instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරඟ දෙකම ජය ගෙන ඉදිරියෙන් සිටී හිටපු නායක කුමාර් සංගක්කාර ශතකයක් රැස් කිරීමත් අජන්ත මෙන්ඩිස් කඩුලු හතරක් දවා ගැනීමත් ශූරතාවලියේ සිවු වැනි තරඟයේ කැපී පෙනුන සිදුවීම්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා හයේ පහර දෙකක් සමඟින් ලකුණු 64ක් රැස් කිරීමත් විශේෂත්වයක්. අඟහරුවාදා පැවති ආසියානු කුසලානයේ පළමු තරඟයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය පරාජය කරමින් ජයග්‍රහණය අත් කර ගත්තේය.
බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන ශූරතාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ෆාතුල්ලා හි පැවති තරඟයේදී ඉන්දියාවට තියුණු තරඟයක් දුන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක ජයක් අත් කර ගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියානුවන් වැඩි කලක් ජීවත් වීම ජනගහන වර්ධනයට එක් හේතුවක් ලෙස සැලකේ මෙම සියවසේ මැද භාගයේදී සමස්ත ලෝක ජනගහනය බිලියන 7.2 සිට 9.6 දක්වා වර්ධනය වීම අපේක්ෂා කරන බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ. පෙර ගණන් බලා තිබුනාට වඩා වැඩි වේගයකින් ලෝක ජනගහනය වර්ධනය වන බවත් එයට සංවර්ධනය වන රටවලින්, විශේෂයෙන්ම අප්‍රිකාවෙන් වැඩි පුර දායකත්වයක් ලැබෙතැයි ද බලාපොරොත්තු වන බවත් වාර්තාවේ සඳහන්. ඉන්දියාව චීනය වැනි රටවල මෙතෙක් දරු උපත් සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්වා නැතත් ඉන්දියාව ජනගහන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඉන්දියානුවන් වැඩි කලක් ජීවත් වීම මෙයට එක් හේතුවක් ලෙස සැලකේ. එබැවින් 2028 දී ඉන්දියාවේ හා චීනයේ ජනගහනය බිලියන 1.45 බැගින් වනු ඇතැයි අපේක්ෂිතයි.
වසර දෙදහස් විසි අට වනවිට ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනයක් වාර්තා කරමින් චීනය අභිබවා යාමේ ලකුණු පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ අලුත් වාර්තාවක් පෙන්වා දෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉසයිප්‍රියා ඝාතකයන්ට දඩුවම් දිය යුතුයි - ඉන්දීය මුදල් ඇමති පී. චිදම්බරම් ඉන්දීය මුදල් ඇමති පී.චිදම්බරම් තමිල්නාඩුවේ, ඩී එම් කේ නායක එම්.කරුණානිධි මුණ ගැසුණු අතර මේ ගැටළුව ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි මුදල් ඇමති පී. චිදම්බරම් මාධ්‍යවේදීන් ට පැවසුවේය. චැනල් ෆොර් (Channel 4) රූපවාහිනී නාලිකාවේ ප්‍රදර්ශනය වූ ප්‍රවෘත්ති වැඩසටහනේ දැක්වුණු අන්දමට නිවේදිකා ශෝභා හෙවත් ඉසයිප්‍රියා ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් අත් අඩංගුවට ගෙන මරා දැමුවා නම් ඒ පිළිබඳවත් වැඩි දුර සොයා බැලිය යුතු බවයි මුදල් ඇමති චිදම්බරම් ප්‍රකාශ කළේ. ඉසයිප්‍රියා ඉසයිප්‍රියා හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන රූපවාහිනී දර්ශන තමන් දුටු බවත් ඒවා සත්‍ය බවට තමන් විශ්වාස කරන බවත් ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකා රජය ඒ ගැන සොයා බලා ඊට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් පැමිණ විය යුතු බවයි ඉන්දීය මුදල් අමාත්‍ය පී.චිදම්බරම් තවදුරටත් ප්‍රකාශ කළේ .
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහභාගිවනවාද නැද්ද යන ප්‍රශ්නය තවත් ව්‍යාකුල වෙමින් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රිෂාඞ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම පමාවීම ගැන සමාජ මාධ්‍යවල පළ වූ අයුරු හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවීම ඔහුගේ එම ප්‍රකාශයට පදනම් විය. ශ්‍රී ලංකා පොලීසිය හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාදවීම සමාජ මාධ්‍ය මෙන්ම පොදු සමාජය තුළ ද විශේෂ කතාබහකට ලක්විය. නීතිපතිවරයාගේ උපදෙස් හා අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝග හෑල්ලූවට ලක් නොකර නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා වහාම පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා ඔක්තෝබර 15 වෙනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහට නියෝග කළේ යැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ජනමාධ්‍යයට පවසා තිබිණි. හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය දෙපාර්තමේන්තුවට කැඳවූ නීතිපතිවරයා එම දැනුම් දීම කළ බව ඇය සඳහන් කළාය.. නිශාරා ජයරත්න තවදුරටත් පැවසුවේ පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය දිනාගත හැකි ආකාරයෙන් මිස මහජන විශ්වාසය බිඳී යන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත් යුක්තිය ඉෂ්ට වීම ප‍්‍රමාද වීම මගින් යුක්තිය අහිමි වීමක් සිදුවන බවද එහිදී පෙන්වා දුන් බවය. රිෂාඞ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම පමාවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවුවකි. කෙසේවෙතත්, පොලිසියේ විශේෂ මෙහෙයුමකින් අනතුරුව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (ඔක්තොම්බර 19) උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ බව ප්‍රකාශ විය. "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් කිහිපයක් දියත් කරනු ලැබුවා. එම මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට අද දින අලුයම් කාලයේදී දෙහිවල ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා," පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යයට පැවසීය. "ඔහු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒවගේම අදාල විමර්ශණ කටයුතු වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙනවා." ඔහු තවදුරටත් සඳහන් කළේය. බදුර්දීන් අත්අඩංගුවට ගැනීම පමාවීමේ පසුබිම මත ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ නිලධාරින් දේශපාලන බලවතුන් සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පසුගිය දිනවල කතා බහට ලක්වීමට පටන් ගැනිණි. පසුගිය වසර කිහිපය තුළ මෙවැනි දේශපාලන බලවතුන් අත්අඩංගුවට පත්වූ ආකාරය මෙසේ හඳුනාගත හැක. රාජිත සේනාරත්න 2019 දෙසැම්බරයේදී ආන්දෝලනාත්මක "සුදුවෑන් පිළිබඳ මාධ්‍ය හමුව" සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කොට පැය 48 ක් ගෙවී ගිය ද මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වූ බව වාර්තා විය. ඔහුගේ නිවාස කිහිපයක් දින දෙකක් තුළම පරික්‍ෂා කළ ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ඔහු සොයා ගැනීමට නොහැකි බු බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැන්වූ බවද මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඉදිරිපත් කළ පළමු ඇප අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළාය. පසුව දෙවෙනි සහ තුන්වෙනි ඇප අයැදුම්පත් ද රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කරනු ලැබිය. වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව දින ගණනක්ම කොළඹ, බේරුවල සහ වාද්දූව ප්‍රදේශවල පිහිටි රාජිත සේනාරත්නගේ නිවාස පරික්‍ෂා කළ ද ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයට දැන්වූහ. නමුත් පසුව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී අත්අඩංගුවට ගන්නා ලදුව එම රෝහලේම බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබිණි. ගාමිණී සේනරත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කර ඇති රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබූ හිටපු ජනාධිපතිවරයාගේ මාණ්ඩලික ප්‍රධානී ගාමිණී සේනරත් සහ තවත් දෙදෙනෙකු සොයා ගැනීමට පොලිසියට නොහැකි වූ බවට 2017 නොවැම්බර මාසයේදී පොලිසිය විසින් අධිකරණයට දන්වනු ලැබිය. හිටපු ජනාධිපති මාණ්ඩලික ප්‍රධානී ගාමිණී සේනරත් සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් බේරී සිටින අතර, ඔවුන්ගේ නිවෙස් වෙත ගිය එවක පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ (එෆ්.සී.අයි.ඩී) නිලධාරීන්ට සැකකරුවන් ඉන්නා තැන් පිළිබඳ කිසිදු විශ්වාසදායක තොරතුරක් හෙළි කරගැනීමට නොහැකි වී ඇති බව එම නිලධාරීහු අධිකරණයට වාර්තා කළහ. නමුත් රජයේ ඇමතිවරයෙක් සෙනරත්ට රැකවරණය සපයන බවට මාධ්‍යවල වාර්තා වී තිබිණ. කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයට් හෝටලය ඉදිකිරීමේ නාමයෙන් රුපියල් මිලියන ගණනක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණු අතර මොවුන්ට ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් අදාළ හෝටල් ව්‍යාපෘතියට මුදල් දී ඇති බවට චෝදනා එල්ල වී තිබිණ. එෆ්.සී.අයි.ඩී නිලධාරීන් ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගැනීමට සොයන අතර තුර එසේ අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස නියෝගයක් ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. නමුත් 2019 අගෝස්තු මාසයේදී විශේෂ මහාධිකරණ විනිශ්චය සභාව විසින් රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි මොවුන් නිදොස් කොට නිදහස් කරනු ලැබිය. රවී කරුණානායක 2015 පෙබරවාරි සිට මාර්තු දක්වා මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන. අර්ජුන මහේන්‍ද්‍රන් ඇතුළු සැකකරුවන් දසදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා 2020 මාර්තු මාසයේදී වරෙන්තු නිකුත් කළේය. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් හතක් පැය 24 පුරා සිය විමර්ශන මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකරුවන් සෙවීම සඳහා යොදවා ඇති කණ්ඩායම් ඔවුන්ගේ නිවාස සොදිසි කළද ඔවුන් එහි නොසිටි බව එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මාධ්‍ය වෙත කියා සිටියේය. එක් සීඅයිඩී කණ්ඩායමක් සැකකරුවන් සොයා ගැනීම සඳහා පරිගණක තාක්ෂණය භාවිත කරන අතර අනෙක් කණ්ඩායම භෞතික සෝදිසි මෙහෙයුම්වල යෙදෙන බව ද ඔහු කියා සිටියේය. නමුත් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හදිසි රෝගාබාධ ඇති වූ බව කියමින් රෝහල්ගත වීමට ක්‍රියා කළ ද ඔවුන් නියත වශයෙන් ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය. හිටපු මුදල් ඇමැති රවි කරුණානායක පදිංචි කෝට්ටේ පිහිටි නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අවස්ථා කිහිපයක්ම දැඩි පරීක්‍ෂාවට ලක් කරනු ලැබුවද ඔහු එහි නොවීය. පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් පදිංචි කොළඹ මල් පාරේ පිහිටි නිවස ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි පරික්‍ෂාවට ලක්වුවත් සැකකරු එම නිවස අතහැර පලා ගොස් ඇති බව පොලිසිය පැවසීය. මේ අතර අත්අඩංගුවට ගැනීමට නියමිත මෙම සැකකරුවන් සැඟවී සිටිනු ඇතැයි සැක කරන තවත් ස්ථාන රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂාවට ලක් වුවද ඒ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි නොවීය. එහෙත් රවි කරුණානායකව හැර අර්ජුන ඇලෝසියස් සහ අනෙකුත් සැකකරුවන් පසුව අත්අඩංගුවට ගැනිණි. අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා නිවේදන නිකුත් කළ ද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ සිංගප්පුරුවේ ඔහු සිටින ස්ථානය සොයාගැනීමට පොලිසියට හැකිවී නැත. උදයංග වීරතුංග ඇමරිකානු ඩොලර් මිලියන 6.8 ක වංචා චෝදනා මත, රුසියාවේ හිටපු ශ්‍රී ලාංකික තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා 2016 ඔක්තෝම්බර් මාසයේදී එවක කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය. වීරතුංග යුක්‍රේනයේ පදිංචිව සිටින බවට විශ්වාස කළ පොලිස් මුල්‍ය අපරාධය කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී.) ඔහු ශ්‍රී ලංකාවට ගෙනයාමට සහ පිටුවහල් කිරීමට යුක්‍රේන බලධාරීන්ගේ සහාය අපේක්ෂා කළේය. කෙසේ නමුත් පසුව මැදපෙරදිග සිට පිටුවහල් කෙරුණු උදයංග වීරතුංග පසුව ඇප මත නිදහස් කිරීමෙහි දක්නට වූයේ නාටකීය ස්වරූපයකි. වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන්නේ 2008 වසරේ සුදු වෑන් භාවිත කරමින් කොළඹ දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 667 ක් යටතේ ය. නමුත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පසුගිය පෙබරවාරි 24 වෙනිදා නඩුව කැඳ වූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ 14 වන විත්තිකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ නිවසේ නොමැති බැවින් සිතාසි භාරදීමට නොහැකි වූ බවකි. ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එදින හතර වන වරටත් අධිකරණය අද්මිරාල් කරන්නාගොඩට සිතාසි නිකුත් කළේ ය. එහෙත් කිහිප විටක්ම අද්මිරාල් කරන්නාගොඩ ප්‍රසිද්ධ ස්ථානයන් හි රාජ්‍ය උත්සව වලදී පවා දැක ගැනීමට හැකි යැයි ඔහුගේ චායාරුප ද සමගම මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනුණු බවක් වාර්තා නොවිණ. රවින්ද්‍ර විජේගුණරත්න 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන 'නේවි සම්පත්' හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට සැඟවී සිටීමට ආධාර සහ අනුබල දුන් බවට එවක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ලවී තිබිණි. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හරිනු ලැබුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශය භාර එවක ස්ථානාධිපති නිශාන්ත සිල්වාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගැනීමට සිදුවන බවට ද අනතුරු අඟවා තිබුණි. රටේ ඉහළම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමට නියෝගය දී දින ගණනාවක් ගතවී තිබුණත් එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදු නොවිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද්මිරාල්වරයාව කැඳවා තිබුණු නමුත් එසේ නොකොට එදින ඔහු රටින් පිටව ගොස් ඇති බවට ඇති බව පොලීසිය මාධ්‍යයට පැවසීය. පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනුණද ඇපමත නිදහස්කෙරිණ. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී ඇතුළු පස්දෙනෙකු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය අගෝස්තු මාසයේදී වරෙන්තු නිකුත් කළේ, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පෞරාණික වටිනාකමක් ඇති දෙවෙනි බුවනෙකබාහු රජතුමන් විසින් පරිහරණය කරන ලද බවට සැලකෙන රාජසභා මණ්ඩපය පැවති ස්ථානයේ ඉදිකිරීම් ඩෝසර් කර බිඳ දැමීමට වගකිවයුතු බවට චෝදනා එල්ල වීම හේතුවෙනි. අදාළ වරෙන්තු නියෝගය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා මගින් ක්‍රියාත්මක කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේවාවසම් නියෝග කර තිබිණි. ඊට හේතුවූයේ, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායම් හයක් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ යොදවා තිබෙන බවටත් දින ගණනක් ගතවුවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවූ බවටත් අධිකරණය වෙත කරන ලද දැනුම් දීමය. කෙසේ වෙතත්, අනතුරුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරිම වළක්වමින් අභියාචණාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් හා සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සම්කරුවන් ගොනු කර ඇති පෙත්සම් පහ විභාගයට ගෙන අවසන් තීන්දුවක් දෙන තුරු එම අතුරු තහනම් නියෝගය බල පැවැත්වෙන බවය. මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ වරෙන්තු නියම කර දින 12 ක් තිස්සේ සැඟවී සිටි වැඩ තහනමට ලක්වූ මීගමුව බන්ධනාගාරයේ අධිකාරි අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ප‍්‍රදේශයේ සිටියදී මීගමුව පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීම මහත් ආන්දෝලනයකට තුඩුදුන් තවත් එක් සිද්ධියකි. සැකකාර අනුරුද්ධ සම්පායෝ නමැත්තා ඔහු පදිංචි නිවස වසා දමා බිරිඳ හා දරුවන් සමඟ පලාගොස් ඇති බවඅපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන වාර්තාව මගින් අධිකරණයට දන්වා තිබිණි. කෙසේවෙතත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කි‍්‍රයාත්මක කළ සූක්‍ෂම මෙහෙයුමකින් පසු සැකකාර අනුරුද්ධ සම්පායෝ සැඟවී සිටි ස්ථානයෙන් පිටතට ගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවූ බවට පොලීසිය මාධ්‍යයට පැවසීය. සැකකරු කුරුණෑගල ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ සහ ධනවත් ව්‍යාපාරිකයකුගේ රැකවරණය ලබමින් සති දෙකකට ආසන්න කාලයක් පොලිසිය මගහරිමින් සිටි නමුත් එසේ සැඟවී සිටින ස්ථානය හඳුනාගත් විශේෂ පොලිස් කණ්ඩායම සූක්‍ෂම මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඔහු කුරුණෑගල නගරය වෙත ගෙන්වාගෙන පසුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ මෙය නාටකයක් බවය. එවැනි සූක්‍ෂම මෙහෙයුමක් කි‍්‍රයාත්මක වී නොමැති බව එම නිලධාරීහු පැවසූහ. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් පාතාල සාමාජිකයන් සමඟ සමීප සබඳතා පවත්වමින් ඔවුන්ට සියලු සැප පහසුකම් ලබාදුන් බවට මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා ඇතුළු තවත් නිලධාරීන් සිව්දෙනකු වෙත චෝදනා එල්ල වී තිබිණි. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ. රණවීර යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ, දිවිනැගුම අරමුදලේ රුපියල් මිලියන 30ක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට නීතිපතිවරයා ගොනු කර තිබූ චෝදනා සැලකිල්ලට ගනිමිනි. සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව රටින් බැහැරව ගිය බැසිල් රාජපක්ෂ යළිත් ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගැනුණද එසේ අත්අඩංගුවේ සිටි කාලය පුරා රෝහල්ගතව සිටියේය. ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් එවක ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පැවති නඩුවේදී ඔහු කිහිපවිටක්ම විදේශගතවූ අතර තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාගැනීම සඳහා අධිකරණය මගින් ම ලබාගත් නියෝග හරහා අත්අඩංගුවට ගැනීමෙන් වැලකි සිටියේය. කිහිපවිටක් ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ තමන්ගේ මැදිහත්විම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ කිහිපදෙනෙකු හා ආරක්ෂක අංශ හිටපු ප්‍රධානින් අත්අඩංගුවට ගැනීම වැළකුණු බවකි. මේ, බොහෝ දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ හිතවතුන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත්වීමත් සමග අතුරුදහන්වීම හෝ අත්අඩංගුවට පත්වූ සැණින් රෝගාතුරවීමේ ඉතා සුලභ සිදුවීම් අතරින් කිහිපයකි. මේ තොරතුරු ද කියවන්න:
"ඒ පොලිස් කණ්ඩායම් හය හොයන්ඩ තවත් පොලිස් කණ්ඩායමක් දාල තියෙනවා. මේවා නරනාටක මේවා නරනාටක. එච්චරයි. නරනාටක මහත්තයෝ. රවී කරුණානායකවත් හෙව්වා රාජිත සේනාරත්නවත් හෙව්වා. දැන් හොයනවා මේගොල්ලන් කාටද මේ විහිළු සපයන්නේ අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා විහිළු හැටියට නෙමෙයි ගණන්ගන්නේ. හැබැයි තීන්දුව දෙයි මේවා දිගින් දිගටම සිද්ධ වුණොත් ඊළඟ මැතිවරණයේ දැඩි තීන්දුවක් ගනී. එක්සත් ජාතික පක්ෂයට වෙච්චදේ අපිටත් වෙන්න පුළුවන්," මේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගියදා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අඟහරුවාදා ගොඩ ගැනුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් වන ලෙස ඔහුගේ පවුලේ ඥාතීන් මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල්ගෙන් ඉල්ලීමක් කොට තිබිණි. බොරැල්ල සුසාන භූමියේ දේහය මිහිදන් කොට තිබූ ස්ථානය හඳුනා ගැනීමෙන් අනතුරුව එය ගොඩ ගන්නා අවස්ථාවේ තමා දැඩි කම්පනයටත් සංවේගයටත් පත් වූ බව මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමග අදහස් දක්වමිනි. දීර්ඝ කාලයක් සමීපව කටයුතු කළ වෘත්තීය සගයාගේ දේහය ඒ ආකාරයට දැක ගැනීම දරා ගත නොහැකි වේදනා බර අත්දැකීමක් වූ බවයි ඇය කියා සිටියේ. "ඒ වේදනාව, මට වගේම ලසන්තගේ පවුලේ දරුවන් ඇතුළු සෑම දෙනාටම දැනෙනවා. මම හිතනවා දැන්වත් ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉටු කරලා දිය හැකි නම් මේ ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ එතනයි," සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතුවරියක වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම වැඩිදුරටත් කියා සිටින්නීය. ඝාතනය පිළිබඳව සැකපිට හමුදා බුද්ධි අංශ සාමාජිකයකුද අත්අඩංගුවට ගෙන තිබෙන නමුත්, ඝාතනය සඳහා අණ දුන් පුද්ගලයන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඇය අවධාරණය කළාය.
ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය හඳුනා ගැනීම සිය ජීවිතයේ මුහුණ දුන් දුෂ්කරම අවස්ථාව බව සන්ඩේ ලීඩර් පුවත්පතේ ඔහු සමග සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහෙත් සිවිල් ක්‍රියාධරයන්ගේ එම ප්‍රකාශය, කරුණු නිසි ලෙස වටහා නොගෙන සිදුකරන්නක් බවට පරිසරවේදීහු චෝදනා කරති. වනාන්තර හෙළිකරමින් මුස්ලිම් ජනතාව පදිංචිවෙමින් සිටින එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශය, කොට්ටච්චි, සීලාවතුර යන ප්‍රදේශවල සංචාරය කළ අවස්ථාවේ තමන්ට දැකගැනීමට ලැබුන බව සංචාරයෙන් අනතුරුව සංදේශය සමග දහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය සඳහන් කළේය. "විල්පත්තු වනයට අදාළ, ප්‍රදේශයට අදාළ කිසිම වන විනාශයක් මේ කියන ජනතාව නැවත පදිංචි කිරීම්වලදී සිදුවෙලා නෑ," ඔහු පැවසීය. "හැබැයි ජනතාව නැවත පදිංචි කරලා තියෙනවා, ඔවුන්ගේ පළමු ගම්බිම්වල. මේ ජනතාව මුස්ලිම්, දෙමළ සහ සිංහල. මේ කණ්ඩායම් තුනේම පාරම්පරික ගම් තියෙනවා විල්පත්තු වනයට පිටින්." යුද්ධය සමයේ එල්ටීටී සංවිධානය විසින් එම ප්‍රදේශවල විසූ ජනතාව පළවා හැරි බව පවසන සමන් රත්නප්‍රිය, වසර විසිපහකට පමණ පසුව ඒ ජනතාව යළි සිය ගම්බිම් බලා එනවිට එම ප්‍රදේශවල කැලෑ වැවී තිබී ඇති බවත් සඳහන් කළේය. එම කැලෑ ප්‍රදේශ හෙළි පෙහෙළි කරමින් ඒ ජනතාව යළි පදිංචිවෙමින් සිටින්නේ බලධාරීන්ගේ නීත්‍යානුකූලව අවසරය සහිතව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. කෙසේ නමුත් විල්පත්තුවේ සංචාරයක යෙදීමෙන් අනතුරුව සිවිල් සහ වෘත්තීය සමිති ක්‍රියාධරයන් මතුකරන එම තර්කය තරයේ ප්‍රතික්ෂේප කරන බව පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර බීබීසී සංදේශයට පැවසීය. විල්පත්තුව අවට කිසිදු වන විනාශයක් සිදු නොවන්නේය යන්න සිවිල් ක්‍රියාධරයන් කරුණු නොදැන කරන ප්‍රකාශයක් බවට චෝදනා කරන පරිසරවේදියා, විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර දෙකක තවමත් වන විනාශයක් සිදුවෙමින් පවතින බව අවධාරණය කරයි. "විලච්චිකුලම් වන රක්ෂිතය වගේම මරිච්චිකට්ටි වන රක්ෂිතයත් හෙළි පෙහෙළි කරමින් තමයි මේ ජනාවාශ ව්‍යාප්ත කරන්නේ," ඔහු පැවසීය. ඒ ආසන්නයේ මුස්ලිම් සහ දෙමළ ජනතාව සාම්ප්‍රදායිකව වාසය කළ ගම්මාන දෙකක් පවතින බව සඳහන් කළ සජීව චාමිර, ගැටලුව පවතින්නේ එම ගම්මාන පිළිබඳව නොවන බවත් පැවසීය. එහි වන විනාශයක් සිදුනොවන බවට සිවිල් සහ වෘත්තීය සමිති ක්‍රියාධරයන් තර්ක කරන්නේ වන රක්ෂිත හෝ පරිසරය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව බවත් සජීව චාමිකර වැඩිදුරටත් පැවසීය.
විල්පත්තු රක්ෂිතයේ හෝ ඒ අවට වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු නොවන බව විල්පත්තුවේ සංචාරයක යෙදුනු සිවිල් ක්‍රියාධරයන් පිරිසක් පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බලයෙන් පහ කරනු ලැබූ නායිකාව වන අවුං සාන් සූ චී "යහපත් සෞඛ්‍ය තත්ත්වයකින්" පසුවන බව පෙනෙන්නට තිබුණි. පෙබරවාරි පළමු වැනිදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව අත්අඩංගුවට ගැනුණු ඇයට එරෙහිව නව චෝදනා දෙකක් නිවේදනය කෙරුණි. මේ අතරතුර, ඉරිදා (පෙබරවාරි 28) නැවතත් උද්ඝෝෂකයෝ වීදි බැස සිටියහ. හමුදා කුමන්ත්‍රණයෙන් පසුව පැවති දරුණුතම විරෝධතාව එය වූ අතර 18 දෙනෙක් මිය ගියහ. මෙම මරණ සිදුවූයේ හමුදාව සහ පොලිසිය විසින් විරෝධතාකරුවන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබීම හේතුවෙනි. නමුත් එම ප්‍රතිචාරයෙන් පසුබට නොවූ උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබූ ආණ්ඩුව යළි පිහිටුවා අවුං සාන් සූ චී සහ ඇයගේ දේශපාලන පක්ෂයේ නායකයන් නිදහස් කළ යුතු බවය. පසුගිය නොවැම්බරයේ පැවති මහ මැතිවරණය වංචාකර ඇති බවට චෝදනා එල්ලවී ඇති බැවින් තමන් බලය අත්පත් කරගත් බව මියන්මාරයේ හමුදාව පවසයි. එම මැතිවරණයේ නිල ප්‍රතිඵලවලට අනුව අවුං සාන් සූ චී ගේ NLD පක්ෂය (ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය) විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගෙන තිබුණි. එකී චෝදනා සඳහා සාක්ෂි ඉදිරිපත් කර නොමැති නමුත් මැතිවරණ කොමිසම ප්‍රතිස්ථාපනය කෙරුණු අතර වසරකින් නව මැතිවරණයක් ලබාදෙන බවට හමුදාව ප්‍රතිඥා දී ඇත. අවුං සාන් සූ චී හිටියේ කොහේද? පෙබරවාරි පළමුවැනිදා හමුදා කුමන්ත්‍රණය සිදු වීමෙන් අනතුරුව අද දක්වා, 75 හැවිරිදි අවුං සාන් සූ චී ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. ඇය අද (මාර්තු 01) අගනුවර අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ වීඩියෝ සම්බන්ධතාවක් ඔස්සේ ය. පසුගිය මාසය පුරා ඇය රඳවාගෙන සිටි ස්ථානය තවමත් පැහැදිලි නැත. නමුත් ඇතැම් වාර්තා සඳහන් කරන්නේ අගනුවර පිහිටි ඇයගේ නිවස තුළ ඇය රඳවා සිටි අතර පසුව වෙනත් රහසිගත ස්ථානයකට රැගෙන ගොස් ඇති බවය. මූලිකව ඇයට එරෙහිව චෝදනා දෙකක් ඉදිරිපත් වී තිබුණි. නීතිවිරෝධී ලෙස වෝකි ටෝකි යන්ත්‍ර (කුඩා ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර) ආනයනය කිරීම සහ මියන්මාරයේ ස්වභාවික ආපදා නීතිය උල්ලංඝනය කිරීම එම චෝදනා ද්විත්වය වේ. අද, සඳුදා තවත් චෝදනා ඊට එක් විය. මැතිවරණ සමයේ දී කොවිඩ් 19 නීති උල්ලංඝනය කිරීමත්, "බිය සහ චකිතය" ඇති කිරීමත් එම නව චෝදනා අතර වේ. කලින් ඉදිරිපත් කර තිබූ මූලික චෝදනා සඳහා වසර තුනක් දක්වා වූ සිර දඬුවමක් පැනවිය හැකිය. අලුතින් ඉදිරිපත් කර ඇති චෝදනා සඳහා පැනවිය හැකි දඬුවම කුමක්දැයි තවමත් පැහැදිලි නැත. නමුත් එම චෝදනා සඳහා වරදකාරිය වුවහොත් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට තරඟ කිරීම ඇයට තහනම් විය හැකිය. මෙම නඩු විභාගය මාර්තු 15 වැනිදාට කල් තැබුණි. බලයෙන් පහ කරනු ලැබ ඇති මියන්මාර ජනාධිපති වින් මයින්ට් ට එරෙහිව ද දණ්ඩ නීති සංග්‍රහයට අනුව චෝදනා ගොනු කර ඇති බව Myanmar Now පුවත් සේවය වාර්තා කර තිබුණි. අවුං සාන් සූ චී ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වන ඔහුට පවතින චෝදනාව නම්, ඉහත කී වැරදිවලට අනුබල දීමයි. අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව අවුං සාන් සූ චී ගේ ජනප්‍රියත්වය මියන්මාරය තුළ එකවරම ඉහළ ගියේය. නමුත් ඇය කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් තිබූ ජනප්‍රියත්වය තවමත් දුර්වර්ණව පවතින්නේ, රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දියත්වූ බවට පැවසෙන ජන සංහාරය නොදැක්කා සේ සිටි බවට එල්ල වන චෝදනා හේතුවෙනි. දැන් සිදුවන්නේ මොනවාද? රටේ නගර කීපයකම උද්ඝෝෂණ දියත්වී ඇත. AFP පුවත් සේවය වාර්තා කර තිබුණේ වෙඩි ප්‍රහාරයක් එල්ල වෙද්දී නිරායුධ උද්ඝෝෂකයන් පිරිසක් පලා යන ආකාරය දුටු බවය. මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ජීව උණ්ඩ යොදා ගනිමින් ද? නැතහොත් රබර් උණ්ඩ යොදා ගනිමින්ද? යන්න තවමත් පැහැදිලි නැත. එම පුවත් සේවය තවදුරටත් වාර්තා කර තිබුණේ, යැන්ගොන් නගරයේ මාර්ග බාධක ඇතිකිරීම සඳහා උද්ඝෝෂකයන් විසින් උනබට, ගස් කඳන් වැනි දෑ යොදා ගනු ලැබ තිබූ බවය. වීදිබට ජනතාවට එරෙහිව කඳුළු ගෑස් එල්ලකරනු ලබන ආකාරය දැක්වෙන ඡායාරූප ද පළ කර තිබුණි. පසුගිය මාසයේ ඇරඹි විරෝධතා හේතුවෙන් මේ දක්වා අවම වශයෙන් 21 දෙනෙකුවත් මිය ගොස් ඇත. මෙහි සංදර්භය කුමක් ද? ජෙනරාල් මින් අවුන්ග් ලයිඞ් පෙබරවාරි පළමුවැනිදා මියන්මාරයේ පාලන බලය හමුදාව අත්පත් කර ගත්තේය. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි. රටේ සියලු බලතල ජෙනරාල් මින් අවුන්ග් ලයිඞ් ට පවරන ලදී. දින කීපයකට පසුව, ජනතා විරෝධයක් මතු වන්නට විය. හමුදා කුමන්ත්‍රණයට විරෝධය පෑමක් වශයෙන් රටේ වෘත්තිකයෝ සේවයට වාර්තා කිරීම ප්‍රතික්‍ෂේප කළහ. ජන රැල්ල කඩිනමින් ශක්තිමත් වන්නට පටන් ගත්තේය. දහස් ගණනින් ජනතාව වීදි බසින්නට වැඩි දවසක් ගත නොවීය. මෑතක දියත් වූ විරෝධතාවලදී පොලිසිය සහ ජනතාව අතර ගැටුම් උත්සන්න විය. සති අන්තයේ පැවති විරෝධතා වලදී යටත් පිරිසෙයින් 18 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත් වුහ. මියන්මාරය ලුහුඬින්:
මියන්මාරයේ අවුං සාන් සූ චී, වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර එරට පාලනය හමුදාව අතට පත්වීමෙන් අනතුරුව ඇය දැකගන්නට ලැබුණේ ප්‍රථම වතාවටය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුක්තිය අයදින පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස හැඳින්වුණු නවුෆර් මවුලවි, ඉබ්‍රාහිම් මවුලවි, මොහොමඩ් සජිඩ්, මොහොමඩ් සාහිඩ්, සාදික් අබ්දුල්ලා, සයිනුල් අබ්දීන්, මොහොමඩ් මිල්හාන් සහ තවත් 9 දෙනෙකු ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ එමඟින් ප්‍රජාවන් අතර ආගමික අසමගිය ඇති කිරීමට එරෙහිව කෑගල්ල මහාධිකරණයේදී එසේ අධි චෝදනා ගොනු කෙරිණි. මෙම නඩුව මහාධිකරණයේ විශේෂ අධිකරණයක් හමුවේ විභාග කරන ලෙස නීතිපතිවරයා අග්‍රවිනිශ්චයකාරවරයාගෙන් ඉල්ලා ඇත. ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මීගමුව මෙවැනි තත්ත්වයක් දිගහැරුණ ද 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධවූවන්ට එරෙහිව මේ දක්වා නීතිමය පියවර ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වින්දිතයන්, කතෝලික ප්‍රජාව ඇතුළු සමාජයේ විවිධ ස්ථරවල කනස්සල්ල පළවෙමින් තිබේ. ප්‍රහාරවලදී 268 දෙනෙක් මිය ගිය අතර 500 ට අධික පිරිසක් තුවාල ලැබූහ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කෙරුණු පරීක්ෂණ උපයෝගී කරගෙන ඇමරිකාව විසින් එරට අධිකරණයක නඩු පවරනු ලැබුව ද ප්‍රහාරයට වගකිව යුත්තන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දී නීතිය ඉටු වූවාද යන්න තවමත් ප්‍රශ්න කෙරේ. ඇමෙරිකානු පරීක්ෂණ පසුගිය ජනවාරි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ විදේශීය ත්‍රස්ත සංවිධානයකට (ISIS) ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකුට චෝදනා එල්ල කළ බව ය. කිතුනු දේවස්ථාන සහ විදේශිකයන් නිතරම පැමිණෙන සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහාය වූ ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (එෆ්බීඅයි) නිලධාරීන් විසින් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස 2020 දෙසැම්බර් 11 වන දින ලොස් ඇන්ජලීස් හි එක්සත් ජනපද දිසා අධිකරණයේ මෙම අපරාධ නඩුව ගොනු කරන ලදී. ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායම ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයිඑස්අයිඑස් ආධාරකරුවන් පිරිසකගේ කොටස්කාර සංවිධානයක් වූ අතර "ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්" ලෙස හැඳින්වූ මෙම සංවිධානය එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු ඇතුළු 268 දෙනෙකු මරණයට පත් කර තවත් 500 ට වැඩි පිරිසක් තුවාල ලැබූ ප්‍රහාරයට වගකිවයුතු බව ෆෙඩරල් අපරාධ පැමිණිල්ලෙන් කියැවිණි. මියගිය එක්සත් ජනපද පුරවැසියන්ගෙන් එක් අයෙක් එරට වාණිජ දෙපාර්තමේන්තුවේ සේවකයකු වන අතර ඔහු නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇත. 2019 අප්‍රියෙල් 21 වන දින කොළඹ, මීගමුවේ කටුවාපිටිය සහ මඩකලපුව යන නගරවල එකවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට තුඩු දුන් කුමන්ත්‍රණයේ විත්තිකරුවන්ගේ භූමිකාව සහ සිදුවීම් මෙම පැමිණිල්ලේ තවදුරටත් දක්වා ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ නිවේදනයෙන් පැවසීය. අයිඑස්අයිඑස් සංවිධානයට පක්ෂපාතී වන බවට පොරොන්දු වූ මෙම විත්තිකරුවන් තිදෙනා සාපරාධී පැමිණිල්ලේ නම් කර ඇති අතර එම සැකකරුවන් නම්: මොහොමඩ් නවුෆර්, අයිඑස්අයිඑස් ආධාරකරුවන්ගේ කණ්ඩායමේ "ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්" ලෙස හැඳින්වූ කණ්ඩායමේ "දෙවන එමීර්", කණ්ඩායමේ ප්‍රචාරක කටයුතු මෙහෙයවූ තැනැත්තා මෙන්ම ඔහු අයිඑස්අයිඑස් හා සම්බන්ධ වීමට වෙනත් අය බඳවා ගත් තැනැත්තා වන අතර, ඔහු බහු දින මිලිටරි ආකාරයේ පුහුණු මාලාවකට නායකත්වය දුන් තැනැත්තාය.පාස්කු ප්‍රහාර සඳහා භාවිත කරන ලද වැඩිදියුණු කළ පුපුරණ උපකරණ නිෂ්පාදනය කිරීමට උදව් කළ බවට චෝදනා ලැබූ මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කන් හා අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ බවට චෝදනා ලබා ඇත. ඔහු ඔත්තුකරුවෙකුටද වෙඩි තබා ඇතැයි චෝදනා එල්ල වන අතර වෙනම ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ස්ථානයක් සොයා බැලීමද කළ පුද්ගලයෙකි.මේ අතර අයිඑස්අයිඑස් වෙතින් මිලිටරි ආකාරයේ පුහුණුවක් ලැබීමට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් නෆාර් සහ මිල්හාන්ට යන පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනු කෙරේ යනුවෙන් ද එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීය. පැමිණිල්ලේ නම් කර ඇති විත්තිකරුවන් සහ පහරදීම්වලට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවේ රඳවා සිටින අතර අපරාධ පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතී යනුවෙන් එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුවේ නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකාවේ පරීක්ෂණ පාස්කු ප්‍රහාරයට අදාළව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 202 ක් බන්ධනාගාරගත කර ඇති බවත් තවත් 66 දෙනෙකු රඳවා තබා ගෙන විමර්ශණය කෙරෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය. මේ වන විට 408 දෙනෙක් ඇප මත නිදහස්ව සිටියද ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව විමර්ශණය කෙරෙන බව ඔහු කීය. ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන තුනක් වන ජාතික ත්ව්හීඩ් ජමාද්, ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම් හා විල්ලයාත් අස් සේලානි හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රහාරයයන් පසු තහනම් කරනු ලැබිණි. එසේම අයිඑස්අයිඑස් සහ අල් කයිඩා සංවිධානයද ඇතුළුව සංවිධාන 11ක් තහනම් කිරීමට අදාළ ගැසට් පත්‍රය අප්‍රේල් 10 වෙනිදා නිකුත් කළේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීම රජයට අදාළ කාරණයක් නොවන බවය. "නඩු පැවරීම රජයට කිසිදු සම්බන්ධයක් නැත, රජයට චෝදනා ගොනු කළ නොහැකි අතර ජනාධිපතිවරයාට හෝ ඇමතිවරුන්ට එය කල නොහැකියි එය ගරු නීතිපතිවරයාගේ කාර්යයක්," යැයි ඔහු කීය. ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වන තුරු නීතිපතිවරයා සිටි බව කී ඔහු, වාර්තාවේ ඇතුළත් ශාක්ෂි ද උපයෝගී කරගනිමින් නඩු පැවරීමට හැකි යැයි නීතිපති වරයා පැවසූ බව අමාත්‍ය අලි සබ්රි සඳහන් කළේය. ඔහු තවදුරත් පැවසුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් කාල සීමාවක් නිර්ණය කිරීම රජයට කළ නොහැකි නමුත් අදාළ කාර්යයන් නිසි ආකාරයෙන් සිදුවනවාදැයි නිරීක්ෂණය කළ හැකි බවකි. "යම් කිසි කාලයකට හෝ නියමිත දිනට නියමිත වේලාවට සිදුකරනවාට වඩා නිසි ආකාරයෙන් එය සිදුකිරීම ඉතාමත් වැදගත් යැයි මම සිතනවා. අවසානයේදී ඔබ එය සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කළ යුතුයි. එබැවින් එය කෙටි මාර්ගයකින් තොරව නිසි ආකාරයෙන් කළ යුතුයි. එය හරියාකාරව සිද්ධ නොකළහොත් වැරදිකරුවන්ට වරදින් ගැලවී යා හැකියි. අපට අවශ්‍ය උපරිමයෙන් නිවැරදි ව සිද්ධ කරන්න. මම හිතන්නේ නීතිපතිවරයාට ඔහුගේ කාර්යය කළ හැකියි," කෙසේවෙතත්, අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින සම්පත් හා පහසුකම් යටතේ කටයුතු කළ යුතු බව ය. "මගේ මතය අනුව ලොව පුරා ත්‍රස්ත විමර්ශනවලට බොහෝ කාලයක් ගතවෙනවා. අපේ රටේ පැය 48 ක් ඇතුළත ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනෙකුත් සංවිධාන තහනම් කිරීම දැනටමත් සිදුවී ඇති අතර අපගේ අභ්‍යන්තර ආරක්ෂාව මෙන්ම බුද්ධි අංශද ශක්තිමත් කර තිබෙනවා." "එම නිසා නඩු පැවරීම සහ මේ සියල්ල අපට ධාරිතාවය හා අප සතුව ඇති පහසුකම් යන සියලු දේ සමඟ කටයුතු කළ යුතුයි. අනවශ්‍ය ප්‍රමාදයක් සිදුවී ඇති බව මට පෙනෙන්නේ නෑ."
2018 වසරේදී මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා පහක් විනාශ කිරීම සම්බන්ධයෙන් 16 දෙනෙකුට එරෙහිව අඟහරුවාදා (අප්‍රේල් 20) නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට දෙවසරක් පිරීමට එක් දිනක් තිබියදී ය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
''දැන් ඉස්සර වගේ අපේ ගෙදරට කවුරුවත් එන්නේ නෑ. ඥාති, හිතමිතුරු බැඳීම් ගැන මේ මාස 11ට අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බුදු දහම අනුව ජීවත් වෙන මම මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලනවා'' යනුවෙන් ඔහු පැවසුවේය. තමන් මෙන්ම බිරිඳ මුහුණදුන් අත්දැකීම් ද ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට විස්තර කළේය. කොරෝනා-19 රෝගය ඔහුට වැළඳී ඇති බව 2020 මාර්තු 09 වැනිදා තහවුරු විය. කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යයාතයනයේ ප්‍රතිකාර ලැබූ ජයන්ත සුවය ලැබීමෙන් අනතුරුව 2020 මාර්තු 22 වැනි දා යළි නිවසට පැමිණ තිබුණි. නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය ෂර්ලි උපුල් කුමාර
කොවිඩ්-19 රෝගය වැළඳීම තුළින් තමන්ට සැබෑ මිනිසුන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු බව කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු පළමු ශ්‍රී ලාංකිකයා වූ ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දුමින්ද සිල්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් 'මුදල් ලබාගත් බව හෙළි වී තිබෙනවා' පසුගියදා අත්අඩංගුවට පත්වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරාම් කරුවකු බව පැවසෙන සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදා' විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබා දුන් බව පරීක්ෂණවලදී හෙළිවීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ. 2012 වසරේ සිට 'වෙලේ සුදා' යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ශ්‍රී ලංකාවට මත්කුඩු කිලෝග්‍රෑම් 1000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කොට රුපියල් ලක්ෂ 80,000 අධික මුදලක් උපයා ගන්නට ඇතැයි හෙළිවුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එම මුදල්වලට සිදුවූ දේ පිළිබඳව සොයා බැලීමේදී ඔහුත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාත් අතර යම් මුදල් ගණුදෙනුවක් සිදුවී ඇතැයි හෙළි වූ බව අජිත් රෝහණ ප්‍රකාශ කළේය. භාරත ලක්ෂමන් "ඒවගේම දුමින්ද සිල්වා යන අය පසුගිය දිනක අතුරුගිරිය ප්‍රදේශයේදී මිය ගිය කුඩු ලාලිත යන අයගෙන් මුදල් ලබාගත් බවත් හෙළිවී තිබෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේය. මන්ත්‍රීවරයාට රටින් පිටවීම තහනම් කිරීමේ නියෝගය බලපාන කාලයත් 'දීර්ඝ කරලා' භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට අදාලව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා රටින් පිටවීම වළක්වමින් දී තිබෙන අධිකරණ නියෝගය බලපවත්වන කාලසීමාව දීර්ඝ කර ඇති බව ද ඔහු සඳහන් කළේය. ගිණුම් පරික්ෂා කිරීමෙන් පසු තවදුරටත් කරුණු අනාවරණය වුවහොත් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. පොලිසිය එල්ල කරන චෝදනාව පිළිබඳව විමසීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇමතීමට සංදේශය ගත් උත්සාහය සාර්ථක නොවීය. ශ්‍රී ලංකා බලධාරීන් විසින් පකිස්ථානයේ දී අත්අඩංගුවට ගැනුණු 'වෙලේ සුදා' නමැති සැකකරු පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබිණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු සමඟ මුදල් හා දේපළ ගණුදෙනු සිදු කළ බවට සැකකෙරෙන හිටපු පොලිස්පතිවරයකු හා පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පිළිබඳවත් තොරතුරු හෙළි වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අයත් සියලු ම බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝග කළ බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු සතු සහරා සමාගම කුඩා පරිමාන ආයෝජකයන්ගෙන් නීති විරෝධී ලෙස ඩොලර් බිලියන ගණනක් එකතු කර ඇති බවට චෝදනා එල්ල විය. සුබ්රාතා රෝයි එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන අතර මේ පිළිබඳව නඩු විභාගයක් පැවැත්වෙයි. මෙම නඩු විභාගය සඳහා පැමිණෙද්දී එක් පුද්ගලයෙක් සුබ්රාතා රෝයි ගේ සිරුරට තීන්ත විසි කළ බවයි දිල්ලියේ සිට නිතින් ශ්‍රිවාස්තාවා වාර්තා කළේ. දශ ලක්ෂයකට අධික පිරිසක් මොහු ගේ සමාගම්වල සේවය කරන අතර ඉන්දියාවේ බලවත් දේශපාලනඥයන්ගේ සමීප මිතුරෙකු ලෙස සැලකෙයි.
මුදල් වංචා සිදු කළ බවට චෝදනා එල්ල වී සිටි ඉන්දියාවේ ඉහළම ව්‍යාපාරිකයා වන සුබ්රාතා රෝයි සිරගත කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආගම් කිහිපයකට අයත් වතු කම්කරැවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ. හේයස් වත්තේ පන්සියයක් දෙනා මුලින් අසල වූ කෝවිලට ගොස් මියගිය සහ අතුරැදන් වූ පිරිස වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කළහ. පනිල්කන්ද වත්තේ අටසියයක් පමණ දෙනාද මුලින් තම ආගමානුකූලව මියගිය සහ අතුරුදහන්වූවන් සිහිපත් කළහ. පසුව මෙම පිරිස් දෙතැනකට එක්වී අවතැන් වූවන්ට ඉක්මනින් සහන ලැබේවායි ප්‍රාර්ථනා කළහ. අනතුරැව පිරිස තමන්ට හැකි අයුරින් වත්තේ මාර්ග හරහා සුදු සහ කලු කොඩි ඔසවමින් විපතට පත් කම්කරැ සගයන්ට සොව පළ කළහ. රැපියල් පන්සියය බැගින් වූ තම දිනක වැටුප මීරියබැද්දේ නායයාමෙන් විපතට පත්වූවන්ගේ පවුල්වල ඉතිරිව සිටින සාමාජිකයන්ගේ නිවාස සහ වෙනත් සුබසාධන කටයුතුවලට පරිත්‍යාග කිරීමට එම කම්කරැවෝ ඒකමතිකව තීරණය කළ බව ලංකා කම්කරැ කොන්ග්‍රස් වෘත්තිය සමිතියේ රත්නපුර දිස්ත්‍රික් බළමණ්ඩල සාමාජික පෙරැමාල් රාසලිංගම් පැවසීය. මේ අතර සිකුරාදා සවස දෙකයි තිහට පමණ බළන්ගොඩ ඕලුගන්තොට රයි අංක දෙක කොටසේ නිවාස සංකීර්ණයක ගෙපලක කානුවක් කපමින් සිටි හතලිස් දෙහැවිරිදි ගුරැවරයකු සහ ඔහුට සහාය වෙමින් සිටි හැට හැවිරිදි පුද්ගලයෙකු පස්කන්දක් කඩා වැටීමෙන් මියගොස් තිබේ.
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සූරියකන්ද, හේයස් සහ පනිල්කන්ද යන වතු දෙකේ කම්කරැවන් 1300 ක් පමණ සිකුරාදා සේවයට වාර්තා නොකොට කොස්ලන්ද, මීරියබැද්දේ නායයාමෙන් මියගිය සහ අතුරුදහන් වූ සහෝදර කම්කරැවන් වෙනුවෙන් ශෝකය පළ කළහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දිනසේන රතුගමගේ මුලතිවු සිට මුලතිවු දිස්ත්‍රික්කයේ තම ඥාතීන් අතුරුදහන් වී ඇති බවට කොමිසම වෙත තොරතුරු ලබා දුන් පවුල් 230 කට කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණෙන ලෙස ලිපි යවා ඇතත්, පලමු දිනයේම ලිපි නොලැබුණු සියයකට වැඩි පිරිසක් කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණ සිටීම නිසා නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියහ. කොමිසම මුලතිව් දිස්ත්‍රික්කයේදී දින හතරක කාලයක් රැස්වන බැවින් සාක්කි ලබාදීමට පැමිණෙන සියලුම දෙනාට ඒ සදහා අවස්ථාව සලසා දිය හැකි බව කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස බී.බී.සී. සංදේශයට ප්‍රකාශ කළ අතර 5,6,යන දිනවලදී මුලතිවු, පුදුකුඩීරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත්,7 සහ 8 යන දිනවලදී මුලතිවු, මැරිටියන්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත් රැස්වී සාක්කි සටහන් කර ගන්නා බවද ඔහු පැවසීය. කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරාක්‍රම පරණගම ඇතුලු කොමිසමේ නිලධාරීන්ට සහාය පිණිස මුලතිවු දිසාපති නාගලින්ගම් වේදනායගම් ඇතුලු මුලතිවු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ. මවුවරු හඩා වැලපෙති කොමිසම හමුවේ පළමු දිනයේදී සාක්කි දීමට පැමිණි මුලතිවු දිස්ත්‍රික්කයේ වැසියන්ගෙන් විශාල පිරිසක් පැවසුවේ අවසන් යුදගැටුම් පැවති දින කීපයේදී ජීවිතය ගලවා ගැනීමට මුලතිවු කලපුව ඔස්සේ ගොඩබිම දෙසට යමින් සිටි විශාල පිරිසක් මේ වනතුරු තමන්ට යළි දැක ගැනීමට නොහැකි වූ බවයි. යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සාමජිකයින් පැමිණ එක් පවුලකකින් එක් සාමාජිකයෙකු තම සංවිධානයට ලබාදෙන මෙන් කළ ඉලීමට අනුව ඔවුන් වෙත බාරදෙන ලද විශාල පිරිසක් යළි ආපසු දැකගන්නට නොලැබුනේ යැයිද, ඒ අන්දමටම යුද හමුදාව ඇතුලු ආරක්ෂක අංශ කටඋත්තරයක් ලබාගැනීම පිණිසයැයි කියමින් රැගෙන ගිය තම ඥාතීන් විශාල පිරිසක් මෙතෙක් ආපසු පැමිණියේ නැතැයිද කොමිසම හමුවේ ඔවුහු කියා සිටියහ. ඥාතීන් අතුරුදහන් වී වසර ගණනාවක් ගොස් තිබුනද අතුරුදහන් වූ ඥාතීන් ගැන කොමිසම හමුවේ සාක්කි දෙන ලද අවස්ථාවේදී සිය දුක වාවා ගැනීමට නොහැකිව බොහෝ මවුවරු හඩා වැලපෙන්නට වූහ.
යුදසමයේදී අතුරුදහන් වු පුද්ගලයින් පිළිබදව කරුණු සොයා බැලීම පිණිස ජනාධිපතිවරයා විසින් පත්කරණ ලද විශේෂ කොමිසම පස්වෙනි සෙනසුරාදා මුලතිවු පුදුකුඩීරිප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යලයේදී සාක්කි සටහන් කරගැනීම ආරම්භ කෙරිණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ශ්‍රී ලංකාව තුල ආණ්ඩුවට විරුද්ධ අදහසක් පළ කිරීම ඉතා අවදානම් සහගත බව තහවුරු වී තිබේ' මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ සත්-දින ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, සිය සංචාරයේදී තමන් හමුවූ පුද්ගලයන්ට ආරක්ෂක හමුදා මගින් තර්ජන එල්ලවී ඇති බවට නවී පිල්ලේ කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රබල අවධානය පළ කොට තිබේ. සිය සංචාරය අවසානයේ කොළඹ දී මාධ්‍ය ඇමතු මහ කොමසාරිස්වරිය, ශ්‍රී ලංකාව 'අධිකාරීවාදී පාලනයක් කරා ගමන් කරමින් පවතින බවට ළකුණු ඇතැ'යි කියා සිටියාය. පොදු රද මණ්ඩල සමුළුව "විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුල ආණ්ඩුවට විරුද්ධ අදහසක් පළ කිරීම ඉතා අවදානම් සහගත," බව මහ කොමසාරිච්ස්වරියගේ සංචාරයෙන්ද තවදුරටත් තහවුරු වී තිබෙන බවයි, ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය නිවේදනයේ සඳහන් කරන්නේ. "ඇය හමුවූ පුද්ගලයන්ට එරෙහිව තර්ජන එල්ල වීම නොවැම්බරයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට යහපත් ලෙසින් බල පානු නැති," බවයි, ආසියා ශාන්තිකර කලාපය භාර ඇම්නස්ටි ජාත්‍යන්තරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා පොලි ට්‍රස්කොට් පවසන්නේ. ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව යලිත් වරක් පෙන්වා දෙන මාන හිමිකම් සංවිධානය, සිය සංචාරයෙන් අනතුරුව මහ කොමසාරිස්වරිය පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය ද සාධනීය අන්දමින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කරයි.
මානව හිමිකම් ක්‍රියාධරයන් සහ විරුද්ධ මතධාරීන් තුල පවතින බිය තුරන් කිරීමට ශ්‍රී ලංකාවේ නායකයන් ක්‍රියා කළ යුතු බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘අපේ යාළුවො බවට පත් වුනේ ලෝකයේ එපාම කරපු රටවල්' ගාමිණී වියන්ගොඩ රුසියාව සහ චීනය උදාහරණ වශයෙන් ගෙන හැර දක්වමින් ඔහු කියා සිටියේ එවැනි රටවල මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බවයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව විශ්ලේෂණයක යෙදෙමින් ගාමිණී වියන්ගොඩ, බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවක යෙදුණේ විදේශ ඇමතිවරයා ඉන්දියාවේ සංචාරයක යෙදී සිටියදී. 'එපාම කරපු රටවල්' ‘අපේ යාළුවො බවට පත් වුනේ ලෝකයේ එපාම කරපු රටවල්. මානව හිමිකම් අතින්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් අතින්, ශිෂ්ඨ සම්පන්න පාලන ක්‍රම අතින් ලෝකයාගේ අපවාදයට අපචාරයට ලක් වුනු රටවල්. දැන් රුසියාව ගත්තොත් පුටින් ජනාධිපතිවරයා ව්‍යවස්ථාපිත සීමාවන් නිසා බලයෙන් එලියට ගොස් එය වෙනස් කර ගෙන නැවත බලයට පැමිණි කෙනෙක්. චීනය කියන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන පරමාදර්ශී රටක් නෙමෙයි.’ ගාමිණී වියන්ගොඩ පවසයි. ඓතිහාසිකව ගත් කළ ශ්‍රී ලංකාව වැඩි සබඳතා පවත්වා ඇත්තේ අසල්වැසි ඉන්දියාව සමඟ බවයි ඔහු පවසන්නේ. ඔහු මෙම අදහස් පළ කරන්නේ ශ්‍රී ලංකාවේ කර ගෙන යන චීන ව්‍යාපෘති නැවත විමර්ශනයට ලක් කළ යුතු බව නව රජය නිවේදනය කර තිබියදී. විදේශ ඇමති මංගල සමරවීර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ මේ අනුව චීන ව්‍යාපෘතියක් වන උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත් හිටු වන බව ප්‍රකාශයට පත් විය. කොළඹ වරාය ආශ්‍රිතව ඉදි වන ‘පොර්ට් සිටි’ නමින් හැඳින්වෙන චීන ව්‍යාපෘතිය ද යළි විමර්ශනය කරනු ඇති බවට ද පසුගිය දා වාර්තා පළ වී තිබුණි. චීන විශ්වාසය චීන සබඳතා පීඩාවට ලක් වන වාතාවරණයක් පවතින අතරතුර චීන විදේශ අමාත්‍යංශය කියා සිටියේ චීන ශ්‍රී ලංකා සබඳතා ඉදිරියටත් සුවදායක සහ ස්ථාවර වර්ධනයක් කරා යොමු වනු ඇති බවට චීනය විශ්වාස කරන බවයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙතකට යා යුතු බවත් එක් පාර්ශවයකට ගැති නොවී එහි තුළනයක් තිබිය යුතු බවත් දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ පවසයි. එවැනි ස්ථාවරයක් පවත්වා ගෙන යන තුරු කිසිදු රටක් ශ්‍රී ලංකාව සමඟ අමනාප නොවන බවයි ඔහු පවසන්නේ.
පසුගිය වකවානුවේ දී ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත් වූයේ ලෝකයේ අපවාදයට සහ අපචාරයට ලක් වූ රටවල් බව දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මිනුවන්ගොඩ අදාළ කාන්තාව නව පොකුරේ මුල් රෝගියා ලෙස ඉරිදා (ඔක්. 04) හඳුනාගත් තැන් සිට අඟහරුවාදා සවස් වන විට හඳුනාගෙන තිබූ ආසාදිතයින් ගණන 832 ක් ලෙස සටහන් විය. දැනට හඳුනාගෙන ඇති පරිදි එම ආසාදිතයින් සියල්ල මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයෝ වෙති. එම කර්මාන්ත ශාලාවට වෛරසය ඇතුළු වූ ආකාරය මෙතෙක් පැහැදිලි නැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ දැනටමත් ක්‍රියාත්මක බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මාධ්‍ය හමුවේ පැවසීය. ශ්‍රී ලංකාවේ පෙර හඳුනාගත් පොකුරු හා සසඳන විට සමාජය තුළ වෛරසය පැතිරීමේ වැඩි අවදානමක් නව පොකුරට ඇති බවත් මේ අවස්ථාවේදී වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් කටයුතු කළ යුතු විනා ආසාදිතයන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවීමට ක්‍රියාකළ යුතුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. "අවදානම වැඩියි" "මේ හමුවන රෝගීන්ගෙන් හමුවන වෛරස් ප්‍රමාණය වැඩියි එනිසා මෙම රෝගියෙකුගෙන් වෙන කෙනෙකුට හැදෙන්න තියෙන අවදානම වැඩියි." යැයි කී වෛද්‍ය සමරවීර නව පොකුරේ මුල්ම ආසාදිතයා ලෙස හැඳින්වුණු කාන්තාව සම්බන්ධයෙන් බදාදා (ඔක්. 7) මෙසේ පැවසීය. "සැප්තැම්බර් 20 වනද සිටම ස්වසන රෝග, මෙවැනි සමාන රෝග ලක්ෂණ තිබුණු අය හිටියයි කියල වාර්තා වෙනවා. සමහර විට ඊටත් සතියකට දෙකකට කලින් වෙන්න පුළුවන්, මේ රෝග ව්‍යාප්තිය පටන් අරගෙන තියෙන්නේ. මේ කාන්තාව පළමුවන රෝගියා විදියට අපි හදුනාගත්තට රෝගය හැදුනු පළමු රෝගියා එයා නෙමෙයි. රෝගය හැදිච්ච පිරිසක් ඉන්නවා ඒ ආයතනයේ. මුළු පොකුරේම තොරතුරු හොයාගෙන තමයි මේකේ මුලාශ්‍රය හොයාගන්න පුළුවන් වෙන්නේ. එක පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්." මේ අවස්ථාවේදී ජනතාවට විශාල වගකීමක් ඇති බවත් පවසන වෛද්‍ය සමරවීර පෙන්වා දෙන්නේ බලධාරීන් අතින් ද මෙය ගිලිහි ගියහොත් ඉන්දියාව මෙන් මෙය ඉතාමත් බරපතල තත්ත්වයකට මුහුණ දීමට ඉඩ ඇති බවය. බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් ගැටලුවට මැදි ව සිටින 'බ්‍රැන්ඩික්ස්' ආයතනය නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ මිනුවන්ගොඩ පිහිටි කම්හල් පරිශ්‍රයේ සේවකයින් 1,394 දෙනෙකු පීසීආර් පරීක්ෂාවට ලක් කර ඇති බවය. දැනටමත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පිරිසෙන් වැඩි කොටසකට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද එහි දැක්විණි. "ඉන්දියාවේ ෆැක්ටරියකින් ආපු ඕඩරයක් තමයි කර කර හිටියේ, මැහුවේ ටි ෂර්ට් එකක්, ලයින් අටක් විතර කර කර හිටියේ ඒක තමයි. අපිට කිව්වේ කොරෝන නිසා ඉන්දියාවේ වැහුණු ෆැක්ටරියක ඕඩර් එකක් කියලයි. ඒ රෙද්ද මහන්න ගත්තහම තමයි ළමයින්ට උණයි කැස්සයි හැදුණේ. ඒ රෙද්දේ ඩස්ට් එක ගොඩාක් තිබුණා," බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන නම හෙළි කිරීමට අකමැති වූ සේවිකාවක් බීබීසී සිංහල සේවයට පැවසුවාය. "අපි මාස්ක් මහල ඉවර උනගමන් තමයි ඕව මහන්න ගත්තේ ඉතින්. ටී ෂර්ට් එක මහන්න පටන් ගත්තහම ළමයි ලෙඩත් උනා, උණත් හැදිලා හිටිය ගොඩක් කට්ටියට. උණ හැදුන අයව යැව්වෙත් නෑ, වැඩ කෙරෙව්වා. ඒ රෙදි තවමත් ලොකර් රූම් වල තියෙනවා." යැයි කී ඇය වැඩිදුරටත් සඳහන් කළේ තමන් මෙන්ම දරුවන් දෙදෙනා හා ස්වාමිපුරුෂයා පීසීආර් පරීක්ෂණ වාර්තා බලාපොරොත්තුවෙන් නිවසේ නිරෝධායනය වන බවය. මේ අතර නම හෙළි කිරීමට අකමැති වූ තවත් සේවිකාවක් පැවසුවේ සේවිකාවන් හට උණ හා කැස්ස වැනි රෝග ලක්ෂණ තිබියදීත් ආයතනය තුළ ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර කර දිගටම සේවයේ යෙදවූ බවය. ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට ඊමේල් මගින් ප්‍රතිචාර දක්වමින් බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සමාගමේ ආයතනික සන්නිවේදන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉමන්ති පෙරේරා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව කොවිඩ්-19 වැළැක්වීම සඳහා වන රෙගුලාසි බ්‍රැන්ඩික්ස් සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති බවය. "වාහකයෙකුගේ ශරීරයෙන් පිටත කොරෝනා වයිරසයට පැවතිය හැක්කේ පැය කිහිපයක් පමණි. ආනයනික අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පැමිණීමට දින 10 - 20 ක් ගතවීමත් සමඟ වෛරසයට නොනැසී පැවතීමට හැකියාවක් නැත." එමෙන්ම "මිනුවන්ගොඩ ඇති අපගේ පරිශ්‍රයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද කිසිදු කිසිදු රෙදිපිළි භාවිතයක් නොකරන අතර ඉන්දියාවේ පිහිටි අපගේ පරිශ්‍රයෙන් කිසිදු ඇණවුමක් ලබාගෙන නොමැත." යනුවෙන්ද ඇය කියා සිටියාය. මේ අතර දැනට නිරෝධායනයට ලක්ව සිටින සේවකයින් කිහිප දෙනෙක්ද බීබීසී සිංහල සේවයට ප්‍රතිචාර සිය අත්දැකීම් හෙළි කළහ. "මම හොස්ටල් එකේ නිරෝධායනය වෙනවා මමයි තව පස්දෙනෙකුයි තමයි දැනට හොස්ටල් එකේ ඉන්නේ අනිත් අයව පොසිටිව් උනා කියල අරන් ගියා. මම වැඩ කරපු සේක්ශන් එකේ තමයි ඔය හැදුනු අනිත් අයත් වැඩ කළේ." යැයි නම හෙළි කිරීමට අකමැති වූ තවත් සේවිකාවක් පැවසීය. ඇය සඳහන් කළේ ආයතනය විසින් සපයන ලද වියලි ආහාර තවත් සතියකට පමණ සෑහෙන අතර තමන් පස්දෙනාට එක්ව එම ආහාර පිසගැනීමට සිදුව ඇති බවකි. ඒ අනුව නේවාසිකාගාරයේ වෙන වනම නිරෝධායනය වීම අපේක්ෂා කෙරුණද ආහාර පිසීමට එක්වීම හේතුවෙන් තමන් මෙන්ම නිරෝධායනය වන අනෙකුත් සේවකයන් මහත් අපහසුතාවයට පත්ව ඇති බව ද ඇය කියා සිටියාය. වෛරසය ඇතුළු වුයේ රට තුළින්ද, විදේශයකින් ද? මේ අතර නම හෙළි කිරීමට අකමැති වූ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයෙක් පැවසුවේ සිය ආයතනය ඉන්දියාවේ සිට තාක්ෂණ නිලධාරීන් ගෙන්වා සේවයේ යොදවන බැවින් එසේ පැමිණි අයෙකුගෙන් වෛරසය ව්‍යාප්ත වුවාදැයි යන්න පිළිබඳව ද ඇතැමුන් තුළ සැකයක් පවතින බවය. මේ චෝදනාවට ප්‍රතිචාර දැක්වූ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සමාගමේ ආයතනික සන්නිවේදන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනිය, "අපගේ මිනුවන්ගොඩ මධ්‍යස්ථානයේ කිසිදු ඉන්දියානු හෝ විදේශීය පිරිස් සේවයේ යොදවා නොමැත. තවද, අපගේ වෙනත් ඕනෑම පරිශ්‍රයක් සඳහා මෙන්ම ඕනෑම විදේශීය අමුත්තකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිරෝධායන රෙගුලාසි අප සැමවිටම පිළිපදින්නෙමු." යැයි කියා සිටියාය. සදුදා (ඔක්. 05) කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දුන්නේ වෛරසය අදාළ ආයතනයට ඇතුළුවීමේ මූලාරම්භය සොයාගන්නා ලෙසය. එය විදේශයකින් පැමිණියේද නැතිනම් රට තුළින් ම අසාදනය වී දැයි සොයාගත යුතු බව ඔහු කියා සිටියේය. මේ පිළිබඳ විවිධ මත පවතින බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව කොවිඩ්-19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සභාපති යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද පැවසීය. බ්‍රැන්ඩික්ස් ආයතනයට අයත් අදාළ ඇඟලුම් කම්හලේ ස්ථිර සේවකයන් 1300 කට වැඩි ප්‍රමාණයක් සේවය කරන බව කී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ නිලධාරියෙකු පැවසුවේ ඔවුනට කොරෝනාවෛරසය කෙසේ ආසාදනය වීදැයි තවමත් තහවුරු කරගත නොහැකි වූ බවය. මෙම තොරතුරු ද දැනගන්න:
නව ආසාදිත පොකුරේ පළමු රෝගියා ලෙස හදුනාගත් කාන්තාවට නම් ඇයට වෛරසය අසාදනය වුයේ කෙසේද? නොඑසේනම් ඇය අදාළ ඇඟලුම් කම්හලේ වෛරසය අසාදනය වූ අනෙක් සේවකයින් අතරින් තවත් එක් අයෙකු පමණක් ද? එසේනම් ඔවුනට වෛරසය අසාදනය වුයේ කෙසේද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ 1919 ට SMS කිරීමෙන් පසු තමන්ට එම පරිශ්‍රයට ඇතුළත් වීමට අවසර ලැබේද යන්න දුරකතනයේ දිස්වේ. එය නම්කර තිබෙන්නේ “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටෙල් ව්‍යාපෘතිය ලෙසිනි. මහජනයා ගැවසෙන ස්ථානයකට පුද්ගලයෙකු ඇතුළත් වීමේදී දැනට අනුගමනය කරන ක්‍රමවේදය වනුයේ ඔහුගේ නම, ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය සහ දුරකථන අංකය එහි තබා ඇති පොතක සටහන් කිරීමය. ඒ වෙනුවට, යම් පරිශ්‍රයකට පුද්ගලයෙකු ඇතුළු වූ විට ඒ බව සන්නිවේදන තාක්ෂණය හරහා රජයේ දත්ත පද්ධතියක තොරතුරු සටහන් කිරීම නව ක්‍රමවේදය අනුව සිදුවේ. ස්මාට් ජංගම දුරකතනක් ඇති අයට මෙන්ම ස්මාට් නොවන පැරණි දුරකථන භාවිත කරන අයටත්, දුරකතනයක් නොමැතිව පැමිණෙන අයටත් තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ [ICTA] ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍ය සමරසේකර බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''ස්මාට් ෆෝන් වලට QR කෝඩ් ස්කෑන් කිරීම හරහා වගේම ස්මාට් නොවන දුරකථන වලට SMS හරහා ට්‍රැකින් සිස්ටම් එකක් තමයි අපි හඳුන්වා දෙන්නේ. තමන් යම් ස්ථානයකට ඇතුල් වීමේදී එම ස්ථානය හඳුන්වන 'කෝඩ් අංකය' ජංගම දුරකතනයට ඇතුල් කළ විට ඒ සියල්ල දින 60ක් ගබඩා වී තිබෙනවා. ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ආගිය තැන දැනගන්න ආරක්ෂක අංශ වලට සහ සෞඛ්‍ය නිලධාරීන්ට මේක ඉතා පහසු වෙනවා.'' යනුවෙන් හිරන්‍ය සමරසේකර විස්තර කළේය. හිරන්‍ය සමරසේකර - ප්‍රධාන තාක්ෂණ නිලධාරී (ICTA) ආයතනයක් ලියාපදිංචි කෙරෙන ආකාරය www.staysafe.gov.lk යන වෙබ් අඩවියට ඇතුළුවීමෙන් පළමුව ආයතනය ලියාපදිංචි කරගත යුතුය. එවිට සෑම ආයතනකටම අනන්‍ය වූ QR කේතය [QR කෝඩ්] ලැබෙනු ඇත. ආයතනයේ නම, එහි ප්‍රධානියෙකුගේ නම, ඊමේල් ලිපිනය, දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් පමණක් ඇතුළත් කිරීම ඒ සඳහා ප්‍රමාණවත් වේ. එම කේතය මුද්‍රණය කරගෙන අදාළ පරිශ්‍රයට ඇතුළු වන අයට පෙනෙන සේ ප්‍රදර්ශනය කළ යුතුව තිබේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම අදාළ තොරතුරු ඔබට ලැබෙනු ඇත. ස්මාර්ට් ජංගම දුරකතනයකින් යම් ස්ථානයක QR කේතය ස්කෑන් කිරීමෙන් පසු දකුණු පස දිස්වන පෝරමය ලැබේ. ආයතනයට ඇතුළුවන පුද්ගලයන්ගේ දත්ත එක්රැස් කිරීම එක් ස්ථානයකට ඇතුළු වන අවස්ථාවේදී අප ලියාපදිංචි වීමෙන් පසු දිවයිනේ ඕනෑම ස්ථානයකට යළි ලියාපදිංචියකින් තොරව ඇතුළත් වීමට හැකියාව ලැබේ. මේ සඳහා කිසිඳු App එකක් බාගත කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. ''ස්මාට් ජංගම දුරකථන භාවිත කරන අයට තිබෙන්නේ අදාළ ස්ථානයේ QR කේතය [Location ID] 'ස්කෑන්' කර ලැබෙන පෝරමය පිරවීමයි. ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය සහ නම විතරයි ඊට ඇතුළත් කරන්න තියෙන්නේ. ඊට පසු ඔබ වෙනත් ස්ථානයකට ගිහින් එතන තියෙන QR කෝඩ් එක ස්කෑන් කරපු ගමන් ඔටෝ මැටිකලී ලොග් වෙනවා.'' යනුවෙන් හිරන්‍ය සමරසේකර වැඩිදුරටත් විස්තර කළේය. ස්මාට් නොවන ජංගම දුරකතනයක් භාවිත කරන අය පළමුව කළ යුතු වන්නේ තමන්ගේ දුරකතනයෙන් SS හිස්තැනක් REG හිස්තැනක් ජාතික හැදුනුම්පත් අංකය සටහන් කර 1919 අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෙටි පණිවිඩයක් [SMS] යැවීමයි. එම ලියාපදිංචියෙන් පසුව SS හිස්තැනක් පරිශ්‍රයේ අංකය [Location ID] ඇතුළත් කර 1919ට යොමුකර අදාළ ස්ථානයට පිවිසිය හැකිය. දුරකතනයක් භාවිත නොකරන අයෙක් නම් අදාළ පරිශ්‍රයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ඔවුන් සතු ජංගම දුරකතනයකින් ඊට ඇතුළු වන පුද්ගලයගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමට හැකිවන ලෙසද මෙම දත්ත පද්ධතිය සකස් කර තිබේ. ‘IN’ සහ ‘OUT’ දෙකම වැදගත් යම් ස්ථානයකට ඇතුළුවීමේදී මෙන්ම එම පරිශ්‍රයෙන් පිටවී යාමේදී ද ඒ බව පෙර ලෙසම දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතුව ඇත. '' එවිට අපි දන්නවා ඔහු එම ස්ථානයේ රැදී සිටි කාලය. කොරෝනා පොසිටිවි කෙනෙක් එම ස්ථානයට ඇතුළත් වී තිබුණොත් ඔහු ඔබ සමග කන්ටැක් වෙලාද කියලා එකෙන් අපිට නිශ්චිතව දැනගන්න ලැබෙනවා. මේ ක්‍රමය භාවිතය ගැන ඔබට තියෙන ඕනම ගැටලුවක් 1919 අංකයට කතා කරලා විසදගන්න පුළුවන්.'' යනුවෙන් හිරන්‍ය සමරසේකර පැවසුවේය. පුද්ගලිකත්වයට හානියක් ද ? අපගේ ගමන් තොරතුරු කිසියම් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම තුළින් පුද්ගලිකත්වයට හානි සිදුවේද යන්න සහ තොරතුරු වෙනත් පාර්ශවයකට පත්වන්නේද යන සැකයක් ඇතැම් අයෙකුට මතුවිය හැකි බැවින් බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් විමසීය. ''පුද්ගලිකත්වය කියන එක දැනුත් ලොකු අවදානමක තියෙන්න. අපි පොතක විස්තර ලියලා ගියහම ඊට පසුව එන ඕනෑම කෙනෙකුට ඒවා පහසුවෙන් බලාගන්න පුළුවන්. නමුත් මෙතැනදී මේ දත්ත ගබඩා වෙන්නේ රජයට අයත් ක්ලවුඩ් එකක. අපි සහතික වෙනවා මේ තොරතුරු භාවිත කරන්නේ කොරෝනා තත්ත්වය පාලනය සඳහා පමණයි කියලා. අපි ප්‍රයිවසි පොලිසි එකකුත් දාලා තියෙනවා.'' යනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ [ICTA] ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍ය සමරසේකර බීබීසී සිංහල සේවයට සඳහන් කළේය. සුරක්ෂිත බව සහතික කිරීම කිසියම් ස්ථානයකට ඇතුළුවීමේදී QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ SMS මගින් 1919 දත්ත ගබඩාවට අදාළ තොරතුර ලැබීමෙන් පසු තමන්ට එම පරිශ්‍රයට ඇතුළත් වීමට අවසර ලැබේද යන්න දුරකතනයේ දිස්වේ. එමගින් ආසාදිතයන් හෝ නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් කිසියම් පරිශ්‍රයකට ඇතුළුවීම අවහිර කළ හැකිය. මෙය පරිශ්‍රයකට ඇතුළුවන අයගේ සෞඛ්‍ය ආරක්ෂාවට මෙන්ම එහි සිටින අයගේ සෞඛ්‍ය ආරක්ෂාවට ද ඉතා වැදගත් වනු ඇත. එමෙන්ම කිසියම් පුද්ගලයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනාගතහොත් ඔහු ගමන් කළ ස්ථානවල ගැවසුණු අයට වහා ආරක්‍ෂිත පියවර ගන්නැයි කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීමේ ක්‍රමවේදයක් ද මීට ඇතුළත් වේ. ඇතැම් ආසාදිතයන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත තොරතුරු සැඟවීමේ සිදුවීම් රැසක් පසුගිය කාලයේ වාර්තා විය. එමෙන්ම දින ගණනාවක් තමන් ආගිය තැන් මතකයේ රදවා ගැනීමේ ප්‍රයෝගික නොහැකියාවක් ද පවතී. එබැවින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පාලනය සඳහා මෙලෙස තාක්ෂණික සහය ලබා ගැනීම ඉතා වැදගත් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශ්වාසය වී තිබේ. පරිගණක ඉංජිනේරුවන් සිවු දෙනෙකුගේ ස්වේච්ඡා මෙහෙය දත්ත විද්‍යාව [Data Science] ඇසුරෙන් එංගලන්තයේ ආචාර්ය උපාධිය හදාරන, කොවිඩ් වසංගතය නිසා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ශානක පෙරේරා ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමග එක්ව ස්වේච්ඡාවෙන් මෙහි මූලික සැළැස්ම සකස් කර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට ඉදිරිපත් කර ඇත. ඉන් පසුව රාජ්‍ය අනුග්‍රහය යටතේ එය තවදුරටත් වැඩිදියුණු කර තිබේ. ''මං හිතන විදියට චීනය කොරෝනා පාලනය කළේ තාක්ෂණය භාවිත කළ නිසා. ඉතිං මට හිතුණා මොනවා හරි දෙයක් අපේ ලංකාවට කරන්න ඕනා කියලා. මුදල් ලාභයක් ගැන නොහිතා යාලුවෝ කිසිම පැකිලීමක් නැතිව මට කිවුවා මේකට උදවු කරන්නම් කියාලා. අපි ICTA ආයතනයට මේ අදහස ඉදිරිපත් කරහම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.'' යනුවෙන් ශානක පෙරේරා රුපවාහිනී වැඩසටහනකදී පැවසීය. මේ ඩිජිටෙල් ව්‍යාපෘතිය සඳහා ආයතන හා පුද්ගලයන් ලියාපදිංචිය නොවැම්බර් 09 වැනි සඳුදා සිට සිදු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. මෙම තොරතුරු ද දැනගන්න:
කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ගමන් කළ ස්ථාන කඩිනමින් සහ නිවැරදිව හඳුනා ගැනීම සඳහා නොවැම්බර් 09 (සඳුදා) දින සිට තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම එකඟතාවත් සමග මෙතෙක් දෙමල ජාතික සන්ධානයට ඇතුලත් වී සිටි දෙමළ දේශපාලන පක්ෂ තුළ තිබු සියලු මතභේදකාරී තත්වයන් පහව යන බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේය. දෙමළ ජාතික සන්ධානය වශයෙන් තනි පක්ෂයක් පිහිටුවා එය මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියා පදිංචි කළ යුතු බවට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරිපත් කළ මතයක් හේතුවෙන් මාස ගණනාවක සිට දෙමල ජාතික සන්ධානය තුළ දැඩි මතභේදකාරී තත්වයක් හට ගෙන තිබිණ. ඉලංගෙයි තමිල් අරෂු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානය වශයෙන් තනි පක්ෂයක් පිහිටුවා ගැනීමට දැඩි ලෙස විරෝධය පලකිරීමයි මීට මුල්වී තිබුනේ. මෙම මතභේදකාරී තත්වය සමතයකට පත්කිරීමේ අරමුණෙන් , මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපානන් අද, සෙනසුරාදා රදගුරු නිවසේදී සියලු දෙමළ දේශපාලන පක්ෂ සමඟ සාකච්ජා පැවැත්වීමෙන් අනතුරුව සියලු නායකන් පැවසුවේ දෙමළ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පොදු එකඟතාවයකට ඒමට තමන්ට හැකිවූ බවයි.
දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් ලියා පදිංචි කරන තෙක් සියලු දේශපාලන පක්ෂ එකමුතුව වැඩ කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ (2006 දෙසැම්බර් 01) විශේෂයෙන්ම තමන්ට 'චරිත දෙකක්' තිබෙන බවටත් ජනාධිපති ගෝඨාභය වෙනුවට ආරක්ෂක ලේකම් ගෝඨාභය "ටිකක් සැරෙන් ඉන්න කියලා" ඇතැම් භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටින බැවින් "ඒකත් කරන්න පුළුවන්," යනුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කළ ප්‍රකාශය දෙස්, විදෙස් හෙලා දැකීමට ලක්වෙමින් පවතී. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අගය කරමින් ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ වී තිබිණ. 'මරණ තර්ජනයක්' විශේෂයෙන්ම ජනාධිපතිවරයා සිය ප්‍රකාශය තමන්ට මරණ තර්ජනයක් එල්ල කළ බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් යොමු කර තිබුණේ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් වෙත ද එහි පිටපතක් සහිතවය. "ඇත්ත වශයෙන්ම, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වී හරියටම වසර 12 කට පසු ජනාධිපතිවරයා මා වෙත තර්ජනාංගුලිය දිගු කිරීම විමතියට කරුණකි," ලෙස සිය පැමිණිල්ලේ සඳහන් කරන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, "ත්‍රස්තවාදියෙකු මෙන් ඝාතනය කරනු ඇතැයි බියෙන් තොරව මා කැමති දේ පැවසීම මගේ මූලික අයිතියයි," යනුවෙන් ද පොලිස්පතිවරයාට පෙන්වා දී තිබේ. "පොලිස්පතිතුමනි, ඔබ ශ්‍රී ලංකා ජනරජයේ පොලිස්පතිවරයා මිස නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික සේවකයා නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිතය හා නිදහස ආරක්ෂා කිරීම මම ඔබෙන් ඉල්ලා සිටින පෞද්ගලික අනුග්‍රහයක් නොව, ඔබ දිවුරුම් දී ඇති ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ඔබට ඇති වගකීම සහ යුතුකමයි," බව ද මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ දැක්වේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු කථානායක කරු ජයසූරිය සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දැඩිව හෙලා දැක තිබිණ. විපක්ෂනායකවරයා පවසන්නේ, මහජන නියෝජිතයකු වශයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළදී කළ කතාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තර්ජනාත්මකව සිදුකළ ප්‍රකාශය "ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක්" බවය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් "රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුව ඇති," බව පවසන හිටපු කතානායක කරු ජයසූරිය, ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වය හා ජීවිත තර්ජන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අනුමත නොකරන බව ද පෙන්වා දී තිබේ. කියවන්න: ආණ්ඩුවේ ප්‍රතිචාරය මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා තිබුණේ සමගි ජන බලවේගය තුළ පවතින ගැටලු හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් ඔහුට ආරක්ෂාව ලබාදීම යෝග්‍ය යයි තමන් ද විශ්වාස කරන බවය. අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ, "අන්තිමට ඒ පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්නවලට හරීන් මැදිහත්වුනොත් ඕකත් ජනාධිපතිතුමාගේ පිට දමයි. ඒ නිසා අපිත් පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා හරීන් ප්‍රනාන්දු මහත්මයාට උපරිම ආරක්ෂාව දෙන්න," යනුවෙනි. කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩුව මෙන් තමන් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවට ජනාධිපතිවරයා අම්පාර ප්‍රදේශයේ දී කළ ප්‍රකාශය හෝ තේරුම් ගැනීමට නොහැකි නම් හරීන් ප්‍රනාන්දු දේශපාලනයට නුසුදුසු යයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා තිබුණි. "ජනාධිපතිතුමාගෙ ප්‍රකාශය තුළ ගැබ්වෙලා තියෙන්නෙ රටට ශාපය වුණේ හරීන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම මිසක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායම නෙවෙයි කියන කාරණාව," රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේනසිංහ පැවසීය. යුද්ධය දිනුවේ කවුද? ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ දී සඳහන් කළ තවත් කරුණු කිහිපයක් කෙරෙහි ද අවධානය පළවෙමින් තිබේ. "මතකනේ පිත්තල හන්දියේ දී කොටි නායකයා මට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා යුද්ධය පටන් ගත්තේ. මම යුද්ධය අවසන් කළේ ඒ බෝම්බ ගහපු කොටි නායකයා බල්ලෙක් වගේ හතර ගාතේ දාලා උස්සලා ගෙනල්ලා දාලා," ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. තමන් "යුද්ධය අවසන් කළ," බව ජනාධිපතිවරයා අම්පාරේ දී කියා සිටි නමුත් ජනාධිපතිවරණය අවස්ථාවේ මාධ්‍ය හමුවක දී එවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විනා තමන් නොවන බවය. "ඔබට වැරදිලා මම හිතන්නේ, මම හමුදාවට නායකත්වය දුන්නේ නෑ," යනුවෙන් ඔහු සිනහසෙමින් එහිදී සඳහන් කළේ The Hindu පුවත්පතේ වාර්තාකාරිය, මීරා ශ්‍රීනිවාසන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. "හමුදාවට නායකත්වය දුන්නේ හමුදාපතිවරයා," ගෝඨාභය රාජපක්ෂ පැවසීය. යුද්ධයේ අවසාන භාගයේ යුද හමුදාපති තනතුර හෙබැවූයේ ජනරාල් සරත් ෆොන්සේකා ය. යුද්ධයේ අවසාන භාගයේ යුද හමුදාපති තනතුර හෙබැවූයේ ජනරාල් සරත් ෆොන්සේකා ය යුද්ධය ආරම්භ වූයේ කෙලෙසද? එමෙන්ම රාජපක්ෂ පාලනය සමයේ "යුද්ධය පටන් ගත්තේ" තමන්ට එරෙහිව එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව බවත් ජනාධිපතිවරයා අම්පාරේ දී පැවසීය. එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පිත්තල හන්දියේ දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ 2006 දෙසැම්බර් මස 01 වෙනි දිනය. ඉන් මාස කිහිපයකට ප්‍රථම, 2006 අප්‍රේල් 25 වෙනි දින එවක හමුදාපති පදවිය දැරූ ජනරාල් සරත් ෆොන්සේකා ඉලක්ක කරමින් යුද හමුදා මූලස්ථානයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය. එහිදී ඔහුට බරපතල තුවාල සිදු වූ අතර, ඔහුගේ ආරක්ෂකයන් පස් දෙනෙකු මරුමුවට පත්විය. එයට ප්‍රතිචාර දක්වමින් එදිනම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව එල්ටීටීඊ ඉලක්කවලට ප්‍රහාර එල්ල කළ නමුත් සටන් විරාමයට තවදුරටත් කැප වී සිටින බව ආණ්ඩුව ඒ අවස්ථාවේ ද සඳහන් කළේය. කෙසේ වුවත් එල්ටීටීඊ ය විසින් මාවිල් ආරු ප්‍රදේශයේ ජල සම්පාදනය කපා දමනු ලැබීම හේතුවෙන් 2006 ජුලි 26 වෙනි දින ආණ්ඩුව එම ප්‍රදේශයේ එල්ටීටීඊ කඳවුරුවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟම එතෙක් දෙපාර්ශවය අතර පැවති සටන් විරාමය ද නිල වශයෙන් නිමාවට පත්විය. ඒ අනුව ඊලාම් යුද්ධයේ සිව් වැනි අදියර (Eelam War IV) ආරම්භ වූයේ ජනාධිපතිවරයා පවසන පරිදි 2006 දෙසැම්බර් 01 වෙනි දින නොව 2006 ජුලි 26 වෙනි දින බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තවත් ලිපි:
පසුගිය සෙනසුරාදා අම්පාරේ පැවති උත්සවයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට ලක්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වූ රොකට්ටුව ස්පේස්එක්ස් සමාගම සපයන ලද රොකට්ටුවක් සහ කැප්සියුලයකින් අදාළ කණ්ඩායම කක්ෂගත විණි. එම සමාගම විසින් සේවා සපයන ලද දෙවෙනි අවස්ථාව මෙය වේ. එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන 'නාසා' පවසා ඇත්තේ වාණිජ සැපයුම්කරුවන්ගේ සහයෙන් ගගනගාමීන් පහළ පෘථිවි කක්ෂය කරා නිතර ගමන් කරන නව යුගයකට දැන් පිවිසෙමින් සිටින බවය. නික්මයාමට පෙර සම්ප්‍රදායක් ලෙස ගගනගාමී ඇඳුමෙන් පිටතට පැමිණ සිය නෑදෑ හිතමිතුරන්ට අත වන්න ගගනගාමීන් හතර දෙනා.. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිවිසෙන පුද්ගලයින් සිව් දෙනා වන්නේ ඇමරිකානුවන් වන මයිකල් හොප්කින්ස්, වික්ටර් ග්ලෝවර් සහ ෂැනන් වෝකර් සහ Jaxa (ජැක්සා) නම් ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ අත්දැකීම් බහුල ගගනගාමී සොයිචි නොගුචි ය. මෙම මෙහෙයුමට සහභාගී වීමෙන්, සොයිචි නොගුචි විවිධ වර්ගයේ අභ්‍යවකාශ වාහන තුනකින් පෘථිවියෙන් පිටතට ගිය තුන්වන පුද්ගලයා බවට ඉතිහාසගත වේ. මින් පෙර ඔහු සෝයුස් නම් අභ්‍යවකාශ යානයේ මෙන්ම ෂටලයෙන් ද පියාසර කර තිබේ. කාර්ය මණ්ඩලය රැගත් ෆැල්කන් රොකට්ටුව සහ ඩ්‍රැගන් කැප්සියුලය එක්සත් ජනපද වේලාවෙන් රාත්‍රී 7:27 ට කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද දින (නොවැම්බර් 16) පිටත් විය. Jaxa (ජැක්සා) නම් ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ අත්දැකීම් බහුල ගගනගාමී සොයිචි නොගුචි දිනකට මදක් වැඩි කාලයක් ගෙවා ඔවුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වෙනු ඇත. අඟහරුවාදා දින (නොවැම්බර් 17) ග්‍රීනිච් මධ්‍යන්‍ය වේලාවෙන් 0400 ට කක්ෂගත වේදිකාවට හා සම්බන්ධවීමට සියල්ල සූදානම් කර තිබේ. කණ්ඩායම එහි පැමිණි පසු නාසා හි කේට් රූබින්ස් සහ රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ (රොස්කොස්මොස්) අභ්‍යවකාශගාමීන් වන සර්ගෙයි රිෂිකොෆ් සහ සර්ගෙයි කුඩ්-ස්වර්ච්කොෆ් සමඟ එක්වනු ඇත. ගගනගාමීන් හතර දෙනා රොකට් පර්යන්තයට රැගෙන යන ටෙස්ලා ඉලෙක්ට්‍රික් රථ පෙළ ගගනගාමී කුලී රථ සේවාවක් නිර්මාණය කිරීම, පරීක්ෂා කිරීම සහ පියාසර කිරීම සඳහා නාසා ආයතනය සමග ඩොලර් බිලියන තුනකට වැඩි ගිවිසුම් අත්සන් කිරීමට ස්පේස්එක්ස් ක්‍රියා කර තිබේ. මෙම සම්බන්ධතාවයේ කොටසක් ලෙස ස්පේස්එක්ස් සමාගම මැයි මාසයේදී ප්‍රදර්ශන මෙහෙයුමක් දියත් කළ අතර, එහිදී ගගනගාමීන් වන ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගොස් ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණියහ. ගිවිසුම්ගත විධිවිධාන අනුව "මෙහෙයුම්" හෝ නිරන්තර මෙහෙයුම් හයක් ක්‍රියාත්මක කළ යුතු අතර, මෙය ඉන් පළමු අභ්‍යවකාශ ගමන වේ. නාසා ආයතනය බෝයිං අභ්‍යවකාශ සමාගම සමඟ ද මීට සමාන ගනුදෙනුවකට එළැඹ ඇතත් එහි සේවය ලබා ගත හැකි වන්නේ ස්පේස්එක්ස් සමාගමට වඩා වසරකට වැඩි කාලයකින් පසුවය. පහළ පෘථිවි කක්ෂයට ප්‍රවාහනය කිරීමේ නව ක්‍රමවේදය නිසා ප්‍රතිසම්පාදන පිරිවැය ඩොලර් බිලියන ගණනක් ඉතිරි කර ගත හැකි බව නාසා ආයතනය පවසයි. එසේ ඉතිරි වන අරමුදල් සඳ සහ අඟහරු මත මෙහෙයුම් සඳහා යෙදවීමට ඔවුහු අදහස් කරති. ගගනගාමීන් නැවතත් චන්ද්‍ර පෘෂ්ඨයට ගෙනයාම සඳහා තනා ඇති යෝධ නව රොකට්ටුව අත්හදා බැලීමට ආසන්නව තිබෙන අතර, එම ඉලක්කය 2024 දී හෝ ඉන් වැඩි කල් යන්නට මත්තෙන් නාසා ආයතනය විසින් සපුරා ගනු ඇත. රොකට්ටුව පිටත් වන මොහොත හොප්කින්ස්, ග්ලෝවර්, වෝකර් සහ නොගුචි සය මසක කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි රැඳී සිටිනු ඇත. ඔවුන් නැවත පෘථිවියට පැමිණීමට මොහොතකට පෙර, තවත් ස්පේස් එක්ස් යානයකින් පැමිණෙන කණ්ඩායමකට ඔවුන්ගේ කාර්යය භාරදීමේ කෙටි හමුවකට එක්වනු ඇත. නාසා ඔවුන්ගේ අභ්‍යවකාශ ෂටල 2011 දී විශ්‍රාම ගැන්වීය. ඉන් පසු වසරවල ඔවුහු සිය ගගනගාමීන් උඩුගුවනට ගෙන යාම සඳහා රුසියානු සෝයුස් යානාවල ආසන මිලදී ගත්තේය. එම විකල්පය දැන් අවසානය කරා පැමිණෙනු ඇත්තේ ඇමරිකාවෙන් සපයා ගන්නා කුලී අභ්‍යවකාශ යානාවලට වාසිදායක බවක් එක්කරමිනි. කෙසේනමුත් එක්සත් ජනපද ගගනගාමීන් වරින් වර රුසියානු සෝයුස් අභ්‍යවකාශ යානාවල ගමන් කරන අතර, එහිදී මුදල් ගනුදෙනුවක් සිදුවන්නේ නැත. ඒ වෙනුවට, රුසියානු අභ්‍යවකාශගාමීන්ට ඇමරිකානු කැප්සියුලවල අභ්‍යවකාශ ගමන් සඳහා ඉඩ ලැබෙනු ඇත. නව කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගත කරන කාලය තුළ අවම වශයෙන් හතර වතාවක් හෝ අභ්‍යවකාශයේ ගමන් කිරීමට නියමිතය. එවන් එක් පියවරක දී, ඔවුන් වේදිකාවෙහි, එක්සත් රාජධානියෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට එක් කරන පළමු උපකරණය සවි කිරීමට කටයුතු කරනු ඇත. එය 'කොල්කා' සන්නිවේදන පර්යන්තය ලෙස හැඳින්වෙන අතර, එක්සත් රාජධානියේ MDA ආයතනය විසින් මෙය නිර්මාණය කරනු ලැබ ඇත. මෙම ගුවන්විදුලි උපකරණ මගින් ගගනගාමීන්ට බ්‍රෝඩ්බෑන්ඩ් වේගයෙන් පෘථිවියේ සිටින විද්‍යාඥයන් සහ පවුලේ අය සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබේ. මෙම ගුවන්විදුලි උපකරණ මගින් ගගනගාමීන්ට බ්‍රෝඩ්බෑන්ඩ් වේගයෙන් පෘථිවියේ විද්‍යාඥයන් සහ පවුලේ අය සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබේ කොල්කා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති යුරෝපයේ පර්යේෂණ මොඩියුලය වන කොලොම්බස්හි බාහිරින් සවි කෙරෙනු ඇත. මේ තොරතුරුද කියවන්න:
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වෙතින් නික්මුණු ගගනගාමීන් සිව්දෙනෙක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යන මෙහෙයුමක යෙදෙති. ඔවුන්ගෙන් තිදෙනෙකු එක්සත් ජනපදයෙන් වන අනෙක් ගගනගාමියා ජපාන ජාතිකයෙකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ දියත්කළ ඉසුරුමත් නිවාස වැඩසටහනේ දුප්පතුනට බෙදා දුන් මුදල් සම්බන්ධයෙන් අක්‍රමිකතාවයක් තිබෙන බවට හිටපු මතිවරයාට චෝදනා බදාදා උදේ 11 සිට සවස පහ දක්වා කටඋත්තරයක් සටහන් කරගැනීමෙන් අනතුරුව සිය සේවාදායකයා මෙසේ අත්අඩංගුවට ගන්නා ලද බවයි, හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී යූ ආර් ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ. "ඒකට හේතුකාරක හැටියට ඔවුන් ප්‍රකාශ කරන්නේ දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ කරගෙන යනු ලැබූ ඉසුරුමත් නිවාස වැඩසටහනේ දුප්පත් පුද්ගලයන්ට බෙදා දුන් මුදල් සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවයක් තිබෙනවා කියන පදනම මත," ඔහු සඳහන් කළේය. නිලධාරීන් දෙදෙනාත් අදාළ චෝදනා පිළිබඳව මීට ඉහතදී සාක්ෂි දුන් අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ කේ කේ රණවක යන නිලධාරීන් දෙදෙනාත් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිවේදියා සඳහන් කළේය. සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව රටින් බැහැරව ගිය බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේ අඟහරුවාදා. තමන් හෝ සිය පවුලේ කිසිවකු දූෂණ, වංචාවලට සම්බන්ධ නැති බව හිටපු අමාත්‍යවරයා කටුනායක ගුවන් තොටුපොලේදී අවධාරණය කළේය. බදාදා අත්අඩංගුවට ගැනුණු ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණු විට ඇප ඉල්ලීමට බලාපොරොත්තු වන බවත් නීතිවේදී යූ ආර් ද සිල්වා පැවසීය. 'ඇප නෑ' "නමුත් මෙය ඉදිරිපත් කරනු ලබන්නේ පොදු දේපල පනත යටතේ වන හෙයින් මා හිතන් නෑ ඔහුට ඇප ලබාගැනීමට අවස්ථාව දෙයි කියල." අදාළ චෝදනාව යටතේ සිය සේවාදායකයාට ඇප ලබාගත හැක්කේ සුවිශේෂ හේතු ඉදිරිපත් කිරීම මගින් පමණක් බව සඳහන් කළ නීතිවේදියා, ඔහු රිමාන්ඩ් භාරයට පත් කළ යුතු බවට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය. දූෂණ, වංචා සම්බන්ධයෙන් වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි නව පාලනය යටතේ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඉහලම බලවතා බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයායි. චෝදනා ලැබූ පැරණි ආණ්ඩුවේ "තෝරු සහ මෝරුන්ට" එරෙහිව දැඩි පියවර ගන්නා බවට බීබීසී සංදේශය සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රතිඥා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නීත්‍යානුකූලව කටයුතු කරද්දී තමන්ට 'හදිසියක් නැති' බවත් කියා සිටියේය.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ බවට චෝදනා එල්ල වන මූල්‍ය අපචාර සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීම පිණිස පොලිස් මූල්‍ය පරාධ විමර්ශන කොට්ඨාශයට ගිය අවස්ථාවේ ආර්ථික කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද බව ඔහුගේ නීතිවේදියා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ පසුගිය සතියේ රටේ ප්‍රදේශ කිහිපයක පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. ප්‍රහාරකයන් මුස්ලිම් පල්ලිවලට සහ ව්‍යාපාරික ස්ථානවලට පහර දෙද්දී අකර්මණ්‍යව සිටි බවට පොලිසියට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද ඇමතිවරයා ප්‍රතිචාරය දැක්විය. මහනුවර එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරු පියෙක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය. ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති. මේ තොරතුරු ද දැනගන්න: ප්‍රහාර වැළැකූ බෞද්ධ භික්ෂූන් වහන්සේ මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පරීක්ෂණ "කඩිනමින් ඉවර කරලා" වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ අභිලාශය බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසීය. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ පල්ලි ඇතුළු දේපොළවලට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශවාසී සිංහල ජනතාව පිළිබඳ රට පුරා බොහෝ ප්‍රදේශවලින් අසන්නට ලැබිණ. පහරදීමේ උත්සාහ හතරක් වැළැක්වීමට තමන් ඇතුළු සිංහල ජනතාව සමත් වූ බව වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති නෙල්ලිගල අවට ප්‍රදේශයේ පහරදීමේ උත්සාහ හතරක් වැළැක්වීමට තමන් ඇතුළු සිංහල ජනතාව සමත් වූ බව වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ ද බීබීසී සිංහල සේවයට පැවසූහ. ඒ අතරවාරයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ පුද්ගලිකවම මැදිහත් වී ප්‍රචණ්ඩ ක්‍රියා දිරිගන්වන පළකිරීම් දක්නට ලැබුණු අතර පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදී සිටි මුස්ලිම් වෙළෙන්දෙකු පලවා හරින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳ දර්ශන ද ඒ අතර විය. එවැනි භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් අදහස් පළකළ අමාත්‍යවරයා කියා සිටියේ, "ඒ සම්බන්ධව ලැබෙන පැමිණිලි සහ තොරතුරු පදනම් කරගෙන, භේදයකින් තොරව අවශ්‍ය පියවර ගන්නව," යනුවෙනි. "අපි පහුගිය දවස්වල ප්‍රදේශයේ සංචාරය කළා. සිංහල ජාතිකයොත්, මුස්ලිම් ජාතිකයොත් කිවුව සමහර විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේක විසඳන්න, එයාලට ආරක්ෂාව දෙන්න කටයුතු කළා. ඒ වගේම තවත් කොටසක් ප්‍රචණ්ඩව කටයුතු කරලා තියෙනව," යනුවෙන් ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. නීතිය සාධාරණව ක්‍රියාත්මක වූයේ නම් රට තුළ මෙවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති නොවීමට ඉඩ තිබුනා නේදැයි බීබීසී කළ විමසීමට ඔහුගේ ප්‍රතිචාරය වූයේ පසුගිය වසර කිහිපය තුළ "ඇමතිවරුන්" සහ "ස්වාමීන් වහන්සේලා" සම්බන්ධයෙන් පවා නීතිය ක්‍රියාත්මක වූ බවය. "හැම තැනම පෙට්‍රල් බෝම්බ ගහල තියෙන්නේ සංවිධානය වෙච්ච කණ්ඩායමක්. යම් දේශපාලනඥයන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා." 'පොලිසිය බලා සිටියා' මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යද්දී පොලිසිය 'බලා සිටි' බවට සහ කලහකරුවන් පාලනය කිරීමට පියවර නොගත් බවට එල්ලවන චෝදනා පිළිබඳව අදහස් දැක්වූ පොලිසිය භාර අමාත්‍යවරයා කියා සිටියේ, මේ අවස්ථාවේ අවශ්‍යව තිබෙන්නේ "ප්‍රශ්නෙ වැඩිකරගන්න නෙවෙයි, ප්‍රශ්නෙ පාලනය කරගන්න," බවය. "දැන් බලන්න මේ ගැටුම්වලින් මරණයට පත්වෙලා තියෙන්නේ දෙන්නයි. ඒ වගේම තුවාල වෙලා තියෙන්නේ 12 දෙනෙකුට විතරයි. එයින් අට දෙනෙක් බෝම්බ සිද්ධියෙන්. ඒ කියන්නේ ගහ ගැනීමක් වෙලා නෑ. පොලිසිය ප්‍රචණ්ඩකාරීන්ට මීට වඩා වෙනස් විදියකට සැලකුව නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණ." පොලිසියට එරෙහිවත් චෝදනා එල්ල වී තිබෙන නමුත් පොලිසිය ප්‍රවේශම් සහගතව කටයුතු කර ඇතැයි පවසන අමාත්‍යවරයා, "එක් අවස්ථාවක 2000ක් විතර ඇවිල්ල තියෙනව. පොලිසිය ඉඳල තියෙන්නේ පොඩි පිරිසක්," බවත් සඳහන් කළේය. රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා නීතිය හා සාමය භාර ඇමතිවරයා ලෙස දිවුරුම් දෙමින් ප්‍රහාරවලින් බරපතල දේපොළ හානියක් සිදු වී ඇති බව පිළිගන්නා අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ, එය සිදුකරන ලද්දේ "සංවිධානය වූ කණ්ඩායමක්" බවය. "හැම තැනම පෙට්‍රල් බෝම්බ ගහල තියෙන්නේ සංවිධානය වෙච්ච කණ්ඩායමක්. යම් දේශපාලනඥයන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා." සමාජ මාධ්‍ය ජාල ප්‍රචණ්ඩත්වය සහ වෛරය පතුරවන සමාජ මාධ්‍ය ජාල අධීක්ෂණයට ලක් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බව බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටි අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, සමාජ මාධ්‍ය ජාල භාවිත කරන "99% ක්ම" එය භාවිත කරන්නේ සමාජයේ යහපත සඳහා බව පෙන්වා දුන්නේය. "අද මම හිතන්නේ ඒක තහනම් කිරීම නිසා ඒ 99%ටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. මේ වගේ අර්බුදකාරී තත්ත්වයක ආණ්ඩුවක් විදියට අපිට ඒක කරන්න සිද්ධ වෙනවා." ඉතා ඉක්මනින්ම එම තහනම ඉවත් කෙරෙනු ඇති බවටත් අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. කෙසේ වුවත් කිසියම් පුද්ගලයෙක් "නීති විරෝධී, ජාතිවාදී, රාජ්‍ය විරෝධී" කටයුතු සඳහා සමාජ මාධ්‍ය ජාල යොදාගන්නේ නම් එය වැළැක්වීම පිණිස අනාගතයෙදී "නීති රීති සම්පාදනය කිරීමට" සිදුවනු ඇති බව ද නීතිය හා සාමය භාර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. තවත් කියවන්න:
මහනුවර දිගන සහ තෙල්දෙණිය ඇතුළු ප්‍රදේශවල පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 220 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන සිටින නමුත් ප්‍රචණ්ඩව හැසිරුණු ඇතැම් භික්ෂූන් වහන්සේ ඒ අතර සිටින්නේ දැයි දැනගන්නට නැති බව නීතිය හා සාමය භාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහෙත් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන කැරලිකරුවන්ට එරෙහිව දිගටම ප්‍රහාරඑල්ල කිරීමට සිරියානු ආණ්ඩුවට අවසරය හිමි වේ. සටන් විරාමය ක්‍රියාවට නැගීමට පැය කිහිපයකට පෙරාතුව දරායා නගරයේ සංචාරයක් අතරවාරයේ ප්‍රකාශයක් කළ ජනාධිපති අසාද් අල් බශාර් සිරියාව සම්පූර්ණයෙන් කැරලිකරුවන්ගේ පාලනයෙන් නිදහස් කරගන්නා බව අවධාරණය කළේය. දින හතක් සටන් විරාමය ක්‍රියාත්මක වුවහොත්, ජිහාඩ් කැරලිකරුවන්ට එරෙහිව ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කරන බවට රුසියාව සහ ඇමෙරිකාව ප්‍රතිඥා දී තිබේ. සටන් විරාමය ක්‍රියාවට නැගීමට නම් සහතික කිහිපයක් ලබා දිය යුතු බව කැරලිකාර කණ්ඩායම් කිහිපයක් ඊට පෙරාතුව ඉල්ලා සිටියහ. ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙසින් හඳුන්වන්නේ කුමන කණ්ඩායම්ද යන්න පිළිබඳව පැහැදිලි කළ යුතු බවයි, සිරියාවේ ප්‍රධාන විපක්ෂය කියා සිටියේ. සටන් විරාමයක් එකඟ වී තිබුනත් ගැටුම්වල අඩුවක් දක්නට නොලැබුන අතර, විශේෂයෙන්ම අලෙප්පෝ නගරයේ දිගටම සටන් පැවතිණි.
රුසියාව සහ ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඇති කර ගන්නා ලද සිරියාවේ සටන් විරාමය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මුලික සාකච්ඡා වටයේදී ඉරානයේ ඉදිරි සැලසුම් පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවයි ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා කියා සිටියේ. නමුත් විසඳුමකට එළැඹෙන තුරු ඉරානයට පනවා ඇති සම්භාධක ඉවත් නොකරන ලෙස ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෝක බලවතුන්ගෙන් ඉල්ලීමක් කළේය. ඉරානයේ නව ජනාධිපති හසන් රුහානි බලයට පත් වීමෙන් අනතුරුව මෙවැනි සාකච්ඡාවක් පැවැත් වෙන්නේ ප්‍රථම වතාවටයි.
මතභේදයට තුඩු දී තිබෙන ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳව ඉරානය සහ ලෝක බලවතුන් සමඟ සාකච්ඡා ආරම්භ විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2015 දී රයන්ගේ දෙමාපියන්ආරම්භ කළ මෙම යූටියුබ් නාලිකාව මේ වන විට බිලියන 26ක් නරඹා ඇත ෆෝබ්ස් සඟරාවට අනුව, තවත් සුප්‍රසිද්ධ යූටියුබ් තරුවක් වන ජේක් පෝල්ගේ ආදායම අභිබවා යෑමට රයන් නැමැති මෙම දරුවාගේ Ryan ToysReview නම් යූටියුබ් නාලිකාව සමත් වී ඇත. ජූනි දක්වා මාස දොළහක් ඇතුළත ජේක්ට වඩා ඩොලර් ලක්ෂ පහක ආදායමක් රයන් උපයා තිබේ. රයන්ගේ නාලිකාව ඔස්සේ බොහෝ දිනවල වීඩියෝ පළ කරන අතර, පසුගිය ඉරිදා (දෙසැම්බර් 2) ඔහුගේ ඡායාරූපයක් ඇතුළත් කර ඇති blue giant mystery egg නම් සෙල්ලම් භාණ්ඩය පිළිබඳ වීඩියෝව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් නරඹා තිබේ. ඩොලර් මිලියන 20ක ආදායමක් ලබන Dude Perfect නම් යූටියුබ් නාලිකාව තෙවන ස්ථානයට පත්ව ඇත. බදු සහ නීතීඥ ගාස්තු ගෙවීමෙන් පසු රයන් උපයා ඇති මුදල මෙහි සඳහන් වී ඇති අතර, එය පසුගිය වසර සමග සංසන්දනය කිරීමේ දී දෙගුණයක වැඩි වීමකි. රයන්ගේ වීඩියෝ නැරඹීමට දරුවන් මේ තරම් කැමැත්තක් දක්වන්නේ ඇයිදැයි NBC මාධ්‍ය ආයතනය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ "මට අනිත් අය සතුටු කරන්න පුළුවන් ඒ වගේම මම විනෝදජනකයි," යනුවෙනි. 2015 දී රයන්ගේ දෙමාපියන් ආරම්භ කළ මෙම යූටියුබ් නාලිකාව මේ වන විට බිලියන 26ක් නරඹා ඇති අතර, නිත්‍ය ග්‍රාහක පිරිස මිලියන 17.3 කි. ෆෝබ්ස් සඟරාවට අනුව, රයන්ගේ ඩොලර් මිලියන 22ක ආදායමෙන් මිලියනයක් උපයාගෙන ඇත්තේ වීඩියෝවට පෙර විකාශනය කෙරෙන වෙළෙඳ දැන්වීම්වලිනි. ඉතිරිය මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම්වලින් උපයාගෙන ඇත. වැඩිම ආදායමක් ලබන යූටියුබ් තරු: යූටියුබ් හරහා ප්‍රසිද්ධ වූ වෙනත් පුද්ගලයන්ට සාපේක්ෂව, මුදල් ගෙවා ප්‍රචාරය කරන වෙළෙඳ දැන්වීම්වලින් රයන් ලබන ආදායම ඉතා අවම මට්ටමක පවතින බව ෆෝබ්ස් සඟරාවේ සඳහන් වේ. "මෙයට හේතුව රයන්, නැත්නම් ඔහුගේ පවුලේ අය තෝරා ගත් වෙළෙඳ දැන්වීම් පමණක් ප්‍රචාරය කිරීම සහ ඔහුට සිටින රසිකයන්ගේ කැමැත්තයි." රයන්ගේ නාලිකාවේ ප්‍රචාරය කරන සෙල්ලම් භාණ්ඩයක් වෙළෙඳපොලේ ඉතා කෙටි කලක් තුළ විකිණී අවසන් වේ. මේ තොරතුරුද දැනගන්න: වෝල්මාට් සුපිරි වෙළෙඳසල 'රයන්ගේ ලෝකය (Ryan's World)' නමින් විවිධ සෙල්ලම් බඩු සහ ඇඳුම් හඳුන්වා දී තිබේ. රයන් සහ ඔහුගේ දෙමාපියන් තමන්ගේ නමින් ඇති සෙල්ලම් බඩු සොයන වීඩියෝවක් මාස තුනක් ඇතුළත මිලියන 14ක් නරඹා තිබිණි. සිය නමින් ඇති මෙම භාණ්ඩවලින් ලැබෙන මුදලත් සමග ලබන වසර වන විට රයන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. රයන් තවමත් කුඩා දරුවෙකු නිසා ඔහුගේ ආදායමෙන් 15%ක් බැංකු ගිණුමක තැන්පත් කරන අතර, ඔහු වැඩිහිටියෙකු බවට පත් වූ විට එම මුදල ලබා ගත හැකිය. රයන්ගේ නිවුන් සහෝදරිය ද සමහර වීඩියෝවල රඟපාන්නීය. Ryan's Family Review නම් රයන්ගේ තවත් යූටියුබ් නාලිකාවකට පවුලේ සියලුදෙනා සම්බන්ධ වී සිටිති. "කුඩා දරුවන්ට නිවස තුළදීම සිදු කළ හැකි විද්‍යාත්මක අත්හදාබැලීම් 10ක්" නම් වීඩියෝවේ පවුලේ දරුවන් තිදෙනාම පෙනී සිටි අතර, එය මිලියන 26ක් නරඹා තිබේ. ඩොලර් මිලියන 16.5ක් උපයා 2017 වසරේ දී යූටියුබ් වැඩිම ආදායම්ලාභියා බවට පත් වූ ඩැනියෙල් මිඩ්ල්ටන් මෙම වසරේ දී හතරවන ස්ථානයට පත් වී තිබේ. පසුගිය වසරේ අටවන ස්ථානයේ සිටි ජේක් පෝල් මෙවර දෙවන ස්ථානයට පත් වී ඇති අතර, ඩොලර් මිලියන 14.5ක් උපයා ඇති ඔහුගේ සොහොයුරා වන ලෝගන් පෝල් 10වන ස්ථානයේ සිටී. ලෝගන්ගේ ආදායම පෙර වසරට වඩා ඩොලර් මිලියන තුනකින් වැඩි වී තිබේ. පසුගිය ජනවාරි මස ලෝගන් පෝල් ඔහුගේ එක් වීඩියෝවකින් ජපානයේ සිය දිවිනසා ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් පෙන්වීම නිසා දැඩි විවේචනයට ලක් විය. නමුත්, පසුව ඔහු ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. තවත් තොරතුරු:
සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි වැඩිම ආදායම්ලාභියා බවට පත් වී තිබේ. ඔහුගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22කි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම අදහස පළ කළේ අද(14) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. භික්ෂූන් වහන්සේලා පාලනයට නීති පැනවීමට රජය උත්සාහ කරන බවට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ. 'ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීම' නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීම ශ්‍රී ලංකා රජය සිදු කළේ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි භික්ෂූ කතිකාවත්වලට අවශ්‍ය නීතිමය බලය ලබා දීම පමණක් බවයි අමාත්‍යවරයා අවධාරණයෙන් සඳහන් කළේ. නෛතික බලය ‘ඒ ඒ නිකායන් මගින් සම්මත කර ගෙන තිබෙන කතිකාවත් වල කොන්දේසි උල්ලංඝණය කරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් විනය තීන්දු ගැනීමේ බලයක් මහා නායක ස්වාමින් වහන්සේලාට සහ කාරක සංඝ සභාවලට තියෙනවා. එවැනි තීන්දු තීරණ ගත්තත් ප්‍රශ්නය ඒවා ක්‍රියාත්මක කිරීමේ බලයක් දැනට මහා සංඝරත්නයට නොමැති කම’ අධිකරණ ඇමතිවරයා පෙන්වා දෙයි. අවශ්‍ය නීති සම්පාදනයට දායක වන නමුත් භික්ෂූ කතිකාවත් සකස් කිරීමට හෝ විනය නීති උල්ලංඝනය කරන භික්ෂූන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියි. ‘අදාළ නිකායේ හෝ පාර්ශවයේ නායක භික්ෂූන් වහන්සේලා පමණයි තීරණ ගන්නේ. මේ පනත මගින් අපි කරන්නේ ඒ කතිකාවත් ලියාපදිංචිය සහ කතිකාවත් යටතේ නායක භික්ෂූන් වහන්සේලා ගන්නා තීන්දු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය බලය ලබා දීම පමණයි’ බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩි දුරටත් තහවුරු කරයි. සංශෝධන වලට ඉඩ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ත්‍රෛනිකායක මහා නාහිමිවරුන්ගේ අනුමැතිය ඇතිව යයි සඳහන් කළ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ‘සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව ලද අනුමැතිය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවත් සංශෝධන තිබෙනවා නම් කාරක සභා අවස්ථාවේ දී ඒවා ඉදිරිපත් කළ හැකි’ බවත් සඳහන් කළේය. භූත විද්‍යාවන් සහ ගුරුකම් කිරීම, අනවින සිදු කිරීම, රියදුරු බලපත්‍ර ලබා ගැනීම ආදී විනය විරෝධී ක්‍රියා පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග අදාළ නිකායට හෝ පාර්ශවයට අවශ්‍ය පරිදි සිය කතිකාවත්වලට ඇතුළත් කළ හැකි බව සඳහන් කළ ඇමතිවරයා ඒවා ඇතුළත් කරනවාද නැද්ද යන්න ඒ ඒ පාර්ශ්වයේ අභිමතය පරිදි තීන්දු කළ හැකි බවත් පෙන්වා දෙයි. භූත විද්‍යා අනවින කොඩිවින යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා දැනටමත් දක්වන විරෝධය ගැන යොමු වූ අමාත්‍යවරයා ‘මෙම පනත් කෙටුම්පත සකස් කර තිබුණේ පසුගිය රජය සමයේ’ බවයි කියා සිටියේ. එහි ඇති අඩුපාඩු සකස් කරමින් නව රජය එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි ඇමතිවරයා පවසන්නේ. ‘මේ ආණ්ඩුවට විතරක් නොවෙයි, පසු ගිය ආණ්ඩුවටත් භික්ෂූ සමාජයෙන්ම දෝෂාරෝපණ එල්ල වුණා - අවශ්‍ය අණපනත් ගෙන ඒමට පියවර නොගන්නා බවට. දැන් අපි ඒ දෝෂයෙන් නිදහස් වෙමින් මහා නායක හිමිවරුන්ගේත් උපදෙස් අනුවයි මේ පනත ගෙනාවේ’ බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධ විධිවිධාන සහ ඒවා කඩ කිරීමේ දී පනවන දණ්ඩන ඇතුළත් 'ථෙරවාදී භික්ෂූ කතිකාවත් ලියාපදිංචි කිරීම' නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අනුමැතිය ඇතිව යයි රජය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුරෝපා සංගමයේ සියලුම සාමාජික රටවල් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන මත්ස්‍ය නිෂ්පාදන ප්‍රතික්ෂේප කොට ඇති බව යුරෝපා සංගමයේ පාරිසරික සහ ආහාර සෞඛ්‍ය සම්බන්ධ මාධ්‍ය ප්‍රකාශක එන්රිකෝ බ්‍රිවියෝ බීබීසී සංදේශයට කියා සිටියේය. 2013 වසරේ වාර්තා වලට අනුව පනවා ඇති තහනමට පෙර යුරෝපා සංගමයේ සාමාජික රට වලට ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරුණු මත්ස්‍ය නිෂ්පාදන වල වටිනාකම යුරෝ මිලියන හැත්තෑ හතරක් වන අතර අපනයනය කළ ප්‍රමාණය මාළු ටොන් දාහත් දහස් හාරසීය ඉක්මවයි. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ එංගලන්තය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කළ රටවල්. යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන අතර, කෙලවල්ලා සහ බලයා වශයෙන් ශ්‍රී ලාංකිකයන් විසින් හඳුන්වන ටූනා මත්ස්‍ය ගණයට අයත් මත්ස්‍යයින් ප්‍රධාන වශයෙන්ම අපනයනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව බව මාධ්‍ය ප්‍රකාශක එන්රිකෝ කියා සිටියේය. තහනම් ලැයිස්තුවට එන්රිකෝ බ්‍රිවියෝ මෙවැනි තහනමක් ශ්‍රී ලංකාව මත පැනවීමට හේතු පැහැදිළි කරමින් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේ වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව 2012 වසරේ නොවැම්බර් මාසයේ නීති විරෝධී ලෙස සිදු වන මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීම් කළ බවයි. ශ්‍රී ලංකාව මසුන් ඇල්ලීමේදී අන්තර්ජාතික නීතියට අනුගත විය යුතු බව අවධාරණය කළ එන්රිකෝ බ්‍රිවියෝ උදාහරණයක් වශයෙන් බෙලීස් රාජ්‍යය මත පනවා තිබූ තහනම ගෙනහැර දැක්වීය. යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනමකට ලක්ව සිටි බෙලීස් රාජ්‍යය පසුගිය ඔක්තෝබර් මාසයේදී තහනම් ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ඔවුන් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනය කිරීමට අවශ්‍ය නිසි පියවර ගනු ලැබීමෙන් අනතුරුවයි. බෙලීස් රාජ්‍යය විසින් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනය කරන ආකාරය, පනවා ඇති නව නීති සහ ක්‍රමවේද සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීම් කළ බව එන්රිකෝ බ්‍රිවියෝ සඳහන් කළේය. ඒ ආකාරයෙන් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනයට අවශ්‍ය නීති රීති හඳුන්වා දී පාලනය විධිමත් කිරීමත් ඒ සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීමත් තහනම ඉවත් කිරීමට ඇති පියවර වන බවද ඔහු පැවසීය. රජය ගෙන ඇති පියවර නිමල් හෙට්ටිආරච්චි යුරෝපා සංගමය විසින් පනවා ඇති මෙම තහනමට මූලික හේතුව නීති විරෝධී මසුන් ඇල්ලීමෙන් සිදු වන පරිසර හානියට විරුද්ධව පියවර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීමයි. ශ්‍රී ලංකා ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් හෙට්ටිආරච්චි බීබීසි සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ අදාළ තහනම ඉවත් කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. 2013 නොවැම්බර් මාසයේදී එවකට පැවති ධීවර සහ ජලජ සම්පත් පනත සංශෝධනය කරමින් නීති විරෝධී මසුන් ඇල්ලීම පාලනයට අවශ්‍ය නීති හඳුන්වා දුන් බව පැවසු අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන බහු දින යාත්‍රා වලට නිරීක්ෂණ පද්ධති සවි කිරීම මේ අතර ප්‍රධාන බවයි කියා සිටියේ. ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත වන යාත්‍රා වලට නිරීක්ෂණ පද්ධති සවි කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව පැවසූ ඔහු වැඩි දුරටත් කියා සිටියේ තහනමින් ඉවත් වීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම ජනවාරි 14 වැනි දින සිට ක්‍රියාත්මක වන බව යුරෝපා සංගමය සනාථ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එය ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව විය හැකි බව විශ්වාස කෙරේ. රිෆාත් ශාරුක් විසින් නිර්මාණය කරන ලද ග්‍රෑම් 64 ක් බරින් යුතු මෙම උපාංගය තරුණ නිර්මාණ ශිල්පීන් අතර තරගයකින් පළමු ස්ථානයට තෝරා ගැනිණි. සිය ප්‍රධාන අරමුණ 3-D තාක්ෂණයෙන් මුද්‍රිත කාබන් වස්තුවක් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ප්‍රදර්ශනය කිරීම වනබව රිෆාත් ශාරුක් පවසයි. තම නිර්මාණය පෘථිවියේ උප කක්ෂයක පැය හතරක මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශ ගත කෙරෙනු ඇතැයි බව රිෆාත් ශාරුක් ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කළේය. ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන එරට හිටපු ජනාධිපතිවරයෙකු වූ අබ්දුල් කලාම්ට ගෞරවයක් වශයෙන් චන්ද්‍රිකාව 'අබ්දුල්සැට්' ලෙස නම් කර ඇත. කෝඩුකාර විද්‍යාඥයෙකු වන රිෆාත් තමිල්නාඩුවේ කුඩා ගම්මානයකින් පැමිණි අයෙකි. පළමු නිර්මාණය නොවේ චන්ද්‍රිකාවේ බාර ග්‍රෑම් 64 කි මේ වන විට ඔහු තමිල්නාඩුව මූලස්ථානය කර ගත් 'Space Kidz India' ආයතනයේ ප්‍රධාන විද්‍යාඥයා වශයෙන් කටයුතු කරයි. 'Space Kidz India' දරුවන් සහ නව යෞවනයන් අතර විද්‍යාව සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනු ලබන ආයතනයකි. මෙය රිෆාත්ගේ පළමු නිර්මාණය නොවේ. පහළොස් වියේ දී ඔහු විසින් ජාතික මට්ටමේ තරුණ විද්‍යාඥයන්ගේ තරගයකට ඉදිරිපත් කිරීම සඳහා කාලගුණය නිර්ණය කිරීමට යොදා ගනු ලබන හීලියම් බැලුනයක් නිර්මාණය කළේය.
දහඅට හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකු විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවක් ඇමරිකාවේ නාසා මධ්‍යස්ථානයේ දී ජුනි මස අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙල හා බැඳුම්කර චෝදනාව ආණ්ඩුවේ පළාත් පාලන මැතිවරණ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉරිදා (පෙබරවාරි 11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී පවසා තිබේ. ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට නම් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකයෙකු අගමැති තනතුරට පත් කළ යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එහිදී ජනාධිපතිවරයාට පැවසූ බව එම සාකච්ඡාවට එක්වූ ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. ජනාධිපතිවරයා ආණ්ඩුවේ වෙනස්කම් ඉදිරියේ සිදුකරනු ඇතැයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු සඳහන් කළහ. තවත් කියවන්න: "ජනාධිපතිතුමා ඔබතුමන්ලට කියන්න කිව්වා දැනෙන වෙනසක් කරනවා කියලා," යනුවෙන් අමාත්‍ය එස්බී දිසානායක කියා සිටියේය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් හා අගමැතිවරයා අතර හමුවක් ද ඊයේ සවස අරළිය ගහ මැදුරේ පැවැත්විණි. එහිදී අගමැතිවරයා ඉවත්වීම ගැන කිසිවක් සාකච්ඡා නොකෙරුන බව එයට එක් වූ අමාත්‍යවරයෙක් බීබීසියට පැවසීය. පරාජයට හේතු වූ කරුණු අතර ජනාධිපතිවරයා මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයට එල්ල කළ වාග් ප්‍රහාර මූලික හේතුවක් වූ බව එහිදී සාකච්ඡා වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීම ද පරාජයට එක් හේතුවක් බව අවධානයට ලක් වී තිබෙන අතර ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව එහිදී ඉදිරිපත් වී තිබෙන එක් යෝජනාවකි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කරන ඉල්ලීම් අනුව අගමැති ධුරය හෝ එක්සත් ජාතික පක්ෂ ඇමතිකම් වෙනස් කිරීමට යෝජනා කළහොත් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු යයි යෝජනා කිරීමට එහිදී තීරණය කෙරුණු බව සාකච්ඡාවට සම්බන්ධ වූ ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. මේ අතර මැතිවරණ ප්‍රතිඵලය සමග එක්සත් ජාතික පක්ෂය තුළ ද නැවත නායකත්වයේ අර්බුදයක් හට ගෙන තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙමින් පවතී. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී මැතිවරණයට ඉදිරිපත් වී ඇති අවස්ථාවක ආණ්ඩු බලයත් තිබී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ප්‍රතිඵලය ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව එම පිරිසේ මතය වී තිබේ. සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙමින් පවතී ඉදිරි මැතිවරණ ජයගැනීමට නම් පක්ෂයට නව නායකයෙක් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබෙන අතර, පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර එවැනි සංවාදයක් මතු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් බීබීසියට තහවුරු කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී කතානායක කරු ජයසූරිය තාවකාලිකව පක්ෂ නායකයා ලෙසින් පත් කළ යුතු යයි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කබීර් හෂීම් යෝජනා කර තිබෙන බව 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. එම පුවත සත්‍යයක් දැයි බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ කතානායක කරු ජයසූරිය කියා සිටියේ වෙබ් අඩවියේ එවැනි වාර්තාවක් පළ වී තිබෙන දුටු නමුත් කතානායකවරයා වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ වගකීමක් තමන්ට පැවරී තිබෙන බැවින් පක්ෂයේ කටයුතු පිළිබඳ කිසිදු සාකච්ඡාවකට තමන් සම්බන්ධ නොවූ බවය. මේ තත්වය යටතේ ඉරිදා (පෙබරවාරි 11) සවස ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති හමුවේදී සාකච්ඡා වූයේ කුමක් දැයි තවමත් වාර්තා වී නැත. රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඉරිදා බීබීසියට පැවසුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තමන් පැහැදිලි කර දුන් බවය. මෙම ඡන්දයේ ජාතික ආණ්ඩුවේ බලවේගවල ජන්ද ප්‍රමාණය මහින්ද රාජපක්ෂ පාර්ශවයට වඩා වැඩි බව ඔහුගේ තර්කය වී තිබේ. පළාත් පාලන මැතිවරණයේදී ජන්ද ලක්ෂ 50කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්විය. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, රිෂාඩ් බදියුද්දීන්ගේ පක්ෂය ලබාගත් ජන්ද සංඛ්‍යාවේ එකතුව එයට වඩා වැඩි බව ඇමතිවරයා පැවසීය. 2015 ජනවාරි 8 බලවේග වන දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ද එකතුකළහොත් එම ප්‍රමාණය ජන්ද ලක්ෂ 10කට වැඩි නිසා ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට මෙවර ප්‍රතිඵලය බාධාවක් නොවන බව ඔහුගේ විග්‍රහය වී තිබේ. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන තීරණාත්මක තීන්දුවලට එළඹීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණවලට එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන්නේ නම් ඔවුන් තනි ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 105ක් සිටින අතර අවශ්‍ය අවස්ථාවල දෙමළ ජාතික සන්ධානයේද සහාය ලබාගෙන ආණ්ඩුව පවත්වාගෙන යා හැකි බව එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ මතය වී තිබේ. සබැඳි යොමු:
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය සතියේ ලබාගත් මෙම ඡායාරූපවල 'ගෝල්ඩන් රිට්‍රීවර් (Golden Retriever)' වර්ගයේ කුඩා බලු පැටවුන්, කොටි සහ සිංහ පැටවුන් එකට සෙල්ලම් කරන ආකාරය දැකිය හැකිය. සයිබීරියන් කොටි, සුදු කොටි, තිත් සහිත හයිනා සහ අප්‍රිකානු සිංහයන් ඇතුළු පැටවුන් අට දෙනෙකු ඔවුන්ගේ මව්වරුන් විසින් අතහැර දමා ගොස් ඇත. මේ වන විට පැටවුන් සිල්ලන්ටම මව් කිරි ලබාදෙන්නේ සුනඛ මව බව වාර්තාවල සඳහන් වේ. පැටවුන් සියල්ල එකට හැදී වැඩී ඇති නිසා එකිනෙකාට සමීප වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී. වලසුන්, කැන්ගරුවන් සහ වඳුරන් ඇතුළු අතහැර දැමූ පැටවුන් බොහොමයක් සාර්ථකව හදා වඩා ගැනීමට ඔවුනට හැකි වූ බව බීජිං සත්වෝද්‍යානය පවසයි. ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය වූ මෙම ඡායාරූප දහස් ගණනක් පිරිස අතරේ බෙදී ගොස් තිබේ. මේ තොරතුරුද කියවන්න:
කුඩා බලු පැටවුන්, කොටි සහ සිංහ පැටවුන් එකට එක් වී සෙල්ලම් කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම සතුන් ජීවත් වන්නේ චීනයේ, බීජිං නුවර සත්වෝද්‍යානයකය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලික ඉඩම් කීපයක් අත්පත් කර ගනිමින් එහි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් අභියෝගයට ලක් කරමින් එම ඉඩම් හිමියන් විසින් නැගෙනහිර පළාතේ මහාධිකරණය වෙත නඩුවක් ගොනු කරනු ලැබ තිබිණි. ඉහත කී එම නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස විරෝධතාවක් ඉදිරිපත් කළ රජයේ නීතිඥයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පළාත් සභාවලට ඉඩම් බලතල ලබා දී නොමැති බැවින් නඩුව විභාග කිරීමට පළාත් මහාධිකරණයට බලයක් නොමැති බවයි ප්‍රකාශ කළේ. එහෙත් රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පළාත් මහාධිකරණය රජයේ ඉඩම් හැර සෙසු ඉඩම් සම්බන්ධයෙන් ඉදිරිපත් වන පැමිණිලි විභාග කිරීමට තමන්ට බලය පවතින බව තීන්දු කළේය. පළාත් මහාධිකරණයේ එම තීන්දුව අහෝසි ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙතද පෙත්සමක් ඉදිරිපත් කළේය. එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර නැගෙනහිර පළාත් මහාධිකරණය විසින් ලබා දෙනු ලැබූ තීන්දුව ස්ථිර කළේය. ඒ අනුව නැගෙනහිර මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ තීන්දු දෙකම අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම පෙත්සම තුළින් නීතිපතිවරයා ඉල්ලා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පළාත් සභාවලට ඉඩම් බලතල ලබා දී නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. පෙත්සම සැප්තැම්බර් මස 13 වනදා සලකා බැලීමට නියමිතයි.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලට ඉඩම් බලතල ලබා දී නොමැති බව තීන්දු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනයක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කමිටු සාමාජිකයන් ඒ බව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේදී තමන් බරපතල වධ බන්ධනවලට ලක් කළ බවට යුරෝපයේ දේශපාලන රැකවරණ පතා සිටින දෙමළ පුරුෂයන් 50 කට අධික පිරිසක් එල්ල කරන චෝදනා අළලා ජාත්‍යන්තර පුවත් ආයතනයක් සකස්කළ වාර්තාවක් වොෂිංටන් පෝස්ට් පුවත්පතේ පළවීමෙන් අනතුරුව එය උපුටා දක්වමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. එම පුරුෂයන් එල්ල කරන චෝදනාව පිළිබඳ දීර්ඝ වාර්තාවක් ජාත්‍යන්තර පුවත් ආයතනයක් විසින් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරනු ලැබිණි. තමන් සිය නිවාසවලින් හෝ මහ මග සිටියදී පැහැර ගෙන ගොස්, දෑස් බැඳ, රැඳවුම් කඳවුරුවලට රැගෙන ගොස් කොටි සංවිධානය සමග කටයුතු කළ බවට චෝදනා කරමින් වධ බන්ධනවලට ලක් කළ බවට ඔවුන්ගෙන් බොහෝ දෙනා චෝදනා කරති. බොහෝ අවස්ථාවල පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ සාමාජිකයන් ලෙසින් හඳුන්වා ගත් තමන් පැහැරගත් පුද්ගලයන්, සිය ශරීරවල කොටින්ගේ පුල්ලි වැනි ලකුණු ඇතිවෙන ආකාරයෙන් ගිනියම් යකඩ කූරුවලින් සිය ශරීර පිළිස්සූ බව ද ඒ අතරින් වැඩි පිරිසක් පවසති. පසුගිය වසරේ මුල භාගයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා කාලය ඇතුළත තමන් වධ බන්ධනවලට ලක් කළ බව පවසන පුරුෂයන් 20 දෙනෙකු මුහුණ දුන් අත්දැකීම් ඇසුරෙන් සිය වාර්තාව සකස් කළ බව පවසන පුවත් ආයතනය, ඒ අතරින් බොහෝ දෙනා ලිංගික හිංසනයට හෝ දූෂණයට ලක් කර ඇති බවත් සඳහන් කරයි. වාර්තාව පවසන පරිදි ඇතැම්විට ඔවුන් ලිංගික හිංසනයට ලක් කරනු ලැබ තිබෙන්නේ කටු කම්බි ඔතන ලැබූ මුගුරු යොදා ගනිමිනි. සිය පවුල්වල සාමාජිකයන් විසින් තමන් පැහැරගනු ලැබූ පුද්ගලයන්ට විශාල කප්පම් මුදල් ගෙවනු ලැබීමෙන් අනතුරුව ඔවුන්ගෙන් නිදහස් වී ශ්‍රී ලංකාවෙන් පලා ගිය බව ද ඔවුන්ගෙන් බොහෝ දෙනා පුවත් ඒජන්සියට පවසා තිබේ. සබැඳි යොමු: පුවත් ඒජන්සියේ වාර්තාව ගාඩියන්, දි ඉන්ඩිපෙන්ඩන්ට්, නිව්යෝක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් ඇතුළු ලොව පුරා පළ වෙන බොහෝ පුවත්පත් විසින් වාර්තා කරනු ලැබ තිබිණි. මේ අතර එම වාර්තාව පිළිබඳව වොෂිංටන් පෝස්ට් පුවත්පතේ කතුවරයා වෙත ලිපියක් යොමු කරන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම්, කවර හෝ වධ හිංසා පැමිණවීමක් ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකින අතරම එවැනි චෝදනා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කර තිබේ. ඉදිරියටත් එවැනි විමර්ශන සඳහා රටින් පිටත සිට හෝ සාක්ෂි ලබා දෙන මෙන් ඉල්ලීමක් කරන විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා, වධ හිංසා පැමිණවීම වැළැක්වීම පිණිස සම්මුතිවාදී ආණ්ඩුව විසින් මෙතෙක් ගනු ලැබ ඇති පියවර පිළිබඳව දීර්ඝ විස්තරයක් ද සිය ලිපියේ දක්වා තිබේ. විශේෂයෙන්ම, පහරදීම සහ වධ හිංසා පැමිණවීම සම්බන්ධ චෝදනා ලැබූ පොලිසියේ සාමාජිකයන් 33 දෙනෙකුට එරෙහිව මේ වසර (2017) තුළ විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව පෙන්වා දෙන විදේශ අමාත්‍යාංශ නිවේදනය, ඒ අතරින් එක් නිලධාරියෙකු සේවයෙන් නෙරපා ඇති බව ද සඳහන් කරයි. තවත් පොලිස් නිලධාරීන් 100 දෙනෙකුට එරෙහි විනය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීමට නියමිත බව ද එහි වැඩිදුරටත් දැක්වේ. මේ අතර පසුගිය වසරේ ජුනි මාසයේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊට පෙර වසරේ ලද පැමිණිලි 413 කින් වැඩි වශයෙන් චෝදනා එල්ල කෙරෙන්නේ පොලිසියට බව සඳහන් කළාය.
ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව එල්ල වී තිබෙන වධ බන්ධන පැමිණවීමේ චෝදනා පිළිබඳව නිසි පරීක්ෂණ පවත්වනතුරු එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග හමුදාමය සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව යළිත් වරක් සිතා බැලිය යුතු බව එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ඩිමොක්‍රටික් පාක්ෂික සභිකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාවේ ද පැසසුමට ලක්වීමට පටන් ගැනුණද අදාළ කරුණ සම්බන්ධයෙන් අගමැතිවරයා නිල නිවේදනයක් නොකළ බවට මත පළවෙමින් පවතී. අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ සමහි ජන බලවේගයේ මන්ත්‍රී එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට පිළිතුරු ලෙසය. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ 2009 වර්ෂයේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය ඇමතීමට බීබීසී සිංහල සේවය උත්සාහ දැරුවද එහි නිලධාරීන් දුරකතයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එම උත්සය ව්‍යර්ථ විය. එහෙත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු උපුටා දක්වමින් දේශීය මාධ්‍ය සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයා "භූමදානයට ඉඩ දෙනවා කිවා විනා කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහය භුමදානයට ඉඩදෙන බවක් ප්‍රකාශ නොකළ" බවකි. එහෙත් පාර්ලිමේන්තුවේ නිල ප්‍රකාශය වන හැන්සාර්ඩ් වාර්තාව තුළ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇතුළත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. කෙසේවෙතත්, දේශපාලන අරංචිමාර්ග පවසන්නේ කොරෝනාවෛරසය ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භුමදානය ට මේ මස අගවන විට දී රජය අවසර දීමේ සූදානමක සිටින බවකි. ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිචාර මේ මස අගදී ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයකට සූදානම් වන පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, කොවිඩ් 19 වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයින් ගේ මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයට සිය ප්‍රසාදය පළ කරමින් තම ටිවිටර් ගිණුමෙහි සටහනක් තැබීය. "COVID19 රෝගයෙන් මියගිය පුද්ගලයින් භූමදාන කිරීම සඳහා මුස්ලිම්වරුන්ට අවසර දෙන බවට ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී දුන් සහතිකය අපි සාදරයෙන් පිළිගනිමු," යනුවෙන් ඔහු සටහනක් තබමින් පැවසීය. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් සාද් ඛට්ටක් පවසන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ "රජය විසින් කොවිඩ්-19 ආසාදිතව මියයන මුස්ලිම් වින්දිතයින් භූමදානය කිරීමට අවසර දීමට ගත් තීරණය මුස්ලිම් ලෝකය පුරා පුළුල් ලෙස පිළිගනු ලැබේ. මෙම තීරණය අනිවාර්යයෙන්ම මුස්ලිම් ප්‍රජාවගේ කනස්සල්ලට හේතුවී තිබූ කරුණකට පිළියමක් වන අතර එය දිවයිනේ ජනවාර්ගික සමගිය වර්ධනයට තුඩු දෙනු ඇත." මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලෙට්ස් ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ, අග්‍රාමාත්‍යවරයාගේ තීරණය අගය කරන අතර ශ්‍රී ලංකාව අන්තර්ජාතික සෞඛ්‍ය පිළිවෙතට අනුගතවීම හා ආගමික අයිතීන්ට ගරු කිරීම ධනාත්මක පියවරක් ලෙස සලකන බවය. "කොවිඩ් වින්දිතයින්ගේ අනිවාර්ය ආදාහනය කිරීමට පනවා තිබුණු නිතිය අවසන් කිරීම සඳහා අගමැතිවරයා නිවේදනය කළ බවට මාධ්‍ය වාර්තා කරන අතර එම තීරණය අගයනවා. අන්තර්ජාතික මහජන සෞඛ්‍ය සම්මතයන්ට අනුකූලව හා ආගමික වත්පිළිවෙත් වලට ගරු කරන සංශෝධිත පිළිවෙතක් ක්‍රියාත්මක කිරීම ධනාත්මක ක්‍රියාවක්" යනුවෙන් තානාපතිනිය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහකොමසාරිස් සේරා හල්ටන් ද අගමැතිවරය්ගේ ප්‍රකාශය ඇගයීමට ලක් කළාය. "කොවිඩ්-19 වින්දිතයන් භූමදානය කිරීම පිළිබඳව අගමැති රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී කළ නිවේදනය සාදරයෙන් පිළිගනිමු. අගතියට පත්වූවන්ට ඔවුන්ගේ ආගමික පිළිවෙත් හා ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ඉඩ සලසමින් මෙය ඉතා ඉක්මනින් ප්‍රතිපත්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු," යනුවෙන් සේරා හල්ටන් සිය ට්විටර් පණිවිඩයෙන් කියා සිටියාය. තත්ත්වය මෙසේ තිබියදී බ්‍රහස්පතින්දා (පෙබ. 11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ පැවසුවේ "සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දු තීරණ ගන්නේ අපි පුද්ගලිකව නෙමෙයි තාක්ෂණික කමිටුවක් හරහා. ඒ නිසා ඒ තාක්ෂණික කමිටුවට මේ යෝජනාව ඉදිරිපත් කරලා ඒ තාක්ෂණික කමිටුවේ එකඟතාවය මත තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ." කොරෝනා මරණ ; 'භූමදානය' ගැන අගමැතිගේ තීන්දුව ගැසට් නොකරන්නේ ඇයි? එහිදී රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා පැවසුවේ මෙය බොහොම පරිනත දේශපාලකයකු විසින් ගනු ලැබූ පරිනත තීරණයක් වන අතර එය රටේ සහජීවනයට බලපාන බවය. එහෙත් නැවතත් මේ සඳහා විශේෂඥ කමිටුව හමුවට යාම කිසිසේත් නොවන බව ද මන්ත්‍රීවරයා කීය. "අගමැතිවරයා මෙම උත්තරීතර සභාවට සහතික වුණා භූමදානයට ඉඩදෙනවා කියලා. කවුරුද අගමැතිවරයාට ඉහළින් ඉන්නේ මේ රජයේ. මෙය වලක්වා ජාතින් අතර අනවශ්‍ය අපහසුතාවයක් නිර්මාණය කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ කියන විශේෂඥයන් කවුරුද? මම රජයෙන් ඉල්ලනවා මෙම ප්‍රශ්නය තවත් කල් නොමැරිය යුතු බවට මෙය දැනටමත් ජිනීවා දක්වා ගෙනගොස් තිබෙන්නේ," යනුවෙන් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විමසන්නේ ජිනීවා හිදී නැගෙන විරෝධතාව ලිහිල් කිරීමේ අදහසින් රජය දැන් මෙම තීරණය එළැඹ තිබේද යන්නයි. අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිගැනීමට මුස්ලිම් ජනයා සුදානම් නැති බව ඇතැමුන් ප්‍රකාශ පෙන්වාදෙන්නේ මෙය අගමැතිවරයා කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් කරන ලද තුන්වෙනි ප්‍රකාශය හේතුවෙනි. මේ අතර එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අද (පෙබ. 11) පැවසුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසමේ මතුවී ඇති ගැටලු නිරාකරණ ගැනීම සඳහා මැදපෙරදිග රටවල ඡන්ද ලබාගැනීමට කළ "ගුණ්ඩුවක්" ලෙස හෝ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ගේ සංචාරය අවසන් වනතෙක් "කළ මුලාවක්" නොවිය බවය. මේ තොරතුරු ද දැනගන්න:
ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරසය ආසාදිතව මියයන මුස්ලිම් පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර නොදීම පිළිබඳව නැවතත් කතා බහ මතුවුයේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් බදාදා (පෙබ. 10) පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයත් සමගිනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම අභියෝගය යළිත් ප්‍රසිද්ධියේ ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය මේ බව මීට පෙර පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළ බවත් මෙම අභියෝගය යළිත් ප්‍රසිද්ධියේ ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. හදිසි කැබිනට් රැස්වීමක් මෙය හදිසි කෙටුම්පතක් ලෙස උසාවියට ඉදිරිපත් කළ හැකි බවත් ඒ සඳහා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය. ජාතික හෙළ උරුමය යෝජනා කර ඇති දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ නම් කිසිදු විවාදයකින් තොරව එය සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබා දෙන බවයි රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ ප්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා හදිසි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනාගතයේදීද ඉන්දීය පාලක මණ්ඩලයේ කිසිදු තනතුරක් දැරීම ලලිත් මෝඩිට තහනම් තමිල්නාඩුවේ චෙන්නායි අගනුවර පැවති පාලක මණ්ඩලයේ විශේෂ මහා සභා රැස්වීමකදී ඒකමතිකව මෙම තීන්දුවට එළැඹි බවද ඉන්දීය පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. මේ අනුව මින් අනතුරුව ඉන්දීය පාලක මණ්ඩලයේ සියලු පරිපාලන තනතුරුවලින් ලලිත් මෝඩි නෙරපා හැරෙන අතර, අනාගතයේදී ඉන්දීය පාලක මණ්ඩලයේ කිසිදු තනතුරක් දැරීමත් ඔහුට තහනම්. ලලිත් මෝඩිට එරෙහිව නැඟී තිබුණු චෝදනා විභාග කිරීම පිණිස පත්කරන ලද කමිටු වාර්තාව සහ එයට පිළිතුරු දෙමින් ලලිත් මෝඩි ඉදිරිපත් කළ ලිපියේ සඳහන් කරුණුද සැලකිල්ලට ලක් කිරීමෙන් අනතුරුව එම තීන්දුවට එළැඹි බවද පාලක මණ්ඩලය පවසයි. දැන් ලන්ඩනයේ වාසය කරන ලලිත් මෝඩි තමන්ට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
දූෂණ චෝදනා එල්ල වී තිබෙන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ නිර්මාතෘ ලලිත් මෝඩිට ජීවිතාන්තය දක්වා තහනමක් පණවන ලද බව ඉන්දීය පාලක මණ්ඩලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වී ගොවියෝ මහපාර හරස් කරමින් විරෝධයේ වී මිලදී ගැනීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් නොමැති කමින් ගොවි ජනතාව බලවත් අසීරු තත්ත්වයකට වැටී සිටින බව තමා සිදු කළ සංචාරයේ දී එම ගොවි ජනතාව පෙන්වා දුන් බවයි අපේ ප්‍රාදේශීය වාර්තාකරු පවසන්නේ. ‘ගොයම් කපල දැන් දවස් දහයකටත් වැඩියි.අපේ ගොයම් කැපීමට යොදා ගත් ට්‍රැක්ටර් සහ මැෂින් කාරයන් කුලිය ඉල්ලනව.දරු පැටව පවා තියාගෙන අපි දවස් දාසයක්ම වී රැක්කා.ඒත් තාම අපට නිදහසක් නැහැ.මේ වී කිලෝ දෙදාහවත් ගන්න තවම වැඩ පිළිවෙළක් නැහැ’ දිගාමඩුල්ලේ ගොවිලියක් බීබීසියට ප්‍රකාශ කළාය. තවත් ගොවියෙක් කියා සිටියේ වී අලෙවි මණ්ඩලය විසින් මිළ දී ගනු ලබන වී ප්‍රමාණය කිලෝ පන්දහසේ සිට කිලෝ දෙදාස් පන්සීයට අඩු කරනු ලැබ ඇතත් එම ප්‍රමාණය වත් මිළට නොගත් බවයි.එම ප්‍රමාණය මැෂින් කුලිය ගෙවීමට ප්‍රමාණවත් නොවන බව කියා සිටි එම ගොවියා සහනයක් ඉල්ලා සිටින බවයි සඳහන් කළේ. කමත නොදන්නා පාලකයන් වත්මන් රජය වී කිලෝවක් රුපියල් හතළිස් පහකට පනහකට මිළ දී ගන්න බවට පොරොන්දු වෙමින් දේශපාලන බලය දිනා ගත්තත් ඔවුන් තමන් රවරන ලද බවට ඇතැම් ගොවීහු චෝදනා කළහ. තමන් එවැනි මිලක් ඉල්ලා නොසිටි අතර සම්මත මිළ වූ රුපියල් තිස් පහ ගෙවා වී මිලට ගත්තේ නම් මේ දුෂ්කරතාව පැන නොනගින බවයි ගවීන් පවසන්නේ. දිගාමඩුල්ල මන්ත්‍රී විමලවීර දිසානායක සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය දිගාමඩුල්ලේ පමණක් නොව සමස්ත රටේම ගොවි ජනයා මුහුණ දී සිටින තත්වයක් වන බවයි. ‘නියරක ඇවිදපු නැති උදැල්ල නොහඳුනන කමත් ගැන නොදන්නා පාලකයන්ගෙන් ගොවි ජන ප්‍රශ්න විසඳෙන්නේ නැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. වී අලෙවි මණ්ඩලය මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාර ආර්.ඇම්.රත්නායක පවසන්නේ ‘කවුරු කෙසේ කීවත් වී අලෙවි මණ්ඩලය දිස්ත්‍රික්කයේ වී මිල දී ගෙන ඇති’ බවයි. ගොවි විරෝධය ඉදිරිපිට පොලිසිය ‘මෙය වැඩිම මුදලක් වියදම් කර වදිමවී ප්‍රමාණයක් මිලට ගත් කන්නයයි’ අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු පවසයි. මේ වන විට වී ටොන් තිස් දහසක් මිලට ගෙන ඇති බවයි ඔහු පවසන්නේ. මේ අතර වසන්ත චන්ද්‍රපාල පවසන්නේ නාමල්ඔය ජනතාවට තවමත් වී විකුණා ගැනීමට නොහැකි වී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ වී ගොවිතැන අතින් මුල් තැන හිමි කර ගනු ලබන දිගාමඩුල්ලේ ජනතාව මේ කන්නයේ වී විකුණා ගැනීමට නොහැකි තත්වයකට පත්ව සිටින බව අම්පාර බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහෙත් තව්හීඩ් ජමාආත් (ජමාත්) සහ සමස්ත ලංකා ජමියතුල් උලමා වැනි සංවිධාන සහ ගතානුගතික මුස්ලිම් නායකයෝ එම ඉල්ලීමට දැඩි විරෝධය පළකරති. (වීඩියෝ පටය නරඹන්න) එහි ප්‍රතිඵලයක් ලෙසින් එම නීතිය සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව වසර නවයක් මුළුල්ලේම එම නිර්දේශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වී සිටී. ළමා විවාහයකට ගොදුරු කෙරුණු 15 හැවිරිදි මුස්ලිම් දැරියකගේ වේදනාබර අත්දැකීම සහ ක්‍රියාකාරිනියන්ගේ සහ තව්හීඩ් ජමාආත් සංවිධානයේ ප්‍රතිචාරය ඇසුරින් සකස් කෙරුණු විශේෂ වාර්තාවක් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න. සම්පූර්ණ විස්තරය මේ යොමුවෙන්: ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක්, අහිමි වූ දරු ගැබක් සහ 'ගණිකාවක්'
ළමා විවාහවලට මග පාදන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් මුස්ලිම් ක්‍රියාධාරිනියෝ ආණ්ඩුවට බල කර සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විසිහතර වැනි වියේ පසුවෙන මුස්ලිම් ජාතිකයකු වන පර්වේෂ් රසූල් , ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මී ළඟ සිම්බාබ්වේ සංචාරයට එක්වීමට නියමිතයි. මෙයින් අවුරුදු හතරකට පෙර බැංගලෝර් නගරයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් අසල එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් පර්වේෂ් රසූල්ගෙන් ඉන්දීය පොලිසිය ප්‍රශ්න කළත් ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් නොකෙරින. තමාට අවශ්‍ය කරන්නේ තමා ක්‍රිකට් ක්‍රීඩකයකු මිස ත්‍රස්තවාදියකු නොවන බව පෙන්නුම් කිරීම යයි පර්වේෂ් රසූල් කියා සිටී. පර්වේෂ් රසූල් ඉන්දීය ජාතික ක්‍රිකට් පිලට තෝරා ගනු ලැබීම මගින් කාශ්මීරයේ තරුණයන්ට ඔවුන්ගේ රට නියෝජනය කිරීමේ අවස්තාවක් තිබේය යන පණිවුඩය දෙන බවයි ඔහුගේ ක්‍රීඩාලෝලීන් පවසන්නේ.
ව්‍යාකූල තත්වයක් පවතින ඉන්දීය කාශ්මීරයෙන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ පළමු ක්‍රීඩකයා හැටියට පර්වේෂ් රසූල් (Parvez Rasool) ක්‍රිකට් ඉතිහාසයට එක් වෙයි .
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය 18 වෙනිදා මැලේසියාවේ සිට ගුවන් යානය ශ්‍රී ලංකාවට සේන්දු වුයේ පකිස්තානයේ කරච්චි නුවර බලා යන අතරේදීය. යානයට අවශ්‍ය ඉන්ධන පුරවා ගැනීම හා 24 දෙනෙකුගෙන් සමන්විත එහි කාර්ය මණ්ඩලයට විවේකයක් ලබාගැනීම එය ශ්‍රී ලංකාවේ ගොඩ බෑමට හේතුව වූ බව මත්තල ගුවන් තොටුපොළ බලධාරීහු පැවසූහ. එන්ජින් 6 කින් යුතු මෙම යානයේ පියාපත් විහිදුම මීටර 88.4 ක් දින දෙකක් සඳහා යානය නවතා තැබීම හේතුවෙන් රුපියල් මිලියන 15 ට වැඩි අදායමක් ලැබී ඇති බව මත්තල ගුවන් තොටුපොළ කළමනාකාර උපුල් කලංසූරිය පැවසීය. මේ සා විශාල ගුවන් යානයක් හැසිරවීම සඳහා හොඳින් ඉඩකට අවශ්‍ය බවත්, කාර්ය බහුල නොවූ මත්තල ගුවන් තොටුපොළ ඒ සඳහා වැදගත් වූ බව රුසියාවට අයත් එම ගුවන් යානයේ ප්‍රධාන නියමු අන්තනොෆ් දිමිත්‍රෝ සඳහන් කළේය. තවත් තොරතුරු: එන්ජින් 6 කින් යුතු මෙම යානයේ පියාපත් විහිදුම මීටර 88.4 ක් වන එහි ගුවන් භාණ්ඩ රඳවන ඉඩකඩ මෝටර් රථ 80 ට පමණ සෑහේ. මීටර 84ක දිගින් යුතු යානය රෝද 32කින් සමන්විතය. රෝද 32 ක් යුක්රේනයේ මෝටර් සිච් (Motor Sych) සමාගම හා එක්ව අන්තනොෆ් සමාගම විසින් නිර්මාණය කරන ලද මේ යානය සඳහා ඩොලර් මිලියන 20ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරා තිබේ. 'Antonov An-225 Mriya (අන්තනොෆ් - ඒන් 225 මිර්යා)' නමවන ලොව විශාලතම ගුවන් යානය 2016 වර්ෂයේ මාර්තු මස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ගුවන්තොටුපොළට ගොඩ බැස්සවූ අවස්ථාවේ එය නැරඹීම පිණිස විශාල පිරිසක් රැස් වී සිටියහ.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දින දෙකක් නවතා තිබූ ලොව විශාලතම ගුවන් යානය වන අන්තනොෆ් ඒඑන් 225 - මිර්යා ගුවන් යානය අද (අප්‍රේල් 20) අලුයම 4.45 ට පමණ ඉන් නික්ම ගියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අධික වර්ෂාව හේතුවෙන් පස් කන්දක් කඩා ගෙන් ගොස් ඇති අන්දම සඳුදා මධ්‍යම රාත්‍රියේ සිදු වූ එම ඛේදවාචකයෙන් අනතුරුව පැය අටකට ආසන්න මෙහෙයුමකින් පසු එක් මවකගේ හා දරුවකුගේ මළ සිරුරු අඟහරුවාදා දහවල් සොයාගනු ලැබිණ. පිළිමතලාව ඉලුක්වත්ත මාර්ගයේ කඳු මුදුනක බෑවුම් සහිත ස්ථානයක පිහිටි නිවාස තුනකුයි මෙසේ නාය යෑමට ලක් වී තිබෙන්නේ. ඉන් නිවාස දෙකක් නිවැසියන්ද සමඟ මුළුමනින්ම පස්කන්දට යට වී තිබේ. ඉහළින්ම වූ නිවසේ පදිංචිකරුවන් නාය යෑමට මොහොතකට පෙර නිවසින් පිටතට පැන දිවි බේරාගෙන ඇති බවත් ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි. ගංවතුර, ගස් කඩා වැටීම සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් රටපුරාම බොහෝ ප්‍රදේශවල ජනජීවිතය අඩාල වී තිබේ අදාළ නිවාස දෙකේ පියවරුන් දෙදෙනාම දිවි ගලවාගෙන තිබේ. ප්‍රදේශයට එල්ල වුනු අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක් නායයෑමේ අවදානමකට ලක්ව තිබෙන බැවින් නිවාස 55 ක පදිංචි කරුවන් වහා ඉවත්කිරීමට පියවර ගත් බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර පැවසීය. බැකෝ යන්ත්‍ර දෙකක් යොදා ගනිමින් මෙම ස්ථානයේ පස් ඉවත්කිරීම් සිදු කෙරෙන බවත් යුද හමුදා නිලධාරීන් 100 ක් අදාළ වැඩකටයුතු සඳහා යොදවා තිබෙන බවත් යුද හමුදා මධ්‍යම ප්‍රදේශ ආඥාපති මේජර් ජනරාල් නන්දන රණවීර පැවසීය. ප්‍රදේශය පුරා අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් තවත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට සිදුවිය හැකි බවත් දිස්ත්‍රික් ආපදා ඒකකය පවසයි.
කඩුගන්නාව වට්ටටප්පොළ අලඳුවත්ත ග්‍රාමයේ සිදු වූ නාය යෑමකින් ඥාති පවුල් දෙකකට අයත් මව්වරු දෙදෙනකු හා ඔවුන්ගේ දරුවන් සිව්දෙනා ඔවුන් පදිංචි නිවාසද සමඟ පස් කන්දට යට වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙහිවල අලි ඇතුන් ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය සංගමයේ උප සභාපති දොස්තර විජිත පෙරේරා එම පෙන්වා දීම කළේ, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින්. අලි ඇතුන්ට වැළඳෙන ක්‍ෂයරෝගය මාධ්‍යයට මාතෘකාවක් වුණේ, දෙහිවල සත්වෝද්‍යානයේ අලින්ට එම රෝගය වැළඳී ඇති බව සොයා ගැනීමෙන් අනතුරුව අලි නැටුම් නතර කිරීමට එහි පාලකයන් පියවර ගැනීමත් සමඟයි. ක්‍ෂයරෝග කාරක විෂ බීජය සතුන්ගේ ශරීරගතව ඇති බව සොයා ගනු ලැබුනොත් අනුගමනය කළ යුතු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදය වන්නේ රෝගී සතුන් නිරෝගී සතුන්ගෙන් වෙන් කරනු ලැබීම යයි වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙයි. සේවක මතය “ මේ ක්‍රියාවලිය ආරම්භ කෙරුණේ අලි ඇතුන්ගේ නැටුම් නතර කළ යුතුය කියන තැනින් නොවෙයි. එහෙත් අප පිළිගන්නා විද්‍යාව අනුව සිදු කරන්නේ රෝගයට ගොදුරුව සිටින සතුන් සහ නිරෝගී සතුන් වෙන් කිරීම. මෙහි දී සිදු විය යුතු හොඳම දෙය සතුන්ගේ ශුභ සාධනය වැඩි දියුණු කරමින් රෝගී සතුන් නිරෝගී තත්වයට ගෙන ඒමයි” වෛද්‍ය විජිත පෙරේරා බීබීසියට ප්‍රකාශ කළේය. එහෙත් දෙහිවල සත්වෝද්‍යාන සේවකයන් පවසන්නේ, අලියාගෙන් මිනිසාට ක්‍ෂයරෝගය වැළඳීමේ අනතුරක් නොමැති බවයි. “සේවකයන් කියන කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. මොකද? මින් පෙර දෙහිවල සත්තු වත්තේ ඇතින්නක් ක්‍ෂය රෝගයෙන් මැරුණා. ඒ අවස්ථාවේ එම රෝගය සේවකයන්ට බෝවීමේ ගැට‍ළුවක් මතු වෙලා නැහැ. ඒත් ඇමෙරිකානු සත්වෝද්‍යානවල සතුන්ගෙන් මිනිසුන්ට රෝගය බෝවී ඇති බව ඔප්පු වී තිබෙනවා. මෙතන තියෙන්නේ අවදානමක් ” ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය සංගමයේ උප සභාපති දොස්තර විජිත පෙරේරා පවසයි. වෛද්‍යවරයාගේ වගකීම එවැනි අවදානමක් ගන්නා ලෙස නිර්දේශ කිරීමට වෛද්‍යවරයකුට නොහැකි බවයි, දොස්තර විජිත පෙරේරා කියා සිටින්නේ. දෙහිවල සත්වෝද්‍යාන සේවකයන් කියා සිටින තවත් කරුණක් වන්නේ පුහුණු කරනු ලැබ ඇති අලි ඇතුන්ගේ නැටුම් නතර කළොත් එම සතුන් යළි රංග භූමියට ගැනීම දුෂ්කර කරුණක් වන බවයි. දෙහිවල නැටුම් පුහුණු අලින් පස් දෙනකුගෙන් හතර දෙනකුම ක්‍ෂයරෝගයට ගොදුරු වී ඇති බව වෛද්‍ය නිගමනය වී ඇති හෙයින් රංග භූමියට ඉතිරි වන්නේ එක් අලියකු පමණි. එම පදනම මත සත්වෝද්‍යාන සේවකයන් පළ කරන අදහසෙහි සත්‍යයක් ඇති නමුත් රෝග නිවාරණ පියවරක් හැටියට අලින් සහ මිනිසුන් වෙන් කරනු ලැබීම මගින් අලි සංදර්ශන නතර වීමේ තත්වයක් උද්ගත විය හැකි බවයි, දොස්තර විජිත පෙරේරා පිළිගනියි.
ක්‍ෂයරෝගය ‘මිනිසාගෙන් අලියාටත් අලියාගෙන් මිනිසාටත්’ බෝ විය හැකි දෙපාර්ශ්වයට ම අවදානමක් ඇති අසනීප තත්වයක් වන බව ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය සංගමය පෙන්වා දෙයි .
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මුස්තාෆා ගේ සොහොයුරු අද්නන් තම සහෝදරයාට වරය පුද කරන අයුරු සිරියාවේ දී සිදුවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඔහු මියගිය බවයි මාධ්‍යය වාර්තා පවසන්නේ. මරා දැමුණු මුස්තාෆා හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නස්රල්ලා ගෙන් පසු දෙවන ප්‍රධානියා ලෙසටයි සැලකෙන්නේ. මුස්තාෆා බද්රිද්දීන් වසර ගණනාවක් හිස්බුල්ලා සංවිධානයෙන් සිදුකළ මෙහෙයුම් වලට නායකත්වය දුන්නේය 2005 දී ලෙබනනයේ හිටපු අගමැති රෆීක් හරිරි ඝාතනය පසුබිමේ සිටින බවට සැලකෙන මුස්තාෆා බද්රිද්දීන් යුද අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනාවට ලක්වීමෙන් පසු ජාත්‍යන්තර සම්බාධක වලට ලක්වූවෙකි. 2005 දී බේරුට් නුවර සිදුවූ ඇති විශාල පිපිරීමකින් ලෙබනනයේ එවකට අගමැතිවරයාව සිටි රෆික් හරිරි මරණයට පත්විය හිස්බුල්ලා සංවිධානය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ට සහය පළ කරන අතර දහස් ගණනක් සන්නද්ධ සාමාජිකයන් සිරියාවට යවා ඇත.
ලෙබනන් ජාතික සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ සිරියාවේ ඉහළ අණදෙන නිලධාරී මුස්තාෆා බද්රිද්දීන් මරා දමා ඇති බව වාර්තාවෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නවක වදයට එරෙහි ඉන්දීය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවෝ කෙසේ නමුත් දඬුවම් පැමිණවීමෙන් පමණක් නවක වදය වැළැක්වීමට හැකි වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් මහාචාර්ය එම්එම්එම් නජීම් බීබීසී සිංහල සේවයට පැවසීය. නවක වදයට විරුද්ධවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලය තුළ 'අලයන් හෝ අල කල්ලි' ලෙසින් හංවඩු ගසා කොන්කරනු ලබන බව පෙන්වාදෙන උපකුලපතිවරයා, නවක වදය දීමේ ප්‍රධානම පරමාර්ථය සිය කණ්ඩායම්වල සාමාජික සංඛ්‍යාව තරකර ගැනීම බවත් සඳහන් කළේය. "නවක වදය කියන එක ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා ශිෂ්‍ය සංගම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා." එබැවින් ප්‍රසිද්ධියේ කවරක් සඳහන් කළත්, විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය නායකත්වය අවංකව නවක වදයට විරුද්ධ නැති බව අග්නිදිග විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා අවධාරණය කරයි. මහාචාර්ය මොහමඩ් නජීම් ඒ බව කියා සිටියේ, පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පේරාදෙණිය ආසන්නයේ ගම්මානයක කුලී නිවසක පවත්වාගෙන ගිය නවක වදය ලබාදෙන ස්ථානයක් පොලසිය විසින් වැටලීම පිළිබඳව බීබීසී ය ඔහුගේ අදහස් විමසූ අවස්ථාවේ. උපකුලපති මොහමඩ් නජීම් ජනාධිපතිවරයා අතින් සිය පත්වීමේ ලිපිය ලබාගනිමින් "දැන් ඔය ශිෂ්‍ය සංගම් පේරාදෙණිය සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කළත්, ඒගොල්ල විශ්වවිද්‍යාලය ඇතුලේ මේකට විරුද්ධව ක්‍රියාකරන්නේ නැහැ," ඔහු පැවසීය. සිය විශ්ව විද්‍යාලයේ බරපතල මට්ටමින් නවක වදය දක්නට නැතත් නවක සිසුන්ට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබූ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ පැවැත්වෙන් තිබෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය. "උදාහරණයක් විදියට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ පළමු වසර ශිෂ්‍යයන්ට අනිවාර්ය කරලා තියෙනව උදේ හයට ගිහිල්ල බුදුන් වඳින්න කියල. ඒකත් යම් බලහත්කාරයක් හැබැයි ඒක නවත්තන්න බැහැ එතන බොහොම සංවේදී තත්වයක් තියෙන නිසා." නවක වදයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වාදෙන මහාචාර්ය එම්එම්එම් නජීම්, නවක වදය මගින් සිසුන් 'නම්‍යකරණය' කරන බවට පවතින මතවාදයේ 'පුහු බව' ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවබෝධ කරදීම එය සම්පූර්ණයෙන්ම වැළැක්වීම සඳහා ගතහැකි සුදුසුම පියවර බවත් සඳහන් කළේය. "මේගොල්ල නම්‍යකරණය කියල කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තට බලෙන් හරවා ගැනීම නැත්නම් බයකරලා තබාගැනීම. කැම්පස් එකේ ඉන්න ළමුන්ගෙන් ඉදිරියට ඇවිල්ල මේකට විරුද්ධව ක්‍රියාකරන්න පුළුවන් කණ්ඩායමක් හැදුනොත් මම හිතන්නේ ragging කියන එක නැතිවෙලා යාවි," ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ පැවැත්ම සඳහා නවක වදය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී තිබෙන බව අග්නිදිග විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මිලියන විස්සක් තොරතුරු තියෙන්නේ පොත් 1500 ක' මේ අනුව අලුත් හැඳුනුම්පත සිංහල සහ දෙමළ භාෂා දෙකින්ම මුද්‍රිත පරිගණකගත හැඳුනුම්පතක් ලෙස නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්එම්එස් සරත් කුමාර බීබීසී සංදේශයට කියා සිටියේ. "72 සිට අපිට තිබුනේ සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් නිකුත් කළ හැඳුනුම්පතක්. මේ තුල විශාල වැරදීම් සිද්දවෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්. අනික මේ තොරතුරු සියල්ල සටහන් කරන්නේ පොත් පත් වල, මිලියන විස්සක් තොරතුරු තියෙන්නේ පොත් 1500 ක," යනුවෙන් ඔහු සඳහන් කළේය. මෙතෙක් පැවති ක්‍රමවේදය තුල වැරදීම් සහ වංචා සහගත ක්‍රියා වලක්වා ගැනීම ඉතා අසීරු බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා, කිසිවෙකුට කිසිදු ආකාරයකින් වංචාවක් කළ නොහැකි ආකාරයකට නව හැඳුනුම්පත නිකුත් කිරීමට උත්සාහ කරන බව කියා සිටියේය. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය "දැන් තිබෙන වැරදි සිද්ද වෙන ප්‍රමාණය මුළුමනින්ම නෙවෙයි, 99% ක් දක්වා අඩු වේවි." ශ්‍රී ලංකාවේ වසරකට ජාතික හැඳුනුම්පත් දස ලක්ෂයක් පමණ නිකුත් කෙරේ මෙතෙක් දෙමළ ජාතිකයන්ට පමණක් සිංහල සහ දෙමළ භාෂාවෙන් අතින් ලියා නිකුත් කළ හැඳුනුම්පත, නව ක්‍රමය යටතේ පොදුවේ සියලු දෙනාටම භාෂා දෙකෙන්ම නිකුත් කිරීමට නියමිතයි. "මට දෙමළ භාෂාවේ හසල දැනුමක් නැහැ, නමුත් මේ හැඳුනුම්පත අරගෙන උතුරට යනකොට ඔවුන්ට කියවන්ඩ පුළුවන්. ඔවුන්ට මගේ නම අහන්න පුළුවන් තොරතුරු ගන්න පුළුවන්. හැබැයි සිංහල භාෂාවෙන් පමණක් තිබුනොත් ඔවුන්ට එහෙම කරන්න බැහැ," යනුවෙන්ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. "භාෂාව තේරෙන්නේ නැත්නම් මිනිස්සු කුපිත වෙන්න පුළුවන්." රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව පවසන අධ්‍යක්ෂ ජනරාල් ආර්එම්එස් සරත් කුමාර, භාෂා ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් යලිත් කිසි දිනක ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇති නොවනු ඇතැයි බලාපොරොත්තු පළ කරයි. නව හැඳුනුම්පතේත් අඩුපාඩු තිබෙන බවත් 2016 වන විට ජාත්‍යන්තර ප්‍රමිතියකින් ස්මාට් වර්ගයේ විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීම තම අරමුණ බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වසරකට ජාතික හැඳුනුම්පත් දස ලක්ෂයක් පමණ නිකුත් කරයි.
1972 සිට වසර හතලිස් දෙකක් අතින් ලියා ඡායාරූප අලවා නිකුත් කළ ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත, ලබන මාසයේ සිට වෙනස් වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දශක තුනක යුද්ධයේදී උතුරේත් දකුණේත් විශාල පිරිසක් මිය ගොස්, තවත් බොහෝ දෙනා තුවාල ලැබූහ මාස හයක කාලයක් ඇතුලත අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන සංගණනය නොවැම්බර් 28 වෙනි බ්‍රහස්පතින්දා ආරම්භ කෙරෙන බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. යුද්ධයේ හානිය තක්සේරු කිරීම පිණිස සංගණනයක් පැවැත්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ ප්‍රධාන නිර්දේශයක්. ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ එකාබද්ධව පවත්වන මෙම සංගණනයේදී 1983 සිට 2009 දක්වා කාලය ඇතුලත මිය ගිය පිරිස, අතුරුදහන් වූ සංඛ්‍යාව, තුවාල ලැබූ සහ/හෝ ආබාධිත වූ පිරිස සහ දේපොළ හානිය සොයා බැලීමට නියමිතයි. නිලධාරීන් 16,000 ක් යොදා ගෙන ග්‍රාම සේවා වසම් 14,022 ක සංගණනය පවත්වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩීසීඒ ගුණවර්ධන ප්‍රකාශ කළේය.
දශක තුනක යුද ගැටුම්වලින් සිදු වූ මානව විනාශය සහ හානියට පත් දේපොළ පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම පිණිස දීප ව්‍යාප්ත සංගණනයක් පවත්වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විනිසුරුවන් සඳහා බෙදා හැරෙන උපකරණ ප්‍රමාණය පිළිබඳව සෑම වසරකදීම එකඟත්වයකට එන බව අයිසීසීය කියයි අයිසීසීය මේ බව හෙළි කළේ, තරඟාවලියෙන් අනතුරුව ඔවුන්ගේ නිල ඇඳුම් යලි භාරදෙන මෙන් කරන ලද එම තරඟාවලියේ සිවු වැනි විනිසුරන් වශයෙන් සේවය කරන හය දෙනාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව විමසූ අවස්ථාවේදී. අගෝස්තු 12 වැනිදාට පෙර එම නිල ඇඳුම යලි භාරදීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට රුපියල් පන් දහසක දඩයකට යටත් වීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරුවන් සම්බන්ධ කළමනාකරු කාල්ටන් බර්නඩස් විනිසුරුවන්ට ඊමේල් පණිවුඩයක් යවා තිබේ. ඒ ගැන බීබීසී සංදේශයට කරුණු පැහැදිලි කිරීම බර්නඩස් ප්‍රතික්ෂේප කළේය. මේ පිළිබඳව ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා විමසූ අවස්ථාවේ ඔහු පවසා තිබෙන්නේ විනිසුරු නිල ඇඳුම් නිර්මාණය කිරීමට අයිසීසීය තමන්ට අවසර නොදෙන අතර, ජාත්‍යන්තර අත් දැකීම් ලබා ගැනීම සඳහා විනිසුරන් විශාල ප්‍රමාණයකට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි. නමුත් අයිසීසීයේ මාධ්‍ය කළමනාකරු කොලින් ගිබ්සන් බීබීසී සංදේශයට කියා සිටියේ සෑම තරඟාවලියක් සඳහාම අදාළ රට විසින් ඉල්ලා සිටිනු ලබන නිල ඇඳුම් ප්‍රමාණය අයිසීසීය විසින් ලබාදෙන බවයි. "විනිසුරුවන් සඳහා බෙදා හැරෙන උපකරණ ප්‍රමාණය පිළිබඳව සියලුම සාමාජික රටවල අවශ්‍යතාවය පරිදි සෑම වසරකදීම අයිසීසීය විසින් එකඟත්වයකට එනු ලැබේ," බවයි සංදේශයේ විමසීමට ඊමේල් පණිවුඩයකින් පිළිතුරු දුන් ගිබ්සන් පවසන්නේ. "එම ප්‍රමාණය සියලුම සාමාජික රටවල පාලක මණ්ඩලයට යැවෙන අතර, ඒවා බෙදා හැරීම කළමනාකරණය කරනු ලබන්නේ අදාළ පාලක මණ්ඩලය විසිනි," බවද කොලින් ගිබ්සන් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ඉල්ලූ නිල ඇඳුම් ප්‍රමාණය ලබාදුන් බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන රටක දියුණුව සඳහා ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ. සමාජය සහ ජීවිතය සම්බන්ධයෙන් කලාව ලබා දෙන දැනීම, වෙනත් කිසීම මාර්ගයකින් ලබාගත හැක්කක් නොවන බවත් කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. "අපිව මනුස්සයෝ කරන එක ක්‍රමයක් තමයි කලාව. අපි කලාව රසවින්දන බවට කියන නමුත්, ඊට පිටිපස්සේ කලාව හා මනෝභාවයන්ට සම්බන්ධයක් තිබෙනවා," ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න) "ඊට අමතරව කලාව තුලින් අපිට විද්‍යාත්මක සමාජය ගැන දැනගන්න පුළුවන්. අපි දන්නා විශේෂ කලාවන් ගණනාවක් තිබෙනවා, ඒ කලාව හරහා ජීවිතය එක මිටට හසු කර ගෙන, සාකල්‍යවාදී දැනීමක් ලබාගන්න පුළුවන්. කලාවෙන් ගොඩනැඟුණ දැනීම අනාදේශීයයි. ඒක ආදේශ කරන්න බැහැ." 'කලාව හා සංස්කෘතික ප්‍රතිපත්තියක්' ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ පරාක්‍රම නිරිඇල්ල ඇතුළු කලාකරුවන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට කලාව හා සංස්කෘතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ කාර්යයේ නිරතව සිටිති. එම ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ අධ්‍යයන චාරිකාවක් සඳහායි ආචාර්ය විජේසිරිවර්ධන පසුගියදා බ්‍රිතාන්‍යයට පැමිණ සිටියේ. සිය සංචාරය අතරවාරයේ ඔහු සංදේශය මැදිරියට පැමිණි ඔහු 'පුරවැසි ක්‍රියාදාමයක්' ලෙසින් දියත්ව තිබෙන සිය ප්‍රයත්නය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වීය. "මා සමග කලාකරුවෝ, විද්වත් කලාකරුවෝ ඇතුළු එම අංශයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක් වැඩ කරමින් සිටිනවා. මේ අපි කරන ක්‍රියාදාමය සපුරන්න අඩුම වශයෙන් තව වසර අවුරුදු දෙකක් වත් ඕන වෙනවා. මේ මගින් අපේ සමාජය හා කලාව අතර තිබෙන සම්බන්ධය පරික්ෂා කරනවා," ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. සමාජයකට කලාව අවශ්‍ය වන්නේ කුමක් සඳහාද යන්න පිළිබඳව කලාකරුවන් සහ රසිකයන් අතර සංවාදයක් දියත් කිරීම කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය ඒකකයේ උත්සාහයයි. (සංදේශයට සවන්දෙන්න) 'සංස්කෘතික පුනරුදයක්' "මේකෙන් අපේ මුලික අරමුණු වන්නේ සංස්කෘතික පුනරුදයක් ගොඩනැගීම. ඒ ක්‍රියාදාමයේ ප්‍රතිපලයක් වශයෙන් ප්‍රතිපත්ති නිර්දේශ මාලාවක් අවශ්‍ය වන්නේ. එහෙම ක්‍රියාදාමයක් ගොඩනැගුණොත් ඒක බල ගන්වන්න පුළුවන්. නැත්නම් ඒක කොලයකට විතරක් සීමාවේවි." වෘත්තීය තුළ සදාචාර පදනම් බිඳවැටීම ශිෂ්ටාචාරය අර්බුදයක මූලික ලක්ෂණයක් වී ඇති බවත් ප්‍රවීන කලාකරුවා පවසයි. "1950 ගණන්වල ආසියානු කලාපයේ අනෙකුත් රටවල් එක්ක බැලුවා නම්, ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් දියුණු, සියලු සම්පත්වලින් පිරිච්ච රටක් විදිහට ඉතා ඉක්මනින් දියුණු වෙන්න පුළුවන් කියන බලාපොරොත්තුව ජාත්‍යන්තරයට තිබුණා. දැන් බැලුවාම හැම ක්ෂේත්‍රයකම අපි ලොකු අර්බුදයක ඉන්නේ." මේ අර්බුදයෙන් ගොඩ එනු පිණිස අධ්‍යාපනය ඇතුළු වෙනත් ක්ෂේත්‍ර සඳහා මෙන්ම කලාව වෙනුවෙන්ද 'කොලයකට සීමා නොවුණු' ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ඔහු අවධාරණය කරයි. එම අර්බුදය පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක් වූ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන: "අපේ ගුරුවරු ඇත්තටම ගුරුවරු ද, අපේ වෛද්‍යවරු ඇත්තටම වෛද්‍යවරුද අපේ මාධ්‍ය කරුවන් ඇත්තටම මාධ්‍ය කරුවන් ද? එහෙම බැලුවාම පේනවා මේ වෘත්තීය තුළ සදාචාර පදනම් ගැලවිලා ගිහිල්ලා. ඔන්න ඒක තමයි ශිෂ්ටාචාරය අර්බුදයක මූලික ලක්ෂණය."
ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් ඉහල මට්ටමක් සහිත, දියුණු, ශිෂ්ඨාචාරවත් රටක් බවට පත්කිරීමට නම් කලාව හා සංස්කෘතිය වෙනුවෙන්ද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රවීන කලාකරුවන් පිරිසක් පෙන්වා දෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පෙත්සම් විභාගය ඔක්තෝම්බර් මස දෙවැනිදා දක්වා කල් දැමූ අග විනිසුරු ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දෙමළ ජාතික සන්ධානයේ ලේකම්වරයා සහ මැතිවරණ කොමසාරිස්වරයා වෙත නොතීසි නිකුත් කිරීමට නියම කළේය. සංවේදී කරුණක් පෙත්සම ගොනු කළ සිංහල සංවිධාන එකමුතුව පවසන්නේ දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණය උදෙසා ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් බෙදුම්වාදය පෝෂණය කිරීමක් සිදුවන බවයි. මෙය සංවේදී කරුණක් බැවින් වග උත්තරකරුවන්ගේද අදහස් විමසීමක් කළ යුතු බවයි අගවිනිසුරුවරයා සඳහන් කළේ. මේ අතර උතුරු පළාත් සභා මැතිවරණය තහනම් කරන ලෙස ඉල්ලා සිංහල ජාතික පෙරමුණ ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණ. මූලික විරෝධතාවක් මතු කළ රජයේ නීතිඥයා කියා සිටියේ උතුරු පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරයාගේ නියෝගයක් මත පැවැත්වෙන බැවින් එය අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවයි
වග උත්තරකරුවන්ගේ කරුණු විමසීමකින් තොරව දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තහනම් කරන්නැයි ඉල්ලා සිංහල සංවිධාන එකමුතුව ගොනු කළ පෙත්සමක් සලකා බැලිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු කොරියාව කෙතරම් දුරකට මිසයිලය ඇදී ගියේද යන්න පැහැදිලි නැතත් ඇමෙරිකානු රජයේ ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ පරීක්ෂණය අසාර්ථකවූ බවය. සෙනසුරාද අලුයම උතුරු කොරියාවේ අගනුවරට උතුරින් වූ පියොන්ගැන් පලාතෙන් මිසයිලය නිකුත්වී ඇති බව දකුණු කොරියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී පවසා ඇත. මේ නවතම මිසයිල අත්හදා බැලීම සිදුවූයේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අපේක්ෂා අත්හැරීම සඳහා ඒ වෙත බලපෑම් කිරීමට සහායවන ලෙස ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලොව අනෙකුත් රටවලින් ඉල්ලා පැය කිහිපයක් ඉකුත්වීමෙන් අනතුරුවය.
උතුරු කොරියාව බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු හමුදා උපුටා දක්වන යොන්හැප් පුවත් සේවය පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පක්ෂ පාට භේදයකින් තොරව රටේ ජනතාව මෙවර අයවැයෙන් සහන අපේක්ෂා කළත් එම ජනතා බලාපොරොත්තු ඉටුවී නොමැති බව නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ ගාල්ලේ පැවති උත්සවයක් අමතමිනි. "මුදල් ඇමතිතුමා පැය හතරක් දේශනා කරලා ලබා දීපු අයවැය අවසන් වෙලා අපි ගමට ආවම ජනතාව අහන්නේ කෝ සර් අයවැයෙන් මුකුත් නැහැනේ කියලා. අපිට දෙන්න උත්තරයක් නැහැ." ඔහු පැවසීය. "අයවැය හදන්න කලින් ගමට ගියා, නමුත් දැන් ගමට යන්න බැරි තත්වයක් තියෙන්නේ," යනුවෙන් කියා සිටි නියෝජ්‍ය ඇමතිවරයා රියදුරු දඩ මුදල් සහ තවත් වැඩිවන ගාස්තු කීපයක් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ද ඇතුළුව සකසන ලද මෙවර අයවැයට පක්ෂයේ අභිමතය පරිදි සිය සහාය ලබාදෙන බව කියා සිටි නියෝජ්‍ය ඇමතිවරයා අයවැය වාර්තාවේ අඩංගු ජනතාවට රිදෙන යෝජනා ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් ඉල්ලා සිටියේය.
මුදල් ඇමතිවරයා විසින් නව අයවැය සඳහා වූ යෝජනා රට හමුවේ තබනු ලැබීමත් සමග ගමට යාමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ, දෙරට අතර පාකිස්තානයේ ලහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති දෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 35 කින් ශ්‍රී ලංකාව ජයගැනීමත් සමගය. මෙම තරගාවලියේ පළමු තරගය ද ලකුණු 64කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කිරීමට තිබියදී තරගාවලිය ජයගැනීමට සමත්විය. පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයන් ගණනාවක් එක් නොවූ මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ නවක ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙනි. මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ සිටින පාකිස්තානය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක 8 සිටින නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් මෙලෙස පරාජයට පත්වීම ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ගේ දැඩි කතාබහට ලක්විය. ඊයේ තම දෙවැනි ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ 28 හැවිරිදි භානුක රාජපක්ෂගේ දස්කම් ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ පවා ඇගයීමට ලක්විය. පන්දු 48 දි හයේ පහර 6ක් සමග භානුක රාජපක්ෂ ලකුණු 77ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අමතරව මෙම තරගාවලියේදී ධනුෂ්ක ගුණතිලක, වනිදු හසරංග සහ නායක දසුන් ශානක දැක්වූ දස්කම් කැපී පෙනිණි. මේ මස අග යෙදී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු විස්ස විස්ස සංචාරයට මෙම තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයන් පිරිසම සහභාගිකරගත යුතු බවට ක්‍රීඩා ලෝලීන් රැසක් සමාජ මාධ්‍ය ජාලවල මත පළ කර තිබිණි. පාකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබාගත්තේ විස්සයි විස්ස තරගාවලි හතරක් එකදිගට පරාජය වීමෙන් අනතුරුවය. එසේම මෙය පාකිස්තානය සමග තරග කර ශ්‍රී ලංකාව ලබාගත් පළමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය ද වේ. මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණියේ 2015 වසරේ සිට නොකඩවා සීමිත ඕවර තරග 14ක් පකිස්තානයට පරාජය වීමෙන් අනතුරුවය. මෙම තරග දෙකේදීම පාකිස්තාන කණ්ඩායමේ උමර් අක්මාල් ඔහු මුහුණදුන් පළමු පන්දුවෙන් ලකුණු නොලබා දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූ අතර එමගින්, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ නම ඉදිරියෙන් සටහන්වූ අමිහිරි වාර්තාවක් සම කිරීමට උමර් අක්මාල්ට සිදුවිය. විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල අවස්ථා 10 කදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගොස් එලෙස වැඩිම වාරයක් දැවීගිය ක්‍රීඩකයා බවට පත්ව තිබු අතර තිබෙන උමර් අක්මාල් ඊයේ දින එම වාර්තාව සමකිරීමට සමත්විය. ඩිල්ෂාන් පළමු පන්දුවෙන් ලකුණු නොලබා දැවීගිය අවස්ථා 5ක් තිබු අතර මෙම තරගාවලියේ ලබාගත් පළමු පන්දු දැවීයාම් දෙකත් සමග උමර් අක්මාල් අවස්ථා 6කදි එසේ දැවී ගොස් තිබේ. ලෝකයේ වැඩිම අවස්ථාවක් ජාත්‍යන්තර තරගවලදී ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයන්ගේ වාර්තාවල පළමු ස්ථාන 5න් 3ක්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරියේ සටහන්වී තිබේ. ඉන් දෙදෙනෙකුම ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂතම පිතිකරුවන් දෙදෙනෙකු වීමද විශේෂත්වයකි. දැනට ජාත්‍යන්තර පිටියේ රැඳී සිටින ක්‍රීඩකයන් අතරින් මෙම අමිහිරි වාර්තාව ආසන්නයේ සිටින ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ "0" 43ක් ලබාගත් එංගලන්තයේ ස්ටුවර්ට් බෝඩ් සහ "0" 41ක් ලබාගත් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගය.
පාකිස්තානයට එරෙහිව ප්‍රථම වරට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (ඔක්තෝබර් 07) හැකියාව ලැබිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔවුන්ගේ අරමුණ පාරිසරික වශයෙන් චිරස්ථායී වුද පලිබෝධ නාශක යොදා නොගන්නාවුද තේ වගාවක් සඳහා ප්‍රමිතියක් සකස් කර ගැනීමයි. ආචාර ධර්ම පද්ධතිය සකස් කිරීමට දායක වූ ශටෝද්රු ච්ට්ටෝපද්දායි (Shatadru Chattopadhayay) පවසන්නේ එමගින් පාරිභෝගිකයාට තම තේ කෝප්පය පිලිබඳ මනා අවබෝධයක් ලැබෙන බව. ‘ඒකෙන් කියවෙන්නේ වතුරට, කැලෑවට හෝ අවට පරිසරයට හානි වෙලා නැහැ කියලා. කම්කරුවන්ට දරුවන් ඉස්කෝලේ යවන්න එයින් පහසුකම් සැලසෙනවා කියලා. ඒ වගේම ඔබේ දරුවා බොන තේ කෝප්පේ වස විස නැහැ කියලා,’ ශටෝද්රු ච්ට්ටෝපද්දායි ආචාර ධර්ම පද්ධතිය ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. ඉන්දියාව මෙම ආචාර ධර්ම පද්ධතිය සකස් කළේ තේ කර්මාන්තයේ යෙදෙන කම්කරු බලකායේ සේවා තත්වයන් සම්බන්ධ බරපතල විවේචන මතු වීමෙන් අනතුරුවයි. 2016 වනවිට මේ ප්‍රතිපත්තිය ට අනුකුලව තේ ටොන් ලක්ෂ පහක් විකිණීමයි ඔවුන්ගේ අරමුණ. එහෙත් කුඩා පරිමාන වැවිලිකරුවන් බිය වැදී සිටින්නේ එමගින් පිරිවැය ඉහළ ගොස් තමන් ව්‍යාපාරයෙන් ඉවත් කැරෙනු ඇතැයි කියායි.
ඉන්දීය තේ මණ්ඩලය සිය පළමු ආචාර ධර්ම පද්ධතිය ප්‍රකාශයට පත් කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාප් වහන්සේ දේශපාලන වේදිකාවට ගෙන ගියේ නැහැ -නියෝමාල් වතිකානය, ශ්‍රී ලංකා කතෝලික සභාව සහ කතෝලික බැතිමතුන් ඉල්ලා සිටි ආකාරයටම පාප් වහන්සේගේ සංචාරය දේශපාලන වේදිකාවට ගෙන ගොස් නැති බවයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ. ‘පුවත්පත්වල පළවුණේ මැතිවරණය ප්‍රකාශ කිරීමට පෙර ගත් ඡායාරූප. ඒවා මැතිවරණ කටයුතු ප්‍රකාශ කිරීමට පෙර ප්‍රදර්ශනය කළ පුවරු. මැතිවරණය ඉලක්ක කර ගෙන ගහපු ප්‍රචාරක ඵලක නොවෙයි.’ බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා කීවේය. වතිකානය පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වතිකානයෙන් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මැතිවරණ ආතතිය අතරවාරයේ සිදු වන පාප් වහන්සේගේ සංචාරය මතභේදයට ලක් වූ නමුත් වතිකානයේ නියෝජිත පිරිස සංවිධාන කටයුතු පිළිබඳව සෑහීමකට පත් වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. මැතිවරණයකින් පසු සාමකාමී වාතාවරණයක් පවත්වා ගෙන යා හැකි බවට වත්මන් පාලනය අතීතයේදී ඔප්පු කර ඇති නිසා පාප් වහන්සේගේ සංචාරයට ජනාධිපතිවරණය බාධාවක් නොවන බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා කියා සිටියේ.
ජනාධිපතිවරණයට ඉලක්ක විය හැකි, පාප් වහන්සේගේ ඡායාරූපය සහිත ප්‍රචාරක පුවරු සියල්ල මේ වන විට ඉවත් කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කළු පහ නොගැන්වුණු රන් වන පැහැති පාන් ටෝස්ට් ආහාරයට ගන්නා ලෙස බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ආහාර තත්ත්ව පාලන ආයතනය කියා සිටියේ පිෂ්ට සහිත ආහාර ඉහළ උෂ්ණත්වයක් යටතේ කර කිරීමෙන්, බැදීමෙන් සහ පිළිස්සීමෙන් ශරීරයට හානි කර ඇක්‍රිලමයිඩ් (Acrylamide) රසායන සංයෝගය නිෂ්පාදනය වීමේ ඉඩක් පවතින බවය පාන් ටෝස්ට්, අර්තාපල් සහ අල පෙති වැනි පිෂ්ට සහිත ආහාර දුඹුරු පැහැ ගැන්වෙන තෙක් කර කිරීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි. අනුභව කරනු ලබන ආහාර ප්‍රමාණය අනුව රසායන ද්‍රව්‍යයෙන් සිදු විය හැකි හානිය තීරණය වන බව බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනයේ ප්‍රධාන විද්‍යා උපදේශක මහාචාර්ය ගයි පොපි පෙන්වා දෙයි. අර්තාපල් සහ අල පෙති වැනි පිෂ්ට සහිත ආහාර දුඹුරු පැහැ ගැන්වෙන තෙක් කර කිරීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි පමණට වඩා කර කරන ලද එවැනි ආහාර දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් පිළිකා හට ගැනීමේ අවදානම ඉහළ යා හැකි බව පූර්ණ වශයෙන් සතුන් යොදා ගනිමින් සිදු කළ අධ්‍යන මගින් දැක ගැනීමට හැකි වූ බව කී මහාචාර්ය ගයි පොපි, "ඒ නිසා මිනිස්සුන්ටත් එවැනිම බලපෑමක් සිදු නොවේවි කියල හිතන්න හේතුවක් නැහැ," යනුවෙන් සඳහන් කළේය. අර්තාපල් ශීතකරණයේ ගබඩා කිරීමෙන් වළකින ලෙසත් බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි. එවැනි ආහාර ද්‍රව්‍ය අඩු උෂ්ණත්වයක් සහිත පරිසරයක් තුළ ගබඩාකිරීමෙන් සීනි මට්ටම ඉහළ යන අතර එවැනි ආහාර පිසීමේදී ඇක්‍රිලමයිඩ් රසායන ප්‍රමාණය ඉහළ යෑමේ ඉඩක් පවතින බවත් බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය පෙන්වා දෙයි.
පමණට වඩා කර කරන ලද පාන් ටෝස්ට් මෙන්ම පමණට වඩා බැදුනු අර්තාපල් සහ අල පෙති ආහාරයට ගැනීමෙන් පිළිකා හට ගැනීමේ අවදානම ඉහළ යා හැකි බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට සහය පළ කරමින් එජාපයෙන් ඉවත්ව සන්ධානයට ගිය එක්සත් ජාතික පක්ෂයේ ජානක තිස්සකුට්ටිආරච්චි ද විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දුට සහයෝගය දක්වන බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබිණ. ඉකුත් පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල වලට අනුව ඌව පළාත් සභාවේ සංයුතිය වී තිබුණේ සන්ධානයට 19 ක්, එජාපයට 13 ක් හා ජවිපෙට 2 ක් වශයෙන් වුවත් එක්සත් ජාතික පක්ෂයේ ජානක තිස්සකුට්ටිආරච්චි එක්වීමත් සමඟ මන්ත්‍රී සංයුතිය 20 දක්වා ඉහල ගොස් තිබුණි. එහෙත් අද පළාත් සභාව රැස්වූ විට පැමිණ සිටියේ 11 දෙනකු පමණි. විපක්ෂයෙන් පැමිණ සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා පමණි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු පැමිණ නොසිටි අතර ඔවුන් ද විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු සමඟ ආණ්ඩුකාර නන්ද මැතිව් මුණ ගැසීමට ගොස් සිටියහ. එම පිරිස සමඟ නොගියත් ජානක තිස්සකුට්ටිආරච්චි සහ ඉකුත්දා එක්සත් ජාතික පක්ෂයට එක්වූ වඩිවේල් සුරේෂ් යන මන්ත්‍රීවරුද මහා ඇමතිවරයා හමුවී විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දුට සහය දෙන බවට දිවුරුම් ප්‍රකාශ ලබාදී තම ස්ථාවරය ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබේ. විපක්ෂයට එක්ව සිටින කණ්ඩායම අතර පළාත් සභාවේ කෘෂිකර්ම හා සංචාරක ඇමති අනුර විදානගමගේ ද වෙයි. මේ වන විට තමන්ට පළාත් සභාවේ බහුතර බලයක් ලබා ගැනීමට මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සහය දක්වන නිසා මහා ඇමතිධුරය තමන්ට ප්‍රදානය කරන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
ඌව පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දුට මහඇමතිකම ලබා දීමට සහය පල කරමින් දිවුරුම් ප්‍රකාශ ලබා දෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් දැරුවේ එම ස්ථාවරය ද කියා විමසු විට උන්වහන්සේ පැවසුවේ ඔවුන්ට සංයුක්ත අදහස් නො තිබුණු බවයි. ඉහලම බලපෑමක් ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒවිද යන්න සැක සහිත බව පවසන පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කෙසේ වෙතත් ඉහලම බලපෑමක් යොදවා ව්‍යවස්ථා සංශෝධනය සිදු කරවා ගැනීමට තමන් උත්සාහ දරන බවයි තවදුරටත් ප්‍රකාශ කළේ. සාකච්ඡා ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා පක්ෂ දෙක නියෝජනය කරමින් කමිටුවක් පත් කර ගැනීම හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේ දී වෙනත් කිසිවක් සිදු නොවූ බවයි අතුරලියේ රතන හිමියන් පැවසුවේ. ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ගෙන් පළවුණේ සාධනීය ප්‍රතිචාරයක් දැයි අසු ප්‍රශ්න පිළිතුරු දුන් උන්වහන්සේ පැවසුවේ ඔවුන්ට කිසිදු අදහසක් තිබුණු බවක් පෙනෙන්නට නොතිබුණු බවයි. නමුත් මේ පිළිබඳව සාකච්ඡා පැවැත්විය යුතුයි යන නම්‍යශීලී ස්ථාවරයක ඔවුන් සිටින බව උන්වහන්සේ පැවසුවේය. විකල්ප බලවේගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විශාල බලපෑමක් ඇති වුවහොත් ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කළ හැකිය යන විශ්වාසය පල කළ උන්වහන්සේ තවදුරටත් තෙරපීමක් ඇති කළ යුතු බවයි පවසන්නේ. අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධනය සිදු කර ගැනීමට නොහැකි වුවහොත් විපක්ෂය සමඟ විකල්ප දේශපාලන බලවේගයක් සකස් කර ගැනීම සිය අරමුණ බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති
ජනාධිපතිවරණයට ප්‍රථම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හැකියාවක් නැති බව ව්‍යවස්ථා සංශෝධන යෝජනාව රැගෙන මුලින්ම මුණ ගැසුණ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ගෙදර බුදුන් අම්මා කියනවා. ඒත් කාන්තාවන් ආරක්ෂා කරන්න තියෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහි පණත ඉවත් කර ගන්නවා' මෙම තත්ත්වය පිළිබඳව සමාජයේ අවධානය පළ කරනු වස් කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියන් පිරිසක් අද කොළඹ අගනුවර පා ගමනක නිරතව සිටියහ. "ඉස්කෝලේ යන දරුවට බස් එකේ යන්න බෑ. යන කොට කරදර කරනවා. වැඩ පොලේ ගියොත් පිරිමි ළමයි, ගෑනු ළමයි වැඩකරන්නේ එකට. ඒ වගේම තමයි ගෙදරදී - ගෙදර ගියොත් හස්බන්ඩ් බනිනවා, ගහනවා," බවයි, නුවර එළියේ සිට පැමිණ පා ගමනට එක්ව සිටි ලක්ෂ්මන් ශෂිකලා බීබීසී සංදේශයට කියා සිටියේ. කාන්තා හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීම් වස් එම උද්ඝෝෂණය ජාතික වෘත්තීය සමිති සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූවක්. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහයි, උද්ඝෝෂණය අවසානයේ පැවති හමුවේ ප්‍රධාන දේශකයා ලෙසින් ආරාධනා ලැබ සිටියේ. "ගෙදර බුදුන් අම්මා කියනවා. ඒත් කාන්තාවන් ආරක්ෂා කරන්න තියෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහි පණත ඉවත් කර ගන්නවා," ඔහු පැවසීය. විශේෂයෙන්ම වතුකරයේ කාන්තාව පුරුෂාධිපත්‍යයට යට වී විවිධ හිංසනයන්ට ගොදුරු වී සිටින බව නෝවුඩ් සිට පැමිණ සිටි වී මංජුලා සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු සමග පැවසුවාය. "වත්තේ වැඩ කරන කොට කන්කානි පිරිමි. වත්තේ වැඩ කරන ඔක්කොම කාන්තාවෝ. කාන්තාවෝ ඉදිරියට යනවට පිරිමි කැමති නෑ," බව ද ඇය සඳහන් කළාය. කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් මැති ඇමතිවරුන් ද අනුගමණය කරන්නේ ඉතා උදාසීන පිළිවෙතක් බවයි, ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ වේලායුදම් ගේ අදහස වී තිබුනේ. සබැඳි තේමා
පාසල් වියේ දැරියන්ගේ සිට වැඩි වියේ කාන්තාවන් දක්වා ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රචණ්ඩ හිංසනයට මෙන්ම අනාරක්ෂිත භාවයකටද මුහුණ දෙන බව කාන්තා හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'457 වීසා වැඩසටහන' ප්‍රධාන වශයෙන්ම යොදා ගනු ලැබුවේ ආපන ශාලා, තොරතුරු තාක්ෂණය සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු සඳහා විදේශිකයන් බඳවාගැනීම පිණිසය. එම වැඩසටහන භාවිතා කරමින් ඕස්ට්‍රේලියාවට පැමිණි බහුතරය ඉන්දීය, බ්‍රිතාන්‍ය සහ චීන ජාතිකයන්වන අතර, ඔවුන්ට සිය පවුලේ සාමාජිකයන්ද සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අවසරය හිමිවිය. එහෙත් අදාළ ක්ෂේත්‍රවල රැකියා ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීම පිණිස '457 වීසා වැඩසටහන' අවලංගු කරන බව අගමැති මැල්කම් ටර්න්බුල් නිවේදනය කළේය. 'ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රමුඛත්වය' 457 වැඩසටහන යොදාගෙන විදේශිකයන් රැකියා පැතීම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට රැකියා අහිමිවන බවට විවේචකයෝ තර්ක කළහ. ඒ වෙනුවට ක්‍රියාවට නැගෙන නව වැඩසටහන මගින් නිකුත් කරනු ලබන්නේ තාවකාලික වීසා බලපත් පමණක්වන අතර, ඒ සඳහා කලින්ට වඩා සුදුසුකම් සපුරාලීමද අවශ්‍ය වේ. 457 වැඩසටහන යටතේ පසුගිය වසරේ 95,758 ක පිරිසකට නිකුත් කරන කර තිබේ එය ජාතික අවශ්‍යතා මත පමණක් පදනම් වන්නක් බවද අගමැතිවරයා අවධාරණය කරයි. '457 වීසා වැඩසටහන' යටතේ 2016 දී වීසා බලපත්‍ර බහුතරය නිකුත්කර තිබෙන්නේ කෝකියන්, පරිගණක ශිල්පීන් සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහාය. ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 457 වැඩසටහන යටතේ පසුගිය වසරේ නිකුත් කරන ලද 95,758 ක පිරිස අතරින් වැඩිම ප්‍රතිශතය (24.6%) පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්වන අතර, බ්‍රිතාන්‍ය (19.5%) සහ චීන ජාතිකයන් (5.8%) විශාල පිරිසක්ද ඒ අතර සිටිති. එම ක්‍රමය යටතේ කෙටි කාලීන වීසා සඳහා රැකියා 650 ක් පමණ ඇතුළත්ව තිබුණු නමුත් එයින් රැකියා 200 ක් පමණ හඳුන්වා දෙන නව වීසා ක්‍රමයෙන් ඉවත් කෙරෙන බව අගමැති ටර්න්බුල් නිවේදනය කළේය. දිගු කාලීන වීසා සඳහා විධිවිධාන තවත් දැඩි කෙරෙනු ඇති බවත් සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් පැවසීය. ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වය සහ අපරාධවලට සම්බන්ධ වී නොතිබීම අත්‍යවශ්‍ය සාධකයන්වන අතර, ඔවුන්ට වීසා නිකුත් කරනු ලබන්නේ කම්කරු වෙළඳපොලේ අවශ්‍යතා අනුවය. ක්ෂණික ආහාර නිෂ්පාදන කර්මාන්තය වෙනුවෙන් විදේශිකයන්ට වීසා බලපත් නිකුත්කිරීම අත්හිටුවන බව ඕස්ට්‍රේලියාව පසුගිය මාසයේ නිඔවේදනය කළේය.
ඕස්ට්‍රේලියාවේ රැකියා පතන විදේශිකයන්ට වීසා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය දැඩි කරන බව ආණ්ඩුව නිවේදනය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බලපත්‍ර රහිත විදේශීය ශ්‍රමිකයන් ඇල්ලීම සඳහා කටයුතු කරන බව තායි රජය පවසයි ලක්ෂයකට අධික කාම්බෝජ ශ්‍රමිකයන් පිරිසක් පසුගිය දින කිහිපය තුළ තායිලන්තය හැර ගොස් තිබේ. කාම්බෝජ සංක්‍රමනිකයන්ගෙන් වැඩි පිරිසක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ රැකියාවල නිරතව සිටින අතර තායිලන්තයේ නව හමුදා රජය බලපත්‍ර රහිතව රැකියා කරන විදේශීය ශ්‍රමිකයන් ඇල්ලීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුවයි මෙලෙස ඔවුන් තායිලන්තය හැරයාමට පටන්ගෙන ඇත්තේ. අනෙකුත් විදේශීය ශ්‍රමිකයන් තවමත් විශාල වශයෙන් තායිලන්තය හැර යන බවක් පෙනෙන්නට නැත. තායිලන්තය හා කාම්බෝජය අතර පවතින දුර්වල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙලෙස කාම්බෝජ ජාතිකයන් විශාල ප්‍රමාණයෙන් තායිලන්තය හැරයාමට හේතුවක් වී ඇති බවයි පැවසෙන්නේ.
කාම්බෝජ ජාතික ශ්‍රමිකයන් බලහත්කාරයෙන් ආපසු යැවීමට තමන් කටයුතු නොකරන බව තායිලන්ත හමුදා බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
භූමි කම්පාවට හසු වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් එක සිය පනස් දෙනෙකුවත් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ. යුන්නාන් පළාතේ කඳුකර ප්‍රදේශයක් වටා සිදු වූ කම්පනයේ විශාලත්වය හයයි දශම එකක් ලෙස දර්ශක වල සටහන් වූ බව ඇමරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. නිවාස හා පාසල් ඇතුළු ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයක් භූමි කම්පාවට හසු වීමෙන් විනාශ වී තිබෙන බවයි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ. දෙදහස් අට වසරේ අසල්වැසි සිචුඈන් පළාතේ සිදු වූ භූමි කම්පාවෙන් චීන ජාතිකයෝ දහස් ගණනක් මිය ගියහ.
නිරිත දිග චීනයේ ප්‍රබල භූමි කම්පාවක් සිදු වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරො‍ත්තු නොවන්නක්" බව සිය නිවේදනයේ සඳහන් කරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, වෙබ් අඩවිය වාරණය කර තිබෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් හෙළි වී ඇති බවත් කියා සිටියි. "එම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ,ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ ස‍හෝදරයා යටතේ විමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයක්," වන බවත් එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. වෙබ් අඩවියට ප‍්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කරමින් එම වෙබ් අඩවියට එරෙහිව බලධාරීන් විසින් "නිල නොවන වාරණයක්" පනවා ඇති බවක් පෙනී යන බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් අමතා තොරතුරු විමසීමට උත්සාහ කළ නමුත් ප‍්‍රතිචාරයක් නොලැබුණ බව ද සඳහන් කරයි. ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර "ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කියා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මැදිහත්වීමෙන් 2017-11-08 දින සිට මෙම වාරණය පවත්වාගෙන යන බවයි. කොමිසම එම චෝදනාවට ද කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ. සබැඳි යොමු: එබැවින් ඒ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම මෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා සිය මතය හෙළි කළ යුතු යයි අවධාරණය කරන ජනමාධ්‍ය නිදහස උදෙසා ක්‍රියාකරන සංවිධාන වැඩිදුරටත් පවසන්නේ, බලධාරීන්ගේ නිහඬතාව මගින් එල්ල වෙමින් පවතින චෝදනාවලට තවදුරටත් පිළිගැනීමක් ලැබී ඇති බවය. එල්ල වෙමින් පවතින චෝදනාව සත්‍යයක් නම් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට එරෙහිව පියවර ගෙන ඇති ආකාරය මගින් රජය පෙන්නුම් කර ඇත්තේ වෙනත් ඕනෑම වෙබ් අඩවියකට හෝ මාධ්‍යයකට හෝ එරෙහිවද ඉදිරියේ දී අත්තනෝමතික ලෙස ක‍්‍රියා කිරීමට ඔවුන් තුළ ඇති සූදානම බවත් ඉහත කී ආයතන කියා සිටිති. මාධ්‍යවේදීන්ට පහරදීම සහ තර්ජනය කිරීම පිළිබඳව වත්මන් ආණ්ඩුව යටතේ ද චෝදනා එල්ල විය එබැවින් මේ පියවර ඔස්සේ වත්මන් රජය මෙරට ජනමාධ්‍ය නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතයට දරුණු අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව අවධාරණය කරයි. එසේම, තෙවසරකට පෙර බලයට පත් වූ වත්මන් ආණ්ඩුව පසුගිය කාලය පුරා ජනමාධ්‍යයට හා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව විවිධ වාග් ප‍්‍රහාර ඔස්සේ ගෙන ගිය තර්ජනාත්මක මැදිහත්වීම් ප්‍රායෝගික ක්‍රියාකාරීභාවයට පරිවර්තනය කිරීමක් ලෙස ද මෙම ක‍්‍රියාමාර්ගය සැළකිය හැකි බවත් පෙර දැක්වූ නිවේදන මගින් පැවසෙයි. මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ, අය වැය විවාදය හේතුවෙන් කාර්ය බහුලව සිටි බැවින් ඒ පිළිබඳව තමන් වැඩිදුර විස්තර නොදන්නා බවය. එබැවින් පසුව තමන් අමතන මෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් 'ලංකා ඊ නිවුස්' වෙබ් අඩවිය පිවිසීමට නොහැකි වන සේ වාරණය කර ඇතැයි පවසමින් එය දැඩි ලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම වාරණය වහාම ඉවත් කරන මෙන් ආණ්ඩුවට බල කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'පැහැරගැනීම් සහ අත් අඩංගුවට ගැනීම් යලි ආරම්භ කරනු ලැබීම පිළිබඳව තමිල්නාඩුවේ ධීවර ප්‍රජාව කම්පනයට පත්වී සිටිති' දින හතලිස් පහක් මුලුල්ලේ තහනම් කරනු ලැබ තිබුන ධීවර කර්මාන්තයේ යෙදීම ඉරිදා යලි ආරම්භ කරනු ලැබූ අවස්ථාවේදීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයන් තිස්තුන් දෙනකු සහ ඔවුන්ගේ බෝට්ටු හතක් අත් අඩංගුවට ගැනීම පිළිබඳව කෝපය පළ කරමිනුයි, මහ ඇමතිවරිය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සිය ලිපිය යොමු කොට තිබෙන්නේ. "පැහැරගැනීම් සහ අත් අඩංගුවට ගැනීම් මෙසේ යලි ආරම්භ කරනු ලැබීම පිළිබඳව තමිල්නාඩුවේ ධීවර ප්‍රජාව මහත් කම්පනයට පත්වී සිටින," බවද ලිපියේ සඳහන්. 'ඓතිහාසික අයිතියක්' පෝක් සමුද්‍ර සන්ධියේ සිය ජීවිකාවේ නිරතවීමට තමිල්නාඩු ධීවරයන්ට ඓතිහාසික අයිතියක් තිබෙන බව පවසන මහ ඇමතිනී ජයලලිතා, ශ්‍රී ලංකා බලධාරීන් එම අයිතියට බාධා කිරීම සම්බන්ධයෙන් ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමණය කළ බවට අගමැති මන්මෝහන් සිංගේ පරිපාලනයට චෝදනා කරයි. එබැවින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යලිත් වරක් තමිල්නාඩු ධීවරයන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරයක් පළ කරන මෙන් මහ ඇමතිවරිය අගමැති මෝදිගෙන් ඉල්ලීමක් කරයි. තමිල්නාඩු ධීවරයන්ගේ මෙම 'ඉතා සංවේදී ප්‍රශ්නය' විසඳීම පිණිස තීරණාත්මක පියවර ගැනීමට ඉන්දියාවේ අලුත් ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි යන්න තමිල්නාඩු වැසියන්ගේ බලාපොරොත්තුව බවත් ලිපියේ සඳහන්. එමෙන්ම ඉරිදා අත් අඩංගුවට ගැනුණු ධීවරයන් ඉතා ඉක්මනින්ම නිදහස් කරගැනීමට මැදිහත් වන මෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙන ලෙසද මහ ඇමතිවරිය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි. '29 දෙනෙක් පමණයි' එහෙත් තලෙයිමන්නාරමට උතුරු මුහුදේදී අත් අඩංගුවට ගනු ලැබුවේ ඉන්දීය ධාවරයන් 29 දෙනකු සහ යාත්‍රා හයක් පමණක් බවයි, ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ. එසේ අත් අඩංගුවට ගනු ලැබුන ඕනෑම ධීවරයකු පිළිබඳව පරීක්ෂා කිරීම ධීවර අමාත්‍යාංශය විසින් පත් කරනු ලැබ තිබෙන ධීවර පරීක්ෂකයන්ගේ කාර්යයක් බවද කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරට ලක්වී ඇති ඉන්දීය ධීවරයන් සිවු දෙනකු රැගත් තවත් බෝට්ටුවක්ද නාවික හමුදාව විසින් මන්නාරමට ගෙනවිත් තිබෙන බව වාර්තා වී ඇති බවයි, වවුනියාවේ සිට දිනසේන රතුගමගේ වාර්තා කරන්නේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයන් 'පැහැරගැනීම සහ අත් අඩංගුවට ගැනීම' යළි ආරම්භ කරනු ලැබ ඇති බවට මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතා ඉන්දීය අගමැතිවරයාට පැමිණිලි කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අනුව ක්ෂීරපායීන්, පක්ෂීන්, උරන්ගයින්, උභයජීවීන් හා මත්ස්‍යයින් පෙර සිතුවාට වඩා බෙහෙවින් විනාශ වී ඇති බව ලෝක වනසත්ව පදනම පෙන්වා දෙයි. අග්නිදිග ආසියාව පුරා විහිදෙන නිවර්තන කලාපීය රටවල සහ මධ්‍යම අප්‍රිකානු රටවල වෙසෙන වන සතුන්ට මෙම තත්වය තදින්ම බලපා ඇති බව ලෝක වනසත්ව පදනමේ කොලින් බට්ෆීල්ඩ් පැවසුවේය. මීට බලපා ඇති කරුණු අතරින් නිවර්තන කලාපීය වන විනාශය ප්‍රධාන සාධකයක් වන බව ඔහු කියා සිටියේය. මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ කැලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව මීට පෙර තිබූ නිල දත්ත හා සැසඳීමේදී සියයට හයකින් අඩු වී ඇති බවත් ඔහු පේනවා දෙයි.
මීට වසර හතළිහකට පෙර ලෝ වටා ජීවත් වූ වන සත්ව ගහනය වර්තමානය වන විට හරි අඩක් ඉක්මවා පහළ ගොස් ඇති බව මෑතකදී කරන ලද පරීක්ෂණයකින් හෙළි වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අමාත්‍යවරයා පවසන පරිදි පොලිස් නිලධාරීන් මුලින් පවසා තිබෙන්නේ ඔවුන් අහසට වෙඩි තැබූ බවයි යාපනයේ 'යතුරු පැදි කල්ලි' සැරිසරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණ බැවින් පොලිසිය ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි බවයි අමාත්‍යවරයා පවසන්නේ. එවැනි වාතාවරණයක් තුළ ශිෂ්‍යයන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය මාර්ග සංඥා නොතකමින් ගමන් කරනු දුටු පොලිස් නිලධාරීන් කලබල වී ඔවුන්ට වෙඩි තබා ඇතැයි අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා සංදේශයට පැවසීය. අමාත්‍යවරයා පවසන පරිදි එම පොලිස් නිලධාරීන් මුලින් පවසා තිබෙන්නේ ඔවුන් අහසට වෙඩි තැබූ බවයි. අදාළ පොලිස් නිලධාරීන් පිරිස ඒ අවස්ථාවේ සත්‍යය හෙළි කළේ නම් ඒ පිළිබඳව මෙතරම් ආන්දෝලනයක් මතු නොවනු ඇතැයි පවසන අමාත්‍ය සාගල රත්නායක, ප්‍රදේශයේ නීතිය සහ සාමය රැකීම විනා යාපනයේ ජනතාවට හෝ උතුරේ දෙමළ තරුණයන්ට එරෙහිව පොලිසිය කිසිදු සංවිධානාත්මක මෙහෙයුමක් දියත් කර නොමැති බව අවධාරණය කළේය. සිදුවීම පිළිබඳව සැලවීමෙන් අනතුරුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම පරීක්ෂණයක් ආරම්භ කළ බව සඳහන් කළ අමාත්‍ය සාගල රත්නායක, පොලිස් නිලධාරීන්ට කුමන ආකාරයේ ගිනි අවි සැපයිය යුතුද යන්න සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර විශේෂ ප්‍රතිපත්තියක් සකස් කරන බවත් සංදේශයට පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරීන් පස් දෙනා නොවැම්බර් 04 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. මේ අතර ශිෂ්‍යයන්ගේ අවමගුල් උත්සව පැවැත්වෙන සඳුදා දිනය ශෝක දිනයක් ලෙසින් යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ස්ථිර පොලිස් ප්‍රකාශකවරයකු නොමැතිවීම හේතුවෙන් පොලිසියේ කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීමට මාධ්‍යවලට ලැබී තිබුණු අවස්තාව ඇහිරීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, පොලිස නිලධාරීන් 'මාධ්‍ය සංදර්ශන' පැවැත්වීම කෙරෙහි තමාගේ කිසිදු මනාපයක් නොමැති බවයි. "අන්තිමට ඒ මාධ්‍ය සංදර්ශන නිසා පොලිස්පතිතුමා, ඇමතිතුමා සහ ආණ්ඩුව අපහසුතාවයට පත්වෙනවා," ඔහු පැවසීය. පොලිසියේ දෛනික කටයුතු පිළිබඳව දිනකට මාධ්‍ය නිවේදන කිහිපයක් නිකුත් කරන ලෙසත්, විශේෂ සිදුවීම්වලදී අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර මාධ්‍ය දැනුවත් කරන මෙන් පොලිසියට උපදෙස් දී ඇති බවත් අමාත්‍ය සාගල රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිස මුලින් සැබෑ තොරතුරු හෙළි නොකළ බව අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක බීබීසී සංදේශයට පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු සහ බටහිර ඉරාකයේ විශාල කොටසක බලය අල්ලාගෙන සිටින ඉස්ලාමීය කැරලිකරුවන් සහ ඉරාක හමුදා අතර යුද පෙරමුණ බවට පත් ව ඇත්තේ සමාරා නගරයයි. කැරලිකරුවන්ට එරෙහි සටන දියත් කරන බිම සමාරා නගරය බවයි ඉරාක අගමැති නුරි අල් මලිකි කියා සිටියේ. ඉරාක අගමැති නුර් අල් මලිකිගේ සහ ෂියා ඉස්ලාම් නිකායේ ප්‍රධාන පූජකතුමාගේ ඉල්ලීම අනුව සංවිධානය වූ සන්නද්ධ කණ්ඩායම් ද රජයේ හමුදා සමග එක් ව ආරක්ෂක කටයුතු කරන බවයි වාර්තා වන්නේ. ඉරාකයට ආධාර ලබා දීමට ඇමෙරිකාව සුදානම් නමුත් රට එක්සත් කිරීමේ හැකියාවක් තමන් සතු බව ඉරාක නායකත්වය විසින් ඔප්පු කළ යුතු යැයි ජනාධිපති බරක් ඔබාමා කියා සිටියේය. රජයේ හමුදාවේ බහුතරය ෂියා නිකායවාදීන් වීමත් ඔවුන්ගේ ප්‍රතිවාදී සටන්කාමීන් සුන්නි නිකායවාදීන් වීමත් නිසා ඉරාකය එක්සත් කිරීම පහසු කටයුත්තක් නොවන බවයි බීබීසී වාර්තාකරුවෙක් සඳහන් කළේ. මේ අතර ප්‍රකාශයක් කරන ඉරාන ජනාධිපති හසන් රුහානි කියා සිටියේ ඉරාක කැරළිකරුවන්ට එරෙහිව ඇමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට සුදානම් බවයි.
ඉරාක අගමැති නුරි අල් මලිකි බෑග්ඩෑඩ් අගනුවරට උතුරින් පිහිටි සමාරා නගරයේ දී ඔහුගේ සෙන්පතියන් ඇමතුවේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සභාපති සහ ලේකම් ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී අබේකෝන් විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක්‌ මගින් පැවසෙන්නේ, 2015 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගැනීමේ ඉලක්කය ඇතිව ඉදිරි කාලයෙහි එකමුතුව ක්‍රියා කිරීමට සභාපතිවරයා සහ ලේකම්වරයා ක්‍රීඩා ඇමතිවරයා හමුවේ පොරොන්දු වූ බවයි. “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලයේ දී නිර්මාණය වී තිබූ කළමනාකරණ හා පරිපාලන ගැටලු හේතුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති හා ලේකම් අතර ඇති වූ සන්නිවේදන බාධාවන් ඉවත් කර 2015 ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලිය ඉලක්ක කර ගෙන ජයග්‍රාහී වැඩ පිළිවෙලක් සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස හා එහි ලේකම් නිශාන්ත රණතුංග අද (15) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරන බවයි” එම නිවේදනයේ දැක්වෙන්නේ. ඇමති විශ්වාසය ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීන්දු තීරණ ක්‍රියාත්මක වීමේ දී සභාපති ඇතුළු විධායක සභාව ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කළ කළමනාකරණ හා පරිපාලන විධික්‍රමයක් යටතේ සිදු කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම සාකච්ඡාවේ දී ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දී ඇත. එම ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක වීමේ දී ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා ලේකම්වරයා විධිමත් සන්නිවේදන ක්‍රියාවලියක් ගොඩනැගෙන අතර එවැනි තත්වයක් යටතේ දෙපාර්ශ්වය අතර ගැටලු මතු නොවන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාර්යක්ෂමව ඉදිරියට යනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශ්වාසය පළ කළ බවත් ඉහත කී නිවේදනයේ දැක්වෙයි. 2015 ලෝක ශූරතාවය 2015 ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවට දිනා ගැනීම හා රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගොඩනැගීමේ ඉලක්ක හැර වෙනත් යමක් ක්‍රිකට් ආයතනයේ මෙන් ම එහි ප්‍රධානීන්ගේ අරමුණ නොවන බැවින් එම ඉලක්ක ජයග්‍රහණය කර දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ වගකීම බව ඇමතිවරයා අවධාරණය කොට ඇත. දෙපාර්ශ්වය අතර ඇති වී තිබුණ ගැටලු පිළිබඳ ව දීර්ඝ ලෙස සාකච්ඡා කළ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට උනන්දු වන බව පවසමින් මින් ඉදිරියට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන අයුරින් කටයුතු කරන මෙන් ඔවුන්ට දැනුම් දුන් අතර ඔවුන් දෙදෙනා එම අදහසට එකඟ වූ බවයි, ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී.අබේකෝන් විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අතර උද්ගතව පැවතුණ ප්‍රශ්න ඉවත ලා ඉදිරි කටයුතු කර ගෙන යාමට ඔවුන් දෙදෙනා එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'අමාත්‍යවරු වශයෙන් අපට මුළු රට පුරාම ඇවිදින්න වෙනවා. යුරෝපයේ ඇමතිවරු කොහෙවත් ඇවිදින්නේ නැහැ.' ඇමතිවරුන් සඳහා අලුතින් මෝටර් රථ මිලදී ගැනීමේ යෝජනාව සාධාරණීකරණය කරන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න 'ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන්ට අමාත්‍යංශ මෙහෙය වීමේ භාර ධුර වගකීමට අමතරව තම දිස්ත්‍රික්ක වල කටයුතු පිළිබඳ වගකීම ද පැවරී ඇති බැවින් රට පුරා සංචාරය කිරීමට සිදු වන බවයි ' බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පෙන්වා දුන්නේ. 'දිස්ත්‍රික්කයක් පුරා ගමන් කරනවා කියන කාරණය ලේසි පහසු දෙයක් නොවෙයි. අනෙක් කාරණය අමාත්‍යවරු වශයෙන් අපට මුළු රට පුරාම ඇවිදින්න වෙනවා. යුරෝපයේ ඇමතිවරු කොහෙවත් ඇවිදින්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ තිබෙනවා ෆෝ වීල් නැතුව යන්න බැරි' සෞඛ්‍ය ඇමතිවරයා පවසයි. වෙනත් රටවල අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන් සංසන්දනය කරමින් ඇතැමුන් කරන ප්‍රකාශ කෙතරම් ප්‍රායෝගික දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි. 'සුඛෝපභෝගී නැහැ' 'මේ රටට ඇමතිවරු විස්සයි, එහෙම නම් මේ පුංචි රටට දහයයි කියලා, සමහරු කියනවා. නමුත් ඒ රටට විස්ස නම් මේ රටට දෙසීයක්වත් අවශ්‍යයි. මළ ගෙදර, මඟුල් ගෙදර, කොටහළු මඟුල් ගෙදර වැනි ගමන් තිබෙන සංස්කෘතියක් යටතේ මේ රටේ ඇමතිවරු ක්‍රියා කරන්නේ' සිය අවශ්‍යතාවයන්ට ගැළපෙන මෝටර් රථ සුඛෝපභෝගී වාහන ලෙස හැඳින්වීම නිවැරදි නොවන බවත් ඔහු සඳහන් කළේය. 'මේ රටේ සුඛෝපභෝගී වාහන හඳුන්වන ඒවා අනෙක් රටවල සුඛෝපභෝගී නැහැ. ඩොලර් එක වැඩි වීමත් බදු ගැසීමත් නිසා සුඛෝපභෝගී වෙලා තිබෙන්නේ'. (බීබීසී සංදේශයට සවන්දෙන්න) සාලාව හමුදා කඳවුරේ ගින්න හේතුවෙන් අවතැන් වූ ජනයාට සහන සැලසීමෙන් අනතුරුව අමාත්‍යංශ සඳහා අවශ්‍ය වාහන මිළදී ගන්නා ලෙස අගමැතිවරයා දන්වා ඇති බවයි රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ. අමාත්‍යාංශ විසි දෙකකට අයත් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තිස් දෙනකු වෙනුවෙන් අලුතින් වාහන තිස් දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 118 කට අධික මුදලක් ඉල්ලා පරපුරක ඇස්තමේන්තුවක් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
අමාත්‍යවරුන් සඳහා අලුතින් වාහන මිලදී ගැනීම තාවකාලිකව නතර කර ඇතත් එම වැඩ පිළිවෙල ඉදිරි කාලයෙහි ක්‍රියාත්මක කෙරෙන බව කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අන්තර්ජාලය තුළ ඔබ හැසිරෙන ආකාරය විශ්ලේෂණය කර ඔබේ චරිතාංග, විශ්වාසනීයත්වය සහ සමාජීය පිළිගැනීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කර ලකුණු ලබා දෙනු ඇත. අදාළ විශ්ලේෂණයෙන් පසු ලැබෙන ලකුණු ප්‍රමාණය ඔබ රැකියාවකට තෝරා ගැනීමේදී, බැංකුවකින් ණය පහසුකමක් ලබා ගැනීමේදී පමණක් නොව සහකරුවෙකු තෝරා ගැනීමේදී පවා අනිවාර්යෙන් සැලකිල්ලට ගනු ලැබෙයි. එවැනි ක්‍රමවේදයක් ගොඩනැගීම සඳහා චීනය මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටී. 'සමාජ මාධ්‍ය ජාල හැසිරීමට ලකුණු ලබා දීමේ පද්ධතියක්' සකසමින් සිටින චීනය වසර 2020 වන විට එය ක්‍රියාත්මක වනු ඇති බව පවසයි. බටහිර ලෝකයේ පුවත් වෙබ් අඩවි, ගූගල්, ෆේස්බුක්, යූ ටියුබ් සහ ට්විටර් ඇතුළු සමාජ ජාල රැසක් දැනටත් චීනය තුළ අවහිර කර ඇත. "Great Firewall" (ග්‍රේට් ෆයර් වෝල්) නම් මෘදුකාංගය හරහා මෙම වෙබ් අඩවි අවහිර කිරීම සිදු වේ. නමුත් බිලියන 1.4 කට ආසන්න ජනගහනයක් ඇති චීනයේ WeChat (වි චැට්) සහ QQ සමාජ ජාල විශාල වශයෙන් භාවිතය කරන අතර, එම පරිශීලකයන් වෙන වෙනම නිරීක්ෂණය කර ඔවුන්ගේ හැසිරීමට ලකුණු ලබා දෙනු ඇත. "රජයට පුළුවන් මිනිස්සු මොනවද සිතන්නෙ, මොනවද කරන්නෙ කියල බලාගන්න" - ජේම්ස් ගෝට්‍රෙයි කෙටි පණිවිඩ ඔස්සේ සංවාදයේ යෙදිය හැකි (චැට් රූම්) වෙබ් අඩවි සියල්ල ප්‍රථමයෙන් එහි පරිශීලකයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගත යුතුය. ඉන්පසු එක් එක් පුද්ගලයාගේ සංවාද ඉතිහාසය සය මසක් සුරක්ෂිතව තබා ගත යුතු අතර ඔවුන්ගේ හැසිරීම අනුව ශ්‍රේණිගත කළ යුතුය. මෙසේ ලබා ගන්නා දත්ත සියල්ල රාජ්‍ය ආයතනක් විසින් සකසන ලද ලකුණු ලබා දීමේ පද්ධතියට ඇතුළත් කරනු ලැබේ. "WeChat පරිශීලකයන් ගණන බිලියනයක්. මේ ආකාරයට එහි තිබෙන දත්ත ලබා ගත් පසු රජයට පුළුවන් මිනිස්සු මොනවද සිතන්නෙ, මොනවද කරන්නෙ කියල බලාගන්න. එය ඔවුන්ට තිබෙන සිහිනයක්" යනුවෙන් තාක්ෂණ විශේෂඥ ජේම්ස් ගෝට්‍රෙයි පැවසුවේය. චීනයේ බොහෝ මිනිසුන් සහ ආයතන අන්තර්ජාලය පාලනය කරන සංවේදී මෘදුකාංග මඟ හැරීමට පෙලැඹී ඇත. VPN සහ Proxy සේවාවන් ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමෙන් පෞද්ගලික දත්ත සහ ඔවුන්ගේ හැසිරීම රාජ්‍ය ආයතන අතට පත් වීම වැළකෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. නීත්‍යානුකූල නොවන සියලු VPN සේවාවන් අවහිර කරන ලෙස අන්තර්ජාල පහසුකම් ලබා දෙන ප්‍රධාන ආයතන තුනට චීන රජය පසුගිය වසරේ දී අණ කර ඇත. 'අලිබබා' වාණිජ වෙබ් අඩවිය ඇතුළු සියලු වෙබ් අඩවි හිමිකරුවන්ගෙන් ද රජය මෙම ඉල්ලීම කර ඇත. චීනයේ ෂි ජින්පින් ජනාධිපතිවරයා විදේශීය ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අන්තර්ජාලයට පිවිසීමට VPN භාවිතා කරන ව්‍යාපාරවලට ද අනතුරු ඇඟවීම් සිදු කිරීමට එරට රජය ක්‍රියා කර ඇත. මේ තොරතුරුද දැනගන්න: ලෝකයේ සෙසු රටවල් සමඟ සංසන්දනය කිරීමේදී මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතය අතින් ඉදිරියෙන්ම සිටින රට චීනයයි. චීනයේ දැනට සවි කර ඇති CCTV කැමරා ගණන කෝටි දාහතක් පමණ වන අතර තවත් එබඳු කැමරා කෝටි හතළිහක් සවි කිරීමේ සැලැස්මක් පවතී. එම කැමරාවලින් බහුතරයක් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහිත ඒවා වන අතර, එය අද ලෝකයේ පුළුල්ම CCTV කැමරා පද්ධතියයි. චීන පොලිසිය අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා 'මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය' අන්තර්ගත අව් කණ්ණාඩි විශේෂයක් භාවිතා කිරීම පසුගියදා ආරම්භ කළේය. 'දත්ත ගබඩාවකට' සම්බන්ධ කර ඇති අව් කණ්ණාඩි නමුත් චීන පාරිභෝගිකයන් මේ කිසිවක් ගැන දැඩි අවධානයක් යොමු කර නොමැති බව ඩේන්ට්සු ඒගිස් (Dentsu Aegis) ආයතනය සිදු කළ සමාජ ගවේෂණයක දී හෙළි වී ඇත. 'ඩිජිටල් ආර්ථිකය' පිළිබද අන් කවර ජාතියකටත් වඩා චීන ජාතිකයන් විශ්වාස කරන බව විසි දහසක් පුද්ගලයන්ගේ මත විමසමින් සිදු කළ මෙම ගවේෂණයේ දී හෙළි විය. මෙමගින් සමාජයට ධනාත්මක බලපෑමක් සිදු කළ හැකි බව එම පිරිසෙන් 70% ක් පවසා සිටියහ. 'ඩිජිටල් ආර්ථිකය' පිළිබද අන් කවර ජාතියකටත් වඩා චීන ජාතිකයන් විශ්වාස කරන බව ඩේන්ට්සු ඒගිස් (Dentsu Aegis) ආයතනය සිදු කළ සමාජ ගවේෂණයක දී හෙළි වී ඇත. "ඩිජිටල් සේවාවන් අපට වැඩි නිදහසක් ලබා දෙන අතර එය බොහෝ වැඩ සිදු කර ගැනීම පහසු කරනවා. ඒ වගේම අපට වැඩිපුර ජීවිතය විඳීමට ඉඩ සලසා දෙනවා" යැයි තාක්ෂණය සහ නව නිපැයුම් අලෙවිකරණ ආයතනයක ප්‍රධානී ෆ්‍රැන්සිස් ලෑම් පැවසුවේය. WeChat (වි චැට්) සහ QQ සමාජ ජාල පාලනය කරන චීනයේ විශාලතම තාක්ෂණික ආයතනය වන ටෙන්සන්ට් (Tencent), තුන් මසකට පෙර ෆේස්බුක් ආයතනය පසු කර ලෝකයේ පස්වන විශාලතම ආයතනය බවට පත් විය.
ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය ජාල තුළ ඔබේ හැසිරීම නිරීක්ෂණය කරමින් "ලකුණු" ලබා දීමේ වැඩ පිළිවෙලක් ගැන සිතිය හැකිද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව වැනි රටවල විප්ලවීය දේශපාලන වෙනස්කම් වලට අනතර්ජාලයේ සමාජ මාධ්‍යය මුල්වූ බවටද අනතුරු හඟවා සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව වැනි රටවල විප්ලවීය දේශපාලන වෙනස්කම් වලට අනතර්ජාලයේ සමාජ මාධ්‍යය මුල්වූ බවටද අනතුරු හඟවා සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සම්ප්‍රදායීක ආරක්ෂක මෙවලම් මගින් පාලනය කළ නොහැකි මෙම නව තර්ජනයට මුහුණදීමට පියවර ගත යුතු බවද කියා සිටියා. 'කළ නොහැකි දෙයක්' මේ අතර සංදේශයට ප්‍රකාශයක් කළ ප්‍රවෘත්ති අමාත්‍යංශ ලේකම් චරිත හේරත් ප්‍රකාශ කර සිටියේ, අන්තර්ජාලයේ වෙබ් අඩවි පාලනය කිරීම ප්‍රයෝගික නොවන බවයි. "ලංකාව සම්බන්ධව ඕනෑම පුවත් පතක හෝ නාලිකාවක පළ වන දේ පාලනය කරන්නට අපට බැහැ. වෙබ් අඩවි ලෝකේ ඕන තැනක සිට පළ විය හැකියි. එක රටක සිට ඒවා පාලනය කිරීම කොහෙත්ම කළ නොහැකි දෙයක්." ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක යෙදුනු ප්‍රවෘත්ති ලේකම් වරයා කියා සිටියේ, "රටවල් ඇතුලේ සිදුවූ විශාල පෙරළි වලට මේ සමාජ මාධ්‍ය බල පෑව. එයින් පෙනී ගියේ ෆේස් බුක්, ට්විටර් වැනි මාධ්‍ය වල ඇති විශාල බලය පිළිබඳවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරන්නට ඇත්තේ", යනුවෙන්. ඒත් "අරාබි වසන්තයේ" බලයෙන් විප්ලවීය පෙරැළි සිදුවූ රටවල මෙන් නොව, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නායකත්වයක් පැවතීම අස්ථාවර භාවයට ඉඩ නොසලසන්නේ යැයිද ආරක්ෂක ලේකම් කියා සිටියා.
'ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව සඳහා මුල්වන්නේ ආර්ථික සංවර්ධනය' යන මාතෘකාව යටතේ කොතලාවල ආරක්ෂක පීඨයේදී දීර්ඝ දේශනයක් පැවැත්වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ රටේ ආරක්ෂාවට එල්ලවී ඇති අවසාන තර්ජනය පැන නඟින්නේ නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට එමින් අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ෆේස්බුක්, ට්විටර් වැනි මාධ්‍යය තුලින් බවයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම පරිසර සංවිධානයේ සභාපති පුබුදු වීරරත්න බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ, ගොවිතැන් සහ වෙනත් ආර්ථික ව්‍යාපෘතීන් සඳහා වනය කුඩා වපසරි වලට කැබලි කිරීම අලින්ගේ වාසභූමි ආක්‍රමණය කිරීමක් වන අතර තිරසාර නොවන කෘෂි රටාව එම වන ජීවීන්ට අන්තරායක් වී ඇති බවයි. මේ අතර අලියාගේ සුරක්‍ෂිතභාවය කෙරෙහි අහිතකර ලෙස බලපාන පරිපාලන නීති ගැන අවධානය යොමු කරන ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න වනයේ අයිතිය සම්බන්ධයෙන් පවතින නෛතික ව්‍යාකූලත්වය අලියාගේ ජීවිතයට බලපාන බවයි කියා සිටියේ. අලියා බෙදා වෙන් කිරීම ‘වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර තිබෙනවා. වාරි ක්‍රමවලට අයත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ඉඩම් තිබෙනවා. විදුලි වැට යොදන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ වනාන්තර වල. ඒත් ඒ ඒ වනයේ අයිතිය කාටදැයි නොදන්නා අලියා හැම වන ගැබකම ඉන්නවා. එවැනි තත්වයක් යටතේ විදුලි වැට ගැසීමෙන් සිදු කෙරෙන්නේ අලි ගහනය බෙදා වෙන් කරනු ලැබීමයි’ පුබුදු වීරරත්න පෙන්වා දෙයි. එම වන ලැහැබ් අතර මාරු වීම සඳහා ගම් වැදීමේදී යි, බොහෝ අලින්ට ජීවිත අහිමි වෙන්නේ. ගත වූ දවස් හත ඇතුළත ශ්‍රී ලංකාවේ අලි ඇතුන් තුන් දෙනකුට ජීවිත අහිමි වූ අතර ඒවා ස්වාභාවික මරණ නොව වෙඩි තබා මර දමනු ලැබීම් වෙති. එකම දළ ඇතුත් අහිමියි හම්බන්තොට පළාතේ පසුගිය කාලය ඇතුළත ඇස ගැටුණ එකම දළ ඇතාත් පසුගිය සතියේ වෙඩි පහරින් මළවුන් අතරට එක් කෙරුණි . වත්මන් ශ්‍රී ලාංකික අලි ඇතුන්ගේ අනාථභාවය සම්බන්ධයෙන් බීබීසිය සමඟ සාකච්ඡාවකට එක්‌ වූ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේ සිය පාරම්පරික වාසභූමි අහිමි වූ අලි පරපුර ආහාර සොයා යාමේදී මෙන්ම වියලි කලාපයේ දැන් පවතින දැඩි නියඟය හමුවේ ජලය සොයා යාමේ දී තුවක්කු කරුවන්ට ගොදුරු වෙන බවයි.
ශ්‍රී ලංකාවේ අලි පරපුර මුහුණ දී ඇති අන්තරායට පවතින පරිසර නීතියේ ව්‍යාකූලත්වය බලපාන බව ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තමන් සමුළුවට සහභාගි වන බව ශ්‍රී ලංකා සංචාරයේදීද ඇමතිවරයා සනාථ කළේය විදේශ අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ, සමුළුව සම්පූර්ණයෙන්ම වර්ජනය කරන මෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතික යෝජනාවක් සම්මත කිරීමෙන් දින කිහිපයකට පසුවයි. ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශයක් කළ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, තමන් සහභාගි වන බව පමණක් තමන්ට ස්ථිරවම කිව හැකි බවයි. කරුණානිධිගේ අප්‍රසාදය කෙසේ නමුත් අගමැති මන්මෝහන් සිං, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි හෝ උප ජනාධිපති හමීඩ් අන්සාරි සමුළුවට සහභාගි වන්නේද යන්න තවමත් ප්‍රකාශ කොට නැති අතර, ඔවුන් සහභාගි නොවන්නේ නම් ඉන්දීය දූත මණ්ඩලයේ නායකත්වය දරනු ලබන්නේ විදේශ අමාත්‍යවරයා විසින්ද යන්න පිළිබඳවත් සල්මාන් කුර්ශිඩ් කිසිවක් සඳහන් කළේ නැහැ. අමාත්‍යවරයාගේ එම තීරණය පිළිබඳව ඉන්දීය සභාග රජයේ හිටපු හවුල්කාරයකු වූ තමිල්නාඩු විපක්ෂ නායක මුතුවේල් කරුණානිධි තම අප්‍රසාදය පළ කොට තිබේ. පසුගියදා ඉන්දියාවේ විශේෂ සංචාරයක යෙදුන විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් අගමැති මන්මෝහන් සිංට ආරාධනා කළ නමුත්, සමුළුවට සහභාගි වන්නේද නැද්ද යන්න අගමැතිවරයා එහිදී ශ්‍රී ලංකා අමාත්‍යවරයාට දැනුම් නොදුන්නේය. පසුගිය සතියේ තමිල්නාඩුවේ විපක්ෂනායක එම් කරුණානිධි වෙත ලිපියක් යැවූ අගමැති මන්මෝහන් සිං, සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙරාතුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉරණම සම්බන්ධයෙන් තමිල්නාඩුවේ පල වන අවධානය සැලකිල්ලට ගන්නා බව සඳහන් කොට තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරන බව කැනඩාවේ අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා දැනටමත් නිවේදනය කොට තිබේ.
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් සනාථ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ බව සඳහන් කරමින් ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් කියැවුණේ ඔවුන් දෙපළ නිරෝධායනයට යොමු වී සිටින බවකි. ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳට කොරෝනාවෛරසය වැළඳී ඇති බව දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ සමීප සහායකයකුට ද කොරෝනාවෛරසය වැළදී ඇති බව තහවුරුව්මෙන් අනතුරුවය. එසේ වෛරසයට ලක්වූ 31 හැවිරිදි හෝප් හික්ස් ජනාධිපතිවරයාගේ සමීප උපදේශකවරියකි. මෙතෙක් වෛරසය වැළඳුනු බවට තහවුරු වූ ජනාධිපතිවරයාගේ පළමු සමීප සහයකයා ඇය වේ. මෙම සතියේ ඔහායෝ ප්‍රාන්තයේ පැවති රූපවාහිනී විවාදයකට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයේ (එයාර් ෆෝස් වන් - Air Force One) ඇය ද ඔහු සමග ගමන් ගත්තාය. හික්ස් කොරෝනාවෛරසයට ලක්වී ඇති බව පරීක්ෂණවලදී හෙළිවීමෙන් අනතුරුව, බිරිඳ සහ තමන් නිරෝධායනයට යොමු වන බව ජනාධිපති ට්‍රම්ප් මීට පෙර පවසා තිබිණි. බ්‍රහස්පතින්දා රාත්‍රී ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ට්‍රම්ප්, "කෙටි විවේකයක් හෝ නොගෙන ඉතා කැපවීමෙන් වැඩකළ හෝප් හික්ස් කොවිඩ්-19 ට ලක්වී ඇති බව පරීක්ෂණවලදී හෙළිවෙලා." යැයි පැවසීය. "ජනාධිපති ආර්යාවත්, මාත් පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරේ අපේ නිරෝධායන ක්‍රියාමාර්ගයත් ආරම්භ කරනවා" යැයි ද ඔහු මීට පෙර පවසා තිබිණි. මෙම තත්ත්වය, ඔක්තෝබර් 15 වෙනිදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි හි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ දෙවෙනි විවාදයේ සැලසුම්වලට කෙසේ බලපානු ඇත්දැයි මෙතෙක් පැහැදිලි නැත. මේ ගැනත් දැනගන්න:
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනාවෛරසය වැළඳී ඇති බව ඒ පිළිබඳ කළ පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම, 2017 පසුගිය වසරේ මුල් කාර්තු තුනේ දී ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව පැමිණිලි දහසකට (1000) වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි ප්‍රකාශ කළාය. අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, සිර භාරයේ තබා ගැනීම් සහ වධහිංසාවන්ට ලක් කිරීම් එම පැමිණිලි අතර ප්‍රමුඛස්ථානය ගන්නා බවත් සභාපතිවරිය පවසන්නීය. 2017 වසරේ මුල් කාර්තු තුනේ දී වධහිංසාවන්ට ලක් කිරීම් පිළිබඳව පැමිණිලි 249 ක්ද, තර්ජනය කිරීමට අදාළ පැමිණිලි 323 ක් සහ අත්ත නෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 298 ක්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ලැබී ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය එම පැමිණිලිවලින් බහුතරය පොලිසියට එරෙහිව ඒවා වන අතර තවත් සමහරක් උතුරු නැගෙනහිර බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් වූ ඒවා බවත් මානව හිමිකම් කොමිසම පවසයි. "මානව හිමිකම් පිළිබඳ තත්වයේ ඉතා හොඳ ප්‍රගතියක් අපි දකිනවා. භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස වර්ධන වී තිබෙනවා, ඇත්ත වශයෙන්ම භීතියේ සංස්කෘතිය බොහෝ දුරට නැති වෙලා. නමුත් අපට තියෙන ප්‍රශ්නය තමයි පොලිසියේ ක්‍රියාමාර්ග නිසා මානව හිමිකම් කඩවීම" ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය. පොලිස් විමර්ශන සඳහා වධහිංසා යොදාගැනීම ගැන පැමිණිලි රැසක් ලැබී ඇතැයි ප්‍රකාශ කළ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය, ඇතැම් පැමිණිලි පරික්ෂා කර ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ගැන පොලිසියට නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළාය. පොලිසියේ කටයුතු ගැන දෛනික මට්ටමින් පැමිණිලි ලැබෙමින් පවතින බව පැවසූ සභාපතිනිය, එම තත්වය මඟහැරීම සඳහා පොලිසිය දැඩි ලෙස ප්‍රතිසංවිධාන කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් විදේශීය විශේෂඥයන්ගේ සහයෝගය ලබා ගනිමින් අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට පොලිසිය සුදානම් වන බවත් කියා සිටියාය. පසුගිය දෙසැම්බර් මාසයේ දී කැබිනට් මණ්ඩලය යහපාලන මූලධර්ම ගුරු කොට ගත් අභිමානවත් වෘත්තියක් බවට ශ්‍රී ලංකාවේ පොලිස් සේවය පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව මත පොලිස් සේවය ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් හසළ පළපුරුද්දක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් හියු ඕඩ් (Sir Hugh Orde) ගේ සේවය ලබාගැනීමට තීරණය කර තිබුණි. දිවුලපිටිය පොලිස් අත්අඩංගුවේ සිටිය දී පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සැකකරුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් දිවුලපිටිය පොලිසියේ හිටපු වැඩබලන ස්ථානාධිපතිවරයා බදාදා (ජනවාරි 03) අත්අඩංගුවට ගනු ලැබුණි. තවත් යොමු:
ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාව පෙන්වා දෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ෂෙයිඛා ලතිෆා කුමරිය ඩුබායි පාලකයාගේ දියණිය වන ෂෙයිඛා ලතිෆා, නිදහස් ජීවිතයක් ගතකිරීමේ අටියෙන් මාර්තු මසදී විදේශයකට පළා යාමට උත්සාහ කළ බව පැවසේ. ඇය සිටි සුඛෝපභෝගී යාත්‍රාව ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදේදී අවහිර කරනු ලැබීමෙන් අනතුරුව යළි ඩුබායි වෙත හරවා යැවුණ බව සාක්ෂිකරුවෝ පවසති. ඉන් පසු ඇය පිළිබඳ තොරතුරක් ලැබී නොමැත. නීතිමය කරුණු මත මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඩුබායි බලධාරීන්ගේ ස්ථාවරය වී ඇත. වාර්තාවලින් කියවෙන්නේ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් ගේ දියණිය වන ෂෙයිඛා ලතිෆා වෙනත් රටකට පැනයාමට තැත් දැරීමේදී පැහැරගෙන යන ලද බවකි. සිකුරාදා (මැයි 4) විකාශනය කෙරුණු බීබීසී නිව්ස්නයිට් වැඩසටහනේ විමර්ශනයකදී පැවසුණේ, හිටපු ප්‍රංශ රහස් ඔත්තුකරුවකු හා ෆින්ලන්ත ජාතික ආත්මාරක්ෂක සටන් උපදේශකවරියකගේ සහය කුමරියට ලැබී ඇති බවය. ඉන්දීය වෙරළේ සිට කිලෝමීටර 80 ක් (සැතපුම් 50ක්) ඔබ්බෙන් ෂෙයිඛා ලතිෆා නිරීක්ෂණයට ලක්ව තිබේ. "කුමරිය ඉන්නා තැන හෝ ඇයගේ තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වනවා නම් එය බලහත්කාරයෙන් පැහැරගෙන යාමක් වීමට ඉඩ තිබෙනවා" යැයි නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දුණි. "තමන්ගේ පවුලෙන් පනවා ඇති බාධකවලින් පැනයාමට කල්පනා කරන්නේ යැයි සිය මිතුරන්ට පවසා ඇති ෂෙයිඛා ලතිෆා මාස දෙකකින් පමණ දකින්නටවත් ඇයගෙන් කිසිවක් අසන්නටවත් නැහැ. ඇයගේ ආරක්ෂාව මෙන්ම හොඳින් සිටිනවා ද යන්න ගැන බරපතල කණස්සල්ලක් පැන නැගෙමින් පවතිනවා" ෂෙයිඛා ලතිෆා සිටි සුඛෝපභෝගී යාත්‍රාව එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් 'Detained in Dubai' සංවිධානය පෙන්වා දෙන්නේ මාර්තු 4 වෙනිදා ඉන්දීය වෙරළේ සිට කිලෝමීටර 80 ක් (සැතපුම් 50ක්) ඔබ්බෙන් ෂෙයිඛා ලතිෆා නිරීක්ෂණයට ලක්වූ බවය. බීබීසී වෙත ප්‍රකාශයක් කළ ඩුබායි බලධාරීන්, කුමරිය අතුරුදහන් වී ඇතැයි පවසන්නන්ට අපරාධ සම්බන්ධ වාර්තා ඇති බව පැවසූහ.
අතුරුදහන් වූ කුමරිය සිටින තැන පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියාවේ සමලිංගික තහනම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදී පැනවුන නීතියක් අත් වල කළු පටි පැළඳ සිටි ඇතැම් උද්ඝෝෂකයෝ දේදුන්නක පැහැය ගත් බැනර සහ කොඩි වනමින් සිටියහ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදී පැනවුන සමලිංගික තහනම් නීතිය වෙනස් කිරීමේ බලය පවතින්නේ පාර්ලිමේන්තුවට පමණක් බවයි, පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ. ඉන්දියාවේ සමලිංගික පුරුෂයන් සහ කාන්තාවන් එම තීන්දුවට දැඩි විරෝධය පළ කළහ.
සමලිංගික සේවනය දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට එරෙහිව සිය ගණනක් උද්ඝෝෂකයෝ දිල්ලි අගනුවර සහ වෙනත් නගරවල විරෝධතා පෙළපාලිවල නිරත වූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දකුණු ආසියානුවන් සඳහාම විශේෂිත වූ අභ්‍යාස ක්‍රමයන් ද හඳුන්වා දීමට සිදුවිය හැකි බව පර්යේෂකයෝ පවසති විශේෂයෙන්ම දකුණු ආසියානු පුරුෂයන් අනිවාර්යයෙන්ම සම වයසේ සහ සම බර කාණ්ඩයේ යුරෝපීයයන්ට වඩා ශාරීරික අභ්‍යාස කළ යුතු බව ඒ පිළිබඳව කෙරුණු විශේෂ අධ්‍යයනයක නිගමණය වී තිබේ. විශේෂයෙන්ම දකුණු ආසියානු වාසී වැඩිහිටි පුරුෂයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පහල මට්ටමක පැවතීම දියවැඩියාව වැළඳීමට ප්‍රධාන හේතුවක් බව එම අධ්‍යයනය සිදු කළ ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිස පෙන්වා දෙති. පරම්පරාවෙන් උරුම වීම මහාචාර්ය නවීඩ් සතාර් එම පර්යේෂණ වාර්තාවේ කර්තෘවරයෙක්. "අපි හිතන්නේ මේක දකුණු ආසියානුවන්ට පරම්පරාවෙන්ම උරුම වෙන දෙයක්. යුරෝපීය සහ දකුණු ආසියානුවෝ සංසන්දනය කළාම එකම බර කාණ්ඩයේ දකුණු ආසියානුවන්ගේ මේද ප්‍රමාණය වැඩියි. ඒ වගේම මේකේ ප්‍රතිඵලයක් විදියට ඔවුන්ගේ ශරීරයේ හයි හත්තිය තියෙන්නේ පහල මට්ටමක," බව මහාචාර්යවරයා පැවසීය. "මම හිතන්නේ තමන්ගේ පුරුදුත් මේකට එක හේතුවක් නමුත් මේ අධ්‍යයනයෙන් හෙළි වුනු ප්‍රධානම දේ තමයි අපි කැමති වුනත් නැතත් දකුණු ආසියානුවෝ අනෙක් අයට වඩා ශාරීරික අභ්‍යාස කළ යුතුයි කියන එක," යනුවෙන් ද මහාචාර්ය නවීඩ් සතාර් බීබීසී යට පැවසීය. එබැවින් දකුණු ආසියානුවන් සඳහාම විශේෂිත වූ අභ්‍යාස ක්‍රමයන් ද හඳුන්වා දීමට සිදුවිය හැකි බව පර්යේෂකයෝ පවසති.
දියවැඩියා රෝගය වැළඳීමේ අවදානමෙන් බේරීම පිණිස යුරෝපා වාසීන්ට වඩා දකුණු ආසියානුවන් හැකි තරම් ව්‍යායාම කළ යුතු බව විද්‍යාඥයන් පිරිසක් පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මුලින් ප්‍රකාශ වී තිබුණේ පෙබරවාරි 8 වනදා වන විට නව කොන්දේසි වලට අවනත නොවන පරිශීලකයන්ගේ යෙදවුම ස්වභාවිකවම අක්‍රිය වන බවකි. එහෙත් සමාජයෙන් මතුවූ විරෝධය මාධ්‍යයේ එම සමාගම මැයි මස 15 වන දා දක්වා අදාළ කාල සීමාව දීර්ඝ කිරීමට තීරණය කළ බව නිවේදනය කෙරිණි. නව සේවා කොන්දේසි වලට අනුව වට්ස්ඇප් යෙදවුම භාවිතයේදී පරිශීලකයන්ගේ දත්ත තම මව් සමාගම වන ෆේස්බුක් සමාගම සමඟ බෙදා ගැනීම සඳහා නව වෙනස්කම් මගින් යෝජනා කරන බවක් පෙනෙන්නට විය. එහි පණිවිඩහි "ව්‍යාකූලත්වයක්" ඇති බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. මෙම නිවේදනය යැවීම සම්බන්ධයෙන් සමාගම විවේචනයට ලක් වූ අතර, එම නිවේදනය සහ දැනුම්දීම වට්ස්ඇප් වේදිකාව හරහා බෙදා හැරුණු දා සිට, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් සිග්නල් සහ ටෙලිග්‍රෑම් වැනි විකල්ප පණිවිඩ යෙදුම් බාගත කර ගත බව වාර්තාවිය. බිලියන දෙකකට අධික පරිශීලකයින් පිරිසක්, ෆේස්බුක් (facebook) සමාගමේ හිමිකාරිත්වය ඇති වට්ස්ඇප් යෙදවුම භාවිත කරන බවට දත්ත මගින් පෙන්නුම් කෙරෙන අතර මුහුණු පොතේ හිමිකාරිත්වය ඇති ෆේස්බුක් සමාගම විසින් 2014 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 19ක් ගෙවා වට්ස්ඇප් සමාගම මිලදී ගනු ලැබිණි. ෆේස්බුක් සමාගම විසින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා නොකිරීම පිළිබඳව විවිධ අවස්ථාවන් හිදී රටවල් කිහිපයක අධිකරණයන් හිදී චෝදනා ගොනුකෙරිණි. වට්ස්ඇප් සමාගම මෙම චෝදනාවන්ට පිළිතුරු දෙමින් කියා සිටියේ පුද්ගලික පණිවිඩ සැමවිටම සංකේතනය (කේතගත) කර ඇති අතර එය පුද්ගලිකව පවතින බවය. ෆේස්බුක් සමඟ ඇතැම් පරිශීලක දත්ත හුවමාරු කර ගැනීමේ පුරුද්ද අලුත් දෙයක් නොවන අතර එය පුළුල් කිරීමේ උත්සාහයක් ද නැති බව සමාගම පවසයි. WhatsApp ආයතනය ඉන්දියාවේ පුවත්පතක පළකළ දැන්වීමක් "මෙම යාවත්කාලීනකිරීමට, ජනතාවට වට්ස්ඇප් හි පණිවුඩයක් යැවිය හැකි නව විකල්ප ඇතුළත් වන අතර, අප දත්ත රැස් කරන ආකාරය සහ භාවිත කරන ආකාරය පිළිබඳ තවදුරටත් විනිවිදභාවයක් ලබා දෙයි," යනුවෙන් එම සමාගම වැඩිදුරටත් පැවසීය. වට්ස්ඇප් ඔවුන්ගේ 'නිතර අසන පැන' සටහනක පවසා තිබුණේ ඔවුන් දැනටමත් ෆේස්බුක් හා අනුබද්ධිත වෙනත් සමාගම් සමඟ බෙදාගන්නා දත්ත වලට පහත සදහන් දත්ත ඇතුළත් වන බවය. "ලියාපදිංචිවීමේදී සපයන දුරකථන අංකය සහ වෙනත් තොරතුරු (නම වැනි), නිෂ්පාදකයා, මාදිලිය සහ ජංගම දුරකථන සේවා සමාගමඇතුළුව ඔබගේ දුරකථනය පිළිබඳ තොරතුරු, ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ පිහිටීම පෙන්නුම් කරන ඔබගේ IP ලිපිනය, WhatsApp හරහා කරන ඕනෑම ගෙවීම් සහ මූල්‍ය ගනුදෙනු." එම දත්ත වේ. ඔවුන් තවදුරටත් පැවසුවේ "කෙසේ වෙතත්, මෙය විවිධ රහස්‍යතා සහ පෞද්ගලිකත්ව නීති පවතින යුරෝපයේ සහ එක්සත් රාජධානියේ දී අදාළ නොවේ." යනුවෙනි. මෙම පසුබිම මත පැන නගින වැදගත් ම කාරණය නම් ජනතාවගේ පෞද්ගලිකත්වය පිළිබඳව නව කතා බහක් සමාජය තුළ ඇතිවීමට පටන් ගැනීම හා එමගින් රටේ අවශ්‍ය නීති රීති සැදීමට ජනතාව සහ බලධාරීන්ගේ අවධානය යොමුකිරීමය. "WhatsApp ආයතනය පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති යම් පොඩි වෙනස්කම් කරලා තියෙනවා ඒ ගොල්ලෝ දැනටත් information share කරනවා. සාමාන්‍යයෙන් app එකක් information, data එකතු කරනවා. ඒ app එක වඩා වැඩිදියුණු කරන්න, ඒක හොදින් ක්‍රියාත්මක කරන්න පරිශීලකයන්ගේ දත්ත ගන්නවා. නමුත් මෙතන වෙලා තියෙන්නේ දැන් WhatsApp එක facebook එක මිලදී ගත්තහම facebook එකේ තියෙන වෙළෙඳ දැන්වීම් platform එක ඇතුළට WhatsApp එක ගන්න හදනවා," යනුවෙන් සයිබර් ආරක්ෂක උපදේශක අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. "තවත් ප්‍රධාන කාරණයක් තමයි WhatsApp pay කියන පහසුකම ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා වෙන ගනුදෙනුවලදී ඒ තොරතුරු ලබාගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. facebook ආයතනයට අවශ්‍යයි ඒගොල්ලන්ගේ පරිශීලකයන්ගේ වඩා විස්තරාත්මක පින්තූරයක් (complete profile). එක හින්ද තමයි WhatsApp වල දත්තත් facebook එක්ක දැන් හුවමාරු කරගන්නේ. ඒකට ජනතාවට ඒ පිළිබඳව කිසිම විකල්පයක් දීලා නෑ මේ වෙලාවේ. මේ සිදුවන කතිකාවත නිසා මේ වෙලාවේ WhatsApp ආයතනය හා facebook ආයතනය තැති ගැන්මකට ලක්වෙලා දැන් අඩියක් පස්සට අරන් තියෙනවා." සයිබර් ආරක්ෂක උපදේශක අසේල වෛද්‍යාලංකාර "නමුත් ඇත්තටම ඒගොල්ලෝ කරන්න උත්සාහ දරුවෙ මේ WhatsApp එකේ තියෙන data, data කියන්නේ, ලංකාවේ කට්ටිය ලොකු තැතිගැන්මකට ලක් උනා තමන්ගේ messages WhatsApp ට කියවන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක නෙමෙයි මේකෙන් වෙන්නේ. තමන්ගේ usage data (ක්‍රියාකාරී දත්ත) උදාහරණයක් හැටියට WhatsApp එක දැනටත් battery strength එක, කොහොමද internet එකට යන්නේ. මොකද්ද ඔයාගේ සේවා සපයන්නා , Dialog ද Mobitel ද, එතකොට ඔයා text-heavy ද video-heavy user කෙනෙක්ද කියන එක. සාමාන්‍යයෙන් වැඩිපුර කාත් එක්කද කතාකරන්නේ? ඒ කතාකරන කෙනා facebook එකේ ඉන්නවද නැද්ද? ඉතින් ඒ වගේ data මේගොල්ලෝ දැනටත් collect කළා. නමුත් දැන් මෙතන වෙන්නේ ඒ collect කරපු data දැන් facebook එකට යනවා," යනුවෙන් ඔහු පැහැදිලි කළේය. Facebook ආයතනය තමන්ගේ පරිශීලකයන්ගේ දත්ත එකතු කිරීමේදී සහ පාවිච්චි කිරීමේදී අවභාවිතා (mishandle) කළ බවට විවිධ අවස්ථාවලදී එම ආයතනයට නිතිය මගින් විවිධ රටවලදී ක්‍රියාකර ඇත. යුරෝපා සංගමය ට මේ සම්බන්ධයෙන් දඩ ගෙවීමට ඔවුන්ට සිදුවූ අතර අමෙරිකා එක්සත් ජනපදයේ දී දත්ත අවභාවිත කිරීමට අදාළ චෝදනාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බව අසේල වෛද්‍යාලංකාර කියා සිටියේය. "ඉතින් මේ අවස්ථාවේදී WhatsApp එකේ data දැන් facebook එකට යනවා කියන එකට privacy advocates ල මේ ක්‍රියාදාමය පිළිබදව ලොකු ප්‍රශ්ණ කිරීමට ලක්වෙනවා. ඒක නිසා තමයි ගොඩාක් කට්ටිය තැතිගැන්මකට කල්වේලා තිබුණේ. WhatsApp එක මේ කරන දේ එච්චර හොද නෑ. මේකෙන් අපේ තවත් data, මේ customer ගේ privacy එක, පෞද්ගලිකත්වය තවත් පරිහානියට ලක්වනවා facebook එකට මේ data WhatsApp හරහා යනඑක." "නමුත් ලංකාවේ කට්ටිය මේකට බය උනේ තමන්ගේ personal data, ඒ කියන්නේ තමන් යවන messages තමන් ඉන්න groups facebook එකට expose වෙයි කියලා. එත් එහෙම වෙන්නේ නෑ. මොකද WhatsApp එකේ end to end encryption තියෙන නිසා A කියන කෙනාගේ සිට B කියන කෙනාට යවන පණිවුඩය ආරක්ෂා සහිතයි. මැදට ඇවිල්ල ඒ පණිවුඩය වෙනස් කරන්නත් බෑ, මැදට ඇවිල්ල ඒ පණිවුඩය කියවන්නත් බෑ. හදපු කෙනාට පවා ඒක බලන්න බෑ. encryption කියන එකේ ස්වභාවය." එහෙත් මෙසේ පරිශීලකයන්ගේ දත්ත එකතු කිරීමෙන් එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය පරිහානියට පත්වනවාද යන්න ගැටලුවක් බව පැවසූ ඔහු Facebook ආයතනය පුද්ගලයන්ගේ දත්ත ඒකක (data points) 6600 ක් පිළිබඳ දැනටමත් දන්නා බව කීය.. "data point එකක් කියන්නේ, age, sex, location වගේ දත්ත 6600 ක් facebook එක දන්නවා ඉතින් එත් එක්කම ඔයාගේ WhatsApp usage pattern එකත් එකතු උනාම ඔයාගේ පෞද්ගලිකත්වය කියන එක ගැන ලොකු පිංතුරයක් ඒගොල්ලන්ට එනවා. ඉතින් ඒක ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධානම අදායම මාර්ගය වන advertising නේ. ඒ Advertisers ලට මේ තොරතුරු ටික දීලා තමන්ට අවශ්‍ය විදිහට advertisements ටික කෙලින්ම customers ලට යවන්න කටයුතු කරනවා." "අපි දන්නවා ඕනෑම කෙනෙක්ට facebook එකේ advertisement එකක් දාන්න පුළුවන් කිසිම පාලනයක් නෑ එතන තමයි danger එක. ඒගොල්ලෝ එන්න එන්නම මිනිස්සු ගැන දන්න data වැඩිකරන ගමන් advertisements වලට කිසිම පාලනයක් නෑ. ඒ දාන වෙළෙඳ දැන්වීම සත්‍යක්ද අසත්‍යක්ද කියන එක ගැටලුවක්. ඒ තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි වෙන්න පුළුවන් , කතාකිරීමේ නිදහසට හානි වෙන්න පුළුවන්. ඇත්තටම ඇමරිකාවේ දැන් සිද්ධ වෙන දේවල් වලට යම්තාක් දුරකට facebook එක වගකියන්න ඕන කියල අදහසක් තියෙනවා. එතනයි ගැටලුව තියෙන්නේ," මෙහිදී ඇති ගැටලුව, දුරකථන යෙදවුමක් දත්ත එක්රැස් කිරීම නොව facebook වැනි ආයතනයක් මෙවැනි දත්ත සිය ව්‍යාපාරික අරමුණු සඳහා යොදාගැනීමෙන් ජනතාවගේ පෞද්ගලිකත්වයට සිදුවන හානිය බව ඔහු පෙන්වා දුන්නේය. "එතැනට තමයි අපි කල්පනාකාරී වෙන්න ඕන. ලංකාවේ මේක හොඳ තැනක් මොකද අපි කවදාවත් privacy කියන එක ගැන කිසිම awareness එකක් නෑ ලංකාවේ. අපි කියනවා ලංකාවේ සාක්ෂරතාව ඉතාමත් ඉහළයි කියල. එහෙත් ලංකාවේ digital සාක්ෂරතාව ඉතාමත් ම අඩුයි. ඒක තමයි මේ වලාවේ මිනිස්සුන්ට යන්න ඕන මතය." අසේල වෛද්‍යලංකාර පවසන්නේ බොහෝ යුරෝපිය රටවල මෙන් ලංකාවේ හා ආසියානු රටවල පුද්ගලිකත්ව රැකීමට නීති සකස් කර නොමැති බවය. "එකක් ලංකාවේ නීති පද්ධතිය මෙයිට වඩා හොද තැනක තියෙන්න ඕන, මොකද දැනටත් ලංකාවේ data privacy පිළිබඳව නීතියක් නෑ. දැනටත් තවමත් කෙටුම්පතක් විතරයි තියෙන්නේ. තවම ඒක පාර්ලිමේන්තුවට යොමු කරලා නෑ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙන කථිකාවත ඔස්සේ එහෙම දෙයක් සිද්ධ වෙයි කියල ඉස්සරහට." "නමුත් මේ ඔස්සේ ගොඩාක් දෙනෙක්ට මම කියන්නේ තමන්ගේ privacy එක ගැන කල්පනා කරන්න තමන්ගේ privacy එක ගැන හිතන්න මේක තමයි ඇස් ඇරෙන එකම තැන. ඉතින් තවදුරටත් ඕගොල්ලෝ නිදාගෙන ඉන්න එපා කියන එක තමයි තාක්ෂණවේදියෝ හැටියට අපිට දෙන්න පුළුවන් අවවාදය." අසේල වෛද්‍යලංකාර තවදුරටත් පැවසුවේ WhatsApp ආයතනය යුරෝපීය පරිශීලකයන් වෙත නිකුත් කළ නිවේදනයේ බොහෝ ඇල්මැරුණු ස්වභාවයක් වූ බවය. එම රටවල පවතින පෞද්ගලිකත්වයට අදාළ දැඩි නීති නීති මෙන්ම WhatsApp ආයතනයට හා facebook ආයතනයට යුරෝපයේ දත්ත අවභාවිතය සම්බන්ධයෙන් දඩ ගෙවීමට සිදුවීම ඊට හේතුවන්නට ඇති බවද ඔහු පැවසීය. "WhatsApp pay ගියහම කරන සියලුම ගනුදෙනු පිළිබඳ තොරතුරු ඒගොල්ලන්ට ගන්න පුළුවන්. ඔයා මොනවාද මිලදී ගන්නේ මොන දොස්තරට ද ගෙවීම් කරන්නේ කියන එක මත ඔයාට advertisements එවන්න පුළුවන් මොන බෙහෙත් ද ගන්න ඕන කියන එක ගැන. උදාහරණයක් හැටියට ඔයා psychiatric doctor කෙනෙක් හමුවීමට ගෙවීම් කරපුවහම ඔයා facebook එකට යනකොට psychiatric සම්බන්ද බෙහෙත් පිළිබඳව වෙළද දැන්වීම් එවන්න පුළුවන් එකෙන් ඔයාගේ පෞද්ගලිකත්වයට හානියට පත්වෙලා කියල ඔයාට තේරෙනවා." කියවන්න:
කෙටි පණිවුඩ යැවීමට මහජනතාව අතර ප්‍රචලිත දුරකථන යෙදවුමක් වන වට්ස්ඇප් (WhatsApp) හි නියමයන් හා කොන්දේසි වෙනස්කිරීම හේතුවෙන් මහජනතාවගේ පෞද්ගලිකත්වයට හානි සිදුවිය හැකිය යන්න පිළිබඳ සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති වීමත් සමග අදාළ සමාගම එම නව නියමයන් සහ කොන්දේසි බලගැන්වීම තාවකාලිකව කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තාවිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂකයන්ට ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණදීමට සිදුවීම පිළිබඳවද එක්සත් ජනපදය සිය අවධානය පළ කරයි වැඩි ඡන්ද 106 කින් දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්ද නොතකා හරිමින් දෝෂාභියෝගය විවාද කිරීමට පාර්ලිමේන්තුව පියවර ගැනීම පිළිබඳව බලවත් කනස්සල්ල පළ කොට තිබේ. එමෙන්ම දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂකයන්ට ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණදීමට සිදුවීම පිළිබඳවද එක්සත් ජනපදය සිය අවධානය පළ කරයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යෝජනාව සම්මත කිරීමට පාර්ලිමේන්තුව ගත පියවර දැඩිව හෙළා දැක තිබේ. 'ඉතිහාසයේ අඳුරුතම දිනය' "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී මේ දෝෂාභියෝගයට දායක වූ සියලු දෙනාම ඊට වගවීමේ තත්ත්වයට පත් කරන මෙන් ලෙස අපි දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු" නීතිඥ එකමුතුව අද දිනය "ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම දිනය" ලෙසින් විග්‍රහ කරන නීතිඥ එකමුතුව මෙය "ජාතියේ හෘදය සාක්ෂිය පරීක්ෂා කළ" අවස්ථාවක් ලෙසින් ද එය හඳුන්වා දෙයි. "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී මේ දෝෂාභියෝගයට දායක වූ සියලු දෙනාම ඊට වගවීමේ තත්ත්වයට පත් කරන මෙන් ලෙස අපි දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු," යනුවෙන්ද නීතිඥ එකමුතුව සිය නිවේදනයේ සඳහන් කරයි. යෝජනාවට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 49 ක් ලැබී තිබුණි. මන්ත්‍රීවරු 20 දෙනකු සභා ගර්භයේ සිටියේ නැත. ඩිවු ගුණසේකර, තිස්ස විතාරණ, චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂයේ රජීව විජේසිංහ මන්ත්‍රීවරයා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි අතර, දැනට ආණ්ඩුවට සහාය පළ කරන එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී රංගා මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැලකී සිටියේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳව බරපතල අවධානය පළ කරන ඇමෙරිකා එක්සත් ජනපදය නීතියේ ආධිපත්‍යයට ගරු කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් යලිත් ඉලීමක් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පවසන පරිදි මෙහි සිටින්නේ එල්ටීටීඊ නිවේදිකාවක වන ඉසයිප්‍රියා (වමේ) සහ උෂාලිනි (දකුණේ) - ඡායාරූපයේ සත්‍යතාව බීබීසීයට තහවුරු වී නැත. එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වී පස් වසර සැමරෙද්දී බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ඡායාරූප කිහිපයක් පළ කරමින් කියා සිටින්නේ එම ඡායාරූපවල දැක්වෙන එල්ටීටීඊ සාමාජිකාවන් දෙදෙනා ශ්‍රී ලංකා හමුදාව විසින් පණ පිටින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරා දමා ඇති බවයි. මෙම ඡායාරූප අතර කාන්තාවන් දෙදෙනෙකු එකට සිටින ඡායාරූපයක් ඇති අතර ඉන් එක් අයෙකු එල්ටීටීඊ රුපවාහිනී නිවේදිකාවක් වන ඉසයිප්‍රියා බව බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පවසයි. 'මගේ දුව' බ්‍රිතාන්‍ය දෙමළ සංසදය පවසන පරිදි මෙහි සිටින්නේ එල්ටීටීඊ නිවේදිකාවක වන ඉසයිප්‍රියා - ඡායාරූපයේ සත්‍යතාව බීබීසීයට තහවුරු වී නැත. මෙම ඡායාරූපවල සත්‍යතාව තවමත් තහවුරු වී නැති නමුත් උෂාලිනි බව පැවසෙන එහි සිටින අනෙක් එල්ටීටීඊ සාමාජිකාව තම දියණිය බවට හඳුනා ගත් බවයි මුලතිව් හි කේ ගුනලිංගම් පවසන්නේ. සෑම පවුලකින්ම එක් අයෙකු එල්ටීටීඊ සංවිධානයට භාර දිය යුතු බවට එල්ටීටීඊ සංවිධානය නියෝග කිරීමෙන් අනතුරුව සිය දියණියට එම සංවිධානයට බැඳීමට සිදු වූ බව කේ ගුනලිංගම් ප්‍රකාශ කළේය. මේ පිළිබඳව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරියගෙන් බීබීසීය කළ විමසීමක දී ඔහු කියා සිටියේ ‘අද පවතින තාක්‍ෂණය සමඟ මෙම ඡායාරූප කුමන ආකාරයේ ඒවාද යන්න එකවර නිගමනයකට පැමිණිය නොහැකි’ බවයි. උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම මෙම ඡායාරූප පිළිබඳව පරීක්ෂා කරනු ඇති බව ද හමුදා ප්‍රකාශක තවදුරටත් කියා සිටියේය. ‘එවකට ත්‍රස්තවාදීන්ව සිටි දොළොස් දහසකට අධික තරුණ පිරිසක් හමුදා භාරයට පත් වුනා. ඒ අයට කිසිම හානියක් නොකොට පුනරුත්ථාපනය කර මේ වන විට සමාජ ගත කර හමාරයි. ඒ අයට උදව් කළ හමුදාව යුද අපරාධ නොකළ බව දෙමළ ජනතාව තරම් හොඳින් දන්නා වෙනත් කවුරුත් නැහැ.’ බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය කියා සිටියේය. කෙසේ වෙතත් මෙම ඡායාරූපවල අව්‍යාජත්වය බීබීසීයට තවම තහවුරු වී නැත.
බ්‍රිතාන්‍ය දෙමළ සංසදය මෑතක දී පළ කළ ඡායාරූපයක සිටින එල්ටීටීඊ සාමාජිකාවන් දෙදෙනාගෙන් එක් අයෙකු තම දියණිය බව මුලතිව්හි පියෙක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ටික වෙලාවකින් හදිසි ප්‍රතිකාර අංශයෙන් ඇමතුමක් ආවා තුවාල වුණ අය අරගෙන එනවා. ඉක්මනට වාර්තා කරන්න කියලා" එදින කොළඹ ජාතික රෝහල වෙනදාට වඩා සන්සුන් ස්වභාවයක් ඉසිලූ අතර, ඒ අවට මාර්ග වෙනදා මෙන් රථ වාහන තදබදයෙන් තොර විය. එහෙත් උදෑසන 9 පසුවනවාත් සමගම ඒ තත්ත්වය උඩුයටිකුරු විණි. ලද තොරතුරුවලින් කියවුණේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ හා සුපිරි හෝටල් තුනකත්, මීගමුව කටුවාපිටිය දේවස්ථානය මෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානයේත් පිපිරීම් වූ බවය. තොරතුරු ලැබිණි. එතෙක් පැවති සන්සුන් බව පරයා මුළු ජාතික රෝහලම සීරුවෙන් සිටිද්දී තුවාලකරුවන් රැගෙන ඒම ආරම්භ විය. එකවර දෙසීයකට ආසන්න පිරිසක් ඇතුළු කළ අතර, පසුව මුළු ගණන 400ට ආසන්න විය. ප්‍රහාර මාලාවක් එල්ල වීමත් සමග, බරපතල තුවාල ලැබූ රෝගීන් විශාල ප්‍රමාණයක් නොකඩවා රෝහලට ඇතුළත් කෙරිණි. එමෙන්ම මළ සිරුරු විශාල ප්‍රමාණයක් ද රැගෙන එන්නට විය. "විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සුළු සේවකයන් දක්වා හැම කෙනෙක්ම ඒ වෙලාවේ නොදන්වාම සේවයට වාර්තා කළා" "එදා උදේ 9 පහුවෙනකොට අපිට විශාල ශබ්දයක් නම් ඇහුණා. ඒත් එක්කම කොළඹ බෝම්බයක් පිපිරුණා කියලා දැම්ම ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කා. නමුත් අපි ඒ අමිහිරි අතීතයෙන් මිදිලා ජීවත් වුණ නිසා එකපාර විශ්වාස කළේ නැහැ," කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කේ. විජයා පැවසුවාය. "නමුත් ටික වෙලාවකින් හදිසි ප්‍රතිකාර අංශයෙන් ඇමතුමක් ආවා තුවාල වුණ අය අරගෙන එනවා. ඉක්මනට වාර්තා කරන්න කියලා. ඒත් එක්කම මම දුවලා ගියා. අපිට එක දිගට ගිලන් රථවල ශබ්දය ඇහෙන්න ගත්තා. ඒ එක්කම තවත් බෝම්බ පිපිරුණා කියලා ආරංචිය ආවා." "මම හදිසි අනතුරු අංශයේ කොරිඩෝව දිගේ දුවගෙන යනකොට බිම එකම ලේ ගොඩක්. තැන තැන පිච්චිලා කළු ගැහිච්ච මල සිරුරු තිබුණා. මම ඇත්තටම දැඩි කම්පනයකට පත් වුණා," යැයි ඇය පැවසුවාය. "ගොඩක් මළසිරුරුවල උඩ කොටස විතරයි තිබුණේ." එම දිනයේ රෝහල් කාර්යමණ්ඩලයේ බොහෝදෙනෙකු නිවාඩු ගොස් තිබුණ ද සිද්ධිය වී පැය දෙකක් වැනි කාලයක් ඇතුළත, සියලුදෙනා සේවයට වාර්තා කර තිබිණි. "විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සුළු සේවකයන් දක්වා හැම කෙනෙක්ම ඒ වෙලාවේ නොදන්වාම සේවයට වාර්තා කළා. ඒ වගේම අවට රෝහල්වල වෛද්‍යවරුන් සිය කැමැත්තෙන්ම වහාම කොළඹ ජාතික රෝහලට ආවා. ඒ වෙලාවේ එය දැඩි ශක්තියක් වුණා" යැයි කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පැහැදි ද සිල්වා පැවසීය. මෙම ප්‍රහාර සිදු වූ දිනයෙන් පසු නැවත ඇති විය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට හැකි පරිදි සියල්ල සූදානම් කිරීමට කොළඹ ජාතික රෝහල ක්‍රියා කර තිබේ කෙසේවෙතත්, මෙම ප්‍රහාර එල්ලවූ දිනයෙන් පසු නැවත ඇති විය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට හැකි පරිදි සියල්ල සූදානම් කිරීමට කොළඹ ජාතික රෝහල ක්‍රියා කර තිබේ. "ඒ වෙලාවේ රෝහලට ගෙනාපු බොහෝ අයගේ කොණ්ඩය සම්පූර්ණයෙන් වාගේ පිච්චිලා තිබුණේ. තවත් අය පිච්චිලා කළු ගැහිලා හිටියේ," වෛද්‍ය පැහැදි ද සිල්වා පැවසීය. "බොහෝදෙනෙක්ට මේ සිද්ධ වුණ දේ හිතා ගන්න බැරුව මානසික ව්‍යාකූලතාවට පත් වෙලා හිටියා. තව අයට සිහිය එනකොට එකපාර ඉන්නේ රෝහලක කියන දේ තේරුම් ගන්න සෑහෙන වෙලාවක් ගියා." මේ තොරතුරුද කියවන්න: හදිසි අවස්ථාවක රෝගීන් විශාල ප්‍රමාණයක් එකවර ඇතුළු කළ විට ඔවුන්ගේ නම් ලබා ගැනීම හෝ දැනගැනීම එතරම් පහසු කරුණක් නොවේ. නම වෙනුවට ඔවුන්ගේ අතක හෝ පාදයක අංකයක් සහිත ඇමුණුමක් රැඳවීමට පියවර ගැනේ. නොකඩවා පැමිණෙන ගිලන් රථ සහ පෞද්ගලික රථවල රැගෙන ආ පිරිස හදිසි අනතුරු අංශයේ පිවිසුම ආසන්නයේ සිට පරීක්ෂා කර, මියගිය අය මෘතශරීරාගාරයට මෙන්ම බරපතල තත්වයේ පසු වූවන් හදිසි අනතුරු අංශයට යොමු කිරීමට හා සුළු තුවාල ලැබූවන් වාට්ටුවලට ඇතුළු කිරීමට වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලය යුහුසුළුව ක්‍රියා කළහ. නම වෙනුවට ඔවුන්ගේ අතක හෝ පාදයක නොම්මරයක් සහිත ඇමුණුමක් රඳවයි "මම ඉන්න තැනට වයස අවුරුද්දක විතර පුංචි දරුවෙක් ගෙනාවා. එයාව සම්පූර්ණයෙන් කළු ගැහිලා තිබුණා. හම පිච්චිලා දිය වෙමින් තිබුණා. මට ඇත්තටම සෑහෙන දුකක් දැනුණා. නමුත් ඒ සියල්ල හිතේ තද කරගෙන, එක දිගට අපි වැඩ කළා," වෛද්‍ය කේ. විජයා පැවසුවාය. උදෑසන දහය පමණ සිට පසුදා රැය පහන් වනතුරු තුවාලකරුවන්ට අවශ්‍ය ශල්‍යකර්ම කෙරිණි. කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර 42ක් ඇති අතර, පාස්කු ඉරිදා දින මේ සියල්ල එකවර විවෘත කිරීමට ක්‍රියා කර ඇත. "එදා ආපු හැමෝටම වගේ ලේ දෙන්න වුණා. නමුත් හදිසි වෙලාවක සිය ගණනක් රෝගීන් එකවර ගෙනාවාම ලේ වර්ගය පරීක්ෂා කරලා ලේ දෙන්න හැකියාවක් නැහැ. නමුත් සර්ව දායකයා ලෙස හැඳින්වෙන O+ සහ O- යන ලේ වර්ග ඕනෑම කෙනෙකුට ලබා දෙන්න පුළුවන්. එදා ආපු හැමෝටම මේ වර්ගවල ලේ එක දිගට දීගෙන ගියා." "සමහරුන්ට ලේ පයින්ට් 5ක් හෝ 6ක් එක දිගට දෙන්න වුණා. මෙය ඉතා ඉක්මණින් සිදු කරන්න වුණා," වෛද්‍ය පැහැදි ද සිල්වා පැවසීය. කොළඹ ජාතික රෝහලට දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අයුරු එමෙන්ම, සාමාන්‍ය දිනයක රෝගීන් ශල්‍යාගාරයට ඇතුළත් කරන්නේ විශේෂ ඇඳුම් ඇගලා වුවත්, හදිසි අවස්ථාවක රැගෙන එන රෝගීන් ඇඳ සිටින ඇඳුමෙන් ශල්‍යාගාරය තුළට ගනු ලබයි. "තුවාලකරුවන් බොහෝදෙනෙක්ට සපත්තු, සෙරෙප්පු තිබුණේ නැහැ. සමහර අය බලන්න දවස් කීපයක් ගතවෙනකම් කිසි කෙනෙක් ආවේ නැහැ. මොකද ඒ අයගේ පවුලේ අය හැමෝම මියගිහින්." "ඒ වගේම විදේශිකයන් තනි වෙලා. ඒ අය නැවතිලා හිටපු හෝටල් කාමර දවස් ගණනක් වහලා දාලා, මොකද ඒවගේ හිටපු සමහරු මියගිහින් තවත් අය තුවාල වෙලා රෝහලේ," ඇය පැවසුවාය. පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල වී දින දහයකට වැඩි කාලයක් ගත වුව ද තවමත් රෝගීන් බොහෝ දෙනෙකු වරින් වර ශල්‍යකර්මවලට භාජනය කෙරෙන අතර, තවත් විශාල ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරියන් දෙදෙනා පැවසූහ. "හදිසි අනතුරු අංශය ඉස්සරහ විදේශිකයෙක් කෑගහලා අඬනවා දැක්කා. එයාගේ මුළු සිරුරම ලේ වලින් වැහිලා තිබුණේ. එයාගේ ළමයි දෙන්නයි, බිරිඳයි බෝම්බවලින් මියගිහින් කියලා පසුව දැනගත්තා. ඒ වගේ තවත් ගොඩක් මිනිස්සු පුදුම දුකකින් කෑ ගහනවා දැක්කා." "මගේ ජීවිතයේ වැඩිම කම්පා වුණ දවසක් මේක. අපි අඳුරු අතීතයක් අමතක කරලා කොයි තරම් සතුටින්, සමගියෙන් මේ රටේ ජීවත් වුණා ද. රට හෙමින් හැදීගෙන ආවා විතරයි දැන් ආයෙත් කෙළවරක් නැති ප්‍රශ්න," වෛද්‍ය කේ. විජයා තවදුරටත් පැවසුවාය. තවත් තොරතුරු:
ඉරිදා දිනයක් වූ හෙයින් රෝහල් කාර්යමණ්ඩලයේ බොහෝ දෙනෙක් නිවාඩු ගොස් සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ටිබෙටයේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් තම පුර්ණ සහයෝගය දෙන බව ජනාධිපති ඔබාමා පවසා තිබේ චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ශන්ග් යෙසුයි (Zhang Yesui) එම නිලධාරි වරයාට පවසා ඇත්තේ චීනයේ විශ්වාසය දිනා ගැනීම සඳහා ඇමරිකාව විසින් පියවර ගත යුතු බවයි. දලයි ලාමා තුමන් සමග පැවති හමුවේදී ටිබෙටයේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් තම පුර්ණ සහයෝගය දෙන බව ජනාධිපති ඔබාමා පවසා තිබේ. දලයි ලාමා තුමන් සමග සාකච්ඡා පැවැත්වීම දෙරටේ සබඳතා දැඩිලෙස පළුදු කිරීමට හේතුවක් වියහැකි බවට චීනය විසින් ඇමරිකාවට අනතුරුඅඟවා තිබියදීය වොෂින්ටනය මෙම හමුවීම සැලසුම් කොට ඇත. කෙසේ වුවද, ධවල මන්දිරය පවසන්නේ දලයි ලාමා තුමන් පැමිණියේ ජාත්‍යන්තර කීර්තියට පත් ආගමික හා සංස්කෘතික නායකයෙකු ලෙස මිස රාජ්‍ය නායකයෙකු ලෙස නොවන බවයි.
ටිබෙටයේ බෞද්ධාගමික නායක දලයි ලාමා තුමන් සමග ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සාකච්ඡා පැවැත්වීම පිළිබඳව විරෝධය දැක්වීමක් වශයෙන් චීනය විසින් බෙයිජින් හි ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කැඳවා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"වසර 66 කට වැඩි කලක් මුස්ලිම් කාන්තාවන් සහ දැරියන්ට එරෙහිව රාජ්‍යයේ අනුග්‍රහය සහිතව සිදුවන සංවිධානාත්මක නොසලකා හැරීම් වහාම නැවතිය යුතුය" ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී CEDAW හෙවත් කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ නොසලකා හැරීම් තුරන් කිරීමේ ප්‍රඥප්ති සැසිවාරය හමුවේ ඒකාබද්ධ ප්‍රකාශයක් කළ සංවිධාන අටක එකමුතුව, ලාංකීය කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ දීර්ඝ යෝජනාවලියක් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුද්ගල නීතිය මගින් ළමා විවාහ නීතිගත කිරීම, ක්වාසි අධිකරණයේ විනිසුරුවන් පත්කිරීම, කාන්තාවන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට එල්ලවන බාධා සහ බහු විවාහ සඳහා පුරුෂයන්ට බිරිඳගේ අනුමැතියක් අවශ්‍ය නොවීම ඇතුළු කාන්තා පීඩක කරුණු ගණනාවක් CEDAW සඳහා වූ කාන්තා ක්‍රියාකාරී කමිටුව සිය ප්‍රකාශය මගින් පෙන්වා දී තිබේ. මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීම මුස්ලිම් සමාජයට අදාළ කරුණක් බව රාජ්‍යය දිගින් දිගටම පවසන නමුත් තමන් එම ස්ථාවරයට දැඩි විරෝධය පළකරන බවත් මුස්ලිම් කාන්තා සංවිධාන ද සාමාජිකත්වය දරන සංවිධාන එකමුතුව අවධාරණය කරයි. "ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව බලපුවහමත් බොහොම පැහැදිලියි කෙනෙක්ගේ ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් කොහෙත්ම අනුමත නොකරන බව" "වසර 66 කට වැඩි කලක් මුස්ලිම් කාන්තාවන් සහ දැරියන්ට එරෙහිව රාජ්‍යයේ අනුග්‍රහය සහිතව සිදුවන සංවිධානාත්මක නොසලකා හැරීම් වහාම නැවතිය යුතුය," යනුවෙන් ද නිවේදනයේ දැක්වේ. CEDAW සඳහා වූ කාන්තා ක්‍රියාකාරී කමිටුව ජිනීවා නුවරදී ඉදිරිපත් කළ යෝජනා අතර: වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වෙනි වගන්තිය ප්‍රකාර සම්මත නීතියක් සම්බන්ධයෙන් අධිකරණ විමර්ශනයක් පැවැත්වීම තහනම් කිරීම සුළු ජනකොටස් නොසලකා හැරීමකට මග පෑදෙන බව පෙන්වාදෙන කාන්තා සංවිධාන, නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී එම වගන්තිය ඉවත්කළ යුතු බවත් අවධාරණය කරයි. නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත්කළ යෝජනාවක් තමන් 'වීසි කළ' බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා සඳහන් කළේය. සමලිංගිකත්වය පිළිබඳව දැනට පවතින විධිවිධාන වෙනස්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තරයේ විරුද්ධ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය. එහෙත් ලිංගිකත්වය මත පදනම් වී වෙනස්කම් කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජය අනුමත නොකරන බව ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට දෙවැනි පෙළ පුරවැසියන් ලෙසින් සලකන මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීමට රාජ්‍යය පියවර ගතයුතු බව කාන්තා සංවිධාන එකමුතුවක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මේ බව කියා සිටියේ වෙඩි වැදී මිය ගිය තිදෙනාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින්. වෙඩි හඬ ඇසුන නමුත් වෙඩි තබනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න තමා නොදන්නා බවයි පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කියා සිටියේ. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කියා සිටියේ සාක්ෂි කරුවන්ට බලපෑම් එල්ල වී ඇති බව යි. සාක්ෂි ලබා දීම සඳහා නියමිතව සිටි වැලිවේරිය කතෝලික දේවස්ථානයේ පියතුමා සහ කන්‍යා සොහොයුරිය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියේ නැත.
වැලිවේරියේ වෙඩි තැබීම සිදු කළ බව පැවසෙන හමුදා කණ්ඩායම එම ස්ථානයට පැමිණියේ ආරක්ෂක ලේකම් වරයාගේ පණිවිඩයක් රැගෙන බව වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රාජිත සේනාරත්න එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් තම අපේක්ෂකයින් ඉදිරිපත්වෙන අතර මැතිවරණයෙන් අනතුරුව යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ දේශපාලන පක්ෂයයක් ලෙස ලියාපදිංචි කෙරෙන බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය. පුළුල් පෙරමුණක් මාදුළුවාවේ සෝභිත නා හිමියන් ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන එකතුව, අතුරලියේ රතන ස්වාමින්වහන්සේ ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන පිවිතුරු හෙටක් සහ සම සමාජ ,කොමියුනිස්ට් පක්ෂ වල විකල්ප කණ්ඩායම ඇතුළු කණ්ඩායම් රැසක් තමන් හා එක්ව සිටින බවයි සේනාරත්න ඇමතිවරයා කියා සිටින්නේ. කොළඹ,කළුතර,ගම්පහ,මහනුවර,රත්නපුර,ගාල්ල,මාතලේ යන දිස්ත්‍රික්ක වලින් තම අපේක්ෂකයින් ඉදිරිපත් කරන බව රාජිත සේනාරත්න පැවසීය. ජනාධිපතිවරයා හමුවී යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ කරන ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් පිළිබඳව විමසු විට රාජිත සේනාරත්න කියා සිටියේ චම්පික රණවක,අර්ජුන රණතුංග, එම්කේ ඩී එස් ගුණවර්ධන යන ඇමතිවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමින්වහන්සේ තම පෙරමුණ හරහා නාම යෝජනා ලැබීමට නියමිතව සිටින බවයි. මෙම නව පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ආශීර්වාදය සහ සහයෝගය ලැබෙන්නේ දැයි විමසු විට,තමන් ඊයේ(සිකුරාදා) රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවී ඔහුව මෙම වැඩ පිළිවෙල පිළිබඳව දැනුවත් කළ බව පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණය පිළිබඳව දක්වන ස්ථාවරය නාමයෝජනා භාර ගැනීම අවසන් වන ජුලි දහතුන්වෙනිදා හෝ එයින් පසුව ප්‍රකාශයට පත් කරන බවතමන්ට කියාසිටී බව රාජිත සේනාරත්න ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් සහ වමේ කොටස් රැසක් සමගින් පිහිටුවා ගත් යහ පාලන පෙරමුණට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් පක්ෂයෙන් නාම යෝජනා දොළහක් හෝ දහතුනක් ලබා දීමට පොරොන්දු වී ඇතැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා බීබීසි සංදේශයට යට කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉකුත් දෙදින තුළ දූපතේ උතුරු ප්‍රදේශය මුහුදු ජලයෙන් යට වී තිබූ අයුරු දැක ගත හැකි වූ බවයි බීබීසී සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න කියා සිටියේ. මුහුදු ජලය දූපත තුළට ගලා ඒම නිසා නිවාස සියයකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇත. බත්තලංගුණ්ඩුව දූපතේ පුද්ගලයන් පන්දහසකට ආසන්න පිරිසක් ජිවත් වෙති. වයඹ මුහුදු තීරයේ පිහිටි පල්ලියවත්ත දූපතේ කලකට ඉහතදී පවුල් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ජිවත් වූ අතර දූපත මුහුදට සේදී යාම හේතුවෙන් මේ වන විට එහි ජිවත් වන්නේ පවුල් පනහකට ආසන්න සංඛ්‍යාවකි. පල්ලියවත්ත දූපතේ පාසලක්, පොලිසියක් හා තැපැල් කාර්යාලයක් පිහිටා තිබූ අතර එම ගොඩනැගිලි සියල්ල මේ වන විට මුහුදට බිලි වී ඇති බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න පවසන්නේ. තැපැල් කාර්යාලයේ ගොඩනැගිල්ලේ ශේෂ වී ගිය කොටස් පමණක් එහි දැක ගත හැක. පල්ලියවත්ත දූපත සහ එහි වැසියන්ට අත් වූ ඉරණම තමන්ටද අත් විය හැකි බවයි බත්තලංගුණ්ඩුව ධීවර සමිතියේ සභාපති ඩෙන්සිල් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ. බත්තලංගුණ්ඩුව දූපත සමුද්‍ර ඛාදනයට ගොදුරු වීම අවම කිරීම සඳහා පිළියම් යෙදීමට බලධාරීන් වහා මැදිහත් විය යුතු බවයි ඔහු අවධාරණය කළේ. මුහුදු ජලය ගැලීම හේතුවෙන් විපතට පත් පවුල් වෙත සහන සැලසීම සඳහා පියවර ගත යුතු බවත් ධීවරයෝ පවසති.
බත්තලංගුණ්ඩුව දූපත මුහුදට දිය වී යෑමේ බරපතළ අවදානමක පවතින බව එහි වෙසෙන ධීවරයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2019 අගෝස්තු මාසයේ ආගමික සභාවෙන් නෙරපා හරින ලද ලුසී කලප්පුරා(Lucy Kalappura)නම් කන්‍යා සහෝදරිය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ "ෆ්‍රැන්සිස්කානු ක්ලැරිස්ට්"කිතුනු නිකායට (FCC)අයත් ලුසී කලප්පුරා(Lucy Kalappura) නම් කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට (Franco Mulakkal) එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ආගමික සභාවෙන් නෙරපා හරිනු ලැබ සිටින්නීය. එසේ නෙරපා හරින ලද නමුත් තමා වාසය කරන කන්‍යාරාමයෙන් පිටව නොයන බව බව කියා සිටින කන්‍යා සහෝදරිය තමාට යුක්තිය පතා අධිකරණය ඉදිරියට යාම සඳහා සැලසුම් කරමින් සිටින බව කියා සිටින්නීය. ලුසී කලප්පුරා (Lucy Kalappura) කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට එරෙහිව 2018 වසරේ දියත් කෙරුණු විරෝධතා ව්‍යාපාරයකට හවුල් වී ඇත. 2014 සහ 2016 අතර කාලය ඇතුළත රදගුරු මුලක්කාල් තමා කිහිප වතාවක් දූෂණය කළ බවට කන්‍යා සහෝදරිය චෝදනා කළ අතර එම චෝදනා මත ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත. එහෙත් රදගුරු මුලක්කාල් ඔහුට එරෙහි සියලු චෝදනා බැහැර කරයි. වතිකානය විසින් කන්‍යා සහෝදරියගේ අභියාචනය ප්‍රතික්‍ෂේප කරන ලද ලිපියේ පිටපතක් ලුසී කලප්පුරා කන්‍යා සහෝදරිය නෙරපා හරින ලද්දේ ආගමික සභාවේ විධිමත් නීති උල්ලංඝනය කෙරෙන ඇයගේ ජීවන රටාව සැලකිල්ලට ගනිමින් යයි කේරලයේ "ෆ්‍රැන්සිස්කානු ක්ලැරිස්ට්"කිතුනු සභාව (FCC)පවසයි. එහෙත් සභාවෙන් නෙරපා හැරීමට සැබෑ හේතුව තමා රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට එරෙහිව විරෝධතා ව්‍යාපාරවල දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබීම යැයි කන්‍යා සහෝදරිය කියා සිටී. "වතිකානයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් මම සෑහීමකට පත්වන්නේ නැහැ" ලුසී කලප්පුරා කන්‍යා සහෝදරිය බීබීසි හි යෝගිතා ලිමායේ (Yogita Limaye) සමඟ සඳහන් කළාය. පල්ලියේ නිලධාරීන් තමාගේ පැත්තෙන් කරුණු විමසීමට අඩුතරමින් තමාට කතාකිරීමටවත් ක්‍රියා නොකළ බව කන්‍යා සහෝදරිය කියා සිටින්නීය. "මම කන්‍යාරාමයෙන් පිට වෙන්නේ නැහැ. මගේ ජීවන රටාව සකස් වෙලා තියෙන්නේ ආගමික සභාවේ නීති සහ රෙගුලාසිවලට අනුකූලවයි" ඇය වැඩිදුරටත් සඳහන් කළාය. "කන්‍යා සහෝදරිය සම්බන්ධයෙන් දෙන ලද තීරණය තම නෛතික අයිතිවාසිකම්වලට පටහැනි යයි හැඟී යන්නේනම් එම තීරණය සම්බන්ධයෙන් ඇයට යළි "පිහිටක්" පැතිය හැකි බව රෝමයේ වතිකානයෙන් ලද ලිපියෙහි සඳහන් වෙතත් එවැනි අභියාචනයක් කිරීමේ අදහසක් නොමැති" බව ද ඇය කියා සිටින්නීය. මට දෙවැනි අභියාචනයක් සඳහා අවසරය ලැබී තිබෙනවා. නමුත් ඔවුන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කළාට පස්සේ එවැනි අභියාචනයක් කිරීමේ තේරුමක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ.මගේ ඊළඟ පියවර ආගමික සභාවේ බලධාරීන්ගේ නීතිවිරෝධී හැසිරීමට මුහුණ දෙන්නන් සහ ඔවුන් විසින් පීඩාවට ලක් කරනු ලබන සියලුදෙනා වෙනුවෙන් උසාවියට යාමයි" " ලුසී කලප්පුරා කන්‍යා සහෝදරිය බීබීසි සමග ප්‍රකාශ කළාය. "ඉන්දියාවේ කතෝලික සභාව ලිංගික අපචාර ඉදිරියේ නිහඬ ඇයි?" රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට එරෙහිව තවත් කන්‍යා සහෝදරියන් පිරිසක් ද විරෝධය පළකර ඇත. දූෂණ අපචාර ඉදිරියේ "ඇස් වසාගෙන" සිටින බවට එම කන්‍යා සහෝදරියෝ කේරලයේ කතෝලික සභාවට මෙන්ම වතිකානයට ද චෝදනා කරති. ඉන්දියාවේ සිටින වතිකාන තානාපතිවරයාට, පවතින තත්ත්වය තමන් ලිපියකින් දැනුම් දෙන අතරවාරයේ වතිකානයට පවා ලියා ඇතත් එම දෙපාර්ශ්වයෙන්ම කිසිදු ප්‍රතිචාරයක් නොලද බවත් ඔවුහු පවසති. ඒ අතරවාරයේ කේරලයේ කතෝලික සභාව ඉහත කී විරෝධතා ක්‍රියාමාර්ග ගත් කන්‍යා සහෝදරියන්ට එරෙහිව දඬුවම් කිරීමේ වැඩ පිළිවෙලකට ගොස් ඇත. විනය ක්‍රියාමාර්ග ගන්නා බවට කෙරෙන අනතුරු ඇඟවීම් සහ වෙනත් ආයතනවලට මාරුකර යැවීම් පිළිබඳව දැනුම්දීම් ඊට ඇතුළත් වේ. "රදගුරුවරයා ආරක්ෂා කර ගැනීම සඳහා ආගමික සභාවේ බලධාරීන් සාක්‍ෂි විනාශ කිරීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටින බව කේරලයේ අධිකරණයක් ඉදිරියේ සාක්ෂිදුන් එක් කන්‍යා සහෝදරියක් විනිසකරුට කියා සිටියාය. කියවන්න;
කතෝලික රදගුරුවරයකු විසින් තමා දූෂණය කරන ලදැයි චෝදනා කරන ඉන්දියානු කිතුනු කන්‍යා සහෝදරියක් වතිකානය මගින් ද තමාට යුක්තියක් ඉටු නොවූ බව පවසන්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොළඹ අහස සිඹිමින් නැග සිටින 'නෙළුම් කුළුණේ' ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 වසරේදීය. චීන සමාගමක් විසින් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ ද සම්බන්ධය ඇතිව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි. ප්‍රධාන වශයෙන් රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේශණ ස්ථානයක් ලෙස මෙම කුළුණ භාවිත කිරීමට නියමිත අතර ඊට අමතරව උත්සව ශාලා, භෝජනාගාර, කෞතුකාගාරයක් හා නැරඹුම් මැදිරියකින් ද මෙය සමන්විත වේ. විවිධ ආන්දෝලන හා විවේචන මධ්‍යයේ ක්‍රියාත්මක කෙරුණු 'නෙළුම් කුළුණ' ව්‍යාපෘතිය පිළිබඳ සුවිශේෂී කරුණු 7ක් මෙසේ දැක්විය හැකිය. නෙලුම් කුළුණ මතට, මරදාන දුම්රිය ස්ථානය ඇතුළු ප්‍රදේශය දිස්වන අයුරු 01. ඉදිකිරීම් ස්ථානය වෙනස් වීම බහුකාර්ය විදුලි සංදේශ කුළුණක් ඉදිකිරීමේ අවශ්‍යතාව මුලින්ම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ඇති වූයේ 2008 වසරේදීය. ඒ අනුව ඊට පෑලියගොඩ නගරයේ ඉඩම් හඳුනාගන්නා ලදුව ඉදිකිරිම ආරම්භ කිරීමට සුදානම් වුවත් අදාළ ඉඩම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් එහි ඉදිකිරීම් ආරම්භ නොකෙරිණි. පසුව 2010 වසරේදී පමණ දැන් 'නෙළුම් කුළුණ' ඉදිකර ඇති කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඇති රජයේ ඉඩම් මේ සඳහා හඳුනා ගැනිණි. අක්කර 6ක් පමණ වූ මෙම ඉඩමේ දිවිගෙවූ පැල්පත්වාසීන්ට මහල් නිවාස ලබාදී ඔවුන් එම ස්ථානයෙන් ඉවත්කිරීමෙන් අනතුරුව 2012 වසරේදී ඉදිකිරීම් ආරම්භ විය. 'පොර්ට් සිටි' ඉදිකිරීම් වැඩබිම ඇතුළු ප්‍රදේශය 'නෙළුම් කුළුණ' මතට දිස්වන අයුරු 02. චීන ණය මුදලක්, චීන සමාගම් දෙකක් 'නෙළුම් කුළුණ' ඉදිකිරිම සඳහා තෝරාගත් කොන්ත්‍රාත් සමාගම් දෙක චීන සමාගම් වූ අතර මෙය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව ණය මුදලක් ලබාදීමට කටයුතු කර තිබිණි. චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් (BRI - Belt and Road Initiative) නම් වැඩපිළිවෙල යටතේ ඒ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබිණි. චීනයේ එක්සිම් බැංකුව ව්‍යාපෘතියට යන මුදලින් 80%ක් ද ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසම ද යෙදවීමට එහිදී තීරණය වී තිබිණි. එම සැලසුමට අනුව තීරණය කෙරුණේ නෙළුම් කුළුණ මගින් ලබාගන්නා ආදායමෙන් වසර 40කින් එම ණය මුදල ගෙවීමය. දින 912කින් එනම් 2015 වසරේ ඉදිකිරීම් අවසන් කිරීමේ අරමුණින් වැඩ ආරම්භ කළත් ඊට වසර 7ක් ගත විය. 03. ඉන්දීය "සැකය" විවෘත කිරීමේ උළෙල වෙනුවෙන් සැරසිලි චීනය මෙම ඉදිකිරිම සඳහා සම්බන්ධ වීමත් සමග ඉන්දියාව මෙම කුළුණ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබිණි. විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍යවල මෙම කුළුණ දකුණු ආසියාවේ ආවේක්ෂණ කටයුතු සඳහා භාවිත කිරීමට චීනය සුදානම් වන බවට ද වාර්තා පළකර තිබිණි. එහෙත් එම චෝදනා ඉදිකිරීම් සමාගම් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ තිබූ අතර එවැනි කිසිදු උපකරණ එහි නොමැති බව ඔවුහු අවධාරණය කළහ. මෙහි හිමිකාරත්වය ඇත්තේ චීනයට නොව ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමට බව ද චීන සමාගම එම චෝදනාවට ලබාදුන් පිළිතුරුවල සඳහන් වේ. 04. උසම ඉදිකිරීම '2021 තෙක් පමණයි' අකුණු සන්නායක කණුව ද සහිතව 'නෙළුම් කුළුණේ' සම්පූර්ණ උස මීටර 356ක් ලෙස ගණන් බලා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ද උසම කුළුණ ලෙස සැළකේ. කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ආරම්භකර ඇති 'වන් ටවර්' ව්‍යාපෘතියට අනුව ඉදිවන ගොඩනැගිල්ල මීටර් 376ක් ලෙස සැළසුම් කර තිබේ. 2021දී එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැළසුම් කර ඇති අතර එම ඉදිකිරීම් අවසන්වූ පසු දැනට ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ උසම ඉදිකිරීම ලෙසට 'නෙළුම් කුළුණට' ලැබී ඇති හඳුන්වාදීම කොළඹ 01 ප්‍රදේශයේ ඉදිකෙරෙන 'වන් ටවර්' වෙත හිමිවනු ඇත. 05. "පගා කුළුණ/පැනලා මැරෙන්නද?/ බොම්බයි ලුණු ගෙඩියක් සුද්ද කරලා අනෙක් පැත්තට තැබුවා වගෙයි" මහින්ද රාජපක්ෂ පාලන සමයේ නෙලුම් කුළුණේ ඉදිකිරීම් ආරම්භ විය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ අදහස් පළකර තිබේ. ඒයින්, ජනතාවට අතර දැඩි ලෙස කතාබහට ලක්වූ ප්‍රකාශයකි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් "ඔය නෙළුම් කුළුණ හොඳයි අපිට පැනලා මැරෙන්න" යනුවෙන් කරන ලද ප්‍රකාශය. "ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිව්වට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුළුණ හොඳයි අපිට පැනලා මැරෙන්න. ඒකේ උඩ හෝටලයක් තියනවාලු. ඒ හෝටලය කැරකෙනවලු. දැන් ඌව පරණගම ඔබට මොකටද මේක. මෙතන මේ කහට කෝප්පයක් බොන්න නැතිව ඉන්න අපිට ඕකට ගිහිල්ලා තේ කෝප්පයක් බොන්න පුළුවන්ද. ඒවා හදන්නේ අපිට නෙවෙයි. මේවා හදන්නේ වෙන පම්පෝරී ගහන වෙන පන්තියකට" ඌව පරණගම ප්‍රදේශයේ රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේය. ටිල්වින් සිල්වාට අමතරව මුදල් අමාත්‍ය මංගල සමරවීර 'නෙළුම් කුළුණ', "පාගා කුළුණ" ලෙස හඳුන්වා කළ ප්‍රකාශය ද සමාජයේ යම් කතාබහක් ඇතිවිය. ඒ 'නෙළුම් කුළුණ' වෙනුවට "පගා කුළුණ" ලෙස එය නම් කළ යුතු බවට ඔහු කළ යෝජනාව හේතුවෙනි. "පොහොට්ටුව යනු පගා ගැසීමේ සංකේතය" ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයට චෝදනා කරමින් ඔහු එලෙස කියා සිටියේය. මහින්ද රාජපක්ෂ පාර්ශ්වය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 'නෙළුම් කුළුණ' ඉදිකිරිම ආරම්භ කළ අවස්ථාවේ එවක විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අනුෂ පැල්පිට මෑතකදී 'නෙළුම් කුළුණ' ගැන පුවත්පතකට කළ ප්‍රකාශයද අවධානයට ලක්විය. "ඒ අසලින් යද්දී මම නෙළුම් කුළුණ දිහා බලනවා. දැන් බොම්බයි ලුණු ගෙඩියක් සුද්ද කරලා අනෙක් පැත්තට තැබුවා වගෙයි තියෙන්නේ. නෙළුම් මලේ පාට නෙවෙයි. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ, ඒකටත් හේතුවක් ඇති" ඔහු කියා සිටියේය. 06. "හුළඟට මේ කුළුණ වැනෙනවා" ඉදිකිරීම් අතරතුර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 80 දෙනෙකුගේ පමණ සහය මෙම ව්‍යාපෘතිය සැළසුම් කිරීමට සහ ඉදිකිරීම් අධීක්ෂණයට හිමිවී තිබේ. මෙම ව්‍යාපෘතියට නිල උපදේශන සැපයීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තෝරාගනු ලැබුවේ මොරටුව විශ්වවිද්‍යාලය ය. "මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමල් සිල්වාගේ සංකල්පයක් අනුව හැදුනු නෙළුම් කුළුණ සැලැස්ම ඔහු තමයි චීන සමාගමට දෙන්නේ" නෙළුම් කුළුණේ ව්‍යුහ ඉංජිනේරු කිත්මල් පෙරේරා මෙහි ආරම්භය ගැන අදහස් දක්වමින් කියා සිටියේය. සැලසුමේ සිට ඉදිකිරීම් අවසන් වන තෙක් මෙහි සියලු ඉදිකිරීම් මෙම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ නිර්දේශය මත සිදුවූ බව ඔහු පවසයි. "හුළඟට මේ කුළුණ වැනෙනවා හැබැයි අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ විදිහටයි මේක හදල තියෙන්නේ" ව්‍යුහ ඉංජිනේරු කිත්මල් පෙරේරා සඳහන් කරයි. "භූමිකම්පා, අධික සුළඟට ඔරොත්තු දෙන විදිහටයි මේක අපි හදල තියෙන්නේ තාක්ෂණය යොදාගෙන". 07. ජනතාවට විවෘත කිරීම පසුවට සැප්තැම්බර් 16 වෙනිදා 'නෙළුම් කුළුණ' ඉදිකළ චීන සමාගම විසින් ශ්‍රී ලංකාවට එය භාරදෙන ලදුව අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් නිල වශයෙන් විවෘත කෙරුණද එය ජනතාවට විවෘත කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බව වාර්තාවේ. දේශීය හා විදේශීය සංචාරකයන්ට විවෘත කිරීමට පෙර මෙහි අවසන් කිරීමට වැඩ කටයුතු තවත් ඇති බව එහි ප්‍රධානියෙකු බීබීසි සිංහල සේවයට පැවසීය. ඉදිකිරීම් අවසන් නමුත් මෙහි ඇතුළත ඇති අවන්හල් වැනිදේ ක්‍රියාත්මක වීම තවමත් ආරම්භ කර නොමැති බව වාර්තා වේ. මෙම කටයුතු පාලනය කිරීම සඳහා රජයේ සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවුයේ ද මෑතකදීය.
දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන 'නෙළුම් කුළුණ' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින් සඳුදා (සැප්තැම්බර් 16) සවස නිල වශයෙන් විවෘත වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද්ධයේදී පොකුරු බෝම්බ යොදා නොගත් බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ පසුගිය මාසයේදී පිපිරීමකින් දරුවෙකු මියගිය ස්ථානය ආසන්නයේ තිබී පුපුරා නොගිය පොකුරු බෝම්බවල කොටස් හමුවූ බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ ඇලන් පොස්ටන් ඊමේල් පණිවුඩයක් මඟින් පවසයි. කෙසේ වුවද පොකුරු බෝම්බ එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී යොදා නොගත් බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම කියා සිටින්නේ. 2010 අගෝස්තු මාසයේ සිට බල පැවැත්වෙන ජාත්‍යන්තර සම්මුතියකට අනුව පොකුරු බෝම්බ යොදාගැනීම තහනම්කොට තිබෙන නමුත්, ශ්‍රී ලංකාව, චීනය, රුසියාව, ඉන්දියාව, පාකිස්ථානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එම සම්මුතියට අත්සන් තබා නැත. නිසි පරිදි යොදා ගන්නේනම් පොකුරු බෝම්බ නීත්‍යානුකුල යුද අවියක් බව එක්සත් ජනපදයේ තර්කයයි. 'ප්‍රථම සාක්ෂිය' ශ්‍රී ලංකා හමුදාව පොකුරු බෝම්බ භාවිත කළ බව‍ට යුද්ධය අවසානවීමෙන් අනතුරුව බොහෝ සාමාන්‍ය වැසියන්ගෙන් චෝදනා එල්ල වූ බව පවසන කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්, කෙසේ වුවද එම චෝදනා සනාථ කෙරෙන ආකාරයේ සාක්ෂි හමුවූ ප්‍රථම වතාව මෙය බවත් පෙන්වා දෙයි. පොකුරු බෝම්බ හමුවූ බව පවසමින් ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික උපදේශක ඇලන් පොස්ටන් විසින් යවන ලද ඊමේල් පණිවුඩයේ පිටපතක් තමන්ට ලැබී ඇති බවයි, ඒපී පුවත් සේවය ඊයේ කියාසිටියේ. උතුරු ශ්‍රී ලංකාවේ පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී පුපුරා නොගිය කුඩා බෝම්බ හමු වූ බව එම පණිවුඩයේ සඳහන්වේ. පොකුරු බෝම්බ ප්‍රහාරයකදී විශාල ප්‍රදේශයක් පුරා කුඩා බෝම්බ විසිර යන අතර, පිපිරී නොගිය එවැනි බෝම්බ මඟින් වසර ගණනාවකට පසුවද සාමාන්‍ය වැසියන් මරුමුවට පත්වීමේ හෝ අතපය අහිමිවීමේ අවදානමක් පවතී. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේදී, 2009 වර්ෂයේදී, දස දහස් ගණන් සාමාන්‍ය ජනතාව යුද්ධයට කොටුවී මියයන්නට ඇති බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. එහෙත් "පොකුරු බෝම්බ ගණයට වැටෙන කිසිම බෝම්බයක් යොදා නොගත්" බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසීය.
පුපුරා නොගිය පොකුරු බෝම්බ ශ්‍රී ලංකා යුද බිමෙන් හමුවූ බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කටයුතු කර ඇති මහාචාර්ය දයා සෝමසුන්දරම් මහාචාර්යවරයාගේ සමීක්ෂණයට අනුව දෙදහස් පහ වසරේ සිට දෙදහස් නවය වසර දක්වා යුද්ධය පැවති කාල වකවානුවේ යාපනය අර්ධද්වීපය තුළ සිය දිවි හානි කර ගැනීමේ ප්‍රතිශතය ලක්ෂයකට විසි තුනක්. මේ වන විට යුද්ධය අවසන් වී වසර කිහිපයක් ගතව ඇති අතර දෙදහස් දහතුන වසරේදී එම සංඛ්‍යාව ලක්ෂයකට විසිපහ දක්වා ඉහළ ගොස් ඇති බවයි මහාචාර්ය දයා සෝමසුන්දරම් ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහය වූ පර්යේෂණ ගණනාවකට සහභාගී වී ඇති සෝමසුන්දරම් මහාචාර්යවරයා තවදුරටත් කියා සිටියේ යුද සමයේ සිදු වූ සිය දිවි හානි කර ගැනීම්වලට විශාල වශයෙන් බලපා ඇත්තේ එම වකවානුවේ සිදු වූ ඉවසා ගත නොහැකි මට්ටමේ හමුදා ක්‍රියාකාරකම් බවයි. ව්‍යාකූලභාවය මේ මොහොත වන විට යුද්ධය අවසන් වී ඇතත් යාපනයේ සිය දිවි හානිකර ගැනීම් වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඔවුන්ගේ ආර්ථික ස්ථාවරභාවය කඩා වැටීම සහ සමාජීය තත්ත්වය ව්‍යාකූලභාවයට පත් වී තිබීම යැයි මහාචාර්යවරයා පවසයි. යුද්ධයේදී තම දරුවන් ඇතුළු ඥාතීන් මිය යාම හා අතුරුදහන් වීම, දේපළ විනාශ වීම යන කරුණු නිසා යාපනයේ වැසියන් තුළ ඇති වූ ඉච්ඡාභංගත්වයද සියදි වි හානි කර ගැනීමට බලපා ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. ඈත අතීතයේ පටන් දෙමළ සංස්කෘතිය තුල පවුල් වශයෙන් එකට විසීමට තිබූ රුචිකත්වය බිඳ වැටීමද මීට හේතු වී ඇති බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කරයි. යුද්ධයට මැදිව යුද්ධයට මැදි වීමෙන් සිය පවුලේ සාමාජිකයන් විශාල වශයෙන් මරණයට පත් වීමත් තවත් බොහෝ දෙනා පවුලෙන් වෙන් වී විසිර යාමත් යාපනයේ වැසියන් තනි වීමට හේතු වී ඇති බව සමීක්ෂණ මගින් නිගමනය කළේ යැයි දයා සෝමසුන්දරම් මහාචාර්යවරයා කියා සිටියි. යාපනය හා ඒ අවට ප්‍රදේශයේ මේ වන විට ඉතා සීඝ්‍ර සංවර්ධනයක් දක්නට ලැබෙන නමුත් එම සංවර්ධනය භෞතික සංවර්ධනයක් මිස මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය දියුණු වී සිත් තුලට සන්තෝෂය රැගෙන එන අන්දමේ සංවර්ධනයක් නොවෙන බැවින් යාපනයේ වැසියන් දිනෙන් දිනම මානසික ආතතියට පත් වන බව මහාචාර්යවරයා සඳහන් කරයි. මෙම අසහනකාරී තත්ත්වය හේතුවෙන් යාපනයේ වැසියන් තවදුරටත් සිය දිවි හානි කර ගැනීම කෙරෙහි වැඩි වශයෙන් යොමු විය හැකි බව මහාචාර්ය දයා සෝමසුන්දරම් අවධාරණයෙන් කියා සිටියි.
යුද්ධය අවසන් වී සාමය එළඹීමෙන් පසු යාපනය අර්ධද්වීපය තුළ සිය දිවි හානි කර ගන්නා පිරිසේ වැඩි වීමක් දක්නට ඇති බව ඒ පිළිබඳ සමීක්ෂණයක් කළ මහාචාර්ය දයා සෝමසුන්දරම් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මානව හිමිකම් කඩවීම් සිද්ද වෙන්නේ දේශපාලන සහ නීතිමය ක්ෂේත්‍රයේ පවත්නා විෂමතාවයන් නිසා' ආසියාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීම් වස් කරන ලද මෙහෙය වෙනුවෙන් ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දුට එම සම්මානය පිරිනමන බව සංවිධායකයෝ පවසති. ඇමරිකානු ජාතික ආරක්ෂක ආයතනයේ රහස් ඔත්තු කටයුතු හෙලිකිරීම හේතුවෙන් රටින් පිටුවහල් වීමට සිදුවූ එඩ්වඩ් ස්නෝඩන්, පාකිස්තාන ජාතික මානව හිමිකම් ක්‍රියාධාරිනිය සහ නීතිවේදිනී අස්මා ජහන්ගිර්, ලන්ඩනයේ ගාඩියන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ඇලන් රස්බ්‍රිජර් සහ ඇමෙරිකානු ජාතික පරිසරවේදියකු සහ ගත්කතුවරයකු වන බිල් මැකිබන් මේ වසරේ සම්මානයෙන් පිදුම් ලබන අනෙක් පිරිසයි. "මානව හිමිකම් ක්ෂේත්‍රයේ ඇති වැදගත්කම මේ සම්මානය හිමිවීම මගින් විදහා දක්වන," බවයි බැසිල් ප්‍රනාන්දු සම්මානය හිමිවීම පිළිබඳව සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේ. "අපේ විශේෂත්වය වුනේ මානව හිමිකම් කඩවීම් සිද්ද වෙන්නේ රටේ දේශපාලන සහ නීතිමය ක්ෂේත්‍රයේ පවත්නා විෂමතාවයන් නිසා බව පෙන්වා දීමයි." 1980 දී ආරම්භ කරන ලද Right Livelihood වාර්ෂික සම්මානයේ අරමුණ 'වර්තමානයේ ලෝකය මුහුණ දෙමින් සිටින හදිසි අභියෝගයන්ට ප්‍රායෝගික පිළිතුරු ලබාදෙන පුද්ගලයන්' පිදීම බවයි, සම්මාන පදනම පවසන්නේ. මේ වසරේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන දෙසැම්බර් දෙවැනිදා ස්වීඩන පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
ස්වීඩනයේ Right Livelihood සම්මාන පදනම විසින් පිරිනමන විකල්ප නොබෙල් සම්මානය ලෙස හැඳින්වෙන සම්මානය මේ වසරේ ශ්‍රී ලාංකිකයකුටත් හිමි වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති සිය අවසන් තරඟයෙන් අනතුරුව පැවැත්වුන මාධ්‍ය හමුවේ දීයි ඔහු එම ප්‍රකාශය කළේ. 2011 අප්‍රේල් සිට 2012 ජනවාරි දක්වා තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා පිළේ නායකත්වය දැරූ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් ජයක් ලබා ගැනීම හැර ඔහු ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුවිශේෂී ජයග්‍රහණ ලබාගැනීමට නොහැකි විය. ඊයේ දඹුල්ල මාධ්‍ය හමුවේ දී තිලකරත්න ඩිල්ශාන් කියා සිටියේ හිටි හැටියේම තමා කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබීම සම්බන්ධයෙන් ඉතා කනගාටුවට පත් වූ බවයි. මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් නායකත්වයට පත් කෙරුණ අතර ඔහු දඹුල්ල මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් සඳහන් කළේ කණ්ඩායමේ නායකයා හැටියට තමා එදා ප්‍රශ්න රැසකට මුහුණ දුන් බවයි. 'එංගලන්තේදී මගේ අතට බෝලයක් වැදිලා තුවාල වුනාම හිටපු නායකයන්ට කිව්වා නායකත්වය දරන්න කියලා, ඔවුන් බැහැයි කිව්වා' ඔහු අතීත අත්දැකීම් සිහිපත් කරමින් පවසයි. නවක ක්‍රීඩකයන් වෙනුවෙන් සිය නායකත්වය යටතේ නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම ඇතැම් අයට ගැටළුවක් වූ බව පෙන්වා දුන් තිලකරත්න ඩිල්ශාන් එසේ හඳුන්වා දුන් නවකයන් අද දක්ෂ ලෙස ක්‍රීඩා කරනු දක්නට ලැබීම ගැන තමා අද සතුටු වන බවයි කියා සිටියේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පමණක් නොව ඇතැම් පුහුණුකරුවන්ගෙන් ද කණ්ඩායමේ නායකයා හැටියට තමාට අවශ්‍ය සහයෝගය නොවූ බවයි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සමු ගන්නා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා පවසන්නේ. 'මම නායකත්වය දරපු අවුරුද්ද පුරාම ඇන්ජලෝ මැතිව්ස්ට ආබාධයක් තිබුණා. ඒ අවුරුද්ද පුරාම මැතිව්ස්ට පන්දු යවන්න බැරි වුණා. ඒක මගේ අවාසනාව වෙන්න ඇති. මොකද මම නායකත්වයෙන් ඉවත් වෙලා සතියකට පස්සේ අපි ඔස්ට්‍රේලියාවට ගියා. ඒ සතියේ දී ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්න පටන් ගත්තා. ඒක මහේලගේ වාසනාව වෙන්න ඇති' තිලකරත්න සිය අතීත අත්දැකීම් පෙරට තබන ලද්දේ එපරිද්දෙනි. තමන්ට තව වසරක් හෝ දෙකක් පහසුවෙන් ක්‍රීඩා කල හැකි වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළේ 2019 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ආරම්භක පිතිකරුවකු සොයා ගැනීමට කණ්ඩායමට කාලය ලබා දීමට බවත් තිලකරත්න ඩිල්ශාන් පවසයි. ඉදිරි සතියේ පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔහු සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට නියමිතයි.
තමා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය දැරූ සමයේ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් කිසිදු සහයෝගයක් නොලද බව ඊයේ (28) ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් පිටියට සමු දුන් තිලකරත්න ඩිල්ශාන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය සඳුදා (මැයි 13) රාත්‍රියේ දියත් වූ මුස්ලිම් විරෝධී ප්‍රහාර හමුවේ සිංහල පවුලක් තමන්ට ආරක්ෂාව සැලසූ අයුරු නාත්තන්ඩිය තුම්මෝදර පදිංචි ඒ කේ හලීමා සිහිපත් කළේ එලෙසිනි. "ඒ ගේ සිංහල ගෙයක්... සිංහල ගෙයක් ..." හලීමා පවසන පරිදි ඇයගේ නිවස ට එල්ල වීමට ගිය ප්‍රහාරය වැළකී ඇත්තේ ද සිංහල පුද්ගලයෙකු විසින් මාර්ගයට පැන කරන ලද එම ප්‍රකාශය හේතුවෙනි. හලීමා ඇතුළු පවුලේ සාමාජිකයන් මේ වන විටත් රැඳී සිටින්නේ සුජීවනීගේ නිවහනේය. "අපිව, අපේ ගේ බේර ගත්තා විතරක් නෙමෙයි අද අපිට කන්න දෙන්නෙත් මේ අය තමයි. මේ දැන් තේ එක බිව්වෙත් මෙහෙන්. අපි මේ අයට ණය ගැතියි," හලීමා හැඟුම්බරව පවසන්නීය. හලීමා ගේ කෘතවේදී අදහස් දැක්වීම ගැන ප්‍රතිචාරය පළකරමින් සුජීවනී චන්දිමා පවසන්නේ, තමන් ඇතුලු පවුලේ සාමාජිකයන් "අවශ්‍ය මොහොතේ" සිය අසල්වැසියා වෙනුවෙන් ගත් තීරණය පිළිබඳව නිහතමානීව සතුටු වන බවය. ''සිංහල අය ගහන්න එද්දී හලීමා ගේ පවුලේ හතරදෙනත්, තවත් මුස්ලිම් පවුලකුත් අසරණ වෙලා හිටියේ. අපි දන්නවා මේ අය බේරා ගත්තම අපිට ගැටලු එනවා කියලා. නමුත් අපි ඒ වෙලාවේ හිතුවේ අපේ ජීවිතවලට වඩා මේ අයගේ ජිවිත ගැන." සුජීවනී චන්දිමා මාධ්‍ය වෙත සිය අදහස් දැක්වීමට මුලින් මැලිකමක් දැක්වූයේ ඒ නිසා විය යුතුය. සුජීවනි චන්දිමා ඇය පවසන පරිදි ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණ ඇත්තේ ගම්වාසීන් නොවේ. "මේ අය මුස්ලිම් අයට ගහලා ගියාට පස්සේ අපිට වෙන්නේ මොකක්ද කියල හිතුවද? අපි අවුරුදු ගාණක් කිසිම ගැටලුවක් නැතුව ජීවත් වුණා.නමුත් දැන් අපිට මේ තත්ත්වය ගැටලුවක්." සුජීවනීගේ නිවසේ රැකවරණ ලද පවුල් අතර මොහොමඩ් රිස්වි ඇතුළු පවුලේ සාමාජිකයන් ද විය. "හතර වටින් කෑකෝ ගහගෙන එද්දී අපිට දුවන්න තැනක් හොයා ගන්න බැරි වුණා. මම දුවන්න තැනක් හොයද්දි සුජීවනිගේ මහත්තයා කුමාර අපේ ගෙදරට ආවා. ඇවිල්ලා කිව්වා හතරවටෙන් ගහගෙන එනවා අපේ ගෙදරට එන්න කියල. මම මගේ නෝනයි දරුවෝ තුන්දෙනයි එක්ක සුජීවනීලගේ ගෙදරට එද්දී එහෙ තව මුස්ලිම් පවුල් දෙකක් හිටියා මේ අය පොඩි කාමරයක දාලා වහලා හිටියේ. අපිවත් මේ කාමරයට දාලා වැහුවා," මොහොමඩ් රිස්වි පැවසීය. "කාමරේ ඇතුලේ පවුල් තුනක 14 දෙනෙක් හිටියා. කරුවල නිසා, වටේ පිටේ සද්ද නිසා ළමයි බයට කෑ ගහලා ඇඞුවා. අපි දරුවන්ගේ කටවල් තදින් වහගෙන හිටියා. අපේ ගේ ගිනි තියන්න හදද්දී බේර ගෙන තියෙන්නේ ඉස්සරහ ගෙදර සිංහල පවුලේ අය. ගිනි තියන්න ආපු අයට ඒ අය වැඳලා කියලා තියනවා ගිනි තියන්න එපා කියලා. ඒ නිසා තමයි මේ පිරිස ගිහින් තියෙන්නේ." මේ තොරතුරුද කියවන්න: පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මොහොමඩ් රිස්වි ඇතුළු තුම්මෝදර මැල්ලකැලේ ප්‍රදේශවාසීන් එක්ව පහන් දල්වා ඔවුන් අනුස්මරණය කිරීමට කටයුතු කළහ. මරාගෙන මැරෙන ප්‍රහාරය හෙලා දකිමින් එල්ලූ බැනර් සහ සුදු කොඩි ගමේ පල්ලියේ මෙන්ම ගමේ තැන තැන දැනටත් ඉතිරිව තිබේ. මොහොමඩ් රිස්වි මොහොමඩ් රිස්වි ගේ බිරිද ෆාතිමා රිස්වියා සඳහන් කළේ මේ සිදුවීම්වලට සමස්ත සිංහල ජනතාව වගකිවයුතු නොමැති බවය. "බලන්න අපිව බේර ගත්තේ කවුද? සමහර විට අපිව හැංගුවේ නැත්නම් කොට්ටරමුල්ල ගමේ වුණා වගේ සිදුවීමක් මෙහෙත් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපිට ලොකු හානියක් වුණත් බහුතර සිංහල ජනතාව මේ තත්ත්වයට වගකියන්න ඕනෑ නැහැ කියල අපි දන්නවා .ඒ වගේම අපිට ඒ අයත් එක්ක වෛරයක් නැහැ." නාත්තන්ඩිය තුම්මෝදර සහ මැල්ලකැලේ සිංහල සහ මුස්ලිම් ජනතාව සහජීවනයෙන් දිවි ගෙවන ප්‍රදේශ දෙකකි. එහෙත් පසුගිය සඳුදා එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එකී සහජීවනයට බරපතල කලු පැල්ලමක් එක් වූ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. මේ අතර හලාවත රදගුරු වැලන්ස් මෙන්දිස් හිමිපාණන් තුම්මෝදර ප්‍රදේශයේ කරන ලද සංචාරයක් අතරතුර හලීමාගේ අත්දැකීම හෙළි කළේ තුම්මෝදර ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති සුමිත් ප්‍රේමකුමාර විසිනි. "පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හලීමලා කිව්වා අපේ මූණ බලන්න බැහැ කියලා. අපෙන් සමාව ඉල්ලුවා. නමුත් අද අපිට හලීමලගේ මූණ බලන්න බැහැ. මම සමස්ථ ජාතිය වෙනුවෙන්ම අත් දෙක වැඳලා ඉල්ලන්නේ මේ සිදුවුණු දේට අපිට සමාව දෙන්න කියලයි." ඒ .කේ හලීමා සුමිත් ප්‍රේමකුමාර ගේ මූලිකත්වයෙන් මීට දින කීපයකට පෙර තුම්මෝදර විහාරස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් ගම ආරක්ෂා කර ගැනීමට කමිටුවක් ද පිහිටුවා ගෙන තිබිණි. එම කමිටුවේ දී ගත් ප්‍රධාන තීරණ අතර: පන්සියයකට ආසන්න පිරිසක් එකවර ගම තුළට කඩා වැදුණු හෙයින් තමන්ට කර කියා ගත නොහැකි තත්ත්වයක් උදා වූ බව ද තුම්මෝදර ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයා පැවසීය. සුමිත් ප්‍රේමකුමාර "අපි පුලුවන් තරම් උත්සහ කළා පිට ගම්වලින් මේ ගමට එන පිරිස වළක්වන්න. නමුත් පිරිස වැඩි නිසා යමක් කරන්න හැකියාවක් තිබුනේ නැහැ. ඒ අය ඇවිල්ල ගහගෙන ගහගෙන ගියා. පල්ලි දෙකටම ගැහුවා. හැබැයි අපිට පුළුවන් වුනා අපේ ගෙවල්වලට මේ අය දාගෙන දොරවල් වහගන්න. මේ සිංහල ගෙයක් කියල ගෙවල් කීපයක් බේරගන්නත් අපිට හැකිවුණා. ඒ අය කඩල බිඳලා දාල ගියේ මේ ගෙවල්, පල්ලි විතරක් නෙමෙයි. අපේ හිතුත් ඒ අතර තියනවා." මේ වන විට මෝදර ප්‍රදේශයට නාවික හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දී තිබේ. පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් සති තුනකට පසු දියත් වූ මුස්ලිම් විරෝධී රැල්ල දේශපාලන උවමනාවක් මත සිදු වූ බවට සමාජ ජාල ඔස්සේ චෝදනා එල්ල වේ. එකිනෙකා කෙරෙහි බිය සැක ඇතිවන ආකාරයෙන් පුවත් වාර්තා කළ බවට ඇතැම් මාධ්‍ය ආයතන ද චෝදනාවට ලක්වෙමින් පවතී. අසූ තුනේ "කළු ජූලිය" අතරතුරදී මෙන් පසුගියදා දියත් වූ ප්‍රහාර අතරතුර ද කොල්ලකෑම් සිදුව ඇති බව තවත් එක් චෝදනාවකි. තවත් තොරතුරු:
"පෙට්‍රල් බෝම්බ සද්දේ එනකොට මට දැනුනේ පුදුම මර බයක්. අපි මැරුණා කියලා තමයි මට හිතුනේ. ඉස්සරහ ගෙදර සුජීවනී නංගි එයාගේ ගෙදරට අපිව දා ගත්තේ නැත්නම් අපිට වෙන දේ දන්නේ දෙයියෝ විතරයි. අපේ පවුලත් එක්ක මුස්ලිම් පවුල් තුනක් මේ ගෙදර ආරක්ෂාව ලැබුවා."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් මහ මැතිවරණය සඳහා තවත් ඉතිරිව තිබෙන්නේ මාසයකටත් අඩු කාලයක් වුවත් ප්‍රධාන පක්ෂ කිසිවක් මෙතෙක් සිය මැතිවරණ ප්‍රකාශන එළිදක්වා නැත. අගමැතිනිය විසින් නව මහ මැතිවරණයක් කැඳවනු ලැබුවේ යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් (Brexit) ජනමත විචාරණයෙන් අනතුරුව දේශපාලන ස්ථාවරභාවය සහ ශක්තිමත් නායකත්වයක් මේ මොහොතේ බ්‍රිතාන්‍යයට අත්‍යවශ්‍යව තිබෙන බව පවසමිනි. එබැවින් පාලක කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානම අවධානය යොමු වී තිබෙන්නේ බ්‍රිතාන්‍යය යුරෝපයෙන් ඉවත්වීමේ ක්‍රියාදාමය පිළිබඳව බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මේ අතර ලබන සතියේ නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබුණු ලේබර් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ කෙටුම්පතක් බදාදා (මැයි 10) රාත්‍රියේ හදිසියේම රහසින් පිට වී තිබුණි. මුලින්ම ජාතික පුවත්පත් කිහිපයක් විසින් ප්‍රකාශයට පත්කරන ලද එම කෙටුම්පතේ පිටපතක් බීබීසී යටද දැකගැනීමට ලැබිණ. රහසින් පිට වුනු ලේබර් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය කෙටුම්පතට අනුව: යන කරුණුවලට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. සිය පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය රහසිගතව පිටවීම "කණස්සල්ලට කරුණක්" බව ඡායා මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අතර එය පක්ෂය තුළ පවතින "අවුල" හුවාදක්වන්නක් බව කොන්සර්වේටිව් පක්ෂය පවසයි. ට්‍රයිඩන්ට් න්‍යෂ්ඨික සබ්මැරීන පද්ධතිය අලුත්වැඩියා කරන බවත් මැතිවරණ ප්‍රකාශනයේ දැක්වෙයි ලේබර් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය නිල වශයෙන් එළි දැල්වීමට ප්‍රථම ජාතික විධායක කමිටුව සහ ඡායා කැබිනට් මණ්ඩලය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් 80 ක පමණ පිරිසකගේ අනුමැතිය ලබාගත යුතුය. තමන්ට අවශ්‍ය මැතිවරණ ප්‍රකාශනය සකස් කිරීමට පක්ෂ නායක ජෙරමි කෝබින්ට හැකියාව ලැබෙනු ඇති නමුත් ඡන්දදායකයන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් එහි වගකීමත් ඔහු භාරගත යුතු බව ලේබර් පක්ෂ මන්ත්‍රීවරු පවසති.
අගමැතිනි තෙරේසා මේ ගේ ඉල්ලීම ප්‍රකාර නියමිත කාලයට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව හදිසි මහ මැතිවරණයක් ලබන ජුනි 08 වෙනි දින පැවැත්වීමට නියමිතය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දුටර්ටේ දවාවෝ හි නගරාධිපති බවට පත්වුයේ 1998 දීය නීතියට පිටින් සිදුකරන ලද මිනීමැරුම් පිළිබඳව රුපවාහිනී පටිගත කරන ලද සාක්ෂි විමසීමකදී එඩ්ගාර් මටොබටෝ පැවසුවේ මිනිසුන් මරා දැමීම සඳහා දුටර්ටේ තමාට උපදෙස් දුන් බවයි. නගරාධිපතිවරයාව සිටියදී හෝ ජූනි මාසයේ ජනාධිපති පදවියට පත්වූ පසු අපරාධකරුවන් මරා දැමීමට තමාගේ කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණු බවයි මීට ඉහත දී රොඩ්රිගෝ දුටර්ටේ පවසා තිබුණේ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් රට මුදා ගැනීමට හැකි සියලු ආකාරයෙන්ම කටයුතු කරන බවට පවසමිනුයි ඔහු තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පවත්වාගෙන ගියේ. එහෙත් දුටර්ටේ බලයට පැමිණීමෙන් පසු මේ වන විට දෙදහස් පන්සියයකට අධික මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ ජාවාරම්කරුවන් පිරිසක් නීතියට පරිබාහිරව මරා දමා ඇත.
පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ නගරාධිපතිවරයකු ලෙස සේවය කරද්දී අපරාධකරුවන් මරාදැමීමට තමන්ට සහ ඝාතක කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් ට නියෝග නිකුත් කළ බව පිලිපීනයේ කුලියට මිනීමරන්නෙක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හේරත් බණ්ඩා, පත්මිණි සහ දියණියන් දෙදෙනා ආර් ඩී ලතා පත්මිණි කියූ දෑ අනුව ඇගේ සිතට දැනෙන එකම කනස්සල්ල එය පමණක් වැනිය. දෙමාපියන් දරුවන් රැක බලාගන්නේ 'සිය දෑස' මෙනැයි යන්න සමාජයේ මුල් බැසගත් අදහසකි. එසේ 'දෑස මෙන්' රැක ගත් දරුවන් දෙදෙනා ජීවිතයේ කඩඉම් කෙමෙන් කෙමෙන් ජය ගනිද්දී වෙනත් ඕනෑ ම මවකට දැනෙන සතුට සිය හිතපුරා විඳ ගැනීමට පත්මිණිහට ද ඕනෑය. එහෙත් ඊට ඇති බාධකය, මෙහි ආරම්භයේදී සටහන් කෙරුණු, ඇයගේ ප්‍රකාශයේ ම ගැබ්වී ඇත. 1968 දී උපන් ලතා පත්මිණිට, වයස අවුරුදු හතර වන විට පෙනීම අහිමි විය. "අම්මා කිව්වේ මට මාන්දම හැදුනා කියලා. මට පොඩි කාලේ හීනයක් වගේ මතකයි." ක්‍රමයෙන් තරුණවියට එළඹෙන විට ඇය තමාට වූ දේ පිළිබඳව පසු තැවෙමින් ජීවත් වෙනවා වෙනුවට දෛවයට මුහුණ දීමට තීරණය කළාය. "ඇස් අන්ධ වුනත් ගෙදර දොර වැඩ කිරීමට මම පුරුදු වුණා. මම මගේ වැඩ කරගත්තා. ගෙදර අයට වදයක් වුණේ නෑ." "සමාජයෙන් අපට අවශ්‍යවන්නේ අනුකම්පාව නොවෙයි. ඉදිරියට යෑමට අවශ්‍ය පරිසරය සැකසීමයි අවශ්‍ය වන්නේ," පත්මිණි පවසන්නීය. 1990 දශකය ආරම්භයේදී, තම දෙමව්පියන්ගේ ද සහය ඇතිව ඇය සීදුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ඇතුළත් වුවාය. එම මධ්‍යස්ථානයේ දී පත්මිණි රෙදි විවීම පිළිබඳ පාඨමාලාවක් හැදෑරීය. වරකාපොල සිට දිනපතා සතියේ දිනවල සීදුව බලා යෑම පහසු නොවීය. නමුත් තම උත්සහය ඇය අත් නොහැරියාය. පත්මිණි පහන් තිර සාදමින් "සීදුවට ගිය ගමන මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙයි කියලා මම හිතුවේ නැහැ." එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදීම ඇය ට තමා මෙන්ම දෙඇස් නොපෙනෙන තරුණයෙකු හමු විය. ඔහු නමින්, ඩබ් එම් හේරත් බණ්ඩා. අනුරාධපුර රාජාංගනය ඔහුගේ උපන් ගම විය. "අපි දෙන්නා නිතර කතාබහ කළා. අපේ අදහස් ගැලපුනා. ඊට පස්සේ අපි තීරණය කළා විවාහ වෙන්න. ඒ සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අය හුඟක් උදව් කළා." 1994 දී යුග දිවියට එළඹුනු ඔවුන් ඉන්පසු පත්මිණි ගේ නිවසේ පදිංචි විය. විවිධ බාධක පැමිණිය ද ඊට ශක්තිමත් ව මුහුණ දුන් බව ඇය පැවසීය. හේරත් බණ්ඩා නිවසේ අවශ්‍යතා පිරිමැසීමට අවශ්‍ය මුදල් ඉපයීමට ලොතරැයි පත් විකිණිය. ඔවුන්ගේ කැදැල්ලට 2000 වසරේදී අමුත්තියක් එක් විණි. ශවිනි සඳුනිකා ලක්මාලි යනුවෙන් ඇය නම් ලද්දීය. එම අවදිය මතකයට නැගූ හේරත් බණ්ඩා, "ලොකු දුව ඉපදෙන කොට කිරි අම්මා අපිත් එක්ක හිටියා. ඒක නිසා ලොකු පහසුවක් වුණා අපේ වැඩ කරගන්න," යනුවෙන් පැවසීය. දෙවන දියණිය වන රසනි දිලනිකා මධුභාෂණී උපත ලැබුවේ 2002 වසරේදීය. නමුත් ඇයට වයස අවුරුදු එකහමාරක් පමණ වන විට දියණියන්ගේ කිරි අම්මා මිය ගියාය. "මුල් කාලේ අපි දුක් වින්දා. පොඩි ගෙදරක හිටියේ. විදුලිය නෑ. වතුර නෑ. නමුත් අපි දෙන්නා ළමයි දෙන්නට කිසි දෙයක් අඩුපාඩු කළේ නෑ. දැන් ඒ කාලේ මතක් වෙන කොටත් පුදුමයි." "මම කෑම උයනකම් මහත්තයා ළමයි දෙන්නා බලාගත්තා. මට ගෙදර වැඩ කරන කොට මගේ ඇස් නොපෙනීම මට ගැටලුවක් වුණේ නැහැ," පත්මිණි පැවසීය. හේරත් මේ වනවිට තම පවුල රැක බලා ගන්නේ පහන් තිර සහ හඳුන්කූරු වෙළෙඳාමේ යෙදීමෙනි. හඳුන්කූරු වෙනත් නිෂ්පාදකයෙකුගෙන් මිලදී ගන්නා බවත් පහන් තිර සිය නිවසේදීම සාදා ගන්නා බවත් හේරත් පැවසීය. ඔවුන්ගේ වැඩිමහල් දියණිය ශවිනි මෙවර අපොස උසස් පෙළ විභාගයට සුදානම් වන්නීය. "මගේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි. අපි මේ තත්ත්වයට ආවේ ඒ දෙන්නාගේ මහන්සිය සහ කැපවීම නිසා," ශවිනි සඳහන් කළාය. "එයාලා පුංචි කාලේ ඉඳලා මමයි මගේ නංගියි හොඳින් බලාගෙන තියෙනවා. පුංචි සීරිමක්වත් වෙන්න දීලා නෑ. ගොඩක් අයගේ ළමයි පොඩි කාලේ වැටිලා අත පය කඩාගෙන ඉන්නවා දැකලා තියෙනවා. මට නම් එහෙම කිසි දෙයක් ගැන මතකයක් නෑ. අපිට එහෙම වෙලත් නෑ. එයාලා දෙන්නා නංගිවයි මාවයි ගොඩක් හොඳින් බලා ගත්තා කියලා මට තේරෙනවා." ශවිනි සඳුනිකා ලක්මාලි "අපි ඉස්කෝලේ යන දවස් වලට අම්මා උදේන්ම නැගිටලා උයලා දෙනවා. අපේ රෙදි හේදුවා. කිසි දෙයක් බැරිය කියලා කියන්නේ නැහැ. දැන්නම් මමයි නංගියි හුගක් වැඩ කරනවා. අපිට පුළුවන්නේ." කෑගල්ල ශාන්ත ජෝසෆ් බාලිකා මහ විද්‍යාලයේ අපොස උසස් පෙළ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලබන දෙටු දියණිය වන රසනි දිලනිකා මධුභාෂණී පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට සම්මාන නවයක් සහිතව සමත් වුවාය. "මගේ පාසලේ විදුහල්පතිතුමිය සහ ගුරු භවතුන්ට මම ස්තුති කරන්න ඕනේ. ඒගොල්ලෝ මට ගොඩක් උදව් කරනවා." තම ගමේ පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ ඇය ශිෂ්‍යත්ව විභාගය සඳහා ලකුණු 185ක් ලබා ගැනීමට සමත් වුවාය. "නංගි ශිෂ්‍යත්වේ හොඳට පාස් වුණාට පස්සේ හොඳ මහත්තයෙක් මේ ගේ අපිට හදලා දුන්නා. ඒක අපේ ජීවිතවලට ලොකු වෙනසක් කළා". හොඳින් ඉගෙන ගෙන තම දෙමව්පියන්ටත් සලකමින් සමාජයට යහපතක් කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව මෙම දියණියෝ පැවසුහ. "අපිට පොඩි කාලේ ඉඳන්ම කිව්වේ හොඳට ඉගෙන ගන්න කියලා. මට හිතෙන්නේ අපේ අම්මයි තාත්තයි අනෙක් දෙමව්පියන්ටත් වැඩිය හොඳට අපි ගැන බලල තියෙනවා කියලයි. අපේ යුතුකම තමයි ඒ ගොල්ලෝ හොඳින් බලා ගන්න එක," දිලනිකා මධුභාෂණී පැවසීය. තම දරුවන් දෙදෙනා හොඳින් අධ්‍යාපනය ලබනු දැකීම සතුටට කරුණක් බව පත්මිණි කීවාය. කියවන්න:
"මට මගේ දරුවන්ගේ මුහුණු බලන්න ආසයි. නමුත් මොනවා කරන්න ද? "
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සචින්, භාරත් රත්න සම්මානයෙන් පිදුම් ලැබූ එකම ඉන්දීය ක්‍රීඩකයායි දිල්ලි අගනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදීයි, ඔහුට සම්මානය පිරි නැමුණේ. භාරත් රත්න සම්මානයෙන් පිදුම් ලැබූ එකම ඉන්දීය ක්‍රීඩකයා ඔහුයි. සිය දෙසිය වැනි ටෙස්ට් තරඟයට මුහුණ දීමෙන් අනතුරුව පසුගිය නොවැම්බරයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් සහ එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩියෙන්ම ලකුණු රැස් කොට සිටින ක්‍රීඩකයායි.
පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සචින් තෙන්ඩුල්කාර් ඉන්දියාවේ ඉහලම සම්මානය වන භාරත් රත්නයෙන් පිදුම් ලැබුවේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පර්සියානු ගණිත විද්‍යාඥයකු වන මුහම්මද් ඉබ්න් මූසා අල් - ක්වාරිස්මි වෙනුවෙන් උස්බෙකිස්තානයේ ඉදිකරනු ලැබ ඇති සිහිවටනයක්. එම පුස්තකාලය හඳුන්වා ඇත්තේ ''Bayt al-Hikmah'' යන නාමයෙනි. එහි තේරුම ''බුද්ධි මන්දිරය'' යන්නයි. 13 සියවසේදී විනාශ කරන ලද එම පුස්තකාලයේ නෂ්ඨාවශේෂ ඉතිරිව නැත. එබැවින් එය පිහිටා තිබූ ස්ථානයක් නිශ්චිතව හඳුනාගැනීම අසීරු වී ඇත. කෙසේවුවද, පැහැදිලි ලෙසම ඉස්ලාමීය ස්වර්ණමය යුගයේ බැග්ඩෑඩ් නගරයේ පිහිටා තිබූ ප්‍රධාන බුද්ධිමය බල මධ්‍යස්ථානයක් බවට පත්ව තිබූ එකී කීර්තිමත් ඇකඩමිය සමාරම්භයේ පටන් අද භාවිත කරනු ලබන අරාබි ඉලක්කම්වල පරිණාමීය හැඩගැසීමේ සහ ගණිතමය සංකල්පයන්හි ප්‍රභවස්ථානය වී ඇත. ක්‍රිස්තුවර්ෂ අටවෙනි සියවසේ දී එම පුස්තකාලය පිහිටුවනු ලැබ තිබෙන්නේ හරූන් අල්-රෂීඩ් නම් කාලිෆ්වරයා විසිනි.'බුද්ධි මන්දිරය' ලෙස හඳුන්වන ලද එම පුස්තකාලය එයින් වසර තිහකට පසු මහජන ඇකඩමියක් බවට පරිවර්තනය කරනු ලැබුණි. පසුකාලයේ දී බුද්ධි මන්දිරය ලෝකයේ විවිධ දිශාවන්ගෙන් විද්‍යාඥයන් බැග්ඩෑඩ් නගරයට ආකර්ෂණය කරගත් ආයතනයක් බවට පත්විය. මුස්ලිම්, යුදෙව් සහ කිතුණු බුද්ධිමතුන්ට 'බුද්ධි මන්දිරයේ' ඉගෙනීමට අවසර ලැබුණ අතර එහි පැවැති බුද්ධිමය කුතූහලය සහ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස ඔවුන් බැග්ඩෑඩ් නගරයට ආකර්ෂණය කරගනු ලැබීමේ සාධකය වී ඇත. ප්‍රමාණය අතින් අද ලන්ඩන් නගරයේ දක්නට ලැබෙන බ්‍රිතාන්‍ය පුස්තකාලය හෝ පැරිසියේ 'බිබ්ලියෝටෙක් නැෂනල්' වැනි විශාල ප්‍රමාණයේ ලේඛනාගාරයක් තරම් වූ බැග්ඩෑඩ් නගරයේ වූ එම අතීත 'බුද්ධි මන්දිරය' ගණිතය, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භූගෝල විද්‍යාව, දර්ශනය, සාහිත්‍යය සහ කලා විෂයයන් ඇතුළු මානව ශාස්ත්‍ර හා විද්‍යාවන් මෙන්ම නක්ෂත්‍රය සහ ඉන්ද්‍රජාලික මායම් පවා අධ්‍යයනය කිරීම සඳහා වෙන්වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්ව තිබී ඇත. බැග්ඩෑඩ් 'බුද්ධි මන්දිරය විනාශකරන ලද්දේ 'හුලගු ඛාන්' විසින් 1258 දී මෙහෙයවන ලද මොංගෝලියානු ආක්‍රමණ මගින් යයි සැලකෙයි.එහෙත් එම මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද අධ්‍යනයන්හි බුද්ධිමය ප්‍රබෝධය ලෝකය කෙරෙහි දිගුකාලීන බලපෑමක් එල්ලකරනු ලැබුණි. බැග්ඩෑඩ් බුද්ධි මණ්ඩලය වැනි මෙම විශිෂ්ඨ ආයතනයක් නිර්මාණය කිරීමෙහිලා මිනිස් පරිකල්පනයේ පිම්මක් අවශ්‍ය කරයි. එම පරිකල්පනයේ ස්වභාවය හඳුනාගැනීම සඳහා 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' චිත්‍රපටයේ දැක්වෙන බලකොටුව හෝ හැරී පොටර් චිත්‍රපටවල 'හොග්වාර්ට්ස්' පුස්තකාලය උදාහරණ ලෙස සැලකිල්ලට ගත හැකිය. එහෙත් එක් දෙයක් ස්ථිරව කිව හැකිය. එනම්, මෙම බැග්ඩෑඩ් ඇකඩමිය මගින් ගණිත විෂයයේ සමස්ත වෙනසක් ඇතිකරන ලද සංස්කෘතිකමය පුනරුදයක් ඇති කළ බවය. 1258 දී එල්ල වූ බැග්ඩෑඩ්හි මොංගෝලියානු ආක්‍රමණයේ දී බැග්ඩෑඩ් බුද්ධි මන්දිරය විනාශ කරනු ලැබුණි. පුරාවෘත්තවල දැක්වෙන ආකාරයට එම ආයතනයේ තිබූ බොහෝ අත් පිටපත් 'ටයිග්‍රීස්' ගඟට විසි කරන ලද අතර, එම ලේඛනයන්හි තීන්තවලින් ගංගාවේ ජලය කළු පැහැයක් ගත්තේය. එහෙත් එම ආයතනය මගින් සිදු කරන ලද සොයාගැනීම් ලෝකයට බලගතු තර්කානුකූල ගණිත භාෂාවක් හඳුන්වා දුන් අතර, එය පසුකාලීනව ඉස්ලාමීය අධිරාජ්‍යය සහ යුරෝපය විසින් ද අවසානයෙහි මුළු ලෝකය විසින් ද වැළඳගනු ලැබුණි. අනාගතය දෙසට කාලයේ ගමනක් 'බුද්ධි මන්දිරයේ' විද්වතුන් විසින් ලෝකයට බලගතු තර්කානුකූල ගණිත භාෂාවක් හඳුන්වා දුන් අතර, එය පසුකාලීනව ඉස්ලාමීය අධිරාජ්‍යය සහ යුරෝපය විසින් ද අවසානයෙහි මුළු ලෝකය විසින් ද වැළඳගනු ලැබුණි. ''එම 'බුද්ධි මන්දිරය'ඉදිකරනු ලැබ තිබෙන්නේ කවර කාලයකද, කිනම් ස්ථානයකද යන්න සම්බන්ධයෙන් අපට වටිනා මාහැඟි නොවීම ප්‍රශ්නයක් කරගත යුතු නැහැ .ඊට වඩා සිත්ගන්නා කාරණය වන්නේ එම විද්‍යාස්ථානය කේන්ද්‍රගත කරගනිමින් ව්‍යාප්ත වූ විද්‍යාත්මක චින්තනයේ ඉතිහාසය සහ ඒවා වර්ධනය වූ ආකාරයයි'' සරේ විශ්ව විද්‍යාලයේ භෞතිකවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ජිම් අල්-කලිලි පවසයි. ඉතාලි පුනරුදයේ පිරිහීම තෙක් වසර සිය ගණනක කාලයක් තිස්සේ එක් නමක් යුරෝපයේ ගණිතයට සමාන්තරව ගමන් ගනියි. ඔහු මරණින් පසුව 'ෆිබොනාච්චි'යනුවෙන් හඳුන්වන ලද ලියනාඩෝ ඩා පීසා ( Leonardo da Pisa) නම් විද්වතාය. කිතුවසින් 1700 දී ඉතාලියේ 'පීසා' නගරයේ දී උපත ලද එම ගණිතඥයා මූලික උපදෙස් ලබා ඇත්තේ 'බුජියා' (Bugia)නගරයේදීය. එය උතුරු අප්‍රිකාවේ 'බාබරි' වෙරළ තීරයේ පිහිටි වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. ආපසු ඉතාලියට ළඟාවූ ෆිබොනාච්චි 'ලිබර් අබ්බාචි' (Liber Abbaci)නම් කෘතිය ප්‍රකාශයට පත්කළේය. ඔහුගේ පොතට තබා ඇති නමේ තේරුම 'ගණන් බැලීමේ පොත'' යන්නය.එය හින්දු-අරාබි අංක ක්‍රමය විස්තර කෙරෙමින් බටහිර ලෝකයේ පළ වූ පළමු කෘතියයි. සිය මැදපෙරදිග සංචාරයේ දී ෆිබොනාච්චි වෙළඳ මාර්ග ඔස්සේ බටහිරට ගලා පැමිණි අදහස් උකහා ගත්තේය. 1202 වසරේ දී ලිබර් අබ්බාචි' කෘතිය ප්‍රකාශයට පත්කෙරෙන විට හින්දු-අරාබි අංක පිළිබඳව දැනසිටියේ වියතුන් අතලොස්සක් පමණි. එම රෝමානු යුරෝපීය වෙළෙඳුන් සහ උගතුන් එතෙක් එල්බ සිටියේ වැඩිකිරීම සහ බෙදීම අතිශයින් පීඩාකාරී ක්‍රියාවක් වූ රෝමානු අංක මතය. (උදාහරණයක් වශයෙන් MXCI යන අංකය LVII මගින් වැඩිකිරීමට තැත්කරන්න!) ගණිතමය භාවිතයේ දී අංක භාවිත කරනු ලබන ආකාරය ෆිබොනාච්චිගේ කෘතිය මගින් නිරූපණය කෙරෙයි. ලාභ ආන්තිකය, මුදල් හුවමාරුව, බර පරිවර්තනය, මුදලට භාණ්ඩ හුවමාරුව සහ පොලිය ආදිය ගණනය කිරීම වැනි ප්‍රායෝගික කටයුතුවලදී එම තාක්ෂණය භාවිත කළ හැකිවිය. "ගණන් කිරීමේ කලාව, එහි දුරවබෝධභාවය සහ කාර්ය සාධනය අවබෝධකර ගැනීමට මනාප පුද්ගලයන් අත් ඇඟිලි සංඛ්‍යා යොදාගනිමින් ගණනය කිරීම දැන සිටිය යුතු"යයි ෆිබොනාච්චි සිය විශ්වකෝෂ කෘතියේ පළමු පරිච්ඡේදයේ සඳහන් කරයි. ඔහු එම සඳහන් කිරීම කරනු ලබන්නේ අද වර්තමානයේ පාසල් දරුවන් භාවිත කරන සංඛ්‍යාත ගැන සඳහන් කරමිනි. ''එම සංඛ්‍යා නවය සහ 'ශෙෆිර්' (zephyr) යනුවෙන් හඳුන්වන ලද ''0''(බිංදුව) මගින් ඕනෑම අංකයක් ලියා ඇත'' යනුවෙන් ඔහු ලියා ඇත. ඒ සමඟ එක්වනම ගණිතය භාවිතමය මට්ටමින් භාවිතය සඳහා යොදාගත හැකි තත්ත්වයක් උදාවිය. ෆිබොනාච්චි ශ්‍රේෂ්ඨභාවයට පත්වන්නේ ගණිතඥයකු වශයෙන් ඔහු විසින් ඉටුකරන ලද කාර්යභාරය නිසා පමණක් නොවේ. සියවස් ගණනාවක මුස්ලිම් විද්‍යාඥයන් සතු දැනුමේ වාසිය පිළිබඳවත් ඔහුට ඉතා පැහැදිළි අවබෝධයක් තිබුණි. එම මුස්ලිම් විද්‍යාඥයන් විසින් ගණනය කිරීමේ දී භාවිත කරන ලද සූත්‍ර, දශම සටහන් කිරීමේ ක්‍රමය සහ ඔවුන් සතුව පැවැති වීජ ගණිතමය දැනුම් සම්භාරය ෆිබොනාච්චි අවබෝධ කරගත්තේය. 'ලිබර් අබ්බාසි' කෘතිය නියත ලෙසම සහමුලින්ම මෙන් රඳා පවතින්නේ නවවෙනි ශතවර්ෂයේ ජීවත් වූ ගණිතඥයකු වූ අල් -ක්වාරිස්මි විසින් ගණිත ගැටලු විසඳා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද විග්‍රහයන් (algorithms) මතය.'සංඛ්‍යාවක දෙකේ බලයට' අදාළ සමීකරණ විසඳාගැනීමේ ක්‍රමානුකූල මාවතක් පළමුවරට අල්-ක්වාරිස්මිගේ විප්ලවීය ශාස්ත්‍රීය ග්‍රන්ථය මගින් ලෝකයට ඉදිරිපත් කරනු ලැබුණි. අදාළ ක්‍ෂේත්‍රයේ සිදුකරන ලද ප්‍රශස්ත සොයාගැනීම් සැලකිල්ලට ගනිමින් අල්-ක්වාරිස්මි වීජ ගණිතයේ පියා වශයෙන් නිතරම මෙන් හඳුන්වනු ලැබෙයි.'අල් ජබ්ර්'( al-jabr) යන අරාබි වචනය සඳහා අපි ඔහුට ණයගැති වෙමු. එම වචනයේ තේරුම ''බිඳුණ කොටස් යළි ප්‍රතිෂ්ටාපනය'' යන්නයි. ක්‍රිස්තුවර්ෂ 821 දී අල්-ක්වාරිස්මි තාරකා ශාස්ත්‍රඥයකු ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර බැග්ඩෑඩ් 'බුද්ධි මන්දිරයේ' ප්‍රධාන පුස්තකාලයාධිපති තනතුරට ද ඔහු පත්කරනු ලැබ ඇත. අදාළ ක්‍ෂේත්‍රයේ සිදුකරන ලද ප්‍රශස්ත සොයාගැනීම් සැලකිල්ලට ගනිමින් අල්-ක්වාරිස්මි වීජ ගණිතයේ පියා වශයෙන් නිතරම මෙන් හඳුන්වනු ලැබෙයි ''අල්-ක්වාරිස්මිගේ ශාස්ත්‍රීය ග්‍රන්ථය මගින් මුස්ලිම් ලෝකයට දශම සංඛ්‍යා ක්‍රමය හඳුන්වා දුන්'' බව අල්-කලීලි පවසයි. ''එම විශ්ලේෂණය යුරෝපය ඔස්සේ සංචරණය කරවීමට ලියනාඩෝ ඩා පීසා හා සෙසු වියතුන් පියවර ගෙන තිබෙනවා'' අල් කලීලී වැඩිදුරටත් සඳහන් කරයි. නූතන ගණිතයට දායාද කරන ලද පරිවර්තනීය බලපෑම අල්-ක්වාරිස්මිට බොහෝ සෙයින් ණයගැති වන්නකි. සියවස් හතරකට ආසන්න කාල පරාශයකින් වෙන්වෙන මේ මහා පුරුෂයන් දෙදෙනා සම්බන්ධ කළ පුරුක පුස්තකාලයකි.එය බැග්ඩෑඩ් 'බුද්ධි මන්දිරයේ' පුස්තකාලයයි. මධ්‍යකාලීන අවධියේ වඩාත් බුහුමන් ලබන ගණිත විද්‍යාඥයා ඔහුට පෙර ජීවත් වූ තවත් මහා චින්තකයකුගේ උරහිස් මත රැඳී සිටියි. එම මහා චින්තකයා ඉස්ලාමීය ස්වර්ණමය යුගයේ අති විශිෂ්ට ආයතනයක රැඳී සිටිමින් මතවාදී විප්ලවයකට මුලපුරන ලද්දෙකි. ඇතැම්විට මෙවැන්නක් ද සිදුවෙයි.එනම්, බැග්ඩෑඩ් බුද්ධි මන්දිරය සම්බන්ධයෙන් වැඩි දැනුමක් නැති හෙයින් ඉතිහාසඥයන් විසින් ඇතැම්විට එහි අරමුණු සහ කාර්යභාරය අතිශයෝක්තියට නැංවීමයි. එමගින් සිදු කෙරෙන්නේ දැනට ශේෂව පවතින ඓතිහාසික වාර්තා සමඟ ගැටෙන එක්තරා ආකාරයක මිත්‍යාමය තත්ත්වයක් උද්ගත වීමය. ''බොහෝදෙනකු විසින් දකිනු ලබන ආකාරය තරම් බැග්ඩෑඩ් බුද්ධි මන්දිරය මහා විශිෂ්ට ආයතනයක් නොවූ බවට ඇතැමුන් තර්ක කරනවා'' අල් කලීලි පවසයි. ''ඇතැමෙක් එලෙස තර්ක කළත්, අල්ක්වාරිස්මි වැනි වියතුන් සමඟ පැවති සම්බන්ධය,එසේම ඔහුගේ ගණිතය, තාරකා විද්‍යාව සහ භූගෝල විද්‍යාවට අදාළ ග්‍රන්ථ සම්පාදනය මගින් මට පෙන්නුම් කෙරෙන්නේ බැග්ඩෑඩ් බුද්ධි මන්දිරය හුදෙක් පොත්පත් තැන්පත් කරන ලද කෝෂ්ඨාගාරයක් පමණක් නොව සැබෑ ඇකඩමියක තත්ත්වයේ පැවැති බවට සාක්ෂි ඇති බවයි'' අල් කලීලී අවධාරණය කරයි. එහි පුස්තකාලයේ සේවය කළ වියතුන් සහ පරිවර්තකයන් ඔවුන්ගේ පර්යේෂණාත්මක කෘතීන් කියැවීම සඳහා මහජනයාට අවස්ථාව සැලසීම් වස් ඔවුන්ට එහි පිවිසීම සහතික කිරීම අතින් ද දැඩි වෙහෙසක් ගත්හ. ක්‍රිස්තුවර්ෂ 850 දී ප්‍රකාශයට පත් කරන ලද "බුද්ධිමය සොයාගැනීම් "නම් මෙම ග්‍රන්ථය ඇතුළු දැනුමේ ඉදිරි පිම්මක් සහිත ග්‍රන්ථ රාශියක් 'බුද්ධි මන්දිරයේ' පුස්තකාලයෙහි තැන්පත් කරනු ලැබ තිබුණි. ''බැග්ඩෑඩ් ' බුද්ධි මන්දිරය' තවත් වැදගත් වන්නේ සම්භාව්‍ය අදහස් වෙනත් භාෂාවන්ට පරිවර්තනය කිරීම අතින් ඉටුකරන ලද කාර්යභාරය හේතුවෙනි. එහි නිරතව සිටි අරාබි පඬිවරු ග්‍රීක් සංකල්ප මතිමතාන්තර ස්වභාෂාවට පරිවර්තනය කළා. එමගින් අපි අපගේ ගණිතමය අවබෝධයේ පාදම නිර්මාණය කරගත්තා'' එක්සත් රාජධානියේ විවෘත විශ්ව විද්‍යාලයේ ගණිත ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ජූන් බැරෝ-ග්‍රීන් පවසයි. 'බුද්ධි මන්දිර' මාලිගා පොත්ගුල විද්‍යාත්මක නවෝත්පාදක මධ්‍යස්ථානයක් වූයෙන් එය අතීතයේ පටන් ගණිත විෂයට අදාළ අදහස් සඳහා කවුළුදොරක් වැනි විය. අප විසින් දැනට භාවිත කරනු ලබන දශම ක්‍රමයට පෙර, අපගේ පරිගණක ක්‍රමාංක කරනු ලබන ද්විගුණ සංඛ්‍යා පද්ධතියට පෙර, එසේම රෝමානු ඉලක්කම්වලට පෙර, පෞරාණික මෙසපොතේමියානුවාසීන් විසින් භාවිත කරන ලද ක්‍රමයට පෙර මනුෂ්‍ය වර්ගයා ගණන් තැබීම සඳහා මුල්යුගයේ භාවිත කෙරූ කත්තු කපන ලද කෝටු උපයෝගී කරගත්හ. ඉහත කී එක් එක් ක්‍රමෝපායයන් වටිනාකම තේරුම් ගැනීමට දුෂ්කර හෝ යල්පැනගිය ඒවා යැයි අපට පෙනී ගියත් , වෙනස් සංඛ්‍යාත්මක නිරූපණයන් මගින් ව්‍යුහමය වටිනාකම්, සබඳතා සහ ඒවා මතුවූ ඓතිහාසික හා සංස්කෘතික සන්දර්භයන් පිළිබඳව එමගින් අපට වටිනා යමක් උගන්වනු ලබයි. එමගින් ස්ථාන වටිනාකම සහ වියුක්තකරණය පිළිබඳ අදහස ශක්තිමත් කෙරෙන අතරම සංඛ්‍යා ක්‍රියා කරන්නේ කෙසේද?යන්න වඩාත් හොඳින් තේරුම් ගැනීමට අපට උපකාර කරයි. පුරාණ වෙළෙන්දියකට "බැටළුවන් දෙදෙනෙකු" සටහන් කිරීමට අවශ්‍ය වූ විට, ඇයට මැටිවලින් බැටළුවන් දෙදෙනෙකුගේ පින්තූරයක් කොටා කැටයම් කළ හැකිවිය. එහෙත් ඇයට බැටළුවන් විසිදෙනෙකු අවශ්‍යවීනම් එම ක්‍රමය ප්‍රායෝගික නැත. සංඥා මගින් අංකනය කිරීම යනු අගයක් සංකේතවත් කිරීම සඳහා සංඛ්‍යාත්මක සංකේත එකතු කරන පද්ධතියකි. අප ඉදිරිපත් කළ උදාහරණයේ දී සිදුවන්නේ නියම ප්‍රමාණය පෙන්නුම් කිරීම සඳහා බැටළුවන් දෙදෙනෙකු ඇඳීමයි. හිරුගේ ඡායාව අනුව වෙලාව දක්වන මෙම 'සූර්යඝටය' මත දැක්වෙන රෝමානු ඉලක්කම් භාවිතයෙන් ඈත්වෙමින් පවතී. ෆිබොනාච්චිගේ 850 වෙනි ජන්මදිනය මෙම වසරේ දී අනුස්මරණය කෙරෙයි. එපමණක්ද ? මෙය රෝම ඉලක්කම්වල ක්‍රියාකාරිත්වය අහෝසි කෙරෙන තර්ජනය උදාවෙන මොහොත ද විය හැකිය. අපි එක්සත් රාජධානිය ගනිමු. එක්සත් රාජධානියේ පාසල්හි පන්තිකාමරවලට සම්ප්‍රදායිකව මූනතේ තිබුණ රෝමානු ඉලක්කම් සහිත ඔරලෝසු වෙනුවට පහසුවෙන් කියවිය හැකි ඩිජිටල් ඉලක්කම් සහිත ඔරලෝසු ආදේශ කෙරෙමින් ඇත. එවැනි පියවරක් ගනු ලබන්නේ සිසුන්ට තවදුරටත් ඇනලොග් වේලාව කියවීම අපහසු යයි සලකමිනි. එපමණක් නොව,ලෝකයේ ඇතැම් කලාපවල මාර්ග සංඥා සහ නිල ලේඛන ආදියෙන් ද රෝමානු ඉලක්කම් ඉවත්කරනු ලැබ ඇත. හොලිවුඩයේ ක්‍රමාංකකරණ කාර්යයන් වලින්ද රෝමානු ඉලක්කම බැහැර කෙරෙයි. සිය රසිකයන් ව්‍යාකූල කරන්නේ යයි සිතමින් 'සුපර්බෝල්' (ඇමෙරිකානු පාපන්දු තරඟයකි) සිය පනස්වෙනි තරඟයේ දී රෝමානු ඉලක්කම් භාවිතය අත්හැර දැම්මේය. රෝමානු ඉලක්කම්වලින් ලෝකය ඉවත්වීම මගින් අවධාරණය කෙරෙන්නේ ජීවිතයේ වෙනත් අරමුණු තුළට නූගත්කම රිංගා ගැනීමක් සිදුවෙන බවය. රෝමානු ඉලක්කම් අතුරුදහන්වීම මගින් ආණ්ඩු කෙරෙන දේශපාලනය අනාවරණය වීමක් සහ ගණිතය පිළිබඳව පුළුල් මට්ටමේ ඕනෑම සාකච්ඡාවක් ආරම්භවීම සමහර විට වඩාත් වැදගත් වනු ඇත. "අප කියන්නේ කාගේ කතන්දරද? වරප්‍රසාද ලබන්නේ කවර සංස්කෘතියකින්ද?,එසේම විධිමත් ඉගෙනීම සඳහා අප අමරණීය කරනු ලබන්නේ කවරාකාර දැනුමකින්ද? යන ප්‍රශ්නය කෙරෙහි අපගේ බටහිර යටත්විජිත උරුමය නියත බලපෑමක් සිදුකරනවා" යැයි කේම්බ්‍රිජ් ගණිත අංශයේ සංවර්ධන ක්‍රියාකාරික සහ කර්තෘ ලුසී රයික්‍රොෆ්ට්-ස්මිත් (Lucy Rycroft-Smith) පවසන්නීය. කලින් ගණිත ගුරුවරියක ලෙස කටයුතු කළ රයික්‍රොෆ්ට්-ස්මිත් දැන් ගණිත අධ්‍යාපනයේ ප්‍රමුඛ හඬක් වී ඇති අතර ගෝලීය අධ්‍යාපන විෂයමාලා අතර වෙනස්කම් අධ්‍යයනයෙහි නිරතවෙමින් සිටින්නීය. වේල්ස්,ස්කොට්ලන්තය සහ අයර්ලන්තය රෝමානු ඉලක්කම් අධ්‍යයන උපාංගවලට ඇතුළත් නොකරන අතරවාරයේ එක්සත් ජනපදයේ ප්‍රමිතිගත නියමයන් නොමැත. එහෙත් එංගලන්තයෙහි පැහැදිලිවම කියා සිටින්නේ සිසුන්ට රෝම ඉලක්කම් 100 තෙක් කියැවීමේ හැකියාව ප්‍රගුණ කළයුතු බවය. ඉන්දු-අරාබි ක්‍රමය පිළිබඳ දැනුම ලබාදීමට අතිරේකව,රුවල් බෙල්ලන්ගේ හැඩය සැලසුම් කරනු ලැබීම වැනි බොහෝ දේවල්හි මිණුම,පරිමාණය තීන්දු කෙරෙන සංඛ්‍යා අනුක්‍රමික පිළිවෙලට අදාළ දැනුම ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් ද ෆිබොනාච්චි ප්‍රසිද්ධියක් දරයි. ෆිබොනාච්චිගෙන් පසුව ඔහු නමින් නම්කරන ලද ප්‍රකට ආදර්ශයක් හඳුනා ගැනීම අපට අපැහැදිලි කාර්යයක් වීමේ ඉඩකඩක් ඇත. අංක 1 සහ ඉන් අනතුරුව පූර්ව අංක දෙකක එකතුව සමඟ පුනරාවර්තී අනුක්‍රමික පිළිවෙලක් ආරම්භ වෙන බව එම ආදර්ශයයි. ෆිබොනාච්චිගේ අනුක්‍රමික පිළිවෙල නියතවම විශිෂ්ට සොයා ගැනීමකි. මුහුදු බෙල්ලන් සහ පැලෑටිවල හැඩයන්, සූරියකාන්ත හිස්වල දඟර, පයින් තුරුවල කේතුකාකාර හැඩය, සත්ත්ව අං, ලී කඳක හටගත් කොල පත්‍ර අංකුර මෙන්ම පරිගණක විද්‍යාවේ ඩිජිටල් සැකැස්ම ආදී ස්වාභාවික ලෝකයේ විශ්මයජනක රිද්මය එමගින් පෙන්නුම් කෙරෙයි. එපමණක්ද? ඔහුගේ රටාවන් නිතරම මෙන් ජනප්‍රිය සංස්කෘතිය තුළටත් පිවිසෙයි. සාහිත්‍යය, චිත්‍රපට, දෘෂ්‍ය කලාව මෙන්ම ගේයපද රචනා හෝ එසේත් නැත්නම්, වාද්‍ය වෘන්ද සංකේත මෙන්ම ගෘහනිර්මාණ කලාව ආදී අනේකවිධ ක්‍ෂේත්‍රයන්හි නැවත නැවතත් කියැවෙයි. එහෙත් ගණිත විෂය කෙරෙහි සදාතනික එකතුවක් සිදුකරන ලද ලියනාඩෝ ඩා පීසාගේ සොයාගැනීම් පාසල්හි උගන්වනු ලබන්නේ ඉතා කලාතුරකිනි. මෙම කතාව ආරම්භවන්නේ බටහිර ලෝකයේ ක්‍රිස්තියානි ආගම පැතිර තිබුණු බොහෝ රටවල් බුද්ධිමය අන්ධකාරයක ගිලී පැවැති මෙයින් වසර දහසකට ආසන්න ඈත අවධියක තිබුණ මාලිගා පොත්ගුලකිනි. මෙය ගණිතය සම්බන්ධයෙන් යුරෝපය කේන්ද්‍ර කරගත් මතවාදය ඛණ්ඩනය කිරීමට සහ ඉස්ලාමීය ලෝකයේ විද්‍යාත්මක ජයග්‍රහණ කෙරෙහි අවධානය යොමුකිරීමට අදාළ වෘත්තාන්තයකි. ඉතිහාසයේ ඈත අවධියක පටන් අඛණ්ඩව විහිදෙන ගණිතමය දැනුම් ගබඩාවේ දිගුකාලීන වැදගත්කම එමගින් සාකච්ඡාවට ගැනෙයි. තවත් තොරතුරු;
මෙයින් සියවස් ගණනාවකට පෙර ලෝකයේ කීර්තියක් ලද ඉස්ලාමීය පුස්තකාලයක් අරාබි ඉලක්කම් ලෝකයට ඉදිරිපත් කළේය.එම පුස්තකාලය බොහෝ කලකට පෙර අතුරුදහන් වී ඇති නමුත් එහි ගණිත විප්ලවය අපේ ලෝකය වෙනස් කිරීමට හේතු විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
USS කාල් වින්සන් ඇතුළු පරිවාර යුද නෞකා සමූහය උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන මුල් කර ගනිමින් කොරියානු අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හමුවේ යුඑස්එස් කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික ප්‍රහාරක කණ්ඩායමක් එම කලාපයට යාත්‍රා කරමින් සිටින බව ඇමරිකානු නාවික හමුදාව අප්‍රේල් 08 වෙනිදා නිවේදනය කළේය. පසුගිය සතියේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ යුද නෞකා සමූහය කොරියානු අර්ධද්වීපය වෙත යවනු ඇති බවය. එනමුත් සති අන්තයේදී නෞකා සමූහය ඊට ඈතින් පිහිටි ජාවා කලාපයේ ඉන්දුනීසියානු සහ සුමාත්‍රා දූපත් ඔස්සේ සුන්ඩා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගරය දෙසට යාත්‍රා කොට තිබේ. ඇමරිකානු හමුදාවේ ශාන්තිකර කලාපීය විධානය ඊයේ (අප්‍රේල් 18) කියා සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් වරාය සංචාරය අවලංගු කොට ඇති බවය. අප්‍රේල් 08 වෙනිදා සිංගප්පූරුවෙන් පිටත් වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව සමග එරට වයඹ දිග වෙරළේ පැවැත්වීමට පෙර සැලසුම් කොට තිබූ පුහුණු වැඩසටහන සම්පූර්ණ කොට ඇති බවත් ඇමරිකානු හමුදාවේ ශාන්තිකර කලාපීය විධානය නිවේදනය කළේය. 'කිම් ජොන්ග් අන් බියට පත් කිරීමක්' USS කාල් වින්සන් නෞකාව ප්‍රහාරක යුද නෞකා කණ්ඩායම "නියෝග කළ පරිදි ශාන්තිකර සාගරයේ බටහිර කලාපයට ගමන් ආරම්භ කොට ඇත." කෙසේ නමුත් කොරියානු අර්ධද්වීපයට ළඟා වීමට අපොහොසත් වීම සිතාමතා සිදු කරන ලද්දක් ද යන්න පැහැදිලි නොමැත. එම ක්‍රියාමාර්ගය උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් බියගැන්වීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක්ද, සැලසුම වෙනස් කිරීමක් හෝ සරල සන්නිවේදන දෝෂයක් දැයි පැහැදිලි නැති බව කොරියානු කලාපයේ බීබීසී වාර්තාකරු ස්ටීවන් එවන්ස් පැවසීය. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වුවත් තම මිසයිල අත්හදාබැලීම් දිගටම ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව අවධාරණය කරයි.
ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු සෙසු යුද නෞකා උතුරු කොරියාව දෙසට නොගොස් ප්‍රතිවිරුද්ධ දිශාවට යාත්‍රා කොට ඇතැයි වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සාකච්ඡා මේසයට ඇරයුම්. ශ්‍රී ලංකාවේ ගැටළු වලට රට තුළින් ම විසඳුම් සොයා ගැනීම පිණිස එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී කළ ඇරයුමට ප්‍රතිචාරය දක්වමිනුයි දෙමළ ජාතික සන්ධානය එම ප්‍රකාශය කරන්නේ. බීබීසී දෙමළ සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් .සම්බන්ධන් කියා සිටියේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉතා ප්‍රවේසමෙන් සලකා බැලීමට සූදානම් බවයි. අවුරුද්දක කතාබහ “මේ ප්‍රශ්නය ගැන කථා බහට අපි සාධනීය ව දායක වෙලා තියෙනවා. අපි ආණ්ඩුවත් සමග අවුරුද්දක් තිස්සේ කථා කළා. තුන් වෙනි රැස්වීමේ දී අප ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කළා”දෙමළ ජාතික සන්ධානයේ නායකයා පවසයි. එහෙත් ආණ්ඩුවේ ප්‍රතිචාරය තමන්ට නොලැබුන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් වැඩි දුරටත් කියා සිටියේ. “අපි ජනාධිපති තුමා එක්ක කථා කළා. අපි එකඟතා කීපයකට ආවා. නමුත් තාමත් ඒවා ක්‍රියාත්මක කරලා නැහැ” මන්ත්‍රීවරයා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය 2012 දී ජනවාරි 17,18 සහ 19 දිනවල අපි ආණ්ඩුවත් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණත් ආණ්ඩුව සහභාගී නොවූ හෙයින් එම සාකච්ඡා නොපැවත්වුන බවයි ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසන්නේ. සාකච්ඡා ඇනහිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව වග කිව යුතු බවත් ඔහු කියා සිටියි. දහතුන් වෙනි සංශෝධනය ඉන් අනතුරුව, ආණ්ඩුව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරමින් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් නම් කරන මෙන් දැනුම් දෙන ලද නමුත් එම කාරක සභාවෙන් සිදු කිරීමට යන්නේ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරමින් පළාත් සභා වලට හිමි බලතල අඩු කිරීම වන හෙයින් තමන් ඊට සහභාගී නොවූ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටියි. “13 වෙනි සංශෝධනය සම්මත වූ පසු හැම ආණ්ඩුවක් ම ඉන් එහාට යාමේ පදනමක් හැටියට ඒ ගැන කථා කරන්න සූදානම්වයි හිටියේ. කලින් තිබුණ පාර්ලිමේන්තු කාරක සභා සහ කොමිසම් සභා මගිනුයි එම යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කරලා තිබුණේ. පිළිගත හැකි යෝජනාවක් ඇත්නම්, අපි කල් පවතින ප්‍රායෝගික විසඳුමක් වෙනුවෙන් සාකච්ඡාවට සුදානම්” යයි ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පවසයි.
ශ්‍රී ලංකා ආණ්ඩුව පාර්ලිමේන්තු කාරක සභා වපසරිය පුළුල් කරමින් ඊට සහභාගී වන මෙන් යෝජනා කළ හොත් ඊට සහභාගී වීම ගැන සලකා බැලීමට සූදානම් යයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අවසන් වරට ගමන් ගත් පථය යානය සොයා සිදු කෙරෙන මෙහෙයුම් තව දුරටත් පුළුල් කර ඇති බවයි වාර්තා වන්නේ. හඬා වැළපෙන ඥාතීන් සොරා ගත් විදේශ ගමන් බලපත් යොදා ගනිමින් යානයට ගොඩ වී ඇති දෙදෙනා හඳුනා ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. එම දෙදෙනා ගුවන් ටිකට් පත් ලබා ගෙන ඇත්තේ එකම වේලාවේදී බව මෙතෙක් කර ඇති පරීක්ෂණවලින් හෙළි විය. මගීන් 239 ක් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් මෙම යානය සෙනසුරාදා අතුරුදහන් වූයේ ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා යද්දී. අතුරුදහන් වූ යානය පිළිබඳව තොරතුරු සෙවීම සඳහා ගුවන් යානා විසි දෙකක් සහ නැව් හතළිහක් යොදවා ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.
අතුරුදහන් වී තිබෙන මැලේසියානු ගුවන් යානයෙන් අවසන් වරට ලැබුණු රේඩාර් සඥා වලට අනුව යානය ආපසු හැරවීමක් සිදු කර ඇති බවට මැලේසියානු බලධාරීහු සැක පහළ කරති.