපාලන ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බලා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම රජයක වගකීම බව ජාතික හෙළ උරුමය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රෝහින්ජා මුස්ලිම් වැසියන් වෙසෙන ගම්මාන තුළ මෙහෙයුම්වල නිරත මියන්මාර හමුදා භටයන් මියන්මාර හමුදාව වැඩිදුරටත් කියා සිටියේ රඛීන් ප්‍රාන්තයේ පවතින කැරලිකාරී වාතාවරණය මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවය. සාමාන්‍ය වැසියන් දූෂණයට සහ ඝාතනයට ලක්වන බවත් නිවාස ගිනිබත් කරන බවත් රෝහින්ජා වැසියන් වෙතින් ලැබෙන වාර්තාවලින් පැවසේ. මරුමුවට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි අගයක් ගැනීමට ඉඩ ඇති බව මියන්මාරයේ සිටින බීබීසී වාර්තාකරු පැවසීය. මියන්මාර හමුදා විසින් රෝහින්ජා මුස්ලිම් ප්‍රජාව හිරිහැරයට ලක් කරනු ලබන බව පැවසෙන වාර්තා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසට එරට නිල නොවන නායිකා අවුන් සාන් සුචී වෙත එල්ලවන පීඩනය උත්සන්න වෙමින් පවතියි. 1962 වසරේ සිට 2011 වසර දක්වා මියන්මාරයේ පැවතියේ හමුදා පාලනයකි. පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් සුචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ලීගය විශිෂ්ට ජයග්‍රහණයක් අත කරගත් නමුත් ඇයට ජනාධිපති ධුරයට පත්වීමට එරට ව්‍යවස්ථාවෙන් අවසර නොමැත. තවමත් මියන්මාරයේ හමුදාවට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් හිමි වී තිබේ.
මියන්මාරයේ සුළුතර රෝහින්ජා මුස්ලිම් වැසියන් වෙසෙන ගම්මානවලදී ප්‍රහාරකයන් හැට නව දෙනකු මරා දැමුණු බව එරට හමුදාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තුවාල ලද සංඛ්‍යාව අඩුම වශයෙන් විසි පහක්. වාර්තාවල දැක්වෙන්නේ ඉන්දීය දේශසීමාරක්ෂක බලකා සෙබළුන් පිරිසක් පාවහන් පැළඳ මුස්ලිම් දේවස්ථානයකට ගොඩ වැදීම ගම්වාසීන්ගේ විරෝධයට හේතු වුනු බවයි. ආගම හදාරන සිසුන් හට පහර දුන් වගටත්, කුරානය කෙලෙසූ බවටත් ගම්මුන් සොල්දාදුවන්ට චෝදනා කර තිබේ.
ඉන්දීය පාලිත කාශ්මීරයේ යුද හමුදා කඳවුරක් ඉදිරිපිට උද්ඝෝෂණයකට රජයේ ආරක්ෂක සේනා වෙඩි තැබීමෙන් හය දෙනකු මියගොස් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'රෝහින්ග්‍යා' ම්යන්මාරයේ වෙසෙන සුළුතර මුස්ලිම් ජන කොටසකි ම්යන්මාරයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යැන්ග්හී ලී ඒ බව සඳහන් කළේ බීබීසී නිව්ස්නයිට් - බීබීසී අවර් වර්ල්ඩ් එක්ව කළ විමර්ශනයකදී අදහස් දක්වමිනි. වසරක සිට එරට බලයේ සිටින අවුන් සාන් සුචී ඒ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වීම බැහැර කළාය. ඇයගේ පක්ෂ ප්‍රකාශයකයකු කියා සිටියේ, එල්ලවන චෝදනා "අතිශයෝක්ති"වන අතර අදාළ ගැටලුව "අභ්‍යන්තර" කරුණක් විනා "ජ්‍යාත්‍යන්තර" වුවක් නොවන බවය විශේෂ නියෝතිත ලී හට ම්යන්මාරයේ අර්බුදයට ලක්වූ කලාපයට ප්‍රවේශවීමේ අවස්ථාව නොලැබුණි. එහෙත්, බංග්ලාදේශ් වෙත පැමිණ සිටින සරණාගතයින් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව බීබීසී වෙත අදහස් පළකළ ඇය, තමන් අපේක්ෂා කළ තත්වයට වඩා "බොහෝ බරපතල" බව සඳහන් කළාය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යැන්ග්හී ලී අපචාර පිළිබඳ ගැටලුව ම්යන්මාර ආරක්ෂක අංශ තුළින්ම සිදුවන්නක් බව කී ඇය සඳහන් කරන පරිදි, ඒ පිළිබඳ ඇතැම් වගකීම් ඡන්දයෙන් පත්වූ අවුන් සාන් සුචීගේ ආණ්ඩුව දැරිය යුතු වේ. "කොහොමවුනත් එය සිවිල් ආණ්ඩුවක්. තමන්ගේ ජනතාවට එරෙහිව ක්‍රියාත්මකවන බියකරු වදදීම් හා ඇති අමානුෂික අපරාධ පිළිබඳ පිළිතුරු දෙන්නට සිදුවන්නේ එම ආණ්ඩුවටයි." යැයි නියෝජිතවරිය සඳහන් කළාය. වසර 25ට පසුව 2015 වසරේදී ම්යන්මාරයේ පැවති පළමු විවෘත මැතිවරණයේදී, කලෙක ප්‍රජාතන්ත්‍රවාදයේ සළකුණක් සේ සැළකුණු අවුන් සාන් සුචී නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ජයග්‍රහණය කළේය. අවුන් සාන් සුචී පසුගිය ඔක්තෝබර් මාසයේදී සන්නද්ධ කණ්ඩායම් කළ පහරදීමකින් මතුවූ හමුදා ක්‍රියාමාර්ග හමුවේ පසුගිය මාස කිහිපය තුළදී ම්යන්මාරයේ සුළුතර රෝහින්ග්‍යා ජන කොටසට අයත් 70,000 ට අධික පිරිසක් බංග්ලාදේශ් වෙත පලාගියහ. එහි කඳවුරු වෙත මෑතදී පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් බීබීසී වෙත පැවසුවේ ම්යන්මාර හමුදා විසින් සිවිල් වැසියන්ට වෙඩි තබනු ලබන අතර පැහැරගෙනයාම් හා තරුණියන් දුෂණයේ ද යෙදෙන බවය. ම්යන්මාර ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපති පදවිය දැරීම අහුරාලනු ලැබ තිබුන ද අවුන් සාන් සුචී එරට නායකත්වය හොබවන බව ප්‍රකටව පෙනෙන්නට ඇත. එහෙත්, මාස 16 ට පෙර විශාල මැතිවරණ ජයග්‍රහණයක් ලැබූ තැන සිට ම්යන්මාරයේ සිටින විදෙස් ජනමාධ්‍යවේදීන් සමග අවුන් සාන් සුචී කිසිදු සම්මුඛ සාකච්ඡාවකට එක්වී නැත. ඇයගේ දේශපාලන පක්ෂයේ ප්‍රකාශකයකුවන වින් තීන් බීබීසී වෙත පැවසුවේ, පවතින ව්‍යවස්ථාව යටතේ හමුදාව නැවැත්වීමේ බලයක් අවුන් සාන් සුචී සතු නොවන බවය. කෙසේවෙතත්, ලබන සඳුදා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත සිය වාර්තාව ඉදිරිපත් කරන විශේෂ නියෝජිත යැන්ග්හී ලී, උතුරු කොරියාවේ සහ සිරියාව සම්බන්ධයෙන් පත්කර ඇති විමර්ශන කොමිසමක් පිහිටුවන ලෙස නිල වශයෙන් ඉල්ලා සිටිනු ඇත. මේ සම්බන්ධයෙන් බීබීසී කළ විමසීමේදී, එවැනි කොමිසමක් ස්ථාපනය කිරීම සඳහා සහය දෙන්නේදැයි පැවසීම බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපා සංගමය ද ප්‍රතික්ෂේප කළහ.
ම්යන්මරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එරට හමුදාව සහ පොලිසිය "මානුෂීයත්වයට එරෙහි අපරාධවල" යෙදී ඇති බව එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ට නිලධාරිනියක පවසන්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ඉන්දීය දේශපාලනයේ දෙවැනි බලවත්ම පක්ෂයයි. හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ඉන්දීය දේශපාලනයේ දෙවැනි බලවත්ම පක්ෂයයි. ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය විසින් නායකත්වය දෙනු ලබන බලයේ සිටින වත්මන් ආණ්ඩුව පරාජය කිරීම සඳහා පක්ෂයට ශක්තිමත් නායකත්වයක් දිය හැකි නායකයා තෝරා ගැනීමයි, භාරතීය ජනතා පක්ෂ සමුළුවේ උත්සාහය වන්නේ නරේන්ද්‍ර මෝඩි (Narendra Modi)පක්ෂයට නායකත්වය දීම සඳහා සුදුසුම තැනැත්තා වන්නේද යන්න සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයන් අතර බෙදීමක් පවතින බවත් ගෝවේ නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි. ආකර්ෂණීය නායකත්වයක් සහිත නරේන්ද්‍ර මෝඩි, ඉතා දිගුකලක් ගුජරාට ප්‍රාන්තයේ මහා ඇමති පදවිය දරන නමුත් ඔහු මතභේදයට ලක්ව සිටින නායකයෙක්. මහ ඇමති වරයාගේ ක්‍රියා කළාපය දෝෂ දර්ශනයට ලක් කරන විවේචකයන් කියා සිටින්නේ, ගුජරාට් ප්‍රාන්තයෙහි විශාල සංඛ්‍යාවක් මහජන ජීවිත විනාශ කෙරුණ, 2002 හින්දු සහ මුස්ලිම් ආගම්වාදී ගැටුම් නතර කිරීමට ඔහු පියවර නොගත් බවයි. නරේන්ද්‍ර මෝඩි, භාරතීය ජනතා පක්ෂයේ නායකයා හැටියට ගෝවා සමුළුවේදී තෝරා පත්කර ගනු ලැබුනොත්, ඔහු ලබන මහ මැතිවරණයේදී පක්ෂයේ නිල නොවන අගමැති ධූර අපේක්ෂකයා බවට පත්වෙන බවයි වාර්තාකරුවන් පවසන්නේ.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දියානු මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට නායකත්වය දිය යුත්තේ කවුරුන්ද යන්න තීන්දු කිරීමේ පක්ෂ සමුළුව බටහිර ඉන්දියාවේ ගෝවා (Goa) නගරයේදී ආරම්භ කෙරිණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම වැඩසටහන රූ ගත කෙරෙන අතරතුරදී ඔහු පැද වූ ත්‍රිරෝද යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු පැයට සැතපුම් 124ක වේගයකින් සිය ත්‍රිරෝද යතුරු පැදිය පදවා තිබේ. නමුත් ඔහු කිසිදු තුවාලයක් හෝ නොලබා බේරී තිබෙන බව බීබීසීයට අනාවරණය වේ. 41 හැවිරිදි හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාගේ යතුරු පැදිය එල්වින්ටන් ගුවන් පථයේ ධාවනයේ යෙදෙන අතරතුර ලිස්සා ගොස් ඇත. "මට කිසිවක් වුණේ නැහැ. මම බොහොම හොඳින් ඉන්නවා. අද රූ ගත කිරීම්වලට සහභාගි වුනා," ෆ්ලින්ටොෆ් පැවසීය. "මම හිතුවට වැඩිය දුරක් ධාවනයේ යෙදුනා. මට ඕනෑ වුණේ හොඳට ඒ රූ ගත කිරීම කරන්න. නමුත් මේ අවස්ථාවේ මම ගිය දුර ටිකක් වැඩියි. ඒක ටෙලිවිෂන් එකේ බලන කොට මට අවේ හාස්‍යජනක හැඟීමක් බියකරු හැඟීමකට වැඩිය." ඔහු පැඩී මැගිනස් සහ ක්‍රිස් හැරිස් යන දෙදෙනා සමග 'ටොප් ගියර්' නම් රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරයි. එම අනතුර සිදුවූයේ ඔවුන් තිදෙනා ධාවනයේ යෙදී සිටින අතරවාරයේ දීය. මීට පෙර ටොප් ගියර් වැඩසටහන ඉදිරිපත් කළ රිචර්ඩ් හැමන්ඩ් 2006 දී අනතුරකට ලක් වී දරුණු ලෙස තුවාල ලැබුවේ ද මෙම ගුවන් පථයේදීම ය. අනතුර සිදුවන අවස්ථාවේ, ෆ්ලින්ටොෆ් 'ටයිම් බැන්ඩිට්' ලෙස නම් කර ඇති ත්‍රිරෝද යතුරු පැදියක් ධාවනය කරමින් සිටියේය. ඒ අවස්ථාවේ ඔහු නිසි ලෙස ආරක්ෂක ඇඳුම් සහ උපාංග ලා සිටි බව වාර්තා වේ. "ටොප් ගියර්" යනු එංගලන්තය ඇතුළු බොහෝ රටවල ප්‍රකට රූපවාහිනී වැඩසටහනකි. වේගය සහ ත්‍රාසය පිරි එම වැඩසටහන මගින් විවිධාකාර යතුරු පැදි සහ වෙනත් රථ නිෂ්පාදක පිරිවිතයන් හා අනුකූල දැයි විමසා බැලේ. එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ දක්ෂතම තුන් ඉරියව්වෙන් දස්කම් පෑ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇන්ඬෘ ෆ්ලින්ටොෆ්, 2009 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේය. කියවන්න:
'ටොප් ගියර්' රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරකට ලක් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි එනම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව ය. එයට විවිධ නම් පටබැඳ ඇතත් මම එයට ජිනිවා වාර්තාව යැයි කියමි. මන්ද යත් එය ලියන ලදදේ ජිනීවා සිට නිසා ය. එමෙන්ම එනමින් අන්තර්ගතයට කිසිදු අර්ථ දැක්වීමක් කෙරෙන්නේ නැත. මේ වනාහී ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස ලොව මානව හිමිකම් අග නගරය වන ජිනිවා සිට බැලීමකි. වාර්තාවේ දෘෂ්ඨි කෝණය මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය යි. ශ්‍රී ලංකාවේ යුද්ධ කාලීන ඉතිහාසය මානව හිමිකම් කෝණයෙන් විමසා බැලෙන ඕනෑම අධ්‍යනයක තීරණාත්මක ස්ථානයක් මෙම වාර්තාව විසින් අල්ලා ගනු නිසැක ය. 'වාර්තාව මගින් රජයේ හමුදා සහ එල්ටීටීඊය යන දෙපාර්ශවයටම අදාළ වන පරිදි මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කර ඇති බව පෙනී යයි' වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි. ඒ මෙසේ ය: 01.අනීතිත ඝාතනයන් 02.නිදහස සීමා කිරිමට අදාළ කෙළෙසීම් 03.බලහත්කාර අතුරුදහන් කිරීම් 04.වධහිංසා පැමිණවීම ඇතුලු වෙනත් ආකාරයන්හි ක්‍රෑර, අමානුෂික සහ ගෞරවය කෙළෙසන ක්‍රියාවන් 05.ලිංගික සහ පුමිතිරිබාවය මත පදනම් වූ ප්‍රචන්ඩත්වයන් 06.වැඩිහිටියන් පැහැර ගැනීම සහ බලහත්කාර බඳවා ගැනීම් 07.ළමුන් බඳවා ගැනීම සහ යුද සටන් සඳහා යෙදවීම 08.සිවිල් ජනයා සහ සිවිල් ස්ථාන වෙත යුද සටන් මගින් ඇතිවන බලපැම් 09.සැරි සැරීමේ නිදහස සීමා කිරීම 10.මානුශීය සහනාධාර වැළැක්වීම 11.අවිවෘත කඳවුරුහිදී විතැන් වූ ජනයාගේ නිදහස ඇහිරීම සහ සෝදිසි කිරීම මිශ්‍ර අධිකරණය අන්තර් ජාතික අධිකරණයක් නොවෙන එය ක්‍රියාත්මක වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ය. මෙම තේමා අනුවම වාර්තාව රජයේ හමුදා සහ විමුක්ති කොටි සංවිධානය ( එල්ටීටීඊ) යන දෙපාර්ශවයටම අදාළ වන පරිදි මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කර ඇති බව පෙනී යයි. වාර්තාවේ ප්‍රධාන නිගමනය වන්නේ ද එකී දෙපාර්ශවයම යුද අපරාධ ලෙස සැළකිය යුතු අපරාධයන්ට වග කිව යුතු බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන බවයි. වාර්තාවේ ප්‍රධාන නිර්දේශයන්ගෙන් කියැවෙන්නේ එකී චෝදනා සහ එම චෝදනාවන්ට අදාළව වාර්තාව සඳහන් කරන අදාළ සිදුවීම් අධිකරණමය පරීක්ෂණයකට ලක් කර වරදකරුවන්ට දඩ්වම් ලබා දෙන ලෙස යි. වාර්තාවේ තීරණාත්මකම නිර්දේශය ද ඊට අදාළ වෙයි. එනම් එවැනි පරීක්ෂනයක් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්දතියට තනිව කළ නොහැකි බව ය. එබැවින් වාර්තාව ඒ සඳහා මිශ්‍ර අධිකරණයක් නිර්දේශ කරයි. ඒ සඳහා වාර්තාව අන්තර්ජාතික විනිසුරුවරුන්, පැමිණිලි මෙහෙයවන්නන්, නීතිඥයන් සහ විමර්ශන නිලධාරීන් ඇතුළු අන්තර්ජාතික කාර්යමණ්ඩලයක් බඳවා ගැනීම සඳහා මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා රජය උනන්දු කරවයි. යුද බිමෙහි සිර වී සිටි ජනයාට ප්‍රමාණවත් ආහාර සහනාධාර නොසැපයීම සහ එළෙස සැපයීමට බාධා කිරීම ශ්‍රී ලංකාන්ඩුවට එල්ල වන තවත් අපරාධ චෝදනාවකි මෙම මිශ්‍ර අධිකරණය අන්තර් ජාතික අධිකරණයක් නොවෙන එය ක්‍රියාත්මක වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ය. වාර්තාව තත්කාලීනය. ජන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රගතිය පවා වාර්තාවට ඇතළත් ය. 2015 අගෝස්තු මාසයෙහි ශ්‍රි ලංකාන්ඩුවෙන් ලද කරුණු පවා එහි ඇතුලත්ය. 2015 ජනවාරි මාසයෙහි නව ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු සිදු වූ ප්‍රජාතන්ත්‍රීය වෙනස්කම් ද ප්‍රතිසංධානය සඳහා දක්වා ලැදියාව ද වාර්තාව අගැයීමට ගත කරයි. වත්මන් ආණ්ඩුව විසින් දියත් කර ඇති මූල්‍ය අපරාධ ඇතුළු වංචා දූෂණ පරීක්ෂණයන් ද එහි අගැයීමට ලක් වේ. උක්ත පරීක්ෂණය සඳහා තුන් දහසකට අධික තොරතුරු ලිඛිතව ලැබූ බව සඳහන් කර නමුත් සිය පරීක්ෂණ කණ්ඩායම කොපමණ සාක්ෂිකරුවන් පුද්ගලික සම්මුඛ සාකච්ජාවන්ට භාජනය කරන ලදදේ දැයි වාර්තාව සඳහන් කරන්නේ නැත. ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පවා එක්සත් ජාතීන්ගේ විමර්ශණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු ගවේෂණය කිරීමට අවසර නොලැබුණි. එමෙන්ම විමර්ශන කණ්ඩායම හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන සේ මානව හිමිකම් කොමිසමෙහි නිත්‍ය ශ්‍රී ලාංකික නියෝජිත සහ ජිනිවාහි ශ්‍රී ලංකා තානාපතිවරයාට කරන ලද ආරාධනය ද නොපිලිගැනුනි. එසේ වෙතත් වැදගත් කරුණ වන්නේ වාර්තාවෙහි සඳහන් කිසිදු යුද නිලධාරියකු කවර හෝ නිශ්චිත යුද අපරාධයකට සම්බන්ධ යැයි ඔවුන්ගේ නම් සඳහන් කිරීම නිසා අදහස් නොවන බව වාර්තාව පැහැදිලිව ප්‍රකාශ කිරීමයි වාර්තාව සඳහන් කරන්නේ එල්ටීටීඊ සංවිධානයේ සියලු නායකයින් ඝාතනය වී ඇති බැවින් එවැනි කිසිවකුගෙන් ද ප්‍රශ්න කිරීමට අවස්ථාවක් නොවූ බවයි. එනමුත් පහළ මට්ටමේ එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් කරුණු විමසීමට විමර්ශන කමිටුවට අවස්ථාව ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මේ තාක් කියැවීමට ලැබී නැති වැදගත් මානව හිමිකම් පරීක්ෂණ ගණනාවක වාර්තා එජා විමර්ශන කමිටුව වෙත ලැබී තිබේ. 2006 වසරේදී ජනාධිපති රාජපක්ෂ විසින් බරපතළ මානව හිමිකම් කෙලෙසීම් 11ක් විමර්ශනය කිරීම පිණිස පත් කරන ලද කොමිෂන් සභාවේ ( අදලාගම කොමිසම) වාර්තාව ඉන් එකකි. අන්තර්ජාතික විද්වත් පුද්ගලයින්ගේ කණ්ඩායම් (International Group of Eminent Persons) වාර්තාව තවත් එකකි. වාර්තාව සඳහන් කරන්නේ වරදකරුවන් අධිකරණමය ක්‍රියාදාමයක් තුලින් තහවුරු කර නිසි දඬුවම් ලබා දිය යුතු බවයි 2006 මාර්තු මාසයේ මඩකළපුවෙහි දේවස්ථානයක් තුළ දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රි ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කරනු ලැබීම විමසා බැලීමට පත් කරන ලද මහානාම තිලකරත්න වාර්තාව තවත් එකකි. ඊට අමතරව එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරයා විසින් දෙවතාවක දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කරන ලද කමිටු වාර්තා ද සිය විමර්ශනය සඳහා යොදා ගත් බව සඳහන් වේ. මෙකී වාර්තාවෙහි ආරක්ෂක හමුදා නිලධාරීන් ගණනාවකගේම නම් සඳහන් වෙයි. ඒ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අණදෙන ව්‍යුහය පැහැදිලි කිරීමේ දීය. එම සටහන්හි ඉහළින්ම සේනාධිනායකයාද දෙවැනුව ආරක්ෂක ලේකම්වරයා ද සඳහන් වන්නේ නිලයෙන් මිස පුද්ගල නාමයෙන් නොවේ. එල්ටීටීඊ සංවිධනයේ ක්‍රියා කාරකම් සම්බන්ධයෙන්ද එවැනිම ලේඛනයක් වාර්තාවෙහි අඩංඟුය‍. එසේ වෙතත් වැදගත් කරුණ වන්නේ වාර්තාවෙහි සඳහන් කිසිදු යුද නිලධාරියකු කවර හෝ නිශ්චිත යුද අපරාධයකට සම්බන්ධ යැයි ඔවුන්ගේ නම් සඳහන් කිරීම නිසා අදහස් නොවන බව වාර්තාව පැහැදිලිව ප්‍රකාශ කිරීමයි. වාර්තාව සඳහන් කරන්නේ වරදකරුවන් අධිකරණමය ක්‍රියාදාමයක් තුලින් තහවුරු කර නිසි දඬුවම් ලබා දිය යුතු බවයි. ජන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රගතිය පවා වාර්තාවට ඇතළත් ය වාර්තාව ශ්‍රී ලංකාව තුල දෙමළ වර්ග සංහාරයක් ( genocide) සිදු වූ බව පිළිගෙන නැත. ඒ පිළිබඳ තීරණය කිරීම ඉදිරි විමර්ශකයකට ඉතිරි කරයි. එසේ නමුත් යුද්ධ කාලීනව දෙමළ ජනයා මත එල්ල වූ දරුණු මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වගකිව යුතු බව අවස්ථා ගණනාවකදීම කරුණු සහ සාධක ඇතිව පෙන්වා දෙයි. යුද බිමෙහි සිර වී සිටි ජනයාට ප්‍රමාණවත් ආහාර සහනාධාර නොසැපයීම සහ එළෙස සැපයීමට බාධා කිරීම ශ්‍රී ලංකාන්ඩුවට එල්ල වන තවත් අපරාධ චෝදනාවකි. එමෙන්ම එම ජනයා යුද්දයෙන් පසු අවිවෘත රඳවා තැබිමේ කඳවුරු ගත කිරීම ද අන්තර් ජාතික මානුශීය නීතිය කෙලෙසීමක් ලෙස ශ්‍රී ලංකා රජයට චෝදනා කෙරෙයි. ඉන් එක් සිදුවීමක් වන සුදු කොඩි රැගෙන යුද හමුදාවට බාර වූ එල්ටීටීඊ නායකයින් ඝාතනය කළ බවට සාක්ෂි ගණනාවක් වාර්තාවෙහි අඩංඟුය. එලෙස බාර වීමේ කාර්ය සම්බන්ධීකරණය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සහ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වූ පාලිත කෙහොන වාර්තාව නම් වශයෙන් දක්වයි. සුදු කොඩි රැගෙන බාර වීමේ සාකච්ජාවන් ජනාධිපති රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද දැන සිටි බව වාර්තාව දක්වයි. එල්ටීටීඊ සංවිධානය විසින් කළ බවට වාර්තා වන සමූළ ඝාතනයන් මෙන්ම පුද්ගල ඝාතනයන්ද සාක්ෂි සහිතව වාර්තාව දක්වයි.කැබිතිගොල්ලැව බස් බෝම්බය, කොටුව දුම්රිය පොළෙහි බෝම්බ පිපිරවීම, යනාදිය ඒ අතර වේ. ආරක්ෂක හමුදා අත්අඩංගුවෙහි දී ස්ත්‍රීනට මුහුණ දෙන්නට සිදු වූ ලිංගික අතවර සහ හිංසා වාර්තාවෙහි විශේෂ තැනක් ගනී ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් එල්ටීටීඊයට මෙන්ම කරුණා අම්මාන් නායකත්වය දුන් ටීඑම්විපීයට ද වාර්තාවෙන් චෝදනා එල්ල වෙයි. එල්ටීටීඊයෙන් ඉවත් වූ පසු කරුණා පාර්ශවය විසින් ළමා සොල්දාදුවන් බලයෙන් බඳවා ගැනීම ශ්‍රී ලංකා රජය දැන සිටි බවද වාර්තාව සඳහන් කරයි. එල්ටීටීඊයට එල්ල වන තවත් චෝදනාවක් නම් එය විසින් පාලනය කල පෙදෙස්හි මහා ජනයාගේ ගමනාගමනය සීමා කිරීමයි. ශ්‍රී ලංකාවෙහි විශාල ලෙස සිදුව ඇති අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා වගකිව යුතු බවට වන චෝදනාව වාර්තාව සනාථ කරයි. සුදු වෑන් මගින් පැහැර ගැනීමට අමතරව යතුරුපැදි ඝාතක කණ්ඩායම් වූ බවට ද වාර්තාව සඳහන් කරන්නේ සිද්ධීන් ගණනාවක් මගිනි. මෙම යතුරු පැදි ඝාතක කණ්ඩායම් රජයේ ආරක්ෂක හමුදා කඳවුරු තුලින් පැමිණි බව ද එය සඳහන් කරයි. ආරක්ෂක හමුදා අත්අඩංගුවෙහි දී ස්ත්‍රීනට මුහුණ දෙන්නට සිදු වූ ලිංගික අතවර සහ හිංසා වාර්තාවෙහි විශේෂ තැනක් ගනී. එවැනි හිංසාවන්ට ලක් වූවන්ගේ සාක්ෂි තමන් සතු බව විමර්ශන කණ්ඩායම වාර්තාව මගින් කියා සිටියි. එපමණක් නොව අත්අඩංගුවට පත් සහ යුද බිමෙහි දී මරණයට පත් එල්ටීටීඊ සාමාජිකාවන් ලිංගික අතවරයන්ට ලක් කෙරුණ වීඩියෝ සාක්ෂි තමන් සතු බව ද එය කියා සිටියි. වාර්තාව අවසානයෙහි නිර්දේශයන් 39ක් වෙයි. ඉන් 33න් ශ්‍රී ලංකාන්ඩුවටය. ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉදිරිපත්ව ඇති නිර්දේශ ආයතනික ප්‍රතිසංස්කරණ, යුක්තිය, සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය, හානි පූර්ණය (වන්දිය) ලෙස දක්වා තිබේ වාර්තාව සඳහන් කරන වීඩියෝ සාක්ෂි අතරින් මේ තාක් ප්‍රසිද්ධියට පත්ව නැති එකක් වන්නේ ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි බාල පුත් බාලචන්ද්‍රන් යුද හමුදා අත්අඩංගුවේ සිටියදී ගන්නා ලදැයි කියවෙන වීඩියෝවකි. බාලචන්ද්‍රන් ඝාතනය කිරීම සඳහා වෙඩි තබා ඇත්තේ අතේ දුරක සිට බව සඳහන් කරන වාර්තාව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා කරයි. වාර්තාව අවසානයෙහි නිර්දේශයන් 39ක් වෙයි. ඉන් 33න් ශ්‍රී ලංකාන්ඩුවටය. ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉදිරිපත්ව ඇති නිර්දේශ ආයතනික ප්‍රතිසංස්කරණ, යුක්තිය, සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය, හානි පූර්ණය (වන්දිය) ලෙස දක්වා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එහි සාමාජික රටවලට ඉදිරිපත් කර ඇති නිර්දේශ 6න් දැක්වෙන්නේ වාර්තාවේ එන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහාය වීම සහ පසු විපරමක් පවත්වා ගැනීම, වාර්තාවේ සඳහන් අපරාධයන් සම්බන්ධයෙන් අන්තර් ජාතික අධිකරණ බලය යටතේ පියවර හැකි අවස්ථාවන්හිදී ගැනීම, විදෙස්ගත දෙමළ වින්දිතයින් සම්බන්ධයෙන් මානුශීය සහන සැපයීම යනාදිය වේ.
ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයෙහි අඳුරුතම යුගයක් පිළිබඳ වාර්තාව දැන් ලොව අබිමුවය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තද රත් පැහැති අහස යට බෝට්ටුවලට නැගී පළා යෑම ඉතා "භයානක අත්දැකීමක්" බව 'මැලකූටා' ප්‍රදේශවාසීහු පවසති. නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම ලැව් ගිනි හේතුවෙන් මිය ගොස් ඇති බව බලධාරීහු තහවුරු කළහ. ඒ අනුව, ලැව් ගිනි හේතුවෙන් මියගිය සම්පූර්ණ ගණන 12 දක්වා ඉහළ ගොස් තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයන් හතර දෙනෙකු සහ නිව් සවුත් වේල්ස්හි එක් පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති. අද දින (දෙසැම්බර් 31) ඇති වූ විශාල ගිනි ගැනීම් හේතුවෙන් මිය ගොස් ඇත්තේ පියෙකු සහ පුතෙකු වන අතර, ඔවුන්ගේ සිරුරු 'කෝබාගෝ' නගරයේ දී හමු වී ඇත. "ඉතා දුක්මුසු තත්වයක්. ඔවුන් අනිවාර්යයෙන්ම ගින්නෙන් බේරෙන්න දැඩි උත්සාහයක යෙදෙන්න ඇති. නමුත් ගින්න ඇවිත් තියෙන්නේ උදේ පාන්දර," යැයි නිව් සවුත් වේල්ස්හි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ගැරී වොබෝයිස් පැවසීය. සිය පවුලේ අය ද සමඟ මැලකූටා ප්‍රදේශයෙන් බෝට්ටුවකින් පළා යන අතර කාන්තාව මෙම ඡායාරූපය ගෙන තිබිණි නිව් සවුත් වේල්ස් සිට වික්ටෝරියා දක්වා කිලෝමීටර 500ක් ඇතුළත විවිධ ස්ථානවල ලැව් ගිනි පැතිරී ගොස් ඇත. මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය වන 'ප්‍රින්සස් හයිවේ' මේ වන විට වසා දමා ඇති අතර, වෙරළබඩ නිවාඩු ගතකිරීමට සුදුසු ස්ථාන කිහිපයක් ද අවහිර කර ඇත. විපතට පත් නගරවලට අවශ්‍ය ආහාර, ජලය සහ විදුලි බලය ලබා දීමට නාවික හමුදා නැව් කැඳවීමට ඉඩ ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසීය. ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන් නිව් සවුත් වේල්ස් සහ මෙල්බර්න් ලැව් ගිනි සම්බන්ධයෙන් පුවත් ඇසීමෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල දිවිගෙවන සිය නෑ හිත මිතුරන් බොහෝ දෙනෙකු දුරකතනයෙන් සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සුව දුක් විමසන බව ඔස්ට්‍රේලියාවේ දිවිගෙවන ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු බීබීසී සිංහල සේවයට පැවසීය. කසුන් නිරෝෂන "අපි නිව් සවුත් වේල්ස්වල පැඩි ෆෝල්ස් දිය ඇල්ල බලන්න ගිහින් ආයෙත් එනකොට ඒ මුළු පලාතෙම අහස තද දම් පාට වෙලා තිබුණේ. වටේම ගිනි ගන්නවා. ගිනි නිවන භටයන් විශාල පිරිසක් ඒ ප්‍රදේශයට ඇවිත් හිටියා. මම ඒ වගේ දෙයක් ජීවිතේට දැකලා තිබුණේ නැහැ," යැයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැකියාවේ නියුතු කසුන් නිරෝෂන තුයියහැන්නදි පැවසීය. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු දිවි ගෙවන මෙල්බර්න් නගරයට ගින්නෙන් හානි සිදුව නොමැති වුවත්, ඉන් කිලෝමීටර 50ක් පමණ එපිටින් පිහිටි 'ලේක් එන්ට්‍රන්ස්' ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ ගිනි ගෙන විනාශ වී ඇති බව කසුන් පැවසීය. "නගරවල මිනිස්සුන්ගේ ජීවිතවලට මේක තාම බලපාලා නැහැ. හැබැයි ගම් ප්‍රදේශ බොහොමයක ගින්න ඇවිලිලා ගිහින්. අපි යන්න හිටපු ගමන් බිමන් ගොඩක් අවලංගු කළා." "ඒ වගේම තමයි දරා ගන්න අමාරු රස්නය. අදත් මෙහෙ සෙල්සියස් අංශක 42ට ගියා. එළියට ගිහින් ඉන්නකොට වදින හුළඟට කන් දෙක පිච්චෙනවා වගේ දැනෙන්නේ," කසුන් තවදුරටත් කියා සිටියේය. මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් නිව් සවුත් වේල්ස්හි 'හියුම්' අමුණ පවා සිදී ඇති අකාරය දුටු බව ඔහු පැවසීය. 'හියුම්' අමුණ සිඩ්නි නුවර සිඩ්නි නුවර ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවන බව එහි පදිංචි ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ලාල් පීරිස් බීබීසී සිංහල සේවයට පැවසීය. "ලැව් ගිනි වැඩි වශයෙන් පැතිරී තිබෙන්නේ නගරයෙන් බොහෝ ඈත ගම් ප්‍රදේශවල. මම දින කිහිපයක් කිලෝමීටර 890ක් උතුරු ඔස්ට්‍රේලියාවේ රිය ධාවනය කළා. එතකොට තද දුමකින් අහස වැසී තිබෙනවා දැක්කා." "කැලෑවල ගිනි නිවන්න අදාළ බලධාරීන් උත්සහ කරන්නේ නැහැ. ඒ ගින්න මිනිස්සුන්ට වතුර දාලා නිවන්න බැහැ. ඒකට අනිවාර්යයෙන් වැස්සක් වැටෙන්නම ඕනෙ. ඒ වෙනුවට ඔවුන් උත්සහ කරන්නේ මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට ගින්න පැතිරී යෑම වළක්වන්නයි," ලාල් පීරිස් පැවසුවේය. "සිඩ්නි නුවර සියල්ල සාමාන්‍ය පරිදි සිදුවෙනවා. අලුත් අවුරුදු සැමරුම් ද වෙනදා වගේම පැවැත්වෙනවා," ඔහු තවදුරටත් පැවසීය. "අපි වතුරට පනින්න ලෑස්ති වෙලා හිටියේ" අද දින (දෙසැම්බර් 31) උදෑසන මැලකූටා නගරයට අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කළ පසු ප්‍රදේශවාසීන් සියලුදෙනා මුහුදු වෙරළට පැමිණ ආරක්‍ෂිත නිවාසවල ලැඟුම් ගෙන ඇත. "මිනිස්සු 4,000ක් වෙරළේ සිටියා.." "දහවල වුණත්, අවට පරිසරය මැදියම් රෑ වගේ කළුවරයි. අපිට ගින්න ඇවිලෙන සද්දය ඇසුණා. අපිට ජීවිත ගැන දැඩි බියක් ඇති වුණා," ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඩේවිඩ් ජෙෆ්රි පැවසීය. "මුහුද රට තුළට ඒම වැළැක්වීමට ගල් බැම්මක් බැඳ තිබෙනවා. ගින්න අපි ඉන්න තැනටත් පැතිරුණා නම්, අපි ඒ ගල් බැම්මෙන් මුහුදට පනින්න ලෑස්ති වෙලා සිටියේ," ඔහු තවදුරටත් පැවසුවේය. ගොඩනැගිලි කීපයක් ද විනාශ කරමින් නගරය පුරා ගින්න පැතිරී ගිය ද, සුළං හමන දිශාව වෙනස් වීම නිසා වෙරළ ප්‍රදේශයෙන් ඉවතට ගොස් තිබේ. අවසාන ආරක්ෂක පියවර අනුගමනය කරමින් ගිනි නිවන භටයන් වෙරළේ එක් රැස් වී සිට ඇත. "මිනිස්සු 4,000ක් වෙරළේ සිටියා," වික්ටෝරියා ප්‍රාන්ත හදිසි අවස්ථා කොමසාරිස් ඇන්ඩෘ ක්‍රිස්ප් වාර්තාකරුවන්ට පැවසීය. "තද අඳුරක් තිබුණා, එය සෑහෙන බය හිතෙනවා... මේ වෙලාවෙත් ප්‍රදේශවාසීන් අනතුරේ ඉන්නේ, නමුත් අපි ස්ථානගත වෙලා ඉඳලා ඔවුන් බේරා ගන්නවා, ආරක්ෂා කරනවා" යැයි ගිනි නිවන සේවාවේ ස්ටීව් වොරින්ග්ටන් පැවසීය. පසුගිය දින කීපය පුරා නැගෙනහිර 'ජිප්ස්ලෑන්ඩ්' පළාතේ පැතිරුණ ගින්නෙන් "දේපළවලට දැඩි අලාභ හානි" සිදුව ඇති බව ඔහු තවදුරටත් පැවසීය. "තද අඳුරක් තිබුණා, එය සෑහෙන බය හිතෙනවා..." පළාතේ සිටින බොහෝ දෙනෙකු සංචාරකයන් වන අතර, ඒ සියලුදෙනාට ප්‍රදේශය තුළ ම රැඳී සිටින ලෙසට බලධාරීන් උපදෙස් ලබා දී තිබේ. සඳුදා (දෙසැම්බර් 30) වන විට එම ප්‍රදේශයෙන් ඉවත් වීමට ප්‍රමාද වැඩි අතර, ඉවත් කර ගැනීම ද ඉතා භයානක ක්‍රියාවක් වනු ඇතැයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ගිනි නිවන භටයන් මරුට සැප්තැම්බර් මස සිට නැගෙනහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හරහා හමා යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට අක්කර මිලියන ගණනක් විනාශ වී තිබේ. පසුගිය ඉරිදා (දෙසැම්බර් 29) "මේ වියරු කාලගුණ තත්වය" නිසා ගිනි නිවන භටයෙකු මිය ගිය බව නිව් සවුත් වේල්ස් ගිනි නිවන සේවා පැවසීය. මෙම කාල සීමාව ඇතුළත මිය ගිය තෙවෙනි ස්වේච්ඡා ගිනි නිවන භටයා ඔහුය. ලැව් ගිනි හේතුවෙන් මේ වන විට අක්කර මිලියන ගණනක් විනාශ වී තිබේ. 28 හැවිදිරි සැමුවෙල් මැක්පෝල් මෑතක දී විවාහ වී සිය ප්‍රථම දරුවා අපේක්ෂාවෙන් සිට ඇත. ගින්න හේතුවෙන් හටගත් දැඩි සුළඟට හසු වී පෝල් ගමන් කරමින් සිටි ටොන් 10ක් බරැති ට්‍රක් රථය පෙරළී යාමෙන් සිදු වූ අනතුරෙන් ඔහු ජීවිතක්ෂයට පත් විය. තවත් ගිනි නිවන භටයන් දෙදෙනක් තුවාල ලැබූහ. මෙම සතිය ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි අගයක් සටහන් වූ අතර, තද සුළං සහ අකුණු වැදීමෙන් හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වී ඇත. මේ අතර, ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල වාර්තාගත දැඩි නියඟයක් පවතින අතර, විවිධ දේශගුණික විපර්යාස නිසා ගිනි පැතිරීම පහසුවෙන් සිදුවන බව විද්‍යාඥයෝ පවසති. ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි පැතිරී ඇති ප්‍රදේශ මේ තොරතුරුද කියවන්න:
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින ලැව් ගිනි වෙරළාසන්න ප්‍රදේශවලට වේගයෙන් පැතිරී යෑම නිසා දහස් ගණනක පිරිස් මුහුදු වෙරළ වෙත පළා යමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස දිව්රුම් දෙමින් නව අගවිනිසුරු පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පියවර ගත්තේ මතභේද වලට තුඩු දී ඇති දෝෂාභියෝග ක්‍රියාවලියකින් පසු අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීමෙන් පසුවයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී අලුතින් අගවිනිසුරුවරයෙක් පත් කිරීම නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ලෝකයේ රටවල් රැසක අවධානයට ලක්ව තිබේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරියා නුර්ලන්ඩ් කියා සිටියේ ශිරණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීම සම්බන්ධයෙන් තම රටේ දැඩි අවධානයක් යොමුව ඇති බවයි. 'ආයෝජකයන් අඩුවිය හැකියි' ජාත්‍යන්තර ආයෝජන අඩුවිය හැකියි - වික්ටෝරිය නුර්ලන්ඩ් "අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ක්‍රියාත්මක කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග නොසලකා. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය බලය අධිකරණය ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බෙදා ඇති අන්දම සම්බන්ධය පිලිබඳ ගැටළු රැසක් මේ දෝෂාභියෝගය නිසා මතු වන බවයි ඇමෙරිකාවේ අදහස. සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මේ බල තල බෙදා ඇති අන්දම ඉතා වැදගත්. අධිකරණයේ ස්වාධීනත්වය නොසලකා හැරියහොත් ශ්‍රී ලංකාවට විදේශ ආයෝජකයන් පැමිණීම අඩුවිය හැකි බවටද අපි පැහැදිලිව අනතුරු අඟවා තිබෙනවා" යයි ඇය කියා සිටියාය. "ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රජයක්ද, නීතිය මත පාලනයක් ලංකාවේ පවතී ද සහ අධිකරණයේ ස්වාධීනත්වයක් තිබේද යන කරුණු සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ විශාල සැකයක්" ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ දෝෂාභියෝගය ක්‍රියාත්මක කළ අවස්ථාවේ සිට එක්සත් ජනපදය දෝෂාභියෝගය නිසි ක්‍රියා දාමයකට අනුව සිදු නොවන බව වරින් වර ශ්‍රී ලංකාවට දැනුම් දුන් බවද ඇය සඳහන් කළාය. රජය කටයුතු කරන අන්දමින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් තිබෙන බව දැයි විමසු අවස්ථාවේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරිය නුලන්ඩ් කියා සිටියේ ශ්‍රිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්න රාශියක් මතුව ඇති බවයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව මහන්සි වී කටයුතු කල යුතු බවයි ඇය පවසන්නේ. අන්තර්ජාතික වශයෙන් 'හුදෙකලා වීම' මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් ද ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇත. නීතියේ ආධිපත්‍යයට පිටු පා ක්‍රියා කිරීම මගින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික ප්‍රජාව තුල හුදෙකලා විය හැකි බවයි ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ. "ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රජයක්ද, නීතිය මත පාලනයක් ලංකාවේ පවතී ද සහ අධිකරණයේ ස්වාධීනත්වයක් තිබේද යන කරුණු සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ විශාල සැකයක් මතුව ඇතැ"යි ද ඔහු පැවසුවේය. නීතියේ ආධිපත්‍යයට ගරු නොකිරීම නිසා මතුවිය හැකි ගැටළු අතර ජාත්‍යන්තර යෝජනා අහිමිවීම පෙරමුණ ගනු ඇති බවට ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යයට ගරුකරන බව අන්තර් ජාතික ප්‍රජාවට ඔප්පුකර පෙන්වීමේ වගකීම දැන් ශ්‍රී ලංකා රජය සතු ප්‍රධාන කටයුත්තක් වී ඇතැයිද බැසිල් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි. සබැඳි තේමා
ශ්‍රී ලංකාවේ හතලිස් හතරවැනි අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් දිව්රුම් දුන්නේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිංහරාජයේ සිදුවන බව පැවසෙන වන විනාශයට අදාළව පළ කළ ඡායාරූපය අඩංගු වෙනත් පුවත් ඇඩ්මින්: "අපි විතරක් නෙමෙයි. මේක හැමෝම දාපු Postඑකක්නේ. පසුගිය කාලේ සිංහරාජයේ පස් කපන්න පටන් ගත්තා." ඒ කොහෙද? ඇඩ්මින්: "සිංහරාජයේ මායිමේ. මට ඒ ඒරියා එකේ නම හරියට මතක නැහැ. පස්සේ UN ඒකෙන් එහෙම තර්ජන ආවා ලෝක උරුම ලැයිස්තුවෙන් එහෙම අයින් කරනවා කියලා. ඊට පස්සේ ඒක නතර වුනා. ඒත් ටික ටික ඒ වැඩේ වෙනවනේ. විල්පත්තුවෙත් ඕකමනේ වුනේ." නැහැ පාර කපපු එක නෙවෙයි. විශාල ප්‍රදේශයක කැලේ කපලා කියන එක ගැන අහන්නේ ? ඇඩ්මින්: "නැහැ නැහැ.. ඒ ෆොටෝ එක වැරදි එකක්. අපි ඒක ඊට පස්සේ අයින් කළා. අපිත් ගත්තේ හැම තැනකම share වුනු ෆොටෝ එකක්. බලද්දී ඒක වෙනස්. ගොඩක් අය කිව්වා මේක වැරදි එකක් කියලා. පස්සේ අපි ඒක අයින් කළා." ඉහත දැක්වෙන්නේ පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි පවසන ෆේස්බුක් පිටුවක ඇඩ්මින්වරයෙකු සමග බීබීසී සිංහල සේවය කළ සංවාදයකි. සිංහරාජයේ වන විනාශයක් සිදු වෙතැයි පවසමින් පළ කළ ව්‍යාජ ඡායරූපයක් සංවාදයට හේතු විය. එකී ඡායාරූපය, වන විනාශය සම්බන්ධයෙන් 2013 වසරේදී පළ වූ විදේශීය වෙබ් පුවතක ද දැකිය හැක. එමෙන්ම ලොව පුරා විවිධ භාෂාවලින් පළ වූ තවත් ලිපිවල ද එම ඡායාරූපය අඩංගු වන අතර බ්‍රසීලයේ සිදු වූ බව පැවසෙන වන විනාශයකට අදාළ පුවත් සඳහා ද එම ඡායාරූපය යොදා ගනු ලැබ ඇත. ඉහත සඳහන් ඇඩ්මින්වරයා සමග කළ සංවාදයේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ "මම අඹරැල්ලා කියලා පේජ් එකකින් ගත්තේ. තව කොහේ හරි තිබ්බා. මට ඒක මතක නැහැ" යනුවෙනි. තවත් වෙබ් පිටුවක පළ වී තිබූ අදාළ ඡායාරූපය සහිත පුවත දසදහසකට අධික පිරිසක් විසින් share කර තිබේ තමා අතින් සිදු වූ වරද පිළිගනිමින් එකී ඡායාරූපය සිය ෆේස්බුක් පිටුවෙන් ඉවත් කිරීමට ඉහත කී ඇඩ්මින්වරයා කටයුතු කර තිබුණ ද ඒ වන විටත් එය දහස් ගණනින් ෆේස්බුක්හි හුවමාරු වී තිබිණි. යම් කිසි පුද්ගලයෙකු දැන හෝ නොදැන ව්‍යාජ පුවතක් හෝ ඡායාරූපයක් සමාජ ජාලවලට එක් කිරීමේ ඇති භයානකත්වය වන්නේ 'Share' නොකර, ඕනෑම අයෙකුට එවැනි පුවතක හෝ ඡායාරූපයක පිටපතක් (Screen shot) ලබා ගැනීමේ හැකියාව නවීන ජංගම දුරකතන සතු බැවිනි. පනස් දහසකට අධික පිරිසක් සාමාජිකත්වය දරන ඉහත කී ෆේස්බුක් පිටුවෙන් එකී ව්‍යාජ පුවත ඉවත් කිරීමෙන් පමණක් 'Share' වීම නොනවතින්නේ එබැවිනි. කෙසේ නමුත් එවැනි ව්‍යාජ පුවතකින් හෝ ඡායාරූපයකින් ජනතාව යම් කිසි සාමාජීය ගැටලුවක් දෙස බලන ආකාරයට බලපෑම් එල්ල විය හැක. එමෙන්ම ඒ හරහා එහි විශ්වසනීයත්වය හීන විය හැකි බව ඉහත කී ඇඩ්මින්වරයා ද පිළිගනී. පහත දැක්වෙන්නේ, සිංහරාජයේ සිදු වෙමින් පවතින වන විනාශයක් බව පවසමින් පළ වූ තවත් ඡායාරූප පෙළකි. මල්ෂාන් චතුරංග නමැති පුද්ගලයෙකුගේ ෆේස්බුක් පිටුවක පළ කරනු ලැබ ඇති එම ඡායාරූප පෙළ හුවමාරු (Share) වී ඇති සංඛ්‍යාව අට දහසකට අධිකය. එහි දැක්වෙන පළමු ඡායාරූපය 2015 වසරේ පළ වූ අන්තර්ජාල පුවතක අඩංගුව වේ. එය ඉන්දුනීසියාව සම්බන්ධයෙන් පළ වූ පුවතකි. බීබීසී ඉන්දුනීසියානු සේවය ද ඒ බව තහවුරු කළේය. වන විනාශය සහ පරිසරය සම්බන්ධ බොහෝ පුවත් සඳහා එකී ඡායාරූපය යොදා ගෙන ඇති ආකාරය ද දැකගත හැක. එමෙන්ම දෙවන ඡායාරූපය 2016 වසරේ පළ වූ පුවතක දැක ගත හැකි අතර එය බ්‍රසීලයේ ඇමේසන් වනයේදී කැමරාවට හසු කර ගෙන ඇතැයි සඳහන් වේ. එම ඡායාරූපය විවිධ භාෂාවලින් අන්තර්ජාලයේ පළ වූ තවත් පුවත් සිය ගණනක ද ඇතුළත් වේ. තෙවන ඡායාරූපය ද 2018 වසරේ සිට ලොව පුරා විවිධ භාෂාවලින් පළ වූ වෙබ් අඩවි තුළ දැකිය හැක. උකුස්සන් හම ගැසූ පාපතරයන්ගේ සිට "මහජන වැටුපෙන් නඩත්තු වෙමින් වගකීම් පැහැර හරින" රාජ්‍ය නිලධාරීන්, අල්ලස් ලබා ගන්නා පොලිස් නිල දරුවන් මෙන්ම පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කරන පුරුෂයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මුල් වූ අවස්ථා දුලභ නොවේ. ජනතා බදූ මුදලෙන් ඉදි කළ ඇතැම් යටිතල පහසුකම් සඳහා දේශපාලනඥයන්ගේ මුහුණු යොදා ස්ථාපනය කළ පුවරු යළි හකුලා ගැනීම සඳහා බල කෙරුණේ ද සමාජ ජාල හරහාය. මහජන අභිමතයට පිටුපා දේශපාලන අවශ්‍යතා මත ආරම්භ කර සමාජ ජාල ඔස්සේ එල්ල වූ විරෝධය හමුවේ මග නැවතුනු ව්‍යපෘති ද මේ අතර වේ. එවැනි සමාජීය බලවේගයක් නිර්මාණය කිරීම සඳහා වේදිකාවක් බවට පත්ව ඇති සමාජ ජාල තුළ පළ කරනු ලබන තොරතුරුවල නිවැරදිභාවය අතිශය වැදගත් වන්නේ එබැවිනි. ඡායාරූපයක නිවැරදිභාවය පරීක්ෂා කරන්නේ කෙසේද? අදාළ ඡායාරූපය මීට ඉහතදී පළ වී ඇති වෙනත් පුවතක් සඳහා යොදා ගෙන ඇත්නම් ඊට අදාළ වෙබ් අඩවි පහත දැක්වෙන පරිදි තිරයේ දිස් වනු ඇත. ව්‍යාජ පුවතක් යනු? ව්‍යාජ පුවත් (Fake News) සහ ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් සැරිසරන අතර එවැනි පුවත් පළ කරනු ලබන පුද්ගලයන්ගේ අරමුණ එකිනෙකට වෙනස් විය හැක. ව්‍යාජ පුවත් වර්ග දෙකකි ව්‍යාජ පුවත් සහ ශ්‍රී ලංකාව සමාජ ජාල ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවත් සහ ඡායාරූප ලොව වෙනත් රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපා ඇත. මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදය හටගත් අවස්ථාවේ රෝහින්ග්‍යා මුස්ලිම්වරු ශ්‍රී ලංකාවට ද පැමිණෙමින් සිටින බවට සමාජ ජාල ඔස්සේ ව්‍යාජ පුවත් පළ විය. එමෙන්ම ආහාරවලට "වඳ පෙති" එක් කරන බව පවසමින් පුවත් පළවීමත් සමග එහි පවතින විද්‍යාත්මක පසුබිම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඉදිරියට පැමිණියේය. 2018 වසරේ රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාල භාවිත කරනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එවක පැවසීය. මියන්මාරයේ බෞද්ධ ප්‍රජාව ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති ආකාරය යයි පවසමින් ෆේස්බුක් සමාජ ජාලයේ පළ වූ ඡායාරූප විසිදහකට අධික වාරයක් යළි හුවමාරු තිබිණි අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශ සිදු කළ බවට චෝදනා ලත් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ද ගනු ලැබිණි. තත්ත්වය පාලනය කිරීම සඳහා, ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට බලධාරීහු එවක කටයුතු කළහ. වට්ස් ඇප් පණිවුඩ සේවාව (WhatsApp) භාවිත කරන්නන් වෙත ලැබෙන ඕනෑ ම ආකාරයක තනි පණිවුඩයක් යළි වෙනත් පුද්ගලයන් වෙත යැවීම (Forward) වාර 5කට පමණක් සීමා කිරීමට එම සමාගම පසුගිය ජනවාරි මස කටයුතු කළේය. වට්ස් ඇප් පණිවුඩ සේවාව විසින් එවැනි පියවරක් ගනු ලැබුවේ සිය පණිවුඩ ජාලය හරහා ව්‍යාජ පුවත් පැතිර යාම වැළැක්වීමේ උත්සාහයක් වශයෙනි. "ව්‍යාජ පුවතක්" ව්‍යාජ පුවතක් නොවන අවස්ථා සත්‍ය පුවතක් වුවත් එය පිළිගැනීමට සූදානම් නොමැති පුද්ගලයෙකු හෝ යම් කිසි කණ්ඩායමක් විසින් සත්‍ය පුවතක් ව්‍යාජ පුවතක් ලෙස හුවා දැක්විය හැක. යම් කිසි කරුණක් සම්බන්ධයෙන් වෙනස් මතයක් දැරීම හේතුවෙන් සත්‍ය පුවතක්, ව්‍යාජ පුවතක් ලෙස හැඳින්වීමට ඇතැම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කටයුතු කිරීමට ඉඩ ඇත. ව්‍යාජ පුවත් පළ කිරීම දිනෙන් දින ගැටලුවක් බවට පත් වෙමින් තිබේ. ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයක්. ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක.
සිංහරාජයේ සිදුවෙනවා කියන විනාශය කුමක්ද ?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දික්ඔය නව රෝහල් සංකීර්ණය ජනතා අයිතියට ඉන්දීය අගමැතිවරයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ වතුකරයේ සංචාරයක නිරත වෙමින් ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනතාව අමතමිනි. අද (මැයි 12) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුන ජාත්‍යන්තර වෙසක් සමුළුවට සහභාගී වූ අගමැති නරේන්ද්‍ර මෝදි ඉන් අනතුරුව මධ්‍යම කඳුකරය බලා පිටත් වුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මැති ඇමතිවරුන් ද සමඟය. අගමැති මෝදි එම සංචාරයේ දී ඉන්දීය මූල්‍ය ආධාරය ඇතිව ඉදි කරන ලද දික්ඔය රෝහලේ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළේය. ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස දැනට ඉදිවෙන නිවාස හාර දහසට අතිරේකව වතුකරයේ ජනතාවට තවත් නිවාස දහදාහක් ඉදිකිරීමට සියරට කටයුතු කරන බව ඉන්දීය අගමැතිවරයා ජනතා අත්පොළසන් මැද ප්‍රකාශ කළේය. "ඔබගේ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවට ළඟා වුනේ මෙයින් අවුරුදු දෙසීයකට ආසන්න කාලයකට පෙර. එම ඓතිහාසික සන්ධිස්ථානයට අප සමීප වෙමින් සිටියදී ඉන්දියාව ඔබේ ඉදිරි ගමනේ හවුල්කරුවකු වන බවට මම සහතික වෙනවා. ඔබේ ජීවන තත්වය නංවාලීමට ශ්‍රී ලංකාව ක්‍රියාන්විත පියවර ගනිමින් සිටින අතර එම ප්‍රයත්නයට ඉන්දියාවේ සහයෝගයත් ලැබෙනවා" අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. කොළඹ සහ බරණැස අගමැති නරේන්ද්‍ර මෝදි වතුකරයේ ජනතාව අමතමින් කළ කතාවේ දී පහත සඳහන් කරුණු කෙරෙහිත් සිය අවධානය යොමු කළේය. සිය කතාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැති නරේන්ද්‍ර මෝදි, තේ අපනයනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ තුන්වෙනි තැන හිමිකර ගන්නා බව පවසමින් එමගින් රටට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක විදේශ විනිමයක් උපයා දෙමින් ශ්‍රී ලංකා තේ සන්නාමය පිටුපස සිටින වතුකරයේ ජනතාවට සිය ගෞරවය හා ස්තුතිය පුද කරන බවත් සඳහන් කළේය. වතුකරයේ ජනතාවගේ ආර්ථික හා සමාජීය තත්ත්වය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙලට සිය රජයේ සම්පුර්ණ සහය ලබාදෙන බවත් ඉන්දීය අගමැතිවරයා පවසයි. තමිල්නාඩුවේ හිටපු මහඇමති, ජනප්‍රිය චිත්‍රපට නළු එම්.ජී.රාමචන්ද්‍රන් ශ්‍රී ලංකාවේ වතුකරයේ ජන්ම ලාභය ලද බව සිහිපත් කළ අගමැති නරේන්ද්‍ර මෝදි, ලෝකයේ සුපිරි දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන්ද එම ජනතාව අතරින් බිහිවූ ක්‍රීඩකයකු බවත් සඳහන් කළේය.
දෙමළ මවගේ දරුවන් වන ශ්‍රී ලංකාවේ වතුකරයේ දෙමළ ජනතාව සිංහල භාෂාව කතා කිරීම අගය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි "විවිධ භාෂා කතා කරන විවිධ ජනකොටස් එකට සාමුහිකව ජීවත්වීම තරම් අගනා දෙයක් තවත් නැතැයි" කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජනපද රුපවාහිනී නාලිකාවකට සාකච්ඡාවක් ලබා දෙමින් ඉරාන ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ ජනාධිපති ඔබාමා මෑතක දී තමාට එවන ලද ලිපිය ශුභවාදී සහ සාධනීය බවයි. ජාත්‍යන්තර ප්‍රජාව සමග සුහදව කටයුතු කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා සතු කැමැත්ත පිළිබඳව නේටෝ සංවිධානයේ ප්‍රධානී ඇන්ඩස් රස්මුසෙන් සතුට පළ කර තිබේ. ඉරාන ජනාධිපතිවරයා ලබන සතියේ දී නිව්යෝර්ක් නුවර බලා යාමට නියමිතයි.
ඉරානය කිසි දිනෙක න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය නො කරන බවට ඉරානයේ නව ජනාධිපති හසන් රෝහානි ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ලක් වනිතා සම්මේලනයේ සමුළුවක් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වෙද්දී එම වේදිකාවට ගොඩ වූ ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ ජනවාරි අට වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී තම සහයෝගය පොදු අපේක්ෂකයාට ලැබෙන බවයි. එක්සත් ජාතික පක්ෂයේ කාන්තා අංශය වන එක්සත් ලක් වනිතා සම්මේලනයේ වේදිකාවට පැමිණි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා පිළිගන්නා ලද්දේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන විසිනි. ෆයිසර් මුස්තාපා මෙවර ජනාධිපතිවරණයේ දී සහයෝගය දෙනු ලබන්නේ කවර අපේක්ෂකයාටද යන්න පසුගිය දිනවල ජනමාධ්‍යවල සාකච්ඡාවට ලක් වෙමින් තිබුණ මාතෘකාවකි. එම මාතෘකාව දේශපාලන කරලියේ සාකච්ඡාවට ලක් වෙමින් තිබිය දී නියෝජ්‍ය ඇමතිවරයා විදේශගත වූ අතර ආපසු සියරට ලඟා වීමෙන් අනතුරුවයි ඔහු විපක්ෂයට එකතු වුණේ. බොදු බල සේනා අද ඔහු එක්සත් ලක් වනිතා සම්මේලනයේ වේදිකාවට ලඟා වන අවස්ථාවේ සමුළුව අමතමින් සිටියේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බවත් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භයේ දී ෆයිසර් මුස්තාපා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය පළ කරමින් මාධ්‍ය හමුවකට ද සහභාගී විය. එක් මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා වෙනුවෙන් ඉදිරිපත් වුනොත් තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙන බවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය පසුගිය දා පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන බව නිවේදනය කිරීමත් සමඟ බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා බලයට පත් කරන මෙන් ඉල්ලා සිටිමින් ජනහමු කැඳවීම ආරම්භ කර ඇත.
ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අද බදාදා (දෙසැම්බර් 31)පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමට එක්‌ විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"සියලු අන්තවාදීන් හා ජාතිවාදීන් පරාජය කළ යුතුය. විවිධත්වය ශක්තියක් කරගතයුතුය. මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුය !" යනුවෙන් එහි සඳහන් කර තිබිණි. මධුමාධව අරවින්ද කළ මෙම ප්‍රකාශය ගැන පිවිතුරු හෙළ උරුමයද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පසුව මාධ්‍යට දැනුම්දුන්නේ මධුමාධව අරවින්ද පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ බවකි. මධුමාධව අරවින්දගේ ඉල්ලා අස්වීමේ ලිපියද පිවිතුරු හෙළ උරුමය විසින් මාධ්‍යට නිකුත් කරනු ලැබ තිබේ. "මුස්ලිම් ප්‍රජාව පිළිබඳව මා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අද දින රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මතු කරන ලද කරුණු පිළිබඳව මම ගැඹුරින් අවධානය යොමු කළෙමි. එම ප්‍රකාශයෙන් පක්ෂයේ ප්‍රතිරූපයට හානියක් සිදුවීම පිළිබඳව මම කණගාටුවන අතර ඒ පිළිබඳව මම සමාව අයදිමි" යනුවෙන් සඳහන් කරමින් මධුමාධව අරවින්ද සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කෙරුණු අවස්ථාවේ මධුමාධව අරවින්ද සිය ෆේස්බුක් ගිණුමෙහි, අදාළ පෙත්සම ඉදිරිපත් කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගත්කතුවර ගාමිණී වියන්ගොඩ සම්බන්ධයෙන් සටහනක් තැබීය. "වියන්ගොඩ වගේම තවත් නමක් තිබෙනවා.. එක්නැළිගොඩ කියලා.. සුභපැතුම් දෙපළටම" යනුවෙන් එහි සඳහන් කර තිබුණි. එම ප්‍රකාශය බොහෝ දෙනා විසින් පෙන්වා දෙනු ලැබුවේ අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට අත්වූ ඉරණම මෙම දෙපලට ද එල්ල වීමක් ගැන ඉඟි කිරීමක් ලෙසිනි. එම ප්‍රකාශය ව්‍යංගයෙන් කළ ජිවිත තර්ජනයක් බව පවසමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගත්කතුවර ගාමිණී වියන්ගොඩ පොලිසිය හමුවේ පැමිණිල්ලක්ද කළහ. කෙසේවෙතත්, මධුමාධව අරවින්ද අදාළ සටහන පළකළ ඔහුගේ ෆේස්බුක් ගිණුම මේවන විට අක්‍රියව පවතී. මින් පෙර මධුමාධව අරවින්ද පාස්කු ප්‍රහාර අවධියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී ප්‍රහාර පිටුපස සිටි බවට චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වේයන්ගොඩ ප්‍රදේශයේ පැවැත්වූ ජන්ද ප්‍රචාරක රැස්වීමකදී මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් වෛරී ප්‍රකාශ කළ බවට චෝදනා එල්ලවූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මධුමාධව අරවින්ද කළ ප්‍රකාශය අඩංගු වීඩියෝ පටයක් ඊයේ (ඔක්තෝබර් 08) සමාජ මාධ්‍යවල මුදාහැර තිබුණු අතර එය දැඩි කතාබහට ලක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ගෝඨාභය රාජපක්ෂගේ නීතිවේදි අලි සබ්රි විසින් එම ප්‍රකාශයට දැඩි විරෝධය පළකරනු ලැබූ අතර ඔහු ඒ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමට පණිවිඩයක්ද එක් කර තිබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු මේ බව කියා සිටියේ අද බ්‍රහස්පතින්දා නුගේගොඩදී පැවති ජන රැළියට සුභපැතුම් පණිවිඩයක් එවමින්. රට ගැන සිතන රට වෙනුවෙන් කැප වෙන අයගේ අපේක්ෂාවන් නොසලකා සිටීමේ හැකියාවක් තමන්ට නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා එවූ පණිවිඩයේ සඳහන් වූයේ. සුභපැතුම් පණිවිඩයක් ජාතික නිදහස් පෙරමුණ, මහජන ‍එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම රැළිය සංවිධානය කර තිබූණි. ‘මහින්දට ඡන්දය දුන් ලක්ෂ 58ක ජනතා අභිලාෂ ඉටු කරමු’ යන තේමාව යටතේ මෙම රැළියට දිවයිනේ ප්‍රදේශ රැසකින් අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ. මේ හේතුවෙන් නුගේගොඩ මං සන්ධිය එකම හිස් ගොඩක් බවට පත්වූ අතර ඒ අවට මාර්ග රැසක තිබුනේ දැඩි වාහන තදබදයක්. ජාතික නිදහස් පෙරමුණ, මහජන ‍එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මෙම රැළිය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසකුත් මෙයට එක්ව සිටියහ. 'ලංකාවේ ජනප්‍රියතම ජනපති මහින්ද රාජපක්ෂ' නව ආණ්ඩුව රට බෙදුම්වාදී වැඩපිළිවෙළක් යටතේ ගෙන යන බව පෙනෙන්නට ඇති නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂක ලෙස පත් කර ඔහුගේ ආණ්ඩුවක් යටතේ රට බේරා ගත යුතු බවයි රැළිය ඇමතූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල පැවසුවේ. මේ රටේ සැම ප්‍රදේශයකම මහින්ද රාජපක්ෂ රටට අවශ්‍ය බව කියන හඬ ඇසෙන අතර මේ වන විට ලංකාවේ ජනප්‍රියතම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ බවයි මෙහිදී රැළිය ඇමතූ මහජන ‍එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පැවසුවේය. සන්ධානය දෙකඩ කිරීම මෙම රැළියේ බලාපොරොත්තුව නොවන බව පැවසූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සන්ධානයට බලය ලබා දිය හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ බවයි පැවසුවේ. මෙම රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුභපැතුම් පණිවිඩයක් ඒවා තිබු අතර එය දේශපාලන විචාරක දයාන් ජයතිලක විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය. තමන් පරාජය වුයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස වන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒවා තිබූ පණිවුඩයේ සඳහන් වුයේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රැළිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස විවේචනය කළ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ රජයක් පිහිටු වන බවද ප්‍රකාශ කළේය.
රටට එරෙහි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස තමන්ට බලය අහිමිවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහිදී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේ, අදාළ කාන්තාව දෙසැම්බර් 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. ගානියා බැනිස්ටර් නමැති අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද (දෙසැම්බර් 16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි. නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක පැවසුවේ, රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු ඉදිරිපත්කිරීමේ චෝදනාව මත ඇයව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දුන් බවය. අදාළ කාන්තාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඇයව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ද රැගෙනවිත් තිබිණි. කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක පසුගිය නොවැම්බර් 25 වෙනි දින හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අනුව දෙසැම්බර් 12 වෙනිදා මේ සම්බන්ධ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර කියා සිටියේ ඉකුත් දිනක අධිකරණය විසින් දෙන ලද නියෝගය පරිදි පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කළ බවය. ඒ අනුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට අදාළ කාන්තාව ලක් කෙරුණද ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂා කරනු ලැබීමෙන් අනතුරුව වාර්තාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය තීරණය කර ඇතැයි සඳහන් කළේය. ඒ අනුව අදාළ කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීම සඳහා නියෝගයක් දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය, පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට නියෝග කළාය. එසේම අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් අදාළ කාන්තාව වෙත පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් 17 වෙනිදා දක්වා දීර්ඝ කිරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එදින නියම කළාය. මේ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී අදාළ කාන්තාවගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. ඇය අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් ඇයගේ ඉදිරි ප්‍රකාශ සටහන් කර ගැනීම් ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවෙසේ දී සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ඇගේ නීතිඥයින් කළ ඉල්ලීමට අධිකරණය එදින එකඟ නොවීය. පසුගිය 09 වෙනිදා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැහැරගෙන යාමට ලක්වූ බව පවසන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම, තම සේවාදායකයාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කාන්තා වෛද්‍යවරයෙකු ඉදිරියේ සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. තම සේවදායකයා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය වෛද්‍යවරයකු සහ දේශීය වෛද්‍යවරයෙකු විසින් පරික්ෂා කරන ලදුව ලබාගත් වාර්තාවන්හි ඇය පහරදීමකට සහ ලිංගික අපයෝජනයට භාජනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද නීතිඥවරයා කියා සිටියේය. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය නිලධාරිනියක නොවැම්බර් මස 25 වෙනිදා හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමග ඒ සම්බන්ධ විමර්ශන ඇරඹුණු අතරම එය යම් තරමකට රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක ස්වරූපයක් දරන්නට විය. "මෙම සිද්ධිය අපගේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතායතනයකට සහ එහි සේවකයින්ට එරෙහිව සිදුවූ ඉතා බරපතළ මෙන් ම පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා," යනුවෙන් ස්විට්සර්ලන්තය රජය මෙම සිදුවීම ගැන නිකුත් කළ නිවේදනයක දැක්විණි. එයින් ස්විට්සර්ලන්තය වැඩිදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය. මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශය ඊට පසු දිනක නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ "ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද, සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව ඌබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වෙතැයි සාක්ෂි සහිතව," තානාපතිවරයාට පෙන්වා දෙන ලද බවය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ස්විට්සර්ලන්ත තානාපති හාන්ස්පීටර් මොක් අද උදෑසන හමු වූහ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මේ හමුවේදී, ජනාධිපතිවරයාගේ පත්වීම ගැන සුභ පැතුම් පළ කළ තානාපතිවරයා, සිය තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය නිලධාරිනියක සම්බන්ධයෙන් හටගත් සිදුවීමේදී ශ්‍රී ලංකාවට හානියක් කිරීමේ කිසිදු අපේක්ෂාවක් ස්විට්සර්ලන්තයට නොවූ බව සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි. "දෙරටේම යහපත වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා. පවතින උණුසුම් තත්ත්වය ජයගැනීමට වගේම කිසියම් අනවබෝධයක් පවතීනම් එය ඉවත්කරගැනීමටත් අවශ්‍යයි" යැයි තානාපතිවරයා සඳහන් කළ බව අදාළ නිවේදනයේ දැක්වේ. මීට ප්‍රතිචාර ලෙස, ක්‍රියාත්මක වන විමර්ශනවල ප්‍රගතිය තානාපතිවරයාට පැහැදිලි කළ ජනාධිපතිවරයා, මේ සිදුවීමට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මුලින් දැක්වූ ප්‍රතිචාරයේ කිසිදු වැරද්දක් තමන් නොදකින බව ජනාධිපතිවරයා පවසා ඇත. සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ගැටලුවකට මුහුණ පෑ විට තානාපති කාර්යාලයට ඊට මැදිහත්වීමට සිදුවන අතර එය සාධාරණීකරණ කළ හැකි දෙයක් ලෙස ජනාධිපති රාජපක්ෂ සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කොළඹ දී පැහැරගන්නා ලදුව තර්ජනයකට ලක් කරන ලදැයි පැවසුනු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අද (දෙසැම්බර් 16) අත්අඩංගුවට ගන්නා ලදුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නගරය යළි අත්පත් කරගැනීම සඳහා පහරදීම් කරන බවට සිරියානු රජය විසින් නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුවයි මෙසේ මෙහෙයුම් දියත්වී ඇත්තේ. විරුද්ධවාදී සටන්කරුවන් සිටින ප්‍රදේශවලින් ඉවත්වී සිටින ලෙස රජය සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා ඇති අතර ඔවුනට පලා යාම සඳහා ඇතැම් ස්ථාන විවෘත කරනු ඇති බවයි ප්‍රකාශ කළේ. අලෙප්පෝ නගරය තුළ සිටින ක්‍රියාධරයන් පැවසුවේ හිරු උදාවත් සමග ගුවන් ප්‍රහාර ආරම්භවූ අතර ඉන්පසු කාලතුවක්කු ප්‍රහාරද එල්ලවූ බවයි. ස්වේච්ඡා සහන සේවකයෙකු පැවසුවේ දැනට සිදුවෙමින් තිබෙන්නේ සමූලඝාතනයක් බවයි.
කැරලිකරුවන්ගේ පාලනයේ පවතින සිරියාවේ අලෙප්පෝ නගරය දෙවන දිනයේදීත් ගුවන් ප්‍රහාර වලට ලක්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සුදේශ් පීරිස් සිය රිදී පදක්කම සමඟ. මෙය මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ දී මේ දක්වා ශ්‍රී ලංකාව ලබාගත් පළමු පදක්කමයි. සුදේශ් මෙම තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අතර ආරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යන ලද්දේද ඔහු විසිනි. සුදේශ් පීරිස් 2010 වසරේ දී නව දිල්ලි නුවර පැවති පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ද කි. ග්‍රෑම්. 62 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 62 පන්තියේ බර ඉසිලීමේ තරඟයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුදේශ් පිරිස් සමත්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බෝහෙඩ් තල්මසුන් ගයන ගීත ඉතා සංකීර්ණයි සින්දු කියන හම්ප්බැක් (Humpback) තල්මසුන් ගැන බොහෝ කලක පටන් අවධානය යොමු වී ඇතත්, නොර්වේ මුහුද ආශ්‍රිතව ජීවත් වන බලීන් කුලයට අයත් බෝහෙඩ් (bowhead) වර්ගයේ තල්මසුන් වඩාත් වෙනස් රටාවකින් ගී ගයන බව පරීක්ෂණ මඟින් හෙළි වී ඇත. පහත හඬ පටයෙන් බෝහෙඩ් තල්මසෙකුගේ හඬ ඇසිය හැකිය: Bowhead whales are mainly found in Arctic waters මෙම සුවිශේෂී ලක්ෂණය හේතුවෙන් අනෙක් තල්මසුන් වර්ග සහ ක්ෂීරපායී සතුන්ට වඩා ඔවුන් වෙනස් ලෙස හඳුනාගෙන ඇත. පටිගත කරන ලද තල්මසුන්ගේ ගීත ස්පිට්ස්බර්ජන් (Spitsbergen ) දුපත් ආසන්නයේ ජීවත් වන තල්මසුන් ගීත වර්ග 184 ක් ගායනා කරන බව වසර තුනක් පුරා කළ අධ්‍යයනවලින් හෙළි විය. දවසේ පැය විසිහතර පුරාවට වැඩි වශයෙන් ශීත සෘතුවේ දී මෙම නාද මාලා ඇසිය හැකිය. "තල්මසුන්ගේ හෝඩියට අකුරු දහස් ගණනක් ඇති බව අපිට කියන්න පුළුවන්" යැයි මහාචාර්ය කේට් ස්ටැෆර්ඩ් බීබීසී වෙත පැවසුවේය. "මම සිතන්නේ හම්ප්බැක් තල්මසුන් මේ ගයන්නේ සම්භාව්‍ය ගීත කියලා. ඒ ගීත ඉතා පිළිවෙලයි වගේම විනාඩි 20- 30 ත් අතර වේලාවක් පවතිනවා. එක් ගීතයක් පවතින්නේ තත්පර හතළිස්‌ පහක් විනාඩි දෙකක් අතර කාලයක්, නමුත් ඔවුන් එය නැවත නැවතත් ගායනා කරනවා," වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂක මහාචාර්ය කේට් පැවසීය. හම්ප්බැක් තල්මසුන් එකම වර්ගයේ ගීත එක් සෘතුවක් පුරාවට ගායනා කරයි. නමුත් බෝහෙඩ් තල්මසුන්ගේ ගීත පැයෙන් පැයට සහ දිනෙන් දිනට වෙනස් වන බව නිරීක්ෂණය වී ඇත. මේ ගීත ඉතා වෙනස් සහ සංකීර්ණ වන අතර, අනෙකුත් ක්ෂීරපායී සතුන් බොහෝ විට නිකුත් කරන්නේ පැහැදිලි, එක සමාන ශබ්ද වේ. බෝහෙඩ් වර්ගයේ තල්මසුන්ගේ අභිජනන කාලයේදී බොහෝවිට පිරිමි සත්වයා මෙසේ ගීත ගායනා කරන බව පරීක්ෂකයෝ පවසති. මේ තොරතුරුද කියවන්න: බෝහෙඩ් තල්මසෙකුගේ ශරීරයේ වැඩෙන ඝන මේද තට්ටුව ලබා ගැනීමට 1600 වර්ෂවල මොවුන් විශාල වශයෙන් දඩයම් කර ඇත. තරමක් භායනක තල්මසුන් වර්ගයක් වන ස්පිට්ස්බර්ජන්හි ජීවත් වන බෝහෙඩ්ට ඝන අයිස් තට්ටුවක් මීටර් භාගයක් පමණ පසාරු කර යා හැකි අතර, මොවුන්ගේ ආයු කාලය වසර දෙසීයක් දක්වා දිගු විය හැකිය. බෝහෙඩ් තල්මසෙකුගේ ශරීරයේ වැඩෙන ඝන මේද තට්ටුව ලබා ගැනීමට 1600 වර්ෂවල මොවුන් විශාල වශයෙන් දඩයම් කර ඇත. ස්පිට්ස්බර්ජන්හි ඝන අයිස් තට්ටු යට ජීවත් වීම සහ මෙම වර්ගයේ තල්මසුන් ගණන අඩු වීම හේතුවෙන් මොවුන් පිළිබද වැඩිදුර අධ්‍යනයන් මෙතෙක් සිදු කර නැත. නමුත් උත්තරධ‍්‍රැවයේ බටහිර ප්‍රදේශයේ ජීවත් වන වෙනත් බෝහෙඩ් ගණයට අයත් තල්මසුන් වර්ග මේ වන විට හඳුනාගෙන ඇතත්, මොවුන් ගැන "අපි දන්නේ බොහොම අඩුවෙන්" යැයි මහාචාර්ය කේට් ස්ටැෆර්ඩ් පැවසීය. බීබීසී වාර්තාකාරිනී මේරි හැල්ටන්ගේ වාර්තාවක් ඇසුරින් සකසන ලද ලිපියකි. තවත් තොරතුරු:
තල්මසුන් වඩාත් ප්‍රිය කරන්නේ ජනවාරි මස සීත සෘතුවෙ දී මුහුදේ පාවෙන අයිස් කුට්ටි යට පීනමින් ගීත ගැයීමටය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිසුන් නොපැමිණීම හේතුවෙන් මෙම ප්‍රදේශවල පාසල් නොපැවැත්වෙන බවයි පැවසෙන්නේ මෙම කලබලකාරී තත්වය මඩකලපු දිස්ත්‍රිකයට අයත් මුස්ලිම් ප්‍රදේශ වන කාතන්කුඩි,එරාවුර්, ඔද්දමාවද්දී හා වලිච්චේනෙයි යන ප්‍රදේශවල එදිනෙදා කටයුතු වලට බලපා තිබේ. කඩ සාප්පු වසා දමයි කඩ සාප්පු සහ වෙළෙඳ ආයතන වසා දමා තිබෙන අතර සති පොළ පවත්වා නැති බවයි පැවසෙන්නේ. සිසුන් නොපැමිණීම හේතුවෙන් මෙම ප්‍රදේශවල පාසල් පැවැත්වෙන්නේ නැති අතර රජයේ කාර්යාල වල ද සාමාන්‍ය දින වල මෙන් නොව දෛනික කටයුතු වල මන්දගාමී ස්වරූපයක් දකින්නට තිබේ. හර්තාලයට සහභාගී නොවන මෙන් එරාවුර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවල ශබ්දවාහිණී මගින් පොලිසිය ව්‍යාපාරිකයන් ට දන්වා සිටිය ද එය ඉල්ලීම නොතකා කඩ සාප්පු වසා දමා තිබේ. 'බොදු බල සේනා තහනම් කරන්න' මුස්ලිම් ජනතාවට විරුද්ධ ප්‍රචණ්ඩත්වය හෙලා දැක,බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බව ඉල්ලා කාතන්කුඩි මුස්ලිම් ජනතාව විසින් අද විරෝධතා පෙළපාලියක් ද පවත්වා තිබේ. කාතන්කුඩි මෙත්ත පල්ලි දේවස්ථානය ඉදිරි පිට රැස් වුන දහස් ගණනක් වූ මුස්ලිම් වැසියන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පෙළපාලියකින් ගොස් ජනාධිපතිවරයා වෙත යොමු කළ මේ සිදුවීම් සම්බන්ධ පෙත්සමක් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාර දී තිබේ. කාතන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන හා ජමඉයතුල් උලමා සභාව විසින් මෙම විරෝධතා පෙළපාලිය සංවිධානය කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන ප්‍රචන්ඩ ක්‍රියා හෙලා දකිමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රදේශවල අද (17) හර්තාලයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උණ ගස්, කොහු ලණු සහ තෘණ විශේෂ යොදා ගනිමින් ඉදි කරන ලද "පරිසර හිතකාමී පාලම" ඉන්දියාවේ කඳුකර ප්‍රාන්තයක් වන උත්තර්ඛන්ද් හි කාර්යබහුල අධිවේගී මාර්ගයක් හරහා එහා මෙහා යා හැකි පරිදි උරගයින් සහ කුඩා වන සතුන් එනුවෙන් පාලමක් ඉදිර්කිරීමට එරට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ. උණ ගස්, කොහු ලණු සහ තෘණ විශේෂ යොදා ගනිමින් ඉදි කරන ලද "පරිසර හිතකාමී පාලම" අඩි 90 ක් දිගින් යුක්තය. ලොව ඇති ඒ ආකාරයේ එකම පාලම එය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ නයිනිතල් වෙත වැටී ඇති මාර්ගය ඔස්සේ මෝටර් රථ වේගයෙන් පැමිණෙන අතර ඒවා බොහෝ සතුන් මතින් ධාවනය වෙයි. පාලම වෙත සතුන් ගෙන්වා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් මේ වන විට ඒ මත වැල් සහ තෘණ වර්ග වැවීමට පියවර ගනු ලැබ ඇත. "උරගයින් සහ අනෙකුත් සතුන් බොහෝ දෙනෙක් මේ අධිවේගී මාර්ගයේ ධාවනය වෙන සංචාරක මෝටර් රථවල ගැටී මිය යනවා," යනුවෙන් ප්‍රාන්තයේ වනජීවී නිලධාරියෙකු වන චන්දර් ශේකර් බීබීසිය වෙත කියා සිටියේය. සතුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම සඳහා පාලම දෙපස කැමරා සවි කරනු ලැබ ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රදේශයේ කුඩා සතුන් සහ උරඟයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරවා ගැනීමට ද පාලම උපකාරී වනු ඇති බවට වනජීවී නිලධාරීහු බලාපොරොත්තු පළ කරති මේ වන විට අදාළ පාලම ද සංචාරකන්ගේ ආකර්ෂණයට ලක්ව තිබේ. එය පසුකර යන බොහෝ දෙනෙක් එහි ඡායාරූප සහ 'සෙල්ෆි' ලබා ගැනීමට සිය මෝටර් රථ ඒ අසල නවත්වති. ඉක්මනින්ම වන සතුන් ද පාලම වෙත ආකර්ෂණය කර ගැනීමට හැකි වෙතැයි වනජීවී නිලධාරීහු බලාපොරොත්තු පළ කරති. "මෙය ඝන වනාන්තරයක්. අලි ඇතුන්, දිවියන්, මුවන් සහ ගෝනුන් මේ අවට සැරිසරනවා.රියදුරන්ට ඔවුන් ඈත තියා දැකලා වේගය අඩු කරන්න හෝ මෝටර් රථ නවතා ගන්න පුළුවන්කම තිබෙනවා. එහෙත් සර්පයන්, කටුස්සන්, තලගොයි වැනි සතුන් සහ ලේනුන්ට ඔවුන් එසේ කරන්නේ ඉතා අඩු වශයෙන්." යනුවෙන් වනජීවී නිලධාරියෙක් 'ඉන්ඩියන් එක්ස්ප්‍රස්' පුවත්පතට පවසා තිබිණි. එම ප්‍රදේශයේ කුඩා සතුන් සහ උරගයින් ආරක්ෂා කර ගැනීමට මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරවා ගැනීමට ඉහත කී පාලම උපකාරී වනු ඇති බවට වනජීවී නිලධාරීහු බලාපොරොත්තු පළ කරති. මේ ගැනත් කියවන්න:
වනෝද්‍යාන සහ රක්ෂිත වනාන්තර මැදින් ඉදිවුණු මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථවල ගැටී මරණයට පත් හෝ බරපතල තුවාල ලැබූ වන සතුන් පිළිබඳ ඡායාරූප වර්තමානයේ දුලභ නොවේ. එවැනි අනතුරුවලින් වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව විවිධ රටවල් ගෙන ඇති විකල්ප ක්‍රමවේද පිළිබඳ ඡායාරූප ද බොහෝ විට සමාජ ජාල තුළ දැකිය හැක. උරගයින් සහ කුඩා සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී නිලධාරීන් ගත් අපූරු පියවරක් පිළිබඳ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන්නේ ඒ අතරතුරදීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගාසා තීරයේ ජීවත් වන පලස්තීනුවන් දහස් ගණනක් ඊශ්‍රායල දේශ සීමා වෙත පා ගමනින් පැමිණෙන බවට වාර්තා වී ඇත. මෙම විරෝධතාකරුවන්ට ඊශ්‍රායල හමුදාව වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර, මේ වන විට පුද්ගලයන් අට දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව 350 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවට පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි. ස්ථාන පහක ගැටුම් සිදු වූ අතර "ඒවා මෙහෙයවන පුද්ගලයන්ට වෙඩි තැබූ බව " ඊශ්‍රායල හමුදාව පවසයි. ස්ථාන හයක "කැරළි" පැවැත්වෙන අතර "ඒවා මෙහෙයවන පුද්ගලයන්ට වෙඩි තැබූවා" යැයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර සිටියි. උද්ඝෝෂණ ඉදිරියට ගෙනයෑම සදහා ඊශ්‍රායල් දේශ සීමා ආසන්නයේ පලස්තීන කඳවුරු පහක් පිහිටුවා ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයේ සිටින සරණාගතයන්ට නැවත සිය රටට පැමිණීමට ඉඩ ලබා දෙන ලෙසයි. ඊශ්‍රායල හමුදාව පවසන පරිදි දාහත් දහසකට ආසන්න පලස්තීන වැසියන් පිරිසක් ඉහත කී පා ගමනට එක්ව සිටිති. තුවාල සිදු වූ විරෝධතාකරුවෙකු සිද්ධිය වූ ස්ථානයෙන් ඉවතට රැගෙන යන අයුරු කැරළිකරුවන් ටයර් පුළුස්සමින්, පෙට්‍රොල් බෝම්බ, ගල්මුල් වැනි දේවලින් හමුදාවට ප්‍රහාර එල්ල කරන අතර, ඔවුන් දේශ සීමාව අසලට ඒම වැළැක්වීමට යුද ටැංකි, ස්නයිපර් තුවක්කු සහ කඳුළු ගෑස් භාවිතා කිරීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කර ඇත. මේ තොරතුරුද දැනගන්න: පලස්තීන වන්දනාකරුවන් යළි ජෙරුසලමට ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට ඇමරිකාව සූදානම් ජෙරුසලම සහ පලස්තීනය: මුස්ලිම් රටවලින් ඉල්ලීමක් මියගිය පුද්ගලයන් අතර අවුරුදු දාසයක තරුණයෙකු සිටි බවට පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත. සිකුරාදා (මාර්තු 30) මෙම විරෝධතා ආරම්භ වීමට පෙර එක් පුද්ගලයෙකු ඝාතනය කළ බව ඔවුහු තව දුරටත් සඳහන් කළහ. ඔමාර් සමර් නම් ඔහු විසිහත් වියැති ගොවියෙක් වන අතර ඊශ්‍රායල හමුදාව එල්ල කළ යුද ටැංකි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇත. ඒ අසල සිටි තවත් පුද්ගලයෙකු තුවාල ලද බවත් ප්‍රකාශ විය. සිද්ධිය දුටුවන් බීබීසී ගාසා වාර්තාකරුට පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල වන විට ඔවුන් 'පාස්ලි' කොළ නෙළමින් සිටි බවය. ඔමාර් සමර්ගේ ඥාතීන් මේ අතර පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් ගාසා තීරය අවට හමුදාව දෙගුණයකින් වැඩි කිරීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බව වාර්තා වෙයි. "මෙම විරෝධතා අතර යම් කිසි ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වීමට ඇති ඉඩ කඩ අපි හඳුනාගෙන තිබෙනවා. සාමාන්‍ය ජනතාවට මෙම ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න කියා ඉල්ලා සිටින අතර හමාස් ත්‍රස්ත සංවිධානයට අපි අනතුරු අඟවා සිටිනවා. මේ සිදුවන දරුණු කැරළිවලට වගේම ඒ සම්බන්ධයෙන් සිදුවන සියලු දේවලට ඔවුන් වග කිව යුතුයි," ඊශ්‍රායල හමුදා අණදෙන නිලධාරී මජ් ජෙන් එයාල් සමීර් පැවසුවේය. 1948 දී ඊශ්‍රායල් රාජ්‍යය නිර්මාණය කිරීමෙන් පසු නෙරපා දැමුණු හෝ පළා ගිය සිය දහස් ගණන් පලස්තීන වැසියන්ට නැවත සිය රටට පැමිණීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලමින් නිතර ගැටුම් ඇති විය. සිය රටට නැවත පැමිණීමට අයිතියක් ඇති බවට පලස්තීන ජාතිකයන් කියා සිටියත් , ඔවුන් ගාසා තීරය සහ බටහිර ඉවුරේ පදිංචි විය යුතු බව ඊශ්‍රායලයේ ස්ථාවරයයි. මෙම සිතියමේ අංකවලින් දැක්වෙන්නේ කැරළිකරුවන් රැඳී සිටින ස්ථානයි තවත් තොරතුරු: සිරියාවේ හමුදා කඳවුරකට 'ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්' සිරියානු ප්‍රහාර හමුවේ ඊශ්‍රායල ජෙට් යානයක් විනාශ වේ පැරිස් සමුළුව යල් පැනගිය එකක්- නෙතනියාහු
දින හයක විරෝධතාවක් ආරම්භ කළ 'ගාසා' තීරයේ ජීවත් වන පලස්තීන ජාතිකයන් දහස් ගණනක් ඊශ්‍රායල දේශ සීමාව කරා පා ගමනින් ගමන් ගත්හ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙපාර්ශවය අතර සහයෝගීතාවය යළි සාමාන්‍ය අතට හැරිය හැකි බව රුසියානු නායකයාගේ පිළිගැනීමයි. බටහිර රටවලින් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ජනාධිපති පුතින් විසින් විස්තර කරනු ලැබ නැත. ක්‍රිමියාවේ තත්වය එහෙත් ඊයේ සිකුරාදා, ජනාධිපති පුතින්ගේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්, රුසියාවට එරෙහිව තර්ජනය කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදයට චෝදනා කර තිබුණි. බටහිර සම්බාධක යුක්‍රේන් අර්බුදය මුල්කර ගනිමින් තම රටට එරෙහිව සම්බාධක පනවන බවට එක්සත් ජනපදය තර්ජනය කරන බවයි, රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා සඳහන් කළේ. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාව සම්බන්ධයෙන් ගනු ලබන පියවර සමාන කර තිබුණේ, ‘වැරැද්දක් කළ පාසල් ළමයකු’ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සමඟ. ක්‍රිමියාව රුසියාවට එක් කිරීමේ ජනමත විමසුම සම්බන්ධයෙන් එල්ල කෙරෙන විවේචන ජනාධිපති පුතින් විසින් බැහැර කරන ලද බවත් වාර්තා වෙයි. සති දෙකක පමණ කාලයක් ඇතුළත සැලසුම් කෙරුණ ක්‍රිමියානු ජනමත විමසුම අධීක්‍ෂණය කරන ලද්දේ රුසියාවට හිතවත් නිරීක්ෂකයන් කණ්ඩායමක් විසිනුයි.
රුසියාව සහ බටහිර රටවල් අතර සම්බන්ධතා වර්ධනය විය හැකි නමුත් එය රඳා පවතින්නේ බටහිර නායකයන් මත යයි ජනාධිපති ව්ලදිමීර් පුතින් කියා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අතුරුදහන් වූ දුම්රිය රත්තරන්,මැණික් සහ තුවක්කු ප්‍රවාහනය කරමින් තිබුන බව කට කථා පැතිර තිබුණි . පෝලන්ත සංස්කෘතික අමාත්‍යංශයේ බලධාරියකු කියා සිටියේ පොළව යට බංකරයක සිරවී ඇති මෙම දුම්රිය රේඩාර් ඡායාරූප වලට හසු වූ අතර එය නාසි රත්තරන් දුම්රිය ලෙස විශ්වාස කළ හැකි බවයි. නිධන් සොයන්නෝ නිධන් හොයන පිරිස් වෙත අනතුරු ඇඟවීමක් කරන පෝලන්ත බලධාරීන් කියා සිටින්නේ මෙම දුම්රිය තුළ බිම් බෝම්බ අටවා තිබිය හැකි බවින් ඒ අසළට ලං නොවන ලෙසයි. මෙම දුම්රිය විෂ සහිත ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යෙදවූ එකක් වීමටත් ඉඩ තිබෙන බව පෝලන්ත බලධාරීහු කියා සිටිති. 1945 දී අතුරුදහන් වූ දුම්රියක් හොයා ගත් බව පුද්ගලයින් දෙදෙනෙක් මේ මාස මුලදී ප්‍රකාශ කළහ. ඉන් පසුව නිරිත දිග පෝලන්තයේ වොල්බ්ර්ච් නගරය අශ්‍රිතව නිධන් හොයන්නන් දැඩි උනන්දුවකින් කටයුතු කරන්නට පටන් ගත්හ.
ජර්මානු නාසි හමුදා විසින් රත්රන් පිරවූ බවට සැක කෙරෙන දුම්රියක් වසර 70 කට පසු පෝලන්තයෙන් සොයා ගෙන ඇති බවට පළවී තිබෙන වාර්තා වාර්තා පිළබඳව විමර්ශන ආරම්භ වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු එම වාර්තාව තැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ කඩුලු තුනක් දවා ගැනීමත් සමගය. ලෝකයේ සාර්ථකම සහ වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් වමත් දඟ පන්දු යවන්නා වීමේ වාර්තාවට මෙතෙක් හිමිකම් කියන ලද්දේ නවසීලන්ත ක්‍රීඩක ඩැනියෙල් විටෝරි විසිනි. තමා ලද ජයග්‍රහණය සහ ක්‍රීඩා දිවියේ ඉදිරි සැලසුම් පිළිබඳව රංගන හේරත් බීබීසී සිංහල සේවයට පළකළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් ලබාගත් වමත් දඟපන්දු යවන්නා බවට පත්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් අද (මාර්තු 11) වාර්තා පොතට එක්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනු ලැබුවේ 18 වෙනි සංශෝධනය මගින් නීතිගත කරන ලද "ඒකාධිපතිවාදී අංග" ඉවත්කරමින් විධායක ජනපති ක්‍රමයේ බලතල සීමාකිරීම පිණිසය හාත්පසින්ම වෙනස් සංශෝධන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් ඡන්දය ලබාදුන්නේ ඉතාම ඉක්මණින් 20 වෙනි සංශෝධනයක් ගෙන එන්නේ යයි එක්සත් ජාතික පක්ෂය දුන් පොරොන්දුව අනුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය. "19 ගෙනල්ලා පහුවදා උදේ 20 ගේනවා කිව්ව නිසා 19ට අපි ඡන්දෙ දුන්නා. හැබැයි 19 වැඩේ කරගෙන 20 වැඩේ කරන්නෙ නැතුව අවුරුදු පහක් ඒක ඇතුළෙ නිකං ඉඳීමේ ප්‍රතිඵලය තමා මේ තියෙන්නෙ." - රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, 2020 සැප්තැම්බර් 23 දයාසිරි ජයසේකර (වමේ), රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ක්‍රීඩා අමාත්‍ය ධුරය හෙබැවීය (සංරක්ෂිත ඡායාරූපයකි) කෙසේ වුවත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කරන 20 වෙනි සංශෝධනය සහ මේ වනවිට පාර්ලිමේන්තුව ඉදිරියේ තිබෙන 20 වෙනි සංශෝධනය එකිනෙකට හාත්පසින්ම වෙනස් සංශෝධන දෙකකි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ අවස්ථාවේ ප්‍රතිඥා දී තිබුණේ මැතිවරණ ක්‍රමය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරන ව්‍යවස්ථා සංශෝධනයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පසුගියදා ඉදිරිපත් කළ සංශෝධනය "ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ජනතා පරමාධිත්‍යය හීන කරන්නක්" ලෙසින් දැඩි විවේචනයට ලක් වී තිබෙන්නෙකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ උත්සාහය හමුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 212 දෙනෙකුගේ ඡන්දයෙනි. එයට එරෙහිව ඡන්දය භාවිත කළේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණය. අජිත් කුමාර මන්ත්‍රීවරයා ඡන්දය භාවිත නොකළ අතර, මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පැමිණ සිටියේ නැත. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු එදා කීවේ මොනවාද? 'වාසුදේව නානායක්කාරට පොලිසියෙන් ගැහුවා' 2015 අප්‍රේල් 27 වෙනි දින පාර්ලිමේන්තුවේ පැවති, 19 වෙනි සංශෝධනය පිළිබඳ විවාදයේ හැන්සාඩ් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව වෙනුවෙන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසිනි. අතාවුද සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මූලාසනය ගෙන සිටින අවස්ථාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කළ අවස්ථාවේ මතු වූ විරෝධතා පිළිබඳව දීර්ඝ විස්තරයක් කළ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පදවිය හෙබැවූ රාජිත සේනාරත්න, ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ව්‍යවස්ථාව හැඳින්වූයේ "කුරිරු ව්‍යවස්ථාව" යනුවෙනි. එදා වාමාංශික එක්සත් පෙරමුණේ නායකයන් වූ ආචාර්ය එන් එම් පෙරේරා, දොස්තර එස් ඒ වික්‍රමසිංහ, පීටර් කේනමන්, ආචාර්ය කොල්වින් ද ආර් ද සිල්වා වැනි නායකයන් සමඟ හයිඩ්පාක් පිටියේ පාර අහුරා තමන්ද වාඩි ලා සිටි අවස්ථාව ඔහු සිහිපත් කළේය "එදා මමත් තරුණ වෛද්‍යවරයෙක් විදියට එතුමන්ලා සමඟ එතැන වාඩි වුණා. තමුන්නාන්සේත් (අතාවුද සෙනෙවිරත්න) එදා එතැන හිටියා," ඇමතිවරයා සිහිපත් කළේය. "එදා තමයි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා කියන නීතිවේදියාව ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට අත් අඩංගුවට ගත්තේ. ඒ එක්කම අපට ආරංචි වුණා, ඒ පෙළපාළියට නායකත්වය දුන්නු වාසුදේව නානායක්කාරට පොලිසියෙන් ගැහුවා කියලා. පළමුවෙනි වරට මන්ත්‍රීවරෙයකුට පහරදීම ඒ වෙලාවේ අපට ආරංචි වුණා. හරි නම් අද වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මට වඩා ඉදිරියෙන් කර උර දීලා මේ දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ලැහැස්ති වෙන්නට ඕනෑ. මේ අවසාන කාලෙය්දී ඒකට එහෙන් මෙහෙන් පොඩි පොඩි ඇණ මුරිච්චි ගහන්න හදලා, ඒකට විරුද්ධව කථා කරලා ද්‍රෝහියෙක් වෙන්නේ නැතිව. ඒ වාගේම එදා තව ටිකක් දවල් වන විට අපට ආරංචි වුණා, පේරාදෙණිය හන්දියේ කළු කොඩි ඔසවපු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගත්තා කියලා. එතැන ආචාර්යවරුන් දෙදෙනෙක් හිටියා." - අමාත්‍ය රාජිත සේනාරත්න (2015 අප්‍රේල් 27, හැන්සාඩ්) වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකු 17,18 සහ 19 යන සංශෝධන තුනටම පක්ෂව ඡන්දය භාවිත කර තිබේ තවදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, "අපි කී වාරයක් baton charge වලට ලක් වුණාද? මේ ගරු සභාවේ සිටින ගරු තිස්ස විතාරණ මන්තීතුමා දන්නවා, මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර ගන්නට ගිහිල්ලා අපි කී තැනක පෙළපාළි ගියාද, කී වාරයක් ගුටි කෑවාද, කී තැනකදී කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක් වුණාද කියලා. එදා ඒ අරගලවලට සභභාගි වුණු ගරු ඩිව් ගුණසේකර මන්ත්‍රීතුමන්ලා, ගරු තිස්ස විතාරණ මන්ත්‍රීතුමන්ලා අද මේ සභාවේ අපත් සමඟ ඉඳීම ගැන අපි සන්තෝෂ වෙනවා," යනුවෙන්ද සඳහන් කළේය. රාජිත සේනාරත්න, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර යන අමාත්‍යවරු සිව් දෙනාම විධායක ජනාධිපති ක්‍රමය තවත් ශක්තිමත් කළ සහ "ඒකාධිපති පාලනයකට මග පාදන්නක්" බවට චෝදනා එල්ල වූ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ. අගමැති මහින්ද රාජපක්ෂ තරුණ අවදියේ පටන්ම විධායක ජනපති ක්‍රමයට එරෙහි වූ අන්දම ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිහිපත් කළේය. "මහින්ද රාජපක්ෂ මහත්මයා මොකක්ද කළේ? එතුමාගේ කණ්ඩායම්වල ඉන්න මන්ත්‍රීවරුන් කථා කරන දේවල් ගැන මට පුදුමයි. එතුමා සමඟ උරෙන් උර ගැටිලා පාද යාත්‍රා ගිය මිනිහා මම. දවස් 18ම එතුමා සමඟ ඇවිද්දේ මමයි, ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමායි, මහින්ද අබේකෝන් මහතායි විතරයි. මුළු දවස් 18ම නොනවත්වා ඒ පාද යාත්‍රාවේ එතුමා සමඟ ගමන් කළේ අපි තුන් දෙනා විතරයි. ඒ සඳහා අවශ්‍ය සියලුම මුදල් මම වියදම් කළා. එදා එහෙම කරපු අපගේ පළමුවන සටන් පාඨය වුණේ මොකක්ද? "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු" කියන එක. අපි මිනිස් දම්වැල් ගියා, රත්නපුරයේ සමන් දේවාලයට "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියලා. අපි ශබ්ද ඝෝෂා නැඟුවා." -- අමාත්‍ය රාජිත සේනාරත්න (2015 අප්‍රේල් 27, හැන්සාඩ්) කෙසේ වුවත් ස්වභාවික යුක්තිය පිළිබඳ මූලධර්මය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කළ බවට දෙස්, විදෙස් විවේචනයට ලක් වූ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමයේ දී ක්‍රියාශීලී කමිටු සාමාජිකයෙකු වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, දෝෂාභියෝග ක්‍රියාවලියට කොන්දේසි විරහිතව සහය පළ කළේය. 'ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි' විවාදය ආරම්භයේදීම අදහස් දැක්වූ, ඒ අවස්ථාවේ පොදුජන එක්සත් පෙරමුණේ මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ් ඩී ජේ සෙනෙවිරත්න අවධාරණය කළේ, ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරයා සතු බලතල වෙනත් කිසිවෙකුට පවරා දිය නොහැකි බවය. "දහනව වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙනෙනකොට තමුන්නාන්සේලා දන්නවා, ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 4වන ව්‍යවස්ථාව 3වන ව්‍යවස්ථාවත් සමඟ කියවනකොට කවදාවත් මේ විධායක බලතල ජනමත විචාරණයක් නැතුව කියාත්මක කරන්න බැහැ කියා. ඒක තමුන්නාන්සේලා දන්නවා." - ඩබ් ඩී ජේ සෙනෙවිරත්න, (2015 අප්‍රේල් 27 හැන්සාඩ්) "නමුත් තමුන්නාන්සේලා මොකද කළේ? මේ සංශෝධන ගැසට් කරලා ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පස්සේ සුපුරුදු පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල අනුව ඒක විශ්ලේෂණය කරලා අන්තිමේදී තීන්දුවක් ලැබුණා, ජනමත විචාරණයකට භාජනය කළ යුතු සංශෝධන ජනමත විචාරණයකට නොගොස් ක්‍රියාත්මක කරන්න බැහැ කියා. ඒකට හේතු වුණේ මොකක්ද? ඒකට ප්‍රධාන වශයෙන් හේතු වුනේ මේ කාරණයයි. විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් කර ප්‍රධාන වශයෙන්ම තමුන්නාන්සේලා බලාපොරොත්තු වන්නේ අගමැතිවරයාට ඒ බලතල දෙන්නයි. ජනාධිපතිතුමාට දීලා තිබෙන බලතල ජනමත විචාරණයක් නොමැතිව කිසිම විධියකින් තවත් කෙනකුට දෙන්න බැහැ," යනුවෙන් ද ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය විවාදයේදී අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, 1978 ව්‍යවස්ථාව හඳුන්වාදුන් අවස්ථාවේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයට එරෙහි වූ අන්දම සිහිපත් කළේය. "1978දී මේ විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක වුණාට පසුව හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා ඉදිරිපත් වුණු ජනාධිපතිවරණයේ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් වුණු ජනාධිපතිවරණයේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ජනාධිපතිවරණයේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වුණේ, "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා" කියන එකයි. ඇත්ත වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පැරණි වම අවුරුදු ගණනාවක් තිස්සේ අරගෙන ගිය වැඩ පිළිවෙළේ උච්චතම අවස්ථාවට අද අප ඇවිත් තිබෙනවා. මම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්නේ, "අපි මේ මල් වට්ටියට අත ගහමු" කියලායි." - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල (2015 අප්‍රේල් 27, හැන්සාඩ්) 'සෝභිත හාමුදුරුවන්ව බිම පෙරළාගෙන ගැහුවා' විවාදයේදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පාලක එක්සත් ජාතික පක්ෂයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේ විධායක ජනපති ක්‍රමය යටතේ 1977 න් පසුව එල්ල වූ දැඩි මර්දනය සිහිපත් කරමිනි. "ධර්මිෂ්ඨ සමාජය පෙන්වලා සෝභිත හාමුදුරුවන්ව බිම පෙරළා ගෙන ගැහුවා වාගේ, මහාචාර්ය සරත්චන්ද්‍රව බිම පෙරලා ගෙන ගැහුවා වාගේ යහ පාලනය පෙන්වලා මේ සංශෝධන අස්සට දමලා අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තු වන විවිධ පටු අරමුණු ඉෂ්ට කර ගන්නට යන්න එපා. මහරාජා සංවිධානයේ සිරස මාධ්‍ය ජාලය - අපි කැමැති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන් - අපි හැමෝටම ප්‍රහාර එල්ල කරනවා. නමුත් ඒ ආයතනයට අයිතියක් තිබෙනවා, තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තිබෙන අයිතියක්. එතුමාව විවේචනය කළා. ඒක ඇත්ත. නමුත් එතුමා ඒ ස්වරය හිතේ තියාගෙන මේ මාධ්‍ය සියල්ල දඩයම් කිරීම සඳහා, මාධ්‍ය අයිතිකරුවන්, මාධ්‍යකරුවන් ගෙනියලා හිරේට දැමීම සඳහා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වගන්තියක් ඇතුළත් කළා." -බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා (2015 අප්‍රේල් 27, හැන්සාඩ්) කෙසේ වුවත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ පෝද්දල ජයන්ත සහ කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙසින් පහරදීම මෙන්ම සිරස මාධ්‍ය ආයතනයට ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ද අමාත්‍ය පදවි හෙබැවූ මහින්ද රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල වී තිබේ. විවාදයේ දී අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, "ජාතික ආණ්ඩුවක්" පිහිටුවා ඇමතිවරුන් සංඛ්‍යාව තිහට වඩා වැඩි කිරීම ගැන දැඩි විරෝධය පළ කළේය. "මේ විදියට ඇමතිවරු ප්‍රමාණය වැඩි කරනවාටත් අපි විරුද්ධයි." -දිනේෂ් ගුණවර්ධන (2015 අප්‍රේල් 28, හැන්සාඩ්) ජනපති ගැන 'ප්‍රාර්ථනයක්' මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරමින් පසුගියදා විශේෂ ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක පවසන්නේ, 1999 දී විධායක ජනාධිපති ක්‍රමය නිමා කිරීම පිණිස තමන් අවංක උත්සාහයක් දැරූ බවය. දක්ෂ පාලකයෙකු බව පැවසෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සොහොයුරන්ට වඩා වෙනස් මාර්ගයක ගමන් කිරීමට උත්සාහ දරන හැඩක් පෙනෙන්නට තිබෙන බව පවසන හිටපු ජනපතිනිය, 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපති බලතල තහවුරු කරගැනීමෙන් තමන්ටත් රටටත් විය හැකි හානිය වටහා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කළාය. එබැවින් 20 වෙනි සංශෝධනයේ භයානක ස්වරූපය වෙනස් කිරීමට ජනපතිවරයා පියවර ගනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක පැවසුවාය. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගෝඨාභය රාජපක්ෂ පාලනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 39 ක් ගොනු කර තිබුණු අතර, එම පෙත්සම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවය විසින් ප්‍රතිශෝධන පෙත්සම් 7 ක් ගොනු කර තිබුණි. නීතිවේදිනී භවානි ෆොන්සේකා ට්විටර් පණිවුඩයකින් පෙන්වා දී තිබුණේ, සඳුදා (ඔක් 05) එම පෙත්සම් පිළිබඳ වාචික විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපතිවරයා ඉදිරිපත් කළ තර්කවලට ලිඛිත ප්‍රතිචාර අඟහරුවාදා ඉදිරිපත් කරන මෙන් දැනුම් දුන් බවය. කියවන්න:
"ඒකාධිපති පාලනයකට මඟ පාදන" 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමාකරමින් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ යෝජනා කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරය සිය ඡන්දය භාවිත කළහ. ඒ 2001 අප්‍රේල් 2 වෙනි දිනය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඒ අවස්ථාවේ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් හැන්සාඩ් වාර්තා ඇසුරින් උපුටා ගනිමින් ආණ්ඩුව ඉදිරිපත් කළ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කෙරෙන විමසුමකි, මේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒරියා 51හි පිටසක්වළ ජීවීන් රඳවාගෙන සිටින බව සමහරු විශ්වාස කරති ඇමරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා 51 නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයට ඇතුළු වීම සඳහා ආරාධනා කරමින් ෆේස්බුක් ඔස්සේ නිර්මාණය කළ පිටුවකට මිලියනයකට අධික පිරිසක් සිය සහභාගීවීම තහවුරු කර තිබේ. මෙම පිටුව ප්‍රථමයෙන් ආරම්භ කර ඇත්තේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකරන සරදමක් ලෙසය. ඒරියා 51හි පිටසක්වළ ජීවීන් රඳවාගෙන සිටින බව සමහරු විශ්වාස කරති. "අපිට පුළුවන් ඔවුන්ගේ වෙඩි උණ්ඩවලට වඩා ඉක්මනට ඇතුළට යන්න. ඊට පස්සේ පිටසක්වළ ජීවීන් දැකගමු" යැයි දහස් ගණනක පිරිසක් අදාළ ෆේස්බුක් පිටුවේ සිය අදහස් පළ කර තිබිණි. "ඇමරිකාව සහ එහි සම්පත් රැකගන්න අපි සූදානම්" යැයි ඇමරිකානු ගුවන් හමුදා ප්‍රකාශිකාවක 'ද වොෂිංටන් පෝස්ට්' පුවත්පතට පවසා තිබේ. "හලෝ එක්සත් ජනපද රජය, මේක විහිළුවක් විතරයි. මම මේ සැලසුමට අනුව වැඩ කරන්න හිතන්නේ නැහැ" ලෙස ෆේස්බුක් පරිශීලකයෙකු වන ජැක්සන් බානස් සටහන් කර තිබිණි. "මම හිතුවේ එය විහිළුවක් බවට පත් වෙලා අන්තර්ජාලය තුළ මට ලයික් වැඩි වෙයි කියලා. මිනිස්සු ඇත්තටම ඒරියා 51ට ඇතුළු වීමට උත්සහ කළොත්, ඒ ගැන මට වගකීම ගන්න බැහැ." කෙසේනමුත්, ඇමරිකානු ගුවන් හමුදාවට මෙය තවත් එක් සරදමක් ලෙස නොපෙනේ. ඇමරිකාව පුරා පිහිටා බොහෝ හමුදා කඳවුරු සේම ඒරියා 51හි මූලික අරමුණ රහසක් වශයෙන් පවතී "ඒරියා 51 කියන්නේ ඇමරිකානු ගුවන් හමුදාවේ පුහුණු කඳවුරු තිබෙන ප්‍රදේශයක්. ඇමරිකානු හමුදා පුහුණු කරන ස්ථානයකට ඇතුළු වීමට උත්සහ කරන්න එපා කියලා අපි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා," යැයි ප්‍රකාශිකාව පැවසුවාය. ඒරියා 51 ගැන පවතින න්‍යාය මොනවා ද? සමහර න්‍යායවාදීන් පවසන්නේ ඇමරිකානු රජය සතුව පිටසක්වළ ජීවීන් ගැන තොරතුරු සහ ඔවුන්ගේ යානා ඇති අතර ඒවා මහජනතාවගෙන් සඟවන බවය. 2013දී නිල වශයෙන් හඳුනාගත් ඒරියා 51 කඳවුරෙහි අල්ලාගත් පිටසක්වළ ජීවීන් සිටින බවටත්, UFO - හඳුනා නොගත් පියාඹන වස්තු ඇති බවට හා ඔවුන්ගේ තාක්ෂණය ද ඇති බව ඔවුන් සිතන නමුත්, ඇමරිකානු රජය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරයි. 1989 දී බොබ් ලේසර් නම් භෞතික විද්‍යාඥයෙකු තමන් ඒරියා 51හි රැකියාවේ නිරත වූ බව ඇමරිකානු රූපවාහිනී වැඩසටහනක දී පැවසීමත් සමග කඳවුර පිළිබඳ මෙවැනි න්‍යාය නිර්මාණය වීම ආරම්භ විණි. ඔහු ගැන Netflix (නෙට්ෆ්ලික්සි) වාර්තාමය වැඩසටහනක් විකාශනය වූ අතර, මෑතක දී ඔහු තවත් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වීම මෙම කතාව නැවතත් කරළියට පැමිණීමට හේතුව විය හැකිය. සිය රැකියාව, හඳුනා නොගත් පියාඹන වස්තු හා සම්බන්ධ වුවක් වූ අතර පිටසක්වළ ජීවීන් පෘථිවියේ ගත කරන ජීවිතය ගැන සඳහන් රජයේ ලිපි ගොනු කියවා ඇති බව බොබ් ලේසර් පවසයි. බොබ් ලේසර් (මැද) නමුත්, මේ කිසිවක් තහවුරු කිරීමට ඔහු සතුව සාක්ෂි හෝ වාර්තා නොමැති අතර, භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ඔහුගේ උපාධිය පවා මෙතෙක් තහවුරු කර නොමැත. නමුත් ඔහුගේ ප්‍රකාශ ඒරියා 51 ගැන ඇති විවිධ මත තවත් පැතිරී යෑමට හේතු විය. තෝමස් බුලාඩ්ගේ The Myth and Mystery of UFOs (හඳුනා නොගත් පියාඹන පීරිසි ගැන පවතින මිත්‍යා සහ අභිරහස්) නම් ග්‍රන්ථයේ සඳහන් වන්නේ "වියට්නාම සහ වෝටර්ගේට් සිද්ධි නිසා රජය සහ මහජනයා අතර විශ්වාසය පලුදු වෙමින් තිබෙන කාලයක, රාජකාරි මට්ටමේ දෙපිටකාට්ටු වැඩවලට රොස්වෙල් සහ ඒරියා 51 ඉතා ජනප්‍රිය වචන බවට පත් වුණා," යනුවෙනි. නිව් මෙක්සිකෝ හි පිහිටි රොස්වෙල් ප්‍රදේශයට 1947 දී යම්කිසි ආකාශ වස්තුවක් කඩා වැටිණි. එය වායු බැලුනයක් බව හමුදාව පැවසීය. නමුත්, බොහෝ දෙනෙකු පැවසුවේ එය හඳුනා නොගත් පියාඹන වස්තුවක් වන අතර, ඒ ගැන තොරතුරු වසන් කිරීමට හමුදාවෙන් ක්‍රියා කළ බවය. ඒරියා 51 සහ පිටසක්වළ ජීවීන් ගැන නිර්මාණය වූ 'පෝල්' නැමැති සිනමා පටය එය න්‍යෂ්ටික අත්හදාබැලීම් නිරීක්ෂණය සඳහා යෙදවූ බැලුනයක් බව 1990 දී ඇමරිකානු රජය නිවේදනය කළ නමුත්, ඒ ගැන තවමත් දැඩි අවධානයක් යොමු වී තිබේ. එමෙන්ම, ඒරියා 51 ගැන පවතින අභිරහස් මෙන්ම මිත්‍යා මත පදනම් කරගෙන බොහෝ සිනමා නිර්මාණ, The X-Files වැනි මාලා නාට්‍ය සහ වීඩියෝ ක්‍රීඩා වර්ග බොහොමයක් ලෝකය පුරා නිර්මාණය කර තිබේ. තවත් තොරතුරු: ඒරියා 51 යනු කුමක්ද? තිබෙන්නේ කොහේද? ඒරියා 51 නැමැති මෙම හමුදා කඳවුර පිහිටා ඇත්තේ නෙවාඩා හි ලස් වේගස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ වයඹ දෙසිනි. ඇමරිකාවේ නවාඩාහි පිහිටි රහස් ප්‍රදේශයක් වන ඒරියා 51 එඩ්වඩ් ගුවන් හමුදා කඳවුරෙහි (Edwards Air Force Base) කොටසක් වන මෙය ඇමරිකානු රජය හඳුන්වන්නේ නෙවාඩා පරීක්ෂණ සහ පුහුණු ප්‍රදේශය ලෙසය. ඇමරිකාව පුරා පිහිටා ඇති බොහෝ හමුදා කඳවුරු සේම ඒරියා 51හි මූලික අරමුණ රහසක් වශයෙන් පවතී. ෆේස්බුක් පිටුවේ තිබූ අදහස් අනුව සංවිධානගත වී මෙම ස්ථානයට කඩා වැදීම ඉතා අපහසු කාරණයක් වනු ඇත. මෙම ස්ථානයට සාමාන්‍ය ජනතාවට ඇතුළු විය නොහැකි අතර, නිරන්තරයෙන් දැඩි මුරකාවල් යොදා තිබෙන අයුරු දැක ගත හැකිය. එමෙන්ම, ඒරියා 51 වෙත ගුවනින් ළඟා වීම ද කළ නොහැකිය. එහි ගුවන් පථයට ඇතුළු වීමට විශේෂ අවසරයක් අවශ්‍ය වන නමුත්, ගුවන් ගමන් පාලකයන් විසින් දෙනු නොලැබේ. තවත් තොරතුරු:
'ඒරියා 51' ලෙස හැඳින්වෙන බිම් ප්‍රදේශයට ඇතුළු වීමට උත්සහ නොකරන ලෙස ඇමරිකානු ගුවන් හමුදාව මේ වන විට අනතුරු අඟවා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වැසි සහිත කාළගුණයෙන් දැඩි බාධා පැමිණීම හේතුවෙන් හෙලිකොප්ටර යානා ගුවන්ගත කිරීමද අත්හිටුවා තිබේ විශේෂයෙන්ම මීදුම හේතුවෙන් බරපතල අනතුරුදායක තත්ත්වයක් හටගෙන තිබේ. ජල පහරට සහ නාය යාම් වලට ගොදුරුවීමෙන් මේ වන විට සනාථ වී ඇති මරණ සංඛ්‍යාව හයසියයක ට ආසන්නයි. මිය ගිය ප්‍රමාණය මේ සතිය තුළ දී දහස දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව මේ අතර බලධාරීහු පවසති. පාණීය ජලය නොමැතිව සියලු දෙනා දැඩි අසීරුතාවයකට මුහුණ දෙමින් සිටින බව ශ්‍රී නගර් හි පූජස්ථානයක කොටු වී සිටින ගුලසාර් සිංග් බීබීසියට කියා සිටියේය. නොකඩවා ඇදහැළුණු මෝසම් වැසි නිසා හදිසියේ ඇති වූ වේගවත් ජල පහරට හසුවී හිමාල කඳු සහිත උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ නිවාස, මාර්ග සහ පාලම් විනාශ වී තිබේ.
උතුරු ඉන්දීය උත්තරාකාන්ද් ප්‍රාන්තයේ හදිසි ජල ගැල්මට කොටු වී සිටින්නන් බේරා ගැනීමේ කටයුතුවලට වැසි සහිත කාළගුණයෙන් දැඩි බාධා පැමිණීම හේතුවෙන් හෙලිකොප්ටර යානා ගුවන්ගත කිරීමද අත්හිටුවා ඇති බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්දෙස් ගේ ශ්‍රී ලංකා සංචාරයේදී අදාළ අංශයන්හි මෑත යුගයේ වර්ධනයන් විමසා බැලීමට නියමිත බවයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. "මානව හිමිකම්වලට ගරුකිරීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මෑතදී ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් අපි දිරිමත් වූයෙමු," බවයි ඔවුන් දෙදෙනා ප්‍රකාශ කරන්නේ. වද හිංසා පැමිණවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්දෙස් "අධිකරණයේ සහ නීති වෘත්තියේ ස්වාධීනත්වය සහතික කිරීමෙහිලා මෙන්ම වද හිංසා තුරන්කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමටත් අපි බලාපොරොත්තු වන්නෙමු." ආණ්ඩුවේ ආරාධනය මත ශ්‍රී ලංකාවේ සංචාරය කරන දූත පිරිස සිය සංචාරයේදී කොළඹ මෙන්ම උතුරු, නැගෙනහිර සහ වෙනත් පළාත්වලද සංචාරය කිරීමට නියමිතයි. රැඳවියන් රඳවා සිටින ස්ථාන පරීක්ෂා කිරීම සිය සංචාරයේ ප්‍රධානම අංගයක් බවයි විශේෂ නියෝජිතයන් පවසන්නේ. ඔවුන්ගේ සංචාරයේ නිරීක්ෂණ ඇතුලත් පූර්ණ වාර්තා දෙකක් ලබන වසරේ මාර්තු සහ ජුනි මාසවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරවලට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂඥයන් පිරිසක් අප්‍රේල් 29 වැනි දින සිට මැයි 07 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගිය අවස්ථාවේදී ඔවුහු බෝම්බ ප්‍රහාරයට ලක්වූහ. වත්තල, ඔලියමුල්ලේ පදිංචි ග්ලෝරියා මේ වන විට වාණිජ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර අගරදගුරු කාර්යාලයේ 'සෙත් සරණිය' සංවිධානයේ තාවකාලික රැකියාවක ද නිරත වන්නීය. ''අද එක එක්කෙනා විවිධ කතා කියනවා. මට දැනගන්න ඕනා මගේ තාත්තාව මරපු හේතුව. ඒක මිනීමැරුමක්ඒ. ඒකට යුක්තිය ඉටු වෙන්න ඕනා. මම වගේ අද කීදෙනෙක් වේදනා විඳිනවාද? යුක්තිය වෙනුවෙන් නැගී සිටින්න අනිත් අයත් එකතු වෙන්න කියල මම ආරාධනය කරනවා.'' යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයේදී කියා සිටියාය. නිෂ්පාදනය / පටිගතකිරීම / සංස්කරණය ෂර්ලි උපුල් කුමාර
පාස්කු ඉරු දින එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර වලින් පියා අහිමිකොට තමන් සහ නැගණියට තුවාල සිදු කළ ද එම බෝම්බකරුවන්ට තමන්ගේ සිහිනය විනාශ කිරීමට නොහැකි වූ බව ග්ලෝරියා ජෝර්ජ් බීබීසී සිංහල සේවයට පැවසුවාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම ඇතුළු සංශෝධන ඇතුළත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් මාර්ගයෙන් ද ජනතා අනුමැතිය ලබාගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමණය වී තිබිණ. එම තීන්දුවෙන් අනතුරුව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ උත්සාහය අත්හළ ආණ්ඩුව, ඒ වෙනුවට පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත කඩිනමින් සම්මත කරගැනීමට ක්‍රියා කළේය. පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරීම අදාළ සංශෝධනය කඩිනමින් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව බව ආණ්ඩුවේ තර්කය විය. එහෙත් කඩිමුඩියේ එම පනත සම්මත කරගත් ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවට විවේචකයෝ තර්ක කරති. "අප විරෝධය පළ කරන්නේ ක්‍රමවේදයට විතරයි," ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උදය රොහාන් ද සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය. "අප විරෝධය පළ කරන්නේ ක්‍රමවේදයට විතරයි" - නීතිඥ උදය රොහාන් ද සිල්වා "ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය තමයි, එවැනි අවස්ථාවක එලෙස කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන්න බැරි කමක් නෑ. නමුත් සංශෝධනයක් කියන එකයි, විශාල කොටස් ඇතුළත් කරන එකයි අතරේ වෙනසක් තියෙනව." කමිටු අවස්ථාවේ පනතකට එසේ විශාල කොටසක් එක් කිරීම නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමක් බව ද ඔහු සඳහන් කළේය. මේ පිළිබඳව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වෙත අදහස් දැක්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදහස් කළ නමුත්, සිය විරෝධය සැල වී තමන් ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, පක්ෂ නායකයන් සමග හමුවක් සූදානම් කරන බවට දැනුම් දුන් බවත් සංගමයේ සභාපතිවරයා පැවසීය. සබැඳි යොමු: එළඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් දෙසැම්බර් මාසයේ පළාත් සභා මැතිවරණ නොපවත්වා, ලබන ජනවාරි මාසයේ පැවැත්වීම පිළිබඳව ආණ්ඩුවේ විරෝධයක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේ සඳහන් කළ බවත් නීතිඥ උදය රොහාන් ද සිල්වා කියා සිටියේය. මේ අතර ආණ්ඩුව සංශෝධිත පනත සම්මත කරගත් ආකාරය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ද දැඩි විවේචනයට ලක් කොට තිබේ. විශ්ෂයෙන් කමිටු අවස්ථාවේ පනතට බරපතල සංශෝධන ගණනාවක් එක් කිරීම මගින්, එම සංශෝධන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව අහිමිව ගිය බව පෙන්වා දෙන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, කිසියම් පනතකට කමිටු අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් එයට අවසර තිබෙන්නේ නම් පමණක් බව ද සඳහන් කරයි. "කමිටු අවස්ථාවේදී පනතක මූලධර්ම සාකච්ඡා නොකළ යුතුය," යන්න ස්ථාවර නියෝග 57 හේ සඳහන් වේ. පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමේ "ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ" අගය කළ යුතු වුවත් නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදෙන අවස්ථාවක එහි මූලධර්ම පිළිබඳව පුළුල් සංවාදයක් දියත් කිරීම අත්‍යවශ්‍ය බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් නව සංශෝධනයට දැඩි විරෝධය පළ කළ බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. සංශෝධනයට ආණ්ඩුව තුලින්ම මතු වූ දැඩි විරෝධය හේතුවෙන් ඒ වන විට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වෙමින් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද නිව්යෝක් නුවර සිට මැති, ඇමතිවරුන් අමතා පනතට පක්ෂව ඡන්දය දෙන මෙන් ඉල්ලා සිටීමට සිදු වූ බවත් සන්ඩේ ටයිම්ස් පත්‍රය වාර්තා කළේය. පළාත් පාලන පනත හදිසියේ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වීම පිළිබඳව විරෝධය පාමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයන් පදවියෙන් ඉල්ලා අස්වීමට සූදානම් වූ බවට ද වාර්තා පළ වින.
ශ්‍රී ලංකා ආණ්ඩුව පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත සම්මත කරගත් ආකාරය නීතිවේදීන්ගේ සහ සිවිල් සමාජ සංවිධානවල දැඩි විවේචනයට ලක් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය ඥාතීන් සොයා දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලන අතුරුදහන් වූවන්ගේ නෑදෑයෝ උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගෙන් පැමිණිලි 4000 කුත් යුධ හමුදා සාමාජිකයන්ගේ අතුරුදහන් වීම පිළිබඳව පැමිණිලි 4000 කුත් දැනටමත් ලැබී තිබෙන බවයි, සුරංජනා විද්‍යාරත්න කොමසාරිස්වරිය සංදේශයට කියා සිටියේ. සිය ඥාතීන් සොයා ගැනීම පිණිස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් කරන මෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මෑතදී උතුරේ කළ සංචාරයේදී ඉල්ලා සිටි බව සංදේශය පෙන්වා දුන් අවස්ථාවේ කොමසාරිස්වරිය කියා සිටියේ විවිධ බලපෑම් මත සිය කටයුතු කඩිනම් කිරීමට කොමිසම සූදානම් නොමැති බවයි. 'ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නෑ' "හරි ක්‍රමවේදයට හැකි තාක් දුරට නිවැරදිව කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කොමිසම ගැන විශ්වාසය ඇතිකර ගෙන කොමිසමේ කටයුතු සම්පූර්ණ වෙන කම් අපිට සහයෝගය දෙන්න කියල තමයි ඒ දෙමාපියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ," යනුවෙන්ද ඇය පවසන්නීය. උතුරු නැගෙනහිර අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට චෝදනා එල්ල වී තිබෙන තත්වයක් යටතේ විමර්ශන පිණිස යොදා ගන්නා කණ්ඩායම කවුරුන්ද යන්න සංදේශය කොමසාරිස්වරියට යොමු කළ තවත් ප්‍රශ්ණයක්. "ඒක තමයි අපිට තියෙන බැරෑරුම්ම කර්තව්‍යය. මේ කණ්ඩායම හඳුනා ගන්න එක. ස්වාධීන වෙන්ඩත් ඕනේ. මේ ගැන හොඳ අත්දැකීම් තියෙන්නත් ඕනේ." කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් අතුරුදහන් වීම පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර පරීක්ෂකයන් අවශ්‍ය නොවන බව කොමසාරිස්වරිය අවධාරණය කරයි. දශක තුනක යුද ගැටුම්වලින් සිදු වූ මානව විනාශය සහ හානියට පත් දේපොළ පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම පිණිස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත සංගණනයෙන් හෙළි වන තොරතුරුද සියකොමිසමේ කාර්යභාරයට උපකාරී වනු ඇති බවද සුරංජනා විද්‍යාරත්න කොමසාරිස්වරිය සංදේශයට කියා සිටියාය.
අතුරුදහන්වූවන් සොයා බැලීමේ ජනාධිපති කොමිසමට මේ වන විට පැමිණිලි අට දහසක් ලැබී තිබෙන බව එහි කොමසාරිස්වරියක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අසල්වැසි උතුරු කොරියාව පාලනය කර ගැනීම අතින් චීනයට විශාල ශක්තියක් ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසයි දකුණු කොරියාවේ සෝල් අගනුවර සංචාරයක නිරත වෙමින් කරුණු දැක්වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, උතුරු කොරියාව විසින් එල්ල කරනු ලබන තර්ජන අනුමත කළ නොහැකි බව ද ප්‍රකාශ කළේය. තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, උතුරු කොරියාව විසින් එල්ල කරනු ඇතැයි පැවසෙන මිසයිල ප්‍රහාරයක තර්ජනය මගින් දැනටමත් අනතුරුදායක වාතාවරණයක් නිර්මාණය කොට ඇති බවත් කියා සිටියේය. හදිසි තත්වයකට පෙර සූදානමක් තම අසල්වැසි උතුරු කොරියාව පාලනය කර ගැනීම අතින් චීනයට විශාල ශක්තියක් ඇතැයි කියා සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩ පිළිවෙල නතර කිරීමට චීනයට අවශ්‍ය වේනම් චීන පිළිවෙතේ දැඩි බවක් ඇති විය යුතුව ඇතැයි ද සඳහන් කළේය. මේ අතර චීනය, උතුරු කොරියානු දේශසීමාවේ පිහිටි නගරයකදී හදිසි තත්වයකට මුහුණ දීමේ පෙර සූදානමක් අත්හදා බැලුවේය. "හුන්චුන්" (Hunchun) නගරයේ ජනතාව උමං බංකරවල රැඳී සිටියදී,පොලිසිය සහ වෛද්‍ය කණ්ඩායම් වීදිවල සැරිසරමින් සිටි බවයි, චීන මාධ්‍ය වාර්තා කරන්නේ. චීන ප්‍රකාශකයෙක් ඉහත කී වැඩ සටහණ විස්තර කළේ, හදිසි විනාශකාරී තත්වයක් යටතේ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව කෙරුණ අත්හදා බැලීමක් හැටියටයි. එය ක්‍රියාවට නැංවුන "හුන්චුන්" (Hunchun) නගරය පිහිටා තිබෙන්නේ, චීන - උතුරු කොරියානු දේශසීමාවේ "තුමෙන්" (Tumen) ගඟට කිලෝමීටර් කීපයක් ඔබ්බෙන්. උතුරු කොරියානු අනාථයන් චීනයට ඇතුල් වීමට උපයෝගී කරගන්නේ, "තුමෙන්" ගංගාවයි. කොරියානු අර්ධද්වීපයේ ගැටුම්කාරී තත්වය උත්සන්න වෙමින් පවතින අතරවාරයේ, චීනය සිය දේශසීමාවෙහි යුද හමුදා තර කරමින් සිටින බවට දේශීය සහ විදේශීය මාධ්‍ය මගින් පළකෙරුණ වාර්තා බේජිං බලධාරීන් විසින් බැහැරකරනු ලැබයි තිබුනේ.
උතුරු කොරියාව න්‍යෂ්ටික බලවතකු ලෙසින් පිළිනොගන්නා බව පවසන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, සිය කොමියුනිස්ට්වාදී සගයා සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි චීනයෙන් ඉල්ලා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2012 වසරේ නොවැම්බර් 09 වනදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව යටතේ පත් කරන ලද කමිටු විසින් ලබා දෙන ලද වාර්තාවල අඩංගු නිරීක්ෂණ සහ නිගමන පිළිබඳ දැන ගැනීමට රටේ ජනතාවට අවශ්‍යතාවක් ඇති බවත් පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේය. "අපි ගහලා තියනවා පුවරුවක් සිරකරුවෝද මනුෂ්‍යයෝ වෙති කියලා. එහෙම තිබුනට ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කරමින් පසුගිය කාලේ අපිට මතකයි බන්ධනාගාරයේ සිරකරුවන් වෙඩි තියලා ඝාතනය කළා," මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ පැවති පාලන සමයේ පත් කරන ලද කමිටුව විසින් සකස් කරන ලද වාර්තාවේ හරයක් නොතිබූ බවය. ඒ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව අදාළ මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නව කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බව සඳහන් කළ ඇමතිවරයා එම කමිටුව විසින් ලබා දුන් වාර්තා සැලකිල්ලට ගෙන ජනතාව වෙත හෙළිදරව් කළ හැකි කරුණු පමණක් ඇතුළත් වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කළ බව කියා සිටියේය. ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අදාළ වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවත් මීට ඉහතදී ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තාව නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය. මේ අතර රැඳවියන් මරණයට පත් වී වසර හතරක් ගත වී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වී නොමැති බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරති. එකී මරණ සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව යටතේ පත් කරන ලද කමිටු විසින් ලබා දෙන ලද වාර්තා මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් ඇතිවීමට හේතු විය හැකි යැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සිංහල සේවයට පසුගියදා කියා සිටියේය. එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටිමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පසුගියදා ජාතික මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ද ඉදිරිපත් කළේය.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ මරණ සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණවල වාර්තා වහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ජිනීවා වලට එක න්‍යායකුත් මේකට වෙන න්‍යායකුත් තියෙන්න බෑනේ’ කබීර් හෂීම් 'මෙවර ජන්දය ප්‍රකශ නොකළ පිරිස ගත්තම සියයට තිස් පහයි, විපක්ෂයේ ප්‍රතිශතය සියයට හතළිහයි, ඒ දෙක එකතු කළාම විපක්ෂය දිනුම්. ජිනීවා වලට එක න්‍යායකුත් මේකට වෙන න්‍යායකුත් තියෙන්න බෑනේ’ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පවතී මාධ්‍ය හමුවකදී. ඡන්ද පදනම මෙවර පළාත් සභා මැතිවරණයේ දී සිය ඡන්ද පදනම රැක ගැනීමට තම පක්ෂයට හැකි වී ඇතයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි. 'ආණ්ඩුවට එය පාරා වළල්ලක්' -අනුර කුමාර දිසානායක මැතිවරණයේ දී ආණ්ඩුවේ ඡන්ද පදනම අඩු වී ඇති බව පෙන්වා දෙන එම පක්ෂය ඉදිරි ජාතික මැතිවරණයක දී ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාවක් තම පක්ෂයට ඇති බව ද ප්‍රකාශ කරයි. ‘සමහර අය ප්‍රකාශ කළා මේ පාර මැතිවරණයේ දී අපි තුන් වෙනි තැනට පත් වෙනවා කියල. එහෙත් විවිධ අභියෝග මධ්‍යයේ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ඒ ඡන්ද පදනම රැක ගැනීමට සමත් වෙලා තිබෙනවා’ සභාපති කබීර් හෂීම් කියා සිටියේය. 'ජනපතිට පාඩමක්' මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ නීති විරෝධී මැතිවරණ ව්‍යාපාරයක යෙදුණු ජනාධිපතිවරයාට ජනතාව පාඩමක් උගන්වා ඇති බවයි. ‘දැන් ඇමරිකාවට අර්ථකථනය කරන්න පුළුවන් ආණ්ඩුවේ තර්කය අනුව කොළඹ ජනතාව 55%ක් ජිනීවා යෝජනාව අනුමත කොට තිබෙනවා කියලා, ආණ්ඩුව තම දේශපාලන බලය වෙනුවෙන් රටත් ජනතාවත් මුහුණ දිය හැකි අතිශය අන්තරායකාරී තත්වයන් පවා උපයෝගී කර ගත්තා, ආණ්ඩුවට එය පාරා වළල්ලක් වී එම තර්කයම ඉදිරිපත් කිරීමේ හැකියාව බටහිර රාජ්‍යවලට තියෙනවා’ අනුර කුමාර දිසානායක පැවසීය. පසුගිය වසර හතර පහ කාලය තුළ සිය පක්ෂය මැතිවරණ වලදී ලැබූ පසුබෑම යටපත් කොට මෙවර පළාත් සභා මැතිවරණයේදී ජනතාව තම පක්ෂයට, විපක්ෂයේ කාර්යභාරය සදහා ශක්තියක් ලබා දී ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසන්නේ. බස්නාහිර පළාත තුළ ආණ්ඩුව ලබා ඇති පසුබෑමෙන් පෙන්නුම් කරන්නේ ජනපතිවරයාගේ ඉදිරි සය අවුරදු බල සැලැස්ම අසාර්ථක වී තිබෙන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
ජිනීවා යෝජනාව සම්මත වූ ඡන්ද ප්‍රතිශතය අනුව ජය පරාජය විනිශ්චය කිරීම සඳහා ජී එල් පීරිස් ඇමතිවරයා ගෙන ආ තර්කය අනුව මෙවර මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වී ඇති බව විපක්ෂය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වර්තමාන ව්‍යවස්ථා සම්පාදන කාර්යය තුළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අනවශ්‍ය යයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි උභය මහා විහාරීය කාරක සංඝසභාව ඒකමතිකව තීරණය කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පසුගිය අඟහරුවාදා (ඔක් 17) සඳහන් කළහ. එහෙත් ඊට පසු දින පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, ජනතාව නොමග යවන වාර්තා පළ කරන බවට ජනමාධ්‍යවලට චෝදනා කළේය. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් විදේශගතව සිටින අවස්ථාවක අදාළ රැස්වීම සම්බන්ධයෙන් මහා නාහිමියන්ගේ ඡායාරූපය පවා යොදාගෙන වාර්තා පළ කර තිබෙන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. මේ අතර පසුගියදා පැවති විශේෂ දීපාවලී සැමරුම් උත්සවයක් අමතා දහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තවමත් කෙටුම්පත් කර නොමැති ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සමාජය නොමග යැවීමට "ඇතැම් අන්තවාදී කණ්ඩායම්" උත්සාහ දරන බවට චෝදනා කළේය. රට තුළ ඇති ප‍්‍රශ්නවලට අවස්ථානුකූලව හා වඩාත් සුදුසු ආකාරයට විසඳුම් ලබා නොදීමේ ප‍්‍රතිඵලයක් ලෙස දශක තුනකට ආසන්න බිහිසුණු යුද්ධයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු වූ බව එහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, සියලු ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට එක්වන ලෙස සියලු ශී‍්‍ර ලාංකිකයින්ට ආරාධනා කළ බවත් කොටුව, ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය පිළිබඳව සෙනසුරාදා (ඔක්තෝබර් 21) වාර්තාවක් පළ කරන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පදනම් කරගත් වාර්තාවක් පමණක් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. ජනාධිපති මන්දිරයේ පැවති දීපාවලී සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේ ජනතාව තුළ සහෝදරත්වය, සහජීවනය ගොඩනැගීම සහ රට නොබෙදා අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කොට බලය බෙදීමේ සංකල්පය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගෙන රට තුළ සාමය ගොඩනැගීමට සිය ආණ්ඩුව කටයුතු කරමින් සිටියදී "ඇතැම් පිරිස් වැරදි තොරතුරු සමාජයට දෙනවා. අන්තවාදී පිරිස් ජනතාව නොමග යවනවා. ගෞරවනීය මහා සංඝරත්නයට වැරදි තොරතුරු දෙනවා," යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. "අපි අවුරුදු තිහකට ආසන්න නරක යුද්ධයක පැටලී සිටි පිරිසක්. ඒ තුළ අපේ සමාජය කඩාහැලීම ආර්ථිකය කඩාහැලීම අප අතර අසමගිය, සැකය, අවිශ්වාසය, බිය මේ සියල්ල ජනතාව තුළ ගොඩනැගුනා. සියලු ජාතීන් අතර සමගිය ගොඩනගා සැකයෙන් බියෙන් තොර යහපත් සමාජයක් ගොඩනගන්න අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම වඩාත් වැදගත් වෙනවා." එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා: "අපි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකාරයෝ කියලා කියනවා. ජාත්‍යන්තරය කියන විදියටයි මේ ව්‍යවස්ථාව ගේන්නේ, කියලා කියනවා. 1957-58 දී එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා චෙල්වනායගම් මහත්මයත් එක්ක සාකච්ඡා කරලා එදා බලය බෙදීම පිළිබඳව ගිවිසුමක් සකස් කළ වෙලාවේ බණ්ඩාරනායක මැතිතුමත් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට අහුවෙලා හිටියද කියලා අපිට චෝදනා කරන අයගෙන් මම අහන්න කැමතියි." දීපාවලී සැමරුම් උත්සවයේ දී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන: "මේ රටේ යුද්ධයක් ඇතිවෙන්න, එල්ටීටීඊ සංවිධානය ඇතිවෙන්න, ප‍්‍රභාකරන් ඇතිවෙන්න හේතුව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්ද කියා මම අහනවා. රටේ ප‍්‍රශ්න විසඳීමට අවශ්‍ය අවස්ථාවට අවශ්‍ය තීන්දු තීරණ නොලැබීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි එල්ටීටීඊ සංවිධානය බිහිවුණේ," යනුවෙන් ද කියා සිටියේය. "ඒ තුළ තමයි ප‍්‍රභාකරන් වගේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී නායකයෙක් බිහිවුණේ. අපි ඒ තත්ත්වය තේරුම් ගන්නට ඕන. ඒ නිසා නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්න, ප‍්‍රභාකරන්ලා බිහි නොවන්න අපි මේ සමාජය යහපත් කරන්නේ කොහොමද? සමාජය සමගි කරන්නේ කොහොමද? ජනතාව අතර විශ්වාසය ගොඩනගන්නේ කොහොමද? මේ කියන කරුණු කාරණා බුද්ධියෙන් දැනුමෙන් සහ අවබෝධයෙන් මෙන්ම පරිණතභාවයෙන් තේරුම්ගන්නට ඕන." එබැවින් සිය ආණ්ඩුව කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ නැවත යුද්ධයක් ඇති නොවීමේ "පවිත‍්‍ර අරමුණ තුළ" බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර රට නොබෙදා බලය විමධ්‍යගත කරන නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව මල්වතු මහා නාහිමියෝ ද පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා එහිමියන් බැහැදුටු අවස්ථාවේ ප්‍රකාශ කළහ. උන්වහන්සේ ව්හිදී වැඩිදුරටත් කියා සිටියේ බණ්ඩාරනායක-චෙල්වනායගම් වැනි ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මහා විනාශයකට මුහුණ දුන් බවය. රට නොබෙදා බලය විමධ්‍යගත කරන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය එහිදී මහා නාහිමියෝ පෙන්වා දුන්හ. සබැඳි යොමු:
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය රට තුළ යළිත් වරක් සංවාදයකට බඳුන් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රෙක්ස් ටිලර්සන් රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බව විශ්වාස කෙරේ 64 හැවිරිදි රෙක්ස් ටිලර්සන් ලොව 'ඉතාමත් සාර්ථක ව්‍යාපාරික නායකයකු' බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ඔහු රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බව විශ්වාස කෙරෙන අතර, ඒ පිළිබඳව ඇතැම් රිපබ්ලිකන් නායකයෝ ප්‍රබල අවධානය පළ කරති. ඔහු රාජ්‍ය ලේකම් පදවියට පත්කිරීම ඇමෙරිකානු සෙනෙට් සභාව විසින් අනුමත කළයුතුව තිබේ. ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළ කිරීම පිණිස ඡන්දදායකයන් පොළඹවා ගැනීම පිණිස රුසියාව මැදිහත්වූ බව රහස් ඔත්තු සේවා ආයතන පවසයි රාජ්‍ය ලේකම් පදවියට නම් කිරීම තමන්ට ගෞරවයක් බව පවසන රෙක්ස් ටිලර්සන්, 'ඇමෙරිකා එක්සත් ජනපදය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය යළි ගොඩනැංවීම සහ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව සහතික කිරීමේ' ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දර්ශනය තමා අනුමත කරන බවත් සඳහන් කළේය. ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළ කිරීම පිණිස ඡන්දදායකයන් පොළඹවා ගැනීම පිණිස රුසියාව මැදිහත්වූ බව ඇමරිකානු රහස් ඔත්තුසේවා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මගින් සනාථ කර තිබේ. එහෙත් එම ආයතනවල වාර්තාව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.
එක්සන් මොබීල් ඛණිජ තෙල් සමාගමේ ප්‍රධානී රෙක්ස් ටිලර්සන් සිය පරිපාලනයේ රාජ්‍ය ලේකම් පදවියට පත් කරන බව ඇමෙරිකානු ජනපති පදවියට පත්කරන තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සනාථ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත ඕවර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 168 ක් රැස්කර ගත්තේය. ආබාධ හේතුවෙන් සහ ඩෙංගි රෝගය වැළඳීම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිට නැවත කණ්ඩායමට එක් වූ ලසිත් මාලිංග සිය පන්දුවාර හතර අවසානයේදී ලකුණු 29 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත්වීම තරගයේදී කැපී පෙනිණ. එයට ප්‍රතිචාර වශයෙන් තියුණු තරගයක යෙදුනු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර විස්ස අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 172 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය. ඕවර 19 යි පන්දු පහකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 168 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසාන පන්දුවේදී හතරේ පහරක් එල්ලකරමින් ජයග්‍රහණය ලබාගැනීමට සමත්වූහ. ආබාධයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් මෙවර කණ්ඩායමට ක්‍රීඩා නොකරන අතර, පසුගියදා පැවති දකුණු අප්‍රිකානු සංචාරයේදී දක්ෂතා අතරට ඒමට අපොහොසත්වීමෙන් අනතුරුව උප නායක දිනේෂ් චන්දිමාල් මෙවර කණ්ඩායමට තෝරාගෙන නැති බැවින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවන්නේ උපුල් තරංග විසිනි. විස්සයි විස්ස ජාතික කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග වදින අතරවාරයේ, ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරතව සිටීමත් විශේෂත්වයකි.
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ශූරතාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනවසරයෙන් දඩයම් කරන ලද වන සතුන් දැනුවත්ව මිළ දී ගන්නා පුද්ගලයින්ද මේ නීතියට අනුව සිර භාරයට ගැනීමේ හැකියාව හිමි වන බවයි, වැඩිදුරටත් පැවසෙන්නේ. එවැන්නන්ට වසර තුන දක්වා සිරදඬුවම් නියම කිරීමට නියමිතයි. රජයේ වාර්තා අනුව වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින හාරසිය විස්සක් පමණ වන සත්ව විශේෂ අතරට පැන්ඩාවන්, ආසියානු කළු වලසුන් හා කබල්ලෑවන් අයත් වේ. වන සතුන් මෙසේ දඩයම් කිරීම ශීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතුව වශයෙන් දැක්වෙන්නේ වන සත්ව මස් ආහාරයට ගැනීම හා ඒ ආශ්‍රයෙන් කෙරෙන නිෂ්පාදන බවයි පැවසෙන්නේ. වලසුන් දස දහසක් ෂින්හුවා පුවත් සේවයට අනුව අපරාධකරුවන් මර්ධනය කිරීමට නොයෙක් අවස්ථාවන්හි පියවර ගෙන ඇති නමුත් වරදකරුවන් නිසි දඩුවම් නොලබා චෝදනා වලින් මිදී යන බව වාර්තා වේ. චීන ජාතික ජනතා කොන්ග්‍රසයේ නීති හා ක්‍රම සම්පාදන කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී ලැන්ග් ෂෙන්ග් නීති සම්පාදකයන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙවන් මහා පරිමාණ නීති විරෝධී සත්ව දඩයම් සදහා මූලික වශයෙන් දඩයම්කරුවන් පෙළඹෙන්නේ එම නිෂ්පාදන මිළට ගන්නා පුද්ගලයන් නිසා බවයි. වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ ඝණයේ වන සතුන් ආහාරයට ගන්නා චීන ජාතිකයන් ඇතුළු බොහෝ ආසියානුවන් මෙවැනි සතුන් ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය හොඳින් පවත්වා ගැනීමට හා රෝග සුවපත් කර ගැනීමට හැකියාව ලැබෙන බව විශ්වාස කරති. චීන දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව පුළුස්සන ලද කබල්ලෑ කොරපොතු විෂ නැසීමට හා අංශ භාග රෝගී තත්වයෙන් සුවය ලැබීමට උපකාරී වන බවට විශ්වාස කරනු ලැබේ. ඒ අතරම පිසින ලද කබල්ලෑ මස් ප්‍රණීත ආහාරයක් වශයෙන්ද චීන ජාතිකයන් අතර ප්‍රසිද්ධයි. මේ අතර වලසුන්ගේ පිත විවිධ රෝගාබාධයන් සදහා පිළියම් කිරීමට චීන ජතිකයන් විසින් යොදා ගනු ලබනවා. සත්ව අයිතීන් සුරැකීමේ සංවිධානයක් වන ඇනිමල් ඒෂියා සංවිධානය පවසන්නේ අවම වශයෙන් කළු වලසුන් දස දහසක් පමණ චීන ගොවි පොළවල් තුල රදවා තබා ඔවුන්ගේ පිත දෝවා ගන්නා බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කළාපයේ නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කරන වෙළදුන් පිළිබඳ කරන ලද අධ්‍යනයකකට අනුව ඇතැම් පුද්ගලයන් වන සතුන් පරිභෝජනය සදහා යොදා ගන්නේ සමාජ තත්වය අන්‍යන්ට හැඟ වීමට හා භාහිර අලංකරණය සදහායි. එම අධ්‍යනයට අනුව චීනය වන සතුන් වෙළදාමේ කළාපීය බලවතා බවට පත්ව ඇති බව වැඩි දුරටත් සදහන් වේ.
වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින දුර්ලභ ඝණයේ වන සතුන් ආහාරයට ගන්නා චීන ජාතිකයන් වසර දහයක් දක්වා සිරගත කළ හැකි නව නීති පනතක් ක්‍රියාත්මක කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු මෙසේ සිය අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් අතර ඇතිකරගත් වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. "අපි සල්ලිවලට පෙරේත වෙලා කෑදර වෙලා අපි කොන්ත්‍රාත් අත්සන් කරන්නේ නැහැ කියලා මාධ්‍යවල තිබ්බා, අසාධාරණ ලෙස අපිව විවේචනයට ලක් කළා" යැයි කී ඇන්ජලෝ මැතිව්ස්, "අපි මේ වගේම 2013 වසරේත් මුල්‍ය අර්බුදයක් තියෙනකොට වැටුප අඩුකරගන්න එකඟ වුනා, මොකද අපි දන්නවා දේශීය ක්‍රීඩකයන්වත් බලාගන්න ඕන ක්‍රිකට් ඉදිරියට යන්න නම්" යනුවෙන් පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිටය් නිසි තොරතුරු නොමැතිව ක්‍රීඩකයන් විවේචනයට ලක් නොකරන ලෙසය. තම අබාධය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේ එල්ලකළ චෝදනාවට ද ඇන්ජලෝ මැතිව්ස් දුන් පිළිතුරු සඳහා ඉහත වීඩියෝව නරඹන්න.
ක්‍රිකට් ක්‍රීඩකයන් මුදලට කෑදර පිරිසක් යැයි හැඟවෙන පරිදි පළවූ මාධ්‍ය වාර්තා දැක තමන් අතිශය කණගාටුවට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වමේ සිට දකුණට: ඩිමොක්‍රටික් පක්ෂයේ ග්‍රේචන විට්මර්, රිපබ්ලිකන් පක්ෂයේ සූසන් හචිසන් සහ නිසැකව ම කොංග්‍රසයට පිවිසෙනු ඇතැයි සැලකෙන පළමු මුස්ලිම් කාන්තාව රෂිඩා ට්ලයිබ් ප්‍රාන්ත 4 ක් පුරා අඟහරුවාදා (අගෝ 7) පැවති ප්‍රාථමික ඡන්ද විමසීම්වලින් අනතුරුව ආණ්ඩුකාර ධුර සඳහා තරග වැදීමට අපේක්ෂිකාවන් 11 ක් ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා තරග වැදීමට අවම වශයෙන් අපේක්ෂිකාවන් 173 ක් පමණ ද නාමයෝජනා ලබා සිටිති. මේ තොරතුරු ද දැනගන්න: මේ ප්‍රතිඵලය, දේශපාලනයේ කාන්තා නියෝජනය වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරිකයින් නොකඩවා ලබන ප්‍රගතියක් ලෙස පිළිගැනීමට ලක්වී ඇත. කාන්තාවන්ගේ පිම්මක් අඟහරුවාදා ප්‍රාථමික ඡන්ද පැවති කැන්සාස්, මිචිගන්, මිසූරි හා වොෂිංටන් ප්‍රාන්තවල ඡන්ද විමසීම අවසන් කළ පසු, ඉතා පැහැදිලිව පෙනුනේ ආණ්ඩුකාර ධුර හා නියෝජිත මන්ත්‍රී මණ්ඩල නාමයෝජනා වෙනුවෙන් කාන්තාවන්ට වාර්තාගත අවස්ථාවක් ලැබී ඇති බවය. මිචිගන් ප්‍රාන්තයෙන් ග්‍රේචන් විට්මර් සහ කැන්සාස් ප්‍රාන්තයෙන් ලෝරා කෙලී ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රාථමික ඡන්ද ජයග්‍රහණය කිරීමත් සමග එළඹෙන නොවැම්බරයේදී ආණ්ඩුකාර ධුර සඳහා තරග කරන අපේක්ෂිකාවන් සංඛ්‍යාව 11 ක් බවට පත්විණි. එය 1994 දී වාර්තා වූ අගයට වඩා එක් අපේක්ෂිකාවකගේ වැඩිවීමකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කාන්තාවන් 173 දෙනෙකුවත් පක්ෂ නාම යෝජනා ලබා ඇති අතර එය 2016 වසරේ වාර්තාගත අපේක්ෂිකා සංඛ්‍යාව වූ 167 අභිබවා ගොස් ඇත. නියෝජිත මන්ත්‍රී මණ්ඩල අසුන සඳහා තරගවදින අපේක්ෂකයින් අතර සිටින එක් අපේක්ෂිකාවක් නිසැකයෙන් ම, කොංග්‍රසයට පිවිසෙන පළමු මුස්ලිම් කාන්තාව වනු ඇති බව කියැවේ. ඩිමොක්‍රටික් පක්ෂයේ නාමයෝජනා ලද රෂිඩා ට්ලයිබ් හට නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය එරෙහි නොවනු ඇතැයි ද කියැවේ. ඇය පළමු පලස්තීන - ඇමෙරිකානු කොංග්‍රස් සභිකාව ද වනු ඇත. මේ අතර කාන්තාවන් ම එකිනෙකාට එරෙහිව තරගවදින මැතිවරණ දෙකක් වොෂිංටන් ප්‍රාන්තයේ පැවැත්වෙනු ඇත. එහිදී නියෝජිත මන්ත්‍රී මණ්ඩල අසුන වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ලීසා බ්‍රවුන්, කැතී මැක්මොරිස්ට මුහුණ දෙන අතර රිපබ්ලිකන් පක්ෂයේ සූසන් හචිසන් සෙනෙට් අසුන සඳහා මාරියා කැන්ට්වෙල් සමග තරග වදින්නීය. මෑතදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ, නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව ඩිමොක්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරියන් ගණන ඔවුන්ගේ පිරිමි සගයින්ගේ ප්‍රමාණය අභිබවා යා හැකි බව ය.
ලබන නොවැම්බර් මාසයට යෙදෙන ඇමෙරිකානු අතරමැදි මැතිවරණයේදී ප්‍රාන්ත ආණ්ඩුකාර ධුර සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන සඳහා අන් කවර කලෙකටත් වඩා වැඩි අපේක්ෂිකාවන් පිරිසක් තරග වදිනු ඇතැයි වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය තරංගා තෝරදෙණිය එම ඉල්ලීම කරන්නේ, ලෝක පශු වෛද්‍යවරුන්ගේ සංසදය ( (WVA -World Veterinary Association) සහ සේවා (Ceva - Ceva Santé Animale) එක්ව පිරිනමන ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් (2020 Global Animal Welfare Awards) පිදුම් ලැබීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි. "වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදාගන්න වෙලාවක සතාගේ සුභ සාධනය සතාට වගේම පර්යේෂකයන්ටත් ඉතාම වැදගත්. මොකද පර්යේෂණය සාර්ථක වීම සඳහා සතා ශාරීරික වගේම මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම අත්‍යවශ්‍යම දෙයක්," ඇය සඳහන් කළාය. "පර්යේෂණයකට යොදාගන්න වෙලාවක සතා වේදනාවෙන් හෝ ආතතියෙන් ඉන්නවා නම් පර්යේෂණ ප්‍රතිඵල නිරවද්‍ය නැතිවෙන්න පුළුවන්. මොකද වේදනාව හා ආතතිය පීඩාවට (distress) හේතු විය හැකි අතර මේ නිසා ජෛව විද්‍යාත්මක බලපෑම් ඇති කරන්න පුළුවන්. අපි මෙය බොහෝ කලක සිට හඳුනාගෙන තියනවා. මෙම හේතූන් නිසා, සතුන්ට ඇතිවන වේදනාව හා ආතතිය පාලනය කිරීමට සහ සුව කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ ගත යුතුයි." ඇය මේ වසරේ ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලැබුවේ එසේ සත්ත්ව සුභ සාධනය උදෙසා ගෙන යන වැඩපිළිවෙල අගය කිරීමක් වශයෙනි. "ලෝකය තවමත් සතුන් වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රම හොයා ගෙන යනවා. සමහර ඒවා දැනටමත් සනාථ කරල තියනවා. අත්‍යවශ්‍යම දේට විතරක් සතුන් යොදාගන්න කියන එක තමා අපේ බලාපොරොත්තුව," ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය. පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය සම්මානය පිණිස ඇය තෝරා ගැනීමට හේතු වූ කරුණු පහදන UK Ceva Animal Welfare ආයතනය පවසන්නේ, ආචාර්ය තරංගා තෝරදෙණිය වැනි "සැබෑ වීරවරියන්" පිළිබඳව බොහෝ විට සමාජයට නිසි අවබෝධයක් නොමැති බවය. "එහෙත් ඔවුන් සියලු දෙනාම සතුන්ගේ සෞඛ්‍යය සහ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාකරන, අප සියල්ලන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතු පුද්ගලයන්ය," යනුවෙන් ද Ceva Animal Welfare සංවිධානයේ ප්‍රකාශිකාවක බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. 2012 දී මුලින්ම බ්‍රිතාන්‍යය පදනම් කරගෙන මෙම සම්මානය ආරම්භ කරන ලද අතර, ඉන් අනතුරුව 2017 දී World Veterinary Association සමඟ එක්ව ගෝලීය සම්මාන පිදීම ආරම්භ කරනු ලැබ තිබේ. එවක් පටන් සත්ත්ව සුබසාධනය උදෙසා කැපවුණු විශේෂඥයන් 24 දෙනෙක් එයින් පිදුම් ලැබූහ. ඒ අතරින්, ගෝලීය සත්ත්ව සුභසාධන සම්මානයෙන් පිදුම් ලබන පළමු දකුණු ආසියානු පශු වෛද්‍යවරිය ඇය වේ. "මේ සඳහා මගේ නම යෝජනා කිරීම ගැන මම ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයට ස්තූතිවන්ත වෙනවා. මගේ ගමන පුරාම මට සහයෝගය දුන්, මගේ දෙමව්පියන් සහ පවුලේ හැම දෙනාම, මගේ ගුරුවරුන් සහ මා සමඟ වැඩ කරන කණ්ඩායමට මගේ කෘතඥතාව හිමිවෙනවා." 'සතුන් යොදා ගන්න එපා කියන්නේ නෑ' වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීමේ දී හැකි උපරිම ලෙසින් එම සතුන් රැක බලාගනිමින්, සතුන්ට වන හානිය අවම කරමින්, සත්ත්ව සුබ සාධනය සහ පර්යේෂණ සඳහා සතුන් යොදාගැනීමේ ආචාර් ධර්ම සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට ඇය කැප වී සිටින්නීය. "මම ඒක කරන්නේ තරුණ නව පර්යේෂකයන් පුහුණු කිරීම්, දැනුවත් කිරීම් ඔස්සේ," ආචාර්ය තරංගා තෝරදෙණිය පවසන්නීය. "මම මේක පැහැදිලි කරන්න ඕනේ. අපි කියන්නේ පර්යේෂණවලට සතුන් යොදාගන්න එපා කියල නෙමේ. විකල්පයක් සොයා ගන්න තුරු අපිට සත්තු යොදාගන්න වෙනවා. එතෙන්දි සතුන්ට ඇතිවන වේදනාව හා හිංසාව අවම කර සුභසාධනය වැඩි දියුණු කරන්න කියන එකයි අපි කියන්නේ." ආචාර්ය තෝරදෙණිය පවසන්නේ, නිවැරදි වාර්තාකරණය (Reporting) හා පුනරුත්ථාපනය (rehabilitation) සඳහා Refinement සමඟ සත්ත්ව අත්හදා බැලීම් වලදී 3R (Replacement, Reduction, and Refinement) මූලධර්ම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සිය සිසුන්ගේ අවධානය යොමු කරන බවය. ඒ අතරින් පර්යේෂණ සැලසුම් කිරීමේදී හා මෙහෙයවීමේදී සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ වගකීම (Responsibility) කෙරෙහි ඇය වැඩි අවධානය යොමු කරයි. 'ඒක සුභසාධනය' සංකල්පය පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම වෙනුවට අත්හදා බැලූ විකල්ප තිබෙන බව පෙන්වාදෙන ජගත් සම්මානයෙන් පුද ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය, විශේෂයෙන්ම මිනිස් සෛල/පටක, පරිගණක ආකෘති (in silico models), පටක කෘත්‍රිමව නිපදවා පර්යේෂණවලට යොදාගැනීම සහ පර්යේෂණවලට ස්වේච්ඡාවෙන් දායක වන මිනිසුන් එවැනි ක්‍රමවේද බව පෙන්වා දෙන්නීය. එසේ පුහුණු කිරීම් කරන අතරවාරයේ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පාඨමාලාවට 'ඒක සුභසාධනය' (one welfare) පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නාය. ඒ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, "සතුන්ගේ සුබ සාධනය පැත්තෙන් හිතලා, ඇය මෙම ප්‍රගතිශීලී සංකල්පය හඳුන්වා දීම ගැන අපි ආඩම්බර වෙනවා," යනුවෙන් සඳහන් කරන්නීය. මේ අතර සම්මානලාභී පශු වෛද්‍යවරිය පවසන්නේ, වෛද්‍ය සිසු, සිසුවියන්ගේ උද්යෝගිමත් දායකත්වය සිය වැඩපිළිවෙල සඳහා මහඟු රුකුලක් බවය. පියුමි කඳනආරච්චි, ආචාර්ය තෝරදෙණිය යටතේ පුහුණුව ලබන කොළඹ විශ්විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවකි. "වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපි මිනිස්සුන් ගැන මිසක් සත්තු ගැන හිතන්නේ නෑනේ. ඉතින් මැඩම් තමයි අපිට උගන්නන ගමන් පර්යේෂණවලට ගන්න සත්තු පුනරුත්ථාපනය කරන්න ඕන කියන දේත් කියල දුන්නේ," පියුමි කඳනආරච්චි බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "ඇත්තටම මැඩම්ට ඕන වෙලා තියෙන්නේ අපි සාම්ප්‍රදායික සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන් වෙනවට වඩා අපේ පර්යේෂණ අතරේම සතුන්ගේ සුභසාධනය ගැනත් හිතන්න අපිට පුරුදු කරන්න." "මොකද සත්ත්ව හිමිකම් කීවම බොහෝ දෙනා හිතන්නේ නිවාසවල ඉන්න බල්ලෝ, බළල්ලු වගේ සත්තු ගැන නේ, පර්යේෂණවලට ගන්න සත්තු ගැන හිතන්නේ නෑනේ. මීයෝ, හාවෝ වගේ සත්තු ගැන හිතන්නේ නෑනේ. නමුත් පිටරල්වල එහෙම යොදාගන්න සත්තු රෝගීන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට පවා යොදාගන්න අවස්ථා තියෙනවා. මැඩම් ඒක තමා අපිට කියල දුන්නේ." පර්යේෂණ පිණිස යොදා ගන්නා සතුන් ඇතැම් රටවල ඉන් අනතුරුව සුරතල් සතුන් ලෙසින් ඇති දැඩි කිරීම පිණිස නිවාසවලට භාරදෙන අවස්ථා ද තිබෙන බවත් පියුමි කඳනආරච්චි සඳහන් කළාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ප්‍රතිකාර ලැබූ සුනඛ සුරතලෙක් සංස්කෘතික ලක්ෂණ ඒ අතරම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි ආසියානු කලාපීය සමාජවලට ආවේණික වූ ගති ලක්ෂණයක් ගැන ද සම්මානලාභී පශු වෛද්‍යවරිය සිහිපත් කරයි. විශේෂයෙන්ම සත්ත්ව හිංසාවට එරෙහි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල සමාජයන්ට සත්ව සුබ සාධනය පහදාදීම පහසු බව බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි ආචාර්ය තරංගා තෝරදෙණිය වැඩිදුරටත් සඳහන් කළේ, "අපි ඉගෙනගන්න කාලේ අපිට මේක එතරම් දැනුණේ නෑ මොකද පර්යේෂණය ගැන හා ඉගෙන ගන්න එක ගැන නේ වැඩි අවධානය යන්නේ," යනුවෙනි. "නමුත් අපි පෙන්වල දෙනවා නම් අපේ සමාජය මේ කරුණු ගැන ඉතා සංවේදීයි. ඉතින් මම දැක්ක දෙයක් තමා ලංකාවේ අය ගොඩක් අපිට ඇහුම්කන් දෙනවා. ඒ වගේම එයාල මේ ගැන තවදුරටත් ඉගෙනගන්න උනන්දුයි." "උදාහරණයක් විදියට කුඩා දරුවන් තුළ සතුන් ගැන ස්වභාවිකවම සහජ ආදරයක් තියෙනවා. අපි කළ යුත්තේ දරුවන්ට සතුන් එක්ක ගැවසෙන්න තියෙන අවස්ථාව වැඩි කරලා ඒ ආදරය, ඒ රැක බලා ගැනීමේ ආසාව තවත් ප්‍රවර්ධනය කරන එක. මෙය සතුන්ගේ සුභසාධනය සඳහා පමණක් නොව මිනිසුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා ද ඉතා වැදගත් වෙනවා." සත්ත්ව සුභසාධනය සහ ආචාර ධර්ම පිළිබඳ සංසදයක් (forum) නිර්මාණය කිරීම සඳහා අඩිතාලම දමා ඇති බවත්, සමාන අදහස් ඇති ශ්‍රී ලාංකික පර්යේෂකයන් සහ විද්වතුන්ට සම්පත් හා දැනුම බෙදාහදා ගැනීම සඳහා මේ හරහා එකම වේදිකාවක එක්විය හැකි බවත් ඇය පවසන්නීය. මෙම සහයෝගිතාව පුළුල් කිරීම සඳහා තමන් සමග අත්වැල්බැඳගන්නා මෙන් සමාන අදහස් ඇති අයට ආරාධනා කරන බවත් ආචාර්ය තෝරදෙණිය පවසන්නීය. සත්ත්ව සුභසාධනය පිළිබඳ පිළිගැනීමට ලක්වූ ඉන්දියාවේ ආචාර්ය විජේ පාල් සිං සමඟ එක්ව ආචාර්ය තෝරදෙණිය නිර්මාණය කළ පදනම හරහා පර්යේෂණ සතුන්ගේ සුභසාධනය පිළිබඳ මෙම සංකල්පය තරුණ නව පර්යේෂකයන් පුහුණු කිරීම් මාර්ගයෙන් ආසියාවේ වෙනත් ප්‍රදේශවලට ගෙන යාමට ඇය අදිටන් කරගෙන සිටින්නීය. "මම ඇත්තෙන්ම කැමතියි සතුන් යොදා නොගන්නා පර්යේෂණ සංස්කෘතියක් දකින්න," ආචාර්ය තරංගා තෝරදෙණිය මා සමඟ කියා සිටියාය. "එවැනි කාලයක් වන තෙක් මගේ රටේ හා ආසියානු කලාපයේ පර්යේෂකයන් ඔවුන්ගේ රසායනාගාර සතුන්ගේ සුභසාධන හා සම්බන්ධ ගැටලු උද්‍යෝගිමත්ව හා විවෘතව විසඳනව දකින එක තමයි මගේ එකම බලාපොරොත්තුව," ඇය සංවාදය නිමා කළේ එලෙසිනි. 'කොරෝනා නිවාඩුවෙන්' සොබාදහමේ මිහිර විඳින අක්කයි නංගියි කියවන්න:
එන්නත් නිෂ්පාදනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා අත්‍යවශ්‍යම අවස්ථාවල පමණක් සතුන් යොදා ගන්නා මෙන් ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික තරුණ විද්‍යාඥවරියක පර්යේෂකයන්ගෙන් ඉල්ලා සිටින්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරාත්මක පිතිකරුවකු සහ දකුණතින් වේග පන්දු යවන 23 හැවිරිදි තික්ෂිල ද සිල්වා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ටෙස්ට් තරගවලදී දස්කම් දැක් වූ නමුත් මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට එක් නොවූ යොවුන් ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ද කණ්ඩායමට ඇතුලත් වේ. ශ්‍රී ලංකාවේ සියලුම පළාත් නියෝජනය වන පරිදි කණ්ඩායම තෝරාගෙන ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ. නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, සහ ධනංජය ද සිල්වා දැනට දකුණු අප්‍රිකාවේ සිටින අතර, ධනුෂ්ක ගුණතිලක, සීක්කුගේ ප්‍රසන්න, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන් සහ නුවන් කුලසේකර බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත බවත් නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරග සඳහා නවක ක්‍රීඩක තික්ෂිල ද සිල්වා ඇතුළු පහළොස් දෙනකුගේ කණ්ඩායමක ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කරනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ අධිකරණයට ගෙන එමින්. කුරම් ෂයික් ඝාතන නඩුව බදාදා විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනුයි කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිණි දම්මි ලුවිස් හේවා එම අදහස් ප්‍රකාශ කළේ. තුවාල රූප සටහන් නැහැ වෛද්‍යවරිය වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් කියා සිටියේ, වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා නමැති රුසියානු කාන්තාවගේ සිරුරේ තුවාල නවයක් තමන් නිරීක්ෂණය කල බවයි. ඒවා මොට ආයුධ වලින් පහර දීමෙන් සහ සැපීම නිසා ඇතිවූ තුවාල බවයි ඇය කියා සිටියේ. දූෂණයට ලක් වූ වික්ටෝරියා නමැත්තියගේ යෝනි ප්‍රදේශයේ තිබුණ තුවාලයක් පිළිබඳව අවසන් වෛද්‍ය වාර්තාවේ සඳහන් කර නොමැත්තේ කුමක් නිසාදැයි විත්තියේ නීතිවේදියා ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු දෙමින් සාක්‍ෂිකාරිය කියා සිටියේ තම රෝහල් කාර්යාලයේ තුවාල පිළිබඳව සටහන් යොදන රූප සටහන් පත්‍රිකා නොතිබූ නිසා අදාළ තුවාලය පිළිබඳව සටහනක් නොයෙදූ බවයි. පරිගණකයට වයිරස් වික්ටෝරියා නමැත්තියගේ සිරුරේ දක්නට ලැබුණ තුවාල ඡායාරූප ගත කර ඒවා තම කාර්යාල පරිගණකයේ ආරක්ෂිතව තබා තිබුණ බව සඳහන් කළ අධිකරණ වෛද්‍ය නිලධාරිණි දම්මි ලුවිස් හේවා,එහෙත් පරිගණකයට වයිරස් ඇතුළු වීම නිසා එය ප්‍රතිසංස්කරණය කිරීමේදී අදාළ ඡායාරූප විනාශ වූ බවයි කියා සිටියේ. පසුගිය 2011 වසරේ දෙසැම්බර් මස 24 වනදා තංගල්ල නිවාඩු නිකෙතනයකදී කුරාම් ෂයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ. මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ සිටින අතර සෙසු සැකකරුවන් ඇප මතමුදා හරිනු ලැබ ඇත. වැඩිදුර සාක්කි විභාගය බ්‍රහස්පතින්දාට කල් තබනු ලැබුණි.
තංගල්ල අසල හෝටලයකදී දූෂණයට ලක් කෙරුණ රුසියානු ජාතික වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නාගේ සිරුරේ තිබුණ වාර්තා කළ යුතු මට්ටමේ තුවාල පිළිබඳව සටහන් කිරීමට නොහැකි වූයේ තමකාර්යාලයේ තුවාල තොරතුරු ඇතුළත් කෙරෙන රූප සටහන් පත්‍රිකා නොතිබූ නිසා යැයි ගාල්ල කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිණිය ප්‍රකාශ කළාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කැබිනට් සාකච්ඡාවට පෙර ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නිවසේ දී හමුවූ බවට වාර්තා අඟහරුවාදා (අප්‍රේල් 03) පැවති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ බව එම හමුවට එක්වූ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය. එයට ප්‍රතිචාර වශයෙන්, අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කළ යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ තීන්දුව යයි ඔවුන්ට දැනුම්දීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කටයුතු කළ බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය. එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය එස්බී දිසානායක පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ ඒකමතික අදහස අගමැතිවරයාට දැනුම් දුන් බවය. අගමැතිවරයා ඉල්ලා අස් නොවුවහොත් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන බව ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කොට තිබෙන්නේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසිනි කෙසේ වුවත් මීට දින කිහිපයකට ඉහතදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ විශ්වාසභංග යෝජනාවට තමන් පුද්ගලිකව 'තරයේ විරුද්ධ' බවය. ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මත කිහිපයක්ම තිබෙන බව සඳුදා (අප්‍රේල් 02) එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පවසා තිබේ. අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් සාකච්ඡාවට පෙර ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ අතර හමුවක් ජනාධිපතිවරයාගේ නිවසේ පැවති බවට මාධ්‍ය වාර්තා කළ අතර එහිදී සාකච්ඡා වූ කරුණු තවමත් හෙළිවී නැත. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා එක්සත් ජාතික පෙරමුනේ අමාත්‍යවරුන් අතර සඳුදා පැවති හමුවේදී ද එකඟතාවක් ඇතිකර ගැනීමට දෙපාර්ශවයම අපොහොසත් විය. බදාදා (අප්‍රේල් 04) පාර්ලිමේන්තුවේදී ආරම්භවන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැය 12 ක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව රාත්‍රී 9.30ට පමණ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතය. යෝජනාව ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ, අවම තත්වයේ වුවද යෝජනාව ජන්ද හතකින් ජයගැනීමට තමන්ට හැකියාව තිබෙන බවය. දෙමළ ජාතික සන්ධානයේ සහාය ද අගමැතිවරයාට හිමිවුවත් තම ජයග්‍රහණයට එය ගැටලුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය. විශ්වාසභංගය සම්බන්ධයෙන් ගන්නා තීරණය ගැන සාකච්ඡා කිරීම පිණිස දෙමළ ජාතික සන්ධානය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතව තිබුණි. මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වසන්ත සේනානායක සහ පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරුන් සඳුදා බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමන් තවමත් අවසාන තීරණයකට එළැඹ නැති බවය. තවත් වාර්තා:
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පදවියෙන් ඉල්ලා අස්වන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සෞදි අරාබි රජයේ ආධාර ඇතිව ඉදි කරන ලද නිවාස පන්සීයයේ ව්‍යාපෘතිය වල් බිහිවෙමින් පවතින බව ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගති. එම නිවාස හැකි ඉක්මනින් ජනතා අයිතියට පත් කරන ලෙස දීඝවාපි පුරාණ රජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රවේදී මහඔය සෝභිත හිමි රජයෙන් ඉල්ලා සිටිති. "මේ නිවාස 2006 වසරේ ඉදි කළේ. අද 2016 වසර වෙන කොට අවුරුදු දහයක් ගත වෙලා. සුනාමිය ඇවිත් වසර දොළහක් ගත වෙලා. අද වෙන තුරු මේ නිවාස බෙදා දීලා නැහැ," එහිමියෝ පැවසූහ. වල බිහි වීම හේතුවෙන් ඇතැම් නිවාස විනාශ වී ඇති බව ප්‍රදේශවාසියෙකුවන ගාමිණී වීරසිංහ කියා සිටියේය. නිවාස පන්සියයට අමතරව රෝහලක්, පාසල් දෙකක්, ක්‍රීඩාංගණයක් සහ ශ්‍රවණාගාරයක් එම ව්‍යාපෘතියට අයත්වන බව දීඝවාපිය සුරැකීමේ සංවිධානයේ සභාපති ගාමිණී සිල්වා සඳහන් කළේය. අම්පාර දිස්ත්‍රික්කයේ ජන අනුපාතයට අනුව අදාළ නිවාස බෙදා දෙන ලෙස අධිකරණ තීන්දුවක් ලබා දී ඇතත් මෙතෙක් එම තීන්දුව ක්‍රියාත්මක වී නොමැති බව ඔහු පවසයි. පැවති රජය මෙන්ම වත්මන් රජය ද මෙතෙක් නිවාස බෙදා දීමට අසමත් වී ඇති බව කී පාසල් ගුරුවරයකුවන ලලිත් දෙහිගොල්ල "දේශපාලන අධිකාරිය නිසා තමයි මේ නිවාස ඇතුළු දැවැන්ත නගරය ජනතා අයිතියට පවරා දීමට නොහැකි වී තිබෙන්නේ" යනුවෙන් සඳහන් කළේය. නිවාස බෙදා දීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු වහාම එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පත් කරන බව අම්පාර දිස්ත්‍රික් දිසාපති තුසිත පී වනිගසිංහ පැවසීය.
සුනාමියෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් දීඝවාපියේ නොරොච්චෝලේ ගම්මානයේ ඉදි කළ නිවාස ව්‍යාපෘතියක් මෙතෙක් ජනතා අයිතියට පත් කොට නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රධාන විත්තිකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ පතිරණ රිමාන්ඩ් භාරයේ විත්තියේ නීතිවේදීන් කියා සිටියේ රහස් පොලිසියට පරීක්ෂණ පැවරීමට පෙර තංගල්ල පොලිසිය මරණය සිදු වූ හෝටලයේ කලමණාකාරියගෙන් කට උත්තරයක් සටහන් කර ගෙන තිබූ බවයි. රහස් පොලිසිය එම සාක්කිකාරියගෙන් නැවතත් කට උත්තරයක් සටහන් කර ගෙන ඇත්තේ පළමු කට උත්තරයේ තිබූ අඩුපාඩු ඉවත් කොට විත්තිකරුවන්ට එරෙහිව ප්‍රබල නඩුවක් ගොඩ නැගීමේ අරමුණින් බවයි එම නීතිවේදීන් තර්ක කර සිටියේ. එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ජගත් රෝහණ අධිකරණය හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය. 'නඩුවක් ගෙතීම' ‘අපි සටහන් කර ගත්තේ සාක්කිකරුවන් ප්‍රකාශ කල දේ පමණයි. අලුතින් කරුණු කට උත්තරවලට ඇතුළත් කලේ නැහැ.’යි පැවසූ සහකාර පොලිස් අධිකාරිවරයා, නඩුවක් ගෙතීමේ අවශ්‍යතාවක් තමන්ට නොතිබූ බව ප්‍රකාශ කළේය. විත්තියේ නීතිවේදීන්ගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ තමන් කුරාම් ෂයික් මිනීමැරුම සිදුවූ හෝටලය වෙත ගිය අවස්ථාවේ එහි ඉදිරිපස පොලිස් ආරක්ෂාවක් යොදා තිබුනද අපරාධය සිදුවූ ස්ථානයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් නොතිබූ බවයි. හතර වන විත්තිකරු වූ ප්‍රගීත් චතුරංග අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ ප්‍රකාශ මත, වළ දමා තිබූ ගිනි අවියක් සොයා ගත් බවද සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේය. ගිනි අවිය සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයා ගත් පාවිච්චි කරන ලද වෙඩි උන්ඩ විත්තිකරුවන් භාරයේ තිබී සොයා ගන්නා ලද ගිනි අවියෙන් පිට වූ ඒවා බවට සනාථ වී ඇති බව රස පරීක්ෂක මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි. සාක්කිකරුවන්ගේ කට උත්තර සටහන් කිරීමේ දී ඇතැම් අවස්ථාවල පොලිස් රෙගුලාසි උල්ලංඝනය වීමක් සිදුවී ඇති බව පිළිගත් සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් නිලධාරීන් ද මිනිසුන් නිසා එවැනි අතපසුවීම් සිදු විය හැකි බවයි කියා සිටියේ. වෙඩි තැබීමක් හෝ ස්ත්‍රී දුෂණයක් පිළිබඳව තොරතුරු තම පරීක්ෂණ වලදී අනාවරණය නොවූ බවද සහකාර පොලිස් අධිකාරි ජගත් රෝහණ පැවසීය. මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ පතිරණ රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර ඇති අධිකරණය සෙසු විත්තිකරුවන් පස් දෙනා ඇප මත මුදා හැර තිබේ.
කුරාම් ෂයික් ඝාතන නඩුවේ ප්‍රධාන සාක්කිකාරියගෙන් දෙවරක් කට උත්තර සටහන් කර ගැනීම තුළින් රහස් පොලිසිය තමන්ට අවශ්‍ය ආකාරයට නඩුවක් ගොතා ඇතැයි විත්තියේ නීතිවේදීහු කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ආරක්ෂක හමුදා විසින් යුද සමයේ අත්පත් කරගන්නා ලද උතුර නැගෙනහිර සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ක්‍රමයෙන් යළි භාර දෙමින් සිටින අතරවාරයේ, යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ ඉඩම් යළි අත්පත් කරගැනීමට සැරසෙන බවට ආරක්ෂක හමුදාවලට පසුගියදා චෝදනා එල්ල විය. එහෙත් එවැන්නක් සිදු නොවන බවයි, ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ. "කලින් පටන් ගත්ත අත්පත් කරගැනීමේ කටයුතු දිගටම කරගෙන යනවා. අලුතෙන් අත්පත් කරගැනීමක් කරන්නේ නෑ," ඔහු සඳහන් කළේය. කලින් ආරම්භ කළ අත්පත් කරගැනීම් කවරක් දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ: "ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂාවට අපි කියමු පලාලි ගුවන් තොටුපොල නැත්නම් කන්කසන්තුරේ වරායට අවශ්‍ය කරන ඉඩම් පවරා ගැනීම් කටයුතු දැනට අවුරුදු හත අටකට කලින් පටන් ගෙන තියෙනවා. ඒ කටයුතු ඇරෙන්න අලුතෙන් ඉඩම් පවරා ගැනීමක් කෙරෙන්නේ නෑ," බවයි. පානම ඉඩම් "කලින් පටන් ගත්ත අත්පත් කරගැනීමේ කටයුතු දිගටම කරගෙන යනවා. අලුතෙන් අත්පත් කරගැනීමක් කරන්නේ නෑ," මේ අතර සිය පාරම්පරික ඉඩම්වල පදිංචිවීමට දරන උත්සාහයට බාධා නොකරන මෙන් අධිකරණ නියෝගයක් පවා තිබියදී යළිත් වරක් තමන්ට බාධා කරන බවට පානම ප්‍රදේශවාසීහු ගුවන් හමුදාවට චෝදනා කරති. එහෙත් එවැනි බාධා කිරීමක් පිළිබඳව මෙතෙක් තමන්ට සැල වී නැති බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ. "ඔය ඉඩමේ අයිතිය ගුවන් හමුදාවට නෑනේ? ඔය ඉඩමේ අයිතිය තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට. අපි කළේ ඉදිකිරීම් වැඩ විතරයි," ඔහු පැවසීය. අධිකරණ නියෝග නොතකා ගුවන් හමුදාව පානම ගම්වාසීන්ට බාධා කිරීම පිළිබඳව නිසි තොරතුරු ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසීය. ඉඩම් යළි භාරදෙන බවට කැබිනට් තීන්දුවක් පවා තිබියදී එය මෙතරම් පමා වන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ එය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසිය යුතු බවයි.
ආරක්ෂක හමුදාව විසින් උතුරේ කිසිදු ප්‍රදේශයක අලුතෙන් ඉඩම් අත්පත් කර නොගන්නා බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අවධාරණය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අද, අඟහරුවාදා මාධ්‍ය හමුවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මේ බව අනාවරණය කරමින් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය කිසිදු කණ්ඩායමක් සමඟ ගිවිසුම් වලට එළඹ නැති බවයි. ගිවිසුම් ජනාධිපතිවරණයට තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දරන ස්ථාවරය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය ඉතා උනන්දුවෙන් බලා සිටි බව මාධ්‍ය සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය. එපමණක් නොව පසුගිය සති කිහිපය තුල උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන දෙමළ ජනතාවගේ මතය විමසා බැලූ බවත් ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයට අයත් සියලු පක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහය පල කිරීමට තීරණය කළ බවත් ඔහු පැවසුවේය. දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් පොදුවේ සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කල බව සඳහන් කල දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ එකඟතාවක් ඇති කර ගෙන නැති බවයි. “දේශපාලන විසඳුමක් සම්බන්ධයෙනුත් එකඟතාවක් නැහැ. කඳවුරු ඉවත් කරන කරුණු සම්බන්ධයෙනුත් එකඟතාවයක් මොනවත් නැහැ, ” යනුවෙන් ඔහු මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය. ප්‍රජාතන්ත්‍රවාදය මුළු රටේ තිබෙන තත්වය සැලකිල්ලට ගෙන දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගත් බවත් ප්‍රජාතන්ත්‍රවාදය නැවත නිර්මාණය කළ යුතුය යන පදනම තම පළමු අපේක්ෂාව බවත් ඔහු ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති කළාට පසු දේශපාලන පක්ෂ සමඟ ඉදිරි ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් එවැනි තත්වයක් යටතේ සාකච්ඡා කිරීමට පහසුකම් සැලසෙන බව සඳහන් කළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ඇති විය යුතු බවත් එය දෙමළ ජනතාවට පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජන කොටස් වලට අදාළ වැදගත් ප්‍රශ්නයක් බවයි ඔහු කියා සිටියේ.
දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහයෝගය පළ කිරීමට තීරණය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වසර නවයක් තිස්සේ චීනයේ සිටි ජෝන් සඩ්වර්ත් කියා සිටියේ චීනයේ සිටීම එන්න එන්නම දුෂ්කර වූ බැවින් තායිවානය බලා පිටත්ව ගිය බවය චීනයේ ෂින්ජියෑන්ග් කලාපයේ සිටින උයිගර් මුස්ලිම් ප්‍රජාවට සළකන ආකාරය පිළිබඳව සිදුකළ මාධ්‍ය වාර්තාකරණයට සම්මාන දිනූ සඩ්වර්ත් චීනයෙන් පිටව ගියේ සිය පවුලේ සාමාජිකයන් ද කැටුව ය. බීබීසීය කියා සිටියේ ඔහු විසින් සිදු කරනු ලැබූ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව ආඩම්බර වන අතර ඔහු තවදුරටත් චීනයේ වාර්තාකරු වශයෙන් කටයුතු කරනු ඇති බවය. ෂින්ජියෑන්ග් කලාපයේ උයිගර් ප්‍රජාව පිළිබඳව බීබීසීය සිදුකළ මාධ්‍ය අනාවරණය චීනය විසින් හෙලා දකිනු ලැබ තිබේ. 2020 වසර අග භාගයේ දී ජෝන් සඩ්වර්ත් සහ ඔහුගේ කණ්ඩායම ෂින්ජියෑන් කලාපයට යමින් සිටියදී පසුපසින් ආ පිරිසක් විසින් ඔහුගේ කැමරාවේ සටහන් වී තිබුණු රූප මකා දමන ලදී වසර නවයක් තිස්සේ චීනයේ සිටි ජෝන් සඩ්වර්ත් කියා සිටියේ චීනයේ සිටීම එන්න එන්නම දුෂ්කර වූ බැවින් තායිවානය බලා පිටත්ව ගිය බවය. සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපල දක්වා ම ඔහු පසුපසින් පැමිණ තිබේ. සඩ්වර්ත් ගේ බිරිඳ වන ඉවෝන් මරේ ද මාධ්‍යවේදිනියකි. ඇය චීනය පිළිබඳව වාර්තා සපයන්නේ අයර්ලන්තයේ RTÉ ජාතික පුවත් සේවයට ය. රූගත කිරීම් සඳහා ගිය සෑම ස්ථානයකදී ම තමන් සහ තම කණ්ඩායම ආවේක්ෂණයට ලක්වී තිබුණු බවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජන, බාධා කිරීම් සහ බියගැන්වීම්වලට මුහුණ දීමට සිදුවූ බවත් සඩ්වර්ත් පැවසීය. රූගත කිරීම් සඳහා ගිය සෑම ස්ථානයකදී ම තමන් සහ තම කණ්ඩායම ආවේක්ෂණයට ලක්වී තිබුණු බව සඩ්වර්ත් පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ තමන්ගේ වාර්තාකරණයට හවුල් වන කාර්ය මණ්ඩලය තවමත් බීජිං නුවර රැඳී සිටින අතර ඉදිරියටත් තායිවානයේ සිට තම වාර්තාකරණය දිගටම කරගෙන යාමට අදහස් කරන බවය. චීනයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාව පැවසුවේ චීන බලධාරීන්ට කල්තියා දැනුවත් කිරීමක් ලබා දී නොමැති බවය. "සඩ්වර්ත් ට ලබා දී තිබුණු මාධ්‍ය අවසර පත්‍රය දීර්ඝ කිරීම සඳහා මෑතකදී කටයුතු කරද්දී තමයි අපි දැනගත්තේ ඔහු අපට නොකියම පිටවෙලා ගිහින් කියල. ඔහු පිටව යාමෙන් පසුව කිසිම ආකාරයකින් අදාළ දෙපාර්තමේන්තුවලට ඊට හේතුවක් හෝ දැනුම් දීල නැහැ." බීජිං නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චන්යින් පැවසුවාය. බීබීසීය මේ පිළිබඳව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ "චීන බලධාරීන් ලොවට හෙළි කිරීමට අකමැති වූ සත්‍යය" ජෝන් ගේ වාර්තාකරණයෙන් හෙළිදරව් වුණු බවය. පිටුවහල් වූ වාර්තාකරුවන් චීනයේ සිට වාර්තාකරණයේ යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සංඛ්‍යාව අඩුවෙමින් පවතී. පසුගිය වසරේ වාර්තාකරුවන් පිරිසක් චීනයෙන් පිටුවහල් කළ අතර නිව්යෝර්ක් ටයිම්ස්, වොෂිංටන් පෝස්ට් සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙනුවෙන් සිටි වාර්තාකරුවන් ද පිටුවහල් වූ පිරිස අතර විය. චීනයේ සිටි ඕස්ට්‍රේලියානු වාර්තාකරුවන් දෙදෙනෙක් ද 2020 සැප්තැම්බරයේ දී රටින් පිට වූහ. ඔවුන් ඔස්ට්‍රේලියාව බලා ගියේ දින පහක් තිස්සේ පැවති රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මැදිවීමෙන් අනතුරුවය. චීනයේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය (FCC) ප්‍රකාශ කළේ විදේශ මාධ්‍යවේදීන් "තමන්ගේ පාලනයෙන් තොර වූ රාජ්‍යතාන්ත්‍රික ආරවුල්වලට කොටුවී" සිටි බවය ඔවුන් (FCC) නිකුත් කළ ට්විටර් පණිවිඩයක, "බීබීසීයේ සඩ්වර්ත් සහ ඔහුගේ සගයන් මුහුණ දුන් හිරිහැර යනු චීනයේ සිටින විදේශ වාර්තාකරුවන්ගේ කටයුතුවලට බාධා කරමින් පුළුල් රටාවකින් දියත්වන හිරිහැර සහ බියගැන්වීම්වල කොටසකි." යනුවෙන් සඳහන් වෙයි.
චීනයේ බීජිං නුවර සිටි බීබීසී වාර්තාකරු චීනයෙන් පිටවී තායිවානය බලා ගොස් තිබේ. ජෝන් සඩ්වර්ත් චීනයෙන් පිටවී ඇත්තේ චීන බලධාරීන්ගෙන් එල්ල වූ පීඩනය සහ තර්ජන හේතුවෙනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කමලා හැරිස් එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ලෙස ප්‍රක්ෂේපණය කෙරේ කැලිෆෝර්නියා ප්‍රාන්තය නියෝජනය කරන ඩිමොක්‍රටික් පාක්ෂික සෙනෙට් මන්ත්‍රීවරියක වන 55 හැවිරිදි ඇය ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව ජනාධිපති ධුරය පිළිබඳ මුලින් සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරමින් ධවල මන්දිරය කෙරෙහි බැලුම් හෙළුවාය. එහෙත්, ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුරාපේක්ෂකත්වය සඳහා වූ තරගයේදී ජෝ බයිඩන් ට ඇය පරාජය වුව ද සිය උප ජනාධිපති අපේක්ෂක ලෙස එක්වන ලෙසට බයිඩන් කළ ආරාධනය හමුවේ ඇය යළි කරළියට පැමිණියාය. පළමු කාන්තාව වීමට අමතරව, ජැමෙයිකානු හා ඉන්දියානු සම්භවය හේතුවෙන් උප ජනාධිපති ධුරයට පත් පළමු සුදු ජාතික නොවන පුද්ගලයා බවට ද කමලා හැරිස් පත් විය. කමලා හැරිස් යනු කවුද? සංක්‍රමණික මා පිය යුවලකට දාව ඕක්ලන්ඩ් හි උපන් කමලා ගේ මව ඉන්දියාවේ උපත ලද තැනැත්තියක වූ අතර පියා ජැමෙයිකාවේ උපන්නෙකි. දෙමාපියන් දික්කසාද වීමෙන් අනතුරුව කමලා හැදී වැඩුණේ සිය හින්දු භක්තික මව ශ්‍යාමලා ගෝපාලන් හැරිස් සමග ය. ඇය පිළිකා පිළිබඳ පර්යේෂිකාවක මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියකද වූවාය. කුඩා කමලා සිය මව සහ නැගණිය මායා සමග ඉන්දියානු උරුමය සමග බැඳෙමින් වැඩුණු කමලා මව ඉන්දියාවට ගිය ගමන්වලදී ඇය හා එක් වුවද, සිය දියණියන් දෙදෙනා - කමලා සහ මායා - සමග ඕක්ලන්ඩ් හි පැවති කළු සංස්කෘතියට සිය මව අනුගතව විසූ බව කමලා පවසන්නීය. සිය ස්වයං ලිඛිත චරිතාපදානයේ කමලා සඳහන් කළේ "තමන් කළු දියණියන් දෙදෙනෙක් ඇතිදැඩි කරන බව මගේ අම්මා ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටියා." යනුවෙනි. "ඇය අනුගත වූ නිජබිම මායා සහ මා කළු තරුණියන් ලෙස දකිනු ඇතැයි ඇය දැන සිටි අතරම අපි විශ්වාසයෙන් යුතු, සාඩම්බර කළු කාන්තාවන් ලෙස වැඩෙනු තහවුරු කරන්නට ඇය අදිටන් කර සිටියා," කමලා පවසයි. මොන්ට්‍රියෙල් හි ගෙවූ අවුරුදු කමලා හැරිස් සෙනෙට් මන්ත්‍රීවරියගේ මුල් අවධියේ කෙටි කලක් කැනඩාවේ ගත කළාය. මව, ශ්‍යාමලා ගෝපාලන් හැරිස් හට මැක්ගිල් සරසවියේ ඉගැන්වීම් රැකියාවක් ලද විට ඇය සමග කමලා සහ මායා එහි ගියහ. ඒ අනුව අවුරුදු පහක කාලයක් ඔවුහු මොන්ට්‍රියෙල්හි පාසල් ගියහ. එක්සත් ජනපදය තුළ උසස් පාසල් අධ්‍යාපනය ලද කමලා, ඓතිහාසිකව එක්සත් ජනපදය තුළ කළු ජනතාව යොමු වූ විද්‍යාල හා විශ්ව විද්‍යාල අතරින් එකක් වන හවර්ඩ් විශ්ව විද්‍යාලයේ (Howard University) වසර හතරක් ගත කළාය. එය සිය ජීවිතය හැඩගැන්වූ අත්දැකීම් අතරින් එකක් බව කමලා විස්තර කළාය. සිය අනන්‍යතාව පිළිබඳ නිතර සෑහීමට පත්වන බව කී ඇය සරලව තමන් "ඇමෙරිකානුවෙක්" ලෙස හඳුන්වා දෙන්නීය. 2019 දී වොෂිංටන් පොස්ට් පුවත් පතට ඇය කියා සිටියේ සමේ පැහැය හෝ පසුබිම මත දේශපාලනඥයින් රාමුවලට කොටුවිය යුතු නැති බවකි. "මා කියන්නේ මෙයයි. මම, මා යි. ඒ ගැන මම සෑහීමට පත්වෙනවා. ඇතැම්විට ඔබ ඒ ගැන සොයා බලන්න අවශ්‍ය ඇති, නමුත් මම එයින් සෑහෙනවා." නීතිඥ ඩග් එම්හොෆ් සමග 2014 දී විවාහ වූ ඇය ඔහුගේ දරු දෙදෙනාට සුළු මව වූවාය. නීති කේෂේත්‍රයේ ඉහළට නැගීම හවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිව් වසරින් පසු කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලද ඇය සිය වෘත්තීය ඇරඹුවේ ඇලමීඩා කෝරලයේ දිස්ත්‍රික් නීතිඥ කාර්යාලයෙනි. 2003 වසරේදී කමලා සැන් ෆ්‍රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිඥ - ඉහළ ම නීති නිලධාරී - තනතුරට පත් වූවාය. ඉන් අනතුරුව, ඇමෙරිකාවේ වැඩි ම ජනගහණයකින් යුතු ප්‍රාන්තය වන කැලිෆෝර්නියා හි ඉහළ ම නීතිඥයා මෙන්ම නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා වන ප්‍රාන්ත නීතිපති තනතුරට පත් කමලා එම ධුරයේ සේවය කළ පළමු කළු තැනැත්තා මෙන්ම පළමු කාන්තාව ද විණි. නීතිපති ලෙස දෙවරකට ආසන්න නිල කාලයක් ගෙවූ ඇය, ඩිමොක්‍රටික් පක්ෂයේ නැගී එන තරුවක් ලෙස ලද කීර්තිය උපයෝගී කරගෙන මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් 2017 වසරේදී කැලිෆෝනියා හි කණිෂ්ඨ සෙනෙට් මන්ත්‍රීවරිය වූවාය. සෙනෙට් මණ්ඩලයට පත්වූ තැන් සිට, ඇය ප්‍රගතිශීලීන්ගේ කැමැත්ත දිනාගත්තේ මුල් පෙළේ සෙනෙට් මණ්ඩල විමර්ශනවලදී එවක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස යෝජනා කෙරුණු බ්‍රෙට් කැවනෝ සහ නීතිපති විලියම් බාර් ඉතා දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක් කිරීම හේතුවෙනි. ධවල මන්දිරය ගැන බලාපොරොත්තු තමන් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ඕක්ලන්ඩ් හිදී 20,000 ට අධික පිරිසක් ඉදිරියේ පසුගිය වසරේදී ප්‍රකාශ කිරීමෙන් පසු ආරම්භයේදී ඒ පිළිබඳ උනන්දුවක් දැල්විණි. නමුත් නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ වෘත්තීය පසුබිමකින් යුතු කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන ඇය, පක්ෂයේ ප්‍රගතිශීලී හා මධ්‍යස්ථ කඳවුරු දෙක අතර තියුණු ගමනක යාමට උත්සාහ දැරුව ද එම කණ්ඩායම් දෙකෙහි ම ආකර්ෂණය දිනා ගැනීමට නොහැකි විය. 2020 වසර මුල් සමයේ අයෝවා ප්‍රාන්තය තුළ ඩිමොක්‍රටික් පක්ෂ තරගය පවත්වන්නට පෙර කමලා සිය අපේක්ෂකත්වය දෙසැම්බර් මාසයේදී අවසන් කළාය. මාර්තුවේදී, ජෝ බයිඩන් ගේ අපේක්ෂකත්වය අනුමත කළ ඇය, "මගේ සියලු බලය යොදමින් ඔහු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තෝරාගැනීමට මා උදව් දෙනවා" යැයි පැවසුවාය. ඩිමොක්‍රටික් පක්ෂයෙන් උප ජනාධිපති අපේක්ෂකත්වය ලද පසු, උප ජනාධිපති මයික් පෙන්ස් ට එරෙහිව දැඩි ක්‍රියාකාරීත්වයක් ප්‍රකට කළ අතර ඔක්තෝබරයේ පැවති උප ජනාධිපති විවාදයේදී මාතෘකා ගණනාවක් ඔස්සේ ඔවුහු උද්වේගකර වාදයක පැටලිණි. "උප ජනාධිපතිතුමනි, මම කතා කරනවා" යනුවෙන් ඇය පෙන්ස් හට සිහි කැඳවූයේ ඔහු යළි යළිත් කළ බාධා හමුවේ ය. උප ජනාධිපති විවාදයකට එක්වූ ප්‍රථම කළු කාන්තාව ලෙස ඇය දැරූ එම ප්‍රයත්නය අන්තර්ජාලය ඔස්සේ අවධානයකට ලක්විය. අපරාධ හා නීතිය ක්‍රියාත්මක කිරීම ගැන ඇගේ වාර්තාව සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ තැන් සිට, කැලිෆෝනියාවේ ඉහළම නීති නිලධාරියා ලෙස ඇය සතු වාර්තාව දැඩි විමර්ශනයකට ලක්විණි. සමරිසි විවාහ සහ මරණ දඬුවම සම්බන්ධයෙන් වාමාංශික දෙසට බරවූ ස්වභාවයක් පෙන්නුම් කළ ද ඇය ප්‍රමාණවත් තරම් ප්‍රගතිශීලී නොවී යැයි ප්‍රගතිශීලීන්ගේ නිරන්තර දෝෂ දර්ශනයට ලක්වූවාය. පොලිසියට ප්‍රතිසංස්කරණ ගෙන ඒම, මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිසංස්කරණ මෙන්ම වැරදි සහගත ලෙස වරදට ලක්කිරීම යන කරුණු සම්බන්ධයෙන් ප්‍රගතිශීලීන් ගෙන ගිය සටන් කමලා විසින් මගහරින ලද බව සැන් ෆ්‍රැන්සිස්කෝ සරසවියේ නීතිය පිළිබඳ මහාචාර්ය ලාරා බැසෙලොන් පැවසීය. "ප්‍රගතිශීලී නීති නිලධාරියෙකු" ලෙස තමන්ව හඳුන්වා ගනු ලැබූ කමලා වමට බර වූ සිය උරුමය ඇතැම් අංග අවධාරණයට උත්සාහ දැරුවේ, කැලිෆෝර්නියා හි නීති දෙපාර්තමේන්තුවේ ඇතැම් විශේෂ නිලධාරීන් ශරීරයේ පළඳින කැමරා සහිත විය යුතු වූ වැඩපිළිවෙලක් ගෙන එමිනි. එවැනි පියවරක් ගත් ප්‍රාන්තය පුරා පැතිරුණු පළමු රාජ්‍ය ආයතනය එය වූ අතර අපරාධ පිළිබඳ සංඛ්‍යා ලේඛන ඇතුළත් මහජනයාට විවෘත වූ දත්ත ගබඩාවක් ද දියත් කෙරිණි. වාර්ගික ක්‍රියා හා පොලිස් කෘරත්වයෙන් එක්සත් ජනපදය වෙලා ගනිද්දී ප්‍රගතිශීලී හඬ තීව්‍ර කිරීම සඳහා කමලා හැරිස් ඉදිරියෙන් සිටියාය. හැරිස් සහ බයිඩන් මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල තුළදී එක්සත් ජනපදය පුරා පොලිසියේ භාවිතයට වෙනස්කම් එක් විය යුතු බව ඇය සංවාද වැඩසටහන්වලදී කීවාය. කෙන්ටකි ප්‍රාන්තයේ 26 හැවිරිදි බ්‍රෙයෝනා ටේලර් නම් අප්‍රිකානු - ඇමෙරිකානු කාන්තාව මරා දැමූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස ට්විටර් ඔස්සේ ආයාචනයක් කළ කමලා හැරිස් පද්ධති තුළ ඇති වර්ගවාදය ඉවත් කළ යුතු බව කීය. කොන්කරන ලද පිරිස් නියෝජනය කිරීම සඳහා තමන්ගේ අනන්‍යතාව ඊට ම ආවේණිකව ගැලපෙන බව ඇය නිතර සඳහන් කළාය. දැන්, ධවල මන්දිරයට හද ගැහෙන දුරින් හිඳින, උප ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින කමලා හැරිස් නිල වශයෙන් සිය රාජකාරී ආරම්භ කළ තැන් සිට පොරොන්දු ප්‍රකාර කෙසේ ක්‍රියා කරනු ඇත්දැයි යන්න පිළිබඳ ඉතා සමීප නිරීක්ෂණයකට ලක්වනු ඇත. මෙම තොරතුරු ද දැනගන්න:
ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට තේරී පත් වූ පළමු කාන්තාව ලෙස කමලා හැරිස් ඉතිහාස ගත විණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පසුගියදා නිකුත් කළ දත්තවලට අනුව, 2015 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් පිරිස ලක්ෂ දහ අටක් සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග ඒ බව කියා සිටියේ, ගතව ගිය වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණය වාර්තාගත ලෙසින් ඉහළයාම පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පසුගියදා නිකුත් කළ දත්තවලට අනුව, 2015 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් පිරිස ලක්ෂ දහ අටක්. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2014 වසරට සාපේක්ෂව එය 17.8% ක ඉහළයාමක්. පුහුණු වැඩසටහන් විශේෂයෙන්ම බටහිර යුරෝපය, චීනය, ඉන්දියාව සහ මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ඉහල වර්ධනයක් දක්නට ලැබෙන බවයි අමාත්‍ය ජෝන් අමරතුංග සංදේශයට කියා සිටියේ. කෙසේ නමුත් යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයන් ගණනය කිරීමේදී යළි සියරට පැමිණෙන විදේශීය ගමන් බලපත්‍ර සහිත ශ්‍රී ලාංකිකයන්ද එයට ඇතුලත් කෙරෙන බවට එල්ල වන චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලාංකිකයන් එම දත්තවලට ඇතුලත් නොකෙරෙන බවයි. මේ වසර තුල සංචාරක ප්‍රවර්ධනය පිණිස රුපියල් බිලියන හතරකට ආසන්න මුදලක් අය වැයෙන් වෙන් කර තිබෙන බව පවසන අමාත්‍යවරයා, ඒ මුදල යොදාගනිමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය. "එකක් තමයි දේශීය දූ දරුවන් මේ ක්ෂේත්‍රයට අනුයුක්ත කරන්න පුහුණුව ලබාදීම," අමාත්‍ය ජෝන් අමරතුංග සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. "හෝටල් රාශියක් හැදීගෙන යනවා. ලබන අවුරුද්දේ මුල් කාර්තුව වෙනකොට හෝටල් කාමර 45,000 ක් මේ රටේ ඇතිවෙනවා කියන ඒක කියන්න කැමතියි." හෝටල් කාමර ඉදිවුවත්, සංචාරක කර්මාන්තයේ කිසියම් බිඳවැටීමක් ඇතිවුවහොත් ගන්නා පියවර කවරේදැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා සඳහන් කළේ, කර්මාන්තයේ වර්ධනයක් විනා බිඳවැටීමක් ඇති වනු නැතැයි තමන්ට විශ්වාස බවයි.
ලබන වසරේ මුල් කාර්තුව අවසන් වනවිට විදේශීය සංචාරකයන් වෙනුවෙන් සුඛෝපභෝගී හෝටල් කාමර 45,000 ක් ඉදිකරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මේ අහිංසක සේය දැරියගෙ සිදුවීමෙ සැකකරු දැන් හෙළි වෙමින් පවතිනවනෙ. ඔහු මළ මිනී සමග පවා ලිංගික ක්‍රියා සිදු කළ අයෙක්. මෙය සමාජයෙ හරිම සංකීර්ණ තත්ත්වයක්. මේ සමාජය තුළමයි මේ සිදුවීම් වෙන්නෙ. මේ සිදුවීම් එක්ක සමාජයෙ හැඩ ගැසීම මොකක්ද කියා අප වටහා ගත යුතුයි' පසුගියදා කොළඹ නගරෝදය ශාලාවේදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ විද්වත් සංවාදයේදී මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවට ලක් කෙරිණ. ලිංගික වද හිංසාවලට එරෙහිව මරණ දඬුවම නියම කිරීමට පෙර ලිංගික අපරාධවලට එරෙහිව පවතින අවම දඬුවම් විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේද සකස් විය යුතු බව සංවාදයට සහභාගි වූ විද්වතුන් හා ජනමාධ්‍යවේදීන් බහුතරයක ස්ථාවරය වී තිබිණ. ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියේ උප සභාපති සජීව සමරනායක පැවසූයේ මිනිසා මිනිසා වශයෙන් එකිනෙකා ඇසුරු කිරීම නැවතී මිනිසුන් පාරිභෝජනය කරන භාණ්ඩ වශයෙන් එකිනෙකා හඳුනා ගැනීම සමාජයේ යථාර්ථය වන බවයි. 'අපරාධ, දඬුවම්, වෙළඳපොළ යනාදී සියල්ල පිටුපස මනුෂ්‍යයින් තමයි සිටින්නෙ. මාධ්‍ය පීඩාකාරී, විනාශකාරී මෙවලමක් බවට අප පත් කර තිබෙනවා' ළමා හිංසනයේදී සහ ලිංගික හිංසනයේදී මාධ්‍යයේ සහ සමාජයේ පවතින තත්ත්වය මෙසේ පැහැදිලි කළේය. "මා සාමාන්‍යයෙන් බොහෝ රූපවාහිනී, රේඩියෝ වැඩසටහන්වලට සහභාගි වුවත් තිබෙන ගැටලුව වන්නේ මාධ්‍යවේදීන් මනුෂ්‍යයින් වශයෙන් අප එකිනෙකා මුණ නොගැසීම. මෙය තමයි නිර්මානුෂීකරණය. අපුද්ගලීකරණය. එනම් මනුෂ්‍යයා මනුෂ්‍යයා යන්නෙන් ඉවත් කොට පාරිභෝජන භාණ්ඩයක් කිරීම. මනුෂ්‍යයින් එකිනෙකා මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන්න කැමති වුවත් එය සිදු වන්නේ නැහැ," සජීව සමරනායක පැවසීය. "අපරාධ, දඬුවම්, වෙළඳපොළ යනාදී සියල්ල පිටුපස මනුෂ්‍යයින් තමයි සිටින්නෙ. මාධ්‍ය පීඩාකාරී, විනාශකාරී මෙවලමක් බවට අප පත් කර තිබෙනවා. මේක ව්‍යාජ සමාජයක්. ඒ සමාජය තුළ ළමාරක්ෂණය කරන්නේ කොහොමද යන්න අප සොයා බැලිය යුතුයි." 'ලේ කඳුළු' මහජනතාවට පළමුව ඔවුන් මෙහෙයවීමේ ප්‍රධාන භූමිකාව උසුලන ජනමාධ්‍ය ලේඛක නාලක ගුණවර්ධන ගේ දැඩි විවේචනයට ලක්විය. එකම පුවත්පත් සමාගමේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් සේයාගේ සිදුවීම වාර්තාකරණයේදී ක්‍රියාත්මක වූ ආකාරයේ පරතරයද නාලක ගුණවර්ධන එහිදී පෙන්වා දුන් අතර සේයාගේ ඡායාරූප භාවිතයේදී සිංහල පුවත්පත් ආවේගශීලී වූ බවද පෙන්වා දුණි සමාජයේ මානසික සෞඛ්‍යයට පළමුව ජනමාධ්‍යයේ මානසික සෞඛ්‍ය පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇති බව ඔහුගේ අදහස විය. ''වෙළඳපොළ ඉහළ අලෙවියත් පහළ අලෙවියත් ඇති පත්තර ජුගුප්සාජනක විදිහට සේයාගේ සිද්ධිය උලුප්පා තිබීමෙන් පෙනෙන්නේ වෙළඳපොළ උවමනාව ඉක්මවා ලේ, කඳුළු හඹා යෑමේ තත්ත්වයක්. යුද සමයේ ඇබ්බැහිකම් පවත්වාගෙන යෑමක් රිය අනතුරු, අපරාධ වාර්තා කිරීම් මගින් පෙනෙන්නට තිබෙනවා." සේයාගේ ඡායාරූප භාවිතයේදී සිංහල පුවත්පත් ආවේගශීලී වූ බව නාලක ගුණවර්ධන ගේ අදහස විය. ''මාධ්‍යයේ කුහකත්වය හා ආවේග ප්‍රකාශ කිරීම අවාසනාවන්ත තත්ත්වයකි. ආචාර ධර්ම යනු නීතිය අභිබවා අප තුළින් මතු විය යුතු සංවරතාවකි," ඔහු පැවසීය. 'සිංහල සහ ඉංග්‍රීසි' 'ඇසට ඇස, ලෙයට ලෙය නීති තිබුණා, අරාබියෙ අදටත් අමු අමුවෙ බෙල්ල ගහලා දානවා. නමුත් එහෙම වුණත් ඒ පිළිබඳ පිළිගත් පරීක්ෂණවල අඩුවීමක් වෙලා නැහැ' ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ලිංගික වද හිංසාවලට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බරපතල තත්වය මෙසේ පෙන්වා දුන්නේය. ''මරණ දඬුවම යෝජනා කරගෙන ක්‍රියාත්මක කිරීමට ගේනවා නම් අනිවාර්යෙන්ම අන්තර්ජාතික සම්මුතීන් අපි උල්ලංඝණය කරනවා. 966 සිවිල් හා දේශපාලන නීති අපි අත්සන් කර පිළි අරගෙන තියෙනවා," ඔහු පැවසීය. "නවසිය හතලිස් අටේ විශ්ව මානව හිමිකම් නීතිය අපි පිළිගන්නවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මේවා අපි පිළි අරගෙන තිබෙනවා. අපි මේවා පිළි අරගෙන තියෙනවා නම් අපිට පුළුවන්ද මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. ඇසට ඇස, ලෙයට ලෙය නීති තිබුණා, අරාබියෙ අදටත් අමු අමුවෙ බෙල්ල ගහලා දානවා," ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසීය. "මේ සමාජය තුළමයි මේ සිදුවීම් වෙන්නෙ. මේ සිදුවීම් එක්ක සමාජයෙ හැඩ ගැසීම මොකක්ද කියා අප වටහා ගත යුතුයි. අප සිදුවීමක් වුණහම ඒ ගැන කතා කරනවා, එය ආයෙත් ලියලලා එනවා. නීති පද්ධතිය, සාක්ෂි එකතු කිරීම, සාක්ෂිවල ගති ලක්ෂණ ගැනීම් මීට වඩා වෙනස් වෙන්න ඕන. සිස්ටම් එකේ වෙනසක් නැතිව අපිට ඉස්සරහට යන්න බෑ.'' 'ප්‍රතිවිරුද්ධ මත' සංවාදයේදී අදහස් දැක්වූ හිරු රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී උපේන්ද්‍ර හේරත් කියා සිටියේ, දැරිය දූෂණය කර ඝාතනය කිරීම පියකු වශයෙන් තමා මහත් කම්පනයට පත් කළ සිදුවීමක් වූ බවයි. "මම මාධ්‍ය උපමාන සහ ආචාර ධර්ම පිළිබඳව තදින් හිතන කෙනෙක්. නමුත් සේයාගෙ සිදුවීමෙදි මම ඒ සීමා අතික්‍රමණය කළා," උපේන්ද්‍ර හේරත් පැවසීය. "මේ සිදුවීම හරහා ජනමතයක් හදා, පවතින ක්‍රමයට බලපෑම් කළ හැකි නම් අපි එය කළ යුතුයි. ඒ නිසා විවේචන මැද්දේ සමාජය තුළ කම්පනයක් ඇති කරන්නට අපි කටයුතු කළා. එහිදී අපි සාර්ථකයි." එනමුත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයසිරි ජයසේකර පළ කළේ උපේන්ද්‍ර හෙරත්ගේ මතයට ප්‍රතිවිරුද්ධ මතයක්. 'ඉන්පසු මේ රටේ හිටපු මිනිස්සු, ගැහැනු, උපාසක අම්මලා කොයිතරම් මිලේච්ඡයිද කොයිතරම් අශිෂ්ඨයිද කියන එක මුළු ලෝකෙටම පෙන්නුවා' ''දරුවෙකු අපරාධයකට ගොදුරු වූ බව දැනගත් වහාම කලින් පළ කළාද, දැකලා තියෙනවද නැද්ද, කිසිම කතාවක් නැහැ. ඉන්පසු මේ පින්තූර ශිෂ්ඨ සමාජයක පළ කළ නොහැකියි," ජයසිරි ජයසේකර සඳහන් කළේය. "ඒ දරුවා ලිංගික අපයෝජනයකට ගොදුරු කර ඇති බව දැනගත් තැන් සිට කිසිදු ශිෂ්ඨ මිනිහෙකුට ඒ දරුවාගේ පින්තූර පාවිච්චි කරන්න බැහැ. ඉතින් ඒ සිද්ධිය දැනගත් වහාම කොයිතරම් අශිෂ්ඨ මිනිහෙක් මේ රටේ සිටියද කියලා මුලින් දැනගත්තා වගේම අපේ රට කොච්චර අශිෂ්ඨයිද මිලේච්ඡයිද කියන කාරණය දැනගත හැකි වුණා. ඉන්පසු මේ රටේ හිටපු මිනිස්සු, ගැහැනු, උපාසක අම්මලා කොයිතරම් මිලේච්ඡයිද කොයිතරම් අශිෂ්ඨයිද කියන එක මුළු ලෝකෙටම පෙන්නුවා.'' ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය රට අගාධයට හෙලන තවත් බරපතල ප්‍රශ්නයක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර ගේ විග්‍රහයයි. 'ආචාර ධර්ම හඳුන්වා දුන් කර්තෘ සංසදයම ආචාර ධර්ම කඩ කොට පල වූ ප්‍රවෘත්ති වලට සම්මාන දෙනකොට අපිට ඒවත් එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙන්නෙ' "මාත් එක්ක වැඩ කරන වෘත්තිකයන් එක්ක මා බැනගෙන තියෙනවා ඇයි පින්තූර දාන්නෙ, අයි දරුවගෙ නම දාන්නෙ, ඇයි ඔබට හෘද සාක්ෂියක් නැද්ද අසමින්. ඉස්සර දෙයියෝ සාක්කි, පිස්සු හැදෙන සඳ වැනි ශීර්ෂ යටතේ රටේ ඛේදවාචක පල වෙද්දි අපට කොයි තරම් ලැජ්ජාවක් ඇති වුණාද? ඒ නිසා තමයි ජනමාධ්‍යයට දෙයියන්ගෙ පිහිටයි කියා මැද පිටුවක් ලීවෙ," තිඹිරියාගම බණ්ඩාර පැවසීය. "තවමත් අපට එය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ආචාර ධර්ම හඳුන්වා දුන් කර්තෘ සංසදයම ආචාර ධර්ම කඩ කොට පල වූ ප්‍රවෘත්ති වලට සම්මාන දෙනකොට අපිට ඒවත් එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙන්නෙ. සමාජයෙන් බැහැර කළ මරණ දඬුවම එම සමාජයෙන් නැවත ඉල්ලනවා නම් එම සිදුවීම සමාජය මනින උණ කටුවක් විදිහට තමයි මම හිතන්නෙ." 'මේ මිය ගිය දැරියගේ ඡායාරූප මේ වෙද්දි 15කට වඩා මාධ්‍ය භාවිතා කර තිබෙනවා. නිළියෙක්ගෙ ඡායාරූප දමනවා වගේ තමයි ඒවා දාන්නෙ' ''මම දැක්කා මේ සිද්ධියට සැක කළ එක් ගැටවරයෙකුගෙ ලැප්ටොප් එකේ අසභ්‍ය දේ තිබුණය කියලා රූපවාහිනී නිවේදිකාවක් ලෝකේ තිබෙන බරපතලම විපත වගේ නිවේදනය කරනවා. මුළු රටම සභ්‍ය වෙලා මේ වයස 17 දරුවගේ පර්ගණකයේ අසභ්‍ය දර්ශන තිබුණා මෙන් නිවේදනය කරනවා. මේ පරීක්ෂණ අතරෙදි මේ ශිෂ්‍යයා නිදහස් වුණොත් මේ කොල්ලා පාරෙ බැහැලා යන්නෙ අසභ්‍ය මිනිහෙකු හැටියට. වයස 17, 18 කොල්ලන්ගේ ලැප්ටොප්වල මේ වගේ දේවල් තිබෙනවා. ඒ නිසයි මාධ්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්නයක් කියන්නෙ." ආචාර ධර්ම ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ තිබෙන්නේ මාධ්‍ය ආයතන වශයෙන් නම් කළ ධනපතීන්ගේ ව්‍යාපාර ආයතන වීම හේතුවෙන් ඒවා තුළ මාධ්‍යවේදීන් සිටිය නොහැකි බව සාහිත්‍යවේදී විදර්ශන කන්නන්ගර ප්‍රකාශ කළේය. ඔහුගේ අදහස වූයේ අසභ්‍ය දේ යටපත් කර පැවතිය යුතු ශිෂ්ඨාචාරගත සමාජයේ අසභ්‍යත්වයෙන් මිනිසුන් සංවිධානය වීම ආරම්භ කර ඇති බවයි. "ෆ්‍රොයිඩ්ට අනුව අසහනය පවතින්නෙ ව්‍යභිචාරය වශයෙන්. ව්‍යභිචාරය මානව ඉතිහාසය පුරාම මිනිස් මනස තුළ පවතින්නක්. ගැටලුව වී තිබෙන්නෙ නූතනවාදී සමාජයේ ශිෂ්ඨාචාරය යටපත් වී ව්‍යභිචාරය සමග මිනිසා පිටත සමාජයේ කටයුතු කිරීමයි. මාධ්‍ය යන්න පසෙක තැබුවම සමාජය මෙහෙයවන ආචාර ධර්ම මොනවාද යන්නයි මා අසන්නේ," විදර්ශන කන්නන්ගර පැවසීය.
සේයා සදෙව්මි දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කිරීම වාර්තා කිරීමේදී මාධ්‍යයේ හැසිරීම ප්‍රශංසනීය නොවන බවත්, පිළිගත් මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කරමින්, අවම සදාචාරයක් හෝ පවත්වා නොගනිමින් ශ්‍රී ලංකාවේ බොහෝ ජනමාධ්‍ය ආයතන සිය සමාජ වගකීම පැහැර හැර ඇති බවත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ සමාජයේ විද්වතුන්ගේ බහුතර අදහස බවට පත් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහුට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ද ඉවත් කර ඇති බවයි වාර්තා වූයේ. මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ. මාස කිහිපයක් තිස්සේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම පාවෙන අවි ගබඩාව සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයා ගත් අවි ගබඩාව පිළිබඳව කරුණු කිහිපයක් විමසා බලමු. සිදුවූයේ කුමක්ද? ගාලු මුහුදේ නවතා තිබූ නෞකාවක තිබී අවි ගබඩාවක් සොයා ගැනුණි. රක්නා ලංකා ආරක්ෂක සමාගමට අයත් යැයි සඳහන් වූ අවි ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබීය දී සොයා ගන්නා ලදී. ජනාධිපතිවරණයෙන් අනතුරුවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිගටම බලයේ රැදී සිටීමට හමුදාව යොදා ගෙන කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වන චෝදනාව සහ ගාල්ලේ දී එම ආයුධ තොගය සහ අතර සම්බන්ධයක් පවතින්නේ දැයි විමර්ශන පවත්වන බව එවකට පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සංදේශයට පැවසීය. සමාගමේ අයිතිය කාටද? රක්නා ලංකා ආරක්ෂක භටයන් අවි ගබඩාව පවත්වාගෙන ගිය නෞකාව අයත් වන්නේ, මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීම පිණිස නෞකාවලට ආයුධ සපයන අවන්ට් ගාඩ් මරීටයිම් සමාගමට යි. ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව 2011 දී ලියාපදිංචි කරන ලද සිය සමාගමේ සේවය කරන 8000 කට ආසන්න සේවකයන් අතරින් අති බහුතරය විශ්‍රාමික හමුදා සෙබළුන් සහ ඉහල නිලධාරීන් බව අවන්ට් ගාඩ් මරීටයිම් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති බීබීසීයට පවසා තිබුණි. ආරක්ෂක අමාත්‍යංශයේ පාලනය යටතේ පවතින රක්නා ලංකා සමාගමෙන් අවි ආයුධ සහ සේවාවන් ලබා ගෙන සිය සමාගමේ කටයුතු පවත්වා ගෙන ගිය බව පවසන ඔහු, හිටපු නාවික හමුදාපතිවරුන් වන දයා සඳගිරි, සෝමසිරි දිසානායක සහ ජයනාත් කොළඹගේ යන අද්මිරාල්වරුන් මෙන්ම හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක ද සිය සමාගමේ සේවයේ නිරතව සිටින බව ද සඳහන් කළේය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයා ගත් ආයුධ අයිති රක්නා ලංකා ආරක්ෂක සමාගමටයි. මෙම ආරක්ෂක සමාගම පාලනය වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන අතර එවකට ආරක්ෂක ලේකම්වරයා වූයේ ගෝඨාභය රාජපක්ෂ යි. චෝදනා මොනවාද? රක්නා ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වූ රජයට අයත් සමාගමක් වූ නමුත්, ඇවන්ගාඩ් වැනි පුද්ගලික ආරක්ෂක සමාගමකට එසේ අවි ගබඩා පවත්වා ගෙන යාමේ නීතිමය බලයක් තිබෙන්නේද යන්න සහ එවැනි සමාගමකට අවි ආයුධ පවරා දිය හැකිද යන්න පිළිබඳව මෙම විමර්ෂණය පැවැත්වෙන බවයි පොලිසිය කියා සිටියේ. මේ පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් සහ ඇවන්ගාඩ් පුද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපතිගෙන් ප්‍රශ්න කරන ලදී. ජනාධිපතිවරණ සමයෙහි ‘රක්නා ලංකා’ සේවකයන් පන්සීයක් පමණ දේශපාලන කටයුතුවල නිරත කර වීම ගැන පෙත්සමක් ලැබී ඇති බව මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පිහිටුවන ලද ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරයා පැවසීය. ගත් පියවර මොනවාද? හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇවන්ගාඩ් පුද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසකට රටින් පිටවීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් පනවන ලදී. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව ‘රක්නා ආරක්ෂක ලංකා’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් කේ.බී.එගොඩවෙල සහ ‘ඇවන්ට් ගාර්ඩ්’ ආරක්ෂක සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මංජුල යාපාටත් ඉහත කී විදේශ සංචාර තහංචිය බල පැවැත්වුණි. රක්නා ලංකා සමාගම හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතුවලින් ඉවත් කිරීමට වරාය අධිකාරිය ක්‍රියා කර තිබේ. එවකට තිබුණු ප්‍රතිචාර මොනවාද? ජනවාරි අට වැනිදා අරලිය ගහ මන්දිරයේ සිදු වූ බවට චෝදනා එල්ල වුනු කුමන්ත්‍රණය සඳහා මෙම අවි ගබඩා කර තබන්නට ඇති බව ඇතැමුන් ප්‍රකාශ කළහ. නිසි බලපත් සහ අවසරයක් නොමැතිව අවි ආයුධ රටට ආනයනය කර ඇති බවට චෝදනා කරමින් මාධ්‍ය වාර්තා පළ විය. මෙම අවි ආනයනය කිරීමේ දී සිදු වූ මුදල් ගනුදෙනුවලදී විදේශ විනිමය දූෂණ සහ වංචාවන් සිදු වී ඇති බවටද චෝදනා පළ වී තිබුණි. අවි ගබඩා කර තැබීමේ දී අනුගමනය කළ යුතු නීති රීති උල්ලංඝනය කර ඇති බවත් ප්‍රකාශ විය. රජය සතු අවි තුන් වැනි පාර්ශවයක් අතට පත් කිරීම මගින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අන්තර්ජාතික නීතිය ද උල්ලංඝනය කර තිබෙන බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහි නඩුව අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ආපස්සට හැරවිය නොහැකි" සංකූලතා ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය සදහටම තුරන් වී ඇතැයි ජනතාව අතර වැරදි මතයක් පවතින අතර වසරකට රට පුරා වාර්තා වන ලාදුරු රෝගීන්ගේ ගණන දෙදහසකට ආසන්න බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ උපදේශක, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන බීබීසීයට පැවසීය. ඉන් වැඩිම රෝගීන් පිරිසක් හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. "හැමෝම වගේ හිතාගෙන ඉන්නේ ලාදුරු ලංකාවේ නැහැ කියල. ඇතැම් වෛද්‍යවරුන් පවා හිතාගෙන ඉන්නේ ලංකාවේ දැන් ලාදුරු නැහැ කියල. 2019 වසර ඇතුළත රෝගීන් 1661ක් හිටියා. මේ වෙනකොට අවුරුද්දකට 2000ක් විතර රෝගීන් අපිට හමුවෙනවා. මගේ අත්දැකීම අනුව මමනම් හිතන්නේ මේ ගණන මීටවඩා වැඩි වෙන්න ඕනා. ජනතාවගේ සහ වෛද්‍යවරුන්ගේ දැනුවත්භාවය අඩු නිසා බොහෝ රෝගීන් වාර්තා වෙන්නේ නැහැ." "ළමයෙකුට වයස අවුරුදු පහේදී හෝ හයේදී රෝග ලක්ෂණ මතුවෙනවා කියන්නේ ඒ නිවසේ හෝ අවට තව රෝගීන් ඉන්නවා කියන එකයි" 2019 වසර තුළ වාර්තා වුණු සමස්ත ලාදුරු රෝගීන්ගෙන් 181 දෙනෙකුම ළමුන් වීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බව වෛද්‍යවරයා පැවසීය. "මේක භයානක තත්ත්වයක්. මේ ළමයින්ගෙන් වැඩි ප්‍රතිශතය වයස අවුරුදු 10ත් 14ත් අතර සිටින ළමුන්. ළමයෙකුට වයස අවුරුදු පහේදී හෝ හයේදී රෝග ලක්ෂණ මතුවෙනවා කියන්නේ ඒ නිවසේ හෝ අවට තව රෝගීන් ඉන්නවා කියන එකයි. බොහෝ විට ළමයින්ට බෝවෙන්නේ නිවසින් ඈතක සිටින කෙනෙකුගෙන් නොවෙයි. අනෙක් අනතුර තමයි මේ ළමයින්ගෙන් තවත් ළමුන්ට බෝවෙන්න තියෙන ඉඩකඩ වැඩිවීම." මේ වන විට බොහෝ රෝගීන් පමා වී වාර්තා වීම ද බරපතල ප්‍රශ්නයක් වී ඇති බව වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය. පමා වී ප්‍රතිකාර සඳහා යොමු වන රෝගීන් රෝහලට පැමිණෙන්නේ "ආපස්සට හැරවිය නොහැකි" සංකූලතා ද සමඟයි. ලාදුරු රෝගය සුව කළ හැකි නමුත්, ප්‍රතිකාර ගැනීමට පමා වුවහොත් ඒ වනවිට ස්නායු පද්ධතියට සිදු වී ඇති හානි සමඟ එම රෝගියාට ජීවිත කාලයම ගත කරන්නට සිදුවනු ඇත. ලාදුරු මර්දන ව්‍යාපාරයේ උපදේශක, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන "රෝගීන් හමුවෙන්නෙත් පමා වෙලා. 2019දී රෝගීන් 93 දෙනෙක් ම හමුවෙන්නේ බරපතල සංකුලතා එක්කමයි. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව මිනිසුන් දසලක්ෂයකට සිටිය හැක්කේ එවැනි එක් ලාදුරු රෝගියක් පමණයි. අපේ රටේ ජනගහනය මිලියන 22ක් නම් අපිට සංකුලතා සහිතව හමුවෙන්න ඕන ලාදුරු රෝගීන් 22ක් පමණයි. ඒත් 2019දී 93 දෙනෙක් හමු වුනා. ඒ කියන්නේ පමා වෙලා වැඩියි." "මේ රෝගය ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගත්තොත් ඉක්මනින් ම සනීප වෙනවා. කිසිම සංකුලතාවයක් නැතිව." විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. "මේකේ තියෙන භයානක කම" මෙම රෝගයේ ඇති "භයානක කම" සහ කාලය "තීරණාත්මක සාධකයක්" වන්නේ ඇයිදැයි විශේෂඥ වෛද්‍ය කපිල පියසේන පැහැදිලි කළේ මෙසේය. "රෝගය හඳුනාගන්න පමා වන තරමට එහි සංකුලතා වැඩිවෙනවා" "මුලින්ම රෝගියෙක් කරන්නේ සමේ රෝග විශේෂඥයෙකු හමුවීම. එයා අවම වශයෙන් තුන් වතාවක් වත් රෝගියා පරීක්ෂා කලාට පස්සේ තමයි ලාදුරු සඳහා පරීක්ෂාවකට යොමු කරන්නේ. මේ සඳහා ගතවන කාලය ඉතාම තීරණාත්මකයි. සාමාන්‍ය ක්‍රීම් එකක් මාසයක් දෙකක් ආලේප කරමින් සිටින අතරතුර මේ රෝගය සම ඇතුළෙන් පැතිරෙනවා. ඒ අතරතුර මේ බැක්ටීරියාව ස්නායු වලටත් හානි කරන්න පුළුවන්. ස්නායුවලට ගියාට පස්සේ තමයි මේකෙන් ඇතිවන අතුරු ආබාධ සියල්ල ම ඇතිවෙන්න පටන් ගන්නේ. අතපය කොරවීම, ඇඟිලි, ඇස්, කන්, නාසා වෙනස් වීම් වගේ දේවල්. රෝගය හඳුනාගන්න පමා වන තරමට එහි සංකුලතා වැඩිවෙනවා. ඒ නිසා කාලය ඉතාම තීරණාත්මක සාධකයක්." "ලාදුරු පවුලකින් කසාදයක්...?" ලාදුරු යනු සුව කළ නොහැකි රෝගයක් යැයි සමාජගත වී ඇති දුර්මතය හේතුවෙන් බොහෝ දෙනා අනියත බියක් ඇතිකරගෙන ඇති බව වෛද්‍යවරයා පැවසීය. "සමහරු හිතනවා ලාදුරු හැදුණු කෙනෙක් හිටිය පවුලකින් කසාදයක්වත් කරගන්න හොඳ නැහැ කියල." ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේ ලාදුරු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යනම් රජයේ රෝහලකට ම යායුතු බවය. ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකෙරේ. "මේ රෝගයට බෙහෙත් තියෙන්නේ රජයේ රෝහල්වල පමණයි. පෞද්ගලික රෝහල්වල බෙහෙත නැහැ. ප්‍රයිවෙට් චැනල් කරලා බැලුවත් එයාව ලාදුරු ප්‍රතිකාර සඳහා යොමු කරන්න වෙන්නේ රජයේ රෝහලට." ලාදුරු රෝගීන් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කළ හැකි බව ඔහු පැහැදිලි කළේය. "ලාදුරු රෝගීන් වර්ග දෙකක් ඉන්නවා. බැක්ටීරියා වැඩි වශයෙන් ශරීරගත වී සිටින රෝගීන් සහ බැක්ටීරියා අඩු වශයෙන් ශරීරගත වී සිටින රෝගීන් ලෙස මේ කාණ්ඩ දෙක හඳුන්වන්න පුළුවන්. බැක්ටීරියා වැඩි ප්‍රමාණයක් ඇඟේ ඉන්න අයගෙන් තමයි රෝගය පැතිරෙන්නේ. අඩු බැක්ටීරියා ප්‍රමාණයක් සිටින රෝගීන්ගෙන් ලාදුරු පැතිරෙන්නේ නැහැ. අපේ රටේ ලාදුරු රෝගීන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ බැක්ටීරියා වැඩි කාණ්ඩය. ඒ නිසා මේ රෝගය රටේ ව්‍යප්තවෙන්න තියෙන ඉඩකඩ වැඩියි." ලාදුරු තුරන් කළ හැකි මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වසර කීපයකට පෙර නිවේදනය කර තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිදැයි ප්‍රශ්න කළ විට වෛද්‍යවරයා කියා සිටියේ ජනතාව එම නිවේදනය වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවය. "මිනිසුන් ලක්ෂයකට රෝගීන් 10කට වඩා අඩුනම් අපි කියනවා ලාදුරු රටින් තුරන් කිරීමේ මට්ටමට ඇවිත් කියල. ඒක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය. 1995 දී ශ්‍රී ලංකාව ඒ මට්ටමට ඇවිත් හිටියා. එතකොට මිනිස්සු අතර මතයක් ඇතිවුණා දැන් ලංකාවේ ලාදුරු නැහැ කියල. ඒක වැරදි මතයක්. රටක් ලාදුරු තුරන් කළ හැකි මට්ටමට එනවා කියන්නේ ඒ රටේ ලාදුරු ඇත්තෙම නැහැ කියන එක නෙමෙයි." රෝගියා සමඟ වාසේ...? ලාදුරු රෝගියෙකු සමඟ එකම නිවසක වාසය කළ හැකිද? නිවසේ සිට ප්‍රතිකාර ගත හැකිද? බැක්ටීරියාව ශරීරගත වීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පහළවීමට කෙතරම් කාලයක් ගත වේද? විශේෂඥ වෛද්‍ය කපිල පියසේන ඒ සියලු ප්‍රශ්නවලට ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි. "මේ රෝගයේ තියෙන විශේෂත්වය තමයි, අද මම ඔයා ළඟින් වාඩිවෙලා හිටිය කියල හෙට ඔයාට ලාදුරු හැදෙන්නේ නැහැ. අද බැක්ටීරියාව ශරීරගත වුනත් අඩු තරමින් අවුරුදු දෙකක්වත් යනවා රෝග ලක්ෂණ මතුවෙන්න. රෝග ලක්ෂණය කියන්නෙත් ඇඟේ එන ලපයක් විතරයි. ඒ ලපය හඳුනා ගත්තේ නැත්නම් තවත් වසර තුනක්වත් ගිහින් තමයි ස්නායු ආබාධ ඇති වෙන්නේ. ඒකත් මුලින්ම ඇඟිලි හිරි වැටීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්." "ඒ වෙනකොට මේ පුද්ගලයා වයසට ගිහින් හිටියොත් එයා හිතනවා මේක වයසට එන ලෙඩක් වෙන්න ඇති කියල. එහෙම නැත්නම්, මේ පුද්ගලයාට දියවැඩියාව තිබුනොත් එයා හිතනවා මේක දියවැඩියාව නිසා හිරි වැටීමක් වෙන්න ඇති කියල. මේ වගේ දේවල් නිසා ලාදුරු කලින් හඳුනා ගැනීම තවදුරටත් අපහසු වෙනවා. ඒ වෙනකොට රෝගය සනීප කළත් අර හානිය ආපස්සට හැරෙන්නේ නැහැ." සිරුරේ ඇතිවන සෑම ලපයක්ම ලාදුරු ලපයක් නොවේ ලපයක් මතුවීමට පෙර රෝගය හඳුනා ගැනීම සඳහා මේ දක්වා සාර්ථක වෛද්‍ය පරීක්ෂණයක් සොයාගෙන නොමැති බව ඔහු පැවසීය. ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කළ මොහොතේ පටන් මෙම රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීම නවතින හෙයින් නිවසේ සිටින අන් කිසිවෙකුට බිය වීමට කාරණයක් නොමැති බව වෛද්‍යවරයා අවධාරණය කරයි. එබැවින් රෝගියාට ද නිවසේ සිටම ප්‍රතිකාර කරගෙන යාමට හැකියාව පවතී. ප්‍රථමයෙන් ලාදුරු සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවේ, 1940 වර්ෂයේය. වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි. ලපය: සිරුරේ ඇතිවන සෑම ලපයක්ම ලාදුරු ලපයක් නොවේ. නමුත් ලපයක් ඇතිවූ විට ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුබව වෛද්‍ය උපදේශයයි. ලාදුරු ලපයක් හඳුනා ගන්නේ කෙසේදැයි විමසු විට වෛද්‍යවරයා එය පැහැදිලි කළේ මේ ආකාරයටය. "හමේ පාටට වඩා අඩු පාටක් හෝ තද පාටක් විය හැකියි. පැතලි ලපයක් හෝ නෙරා පැමිණි බිබිලක් වැනි ලපයක් විය හැකියි. මුහුණේ එක පැත්තක හෝ දෙපැත්තේම වෙන්නත් පුළුවන්. ශරීරයේ ඕනෑම තැනක විය හැකියි." "මේ බැක්ටීරියාවෙන් එම ලපය මැද ඇති ස්නායු මරා දමන නිසා ලපය මත දැනීමක් නැහැ. ඒ ලපය ඇති ස්ථානවල රෝම කූප නැහැ, දාඩිය දමන්නේත් නැහැ." මේවා පොදු ලක්ෂණ වන නමුත් මීට වඩා වෙනස් වූ ලක්ෂණ සහිත ලපයක් ද ඇතිවීමට ඉඩ ඇති බව වෛද්‍යවරයා අවධාරණය කළේය. එම හේතුව නිසාම වෛද්‍යවරුන්ට පවා මෙය විනිශ්චය කර ගැනීම අපහසු විය හැකි බව ඔහු පැවසීය. "ඒකයි අපි කියන්නේ, යන්තමින් හෝ සැකයක් පවතිනවානම් ලාදුරු රෝහල වෙත යොමු කරන්න කියල. එතැනදී අපට විශේෂ පරීක්ෂාවක් කරන්න පුළුවන්." දීර්ඝ ඉතිහාසයක් ලාදුරු රෝගය ඇතිකරවන බැක්ටීරියාව මුලින්ම මිනිස් සිරුරට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව තවමත් සොයාගෙන නොමැත. මෙම රෝගයට ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතී. එය වසර 5000ක් තරම් ඈතට දිව යන්නකි. වෛද්‍ය කපිල පියසේන එම ඉතිහාසය සංක්ෂිප්ත කළේ මෙලෙසිනි. "බුදු දහමේත් මේක කියවිලා තියෙනවනේ. එක ජාතක කතාවක මට මතකයි මේ ගැන කියවෙනවා. එක්තරා රහතන් වහන්සේ නමකට දානේ බෙදනකොට ඒ මනුස්සයාගේ ඇඟිල්ලක් ගැලවිලා පාත්තරේට වැටුන කියනවනේ. මේ රෝගය එහෙම තමයි. ඇඟිලි පුරුක් ගැලවෙන්නේ කිසිම වේදනාවක් නැතිව." "අද කාලේ කොරෝනා නිසා සති දෙකක් නිරෝධායනය වෙන්න බැහැ කියල සමහරු මැසිවිලි නගනවා. ඒ කාලේ ලාදුරු හැදුනනම් මුළු ජීවිත කාලෙම හුදෙකලා කරනවා." "හැඳල රෝහල පටන් ගත්ත කාලේ රෝගීන් දහස් ගණනක් ඒ රෝහලේ ඉඳල තියනවා. ඇතුළට ආපු කෙනෙක් ආයේ එළියට ගිහින් නැහැ. මැරුණම පෙට්ටියෙන් තමයි එලියට ගෙනිච්චේ. ඒ දවස්වල තිබුණා ලාදුරු කොලනි කියල ස්ථාන වෙන්කරලා." හැඳල නගරයේ පිහිටා ඇති ලාදුරු රෝහලේ ඉතිහාසය ද ලන්දේසි යුගය දක්වා දිව යන බව වෛද්‍යවරයා පැවසීය. "ක්‍රිස්තු වර්ෂ 1700 ගණන්වලදී ලන්දේසි කුමාරයෙක් ලංකාවට ඇවිත් තියෙනවා. එයාට ලාදුරු රෝගය හැදිලා. එයාව හුදෙකලා කරලා තියන්න තමයි මේ ගොඩනැගිල්ල හදල තියෙන්නේ. 1708 දී තමයි මුල්ගල තියල තියෙන්නේ. කුමාරයෙක් තියන්න ඕන නිසා මේක ඉතා සුඛෝපභෝගී ලෙස තමයි හදල තියෙන්නේ. මෑතකදී අලුත්යාවැඩියාවක් කරද්දී වහලේ උළුකැට හම්බවුණා. ඒවා හදල තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1860දී. අද තියෙන උළුකැටවලට වඩා තවමත් ඒවා ශක්තිමත්." රෝගීන් මිය ගිය විට ඔවුන්ගේ සිරුරු ගෙන යාම සඳහා වෙන්වූ කරත්ත තිබුණු බවත් ඉන් කරත්ත දෙකක් දැනටත් රෝහල තුළ දක්නට හැකි බව වෛද්‍ය කපිල පියසේන පැවසීය. ඈත අතීතයේ රෝගීන්ගේ රෙදි සේදීම සඳහා හැඳල ලාදුරු රෝහල තුළ යන්ත්‍රයක් සවිකර තිබුණු බවත් එය ලෝකයේ පැරණිතම රෙදි සෝදන යන්ත්‍රයක් බවත් ඔහු ප්‍රකාශ කළේය. "මේක දැන් කාලේ වගේ පොඩි යන්ත්‍රයක් නොවෙයි. විශාල කාමරයක් වගේ යන්ත්‍රයක්. ඒක තමයි ලංකාවේ භාවිතා කළ පළමුවැනි රෙදි සෝදන යන්ත්‍රය." ලාදුරු ගැන ඔබ දත යුතු දේ: (මූලාශ්‍ර: ලාදුරු මර්දන ව්‍යාපාරය)
ලාදුරු රෝගය ශ්‍රී ලංකාවේ නැවත හිස ඔසවමින් පවතින බවටත් ඒ පිළිබඳව ජනතාව මෙන්ම වෛද්‍යවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුව පවතින බවටත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය උපදේශකවරයෙක් අනතුරු අඟවයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් හඬා වැලපෙමින් "පාකිස්තානය ජාත්‍යන්තරයෙන් හුදෙකලා කිරීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගත හැකි සියලු පියවර අනුගමනය කරනවා" යැයි ඉන්දියාවේ ෆෙඩරල් අමාත්‍ය අරුන් ජයිට්ලෙයි සඳහන් කළේය. පාකිස්තානය මෙම ප්‍රහාර එල්ල කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අපොහොසත් වී ඇතැයි ඉන්දියාව චෝදනා කරයි. දශක ගණනාවකට පසු කාශ්මීරයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයට ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද හිමිකම් කියන නමුත් දෙරටම පාලනය කරන්නේ ඉන් එක් කොටසක් පමණය. ඉන්දියාව පාකිස්තානයට 'දඬුවම් ' කරන්නේ කෙසේ ද? මෙම ප්‍රහාරයට ජයිශ්-ඊ-මොහොමඩ් (Jaish-e-Mohammad) ලෙස හැඳින්වෙන කණ්ඩායම වගකිව යුතු බවට ඉන්දියාව චෝදනා කරයි. ඉන්දියාව කියා සිටින්නේ, බොහෝ කලක් සංවිධානගත වෙමින් සිටි ඔවුන් මර්දනය කිරීමට පාකිස්තානය අපොහොසත් වී ඇති බවයි. ජයිශ්-ඊ-මොහොමඩ් සංවිධානයට එරෙහිව සම්බාධක පමුණුවන ලෙස ඉන්දියාව ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටී. ජයිශ්-ඊ-මොහොමඩ් සංවිධානයේ නායකයා වන මසූද් අෂර් ත්‍රස්‌තවාදියෙකු ලෙස නම් කළ යුතු බව ඉන්දියාව පවසයි එමෙන්ම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ජයිශ්-ඊ-මොහොමඩ් සංවිධානයේ නායකයා වන මසූද් අෂර් ත්‍රස්‌තවාදියෙකු ලෙස නම් කරනු ලැබිය යුතු යැයි ඉන්දියාව පවසයි. මේ සඳහා පසුගිය කාලය තුළ ඉන්දියාව ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වූයේ පාකිස්තානයට හිතවත් චීනයෙන් එල්ල වූ බාධා හේතුවෙනි. චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකි. සිකුරාදා (පෙබරවාරි 15) පැවති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් අමාත්‍ය අරුන් ජයිට්ලෙයි පාකිස්තානයට වරද එල්ල කිරීමේ ඉන්දියාවේ දැඩි ස්ථාවරය පිළිබඳ හෙළි කළේය. පාකිස්තානය සමග පවතින වෙළෙඳ ගිවිසුම් පවා අහෝසි කළ හැකි බව ඔහු තවදුරටත් සඳහන් කළේය. මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳ සිය දැඩි අවධානය යොමුව ඇති අතර, එහි වගකීම ගැන ඉන්දියාව නගන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව පාකිස්තානය පවසයි. මේ තොරතුරුද කියවන්න: මෙම ප්‍රහාරය සිදු වූයේ කෙසේ ද? ශ්‍රීනගර් අගනුවරට ආසන්නයේ දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති ශ්‍රීනගර් - ජම්මු අධිවේගී මාර්ගයේ ආරක්ෂක හමුදාව ගමන් කරමින් තිබූ වාහන පෙළක් අසලට පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් මෝටර් රථයක් ධාවනය කිරීමෙන් බෝම්බකරු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව බොහෝ රටවල් ගණනක් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ "යුද හමුදා වාහන පෙළපසු කළ මෝටර් රථයක් බස් රියක වැදුණා" යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු බීබීසී උර්දු සේවයට පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව බොහෝ රටවල් ගණනක් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ. මෙම ගැටුමේ පසුබිම කුමක් ද? 1989 සිට මේ දක්වා කාශ්මීරය තුළ මරාගෙන මැරෙන ප්‍රහාර දහයක් පමණ සිදුව ඇති අතර, මෝටර් රථයක් භාවිත කළ දෙවන අවස්ථාව මෙයයි. 2002 දී ජම්මු නගරය ආසන්නයේ හමුදා මූලස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 31 දෙනෙකු මියගිය අතර එය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 14) සිදු වූ ප්‍රහාරයට පෙර ඉන්දියානු ආරක්ෂක හමුදා වෙත එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකේ. මෙහි දී මියගිය පිරිස අතරින් බොහෝ දෙනෙකු සාමාන්‍යය වැසියන් සහ හමුදා භටයින්ගේ ඥාතීන්ය. 2016 දී ඌරි ප්‍රදේශයේ පිහිටි හමුදා මූලස්ථානයකට කඩා වැදුණු පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂක හමුදාවේ 19 දෙනෙක් මිය ගියහ. ඉන්දීය පාලිත කාශ්මීරයේ ජම්මු නගර මායිමේ සිටින ආරක්ෂක හමුදා ඉන්දියාව මෙම ප්‍රහාරය ගැන පාකිස්තානයට චෝදනා එල්ල කළ ද ඔවුහු එය ප්‍රතික්ෂේප කරති. 2016 වර්ෂයේ දී ඉන්දියානු ආරක්ෂක අංශ ජනප්‍රිය සටන්කාමියෙකු වන විසි දෙහැවිදිරි බුර්හාන් වානි ඝාතනය කිරීමත් සමග කාශ්මීරයේ ගැටුම්වල නැවත වැඩි වීමක් දක්නට ලැබේ. 2018 වර්ෂයේ දී ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් මියගොස් තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය තුන් වතාවක් යුද වැදී ඇති නමුත් 1947 බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් නිදහස ලැබූ පසු එම ගැටුම් සීමා වී තිබේ. කෙසේනමුත්, කාශ්මීරය සම්බන්ධයෙන් දෙරට අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වෙමින් තිබේ. තවත් තොරතුරු:
ඉන්දීය පාලිත කාශ්මීරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 46 දෙනෙකු මිය යාමේ සිද්ධියත් සමග "පාකිස්තානය සම්පූර්ණයෙන් තනි කිරීමට" ක්‍රියා කරන බව ඉන්දියාව ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ එම තරගකරුවන් දෙදෙනා දරන ස්ථාවරය හා ප්‍රධාන කරුණු අටක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ කෙරෙන සංසන්දනයකි. කොරෝනාවෛරසය ජනාධිපති ට්‍රම්ප් ජනවාරි මස අගදී කොරෝනාවෛරස කාර්ය සාධන බලකායක් ස්ථාපනය කළ අතර ඔහු පවසන්නේ "සුරක්ෂිතතාව හා රට යළි විවෘත කිරීම" කෙරෙහි එහි අවධානය දැන් මාරු වී ඇති බවකි. කොරෝනාවෛරසයට අදාළ ප්‍රතිකාර හා එන්නත් වේගයෙන් නිර්මාණය කිරීම ප්‍රමුඛත්වයෙහි ලා සැලකීමට ඔහු පියවර ගෙන තිබේ. එවැනි ව්‍යාපෘති සඳහා ඔහු යොමු කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වේ. ජෝ බයිඩන් හට අවශ්‍යවී තිබෙන්නේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ජාතික වැඩපිළිවෙලක් ස්ථාපනය කිරීමට ය. සෑම ප්‍රාන්තයක ම අවම වශයෙන් පරීක්ෂණ මධ්‍යස්ථාන 10 ක් පිහිටුවීමට හා කොරෝනාවෛරස පරීක්ෂණ සැමට නොමිලේ සැපයීමට ඔහුට අවශ්‍ය කරයි. ෆෙඩරල් රජයේ පරිශ්‍රවලදී මුව ආවරණ පැළඳීම අවශ්‍ය කෙරෙන රට පුරා මුව ආවරණ පැළඳීමකට ඔහු සහය පළ කරයි. දේශගුණය ජනාධිපති ට්‍රම්ප් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සැක සංකා ඇත්තෙකි. එපමණක් නොව, පුනර්ජනනීය නොවන බලශක්තිය තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඔහුට අවශ්‍යය. තෙල් හා ගෑස් සෙවීම සඳහා කැණීම් වැඩි කිරීමටත් වැඩිමනත් පාරිසරික ආරක්ෂණ පියවර හැකිලීමටත් ඔහු ක්‍රියා කරයි. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් බැඳී ඇති පැරිස් දේශගුණික සම්මුතියෙන් ඉවත්වීමට ද ඔහු කැපවී සිටී. මෙම වසර අගදී එක්සත් ජනපදය එම සම්මුතියෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතය. ජෝ බයිඩන් කියා සිටින්නේ ඔහු තේරී පත්වුවහොත් වහාම පැරිස් දේශගුණික සම්මුතිය හා යළි එක්වන බවකි. වසර 2050 වනවිට එක්සත් ජනපදය විමෝචනයෙන් ශුන්‍ය වනු දැකීමට ඔහුට අවශ්‍ය ය. පොදු ඉඩම්වල තෙල් හා ගෑස් සඳහා කෙරෙන කැණීම්වලට නව කල්බදු දීම තහනම් කිරීමට ද ඔහු යෝජනා කරයි. ආර්ථිකය ජනාධිපති ට්‍රම්ප් මාස 10 ක් තුළදී රැකියා මිලියන 10 ක් මෙන්ම අලුත් කුඩා ව්‍යාපාර මිලියනයක් ඇති කිරීම සඳහා සපථ කර ඇත. බදු කපාහැරීම් ගෙනෙන බව පවසන ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපදය තුළ රැකියා අවස්ථා පවත්වාගෙන යාම සඳහා දිරිදීමක් වශයෙන් සමාගම් වෙත බදු ණය සපයන බවද කියා සිටී. ජෝ බයිඩන් කියා සිටින්නේ පොදු සේවාවල ආයෝජනය වෙනුවෙන් ගෙවීම සඳහා ඉහළ ආදායම් ලබන්නන් කෙරෙහි බදු ඉහළ නංවන බවය. නමුත් එම බදු නැංවීම බලපානුයේ ඩොලර් ලක්ෂ හතරක වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයන් හට පමණක් බවද ඔහු පවසයි. දැනට ගෙවනු ලබන පැයකට ඩොලර් 7.25 ක් වන අවම වැටුප ඩොලර් 15 දක්වා ඉහළ නැංවීමට ද ඔහු ගේ සහය හිමිවේ. සෞඛ්‍ය පහසුකම් ජනාධිපති ට්‍රම්ප් හට, හිටපු ජනාධිපති ඔබාමා ගේ පාලන සමයේ සම්මත කරන ලද පුද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණ ක්‍රමය සඳහා මධ්‍යම ආණ්ඩුවේ නියාමනය ඉහළ නැංවූ 'දැරිය හැකි උවටැන් පනත' (Affordable Care Act - ACA)) අවලංගු කිරීමේ ඕනෑකම ද තිබේ. එම නියාමන පියවරට අනුව පූර්ව රෝගී තත්ත්ව ඇත්තන් හට රක්ෂණාවරණ දීම ප්‍රතික්ෂේප කිරීමද නීතිවිරෝධී බව දක්වා තිබිණි. එම වැඩපිළිවෙලට ආදේශකයක් එක්කොට වැඩිදියුණු කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පැවසුව ද ඒ පිළිබඳ විස්තර කිසිවක් ප්‍රකාශයට පත්කොට නැත. මිල අඩු ඖෂධ ආනයනයට ඉඩ සලසමින් ඖෂධ මිල අඩු කිරීම ද ජනාධිපතිවරයාගේ අපේක්ෂාව ය. ජෝ බයිඩන් හට අවශ්‍යව තිබෙන්නේ ඔබාමා පාලන සමයේ හඳුන්වා දුන් වැඩපිළිවෙල (ACA) ආරක්ෂා කොට පුළුල් කිරීමට ය. වැඩිහිටි පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතිලාභ සලසන 'මෙඩිකෙයාර්' වැඩපිළිවෙලට සුදුසුකම් ලබන වයස 65 සිට 60 දක්වා පහළට ගෙන ඒමට තමන්ට අවශ්‍ය බව බයිඩන් කියයි. 'මෙඩිකෙයාර්' වැනි පොදු සෞඛ්‍ය රක්ෂණාවරණ සැලසුමකට එක්වීම සඳහා සෑම අමෙරිකානුවකුට ම ඉඩ සැලසීම ඔහු ගේ අවශ්‍යතාව වී තිබේ. විදේශ ප්‍රතිපත්තිය ජනාධිපති ට්‍රම්ප්, විදේශවල සිටින ඇමෙරිකානු හමුදා යළි ගෙන්වා ගන්නා බවට වූ සිය පොරොන්දුව යළි යළිත් අවධාරණය කරමින් ම තවදුරටත් හමුදාව සඳහා ආයෝජනය කරයි. ජාත්‍යන්තර සන්ධානවලට තවදුරටත් අභියෝග කරන බව පවසන ජනාධිපතිවරයා චීනය කෙරෙහි පනවා ඇති වෙළෙඳ බදු එළෙසම පවත්වාගනී. ජෝ බයිඩන් ගේ පොරොන්දුව ඇමෙරිකානු මිත්‍ර පාර්ශව සමග ඇති සබඳතා යළි පනගන්වා ගැනීමට ය. චීනය මත ඒක පාර්ශ්විකව පනවා ඇති බදුවලින් ඉවත්වන බව පවසන බයිඩන් කියා සිටින්නේ ඒ වෙනුවට, චීනයට "නොසලකා හැරිය නොහැකි" ජාත්‍යන්තර සන්ධානයකට වගවීමට සලස්වන බවය. වාර්ගිකත්වය හා පොලිස් පාලනය ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ වර්ගවාදය එක්සත් ජනපද පොලිස් බල ඇණිවලට සම්බන්ධ ආයතනික ගැටලුවක් යැයි තමන් විශ්වාස නොකරන බවය. නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෘජුව පෙනීසිටින්නෙකු ලෙස ට්‍රම්ප් තමන් හඳුන්වා ගනු ලැබුවද කිසිවකු මෙල්ල කිරීම සඳහා ගෙල සිර කිරීම්වලට විරුද්ධ වෙමින් ඊට වඩා උසස් භාවිත වෙනුවෙන් ප්‍රතිපාදන සැපයීමට ද ඉදිරිපත් වී ඇත. ජෝ බයිඩන් වර්ගවාදය දකින්නේ ආයතනික ගැටලුවක් ලෙසිනි. රඳවාගැනීම් ප්‍රමාණය අඩුකරන ප්‍රාන්තවලට දිරිදීමක් ලෙස ප්‍රතිපාදන සැපයීම වැනි යුක්තිය රකින පද්ධතියේ ඇති වාර්ගික අසමානතා විසඳීම වෙනුවෙන් ප්‍රතිපත්ති ඉදිරිපත් කර ඇත. පොලිසියට මුදල් යෙදවීමෙන් වළකින ලෙසට නැගෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ඔහු කියා සිටින්නේ ඒ වෙනුවට, නියමිත ප්‍රමිතිගත තත්ත්ව පවත්වාගෙන යාම සඳහා අමතර සම්පත් එක් කළ යුතු බවය. ගිනි අවි ජනාධිපති ට්‍රම්ප් සතුව, අවි දැරීමේ අයිතිය සඳහා ඇමෙරිකානුවන්ට ආරක්ෂාව සපයන එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දෙවෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඇත්තේ පැතිරුණු අර්ථනිරූපනයකි. 2019 වසරේ වර්තා වූ සමූහ වෙඩි තැබීම්වලින් අනතුරුව, ගිනි අවි මිලට ගන්නන් පිළිබඳ කෙරෙන සෝදිසිය දැඩි කළ යුතු බවට ඔහු යෝජනා කළේය. නමුත් ඉන් අනතුරුව කිසිවක් සිදු නොවූ අතර කිසිදු නෛතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නොනැගිණි. ජෝ බයිඩන් කළ යෝජනා අතරට ආක්‍රමණශීලී ගිනි අවි තහනම් කිරීම, පුළුල් පසුබිම් සෝදිසියක්, මසකට එක් ගිනි අවියක් පමණක් වන සේ පුද්ගලයෙකුට මිලදී ගත හැකි ගිනි අවි ප්‍රමාණය සීමා කිරීම හා අපරික්ෂාකාරී ගිනි අවි නිෂ්පාදකයින් හා අලෙවිකරුවන්ට එරෙහිව නඩු පැවරීම පහසු කිරීම ද අයත් වේ. ගිනි අවි භාවිත ප්‍රචණ්ඩත්වය වැළක්වීම සඳහා වූ තවත් පර්යේෂණ වෙනුවෙන් අරමුදල් සම්පාදනය කරන බවද ජෝ බයිඩන් පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ සිය පළමු නිල වාරයේ ඉතිරිව ඇති කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති පුරප්පාඩුව සම්පූර්ණ කිරීම ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි අයිතියක් බවය. ඒ සඳහා ගතානුගතික විනිසුරුවරියක වන ඒමි කොනී බැරට්, ඔහු විසින් යෝජනා කරනු ලැබීය. එක්සත් ජනපදය තුළ ගබ්සාවට ඇති නෛතික හිමිකම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කඩිනමින් තීන්දුවක් ගැනීමට ඉඩ ඇති කරුණකි. ජනාධිපති ට්‍රම්ප් මෙන්ම බැරට් විනිසුරුවරිය ද මීට පෙර ඊට විරුද්ධව අදහස් පළකර ඇත. ජෝ බයිඩන් ට අවශ්‍යව තිබුණේ මීළඟ ජනාධිපතිවරයා පත් වූ පසු අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුව පුරවනු දැකීමට ය. ශ්‍රේෂ්ඨාධිකරණය එයට එරෙහිව තීන්දුවක් ලබා දුන හොත්. ගබ්සාවක් සඳහා කාන්තාවකට ඇති අයිතිය සහතික කිරීම සඳහා ඉඩ සැලසෙන නීති ප්‍රතිපාදන සම්මත කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් ක්‍රියා කරන බව ජෝ බයිඩන් පවසයි. මේ ගැනත් දැනගන්න:
රටේ මීළඟ ජනාධිපතිවරයා පිළිබඳ පැහැදිලි තේරීම මැතිවරණ දිනය දා අත්විඳීමට ඇමෙරිකානු ඡන්දදායකයෝ සැරසෙමින් සිටිති. එම තේරීම සිදුවන්නේ දැනට ජනාධිපති ධුරය හොබවන රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් අතරිනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගැටුම්වලදී මියගිය සංඛ්‍යාව පිළිබඳව අල් ජසීරා ජාලයට ඔහු විසින් සපයන ලද වාර්තාවක සහ ට්විටර් පණිවුඩයක සඳහන් කරන ලද කරුණු පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ ගැටුම්වල දී මියගිය සංඛ්‍යාව, ගැටුම් අතරවාරයේ ඔහුගේ වාර්තාවේ සඳහන් වූ සංඛ්‍යාවට වඩා අඩු බව පසුව දැන ගන්නට ලැබිණ බවයි. අල් ජසීරා මාධ්‍ය ජාලය සමඟ පවතින්නේ කවර සම්බන්ධතාවයක්ද යන්න පිලිබඳවත් පොලිසිය පැය හතරක් මුළුල්ලේ දිනුක් කොළඹගේ ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ බවද ඔහුගේ නීතිවේදීහු පවසති.
අලුත්ගම සහ බේරුවල හටගත් කෝලාහල වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය අල් ජසීරා ජාලයේ මාධ්‍යවේදී දිනුක් කොළඹගේ ගෙන් ප්‍රශ්න කරන ලද බව ඔහුගේ නීතිවේදීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එබැවින් සංචාරයේ යෙදීමට පෙර අතිශය ප්‍රවේසම්කාරීවන ලෙසත් තත්ත්වය ගැන නැවත සොයා බලන ලෙසත් තමන්ට උපදෙස් ලැබී තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ. මේ තත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය බලා පිටත් වීමට පෙර පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නැවත තක්සේරු කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු බදාදා (සැප්තැම්බර් 11) ශ්‍රී ලංකා රජයේ සහාය පැතූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු අනතුරු ඇඟවීමකින් අනතුරුව එම තීරණයට එළඹුණු බවය. මේ අතර, ඉන්දියාවේ බලපෑම මත ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් තරග සංචාරයට එක් නොවන බවට පාකිස්තානයේ අමාත්‍යවරයෙක් නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. පකිස්තානයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් හුසේන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පාකිස්තානයේ සංචාරය කළහොත් ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා සහභාගී කර නොගන්නා බවට ඉන්දියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට තර්ජනය කර තිබෙන බව ක්‍රීඩා විචාරකයන් තමන්ට පැවසූ බවය. එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිරිසක් පාකිස්තානයේ සංචාරය නොකිරීමට හේතුව 2009 වසරේ එල්ලවූ ප්‍රහාරය මිස වෙනත් කාරණයක් නොවන බවකි. "අපි ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නා තීරණයක් ගන්න. මොකද ඇතැම් අයගේ පවුල්වල අය කැමති වුනේ නැහැ ඔවුන් මේ සංචාරයේ යනවට. අපි ඔවුන්ගේ තීරණයට ගරු කරනවා. ඒ ගැන විවේචන එල්ල කිරීම අසාධාරණයි" අමාත්‍යවරයා කියා සිටියේය. පාකිස්තානයේ තරග කිරීමට කැමති දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නම් කරන බව පැවසූ අමාත්‍යවරයා පාකිස්තානය ඔවුන්ගේ රටේදීම පරාජය කිරීමට මෙම ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි බව තම විශ්වාසය බව ද කියා සිටියේය. ඉන්දීය ප්‍රිමියර් ලීගය යොදාගෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පාකිස්තානයට නොයන ලෙස ඉන්දියාව බලපෑම් කරන බවට චෝදනා කළත්, පාකිස්තානයට සංචාරය කිරීමට අකමැත්ත පළකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දසදෙනා අතරින් පසුගිය වසර කිහිපයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග සඳහා සහභාගී වුයේ ලසිත් මාලිංග පමණි. දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල හා තිසර පෙරේරා පාකිස්තානයේ සංචාරය කිරිම ප්‍රතික්ෂේප කළ සෙසු ක්‍රීඩකයෝ වෙති. ලෝක කණ්ඩායම වෙනුවෙන් පාකිස්තානයේ ක්‍රීඩා කළ තිසර පෙරේරා මේ අතර පාකිස්තානයේ දෙවරක් සංචාරයේ යෙදුනු තිසර පෙරේරා මෙවර පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම ගැනද දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුවී තිබේ. මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කරමින් සිටින තිසර පෙරේරා එම තරගාවලියේ දිගටම ක්‍රීඩා කිරීම සඳහා මෙලෙස පාකිස්තානය බලා යාම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. පසුගිය වසර කිහිපයේදී වරක් ලෝක කණ්ඩායම සමග හා තවත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග තිසර පෙරේරා පාකිස්තානයේ සංචාරය කර තිබේ. තිසර පෙරේරා පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලියේ ක්‍රීඩා කිරීමට තිසර පෙරේරාට දී තිබු අවසරය ලබන 15 වැනිදා සිට ඉවත් කර තිබේ. එම තරගාවලියේම ක්‍රීඩා කිරීමට නිරෝෂන් දික්වැල්ල කළ ඉල්ලීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇත. ජාතික කණ්ඩායමේ තරගාවලියක් ක්‍රීඩා නොකර එයින් ඉවත්ව වෙනත් තරග සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර නොදීමේ ප්‍රතිපත්තිය මත එම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු බීබීසි සිංහල සේවයට පැවසුවේය. පාකිස්තාන සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 25 වැනිදා එරට බලා පිටත්ව යාමට නියමිත අතර එම තරගාවලියේ එක්දින තරග සඳහා ලහිරු තිරිමාන්න ද සහ විස්සයි විස්ස තරග සඳහා දසුන් ශානක ද නායකයන් ලෙස පත් කර සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයේ යෙදුන හොත් එහිදී ඔවුන්ට "ත්‍රස්ත තර්ජනයක්" එල්ලවිය හැකි බවට විශ්වාසදායක තොරතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ශ්‍රී ලංකාවේ පවතින මානවීය අර්බුදය තැතිගන්වන සුළුය" ඇතැම් ප්‍රදේශවල වැසි සහිත කාලගුණය මඳක් තුරන් වී තිබෙන නමුත් ඉදිරියටත් ධාරානිඔපාත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කරන අනතුරු ඇඟවීම හමුවේ ශ්‍රී ලංකා බලධාරීන් ඉදිරියේ තවත් ප්‍රබල අභියෝගයක් මතු වී තිබෙන බවත් පුණ්‍යායතනය පෙන්වා දෙයි. මේ වසර මුල සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 53,000 ක් වාර්තා වී තිබේ. ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මේ වනවිට සිය දෙනෙකුවත් මියගොස් ඇති අතර, දිවයිනට බලපා තිබෙන කාලගුණ තත්ත්වය මේ මාසය අවසානය වනතෙක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ජල ගැලීම් ගුවනින් දුටු ආකාරය විශේෂයෙන්ම ලබන 29, 30 සහ 31 දිනවල දී වැසි වැඩිවීමක් සිදුවනු ඇති බවට පුරෝකථනය කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක පැවසීය. එක තැන පල්වෙමින් තිබෙන ගංවතුර පහසුවෙන්ම මදුරුවන් බෝවන ස්ථාන බවට පත්වන බැවින් ගිය වසරේ මේ කාර්තුව සමග සසඳන විට ඩෙංගු රෝගය 150 % ක ප්‍රතිශතයකින් ඉහල යා හැකි බවටත් සේව් ද චිල්ඩ්රන් ආයතනය අනතුරු ඇඟවීමක් කරයි. "ශ්‍රී ලංකාවේ පවතින මානවීය අර්බුදය තැතිගන්වන සුළුය," බව පවසන පුණ්‍යායතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්ෂ ක්‍රිස් මැක්අයිවර්, මෝසම් වැස්ස හේතුවෙන් සාමාන්‍යයෙන් මේ කාලය තුළ බලාපොරොත්තු විය හැකි මට්ට්මට වඩා ඉතා බරපතල බලපෑමක් මෙවර ඇති වී තිබෙන බවත් සඳහන් කරයි. ගිය වසරේ මේ කාර්තුව සමග සසඳන විට ඩෙංගු රෝගය 150 % ක ප්‍රතිශතයකින් ඉහල යා හැකි බවට සේව් ද චිල්ඩ්රන් ආයතනය අනතුරු අඟවයි ගංවතුර සහ නාය යාම්වලින් ආපදාවට ලක් වූ ශ්‍රී ලංකාවාසීන් ඩෙංගු රෝගයෙන් ද බැට කෑමේ අනතුර අවම කිරීම පිණිස, පානීය ජලය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදෙමින්, දරුවන්ට මානසික උපදේශන සේවා සපයමින් සහ පාසල් යළි විවෘත කිරීමට උපකාර කරමින් සිය සංවිධානයේ සේවකයෝ ගංවතුර උවදුරට ලක් වූ ජනතාව සමග රැඳී සිටින බවත් සේව් ද චිල්ඩ්රන් ආයතනය වැඩිදුරටත් පවසයි. කෙසේ නමුත් තවදුරටත් පවතින අයහපත් කාලගුණය හමුවේ බොහෝ ස්ථානවලට ළඟාවීම තමවත් ඉතා දුෂ්කර අතර, ගංවතුර හේතුවෙන් ඇතැම් ගම්මාන සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් හුදෙකලා වී පවතින බවත් පුණ්‍යායතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගංවතුර උවදුර හේතුවෙන් ඩෙංගු රෝගය පැතිරීම තවත් උත්සන්න විය හැකි බවට සේව් ද චිල්ඩ්රන් (Save the Children) පුණ්‍යායතනය අනතුරු අඟවයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කුරුවිට බන්ධනාගාරය ශ්‍රී ලංකාව පුරා පිහිටි බන්ධනාගාර විසි අටක සිරදඬුවම් විඳි පිරිමි සිරකරුවෝ පන්සීය හැත්තෑ පහක් සහ කාන්තා සිරකරුවෝ තිස්හත් දෙනෙක් සමාව ලබා නිදහස් වූ පිරිස අතර වෙති. මීට අමතරව බරපතළ ගනයේ නොවන වැරදි වෙනුවෙන් සිරදඬුවම් විඳි වයස අවුරුදු හැත්තෑපහ ඉක්ම වූ කාන්තා සහ පිරිමි සිරකරුවන්ටද ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ටීඑන් උපුල්දෙනිය පැවසුවේය. මෙසේ ජනාධිපති සමාව හිමිව නිදහස ලැබූ සිරකරැවන්ට සිය නිවෙස් බලා යෑම සඳහා බස්ගාස්තුද ගෙවනු ලැබීය. තමාට ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලැබෙන බව අවසන් මොහොත දක්වා දැන නොසිටි බව නිදහස ලැබූ බොහෝ සිරකරුවෝ පැවසූහ. කුරුවිට බන්ධනාගාරයේ පිරිමි සිරකරුවෝ තිස්හය දෙනෙක් සහ කාන්තා සිරකරුවෝ හය දෙනෙක් බදාදා උදෑසන නිදහස ලබා පිටව ගියහ.
දඩ ගෙවා ගත නොහැකි සහ සුළු වැරදි මත බන්ධනාගාර ගතව සිටි සිරකරුවෝ හයසිය දොළොස් දෙනෙක් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලබති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ අවස්ථාවේ දී මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්විය නොහැකි බවත් සංගණනය කෙරෙන පදනම හෝ එය ක්‍රියාත්මක කෙරෙන පදනම පිළිබඳව තමන් නොදන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා පැවසීය. සාමාන්‍යය වැසියන් යුධ මුක්ත කලාපය යනුවෙන් හඳුන්වා දුන් ප්‍රදේශ වලත් මරණ සිදුවී ඇති අතර එම කලාපයෙන් පිටතට පැමිණි දෙලක්ෂ අසු දහසත්-අනු දහසත් අතර පිරිසට අමතරව අනෙක් අයට කුමක් සිදු වුනේ දැයි සොයා ගත යුතුව ඇති බව ආර් සම්පන්තන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. වන්නි කලාපය තුල තුන් ලක්ෂ හැට දහසකට වැඩි පිරිසක් කොටු වී සිටි බවට වාර්තා පලවූ බව දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටියේය. මේ අයගෙන් වැඩි පිරිස සාමාන්‍යය වැසියන් බවත්,කොටි සංවිධාන සාමාජිකයින් ද ඒ අතරේ සිටි නමුත් ගැටලුව වන්නේ මරණයට පත් වූ සාමාන්‍යය වැසියන් ගේ ගණන දැන ගැනීම බව ආර් සම්පන්තන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. නිවැරදි තොරතුරු මේ පිළිබඳව බී බී සී තමිල් ඕසෙයි වැඩසටහන කල විමසුමකට කල පිළිතුරු දුන් ස්වදේශීය කටයුතු අමාත්‍යංශයේ ලේකම් පී බී අබේකෝන් කියා සිටියේ මෙම සංගණනය දෙස ශුභවාදීව බැලිය යුතු බවයි. මෙම සංගණනය හේතුවෙන් යුද්ධයයේදී මිය ගිය පිරිසේ ගණන් හිලව් පිළිබඳව තොරතුරු රහිතව කෙරෙන ප්‍රකාශ වෙනුවට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව පී බී අබේකෝන් පෙන්වා දුන්නේය.
යුධ ගැටුම්වලින් සිදු වූ මානව විනාශය සහ හානියට පත් දේපොළ පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම පිණිස පැවැත්වෙන දීප ව්‍යාප්ත සංගණනය පිළිබඳව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්තන් පැවසුවේ මරණයට පත් වූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව දැන ගැනීම වැදගත් වන බවයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ඉතාම හික්මීමකින්, ඉතාම ගෞරවනීය ලෙස, ඉතාම වැදගත් ලෙස චරිත ඝාතන, නින්දා අපහාස කිසිම කෙනකුට පෞද්ගලිකව නොකර ඉතාමත්ම ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයකට කැපවෙනවා" හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය සභාපති කරු ජයසූරීය මන්ත්‍රීවරයාද සමඟ කෝට්ටේ නාග විහාරය පැමිණි මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා, එහිදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවිය. සෝභිත හිමියන් හමුවීමට ප්‍රථම නාග විහාරයේදී අදහස් දැක්වූ විපක්ෂයේ පොදු අපේක්ෂකයා: "ඉතාම හික්මීමකින්, ඉතාම ගෞරවනීය ලෙස, ඉතාම වැදගත් ලෙස විශේෂයෙන්ම චරිත ඝාතන, නින්දා අපහාස කිසිම කෙනකුට පෞද්ගලිකව නොකර ඉතාමත්ම ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක්," වෙනුවෙන් කැපවන බවට ප්‍රතිඥා දුන්නේය. එහිදී දෙපාර්ශවය අතර විශේෂ සාකච්ඡාවක් නොපැවැත්වුණු අතර, එය සුහද හමුවක් පමණක් වූ බවයි ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. තමන් පොදු අපේක්ෂකයා ලෙසින් ප්‍රකාශයට පත් වී ගතව ගිය පැය 48 ක කාලය ඇතුලත රට තුළ 'විශාල පරිවර්තනයක්' සිදු වී තිබෙන බවත් මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
"වෛරයෙන්, ක්‍රෝධයෙන් සහ හිංසාවෙන් තොර" ඉතා සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවන බව ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හතළිස් පස් වියැති එවින් සෙල්වි යාපනයේ වෙසෙන යුද වැන්දඹුවක් උතුරු පළාතේ පවතින නිලධාරි හිඟය, මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසා අසරණභාවයට පත් ඉහත කී කාන්තාවන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට නොහැකි වී ඇති බවයි පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. වැන්දඹු කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට පළාත් සභාව තුළ මුදල් නොමැති බවත් මේ වසරේ එම කටයුතු සඳහා අවශ්‍යව තිබූ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ලබා ගත්තේ උතුරු පළාත් සභාවට වාහන මිලට ගැනීමට තිබූ මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මුදල් ප්‍රතිපාදන නොලැබීමට අමතරව වැන්දඹු කාන්තාවන්ගේ ගැටළු පිළිබඳ සොයා බලා විසඳුම් ලබා දීමට ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක්ද උතුරු පළාත් සභාව තුළ නොමැති බව කී සත්‍යලිංගම් පළාත් අමාත්‍යවරයා එවැනි නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමට මේ දක්වා පිළිතුරු නොමැති බවද කියා සිටියේය. යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට බවට පත්ව සිටින පිරිසෙන් බහුතරයක් ආබාධිත හෝ විකලාංග තත්ත්වයට පත්ව සිටින බැවින් ඔවුන්ට කවරෙකුගේ හෝ රැකවරණයක් ආධාරයක් අවශ්‍යව ඇති බව පෙන්වාදෙන උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා නමුත් මෙම කාන්තාවන්ගෙන් බහුතරයක් හුදකලාව ජීවත් වන බවත් පැවසීය. කිසිදු ආදායමක් නොමැති යුද වැන්දඹුවන්ට ඇතැම් විට ජීවත් වීම පිණිස කුමන හෝ රැකියාවක් කිරීමට සිදුව ඇති වගද,බොහෝ විට පවුලේ සියලුම කටයුතු එම කාන්තාවන් අතින්ම සිදු වන බවද කී පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී සත්‍යලිංගම් මෙම තත්ත්වය ලබන වසරේදී හෝ වෙනස් කිරීමට උත්සහ ගත යුතු බවට රජයෙන් ඉල්ලීමක් කොට ඇතැයිද කියා සිටියේය.
යුද්ධය අවසන් වී වසර හතක් ගත වී ඇති නමුත් යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට පත් කාන්තාවන් හතළිස් දෙදහසකගේ ජීවන තත්වය ඉහළ ගොස් නොමැති බව උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2005 වසරේදී පොදු වෙළඳ පොළේ නාමය වෙනස් කොට තිබෙන්නේ, එල්ටීටීඊ යේ නියෝගය පරිදියි 2005 වසරේදී එම නාමය වෙනස් කොට තිබෙන්නේ, එල්ටීටීඊ සංවිධානයේ නියෝගය පරිදියි. පොදු වෙළඳ පොළේ නාමය වෙනස් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය චුල්ලිපුරම් ප්‍රාදේශීය සභාවට නියෝග කළේ වට්ටුකෝට්ටෙයි ප්‍රදේශවාසීන් පිරිසක් ගොනු කොට තිබූ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි. පොදු ස්ථානයක නාමයක් වෙනස් කිරීම පිණිස අදාළ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය අවශ්‍ය බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් පෙන්වා දුන්හ. අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රමුඛ ත්‍රි-පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම විභාග කෙරිණ.
වට්ටුකෝට්ටෙයි සිවන්කෝවිලඩි පොදු වෙළඳ පොළේ නාමය සින්දුපුරම් පොදු වෙළඳ පොළ ලෙසින් මාරු කිරීමට ගෙන තිබූ තීන්දුවක් අහෝසි කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ බව සඳහන් කළේ බරපතල වංචා සහ දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින්. "මම අද දුක්වෙනවා මේ යුද්ධෙ ඉවර කරගන්න. මොකටද මම මේක ඇවිල්ල මේක යුද්ධ කරේ," හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය. "ඒක ඉවර කරපු හන්දනේ මේ ඔක්කොම කරදර? දැන් තව ඉදිරියට තව කරදර එනවනේ?" ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව විමසා බැලීම පිණිස මිශ්‍ර අධිකරණ පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන් නිර්දේශ කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පසුගිය බදාදා වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව තමන්ට එම කොමිසම ඉදිරියේද පෙනී සිටීමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය. 'හයිබ්‍රිඩ් ක්‍රමේ' "ඒ කොමිසමෙන් ඉදිරිපත් කරලා තියෙනවනේ දැන් මේ හයිබ්‍රිඩ් ක්‍රමේ?. දැන් ඒකටත්, අපි මේ යුද්ධෙ ඉවර කළේ ඇයි කියල දැන් සාක්කි දෙන්න ඕන," ගෝඨාභය රාජපක්ෂ පැවසීය. එහෙත් තමන්ට තවමත් එවැනි කැඳවීමක් ලැබී නැති බව ඔහු පිළිගත්තේය. නිල සටහන් තබමින් බරපතල යුද්ධයකදී ගත යුතු ක්ෂණික තීරණ ගත්තේ නම් 'යුද්ධය තාමත් යන' බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය. "තාම එහෙනම් මේවට එන්න වෙන්නේ නෑ අපිට. මොනවා වුනත්, කවුරු වුනත් පිළිගන්න ඕන නේ අවුරුදු 30 ක් තිබුන යුද්ධය මම ආරක්ෂක ලේකම් වශයෙන් ඉඳපු කාලේ නේ අවසන් කළේ." 'මම අද දුක්වෙනවා මේ යුද්ධෙ ඉවර කරගන්න. මොකටද මම මේක ඇවිල්ල මේක යුද්ධ කරේ' විවිධ 'හමුදාපතිවරුන්' සහ 'නිලධාරීන්' බොහෝ දේ සඳහන් කළත්, ඔවුන්ගේ පාලන කාලවල යුද්ධය අවසාන කිරීමට නොහැකි වූයේය යන්න යතාර්ථය බවත් ඔහු පැවසීය. "මගේ මේ මිනිට් එකක් (නිල සටහන්) තියනවද, එහෙම නැත්නම් ලිපියක් ලියවිලා තියනවද. මේවා තමයි මේ තාක් කල් මම අහගෙන හිටියේ. දූෂණයක් වෙච්ච එකක් ගැන කතාවක් නෑ." පසුගිය ජනපතිවරණයට රාජ්‍ය නිලධාරීන් යොදා ගත් බවට මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා එම චෝදනාව ප්‍රතික්ෂේප නොකරන හැඩකුයි දක්නට ලැබුණේ. "රජයේ සේවකයෝ කවදාකවත්, කිසිම ආණ්ඩුවක් පාවිච්චි කරලා නෑනේ ඡන්ද වැඩවලට," යන්නයි ඒ පිළිබඳව ඔහුගේ ප්‍රතිචාරය වූයේ.
දශක ගණනාවක් පැවති යුද්ධය නිමා කිරීම පිළිබඳව දැන් තමන්ට කණගාටුවක් දැනෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එසේ අනතුරට ලක්වී තිබෙන්නේ වීරවිල සිට පිටත්ව ගිය Y-12 වර්ගයේ ගුවන් යානයකි. එය කඩා වැදී තිබෙන්නේ හපුතලේ අයිස් පීල්ල ප්‍රදේශයට ය. යානයේ කාර්ය මණ්ඩලය සිව් දෙනෙකුගෙන් සමන්විත වූ අතර අනතුරේදී ඒ සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. අදාළ ගුවන් යානය දෛනික ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටි එකක් බව ද ගුවන් හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය. අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් පරීක්ෂණ අධිකරණයක් (court of inquiry) පත් කරනු ලැබ ඇති බවද ඔහු පැවසීය. මේ තොරතුරු ද දැනගන්න:
ශ්‍රී ලංකා ගුවන් හමුදා හමුදාවට අයත් ගුවන් යානයක් අද උදෑසන හපුතලේ ප්‍රදේශයට කඩාවැටී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය සති අන්තයේ පැවති මෙම තරඟයෙන් ඉන්දියාව පරාජය විය කෙසේ වුවත් එම ශිෂ්‍යයන් පිරිස වාර්ගික සමගියට බාධා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බවයි, බලධාරීන් පවසන්නේ. බංග්ලාදේශයේ දැන් පැවැත්වෙන ආසියානු කුසලාන තරඟයේදී ඉන්දියාව පාකිස්තානයට පරාජය වීමෙන් අනතුරුව උත්තර් ප්‍රදේශ් හි විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන හැටකට අධික ශිෂ්‍යයන් පිරිසකගේ පන්ති තහනම් කෙරිණ. තමන් පාකිස්තානයට ඔල්වරසන් පෑවා නොව පාකිස්තානය තරඟය ජය ගත් අවස්ථාවේ අත්පොලසන් නැගුවා පමණක් බවයි, ශිෂ්‍යයන් පිරිස පවසන්නේ. ශිෂ්‍යයන්ට එරෙහි රාජද්‍රෝහී චෝදණා සනාථ කිරීමට තරම් සාක්ෂි හමු නොවූ බවයි, පැමිණිල්ල පරීක්ෂා කළ මීරුට් නගරයේ දිස්ත්‍රික් මහේස්ත්‍රාත් පන්කජ් යාදව් බීබීසී හින්දි සේවයට කියා සිටියේ. චෝදනා සනාථ වූයේ නම් ශිෂ්‍යයන්ට වසර තුනක් දක්වා වූ සිර දඬුවම් පැනවිය හැකිව තිබිණ. මෙය 'පිළිගත නොහැකි මට්ටමේ රළු පියවරක්' බව ඊට කලින් කියා සිටි ජම්මු කාශ්මීරයේ මහ ඇමති ඕමාර් අබ්දුල්ලා, සිසු පිරිසට එරෙහි චෝදනා ඉවත් කර ගන්නා ලෙස උත්තර් ප්‍රදේශ් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.
ක්‍රිකට් ක්‍රීඩා තරඟයක දී පකිස්තානු පිල වෙනුවෙන් ඔල්වරසන් පෑ ඉන්දීය කාශ්මීරයේ සිසුන් පිරිසකට එරෙහිව රාජද්‍රෝහි චෝදනා මත පැවරූ නඩුව උතුරු ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් විසින් ඉවත් කර ගනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ, ඇමෙරිකානු ජනපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී එහි අවසාන ප්‍රතිඵලය කවරක් දැයි සමස්ත ලෝකයම උනන්දුවෙන් බලා සිටි මොහොතකි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සජීවී ලෙසින් ජාතිය අමතමින් සිටී. "වලංගුභාවය සහතික නොකෙරුණු සහ කිසිදු තහවුරු කිරීමකින් තොර ඡන්ද මිලියන ගණනක් ...," යනුවෙන් ජනාධිපතිවරයා විරුද්ධ පක්ෂයට සහ මැතිවරණ බලධාරීන්ට ඉතා බරපතල චෝදනා මාලාවක් එල්ල කරයි. හදිසියේම ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට බාධා කරමින් විශේෂ නිවේදනයක් කරන CNBC මාධ්‍ය ජාලයේ නිවේදක ෂෙපර්ඩ් ස්මිත් (Shepard Smith) "අපිට මේ විකාශයට බාධා කරන්න සිදුවෙනවා, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා කරන මේ ප්‍රකාශයෙන් වැඩි කොටස සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොරයි," යනුවෙන් සඳහන් කරයි. ඔහුගේ ස්වරය දැඩිය. මුහුණේ තිබෙන්නේ කෝපය මුසු ස්වභාවයකි. "අපිට මේක දිගටම විකාශය කරන්න ඉඩ දෙන්න බැහැ. මොකද, ඒක ඇත්ත නෙවෙයි," යනුවෙන් පවසන ෂෙපර්ඩ් ස්මිත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් නගන චෝදනා සනාථ කිරීම පිණිස සාක්ෂි නොමැති බව අවධාරණය කරයි. මාධ්‍යවේදී ෂෙපර්ඩ් ස්මිත් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ප්‍රශංසා කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත්කරන ජ්‍යෙෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදිනී නිරූපමා සුබ්‍රමනියම්, "බලය ඉදිරියේ සත්‍යය කථා කිරීම" අගය කොට තිබිණි. ඒ ගැන අදහස් දක්වමින් ලේඛක සහ සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසන්නේ "බියෙන් සහ පක්ෂග්‍රාහීවීමෙන් තොර, සැබෑ ජනමාධ්‍යකරණය යනු එය" බවය. ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සමයේ සහ ඡන්ද විමසීමෙන් අනතුරුව CNBC සහ CNN වැනි රූපවාහිනී නාලිකා එසේ සජීව ලෙසින් ජනාධිපතිවරයා නගන අසත්‍ය චෝදනා හෙළිදරවු කරද්දී, රොයිටර්ස් සහ ඒපී වැනි ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම බීබීසී ද ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සත්‍යය සෙවීමේ (Fact Check/ Reality Check) ලිපි ප්‍රකාශයට පත් කළහ. ජනාධිපතිවරයාගේ චෝදනා සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී බීබීසී වාර්තාකරුවන් සහ වෙබ් අඩවිය ද "ඒ චෝදනාව සනාථ කිරීමට සාක්ෂි නැති," බව දිගින් දිගටම ප්‍රකාශ කිරීම පෙර නොවූ විරූ ආකාරයේ තත්ත්වයකි. ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ හිටපු කර්තෘ සහ සමාජ මාධ්‍ය ජාල විශ්ලේෂක සංජන හත්තොටුව පෙන්වාදෙන ආකාරයට, කිසිදු සාක්ෂියකින් තොරව මැතිවරණ දූෂණ ගැන චෝදනා කරමින් සහ මැතිවරණයෙන් පරාජය වුවත් පරාජය පිළිනොගනිමින් ජනාධිපති ට්‍රම්ප් පළකරන හැසිරීම ද පෙර නොවූ විරූ සිදුවීමකි. 'We Report You Decide' ලෝකයේ බලගතුම පුද්ගලයා ලෙසින් සැලකෙන එක්සත් ජනපද ජනාධිපතිවරයා "බොරු කියන" බව ප්‍රසිද්ධියේ පවසමින් ඇමෙරිකානු මාධ්‍ය ප්‍රමුඛ ජාත්‍යන්තර මාධ්‍ය අනුගමනය කළ ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකාවේ පර්යේෂණ ආයතනයක විධායක නිලධාරිනියක වන මැණික් ප්‍රනාන්දු, ජනතාවට සත්‍යය වාර්තා කිරීම ජනමාධ්‍යවල වගකීම බව අවධාරණය කරන්නීය. "උදාහරණයක් විදියට අපිට මතකයි මුල් කාලේ සිරසේ මොටෝ එක 'We Report You Decide' මම කියන්නේ ඒක තමයි හරි," ඇය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "මාධ්‍ය කළ යුත්තේ කවුරුවත් හිතන විදිය වෙනස් කිරීම නෙමේ, පවතින දේ වාර්තා කිරීම," යනුවෙන් පෙන්වා දුන් මැණික් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ, "සීඑන්එන් වුණත් වාර්තා අවසන් කළේ 'ඔබ තීරණය කරන්න' කියල," යනුවෙන් ද සඳහන් කළාය. "මාධ්‍ය පවතින තත්ත්වය වාර්තා කළාම, බුදු හාමුදුරුවෝ කිවුව වගේ ජනතාව තම තම නැණ පමණින් දැනගත යුතුයි." මේ අතර ඇමෙරිකානු ජනපතිවරණයේ දී ජනමාධ්‍යවල හැසිරීම පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් කරන අනිද්දා පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පවසන්නේ, "ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ අවිනිශ්චිතම, අඳුරුම මොහොතක ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සවිමත්ම කුළුණක් ලෙස ස්වාධීන ජනමාධ්‍ය නැගී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ," බවය. "ජනාධිපතිවරයාගේ සෑම ව්‍යාජ ප්‍රකාශයක්ම ව්‍යාජ ප්‍රකාශ බව පැහැදිලිව ජනමාධ්‍ය වාර්තා කරනු ලැබීය," යනුවෙන් ද තරිඳු උඩුවරගෙදර සිය ලිපියේ සඳහන් කරයි. කියවන්න: ට්විටර් සහ ෆේස්බුක් ජනාධිපතිවරයා ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරන විට එම චෝදනා සනාථ කිරීම පිණිස සාක්ෂි නොමැති බව දැක්වෙන පසුවදන් එම ප්‍රකාශවලට එක්කරමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පමණක් නොව ට්විටර් ජාලයත්, අනතුරුව මුහුණු පොතත් විශේෂ වැඩපිළිවෙලක් දියත් කළහ. උදාහරණයක් ලෙස, ජනපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ බව පවසමින් නොවැම්බර් 07 වෙනි දින ජනාධිපති ට්‍ර්ම්ප් ලොකු අකුරෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ විට ඒ වනවිටත් නිල ප්‍රතිඵල නිකුත්කර නොමැති බව පවසමින් ට්විටර් ආයතනය එයට පසුවදනක් එකතුකර තිබුණි. ෆොක්ස් නිව්ස් සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය මේ අතර නොවැම්බර් 09 වෙනි දින සවස් යාමයේ මාධ්‍ය හමුවක් අමතා අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකා Kayleigh McEnany "ඡන්ද කොල්ල කෑ" බවට ඩිමොක්‍රටික් පක්ෂයට චෝදනා කරද්දී, කලක් ජනාධිපති ට්‍රම්ප්ට ඉතා සමීප නාලිකාවක් වූ 'ෆොක්ස් නිව්ස්' එම විකාශය අතරමඟ නවතා දමා සාක්ෂිවලින් තොරව එවැනි ව්‍යාජ චෝදනා ගෙන ඒමට ඉඩ දිය නොහැකි බව කියා සිටියේය. විශේෂයෙන්ම රූපට් මර්ඩොක් පවුල තුළ පවතින මතභේද ෆොක්ස් නිව්ස් නාලිකාවේ මේ තීන්දුව සඳහා බලපාන්නට ඉඩ ඇති බව පවසන විශ්ලේෂක සංජන හත්තොටුව, "කුමන්ත්‍රණ න්‍යාය" ප්‍රචාරය කරමින් සහ ඇමෙරිකානු ජනතාව අතර බෙදීම් ඇතිකරමින් "ෆොක්ස් නිව්ස් ඇතුළු බලගතු සහ පක්ෂග්‍රාහී නාලිකා" කලක් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනුවෙන් ඉටු කළ මෙහෙය, ශ්‍රී ලංකාවේ වත්මන් රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් ඇතැම් පෞද්ගලික නාලිකා ඉටුකරමින් සිටින කාර්යභාරයට බොහෝ සමාන බව ද පෙන්වා දෙයි. දැනට නවසීලන්තයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින ඔහු වැඩිදුරටත් පවසන්නේ, මර්ඩොක් මාධ්‍ය අධිරාජ්‍යය ක්‍රියාත්මක නොවීම නවසීලන්තයේ දේශපාලනය අන් බොහෝ රටවලට වඩා වෙනස් වීමට එක් ප්‍රධාන හේතුවක් යයි බොහෝ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙන බවය. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ඡන්ද ගණන් කිරීම නිරීක්ෂණය කරන මැතිවරණ නිරීක්ෂක කාන්තාවක් 'ඇමෙරිකානු මාධ්‍ය හරි පැත්තේ හිටගත්තා' ස්වර්ණා කාන්ති ගුණරත්න ලොස් ඇන්ජලීස් නුවර හිටපු ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරියකි. ඇය පවසන පරිදි එක්සත් ජනපදයේ මාධ්‍ය කෙතරම් ස්වාධීන ද යන්න ජනපතිවරණයේදී පැහැදිලිව දක්නට ලැබිණ. "මාධ්‍යවල වගකීම ඇත්ත ඇති හැටියෙන් කියන එක," යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "ජනාධිපති ලෝකෙම බලවතා වුණත් මාධ්‍ය ඇත්ත කියන්න ඕනේ. ට්‍රම්ප් කියපු ගොඩක් දේවල් ගැන සාක්කි නෑ. ඉතින් මම හිතන්නේ ඇමෙරිකානු මාධ්‍ය හරි පැත්තේ හිටගත්තා," යනුවෙන් පවසන ඇය, "මට හිතුණා ඇමෙරිකාවේ මාධ්‍ය ලෝකෙටම ආදර්ශයක් වුණා කියල," යැයි වැඩිදුරටත් සඳහන් කළාය. 'Racism is Racism' ගතව ගිය දශක කිහිපය ඇතුළත ජනමාධ්‍යවල වාර්තාකරණයේ ද පැහැදිලි වෙනස්කම් දක්නට ලැබිණ. ජනාධිපති ට්‍රම්ප්ගේ සිව් වසරක පාලනය හා ඒ බොහෝ වෙනස්කම් බැඳී පැවතීමද විශේෂත්වයකි. ගවේෂණශීලී මාධ්‍යකරණයේ දී හැරුණු විට සාමාන්‍ය වාර්තාකරණයේ දී බොහෝ විට දෙපාර්ශවයේ අදහස් වාර්තාකිරීමෙන් ඔබ්බට නොගිය බීබීසී ද Reality Check වැනි අංශ කෙරෙහි යොමුවීම එවැනි එක් අවස්ථාවකි. බීබීසී මාධ්‍යවේදිනී නාගා මන්චෙට්ටිගේ (Naga Munchetty) ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතු වූ අවස්ථාවේ බීබීසී හි සියලු සේවකයන් වෙත පණිවුඩයක් යවමින් එවක බීබීසී අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ටෝනි හෝල් කියා සිටියේ "ජාතිවාදය ගැන දෙපැත්තක් නොමැති" බවය. "ජාතිවාදය යනු ජාතිවාදයයි ඒ ගැන බීබීසී ය සමබර නොවේ," යනුවෙන් ටෝනි හෝල් ගේ පණිවුඩයේ දැක්විණ. එය එතෙක් බීබීසී අනුගමනය කළ වාර්තාකරණ ප්‍රතිපත්තියෙන් බැහැරව යාමකි. සමබර මාධ්‍ය වාර්තාකරණයක් උදෙසා කොළඹ පැවති උද්ඝෝෂණයක් (සංරක්ෂිත ඡායාරූපයකි) 'ලංකාවේ එහෙම වෙන්නේ නෑ' ලොව පුරා බොහෝ ජනමාධ්‍ය මෙලෙස සිය වාර්තාකරණයේ සාධනීය ඉදිරි ගමනක් පෙන්නුම් කළ ද ස්වර්ණා කාන්ති ගුණරත්න කියා සිටින්නේ, "ඒත් ලංකාවේ ඒ වගේ සංස්කෘතියක් නෑ," යනුවෙනි. "නිකමට බලන්න අපේ මාධ්‍ය කලාව. අන්තිමයි නේ. නිකම් හිතන්න අපේ ජනාධිපතිවරණය කාලේ අර නාගයා ගේ කතාව. කිසිම මාධ්‍යයක් ඒ බොරුව ප්‍රශ්න කළා ද?" ශ්‍රී ලංකාවේ එසේ වුවත්, එක්සත් ජනපදයේ වාර්තාකරුවන් ජනාධිපති ට්‍රම්ප් ගේ සෑම ප්‍රකාශයක් පිළිබඳවම ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල දී පවා "ඔබ දැක්කද එහෙම දෙයක්" යනුවෙන් නිරීක්ෂකයන්ගෙන් සහ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළ බව ඇය පෙන්වා දුන්නාය. එය අනුමත කරන මැණික් ප්‍රනාන්දු පවසන්නේ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය සඳහා ආචාර ධර්ම හඳුන්වාදීමේ සහ පිළිපැදීමේ අවශ්‍යතාව දැඩිව මතුවන බවය. "ඇත්තටම ලෝකේ මාධ්‍ය හුඟක් දුර ඇවිත් අපිට වඩා. ලංකාවේ මාධ්‍යවලට තව ගොඩක් දුර යන්න තියෙනව," යනුවෙන් පවසන මැණික් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ, මැතිවරණ ප්‍රතිඵලය ලැබෙන තුරු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කළ ඇමෙරිකානු ජනමාධ්‍ය දැන් ජෝ බයිඩන් ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවය. "දැන් ඇමෙරිකාවේ මාධ්‍ය බයිඩන් කරන්නේ මොනාද කියල ප්‍රශ්න කරනවා. එයාට හනිමූන් කාලයක් නෑ. ඇත්තටම විය යුත්තෙත් ඒක තමයි." ජනමාධ්‍යවේදයට එල්ලවන බලපෑම ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ හිටපු කතුවර සංජන හත්තොටුව පවසන්නේ, "මාධ්‍ය ආචාර ධර්ම සහ වෘත්තීයභාවය මායිම් නොකරන, ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහී මාධ්‍ය හැසිරීම" එක්සත් ජනපදයේ පමණක් නොව ශ්‍රී ලංකාවේදීත් ජනාධිපතිවරයා කරන ඕනෑම ප්‍රකාශයක් ජනතාව අතර පැතිරවීමට හේතු වූයේය යන්න බොහෝ පර්යේෂණවලින් හෙළි වී ඇති බවය. ජනපතිවරණය සමයේ එක්සත් ජනපදය හරහා හමා ගිය "කුණාටුවේ දී" ජනමාධ්‍ය හැසිරුණු ආකාරය තමන් අනුමත කරන අතරම එය මීට බොහෝ පෙරාතුව සිදුවිය යුතුව තිබුණු දෙයක් බවත් ඔහු බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය. කෙසේ වුවත් ජනපතිවරයාගේ දේශනවල අන්තර්ගතය වෙනස් නොවූවත්, කිසියම් ලෙසකින් ජනපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වූයේ නම් ෆොක්ස් නාලිකාව ඇතුළු ඇමෙරිකානු ජනමාධ්‍ය මේ ආකාරයටම හැසිරෙනු ඇති දැයි යන්න ප්‍රශ්නාර්ථයක් බවත් සමාජ ජාල විශ්ලේෂකයා පෙන්වා දෙයි. "ජනාධිපතිවරයා වාරණය කිරීම පිණිස ජනමාධ්‍ය ගත් අසාමාන්‍ය පියවර එක්සත් ජනපදයේ හෝ වෙනත් ස්ථානයක ජනමාධ්‍ය හැසිරීමේ සාමාන්‍ය ස්වභාවය බවට පත්විය යුතු නොවේ. ජනමාධ්‍යවේදයේ මූලික සිද්ධාන්ත කෙරෙහි යළි යොමුවිය යුතු අතරම අනාගතයේ අප මුහුණදෙන අභියෝගය වන්නේ මේ ආචාර ධර්ම සහ වෘත්තීය ප්‍රමිතීන් ෆොක්ස් නිව්ස්, ෆේස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලවලින් ඔබ්බට ක්‍රියාත්මක වනු ඇත්තේ කෙලෙසද යන්නය," යනුවෙන් ද සංජන හත්තොටුව වැඩිදුරටත් සඳහන් කළේය. කියවන්න:
දිනය 2020 නොවැම්බර් 06 වෙනි සිකුරාදාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය වසරේ මෙන්ම මේ වසරේ දී ත් ලෝක සිනමාවේ වඩාත්ම ජනප්‍රිය සිනමා සම්මාන උළෙල වන ඔස්කාර් සම්මාන ප්‍රදානය ලෝක සිනමා රසිකයන්ගේ මෙන්ම හොලිවුඩ් සිනමාකරුවන් ගේ ද දැඩි විවේචනයට ලක්වී තිබේ. මූලික චෝදනාව වී ඇත්තේ ත්‍යාග ලාභීන් ලෙසට යෝජිත නම් අතර කළු ජාතික සිනමාකරුවන්ගේ නම් ඇතුලත් නොවීම මෙන්ම වෙනත් සුළු ජාතික සහ කාන්තාවන්ගේ නම් සංඛ්‍යාව ඉතාමත් පහල අගයක් ගැනීමයි. 'සුදු පැහැති ඔස්කාර්' මේ වසරේ “ඔස්කාර් හරිම සුදුයි” යනුවෙන් විවේචන එල්ලවීම ආරම්භ වුයේ යෝජිත නම් ප්‍රකාශිත වූ දිනයේ දීම වුවද හිටපු කළු ජාතික සමාජ ක්‍රියාධරයෙකු වූ මාර්ටින් ලුතර් කිං අනුස්මරණ දිනයේ දී එය බොහෝ සේ පැතිරී යාම විශේෂත්වයක්. ඒ සමගම විල් ස්මිත් සහ ස්පයික් ලී වැනි හොලිවුඩ් සිනමා වේ නම ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුම තමන් ඔස්කාර් සම්මාන උළෙල වර්ජනය කරන බව පවසා තිබේ. මේ අතර සම්මාන උළෙල පවත්වන ඇකඩමි ආයතනයේ සභාපතිවරිය විශේෂ නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ ඉදිරි සති කීපය තුල ඇකඩමි ආයතනයේ සාමාජිකත්වය පිළිබඳව යළි සලකා බලා මින් ඉදිරියට ජනවර්ග විවිධත්වයෙන් යුතු පිරිස් එක්කර ගැනීමට කටයුතු කරන බවයි. 2020 ට පොරොන්දුවක් ඇකඩමි ආයතනය පවසන ආකාරයට 2020 වෙන විට කාන්තා හා සුළුජාතික නියෝජනය දෙගුණ කරන්නට ඔවුන් කටයුතු කරන බවට පොරොන්දු වී තිබේ. කෙසේ වුවද විවේචකයන් පවසන්නේ තිරය මත පමණක් නොව තිරයෙන් පිටුපසද කාන්තා හා සුළු ජාතික නියෝජනය ප්‍රමාණවත් නැති බවයි. ඇකඩමි සම්මාන සඳහා යෝජිත නම් තෝරාගන්නේ එම ආයතනයේ සාමාජිකත්වය දරන 6000 ක් පමණ වූ සාමාජිකයන්ගේ ඡන්දයෙන්. වර්ගවාදය 2012 වසරේ දී ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත ඇකඩමි ආයතනයේ සාමාජිකත්වයේ සංයුතිය පිළිබඳව කල සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ඔස්කාර් සම්මාන යෝජනා සඳහා ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් 94% ක් පමණ කොකේසියානුවන් වන අතර 77% ක් පුරුෂ පක්ෂයේ අය බවයි. කළු ජාතික සාමාජිකයන් 2% සහ ලතින් ඇමරිකානුවන් 2% යන ආකාරයෙනුයි සෙසු පිරිස බෙදී ඇත්තේ. සුදු ජාතික හොලිවුඩ් නළුවෙක් වන ඩස්ටින් හොෆ්මාන් පවසන්නේ වසර දෙසීයක් ගතවුවැඩ ඇමරිකාවෙන් වර්ගවාදය තුරන් වී නැති බවයි. ඇමරිකාවේ සංගීත තැටි නිෂ්පාදකයෙක් වන ක්වින්සි ජෝන්ස් පෙබරවාරි 28 වෙනිදා පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේ ත්‍යාගයක් ප්‍රදානය කිරීමට ආරාධනා ලැබූ අයෙක්. ත්‍යාග ප්‍රදානය කිරීමට පළමුව ජාතික විවිධත්වය පිළිබඳව විනාඩි පහක් කතා කිරීමට ඉඩ නොදෙන්නේ නම් ත්‍යාග ප්‍රදානය ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පවසා තිබුණේ.
එස් එල් සෙනෙහෙධීර බීබීසී සිංහල
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම තරුණයන් සමථ මණ්ඩලයකට යොමු කොට සාමකාමීව මුදා හැරීමට ඉඩකඩ තිබිය දී ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ උවමනාව අනුව අලුත්ගම පොලිසිය චූදිතයන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් ද අනවශ්‍ය ආකාරයට සූදානම් කර තිබුණ බවයි, විත්තියේ නීතිඥ ශිරාෂ් නූර්දීන් බීබීසියට කියා සිටියේ. ‘තරුණයන්ට එරෙහි සියලු චෝදනා ඇප දිය හැකි ඒවා මෙන්ම සමථ මණ්ඩලයක් ඉදිරියට යොමු කළ හැකි ඒවා. මේ දෙපිරිස එකම ගමේ වැසියන්. ඔවුන් එකිනෙකා අඳුනනවා. එවැනි තත්වයක් යටතේ පෙරෙට්ටුවක් තබා ඔවුන් බන්ධනාගාර ගත කරනු ලැබීම අනවශ්‍ය පියවරක් වන බව මගේ තක්සේරුවයි’ නීතිඥ ශිරාෂ් නූර්දීන් කියා සිටියි. සියලු චූදිතයන් මුස්ලිම් සෙනසුරාදා ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සියලු දෙනා ම මුස්ලිම් තරුණයන් වන අතර තුවාල ලද මුස්ලිම් කාන්තාවක් සහ තරුණයෙක් ඒ ගැන පොලිසියට පැමිණිලි කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් නීතිඥ ශිරාෂ් නූර්දීන් පවසයි. මේ තත්වය යටතේ පොලිසිය හැම ජන කොටසකටම නීතිය පොදුවේ ක්‍රියාත්මක කරන තත්වයක් දක්නට නොමැති බවත් නීතිවේදියා පෙන්වා දෙයි. යුද හමුදාවේ සහයෝගය අලුත්ගම පසුගිය කාලයේ ඇති වූ අමිහිරි අත්දැකීම් යළි ඇතිවීම වළක්වා ලීමට යුද හමුදාව කඩිනමින් පියවර ගත් බව කියා සිටි නීතිඥ ශිරාෂ් නූර්දීන් අලුත්ගම පොලිසියෙන් එවැනි සහයෝගයක් නොලැබීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරයි. අලුත්ගම ගැටුම් සම්බන්ධයෙන් චෝදනා මත අගෝස්තු මාසයේ අධිකරණයට ගෙන ආ මුස්ලිම් තරුණයන්. ‘මෙය පළමු අවස්ථාව නොවෙයි. අලුත්ගම පොලිසිය මින් පෙරත් මේ ආකාරයට කටයුතු කරලා තියෙනවා. ඒ ගැන අපි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. ඒ වගේම අලුත්ගම පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පහක් ගොනු කරලා තියෙනවා’ ඔහු වැඩිදුරටත් පවසයි. නීතිය එක් එක් පාර්ශවයට එක් එක් ආකාරයට ක්‍රියාවට නංවනු ලැබීම රටේ සාමයට සංහිඳියාවට හානිකර බවයි නීතිඥ ශිරාෂ් නූර්දීන් පෙන්වා දෙන්නේ. පොලිසියේ ප්‍රතිචාරය නීතිවේදී ශිරාෂ් නූර්දීන් ඉදිරිපත් කරන චෝදනා බැහැර කරන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, අලුත්ගම දී පහර දීමක් සිදු වී ඇති අතර එම තත්වය යටතේ යම්කිසි ජාතියක් අනුව නොව පහර දීමක් සිදු කළ බවට චෝදනා එල්ල වෙන තරුණයන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමක් සිදු කර ඇති බවයි කියා සිටියේ. නීතිවේදියා පවසන ආකාරයට චූදිතයන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීමේ සැලැස්මක් නොවූ බව කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, මේ ගැටුමේ දී පොලිසිය කටයුතු කර ඇත්තේ අපරාධ නඩුවක දී ක්‍රියා කරන ආකාරයට නොව රටේ ජනතාව සහජීවනයෙන් කටයුතු කළ යුතුය යන ආකල්පය යටතේ බවයි සඳහන් කළේ.
අලුත්ගම මුස්ලිම් පාපන්දු ක්‍රීඩාලෝලීන් කණ්ඩායමක් සහ තවත් කණ්ඩායමක් අතර පසුගිය සෙනසුරාදා සිදු වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තරුණයන් අද,සඳුදා ඇප මත මුදා හරිනු ලැබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඩෙන්වර් නගරය පිහිටා තිබෙන්නේ කොලරාඩෝ ප්‍රාන්තයේ. " ද ඩාර්ක් නයිට් රයිසස්" නම් නව බැට්මෑන් චිත්‍රපටය තිර ගත කෙරෙද්දී කඩා වැදුන තුවක්කුකරුවා දාහතර දෙනකු මරා දැමු බවයි, කලින් ලද පොලිස් වාර්තාවන්හි දැක්වුණේ. අව්රෝරා නම් සිනමා ශාලාවේ දී ඉහත කී චිත්‍රපටය තිරගත කිරීම ආරම්භයේදීම, ගෑස් ප්‍රහාර වලදී පාවිච්චි කෙරෙන මුහුණු ආවරණයක් පැළඳ ගෙන සිටි තුවක්කුකරු, තිරය ඉදිරියේ මතුවෙමින් ගෑස් බඳුනක් විවෘත කොට සිනමා ශාලාව දුමාරයෙන් පිරෙද්දී වෙඩි තබන්නට පටන් ගත් බවයි එහි සිටි ප්‍රේක්ෂකයන් පවසන්නේ. සිනමා ශාලාව අසල පිහිටි රියගාලකදී ජේම්ස් හෝම්ස් නම් ප්‍රහාරකයා අත් අඩංගුවට ගත් බවයි, ඩෙන්වර් පොලිසිය ප්‍රකාශ කළේ. එම අවස්ථාවේ රයිෆලයක් සහ තවත් ගිනි අවි ඔහු සතුව තිබු බවද පොලිසිය සඳහන් කළේය. මේ ඝාතන පිළිබඳ පුවත ඇසීමෙන් පසු තමා බලවත් කම්පාවට සහ තිගැස්මට පත් වූ බවයි ජනාධිපති බරක් ඔබාමා කියා සිටින්නේ.
බැට්මෑන් චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ ප්‍රදර්ශනය කෙරෙද්දී, එහි කඩා වැදුන මුහුණු ආවරණය කර ගත් තුවක්කු කරුවෙක්, වෙඩි තබා දොළොස් දෙනකු මරා දමා තවත් පහළොස් දෙනකුටවත් තුවාළ සිදු කිරීමේ සිද්ධියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් නගරයෙන් වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නිවසේදීම කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (අප්‍රේල් 27) කොළඹදී "පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු" යන මැයෙන් වැඩසටහනක් පැවැත්විණි. වෘත්තීයවේදීන් පිරිසක් විසින් සංවිධානය කරන ලද එම වැඩසටහනට එක් වූ මහාචාර්ය අජිත් අල්විස් කියා සිටියේ නිවසේ එකතුවන කසළ සියල්ල පිටතට බැහැර කිරීමේ ආකල්පය හේතුවෙන් රට තුළ කසළ අර්බුදයක් මතුව ඇති බවය. මාර්ගයක් අසල ඉවත දමා තිබූ කසළ බෑගයක් එහිදී විවෘත කෙරුණු අතර එහි තිබූ කසළවලින් කොපමණ ප්‍රමාණයක් නිවාස තුළදීම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය යන්න මහාචාර්ය අජිත් අල්විස් ඇතුළු කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් පිරිසක් එහිදී පෙන්වා දුන්හ.
කොළඹ නගර සීමාව තුළ දිනකට බැහැරලන ටොන් දහසකට අධික කසළවලින් වැඩි ප්‍රතිශතයක් නිවෙස තුළම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් අල්විස් පෙන්වා දෙයි.