instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ආගමික ස්වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක්‍රියාකාරිත්වය වහාම නතර කළ යුතුයි' බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු පාර්ශවයක් සමඟ සාකච්ඡා නොකළ යුතු බව සහ ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමට දකුණු අප්‍රිකාව හෝ වෙනත් රටකට අවස්තාව සලසා නොදිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ එක් කොන්දේසියක්. විශේෂයෙන්ම දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් සමඟ ආණ්ඩුව සාකච්ඡා නොකළ යුතු බවයි, කොළඹදී පැවැත්වුන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනයේදී සම්මත වූ යෝජනාවලියේ දැක්වෙන්නේ. 'මූලධර්මවාදී සංවිධාන' චීනය සමඟ කඩිනමින් ආර්ථික සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබිය යුතු බව තවත් යෝජනාවක්. චීනය සමඟ කඩිනමින් ආර්ථික සහයෝගිතා ගිවිසුමට 'අත්සන් තැබිය යුතුයි' "ආගමික සහජීවනය හා ජනකොටස් අතර සමගියට එරෙහිව කටයුතු කරන විදෙස් ආධාර ලබන ආගමික ස්වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක්‍රියාකාරිත්වය" වහාම නතර කළ යුතු බවටද ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට යෝජනා කරයි. බෞද්ධ පුනර්ජීවන කමිටු වාර්තාව පදනම් කර ගෙන ශ්‍රී ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතු බවත්, බෙදුම්වාදී මතවාද පතුරවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු සියල්ලන්ට එරෙහිව පියවර ගත යුතු බවත් යෝජනා මාලාවට ඇතුළත්. මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ ආශ්‍රිත අපරාධ මණ්ඩලීය යුතු බවද ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සන්ධාන ආණ්ඩුව වෙත දොළොස් වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරන අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, සිය යෝජනා ක්‍රියාත්මක කිරීම මත තමන් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම තීරණය කරන බව සඳහන් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කුසල් මෙන්ඩිස් ඔහු පෙන්වා දෙන්නේ සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීම සඳහා තවත් මාස 16ක් පමණ ඇති බවය. චන්දික හතුරුසිංහ මේ බව ප්‍රකාශ කළේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගවලින් අනතුරුව ජාතික ක්‍රිකට් කණ්ඩායම යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව පැවති පළමු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කළ නමුත් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය. ඉතා ඉහළ වැටුපක් ලබාගන්නා අතරවාරයේ සිය වගකීම නිසි පරිදි ඉටු කළ බවට සෑහීමකට පත් වන්නේදැයි එහිදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දුන් චන්දික හතුරුසිංහ සඳහන් කළේ ''මං හිතනවා මගේ පුළුවන් තරමින් කරනවා කියලා,'' යනුවෙනි. "මං හිතනවා මගේ පුළුවන් තරමින් කරනවා කියලා" ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මැල් මෙන්ම එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ. ''මගේ පුද්ගලික මතය අපේ පන්දු යවන්නන් හොඳට සෙල්ලම් කළා. අපේ අඩුපාඩුව තිබ්බේ අපි උවමනා ලකුණු ප්‍රමාණය ගත්තේ නැති එක,'' යනුවෙන් අසන්ත ද මෙල් එහිදී සඳහන් කළේ තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම පිළිබඳ අදහස් දක්වමිනි. වර්ෂාව හේතුවෙන් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, කෙසේ වුවත් තරග හතෙන් තුනක් පමණක් ජයග්‍රහණය කිරීම ගැන සතුටට පත්විය නොහැකි බව කණ්ඩායමේ කළමනාකරු ලෙස ද ක්‍රියා කළ අසන්ත ද මෙල් පැවසීය. "මැද පෙළ ගහන අය බය නැතුව ගහන්න ඕනා. අවුට් වෙන්න බයේ ගහනවා නම් හුඟක් වෙලාවට ගහන්න බෑ" ''මැද පෙළ ගහන අය බය නැතුව ගහන්න ඕනා. අවුට් වෙන්න බයේ ගහනවා නම් හුඟක් වෙලාවට ගහන්න බෑ. අපි කියල තියෙන්නේ බය නැතුව ගහන්න. හිතන්න එපා ඊළඟ මැච් එකට ඉඳියිද, නැද්ද, ඒ වගේ හිතන්න නරකයි. අපි ගිහිල්ල පොසිටිව් ගහන්න ඕනා,'' යනුවෙන් අසන්ත ද මෙල් පැවසුවේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක වීම ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි. නායක දිමුත් කරුණාරත්න "ඉතා හොඳින් කණ්ඩායම මෙහෙය වූ" බව ද කළමනාකරු සඳහන් කළේය. කුසල් මෙන්ඩිස් තරගාවලිය තුළ දී අසාර්ථකවීම ගැන අදහස් දැක්වූ ඔහු: "එයාට වයස 23යි. එයා ටෙස්ට් තරගවල ශතක පහක් ලබල තියෙනවා. මම හිතන්නේ එයා ඉතාමාත්ම හොඳ ටැලන්ටඩ් ප්ලේයර්. එච්චර හොඳ ක්‍රීඩකයෙක් ගැන අපි පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕන," යනුවෙනි. විශේෂයෙන්ම පිතිකරුවන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් තිබිය යුතු යයි තමන් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ අසන්ත ද මෙල් වැඩිදුරටත් පැවසීය.
සිය කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමට අදහසක් නොමැති බව චන්දික හතුරුසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියාවේ සත්ව බිලි පූජාවක් 'මේ නීතිය හින්දු කෝවිල්වලට පමණයි, වෙනත් ආගම් සඳහා බලාත්මක නැහැ' අමාත්‍යවරයා කියා සිටියේ සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමිනි. මාසයක් ඇතුළත අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සත්ව බිලි පූජා නැවැත්වීම සඳහා නීති ගෙන ඒමට කිසිවකුගෙන් බලපෑමක් එල්ල නොවූ බවත් අමත්‍යවරයා කියා සිටියේය. 'මේ සඳහා විරෝධතාවක් ඇත්නම් ඒ අයට පුළුවන් අදාළ කාරණා පිළිබඳ අමාත්‍යංශයට දැනුම් දෙන්න. ඒ යෝජනා පිළිබඳ අවධානය යොමු කොට සාකච්ඡා කරලා අපට අවසාන තීරණයකට එන්න පුළුවන්' ඔහු පැවසීය. සතුන්ගේ දිවි තොර නොකොට පූජා පැවැත්වීමේ වෙනත් විකල්ප ක්‍රමවේදයන් තිබෙන බවත් හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් වැඩිදුරටත් කියා සිටියේය.
සත්ව බිලි පූජා නැවැත්වීම සඳහා ගෙන ඒමට නියමිත පනත හින්දු කෝවිල් සඳහා පමණක් බලපැවැත්වෙන බව හින්දු කටයුතු සහ පුනරුත්තාපන අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අයිපීඑල් තරඟාවලියේදී නීතියට පටහැනිව ඔට්ටු ඇල්ලීම සහ මුදලට තරඟ පාවා දීම පිළිබඳ විභාගයක් පැවැත්වෙන අතරවාරයේ පදවියෙන් ඉවත් වෙන මෙන් එන්.සිරිනිවාසන්ට දැනුම් දීමෙන් අනතුරුවයි, සුනිල් ගවස්කාර් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියට පත් කෙරුණේ. ලෝකයේ වැඩිම මුදල් සම්භාරයක් ගනු දෙනු කෙරෙන අයිපීඑල් තරඟාවලියට සහභාගී වෙන ක්‍රිකට් කණ්ඩායම් අතර එන්.සිරිනිවාසන්ට අයත් කණ්ඩායමක්ද ඇත. සිරිනිවාසන් සැලකෙන්නේ ලොව අති බලසම්පන්න ක්‍රිකට් පරිපාලකයා හැටියටයි. පසුගිය පෙබරවාරි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එන්.සිරිනිවාසන් ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියට තෝරා පත් කර ගනු ලැබුණ අතර ඔහු එළඹෙන ජුලි මාසයේ දී එම තනතුර භාර ගැනීමට නියමිතයි. ඒ අතරවාරයේ අද සිකුරාදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ක්‍රියාකාරී අන්තර් වාර සභාපතිවරයා හැටියට සුනිල් ගවස්කාර් පත් කරන බවයි. බැඳියාවන් අතර ගැටුම සිරිනිවාසන් පාලනය යටතේ තරඟ පාවා දීමේ චෝදනා ‘බැඳියාවන් අතර ගැටුමක් ඇති වීම’ වළක්වා ලීමේ පියවරක් වශයෙන් දැනට නිරත රූපවාහිනී විස්තර විචාරක කටයුතු වලින් ඉවත් වෙන මෙන් සුනිල් ගවස්කාර්ට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, එමගින් ඔහුට අහිමි වෙන මූල්‍ය ඉපැයුම් වෙනුවෙන් ප්‍රමාණවත් ගෙවීම් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සිදු කෙරෙනු ඇතැයි ද ප්‍රකාශ කළේය. සිරිනිවාසන්ට අයත් ‘චෙන්නායි සුපර් කිංග්ස්’ සහ රාජස්තාන් රෝයල්ස් ක්‍රිකට් කණ්ඩායම් දෙකට මේ වසරේ අයිපීඑල් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බවත් අධිකරණ තීන්දුවේ දැක්වෙයි. අනවසර ඔට්ටු ඇල්ලීම් සහ තරඟ පාව දීම සම්බන්ධයෙන් එම කණ්ඩායම් දෙකටම චෝදනා එල්ල විය. සිය බෑණනුවන් වන ගුරුනාත් මෙයිඅප්පන් අයිපීඑල් තරඟාවලිය අතරවාරයේ අනවසර ඔට්ටු ඇල්ලීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ එන්. සිරිනිවාසන් පසුගිය වසරේ ජුනි මාසයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියේ කටයුතු කිරීමෙන් වැළකී සිටි අතර, ගුරුනාත් මෙයිඅප්පන් ඇප මත මුදා හරිනු ලැබීමෙන් අනතුරුව සිරිනිවාසන් යළි සභාපති පදවියේ කටයුතු යළි ආරම්භ කරනු ලැබයි තිබුණේ. ඔවුන් දෙදෙනාම කියා සිටින්නේ කිසිදු වැරදි ක්‍රියාවක් සිදු කර නැති බවයි.
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර්වාර සභාපතිවරයා හැටියට සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් පත්කරනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කැරලිකරුවන් මෙම තීරණය ගෙන ඇත්තේ කොන්ගෝ හමුදාව සිය බල කොටු අත් පත් කර ගැනීමෙන් අනතුරුවයි. එම් 23 නමින් හැඳින්වුණු මෙම කැරලි හමුදාව පරාජය කළේ එක්සත් ජාතීන් ගේ හමුදා සහාය ඇතිව යි. සටනේ අවසාන මොහොත දක්වා රැඳී සිටි කැරලි කරුවන්ගෙන් කොටසක් හමුදාවට යටත් වී ඇති අතර තවත් කොටසක් අසල්වාසී උගන්ඩාවට හෝ රුවන්ඩාවට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කොන්ගෝ ජනරජයේ කැරලිකරුවන් සිය සන්නද්ධ කැරැල්ල අතහැර දැමූ බව නිවේදනය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'එක්දාස් ගාණක් හොර පාරෙන් ද්විත්ව පුරවැසිභාවය අරගෙන තියෙනවා' පසුගිය ආණ්ඩුව අවසාන දින කිහිපයේදී නිවේදනය කළ ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය ලබාදීම තවමත් ආරම්භ කොට නැති නමුත් ඉතා ඉක්මනින්ම එය යළි ආරම්භ කරන බව ද නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා බීබීසී සංදේශයට පැවසීය. ද්විත්ව පුරවැසිභාවය ලබාදීම යළි ආරම්භ කරන බවට පසුගිය අයවැය අවස්ථාවේ රාජපක්ෂ පරිපාලනය ඉදිරිපත් කළේ 'ඉතා අපැහැදිලි ස්ථාවරයක්' බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදිය යුතු බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, අයදුම්පත් භාර ගෙන ද්විත්ව පුරවැසිභාවය ලබාදීම ඉතා ඉක්මනින්ම ආරම්භ කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදීම 2011 දී තාවකාලිකව නතර කරන ලද නමුත්, මහින්ද රාජපක්ෂ පරිපාලනය විසින් දහසකට වැඩි පිරිසකට 'හොර පාරෙන්' ද්විත්ව පුරවැසිභාවය ලබා දී තිබෙන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වසර තිස් දහසකට පෙර භාවිත කරන ලද බව සැලකෙන බිලී කොකු සොයාගන්නා ලද බිලී කොකු වසර විසි තුන් දහසක් පමණ පැරණි බව පවසන පුරාවිද්‍යාඥයෝ, වසර තිස් දහසකට පෙර පවා ඔකිනාවා දූපතේ මනුෂ්‍ය වාසයක් පැවති බව එමගින් හෙළි වන බවත් පවසති. නූතන මිනිසා වසර පනස් දහසකට පමණ පෙර මුහුදු වෙරළබඩ ප්‍රදේශවල වාසය ආරම්භ කළ බවයි, විශ්වාස කෙරෙන්නේ. ඈත අතීතයේ ජීවත් වූ මිනිසා ලෝකය පුරා විසිර යාමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ධීවර කර්මාන්තය. එහෙත් ඒ සඳහා ඔවුන් භාවිතා කළ ක්‍රමවේදයන් පිළිබඳ තවමත් වැඩි විස්තර හෙළි වී නොමැත. මසුන් මැරීම පිණිස භාවිත කරන ලද පෞරාණික බිලී කොකු මීට ඉහතදී ටිමෝරයේදී සොයාගෙන තිබේ මසුන් මැරීම පිණිස භාවිත කරන ලද මෙවැනි පෞරාණික බිලී කොකු මීට ඉහතදී ටිමෝරයේදී හමු වී තිබේ. එම බිලී කොකු වසර දහසය දහසක් පමණ පැරණි බවයි විශ්වාස කෙරෙන්නේ. පැපුවා නිව් ගිනියාවේදී හමු වූ බිලී කොකු වසර දස දහසක් පමණ පැරණි බවත් විශ්වාස කෙරේ. බිලී කොකු සොයාගත් ගල් ගුහාවේ තිබී පබළු සහ ආහාර කොටස් හමු වූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.
ජපානයේ ඔකිනාවා දූපතේ ගල් ගුහාවක කරන ලද කැණීමකදී මසුන් මැරීම පිණිස භාවිත කරන ලද පෞරාණික බිලී කොකු විශේෂයක් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ අතර වාරයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙරෙන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකදී සාකච්ජා කිරීමටත් ඉන් පසු තීරණයක් ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය එකඟ වූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තවදුරත් අද (13) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙරෙන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොමු කිරීම පිළිබඳව තමන් තුල වැඩි ප්‍රසාදයක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගිවනවාද නැද්ද යන්න පිලිබඳව පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය සමහ සාකච්ජා කොට තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළේය.
පළාත් සභාවලට ඒකාබද්ධ වීමට ඇති ඉඩ කඩ සැලසෙන බලතල විශේෂ පනතක් මගින් ඉවත් කිරීමට රජය තීරණය කල බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්පසු වටරැක විජිත හිමි එතුළ සැඟවී ඇති බව පවසමින් ඔවුන් කාර්යාල ගොඩනැගිල්ල තුලට ඇතුල් වී ඇත. සිද්ධිය වන විට අමාත්‍යවරයා කාර්යාලයේ නොසිටි බවයි වාර්තා වන්නේ. පසුගිය සතියේ වටරැක විජිත හිමියන් විසින් පවත්වන්නට යෙදුනු ජාතික බල සේනා සංවිධානය හඳුන්වා දීමේ මාධ්‍ය හමුවට කඩා වැදුණ බොදු බල සේනා කණ්ඩායම ඉන් පසු ඊයේ (අඟහරුවාදා) මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීමට සහභාගී වීමට ගිය විජිත හිමියන් ට එහි ඇතුළු වීමට ඉඩ නො දෙමින් විරෝධතාවය පළ කළහ. මහියංගනයේ පැවති විරෝධතාවයෙන් පසු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹට රැගෙන ආ විජිත හිමි රිෂාද් ඇමතිවරයාගේ කාර්යාලයේ සැඟවී සිටින බවට ලැබුණ තොරතුරක් අනුවයි ඔවුන් මෙසේ එම කාර්යාලය වටලා ඇත්තේ.
අද (බදාදා) දහවල් බොදුබල සේනාවට අයත් පිරිසක් කොළඹ කොල්ලුපිටියේ ඇති රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයාගේ කාර්‍යාලය වැටලූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාර්ග අනතුරු පිළිබඳ ජනතාව දැනුවත් කරන අතරවාරයේ අනතුරු අවම කර ගැනීම සඳහා පවතින නීති දැඩි කළ යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දෙයි. ඔහු ඒ බව කියා සිටියේ මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වැරදි හතක් සඳහා පැවති දඩ මුදල ඉහළ දැමීමත් සමග මාර්ග අනතුරුවල අඩුවක් දක්නට ඇති බවට පළවන වාර්තා පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී. "මිනිස්සුන්ට බණ කීමෙන්, දැනුවත් කිරීමෙන් පමණක් මෙය කරන්න බැහැ. ලෝකයේ මෙන්ම අප කරපු පරීක්ෂණ අනුවත් පැහැදිලි වූ දෙයක් තමයි ජනතාව දැනුවත් කරන අතරම නීතියේ රැහැනට හසු කර ගැනීමේ ක්‍රියාදාමයක් ප්‍රායෝගිකව සිදු විය යුතුයි," විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය. 'යුද්ධයටත් වඩා අනතුරු' "තරුණයෙක් වේගයෙන් රිය පදවන්න කැමතියි. යම්කිසි වේග සීමාවක් දක්වපු මාර්ග සලකුණු තියනවා. නමුත් තරුණ පුද්ගලයා ඊට අවනත වෙන්නේ එකක් ඒ සංඥාව දැකීමෙන් නැතිනම් පොලිසියට හසු වීමෙන්," එයට උදාහරණ දෙමින් වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දුණි. "හුදෙක් දැනුවත් කිරීමෙන් පමණක් එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒ තරුණයා කැමති වේගයෙන් රිය පදවන්නයි." යුද්ධය පැවති සමයේ අනතුරුවලට ගොදුරු වූ පුද්ගලයන්ටත් වඩා වැඩි පිරිසක් හදිසි අනතුරුවලට ලක් වී රෝහල් වෙත පැමිණෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය. කොළඹ ජාතික රෝහලේ ඇඳන් හයකින් තුනක් හෝ හතරක් පිරී පවතින්නේ මාර්ග අනතුරුවලට ලක් වූ පුද්ගලයන්ගෙන් බව පෙන්වා දෙන ඔහු, පසුගිය මාස කීපය හා සැසඳීමේදී නොවැම්බර් මාසය වන විට මාර්ග අනතුරුවලට ලක් වී රෝහල් වෙත පැමිණෙන පුද්ගලයන්ගේ සියයට දෙකක අඩුවක් දක්නට ඇති බවත් සඳහන් කළේය. ඒ අනුව මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා පැවති දඩ මුදල ඉහළ දැමීම හේතුවෙන් අනතුරුවල අඩුවක් සිදු වී ඇතැයි සිතිය හැකි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කියා සිටියේය.
ජනතාවට කරුණු කීමෙන් පමණක් ශ්‍රී ලංකාවේ "ලොකුම මාරයා' බවට පත් වී ඇති මාර්ග අනතුරු වළකාගත නොහැකි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අනුව ඉහත කී ලැයිස්තුවට එක් වන පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන්ගේ නම ඉතිහාසයට එක් වනු ඇත. 'මේ යුගයේ බිහි වූ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මුරලිදරන් දැවැන්තයෙක්. ඔහුගේ ක්‍රීඩා උපක්‍රම සහ අචල කැපවීම ශ්‍රී ලංකාව එක් දින සහ ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ අතිශයින් තරඟකාරී තත්වයකට ගෙන ඒමට පසු ගිය අවුරුදු වල හේතු වුනා' අයිසීසීයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් පැවසීය. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහි වූ සුපිරිතම දඟ පන්දු යවන ක්‍රීඩකයා ලෙස සැලකෙන මුරලිදරන් විසින් ටෙස්ට් කඩුලු 800 ක් සහ එක් දින කඩුලු 534 ක් දවා ගනු ලැබ ඇත. ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා කැරන් රොල්ටන්, ආතර් මොරිස් සහ ජෝජ් ලෝමන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ද මේ වසර අගදී විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුළත් කිරීමට තීන්දු කොට ඇති බව එම ආයතනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද නීතිය මගින් විශාල බලයක් හිමිවන නමුත් යුද හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් නොකරන බවත් එය ක්‍රියාත්මක කරනුයේ මහජන ආරක්ෂාව සඳහා පමණක් බවත් යුද හමුදාව ප්‍රකාශ කරයි. මහා මාර්ග යුද ටැංකි මගින් අවහිර කොට ඇති අතර ගුවන් විදුලි සහ රූපවාහිනී ආයතන වසා දමා තිබේ. රජයට විරුද්ධ කණ්ඩායම් විසින් ගෙන ගිය ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හිස්ව තිබූ රජයේ ප්‍රධාන ගොඩනැගිලිවලට යුද හමුදාව ගොස් ඇති බවටත් වාර්තා වෙයි. රජය දූෂිත පරිපාලනයක් පවත්වාගෙන යන බව පවසමින් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විරෝධතා දියත් කිරීම හේතුවෙන් එම ගොඩනැගිලි හිස්ව තිබිණ. යුද නීතිය පැනවීමේදී යුද හමුදාව රජය සමග සාකච්ඡා කර නැත.
තායිලන්තයේ යුද නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ හමුදාව බැංකොක් නුවර සහ නගරයෙන් පිට ප්‍රධාන ස්ථානවල මුර සංචාරයේ නිරතව සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විදේශ අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ඉරිදා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හමුවූහ ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන යෝජනාව 2014 මාර්තු මාසයේ පැවැත්වුන 25 වන සැසිවාරයේ දී සම්මත විය. එකී යෝජනාව අනුව සිදුකරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ පරීක්ෂණ වාර්තාව සඳුදා ඇරඹෙන 30 වන සැසිවාරයේ දී සාකච්ජාවට ගැනෙනු ඇත. මෙම වාර්තාව සාකච්ජාවට ගැනීමට නියමිතව තිබුණේ පසු ගිය මාර්තු මාසයේ දී පැවැති 28වන සැසිවාරයේ දී ය. ජනවාරි 08 දා බලයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ ඉල්ලීම සහ එකී යෝජනාවේ මූලිකයා වූ එක්සත් ජනපදයේ අනුමැතිය අනුව වාර්තාව ඉදිරිපත් කිරීම මෙම 30 වන සැසිවාරය දක්වා කල් තබන ලද්දේ පැහැදිළි දේශපාලන තීරණයක් අනුවය. මෙවර මෙම වාර්තාව ඉදිරිපත් වන්නේ ඊට අදාළ යෝජනාව සම්මත වූ 2014 මාර්තු මාසයේ පැවැති තත්වයට සම්පූර්ණයෙන්ම වෙනත් තත්වයක් යටතේ ය. අද බලයේ සිටින්නේ ශ්‍රී ලංකාවෙහි මානව සහ ප්‍රජා අයිතීන් යළි පිහිටුවීමට ගිවිස ගත් ආණ්ඩුවකි. පසුගිය සතියෙහි ජිනීවා නුවර වෙත පැමිණ විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් හමු වූ මානව හිමිකම් ආරක්ෂකයිනට පෙර වසරවලදී ලද සාධනීය ප්‍රතිචාර ලැබුණේ නැත යෝජනාව ගෙන ආ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වගවීම - විශේෂයෙන්ම යුද්ධයේ අවසාන කාලයෙහි සිදු වූ බවට චෝදනා කැරෙන බරපතල මානව හිමිකම් කෙළෙසීම සම්බන්ධයෙන් වගවීම - තහවුරු කැරෙන අන්තර් ජාතික පරීක්ෂණයක් ඇතිවනු ඇතැයි විශ්වාසයක් තිබුණි. වාර්තාව ආණ්ඩුවට අද එම විශ්වාසය වාෂ්ප වී යෑමට ආසන්න ය. මන්ද යත් එකී වගවීම පිළිබඳ කරුණු ආමන්ත්‍රණය කැරෙන පිළිගත හැකි ස්වාධීණ දේශීය යාන්ත්‍රණයක් පිහිටුවන බවට නව ශ්‍රී ලංකා ආණ්ඩුව දී ඇති සහතිකය නිසා ය. එමෙන්ම 2012, 2013 සහ 2014 වර්ශයන් හිදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා තුනකටම මූලිකත්වය ගත් එක්සත් ජනපදය ශ්‍රී ලංකාණ්ඩුවේ ස්ථාවරය සමඟ එකඟ වී ඇති නිසා ය. බොහෝ කල් පසු වූ එම වාර්තාවෙහි පිටපතක් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ලබා දී තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම වාර්තාව සම්බන්ධයෙන් දක්වන ලිඛිත ප්‍රතිචාරය ද වාර්තාවට ඇමුණුමක් ලෙස ඉදිරිපත් වීමට ඉඩ තිබේ. මානව හිමිකම් කවුන්සිලය වෙත මෙම වාර්තාව ලබන 16 වැනි බදාදා ලබා දෙනු ඇත. වාර්තාවට පුලුල් ප්‍රසිද්ධියක් ලබා ගැනීම පිණිස සන්නිවේදන උපදේශකවරයකු ද දැන් පත් කර තිබේ. පරීක්ෂණය සඳහා සහාය වීමට පත්කරන ලද අන්තර් ජාතික උපදේශකයින් තිදෙනාගෙන් එක් අයකු හෝ බදාදා මාධ්‍ය හමුවට සහභාගිවීමට ඉඩ තිබේ මෙයට පෙර මානව හිමිකම් කවුන්සිලය වෙත මෙවැනි වාර්තා ඉදිරිපත් කරන ලද්දේ එහි සාරාංශයක් කවුන්සිලයේ අදාළ සැසිවාරය හමුවෙහි ඉදිරිපත් කිරීම මගිනි. නමුත් මෙවර වාර්තාව දියත් කිරීමේ හමුවක් 16වන බදාදා පැවැත්වෙන බව ජිනීවාහි මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධාන වෙත වාර්තා වී තිබේ. බොහෝ දුරට ඒ සඳහා මෙම පරීක්ෂණය සඳහා සහාය වීමට පත්කරන ලද අන්තර් ජාතික උපදේශකයින් තිදෙනාගෙන් එක් අයකු හෝ සහභාගිවීමට ද ඉඩ තිබේ. බොහෝ දුරට ශ්‍රී ලංකාණ්ඩුවේ නියෝජිතයකු ද ඊට සහභාගි වනු ඇත. වාර්තාව ඒකපාර්ශවීය නොවන එනම් යුද්ධයේ දෙපාර්ශවයම සම්බන්ධයෙන් විවේනාත්මක එකක් වනු ඇතැයි දැන ගන්නට තිබේ. එහි කිසිදු යුද හෝ දේශපාලන ප්‍රධානියකුට චෝදනා නොකැරෙනු ඇතැයි ද කියැවේ. ඊට හේතුව නම් අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ නොකොට ඔවුන්ට චෝදනා ඉදිරිපත් කිරීම සදොස් යැයි එක්සත් ජාතීන්ගේ පරාමිතීන් අනුව කියැවෙන නිසා ය. එසේ නමුත් අපරාධයන්ට අදාළ හමුදා ඛණ්ඩ නම් කිරීමට ඉඩක් ඇතැයි ද කියැවේ. එක්සත් ජනපද ජිනීවා දූත මණ්ඩලය විසින් වාර්තාව පිළිබඳ පසු විපරම් යෝජනාව පිළිබඳ සාකච්ජා කිරීමට එළැඹෙන 17වන දිනට කැඳවා තිබූ සාකච්ජාව දැන් 21 දිනට කල් දමා තිබේ. ඒ වාර්තාව ප්‍රසිද්ධ කිරිම අනපේක්ෂිත ලෙස කල් ගිය නිසා ය. එම සාකච්ජාවේ අරමුණ එකඟතා යෝජනාවක් ගෙන ඒම බව දැනටමත් එක්සත් ජනපද දූත මණ්ඩලය පවසා තිබේ. යාන්ත්‍රණයේ කටු සටහනක් මේ වන විට ජිනීවා නුවර වෙත පැමිණ සිටින ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉරිදා මහ කොමසාරිස්වරයා හමු වී සාකච්ඡා කළේය. ඔහු සදුඳා පෙරවරු 11.40ට මානව හිමිකම් කවුන්සිලය ඇමැතීමට නියමිත ය. සතියකට පෙර කොළඹදී මානව හිමිකම් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් හමුවූ ඔහු කියා තිබුණේ වගවීම පිළිබඳ දේශීය යාන්ත්‍රණය පිහිටුවීමේ ක්‍රියාවලිය ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කරන බවයි. මානව හිමිකම් කවුන්සිලය ඇමැතිමේ දී ඔහු යෝජිත දේශීය යාන්ත්‍රණයේ කටු සටහනක් ඉදිරිපත් කරනු ඇත. මාර්තු මාසයේ දී පැවැති 28වන සැසිවාරයේ වාර්තාව ඉදිරිපත් කිරීම කල් තබන ලද්දේ පැහැදිළි දේශපාලන තීරණයක් අනුවය ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියෙන් පසු ජිනීවාහි 2009 මොහොත එහි ප්‍රතිවිරුද්ධය ලෙස දැන් ආපසු පැමිණ තිබේ. 2009 වසරෙහි දී යුරෝපා සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බවට චෝදනා කැරෙන බරපතල මානව හිමිකම් සොයා බැලීමේ අරමුනින් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් කැඳවන ලදී. එසේ නමුත් කවුන්සිලයේ බහුතර රටවල් එම යුරෝපා සංගමයේ යෝජනාවට විරුද්ධ වී ශ්‍රී ලංකාණ්ඩුව ගෙන ආ යෝජනාව සම්මත කළේ ය. ඉදිරිපත් කැරෙන වාර්තාවට පසු විපරමක් වශයෙන් මෙම 30 වන සැසිවාරය හමුවට ගෙන එන කවර හෝ යෝජනාවකට ශ්‍රී ලංකාණ්ඩුව විරුද්ධ වුවහොත් එය මානව හිමිකම් කවුන්සිලයේ බහුතර ජන්දයෙන් පරාජය වීමට ඉඩ තිබේ. ඊට හේතුව 2009ට වඩා සහමුලින්ම වෙනස් ය. මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයක්? එනම් ශ්‍රී ලංකාවෙහි ආණ්ඩු පෙරළියක් වී රාජපක්ෂ පාලනය අවසන් වී යෑමත් නව ආණ්ඩුව වගවීම සහ සංහිදියාව සම්බන්ධයෙන් නව සහ සම්මුතිකාමී ස්ථාවරයකට පැමිණ සිටීමත් නිසා ය. මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම තේමාව ඇතිව මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට ඉදිරිපත් කැරෙන යෝජනාවෙහි අන්තර්ගතය තීරණය කිරීමේ මහත් ඉඩකඩක් දැන් ශ්‍රී ලංකාණ්ඩුවට ලැබී තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් විසින් සැසිවාරයට ඉදිරිපත් කරනු ඇත්තේ සැප්තැම්බර් 30 වන දින දහවල් 12.00 ටය පසුගිය සතියෙහි ජිනීවා නුවර වෙත පැමිණ විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් හමු වූ මානව හිමිකම් ආරක්ෂකයිනට පෙර වසරවලදී ලද සාධනීය ප්‍රතිචාර ලැබුණේ නැත. එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාණ්ඩුව එක්ව ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කැරෙන යෝජනාවේ මුල් කෙටුම්පත දක්නට ලැබෙනු ඇත්තේ 21 දින ය. එම කෙටුම්පත ශක්තිමත් කිරීමට ලතින් ඇමෙරිකානු රටවල් යම් යම් යෝජනා ගෙන ඒමට ද ඉඩ තිබේ. ආසියානු සහ අප්‍රිකානු රටවල් ශ්‍රී ලංකාවේ ස්ථාවරය සමඟ ගමන් කරනු ඇතැයි පෙර වසර වල හැසිරීම අනුව අනුමාන කළ හැක. සිය කාර්යාලය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් විසින් සැසිවාරයට ඉදිරිපත් කරනු ඇත්තේ සැප්තැම්බර් 30 වන දින දහවල් 12.00 ටය. ඉන්පසු තෙපැයක සාකච්ජාවක් පැවැත්වෙනු ඇත. යෝජනා ඉදිරිපත් කැරෙන්නේ ඔක්තෝබර් 01 සහ 02 යන සැසි වාරයේ අවසාන දින දෙකෙහි ය. එනමුත් ඊට පෙර යෝජනාවේ අවසන් පිටපත ප්‍රසිද්ධ කැරෙනු ඇත. එහි අන්තර්ගතය ගැන නිශ්චිත යමක් දැනට කිව නොහැක. යෝජිත දේශීය යාන්ත්‍රණය පිළිගැනීමක් එහි අඩංගු වනු ඇත. සමහර විට එවැන්නක් සඳහා දළ ප්‍රමිතීන් එහි ඇතුළත් වීමට ඉඩ තිබේ. වසරක් හෝ දෙවසරක් ඇතුළත හෝ වාර්ශිකව හෝ වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කරන සේ එමගින් මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටීමට ද ඉඩ තිබේ. ශ්‍රී ලංකාණ්ඩුව එකඟ වන්නේ නම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමටද යෝජනා වීමට ඉඩ තිබේ.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය සැප්තැම්බර් 14 වන සඳුදා ආරම්භ වෙයි. එය අවසන් වන්නේ ඔක්තෝබර් දෙවැනි දාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'අධ්‍යාපනයක් ලබා දිය හැකි සංඥා පරිවර්තකයන් ලංකාවටම ඉන්නේ පස් දෙනයි' 'සංඥා භාෂාව ඉගන ගෙන ඒ තුළින් නිවැරදි ලෙස පණිවුඩයක් ලබා දිය හැකි සහ පණිවුඩයක් ගත හැකි, එමෙන්ම අධ්‍යාපනයක් ලබා දිය හැකි සංඥා පරිවර්තකයන් ලංකාවටම ඉන්නේ පස් දෙනයි' ඇමතිවරයා පෙන්වා දෙයි. එස් බී දිසානායක අමාත්‍යවරයා සමග බීබීසී සිංහල සේවයේ එස් එල් සෙනෙහෙධීර කළ සාකච්ඡාවට මෙම යොමුව ඔස්සේ සවන්දිය හැකිය. සංඥා උපදේශකයන්ගේ විශාල හිඟයක් පවතින බව සඳහන් කළ ඇමතිවරයා ශ්‍රවණාබාධිත තරුණ තරුණියන්ට සංඥා භාෂාව පිළිබඳ නිසි අධ්‍යාපනයක් ලබා දිය හැකි නම් ඔවුන්ට උපාධිය, පශ්චාත් උපාධිය වැනි ඉහළ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමි වන බවයි කියා සිටියේ. සංඥා උපදේශකයන්ගේ හිඟය හේතුවෙන් අන්ධ සහ වෙනත් ආබාධිත පුද්ගලයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ගේ අධ්‍යාපනය පහළ මට්ටමක පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය. 'ශ්‍රවණාබාධිත බහුතරය හරිම නිරෝගී අය. නමුත් ඒ අතර සාමාන්‍ය පෙළ සමත් අයවත් නැහැ' ඔහු පැවසීය. උසස් අධ්‍යාපනය දැනට සිය ඥාතීන් විසින් යොදා ගනු ලබන සම්ප්‍රදායික සංඥා ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවේ ශ්‍රවණාබාධිත පුද්ගලයන් අදහස් හුවමාරු කර ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. තමා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී ඒ පිළිබඳ දැනුවත්ව නොසිටි බව අමාත්‍යවරයා පිළිගනියි. ශ්‍රවණාබාධිත පුද්ගලයන් සමග අදහස් හුවමාරු කර ගත හැකි සංඥා උපදේශකයන් රජයේ ආයතන සඳහා බඳවා ගැනීම කාලීන අවශ්‍යතාවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. භාෂා පරිවර්තකයන්ගේ වැටුප් තලය සැසඳීමේදී සංඥා පරිවර්තකයන්ගේ වැටුප් කම්කරු වැටුප් මට්ටමේ පවතින බවත් ඔහු පැවසීය. ලිපිකරු ශ්‍රේණියෙන් ඉහළ භාෂා පරිවර්තක මට්ටමේ වැටුප් තලයක් හිමි සංඥා පරිවර්තක තනතුරු පනහක් අලුතින් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී දිසානායක සඳහන් කළේය. සමාන අවස්ථා ඩිප්ලෝමා පාඨමාලාවක් හරහා නිසි සංඥා පරිවර්තන පුහුණුව ලබා දීමෙන් අනතුරුව ඉහත කී රැකියා ලබා දෙන බවයි ඔහු කියා සිටියේ. ඒ සඳහා සැප්තැම්බර් මාසයේ අයදුම්පත් කැඳවා තෝරා ගනු ලබන පනස් දෙනකුගෙන් යුත් කණ්ඩායමට අධ්‍යාපන කටයුතු සඳහා රජයේ අනුග්‍රහය ලබා දෙන බවත් අමාත්‍ය එස්බී දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය. එලෙස පුහුණුව ලත් සංඥා පරිවර්තකයන් ශ්‍රවණාබාධිත දරුවන් අධ්‍යාපනය ලබන පාසල් වෙත අනුයුක්ත කොට එම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය. 'අප විසින් අත්සන් තබා ඇති සැමට සමාන අවස්ථා ලබා දීමේ එක්සත් ඥාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ශ්‍රවණාබාධිත පුද්ගලයන්ටත් සමාන අවස්ථා ලබා දිය යුතුමයි. රජයක් වශයෙන් අපි ඒ සඳහා බැඳී සිටිනවා ' අමාත්‍යවරයා සඳහන් කළේය. ජාතික සමාජ සංවර්ධන ආයතනය හරහා ඉහත කී ඩිප්ලෝමා පාඨමාලාව දිගටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කොට ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාව තුළ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සමග අදහස් හුවමාරු කිරීම අතින් ප්‍රවීණ සංඥා උපදේශකයන් සිටින්නේ පස් දෙනකු පමණක් බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේද ආහාර කල්තබා ගැනීමට වෙළෙන්දන් පෝමලීන් යොදා ගන්නා බවට චෝදනා එල්ල වී ඈත. බංග්ලාදේශය , ඒ සම්බන්ධයෙන් කෙටුම්පත් කරනු ලැබ ඇති නව නීතිය යටතේ,ඉහත කී ආකාරයේ වරදක් කරන තැනැත්තෙකුට අවුරුදු හතක සිර දඬුවමක් නියම කල හැකි වෙයි. එසේම, යම් තැනැත්තෙක් එම වරද දිගින් දිගටම සිදු කරන්නේ නම්,එවැනි පුද්ගලයන්ට අවරුදු දාහතරක උපරිම සිර දඬුවමක් නියම කිරීමටද බලය ලැබෙයි. ආහාර අපවිත්‍රකරණය ඉතාම අනතුරුදායක මට්ටමකට ලඟා වී ඇති බවට බංග්ලාදේශ් පාරිභෝගික සහ අපනයන සංවිධාන විසින් අනතුරු ඇඟවීමක් කරනු ලැබයි තිබෙන්නේ. ඉක්මනින් නරක් වෙන පලතුරු සහ මස් මාංශවලට පෝමලීන් වැනි හානිකර විෂ රසායනික ද්‍රව්‍ය නිතරම මෙන් එක්කෙරෙන බවයි ,එම සංවිධාන පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේද ආහාර සහ පළතුරු කල්තබා ගැනීමට බොහෝ වෙළෙන්දන් පෝමලීන් යොදා ගන්නා බවට නිතරම චෝදනා එල්ල වී ඇත.
මහජන ශරීර සෞඛ්‍යයට හානිකර විස රසායන වර්ග ආහාර නිෂ්පාදන වලට එක්කරන්නන්ට දැඩි දඬුවම් නියම කිරීම පියවර ගන්නා බව බංග්ලාදේශ් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රජයට එරෙහිව සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරු ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දීමට පියවර ගත් බව කතානායක කාර්යාලය නිවේදනය කළේය. සිකුරාදා (16) දින සම්මත වූ විශ්වාස භංග යෝජනාවේ, "ගරු කතානායකවරයා විසින් නිකුත් කරන ලද 2018 නොවැම්බර් මස 15 වන දින දරන නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 14 වන දින ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවේ අංක 02 දරන යෝජනාව සම්මත වූ හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය විසුරුණු බවට වන නිල ප්‍රකාශය මෙම ගරු සභාව පිළිගන්නා අතර, මෙම ගරු සභාව 2018 ඔක්තෝබර් මස 26 දින සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව යෝජනා කර සිටියි," යනුවෙන් සඳහන් වන බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මින් පෙර වාර්තාකරණය ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහි නව විශ්වාස භංගය සම්මත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව දෙවන වරටත් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවය. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ මලික් සමරවික්‍රම ද තහවුරු කළහ. කතානායකවරයා සභා ගැබට කැඳවන ලද පොලිස් නිලධාරීන්ට ද මිරිස් වතුර ප්‍රහාර එල්ල වූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි දෙවන වාර්තාකරණය පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබූ අතර කතානායක කරු ජයසූරිය පොලිස් ආරක්ෂාව යටතේ වෙනත් ස්ථානයක සිට පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවීමට තීරණය කර තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළු වූහ. කතානායකවරයා තීරණය කර ඇත්තේ, විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටය. මේ අතර, පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අනුව කටයුතු කරන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉල්ලා තිබිණි. ඔහු එහි සඳහන් කර ඇත්තේ, කිසිදු හේතුවක් මත පාර්ලිමේන්තුව කල් නොතබන බවය. පාර්ලිමේන්තුවට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂට පාර්ශවයට සහය දක්වන මන්ත්‍රීවරුන් සහ පොලිසිය අතර ගැටුමක් ද ඇති විය. එම තත්ත්වය උද්ගත වී ඇත්තේ, මහින්ද රාජපක්ෂට සහය පළ කරන මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක ආසනය වට කරගෙන කරු ජයසූරියට එම ආසනයේ අසුන් ගැනීමට ඉඩ නොදීම හේතුවෙනි. පළමු වාර්තාකරණය: අප වාර්තාකරු පැවසුවේ, කතානායක ආසනය මත පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු වාඩි වී සිටි බවය. මේ අනුව, පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුවේ කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි විය. කියවන්න: තමන් ව්‍යවස්ථාව කඩවන අන්දමේ කටයුත්තක් නොකරන බවත්, ඒ අනුව නැවත පාර්ලිමේන්තුව කල් දැමීමට අපේක්ෂා නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා (නොවැම්බර් 15) සවස පක්ෂ නායකයන් සමග පැවති හමුවේදී ප්‍රකාශ කළ බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. බදාදා ඉදිරිපත් කළ විශ්වාස භංගයේ පළමු කරුණ තමන්ට එරෙහිව ඉදිරිපත් වූවක් බැවින් සහ පිළිගත නොහැකි කරුණක් බැවින් අලුත් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා මෙම හමුවීමේදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නැවත විශ්වාස භංගයක් ඉදිරිපත් කර සම්මත කරගන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසීය. එබැවින් සිකුරාදා (නොවැම්බර් 16) නැවත වතාවක් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඔහු පැවසීය.
විශ්වාස භංග යෝජනාව
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"නමුත් එය සම්පූර්ණ අහිතකර බලපෑමක් ඇති කළා." එක්සත් රාජධානියේ 'රියැලිටි ටීවී' තරුවක් වන සාරා මැක්ඩර්මොට් සිය දිවියේ විශේෂයෙන් කම්පන සහගත කාල පරිච්ඡේදයක් ගැන විස්තර පැවසුවාය. තමන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප එවන ලෙස, වයස අවුරුදු 14 දී පාසලේ පිරිමි ළමයෙකු එල්ල කළ පීඩනය ගැන ඇය හෙළි කළාය. 'ලව් අයිලන්ඩ්' නම් රියැලිටි වැඩසටහනට සහභාගී වීම නිසා එක්සත් රාජධානියේ ප්‍රේක්ෂකයින් හඳුනාගත් සාරාට පාසල් දිවිය ප්‍රීතිමත් කාලයක් නොවීය. ඇය නොයෙක් හිරිහැර විඳි අතර තනිකමෙන් ද පීඩා වින්දාය. පිරිමි ළමයා ඇයට කැමති නම් එය ඇගේ පංතියේ ළමයින් අතර යම් ජනප්‍රියත්වයක් ලැබීමට උපකාරී වනු ඇති බව ඇය සිතුවාය. නමුත් ඔහු සිදු කළේ වෙනත් දෙයකි. ඔහු පාසල පුරා ඇයගේ පෞද්ගලික පින්තූර බෙදා හැරීමත් සමග තත්ත්වය තවත් නරක අතට හැරිණි. "මට මේ දේ තාර්කික ලෙස දකින්න බැරි වුණා," ඇය සූම් (Zoom) ඇමතුමකින් සම්බන්ධ වෙමින් පැවසුවාය. "එය සිදු වූයේ මගේ ජීවිතයේ ඉතා වැදගත් කාලයක. ඔබ කවුරුන් ද කියලා සොයා ගන්න සහ තරමක් වැඩිහිටියෙකු වීමට උත්සාහ කරන කාලයක." "එය සෑහෙන අඳුරු කාලයක් වුණා. මම බොහෝ දේ අවහිර කර ගත්තා. පින්තූරය සංසරණය වෙන්න පටන් ගෙන දින කීපයකට පසු මම සෑහෙන වෙහෙසට පත් වෙලා හිටියා. මම හිතන්නේ මම හරියට කෑම නොගත්ත බව මතකයි, හරියට නිදා නොගත්ත බව මට මතකයි. කිසිම විදිහකින් ඔසවා තබන්න බැරි තරම් බිඳ වැටුණු මනසකින් නිතරම හිටියා මතකයි." "මම සියදිවි නසාගන්න තැනටම තල්ලු වුණා. එය ඒ තරම් නරකයි. ඡායාරූප එළියට ආවාම, මම ඇත්තෙන්ම තවත් හිරිහැරයට ලක්වන බව දැන සිටීම මට දරාගන්න නොහැකි දෙයක් වුණා. එය මට අදටත් බලපානවා. " පාසලේ දී සාරාට බොහෝ හිංසන සිදු විය විශ්වාසය මත සාරා පෞද්ගලික ඡායාරූප යැවූ විට එම විශ්වාසය කඩ වූ එකම අවස්ථාව මෙය නොවේ. 2018 ලව් අයිලන්ඩ් වැඩසටහනේ ඇය පෙනී සිටිය දී එය නැවත සිදුවිය. එවිට ඇය 21 වෙනි වියේ පසු වූවාය. වට්ස්ඇප් කණ්ඩායම් කීපයක එම ඡායාරූප පළ කර තිබිණි. නමුත්, ලව් අයිලන්ඩ් වැඩසටහන අතර දුරකථනය භාවිත කළ නොහැකි නිසා මෙම පණිවිඩ සාරාට මඟහැරිණි. ඇය වැඩසටහනෙන් ඉවත්ව යන විට, ලව් අයිලන්ඩ් කාර්යමණ්ඩල සාමාජිකයෙක් ඇය සිටි හෝටලයට පැමිණියේ ඉතා වේගයෙන් සංසරණය වන ඡායාරූප ගැන පුවත පැවසීමටය. මේ කාලය වන විට අදාළ සිද්ධිය පුවත්පත්වල ද පළ වී තිබිණි. "මට ඒ හැඟීම ගැන කියන්න වචන නැහැ. දෙමව්පියන් පවා මම ගැන ලැජ්ජාවට පත්වන බවක් මට දැනුණා." සාරා කඳුළු සලමින් එම සිද්ධිය පවසන ආකාරය දැක්වුණේ වාර්තා වැඩසටහනක ය.. "ඔවුන් නැවත වරක් මා දිහා බලන්නේ කොහොම ද? එය සෑහෙන ලැජ්ජාවක්. මට මැරෙන්න අවශ්‍ය වුණා." ලව් අයිලන්ඩ් වැඩසටහනේ පෙනී සිටීමට පෙර තමන් ඇසුරු කළ පුද්ගලයෙකු මෙම ඡායාරූප බෙදා හැරීම ආරම්භ කළ බව සාරා චෝදනා කරන්නීය. ඇයගේ හොඳම මිතුරිය වට්ස්ඇප් ඔස්සේ බැන වැදුණු විට ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. විවෘත වීම සාරා මැක්ඩර්මොට්: පළිගැනීමේ චේතනාවෙන් අසභ්‍ය දේ බෙදාහැරීම ගැන 'බීබීසී ත්‍රී' ( BBC Three) කළ වාර්තාමය වැඩසටහන තුළ සාරා ඒ පිළිබඳ ගවේෂණයක යෙදෙන්නීය. යමෙකුගේ කැමැත්තකින් තොරව අතිශය පෞද්ගලික ඡායාරූප ද්වේෂ සහගත ලෙස බෙදා හැරිය විට එයින් වින්දිතයින්ට ඇති විය හැකි පීඩාව සහ එයින් මිදීමට ඔවුන්ට ලබා ගත හැකි සහයෝගය සොයා බැලීම මෙම වාර්තාමය වැඩසටහනේ පෙන්වයි. ඇයගේ අතිශය පෞද්ගලික අවස්ථා එක් වරක් නොව දෙවරක් ලෝකයට නිරාවරණය වීමෙන් පීඩා විඳි සාරා ඇත්තෙන්ම පසුවන්නේ කෝපයෙනි. ඇයගේ කෝපය පළකරන්නේ ඡායාරූප බෙදාගත් පුද්ගලයින් කෙරෙහි පමණක් නොව, එවැනි සිදුවීම්වලට දක්වන ප්‍රතිචාර කෙරෙහිය. අන්තර්ජාලය හරහා ද්වේශ සහගත ප්‍රතිචාර සහ වින්දිතයාට දොස් පැවරීම නිරන්තරයෙන් සිදුවිණි. ඇයගේ අවසරයකින් තොරව ඡායාරූප බෙදා ගැනීමට වඩා ඇය යමෙකු වෙත පින්තූර යැවූ කාරණය කෙරෙහි අවධානය යොමු කිරීමට පුද්ගලයන් ක්‍රියා කරන බව ඇය පැවසුවාය. තම ආදරවන්තයා සමග පින්තූර බෙදා ගැනීම සාමාන්‍ය දෙයක් බව දැනගත් විට සමහර මිනිසුන් කම්පනයට පත්වන බව ඇය පවසන්නීය. මන්ද එය "ඒ තරම්ම තහනම් විෂයයක්" වන බැවිනි. සාරා සහ ඇයගේ පෙම්වතා සෑම් "ගැටලුව වන්නේ ඇය එසේ කළේ ඇයි?" කියා පුද්ගලයන් අසන විටය. "මේ ගැටලුව ගැන සඳහන් ලිපියක යට පළ කර තිබූ සමහර අදහස් මම කියෙව්වා. ඔවුන් අසා සිටිනවා, නාන ඇඳුමකින් ඉන්ස්ටග්‍රෑම්හි පෙනී ඉන්නවා නම්, (පළිගැනීමේ චේතනාවෙන් බෙදාහරින කාමුක දර්ශන පිළිබඳව දැනුවත් කිරීමේ) වැඩසටහන් කරන්නේ ඇයි කියලා." "ඔවුන්ට මෙහි තිබෙන ගැටලුව සම්පූර්ණයෙන්ම මග හැරී තිබෙනවා. ඇත්තටම මගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමලා. මෙතන යම් පුද්ගලයෙක් නීතිය කඩ කරලා තියෙන්නේ. ඉන්ස්ටග්‍රෑම්හි බිකිනි පින්තූර දැමීම නීතියට පටහැනි දෙයක් නෙවෙයි." 'හිටපු පෙම්වතා මගේ නිරුවත් ඡායාරූප මගේම ඉන්ස්ටග්‍රෑම්හි පළ කළා' මෙම තත්ත්වයට මුහුණ පා ඇත්තේ සාරා පමණක් නොවේ. පළිගැනීමේ චේතනාවෙන් කාමුක දර්ශන බෙදා හැරීමේ සිද්ධීන් පිළිබඳ වඩාත් වාර්තා වන්නේ නව යෞවනයන් සහ වයස විසි ගණන්වල මැද සිටින පුද්ගලයන් අතරින් බව ලිංගික අපයෝජන සම්බන්ධ පුණ්‍යායතනයක් වන සේෆ්ලයින් (Safeline) පැවසීය. එවක නව යෞවනියක වූ ක්ලෝයි, රැකියාව නිමවී නිවසට යෑම සඳහා බස් රථයේ සිටිනා විට හඳුනා නොගත් ස්නැප්චැට් ගිණුමකින් පණිවිඩයක් ලැබී තිබිණි. එම පණිවිඩය විවෘත කළ විට එහි තමාගේ නිරුවත් ඡායාරූපයක් දුටු ඇය කම්පනයට පත් විය. රාත්‍රී 8 වන විට ඇය තවත් නිරුවත් ඡායාරූප අදාළ ගිණුම සමග බෙදා නොගන්නේ නම් ඇයගේ ඡායාරූප "සෑම තැනකම පළ කරනවා" යනුවෙන් එම පණිවිඩයෙන් තර්ජනය කර තිබිණි. සිය හිටපු පෙම්වතා සමඟ පමණක් බෙදාගත් ඡායාරූප එම ගිණුම හරහා දිගින් දිගටම ලැබෙන්නට විය. රැකියාව නිමවී නිවසට යෑම සඳහා බස් රථයේ සිටිනා විට හඳුනා නොගත් ස්නැප්චැට් ගිණුමකින් පණිවිඩයක් ලැබී තිබිණි පැය කීපයකට පසු ඇයට මිතුරියකගෙන් ඇමතුමක් ලැබුණි. "ක්ලෝයි, ඔයා ඔයාගේ ඉන්ස්ටග්‍රෑම් එකේ මොනවද මේ දාලා තියෙන්නේ?" ඇය ඇසුවාය. එක්ව සිටියදී මානසිකව හිංසා පීඩා කළ බව පවසන ක්ලෝයිගේ හිටපු පෙම්වතා ඇයගේ ගිණුමේ මුරපදය අනුමාන කර නිරුවත් ඡායාරූප එහි පළ කළ ඇති බව ඇය පැවසුවාය. "මගේ පළමු සිතුවිල්ල වුණේ, 'මගේ පවුලේ අය මෙය දැක්කොත් කුමක් වෙයි ද? මගේ මිතුරන් මෙය දැක්කොත් කුමක් වෙයිද? මේවා සෑහෙන අය අතරේ බෙදිලා යනවා ... එතකොට රැකියාව කරන තැන අයත් එය දකියි. මාව සේවයෙන් ඉවත් කරයි'. "සිතුවිලි මිලියනයක් පමණ මගේ මනස හරහා දිව ගියා." තම දෙමාපියන්ට මෙය පැහැදිලි කිරීමට බිය වූ හැටි ඇය සිහිපත් කළේ කඳුළු සලමිනි. "මට මතකයි එය සිදු වූ දින රාත්‍රියේ මම ගෙදර ආවා. මම තනියම හිටියේ. මම තැනක හිඳගෙන කල්පනා කළා, 'ජීවිතයේ තේරුම කුමක්ද?' කියලා. සිදුවෙමින් තිබුණ දේ පසුකර යන මාර්ගයක් දැකීමට මම ඇත්තටම වෙහෙසුණා. මම නැවත කිසිවෙකුත් විශ්වාස කරන්නේ කොහොමද?" ඇය පැවසුවාය. "එය මට ඇත්තෙන්ම දැඩි අඳුරු කාලයක්. මම කිසි වටිනාකමක් නැති බවක් දැනුණු නිසා මට රිද්දව ගන්න පවා හිතුවා." සති ගණනාවක් පුරා ක්ලෝයි ප්‍රසිද්ධියේ සිය මුහුණ පෙන්වීමට බිය වූ නමුත්, දිනක් මිතුරියක් ඇයව තැබෑරුමකට යාමට පොළඹවා ගත්තාය. ක්ලෝයිට වඩා අවුරුදු කීපයක් වැඩිමල් පිරිමි කණ්ඩායමක් එදින රාත්‍රියේ ඇය වෙත පැමිණියහ. ඇයගේ ඡායාරූප ඔවුන්ගේ වට්ස්ඇප් කණ්ඩායමට ඒවා ඇති බව පවසමින් ඔවුහු ඇයගේ "සෙලවෙන දෙතන" ගැන නොයෙක් අසභ්‍ය දේ පැවසීය. නිරුවත් ඡායාරූප මගින් සිදුකරන අපයෝජනය වින්දිතයෙකුගේ මානසික සෞඛ්‍යයට කෙතරම් බරපතල ලෙස බලපාන්නේ ද යන්න ගැන ජනතාවට දැනුවත් කිරීම ක්ලෝයිගේ අරමුණ වේ. "මේ අහම්බෙන් මුණ ගැහුණු පිරිමි ළමයින් ඒ ඡායාරූප දැක තිබීමත් එය කණ්ඩායම් චැට්වල යැවීමට සුදුසු යැයි ඔවුන් සිතීමත් එක්ක, මගේ ජීවිතයේ මෙතරම් පහත් සහ නින්දාවක් මට මීට පෙර කවදාවත් දැනිලා නැහැ." වෙනත් පුද්ගලයෙකුගේ කැමැත්තකින් තොරව පෞද්ගලික ලිංගික ඡායාරූප හෝ වීඩියෝ හුවමාරු කර ගැනීම එක්සත් රාජධානියේ නීතියට අනුව අපරාධයකි. නමුත් එය නීතිය ඉදිරියේ වරදක් වන්නේ ඡායාරූප බෙදූ පුද්ගලයා එම ක්‍රියාව සිදු කළේ ඡායාරූපයේ සිටින්නා අපහසුතාවට හෝ පීඩාවට පත් කිරීමේ අරමුණින් යැයි ඔප්පු කළ හැකි නම් පමණකි. අදාළ පනත 2015 දී බලාත්මක කරන ලද අතර, මෙවන් අපරාධයක් සඳහා වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ. "නමුත් එම නීතිය ක්‍රියාවට නැංවීම ඇත්තෙන්ම දුෂ්කරයි," වඩා හොඳ රෙගුලාසි ඉල්ලා සිටිමින් සටනක නිරත වන 'Not Your Porn' ව්‍යාපාරයේ කේට් අයිසැක්ස් පැහැදිලි කළාය. වර්තමාන නීතියට අනුව, "පින්තූර බෙදාගැනීම ද්වේෂ සහගත ක්‍රියාවක් බව ඔබ ඔප්පු කළ යුතුයි. එය උසාවියේදී ඔප්පු කිරීම ඉතා අපහසුයි." "සාරාට සිදු වූවාක් මෙන් පාසලේ පින්තූර බෙදා හැරීමේ සිද්ධියක දී, දරුවන් ඡායාරූප මත පදනම් වූ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වුවහොත්, ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට දොස් පැවරිය නොහැකි බව දරුවන් දැනගත යුතුය. කරදරයක් වේ යැයි බියකින් තොරව එය පාසලට හෝ පොලිසියට වාර්තා කිරීමට ඔවුන් ඉඩ තිබිය යුතුයි." ඡායාරූප මත පදනම් වූ ලිංගික අපයෝජනයන්ට එරෙහි උද්ඝෝෂණ ක්‍රියාත්මක වේ 'මම අපරාධකාරයෙක් වගේ දැනුණා' පළිගැනීමේ චේතනාවෙන් බෙදා හැරෙන කාමුක දර්ශන මගින් වින්දිතයෙකුගේ ජීවිතයේ සෑම අංශයක්ම විනාශ විය හැකි අතර, වරදක් නොකරම ඔවුන් ලැජ්ජාවට පත් වේ. මුණ ගැසෙන සෑම පුද්ගලයෙකුම ඔවුන්ගේ රූප දැක ඇතැයි සිතමින් මුළු ලෝකයම කනස්සල්ලෙන් හැකිලී යන බව ඡායාරූප මගින් සිදුවන අපයෝජනවලට මුහුණ දුන් අය පවසති. මෙමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට සදාකාලික බලපෑම් එල්ල වී තිබේ. පළිගැනීමේ චේතනාවෙන් බෙදා හැරෙන කාමුක දර්ශනවල වින්දිතයන්ට උපකාර කරන දුරකථන අංකයට කතා කළ වැඩිහිටියන්ගේ සංඛ්‍යාව 2020 දී 87%කින් වැඩි වී තිබිණි. ඔවුන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් මානසික සෞඛ්‍ය සේවාවලට යොමු කර ඇති අතර, 45 දෙනෙකු, ඡායාරූප මගින් සිදුවන අපයෝජන හේතුවෙන් සියදිවි නසා ගැනීමට සිතෙන බව අනාවරණය කර තිබිණි. උපකාරක දුරකථන කළමණාකරු සොෆී මෝර්ටිමර් බීබීසී ත්‍රී වෙත පැවසුවේ ඡායාරූප මගින් සිදුවන අපයෝජන භයානක ලෙස ඉතා වේගයෙන් අඛණ්ඩව ඉහළ යන බවය. "උපකාර සඳහා අප හා සම්බන්ධ වන පුද්ගලයින් ප්‍රමාණය සතිය ගණනේ අඛණ්ඩව ඉහළ යනවා" ඇය පවසන්නීය. "වසංගතයට පෙර සිටම ඉහළ යන මේ සිද්ධි සංඛ්‍යාව සමඟ කටයුතු කිරීමට අපි මහත් පරිශ්‍රමයක් දරනවා." ක්ලෝයි ඇයගේ හිටපු පෙම්වතා ගැන පොලිසියට පැමිණිලි කළ නමුත්, ඇය ඔහුට එරෙහිව චෝදනා එල්ල කළහොත් ඇයගේ වයස නිසා ඇයටද කරදරයක් විය හැකි බවට නිලධාරීන් ඇයට අනතුරු ඇඟවූ බව පැවසීය. වයස අවුරුදු 18ට අඩු කෙනෙකුගේ ඡායාරූප ගැනීම සහ යැවීම (ඔබ විසින්ම කළ දෙයක් වුව ද) එක්සත් රාජධානියේ ළමා ලිංගික අපයෝජන යටතේ වරදක් විය හැකිය. "මම හිතුවා, හොඳයි, ඒක අනිවාර්යයෙන්ම මගේ වැරැද්දක්. මොකද මම ඒවා යැව්වා, ඒක අපරාධයක්," ඇය පැවසීය. ක්ලෝයි පවසන්නේ තමාටම දොස් පැවරීම නිසා ඇයගේ මානසික සෞඛ්‍යයට ඇති වුණු කල්පවතින බලපෑම්වලින් දැන් මිදීමට පටන් ගෙන ඇති බවය. වයස අවුරුදු 14 දී ක්ලෝයි මෙන් සාරා ද තමන්ට දොස් පවරා ගැනිණි. ඡායාරූප ගැනීම නිසා පාසලේ පන්ති තහනමට ලක්වූයේ ඇයයි. "මට අවශ්‍ය වන්නේ ඔවුන් තනිවම නොවන බව දැන්වීමටයි. තවත් බොහෝ අය මේ අත්දැකීම් විඳලා තියෙනවා" "මගේ සිතේ අන්තිමට ඇති වුණ දේ තමයි මගේ ජීවිතයට උපකාර සොයා ගන්න ඕනේ කියන එක. මොකද, මට වයස අවුරුදු 14 දී අපරාධකාරයා වුණේ මමයි. " "තමන්ට සිදු වූ දෙයක් සම්බන්ධයෙන් ඒ පුද්ගලයා මතම වගකීම වැටෙනවා, ඒ අය තමන්ටම දොස් පවරා ගන්න නිසා පසු විපාක සඳහා ඔවුන් උදව් පතන්නේ නැහැ." "සම්බන්ධතාවක ඉන්න සමාන වයස්වල දරුවන් දෙදෙනෙකු අතර එකඟතාවකින් යම් රූපයක් බෙදා ගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීම සාමාන්‍යයෙන් මහජන යහපතට හේතු වෙන්නේ නැහැ. නමුත් වෙනත් අවස්ථා වලදී නඩු පැවරීම සුදුසු විය හැකියි," අධිකරණ සේවයේ ප්‍රකාශකයෙකු පැවසීය. පළිගැනීමේ චේතනාවෙන් බෙදා හළ කාමුක දර්ශන නිසා සිය මානසික සෞඛ්‍යයට ඇති කළ බලපෑම ගැන කතා කිරීමට සාරාට කිසිදු උපකාරක මධ්‍යස්ථානයක් නොතිබූ නමුත්, යමෙකු සමඟ කතා කිරීම ප්‍රයෝජනවත් විය හැකි යැයි ඇය පවසයි. "පළිගැනීමේ චේතනාවෙ බෙදා හරින කාමුක දර්ශන ලිංගික අතවරයක් ලෙස බැරෑරුම්ව සලකන්නේ නැහැ," 'Not Your Porn' ව්‍යාපාරයේ කේට් අයිසැක්ස් පැවසීය. "එය නැවැත්විය යුතුයි. රූපය නිර්මාණය කළ පුද්ගලයින්ගේ වගකීම අප විසින් ඉවත් කර, වැරදිකරුට (රූපය බෙදාගත් පුද්ගලයා) එය නීති විරෝධී ක්‍රියාවක් බවත් එය මානසික හා චිත්තවේගීය හානි සිදු කළ හැකි දෙයක් බවත් දැන්විය යුතුයි." පළිගැනීමේ චේතනාවෙ බෙදා හරින කාමුක දර්ශන සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ වාර්තාමය වැඩසටහන හරහා වැඩි අවබෝධයක් ලබා දෙනු ඇති බව අදාළ සිද්ධියෙන් වසර දහයකට පසුව, සාරාගේ බලාපොරොත්තුව වේ. . "මට අවශ්‍ය වන්නේ ඔවුන් තනිවම නොවන බව දැන්වීමටයි. තවත් බොහෝ අය මේ අත්දැකීම් විඳලා තියෙනවා," ඡායාරූප හරහා අපයෝජනයට ගොදුරු වූ අනෙකුත් කාන්තාවන්ගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට ලැබෙන පණිවිඩ ගැන සඳහන් කරමින් ඇය පැවසීය. "මට අවශ්‍ය වන්නේ මිනිසුන් මේ මාතෘකාව ගැන විවෘතව කථා කිරීමට පටන් ගැනීම සහ එමගින් වින්දිතයාට වැඩි අවධානයක් යොමු වීම වැලැක්වීමයි." මේ තොරතුරුද කියවන්න:
"මට අවශ්‍ය වුණේ මට අනිත් අය කැමති වීම පමණයි. මම එය කළේ වඩාත් ජනප්‍රිය වෙන්නයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රට අවුරුදු තිහක යුද්ධයක් තිබුන රටක්, නැවත එවැනි ගැටළු ඇතිවෙනවා නම් ඒවා වලක්වා ගැනීම තමයි අපේ අරමුණ' පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒ බව කියා සිටියේ, ආගමික කටයුතු අමාත්‍යංශය පරිශ්‍රයේ සඳුදා පිහිටවන ලද ආගමික ගැටුම් සම්බන්ධ විශේෂ පොලිස් ඒකකයේ අරමුණ පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ මෙම ඒකකයට තවත් නිලධාරීන් දාහත් දෙනකු යෙදවීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය. ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ආගමික ගැටුම් සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙන්ම කිසියම් ප්‍රාදේශීය පොලිසියක් ආගමික ගැටුම් සම්බන්ධ නිසි පියවර නොගන්නේ නම් ඒ පිළිබඳව කටයුතු කිරීමත් මෙම ඒකකයට අයත් රාජකාරි අතර වේ. බොදු බල සේනා ශ්‍රී ලංකාවේ 'බහුවාර්ගික සමාජයේ විවිධ ජනකොටස්වල සම්ප්‍රදායයන් සම්බන්ධයෙන් පුහුණුවක්' විශේෂයෙන්ම බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයන් විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේට සහ ශ්‍රී ලංකාවේ සුළුතර ආගමික කණ්ඩායම් ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර සහ තර්ජන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන බව පොලිසියට එල්ල වන ප්‍රධාන චෝදනාවක්. "ඔවු ඇත්ත වශයෙන්ම එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව පවා විමසීමට තමයි, මෙම විශේෂ ඒකකය ස්ථාපිත කරලා තියෙන්නේ," යන්න එම චෝදනාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගේ ප්‍රතිචාරයයි. ළමා සහ කාන්තා හිංසන සම්බන්ධයෙන් 2013 දී පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයට ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව 16,000 කට අධිකයි. පුරා විද්‍යා කොල්ලකෑම් සම්බන්ධයෙන් දෙදහසකට ආසන්න පැමිණි සංඛ්‍යාවක් පොලිස් පුරාවිද්‍යා අංශයට ලැබී තිබේ. මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් පොලිස් සමූහ මංකොල්ලකෑම් අංශයට ලැබී තිබෙන පැමිණි සංඛ්‍යාවද දෙදහසකට ආසන්න වේ. 'බහුවාර්ගික සමාජයක්' මෙවන් වාතාවරණයක් තුල ආගමික ගැටුම් සම්බන්ධ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමේ අරමුණ දහස් ගණන් ආගමික ගැටුම් වාර්තාවීමදැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශකවරයා කියා සිටියේ, දැනටමත් විශේෂිත කාර්යයන් වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුල ඒකක පනස් දෙකක් තිබෙන බැවින් ආගමික සංහිඳියාව සහ සජ්හජීවනය වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවා 'කැපවී ක්‍රියාකිරීමට' පොලිසිය පසුබට නොවන බවයි. "බරපතල ගැටළු තියනවට වඩා, මේ රට අවුරුදු තිහක යුද්ධයක් තිබුන රටක්, නැවත එවැනි ගැටළු ඇතිවෙනවා නම් ඒවා වලක්වා ගැනීම තමයි අපේ අරමුණ," යනුවෙන්ද පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය. මුස්ලිම් සහ දෙමළ නිලධාරීන්ද මෙම ඒකකයට අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන අතර, සිංහල සහ දෙමළ භාෂාවන් මෙන්ම ශ්‍රී ලංකාවේ 'බහුවාර්ගික සමාජයේ' විවිධ ජනකොටස්වල සම්ප්‍රදායයන් සහ චාරිත්‍ර සම්බන්ධයෙන් එම නිලධාරීන් පිරිසට පුහුණුවක් ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.
ආගමික ගැටුම් සම්බන්ධ විශේෂ පොලිස් ඒකකය මගින් පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද පියවර ගන්නා බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මයිකොප්ලාස්මා ජෙනිටලියම් (MG - Mycoplasma genitalium) ලෙස හඳුන්වන මෙම රෝගයේ ලක්ෂණ පිටතට නොපෙනෙන නමුත්, බොහෝ විට කාන්තාවන්ගේ ශ්‍රෝණිය ආශ්‍රිත ආසාදන තත්ව ඇතිවී වඳභාවයට පත් වීමේ අවදානමක් පවතී. MG රෝගයට නිවැරදිව ප්‍රතිකාර නොකළහොත් එය ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ලෙස ශරීරය තුළ වර්ධනය විය හැකිය. මේ අනුව, බ්‍රිතාන්‍යයේ ලිංගික සෞඛ්‍යය සහ HIV පිළිබඳ සංගමය (BASHH), MG රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු ආකාරය ගැන නව උපදෙස් මාලාවක් හඳුන්වා දී තිබේ. කුමක්ද මේ MG? මයිකොප්ලාස්මා ජෙනිටලියම් යන බැක්ටීරියාව ඇතුළුවීම හේතුවෙන් පිරිමි මුත්‍ර මාර්ගයේ ප්‍රදාහයක් හටගැනීම හා එයින් ස්‍රාවය පිටවන අතර මුත්‍රා කිරීමේදී අධික වේදනාවක් ඇති විය හැකිය. කාන්තාවකගේ ශරීරයට මෙම බැක්ටීරියාව ඇතුළු වූ විට එහි බලපෑමෙන් ගර්භාෂය සහ පැලෝපීය නාලය වැනි ප්‍රජනන ඉන්ද්‍රීන් ප්‍රදාහයකට ලක්වේ. මේ හේතුවෙන් අධික වේදනාවක් ඇති විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී උණ තත්වයක් හෝ රුධිර වහනය වීම ද සිදු විය හැකිය. අනාරක්ෂිත ලිංගික හැසිරීම මගින් මෙම රෝගය බෝවෙන අතර, ලිංගික සංසර්ගයේදී උපත් පාලන කොපු (කොන්ඩම්) භාවිත කිරීමෙන් රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට හැකිය. මේ තොරතුරුද දැනගන්න: මයිකොප්ලාස්මා ජෙනිටලියම් ශරීරගත වූ පුද්ගලයෙක් නිතරම රෝගී ලක්ෂණ නොපෙන්වන අතර සමහර අවස්ථාවලදී ප්‍රතිකාර අවශ්‍ය නොවනු ඇත. නමුත් මෙහි රෝගී ලක්ෂණ හඳුනාගත් විට ක්ලැමීඩියා (Chlamydia) වැනි වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන තත්වයක් ලෙස වැරදි නිගමනයකට එළැඹීමට ඉඩ තිබේ. මෙය ගැටලුකාරී තත්වයක් බව BASHH පවසයි. ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් ප්‍රතිකාර කළ හැකි නමුත් මෙම බැක්ටීරියාව ඇතැම් ඖෂධ වලට ප්‍රතිරෝධයක් දක්වයි. උපත් පාලන කොපු භාවිත කරන්න ලෝකය පුරා මැක්රොලයිඩ්ස් (macrolides ) කුලයට අයත් ප්‍රතිජීවක ඖෂධවලින් සිදු කරන ප්‍රතිකාර ක්‍රමවලින් MG රෝගය සුව වීම අඩු වෙමින් පවතින බව BASHH උපදෙස් මාලාවේ ඇතුළත් වේ. කෙසේවෙතත්, මැක්රොලයිඩ්ස් කුලයට අයත් එක් විශේෂ ප්‍රතිජීවක ඖෂධයක් වන azithromycin බොහෝ විට මෙම බැක්ටීරියාවට එරෙහිව ක්‍රියා කරනු නිරීක්ෂණය වී තිබේ. රෝගය වැළදීම වළක්වා ගැනීම සඳහා පූර්වෝපාය අනුගමනය කරන ලෙස ලිංගික උපදේශකයෙකු සහ BASHH සාමාජිකයෙකු වන වෛද්‍ය පීටර් ග්‍රීන්හවුස් පවසයි. " මයිකොප්ලාස්මා ජෙනිටලියම් ගැන ජනතාව දැනුවත් වීමට කාලයයි මේ," යැයි ඔහු තවදුරටත් පැවසීය. 'පාලනයෙන් තොර වීම' BASHH උපදෙස් මාලාව ලිවීමට සහය දුන් පැඩි හෝර්නර් පැවසුවේ, "පසුගිය වසර 15 තුළ අපි මේ රෝගය ගැන ක්‍රියා කළ ආකාරයට ම ඉදිරියට ක්‍රියා කරන්න බැහැ. MG වේගයෙන් පැතිරී යෑමත් සමඟ එය නිසැකවම හදිසි තත්වයකට මුල පුරනවා" යනුවෙනි. "MG රෝගය ආසාදනය වී ඇත්දැයි නිවැරදි පරීක්ෂණවලින් හඳුනාගෙන එයට නිසි ප්‍රතිකාර කර, රෝගීයා සම්පූර්ණයෙන් සුව වී ඇති බව තහවුරු කරගැනීම අපගේ උපදෙස් මාලාවෙන් නිර්දේශ කරනවා" තවත් තොරතුරු:
වැඩිදුර තොරතුරු හෙළිදරව් වී නොමැති ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු නොකළහොත් එය පැතිරීමේ අවදානමක් ඇති බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන නිශා බිස්වාල්, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා තර කර ගැනීම සහ කලාපයේ ගැට‍ළු පිළිබඳ සාකච්ඡා කිරීම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන දෙවන විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයා ඇයයි. පසුගිය සතියේදී බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය නිශා බිස්වාල් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහින්ද චින්තනයේ පොරොන්දුවක් ක්‍රියාවට නැගීමට ජනාධිපතිවරයාට මහඟු අවස්ථාවක් උදා වී තිබෙන බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1978 දී ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය බිඳ වැටීමට මෙන්ම අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය බිඳ වැටීමටත් හේතු සාධක වූ බව එම ව්‍යාපාරයේ අදහසයි. එම ව්‍යාපාරය නියෝජනය කරමින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මාදුළුවාවේ සෝභිත හිමියෝ, මෙම යෝජනාව කිසිදු පක්ෂයකට සහයෝගය දීමේ හෝ විරුද්ධ වීමේ අභිප්‍රායෙන් ඉදිරිපත් කරන්නක් නොවන බව අවධාරණය කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම අතීතයේ පැවති අන්දමින් පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී පදවිය අහිමි වන ආකාරයේ යෝජනාවක් ද එකොලොස් වැදෑරුම් සංශෝධනයට ඇතුලත් වන බව නීතිවේදී ක්‍රිශාන්ත වැලිඅමුණ පෙන්වා දුන්නේය. එල්ටීටීඊ යට එරෙහි යුද්ධය මෙහෙයවීම සඳහා විධායක ජනාධිපති ධූරය බොහෝ උපකාරී වූ බවයි, ආණ්ඩුවේ තර්කය වී තිබෙන්නේ. කෙසේ නමුත් එය "මිථ්‍යාවක්" බව පවසන නීතිවේදී වැලිඅමුණ, ලොව බොහෝ බලවත් සහ සංවර්ධිත රටවල පවතින්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බව උදාහරණ සහිතව පෙන්වා දෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝද, විරුද්ධ පක්ෂයේ සිටියදී විධායක ජනාධිපති ක්‍රමය දැඩි විවේචනයට ලක් කළහ. මීළඟ මැතිවරණය එළඹෙන තුරු බලා නොසිට මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිණිස සියලු දේශපාලන පක්ෂ, සංවිධාන සහ ජන කොටස් වහාම ක්‍රියාත්මක විය යුතු බවයි, මආධ්ය්වෙදීන් හමුවේ අදහස් දැක්වූ රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා අවධාරණය කළේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය පෙන්වා දෙන සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, එය ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමක් බව අවධාරණය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කළු පැහැති ඇඳුමින් සැරසුණු පිරිස්වලට කුඩා කණ්ඩායම් වශයෙන් මාලිගය වෙත ඇතුළු වීමට අවසර ලැබේ. රට පුරා කළු පැහැති ඇඳුම්වල හිඟයක් ඇති විය හැකි බවට බලධාරීහු අනතුරු හඟවති. කළු පැහැති කමිසවල මිල ඉහළ දැමීමට උත්සාහ කරන වෙළෙන්දන්ට එරෙහිව නව දඩ මුදල් හඳුන්වා දීමට බලධාරීන් විසින් කටයුතු කරනු ලැබ ඇත. මෑත ඉතිහාසයේ වැඩිම කාලයක් සිහසුන දැරූ පාලකයා වන භූමිපාල් අතුලතේජ් රජු සිහසුන හෙබවූ කාලය වසර 70 කි.
කළු ඇඳුමින් සැරසුණු දහස් සංඛ්‍යාත ජනතාව දිවියෙන් සමුගත් භූමිපාල් අතුලතේජ් රජතුමාට අවසන් ගෞරව දැක්වීම පිණිස තායිලන්තයේ බැංකොක් නුවර රජමාලිගය ඉදිරිපිට පෙළ ගැසී සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හම්බන්තොට වරාය විරෝධය: උණුසුම් තත්වයක් තමන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලා විරෝධතාවේ නියැලෙමින් සිටි සේවකයන් විසින් නෞකා දෙකක් අල්ලා ගනු ලැබීම ජාත්‍යන්තර නීතියට අනුව ''නෞකා මංකොල්ල කෑමක්'' ලෙස සැලකිය හැකි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඒ අනුව අන්තර්ජාතික නෞකා ගමනාගමන සහ වරාය ආරක්ෂණ නීතිය සුරැකීමට බැඳී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව විරෝධතාකරුවන් විසින් අවහිර කරමින් තිබුණ නෞකා දෙක ඉන් පිටත් කර හැරීමට පමණක් මැදිහත් වූ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය. හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු චීන සමාගමක් හා එක්ව සිදු කිරීමට ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ද උද්ඝෝෂණයේ නිරත සේවකයෝ විරෝධය පළ කරති. එම සේවකයන් වරාය අධිකාරියට බඳවා ගැනීමට නොහැකි නමුත් කිසිදු සේවකයෙකු ඉවත් නොකිරීමට අදාළ චීන සමාගම එකඟ වූ බව වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
හම්බන්තොට වාරයේ විරෝධතාවක යෙදී සිටි සේවකයන් විසින් ග්‍රහණයට ගෙන තිබූ නෞකා දෙක මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වීමත් සමග එහි උණුසුම්කාරී තත්වයක් හට ගැනුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සහරාන් යටතේ පුහුණුව ලැබූ, 'මරාගෙන මරෙන්න ප්‍රතිඥා දුන්' තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව ද ඔහු කියා සිටියේය. මීට අමතරව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ බුර්කාව ඇඟලීම තහනම් කරන බවය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දීම සඳහා ගන්නා නීතිමය ක්‍රියාමාර්ග, පරීක්ෂණවල ප්‍රගතිය සහ ජනතාවගේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කරමින් ආචාර්ය සරත් වීරසේකර මේ බව කියා සිටියේය. පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් නවයක් සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම අවස්ථාවන්හිදී නිවැරදි ක්‍රියා මාර්ග ගත්තේ නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ද අවස්ථාව තිබුණු බවකි. මේ ගැනත් දැනගන්න:
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11ක් නුදුරේදීම තහනම් කිරීමට ක්‍රියා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් වීරසේකර බදාදා (මාර්තු 10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොළඹ අගනුවරත් රට පුරාමත් දෙමළ ජනතාව සොයමින් පහර දුන් සහ ඝාතනය කළ මැර කණ්ඩායම් ආණ්ඩුවේ දේපොළ ද විනාශ කළහ (AP photo) කොළඹ අගනුවර ඔරලෝසු කණුවක හවස තුනේ කණිසම වැදෙද්දී, වයෝවෘද්ධ කාන්තාවක් තිස් වසරකට එපිට අතීතය මෙනෙහි කරමින් සිටියාය. "යකඩ පොලු වගේ දේවල් ගත්තු අසූවක විතර තරුණ කල්ලියක් තමයි ඉස්සෙල්ලම ආවේ. උන් ආවේ උමතුවෙන් වගේ, පැහැදිලිවම හොඳටම බීල - උන් ඇවිල්ල සේරම කඩා බිඳලා දැම්මට පස්සේ ඒව කොල්ල කන්න අනිත් කල්ලිය ආව," යනුවෙන් ඇය සිය මතකය අවදි කළාය. අගනුවර මෙන්ම ලංකාව පුරා බොහෝ නගර පුරාම උමතුවෙන් මෙන් දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල වූ ආකාරය ප්‍රියා බාලචන්ද්‍රන් (සිය අනන්‍යතාවය හෙළි නොකරන මෙන් ඇය ඉල්ලා සිටි බැවින් මෙය සැබෑ නම නොවේ) සිහිපත් කරන්නීය. ප්‍රහාරයට ලක් වූ බොහෝ දෙනා ට උතුරේ සිදුවෙමින් පැවතියේ කුමක් ද යන්න පිළිබඳව හාංකවිසියක හෝ අවබෝධයක් නොවීය. අගනුවර පුරා ඇවිද ගිය චන්ද්‍රගුප්ත තේනුවර දුටුවේ, මුළු නුවරම ගිනි ගෙන දැවෙන සෙයක් සිය මව, පුතා සහ සිංහල ජාතික අසල්වැසියකු සමඟ දිවා ආහාරය ගනිමින් සිටියදී නිවස පිහිටි මාර්ගයේ කඩ සාප්පු ගිනි ගන්නා ආකාරය ප්‍රියා බාලචන්ද්‍රන්ට දැක ගන්නට ලැබිණ. මැර කණ්ඩායම් සිය නිවස දෙසට ද එමින් සිටින බව ඇය අවබෝධ කර ගත්තාය. තත්වය සන්සුන් වන තුරු වහාම මීටර 300ක් ඈතින් පිහිටි සිය නිවසට යමුයි සිංහල අසල්වැසියා යෝජනා කළේය. ඔවුහු ප්‍රියාගේ නිවසින් පළා ගියහ. "එදා අපි ගෙදරින් පැනල ගියේ අන්තිම වතාවට කියල අපිට නිකමට වත් හිතුනේ නෑ," ඇය මතකය අවදි කළේ හැඬුම්බර හඬකින්. ඒ මාර්ගයේ වෙසෙන සිංහල වැසියන් සහ දෙමළ වැසියන් කවුරුන්ද යන්න සඳහන් ලේඛන අතැතිව පැමිණ සිටි කලහකාරී කල්ලි සිය නිවස කොල්ල කෑ ආකාරය අසල්වැසි නිවසේ සිට ඇය අසා සිටියාය. "අපිට හරියට ඇහුනේ අපේ අල්ලපු කාමරේ කඩල දානවා වගෙයි. පැයකට, දෙකකට විතර පස්සේ අපේ ගෙදරින් ලොකු දුමාරයක් මතු වුනා. "මටයි, මගේ දරුවටයි, මුළු පවුලටම ඒක බලා ගෙන ඉන්න බැරි වුනා. හවස් වෙනකම්, ඊට පස්සේ මුළු රෑම අපි දෙවියන්ට අපේ දුක කියමින් හිටිය. අන්තිමට උන් ආයෙත් රෑ වෙලා ඇවිල්ල ඉතිරි වෙලා තිබුණු අන්තිම ටිකටත් ගිනි තියල ගියා." ඇයට එදා අහිමි වුනේ මොනවාද? "සේරම දේවල්. කිසිම දෙයක් ඉතිරි වුනේ නෑ. එතන ගෙදරක් ඉතිරි වෙලා තිබුනේ නෑ. එතන තිබුනේ කලුම කලු අළු ගොඩක් විතරයි. එච්චරයි මට මතක," යන්න ඒ ප්‍රශ්නයට ඇගේ ප්‍රතිචාරයයි. 'දිවි බේරුනේ සිංහලයන් නිසා' වෙනත් බොහෝ දෙමළ ජාතිකයන් ගේ මෙන්ම තමාගේත්, සිය පවුලේ සාමාජිකයන්ගේත් දිවි බේරා ගත්තේ සිංහල ජාතික අසල්වැසියන් බව ප්‍රියා බාලචන්ද්‍රන් පවසන්නීය. කලු ජූලිය නිසා උතුරු නැගෙනහිර ජන සංයුතිය 'සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණා' එහෙත් තවත් සිංහල ජාතිකයෝ දෙමළ ජාතිකයන්ට විවිධ දේ පෙන්වමින්, එහි සිංහල නම කියන මෙන් ඔවුන්ට බල කරමින් දෙමළ ජනතාව මරා දමමින් සහ ඔවුන්ගේ දේපොළ කොල්ලකමින් සිටියහ. එදා මැර කණ්ඩායම් තමන් ගමන් කළ බස් රථය නැවැත්වූ ආකාරය සිංහල ජාතික චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවරට තවමත් මතකයි. "බස් එකේ පිටි පස්සෙන් සද්දයක් ආව මට ඇහුන. මැර කල්ලි කෙනෙක්ව බස් එකෙන් බස්ස ගත්ත," ඔහු පැවසීය. "එයා දෙමළ කියල උන් අඳුන ගත්ත. ඊට පස්සේ බස් එක ඉස්සරහට ගියා. ඒ මනුස්සයට මොනව වුනා ද කියල මම දන්නේ නෑ." ඉන් අනතුරුව අගනුවර පුරා ඇවිද ගිය චන්ද්‍රගුප්ත තේනුවර දුටුවේ, මුළු නුවරම ගිනි ගෙන දැවෙන සැටියක්. මෝටර් රථ තුලම ජනතාව පුළුස්සා මරා දැමෙද්දී සහ බොහෝ දෙනා නිරුවත් කෙරෙද්දී, අගනුවර සහ අනෙක් ප්‍රධාන නගරවල සොල්දාදුවෝ බලා සිටියා මතු නොව ඇතැම් කලහකාරීන්ට ගිනි තැබීම පිණිස පෙට්‍රල් පවා සම්පාදනය කළහ. ආණ්ඩුවේ අනුබලය මේ සියල්ලට ආණ්ඩුවේ අනුබලය ලැබුනා පමණක් නොව, මැර කණ්ඩායම් ඇතැම් දැඩි මතධාරී ඇමතිවරුන්ගේ අවශ්‍යතාවයට අනුව ක්‍රියාත්මක වූ බවයි, මානව හිමිකම් සංවිධාන පවසන්නේ. දින හතරකට පසුව, ජූලි 27 වැනිදා ජනාධිපති ජේආර් ජයවර්ධන පළමු වරට ජාතිය ඇමතුවේ දෙමළ ජනතාව මුහුණ පෑ ඉරණම පිළිබඳව කණගාටුව හෝ පළ නොකරමින් පමණක් නොව සිංහල ජනතාවගේ ගැටළු පිළිබඳව පමණක් අවධාරණය කරමින්. ඉන් අනතුරුව ද ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙමින් තිබුණි. ජූලි 31 වැනි දා ප්‍රචණ්ඩ ක්‍රියා හමාර වන විට, දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාව උතුරු සහ නැගෙනහිර පළාත්වලට හෝ විදේශවලට හෝ පලා ගොස් සිටියහ. සිය අරගලයට තරුණයන් බඳවා ගැනීම පිණිස කලු ජූලිය දෙමළ සන්නද්ධ කණ්ඩායම් වලට සරු බිමක් වූවා පමණක් නොව, ලක්ෂයකට ආසන්න පිරිසකට මරු කැඳවමින් දශක ගණනාවක් දිග ඇදුනු යුද්ධයට ශ්‍රී ලංකාව තල්ලු කරනු ලැබුවේ ද එහි ප්‍රතිඵලයක් ලෙසින්. විශේෂයෙන්ම ලක්ෂ සංඛ්‍යාත දෙමළ වැසියන් විදේශවලට පලා යාම නිසා එම පළාත්වල ජන සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු බවයි, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන් පවසන්නේ. "ඒකත් එක්කම විශාල බුද්ධි ගලනයක් ඇති වුනා. නීතිවේදීන්, දොස්තරවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවෝ මේ සේරම ලංකාව අත් ඇරලා ගියා. රට දාල යනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ කියලයි ඔවුන් හිතුවේ," යනුවෙන් ද දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරඟ කරන හිටපු විනිසුරුවරයා කියා සිටියේය. "තමන්ට රට දාල යන්න සිද්ද වුනේ 1983 නේ ඝාතන සහ විනාශය හේතුවෙන් නිසා විදේශගත දෙමළ ජනතාවට තවමත් ඒව අමතක කරන්න බැහැ." අනෙක් අතට දිවයිනේ විශාල දෙමළ ජනගහනයක් වාසය කළ ප්‍රදේශ පවා අත් හැර දමා යාමට දෙමළ ජනතාවට සිදුවීම වෙනම දෙමළ රාජ්‍යයක් පිලිබඳ අදහස තවත් ශක්තිමත් කිරීමට තුඩු දුන් සාධකයක්. 1983 පටන් මේ දක්වා, අගනුවර හැරුණු විට දකුණේ අනෙක් බොහෝ ප්‍රදේශවල දෙමළ ජනතාව සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට අවස්ථාව නොලැබුණු බවයි, විශ්‍රාමික විනිසුරුවරයා පවසන්නේ. යුද්ධය හමාරයේ ශ්‍රී ලංකාවේ තවදුරටත් "සුළු ජාතියක් නැති" බව නිවේදනය කළ ආණ්ඩුව, එවක් පටන් සියලු ශ්‍රී ලංකාවාසීන් සමානයන් බව පැවසීය. එහෙත් දැන් යලිත් වරක් සිංහල ජාතිකවාදී හැඟීම් සහ ජාතිකත්වය හුවා දක්වන දේශනයන් ද උත්සන්න වෙමින් තිබේ. දෙමළ ජාතිකයන් මතු නොව මුස්ලිම් සුළු ජාතිය ද එයින් අවිනිශ්චිත තත්වයකට මුහුණ දී සිටිති. බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු සිංහල බෞද්ධ ජාතිකවාදීහු මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර එල්ල කරමින් සිටිති. සමාව ඉල්ලීම දෙමළ කොටි සංවිධානය මර්දනය කොට, දෙමළ සිවිල් වැසියන් විශාල පිරිසක් මරුමුවට පත්වී යුද්ධය හමාර වීමෙන් අනතුරුව දෙමළ ජනතාවට බලය බෙදා හැරීමේ විධිවිධාන ද අඩු කරන මෙන් දැඩි මතධාරී ඇමතිවරු උද්ඝෝෂණයක නිරත වී සිටිති. කලු ජූලිය නාසිවාදයට සමාන කළ එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, 2004 දී දෙමළ වැසියන් ගෙන් සමාව ඉල්ලා සිටියාය. කලු ජූලිය නාසිවාදයට සමාන කළ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, 2004 දී දෙමළ වැසියන් ගෙන් සමාව ඉල්ලා සිටියාය කලු ජූලියේදී දෙමළ වැසියන් 1000 ක් මරුමුවට පත්ව 700,000 ක් රටින් පලා ගිය බවයි, ඇය විසින් පත් කරනු ලැබුන කොමිසමක නිගමනය වූයේ. වාර්තා නොවූ තවත් බොහෝ සිදුවීම් තිබිය හැකි බව ද ජනාධිපතිවරිය පිළිගත්තාය. වාර්ෂිකව කලු ජූලිය සමරන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර අදින් ඇරඹෙන 'සැමරිය නොහැකි සැමරුම' ප්‍රදර්ශනය සඳහා සැරසෙමින් සිටියි. රටේ අධිකරණ ක්‍රියාදාමය ඔහුගේ ප්‍රදර්ශනයේ තවත් මාතෘකාවක්. ජනාධිපතිනි කුමාරතුංග සමාව ඉල්ලා සිටියත්, කලු ජූලියේ ඝාතන සම්බන්ධයෙන් කිසිවෙකුත් දඬුවම් ලබා නැති බව ඔහු පෙන්වා දෙයි. "ඒ වගේ ආකල්පයක් මේ වගේ බරපතල ප්‍රශ්න විසඳන්න කොහෙත්තම ගැලපෙන්නේ නෑ," ඔහු පවසයි. "එහෙම සංහිඳියාවක් ඇතිවෙන්න බෑ. අපි ඒ ගැන කථා කරන්න ඕනේ. අපි ඒ තුවාලේ ඇරලා, ඒක සුද්ද කරලයි ඒක සුව කරන්න ඕන." මේ අතර සිය නිවස ගිනි බත් වනු දුටු ප්‍රියා බාලචන්ද්‍රන් මට ඇගේ පවුලේ ඡායාරූප ඇල්බමය පෙන්වයි. කොල්ලකරුවකු ලෙසින් පෙනී සිටි අසල්වැසියෙක් ඒ ඡායාරූප බේරා ගෙන තිබේ. සිංහල ජාතිකයෝ ද අදත් ඇගේ සමීප මිතුරන් අතර සිටිති. ජාතීන් අතර සම්බන්ධතා ගැන ඇගේ මතය කවරක් දැයි මම ඇය විමසීමි. "එහෙම දෙයක් ආයෙත් නොවේවි කියල මම බලාපොරොත්තු වෙනවා," ඇය පවසන්නීය. "මොකද මම හිතන්නේ දෙපැත්තම හොඳට පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ." "අවුරුදු තිහක යුද්දේ දෙපැත්තටම එක හා සමානව පාඩමක් ඉගැන්නුවා කියල මට හිතෙනවා. දෙගොල්ලොම ඇති වෙන්න දුක් වින්ද," ඇය අපේ සංවාදය නිමා කළේ එලෙසින්.
සිය සන්නද්ධ අරගලය උත්සන්න කරමින් කොටි සංවිධානය විසින් ඊට දිනකට පෙර සේවයට වාර්තා කළ සොල්දාදුවන් දහ තුන් දෙනකු මරා දමනු ලැබුවේ හරියටම වසර තිහකට පෙර ජූලි විසි තුන් වැනිදාවක. ඊළඟ දින කිහිපය තුළ සිංහල මැර කණ්ඩායම් එයට පළි ගත්තේ රට පුරාම වෙසෙන දෙමළ ජාතිකයන් හාර සියයත්, තුන් දහසත් අතර ඝාතනය කරමින්. වසර විසි හයක් පුරා පැතිර ගිය සිවිල් යුද්ධයට පාදක වූ සහ ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනකායකට රට හැර යාමට බල කෙරුණු කලු ජූලියෙන් තිස් වසරක් සැමරෙන දින කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් කරන විමසුමක් මේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එසේ මුදා ගනු ලැබූ තාරා පැටවුන් සුරක්ෂිතව ඔවුන්ගේ මව වෙත භාර දීමට ගිනි නිවන භට කණ්ඩායම කටයුතු කළහ. තාරා පැටවුන් රංචුවක් කාණුවක සිර වී සිටින බව දන්වා ඉහත කී භට කණ්ඩායම වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබේ. පැටවුන් බේරා ගන්නා අවස්ථාවේ තාරා මව දැඩි කැලඹිල්ලට පත් වී සිටි බව පෙනෙන්නට තිබූ බවයි ගිනි නිවන හමුදා භට කණ්ඩායමේ ප්‍රධාන නිලධාරි රැඩොල්ෆ් කොවිච් බීබීසීයට කියා සිටියේ.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ගිනි නිවන හමුදා භට කණ්ඩායමක් කාණුවක සිර වී සිටි තාරා පැටවුන් රංචුවක් මුදා ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා, කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, කුලියාපිටිය බෝගහැන්දිය ප්‍රාථමික විදුහල සහ දියතලමුල්ල රාජකීය විදුහලේ විදුහල්පතිවරුන් බවත් වාර්තා වෙයි. කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් වන පෙත්සම්කාරිය පවසන්නේ වග උත්තරකාර පාසල්වල පළමු වසර සඳහා ඇතුළත් කිරීමට අවශ්‍ය කරන සියලු සුදුසුකම් තම දරුවා සතු බවයි. එහෙත් තම දරුවා HIV ආසාදිතයෙකු බව පවසමින් පාසලට ඇතුළත් කර ගැනීම වග උත්තරකාර විදුහල්පතිවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවටයි ඇය චෝදනා කරන්නේ. වැරදි චෝදනා විදුහල්පතිවරුන්ගේ තීරණ පිළිබදව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කළත් තමාට සිදු වූ අසාධාරණය නිවැරදි කිරීමට ඔවුන් කටයුතු නොකළ බව පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් කියා සිටින්නීය. මෑතදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණයක් මගින් සිය දරුවා HIV ආසාදිතයෙකු නොවන බව තහවුරු වී ඇතත් තවමත් ඔහුට පාසලක් නොලැබුණු බවත් ඇය පෙන්වා දෙයි. එමගින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ප්‍රකාශ කරන අතරම දරුවා පාසලට ඇතුළත් කිරීමේ නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසයි පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. ඉහත කී දරුවා ඇතුළත් කර ගැනීමට කැමැත්ත පළ කරමින් මේ වන විට වෙනත් පාසල් කීපයක්ම ඉදිරිපත් වී සිටින බවක් වාර්තා වන අතර කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බවත් වාර්තා වෙයි.
ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට පැතිර ගිය වැරදි ප්‍රචාරයක් නිසා සිය දරුවාට පාසල අහිමි වූ දරුවාගේ මව එමගින් සිය මූලික අයිතීන් කඩ වීමක් සිදු වී ඇතැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අනුව එය ඇතුළත් කරමින් ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට නියමිතය. ඉන්දීය පාලිත කාශ්මීරයේ දී අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීමත් සමග පසුගිය සති කිහිපය තුළ රට පුරා විරෝධතා පැන නැඟුනි. විශේෂයෙන්ම දරුවන්ට එරෙහි ලිංගික අපචාර ඇතුලු අපරාධ රැල්ලට එරෙහිව මේ දක්වා රජය ප්‍රමාණවත් පියවර නොගැනීම මෙම විරෝධතාවලට ප්‍රධානතම හේතුව විය. වර්තමානයේ ඉන්දීය නීතියට අනුව දරුණු ගණයේ අපරාධ කිහිපයකට මරණ දණ්ඩනය පැනවිය හැකි වුවත්, දරුවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් එය බලනොපැවැත්විණ. 2016 වර්ෂයේ දී ළමා දූෂණ නඩු 19,000 කට ආසන්න ප්‍රමාණයක් ලේඛනගත වී ඇත. ඒ අනුව දිනකට පනහකට අධික ළමා දූෂණ සිද්ධි වාර්තා වී තිබේ. මේ තොරතුරුද දැනගන්න: කුමක්ද මේ නව නීතිය? අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් රැස් වුණ කැබිනට් මණ්ඩලය මෙම විධායක නියෝගය පිළිබඳ වැඩිදුර සාකච්ඡා පවත්වා තීරණයකට එළැඹ ඇත. ඒ අනුව වයස අවුරුදු දොළහට අඩු දරුවෙකු දුෂණය කිරීමේ අපරාධයට වරදකරු වන ඕනෑම පුද්ගලයෙකුට මරණ දණ්ඩනය ලබා දීමට අවස්ථාව සැලසේ. වයස අවුරුදු දහසයට අඩු ගැහැණු ළමුන් සහ කාන්තාවන් දූෂණය කිරීමේ වරදට එරෙහිව දිය හැකි අවම සිර දඬුවම ඉහළ නැංවීමට ද මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත. නමුත් එම තීන්දුවේ පිරිමි ළමුන් හෝ පුරුෂයන් දූෂණයට ලක් වීමට එරෙහිව අදාළ නීති ගැන සඳහන් වී නොමැති බව එම තීන්දුවේ පිටපතක් දුටු රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. නීති සංශෝධනයට හේතුව කුමක්ද? මෑතක දී වාර්තා වූ ළමා දූෂණ සිද්ධීන් දෙකක් ඉන්දියාව පුරා වැසියන්ගේ දැඩි කෝපයට සහ කම්පනයට හේතු විය. මුස්ලිම් එඬේර ජනකොටසකට අයත් අට හැවිරිදි අසීෆා බානෝ (Asifa Bano) ගේ මළසිරුර පසුගිය ජනවාරි මස කතුවා නගරය අසල කැලෑවක තිබී හමුවිය. එහෙත් ඇය දූෂණය කර මරා දැමීම මේ සතියේ ප්‍රධාන පුවතක් බවට පත්වූයේ ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන දක්ෂිණාංශික හින්දු කණ්ඩායම විරෝධය පළකිරීමත් සමගය. එමෙන්ම භාරතීය ජනතා පක්ෂයට අයත් සාමාජිකයෙකු උත්තර් ප්‍රදේශ්හි දී වයස අවුරුදු දහසයක දැරියක දූෂණය කිරීමේ සිද්ධිය ද මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. 2012 වර්ෂයේ දී දිල්ලි නගරයේ බස් රියක් තුළ වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධියත් සමග ඉන්දියාව තුළ බහුලව වාර්තා වන ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වීම ආරම්භ වුණි. නමුත් කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව සිදු වන ලිංගික හිංසන තව දුරටත් රට පුරා වාර්තා වෙමින් පවතී. තවත් තොරතුරු: ඉන්දියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? පසුගිය දශකය තුළ ඉන්දියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර ඇත්තේ අවස්ථා තුනක දී පමණය. දිල්ලි නගරයේ බස් රිය තුළ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම වුවත්, එය මෙතෙක් ක්‍රියාත්මක කර නැත. එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසුවේ චූදිතයන්ට පැනවූ දඬුවම "අතිශය විරල දෙයක්" බවය. ඉන්දියාවේ බල පැවැත්වෙන දණ්ඩ නීති සංග්‍රහයට අනුව කාන්තාවක් සමූහ දූෂණය කිරීමේ වරදට මරණ දඬුවම ලබා දිය හැකි බව 'හින්දුස්ථාන් ටයිම්ස්' වාර්තා කරයි. ඉන්දියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලබන්නේ එල්ලා මරා දැමීමෙනි. එය අවසාන වරට ක්‍රියාත්මක කර තිබෙන්නේ 2015 දීය.
ඉන්දියාවේ මෑතක දී වාර්තා වූ දරුණු ළමා දූෂණ මාලාව මුල් කොට ගෙන රට පුරා විරෝධතා පැන නැගීම හමුවේ, වයස අවුරුදු දොළහට අඩු දරුවන් දූෂණය කරන අපරාධකරුවන්ට මරණ දඬුවම ලබා දීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දකුණු චීන මුහුදේ ඇතැම් ප්‍රදේශ වල චීනය විසින් කෘත්‍රිම භූමි නිර්මාණය කර ඇත තීන්දුව දීමටත් කලින් සිට දකුණු චීන මුහුදේ දූපත් පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයක් මගින් තීන්දුවක් දීමට යාම චීන රජයේ මාධ්‍ය විසින් හෙළාදැක තිබුණි. ෂින්හුවා ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ එම තීන්දුව 'නීති විරෝධී, හිස්, බලරහිත' එකක් බවයි. 'එය ඉවත ලන කඩදාසියක්' ලෙසටයි පාලක චීන කොමියුනිස්ට් පක්ෂය මෙම තීන්දුව හැඳින්වුයේ. තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිය දී චීනය විසින් දකුණු චීන මුහුදේ නාවුක යුද අභ්‍යාස පවත්වන බවයි වාර්තාවන්නේ හේග් නුවර පැවැත්වෙන අධිකරණය විසින් ඒ පිලිබඳ තීරණය ප්‍රකාශයට පත් කොට ඇත. මෙම දකුණු චීන මුහුදේ දූපත් පිළිබඳ ප්‍රශ්නය හේග් අධිකරණය වෙත රැගෙන ආවේ පිලිපීනයයි. එම අධිකරණ ක්‍රියාමාර්ගයට සහභාගී වීම චීනය විසින් ප්‍රතික්‍ෂේප කර තිබුණු අතර බලහත්කාරයෙන් දකුණු චීන මුහුදේ කෘත්‍රිම භූමි ගොඩනැංවීමේ නිරතවෙමිනුයි සිටියේ.
ස්වභාවික සම්පත් වලින් ගහන දකුණු චීන මුහුදේ දූපත් චීනයට අයිති බව පැවසීමට සාක්‍ෂි නැති බවට ජාත්‍යන්තර අධිකරණයක් මගින් තීන්දුවක් දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 52ක් රැස් කළේය තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් (Kane Williamson) පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29.2කදී දැවී ගිය අතර ඔවුන්ට ලබාගත හැකිවුණේ ලකුණු 136ක් පමණි. නවසීලන්ත කණ්ඩායම සිය ඉනිමේදී පන්දුවාර 16.1 දී කිසිවෙකු නොදැවී ලකුණු 137ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය. ජේෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදිප් සහ අවිශ්ක ප්‍රනාන්දු අද (ජූනි 01) පැවති තරගයට ක්‍රීඩා නොකළ අතර, ලසිත් මාලිංග සහ ඉසුරු උදාන තරගය සඳහා කැඳවා තිබිණි. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පළමුව පිටියට පිවිසියහ. වේග පන්දු යවන මැට් හෙන්රි පළමු පන්දුවාරයේ දෙවන පන්දුවේදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලහිරු තිරිමාන්න ලකුණු හතරකට දවා ගැනීමට සමත් වුණි. නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 52යි. ලහිරු තිරිමාන්න ලකුණු 4යි. කුසල් මෙන්ඩිස් 0යි කුසල් පෙරේරා ලකුණු 29යි. ධනංජය ද සිල්වා ලකුණු 4යි. ඇන්ජලෝ මැතිව්ස් 0යි. ජීවන් මෙන්ඩිස් 1 ලකුණයි. තිසර පෙරේරා ලකුණු 27යි. ඉසුරු උදාන 0යි. සුරංග ලක්මාල් ලකුණු 7යි. ලසිත් මාලිංග 1 ලකුණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ මාටින් ගප්ටිල් නොදැවී ලකුණු 73ක් ලබා ගත් අතර, කොලින් මුන්රෝ ලකුණු 58ක් ලබා ගත්හ. 2019 ලෝක කුසලානයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන මැතිව්ස් ජේම්ස් හෙන්රි පන්දුවාර හතක දී කඩුලු තුනක් දවාගත් අතර, වේග පන්දු ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් පන්දුවාර 6.2ක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය ජුනි 4 වෙනිදා ඇෆ්ගනිස්තානය සමග සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. මේ තොරතුරු ද කියවන්න:
2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය, නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වේල්ස්හි කාඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විජේවීර පවුලේ ඡායාරූපයක් එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබුණේ රෝහණ විජේවීරගේ බිරිඳ වන ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු විසිනි. පෙත්සම්කාරිය කියා සිටින්නේ රෝහණ විජේවීර රචිත දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක් ද? ඇතුළු ග්‍රන්ථ හතක් ඇයගේ අවසරයකින් තොරව ජනතා විමුක්ති පෙරමුණ විසින් නැවත මුද්‍රණය කරමින් විකිණීම සහ බෙදා හැරීම සිදු කරන බවයි. ජවිපෙ මහජන රැළියක් රෝහණ විජේවීර විසින් රචිත පොත්වල බුද්ධිමය දේපළ අයිතිය තමන් සතු බව පවසන පෙත්සම්කාරිය ජනතා විමුක්ති පෙරමුණට ඒවායේ හිමිකමක් නොමැති බවයි කියා සිටින්නේ. පෙත්සම්කාරිය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු සැලකිල්ලට ගත් කොළඹ වාණිජ අධිකරණය එම කරුණ සම්බන්ධයෙන් නොවැම්බර් 27 වෙනි දින අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දක්වන මෙන් වගඋත්තරකාර ජනතා විමුක්ති පෙරමුණට නියම කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර විසින් රචිත පොත් හතක් නැවත මුද්‍රණය කිරීම විකිණීම සහ බෙදා හැරීම තහනම් කිරීමේ නියෝගයක් ජනතා විමුක්ති පෙරමුණ වෙත නිකුත් කරන මෙන් ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"අපරාධකාරයින් මහජනතාව විසින්ම අල්ලලා පොලීසියට ගෙනත් දෙන විට පොලීසිය නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කරනවද කියන එක ප්‍රශ්නයක්" රට තුල දරුවන්ට සිදු වන හිංසනය වැඩි වීමක් මිස අඩු වීමක් පෙනෙන්නට නොලැබෙන බව ඇමතිනිය සඳහන් කළේ යාපනය පුන්කුඩුතිව්හිදී විද්‍යා යෝගේෂ්වරන් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව සංවිධානය කෙරෙන උද්ඝෝෂණයක් පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කරමින්. විද්‍යා යෝගේෂ්වරන් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීම හෙළා දුටු ඇමතිවරිය, යුක්තිගරුක හා නීතිගරුක රටක් බිහි කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය. බැගෑපත් ආයාචනයක් "දරුවකුට ගරු නොකරන, සාරධර්මවලින් පිරිහී යන, මාස 06, අවුරුදු එක හමාරේ දරුවන් දූෂණය කරන තැනට රට පත් වෙලා. පාසල් යන අහිංසක දැරිවියක් පැහැරගෙන ගොස් හතර දෙනෙක් දූෂණය කර තවත් පස් දෙනෙකුට ඇයව දූෂණය කිරීමට ආරාධනය කරන්න තරම් අමානුෂික පුද්ගලයින් මේ රටේ සිටීම ඉතාම කණගාටුදායකයි," ඇමතිනී රෝසි සේනානායක සඳහන් කළාය. "පාසල් යන අහිංසක දැරිවියක් පැහැරගෙන ගොස් හතර දෙනෙක් දූෂණය කර තවත් පස් දෙනෙකුට ඇයව දූෂණය කිරීමට ආරාධනය කරන්න තරම් අමානුෂික පුද්ගලයින් මේ රටේ සිටීම ඉතාම කණගාටුදායකයි" "මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවාද, චූදිතයින්ට දඬුවම් ලැබෙනවද යන්න අද ප්‍රශ්නයක් බවට පත් වෙලා. අපරාධකාරයින් මහජනතාව විසින්ම අල්ලලා පොලීසියට ගෙනත් දෙන විට පොලීසිය නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කරනවද කියන එක ප්‍රශ්නයක්. විද්‍යාගෙන් මේ සිදුවීම් නවතින්නට මම බැගෑපත්ව ආයාචනා කරනවා මුළුමහත් සමාජයම මේකට එරෙහිව නැගිටිමු කියා." ළමා අපචාර පිළිබඳ තමන් දන්නා තොරතුරු නීතිය හමුවට ඉදිරිපත් කරන මෙන් ඇමතිනිය ශ්‍රී ලංකාවාසීන් ගෙන් ඉල්ලීමක් කළාය. (වාර්තාව: ශිවන්ති ප්‍රනාන්දු)
ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බැරෑරුම් පසුබෑමකට ලක්ව ඇති බව ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගවිනිසුරුවරියට විනිවිද භාවයකින් යුත් පරීක්ෂණයක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කිරීමටද රැස්වීමේදී තීන්දු කොට තිබේ අග්‍ර විනිශ්චයකාර නිල නිවසේදී රැස්වූ මහේස්ත්‍රාත්වරුන්, දිස්ත්‍රික් විනිශ්චයකාරවරුන් සහ මහාධිකරණ විනිශ්චයකාරවරුන් විසින් පැය දෙකකට අධික කාලයක් මුළුල්ලේ කරන ලද සාකච්ඡාවලින් අනතුරුවයි, එම තීන්දුව ගෙන තිබෙන්නේ. තත්ත්වය සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය හමුවී සාකච්ඡා කළ යුතු බවට ඉරිදා පැවති විනිශ්චයකාරවරුන්ගේ විශේෂ සභා රැස්වීමකදී එකඟත්වයකට පැමිණ තිබේ. කථානායකට නොතීසි අගවිනිසුරුවරියට විනිවිද භාවයකින් යුත් පරීක්ෂණයක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කිරීමටද රැස්වීමේදී තීන්දු කෙරුණු බව සාකච්ඡාවට එක්ව සිටි එක විනිශ්චයකාරවරයෙක් මාධ්‍යවේදී කේ එස් උදයකුමාර්ට ප්‍රකාශ කළේය. මේ අතර දෝෂාභියෝග චෝදනා විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අගවිනිසුරුවරිය කැඳවා විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට තර්ක කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය පළ විය. ඉන් අනතුරුව පෙත්සමට අදාලව විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන මෙන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසින් නම් කොට තිබෙන කථානායකවරයා සහ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් එකොලොස් දෙනාට නොතීසි නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ජනවාරි 11 වැනි දින දක්වා කල් තැබීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
කොළඹට රැස්වූ ශ්‍රී ලංකාවේ එකසිය පණහකට අධික විනිශ්චයකාරවරුන් පිරිසක් දෝෂාභියෝගයට මුහුණ දී සිටින අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකට සහයෝගය පළ කරන බව ප්‍රකාශ කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දිවි බේරාගත් පුද්ගලයන් මෙන්ම මළසිරුරු සෙවීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මකවන අතර, ඒ සඳහා හමුදා භටයන් 1050 කට ආසන්න කණ්ඩායමක් යොදවා සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. ප්‍රදේශයේ නිවාස 70 ත්, 100 ත් අතර ප්‍රමාණයක් අනතුරෙන් විනාශ වී ඇතැයි විශ්වාස කෙරේ. කුණු කන්ද ඉවත්කරගන්නා මෙන් ප්‍රදේශවාසීන් දිගින් දිගටම කළ ඉල්ලීමට සවන් නොදුන් බැවින් පසුගිය සිකුරාදා හටගත් නාය යාමෙන් සිදු වූ ජීවිත විනාශය "දේශපාලකයන් කළ මිනීමැරුමක්" බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති. වත්මන් පාලනයේ මෙන්ම පැවති පාලනයේ නායකයන්ද මෙම මරණවලට වගකිවයුතු බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ සෙනසුරාදා මාධ්‍ය හමුවක් අමතමින් චෝදනා කළේය. ඉන් අනතුරුව බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය සමග සජීවී සංවාදයකට එක්වෙමින් යළිත් වරක් එම චෝදනාව එල්ල කළ ඔහු, අඩි 40 ක් පමණ පස් කන්දට යට වී සිටින අනෙක් 20 කට ආසන්න පිරිසගේ මළසිරුරු පවා සොයාගැනීමට නොහැකිවනු ඇතැයි බීබීසී සිංහල සේවයට පැවසීය. කුණු කන්දට එරෙහි උද්ඝෝෂණයක් මෙහෙයවීම හේතුවෙන් නීතිඥ නුවන් බෝපගේ වරක් පොලිසියේ අත්අඩංගුවට ද පත්විය. කෙසේ නමුත් එහි වගකීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම විවිධ පාර්ශ්ව එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින අතර, ඇතැම් ප්‍රදේශවාසීන් සහ බලධාරීන්ද පැවති රාජපක්ෂ පාලනයටත් ඇඟිල්ල දිගු කරති. මේ අතර විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, කුණුකන්ද ඉවත් කිරීමට අවශ්‍ය සැළසුම් සකස්කර ක‍්‍රියාමාර්ග ගනිමින් තිබූ නමුත්, මෙම ඛේදවාචකයට පෙර එම සැලසුම් නිමාකිරීමට නොහැකිවීම පිළිබඳව රජයේ කණගාටුව ප‍්‍රකාශ කරන බවත් සඳහන් කළේය. "මේ සිද්ධිය දැනගත් වහාම මම සියලූදෙනා එක්කම සම්බන්ධවෙලා සාකච්ඡා කළා. මම ජනාධිපතිතුමත් සමඟ සාකච්ඡා කරද්දිත් එතුමා ඒ වනවිටත් සහනදායී සේවා සම්බන්ධීකරණය ක‍්‍රියාත්මක කරලා ඒ වැඩකටයුතු ආරම්භවෙලා තිබුණා," බව ද අගමැතිවරයා පැවසීය. මීතොටමුල්ල කුණු කන්ද වසා දමා කුණු වෙනත් ස්ථාන දෙකකට ගෙනයාමට තීරණය කරන ලද බවත් ආණ්ඩුව නිවේදනය කර තිබේ. වැඩිදුරටත් කරුණු දැක්වූ අගමැතිවරයා: "කුණු කන්ද ඉවත් කිරීමට ජනතාවට අපි දුන්න පොරොන්දුව කිසිසේත්ම අයින්වෙලා නැහැ. ඊට අවශ්‍ය සැළසුම් වේගයෙන් ක‍්‍රියාත්මක කරගෙන යනවා. මම ජනාධිපතිතුමා සමඟ මේ ගැන සාකච්ඡා කළාම මීටත් වඩා ඉක්මනින් අපි ක‍්‍රියාත්මක කළ යුතුයි කියල ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා," යනුවෙන්ද සඳහන් කළේය. අනතුරෙන් මියගිය බොහෝ දෙනාගේ අවමංගල්‍ය උත්සව ඉරිදා (අප්‍රේල් 16) පැවැත්වීමට නියමිත අතර, එයට දේශපාලකයන් සහභාගි වීම ප්‍රදේශවාසීන් විසින් වළක්වනු ලැබ තිබේ.
කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් මේ වනවිට 26 දෙනෙකු මරුමුවට පත් වී ඇති අතර, තවත් 20 දෙනෙකු අතුරුදහන්ව සිටින බව බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හීලෑ අලි ඇතුන් හැසිරවීමේ දී අලි භාෂාවෙන් වචනයෙන් අණ දීමයි,සිදු කෙරෙන්නේ. එහෙත් සිම්බාබ්වේහි හීලෑ අලින් සමඟ සිදු කර ඇති පර්යේෂණයක දී හෙළි වී තිබෙන්නේ, ඇඟිල්ල දිගු කර පෙන්වීමේ දී හිස් සහ පිරුණු ආහාර බාල්දි වෙන් කොට හඳුනා ගැනීමට පවා අලි ඇතුන් සමත් බවයි. අලියා හැරුන විට මිනිසාගේ ලඟම ඥාතීන් වන චිම්පන්සින් සහ ගොරිල්ලන් වැනි දියුණු වානර වර්ගයේ සතුන් ද ඇඟිල්ල දිගු කර සිදු කරන පණිවුඩ හුවමාරු තේරුම් ගැනීම අතින් දුර්වල නමුත් අලියා ඒ අතින් ඉදිරියෙන් සිටින බවයි, පර්යේෂණයේ ප්‍රධානී මහාචාර්ය රිචඩ් බයිරන් පවසන්නේ. සංඥා පළ කිරීමේදී අලියා සිය හොඬ වැල පවා පාවිච්චි කරන බවයි,මහාචාර්ය රිචඩ් බයිරන් පවසන්නේ.
වෙනත් සතුන් මෙන් නොව ඇඟිල්ල දිගු කොට සිදු කරන විධානයක් තේරුම් ගැනීමේ අපූරු ශක්තියක් අලියා සතු බව අලුත් පර්යේෂණයකින් පෙන්නුම් කෙරෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"පිරිමි කට්ටියක් බස් එකට නැග්ගා ඉන් එක්කෙනෙක් මා දිහා බලාගෙනම හිටියා පස්සේ මා ගාව වාඩි වුනා" ඊට වැට බැඳීම සඳහා ලොව පුරා රටවල් විවිධ ක්‍රමවේද අත්හදා බලමින් සිටිති. කාන්තාවන්ට හිරිහැර කරන පුරුෂයන් ලැජ්ජාවට පත්කරනු පිණිස බ්‍රසීලයේ දුම්රියක පසුගියදා ලිඟු ආසනයක් ද සවිකර තිබුණි. බ්‍රිතාන්‍යයේ ද පොදු ප්‍රවාහන සේවාවලදී තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම ක්‍රමයෙන් ඉහල යමින් තිබෙන බව බලධාරීහු පවසති. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඡායාරූප ශිල්පිනී එලීසා හැච් මහමග දී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන සහ අත්දැකීම් වාර්තාකරණයේ යෙදෙන්නීය. 'Cheer Up Luv' කාන්තා ලිංගික හිංසනය කැමරා ඇසින් ඇය එවැනි අත්දැකීම් සහිත කාන්තාවන් සිය කැමරා කාචයට හසු කර ගන්නේ 'Cheer Up Luv' නමැති ඡායාරූප මාධ්‍යකරණය හා සම්බන්ධ ප්‍රබල ව්‍යාපෘතිය සඳහාය. එම ව්‍යාපෘතිය ඔස්සේ තරුණියෝ මහමග දී තමන්ට මුහුණ පෑමට සිදු වූ අත්දැකීම් විස්තර කරති. 2102-13 වසරවලදී 650 ක්ව තිබුණු බ්‍රිතාන්‍ය පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර 2016-17 වන විට 1448 ක් දක්වා වැඩි වී තිබුණු බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ (British Transport Police) සංඛ්‍යාලේඛනවල දැක්වේ. සාදයක් අවසානයේ යළි සිය නිවෙස වෙත යාම පිණිස දුම්රියට නැගුනු තරුණියකට එම දුම්රියේදී තරුණයන් දෙදෙනෙකු විසින් ලිංගික අතවර කළ අවස්ථාවක් පිළිබඳව මෑතදී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. මේ තත්වය යටතේ බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට පසුගියදා විපක්ෂ මන්ත්‍රීවරයෙක් යෝජනා කර තිබුණු නමුත් බොහෝ දෙනා ඒ අදහස ප්‍රතික්ෂේප කළහ. ශ්‍රී ලංකාවේ තත්ත්වය බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට පසුගියදා යෝජනාවක් ඉදිරිපත් විය ශ්‍රී ලංකාවේ ද කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව සිය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා නිවේදනය කළේය. එහෙත් ඒ අතරින් පොලිසියේ සහාය පතන්නේ අතවරයට ලක්වන කාන්තාවන්ගෙන් සියයට හතරකට ආසන්න පිරිසක් පමණක්ය යන්න දීපව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයේදී හෙළි වූ බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහන් කළේය. මේ තත්වය යටතේ 'ඇය සුරැකි ගමනකද' මැයෙන් පොදු ප්‍රවාහන සේවාවල කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර අවම කිරීමේ වැඩපිළිවෙලක් කාන්තා කටයුතු අමාත්‍යාංශය, පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ක්‍රියාවට නගා තිබේ. පොදු ප්‍රවාහන සේවාවලදීත්, මහා මගදීත්, වැඩපොළේදීත් තමන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව තරුණියන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද අනාවරණය කළහ.
පොදු ප්‍රවාහන සේවාවලදී සහ මහ මගදී කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව පුරා බොහෝ රටවල බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නව වැඩපිළිවෙල නිවේදනය කරමින් පරිසර කටයුතු භාර අමාත්‍ය නිකොලා උලෝ (Nicolas Hulot) කියා සිටියේ, එය පැරිස් පරිසර සම්මුතියට ප්‍රංශයේ කැපවීම ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙලක කොටසක් බවය. 2050 වනවිට කාබන් මුදාහැරීමෙන් වියුක්ත රාජ්‍යයක් බවට පත්කිරීම ප්‍රංශයේ බලාපොරොත්තුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රංශයේ මෝටර් රථ කර්මාන්තයෙන් 3.5% ක් දෙමුහුන් මෝටර් රථ (Hybrid) වන අතර, ඒ අතරින් විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ තිබෙන්නේ 1.2% ක් පමණි. 2040 වන විට රටේ තිබෙන පෙට්‍රල් හෝ ඩීසල්වලින් ක්‍රියාත්මක වන මෝටර් රථවලට සිදුවන්නේ කුමක් දැයි යන්න මෙතෙක් පැහැදිලි නැත. පරිසර කටයුතු පිළිබඳව හඬ නගන්නෙකු වශයෙන් ප්‍රසිද්ධ නිකොලා උලෝ, ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් පරිසර කටයුතු භාර අමාත්‍යවරයා ලෙසින් පත්කරනු ලැබිණ. "අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු" අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු - මැක්‍රෝන් පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීන්දුව මීට ඉහතදී දැඩි විවේචනයට ලක් කළ, ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් " මම හිතනවා එය ඒකාන්තයෙන්ම අත්වැරැද්දක් කියා, එක්සත් ජනපදයටත් ලෝකයටත් යන දෙකටම," යනුවෙන් පැවසීය. "අප කොතැනක හිටියත්, අප කවුරු වුනත් අපට එක හා සමාන වගකීමක් පැවරෙනවා. අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු," ජනාධිපති මැක්‍රෝන් පැවසීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශගුණ විපර්යාස මැඩලීම සඳහා වන සටන අත නොහරින බවට ප්‍රංශය සහතික වන බවය. මේ අනුව පැරණි මෝටර් රථ ඉවත් කිරීම සඳහා දිළිඳු පවුල්වලට විශේෂ මූල්‍ය සහනයක් ලබා දෙන බවට නව පරිසර ඇමතිවරයා ප්‍රතිඥා දී තිබේ. මේ අතර මේ සතිය මුලදී නිවේදනයක් නිකුත් කළ වොල්වෝ මෝටර් රථ සමාගම, 2019 සිට නිෂ්පාදනය කරන සියලුම මෝටර් රථ අඩුම වශයෙන් විදුලි බලය සහ ඉන්ධනවලින් ක්‍රියාකරන දෙමුහුන් රථ බව සඳහන් කළේය. සිය ප්‍රකාශය අතරතුර ප්‍රංශයේ පරිසර කටයුතු භාර අමාත්‍ය නිකොලා උලෝ වොල්වෝ සමාගමේ පියවර පිළිබඳවත් සඳහන් කළේය.
2040 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල්වලින් ධාවනය වන සියලුම මෝටර් රථ අලෙවි කිරීම තහනම් කරමින් හරිත 'විප්ලවයක්' දියත් කිරීමට ප්‍රංශය සූදානම් වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලොව පුරාම කළු රයිනෝසිරස් ඉතිරි වී සිටින්නේ 5000 ක් පමණයි මෙම වෙන්දෙසියෙන් ලැබෙන සියලු අරමුදල් රයිනෝ සංරක්ෂණ වැඩසටහන් වලට යෙද වෙන බවයි, වෙන්දේසිය මෙහෙය වූ ඩලස් සෆාරි සමාජය පවසන්නේ. නැමීබියානු ආණ්ඩුවේ අනුමැතිය ලත් වැඩ පිළිවෙලකට අනුව මහලු, දරදඬු රයිනෝ සතුන් වෙඩි තමා මරා දැමීමට අවසර තිබෙන බවත් ඩලස් සෆාරි සමාජය පවසයි. වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින සතුන් දඩයම් කිරීම විනෝදාංශයක් බවට පත් කරන බව පවසමින් සත්ව හිමිකම් සංවිධාන එම වෙන්දේසිය දැඩිව හෙලා දුටුවේය. සෙනසුරාදා පැවැත්වුණු වෙන්දේසියට එරෙහිව උද්ඝෝෂණයේ යෙදී සිටි සත්ව හිමිකම් ක්‍රියාධරයකු වන ජිම් රීස් පවසන්නේ, බවයි. "අපි මෙතෙන්ට එන්න ප්‍රධානම හේතුව දඩයමට විරුද්ධ වෙන්න නෙවෙයි. මෙතන තියන ප්‍රශ්නය තමයි, ඔවුන් මේ වෙන්දේසි කරන්නේ වඳ වෙන්න ඉන්න සත්තු වර්ගයක් දඩයම් කරන බලපත්‍රයක්," යනුවෙන්ද ඔහු පැවසීය.
නැමීබියාවේ වෙසෙන, වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින කළු රයිනෝසිරස් වර්ගයක් දඩයම් කිරීමේ බලපත්‍රයක් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ පැවති වෙන්දේසියකදී ඩොලර් තුන් ලක්ෂ පනස් දහසකට විකිණී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එන්නත වර්ග දෙකක් ලබා දීමෙන් වෛරසයට හා එහි නව ප්‍රභේදයන්ට එරෙහිව වඩාත් පුළුල්, දිගුකල් පවතින ප්‍රතිශක්තියක් ලබා දිය හැකි ද යන්න සහ එන්නත් කිරීමේ ක්‍රියාදාමයට වඩාත් නම්‍යශීලී බවක් ලබා දීමේ පරමාර්ථයෙන් එක්සත් රාජධානිය තුළ මෙම පරීක්ෂණ පැවැත්වේ. පළමු වරට ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක් ලබා ඇති වයස අවුරුදු පණහට වැඩි වැඩිහිටියන් 830කට වැඩි දෙනෙක් මෙම පරීක්ෂණ සඳහා සහභාගී කරගෙන තිබේ. මෙහි පළමු අදියරේ වාර්තාව මාර්තු 13 වෙනි දින නිකුත් කර තිබේ. එයට අනුව, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් පිළිවෙලින් පළමු සහ දෙවෙනි මාත්‍රා ලෙස ලබාදීමෙන් පසු වැඩිහිටියන්ට සුළු හා මධ්‍යස්ථ අතුරු ආබාධ ඇති වීමට වැඩි ඉඩක් ඇති බව හෙළි වී තිබේ. විවිධ එන්නත් මාත්‍රාවන් මිශ්‍ර කළ විට සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැඩි වශයෙන් වාර්තා වී තිබේ. කෙසේනමුත්, මෙයින් ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා කෙටි කාලීන වන අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වී නොමැත. "එය ඇත්තෙන්ම කුතුහලය දනවන සොයා ගැනීමක් මිස අප බලාපොරොත්තු වූ දෙයක් නොවේ," පරීක්ෂණ සිදු කරන කණ්ඩායමේ ප්‍රධානී ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ මහාචාර්ය මැතිව් ස්නේප් පැවසීය. මේ අතර, කැනඩාවේ ඔන්ටාරියෝ සහ ක්විබෙක් පළාත් දෙකෙහිම නුදුරු අනාගතයේ දී එන්නත් මිශ්‍ර කර ලබා දීමට අදහස් කරන බව පවසා තිබේ. මහාචාර්ය මැතිව් ස්නේප් පැවසුවේ පරීක්ෂණයේ සම්පූර්ණ ප්‍රතිඵල ජුනි හෝ ජූලි මාසය වන විට වාර්තා කළ හැකි බවය. කෙසේනමුත්, මෙම අධ්‍යයනය වසරක් පුරා ක්‍රියාත්මක වේ. ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයන් පොදුවේ එකඟ වන්නේ එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දීම ආරක්ෂිත බවය. ස්වේච්ඡාවෙන් පරීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සති හතරක කාලයක් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දෙක ලබා දුන් අතර, ඔවුන් තුළ උණ ගතියක් නිරීක්ෂණය වී තිබේ. නමුත් ඕනෑම අනුපිළිවෙලකට ඔවුන්ට පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා එන්නතත් දෙවෙනියට ෆයිසර් එන්නතත් ලැබුණේ නම්, උණ ගතියක් පෙන්වීමේ අනුපාතය 34% ක් දක්වා ඉහළ ගොස් තිබේ. "සෙම්ප්‍රතිශ්‍යාව, තෙහෙට්ටුව, හිසරදය, ව්‍යාධිය සහ මාංශ පේශි කැක්කුම වැනි වෙනත් රෝග ලක්ෂණවල ද අදාළ වෙනස්කම් ඇති වී තිබෙනවා" යැයි මහාචාර්ය මහාචාර්ය මැතිව් ස්නේප් පැවසීය. "මෙයින් අපට පැවසෙන එක් දෙයක් නම්, පිරුණු වාට්ටුවක හෙද හෙදියන්ට වෙනස් එන්නත් මාත්‍රා ලබා දීම ඔබ සිදු නොකළ යුතු දෙයක් යන්නයි. මොකද ඊළඟ දවසේ වැඩි දෙනෙක් වැඩට නොඑන්න ඉඩ තියෙනවා." ලොව තවත් රටවල් මිශ්‍ර මාත්‍රාවන් භාවිත කිරීම ගැන සලකා බලති. එන්නත්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා චීනය ද මිශ්‍ර මාත්‍රා ලබා දීම සලකා බැලිය යුතු බව චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝර්ජ් ගාවෝ මෑතකදී පැවසීය. පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා රුසියාවේ ස්පුට්නික් වී එන්නත තරමක් වෙනස් මාත්‍රාවන් දෙකකින් භාවිත කෙරෙයි. එන්නත් ලබා ගැනීම සඳහා උපදෙස් දෙන එක්සත් රාජධානියේ එන්නත් හා ප්‍රතිශක්තිකරණ ඒකාබද්ධ කමිටුවේ සාමාජික මහාචාර්ය ජෙරමි බ්‍රවුන් පැවසුවේ ඉදිරි වසරවලදී මිනිසුන්ට, අවසානයේදී, කෝවිඩ් -19 එන්නත් මිශ්‍ර කිරීමට සිදුවනු ඇති බවය. "එය ප්‍රායෝගිකව එසේ විය යුතුයි. මොකද ඔබ මොඩනා හෝ ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලින් මාත්‍රා දෙකක් සම්පූර්ණ කළ පසු, අනාගතයේදී ඔබට නැවත එකම වර්ගයේ එන්නතක් ලබා දෙන බවට සහතික වීම අපහසු වෙන්න පුළුවන්," ඔහු බීබීසී සේවයට පැවසීය. කෙසේනමුත්, මෙම පරීක්ෂණවල අවසන් වාර්තා ලැබීමට තවත් වසරකට ආසන්න කාලයක් ගතවනු ඇත. ශ්‍රී ලංකාව තුළ එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දෙන්නේ ද? කොවිඩ් 19 ; ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් අයට ඇති විකල්ප මොනවාද ? පසුගිය සතියේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක, වර්ග දෙකකින් ලබාදීම ගැටලුවක් නොවන බවය. මැයි 11 පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. "විශේෂඥයන් අදහස් දක්වලා තිබෙනවා පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකෙනුත් දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකෙනුත් ලබා ගැනීම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ගැන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු අවසන් වශයෙන් තීන්දුවක් ගනීවි." මේ අතර, රට තුළ කොවිඩ් මර්දන එන්නත සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව අපොහොසත් වුවහොත් ඊළඟ පියවර ලෙස එන්නත් මිශ්‍ර කර ලබාදීමට හැකි ද යන කරුණ සලකා බැලීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය. එන්නත ලබා ගන්න පෝලිමේ සිටින කඩුවෙල ප්‍රදේශවාසීන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් අයෙකුට ෆයිසර් හෝ ස්පුට්නික් වී එන්නතෙන් දෙවැනි මාත්‍රාව ලබා ගත හැකිද යන්න සලකා බලනු ඇත. නමුත් මේ ගැන තවමත් ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැති අතර ලොව පුරා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ, අදාළ පරීක්ෂණවල අවසන් වාර්තාව නිකුත් වීමෙන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත කරන්නේ නම් පමණක් එන්නත් මාත්‍රා මිශ්‍රකර ලබා දිය හැකි බවය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙසත්, දෙවෙනුව වෙනත් වර්ගයේ එන්නතක් ලබා දිය හැකි ද යන්න පිළිබඳ එක්සත් රාජධානියේ සහ රුසියාවේ පරීක්ෂණ පැවැත්වෙන බවය. මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරියේ දී තීරණ ගන්නා අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ඉක්මනින් නැවත ගෙන්වීමට රජය ක්‍රියා කරනු ඇති බවට වෛද්‍යවරිය බලාපොරොත්තු පළ කළාය. තවත් තොරතුරු: චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම් (Sinopharm) එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මොනවා ද? (මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානය) ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ලේ කැටි ගැසීමක් සිදු වේද? කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මහජනයාට දෙනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත සහ දුර්ලභ ඝනයේ රුධිර කැටිගැසීමක් තිබේද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙමින් පවතී. එම එන්නත සහ CVSTs යනුවෙන් හඳුන්වන දුර්ලභ ලේ කැටිගැසීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න නිශ්චිතවම තහවුරු වී නැතත් එවැනි සම්බන්ධයක් පවතින බව "තහවුරුවෙමින් පවතින බව" විශේෂඥයෝ පවසති. එම තත්ත්වය සැලකිල්ලට ගන්නා මහජනයාට එන්නත ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් දෙන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව (JCVI) වයස අවුරුදු තිහට අඩු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්ත පුද්ගලයන්ට ඒ වෙනුවට වෙනත් එන්නතක් ලබා දෙන ලෙස දැන් නිර්දේශ කරයි. මේ අනුව එක්සත් රාජධානිය ඇතුළු රටවල් කීපයක් වයස අවුරුදු 40ට අඩු සියලුදෙනාට ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා වෙනුවට වෙනත් වර්ගයක එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ. කෙසේනමුත්, මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම් වාර්තා වී ඇත්තේ ඉතා සුළු පිරිසකගේ පමණක් වන අතර, එය සාමාන්‍ය ජනගහනයක් තුළ අපේක්ෂා කළ හැකි මට්ටමට වඩා පහළ අගයක් ගනී. ස්පුට්නික් වී (Sputnik V) එන්නත රුසියාවේ ස්පුට්නික් වී කොරෝනාවෛරස් මර්දන එන්නත මගින් වෛරසයට එරෙහිව 92% ක ආරක්ෂාවක් ලබා දෙන බව 'ද ලැන්සෙට්' වෛද්‍ය සඟරාවේ පළ වූ අවසාන අදියර අත්හදා බැලීම් ප්‍රතිඵලවලින් හෙළි විය. එය ආරක්ෂිත යැයි සලකනු ලැබ ඇති අතර, වෛරසය නිසා පුද්ගලයන් රෝහල් ගතවීම සහ මරණයට පත් වීමට එරෙහිව පූර්ණ ආරක්ෂාවක් ලබා දේ. අවසාන අත්හදා බැලීමේ දත්ත නිකුත් කිරීමට පෙර එන්නත ලබා දීම සම්බන්ධයෙන් මෙම එන්නත මුලින් යම් මතභේදයකට ලක්විය. නමුත් විද්‍යාඥයින් පවසන පරිදි මෙම එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. රුසියාවේ ස්පුට්නික් වී එන්නත එය ෆයිසර්, ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හා සමානව සහතික කරන ලද එන්නතකි. නමුත් වෙනත් සමාන එන්නත් මෙන් නොව, ස්පුට්නික් එන්නතේ පළමු හා දෙවෙනි මාත්‍රාවන් සඳහා තරමක් වෙනස් පිටපත් දෙකක් භාවිතා කරයි. එකම පිටපත දෙවරක් භාවිතා කරනවාට වඩා වෙනස් සූත්‍ර දෙකක් භාවිතා කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා දිගු කාලීන ආරක්ෂාවක් ලබා දීම මෙයින් අපේක්ෂා කරයි. පරීක්ෂණවල දී එන්නත හා සම්බන්ධ කිසිදු බරපතල ප්‍රතික්‍රියාවක් වාර්තා නොවිණි. මඳ උණ ගතිය, විඩාව, අත් ඉදිමීම වැනි සුළු අතුරු ආබාධ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවිය හැකිය. කෙසේනමුත්, ස්පුට්නික් වී එන්නත යුරෝපා රටවලට ලබාදීමට යුරෝපා සංගමයේ සෞඛ්‍ය අංශයේ අවසරය තවමත් ලැබී නොමැත. නමුත් ආජන්ටිනාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මෙක්සිකෝව, ඊශ්‍රායලය සහ පිලිපීනය යන රටවල මෙම එන්නත දැනටමත් භාවිත කරති. අසාත්මිකතා ඇති පුද්ගලයන්ට කොවිඩ් 19 එන්නත් ලබා ගත හැකිද? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පැහැදිලි කරන පරිදි: කියවන්න:
පළමු සහ දෙවෙනි මාත්‍රා සඳහා විවිධ කොවිඩ් එන්නත් මිශ්‍ර කළ හැකිද යන්න පිළිබඳ සායනික අත්හදා බැලීම් එක්සත් රාජධානියේ ද ක්‍රියාත්මක වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීම කෙලින්ම මාධ්‍යවලට හෙළි කිරීම මගින් පාවාදීමක් කළැයි තමන් මහේල ජයවර්ධනට හෝ කුමාර් සංගක්කාරට චෝදනා නොකළ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසයි. මහේල වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියාට හා එහි ලේකම්වරයාට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම ගැන කණගාටුවට පත් වන බවයි, ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙන්නේ. සමු ගැනීම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැවති මාධ්‍ය හමුවක දී මහේල ජයවර්ධන සඳහන් කර තිබුණේ, තමා සහ කුමාර් සංගක්කාර විස්සයි විස්ස තරඟ වලින් සමු ගන්නා බව මාධ්‍යවේදීන් කළ විමසීමකදී සඳහන් කළා විනා, එය සැලසුම් සහගතව සිදු කරන ලද දෙයක් නොවන බවයි. එහෙත් සිය අදහස් විමසීමක් නො කොට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් නිශාන්ත රණතුංග සහ ප්‍රධාන විධායක ඈශ්ලි ද සිල්වා විසින් ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් තමා විවේචනය කරනු ලැබීම වගකීම් විරහිත ක්‍රියාවක් බවයි, මහේල ජයවර්ධන කියා සිටියේ. මෙම අර්බුදය සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ දැක්වෙන්නේ, කරුණු නිවැරදි කර ගනු ලැබීමෙන් තොරව, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයකු විසින් පාලක මණ්ඩලයේ ලේකම්වරයා පදනම් විරහිතව විවේචනයට ලක් කරනු ලැබීම කණගාටුවට කරුණක් වන බවයි.
මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීම ක්‍රීඩකයන් සහ පාලක මණ්ඩලය අතර උණුසුම් මත ගැටුමකට හේතු වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අයැදුම් පත් 10243 අතුරින් 'ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලැබී ඇත්තේ 4989 කට පමණයි' ඉකුත් වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සඳහා අයදුම් කළ යුද අනාථයන් දස දහසකට අධික පිරිස අතුරින් පන්දහසකට වැඩි සංඛ්‍යාවකගේ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප වී තිබීම ගැන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය (කැෆේ) විමතිය පළ කොට තිබේ. යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිව උතුරෙන් පිටවී සිටින ඡන්ද දායකයන් ඉදිරි මැතිවරණ සඳහා ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියම කොට තිබු කාලය නිම වූයේ ඉකුත් සතියේ. ඒ කාලය තුල ලැබුණු අයැදුම් පත් 10243 අතුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලැබී ඇත්තේ 4989 කට පමණක් බවයි කැෆේ සංවිධානය පවසන්නේ. මේ පිළිබඳව සංදේශය කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් කරනු ලබන ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට තමන් බැඳී නැති බවයි. උතුර, වයඹ හා මධ්‍යම පළාත් සභා සඳහා නාම යෝජනා ජූලි විසි පස් වැනි දා සිට අගෝස්තු පළමු වැනි දා භාර ගන්නා බව මැතිවරණ කොමසාරිස් වරයා මේ වන විට දැනුම් දී තිබේ.
උතුරේ යුද අනාථයන් විසින් මැතිවරණයට ලියාපදිංචි වීම සඳහා ලබා දුන් අයදුම්පත් අතුරින් අඩකට වැඩි සංඛ්‍යාවකට ඡන්ද අයිතිය අහිමි වී ඇතැයි මැතිවරණ නිරීක්ෂක සංවිධානයක් කියා සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වැඩ බලන ජනාධිපතිවරයා නැගෙනහිර යුක්රේනයේ පැවැත්වීමට යන ජනමත විචාරන විග්‍රහ කරන ලද්දේ ස්වයං-විනාශකාරී ක්‍රියාමාර්ගයක් හැටියටයි. නැගෙනහිර යුක්රේනය බෙදී වෙන් වුනොත් එය නිමක් නොවන විනාශයකට මග හෙලි කිරීමක් වනු ඇතැයි කියා සිටි යුක්රේන් වැඩ බලන ජනාධිපති අලෙක්සන්දර් තුර්නිචොෆ්, එමගින් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය ද සමාජීය සියලු වැඩසටහන් ද අඩාල වනු ඇති බවයි කියා සිටියේ. ජනමත විමසුම් වැරදියි නියමිත පරිදි මේ මාසය අවසානයේ දී යුක්රේන් ජනාධිපතිවරණය පැවැත්වුනේ නැත්නම්, රුසියාවට එරෙහිව තවත් සම්බාධක පනවන මෙන් තමා යුරෝපා හවුලෙන් ඉල්ලා සිටින බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මේ අතර කියා සිටියාය. ජර්මනියේ සංචාරයක නිරත වෙමින් සිටින ප්‍රංශ ජනාධිපති ෆ්රාන්ශුවා ඔලොන්ද් සමඟ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක් මගින් චාන්සලර්වරිය කියා සිටින්නේ, ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් යුක්රේන් ජනාධිපතිවරණය අසාර්ථක කෙරුනොත් එරට තත්වය තවත් අස්ථාවර විය හැකි බවයි. නැගෙනහිර යුක්රේනයේ සන්නද්ධ කණ්ඩායම් විසින් කැඳවනු ලැබ ඇති ජනමත විචාරන නීතියට පටහැණි බවත් ප්‍රංශ සහ ජර්මන් නායකයෝ කියා සිටිති.
නැගෙනහිර යුක්රේනයේ ජනමත විමසුම් සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන යුක්රේන් වැඩ බලන ජනාධිපති, අලෙක්සන්දර් තුර්නිචොෆ්, ‘කීව්’ පාලනයෙන් නිදහස් වීම සඳහා පැවැත්වීමට යන ජනමත විචාරනවලදී ඡන්දය දීම සම්බන්ධයෙන් නැගෙනහිර යුක්රේනයේ ජනතාවට අනතුරු ඇඟවීමක් කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පකිස්ථානය සහ ඉන්දියාව අතර කාශ්මීර දේශ සීමාවේ උණුසුම් තත්වයක් පවතින බවයි වාර්තා වන්නේ එම ප්‍රහාරකයන් තිදෙනා ඉන්දියානු හමුදා ඇඳුමින් සැරසී සිටි බවයි හමුදා ප්‍රකාශක කර්නල් රාජේෂ් කාලියා පැවසුවේ. කුප්වාරා දිස්ත්‍රික්කයේ හමුදා කඳවුර අසළ පැවති දරුණු වෙඩි හුවමාරුවකින් පසු සන්නද්ධ ප්‍රහාරකයන් තිදෙනෙකු මරා දැමුණු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පසුගිය මාසයේ වෙනත් ඉන්දියානු හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දියානු හමුදාවෙ 18 දෙනෙකු මරා දැමුණු අතර ඒ පිළිබඳව චෝදනාව එල්ලවූයේ පකිස්තනයටයි. එහෙත් පකිස්ථානය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණි. කාශ්මීරයේ අයිතිය පිළිබඳව ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරටම උරුමකම් කීම හේතුවෙනුයි මතභේදයක් ඇතිවී තිබෙන්නේ. පොලිස් අධිකාරී ගුලාම් ජීලනි AFP පුවත්සේවයට පැවසුවේ හමුදා කඳවුර අසලදී ඉන්දියානු හමුදාව සහ ප්‍රහාරකයන් අතර වෙඩි හුවමාරුවක් පැවති බවයි. ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරටම න්‍යෂ්ඨික අවි බලය සහිත වන අතර පසුගිය මාසයේ සිදු වූ ප්‍රහාරයෙන් පසු දේශ සීමාව අසල සටන් පැවතීම පිලිබඳ එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිති. පසුගිය සතියේ ඉන්දියාව පැවසුවේ ආරක්ෂක පියවරක් ලෙස දේශ සීමාවේ දී සැකකටයුතු සන්නද්ධකරුවන් පිරිසකට ප්‍රහාරයක එල්ල කල බවයි. එහෙත් කිසිදු උසිගැන්වීමකින් තොරව සිදුකළ කාලතුවක්කු ප්‍රහාරයකින් හමුදා සෙබළුන් දෙදෙනෙකු මිය බවයි පකිස්ථානය පැවසුවේ.
කාශ්මීරයේ ඉන්දියානු හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කළ සන්නද්ධ ප්‍රහාරකයන් තිදෙනෙකු මරා දැමූ බව ඉන්දීය බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කෙරණද සිංහල, දෙමළ, මුස්ලිම් ජාති භේදයකින් තොරව ලාංකිකයෝ චිත්‍රපටය නැරඹීම සඳහා ලන්ඩනයේ රැස්ව සිටි බව එහි ගිය සිතුම් ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියාය. 'ඔබ නැතුව ඔබ එක්ක' ලන්ඩනයේ ප්‍රදර්ශනය සංවිධානය කොට තිබුණේ අගෝරා කලා කවය විසින්. ඉන්දීය රංගන ශිල්පිනියක් වන අංජලී පාටීල් සහ ශ්‍රී ලාංකික රංගන ශිල්පියකු වන ශාම් ප්‍රනාන්දු 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ පොවති. ඒ සඳහා අංජලී පාටීල් ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ හොදම රංගන ශිල්පිනියට හිමි සම්මානය වූ රාජිත මයුර සම්මානයෙන් පිදුම් ලැබුවාය.
සිංහල, දෙමළ රහසිගත ආදර අන්දරයක් පසුබිම කර ගත් ප්‍රසන්න විතානගේ සිනමා නිර්මාණය ‘ඔබ නැතුව ඔබ එක්ක’ නැරඹීම සඳහා ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ලන්ඩනයේ සිනමාහලකට රැස්ව සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අබාධිත තත්වයක් නිසා සිය හොඬය ආධාරයෙන් ඇවිදින අලි පැටවා මේ දිනවල හම්බන්තොට සූරියවැව ප්‍රදේශය ආශ්‍රිතව දියත් කරමින් තිබෙන වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් අතරතුර වන ජීවී නිලධාරීන් කණ්ඩායමකට මෙම අලි පැටවා හමු වී ඇත. ඉදිරි පාදවල ඇති ආබාධ සහිත තත්ත්වය හේතුවෙන් ඇවිදයාම සඳහා අලි පැටවා සිය හොඬය ආධාර කරගනී. ප්‍රතිකාර කිරීම සඳහා අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ආ බව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන පැවසීය. කෙසේනමුත්, මෙවැනි ආබාධිත තත්වයකින් පෙළෙන අලි පැටවෙකු ශ්‍රී ලංකාව තුළ දී හමුවීම ඉතා දුර්ලභ සිද්ධියක් බව ද ඔහු සඳහන් කළේය. මින් පෙර අනුරාධපුරයෙන් සහ අම්පාර දිස්ත්‍රික්කවලින් වයස මසක් පමණ වන ආබාධිත අලි පැටවුන් දෙදෙනෙකු හමුවී තිබුණ අතර, ඔවුන් උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙනවිත් ප්‍රතිකාර කරන අතරතුර මියගිය බව පශු වෛද්‍ය මාලක අබේවර්ධන තවදුරටත් පැවසුවේය. කිරි බිවූ හැටි ප්‍රශ්නයක් "මේ වගේ සමහර සතුන් කාලයක් යන කොට සුව අතට හැරෙන අවස්ථාද තිබෙනවා. නැත්නම් මිය යනවා. නමුත් අවුරුද්දක පමණ කාලයක් පමණ මේ සතා පුදුමයකට වගේ ජීවත්වෙලා තිබෙනවා. එතෙක් කල් මේ සතා කිරි බිව්වේ කොහොමද කියලත් ප්‍රශ්නයක්. අලිපැටවා කිරි බිව්වේ නැත්නම් මෙච්චර කාලයක් ජිවත් වෙන්නේ නැහැ." වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන ''අලි පැටවා අපිට හමුවෙන කොට මවගෙන් මග හැරී ඉතා දුර්වල තත්වයක් තමයි හිටියේ. ශරීරයේ ආසාදිත තුවාල තිබුණා. මුලින්ම ඒවාට ප්‍රතිකාර කරලා, පසුව මේ ආබාධිත තත්වය සුව කරන්න පුළුවන්ද කියලා උත්සහ කරනවා. ශල්‍යකර්මයකින් හෝ වෙනත් ක්‍රමයකින් අලි පැටවා සුව කරන්න උත්සහ කරනවා" යැයි මාලක අබේවර්ධන පැවසුවේය. මේ තොරතුරුද කියවන්න:
උපතින් පිහිටි ආබාධිත තත්ත්වයක් හේතුවෙන් හොඬය ආධාරයෙන් ඇවිද යන වයස අවුරුද්දක් පමණ වන අලි පැටවෙකු හම්බන්තොට පහළ මත්තල ප්‍රදේශයේ දී ඊයේ (ජූලි 22) සවස වනජීවී නිලධාරින් කණ්ඩායමකට හමුවී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර ඒ අනුව සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේය.. මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කළේ අදාළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහිත බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සම් විභාගයක තීන්දුව දෙමිනි. සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකළ 'ජාතික තව්හිද් ජමාත් සංවිධානය' සහ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය විසින් වාර්තා 347 ක් මෙම සැකකරුවන් දෙදෙනා වෙත යොමු කර තිබූ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය දේශනයෙන් සඳහන් කර තිබූ බව සඳහන් කළේය. එයින් වාර්තා 131 ක් සැකකාර පොලිස්පතිවරයා වෙතත්, තවත් වාර්තා 97 ක් සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙතත් යොමු කර තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළ බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දෙයි. දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ අදාළ සැකකරුවන් දෙදෙනාම නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු කළුආරච්චි, අදාළ වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් වන අවස්ථාවක මහේස්ත්‍රාත්වරයෙකුට පැවරෙන බලතල පිළිබඳව ද විස්තර කළේය. මහේස්ත්‍රාත් බලතල මහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් සඳහන් කළේ "මිනීමැරීම නැමති චෝදනාව යටතේ සැකකරුවකු ඉදිරිපත් කළ අවස්ථාවක ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් මුල් අවස්ථාවේදීම සැකකරුවකු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය තිබෙන" බවය. මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් ලඝු නොවන නඩු විභාගයක් පවත්වා එහිදී සාක්ෂි නොමැති බවට කරුණු අනාවරණය වන අවස්ථාවක එහි සැකකරු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන අතර, එම ලඝු නොවන නඩු විභාගයේ දී යම් සැකකරුවෙකුට එරෙහිව සාක්ෂි තිබෙන බවට කරුණු අනාවරණය වන්නේ නම් එම නඩු කටයුත්ත මහාධිකරණය හමුවේ තැබීමටද මහේස්ත්‍රාත්වරයෙකුට බලය තිබෙන බව මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේය. පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි ජනතාව වෙනුවෙන් පුදපූජා එහෙත් මෙම සිද්ධියේදී නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ මිනීමැරීමේ චෝදනා යටතේ සැකපිට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවක ඔවුන්ට එරෙහිව එම චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ඇප මත මුදා හරිමින් දුන් නියෝගය නීතියට පටහැනි බව මහාධිකරණ විනිසුරුවරයා ගේ තීන්දුව විණි. අදාළ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති නිසා සැකකරුවන් ඇප මත මුදා හරින බව ද මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුවෙන් සඳහන් කර ඇතැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු කලුආරච්චි, දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා එල්ල වන සැකකරුවකුට ඇප ලබා දීමට බලය පැවරී තිබෙන්නේ මහාධිකරණයට පමණක් බවත් මහේස්ත්‍රාත්වරයෙකුට එවැනි බලයක් නොමැති බවත් ප්‍රකාශ කළේය. සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරිය "නැති නීතිමය බලයක් නිර්මාණය කර ගනිමින් නීතිය ද අභිබවා ගොස්" එම නියෝගය දී ඇති බවත්, එය විනිසුරුවරයකු විසින් නොකළ යුතු නියෝගයක් බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය. මහේස්ත්‍රාත්වරියගේ ඇප නියෝගය බරපතළ නීතිමය දෝෂයන්ගෙන් සමන්විත බවත් ඒ හරහා නීතිය බරපතල ලෙස අපගමනය වීමක් සිදුවන හෙයින් එම නියෝගය ප්‍රතිශෝධනය කර ඇප නියෝගය ඉවත් කිරීමට තමන් තීන්දු කළ බවත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ කීපදෙනෙක් ආරක්ෂක බලධාරීන් දෙදෙනෙක් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මහාධිකරණ විනිසුරුවරයා, පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා තවත් රජයේ නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් පමණක් හඳුන්වා දීමට මහේස්ත්‍රාත්වරිය සිය නඩු තීන්දුවෙන් කටයුතු කර ඇති බව සඳහන් කළේය. එය පිළිගත නොහැකි කරුණක් බව පෙන්වාදුන් මහාධිකරණ විනිසුරු කළුආරච්චි ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා යනු ආරක්ෂක අංශයට අණදෙන ඉහළ පෙළේ නිලධාරින් දෙදෙනෙකු බව සඳහන් කරමින් ඔවුන් වෙත ආරක්ෂාව පිළිබඳව භාරධූර වගකීමක් පැවරී තිබෙන බව පෙන්වා දුන්නේය. එවැනි වාතාවරණයක් මත පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා තවත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් හඳුන්වා දීම තුළින් මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ රාජකාරිය සැහැල්ලුවට ලක් කර ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවෙන් කියා සිටියේය. එල්ල වීමට නියමිත බිහිසුණු ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු ලැබුණු විගස පොලිස්පතිවරයා සිදුකිරීමට නියමිතව තිබුණේ වහාම පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර රට පුරා ප්‍රබල ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා, එහෙත් එවැන්නක් පොලිස්පතිවරයා විසින් නොකරන ලද බව පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය. ඒ වෙනුවට ඔහු සිදුකර තිබෙන්නේ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය තමන් යටතේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙකු වෙත යොමුකිරිම පමණක් බවද මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේය. පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරය විභාග කළ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තොරතුරු ලැබී තිබියදී සිංහල අවුරුදු සමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තුන්දෙනෙකුට නිවාඩු ලබාදීමට සැකකාර පොලිස්පතිවරයා කටයුතු කිරීමද මෙහිදී විනිසුරුවරයා සිය තීන්දුව මගින් සිහිපත් කළේය. සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ද මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා සාධනීය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පෙනී යන්නේ යැයි විනිසුරුවරයා සඳහන් කළේය. "මහාධිකරණයටත් නැති බලයක්" ඒ අනුව ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ අනුව එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මෙම සැකකරුවන් දෙදෙනා රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර තිබෙන බවට සහ ඒ තුළින් ඔවුන් මිනී මැරීම නමැති වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් එළැඹ තිබෙන නිගමනය නීත්‍යානුකූල සහ යුක්ති සහගත නිගමනයක් බව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය. මෙවැනි තත්ත්වයක් යටතේ අඩක් පමණක් අවසන් වූ පරීක්ෂණයක ඉදිරිපත් වූ වාර්තා කිහිපයක් සහ ලේඛන කිහිපයක් පදනම් කර ගනිමින් මිනීමැරීමේ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා, මෙවැනි නියෝගයක් ප්‍රකාශ කිරීමට මහාධිකරණ විනිසුරුවරයෙකුට පවා හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය. සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ගැටලු සහගත බව මහේස්ත්‍රාත්වරිය විසින් සිය ඇප නියෝගයේ සඳහන් කර තිබුණද සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශ සටහන් කළ යුතු බවට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව මහාධිකරණ විනිසුරුවරයා පැවසීය. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් ඉකුත් ජුලි මස 09 වනදා දෙන ලද ප්‍රශ්නගත ඇප නියෝගය බරපතළ දෝෂයන්ගෙන් සමන්විත නියෝගයක් බැවින් එය නිෂ්ප්‍රභ කරන බව විනිසුරු විකුම් කළුආරච්චි මහතා කියා සිටියේය. ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා ලෙස මහධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේය. ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර භාරයට පත් කරන ලදුව පසුවකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබිණි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයේ නියෝගය පරිදි සැකකරුවන් දෙදෙනා ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළාය. කියවන්න;
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකොට සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම මගින් මිනීමැරීම පිළිබඳ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බව තීන්දු කළ කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය නිෂ්ප්‍රභ කරන බව ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, ඒවගේම රතන හාමුදුරුවෝ මේ සියලු දෙනා කැමතිද මේ රටේ යුද්ධයක් එනවට?" මහින්ද රාජපක්ෂ පරිපාලනයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඔහු බලයට පත්වුවහොත් දෙමළ ඩයස්පෝරාවේ සහායයෙන් යළිත් වරක් එල්ටීටීඊ ය හිස ඔසවනු ඇතැයි ආණ්ඩුව කරන චෝදනාවට ප්‍රතිචාරය පළ කරමින්. එල්ටීටීඊ යෙන් බැට කෑ සහ එයට එරෙහිව නැගී සිටි බොහෝ බලසම්පන්න නායකයන් සිය මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටින බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා අවධාරණය කළේය. "ජනරාල් සරත් ෆොන්සේකා මේ සටනේ ඉන්න නායකයෙක්. එතුමා දෙනවද එල්ටීටීඊ යට ඔලුව උස්සන්න? මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, ඒවගේම රතන හාමුදුරුවෝ මේ සියලු දෙනා කැමතිද මේ රටේ යුද්ධයක් එනවට?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය. ක්‍රීඩකයන් මෙන්ම ආබාධිත සෙබළුන් ද මැතිවරණය වෙනුවෙන් වෙන්දේසියේ දමා ඇති බවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ගෙවත්තේ පැවති රැස්වීමේදී අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා එල්ල කළේය. "අත් කකුල් නැතිව ඉන්න වීරෝධාර සෙබලුන්වත් විකුණන තත්වයකට, බංකොලොත් තත්වයකට අද ජනාධිපතුමාගේ මැතිවරණ ක්‍රියාදාමය පත්වෙලා තියෙනවා," බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.
ජනවාරි අට වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී තමන් බලයට පත්වුවහොත් කොටි සංවිධානයට යළි හිස එසවීමට ඉඩ නොතබන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරයෙන් තවත් හමුදා භටයන් විසි දෙනෙකුවත් තුවාල ලබා ඇති බවත් වාර්තාවල සඳහන් වේ. වේතන ලබා ගැනීම සඳහා පෝලිම් ගැසී සිටි හමුදා සෙබළුන් ඉලක්ක කොට ප්‍රහාරකයා විසින් බෝම්බය පුපුවරා හරිනු ලැබ තිබේ. යේමන ආරක්ෂක හමුදා සාමාජිකයෙක් ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබූ ආණ්ඩුවක් යටතේ පාලනය වන ඇඩෙන් නගරයට මීට පෙර එල්ල වූ ප්‍රහාර ගණනාවක වගකීම ඉස්ලාමීය කැරලිකරුවන් විසින් බාර ගනු ලැබ ඇත. ඉරානයේ සහාය ලබන හුති කැරලිකරුවන් යේමනයේ සනා අගනුවරින් පළවා හැරීම සඳහා ආණ්ඩුවට පක්ෂ හමුදා උත්සාහ කරමින් සිටිති. යේමනයේ ආණ්ඩුවට පක්ෂ හමුදා වෙත සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම් ලත් සන්ධානයේ සහාය හිමි වේ.
යේමනයේ දකුණු දිග කලාපයට අයත් ඇඩෙන් වරාය නගරයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වී හමුදා සෙබළුන් විසි දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නතාලියා වෙසෙලින්ස්ක්යා විසින් හිලරි ක්ලින්ටන් පිළිබඳ "වැදගත් තොරතුරක්" ලබා නොදුන් බව ට්‍රම්ප් ජුනියර් අවධාරණය කරයි පසුගිය වසරේ සිදු වූ හමුව සම්බන්ධයෙන් එකිනෙකට පටහැණි ප්‍රකාශ නිකුත් කළ බවට එල්ල වන චෝදනා ජනාධිපති පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් ප්‍රතික්ෂේප කරයි. ප්‍රතිවාදී දේශපාලනඥයෙකු හා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවත් ඔහු පවසා තිබේ. පසුගිය වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑම් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපද බලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති. ජනාධිපති ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් සහ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ එවක ප්‍රධානියාව සිටි පොල් ජේ මැනෆට් ද නතාලියා වෙසෙලින්ස්ක්යා හා පැවති හමුවට එක් වී තිබේ. ජනාධිපති ධුරය සඳහා තරග කළ සිය පියාගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් පිළිබඳ නීතිඥ නතාලියා වෙසෙලින්ස්ක්යා විසින් "වැදගත් තොරතුරක්" ලබා නොදුන් බව ට්‍රම්ප් ජුනියර් අවධාරණය කරයි. 2016 වසරේ ජුනි 09 වෙනිදා නිව්යෝක් නුවර පිහිටි ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේ දී අදාළ හමුව සිදුව තිබේ. පළමු අවස්ථාව? ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ නාම යෝජනා ලබා ගෙන සති දෙකකට පසුවය. රුසියානු ජාතිකයෙකු සහ ජනාධිපති ට්‍රම්ප්ගේ පවුලේ සමීප සාමාජිකයන් අතර පෞද්ගලික මට්ටමේ හමුවක් පැවතිබව තහවුරු කෙරුණු පළමු අවස්ථාව මෙය බව විශ්වාස කෙරේ. රුසියාව සමඟ සබඳතා පවත්වා ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර්, රහසිගත සන්නිවේදන මාර්ගයක් යොදා ගැනීමට උත්සාහ කර ඇති බව ඇමරිකානු මාධ්‍ය පසුගිය මැයි මාසයේ වාර්තා කර තිබිණි. 'වොෂිංටන් පොස්ට්' සහ 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් විසින් වාර්තා කරනු ලැබ තිබුණේ රුසියාව සමඟ කෙරෙන සාකච්ඡාවලට එක්සත් ජනපද බලධාරීන් රහසින් සවන් දීම වැළැක්වීම සඳහා රුසියානු සන්නිවේදන පහසුකම් භාවිත කිරීමට ඔහු ප්‍රයත්නයක් දරා ඇති බව ය. ජනාධිපති බෑණනුවන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ජැරඩ් කුෂ්නර් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස ධවල මන්දිරයට පත්වීමක් ලැබ සිටින ජැරඩ් කුෂ්නර්, ජනාධිපති ට්‍රම්ප්ගේ දියණියක් වන ඉවන්කා ට්‍රම්ප්ගේ ස්වාමි පුර්ෂයාය. තමන් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් පළ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මාධ්‍ය වෙත චෝදනා කරයි. ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට පළ වන වාර්තා රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිරූපයට හානිදායක තොරතුරු තමන් සතුව ඇතැයි පැවැසූ රුසියානු නීතිඥවරියක හමු වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතු දැඩි ප්‍රතිචාරයක් පළ කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් විසිනි. මෙම යෝජනාව සම්මත වීමෙන් පසුව එය විශේෂ ලියවිල්ලක් වශයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත යැවීමට කටයුතු යොදන බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් පැවසීය. යෝජනාව ඒකමතිකව සම්මත වූ බවත් ඊට විපක්ෂයේ පිරිස් විරුද්ධ නොවූ බවත් ශිවඥාණම් කියා සිටි නමුත් කිසිදු පූර්ව දැණුම් දීමකින් තොරව ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට විපක්ෂය විරුද්ධ වූ බව උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක කියා සිටියේය. 'නිශ්ඵල ක්‍රියාවක්' විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුම වරින් වර සභාවෙන් නැගිට මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළේ රජය විසින් යුද අපරාධ සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත අභ්‍යන්තර පරීක්ෂණය ප්‍රමාණවත් වන බවට ඇමරිකාව පවා තීන්දු කොට තිබියදී උතුරු පළාත් සභාව පමණක් ඊට විරුද්ධ වීම නිශ්ඵල ක්‍රියාවක් බව පවසමින් යැයි ජයතිලක මන්ත්‍රීවරයා සදහන් කළේය. කෙසේ වෙතත් සභාපති සී.වී.කේ. ශිවඥාණම් තවදුරටත් පැවසුවේ රටේ අධිකරණය මෙන්ම පත් කරණු ලබන කොමිසම් මගින් සාධාරණයක් ඉෂ්ට නොවන නිසා අභ්‍යන්තර පරීක්ෂණයක් පිළිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි.
ශ්‍රී ලංකාවේ සිදුවුණු බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පමණක් පැවැත්විය යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව සම්මත කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘අපට සුනාමිය විපතක්. ඒත් සුනාමිය සමහරුන්ට ‘රන් වතුරක්’ වුනා’ සුනාමියෙන් වසර එකොළහකට පසු දකුණේ සිදු කළ සංචාරයේ දී සුනාමියට මුහුණ දුන් පුද්ගලයන් කීප දෙනකු ගේ මුවින් එදා තමන් මුහුණ දුන් නපුරු අත්දැකීම ප්‍රකාශයට පත් වුනේ එවැනි වදන් මාලාවකිනි. සුනාමියෙන් විපතට පත්වූවන් නගා සිටවීම , මුහුද බිළි ගත් ප්‍රදේශ යළි ගොඩනැගීම වැනි කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති ආකාරයක් දක්නට ලැබෙන නමුත් සුනාමියෙන් වැඩි පුරම විපතට පත් ධීවර ජන ජීවිතය 2004 වසරේ නත්තල් දිනට පසු දින තෙක් පැවති පෙර මට්ටමට තවමත් පැමිණ නැති බවයි බොහෝ ධීවරයන්ගේ විශ්වාසය වන්නේ. මේ අතර දකුණු ධීවර සංවිධානයේ මධුක සම්පත් බීබීසියට අදහස් දක්වමින් සුනාමි විපත සමාජය මත ඉතිරි කරන ලද බොහෝ දෙනකු නොදකින පැති කඩක් විස්තර කළේ මෙවැනි වචන සමුදායකිනි. මානසික පීඩාව ‘ආණ්ඩුව, රාජ්‍ය නොවන සංවිධාන මේ සියලු දෙනාගේ ඇස් වලට නො පෙනෙන පැති කීපයක් තියනවා . ඉන් ප්‍රධාන වන්නේ දෙමාපියන් අහිමි වුන දරුවන් . මම දන්නා තැනක ඉන්නවා - සුනාමියෙන් අම්මා අහිමි වුනාට පස්සේ යන්න එන්න තැනක් නැතිව ඉන්න තරුණියක් . මෙයා මන්ද මානසික තැනැත්තියක් . දැන් ඉන්නේ වේහැල්ල සම්බෝධි නිවාසයේ’මධුක සම්පත් පවසයි. වේහැල්ල සම්බෝධි නිවාසයේ පාලිකාවක් වන හැරියට් හිත්තැටිය කියා සිටියේ අනෝමා ද සිල්වා නමැති එම තරුණිය රැක බලා ගැනීම හැර ඇයගේ අනාගතය පිළිබඳව සොයා බැලීමට තම ආයතනයට නොහැකි බවයි . සුනාමි දැරියක් සයුරි රාජ්‍ය නොවන සංවිධානයක පරිත්‍යාගයෙන් දික්වැල්ල ග්‍රාමයේ ඉදි කරනු ලැබ ඇති සුනාමි අවතැන් නිවාස සමූහයේ දී ‘සයුරි’ නමැති දැරියක් මට හමු වුණි. ‘සයුරි’ ට එම නම ලැබී ඇත්තේ සුනාමිය මුල් කර ගෙනයි .සයුරිගේ මවට සිය දියණිය ලැබුනේ සුනාමියට හසු වී ජීවිතය ගලවා ගැනීමෙන් පසුයි . සයුරිගේ පියා සිය දියණියට එම නම තෝරා ගෙන ඇත්තේ ඇය සුනාමිය පරාජය කරමින් උපන් දරුවකු වන බැවිනි. සුනාමිය අපට විපතක් ඇති වුනාට සමහරුන්ට එය ‘රන් වතුරක්’. සුනාමි දැරියක් වන සයුරිගේ පියා ‘නීල්’ සිය සුනාමි මතකය අවදි කරයි. ‘ඇතැමුන් විනාශය ජාවාරමක් කර ගත්තා’ නීල් පවසයි. වැඩි දුරටත් අදහස් දක්වන නීල් සුනාමි නිවාස වල අඩු පාඩු ද පෙන්වා දෙයි. ආධාර ගසා කෑම් ‘කරන දෙයක් හරියට කරන්න ඕනෑ . මොකද අන්තිමට වුනේ? අපට සොච්චමක් දීලා වගකිව යුතු පුද්ගලයන් වැඩි හරියක් සාක්කුවේ දා ගත්ත එකයි සිද්ධ වුනේ’ නීල් පළ කරන්නේ සිය බලාපොරොත්තු සුං වූ බවයි. සුනාමියෙන් දිවි බේරුණ නීල් වැනි පුද්ගලයන් කියන කතාව සත්‍යයක් වන බව දකුණු ධීවර සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන ගුණපාල ගමගේ පවසයි. ‘ඒ වගේ ප්‍රශ්න වලට හේතුව පසු විපරමක් සිදු නොකිරීම. එහෙම කළා නම් ජනතාවගෙන් අද වන විට මේ ඇහෙන කතා සැලකිය යුතු ලෙස අඩු වෙන්න තිබුණා’ එය ගුණපාල ගමගේ දරන අදහසයි.
ප්‍රසාද් පූර්ණිමල් ජයමාන්න - දකුණේ කළ සංචාරයක්
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ මාර්තු සැසි වාරය ට කලින් උතුරු පළාත් සභාව නියෝජනය කරමින් ජිනීවා බලා ගිය ඇය පෙරලා පැමිණියේ ඉරිදායි. උගත් පාඩම් හා සංහිඳියා කොමිසම හෝ අතුරුදහන් වීම් පිළිබඳව විමසන ජනාධිපති කොමිසම හෝ කෙරේ තමන්ගේ විශ්වාසයක් නැතැයි එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හට ප්‍රකාශ කළ බවයි සසිදරන් මන්ත්‍රීවරිය බීබීසීයට පැවසුවේ. දෙමළ ජාතික ජනතා පෙරමුණේ සම්මේලනයෙන් අතුරුදහන් වීම් පිළිබඳව දහසකට වැඩි පිරිසක් නඩු පැවරූ අවස්ථාවේ ඊට එරෙහිව අධිකරණයේ කටයුතු කළ පුද්ගලයන් කොමිසමට පත් කොට ඇති බවයි ඇගේ චෝදනාව. 'වර්ග සංහාරයක්' උතුරේ පවත්නා තත්වය පිළිබඳව තමන් විසින් ලබා දුන් තොරතුරු මින් පෙර දැන නො සිටියේ යයි විදේශීය දුත මණ්ඩල නියෝජිතයන් පැවසූ බව ආනන්දී සසිදරන් වැඩි දුරටත් පැවසුවාය. මේ අතර දෙමළ ජාතියට එරෙහිව වර්ග සංහාරයක් දියත් වී ඇතැයි දෙමළ ජාතික ජනතා පෙරමුණ පවසයි. ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමේ දී බ්‍රිතානීන් ශ්‍රී ලංකාවේ පාලනය හැර ගිය 1948 සිට කාලය සැලකිල්ලට ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට බල කර සිටීමට පක්ෂ සම්මේලනය තීරණය කළ බවයි එහි නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් වවුනියාවේ දී මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ උතුරේ කාන්තාවන් සහ දරුවන් අත් විඳින පීඩාව විදේශීය දුත මණ්ඩල සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හමුවේ විස්තර කළ බව පළාත් සභා මන්ත්‍රිනී ආනන්දී සසිදරන් ප්‍රකාශ කළාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්දනය සඳහා ඉන්දීය රජය ප්‍රදානය කළ 'ඇස්ට්‍රාසෙනෙකා කෝවිෂීල්ඩ්' එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ලබා දීමේ සමාරම්භක උත්සවය ජනවාරි 29 වැනිදා කොළඹ පිහිටි බෝවන රෝග ජාතික විද්‍යායතනයේ පැවති අතර එම අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා ය. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල ඉදිරිපෙළ සාමාජිකයන්ට එන්නත් ලබා දීම පළමු අදියර යටතේ සිදු කෙරේ. නිෂ්පාදනය: ෂර්ලි උපුල් කුමාර
කොරෝනා රෝගී තත්ත්වයෙන් රටේ ජනතාව බේරා ගැනීමට තිබෙන හොඳම ආයුධය එන්නත්කරණය බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශිෂ්‍යයන් ඔත්තුකරුවන් ලෙස යෙදවීම වැනි විවිධ උපායමාර්ග යොදා ගන්නා බවට ශිෂ්‍යයෝ හමුදාවට චෝදනා කරති කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කතා කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර, ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් සරසවි ශිෂ්‍ය නියෝජිතයන්ගේ නිවෙස්වලට ගොස් සියලු දේශපාලන ක්‍රියාකාරකම් නවතා දමන මෙන් තරජනය කොට තිබෙන බවද කියා සිටියේය. ඔහු එය විග්‍රහ කළේ රාජ්‍ය ත්‍රස්තවාදය ලෙසින්. මරණ තර්ජන එම මර්ධනය දැන් ඉතා අනතුරුදායක තත්ත්වයකට පත් වී තිබෙන බව පවසන ඔහු, පසුගියදා පැහැර ගැනීමට ලක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජානක ශිෂ්‍යයාට මරණ තර්ජන එල්ල කොට මුදා හරින ලද බවට ආරක්ෂක අංශවලට චෝදනා කළේය. "ජානක සහෝදරයාව පැහැර ගෙන ගොස් ප්‍රශ්න කරන අවස්ථාවේ දී ප්‍රකාශ කරලා තිබෙනවා අතුරුදහන් වෙන්න කැමති නම්, එහෙම නැත්නම් ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න කැමති නම් උද්ඝෝෂණවලට නායකත්වය දෙන්න එහෙම නැත්නම් පාඩුවේ ඉන්න කියල," ඔහු පැවසීය. විශ්ව විද්‍යාල තුල පැති කිහිපයකින් "මිලිටරිකරණය" ක්‍රියාත්මක වන බවට චෝදනා කරන සංජීව බණ්ඩාර, සිසුන්ට ලබාදෙන හමුදා පුහුණුව එහි එක් පියවරක් පමණක් බවද බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. "මේ හමුදා කඳවුරු හරහා දිනා ගන්නා ශිෂ්‍යයෝ ඔත්තුකරුවන් ලෙස යෙදවීම, ඒ වගේම හමුදා ඔත්තුකරුවන් සිසුන් ලෙස විශ්ව විද්‍යාලවලට එවීම, ඒ වගේම පරිපාලන නිලධාරීන් ලෙස හමුදා ඔත්තුකරුවන් බඳවා ගැනීම," වැනි විවිධ උපක්‍රම මාර්ගයෙන් එය ක්‍රියාත්මක වන බවයි, ශිෂ්‍ය නායකයා අවධාරණය කරන්නේ.
ශිෂ්‍ය ප්‍රජාව ආණ්ඩුවට අවනත කර ගැනීමේ අරමුණින් විශ්ව විද්‍යාල තුලට "මිලිටරිමය ප්‍රචණ්ඩත්වය" මුදා හරීමට කටයුතු කරමින් සිටින බවට විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයෝ ආණ්ඩුවට චෝදනා කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රජයට සමීප ආරංචි මාර්ග හමුදාව නගරයෙන් පිටතට තල්ලු වී ඇතැයි යන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර කාලතුවක්කු හමුදා මුලස්තනයකින් කැරලිකරුවන් පලවා හළ බවයි ඔවුන් පවසන්නේ. කැරලිකාර කණ්ඩායම් රජයේ හමුදාවේ පාලනය බිඳ දමා ඇතුළුවූ බව ප්‍රකාශකිරීමෙන් පසු උද්දාමයට පත් සිරියානු ජනතාව නගරයට රැස්වූහ එක්සත් රාජධානිය පදනම් කොටගෙන සිටින ක්‍රියාධරයෙකු පැවසුවේ කැරලිකරුවන් නැගෙනහිර අලෙප්පෝ වල සිටින තම සගයන් සමග සබඳතා ඇතිකර ගැනීමට සමත් වී ඇති බවයි. එහෙත් ආරකෂකාරී මාර්ගයක් ස්ථාපිත කර ගැනීමට කැරලිකරුවන් තවමත් අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ. විරුද්ධ පක්ෂ නිලධාරීන් පවසන්නේ ඔවුන් අලෙප්පෝ නගරයට වෙනත් මාර්ගයක් විවෘත කළ බවයි මෙම කැරලිකාර සන්ධානයට අල් ඛයිදා වේ සහය ලබන කණ්ඩායම් ද ඇතුළත් වී සිටිති. පසුගිය මාසයේ දී රජයේ හමුදාවන් අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් සතුව තිබූ ප්‍රදේශ අත් පත් කරගත් අතර දෙලක්ෂ පනස්දහසක් පමණ වූ ජනතාවක් එම ප්‍රදේශවල ජීවත්විය. සති ගණනක් තිස්සේ නගරයේ පාලනය පැවතියේ රජයේ හමුදා යටතේය රමි අබ්දෙල් රහමන් නම් එක්සත් රාජධානියේ සිටින සිරියාවේ මානවහිමිකම් සොයාබැලීමේ කමිටුවේ ප්‍රධානී පැවසුවේ කැරලිකරුවන් හමුදා වළල්ල බිඳ දමා ඇති නමුත් මාර්ගය තවමත් මුළුමනින්ම ආරක්ෂා සහිත නැති බවයි. හමුදා වළල්ල බිඳ කැරලිකරුවන් නගරයට අතුලුවීම පිලිබඳ සතුටට පත් කාන්තාවක් ජයග්‍රහණයේ සංකේතය පෙන්වමින් සිකුරාදා කැරලිකරුවන් පැවසුවේ ඔවුන් කාලතුවක්කු මූලස්ථානයකට කඩා වැඩුණු බවයි. සුදු හෙල්මට් පැළඳි සහන සේවකයෝද ජයඝෝෂා කරන්නවුන් අතර සිටියහ එහෙත් තමන් එම ප්‍රහාරය මෙල්ල කළ අතර කැරලිකරුවන්ට දැඩි හානි සිදුවූ බවයිරජයේ හමුදා පැවසුවේ.
උතුරු සිරියාවේ අලෙප්පෝ නගරයේ සතියක් පුරා පැවති හමුදා අත්පත්කරගැනීම බිඳ දමා ඇතුළු වූ කැරලිකාර කණ්ඩායම් ප්‍රමෝදයට පත්වී සිටින බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අනුව මෙවක් පටන් ශරීර ස්කන්ධ දර්ශකය (body mass index) පිළිබඳව විශේෂ අවධානය පළකරමින් සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබාදීමට නිරූපිකාවන්ට සිදුවේ. මොස්තර නිරූපන ක්ෂේත්‍රයට පිවිසීමේ අපේක්ෂාවෙන් සිතාමතාම කෙට්ටුවීම මගින් තරුණියන් සිය ශරීර සෞඛ්‍ය අනතුරේ හෙලීම වැළැක්වීම සහ රූපලාවන්‍යය පිළිබඳව වැරදි චිත්‍රය මතුවීම වැළැක්වීම මේ පියවරේ අරමුණ බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කිසියම් ලෙසකින් සිය ඩිජිටල් තාක්ෂණය මාර්ගයෙන් සිය ඡායාරූප වෙනස කරන්නේ නම් අයදුම්පත් ඉදිරිපත් කරන විට ඒ බව පැහැදිලිව සඳහන් කිරීමද නව නීතියට ඇතුලත්වේ. නිරූපිකාවන්ට අවම ශරීර ස්කන්ධ දර්ශකයක් නියම කිරීමට මීට ඉහතදී ප්‍රංශ බලධාරීන් උත්සාහ දැරූ නමුත්, මෝස්‌තර නිරූපන ක්ෂේත්‍රයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් එම වගන්තිය සංශෝධනය කෙරිණ. ශරීර ස්කන්ධ දර්ශකය (body mass index) පිළිබඳව විශේෂ අවධානය පළකරමින් සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබාදීමට නිරූපිකාවන්ට සිදුවේ එහෙත් කිසියම් නිරූපිකාවකගේ බර, වයස සහ ශරීරයේ ස්වභාවය සලකා බලා ඇය ඕනෑවට වඩා කෙට්ටු දැයි තීරණය කිරීමට නව නීතිය අනුව වෛද්‍යවරුන්ට බලය පැවරේ. නව නීතිය උල්ලංඝණය කරන සේවායෝජකයන් යුරෝ 75,000 ක් දක්වා වූ දඩයකට සහ මාස හයක් දක්වා වූ සිරදඬුවමකට යටත් කළ හැකිය. බර අඩු සහ ඉතා කෙට්ටු නිරූපිකාවන් සම්බන්ධ මෙවැනි නීතියක් පැනවූ පළමු රට ප්‍රංශය නොවේ; ඉතාලිය, ස්පාඤ්ඤය සහ ඊශ්‍රායලයේද මේ හා සමාන නීති දැනටමත් ක්‍රියාත්මක වේ. ප්‍රංශයේ 30,000 ත් 40,000 ත් අතර පිරිසක් ආහාර අරුචියෙන් (Anorexia) පීඩා විඳින අතර එයින් 90% ක්ම කාන්තාවෝ වෙති.
සිය සෞඛ්‍යය අනතුරේ හෙලමින් සිතාමතාම කෙට්ටුවන මෝස්‌තර නිරූපිකාවන් සේවයේ යෙදවීම තහනම් කිරීමේ නීතියක් සෙනසුරාදා (මැයි 06) සිට ප්‍රංශයේ ක්‍රියාත්මකවේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් මයිකල් මිය යන විට 53 වැනි වියේ පසු විය. හෘදයාබාධයක් මරණයට හේතු වී ඇති බව ඔහුගේ කළමනාකරු පැවසීය. මේ අතර ගායන ශිල්පී එල්ටන් ජෝන් කියා සිටියේ ආදරණීය මිත්‍රයකු මෙන්ම අතිදක්ෂ කලාකරුවෙකු වූ ජෝර්ජ් මයිකල්ගේ අභාවයෙන් තමන් දැඩි කම්පනයට පත් වී සිටින බවය. අසූව දශකයේ ජනප්‍රියත්වයට පත් 'වෑම්'ද්විත්ව පුද්ගල සංගීත කණ්ඩායමේ සාමාජිකයකු වූ ජෝර්ජ් මයිකල් පසුව ඒක පුද්ගල ගායකයකු ලෙස වෘත්තීය සාර්ථකත්වයේ හිනිපෙත්තට ළඟා විය. 'වෑම්' සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයා වූ ඇන්ඩෲ රිජ්ලි සහ ජෝර්ජ් මයිකල් සමරිසි සහකරුවෝ වෙති. ජෝර්ජ් මයිකල් සහ ඇන්ඩෲ රිජ්ලි සිය සහකරුගේ අභාවයෙන් තමන් අතිශය කනගාටුවට පත්වී සිටින බව ඇන්ඩෲ රිජ්ලි පවසයි. ජෝර්ජ් මයිකල්ගේ ඒක පුද්ගල ගීත ඇතුළත් සංගීත තැටි කෝටි ගණනක් ලොව පුරා අලෙවි වී තිබේ. මත් ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ ගැටලුවලින් පසු කාලීනව පීඩා විඳි ඔහු ලන්ඩනයේදී මත් ද්‍රව්‍ය භාවිතා කොට රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් කෙටි කලකට සිරගත කෙරිණි. Careless Whisper, Last Christmas සහ Wake Me Up Before You Go-Go වැනි ඔහුගේ ගීත නිර්මාණ ගීත දර්ශක තුළ පළමු ස්ථානයේ පසු විය.
දිවියෙන් සමුගත් ගායන ශිල්පී ජෝර්ජ් මයිකල් වෙනුවෙන් ලොව පුරා සංගීත ලෝලීහු ඇතුළු කලාකරුවෝ ශෝකය පළ කරමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක් ඇටසැකිල්ලක තිබී ඖෂධ ගල්වා සංරක්ෂණය කිරීමට යොදා ගත් හණ රෙදි හමු විය ස්වීඩන සහ ඊජිප්තු ඒකාබද්ධ කණ්ඩායමකට එලෙස හමු වූ එක් ඇටසැකිල්ලක ඖෂධ ගල්වා සංරක්ෂණය කිරීමට යොදා ගත් හණ රෙදි (ලිනන්) තිබු බව පුරාවස්තු අමාත්‍යාංශයේ ප්‍රධානී ආචාර්ය අයිමන් ඇශ්මවි ප්‍රකාශ කළේය. මිහිදන් කළ මිනිස් ඇටසැකිලි ඊජිප්තුවේ 18 වෙනි රාජවංශය දක්වා දිව යයි. (ක්‍රි.පූ 1549/1550 - 1292) ස්වීඩනය, ඔස්ට්‍රියාව සහ ඊජිප්තු පුරාවිද්‍යා කණ්ඩායම් ගවේෂණයේ යෙදෙන්නේ අස්වාන් නගරය ආශ්‍රිත ප්‍රදේශයේය මේ අතර ඊජිප්තු සහ ඔස්ට්‍රියානු ඒකාබද්ධ කණ්ඩායමක් විසින් සොහොන් බිමක කොටසක් සොයා ගනු ලැබ ඇති අතර ස්විට්සර්ලන්ත කණ්ඩායමක් විසින් කාන්තා ප්‍රතිමාවක් සොයා ගනු ලැබ ඇත. පුරාවිද්‍යාඥයන් විසින් භූමදානය කළ මිනිස් මළ සිරුරුවලට අයත් ඇටසැකිලි සොයාගනු ලැබුවේ ගෙබෙල් අල්-සිල්සිලා පුරාවිද්‍යා භූමි ප්‍රදේශයෙනි. අවුරුදු දෙකත් තුනත් අතර වයසේ පසු වූ කුඩා දරුවෙකු වෙනුවෙන් නිර්මාණය කර ඇති එක් සොහොන් ගැබක් ගලක් තුළ නෙළා ඇත. මළ සිරුර ඔතන ලද රෙදිවලට අමතරව, මෘත දේහය බහාලූ ලී පෙට්ටියේ අවශේෂ අතර තිබී කාබනික කොටස් හමුවී තිබේ. වසර 3000 කට වඩා පැරණි හානි නොවූ ළමා ඇටසැකිළි අවුරුදු හයත් නවයත් අතර වයසේ පසු වූ දරුවෙකු සහ අවුරුදු පහත් අටත් අතර වයසේ පසු වූ දරුවෙකු දෙවන හා තෙවන වලවල් තුළ මිහිදන් කර ඇත. ඔවුන් මිහිදන් කිරීම සඳහා ද ලී පෙට්ටි යොදා ගනු ලැබ තිබේ. ආරක්ෂාවට බඳින සුරයක් සහ මැටියෙන් කරන ලද වළන් කට්ටලය බැගින් එම වලවල් තුළ තිබී සොයා ගනු ලැබ ඇත. සිව් වෙනි වල අයත් වන්නේ ද අවුරුදු පහත් අටත් අතර වයසේ පසු වූ දරුවෙකුටය. නව සොයා ගැනීම් මගින් තට්මොසිඩ් යුගය හෙවත් 18 වෙනි රාජවංශ යුගයට අයත් මිහිදන් කිරීමේ චාරිත්‍ර මෙන්ම සමාජීය, ආර්ථික සහ ආගමික වත්පිළිවෙත් පිළිබඳ නව මානයක් පෙන්නුම් කරනු ඇති බව ස්වීඩනපුරාවිද්‍යා මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය මරියා නිල්සන් පවසන්නීය. ගෙබෙල් අල්-සිල්සිලා පුරාවිද්‍යා භූමි ප්‍රදේශයෙන් මේ දක්වා සොයා ගනු ලැබ ඇති සොහොන් ගැබ් සංඛ්‍යාව 69 කි. මේ අතර වසර 4000 වඩා පැරණි ඊජිප්තුවේ පළමු මධ්‍යතන යුගය දක්වා දිවෙන සොහොන් භූමියක කොටසක් සොයා ගැනීමට කොම් ඔම්බො (Kom Ombo) නගරයේ කඳු ගැටයක ගවේශණයේ යෙදුනු ඊජිප්තු සහ ඔස්ට්‍රියානු ඒකාබද්ධ කණ්ඩායමක් සමත් වී තිබේ. ගඩොලින් සකස් කරන ලද සොහොන් වලවල් තුළ තිබී හමු වූ භාණ්ඩ මැටි ගඩොලින් සකස් කරන ලද සොහොන් ගණනාවක තිබී මැටියෙන් කරන ලද වළන් සහ අවමංගල්‍ය කටයුතු සඳහා යොදා ගැනුණු වෙනත් භාණ්ඩ හමුවූ බව එම පුරාවිද්‍යා මෙහෙයුමේ ප්‍රධානී ආචාර්ය අරින් ෆොස්ටර් පැවසුවාය. සොහොන් භූමියට පහතින් තිබී පැරණි රාජධානි යුගය දක්වා දිවෙන (ක්‍රි.පූ 2613 -2181) නගරයක කොටස් හමු වූ බව ඇය සඳහන් කළාය. එම කලාපයෙන් හමු වූ තෙවන සොයා ගැනීම වන්නේ ග්‍රීක - රෝම යුගය දක්වා දිවෙන අසම්පූර්ණ ප්‍රතිමාවකි. අස්වාන් ප්‍රදේශයේ කැණීම් කළ ඊජිප්තු සහ ස්විට්සර්ලන්ත ඒකාබද්ධ කණ්ඩායමක් විසින් එම ප්‍රතිමාව සොයා ගනු ලැබ ඇත. හුණු ගලෙන් නිර්මාණය කළ හිස රහිත කාන්තා ප්‍රතිමාව හුණු ගලෙන් නිර්මාණය කර ඇති සෙන්ටි මීටර 38 පමණ උසැති හිස රහිත ප්‍රතිමාවේ පාද සහ දකුණත දක්නට නොමැත. ප්‍රතිමාවේ දක්නට ඇති වස්ත්‍රය සහ ග්‍රීක දෙවගනක් වන ආතමිස්ගේ වස්ත්‍ර අතර සමානකම් දක්නට ඇති බව ප්‍රදේශයේ පුරාවස්තු පිළිබඳ ප්‍රධානි අබ්දෙල් මෝනිම් සයීඩ් පැවසීය. මේගැනත් දැනගන්න:
ඊජිප්තුවේ අස්වාන් නගරය ආසන්නයෙන් මෑතක සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් වසර 3000 වැඩි කාලයකට ඉහත දී මිහිදන් කළ ළමුන් සිව් දෙනෙකුට අයත් ඇටසැකිලි සොයා ගත් බව බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
(බීබීසී ලෝක සේවයේ රෙබෙකා හෙන්ෂ්කි සහ එන්ඩැං නුර්දීන් සකස්කළ ලිපියක් ඇසුරිණි) සාරා ජකර්තාහි පිහිටි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය පසුකරමින් ඉවාන් සෙටියාවන් සිය යතුරුපැදිය ධාවනය කරමින් සිටියේය. නමුත් ඔහුගේ මනස තිබුණේ ඔහුව තදින් අල්ලාගෙන යතුරුපැදිය පසුපස අසුනේ හිඳ සිටින සිටි ගර්භණී බිරිඳ කෙරෙහිය. සති කිහිපයකින් දෙවෙනි දරුවා බිහිවීමට නියමිතව තිබූ අතර, අදාළ පරීක්ෂණ සඳහා ඔවුහු රෝහලට යමින් සිටියහ. "හදිසියේම ඇදහිය නොහැකි තරම් විශාල ශබ්දයක් ඇසුණා, ඒ එක්කම අපි අහසට විසිවුණා," ඔහු පැවසීය. සාරා සහ ඇයගේ මව හලීලා එය ඉන්දුනීසියානු ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන 'ජෙමා ඉස්ලාමියා' එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව බොහෝ කලක් ගතවන තුරු ඉවාන් දැන සිටියේ නැත. 2002 වසරේ දී 202ක් මියගිය ඉන්දුනීසියාවේ බාලි බෝම්බ ප්‍රහාරය ඇතුළු තවත් ප්‍රහාර මාලාවකට මෙම සටන්කාමී කණ්ඩායම සම්බන්ධය. "මම ලේ දුටුවා. මහ ලේ ගොඩක්. යකඩ කෑලි පියාඹලා ඇවිත් මගේ ඇහැකට වැදිලා එය විනාශ වුණා." ඔහුගේ බිරිඳ යතුරුපැදියෙන් මීටර් ගණනක් ඉවතට විසිවී බිම පතිත වී සිටියාය. දැඩි කම්පනයට පත් වූ දෙදෙනාම රෝහල් ගත කර ඇති අතර, දරුණු තුවාල ලැබූ හලීලා සෙරෝජා ඩොව්ලේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් කර තිබිණි. "ප්‍රසූත වේදනාව ඇති වීම නිසා ඇයව ශල්‍යාගාරයට ගෙන ගියා. නමුත්, අල්ලාහ්ට ප්‍රශංසා වේවා, කෙසේ හෝ ඇය ස්වාභාවිකව දරුවා බිහි කළා," යැයි ඉවාන් පවසයි. 'රිස්ඛි' එදින රාත්‍රියේ දී උපත ලැබීය. ඔහුගේ නමේ තේරුම "ආශීර්වාදය" යන්නය. ඉවාන් සහ රිස්ඛි ඉවාන් සහ හලීලාගේ පළමු දරුවා වන සාරා කඳුළු සලමින් පැවසුවේ, "මගේ අම්මා ඇදහිය නොහැකි තරම් ශක්තිමත්" බවය. "ඇයගේ ඇටකටු කැඩී ගියත් ඇයට ස්වාභාවික ලෙස මගේ සහෝදරයා බිහි කිරීමට හැකි වුණා. , මගේ අම්මා.. ඇය ඇදහිය නොහැකි තරම් ශක්තිමත්." නමුත් හලීලාගේ තුවාල කිසි දිනෙක සුව නොවූ අතර, වසර දෙකකට පසු සාරාගේ පස්වන උපන්දිනය දා ඇය මිය ගියාය. "මගේ හොඳම මිතුරා, මගේ ආත්මය බෙදාගත් සහකාරිය, මාව සම්පුර්ණ කළ පුද්ගලයා මට අහිමි වුණා. ඒ ගැන කතා කිරීමත් ඉතා වේදනාකාරියි," ඉවාන් කඳුළු සලමින් පැවසීය. මුලදී ඔහු පළිගැනීමේ චේතනාවෙන් පිරී සිටියේය. ඉවාන් සහ හලීලා විවාහ වූ දින "මට අවශ්‍ය වුණේ දිවි ගලවා ගත් බෝම්බකරුවන් මියයෑමයි. නමුත් ඔවුන් ඉක්මණින් මියයනවාටත් මම කැමති වුණේ නැහැ" ඔහු පවසයි. "මට අවශ්‍ය වුණේ ඔවුන්ව මුලින්ම වධහිංසාවට ලක් කිරීමයි. ඊට පසු මට අවශ්‍ය වුණේ ඔවුන්ගේ සම කපා තුවාල වලට ලුණු දැමීමයි. එවිට ඔවුන්ගේ බෝම්බ ඇති කළ ශාරීරික සහ මානසිකව වේදනාව ගැන දැනෙයි. දැන් මගේ දරුවන් සහ මම ජීවත් වෙන්න මහත් වෙහෙසක් දරනවා." එය 2019 ඔක්තෝබර් මසය. 2004 වසරේ දී ඉන්දුනීසියාවේ පිහිටි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ බෝම්බ ප්‍රහාරයෙන් වසර පහළොවක් ගත වී ඇති අතර, හලීලාගේ මරණය සිදු වී වසර 13කි. රිස්ඛි දැන් කණිෂ්ඨ උසස් පාසලේ ඉගෙනුම ලබන අතර සාරාගේ පාසල් කාලය අවසන් වීමට ආසන්නය. ජාවා වෙරළට ඔබ්බෙන් වනාන්තරයෙන් වැසී ඇති 'නුසකම්බන්ගන්' දූපතේ පිහිටි ඉන්දුනීසියාවේ අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත යෑම සඳහා ඉවාන් සමඟ අපි බෝට්ටුවකින් පටු සමුද්‍ර සන්ධියක් පසුකරමින් සිටියෙමු. "ඔවුන් එය සිදු කළේ ඇයි? මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ එයයි." අපි මරණීය දණ්ඩනය නියම වූ දෙදෙනෙකු හමුවීමට යන්නෙමු. දරුවන්ට මව සහ ඉවාන්ට බිරිඳ අහිමි කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එම සිරකරුවන් දෙදෙනාම වැරදිකරුවෝ වූහ. "මගේ හදවත වේගයෙන් ගැහෙනවා, මට හැඟීම්බර බවක් දැනෙනවා. මගේ මනසේ සිදුවන දේ පැහැදිලි කරන්න මට වචන නැහැ," සිහින් වැහි පොද වැටෙන අතර වරායේ සිටගෙන සිටි ඉවාන් පැවසීය. "මම හිතනවා මේ ගමන නිසා බෝම්බකරුවන් හදවත් විවෘත කරයි කියලා." පුද්ගලයන් අන්තගාමී අදහස්වලින් විනිර්මුක්ත කිරීම සඳහා ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන සුවිශේෂ වැඩසටහනකට අනුව සටන්කාමීන් සහ ඔවුන්ගේ වින්දිතයින් අතර හමුවීම් පවත්වයි. ඒ අනුව, ඉවාන් මීට පෙර ද අදාළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු හමුවී ඇත. නමුත් ඔහුගේ දරුවන්ට ලැබුණු පළමු අවස්ථාව මෙයයි. " මගේ දරුවන්ට මේ අවස්ථාව ලැබීම ඉතා වැදගත්" ඔහු පැවසීය. බන්ධනාගාර ගමන ගැන හැඟීම්බර වී සිටින ඉවාන්, සාරා සහ රිස්ඛි "මම නිතරම ඔවුන්ට ඉගැන්නුවේ කෝප නොවී සිටින්නයි. නමුත් මෙය සිදු කළ මිනිසුන් කෙබඳු අයදැයි දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා. අපට ඔවුන් හමුවීමට ලැබුණු මෙම අවස්ථාව ලබා ගැනීමට අවශ්‍යයි." ඔවුන් ඉතා සමීප පවුලක් බව පැහැදිලිය. 17 හැවිරිදි සාරා අලුත් පන්නයට හැඩවී කළු හිස් ආවරණයක්, ඉරි සහිත කමිසයක් සහ දිගු කලිසමකින් සැරසී සිටියාය. ඇය මුළු ගමන පුරාවට සෙල්ෆි ඡායාරූප ලබා ගත් අතර, අනෙක් බොහෝ යෞවනයන් මෙන් දුරකථනයේ 'ඇලී' සිටියාය. නමුත් මේ සිදු කරන දේ පිළිබඳ සාකච්ඡා කරන විට ඇයගේ දෑස් අධිෂ්ඨානයෙන් පිරී යනු දැකිය හැකිය. "මේ හමුවීමෙන් පසු ත්‍රස්තවාදීන් වැඩිදුර සිතන්න පෙළඹී, අල්ලාහ්ගෙන් සමාව අයදියි කියලා මම විශ්වාස කරනවා. ඔවුන් කළ දේ ගැන ඔවුන් සැබවින්ම පසුතැවෙනවා නම්, එය අන් අයට හොඳ දෙයක් විදියට දෙන්න පුළුවන්. මේ වගේ දෙයක් නැවත කිසි දිනෙක සිදු නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා." නුසකම්බන්ගන් දූපතේ පිහිටි ඉන්දුනීසියාවේ අධි ආරක්ෂිත බන්ධනාගාරය අවුරුදු ගණනක සිට අසන්නට ඕනෑ කළ දැවෙන ප්‍රශ්නයක් සාරා සතුයි "ඔවුන් එය සිදු කළේ ඇයි? මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ එයයි." සිර කරුවන්ට වෙන් වූ තැඹිලි පැහැති ඇඳුමකින් සැරසී සිටින ඉවාන් ඩර්මවාන් මුන්ටෝ හෙවත් රොයිස් කුඩා හමුවීම් ශාලාවක වාඩි වී අප බලාපොරොත්තුවෙන් සිටිනු දක්නට ලැබිණි. දුර්වල පෙනුමකින් හෙබි ඔහු රෝද පුටුවක හිඳ සිටියේය. ආඝාතය වැළඳීම නිසා ඔහු මෙම තත්ත්වයේ සිටින නමුත් ඔහුගේ දෙපා සහ අත් විලංගු ලා තිබිණි. ඉවාන් ඩර්මවාන් මුන්ටෝ හෙවත් රොයිස් නඩු විභාගයෙන් පසු ඔහු වරදකරු යැයි තීන්දුව ප්‍රකාශ කළ පසු සිය අසුනෙන් නැගී සිටි රොයිස් දෑත් මිට මොළවමින් පවසා ඇත්තේ, "මට මරණ දඬුවම නියම කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා...මොකද දැන් මට ආගම වෙනුවෙන් මිය යන්න පුළුවන්," යනුවෙනි. ඉරාක යුද්ධයේ දී එක්සත් ජනපදය සමඟ හවුල්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය ඉලක්ක කර ප්‍රහාර එල්ල අර ඇතැයි උපකල්පනය කෙරිණි. හිස් ආවරණ පැළඳගත් සන්නද්ධ බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙක් ඔහු දෙපස සිටගෙන සිටිති. අවට පරිසරය ඉතා නොසන්සුන්ය. රොයිස් යම් දෙයක් සිදු කිරීමට උත්සාහ කළහොත් ඉක්මනින් බිත්තිය දෙසට යා යුතු යැයි අපට උපදෙස් ලැබිණි. ඔහුට ආචාර කළ ඉවාන්, සාරා සහ රිස්ඛි පසෙක තිබූ ප්ලාස්ටික් පුටු මත හිඳගත්හ. පැවති නිශ්ශබ්දතාව බිඳ දැමුවේ ඉවාන්ය. සාරා සහ රිස්ඛි රොයිස් හමු වූ අවස්ථාව "මගේ දරුවන්ට ඔවුන්ගේ මව අහිමි කළ සහ පියාගේ ඇසක් අහිමි කළ පුද්ගලයා හමු වීමට කුතුහලයක් ඇති වී තිබෙනවා," ඔහු පවසයි. බෝම්බ ප්‍රහාරය සිදුවන විට ඉවාන් සිටියේ කොහේදැයි රොයිස් අසා සිටියේය. තම බිරිඳ ගර්භණී තත්වයේ සිටි බවත් බෝම්බ ප්‍රහාරය එල්ලවූ රාත්‍රියේ ඇය දරුවා බිහි කළ බවත් ඉවාන් පැහැදිලි කළේය. "මේ ඇය බිහි කළ දරුවා" යැයි පවසමින් ඉවාන් රිස්ඛි පෙන්වා සිටියේය. එයට ප්‍රතිචාර දක්වමින් රොයිස් පැවසුවේ, "මටත් දරුවෙක් ඉන්නවා. මම වසර ගණනාවකින් මගේ බිරිඳ හෝ දරුවා දැක නැහැ. මට ඔවුන් නැතිව පාළුයි. මගේ තත්ත්වය ඔබට වඩා නරකයි. ඔබ තවමත් ඔබේ දරුවන් සමඟ ඉන්නවා. නමුත් මගේ දරුවා මාව හඳුනන්නෙවත් නැහැ," යනුවෙනි. "මට මරණ දඬුවම නියම කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා...මොකද දැන් මට ආගම වෙනුවෙන් මිය යන්න පුළුවන්," රොයිස් සිය නඩු තීන්දුවෙන් පසු පැවසීය රෝයිස් සාරා සහ රිස්ඛි දෙස බැලූ නමුත් ඔවුන් දෙදෙනාම මුහුණ බිමට හරවාගෙන සිටිති. මීළඟ මොහොතේ සැවොම එකවර සාරා දෙස බැලූහ. ඇයට යමක් ඇසීමට අවශ්‍ය බව අපි දනිමු. මේ සියල්ල දරා ගැනීමට අපහසු වූ අතර ඇය හඬන්නට පටන් ගත්තාය. ඇය අසලට වහා ගිය ඉවාන් ඇගේ හිස රුවා වැලඳගෙන ඇය සනසන්නට විය. මඳ වේලාවකට පසුව ඇය ඉතා පහත් හඬින් රොයිස්ගෙන් අසා සිටියේ මෙවැනි දෙයක් සිදු කළේ ඇයි දැයි යනුවෙනි. "මම මේ දේ කළේ නැහැ ඔවුන් කියපු දේ තමයි මම කළේ. ඇයි මම මේ වරද පිළිගන්නේ? මගේ ඇස්වල ඒ පිළිතුර රැඳී තිබෙනවා" ඔහුගේ බොර පැහැති දෑස්වලට ඇඟිල්ල දිගු කරමින් පැවසීය. "සමහර විට ඔබ වයසින් මුහුකුරා ගිය විට ඔබට මා කියන දේ වැටහෙයි. පීඩාවට පත් වෙන්නන් මුස්ලිම්වරුන් වන ප්‍රහාරවලට මම එකඟ නැහැ. එය වැරදියි. ඔබට මුස්ලිම්වරුන් මරන්න හෝ පීඩාවට පත් කරන්න බැහැ. එය වැරදියි." "වින්දිතයින් මුස්ලිම් නොවේ නම් කුමක් සිදු වන්නේද?," කතාවට බාධා කරමින් මා අසා සිටියාය. "මමත් එයටත් එකඟ නැහැ," ඔහු ඉතා ඉක්මණින් පිළිතුරු දුන්නේය. මෙම උපරිම ආරක්ෂිත බන්ධනාගාරයේ මේ වන විට හුදෙකලා සිර මැදිරියක සිටින රොයිස්ගෙන් අන් රැඳවියන්ට බලපෑම් එල්ල විය හැකි යැයි යන කනස්සල්ලෙන් ආරක්ෂකයෝ නිතර විමසිලිමත් වෙති. ඔහු මීට පෙර රැඩිකල් දේශකයෙකු වන අමන් අබ්දුරාහ්මාන් සමඟ එක සිරකුටියේ සිටියේය. ඔහු ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට පක්ෂපාතීත්වය දැක්වූ අයෙකි. ජකර්තා නුවර 2016 දී සිදු වූ ප්‍රහාර බන්ධනාගාරයේ සිටියදීම සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම සැකකරුවන්ය. හඬා වැටෙන ඉවාන් ඉවාන් පිටත්ව යෑමට පෙර රොයිස් ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීමට ඉදිරිපත් විය. "සියලු මිනිසුන් අතින් වැරදීම් සිදු වෙලා තිබෙනවා. මම ඔබට යම් ආකාරයකින් වැරැද්දක් කර ඇත්නම් එයට මම සමාව ඉල්ලනවා. මට ඒ ගැන වේදනාවක් දැනෙනවා. මට ඇත්තටම දැනෙනවා," ඔහු පැවසීය. නමුත් ඉවාන් දැඩි ලෙස කම්පාවට පත් වී ඇති සෙයක් පෙනිණි. "ඔහු තවමත් සිතන්නේ ඔහු හරි දේ කළා කියලා. අවස්ථාවක් ලැබුණොත් ඔහු නැවත එය කරයි කියලා මට බය හිතෙනවා," ඔහු කඳුළු සඟවාගෙන පැවසීය. "මම ඇත්තටම කලකිරී සිටින්නේ. ඔහු මෙතරම් වේදනාවක් ඇති කරලත් තවමත් එය පිළිගැනීමට කැමති නැහැ. තවත් මට කරන්න පුළුවන් කුමක්ද?" සිරගෙදර පිහිටි දිවයින වටා යන හමුදා බස් රථයට අපි නැවතත් ගොඩ වීමු. මෙම දූපතේ බන්ධනාගාර දෙකක් ඇති අතර, සාරා සහ රිස්ඛිගේ මව ඝාතනය කළ ප්‍රහාරයට වග කිව යුතු දෙවෙනි පුද්ගලයා වන අහමඩ් හසන් හමුවීමට පර්මිසන් නම් අනෙක් බන්ධනාගාරය වෙත බස් රථය අප රැගෙන ගියේය. ඔහුටද මරණීය දණ්ඩනය නියම වී ඇත. බන්ධනාගාරය වෙත රැඟෙන යන අහමඩ් හසන් සිය අත් මිට මොලවමින් දැඩි ආවේගයකින් සිටින දර්ශන කැමරාවල සටහන් වී තිබිණි නඩු විභාගය අවසන් වූ පසු බන්ධනාගාරය වෙත රැඟෙන යන අහමඩ් හසන් සිය අත් මිට මොලවමින් දැඩි ආවේගයකින් සිටින දර්ශන කැමරාවල සටහන් වී තිබිණි. නමුත් අද අපට හමුවන්නේ වෙනස් මිනිසෙකි. දිගු ඉස්ලාමීය ලෝගුවකින් සහ යාච්ඤා කරන විට පළඳින තොප්පියකින් සැරසී සිටි ඔහු වෙතින් නොසන්සුන් බවක් පෙනුණු අතරම පහත් ස්වරයකින් කතා කළේය. ඉවාන් මීට පෙර එක් වරක් ඔහු හමුවීමට බන්ධනාගාරයට පැමිණ තිබිණි. " මම ඔබ හමුවීමට මගේ දරුවන්ට ආරාධනා කළා. ඔබ ඔවුන්ගේ අම්මා මරා දමා, මගේ ඇසක් නැති කිරීමට හේතු වූ ප්‍රහාරය එල්ල කළේ ඇයිද යන්න ඔවුන් තේරුම් ගත යුතුයි" අහමඩ් හසන්ගේ දණහිසට අතක් තබමින් අයිවන් කියා සිටියේය. අහමඩ් හසන් හසන් සෙමෙන් හිස වැනුවේය. "ඔවුන් දැනගත යුතුයි. ඔවුන්ට කුඩා කාලෙදීම තමන්ගේ අම්මා අහිමි වුණා," ඔහු පවසයි. "මම ඔබේ තාත්තාට මේ ගැන පවසා තිබෙනවා. නමුත් දැන් එය ඔබට කියන්නට මට අවස්ථාව ලැබිලා තිබෙනවා. අල්ලාහ්ට ප්‍රශංසා වේවා, මට මේ අවස්ථාව ලැබුණාට." "මට කවදාවත් ඔබේ තාත්තාට රිදවන්න අවශ්‍ය වුණේ නැහැ. ඔහු ඒ ස්ථානය පසුකර යමිනුයි සිට ඇත්තේ. බෝම්බය රැගෙන ගිය මගේ මිතුරා ඒ අවස්ථාවේ දීම එය පුපුරුවා හැර තිබෙනවා. ඉවාන්ගේ දරුවන් වන ඔබට මට සමාව දිය හැකි යැයි මම බලාපොරොත්තු වෙනවා." ඔහුගේ කටහඬ බිඳී යෑමට පටන් ගත්තේය. "මම දෝෂ සහිත මිනිසෙක්. මම බොහෝ වැරදි කර තිබෙනවා." සාරා ඔහු දෙස එක එල්ලේ බලා සිටියත් ආචාරශීලීව සහ ස්ථිර ලෙස අසා සිටියේ "ඇයි ඔබ එවැනි දෙයක් කළේ? හේතුව කුමක්ද?," යනුවෙනි. "මට කවදාවත් ඔබේ තාත්තාට රිදවන්න අවශ්‍ය වුණේ නැහැ" "මගේ මිතුරන්ට සහ මට වැරදි අධ්‍යාපනයක් සහ ඉගෙනීමක් ලබා දී තිබෙන්නේ. ඇත්තෙන්ම අප සිදු කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමටත් පෙර, අප ක්‍රියාවේ නොයෙදුණේ නම් හොඳයි කියා මට දැන් සිතෙනවා," ඔහු පිළිතුරු දුණි. ඉන්පසු, සාරා ඇයගේ කතාව කීම ආරම්භ කළාය. ඇයගේ පස්වන උපන්දිනය වෙනුවෙන් පස්වරු හතරට සාදයක් පැවැත්වීමට සැලසුම් කර තිබියදී, එදිනම තම මව මිය යාමත් සමග ප්‍රීතිය දුකකට හැරවුණු ආකාරය ඇය විස්තර කළාය. "මම පොඩි කාලේ නිතරම මගේ තාත්තාගෙන් අහන්නේ, 'මගේ අම්මා කොහෙද?' කියලා. ඒ වෙලාවට ඔහු කියන්නේ ඇය අල්ලාහ්ගේ නිවසේ සිටිනවා කියලා. එය කොහේදැයි කියලා මම අහනකොට ඒ පල්ලිය යැයි ඔහු පවසනවා." "ඉතිං මම දවසක් හොරෙන් පල්ලියට ගියා. මගේ ආච්චි මාව සොයන්න ගත්තා. ඇය මාව හොයාගත්තට පසුව මම කිව්වේ මගේ අම්මා එනකම් බලාගෙන සිටියා කියලා. අම්මා ගෙදර එනකම් මම බලාගෙන හිටියා. ඒත් කවදාවත් ඇය ගෙදර ආවේ නැහැ." ඒත් සමගම දෑස් පියාගත් හසන් සිය දෑත් විවර කරමින් යාච්ඤා කරනු දක්නට ලැබිණි. ඔහු නැවත නැවතත් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා යාච්ඤා කරනු ඇසිණි. "අල්ලාහ්ට අවශ්‍ය වූයේ මා ඔබව මුණගැසී මෙය පැහැදිලි කිරීම උත්සාහ කිරීමයි" ඔහු අවසානයේදී පැවසුවේය. "නමුත් මගේ දරුවා, මට ඔබට පැහැදිලි කළ නොහැකියි, මට කණගාටුයි." "මට මගේ කඳුළු නවත්තාගන්න බැහැ. සාරා මගේම දරුවෙකු ලෙස මම සලකනවා. කරුණාකර මට සමාව දෙන්න. එය තියෙන්නේ ඔබගේ අතේ." කුඩා කාමරය තුළ සිටි සියල්ලන්ගේ දෑස්වල කඳුළුය. හසන්ගේ කඳුළු තමාට කොතරම් වටිනවාද යන්න ඉවාන් පසුව පැවසීය. "හසන් හොඳ පුද්ගලයෙක් කියලා මම දැනගත්තේ ඔහු අඬන හැටි මා දැක්කට පස්සේ. ඔහුට අන් අයගේ දුක වේදනාව දැනෙනවා. සමහර විට ඒ අවස්ථාවේදී ඔහුට වැරදි මිනිසුන්ගේ වැරදි අදහස්වල බලපෑම එල්ල වෙන්න ඇති. නමුත් දැන් ඔහු හදවත විවෘත තිබෙනවා. " හමුවීම අවසානයේදී ඔවුහු එකට සිට ඡායාරූප ගත්හ. එමෙන්ම, ඔවුන් එකිනකාගේ අත් අල්ලාගෙන සිටිනු දක්නට ලැබිණි. එම අවස්ථාවේ ඒ කුඩා කාමරයේ පැවති සමාව දීමේ ස්වභාවය පුදුම සහගතය. "ඔවුන්ට මරණ දඬුවමද ප්‍රමාණවත් නොවන බව මම නිතරම කියනවා. අප විඳි වේදනාව දැනගන්න ඔවුන්ට පළමුව වධහිංසා පැමිණවිය යුතුයි. නමුත් තම අනුගාමිකයන් අතරින් සමාව දිය හැකි අය අල්ලාහ් තෝරා ගන්නවා," ඉවාන් පැවසීය. කඳුළු පිස දමමින් කාමරයෙන් පිටතට පැමිණි අපි නැවත හමුදා බස් රථයට ගොඩ වීමු. රැඳවියන් කිසි විටෙක නොදකින ප්‍රසිද්ධ ස්ථානයක්, බන්ධනාගාරය පිටුපස පිහිටා ඇත. පර්මිසන් බීච් හෙවත් සුදු වෙරළ ලෙස හැඳින්වෙන එය එරට විශේෂ හමුදා පුහුණු කරන ස්ථානයකි. සාරා, රිස්ඛි සහ ඉවාන් එය නරඹන්න අවශ්‍ය යැයි ඉල්ලීමක් කළහ. එය කළු පැහැති පාෂාණ සහිත වනයෙන් වැසී ගිය ස්ථානයකි. දෑත් පටලාවාගත් සාරා, රිස්කි සහ ඉවාන් වැලි තලාව හරහා දිව ගියහ. සාරා එලෙස සිනාසෙනු මින් පෙර මා දැක නොතිබිණි. "අද හමුවීම මට බොහෝ දේ ඉගැන්නුවා" ඇය මට පැවසීය. "හසන් කණගාටුව ප්‍රකාශ කළා. කළ දේ ගැන ඔහු දැන් පසුතැවෙනවා. යම් පුද්ගලයෙකු කොතරම් භයානක දෙයක් කළත් පසුව වෙනස් විය හැකි බව මම ඉගෙනගත්තා. මම ඔහුට සමාව දෙනවා." "මම දැන් සෑහෙන්න හිනාවෙලා ඉන්නවා, මොකද මට දැනගන්න ඕන වෙලා තිබුණ දේ, මට මෙච්චර කාලයක් අහන්න ඕන වෙලා තිබුණ දේ අහලා ඒවාට උත්තර ලැබිලා තිබෙනවා." "මට දැන් මහා සැනසීමක් දැනෙනවා." මේ තොරතුරුද කියවන්න:
සිය මව ඝාතනය කළ පුද්ගලයාට කුමක් කිව යුතුද? ඔවුන්ට සමාව දිය හැකිද?. දූපතක පිහිටි ඉන්දුනීසියානු බන්ධනාගාරයකට පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ගිය ගමනේ දී 17 හැවිරිදි සේරා සල්සබිලා හට මෙවැනි ගැටලු රැසක් පැන නැගිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනවාරි මාසයේ යෙදී ඇති බැවින් කතෝලික සභාව මෙම ඉල්ලීම කර තිබේ. කාදිනල් හිමිපාණන් විසින් යොමු කළ ලිපියට ජනපතිවරයාගේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටින බව කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සංදේශයට පැවසූහ. ආණ්ඩුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශ කර නැති නමුත් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යෙදී ඇති ජනවාරි මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳුදා ප්‍රකාශ කළේය. 'උචිත නෑ' කුමන හෝ රටක ජාතික මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක පාප් වහන්සේ එහි සංචාරය කිරීම ‘උචිත නැති බව’ මීට පෙර ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනය කළේය. නමුත් මේ දක්වා පාප් වහන්සේගේ සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නැති බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සංදේශයට කියා සිටියහ. ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට රදගුරුවරුන්ගේ හමුවක් පැවැත් වීමට නියමිත බව ප්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.
ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික සභාව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපාණෝ ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත මර්දන ඒකකය විසින් ජෙයකුමාරී සහ ඇගේ දියණිය වන විභූශිකා අත්අඩංගුවට ගැනීම සාපරාධී සහ අසාධාරණ ක්‍රියාවක් වන අතර මව සහ දියණිය වෙන් කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි මන්නාරම රදගුරු තුමා කියා සිටියේ. යුද්ධය අවසානයේ හමුදාවට භාර වූ සිය පුතා අතුරුදහන්ව සිටින බව පවසන ජයකුමාරි, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යාපනයේ සංචාරයක යෙදුණ අවස්ථාවේ උද්ඝෝෂණය කළ පිරිස අතර පෙරමුණේම සිටි කාන්තාවක්. මේ පිළිබඳව සොයා බැලීමට කිලිනොච්චියට ගිය මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමා අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වන විට නිදහස් කර ඇතත් මානව හිමිකම් ක්‍රියාධරයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය බව රදගුරු හිමිපාණෝ පවසති. රායප්පු ජෝශප් රදගුරු තුමා මේ බව කියා සිටියේ මන්නාරමේ පැවති උපවාසයකදී.
පසුගිය දා කිලිනොච්චියේදී පොලිසිය විසින් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීම පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපාණෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගුවන් ප්‍රහාරයකින් විනාශයට පත් ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිර වී සිටි දොළොස් වියැති දරුවෙක් මරුමුවට පත් පිරිස අතරට සති දෙකක් වයසැති බිලිඳුන් දෙදෙනෙක් සහ වයස අවුරුදු අටට අඩු දරුවන් හය දෙනෙක් ද අයත් වෙති. අලෙප්පෝ නගරයේ ගුරුවරයකු වශයෙන් සේවය කරන පුද්ගලයකු බීබීසීයට පැවසුවේ ගුවන් ප්‍රහාරවලට ලක් වී පුද්ගලයන් ගණනාවක්ම මිය ගොස් ඇති බවය. 'අවස්ථා ගණනාවක්ම අපි නින්දෙන් ඇහැරුනා. එක් ගුවන් ප්‍රහාරයකින් මිනිස්සු විසි පස් දෙනෙක් මැරුණා. මුළු නගරය පුරාම පනස් දෙනෙක් පමණ අද මිය ගොස් තිබෙනවා,' ඔහු පැවසීය. සිරියාවේ පැවති තාවකාලික සටන් විරාමය බිඳ වැටීමෙන් අනතුරුව රුසියාවේ සහ සිරියානු ආණ්ඩුවේ ගුවන් යානා විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් මරුමුවට පත් වී තිබේ. කැරලිකරුවන් පමණක් සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කයවන බව රුසියාව සහ සිරියානු ආණ්ඩු පවසති.
සිරියාවේ අලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් එකම පවුලේ සාමාජිකයන් 14 දෙනෙකු මරුවමුට පත් වී ඇති බව එරට සිවිල් ස්වේච්ඡා ආරක්ෂක බලකායක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉතාමත් අලුත් මෙහෙයුම් පද්ධති අඩංගු අයිෆෝන් සහ මැක් පරිගණක සඳහා පමණක් අදාළ දෝෂ බලපා නොමැත පරිගණක පද්ධති තුළට රහසින් ඇතුළු වී දත්ත සොරා ගැනීමට ඉඩ සැලසෙන ඉහත කී දෝෂවලට විසඳුම් සෙවීම සඳහා තාක්ෂණික සමාගම් කටයුතු කරමින් සිටින බව මේ සතියේ දී වාර්තා විය. අදාළ දෝෂ සඳහා දැනටමත් තාවකාලික විසඳුම් කිහිපයක් නිකුත් කර ඇති බව ඇපල් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ නමුත් පවතින අනතුරුදායක තත්ත්වය අයුතු ලෙස යොදා ගෙන ඇති බවට සාක්ෂි ලැබී නොමැති බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ. මේ අතර අදාළ දෝෂ හේතුවෙන් ඇපල් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැති බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ඉන්ටෙල් ප්‍රොසෙසර (Intel processors) හා සම්බන්ධ දෝෂයෙන් ඇපල් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැත්තේ ඒ තුළ එම ප්‍රොසෙසර (Processors) අඩංගු කර නොමැති බැවිනි. හානිකර ඇප් (App) මගින් ආරක්ෂා වී සිටීම සඳහා විශ්වසනීය මාර්ග ඔස්සේ පමණක් මෘදුකාංග බාගත කර ගන්නා මෙන් ඇපල් සමාගම නිර්දේශ කරයි. උදාහරණයක් වශයෙන් ඇනරොයිඩ් ජංගම දුරකතන හෝ මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධති අඩංගු පරිගණකවලට වඩා ඇපල් නිෂ්පාදන සහ එම සමාගමේ මෙහෙයුම් පද්ධති ආරක්ෂාකාරී බව මැක් පාරිභෝගිකයන්ගේ පොදු පිළිගැනීම වී තිබේ. කෙසේ නමුත් අදාළ දෝෂ ඉන්ටෙල් (Intel ) සහ ඒආර්එම් (ARM) යන සමාගම්වල නිෂ්පාදනය කෙරෙන සියලුම නවීන පරිගණක පිරික්සුම් ඒකක (Processing units) තුළ හමු වේ. ලෝක පරිගණක වෙළඳපොල වෙත සම්පූර්ණයෙන්ම පාහේ අදාළ නිෂ්පාදන සපයනු ලබන්නේ ඉන්ටෙල් (Intel ) සහ ඒආර්එම් (ARM) යන සමාගම් දෙක විසිනි. "සියලුම මැක් (Mac) පද්ධති සහ අයිඕඑස් (අයි මෙහෙයුම් පද්ධති) අඩංගු උපාංගවලට බලපෑම් එල්ල වී තිබෙනවා. නමුත් පාරිභෝගිකයන් වෙත බලපාන අයුතු ප්‍රයෝජන ගැනීම් මෙතෙක් වාර්තා වී නැහැ" අදාළ දෝෂ සම්බන්ධයෙන් ඇපල් සමාගම සිය බ්ලොග් සටහනක සඳහන් කර තිබේ. "මේ ගැටලු සියලුම නවීන පරිගණක ප්‍රොසෙසරවලටත් සියලුම පාහේ පරිගණක උපාංගවලට සහ මෙහෙයුම් පද්ධතිවලටත් බලපානවා" යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ. තවත් පුවත්:
පරිගණක චිප්වල (Chips) මතුව ඇති ප්‍රධාන දෝෂ දෙකක් අයි ෆෝන් (iPhones), අයි පෑඩ් (iPads) සහ මැක් (Mac) පරිගණක කෙරෙහි බලපෑම් එල්ල කර ඇතැයි ඇපල් සමාගම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'කතෝලික මතය නිවැරදිව ප්‍රකාශ කිරීමේ වැදගත්කම අපේ ජනතාවට අවබෝධ කරගැනීමේ අවස්ථාවට අපි පැමිණ සිටිනවා' මාර්තු මස විසිනව වන දාට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී කතෝලික අපේක්ෂකයන්ට ඡන්දය ප්‍රකාශ කරන මෙන් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව කතෝලික ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පක්ෂ භේදයකින් තොරව කතෝලික අපේක්ෂකයන් හට ඡන්දය ප්‍රකාශ කරන මෙන් සභාව ස්වකීය බැතිමතුන්ට පවසා තිබේ. කතෝලික සභාව තම බැතිමතුන්ගෙන් මෙවැනි ඉල්ලීමක් කල ප්‍රථම අවස්ථාව මෙයයි. මාර්තු විසිතුන් වැනි දින ශ්‍රී ලංකා කතෝලික සභාවේ නිල පුවත් පත වන ඥානාර්ථ ප්‍රදීප පුවත්පතේද විවිධ දේශපාලන පක්ෂවලට අයත් කතෝලික අපේක්‍ෂකයන්ගේ ඡායාරූප සහ නම් ප්‍රසිද්ධ කරමින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ. එදිනම කොළඹ නගරයට තදාසන්න දේවස්ථානයකදී දේව මෙහෙය සිදු කළ පූජා ප්‍රසාදිතුමා විසින් මෙවැනි ඉල්ලීමක් කරන ලදි. 'මැතිවරණය අවස්ථාවක්' බස්නාහිර පළාත් සභාවට තරඟ කරන කතෝලික අපේක්ෂකයන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන මෙන් ඉරිදා උදෑසන දේව මෙහෙයේදී පූජා ප්‍රසාදිතුමා තම බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය. කතෝලික අපේක්ෂකයන් හට ඡන්දය ප්‍රකාශ කරන මෙන් ස්වකීය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටීමට තීරණයක් කළේ ඇයිද යනුවෙන් බීබීසී සිංහල සේවය කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමාගෙන් විමසීය. මෙහිදී කතෝලික සභාවේ නිල ස්ථාවරය ප්‍රතික්‍ෂේප කිරීමක් හෝ නිශ්චිත සනාථ කිරීමක් එතුමා විසින් සිදු නොකරන ලදි. ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ටද අනෙකුත් ජන කොටස්වල පුරවැසියන් හා සමානාත්මතාවක් ඇති බව එතුමා පැවසීය. තම මතය ප්‍රමාණවත් අයුරින් නියෝජනය වීම තහවුරු කරලීමට කතෝලිකයන් ඔවුන්ගේ අයිතීන් යොදා ගත යුතු බව බෙනඩික් ජෝසප් පියතුමා අවධාරණය කළේය. "සෙසු සමාජයේ අදහස් හා අභිලාෂයන් සමාන වන අයුරින් අපේ අවශ්‍යතා, අදහස් සහ අභිලාෂයන් ප්‍රකාශ කෙරෙන පදනමක් ගොඩනැගීමට මෙම මැතිවරණය යොදා ගැනීමට අප කල්පනා කළ යුතුයි," යනුවෙන් බෙනඩික් ජෝසප් පියතුමා සඳහන් කළේය. "තම අයිතිවාසිකම් සහ කතෝලික මතය නිවැරදිව ප්‍රකාශ කිරීමේ වැදගත්කම අපේ ජනතාවට නිවැරදිව අවබෝධ කරගැනීමේ අවස්ථාවට අපි පැමිණ සිටිනවා,"යනුවෙන් එතුමා තව දුරටත් පැවසීය. කණ්ඩායම් වාදය කතෝලිකයන් කතෝලිකයන්ට ඡන්දය ප්‍රකාශ කළ යුතු බව පැවසීමට හේතුවී තිබෙන්නේ මේ රටේ සුළු ආගමීක ජන කොටස් වලට රජයේ අනුග්‍රහය ඇතිව අන්තවාදී කණ්ඩායම් වලින් සිදු කෙරෙන හිරිහැර හේතුවෙන් බව ප්‍රධාන විපක්ෂය මේ අතර කියා සිටියි. කෙසේ වෙතත් කතෝලික සභාවේ මේ ස්ථාවරය කණ්ඩායම් වාදයට යොමුවීමක් බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පැවසීය. එකී චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා බීබීසීයට පැවසුවේ මැතිවරණ කාලයකදී කතෝලික සභාව ස්වකීය ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයක් බව. ආගමීක සහජීවනයට මේ තීරණය බාධාවක් බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශපාලනය කණ්ඩායම් වාදය වෙත ගෙන යාම කතෝලික සභාවේ පරමාර්ථය නොවන බව කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමා පැවසීය. ප්‍රතික්ෂේප කිරීම bbcsinhala.com වෙබ් අඩවිය ඔස්සේ මෙහි මුල් පුවත පලවී දින කිහිපයකට පසු කතෝලික ඡන්දදායකයන් කතෝලික අපේක්ෂකයන්ට සහයෝගය දැක්විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොකළේ යයි බෙනඩික් ජෝසප් පියතුමා පැවසූ බව ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති ආයතනයක සඳහන් වින. කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කිරීම පිණිස තවත් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමට බීබීසී සිංහල සේවය බෙනඩික් ජෝසප් පියතුමා ඇමතීය. කෙසේ වෙතත් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය කිහිපවිටක්ම උත්සාහ කළද එයට බෙනඩික් ජෝසප් පියතුමා විසින් ප්‍රතිචාර නොදක්වන ලදි.
දෙදහස් දාහතරේ මාර්තු විසි හතර වැනි දින පළවූ මුල් ප්‍රවෘත්තියට සංශෝධනයකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වොෂින්ටනයේ ඇලෙක්සැන්ද්‍රියා ප්‍රදේශයේ ධනවතුන් වෙසෙන ප්‍රදේශයක එල්ල වූ වෙඩි ප්‍රහාර කිහිපයක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව පොලිසිය පවසයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමි රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන සංවිධායකයාවන ස්ටීව් ස්කැලිස් ට (Steve Scalise) වෙඩි වැදී තිබෙන නමුත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බව විශ්වාස කෙරේ. තුවක්කුකරු සමග වෙඩි හුවමාරුවක නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් තුවාලකරුවන් අතර සිටින බවත් වාර්තාවල දැක්වේ. කොන්ග්‍රස් සභික ස්ටීව් ස්කැලිස්ට වෙඩි වැදී තිබෙන නමුත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බව විශ්වාස කෙරේ වෙඩි හුවමාරුවෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවක්කුකරු ද ඒ අතර සිටින බව පොලිසිය පැවසීය. බ්‍රහස්පතින්දා (ජුනි 15) පැවැත්වීමට නියමිත කොන්ග්‍රස් මණ්ඩලයේ වාර්ෂික බේස්බෝල් තරගය සඳහා කොන්ග්‍රස් සභිකයන් පුහුණුවෙමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කරන ලද බව ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ෂෝන් ස්පයිසර් ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ. කොන්ග්‍රස් මණ්ඩලය ඉදිරිපස ආරක්ෂාව තර කර තිබේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ බේස්බෝල් තරගයක් අතර එල්ල වූ වෙඩි ප්‍රහාරයකදී ප්‍රධාන පෙළේ රිපබ්ලිකන් පක්ෂ නායකයෙකුට සහ ඔහුගේ ආධාරකරුවන්ට තුවාල සිදු වී ඇති බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුසාකු මෙෂාවා(Yusaku Maezawa) යුසාකු මෙම සඳවට චාරිකාවේ නිරතවන්නේ ඊලොන් මස්ක් ගේ 'SpaceX' අභ්‍යවකාශ යානයකිනි. ඊලෝන් මස්ක් (Elon Musk) යනු 'SpaceX' අභ්‍යවකාශ තාක්ෂණික ව්‍යාපෘතියේ ප්‍රධාන කලමණාකරුය. 'SpaceX' ආයතනයේ ප්‍රධාන සැලසුම්කරු වන ඔහු රොකට් වැඩිදියුණු කරනු ලැබීම සහ අභ්‍යවකාශ චාරිකා මෙන්ම වෙනත් ග්‍රහලෝක කරා ක්‍රියාත්මක කෙරෙන අභ්‍යවකාශ චාරිකා අධීක්‍ෂණය කරයි. ''සියලුම මට්ටමේ ජන කණ්ඩායම් නියෝජනය කෙරෙන ආකාරයෙන් මගේ අභ්‍යවකාශ ගමන් සගයන් අටදෙනා හවුල්කර ගැනීමට මට අවශ්‍ය කරනවා'' ට්විටර් පණිවුඩයක් මගින් යුසාකු මහජනයාට දැනුම් දෙයි. ඒ සඳහා අයැදුම් කිරීමට ඉල්ලුම් පත්‍රයක් ද පළකරනු ලැබ ඇත. මෙය සහමුළින්ම නොමිලේ ලැබෙන චන්ද්‍ර චාරිකාවකි. සියලු බරපැන දරනු ලබන්නේ යුසාකු විසිනි. මෙම චන්ද්‍ර චාරිකාව ''ආදරණීය සඳ'' යන තේරුම දෙන 'dearMoon' ලෙස නම්කරනු ලැබ ඇත. චාරිකාව ක්‍රියාත්මක කෙරෙන්නේ 2023 වසරේදීය. යුසාකු තවත් ගමන් සගයන් අටදෙනෙකුත් පිරිවරා ගනිමින් 2023 දී යෙදීමට නියමිත චාරිකාව 1972න් පසුව සිදුකෙරෙන පළමු චන්ද්‍රිකා චාරිකාව වනු ඇත. මෙම සඳවට චාරිකාව සඳහා හවුල්වීමට අපේක්ෂාකරන අභ්‍යවකාශ මගීන් විසින් සපුරාලිය යුතු නිර්නායක දෙකකි. ඉන් පළමුවැන්න; 'SpaceX' මගීන් සිය සෙසු ගමන් සගයන්ට ඕනෑම මට්ටමක උපකාරයක් සිදුකිරීමට ඉදිරිපත්විය යුතුය. දෙවැන්න; සමාන අපේක්‍ෂා හුවමාරුකර ගනු ලබන යානයේ කාර්යමණ්ඩලයට සහයෝගය දීමට කැමැතිවිය යුතුය. ''මම සියලුම ආසන මුදල්ගෙවා වෙන්කර ගත්තා. මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක්'' යුසාකු පවසයි. සඳවට සවාරිය සඳහා ආරාධනා කරන යුසාකු මෝස්තර ව්‍යාපාරයක් හිමි ධන කුවේරයෙකි. එපමණක් නොව, ඔහු කලා කෘතීන් එක්රැස් කරන්නකු ද වෙයි. ඔහුගේ පළමු සැලසුම වී තිබුණේ ''කලාකරුවන්''පිරිසකට 'Starship' අභ්‍යවකාශ රොකට් චාරිකාව සඳහා ආරාධනා කිරීමය.එහෙත් පසුව එම සැලසුම වෙනස්කර තිබෙන්නේ ලෝකය පුරා මිනිසුන්ට ඊට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව ලබාදීමේ අදහසිනි. ටෙක්සාස්හි 'SpaceX' ආයතනයේ දර්ශනයක්(දෙසැම්බර් 2020) ''ඔබ ඔබ තුළ කලාකරුවෙක් යයි හඟින්නේ නම්, ඔබ කලාකරුවෙක්'' යුසාකු මෙෂාවා (Yusaku Maezawa)පැවසීය. යුසාකු පසුගිය වසරේ අභ්‍යවකාශ චාරිකාවක් සඳහා අලුත් මිතුරියක් සොයාගැනීමේ අටියෙන් තොරතුරු වාර්තාවක් පළකර තිබුණි. එහෙත් 'මිශ්‍ර හැඟීම්' හේතුවෙන් එම සංචාරය පසුව අවලංගු කරනු ලැබුණි. 2018 වසරේ දී ඊලෝන් මස්ක්ගේ අයිතිය සහිත සමාගම 'SpaceX' සඳවට සවාරියේ පළමු මගියා ලෙස යුසාකු නම්කරනු ලැබ තිබුණි. එහෙත් ඔහු එම චාරිකාව වෙනුවෙන් ගෙවීමට එකඟ වූ මුදල අනාවරණය කොට නැත. කෙසේවුවද, එය විශාල මුදලක් බව දැනගන්නට ලැබෙයි. යුසාකු තවත් ගමන් සගයන් අටදෙනෙකුත් පිරිවරා ගනිමින් 2023 දී යෙදීමට නියමිත චාරිකාව 1972න් පසුව කෙරෙන පළමු චන්ද්‍ර චාරිකාව වනු ඇත. 'SpaceX' සැලසුම්කරු ඊලෝන් මස්ක්(Elon Musk) කියවන්න;
ජපානයේ ප්‍රකෝටිපති යුසාකු මෙෂාවා (Yusaku Maezawa) සඳවට චාරිකාවක් සඳහා මහජනයාට ආරාධනා කරයි. ඒ සඳහා ඉඩ ඇත්තේ අටදෙනකුට පමණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අදාළ චෝදනාව සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා අවසන් වන තෙක් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කරන ලෙස පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සිවිල් ක්‍රියාධරයන් සෙනසුරාදා රාත්‍රියේ අගමැතිවරයා හමු වී ඉල්ලා සිටි බවයි මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ කියා සිටියේ. ඒ අනුව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධ පරීක්ෂණ නිමා වන තුරු තවදුරටත් ඔහුගේ සේවය දීර්ඝ නොකිරීමට අගමැතිවරයා එකඟ වූ බව පුරවැසි බලය සංවිධානයේ ප්‍රකාශකයකු වන මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ සඳහන් කළේය. 'යම් හෙයකින් මහේන්ද්‍රන් මහත්මයා චෝදනාවලින් නිදහස් වුවහොත් නැවත ඔහු එම ධුරයට පත් කළ හැකියි. ඔහු වරදකරු වුවොත් අලුත් අයෙක් ඒ සඳහා පත් කළ යුතුයි' 'බරපතළකම' කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ ගැටලුවේ ඇති බරපතළ භාවය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තේරුම් ගෙන ඇති බවත් ඔහු පැවසීය. 'ඒ හරහා යහපාලන ආණ්ඩුවට ඇති විය හැකි හානිය ඉතා විශාලයි කියන දේ ඔවුන් දෙපලම තේරුම් ගෙන තිබෙනවා.' මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මීට පෙර සිදු කරන ලද පරීක්ෂණ ඉහත කී බැඳුම්කර සිද්ධියට සම්බන්ධ නොවන ඒවා බවත් මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ කියා සිටියේය. 'ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති තීන්දුව මේ කාරණය සැලකිල්ලට ගෙන ලබා දුන් තීන්දුවක් නොවෙයි' 'ඉතිහාසයෙන් උදාහරණ' චෝදනා එල්ල වූ මහ බැංකු අධිපතිවරුන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ සහ අස් කරනු ලැබූ අවස්ථා පිළිබඳ කලාපීය රටවල පමණක් නොව ශ්‍රී ලංකා ඉතිහාසයෙන් ද පූර්වාදර්ශ ලබා දිය හැකි බවත් මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ පැවසීය. 1954 වසරේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආණ්ඩු සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටි එන්යු ජයවර්ධන පෞද්ගලික බැංකුවක අධ්‍යක්ෂවරයකුට දුරකථන ඇමතුමක් ලබා දී සිය බිරිඳට ණයක් ලබා දෙන ලෙස දන්වා සිටීම හේතුවෙන් ඔහු ධුරයෙන් ඉවත් කළ බවයි මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ සඳහන් කළේ. 'ඒ දුරකථන ඇමතුම ලබා දීමෙන් පවා මහ බැංකු අධිපතිවරයා කරලා තිබෙන්නේ වැරැද්දක් කියන එක එදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවෙන් තීන්දු කළා.' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
බැඳුම්කර ගනුදෙනුව හා සම්බන්ධ චෝදනා මත පදනම් වී මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් නොගන්නේ නම් එය යහපාලනය විය නොහැකි බව ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
- ලෝක කම්කරු සංවිධානය වැඩපොළේ මාතෘ සුරක්ෂිතතාව හා බැඳුනු කම්කරු අයිතීන් පිළිබඳ පළමු ප්‍රඥප්තිය සම්මත කෙරුණේ මීට සියවසකට ඉහත දී, 1919 දීය. ඒ ලෝක කම්කරු සංවිධානයේ සමාරම්භක ජාත්‍යන්තර සමුළුවේදීය. ඉන් අනතුරුව 1952 දී සහ වසර 2000 දී මාතෘ සුරක්ෂිතතාව සම්බන්ධ තවත් ප්‍රඥප්තීන් දෙකක් සම්මත කෙරිණ. ඒ සියලු ප්‍රඥප්තිවල මෙන්ම ලෝක කම්කරු සංවිධානය ප්‍රමුඛ කරගත් ආයතනවල සහ උද්ඝෝෂණ ව්‍යාපාරවල අරමුණ වූයේ කාන්තාව රැකියාවක නිරතවීම මගින් ඇයගේ සහ ඇයගේ කුසේ උපදින දරුවාගේ සෞඛ්‍යයට අනතුරක් නොවීම සහ කාන්තාවගේ ප්‍රජනන ක්‍රියාවලිය ඇයගේ රැකියාවේ සුරක්ෂිතභාවයට තර්ජනයක් නොවීම සහතික කිරීමය. එමෙන්ම දරු ප්‍රසූතිය නිසා කාන්තාව වැඩපොලේදී අනිසි පහත්කොට සැලකීමකට ලක් නොවීම සහතික කිරීම ද එහි අරමුණ විය. ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මඟ පෙන්වීම පරිදි එසේ මවගේත්, අනාගත පරපුරේත් සෞඛ්‍යය සුරක්ෂිත කරනු පිණිස ශ්‍රී ලංකාවේ ද ආණ්ඩු වරින්වර විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළහ. 2015 සිට යහපාලන ආණ්ඩුව විසින් දියත් කරන ලද ගැබිණි මව්වරුන් සඳහා රු 20000 පෝෂණීය දීමනාවක් ලබාදීමේ වැඩසටහන ද එවැන්නකි. "ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයකවත්, ගොඩක් වෙලාවට පෞද්ගලික ආයතනයකවත් දරුවෙක්ව ගෙනියලා, දරුවට මවු කිරි දෙන්න තැනක් නෑනේ" - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මසකට රුපියල් 2000 ක් බැගින් මාස දහයක් මුළුල්ලේ ලබාදුන් එම දීමනාව වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසුව නතර කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින නීති විධිවිධාන ප්‍රකාර රජයේ සහ පෞද්ගලික අංශවල සේවය කරන සියලුම කාන්තාවන් සඳහා දරු උපත් වෙනුවෙන් දින 84 ක ප්‍රසූත නිවාඩුවක් හිමිවේ. එහෙත් මෑතදී රජයේ සේවයට බඳවා ගනු ලැබූ උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ට හිමිවන්නේ දින 42 ක ප්‍රසූත නිවාඩුවක් පමණක් බව ආණ්ඩුව පවසයි. 'අමානුෂික තත්වයක්' ආණ්ඩුවේ එම තීරණය පිළිබඳව මවුවරුන්, කාන්තා හිමිකම් ක්‍රියාධාරිනියන් මෙන්ම විරුද්ධ පක්ෂ ද ප්‍රතිචාර දක්වමින් සිටිති. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් ඇමතූ සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආණ්ඩුවේ තීරණය ආපසු හැරවීම පිණිස ක්‍රියාකරන මෙන් සහ සටන් කරන මෙන් මෑතදී පියෙකු බවට පත් වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටින බව කියා සිටියාය. "ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයකවත්, ගොඩක් වෙලාවට පෞද්ගලික ආයතනයකවත් දරුවෙක්ව ගෙනියලා, දරුවට මව් කිරි දෙන්න තැනක් නෑනේ," යනුවෙන් ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය සඳහන් කළාය. "මේකේ තියෙන ප්‍රශ්නේ මේකයි. දරුවෙක් ප්‍රසූත කළාට පස්සේ සාමාන්‍යයෙන් වෛද්‍යවරු කියන්නේ පැය දෙකකට, තුනකට සැරයක් මව් කිරි දෙන්න කියලනේ, එතකොට පැය විසි හතරම. එතකොට අම්ම කෙනෙකුට විශේෂයෙන් රාත්‍රියේ නින්දක් නෑ." එවැනි තත්ත්වයක් තුළ දරුවකු ප්‍රසූත කළ මවකට මාස එකහමාරක් වැනි කුඩා කාලයක් ප්‍රසූත නිවාඩු ලබාදීම මගින් දරුවාට මව් සෙනෙහස සහ ආරක්ෂාව අහිමිවීම "අමානුෂික තත්ත්වයක්" බව ඇය පෙන්වා දෙන්නීය. 'මාතෘත්වයට කරන නිගාවක්' බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ බොහෝ කාන්තාවෝ ඒ අදහස අනුමත කළහ. කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක වන මෆාසා රෂිඩ් පවසන්නේ, එය තමන්ට පුද්ගලිකව බලනොපාන්නක් වුව ද ආණ්ඩුව ගෙන තිබෙන්නේ "අසාධාරණ තීරණයක්" බවය. "අනිත් එක child psychology එක පැත්තෙන් ගත්තම දරුවගේ මුල් කාලෙ හැම අවශ්‍යතාවයක් ම සැපිරෙන්නෙ අම්මගෙන්. එහෙම එකේ ඒක මෙහෙම අසාධාරණ විදිහට කපල දැම්මම හැදෙන දරුවො ගැන සාධාරණ බයක් තියෙනව," ඇය කියා සිටියාය. අයේෂා වීරසිංහ, බදුල්ලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ඉංජිනේරුවරියකි. "රජයක් උනාම මීට වඩා ගොඩක් දරුවො ගැන සංවේදීව හිතන්න ඕනෙ. දැනටත් ළමා අපචාර ඇති තරම් රටේ වෙනවා සහ ඒ ගැන අවධානය ඉතාම මදි ඒවත් තියෙද්දි මෙහෙම අඩු කරන එක තවත් ආකාරයේ පීඩාවට පත්කිරීමක්," යනුවෙන් ඇය කියා සිටියාය. ආණ්ඩුවේ තීරණය තමන්ට අදාළ නොවුණ ද, ප්‍රසූත නිවාඩුව දින 42 ක් කිරීම මගින් කාර්යක්ෂමතාවයේ ඉහළ යාමක් බලාපොරොත්තු විය නොහැකි බව ඇයගේ අදහසය. "ළමයාට මව්කිරි දීමට මේ තීරණය සෑහෙන අවුලක්." පෞද්ගලික අංශය වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනය පෙන්වාදෙන ආකාරයට, ශ්‍රී ලංකාවේ රැකියා විරහිත කාන්තාවන්ගෙන් 82% ක්ම වයස 20-40 ත් අතර අය වෙති. මාතෘ නිවාඩු සඳහා සම්පූර්ණ පිරිවැය අදාළ සමාගම විසින් දැරිය යුතු බවට දැනට බලපවත්නා නීතිය හේතුවෙන් කාන්තාවන් බඳවා ගැනීමට පෞද්ගලික ව්‍යවසායකයන් උනන්දුවක් නොදක්වන බව එම ආයතනය පවසයි. එබැවින් පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් මාතෘ නිවාඩු බද්දක් අයකර ගනිමින්, පෞද්ගලික අංශයේ සේවයේ නිරත කාන්තාවන්ගේ ප්‍රසූත නිවාඩු සඳහා ආණ්ඩුවෙන් දීමනාවක් ලබා දිය යුතු බවට වෙරිටේ රිසර්ච් ආයතනය යෝජනා කරයි. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් කියා සිටියේ කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු ලබාදීම පිණිස රජයට වාර්ෂිකව වැයවන්නේ රුපියල් බිලියන 4.2 ක මුදලක් පමණක් බවය. ආණ්ඩුව සමාගම් සඳහා වසරකට රුපියල් බිලියන 52 ක බදු සහන ලබාදෙන බවත් පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ප්‍රසුත නිවාඩු දීමනා සඳහා වන වියදම සේවා යෝජකයාට දැරීමට සිදුවන වාතාවරණයක, කාන්තාවකට සාපේක්ෂව, පුරුෂයකු බඳවා ගැනීම සේවා යෝජකයාට පිරිවැය අඩු තීරණයක් බැවින් රැකියා වෙළෙඳපොළේ කාන්තාවට අවාසිසහගත තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. එබැවින් මෙම වියදම බදුවලින් අඩු කරගැනීමට සැලසීම තුළින් මෙකී තත්ත්වය මගහරවා ගැනීම පිණිස දායක වී, රටේ ශ‍්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉහළ නංවා ගැනීමට සහ ආර්ථිකයට සකී‍්‍රය ලෙස කාන්තාවන් සම්බන්ධ කරගැනීමට රජයට හැකියාව ලැබෙනු ඇති බව එහි පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ සඳහන් කළාය. එම ආයතනය මතු කරන අදහසට පක්ෂ මෙන්ම විරුද්ධව සමාජ ජාල ඔස්සේ අදහස් පළ වී තිබුණි. පෞද්ගලික අංශය තිබෙන්නේ බදු සහන ලබාගැනීම පිණිස පමණක් දැයි ප්‍රශ්න කරන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සන්ධානයේ අමාලි වෙළගෙදර, සිය සේවකයන්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් පෙනී සිටින්නේ කවදා දැයි ප්‍රශ්න කර තිබුණි. ප්‍රසූත නිවාඩු ලබාදීම පිණිස සමාගම්වලට වැයවන පිරිවැය ආණ්ඩුව දැරිය යුතු බවට පර්යේෂණ ආයතනය දක්වන අදහස සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සහ නෙත්මිනී මැදවල ප්‍රතිචාරය පළ කර තිබිණ. "ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව රටවල් සියල්ලම පාහේ කාන්තාවන්ට හා පුරුෂයන්ට එක හා සමානව රැකියාවක නියැලීමේ ඇති අයිතිය ලබාදීමට ප්‍රතිඥා ලබා දී ඇති අවස්ථාවක, ගර්භනී බව හා මාතෘත්වය කාන්තාවන්ට රැකියාවේ නියැලීමේ හා ඉදිරියට කරගෙන යාමේ සම අයිතිය අහිමි කරවන සාධක නොවිය යුතුය," යනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර තිබුණි. 'ජීවිතේ දිගුකාලීනම කැප කිරීම' පර්යේෂණ ආයතනයක විධායක නිලධාරිනියක වන මැණික් ප්‍රනාන්දු වෙරිටේ රිසර්ච් ආයතනයේ එම යෝජනාවට සහය පළකරන්නීය. "මම තරුණ දරුවෝ දෙන්නෙකුගේ අම්ම කෙනෙක්, බිරිඳක්, දියණියක්, ලේලි කෙනෙක්, සොහොයුරියක්, ඥාති සොහොයුරියක්, නෑන කෙනෙක්, නැන්ද කෙනෙක්, මිතුරියක් සහ ඒ සේරම මදිවට කාන්තාවන් මුල් තැන දෙන ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක්," මැණික් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "මේවා තමයි හැම වෙලාවකම මම දාගෙන ඉන්න තොප්පි. ඒ වගේම ඒවා එකිනෙක අතර යැපෙන ස්වභාවයක් තියෙනවා," ඇය පවසන්නීය. දැනට ශ්‍රී ලංකාවේ වෙසෙන ඇය, සිය දරුවන් දෙදෙනා ප්‍රසූත කරන විට වාසය කළේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරය. "අම්ම කෙනෙක් වීම, මම මගේ ජීවිතේ වැඩිම සිහි බුද්ධියෙන් යුතුව ගත්ත දිගු කාලීනම කැපකිරීම. මාතෘ භාවය කියන දේ එක් පැත්තකින් නෙමෙයි පැති කිහිපයකින්ම ආශීර්වාදයක් කියල සලකන රටකදී මගේ දරුවන් ප්‍රසූත කරන්න මම වාසනාවන්ත වුණා." එහෙත් ආණ්ඩුවේ මෙම තීරණය අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් එතරම් වාසනාවන්ත නොවන බවය. එබැවින් උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ගේ ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීමේ තීරණය පිළිබඳව ආණ්ඩුව යළි සලකා බැලිය යුතු බව කාන්තාවෝ ඉල්ලා සිටිති. නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි ගුරුවරියක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ කාන්තාවන්ට දැනට අනුමත නිවාඩුව සියලු කාන්තාවන්ට අනිවාර්යයෙන්ම හිමිවිය යුතු බවය. "ඒක නිරෝගී දරුවන් ජාතියට බිහි කිරීමට සෘජුවම බලපානවා," යනුවෙන් ඇය සඳහන් කළාය. "මේ වගේ නීතී සම්පාදනය කරන අයට ළමයි නැද්ද දන්නෑ," යනුවෙන් පුද්ගලික අංශයේ සේවයේ නියුතු තරුණියක ප්‍රශ්න කළාය. "කුඩා ළමයෙකුට යාන්තම් මාස දෙකට ලං වෙද්දී රස්සාවට යන්න වෙන එක හරිම ශෝචනීය තත්ත්වයක්. දැන් මට සම්පූර්ණ වැටුප් සහිත, අර්ධ වැටුප් සහිත, වැටුප් රහිත කියලා නිවාඩු තුනම තියෙනවා. ඒ නිසා කාන්තාවන් කොටසකට මේක අහිමි කරන එක කවුරු කළත් මාතෘත්වයට කරන නිගාවක්, " එම තරුණිය වැඩිදුරටත් කියා සිටියාය. කියවන්න:
"මාතෘ සුරක්ෂිතතාව (Maternity protection) මූලික මානව අයිතිවාසිකමක් වන අතර, පවුල සහ රැකියාව සම්බන්ධ පූර්ණ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු අංගයකි. වැඩපොළේ දී කාන්තාව නොසලකා හැරීමට ලක් නොවීම සහ මවගේත්, දරුවාගේත් සෞඛ්‍යාරක්ෂාව ප්‍රවර්ධනය උදෙසා එය තීරණාත්මක සාධකයකි."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චාර්ල්ස් හැවිලන්ඩ් බීබීසී වාර්තාකරු, කොළඹ අගවිනිසුරු වරිය සමස්ත ශ්‍රේෂ්ටාධිකරණයටම අපහාස වන අන්දමින් හැසිරී ඇති බව ආණ්ඩුව පවසයි සිය ධූරයට නොගැලපෙන අන්දමින් හැසිරී ඇති බවට පමණක් නොව සමස්ත අධිකරණ ක්‍රියාදාමයටම බලපෑම් කොට ඇති බවටත් ආණ්ඩුව අගවිනිසුරු වරියට චෝදනා කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු සොහොයුරු කථානායක චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කරන ලද දෝෂාභියෝග යෝජනාවේයි, එම චෝදනා සඳහන් වෙන්නේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් අත්සන් තබා පසුගිය සතියේ කථානායක වරයාට ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග යෝජනාවේ අගවිනිසුරු වරියට එරෙහිව චෝදනා 14ක් අඩංගු වන අතර, සිය සම්පූර්ණ වත්කම් හෙළි කිරීම අසමත් වීම ඇයට එරෙහිව නඟා තිබෙන තවත් චෝදනාවක්. දිවි නැගුම පණත ශ්‍රේෂ්ටාධිකරණය ලබාදුන් තීන්දුව නොතකා හරිමින් එය ක්‍රියාවට නගන මෙන් ඉල්ලා සිටිමින් ආණ්ඩුවේ හිතවාදීහු උද්ඝෝෂණයක යෙදී සිටියහ රුපියල මිලියන 34 කට ආසන්න මුදලක විදේශීය විනිමය ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුවේ ගිණුමක තැන්පත් කොට සිය වත්කම් ප්‍රකාශයට එම ගිණුමේ තොරතුරු ඇතුලත් කිරීමට අපොහොසත් වීමත්, තවත් ගිණුම් 20 කට වැඩි ප්‍රමාණයක් පවත්වා ගැනීමත්, මංජුල තිලකරත්න අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා පත් කිරීමේදී රටේ ව්‍යවස්ථාවට අනනුකූලව ක්‍රියා කිරීමත්, විනිසුරුවරියකට හිරිහැර කිරීමත්, ඇගේ ස්වාමි පුරුෂයාට එරෙහිව අල්ලස් චෝදනා යටතේ නඩු පවරා තිබෙන බැවින් තවදුරටත් සිය ධූරයේ කටයුතු කිරීමට ඇය සුදුසු තැනැත්තෙකු නොවීමත් එම චෝදනාවලට ඇතුලත්. කථානායක වරයා විසින් දෝෂාභියෝග යෝජනාව පිළිගැනීමෙන් අනතුරුව ඔහු විසින් පත් කරනු ලබන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසින් එම චෝදනා විභාග කරනු ලැබීමට නියමිතයි. අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන බවට සහ අගවිනිසුරු වරියට එරෙහිව පෞද්ගලික ප්‍රහාරයක් දියත් කරමින් සිටින බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව පවසන්නේ ව්‍යවස්ථානුකූලව අදාළ පරීක්ෂණ පැවැත්වෙන බවයි. එහෙත් පළාත් සභාවලට විමධ්‍යගත කොට තිබෙන බොහෝ අරමුදල් යලිත් මධ්‍යම ආණ්ඩුවට පැවරීමට යෝජනා කරන දිවි නැගුම පණත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව දෝෂාභියෝගයට ප්‍රධානම හේතුව බව ප්‍රධාන විරුද්ධ පක්ෂවල මතයයි. එම අරමුදල් යොදවා ජනාධිපතිවරයාගේ තවත් සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ විශේෂ අධිකාරියක් පිහිටුවීමට යෝජනා කෙරෙන අදාළ පණත මඟින් පළාත්වලට බලය බෙදා හැරීමේ ක්‍රියාදාමය අඩපණ කිරීමේ ආණ්ඩුවේ අභිප්‍රාය හොඳින් ගම්‍ය වන බවද විවේචකයෝ පවසති. දිවි නැගුම පණත ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පමණක් නොව ජනමත විචාරනයක්ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව නොතකා එය ක්‍රියාවට නගන මෙන් ඉල්ලා සිටිමින් ආණ්ඩුවේ හිතවාදීන් අද කොළඹදී උද්ඝෝෂණයක යෙදුන අතර, විරුද්ධ පක්ෂ ක්‍රියාධරයෝ පණතට එරෙහිව උද්ඝෝෂණයක යෙදී සිටියහ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක සිය ධූරයට පමණක් නොව සමස්ත ශ්‍රේෂ්ඨාධිකරණයටම අපහාස වන අන්දමින් හැසිරී ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලොව පුරා සියලු රටවල් මරණ දඬුවම තහනම් කළ යුතු බව පාප් වහන්සේ අවධාරණය කරති එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලය අමතා ඉතා දුර්ලභ දේශණයක් පවත්වමින් එම ඉල්ලීම කළ උන් වහන්සේ, දිළිඳු සහ වරප්‍රසාද අහිමි ජනතාව වෙත දැනට වඩා සානුකම්පිත ආකාරයෙන් ක්‍රියා කරන මෙන්ද ඉල්ලීමක් කළහ. ෆ්රැන්සිස් පාප් වහන්සේ එක්සත් ජනපද සංචාරයක නිරත වන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ලෝක නායකයන් නිවුයෝක් නුවරට රැස්ව සිටියදී. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඒ අතර සිටියි. සංක්‍රමණික අර්බුදය පසුගිය සිකුරාදා ගාල්ලේ දී විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නේ නම් ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව පැවසීය. ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය වැනි දියුණු රටවල පවා මරණ දඬුවම ක්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නේ නම් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති පවසයි එනමුත් වොෂින්ටනයේදී කොන්ග්‍රස් සභිකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන් ඇතුළු 500 කට අධික පිරිසක් අමතා කතා කළ පාප් වහන්සේ අවධාරණය කළේ ලොව පුරා සියලු රටවල් මරණ දඬුවම තහනම් කළ යුතු බවයි. ඒ වෙනුවට වැරදිකරුවන් පුනරුත්ථාපනය කරන මෙන් උන් වහන්සේ එක්සත් ජනපද නායකයන්ගෙන් ඉල්ලා සිටියහ. දැඩි අත්පොලසන් මධ්‍යයේ කොන්ග්‍රස් සභාවට ඇතුළු වූ පාප් වහන්සේ ප්‍රධානම අවධානය පළ කළේ සංක්‍රමණිකයන් පිළිබඳ අර්බුදයටයි. සංක්‍රමණිකයන් දෙස 'තවත් අංකයක්' ලෙසින් නොව 'මනුෂ්‍යයකු' ලෙසින් බලන්නැයි උන් වහන්සේ අයැද සිටියහ. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝකය ඉතා බරපතල සංක්‍රමණික අර්බුදයකට මුහුණ දී සිටින බව සඳහන් කළ උන් වහන්සේ, විශේෂයෙන්ම වඩා යහපත් ජීවිතයක් පතා මධ්‍යම ඇමෙරිකානු රටවල සිට එක්සත් ජනපදයට ළඟාවීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් පිළිබඳව සඳහන් කළ අවස්ථාවේ සභාවේ සියලු දෙනා නැගිට අත්පොලසන් දුන්හ.
මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් පාප් වහන්සේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ අතර ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින්, මේ වනවිට මරණ දහසයක් වාර්තා වී ඇති අතර, විනාශයට පත් නිවාසවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් සොයා දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව කියා සිටියේය. කුණු කන්ද වෙනත් ප්‍රදේශයකට ගෙන යනමෙන් කොතෙක් ඉල්ලීම් කළත් ඒ සඳහා බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවට චෝදනා කරන ප්‍රදේශවාසීහු ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ කෝපය පළ කරති. දේශපාලනඥයන් විසින් සිය ඉල්ලීම නොතකා හළ බව පවසන කුණු කන්ද අවට පදිංචිකරුවෝ අනතුර සිදු වූ ස්ථානයට පැමිණි දේශපාලනඥයන්ට විරෝධය පළකළ අතර එහි නොඑන ලෙස ඔවුන් හමුවේ කියා සිටියහ. රජයේ වියදමින් මේ අතර නිවේදනයක් නිකුත් කරන විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ මරණයට පත් පුද්ගලයන්ගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවය. අනතුර ලක් වූ ස්ථානය අවට අනතුරුදායක තත්වයේ සිටින පිරිස් ඉන් ඉවත් කිරීම වහා ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. කෙසේ නමුත් මීතොටමුල්ලට තවදුරටත් කුණු බැහැර නොකරන බවත් එම කසල බැහැර කිරීම සඳහා වෙනත් ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරයි.
කොලොන්නාව මීතොටමුල්ල නායගිය කුණු කන්දට යට වීමෙන් මරණයට පත් පුද්ගල සංඛ්‍යාව දහසය තෙක් ඉහළ ගොස් ඇතත් අදත් (අප්‍රේල් 15) එතැනට කුණු දමමින් පැවති බව ප්‍රදේශවාසියෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට අනුබද්ධ අනු කමිටුවකි ජිනීවා නුවරදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේ කමිටු නියෝජිතයන් එසේ ප්‍රශ්න කළ බව කමිටුවේ කටයුතු නිරීක්ෂණය කළ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය බීබීසී සංදේශයට පැවසීය. ඔහු පවසන පරිදි ශ්‍රී ලංකාවේ තවමත් රහසිගත වද කඳවුරු පවතින්නේද යන්න ආණ්ඩුවේ නියෝජිතයන්ට කමිටුව යොමු කළ තවත් ප්‍රශ්නයකි. කෙසේ නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු වද කඳවුරක් නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන්ම පොලිසියේ වදහිංසා පැනවීම් තවමත් නතර වී නැතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව මෙන්ම ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව එහිදී පිළිගත් බවත් සුනන්ද දේශප්‍රිය සඳහන් කළේය. "නමුත් ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අඩුයි. මානව හිමිකම් කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛන වැඩියි," ඔහු පැවසීය. ශ්‍රී ලංකාව තුල වදහිංසාවලට වැට බැඳීමට ආණ්ඩුව ගන්නා පියවර ප්‍රමාණවත් නොවන බව කමිටු නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබේ. 'වදහිංසා තවමත්' පසුගියදා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු කෙටි වේලාවකට රඳවා ගැනීම ඔහුගෙන් 'පලිගැනීමක් දැයි' යන්න කමිටුව ආණ්ඩුවට යොමු කළ තවත් ප්‍රශ්නයකි. "වද හිංසා පැනවීම සම්බන්ධ වාර්තාවල තියන පුද්ගලයන්ගේ නම් ගම් සඳහන් කරමින් එවැනි නිශ්චිත ප්‍රශ්න ගණනාවක් කමිටු සාමාජිකයන් යොමු කළා." වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව යොමු කළ ප්‍රශ්නවලට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසේ ප්‍රතිචාරය හෙට බදාදා පළකිරීමට නියමිතයි. ජාතික මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ඇතුලත් කරුණුවලට සාධනීය ප්‍රතිචාරයක් පලකිරීමට එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව සමත් වනු ඇති දැයි අවධානය පල වී තිබෙන බවත් සුනන්ද දේශප්‍රිය වැඩිදුරටත් පැවසීය. කමිටු සැසිවාරය අවසානයේ ශ්‍රී ලංකාව සම්බන්ධ කමිටුවේ වාර්තාව ලබන දෙසැම්බරයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. (පසු සටහන: මෙම ලිපිය මුල්වරට පළ කෙරුණු අවස්ථාවේ ඇතුළත් වූ ඡායාරූපය ලිපියට සෘජු සබඳතාවක් නොවූ බැවින් වෙනස් කෙරුණු බව කරුණාවෙන් සලකන්න.)
රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාවේ පැවති වද කඳවුරු පිළිබඳව නිසි විමර්ශනයක් පැවැත්වූයේ දැයි වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'හදිසි අපදා සහන සැලසීමේ ක්‍රියා මාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය වෙත දීර්ඝ කාලීන සහාය ලබා දෙනවා' මේ වෙන විට හදිසි සහ කෙටි කාලීන ආධාර වශයෙන් ශ්‍රී ලංකාව වෙත සිය රජයෙන් රුපියල් මිලියන එකසිය අසූ හතක මුදලක් ලබා දී ඇති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය. මේ අතර අසල්වැසි ඉන්දියාවෙන් සහ ජපානයෙන් ශ්‍රී ලංකාව වෙත ආධාර ලැබී ඇති බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මීට ඉහතදී කියා සිටියේය. අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ඉන්දීය ගුවන් යානයක් සහ නැව් දෙකක් ශ්‍රී ලංකාව වෙත සෙනසුරාදා ළඟා විය. ජපානය විසින් එවන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයට අමතරව ව්‍යසනය පිළිබඳ ඉක්මන් තක්සේරුවක් සිදු කිරීම සඳහා තාක්ෂණික ඇගයීමේ කණ්ඩායමක් එවීමට එරට ආණ්ඩුව සුදානම් බවත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා එහිදී කියා සිටියේය. හදිසි අපදා සහන සැලසීමේ ක්‍රියා මාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය වෙත දීර්ඝ කාලීන සහාය ලබා දෙන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉරිදා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත තවත් රුපියල් මිලියන තිස් හයක් ලබා දීමට නියමිත බව ඇමරිකාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දරුවාගේ මියගිය පියා සහ මව එච්යිවී ආසාදිතයන් බවට ව්‍යාජ ප්‍රචාරයක් පැතිර යාම ගම්වාසීන්ගේ විරෝධයට හේතුවයි එම දරුවා ඇතුලත් කරගන්නා මෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයාට නියෝග කළ බව වයඹ පළාතේ අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ මේ අතර බීබීසී සංදේශයට පැවසීය. කෙසේ නමුත් එම දරුවා ඇතුලත් කරගැනීම සම්බන්ධයෙන් ඇතැම් ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් පළ කරන බවත්, දරුවා ඇතුලත් කරගතහොත් ප්‍රදේශවාසීන්ගෙන් පහරකෑමට ලක්විය හැකි බවට විදුහල්පතිවරයා පවා බියපත්ව සිටින බවත් පළාත් සභා අමාත්‍යවරයා පැවසීය. 'දරදඬු මිනිස්සු' "බොහොම දරදඬු මිනිස්සු ඉන්නවයි කියන ගමක තමයි මේ ගම. ඉතින් මම කිවුව ළමයි සේරම අයින් වුනත් කරන්න දෙයක් නැහැ මේ දරුවා ඇතුලත් කරගන්න කියල මම කිවුව," ඔහු සඳහන් කළේය. අදාල දරුවා එච්අයිවී ආසාදිතයකු නොවුවත් ඔහුගේ මියගිය පියා සහ මව එච්යිවී ආසාදිතයන් බවට ව්‍යාජ ප්‍රචාරයක් පැතිර යාම ගම්වාසීන්ගේ මේ විරෝධයට හේතුවයි. එච්අයිවී යනු වයිරසයක් බැවින් එය වාතයෙන් පැතිරිය නොහැකිවාක් මෙන් ම සාමාන්‍ය හමු වීම් මගින්, ස්පර්ශ වීම් මඟින්, වැඩපොළේ, පාසලේ, හෝ ගමේ එක්ව වැඩ කිරීමෙන් ද ශරීර ගත නොවන බවයි මේ පිළිබඳ අදහස් දක්වමින් පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව සංදේශයට කියා සිටියේ. අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවානුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මවු කිරි බීම යන ක්‍රම මෙම වෛරසය තවෙකකු වෙත පැතිර යාමට බලපාන බවද වෛද්‍ය අමරජීව පෙන්වා දෙයි. පවතින තත්වය සලකා බලා දරුවා පරිවාස භාරයට පත්කොට පාසලට ඇතුලත් කරන මෙන් තමන් කළ ඉල්ලීම දරුවාගේ මව ප්‍රතික්ෂේප කළ බවත් වයඹ පළාතේ අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ සඳහන් කළේය. මව ජීවතුන් අතර සිටියදී දරුවා පරිවාස භාරයට පත් කිරීමේ අවශ්‍යතාවය කවරක් දැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේම් එච්අයිවී ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් දක්වන අදහස් පිළිගැනීමට ගම්වාසීන් සූදානම් නැති හැඩක් පෙනී යන බැවින් තමන් එවැනි යොජනාවක් කළ බවයි.
දෙමාපියන් එච්අයිවී ආසාදිතයන් බවට චෝදනා කරමින් කුලියාපිටිය ප්‍රදේශයේ දරුවකු පාසලකට ඇතුලත් කර නොගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙදහස් දොළහ වසරේ, දියවැඩියාව හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව මිලියන එකයි දශම පහක් ලොව සෑම පුද්ගලයන් එකොළොස් දෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇති බවයි එම සංවිධානයේ වාර්තා පෙන්වා දෙන්නේ. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව දියවැඩියා රෝගී තත්වයට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන් වේ. දෙදහස් දාහතර වසරේ දී ලොව පුරා වාර්තා වී ඇති දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන හාරසිය විසි දෙකක්. එම අගය එක්දහස් නවසීය අසූව වසරේ සංඛ්‍යා ලේඛන හා සැසඳීමේදී සිව් ගුණයක වැඩි වීමක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. දෙදහස් දොළහ වසරේ, දියවැඩියාව හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව මිලියන එකයි දශම පහක්. නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව දියවැඩියාව හේතුවෙන් මිය යන පුද්ගලයන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බටහිර ශාන්තිකර කලාපීය රටවලිනුයි.
දියවැඩියා රෝගයට ගොදුරු වන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තා ගත මට්ටමකට ළඟා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බීබීසි ය සමඟ සාකච්ජාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ස්වෙච්ඡාවෙන් තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන් අනුව නිල දත්ත සකස් කොට ඇති බවයි. එම පුද්ගලයන් හඳුනා ගැනීමේ ක්‍රම වේදය වැඩි දියුණු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය. බ්‍රිතාන්‍යයේ ආගමන විගමන අංශයේ හිටපු ප්‍රධානී බ්‍රයන් මුවර් දැන් ‘Torture Aware UK’ නමැති මානව හිමිකම් සංවිධානය පිහිටුවා ගෙන ඇත. “යුද අපරාධ කරුවන් කොපමන පිරිසක් අප අතර සිටින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ දී පැහැදිළි උපාය මාර්ගයක් ඇත්ද යන්න මම දකින්නේ නැහැ,” ඔහු සඳහන් කළේය. සංක්‍රමණික දීමනා ඉකුත් වසරේ දී බ්‍රිතාන්‍ය සංක්‍රමණික දීමනා ලබා ගනිමින් සිටි යුද අපරාධ කරුවන් එකසිය පහළොස් දෙනකු හඳුනා ගත් බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශය අනාවරණය කොට ඇත. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ සිටින යුද අපරාධකරුවන්ගේ ගණන ප්‍රකාශිත සංඛ්‍යාවට වඩා වැඩි බව පවසන බ්‍රිතාන්‍යයේ ආගමන විගමන අංශයේ හිටපු ප්‍රධානී බ්‍රයන් මුවර්, යුද අපරාධවලට ලක්ව බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා සිටින පුද්ගලයන්ගෙන් සාක්ෂි ප්‍රකාශ ලබා ගැනීමට ක්‍රියාකාරී වන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. ඇෆ්ඝනිස්තානය, ඉරානය , ඉරාකය, ලිබියාව, රුවන්ඩාව, සර්බියාව සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණි සැකකරුවන් බ්‍රිතාන්‍යය ජීවත් වන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කොට ඇත. ශ්‍රී ලංකාවේ යුද්ධය බීබීසියේ ටොම් බේට්මන් වධ බන්ධන වලට ලක්ව බ්‍රිතාන්‍යය වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකුගෙන් විමසීමක් කලවිට ඔහු පැවසුවේ එසේ යුද අපරාධ කළ පුද්ගලයන් බ්‍රිතාන්‍යයට පැමිණ ජීවත් වන බවට තමා විශ්වාශ කරන බවයි. ශ්‍රී ලංකාවේ යුද්ධය පැවතී සමයේ තමා එහි ජීවත් වූ බව පැවසූ ඔහු තම අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද හමදා සෙබළුන් විසින් වද දුන් බවයි. “ඔවුන් මට අතින් පයින් පහර දුන්නා. මගෙ ඇඟ කැපුවා. මගේ ඔළුවට දේවල් තියල බැන්ද. මගෙ ඇඟේ ලේ ගලන්න පටන් ගත්ත. මම දින දෙකක් එහි හිටියා මගේ ඇඟ පුරා ලේ. ඊට පස්සේ මට තදේට වමනෙ ගියා. දින දෙකකට පස්සේ ආයෙම මාව අරගෙන ගියා. එකම ප්‍රශ්න ආයෙම මගෙන් ඇහුවා. ඇඟේ කපල තිබුණා තැන් ආයෙම ඇතුළට කැපුවා” එසේ වද දුන් පුද්ගලයන්ගෙන් සමහරෙක් බ්‍රිතාන්‍යය සිටිය හැකි දැයි ඔහුට ප්‍රශ්නයක් යොමු කළ විට තමන් එසේ සිතන බවයි ඔහු පැවසුවේ. “ ඔවුන්ට මොනවා හරි කරන්න සිද්ධ වෙනව. ඒ නිසා බේරෙන්න ඔවුන් පලා යනවා” ඔහු කියා සිටියේය. අහිතකර නිර්දේශ දෙදහස් දොළහේ ජනවාරි සහ දෙදහස් දහ තුනේ අප්‍රේල් දක්වා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් යුද අපරාධ සහ මානව වර්ගයට එරෙහි අපරාධ සිදු කොට ඇති බවට සැක කෙරෙන අට සිය දෙනකුගේ අයදුම් පත් පරීක්ෂා කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ලබා ගැනීමට, දේශපාලන රැකවරණ ලැබීමට සහ බ්‍රිතාන්‍යයේ දිගු කාලීන වීසා මත රැඳී සිටීමට ඉදිරිපත් කළ අයදුම්පත් අනූ නවයක් සම්බන්ධයෙන් අහිතකර නිර්දේශ ලබාදී ඇති බව පැවසූ අමාත්‍යංශය යුද අපරාධකරුවන් දහසය දෙනකු බ්‍රිතාන්‍යයට ඒම සඳහා අයදුම් පත් ඉදිරිපත් කොට ඇති බවත් ප්‍රකාශ කළේය. දෙදහස් පහ සහ දෙදහස් දොළහ යන වසර තුළ සැක කටයුතු යුද අපරාධකරුවන් හත් සිය දෙනකු හඳුනාගෙන ඇති බවත් බ්‍රිතාන්‍යයේ ආගමන විගමන නිලධාරීහු පැවසූහ.
බ්‍රිතාන්‍යයේ ජීවත්වන යුද අපරාධකරුවන් ලෙස සැක කෙරෙන පුද්ගලයන් පිළිබඳ නිල සංඛ්‍යාව බොහෝ දුරට අඩු තක්සේරුවක් මත පදනම්ව ඇති බව බ්‍රිතාන්‍යයේ ආගමන විගමන අංශයේ හිටපු ප්‍රධානී බ්‍රයන් මුවර් ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විජයග්‍රහණයේ හමුදාව නමින් හඳුන්වන සන්නද්ධ කණ්ඩායමක් විසින් පාලනය ගෙන යන සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ කැරලිකරුවන් ඉලක්ක කර ගෙන රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වන බවයි ලෙබනනයේ ‘අල් මයදීන්’ රූපවාහිනිය වාර්තා කළේ. රුසියාවේ ආරක්ෂක අංශ රුපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කළ රුසියානු හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ කියා සිටියේ හමා නගරය ආසන්නයේ පිහිටි ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ තට්ටු තුනකින් සමන්විත ප්‍රධාන මධ්‍යස්ථානය විනාශ කිරීමට රුසියානු ගුවන් ප්‍රහාර සමත් වී ඇති බවයි. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය කියා සිටියේ රුසියාව විසින් සිදු කළ එම මෙහෙයුම් වල ඉලක්කය IS නොවන නමුත් රුසියාවට එදිරිවාදී සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ගේ හමුදා කණ්ඩායම් විය හැකි බවයි. සිරියානු රජයට හිතවාදී හමුදා පරදවමින් පසුගිය මාස කිහිපය ඇතුළත ඉස්ලාම් සංවිධානයේ විජයග්‍රහණයේ හමුදාව විසින් සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට සමත් විය. ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහි යුද්ධයට විශාල වෙනසක් ඇති කිරීමට රුසියාව සමත් ව ඇති බවයි සිරියාව පවසන්නේ.
සිරියාවේ IS කැරලි කරුවන් සිටින ඉලක්ක වලට දෙවන දිනයේදීත් රුසියාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම සිදු වන බව වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ බදාදා කුරුණෑගල පැවති උත්සව සභාවක් අමතා අදහස් දක්වමිනි. "අපි සැමවිටම යුද්ධය කළ රණවිරුවන් ආරක්ෂා කරන එක අපේ වගකීමක් සහ යුතුකමක් ලෙස ඉතාමත්ම ඉහලම ලෙස අපි ඉෂ්ඨ කරනවා," ඔහු පැවසීය. එහෙත් යුද්ධයෙන් පරිබාහිරව, ජාතික ආරක්ෂාව හා කිසිදු සම්බන්ධයක් නැති අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් කවර අංශයක සේවය කළ ද ඔවුන් ආරක්ෂා කිරීමට තමන්ට හැකියාවක් නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි. "මාධ්‍යවේදීන්, ක්‍රීඩකයන්, වෙනත් විවිධ ක්ෂේත්‍රවල අය සම්බන්ධයෙන් ඇතිවෙලා තිබෙන ඝාතන, පහරදීම්, එවැනි කාරණාවලට කාගේ හෝ සම්බන්ධයක් තිබෙනවා නම් අපිට ඒ අය රකින්න පුළුවන් කමක් නැහැ," ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එල්ටීටීඊ සංවිධානයට එරෙහිව සටන් කළ 'රණවිරුවන්ට' කිසියම් ගැටලුවක් මතුවන්නේ නම් ඔවුන් ආරක්ෂා කිරීම පිණිස කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස තරගාවලි තුනක් පිට පිටම ජයග්‍රහණය කර තිබේ. ඉරිදා පැවති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය. එහිදී ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 173 කට දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, නුවන් කුලසේකර විසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයි රිචඩ්සන් (Jhye Richardson) දවාගනු ලැබුවේ තරගයේ අවසාන පන්දුවේදීය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර නියමිත පන්දු වාර හතර අවසානයේදී ලකුණු 31 කට කඩුලු හතරක් දවාගත්තේය. එයට ප්‍රතිචාර වශයෙන් තියුණු තරගයක යෙදුණු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානය දක්වාම පිතිහරඹයේ යෙදුනු අතර, කඩුලු අටක් දැවී ලකුණු 176 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය. නවක ක්‍රීඩක අසේල ගුණරත්න හයේ පහර පහක් සහ හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 84 ක් රැස්කිරීම කැපී පෙනුණි.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයත් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවලියේ ජය අත්කර ගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා පිළිබඳව 'ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි' සන්නද්ධ ගැටුම නිමා වී පස් වසරක් ගත වීත් යුද පීඩිතයන්ට හා නෑ සියන් ට යුක්තිය ඉටු නො වීම 'අතිශයින් ලජ්ජා සහගත' කටයුත්තක් ලෙසයි ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් හඳුන්වන ලද්දේ. මහ කොමසාරිස් වරියගේ නවතම වාර්තාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සහ යුද අපරාධ සම්බන්ධයෙන් පැවැත්විය යුතු ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන 'තියුණු සහ අත්‍යවශ්‍ය සිහි කැඳවීමක්,' බව ඇම්නස්ටියේ ආසියා ශාන්තිකර කලාපීය නියෝජ්‍ය අධ්‍යක්ෂිකා පොලි ට්‍රස්කොට් පැවසුවාය. රටේ අධිකරණ පද්ධතිය කෙරේ විශ්වාසය ගිලිහී ගොස් ඇති හෙයින් ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව මතු වී තිබෙන බවයි ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ. සාමාන්‍ය නඩු විභාගයක් සම්බන්ධයෙන් පවා ශ්‍රී ලංකාවේ නීති පද්ධතියත්, අධිකරණ ක්‍රමයත් සාධාරණ ආකාරයෙන් කටයුතු කරන බවක් පෙනී නො යන බව පවසන කොමිසමේ විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු, බීබීසී සංදේශයට කියා සිටියේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් රට තුල කිසිදු යුක්ති සහගත ක්‍රියාකාරිත්වයක් අපේක්ෂා කළ නො හැකි බවයි. අදාළ චෝදනා පිළිබඳ ව පස් වසරක් තිස්සේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින මහ කොමසාරිස්වරිය, ඊට හේතු සාධක දක්වා නැති බවයි, ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ. ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම ඔහු විසින් හඳුන්වනු ලැබුයේ 'වෙනත් අයගේ අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට රට විවෘත කිරීමක්' ලෙසින්. මහ කොමසාරිස් වරියගේ නිර්දේශය අනුමත කිරීමට මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් සැලකිය යුතු සංඛ්‍යාවක් සුදානමින් සිටින බවයි අධිනීතිඥ බැසිල් ප්‍රනාන්දු වැඩි දුරටත් කියා සිටියේ.
නවී පිල්ලේ මහ කොමසාරිස් වරිය ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවෙන් කළ නිර්දේශය ක්‍රියාවේ යොදවන ලෙස මානව හිමිකම් සංවිධාන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සටන්විරාම ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව මැදිහත් විය යුතු බවට ඉහත කී ලිපිය මාර්ගයෙන් පාකිස්තානය ඉල්ලීමක් කරයි. එවැනි මැදිහත් වීමක් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් පළ කරන ඉන්දියාව ඊට සිය කෝපය පළ කරනු ඇති බවයි පැවසෙන්නේ. දශකයකට පමණ පසු කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ ඇති වී තිබෙන දරුණුතම සටන් අතරතුරයි ඉහත කී ලිපිය යොමු කර ඇත්තේ. මේ අතර ගත වූ පැය විසිහතර තුළ පාකිස්තානය නොනවත්වා සටන්විරාමය කඩ කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. දේශ සීමාවේ පිහිටි ඉන්දීය මුරපොළවල් ඉලක්ක කර පාකිස්තානය ෂෙල් ප්‍රහාර එල්ල කරන බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් චෝදනා කරමින් කියා සිටියේ.
කාශ්මීර සටන්විරාම ගිවිසුම කඩ කළ බවට ඉන්දියාවට චෝදනා නගමින් පාකිස්තානය එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මුන් වෙත ලිපියක් යවා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමරිකානු ජාතික මාධ්‍යවේදිනියක් වන නූර් තාගොරි 'Playboy' සඟරාවේ ඔක්තෝබර් කලාපය සඳහා පෙනී සිටින්නේ 'ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජයේ පවතින පූර්ව නිගමනයන් අභියෝගයට ලක් කිරීම සඳහා' බව ඇමරිකානු ජාතික මාධ්‍යවේදිනියක් වන නූර් තාගොරි පවසන්නීය. බටහිර විලාසිතාවට අනුව ටී ෂර්ටයක්, ඩෙනිම් කලිසමක් සහ ජැකට්ටුවකින් සැරසුණු නූර් තාගොරි නිරුවත, විනීතභාවය පිළිබඳ හඬ අවදි කරන්නීය. මුස්ලිම් කාන්තාවන් හිජාබයකින් සැරසී සිටීම තුළින් ඔවුන් ''දැඩි පාලනයකට'' නතු වීම හෝ ''අවනත භාවයකට'' යටත් වන බවට පවතින අදහස ඇය ප්‍රතික්ෂේප කරයි. ඇමරිකාවේ වාණිජ රූපවාහිනී ක්ෂේත්‍රයේ හිජාබයකින් සැරසුණු පළමු පුවත් නිවේදිකාව බවට පත් වීම සිය ඉලක්කය බවයි අරාබි සම්භවයකින් පැවත එන විසි දෙහැවිරිදි නූර් පවසන්නේ. පාඨකයන් වෙත පණිවුඩයක් දැනට ඇය 'Newsy' නමැති ඇමරිකානු වීඩියෝ පුවත් මාධ්‍ය ජාලයක සේවය කරන්නීය. 'Washington post' පුවත්පතට පසුගිය වසරේදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ සිය ඉලක්කයට ආගම බලපෑමක් වනු ඇති බවට ඇතැමුන් පළ කරන අදහසට තමා විරුද්ධ බවයි. ''මා හිජාබයකින් සැරසී පුවතක් වාර්තා කළා කියලා අන්තර්ගතයේ කිසිඳු වෙනසක් සිදු වන්නේ නැහැ,'' ''ඒ තුළින් මට යමි කිසි ධෛර්යක් ලැබෙනවා. මට අවශ්‍ය ඉලක්කය කරා යාමට එය උදව් වෙනවා,' කෙසේ වෙතත් 'Playboy' සඟරාවේ පළ වන විශේෂාංගයකට පෙනී සිටීමට නූර් ගත් තීන්දුව සහ ඇයගේ ජීවන රටාව පිළිබඳ ඇතැමුන් එකඟ නොවේ. 'Playboy' සඟරාවේ පාඨකයන් වෙත ලබා දීමට කැමති පණිවුඩය සම්බන්ධයෙන් නූර්ගෙන් අසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ 'ඔබ, ඔබ විදිහට ජීවත් වන්න, අනෙක් අයටත් එසේ කිරීමට දිරිමත් කරන්න' යනුවෙනි.
වැඩිහිටියන්ට සීමා වූ 'Playboy' සඟරාව පළමුවරට හිජාබයකින් සැරසුණු මුස්ලිම් නිරූපිකාවකගේ ඡායාරූප පළ කිරීමට සැරසෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඡන්දය දැමීමේ කටයුතු ඇරඹීමට පැය ගණනක් තිබියදීයි පුද්ගලයන් හත් දෙනෙකු මෙසේ වෙඩිතබා මරා දමා ඇත්තේ. පිලිපීන ජනාධිපතිවරණයේ ඡන්දය දැමීමේ කටයුතු ඇරඹීමට පැය ගණනක් තිබියදී මේ ඝාතන සිදුවී ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ගේ ක්‍රියා හේතුවෙන් මැතිවරණ නිලධාරීන් ගේ අවධානයට ලක්ව තිබූ ප්‍රදේශයකයි. කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේද යන්න පැහැදිලි නැත. සෙනසුරාදා නගරාධිපති පදවිය වෙනුවෙන් තරඟ වැදුණු අපේක්ෂකයෙකුද දකුණු පිලිපීනයේ දී ඝාතනය කෙරිණි . ජනාධිපති ධූර අපේක්ෂකයන්-උප ජනාධිපති ජෙජෝමර් බිනායි, සෙනෙට් සභික මිරියම් සන්තියාගෝ, දවාවෝ නගරාධිපති රොඩ්රිගෝ දුටර්ටේ, සෙනෙට් සභික ග්‍රේස් පෝ සහ ස්වදේශ ලේකම් මාර් රොක්සාස් මේ අතර මිලියන ගණනක් වූ පිලිපීන ජනතාව ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කරමින් සිටින බවයි වාර්තා වන්නේ. පිලිපීන දේශපාලනයේ ප්‍රභලයන් අසතුටට පත්කරමින් අධිකාරීවාදී ප්‍රාදේශීය සභා නායකයෙකු ජනාධිපති පදවිය ලබාගැනීමේ සටනට එක්වී සිටියි. කෙසේවුවද ජනාධිපති ධූරය සඳහා අපේක්ෂකයන් පස් දෙනෙකු තරඟ කරන නමුත් රොඩ්රිගෝ ඉදරියෙන් සිටින බවයි වාර්තා වන්නේ . තම දේශපාලන ප්‍රචාරක ක්‍රියාවලියේ දී ජනාධිපති අපේක්ෂක රොඩ්රිගෝ දුටාර්ටේ අදහස් පළකර තිබුණේ තමාගේ ජයග්‍රහණයෙන් පසු දහස් ගණනක් අපරාධකරුවන් මරා දමන බවටත් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉවත්කරන බවටත් තර්ජනය කරමින්. මේ ප්‍රකාශය පිළිබඳව දේශපාලන විචාරකයන් අනතුරු අඟවා ඇත්තේ වසර තිහකට අධික කාලයක් පිලිපීනයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවසන් වීමේ පෙර ලකුණු පෙන්වන බව සඳහන් කරමින්. ව්‍යවස්ථාව අනුව වර්තමාන ජනාධිපති අකිනෝට පදවිය හෙබවිය හැක්කේ එක වතාවක් පමණි මෙම ජනාධිපතිවරණයේ දී ජනතාවගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ආර්ථිකය, සහ අසමානතාවය සහ දුෂණ පිළිබඳවයි . පිලිපීන ව්‍යවස්ථාව අනුව ජනාධිපති පදවිය හෙබවිය හැක්කේ වසර හයක කාලයක් සඳහා එක වරක් පමණක් බැවින් ජනාධිපති බෙනිනෝ අකිනෝ ජනාධිපති පදවියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ . මෙම මැතිවරණයේ දී ජනාධිපති, උප ජනාධිපති සහ ප්‍රාදේශීය සභා නායකයන් තෝරාගැනීම සඳහා පිලිපීන ජනතාවට අවස්තාව ලැබී තිබේ .
පිලිපීනයේ මැනිලා නුවර ආසන්නයේ දී රථ පෙළපාලියකට සැඟවී සිට කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මරා දැමුණ නරේන්ද්‍ර දභෝල්කාර්ගේ දේහයට උපහාර දක්වන අනුගාමිකයන්. නරේන්ද්‍ර දභෝල්කාර්(Narendra Dabholkar) නම් එම ක්‍රියාධරයා වෙඩි තබා මරා දමනු ලැබීමෙන් මාස තුනකට අධික කාලයකට පසුවයි, එම අත්අඩංගුවට ගැනීම් සිදු කෙරුනේ. නරේන්ද්‍ර දභෝල්කාර්ට වෙඩි තබනු ලැබුණේ, ඔහු ‘පූනා’ නගරයේ මාවතක සුපුරුදු පරිදි උදෑසන ඇවිදීමේ නිරතවෙමින් සිටියදී. කට්ටඩියන් සහ තමන්ට අද්භූත බලයක් ඇතැයි පවසන ඉන්ද්‍රජාලිකයන්ගේ මවා පෑම් වලට එරෙහිව දශක කීපයක් ම අභියෝග කරමින් සිටි නරේන්ද්‍ර දභෝල්කාර්, ආගමික චාරිත්‍රයක් හැටියට සත්ව බිලි පූජා පැවැත්වීමට ද එරෙහිව කටයුතු කළ ක්‍රියාධරයෙක්.
හදි හූනියම්, කොඩිවින ආදී අන්ධ මිථ්‍යා විශ්වාස වලට එරෙහිව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටි ක්‍රියාධරයකු මරා දමනු ලැබීම සම්බන්ධයෙන් බටහිර ඉන්දියාවේ පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොදු රාජ්‍ය මණ්ඩල සැසි වාර සතියේ තුන් වන දිනය වන අඟහරුවාදා වැඩි අවධානය යොමු වූයේ පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුවටයි. සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ ප්‍රවර්ධනයට දියුණු රටවල් අවංකව ම ආධාර කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. තිරසාර හා ප්‍රායෝගික ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුලින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට තමන්ගේ අපේක්ෂාවන් මුදුන් පත් කර ගත හැකි බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් කරන ඕනෑම විශ්ලේෂකයෙකුට මෙම ප්‍රායෝගික ප්‍රවේශයේ ලක්ෂණ පැහැදිලිව දැකිය හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වා දුන්නේය.
සංවර්ධනය වෙමින් පවතින ජාතීන් මුහුණ දෙන ගැට‍ළු සම්බන්ධයෙන් දියුණු රටවල් සංවේදී විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පරීක්ෂණ කොමිසමේ නියෝජිතයන් මිනීවල ඇතැයි පැවසෙන ස්ථාන නිරීක්ෂණය කල අයුරු එක්දහස් නවසීය අනූව වසරේ ජුනි මාසයේ මඩකලපුව කල්මුනේ මහා මාර්ගයේ රථවාහනවල ගමන් ගත්, කාත්තන්කුඩිය ඇතුළු අවට ප්‍රදේශවල පදිංචී මුස්ලිම් ජාතිකයන් එකසීය හැටපස් දෙනෙකු , කුරුක්කල්මඩම් ප්‍රදේශයේදී එල්ටීටීඊ සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කර වෙරළ ප්‍රදේශයේ වල දමා ඇතැයි මුස්ලිම් ජාතිකයන් දිගින් දිගටම කළ චෝදනා අනුව මෙම පරීක්ෂණය ආරම්භ විය. ඉල්ලීමක් ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ සිරුරු කොටස් ගොඩ ගෙන ඉස්ලාම් ආගමට අනුව අවසන් කටයුතු කිරීමට උදව් කරන මේන් ඝාතනය කෙරුණු බව පැවසෙන මුස්ලිම් ජාතිකයන්ගේ ඥාතීන් කීහිප දෙනෙකු කලවන්චිකුඩි පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි පැවසෙන්නේ. මුස්ලිම් ජාතිකයන් ඝාතනය කර වල දමා ඇති බවට සැක කෙරෙන වෙරළ ප්‍රදේශයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේය. උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන් පිලිබඳ පරීක්ෂණ කොමිසම මඩකලපුව දිස්ත්‍රික්කයේ කරන ලද පරීක්ෂණ කටයුතුවලදී, ඝාතනය කෙරුණු බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ ඥාතීන් මේ සම්බන්ධව ප්‍රකාශ ලබා දී තිබේ. එම මිනී වලවල් තුල ඇති ශරීර කොටස් ගොඩ ගෙන ඉස්ලාම් ආගමට අනුව අවසන් කටයුතු කිරීමට කොමිසම සහය දිය යුතු බවට ඝාතනය කළා යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ ඥාතීන් ඉල්ලීමක් කළ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දැක වූ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් එම ස්ථානයට ගොස් නිරීක්ෂණ කටයුතු කළ බවත් පැවසේ.
වසර විසි හතරකට පෙර මඩකලපුව කුරුක්කල්මඩම් ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කෙරුණු බවට සැක කෙරෙන, මුස්ලිම් ජාතිකයන්ට අයත් මිනීවලක් බවට හඳුනා ගෙන ඇති ස්ථානයක් යලි ගොඩ දැමීම සඳහා මීළඟ අඟහරුවාදාට කටයුතු යොදන මෙන් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගාල්ල, මිල්ලව ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයෙකු වන ඔහු, දරුවන්ට පාසලින් ලැබෙන 'ගෙදර වැඩ' සිය නිවසට පැමිණ සම්පුර්ණ කර ගැනීම සඳහා ද දිනපතා සවස් කාලයේ පැය දෙකක් වෙන්කර ඇත. දැඩි දුෂ්කරතා මැද අධ්‍යාපනය ලද තමන් 1996 දී කොළඹ දිස්ත්‍රික්කයෙන් 14 වැනි ස්ථානය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ බවත්, රටට වැඩදායි දෙයක් ඉතිරි කර මිය යායුතු බැවින් බිරිඳ සමග එක්ව මේ සද් කාර්ය ඉටු කරන බවත් නලින්ද ප්‍රගීත් දයාරත්න ගුරුතුමා බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ඔහු සිය නිවසේ තාරකා විද්‍යා සංගමයක් මෙන්ම සාහිත්‍ය සංගමයක් ද පවත්වාගෙන යයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මිතුරන් ඇතුළු කිහිප දෙනෙකු ඒ සඳහා උපකාර කරන බව ද ඔහු කියා සිටියේය. මේ ගැනත් දැනගන්න: නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය ෂර්ලි උපුල් කුමාර
තමන් ලද නිදහස් අධ්‍යාපනයේ 'ණය ගෙවීම' සඳහා දරුවන්ට නොමිලේ උපකාරක පංති පවත්වන නලින්ද ප්‍රගීත් දයාරත්න නමැති ගුරුවරයෙකු ගැන අකුරැස්ස, ඕපාත ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහාචාර්යවරයා කියා සිටියේ, මෙම විශ්වවිද්‍යාල දෙක සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර ඇති වූ ගිවිසුමකට අනුව මෙම ගවේෂණ කටයුතු ආරම්භ වූ බවය. පැරණි මාතොට වරාය හරහා ශ්‍රී ලංකාව විදේශීය රාජ්‍යයන් සමඟ සිදුකළ වෙළෙඳ ගනුදෙනු සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අධ්‍යයනය කිරීමට නියමිතය. ගවේෂණයට සම්බන්ධ සියලු නියෝජිතයින් 27 වන දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේදී තමන් හමු වී ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳ සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බව ද ඔහු පැවසීය. මින් පෙර මාතොට වරාය ගැන පරීක්ෂණයක් පවත්වා තිබූ පුරාවිද්‍යා නිලධාරී කාර්ස්වෙල්, එහිදි චීන මැටි බඳුන් කිහිපයක් හමුවුවත් මාතොට වරාය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ දක්වා සිදු වී නොමැති බව කැළණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය මංගල කටුගම්පළ පැවසීය. මේ තොරතුරුද කියවන්න: චීනයේ ෂිචුආන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය හුවෝවෙයි සහ මහාචාර්ය හොන් ලියැන් යු ඇතුළු කණ්ඩායමක් ද මේ ගවේෂණය සඳහා එක් වීමට නියමිතය. චීන විශ්ව විද්‍යාල නියෝජිතයෝ මීට පෙර ද ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ එක්ව යාපනය දඹකොළ පටුන වරාය ආශ්‍රිතව ගවේෂණයක් සිදු කළහ. ඉපැරණි චීන පිඟන් භාණ්ඩ කොටස් රැසක් සහ චීන ලංකා වෙළෙඳ සම්බන්ධතා ගැන සාක්ෂි රැසක් සොයාගැනීමට ඒ අවස්ථාවේ ඔවුහු සමත්වූහ. ඉපැරණි මාතොට වරාය අනුරාධපුර රාජධානි සමයේ දිවයිනේ ප්‍රධානම වරාය ලෙස පැවති අතර, කෝට්ටේ රාජධානි සමය දක්වා ක්‍රියාත්මක වී ඇති බව මන්නාරම මාතොට රජමහා විහාරාධිපති පූජ්‍ය අඹගහවැව සංඝරක්ඛිත හිමියන් සඳහන් කළහ. තිරුකේදීශ්වරන් කෝවිල අනුරාධපුරය සහ පොළොන්නරුව රාජධානි සමයේ සියලු ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සිදු වී ඇත්තේ මාතොට වරාය හරහා වන අතර, මල්වතුඔය ඔස්සේ අනුරාධපුර රාජධානිය වෙත භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීමට ද මෙය භාවිත කර ඇති බව සංඝරක්ඛිත හිමියෝ පැවසූහ. එහිමියන් වැඩිදුරටත් කියා සිටියේ, රාජසිංහ රජ සමයේ පෘතුගීසීන් ඉන්දියාවට රැගෙනයාම වෙනුවෙන් මාතොට වරාය යොදාගෙන ඇති බවය. පැරණි මාතොට වරාය පැවති ස්ථානයේ වර්තමානයේ තිරුකේදීශ්වරන් කෝවිල පිහිටා ඇති අතර, එය මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් තිබේ. තවත් තොරතුරු:
චීනයේ ෂිචුආන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ගවේෂකයින් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මන්නාරම, මාතොට පැරණි වෙළෙඳ වරායේ ගවේෂණයක් ආරම්භ කොට ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍යය ඇමති මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයට එක් වීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ. අද කොළඹ දී තවදුරටත් අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, සිය පක්ෂයේ මහ ලේකම්වරයා විපක්ෂයට යාම සම්බන්ධයෙන් කියා සිටියේ තමාට කිව හැක්කේ ‘අනේ පව්!’ කියා බවයි. ‘ගිය වතාවේ ෆොන්සේකා මහත්මයා හසු වුනා. මේ වතාවේ මෛත්‍රී හසු වුනා. රනිල්ට දැන් ගෙදරත් මෛත්‍රී. පිටත් මෛත්‍රී’ ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, දේශීය ආර්ථිකයක් ගොඩ නංවමින් දේශීය සංස්කෘතිය පණ ගැන්වීමට දිවංගත බණ්ඩාරනායක අගමැතිවරයා විසින් ආරම්භ කළ ක්‍රියාමාර්ගය ආපසු හැරවීමට ඉතිහාසයේ විවිධ බලවේග ක්‍රියාත්මක වූ බවයි. කිඹුල් කඳුළු 1977 න් අනතුරුව එම ගමන් මාර්ගය ආපසු හැරවීමට ක්‍රියාත්මක වූ දේශපාලන නායකයන් අද ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ දරන බවයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවසන්නේ. තමා 2005 වසරේ බලයට පැමිණ 2009 වසරේ දී රට එක්සත් කරමින් යුද්ධය ජය ගත් බව කියා සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ එය බෙදුම්වාදයට මිස දෙමළ ජනතාවට එරෙහිව සිදු කළ යුද්ධයක් නොවන බවයි කියා සිටියේ. ඉන් අනතුරුව රට සංවර්ධන මාවතට ගෙන ආ බව සඳහන් කළ ජනාධිපතිවරයා වත්මන් තරුණ සහ මතු බිහිවන පරපුරට අනාගතයක් ගොඩ නැගීමට කැප වී සිටින බවත් ප්‍රකාශ කළේය. තමා ජාත්‍යන්තර අධිකරණ ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් අද රට ගැන කිඹුල් කඳුළු සලන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමාට නොහැකි වුණේ අවශ්‍ය සහයෝගය නොලැබීම නිසා බවත් කියා සිටියේය. එම සහයෝගය නොදී භයානක ලෝකයක් මැවීමට උත්සාහ කරන බවට ඔහු විපක්ෂයට චෝදනා කළේය.
ශ්‍රී ලංකාවට නිදහස් ලැබුණ දා පටන් නොයෙක් බලවේග රටට එරෙහිව හොල්මං කරමින් තිබුණ අතර එවැනි කටයුතුවල නිරත වූවන් අද රට ගැන කිඹුල් කඳුළු සලන්නට පටන් ගෙන ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආණ්ඩුව මෙම එකඟතා ක්‍රියාත්මක නොකරන්නේ නම් යලිත් වරක් වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට පසුබට නොවන බවට ආචාර්යවරු අනතුරු අඟවති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඒ බව ප්‍රකාශ කළේ දින සියයක් මුළුල්ලේ දියත් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය නිමාකිරීමේ තීන්දුව දැනුම් දීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, විශ්ව විද්‍යාල පරිපාලනය නිර්දේශපාලනය කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙනයි, ජුලි 04 වැනිදා සිට එම වැඩවර්ජනය දියත් වූයේ. එම ඉල්ලීම්වලට ප්‍රතිචාරය පළ කළ ආණ්ඩුව, 2013 වසරේ සිට වසර පහක් ඇතුලත ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා නිරාකරණය කිරීමටත්, අධ්‍යාපනය සඳහා දැනට වෙන්කෙරන දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.85 ප්‍රමාණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන අන්දමින් වැඩිකිරීමටත් ප්‍රතිඥා දී තිබිණ. සරසවි පරිපාලනය නිර්දේශපාලනය කිරීමේ ඉල්ලීමටද ප්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුව එකඟත්වය පළ කොට තිබේ. ආණ්ඩුව ඉදිරිපත් කළ විසඳුම් සම්බන්ධයෙන් සම්මේලනය මුළුමනින්ම සතුටු නොවන්නේ වුවද ඇතිකරගත් එකඟතාවයන්ට රජය ගරු කරනු ඇතැයි යන්න තම අපේක්ෂාව බවයි, ආචාර්ය දේවසිරි මාධ්‍යවේදීන්ට කියා සිටියේ. "මේ අරගලයේ ජයග්‍රහණය තමයි මේ ප්‍රශ්න ටික හරියට මතුවීම. ඔය ඔක්කොම ඩොලර් කතා, කුමන්ත්‍රණ කතා දැන් ඕව ටිකක් පැත්තකට ගිහින් දැන් ආපහු ප්‍රශ්නේ තියෙනවා අපි ඉස්සරහ," යන්න වැඩ වර්ජනය නිමා කළේ ඉල්ලීම් දිනාගෙන නොවේදැයි යනුවෙන් නැගුනු ප්‍රශ්නයකට ඔහු පළ කළ ප්‍රතිචාරයයි. සම්මේලනයේ උප සභාපති ආචාර්ය දඹර අමිල හිමියෝ අදහස් දක්වමින්, ආණ්ඩුව මෙම එකඟතා ක්‍රියාත්මක නොකරන්නේ නම් යලිත් වරක් වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට තමන් පසුබට නොවන බව පැවසූහ. සබැඳි තේමා
අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක මුදලක් වෙන්කරන මෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් වෙනත් මුදලක් ලබාදීමට රජය ඉදිරිපත් කරන යෝජනාව සම්බන්ධයෙන් සිය සංගමයේ මනාපයක් නැති මුත් අධ්‍යාපන ගැටළු පිළිබඳව අවධානය යොමුකිරීමට හැකිවීම තම අරගලයේ ජයග්‍රහණයක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆුටා) පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මෙතරම් රාත්‍රිය වෙනතුරු නොනිදා සිටි තරුණියන් ඉන්නවා නම් මම ඔවුන්ට කියන්නේ," ප්‍රීති ප්‍රමෝදයට පත් හිලරි ක්ලින්ටන් සෘජුවම ආමන්ත්‍රණය කළේ කාන්තාවන්ටය. "මීළඟ ජනාධිපතිනිය මම වෙන්න පුළුවන්, නමුත් ඊළඟ කාන්තාව ඔබෙන් කෙනෙක්." අවසානයේ සිය සිහිනය සැබෑ කරගැනීමට ඇය අපොහොසත් වූවාය. එනමුත් ගතව ගිය දශකය ඇතුළත ලොව පුරා ජනතා ඡන්දයෙන් බලයට පත් වූ කාන්තාවන් පිරිස දෙගුණ වී තිබේ. සියයක් කාන්තාවෝ: හිමි තැන නොලැබීම පිව් පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Centre) පෙන්වා දෙන ආකාරයට මේ වනවිට ලොව පුරා කාන්තාවන් 15 ක් සිය රටවල රාජ්‍ය බලය හොබවන අතර, ඒ අතරින් අට දෙනෙකුම සිය රටේ බලයට පත් වූ පළමු කාන්තාවය. අනෙක් අතට එහි අදහස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් රාජ්‍ය බලය හිමිව තිබෙන්නේ කාන්තාවන් 10% කටත් අඩු ප්‍රතිශතයකට බවය. ඒ නායිකාවන් පිරිස පැහැදිළිවම බාධක බිඳ ඉදිරියට පැමිණීමට සමත් වුවත්, සිය රටේ අනෙක් කාන්තාවන්ට ද ලැබෙන අවස්ථා පුළුල් කිරීමට ඔවුන් සමත් වී තිබෙන්නේ ද? ඒ පැනයට එක් පිළිතුරක් ලෙසින්, ඉන්දියාවේ පළාත් පාලන මැතිවරණ සඳහා කාන්තාවන් වෙනුවෙන් විශේෂ කෝටාවක් නියම කර තිබීම විමසා බැලිය හැකිය. 1993 දී ඉන්දියාවේ දියත් කරන ලද අත්හදා බැලීමක් ප්‍රකාර, අහඹු ලෙස තෝරා ගනු ලබන සෑම ඉන්දීය ගම් සභා තුනකින් එකක්ම එහි සභාපති පදවිය කාන්තාවක් සඳහා වෙන් කළ යුතුය. සිය ගම් සභාවේ නායකත්වය කාන්තාවකට හිමිවීම එම ගම්මානයේ තරුණ කාන්තාවන්ට සිය අනාගතය පිළිබඳ බලාපොරොත්තු දනවන්නක් බව දහස් ගණන් තරුණියන් සහ ඔවුන්ගේ දෙමාපියන් යොදාගෙන 2012 දී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළිදරවු විය. එම අත්හදා බැලීමට ප්‍රථම සිය දරුවන්ගේ අධ්‍යාපනය, රැකියා සහ අනාගතය පිළිබඳව විමසු විට සාමාන්‍යයෙන් ඉන්දීය දෙමාපියන් බොහෝ බලාපොරොත්තු තැබුවේ සිය පුතුන් කෙරෙහිය. එහෙත් කාන්තාවක පිට පිටම දෙවතාවක් නායකත්වය දැරූ කිසියම් ගම්මානයක සහ කිසි දිනෙක කාන්තාවකට නායකත්වය හිමි නොවූ ගම්මානයක දෙමාපියන් සිය දරුවන් කෙරෙහි තැබූ බලාපොරොත්තු විෂයයෙහිලා පුතුන් සහ දියණියන් අතර පරතරය 25% කින් අඩු වූ බව ද දක්නට ලැබුණි. දරුවන් අතර ද එම පරතරය 32% කින් අඩු විය. කාන්තාවක ගම් සභාවේ නායකත්වය දැරීම පුතුන් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු අඩුවීමට හේතු නොවූ බැවින්, පුතුන් සහ දියණියන් පිළිබඳ බලාපොරොත්තු අතර පරතරය අඩුවීම පැහැදිලිවම දියණියන් පිළිබඳ අපේක්ෂා ඉහළ යාම සනිටුහන් කරන්නක් විය. කාන්තාවන් සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා ගම් සභා නායිකාවක සතු හැකියාව ඉතා සීමිත වුවද, ඔවුන් වටා සිටි තරුණියන්ගේ අපේක්ෂා ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ට නායකත්වය හිමිවීම පමණක්ම ප්‍රමාණවත් බව සමීක්ෂණ වාර්තාවේ කතුවරුන්ගේ නිගමනය විය. තමන් සමීපයේ නොසිටියද, අනාගත පරපුරට බලාපොරොත්තු තැබිය හැකි ආදර්ශමත් චරිත පවා නායකත්වය සම්බන්ධයෙන් කාන්තාවන් දිරිමත් කිරීමට තුඩු දිය හැකි බව 2012 දී ස්විට්සර්ලන්තයේ පවත්වන ලද පර්යේෂණයකින් ද හෙළි වී තිබේ. ජර්මනියේ චාන්සලර් අන්ගෙලා මර්කල් සහ එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන්ගේ ඡායාරූප ඉදිරියේ දේශන පවත්වන මෙන් පර්යේෂකයෝ ශිෂ්‍ය කණ්ඩායම් දෙකකට ආරාධනා කළහ. තවත් කණ්ඩායමක් බිල් ක්ලින්ටන්ගේ ඡායාරූපය ඉදිරියේ දේශන පැවැත්වූ අතර, කිසිදු ඡායාරූපයක් නොමැතිව දේශනයක් පවත්වන මෙන් සිවු වෙනි කණ්ඩායමට ආරාධනා කෙරිණ. බිල් ක්ලින්ටන්ගේ ඡායාරූපය ඉදිරිපස සහ කිසිදු ඡායාරූපයක් නොමැති අවස්ථාවට වඩා අන්ගෙලා මර්කල් සහ හිලරි ක්ලින්ටන්ගේ ඡායාරූප ඉදිරියේ ශිෂ්‍යාවෝ ඉතා දීර්ඝ වේලාවක් දේශන පැවැත්වූහ. එමතු නොව, සාර්ථක දේශපාලන නායිකාවන් ඉදිරියේ ශිෂ්‍යාවන්ගේ අදහස් දැක්වීම් ද අනෙක් අවස්ථාවලට සාපේක්ෂව ඉතා සාධනීය විය. "දේශපාලන නායිකාවක් යනු සමානාත්මතාව පිළිබඳ තරුණ පරපුරේ ඉලක්කය පමණක් නොව, ඒ සඳහා තරුණියන් දිරිමත් කරන එන්ජිමද විය හැකි," බව සමීක්ෂණයේ කතුවරුන් සිය වාර්තාවේ සඳහන් කර තිබුණි.
2016 ජුලි මාසයේ දිනෙක හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව බවට තේරී පත්වූයේ ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රධාන පක්ෂයක ජනපති අපේක්ෂකයා ලෙසින් තෝරා ගැනුණු පළමු කාන්තාව බවට පත්වෙමිනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියාව තුළ සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව පැවති අභියෝගාත්මක තත්වය හමුවේ ඉන්දීය සංචාරය සඳහා පාකිස්තාන් ආණ්ඩුවේ අනුමැතිය ලැබීම ප්‍රමාද වෙමින් පැවති අතර ඊයේ (11) එම අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි සංචාරය ආරම්භ කෙරුණේ. ඉන්දියාව තුළ ගත කරන කාලය ඇතුළත පාකිස්තාන් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලයට(PCB) සහතික තුනක් ලැබී ඇත. පකිස්තාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම සහතික කිරීම් සහිත ලිපි පකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කරනු ලැබ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය(ICC)බටහිර බෙන්ගාල ආණ්ඩුව සහ ‘කොල්කටා’ පොලිස්පති වරයාගෙනි. පකිස්තාන් පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකම විස්සයි විස්ස ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වෙති. පාකිස්තාන් පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙන පළමු පෙර සූදානම් තරඟය කොල්කටා ‘ඒඩන් ගාර්ඩන්ස්’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. පාකිස්තාන් කණ්ඩායම මාර්තු 14 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඔවුන්ගේ දෙවන පෙර පුහුණු තරඟයට සහභාගී වෙන බවත් දැක්වෙයි.
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගී කෙරෙන පකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වූ බව වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමෙරිකානු කොන්ග්‍රසය විසින් GSP වැඩසටහන ලබන වසර සඳහා බලාත්මක කොට නැතත් ගෝලීය වාණිජ ඇට්ලසයට (Global Trade Atlas) අනුව මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන වෙළෙඳපොළ ලෙසින් කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව එක්සත් ජනපදය ආඩම්බර වන බව ද කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනවලින් 27.5% ක්ම මිලදී ගනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදය බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ද පෙන්වා දෙයි. තානාපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනවලින් 60% කම ගැණුම්කරුවන් වන්නේ එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ඉන්දියාව සහ ජපානයය. "අපනයන මගින් රැකියා සුරක්ෂිත කෙරෙන අතර, විදේශ විනිමය ලබාදෙමින් රටක ආර්ථික කාර්යක්ෂමතාව සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කරයි," යනුවෙන් ද ට්විටර් පණිවුඩයේ දැක්වේ. ගෝලීය වෙළෙඳ ඇට්ලසයේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ අපනයන මිලදී ගන්නා රටවල් අතරින් රුසියාවට හිමි වී තිබෙන්නේ 13 වෙනි ස්ථානයය. කෙසේ වුවත් රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැණුම්කරුවෙකි. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ කුඩු තොගයක තිබී කෘමියෙකු හමුවීමෙන් අනතුරුව රුසියාව ශ්‍රී ලංකා තේ අපනයනවලට පසුගියදා තාවකාලික තහනමක් පනවනු ලැබූ නමුත් පසුව එම තහනම ඉවත් කරගත්තේය. රුසියාව එම තහනම ඉවත් කරනු ලැබුවේ කොන්දේසි කිහිපයකට යටත්ව බව වැවිලි කර්මාන්ත පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය. ශ්‍රී ලංකා රජය එම කොන්දේසිවලට එකඟත්වය පළ කර ඇති බැවින් අදාළ තහනම දෙසැම්බර් 30 වෙනිදායින් පසු ඉවත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව ඇස්බැස්ටෝස් තහනමක් පැනවීම තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා රුසියාව තාවකාලික තහනමක් පැනවීමට එක් හේතුවක් බවට වාර්තා පළ විය. මේ අතර ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට අදාළව 2018 වසරේ ජනවාරි 01 වෙනිදා සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට තිබූ සීමා ක්‍රියාවට නැංවීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළේය. සබැඳි යොමු:
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබා දුන් විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) මේ වසරේ දෙසැම්බර් 31 වෙනි දින අවසාන වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"සමහර වෙලාවට ලක්ෂ දෙකක හමුදාවේ හත් අට දෙනෙක් නොහිටියා වෙන්නත් බැහැ. නොහිටියා නම් එකත් මම හිතන්නේ යථාර්තවාදී නැහැ," ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ උත්සවයකට සහභාගී වෙමිනි. ලොව වෙනත් රටවල හමුදා තුළත් එවැනි පුද්ගලයන් අතලොස්සක් දැකිය හැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
යුද අපරාධ සිදු කළ පුද්ගලයන් සිටී නම් නිලතල තරාතිරම නොබලා අනිවාර්යයෙන් ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳ නීතිපති උපදෙස් මත පරීක්ෂණ පවත්වන බවයි ඔහු ඒ බව කියා සිටියේ වකුගඩු ජාවාරමේ නිරත වූ බවට සැක පිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින ඉන්දීය ජාතිකයන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී. ඉන්දීය ජාතික සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස එහිදී විත්ති පාර්ශවයේ නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පොලිසිය එම ඉල්ලීමට විරෝධය පළ කළේය. වකුගඩු ජාවාරම සිදු කිරීම සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදා ගෙන ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණ පවත්වන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බැවින් ඇප ඉල්ලීමට විරෝධය පළ කරන බවයි පොලිසිය කියා සිටියේ. පසුගිය කාලයේ සිදු කරන ලද වකුගඩු සැත්කම්වලට අනුමැතිය ලබා දී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල ඇතුළු ප්‍රමුඛ පෙළ වෛද්‍යවරුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය කටයුතු නොකොට සැකකරුවන් දින 90 කට වඩා රිමාන්ඩ් භාරයේ තබා ගෙන සිටීම යුක්ති සහගත නොවන බව නීතිඥ ලක්ෂාන් ඩයස් පැවසීය. ඉහත කී සැකකරුවන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබා ගැනීම තුළින් ඔවුන්ට අසාධාරණයක් සිදු වන බැවින් පරීක්ෂණ කටයුතු කඩිනම් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. ඒ අනුව සැකකරුවන් ජුනි 14 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසිය දැනුම් දුන්නේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වූ බව පැවසෙන නීති විරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල සහ අදාළ සැත්කම් මෙහෙය වූ ප්‍රමුඛ පෙළ වෛද්‍යවරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව විත්තියේ නීතිඥ ලක්ෂාන් ඩයස් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේජර් ජනරාල්වරයා ඉවත් කරන මෙන් මහ ඇමතිවරයා දිගින් දිගටම ඉල්ලා සිටියේය යුද ගැටුම්වලින් අනතුරුව 2009 දී මුලින්ම උතුරේ ආණ්ඩුකාර පදවියට පත් කරනු ලැබූ මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරිගේ ධුර කාලය නිමාවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඔහු යළිත් වරක් එම පදවියට පත් කර ඇතැයිරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල බීබීසී සංදේශයට පැවසීය. මේජර් ජනරාල්වරයා උතුරු පළාත් සභාවේ පරිපාලනයට බාධා කරන බව පවසමින්, ඔහු ඉවත් කරන මෙන් මහ ඇමති සී.වී විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණි. උතුරු පළාතේ හමුදා භටයන් විශාල පිරිසක් රඳවා තැබීම පිළිබඳවද දෙමළ ජාතික සන්ධානය සහ මහ ඇමති විග්නේශ්වරන් ඇතුළු උතුරු පළාත් සභා පරිපාලනය දැඩි විරෝධය පළ කරයි. ආණ්ඩු පක්ෂයෙනුත් මැසිවිලි ආර්.සම්බන්ධන් උතුරේ ආණ්ඩුකාර පදවිය ගැන අදහස් දැක්වූ ජාතික භාෂා සහ ජාතික ඒකාග්‍රතා ඇමති වාසුදේව නානායක්කාර පැවසුවේ ආණ්ඩුව ජාතික සංහිඳියාවට තිබුණ අවස්ථාවක් අහිමි කරගත් බවයි. ඇමති වරුන් අතර මේ සම්බන්ධයෙන් විවිධ අදහස් සහ මත බේද පවතින බවත් වාසුදේව නානායක්කාර ඇමතිවරයා කියා සිටියි. තව දුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ ආණ්ඩුකාර වරයෙකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරුනත් මධ්‍යම ආණ්ඩුවේ අදහස සහ උතුරු පළාත් සභාවේ අදහසද විමසා මෙම තීරණය ගත්තේ නම් මත භේද ඇති නොවන බවයි. දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් පැවසුවේ මේ ආණ්ඩුකාරවරයා තනතුරෙන් ඉවත් කරන මෙන් දැඩි ඉල්ලීමක් උතුරු පළාතේ පැවති බවත් ඒ සියලු අදහස් ඉල්ලීම් වලට එරෙහිව මෙම පත්වීම සිදුව ඇති බවයි. මෙම තීරණය යහපත් තීරණයක් ලෙස පිළිගත නොහැකි බවයි දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටින්නේ.
මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස යළිත් වරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
HIV ආසාදිතයකු බවට සැක කිරීම හේතුවෙන් දරුවාට ගමේ පාසලට ඇතුලත් වීමේ වරම අහිමි කෙරුණි UNAIDS එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්ධන වැඩසටහන ඒ බව පවසන්නේ, එච්අයිවී ආසාදිතයකු බවට පැතිර ගිය අනියත බියක් හේතුවෙන් තම දරුවාට පාසලක් ලබා දීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරමින් කුලියාපිටිය ප්‍රදේශයේ මවක් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පල කරමින්. සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සහතික කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජය බැඳී සිටින බවයි, නඩු විභාගය අතරවාරයේ අදහස් දක්වමින් අගවිනිසුරුවරයා කියා සිටියේ. එබැවින් එච්අයිවී ආසාදිතයන්ට අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජය පියවර ගත යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට අවධාරණය කළේය. සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සහතික කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජය බැඳී සිටින බව අධිකරණය තීන්දු කළේය UNAIDS ආයතනයේ සහ Positive Women's Network ආයතනයේ ආධාර මත එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළ කුලියාපිටියේ මව, සිය දරුවාගේ අධ්‍යාපන අයිතිය රැකදීම පිණිස ඉදිරිපත් වූ සියලු දෙනාට සිය ස්තුතිය පුද කරන්නීය. "මගේ පුතාගේ සිහිනය දවසක දොස්තර කෙනෙක් වෙන්න ඉතින් එයා එච්අයිවී විශේෂඥයෙක් වේවි කියල මම බලාපොරොත්තු වෙනවා," ඇය කියා සිටියාය. අධ්‍යාපනය පමණක් නොව අන් සියලු ක්ෂේත්‍රවලදීත් එච්අයිවී ආසාදිතයන් නොසලකා හරිනු ලැබීමට එරෙහිව පියවර ගැනීම සඳහා ඉහත කී තීන්දුව මගින් පූර්වාදර්ශයක් සපයා ඇති බවත් UNAIDS ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණු දිනය 'සමාජ සාධාරණත්වය සම්බන්ධ ශ්‍රේෂ්ඨ දිනයක්' බවයි ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන UNAIDS ආයතනයේ ආසියා සහ ශාන්තිකර කලාපය භාර අධ්‍යක්ෂ ස්ටීව් ක්‍රව්ස් පවසන්නේ. Positive Women's Network ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ විධායක අධ්‍යක්ෂිකා ප්‍රින්සි මංගලිකා එය විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකාවේ එච්අයිවී ආසාදිතයන් කෙරෙහි තැබූ ප්‍රගතිශීලී පියවරක් ලෙසින්. 2014 වසරේ ඇස්තමේන්තු ප්‍රකාර දරුවන් 100 කට ආසන්න පිරිසක් ඇතුළු 3300 ක් පමණ ශ්‍රී ලංකාවාසීන් එච්අයිවී ආසාදිතයෝය.
එච්අයිවී ආසාදිතයන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කරන මෙන් අධිකරණ තීන්දුවක් දුන් පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එම 'ඓතිහාසික තීන්දුව' ඉහලින් අගයන බවත් සඳහන් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
88 වන ඇකඩමි සම්මාන උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය සඳහා නම් කෙරුණු ලියනාඩෝ ඩිකැප්‍රියෝ පුංචි තිරයෙන් රිදී තිරයට ඩිකැප්‍රියෝ සිය රංගන දිවිය ආරම්භ කෙරුවේ පුංචි තිරයේ Roseanne සහ The New Lassie ඇතුළු රූපවාහිනී නාට්‍ය මාලා ඔස්සේයි. ලියනාඩෝ ඩිකැප්‍රියෝ රංගන දිවියට පා තබන්නේ නව යෞවන වියේදී 1991 වසරේ තිර ගත වූ ත්‍රාසය මුසු විද්‍යාත්මක ප්‍රබන්ධයක් වන Critters 3 චිත්‍රපටය ඔහුගේ කුළුඳුල් සිනමා රංගනයයි. වාර්තා බිඳ දමමින් Titanic චිත්‍රපටයේ කේට් වින්ස්ලට් සමග රඟපෑ ලියනාඩෝ ඩිකැප්‍රියෝ 1997 වසරේදී කේට් වින්ස්ලට් සමග ඔහු රඟපෑ Titanic චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් විය. ඩොලර් බිලියන 2.19 ක ආදායමක් ඉපයූ Titanic චිත්‍රපටය ලොව වැඩිම ආදායමක් ඉපයූ සිනමා දර්ශකයේ දෙවන ස්ථානයේ පසු වේ. ආදායම් වාර්තා අතින් Titanic චිත්‍රපටය දෙවන වන්නේ ඩොලර් බිලියන 2.78ක ආදායමක් ඉපයූ Avatar චිත්‍රපටයටයි. හය වන වර ඩිකැප්‍රියෝගේ රංගන දිවිය තුළ ඔස්කාර් සම්මාන සඳහා ඔහුගේ නම නිර්දේශ වී තිබූ වාර ගණන පහක්. පළමුවරට ඩිකැප්‍රියෝගේ නම හොදම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ වූයේ What’s Eating Gilbert’s Grape චිත්‍රපටය වෙනුවෙන් ඔහු ලබා දුන් රංගන දායකත්වයටයි. The Aviator, Blood Diamond සහ The Wolf of Wall Street යන සිනමා නිර්මාණ වෙනුවෙන් ඔහුගේ නම හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ විය. ඩිකැප්‍රියෝ විසින් නිෂ්පාදනය කරන ලද 'The Wolf of Wall Street' චිත්‍රපටය මීට වසර දෙකකට ඉහතදී පැවති ඔස්කාර් උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ සිනමා නිර්මාණ අතුරින් එකක්. 'The Revenant' චිත්‍රපටයට පසුබිම් වී ඇත්තේ වලසෙකුගේ ප්‍රහාරයට ලක් වීමෙන් අනතුරුව දිවි බේරා ගැනීමට සටන් කරන අතුරු හමුදා සොල්දාදුවෙක් 'The Revenant' සිනමා නිර්මාණයේ හියුගෝ ග්ලාස්ගේ චරිතය වෙනුවෙන් අවසානයේ ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය. පරිසරවේදියෙක් 'දේශගුණික විපර්යාස කියන්නේ සැබෑවක්. එය මේ වන විටත් සිදු වෙමින් පවතිනවා' හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය පිළිගනිමින් ඔහු කියා සිටියේය. දේශගුණික විපර්යාස නැවත්වීම සඳහා සියලු දෙනා එක් වී කටයුතු කළ යුතු බවත් ඩිකැප්‍රියෝ එහිදී කියා සිටියේය. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයෙක් ලෙස ඩිකැප්‍රියෝ නම් කරනු ලැබුවේ 2014 වසරේදී. ඔහු දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් නිරන්තරයෙන් සිය හඬ අවදි කළේය. ලොව වටා ක්‍රියාත්මක පාරිසරික සංවිධාන වෙත ඔහු විසින් පරිත්‍යාග කොට ඇති අරමුදල්වල වටිනාකම පවුම් මිලියන 9.5ක්. අම්මා සිනමා නිර්මාණ පිළිබඳ දත්ත අඩංගු 'IMDB' වාර්තාවලට අනුව ඩිකැප්‍රියෝ විසින් මේ දක්වා හිමි කර ගෙන ඇති සම්මාන ප්‍රමාණය 70 කට අධිකයි. 2016 වසරේ ඇකඩමි සම්මාන උළෙල සඳහා ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහභාගී වූයේ සිය මව සමගයි මේ වසරේ බැෆ්ටා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය පිළිගනිමින් ඩිකැප්‍රියෝ ඔහුගේ මවට සිය ගෞරවය පුද කළේය. 'මම හැදී වැඩුනේ ලොස් ඇන්ජලිස් නුවර දරදඬු මිනිස්සු වාසය කරපු ගම් පළාතකයි. මට වෙනත් ලෝකයක් පෙන්වීමේ අරමුණින් මගේ මව වන මේ කාන්තාව ඒ පළාතේ සිට වෙනස් පාසලක් වෙත පැය තුනක් කාරය පැදෙව්වා' ඔහු එහිදී කියා සිටියේය. ''අද ඇයගේ උපන් දිනේ. අම්මේ මම ඔබට ගොඩක් ආදරෙයි.''
සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඔස්කාර් සම්මානයෙන් ප්‍රථමවරට පිදුම් ලබන්නේ රිදී තිරයට පා තබා දශක දෙකකට වැඩි කාලයකට පසුවයි. ඔස්කාර් සම්මාන සඳහා ඔහුගේ නම මීට ඉහතදී පස් වරක් නිර්දේශ වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2021 වසරේ පළමු දින 68 තුළ වාර්තාවී ඇති අලි මරණ සංඛ්‍යාව 61කි. එසේ වුවද, ගෙවුණු 2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මරණ 327ක් සහ මිනිස් මරණ 113ක් වාර්තා විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වඩාත්ම උග්‍ර වූ වසර 2019 වේ. එම වසරේදී අලි 407ක් සහ මිනිසුන් 122ක් මරණයට පත්ව තිබේ. අවසාන වරට ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් සිදු වූයේ 2011 වසරේදීය. එහි දත්ත වලට අනුව ලංකාවේ අලි ගහනය 5879කි. ඉන් 55 දෙනෙකු වැඩුණු දළ ඇතුන් වූහ. කලා වැව අවට සැරිසැරූ 'රේවත' ඇතා කැකිරාවේදී විදුලි සැර වැදීමෙන් මියගොස් සිටියදී මාර්තු 09 වැනිදා හමුවීම, අලි මිනිස් ගැටුම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වූ ආසන්නම සිදුවීම වේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 19 ක් තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 133ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වේ. 2021 වසරේ පළමු දින 68 තුළ වාර්තාවී ඇති අලි මරණ සංඛ්‍යාව 61කි. කොළඹ කොටුවට අලි පනී අතීතයේදී ශ්‍රී ලංකාව පුරා අලි ජීවත්වූ බවට සාධක තිබේ. 1751 දී කොළඹ කොටුවට පැමිණි අලි දෙදෙනෙකු කළ පහරදීමකදී මිනිසුන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා ඇතැයි ආසියානු අලි පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 62% ක අලි ජීවත්වේ. ඉන් 44%ක අලි සහ මිනිසුන් එකම ප්‍රදේශයක ජිවත් වේ. සම්පුර්ණයෙන්ම නාගරීකරණය වූ ප්‍රදේශවල අද වනවිට අලි මිනිස් ගැටුම් වාර්තා නොවේ. මෙම ගැටලුව උග්‍ර වී තිබෙන්නේ අර්ධ නාගරික, තවදුරත් සංවර්ධනය කෙරෙමින් පවතින ප්‍රදේශවලය. 2010 සහ 2020 කාලය තුළ ශ්‍රී ලංකාවේ වාර්තාවූ අලි මරණ සංඛ්‍යාව 2958කි. ස්වභාවික මරණ 223ක් ද ඊට ඇතුළත් කර ඇත. වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුව වෙඩි තැබීම් වේ. අලි මරණ වලට ප්‍රධාන හේතු 'කුල්ලක දේ අල්ලට දැමීම' ශ්‍රී ලංකාවේ මුළු භූමියෙන් 62% ක අලි ජීවත්වේ. ඉන් 44%ක අලි සහ මිනිසුන් එකම ප්‍රදේශයක ජිවත් වේ. ''අපි අවුරුදු 60ක් 70ක් තිස්සේ මේ ප්‍රශ්නය විසඳන්න හදලා තියෙන්නේ මිනිස්සු ඉන්න පැතිවල ඉන්න අලි ටික මිනිස්සු නැති රක්ෂිතවලට කොටු කරල විදුලි වැට ගහන එක. අවුරුදු 50කට පස්සේ මේක කරලත් ප්‍රතිඵලය අසාර්ථක නම් තවදුරටත් ඒකම කරලා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැනේ'' යනුවෙන් ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු කියා සිටියේය. ''මේකට හරි විසඳුමක් දෙන්න අපේ දර්ශනයේ සහ ප්‍රතිපත්තියේ පැහැදිළි වෙනසක් වෙන්න ඕනා.'' - ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු අලි පමණක් ජීවත් වන ප්‍රදේශවල පරිසරයට දරා ගැනීමට ප්‍රමාණවත් අලි සංඛ්‍යාවක් ජීවත් වේ. එබැවින් මිනිසුන් ජීවත්වන ප්‍රදේශවල සිටින අලි එම ප්‍රදේශවලින් පන්නා, අලි පමණක් සිටින ප්‍රදේශවලට කොටු කිරීමට උත්සහ කිරීම 'කුල්ලක දේ අල්ලට දැමීම' වැනි කළ නොහැකි දෙයක් බව ආචාර්ය පෘථිවිරාජ් පැහැදිළි කළේය. ''විදුලි වැට ගහන්න ඕනා කැලෑ වටා නෙමෙයි'' ''අපේ පර්යේෂණ අනුව විදුලි වැට ගහන්න ඕනා කැලෑ වටා නෙමෙයි. ඒක ගහන්න ඕනා අපිට ආරක්ෂා කරගත යුතු ගම්මානය හෝ වගාබිම වටා. දැන් තියෙන විදියට විදුලි වැට දෙපැත්තේම අලි ඉන්නවා. අපි ජනාධිපතිතුමාට දුන්න වර්තාවෙනුත් මේ කාරණය පෙන්වා දුන්නා. මේකට හරි විසඳුමක් දෙන්න අපේ දර්ශනයේ සහ ප්‍රතිපත්තියේ පැහැදිළි වෙනසක් වෙන්න ඕනා.'' යැයි ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පැවසුවේය. ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම විසඳීමට ජාතික සැලැස්මක් සෑදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. එහි වාර්තාව මේ වනවිට භාරදී අවසන්ය. එම කමිටු සාමාජිකයෙකු මෙන්ම ආසියානු අලි පිළිබඳ විශේෂඥයෙකු සහ හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වන ආචාර්ය සුමිත් පිලපිටිය බීබීසී සිංහල සේවයට කියා සිටියේ මිනිසුන්ගේ අවශ්‍යතා ගැන නොව අලින්ගේ අවශ්‍යතා ගැන සළකා ක්‍රියා කිරීමෙන් මීට වඩා සාර්ථකත්වයක් ලබාගත හැකි බවය. ''වනජීවී ඉඩම් 99%ක් මායිම් වෙලා තියෙන්නේ වන සංරක්ෂණ ඉඩම් වලට. අපි ගිහින් වැට ගහනවා වනජීවී - වන සංරක්ෂණ මායිම් අතර. අලියා ගමන් කරන්නේ මිනිස්සු දාපු පරිපාලන මායිම් දිගේ නෙමෙයි. අලියා වැට ළඟට ආවම දෙපැත්තේම පරිසර පද්ධතිය එකයි. ඉතිං වැට කඩලා අලියා එළියට යනවා.'' යනුවෙන් ආචාර්ය සුමිත් පිලපිටිය කියා සිටියේය. මේ වසරේදී අලුතින් කි.මී. 1500 දුරට අලිවැට ඉදිකිරිම සඳහා රජය සැළසුම් කර තිබේ. විදුලි වැටක් යනු භූමියක මායිම් සීමාකරන දෙයක් නොවේ. මායිම් ලකුණු කිරීමට නම් මායිම් ගල් දැමිය යුතුය. විදුලි වැටෙන් සිදු කෙරෙන්නේ පරිසර පද්ධති දෙකක් වෙන්කිරීම වේ. එබැවින් විදුලි වැට ඉදිකළ යුත්තේ කැලෑව සහ ගම හෝ සංවර්ධනය වන ප්‍රදේශය වෙන්වන ස්ථානයේ මිස මායිම් දෙකක් වෙන්වන ස්ථානයේ නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන්නේ මායිම් සීමා කිරීම සඳහා විදුලි වැට යොදා ගැනීම බව ආචාර්ය පිලපිටියගේ අදහස වී ඇත. ''අලියා වැට ළඟට ඇවිත් බලනකොට වැටෙන් එහා පැත්තෙත් තියෙන්නේ තමන්ට හොඳ පරිසරයක් නම් වැට කඩාගෙන යනවා. නමුත් වැටෙන් එහා තියෙන්නේ වෙනස් පරිසරයක් නම් අලියා වැට කඩාගෙන යන එක අඩුයි. සමහර කැලෑ කුට්ටි පොඩි වැඩියි අලින්ට. ඒවා වටා වැටවල් ගහලත් වැඩක් නෑ. ඒ වගේ තැන්වල වැට ගහන්න ඕනා අපිට රැකගන්න ඕනා ගෙවල් ටිකයි, ගම වටේ හෝ වගාබිම වටේ.'' යනුවෙන් ආචාර්ය සුමිත් පිලපිටිය පැවසුවේය. වනජීවී දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම අලි වැට සැදීම සඳහා 2021 වසරේදී රුපියල් මිලියන 3000ක මුදලක් වෙන්කර ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාරණ නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර බීබීසී සිංහල සේවයට පැවසුවාය. මේ වසරේදී අලුතින් කිලෝමීටර 1500 දුරට අලිවැට ඉදිකිරිම සඳහා රජය සැළසුම් කර තිබේ. ඊට අමතරව අලි වෙඩි ලබාදීම, වන්දි ගෙවීම, ජනතාව දැනුවත් කිරීම ඇතුළු අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවත් රුපියල් මිලියන ගණනක් වැය කරයි. ''අපි අලින්ට පහසුවෙන් කඩන්න බැරි විදියට විදුලි වැට ගහන්න කටයුතු කරනවා.'' - හසිනි සරත්චන්ද්‍ර 2019 කාර්ය සාධන වාර්තාවට අනුව වනජීවී දෙපාර්තමේන්තුව එම වසරේදී අලි වෙඩි සඳහා රුපියල් මිලියන 151.9ක් ද වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 138.8ක් ද වැය කර තිබේ. මේ වනවිට ඉදිකිරීම් අවසන් කර ඇති අලි වැටවල දිග කිලෝමීටර 4500 ක් පමණ වේ. ''අපි අලින්ට පහසුවෙන් කඩන්න බැරි විදියට විදුලි වැට ගහන්න කටයුතු කරනවා. එල්ලෙන විදුලි වැට, ආනතව හදන විදුලි වැට ඊට උදාහරණ. ඒ වගේම අලියට පයින් ගහලා කඩන්න බැරි විදියට විදුලි වැට හදනවා. අලි බොහෝ වෙලාවට පහර දෙන්නේ සැඟවිලා ඉඳලා. ඒ නිසා ඉදිරිය හොඳින් පෙන්න මග දෙපස එළි පෙහෙලි කරනවා.'' යනුවෙන් හසිනි සරත්චන්ද්‍ර විස්තර කළා ය. ඇය පැවසූ ආකාරයට අලි පහරදීම්වලින් ආරක්ෂා වීම සඳහා ගතයුතු ආරක්ෂක පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමුකර තිබේ. අලින්ගේ ගමන අඩාල කිරීම සඳහා අගල් සැදීමද සිදු කරනු ලබන අතර පුත්තලම සහ කුරුණෑගල ගම්මාන වටා විදුලි වැට ඉදිකර ඇති බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ''කරන වැඩෙන් අලි මිනිස් ගැටුම තවත් වැඩි වෙන්න පුළුවන්'' අලි මිනිස් ගැටුම අවම කිරීමට එක් පසකින් ක්‍රියා කරන රජය තවත් අයුරකින් අලි මිනිස් ගැටුම වැඩි කිරීමට දායක වන බව සත්ත්ව සුබසාධන ක්‍රියාකාරිනියක වූ ඉරාකී කොඩිතුවක්කු බීබීසී සිංහල සේවයට කියා සිටියාය. ''ඡන්ද කාලේ පාරම්පරික ඉඩම්, හේන් ටික, කුඹුරු ටික දෙනවා කිවුවා. මේ ඉටු කරගෙන යන්නේ ඒ පොරොන්දු. අපි කියනවා අලි මංකඩ නිදහස් කරලා දෙන්න කියලා. අපි එහෙම යෝජනා කරනකොට අනික් පැත්තෙන් සත්තුන්ට අයිති ඉඩම් ටික කපාගෙන යනවා. ඒ අයට ඕනා ඡන්දටික ගන්න. '' යැයි සඳහන් කළ ඇය දහයියාගල ප්‍රදේශයේ සිදුවන බව කියන පරිසර විනාශයක් ගැන සඳහන් කළාය. ''අලි බෝගහපට්ටිය, කරමැටිය ලවණ නිධියට එන මාර්ගය දැන් විනාශ කෙරෙනවා. ඒ නිසා අලින්ට ඒ ලවණ බිමට දැන් තියෙන පාරෙන් යන්න බැරි වුණොත් ඒ අය අලුත් පාරක් හොයා ගන්නවා. එතකොට මේ කරන වැඩෙන් අලි මිනිස් ගැටුම තවත් වැඩි වෙන්න පුළුවන්'' යයි ඉරාකි වැඩිදුරටත් පැවසුවාය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අලි මංකඩ 17ක් හඳුනාගෙන ඇත. එහෙත් මේ දක්වා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට හැකිවී තිබෙන්නේ කවුඩුල්ල - මින්නේරිය අලි මංකඩ පමණි. සිංහරාජයේ දක්නට ලැබෙන අලි දෙදෙනා ගමන් කරන මාර්ගය අවහිර වන සේ හෝටලයක් ඉදි කිරීමේ සිදුවීමක් ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්ව ඇත. බලධාරීන් පවසන්නේ එම ඉඩම් පුද්ගලික ඒවා බවයි. එහෙත් ඉඩම් පුද්ගලික වුව ද එමගින් තෙත් කලාපයට සීමාවූ අලි දෙදෙනාගේ ගමන්මග අවහිර වන බවට පරිසරවේදීහු පෙන්වා දෙති. වල්සපුගල සත්‍යග්‍රහය හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි ඉල්ලා වල්සපුගල ප්‍රදේශයේ අඛණ්ඩ සත්‍යග්‍රහය මාර්තු 17 වැනිදා වනවිට 60 වන දිනටත් ක්‍රියාත්මක විණි. අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවට ලද ලිඛිත පොරොන්දුව මත එම ස්ථානයේ සිදු කළ මාරාන්තික උපවාසය පමණක් අත්හිටුවා ඇත. ලුණුගම්වෙහෙර, උඩවලව සහ බුන්දල අවට ජීවත් වෙන අලි නිසා වල්සපුගල, කොස්වගාව සහ කරුවලගස්වැව යන ගම්මානවල ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව සිටිති. කලින් සැළසුම් වලට අනුව යෝජිත රක්ෂිතයට විශාල භූමියක් ඇතුළත් වීමට නියමිතව තිබුණ ද හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආදී ඉදි කිරීම්, මහාපරිමාණ වගාවන් හා කර්මාන්ත සඳහා ඉඩම් භාවිත කිරීම හේතුවෙන් රක්ෂිතයට වෙන්කළ හැකි භූමිය අඩුවී තිබේ. ඒ හේතුවෙන් අලි ගම් වැදීම වැඩිවී ඇති බව ජනතාව පවසති. ලුණුගම්වෙහෙර, උඩවලව සහ බුන්දල අවට ජීවත් වෙන අලි නිසා වල්සපුගල, කොස්වගාව සහ කරුවලගස්වැව යන ගම්මානවල ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව සිටිති. අලි මිනිස් ගැටුම විසඳන්න 'ගෝඨාභය' ගේ උත්සාහය වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 අගෝස්තු 27 වැනිදා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් වේ. දීර්ඝ කාලයක සිට පවතින ගැටලුවට විසඳුමක් සෙවීමට හෝ උපාය මාර්ග සකස් කිරීමට හෝ අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන්ට නොහැකිවීම ගැන ජනාධිපතිවරයා එම රැස්වීමේදී මවිතය පළ කළ බව ද එහි සඳහන් වේ. ''අවුරුදු ගාණක් තිස්සේ මේවා සාකච්ඡා වෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙලා නෑ තිරසාර ක්‍රමවේදයක්. මේ අවුරුදු දෙක තුන ඇතුළත අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්න ඕනා.'' යනුවෙන් ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට පවසා තිබේ. මේ අතර වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන නමින් නව රාජ්‍ය අමාත්‍යංශයක් ද ආරම්භ කර ඇත. ඒ, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයට අතිරේකවයි. අලි මිනිස් ගැටුම කඩිනමින් විසදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී සිහිපත් කළේය. අලි මිනිස් ගැටුම වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින බව විෂය භාර අමාත්‍යවරු ද පවසති. අලි මිනිස් ගැටලුව විසඳීමට විශේෂඥයින්ගේ අදහස් මෙන්ම ගොවි ජනතාවගේ හා ගැටලුවට මුහුණදී ඇති ජනතාවගේ අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර තිබේ. අලිවැට නඩත්තුව ගම්වල මරණාධාර සමිති, ස්වේච්ඡා සමිති සහ ගොවි සංවිධාන වෙත පැවරීමට ක්‍රියා කරනු ලැබේ. එමෙන්ම අලි මිනිස් ගැටලුව විසඳීමට විශේෂඥයින්ගේ අදහස් මෙන්ම ගොවි ජනතාවගේ හා ගැටලුවට මුහුණදී ඇති ජනතාවගේ අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර තිබේ. ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාව සක්‍රීය කිරීමට සහ අලි වැට සක්‍රීය කිරීමට රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇතැයි වනජීවී සහ වන සම්පත් අමාත්‍ය සී.බී රත්නායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''රාජ්‍ය සේවයේ එක්තරා ඒකාධිකාරියක් තියාගෙන ඉන්නවා. දේශපාලන අධිකාරිය කිව්වත්, රටේ ප්‍රතිපත්ති කිව්වත් ඒ අයගේ කතන්දරයත් එක්ක අලි වැටවලට සහ අලි මංකඩවලට නිර්දේශ එදා දුන්නා. අද ඒක දෙන්නේ නැතුව කටයුතු කරනවා. ප්‍රයෝගිකව මිනිසෙක් හැටියට ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙනකොට ඒ දේවල් ක්‍රියාත්මක කිරීම තමයි අපේ වගකීම.'' යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරත් පැවසුවේය. ''විද්වත් කමිටුව ලබා දුන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන් ක්‍රියා කළහොත් ඉදිරියේදී අලි මිනිස් ගැටුම කළමනාකරණයේ හොඳ ප්‍රගතියක් අත්කර ගන්න පුළුවන්.'' යන්න ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ අදහස වේ. දශක තුනකට අධික කාලයක සිට අනුගමනය කළ ක්‍රමවේදයන්ගේ ප්‍රතිපලයක් ලෙස අද අපි මෙම අලි මිනිස් ගැටුමට මුහුණදී සිටිමු. ඉන් මිදීමට නම් අලි මිනිස් ගැටුම කළමනාකරණයේ දුර්වලතා හඳුනාගෙන ඊට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතුව තිබේ. එවිට එය සම්පුර්ණයෙන්ම වළක්වා ගැනීමට නොහැකි වුව ද මෙම ගැටලුව නිසි පරිදි කළමනාකරණය කරගෙන සංවර්ධන කටයුතු සිදු කරන්නේ නම් එමගින් වටිනා මිනිස් ජීවිත සහ අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැකිය. එමෙන්ම වසරකට රුපියල් මිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට ද හැකිවනු ඇත. 'අලි මිනිස් ගැටුම නිසා මිනිසුන් වැඩියෙන්ම මිය යන රට' ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක ආසියානු අලි ජීවත්වෙන අතර උන්ගේ ගහනය 50,000-60,000 අතර බවට ඇස්තමේන්තු කර ඇත. ඉන්දීය පරිසර, වන හා දේශගුණික විපර්යාස අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන වලට අනුව ආසියානු අලින්ගෙන් 60%කට වැඩි ප්‍රතිශතයක් ඉන්දියාවේ ජීවත් වේ. 2017 සංඛ්‍යාලේඛන වලට අනුව ඉන්දියාවේ අලි ගහනය 29,964කි. එහෙත් ඉන්දියාවේ අලි මිනිස් ගැටුමේදී මියයන අලින්ගේ සංඛ්‍යාවට වඩා මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වීම විශේෂ ලක්ෂණයකි. ඉන්දියාවේ වසරකට අලි 100ක් සහ මිනිසුන් 500ක් පමණ මිය යති. ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවේ භුමි ප්‍රදේශය විශාල බව සැබෑය. මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ අලි සහ මිනිසුන් ගැටෙන වාර ගණන ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් සමාන වන අතර එහිදී දෙරටේ ප්‍රතිඵලය හාත්පසින්ම වෙනස් වීමයි. තවත් තොරතුරු:
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවන්ට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85කි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
1961 දී කුවේටය බ්‍රිතාන්‍යයෙන් නිදහස දිනාගැනීමත් සමඟ රටක් අහිමි කුවේට් 'බිඩූන්' ජනයාට ඉතිරිව ඇත්තේ සිහිනයක් පමණි ඛනිජතෙල් සම්පතින් පොහොසත් කුඩා ගල්ෆ් රාජ්‍යය තුළ බලාපොරොත්තු සුන්වීමෙන් කිසිවකු එවැනි ඉරණමකට පත්වීම සිදුවිය නොහැකිතරමේ පුවතකි. එහෙත් හමාඩ් එවැනි ඉරණමකට ගොදුරු වූයේ ඔහු කුවේටයේ රටක් නොමැති 'බිඩූන්' (Bidun) ජනකොටසෙහි සාමාජිකයකු වීමේ ''අවාසනාව'' හේතුවෙනි. 'බිඩූන් '(Bidun)යන අරාබි වචනයෙන් ''ජාතිකත්වයක් නැත'' යන තේරුම දෙයි. එම ''ජාතිකත්වයක්'' නොමැති ''බිඩූන්' ජනතාවට කුවේටයේ මහා සමාජයට පිවිසීමේ වරම් අහිමිය. එහි අඳුරු ප්‍රතිවිපාකය වී තිබෙන්නේ එම ජනතාවට අධ්‍යාපන,සෞඛ්‍ය පහසුකම් සහ රැකියාවක් ලබාගැනීමේ අයිතිය පවා අහිමි කිරීමය. එවැනි ජන කොටසකට අයත්වෙන හමාඩ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට උරුම වී තිබෙන්නේ ''බලාපොරොත්තු රහිත''ජීවිතයකි. ''සියල්ල වැසී ගිහින්'' 'කුවේට් සිටි' අගනුවරින් කිලෝමීටර් දාහතක් ඈතින් පිහිටි 'සුලෙයිබියා'( Sulaibiya) යනු අගනුවර අහස සිඹින වීදුරු මාලිගා සහ උත්තුංග සාප්පු සංකීර්ණ ඇස නොගැටෙන කලාපයකි. ඕමාර් 'සුලෙයිබියා' වාසියෙකි. ඔහු සිය දෙමව්පියන් සහ පවුලේ සහෝදර සහෝදරියන් දහදෙනෙකු සමඟ කාමර පහක නිවසක ජීවත්වෙයි. 'බිඩූන් '(Bidun) ජනයාට අයත් වැඩිදෙනෙක් එහි නිවාස යෝජනාක්‍රමයේ නිවාසවල පැලපදියම්ව සිටිති. තිස්තුන් හැවිරිදි ඕමාර් වැඩියෙන්ම කිට්ටු තැනැත්තා වූයේ සිය බාලම සහෝදරයා වන 'හමාඩ්' ය. ''මේ මිහිතලයේ සිටි කරුණාවන්තම තැනැත්තා හමාඩ්. ඔහු ස්වභාවයෙන් ම නිහඬ චරිතයක්, නිතරම මුහුණේ සිනාවක් තිබුණා'' ඕමාර් පවසයි. එහෙත් මෙයින් අවුරුද්දකට පෙර පටන් තරුණ හමාඩ්ගේ හැසිරීමේ වෙනසක් දකින්නට ලැබුණි. ඔහු හුදෙකලා වන්නට පටන් ගත්තේය. සිය කාමරයට වී තනිවිය. හමාඩ් ගේ සහෝදරයන් විසින් ඔහු නිවසින් පිටතට රැගෙන යාමට ගන්නාලද ප්‍රයත්නයන් සාර්ථක නොවුණි. සිය සහෝදරයා විඳින වේදනාව ඕමාර්ට දැනුණි.''ඔහුට අයත් සියල්ල වැසීගොස් තිබුණා'' හමාඩ් 'බිඩූන් ' ජනකොටසට අයත්වීම නිසා ඔහුට ළමාවියේදීම අධ්‍යාපන අයිතිය අහිමි විය 'අහිමිවීම' කවදා පටන්ද? කුවේටයේ 'බිඩූන් ' ජනතාව පිළිබඳ ප්‍රශ්නය 1961 තරම් ඈත අතීතයක් සමඟ බැඳුන වෘත්තාන්තයකි. 1961 දී කුවේටය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට දේශසීමාව අභ්‍යන්තරයේ ජීවත්වූ ඇතැම් පවුල් පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරනු ලැබ නැත. කුවේටයේ පමණක් නොව සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය වැනි සෙසු ගල්ෆ් රටවලද ''රටක් අහිමි'' ජනකොටස් ජීවත්වෙති. ඔවුන්ගෙන් අතිබහුතරය පැවත එන්නේ ඒ ඒ ප්‍රදේශයන්හි වාසය කළ එඬේර ගෝත්‍රවලිනි. ගල්ෆ් කලාපයේ නවීන රාජ්‍යයන් නිර්මාණය කිරීමේ දී තමන් අයත් රටවල පුරවැසිභාවය ඉල්ලා සිටීමට එම ජනකොටස් අසමත් වූහ. ගල්ෆ් කලාපයේ වෙනත් රටවල වැසියන්ට 'රටක් අහිමිව' ඇත්තේ එම රටවල් විසින් ඔවුන්ගේ පුරවැසිභාවය අහෝසිකරන ලද හෙයිනි. උදාහරණයක් ගතහොත්, ආරක්‍ෂාවට තර්ජනයක් යයි සලකනු ලබන ප්‍රතිවිරුද්ධ මතවාදීන් රාශියකගේ පුරවැසිභාවය ඉවත් කිරීමට බහරේනය පියවර ගත්තේය. රටක් අහිමි 'බිඩූන් ' ජනතාව කුවේට් පාලනයට ද සංකීර්ණ ගැටලුවක් වී තිබේ. කුවේට් පාලනය එම ජනතාව වර්ගකරනු ලැබ තිබෙන්නේ තමරටේ වෙසෙන ''අනවසර වැසියන්'' කොටසක් ලෙසය. කුවේට් බලධාරීන් පවසන ආකාරයට ලක්ෂයකටත් අධික ''රටක් අහිමි'' ජනයාගෙන් 34,000ක් පමණක් එරට පුරවැසිභාවය ඉල්ලා සිටීමට සුදුසු වෙති. ඉතිරි ජනයා වෙනත් රටවලට අයත් හෝ ඔවුන්ගෙන් පැවත එන්නෝ වෙති. කුවේට් පොලිසිය 'බිඩූන් ' විරෝධතාවාදීන් පිරිසක් මර්දනය කරන ලද අවස්ථාවක් දෛනික අරගලයක් ප්‍රාථමික පාසලෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා ආණ්ඩුවේ උසස් පාසලකට ඇතුල්වීමට හමාඩ් නුසුදුසු වූයේ ඔහුගේ 'බිඩූන් ' ජන්මය හේතුවෙනි. සිය පුතු පෞද්ගලික පාසලකට ඇතුල්කරමින් අධ්‍යාපනයක් ලබාදීමේ වත්කමක් ඔහුගේ දෙමව්පියන් සතු නොවුණි. හමාඩ් ගේ පියා සහ සහෝදරයන් ජීවිතය ගැටගසා ගැනීමේ අරගලයේ නිරතවෙමින් සිටියේ මෝටර්රථ මිලට ගෙන ඒවා විකුණා ගැනීම මගින් ලද අඩමාන ආර්ථිකයෙනි. මාසයකට මෝටර් රථයක් විකුණා ගතහොත් ඔවුන්ට ඊළඟ මාස හතර කිසිදු ආදායමක් නොමැති ජීවන අරගලයක නිරතවීමට සිදුවෙයි. එය තමා බලාපොරොත්තු වෙන ජීවිතය නොවන බව හමාඩ් තේරුම් ගත්තේය.එවැනි පරිසරයක් තුළ තම සහෝදරයා යුද හමුදාවට බැඳීමට අදහස් කළ බව හමාඩ් ගේ සහෝදරයෝ පවසති. එහෙත් හමාඩ් වැනි තරුණයන්ට සමාජයේ ඇති අවස්ථා ඉතා සීමිතය. හමාඩ් අතට හසුවෙන තමාට සිදුකළ හැකි හැමදෙයකටම අත ගසන්නට විය. මුලදී ඔහු මහපාරේ පැණි කොමඩු විකුණන්නට පටන් ගත්තේය. එහෙත් එය දිගුකලක් කරගෙන යාමට නොහැකිවිය. නගර සභාවේ නිලධාරීන් විසින් ඔහු අල්ලාගනු ලැබුණි. හමාඩ්ගේ ඊළඟ උත්සාහය වූයේ පරෙවියන් බෝකිරීමය. ඔහුට පරෙවියකු මිලට ගැනීම සඳහා කුවේට් ඩිනාර් භාගයක් (ඩොලර් 1.65 ක් හෝ පවුම් 1.21 කට සමාන මුදලකි) වැය කිරීමට සිදුවිය. එහෙත් පාඩුපිට විකුණන්නට සිදුවූ හෙයින් හමාඩ් පරෙවි අලෙවිය ද අත්හැර දැම්මේය. ඉන් කලකට පසු බැටළුවකු සොරකම් කරනු ලැබීමක් සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හමාඩ් මාස අටක සිර දඬුමකට යටත් කරනු ලැබුණි. එම සිරදඬුවම ගෙවා දැමීමෙන් පසු හමාඩ්ගේ තවත් සහෝදරයකු වන ජාසෙම් (Jasem) සිය මළනුවන් වෙනුවෙන් ගමන් බලපත් සකස්කොට ඔහු මොරොක්කෝවට රැගෙන ගියේය. එම සංචාරය මගින් සිය මළනුවන් වෙනත් ජීවිතයක් දුටු බව ජාසෙම් පවසයි. ''මොරොක්කෝ ගමන නිසා මල්ලි වෙනත් ලෝකයක් දැක්කා. ජීවිතය දැක්කා. ඔහු සතුටට පත්වුණා. ඔහු මොරොක්කෝවේ සිටියේ සති තුනක කාලයක් පමණයි. ඒත් ඔහුට ඒ සති තුන අවුරුදු තුනක් වගේ වුණා. ඊළඟ අවුරුදු පහම මල්ලි කාලය ගතකළේ මොරොක්කෝ ගමන ගැන කතාකරමින්'' ''අපි ජීවත්වෙන්නේ ආශීර්වාද ලත් රටක.නමුත් අපේ රටේ ජනතාව ඔවුන් විඳින ජීවන ප්‍රශ්න සහ ඔවුන්ගේ දෛනික ජීවිතය කෙරෙහි එල්ලවී පවතින තහංචි හේතුවෙන් දිවි හානිකර ගන්නවා'' මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. සියදිවි නසාගැනීමේ රැල්ලක් මෑත දවසක සිය මව ඇමතූ හමාඩ් තමාට අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය බවක් පවසා ඇත. ඔහු විවාහයක් සහ ජීවිතයේ පැලපදියම්වීමේ උවමනාවක් ගැන මවත් සමඟ අදහස් හුවමාරුකර ගත්තේය. එහෙත් බාධකය වූයේ පවුලේ පිරිහුණ මුදල් තත්වයයි. ''දෙවියන්ගේ පිහිට ලැබේවි!'' කියා ආශීර්වාද කිරීම හැර සිය පුතු වෙනුවෙන් කළහැකි වෙනත් යමක් එම මව සතු නොවුණි. තමා දිවි හානිකර ගන්නා බවක් සිය සහෝදරයා ප්‍රකාශ කළ බව ඕමාර් පවසයි. එහෙත් එක්තරා උදෑසනක් වනතෙක් ඔහු එවැන්නක් සිදුකරගනු ඇතැයි පවුලේ සාමාජිකයන් සිතා නැත. හමාඩ් සිරුරට ගිනිතබාගෙන තිබුණි. හමාඩ් සිය සිරුරට ගිනිතබාගනු ලැබීමෙන් පසු කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ෂූක් අල්-කාලිෆා ( Marzouq al-Khalifah) 'බිඩූන්' ප්‍රජාව අතර සිදුවෙන සියදිවි නසාගැනීමේ රැල්ලට හේතුව පරීක්ෂාකිරීම සඳහා කමිටුවක් පත්කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. ''අපි ජීවත්වෙන්නේ ආශීර්වාද ලත් රටක. නමුත් අපේ රටේ ජනතාව ඔවුන් විඳින ජීවන ප්‍රශ්න සහ ඔවුන්ගේ දෛනික ජීවිතය කෙරෙහි එල්ලවී පවතින තහංචි හේතුවෙන් දිවි හානිකර ගන්නවා'' මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 'බිඩූන්' ජනතා ක්‍රියාධරයකු වන අබ්දුල්ලා අල්- රබා (Abdullah al-Rabah) බලධාරීන්ට කියාසිටින්නේ ''සුදුසුකම් ඇතැයි හඳුනාගත් 34,00ක් පමණ වූ 'බිඩූන්' ජනයාට කුවේට් පුරවැසිභාවය දියයුතු අතර, ඉතිරිවෙන කොටසට සිවිල් අයිතිවාසිකම් ලබාදිය යුතු'' බවය. එමගින් ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගැනීමට හැකිවනු ඇති අබ්දුල්ලා අල්-රබා පවසයි. පරම්පරා තුනක් එකම ඉරණමක තමා තුළ මෙන්ම තමා වැනි වෙනත් 'බිඩූන්' ජනයා තුළත් උපන් දේශය සඳහා පක්ෂපාතීභාවයක් ඇති බව තම තේරුම්ගැනීම යයි පවසන 35 හැවිරිදි අබ්දුල්ලා, එහෙත් සිය තරුණ ප්‍රජාව අතර යම්කිසි බලාපොරොත්තු සුන් වූ තත්ත්වයක් පවතින බවත් පෙන්වා දෙයි. ''දැන් ජීවත්වෙන්නේ අපේ ප්‍රශ්නවලට විසඳුමක් නොලද තුන්වෙනි පරම්පරාව. ඔවුන් කොච්චර කාලයක් බලාගෙන ඉඳීවිද? ඇත්තෙන් ම පවතින තත්ත්වය ඔවුන්ට බලපානවා'' හමාඩ් ගේ සොහොයුරු ඕමාර් ගත්විට ඔහුට අවශ්‍යකරන්නේ ''සිය සහෝදරයාගේ පාර්ශ්වය ගැනීමය'' 'ඕමාර්' තමාට හැකි හැම අවස්ථාවකම කරන්නේ 'සුලෙයිබියා' ප්‍රදේශයෙන් පිටව යාමය. සිය දුක්ඛ දෝමනස්සයන් අමතක කරනුවස් ඔහු හුදෙකලාව මුහුදු වෙරළට වී කාලය ගතකරයි. ඒ අතරම ඔහු දිනපතාම තවත් ගමනක ද නිරතවෙයි. ඒ 'හමාඩ්' ප්‍රතිකාර ලබන රෝහලේ දැඩිසත්කාර ඒකකයේ කුටියේ කවුළුවෙන් එබී සිය සහෝදරයා දෙස බලා සිටීමටය. කුවේටයේ 'බිඩූන් ' ජනයාගේ දුක්බර ජීවිතය මෙම පින්තූර මගින් පෙන්නුම් කෙරෙයි කියවන්න;
අපි ඔහු 'හමාඩ්'යනුවෙන් හඳුන්වමු. කුවේට්වාසියකු වන විසිහත් හැවිරිදි හමාඩ් පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දවසක සිය සිරුරට ගිනිතබා ගත්තේය. හමාඩ් ගේ ඛේදනීය ජීවිත ඉරණම මුළු කුවේටය සසල කිරීමට හේතුවිය.