instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය ගිණුම්වලට තෙවෙනි පාර්ශවයක් විසින් නිපදවන ලද app සම්බන්ධ කරගෙන ඇත්නම් එය ගිණුම්වල විද්‍යුත් පණිවිඩ කියවීමට තවත් පුද්ගලයෙකුට ලබා දෙන අවසරයක් වැනිය. මෙය "ප්‍රසිද්ධ" සහ "කුණු රහසක්" බව එක්තරා සමාගමක් වෝල් ස්ට්‍රීට් පුවත්පතට (Wall Street Journal) පවසා තිබේ. කෙසේවෙතත්, මෙම ක්‍රියාව සිය සමාගමේ ප්‍රතිපත්තිවලට එරෙහි නොවන බව ගූගල් සමාගම පවසයි. ගූගල් සමාගම මෙකී ක්‍රියාවට අවසර දීම "පුදුමයක්" බව ආරක්ෂක විශේෂඥයෙක් පැවසීය. බිලියන 1.4 ක පරිශීලකයින් පිරිසක් සිටින Gmail ලොව ජනප්‍රියතම විද්‍යුත් තැපැල් සේවාව වේ. පුද්ගලයෙකුගේ ගිණුමක් තෙවෙනි පාර්ශ්වයක විද්‍යුත් තැපැල් කළමනාකරණ මෙවලමකට සම්බන්ධ කර ගැනීමට හෝ සංචාර සැලසුම්කරණය හා මිල සැසඳුම් වැනි සේවාවන්ට සම්බන්ධ කර ගැනීමටද ගූගල් සමාගම ඉඩ සලසා තිබේ. විද්‍යුත් තැපැල් ගිණුමක් බාහිර සේවාවක් සමග සම්බන්ධ කරන අවස්ථාවේ දී එයට අවසරය දෙන ලෙස ගිණුම් හිමියාගෙන් ඉල්ලීමක් කරන අතර, බොහෝවිට එය "ඔබගේ ලිපි කියවීමට, යැවීමට, මකා දැමීමට සහ කළමනාකරණය කිරීමට" හැකියාව සැලසී ඇත. මෙම අවසරය ලබා දීම තුළින් සමහර අවස්ථාවලදී app නිර්මාණකරුවන්ගේ සේවකයන්ට පවා යම් ගිණුමක විද්‍යුත් තැපැල් කියවිය හැකි බව වෝල් ස්ට්‍රීට් පුවත්පතෙහි සඳහන් වී තිබුණි. 'අවසර ඉල්ලන්නේ නැහැ' සිය සේවකයින් විසින් විද්‍යුත් පණිවිඩ "දහස් ගණනක්" කියවනු ලැබ ඇති සමාගම් සමග වෝල් ස්ට්‍රීට් පුවත්පත සාකච්ඡා පවත්වා තිබිණි. එඩිසන් මෘදුකාංග සමාගම පුවත්පතට පැවසූ පරිදි ඔවුන් මෘදුකාංගයක නව විශේෂාංගයක් නිර්මාණය කිරීම සඳහා සිය ගණනක් පරිශීලකයින්ගේ විද්‍යුත් තැපැල් සමාලෝචනය කර ඇත. eDataSource Inc සමාගම පැවසුවේ ඇල්ගොරිතම වැඩිදියුණු කිරීමේ අරමුණින් සිය පරිගණක ඉංජිනේරුවන් පුද්ගලයන්ගේ විද්‍යුත් තැපැල් ගිණුම්වලට පිවිසුණ බවය. Gmail ගිණුම්වලට පිවිසීමට විශේෂ අවසරයක් අවශ්‍ය නොවන අතර, මෙම ක්‍රියාව ඔවුන්ගේ පරිශීලක ගිවිසුම්වලින් ආවරණය වන බව සමාගම් පවසති. "ඊමේල් ගිණුම්වල කොන්දේසි කියවන්න ඔබේ ජීවිතයෙන් සති කීපයක් ගත වෙන්න පුළුවන්" යැයි සරේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් වුඩ්වර්ඩ් පැවසීය. "කොන්දේසිවල මේ දේවල් සඳහන් කර තිබෙන්න පුළුවන්. නමුත්, තුන්වෙනි පාර්ශවයක් වන සමාගමකට අයත් පුද්ගලයෙක් ඔබේ ඊමේල් පණිවිඩ කියවන ක්‍රියාව සාධාරණ යැයි සිතන්න බැහැ," ඔහු තවදුරටත් පැවසුවේය. අදාළ පරිශීලකයන් සිය "ඊමේල් වෙත පිවිසීමට අවසර ලබා දී ඇත්නම් පමණක්" නිසි අවසර ලබාගත් සමාගම්වලට විද්‍යුත් පණිවිඩවලට ප්‍රවේශ විය හැකි බව ගූගල් සමාගම පවසයි. "ගූගල් පරිශීලකයින්ව විස්මයට පත්වන ක්‍රියා නොකළ යුතුයි : ඔබේ මෘදුකාංගයෙහි (app) වෙළෙඳපොළ අරමුණු සමග නොගැලපෙන සැඟවුණු විශේෂාංග, සේවා හෝ ක්‍රියා සිදුවේ නම් ගූගල් API වෙත පිවිසීමේ හැකියාව අත්හිටුවීමට ක්‍රියා කරනු ලැබේ." යනුවෙන් දැක්වෙන නිර්මාපකයින් පිළිබඳ සිය ප්‍රතිපත්තිය පිළිබඳ ගූගල් සමාගම බීබීසී වෙත පැහැදිලි කළේය. Gmail පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුමේ ආරක්ෂක පිටුව වෙත පිවිසීමෙන් ගිණුමට සම්බන්ධ app දැකගත හැකිය. ඉන්පසු, තවදුරටත් ඔබේ දත්ත බෙදා ගැනීමට අකමැති app වේනම් ඒවා ඔබේ ගිණුමෙන් ඉවත් කළ හැකිය. මේ තොරතුරුද කියවන්න:
Gmail හරහා කෙරෙන පෞද්ගලික විද්‍යුත් තැපැල් (email) ගනුදෙනු උපකරණවලට පමණක් නොව, ඇතැම් අවස්ථාවලදී app (ඇප්) නිර්මාණය කරන තුන්වෙනි පාර්ශවීය පුද්ගලයින්ට ද කියවිය හැකි බව ගූගල් සමාගම තහවුරු කර සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහෙත්, පැතිර යන ආරංචිවලින් කියැවෙන්නේ නාම් ගේ පුත් කිම් හන් - සොල් මැකාවු සිට ක්වාලාලම්පුර් වෙත පැමිණ ඇති බවය. උතුරු කොරියානු පාලනයේ නොසතුටට ලක්වීමත් සමග කිම් ජොන්ග් නාම් ගේ පවුල අප්‍රකට ජීවිතයකට පිවිසී තිබිණි. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ගේ පියාගේ පෙර විවාහයේ පුතු වන කිම් ජොන්ග් නාම් පසුගිය සතියේදී මියගියේ, ක්වාලාලම්පුර් ගුවන්තොටින් නික්ම යාමට සිටියදීය. ඔහුගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි තවමත් මරණ පරීක්ෂණයට අදාළ රසායනාගාර වාර්තා අපේක්ෂාවෙන් සිටී. හෘදයාබාදයක හෝ පහරදීමක ලකුණු දක්නට නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හිෂාම් අබ්දුල්ලා පැවසීය. කිම් ජොන්ග් නාම් ගේ සිරුර තැන්පත් කර ඇති මෘත ශරීරාගාරය අසළ දැඩි ආරක්ෂක රැකවරණ යොදා ඇත. මෙම සිදුවීමත් සමග මැලේසියාව හා උතුරු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇති අතර මෘත ශරීරය භාර දෙන ලෙසට කළ ඉල්ලීම නොතකමින් උතුරු කොරියාවේ විරෝධය මධ්‍යයේ මැලේසියාවේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි. එරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෘත ශරීරය හඳුනාගැනීමට සහය වනු පිණිස අවශ්‍යවන දන්ත හෝ වෛද්‍ය වාර්තා කිසිවක් උතුරු කොරියානු තානාපති කාර්යාලයෙන් සපයා නැති බවය. දෙරට උණුසුම් වාදයක පැටලුනේ, මැලේසියාව යමක් වසන්කිරීමට තන්නේයැයි උතුරු කොරියානු තානාපති කාන්ග් චොල් චෝදනා නැගීමත් සමගිනි. "සිද්ධියට දින 7ක් ගත වෙලත් මරණයට පැහැදිලි හේතුවක් නැහැ. මේ වෙලාවේ මැලේසියාවේ පොලිසිය ගෙනයන විමර්ශනය ගැන අපට විශ්වාසය තබන්නට බැහැ," යැයි ඔහු පැවසීය. "මේ විමර්ශනය පසුපස වෙනත් කෙනෙක් සිටින බවට සැකය ඉහළ නැංවීම පමණයි සිදුවී තිබෙන්නේ." කෙසේ වෙතත්, මෙය 'අපහාසයක්' බව පැවසූ මැලේසියාව උතුරු කොරියානු තානාපතිවරයා කැඳවා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් විමසීමෙන් නොනැවතී ප්යෝන්ග් යැන්ග් හි සිටින සිය තානාපතිවරයා ද යළි කැඳවනු ලැබීය.
කිම් ජොන්ග් නාම් ගේ මෘත ශරීරය නිල වශයෙන් හඳුනාගැනීම සඳහා මෙතෙක් ඔහුගේ පවුලේ කිසිවකු ඉදිරිපත්වී නැති බව මැලේසියානු බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තමන් කැමති ‘සරසවි සංස්කෘතියකට’ අවනත කර ගැනීම පිණිස නවක වදය දෙන බවයි පැවසෙන්නේ තම විශ්ව විද්‍යාලයේ ඇතැම් පීඨවල දැනටමත් නවක වදය සහමුලින් අතුරුදහන් වී ඇති බව සිය උපකල්පනයට පදනම් කරගන්නා ඔහු පවසන්නේ නවක වදය ඉදිරියට පවත්වාගෙනයාම අසීරු තත්වයකට පැමිණ ඇති බවයි. ආචාර්ය අශෝක දංගොල්ල මේ බව පැවසුවේ බීබීසී සංදේශය සමග සංවාදයකට එක්වෙමින්. "උදාහරණයකට මම දකිනව තුන්වැනි අවුරුද්දේ අය දෙවැනි අවුරුද්දේ අයට උගන්වනව නැවතත් නවක වදය කරන ආකාරය. මේක ඉස්සර තිබුණේ නැහැ. ඒ කියන්නෙ දෙවැනි අවුරුද්දෙ ළමයි නවක වදයෙන් ඈත්වීමේ ප්‍රවණතාවය වැඩියි," යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ. තීව්‍රතාවය මේ වන විට සරසවි තුළ නවක වදයේ තීව්‍රතාවය ඉහලම මට්ටමකට පැමිණ ඇති බව පවසන ආචාර්ය දංගොල්ල එයට හේතු වී ඇත්තේ නවක වදය සිදු කරන ශිෂ්‍යයන් ඒ පිළිබඳව නොදැන සිටීම නිසා බව ඔහුගේ මතයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ දන්ත වෛද්‍ය පීඨයේ නවක වදය කිසිසේත්ම සිදුනොවන බව පවසන ඔහු තවත් පීඨ එයට එකතුවෙමින් සිටින බවයි සඳහන් කළේ. සරසවියට පැමිණීමට පෙර නිවසේ දී හැදී වැඩෙන ආකාරය නවක වදය දීම හෝ නොදීමට බලපාන බවයි ඔහු පවසන්නේ නවක වදය 'දෙන්නන්' සහ 'නොදෙන්නන්' ලෙස සිසු සිසුවියන් බෙදී සිටින බව පෙන්වා දෙන විනයච පාලකවරයා පවසන්නේ එසේ නවක වදය නොදෙන පිරිස ක්‍රමයෙන් වැඩිවන බවයි. නවක වදය නමින් තරුණ පරපුර හිංසනයට යොමුවීමේ හේතුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම තත්වය සරසවි තුළ පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාව තුළ පවතින්නක් බවයි. යාපනය ඇතුළු උතුරු ප්‍රදේශ වලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණෙන සිසුන් දකුණේ නවක සිසුන්ට නවක වදය දීමට තබා එකම සරසවියක සිසුන් ලෙස එකට ඇසුරු කිරීමක්වත් සිදු නොවන නමුත් ද්‍රවිඩ සිසුන් විසින් අලුතින් පැමිණෙන උතුරේ ද්‍රවිඩ සිසු සිසුවියන්ට ඉතා දරුණු ලෙස කායිකව හා මානසිකව නවක වදය දෙන බවත් ඔහු පැවසීය. යාපනේ සහ නැගෙනහිර "යාපනයෙන් සහ නැගෙනහිරින් එන අය ඉතාම තද විදියට නවක වදය දෙනව. අපිට හොයා ගන්න බැරි විදියට. සමහර අය තුවාල වෙනව. සමහර අය ඉස්පිරිතාලෙ පවා යනව. ඒවා අපිට 'රිපෝර්ට්' වෙන්නෙත් නැහැ. ඒ ගොල්ලන්ගෙ 'නෙට්වර්ක්' එක හරිම වෙනස්. ඒ ගොල්ලො ශිෂ්‍ය යූනියන් එකකට සම්බන්ධ නැහැ. ඒක අමුතුම එකක්. එතන තාම ‘ෆිසිකල් රැගින්’ කියන එක තියනව. ඒක හරිම භයානක විදියට ඔපරේට් වෙන්නෙ," යනුවෙනුයි ඔහු පැවසුවේ. නගරාසන්න පාසැල්වලින් පැමිණෙන නවක සිසුන් කෙරෙහි ද්වේශයෙන් වදහිංසා දෙන බවද ඔහු පැවසීය නවක සිසුන්ව ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තමන් කැමති ‘සරසවි සංස්කෘතියකට’ අවනත කර ගැනීම පිණිස නවක වදය දෙන බවට සැලකිය හැකි බවද එහෙත් එම ‘සංස්කෘතිය’ රටට සහ විශ්වවිද්‍යාලයට වැඩදායක එකක් නොවන බව පෙනීයන බවයි ආචාර්ය දංගොල්ල ප්‍රකාශ කළේ. ද්වේශය "නවක වදය දෙන ළමයි හිතනව මේ ‘බබාල’ වගේ ඉස්කෝල වලින් එන ළමයි යම්කිසි විදියකට අනුගත වෙන විදියට හදාගත්තහම ඒ ගොල්ලො හොඳ පුර වැසියො වෙනව කියල. නීති ගරුක වෙනව කියල. ඒ වුනාට අපි දකින්නෙ නැහැ ඒක සිද්ධවෙනව." සිසු සිසුවියන් සරසවියට පැමිණීමට පෙර නිවසේ දී හැදී වැඩෙන ආකාරය නවක වදය දීම හෝ නොදීමට බලපාන බව පවසන ආචාර්ය දංගොල්ල ඉතා දරුණු අන්දමින් නවක වදය දීමේ යෙදෙන්නේ තමා නවකයෙකු ලෙස නවක වදයට බඳුන් වීමෙන් මිදී ‘කට්ටි පැන’ සිටි අය බවත් සඳහන කළේය. දරිද්‍රතාවය සහිත පරිසරයක සිට සරසවියට පැමිණි හැදී දැඩි සහ ශක්ති සම්පන්න රළු පෙනුමෙන් යුත් ඔවුන් පිරිසිදුවට සහ පිළිවෙලට කොළඹ වැනි නගරාසන්න පාසැල්වලින් පැමිණෙන නවක සිසුන් කෙරෙහි ද්වේශයෙන් වදහිංසා දෙන බව පේරාදෙණිය සරසවියේ විනය පාලකවරයාගේ අදහසයි. ඉහළ මධ්‍යම පන්තිය ඇතුළු ශ්‍රී ලංකික සමාජයේ සියලුම ස්ථරයන් වලින් පැමිණෙන අයට නිදහස් අධ්‍යාපනයට අයිතියක් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුළ සිදුවන නවක වදය නුදුරු අනාගතයේ දී සහමුළුමනින්ම නැතිවී යනු ඇති බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනයපාලකවරයා බලාපොරොත්තු පළ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනයේ ලේකම්වරයා සුජීව ගොඩලියද්දට පහරදුන් බවට නිශාන්ත රණතුංගට චෝදනා නිලවරණයේ සාමාජික ක්‍රීඩා සමාජ සහ සංගම් 15 ක නියෝජිතයන් සම්බන්ධයෙන් පවතින මතභේද නිරාකරණය කිරීම පිණිස ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ඔහු එසේ පහරදුන් බවයි, සුජීව ගොඩලියද්ද සංදේශයට කියා සිටියේ. එහෙත් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන නිශාන්ත රණතුංග පවසන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් පරාජය හමුවේ 'අභූත චෝදනා' එල්ල කරන බවයි. මීගමුව ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් නොවන අර්ජුන රණතුංග අමාත්‍යවරයා සහ හිටපු සභාපති උපාලි ධර්මදාස එහි නියෝජිතයන් වශයෙන් නම් කිරීමට එරෙහිව ක්‍රීඩා සමාජයේ ලේකම් යූස්ටස් ප්‍රනාන්දු කරුණු දැක්වීමට නැගී සිටි අවස්ථාවේ එම පහරදීම සිදු වූ බවයි සුජීව ගොඩලියද්ද පවසන්නේ. මීගමුව ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු නොවන අර්ජුන රණතුංග අමාත්‍යවරයා එම සමාජය නියෝජිතයකු ලෙසින් නම් කිරීම පිළිබඳව ක්‍රීඩා සමාජයේ ලේකම්වරයාගේ විරෝධය යූස්ටස් ප්‍රනාන්දුගේ කරුණු දැක්වීම වැළැක්වීමට නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් උත්සාහ කළ අවස්ථාවේ තමන් එයට විරෝධය පෑම පහරදීමට හේතු වූ බවත් ඔහු සඳහන් කළේය. ඒ අවස්ථාවේ තමන්ද සිය ආරක්ෂාව වෙනුවෙන් පෙරලා පහර දුන් බව පවසන සුජීව ගොඩලියද්ද සිදුවීම පිළිබඳව පොලිසියට කටඋත්තරයක් ලබා දෙන බවත් පැවසීය. සභාපති අපේක්ෂකයකු පරුෂ වචනයෙන් බැන වැදුණු බවට සහ පහරදීමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබෙන බව පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සංදේශයට කළ විමසීමකදී සනාථ කළේය. ප්‍රචණ්ඩ නිලවරණයක්? කොළඹ ක්‍රිකට් සමාජයේ ලේකම් අරුණ විජය ද සිල්වා විසින් කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳව පැමිණිලිකරු සහ චුදිත සභාපති අපේක්ෂකයාගෙන් කටඋත්තර සටහන් කරගත් බවත් ඔහු පැවසීය. ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල නිලවරණයේ අනෙක් සභාපති අපේක්ෂකයන් දෙදෙනායි. තිලංග සුමතිපාල සහ ප්‍රතිවාදී පිලෙන් උප සභාපති පදවියට තරඟ කරන අර්ජුන රණතුංග දෙදෙනාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීපම ආධාරකරුවන්. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සහ ජයන්ත ධර්මදාස ගේ ආධාරකරුවන් 'අභූත චෝදනා' නගන බව නිශාන්ත රණතුංග පවසයි ගැටුම පිළිබඳව සංදේශය කළ විමසීමකදී නිශාන්ත රණතුංග කියා සිටියේ සිය ප්‍රතිවාදී සභාපති අපේක්ෂකයන් වන තිලංග සුමතිපාල සහ ජයන්ත ධර්මදාස දැනටමත් පරාජය පිළිගෙන ඇති බවයි. "මේ ඡන්දයට මුහුණ දෙන්න බැරිව සාමාජිකත්වයේ අප්‍රසාදය ඇතිවෙලා තියෙන වෙලාවක ඔවුන් උත්සාහ කරනවා අපි ගැන විවිධ චෝදනා දාල අපහාසයට පත්කරන්න," නිශාන්ත රණතුංග පැවසීය. සාමාජිකයන් හතලිස් දෙනකු පමණ මේ අවස්ථාවට සහභාගි වූ බැවින් එවැන්නක් සිදු වූයේ නම් ඔවුන් එය දැනසිටිය යුතු බවද ඔහු පැවසීය. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට සහාය දෙන තමා මාතලේ ක්‍රිකට් සම්මේලනයේ ලේකම් පදවියට පත්වීම සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග ප්‍රබල විරුද්ධත්වයක් පළ කළ බව පවසන සුජීව ගොඩලියද්ද, ඒ විරෝධය හමුවේ තමන් දැන් පදවිය දරන්නේ අධිකරණ නියෝගයක් ප්‍රකාර බවත් සඳහන් කළේය. "මම බොහොම කණගාටු වෙනව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තරඟ වදින පුද්ගලයෙක් ඒ විදියට හැසිරීම පිළිබඳව." පහරදීමක් සිදුවුවත්, නොවුවත් අතීතයේ පැවති ක්‍රිකට් නිලවරණ මෙන් මෙවර නිලවරණයත් නිදහස් හා සාමකාමීව පැවැත්වෙනු වෙනුවට දැඩි ප්‍රචණ්ඩ ස්වරූපයක් ගැනීමේ ඉඩකඩ මේ මගින් පැහැදිලි වන්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ නිශාන්ත රණතුංග සඳහන් කළේ එවැන්නක් වැළැක්වීම ක්‍රිකට් පරිපාලනය භාරගැනීමට බලාපොරොත්තුවන පුද්ගලයන්ගේ වගකීම බවයි. වැඩිදුර කරුණු විමසීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේඩී රුවන්චන්ද්‍ර සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
ලබන ජනවාරි තුන් වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී නිශාන්ත රණතුංග තමන්ට පහරදුන් බව මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනයේ ලේකම්වරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
Sands casino complex in Macau ශ්‍රී ලංකාවේ සංචාරක කරමාන්තයේ සංවර්ධන හැකියාව සලකා බලා එම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස්‌ පැකර් සිඩ්නි නුවර දී ව්‍යාපාරිකයන් අමතා කියා සිටියේ. කැසිනෝ සල් යෝජිත සංකීර්ණයේ කාමර හාරසිය පනහකින් යුත් හෝටලයක් ද භෝජන ශාලා, වෙළෙඳ සංකීර්ණ, සම්මන්ත්‍රණ ශාලා, හා කැසිනෝ සල් ද ඉදි වන බවත් ඒ සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා රජයත්, ඒකාබද්ධ ව්‍යාපෘති ආරම්භ කිරීම පිණිස ව්‍යාපාරික හවුල්කරුවන් සමගත් සාකච්ඡා කළ බවත් ඔහු කියා සිටියේය. කොළඹ බේරේ වැව් ඉවුරේ සැලසුම් කොට ඇති එම ව්‍යාපෘතිය මගින් රැකියා අවස්ථා දෙදහස් පන්සියයක් ඇති කෙරෙන බවයි ඔහු කියා සිටියේ. ඕස්ට්‍රේලියානු කොටස් වෙළෙඳ පොළ වෙත ප්‍රකාශයක් නිකුත් කරන කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස්‌ පැකර් සඳහන් කළේ; “රටේ අනාගතය ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේක ශ්‍රී ලංකාවට ආසියාවේ බැබළීමට ලැබෙන අවස්ථාවක් “ සුපිරි සංචාරක කර්මාන්තයක් එම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සුපිරි සංචාරක කර්මාන්තය අලුතින් නිර්මාණය වනු ඇති බව පැවසූ ඔහු මේ සමග ඉන්දියාවෙන් සහ චීනයෙන් විශාල වශයෙන් සංචාරකයන් ඇදී එනු ඇති බවත් ප්‍රකාශ කළේය. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, සහ මැකව් දුපත් වල කැසිනෝ ව්‍යාපාර පවත්වා ගෙන යන ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස්‌ පැකර් පිලිපීනයේ මැනිලා නුවර කැසිනෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන තරු පහේ කැසිනෝ සංකීර්ණයක් සඳහා ඩොලර් මිලියන හාරසියයක මුදලක් ආයෝජනය කරන බව ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස්‌ පැකර් (James Packer) තහවුරු කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමතිවරයා සංදේශයට මුණගැසුනේ කන්තලේ වෙලුන්නා පිරිවෙන් විහාරස්ථානයේදීය “ඒ වෙලාවේ රජයේ සහ පොදු ඉඩම් පවරගන්න සිදු වුණා. ඒ නිසා තමයි මේ සාමය ඇති කරගන්න පුළුවන් වුණේ. නමුත් අපි කොහෙවත් තියන ආරක්ෂක හමුදා ඉවත් කරන්නෙ නැහැ. නමුත් අපි ජනතාවගේ යහපත සඳහා වෙනත් විකල්ප ඉඩම් හොයල ඒවා දීල ඉවරවෙල ගොවියන්ගෙ අවශ්‍යතාවයන් පිරිමහනව” යනුවෙන් ඔහු පැවසීය. යුද්ධය අවසන් වීමෙන් පසු වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් ගම් වැසියන්ගේ වගා බිම් සහ වාස භුමි බලහත්කාරයෙන් උදුරාගෙන ඇති බවට වත්මන් ඉඩම් ඇමතිවරයා මීට පෙර පැවති රජයට චෝදනා කළ අයෙක්. එම ගම්වැසියන්ට සාධාරණය ඉටුකරන්නේ දැයි සංදේශය විමසු විට ඔහු කියා සිටියේ එම චෝදනාව සත්‍ය බවත් එම ඉඩම් සම්බන්ධව සහ පසුගිය කාලය තුළ නිකුත් කළ ගැසට් නිවේදන ආදිය පිළිබඳව සලකා බලා වැඩි වන ජනගහනයත් සමග සංශෝධනය කළ යුතු නම් එසේ කොට සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එන බවයි. අමාත්‍ය ගුණවර්ධන අද කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා රිය පෙරහරකින් ගමන් ගත් අතර මග දෙපස තැනින් තැන සංවිධානය කර තිබූ උණුසුම් පිළිගැනීම මැද යි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරම්භ වීමෙන් පසු ත්‍රිකුණාමලයෙන් බිහිවූ ප්‍රථම කැබිනට් ඇමතිවරයා වන්නේද ගුණවර්ධන මහතායි. ඔහු වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීමට පෙරමුණ ගත් අයෙක් වුවද තම ආසනය වන සේරුවිල ආසනයේ හංසයා ලකුණ ජයග්‍රහණය කර වීමට අසමත් විය.
පසුගිය රජයෙන් හමුදා කඳවුරු පවත්වාගෙන යාම පිණිස පවරා ගත් උතුරේ ඉඩම ක්ෂණිකවම නැවත එම ජනතාවට ලබා දීමට සැලසුමක් නැති බව වත්මන් රජයේ ඉඩම් ඇමති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේරුවිල ආසන සංවිධායක එම කේ ඒ ඩී එස් ගුණවර්ධන අද සංදේශයට ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ද අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන් භාවිත කරන පරිගණක ද අත් අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති බවයි බීබීසී කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ප්‍රකාශ කළේ. ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඉරිදා අත් අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොන්දේසි රහිතව නිදහස් කරනු ලැබූහ. අත් අඩංගුවේ සිට නිදහස් කරනු ලැබූ මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනකු වන ප්‍රවීන් මහේසන් පියතුමාට සහ රුකී ප්‍රනාන්දුට ජනමාධ්‍යයට කථා නොකරන ලෙසට හා විදේශ ගත වීමට පෙර අවසර ලබා ගත යුතු බවට ඊයේ ලබා දුන් අධිකරණ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ නීතිවේදීන් කළ ඉල්ලීම අද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණ. මේ පිළිබඳව අදහස් දක්වන මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මෙය ත්‍රස්ත විමර්ශන ඒකකය හා ආණ්ඩුව අධිකරණය නොමග යවා ලබාගත් නියෝගයක් බවයි. භාෂණයේ නිදහස අධිකරණය ලබා දුන් නියෝගය මගින් රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමන්ගේ භාෂණයේ නිදහස උල්ලංඝනය වන බවට පෙන්වා දෙමින් අදාළ නියෝගය ඉවත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා තිබිණ. රුකී ප්‍රනාන්දුට සහ මහේසන් පියතුමා වෙනුවෙන් මෙම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු පැවසුවේ, " අපි අධිකරණයට පවසා සිටියා රුකිට සහ ප්‍රවීන් පියතුමාට විරුද්ධව අසත්‍ය චෝදනා රාජ්‍ය මාධ්‍ය මගින් සිදු කරන නිසා ඔවුන්ට ඒවාට පිළිතුරු දීමට අයතිය තිබිය යුතු යැයි කියා. අපි ඉල්ලා සිටියේ ඒ නියෝග අවලංගු කරන ලෙස හෝ තාවකාලිකව හෝ ඒවා අත්හිටුවන ලෙස. නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ" අද උදෑසන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමන් අධිකරණය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසීමට උත්සාහ කළ අවස්ථාවේ දී ඔවුහු මාධ්‍යවේදීන්ට කිසිවක් ප්‍රකාශ නොකිරීමට වග බලාගත්හ. ප්‍රකාශ පිලිබඳව විමර්ශන මේ අතර සංදේශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණගෙන් විමසුවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනාට එරෙහිව නැවත අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හේතුවූ කාරණය කුමක්ද යන්නයි. " ඔවුන් නිදහස් කරන කොටත් ඔවුන්ට දැනුම් දුන්නා, ඒ වගේම මමත් මාධ්‍යයට කිව්වා ඔවුන්ගේ ප්‍රකාශ පිලි බඳව විමර්ශන සිදු වෙනවා කියලා, ඒ ප්‍රකාශවල කරුණු සම්බන්ධ කරුණු ගැන විමර්ශනය කරද්දී එළිවෙච්ච දේ මත තමයි මේ වැඩිදුර 'බී' වාර්තාව ඉදිරිපත් කලේ," යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය. මේ අතර අද මානව හිමිකම් ක්‍රියාකාරීහු මාධ්‍ය හමුවක් පවත්වා මෙයට ඔවුන්ගේ විරෝධය පල කළහ. මෙලෙස රුකී ප්‍රනාන්දුට සහ ප්‍රවීන් මහේසන් පියතුමන්ට මාධ්‍ය වාරණයක් පනවා ඇත්තේ ඔවුන් නිදහස් කල පසු ඔවුන්ට සිදුවුණු අසාධාරණය පිළිබඳව ඔවුන් ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ නිසා විය හැකි බවයි මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ජේ.සී. වැලිඅමුණ ප්‍රකාශ කළේ. භාෂණයේ නිදහසට සීමා පැනවිය හැක්කේ නීතිමය ප්‍රතිපාදන මත පමණක් බව පවසන නීතිඥ ජේ.සී වැලිඅමුණ එවන් නීතිමය ප්‍රතිපාදනයක් නොමැතිව අධිකරණ නියෝග මත පමණක් භාෂණයට ඇති නිදහස සීමා කළ නොහැකි බව තම මතය බව ද ප්‍රකාශ කළේය.
අත් අඩංගුවේ සිට නිදහස් කරනු ලැබූ මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනකු වන ප්‍රවීන් මහේසන් පියතුමාට සහ රුකී ප්‍රනාන්දු ට ජන මාධ්‍යයට කථා නොකරන ලෙසට බලධාරීන් විසින් උපදෙස් දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අනුව, ඉරිදා (ජූලි 14) පැවැත්වෙන අවසන් තරගයට නවසීලන්තය සුදුසුකම් ලැබීය. කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, අඟහරුවාදා (ජූලි 09) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දු වාර 46ක් අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 211ක් රැස්කර ගත්හ. බදාදා නැවතත් තරගය ආරම්භ කළ පසු නැවත ඉන්දීය කණ්ඩායමට මුහුණ දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 239ක් රැස් කළහ. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් රොස් ටේලර් (Ross Taylor) ලකුණු 74ක් රැස් කළ අතර, කේන් විලියම්සන් ලකුණු 67ක් ලබා සිටිය දී රවීන්ද්‍ර ජඩේජා ලබාගත් උඩ පන්දුවකින් දැවී ගියේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 පන්දු දෙකක දී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 221ක් පමණි. ඉන්දීය කණ්ඩායමේ පළමු පිතිකරුවන් තිදෙනා ම රැස් කරගෙන ඇත්තේ එක ලකුණ බැගිනි. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 77ක් ලබාගත් අතර, මහේන්ද්‍රසිං ධෝනි ලකුණු 50ක් රැස් කර සිටිය දී දැවී ගියේය. ඉන්දීය ක්‍රීඩකයන් හතර දෙනෙකු හැර අනෙක් සියලු දෙනා ලකුණු දහයට අඩුවෙන් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය. නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි කඩුලු තුනක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට් (Trent Boult) සහ මිෂෙල් සැන්ට්නර් (Mitchell Santner) කඩුලු දෙක බැගින් දවා ගත්හ. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර හෙට (ජූලි 11) පැවැත්වෙන දෙවෙනි අර්ධ අවසන් තරගයෙන් ජය ගන්නා කණ්ඩායම නවසීලන්තය සමග ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අවසන් තරගයට මුහුණ දීමට නියමිතය. මේ තොරතුරුද කියවන්න:
අද දින පැවැත්වුණ (ජූලි 10) ක්‍රිකට් ලෝක කුසලාන අර්ධ අවසන් වටයේ තරගයෙන් ඉන්දියාව පරදා නවසීලන්තය ජයග්‍රහණය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ සුළු ජාතික ඡන්ද 27% ක් තිබෙන බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ අමාත්‍යවරයා, ඒ ඡන්දවලින් අති බහුතරය දිනාගැනීමේ හැකියාව තිබෙන එකම අපේක්ෂකයා වත්මන් ජනපතිවරයාය යන්න පක්ෂයේ මෙන්ම තමන්ගේද ස්ථාවරය බවත් සඳහන් කළේය. පක්ෂයේ එම තීන්දුව පිළිබඳව මධ්‍යම කාරක සභාවේ මුලසුන හෙබැවූ ජනාධිපතිවරයා කිසිදු අදහසක් පළ නොකළ බවත් ඔහු පැවසීය. 2015 ජනවාරි 09 වැනි දින පදවියේ දිවුරුම් දුන් අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා, යළිත් වරක් ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බවට ප්‍රතිඥාවක් දුන්නේය. එහෙත් වර්තමානයේ දේශපාලන වාතාවරණය වෙනස් වී තිබෙන බවයි, අමාත්‍ය අමුණුගම පවසන්නේ. පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතලද පවරා දෙමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. අමාත්‍ය අමුණුගම සඳහන් කරන පරිදි, නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනු වෙනුවට වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතර, ජනමත විචාරණයක් කැඳවිය යුතු නැති බව පක්ෂයේ ස්ථාවරයයි. (අමාත්‍ය සරත් අමුණුගම සමග සාකච්ඡාවට ඉහත හඬ පටයෙන් සවන්දෙන්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 75 ක් රැස් කළේය ඕවර 33 පන්දු 04 ක් තුළ කඩුලු සියල්ල දවා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 155 ට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. සිය මංගල එක්දින තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට වනිඳු හසරංග සමත් වූ අතර ලක්ෂාන් සඳකැන් දවා ගත් කඩුලු සංඛ්‍යාව 04 කි. ලකුණු 156 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 30 පන්දු 01 අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් විය. සිය මංගල එක්දින තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට වනිඳු හසරංග සමත් විය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 75 ක් රැස් කළේය. වෛරස් උණ රෝගයක් වැළඳී සිටි බව කී ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් ද අද තරගයේ ක්‍රීඩා කළහ.
ඉරිදා (ජුනි 02) ගාල්ලේ පැවති දෙවන එක්දින තරගයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සෘණ ශේෂ පත්‍රයක් ඇති, ද ෆිනැන්ස් මුල්‍ය සමාගමේ මහජන මුදල් ආයෝජනය කිරීමේ හේතුව ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. ගෙවී ගිය අවරුදු තුනක කාලයක් තිස්සේ ද ෆිනැන්ස් මුල්‍ය සමාගම දිගින් දිගටම පාඩු ලබා ඇති බවඅනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන් අතර අමාත්‍ය සරත් අමුණුගම කියා සිටියේ මෙම මුල්‍ය සමාගම මනා මුල්‍ය ස්ථාවරත්වයක් සහිතව ක්‍රියාත්මක වන බවයි. මෙම ගනුදෙනු සිදුවන කාලය තුල දී ඇතැම් පුද්ගලයන් කෝටි ගණනින් ලාබ ලබා ඇති බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කළේය. ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට සැක කැරෙන විදේශ ගත දුමින්ද සිල්වා මන්ත්‍රී වරයාගේ සොයුරු රෙනො සිල්වා ද ද ෆිනෑන්ස් කොටස් විකිණීමෙන් ලාබ ලද අයකු බවයි ජ වී පෙ මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ. මෙම ගනුදෙනුවල දී අක්‍රමිකතා සිදුව ඇත්දයි දැනගැනීමට විමර්ශන කටයුතු පැවැත්වෙන බවත්,ජාතික ඉතිරි කිරීමේ බැංකුවට භාණ්ඩාගාරයදුන් උපදෙස් අනුව කොටස් මිලදී ගැනීම නතර කෙරුණු බවත් අමුණුගම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පාඩු ලැබෙමින් පැවති ද ෆිනැන්ස් මුල්‍ය සමාගමේ කොටස් වල ආණ්ඩුවේ ආයතන රැසක් මුදල් ආයෝජනය කිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව සහ සේවක අර්ථ සාධක අරමුදල මුදල් ආයෝජනය කළ බවයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හම්බන්තොට වරායේ විරෝධතාවයක යෙදී සිටි සේවකයන් විසින් ග්‍රහණයට ගෙන තිබූ නෞකා දෙක මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වීමත් සමග එහි උණුසුම්කාරී තත්වයක් හට ගැනුණේය. ඒ අවස්ථාවේ එහි පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පරුෂ වචනයෙන් බැණ වැදෙන ආකාරය සහ මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වේ. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස තමන් පොලිසියට දන්වා ඇති බවය. විරෝධතාවේ යෙදී සිටි සේවකයන් විසුරුවා හැරීමේදී නාවික හමුදාපතිවරයා සහ නාවික හමුදා භට කණ්ඩායම කටයුතු කළ ආකාරය වැරදි නොවන බව සඳහන් කරන ආරක්ෂක ලේකම්වරයා, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස නාවික හමුදාපතිවරයාට ද දන්වා ඇති බව ද සඳහන් කළේය. "සිද්ධියක කෑල්ලක් පමණක් අල්ලගෙන කතාකිරීම තමයි මෙහි ඇති අඩුපාඩුව. ඒ සේවකයන් නීතිය කඩ කිරීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබෙනව. නැව් අත්අඩංගුවට ගැනීමට ඔවුන් කටයුතු කළා. ඒ සියල්ල ගෙන සමස්තයක් වශයෙන් මේ දෙස බැලිය යුතුයි," ආරක්ෂක ලේකම්වරයා පැවසීය. "මාධ්‍යයටත් අපි කිව්වා මෙතැනින් පොඩ්ඩක් අයින් වෙන්න කියලා," ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය, මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන ප්‍රහාර කිසිසේත් අනුමත කළ නොහැකි නමුත් ගැටුම් වාර්තාකරණයේදී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර හරිනු ලැබ ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කරයි.
සෙනසුරාදා හම්බන්තොට වරාය තුළ හටගත් උණුසුම් වාතාවරණය අතරවාරයේ නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට පහර දුන් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හෙද සේවය සහ වින්නඹු මාතාවන් පිළිබඳ මණ්ඩලය (NMC) නිකුත්කළ නව සංඛ්‍යාලේඛනවල දැක්වෙන පරිදි සේවයෙන් ඉවත්ව යන හෙද හෙදියන් සහ වින්නඹු මාතාවන්ගේ ප්‍රමාණය, අලුත්ම සේවයට එක්වන ප්‍රමාණයට වඩා වැඩිය. ඒ අනුව මේ වසරේ මාර්තු මාසය දක්වා කාර්තුව තුළ හෙද හෙදියන් සහ වින්නඹු මාතාවන් 1,783 ක් සේවය හැර යාමත් සමග රට පුරා ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) රැකියාවේ නිරතව සිටි සංඛ්‍යාව 690,773 දක්වා පහළ වැටින. ඉන් අනතුරුව මේ වසරේ අප්‍රේල් සහ මැයි මාසවල තවත් 3,264 ක් සේවයෙන් ඉවත්වූහ. කෙසේ නමුත් 2010 වසරේ දීට වඩා හෙද හෙදියන් 13,000 ක් මේවනවිට එංගලන්තයේ රෝහල්වල සේවය කරමින් සිටින බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි. විශ්‍රාම ගැනීම හැරුණු විට ඔවුන් බොහෝ දෙනා සේවය හැර යාමට ප්‍රධානම හේතුව සේවක පිරිස ප්‍රමාණවත් නොවීම සහ වැඩ අධිකවීම වැනි අයහපත් සේවා තත්වයන්ය. පෞද්ගලික හේතු, ප්‍රතිකාරවල ගුණාත්මකභාවය පිළිබඳව කලකිරීම, අඩු වැටුප් සහ රටින් බැහැරව යාම හෙද හදියන් සහ වින්නඹු මාතාවන් සිය සේවය හැර යන අනෙක් ප්‍රධාන හේතු බව සේවය හැර ගිය 4,500 ක පිරිසක අදහස් විමසා සකස් කරන ලද සමීක්ෂණ වාර්තාවක දැක්වේ. ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) පාලක මණ්ඩල නියෝජනය කරන NHS Providers සංවිධානයේ අධ්‍යක්ෂිකා සෆ්රෝන් කෝඩ්රි අදහස් දක්වමින්, මෙය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාදාමය හේතුවෙන් සිදුවන්නක් නොවන බව කියා සිටියාය. "වැඩිපුරම ඉවත්වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍යවාසීන්. අනික විශේෂයෙන්ම මේ තරම් තරුණ පිරිසක් සෙන් ඉවත්වෙන්න තීරණය කිරීම බොහොම කණගාටුදායක තත්වයක්," යනුවෙන් ඇය සඳහන් කළාය. සේවකයන් ප්‍රමාණවත් නොවීම සහ අයහපත් සේවා තත්වය හමුවේ "විෂම චක්‍රයකට" සිර වීම ඔවුන් මෙසේ සේවය හැරයාමට හේතුව බව පවසන හෙද අධ්‍යාපනය සම්බන්ධ රාජකීය විද්‍යාලය (The Royal College of Nursing - RCN), ඔවුන් ඉවත්වීමෙන් ඇතිවන පුරප්පාඩු සඳහා විදේශීය සේවකයන් බඳවා ගැනීම ගැටලුවට විසඳුම නොවන බවත් සඳහන් කරයි. "අනාගත හෙදියන් පුහුණු කිරීම සඳහා ලබා දෙන අරමුදල් (ආණ්ඩුව) කපා හැරලා තියෙනවා," විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරිනී ජැනට් ඩේවිස් සඳහන් කළාය. හෙදියන්ගේ වැටුප සම්බන්ධ තීරණය 'දේශපාලන තීරණයක්' බව පවසන ඇය, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වතාවට ලබන සැප්තැම්බර් මාසයේ විද්‍යාලයට බැඳෙන ශිෂ්‍යාවන්ට සිය අධ්‍යාපනය සඳහා ණය මුදලක් ලබාගැනීමට සිදුවනු ඇති බවත් පවසන්නීය. "ලෝක මට්ටමේ සෞඛ්‍ය සේවයක්" පවත්වා ගැනීම පිණිස අවශ්‍ය තරම් හෙද හෙදියන් ප්‍රමාණයක් සේවයේ තබාගැනීම සහ අනාගට්‍ර්හ හෙදියන් පුහුණු කිරීම පිණිස අවශ්‍ය සියලු කටයුතු ඉටුකරන බව එම විවේචනවලට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක පැවසීය.
අයහපත් සේවා තත්වයන් සහ අඩු වැටුප් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හෙදියන් සහ වින්නඹු මාතාවන් විශාල පිරිසක් රැකියාව හැරයමින් සිටින බව අලුත්ම සංඛ්‍යාලේඛන අනුව අනාවරණය වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
1. කාන්තාවකට නිදා සිටියදීම දරුවකු බිහි කළ හැකි බව ඔබ දැන සිටියාද? පසුගියදා refinery වෙබ් අඩවිය පළ කළ වාර්තාවකට අනුව ඇලිස් පේන් නම් කාන්තාව සිය දරුවා ප්‍රසූතකර තිබෙන්නේ අඩ නින්දේ සිටියදීය. ඇය ප්‍රසූතිය සඳහා සැරසුණු අවස්ථාවේ වෛද්‍ය උපකරණවල දෝෂයක් හේතුවෙන් වෛද්‍යවරුන් ඇයට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදි බෙහෙත් ලබා දී තිබේ. ඒ මොහොතේ ඇය ප්‍රසූතියට සූදානම්ව සිටි බව වෛද්‍යවරු නොදැන සිටියහ. හදිසියේම ඇය ප්‍රසූතියට සූදානම් බව වටහාගත් ඇලිස්ගේ ස්වාමි පුරුෂයා අඩ නින්දේ සිටියදීම සිය බිරිඳට ප්‍රසූතියට උපදෙස් දී තිබේ. තමන් නින්දේ සිටියදීම සෞඛ්‍ය සම්පන්න දරුවකු ප්‍රසූත කරනු දැක වෛද්‍යවරු පුදුම වූ බව ඇලිස් පසුව සඳහන් කළාය. 2. බ්‍රිතාන්‍යයේ පිරිමි දරුවන්ට, ගැහැණු දරුවන්ට වඩා සතියකට පවුම් දෙකක්. බ්‍රිතාන්‍යය තුළ ලිංගිකත්වය මත පදනම්වූ නොසළකා හැරීම ආරම්භ වන්නේ ළමා වියේදී නිවසේදීම බව ඉඟිකෙරෙන සමීක්ෂණ වාර්තාවක් පසුගියදා ප්‍රකාශයට පත්විය. ඒ අනුව බ්‍රිතාන්‍යයේ දෙමාපියන් සාමාන්‍යයෙන් සතියකට ගැහැණු දරුවන්ට ලබාදෙන මුදලට වඩා පවුම් 2.20 ක් පිරිමි දරුවන්ට ලබාදෙන බව හෙළි වී තිබේ. වයස අවුරුදු පහේ සිට 16 දක්වා දරුවන් 2000 ක් යොදාගෙන Childwise සංවිධානයේ පර්යේෂකයන් විසින් කරන ලද සමීක්ෂණයට අනුව දෙමාපියන් පිරිමි දරුවකුට සතියකට පවුම් 10.70 ක මුදලක් සාමාන්‍යයෙන් ලබාදෙන නමුත් දැරියන්ට ලැබෙන්නේ සාමාන්‍යයෙන් පවුම් 8.50 ක මුදලකි. 3. අයිස්ලන්තයේ වාර්ෂික මනුෂ්‍ය ඝාතනවල සාමාන්‍ය අගය 1.8 කි. අයිස්ලන්තයේ මනුෂ්‍ය ඝාතන කෙතරම් දුර්ලභද යත් දින අටක් මුළුල්ලේ අතුරුදහන්ව සිටි දැරියකගේ මළසිරුර හමුවීමෙන් පසුව මුළු රටම කම්පාවට පත්විය. අයිස්ලන්තය, ලෝකයේ අපරාධ අඩුම රටවලින් එකකි. 4. මිනිස් දරුවකු ලෙසින් වැඩුණු ගොරිල්ලා. එංගලන්තයේ ගම්මානයක ජෝන් ඩැනියෙල් නම් ගොරිල්ලා මිනිස් දරුවකු ලෙසින් හදා වඩාගත් අතර, ඔහුට සිය නිදන කාමරයක් තිබුණු අතර ජෝන් සිය රෙදි තමන් විසින්ම සෝදාගත්තේය. ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රය වාර්තාකරණ පරිදි ජෝන් ඩැනියෙල් ගොරිල්ලා සිය ප්‍රදේශයේ දරුවන් සමග එළිමහනේ ක්‍රීඩා කළ අතර, තේ සහ සයිඩර් මත්පැන් පානය කිරීමටද රුසියකු විය.
පසුගිය සතියේ ඔබ, අප නොදැන සිටි කරුණු කිහිපයක්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය බාල සොයුරා සහ සොයුරිය නිවසේ තනිකර, මව රැගෙන රෝහලක් කරා යාමට සෝනිට සිදු විය "කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ දේහයට අත තියන්නවත්." සෝනි කුමාරි ඒ දුක්බර සිදුවීම සිහිපත් කළාය. "ඒ නිසා මගේම දෑතින් මම මිනීවල හෑරුවේ. මට තනියෙම ඒක කරගන්න සිද්ධ වුණා." සෝනි කුමාරි සිය අත්දැකීම බීබීසීයේ දිව්‍යා ආර්යා ට විස්තර කළේ වීඩියෝ දුරකථන ඇමතුමක් ඔස්සේය. තමන්ගේ මෑණියන්ගේ දේහය වල දමන මොහොතේ සෝනි ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක් (PPE) හැඳ සිටියාය. ඇය තනිව සිටි ඒ මොහොත ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවට හසු විය. එදා සිදුවූ සියල්ල මොහොතක් නෑර ඇයට තවමත් හොඳින් මතකය. කොවිඩ් වසංගතයට ගොදුරු වී සෝනිගේ පියා මියගිය වහාම මව ද රෝගාතුර වූවාය. මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා සෝනි වහා ක්‍රියාත්මක වූවාය. සෝනිට ගිලන් රථයක පිහිට ලැබිණ. සිය බාල සොයුරා සහ සොයුරිය නිවසේ තනිකර, මව රැගෙන රෝහලක් කරා යාමට සෝනිට සිදු විය. නමුත් මවගේ ජීවිතය බේරා ගැනීමට ඇයට නොහැකි විය. සෝනි ආපසු නිවසට පැමිණියේ මවගේ දේහය ද රැගෙනය. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඈත පිටිසර ගමක ජීවත්වන ඇයට අසල්වාසීන්ගෙන් කිසිදු උපකාරයක් නොලැබෙන බව ඇයට වැටහුණි. "අපේ ලෝකය කඩා වැටුණා. අපි තනි වුණා. මගේ අම්ම තාත්ත ගමේ අයට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒත් අපිට අවශ්‍ය වෙලාවට කවුරුවත් හිටියෙ නැහැ." සෝනි පැවසුවාය. කොවිඩ් වසංගතයට බිලි වූ ඉන්දියාවේ මිනිස් ජීවිත ගණන අති විශාලය. එම සංඛ්‍යාව දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. සෝනි ගේ කතාවට සමාන වූ තවත් කතා බොහොමයක් ඉන්දියාව පුරා පවතී. කොවිඩ් වසංගතය විසින් තනි කරනු ලැබූ දරුවන්ට සිදුවන්නේ කුමක්ද? තමන්ගේ මෑණියන්ගේ දේහය වල දමන මොහොතේ සෝනි ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක් (PPE) හැඳ සිටියාය සෝනි කුමාරි 18 හැවිරිදි ය. මුහුණු ආවරණයක් පැළඳ සිටි ඇය සන්සුන්ව සිය අත්දැකීම විස්තර කළාය. නොසැලෙන හඬකින් සඟවන්නට උත්සාහ දරන ඇයගේ වේදනාව දෙනෙතින් දිස්විය. දොළොස් හැවිරිදි සොයුරා සහ 14 හැවිරිදි සොයුරිය, පසුබිමේ වූ දොර කවුළුවෙන් යාන්තමට එබී බලන අයුරු මම දුටිමි. "තනිවීම තමයි දරා ගන්නම බැරි. ගෙදර කන්න දෙයක් තිබුණේ නැහැ. අම්මගේ අතින් උයපු අන්තිම වේල විතරයි කුස්සියේ තිබුණේ. මුල් දවස් කීපයේ කිසිම කෙනෙක් අපිට කිසි දෙයක් දුන්නේ නැහැ. ඇඟේ වෛරසය නැහැ කියල වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු වෙනකල් අපි තුන්දෙනා හිටියේ තනියෙම." සෝනි පැවසුවාය. දෙමාපියන් අහිමි වූ දරුවන් මුහුණ දෙන අභියෝගය තවත් අසීරු කරවන්නේ තනිකම සහ මානසික පීඩාව ද ඊට එකතුවන හෙයිනි. එවැනි දරුවන් වෙනුවෙන් සහන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්දියාවේ ළමා හා කාන්තා කටයුතු භාර ඇමතිනි ස්ම්‍රීතී ඉරානී පවසන්නීය. ගම්වාසීන්ගෙන් වෙන්කොට ළමුන් තිදෙනා හුදෙකලා කොට තැබීම සඳහා සෝනිගේ නිවස ඉදිරිපිට ඉනිවැටක් ඉදිකර තිබුණි ඇමතිවරිය නිකුත්කළ ට්විටර් පණිවිඩයකින් තහවුරු කර ඇත්තේ මාස දෙකකට වඩා අඩු කාලයක් ඇතුළත පමණක්, මේ ආකාරයට දරුවන් තනිවූ සිදුවීම් 577ක් තමන්ට වාර්තා වී ඇති බවය. නමුත් මෙවැනි සිදුවීම් සෑම එකක්ම රජයට වාර්තා නොවන හෙයින් තවත් තනිවූ දරුවන් රාශියක් ඉන්දියාව පුරා සිටින බවට තක්සේරු කළ හැකිය. පෙර නොවූ විරූ තරමින් සමාජ මාධ්‍ය ඔස්සේ උදව් ඉල්ලා සිටින්නන් දැකිය හැකිය. ඇතැම් විට ළමුන්ට භාරකරුවන් සොයා ඉල්ලීම් කර තිබේ. වට්ස්ඇප් සහ ට්විටර් ඔස්සේ පළවන මෙම ඉල්ලීම්වල අදාළ ළමයාගේ නම සහ වයස ද සඳහන්ව තිබෙන අතර විමසීම් සඳහා දුරකථන අංකයක් පළකර තිබේ. ට්විටර් ඔස්සේ පළවූ දැන්වීමක මෙසේ ලියා තිබුණි. "අවරුදු 2ක් වයසැති කුඩා ගැහැණු ළමයෙක්, මාස දෙකක් වයසැති බිලිඳු දරුවෙක් - මව සහ පියා කොවිඩ් වැළඳී මිය ගොස් ඇත. මේ දරුවන්ට යහපත් මවක් සහ පියෙක් සොයා ගැනීමට මෙම පණිවිඩය හැකිතාක් බෙදා හරින්න." මෙවැනි පණිවිඩයක් මේධා මීනාල් ගේ සහ ඇයගේ මිතුරාගේ (හරී ශංකර්) ඇස ගැටිණ. මේධා මීනාල් සහ ඇයගේ මිතුරා හරී ශංකර් "එක්තරා දැන්වීමක් දැකලා මාව තැති ගත්තා. එක දුවෙකුගේ අම්ම තාත්ත දෙන්නම කොවිඩ් හැදිලා මැරිලා. මේ දරුවටත් කොවිඩ් හැදිලා තනියෙම ගෙදර ඉන්නවා. අවට ඉන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ මොනවද කරන්න ඕන කියල. වසංගතය පටන් ගත්ත දවසේ ඉඳල දරුවන් ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ." මේධා පැවසුවාය. මෙම දරුවා සොයා ගොස් හදාවඩා ගැනීමට, දැන්වීම දුටු විගස මේධාට සිතුණි. නමුත් ඉන්දීය නීතිය අනුව ඊට ඉඩක් නොමැති බව ඇයගේ මිතුරා වන 'හරි' පෙන්වා දුන්නේය. දරුවෙකු අසරණ වී ඇත්නම් ඉන්දීය නීතියට අනුව මුලින්ම කළ යුත්තේ ඒ දරුවා පිළිබඳව 'Childline' නමැති ජාතික සේවාවට දැනුම් දීමය. අනතුරුව, එම සේවාව විසින් මෙම දරුවාගේ විස්තර ප්‍රාන්ත සමාජ සේවා බලධාරීන්ට ලබා දෙනු ලැබේ. ඔවුන් විසින් පළමුව කරනු ලබන්නේ එම තොරතුරු තහවුරු කර ගැනීමයි. දරුවා වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කරනු ලබන්නේ එම දරුවා සිටින තත්ත්වය තක්සේරු කර බැලීමෙන් අනතුරුවය. ඊට පසුව සිදු විය යුත්තේ කුමක්ද යන්න තීරණය කරනු ලබන්නේ ළමා සුබසාධන කමිටුව විසිනි. නමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ වුවද දරුවෙකු නීත්‍යානුකූලව භාරකාරත්වයට ගැනීමේ ක්‍රියාවලිය සාධාරණ කාලයක් ඇතුළත නිම කර ගැනීම ඉතා අසීරු කටයුත්තකි. භාරකරුවකු නොමැතිව අසරණ වූ දරුවන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකිරීමට එරෙහිව අනතුරු අඟවමින් ඉන්දීය රජය පුවත්පත් දැන්වීම් පළ කළේය. දෙමාපියන් අහිමි වූ දරුවන් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරන්නන්ට අනතුරු අඟවමින් ඉන්දීය රජය පළ කළ පුවත්පත් දැන්වීමක් මෙම දැන්වීම් මගින් ළමා ජාවාරම් වලට දරුවන් ගොදුරු විය හැකි බවට ළමා ආරක්ෂණ සංවිධාන විසින් ද අනතුරු අඟවනු ලැබ තිබුණි. ධනන්ජේ ටින්ගාල්, ළමා ආරක්ෂණය සඳහා වන Bachpan Bachao Andolan ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයාය. එම ආයතනය මගින්, අනාථ වූ දරුවන් වෙනුවෙන් ළමා නිවාසයක් ද පවත්වාගෙන යනු ලබයි. "සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මෙවැනි දැන්වීම් නීති විරෝධීයි. ඒවා අර්ථකථනය කෙරෙන්නේ ළමා ජාවාරම් ලෙස. කිසිම කෙනෙකුට බැහැ දරුවෙකුට භාරකාරයෙක් සොයා ගැනීම සඳහා මෙවැනි දැන්වීමක් පළ කරන්න. මෙය අවසානයේ, ළමයෙක් අලෙවි කිරීමක් සහ මිලදී ගැනීමක් බවට පත්වෙන්නට පුළුවන්." ධනන්ජේ ටින්ගාල් පැවසීය. කොවිඩ් වසංගතය නොමැති කාලයක දී වුවද කම්කරු සේවයට, ලිංගික අපයෝජනයට හෝ බාලවයස්කාර විවාහ සඳහා සිදුවන ළමා ජාවාරම ඉන්දියාවට සංකීර්ණ ප්‍රශ්නයකි. ඉන්දියාවේ අපරාධ වාර්තා පිළිබඳ ජාතික කාර්යාංශය සඳහන් කරන පරිදි 2019 වසරේදී පමණක් ළමුන් 70,000ක් අතුරුදහන් වී තිබේ; එය වෙනත් ආකාරයකින් කිවහොත්, සෑම මිනිත්තු අටකට වරක් එක් ළමයෙකු අතුරුදහන් වී ඇත. සමාජ සුබසාධන දෙපාර්තමේන්තු, රාජ්‍ය නොවන සංවිධාන සහ පොලිසිය සම්බන්ධීකරණය කරගනිමින් රජය මේවන විට ළමා ජාවාරම් නතරකිරීම සඳහා පියවර ගෙන තිබේ. ළමා ජාවාරමට එරෙහිව දැඩි නීති සම්මත කිරීම ද ඊට ඇතුළත්ය. එමගින් ඇතැම් ජාවාරම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට හැකි වූ නමුත් බලය හා ධනය ඉදිරියේ එය සාර්ථක කර ගැනීමට අසීරුවී ඇත. බොහෝ ජාවාරම්කරුවෝ දඩ මුදල ගෙවා ගැලවී යති. සෑම මිනිත්තු අටකට වරක් එක් ළමයෙකු අතුරුදහන් වී ඇත මෙසේ අසරණවන දරුවන් වෙනුවෙන් කළ හැකි හොඳම දෙය නම් ළමා අයිතීන් වෙනුවෙන් පවතින ආයතන හරහා ඔවුන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීම බව මේධා සහ හරී තීරණය කළහ. ඔවුහු මුදල් එක්රැස් කිරීමේ අන්තර්ජාල ව්‍යාපෘතියක් ආරම්භ කළහ. එය හැඳින්වෙන්නේ 'ඡායා ව්‍යාපෘතිය' නමිනි. එමගින් මේවන විට රැස්කර ඇති මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් මිලියන දෙකකි. (ඩොලර් 27,000කි.) "නන්නාඳුනන මිනිසුන් විශාල ප්‍රමාණයක් අපට කරුණාවන්ත වුණා." මේධා මෙසේ පැවසුවේ එවැනි කරුණාවන්ත කාන්තාවක් සිහිපත් කරමිනි. "එක අම්ම කෙනෙක් අපට විශාල මුදලක් පරිත්‍යාග කළා. ඒ අම්මයි තාත්තයි රෝහල්ගත වෙලා කොවිඩ් මාරයත් එක්ක සටන් කරමින් ඉන්නකොට එයාලගේ පුතා තනියෙම ගෙදර ඉඳල තියෙන්නේ." දෙමාපියන් අහිමි වූ දරුවන්ට ලැබෙන පළමු විකල්පය ආයතනික සුබසාධනය නොවේ. දිල්ලියේ ළමා සුබසාධන කමිටුවේ සභාපති වරුන් පතක් කියා සිටියේ මෙම ළමුන්ට ජීවත්වීම සඳහා පවුලක් සපයාදීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යය වී ඇති බවය. දෙමාපියන් අහිමි වූ ළමයෙකුගේ භාරකාරත්වය ඥාතීන්ට පැවරුවහොත් ඉන්පසුව ඒ පිළිබඳව සොයා බලන බවත්, උපදේශන සේවා සහ මූල්‍ය ආධාර සපයන බවත් ඔහු පැවසීය. කොවිඩ් වසංගතයෙන් දෙමාපියන් අහිමි වූ ළමුන් වෙනුවෙන් බොහෝ ප්‍රාන්ත ආණ්ඩු මේවනවිට විශේෂ මුල්‍ය ප්‍රතිපාදන වෙන්කොට තිබේ. "අම්ම තාත්තගේ අඩුව හැම වෙලාවේම දැනෙනවා. ගෙදර මොන තරම් අඩුපාඩු තිබුණත් ඔවුන් අපිට අඩුවක් කළේ නැහැ." සෝනි අතීතය සිහිපත් කළාය තම බාල සොයුරා සහ සොයුරිය රැක බලා ගැනීම සඳහා සෝනි කුමාරිට ද මේ වන විට ප්‍රාන්ත ආණ්ඩුවෙන් සහ සමාජ ක්‍රියාධරයන්ගෙන් ආහාර සහ මූල්‍ය සහාය ලැබේ. ඔවුන්ගේ දිවි ගමනේ යායුතු දුර තව බොහෝය. නමුත් මේවන විට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැත. "අම්ම තාත්තගේ අඩුව හැම වෙලාවේම දැනෙනවා. අම්මයි තාත්තයි ළඟින් ඉන්න ඉන්නකොට අපේ ජීවිත මීට වඩා ගොඩක් වෙනස්. අපි ගැන ඒ දෙන්න ගොඩක් සිහින මැව්වා. ගෙදර මොන තරම් අඩුපාඩු තිබුණත් ඔවුන් අපිට අඩුවක් කළේ නැහැ." සෝනි අතීතය සිහිපත් කළාය. සෝනි ගේ මිත්තනිය දින කීපයක් ඔවුන් සමඟ වාසය කළාය. නමුත් තම බාල සොයුරා සහ සොයුරිය රැක බල ගැනීම තමන්ගේ ප්‍රමුඛ වගකීම බව සෝනි දනී. "අවසානයේ අපිට අපි විතරයි. අපි එකිනෙකා රැකබලා ගන්න වෙනවා." ඇය පැවසුවාය. තමන්ට ලැබෙන මූල්‍ය ආධාර පවුලේ සියලු දෙනාගේ අනාගතය වෙනුවෙන් නුවණක්කාර ලෙස ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බවට සෝනි ශුභවාදීය. ගමේ වෛද්‍යවරයා වූයේ සෝනිගේ පියාය. තම සොයුරා හෝ සොයුරිය පියාගේ අඩිපාරේ යනු දැකීම සෝනිගේ අපේක්ෂාවයි.
අවවාදයයි: මෙම ලිපි යේ ම ළ සිරුරු දැක්වෙන ඡායාරූප සහිතයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගිනි ගැනීම් සහ පිපිරීම් නිසා නැවේ තිබූ බහාලුම් 10ක් පමණ මුහුදට වැටී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සිංහල සේවයට කියා සිටියේය. නෞකාවේ කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් තිබේ. වරාය අධිකාරිය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන මේ පිළිබඳව ක්‍රියා කරමින් සිටී.
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් පවතින "X-PRESS PEARL" නෞකාව නාවික සැතපුම් 50ක් පමණ දියඹට ඇදගෙන යෑම වඩාත් යෝග්‍ය බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යෝජනා කර තිබෙනවා.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තුවාල ලබා ඇති පිරිස අනූවක් පමණ වන බවයි වාර්තා වන්නේ. වාහන දෙකක් මෙම වීදි පොලට කඩා වැදී ඇති අතර ඒ තුළ තිබූ පුපුරන ද්‍රව්‍ය පිටතට විසි කර තිබේ. ඉන් එක් වාහනයක් ද පුපුරා ගොස් ඇති බව වාර්තා විය. ප්‍රාදේශීය බලධාරීන් කියා සිටින්නේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි. ක්සින්ජියැන් ප්‍රදේශයේ බහුල වශයෙන් ජීවත් වන්නේ උයිඝර් මුස්ලිම් වාර්ගිකයන්.
චීනයේ ක්සින්ජියැන් පළාතේ වීදි පොලක සිදු වූ බෝම්බ පිපිරීමකින් තිස් දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත් වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2016 දී ඇයගේ මුනුබුරා සහ ඔහුගේ යහළුවෙකු ආරම්භ කළ යූට්යුබ් නාලිකාව ඉතා ඉක්මනින් අතිශය ජනප්‍රිය විය අසාමාන්‍ය ඉන්දියානු කෑම මුල සිටම පිළියෙළ කරන ඇය සමාජ මාධ්‍ය ජාල තුළ ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටියාය. 'Country Foods' නම් ඇයගේ යූටියුබ් නාලිකාවේ සිය ගණනක් වීඩියෝ පළ කර ඇති අතර, මිලියන ගණනක ග්‍රාහකයෝ පිරිසක් සිටිති. මේ අතරින්, ඇයට ආවේණික වූ ක්‍රමයකට සකසා ගත් කොමඩු සහ කුකුල් මස් ව්‍යංජනය අතිශය ජනප්‍රිය විය. 2016 දී ඇයගේ මුනුබුරා සහ ඔහුගේ යහළුවෙකු ආරම්භ කළ මෙම යූට්යුබ් නාලිකාව ඉතා ඉක්මනින් අතිශය ජනප්‍රියත්වයට පත් විය. ගෑස් හෝ විදුලි උදුනක් වෙනුවට දර භාවිත කරන ඇය, අසල ගංගාවෙන් මාළු අල්ලාගෙන පිසීමට විශේෂ කැමැත්තක් දැක්වූවාය ආන්ද්‍රා ප්‍රදේශ්හි උපත ලැබූ මස්තනම්මාගේ වයස 2017 දී අවුරුදු 106ක් බව වරක් බීබීසී සේවයට පැවසීය. නමුත් එය තහවුරු කිරීමට ඇය සතුව උප්පැන්න සහතිකයක් නොතිබිණි. ඈත ගම්මානයක එළිමහන් ස්ථානයක බිම වාඩි වී, උපකරණ අවම ප්‍රමාණයක් භාවිත කර ආහාර පිසින ආකාරය ඇයගේ සෑම වීඩියෝවකම දැකිය හැකිය. මේ තොරතුරුද දැනගන්න: ඇය සිය නියපොතු භාවිත කරමින් එළවළුවල පොතු ගලවා පැරණි ඉන්දියානු සාම්ප්‍රදායක පිහියක් භාවිත කර ඒවා කපා ගනී. ඇය ආහාර පිළිගන්වන්නේ සාම්ප්‍රදායක දකුණු ඉන්දීය ක්‍රමයට අනුව කෙසෙල් කොලයක තබාය. "සම්පූර්ණ සාම්ප්‍රදායක ඉන්දියානු ආහාර පිසින ක්‍රම අනුගමනය කරන නිසා ඇය තරුවක් බවට පත් වුණා" 2016 දී මස්ටනම්මා හමුවූ බීබීසී මරාති සේවයේ ඔන්කාර් කරම්බලේකාර් පැවසුවේ ඇය ආහාර පිසින ක්‍රමය වෙනත් යූටියුබ් වීඩියෝවල පෙන්වන ක්‍රමවලට වඩා බෙහෙවින් වෙනස් බවය. ගෑස් හෝ විදුලි උදුනක් වෙනුවට දර භාවිත කරන ඇය, අසල ගංගාවෙන් මාළු අල්ලාගෙන පිසීමට විශේෂ කැමැත්තක් දැක්වූවාය. "සම්පූර්ණ සාම්ප්‍රදායක ඉන්දියානු ආහාර පිසින ක්‍රම අනුගමනය කරන නිසා ඇය තරුවක් බවට පත් වුණා," ඔන්කාර් කරම්බලේකාර් පැවසීය. Country Foods යූටියුබ් නාලිකාව ඔස්සේ පසුගිය සඳුදා (දෙසැම්බර් 3) ඇයගේ මරණය ගැන දැනුම් දුන්නේය. ඒත් සමගම, බොහෝ සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් ඇයගේ ආහාර වට්ටෝරු ගැන වර්ණනා කරමින් මරණය ගැන සිය ශෝකය පළ කර තිබිණි. මුඛයේ දත් නොමැති සිනහව මෙන්ම, කොමඩු සහ කුකුල් මස් එකතු කර පිසින ලද ආහාරය සමාජ මාධ්‍ය ජාල තුළ අතිශය ජනප්‍රිය විය. ඇය පිසූ වම්බටු ව්‍යංජනය සහ මාළු ව්‍යංජනය ද අතිශය ජනප්‍රිය වූයේය. තවත් තොරතුරු:
ලෝකයේ වයස්ගතම යූටියුබ් තරු අතරින් කෙනෙකු වූ දකුණු ඉන්දියාවේ 107 හැවිදිරි මස්තනම්මා මියගොස් ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දැක්වූ සෞම්‍ය සරණ සංසදයේ සභාපති එච් පී අන්තොනිමුත්තු පැවසුවේ අදාළ ඡන්දදායකයින්ට මැතිවරණය පැවැත්වෙන දිනයේ නීත්‍යනුකූලව නිවාඩු ලබා ගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි. නමුත් කොළඹ රැකියා කරන පිරිස්වලට බදුල්ලට ළඟා වීම සඳහා පැය අටක් පමණ ගත වන හෙයින් ඇතැම් ආයතන හිමිකරුවෝ නිවාඩු ලබා දීමට අකමැත්තක් දක්වන බවයි ඔහු පවසන්නේ. හෝටල්, වෙළඳසැල් හා ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු බොහොමයක් වතුකරයේ දෙමළ තරුණ තරුණියන්ට නැවත කොළඹ බලා ඒමට දින කිහිපයක් ගත වන නිසා සේවකයන් අඩු කමින් එම ආයතන වසා දැමීමට සිදු වන තත්වයක් පවතින බවද එච් පී අන්තොනිමුත්තු කියා සිටියේය. සෞම්‍ය සරණ සංසදයේ සභාපතිවරයා, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හමු වී මතු වී තිබෙන තත්වය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
කොළඹ රැකියා කරන ඌව පළාතේ වතුකර දෙමළ තරුණ තරුණියන් පනස් දාහකට පමණ සැප්තැම්බර් විසි වන දා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් මතු වී ඇති බව වතුකරයේ සංවිධානයක් කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"කතා කරපු කෙනා මගෙන් ඇහුව මිස් ඔයා රවි වෛද්‍යලංකාරට විරුද්ධව පැමිණිල්ලක් කරලා තියෙනව නේද? කියල," දැනට ස්වීඩනයේ වාසය කරන චාමලී මදනායක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "මම කීව ඔව් කියල. ඊට පස්සේ ඇහුව පැමිණිල්ල කළේ කාටද කියල. මම කීව ශානි අබේසේකරටයි, ඒ වෙනකොට රහස් පොලිසියේ ප්‍රධානියා රවි සෙනෙවිරත්නටයි කියල," ඇය විස්තර කළාය. "ඊට පස්සේ එකපාරටම මට කියනවා 'මිස් ට පුලුවන්ද අපිට පැමිණිල්ලක් දාන්න ශානි අබේසේකර ඒ පැමිණිල්ල යට ගැහුවා කියල.' මම කෙලින්ම බෑ කිවුව. මම කිවුව මම දැනට දාල තියන පැමිණිලි ටික ඉස්සෙල්ල ඔයාල විසඳන්න කියල." තමන් එකහෙලාම එය ප්‍රතික්ෂේප කළ පසු අදාළ පුද්ගලයා දුරකථනය විසන්ධි කළ බවද චාමලී මදනායක පවසන්නීය. පසුව ඇය එම අංකයට (0112551086) යළිත් දුරකතන ඇමතුමක් ගත්විට ඇමතුමට පිළිතුරු දුන් ආරක්ෂක නිලධාරියෙක් පවසා තිබෙන්නේ එය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අයත් දුරකථන අංකයක් බවය. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ, එවැනි "ඕපා දූප" සහ "ගොසිප්" තමන් විශ්වාස නොකරන බවය. කෙසේ වුවත්, සාක්ෂි සහිතව ලිඛිතව එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් "අනිවාර්යෙන්ම පරීක්ෂා කරන" බව ද අමාත්‍යවරයා පැවසීය. රවී වෛද්‍යාලංකාරට එරෙහිව පැමිණිල්ලක් එවක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ගෙන් තමන්ට මුහුණ දීමට සිදු වූ අතවරයක් සම්බන්ධයෙන් චාමලී මදනායක විසින් 2018 වසරේ සිට එවක පොලිස්පති පූජිත ජයසුන්දර ඇතුළු පොලිස් බලධාරීන් කිහිපවරක්ම දැනුවත් කර තිබෙන නමුත් ඇයට සිය පැමිණිල්ල ගොනුකිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ 2019 මාර්තු 11 වෙනිදාය. "පැමිණිල්ල භාරගත්තේ ශානි අබේසේකර විතරයි. සර්ව සාධාරණ විදියට එයාල පැමිණිල්ල භාරගත්ත," චාමලී මදනායක කියා සිටියාය. 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වී සතියක් ඇතුළත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ගාල්ලේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහායකවරයා ලෙසින් මාරු කිරීම මහත් ආන්දෝලනයකට ද ලක්විය. බීබීසී පුවත් සේවයේ අන්බරාසන් එතිරාජන් පවසන පරිදි, එය පැහැදිලි ලෙස ම ඔහු සේවයෙන් පහත දැමීමක් විය. ඒ වනවිට ඔහු චාමලී මදනායක ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වමින් සිටි බව ඒ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවි සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. "මම දාපු කිසිම පැමිණිල්ලක් ගැන සාධාරණ විමර්ශනයක් නොකළ නිසා මට පොලිසිය ගැන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තිබුණේ," චාමලී මදනායක පවසන්නීය. "පොලිසියෙන් සාධාරණයක් වෙනවා කියල මට විශ්වාසයක් තිබුණේ ශානි අබේසේකරයි, රවි සෙනෙවිරත්නයි ගැන විතරයි." කාන්තාවක් එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර 2019 ඔක් 25 මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණි. ශානි අබේසේකර අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේ 2014 වසරේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාළ අධිකරණ කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි ලබා දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය. ඔහු එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්වලආරච්චි විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්වය. ඉන් අනතුරුව මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටියදී කෝවිඩ්-19 ආසාදිත වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ජාතික මානව හිමිකම් කොමිසම විසින් දෙවතාවක්ම බන්ධනාගාර කොමසාරිස්වරයාට කරන ලද සිහි කැඳවීම්වලින් අනතුරුව කොළඹ IDH රෝහලට ඇතුළත් කර තිබේ. ඉරෝෂ් විල්වලආරච්චිගෙන් 'විවාහ යෝජනාවක්' ශානි අබේසේකරට විරුද්ධව පැමිණිල්ල ගොනු කළ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්වලආරච්චි පසුගිය වසරේ තමන්ට විවාහ යෝජනාවක් ගෙන ආ බව චාමලී මදනායක පවසන්නීය. "මම හොයල, බලල එකඟ වුණා. 2019 මාර්තු 22 අපි බඳින්න හිටියේ." එහෙත් ඔහුගේ අභිලාෂය වූයේ තමන්ගේ පිහිටෙන් විදේශගතවීම බව වැටහුණ බැවින් අවසාන මොහොතේ ඔහු සමඟ විවාහවීමෙන් වැළකුණු බව ද ඇය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. සුගත් මෙන්ඩිස්ට 'බොරු සාක්කි දෙන්න කියලා' අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් "ගොතන ලද සාක්ෂි" රැස්කිරීමට උත්සහ කරන බවට මීට ඉහතදී ද පොලිසියට චෝදනා එල්ලවිය. ශානි අබේසේකර "කොටුවන ආකාරයට" සාක්ෂි ලබාදෙන මෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරියෙක් තමන්ට බලපෑම් කළ බව, හිටපු රහස් පරීක්ෂකවරයෙකු වන උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන් මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළයි මාධ්‍ය වාර්තාවල දැක්විණ. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල අධිකරණය හමුවේ කරුණු දක්වමින්, කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවූ තම සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබා ගන්නා අවස්ථාවේ එහි සහකාර පොලිස් අධිකාරි "නෙවිල්" නමැති නිලධාරියෙකු ඔහුට බලපෑම් කර ඇති බව සඳහන් කර තිබුණි. මේ අතර, උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මේ වන විට කොරෝනාවෛරස රෝග ලක්ෂණවලින් පෙළෙන නමුත්, ඔහුට අවශ්‍ය නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ කිසිදු ඖෂධයක් වත් ලබා දී නොමැති බව නීතිඥ චමින්ද අතුකෝරල දෙසැම්බර් 07 වෙනි දින ජාතික මානව හිමිකම් කොමිසමට ලිපියකින් දන්වා තිබුණි. මේ අතර ට්විටර් ඔස්සේ නිවේදනයක් නිකුත්කරන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, උප පොලිස් පරීක්ෂක සුගත් මොහාන් මෙන්ඩිස්ට රෝහලකින් ප්‍රතිකාර ගැනීමට අවස්ථාව සලසන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. උප පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම්වලට පිටු පා, ඔහු දුෂ්කර ප්‍රදේශයක පිහිටි සිරකරුවන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයකට යවා ඇතැයි ඔහුගේ නීතිවේදියා පවසන බව ද නිවේදනයේ දැක්වේ. පසුගිය අගෝස්තුවේ දී ඔහු අත්ඩංගුවට ගනු ලැබුවේ, ශානි අබේසේකරට එරෙහිව ව්‍යාජ සාක්ෂි ලබාදෙන මෙන් කරන ලද බලපෑම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ පර්යේෂිකා, නීතිවේදිනී ත්‍යාගි රුවන්පතිරණ ද සඳහන් කොට තිබුණි. දෙසැම්බර් 09 වන දින ඔවුන් දෙදෙනාට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. නීතිපතිගෙන් ප්‍රතිචාරයක් නෑ නීතිපතිවරයා ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් ට ඇප ලබාදීමට දැඩි විරෝධයක් පළ කරන්නේ මන්දැයි විමසීම පිණිස නීතිපතිවරයාගේ ප්‍රකාශිකා, රජයේ නීතිවේදිනී නිශාරා ජයරත්න ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය. ඒ සම්බන්ධයෙන් ඇය වෙත ලිඛිතව යැවූ විමසීම්වලට ද මෙතෙක් පිළිතුරක් ලැබී නැත. නීතිපතිවරයා ගේ ස්ථාවරය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශිකා, රජයේ නීතිවේදිනී නිශාරා ජයරත්න වෙත යොමු කළ ප්‍රශ්නවලට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැත අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රතිචාරය පොලිසියට එල්ලවන මේ චෝදනා පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. මේ අතර අමාත්‍ය සරත් වීරසේකර පවසන්නේ, ගොතන ලද සාක්ෂියක් ලබාදෙන මෙන් පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් පවසා තිබෙන්නේ නම් ඒ ගැන "අනිවාර්යයෙන්ම" පරීක්ෂණ පවත්වන බවය. "පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ගැන කටයුතු කරනවා වගේම පොලිසිය අපකීර්තියට පත්කරන නිලධාරීන් ගැනත් මම හොයල බලල පියවර ගන්නවා," අමාත්‍යවරයා පැවසීය. "පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ගැන කටයුතු කරනවා වගේම පොලිසිය අපකීර්තියට පත්කරන නිලධාරීන් ගැනත් මම හොයල බලල පියවර ගන්නවා" ශානි අබේසේකර සහ නිශාන්ත කන්දප්පා යන නිලධාරීන් දෙදෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සාක්ෂි ලබාගැනීමට උත්සහ කර ඇතැයි සාක්ෂි තිබෙන නමුත්, චාමලී මදනායක එල්ල කරන චෝදනාව "ගොසිප්" බව පවසන අමාත්‍යවරයා එය විග්‍රහ කළේ "කිසිම පදනමක් නැති චෝදනාවක්" ලෙසිනි. "කිසිම සාක්කියක් නැතුව බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගත්ත ඒ නිලධාරීන්ට නඩු දාලවත් නෑ." එහෙත් කොළඹ දී තරුණයන් පිරිසක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන්ට එරෙහිව නඩු පවරා තිබෙන බව පෙන්වා දුන් විට අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ "ඒ පස්සේ කාලෙක නේ," යනුවෙනි. මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසා බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 10) දැනුම් දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වුවත් අමාත්‍යවරයා ඇමතූ විට අය වැය විවාදයට සහභාගි වෙමින් සිටින බැවින් ඔහු කාර්ය බහුල බව දැනගැනීමට ලැබිණ. හිජාස් හිස්බුල්ලා පසුගිය අප්‍රේල් 15 වෙනි දින සිට ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවේ පසුවන මානව හිමිකම් නීතිවේදී හිජාස් හිස්බුල්ලා ට එරෙහිව ව්‍යාජ සාක්ෂි ලබා දෙන මෙන් බලපෑම් කළ බවට ද පොලිසියට චෝදනා එල්ල වී ඇත. පොලිසිය තමන්ට එසේ බලපෑම් කළ බව පවසමින් දරුවන් කිහිප දෙනෙකුගේ දෙමාපියන් අභියාචනාධිකරණයට පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ. නීතිවේදී හිජාස් හිස්බුල්ලා මද්රාසා පාසලක විදුහල්පති බවටත්, පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු වූ සහ්රාන් හෂීම් එහි පැමිණ දේශන පැවැත්වූ බවටත් හදිසියේම මාධ්‍ය වාර්තා පළවිය. එම පාසලේ ඉගෙනුම ලබන සිසුවෙක් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කරන ලද බව පැවසෙන රහසිගත ප්‍රකාශයක් ද එම මාධ්‍ය වාර්තාවලට ඇතුළත් විය. එහෙත් එසේ රහසිගත ප්‍රකාශයක් කළේ නම් එය මාධ්‍ය වෙත ලැබුණේ කෙසේ දැයි ඔහුගේ පවුලේ සාමාජිකයෝ ප්‍රශ්න කරති. අධිකරණයට ඉදිරිපත් නොකොට මාස අටකට ආසන්න කාලයක් නීතිවේදී හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් දෙස්, විදෙස් මානව හිමිකම් සංවිධාන බරපතල අවධානය පළ කොට තිබිණ. කියවන්න:
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් ගොනුකරන මෙන් පොලිස් නිලධාරියෙකු ලෙසින් හඳුන්වාගත් පුද්ගලයෙක් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව විදේශගත ශ්‍රී ලාංකික කාන්තාවක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලොව මගී ගුවන් සේවා ක්ෂේත්‍රයේ මෙතෙක් බිහි වූ ළාබාලතම ගුවන් කපිතාන්වරිය කේට් මැක්විලියම්ස් බව ඇය සේවයේ නියුතු 'ඊසි ජෙට්' ගුවන් සමාගමේ විශ්වාසයයි. ලොව පුරා ගමනාන්ත සිය ගණනක් වෙත පියාසර කරන ඇය පවසන්නේ තම වයස සඳහන් කරන සෑම අවස්ථාවකදීම බොහෝ දෙනා පුදුමයට පත් වන බවයි. ඉතා අඩු වයසකින් තමා ළඟා කර ගෙන ඇති ජයග්‍රහණය දෙස බලා බොහෝ දෙනකු ප්‍රසාදයට පත් වන බවත් ඇය කියා සිටින්නීය. ආධුනිකයකු ලෙස පියාසර කිරීම ආරම්භ කරන විට කේට්ගේ වයස අවුරුදු දහතුනකි. අනාගතයේදී ගුවන් යානා කපිතාන්වරියක් විය හැකි වනු ඇතැයි තමා විශ්වාස නොකළ බව ඇය පීඒ පුවත් සේවයට පවසා තිබේ. 2011 වසරේදී දෙවන නියමුවරියක් වශයෙන් 'ඊසි ජෙට්' ගුවන් සේවයට එක් වූ ඇය සාර්ථක ලෙස ගුවන් නියමු පාඨමාලාවක් නිම කිරීමෙන් පසු කපිතාන් නිලයට උසස් කෙරිණ. ලොව 'ළාබාලතම' ගුවන් නියමුවරිය අයිස්ලන්තය, ඊශ්‍රායලය සහ මොරොක්කෝව ඇතුළු ලොව පුරා පිහිටි ගමනාන්ත වෙත ඇය A319 සහ A320 වර්ගයේ මගී ගුවන් යානා මෙහෙයවන්නීය. මගී ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ ගුවන් නියමුවන් ලෙස සේවය කරනු ලබන කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට පහක් පමණ වේ. සිය සමාගම තුළ කාන්තා ගුවන් නියමුවන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමේ සැලැස්මක් ඇති බව 'ඊසි ජෙට්' ගුවන් සමාගම පසුගිය වසරේදී නිවේදනය කළේය. කේට් මැක්විලියම්ස් ආදර්ශයට ගෙන තරුණියන් ගුවන් සේවා ක්ෂේත්‍රය වෙත යොමු වීමට දිරිමත් වනු ඇති බවට බ්‍රිතාන්‍ය කාන්තා ගුවන් නියමුවන්ගේ සංගමයේ සභාපතිනි ජූලි වෙස්තොප් විශ්වාසය පළ කරන්නීය. ''ගැහැණු ළමුන් කැපී පෙනෙන චරිත ලෙස පෙරට ඒමේ වැදගත්කම අප සංගමය සහ ඊසි ජෙට් ගුවන් සමාගම තේරුම් ගෙන සිටිනවා.'' "තරුණ කතුන් වෘත්තීන් තෝරා ගනිමින් ඒවායේ නිරත වීම මගින් ගුවන් නියමු පදවි වැනි රැකියා සඳහා යොමු වීමට දිරි ගැන්වෙනවා," ජූලි වෙස්තොප් වැඩිදුරටත් කියා සිටින්නීය.
කේට් මැක්විලියම්ස්ගේ වයස අවුරුදු විසි හයක්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු කොරියාව විසින් නිකුත් කරන ලද "මහාපරිමාණ ප්‍රහාරක අභ්‍යාසවල යෙදෙන ආකාරය" දැක්වෙන ඡායාරූප "දින කීපයක් ඇතුළත" දකුණු කොරියාව තුළ මිසයිල ආරක්ෂණ පද්ධතිය සක්‍රිය කිරීමට සැලසුම් කරන බව ඇමරිකාව පවසයි. එමෙන්ම උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක තවදුරටත් තර කරන බවටත් ඇමරිකාව අනතුරු අඟවයි. තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය 2017 වසරේ අග භාගයවන තෙක් භාවිතයට නොගන්නා බව මුලින් ප්‍රකාශයට පත් විය. තමන් උතුරු කොරියාවේ ඉලක්කයට ලක් විය හැකි බවට බිය පළ කරන බොහෝ දකුණු කොරියානු වැසියෝ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් විරෝධය පළ කරති. තවදුරටත් මිසයිල සහ න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කරන බවට උතුරු කොරියාව ප්‍රතිඥා දී තිබේ. ඇමරිකාවේ ශාන්තිකර කලාපීය විධානයේ අණදෙන නිලධාරි ඇඩම් හැරී හැරිස් ඊයේ (අප්‍රේල් 26) එරට කොංග්‍රස් සාමාජිකයන් අමතමින් කියා සිටියේ "දකුණු කොරියාවට එරෙහිව ඉහළ යමින් පවතින උතුරු කොරියානු තර්ජනයෙන් වඩාත් හොඳින් ආරක්ෂා වීම සඳහා" තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියේ මෙහෙයුම් කටයුතු ඉදිරි දින කීපය තුළ ආරම්භ වනු ඇති බවය. සොන්ජු පළාත තුළ ඇති තාඩ් මිසයිල ආරක්ෂණ උපකරණ 'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) යනු කුමක්ද ? 'තාඩ්' මිසයිල පද්ධතිය 'තාඩ්' මිසයිල විදිනයක් තාඩ් මිසයිල ආරක්ෂණ උපකරණ බදාදා සොන්ජු ප්‍රදේශය වෙත රැගෙන ආ අතර ප්‍රදේශවාසීහු ඊට විරෝධය පළ කළහ. ඒ සම්බන්ධයෙන් චීනය ද කෝපය පළ කර සිටී. තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය සතු රේඩාර් හැකියාව සිය හමුදා ආරක්ෂාවට සහ කලාපයේ බල තුලනයට බලපෑම් එල්ල කරනු ඇති බවට චීනය බිය පළ කරයි. තාඩ් මිසයිල ආරක්ෂණ උපකරණ බදාදා සොන්ජු ප්‍රදේශය වෙත රැගෙන ආ අතර ප්‍රදේශවාසීහු ඊට විරෝධය පළ කළහ කොරියානු කලාපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හා එහි ගමන් මග
උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන මුල් කර ගනිමින් එරට සහ ඇමරිකාව අතර දේශපාලන උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යාපනය රදගුරු තෝමස් සෞන්ද්‍රනායගම් සහ මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඇමෙරිකානු තානාපති ස්ටීවන් ජේ රැප් සමඟ පළ කොට ඇති අදහස් ‘පෞද්ගලික මත දැක්වීම්’ බවයි, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමා කියා සිටියේ. යුද්ධයේ අවසන් අදියරේ දී ශ්‍රී ලංකා යුද හමුදාව රසායනික අවි මෙන් ම පොකුරු බෝම්බ වලින් ද පහර දුන් බවට යාපනය සහ මන්නාරම රද ගුරු දෙ පළ පළ කර තිබුණ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමින් කොළඹ රදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා මාධ්‍යයට කියා තිබුණේත් රදගුරු හිමිවරුන් දෙ පල කරන චෝදනා ශ්‍රී ලංකා කතෝලික සභාවට අනුමත කළ නො හැකි බවයි. පොකුරු බෝම්බ ප්‍රහාර ඇමෙරිකානු නියෝජිතයෝ වන්නි සංචාරයේ. යාපනයේ සහ මන්නාරම රදගුරු හිමි වරුන්ගේ මතභේදාත්මක ප්‍රකාශන උන්වහන්සේලාගේ පෞද්ගලික මත අනුව සිදු කෙරුණ ඒවා වන බවයි, කාදිනල් මැල්කම් රංජිත් අවධාරණයෙන් කියා සිටින්නේ. බීබීසී ය සමඟ වැඩිදුරටත් අදහස් දැක් වූ කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමා, යුද්ධයක දී ඊට මැදිහත් දෙපාර්ශ්වය විසින් යොදා ගනු ලබන උපක්‍රම සහ ක්‍රම වේදයන් එක්තරා දුරකට පිළි ගැනීමට සිදු වෙන බවත්, එම යුද්ධයේ දී මහජනතාවට හානි සිදු වූ බවට හුදු ප්‍රකාශන පමණක් නො කොට ප්‍රමාණවත් සාක්ෂි සහිත ව ඒවා සනාථ කළ යුතු බවයි සඳහන් කළේ. “රදගුරු දෙපළ ගේ ප්‍රකාශන මගින් එම කාරණය ඉටු වන්නේද යන්න සොයා බැලිය යුතුව තියෙනවා”යයි බෙනඩික් ජෝෂප් පියතුමා පවසයි. පෞද්ගලික මතාන්තර යුද විනාශයෙන්. යාපනය සහ මන්නාරම රදගුරු හිමිවරුන්ගේ ප්‍රකාශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ගනු ලබන ක්‍රියා මාර්ගය පිළිබඳව විමසූ විට බෙනඩික් ජෝෂප් පියතුමා සඳහන් කළේ, ගනු ලබන පියවර කෙබඳු එකක් ද යන්න සම්බන්ධයෙන් දැනට ස්ථාවරයක් නොමැති බවයි. රදගුරු වරයකුට පෞද්ගලික මට්ටමින් තම මතයද ,අනිත් අතින් කතෝලික සභාවේ මතය ද ප්‍රකාශ කළ හැකි අතර, ඇමෙරිකානු නියෝජිතයන් සමඟ යාපනය සහ මන්නාරම රදගුරු දෙපළ විසින් සිදු කරනු ලැබ තිබෙන්නේ උන්වහන්සේලාගේ පෞද්ගලික මත පළ කිරීමක් වන බවයි, කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක බෙනඩික් ජෝෂප් පියතුමා වැඩි දුරටත් සඳහන් කළේ.
සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී යුද හමුදාව වන්නියට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් උතුරේ රදගුරු හිමිවරුන් විසින් කර තිබූ ප්‍රකාශ ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ අදහස් නොවන බව කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක පියතුමා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මරණ දඬුවම තහනම් කරන්න කියන එක අපි දන්නවා ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි" ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මවලට සහ වටිනාකම්වලට ගැලපෙන මානුෂීය සමාජයක් බිහිකිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරනු වස් මරණ දඬුවම අහෝසි කළ යුතු බව කොමිසමේ නිර්දේශයයි. "මරණ දඬුවම තහනම් කරන්න කියන එක අපි දන්නවා ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි," කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම බීබීසී සංදේශයට පැවසීය. කෙසේ නමුත් එවැනි තීරණයක් මගින් මානව හිමිකම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රදර්ශනය කෙරෙන බවයි ඇය පවසන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදයේදී බහුල වශයෙන් මරණ දඬුවම පැනවෙන්නේ 'දිළිඳු, කළුජාතික පුරුෂයන්ට' මරණ දඬුවම පැනවීම මගින් අපරාධ අඩුවන බවක් කිසිදු පර්යේෂණයකින් සනාථ වී නැති බව පෙන්වා දෙන මහාචාර්ය උඩගම, ඒ සඳහා වෙනත් ආකාරයේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපාදන තිබිය යුතු බවත් පවසයි. සභාපතිනිය පෙන්වා දෙන පරිදි ශක්තිමත් අපරාධ විමර්ශන ක්‍රමයක් සහ සාධනීය මට්ට්මක පවතින අධිකරණ ක්‍රමයක් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකයන්. "ශ්‍රී ලංකාවේ සමහරක් වෙලාවට අපරාධ නඩුවක් අහන්න අවුරුදු දහයක්, දොළහක් යනවා," ආචාර්ය දීපිකා උඩගම සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. එම ක්‍රියාදාමය වේගවත් කර ඉක්මනින් තීන්දු දිය හැකි නම් අපරාධ රැල්ල අඩුකිරීමට එය දායක වනු ඇති බව පවසන ආචාර්ය උඩගම, එමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් ඔත්පල වූ සමාජයක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ අඩු වනු ඇතැයි සිතීම තර්කානුකූල නොවන බවත් පවසන්නීය. 'සමාජයක් හැටියට කතිකාවතක් ඇතිකරගන්න ඕන සෞම්‍ය, සුමට සමාජ ක්‍රමයකට අපි යන්නේ කොහොමද කියන එක' "සමාජයක් හැටියට කතිකාවතක් ඇතිකරගන්න ඕන සෞම්‍ය, සුමට සමාජ ක්‍රමයකට අපි යන්නේ කොහොමද කියන එක." "ඒ වගේම මරණ දඬුවම ක්‍රියාත්මක වන රටවල පෙනෙන්න තියෙන්නේ එතරම්ම ආර්ථික ශක්තියක් නැති, හොඳ නීතිඥවරුන්ගේ සහාය ලබාගන්න බැරි, සමාජයේ කොන්වෙච්ච කොටස්වල පුද්ගලයෝ තමයි බොහෝ දුරට මරණ දඬුවමට ගොදුරු වෙන්නේ." විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේදී මරණ දඬුවම බහුලව පැනවෙන්නේ දිළිඳු, කළුජාතික පුරුෂයන්ට බව දත්ත විශේලේෂණය කිරීමෙන් පැහැදිලිවම පෙනී යන බවත් ආචාර්ය දීපිකා උඩගම පෙන්වා දෙන්නීය. සේයා සදෙව්මි දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව එල්ලවීමෙන් අනතුරුව සමාජය තුල මතු වූ ආන්දෝලනය හමුවේ තමන් මරණීය දණ්ඩනය පැණවීමට විරුද්ධ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එවන් වාතාවරණයක් තුල කොමිසමේ ඉල්ලීමට ආණ්ඩුවෙන් සාධනීය ප්‍රතිචාරයක් පළ වනු ඇතිද යන්න, බීබීසී සංදේශය කොමිසමේ සභාපතිනිය වෙත යොමු කළ ප්‍රශ්නයක්. රාජ්‍යය, ඝාතකයා බවට පත් නොවිය යුතු බව ආචාර්ය උඩගම ගේ අදහසයි ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල ප්‍රකාර තමන් සිය යුතුකම ඉටු කළ බව පවසන ආචාර්ය උඩගම වැඩිදුරටත් සඳහන් කළේ මරණ දඬුවම ජාත්‍යන්තර නීති පොතෙන් ඉවත් කරනු ලැබ දැන් බොහෝ කලක් ගතවන බවයි. "බොහෝ අවස්ථාවල අපි දකිනවා, මේ වගේ බිහිසුණු අපරාධකරුවන් මානසික රෝගීන්. ඔවුන් එල්ලා මැරුවයි කියල සමාජය යහමගට යයි කියන එක ඇත්තවශයෙන්ම හිතාගන්න බැහැ." පළිගැනීමේ චේතනාවෙන් ලබාදෙන බිහිසුණු දඬුවම් මගින් කිසියම් රටක සමාජ වාතාවරණය සාධනීය වෙනසකට ලක් කළ හැකිදැයි මහාචාර්ය උඩගම ප්‍රශ්න කරයි. වර්ණභේදවාදය පරාජය කළ දකුණු අප්‍රිකාවේ අධිකරණය මුලින්ම සිදු කළ කටයුතු අතර මරණ දඬුවම ඉවත්කිරීම ද තිබුණු බව සිහිපත් කරන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ගැටුම් පැවති අප්‍රිකානු රටවල් කිහිපයක්ම ගැටුම් හමාරයේ මානව හිතවාදී සමාජයක් බිහි කිරීමේ අරමුණින් 'රාජ්‍යය ඝාතකයා බවට පත්වන' එම දඬුවම අහෝසි කළ බව වැඩිදුරටත් සඳහන් කළාය.
ලොව බොහෝ රටවල් මීට කලෙකට ඉහතදීම ප්‍රතික්ෂේප කළ මරණ දඬුවම ශ්‍රී ලංකාවේද නීති පොතෙන් ඉවත් කළ යුතු බවට ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිර්දේශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රටේ බලය අල්ලා ගැනීමට උත්සාහ දරා ඇති බවත් ඔහු ඊට වරදකරු බවටත් විශේෂ යුද හමුදා අධිකරණයක් විසින් තීන්දු කරන ලදී . මෙම ප්‍රවෘත්තියත් සමඟ න්‍යෂ්ටික ශක්තියෙන් බල සම්පන්න කොමියුනිස්ට් රාජ්‍යයේ ස්ථාවරභාවය පිළිබඳව ජාත්‍යන්තර අවධානය තීව්‍ර වී තිබේ. උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ගේ බලය තහවුරු කිරීම සඳහා බියකරු පාලනයක් ගෙන යමින් සිටින බවට දකුණු කොරියානු ජනාධිපති පාක් ගන් හේ (Park Geun-Hye) උතුරු කොරියාවට චෝදනා එල්ල කළේය. දෙරට අතර සම්බන්ධතා අස්ථාවර වනු ඇති බවට ඇය අනතුරු අඟවා සිටියාය. උතුරු කොරියාවේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන චීනය පැවසුවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අභ්‍යන්තර කටයුත්තක් බවයි. නමුත් උතුරු කොරියාවේ ස්ථාවරත්වය පවතිනු ඇති බවට ඇය බලාපොරොත්තු පල කළාය.
උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ( Kim Jong-Un ) ගේ ඉතා බලගතු මාමා වන ජැන්ග් සොං තායෙක් (Jang Song Thaek) මරා දමනු ලැබූ බව උතුරු කොරියාව නිවේදනය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දේශගුණික විපර්යාස, හානිකර වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රචාරය කරන ක්ෂණික ආහාර පරිභෝජනය සහ අඩු වයසින් මත්පැන් පානය කිරීම හේතුවෙන් දරුවන් අවදානමට පත්ව ඇතැයි විශේෂඥයෝ පවසති. කෙසේනමුත්, දරුවන්ගේ යහපැවැත්ම සහ කාබන් විමෝචනය අවම කිරීමට මේ වන විට ක්‍රියාත්මක වී ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ද නම් කර ඇත. අධ්‍යාපනය, පෝෂණය සහ ළමා මරණ සංඛ්‍යාව වැනි කාරණා සැලකිල්ලට ගෙන සෞඛ්‍ය සහ යහපැවැත්ම පවත්වාගෙන දරුවෙකුට "සමෘද්ධිමත්" දිවි පෙවතක් ගත කිරීමේ හැකියාව අනුව රටවල් 180 ශ්‍රේණිගත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සහ ලැන්සෙට් කොමිසම එක්ව ක්‍රියා කර තිබේ. රටවල කාබන් විමෝචන මට්ටම් අනුව ද ශ්‍රේණිගත කිරීම් සිදු කර තිබේ. ලොව පුරා රටවල ආණ්ඩු විසින් විප්ලවීය වෙනස්කම් සිදු නොකරන්නේ නම්, පසුගිය දශක දෙක තුළ අත් කරගත් ප්‍රගතිය "ආපසු හැරෙනු" ඇතැයි ළමා සෞඛ්‍ය විශේෂඥයන් හතළිස්‌ දෙනෙකු පමණ අනතුරු අඟවා ඇත. "ලොව පුරා සිටින සෑම දරුවෙකුටම මේ වන විට දේශගුණික විපර්යාස සහ වාණිජමය තර්ජනවල බලපෑම්වලට මුහුණ දීමට සිදු වී තිබෙනවා" යැයි මෙම කොමිසමේ සම සභාපතිත්වය දරණ නවසීලන්තයේ හිටපු අගමැතිනි හෙලන් ක්ලාක් පැවසුවාය.. "අනාගතයේ දී ඔවුන්ට උරුම වන ලෝකය ආරක්ෂා කිරීම සඳහා රටවල් ළමා සහ නව යෞවනයන්ගේ සෞඛ්‍යය පිළිබඳ ක්‍රියාමාර්ග නැවත සකස් කළ යුතුයි." වර්තමාන ප්‍රක්ෂේපනවලට අනුකූලව 2100 වර්ෂය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක හතරකින් ඉහළ යා හැකි අතර, එයින් අනාගත පරපුරට "විනාශකාරී සෞඛ්‍ය ප්‍රතිවිපාකවලට" මුහුණ දීමට සිදු වෙනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති. සාගර මට්ටම ඉහළ යාම, තාප තරංග, දැඩි මන්දපෝෂණය සහ මැලේරියාව වැනි බෝවන රෝග ඉහළ යෑම ඉදිරියේ දී සිදු විය හැකිය. "බිලියන දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන්නේ මානුෂීය අර්බුද,ගැටුම්, ස්වාභාවික විපත් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සංවර්ධනයට බාධා ඇති වී තිබෙන රටවලයි," කොමිසමේ සම සභාපතිත්වය දරන සෙනෙගාල්හි අමාත්‍ය ආවා කොල්-සෙක් පැවසීය. ලෝකයේ අඩු ආදායම්ලාභී රටවල හරිතාගාර වායු විමෝචනය අවම මට්ටමක පැවතියද දේශගුණික විපර්යාසවල සෘණාත්මක බලපෑම්වලට එම රටවල් ලක්වන බව පෙනෙන්නට තිබේ. "දරුවන්ගේ වර්තමාන යහපැවැත්ම සඳහා ජාතික වශයෙන් සිදු කරන ක්‍රියාකාරකම්, ගෝලීය වශයෙන් අන් දරුවන්ගේ අනාගතය බිඳ දැමීම හරහා කළ යුතු නැහැ" යනුවෙන් කොල්-සෙක් පැවසුවේය. සාගින්න, දුප්පත්කම සහ දේශගුණික ක්‍රියාමාර්ග ඇතුළු තිරසර සංවර්ධන ඉලක්ක 17ක් සඳහා 2015 දී ලෝකයේ රටවල් එකඟ වූ නමුත්, වසර පහක් ගත වී ඇතත් තවමත් සැලකිය යුතු ප්‍රගතියක් ලබා නොමැත. එක්සත් රාජධානියේ නීතිය අනුව 2050 වන විට කාබන් විමෝචනය මුළුමනින්ම පාහේ නතර කෙරෙනු ඇති අතර, යම් ප්‍රමාණයක් ඉතිරි වුවහොත් එය ශාක රෝපණය වැනි ක්‍රියාකාරකම් මගින් වළක්වා ගැනීමට අපේක්ෂා කෙරේ. කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ඉලක්ක කරා ළඟා වීම සඳහා නව පෙට්‍රල්, ඩීසල් හෝ දෙමුහුන් මෝටර් රථ අලෙවිය සැලසුම් සහගත ලෙස තහනම් කිරීමේ දින වකවානු 2040 සිට 2035 දක්වා ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුව ගත් පියවර මේ මස මුලදී එම කර්මාන්ත ක්ෂේත්‍රය තුළ කැළඹීමක් ඇති කිරීමට ද හේතුවිය. කෙසේ වෙතත්, දරුවන්ගේ යහපැවැත්ම සහ සෞඛ්‍ය යන කාරණාවල දී ලෝකයේ හොඳම රටවල් දහය අතර සිටියත්, අනාගත පරපුර සඳහා දේශගුණික වශයෙන් යෝග්‍ය පරිසරයක් සැපයීමේ රටවල් අතර එක්සත් රාජධානියට හිමි වී ඇත්තේ 133 වෙනි ස්ථානයයි. එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව ද දරුණුතම කාබන් විමෝචකයන් අතර සිටිති. 'කොල්ලකාරී අලෙවිකරණය' හානිකර අලෙවිකරණයෙන් දරුවන්ට ඇති වී තිබෙන තර්ජනය ගැන ද වාර්තාවේ අවධාරණය කර ඇත. මත්පැන්, පිටි සහිත ක්ෂණික ආහාර සහ අධික සීනි සහිත සිසිල් බීම ඇතුළු වසරකට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් 30,000කට පමණ මේ දරුවෝ නිරාවරණය වෙති. ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් අතර සමාජ මාධ්‍ය භාවිතය දැඩි ලෙස ඉහළ යෑම හේතුවෙන් "කොල්ලකාරී අලෙවිකරණය" වෙන කවරදාටත් වඩා අනතුරක් බවට පත් වී ඇතැයි කොමිෂන් සභාවේ සාමාජික ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි ගෝලීය සෞඛ්‍ය හා තිරසරභාවය පිළිබඳ මහාචාර්ය ඇන්තනි කොස්ටෙලෝ අනතුරු ඇඟවීය. "අපගේ දරුවන් ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය වෙළෙඳ දැන්වීම් ගැන අපට කරුණු හා සංඛ්‍යා දත්ත ලැබී තිබෙනවා" යැයි ඔහු පැවසුවේය. 2019 දී එළිදැක්වූ වාර්තාවක ඇස්තමේන්තු කර ඇති පරිදි ලෝකයේ ළමුන් සහ වැඩිහිටියන් බිලියන 2.3 කට ආසන්න ප්‍රමාණයක් අධික බරින් යුක්ත වන අතර, ළමුන් මිලියන 150 කට වැඩි ප්‍රමාණයකගේ වර්ධනය අඩාල වී තිබේ. ළමා සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සාධාරණ ලෙස ක්‍රියා කරමින්, 2030 වන විට කාබන් විමෝචනය අවම කිරීමේ ඉලක්ක කරා ළඟාවීමේ මාවතේ යන රටවල් වන්නේ ශ්‍රී ලංකාව, ඇල්බේනියාව, ආර්මේනියාව, ග්‍රෙනාඩා, ජෝර්දානය, මෝල්ඩෝවා,ටියුනීසියාව, උරුගුවේ සහ වියට්නාමයයි. දරුවන් වෙනුවෙන් පෙනී සිටින ගෝලීය ව්‍යාපාරයක් සඳහා ඉල්ලීමක් කරමින් ඒ සඳහා නිර්දේශ කීපයක් වාර්තාවේ එළිදක්වා තිබේ. "මෙය දරුවන් සහ නව යෞවනයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බිහි වුණ නව යුගයක උපත ලෙස හඳුන්වනවා. එය අපේ පරම්පරාව සිදු කරන උත්තරීතරම පරීක්ෂණයයි," ලැන්සෙට්හි ප්‍රධාන කර්තෘ ආචාර්ය රිචඩ් හෝර්ටන් පැවසීය. මේ තොරතුරුද කියවන්න:
දරුවෙකුට නිරෝගී ලෙස හැදී වැඩීමේ අවස්ථාව සහ ඔවුන්ගේ අනාගතයට සුදුසු පරිසරයක් ලබා දීමට කිසිදු රටක් සමත් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වඩාත් බරපතලම කාරණය වන්නේ ඒ හේතුවෙන් මියැදෙන කුඩා දරුවන්ගේ සංඛ්‍යාවයි. කෝවිඩ්-19 නිසා ලොව වැඩි වශයෙන්ම දරුවන් මිය යන රට බ්‍රසීලයයි. වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඒ හේතුවෙන් මරණයට පත් වයස අවුරුද්දට අඩු දරුවන් සංඛ්‍යාව 1,300 ඉක්මවයි. වැඩි විස්තර සඳහා ඉහත වීඩියෝව නරඹන්න. මේ ගැනත් කියවන්න:
කොරෝනා වෛරස් වසංගතය පැතිර යාම ආරම්භ වී වසරක් ඉක්ම යමින් තිබියදී බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව එහි උපරිමයකට ළඟා වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගම්වැසියන් නිවෙස් අතහැර පලාගොස් ඇති බවයි පැවසෙන්නේ මියගිය සතර දෙනා අතරින් තුන් දෙනෙකු පකිස්තාන ජාතිකයන් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියානු ජාතිකයෙකු බවයි පැවසෙන්නේ. ඉන්දියාවේ පාලනය යටතේ පවතින කාශ්මීරයේ ජම්මු අග නගරය අසල ගම්වැසියන් සිය ගණනක් නිවෙස් වලින් පලාගොස් පාසැල් සහ අනෙකුත් ගොඩනැගිලි වල ලැගුම් ගෙන සිටිති. සඳුදා හට ගත් ගැටුම් වලින් පසු මේ වන විට පුද්ගලයන් දාහතර දෙනෙකු මියගොස් තිබේ. මෙවර ඇතිවූ ගැටුම් පිළිබඳ ව රටවල් දෙකම එකිනෙකා වෙත දොස් පවරන අතර කිසිදු පාර්ශවයක් පසු බැසීමට සුදානම් නැති බවයි පෙනී යන්නේ.
ඉන්දු-පකිස්තාන පොදු දේශ සීමාව අසළ දෙරටෙහිම හමුදාවන් විසින් සිදු කරනු ලබන බෝම්බ හෙළීම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් හතර දෙනෙකු මරු මුවට පත් වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රාජපක්ෂ පාලනය සැලසුම් කළ පරිදි A 350 ගුවන් යානා හතර මිලදී ගත්තේ නම් ශ්‍රී ලන්කන් ආයතනයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවීමට ඉඩ තිබුණු බව අමාත්‍යවරයා පවසයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩසටහන තුළ නිකුත් කරන ලද වැලිඅමුණ වාර්තාවට අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යුහය තුල පවතින ගැටළු කිහිපයක් පෙන්වා දී තිබුණු බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය. "ඒක ඇතුලේ එක්තරා මාෆියාවක් තියෙනව. ඒ මාෆියාව තවත් තියෙනව." ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක පසුගිය ආණ්ඩුව සමයේ නිර්මාණය කරන ලද 'මාෆියා' කණ්ඩායම තවමත් පවතින නමුත් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජාතික ගුවන් සේවයේ මාෆියාවට එරෙහිව කටයුතු කිරීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් අමාත්‍ය කබීර් හෂීම් පැවසීය. රාජපක්ෂ පාලනය සමයේ, එවකට සිටි සභාපති නිශාන්ත වික්‍රමසිංහ සැලසුම් කළ පරිදි A 350 ගුවන් යානා හතර මිලදී ගත්තේ නම් ශ්‍රී ලන්කන් ආයතනයට 'රුපියල් කෝටි ගණනක' පාඩුවක් සිදුවිය හැකිව තිබුණු බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි. එබැවින් එම කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම හැර තමන්ට විකල්පයක් නොතිබුණු බවත් වැඩිදුරටත් පැවසීය.
රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ පැවති 'මාෆියාව' තවමත් ක්‍රියාත්මකවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරේ මානව හිමිකම් කැදවීමට විරුද්ධ උද්ඝෝෂණයක් පොදු රද මඩුලු සමුළුවට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියාවේ, බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය වරුන් බ්‍රහස්පතින්දා කොළඹ දී තම පක්ෂයේ නියෝජිතයන් මුණ ගැසුණු බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝදයම් සම්බන්දන් මන්ත්‍රීවරයා බීබීසීයට ප්‍රකාශ කළේ. උතුරු නැගෙනහිර භුමියේ පවත්නා තත්වය පිළිබඳව තමන් ඒ විදේශ අමාත්‍යවරුනට පැමිණිලි කළ බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මන්ත්‍රීවරයා බීබීසී තමිලොසයි ප්‍රධානී තිරුමලෙයි මනිවන්නන් හට කියා සිටියේ. 'පිරිමැසිය නොහැකි විනාශයක්' “ඉඩම් සම්බන්ධ බොහෝ කාරනා, හමුදා කරණය, කාන්තාවන්ට විශේෂයෙන්ම මුහුණ පාන්නට සිදුවී තිබෙන අනාරක්ෂිත තත්වය, අතුරුදහන් වූ පිරිස් පිලිබඳ කටයුතු හමාර කර නොතිබීම, නඩු පැවරීමකින් හෝ නිදහස් කිරීමකින් තොරව විශාල පිරිසක් රැඳවුම් භාරයේ තිබීම සහ පිළිගත හැකි දේශපාලන විසඳුමක් කරා එළඹීමට රජය කිසිදු පලදායී උත්සාහයක් දරා නොතිබීම,” ගැන තමන් කතා කළ බව දෙජාස නායකයා පැවසීය. එමෙන්ම මේ තත්වය දිගටම පවතිතොත් උතුරු නැගෙනහිර පිරිමැසිය නොහැකි විනාශයක් දෙමළ ජනතාවට සිදුවන බවත් විදේශ අමාත්‍ය වරුන් ට දැනුම් දී සිටි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
උතුරු නැගෙනහිර භුමියේ පවත්නා තත්වය පිළිබඳව තමන් පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන් කිහිප දෙනකුට පැමිණිලි කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සියවස් ගණනාවක් තිස්සේ අදටත් පවත්වාගෙන යන ‘රාමදාන් බෙර වාදනයේ’ අරමුණ වී ඇත්තේ ඉර උදාවට පෙර පිබිද කෑම අනුභව කරන ලෙස ප්‍රදේශයේ ජනතාවට මතක් කර දීමයි. ඉස්ලාම් බැතිමතුන් රාමදාන් කාලයේ දී ඉර උදාවෙන් පසු අහාර අනුභව කිරීම හෝ ජලය පානය කිරීම නොකරති. එබැවින් ඔවුන් අවදි කොට ආහාර අනුභව කරන ලෙස මතක් කිරීම සඳහා තාක්ෂණික පහසුකම් නොතිබුණු ඈත අතීතයේ ඒ සඳහා යොදාගෙන තිබුණේ බෙර වාදනයයි. වර්තමානයේ යුද ගැටුම් ආදී සමාජ ගැටළු හේතුවෙන් විවිධ බාධාවන් පැවතුනද මෙම සම්ප්‍රදාය තාමත් නොනැසී පැවතීමට එවන් සමාජ ප්‍රශ්ණම හේතුවක් වී ඇති බවයි රාමදාන් බෙරවාදනයේ යෙදෙන්නන් පිළිබඳව බීබීසීයේ අරබු අහමඩ් සුල්තාන් ශ්‍රී නගර් සිට කළ වාර්තාවකින් හෙළිවන්නේ. එම වාර්තාව සංදේශයට සකස් කළේ එස් එල් සෙනෙහෙධීර.
මධ්‍යම රාත්‍රීය ගෙවී හොරා දෙකක් හෝ තුනක් ගතවූ පසු එළිය වැටෙමින් පවතිද්දී නගරවාසීන් නිදි යහනින් පුබුදුවාලමින් මද අඳුර මැද නගරය පුරා සැරිසරන බේර වාදකයන් රාමදාන් කාලයේ දී කාශ්මීරයේ සුලභ දසුනකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත්කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා ලෙස කතානායක කරු ජයසුරිය මේ සම්බන්ධයෙන් අද (නොවැම්බර් 29) නිවේදනයක් නිකුත් කර තිබිණි. මෙම අවස්ථාවේ ඉවත්නොවී ධුර කාලය සම්පුර්ණ කිරීම සුදුසු බව තම අදහස යැයි කතානායකවරයා එම නිවේදනයෙන් මහින්ද දේශප්‍රියට දන්වා තිබේ. මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සිදු කිරිම සඳහාත්, ඉදිරියේදී එළැඹෙන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයවීම සඳහාත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ මෙහෙයවීම ඉතා වැදගත් වනු ඇති බවද කථානායක කරූ ජයසූරිය අවධාරණය කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එතෙක් පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව අහෝසි කරමින් මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවන ලදී, ඒ අනුව එවක මැතිවරණ කොමසාරිස් ධුරයේ කටයුතු කළ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කර 2015 නොවැම්බර් මස 13 වන දින මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. ජනාධිපති නීතිඥ නලින්.ජේ.අබේසේකර සහ මහාචාර්ය එස්. රත්නජීවන් එච්. හූල් යන අය මැතිවරණ කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයෝ වෙති. වසර 5ක ධුර කාලයක් සඳහා මෙම පත්වීම් සිදුකර තිබේ. ඒ අනුව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙලෙස ඉල්ලා අස්වීම සඳහා සිය ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන්නේ අදාළ ධුරකාලයෙන් තවත් වසරකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදීය. ජනාධිපතිවරණ සමයේ බීබීසි සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකදී මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයෙන් පසු කොමිසමේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට අදහස් කරන බවය. එයට හේතුව ලෙස ඔහු දැක්වූයේ පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට නොහැකිවුවහොත් ධුරයෙන් අස්වන බවට තමන් කර තිබු ප්‍රකාශයකි. පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යාමට විරෝධය පළකිරීමක් ලෙස මේ වසර මුලදී ඔහු එම ප්‍රකාශය කර තිබිණි. සීමා නිර්ණ ගැටලු සහ නිසි පාර්ලිමේන්තු අනුමැතිය නොමැතිවීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තවමත් නොහැකිවී තිබේ. එයට විරෝධය පළකිරීමක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇත. සභාපතිධුරයෙන් ඉවත්වුවද මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ලෙස සිය ධුර කාලය සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වන බව මහින්ද දේශප්‍රිය බීබීසි සිංහල සේවයට කියා සිටියේය. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වන රත්නජීවන් එච්. හූල් හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අතර මත ගැටුම් කිහිපයක් පසුගිය කාලයේ ඇතිවූ බවට ද මේ අතර වාර්තා විය. පාර්ලිමේන්තු මැතිවරණය මෙන්ම කල් ගිය පළාත් සභා මැතිවරණය ද පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුවහොත් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස අවාසනයේ හෝ මැයි මස මුලදී පැවැත්වීමට යෝජිතය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය තම ධුරයෙන් ඉවත්වීමට අවශ්‍ය බව සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇති බව කථානායක කාර්යාලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රටේ දැවෙන ප්‍රශ්න විසඳනු වෙනුවට අනවශ්‍ය, නාස්තිකාර වියදම් කරමින් සිටින බවටත් එජාප නායකයා ආණ්ඩුවට චෝදනා කරයි එජාප සහ විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඒ බව ප්‍රකාශ කළේ ළඟ එන පළාත් සභා මැතිවරණය පිළිබඳව පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා අම්පාරේ පැවති රැස්වීමක් අමතමින්. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ උරුමය රැක දෙනු වෙනුවට මුස්ලිම් ජනතාවට එරෙහි ක්‍රියාදාමයක නිරතව සිටින බවට විපක්ෂ නායකයා ආණ්ඩුවට චෝදනා කළේය. "පල්ලි කඩනවා, ඒගොල්ලන්ට හරිම අමාරු තත්ත්වයක් තියෙන්නේ," බව රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ පසුගියදා රට පුරා ප්‍රදේශ ගණනාවක මුස්ලිම් දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාර පිළිබඳව අවධානය පළ කරමින්. මෙවර තනි පක්ෂයක් ලෙසින් මැතිවරණයට තරඟ වදින ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට පිළිබඳව සඳහන් කළ විපක්ෂ නායකවරයා පැවසුවේ: "මොකක්ද අද වෙලා තියෙන්නේ? ඒගොල්ල දියුණු වුනා, මුස්ලිම් ජනතාව අනාථ වුනා," බවයි. එමෙන්ම රටේ දැවෙන ප්‍රශ්න විසඳනු වෙනුවට අනවශ්‍ය, නාස්තිකාර වියදම් කරමින් සිටින බවටත් එජාප නායකයා ආණ්ඩුවට චෝදනා කරයි. "ගොවි මහතුන්ට උදවු කරන්න මුදල් නෑ. ජනාධිපතිතුමා අලුතෙන් හෙලිකොප්ටර් විස්සක් ඉල්ලලා තියෙනව. මොනවා කරන්නද වී ටික කොළඹට දාන්නද හෙලිකොප්ටර් එකෙන්?," ඔහු ප්‍රශ්න කරයි. ගොවි ගැටලුවලට හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලුවලට පිළියම් යෙදීමට මුදල් නැති ආණ්ඩුව, දැයට කිරුල වැනි සංදර්ශන වෙනුවෙන් අනවශ්‍ය ජනතා මුදල් නාස්තියක නිරතව සිටින බව විපක්ෂනායක වරයාගේ අදහසයි. නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සඳහා පළාත් සභා මැතිවරණ ලබන සැප්තැම්බර් අට වැනිදා පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට නැගෙනහිර පළාත පිළිබඳව වෙනම අයිතියක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කල්ලියක් විසින් දූෂණය කොට මරා දැමුණ තරුණියන් දෙදෙනාගේ මළ සිරුරු අඹ ගසක එල්ලා තිබුණ බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ. අඹ ගසෙහි එල්ල තිබුණ මළසිරුරු සොයා ගනු ලැබ තිබෙන්නේ ගම්වාසීන් විසිනි. ඥාති සහෝදරියන් වන තරුණියන් දෙදෙනා දූෂණය කොට මරා ගසෙහි එල්ලීම සම්බන්ධයෙන් සැක කෙරෙන සාපරාධී කල්ලියේ සාමාජිකයෙක් ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. තරුණියන් දෙදෙනා දූෂණය කිරීමෙන් පසු ගෙල සිර කර මරා දමා ඇති බවයි පැවසෙන්නේ. අපරාධකරුවන්ට ගොදුරු වූ තරුණියන් දෙදෙනා ඉන්දීය සමාජයේ කුල වර්ග කිරීම් වලට අනුව පීඩිත කුලයකට අයත් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී හෙළි වී ඇත. ඉන්දීය පොලිස් ප්‍රකාශකයෙක් කියා සිටියේ ඉහත කී අපරාධය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් පහ කළ බවයි. ඉන්දියාව පසුගිය කාලයෙහි ලිංගික අතවරවලට අදාළ නීති රීති දැඩි කළ නමුත් දූෂණ අපරාධ සම්බන්ධයෙන් නඩු පවරනු ලබන්නේ ඉතා සීමිත මට්ටමින් යයි වාර්තාකරුවෝ පෙන්වා දෙති.
තරුණියන් දෙදෙනකු දූෂණය කොට මරා දැමීමේ සිද්ධියක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හොංකොං හි මූලස්ථානය පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම (The Asian Human Rights Commission) පවසන අන්දමට 2013 නොවැම්බර් 14 වෙනි දින හටගත් රිය අනතුරක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රිකයේ මිනිපේ වැසියෙකු වන ඩීඑම් ජයවර්ධනට දෙසතියක සිර දඬුවමක් නියම කර තිබේ. දෙදරු පියෙකු වන ඔහු මාස කිහිපයකට ප්‍රථම සෞදි අරාබිය බලා ගොස් තිබෙන්නේ කතා කිරීමේ අපහසුවෙන් පෙළෙන සිය පුතුට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් ආදයමක් නොවූ හෙයිනි. රිය අනතුර හටගත් අවස්ථාවේ වරද අනෙක් රථයේ රියදුරා ගේ වුවත් එම රථයේ ගමන් කළ මගීන් පහරදීම හේතුවෙන් ඩීඑම් ජයවර්ධනගේ පාදයකට දරුණු තුවාල සිදු වූ බවත් ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එහි සඳහන් වන පරිදි සිර දඬුවම ගෙවීමෙන් අනතුරුව ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුගේ හාම්පුතා මාස ගණනක හිඟ වේතන පවා ගෙවා නැත. සෞදි අරාබියේ ශ්‍රී ලාංකික සහ විදේශීය සේවකයෝ සංක්‍රමණික රියදුරෝ දළ වශයෙන් ලක්ෂ 8 ශ්‍රී ලාංකික සේවකයෝ 190,000 (මූලාශ්‍රය:ශ්‍රී ලංකා තානාපති කාර්යාලය) ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවෝ 90,000 නිවාසවල සේවය කරන ශ්‍රී ලාංකික රියදුරෝ දළ වශයෙන් 10,000 ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 80,000 ඉන් මාස කිහිපයකට පසුව ඔහුට දුරකථන ඇමතුමක් දුන් පැරණි හාම්පුතා යළිත් සේවයට පැමිණෙන මෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහුගේ සියලු හිඟ වැටුප් ගෙවන බවට ද ඔහු පොරොන්දු දුන් බව පැවසේ. එම ආරාධනාව පරිදි 2014 ජුලි මාසයේ යළි සෞදි අරාබියට ලඟා වූ අවස්ථාවේ රියදුරු ඩීඑම් ජයවර්ධන යළිත් වරක් පැරණි චෝදනාව යටතේම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී රුපියල් ලක්ෂ විසි පහක දඩ මුදලක් ගෙවන මෙන් අධිකරණය ඔහුට නියෝග කර තිබේ. එසේ නොගෙවන්නේ නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිය යුතු බව අධිරණයේ නිගමනය විය. එතරම් විශාල වන්දි මුදලක් ගෙවිය නොහැකි බැවින් දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්ව සිටින ඩීඑම් ජයවර්ධන උපුටා දක්වන ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ නඩු විභාග දෙකේදීම ඔහු වෙනුවෙන් නීතිවේදියෙකු හෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පෙනී සිට නොමැති බවය. අරාබි හෝ ඉංග්‍රීසි භාෂාව නොදන්නා බැවින්, අධිකරණයේදී සිදු වූයේ කුමක් දැයි යන්න පිළිබඳව ඔහුට කිසිදු අවබෝධයක් නැත. එකම වරදකට සිරගත කොට නිදහස ලැබූ ඔහු දැන් යළිත් වරක් වසරකට ආසන්න කාලයක් සිරදඬුවම් විඳින අතර, ඒ පිළිබඳව ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවත් නිවේදනයේ සඳහන් වේ. සවුදි අරාබියේ සේවයේ නිරත විදේශිකයෝ අදාළ පැමිණිල්ල පිළිබඳව මේ මොහොතේ තොරතුරු නොදන්නා නමුත් ඒ පිළිබඳව කාර්යක්ෂමව සොයා බැලීමට කටයුතු කරන බව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේය. මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස සෞදි අරාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් ඇමතූ අවස්ථාවේ තානාපතිවරයා විදේශගතව සිටින බව දැනගැනීමට ලැබිණ. ශ්‍රී ලාංකිකයන් 190,000 කට ආසන්න පිරිසක් සෞදි අරාබියේ සේවයේ නිරතව සිටින බව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ තානාපති අස්මි තාසිම්, ඒ අතරින් 10,000 ක් පමණ දෙනා ගෘහස්ථ රියදුරන් බව ද කියා සිටියේය. ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් පමණ සෞදි අරාබියේ විවිධ ආයතනවල සේවය කරන අතර, ඒ අතරින් විශාල පිරිසක් රියදුරු සේවයේ නිරතව සිටිති. මේ අතර පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සෞදි අරාබියේ සේවයේ නිරතව සිටින රියදුරන් දෙදෙනෙක්, සිය රැකියාවේ නිරත වීමේදී තමන් මුහුණ දෙන වේදනාව විස්තර කළහ. ඇතැම් හාම්පුතුන් තුළ "මනුස්ස කමක් නැති" බව කියා සිටි එක් රියදුරෙක් වැඩිදුරටත් සඳහන් කළේ "බල්ලෝ බළලුන්ට වගේ තමයි අපිට සළකන්නේ," යනුවෙනි. "කිසිම තෙතමනයක් නෑ. වැඩ කරන එකා කෑවද, බීවද කියල හොයල බලන්නේ නෑ. පණ තියන කල් වැඩ කරනවා," ඔහු පැවසීය.
සෞදි අරාබියේ දී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් දඬුවම් ලබා සිය රට ගිය ශ්‍රී ලාංකිකයෙකු මාස කිහිපයකට පසුව යළි පැමිණි අවස්ථාවේ ඒ වරදටම යළිත් වරක් සිරගත කර තිබෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2015 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරි කටයුත්තක් සිදු නොවන බව ජනාධිපතිවරයා කියා සිටියේ අද (අප්‍රේල් 29) මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අමතා අදහස් දක්වමිනි. ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 'රටේ කොටස් අයිති කර ගැනීම සඳහා ගිවිසුම් අත්සන් තැබීමට බව සඳහන් කර ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප්‍රචාර' ගෙන යමින් සිටින බවය. ඒවා ආණ්ඩු විරෝධි පිරිසක් විසින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජාත්‍යන්තර සහාය මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ පැවති සියවස් සැමරුම් උත්සවය එමෙන්ම ශ්‍රී ලංකාව වෙත සෑම රටකම සහයෝගය හිමිව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළින් ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් ලෙස ගොඩනැගිය හැකි බවත්, එම වැඩපිළිවෙළේදී සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය, සමගිය සහ විශ්වාසය බිඳ දැමීමට අන්තවාදී පිරිසක් උත්සාහ දරන බවත් කියා සිටියේය. ඒ පිළිබඳ ජනතාව සැබෑ අවබෝධයකින් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. නැගෙනහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, රජය සහ පළාත් සභාව එක්ව සාකච්ඡා කර විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිවරයා එම තීරණය ප්‍රකාශයට පත් කළේ, බ්‍රහස්පතින්දා කොළඹදී මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් මුණ ගැසුණ අවස්ථාවේ. අලුතින් පිහිටුවනු ලබන පොලිස් ඒකකය ක්‍රියාත්මක වන්නේ ආගමික කටයුතු භාර අමාත්‍යංශය යටතේ බවත් ප්‍රකාශයට පත් කෙරුණි. ආගමික ගැටුම්කාරී තත්වයන් විසඳීමට නව පොලිස් ඒකකයක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය ගැන බීබීසි සංදේශය විමසීමක් කළ විට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමර නායක කියා සිටියේ, මෙය වෙනම පොලිසියක් නොව පොලිස් ඒකකයක් පිහිටුවීමක් පමණක් වන බවයි. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක “දැනටමත් එවැනි පොලිස් ඒකක ක්‍රියාත්මක වෙනවා. ‘වරාය පොලිසිය’ එවැන්නක්. එය පොලිස් දෙපාර්තමේන්තුවට අයිති එහෙත් අදාළ ආයතනයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙන ඒකකයක්” ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක ප්‍රකාශ කරයි. ඇතැම් ආගමික කණ්ඩායම් පසුගිය දිනවල ප්‍රචණ්ඩ ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ජනාධිපතිවරයා, කිසිවකුට නීතිය අතට ගැනීමට ඉඩ නොතබන බව කියා සිටි බවයි ,මොහාන් සමරනායක වැඩිදුරටත් සඳහන් කළේ. බොදු බල සේනා ආගමික ගැටුම් නිරාකරණය සඳහා නව පොලිස් ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන්, බොදු බල සේනා සංවිධානයේ ප්‍රතිචාරය දන ගැනීමට එහි මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් සංදේශය විමසීමක් කළ විට උන්වහන්සේ සඳහන් , එය තම සංවිධානය විසින් කලක් තිස්සේ ඉදිරිපත් කරමින් තිබුණ ඉල්ලීමක් ඉටු වීමක් බවයි. රාජ්‍ය නොවන සංවිධාන හරහා රට තුළ සිදු කෙරෙමින් පවතින ආගමික සංහාරයට විසඳුමක් වශයෙන් මෙවැනි පියවරක් ගනු ලැබීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය ජනාධිපතිවරයාට තුති පළ කරන බවත් මහලේකම් ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ. “බොදු බල සේනා සංවිධානය ආක්‍රමණකාරී නැහැ. එය හමුදාවක් නොවෙයි. ඒත් අපි යම් යම් තැන්වලට ගිහින් සාකච්ඡා වල නිරත වුනා. ඒ මාර්ගයෙන් රටේ වගකිව යුත්තන්ගේ ඇස් ඇරවීමට” ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ. මුස්ලිම් ප්‍රතිචාරය ආගමික ගැටුම්කාරී තත්වයන් වැළක්වීමේ අරමුණින් නව පොලිස් ඒකකයක් පිහිටුවීමේ තීන්දුව ගැන ජනාධිපති නීතිඥ එම්.සුහායර් කියා සිටියේ, අද ශ්‍රී ලංකාවේ ආගමික ගැට‍ළුවක් නැතත්, ඇතැම් කණ්ඩායම් විසින් ගැට‍ළු සහගත තත්වයන් නිර්මාණය කරන බවයි. “ අදාළ ප්‍රශ්න පාලනයට සෑහෙන තරම් නීති රීති දැනටත් රටේ තියෙනවා. ඒවා හරියට ක්‍රියාත්මක කළ හොත් ගැට‍ළු වළක්වන්න පුළුවන්. ඒ සඳහා නව පොලිසි පිහිටුවීමක් අනවශ්‍ය බව මගේ අදහසයි” ජනාධිපති නීතිඥ එම්.සුහායර් කියා සිටියි. පවතින නීතිය ක්‍රියාවට නැංවීම සඳහා පොලිසියට සහ නීතිපතිවරයාට අවශ්‍ය තරම් බලතල ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙයි.
විවිධ ආගමිකයන් සහ විවිධ ආගමික කණ්ඩායම් අතර ඇති වෙන සහ මතුවට ඇති විය හැකි මතභේද ආරවුල් සහ ගැටුම්කාරී තත්වයන් විමර්ශනය කොට සමථයකට පත් කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය "ඉවසීම නැතිවුණ තැන සිද්ධ වන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මම හිතනවා ඔබතුමන්ලාට මතක ඇති කියලා මීට වසර ගණනකට කලින් රෝයල් පාක් නිවාස සංකීර්ණයේ සිද්ධිය. ඒ තරුණයාට එතකොට වයස අවුරුදු 19යි. ඔහු තරුණිය සමඟ වාදයක පැටලිලා අවසානේ ඇයව ඝාතනය කළා. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා, මම හිතන්නේ දැන් ඔහුට වයස 32ක්," යැයි පසුගිය ඉරිදා (ඔක්තෝබර් 20) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා පැවසීය. ඝාතන නඩුවේ පසුබිම රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මතදී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙල සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනිණි. ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන් සිද්ධිය වූ දින ඇඟලා සිටි ඇඳුමකින් ගෙල සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වීය. ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි. එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය. පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නේය. මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය. කෙසේවෙතත්, ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනිට 2016 වර්ෂයේ දී විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ජීවිත සමාව හිමිවෙමින් ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්‌ ලෙස ලිහිල් කර තිබේ. ජනාධිපති සමාව දෙවෙනි වරටත්? ධනවත් පවුල් දෙකක දරුවන් සම්බන්ධ නඩුවක් වීමත් සමඟ මෙය සමාජයේ දැඩි කතා බහට ලක් වූ අතර, සිද්ධියට අදාළ තරුණ තරුණියන්ගේ ජීවන රටාව ගැන ද දැඩි විවේචන එල්ල විණි. අදාළ ඝාතනය පිළිබඳව යළිත් වරක් අවධානය පළ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රකාශයත් සමඟය. "මේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත වෙලා ඉන්න ළමයාගේ පාර්ශවයෙන් මට ඉල්ලීමක් ආවා ජනාධිපති සමාව යටතේ ඔහුව නිදහස් කර දෙන්න කියලා. සිරගෙදර දී ඔහු යහපත් කල් ක්‍රියාවෙන් සිටි නිසා මම මේ ඉල්ලීම ගැන සලකා බලනවා. ඉවසීම නැති නිසා වූ සිද්ධියක් මත සිරගත වෙනකොට ඔහුට වයස 19යි," ජනාධිපතිවරයා පැවසුවේය. එමෙන්ම තමන් කුඩා කළ සිට ඉවසීම ප්‍රගුණ කළේ කෙසේදැයි ජනාධිපතිවරයා විස්තර කළේය. "මම කුඩා කාලේ දවසක් බයිසිකලේ පැදගෙන පාසලට යනකොට, කලින් දවසේ වුණ රණ්ඩුවක් මුල් කරගෙන, මග රැක හිටපු ළමයෙක් මට කොහු මිටෙන් ගැහුවා. ඔක්කොම පොත් එක්ක මම බිම වැටුණා. පස්සේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොට එදා මට කොහු මිටෙන් ගහපු කෙනා මගේ ළඟට ආවා එයාගේ දරුවට රැකියාවක් ලබා දෙන්න කියලා ඉල්ලගෙන." "එදා සිද්ධිය මට මතකයට ආවත්, මම ඉතා ඉක්මනට ඔහුට හොඳ රැකියාවක් සොයලා දුන්නා. එහෙමයි මම එයාට සැලකුවේ. රෝයල් පාක් කතාව, කොහු මිටේ කතාව වගේම අනික් කතාවලින් කියවෙන්නේ ඉවසීමේ වැදගත්කම ගැන. හොඳ වැඩවල නිරත වෙලා, හොඳ අධ්‍යාපනයක් ලබලා විනීත ජීවිතයක් ගත කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ," රැස්ව සිටි තරුණ පිරිස අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය. නැගණියගේ ප්‍රතිචාරය කෙසේනමුත්, මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබූ අතර, ඝාතනයට ලක් වූ ඉවෝන් ජොන්සන්ගේ නැගණිය, කැරොලයින් ජොන්සන් ද බදාදා (ඔක්තෝබර් 23) සිය ෆේස්බුක් පිටුවේ දීර්ඝ සටහනක් පළ කර තිබිණි. "ජනාධිපතිවරයා මගේ සහෝදරියගේ ඝාතකයාට සමාව ලබා දෙන්න යනවා කියන ප්‍රකාශයට පිළිතුරු දෙන්න වෙන එක ගැන ඉවොන්ගේ සහෝදරිය ලෙස මට ඇතිවෙන්නේ විශාල දුකක් නමුත්, මෙය මගේ වගකීමක්" යැයි කැරොලයින් සිය සටහන ආරම්භයේ සඳහන් කර තිබිණි. ඉවෝන් ජොන්සන්ගේ නැගණිය, කැරොලයින් ජොන්සන් සහ ඔවුන්ගේ මව "මගේ සහෝදරිය සාහසික ලෙස මරා දැමීමෙන් පසු අපේ ලෝකය උඩු යටිකුරු වුණා කිව්වොත් එය ඌන ප්‍රකාශයක්. මළගෙදර ආපු හැමෝම දැක්කා ඇයගේ දේහය පොළොව යටට යනවා, නමුත් එයත් සමඟ මමත් වැළලී ගියා. ඒ වගේම මගේ අම්මා සහ තාත්තාත්. අපේ ජීවිත නැවත ගොඩනගා ගන්න අපි සෑහෙන උත්සහයක් ගත්තා. නමුත් වසර 15කට පස්සේත් අපි තාම යුක්තිය වෙනුවෙන් සටන් කරනවා." "අවාසනාවට අපිට දැන් සූදානම් වෙන්න වෙලා තියෙන්නේ මෙතෙක් වුණ අතිශය නරකම සිද්ධියට මුහුණ දෙන්නයි. ඒ මගේ සහෝදරියගේ මිනීමරුවාට සමාව දීමයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා යුක්තිය ජය ගනියි කියලා...," කැරොලයින් සිය සටහනේ සඳහන් කර තිබුණි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන ප්‍රතිචාරය පළ කරමින් අරුණි ටී නම් තරුණිය, එමගින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ලබාදෙන පණිවුඩය කවරක් දැයි ප්‍රශ්න කරන්නීය. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතු බව පවසන ජනාධිපතිවරයා, ඒ අතරම මිනීමැරුමකට වැරදිකරු වූ පුද්ගලයෙකු නිදහස් කරන බව පවසන්නේ කෙසේ දැඩි අනෝජි ඒකනායක ප්‍රශ්න කර තිබුණි. "මට එයාගේ තර්කය තේරුම් ගන්න බෑ," ඇය පවසන්නීය. ජනාධිපති සමාව යනු කුමක් ද? සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි. 34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ. එමෙන්ම, වරදකරුට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක් ද නැතහොත් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ද යන්නත් ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය. අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමට ද ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබේ. මේ තොරතුරුද කියවන්න: මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව දිය හැකිද? අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ. එවන් පුද්ගලයෙකු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. එම වාර්තාව ජනාධිපතිවරයා අතට ලැබුණු පසු, ඒ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය. එම වාර්තාව නීතිපතිවරයාට යැවිය යුත්තේ අදාළ උපදෙස් ලබා දීමෙන් පසු අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට යවන ලෙස උපදෙස් ලබා දෙමිනි. ඉන්පසු, අදාළ අමාත්‍යවරයා සිය නිර්දේශ ද සඳහන් කරමින් වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි. "මරණ දඬුවමට නියම වූ පුද්ගලයෙකුට සමාව ලබාදීමේ දී හැර වෙනත් අවස්ථාවල දී ජනාධිපතිවරයාට විශේෂ ඉල්ලීම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය බොහොම පුළුල් ලෙස අර්ථකථනය කරන්න පුළුවන් විදියට සකසලා තිබෙන්නේ," යනුවෙන් නීතිවේදිනී ජී මනෝරි රණසිංහ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට විස්තර කළාය. "ජනාධිපති සමාව ලබාදීමේදී සලකා බැලිය යුත්තේ මොනවගේ කරුණු දැයි නීතියේ පැහැදිලිව සඳහන් කර නැහැ. ජනාධිපතිවරයා රටේ සුභසිද්ධිය සහ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු සේ සලකා සිය අභිමතය අනුව ක‍්‍රියා කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති තවත් බලයක් ලෙස මා මෙය දකිනවා," ඇය තවදුරටත් සඳහන් කළාය. "නිර්ණායක නැහැ" ජනාධිපතිවරයාගේ සමාව හිමිවිය යුතු සිරකරුවන් තෝරා ගැනීමේදී කිසිදු නිර්ණායකයක් සලකා නොබලන්නේ ද? වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වී යන සිරකරුවන් පිරිසක් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ එවැනි සම්මත නිර්ණායක මාලාවක් නොපවතින නමුත් අධිකරණ අමාත්‍යංශය මගින් ඒ ඒ අවස්ථාවන් හි නිර්ණායක ඉදිරිපත් කරන බවය. "සම්මත නිර්ණායකයක් කියල කියන්න බැහැ. මේ වන තෙක් තිබෙන අත්දැකීම් අනුව කියන්න පුළුවන් බොහෝ වෙලාවට බරපතළ නොවන වැරදි වලට සිටින අය තමයි නිදහස් කරන්නේ," ඔහු පැවසීය. "යම් කෙනෙක් නිදහස් වීමට අදාළ පසුබිම අපට අදාළ නැහැ. ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කරනවා. සමහරවිට අමාත්‍යංශය හරහා නිර්දේශ වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්." ඔහු පැවසීය. මේ අතර, ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාවක් මෙම වසරේ ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ අතර, සිරකරුවන් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල සංශෝධනය විය යුතු බවට එහිදී යෝජනා වී තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවූ බව නීති විශාරදයෝ පවසති. ජනාධිපති සමාව අභියෝගයට ලක් කළ හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය අනුව ජනාධිපති ධූරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි ලෙස සඳහන් වී තිබේ. නමුත්, එම ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත. සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමෙන් සන්ධ්‍යා එක්නැලිගොඩගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකියාව ලැබී ඇත්තේ මේ හේතුවෙනි. "ජනාධිපති සමාව ලබා දීම වරදක් යැයි පවසමින් සෘජුව නඩු පවරන්න නීති නැහැ. නමුත්, 19 වෙනි සංශෝධනය යටතේ යම් වරදකරුවෙකු නිදහස් කිරීම මගින් තවත් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී තිබෙන බව සඳහන් කරමින් නඩු පවරන්න පුළුවන්," නීතිවේදිනී ජී මනෝරි රණසිංහ පැවසීය. "ඒ හැර, අනෙක් සෑම අවස්ථාවකදීම අදාළ කාරණා සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා වරදකරුවාට කොන්දේසි රහිත සමාවක් හෝ කොන්දේසි සහිත සමාවක් ලබා දෙන්න. ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් පුද්ගලයාගේ තරාතිරම හෝ වෙනත් කරුණු කිසිවක් බලපාන්නේ නැහැ." කෙසේනමුත්, ජනාධිපති සමාව ලබා දිය යුත්තේ කිනම් වරදකට සිරගත වූ පුද්ගලයන්ට දැයි ශ්‍රී ලංකා නීතියේ සඳහන් වී නොමැත. ජනාධිපති සමාව සමාජයේ කතාබහට ලක් වූ අවස්ථා කිහිපයක් 1883 දී ශ්‍රී ලංකාවේ පිහිටි සිර කඳවුරක චිත්‍රයක් තවදුරටත් අදහස දැක්වූ නීතිවේදිනී ජී මනෝරි රණසිංහ: "මීට කලින් ජනාධිපති සමාව ලබා දුන් අවස්ථා කිහිපයක් ගැන දැඩි ලෙස පසුතැවීමක් ඇති වුණත්, ඒ කාලයේ හැටියට ජනතාවට එළිපිට අදහස් දක්වන වටපිටාවක් තිබුණේ නැහැ. වාචික විවේචන එල්ල වුණත් ඒවා ප්‍රබල වුණේ නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි ඔස්සේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා රජයට දැඩි බලපෑම් එල්ල කරන්න පුළුවන්," යනුවෙන් කියා සිටියාය, "අදාළ නීති රීති, නිර්ණායක නැති වුණත් විධායකය සහ රජයට දැඩි පීඩනයක් එල්ල කිරීමේ හැකියාව ජනතාවට ලැබිලා තිබෙනවා. එය පසුගිය කාලයේ සිදු වූ සිද්ධි කිහිපයකදීම ඔප්පු වුණා," ඇය වැඩිදුරටත් සඳහන් කළාය. තවත් තොරතුරු:
'රෝයල් පාක් මිනීමැරුම' ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති නඩුවේ විත්තිකරු වන ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව දීම ගැන සලකා බලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ ඒ පිළිබඳ සමාජය තුළ ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ෂෙපෙකෝ නගරයේ වීදි ඔස්සේ ක්‍රීඩාගාරය වෙත පැමිණි ෂෙපෙකෝඑන්සි පාපන්දු ලෝලීහු අනතුරින් මිය ගිය ක්‍රීඩකයන් වෙනුවෙන් යාඥා කළහ. පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළු හැත්තෑ හත් දෙනෙක් අනතුරට පත් යානයේ ගමන් ගත්හ. මැඩලීන් නගරය ආසන්නයේ සිදු වූ අනතුරින් එහි ගමන්ගත් හය දෙනෙකු පමණක් දිවි බේරා ගෙන ඇති බව බලධාරීහු පවසති. විදුලි පරිපථයක හටගත් දෝෂයක් අනතුරට හේතු වී ඇතැයි විශ්වාස කෙරේ.
කොලොම්බියාවේදී අනතුරට පත් ගුවන් යානයේ ගමන් කළ ෂෙපෙකෝඑන්සි පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් බ්‍රසීලයේ දකුණු දිග ෂෙපෙකෝ නගරයේ දස දහස් සංඛ්‍යාත ජනතාව ප්‍රණාමය පුද කරමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මධ්‍යම ආසියාවේ සිටි දාහතරවන සියවසට අයත් මොන්ගෝලියානු අධිරාජ්‍යයෙකුවන තයිමූර් හෙවත් තමලෙන් විසින් පුද්ගලයන් දහස් ගණනක් මරා දමනු ලැබ ඇතැයි විශ්වාස කෙරේ. කරීනා කපූර් සහ සයිෆ් අලී ඛාන් යුවළ තම අලුත උපන් පුතුට නම තබා ඇත්තේ ද තයිමූර් ලෙසය. නමුත් කරීනා - සයිෆ් රසිකයන් පවසන්නේ 'යකඩ' යන අරුත ඇති තයිමූර් යන්න තවත් එක් නමක් පමණක් බවය. කෙසේ වෙතත් මතභේදයට තුඩු දුන් පුද්ගලයකුගේ නමක් කරීනා සයිෆ් යුවළ විසින් සිය පුතුගේ නම වශයෙන් යොදා ගැනීම ඉන්දියාවේ ට්විටර් ඇතුළු සමාජ ජාල භාවිත කරන්නන් අතර දැඩි සංවාදයට ලක් වී තිබේ. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුවන මන්සූර් ඛාන් සහ හිටපු බොලිවුඩ් නිළියකවන ශර්මිලා තාගෝර් සයිෆ් අලි ඛාන්ගේ දෙමව්පියන්ය. කරීනා කපූර්ගේ මව්පියන් මෙන්ම ඇයගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකු ද ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියෝ වෙති.
බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ අඹුසැමි යුවළක් විසින් සිය අලුත උපන් බිලිඳාට ආක්‍රමණිකයකුගේ නමක් තැබීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලේඛකයන් සහ ගුරුවරුන් ඇතුළු සිය ගණනක් ජනතාව එම විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටියහ. ඇමෙරිකාවේ ජීවත් වෙන අවිජිත් රෝයි නම් අදේවවාදී ලේඛකයා එක්සත් ජනපදයේ සිට ‘ඩකා’අග නුවරට පැමිණ සිටියේ පොත් ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහායි. බීබීසී මාධ්‍යවේදී නරේෂ් කෞශික් පවසන්නේ ,ලේඛකයාගේ බිරිඳද ප්‍රහාරයට ගොදුරුව තුවාල ලබා සිටින බවයි. ඔවුන් දෙදෙනා බයිසිකල් රික්ශෝවකින් නිවස කරා පැමිණෙමින් සිටියදී එක්තරා කණ්ඩායමක් විසින් ඔවුන්ට විශාල පිහිවලින් පහර දී කපා කොටා අති බවයි වාර්තා වන්නේ. පොත් ප්‍රදර්ශනයක් ආගමික නිදහස වෙනුවෙන් අන්තර්ජාල වෙබ් අඩවියක් පවත්වා ගෙන යන අවිජිත් රෝයි මරණ තර්ජනවලට ලක් වුනේ එහි පළ කළ අදේවවාදී ලිපි නිසා යයි බීබීසී මාධ්‍යවේදී නරේෂ් කෞශික් පවසයි. අවිජිත් රෝයි මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසන නමුත් තවම කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් වාර්තා වෙයි. එම ඝාතනය අගය කළ ඉස්ලාමීය කණ්ඩායමක් පිළිබඳව සිය අවධානය යොමුව ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර ඇත. එහෙත් බංග්ලාදේශ් ආණ්ඩුව ප්‍රහාරය සම්බන්ධයෙන් තවම කිසිදු ප්‍රකාශයක් කර නොමැත. ආගමික අන්තවාදයට එරෙහිව ලියූ තවත් ලේඛකයෙකු ද මීට දෙවසරකට පෙර බංග්ලාදේශයේදී මරා දැමුණි.
බංග්ලාදේශ් - ඇමෙරිකානු ලේඛක අවිජිත්රෝයි ඝාතනයට එරෙහිව ඩකා අගනුවර මහජන විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරෙමින් තිබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් විසින් සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න වෙත ඉහත කී සහතිකය පිළිගන්වනු ලැබූ බවයි සෞඛ්‍යය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ. සහතිකය පිළිගන්වනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසිවාරය පැවැත්වෙන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී. ශ්‍රී ලංකාව මැලේරියාව සහමුලින්ම තුරන් කිරීම ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් හඳුන්වනු ලැබුවේ මහජන සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසයි.
ශ්‍රී ලංකාව මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට වූ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත පිළිගන්වනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මූලික වශයෙන් තිබෙන්නේ අනතුරට පත් ජනතාව සෙවීම සහ සෙසු ජනතාවගේ ආහාර පාන සහ සෞඛ්‍ය තත්වය පිළිබඳ කටයුතු කිරීම' ඒ අතරම අවතැන් වූ සෙසු ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් හැකි උපරිමය සිදු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. 'මූලික වශයෙන් තිබෙන්නේ අනතුරට පත් ජනතාව සෙවීම සහ සෙසු ජනතාවගේ ආහාර පාන සහ සෞඛ්‍ය තත්වය පිළිබඳ කටයුතු කිරීම' ජනපතිවරයා බීබීසී සංදේශයට කියා සිටියේය. අවතැන් වූ පිරිස්වලට සහන සැලසීම සඳහා අඟහරුවාදා රාත්‍රියේ සිට යුද හමුදාව, පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් වෙහෙස මහන්සි වී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. නාය යෑමට හසු වූ පුද්ගලයන්ගේ මළ සිරුරු දහතුනක් මේ වන විට සොයා ගෙන ඇති බව හමුදාව පවසයි.
අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම්වලට මූලිකත්වය ලබා දෙමින් සහන මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බව අරණායක නාය යාමට ලක් වූ ප්‍රදේශයේ සංචාරය කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනපතිවරණයේ අවසාන ප්‍රතිඵලය මෙතෙක් නිකුත් වී නොමැති වුවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට සිය පරාජය පිළිගෙන තිබේ. මේ අතර ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය වැළැක්වීමට කටයුතු කරන බව පොලිසිය පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් සිය දිවි නසාගන්නා බව චන්ද්‍රසිරි බණ්ඩාර සහ මාපලගම විමලරත්න ජ්‍යෝතිෂවේදීන් දෙදෙනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහණයට සුභ පතන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සමඟම රටින් පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන් යළි සියරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ මානව හා නෛතික හිමිකම් දිගටම උල්ලංඝනය වන බවට තොරතුරු හෙළිවූ බව මන්ත්‍රීවරියෝ පවසති ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකා ලී රියනන් සහ නවසීලන්ත මන්ත්‍රීනී ජෑන් ලෝගී ඉරිදා මාධ්‍ය වේදීන් සහ පුරවැසි කණ්ඩායම් නියෝජිතයන් මුණ ගැසෙමින් සිටිය දී ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් විසින් ගමන් බලපත්‍ර අත් අඩංගුවට ගෙන පැය තුනකට අධික කාලයක් රඳවා තබා ගෙන සිටි බව සෙනෙට් සභික වරිය ගේ කාර්යාලය ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අවස්ථාවක සිදු කැරුණු මේ රඳවා තබා ගැනීම සමුළුව සම්බන්ධ 'විශාල උද්යෝගයට' හානිකර නොවන බවයි ජීඑල් පීරිස් අමාත්‍යවරයා බීබීසී සංදේශයේ අසාම් අමීන්ට හම්බන්තොට දී ප්‍රකාශ කළේ. 'නීති උල්ලංඝනය කරලා' ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලක චුලානන්ද පෙරේරා පවසන්නේ මන්ත්‍රී වරියන් වීසා නීති උල්ලංඝනය කොට ඇති බවයි. දෙදෙනාම සංචාරක වීසා බලපත් ලබා රටට ඇතුල් වී නීති උල්ලංඝනය කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වූ බව ආගමන විගමන පාලකයා පවසයි. ලී රියනන් සෙනෙට් සභිකාව පෙරලා සියරට බලා ගුවන් ගතවූ බව පවසන ඇගේ මාධ්‍ය ප්‍රකාශිකා බ්‍රාමි ජෙගන් කියා සිටින්නේ සංචාරයට පළමු ඒ බව ශ්‍රී ලංකාවේ රජයටත් ඕස්ට්‍රේලියාවේ විදේශ හා වෙළෙඳ කටයුතු දෙපාර්තමේන්තුවටත් දැනුම් දී තිබුණු බවයි. ශ්‍රී ලංකාවේ කරුණු සොයා බැලීමේ මෙහෙයක නිරත වූ තමන්ට රටේ මානව හා නෛතික හිමිකම් දිගටම උල්ලංඝනය වන බවට තොරතුරු හෙළිවූ බවයි මන්ත්‍රී වරියන් දෙදෙන නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුනේ. එසේ හෙයින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ නො පැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකාවේ රජයට ඉදිරි වසර දෙක තුලදී පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය හිමි නොවිය යුතු බවත් ඔවුහු පවසති. සඳුදා සිඩ්නි ගුවන් තොටුපලේදී දී ජනමාධ්‍ය වේදීන් හමුවන ලී රියනන් තමන් හෙළි කරගත් තොරතුරු මේ සතියේ දී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ඇගේ කාර්යාලය ඉරිදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
හරිත පක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනකු කොළඹදී රඳවා තබා ගැනීම පිලිබඳ කරුණු සොයා බැලිය යුතු බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති පදවියේ සිටියදී සිදු කරන ලද මූල්‍ය අපචාර සම්බන්ධයෙන් ග්ලෝරියා අරෝයෝට එරෙහි ව ඉදිරිපත්ව ඇති තුන්වැනි නඩුවයි මේ හිටපු ජනාධිපතිවරිය අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීම බැහැර කළෙන්, ඇය චෝදනාවලට නිවරදිකාරිය යයි ප්‍රකාශ කළ හැටියට ලේඛනගත කරන මෙන් උසාවිය නියෝග කළේය. ජනාධිපති පදවියේ සිටියදී සිදු කරන ලද මූල්‍ය අපචාර සම්බන්ධයෙන් ග්ලෝරියා අරෝයෝට එරෙහිව ඉදිරිපත්ව ඇති තුන්වැනි නඩුවයි මේ. සියළු චෝදනා බැහැරලන හිටපු පිලිපීන ජනාධිපතිවරිය,වත්මන් ජනාධිපති බෙනිනෝ අකිනෝ තමාට විරුද්ධව ජන්ම වෛරයකින් ක්‍රියා කරන බවයි කියා සිටින්නේ. ග්ලෝරියා අරෝයෝ උසාවියට ගෙන ආ අවස්ථාවේ ඇගේ ආධාරකරුවෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටියහ. සබැඳි තේමා
ආණ්ඩුවේ ලොතරැයි මුදල්වලින් ඩොලර් අනූ ලක්ෂයකට ආසන්න මුදලක් අනිසි ලෙස පාවිච්චි කර ඇති බවට චෝදනා ලබන පිලිපීනයේ හිටපු ජනාධිපතිනි ග්ලෝරියා අරෝයෝ උසාවිය ඉදිරියේ පෙනී සිටියාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ළමයින් එය භාවිත කරන විට ඇතිවිය හැකි අන්තරාය ද ජනතාව තේරුම් ගනු දැකීම අවශ්‍යයි' සමාජ වෙබ් අඩවි සහ මාධ්‍ය ආරක්ෂා සහිත භාවිත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරනු විනා ඒවා තහනම් කිරීම සිය රජයේ අරමුණ නොවන බවද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයක සඳහන් කරයි. "සමාජ වෙබ් අඩවි/මාධ්‍යයේ ප්‍රබල වාසි මෙන්ම විශේෂයෙන් ළමයින් එය භාවිත කරන විට ඇතිවිය හැකි අන්තරාය ද ජනතාව තේරුම් ගනු දැකීම අපට අවශ්‍යයි," යනුවෙන්ද කොටස් හතරකින් යුක්තව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයේ දැක්වේ. 'අන්තරාය' ෆේස්බුක් ජාලයේ පළ කළ ඡායාරූපයක් පිළිබඳව විදුහල්පතිවරයා විසින් අවවාද කරනු ලැබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ පාසල් දැරියක් සිය දිවි නසා ගැනීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාල භාවිතය පිළිබඳව යලිත් වරක් රට පුරා සංවාදයක් මතු වී තිබේ. සමාජ ජාල දැනුවත්ව භාවිත කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයාද කිහිප වතාවක්ම පෙන්වා දී ඇති අතර, ෆේස්බුක් ජාලය තහනම් කළ යුතු යයි ළමා කටයුතු ඇමතිවරයා පවසා තිබිණ. එහෙත් සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම භාෂණයේ නිදහසට වැට බැඳීමක් බව පවසමින් ජනමාධ්‍ය සංවිධාන සහ විරුද්ධ පක්ෂ එයට දැඩි විරෝධය පළ කළහ. තරුණ පරපුර සිය දිවි නසා ගැනීම, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල හඳුන්වා දීමට පෙර සිටම ශ්‍රී ලංකාවේ පැවති තත්වයක් බව සමාජ විද්‍යාඥයෝ මේ අතර පෙන්වා දෙති.
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ප්‍රචලිත කිරීමට හැම විටම ක්‍රියා කරන ආණ්ඩුවක් වශයෙන් ෆේස්බුක් හෝ ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල ශ්‍රී ලංකාවේ තහනම් කිරීමේ කිසිදු අදහසක් නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'කෙළින්ම අන්තර්ජාතික පරීක්ෂණයක් කියල කියන්නේ නැහැ, හංගල ගහලා තියෙනවා' බොහෝ රටවලින් සහාය නො ලැබීම හේතුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණය යෝජනාවට ඇතුළු වී නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේය. නමුත් අවසන් මොහොතේ හෝ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව යෝජනාවට එක් කළ හැකි තත්වයක් තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. 'මෙතැන ප්‍රශ්නය තමයි අවසන් මොහොතේ හෝ ඔවුන්ට මෙයට සංශෝධනයක් ගෙන ඒමට හැකි වීම, ඒ නිසා ඒ පිළිබඳ ව වැඩිය සතුටට පවත්වන්න නරකයි' අමාත්‍ය සිරිපාල ද සිල්වා තව දුරටත් කියා සිටියේය. දැනට ඉදිරිපත් කර ඇති යෝජනාවේ සෘජුවම ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සඳහන් නොවුවත් ඒ සදහා යම් පසුබිමක් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 'කෙළින්ම අන්තර්ජාතික පරීක්ෂණයක් කියල කියන්නේ නැහැ, හංගල ගහලා තියෙනවා, අන්තර්ජාතික පරීක්ෂණයකට යම් පසුබිමක් සකස් කරලා තියෙනවා’ යැයි පවසන නිමල් සිරිපාල ද සිල්වා, වර්තමාන යෝජනාවට ද ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් පළ කරන බව කියා සිටියේ ය. 'ඡන්දෙට ජිනීවා' ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැගී ඇති චෝදනාවලට පිළිතුර දීමට පැහැදිලි වැඩපිළිවලක් තම රජය ගෙන ගිය බව පැවසූ අමාත්‍යවරයා එම වැඩපිළි තුළින් යම් ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද කියා සිටියේය. ජිනිවා යෝජනාව පරාජය කිරීම රජයේ උත්සාහය බැවින් ඒ සඳහා සාමාජික රටවලින් ඡන්දය බලාපොරොත්තු වන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි. මේ අතර රටේ ඡන්දයක් පැවැත්වෙන සෑම මොහොතක ම මෙලෙස ජාත්‍යන්තර මැදිහත් වීම ප්‍රබල වීම ආණ්ඩුවේත් ජාත්‍යන්තර ප්‍රජාවේත් සහයෝගයෙන් සිදු වන දෙයක් ද යන්න සැක මතු වන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි. මැතිවරණයක් පැවැත්වෙන විට ජිනීවා සමුළුවක් හෝ රටේ සමුළුවක් පැවැත් වීම පසුගිය කාලය පුරාවට ම දක්නට ලැබුණු බවයි එහි නායක අනුර කුමාර දිසානායක සඳුදා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජිනීවා යෝජනාවේ සඳහන් නො වීම ශ්‍රී ලංකාව ලබා ගත් 'යම් ජයග්‍රහණයක්' බව රජය ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"අවුරුදු නවයක් පුතාව හොයාගෙන නොගිය තැනක් නැහැ" වසර නවයකට පෙර අතුරුදහන් වූ සිය එකම පුත්‍රයා වන රජීව් නාගනාදන් තවමත් කොතැනක හෝ ජීවතුන් අතර සිටිතැයි සරෝජා නාගනාදන් බලාපොරොත්තු පළ කරන්නීය. ගත වූ වසර නවය තුළ සිය දින චරියාවෙන් වැඩිම කාලයක් ගත වූයේ අධිකරණයේ, පොලිසියේ නොඑසේනම් කෝවිලේ පූජා පවත්වමින් බව ඇය පවසන්නීය. ඒ සිය එකම පුත්‍රයා ගැන කුමන හෝ තොරතුරක් ලැබෙතැයි බලාපොරොත්තුවෙනි. සබැඳි යොමු: කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) ආදි ශිෂයෙකු වන රජීව් නාගනාදන් සිය මිතුරන් සිව් දෙනෙකුත් සමග 2008 වසරේ සැප්තැම්බර් මස 17 වෙනි දින සිට අතුරුදහන්ව සිටී. ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඞ් සාජිත් අතුරුදහන්ව සිටින එම මිතුරන් සිව් දෙනාය. 'රුපියල් කෝටියක කප්පමක්' කප්පම් ලබාගැනීම පිණිස රජීව් ඇතුළු මිතුරන් පස් දෙනා පැහැරගෙන යාමේ චෝදනාව මත නාවික හමුදා සාමාජිකයන් හත්දෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවෙති. "අවුරුදු නමයක් පුතාව හොයාගෙන නොගිය තැනක් නැහැ" ඔවුන්ට අමතරව තවත් පුද්ගලයන් හයදෙනෙකු ද පැහැරගෙන තිබෙන බවට මෙම නාවික හමුදා සාමාජිකයන්ට චෝදනා එල්ලවී තිබේ. "රජීව් මගේ එකම දරුවා. එයා අපිට ගොඩක් ආදරෙයි. එංගලන්තේ ගිහිල්ලා ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්නයි එයාට අවශ්‍ය වුනේ. එංගලන්තේ යන්න කලින් දවසේ තමයි යාළුවොත් එක්ක එලියට ගියාම එයාව නාවික හමුදාවෙන් පැහැරගෙන ගිහින් තියෙන්නේ," සරෝජා නාගනාදන් හැඬු කඳුලෙන් යුතුව සිය දරුවා ගැන මතකය අවදි කරන්නීය. පැහැරගනු ලැබූ රජීව් ඇතුළු පිරිස නිදහස් කිරීම සඳහා රුපියල් කෝටියක කප්පමක් ගෙවන මෙන් කප්පම්කරුවන් ඉල්ලා සිටි අවස්ථාවේ ඒ මුදල ගෙවීමට පවා දෙමාපියන් සූදානම් වුවත් ලබාදෙන ස්ථානය පිළිබඳව ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එය ක්‍රියාත්මක වී නැත. අත්අඩංගුවේ පසුවෙන අතරවාරයේ රජීව් නාගනාදන් කිහිප වරක්ම සිය දෙමාපියන් දුරකථනයෙන් අමතා තිබේ. කප්පම් ලබාගැනීම සඳහා තමන් පැහැරගෙන ගිය බව ඒ අවස්ථාවේත් ඔහු සඳහන් කර තිබේ. 'එළියට දාන්න බයයි' "2008 දෙසැම්බර් ඉඳලා 2009 මැයි වෙනකම් එයා වරින් වර දුරකථනයෙන් කථා කළා. මැයි වලින් පස්සේ කිසිම තොරතුරක් නැහැ," මව සරෝජාට කඳුළු වළකාගත නොහැකිය. "ළමයි තාම ඉන්නවා. ඒගොල්ලෝ බයයි මේ ළමයි එළියට දාන්න. මොකද ඒගොල්ලෝ කරපු ඒවා හෙළි කරයි කියලා." එවක නාවික හමුදාපතිවරයා 2009 දී පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ශිෂ්‍යයන් පැහැර ගැනීම පිළිබඳව පොලිස් විමර්ශනයක් ඇරඹිණ. සබැඳි යොමු: කෙසේ නමුත් නව ආණ්ඩුව බලයට පත්වන තුරු විවිධ හේතු මත එම පරීක්ෂණ සිදු වූයේ ඉතා මන්දගාමිව බව අතුරුදහන්ව සිටින රජිව්ගේ මිතුරු ඩිලාන් ජමාල්ඩින්ගේ මව ජෙරිෆා වීරසේකර පවසයි. "දැන් තමයි ඒ ගැන අවධානයක් ඇවිල්ල මාධ්‍ය පවා මේ ගැන කතාකරන්නේ. නැත්නම් කවුරුත් මේ අතුරුදහන්වීම් ගැන කතා කළේ නැහැ," ඇය පවසන්නීය. "අවුරුදු නමයකට පස්සේ එයාලව අත්අඩංගුවට ගත්තම කියනවා, ඒගොල්ලන්ගේ බිරින්දෑවරු අඬනවලු, දරුවෝ අඬනවලු. ඒගොල්ලන්ට හිරේ හරි ගිහිල්ල බලන්න පුළුවන් අපි අවුරුදු නමයක් තිස්සේ අඬනව, දකින්නවත් නැතුව." සිය දරුවන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට ඇතැම් දේශපාලකයන් නගන චෝදනා පිළිබඳව ජෙරිෆා වීරසේකර මෙන්ම සරෝජා නාගනාදන් දැඩි කලකිරීමෙන් යුතුව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූහ. "උසාවියට ඇවිල්ලා පොලිසිය, බුද්ධි අංශයම කිව්වා අපේ ළමයි කිසිම දේකට වැරදි නැහැ කියලා. එහෙම කියලා අවුරුදු නමයකට පස්සේ දැන් මේ අත්අඩංගුවට ගැනීම් වෙනකොට මෙහෙම කතා කියනවා. ඇත්තටම ගොඩක් දුකයි." "මගේ මහත්තයා හමුදාවෙන් විශ්‍රාම ගිය රණවිරුවෙක්. අපි ආදරෙයි හමුදාවට, මොකද අපි කන්නේ බොන්නේ ජිවත්වෙන්නේ හමුදාවේ විශ්‍රාම වැටුපෙන්. අපි කිසිම විටක රණවිරුවන්ට බොරුවට දෝෂාරෝපණය කරන්නේ නැහැ," ජෙරිෆා වීරසේකර හැගීම් බරව එසේ පිළිතුරු ලබාදුන්නේ මෑතකදී විපක්ෂයේ දේශපාලකයන් කළ ප්‍රකාශ පිළිබඳව බීබීසී ය විමසූ අවස්ථාවේදීය. "රණවිරුවෙක් කියලා එයා වැරදි කරොත් ඒක වැරැද්දක් නෙවෙයිද ? උසාවිය තීරණය කරාවි මේකේ හරි වැරැද්ද. අපි ඉල්ලන්නේ පොලිසියට මේ පරීක්ෂණ කරන්න ඉඩදෙන්න කියලා දේශපාලනය ගාව ගන්නේ නැතුව," යනුවෙන් ඇය සියළු දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම පරීක්ෂණ මගින් සිය පුතු පිළිබඳව කුමන හෝ ආරංචියක් ලැබෙනු ඇතැයි යන සුභවාදී බලාපොරොත්තුවෙනි.
"මේ අවුරුදු නවයට පුතාව හොයාගෙන නොගිය තැනක් නැහැ. අදටත් මගේ හිත කියනවා මගේ දරුවා කොහේ හරි ජීවත්වෙනවා කියලා."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහ මැතිවරණයකින් පසුව පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කාර්ය වන්නේ කතානායකවරයෙකු පත් කර ගැනීමය පාර්ලිමේන්තුව රැස් වූ දින සිදුවන වාද විවාද ඇතුළු සියලු කටයුතු පිළිබඳ සටහන් ඇතුළත් කර සකසන නිල ලේඛනය හැන්සාඩ් වාර්තාව ලෙස හඳුන්වයි. මෙය ඕනෑම පුද්ගලයෙකුට ලබා ගත හැකි අතර, වර්තමානයේ දී එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ්අඩවිය ඔස්සේ පහසුවෙන් කියවිය හැකිය. හැන්සාඩ් වාර්තාවේ ඉතිහාසය 1771ට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කටයුතු කිසිවක් බාහිර පුද්ගලයන්ට දැන ගැනීමේ ක්‍රමවේදයක් නොපැවතුණි. නමුත් පසුව, පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් පිළිබඳ සටහන් ඇතුළත් ලේඛනයක් සකස් කළ ද එහි මන්ත්‍රීවරුන්ගේ වාද විවාද ඇතුළත් වූයේ නැත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය වාද විවාද ගැන තොරතුරු ප්‍රසිද්ධියේ පළ කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන බව සඳහන් නීතියක් එකළ බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක විය. මෙම නීතිය කඩ කරන පුද්ගලයන්ට විශාල දඩ මුදලකට යටත් වීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීම, විනය පරීක්ෂණ පැවැත්වීම මෙන්ම සිර දඬුවම් ලබා දීමට ද හැකිය. කෙසේනමුත්, පාර්ලිමේන්තු විවාද පිළිබඳ මහජනයා තුළ මහත් උනන්දුවක් ඇති වීමත් සමග ස්වාධීන පුවත්පත් කලාවේදීහු ඒ සම්බන්ධයෙන් නිල නොලත් වාර්තා යොදාගනිමින් ලිපි පළ කිරීමට කටයුතු කළහ. විලියම් කොබට්ගේ "පාර්ලිමේන්තු විවාද" සඟරාව මේ අතර, විලියම් කොබට් (William Cobbett) නම් පුවත්පත් කලාවේදියා "පාර්ලිමේන්තු විවාද (Parliamentary Debates)" නම් සඟරාවක් එළි දැක්වූයේය. විවිධ පුවත්පත් ඔස්සේ පක්ෂ භේදවලින් තොර ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු විවාද ගැන සටහන් එහි ඇතුළත් විය. මෙය මන්ත්‍රීවරුන්ගේ කථා අනුසාරයෙන් සැකසූ මධ්‍යස්ථ විචාර ග්‍රන්ථයක්‌ වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ජනතාවගේ මහත් ප්‍රශංසාවට ලක්‌වී තිබේ. නමුත් බ්‍රිතාන්‍ය රජය දිගින් දිගටම විලියම් කොබට් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබා දුන් අතර, අධිකරණය නියම කරන ලද විශාල දඩ මුදල් ගෙවීමට සිදු වීමෙන් විලියම් කොබට්ට දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දීමට ද සිදු විය. විලියම් කොබට්ගේ "පාර්ලිමේන්තු විවාද" සඟරාව මේ හේතුවෙන් 1812 වර්ෂයේ දී, ඔහු සිය සඟරාව ඉදිරියට පවත්වාගෙන යෑම එය මුද්‍රණය කළ 'තෝමස්‌ කර්සන් හැන්සාඩ්ට (Thomas Curson Hansard)' පැවරුවේය. පුවත්පත් කලාවේදීන් දිගින් දිගටම පාර්ලිමේන්තු විවාදවල කොටස් අනවසරයෙන් පළකිරීමත්, ඔවුන්ට ඒ වෙනුවෙන් දඬුවම් නොකළ යුතු බවට ජනමතයක් ගොඩනැගීමත් සමග 18 වන සියවස අග වන විට ඒ සඳහා පැවති බාධා සහ අදාළ නීති ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කළේය. එතෙක් කොබට්ගේ පාර්ලිමේන්තු විවාද නමින් හැඳින්වුන සඟරාව එවක් පටන් 'හැන්සාඩ්ගේ පාර්ලිමේන්තු විවාද' ලෙසින් වෙනස් විය. කොබට් හෝ හැන්සාඩ් පාර්ලිමේන්තු විවාද ඇතුළත් ලිපි සැකසීමට කිසිදිනක වෙනත් පුද්ගලයෙකු සේවයේ යොදවා නොමැත. ඒ වෙනුවට ඔවුහු පුවත්පත්වල පළ කරන පාර්ලිමේන්තු විවාද ගැන සටහන් එකතු කර සිය සඟරාව සකස් කළහ. තෝමස්‌ කර්සන් හැන්සාඩ් බාධා හමුවේ කොබට් එම කාර්යයෙන් ඉවත්වුවත්, තෝමස්‌ කර්සන් හැන්සාඩ් මෙම සඟරාව වසර ගණනාවක් එක දිගට පළ කළේය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලිපි ලේඛන මුද්‍රණය කිරීම භාරව සිටි ලූක්‌ හැන්සාඩ් ඔහුගේ පියාය. තෝමස්‌ කර්සන් හැන්සාඩ් අනුස්මරණය කිරීම පිණිස පසු කාලීනව පළ වූ පාර්ලිමේන්තු වාර්තා හැන්සාඩ් නමින් හඳුන්වනු ලැබිණ. බ්‍රිතාන්‍යයේ පැරණි හැන්සාඩ් වාර්තාවක් බ්‍රිතාන්‍යය ඇතුළු පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් බොහෝමයක පාර්ලිමේන්තු විවාද සටහන් හඳුන්වනු ලබන්නේ ද හැන්සාඩ් වාර්තාව යන නමිනි. තවත් ලිපි: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා රජයේ මුද්‍රණ කාර්යාංශයෙන් සහ මහජන පුස්තකාලයෙන් මිලදී ගැනීමට අමතරව, පාර්ලිමේන්තුවේ නිල වෙබ්අඩවියෙන් බාගත හැකිය. එසේම ඇතැම් විශේෂ අවස්ථාවල දී අධිකරණය විසින් ව්‍යවස්ථාදායකයේ අරමුණු කුමක්‌ද යන්න සලකා බැලීමේදී අදාළ විෂය සඳහන් හැන්සාඩ් වාර්තාව වෙත යොමු වන අවස්ථා තිබේ. උදාහරණයක් ලෙස යම් පනතක්‌ සම්බන්ධව අධිකරණ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වූ අවස්ථාවක පනත සම්බන්ධව අදාළ අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම් ගැන වාර්තාවේ සටහන් වී ඇති ආකාරය කියවා බැලීමට පියවර ගනී. පාර්ලිමේන්තුවේ ඇති හැන්සාඩ් දෙපාර්තමේන්තුව එම වාර්තා සකස්කරන අතර, එම සටහන් සහකාර සංස්කාරකවරුන්, නියෝජ්‍ය සංස්කාරකවරුන් මෙන්ම සංස්කාරක පරීක්ෂා කිරීමෙන් අනතුරුව දින තුනක් ඇතුළත එළි දක්වන බව පාර්ලිමේන්තු පරිපාලන නිලධාරිනියක් බීබීසී සිංහල සේවයට තහවුරු කළාය. සමහර අවස්ථාවල දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය විවාදය අතරතුර ලේඛන පෙන්වා ඒවා හැන්සාඩ්ගත කරන බව සභාවට දන්වා සිටී. එවන් අවස්ථාවක අදාළ ලේඛන ගැන විස්තර හැන්සාඩ් වාර්තාවේ සටහන් කරන අතර, එම ලේඛන අන් අයට කියවිය හැකි පරිදි පාර්ලිමේන්තු පුස්තකාලයේ තැන්පත් කෙරේ. හැන්සාඩ් වාර්තාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම මුද්‍රණය කෙරේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පවත්වන සෑම කතාවක්‌ම එය පවත්වන ලද භාෂාවෙන්ම වාර්තා ක‍ළ යුතු බව ස්ථාවර නියෝගවල දැක්වේ. සංස්කාරකවරුන්ගේ අධීක්ෂණය යටතේ විශාල කණ්ඩායමක් විසින් සකස්කරන හැන්සාඩ් වාර්තාවේ ඇතුළත් කරුණු සංශෝධනය කළ නොහැකි බව පරිපාලන නිලධාරිනිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය. කෙසේවෙතත්, වාර්තා සටහන්වල නිවැරදි කිරීමක් සිදු කළ යුතු නම්, එය කළ යුතු ආකාරය සෑම හැන්සාඩ් වාර්තාවකම අවසානයේ පහත සඳහන් ආකාරයෙන් සටහන් කර ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ කාර්යභාරය •මහ මැතිවරණයකින් පසුව පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කාර්ය වන්නේ කතානායකවරයෙකු පත් කර ගැනීමය. එමෙන්ම, මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස් කරනු ඇත. •පාර්ලිමේන්තුව තුළ දී මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානියා වන්නේ කතානායකවරයාය. •පාර්ලිමේන්තුව රැස් වූ දිනයන්හි පැවැත්වෙන සභාවාරය පාලනය කිරීම • මන්ත්‍රී වරප්‍රසාද සහ පහසුකම් සැලසීම •අදාළ පක්ෂ අනුව මන්ත්‍රීවරුන් සභාව ඇමතීමේ අනුපිළිවෙළ තීරණය කිරීම •ගණපූරණය නොමැති අවස්ථාවල පාර්ලිමේන්තුව කල්තැබීම •පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආචාරධර්ම පද්ධතියට අනුකූලව මන්ත්‍රීවරුන් හැසිරවීම •අසභ්‍ය වචන, පාර්ලිමේන්තුවේ සහ අනෙක් මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හානි වන වැකි හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමේ බලය සහ •නියෝග සහ ආචාරධර්ම කඩ කරන මන්ත්‍රීවරුන් අදාළ ධූරයෙන් ඉවත් කිරීමේ බලය ද කතානායකවරයාට හිමිවේ. කතානායකවරයෙකු පාර්ලිමේන්තුවේ දී ලබා දෙන තීරණය අදාළ කාරණය සම්බන්ධයෙන් ගන්නා අවසාන තීරණය ලෙස සැලකෙන බව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ පරිපාලන නිලධාරිනිය පෙන්වා දුන්නාය. කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයාට ඇති බලය කුමක්ද? ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව 33 (2) "ඇ"වගන්තියේ සඳහන් ආකාරයට පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසාන කිරීම සහ විසුරුවා හැරීමේ බලය පවතින්නේ ජනාධිපතිවරයාටය. එහෙත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා බලය හිමිවන්නේ කවර අවස්ථාවක දී ද යන්න සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර නීති තර්ක මතුවෙමින් පවතී. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ බොහෝ විශාරදයන්ගේ මතය වී තිබේ. ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ ජේසී වැලිඅමුණ, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් සහ එඩින්බරා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය අසංග වැලිකල ඒ මතය දරති. ඔවුන් සියලු දෙනා පෙන්වා දෙන පරිදි එසේ නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් (නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව) ඒ සඳහා අනුමැතිය පළ කළ යුතුය. කෙසේ වුවත් 33 වෙනි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට බලය තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ ස්ථාවරය වී තිබේ. කෙසේනමුත්, පාර්ලිමේන්තුව රැස් වූ විට එහි බලය සහ පාලනය හිමි වන්නේ කතානායකවරයාටය. කතානායක ධූරයට පත්වන මහජන නියෝජිතයා දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වුවද එම තනතුරට පත් වූ පසු පූර්ණ අපක්ෂපාතී ලෙස කටයුතු කළ යුතුය. පාර්ලිමේන්තු සභා ගැබේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය මේ තොරතුරු ද දැනගන්න: වර්තමාන දේශපාලන අර්බුදය සහ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා 2018 නොවැම්බර් 14 වෙනි දින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ අගමැති ලෙස සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ වන අතර, ඔහු ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කැබිනට් මණ්ඩලය ලෙස සටහන් කර තිබේ. 2018 නොවැම්බර් 14 වෙනි දා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහි ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව සඳහන් කතානායක තීරණය එදින හැන්සාඩ් වාර්තාවේ සටහන් කර ඇත. පාර්ලිමේන්තු සභාගැබේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයත් සමග විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන්ගේ නම්වලින් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා උත්සාහ දරා ඇති ආකාරය ද හැන්සාඩ් වාර්තාවේ දැක්වේ. නමුත් සභාව තුලින් එයට දැඩි විරෝධයක් එල්ල වීමත් සමග, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හඬ අනුව තීරණයක් ලබා දීමට නැවතත් උත්සහ කර ඇති ආකාරයත් නිල වාර්තාවේ සටහන් වී තිබේ. 2018 නොවැම්බර් 15 වෙනි දා හැන්සාඩ් වාර්තාව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත වී ඇති හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තියට අනුව අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර ඇති බව සහ මේ වන විට අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති හෙයින් කිසිදු මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස හෝ ඇමැතිවරයකු ලෙස පිළිනොගන්නා බවට කතානායක කරු ජයසූරිය කළ නිවේදනය 2018 නොවැම්බර් 15 වෙනි දා හැන්සාඩ් වාර්තාවේ සඳහන් වේ. 2018 නොවැම්බර් මස 16 වෙනි දා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට කතානායකවරයා නිවේදනය කළ බව 2018 නොවැම්බර් මස 16 වෙනි දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ද සඳහන් කර ඇත. තවත් තොරතුරු:
මහජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරමින් විවිධ පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වී බලයට පත්වන මන්ත්‍රීවරුන් රටේ පරිපාලනය සහ නීතිය සම්බන්ධ සියලු කටයුතු තීරණය කරන ආයතනය පාර්ලිමේන්තුව වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දැනටමත් නව ජීවින් විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂී විද්‍යාඥ පවුලක් ශ්‍රී ලංකාවේ ජීවත් වේ. ඔවුහු තවත් නව ජීව විශේෂ 100ක් ලොවට හඳුන්වා දීමට අදාළ පර්යේෂණ කටයුතු මේ දිනවල සිදු කරමින් සිටිති. 'චාර්ල්ස් ඩාවින්' පරපුරේ ශ්‍රී ලාංකීය සලකුණ බවට පත්ව සිටින උරග හා උභයජීවී විශේෂඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ සිය බිරිඳ වන නෙතූ වික්‍රමසිංහ සහ සිය දරුවන් සමග වනගතව මෙම පර්යේෂණ සිදු කරයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකු ද ඔවුන්ගේ පර්යේෂණ කණ්ඩායමට ඇතුළත්ය. මෙන්ඩිස් වික්‍රමසිංහ හඳුන්වා දුන් සත්ත්ව විශේෂ මේ වන විට නව උරග විශේෂ 15ක් සහ උභය ජීවී විශේෂ 11ක් ලොවට හඳුන්වා දී ඇති මෙන්ඩිස් වික්‍රමසිංහ, වසර 135 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන් වඳවී ගොස් තිබූ බවට විශ්වාස කෙරුණු ජීවින් තිදෙනෙකු සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ නැවත ලොවට හඳුන්වා දීමට ද සමත් විය. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යා විෂය නිර්දේශයේ 'පරිසර අධ්‍යාපනය පිළිබඳ නව විෂය නිර්දේශයට අනුකූලව රජයේ පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය 2017-2021' යටතේ විද්‍යා ගුරුවරුන් හා ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීමේ ජාතික වගකීම ද ඔහුට පැවරී ඇත. ඔහු යුනෙස්කෝ සංවිධානයේ මධ්‍යම කඳුකරයේ ස්වාභාවික ලෝක උරුම ව්‍යාපෘතියේ සහ ජාතික සත්වෝද්‍යානයේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කරයි. කියවන්න: දක්ෂ වනජීවී ඡායාරූප ශිල්පියෙකු ද වන මෙන්ඩිස් වික්‍රමසිංහ 2016 වසරේදී ප්‍රකාශයට පත් කළ 'Repertoire' නම් කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා පිරිනැමෙන ජනාධිපති සම්මානය 2017 වසරේ ද, වනජීවි පර්යේෂණ සඳහා පිරිනැමෙන ජනාධිපති සම්මානය 2013 වසරේදී ද ඔහුට පිරිනැමිණි. යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ බලකාය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සහ විශේෂ බලකාය [SF] ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන්ට වනයේ නොනැසී ජීවත් වීම සඳහා අවශ්‍ය ජීවිතාරක්ෂක පුහුණුව දශකයකට අධික කාලයක් තිස්සේ ලබා දීමට ද මෙන්ඩිස් වික්‍රමසිංහ දායක වී ඇත. දශක දෙක හමාරක් තිස්සේ වනජීවී පර්යේෂණ කටයුතුවල නිරත ඔහු දුෂ්කර ප්‍රදේශවල පාසල් වෙත ගොස් කිසිදු මුදල් අය කිරීමකින් තොරව සිය දැනුම බෙදා දෙයි. දඩබ්බර සිසුවා මෙල්ල කළ මන්තරය කළුතර, වස්කඩුවේ උපත ලබා තිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මෙන්ඩිස් වික්‍රමසිංහ, කුඩා කාලයේදී පාසල් අධ්‍යාපන කටයුතුවලට වඩා ප්‍රිය කළේ සර්පයන්ටය. එබැවින් පාසල් කාලය තුළ ඔහු බොහෝ විට පන්ති කාමරයේ නොවීය. වෙනස් ගති ලක්ෂණ සහිත මේ සිසුවා හට අවශ්‍ය මග පෙන්වීම ලබාදීම නොකඩවා වසර පහක් ඔහුගේ පන්ති භාර ගුරුතුමිය වන කේ ජයන්ති ද සිල්වා ගුරු මාතාව නොපිරිහෙලා ඉටු කළාය. සමහර අවස්ථාවන්හි පාසලෙන් හෝ අවට පරිසරයෙන් හමුවන සර්පයෙකු ආරක්ෂිත ස්ථානයකට මුදා හරින තෙක් ආරක්ෂාකාරීව පන්ති කාමරය තුළ රඳවා ගැනීමට ඔහුට අවස්ථාව දුන් සිද්ධි විරල නොවීය. උසස් පෙළ සඳහා වාණිජ්‍යය විෂය තෝරා ගත් මේ "දඩබ්බර සිසුවා" අද ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ සිටින විද්‍යා ගුරුවරුන්ට මග පෙන්වන ගුරුවරයෙකි. ''මගේ ජීවිතයේ පළමු හැරවුම් ලක්ෂය වුණේ 1990දී විතර මම තරුණ සත්වවේදීන්ගේ සංගමයට සම්බන්ධ වීම. දෙහිවල ජාතික සත්වෝද්‍යානය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුණ තරුණ සත්වවේදීන්ගේ සංගමය තුළින් මම සතුන් පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබුවා. එහිදී තමයි මට මගේ බිරිඳ ''නෙතූ'' මුණ ගැහෙන්නේ. පසුව මම ලෝක සංරක්ෂණ සංගමයට [IUCN] සම්බන්ධ වුණාට පසුව ජාතික මට්ටමේ පර්යේෂණවලට දායක වෙන්න අවස්ථාව ලැබීම තමයි ජීවිතයේ දෙවැනි හැරවුම් ලක්ෂය. මට විද්‍යාත්මක ලෙස සතුන් අධ්‍යනයට ආචාර්ය චන්න බඹරදෙණිය මහතා විශාල මග පෙන්වීමක් කළා,'' යනුවෙන් මෙන්ඩිස් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමඟ සිය මතකය අවදි කළේය. 'රන්වැල්ලගේ ගස් ගෙම්බා' රන්වැල්ලගේ ගස් ගෙම්බා මෙන්ඩිස්ගේ සොයාගැනීම් අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ 2012 වසරේදී ලොවට හඳුන්වා දුන්, දැනට දන්නා තොරතුරු අනුව රත්නපුර, ගිලීමලේ රක්ෂිතයෙන් පමණක් හමුවන 'රන්වැල්ලගේ ගස් ගෙම්බා' හඳුන්වාදීමය. ශ්‍රී ලංකාවේ ජීවත් වූ පරිසරහිතකාමී වෛද්‍යවරයෙකු වූ සංජීව රන්වැල්ල සිහිවීම පිණිස එම ජීවියා නම් කිරීමට හේතුවූ කරුණ මෙන්ඩිස් මෙලෙස විස්තර කළේය. ''සංජීව අයියගේ පළමු පත්වීම රත්නපුර, ගිලිමලේ රෝහල. ඒ නිසා දවසක් අපි ගිලිමලේ රක්ෂිතයේ ඇවිද යනකොට තමයි මේ අලුත් උභය ජීවියා මුලින් ම දැක්කේ. මෙම සොයා ගැනීම ලෝකයට හඳුන්වා දෙන දවස වෙනකොට සංජීව අයියා ජීවතුන් අතර නෑ. ඒ වගේ ම එදා ඒ ගමනට එකතු වුණු ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාසත් ජීවත් වෙලා හිටියේ නෑ,'' යනුවෙන් ඔහු වේදනාබරව පැවසුවේය. බිරිඳ කැළයේ අතරමං කළ රාත්‍රිය රන්වැල්ලගේ ගස් ගෙම්බාගේ චර්යාව පිළිබඳ අධ්‍යයනයේදී නෙතූ වික්‍රමසිංහට ද ජීවිතයේ කිසි දා අමතක නොවන අත්දැකීමක් ලැබී තිබේ. ඒ, ඇය මහ කැළයේ තනි කර මෙන්ඩිස් ගෙම්බන් පසුපස ගිය කතාවකි. මෙන්ඩිස්ට බිරිඳ සමග කැළයට ඇතුළු වූ බව මතක් වී තිබුණේ, පසු දා උදෑසනය. පර්යේෂණ කටයුතු සඳහා මහ වනයේ දින ගණන් දුෂ්කර ජීවිතයක් ගෙවූ නෙතූ සිය හඬ මෙලෙස අවදි කළාය. ''ගිලිමලේ කැළේදී රෑ 10ට විතර ගෙම්බන් කෑ ගහන සද්දය ඇහුණා. මට හෙල්ලෙන්නේ නැතුව ඔහොම ඉන්න කියල මෙන්ඩිස් කැළය ඇතුළට ගියා. තනිකර ම කළුවරයි. දැන් රෑ 12යි, පාන්දර එකයි, බැරි ම තැන මම එහෙම්ම ම ඉඳගත්තා. බිම තෙතමනයකුත් දැනුණා. ඈතින් වතුර පාරක් ගලාගෙන යන සද්දයකුත් ඇහුණා. මට එතන නින්ද ගිහින් තිබ්බා. උදේ හයට විතර තමයි මෙන්ඩිස් ඇවිත් නෙතූ අපි යං කිව්වේ. ඒ වෙලාවේ තමයි එයාට මතක් වෙලා තියෙන්නේ බිරිඳත් එක්ක ආපු බව,'' යනුවෙන් නෙතූ පැවසුවාය. දරුවන් පාසල් නොයවයි මෙන්ඩිස් වික්‍රමසිංහ සහ නෙතූ විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ලෝකය ජය ගත්ත ද සිය දරුවන් පාසල් යවන්නේ නැත. සිය දරුවන්ට සොබාදහම තුළින් ජීවිතාවබෝධය සහ නව ලෝකයේ දැනුම ලබා දෙන මේ සුවිශේෂී විද්‍යාඥ යුවළ වත්තල ප්‍රදේශයේ වාසය කරයි. විද්‍යාව සහ විද්‍යාත්මක ලෝකය සමග ගනුදෙනු කළ ද ඉතා සරල දිවිපෙවතක් ගත කරන මේ විද්‍යාඥ පවුල විශේෂයෙන් සර්පයන් හා උභය ජීවින් පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කරයි. අමත සහ ගගන දරු දෙදෙනා අමත සහ ගගන දරු දෙදෙනාගේ හපන්කම් මෙන්ඩිස් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගනු ලබන සතුන් නව විශේෂ බවට තහවුරු කිරීමට අදාළ ජාන විද්‍යාත්මක පර්යේෂණ නෙතූ සිදු කරන්නීය. ඔවුන්ට අමත සහ ගගන නමින් පුතුන් දෙදෙනෙක් හා අරංගා නමින් දියණියක් සිටිති. අවුරුදු දෙකක් වයසැති කුඩා දියණියට ද සර්පයන් හුරුය. එම දැරිය සර්පයන් ස්පර්ෂ අයුරු ඉතා විස්මයජනකය. එමෙන් ම දවසේ වැඩි කාලයක් සර්පයන් හා උභය ජීවින් සමග ගත කරන පුතුන් දෙදෙනා ද මෙන්ඩිස් සමග දුෂ්කර ප්‍රදේශවලට ගොස් සර්පයන් පිළිබඳ දේශන සඳහා සහභාගි වෙති. බොහෝ දෙනා සර්පයින් ගැන කරුණු හරියාකාරව නොදන්නා නිසා ගැරඬියෙකු දුටු විට ද අප්‍රසන්න බවක් හා බියක් ඇති කර ගන්නා නමුත් සර්පයන් කිසිදු චකිතයකින් තොරව ඇල්ලීමට අමත සහ ගගන සමත් වෙති. අමත සහ ගගන දරු දෙදෙනා බොහෝ විට නිවසේ නැත. ඒ, වටපිටාවේ හූනන්, හිකනලයන්, ගෙම්බන්, පණුවන් හෝ වෙනත් සතුන් හොයාගෙන යන නිසාය. මේ පුංචි විද්‍යාඥයින් වටපිටාවෙන් ගෙදරට රැගෙන ආ සත්ත්ව විශේෂ තුනක් ලෝකයට අලුත් සතුන්ය. උන් විද්‍යාත්මක ලෝකයට හඳුන්වා දීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. "මගේ දරුවෝ තරඟකාරී පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව තමයි අධ්‍යාපනය ලබන්නේ. දෙන්න ම නිදහසේ ඉගෙන ගන්නවා. ගෙදරට පොල් කඩන්න කවුරු හරි ආවොත් මේගොල්ලෝ ඒ අයගෙන් වුණත් ජීවිතයේ අරුත ඉගෙන ගන්නවා. ඔය වගේ විදියට තමා ඉගෙන ගන්නේ," යනුවෙන් මෙන්ඩිස් පවසද්දී නෙතූ ඒ කතාව විස්තර මෙසේ කළාය. ''අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන්නේ දැඩි තරඟකාරී තත්ත්වයක්. ඒ තුළ ළමයි ආත්මාර්ථකාමී පැත්තටයි යන්නේ. අපේ ළමයින්වත් ඒ පැත්තට ඇදල දාල ඔවුන්ගේ නිදහස නැති කරන්න, ළමා කාලය උදුරගන්න අපිට ඕන නෑ. දරුවෙකු දැනුමින් සන්නද්ධ කරන්න ඕන වෙලාවක පුළුවන්. ඒත් හැකියාවන් හා ආකල්ප එහෙම දෙන්න බෑ,'' යන්න නෙතූගේ අදහසයි. ඇය වැඩිදුරටත් පැවසුවේ, තමන්ගේ දරුවා ''ලොකු මිනිසෙකු'' කිරීමට බොහෝ දෙමව්පියන් උත්සහ කළ ද ''හොඳ මිනිසෙකු'' කිරීමට එතරම් උත්සහයක් නොගන්නා බවය. මෙන්ඩිස් සහ නෙතූ දරුවන්ට මග පෙන්වන්නේ රැකියාවක් නොකර තමා කැමති ක්ෂේත්‍රය විනෝදාංශයක් කරගෙන, ඉන් සමාජ මෙහෙවරක් ද සිදුකරමින් අදායම් මාර්ගයක් සලසා ගන්නා ආකාරය පිළිබඳවය. තවත් ලිපි: නව සත්ත්ව විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ 'ඩාර්වින් පවුල' මේ ප්‍රකාශය ඇසෙත් ම මා හට පෙරළා ප්‍රශ්නයක් පැන නැගිණි. ඒ, දරුවන්ට මේ ක්‍රමය තුළ හොඳ අධ්‍යාපනයක් ලැබෙන බවට ඔවුන්ට ඇති සහතිකය කුමක් ද යන්නය. ඊට පිළිතුරු ලැබුණේ ද දරුවන්ගේ අම්මාගෙන්ය. ''ඒ ගැන මට පොඩ්ඩක්වත් බයක් නෑ. හොඳ ම උදාහරණය තමයි මෙන්ඩිස් අයියා. බලන්න අද එයා ඉන්න තැන,'' යනුවෙන් ඇය පැවසුවේ දැඩි විශ්වාසයකිනි. "සහතික තියාගෙන ප්‍රායෝගිකව වැඩක් කරන්න බැරි කී දෙනෙක් දවසකට ඔබට හමුවෙනවා ද? උදාහරණයක් විදියට කිසි කලෙක වර්ෂා වනාන්තරයකට නොගිය ගුරුවරයෙක් ඔහු මවා ගත් චිත්ත රූප ඔස්සේ, සිංහරාජ වනාන්තරය ගැන එහි කවදාවත් නොගිය ළමයෙකුට විස්තර කරද්දී ඒ දරුවා වටහා ගන්නේ මොන වගේ දෙයක් ද? අපි ළමයින්ට දිය යුත්තේ ප්‍රායෝගික අධ්‍යාපනයක්,'' යනුවෙන් නෙතූ පැවසුවාය. ශ්‍රී ලංකාවේ වනජීවී පර්යේෂණ ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙන්ඩිස් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වීය. එහිදී ඔහු පෙන්වා දුන්නේ පර්යේෂණ කළ යුතු සත්ත්ව කාණ්ඩ සිටිය ද ඒ ගැන උනන්දුව හා කැපවීම ඇති පිරිස හිඟ බවය. ''උදාහරණයක් විදියට පත්තෑයෝ, කූඹි, හැකරැල්ලෝ, කඩි, දිමි, සළබයෝ ගැන කවුරුවත් වැඩ කරන්නේ නෑ. අලුතෙන් පිරිස් එනවා. ඉක්මන් ගමනක් යන්න ගිහින් ඒ අය ගමන කෙටි කර ගන්නවා. ඒක හොඳ ප්‍රවණතාවක් නෙවේ. නමුත් දැනට වැඩ කරන ටික හරියට ඒ වැඩ ටික කරගෙන යනවා.'' දුලාන් රංග විදානපතිරණ, ගිහාන් රජිව් යන අය ද මෙන්ඩිස් හා නෙතූගේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයන්ය. එමෙන් ම ආචාර්ය චන්න බඹරදෙණිය, ආචාර්ය ඩේවිඩ් ගවර්, ආචාර්ය සමීර සමරකෝන් සහ මහාචාර්ය කමනි තෙන්නකෝන් යන පිරිස ද ඇතැම් පර්යේෂණ කටයුතු සඳහා දායකත්වය සපයති. පර්යේෂණවලින් අත්වී ඇති ප්‍රතිඵල තවදුරටත් කියවන්න:
සිය ජීවිත කාලය තුළ අලුතින් එක් සත්ත්ව විශේෂයක් හෝ සොයා ගන්නට හැකි නම් එය සත්ත්ව විද්‍යාඥයෙකු ලබන මහත් භාග්‍යයකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිවරයා එම ඉල්ලීම කර තිබෙන්නේ ඔහුගේ නිල කාලය අවසන් වන්නේ 2020ද, නොඑසේනම් 2021 දැයි විවිධ දේශපාලන පක්ෂ ප්‍රශ්න කරමින් සිටින අතරවාරයේය. 2015 ජනවාරි 08 වෙනි දින ජනාධිපතිවරයා තේරී පත්වන අවස්ථාවේ විධායක ජනාධිපති ධුරයේ නිල කාලය වසර හයක් වූ නමුත් 2015 අප්‍රේල් මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනාධිපති ධුරයේ නිල කාලය වසර පහක් දක්වා අඩු කෙරිණ. ලබන ජනවාරි 14 වෙනි දින හෝ ඊට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන්ට දැනුම් දෙන මෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙන බැවින් ඒ පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා (ජනවාරි 11) විවෘත අධිකරණයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය. ඒ අනුව අදාළ විවාදය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දෙන මෙන් අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියම කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ ඩාවෝස් නුවරදී සබැඳි යොමු:
තමන්ට 2021 දක්වා සිය ධුරය දැරිය හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් වෙත දැනුම් දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
X-PRESS PEARL නෞකාවේ ගින්න නිවමින් කොළඹ වරාය ආසන්නයේ ගිනි ගන්නා නැව දියඹට ඇදගෙන යෑමේ යෝජනාවක් සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි. 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී ගින්න හටගෙන ඇති බව නාවික හමුදාව බීබීසී සිංහල සමග පැවසීය. X-PRESS PEARL නෞකාව X-PRESS PEARL නෞකාව මෙම නෞකාව ලෝකයේ ප්‍රධානතම පෝෂක ක්‍රියාකරු වන X-Press Feeders විසින් මෙහෙයවන ලද අතර එහි තෙල් ටොන් 3000ක් පමණ ඇති බව පැවසේ. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසී සිංහල සේවය සමග පැවසුවේ අඟහරුවාදා (මැයි 25) උදෑසන නෞකාවේ පිපිරීමක් සිදුවූ අතර ඉන් කාර්යමණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු තුවාල ලද බවය. අද උදැසන කළ මෙහෙයුමකින් කාර්යමණ්ඩලයේ 25 දෙනාම නෞකාවෙන් ඉවත් කළ බවත් තුවාල වූ දෙදෙනා රෝහල් ගත කළ බවත් ඔහු පැවසීය. නෞකාවේ කාර්ය මණ්ඩලය පිලිපීන, චීන, ඉන්දීය සහ රුසියානු ජාතිකයින් ගෙන් සමන්විත විණි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සිංහල සමග පැවසුවේ නෞකාවේ ගින්නේ ස්වභාවය අනුව නැව කොටස් දෙකකට කැඩීයාමේ අනතුරක් ඇති අතර එසේ වුවහොත් අවට සමුද්‍රීය පරිසරට සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා නැව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට තීරණය කළ බවය. "ගින්න තවමත් පැතිරෙමින් පවතිනවා. ගින්නේ ස්වභාවය නිසා අනෙකුත් ටග් බෝට්ටු එහෙම ලංවෙලා නෑ. ගින්න නිසා බහාලුම් මුහුදට වැටෙමින් තියෙනවා. උදේ වෙනකොට 10ක් විතර ගිනි ගැනීමෙන් වැටුණා. තවමත් ඒවා ඒ විදිහට වැටෙමින් පවතිනවා, නැවේ පිපිරීම් කිහිපයකුත් වාර්තා වුණා. ඒ නිසා නැවේ හිටපු නාවුකයන් කිහිප දෙනෙකු තුවාල වුණා. මේ නිසා නැවේ සියලුම දෙනාව ඉවත් කරන්න වුණා," යනුවෙන් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසීය. "මෙහිදී නැව නාවුක සැතපුම් 50ක් මුහුද දෙසට ඇදගෙන යන්න මේ වෙනකොට යෝජනා කරලා තියෙන්නේ." යැයිද ඔහු සඳහන් කළේය. X-PRESS PEARL නෞකාව එහෙත් මුහුදේ රළු ස්වභාවය හා පවතින අධික වර්ෂාව නිසා එම කාර්යයට බාධා එල්ලවී ඇති බවද ඔහු කියා සිටියේය. "තෙල් විසිරීමක් වෙන්න පුළුවන්, නැවේ ගින්න නිවීමට පාවිච්චි කරන ජලය නිසා රසායන ද්‍රව්‍ය ජලයට එකතු වීමෙන් ජලය දුෂණය වෙනවා. දුම නිසා වායු දුෂණයක් වෙනවා ධීවර කර්මාන්තයට වන බලපෑම් තවම කියන්න බෑ ධීවර දෙපාර්තමේන්තුව එක්ක එය ඇගයීමට කටයුතු කරනවා," සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය. එසේම අදාළ රක්ෂණ ආවරණ ලබාගැනීමට තම ආයතනය කටයුතු කරන බව ද ඔහු කීය. ජනතාවට අවවාදයක් මේ අතර නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම්වල අන්තරායකර රසායනික අඩංගු විය හැකි බැවින්, වෙරළට පාවී එන ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙරළබඩ ජනතාවට උපදෙස් දෙයි. ඉන්දියානු සහය මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ (ICG) වෛභව් නෞකාව ICG ඩෝනියර් ගුවන්යානය සහ වෝටර් ලිලී බෝට්ටුව පිටත් කර එවූ බවය.
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගමිනින් තිබෙන රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් රැගත් නෞකාව දෙකඩ වීමේ අවදානමක් ඇති බව නාවික විශේෂඥයෝ පවසති. එසේ වුවහොත් එමගින් සිදුවිය හැකි පරිසර හානිය වලක්වා ගැනීම සඳහා නැව ගැඹුරු මුහුද වෙතට ඇදගෙන යාමට තීරණය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ අතර ඊයේ අලුයම සූරියවැව ප්‍රදේශයේ පී රාජපක්ෂ නමැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ක්‍රියාධරයකුගේ නිවසට යම් කිසි පිරිසක් පැමිණ ගිනි තබා තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පැමිණ එම ප්‍රහාරය එල්ල කළ බවට පී රාජපක්ෂ චෝදනා කළේය. ගින්නට හසු වී තම නිවසත් ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද රථය සහ යතුරු පැදියත් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පී රාජපක්ෂගේ බිරිඳ කේ ඒ ප්‍රේමලතා පැවසුවේය. එම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දාසය වනදා තංගල්ල නගරයේදී යූපී ධනුෂ්ක නමැති සන්ධාන පාක්ෂිකයකුට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට තැත් කළ අයකු තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව හම්බන්තොට ප්‍රාදේශීය වාර්තාකරු රාහුල් සමන්ත සංදේශයට කියා සිටියේය. එමෙන්ම පසුගිය එකොළොස් වනදා රාත්‍රියේදී අඟුණකොළපැලැස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්‍රියාධරයින් දෙදෙනෙකුගේ නිවාස දෙකකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවත් ප්‍රාදේශීය වාර්තාකරු රාහුල් සමන්ත වැඩි දුරටත් පැවසුවේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් ඉලක්ක කර එල්ල කෙරෙන ප්‍රහාර වැළැක්වීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවයි මේ අතර හිටපු අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.
ජනාධිපතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් වෙතින් තමාට දිගින් දිගටම තර්ජන එල්ල වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයෝ චෝදනා කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ඔබ ප්‍රසිද්ධ තරුවක් නම් ඔබට කාන්තාවන්ට, ඔබ කැමති ඕනෑම දෙයක් කළ හැකියි' යනුවෙන් ට්‍රම්ප් කියා සිටින ආකාරය වීඩියෝ පටයේ දැක්වේ රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් ඉහත කී ඉල්ලීම සිදු කරනු ලැබුවේ දශකයකට ඉහතදී ඩොනල්ඩ් ට්‍රම්ප් කාන්තාවන් සම්බන්ධයෙන් අසභ්‍ය ප්‍රකාශන කරනු දැක්වෙන වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමගයි. ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ට්‍රම්ප් ඉවත් විය යුතු බව පවසන පිරිස අතර හිටපු රාජ්‍ය ලේකම්වරියක් වන කොන්ඩලීසා රයිස් සහ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා තරග කළ සෙනට් සභික ජෝන් මැකේන් ද වෙති. ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය ලබා නොදෙන බවයි රිපබ්ලිකන් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගණනාවක්ම පවසා ඇත්තේ. කෙසේ වෙතත් තමා ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් නොවනු ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි. කාන්තා සබඳතා සහ ඔවුන් සිප ගැනීම පිළිබඳව ට්‍රම්ප් පුරසාරම් දොඩන ආකාරය දැක්වෙන 2005 වසරේදී පටිගත කරන ලද වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඔහු වෙත දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
කාන්තාවන් පිළිබඳ අසභ්‍ය ප්‍රකාශන සිදු කිරීම මුල් කර ගනිමින් ඇමරිකානු ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වන ලෙස රිපබ්ලිකන් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ''බිමේ පවතින තත්ත්වය මීට වැඩිය බැරෑරුම් සහ අවදානම්'' බවය. සඳුදා (මැයි 10) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු එම අදහස් පළ කළේය. මේ අතර පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා, හදිසි ප්‍රතිචාර සහ පෙර සූදානම් ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ද මාධ්‍යයට අදහස් පළ කළේය. ඔහු කියා සිටියේ පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී දින තුනක් තුළ අදාළ වාර්තා ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ගැන ඉදිරිපත් කෙරෙන දත්තවලින් එම රෝගය පිළිබඳ නිවැරදි තත්ත්වය පෙන්නුම් නොකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මැදපෙරදිග අසරණව සිටින පිරිස් නැවත ගෙන්වා ගැනීමට රජය මැදිහත් විය යුතු අතර විදේශ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි ශ්‍රී ලංකාවට නැවත පැමිණි පිරිස් පෙන්වා දෙන්නේ. එලෙස මැදපෙරදිග සේවයට ගොස් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණි මුළු පිරිස දෙසීය දාහතක්. විදේශ රැකියා නියෝජිත ආයතන මැදපෙරදිග බලා යන ගෘහ සේවිකාවන්ගේ සුබ සාධනය සහ ඔවුන්ට එල්ල වන තාඩන පීඩන පිළිබඳ සොයා නොබලන බවත් සඳුදා දිවයිනට පැමිණි කාන්තාවක් සඳහන් කළාය. ''අපේ පඩි සල්ලි දෙන්නේ නැහැ. ඒ සල්ලි ඒජන්සි තියා ගන්නවා. ගණිකා සේවයට යොදා ගන්නවා වගේ උදේ හවස එන්න කියලා ඒජන්සි කාමරයක් ඉස්සරහා තියා ගන්නවා. මිනිස්සු එනවා, මෙයා හොදයි කියලා වැඩට එක්ක යනවා.'' අඟහරුවාදා පැමිණි පිරිසෙන් එකසිය තිස් හතර දෙනෙකු කුවේට් රාජ්‍යයේ සේවයට ගොස් සිටි අය වන අතර සෙසු පිරිස සෞදි අරාබියේ සහ ජෝර්දානයේ රැකියා සඳහා ගොස් සිටි අය වෙති. තමන් වැනි අසරණ තත්වයට පත් වූ තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් විශාල පිරිසක් මැදපෙරදිග සිර වී සිටින බව එම පිරිස් පවසති. ඒ අතර වද හිංසාවලට ලක් වී ආබාධිත තත්වයේ පසු වන ශ්‍රී ලාංකිකයන්ද සිටින බවයි ඔවුන් කියා සිටියේ.
ගෘහ සේවය සඳහා මැදපෙරදිග ගොස් වැටුප් නොමැතිව සහ වද හිංසාවන්ට ලක් වූ කාන්තාවන් එක සිය හතළිස් දෙදෙනෙක් යළි ශ්‍රී ලංකාවට පැමිණියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොරෝනා වසංගතය ලක්ෂ සංඛ්‍යාත ළමුන් කෙරෙහි තර්ජනයක් වී ඇත එම වාර්තාව මගින් අවධානය යොමුකරනු ලැබ තිබෙන්නේ ඇෆ්ඝනිස්තානය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන දකුණු ආසියානු රටවල් සමූහයයි. එම රටවල ජීවත්වෙන ජනගහනය කෝටි 180ක් පමණ වෙයි. එක්සත් ජාතීන්ගේ එම වාර්තාව අනුව දකුණු ආසියාතික රටවල එකී ව්‍යසනයට දරුණු මට්ටමින් ගොදුරුව ඇත්තේ කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන්ය. මේවනවිට දකුණු ආසියාවෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන දහතුනක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 186,000ක් පමණ වේ. ඉහත කී දකුණු ආසියානු රටවල් ද ඇතුළුව කොරෝනා වසංගත තර්ජනය එල්ල වූ බොහෝ රටවල් ඊට මුහුණදෙන ලද්දේ දැඩි අගුලු දැමීමේ ('ලොක්ඩවුන්') පිළිවෙතක් අනුගමනය කරමිනි. එහෙත් ඒ අතරවාරයේ රෝහල්, ඖෂධ වෙළෙඳසල් සහ සිල්ලර අලෙවිසල් විවෘතව පවත්වාගනු ලැබුණි. සෙසු සියලු අංශ සහමුලින්ම මෙන් වසාදමනු ලැබීමේ පිළිවෙතක් අනුගමනය කරනු ලැබුණි. 'කොවිඩ් -19 වසංගතයේ සෘජු සහ සෘජු නොවන බලපෑම් සහ දකුණු ආසියාවේ ප්‍රතිචාරය' යනුවෙන් නම්කරනු ලැබ ඇති එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් එම රටවල ආණ්ඩු විසින් සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන මූලෝපායී ක්‍රියාමාර්ගයන්, සමාජ සේවාවන් සහ පාසල් අධ්‍යාපනයත් ඇතුළුව ආර්ථික ක්ෂේත්‍රය ගැනත් විපරම් කිරීමක් සිදුකරයි. මුලින් සඳහන් කරන ලද දකුණු ආසියානු රටවල් පහේ වයස අවුරුදු පහට අඩු අතිරේක ළමා මරණ 228,000ක් සිදුව ඇති බවත් එම එක්සත් ජාතීන්ගේ වාර්තාව පවසයි. එම මරණවලට හේතුව ලෙස දැක්වෙන්නේ පෝෂණ ප්‍රතිලාභ සහ ප්‍රතිශක්තිකරණය වැනි ඉතාම වැදගත් සමාජ සේවා නතරවීමය . වාර්තාව පෙන්වාදෙන පරිදි නේපාලයේ සහ බංග්ලාදේශයේ මන්දපෝෂණය සඳහා ප්‍රතිකාර කරනු ලබන ළමුන්ගේ සංඛ්‍යාව 80%කින් පහත වැටුණි. ඒ අතරම ඉන්දියාවේ සහ පාකිස්තානයේ ළමුන් ප්‍රතිශක්තිකරණය පිළිවෙලින් 35% සහ 65% මට්ටමින් පහත වැටී ඇත. එක්සත් ජාතීන් සඳහන් කරන පරිදි 2020 වසර ඇතුළත දකුණු ආසියාවේ වැඩිම ළමා මරණ අනුපාතය වාර්තාවන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ළමා මරණ සංඛ්‍යාව 15.4%ක අනුපාතයකින් ඉහළ ගියේය. ඊළඟට සිටින බංග්ලාදේශයේ ළමා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන්නේ 13%ක අනුපාතයකිනි. මේ අතර මාතෘ මරණ වැඩිම සංඛ්‍යාව වාර්තාවන්නේ ශ්‍රී ලංකාවෙනි.එම මාතෘ මරණ අනුපාතය 21.5%කින් ඉහළ ගිය අතර පාකිස්තානයේ මාතෘ මරණ අනුපාතය 21.3%කින් වැඩිවී තිබිණි. බංග්ලාදේශයේ ළමා මරණ අනුපාතය 13%කින් ඉහළයාමට ඉඩකඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි මෙහි තවත් ප්‍රවනතාවක් ද දක්නට ලැබෙයි. එනම් අපේක්ෂා නොකළ ගැබ්ගැනීම් ලක්ෂ තිස්පහක් (මිලියන3.5) පමණ සිදුව ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබීමය. එම කාන්තාවන්ගෙන් හාරලක්ෂයක් (400,000) පමණ යොවුන්වියේ පසුවෙන තරුණියෝ වූහ. එම අනපේක්ෂිත ගැබ්ගැනීම්වලට හේතුව ලෙස දැක්වෙන්නේ දුප්පත්කම හෝ උපත්පාලන පහසුකම් නොවීමය. වසංගතයේ පූර්ණ බලපෑම සහ ලොක්ඩවුන් කරනු ලැබීම නිසා පසුව බලපැවැත්වෙන ප්‍රතිවිපාක එම රටවල මහජන සෞඛ්‍ය සහ අධ්‍යාපන වැඩසටහන් කෙරෙහි බලපෑම මේවනවිට පැහැදිලි වෙන්නට පටන්ගෙන ඇත. ඉදිරි මාස කීපය තුළ තොරතුරු ගලාඑන්නට පටන් ගැනීමත් සමඟ රටපුරාම මන්දපෝෂණ තත්ත්වයේ නරකම සංඛ්‍යා දත්ත අනාවරණය වෙනු ඇතැයි ඉන්දියානු විශේෂඥයන් විසින් දැනටමත් බිය පළකරනු ලැබ ඇත. ඉන්දියාව වැනි දකුණු ආසියාවේ ඇතැම් රටවල් තවමත් පසුවන්නේ වෛරසය පැතිරයාම පාලනය කරගැනීමේ අරගලයක නිරතවෙමිනි. ඉන්දියාවේ ජාතික මට්ටමේ අගුලු දැමීම පසුගිය ජූනි මාසයේ අවසන් කෙරුණි. එහෙත් වෛරසය පැතිරීම පාලනය කරගැනීම සඳහා ප්‍රාන්ත කීපයක සහ ඇතැම් දිස්ත්‍රික්කයන්හි අගුලු දැමීම් වරින්වර සිදුකෙරෙයි. සෞඛ්‍ය සේවාවන් අඩාලවීම කලාපයේ රටවල වෙනත් ව්‍යාධීන්ගෙන් පීඩා විඳින ජනතාවටත් බලපෑවේය. එක්සත් ජාතීන්ගේ වාර්තාව සඳහන් කරන පරිදි, සෞඛ්‍ය සේවා අඩාලවීම් හේතුවෙන් ක්ෂයරෝගය, මැලේරියාව, උනසන්නිපාතය සහ එච්අයිවී/ඒඩ්ස් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 5,943ක් මරණයට පත්වූ බව හඳුනාගනු ලැබුණි. ඉන්දියානු ප්‍රාන්ත කීපයක කොරෝනා වෛරස් අනතුර තවමත් බල පැවැත්වෙයි කියවන්න;
කොවිඩ්-19 වසංගතයත් සමඟ සෞඛ්‍ය සේවා අඩාලවීම හේතුවෙන් දකුණු ආසියානු රටවල ළමා සහ මාතෘ මරණ 239,000ක් පමණ සිදුව ඇතැයි ඇස්තමේන්තු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින් පැවසෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම ක්‍රියාවලිය කිසිදු බාධා කිරීමකින් තොරව ඉතාම පහසුවෙන් සිදු වූ බවයි මාල දිවයින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් කියා සිටියේ. මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොල සංවර්ධනය කිරීම සඳහා GMR සමාගමත් සමඟ ඇතිකර ගෙන තිබුන ආයෝජන ගිවිසුමක් අහෝසි කිරීමට මාල දිවයින් සමුහාන්ඩුවේ බලධාරීන් පසුගියදා පියවර ගත් අතර, එය මුල්කර ගෙන ඉන්දියාවත් සමඟ ආරාවුලක් මතුවයි තිබුනේ. එවැනි පියවරක් ගනු ලැබීම මාල දිවයිනේ සිදුකෙරෙන ආයෝජන වලට බලපෑමක් ඇතිවිය හැකැයි ඉන්දියාව ප්‍රකාශ කර තිබුණි. ඉන්දියානු සමාගමත් සමඟ ඇතිකර ගෙන තිබුන ගිවිසුම අවලංගු කරනු ලැබීමට එරෙහිව සිංගපූර් උසාවියක් තහනම් නියෝගයක් නිකුත් කර තිබුනත් මාල දිවයින් බලධාරීන් කියා සිටියේ ඔවුන්ගේ තීරණයේ කිසිදු වෙනසක් එමගින් සිදු නොවන බවයි. සබැඳි තේමා
මාලේ අගනුවර ප්‍රධාන ගුවන් තොටුපොළේ පාලනය, මාල දිවයිනේ බලධාරීන් අතට ගනු ලැබ තිබේ. ගුවන් තොටුපොළේ පාලනය ඉන්දියාවේ ජී එම් ආර් සමාගම අත පැවැති අතර, එම සමාගමත් සමඟ ඇතිකර ගෙන තිබුන ගිවිසුමක් අවලංගු කරනු ලැබීමෙන් පසුවයි, එවැනි පියවරක් ගනු ලැබුනේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහ ඇමතිවරයා එම ප්‍රකාශය කළේ යාපනයේ චාවකච්චේරි නගර සභාවට වසර පණහක් පිරීම නිමිත්තෙන් අද දහනව වෙනි දින (19) එහි පැවති මහජන රැස්වීමක් අමතමින්. විශාල ජනකායක් සහභාගි වූ එම රැස්වීම ඇමතූ උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේශ්වරන්, ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා ජනාධිපතිවරයා විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකුගේ තත්වයට බවට පත් වී ඇති බවයි කියා සිටියේ. හමුදා පාලනය උතුරු පළාත් සභාව නිසි ලෙස පවත්වා ගෙන යාමට නොහැකි ප්‍රධාන බාධක දෙකක් වී ඇති ආණඩුකාරයා සහ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය මාරු කරන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී එය ඉටු කරන බවට තමන්ට පොරොන්දු වූ ජනාධිපතිවරයා එම පොරොන්දුව ඉටු නොකළ බවයි මහ ඇමතිවරයා ජනතාවට පෙන්වා දුන්නේ. තමා ඉහත කී ඉල්ලීම සිදු කළ දිනට පසු දින පටන් ආණ්ඩුකාරවරයා යොදා ගනිමින් උතුරේ හමුදාමය පාලනයක් ගෙන යාමට උත්සාහ කරන අතරවාරයේ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය යොදා ගනිමින් රජයට අවශ්‍ය දේ පමණක් උතුරු පළාත තුළ සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ මහජන බලාපොරොත්තු සුන් කරමින් වන බවයි මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් අවධාරණයෙන් කියා සිටියේ.
ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවේ උසස් නිලධාරීන් උතුරු පළාත් සභාවට සහ එහි ජනතාවට සියලු පහසුකම් සලසා දෙන බවට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළත් ඔවුන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව රැවටීමක් පමණක් යයි උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් කියා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වර්ෂ 1922 ඔක්තෝබර් මස සිට 1923 මාර්තු අතර කාලයේ ආසියාවේ සහ මැද පෙරදිග ඔහු කළ සංචාරය පිළිබඳ මෙම දිනපොත්වල සටහන් කර තිබේ 1922 ඔක්තෝබර් මාසයේ සිට 1923 මාර්තු මාසය අතර කාලයේ ආසියාවේ සහ මැද පෙරදිග රටවල ඔහු කළ සංචාරය පිළිබඳ මෙම දිනපොත්වල සටහන් වේ. විවිධ ජාතීන් පිළිබඳ වර්ගවාදී සහ නිශේධනීය අදහස් බොහොමයක් මෙහි සටහන් කර තිබිණි. උදාහරණයක් ලෙස චීන ජාතිකයන් "ඕනෑවට වඩා කඩිසර, අපිරිසිදු, බුද්ධියෙන් අඩු මිනිසුන්" පිරිසක් ලෙස විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සිය දිනපොතේ හඳුන්වා දී තිබේ. කෙසේ වුවත් ජාතිවාදය "සුදු මිනිසුන්ගේ රෝගයක්" යැයි පවසමින් ඔහු සිය ජීවිතයේ පසු කාලයේ දී එක්සත් ජනපදය තුල සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. මෙම දිනපොත් ඉංග්‍රීසි භාෂාවෙන් තනි පිටපතක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පළමු අවස්ථාව මෙය වේ. 'The Travel Diaries of Albert Einstein: The Far East, Palestine, and Spain, 1922-1923'(ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දින පොත: ඈත පෙරදිග, පලස්තීනය සහ ස්පාඤ්ඤය 1922 - 1923) නමින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලයෙන් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයේ සංස්කාරකවරයා කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ අයින්ස්ටයින්ගේ ලියවිලි පිළිබඳ ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂ Ze'ev Rosenkranz ය. ස්පාඤ්ඤයෙන් ගමන් ඇරඹි අයින්ස්ටයින්, මැද පෙරදිගට ගොස් එතැන් සිට ශ්‍රී ලංකාව හරහා චීනය සහ ජපානයේ සංචාරයක නිරතව ඇත. බටහිර ජාතීන් එවකට ශ්‍රී ලංකාව හැඳින්වූයේ 'සිලෝන්' යන නාමයෙනි. මෙම ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා ඊජිප්තුවේ පෝට් සයිඩ් වෙත පැමිණි අවස්ථාවේ එම නගරයේ භාණ්ඩ විකිණීම සඳහා නැවට නැඟි පිරිස විස්තර කර ඇත්තේ "සෑම තැනින්ම නෙරපාදමනු ලැබූ පිරිසක් ... ඔවුන් අපායෙන් ඉවතට ඇද දමලා වගේ," යනුවෙනි. අයින්ස්ටයින් කොළඹ නගරයේ ගත කළ කාලය ගැන ලියූ සටහන් අතර "ඔවුන් ජීවත් වන්නේ ඉතා අපිරිසිදු සහ සැලකිය යුතු දුර්ගන්ධයක් නිකුත්වන පොළොවක. ඔවුන් සුළුවෙන් වැඩ කරන නිසා, අවශ්‍යතාවන් ද අඩුයි," යනුවෙන් සඳහන් කර තිබිණි. මෙම සංචාරයට ඔහු සිය බිරිඳ, එල්සාව ද කැඳවාගෙන ගොස් තිබේ කෙසේවෙතත්, මෙම සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා වැඩිම මතභේදාත්මක අදහස් දක්වා ඇත්තේ චීන ජාතිකයන් පිළිබඳවය. "චීන දරුවන්ට ආත්මයක් නැහැ වගේම බුද්ධියෙන් අඩුයි. අනෙකුත් සියලු වර්ගයන් වෙනුවට චීන මිනිසුන් බිහි වුණොත් අපිට කනගාටු වෙන්න වෙනවා," ඔහු සඳහන් කර තිබිණි. දිනපොතේ තවත් තැනක අයින්ස්ටයින් සඳහන් කර ඇත්තේ "චීන ජාතිකයන් සියලු දෙනා අරුම පුදුම ලෙස එක වගේ පෙනෙන ජාතියක්. ඔවුන් මිනිස්සු ලෙස නොවේ රූකඩ ලෙසයි පෙනෙන්නේ," යනුවෙනි. එමෙන්ම චීන කාන්තාවන් සහ පිරිමින් අතර "වෙනසක් නැති තරම්" වන අතර, කාන්තාවන්ගේ "අසාමාන්‍ය ආකර්ෂණයට" ලක් නොවී පුරුෂයන් "තමන් ආරක්ෂා කර ගන්නේ" කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි. විද්‍යාව පිළිබඳ අද්විතීය දැනුම සහ මානවහිතවාදී ගතිගුණ හේතුවෙන් ප්‍රසිද්ධියට පත් අයින්ස්ටයින්, 1933 දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි පාලනය ඇරඹීමත් සමග ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය. ඒ අතර 1946 පෙන්සිල්වේනියාවේ ලින්කන් විශ්ව විද්‍යාලයේ පැවති රැස්වීමක දී අදහස් දැක්වූ යුදෙව් ජාතික විද්‍යාඥයා වර්ගවාදය යනු "සුදු මිනිසුන්ගේ රෝගයක්" ලෙස විග්‍රහ කළේය. මේ තොරතුරුද කියවන්න: කලින් කලට වෙනස් වූ දිනපොත්වල ඇති අදහස් බීබීසී වොෂින්ටන් වාර්තාකරු ක්‍රිස් බක්ලර්ගේ විශ්ලේෂණයකි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය හේතුවෙන් මිනිසුන් අභ්‍යවකාශය සහ කාලය ගැන සිතන ආකාරය වෙනස් විය. නමුත් වසර ගණනාවක් ඇතුළත විවිධ ජාතීන් ගැන ඔහුගේ පෞද්ගලික මතය වෙනස් වී ඇති බවක් මෙම දිනපොත්වලින් පෙන්නුම් කෙරේ. ලේඛනවල සටහන් වන්නේ ඔහුගේ පෞද්ගලික මතය වුවත්, මෙම ප්‍රකාශ හේතුවෙන් ජාතීන් අතර බෙදීම් නැති කිරීමේ ව්‍යාපාරවලට සම්බන්ධ ඇමරිකානුවන්ගෙන් සමහරක් කලබලයට පත් වනු ඇත. ඔවුන් තවමත් ඇල්බට් අයින්ස්ටයින් සමරනු ලබන්නේ බෙදීම් නැති කිරීමේ ව්‍යාපාරවල පුරෝගාමියෙකු ලෙසය. 1933 දී ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසු කළු සහ සුදු ජාතිකයින් සඳහා වෙනම පාසල් සහ සිනමා ශාලා පිහිටීමට විරුද්ධව හඬ නැගීම ආරම්භ කළේය. පසු කලෙක අයින්ස්ටයින් විවිධ වර්ණ පුද්ගලයින්ගේ අභිවෘද්ධිය උදෙසා පිහිටවූ ජාතික සංගමයට එක් විය. යුදෙව්වන්ට ජර්මනියේ දී සිදු වූ හිරිහැර සහ ඔහුගේ නව නිවහන වූ එක්සත් ජනපදයේ දී අප්‍රිකානු-ඇමරිකානුවන්ට සිදු වූ හිරිහැර අතර බොහෝ සමානතා දකින්නේ යයි ඔහු සඳහන් කළ බව විශ්වාස කෙරේ. දෙවන ලෝක යුද්ධය අවසාන වී වසරකට පසු ඓතිහාසික වශයෙන් වැදගත් වන කළු ජාතික විද්‍යාලයක් වන පෙන්සිල්වේනියාවේ ලින්කන් විශ්ව විද්‍යාලයේදී සිදු කළ කථාව අයින්ස්ටයින්ගේ වඩාත්ම සංවාදයට ලක් වූ කථාවලින් එකකි. ඔහුගේ දිනපොත් පිරී ඇත්තේ ඔහුට දැනෙන දේවලින් සහ පෞද්ගලික අදහස් වලිනි. වැරදි අවබෝධය නිසා 21 වන සියවසේ දී මෙම අසහාය විද්‍යාඥයා සහ මානව හිතවාදියාගේ කීර්තියට හානි සිදු විය හැකිය. කෙසේ වෙතත්, මෙම වචන සටහන් කර ඇත්තේ වර්ගවාදය නිසා ඇතිවිය හැකි තත්වය ඔහු ඇමරිකාව සහ ජර්මනියේ දී අත්දැකීමට පෙරාතුවය. පුනුරුදය තවත් තොරතුරු:
වර්ගවාදී සහ විදේශිකයන්ට එරෙහි අදහස් බොහොමයක් ඇතුළත් ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත් මෑතකදී ප්‍රසිද්ධියට පත් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ භික්ෂූන් වහන්සේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය මෙම ප්‍රකාශය කළේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ අමාත්‍යංශය තුළට ඇතුළු වූ බවට එල්ල වී ඇති චෝදනා විභාගයට ගත් අවස්ථාවේදීයි. අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණ නියෝගයකට අනුව මාධ්‍ය ආයතන හයකින් ලබා ගත් වීඩියෝ පට පරික්ෂාවට ලක් කල බව කියා සිටියහ. එහෙත් සිද්ධියට සම්බන්ධ සැකකාර භික්ෂූන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකිවී ඇති බවයි පොලිසිය කියා සිටියේ. පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි. මෙම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය පැමිණිල්ල ලබන මස 31 වන දා නැවත කැඳවීමට නියම කර තිබේ. එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි පොලිසියට නියම වී ඇත්තේ. මීට පෙර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය දැනුම් දී සිටියේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ අදාළ අමාත්‍යංශයට ඇතුළු වූ අවස්ථාවේ එහි සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය වී තිබූ බවයි.
කර්මාන්ත හා වාරිජ අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ලවී ඇති බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු ඒ බව කියා සිටියේ අද (මාර්තු 19) බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලද පරාජය පිළිබඳ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. ඉදිරියේදී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කණ්ඩායමක් වශයෙන් මහන්සි වී පුහුණුවීම්වල යෙදිය යුතු බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් වැඩිදුරටත් සඳහන් කළේය. පන්දු රැකීමේ දුබලතා මේ අතර ටෙස්ට් තරගයක කාසියේ වාසිය දිනා ගැනීම ජයග්‍රහණය සඳහා බලපාන ප්‍රධාන සාධකයක් බව කී ක්‍රිකට් ක්‍රීඩා වාර්තාකරු දමින්ද විජේසූරිය කාසියේ වාසිය දිනා ගනු ලැබුවත් පළමු ඉනිම තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 338 ක් පමණක් බවය. "ඒත් බංග්ලාදේශ කණ්ඩායම පසු පස හඹා ඇවිත් අපේ ලකුණු සංඛ්‍යාව පසු කර ගෙන ගිහින් ලකුණු 129 ක මුල් ඉනිමේ වාසියක් ලබා ගත්තා. ඒ වාසිය තමයි බංග්ලාදේශ කණ්ඩායමේ තරග දිනීමට පසුබිම වුනේ" යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. පසුගිය කාලය දෙස බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල තත්වයක පවතින බව පෙනී යන බව පෙන්වා දුන් ඔහු " ඒ පිළිබඳ කාටවත් දොස් කියන්න බැහැ. ඒකෙ වගකීම ක්‍රීඩකයන් අර ගන්න ඕන. මොකද තමන්ට පුද්ගලිකව උනන්දුවක් තිබෙනවා නම් ඕනෑම ක්‍රීඩකයෙකුට හොඳ පන්දු රකින්නෙක් වෙන්න පුළුවන්" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.
පන්දුවට පහර දීමේදී සහ පන්දු රැකීමේදී සිය කණ්ඩායම අතින් සිදු වූ වැරදි පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දෙදහස් දොළහ වසරේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුව විසින් හඳුන්වා දුන් දේශපාලන රැකවරණය පිළිබඳ වූ නව නීතිය, රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණ පැපුවා නිව්ගීනියාවට පිටත් කර යවන ලද ඉරාන ජාතිකයකු විසින් අභියෝගයට ලක් කරනු ලැබීය. ඕස්ට්‍රේලියානු අධිකරණය හමුවට ගිය මෙම ඉරාන ජාතිකයා, බෝට්ටු මාර්ගයෙන් මිනිසුන් වෙනත් රටවලට ගෙන යන ජාවාරම් කරුවෙකුට ඉන්දුනීසියාවේ සිට ඔස්ට්‍රේලියාවට ඔහුව රැගෙන යාම සඳහා මුදල් ගෙවා තිබේ. මෙම නව නීතිය මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වී ඇති නමුත් නව නීතිය හා සම්බන්ධ දේශපාලනික පරාසය තුළ ඔවුන්ගේ සහය දෙපාර්ශවයටම හිමි වී තිබේ. මේ වන විට දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ඇති බව සඳහන්.
දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන්, ඔස්ට්‍රේලියානු වෙරළට පිටතින් පිහිටි පැපුවා නිව්ගීනියාවට පිටත් කර හැරීම මගින් ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බව එරට මහ අධිකරණය තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දිනේෂ් ප්‍රියන්ත හේරත්, ඉන්දියාවේ ගුර්ජාර් සුන්ඩර් සිං සහ ජපානයේ යමසාකි අකිහිරෝ සමග ලන්ඩන් පැරාඔලිම්පික් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ තරගයේදී දිනේෂ් ප්‍රියන්ත මීටර් 57.93ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කම දිනාගැනීමට සමත්විය. ඉන්දියාවේ ගුර්ජාර් සුන්ඩර් සිං රන් පදක්කම (මීටර්60.36) දිනාගත් අතර, ලෝකඩ පදක්කම ජපානයේ යමසාකි අකිහිරෝට (මීටර්53.55) හිමි විය. පසුගිය සිකුරාදා (ජුලි 14) ආරම්භ වී ජුලි 23 වෙනි ඉරිදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතාවලියේදී රන් පදක්කම් 6 ක් ඇතුළු පදක්කම් 12 ක් දිනාගෙන සත්කාරන බ්‍රිතාන්‍යය මේ වනවිට තරගාවලියේ ඉදිරියෙන්ම සිටියි. මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය දෙවැනි ස්ථානයේ පසුවන අතර, තුන් වෙනි ස්ථානය හිමි වී තිබෙන්නේ ටියුනීසියාවටය. රටවල් 91 ක් නියෝජනය කරමින් ඉසවු 213 ක් සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1074 ක් එයට එක් වී සිටිති. පසුගිය ජුලි 06 වෙනි දින වනවිට තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර 230,000 ක් විකිණී තිබූ අතර, ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ එතරම් ප්‍රවේශපත්‍ර සංඛ්‍යාවක් අලෙවි වූ පළමු වතාව මෙයය. 2016 දී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේදී පැවැති පැරාලිම්පික් තරඟාවලියේදී ටී46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම ජයග්‍රහණය කරමින් දිනේෂ් ප්‍රියන්ත හේරත් ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික් පදක්කම අත්කර දුන්නේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සෙබළෙකු වූ දිනේෂ් ප්‍රියන්තගේ පාදයකට වෙඩි වැදීමෙන් ලත් තුවාල හේතුවෙන් ඔහු ටී46 කාණ්ඩයේ (දණ හිසෙන් පහල පාදය අප්‍රාණික හෝ අහිමි) වර්ගීකරණය යටතේ මලල ක්‍රීඩා තරඟවලට එක්විය. ජාතික හෙල්ල විසිකිරීමේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත ඔහුගේ පුහුණුකරුවාය.
මේ දිනවල බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පැවැත්වෙන වූ ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පැරා හෙල්ල විසිකිරීමේ ශූරයා වන දිනේෂ් ප්‍රියන්ත හේරත් ටී46 කාණ්ඩයේ රිදී පදක්කම ජය ගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම ගිරවාගේ අස්ථි කැබලි සොයාගෙන ඇත්තේ, නවසීලන්තයේ ඔටාගෝ කලාපයේ සෙන්ට් බේදන්ස් ප්‍රදේශය ආසන්න ස්ථානයකිනි. විශාලත්වය නිසා එම ගිරවුන් පියාසර කිරීමට නොහැකි මාංශ භක්ෂක විශේෂයක් වන්නට ඇති බවට විශ්වාස කෙරේ. එම පක්ෂියා පිළිබඳ වාර්තාවක් Biology Letters නමැති සඟරාවේ පළ කර තිබේ. කිලෝග්‍රෑම් 7ක් පමණ බරින් යුත් මෙම ගිරවා, මීට පෙර විශාලතම ගිරා විශේෂය ලෙස සැලකුණු කාකාපෝ ගිරවාට වඩා දෙගුණයක් පමණ බරින් යුක්තය. "වෙනත් යෝධ ගිරවුන් ලෝකයේ නැහැ. මේ ගිරවා පිළිබඳව සොයා ගැනීම අතිශය වැදගත්," ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ පොසිල පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය ට්‍රෙවර් වර්දි පැවසීය. මෙම පර්යේෂණයේ ප්‍රධානියා වූයේ ඔහුය. පොසිල විද්‍යාඥයින් විසින් මෙම නව පක්ෂි විශේෂය හෙරක්ලීස් ඉන්එක්ස්පෙක්ටැටස් යනුවෙන් නම් කර ඇත්තේ, අසාමාන්‍ය විශාලත්වය හා ශක්තිය සැලකිල්ලට ගනිමිනි. රාජාලියෙකුගේ හෝ තාරාවෙකුගේ බවට මුලදී විශ්වාස කළ අදාළ අස්ථි කැබලි, පොසිල විද්‍යාඥයින් කණ්ඩායමක් යළිත් පර්යේෂණ ආරම්භ කරන තෙක් මේ වසරේ මුල් භාගය දක්වා වසර 11ක් තිස්සේ ගබඩා කර තිබිණි. එම ගිරවා මිනිසෙකුගේ සාමාන්‍ය උසින් අඩකට වඩා විශාලත්වයකින් යුතු වූ පක්ෂියෙකි. මහාචාර්ය ට්‍රෙවර් වර්දි ප්‍රකාශ කළේ, විද්‍යාගාරය තුළ පර්යේෂණ ව්‍යාපෘතියක නිරත වෙමින් සිටි සිය ශිෂ්‍යයෙකුට අහම්බෙන් එම අස්ථි කැබලි හමුවී තිබූ බවය. නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පොසිල විද්‍යා අංශයේ මයික් ආචර් ප්‍රකාශ කළේ, එම ගිරවාගේ හොට ඉතා විශාල එකක් වන්නට ඇති බවය. එම ගිරවා "සාමාන්‍යයෙන් ගිරවුන් ගන්නා ආහාරවලට වෙනස් දේ ආහාරයට ගන්නට ඇතැයි," මහාචාර්ය ට්‍රෙවර් වර්දි ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබිණි. කෙසේ වෙතත්, ගිරවුන්ට ගොදුරු විය හැකි විලෝපිකයින් නොවුණු හෙයින් ඔවුන් ආක්‍රමණශීලී පක්ෂීන් විය නොහැකි බව මහචාර්යවරයා බීබීසී පුවත් සේවයට පැවසීය. "ඔවුන් පොළොවේ වාසය කරන්න ඇති. ඇවිද යමින් බොහෝ විට බීජ වර්ග ආහාරයට ගන්න ඇති," ඔහු සඳහන් කළේය. විශාල පක්ෂීන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම නවසීලන්තයට නුහුරු අත්දැකීමක් නොවේ. නවසීලන්තයේ වාසය කළ බවට විශ්වාස කරන, මේ වන විට වඳ වී ඇති මොආ නමැති පක්ෂි විශේෂය මීටර් 3.6ක් පමණ උසින් යුක්ත වූ බව සැලකේ. අදාළ යෝධ ගිරවාගේ පාද අස්ථි කොටස් හමුවූ සෙන්ට් බේදන්ස් ප්‍රදේශයේ වසර මිලියන 23 ක් දක්වා පැරණි පොසිල ඇති බව සොයාගෙන තිබේ. "මෙතෙක් කෙහෙන්වත් වඳ වුණු යෝධ ගිරවෙකු සොයාගෙන නැහැ," මහාචාර්ය වර්දි ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය. "අපි මේ පොසිල තට්ටුව අවුරුදු 20ක් තිස්සේ ගවේෂණය කරනවා. හැම අවුරුද්දක ම අලුත් පක්ෂියෙකු හෝ වෙනත් සතෙකු පිළිබඳ සාක්ෂි ලැබෙනවා. මේ පොසිල තට්ටුවේ තවත් අනපේක්ෂිත සත්ත්ව විශේෂ ගණනාවක් ඉන්න බවට සැකයක් නෑ." තවදුරටත් කියවන්න.
වසර මිලියන 19කට පෙර නවසීලන්තයේ වාසය කළ උසින් මීටර එකක් පමණ යුත් යෝධ ගිරවෙකු පිළිබඳව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආදරය ගැන එකිනෙකාට ඇත්තේ සම්පූර්ණයෙන් වෙනස් අදහස්ය තාක්ෂණය ඔස්සේ සිය හැඟීම් මුදාහරින ලෝකයක ගූගල් සෙවීම් තුළ 'ආදරය' යන වචනය මිලියන පහකට වැඩි වතාවක් දක්නට හැකි අතර, ඉංග්‍රීසියෙන් 'Love', බිලියන පහළොවකට ආසන්න වාර ගණනක් සොයා ඇත. ආදරය ගැන එකිනෙකාට ඇත්තේ සම්පූර්ණයෙන් වෙනස් අදහස්ය. පෞද්ගලික අත්දැකීම්, පරිසරය, පසුබිම පමණක් නොව දේශය, කාලය වැනි නොයෙක් කාරණා ද මෙම අදහස්වලට බලපායි. ආදරයට කෙසේවෙතත්, ආදරවන්තයන්ට දිනයක් වෙන් වී තිබේ. මේ දිනයට ඇත්තේ වානිජමය වටිනාකමක් පමණක් යැයි සමහරු තර්ක කළත්, එයට සම්බන්ධ ඉතිහාස කතාවක් ද ඇත. ආදරය යනු කුමක්ද? එකම පැනය ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙකුගෙන් ඇසූ විට, ඔවුන්ගෙන් ලැබුණේ එකිනෙකට වෙනස් පිළිතුරුය. 'වෛරය, දුක, මත්වීම වෙනුවට.......' කළමනාකාරියක (Country Manager) ලෙස සේවය කරන හිමානි නවින්දිකා ඉහත පැනයට පිළිතුරු දෙමින් බීබීසී සිංහල සේවය සමග සිය අත්දැකීම් බෙදා ගත්තාය. හිමානි නවින්දිකා "එයා මාව දාලා ගියාට පස්සෙ මට දැනුනෙ පුදුම හිස්කමක්. ඒක නැතිකරගන්න මොනවද කරන්න ඕනෙ කියන එක ගැන මට අදහසක් තිබුණේ නෑ. මම ඇඬුව, මුළු ලෝකයත් එක්කම තරහ වුණා, එයාට වෛර කලා, වෙනත් කෙනෙක් තුළ එයාව හොයාගන්න උත්සාහ කළා. ඒත් කාලය ගත වීමත් එක්ක මට දැනුණා එයා නිසා මම මේ ලෝකේ මාර ලස්සන දේවල් ටිකක් අත්විඳල තියනව කියලා. අපි වෙන් වුණත් ඒ දේවල් නොවෙනස්ව තියනවා කියලා තේරුණා. එයා වෙනුවට ජීවිතයට කවුරු ආවත් ඒ ලස්සන දේවල් ඒ විදියටම තියෙනවා. අපි බෙදාගත්ත ලස්සන සිංදු, අපි හුවමාරු කරගෙන බලපු ලස්සන චිත්‍රපට. එයා නිසා මම ඉගෙනගත්ත පුංචි වැඩ. එයාට කෑම ජාති හදල දෙන්න මම ඉගෙනගත්ත වට්ටෝරු සහ තව බොහෝ දේවල්. එයා ගියා වුණත් මම ඇතුළේ ඒ දේවල් තියනව, ආදරේ ඇතුළේ මම මා තුළ සොයාගත්ත දේවල්! එතනින් එහාට වෙන්වීම, වෛරය, දුක වගේ දේවල් වෙනුවට, ඒ ගෙවපු කාලයේ තිබුණු සුන්දර දේවල් මට යමක් පැහැදිලි කරමින් සිටියා. ඒ තමයි කෙනෙක් වෙන් වුණාම, අහිමි උනාම 'ප්‍රොටෝටයිප්' (බොහෝමයක් මියුසික් විඩීයෝස්, චිත්‍රපටිවල වගේ) විදියට දුක් වෙන එක, තරහ වෙන එක, තමන්වම විනාශකර ගන්න එකට වඩා, ඒ මානුෂික සම්බන්ධය තුළ දී අදාළ පුද්ගලයා ඉතිරි කර ගිය බලපෑම ආදරණීය විදිහට බාරගන්න එක. බොහෝ වෙලාවට අපි ආදරේ කරන කෙනා දාලා ගියාට පස්සෙ උත්සාහ කරනව අපි ඒ කෙනා වෙනුවෙන් තිබුණ ආදරය මිණුම් ලකුණක් කරගන්න. සමහර විටක අපි ඒ ගිය කෙනාට වෛර කරනව, නැත්නම් ඒ දුකට අඬනවා, මත්වෙනවා. සමහර විටෙක අපි ඒ ගිය කෙනා වෙනුවට තවත් කෙනෙක් ළං කරගන්නව. ඒත් මම හිතන්නෙ ඕනෑම ආදර කතාවක් අපි තුළ යම් බලපෑමක් ඇති කරනවා. එක්කො අලුත් සංගීත රසයක්, නැත්නම් අලුත් කලා රසයක්, අලුත් පුරුද්දක්, හැකියාවක් නැත්නම් ජීවිතයට වටිනා පාඩමක්. නමුත් අපි වෛරයෙන්, දුකෙන්, මත් බවෙන් අපි ඒ සියල්ල අහිමි කරගන්නවා. ඔව්, ආදරේ කියන්නෙ එක තැනකින් පටන් අරන් වෙන තැනකින් ඉවර වෙන දෙයක් නෙමෙයි. එය අහිමීවීම්, වෙන්වීම්, හැරයාම්වලට පසුවත් අපි තුළම පවතින දෙයක්," ඇය තවදුරටත් පැවසුවාය. නහි වේරේන වේරානි මාධ්‍යවේදී ෆර්හාන් නිසම්ඩීන්ට ආදරය ගැන ඇත්තේ මෙවන් අදහසකි; "ආදරය යනු ප්‍රධාන මානව හැඟීම්වලින් එකක්. ආදරය කියන්නේ උපත ලැබූ දා සිට මියෙන තෙක්ම අප කාගෙත් හදවතට දැනෙන හැඟීමක් වගේම අපි කවුරුත් නොදැනුවත්වම හදවතට තුරුලු කරගන්න අපූර්වතම හැඟීමක්, ඒ වගේම විශ්ව භාෂාවක්. ෆර්හාන් නිසම්ඩීන් ඒ වගේම ආදරය අවසන් වන තැන ක්ෂණයකින් වෛරය හටගන්නවා. ලොව පුරා ආදරයට වඩා වෛරය විසිරී ඇති බවට වර්තමානය හොඳම උදාහරණයක්. නහි වේරේන වේරානි සම්මන්තීධ කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ (වෛරයෙන් වෛරය නොසන්සිදේ. අවෛරයෙන්ම වෛරය සන්සිදේ - එය නොවෙනස්වන ලෝක ධර්මතාවයකි) ප්‍රධාන වශයෙන්ම සමාජ ජාලවල සැරිසැරීමේදී අපේ රටේ ප්‍රජාව අතර වාර්ගික බෙදීමක් ඇතිවන අකාරයේ අදහස් ප්‍රකාශ කිරිමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ආදරය කියන හැඟීම ඇයි අපිට ජාතීන් අතර සුහදතාව වර්ධනය කරගන්න යොදාගන්න බැරි? ජාතීන් අතර එකමුතුව ඇති කරන්න පුළුවන් බලවත් යාන්ත්‍රණයක් තමයි 'ආදරය'! සහෝදරත්වයෙන් එකිනෙකා අතර ආදරය වර්ධනය වෙනකොට සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කතෝලික ද බර්ගර් ද අදාළ නැහැ. ශ්‍රි ලාංකික ජාතියක් ලෙස නව නිර්මාණශීලී අදහස්, ආකල්ප ඇතිවෙනවා. ජාතින් අතර අන්‍ය අවබෝධයක් ඇතිවෙනවා. අද රටේ පළමුව විය යුත්තේ හෞතික දියුණුව නෙවෙයි ආකල්ප දියුණුවයි. ආකල්ප දියුණු කරන්න පුළුවන් බලවත්ම දේවල් තමයි "ආදරය,කරුණාව,මෛත්‍රිය", ඔහු පැවසීය. වැලන්ටයින් දිනයේ ඉතිහාසය කුමක්ද? සෑම වසරකම පෙබරවාරි 14 වෙනි දින වැලන්ටයින් දිනය හෙවත් ශාන්ත වැලන්ටයින් දිනය ලොව පුරා සමරනු ලැබේ. ආදරණීය පණිවුඩ සහිත කාඩ්පත්, මල් හෝ චොකලට් යවා වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කෙරෙහි සෙනෙහස පෙන්වීමට බොහෝ දෙනෙක් මෙදින ක්‍රියා කරති. එදවසට නම ලැබුණේ ප්‍රසිද්ධ සාන්තුවරයෙකුගෙනි, නමුත් ඔහු කවුරුද යන්න පිළිබඳ කථා කීපයක් තිබේ. අයර්ලන්තයේ පල්ලියක තිබෙන වැලන්ටයින් සාන්තුවරයාගේ පිළිමය ශාන්ත වැලන්ටයින් පිළිබඳ ජනප්‍රිය විශ්වාසය නම් ඔහු ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයෙකු යන්නය. දෙවෙනි ක්ලෝඩියස් අධිරාජ්‍යයා විවාහ වීම තහනම් කර තිබුණේ විවාහක පුරුෂයන් නුසුදුසු සොල්දාදුවන් යැයි සිතූ බැවිනි. මෙම තීරණය අසාධාරණ යැයි වැලන්ටයින්ට හැඟුණු නිසා ඔහු නීති කඩ කර රහසිගතව විවාහයන් සංවිධානය කළේය. මෙය දැනගත් ක්ලෝඩියස් අධිරාජ්‍යයා, වැලන්ටයින් සිරගෙට දමා මරණ දඬුවම නියම කළේය. එහිදී ඔහු සිරගෙදර ජේලර්වරයාගේ දියණිය සමඟ ආදරයෙන් බැඳීණි. පෙබරවාරි 14 වෙනි දින ඔහු ඝාතනය කිරීමට රැගෙන යාමට පෙර "ඔබේ වැලන්ටයින් වෙතින්" යැයි අත්සන් කළ පෙම් හසුනක් ඇයට යවා තිබිණි. රාගයම නොව.... නාට්‍ය හා රංග කලා ගුරුවරියක වන සුභාශිණී හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවය නැඟූ පැනයට මෙසේ පිළිතුරු ලබා දුන්නාය. සුභාශිණී හෙට්ටිආරච්චි "ආදරය යනු එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය හා අවංක ලෙන්ගතුකමයි. එය රාගයට වඩා ඉදිරියෙන් සිටින්නක්. වැලන්ටයින් දිනය සැමරිය යුත්තේ ආදරයේ අති පූජනීයත්වයට ගරු කිරීම සඳහා මිස භෞතික දේ හෝ රාගය මුල්කොට නොවේ. මනු සතා උපදින්නේම මව්පියන්ගේ ආදරය තුළින්. ජීවිතය ජීවත් කරන්නේද එතුළින්. එහෙම ආදරය වෙනුවෙන් දවසක් වෙන් කිරීම එය ලඝුකොට දැක්වීමක්දැයි හිතෙනව සමහර විටෙක. නමුත් තම තමන්ගේ හදවතට ඇතුළතින්ම අවංකව විවෘත විය හැකි හොඳම දවසත් එයයි," ඇය පැවසුවාය. 'විඳින්න, විඳවන්න එපා!' දෘශ්ඨි පරීක්ශකවරියක් වන නදීකා අමරසිංහ හෙට්ටිආරච්චි මෙසේ අදහස් දැක්වීය; "ආදරය මට දැනෙන විදිහට ලොව ඇති සංකීර්ණම හා ප්‍රබලම සංවේදනයයි. ආදරේ කියන්නේ එක වෙලාවකට පිස්සුවක්, වෙලාවකට භාවනාවක්, තවත් කෙනෙක්ට දුකක් නැත්නම් සතුටක්.ඒ වගේම තවත් කෙනෙක්ට මහමෙරක් වගේ බරක්, වගකීමක්, අතහරින්න බැරි බැඳීමක්, ඇබ්බැහිවීමක්, කායික සුවයක්, මානසික සුවයක් නැත්නම් පරිත්‍යාගයක්. අපි කොයිවිදිහට අර්ථකතනය කළත්, ආදරය කරන, විඳින සහ බලාපොරොත්තු වෙන විදිහ එකිනෙකාට වෙනස්. හැබැයි අපි ඒක මොනවිදිහට වින්ඳත් ඒක හරි ‍රහයි! නදීකා අමරසිංහ හෙට්ටිආරච්චි ඒ රස අපේ ඇට,මස්,ලේ,නහර විදගෙන හැම සෛලයකටම කිඳා බහිනවා.එදා ඉඳන් අපේ මොලයේ ක්‍රියාකාරීත්වය මදක් අඩපණ වෙලා, හදවතේ ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා. ඒ නිසා තමයි අපි සමහර වෙලාවට හැඟීම්වලට වහල් වෙලා, ආදරය කියලා අපිම නිර්වචනය කරගත්තු දෙයක් වෙනුවෙන් මෝඩ තීරණ ගන්නේ. අපි ආදරයෙදි මොලයට ඉඩක් නොදුන්නොත්, ආදරය කියන්නේ මොකද්ද කියලා හරියටම දැනෙනකොට සමහරවිට මකාගන්න බැරි පැල්ලම් ජීවිතයට එකතුවෙලා ඉවරයි. ආදරය විඳින්න. විඳවන්න එපා," නදීකා තවදුරටත් පැවසුවාය. වැලන්ටයින් දිනය සැමරීම සිදු වූයේ කෙසේද? පළමු වැලන්ටයින් දිනය සැමරුවේ වර්ෂ 496 දීය! විශේෂිත වැලන්ටයින් දිනයක් තිබීම ඉතා පැරණි සම්ප්‍රදායක් වන අතර එය රෝමානු උත්සවයකින් ආරම්භ වූවක් යැයි සැලකේ. පෙබරවාරි මැද භාගයේදී රෝමවරු ලුපර්කාලියා (Lupercalia) නමින් උත්සවයක් පවත්වති. එය නිල වශයෙන් ඔවුන්ගේ වසන්ත කාලය ආරම්භය සනිටුහන් කිරීමකි. ඉංග්‍රීසියෙන් ලියා ඇති පැරණිතම වැලන්ටයින් දින පණිවිඩයයි. එය ලියා ඇත්තේ 1477 දීය සැමරුමේ කොටසක් ලෙස තරුණියන්ගේ නම් ලියා දමා තිබූ පෙට්ටියකින් තරුණයන් අහඹු ලෙස නම් තෝරා ගැනීමක් සිදු කළ බව විශ්වාස කෙරේ. උත්සවය අතරතුර අදාළ යුවල පෙම්වතා සහ පෙම්වතිය වන අතර සමහර විට ඔවුන් විවාහ වනු ඇත. පසුකාලීනව පල්ලියට මෙම උත්සවය ක්‍රිස්තියානි සැමරුමක් බවට පත්කිරීමට අවශ්‍ය වූ අතර ශාන්ත වැලන්ටයින් සිහිපත් කිරීම සඳහා ද එය යොදා ගැනීමට තීරණය කළේය. ක්‍රමානුකූලව, ශාන්ත වැලන්ටයින්ගේ නම මිනිසුන් තමන් ආදරය කළ අයට ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට භාවිත කිරීමට පටන් ගත්තේය. 'ජීවිතයට අත්‍යවශ්‍යයි' කළමනාකරණ සේවා නිලධාරී සචී ඉඹුලානගේ අදහස; සචී ඉඹුලාන "සොබාදහම තුළ කුමන හෝ ආකාරයක ජීවයක් බිහිවූයේ ද ආදරය බිහි වන්නට ඇත්තේ ද ඒ මොහොතේමයි. යමක පැවැත්මට අදාළ මූලිකම අවශ්‍යතාවය ආදරයයි. ජීවයක පැවැත්මට අවශ්‍ය වන්නේ ආදරය නොව ආහාර ජලය වැනි භෞතික ද්‍රව්‍ය යැයි යමෙකුට තර්ක කළ හැකිය. නමුත් මේ අවශ්‍යතා පවා අප සපුරාගන්නේ තමා තමාට ඇති ආදරය සහ ඇලීම නිසා නොවේද? 'සැහැල්ලු වෙන්න' පරිඝනක ඉංජිනේරුවෙකු වන රංගන කරුණාරත්න ආදරය ගැන දැක්වූයේ මෙවන් අදහසකි; "ආදරය කියන දේට නිර්වචනයක් දෙන්න බැහැ. එය ක්‍රියාවෙන් සිදු කළ යුතු දෙයක්. එකිනෙකා විශ්වාස කිරීම, ගෞරව කිරීමෙයි ආදරය රැඳිලා තියෙන්නේ. කෙනෙක්ට ආදරය කරන්නේ ඒ පුද්ගලයාව වෙනස් කරන්න හිතාගෙන, නැත්නම් වෙනත් වාසි බලාගෙන නම් එතන ඇති ආදරයක් නැහැ. යම් පුද්ගලයෙක් ඉන්නා විඳිහටම ඔහු හෝ ඇයට ආදරය කරන්න පුළුවන් නම් ජීවිතයේ සෑහෙන ප්‍රශ්න අඩුවෙයි. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, ඒ ලැබෙන මානසික සුවයත් එක්ක නිකම්ම ආදරය දැනෙන්න ගනියි," ඔහු පැවසුවේය. 'කාලයක්,වයසක්, දවසක් නැහැ' නාට්‍ය අධ්‍යක්ෂකවරියක, පිටපත් රචකයෙකු සහ ගුරුවරියක වන ගීත්මා අතාවුද මෙසේ පැවසීය; ආදරය යනු ලෝකයේ කිසිම පුද්ගලයකුට මෙතෙක් නිශ්චිත නිර්වචනයක් දිය නොහැකි වූ අකුරු හතරක්. ආදරය හුදෙක් වචනයක්ම නොව එය හැඟීමක්, ක්‍රියාවක් නැත්නම් කැපකිරීමක්. ගීත්මා අතාවුද ආදරය ජීවිතයේ හැම පරිඡේදයකම විවිධ ස්වරූපයන්ගෙන් අපිව මුණ ගැහෙන්නට එනවා. ආදරයට නිශ්චිත කාලයක්,වයසක්, දවසක් නැහැ. සමහරවිට අපි ආදරය හඳුනා ගන්නවා. සමහරවිටක මඟ හැරෙනවා නැත්නම් මඟහරිනවා. කෙසේ හෝ වේවා, ප්‍රත්‍යක්ෂ වශයෙන්ම පුද්ගල චිත්ත සන්තානයේ තවත් අයෙකු වෙනුවෙන් උපදින්නට හැකි උත්තරීතරම හැඟීම ආදරයයි. "දිල්කා රිශ්තා බඩා හේ ප්යාර් ආහේ" ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනී විවේකා සමරසිංහ බීබීසී සිංහල සේවයට මෙසේ අදහස් දැක්වීය; "මේ අකුරු සතරෙන් මනුෂ්‍යාගේ ජීවිතයට බෙහෙවින් බලපාන්නේ මනසේ ඇතිවන එක්තරා සියුම් සිතුවිල්ලක්. මේ අතර, මවක් දරුවෙකුට කරන ආදරයත් යෞවන ආදරයත් අතර ලොකු වෙනසක් තිබෙනවා. අම්මාගේ ආදර බැඳීම සදාකාලිකවම පවතින එකකි. තරුණ පරපුරේ අයගේ ආදරය බොහෝවිට තාවකාලිකව පවතින්නක්. හැබැයි නියම වයසේදී සිතේ පදියම්වන ලෙන්ගතුකමේ බෝහෝ විට විශාල බැඳීමක් පවතිනවා. ඒ බැඳීම තමයි ආදරයකට පෙරලෙන්නේ. විවේකා සමරසිංහ මෙයට නිදසුනක් වශයෙන් හින්දි ගීතයක පද දෙකක් සදහන් කරන්නම්: "දිල්කා රිශ්තා බඩා හේ ප්යාර් ආහේ" (හදවතේ බැඳීම බොහෝ සේ ආදරයක් වන්නේය). අද සමාජය ආදරය ව්‍යාපාරයක් කරගෙන තිබෙනවා. බටහිර ක්‍රියාවන් අනුගමනය කරමින් අපේ රටේ ජනයාත් "වැලන්ටයින් ඩේ" වශයෙන් මෙය සමරනවා. බටහිරෙන් මොනවාද එන්නේ ඒ සියල්ල නොදියුණු රටවල අය බදා ගන්නවා. අපට ජීවත්වීමට සහ පවුල් පසුබිමකට ආදරය අවශ්‍යයි. නමුත් මෙහි අර්ථය ගැන එතරම් හැඟීමක් නැති අය හරියට ගින්දර දැක දැක ගින්නට පනින පළඟැටියෝ වාගෙයි," ඇය පැවසුවාය. 'කොරෝනාව රැගෙන ගිය ආදරය' කථිකාචාර්යවරියක වන සුධර්මා වීරක්කොඩි ආදරය ගැන බීබීසී සිංහල සේවයට ලියා එව්වේ නිසදැසකිනි. සුධර්මා වීරක්කොඩි ඕං ආවා කෝල් එකක් ඉස්සර අනුන්ගෙ ලියුං මගේ වගෙ ලියුවට පරණ කොන්තරාත්තුවක්... ලියන්නකො ලස්සන පණිවිඩයක්.. ඒ කාටද.. මොන එහෙකටද... මුතු අකුරින්ද.. ඉංග්‍රීසිවලින්ද...? ඔව් අප්පා... අහවලාට... අහවල් එකටද...? වැලන්ටයිං ඩේ එකට.. මොකක්?... කාටද?.. දුවටද? අම්මට මදිවට දුවටත් ලියන්න ඕනැද? නෑ අනේ මට.. අප්පේ අපේ කාලෙ ඉවරයිනේ... ඔව් මට අරං ගිහින් තියල එන්න.. කොහේද...? සුදා එයා යන්න ගියා... මං දකින්නෙම නැතුව.. ගිහින් එන්න නෙවෙයි යන්නම යන්න... ගිය තැනක්වත් මං දන්නෙ නෑ... ඒත් ආයෙ එන්නෙ නෑ.. අර ඔයා ලියල දුන්න මුතුකැට ලියුමයි අද ඔයා ලියා දෙන ආදරෙයි.. එකතු කරලා එකට බැඳලා මල් ඉත්තක දවටා ගෙන අපි හමුවුන තැනට ගිහින් දියවෙනකල් ,පාවෙනකල් ඔහේ ගලාගෙන යනකල් මගෙ කදුලුත් අරං යන්න මහවැලියට ගිහින් එන්න අනේ සුදා ලියා දෙන්න... ඉතින් එයා කොහෙද ගියේ? කා එක්කද යන්න ගියේ? ඔයා ලියපු ලියුම එක්ක රාමු කරපු රූපෙ තියල එයා ගියා මගේ ළඟින් කොරෝනා නෝනා එක්කල...... මේ තොරතුරුද කියවන්න:
'ආදරය' ලොව වැඩිම නිර්වචන ප්‍රමාණයක් ලබා දී ඇති වචනයක් වුවත් එයට අදටත් නිශ්චිත නිර්වචනයක් නොමැත. උපතේ සිට මරණය දක්වා පවතින මානුෂීය බැඳීම්, අධ්‍යාපනය, කලාව, රැකියාව ඇතුළු සෑම අංගයකටම ආදරය යන හැඟීම හෝ වචනය විවිධාකාරයෙන් සම්බන්ධ වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අලුත්ම ජනමත සමීක්ෂණ අනුව පාලක කොන්සර්වේටිව් පක්ෂය ඉදිරියෙන් සිටින නමුත් මැතිවරණය කැඳ වූ අවස්ථාවට වඩා ලේබර් පක්ෂය බොහෝ ඉදිරියට පැමිණ ඇති බව ජනමත සමීක්ෂණවලින් අනාවරණය වේ. ජනමත සමීක්ෂණ එකිනෙකට වෙනස් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන නමුත් සර්වේෂන් ආයතනයේ (Survation) සමීක්ෂණයට අනුව පාලක කොන්සර්වේටිව් පක්ෂය සහ ලේබර් පක්ෂය අතර මේ වනවිට පවතින්නේ 1.1% ක පමණ ඉතා කුඩා පරතරයකි. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද? වයස අවුරුදු 18 සපුරා, ඡන්ද ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටින ඕනෑම බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට ඡන්දය භාවිත කිරීමේ අයිතිය හිමි වේ. එමෙන්ම බ්‍රිතාන්‍යයේ වාසය කරන අයර්ලන්ත ජනරජයේ පුරවැසියන්ට මෙන්ම සුදුසුකම් ලබන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පුරවැසියන්ටද -වයස අවුරුදු 18 ට වැඩි නම් සහ ඡන්ද ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටින්නේ නම් - ඡන්ද බලය හිමිය. ඒ අනුව බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය තිබීම හෝ ස්ථිර පදිංචිය සඳහා අවසර තිබීම බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම පිණිස අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. ජනමත සමීක්ෂණවල ප්‍රතිඵල එමෙන්ම ගතවගිය 15 වසර ඇතුළත මැතිවරණ ලැයිස්තුවේ ලියාපංචි වී සිටින්නේ නම් දැනට විදේශගතව සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ටද සිය ඡන්දය භාවිත කළ හැකිය. කිසිවකු තාවකාලිකව විදේශගත වී සිටින්නේ නම් ඔහුට හෝ අයට තැපැල් ඡන්දය භාවිත කළ හැකි අතර, අවශ්‍ය නම් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙනත් පුද්ගලයකු නම් කළ හැකිය. එසේ නම් කරනු ලබන පුද්ගලයාටද ඡන්ද අයිතිය තිබීම අනිවාර්ය වේ. ස්ථාන දෙකක ලියාපදිංචි වීම සිය නිවසේ ලිපිනයේ මෙන්ම අධ්‍යාපනය හදාරන විශ්ව විද්‍යාලය පිහිටි ලිපිනයේද ඡන්ද ලයිස්තුවේ ලියාපදිංචි වීමට උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අයිතිය හිමි වේ. එසේ ස්ථාන දෙකක ලියාපදිංචි වීම සඳහා අවසර දෙන්නේද යන්න පිළිබඳ අවසාන තීරණය ගනු ලබන්නේ ඡන්ද ලියාපදිංචි කිරීමේ නිලධාරියා විසිනි. ගතවගිය ශතවර්ෂය තුළ බ්‍රිතාන්‍යයේ අගමැතිවරු මහ මැතිවරණයේදී එක් ඡන්දයකට වඩා භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ජනමත සමීක්ෂණ 2015 පැවති මහ මැතිවරණයේ දී ජනමත සමීක්ෂණවල අනාවැකි සහ මහ මැතිවරණයේ ප්‍රතිඵලය අතර ප්‍රබල වෙනසක් පැවතීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම එම දුර්වලතා මගහරවා ගැනීමට තමවත් ජනමත සමීක්ෂණ පවත්වන ආයතන අපොහොසත්ව සිටියි. එබැවින් ජනමත සමීක්ෂණවල ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමේ හැකියාවක් නොමැත. මෙවරද බොහෝ ආයතන ජනමත සමීක්ෂණ පවත්වති. ඔවුන්ගේ ක්‍රමවේද එකිනෙකට වෙනස්වන නමුත් ඔවුහු අඩුම වශයෙන් රට පුරා වෙසෙන දහස් (1000) දෙනෙකුගේවත් මතය විමසති. වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය කවරක්ද? ආසන 650 කින් සමන්විත වත්මන් පාර්ලිමේන්තුවේ ආසන 330 ක් පාලක කොන්සර්වේටිව් පක්ෂයට හිමිවන අතර, ප්‍රධාන විපක්ෂයවන ලේබර් පක්ෂය ආසන 229 ක් හිමිකරගෙන සිටී. 2015 මහ මැතිවරණයේදී ස්කොට්ලන්ත ජාතික පක්ෂය ආසන 54 ක් දිනාගත් අතර, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ආසන 9 ක්ද, ප්ලයිඩ් කම්රු (Plaid Cymru) පක්ෂයට ආසන තුනක් ද හිමි වී තිබේ. හරිත පක්ෂය පසුගිය මැතිවරණයේදී එක් මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය. වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය එක්සත් රාජධානියේ නිදහස් පක්ෂයේ (UKIP) එකම මන්ත්‍රීවරයා පසුව පක්ෂයෙන් ඉල්ලා අස් වී ස්වාධීන මන්ත්‍රීවරයකු බවට පත්විය. මේ අතර උතුරු අයර්ලන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 22 දෙදෙනෙකු තේරී පත් වී සිටිති. ඒ අතරින් ෂින් ෆේන් පක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනා වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ අසුන් නොගනිති.
අගමැතිනි තෙරේසා මේ විසින් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර කැඳවන ලද මහ මැතිවරණයේ ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා (ජුනි 08) පැවැත්වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අතිඋතුම් ශුද්ධ වූ පාප්වහන්සේ කෙනෙකු උතුරු පළාතට පැමිණි මුල්ම අවස්ථාව මෙයයි අතිඋතුම් ශුද්ධ වූ පාප්වහන්සේ කෙනෙකු උතුරු පළාතට පැමිණි මුල්ම අවස්ථාව මෙය වන අතර එසේ පැමිණි ෆ්‍රැන්සිස් පාප්වහන්සේට මඩු දේවස්ථානයේදී ලැබුණේ ඉතාම ඉහල මට්ටමේ පිළිගැනීමකුයි. 'මුළු රටටම දේව ආශීර්වාදයක්' උතුරු පළාතට ආවේණික වූ සංගීත භාණ්ඩ වයමින් අලංකාර පෙරහැරකින් පාප්වහන්සේව මඩු දේවස්ථානය කරා වැඩම කරවන ලද අතර උන්වහන්සේව දැක බලා ගැනීම පිණිස පන්ලක්ෂයකට අධික පිරිසක් මඩු දේවස්ථානයට පැමිණ සිටියහ. පිළිගැනීමේ කතාව කල මන්නාරම රදගුරු රායප්පු ජොෂප් හිමිපාණන් කිය සිටියේ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මඩු දේවස්ථානයට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පැමිණීම නිසා මුලු රටටම එය දේව ආශිර්වාදයක් වූ බවයි. මඩු දේවස්ථානයේ ඉතිහාසය සහ යුද සමයේදී ඊට එල්ලවූ විවිධ බලපැම්ද සිය පිළිගැනීමේ කතාවේදී රායප්පු ජෝශප් හිමිපාණන් විසින් විස්තර කරණු ලැබීය. අනතුරුව පාප්වහන්සේ විසින් මඩුදේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පවත්වා සියලු ජනතාවට කිසිදු කරදරයකින් තොරව ජීවත්වීමට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කළේය. 'සාමය ස්ථාවර කර ගන්න' යුද සමයේදී මෙම භූමිය තුලදීම මිනිසුන් විශාල පිරිසක් මිය ගිය බවත් තුවාල ලැබූ බවත් කී පාප්වහන්සේ එලෙසින්ම ශ්‍රී ලංකාවේ අනෙක් පළාත්වලද එවැනිම තත්ත්වයක් උද්ගත වූ බවද පැවසූහ. නමුත් සාමය උදාවී ඇති මේ අවස්ථාවේදී සියලු දෙනාටම සමාව ලබාදී එකිනෙකා සහෝදරත්වයෙන් යුතුව කටයුතු කොට සාමය තව තවත් ස්ථාවර කර ගත යුතුව ඇතැයිද කියා සිටියේය. යුද සමයේදී මඩු මාතාවගේ පිළිරුව ආරක්ෂාව වෙනුවෙන් වෙනත් පළාතකට රැගෙන යාමට පවා සිදුවූ බව මතක් කළ පාප්වහන්සේ එය ආපසු රැගෙන ඒමට හැකියාව ලැබුණු පරිද්දෙන්ම ශ්‍රී ලංකා වාසීන්ට සහෝදරත්වයෙන් හා සාමයෙන් යුතුව ජීවත්වීමට අවකාශ ලබේවායිද ප්‍රාර්ථනා කළහ.
යුද සමයේදී පවා මන්නාරම මඩුදේවස්ථානයට පැමිණි උතුරේත් දකුණේත් ජනතාව ජාතිභේද ආගම්භේද අතහැර සහෝදරත්වයෙන් යුතුව ජීවත් වූවා සේම යුද්ධයේ කටුක බව අමතක කොට එකිනෙකාට සමාව දෙමින් සමස්ථ ශ්‍රී ලංකා වාසීන් සහෝදරත්වය පෙරදැරි කරගෙන ජීවත් විය යුතුව ඇතැයි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ 14 දා සවස මන්නාරම මරුද මඩු දේවස්ථානයේ පවැත්වූ විශේෂ දේවමෙහෙයෙන් පසුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු මේ බව කියා සිටියේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට අපහාස වන ආකාරයට බාල වයස්කාර ළමයෙකු යොදා ගෙන දැන්වීමක් ප්‍රචාරය කිරීමේ චෝදනා මත නීතිවේදියකු මාර්ගයෙන් අධිකරණයට භාර වෙමින්. රිමාන්ඩ් භාරයට සිද්ධියට අදාළ පරීක්ෂණ තව දුරටත් පැවැත්වෙන බැවින් සැකකාර රදළියගොඩ රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අධිකරණය සැකකරු ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර මිට අදාලව ස්වාධීන රූපවාහිනි සේවයේ එවකට සභාපතිවරයාව සිටි අනුර සිරිවර්ධනගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස ද පොලිසියට නියම කළේය. සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු ද 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ජනාධිපතිවරණය සමයේ දී එවකට පොදු අපේක්ෂකයාට අපහාස වන දැන්වීම ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයාගේ නියෝගය මත පළ කළ බව එහි හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදළියගොඩ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මගීන් වෙනුවෙන් යාඥා කරන්නැයි ඉල්ලන ඉන්දීය කලාකරු සුදර්ශන් පට්නයික් යානය පැහැර ගැනීමේ හැකියාවද බැහැර කළ නොහැකි බවයි, අසරුදීන් අබ්දුල් රහ්මාන් කියා සිටියේ. කුවාලා ලම්පූර් නගරයේ සිට චීනයේ බෙයිජිං අගනුවර බලා ගුවන් ගත වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය එක්වරම රේඩාර් තිරයෙන් අතුරුදහන් විය. අනතුරෙන් කිසිවෙකුත් දිවි බේරා ගෙන ඇතැයි විශ්වාස කළ නොහැකි බව අතුරුදහන්ව සිටින මගීන්ගේ ඥාතීන්ට දැනුම් දී තිබේ. සොරා ගත් ගමන් බලපත් යොදා ගෙන යානයට ගොඩ වූ දෙදෙනා ආසියානු පෙනුමක් රහිත පුද්ගලයන් බව මැලේසියානු බලධාරීහු සනාථ කරති. ඉන් එක් අයෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු මැලේසියානු ජාතිකයෙකු නොවන බවයි පැවසෙන්නේ. යානයේ මගීන් 239 න් 150 ක් චීන ජාතිකයන් එම මගීන් දෙදෙනා පිලිබඳ සියලු තොරතුරු ජාතික ඔත්තු සේවාවන්ට ලබා දී තිබෙන බව වැඩ බලන ප්‍රවාහන අමාත්‍යවරයාද සඳහන් කළේය. චීන ජාතිකයන් 150 දෙනෙකුද ගුවන් යානයේ ගමන් ගත් අතර, මැලේසියානු බලධාරීන් යානයට සිදු වූ දේ සොයා බැලීමේ උත්සාහය උත්සන්න කළ යුතු බවයි ඊට ඉහතදී ප්‍රකාශයක් කළ චීන බලධාරීන් කියා සිටියේ. රටවල් නමයකට අයත් නෞකා 40 ක් සහ ගුවන් යානා 34 ක් මේ වන විට වියට්නාමය සහ මැලේසියාව අවට මුහුදේ සොයා ගැනීමේ මෙහෙයුම්වලට එක් වී සිටිති.
මගීන් 239 ක් රැගෙන පියාසර කරමින් තිබියදී සෙනසුරාදා අතුරුදහන් වූ ගුවන් යානයට සිදු වූ දේ 'අභිරහසක්' බව මැලේසියාවේ සිවිල් ගුවන් සේවා ප්‍රධානියා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉයන් පයිස්ලිට ( Ian Paisley) 2013 වසරේදී දෙවරක් සිය පවුලත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සිදු කළ සංචාර පිළිබඳ හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට දින 30 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර තිබේ. 'ද ඩේලි ටෙලිග්‍රාෆ් (the Daily Telegraph) පුවත්පත මේ පිළිබඳ 2017 වසරේ සැප්තැම්බර් මස මුලින්ම වාර්තා කර තිබුණි. පාර්ලිමේන්තු තහනම පිළිබඳ තීරණය තමන් පිළිගන්නා නමුත් ද ඩේලි ටෙලිග්‍රාෆ්හි පළවූ වාර්තාව පිළිබඳ තමන්ට ගැටලු ඇති බව ඉයන් පෙයිස්ලි පැවසීය. ඉයන් පෙයිස්ලිගේ නීතීඥවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ඔහුගේ සේවාදායකයා "තමන්ට ශ්‍රී ලංකාවෙන් ලැබුණ සත්කාර පිළිබඳ හෙළි කිරීමට බැරි වීම ගැන සමාව ඉල්ලා සිටිනවා" යනුවෙනි. ඔහු උතුරු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂයේ (DUP) සාමාජිකයෙකි. අදාළ මන්ත්‍රීවරයාගේ ක්‍රියාව පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නිකුත් කළ වාර්තාව තමන් නිරීක්ෂණය කළ බව දැන්වූ DUP පක්ෂය "මේ ගැන පක්ෂයේ බලධාරීන් අවදානය යොමු කර සිටින බව පැවසීය. ඉයන් පෙයිස්ලි සිය තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බව ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් ඇතුළු බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ මතයයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ඉයන් පෙයිස්ලි පහත සඳහන් නීති කඩ කර තිබේ: •2014 මාර්තු මස 19 වන දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවකට සහයෝගය පළ නොකරන ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන විශාල උපකාරයක් ලෙස දක්වා තිබුණි. නමුත් ඉන් පෙර මාස දොළහ තුළ ශ්‍රී ලංකා රජයෙන් ඔහුට පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාරය ලැබී තිබිණි. •අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ ශ්‍රී ලංකා රජයෙන් තමන්ට ලැබුණ පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාර පිළිබඳ සඳහන් කිරීමට අපොහොසත් වීමෙන් පාර්ලිමේන්තුවේ නීති රීති කඩ කර ඇත. •2013 මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාවේ කළ සංචාරයන් දෙක ගැන පාර්ලිමේන්තුව විසින් එකඟ වූ දින 28 ඇතුළත ලියාපදිංචි කිරීමට අසමත්වීම. මෙම වාර්තාව සඳහන් "කාරණයේ බරපතළකම" සලකා බැලීමෙන් පසු කමිටුව තීරණය කරන ලද්දේ 2018 සැප්තැම්බර් 4 සිට දින 30 ක කාලයක් ඉයන් පෙයිස්ලි සේවයෙන් ඉවත් විය යුතු බවය. මේ තොරතුරුද දැනගන්න:
පාර්ලිමේන්තු නීති කඩ කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වන ඉයන් පෙයිස්ලිට ( Ian Paisley) සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට බල කිරීමට ඉඩ ඇති අතර අතුරු මැතිවරණයකට මුහුණ දීමට සිදු වනු ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යෝජිත නව ව්‍යවස්ථාව තුළින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට කටයුතු කරන අතරවාරයේ ආර්ථික සාධාරණත්වය ඇති කිරීමටද කටයුතු කළ යුතු බවයි සිවිල් සංවිධානවල එකමුතුවෙන් පිහිටුවා ගෙන ඇති මහජන ව්‍යවස්ථාවක් උදෙසා ක්‍රියාකාරිත්වය පෙන්වා දෙන්නේ. අඟහරුවාදා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති එම සංවිධානයේ රැළියක් අතරතුර එහි ක්‍රියාකාරී සාමාජිකයකු වන සඳුන් තුඩුගල බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක් විය.
ජනතාව අතර සැබෑ ලෙස බලය බෙදාහැරීමක් සිදු කිරීමට නම් නව ව්‍යවස්ථාවෙන්, ජනතාවගේ ආර්ථික සාධාරණත්වය හා සමානාත්මතාවය තහවුරු විය යුතු බව මහජන ව්‍යවස්ථාවක් සඳහා ක්‍රියාකාරිත්වය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මාස ගණනක් සිතා බැලීමෙන් සහ අභ්‍යන්තර සාකච්ඡාවලින් පසු රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළා" හැරී කුමරු සහ මේගන් කුමරිය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන් බ්‍රිතාන්‍ය රාජකීය පවුල "චිත්ත වේදනාවට" පත් වී ඇති බව පැවසේ. හැරී සහ මේගන් සිය පුතු ආචි සමඟ පසුගිය නත්තල් නිවාඩු සමය ගත කළේ කැනඩාවේය. මේගන් මාකල් මෙසේ කැනඩාවට පිටත්ව ගොස් තිබෙන්නේ, හැරී සහ මේගන්ගේ තීරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ විසඳුමක් ලබා දීමට කටයුතු කරන මෙන් රැජින, චාල්ස් කුමරු සහ විලියම් කුමරු සිය කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන අතරවාරයේය. මෙම තීරණයට එළඹීමට පෙර හැරී කුමරු සහ මේගන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුගෙන් උපදෙස් ලබා නොගෙන ඇති බව හැඟී යයි. ඔවුන්ගේ අනාගතය ගැන කතා බස් ඇති වුව ද එය තවමත් මුල් අවධියේ පවතින බැවින් බකිංහැම් මාලිගය "අන්ධ" වී සිටි බව බීබීසී රාජකීය පුවත් වාර්තාකරු ජොනී ඩයිමන් පැවසීය. බකිංහැම් මාලිගය පවසන්නේ, විසඳා ගැනීම පිණිස "සංකීර්ණ ප්‍රශ්න" තිබෙන බවය. "මාස ගණනක් සිතා බැලීමෙන් සහ අභ්‍යන්තර සාකච්ඡාවලින් පසු රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළා," යැයි හැරී කුමරු සහ මේගන් බදාදා (ජනවාරි 08) නිකුත් කළ නිවේදනයේ දැක්වේ. "රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට ද" ඔවුන් අපේක්ෂා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. "රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වෙනවා" එක්සත් රාජධානියේ මෙන්ම උතුරු ඇමරිකාවේ ද විටින් විට දිවි ගෙවීමට සැලසුම් කර ඇති ඔවුන් දෙදෙනා, "රැජින වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම්, පොදුරාජ්‍ය මණ්ඩලයේ මෙන්ම අනුග්‍රාහකයන් වෙනුවෙන් ඇති රාජකාරි නොකඩවා සිදු කරනවා" යැයි පැවසූහ. "මේ භූගෝලීය තුලනය නිසා රාජකීය පසුබිමක බිහිවුණ අපේ පුතාට එම සංස්කෘතිය අගය කිරීමට වගේම අපේ ජීවිතවල මීළඟ පරිච්ඡේදය ගැනත් අවධානය යොමු කරන්න ඉඩ සැලසෙනවා," යැයි ඔවුහු පැවසූහ. ඔවුන්ගේ තීරණය කෙසේවෙතත් හැරී කුමරු තවමත් රජ පවුලේ ඔටුන්න හිමි හයවෙනියාය. කේට් සහ විලියම් කුමරුට අයත් කේම්බ්‍රිජ් පුණ්‍යායතනයෙන් පසුගිය වසරේ ජුනි මස දී ඉවත් වීමෙන් පසු සසෙක්ස්හි රාජකීය පුණ්‍යායතනයක් ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කරති. එම පුණ්‍යායතනයට එක්සත් රාජධානිය පමණක් නොව අප්‍රිකාව මෙන්ම එක්සත් ජනපදය ද සම්බන්ධ කර පවත්වාගෙන යනු ඇති අතර, කාන්තාවන් සවිබල කිරීම එහි ප්‍රධාන අරමුණය. මේ තොරතුරු ද කියවන්න: ඔවුන් මූල්‍යමය වශයෙන් ස්වාධීන වන්නේ කෙසේ ද? මින් පසු රාජකීය දීමනා ලබා නොගන්නා බව හැරී කුමරු සහ මේගන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම තීරණයෙන් පසු ඔවුන් "මූල්‍යමය වශයෙන් ස්වාධීන රජ පවුලේ සාමාජිකයන්" ලෙස හඳුන්වනු ඇතැයි ඔවුහු පැවසූහ. 2018 මැයි මස පැවති ඔවුන්ගේ විවාහ උත්සවයේ දී. රාජ්‍යත්වයට අයත් දේපොළවලින් ලබන ආදායම් සඳහා රැජින බදු නොගෙවන හෙයින් ඇය ඉටුකරනු ලබන නිල රාජකීය කාර්යභාරයන් වෙනුවෙන් කෙරෙන වියදම් මහජන මුදල් වෙයි. 2018 සහ 19 යන වසරවල බ්‍රිතාන්‍යය මහා භාණ්ඩාගාරයෙන් රාජකීය දීමනා ලෙස පවුම් මිලියන 82ක් නිකුත් කර තිබිණි. හැරී සහ මේගන්ගේ රාජකාරිවලට එම රාජකීය දීමනාවලින් 5% ක් ලැබුණු අතර, ඉතිරි 95% ලැබී ඇත්තේ චාල්ස් කුමරුගේ ආදායමෙනි. වර්තමාන නීතියට අනුව, "කිසිදු ආකාරයක ආදයමක් ඉපැයීම ඔවුන්ට තහනම්" නමුත්, නව භූමිකාවට අනුව තවත් ප්‍රධාන පෙළේ රාජකීයන් මෙන් පූර්ණකාලීන ලෙස රැකියාවේ නිරත වීමට අවස්ථාව සැලසේ. නිල විදෙස් සංචාර සඳහා රාජකීය දීමනාවලින් මුදල් ලබා දෙන අතර, "සුදුසු අවස්ථාවල" අදාළ රටෙන් මුදල් දායක කරනු ඇත. "ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා කළ යුතු පුද්ගලයන්" ලෙස හඳුන්වන හැරී සහ මේගන්ට බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසියෙන් සන්නද්ධ ආරක්ෂකයින් යෙදවිය යුතුය. බ්‍රිතාන්‍යය බදු ගෙවන්නන්ගේ මුදලින් පවුම් මිලියන 2.4ක් වියදම් කරමින් අලුත්වැඩියා කළ වින්ඩ්සර් හි දෙවෙනි ශ්‍රේණියේ නිවසක් වන 'ෆ්‍රොග්මෝ' තවදුරටත් ඔවුන්ගේ නිල නිවස ලෙස භාවිතා කරනු ඇත. එක්සත් රාජධානිය තුළ "නිවස යැයි කියා හඳුන්වන්න ස්ථානයක් අවශ්‍යයි," ඔවුහු පැවසූහ. දෙවෙනි නිවස ලෙස උතුරු ඇමරිකාව තෝරා ගත්තේ ඇයි? ඇමරිකානු ජාතික කාන්තාවක් වන මේගන් කැලිෆෝනියාහි දිවි ගෙවන සිය මව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වයි. හැරී කුමරු සහ ආචි කෙසේනමුත්, හැරී සහ මේගන් බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය ප්‍රථමයෙන් හෙළි කළ 'ද සන්' පුවත්පතේ සඳහන් වන්නේ ඔවුන් දෙදෙනාගේ දෙවෙනි නිවස ලෙස කැනඩාව තෝරා ගැනීමට ඉඩ ඇති බවය. ඔවුන් මාස අටක් වියැති සිය පුතා ආචි සමඟ කැනඩාවේ සති හයක නිවාඩුවක් කළහ. නැවත එක්සත් රාජධානියට පැමිණි 35 හැවිදිරි හැරී සහ 38 හැවිදිරි මේගන් ලන්ඩන් නුවර පිහිටි කැනඩා තානාපති කාර්යාලයට ගොස් එරටින් ලැබුණු "අදහාගත නොහැකි" සත්කාරවලට ස්තුති කර තිබිණි. ප්‍රසිද්ධ ඇමරිකානු නාට්‍ය මාලාවක් වන 'සූට්ස්'හි ප්‍රධාන නිළිය ලෙස රඟපෑ මේගන් මාකල් කැනඩාවේ වසර හතක දිවි ගෙවා ඇත. සිය දෙවෙනි නිවාස ලෙස කැනඩාව තෝරා ගන්නා බව ඇය මින් පෙර පවසා තිබිණි. කෙසේනමුත්, මෙම නිවේදනයත් සමඟ හැරී සහ මේගන්ගේ රාජකීය භූමිකාව පිළිබඳ බොහෝ ගැටලු මතු වී තිබේ. තවත් තොරතුරු:
බ්‍රිතාන්‍ය රජ පවුල තුළ හැරී කුමරුගේ අනාගතය පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් තිබිය දී සහ සසෙක්ස් ආදිපාදවරිය මේගන් මාකල් සිය පුතු සමඟ කල් ගෙවීම පිණිස නැවතත් කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වෙනත් ආගම් අදහන කාන්තාවන් හිජාබයක් ඇඟලා හෝ සිය හිස වසාගෙන අවමංගල උත්සවය සඳහා පැමිණ සිටියහ පසුගිය සිකුරාදා වෙඩි තැබීම් සිදු වූ මුස්ලිම් දේවස්ථාන දෙකින් එකක් වන අල්-නූර් ඉදිරිපිට පැවැත්වූ මෙම යාඥා සඳහා දහස් ගණනක පිරිසක් එක්ව සිටි අතර, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ද එයට සහභාගි වී සිටියාය. දහස් ගණනක පිරිසක් අල්-නූර් මුස්ලිම් දේවස්ථානය අසල පිහිටි හැග්ලි උද්‍යානයට පැමිණියහ යාඥා මෙහෙය වූ ගමාල් ෆූඩා ඉමාම්වරයා පැවසුවේ, "අපේ හදවත් කැඩී ගියාට, අපි කඩා වැටිලා නැහැ," යනුවෙනි. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් පනස්දෙනෙකු මියගිය අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. ජාතිවාදී දක්ෂිණාංශික මතවාද දරමින් වෙඩි ප්‍රහාරය සිදු කළ බ්‍රෙන්ටන් ටරන්ට් නමැති විසි අට හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව එක් මිනී මැරුමක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබ තිබෙන අතර, ඔහුට එරෙහිව තවත් චෝදනා ගණනාවක් ගොනු කර ඇත. නවසීලන්තය තුළ අර්ධ ස්වයංක්‍රීය ගිනි අපි භාවිතය සහ ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කරමින් බ්‍රහස්පතින්දා දින (මාර්තු 21) නිවේදනයක් නිකුත් කිරීමට අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ක්‍රියා කළාය. මේ තොරතුරුද කියවන්න: සිකුරාදා සිදු වූයේ කුමක්ද? වෙඩි ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් සිහි කිරීම සඳහා වූ ජාතික දිනයක් ලෙස සිකුරාදා (මාර්තු 22) නම් කරන ලද අතර, දහස් ගණනක පිරිසක් අල්-නූර් මුස්ලිම් දේවස්ථානය අසල පිහිටි හැග්ලි උද්‍යානයට පැමිණියහ. එහි පැවැත්වූ මුස්ලිම් යාඥා නවසීලන්ත ජාතික රූපවාහිනී නාලිකාව සහ ගුවන්විදුලිය ඔස්සේ විකාශනය විය. එමෙන්ම, මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පවත්වා තිබිණි. ප්‍රහාරයෙන් අනතුරුව විපතට පත්වුවන් වෙනුවෙන් ශෝකය පළ කළ ඇය හිජාබයක් පැළඳීම තුළින් ශක්තිමත් පණිවුඩයක් ලබා දී ඇතැයි එහි සිටින බීබීසී වාර්තාකරු පැවසීය "මුළු නවසීලන්තයම ඔබේ දුක බෙදා ගන්නවා. අපි සියලුදෙනාම එක්කෙනක්" යැයි අගමැතිනිය සිය කතාව අතරතුර පැවසීය. රට පුරා පිහිටි මුස්ලිම් දේවස්ථාන ඕනෑම පුද්ගලයෙකුට ඇතුළු විය හැකි ලෙස එදින විවෘත කර තිබූ අතර එම ස්ථාන ආරක්ෂා කිරීම සංකේතවත් කිරීම සඳහා විශාල පිරිසක් අත්වැල් අල්ලාගෙන ගොඩනැගිලි ඉදිරිපිට සිටිනු දක්නට ලැබිණි. වෙඩි ප්‍රහාරයෙන් මියගිය අවුරුදු තුනක් වයසැති මුකාඩ් ඊබ්‍රහිම් ඇතුළු තවත් 30 දෙනෙකු වෙනුවෙන් විශාල අවමංගල උත්සවයක් ද පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා නවසීලන්ත ජාතිකයන් ජාති ආගම් බේදයකින් තොරව සහභාගි වී සිටිනු දක්නට ලැබිණි. "අපේ එකමුතුකම පෙන්වීම සඳහා මම අද මෙයින් සැරසී ඉන්නවා" වෙනත් ආගම් අදහන කාන්තාවන් හිජාබයක් ඇඟලා හෝ සිය හිස වසාගෙන අවමංගල උත්සවය සඳහා පැමිණ සිටියහ. "අපේ එකමුතුකම පෙන්වීම සඳහා මම අද මෙයින් සැරසී ඉන්නවා" යැයි කොණ්ඩා මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක වන මෙලඩි සිය නිල් පැහැති හිස් ආවරණය පෙන්වමින් පැවසුවාය. පසුගිය සිකුරාදා සිදු වූ ප්‍රහාර පිළිබඳ ක්‍රයිස්ට්චර්ච්හි දිවි ගෙවන අනෙක් පුද්ගලයන් සේම මෙලඩි ද බොහෝ පසු තැවෙන බව පැවසුවාය. තවත් තොරතුරු: "මේ අපි නොවෙයි", "මෙයින් ක්‍රයිස්ට්චර්ච් පිළිබිඹු වන්නේ නැහැ", "මෙහි වර්ගවාදයට ඉඩක් නැහැ" ලෙස සඳහන් කළ පුවරු නගරය පුරා දක්නට ලැබිණි. ක්‍රයිස්ට්චර්ච් නගරයේ සෑම දිශාවකින්ම පැමිණි පිරිස මියගිය අය සිහිකරමින් රැගෙන ආ මල් සහ විවිධ සටහන්වලින් හැග්ලි උද්‍යානය වැසී තිබිණි. නවසීලන්තයේ පවතින බහුසංස්කෘතික සමාජය සහ සාධනීය බව පිළිබිඹු කරන සංකේත සහිත කබා ඇඟලා ගත් එරට ආදිවාසීන් වන මඕරි ජාතිකයන්ගේ මෝටර් බයිසිකල් කණ්ඩායමක් මුස්ලිම් යාඥා පැවැත්වෙන කාලය අතරතුර ආරක්ෂාව සපයනු දක්නට ලැබිණි. "මේ සිද්ධිය ගැන ඉතා කනගාටුවට පත් වෙනවා. හැබැයි, මෙයින් පසු අපි හැමෝම තවත් එකමුතු වුණා" යැයි 1951 සිය උපතේ සිට මේ වනතෙක් ක්‍රයිස්ට්චර්ච් නගරයේ දිවි ගෙවන ක්‍රිස්ටීන් මැක්කාට්නි බීබීසී වාර්තාකරු හෝවාර්ඩ් ජොන්සන් සමග පැවසීය. රට පුරා සිටින අන් ආගමික කාන්තාවන්ට සිකුරාදා දින හිස ආවරණ පලඳින ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ජාල ව්‍යාපාරයක් ද දියත් කර තිබිණි මෙම ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් සිහිකරමින් සිකුරාදා (මාර්තු 22) දින නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පසුගිය දිනක දී සිය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. "නවසීලන්ත ජාතිකයන් බොහෝ දෙනෙකුට පසුගිය සතියේ වූ සිද්ධිය සිහි කර ශෝකය බෙදා ගන්න වගේම මුස්ලිම් ජාතිකයන්ට නැවත දේවස්ථානවලට යෑමට උදව් කරන්න අවශ්‍ය බව මම දන්නවා" යැයි අගමැතිවරිය පැවසුවාය. ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආඩන් කටයුතු කළ ආකාරය ප්‍රශංසාවට ලක් වී තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව විපතට පත්වුවන් වෙනුවෙන් ශෝකය පළ කළ ඇය හිජාබයක් පැළඳීම තුළින් ශක්තිමත් පණිවුඩයක් ලබා දී ඇතැයි එහි සිටින බීබීසී වාර්තාකරු පැවසීය. එමෙන්ම, රට පුරා සිටින අන් ආගමික කාන්තාවන්ට සිකුරාදා දින හිස ආවරණ පලඳින ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ජාල ව්‍යාපාරයක් ද දියත් කර තිබිණි.
පසුගිය සතියේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකරමින් ඉස්ලාම් දහමට අනුව සිදුකළ යාඥා නවසීලන්ත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර, සිකුරාදා (මාර්තු 22) පැවැත්වුණු සියලු උත්සවවල මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වනු ලැබිණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් සුපිරි ඇමතිවරයෙකු බිහිකිරීමට සැරසෙන බවට ආණ්ඩුවට චෝදනා එල්ලවී තිබේ මහ ඇමතිවරයා ඒ බව සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳව අගමැතිවරයා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතා කතාකරමින්. සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් සුපිරි ඇමතිවරයෙකු බිහිකිරීමට සැරසෙන බවට ආණ්ඩුවට චෝදනා එල්ලවී තිබෙන අතර, එම කෙටුම්පත දැන් පළාත සභාවල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. කෙසේ නමුත් අගමැතිවරයා විසින් කැඳවන ලද සාකච්ඡාව සඳහා සහභාගි වී තිබුණේ දකුණ, බස්නාහිර, නැගෙනහිර සහ ඌව පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන් පමණයි. උතුර, ඌව සහ උතුරු මැද උතුර, ඌව සහ උතුරු මැද පළාත් සභා දැනටමත් අදාළ කෙටුම්පත වැඩි ඡන්දයෙන් පරාජය කර තිබෙන අතර, එමගින් පළාත් සභාවල බලතල අඩුවන බවට තර්ක කරමින් එය ප්‍රතික්ෂේප කිරීමට අනෙක් පළාත් සභාද තීරණය කර තිබේ. චීනය සමග ඇතිකරගත් එකඟතාවන් අනුව, ඉදිරි වසර කිහිපය තුළ දකුණු පළාතේ කර්මාන්තශාලා 2400ක් බිහිවීමට නියමිත බව අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි කෙසේ වෙතත් යෝජිත පනත පළාත් සභාවල බලතල සීමා කරන බවට එල්ල වන විවේචනය ප්‍රතික්ෂේප කළ අගමැතිවරයා, පනතට යෝජනා කරන සංශෝධන ලිඛිතව ලබා දෙන මෙන් මහ ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් ෂාන් විජයලාල් ද සිල්වා මහ ඇමතිවරයා පැවසීය. පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර සංවර්ධන කටයුතුවලදී පුළුල් සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම පිළිබඳවත් අගමැතිවරයාගේ අවධානය යොමුවූ බව, සාකච්ඡාවට එක්ව සිටි නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය අහ්මඩ් නසීර් පැවසීය. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත මගින් සිදු කිරීමට අපේක්‍ෂිත කාර්යභාරය පිළිබඳව අගමැතිවරයා මහ ඇමතිවරුන්ට කරුණු පැහැදිලි කළ බව, අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මෙමගින් අරමුණු කෙරෙනුයේ පළාත් සභා විෂයයන් මධ්‍යම ආණ්ඩුව යටතට ගැනීමක් නොව, ජාතික සංවර්ධනය සඳහා පළාත් සභා ක්‍රියාකාරී ලෙස සහභාගි කරගැනීම පමණක් යයි අගමැතිවරයා මහ ඇමතිවරුන්ට පෙන්වා දුන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
යෝජිත සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට පැවරී ඇති බලතල අඩු නොකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ සහතික වූ බව දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය, ෂාන් විජයලාල් ද සිල්වා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රාජ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා ජනතා ගැටළුවලට පිළිතුරු සැපයීම ගැන පැමිණිලි විශේෂයෙන්ම පසුගිය සිකුරාදා රාජ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍ය යොදා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ බස්නාහිර සහ දකුණු පලාත්වල ජනතා ගැටළුවලට පිළිතුරු සැපයීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවයි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසන්නේ. කෙසේ නමුත් මැතිවරණයක් පැවැත්වුණු පමණින්ම රටේ රාජ්‍ය නායකයාට ජනතා ගැටළු සම්බන්ධයෙන් අවධානය පළ කිරීමෙන් වැලකී සිටිය නොහැකි බව කැෆේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශය කළ විමසීමකදී පිළිගත්තේය. පැමිණිලි 600 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 613 ක් මේ වන විට තමන්ට ලැබී තිබෙන බව පවසන ඔහු, එයින් බහුතරය රාජ්‍ය දේපොළ අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධ චෝදනා බවද කියා සිටියේය. ආරක්ෂක ලේකම්වරයා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වීමද විවේචනයට ලක් විය කැෆේ සංවිධානය සිය නිරීක්ෂණ ආරම්භ කළ අවස්ථාවේ පටන් මේ දක්වා අදාළ කාලසීමාව තුල වැඩියෙන්ම පැමිණිලි ලැබී තිබෙන්නේ මෙවර මැතිවරණයේදී බවද ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක මානව සම්පත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගැනෙමින් තිබෙන බවත් රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට පැවසීය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පැමිණිලි කිරීමෙන් අනතුරුව පාලක සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක උදය ගම්මන්පිල පසුගියදා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන් සමාව ඉල්ලා සිටියේය. පැමිණිලි විශාල ප්‍රමාණයක ලැබී තිබෙන නමුත් ඒ අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි ඉතා අඩු බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භයේදී එතරම් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවීම සාමාන්‍ය තත්වයක් බවයි.
මැතිවරණයක් පැවැත්වෙන සමයක ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඔස්සේ අදාළ ප්‍රදේශවල ජනතා ගැටළු විසඳීමට මැදිහත්වීම යෝග්‍ය නොවන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'බර්ඩ්මෑන්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ අලෙහන්ද්‍රෝ ගොන්සාලෙස් සිය ඔස්කාර් සම්මාන සමඟ හොඳම නිළිය ජුලියන් මුවර් අධ්‍යක්ෂ අලෙහන්ද්‍රෝ ගොන්සාලෙස් ගේ නිර්මාණයට හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂ ඇතුළු සම්මාන හිමි වීම උළෙලේ කැපී පෙනුණ සිදුවීමක්. සම්මාන පිළිගනිමින් දේශනය පැවැත්වූ මෙක්සිකානු ජාතික අධ්‍යක්ෂවරයා, සංක්‍රමණික ජනතාව ඇමෙරිකා එක්සත් ජනපදයට ලබාදුන් දායකත්වයට සිය ප්‍රණාමය පුද කළේය. හොඳම නළුවා එඩී රෙඩ්මේන් "The Theory of Everything" චිත්‍රපටයේ විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්ගේ චරිතයට රිදී තිරයේ පණ පෙවූ බ්‍රිතාන්‍ය ජාතික එඩී රෙඩ්මේන් හොඳම නළුවා සම්මානයෙන් පුද ලැබූ අතර, "Still Alice" වයෝවෘද්ධ විශ්ව විද්‍යාල ආචාර්යවරියකගේ චරිතය නිරූපණය කළ ජුලියන් මුවර්ට හොඳම නිළිය සම්මානය හිමි විය.
හොලිවුඩ් පුරවරයේ ඉරිදා රාත්‍රියේ පැවති ඔස්කාර් සමාන උළෙලේදී 'බර්ඩ්මෑන්' ("Birdman") චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මින් මාස කීපයකට පෙර ද මෙවැනි සිදුවීමක් වෙනුවෙන් ජනතාවගෙන් සමාව අයැද සිටීමට දුම්රිය බලධාරීහු ක්‍රියා කළහ. "අපේ පාරිභෝගිකයන් මේ විදියට දැඩි අපහසුතාවට පත් කිරීම ඇත්තෙන්ම සමාව දිය නොහැකි වරදක්," යනුවෙන් දුම්රිය ක්‍රියාකරුවෙකු පැවසීය. පසුගිය වසරේ නොවැම්බර් මස දුම්රියක් නියමිත වේලාවට වඩා තත්පර විස්සකට පෙර පිටත් වූ නිසා අදාළ සමාගම මගීන්ගෙන් සමාව අයැද සිටියේය. මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල සංවාදයකට තුඩු දී තිබේ. දුම්රිය නොටොගාවා දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතව ඇත්තේ උදෑසන 7.11 ට බව හසුරවන්නා සිතා සිටියත්, එය 7.12 ට පිටත්වීමට නියමිතව තිබිණි. දුම්රියේ දොරවල් මිනිත්තුවකට පෙර වසා දැමුණු අතර, එසැණින් ඔහුට සිය වැරැද්ද වැටහුණි. ඒ අවස්ථාවේදී වුවද ඔහුට වැරැද්ද නිවැරදි කර ගැනීමට කාලය ඉතිරිව තිබුණි. එහෙත් දුම්රිය වේදිකාවේ බලා සිටි මගීන් නොදුටු ඔහු තත්පර විසිපහකට පෙර දුම්රිය ධාවනය කරවීමට කටයුතු කර ඇත. දුම්රිය පිටත් වීමට සුළු වේලාවකට පෙර වේදිකාව මතට පැමිණි මගීන්ට එය ඉවතට ඇදෙනු බලා සිටීමට සිදු වූ බැවින් ඒ පිළිබඳ දුම්රිය බලධාරීන්ට පැමිණිලි කිරීමට මගීන් කටයුතු කර ඇත. ඉන් සුළු මොහොතකට පසු දුම්රිය සමාගම ඔවුන්ගෙන් සමාව අයැද තිබේ. ජපාන දුම්රිය සේවා නියමිත වේලාවට ක්‍රියාත්මක වීම පිළිබද මහත් ප්‍රසිද්ධියක් උසුලයි. තවත් තොරතුරු:
නියමිත වේලාවට වඩා තත්පර විසිපහකට පෙර දුම්රිය පිටත් වීමෙන් මගීන්ට ඇති වූ අපහසුතාව වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමට ජපාන දුම්රිය සමාගමක් ක්‍රියා කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් උතුරු පළාතෙන් බුදු පිළිම ඉවත් කරන ලෙස තමන් නියෝග කළ බව පවසමින් දකුණේ ඇතැම් මාධ්‍යවේදීන් විසින් වැරදි සහ විකෘති කරන ලද පුවත් පළ කරනු ලැබීම හේතුවෙන් ඇති වූ ජීවිත තර්ජන හමුවේ රජයෙන් ආරක්ෂාව ඉල්ලීමට ද සිදු වූ බව උතුරු පළාත් මහ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මාධ්‍යවේදියකුගේ වගකීම විය යුත්තේ ජනතාවට නිවැරදි සහ සත්‍ය තොරතුරු සැපයීම බවත් එය තම වගකීම බව මාධ්‍යවේදීන් සිහි තබා ගත යුතු බවත් මහ ඇමතිවරයා සඳහන් කළේය. ඉතා කල්පනාකාරී ලෙස වාර්තාකරණයේ නිරතවන ලෙස මහ ඇමතිවරයා උතුරේ මාධ්‍යවේදීන්ගෙන්ද ඉල්ලා සිටියේය. ඔහු එම ඉල්ලීම කළේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයින්ගෙන් සැදුම්ලත් දෙමළ ජනතා විමුක්ති පෙරමුණ නැමති දෙමළ දේශපාලන පක්ෂයේ නායක නඩේෂපිල්ලේ විද්‍යාදරන් විසින් ආරම්භ කරන ලද ''කාලෙයි කදිර්'' නැමති පුවත්පත එළිදැක්වීම වෙනුවෙන් යාපනයේ පැවති උත්සවයක් අමතමිනි.
වගකීම් විරහිත මාධ්‍ය භාවිතය හේතුවෙන් සිය ජීවිතයට තර්ජන එල්ල වූවා පමණක් නොව තමන්ට දකුණේ මිතුරන්ද අහිමි වූ බව උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පළමුව උතරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පොලිස්, මැතිවරණ, රාජ්‍ය සේවා, සහ අධිකරණ ස්වාධීන කොමිසන් සභා පත් කල යුතු බවයි, වික්‍රමසිංහ විපක්ෂ නායකයා ප්‍රකාශ කළේ. දෙවනුව නීතියේ ආධිපත්‍යය බිඳ හෙලන ක්‍රියාකාරකම් නතර කල යුතු බව පැවසූ ඔහු ඊට සම්බන්ධ නිලධාරීන් ඉවත් කළ යුතු යැයි පැවසුවේය. සිවිල් ආණ්ඩුකාරවරයකු තුන්වෙනුව, උතුරු පළාත් ආණ්ඩුකාරධුරය සදහා විපක්ෂයට පිළිගත හැකි සිවිල් ආණ්ඩුකාරවරයකු පත් කළ යුතු බවත් සිව්වෙනුව මැතිවරණය සඳහා විදේශ නිරීක්ෂකයන් කැඳවිය යුතු බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. ඊට පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමක්ද ඇතුලත් විය යුතු බව ඔහු කියා සිටියේය. මෙම කොන්දේශි සපුරා උතුරු පළාත් සභා මැතිවරණය නිදහස්ව හා සාධාරණව පවත්වන්නේ නම් එය සෙසු බරපතල ප්‍රශ්න රැසක් විසදීමේ මුල් පියවර වනු ඇති බවයි, විපක්ෂ නායකයා වැඩිදුරත් ප්‍රකාශ කළේ.
උතුරේ සංචාරයක් ආරම්භ කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, යාපනයේදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් සහ සාධාරණව පැවැත්වීමට නම් ආණ්ඩුව කොන්දේසි හතරක් සම්පූර්ණ කල යුතු බවයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම ප්‍රාදේශීය සභාවේ සභාපති ඩොමිනික් ඇන්ටන් අද (31)වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, තමාද ඇතුළත් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු දෙමළ ජාතික සන්ධානය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වන බවයි. ‘පච්චිලෙයිපල්ලි’ ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හය දෙනකු සහ ඊ.පී.ඩී.පී.සංවිධානයේ මන්ත්‍රීවරුන් තිදෙනකු නියෝජනය වෙති. සංවර්ධනයේ නාමයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දීමට එක්වීමත් සමගම එම ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන බවයි සභාපතිවරයා කියා සිටියේ. රජයට සහයෝගය දීම තුළින් කිළිනොච්චියේ සංවර්ධන කටයුතු ඉතා වේගවත්ව එසේම සැලසුම් සහගත ලෙස ඉටුකර ගත හැකි බව තමන්ට වැටහීමෙන් පසුව ඒ ගැන සෙසු මන්ත්‍රීවරුන්ට ද දැණුම් දී රජයට එක්වීමට තීරණය කළ බවත් සභාපති ඩොමිනික් ඇන්ටන් පැවසීය. විවේචනය විතරයි ‘දෙමළ ජාතික සන්ධානය රජය විවේචනය කරමින් සිටිනවා මිස දෙමළ ජනතාවට කිසිදු යහපතක් ඉටු කරන්නේ නැහැ. ඒ බව උතුරු පළාත් සභාවේ කටයුතු දෙස බලන විට ඉතා ම පැහැදිලියි’ පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඩොමිනික් ඇන්ටන් වැඩිදුරටත් කියා සිටියි. 2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දී ඔහු යළිත් ජනාධිපති පදවියට පත් කර ගත්තොත් කිළිනොච්චිය ද ඇතුළු උතුරු පළාතේ දෙමළ වැසියන්ට අවශ්‍ය පහසුකම් ඔහු ලවා ඉටුකර ගැනීමට හැකි වනු ඇත යන අපේක්ෂාව යටතේ තමන් ඉහත කී තීරණයට එළඹි බවයි ඩොමිනික් ඇන්ටන් වැඩිදුරටත් පවසන්නේ.
දෙමළ ජාතික සන්ධානය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය පළ කරනු ලැබීමෙන් දවසකට පසුව කිළිනොච්චියේ ‘පච්චිලෙයිපල්ලි’ ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන තත්වයක් උද්ගත වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චෙන්කලඩි,කිරාන්,සහ මඩකලපුව නගර ප්‍රදේශවල බ්‍රහස්පතින්දා සිට දින තුනක් තුළ සිදු කළ විමර්ශන කටයුතු සඳහා එක සිය හැට එක් දෙනෙකු කැඳවා ඇතත් වාචික ප්‍රකාශන ලබා දී ඇත්තේ එකසිය තිස් දෙදනකු බවයි වාර්තා වන්නේ. කොමිසමේ ලේකම් එස්.ඩබ්ලිව්.ගුණසේන පැවසුවේ පසුගිය දින තුනේ දී එක සිය විසි නව දෙනෙකු ප්‍රකාශන ලබා දී ඇති බවයි. තුන් දෙනෙකු රහසි ගතව ප්‍රකාශන ලබා දී ඇති බවත් ඔහු පැවසුවේය. අලුත් පැමිණිලි එක් දහස් දෙසිය අසූ හතක් ලැබුණු බව ද ඔහු සඳහන් කළේය. එක් දහස් නවසිය අනූවේ හය වැනි මාසේ විසි හතර වැනි දින විශේෂ කාර්ය බලකාය විසින් තම පිරිමි දරුවන් තිදෙනෙකු එකම දිනයේ රැගෙන ගිය බව සාක්ෂි දීමට පැමිණ සිටි ඔවුන්ගේ මව මහේස්වරි රාජනාදන් පැවසුවාය. නව දරු මවකු වන ඇය පැවසුවේ දරුවන් තිදෙනා අතරින් දෙදෙනෙකු දහතුන් වියේ සහ දහ නව වන වියේ පසු වු පාසල් සිසුන් බවයි. තමන් පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ අනාථ කඳවුරේ රැදී සිටි කාලයේ මෙම සිද්ධිය සිදු වූ බව අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ සිට පැමිණ සිටි ඇය පැවසුවාය. තිරුපෙරුන්තුරයි පදිංචි ජේසුදාසන් එලිසබෙත් වසර විසි හතරකට කට පෙර අතුරුදහන් වූ පුතා පිළිබඳව තොරතුරු සොයමින් අද සාක්ෂි දීමට පැමිණ සිටියාය. එක් දහස් නවසිය අනූවේ ඔක්තෝබර් මාසයේ විසි පස් වෙනිදා දහසය හැවිරිදි පාසල් සිසුවෙකු වූ තම පුතා හමුදාව සමග ආ ටෙලෝ සංවිධානයේ සාමාජිකයන් විසින් ට්‍රැක්ටරයකින් රැගෙන ගිය බවයි කොමිසමට සාක්ෂි දෙමින් ඇය කියා සිටියේ. එක් දහස් නවසිය අනූවේ දී කුරුකල්මඩම් ප්‍රදේශයේ අතුරුදහන් වූ එක සිය පනහකට අධික මුස්ලිම් ගම්වාසීන් පිලිබඳව පැමිණිලි ඉදරිපත් කිරීමට දෙදෙනෙක් පැමිණ සිටියහ. විමර්ශන කටයුතු අවසන් වූ පසු අතුරුදහන් වූ මුස්ලිම් ගම්වාසීන්ගේ මිනීවලවල් ඇති බව සැක කෙරෙන ප්‍රදේශයකට කොමිසමේ සාමාජිකයන් ගොස් නිරීක්ෂණය කල බව නැගෙනහිර පළාත් සභා මංත්‍රී සිෆ්ලි මොහමඩ් ඵරූක් සඳහන් කළේය. අධිකරණ නියෝගයක් ලබාගෙන එම ප්‍රදේශය හෑරීමට කටයුතු කරන බව කොමිසමේ සාමාජිකයන් තමන්ට පොරොන්දු වූ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නැගෙනහිර පළාත සඳහා වූ සිය පළමු අදියරේ විමර්ශන කටයුතු අද සෙනසුරාදා අවසන් කරන ලදී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහ බැංකු අධිපතිවරයාගේ නිල ධුර කාලය ජුනි 30 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් එම ධුරයේ වෙනසක් සිදු නොවනු ඇති බව ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මහ බැංකු අධිපතිවරයාට අසාධාරණයක් සිදු වී ඇති බව පවසමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් මාධ්‍ය හමුවක් කැඳවණු ලැබ තිබුණේ මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිල ධුර කාලය දීර්ඝ නොකරන ලෙස සිවිල් සමාජ කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවකදී. මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නිවැරදිකරු බව 2015 වසරේ මැයි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කර තිබියදී ඔහුට දිගින් දිගටම චෝදනා කිරීම සාධාරණ නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෝප් කමිටුව පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා අගමැතිවරයා විසින් පත් කරන ලද බව සඳහන් විශේෂ කාරක සභාවට කුමක් වූයේ දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ එම පරීක්ෂණය කෝප් කමිටුව හරහා සිදු වන බවයි. අර්ජුන මහේන්ද්‍රන් නැවතත් මහ බැංකු අධිපති ධුරයට පත් කරන බවට රජයට සෘජු ප්‍රකාශයක් සිදු කළ නොහැක්කේ ඇයිදැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම පත්වීම තමන් විසින් සිදු නොකරන නිසා තමන්ට පැවසිය හැක්කේ එම ධුරයේ වෙනසක් නොවන බව පමණක් බවයි. මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගන්නා තීරණය එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සඳහා තීරණාත්මක ලෙස බලපානු ඇති බවයි මේ අතර දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබෙන්නේ. 'සංවේදී තොරතුරු' මේ අතර බැඳුම්කර ගනුදෙනුවට අදාළව සවිස්තර විගණනයක් සකස් කිරීම පිණිස විගණකාධිපතිවරයාට තොරතුරු ලබාදීමේ මැලිකමක් දැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම පිණිස පසුගිය බදාදා මහ බැංකු අධිපතිවරයා පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැඳවා තිබුණි. 'සංවේදී තොරතුරු' ලෙසින් විග්‍රහ කරමින් මහ බැංකුව බැඳුම්කර සම්බන්ධ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබූ නමුත් පාර්ලිමේන්තුවට තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවයි කෝප් කමිටුවේ ප්‍රධානී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. පාර්ලිමේන්තුවට කැඳවා තදින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ලබන 15 වැනි දිනට ප්‍රථම එම තොරතුරු විගණකාධිපතිවරයාට ලබාදීමට මහ බැංකු අධිපතිවරයා එකඟ වූ බව හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුවක් හිමි වනු ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දේශපාලනයට මැදිහත් වීමේ ඉතිහාසයක් සහිත තායිලන්ත යුද හමුදාව දැනට රට තුළ උද්ගත ව පවතින අලුත් ම පාලන අර්බුදයේ දී තවමත් පසු වන්නේ ඊට ඇඟිලි ගැසීමකින් තොරවයි. නව මහ මැතිවරණය තායිලන්ත අගමැතිනි යින්ග්ලුක් සිනවත් සහ ඇයට පදවියෙන් ඉවත් වෙන මෙන් බලපෑම් කරන විරෝධතාවාදීන් අතරයි, දැනට දේශපාලන ගැටුම පවතින්නේ. තමාට එරෙහිව පැතිර යමින් තිබුණ සති කීපයක විරෝධතා ව්‍යාපාරයකින් පසුවයි, අගමැතිවරිය නව මහ මැතිවරණයක් කැඳවීමට පියවර ගත්තේ. පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කෙරෙන තෙක්,ඡන්දයෙන් පත් නොවූ මහජන මණ්ඩලයක් විසින් රට ආණ්ඩු කිරීම තායිලන්ත විපක්ෂයේ උවමනාවයි. මේ අතර ප්‍රකාශයක් කරන තායිලන්තයේ ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදීන් කියා සිටින්නේ ලබන පෙබරවාරි මහ මැතිවරණය වර්ජනය කරන බවයි.
දැනට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ආකාරයට ලබන පෙබරවාරි මාසයේ මහ මැතිවරණය කැඳවනු ලැබුනොත් රට සිවිල් යුද්ධයකට ඇද වැටිය හැකි බවට තායිලන්ත යුද හමුදාපති ජනරාල්,ප්‍රයුත් චනොචා(General Prayuth Chan-ocha) අනතුරු ඇඟවීමක් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චීනය තුළදී නිපදවන ලද පළමු ප්‍රහාරක යානා නෞකාව මෙය වේ. මේ තත්වය සමග කලාපය තුළ චීනයේ හමුදාමය නියෝජනය තවදුරටත් ඉහළ නංවන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ පරිදි එරට ඊසාන දිගින් පිහිටි ඩාලියාන් වාරයේදී නෞකාව මුහුදට දියත් කර ඇත. මීට පෙරදී වාර්තාවල කියැවුනේ එය 2020 වසරේදී ක්‍රියාත්මකවීම අරඹන බවය. උණුසුමට චීනයේ මැදිහත්වීම කෙසේවෙතත්, චීනය මෙම නෞකාව දියත් කළේ මෑතක සිට ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර ඉහළ නගිමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේය. නෞකාවට 'ෂෙන්යැං' J-15 වර්ගයේ ප්‍රහාරක යානා ගෙන යා හැකිය මේ දක්වා චීනය සතුව පැවතියේ එක් ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවක් පමණි. 'ලියාඔනිං' නම්වූ එය යුක්‍රේනයෙන් මිලට ගත් නවීකරණය කරන ලද්දකි. තවමත් නම් කර නොමැති නව ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවට 'ෂෙන්යැං' J-15 වර්ගයේ ප්‍රහාරක යානා ගෙන යා හැකිය. එහෙත්, ඇමෙරිකාව සතු ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකා 10 ට වඩා තාක්ෂණික වශයෙන් අඩු මට්ටමක ඇති බව යුද විශ්ලේෂකයින් සිතන බව චීනයේ බීබීසී වාර්තාකරු ස්ටීවන් මක්ඩොනෙල් පවසයි. පසුගිය දිනවල ඇමෙරිකාව විසින් කොරියානු අර්ධද්වීපය වෙත යූඑස්එස් කාල් වින්සන් (USS CARL VINSON) ප්‍රමුඛ යුද නෞකා මෙන්ම යූඑස්එස් මිචිගන් (USS MICHIGAN) මිසයිල සන්නද්ධ සබ්මරිනය යැවීම උතුරු කොරියාවේ කෝපයට හේතුවිණි. මතුව ඇති තත්වය හමුවේ සන්සුන්ව ක්‍රියා කරන්නැයි චීනය ඉල්ලා සිටියේය. කෙසේවෙතත්, මේ තත්වය මධ්‍යයේ චීනය විසින් දියත් කරන ලද යානා ප්‍රවාහන නෞකාව එරට මේ වනවිට සතු වසර 25 ක් පැරණි 'ලියාඔනිං' නැවට වඩා සුවිශේෂ වැඩිදියුණු කිරීමකින් යුතු නෞකාවක් ලෙස සැළකේ. යුක්‍රේනයෙන් මිලදී ගෙන තුබුණු ලියාඔනිං නව නවීකරණය කරන ලද, පැරණි සෝවියට් සමුහාණ්ඩුවට අයත්වූ එකකි. චීනයේ පළමු ප්‍රහාරක යානා නෞකාව වූ 'ලියාඔනිං', නවීකරණ කරන ලද පැරණි සෝවියට් නැවකි චීනයේ ෂින්හුවා පුවත් සේවය පෙන්වාදෙන පරිදි අභිනව නෞකාව ඉදිකිරීම ඇරඹුණේ 2013 වසරේදීය. එය දියත් කිරීමේ අවස්ථාවට චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපතිවරයාද එක්විය. චීන ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබුනේ එරට J-15 ප්‍රහාරක යානා සමග වෙනත් ගුවන් යානා ගෙන යා හැකි මෙම නෞකාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන්නක් නොවන බවය.
කලාපය තුළ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේ චීනය තමන් විසින්ම නිපදවන ලද පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා රජය චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ ජාතික සංවර්ධනය මත පිහිටා කටයුතු කරනු ඇති බවට චීනය විශ්වාශ කරන බවත් දේශපාලන තත්වය වෙනස්වීම නිසා වැදගත් සහයෝගිතා ව්‍යාපෘති වලට බාධා සිදුවීමට ඉඩ නොහැරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය . චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ මේ අදහස් දක්වා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ජාවකදීයි. කොළඹ වරාය ආශ්‍රිත වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව කර ගෙන යාමට අවසරය ලැබෙන බව රජය ඊයේ, බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.
හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි චීන - ශ්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සහ ජනතාවගේ යහපත උදෙසා බව චීන සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චාඕ ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'එළුග තමිල්' උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබෙන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දෙමළ ජනතා සභාව විසිනි. සිය අයිතිවාසිකම් දිනා ගනු වස් හඬ නැගීම පිටුපස සිංහල විරෝධයක් නොමැති බව උතුරු පළාත් මහ ඇමතිවරයා අවධාරණයෙන් කියා සිටියි. රට තුළ භීෂණයක් මවා පෙන්වා දෙමළ ජනතාවගේ අරමුණු මුදුන් පත් කර ගැනීමේ උත්සාහයක් සිය ක්‍රියාමාර්ගය තුළින් අපේක්ෂා නොකරන බවයි ''එළුග තමිල්'' උද්ඝෝෂණයට එක් වූ මහ ඇමතිවරයා පෙන්වා දෙන්නේ. 'එළුග තමිල්' උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබෙන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දෙමළ ජනතා සභාව විසිනි. ජාතික ගැට‍ළුවට දේශපාලන විසඳුමක් ලබා ගැනීම, උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කොට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා ගැනීම සහ දෙමළ සංස්කෘතියට බලපෑම් එල්ල වන අන්දමින් උතුරු පළාත තුළ බලහත්කාරයෙන් බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම නවතා ලීම යන ඉල්ලීම් තුනක් මූලික කර ගනිමිනුයි ''එළුග තමිල්'' ව්‍යාපාරය දියත් කෙරුණේ. 'එළුග තමිල් - දෙමළ අයිතිවාසිකම් සටනක්' දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වූවන් සොයා දීම, උතුරේ දෙමළ ජනතාවට අයත් ඉඩම් නිදහස් කිරීම යන ඉල්ලීම්ද එහි දී ඉස්මතු කෙරුණි. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ අපේක්ෂාවන් මොනවා දැයි යන්න දෙමළ නායකයින් විසින් ඉතා පැහැදිලිව සාධාරණ ලෙස කලින් පැවති රජයන්ට සහ වත්මන් රජයට පෙන්වා දී ඇති නමුත් ඒ සඳහා සාධාරණයක් ඉටු නොවන තැන මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි උතුරු පළාත් මහ ඇමතිවරයා පවසන්නේ. ''එළුග තමිල්'' වැඩ පිළිවෙල සමඟ අද (24) යාපනය නගරයේ සියළුම වෙළඳසැල් වසා දමා තිබූ අතර ගමනාගමන කටයුතු බෙහෙවින් අඩාල වී තිබූ බව දිනසේන රතුගමගේ බීබීසී සිංහල සේවයට වාර්තා කරයි. සෙනසුරාදා දිනවල විවෘත කිරීමට නියමිත රජයේ කාර්යාල විවෘතව පැවති නමුත් නිලධාරීන් ස්වල්ප දෙනකු පමණක් රාජකාරියට වාර්තා කොට තිබිණි. යාපනය නගරයට ඇතුළු වන ස්ථානවල ආරක්ෂාව තර කිරීමට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා තිබෙනු දක්නට ලැබිණි.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිවු' යන මැයෙන් සංවිධානය කෙරුණ ව්‍යාපාරය දකුණේ සිංහල බෞද්ධ ප්‍රජාව වරදවා වටහා නොගත යුතු යැයි උතුරු පළාතේ මහ ඇමති සී.වී විග්නේස්වරන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
''මම දවසක් හාඩ්වෙයාර් එකට යනකොට මුදලාලි ගෝලයට කිව්වා ඔන්න ඔය දොර වහපන් කියලා.'' ඒ ගැන ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයේදී සඳහන් කළේ වසරක කාලය තුළ, COVID -19 රෝගය ගැන ජන සමාජය දක්වන ආකල්පය 'අහසට පොළව මෙන් වෙනස් වී' ඇති බවය. ''මට කොරෝනා හැදෙන කාලේ කොරෝනා රෝගියෙක් ඉන්නව නම් ජනේලයක්වත් අරින්නෙ නැතුව, හුස්ම ගන්නත් බයේ මිනිස්සු ජීවත් වුණේ. අද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ජන සමාජය මේක ගණන් ගන්නේ නෑ.'' යනුවෙන් ජයන්ත රණසිංහ කියා සිටියේය. ''පෙත්සම් ගහපු බොහෝ දෙනා ඥාතීන්'' 2020 මාර්තු 03 වැනිදා ඉතාලි සංචාරකයන් සිවුදෙනෙකු සමග දඹුල්ල ප්‍රදේශයේ කළ සංචාරයක් අතරතුර ඔහුට රෝග ලක්ෂණ මතුවී තිබුණි. සංචාරය අතරතුර ප්‍රතිකාර ගෙන තිබුණ ද සුව නොවීම නිසා පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යයාතයනයට ඇතුළත් වීමෙන් අනතුරුව ජයන්ත රණසිංහට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මාර්තු 09 වැනිදා තහවුරු විය. ''මට ලොකු මිසී ඇවිත් කිවුවම හිතාගන්න බැරි වුණා. මම බිරිඳට කතා කරලා කිව්වා මැරුණත් ගෙදරට ගන්න එපා කියලා. මට පුතයි දුවයි දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලො කොහොමද ඉදිරියේදී ජීවත් වෙන්න ඕනා කියලත් මම එදා බිරිඳට උපදෙස් දුන්නා.'' යනුවෙන් ඉතා හැඟුම්බරව ජයන්ත අතීතය සිහිපත් කළේය. ඔහුට COVID -19 රෝගය වැළඳී ඇති බව ප්‍රසිද්ධවීමත් සමග බිරිඳ හා දරු දෙදෙනා කෙරෙහි ද සමාජයේ දැඩි අවධානයක් යොමු විය. එහෙත් ඔවුන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළඳී නොමැති බව පසුව සෞඛ්‍ය බලධාරීහු තහවුරු කළහ. ''මට කොරෝනා හැදිලා රෝහලේ ඉන්නකොට නහය වහගෙන තමයි මිනිස්සු අපේ ගේ ළඟ තාප්පේ පහු කරගෙන දුවලා තිබුණේ. අසල්වාසීන් දහනව දෙනෙක් MOH මහත්තයට පෙත්සමක් ගහලා තිබුණා. ඒකෙ හුඟක් හිටියෙ මගේ ඥාති වෙන අයයි. සමහරු උත්සහ කළේ අපිව මෙහෙන් යවන්න.'' යනුවෙන් ඔහු පැවසුවේය. එමෙන්ම ඇතැමුන් විරෝධතා සංවිධාන කිරීමට සුදානම් වුව ද ආරක්ෂක අංශවල මැදිහත්වීම මත ඒවා ව්‍යර්ථවී තිබුණි. කොරෝනා වෛරසය ; ශ්‍රී ලාංකාවේ පළමු රෝගියා COVID 19 නිසා මිනිසුන් ගැන උගත් පාඩම් ''හාර්ඩ්වෙයාර් එකට යනකොට දොර වැහුවා. ගෙදරට යාළුවෝ එන්නෙත් නෑ.'' කොළඹ, අයිඩීඑච් හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ දින 18ක් ප්‍රතිකාර ලැබූ ඔහු 2020 මාර්තු 22 වන සඳුදා පස්වරුවේ යළි නිවසට පැමිණියේය. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ඔහු නිවසෙන් පිටතට නොගොස් තවත් දින 21ක් ස්වයං නිරෝධායනයට ලක්වී තිබුණි. ඉන් පසුව ද ටික දිනක් නිවසේම රැදී සිටීමෙන් පසු ජයන්ත යළි සිය දෛනික කටයුතු ආරම්භ කිරීමට උත්සහ කළ ද අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට ඔහුට සිදුව තිබේ. ''මම බොහොම ළඟින් ඇසුරු කරපු කට්ටිය කෝල් එකක්වත් නොදී හිටියා. ඒ කියන්නේ ටෙලිෆොන් එක දිගේවත් කොරෝනා එයි කියලා බයට. මම බයිසිකලේ යන වෙලාවට ළඟින්ම හිටපු යාලුවෝ දැක්කම නතර කරනවා. එතකොට ඒ අය අඩි දෙකක් පස්සට ගිහිල්ලා තමයි කතා කරන්නේ. ඒ තරම් බයක් තිබුණා. මම දවසක් හාඩ්වෙයාර් එකට යනකොට මුදලාලි ගෝලයට කිව්වා ඔන්න ඔය දොර වහපන් කියලා.'' යනුවෙන් ජයන්ත සිය අත්දැකීම් විස්තර කළේය. එම කාලය තුළ දරු දෙදෙනා නිවසටම වී කාලය ගත කර තිබුණි. එබැවින් ජයන්ත සහ බිරිඳ පමණක් අත්‍යවශ්‍ය කරුණකට නිවසින් බැහැරව ගොස් තිබේ. ''දවසක් මගේ නෝනා ෆාමසියට ගියා බෙහෙත් ගේන්න. ෆාමසියේ අය අපිව දන්නා නිසා තුණ්ඩුව දීලා යන්න, මම බෙහෙත් ලෑස්ති කරලා තියන්නම්. ඇඳිරි නීතිය දාන්න කලින් ඇවිත් බෙහෙත් ටික ගෙනියන්න කියලා. ඒ පොඩි වෙලාවට එතන හිටපු අය පොලීසියට, PHI මහත්තයට සහ ග්‍රාමසේවක මහත්තයට කෝල් කරලා කියලා අපි කොරෝනා බෝ කරමින් යනවා කියලා.'' යනුවෙන් කියා සිටියේය. ඔහු විස්තර කළ ආකාරයට ගෙවුණු මාස 11ක කාලය තුළ ඥාතීන් සහ හිත මිතුරන් නිවසට පැමිණීම සම්පුර්ණයෙන්ම පාහේ නතරවී ඇත. අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් අසල්වැසියන් කිහිපදෙනෙකු පැමිණ තිබේ. ''මට දැන් හොඳටම හොඳයි. ආර්ථික ප්‍රශ්න හැර වෙන ගැටලුවක් නෑ.'' ජයන්ත වෘත්තියෙන් සංචාරක මග පෙන්වන්නෙකි. COVID-19 රෝගය පැතිරීමත් සමග සංචාරක කර්මාන්තය ද අඩාල වී තිබේ. එබැවින් සිය අදායම් මාර්ගය අහිමිවීම නිසා තමන් සතුව තිබූ වාහනයක් අලෙවි කිරීමට සිදුවූ බව ජයන්ත සඳහන් කළේය. ''මට සුළු උපකාර කීපයක් නම් ලැබුණා. මට දැන් හොඳටම හොඳයි. ආර්ථික ප්‍රශ්න හැර වෙන ගැටලුවක් නෑ.'' යනුවෙන් ඔහු පැවසුවේය. ජයන්ත රණසිංහ පවසන ආකාරයට COVID 19 රෝගය නිසා ඔහුට සැබෑ මිනිසුන් හඳුනා ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. 'හොඳ මිනිසුන්' හමුවීම රෝගී වූ පසු ඇතැම් ළඟම මිතුරන් හා ඥාතීන් හැර ගිය ද ඔහු අපේක්ෂා නොකළ පුද්ගලයන් උපකාර කිරීම සඳහා ඉදිරිපත්වී තිබුණි. නිවාස අසල පදිංචි දෙදෙනෙකු රෝහලට පැමිණ ඔහුට අවශ්‍ය දෑ ගෙනවිත් දුන් අවස්ථාවක් ජයන්ත සිහිපත් කළේය. එමෙන්ම ඔහු කොළඹ, IDH රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩල ඉතා ගෞරවයෙන් සිහිපත් කරයි. තමන්ට ආහාර ගැනීමට නොහැකි අවස්ථාවල වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය සිය නිවෙස් වලින් කැඳ වර්ග හා අනෙකුත් ආහාර රැගෙනවිත් තමන්ට දුන් බව ඔහු මීට පෙර බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයක දී කියා සිටියේය. මේ ගැනත් කියවන්න:
කොළඹ, මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා බවට හඳුනා ගෙන 2021 මාර්තු 09 වැනිදාට වසරක් සම්පුර්ණ වේ. එම රෝගය වැළදුණු පළමු ශ්‍රී ලාංකිකයා ඔහු වීම නිසා, පසු කාලීනව වාර්තා වූ COVID -19 රෝගීන්ට වඩා සුවිශේෂී තත්ත්වයන්ට මුහුණ දෙන්නට ඔහුට සහ පවුලේ සාමාජිකයන්ට සිදු විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සුළු වරදකට පවා දරුවන් මරා දැමීම, ප්‍රසිද්ධියේ දඬුවම් කිරීම සහ දිනපතා සිදුවන අතුරුදහන් කිරීම් ආදී අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූ බව ඔවුහු පවසති. අන්තවාදී කණ්ඩායම විසින් කාන්තාවන්, සුළු ජන කොටස් සහ ජනජීවිතය පාලනය කරනු ලැබූ ආකාරය පිළිබඳ මෝසුල් නගරයේ නැගෙනහිර කලාපයෙන් ලැබෙන වීඩියෝ දර්ශන සහ සාක්ෂිවලින් හෙළි වේ. කෙසේ නමුත් පාසල් සහ අවන්හල් යළි විවෘත වෙමින් පවතින ආකාරය වීඩියෝ දර්ශන ඔස්සේ දැකගත හැක. අයිඑස් පාලනය යටතේ තහනම් කරන ලද ඇතැම් නිෂ්පාදන යළි වෙළෙඳසල් වෙත එමින් පවතී. ඉරාක හමුදා විසින් මෝසුල් නගරයේ ප්‍රදේශ ගණනාවක බලය තහවුරු කර ගෙන ඇතත් එහි බටහිර කලාපය තවමත් පවතින්නේ අයිඑස් පාලනය යටතේය.
වසර තුකනට පෙර ඉස්ලාමීය රාජ්‍ය පාලනය යටතේ පැවති මෝසුල් නගරයේ නැගෙනහිර කලාපයේ ජන ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔවුන් අතුරින් කිහිපදෙනෙකු කෝවිඩ්-19 රෝගීන් බවට හඳුනාගෙන ඇති අතර යාල සංචාරයට එක්වූ සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත. එමෙන්ම යුක්‍රේන සංචාරකයන් සීගිරිය නැරඹීමට තිබූ ගමන ද අවලංගු කෙරුණි. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි යුක්‍රේන සංචාරකයන් අතරින් බොහෝ දෙනෙකු මුහුණු ආවරණ පැළඳ නොසිටීම ගැන සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. නිෂ්පාදනය/ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර මේ ගැනත් දැනගන්න:
යුක්‍රේනයේ සිට තවත් සංචාරකයන් 97 දෙනෙකු සඳුදා (ජනවාරි 04) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව 2020 දෙසැම්බර් 28 සිට මේ දක්වා අවස්ථා හතරකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති යුක්‍රේන සංචාරකයන් ගණන 660කි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්ව කාලාවර්ත සමාලෝචන (Universal Periodic Review - UPR) ක්‍රියාකාරී කණ්ඩායම විසින් ජිනීවා නුවරදී අදාළ විමර්ශනය පවත්වන බව මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. වින්දිතයන් සහ නෑදෑයන්ට වන්දි ගෙවීම සහ ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, සත්‍ය කොමිසමක් පිහිටුවීම පිණිස ගෙන තිබෙන පියවර, සියලු ප්‍රජාවන් සඳහා යුක්තිය පසිඳලීමේ ක්‍රමවලට සමාන ප්‍රවේශයක් ලබාදීම, වධ හිංසා සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තා, වැඩිහිටියන් අතර සමරිසි සම්බන්ධතා අපරාධ ලෙස නොසැලකීම පිණිස ගෙන තිබෙන පියවර, ආගමික සුළුතර ප්‍රජාවේ ආරක්ෂාව පිණිස ගත් පියවර, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීම පිණිස ගත් පියවර මෙන්ම මුස්ලිම් විවාහ හා දික්කසාද පනත පිළිබඳව ද අදාළ විමර්ශනයේ දී සලකා බැලෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ. සත්‍යය කොමිසම සැප්තැම්බරයේ යුද අපරාධ චෝදනා පිළිබඳව විමසා බැලීම පිණිස ඉතා ඉක්මනින්ම කමිටුවක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 මාර්තු මාසයේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආණ්ඩුව කිහිප වතාවක්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ද එම ප්‍රතිඥාව දී තිබෙන නමුත් මෙතෙක් එවැනි කමිටුවක් පත් කර නැත. එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන සමයේ සිදු වූ දේ පිළිබඳව සොයා බැලීම පිණිස සත්‍ය කොමිසමක් පත්කරන බව එවකට විදේශ අමාත්‍ය පදවිය හෙබවූ මංගල සමරවීර අමාත්‍යවරයා ද කිහිප වතාවක්ම සඳහන් කර තිබේ. මේ අතර අතුරුදහන්වූවන්ගේ කාර්යාලය (OMP) පිහිටුවීමේ පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා අත්සන් තැබූ අතර, එහි මෙහෙයුම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අය වැය යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කළේය. සම කෙසේ වුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට එරෙහි "බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය" පිළිබඳ පනත මෑතක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවත්, විරුද්ධ පක්ෂයෙන් සහ ඇතැම් ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ආණ්ඩුව විසින් ඒ පිළිබඳ විවාදය දින නියමයකින් තොරව කල් දමනු ලැබ තිබේ. වැඩිහිටියන් අතර සමරිසි සම්බන්ධතා පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ දැනට පවතින නීතිය සංශෝධනය කිරීමේ උත්සාහයක් තමන් ව්‍යවර්ථ කළ බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රසිද්ධියේ කියා සිටියේය. කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය මැඩලීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සහභාගිත්වයෙන් ආණ්ඩුව විසින් වැඩසටහන් ගණනාවක්ම දියත් කරනු ලැබ තිබේ. ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත් මේ අතර මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මුස්ලිම් ක්‍රියාකාරිනියන් දිගින් දිගටම ඉල්ලා සිටින නමුත් පසුගියදා පැවති පාර්ලිමේන්තු අනු කමිටුවකදී පවා ඒ පිළිබඳව එකඟතාවක් ඇති නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෑත දී බීබීසී සිංහල සේවයට පැවසීය.
යුද අපරාධ චෝදනා සම්බන්ධ විමර්ශන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ඇතුළු කරුණු ඇතුළත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව ලබන බදාදා (නොවැම්බර් 15) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමාලෝචනයට ලක් කරනු ලැබීමට නියමිතය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සහෝදරියන් දෙදෙනා බිලෝලාහි සිය නිවස තුළ (වමේ) , ක්‍රිස්මස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයේ (දකුණේ) 2019 දී ඇයගේ පවුල ඉන්දියානු සාගරයේ ඔස්ට්‍රේලියාවට අයත් වාසභූමියක් වන ක්‍රිස්මස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයකට යවනු ලැබිණි. ඔවුන් ජීවත් වන්නේ පැය 24 පුරා මුරකාවල් යෙදූ පරිශ්‍රයකය. එය මේ වනවිට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන හයකට වැඩි මුදලක් වැය වී ඇති මෙහෙයුමකි. කෝපි, මිතුරියන් ඇය අමතන නාමයයි. කෝපිට දූපතේ ඇති පාසලට යාමට අවසර ඇත. ඇයව එහි රැගෙන යන්නේ පොලිස් වෑන් රථයකිනි. ඇය ගැන නිරන්තරයෙන් ඇස ගසා සිටින ආරක්ෂකයන්ගෙන් පාසලේ දී නිදහස් වන අතර, එය ඇයගේ "ප්‍රීතිමත් ස්ථානයයි." "ඇයි හැම විටම අපේ පසුපස කවුරු හරි එන්නේ?" ඇය මින් පෙර ඇසුවාය. කෝපි පත්ව ඇති තත්ත්වයට හේතුව ඇයගේ දෙමව්පියන්ය. ඔවුහු මීට දශකයකට පමණ පෙර සරණාගතභාවය ඉල්ලා ඔස්ට්‍රේලියාවට බෝට්ටුවකින් පැමිණි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයෝ වූහ. ඔවුන් ක්වීන්ස්ලන්තයේ නගරයක වසර ගණනාවක් දිවි ගෙවීය. මේ අතර එක්තරා දිනක ඔවුන් පිටුවහල් කිරීම සඳහා පොලිසිය පැමිණියේය. ඔවුන් දිවි ගෙවූ නගරයේ ප්‍රජාව ඔවුන් රඳවා ගැනීමට සටන් කළ අතර, ඔස්ට්‍රේලියාවේ ඉහළම අධිකරණයක නීතිමය සටනකට මුලපිරීය. ඒ අතර, පවුලේ සියලු දෙනා රැඳවුම් භාරයේ පසුවෙති. "ඔබට මේ ජීවිතය ගැන හිතාගන්නවත් බැහැ," කෝපිකාගේ මව ප්‍රියා බීබීසී සේවයට පැවසුවාය. "මේක සාමාන්‍ය දෙයක් නොවේ. අපට මිනිස්සු එක්ක කතා කරන්න බැහැ. මුරකරුවන් අප දිහා බලාගෙන ඉන්නවා. අපට තනිවම එළියට යන්න බැහැ. මේක රැඳවුම් මධ්‍යස්ථානයක් නොවේ, මේක සිරගෙයක්." 'බිලෝලා (Biloela)පවුල' මුරුගප්පන් පවුලේ සිව්දෙනෙකි: මව ප්‍රියා, පියා නඩේස්, කෝපි සහ ඇයගේ තුන් හැවිරිදි සහෝදරිය තර්නිකා. ඔවුන් ඔස්ට්‍රේලියාවේ වඩාත් ප්‍රසිද්ධම සරණාගතයින් වන නමුත්, ඔවුන් පවුලේ නමින් කිසිවෙක් නොදන්නා තරම්ය. ඒ වෙනුවට ඔවුන් "බිලෝලා පවුල" නමුන් හඳුන්වති. එය ඔවුන් වසර හතරක් ජීවත් වූ කුඩා නගරයේ නමය. නඩේස් සහ ප්‍රියා 2012 සහ 2013 වර්ෂවලදී වෙන වෙනම ඔස්ට්‍රේලියාවට පැමිණ සරණාගතභාවය ඉල්ලා සිටියහ. ඔවුන්ට තාවකාලික ආරක්ෂක වීසා බලපත්‍ර ලබා දීමට රජය පියවර ගත්තේය. දෙදෙනාම බිලෝලා වෙත ගිය අතර, දෙමළ සරණාගතයින් ඇතුළු නව සංක්‍රමණිකයින් සේවයට බඳවා ගන්නා මාංශ කර්මාන්තශාලාවක් එහි පිහිටා තිබේ. ඔවුන් දෙදෙනා එහිදී හමු විය. ඔවුහු ආදරයෙන් බැදී, විවාහ වී, දරුවන් දෙදෙනෙක් ලැබූහ. මෙම පවුල 2018 සිට මේ දක්වා රැඳවුම් භාරයේය නඩේස් රැකියාවේ නරත වන අතර ප්‍රියා දරුවන් රැකබලා ගත්තාය. සති අන්තයේ ඔවුහු සිය මිතුරන් සමඟ මසුන් ඇල්ලීමට හෝ නිවසේ සිට කාඩ් සෙල්ලම් සෙල්ලම් කළහ. "ඔවුන් හොඳ මිනිස්සු" යැයි හිතවත් මිතුරියක් වන වාෂිනි රිස්වාන් පැවසීය. මෙම යුවළ ඇයට පවුලේ අය මෙන් ලෙන්ගතුය. ඇය සහ ඇගේ දරුවන් අපයෝජනකාරී සැමියා වෙතින් පලා යන විට ඔවුහු ඇය නිවස තුළට ගෙන රැකවරණය සැලසූහ. ඇය දැන් සෑම උදෑසනකම ෆේස්බුක් මැසෙන්ජර් හරහා ප්‍රියා සමඟ කතාබස් කරන්නීය. "මේ දැනුත් මම ඇයට කිව්වා, මට නැවත ඇය එක්ක ක්‍රීඩා කිරීමට අවශ්‍යයි කියලා. අපි ඒවා සිදු කළ ආකාරය මතකද? නැවතත් අපි ඉක්මනින් ඒ දේ කරමු," යැයි ඇයට කී සැටි වාෂිනි රිස්වාන් බීබීසී සේවයට පැවසුවාය. පිටුවහල් කිරීමේ උත්සාහයන් ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ දී පීඩාවට පත් වෙනු ඇතැයි බියෙන් ප්‍රියා සහ නඩේස් යන දෙදෙනාම ඔස්ට්‍රේලියාවට පලා ගියහ. යුදමය වාතාවරණය තුළ දෙමළ ජනතාවට විවිධ හිරිහැරවලට මුහුණ දීමට සිදුවිය. වසර ගණනාවකට පසු ඔවුන්ගේ සරණාගත ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප විය. සරණාගතයින් ලෙස සැලකීමට අවශ්‍ය නිර්ණායක සපුරාලීමට ඔවුන් අසමත් වූ බව ඔස්ට්‍රේලියාව තීන්දු කළේය. එම පදනම මත ඔවුන් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව දෙවරක් උත්සාහ කළේය. ඔවුන් බලහත්කාරයෙන් ගුවන් යානයට පැටවීමේ දර්ශන නඩේස් රූගත කළේය පළමු උත්සාහය සිදු වූයේ පවුලේ තාවකාලික වීසා බලපත්‍රය 2018 දී කල් ඉකුත්වීමෙන් පසුවය. ආරක්ෂකයින් පැමිණියේ අලුයමට පෙර වැටලීමකටය. එය පිටුවහල් කිරීමේ පොදු උපක්‍රමයක් බව නීතිඥයෝ පවසති. ඉන්පසු, ඈතින් පිහිටි මෙල්බර්න්හි රැඳවුම් මධ්‍යස්ථානයකට මෙම පවුල රැගෙන ගියේය. දින කීපයකට පසු ඔවුන් ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයකට නංවා තිබේ. එහි දී අසාමාන්‍ය දෙයක් සිදු නොවූයේ නම් ඔවුන් ඒ වන විට සැලසුම් කළ පරිදි පිටුවහල් කිරීමට ඉඩ තිබිණි. ඔවුන්ගේ මිතුරන් රැගෙන යන විට, 6,000ක් වූ බිලෝලා නගරවාසීන් ඔවුන්ගේ කෝපය මාධ්‍ය වෙත ගෙන ගියහ. #HometoBilo හෑෂ්ටැගය යටතේ ඔවුහු විරෝධතා ව්‍යාපාරයක් දියත් කර දේශපාලඥයන්ට ද බලපෑම් එල්ල කළහ. මෙම පවුලට සහය දැක්වීම සඳහා සකස් කෙරුණු පෙත්සමකට අත්සන් 350,000කට වඩා ලැබී තිබිණි. "ඔවුන් අපෙන් කෙනෙක්. ඔවුන් අයිති බිලෝලාවට," ඇන්ජෙලා ෆ්‍රෙඩ්රික්ස් පැවසීය. මෙම පවුලට සහයෝගය ලබා දෙන ඇන්ජෙලාට, ප්‍රියාව හමු වී ඇත්තේ බිලෝලා පල්ලියේදීය. පිටුවහල් කිරීම නවත්වමින් වාරණ නියෝගයක් ලබා ගැනීමට නීතීඥයන් ක්‍රියා කළ අතර, මුරුගප්පන් පවුල නැවතත් මෙල්බර්න්හි රැඳවුම් මධ්‍යස්ථානයට යැවිණි. නෛතික සටනක් ක්‍රියාත්මක වූ අතර, අවසානයේ අධිකරණයෙන් ප්‍රකාශ වූයේ එම පවුලේ ඉල්ලීම්වලට එරෙහි තීන්දුවකි. එබැවින් 2019 දී රජය යළිත් ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයකට පවුලේ අය නැංවීමට පෙර ඔවුන්ගේ භාණ්ඩ ඇසුරුම් කරගැනීමට ආරක්ෂකයන් ලබා දුන්නේ පැය දෙකක කාලයක් පමණි. කලබලයට පත් නඩේස් සිය නීතිඥයන් දැනුවත් කළේය. ඔවුන් බලහත්කාරයෙන් ගුවන් යානයට පැටවීමේ දර්ශන නඩේස් රූගත කළ අතර, මව යානය තුළට ඇදගෙන යද්දී ළදරුවන් හඬා වැලපුණහ. පුවත් නාලිකා සහ සමාජ මාධ්‍යවල බෙදා හැරුණු මෙම දුක්ඛිත දර්ශනය දුටු ඔස්ට්‍රේලියානුවෝ අවදි වූහ. යළිත් වරක් වාරණ නියෝගයක් ලබා ගැනීමට නීතිඥයන් ක්‍රියා කළ අතර, යානය ගුවන් ගමන අතරමඟ හැරවීමට නියෝග ලැබිණි. පවුල නැවත ඔස්ට්‍රේලියාවට රැගෙනවිත් රටේ බටහිර වෙරළට කිලෝමීටර් 3,000ක් දුරින් පිහිටි ක්‍රිස්මස් දූපතට පිටත් කර යැවීය. ඇඳන් 400ක් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක් එහි මෑතකදී නැවත විවෘත කර තිබිණි. මුරුගප්පන් පවුල එහි එකම පදිංචිකරුවන් බවට පත්විණි. රැඳවුම් මධ්‍යස්ථානයේ ජීවිතය රැඳවුම් භාරයේ සිටි වසර ගණනාව තුළ ප්‍රියා නොසන්සුන් තත්ත්වයට පත් වී ඇත. ඇය ගැඹුරු මානසික අවපීඩනයකින් පෙළෙන අතර ශරීර ශක්තිය දැඩි ලෙස පහත වැටී තිබේ. "මට දවස ගත කිරීම ඉතා අපහසුයි. මානසිකව හා ශාරීරිකව" ඇය වීඩියෝ සබැඳියක් හරහා බීබීසී සේවයට පැවසුවාය. ඇය තම දරුවන් අසමත් කර ඇතැයි බියකින් පසුවේ. "මගේ දරුවන් දෙදෙනාම දැන් ලොකුයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ පිටතට ගොස්, බාහිර ලෝකය දැක බලා විනෝද වීමටයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිදහසේ ජීවත් වීමටයි." මෙම පවුල ජීවත් වන්නේ වැටවල් යෙදූ විශාල අංගනයක කාමර දෙකක් සහිත කන්ටේනර් පෙට්ටියකය. ඇතුළත සිට එහි දොරවල් අගුළු දැමිය නොහැක. එමෙන්ම, මුරකරුවෝ සෑම දිනකම එහි මුර සංචාරයේ යෙදෙති. එය තුළ දැඩි උෂ්ණත්වයක් පවතින අතර, විවිධ කෘමීන් ඔවුන්ගේ කාමර ආක්‍රමණය කර ඇත. ඔවුන්ගේ ජීවිතවල සෑම මිනිත්තුවක්ම පාලනය වන්නේ, ඔවුන් අපරාධකරුවන් සේ සලකමිනි. පාසල් මිතුරෙකුගේ උපන්දින සාදයකට කෝපිකාට ආරාධනා ලැබුණු විට, එම ආරාධනය ඔස්ට්‍රේලියාවේ පිහිටි කාර්යාලයකට යැවීමෙන් පසු එහි සිටින නිලධාරියෙකු අවදානම තක්සේරු කරනු ඇත. මුරකරුවෙකු ද සමග ඇයට උපන්දින සාද කීපයකට සහභාගී වීමට අවසර දී තිබිණි. රජය පවසන්නේ පවුල "හොඳින් රැකබලා ගන්නා" බවය. නමුත් ඔවුන්ගේ සුභසාධනය ගැන බොහෝ කලක සිට ගැටලු පැන නැගී තිබේ. මෙල්බර්න්හි රැඳවුම් භාරයේ සිටි පළමු මාස කීපය තුළ ප්‍රියාගේ දරුවන්ට පිටත සෙල්ලම් කිරීමට අවසර ලැබුණේ සෑම දිනකම පැය භාගයක් පමණි. හිරු එළිය ලැබීම අවම වීම හේතුවෙන් විටමින් ඩී ඌනතාවයෙන් පෙලෙන අතර එය අනෙක් සෞඛ්‍ය ගැටලුවලට හේතු විය. තර්නිකාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වී ඇති අතර ඇයගේ දත් දිරා යාමට පටන් ගත්තාය. වයස අවුරුදු දෙකේදී ඇයගේ දත් ඉවත් කිරීමට සැත්කමක් ද සිදු කෙරිණි. තර්නිකාගේ දිරා ගිය දත් ප්‍රියා දියවැඩියාව ඇතුළු නොයෙකුත් වෛද්‍ය ගැටලුවලට ගොදුරු වී තිබේ. තම ආරක්ෂාව ගැන ද ඇය බියෙන් පසු වේ. පසුගිය වසරේදී ඇයට මධ්‍යස්ථානයේ මුරකරුවෙකුගේ අනවශ්‍ය හැසිරීමකට මුහුණ දීමට සිදු විය. දිනක් එක්තරා පුද්ගලයෙක් ඇයගේ කාමරයට පැමිණ, දොරකඩ අසලට වී, සිනාසෙමින් සිට ඇත. ඔහු බීමතින් සිටි බවක් පෙනෙන්නට තිබුණු බව ඇය පැවසීය. "මම විශ්වාස කරනවා ඔහු මාව පොළඹවගන්න උත්සාහ කර බලන්න හෝ මගේ ශරීරය ස්පර්ශ කිරීමට හෝ ලිංගික දෙයක් සිදු කිරීමට අවශ්‍යතාවෙන් සිටිය බව. ඔහු මා කෙරෙහි හැසිරුණු ආකාරය නිසා මට ඒ ආකාරයෙන් හැඟුණා," ඇය බීබීසී සේවයට පැවසුවාය. "මම ඔහුව පසුපසට තල්ලු කළා. මගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඇති වුණ නිසා මම එතනින් එළියට ගියා." පසුව පවුලේ අය මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කළ අතර එම මුරකරුවා ඉවත් කර තිබිණි. නමුත් එයින් ඇති වූ මානසික කැළැල්වලින් ප්‍රියා තවමත් පීඩා විඳින්නීය. "ඒ තත්ත්වයෙන් මිදෙන්න මට ඇත්තෙන්ම අපහසුයි," ඇය පැවසුවාය. "සෑම දවසකම මට තවදුරටත් ආරක්ෂිත බවක් දැනෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක කාමරයේ අගුළු අරින්න පුළුවන්." ක්‍රිස්මස් දූපතේ සිට බීබීසී සේවය ඇමැතූ ප්‍රියා සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී සේවය නැඟූ ප්‍රශ්නවලට රජය ප්‍රතිචාර නොදැක්වීය. "ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය මෙම පවුලේ සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කිරීමට කැපවී සිටිනවා වගේම, සෑම සාමාජිකයෙකුටම හෙදියන්, වෛද්‍යවරුන් සහ විශේෂඥයින් සඳහා සෑම විටම ප්‍රවේශය ලබා දී තිබෙනවා," යැයි පවුලේ සුභසාධනය සම්බන්ධයෙන් පිළිතුරු දුන් ප්‍රකාශකයෙකු පැවසීය. මේ තොරතුරු ද කියවන්න: ඔස්ට්‍රේලියාවේ 'බෝට්ටු නැවැත්වීමේ' ප්‍රතිපත්තිය ඔස්ට්‍රේලියාවේ දැඩි සංක්‍රමණ නීති මගින් මුරුගප්පන් පවුල වැනි "නීති විරෝධී, පුරවැසියන් නොවන" අය දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමට ඉඩ සලසයි. බෝට්ටුවෙන් පැමිණෙන අයට "අක් වෙරළ ක්‍රියාවලියක්" රජය හඳුන්වා දීමෙන් පසු 2013 සිට සරණාගතයින් දහස් ගණනක් ප්‍රධාන භූමියෙන් බැහැර මධ්‍යස්ථානවල රඳවා ඇත. ඔවුන්ගේ සරණාගත හිමිකම් සලකා බැලෙන තුරු එම මධ්‍යස්ථානවල රැඳී සිටීමට සිදුවන අතර එය වසර ගණනාවක් ගත විය හැකි ක්‍රියාදාමයකි. එම කඳවුරුවල අයහපත් ජීවන තත්ත්වයන් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කර තිබේ. 2013 සිට ඔස්ට්‍රේලියානු අක් වෙරළ රැඳවුමේදී සරණාගතයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් හය දෙනෙකු සියදිවි නසා ගෙන තිබේ. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවලින් ළඟා වීමට උත්සාහ කරන අතර මුහුදේදී මිනිසුන් මිය යාමෙන් පසු හඳුන්වා දෙන ලද මෙම ප්‍රතිපත්තිය වෙනුවෙන් රජය දිගු කලක් පෙනී සිටී. බෝට්ටුවෙන් පැමිණෙන ඕනෑම අයෙකුට කිසිදා ඔස්ට්‍රේලියාවේ පදිංචිය හිමි නොවන ලෙස සකසා ඇති මෙම ප්‍රතිපත්තිය රජය කැපවී ආරක්ෂා කරමින් සිටින අතර, මෙමඟින් මිනිස් ජාවාරමට බාධා ඇති වී, මිනිසුන් දියේ ගිලී යාම නවතා දමා ඇති බවට තර්ක කරයි. එය සාර්ථක වී ඇති බවක් පෙනෙන්නට තිබේ. 2014 සිට එරටට බෝට්ටු පැමිණ ඇත්තේ ඉතා ස්වල්ප ප්‍රමාණයකි. එසේ වුව ද මුරුගප්පන් පවුල දිගටම රැඳවුම් භාරයේ තබා ඇත. මෙම පවුල නිදහස් කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ ක්‍රියාකාරීහු රජයට බලපෑම් කරති ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්ය ඇලෙක්ස් රීලි පවසන්නේ "එය ඉතා කෘරයි. නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ සාමාන්‍ය අදහස්වලට මෙය පැහැදිලිවම විරුද්ධයි." "සිදුවන දේ විකාර සහ හාස්‍යජනක වූවත්, ඔස්ට්‍රේලියානු රජය ඔවුන්ගේ තුවක්කුවලට ඇලී සිටින්නේ එය දේශපාලනික වශයෙන් හොඳින් ක්‍රියාත්මක වන බව ඔවුන් සිතන නිසායි." "ඔබ ඔවුන්ගේ නඩුව මානුෂීය ඇසකින් බැලුවහොත් කිසිවෙකුට එය පිළිගන්න බැහැ." අනුකම්පාව සඳහා ආයාචනය මුරුගප්පන් පවුලේ නිදහස් කිරීමට සහය දැක්වීම සඳහා මානව හිමිකම් උපදේශකයින් සහ බිලෝලා ප්‍රජාවට එරට විපක්ෂය ද එක්ව සිටිති. හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු තවත් අය මෙම පවුල නැවත බිලෝලා වෙත කැඳවන ලෙස ඉල්ලා තිබේ. ඔවුන් මුලින්ම රඳවාගෙන සිටියේ මැල්කම් ටර්න්බුල්ගේ රජය පැවති සමයේය. එහෙත් අලුතින් පත් කළ ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෘස් මෙම ඉල්ලීම්වලට විරුද්ධ වී තිබේ. "මම ඉතා අධිෂ්ඨානයෙන් සිටින්නේ අපගේ ප්‍රතිපත්තියේ වෙනසක් ඇති බව මිනිස් ජාවාරම්කරුවන් තත්පරයක්වත් නොසිතන බවට වග බලා ගැනීමටයි. මම ඒ දොර සෙමින් හෝ විවෘත කරන්නේ නැහැ" යැයි ඇය අප්‍රේල් මසදී ස්කයි නිව්ස් ඕස්ට්‍රේලියා (Sky News Australia) වෙත පැවසුවාය. පවුල වෙනුවෙන් නැගී සිටි බිලෝලා නගර වාසීන් ඊළඟ පරිච්ඡේදය මුරුගප්පන් පවුලේ සරණාගත ඉල්ලුම් පත්‍රය අධිකරණය නැවතත් සමාලෝචනය කරමින් සිටියි. රජය අවස්ථා කීපයකදීම ඔවුන්ගේ ඉල්ලීම් අවලංගු යැයි තීන්දු කර තිබේ. "කිසිම අවස්ථාවක පවුලේ කිසිදු සාමාජිකයෙක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂණ බැඳීම් සපුරා ඇති බවක් සොයාගෙන නැහැ," ප්‍රකාශකයෙක් පැවසීය. කෙසේ වෙතත්, පවුලේ අය පවසන්නේ ඔවුන් ශ්‍රී ලංකාවට යවනු ලැබුවහොත් ඔවුන්ට පීඩා විඳීමට සිදුවනු ඇති බවය. මෙයට ලැබුණු මාධ්‍ය අවධානය හේතුවෙන් අවදානම වැඩි වී ඇති බව ඔවුහු පවසති. ගැහැණු දරුවන්ට ශ්‍රී ලංකාවට කිසිදු සම්බන්ධයක් නොමැත. ඔස්ට්‍රේලියාවේ ඉපිද හැදී වැඩුණු ඔවුන්ට "අනවසර ලෙස මුහුදින් පැමිණි" පුද්ගලයින්ගේ දරුවන් ලෙස ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ද ලබා ගත නොහැකිය. නඩුව අධිකරණය ඉදිරියේ ඇතැයි පවසමින් මේ පිළිබඳ අදහස් දැක්වීම අමාත්‍ය කැරන් ඇන්ඩෘස් ප්‍රතික්ෂේප කළාය. නමුත් පසුගිය සතියේ ඇය ඉඟි කළේ රජය මෙම පවුල රැඳවුම් කඳවුරෙන් ඉවත් කර දිවයිනේ පිහිටි ඔවුන්ගේම නිවෙසකට ගෙන යාමට කටයුතු සලසනු ඇති බවය. කෝපිකාට බිලෝලාහි ගත කළ කාලය පිළිබඳ මතකයන් ඇත පවුලේ නීතිඥවරිය වන කැරීනා ෆෝඩ් පවසන්නේ රජයට අවශ්‍ය නම් ඔවුන්ගේ දුක් වේදනා "හෙට අවසන්" කළ හැකි බවය. වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට සහ පිටුවහල් කිරීම් නැවැත්වීමෙන් ජනතාවගේ ජීවිතවලට මැදිහත් වීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට අසාමාන්‍ය බලයක් ඇත. මුරුගප්පන් පවුල නිදහස් කර ගැනීම සඳහා එම බලය යොදා ගන්නා ලෙස ක්‍රියාකාරීහු දිගු කලක් තිස්සේ ඉල්ලා සිටිති. "මෙය ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ දරුවන් වසර ගණනාවක් රැඳවුම් භාරයේ තබා ගැනීම සහ… ඔවුන්ව සැබවින්ම අවශ්‍ය ප්‍රජාවකට සෑහෙන ඈතින් ඔවුන් තබා ගැනීම සම්බන්ධ නඩුවක්" යනුවෙන් ව්‍යවස්ථා සම්බන්ධයෙන් නීතිඥ ආචාර්ය සංගීතා පිල්ලෙයි පැවසීය. "මීට වඩා බලවත් නඩුවක් ගැන සිතීම දුෂ්කරයි." මේ සඳහා අවශ්‍ය වන්නේ සුළු අනුකම්පාවක් යැයි පවුලේ මිතුරියක වන ෆ්‍රෙඩ්රික්ස් පැවසීය. "ඔක්කොම ඇමතිවරුන්ට කළ යුතුව ඇත්තේ එය අත්සන් කිරීම පමණයි. එක් පෑන් පහරකින් තමන්ට ආදරය කරන ප්‍රජාව කරා නැවත ඔවුන්ට පැමිණිය හැකියි." තවත් තොරතුරු:
පස් හැවිරිදි දැරියක් වන කෝපිකාගේ ළමා කාලයෙන් වැඩි කොටසක් ඔස්ට්‍රේලියානු රජය විසින් සිරගත කරනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මූල්‍ය අර්බුදය බල පැවැත්වුන කාලය ඇතුළත ලෝකයේ පුරුෂ සිය දිවි හානිකර ගැනීම්වල විශේෂ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් එම පර්යේෂකයෝ පෙන්වා දෙති. අදාළ පර්යේෂණ වාර්තාව බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේයි පළ කරනු ලැබ තිබෙන්නේ. පර්යේෂණය සිදු කරන ලද බ්‍රිතාන්‍ය සහ හොංකොං විද්‍යාඥයන්ට අනුව, සාමාන්‍යයෙන් වසරකට සිදු කෙරෙන සිය දිවි හානිකර ගැනීම් සංඛ්‍යාවට වඩා පන්දහසක් පමණ තවත් සිය දිවි හානිකර ගැනීම් 2009 වසරේ වාර්තා වී ඇත. එය අසාමාන්‍ය තත්වයක් බවයි පර්යේෂකයන් පවසන්නේ. රැකියා ප්‍රශ්නය අතිශයින් උග්‍ර වීම යුරෝපයේ තරුණ ප්‍රජාව සහ ඇමෙරිකාවේ මැදි වයසේ පුරුෂයන් අතර අසමමිතික තත්වයක් නිර්මාණය කළ බවත් ඉහත කී පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි. ජගත් මූල්‍ය අර්බුදය මහජන ජීවිත කෙරෙහි ඇති කරන නියත බලපෑම සිය දිවි හානිකර ගැනීමේ සංඛ්‍යාව ඉහල යාමටත් වඩා තවත් දරුණු තත්වයක් විය හැකි බවට පර්යේෂකයන් විසින් අනතුරු ඇඟවීමක් ද කරනු ලැබ ඇත.
දෙදාස් අට වසරෙහි(2008) උද්ගත වූ මූල්‍ය අර්බුදයේ ප්‍රතිවිපාකයක් වශයෙන් ලෝකය පුරා සිය දිවි හානිකර ගැනීම් වැඩි වූ බව පර්යේෂකයන් කණ්ඩායමක් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
''මේ රටේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන ද්‍රෝහියෙකුට විතරයි මේකට විරෝධතාව ප්‍රකාශ කරන්න පුළුවන්'' ඒ සඳහා කටයුතු කරනු වස් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි ප්‍රතිපත්තියකට පැමිණ ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ දොස්තර රන්ජිත් අතපත්තු වෙනුවෙන් බෙලිඅත්ත කාර්මික විද්‍යාලයේ පැවති උපහාර උළෙලක් අමතමින්. රටේ සියලු ජනතාව නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටින බව පැවැසූ අමාත්‍යවරයා රටේ ප්‍රධාන පක්ෂ දෙකම ව්‍යවස්ථා වෙනසක් සිදු කරන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දී ඇති බවයි සඳහන් කළේ. ''ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය පොරොන්දු වුනා මේක වෙනස් කරන්න. එක්සත් ජාතික පක්ෂය පොරොන්දු වුනා මේක වෙනස් කරනවයි කියල. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 නොවැම්බර් මාසයේ අපිත් එක්ක දළදා මාලිගාවට ගිහිල්ලා දළදා හාමුදුරුවෝ ඉස්සරහ ප්‍රතිඥාවක් දුන්න අපි මේක වෙනස් කරනවයි කියලා.'' ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කිසියම් හෝ අයකුට ඒ සඳහා විරුද්ධව කටයුතු කළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය. 'රට ගිනි තියන්න' ''මුළු රටේම ජනතාව අද ඉල්ලනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට ඕන කියලා. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. එහෙනම් කවුද මේකට විරුද්ධ වෙන්නේ. මේකට සදාචාර සම්පන්න විදියට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කෙනෙකුට, මේ රට නැවත ඒකාධිපතිවාදයකට ගෙනිහිල්ලා, මේ රට ගිනි තියන්න මේ රටේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන ද්‍රෝහියෙකුට විතරයි මේකට විරෝධතාව ප්‍රකාශ කරන්න පුළුවන්'' දේශීය අවශ්‍යතාවයන්ට සහ ජනතා අභිමතාර්ථයන්ට සරිලන ලෙස නව ව්‍යවස්ථාව සැකසෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ''අපි හදන ව්‍යවස්ථාව පරගැති ව්‍යවස්ථාවක් නොවෙයි. පළමු මාස තුනේ අපි කමිටුවක් පත් කරලා තියෙනවා. තමුන්නාන්සේලා සියලු දෙනාගේ අදහස් ඒකට ඇතුළත් කරන්න පුළුවන්. මේ රටේ ප්‍රභූවරුන්ට අවශ්‍ය විදියට නොවෙයි එක හදන්නේ. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ආශීර්වාදය තිබෙනවා'' නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බෙදීමක් ඇති වී තිබෙන බවට පල වී ඇති වාර්තා බැහැර කරන බවත් අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.
කුමන ආකාරයේ අභියෝග එල්ල වුවත් මේ වසර ඇතුළත යෝජිත නව ව්‍යවස්ථාව සම්මත කර ගන්නා බව අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම විරෝධතා ආරම්භ වුයේ, "අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය" යටතේ මොහොමඩ් නබිතුමාගේ රුව යැයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කිරීම අනුමත කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ය. ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්‍රෝන් විසින් එම ප්‍රකාශය සිදු කරන ලද්දේ ප්‍රංශයේ ගුරුවරයෙකු ඝාතනයට ලක්වීමෙන් අනතුරුවය. නබිනායකතුමාගේ කාටූන් ඇඳීම අනුමත කළ ගුරුවරයා මරාදමනු ලැබ තිබුනේ ගෙල සිඳ ලෑමෙනි. එම ප්‍රකාශයට මුස්ලිම් රාජ්‍ය කීපයකින් ම විරෝධය මතු විය පාසල් ගුරුවරයා මරාදමනු ලැබීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රංශ ජනාධිපතිවරයා ''තම රට තුළ අගය කෙරෙන නිදහස් අදහස් ප්‍රකාශනයේ නිදහස" අගය කරමින් රටේ බල පැවැත්වෙන අනාගමිකවාදී දර්ශනය යුක්ති සහගත කළේය. එම ප්‍රකාශයට මුස්ලිම් රාජ්‍ය කීපයකින් ම විරෝධය මතු විය. ඉස්ලාම් බැතිමතුන්ට අනුව නබිතුමාගේ රුව අලේඛ්‍ය කිරීම වරදකි. ප්‍රංශයට විරෝධය දක්වමින් පකිස්ථානයේ තෙහ්රීක්-ඊ-ලබායික් නමැති ඉස්ලාමීය සංවිධානය වීදි බැස සිටි අතර ඔවුන්ගේ ඉල්ලීම වූයේ ප්‍රංශ නිෂ්පාදන පකිස්ථානය තුළ වර්ජනය කළ යුතු බවය. තම ඉල්ලීමට රජය එකඟ වූ බව පවසමින් ඔවුහු එම විරෝධතාවය අවසන් කරන බව නිවේදනය කළහ. අවම වශයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේවත් අත්සන් සහිත එකඟතා ගිවිසුමක පිටපතක් මෙහිදී ඔවුහු ප්‍රදර්ශනය කළහ. නමුත් මෙම ප්‍රශ්නය තවමත් නිරාකරණය වී නොමැති බවට පකිස්තානු රජය ඇඟවීමක් කළේය. යම් හෙයකින් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක් බලපැවැත්වේ නම් එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නත් රජය තහවුරු කර නැත. "මේ මොහොත වන විට පකිස්තානය තීරණයක් අරගෙන නැහැ. වෙලාව ආවම මාධ්‍ය දැනුවත් කරනවා." යැයි විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක සහිඩ් හෆීස් චෞද්රි, බීබීසී උර්දු සේවයට පැවසීය. ප්‍රංශ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විවේචනයට ලක් කළ දේශපාලන නායකයන් අතර පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් ද සිටී. නමුත් ප්‍රංශයට එරෙහිව වැඩි දුර පියවර ගත යුතු බවට දැඩි මතධාරී ඉස්ලාමීය කණ්ඩායම් බල කර සිටිති. එම කණ්ඩායම්වලට සහාය දක්වන පිරිස් වීදි බැස ඉස්ලාමාබාද් අගනුවරට පිවිසෙන මාර්ග අවහිර කිරීම හේතුවෙන් දැඩි අවහිරතා මතු විය. නමුත් ආණ්ඩුව තම ඉල්ලීම්වලට එකඟ වූ බව තෙහ්රීක්-ඊ-ලබායික් සංවිධානයේ නායකයන් නිවේදනය කිරීමෙන් අනතුරුව වීදි මත වාඩි ලා සිටි පිරිස් ඉවත් වන්නට තීරණය කළහ. ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කිරීම ඔවුන් එම නිවේදනය නිකුත් කළේ රජයේ අමාත්‍යවරුන්ගේ අත්සන් සහිත ගිවිසුමක් ද මාධ්‍යයට පෙන්වමිනි. පකිස්ථානයේ සිටින ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කිරීම පිළිබඳ තීරණය ගැනීම පාර්ලිමේන්තුවට පවරන බව එම ගිවිසුමේ සඳහන් කර තිබේ. මෙවැනි ගිවිසුමක් පිළිබඳව පකිස්තානු රජය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. මේ අතර ජනාධිපති මැක්‍රෝන් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්‍රවෙමින් ඇති අතර මීට සති කීපයකට පෙර බංග්ලාදේශයේ දියත්වෙමින් තිබූ ප්‍රංශ භාණ්ඩ විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා මහජනයා වීදිබැස සිටියේ දසදහස් ගණන්වලිනි. සැමුවෙල් පැටි: ගෙල සිඳ මරා දැමුණු ප්‍රංශ ගුරුවරයා මෙම සංසිද්ධිය ආරම්භවන්නේ ප්‍රංශ පාසල් ගුරුවරයකු සිය ශිෂ්‍යයන් ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් සමඟය. මොහොමඩ් නබිතුමාගේ රුව යයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කරනු ලැබීම ''අදහස් ප්‍රකාශනයේ අයිතියක් ලෙස එම ගුරුවරයා විසින් හඳුන්වනු ලැබ ඇත. "අපි කාටූන් ශිල්පය අත් හරින්නේ නැහැ'' මුස්ලිම් විරෝධයට මුල්වූ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ගේ ප්‍රකාශය සිදු කෙරුණේ ඉන් අනතුරුවය. ''ගුරුවරයා මරාදමනු ලැබ තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ට අපේ අනාගතය පාලනයට අවශ්‍ය නිසා. ඒත් අපි කාටූන් ශිල්පය අත් හරින්නේ නැහැ'' යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. පාසල් ගුරුවරයා ඔහුගේ ප්‍රකාශය කර තිබුණේ, 'චාර්ලී හෙබ්ඩෝ' (Charlie Hebdo) නම් ප්‍රංශ සඟරාව 2006 වසරේ දී පළකරනු ලැබ තිබුණ කාටූන් විශේෂයක් ගැන අදහස් දක්වමිනි. එදා එවැනි කාටූන් පළවීම සමස්ත මුස්ලිම් ලෝකයේ ම විරෝධයට මුල්විය.
ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීම සඳහා පකිස්තානු රජය එකඟ වූ බව පවසමින් පකිස්තානයේ දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයක් සිය ප්‍රංශ විරෝධතා අවසන් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගමැතිවරයා සිය තීරණය ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී තිබෙන බව පැවසේ විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් තමන් නියෝජනය කරමින් සමුළුවට සහභාගි වන බව අගමැති මන්මෝහන් සිං දැනටමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී ඇති බවයි, ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන්නේ. අගමැතිවරයාගේ තීන්දුව නිළ වශයෙන් සඳුදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි. මන්මෝහන් සිං ගේ තීරණය සනාථ කෙරුණහොත්, කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර්ගෙන් අනතුරුව සමුළුව වර්ජනය කරන බව නිවේදනය කළ දෙවැනි රාජ්‍ය නායකයා ඔහුයි. සමුළුව වර්ජනය කරන මෙන් තමිල්නාඩුවේ දේශපාලන නායකයන්ගෙන් අගමැතිවරයාට ප්‍රබල බලපෑම් එල්ල වූ නමුත්, එවැනි වර්ජනයක් මගින් ශ්‍රී ලංකාව කෙරෙහි තවදුරටත් සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට කලාපීය බලවතා වන චීනයට අවස්ථාව සැලසෙනු ඇති බව වර්ජනයට එරෙහි ක්‍රියාධරයන්ගේ මතය වී තිබුණි. ඉන්දීය අගමැතිවරයාගේ වර්ජනය පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජීඑල් පීරිස්, ඒ මගින් සමුළුවේ සාර්ථකත්වයට කිසිදු බලපෑමක් අත් නොවනු ඇති බව කියා සිටියේය. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, හම්බන්තොටදී අද ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුවේදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සහ විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ ඉරණම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මතු වී තිබෙන ආන්දෝලනය හමුවේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව වර්ජනය කිරීමට ඉන්දීය අගමැතිවරයා තීරණය කොට ඇති බව බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
1978 සිට19 වතාවක් සංශෝධනය වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිත භාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙන බවත් ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා ඉල්ලූ ජනවරම ජනතාව ලබා දී තිබෙන නිසා පළමු කාර්යය ලෙස ජනතාවට පොරොන්දු වූ පරිදිම, 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය. සියලු දෙනා සමග එක්ව රටට අවශ්‍ය සහ ගැලපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන බව කී ජනාධිපතිවරයා රටේ සියලූම ජනතාව සම්බන්ධයෙන් 'එක රටක් එක නීතියක්' යන සංකල්පයට මූලිකත්වයක් දෙන බව ද පැවසීය. පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන, අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නොවන නිසා නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ දී වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වන බව ද ජනාධිපතිවරයා පැවසීය. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයද , ජනතාවගේ සෘජු නියෝජනය ද තහවුරු වන ලෙස මේ වෙනස්කම් සිදු කරන බව ඔහු සඳහන් කළේය. කිසිදු බලවේගයකට යටත් නොවී රටේ ස්වෛරීත්වය රැකගෙන ජනතාව ආරක්ෂා කරගෙන රට සෞභාග්‍යය කරා ගෙනයාමට වගකීමක් පැවරී තිබෙන බව ඔහු පැවසීය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පහත සදහන් කරුණු ද ඇතුළත්විය: ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වූ කාලය ඉතාමත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තමා ඇතුළු කණ්ඩායම භාර ගත්තේ කඩා වැටී තිබූ ආර්ථිකයක් බව සඳහන් කළේය. බුද්ධ ශාසනය ව්‍යවස්ථාවට අනුව තම ධුර කාලය තුළ රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට, පෝෂණය කරන බවටත් පොරොන්දු වී තිබෙන බව කී ජනාධිපතිවරයා රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබාගැනීමට ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා තිබෙන බව පැවසීය. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමටත්, බෞද්ධ උරුමයන් රැකගැනීමටත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙන බව ද ඔහු සඳහන් කළේය. බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දීම තහවුරු කරන අතරම, රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බවත් ඔහු පැවසීය. රටේ ආරක්ෂාව රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාව තුළ ඇතිවී තිබූ බිය නැති කොට රටේ ආරක්ෂාව යළි සුරක්ෂිත කරන්නට කටයුතු කොට තිබෙන බවත් ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාව ගැන බිය නොවී නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් යළි ලබා දී තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් කිරීමට කටයුතු කරමින් රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීම සඳහා එතෙක් පැවති සම්‍ප්‍රදාය වෙනස් කරමින් ඥාතීන්, හිතවතුන්, මිත්‍රයන් හා අනුගාමිකයින් පත්නොකොට වෘත්තිකයන්, ව්‍යවසායකයන්, අධ්‍යාපනඥයින්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක් පත් කළ බව ඔහු සඳහන් කළේය. කෘෂිකර්මාන්තය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ බව කී ජනාධිපතිවරයා වී ගොවියන්ට තම නිෂ්පාදන සඳහා ඉහළ සහතික මිලක් ලබා දුන් බවත් අපනයන භෝග ප්‍රති අපනයනය සඳහා ආනයනය කිරීම නැවැත්වීම මෙන්ම මෙරට වගා කළ හැකිව තිබූ භෝග ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම මගින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමට කටයුතු කළ බව ද පැවසීය. දේශීය ව්‍යවසාය අරමුණු කරගනිමින් බදු සහන ලබාදීමට කටයුතු කළ බවත් ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලී අනුපාත අඩු කර දේශීය ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා තරඟකාරී ආනයනයන් සීමා කිරිමද සිදු කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය. ජනතා ඉල්ලීම් වසර ගණනාවක් පුරා තමන් ජීවත් වූ ඉඩම්වලට නිසි අයිතියක් නැති ජනතාවක් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට නිසි ක්‍රමවේදයකට ඔප්පු ලබා දෙන බවත් නිසි විකල්පයකින් තොරව පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් නොකරන බවත් ප්‍රකාශ කළේය. ප්‍රමාණවත් තරම් ජාතික පාසල් නැතිකම හැම තැනකදීම පෙනී ගිය බව පැවසු ඔහු බොහෝ පාසල්වල විශාල අඩුපාඩුකම් තිබෙන බවත් ගුරු හිඟය මෙන්ම ප්‍රමාණවත් තරම් විද්‍යාගාර, පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් නැතිකමත් හදුනාගෙන ඇති බවත් ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදීම සඳහා විද්‍යා හා තාක්ෂණික විෂයන් හැදෑරීම සඳහා මූලික පහසුකම්වත් බොහෝ පාසල්වල නොමැති බවත් ප්‍රකාශ කළේය. රටේ සෑම දරුවෙකුටම තමන් අපේක්ෂා කරන අනාගතය ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික දැනුම ලබා ගැනීමටත්, ඔවුන්ගේ නිපුණතා වර්ධනයට උපකාර කිරීමටත් අලුතින් වගකීම් පවරා ඇති අමාත්‍යාංශ හරහා මේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය දෙන බවත් ඔහු පැවසීය. ග්‍රාමීය රෝහල්වල සම්පත් හා පහසුකම් ඉතා අඩු බවත් වෛද්‍යවරු, හෙදියන් හා අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලවල විශාල ඌණතාවක් තිබෙන බවත් ප්‍රකාශ කළ ඔහු පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීමේදී පවතින මේ විෂමතා ඉවත් කරන බවය. දේශීය වෙදකම විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ඖෂධ ආනයනයේදී සිදුවන අතිමහත් දූෂණ ක්‍රියා තුරන් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. රැකියා රටේ ජීවත්වන දුප්පත්ම පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබාදීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් ඊට සමගාමීව උපාධිධාරීන් හැටදහසකට රැකියා ලබාදීමටත් ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ලබාගැනීම සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමටත් කටයුතු යොදා තිබෙන බවත් ඔහු පැවසීය. රජයේ රැකියා ලබාදීමේදී රටේ දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දෙන්නට කටයුතු කරන බවත් රැකියා අවස්ථා ලබා දීමේදී සෑම පළාතකටම සම අවස්ථා හිමි වන ආකාරයට කටයුතු කරන බවත් ඔහු පැවසීය. ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කොට ඒවා ගොවීන්ට ලබා දීමට කටයුතු කරන අතරම කෘෂි නිෂ්පාදන සඳහා දියුණු ඇසුරුම් හා ප්‍රවාහන ක්‍රමවේදයන් හඳුන්වාදීමෙන් නාස්තිය අවම කිරීමට කටයුතු කරන බවත් කිරි ගොවිතැන සහ බිත්තර නිෂ්පාදනය දියුණු කරන බවත් ඔහු පැවසීය. 'තේ' වගාව දියුණු කිරීමට කටයුතු කරන අතරම කුඩා සහ මධ්‍ය තේ වතු හිමියන්ට රජය උදව් කරන බව පැවසූ ජනපති වැසී ගොස් ඇති තේ කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමට ක්‍රියාකරන අතර අක්‍රමිකතා තුරන් කොට ඉහළ ප්‍රමිතියකින් යුතු තේ අපනයනය දිරිමත් කරන බවත් 'සිලෝන් ටී' සන්නාමයට තිබුණු පිළිගැනීම ශක්තිමත් කරන බවත් පැවසීය. අධ්‍යාපනය 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී විශේෂයෙන් සැලකිලිමත් වන බව පැවසූ ජනපති උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා, විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කිරීමටත් විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කරන බවත් විෂය මාලාවන් නවීකරණය කොට මෙම උපාධි, ආර්ථිකයට සෘජුව දායකත්වය ලබාදිය හැකි විෂයයන් බවට තහවුරු කරන බවත් පැවසීය . සියලු අමාත්‍යාංශ හා ආයතනවල නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරන අතර ඉදිරියේදී නාස්තියට, දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු පසුබට නොවන බව ජනාධිපතිවරයා පැවසීය. මේ ගැනත් කියවන්න:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේ ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම රට වෙනුවෙන් එක් විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙන අතර ජනතාවට පොරොන්දු වූ සෞභාග්‍යමත් දේශය ගොඩනැගීම සඳහා තමා සමග එකතු වන ලෙස සියලුදෙනාටම මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කරන බවය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ක්‍රීඩා ජීවිතය ගැන කණගාටුවක් නෑ - රංගන හේරත් සිය ක්‍රීඩා ජීවිතය තුල කිසිදු කලකිරීමක් නොමැති අතර, එක් දින සහ විස්සයි විස්ස පිටියෙන් සමුගන්නේ ඉතා සතුටින් බවද කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන්නා බීබීසී සංදේශයට පැවසීය. "විශේෂයෙන්ම සතුටෙන්. කිසිම දෙකට මම කණගාටු වෙන්නේ නෑ. මට ලැබුණු දේවල් ගොඩයි මේ ක්‍රීඩාව නිසා," ඔහු පැවසීය. 2014 දී පාකිස්තානය සමඟ පැවති ටෙස්ට් තරඟයකදී ලකුණු 127 කට කඩුලු 9ක් දවාගැනීම, එක් දින තරඟවලදී ලකුණු 20 කට කඩුලු 4ක් දවාගැනීම සහ විස්සයි විස්ස ක්ෂේත්‍රයේ ලකුණු තුනකට කඩුලු පහක් දවාගැනීමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු පෑ ඉහලම දස්කම්. "කිසිම කෙනෙක් එක්ක ප්‍රශ්නයක්වත්, කිසිම දෙයක් නිසා නෙවෙයි මම සමුගන්නේ; ඉතාමත් සන්තෝෂයෙන් සමුගන්නේ," රංගන හේරත් වැඩිදුරටත් සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ඉදිරි ජගත් කුසලානය දක්වා පවතින කාලය ඇතුලත නව පරපුරේ දඟ පන්දු යවන්නෙකුට කණ්ඩායමට එක් වී ඉදිරියට යාමට අවස්තාව සලසාදීම සිය අභිප්‍රාය බවත් ඔහු සඳහන් කළේය. ලෝක කුසලාන දෙකකට සටන් වැදීමට අවස්තාව ලැබීම සහ විස්සයි විස්ස ජගත් කුසලාන තුනකට සහභාගි වී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වීමට හැකිවීම සිය ක්‍රීඩා දිවියේ මතක සටහන් අතර ඉදිරියෙන්ම තිබෙන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩකයා පවසන්නේ. අයිපීඑල් වැනි ශූරතාවලීන්ට සහභාගි වීමට අවස්තාව නොලැබීම පිළිබඳව කණගාටුවක් නැති බවත් රංගන හේරත් වැඩිදුරටත් බීබීසී සංදේශයට පැවසීය.
ඉදිරි වසර ඇතුලත බොහෝ ටෙස්ට් තරඟ තිබෙන නමුත් විශේෂයෙන්ම ජගත් කුසලාන සඳහා වසර කිහිපයක් තිබෙන බැවින් එක් දින සහ විස්සයි විස්ස පිටියෙන් සමුගැනීමට සුදුසුම කාලය මෙය යයි තමන්ට හැඟී ගිය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කාන්තා අයිතීන්, සංක්‍රමණය, ආරක්ෂාව සහ ලිංගිකත්වය වැනි කාරණා ගැන ආරාබියේ දිවි ගෙවන පුද්ගලයන්ගේ අදහස් මත පදනම්ව මෙම සමීක්ෂණය සිදු කර තිබේ. බීබීසී අරාබි පුවත් සේවය වෙනුවෙන් අරාබි බැරෝමීටර (Arab Barometer) සමීක්ෂණ ජාලය මෙම සමීක්ෂණය පවත්වනු ලැබ ඇත. 2018 වසරේ අවසානයේ සිට 2019 වසරේ මැද දක්වා පලස්තීන භූමි ප්‍රදේශ සහ අරාබි කලාපයේ රටවල් දහයක සිදු කළ සමීක්ෂණයට පුද්ගලයන් 25,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගී කරගෙන තිබේ. එම සමීක්ෂණයේ සමහර ප්‍රතිඵල පහතින් දැක්වේ. 2013 වර්ෂයේ සිට මේ දක්වා කලාපය පුරා පැතිරී සිටින "ආගමානුකූලව නොහැසිරෙන" පුද්ගලයන්ගේ ගණන 8% සිට 13% දක්වා වැඩි වී තිබේ. සමීක්ෂණයට අනුව වයස අවුරුදු තිහට අඩු පුද්ගලයන් ආගමික දිවි පෙවතින් ඉවත් වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඔවුන් අතරින් 18%ක් ආගමානුකූලව නොහැසිරෙන බවට හඳුනාගෙන ඇත. යේමනයේ පමණක් එහි පහත වැටීමක් දක්නට ලැබේ. රටේ අගමැතිනිය හෝ අමාත්‍යවරියක වීමේ කාන්තා අයිතියට කලාපය පුරා සිටින බොහෝ දෙනෙකු සිය කැමැත්ත පළ කර තිබිණි. නමුත් ඇල්ජීරියාවෙන් සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් කාන්තාවක රටේ නායිකාව වීම ගැන කැමැත්ත පළ කළේ 50%ට අඩු පිරිසක් වීම විශේෂත්වයකි. නමුත්, කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් ඇතුළු බොහෝ දෙනෙකු පැවසුවේ, ගෘහ ජීවිතයේදී පවුල වෙනුවෙන් අවසාන තීන්දුව ගැනීමේ අයිතිය ඇත්තේ සැමියාට හිමි විය යුතු බවය. මොරොක්කෝවේ පමණක් ජනගහනයෙන් අඩකට මදක් අඩු ප්‍රමාණයක් පවුල තුළ අවසන් තීන්දුව ගැනීම සැමියා සතු කාර්යයයක් ලෙස සිතන බව සමීක්ෂණයෙන් පෙනී යයි. සමලිංගික සම්බන්ධතා ගැන කලාපය පුරා විසිරී ඇති මතය එකිනෙකට වෙනස් වුවත් එය පිළිගැනීම ඉතා අවම මට්ටමක පවතී. ලිබරල් සමාජයක් ඇති බවට ප්‍රසිද්ධියක් උසුලන ලෙබනනයේ පවා මෙය පිළිගනු ලබන්නේ 6%ක් පමණි. අගෞරව වන ආකාරයෙන් හැසිරෙන පවුලේ සාමාජිකයෙකු, විශේෂයෙන් ම කාන්තාවක, ඥාතීන් විසින් ඝාතනය කරනු ලැබීම 'පවුලේ ගෞරවය වෙනුවෙන් සිදු කරන ඝාතන' ලෙස හැඳින්වේ. ලෝකයේ අනෙක් නායකයන් සමග සංසන්දනය කර බලන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග ප්‍රතිපත්ති සමීක්ෂණය පැවැත්වූ සෑම ප්‍රදේශයක ම හිමිව තිබුණේ අවසාන ස්ථානයයි. නමුත් පුදුමයට කරුණ නම්, සමීක්ෂණය සිදු කළ ප්‍රදේශ 11න් 7ක පිරිස අතරින් අඩක් හෝ ඊට වැඩි ගණනක් තුර්කි ජනාධිපති රිසෙප් තයියෙප් එර්දොවාන්ගේ ප්‍රතිපත්ති පිළිගැනීමය. ලෙබනනය, ලිබියාව සහ ඊජිප්තුව යන රටවල එර්දොවාන්ට වඩා ව්ලැදිමීර් පූතීන්ගේ ප්‍රතිපත්තිවලට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල් බොහොමයක් නිරන්තරයෙන් සිය ආරක්ෂාව ගැන අවධානයෙන් පසු වේ. කලාපයට දැඩි තර්ජනයක් එල්ල කරන රටවල් ගැන පුද්ගලයන්ගෙන් ඇසූ විට පළමුව ඊශ්‍රායල ද දෙවනුව ඇමෙරිකා එක්සත් ජනපදය සහ තෙවනුව ඉරානයත් ලෙස හඳුන්වන ලදී. සමීක්ෂණය සිදු කළ සෑම රටක ම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත පළ කළේය. සුඩානයේ ජනගහනයෙන් හරි අඩක් සිය රටින් පිටත් වීමට කැමැත්ත පළ කළහ. ආර්ථික ගැටලු මෙයට ප්‍රධානතම හේතුවක් ලෙස ඔවුහු පැවසූහ. නමුත් ඔවුන් සියලුදෙනාගේ ඉලක්කය වන්නේ යුරෝපය නොවේ. උතුරු ඇමෙරිකාවට යෑමට බලාපොරොත්තු වන පිරිසේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර, යුරෝපයට සංක්‍රමණය වීමේ කැමැත්ත පෙරට වඩා අඩු වී තිබේ. නමුත් මැද පෙරදිග හැර දා යාමට සිතන පුද්ගලයන් තවමත් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ යුරෝපයටය. මෙම සතිය පුරාවට බීබීසී අරාබි සේවයේ ප්‍රධාන මාතෘකාව මෙය වන අතර, ට්විටර්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ #BBCARABICSURVEY යන හෑෂ්ටැගය භාවිත කර වැඩි විස්තර දැන ගත හැකිය. සමීක්ෂණ ක්‍රමවේදය අරාබි බැරෝමීටර නම් සමීක්ෂණ ජාලයක් විසින් මෙම සමීක්ෂණය පවත්වනු ලැබීය. පලස්තීන භූමි ප්‍රදේශ සහ මැද පෙරදිග රටවල් දහයක දිවි ගෙවන පුද්ගලයන් 25,407ක් සමග මුහුණට මුහුණ ලා සාකච්ඡා පවත්වා තිබිණි. අරාබි බැරෝමීටර සමීක්ෂණ ජාලය අනුයුක්ත වී ඇත්තේ ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයටය. 2006 වසරේ සිට ඔවුන් මේ ආකාරයේ සමීක්ෂණ පවත්වයි. මිනිත්තු 45ක් දක්වා දිගු වූ සාකච්ඡා බොහෝ විට සිදු කර ඇත්තේ ටැබ්ලට් උපකරණයක් හරහා වන අතර, එයට සහභාගී වූ පුද්ගලයන් පෞද්ගලික ස්ථානයක සිට කරුණු දක්වා තිබේ. ඊශ්‍රායලය සහ ඉරානය ඇතුළත් නොවුණ ද, අනෙක් පසින් පලස්තීන භූමි ප්‍රදේශ ඇතුළත් වුව ද, මෙම සමීක්ෂණයෙන් පිළිබිඹු වන්නේ අරාබි ලෝකය තුළ පවතින මතයයි. ගල්ෆ් ඇතුළු කලාපයේ රටවල් බොහොමයක් සම්පූර්ණ සහ සාධාරණ ලෙස සමීක්ෂණය පැවැත්වීමට ඉඩ ලබා නොදිණි. කුවේට්හි ප්‍රතිඵල ලැබීම දැඩි ලෙස ප්‍රමාද වීම හේතුවෙන් එය බීබීසී අරාබි සේවයේ ආවරණය සඳහා යොදා ගැනීමට නොහැකි විය. සිරියාවට ඇතුළු වීමේ ඇති අපහසුතා නිසා සමීක්ෂණයට සහභාගී කර ගත නොහැකි විය. නීතිමය සහ සංස්කෘතික ගැටලු හේතුවෙන් සමීක්ෂණයට ඇතුළත් සමහර ප්‍රශ්න ඉවත් කරන මෙන් රටවල් කිහිපයක් ඉල්ලීම් කර තිබිණි. අවසන් ප්‍රතිඵල එළිදැක්වීමේදී මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන ඇති අතර, සීමාවන් පැහැදිලිව දක්වා තිබේ. මෙම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර විස්තර අරාබි බැරෝමීටර වෙබ් අඩවියෙන් දැනගත හැකිය. මේ තොරතුරුද කියවන්න:
මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයන් තුළ මෙතෙක් සිදු කළ විශාලතම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ අරාබි රටවල් තුළ ආගමානුකූල දිවි පෙවතක් ගත කරන පුද්ගලයන්ගේ විශාල අඩු වීමක් දක්නට ලැබෙන බවය.