instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එවැනි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ හැත්තෑඅටක් වළක්වාගත හැකි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී හෙළිවී ඇත. පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අන්තරායෙන් වැලකීමට හේතුවෙන විශේෂ එළවලු සහ පලතුරු වර්ග ඉහත කී අධ්‍යයන කණ්ඩායම විසින් හඳුනා ගනු ලැබ ඇත. එළවලු සහ පලතුරු සුළු වශයෙන් ආහාරයට ගැනීම පවා ශරීර සෞඛ්‍යයට හිතකර වන අතර එවැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දෙන බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි. පර්යේෂකයන්ට අනුව එකවරකට ආහාරයට ගතයුතු එළවලු හෝ පලතුරු ප්‍රමාණය ග්‍රෑම් අසූවකි. එනම් කුඩා කෙසෙල් ගෙඩියකට හෝ පෙයාර්ස් ගෙඩියකට සමාන ප්‍රමාණයකි. එක වේලකට ග්‍රෑම් අසූවක් පුද්ගලයන් විසිලක්ෂයක ආහාර ගැනීමේ පුරුදු උපයෝගී කරගනිමින් වෙන වෙනම සිදු කරන ලද පර්යේෂණ අනූපහක දත්ත සැලකිල්ලට ගනිමින් පර්යේෂකන් අදාළ නිගමනයට පැමිණ තිබේ. පිළිකා වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ග: හෘද රෝග වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ග: සබැඳි යොමු :
එක දවසකට දහවතාවක් එළවලු සහ පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකිබව පර්යේෂකයන් කණ්ඩායමක් පෙන්වා දෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම සංවාදය සමාජ ජාල තුළ යළි උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුව විසින් ආනයනික කාන්තා සනීපාරක්ෂක තුවා මත අලුතින් බද්දක් පනවනු ලැබ ඇති බවට එල්ල වන චෝදනාවත් සමගය. ආණ්ඩුව පවසන්නේ සනීපාරක්ෂක තුවා සඳහා තිබුණු 30% වැට් බද්ද 15% දක්වා අඩු කර ඒ වෙනුවට, ඒ හා සමාන ප්‍රතිශතයකින් සෙස් බද්දක් පනවා ඇති බවය. එබැවින් ආනයනික කාන්තා සනීපාරක්ෂක තුවාවල මිලෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවන බව ඔවුන්ගේ තර්කය වී තිබේ. කරුණු එසේ තිබියදී සනීපාරක්ෂක තුවා සඳහා සහන මිලක් හඳුන්වා දෙනවා වෙනුවට ශ්‍රී ලංකාව ඒ මත "විශාල බද්දක්" පනවා ඇති බව ඇතැම් ක්‍රියාකාරිනියෝ පෙන්වා දෙති. "සනීපාරක්ෂක තුවා මත අදටත් 51% ක බද්දක් පැනවෙනවා. සනීපාරක්ෂක තුවා කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි, අත්‍යවශ්‍ය භාණ්ඩයක්. තමන් කැමති සන්නාමයකින් සනීපාරක්ෂක තුවා තෝරාගන්න කාන්තාවකට අයිතිය තිබෙනවා. ලංකාවෙ නිශ්පාදිත මිල අඩු සන්නාමයන් තිබුණත්, ආනයනික සනීපාරක්ෂක තුවා වර්ග බොහොමයක් ඊට වඩා සැපපහසුයි. උරාගැනීම වැඩි නිසා වැඩි වේලාවක් අඳින්නට හැකියි. රටේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදන දියුණු කිරීම, සනීපාරක්ෂක තුවා අඳින කාන්තාවන්ගේ වැඩක් නෙවෙයි. රටේ නිෂ්පාදන රැකීමට ගහනා බදුවලින් ඔවුන් පීඩාවට පත්විය යුතු නැහැ." යනුවෙන් ෆේස්බුක් හි සටහනක් තබමින් අමන්දා අබේසූරිය සඳහන් කර තිබිණි. කාන්තාවන්ට ඔසප් දිනයන්හි නිවාඩු හෝ සහන ලබා දීමට ලොව ඇතැම් රටවල් මේ වන විටත් පියවර ගනිමින් සිටිති. මේ අතර ශ්‍රී ලංකාව තුළ සනීපාරක්ෂක තුවා භාවිතය සහ ඒවායේ මිල සම්බන්ධයෙන් සංවාදයක් මතුව ඇත්තේ එම නිෂ්පාදන භාවිතය දිරි ගැන්වීමට ලොව බොහෝ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති පසුබිමකදීය. උදාහරණයක් වශයෙන් ඔසප් දිනයන්හි භාවිතයට ගැනෙන සියලූම නිෂ්පාදන නොමිලේ ලබා දීම සඳහා වූ පනත් කෙටුම්පත අඟහරුවාදා (නොවැම්බර් 24) ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. ඒ අනුව ලොව සනීපාරක්ෂක තුවා ඇතුළු ඔසප් දිනයන්හි භාවිතයට ගැනෙන සියලුම නිෂ්පාදන නොමිලේ ලබා දෙන පළමු රට ලෙස ස්කොට්ලන්තය ඉතිහාස ගත වෙයි. පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ කලාපයේ රටවල ඔසප් වීම සහ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතය සම්බන්ධයෙන් කෙරුණු කෙටි විමසුමකි. ශ්‍රී ලංකාවේ පාසල් 88% කට ජලය ලබා දී ඇත. (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2017) 98% ක සනීපාරක්ෂක පහසුකම් ඇත. (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2017) වැසිකිලි එකකට දැරියන් (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය 2010)1:66 දකුණු ආසියාවේ පාසල් තුළ ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය සම්බන්ධයෙන් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව: දුගීභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැරියන් වැඩි දෙනෙක් සනීපාරක්ෂක තුවා වෙනුවට ඒ සඳහා රෙදිකඩක් භාවිත කරති. ශ්‍රී ලංකාව තුළ පාසල් දැරියන් සඳහා වෙන ම වැසිකිළි පැවතියත් සනීපාරක්ෂක තුවා ඇතුළු ඒ සඳහා යොදා ගනු ලබන දේ මාරු කිරීම සඳහා වැසිකිළි භාවිත කරන්නේ 34% ක් පමණක් බව වාර්තා වේ. ඔසප් කාලය තුළ දෙමව්පියන්ගෙන් 60% ක් සිය දියණියන් පාසල් නොයවති. මිථ්‍යාව සහ තහනම් මාතෘකා ගුරුවරියන්ගෙන් 60% කවිශ්වාසය වී ඇත්තේ ඔසප් රුධිරය අපිරිසිදු බවය. 66%ක් සිසුවියන් වැඩිවියට පත් වන තෙක් ඔසප් වීම පිළිබඳ දැන සිට නැත. සිංහල සහ හින්දු චාරිත්‍ර අනුව ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම පවුලේ සමීපතමයන් පමණක් නොව අසල්වැසියන්ට ද රහසක් නොවන්නේ එකී ස්වභාවික සංසිද්ධිය උත්සවාකාරයෙන් සමරනු ලබන නිසාය. නමුත් ඔසප් වීම, සනීපාරක්ෂාව, උපත් පාලනය වැනි ලිංගික අධ්‍යාපනයට ඇතුළත් වන බොහෝ කරුණු ශ්‍රී ලංකාව මෙන්ම අසල්වැසි රටවල ද තහනම් මාතෘකා (Taboo) බවට පත්ව ඇත. ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් දැරියක් සියදිවි හානි කර ගැනීමේ පුවතක් 2017 වසරේදී දකුණු ඉන්දියාවෙන් වාර්තා විය. එමෙන්ම කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් සිය කෝවිලට ඇතුළු වීම සඳහා කාන්තාවන්ට අවසර දෙන බවට කේරළයේ සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා කළ ප්‍රකාශයක් 2015 වසරේදී දැඩි ආන්දෝලනයකට ලක් විය. ඔසප් සමයේ භාවිත කෙරෙන සනීපාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් පවතින ඉහත කී ආකාරයේ ආකල්ප ශ්‍රී ලංකාවට පමණක් නොව කලාපයේ සෙසු රටවලට ද පොදු බව වාර්තා දෙස බැලීමේදී පෙනී යයි. ඒ හා සබැඳි සම්මතයන් සහ මිථ්‍යා මෙන්ම එය සමාජය තුළ තහනම් මාතෘකාවක් වීම නිසා දැරියන්ගේ පාසල් පැමිණීමට බලපෑම් එල්ල වන බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සීමා වන බවත් වෝටර්ඒඩ් (WaterAid) සහ යුනිසෙෆ් සංවිධානය කළ අධ්‍යනයකින් හෙළි වී ඇත. ඔසප් වීම සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පවතින දැනුම, ආකල්ප සහ භාවිතය පිළිබඳ සොයා බැලීම සඳහා කළුතර දිස්ත්‍රික්කයට අයත් යොවුන් දැරියන් 720 දෙනෙකු සහ ගුරුවරියන් 282 දෙනෙකු යොදා ගනු ලැබ ඇත්තේ 2015 වසරේදීය. "නෑමෙන් වැළකී සිටිය යුතු බව ගුරුවරියන් 80% කගේ විශ්වාසය වී ඇත" එහිදී සොයා ගත් මූලික කරුණු: පාසල් දැරියන් (දත්තවලට අදාළ වසර ශ්‍රී ලංකාව 2014, පාකිස්තානය 2017, නේපාලය 2016, ඉන්දියාව 2016, බංග්ලාදේශය 2014, ඇෆ්ගනිස්තානය 2010) කලාපයේ වෙනත් රටවල් ඔසප් වීම ආරම්භයත් සමග කාන්තාවන්ට අත්විඳීමට සිදුවන වේදනාව දැක්වීම සඳහා සමාජ ජාල තුළ පළ කරනු ලැබූ ඡායාරූපයක් නිල වාර්තාවලට අනුව කලාපයේ වැඩි වශයෙන් ම සනීපාරක්ෂක තුවා භාවිත කරන රට භූතානයයි. එරට කාන්තාවන්ගෙන් 90% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරන බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි. ඉහත කී වාර්තාවට අනුව ඉන්දියාවේ 58% ක් පිරිසිදු ආරක්ෂණ ක්‍රමවේද (සකසා ගත් රෙදිකඩ, සනීපාරක්ෂක තුවා, ටැම්පුන්) භාවිත කරති. කෙසේ නමුත් මිල අඩු සනීපාරක්ෂක තුවාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අවධානය යොමු වේ. පාකිස්තානයේ දැරියන්/කාන්තාවන් 66% ක් කපු රෙදි භාවිත කරන අතර ඉන් 49% ක් ඒවා යළි භාවිත කරති. 17% ක් සනීපාරක්ෂක තුවා භාවිත කරති. බංග්ලාදේශයේ 10% ක් ඉවතලන සනීපාරක්ෂක තුවා භාවිත කරති. ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රයක් නේපාලයේ පැවතෙයි. එය සාපරාධී වරදක් කෙරෙන නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් 2017 වසරේදී සම්මත කරනු ලැබීය. ඔසප් වූ කාන්තාවක නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක (ඇමෙරිකානු ඩොලර් 30 ක) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලබා දී ඇත. ඔසප් නිවාඩු ඔසප් කාලයේ මෙයෝනීස් සෑදීම සහ නෑම 'තහනම්' මේ අතර ඔසප් කාලය තුළ කාන්තාවන්ට යම් කිසි ආකාරයක සහනයක් ලබා දීම සඳහා ඇතැම් රටවල් සහ ආයතන පියවර ගනිමින් සිටිති. ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ. සැම්බියාවේ රැකියා කරන කාන්තාවන්ට මාසයකට එක් වතාවක් තමන් කැමති දිනක නිවාඩුවක් ලබා ගැනීමේ අයිතිය නීති මගින් හිමිකර දී තිබේ. මේ ගැනත් කියවන්න:
2019 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර කාන්තා සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මතු වූ සංවාදය මේ වන විට යළි කරලියට පැමිණ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම යෂ්ටිය ධාවකයකින් වෙත එලිසබෙත් රැජින විසින් භාර දුන් අතර මෙම යෂ්ටිය සැතපුම් එක් ලක්ෂ විසි පන්දහසක් දුර ගෙවා ලබන වසරේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ග්ලාස්ගෝ කරා ලඟා වීමට නියමිතයි. මෙම යෂ්ටිය මුලින් ඉන්දියාව කරා යැවෙන අතර පසුව එය සෙසු රටවල් ගණනාවක් කරා යැවෙනු ඇත වැඩි දුර විස්තර ලබා ගැනීමට රටේ නමට ක්ලික් කරන්න
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වූ යෂ්ටිය ලොව වටා යන ගමන ආරම්භ වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතියකින් තොරව ගබ්සාවක්‌ සිදු කිරීම වර්තමානයේ එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයේ නීති විරෝධී කටයුත්තක් වන අතර එය සිර දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් ගබ්සාව දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පවතින නීතිය ඉවත් කොට වෙනත් සෞඛ්‍ය ගැටළු හා සමාන ආකාරයට ගබ්සාව ද පාලනයකට නතු කළ යුතු බව ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලය (Royal College of Obstetricians and Gynaecologists) නිර්දේශ කර තිබේ. සති 24 කට වඩා පිරුණු දරු ගැබක් ගබ්සා නොකළ යුතු බව ද විශේෂඥයෝ පවසති. "ප්‍රධානම සෞඛ්‍ය සේවයක් ලෙසින්" ගබ්සාව සඳහා කාන්තාවන්ට අවස්ථාව සලසා දීම සිය ආයතනයේ ප්‍රධානම වගකීමක් බව ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ සභාපතිනි, මහාචාරිනී ලෙස්ලි රේගන් (Lesley Regan) සඳහන් කළාය. "ගබ්සාව අපරාධයක් නොවිය යුතුය යන්නෙන් අපි අදහස් කරන්නේ ඒක පාලනයකට නතු නොකළ යුතුයි යන්න නොවෙයි කියල මම පැහැදිලිව කියන්න ඕනේ," ඇය සඳහන් කළාය. "අනෙක් සෑම සෞඛ්‍ය ක්‍රමවේදයක් වගේම ගබ්සාවත් නිසි පාලනයකට සහ වෘත්තීය ප්‍රමිතියකට නතු කළ යුතුයි." ගබ්සාව අපරාධයක් නොවිය යුතුය යන යෝජනාව, පසුගිය ජුනි මාසයේ පැවැත්වුණු බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික සැසිවාරයේදී වෛද්‍ය සංගමය විසින් ද අනුමත කරන ලදි. ශ්‍රී ලංකාව "මේ දුක දන්නේ අම්ම කෙනෙක් විතරයි" මේ අතර විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාවකට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය පළ කළේය. ඒ අනුව ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට නීතියේ අනුමැතිය හිමිවේ. ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය ලැබිය යුතු අතර, සැත්කම සිදු කළ යුත්තේ රජයේ රෝහලකදී පමණි. එම යෝජනාවට වෛද්‍ය විශේෂඥයන් ද සහාය පළකරන නමුත් "ශුද්ධවත් ජීවිතය කෙලසීමට පිළිසිඳ ගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බව," ඒ පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. වෛද්‍ය විශේෂඥයන්ගේ යෝජනාව සහ ආගමික නායකයන් පළ කරන විරෝධය පිළිබඳව ශ්‍රී ලංකා සමාජය තුළ දැන් සංවාදයක් මතු වී තිබේ. "දරුවෙක් අංගවිකල වුනා කියලා, දරුවෝ බලාපොරොත්තු වුනාට වඩා ලැබුණා කියලා ඒ දරුවන් නැතිකර දැමීම වරදක්. මහා අපරාධයක්" සිය වේදනාව විස්තර කරන, මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන දරුවෙකු බිහි කළ මවකගේ අනුවේදනීය අත්දැකීම ඇතුළත් විශේෂාංගයක් බීබීසී සිංහල සේවය පසුගියදා ඉදිරිපත් කළේය. ඇය පවසන පරිදි ගැබ් ගෙන මාස තුනක් ගත වෙත්ම සිය දරුවා මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන බව වෛද්‍යවරුන් නිගමනය කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ පවතින නීතිය හේතුවෙන් දරු ගැබ ගබ්සා කිරීමට ඇයට අවස්ථාවක් නොවීය. "දවස් එකොළහක් දරුවා ජීවත් වුනා. අන්තිමට දොස්තරලා කිව්වා මෙයාව ජීවත් කරන්න අමාරුයි, මැෂින් ගලවනවා කියලා. ඊට පස්සේ මගේ දරුවා නැති වුනා." "ජීවත් කරන්න බැරි කෙනෙක් තියා ගෙන විඳින දුක දන්නේ ඒ අම්මා විතරයි." ප්‍රසුතිය සඳහා සිසේරියන් සැත්කමකට මුහුණ දුන් තමන් ද දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වූ බව ද ඇය කියා සිටියාය. "මට තව දරුවෙක් ඉන්නවා. එයාට වයස හතර හමාරයි. දරුවා කුසේ ඉන්න කාලේ මට අනතුරක් වුනා නම් මගේ දරුවා බලා ගන්න කවුරුත් නැති වෙනවා." ගබ්සාව, නීතිය සහ ආගමික නායකයන්ගේ විරෝධය සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට ශ්‍රී ලංකාවේ නීති විරෝධී, අනාරක්ෂිත ආකරයට ගබ්සා 600 ක් පමණ සිදුවේ. මෙලෙස කාන්තාවන් අනාරක්ෂිත ක්‍රම සඳහා යොමුවීම හේතුවෙන් කාන්තාවන් විවිධ රෝගාබාධවලට ලක්වීම මෙන්ම නැවත ගැබ් ගැනීම වැළකීමේ සිදුවීම් ද වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනි වෛද්‍ය හිරන්ති විජේමාන බීබීසී සිංහල සේවයට පැවසීය. "දැන් තියෙන නීතිය 1883 නීතියක්, අපි දැන් ඉන්නේ 2017, මේක දැනට ඔබින ආකරයට සංශෝධනය විය යුතුයි," ඇය කියා සිටියාය. එහෙත් දරුවෙකු ඉපදීම යනු "දෙවියන් වහන්සේගේ සැලැස්ම," බව පසුගියදා තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අමතමින් සඳහන් කළ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, "දරුවෙක් අංගවිකල වුනා කියලා, දරුවෝ බලාපොරොත්තු වුනාට වඩා ලැබුණා කියලා ඒ දරුවන් නැතිකර දැමීම වරදක්. මහා අපරාධයක්," යනුවෙන් ද සඳහන් කළහ. මේ අතර ආගමික නායකයන්ගේ විරෝධය මත අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ ජනපති නියමයෙන් තාවකාලිකව අත්හිටුවා ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි. උතුරු අයර්ලන්තය ගබ්සාව සම්බන්ධයෙන් එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයේ නීතියට වඩා දැඩි නීති විධිවිධාන උතුරු අයර්ලන්තයේ පවතී. උතුරු අයර්ලන්තයේ ගබ්සාව සඳහා අවසර ලැබෙන්නේ දරු ගැබ හේතුවෙන් මවගේ ජීවිතයට අනතුරක් තිබෙන්නේ නම් හෝ එමගින් ඇයගේ ශාරීරික හෝ මානසික සෞඛ්‍යයට බරපතල අවදානමක් එල්ල වන්නේ නම් පමණි. මේ තත්වය යටතේ උතුරු අයර්ලන්තවාසී කාන්තාවන්ට නොමිලේ ගබ්සා පහසුකම් සපයන බව මේ වසර මුලදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිවේදනය කළේය.
ගබ්සාව සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් විනා අපරාධයක් ලෙසින් නොසැලකිය යුතු බව, බ්‍රිතාන්‍යයේ ඉහළම පෙළේ ප්‍රසව හා නාරි වේද විශේෂඥයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආණ්ඩුව පෙරලා දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටින තායිලන්ත ආණ්ඩු විරෝධී කණ්ඩායම් විසින් ඊයේ ඉරිදා ඡන්ද මධ්‍යස්ථාන වට කරනු ලැබීම නිසා දසලක්ෂ සංඛ්‍යාත ජනකායකට ඡන්දය දීමේ අවස්ථාව අහිමි විය. ඡන්දය විමසීමට නොහැකි වූ එවැනි පලාත්වල යළි මැතිවරණ කැඳවීම සඳහා තවත් සති කීපයක්ම ගත විය හැකි බවයි ,තායිලන්ත මැතිවරණ නිලධාරීන් පවසන්නේ. ප්‍රතිඵල අවලංගු කරන්න මහමැතිවරණය වර්ජනය කල ප්‍රධාන විපක්ෂය වන තායිලන්ත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියා සිටින්නේ, අධිකරණය විසින් මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරනු ඇතැයි බලාපොරොත්තු තබන බවයි. රට තුළ ව්‍යාකූල සහ අවිනිශ්චිත තත්වයක් පවතින බවයි, බැංකොක් අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ. මේ අතර බීබීසී යට ප්‍රකාශයක් කරන තායිලන්ත අගමැතිනි, යින්ග්ලුක් සිනවත් කියා සිටියේ, ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයත් සමඟ දිගටම රැඳී සිටීමේ උවමනාව මහජනතාව විසින් ප්‍රදර්ශනය කරන ලද බවයි.
ඊයේ ඉරිදා ව්‍යාකූල තත්වයකට පත් තායිලන්ත මහ මැතිවරණයෙන් අනතුරුව විපක්ෂයේ උද්ඝෝෂකයෝ අද සඳුදාත් ආණ්ඩු විරෝධී ව්‍යාපාර පෙරට ගෙන යමින් සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"සුලු වේලාවකට හෝ ඡන්ද විමසීම අත්හිටුවීමට සිදුවුනොත් එහි ඡන්ද විමසීම ශූන්‍ය කිරීමට පියවර ගන්නවා" කොළඹ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැත්වුන මාධ්‍ය හමුවකට සහභාගි වූ මැතිවරණ කොමසාරිස්වරයා, ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී දුෂණ අක්‍රමිකතා සිදුවිය හැකි බවට පැතිරී යන ආරංචි පදනම් විරහිත බව ද සඳහන් කළේය. යම් ඡන්ද පොලක් ආශ්‍රිතව නීතිවිරෝධී ක්‍රියාවක් ඇතිවී සුළු වේලාවක් හෝ ඡන්ද විමසීම අත් හිටුවීමට සිදුවුවොත් එහි ඡන්ද විමසීම ශුන්‍ය කරන බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ. 'හමුදාව නෑ' "යම් ඡන්ද පොළකට පැමිණෙන ඡන්ද දායකයින් පලවා හැරියොත්, එන්න නුදුන්නොත්, බලහත්කාරකමක් කළහොත්, බලෙන් ඡන්ද දැම්මොත්, ඒවා නීති විරෝධී ක්‍රියා ලෙසයි අපි සලකන්නේ," යනුවෙන් සඳහන් කළ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, "එවැනි ක්‍රියාවක් නිසා සුලු වේලාවකට හෝ ඡන්ද විමසීම අත්හිටුවීමට සිදුවුනොත් එහි ඡන්ද විමසීම ශූන්‍ය කිරීමට පියවර ගන්නවා," ලෙසින් ද වැඩිදුරටත් කියා සිටියේය. මැතිවරණ රාජකාරි සඳහා යුද හමුදාව කැඳවීම පිළිබඳව අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා: "මැතිවරණයේ ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිලධාරින් විසිදහසකට අධික පිරිසක් යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා. එහෙත් යුද හමුදාව කැඳවීමක් සිදුවන්නේ නැහැ. යුද හමුදාව කැඳවනු ලබන්නේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ලැබුනොත් පමණයි," යනුවෙන් කියා සිටියේය. අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජනාධිපතිවරණය කල් දැමීමේ සුදානමක් නොමැති බව සඳහන් කළ කොමසාරිස්වරයා එවැනි ආපදා තත්වයක් ඇතිවුවහොත් ආපදාවට ලක්වූ ප්‍රදේශයට යාබද ප්‍රදේශයක ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඡන්ද විමසීම පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන පවතින බවද පෙන්වා දුන්නේය. ඇතැම් ජනමාධ්‍යවලින් තමන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව පවසන කොමසාරිස්වරයා, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියේය.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී යම් ඡන්ද මධ්‍යස්ථානයක කලහකාරී සිදුවීමක් ඇතිවුවහොත් එහි ඡන්ද විමසීම අවලංගු කොට වෙනත් දිනයක ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රංගන හේරත් නැවත වතාවක් වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් නමුත් සම්මාන උළෙලේ වැඩි අවධානය යොමුවූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තම පළමු වසරේම සම්මාන 4ක් දිනාගත් අසේල ගුණරත්න වෙතය. "සම්මාන බලාගෙන නෙවෙයි ආවේ, නමුත් මගේ දක්ෂතා අගයලා ලැබුණු සම්මාන ගැන සතුටුයි" අසේල ගුණරතන ඊයේ (ඔක්තෝබර් 31) කොළඹදී පැවති සම්මාන රාත්‍රියේදී බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය. අසේල ගුණරතනට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට හැකිවුයේ ඔහුට වසර 30ක් වන විටය. ඔහුට මීට පෙර අවස්ථාව ලැබිය යුතුව තිබූ බව ඇතැම් ක්‍රීඩා ලෝලීන්ගේ මතයයි. "පරක්කුවෙලා තමයි ආවේ, නමුත් මම හිතනවා එක හරි වෙලාව කියලා, මහේල අය්යාලා කුමාර් අය්යලා දිගටම සෙල්ලම් කළ නිසා කණ්ඩායමට එන්න ගොඩක් අමාරුයි, මම හිතනවා මගේ හොඳම කාලයේ මට අවස්ථාව ලැබුනා කියලා" "ඒ කාලේ අවස්ථාව ලැබුණානම් මෙච්චර දුර එන්නත් මට නොහැකි වෙන්න තිබුණා" අසේල ගුණරත්න සම්මාන ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ පසුගිය කාලයේ දක්ෂතා අතර ඉදිරියෙන්ම සිටි අසේල ගුණරත්න පසුගිය ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ අබාධයකට ලක්වූයේ පන්දුවක් ඇගිල්ලේ වැදී අස්ථි බිදීමක් හේතුවෙනි. ඒ නිසා ඔහුට ඉන්දීය සහ පාකිස්තාන සංචාර අහිමිවිය. "මම පන්දුවට පහරදෙන්න පටන් ගෙන දැන් සතියක් විතර, පොඩ්ඩක් තාමත් අතේ රිදීමක් තියෙනවා, ඒක තියාගෙන තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ, ලොකු අවුලක් තියෙන්නේ පන්දු රැකීමේදී" එළඹෙන ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයේදී ටෙස්ට් තරගාවලියට සහභාගිවීම තවමත් අවිනිශ්චිත බව අසේල ගුණරතන පැවසීය. "මගේ ඇගිල්ල තාමත් 100%ක්ම හොඳ නැහැ, ඒ නිසා ඒ ගැන හරියට කියන්න බැහැ" ඉන්දීය - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා අසේල ගුණරතන බොහෝවිට සහභාගිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
2016 වසර සඳහා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේ වැඩි සම්මාන ප්‍රමාණය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ තුන් ඉරියව්වේ ක්‍රීඩක අසේල ගුණරත්න සමත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාකිස්තාන් තාලිබාන් සංවිධානය හා සම්බන්ධ කැරලි කණ්ඩායමක් විසින් ප්‍රහාරයේ වගකීම බාර ගනු ලැබ තිබේ ශබ්කදර් නගරයේ සිදු වූ පිපිරීමට හසු වී තවත් විසි හත් දෙනකුවත් තුවාල ලබා තිබේ. අධිකරණ සංකීර්ණය තුළට ඇතුළු වීමට උත්සාහ කළ බෝම්බකරු නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේ ඔහු බෝම්බය පුපුරවා හැර ඇති බවයි බලධාරීන් පවසන්නේ. එහිදී විශාල පිපිරීමක් සිදු වූ බව ඇසින් දුටුවෝ පවසති. පාකිස්තාන් තාලිබාන් සංවිධානය හා සම්බන්ධ කැරලි කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ. පන්ජාබ් ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයකුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ආරක්ෂක භටයෙකු පසුගිය සතියේදී එල්ලා මරා දැමිණ. එයට පිළිගැනීමක් වශයෙන් ප්‍රහාරය එල්ල කළ බවයි ඉහත කී කැරලි කණ්ඩායම වැඩිදුරටත් පවසා ඇත්තේ. දේවාපහාසය සම්බන්ධයෙන් රටේ පවතින නීතියට එරෙහි වූ පන්ජාබ් පළාත් ආණ්ඩුකාර සල්මන් ටසීර් ඉස්ලාමාබාද් නුවරදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 2011 වසරේදී.
පාකිස්තානයේ වයඹ දිග ප්‍රදේශයේ අධිකරණ භූමියක් වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී අට දෙනකු මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආණ්ඩුව තුල ජාතික හෙළ උරුමය නියෝජනය කරන චම්පික රණවක ඇමතිවරයා මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් පසුගිය අවධියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවයි. පසුගිය දා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කළ සංචාරයක් අතරවාරයේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පහර දීමකට ගොදුරු වූ බව බොහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබුණ අතර පහර දීම සිදු කරන ලද්දේ විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන වන බවයි එම ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණේ. මේ සම්බන්ධයෙන් ඉහත කී මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් පළ කළ චම්පික රණවක ඇමතිවරයා ක්‍රිස් නෝනිස් මහකොමසාරිස්වරයා ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමක් සහිත ඉහළ මට්ටමේ නිලධාරියකු වන බවත් පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අතරවාරයේ මහකොමසාරිස්වරයා රට වෙනුවෙන් ලෝකයට ඉතා සාර්ථක මට්ටමින් කරුණු පැහැදිලි කළ බවත් සිහිපත් කළේය. තරාතිරම නොබලා දඬුවම් ‘ක්‍රිස් නෝනිස් මහ කොමසාරිස්වරයා ඔහුට පහර දීමක් සිදු වූ බවට යම්කිසි නිල පැමිණිල්ලක් කරනු ලැබ ඇත්නම් ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය පියවර ගත යුතුයි. එවැනි පැමිණිල්ලක් නැත්නම් කටකතා හෝ වෙබ් අඩවි ආදියේ පළවෙන දේවල් මත විදේශ අමාත්‍යංශයට ක්‍රියා මාර්ගයක් ගන්න බැහැ’ ඇමතිවරයා පවසයි. එවැනි නිල පැමිණිල්ලක් තිබේ නම් අදාළ වැරදි කරුවන්ට තරාතිරම නො බලා දඬුවම් කළ යුතු බවත් චම්පික රණවක ඇමතිවරයා කියා සිටියි. මේ අතර ඉහත කී පහර දීම සම්බන්ධයෙන් නම් කරනු ලැබ ඇති සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද, බ්‍රහස්පතින්දා(02) උදේ 9.30 ට මාධ්‍ය හමුවක් කැඳවා තිබුනත් එය අවලංගු කරන ලද බව පසුව නිවේදනය කෙරිණ. එම අවලංගු කිරීමට බල පෑ හේතූන් නිල මට්ටමින් ප්‍රකාශයට පත් කොට නොමැත.
බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඔහුට පහර දීමක් සිදු වූ බවට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට නිල පැමිණිල්ලක් කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී විභාගයක් ආරම්භ කළ යුතුව ඇතැයි තාක්ෂණ සහ පර්යේෂණ ඇමති චම්පික රණවක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ව්‍යාපෘතියට අනුමැතිය ලබාගැනීමේ සිට මුල සිටම සියල්ල ක්‍රියාත්මක වූයේ නීති විරෝධී ආකාරයකින් බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ වරාය නගරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සජීව චාමිකර, සංශෝධිත ව්‍යාපෘතියෙන් පවා ශ්‍රී ලංකාවට බරපතල අලාභහානි සිදුවන බවට අනතුරු අඟවයි. මුල් අදියරේදී හෙක්ටෙයාර 233 ක ප්‍රමාණයක ඉදිකිරීමට නියමිතව තිබුණු වරාය නගරය, යහපාලන ආණ්ඩුව විසින් හෙක්ටෙයාර 269 දක්වා වැඩි කර තිබෙන බවයි සජීව චාමිකර පවසන්නේ. සංශෝධිත ව්‍යාපෘතිය වෙනුවෙන් මුල් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවට ව්‍යතිරේකයක් එක් කිරීමත් නීති විරෝධී බව වරාය නගරයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි. "ඒ වාර්තාව සඳහා රජය දැඩි බලපෑමක් කරලා කොන්දේසි 71 ක් යටතේ අනුමැතියක් ලබාගෙන තියෙනවා," බව පවසන සජීව චාමිකර වැඩිදුරටත්කියා සිටියේ එම කොන්දේසි කවරේදැයි ජනතාවට හෙළි කර නැති බවයි. කෙසේ නමුත් රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රටක බලධාරීන්ට සිදුවන්නේ නොවේදැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, එය සැබෑවක් නමුත් වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම අවාසි සහගත වූවක් බවයි. මහින්ද රාජපක්ෂ පාලනය සමයේ වරාය නගර ව්‍යාපෘතියේ මුල් අදියර ක්‍රියාත්මක වූ අවස්ථාවේ එහි ප්‍රතිඵලයක් වශයෙන් ධීවරයන් විසි දහසකට ආසන්න පිරිසක් අවතැන් වූ බවත් ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් අගමැතිවරයාගේ චීන සංචාරය පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වූ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියා සිටියේ ශ්‍රී ලංකාවට වාසි සහගත වන ආකාරයේ කොන්දේසි මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි.
අගමැති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරයේදී අත්සන් තැබීමට යෝජිත සංශෝධිත 'පෝට් සිටි' වරාය නගර ව්‍යාපෘතියද නීති විරෝධී බව පරිසරවේදීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බ්‍රසීලයේ වයඹ දිග Awa ආදිවාසීන්ගේ භූමියට ඇතුල්ව පදිංචිවී සිටින සහ ගස් කපා දමන පුද්ගලයන්ගෙන් ඔවුන්ට තර්ජන එල්ල වෙමින් තිබෙන බවයි, Survival International ක්‍රිරියාධරයන්ගේ ආයතනය පවසන්නේ. Awa ආදිවාසී ජන කණ්ඩායමට සාමාජිකයන් හාර සිය පනහක් පමණ ඇතුලත් වෙයි. මේ වන විට ඔවුන්ගෙන් එක් අයකුට පිටතින් පැමිණි පුද්ගලයන් දස දෙනකු සිටින අතර ඒ කිසිවකු ඉවත් කිරීමට පියවර ගෙන නැත. බ්‍රසීල ව්‍යවස්ථාවෙන් ආදිවාසීන්ගේ අයිතීන් තහවුරු කොට ඇති නමුත්, රජයේ කිසිදු දෙපර්තුමේන්තුවක් විසින් Awa ආදිවාසීන් පිළිබඳ වගකීම් දරන්නේ නැති බවයි Survival International ආයතනය පවසන්නේ.
ලෝකයෙන් අහිමිවී යාමේ විශාල තර්ජනයට ලක්ව සිටින ආදිවාශී ජන කොටසක් ආරක්ෂා කර ගැනීමට අසමත් වී සිටින බවට ආදීවාසී ජන කොටස් වෙනුවෙන් පෙනී සිටින ක්‍රිරියාධරයන් කන්ඩායමක් බ්‍රසීල රජයට චෝදනා එල්ල කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ටොන් අටදහසක බරින් යුත් ‘නිෂින් මාරු’ නෞකාව සහ තවත් කුඩා ප්‍රමාණයේ යාත්‍රා තුනක් මෙම නැව් කණ්ඩායමට අයත් වෙයි. මෙම නැව් කණ්ඩායම මාස තුනක කාලයක් ඇන්ටාක්ටික් සාගරය මත යාත්‍රා කරන අතර තල්මසුන් තුන්සිය තිස් තුන් දෙනකු දඩයම් කිරීමට නියමිතයි. මීට ඉහතදී, ජපානය විසින් තල්මසුන් දඩයම හඳුන්වනු ලැබුවේ විද්‍යාත්මක වැඩසටහනක් ලෙසයි. තල්මසුන් දඩයම විද්‍යාත්මක වැඩසටහන් ලෙස හුවා දැක්වීම අනුමත නොකළ හේග් ජාත්‍යන්තර අධිකරණය එය නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශයට පත් කළේ පසුගිය වසරේදීයි.
තල්මසුන් දඩයම් කිරීමේ නිරත ජපාන නැව් කණ්ඩායම ඇන්ටාක්ටික් සාගරය වෙත යාත්‍රා කිරීම ආරම්භ කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොදු ප්‍රවාහන සේවාවල ලිංගික හිංසනය එයට වැට බැඳීම පිණිස ලොව බොහෝ රටවල් විවිධ උපක්‍රම දියත් කරති. පොදු ප්‍රවාහන සේවාවල දී කාන්තාවන්ට ලිංගික අතවර කරන පුරුෂයන් නින්දාවට පත්කිරීමේ අරමුණින් මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක පසුගියදා 'ලිඟු ආසනයක්' සවි කර තිබුණි. බ්‍රිතාන්‍යයේ පවා කාන්තාවන් උදෙසා වෙන් වූ දුම්රිය මැදිරි සකස් කළ යුතු බව පසුගියදා බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙක් ද යෝජනා කර තිබුණි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් 90% කට වැඩි පිරිසක් පොදු ප්‍රවාහන සේවාවල දී ලිංගික හිරිහැරවලට ලක්වන බව අනාවරණය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කාන්තා කටයුතු අමාත්‍යාංශය, පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් දියත් කෙරුණි. පොදු ප්‍රවාහන සේවාවල දී තමන් මුහුණ දෙන වේදනාබර අත්දැකීම ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද හෙළි කළහ. "ඔහු මගේ පියයුර ස්පර්ශ කළා" මේ අතර තුර්කියේ ප්‍රධාන නගරයක බලධාරීහු ලිංගික හිංසනය වැළැක්වීම පිණිස තවත් අත්හදා බැලීමක් දියත් කර තිබේ. ඒ කාන්තාවන් උදෙසාම වෙන් වූ රෝස පැහැති බස් රථ සේවයකි. මේ වන විට 'රෝස බස්' දෙකක් නගරයේ ප්‍රවාහන සේවා සඳහා යොදවා තිබෙන අතර, ඒ බස් රථ මගින් දිනකට 1000 කට අධික කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් සපයති. එහෙත් 'සියයක් කාන්තාවෝ' වාර්ෂික විශේෂාංගය වෙනුවෙන් බීබීසී ය කළ විමසුමකට අනුව, ලිංගික හිංසනය තුරන් කිරීම් වස් කාන්තාවන් උදෙසාම බස් රථ වෙන් කිරීම නගරයේ ඇතැම් කාන්තාවෝ අනුමත නොකරති. "පිරිමි එක්ක කථාකරන්න හරිම අමාරුයි. එයාල එක්ක හිරවෙලා යන්න අපිට ඕනේ නෑ," පාලක ඒකේ (AK) පක්ෂය විසින් මලත්යා (Malatya) නගරයේ ධාවනය කරවනු ලබන රෝස පැහැති බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් බීබීසී යට කියා සිටියාය. මෙක්සිකෝ උමං දුම්රියේ 'ලිඟු ආසනය' "බස්වල යන ගමන් අපි මොකටද පිරිමින්ගේ පහත් කතා අහගෙන ඉන්නේ? කාන්තාවෝ ඉන්න තැන්වල ගරු සරු ඇතිව හැසිරෙන්නවත්, විනීතව කතාකරන්නවත් එයාල දන්නේ නෑ," ඇය පවසන්නීය. "ඒ නිසා රෝස පාට බස් හරිම අපූරුයි." එහෙත් ඒ බස් රථයේම ගමන් කළ තවත් කාන්තාවක් පළ කළේ ඊට වඩා වෙනස් අදහසකි. "මම හිතන්නේ රෝස පාට බස් කියන්නේ මේ රටේ සහ මේ නගරයේ ඉන්න පිරිමින්ට කරන අපහාසයක්," ඇය කියා සිටියාය. "කාන්තාවන්ට ගරු කරන්න එයාල දන්නේ නැද්ද? ඇයි එයාල වෙන බස් එකක යන්නේ?." කාන්තාවන් සඳහාම වෙන් වූ එවැනි තවත් ප්‍රවාහන සේවා හඳුන්වා දීමට මේ අතර තුර්කි බලධාරීහු සැලසුම් කරති. සබැඳි යොමු:
පොදු ප්‍රවාහන සේවාවල දී කාන්තාව මුහුණ දෙන ලිංගික හිංසන ලොව පුරා බොහෝ රටවලින් අසන්නට ලැබෙන දුක්බර පුවතකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එංගලන්ත ඔලිම්පික් ශූර ඇලිස්ටර් බ්‍රවුන්ලී ට්විටර් ජාලයට එක් කළ ඡායාරූපයක් ඔවුන් ස්කොට්ලන්තයේ නීතිය උල්ලංඝණය කොට ඇති බැවින් වහාම සිය පාපැදිවලින් බසින මෙන් උපදෙස් දුන් බවයි, ස්කොට්ලන්ත පොලිසිය පවසන්නේ. "එම ස්ථානයට ලඟා වූ පොලිසිය ඔවුන්ට උපදෙස් සහ උපකාර ලබා දුන්," බව පොලිසිය පැවසීය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවු දෙනා අධිවේගී මාර්ගයේ පාපැදිවලින් ගමන් කළ ආකාරය ඡායාරූපගත කළ එංගලන්ත ඔලිම්පික් ශූර ඇලිස්ටර් බ්‍රවුන්ලී, එය ට්විටර් ජාලයට එක් කොට තිබිණ. 2002 දී මැන්චෙස්ටර් නුවර පැවැත්වුන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අධිවේගී මාර්ගයක සැතපුම් 17 ක් පාපැදිවලින් ගමන් කළ කෙන්යානු ජාතික ක්‍රීඩකයන් දෙදෙනකු බෝල්ටන් ප්‍රදේශය අසලදී පොලිසිය විසින් නවත්වනු ලැබිණ.
ග්ලාස්ගෝ නුවර අසල අධිවේගී මාර්ගයක පාපැදිවලින් ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවු දෙනකු පොලිසිය විසින් නතර කරනු ලැබිණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියාවේ විවාහ මංගල්‍යයක් අධිකරණය එම නියෝගය කළේ එම හින්දු කාන්තාව විවාහය සඳහා රවටාගෙන ඇති බවට ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය. විශ්‍රාමික ඉහල අධිකරණයක විනිසුරුවරයෙකු යටතේ අදාළ පරීක්ෂණය පවත්වන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. සබැඳි යොමු: අදාළ පරීක්ෂණය සඳහා විවාපත් හින්දු භක්තික තරුණිය අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බව ද අධිකරණයේ නිගමනය විය. එම විවාහය අවලංගු කරන බව කේරල ප්‍රාන්ත අධිකරණය මීට ඉහතදී තීන්දු කළේය. අධිකරණය එම විවාහය විග්‍රහ කළේ "ජිහාඩ් ප්‍රේමයක්" යනුවෙනි. එහෙත් විවාහක පුරුෂයා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. මෙය කිසිසේත්ම හුදෙකලා සිදුවීමක් නොව, ඉන්දියාවේ මුස්ලිම්වරුන් විසින් හින්දු භක්තිකයන් සිය ආගමට බඳවා ගැනීමේ සංවිධානාත්මකව ව්‍යාපාරයක කොටසක් බව පැමිණිල්ලේ චෝදනාව වී තිබේ. මනාලිය ඒ පිළිබඳව දරන්නේ කවර මතයක් දැයි මෙතෙක් අනාවරණය වී නැත. විවිධ ජනවර්ග අතර සිදුවන විවාහ මෑත යුගයේදී ඉන්දීය දේශපාලනයේ බරපතල මතභේදයට තුඩු දෙන මාතුකාවක් බවට පත් වී තිබේ. අදාළ විවාහය සම්බන්ධ විභාගය ඉතා "බරපතල" සහ "සංවේදී" පරීක්ෂණයක් බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, සිය දියණිය රවටාගෙන ඇති බව සහ ඉස්ලාම් ආගමට බඳවා ගැනීමේ "සංවිධානාත්මක ක්‍රියාදාමයක්" පවතින බව සාක්ෂි සහිතව සනාථ කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. අයිඑස් සංවිධානයට බැඳීම පිණිස සිරියාවට පිටත් කිරීමේ අරමුණින් තරුණියන් විවාහ කරගැනීමේ "ජිහාඩ් ප්‍රේමය" පිළිබඳ චෝදනා පිළිබඳව ඉන්දීය බලධාරීහු මෑතදී පරීක්ෂණ පැවැත්වූහ.
දකුණු ඉන්දීය කේරල ප්‍රාන්තයේ හින්දු භක්තික කාන්තාවක සහ මුස්ලිම් පුරුෂයෙකු අතර සිදු කෙරුණු විවාහයක් සම්බන්ධයෙන් නිල පරීක්ෂණයක් පවත්වන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය විනාශ කරන කුමන්ත්‍රණකරුවන් පිටුදැකීමට ක්‍රියා කළ යුතුයි - සුසිල් ප්‍රේම්ජයන්ත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යාපා ඇමතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තුල ශක්තිමත් රාජ්‍ය පාලනයක් පැවතීම දැකීමට අසතුටු විදේශීය බලවේග මේ පිටුපස සිටින බවයි. ඇමති නිමල් සිරිපාල ද සිල්වා අදහස් දහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන් පක්ෂය අත හැර යාම අමුතු දෙයක් නොවන බවයි. කුමන්ත්‍රණකරුවන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් අදහස් දක්වමින් කියා සිටියේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය විනාශ කරන කුමන්ත්‍රණකරුවන් පිටුදැකීමට ක්‍රියා කළ යුතු බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පක්ෂය ජයග්‍රහණ රාශියක් අත් කර ගෙන ඇති බව සඳහන් කල එම ඇමතිවරු ඒවා ඇතැම් පිරිස්වලට අමතක වී ඇති බවට ද චෝදනා කළහ.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන පත් කිරීමේ තීරණය පිටු පස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත්ව සිටින ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කතිකාචාර්ය, ආචාර්ය අතුලසිරි සමරකෝන් එසේ පැවසුවේ ඉදිරි මැතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා කුමන ආකාරයේ කෙනෙක් විය යුතු ද යන්න බීබීසී සිංහල සේවය ඔහුගෙන් විමසු විටය. ශක්තිමත් පාලන ව්‍යුහයක් නිර්මාණය කිරීමට සහ රට තුළ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා "සොඳුරු" නොඑසේ නම් "යහපත් ආඥාදායකයෙකු" (Benevolent Dictator) අවශ්‍ය බව සමහරු කියති. "Benevolent Dictator" යනු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට එනම් මහජන ඡන්දයෙන් තේරී පත් වන පොදු යහපත සහ සාමාන්‍ය වැසියාට වැදගත් වන තීරණ ගැනීමට නොපසුබට වන නායකයෙකි, යන්න කියැවේ. ඉදිරි ජනාධිපතිවරණයෙන් පත්වන පුද්ගලයාට වර්තමාන සමාජය වෙලාගෙන ඇති දූෂණ, වංචාවලට එරෙහිව කටයුතු කරන රටේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට හැකි විය යුතුය යන්න සමාජයේ ඇති මතයකි. ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරා ගනු ලබන ජනාධිපතිවරණය ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිතය. එහිදී පත්වන ජනාධිපතිවරයා කුමන ආකාරයේ කෙනෙකු විය යුතු ද යන්න පිළිබඳ කතිකාවක් සමාජය තුළ මේ දිනවල ගොඩ නැගෙමින් පවතී. මේ මොහොත (අගෝස්තු 20) වන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල බලවේගය තම ජනාධිපති ධූර අපේක්ෂකයන් නම් කර අවසානය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කර ඇති අතර ඉරිදා (අගෝස්තු 18) 'ජාතික ජනබල බලවේගය' තම ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නම් කළේය. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් සිය පාර්ශ්ව මගින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයන් ගැන පැහැදිලි තීරණ ගෙන නොමැති බව පෙනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ සමාජ මතය: 2015 ජනවාරි 08 වන දා බලයට පැමිණි වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලයට පැමිණියේ "මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව ඇති වංචා දූෂණ චෝදනා ගැන පරීක්ෂණ පවත්වා අදාළ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා" යන පොරොන්දුව දෙමිනි. "එය හරියට වුණේ නෑ. එම නිසා මිනිස්සු හිතාගෙන ඉන්නේ වර්තමාන රජය ඔවුන් රැවැට්ටුවා කියලා. ඒක නිසා තමයි සමාජශෝධනය යන කරුණ ගැන ජනතාව විවිධාකාර විකල්ප ගැන කතා කරන්නේ," එසේ අදහස් දැක්වූයේ නම හෙළිදරව් කිරීමට අකමැති වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. "ඉතිං මිනිස්සු දැඩි තීරණ ගන්න පුළුවන් නායකයෝ ගැන හිතනවා. ඒක ලෝකේ වෙනත් රටවලත් සිදුවෙලා තිබෙනවා." "කෙසේවුවත්, අපේ රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට නායකයන් අසමත් වෙලා තියෙනවා. ඒ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාමාන්‍ය ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳිලා යයි. එතකොට ඔවුන් ආඥාදායක පාලකයෙකු කියන 'විකල්පය' දෙස බැලීම වැළැක්විය නොහැකියි." මෙවැනි සමාජ මතයක් නිර්මාණය වී ඇත්තේ බලයේ සිටින පාලකයන් වංචාව, සොරකම, දූෂණය වැළැක්වීමට, ආරක්ෂාව සහ නීතියේ ස්වාධීනත්වය බල ගැන්වීමට "අපොහොසත්" වූ නිසා බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කතිකාචාර්ය, ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි. එසේ ම පසුගිය පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අනතුරුව රටේ ආරක්ෂාව පිළිබඳව ඇති වූ නොපැහැදිලි තත්ත්වය නිසා ද 'කෙලින් තීරණ ගන්නා' ජනාධිපතිවරයෙකු අවශ්‍ය බවට ඇති මතය තවත් තීව්‍ර වී තිබේ. "අපි ලොව පුරා උදාහරණ අරන් බැලුවොත් සිංගප්පුරුවේ ලී ක්වාන් යූ, මලයාසියාවේ ආචාර්ය මහතීර් බින් මොහොමඩ් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඒ රටවල නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණය සහ සාමාන්‍ය ජනතාවගේ අභිමානය වර්ධනය වුණා. ඒ, එම නායකයෝ බලයට කෑදර නොවුණු නිසා. ඔවුන්ට වැදගත් වුණේ තමන්ගේ රටවල් දියුණු කර ජනතාවට හොඳ සමාජයක් නිර්මාණය කිරීම. ඒ හේතුව නිසා ඔවුන් සාර්ථක වුණා," ආචාර්ය සමරකෝන් පැවසීය. "අපේ රටේ විධායක ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ මහජන ඡන්දයෙන් තේරී පත් වුව ද බලය ක්‍රියාත්මක කළේ ආඥාදායකයන් ලෙස. ඒක සත්‍යයක්. නමුත් ඔවුන් ට දේශපාලන බල ව්‍යාප්තිය ගැන තිබු ආකල්ප නිසා මහජනයා බලාපොරොත්තු වන සොරකම, දූෂණය නැති කිරීම සහ නීතියේ ආධිපත්‍ය ස්ථාපනය කිරීමට ඔවුන් අපොහොසත් වුණා." එබැවින් කුමන ආකාරයක හෝ ආඥාදායක ස්වරූපයක් නුසුදුසු බව ආචාර්ය සමරකෝන් පෙන්වා දුන්නේය. ජාතික ජනබල බලවේගය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නම් කළේය. ඇමෙරිකාවේ පිහිටි රාජ්‍යතාන්ත්‍රිකත්වය, ආරක්ෂාව, සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්ති ගැන ක්‍රියාත්මක වන ටෲමන් ජාතික ආරක්ෂක ව්‍යාපෘතියේ (Truman National Security Project) ආරම්භක ප්‍රධාන විධායක නිලධාරිනි රැෂෙල් ක්ලයින්ෆීඩ් යහපත් ආඥාදායකයා පිළිබඳව ඇය විසින් සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්ස් පුවත්පතට සපයන ලද ලිපියක මෙසේ දක්වා ඇත. "සමහර අවස්ථාවල ආඥාදායකයන් ආරම්භයේදී ජනතා හිතකාමියි. ඒ ආකාරයට ජනතාවගේ කැමැත්ත දිනා ගන්නවා. නමුත් කල්යත් ම ඔවුන්ට ජනතාව අමතක වෙනවා. බලය තමයි වැදගත් වන්නේ." රැෂෙල් පවසන්නේ ඝානාවේ හිටපු ජනාධිපති ක්වාමේ කෘමාස්, කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ සහ සිම්බාබ්වේ බලයෙන් පහ කළ ජනාධිපති රොබට් මුගාබේ ඊට උදාහරණ ලෙස දැක්විය හැකි බවය. "මේ නායකයෝ බලයට ආවේ ජනප්‍රියත්වය සමග. ඔවුන් තමන්ගේ රටවල් දියුණු කළා. නමුත් පසුකාලීනව, රාජ්‍ය දූෂණය සහ ප්‍රචණ්ඩත්වයෙන් ජනතාවගේ බලාපොරොත්තු බිඳ දැම්මා. සමහරු මමත්වය ගැන ප්‍රමුඛත්වය දුන්නා." ශ්‍රී ලංකාවේ තත්ත්වය: 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය තුළ සුවිශේෂී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. "19 ව්‍යවස්ථා සංශෝධනය නිසා ශ්‍රී ලංකාවේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර යම් බල තුලනයක් නිර්මාණය වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව බලන විට එය මහජනතාවට වාසිදායකයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ කුමන හෝ ආඥාදායකයෙක් බිහි වීමේ අවදානම අඩුයි," කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය, ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි. "දැන් බලන්නකෝ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි අගමැති රනිල් වික්‍රමසිංහයි පක්ෂ දෙකක. නමුත් පවතින බල තුලනය නිසා එකිනෙකාට තමන්ට වාසිදායක කිසි දෙයක් කරන්න බැහැ." නමුත් ඉදිරියේදී බලයට පැමිණෙන ආණ්ඩුවක් පාර්ලිමේන්තුව හරහා 19 ව්‍යවස්ථා සංශෝධනය නිශේධ කළහොත් නැවතත් තනි පුද්ගලයෙකු අතට විධායකය සහ ව්‍යවස්ථාදායකය යන දෙකෙහි ම බලය යෑමට ඉඩ ඇති බවත් එය ආඥාදායක ස්වරුපයේ පාලනයක් බිහි වීමට හේතු විය හැකි බවත් ඔහු පැවසීය. ජර්මනියේ ආඥාදායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් බලයට පැමිණියේ පාර්ලිමේන්තු බලය ලබා ගැනීමෙනි. පසුව ජර්මන් චාන්සලර්වරයා වශයෙන් ඔහු 1933 දී තේරී පත් විය. ඉන් සති කිහිපයකට පසුව එරට පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියෙන් අනතුරුව හිට්ලර් ජර්මනියේ සම්පූර්ණ බලය ඩැහැ ගත්තේය. ප්ලේටෝ "එබැවින් කොමියුනිස්ට්, වාමාංශික, නව ලිබරල් හෝ ජාතිකවාදී ආඥාදායකයෙකු රට තුළ නිර්මාණය වීම "පුද්ගල ස්වාධිපත්‍යය"ට අහිතකරයි. "පුද්ගල ස්වාධිපත්‍යය" සඳහා ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්," ආචාර්ය අතුලසිරි සමරකෝන් පැවසීය. අතීත දාර්ශනිකයෙකු වන ප්ලේටෝ දාර්ශනික-රජ (Philosopher-king) යන සංකල්පය ඉස්මතු කළේ, "තම ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව දන්නා නායකයෙකු අවශ්‍යය" යන මතය ඉස්මතු කරමින් බව රැෂෙල් ක්ලයින්ෆීඩ් පවසන්නීය. "එහෙත් පාරක වළවල් වැසීම, මහාමාර්ග සංවර්ධනය, වීථි ආරක්ෂාකාරී කිරීම, අපගේ දරුවන්ට ගණිතය ඉගෙන ගැනීමට ධෛර්යවත් කිරීම යන කාර්යයක් නියමාකාරයෙන් කර ගැනීම සඳහා දේශපාලනයෙන් පිළිතුරු සෙවීම නිවැරදි නොවේ" යන්න ඇයගේ මතයයි. "දූෂණය, අසමානතා, ජනතාවට එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය සහ සේවාවන් ලබා දීමට ඇති නොහැකියාව යන කරුණු ප්‍රජාතන්ත්‍රවාදය සහිත දියුණු සහ නොදියුණු රටවල බහුල තත්ත්වයක්." නමුත් ඊට පිළිතුර ආඥාදායකත්වය නොවන බව ක්ලයින්ෆීඩ් කීවාය.
"පාලකයා පුද්ගල ස්වාධිපත්‍යයට (Personal autonomy), එනම් මහජනයාගේ ස්වාධීනත්වයට මූලිකත්වය සහ අවශ්‍ය පසුබිම සෑදිය යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය ඇති කළ යුතුයි. ඒකයි ජනතාව පාලකයෝ පත් කර ගන්නේ. ඒ කර්තව්‍යය සඳහා ආඥාදායකයෝ අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ නීතියට ගරු කරන සහ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන පුළුල් දැනීමක් තිබෙන පාලකයෙක්."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉස්ලාම් ආගමේ අනිවාර්ය පිළිවෙතක් වන හජ් වන්දනාව ඉස්ලාම් දහමේ ප්‍රධාන ධර්ම කුලුණු පහෙන් එකකි. ලක්ෂ විස්සක් ඉස්ලාම් භක්තිකයන් වාර්ෂික හජ් වන්දනාවේ යෙදෙති. හජ් වන්දනා සමයේ දැඩි අවධානයක් ආරක්ෂක විධිවිධාන කෙරෙහි යොමු වේ. 2015 වසරේදී දොඹකරයක් කඩා වැටීමෙන් වන්දනාකරුවන් එකසිය නව දෙනකු මරුමුවට පත් විය. ආරක්ෂාව අතින් අනතුරු මතු වුවත් ජීවිතයේ එක් වරක් හෝ මක්කම වැඳ පුදා ගැනීම ඉස්ලාම් බැතිමතුන්ගේ අධිෂ්ඨානයයි.
වාර්ෂික ඉස්ලාම් වන්දනා සමය හජ් නමින් හඳුන්වන අතර වන්දනාකරුවෝ නබිනායකතුමන්ගේ ජීවිතය හා බැඳුණු සෞදි අරාබි පුද බිම් වන්දනා මාන කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලබන බදාදා (මැයි 10) සිට ඉරිදා (මැයි 14) දක්වා බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔය අසල උදෑසන 10 සිට සවස 07 දක්වා සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මෙන් ඉන්දීය වැලි මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනයක්ද කරයි. ඉන්දීය පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ වැලි මූර්ති ශිල්පියා ඒ බව සඳහන් කරන්නේ ට්විටර් ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමිනි. ජාත්‍යන්තර වෙසක් දින උත්සවයට සහභාගි වීම පිණිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ලබන සතියේ ශ්‍රී ලංකාව සංචාරයක යෙදීමට නියමිතය. ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරතුර දෙරට අතර කිසිදු ගිවිසුමකට අත්සන් නොතැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය. ත්‍රිකුණාමලයේ ඛනිජ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට සැරසෙන බවට චෝදනා කරමින් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පසුගියදා වැඩවර්ජනයක නිරත වූ අතර, වෘත්තීය සමිති නගන චෝදනාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.
ලබන සතියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවය අවස්ථාවේ ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරන බව ඉන්දීය කලා ශිල්පියෙක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ එම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජුනි 27) කැඳවූ අවස්ථාවේදීය. එහිදී නඩුවේ පළමුවන සැකකරු ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කරන මෙන් රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක ඉල්ලා සිටියේය. අනෙක් සැකකරුවන්: හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර තිබෙන අතර ඔහුට එරෙහිව මේ වනවිට කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැන්වීය. තුන්වන සැකකරු ලෙස නම් කර සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරට එරෙහිව ද මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා කටයුතු කරමින් සිටින බව ද ඔහු හෙළි කළේය. වාහන පිළිබඳ තොරතුරු: මේ අතර වසීම් තාජුදීන් ඝාතනය සිදුවූ දින අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන කීපයක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවත් රහස් පොලීසිය බ්‍රහස්පතින්දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. මියගිය වසීම් තාජුදීන්ගේ වාහනය අඳුනා ගැනීම සඳහා වූ ඩීවීඩී පටය පිළිබඳව සිදු කළ පරීක්ෂණවල වාර්තා මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක, පරීක්ෂණවලට භාජනය වී තිබෙන දුරකථන සංවාද පිළිබඳව තවදුරටත් විශ්ලේෂණය කරමින් සිටින බව ද කියා සිටියේය. මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පරීක්ෂණවල ප්‍රගතිය ගැන ඔක්තෝබර් 31 වෙනිදා වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට නියෝග කළාය. පසුවිපරම: කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට නුදුරු පාර්ක් පාරේ දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී 2012 මැයි 17 වෙනිදා වසීම් තාජුදීන්ගේ සිරුර හමුවිය. නමුත් ආරම්භයේදී පොලිසිය ප්‍රකාශ කළේ එය රිය අනතුරකින් සිදු වූ මරණයක් බවය. නමුත් එම නිගමනය තමන්ට පිළිගත නොහැකි බව පැවසූ මිය ගිය අයගේ ඥාතීහු ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියහ. එසේම විධිමත් පරීක්ෂණයක් සිදු නොවූ බවටත් ඔවුහු චෝදනා කළහ. මෙම පසුබිම යටතේ 2015 දී නව රජය බලයට පත්වීමෙන් පසුව යළිත් පරීක්ෂණය ආරම්භ විය. තාජුදීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව මිනී මැරුමක් බව රහස් පොලිසිය 2015 ජුලි 27 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. තාජුදීන්ගේ සිරුර ගොඩ ගන්නා අවස්ථාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරයක් මත ගොඩ ගනු ලැබූ සිරුර වසීම් තාජුදීන්ගේ බවට ඔහුගේ සහෝදරියක සහ සහෝදරයෙකු විසින් 2015 අගෝස්තු මස හඳුනා ගනු ලැබූණි. දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලි සුසාන භූමියේ මිහිදන් කර තිබූ දේහය පසුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ භාරයට පත් කෙරිණ. තාජුදීන් මරණයට පත්වීමට පෙර පහර දීමකට ලක්ව ඉළ ඇට බිඳී හිංසාවට ලක්ව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණ වී ඇති බවත් රහස් පොලිසිය මෙය මිනීමැරුමක් බවට විශ්වාස කල හැකි සාධක හමුව ඇති බව අධිකරණය හමුවේ මීට පෙර කියා සිටියේය. මෙම ඝාතනය ගැන 2016 ජනවාරි මාසයේදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ, "තාජුදීන්ගේ නඩුවේ පරීක්ෂණ දැන් සම්පූර්ණයෙන් ඉවරයි. ඒකෙ සඳහන් වෙන ඩිෆෙන්ඩර් රථය කාගෙද, තිස්ස කියන්නේ කවුද, කාගේ රියැදුරුද කියලා හැමෝම දන්නවා. මේ ගැන රාජපක්ෂ පවුලටම චෝදනා එල්ල වෙනවා,'' යනුවෙනි. නමුත් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට එල්ල වෙන චෝදනා දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය. කියවන්න:
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චීන ජනාධිපතිවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පිළිගන්නා ලදී. ද්විපාර්ෂික සාකච්ඡා චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද අඟහරුවාදා සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද්විපාර්ෂික සාකච්ඡා පවත්වනු ඇත. මෙහිදී චීනයත් ශ්‍රී ලංකාවත් අතර ද්වීපාර්ශවික වශයෙන් වැදගත් වන අවබෝධතා ගිවිසුම් ගිවිසුම් 20 කට වැඩි ගණනකට අත්සන් තැබේ. ලක්විජය තාප විදුලි බලාගාරය චීන ජනාධිපතිවරයා විසින් නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයේ අවසන් අදියරේ මෙහෙයුම් ආරම්භ කිරීමටද නියමිතයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් හෙට බදාදා කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තයේ සංචාරය කරන අතර එහිදී නායයකන් දෙදෙනා විසින් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යෘතියේ ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කරනු ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශිෂ්‍යාව දූෂණය කළ කල්ලියේ සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවක්. ශිෂ්‍යාව දූෂණය කෙරුණ දිනවල වයස අවුරුදු දාහතක් වූ යොවුන් තරුණයා පුනරුත්ථාපනය කිරීමේ අරමුණින් අධිකරණය ඔහුට නියම කර තිබෙන්නේ, අවුරුදු තුනක සිර දඬුවමක් පමණයි. බාලවයස්කාර අපරාධකරුවකු හැටියට ඉන්දියානු නීතිය අනුව එවැන්නකුට දිය හැකි උපරිම දඬුවම එයයි. දූෂණයට ගොදුරු වූ ශිෂ්‍යාවගේ සහෝදරයා ප්‍රකාශයක් කරමින්, අවුරුදු තුනක දඬුවම ඉතා ළිහිල් එකක් වන අතර , නඩු තීන්දුවට එරෙහිව මහාධිකරණයක් ඉදිරියේ අභියාචනය කරන බව කියා සිටි බවයි වාර්තා වන්නේ. ඉහත කී සමූහ දූෂණයට හවුල් වී යයි චෝදනා ලබන තවත් සැකකරුවන් හතර දෙනකුට එරෙහිව වෙනත් නඩු විභාගයක් පැවැත්වෙන අතර එහි තීන්දුවත් ඉදිරි සති කීපය ඇතුළත ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් පවතී.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ දිල්ලි අගනුවර දී ශිෂ්‍යාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන කල්ලියේ බාල වයස්කාර චූදිතයාට අධිකරණයෙන් නියම කෙරුණ දඬුවම සම්බන්ධයෙන් එම ශිෂ්‍යාවගේ පවුලේ සාමාජිකයන් සෑහීමකට පත් නොවන බවයි වාර්තා වන්නේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කුමාර් සංගක්කාර එම අදහස් පළකළේ, බ්‍රහස්පතින්දා කොළඹදී පැවති ඩයලොග් 'චේන්ජ් ෆෝරම්' නම් වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන අදහස් දක්වමිනි. "යම් දුරකට එකදිගට ස්ථාවරව ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතුයි. වසරක වගේ කාලයක් ඇතුළත එක්දින තරග සඳහා ක්‍රීඩකයන් 44 දෙනෙකු වගේ ප්‍රමාණයක් යොදාගැනීම කරන්න බැහැ," ඔහු පැවසීය. "කණ්ඩායමක සෙල්ලම් කරන්නේ 11 දෙනයි. මේක කණ්ඩායම් හතරක ක්‍රීඩකයන් ප්‍රමාණයක්." මෙය අවාසනාවන්ත තත්වයක් බව පැවසූ කුමාර් සංගක්කාර, එවැනි අවිනිශ්චිත වටපිටාවක ක්‍රීඩා කිරීම අපහසු දෙයක් බව පෙන්වාදුන්නේය. ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග ව්‍යුහයේ ගැටළු පවතින බව පෙන්වාදුන් කුමාර් සංගක්කාර එමගින් දක්ෂයන්ගෙන් දක්ෂයන් ඉදිරියට ඒමට අවස්ථාවක් හිමිනොවන බවයි කියා සිටියේ. මෙය තමන්ගේ පෞද්ගලික අදහස බව පවසන කුමාර් සංගක්කාර, තමන් සම්පූර්ණයෙන්ම වැරදි විය හැකි බවත් සඳහන් කළේය. මෙලෙස දිගින් දිගටම ක්‍රීඩකයන් මාරු කරමින් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාව එක් දින තරග ක්ෂේත්‍රයේ දක්වන අසාර්ථකත්වයට හේතු වී ඇති බව ප්‍රවීණ ක්‍රීඩා විචාරක ඩීන් ජෝන්ස් ද පසුගියදා පෙන්වාදුන්නේය. 'ක්‍රීඩා සමාජ දේශපාලනය' 2015 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ එක්දින තරග 38කින් ජයගෙන තිබෙන්නේ තරග 12ක් පමණක් වන අතර, එම ජයග්‍රහණවලින් බහුතරය වාර්තා වී තිබෙන්නේ අයර්ලන්තය, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට එරෙහිවය. මේ ආකාරයෙන් දිගින් දිගටම එක්දින තරග පරාජය වුවහොත්, ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව පවා අහිමිව යාමට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස පළමු පෙළ ක්‍රිකට් තරගවල පූර්ණ ප්‍රතිශෝධනයක් කිරීමේ අවශ්‍යතාවය ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි මේ අතර පෙන්වාදෙයි. ඒ සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ සහ අගමැතිවරයාගේ පවා පූර්ණ සහාය පළ වූ නමුත් 'ක්‍රීඩා සමාජ දේශපාලනය' හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බව ද සිදත් වෙත්තමුණි පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. ඒ සඳහා මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර වැනි මෑතදී ක්‍රීඩාවෙන් සමුගත් දක්ෂ ක්‍රීඩකයන්ගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැකිලෙන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි. එහෙත් සිදත් වෙත්තමුණිට අවශ්‍ය වූයේ දිගටම ක්‍රිකට් පරිපාලනයේ රැඳී සිටීමට බව ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.
ශ්‍රී ලංකා සීමිත ඕවර තරග සඳහා 2015 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයන් 44 දෙනෙකු යොදාගෙන තිබීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය අප්‍රසාදය පළකරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මම අන්තිමට කැම්පස් යන්න බැහැ කියලා ගෙදර නතර වුණා" රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙක් නවක වධය ගැන සිය අත්දැකීම් මාධ්‍යයට හෙළි කිරීමත් සමග, සමාජය තුළ නැවතත් ඒ ගැන කතාබහක් ඇති වී තිබේ. එම සිසුවා තමාට මුහුණ පෑමට සිදු වූ අමානුෂික අත්දැකීම් හෙළි කිරීමෙන් පසු අදාළ සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයන් 19 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සියලු දෙනා අගෝස්තු 19 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී රුහුණ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබූ විසි දෙහැවිදිරි දර්ශ උදයංග සිසුවාට නවක වධය ලෙස ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩන්තේට්ටම් සහ පහර දීම් සිදු කර තිබෙන බව ඔහු මාධ්‍ය හමුවේ නිරාවරණය කළේය. විසි දෙහැවිදිරි දර්ශ උදයංග "මම වින්ද දුක කිව්වේ අම්මාට. ඒ දේවල් අම්මාට දරාගන්න බැරුව හදිසියේ අම්මා මැරුණා. මගේ ජීවිතය ම විනාශ වෙලා තියෙන්නේ මේ දේවල් නිසා. ලිංගික අඩන්තේට්ටම් නිසා මම මානසිකව සහ ශාරීරිකව දුර්වල වෙලා ඉන්නේ. මම ලේ පරීක්ෂාවක් පවා කළා HIV වෛරසය ආසාදනය වෙලා ද බලන්න," දර්ශ උදයංග පැවසීය. "ගෙදර නතර වුණා" උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අනුව 2016/17 අධ්‍යයන වසරවලදී සිසුන් 637 ක් සහ 2015/16 අධ්‍යයන වසරවලදී සිසුන් 1,352 ක් නවක වධය හේතුවෙන් විශ්වවිද්‍යාල අතහැර ගොස් තිබේ. පසුගිය වසරේ අගෝස්තු මස හෙළි වූ අමානුෂික ලෙස නවක වධය දීමේ සිද්ධියත් සමග එවක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවකදී පැවසුවේ, "ශ්‍රී ලංකාවේ දරුණු ම පාතාලය පවතින්නේ විශ්වවිද්‍යාල තුළයි" යනුවෙනි. "නවක වධය හේතුවෙන් මේ වන විට 14 දෙනෙක් මිය ගිහින් තිබෙනවා. ඒ වගේ ම මාතර විශ්වවිද්‍යාලයේදී අතිරේක ලැයිස්තුවකින් යවපු භික්ෂූන් හය දෙනෙක් තවත් භික්ෂූන් 40 දෙනෙක් විතර එකතු වෙලා නිරුවත් කරළා පසුව දා එළිවෙනකම් වද දීලා තිබුණා," හිටපු අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ පස් නමක් අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය. මේ අතර, බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (NDT) අධ්‍යාපනය ලැබූ සිසුවිය පැවසුවේ සිය දෙමාපියන් සමග විශ්වවිද්‍යාලයට යන පළමු දවසේ එහි සිටින ජ්‍යෙෂ්ඨයන් ඔවුන් ඉතා "ආදරයෙන්" අමතමින් දෙමාපියන් ඉදිරියේ "වෙනස් චිත්‍රයක් මවා පානවා" යනුවෙනි. "හැබැයි ඊට පස්සේ අපිට කිසි ම හොඳ වචනයක් ඇහෙන්නේ නැහැ. කුණුහරුපෙන් විතරයි කතා කරන්නේ. ගෑණු ළමයි චීත්ත ගවුම් ඇඳගෙන යන්න ඕනේ පිරිමි ළමයි කළු කලිසම් සහ සුදු කමිස ඇඳගෙන යන්න ඕනේ. එතන ගිහින් ලැජ්ජාවෙන්, පසුගාමී විදියට හිටියොත් ඒක ඒ ගෑණු ළමයාගේ ජීවිතේ අවසානය තමයි." "අමු තිත්ත කුණුහරුපෙන් බැන බැන, බකට් කරනවා කියලා කුණු වතුරෙන් නාවනවා. ඊටේ පස්සේ අපිව මුළු විශ්වවිද්‍යාලය වටේ මහා කළුවරේ දුවවනවා. මම කොළඹ ජනප්‍රිය පාසලකින් උසස් පෙළ හැදෑරුවේ. එහෙම පාසලකින් ආවා ම අපිව තවත් රැග් කරන්න උත්සහ කරනවා. මම අන්තිමට කැම්පස් යන්න බැහැ කියලා ගෙදර නතර වුණා. හැබැයි අම්මලාගේ බලකිරීම නිසා ආයේ ඒ අප්‍රසන්න තැනට යන්න වුණා," ඇය පැවසුවාය. සමාජ මාධ්‍යවල පළ වී තිබූ සටහනක් මේ තොරතුරුද කියවන්න: "සුන්දර මතකයක්" බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක පැවසුවේ, නවක වධය "මාධ්‍ය සංදර්ශනවල පෙන්වන තරමට නරක නොවන" බවය. "රැග් සීසන් එක පවතින්නේ පොඩි කාලයක්. ඒක විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ කොටසක්. පස්සේ කාලයකදී ඒක සුන්දර දෙයක් විදියට අපිට මතක් වෙනවා. සමහර ශිෂ්‍යයෝ එක එක්කෙනාගේ වුවමනාවලට මාධ්‍යයට ඇවිත් නොයෙක් කතා කියනවා. නමුත් කැම්පස් ඇතුළේ ඔය වගේ භයානක තත්ත්වයක් නැහැ." "මේ වගේ බොරු රඟපෑම් නිසා පාසල් යන ළමයින්ට කැම්පස් එක එපා වෙනවා. ඒක රටේ අනාගතයට හොඳ තත්ත්වයක් නෙමෙයි. හැම දේට ම දේශපාලනය රිංගාගෙන රටේ අනාගතය විනාශ කර දමනවා," ඇය තවදුරටත් පැවසීය. පෙරටුගාමී පක්ෂය මේ අතර, නවක වධය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගකිව යුතු බව දේශපාලනඥයන් මෙන් ම සමාජ මාධ්‍ය ජාලවල බොහෝ දෙනෙකු චෝදනා එල්ල කර තිබෙනු දක්නට හැකිය. නමුත්, මෙම සිද්ධි පිටුපස තම පක්ෂයේ සාමාජිකයන් සිටින බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම පක්ෂය පවසයි. "අත්අඩංගුවට ගත්ත කිසි ම කෙනෙක් අපේ පක්ෂයට සම්බන්ධ නැහැ. අපි දේශපාලනය විශ්වවිද්‍යාල ඇතුළට ගෙනියන්නේ නැහැ. පිටත ඉඳන් අපි මේ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා. නවක වධය 1940 වසරවල ඉඳන් විශ්වවිද්‍යාලවල පවතින දෙයක්. කාලයත් සමග රැග් එකේ ස්වභාවය වෙනස් වෙලා තිබෙනවා. මෙතන තියෙන්නේ දේශපාලනය නෙමෙයි, සමහර පුද්ගලයන්ගේ මානසික ප්‍රශ්න," පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ "1950 සහ 1970 අතර රැග් එක බොහොම නිර්මාණාත්මක දෙයක් විදියට සිදු වෙලා තිබෙන බව අපි අහලා තිබෙනවා. නමුත් 1978 දී ශ්‍රී ලංකාවට නව ලිබරල්වාදය ඇතුළු වීමත් සමග හැම පැත්තකින් ම සංස්කෘතියේ වෙනස්කම් සිදු වුණා. විශ්වවිද්‍යාලය උප සංස්කෘතියෙත් යම් වෙනස් කම් වෙලා ප්‍රචණ්ඩ ස්වභාවයක් ඇති වෙලා තිබෙනවා." පාලකයන්ට බලපෑම් කළ හැකි මහජන ව්‍යාපාර අතරින් වඩාත් ඉදිරියෙන් සිටින ශිෂ්‍ය ව්‍යාපාර ප්‍රචණ්ඩත්වය, හිංසනය මුල් කර ගත් නවක වධය වැනි ක්‍රියාකාරකම් නිසා "ශිෂ්‍ය ව්‍යාපාරවලට සමාජය ඇතුළේ සුජාතභාවයක් හදා ගන්න බාධා වෙනවා," පුබුදු ජයගොඩ පැවසීය. මේ අතර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කරමින් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර සරසවිවල සිදුවන හිංසාකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස කිසි ලෙසක එකඟ නොවන බව ද අවධාරණය කළේය. 'මරණයෙන් කෙළවර වූ නවක වදය' 1975 - එවක විසි දෙහැවිදිරි වියේ පසු වූ රූපා රත්නසීලී සිසුවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටියාය. අමානුෂික නවක වධය නිසා සරසවි ගොඩනැගිල්ලේ 'රාමනාදන්' ශාලාවේ දෙවන මහලෙන් බිමට පැන්න ඇය සදාකාලිකව ම ආබාධිත වූ අතර 2002 වසරේදී සිය දිවි හානි කර ගත්තාය. 1975 සිට මේ දක්වා විවිධ අවස්ථාවලදී නවක වධය හේතුවෙන් හෝ එහි බලපෑම නිසා සිසුන් මියගිය හෝ සියදිවි හානි කර ගත් අවස්ථා වාර්තා විය 1997 - දරුණු ලෙස නවක වධයට ලක් වීමෙන් පසු ව ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි වීමෙන් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය හැදෑරූ විසි එක් හැවිරිදි එස්. වරප්‍රගාෂ් මිය ගියේය. එම වසරේ ම අම්පාරේ හාර්ඩි තාක්ෂණික ආයතනයේ කැළුම් තුෂාර විජේතුංග සිසුවා ද නවක වධයට ලක් ව ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදුවීමෙන් මිය ගියේය. අධික ලෙස මත්පැන් පානය කර ශාරීරික අභ්‍යාසවල යෙදීමෙන් මෙම මරණය සිදුව තිබෙන බව නඩු වාර්තාවල දැක්වේ. 1975 සිට මේ දක්වා විවිධ අවස්ථාවලදී නවක වධය හේතුවෙන් හෝ එහි බලපෑම නිසා සිසුන් මිය ගිය හෝ සියදිවි හානි කර ගත් අවස්ථා වාර්තා විය. "උපසංස්කෘතික අංගවලට විකල්පයක් සොයනවා" නවක වධය නැවත් වීමට පෙරටුගාමී සමාජවාදී යම් පියවර අනුගමන කර ඇත්දැයි ඇසූ ප්‍රශ්නයට පුබුදු ජයගොඩ මෙසේ පිළිතුරු ලබා දුන්නේය. "දළ වශයෙන් අවුරුදු 80ක් විතර රැග් එක විශ්වවිද්‍යාල තුළ පැවතිලා තිබෙනවා. එතරම් විශාල කාලයක් පැවති සංස්කෘතික අංගයක් එක පාරට අපි කිව්වා කියලා වෙනස් වෙන්නේ නැහැ කියන අවබෝධය අපිට තියෙනවා. ඕනෑ ම සමාජයක අවමඟුලකදී, මංගල උත්සව වගේ ම කොටහළු මඟුල්වලදී අනුගමනය කරන චාරිත්‍ර තියෙනවා.. ඒ වගේ ම තමයි විශ්වවිද්‍යාලය ඇතුළෙත්." "මෙහි තිබෙන ප්‍රශ්නය අපි රැග් එක වෙනුවට මේ සිසුන්ට යෝජනා කරන විකල්පය මොකක් ද කියලා. ශිෂ්‍ය ව්‍යාපාර සමග සම්බන්ධ ශ්‍රී ලංකාවේ වමේ පක්ෂ අසමත් වුණ එක් තැනක් තමයි මේ රැග් එකට විකල්පයක් සෙවීම කියන කාරණය. රැග් එක එපා කියලා කිව්වට ඒකට විකල්පයක් තවමත් අපිට සොයාගන්න බැරි වෙලා තිබෙන එක අපේ නිර්මාණශීලිත්වයේ අඩුවක්," ඔහු තවදුරටත් පැවසීය. නීතිය සහ දඬුවම් 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වධය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත, නවකවධයට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මූලික ම ප්‍රතිපාදනය ලෙස හැඳින්විය හැකිය. මෙම පනතේ දෙවන වගන්තිය අනුව, අධ්‍යාපන ආයතනයක් තුළදී හෝ ඉන් පිටතදී නවක වධය සිදු කරන හෝ නවක වධය සිදු කිරීම සඳහා සහභාගි වන අයෙකුට මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් දඬුවම් ලබා දිය හැකිය. එවැනි අයෙකුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් අනතුරුව අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කළ හැකි අතර, නවක වධයට ලක් වූ තැනැත්තාට සිදු වූ හානියේ ස්වභාවය සලකා බැලීමෙන් පසු වන්දි ගෙවීමට නියම කළ හැකිය. එහි තෙවන වගන්තියට අනුව, නවක වධය සිදු කරන අතරතුරදී අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට ලිංගික අඩන්තේට්ටම් හෝ බරපතළ තුවාල සිදු කළහොත්, එය සිදු කරන පුද්ගලයා වරදකරු වීමෙන් පසු ව අවුරුදු දහය නොඉක්මවන කාලයක් සඳහා සිර දඬුවම් ලබා දිය හැකිය. එසේ නොමැති නම්, අගතියට පත් පාර්ශවය සඳහා වන්දි ගෙවන ලෙස නියම කරනු ඇත. "වධ හිංසා" යන්න අර්ථකථනය කිරීමේදී ශාරීරික හිංසා පමණක් නොව මානසික හිංසා ද ඇතුළත්ය ලිංගික අතවර, බරපතල තුවාල සිදුකිරීම සහ මරණයට පත් කිරීම යන බරපතළ අපරාධවලට ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දැඩි දඬුවම් නියම වනු ඇත. මීට අමතරව, මානව හිමිකම් කඩවීම යටතේ ද නඩු පැවරීමේ හැකියාව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සඳහා වන තුන් වන පරිච්ඡේදයේ 11 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, "කිසි ම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය," යනුවෙනි. "වධ හිංසා" යන්න අර්ථකථනය කිරීමේදී ශාරීරික හිංසා පමණක් නොව මානසික හිංසා ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු කිහිපයක සඳහන් වී ඇත. පැමිණිලි කරන්නේ කොහොමද? පැය 24 පුරා පැමිණිලි කිරීමේ පහසුව: 1) දුරකතන - 0112-123700 2) අන්තර්ජාල පැමිණිලි පිටුව - www.ugc.ac.lk/rag 3) ජංගම දුරකතන මෘදුකාංගයක් හඳුන්වා දීම : නවක වධය සිදුවීමකට මුහුණ දුනහොත් හෝ නවක වධය සිදුවීමක් දුටුවහොත් UGC EMERGENCY SAFETY APP නම් වූ ජංගම දුරකතන මෘදුකාංගයේ බොත්තමක් එබීම හරහා ඒ පිළිබඳව සිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට, විනය භාර ආචාර්යවරයාට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දීමේ හැකියාව ලැබේ. නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙම මෘදුකාංගය ඌව වෙල්ලස්ස විශ්විවද්‍යාලයේ දැනට ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන නීතිය සහ ආරක්ෂණ ක්‍රමවේදයන් අනුව ඕනෑ ම අපරාධයක් හෝ නීතිය කඩකිරීමක් ගැන පොලිසියට පැමිණිලි කළ හැකිය. තවත් තොරතුරු:
"ජ්‍යෙෂ්ඨ උත්තමයෝ කියා ගන්නා අය අපිට නවක වදය දෙන පළවෙනි දවසෙ ම නොසෑහෙන්න කුණුහරුපෙන් බැන්නා. ඒ වචන ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ඒවා නෙමෙයි. ගෑණු ළමයින්ට බිමට නැමිලා, කකුල් නවාගෙන තාරාවෝ වගේ ඇවිදින්න කිව්වා සෑහෙන වෙලාවක්," මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (NDT) ශිෂ්‍යාවක් බීබීසී සිංහල සේවයට පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ත්‍රිකුනාමල බන්ධනාගාරයෙන් නිදහස ලබා යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ධීවරයන් විසි දෙනකු නිදහස් කරන ලද බව ධීවර අමාත්‍යංශයේ ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ බීබීසී සංදේශයට පැවසූ අතර ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටි තවත් ඉන්දීය ධීවරයන් තිස් දෙදෙනකු ද නිදහස් කරන ලදැ'යි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් වරයා බීබීසී තමිලෝසයි හා කියා සිටියේය. නිදහස් කරන ලද ශ්‍රී ලාංකික ධීවරයන් පිරිස ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ චෙන්නායි ශාඛාවට භාර දී ඇති අතර, යාපනයේදී නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයන් පිරිස ඉන්දීය තානාපති නිලධාරීන්ට භාර දෙනු ලැබ තිබේ. දෙරටේ ධීවර ගැටළු සම්බන්ධයෙන් ඉන්දු ලංකා ධීවර නියෝජිතයන් අතර තමිල්නාඩුවේ දී ජනවාරි විසි වැනිදා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ධීවර ගැටලුව විසඳීමට ප්‍රධාන බාධකයක් බව පවසන ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, එබැවින් විසි වැනි දින අදාල සාකච්ඡා පැවැත්වීමද ස්ථිර නැතැයි බීබීසී දෙමළ සේවයට පැවසීය. තමිල්නාඩුවේ පමණක් නොව ආන්ද්‍රා ප්‍රදේශයේත් ලාංකික ධීවරයන් සිර ගත කොට සිටින බව ඉරිදා ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඔවුන් සැම දෙන නිදහස් කරන තුරු ශ්‍රී ලාංකික අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් නිදහස් නොකැරෙන බව ද සඳහන් කළේය.
තමිල්නාඩුවේ රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයන් විසි දෙනකු නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ධීවරයන් පනස් දෙදෙනකු ද නිදහස් කළ බව දෙරටේ බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම සම්බාධක ආර්ථික, වෙළඳ සහ මුල්‍ය අංශ වලට පමණක් සීමා නොවේ මෙම සම්බාධක ආර්ථික, වෙළඳ සහ මුල්‍ය අංශ වලට පමණක් සීමා නොවන්නේ යැයි ද ඔවුන් විසින් අවධාරණය කර තිබේ. ජනාධිපති පුතින් ට සමීප පුද්ගලයන් සහ ව්‍යාපාර ඉලක්ක කෙරෙන මෙම සම්බාධක සඳුදා වන විට හඳුන්වාදීමට අදහස් කරන බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ. බටහිර ජාතීන් උත්සාහ කරන්නේ යුක්රේනයේ පාලනය අල්ලාගැනීමට බවයි රුසියාව චෝදනා කරන්නේ. මේ අතර මොස්කව් පාලනය විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසෙන්නේ යැයි යුක්රේන රජය බියෙන් පසුවෙයි.
රුසියාව නැගෙනහිර යුක්රේනය අස්ථාවර කිරීමේ බෙදුම්වාදීන් ගේ උත්සාහයන්ට සහය දෙනු ලබන බවට චෝදනා කරමින් රුසියාවට සම්බාධක පැනවීම සඳහා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු යැයි G7 කණ්ඩායමේ රටවල් වල නායකයන් විසින් එකඟතාවකට පැමිණ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය වසර 300ක කාලය පුරා එම රන් කාසි 350ක ප්‍රමාණය ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්ත වෙරළට ආසන්නව අත්ලාන්තික සාගර පතුලේ තැන්පත්ව තිබී ඇති බවයි නිදන් වස්තු ගවේෂකයන් පවසන්නේ. කියුබාවේ සිට ස්පාඤ්ඤය බලා යමින් තිබූ ස්පාඤ්ඤ නැව් එකොළහක බල ඇණියක් කුණාටුවකට හසු වී මුහුදුබත් වී ඇති අතර සොයා ගැනුන කාසි ඉන් එක් නැවක තිබෙන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. වෙරළේ සිට මීටරයක් වැනි අඩු දුරකින් මුහුදු පත්ලේ වැලි යට වැළලී තිබූ මෙම රන් කාසි තොගයේ වටිනාකමින් 20% ක ප්‍රමාණයක් ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණ්ඩුව විසින් ඇය කර ගැනීම ඇමරිකාවේ නීතියයි. ඇමරිකාවේ ෆ්ලොරීඩා මුහුදු තීරයේ නිදන් වස්තු ගවේෂණය ඉතා ජනප්‍රිය ක්‍රියාකාරකමක් ලෙස ප්‍රකටයි. මේ මාස කිහිපය තුළ නිදන් වස්තු ගවේෂකයන් විසින් කළ දෙවන සොයා ගැනීම මෙයයි. පසුගිය ජුනි මාසයේ ෆ්ලොරීඩා මුහුදු පතුලේ තිබී පවුම් මිලියන භාගයක් පමණ වටිනා රත්රන් කාසි පනහක් ද සොයා ගැනින.
දහ අට වන සියවසට අයත් පවුම් මිලියන දෙකකට වඩා වැඩි වටිනාකමකින් යුතු ස්පාඤ්ඤ රත්තරන් කාසි තොගයක් සොයා ගත් බව ඇමරිකානු නිදන් වස්තු ගවේෂකයන් කණ්ඩායමක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මැණික් සූරියආරච්චි සහ ඇයගේ දස හැවිදිරි දියණිය ඇලෙක්සැන්ඩ්‍රියා මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරයෙන් මියගියහ මියගිය අය අතරින් 80% ශ්‍රී ලාංකිකයන් වන අතර විදේශිකයන් 38 දෙනෙක් ද ඒ අතර සිටිති. ඒ අතර එක්සත් රාජධානිය, ඉන්දියාව, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ තුර්කි ජාතිකයන් සිටින බව වාර්තා වේ. ප්‍රහාරවලින් මරණයට පත් වූ සහ තුවාල ලැබූ කීපදෙනෙකුගේ තොරතුරු පහත දැක්වේ: මීගමුවේ දී මියගිය එකම පවුලේ පස්දෙනා මීගමුව, කටාන කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් රංගන ප්‍රනාන්දු, ඔහුගේ බිරිඳ වන දනාදිරී සහ දරුවන් තිදෙනා මිය ගියහ. "ඇය ඉතා කැපවීමෙන් වැඩ කළ කෙනෙක්. ඇය කරුණාවන්ත වගේම අන් අය ගැන සොයාබලන කෙනෙක්. ඇයගේ අඩුව අපට දැනේවි." ඔවුන්ගේ වැඩිමහල් දියණිය බියෝලා සය හැවිරිදි වියේ පසුවිය. බාල දියණිය ලියෝනා සිව් හැවිරිදි වියේ පසුවූ අතර කුඩා පුතුගේ වයස මාස 11කි. ප්‍රහාරවලින් ළමුන් 45 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව යුනිසෙෆ් ආයතනය පැවසීය. ශාන්තා මායාදුන්නේ සහ ඇයගේ දියණිය ශාන්තා මායාදුන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට සූපවේදිනියකි. ඇය සහ ඇයගේ දියණිය නිසංගා මියගියේ ෂැන්ග්‍රිලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙනි. ඔවුන් පවුලේ අය සමග උදෑසන ආහාර ගනිමින් සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්වී තිබේ. නිසංගා එම සිද්ධියට මොහොතකට පෙර පවුලේ අයගේ සෙල්ෆි ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි. "අපේ දුක කියන්න වචන මදි," යැයි ඔවුන්ගේ ඥාතියෙකු ෆේස්බුක් සටහනක් තබා තිබිණි. එකම පවුලේ පස් දෙනෙක් කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේවමෙහෙයන්ට සහභාගී වූ 33 හැවිදිරි බෙනින්ටන් ජෝසෆ්, ඔහුගේ බිරිඳ සුබ්‍රමනියම් අරුමුගම් චන්ද්‍රිකා සහ නම හැවිදිරි ක්ලේවෝන්, හය හැවිදිරි එවෝන් සහ මාස 11ක් වයසැති පුතුන් තිදෙනා ද බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. 33 හැවිදිරි බෙනින්ටන් ජෝසෆ්, ඔහුගේ බිරිඳ සුබ්‍රමනියම් අරුමුගම් චන්ද්‍රිකා සහ නම හැවිදිරි ක්ලේවෝන්, හය හැවිදිරි එවෝන් සහ මාස 11ක් වයසැති පුතුන් තිදෙනා ද බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත මාස 11ක් වයසැති පුතුගේ පළමු උපන්දිනය මැයි 5 වෙනි දිනට යෙදී තිබූ අතර, ඔවුන් ඒ වෙනුවෙන් සාදයක් පැවැත්වීමට සැලසුම් කරමින් සිට ඇත. හෝටල් සේවකයින් සිනමන් ග්‍රෑන්ඩ්හි තැප්‍රෝබේන් හෝටලයේ සිදුවූ ප්‍රහාරයෙන් එහි සේවකයින් සිව් දෙනෙක් මියගියහ. "එය ඉතා කාර්යබහුල උදෑසනක්. සාමාන්‍යයෙන් ඉරිදා උදෑසන ආහාරය අපි වැඩිම කාර්යබහුල කාලයක්," හෝටලයේ ප්‍රකාශකයෙක් පැවසීය. "ඒ අය පාරිභෝගිකයන්ගේ ආහාර ඇණවුම් බෙදා දෙමින් සිටියේ. එයින් එක්කෙන් ආප්ප හදන ස්ථානයේ සිටියේ." ඔවුන් ශාන්ත, සංජීවනී, ඉබ්‍රහිම් සහ නිස්තාර් ලෙස හඳුනාගෙන ඇත. ෂැන්ග්‍රිලා හෝටලයේ හතර දෙනෙකුට බරපතළ තුවාල ෂැන්ග්‍රිලා හෝටලයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් එම හෝටලයේ හතරදෙනෙකු දරුණු තුවාල ලැබූ බව එම හෝටල් නිලධාරීහු බීබීසී වෙත පැවසූහ. නමුත් වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය වී නොමැත. විශාල ජීවිත ගණනක් බේරාගත් රමේෂ් සිද්ධිය වන අවස්ථාවේ රමේෂ් රාජු සිටියේ මඩකලපුවේ පිහිටි සියෝන් පල්ලියක පැවති යාඥාවලට සහභාගි වෙමිනි. විශාල බෑගයක් රැගත් සැකකටයුතු පුද්ගලයෙකු පල්ලියේ සිදුවන දේව මෙහෙය වීඩියෝගත කිරීමට අවශ්‍ය බව කියමින් එයට ඇතුළු වනු රමේෂ් දැක තිබිණි. ඒ වන විට පල්ලිය තුළ 450කට ආසන්න පිරිසක් දේව මෙහෙයන්ට සහභාගී වී සිටියහ. විශාල බෑගයක් රැගත් සැකකටයුතු පුද්ගලයෙකු පල්ලියේ සිදුවන දේව මෙහෙය වීඩියෝගත කිරීමට අවශ්‍ය බව කියමින් එයට ඇතුළු වෙනු රමේෂ් දැක තිබිණි වහාම ඉදිරියට පැමිණි රොමේෂ් මෙම පුද්ගලයාට ඇතුළු වීමට නොදී ඔහු පල්ලියෙන් ඉවතට තල්ලු කර තිබෙන අතර, එම අවස්ථාවේ දී බෝම්බය පුපුරවාගෙන ඇත. ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද එම අවස්ථාවේ පල්ලිය තුළ සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔවුන් කිසිවකුටත් හානි සිදු වී නොමැත. වැඩිදුර තොරතුරු: අලුතෙන් විවාහ වී කොච්චිකඩේ ආසන්නයේ දිවි ගෙවූ රියදුරු 28 හැවිදිරි සුබ්‍රමනි ක්‍රිස්ටෝෆර් කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල රියදුරු රැකියාවේ නිරත වී සිටියේය. මාතර අකුරැස්ස ගම්මානයෙන් කොළඹට පැමිණි ක්‍රිස්ටෝෆර් කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ කුඩා කුලී නිවසක දිවි ගෙවීය. මින් මාස 11කර පෙර යුග දිවියට එළඹි ඔහු සිය බිරිඳ සහ අලුත උපන් බිලිඳා සමග පාස්කු ඉරිදා දේවමෙහෙයන්ට සහභාගී වී තිබිණි. ඔහු මියගිය බව මේ වනතෙක් බිරිඳට දන්වා නොමැත එහි සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් ඔහු මියගිය අතර, බිරිඳ සහ බිලිඳා තුවාල ලැබුහ. ඔහු මියගිය බව මේ වනතෙක් බිරිඳට දන්වා නොමැත. ශ්‍රී ලාංකීය මවක් මේරි ඔට්‍රීෂියා ජොන්සන් සහ ඇයගේ පවුලේ අය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාස්කු ඉරිදා වෙනුවෙන් පැවති දේව මෙහෙයන් සඳහා සහභාගි වූහ. ඇයගේ වැඩිමහල් දියණිය වන ෂැරෝන් සිල්වියා සිය පුතා කැටුව පල්ලිය ඉදිරියේ තබා ඇති මාළු ටැංකිය පෙන්වීම සඳහා ගොස් තිබෙන අතර, මිනිත්තු කීපයකට පසු බෝම්බය පුපුරා ගොස් ඇත. සිද්ධියෙන් මේරි ඔට්‍රීෂියා ජොන්සන් මිය ගිය අතර, වැඩිමහල් දියණිය සහ ඇයගේ පුතාගේ දිවි ගැලවිණි. සහෝදරයෙක් සහ සහෝදරියක් වයස අවුරුදු දොළහක් වයසැති ෂැරෝන් සාන්තකුමාර් සහ ඔහුගේ නැගණිය වන එකොලොස් හැවිදිරි සාරා සාන්තකුමාර් ද මඩකලපුවේ සියොන් දේවස්ථානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියහ. ෂැරෝන් සාන්තකුමාර් සහ ඔහුගේ නැගණිය වන එකොලොස් හැවිදිරි සාරා සාන්තකුමාර් ප්‍රහාරයට පසු දින ඔවුන් දෙදෙනා එකිනෙකාට ආසන්නයේ මිහිදන් කරන ලදී. ත්‍රීරෝද රථ රියදුරෙකු, ඔහුගේ බිරිඳ සහ මව 56 හැවිදිරි ටිරෝන් ගුල්ඩින් ඔහුගේ බිරිඳ ගයනි ප්‍රනාන්දු සහ නැන්දනිය වන මේරි ඇනස්ලින් සිල්වා සමග පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී විය. මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් ඔවුන් තිදෙනාම ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් තිදෙනා බෝම්බය පුපුරවාගත් බවට සැක කරන පුද්ගලයා ආසන්නයේ සිටි බව පල්ලිය තුළ සිටි ඔවුන්ගේ අසල්වැසියෙකු පැවසීය. මිතුරන් ටිරෝන්ව හඳුන්වා ඇත්තේ 'සනා' නමිනි. කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු වන ඔහු මීගමුව රෝහල පිටත සිට සිය ව්‍යාපාරයේ නියැලී ඇත. නිවසේ සිට සිය මව සහ දහඅට හැවිදිරි පුතා රැක බලාගෙන සිටි බිරිඳ ගයනි ප්‍රනාන්දු රැකියාවක නිරත වී නොමැත. රාත්‍රියේ පැවති දේව මෙහෙයට සහභාගී වූ නිසා සිය පවුලේ අනෙක් අය සමග උදෑසන දේව මෙහෙයට සහභාගී නොවීමට පුතා තීරණය කර තිබිණි. Asos නම් අන්තර්ජාල ව්‍යාපාරයේ හිමිකරුගේ දරුවන් තිදෙනා ඩෙන්මාර්කයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඇන්ඩර්ස් හෝල්ක් පොව්ල්සන්ගේ දරුවන් තිදෙනෙකු මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බව ප්‍රකාශයෙකු බීබීසී වෙත තහවුරු කර සිටියේය. පවුලේ අයගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් මේ අවස්ථාවේ වැඩිදුර තොරතුරු පැවසිය නොහැකි බව ඇන්ඩර්ස්ගේ ආයතන නිලධාරීන් පැවසීය. දින හතරකට පෙර ඔවුන්ගේ එක් දරුවෙකු ඉන්ස්ටග්‍රෑම්හි ඡායාරූපයක් පළ කරමින් ශ්‍රී ලංකාවේ සිටින බව ලකුණු කර තිබිණි. ඇන්ඩර්ස් හෝල්ක් පොව්ල්සන් අන්තර්ජාලය ඔස්සේ වැඩිම ඇඳුම් වෙළඳාමක් සිදු වන ව්‍යාපාර මාලාවේ හිමිකරු සහ Asos ආයතනයේ විශාලතම කොටස් හිමිකරුය. බ්‍රිතාන්‍ය ජාතිකයන් අට දෙනෙකු මෙම ප්‍රහාරවලින් බ්‍රිතාන්‍ය ජාතිකයා අට දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කර ඇත. "මගේ ආදරණීය බිරිඳට සහ ආදරණීය, දක්ෂ දරුවන්ට ඔවුන් සිටින ඕනෑම ස්ථානයක් එලිය කිරීමේ විශේෂ හැකියාවක් තිබුණා" මේ අතර එකම පවුලේ තිදෙනෙකු ද සිටී. ඇනිටා නිකොල්සන් සහ ඇයගේ දාහතර හැවිදිරි පුතු ඇලෙක්ස් සහ එකොලොස් හැවිදිරි දියණිය අනබෙල් ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූහ. "මගේ ආදරණීය බිරිඳට සහ ආදරණීය, දක්ෂ දරුවන්ට ඔවුන් සිටින ඕනෑම ස්ථානයක් එලිය කිරීමේ විශේෂ හැකියාවක් තිබුණා" යැයි ප්‍රහාරයෙන් දිවි ගැලවුණ ඇනිටාගේ සැමියා බෙන් නිකොල්සන් පැවසීය. 19 හැවිදිරි ඩැනියෙල් සහ ඔහුගේ නැගණිය 15 හැවිදිරි ඇමේලි ලින්සේ යන පාසල් සිසුන් දෙදෙනා ද නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතරවාරයේ සිදු වූ මෙම ප්‍රහාරවලින් මිය ගියහ. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට දැරූ උත්සහයන් ගැන පියා විස්තර කර තිබිණි. ගිනි නිවන භටයෙකු ලෙස සේවය කර තිබූ බ්‍රිතාන්‍ය ජාතික බිල් හැරොප් සහ ඔහුගේ බිරිඳ වෛද්‍ය සැලී බ්‍රැඩ්ලි ද නිවාඩුවක් ගත කිරීමට පැමිණ සිටි අවස්ථාවේ දී මෙම බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇත. ඉන්දියානු ජාතිකයන් දස දෙනෙක් මියගිය ඉන්දියානු ජාතිකයා දස දෙනා අතරින් හත් දෙනෙකු බැංගලෝරයේ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස හඳුනාගෙන තිබේ. ඉන්දියාවේ ජනතා දාල් සෙකියුලා පක්ෂයේ සාමාජිකයන් වන ඔවුන් ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ පිපිරීමෙන් මියගොස් තිබේ. ඉන්දීය ජනාධිපතිවරණයට සමගාමීව අප්‍රේල් 18 වෙනිදා ඔවුන්ගේ ප්‍රාන්තයේ සිදු වී ඡන්ද විමසීම් අවසන් වූ පසු පක්ෂ සාමාජිකයන් නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මේ අතර, වෙමුරායි තුල්සිරාම්, එස්ආර් නාගරාජ් සහ රසීනා කාදර් කුක්කඩි නම් කාන්තාවක් ද මිය ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහාකොමසාරිස් කාර්යාලය තහවුරු කළේය. කේරළයේ උපත ලබා ඇති 58 හැවිදිරි රසීනා සිය සැමියා සමග ඩුබායි නගරයේ දිවි ගෙවූ අතර, කොළඹ සිටින ඥාතීන් හමුවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියාය. සැමියා ඉරිදා උදෑසන නැවත ඩුබායි බලා ගොස් තිබූ අතර, ඇය සවස තිබෙන ගුවන් යානයකින් ආපසු යෑමට නියමිතව තිබිණි. තුර්කි ජාතික ඉන්ජිනේරුවන් තුර්කි ජාතික ඉංජිනේරුවන් දෙදෙනෙකු වන Serhan Selcuk Narici සහ Yigit Ali Cavus ද බෝම්බ ප්‍රහාරවලින් මියගොස් ඇත. කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද කාර්යාල ගොඩනැගිල්ලේ යම් කාර්යයක් සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ශ්‍රී ලාංකික මවක් සහ දියණියක් මැණික් සූරියආරච්චි සහ ඇයගේ දස හැවිදිරි දියණිය ඇලෙක්සැන්ඩ්‍රියා මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරයෙන් මියගියහ. මැණික්ගේ සැමියා සුදේශ් කොලොන්න බෝම්බය පිපිරීමට මොහොතකට පෙර දේවස්ථානයෙන් ඉවතට ගොස් තිබේ. "මට විශාල ශබ්දයක් ඇසුණා... මම දැක්කා මගේ දුව බිම වැටිලා ඉන්නවා. මම ඇයව උස්සන්න උත්සහ කළා, නමුත් එයා ඒ වෙනකොටත් මිය ගිහින්. එතනම එහා පැත්තේ මගේ බිරිඳ මියගොස් සිටියා," සුදේශ් ABC පුවත් සේවයට පැවසීය. 2014 දී ඔවුන් සියලුදෙනා මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණ ඇත්තේ මැණික්ගේ ව්‍යාපාර කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමටය. බංගලාදේශ දේශපාලනඥයෙකුගේ මුණුපුරෙක් බංගලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂයික් ෆස්ලුල් කරීම් සෙලීම්ගේ මුණුපුරෙකු ද කොළඹ සුපිරි හෝටල්වලට එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් තිබේ. ඔහුගේ පියාට ද බරපතළ තුවාල සිදු වී ඇති බව වාර්තා වේ. පෘතුගීසි ජාතික ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයා රුයි ලූකස් නැමැති පෘතුගීසි ජාතික ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයා සහ ඔහුගේ බිරිඳ සතියකට පෙර විවාහ වී සිය මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. කොළඹ කිංග්ස්බරි හෝටලයේ සිදු වූ ප්‍රහාරයෙන් ඔහු මියගිය අතර, බිරිඳගේ දිවි ගැලවී තිබිණි. නෙදර්ලන්ත ජාතික මොනික් ඇලන් නිවාඩුවක් ගත කිරීම සඳහා සිය පුතුන් තිදෙනා සහ සැමියා සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටි මොනික් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදු වූ ප්‍රහාරයෙන් මිය ගියාය. මොනික් සහ එක් පුතෙකු උදෑසන ආහාරය ගනිමින් සිටින අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත. එම අවස්ථාවේ සැමියා සහ අනෙක් පුතුන් දෙදෙනා ඔවුන්ගේ කාමරයේ සිට ඇත. "අවසානයේ ඔවුන් එක රෙදිකඩක් ඉවත් කළා, එතන හිටියේ මගේ බිරිඳ... එයා තමයි හොඳම බිරිඳ සහ හොඳම අම්මා." "මගේ පුතා සහ බිරිඳ එක ළඟ වාඩි වෙලා ඉඳලා තියෙන්නේ මේ බෝම්බය පුපුරන කොට," සැමියා ලුවිස් ඇලන් බීබීසී සේවයට පැවසීය. "පුතා ටික වෙලාවක් සිහි නැති වෙලා ඉඳලා නැගිටලා බලද්දී ඔලුවේ ලොකු තුවාලයක් එක්ක ලේ ගොඩක් මැද්දේ අම්මා වැටිලා ඉන්නවා දැක්කා." තුවාල ලැබූ පුතා රෝහලේ සිට හමු වූ අතර, සිය බිරිඳගේ දේහය රෝහල් මෘත ශරීරාගාරයේ තිබී සොයාගන්නා ලදී. "මෘත ශරීරාගාරයේ තිබූ දේහයන් වසා තිබූ රෙදි එකින් එක ඉවත් කරගෙන ගියා. මම යාඥා කළා ඒ මොනික් වෙන්න එපා කියලා," ඔහු පැවසීය. "අවසානයේ ඔවුන් එක රෙදිකඩක් ඉවත් කළා, එතන හිටියේ මගේ බිරිඳ... එයා තමයි හොඳම බිරිඳ සහ හොඳම අම්මා." තවත් නෙදර්ලන්ත ජාතිකයන් දෙදෙනෙකු ද මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ජපාන ජාතික දෙදරු මවක් තිස්නම හැවිදිරි තකාෂි සිය සැමියා සහ දරුවන් දෙදෙනා සමග ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටියාය. සැමියා සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී සිටින අතර, ඔවුන් සියලුදෙනා ප්‍රහාරයට ලක් වූ එක් හෝටලයක උදෑසන ආහාරය ලබා ගනිමින් සිට ඇත. තකාෂි මියගිය අතර, සැමියා ඇතුළු තවත් ජපාන ජාතිකයන් හතර දෙනෙකු තුවාල ලැබූහ. ඇමරිකානු ජාතික ඩිටර් කොව්ස්කි රාජකාරී සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි හතළිස් හැවිදිරි ඩිටර් කොව්ස්කි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ සුළු මොහොතකින් සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් තිබේ. "සතුටු වීම ආරම්භ වුණා. මේ වගේ රාජකාරී සංචාරවලට මම ආදරෙයි. ගුවන් ගමන පැය 24ක්. ඉක්මනින් හමුවෙමු ශ්‍රී ලංකා!" ලෙස ඔහු සිකුරාදා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි. වොෂින්ටන්හි පාසලක පස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක් ද ප්‍රහාරවලට හසුව මියගොස් ඇත. සෞදි අරාබි ගුවන් ගමන් ආයතනයේ සේවකයන් දෙදෙනෙක් සිය සේවකයන් දෙදෙනකු වන පරිපාලන අංශයේ නිලධාරියෙකු වන අහමඩ් සයින් අ ජාෆාරි සහ ගුවන් සේවක හනී මජෙඩ් ඔත්මාන් කොළඹ දී සිදු වූ ප්‍රහාරවලින් මියගිය බව සෞදි අරාබි ගුවන් ගමන් ආයතනය තහවුරු කළේය. ස්පාඤ්ඤ යුවළක් 32 හැවිදිරි මරියා ගොන්සාලේස් සහ ඇයගේ පෙම්වතා වන 31 හැවිදිරි ඇල්බතෝ චාව්ස් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටින අතරතුර කොළඹ කිංග්ස්බරි හෝටලයේ සිදු වූ පිපිරීමෙන් මිය ගියහ. ස්විස්ටර්ලන්ත ජාතිකයන් දෙදෙනෙක් සහ චීන ජාතිකයෙක් ද ප්‍රහාරවලින් මියගොස් ඇති බව එම රටවල තානාපති කාර්යාල තහවුරු කර තිබේ. තවත් තොරතුරු:
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටාන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුවේ දේවස්ථානයක් මෙන්ම කොළඹ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කරමින් එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 500ක් පමණ තුවාල ලැබූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජෙනරාල් කාසෙම් සොලෙයිමානි මැද පෙරදිග හමුදා ක්‍රියාන්විත මෙහෙය වූ 62 හැවිදිරි ජෙනරාල්වරයා ඉරානයේ බලවත් 'කොඩ්ස් බලකායේ' ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. හමුදා නායකයා ඇතුළු ඉරානයේ සහය ලබන ඉරාක සන්නද්ධ කණ්ඩායම්වල පිරිසක් මරණයට පත් කළ ගුවන් ප්‍රහාරය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරානයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළට එල්ල කර තිබිණි. මෙම සිද්ධියත් සමඟ වොෂිංටන් සහ ටෙහෙරාන් අතර පවතින භේදය තවදුරටත් වර්ධනය වෙමින් තිබේ. "අපරාධකරුවන්ගෙන් දැඩි ලෙස පලිගැනීමට බලාපොරොත්තු වෙනවා," යැයි ඉරානයේ උත්තරීතර නායකයා වන අයතොල්ලා අලි කමේනි පැවසීය. එමෙන්ම, ඔහු ඉරානයේ දින තුනක ශෝක කාලයක් නිවේදනය කළේය. ඉරාක හමුදා නායකයෙකු වන අබු මහදි අල්-මුහන්දිස් ද (මැද) මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇත. අයතොල්ලා කමේනිට පසු ඉරාන පාලනයට සම්බන්ධ දෙවෙනි බලවත් පුද්ගලයා ලෙස හැඳින්වූයේ ජෙනරාල් කාසෙම් සොලෙයිමානිය. ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා වෙත සෘජුව වාර්තා කරන කොඩ්ස් බලකාය 'විප්ලවීය හමුදාවේ' විශේෂ අංශයකි. එය මෙහෙය වූ කාසෙම් ජාතික වීරයෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටියේය. නමුත් එම අණ දෙන නිලධාරියා ඇතුළු කොඩ්ස් බලකාය ත්‍රස්තවාදීන් බව පවසන ඇමෙරිකාව, ඇමරිකානුවන් සිය ගණනකගේ මරණවලට ඔවුන් වගකිව යුතු බව පවසයි. ගුවන් ප්‍රහාරය එල්ල වන විට ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒ පිළිබඳ පුවත සැලවූ වහා ඇමරිකානු ධජයේ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබිණි. ජෙනරාල් කාසෙම් සොලෙයිමානි "ඉරාකය ඇතුළු කලාපයේ සිටින ඇමරිකානු රාජතාන්ත්‍රිකයන්ට සහ හමුදා සාමාජිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ක්‍රියාකාරීව සැලසුම් කරමින් සිටියා," යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. "ඉරානය සැලසුම් කළ ප්‍රහාර නැවත්වීමටයි මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළේ," එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. මේ අතර, ප්‍රහාරය එල්ල වීමත් සමඟ ලෝක වෙළෙඳපොළෙහි තෙල් මිල 4%ට වඩා ඉහළ ගොස් ඇත. මේ තොරතුරු ද කියවන්න: සිදුවූයේ කුමක් ද? ජෙනරාල් කාසෙම් සොලෙයිමානි සහ ඉරානයේ සහය ලබන සන්නද්ධ කණ්ඩායම්වල නිලධාරීන් ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළෙන් මෝටර් රථ දෙකක නැගී පිටත් වන අවස්ථාවේ ඩ්‍රෝන මඟින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ. අණදෙන නිලධාරීවරයා ලෙබනන් හෝ සිරියාවේ සිට ගුවන් තොටුපොළට පැමිණ ඇතැයි වාර්තා වේ. පිරිස ගමන් ගත් මෝටර් රථවලට මිසයිල ප්‍රහාර කීපයක් එල්ල වී ඇති අතර පුද්ගලයන් පස් දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ. ඉරාක සන්නද්ධ කණ්ඩායම් නායකයකු වන අබු මහදි අල්-මුහන්දිස් ද මිය ගිය අය අතර සිටි බව ඉරාන විප්ලවීය හමුදාව පවසයි. "විදෙස් රටවල සිටින ඇමරිකානු නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අණ යටතේ, ඇමරිකානු හමුදාව ස්ථිර ආරක්ෂාකාරී පියවරකට එළඹුණා කාසෙම් සොලෙයිමානි මරා දමන්න" යැයි පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. "ලෝකයේ පුරා සිටින අපේ ජනතාව සහ අපේ ශුභසිද්ධිය වෙනුවෙන් ඉදිරියේදීත් අවශ්‍ය සියලු පියවර ගැනීම ඇමරිකාව නොනවත්වා ගන්නවා," යැයි එහි තවදුරටත් සඳහන් වේ. හමුදා නායකයාගේ ඝාතනයට එරෙහිව ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන උද්ඝෝෂණ. බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පරිශ්‍රයට උද්ඝෝෂකයෝ පහර එල්ල කර එහි සිටි ඇමරිකානු ආරක්ෂක අංශ සමඟ ගැටීමෙන් දින කීපයකට පසු මෙම ගුවන් ප්‍රහාරය එල්ල විණි. කාසෙම් සොලෙයිමානි ඇමරිකානු තානාපති කාර්යාලය පරිශ්‍රයට ප්‍රහාර එල්ල කිරීම අනුමත කළ බව පෙන්ටගනය පැවසීය. ඉරානය කුමක් පවසන්නේ ද? "මෙය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක්." යැයි කී ඉරාන විදේශ කටයුතු ඇමති ජාවඩ් සරීෆ් සිය ට්විටර් පණිවිඩයෙන් කියා සිටියේ "මේ මැර, අවදානම් ක්‍රියාවේ ප්‍රතිවිපාකවලට ඇමරිකාව වගකීම දරාගත යුතුයි," යනුවෙනි. ඉරානය "ඇමරිකාවෙන් දරුණු විදියට පළිගන්නවා" ඇතැයි විප්ලවීය හමුදාවේ හිටපු හමුදාපති මෝහ්සෙන් රෙසාඉ පැවසුවේය. "අපරාධ ක්‍රියාවක් වන මෙම ප්‍රහාරය" ගැන සාකච්ඡා කිරීම සඳහා එරට ප්‍රධාන පෙළේ ආරක්ෂක කමිටුවක් රැස් වීමට නියමිත බව ඉරාන රජයේ ප්‍රකාශකයෙකු පවසා තිබිණි. "ඉරානය ඇතුළු මෙම කලාපයේ අනෙක් නිදහස් ජාතීන් අපරාධකරුවෙකු වන ඇමරිකාවෙ සිදු කළ මේ භයානක අපරාධයට පළිගන්නවා ඇති," යැයි ඉරාන ජනාධිපති හසන් රෞහානි ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය. "ඇමරිකානු හිරිහැරවලට එරෙහි වීමට ඉරානය ඇතුළු අනෙක් නිදහස් ජාතීන් තුළ ඇති අධිෂ්ඨානය ජෙනරාල්වරයාගේ මරණයත් සමඟ දෙගුණ වුණා," එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් විය. කවුද මේ කාසෙම් සොලෙයිමානි? කොඩ්ස් බලකාය යනු විදෙස් රටවල රහසිගත මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඉරාන විප්ලවීය හමුදාවේ විශේෂ අංශයකි. 1998 වර්ෂයේ සිට එය මෙහෙයවූයේ මේජර් ජෙනරල් කාසෙම් සොලෙයිමානි ය. කොඩ්ස් බලකාය සිරියානු ගැටුම්වලට ද සම්බන්ධ වී ඇති අතර, ජනාධිපති බශාර් අල්- අසාද්ට පක්ෂපාතී හමුදාවලට උපදෙස් දී තිබේ. එමෙන්ම, ඔවුන් සමඟ එක්ව සටන් කරන දහස් ගණනක් ෂියා මුස්ලිම්වරුන්ට අවි ලබා දීමට ද ක්‍රියා කර ඇත. එමෙන්ම, ඉරාකය තුළ ද ෂියා මුස්ලිම් බහුතරය සිටින සටන්කරුවන්ට IS සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආධාර ද ලබා දී තිබිණි. කලෙක 'තපස් රැකි' ජෙනරාල් කාසෙම් සොලෙයිමානි මෙම ගැටුම් හේතුවෙන් ඉරානයේ කීර්තිමත් පුද්ගලයෙකු බවට පත් විණි. ලෙබනනයේ හෙස්බොල්ලා සහ පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ඇතුළු ඇමරිකාව විසින් මැදපෙරදිග ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම්කරනු ලැබ ඇති කණ්ඩායම්වලට මුදල්, පුහුණුව, අවි ආයුධ ලබා දීමේ "ඉරානයේ වර්ධනය කරන සහ ආධාර දෙන මූලික යාන්ත්‍රණය" කොඩ්ස් බලකාය බව ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන තන්ත්‍රය චෝදනා කරයි. ඉරානයේ විප්ලවීය හමුදාව සහ කොඩ්ස් බලකාය විදෙස් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය අප්‍රේල් මස ක්‍රියා කළේය.
ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ වැඩිම බලයක් හිමි අණ දෙන නිලධාරියා වන ජෙනරාල් කාසෙම් සොලෙයිමානි මිය ගොස් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජිනීවා කෙටුම්පත 'ද්වේශසහගත සහ එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තීන් උල්ලංඝනය කරන්නක්' කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රඹුක්වැල්ල එසේ ප්‍රශ්න කළේ, සඳුදා සවස් යාමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයන් අතර බෙදා හරින ලද යෝජනා කෙටුම්පත පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන යෝජනා කෙටුම්පත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද ඇමතිවරයා කියා සිටියේය. එල්එල්ආර්සී උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ වාර්තාව නිකුත් වී තවමත් ගත වී තිබෙන්නේ වසර කිහිපයක් පමණක් බව පවසන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මෙන් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටීම 'සම්පූර්ණයෙන්ම අසාධාරණ' බව බීබීසී සංදේශයට පැවසීය. තවත් වසරක් මේ වසරේ සැප්තැම්බරයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ විසි හත් වැනි සැසිවාරයට ශ්‍රී ලංකාවේ වාතාවරණය සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ලබා දෙන මෙන් මහ කොමසාරිස්වරියට යෝජනා කරන කෙටුම්පත, ලබන වසරේ මාර්තු මාසයේ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවක් එහි සඳහන් නොවේ. ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මහ කොමසාරිස්වරියට තවත් වසරක් කෙසේ නමුත් අදාල කෙටුම්පත පවා "ඉතා ද්වේශසහගත සහ එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තීන් උල්ලංඝනය" කරන්නක් බවයි, අමාත්‍ය රඹුක්වැල්ල සංදේශයට කියා සිටියේ. දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර උතුරු පළාත් සභාවට හිමි බලතල සහ පහසුකම් ලබා දෙන මෙන්ද යෝජනා කෙටුම්පත ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. අදාළ පරීක්ෂණ සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර දීම මෙන්ම මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස මහ කොමසාරිස්වරියට හැකි සෑම සහයෝගයක්ම දිය යුතු බවත් එහි සඳහන්. මේ වසරේත් ඉදිරිපත්ව තිබෙන්නේ ගිය වසරේ යෝජනාව හා සමාන යෝජනාවක් බව පෙන්වා දෙන ජිනීවා නුවර සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, සැබවින්ම සිදු වී තිබෙන්නේ මානව හිමිකම් චෝදනා විභාග කිරීම පිණිස ශ්‍රී ලංකා ආණ්ඩුවට තවත් වසරක කාලයක් ලබා දීම බවද බීබීසී සංදේශයට කියා සිටියේය. ශ්‍රී ලංකාව සම්බන්ධ අවසාන යෝජනාව ඉදිරි සති දෙක ඇතුලත ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් ඔහු පැවසීය.
මානව හිමිකම් මණ්ඩලයට යෝජනා පිට යෝජනා ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව 'හිර කරන්නේ' ශ්‍රී ලංකාවේ ම්ලේච්ඡයන් වෙසෙන නිසාදැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්න කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු මෙම ප්‍රකාශය කළේ පොදු රාජ්‍ය මණ්ඩලයට මූල්‍ය ආධාර සැපයීම පිළිබඳ ව නැවත සිතා බලන බවට කැනඩාව කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින්. ශ්‍රී ලංකාවේ සිදු වී ඇති බව පැවසෙන මානව හිමිකම් කඩ කිරීම් වලට විරෝධය පෑම සඳහා එකී පියවර ගන්නා බවයි කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර් කියා සිටියේ. ‘අභ්‍යන්තර ප්‍රශ්න' නමුත් විදේශ ඇමති ජී එල් පීරිස් පවසන්නේ වෙනත් කිසිදු පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් කැනඩාවේ ස්ථාවරය සමඟ එකඟ නොවන බවයි. ‘අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත් වීම පොදු රාජ්‍ය මණ්ඩලයේ සංස්කෘතියට පටහැණි’ බව ජී එල් පීරිස් අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ ය. පොදු රාජ්‍ය මණ්ඩලයට මුදලින් ආධාර සපයන දෙවන ප්‍රධානතම රට වන කැනඩාව සිය අනුග්‍රහය නවතා දැමුව හොත් පොදු රාජ්‍ය මණ්ඩලයට මූල්‍යමය වශයෙන් දැඩි හානි පැමිණෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ පළ වන ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ ය. පොදු රාජ්‍ය මණ්ඩලයට කැනඩාව විසින් වසරකට පවුම් කෝටියකට අධික මුදලක් වැය කරනු ලැබේ.
පොදු රාජ්‍ය මණ්ඩලය තුළ කැනඩාව තනි වී ඇති බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පැපුවා නිව්ගිනි හි මැනුස් දුපතේ පිහිටි ඔස්ට්‍රේලියානු රැඳවුම් මධ්‍යස්ථානය - 2012 දී ගන්නා ලද ඡායාරූපයකි 2001 : ඔස්ට්‍රේලියානු අගමැති ජෝන් හවර්ඩ් ක්‍රියාවට නැගූ, ශාන්තිකර කලාපීය විසඳුම (Pacific Solution) නම් වූ දේශපාලන රැකවරණ පතන්නන් දුර්මුඛ කිරීමේ ප්‍රතිපත්තියකට අනුව මෙම කඳවුර මුල්වරට විවෘත කෙරිණි. 2008 : අගමැති කෙවින් රඩ් ගේ සමයේදී නිල වශයෙන් කඳවුර වසා දැමීය. 2012 නොවැම්බර් : දේශපාලන රැකවරණ පතන්නන් පැමිණීමේ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ යාමේ තත්ත්වය පැවති කම්කරු රජය මුහුණ පෑ ප්‍රධාන දේශපාලන ගැටලුවක් බවට පත්වෙද්දී අගමැතිනි ජුලියා ගිලාඩ් මෙම කඳවුර යළි විවෘත කළාය. 2013 ජූලි : බෝට්ටු මගින් පැමිණෙන රැකවරණ පතන්නන්ට ඔස්ට්‍රේලියාවේ පදිංචිවීමේ අවස්ථාවක් නැති බව ප්‍රකාශයට පත්කළ යළි බලයට පැමිණි අගමැති රඩ්, එම ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස දැඩි කළේය. 2013 අගෝස්තු : සරණාගතයින් රදවාගනිමින් නවාතැන් දීමට එකඟවීම මත, ඔස්ට්‍රේලියාව විසින් පැපුවා නිව්ගිනි වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 400ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 310) සැපයීමට ඔස්ට්‍රේලියාව ඉදිරිපත්විණි. 2014 පෙබරවාරි : ඉරාන ජාතික රැකවරණ පතන්නෙකු වූ 23 හැවිරිදි රේසා බරාටි රැඳවුම් මධ්‍යස්ථානය තුළදී ඝාතනයට ලක්විය. ප්‍රදේශවාසීන් මධ්‍යස්ථානයට ඇතුළුවී හටගත් කෝලාහලයකදී එම සිදුවීම හට ගැනිණි. තවත් රැකවරණ පතන්නන් 70 දෙනෙක් තුවාල ලැබූහ. මෙම කෝලාහලය "අතිශයින්ම අපේක්ෂා කළහැකි" තත්ත්වයක් බව ඔස්ට්‍රේලියානු සෙනෙට් වාර්තාවක කියවුනේ, අදාළ මධ්‍යස්ථානය වෙත රැඳවියන්ගේ පැමිණීම ඉහළ යමින් පැවති බැවිනි. එය නියමිත ඉඩ පහසුකම් ඉක්මවා යන තත්ත්වයක් විය. ඉරාන ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පැපුවා නිව්ගිනි වැසියන් දෙදෙනෙකුට වසර 10 ක සිර දඬුවම් පැනවුණු අතර ඉන් වසර 5 ක් අත්හිටුවිණි. 2014 සැප්තැම්බර් : පාදයේ ඇති වූ කැපුම් තුවාලයක් හේතුවෙන් 24 හැවිරිදි හමීඩ් ඛසායේ නම් වූ ඉරාන ජාතික පුද්ගලයා මිය ගිය අතර ඔහුට ප්‍රමාණවත් වෛද්‍යාධාර සැපයුනේදැයි යන ගැටලුව මතුවිය. 2015 ජනවාරි : ඇතැම් රැඳවියන් පිරිසක් මධ්‍යස්ථානය තුළ බාධක තනාගනිමින් උපවාසයක යෙදුණාහ. 2015 මාර්තු : ඔස්ට්‍රේලියාව රැකවරණ පතන්නන්ට දක්වන සැළකිල්ල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ "දේශනාවලට ලක්වීම ඇතිවෙලා" යැයි අගමැති ටෝනි ඇබට් පැවසුවේ මුහුදේදී ජීවිත බේරාගැනීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය තවදුරටත් අවධාරණය කරමිනි. 2016 අප්‍රේල් : සිය රටේ ව්‍යවස්ථාව පුද්ගල නිදහස තහවුරු කර ඇති බැවින් මෙම රැඳවුම් මධ්‍යස්ථානය නීති විරෝධී බව පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මධ්‍යස්ථානය වසා දමන ලෙස පැපුවා නිව්ගිනි අගමැති පීටර් ඔනීල් දැනුම් දුන්නේය. 2016 දෙසැම්බර් : ඉශාල් අහ්මඩ් නම්වූ 27 හැවිරිදි සුඩාන ජාතික සරණාගත පුද්ගලයා ශාරීරික සංකුලතා හේතුවෙන් මෙන්ම වැටීමකින් මියගිය අතර සරණාගතයින් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින් පැවසුවේ ඔහු මාස කිහිපයක සිට අසනීපව සිටි බවකි. 2017 අප්‍රේල් : පැපුවා නිව්ගිනි ආරක්ෂක සාමාජිකයින් කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලැබූහ. ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ද එය තහවුරු කරනු ලැබිණි. 2017 ජුනි : මැනුස් දූපතේ රඳවා සිටි කාලය තුළදී තමන්ට අනර්ථයක් වී යැයි පැවසු සරණාගතයින් හා දේශපාලන රැකවරණ පතන්නන් වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 70ක් (ඩොලර් මිලියන 53) සැපයීමට ඔස්ට්‍රේලියානු රජය සහ කොන්ත්‍රාත්කරුවෝ ඉදිරිපත් වූහ. 2017 අගෝස්තු : හමාඩ් ෂම්ශිරිපුර් නම්වූ ඉරාන ජාතික දේශපාලන රැකවරණ පතන්නා මියගොස් සිටියදී හමුවිණි. සියදිවි නසාගැනීමක් වුවද එය සැක කටයුතු විය. 2017 සැප්තැම්බර් : මැනුස් දූපතේ සිටි සරණාගතයින්ගෙන් 22 ක් භාරගැනීමට ඇමෙරිකාව ඉදිරිපත්විය. එය, පදිංචිකරවීමේ එකඟතාවකට අනුව ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව වේ. 2017 ඔක්තෝබර් 2 : තවත් සැකකටයුතු සිය දිවි නසා ගැනීමක් ලෙස, ශ්‍රී ලාංකික සරණාගතයකු මියගොස් සිටියදී හමු විණි. 2017 ඔක්තෝබර් : ඔස්ට්‍රේලියාවේ ඉවත්වීම "හදිසි මානුෂීය" තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම අනතුරු ඇඟවූ අතර මතුව ඇති උණුසුම් තත්ත්වය හමුවේ සහය වීම සඳහා පොලිසිය යැවීම පිළිබඳව සිතා බලන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඔස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. 2017 ඔක්තෝබර් 31 : ජලය හා විදුලිය කපා හැරීම මැද වුවද සිය ගණනක් වූ සරණාගතයින් මෙන්ම දේශපාලන රැකවරණ පතන්නන් රැඳවුම් මධ්‍යස්ථානයෙන් බැහැරවීම ප්‍රතික්ෂේප කළේ ප්‍රදේශයේ ජනතාවගෙන් සිය ජීවිතවලට තර්ජන වේ යැයි බියෙනි.
පැපුවා නිව්ගිනියාවට අයත් මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය වසර 2012 දී යළි විවෘත කෙරුණු අවස්ථාවේ සිට ඒ වෙත නොයෙක් වර විවේචන එල්ලවන්නට විය. එම රැඳවුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිවූ ප්‍රධාන පෙලේ සිදුවීම් මතු සඳහන් ලෙස පෙළගැස්විය හැක.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස අතින් දැඩි පසුබෑමක' කොළඹ වනාතමුල්ල ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීම පිළිබඳ වැඩසටහනක් TNL රූපවාහිනී සේවයේ නැවත ප්‍රචාරය කිරීමට සූදානම් ව තිබිය දී නාගරික සංවර්ධන අධිකාරියෙන් එල්ල වූ බලපෑම් මත එය නවතා දමා ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ කමිටු සභාපති නීතිවේදී ලාල් විජේනායක චෝදනා කළේය. යුද හමුදාව කොළඹ නගරයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු වලට යුද හමුදාව සම්බන්ධ කර නොගන්නා මෙන් ඉල්ලා සිටින එම සංගමය රටේ පවතින නීතියට අනුව එම කටයුතු කරන මෙන්ද ඉල්ලා සිටී. “ඉඩමක් අත් පත් කර ගන්න නීතියෙන් තියෙනවා ප්‍රතිපාදන. ඒ අනුව කටයුතු කරනවාට අපේ විරුද්ධත්වයක් නැහැ. මේක කරන්නේ බලහත්කාරයෙන්. ඒක පටන් ගත්තේ උතුරෙන්. දැන් දකුණටත් ඇවිල්ල. දැන් තමයි දකුණේ ජනතාවටත් තේරෙන්නේ උතුරේ උනේ මොකක්ද කියල.” නීතිවේදී ලාල් විජේනායක පැවසීය. මාධ්‍ය ආයතන වලට බලපෑම් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කිසිදු බලයක් නොමැති බවත් අන්තර් ජාතික දර්ශක වලට අනුව ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස අතින් දැඩි පසුබෑමකට ලක්ව ඇති අවස්ථාවක මෙවැනි ක්‍රියා තුළින් තව දුරත් රට අපකීර්තියට පත් වන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දුන්නේය. ඉහත චෝදනා පිළිබඳ ව නාගරික සංවර්ධන අධිකාරියේ හා TNL රූපවාහිනී සේවයේ වගකිවයුතු බලධාරියකුගේ අදහස් විමසීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් මාධ්‍ය ආයතන වලට කරන බලපෑම් නතර කළ යුතු යයි ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජිනීවා සාකච්ඡාවන්හිදී ප්‍රංශ දූත මණ්ඩලයට නායකත්වය දෙනු ලබන්නේ,විදේශ ඇමති ලෝරාන් ෆබියු(Laurent Fabius)විසින්. ප්ලුටෝනියම් නිපදවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියකාරික මධ්‍යස්ථාන වසා දමන මෙන් මෙන් කෙරෙන ඉල්ලීම්වලට එරෙහි වෙන ඉරානය ඔවුන් සතු අධි බලැති යුරේනියම් තොග උපයෝගී කර ගනිමින් පරමාණු බෝම්බයක් නිපදවිය නොහැකි බව කියා සිටින බවයි ප්‍රංශ විදේශ ඇමතිවරයා පවසන්නේ. ඉරානයෙන් කාල නියමයක් ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමති, අබ්බාස් අරාක්චි Abbas Araqchi) අවධාරණයෙන් කියා සිටියේ,සාකච්ඡා අද සෙනසුරාදා ,නිම කෙරෙන බවයි. අද දවස නිමාවේ ගිවිසුමකට ඒමට නොහැකි වුනොත්, ඉතිරි කාරණා සම්බන්ධයෙන් අනාගතයේදී සාකච්ඡා කිරීමට සිදු වෙන බවයි , ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමති, අබ්බාස් අරාක්චි පවසන්නේ. මීළඟ සාකච්ඡා වටය ඉදිරි සතිය හෝ දවස් දහයක් ඇතුළත යළි කැඳවිය හැකි බවයි, මේ අතර ඉරාන් විදේශ ඇමති ,මොහොමඩ් ජවාඩ් ෂාරිෆ් ප්‍රකාශ කළේ.
ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජිනීවා නගරයේ පැවැත්වෙන බහු පාර්ශවීය සාකච්ඡාවන්හි මතවාදී බෙදීමක් උද්ගතව ඇතැයි ප්‍රංශ විදේශ ඇමතිවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තානාපතිවරයා මඩකලපුවේදී මුස්ලිම් සිවිල් සමාජ නියෝජිතයන් හමු වූ අවස්ථාව මඩකලපුවේ මුස්ලිම් ප්‍රජා නියෝජිතයන් ඒ බව සඳහන් කළේ කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් මඩකලපුවේ දී හමු වූ අවස්ථාවේ දීය. එක්සත් ජනපද තානාපති කාර්යාලය පසුගියදා මඩකලපුවේදී පළමු වරට ඉෆ්තාර් උත්සවය සැමරූ අතර, එහිදී තානාපතිවරයා මුස්ලිම් ප්‍රජා නායකයන් ද මුණගැසිණ. මඩකලපුව ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසන් වීමෙන් අනතුරුව බිම් බෝම්බවලින් තොර පළමු දිස්ත්‍රික්කය බවට පත්විය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය වීමේ අවශ්‍යතාවය මුස්ලිම් ක්‍රියාකාරිනියෝ කලක් මුළුල්ලේම ඉල්ලා සිටිති. ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත් ඔවුන්ගේ ඉල්ලීම මත පදනම්ව එම නීතියට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් මීට වසර නමයකට පමණ ඉහතදී කමිටුවක්ද පත්කෙරුණු නමුත් ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් වැනි සංවිධානවලින් මතුවන විරෝධය හමුවේ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුව මෙතෙක් සමත් වී නැත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය හේතුවෙන් පීඩාවට පත් වූ තරුණියකගේ වේදනාබර අත්දැකීම ඇතුළු විශේෂ ගවේෂණයකින් හෙළි වූ කරුණු බීබීසී සිංහල සේවය පසුගියදා ප්‍රකාශයට පත්කළේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ද විවිධ ප්‍රාන්තවල තවමත් බාල වියේ විවාහ සිදුකෙරෙන අතර, නිව්යෝක් ප්‍රාන්තය තුළ විවාහවීමේ වයස අවුරුදු 14 සිට අවුරුදු 18 දක්වා ඉහළ දැමීමේ නීතියකට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මීට දින දෙකකට ඉහතදී අත්සන් තැබුවේය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක වේදනාව නිව්යෝක් ආණ්ඩුකාරවරයාගේ ට්විටර් පණිවුඩය
1951 දී සම්මත කරගන්නා ලද ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය නවීකරණය විය යුතු බව මුස්ලිම් ප්‍රජා නායකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මරණයට පත් කිම් ජොන්-නම් උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් ගේ පියාගේ පළමු විවාහයේ දරුවෙකි. මරණයට පත් කිම් ජොන්-නම් (Kim Jong-nam) උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් ගේ පියාගේ පළමු විවාහයේ එකම දරුවාය. ක්වාලාලම්පූර් අගනුවරින් පිටත්වීමට තිබූ ගුවන් යානයක ගමන් ගැනීමට නියමිතව සිටි කිම් ජොන්-නම් විෂක් ශරීරගත වීමෙන් මරණයට පත් වී ඇති බව විශ්වාස කෙරේ. මරණය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සැක කෙරෙන බව මීට ඉහතදී පොලිසිය පැවසීය ආරක්ෂක කැමරා ඔස්සේ හඳුනාගත් වියට්නාම ගමන් බලපත්‍රයක් හිමි කාන්තාව එම ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ මරණයට කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ යයි සැකකෙරෙන බව මීට ඉහතදී පොලිසිය පැවසීය. කිම් ජොන්-නම් ගේ මරණය උතුරු කොරියාව නිල වශයෙන් තහවුරු කොට තිබේ.
උතුරු කොරියාවේ නායක කිම් ජොන්-උන් ගේ සොයුරාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මැලේසියාවේ පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්ෂණයකට තම සහාය හිමි නොවන බව එජාප මන්ත්‍රීවරයා පවසයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඒ බව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික දෙමළ, සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගේ නියෝජිතයන් සමඟ ඔහු ඇතුළු තරුණ පිරිසක් මේ දිනවල පවත්වමින් සිටින සාකච්ඡා පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වසන්ත සේනානායක මන්ත්‍රීවරයා සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මෙම සංචාරයට එක්වී සිටිති. යුද්ධයේ අවසාන භාගයේදී සිදුවූ බව පැවසෙන අපරාධ පිළිබඳව ක්‍රමවත් පරීක්ෂණ පැවැත්වෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සම්බන්ධතා වර්ධනය කිරීමට රුකුලක් වනු ඇති බව පසුගිය දෙසැම්බරයේදී බ්‍රිතාන්‍යයේ සංචාරය කළ හරීන් ප්‍රනාන්දු ඇතුළු බහු-පක්ෂ තරුණ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් සහ බ්‍රිතාන්‍යයේ විදේශගත දෙමළ ප්‍රජාව අතර පැවති සාකච්ඡාවලදී ඇතිකරගත් එකඟත්වයක්. 'අපරාධ සිදුවුනා' කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්ෂණයකට තම සහාය හිමි නොවන බවයි, එජාප මන්ත්‍රීවරයා පවසන්නේ. "යුද්ධයක් කියන්නේ ඕනෑම වෙලාවක අපරාධ වෙන තැනක්. ඒ අපරාධය හැම පැත්තෙන්ම වුනා. අපේ අතිනුත් වුනා. එල්ටීටීයෙන් අති විශාල වශයෙන් වුනා. ඒ නිසා මේ ප්‍රශ්නය නැවත වතාවක් අපේ දරුවන්ට ඉතිරි කළ යුතු නෑ කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ" එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු "කවුරු මොනවා කිවුවත් මේ තියෙන්නා වූ එක්සත් ජාතීන්ගේ සංයුතිය තුල යුද අපරාධවලට අපිව කවදාවත් ගොනුකරන්න එතුමන්ලාට හැකියාවක් නෑ. ඒ නිසා යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාවට චෝදනා ඉදිරිපත් කිරීම ගැන අපේ එකඟත්වයක් නැහැ," ඔහු පැවසීය. යුද්ධයේදී සිදුවූ මහා ව්‍යසනය නැවත වතාවක් නොවීම සහතික කිරීම සඳහා "වෙනස් වූ දර්ශනයකින් කටයුතු කිරීම" තමන් ඇතුළු තරුණ දූත පිරිසේ සංචාරයේ අරමුණ බවද හරීන් පීරිස් මන්ත්‍රීවරයා පවසයි. "යුද්ධයක් කියන්නේ ඕනෑම වෙලාවක අපරාධ වෙන තැනක්. ඒ අපරාධය හැම පැත්තෙන්ම වුනා. අපේ අතිනුත් වුනා. එල්ටීටීයෙන් අති විශාල වශයෙන් වුනා. ඒ නිසා මේ ප්‍රශ්නය නැවත වතාවක් අපේ දරුවන්ට ඉතිරි කළ යුතු නෑ කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ," ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ශ්‍රී ලංකාවේ දෙමළ ගැටලුවලට දේශපාලන විසඳුමක් අවශ්‍ය නමුත් ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අනවශ්‍ය බව එජාප මන්ත්‍රීවරයාගේ ස්ථාවරයයි. ඉන්ටර්නැෂනල් ඇලර්ට් සහ රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමය විසින් සංවිධානය කොට තිබෙන තරුණ මන්ත්‍රී පිරිසගේ මෙම සංචාරය සිදුවන්නේ අදාළ සියලුම පක්ෂවල අනුමැතිය සහිතව බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ශ්‍රී ලංකා හමුදාවට හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව යුධ අපරාධ චෝදනා නැගීමේ කිසිදු උත්සාහයකට තම පක්ෂයේ සහාය හිමි නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ෆින්ඩර්න් ප්‍රාථමික විදුහල තම සිසු සිසුවියන්ට පන්ති කාමරය තුළදී පාවහන් පැළඳීමට ඉඩ දී තිබේ ඒ පිළිබඳ අවධානය යොමු කළ එංගලන්තයේ ඩර්බිශයර් පළාතේ ෆින්ඩර්න් ප්‍රාථමික විදුහල තම සිසු සිසුවියන්ට පන්ති කාමරය තුළදී සෙරප්පු පැළඳීමට ඉඩ දී තිබේ. සපත්තු පැළඳීමෙන් වැළකීම දරුවන්ගේ ඉගනීමට යහපත් බලපෑමක් එල්ලකරන බවට පවතින අදහස ෆින්ඩර්න් ප්‍රාථමික විදුහල ක්‍රියාවට නංවා ඇත්තේ අත්හදා බැලීමක් වශයෙනි. බෝන්මත් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් හෙපල් පෙන්වා දෙන්නේ සපත්තු පැළඳ නොසිටින දරුවන්ගේ හැසිරීම වඩාත් හොඳ යැයි තමන්ට දැක ගැනීමට ලැබුණු බවය. සෙරප්පු පැළඳ සිසු සිසුවියන් වඩාත් සැහැල්ලුවෙන් පසුවන බව ෆින්ඩර්න් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය එමා ටිචනර් පවසන්නීය. මහාචාර්ය ස්ටීවන් හෙපල් වසර දහයක් පුරා රටවල් විසිපහක සිසුසිසුවියන් සම්බන්ධ කරගනිමින් ඒ පිළිබඳ පර්යේෂණ සිදු කොට ඇත. ස්කැන්ඩිනේවියානු රටවල සහ නවසීලන්තයේ පාසල් ඇතුළු සෙසු රටවල අධ්‍යාපන මධ්‍යස්ථාන තුළ සපත්තු පැළඳීමෙන් වැළකී ඉගෙනීමේ යෙදෙන ක්‍රමවේදය ක්‍රියාවට නංවා තිබේ. සපත්තු නොමැතිව ඉගනීමේ කටයුතුවල යෙදෙන බැංකොක් දරුවන් සිසු සිසුවියන්ගේ ඉගෙනීමේ හැකියාව ඉහළ මට්ටමකට ගෙන ඒමේ අරමුණින් සපත්තු පැළඳීමෙන් වැළකී ඉගෙනීමේ අදහස ක්‍රියාවට නැංවූ බව කී විදුහල්පතිනිය එමා ටිචනර්, පාසල් නිල ඇඳුමේ අංගයක් වශයෙන් සපත්තු පැළඳ සිටීම අනිවාර්ය නොවන බව සඳහන් කරන්නීය. එංගලන්තයේ ක්‍රොයිඩන් ප්‍රදේශයේ පිහිටි වෙස්ට් තෝන්ටන් ප්‍රාථමික විදුහල තුළ සෙරප්පු පමණක් පැළඳ සිටිය හැකි කලාප වෙන් කොට තිබේ. සෙරප්පු පැළඳ සිටීම දරුවන්ට වඩාත් පහසු බව කී එම පාසලේ ගුරුවරියකවන අයිලා අර්ලි, ඒහේතුවෙන් දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ ගිය බව සඳහන් කළාය. "නිසැකයෙන් ම දරුවන්ගේ හැසිරීමේ වෙනසක් දැක ගත හැකියි" ඇය වැඩිදුරටත් කියා සිටියාය.
පන්ති කාමරය තුළ සපත්තු වෙනුවට සෙරප්පු පැළඳීමෙන් දරුවන් වඩාත් හොඳ සමර්ථ ලබා ගන්නා බව පර්යේෂණ වාර්තා පෙන්නුම් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එමෙන්ම ගැහැණු දරුවන් "ලැජ්ජාව හෝ බිය පසෙක තබා" තම ඉලක්ක හඹා යා යුතු බව ද බීබීසී සිංහල සේවය සමග පැවති සකච්ඡාවකදී ඇය පැවසුවාය. සිරස ලක්ෂපති වැඩසටහනට ඉදිරිපත්වී රුපියල් මිලියන දෙකක ත්‍යාග මුදල දිනාගත් ෂුක්රා මුනව්වර් සමාජයේ වැඩි අවධානයක් දිනාගත් තරුණියකි. නිෂ්පාදනය / පටිගත කිරීම /සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර මේ ගැනත් දැනගන්න:
ගහමරා ගැනීම් හෝ සමාජයේ යහ පැවැත්මට අහිතකර වෙනත් ක්‍රියා අනාගත පරපුරට දායාද නොකර වැඩිහිටියන් විසින් වල දමනු ලැබිය යුතු බව ෂුක්රා මුනව්වර් පවසන්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කැබිනට් මණ්ඩලය තුල මතභේද පවතී බවට වාර්තා ඒ පිළිබඳ ගැසට් නිවේදනය අද රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා අදාළ සංශෝධනයට ඇතුලත්ව නැතැයි පසුගිය බ්‍රහස්පතින්දා පැවති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් පිරිසක් පළ කළ විරෝධයෙන් අනතුරුව ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම පිණිස යළිත් ඉරිදා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබුණි. 'හදිසි පනතක්' රාජිත සේනාරත්න සහ චම්පික රණවක ඇමතිවරුන් බ්‍රහස්පතින්දා එම විරෝධය පළ කළ බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ. 'ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් විදියට ගේනවට මමත් විරුද්ධයි' - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නව සංශෝධනයට අනුකූලව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් වන අතර, අගමැතිවරයා පත්කිරීම සහ ව්‍යවස්ථාවෙන් බලය ලබා දෙන අනෙක් කරුණුවලදී හැර ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් ප්‍රකාර බවද අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් සඳහන් කළේය. ඉරිදා රැස්වීමේදී ගත් තීන්දු පිළිබඳව විමසීම පිණිස කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙසින් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීන්දුවට විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා දැඩි විරෝධය පළ කළ අතර, එම විරෝධය තමන්ද අනුමත කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩනයේ දී බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. එමෙන්ම ව්‍යවස්ථාවට සහ මැතිවරණ ක්‍රමයට එකවර සංශෝධන ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මීළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ එම සංශෝධන සම්මත කරගැනීමෙන් අනතුරුව බව අවධාරණය කරයි. එවැනි වාද විවාද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණ බව සඳහන් කළ ජනාධිපතිවරයා, සාකච්ඡා මාර්ගයෙන් එවැනි මතභේද විසඳා ගත හැකි බවද සංදේශයට පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කරමින්, මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට යෝජනා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විශේෂ කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළ බව යළි පදිංචි කිරීම පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 16 වන මහ සභා සම්මේලනය යාපනය වීරසිංහම් ශාලාවේදී ඉරිදා (ජූනි 30) පැවැත්විණි. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ 16 වන මහ සභා සම්මේලනය යාපනය වීරසිංහම් ශාලාවේදී ඉරිදා (ජූනි 30) පැවැත්වූ අවස්ථාවේදී අදාළ තීරණ ගනු ලැබ තිබේ. අදාළ යෝජනාවන්ට අමතරව උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ගේ ගැටලු, උතුරේ සිවිල් ජනතාව‍ගේ ඉඩම්වලින් ආරක්ෂක අංශ ඉවත් කිරීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම හා හින්දු ජනතාව ජීවත් වන ප්‍රදේශයන්ගේ බෞද්ධාගමික ස්ථාන ඉදිකිරීම නැවැත්වීම ඇතුළු ප්‍රධාන යෝජනා 11 ක් සම්බන්ධයෙන් වන යෝජනාවලියක් රජය වෙත ඉදිරිපත් කිරීමට එහිදි තීරණය කරනු ලැබූ බව ද පක්ෂ නියෝජිතයෝ පැවසූහ. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සභාපතීත්වයට නැවතත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සෙනසුරාදා (ජූනි 29) පත්වීමෙන් අනතුරුව පක්ෂයේ මහ සභා සම්මේලනය ඉරිදා (ජූනි 30) පැවැත්විණි. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ‍යේ අනුශාසක ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් කටයුතු කරයි. ඉලංකෙයි තමිල් අරසු කච්චි යනු දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂයයි. අදාළ ඉල්ලීම් මාලාව රජයට ඉදිරිපත් කර මාස තුනක කාලයක් තුළ විසඳුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර, අදාළ ඉල්ලීම්වලට දක්වන ප්‍රතිචාර අනුව ඉදිරි මැතිවරණයේදී සිය පක්ෂය සහයෝගය ලබා දෙන කණ්ඩායම තීරණය කරන බව ද පක්ෂ නියෝජිතයෝ පැවසූහ. අවසන් යුද්ධ සමයේ උතුරු නැගෙනහිර පළාත්වලින් අතුරුදන් වූ තරුණ පිරිස්වලට සිදුවූයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් රජය තුළින් ස්ථිර විසඳුමක් ලබා ගැනීම හා දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කර ගැනීම වෙනුවෙන් රජයට බලපෑම් කළ යුතු බවට තීරණයක් ගත් බව ද පක්ෂයේ සභාපති මාවෙයි සේනාධිරාජා පැවසීය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ගෙන යන උත්සහය නවතා දැමිය යුතු බවත්, ඒ වෙනුවෙන් වන යෝජනාවලියක් සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සම‍ග සාකච්ජා කළ යුතු බවට ද පක්ෂය තීරණය කර තිබේ. මහවැලි එල් කලාපය යනුවෙන් හඳුන්වමින් උතුරු නැගෙනහිර පළාත් තුළ නව සිංහල ජනාවාස බිහි කරමින් රජය ගෙන යන ක්‍රියා කලාපය වහා ම නවතා දැමිය යුතු බවට රජයට අවධාරණය කළ යුතු බවට ද පක්ෂ සම්මේලනයේදී යෝජනා සම්මත කර ගැනිණි. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කර ගත් යෝජනා මුළුමනින් ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය කටයුතු කළ යුතු බවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය රජයට බල කර සිටී. රජය අදාළ යෝජනා ඉටු කිරීමට මාස තුනක කාලයක් තුළ කටයුතු නොකළහොත් තම පක්ෂයේ ‍හා දෙමළ ජාතික සන්ධනයේ සන්ධානගත පක්ෂ සමග ඒකාබද්ධව රජයට එරෙහිව විරෝධතා මාලාවක් දියත් කරන බව ද පක්ෂ නියෝජිතයෝ පැවසූහ. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ සම්මේලනය පැවති යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපස යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් ‍ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයින්ට විරුද්ධත්වය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් පැවසුවේ යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් තම ඡන්දයෙන් තේරී පත්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු නොකරන බවය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයින් තම ජන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුවට ගිය ද යුද්ධයෙන් අතුරුදන් වූවන්ගේ ගැටලු වෙනුවෙන් විසඳුම් සෙවීම වෙනුවට රජය සමග එක්ව "සුරසැප විඳිමින්" සිටින බව ද එක් කාන්තාවක් චෝදනා කළාය. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ ස‍ම්මේලනයට සහභාගී වූවන් වෙනුවෙන් දිවා ආහාර ලබා දෙන අවස්ථාවේ විරෝධතාවට එක්ව සිටි පිරිසට ද ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයින් ආහාර ලබා දීමට පැමිණි අතර, එහිදී විරෝධතාකරුවන් පැවසුවේ "සම්බන්ධන්ගේ බත් අපට එපා" යනුවෙනි. තවත් කියවන්න:
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ස්වයංපාලන තන්ත්‍රයක් බිහි කිරීම හා උතුරු නැගෙනහිර නව සිංහල ජනාවාස ඉදිකිරීම නවතා දැමීම ඇතුළු යෝජනා රැසක් ‍ඉලංකෙයි තමිල් අරසු කච්චි මහ සභා රැස්වීමේදී තීරණය කළ බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල අමතමින් එම ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය අවධාරණය කළේ දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවලට වැඩි බලතල දිය යුතු බවය. "නීතිය යුක්තිය මුදල් ඇති කෙනාට හා නැති කෙනාට දෙවිදිහක්. ප්‍රාථමික පොලිස් ක්‍රමය නවීන පොලිස් ක්‍රමයක් බවට පත්කිරීමට කටයුතු කළ යුතුයි. දූෂණ වංචා මැඩලීමට නීතිපති දෙපාර්තමේන්තුවේ සංයුතිය දෙගුණයක් කළ යුතුයි. අල්ලස් හෝ දූෂණ මැඩපැවැත්වීමට කොමිසමක් පිහිටුවිය යුතුයි. හොංකොං දුෂණ පිටුදැකීමේ ආයතනය මෙන් එය බලතල සහිත විය යුතුයි." යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පැවති ආණ්ඩුවේ නායකයන්ට අවශ්‍ය ආකාරයට අධිකරණ කටයුතු ක්‍රියාත්මකවන බවට චෝදනා කරන මහාචාර්යවරයා යහපාලනය ස්ථාපනය කරනුවස් අධිකරණයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බලා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව පෙන්වා දෙයි. 'වචන පමණක් ප්‍රමාණවත් නැහැ' පැවති ආණ්ඩුවේ සිටි ප්‍රධානීන්ට එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත කණගාටුදායක මට්ටමක පවතින බවත් මහාචාර්ය සරත් විජේසූරිය පැවසීය. ගතානුගතික තත්වයෙන් බැහැර වී බහුතරයකට එකඟ විය හැකි පරිදි කටයුතු කරන අතරම රටේ සියලු ජාතීන් සමගි සම්පන්න කිරීමේ වගකීම ආණ්ඩුව සතු බව කියා සිටි මහාචාර්යවරයා "ජාතික හා ආගමික අන්තවාදය දෙපසට කිරීම ආණ්ඩුවේ වගකීමයි. ඒ සඳහා කැපවන ලෙස ප්‍රධාන පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් කියා සිටියේය. "ආණ්ඩුව සමග ගැටුමක් නැහැ. යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුයි. වචන සංග්‍රය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ජනවාරි 8 පෙරළිය යහපත් දේශපාලන තත්වයක් ඇති කිරීමයි. ඒ සඳහා ආණ්ඩුවේ කැපවීම නොපෙන්වීම තුළින් අර්බුදයක් දක්වා ගමන් කිරීම වළක්වන ලෙස ප්‍රධාන දේශපාලනඥයින් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා." යනුවෙන් සාධාරණ සමාජයක් සඳහාවන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය වැඩිදුරටත් කියා සිටියේය. ජනපති ප්‍රතිචාරය අනුස්මරණ සභාව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ මහා පරිමාණ දූෂණ නඩු විභාග කරනුවස් විශේෂ අධිකරණයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කොට ඇති බවය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු සිවිල් ක්‍රියාධරයන් රැසක් සහභාගී වී සිටියහ.
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වෙත කරන ගෞරවයක් වශයෙන් මහා පරිමාණ දූෂණ නඩු විභාග කරනුවස් විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස සාධාරණ සමාජයක් සඳහාවන ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් ඉල්ලයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු සහ දකුණු කොරියාව වෙන් කෙරෙන කලාපයේ දකුණු දිශාවට වන්නට පැවැත්වූ අයිස් සැණකෙළියේ දී මිරිදිය මත්ස්‍යයකු බා ගැනීම සමරන පිරිමි ළමයෙක් , මොන්ගෝලියාවේ පැවැත්වූ උත්සවයකට සහභාගී වූ ඔටුවෙකු සහ ගැහැණු ළමයෙක්... මෙම උත්සවයේදී ඔටු රේස් සහ රූප රාජිනී තරඟ පැවැත්වෙන අතර, එම අවස්ථාවට ඔටුවන් 200 ක් පමණ සහභාගී වන බව වාර්තා වේ. ඉන්දියාවේ දේශ සීමා ආරක්ෂා කිරීමේ බලකායේ (India's Border Security Force) කාන්තා මෝටර් බයිසිකල් කණ්ඩායමක් 'ජනරජ දිනය' නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයක සංදර්ශනයක් සදහා පෙර පුහුණු වීමක යෙදෙන අකාරය මෙම ඡායාරූපයෙන් දැක්වේ. නව දිල්ලි නුවර ශීත සෘතුවේ, දැඩි සීතල උදෑසනක මෙම දර්ශනය කැමරා කාචයක සටහන් වුණි. කෙන්සිංටන් මාළිගාවේ පඩි පෙළක වාඩි වී සිටින එංගලන්තයේ චාලට් කුමරිය. මෙය චාලට් කුමරිය පෙර පාසල් යන පළමු දිනයේ ඇයගේ මව වන කේට් ආදිපාවරිය විසින් ලබා ගත් ඡායාරූපයකි. සිරියාවේ හමවුරියා (Hamouria) නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු, තම සොහොයුරිය ජීවත්ව සිටිනවා දැක ඇය වැළදගැනීමට සුන්බුන් අතරින් දිව යන කාන්තාවක්. මෙම ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මරා දැමුණි. ජර්මනියේ මින් මැදුරක ජීවත් වන මුහුදු ජීවියෙකුගේ දත්ත වාර්ෂික ලේඛනයකට ඇතුළත් කිරීමේ අරමුණින්, එම ජීවියාගේ මිනුම් ලබා ගන්නා අවස්ථාවක්. ඉතියෝපියාවේ ඔර්තඩොක්ස් (Orthodox) ක්‍රිස්තියානු බැතිමතුන් නත්තල සමරන අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ. පැරණි ජුලියන් දින දර්ශකය අනුගමනය කරන ඔර්තඩොක්ස් ක්‍රිස්තියානුවන්, නත්තල සමරන්නේ ජනවාරි හත් වනදාය. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ වසර දෙකකට පෙර මියගිය ඩේවිඩ් බෝවි (David Bowie) සිහි කර, උපන් ගමෙහි බිත්තියක ඇදි ඔහුගේ සිතුවමක් ඉදිරියේ රෝස මලක් තබන කාන්තාවකි. ඩේවිඩ් බෝවි බ්‍රිතාන්‍යයෙන් බිහි වුණ ලෝක ප්‍රසිද්ධ ගායකයෙක්, ගීත රචකයෙක් මෙන්ම නළුවෙකි. අයර්ලන්තයේ ඝන මීදුම අතරින් පෙරට යන පාපැදියක් .... අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කෙරුණි. ලන්ඩන් නුවර පැවැත් වූ බෝට්ටු සංදර්ශනයකදී කොර්නිෂ් ක්‍රැබර් (Cornish Crabber) බෝට්ටුවක් ඔප දමන පුද්ගලයෙක් . වසර 40 කට පමණ ඉහත දී ආරම්භ කරන ලද Cornish Crabber යුරෝපයේ ඉතා ප්‍රසිද්ධ බෝට්ටු නිෂ්පාදන සමාගමකි. 'බිග් ලිට්ල් ලයිස්' (Big Little Lies) වැඩසටහන වෙනුවෙන් ලැබුණ ගෝල්ඩන් ග්ලෝබ්ස් (Golden Globes) සම්මානය සිප ගන්නා හොලිවුඩ් තරු ලෝරා ඩර්න්, නිකෝල් කිඩ්මන්, සෝ ක්‍රවිට්ස්, රීස් විදර්ස්පූන් සහ ෂයිලීන් වුඩ්ලි. හොලිවුඩ් සිනමාවේ අති ජනප්‍රිය තරු බහුතරයක් මෙම උළෙල සඳහා කළු පැහැය තෝරා ගෙන තිබුණේ සිය ක්‍ෂේත්‍රය තුළ වාර්තා වෙමින් ඇති පහර දීම් සහ ලිංගික අතවරවලට විරෝධය පළ කිරීමක් වශයෙනි. 2017 දී ලෝකයේ නන් දෙස සිදුවූ විශේෂ සිද්ධීන් රැගත් ඡායාරූප පෙළක්: තෙවැනි ඇසින් දුටු 2017 ලෝකය මේ තොරතුරුද දැනගන්න: ගින්නෙන් දැවෙන අලි පැටවාගේ සේයාරුව පළමු තැනට ලෝකයේ වඩාත්ම අනතුරුදායක මංගල ඡායාරූප ගැනීම
පසුගිය සතියේ ලෝකයේ නන් දෙස සිදු වූ ජනප්‍රිය පුවත් නැවත සිහිගැන්වෙන, සිත ඇද ගනු ලබන ඡායාරූප පෙළක් ඔබ ඉදිරියේ මෙසේ පෙළ ගස්වමු.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තොවිල්,යකැදුරුකම්,බලි ඇරීම් සහ වෙනත් ශාන්තිකර්ම සාම්ප්‍රදායික ශ්‍රී ලංකා සමාජය සමඟ බැඳුන චාරිත්‍ර බඳුවිය. ඒ සමඟ බැඳුනකලා සම්ප්‍රදායක් ද ඇත. ශ්‍රී ලංකාවෙන් පමණක් නොව ලෝකය පුරා විවිධ රටවලින් එවැනි තොරතුරු වාර්තා වෙයි. මානසික සහනයක් පතා තමන් හමුවට පමුණුවන ලද ''ආතුරයන්ට'' කට්ටඩියන් විසින් පහර දීම, පිළිස්සීම හෝ ආයුධවලින් කපා කැපීම වැනි ශාරීරික හිංසන ගැන එවැනි වාර්තා මගින් කියැවෙයි. ශ්‍රී ලංකාවෙන් මෑතදී වාර්තාවූ එවැනි තොරතුරු අතර ප්‍රබල සමාජ කම්පාවකට හේතු වූ අට හැවිරිදි දැරියකගේ මරණය මෙම කාරණය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ආරම්භවීමට හේතුවිය අට හැවිරිදි මොහොමඞ් රිෆ්කා පාතිමා රිෂ්ෆා දැරියට අත්වූ ඉරණම මගින් මහජනයා අතර ඇතිකරන ලද කම්පාව තවමත් තුනී වී නොමැත. ජීවිතය අකාලයේ මිලාන වූ එම දැරිය ශ්‍රී ලාංකික සමාජයට වැදගත් පණිවුඩයක් ඉතිරිකර ඇත. එනම් ශ්‍රී ලාංකික සමාජයේ සවිඥානික මිනිසුන් බොහෝදෙනෙක් යකුන් - යකින්නන් සහ භූතාත්ම හෝ වෙනත් ආකාරයේ කවර වූ හෝ ගුප්ත බලවේගයක් කෙරෙහි පවතින ඇදහීම් සහ විශ්වාසයන් මගින් මෙහෙයවනු ලැබෙමින් ඇති බවය. ගාල්ලේ උපන් මොහොමඞ් රිෆ්කා පාතිමා රිෂ්ෆා සිය මවත් සමඟ දුරබැහැර ගෙවමින් දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේ එක්තරා ස්ථානයකට ළඟා වී තිබෙන්නේ ඇය නොදත් එහෙත් ඇයගේ සිරුරට ආවේශ වී සිටින 'යකින්නක පළවාහැරීම' සඳහාය. කට්ටඩි කාන්තාව පවසන හැටියට දැරියට ආවේශ වී ඇත්තේ ඇයගේ මිත්තණියයි. ''යකුන් දමනය කිරීමට'' සමත් යැයි කියන, කඳුබොඩ නිවැසි ලයිමා ෆාලිඩා නම් කට්ටඩි කාන්තාවක්, දැරිය පෙළෙන රෝගාබාධවලට හේතුව ඇයගේ සිරුරට යක්ෂාවේශව සිටින මිත්තණිය යයි රෝග විනිශ්චය කරමින්, එම යකින්න පළවාහැරීම සඳහා පුරා පැය කීපයක් තෙල් ගල්වමින් වේවැලකින් දිගින් දිගටම පහරදීම නිසා දැරිය මරණයට පත්වූවාය. අමනුෂ්‍ය දෝෂයක් යයි පවසමින් සිදුකළ යාතිකාවේ දී වේවැල් පහරදීමෙන් මරණයට පත් දැරියගේ මව සහ එම කට්ටඩි කාන්තාව මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුණි. ''ගාල්ලේ දැරියට අත්වූ ඉරණම මගින් පෙන්නුම් කෙරෙන්නේ අපේ සමාජය තුළ අභිචාර විධීන් මුල්බැසගෙන ඇති ආකාරයයි'' ඉහත කී ඛේදවාචකය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී ගවේශනාත්මක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ ප්‍රකාශ කළේය. "දැඩිමුණ්ඩ දෙවියන්ගෙනුත් වේවැල් දඬුවමක්" ''සිරුරට ආවේශ වී සිටින යකුන් යකින්නන් පළවා හැරීමට 'වේවැල් කසාය' දීම ගැන හොඳ වාර්තාවක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතුවලට විශිෂ්ට සේවයක් සිදුකළ H.G.P බෙල් විසින් සඳහන් කරනු ලැබ තිබෙනවා. බෙල් උපුටා දක්වන්නේ නුවර කලාවියේ ඉංග්‍රීසි ඒජන්තවරයකු හැටියට කටයුතු කළ R.W අයිවර්ස්ගේ (R.W.Ivors) 1884 අගෝස්තු 14 වෙනිදා දිනපොත උපුටා දක්වමින්'' තිලක් සේනාසිංහ පවසයි. ගවේශනාත්මක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ ''එම වාර්තාවට පසුබිම් වී තිබෙන්නේ මාවනැල්ලේ දැඩිමුණ්ඩ දේවාලය. දැඩිමුණ්ඩ දෙවියන් යක්ෂ ගණයටයි ඇතුළත් කෙරෙන්නේ. ඔය කියන අවධියේ එම දේවාලයේ කපුතේවාව භාර තැනැත්තා හැන්දෑවට කරන කාර්යයක් තමයි ලොකු වේවැල් මිටියක් දේවාල භූමියේ සූදානමින් තබාගැනීම. පසුදින උදෑසන දකින්න ලැබෙන්නේ වේවැල් මිටියක් නොවෙයි, කැඩී බිඳී ගිය වේවැල් කැබැලි ගොඩක්. එහෙම වෙලා තියෙන්නේ රාත්‍රිකාලයේ ආවේෂ වී කෙහෙවැලි කඩා ගෙන විලාප තබමින් දේවාලයට එන ගැහැනුන්ට ආවේශ වී ඇති යකුන් පළවා හැරීමට කපුවා විසින් වේවැල්වලින් පහරදීම නිසා'' අයිවර්ගේ දිනපොත උපුටා දක්වමින් බෙල් විසින් වාර්තාකරනු ලබන එම අභිචාර විධිය සමාජ විද්‍යාත්මක වටිනාකමක් ගනී. තිලක් සේනාසිංහ විස්තරකරන එම 'වේවැල් බෙහෙත' සහ ගාල්ලේ දැරියට වේවැලකින් පහරදීමේ යාතුකර්මය අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් තිබේද යන්න පැහැදිලි නැත. ''මට මතක්වෙනවා තවත් සිද්ධියක්. එක ඇදුරෙක්, එක්තරා අසනීපයක් සඳහා තමාගේ පිහිට පතා පැමිණි කාන්තාවකට එකදිගට තැඹිලිගෙඩි හතක් පානයකරන ලෙස උපදෙස් දී තිබුණා. ඇදුරාගේ උපදෙස් අනුව කටයුතු කළ කාන්තාවගේ උදරය තැඹිලි වතුරෙන් පිරී ඇගේ ප්ලිහාව ආබාධිතව ඇය මරණයට පත්වූ බව දැනගන්නට ලැබුණා'' මාධ්‍යවේදී තිලක් සේනාසිංහ සිය දීර්ඝ විස්තරය අතරමැද තවත් සිදුවීමක් සිහිපත් කළේය. ෆේස්බුක් ජාලයේ පළකර තිබුණ දැන්වීමකි පොල්මලෙන් ගැසීම සම්ප්‍රදායික සමාජයේ ඇතැමුන් පවුලේ රෝගීන් වෛද්‍යවරයකු හෝ මානසික වෛද්‍යවරයකු හමුවට පැමිණවීම නොව අද්භූත ගුප්ත විශ්වාසයන්හි පිහිට පැතීමක් සාමන්‍ය ජනජීවිතයේ දී දක්නට ලැබෙයි. එවැනි ශාන්තිකර්මයන්හි දී මෙහි සඳහන් කරන ලද මුස්ලිම් දැරියට වේවැලකින් පහරදීමට සමානව, ඇදුරන් විසින් ඔවුන්ගේ වචනයෙන් ''ආතුරයන්' ලෙස හඳුන්වා දෙන රෝගීන්ටපොල්මලකින් පහරදෙනු තොවිල්වලදී දක්නට ලැබෙයි. ''මෙවැනි තොරතුරු ශ්‍රී ලංකාවේ සමාජයෙන් පමණක් නොවෙයි, බොහෝ සමාජවලින් වාර්තා වෙනවා.මිනිස්සු මෙවැනි තත්ත්වයන්ට ගොදුරුවීමට හේතු රැසක් බලපානවා.එකක් සාම්ප්‍රදායික සමාජ ආකල්ප සහ විශ්වාසයන්හි බලපෑම්. කොහොම වුනත් මිනිසුන් පෙළෙන හුදෙකලාභාවය මේ තත්ත්වය කෙරෙහි බලපානවා. මිනිසුන් ගැටලුවලට මැදිවෙන අතර ඔවුන් හුදෙකලා වෙනවා. එවිට ඔවුන් තල්ලුවන්නේ මෙවැනි අද්භූත අධිභෞතික විශ්වාසයන්හි පිහිට පැතීමටයි'' බීබීසී සිංහල සේවය කළ විමසීමක දී රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය සරත් අමරසිංහ පැවසීය. සම්මානිත මහාචාර්ය සරත් අමරසිංහ ''එම හුදෙකලාභාවය සමඟ මිනිසා ජීවත්වන්නේ තරඟකාරී සමාජයක. තරඟකාරී සමාජයේ ජය ලබන්න මිනිසුන් යාතුකර්ම අභිචාර ආදියේ පිහිට පතනවා. එය දැන් ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනව. දුප්පත්කම,නැතිබැරිකම නිසා මිනිස්සු වේගයෙන් නොපෙනෙන බලවේගවල පිහිට සොයනවා.දුප්පතුන් විතරක් නොවෙයි, පොහොසතුන් පවා තරඟය තුළ දී එවැනි බලවේගයන්හි පිහිට පතනවා'' යැයි සම්මානිත මහාචාර්ය සරත් අමරසිංහ සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් පෙන්වාදෙන ආකාරයට මෙවැනි මිත්‍යාවන් පතුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයද වගකිව යුතුව ඇත. ''දැන් බලන්න, හැමදාම උදේවරුවේ බොහෝ රූපවාහිනී නාලිකාවල මිනිසුන්ගේ ග්‍රහචාරය විග්‍රහකරන සජීවී වැඩසටහන් විකාශනය කරනවා. ඔවුන් කරන්නේ ප්‍රසිද්ධ නමක් සහිත ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥයන් කැඳවමින් ලග්න අනුව දවසේ පලාපල කීම'' ඔවුන් ශුභ නැකැත් හෝරාවන් පවා කියනව. උදාහරණයක් විධියට බලාපොරොත්තු තබන කාර්යයයන් සඳහා නිවසින් පිටවිය යුතු වෙලාව සහ දිශාව පවා කියනවා. මේවා ජනතාව අතර ජනප්‍රිය වැඩසටහන් බවට පත්වෙලා තියෙනව''මෙහි තවත් අහිතකර පැතිකඩක් ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් පෙන්වා දෙයි. ''මේ සජීවී වැඩසටහන් අතරවාරයේ අසන්නන්ට දුරකථනය මගින් ඔවුන්ගේ ගැටලු ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට ඉදිරිපත් කරමින් සහනයක් ඉල්ලා සිටින්නත් පුළුවන්. එවැනි අවස්ථාවල දී ඇතැමුන් තම ශරීර සෞඛ්‍යයට අදාළ ප්‍රශ්න පමණක් නොවෙයි,නිවසේ පෞද්ගලික ප්‍රශ්න පවා ඉදිරිපත් කරනවා'' ''රූපවාහිනිය පමණක් නොවෙයි,අද බොහෝ පුවත්පත් ගත්තත් යන්ත්‍ර සූත්‍ර, හදිහූනියම් සහ කොඩිවින කිරීම් සේවා සපයන බවට කොයිතරම් වෙළෙඳ දැන්වීම් පළ වෙනවද? මුදලට එවැනි දැන්වීම් පළකරන ''වල්ලියා'' ගුරුන්නාන්සේලා අතර භික්‍ෂූන් වහන්සේලාත් දකින්න ලැබෙනවා. භික්ෂුවකගේ නමින් එවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය එක් තැනැත්තෙක් සිදුකරන ලද අපරාධ ක්‍රියාවලිය කෙළවර වුණේ ඔහු අධිකරණය විසින් වරදකරු කරනු ලැබ සිරගත කරනු ලැබීමෙන්'' මාධ්‍යවේදී චන්දන විජේකෝන් පවසයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් ''එම තැනැත්තා අද්භූත සායනයක් පවත්වාගෙන ගිය අතර, එය කාන්තාවන් අපහරණය වැනි සාපරාධී ක්‍රියා සඳහාත් යොදාගනු ලැබ තිබුණා'' මාධ්‍යවේදී තිලක් සේනාසිංහ පවසන පරිදි දෙවියන් සමඟ බැඳුන ආගමික පසුබිමක් සහිත යාතුකර්ම බොහෝ සමාජවල පුරාණයේ සිට පැවත එයි. ඒවා හදි හූනියම්,කොඩිවින (Black Magic) සහ ශාන්තිකර්ම (White Magic) යනුවෙන් ප්‍රභේද වෙයි. අනුන්ට විපත් සඳහා කොඩිවින කිරීම,වස්කවි කීම සහ ජපකිරීම් 'බ්ලැක් මැජික්' ගණයට වැටෙයි. ඒ අතරම කොඩිවින කැපීම මෙන්ම හදි හූනියම් සිදුකළ පුද්ගලයන්ටම ඒවා ආපසු බලපාන මට්ටමින් කොඩිවින හූනියම් කපන්නෝ ද සිටිති. මේ දෙපාර්ශ්වයටම එම කටයුතු ආදායම් මාර්ග වෙති. යාතුකර්ම ආදිය සාපරාධී චේතනා සඳහා යොදාගැනීම අතින් හික්කඩුවේ සීනිගම දේවාලය ප්‍රසිද්ධියක් දරයි. තම සතුරන්ට එරෙහිව ශාපකිරීම සඳහා හෝ ඔවුන්ට දෙවියන් ලවා දඬුවම් කරවීම සඳහා සීනිගමට දේව බැතිමතුන්ගේ පැමිණීම රහසක් නොවේ. සීනිගම දේවාලයේ පාලනය සඳහා මේ දිනවල ප්‍රදේශයේ පවතින කුල තරඟයක් ගැන වාර්තාකරණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නන්දන වීරරත්න 'අරුණ' පුවත්පතට සපයන ලද විශේෂාංග ලිපියක මෙසේ සඳහන් කරයි. ''සීනිගම දේවාලය මානසික දුර්වලතා ඇති ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට දිනපතා ප්‍රතිකාර කෙරෙන තැනකි. එහි ඇති සියලු ජීවී අජීවී සියලු දේ දෙවියන්ගේ බලයයි. එතැනට දේශපාලන බලය තල්ලුකිරීමෙන් සිදුවිය හැක්කේ ලේ වැකි ගැටුම්ය. දිගුකාලීන මරා ගැනීම්ය'' තමන්ට සතුරු යයි සිතන පුද්ගලයන්ට එරෙහිව ශාප කරනු ලැබීම සඳහා ගම්මිරිස් ඇඹරීමට සහ ඇතැම් දේශපාලනඥයන් දේශපාලන සතුරන්ට එරෙහිව පොල් ගැසීමට සීනිගම දෙවොලට යති දේශපාලකයන්ගේ ඇදහිලි මහාචාර්ය සරත් අමරසිංහ පෙන්වාදෙන පරිදි මෙම අභිචාර විශ්වාසයන් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයටත් විහිද ඇත. ''අපේ රටේ බොහෝ දේශපාලනඥයන් අභිචාර පිටුපස යාම අප්‍රසිද්ධියේ හෝ එළිපිටම සිදුකරනවා. උදාහරණයක් විධියට එක දේශපාලන නායකයෙක් තමන්ගේ අපල උපද්‍රව නැතිකර ගැනීම සඳහා බාල කන්‍යාවියන් ලවා සුවඳපැන් ස්නානය කිරීමක් ගැන එක්වරක් කතාවක් පැතිරගියා. තවත් සමහරු තම ජයග්‍රහණ පතා විවිධ යාගහෝම පුදපූජා කෙරෙහි යොමුවෙනවා'' එක්තරා දේශපාලන පක්‍ෂයක ජනාධිපති ධූර අපේක්‍ෂකත්වය එම පක්‍ෂයේ ජනප්‍රිය නායකයකුට ලබාගැනීමේ අරමුණින් දියත්කෙරුන දේශපාලන උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භකරන ලද්දේ ශාපකිරීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් සහිත සීනිගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීමෙනි. පසුගිය යහපාලන සමයේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව මහජනතාව එකතුකර ගැනීමේ අටියෙන් ආගමික ස්ථානවලට ගොස් එම පොල්ගැසීමේ චාරිත්‍රයේ නිරතවනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් වාර්තාකරනු ලැබුණි. ''දේශපාලන නායකයන්ගේ අත්වල පිරිත්නූල්වලට අමතරව, පැළඳ ඇති ශුභපල ලබාදෙතැයි අදහන විවිධ පළඳනාවල පටන් මහජන ආකර්ෂණය ලබාදෙතැයි ඔවුන් සිතන ගුප්ත වස්තූන් පවා තබාගෙන සිටින ආකාරය දකින්න ලැබෙනවා. වසංගතය මැඩලීමට ශුද්ධ ජලය පිරවූ මුට්ටි ගංගාවන්ට දැමීමත් මෙම විශ්වාසයන්හි තවත් දිගුවක්'' මහාචාර්ය සරත් අමරසිංහ පවසයි. අගමැති මහින්ද රාජපක්ෂ දකුණත රැඳී ඇති "වජ්‍රය" ජාත්‍යන්තර මාධ්‍යවල පවා සාකච්ඡාවට ලක්ව ඇත දේශපාලන බල තරඟයේ දී තම අනාගත ශුභසිද්ධිය වෙනුවෙන් ගුප්ත විශ්වාසයන් පසුපස යාමේ දී දේශපාලනඥයන්ට ආගම් භේදයක් නැත. අනුරාධපුර ප්‍රදේශයේ එවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන කාන්තාවකගේ ආශීර්වාදය ලබාගැනීම සඳහා යන එන දේශපාලනඥයන්ගේ නම් පසුගියදා පාර්ලිමේන්තුව තුළ පවා ප්‍රකාශ වුණි. ''මෙය දේශපාලන අංශයට පමණක් සීමාවෙන්නෙ නැහැ. මම දැකල තියෙනව,ආරක්‍ෂක අංශවල ප්‍රධාන නිලධාරීන් පවා ඔවුන්ගේ අත්වල ශුභපල ලබාදෙතැයි ඔවුන් විශ්වාස කරන මුදු හෝ පළඳනා දරන බව'' ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් බීබීසී සමඟ සිය අත්දැකීම් විස්තර කරමින් සඳහන් කළේය. ඇතැම් දේශපාලනඥයන් විසින් මැතිවරණ කාලවල සිදුකරන ලද සත්ත්ව බිලිපූජාවන් ගැනද වාර්තා වී ඇත. බ්‍රාහ්මණ සම්ප්‍රදායේ හිස එසවීමක් ''මෙතැන ප්‍රශ්නය තියෙන්නේ ආගමත් මෙයට සම්බන්ධවීම. බුදුන් වහන්සේ බ්‍රාහ්මණවාදයේ ආදි සංකල්ප පුපුරුවා හරිමින් ශ්‍රමණ සම්ප්‍රදායක් හඳුන්වා දුන්නා. නමුත් අද එම පුරුෂාර්ථ යටපත්වෙමින් බ්‍රාහ්මණවාදයේ යාගහෝම පන්සලත් ආක්‍රමණය කර ඇති බවක් දකින්න ලැබෙනවා'' ගවේෂණාත්මක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ පෙන්වාදෙයි. මෙය දැන් පන්සල විතරක් නොවෙයි,වෙනත් ආගම්වලටත් පැතිරිලා. උදාහරණයක් විධියට ඇතැම් ආගමික සංවිධාන මිනිසුන්ගේ ලෙඩරෝග සුවපත්කිරීමේ යාඥාවන් පවත්වනවා. ශ්‍රී ලංකාවේ මුල්පෙළේ සංගීතඥයකු සහ ගායකයකු වන ආචාර්ය වික්ටර් රත්නායකගේ අහිමි වූ කටහඬ යළිත් ලබාදුන්නේ අද්භූත ආගමික බලයක් මගින් යයි පසුගියදා වාර්තා පළවෙමින් තිබුණා. වික්ටර් රත්නායකගේ විතරක් නොවෙයි. ඉන්දියාවේ ලතා මංගේෂ්කාර්ටත් කටහඬ නැතිව ගියා. ඇය නැතිවූ කටහඬ ප්‍රතිෂ්ටාපනය කරගත්තේ ශල්‍යකර්මයකින්. මෙහි මානසික පැත්තක් තියෙනව. වික්ටර්ට නැතිවූ කටහඬ ආගමික හාස්කමකින් යයි කීම ප්‍රබන්ධයක්'' මාධ්‍යවේදී තිලක් සේනසිංහ සඳහන් කළේය. සුවිශේෂී එවැනි බලවේග මගින් සිය ශාරීරික ආබාධ සුවපත්කර ගැනීමට ඇතැම්විට දහස් ගණනින් ජනතාව එක්රැස්වෙන අතර එවැනි අවස්ථාවන්හි මිනිසුන් මරණයට පත්වීම් ගැන ද මාධ්‍ය මගින් වාර්තාවිය. පාරම්පරික සිංහල සමාජයේ භාවිතයට ගැනුණු හඳහන් බැලීම සහ පේනකීම වැනි අංග කෙරෙහි දැන් රටතුළ වෙනත් ආගමිකයන් ද නැඹුරුවෙමින් ඇති බව මහාචාර්ය අමරසිංහ මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේය. ''මගේ මිතුරෙක් ඉන්නවා මහනුවර පළාතේ. ඔහු ශාන්තිකර්ම කරන කෙනෙක්. ඔහු මට කිව්වා ඒ අවට මුස්ලිම් ජනයාත් ඔවුන්ගේ දරුවන්ට ශාන්තිකර්ම සඳහා තමා හමුවට එන බව'' මහාචාර්යවරයා තවත් ප්‍රවනතාවක් කෙරෙහි අවධානය යොමුකළේය. ''අපි දන්න හැටියට උපතක දී කේන්ද්‍ර හැදුවේ, දැරියක් මල්වර වීමකදී පලාපල බැලුවේ, විවාහයක දී පොරොන්දම් බලා නැකැත් හැදුවේ සිංහල සමාජ කණ්ඩායම්. නමුත් කිතුනු සමාජයේත් ඇතැම් පවුල්වල රහසිගතව හෝ ඇතැම්විට එළිපිටමත් ඒ දේවල් සිදුකෙරෙනවා'' ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් පවසයි. වේවැල් පහරට ගොදුරුව මරණයට පත් මුස්ලිම් දැරියත් එවැනි ඉරණමකට වූයේ යකුන් පළවාහරීමේ අද්භූත බලයක් ඇතැයි කියන මුස්ලිම් කට්ටඩි කාන්තාවකගේ ''කුරිරු'' මිත්‍යා සායනයක් අතරවාරයේය. නව හැවිරිදි දැරිය ගොදුරු කරගත් ආකාරයේ මිත්‍යා ක්‍රියාවන්ට ඉස්ලාම් ධර්මය තුළ කිසිදු ඉඩක් නොමැති බව නීතිඥ ෂිහාන් නාගූර් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය. ''ගුරුකම්,යන්ත්‍ර මන්ත්‍ර ආදී ඇදහිලි (Black Magic) ශාස්ත්‍ර ඇසීම් වැනි දේවල් ඉස්ලාම් ධර්මයට අනුව අයත්වන්නේ 'ශිර්ක්' (Shirk) නම් වැරදි ගණයට.එම ශිර්ක් වැරදි කොයිතරම් බරපතලද යන්න ඒවා 'හරාම්' (Haram) ගණයටත් වඩා බරපතල බව දක්වා තිබීමෙන් පේනවා. 'ශිර්ක්' වැරදිවලට දෙවියන් වහන්සේගෙන් කිසිම සමාවක් නැහැ. මේ ගැන අල් කුරානයේ 'සූරා බකරා' (Al-Baqarah) සහ 'අල් නිසා'(An-Nisa) ඉගැන්වීම්වල සඳහන් කර තිබෙනවා'' ''ගුරුකම්,යන්ත්‍ර මන්ත්‍ර ආදී ඇදහිලි(Black Magic) ශාස්ත්‍ර ඇසීම් වැනි දේවල් ඉස්ලාම් ධර්මයට අනුව අයත්වන්නේ 'ශිර්ක්'(Shirk)නම් වැරදි ගණයට'' ඉස්ලාම් ධර්මය තුළ මේ සම්බන්ධයෙන් බලපැවැත්වෙන ආගමික මූලධර්ම පිළිබඳව පැහැදිළි කර ගැනීම සඳහා බීබීසී සිංහල සේවය කොළඹ 'දවටගහ' මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජක මොහොමඩ් ඉක්බාල් මවුලවි තුමාගෙන් විමසීමක් කළ අතර එතුමන් විසින් එම ඉස්ලාම් ඉගැන්වීම් විග්‍රහකරන ලද්දේ ශුද්ධ කුරානය ඇසුරිනි. නබි නායකතුමාටත් හූනියමක් ''ඇස්වහ,කටවහ,ආදියට පිළියම් කළයුතු ආකාරය ගැන කුරානයේ සඳහන් වෙනවා. කෙනෙකුට ලෙඩක් දුකක් ඇතිවූ විට ඒ පුද්ගලයන්ට කිසිම පහරදීමක් කරන්න අවසරයක් නැහැ. ශාන්තිකර්මවලින් සුවයක් ලබාදෙන්න පුළුවන්. නමුත් එය කරන්න අවසර තියෙන්නේ ඒ ගැන මනා අවබෝධයක් සහිත ඒවා ප්‍රගුනකරන ලද ආධ්‍යාත්මික ශක්තියක් ඇති අයට පමණයි. නබිනායකතුමාටත් කොඩිවින කර තිබුණ. එම කොඩිවින කපා තිබෙන්නේ ආගමික ඉගැන්වීම් අනුවයි. දැන් 'මලබාර්' ප්‍රදේශයේ එවැනි ශාන්තිකර්ම ප්‍රගුණකළ මව්ලවිවරුන් ඉන්නවා'' තවදුරටත් අදහස් දැක්වූ මවුලවි මොහොමඩ් ඉක්බාල් රෝගීන්ට පහරදෙනු ලැබීම වැනි ක්‍රියාවන්ට කුරානයෙන් කිසිදු අනුබලයක් නොලැබෙන බව අවධාරණය කළේය. ''ඔබ සඳහන් කළ දැරියට අත්වූ ඉරණම ගැන මට දැනගන්නට ලැබුනා. එවැනි ශාන්තිකර්මයක් සිදුකලැයි කියන කට්ටඩි කාන්තාවට එවැන්නක් කරන්න කිසිම බලයක් නැහැ. මට පෙනෙන විධියට යකින්නක් වහල තියෙන්නේ අර දැරියට නොවෙයි, ඔය කට්ටඩි කාන්තාවටයි'' මුස්ලිම් ආගමික මෙහෙයක් ''ගහන්න මරන්න වගේ දේවල්වලට ආගමෙන් අවසරයක් නැහැ'' මවුලවිවරයා පෙන්වා දෙයි. වාර්ගික හෝ ආගමික පසුබිම කුමක්වුවද, ශ්‍රී ලාංකිකයන්ගේ අතිබහුතර ප්‍රජාවක් ගුප්ත විද්‍යාවන්හි පිහිටක් පැතීම පසුගිය කාලය තුළ වේගයෙන් ව්‍යාප්තවීමක් පෙන්නුම් කරයි. ''මේකට එක හේතුවක් තමයි, නූගත්කම. අවබෝධයක් නැතිකම. ඒවගේම ඊට බැඳුන තවත් කාරණයක් තියෙනව. ඒ තමයි,දුප්පත්කම. බොහෝ දුප්පතුන් තමයි, ශාන්තිකර්මවල දී ශාරීරික හිරිහැර ආදියට ගොදුරුවෙන්නේ'' සම්මානිත මහාචාර්ය සරත් අමරසිංහ පෙන්වා දෙයි. ''මෙවැනි ගුප්ත යාතුකර්ම මගින් මිනිසුන්ට එල්ල කෙරන ශාරීරික හිරහැරයට අමතරව සමාජමය වශයෙන් තවත් බරපතල අපරාධයක් තියෙනව. එය මිනිස් සමාජයක් භාවමය වශයෙන් පසුගාමී තැනකට තල්ලුකර දැමීම'' ගවේෂණාත්මක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ පවසයි. ශරීර සෞඛ්‍යය පතා මෙවැනි උත්සවාකාරයෙන් සත්ව බිලිපූජා පැවැත්වීම අප්‍රිකානු රාජ්‍යයන් රැසක සිදුකෙරෙයි කියවන්න;
''යකුන් වැහීම'' පමණක් නොව යකුන්ගෙන් වැඩගැනීම ගැනත් රසවත් කතන්දර ශ්‍රී ලාංකික සමාජයේ පවතී. යකුන් වැහීම සහ යකුන් පළවා හැරීමට කෙරෙන ගුප්ත සායන මාතෘකාව අලුතින් මහජන අවධානයට ලක්වන්නට පටන්ගත්තේ එවැනි සායනයක දී පහරකෑමට ලක්වූ බාල දැරියකගේ ඛේදජනක මරණයත් සමඟය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චීන ආරක්‍ෂක ඇමති වෙයි ෆෙන්ග් පිටත්ව යාමෙන් අනතුරුව කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් වරයා අගමැති මහින්ද රාජපක්‍ෂ මුණගැසුන අතර, එම හමුවේ දී හෝ අනතුරුව මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද 'ට්විටර්' පණිවුඩය මගින් හෝ සිය දේශපාලන පසමිතුරු රාජ්‍යයේ ඉහල නිලධාරියාගේ ආගමනය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකෙරුණි. ඉන්දියානු පාර්ශ්වයෙන්, ඉහල මට්ටමේ චීන නියෝජිතයාගේ කොළඹ සම්ප්‍රාප්තිය ගැන සෘජුව සඳහන් නොකෙරුනත් 'නව දිල්ලිය අසල්වැසි හිතවත් රාජ්‍යයේ අගනුවර සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න ගැන උනන්දුවෙන් බලා සිටින' බව කිසිවකුට රහසක් ද නොවේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වීමේ අනතුරක් පවතින්නේද? නැද්ද? යන්න මුල්කරගත් විවාදය මේ මොහොතේත් රට තුළ පෙරට යමින් ඇත. එසේ වීම හෝ නොවීමත්, එම වරාය නගරය 'ඩොලර්' හෝ 'යුවාන්' හෝ වෙනත් ව්‍යවහාර ජාත්‍යන්තර මූල්‍ය ඒකක වශයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය ආකර්ෂණය කරගනු ලබන කුඩා 'රන් දිවයිනක්' බවට පත්වේද යන්න තීරණය කරනු ඇත්තේ අද නොව අනාගතයෙහිය. 'ජිබුති' දේශයේ පාලකයන් ලද අමිහිරි අත්දැකීම හැමතැනම එපරිද්දෙන් සිදුවිය නොහැකි බව පිළිගැනීමට සිදුවෙන නමුත් මේ මොහොතේ විසඳා ගතයුතුව ඇති මේවනවිටත් දිග හැරෙමින් පවතින සැඟවිය නොහැකි වෙනත් දැවැන්ත අභියෝගයක් පවතී. එනම්, ශ්‍රී ලංකාව වේගයෙන් චීනය වෙත ආකර්ෂණය වීමත් සමඟ කලාපයේ බලවතුන් පමණක් නොව සෙසු ජාත්‍යන්තර බලවේග කෙරෙන් එල්ලවෙමින් පවතින එදිරිවාදී ප්‍රතිචාරයයි. මෙයින් මාස හයකට පමණ පෙර චීන විදේශ ඇමතිවරයා මෙන්ම ඇමෙරිකානු රාජ්‍යලේකම් වරයාත් 'එකට එකමෙන්' සති කීපයක් ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කළහ. චීන ආරක්ෂක ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිටුපස "විශේෂ හේතුවක්" 'පිබිදුන චීන යෝධයා' ආසියා-ශාන්තිකර කලාපයේ අතපය දිගහැරීමත් සමඟ කලාපයේ බලවතුන් පමණක් නොව බේජිං පිළිවෙත සමඟ ගැටෙන වෙනත් බලවතුන් ද සාකච්ඡා මට්ටමින් ඔබ්බට ගොස් සංවිධානාත්මක මට්ටමින් පෙරට පැමිණ ඇත. ශ්‍රී ලංකාව ගත්විට රටක් හැටියට එම විරසකයට ගොදුරුවන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන්ම නොවේ. සහශ්‍රය ආරම්භ වීමෙන් අනතුරුව ඉන්දියානු සාගරය මැද පිහිටා ඇති කුඩා දිවයින තුළ ආරම්භ කෙරුණ මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් සියල්ලම මෙන් චීනය කේන්ද්‍ර කරගත් චීන ආයෝජන මත යැපෙන තත්වයකට පත්වීමත් සමඟය. මත්තල ගුවන් තොටුපොල සහ කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට අහිමි වූ අතර ජපානයත් සමඟ ඇතිකරගත් 'සැහැල්ලු දුම්රිය' ව්‍යාපෘතියත් අහෝසි කරනු ලැබුණි. දැන් පෙනෙන්නේ ඊතලයේ තුඩ පමණක් බවත් මෙහි සමස්තය වඩාත් ගැඹුරින් නිරීක්‍ෂණය කළයුතු බවත් හිටපු තානාපති, ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි. "කොළඹ වරාය ව්‍යාපෘතිය නිසාම නොවෙයි," යනුවෙන් අවධාරණය කරමින් ඔහු සිය අදහස් දැක්වීම ආරම්භ කළේය. "හැබැයි, ලංකාව නොබැඳි පිළිවෙතක පිහිටා සිට දැන් තරඟකාරී බල කඳවුරු දෙකකින් එක පැත්තකට යොමුවීම ගත්තොත් ඒ අනුව බලන විට, ඔව්... වරාය නගරයත් යම් වෙනසක්, විචල්‍යයක් බවට පත්වෙන්න පුළුවන්. නැත්නම්, ඒ පරිවර්තනයේ එක ප්‍රපංචයක් වශයෙන් 'පෝර්ට් සිටිය' සලකන්න පුළුවන්" ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සිංහල සේවය කළ විමසීමක දී වැඩිදුරටත් පැවසීය. "ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් හැටියට නිදහසින් පසුව අනුගමනය කරන ලද නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තියේ වෙනසක් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ සිදුවෙමින් පවතින බවත් ජනාධිපතිවරයා හිටපු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙන් සාම්ප්‍රධායික සබඳතා ජාලයෙන් ඉවත්ව කටයුතු කරන" බවත් ඔහු පෙන්වා දෙයි. "විදේශ ප්‍රතිපත්ති අංශයේ කලින් අනුගමනය කරමින් තිබුණ සාම්ප්‍රධායික ප්‍රතිපත්ති රාමුවෙන් ඉවත්ව දැන් චීන සාධකය නිසා බරපතල වෙනසක් සිදුවෙමින් පවතිනවා" ආචාර්ය ජයතිලක පවසයි. මේ අතර කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සහයෝගය දක්වන අතරම ශ්‍රී ලංකා-චීන සුවිශේෂී සබඳතා අගයකරන වත්මන් පොදු පෙරමුණු රජයේ පාර්ශ්වකරුවකු වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය "ශ්‍රී ලංකාව චීනයට කිට්ටුවීම දකින්නේ ශුභවාදී වර්ධනයක්" ලෙසය. තම පක්‍ෂය වරාය නගර ව්‍යාපෘතියට උපරිම සහයෝගය දක්වන බව එම පක්‍ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයකු වූ ඩිව් ගුණසේකර ප්‍රකාශ කළ බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි. ඉන්දීය සහ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරුන්ගේ හමුවක් ශ්‍රී ලංකාව මේ ගමනේ දී 'චීන කොලනියක්' බවට පත්විය හැකි බවට සමාජයේ ඇතැම් කොටස් මතුකරන සැකය සහ දකුණු ආසියානු කලාපයේ භූ දේශපාලන සැකැස්ම වෙනස්කෙරෙන "චීන ව්‍යාප්තවාදයක්" ගැන පළවෙමින් පවතින මතවාදය ගැන බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ "තම පක්‍ෂය එම මතය බැහැර කරන බවත්, චීනය දකුණු ආසියාව තුළ පමණක් නොව සමස්ත ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු කලාපයන්හි පමණක් නොව යුරෝපයේ පවා ආර්ථික සබඳතා පවත්වන" බව සදහන් කළේය. "අද ලෝකයේ බලවත්ම ආර්ථික හැකියාව සහිත රට චීනය. චීනය ශ්‍රී ලංකාව වගේ රටවල් සමඟ පමණක් නොවෙයි, ඔස්ට්‍රේලියාව,ජපානය සහ දකුණු කොරියාව වගේ ධනවාදී කඳවුරේ රටවල් සමඟත් ආර්ථික සබඳතා පවත්වනවා. පසුගියදා චීනය ආර්ථික ගිවිසුම් අත්සන් කළ රටවල් දහයට ඔස්ට්‍රේලියාවත් ඇතුළත්. ඒ නිසා චීනය දකුණු ආසියාවේ මැදිහත්වීම කලාපයේ දේශපාලන සිතියම වෙනස් කිරීමට හේතුවෙන බවට පළවෙන අදහස් සමඟ අපට එකඟවෙන්න බැහැ" ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා පවසයි. ඉදි කෙරෙමින් පවතින කොළඹ වරාය නගරය එහෙත් ආචාර්ය දයාන් ජයතිලක මෙම සංවාදය තවත් ඉදිරියට ගෙනයමින් කියා සිටින්නේ, "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ බණ්ඩාරනායක පරපුරේ දේශපාලකයන් පමණක් නොව 2019 තෙක් බලයට පත් සියලුම දේශපාලන පක්ෂ විසින් අනුගමනය කරන ලද පිළිවෙතේ වෙනසක් සිදුකරමින් වත්මන් ජනාධිපතිවරයා චීන රාජ්‍යයෙන් නොව පාලක කොමියුනිස්ට් පක්ෂයෙන් පාඩම් ඉගෙණීමට යොමුවී සිටින" බවයි. "මෙය ප්‍රකාශයට පත්වන්නේ කොළඹ සිටින චීන ජනාධිපතිවරයාගේ ලිපි මගින් 'Daily FT' පුවත්පතට සපයන ලද ලිපියක් මගින් තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා, පසුගිය මාර්තු 29 දින දෙපාර්ශ්වය අතර පැවැති දුරකථන සාකච්ඡාවේ දී චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ එම ආණ්ඩුවේ අත්දැකීම් ඉගනීමට තමාගේ විශේෂ කැමැත්තක් ඇති බව ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපති ජි ෂින් පිං සමඟ සඳහන් කළ බවක්. ලංකාව කොතරම් චීනයට ලංව සිටියත් මින්පෙර කිසිම නායකයෙක් චීන කොම්යුනිස්ට් පක්ෂයේ ආණ්ඩුකරණය ගැන ටියුෂන් ගැනීමට ඉදිරිපත්වෙලා නැහැ" ආචාර්ය ජයතිලක සඳහන් කළේය. "එය ශ්‍රී ලංකා-චීන සමීකරණයේ වෙනස්වීමක්. ඒ අනුව චීන සබඳතා අනිත් සබඳතා ඉක්මවා යමින් පවතිනවා. ඒ සමඟ සිදුවෙන්නේ ඉන්දියානු සම්බන්ධය පහත වැටීම" ආචාර්ය දයාන් ජයතිලක නිගමනය කරයි. ආචාර්ය දයාන් ජයතිලක (මැද) රුසියාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය "අද ලෝකයේ ලොකුම නිෂ්පාදකයා, ආයාත සහ නිර්යාත ආර්ථිකයේ හිමිකරු වන්නේ චීනය. ලොකුම විදේශ සංචිත ප්‍රමාණය අයත් රටත් චීනය. එම ආර්ථිකය පාලනය කරන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය විසින්. ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණ සමාජවාදී රටක්, සමාජවාදී සමාජ ක්‍රමයක් නිර්මාණය කරනු ලැබීම. එය ඉලක්ක සහගත සැලසුම් සහගත් ගමනක්. ඒ සම්බන්ධයෙන් ධනවාදී ලෝකය තුළ මනාපයක් නැහැ. තියෙන්නේ භීතියක්" යනුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ පැවසීය. එවැනි පසුබිමක් යටතේ එකී ධනවාදී ලෝකය, කලාපයට පිවිසීමට ඉන්දියාව දොරටුවක් කර ගැනීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටින්නේදැයි විමසු විට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ, කලින් නේරු සහ ගාන්ධිවරුන්ගේ පාලන සමයන්හි ඉන්දීය නායකයන් විසින් අනුගමනය කරන ලද ප්‍රගතිශීලී නිදහස් සහ නොබැඳි පිළිවෙත මේවනවිට අංශක 180කින් වෙනස්ව ඇති බවය. "මෝදි පාලනය යටතේ එය වේගවත් වුනා. අන්න එතැනින් තමයි, කලාපයේ භූ දේශපාලන සැකැස්මට බලපාන මට්ටමින් පිටස්තර බලවේග ප්‍රවේශ වෙන්නේ. ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ ශාන්තිකර කලාප වැඩසටහනට ඉන්දියාවත් ඈඳාගත්තා. ඉන්දියාව විතරක් නොවෙයි, අනිත් පැත්තෙන් වියට්නාමයත් ඊට එකතුකර ගැනීමට ඇමෙරිකාව උත්සාහ කළා," එහෙත් මේ මොහොතේ කලාපීය භූදේශපාලනයට සෘජුව බලපාන දේශපාලන ත්‍රිකෝණයක් නිර්මාණය වෙමින් පවතින බව ආචාර්ය දයාන් ජයතිලකගේ තක්සේරුව වී ඇත. හිටපු තානාපතිවරයා පවසන පරිදි එම ත්‍රිකෝණය නිර්මාණය වන්නේ චීනය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් තුනේ දිසානතිය අනුවයි. "ඇත්තෙන්ම මෙය කලාපයේ අලුත් භූ දේශපාලන රටාවක්. එය ගොඩනැගෙන්නේ බේජිං, ඉස්ලාමාබාද් සහ කොළඹ පාලනයේ උවමනාව අනුවයි" ආචාර්ය ජයතිලක පවසයි. "මේ ප්‍රවනතාව ඉන්දියාව කොයි විධියට දකීවිද යන්න අපි තවම දන්නේ නැහැ. අනිත් අතින් චීනය සිය තරඟකරුවන් හෝ පසමිතුරන් ලෙස සලකන රටවල් කලාපයට ප්‍රවේශවෙමින් සිටිනවා. අපි දේශපාලන චතුරශ්‍රය ලෙස හඳුන්වන එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළත් 'QUAD' රටවල් ආසියා-ශාන්තිකර කලාපයට පිවිසෙන විට සේද මාවතේ ගමන්ගනිමින් සිටින බේජිං ව්‍යාපෘතිය එකට මුණගැසෙන්න පුළුවන්," චීනය ආසියා-ශාන්තිකර කලාපය තුළ පමණක් නොව අප්‍රිකාව ඇතුළු පුළුල් ලෝක වපසරියක සිය ආයෝජන වපුරමින් සිටින අතරවාරයේ කලාපයේ අධිපත්‍යය සඳහා කටයුතු කරන "වෙනත් කණ්ඩායම්" ගැනත් සඳහන් කර ඇති අතර එමගින් ඔවුන් අදහස් කරන්නේ ඉහත කී "චතුරශ්‍රය" විය හැකිය. දකුණු ආසියාව තම "වැයික්කිය" ලෙස සලකන ඉන්දියාව නව තත්වයන් අනුව ඇමෙරිකානු කඳවුරට වේගයෙන් සමීපවීමේ ලෝක දේශපාලන රටාවක් ඇතිවිය හැකි බවත් ආචාර්ය දයාන් ජයතිලක පවසයි. වෛද්‍ය ජී වීරසිංහ ශ්‍රී ලංකාව කිසිදු බලවතකු සමඟ සන්ධානගත වීමකින් තොරව දුරස්ථ සම්බන්ධයක් පවත්වා ගනු ලැබීම මූලෝපායී වශයෙන් වැදගත් ක්‍රියාමාර්ගයක් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ පවසයි. ඉහත කී හැඩගැසීම් ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම කෙරෙහි සෘජුව බලපාන ආකාරය සම්බන්ධයෙන් බීබීසිය ප්‍රශ්නයක් යොමුකළ විට ඊට පිළිතුරු දුන් ආචාර්ය දයාන් ජයතිලක, "එය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පාලනය විසින් ගනු ලබන තීන්දුවලට සමාන්තරව" යයි සඳහන් කළේය. "උදාහරණයක් විධියට ලංකාව පළාත් සභා ක්‍රමය අහෝසි කළොත්, එහි බලතල අඩු කළොත් ඒක තමිල්නාඩුවේ අප්‍රසාදයට හේතුවෙනවා. ඒ සමඟ එම බලපෑමට නව දිල්ලියට බලපෑමක් වෙනවා. 1980 දශකයේ ඉන්දියාව උතුරු-නැගෙනහිර ප්‍රශ්නවලදී ගත් පියවර අමතක කරන්න නරකයි," "අපේ තක්සේරුව අනුවත් එවැනි අනතුරක් අපි දකිනවා" ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා ද පවසයි. "ඇත්තෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාවේ භූ දේශපාලන සැකැස්මට බලපාන මට්ටමින් සහභාගී වන්නේනම්, ඒ සඳහා එවැනි සංවේදී කරුණු ඊට බලපාන" බව වෛද්‍ය ජී වීරසිංහ පෙන්වා දෙයි. "2009 වසරේ යුද්ධය නිමවුනත් දමිළ ජනයාගේ බලාපොරොත්තු ඉටුවුණේ නැහැ. ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමෙන් ස්ථාපනය කෙරුණ උතුරු-නැගෙනහිර පළාත් සභාව වෙන්කෙරුනා. අද පළාත්සභා අක්‍රීයයි .කොමිෂන් සභා විසින් නිර්දේශ කරන ලද යෝජනා ක්‍රියාත්මක කෙරුණේ නැහැ. දමිළ ජනයාගේ සමාජ-ආර්ථික ගැටලු උග්‍රවෙමින් පවතිනවා. එවැනි පරිසරයක් තුළ නැගෙන විරෝධය ඉන්දියාව වැනි බලවේගයන්ට පිවිසිය හැකි මට්ටමින් නරක දිශාවකට ගමන් ගැනීමට පවතින ඉඩකඩ අපි තේරුම් ගන්නවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තවත් තොරතුරු;
චීන ආරක්‍ෂක ඇමතිවරයාගේ දින දෙකක ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ කුමක්දැයි යන විවාදය අතරතුර චීනයේ විදේශ අමාත්‍යවරයා ද ලබන මස මෙරට සංචාරයක නිරතවීමට නියමිත බවට වාර්තා වෙයි. අසල්වැසි රාජ්‍යයට චීනයේ ප්‍රධානපෙලේ දේශපාලනඥයෙකුගේ සංචාරය සම්බන්ධයෙන් නව දිල්ලිය දැඩි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි ලෝකය බලා සිටිය ද එවැන්නක් මෙතෙක් සිදු නොවුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාස්කු ඉරිදා දිනයේ දී සිදුවූ ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරවලින් කුඩා දරුවන් රැසක් ජීවිතක්ෂයට පත් වූහ. සිය දේවස්ථානයේ පැවැත්වෙන වඩාත් ම වැදගත් දේව මෙහෙයකට සහභාගි වීම සඳහා තමන්ට ඇති හොඳ ම ඇඳුමින් සැරසී එසේ පැමිණියේ දශකයක කාලයක් පුරා ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක හැදී වැඩුණු දරුවන්ය. ඔවුන්ගේ කතා මෙම ප්‍රහාරයේ තරම වටහා ගැනීමට මග විවර කරනු ඇත. සුරතල් දැරියක වූ ස්නේහා සවින්ද්‍රි ප්‍රනාන්දු පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වීම සඳහා මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත ගොස් තිබිණි. ඇය සති කිහිපයක් පුරා සතුටින් සැලසුම් කරමින් සිට ඇත්තේ, සිය 13 වන උපන් දිනය සැමරීම ගැනය. එහෙත්, ඒ දිනය සැමරීමට ඇයට අවස්ථාවක් හිමි නොවිණි. ස්නේහා තවත් සති කිහිපයකින් සිය 13 වන උපන් දිනය සැමරීමට සැලසුම් කරමින් සිටියාය. "එයා පුංචි කිරිල්ලියක් වගේ හිටියේ. එයා නැටුම්වලට ගොඩක් කැමැත්තෙන් හිටියා. ඕන දේකට එයා නැටුවා. කවුරු හරි එයාට නටලා පෙන්නන්න කිව්වොත්, එයා සාරියක් හරි දිග සායක් හරි ඇඳගෙන නටලා පෙන්නනවා," ස්නේහාගේ මව වන නිරාශා ප්‍රනාන්දු පැවසීය. ස්නේහා, ඇගේ මව, ඔවුන්ගේ අසල්වාසීන් වන ගයානි සහ ටිරෝන් දේවස්ථානය වෙත ගියේ ටිරෝන්ගේ ත්‍රිරෝද රථයෙනි. එහෙත්, යළි පැමිණියේ, ස්නේහාගේ මව වන නිරාශා පමණි. කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ළමුන් රැසක් අතර ස්නේහා ද වූවාය. දේවස්ථාන සහ හෝටල්වලට එල්ල වූ සෙසු මරාගෙන මැරෙන ප්‍රහාරවල ද තත්ත්වය එසේ ම විය. ප්‍රහාර එල්ල වූ දේවස්ථාන වෙත ළඟා වූ සැණින් ඒවායෙහි රැඳී සිටි පුද්ගලයින් මා සමග පළමුවෙන් ම පැවසූ කරුණ වූයේ, ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා ළමුන් විශාල පිරිසක් වන බවය. ප්‍රධාන ආගමික උත්සවයක් වෙනුවෙන් පැවති උදෑසන දේව මෙහෙය මෙන්ම ශ්‍රී ලාංකීය වූ උදෑසන ආහාරය වෙනුවෙන් පවුල් එක්රැස් වන හෝටල්, බෝම්බකරුවන්ගේ ඉලක්කය වීමෙන් මේ කුඩා දරුවෝ ද එම ඉලක්කයට ගොදුරු වූහ. ස්නේහාගේ මව, නිරාශා ඇයගේ දියණියගේ ඡායාරූපය දෙස වේදනාවෙන් බලා සිටී. බෝම්බයක කැබැල්ලක් ඇයගේ උඩු තොල මත ඇති කළ කැළල, ඇයට අහිමි වූවන් සදා මතකයට නගන ස්ථිර ශරීර සලකුණක් වනු ඇත. "අපි එයාට ගෙදරට කිව්වේ දෝණි කියලා. එයා මගේ පළවෙනි දරුවා. මම එයාව උකුළේ තියාගෙන නිදි කළා. මගේ අත්වලින් වඩාගෙන හැදුවා. මම එයාව හැදුවේ වැඩුවේ ගොඩක් ආදරයෙන්. ඒත් දැන් එයා මාව දාලා ගිහින්." බෝම්බය පුපුරන අවස්ථාවේ ඔවුන් දේවස්ථානයේ තුන් වන බංකු පේළියේ අසුන්ගෙන සිට ඇත. සනේහාගේ සිරුරට බෝම්බ ප්‍රහාරයෙන් දැඩි හානි සිදුව තිබූ අතර, ඇයගේ මෘත දේහය නිවසට රැගෙන එන ලද්දේ මුද්‍රා තැබූ පෙට්ටියකය. "මට මගේ දුවගේ මූණ දැකගන්නවත් බැරි වුණා," නිරාශා හිස් බැල්මකින් පැවසීය. බෝම්බයක කැබැල්ලක් ඇයගේ උඩු තොල මත ඇති කළ කැළල, ඇයට අහිමි වූවන් සදා මතකයට නගන ස්ථිර ශරීර සලකුණක් වනු ඇත. මීගමුවේ තවත් නිවසක දරාගත නොහැකි දර්ශනයක් දැකගත හැකි විය. එකිනෙකට සමීපව මෘත දේහ හතරක් තබා තිබිණි. ඉන් මෘත දේහ තුනක් දරුවන්ගේය. රෂිනි ප්‍රවීෂා (අවු: 14), ෂැලෝමි හිමායා (අවු: 09) සහ ෂැලෝම් ෂතිස්ක (අවු: 07) එම දරුවන්ය. ඔවුන්ගේ ඥාතීන් වැළ නොකැඩී නිවසට පිවිසෙන්නේ, ඇදහිය නොහැකි මේ සත්‍යය තහවුරු කර ගැනීමට මෙනි. එහි පැමිණි වැඩිමහල් කාන්තාවක හිටි හැටියේ වේදනාවෙන් කෑගැසුවේ, අවසිහියෙන් මෙනි. "ෂැලෝම්! ෂැලෝම්! අපේ පොඩි ම පුතා, අපේ පුතා," ඇය කෑගසයි. ඇය එම පුතණුවන්ගේ මෘත දේහය තැන්පත් කර තිබූ පෙට්ටිය මතට වැටී සිටී. "හැම තිස්සේ ම ඔයා දඟ වැඩ කළා. නැගිටින්න මගේ පුතේ, අනේ නැගිටින්න!" ඇය කෑගසද්දී ම ඥාතීන් කිහිප දෙනෙක් පැමිණ ඇය වත්තම් කරගෙන ගියහ. ශ්‍රී ලංකාවේ තවත් පැත්තක පිහිටි මඩකලපුවේ තත්ත්වය ද එසේ මය. මීගමුවේ මෙන් මඩකලපුවේ ද මිය ගිය අය ස්මරණය කරමින් ලෙල දෙන කොඩි සහ පුවරුවලින් පිරී තිබේ. එහි ද දරුවන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබිණි. 'එයා වතුර බොන්න ගියා' එම පුවරු අතර 13 හැවිරිදි ජෝන් ජේසුරන් ජයරත්නම් නමැති දරුවා වෙනුවෙන් සැකසූ පුවරුවෙහි, ඔහු රතු පැහැති කමිසයකින් සැරසී සිටියේය. ඔහු ඉරිදා දහම් පාසල නිම කර දේවස්ථානයේ රැඳී සිට ඇත. ඔහුගේ මව බීබීසී පුවත් සේවයට පැවසුවේ, පාස්කු දේව මෙහෙයට සහභාගි වීම සඳහා සියොන් දේවස්ථානයට පිවිසීමට සිය දරුවා සමග එහි රැඳී සිටි බවය. ඇගේ දරුවා ඇයගේ අවසරය පිට පිපාසයට ජලය පානය කිරීම සඳහා ගොස් තිබිණි. ඇය සිය දරුවා දුටු අවසන් මොහොත එය විය. ජෝන්ගේ නිවසින් පිටත බිත්තියකට සවි කර ඇති පැසිපන්දු වළල්ලක් සුළඟට පැද්දෙමින් තිබේ. 13 හැවිරිදි ජෝන් ජේසුරන් ජයරත්නම් නමැති දරුවා වෙනුවෙන් සැකසූ පුවරුවෙහි ඔහු රතු පැහැති කමිසයකින් සැරසී සිටියේය. "පුතා බාස්කට්බෝල්වලට ගොඩක් කැමැත්තෙන් හිටියා. එයා මෙතන ඉඳගෙන සෙල්ලම් කරන හැටි බලාගෙන ඉන්න මම පුරුදු වෙලා හිටියා," ඔහුගේ මව සාලයේ ජනේලයෙන් පිටත බලාගෙන පැවසීය. ඇගේ දරුවන් තිදෙනාගෙන් බාලයා වූ ජෝන් දේව මෙහෙයන්වලට නිරන්තරයෙන් සහභාගි වූ දරුවෙකි. මෙම ප්‍රහාරයේ විශේෂ කරුණක් වූයේ, ශ්‍රී ලාංකිකයින්ට දරුවන් විශාල පිරිසක් අහිමි වීමයි. මේ වන විට කතාබහට ලක්වන්නේ බෝම්බකරුවන්ට වඩා කුඩා දරුවන් ගැනය. ප්‍රහාර එල්ල වීමෙන් දින කිහිපයක් ගත වෙද්දී දරුවන් සම්බන්ධයෙන් සිදු කෙරුණු වැඩසටහන් පිළිබඳව වට්ස්ඇප් සහ ෆේස්බුක් ඔස්සේ හුවමාරු වීම ආරම්භ විය. ඒවායෙහි, ජීවිතක්ෂයට පත්වූ දරුවන් පිළිබඳ කතා අන්තර්ගත විය. ඒවාහි සඳහන් වූයේ, බෝම්බ පිපිරීම් සිදු වන අවස්ථාවේ දරුවන් ඉදිරියට ගෙන ආශීර්වාද කරමින් සිට ඇති බවය. නැතහොත් ගීතිකා කණ්ඩායම දේව ගෘහය ඉදිරියේ රැස්ව සිටි අවස්ථාවේ බෝම්බ පුපුරා ගිය බවය. මේ තොරතුරු තහවුරු කිරීම දුෂ්කරය. එහෙත්, ඇතැම් කතාවලට යම් පදනමක් ඇති බව පෙනේ. මීගමුව ප්‍රහාරයෙන් දිවි බේරා ගත් පුද්ගලයෙකු මා සමග පැවසුවේ, කාන්තාවන් සහ දරුවන් වැඩි වශයෙන් මිය යාමට හේතුව ඔවුන් දේවස්ථානය තුළ අසුන්ගෙන සිටි නිසා බවය. දේවස්ථානය තුළ විදුලි පංකා ඇති හෙයින් පිටතට වඩා ඇතුළත යම් සිසිල්බවක් තිබුණ නිසා පිරිමි පුද්ගලයින් පිටත අසුන්ගෙන සිට ඇත. කෙසේ වෙතත්, දරුවන් පිළිබඳ කතා ව්‍යාප්ත වීම තවදුරටත් සිදු වෙයි. පළමු 'අහිංසක' පරම්පරාව උපදේශන මානෝ චිකිත්සක නිවේන්ද්‍ර උඩුමාන් පවසන්නේ, දරුවන් පිළිබඳ කතා විවිධ හේතු මත ගොඩ නැගෙන බවය. අර්බුදයක් පවතින අවස්ථාවක යම් සහනයක් ළඟා කර ගැනීමට එය ප්‍රයෝජනවත් බව ඔහු පවසයි. හේතුව කුමක් වුව ද, ඒවා මහජන අවධානය යොමු වුණු අහිංසකත්වයේ සංකේත විය. මෙම දරුවන් ශ්‍රී ලංකාවේ පළමු "අහිංසක" පරම්පරාව නියෝජනය කළ අය වූහ. යුද්ධය, බෙදීම් සහ කෲරත්වය ඔවුන්ගේ දෛනික ජීවිතයට බද්ධ වී නොතිබිණි. රජයේ හමුදා සහ බෙදුම්වාදීන් අතර වසර 30ක් පුරා පැවති සිවිල් යුද්ධය නිමවී 10 වන වසර සැමරීමට තිබුණේ, තවත් සති කිහිපයකි. කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසන්නේ, පසුගිය දා එල්ල වූ බෝම්බ ප්‍රහාරය අතීතය අමිහිරි මතක ආවර්ජනයක් බවය. "මේ ඔක්කොම දරුවන්. ඔවුන්ට ජාතියක් හෝ ආගමක් නැහැ. අපි අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නා, ඒ වගේ ම සුනාමිය. අපි ගොඩක් අමිහිරි දේවල්වලට මුහුණ දුන්නා. අපි හැම අවස්ථාවක ම ඉවසීමෙන් අපේ රෝගීන් වෙනුවෙන් හැකි උපරිමය කළා. අපිට කරන්න පුළුවන් එපමණයි." රෝහල් වාට්ටු තුළ තත්ත්වය ද එලෙස ම සංවේදී වේ. "මට මේවා හුරුයි. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජීවිත අහිමි වන මිනිස්සු ගැන අපි මාධ්‍යවලින් දැකල තියෙනවා. ඒත් මම මේක මගේ දරුවාට පැහැදිලි කරන්නේ කොහොම ද? එයා මේවා දරා ගන්නේ කොහොම ද?," සිය දරුවා රෝහල් ඇඳක තබාගෙන බලා සිටින වසන්තා ප්‍රනාන්දු මගෙන් ඇසීය. 7 හැවිරිදි අකලංක මීගමුව ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවෙකි 7 හැවිරිදි අකලංක මීගමුව ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවෙකි. යකඩ බෝලයක් ඔහුගේ පාදය පසාරු කරගෙන ගොස් මාංශ පේශීවල සිර වී තිබේ. එහෙත්, තමන් රෝහල තුළ ප්‍රතිකාර ලබන්නේ, ඇයි ද යන්න පිළිබඳව එම දරුවාට පැහැදිලි අදහසක් නැත. "අපි බෝම්බය කියන වචනය කියනව එයාට ඇහිලා තියෙනවා. එයා අහනවා ඒ වචනේ තේරුම මොකක් ද කියලා. මම කිව්වා ඒක රතිඤ්ඤා වගේ ගොඩක් සද්දය ඇහෙන දෙයක් කියලා. එයා දන්නේ නෑ, ඒකෙන් මිනිස්සුන්ට තුවාල වෙන බව හෝ මැරෙන බව. ඒත් මට මොනවා හරි කියන්න වෙනවා. මොකද, එයාගේ යාළුවෝ ගොඩක් දෙනෙක් ඒ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියා," වසන්තා ප්‍රනාන්දු පවසයි. කට කතා නිසා දරුවන්ට බිය මෙවැනි ප්‍රහාරයන්ගේ කෲරත්වයට මුහුණ පෑ ජනතාවක් මුහුණ දෙන දෙවන බරපතළ අභියෝගය මෙය වේ. ඔවුන් සිය දරුවන්ට මෙය පැහැදිලි කර දෙන්නේ කෙසේ ද? මඩකලපුව රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගදම්බනාදන්, ප්‍රහාරය එල්ල වී සුළු මොහොතකට පසු, තුවාල ලැබූ දරුවන් බැලීමට ගොස් තිබිණි. ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් හදිසි අභියෝග රැසක් හඳුනාගනු ලැබ තිබිණි. කලබලයට පත්ව සිටීම, නිදා ගැනීමට දුෂ්කර වීම, තුවාල නිසා මුහුණේ ඇති වූ කැළැල් පිළිබඳව කනගාටු වීම, දරුවන් අහිමි වීම නිසා දුකෙන් තැවෙමින් සිටින දෙමාපියන්ගේ සෙසු දරුවන් හුදෙකලා වීම එවැනි අභියෝග කිහිපයකි. මෙවැනි සිද්ධිවලදී එය දරුවන්ට පහදා දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශන මාලාවක් යුනිසෙෆ් ඇතුළු ආයතන රැසක් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් දෙමාපියන්, රෝහල් සේවකයින් මෙන් ම ගුරුවරුන් ද දැනුවත් කර තිබේ. දරුවන් යළි පාසල් පැමිණි පසු ඔවුන්ට සහය වීමට ගුරුවරුන්ට අවස්ථාවක් සැලසෙන බව විශේෂඥයෝ පවසති. කොළඹ පිහිටි පාසලක අවුරුදු 7 සහ 12 අතර දරුවන්ට ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරුවරියක වන දයානි සමරකෝන් සිය දරුවන් යළි පාසල් පැමිණි පසු ඔවුන්ට සහය වන ආකාරය සැලසුම් කරමින් සිටී. "ගොඩක් කුඩා දරුවන් දන්නේ නෑ මොකක් වුණා ද කියලා. මම ඔවුන්ගෙන් අහනවා, මොනවා ද වුණේ කියලා. සමහර අය ඇත්ත සිද්ධිය කියයි. සමහර අය තමන්ට ඇසුණ දේවල් කියයි. ඒත් වැදගත් ම දේ තමයි ඔවුන්ගේ බියට ඇහුම්කන් දෙන එක," ඇය පැවසුවාය. 'එක් කෙනෙකුටවත් ඉන්න බැරි වුණේ ඇයි?' මේ අතර, අහිමි වීම් සහ අවමංග්‍ය උත්සව තවමත් සිදු වෙමින් පවතී. මීගමුව දෙසට යළි හැරෙමු. කාන්තාවක් වේදනාවෙන් සිය පපු ප්‍රදේශයට දෑතින් ගසා ගනිමින් කෑගසයි. ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ ප්‍රහාරයෙන් ඇයට සිය සැමියා පමණක් නොව දරුවන් සියලු දෙනා ද අහිමි වී තිබේ. ඇයගේ දියණිය සචිනි අප්පුහාමි 21 හැවිරිදි වූ අතර, පුත්‍රයා වූ විමුක්ති 14 හැවිරිදි වියේ පසු විය. සචිනි සහ විමුක්ති කුඩා කාලයේ ගත් ඡායාරූපයක් ඇයගේ ස්වාමියාගේ සොහොයුරා වන ජූඩ් ප්‍රසාද් පැවසුවේ, එම දරුවන් ඉගෙනීමෙහි දක්ෂතා දක්වමින් සිටි බවය. "ඒ දරුවන්ව ක්‍රීඩාවලට යොමු කරන්න ගොඩක් උත්සහ කළා. ඒත් ඒගොල්ලෝ කැමැත්තක් දැක්වූවේ පොත්වලට," ඔහු පැවසීය. කෙසේ වෙතත්, විමුක්ති සංගීතය දැඩි ඇල්මක් දැක්වූ බව ඔහු සඳහන් කළේය. "5 වසර ශිෂ්‍යත්ව විභාගය පාස් වුණාට පස්සේ එයා තාත්තාගෙන් ඉල්ලුවා මෙන්න මේක," ඔහු ඩ්‍රම්ස් වාදන කට්ටලයක් පෙන්වමින් පැවසීය. "මගේ සහෝදරයයි මමයි වෙන්නප්පුවට ගියා ඒක ගේන්න. එයා ඒකට ගොඩක් කැමති වුණා." ඒ මොහොතේ, නිවස තුළට පිවිසි තවත් ඥාති කාන්තාවක් බිත්තියේ සවි කර තිබූ ඔවුන්ගේ පවුලේ ඡායාරූපයක් වෙත ඇවිද ගියාය. ඇය එම දරුවන් කුඩා කල ගන්නා ලද ඡායාරූපයක එම දරුවන්ගේ මුහුණු අත ගාමින් සිටියාය. "ඔයාලාගේ අම්මා වෙනුවෙන් එක් කෙනෙකුට හරි ජීවත් වෙන්න බැරි වුණේ ඇයි පුතේ? ඇයි එක් කෙනෙක්වත් හිටියේ නැත්තේ?," ඇය කෑගසා හඬන්නට වූවාය. (මඩකලපුවේ සිට වැඩි විස්තර ලබා දෙන ලද්දේ බීබීසීයේ රාජිනි වෛද්‍යනාදන් විසිනි.)
(බීබීසී පුවත් සේවයේ අයේෂා පෙරේරා සකස් කළ වාර්තාවක සිංහල පරිවර්තනයකි.)
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලන්ඩන් නගරයේ කෞතුකාගාර, රඟහල්, සිනමාශාලා මෙන්ම ආපනශාලාවලට ද විශ්වවිද්‍යාල සිසුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. QS උසස් අධ්‍යාපන දත්ත විශ්ලේෂකයන් ඉදිරිපත් කරන තොරතුරු අනුව, විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපන හැදෑරීමට ලෝකයේ හොඳම නගර තිහක් නම් කර ඇති අතර, මෙතෙක් කල් මෙම ලැයිස්තුවේ ඉහළින් තිබුණේ පැරිස් සහ මොන්ට්‍රියල් නගර දෙකයි. ඒ ඒ නගර තුළ පිහිටා ඇති විශ්විද්‍යාලවල මට්ටම , රැකියා අවස්ථා, සංස්කෘතික විවිධත්වය සහ ජීවිතයේ ගුණාත්මක බව ඉහත කී සමීක්‍ෂණයේ දී සැලකිල්ලට ගෙන ඇත. නමුත් වියදම අතින් බලන විට ලන්ඩන් නගරය සිසුන්ට අසීරු නගරයක් වන බව හෙළි වී ඇත. ඉහත කී QS සමීක්‍ෂණයේ දී විශ්ව විද්‍යාලයන්හි ආයතනික ගුණාත්මක බවට වඩා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව විශ්ව විද්‍යාලවලට හිමි ශ්‍රේණීන් සැලකිල්ලට ගනු ලැබ ඇත. සිසුන් සඳහා ප්‍රධාන නගරවල ඇති වාසි සහ අවාසි මෙන්ම ඇතැම් ආකර්ෂණීය කාරණා සංඛ්‍යා දත්ත සහිතව විශ්ලේෂණය කිරීමේ උත්සාහයක් වශයෙන්, සිසුන් පනස් දහසකගේ අදහස් ඇතුළත් සමීක්ෂණයක ප්‍රතිඵල එම සැසඳීමට ඇතුළත් වෙයි. බහුවිධ සංස්කෘතික නගරයක් ඉම්පීරියල් කොලීජිය , ලන්ඩන් විශ්ව විද්‍යාලය, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසල (LSE) සහ 'කිංග්ස් කොලේජ්' ඇතුළු ලෝකයේ ඉතා උසස් තත්වයේ පවතින විශ්ව විද්‍යාල කීපයක් ලන්ඩන් නුවර පිහිටා ඇත. ලන්ඩනය විශ්ව විද්‍යාල සිසුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි කෞතුකාගාර,රංග ශාලා සහ සිනමාහල් මෙන්ම ආපනශාලා සහිත නගරයකි. විදෙස් සිසුන් අවධානය යොමු කරන ප්‍රධානතම කරුණක් වන්නේ විශ්වවිද්‍යාලය පිහිටි ස්ථානය තමන් "ආදරයෙන් පිළිගැනීමයි" සේවායෝජකයන් සමග සම්බන්ධ වී රැකියාවක් ලබා ගැනීමේ පහසුව අතින් ද ලන්ඩන් නගරය කදිම ස්ථානයක් බව බොහෝ සිසුන්ගේ මතය විය. බහු සංස්කෘතික සහ බහු ආගමික ජනතාවක් සහිත ලන්ඩන් නගරය, ජාත්‍යන්තර නගරයක් ලෙස ඉහළ ස්ථානයක් හිමි කරගෙන ඇත. මේ හේතුවෙන් ලන්ඩනයේ වෙසෙන "විදේශීය ශිෂ්‍යයන්ට තනිකමක් හෝ නොසළකා හැරීමක් දැනෙන්නේ නැත" ලන්ඩන් නගරය "ඇස් වලට කඳුළු එන තරමට වියදම වැඩි තැනක් වුණත්, අධ්‍යාපනය හැදෑරීමට නම් එය ඉතා හොඳ ස්ථානයක්," QS පරීක්ෂණ කණ්ඩායමේ අධ්‍යක්ෂ බෙන් සෝටර් පවසයි. මේ තොරතුරුද කියවන්න: තෝකියෝ නගරය ආරක්ෂාව,පරිසරය සහ ගුණාත්මක ජීවන මට්ටම වැනි කරුණු අනුව සරසවි සිසුන් සඳහා ලෝකයේ ඇති දෙවන හොඳම ස්ථානය ජපානයේ තෝකියෝ නගරයයි. "යෝග්‍යතාවය" අනුව ඉහළ ස්ථානයක ඇති ජපානයේ ටෝකියෝ නගරය ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල සඳහා විදේශීය සිසුන් බදවා ගැනීමේ අනුපාතය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. මේ අනුව ඔස්ට්‍රේලියාවේ 'මෙල්බර්න්' සිසුන්ට ගැළපෙන නගර අතර තෙවන ස්ථානයටත් 'සිඩ්නි' නගරය නම වන ස්ථානයටත් පත්ව ඇත. 'සිඩ්නි' සහ 'මෙල්බර්න්' නගර දෙකෙහි සිසුන්ට අනිත් පුද්ගලයන් සමග සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට වැඩි ඉඩ කඩක් පවතී. මෙම තත්වය කැනඩාවේ මෙන්ම නවසීලන්තයේ ද දැකිය හැකිය. කෙසේ වෙතත්, ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථාන හතරම හිමි කර ගනු ලබන්නේ ඇමරිකානු විශ්වවිද්‍යාල වෙති. එහි පළමු තැන හිමිවන්නේ 'මැසචුසෙට්ස්' බහු තාක්ෂණික ආයතනයටයි. 'ආදරයෙන් පිළිගන්නා' නගර එහෙත් "සරසවි සිසු නගර" ලෙස හඳුනාගෙන ඇති පළමු නගර දහයට කිසිදු ඇමරිකානු නගරයක් ඇතුළත්ව නොමැත. නමුත් 'බොස්ටන්' සහ 'නිව්යෝර්ක්' නගර දෙක මෙම ලැයිස්තුවේ පහළ ස්ථානවල දක්නට ලැබෙයි. ජර්මනියේ නගර දෙකක් (බර්ලින් සහ මියුනික්) එම ලැයිස්තුවට ඇතුළත් වෙයි. වසර කීපයක් ලෝකයේ හොඳම "සරසවි සිසු නගරය" වූ පැරිසියට මෙවර හිමිව ඇත්තේ පස් වන ස්ථානයයි. සිඩ්නි සහ මෙල්බර්න් නගර දෙකෙහි සිසුන්ට අනිත් පුද්ගලයන් සමග සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට වැඩි ඉඩකඩක් ඇත. හංගේරියාවේ 'බුඩාපෙස්ට්' සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නගර දෙකත් සිසුන්ට වියහියදම් දැරිය හැකි නගර අතර ඉදිරියෙන් සිටියි. ඉගැන්වීමේ ගුණාත්මක බව මෙන්ම තමන් ආදරයෙන් පිළිගනු ලබන සරසවි පරිසරය විදේශීය සිසුන්ගේ අවධානය යොමු වෙන ප්‍රධානම කරුණු දෙක බව QS කණ්ඩායම මෙම සතියේ පළ කළ වෙනත් අධ්‍යනයක දැක්වෙයි. තවත් තොරතුරු: විදෙස් සිසුන් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් 67,000 ක් නිරීක්ෂණය කිරීමෙන් එකී අධ්‍යනය සිදු කර ඇත. වීසා බලපත් කෙසේ වෙතත්, වීසා බලපත්‍ර ලබා දීමේදී බ්‍රිතාන්‍යය අනුගමනය කරන දැඩි ක්‍රියාපටිපාටිය මතභේදයට තුඩු දී තිබේ. විදෙස් සිසුන්ගෙන් බ්‍රිතාන්‍යයට ලැබෙන වාර්ෂික ආදායම පවුම් බිලියන විස්සක් පමණ බව මෙම වසර මුලදී සිදු කළ අධ්‍යනයකින් හෙළි විය. ලන්ඩන් නගරයෙන් පමණක් පවුම් බිලියන 4.6 ක වාර්ෂික ආදායමක් ලැබේ. 2018 විශ්වවිද්‍යාල සිසුන්ට ජීවත් වීමට සුදුසුම නගර: QS සමීක්‍ෂණය අනුව "හොඳම සරසවි නගර" ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින ස්ථාන තිහ (30) මෙසේ දක්වා ඇත. 1.ලන්ඩන් 2.තෝකියෝ 3.මෙල්බර්න් 4.මොන්ට්‍රියල් 5.පැරිස් 6.මියුනික් 7.බර්ලින් 8.සූරික් 9.සිඩ්නි 10.සෝල් 11.වියානා 12.හොංකොං 13.ටොරොන්ටෝ 14.බොස්ටන් 15.සිංගප්පූරුව 16.එඩින්බ්‍රා 17.වැන්කූවර් 18.නිව්යෝර්ක් 19.කියෝතෝ -ඔසාකා-කෝබ් 20.තායිපේ 21.බ්‍රිස්බේන් 22.කැන්බරා 23.ඕක්ලන්ඩ් 24.මැන්චෙස්ටර් 25.බුවනොස් අයරේස් 26.බේජිං 27.ඇම්ස්ටර්ඩෑම් 28.මොස්කව් 29.ෂැන්හයි 30.ප්‍රාග්
සරසවි සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ලෝකයේ ඇති හොඳම නගරය ලෙස 'ලන්ඩන්' නම් කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙදාහ වසරේ දෙසැම්බර් 19 වෙනි දින පැහැර ගැනීමට ලක් වූ සාමාන්‍ය වැසියන් අට දෙනාගේ මළ සිරුරු පසුව සොයා ගනු ලැබ තිබුණේ වැසිකිළි වලක දමා තිබියදීය. එම ඝාතන සම්බන්ධයෙන් යුද හමුදා භටයන් පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණ අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව ඔවුන්ගෙන් හතර දෙනකුට එරෙහිව සැකයෙන් තොරව පිළිගත හැකි ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොකෙරුණ බව පවසමින් මහාධිකරණය විසින් එම චූදිතයන් හතර දෙනා මුදා හරිනු ලැබුණි. මේ අතර මිනී මැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සාර්ජන්ට් සුනිල් රත්නායක එම චෝදනාවට වරදකරු යයි තීන්දු කළ අධිකරණය ඔහු මරණීය දණ්ඩනයට යටත් කළේය. හතර දෙනකුට නිදහස විත්තිකරු තමාට එරෙහි චෝදනාවලට නිවැරදිකරු වන බව විවෘත අධිකරණ ඉදිරියේ ප්‍රකාශ කළත් මහාධිකරණ විනිසුරුවරුන් විසින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනු ලැබුණි. විත්තියේ නීතිවේදීන් පවසන්නේ අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. රජයේ ආරක්ෂක අංශවලට එරෙහිව ඉදිරිපත් වන චෝදනා ස්වාධීනව විමර්ශනය කල හැකි දේශීය යාන්ත්‍රණයක් තිබෙන බව මෙම තීන්දුව තුලින් සනාථ වන්නේ යැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න කියා සිටියේය.
යාපනයේ සිට කිලෝ මීටර් දහසයක් ඈතින් පිහිටි මිරුසුවිල් ගම්මානයේ දී මෙයින් වසර පහළොවකට පෙර සාමාන්‍ය වැසියන් අට දෙනකු කපා කොටා මරා දමනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සජීවී තොරතුරු වාර්තාව අවසන්. බීබීසී සංදේශය යුරෝපයේ සරණ සොයා පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ගෙන ආ සජීවී විස්තර ප්‍රචාරය නිමා කරන අතර සරණාගත අර්බුදය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න බීබීසී සිංහල වෙබ් අඩවියට. යුරෝපයේ සරණ සොයා පැමිණි දහස් සංඛ්‍යාත පිරිස් තම අපේක්ෂිත ගමනාන්ත වෙත ගමන් කරමින් සිටිති. යුරෝපයේ සරණ සොයා පැමිණි පුද්ගලයන් පිළිබඳ අළුත් ම තත්වය සහ ඡායාරූප බීබීසී සංදේශයෙන්. 18.17 තවත් පිරිසක් මුහුදු මගින් තවත් සංක්‍රමණිකයන් සහ සරණාගතයන් විශාල පිරිසක් තුර්කියේ සිට ග්‍රීසියේ පිරායුස් වරායට පැමිණ සිටින බවයි වාර්තා වෙන්නේ. 18:07 සැතපුම් 10 ක් පා ගමනේ හංගේරියාවේ සිට බීබීසී යේ ගැවින් ලී කියා සිටින්නේ බුඩාෆෙස්ට් දුම්රිය පොළේ සිට ඔස්ට්‍රියානු දේශසීමාව කරා ගමන් කරමින් සිටින සරණාගතයන් 1000 ක් පමණ මේ වන විට සැතපුම් 10 ක් පමණ දුරක් ගමන් කර ඇති බවයි. 16:35 සරණාගතයෝ 5500 ක් වියනා අගනුවරට බලධාරීන් විසින් අමතර දුම්රිය සහ බස් රථ යෙදීමෙන් පසු සරණාගතයන් 5500 කට ආසන්න පිරිසක් ඔස්ට්‍රියාවේ වියනා අගනුවර බටහිර දුම්රිය පොළ වෙත ප්‍රවාහනය කළ බව ඔස්ට්‍රියානු පොලිස් නිලධාරියෙක් බීබීසී යේ බෙන් බ්‍රවුන් ට ප්‍රකාශ කර ඇත. 16:28 බුඩාෆෙස්ට් දුම්රිය පොලේ සියගණනක් හංගේරියාවේ බුඩාෆෙස්ට් දුම්රිය ස්ථානයේ සිය ගණනක් සරණාගතයන් තවමත් බීබීසී යේ ගැවින් ලී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. 16:16 ලෙස්බොස් දූපතේ සිටි 2500 කට ආසන්න සරණාගතයන් පිරෝස් වරාය වෙත ලඟා වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 15:56 ජර්මනිය ඔල්වරසන් දී සරණාගතයන් පිළිගනී ඔස්ට්‍රියාවේ සිට දුම්රියෙන් ජර්මනියේ මියුනික් නගරයට පැමිණි සරණාගතයන් අත්පොළසන් මැද පිළිගත් අන්දම බර්ලින් නුවර සිටින බීබීසී වාර්තාකරු ජෙනී හිල් දුටුවා ය. සරණ සොයා පැමිණි බොහෝ දෙනා සිරියානුවන් බවයි පැවසෙන්නේ. ජර්මානුවන් විශාල පිරිසක් සරණාගතයන් පිළිගැනීමට පැමිණ සිටි අතර ඔවුන් රස කැවිලි සහ පානීය ජලය බෙදා දී තිබේ. 15:46 'යුරෝපය අවදි විය යුතුයි' “යුරෝපය සරණාගත අර්බුදය සම්බන්ධයෙන් අවදියෙන් කටයුතු කළ යුතුයි, සිහින දැකපු කාලය අවසන්”, යැයි ඔස්ට්‍රියානු ස්වදේශ කටයුතු ඇමති ජොහානා මික්ලෙයිට්නර් කියා සිටියි. “දැන් යුරෝපා මහද්වීපයට අභියෝගයක් එල්ල වී ඇත. මේ දැවැන්ත අභියෝගය ජය ගැනීම සඳහා යුරෝපා මහද්වීපය එකම පිළිතුරක් ලබා දිය යුතුයි. යුරෝපයෙන් ඉවත් වීමෙන් හෝ ඔස්ට්‍රියානු දේශසීමාව වටා කටු කම්බි ගැසීමෙන් මේ ගැටළුව විසඳේ යැයි කිසිවෙක් සිතන්නේ නම් එය වැරදියි, යැයි ඇය තවදුරටත් කියා සිටියි. සරණාගතයන් වෙනුවෙන් ඔස්ට්‍රියානු දේශ සීමාව අසල රතු කුරුස සංවිධානයේ තාවකාලික කාර්යාලයක් පවත්වා ගෙන යනු ලබන අතර බොහෝ දෙනා වියානා අගනුවර බලා දුම්රියෙන් ගමන් කරන බවයි වාර්තා වන්නේ. තම රටේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට හෝ ජර්මනිය බලා ගමන් කිරීමට මෙම සරණාගතයන්ට ඉඩ දී ඇති බවයි ඔස්ට්‍රියානු බලධාරීන් පවසන්නේ. සිරියානු අර්බුදයෙන් පළා එන සරණාගතයන් සඳහා රැකවරණ දෙන බව ජර්මනිය ප්‍රකාශ කර තිබේ. සිය ගණනක් සරණාගතයෝ මියුනික් නගරය වෙත පැමිණෙමින් සිටිති. සරණාගත අර්බුදය දිගටම පවතිනු ඇතැයි යුරෝපා සංගමයේ විදේශ කටයුතු භාර කොමසාරිස් ෆෙඩෙරිකා මොහෙරිනි ලක්සම්බර්ග් හී පැවති සාකච්ඡාවක දී අනතුරු අඟවා සිටියා හංගේරියානු බලධාරීන් විසින් සරණාගතයන්ට සිය අපේක්ෂිත ගමනාන්ත කරා යෑම නතර කරමින් පනවා තිබූ තහංචි අනපේක්ෂිත ලෙස ඉවත් කිරීමත් සමඟ දහස් සංඛ්‍යාත සරණාගතයෝ ඔස්ට්‍රියාව බලා ගමන් ගනිමින් සිටිති.
18:26
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චැනල්4 නාලිකාවේ අනුග්‍රහයෙන් නිර්මාණය කෙරුණු 'නෝ ෆයර් සෝන්' වාර්තා චිත්‍රපටයෙන් එම පදනම මත පිහිටා චැනල්4 නාලිකාව විකාශනය කරන ලද වාර්තා චිත්‍රපටයේ ඇතුලත් දර්ශන යුද අපරාධ පිළිබඳ පරිවේශනීය සාක්ෂි සපයන බව ජනාධිපති කොමිසමේ නිගමනයයි. යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා පිළිබඳව විභාග කිරීම පිණිස 2013 දී මැක්ස්වල් පරණගම කොමිසම පත්කරන ලද්දේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්. චැනල්4 නාලිකාව විකාශනය කළ වාර්තා චිත්‍රපටය පිළිබඳ මැක්ස්වෙල් පරණගම කොමිසම් වාර්තාවේ අදාළ ඡේදය කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙන ලද අතර, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදි. එම වාර්තා මාධ්‍යවේදීන්ට නිකුත් නොකෙරුණ නමුත්, වාර්තාවේ පරිච්ඡේද කිහිපයක් බීබීසී සංදේශයට දැකගන්නට ලැබිණ. චැනල්4 නාලිකාවේ දර්ශන සත්‍ය බව පෙනී යන බැවින්, ඒ පිළිබඳව විධිමත් අධිකරණ විභාගයක් පැවැත්විය යුතු බව පරණගම කොමිසමේ නිර්දේශයයි. ඉසයිප්‍රියා අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලද බව චැනල්4 නාලිකාව එල්ල කරන බරපතල චෝදනාවක් බාලසිංහම් නඩේසන් සහ එස් පුලිදේවන් ඇතුළු සුදු කොඩි රැගෙන ආරක්ෂක හමුදාවලට භාර වූ බව පැවසෙන සියලු දෙනාගේ මරණ පිළිබඳවත් විනිශ්චයකරුවකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ජනාධිපති කොමිසම නිර්දේශ කරයි. යුද්ධයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ ගණයෙහි ලා සැලකිය හැකි අපරාධ සිදු කර තිබෙන බවට චැනල්4 නාලිකාව විසින් 'විශ්වසනීය චෝදනා' එල්ල කර තිබෙන බවයි මැක්ස්වල් පරණගම කොමිසම පවසන්නේ. මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිසම් වාර්තාවෙන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු කරන ලද බවට සාක්ෂි තිබෙන්නේ යයි දේශීය පරීක්ෂණ මණ්ඩලයක් විසින් නිගමනය කරන ලද පළමු වතාව මෙයයි. කෙසේ නමුත් චැනල්4 නාලිකාවේ 'නෝ ෆයර් සෝන්' චිත්‍රපටයේ ඇතුලත් වීඩියෝ දර්ශන සත්‍ය සිදුවීම් නොවන බවත්, ඒවා නිර්මාණය කරන ලද දර්ශන බවත් ශ්‍රී ලංකා හමුදාව දිගින් දිගටම පැවසීය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා භටයන් යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යයේ චැනල්4 නාලිකාව විකාශනය කළ වීඩියෝ පට සත්‍ය බව මැක්ස්වල් පරණගම ජනාධිපති කොමිසම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අමාත්‍යවරයා ඒ බව පවසන්නේ, කළුතර මල්වත්ත බන්ධනාගාරය ආසන්නයේ දී සිරකරුවන් පිරිසක් රැගෙන ධාවනය වූ බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව නිවේදනයක් නිකුත්කරමිනි. එය 'පාතාල කණ්ඩායම් දෙකක්' අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. "සාමාන්‍යයෙන් මෙවැනි බරපතල චෝදනා ලත් පාතාල සාමාජිකයන් රැගෙන යාමේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සිදු කරන අතර පොලිස් නිලධාරීන්ගේ හිඟකම නිසාවෙන් ආරක්ෂාව ලබාදිය නොහැකි බව පොලිසිය විසින් ඊයේ දිනයේදී දැනුම් දී ඇත,"යනුවෙන් අමාත්‍යවරයා නිකුත්කළ නිවේදනයක සඳහන්වේ. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා අමාත්‍යවරයා විසින් හිටපු මහේස්ත්‍රාත්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලද අතර, මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි ඇතුළු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බවත් නිවේදනයේ දැක්වේ. ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර 'සමයං' හෙවත් අරුණ දමිත් උදයංග ඇතුළු සිරකරුවන් පස්දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ද වූහ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනකු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි. ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම පිණිස පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, අමාත්‍ය ස්වාමිනාදන්, නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක සහ බන්ධනාගාර ප්‍රකාශකවරයා ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
කළුතර බන්ධනාගාරයේ සිට සිරකරුවන් පිරිස ප්‍රවාහනය කිරීමේදී පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණේ නම් බන්ධනාගාර රථයට එල්ල වූ ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බව බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බීබීසී දෙමළ සේවයට පැවසුවේ දෙමළ ජනතාව නරේන්ද්‍ර මෝඩිගේ ජයග්‍රහණයට සුබ පතන බවයි. භාරතීය ජනතා පක්ෂය නියත බහුතරයක් ලබා ජයග්‍රහණය කර ඇති බවත් එසේම තමිල්නාඩුවේ ජයලලිතා ජයරාම් ගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයත් විශිෂ්ට ජයක අත් කර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ජයලලිතාගේ පක්ෂය යෝජනා කිහිපයක්ම ගෙනවිත් ඇති බවයි ඔහු පැවසුවේ. ධනාත්මක විසදුම් මෝඩි රජය තමිල්නාඩුවේ ජයලලිතා ආණ්ඩුව සමඟ මිත්‍රශීලීව කටයුතු කොට දෙපාර්ශවයම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධ ප්‍රශ්නවලට ධනාත්මක විසදුම් ගෙන ඒමට පියවර ගනු ඇතැයි ඔහු විස්වාශය පළ කළේය. ඉන්දීය මධ්‍යම රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ඔවුන් උත්සාහ දරනු ඇති බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසුවේ. “මේක තමයි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේත් අපේක්ෂාව. දෙමළ ජනතාවයි දෙමළ ජාතික සන්ධානයයි ඔහුට සුබ පතනවා .” පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් තවදුරටත් ප්‍රකාශ කළේය.
තේරී පත්ව සිටින ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ධනාත්මක විසඳුමක් සෙවීමට උත්සාහ දරනු ඇතැයි දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'එල්ටීටීඊ ය යුද අපරාධ කළා, බලහත්කාරෙන් ළමුන් යුද්දෙට බඳවා ගත්ත, ඒ වගේම යුද්දෙට කොටු වෙලා හිටපු අය පලා යන එක ඔවුන් වැළැක්වුවා කියල අපි කියල තියෙනව' කැලම් මැක්රේට රිසි සේ වාර්තා කිරීම සඳහා රජය වීසා ලබා දී ඇති බව කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, ඔහු හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවට පහර එල්ල කළ මාධ්‍යවේදීන් අතර ප්‍රධානියෙක් ලෙසින්. එමෙන්ම එල්ටීටීඊ හිතවාදී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව වෙනුවෙන් 'කුලියට වැඩ කරන්නෙකු' ලෙසටද ඔහුට චෝදනා කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා, ඒ චෝදනා ඉවත් කර ගැනීම පිණිස මෙය කදිම අවස්ථාවක් විය හැකි බවද සඳහන් කළේය. 'දෙපැත්තෙන්ම අපරාධ' 'ශ්‍රී ලංකාවට පහර එල්ල කළ මාධ්‍යවේදීන් අතර ප්‍රධානියෙක්' කොටි කැරලිකරුවන් සමඟ සම්බන්ධතා පැවති බවට එල්ල වන චෝදනා කැලම් මැක්රේ මාධ්‍යවේදියා දිගින් දිගටම තරයේ ප්‍රතික්ෂේප කරයි. ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදීන් ඇමතූ ඔහු යලිත් වරක් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. "මේක හුඟක් දෙනෙක් අමතක කරන දෙයක්, එල්ටීටීඊ ය යුද අපරාධ කළා, බලහත්කාරෙන් ළමුන් යුද්දෙට බඳවා ගත්ත, ඒ වගේම යුද්දෙට කොටු වෙලා හිටපු අය පලා යන එක ඔවුන් වැළැක්වුවා කියල අපි කියල තියෙනව," යනුවෙන් ඔහු කියා සිටියේය. "දෙපැත්තෙන්ම අපරාධ කෙරුණා කියල අපි පැහැදිලිව කිවුව. නමුත් වැඩි පිරිසක් මිය ගියේ ආණ්ඩුවේ ෂෙල් ප්‍රහාරවලින් කියන එක සාක්ෂි අනුව ඉතාම පැහැදිලියි." කැලම් මැක්රේ ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් තිස් දෙනකු රාජ්‍ය නායක සමුළුව වාර්තා කිරීම පිණිස පැමිණෙන බවද අමාත්‍ය රඹුක්වැල්ල පැවසීය.
බ්‍රිතාන්‍යයේ චැනල්4 නාලිකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන දිනවල සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ පිළිබඳව වාර්තා චිත්‍රපට ගණනාවක්ම නිර්මාණය කළ කැලම් මැක්රේ කටුනායක ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණෙද්දී සියයකට අධික පිරිසක් ඔහුට විරෝධය පළ කළහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වැලිවේරියේ රතුපස්වල උද්ඝෝෂකයන්ට හමුදාව වෙඩි තැබීමෙන් අකිල දිනේෂ් ශිෂ්‍යයා ඇතුළු තිදෙනකු මරුමුවට පත් විය කෙසේ නමුත්, වැලිවේරියේ රතුපස්වලදී උද්ඝෝෂණයේ යෙදුන මහජනතාව විසුරුවා හැරීම සඳහා හමුදාව කැඳවූ අවස්ථාව හමුදාව සිය බලය ඉක්මවා කටයුතු කළේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වීමට තීරණය කළ බව කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා පැවසීය. "ඇතැම් අවස්ථාවල දී පොලීසියට, හමුදාවේ රැකවරණය ලබා ගැනීමට නීත්‍යානුකූලව අයිතියක් තියෙනවා. එවැනි තත්වයක් තිබුනද නැද්ද කියන ඒක අපි නිරාකරණය කරන්නයි හදන්නේ," යනුවෙන් ද ඔහු සඳහන් කළේය. මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීමට ගත ක්‍රියාමාර්ග සහ ඊට අදාළ පරීක්ෂණ වාර්තා සති දෙකක් ඇතුලත තමන්ට යොමු කරන මෙන් යුද හමුදාවට සහ පොලීසියට නියෝග කළ බව ද සභාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. කෙසේ නමුත් සිය කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුත් නීතියෙන් බැඳී නොසිටින බව සභාපතිවරයා පිළිගත්තේය. රතුපස්වල පිහිටි හේලීස් සමාගමට අයත් අත් වැසුම් කම්හල මගින් ප්‍රදේශයේ පානීය ජලය දූෂණය වන්නේ දැයි සොයා බැලීමට ද කොමිසම තීන්දු කළ බව කොමිසමේ ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
රටේ සාමය ආරක්ෂා කිරීම පිණිස ඇතැම් අවස්ථාවල හමුදාව කැඳවීමට පොලීසියට බලය තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අතුරුදහන් වූවන් ගේ නෑසියන් අතුරුදහන් වූවන් පිළිබඳව කොමිසම පසුගිය දා කිලිනොච්චියේ දී විමර්ශන පැවැත්වෙද්දී එම ස්ථානයට යාබදව පොලිසිය සහන සේවාවක් පැවැත්වූ අවස්ථාවක් පිළිබඳ ව තමාට වාර්තා වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන, එම් කේ සිවාජිලිංගම් කියා සිටියේය. ආණ්ඩුවේ මෙහෙයවීමෙන් යුද හමුදාව සහ පොලිසිය අතුරුදහන්වූවන්ගේ නෑදෑයන් මරණ සහතික ගැනීමට පොලඹවා, එමගින් අතුරුදහන්වූවන් පිළිබඳ ව ඇති ගැටළු යටපත් කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය අවස්ථා කීපයකදී ම විරෝධය පළ කොට ඇතැයි පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් පෙන්වා දුන්නේය. සහනාධාර ලබා දීමට තමන් විරුද්ධ නැතත් යුද්ධයේ අවසන් අවස්ථාවේ දී හමුදාවට භාර වූ පිරිස් වලට කුමක් සිදු වුයේදැයි දැන ගැනීමට ඔවුන්ගේ නෑසියන්ට අවශ්‍ය වී ඇති බවත්, මරණ සහතික නිකුත් කිරීමෙන් එම අවශ්‍යතාව ඉටු නොවන බවත් එම් කේ සිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. ජංගම සහන සේවාව යුද්ධයෙන් විපතට අතුරුදහන්වූවන්ගේ නෑසියන් වෙනුවෙන් පොලිසිය පැවැත්වූ ජංගම සහන සේවාව මීට මාස කීපයකට පෙර සැලසුම් කළ කටයුත්තක් බවයි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සංදේශයට ප්‍රකාශ කළේ. එම ජංගම සහන සේවාවේ දී අතුරුදහන්වීම් පිළිබඳව කිසිදු කරුණක් සාකච්ඡා නොකළ බවත් කොටි සංවිධානය විසින් මරා දමන ලද පිරිස් වල නෑදෑයන්ට ඉඩම්, ස්වයංරැකියා සහ නිවාස ගොඩ නගා ගැනීමට ආධාර ලබා දීමට එහි දී කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේය.
ශ්‍රී ලංකා ආණ්ඩුව එක් අතකින් අතුරුදහන්වූවන් පිළිබඳව කොමිසමක් පත් කොට ඒ පිළිබඳ ව විමර්ශන කරන අතරවාරයේ සහනාධාර ක්‍රම උපයෝගී කර ගනිමින් ප්‍රශ්නය යටපත් කිරීමට උත්සාහ කරමින් සිටින බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් බී බී සී සංදේශයට ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙජාස මැතිවරණ ප්‍රකාශණය 'ව්‍යවස්ථා විරෝධී' බව පෙත්සම්කරුවෝ පවසති දෙජාස මැතිවරණ ප්‍රකාශණය තහනම් කරන්නැයි ඉල්ලමින් දේශප්‍රේමී භික්ෂු පෙරමුණ ඇතුළු බෞද්ධ සංවිධාන විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනු ලැබ තිබේ. ඒ පිලිබඳ විභාගය ආරම්භ වූ අවස්ථාවේ කරුණු දැක්වූ දෙජාස වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙවැනි නඩුවක් පැවරිය හැක්කේ පිළිගත් දේශපාලන පක්ෂයකට එරෙහිව පමණක් බවයි. 'ව්‍යවස්ථාවට පටහැනියි' දෙජාස යනු පිළිගත් දේශපාලන පක්ෂයක් නොව, පක්ෂ තුනක සන්ධානයක් බවට කරුණු දැක්වූ නීතිවේදීහු, අදාළ පෙත්සම් ප්‍රතික්ෂේප කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම මූලික විරෝධතා සටහන් කරගත් අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රි-පුද්ගල විනිසුරු මඬුල්ල ලබන 23 වැනිදා එම විරෝධතා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීරණය කළ බව දෙජාස වෙනුවෙන් පෙනී සිටි එම්ඒ සුමතිරන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය. එහෙත් එම මූලික විරෝධතායන් සිය පෙත්සම දියාරු කිරීමේ අරමුණින් කරන ලද්දක් බවයි, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ නායක බෙංගමුවේ නාලක හිමියන් සංදේශයට කියා සිටියේ. "ඒ මැතිවරණ ප්‍රකාශණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියල අපිට විශ්වාසයි. ඒ නිසා තමයි අපි මේ නඩුව ඉදිරිඅප්ත් කළේ," යනුවෙන්ද උන් වහන්සේ සඳහන් කළහ.
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රකාශණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වී තිබෙන පෙත්සම්වලට එරෙහි මූලික විරෝධතා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉරාකයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 'එකොළහක් මරුට' ප්‍රහාරයට ලක් වී පුද්ගලයන් එකොළොස් දෙනකුවත් මරුමුවට පත් වී ඇති බවත් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. කර්මාන්ත ශාලාවේ පිවිසුම් දොරටුව අසලදී මෝටර් රථ බෝම්බයක් පුපුරවා හැර ඇති බවයි එරට හමුදා ප්‍රකාශකයෙක් කියා සිටියේ. ඒ සමග මරාගෙන මැරෙන බෝම්බකරුවන් හය දෙනකු කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වී ඇති අතර එහි සිටි ආරක්ෂකයන් සහ ප්‍රහාරකයන් අතර ගැටුමක් ඇති වී ඇති බවත් හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රහාරකයන් විසින් ගෑස් ටැංකි තුනකට හානි සිදු කරනු ලැබ තිබේ.
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර උතුරු ප්‍රදේශයේ පිහිටි ගෑස් කර්මාන්ත ශාලාවකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව එරට බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සියලුම එල්ටීටීඊ සැකකරුවන්ට පොදු සමාවක් ලබාගැනීමටත් පියවර ගන්නා බව මනෝ ගනේෂන් පවසයි මෙතෙක් කල් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා එක්ව සිටි දේශපාලන පක්ෂ හා සංවිධාන වලට අමතරව තවත් පක්ෂ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමග කොළඹදී පැවැති සාකච්ඡාවකදීයි මේ තීරණයට එළැඹී තිබෙන්නේ. ජනාධිපති සමාවෙන් නිදහස ලැබූ හිටපු හමුදාපතිවරයාත් එක් කොට ගෙන දියත් කිරීමට අපේක්ෂා කැරෙන මෙම ව්‍යාපාරයේදී සියලුම එල්ටීටීඊ සැකකරුවන්ට පොදු සමාවක් ලබාගැනීමටත් පියවර ගන්නා බව, දේශපාලන සිරකරුවන් නිදහස් කරවා ගැනීම සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම් කාර මාණ්ඩලික ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් බීබීසී සංදේශයට කියා සිටියේය. පොදු සමාවක් දිය නොහැකිනම් ඔවුන් වහාම බන්ධනාගාරයෙන් නිදහස් කොට පුනරුත්ථාපන කඳවුරු වලට මාරු කොට සමාජගත කරන ලෙසත් තමන් ඉල්ලා සිටින බවද හිටපු මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය. "මේ දේශපාලන සිරකරුවන් අතර තුන් පිරිසක් ඉන්නව. එකක් තීන්දුවක් ලබාගත්ත අය, දෙවැනි කොටස තවමත් නඩු යන අය, තුන්වෙනි කොටස තමයි නඩුවකුත් නෑ තවමත් පොලිස් පරීක්ෂණ අවසන් වෙලත් නැති අය" ඔහු පැවසීය. "අපේ ඉල්ලීම මේ ඔක්කොටම සමාවක් දෙන්න කියන එකයි," මනෝ ගනේෂන් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කරවා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාරයක් ගෙනයාම ඇතුළු පංචවිධ වැඩ පිළිවෙලකට සංවිධාන ගණනාවක් එක්වී තීරණය කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'වන අලි පොදු දේපළකි, විනිසුරන්ටත් නීතිය පොදුයි' දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් එම චෝදනාව එල්ල කළේ, නීතිය සෑම අයකුටම එක සමාන ලෙසින් ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් කොළඹ පැවති නිහඬ විරෝධතාවය අවස්ථාවේ අදහස් දක්වමින්. පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරී විසිනුයි අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට එම නිහඬ විරෝධතාවය සංවිධානය කර තිබුණේ. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් අදහස් දක්වමින් එය කිසිසේත්ම අධිකරණයේ ස්වාධිනත්වයට කරන බලපෑමක් නොවන බව අවධාරණය කළේය. විරෝධය හමුවේ විරෝධය 'අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කිරීම' හෙලා දකිමින් තවත් විරෝධතාවයක් එම විරෝධතාවයට සමගාමීව අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කරන බවට චෝදනා කරමින් තවත් විරෝධතාවයක්ද ඒ අසලම පැවැත්විණ. එහිදී අදහස් පළ කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති නීතිවේදී ගුණරත්න වන්නිනායක, අධිකරණයේ ස්වාධිනත්වයට එල්ල කෙරෙන බලපෑම් තරයේ හෙලා දකින බව පැවසීය. යම් විනිසුරුවරයෙකුගේ තීන්දුවක් ගැන සෑහීමකට පත් නොවන්නේ නම් ඊට එරෙහිව ඉහල අධිකරණයේ පිහිට පැතීමට ඉඩකඩ තිබියදී මේ ආකාරයෙන් කටයුතු කිරීම හෙලා දකින බවත් ඔහු පැවසීය. විරෝධතාවයන් පැවැත්වෙන අතරවාරයේ අධිකරණ සේවා කොමිසම ඉදිරිපස පොලිස් ආරක්ෂාව තර කර තිබුණ බවත් කේඑස් උදයකුමාර් සංදේශයට වාර්තා කළේය.
නීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට ඇප නියම කිරීමේදී නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නීතියට පටහැනිව කටයුතු කර ඇති බවට ක්‍රියාධරයෝ චෝදනා කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වෝර්සෝ සමුළුව පැවැත්වෙද්දී පරිසරය සුරකින මෙන් නැඟෙන හඬ සමුළුව පැවැත්වෙන්නේ,පෝලන්තයේ වෝර්සෝ අගනුවර ජාතික ක්‍රීඩාංගනයේ. එවැනි තත්වයක් උදා වුනේ,සිකුරාදා රාත්‍රිය පුරා පැවැත්වුන සාකච්ඡා වලදී ගිවිසුමක් ඇති කර ගැනීමට සමුළුව අසමත් වීම හේතුවෙන්. එක්සත් ජාතීන් විසින් සංවිධානය කරන ලද මෙම දේශ ගුණ සමුළුව,අපේක්ෂා කෙරුණ මට්ටමේ ගිවිසුමකට එළඹීමෙන් තොරව සිර වූ තත්වයකට පත් වී තිබෙන්නේ,කාබන් විෂ වායු පරිසරයට මුදා හරිනු ලැබීමේදී, එම විෂ වායු නිකුත් කිරීම වැඩි අනුපාතයකින් කප්පාදු කිරීම් සිදු කළ යුත්තේ පොහොසත් රටවල් විසින් ද නැත්නම් සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ද යන කාරණය මුල් කර ගෙන උද්ගත වූ මතභේද හේතුවෙන්. එම කාරණය මතු කරනු ලැබ තිබෙන්නේ චීනය සහ ඉන්දියාව විසින්. තවත් ප්‍රයත්නයක් සෙනසුරාදා සවස් කාලය වන විට ගිවිසුමක් ඇති කර ගනු ලැබීම සඳහා තවත් උත්සාහයක් දැරීම සමුළු නියෝජිතයන්ගේ බලාපොරොත්තුව වී තිබුණි. එහෙත් ඉදිරිපත් ව ඇති නව යෝජනා නිශ්චිත ඉලක්ක මත සකස් වූවකට වඩා කිසිදු පැහැදිලි භාවයක් නොමැති උපදෙස් මාලාවක තත්වයේ පවතින බවයි, වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. පෝලන්තයෙන් ලැබෙන අලුත්ම වාර්තා මගින් පැවසුනේ, සාකච්ඡා පෙරට යමින් පවතින අතර,ගිවිසුමක් ඇතිකර ගැනීමේ උත්සාහයක් සඳහා සමුළු නියෝජිතයන් අවසන් මොහොතේ එකඟතාවයකට පැමිණි බවයි.
දේශගුණ විපර්යාස පිළිබඳ ‘වෝර්සෝ’සමුළුව ඊට සහභාගී වෙමින් සිටින නියෝජිතයන්ගේ වාද විවාද හමුවේ කලහකාරී මුහුණුවරක් ගනිමින් තවත් දවසකින් කල් ගිය බවයි වාර්තා වන්නේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පිහියක් පෙන්වා දුෂණය කර ඇති බව පොලීසිය කියයි අඟහරුවාදා සැන්දෑ යාමයේ පහර්ගාන්ජ් ප්‍රදේශයේදී මිනිසුන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූ මෙම 51 වියැති සංචාරක කාන්තාව පිහියක් පෙන්වා දුෂණය කර ඇති අතර ඇය සතු බඩු බාහිරදියද සොරකම් කර ඇති බව පොලීසිය කියයි. බදාදා උදෑසන ඇය ඉන්දියාවෙන් ආපසු පිටත්වී ඇතිබවයි වාර්තාවන්නේ. ලිංගික හිංසනයට එරෙහිව දැඩි නීති 2012 දී දිල්ලියේ බස් රථයක් තුල තරුණ ශිෂ්‍යාවක් සමූහ දුෂණයට ලක්කර මරා දැමීමත් සමග, ලිංගික හිංසනය පිළිබඳව සුපරික්ෂාව වැඩෙමින් තිබේ. පසුගිය වසරේ, ලිංගික අපයෝජනයන් පිලිබඳ නීති දැඩි කිරීමට රජය පියවර ගත්තේ එම සිදුවීමත් සමග ඇතිවූ විරෝධතා රැල්ලෙන් පසුවයි. මෙම ඩෙන්මාර්ක් ජාතික කාන්තාව පොලීසියට පවසා ඇත්තේ තමා නවදිල්ලි දුම්රිය ස්ථානය අසළ හෝටලයට යන පාර සොයමින් සිටිද්දී මිනිසුන් පිරිසක් ඇය වෙත පැමිණි බවයි. එම පිරිස ඇගේ බඩු බාහිරදිය සොරකම් කර ඇය දුෂණය කර ඇති බව නවදිල්ලි පොලීසියේ රාජන් භගත් බීබීසියට පැවසුවේය. “ආපසු හෝටලය වෙත ගිය ඇය හෝටලයේ කළමනාකරු වෙත සිද්ධිය පැවසීමෙන් පසු ඔහු විසින් පොලීසියට පැමිණිලි කර තිබුණා. දැන් පරීක්ෂණ පැවැත්වෙනවා” යනුවෙන් පොලිස් ප්‍රකාශකයා පැවසීය. මේ සිදුවීම සම්බන්ධව තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ මාර්තු මස මධ්‍ය ප්‍රදේශයේදී ස්විස් ජාතික තරුණියක් සමුහ දුෂණයකට ලක්කොට ඇගේ සහකරුවා ට පහරදීමක් සිදුවුණු අතර ජුලි මාසයේදී ඊට වගකිවයුතු හය දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.
ඉන්දියාවේ නව දිල්ලි අගනුවර තමා නැවතී සිටි හෝටලයට නුදුරින් අතරමං ව සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් සමුහ දුෂණයකට ලක්කිරීමේ චෝදනාවක් පිළිබඳව නව දිල්ලි පොලීසිය පරීක්ෂණ පවත්වයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කැළිකසල බැහැර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ වගකීම බලධාරීන් සතු වන බව ඇතැමෙකු පවසන අතර බැහැර කරනු ලබන කසල ප්‍රමාණය අවම කර ගැනීම පුරවැසියන් සතු යුතුකමක් බව තවත් සමහරෙකුගේ අදහසය. නිවෙස්වලින් බැහැර කරනු ලබන කැළිකසල ප්‍රමාණය අවම කර ගන්නේ කෙසේද ? කසල නිවස තුළම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද? බොරලැස්ගමුවේ පදිංචි ගෘහණියකවන කාංචනා වීරකෝන් වසර 16 ක් පුරා සිය නිවසේ එක්රැස් වන කැළිකසල නගර සභාවට නොදෙන්නේ ඇය විසින් සිය නිවස තුළම කසල ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන නිසාවෙනි. එපමණක් නොව ඇය සිය අසල්වැසියන්ගේ කැළිකසල ද ප්‍රතිචක්‍රීකරණය කිරීමට දායක වේ. කුණු ප්‍රශ්නයට විසදුමක් රටම සොයන මේ අවස්ථාවේ ඇය සියලු දෙනාටම ආදර්ශයක් දෙමින් ඉල්ලා සිටින්නේ හැකි පමණ නිවස තුළම කුණු ප්‍රතිචක්‍රීකරණය කර නගර සභාවට දෙන කුණු ප්‍රමාණය අඩුකරන ලෙසය. ඇය ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේද ගැන බීබීසී වෙත කළ පැහැදිලි කිරීම ඉහත විඩියෝවෙන් නරඹන්න
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමග සිදු වූ ජීවිත විනාශය හමුවේ කැළිකසල ප්‍රතිචක්‍රීකරණය සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව පිළිබඳ සංවාදයක් මතුව තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ෆෙඩරල් ගැන සාකච්ඡා කරන්න අපි සුදානමුත් නැහැ' උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කර ගන්නා ලද ඉහත කී යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දැනුම් දීම සඳහා සඳුදා මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල් පාලනයක් ඇති කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බවයි එහිදී අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ. ෆෙඩරල් ක්‍රමයක් පිළිබඳ සාකච්ඡා කිරීමට පවා තම පක්ෂය එකඟ නොවන බවත් ඔහු අවධාරණය කළේය. 'ෆෙඩරල් ගැන සාකච්ඡා කරන්න අපි සුදානමුත් නැහැ. එකෙන් අපි දිනා ගත්ත දේශපාලන ආර්ථික ස්ථාවරභාවය අස්ථාවර වෙන එකයි වෙන්නේ. ආපසු අපි අන්තවාදීන්ට සටන් පාඨ ලබා දීමක් පමණයි එයින් සිදු වන්නේ' අමාත්‍යවරයා පැවසීය. 13 වන සංශෝධනය හරහා පළාත් සභාවලට ලබා දී ඇති බලතල ක්‍රියාත්මක නොවීම පිළිබඳ සාකච්ඡා කළ හැකි වුවත් කිසිසේත්ම ෆෙඩරල් ක්‍රමයකට තම පක්ෂයේ සහයෝගය හිමි නොවන බවයි ඔහු කියා සිටියේ. 'පළාත් සභාවලට යෝජනා සම්මත කරලා මෙහාට එවන්න පුළුවන්. හැබැයි අපේ පැත්තෙන් නම් කිසිම සහායක් හිමි වන්නේ නැහැ' අමාත්‍ය මහින්ද සමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවට උතුරු පළාත් සභාවේ සම්මත වූ යෝජනාවට සිය විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පැනමා ලේඛන: 'ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බැලීමට කමිටුවක්' තම රටවල ආදායම් බදු සීමාවන්වලට හසු නොවී බදුවලින් රිංගා යෑම සඳහා පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ ආයතනයක් සිය සේවාදායකයන්ට පහසුකම් සලසා ඇති බව දැක්වෙන රහසිගත ලිපිගොණු සම්බන්ධයෙන් පසුගියදා ලෝක අවධානය යොමු විය. එකී ලිපිගොණු සියල්ල මැයි මස 09 වනදා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව එහි නම් සඳහන් විය හැකි සියලුම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉරිදා මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ. පැනමා ලිපිගොණු සම්බන්ධයෙන් කරුණු හෙළි කළ ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (ICIJ) 2013 වසරේදීද මේ හා සමානම හෙළිදරව්වක් සිදු කළේය. එහි සඳහන් වූ ශ්‍රී ලාංකිකයන් හතළිස් හය දෙනකු පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීමට එවකට පැවති ආණ්ඩුව අසමත් වූ බවටත් එහිදී මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවති රජයට චෝදනා කළේය.
පැනමා ලේඛන තුළ නම් සඳහන් විය හැකි ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ මණ්ඩලයක් පත් කරන බව ආණ්ඩුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම ප්‍රහාරයෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකු මියගිය අතර, ඉන් වැඩි පිරිසක් විදේශිකයන්ය. පුද්ගලයන් පස් දෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කළ අතර, ඔවුන් ධකා නුවර පිහිටි 'හොලේ ආර්ටිසන්' (Holey Artisan) ආපනශාලාවේ ආහාර ආහාර ගනිමින් සිටි පිරිස ප්‍රාණ ඇපකරුවෝ ලෙස රඳවා ගත්හ. ප්‍රහාරය සැලසුම් කිරීම සහ අවි ආයුධ සැපයීමේ චෝදනාව මත පුද්ගයන් අට දෙනෙකුට එරෙහිව නඩු පැවරුණි. පසුව එක් පුද්ගලයෙකු එම චෝදනාවලින් නිදහස් විය. පැය දොළහක් පුරා පැවතුණ එම මෙහෙයුම බංගලාදේශයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකේ. එහිදී මියගිය පුද්ගලයන් බොහෝ දෙනා ඉතාලි සහ ජපාන ජාතිකයන්ය. IS සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම බාර ගත් නමුත්, බංගලාදේශ බලධාරීන් පවසන්නේ එරට ක්‍රියාත්මක වන සටන්කරුවන් කණ්ඩායමක් මෙම ප්‍රහාරයට වගකිව යුතු බවය. එම ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය සටන්කරුවන් දැඩි ලෙස මැඩපැවැත්වීමට බංගලාදේශ බලධරයෝ ක්‍රියා කළහ. මුස්ලිම් බහුතරයක් වෙසෙන බංග්ලාදේශය අස්ථාවර කිරීමේ බලවේගයක් ලෙස එරට බලධාරීන් විසින් පෙන්වා දෙන ලද සටන්කරුවන් මත ඔවුහු දැඩි මර්දනකාරී වැඩපිළිවෙක් දියත් කළහ. චූදිතයන්ට එරෙහි චෝදනා "සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළා" යැයි නීතිඥ ගොලාම් සර්වර් පැවසුවේ අධිකරණයෙන් නඩු තීරණය ප්‍රකාශ කළ පසුය. "උසාවිය ඔවුන්ට උපරිම දඬුවම ලබා දුන්නා," නීතිඥවරයා එහි සිටි මාධ්‍ය වාර්තාකරුවන්ට පැවසීය. අදාළ පුද්ගලයන් හත් දෙනා බංගලාදේශයේ තහනම් සංවිධානයක් වන ජමාත් උල් මුජහිදීන් බංගලාදේශ් හි සාමාජිකයන් බවට ද චෝදනා නගා තිබිණි. ප්‍රහාරය එල්ල වූයේ කෙසේද? 2016 ජූලි පළමුවෙනි දින ධකා නුවර ගුල්ශාන් දිස්ත්‍රික්කයේ පිහිටි හොලේ ආර්ටිසන් ආපනශාලාවට තුවක්කුකරුවන් පස් දෙනෙක් කඩා වැදුණහ. රයිෆල් තුවක්කු සහ විශාල පිහි අතැතිව සිටි තරුණ ප්‍රහාරකයන් වෙඩි තැබූ අතර, ආහාර ගනිමින් සිටි පිරිස තුවක්කු පෙන්වා බියවද්දමින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගනු ලැබූහ. ඒ වන විට ආපනශාලාවේ සිටි පිරිස අතරින් බොහෝ දෙනෙක් විදේශිකයන් වූ අතර, ඔවුන් වෙඩි තබා හෝ කපා කොටා ඝාතනය කර තිබිණි. පැය දොළහකට පසු බංගලාදේශ හමුදා කොමාන්ඩෝ භටයින් අදාළ ගොඩනැගිල්ලට ඇතුළු වී ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු මුදවා ගත් අතර, ප්‍රහාරකයන් පස් දෙනා වෙඩි තබා මරා දැමිණි. ඉතාලි ජාතිකයන් නව දෙනෙකු, ජපන් ජාතිකයන් හත් දෙනෙකු, අමෙරිකානු ජාතිකයෙකු සහ ඉන්දීය ජාතිකයෙකු ද මියගිය විදේශිකයන් අතර සිටියහ. එම පුද්ගලයන්ට උල් ආයුධවලින් "දරුණු" ලෙස ප්‍රහාර එල්ල කර ඇතැයි බංගලාදේශ හමුදාවේ බ්‍රිගේඩියර් ජෙනරාල් නයිම් අස්රාෆ් පැවසීය. "එය ඉතා සාහසික ක්‍රියාවක්. මේ මොන වගේ මුස්ලිම් ජාතිකයන්ද? ඔවුන්ට කිසිම ආගමක් නැහැ," යැයි බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සිද්ධිය වූ අවස්ථාවේ දී විකාශනය වූ රූපවාහිනී සාකච්ඡාවක දී පැවසුවාය. වැඩිදුර තොරතුරු:
2016 වර්ෂයේ දී බංගලාදේශ අගනුවර ඇති ආපන ශාලාවකට එල්ල කරන ලද ප්‍රහාරයකට වගකිව යුතු ඉස්ලාමීය පුද්ගලයින් හත් දෙනෙකුට අද දින (නොවැම්බර් 27) එරට අධිකරණයෙන් මරණ දණ්ඩනය නියම කෙරිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියේ ඡායාරූපවලට අනුව ගිනි තබන ලද නිවාසවලට නුදුරින් හමුදා රථ නවතා තිබෙනු දැකිය හැකි බවය. ඒ සම්බන්ධයෙන් මියන්මාර ආණ්ඩුව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. එහෙත් ජාත්‍යන්තරයේ අනුකම්පාව ලබා ගැනීමේ අරමුණින් රෝහින්ග්‍යා ප්‍රජාව විසින්ම ඔවුන්ගේ නිවාසවලට ගිනි තබනු ලැබ ඇති බවට ආණ්ඩුව මීට ඉහතදී චෝදනා කළේය. ඔක්තෝබරයේ නැවතත් ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමත් සමග මියන්මාරයේ සුළුතරයක් වන රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් දස දහස් ගණනක් අසල්වැසි බංගලාදේශය වෙත පළා ගොස් තිබේ.
රෝහින්ග්‍යා මුස්ලිම් ගම්මාන ගිනිබත් කිරීමට මියන්මාර හමුදා සම්බන්ධ වී ඇතැයි සනාථ කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප තමන් සතු බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යාපනයේ වීරසිංහම් ශාලාවෙදී අද සවස (ජුලි විසි වෙනිදා) අවසන් වූ ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ මහා සමුළුව අවසන් විය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන මන්ත්‍රීවරුන්ද, නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු තවත් දේශපාලනඥයින් රැසක් මේ අවස්ථාවට සහභාගි වී තිබේ. වෙනම රාජ්‍යයක් කිසිදු සිංහල වැසියෙකු සමග විරුද්ධත්වයක් නොමැති බව කියා සිටි දෙමළ ජාතීක සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා දෙමළ ජනතාව හෝ දෙමළ දේශපාලනඥයින් කිසිවිටකත් වෙනම රාජ්‍යයක් ඉල්ලා නොසිටින බවයි පැවසුවේ. සියලු දෙනා ඉල්ලා සිටින්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට ස්ථිර දේශපාලන විසඳුමක් පමණක් බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ. එහිදී අදහස් දැක්වූ ඊ.පී.ආර්.එල්.එෆ්.ස්ංවිධානයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ ශක්තිය ඉදිරි මැතිවරණ වලට පෙර ශක්තිමත් කළ යුතු බවයි. සිංහල, දෙමළ හා මුස්ලිම් නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට තනිවම හෝ ජාත්‍යන්තරයෙන් විසඳුම් සෙවීමට නොහැකි නිසා දකුණේ සියලු වාමාංශික පක්ෂවල සහ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් සැදුම්ලත් ජාතික පෙරමුණක් වහාම පිහිටුවා ඒ ඔස්සේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බවයි ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයාගේ අදහස වූයේ. සමුළුව ඇමතූ නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවසුවේ දෙමළ සංවිධාන විසින් පිහිටුවීමට නියමිත ජාතික පෙරමුණට තම පූර්ණ සහාය ලබා දීමට එකඟත්වය පළ කරන බවයි.
දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් තව දුරටත් ස්ථාපිත කරන අතරතුර, දකුණේ වාමාංශික පක්ෂවල සහයෝගය ලබාගෙන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහභාගිත්වයෙන් ජාතික පෙරමුණක් පිහිටු විය යුතු බව දෙමළ දේශපාලන පක්ෂයක් කියා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ප්‍රධාන හොරා ගේ ලක්ෂණය තමයි අනෙක් හොරු රකින එක. අනිත් හොරු නොරැක, ප්‍රධාන හොරාට රැකෙන්න බෑ" ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එසේ ප්‍රශ්න කළේ ආණ්ඩුව හැර ගිය මන්ත්‍රීවරුන්ගේ වංචා, දූෂණ පිලිබඳ ලිපිගොනු තමා සතුව තිබෙන නමුත් ඔවුන්ගෙන් පලිගැනීමට ක්‍රියා නොකරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී කළ ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරමින්. "යුද්දේ ඉවර වෙලා, පාර්ලිමේන්තු පිට්ටනිය ගාව රැස්වීමක් තිබ්බ. ඒ රැස්වීමේදී ඔහු මොකක්ද කිවුවේ? මගේ පළමු පියවර යුද්දේ අවසන් කිරීම කිවුව, දෙවැනි යුද්දේ මම පටන් ගන්නේ වංචා දූෂණ අහෝසි කිරීමට කිවුව," යනුවෙන් දිසානායක මන්ත්‍රීවරයා සිහිපත් කළේය. එදා එසේ සඳහන් කළ ජනාධිපතිවරයා දැන් ලිපිගොනු තබාගෙන 'බම්බු ගසන්නේ දැයි' ජවිපෙ නායකයා ප්‍රශ්න කරයි. 'ඒකාධිපති වියරුව' "ප්‍රධාන හොරා ගේ ලක්ෂණය තමයි අනෙක් හොරු රකින එක. අනිත් හොරු නොරැක, ප්‍රධාන හොරාට රැකෙන්න බෑ. සොර මුලක්. ප්‍රධාන සොරා ලොකු පංගුව ගන්න අතර, අනෙක් සොරාටත් කුඩා පංගුව හරි ලබාදෙන්නේ නැත්නම් ඒ සොර මුලට පවතින්න බෑ," යනුවෙන්ද කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීමේ අරමුණ වෙනුවෙන් සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරයා පරාජය කිරීම උදෙසා දිගටම ක්‍රියාත්මක වන නමුත් එළැඹෙන ජනපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට සහාය නොදෙන බවයි, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසන්නේ. විධායක ජනාධිපති ක්‍රමයේ 'ඒකාධිපති වියරුව' ඇතුළු ප්‍රතිවිපාක පිළිබඳව එය නිර්මාණය කළ අවස්ථාවේ පටන්ම සිය පක්ෂය ජනතාව දැනුවත් කළ බව අවධාරණය කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, එබැවින් මැතිවරණයක් අවසානයේ 'ජනතාව නරඹන්නන් බවට පත්වන' ක්‍රියාදාමයෙන් ඔබ්බට යන පුළුල් ජනතා ක්‍රියාකාරිත්වයක් ගොඩ නැගීම සිය පක්ෂයේ අරමුණ බව අවධාරණය කළේය.
කිසිවකු ගේ අයථා ක්‍රියාකාරකම් සම්බන්ධ ලිපිගොනු තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්න කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඉම්රාන් ඛාන් මෙම අදහස් පළ කළේය. ''මෙම සංචාරය අපගේ ද්විපාර්ශවිය සම්බන්ධතා වර්ධනය කරනවා. එය අපගේ වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරනවා. පාකිස්තානය චීනයේ එක තීරයක් එක මාවතක් වැඩසටහනේ කොටස්කරුවෙක්. සී-පෙක් එහි එක් ප්‍රධාන ක්‍රියාමාර්ගයක්. සී-පෙක් හරහා ශ්‍රී ලංකාවට මධ්‍යම ආසියාවට සම්බන්ධවීමේ හැකියාව ලැබෙනවා. මධ්‍යම ආසියාවට පාකිස්තානයේ සම්බන්ධය තුළින් ශ්‍රී ලංකාවට වෙළෙඳාම ශක්තිමත් කළ හැකි අපි අපගේ අනෙකුත් අවස්ථාවන් ගැනත් කතා කළා.'' යනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය. කලාපීය ස්ථාවරභාවය හා සාමය දකුණු ආසියාවේ සංවර්ධනය සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය බවට ශ්‍රී ලංකාව විශ්වාස කරනු ඇතැයි එම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේය. ''අපගේ සාකච්ඡාවලට කලාපීය හා ජාත්‍යන්තර වැදගත් කමකින් යුත් සිද්ධීන් මෙන්ම කොරෝනා වෛරසයේ බලපෑමත් ඇතුළත් වුණා. ශ්‍රී ලංකාව පාකිස්තානයට කෘතඥ වෙනවා පාකිස්තානයේ ඇති ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථාන ලංකාවේ බැතිමතුන් වෙනුවෙන් විවර කිරීම පිළිබඳව. අපි එළඹුණු වැදගත් තීරණය නම් ද්විපාර්ශවිය පාර්ලිමේන්තු සහයෝගොතාව පාර්ලිමේන්තු සහයෝගිතා සංගම් හරහා නැවතත් ආරම්භ කිරීමට ගත් තීරණයයි.'' යනුවෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා බදාදා (පෙබරවාරි 24])පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසුණි. පාකිස්තාන සංචාරකයන්ට ශ්‍රී ලංකා ජනපතිගෙන් ආරාධනයක් කොවිඩ් වසංගතය මර්දනය සමග මෙරට සංචාරය සඳහා පැමිණෙන්නැයි පාකිස්ථාන ජනතාවට ආරාධනා කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපහිවරයා දෙරටේ සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළේය. ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව නායකයෝ ප්‍රකාශ කළහ. පාකිස්ථානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් එහිදී සඳහන් කළේය. පාකිස්ථානය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි. දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. එම හමුවීමෙන් අනතුරුව පාකිස්තාන අගමැතිවරයා කොළඹ පැවති වෙළෙඳ හා ආයෝජන සමුළුවකට ද එක්විය. 2021 පළමු නිල සංචාරය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 23 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියහ. ක්‍රිකට් ක්‍රීඩකයෙකු ව සිටි අවධියේ පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ඉම්රාන් ඛාන් එරට 22 වැනි අග්‍රාමාත්‍යවරයා ය. අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වේ. එමෙන් ම 2021 වසරේ ඔහුගේ පළමු නිල විදෙස් සංචාරය, මෙම ශ්‍රී ලංකා සංචාරය වීම ද විශේෂත්වයකි. පාකිස්තානය සමග ගිවිසුම් පහක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දෙදින නිල සංචාරයට සමඟාමීව දෙරට අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට පෙබරවාරි 23 වැනිදා අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබිණි. දෙරට අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන, විද්‍යා හා තාක්‍ෂණ, ආරක්ෂක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට එම ගිවිසුම් මගින් අපේක්ෂිතය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් සංචාරයේ ඇතැම් අවස්ථා ඉවතට මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම සඳහා මුල්සිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීම අවසන් මොහොතේ අවලංගු කෙරිණි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය හමුවේ කියා සිටියේ ආරක්ෂක හේතුන් මත එම රැස්වීම අවලංගු කර ඇති බවය. අගමැතිවරයාගේ සංචාරයට අදාළ වැඩසටහන සකසනුයේ දෙරට ම ඒකාබද්ධව වන අතර පාකිස්තාන අගමැතිවරයාගේ ආරක්ෂාව වඩා ප්‍රමුඛ වන බව ද ඔහු කීය. සියලු කෝවිඩ් මරණ ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබඳ සිය අවධානය පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හමුවට ගෙන යාම එසේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අපේක්ෂා කළ රැස්වීමේ අරමුණක් විණි. ආණ්ඩුවේ ස්ථාවරය වී තිබෙන්නේ විශේෂඥ කමිටුවක ඇගයීම මත, කොරෝනාවෛරසය ආසාදිතව මරණයට පත්වූවන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තීරණවලට එළඹෙන බවය. කළින් සැලසුම් කර තිබූ, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමද අවලංගු කෙරිණි. චීනයට හිතවත් නායකයා එම දේශනයෙදී කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළහොත් එය අසල්වැසි ඉන්දියාවේ සිත් රිදීමකට හේතුවීමෙන් මතුවිය හැකි රාජ්‍යතාන්ත්‍රික අවුලක් වැළක්වීම හෝ කෝවිඩ්-19 ආසාදිතයින්ගේ දේහ භූමදානය සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීම වැළක්වීමේ අරමුණින් එම දේශනය අවලංගු කරන්නට ඇති බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයින්ගේ මෙන්ම ඇතැම් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ද අදහස විණි. මේ අතර පාකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය යෙදුණේ වත්මන් ගෝඨාභය රාජපක්ෂ පරිපාලනය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සමග එළැඹ තිබූ ආයෝජන ගිවිසුම අවලංගු කරනු ලැබීම හරහා දෙපාර්ශවය අතර සබඳතාවට ගැටලු මතුවෙමින් පවතින අතරවාරයේදීය.
චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව (China Pakisthan Economic Corridor - CPEC) හරහා මධ්‍යම ආසියාව සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අඟහරුවාදා (පෙබරවාරි 23) කොළඹදී කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුධ අපරාධකරුවන්ගේ යැයි සැක කෙරන පිරිස අතර බ්‍රිතාන්‍යයේ දිගු කලක් ජිවත් ව සිටි ඉරාන,ඉරාක රුවන්ඩා, ශ්‍රී ලංකීක සහ සර්බියානු ජාතිකයන් පුරවැසි භාවය හෝ බ්‍රිතාන්‍ය තුල රැඳීසිටීමේ අවසරය සඳහා අයැදුම් පත් ඉදිරිපත් කළ පිරිස් අතර සිටිති. මේ තත්වය වෙනස් විය යුතු බවත් බ්‍රිතාන්‍ය ලොව පුරා යුධ අපරාධකරුගේ වාස භුමියක් බවට පත්වීම වැළැක්විය යුතු බව බ්‍රිතාන්‍ය ආගමන විගමන කාර්යාංශය කියා සිටී. සැකකරුවන්ට එරෙහි නඩු විභාග බ්‍රිතාන්‍යය තුල දීම සිදු කලයුතු බවයි මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කියා සිටින්නේ. මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන මනුෂ්‍ය ඝාතන වලට එරෙහි සංවිධානයක යේ නීති උපදේශක කෙවින් ලෝවේ ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය තුලදීම නඩු විභාග සිදු කිරීමේදී සංකීර්ණ ප්‍රයෝගික ගැටළු රැසක් පන නගින බවත්,වෙනත් රටකදී සිදු කරනලද අපරාධයක සැකකරුවන්, බ්‍රිතාන්‍ය තුලදීම හඳුනා ගැනීම සඳහා විශාල මුදලක් සහ කාලයක් වැයවෙන බවයි.
බ්‍රිතාන්‍ය තුල ජිවත් වීමේ නීත්‍යානුකූල ඉල්ලමින් යුධ අපරාධකරුවන් යයි සැක කෙරෙන සියයකට අධික සංක්‍රමිකයන් සංඛ්‍යාවකගෙන් පසුගිය වසරේ බ්‍රිතාන්‍ය ආගමන විගමන කාර්යාංශයට ඇයදුම්පත් ලැබී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තත්ත්වය පිළිබඳව ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී පිළිතුරු දීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවනු ඇති බව මන්ත්‍රීවරයා පවසයි එම පක්ෂයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වන නායක ආර් රාසමානික්කම් සැමරීම සඳහා මඩකලපුවේ කලවන්චිකුඩි හි පැවති සම්මන්ත්‍රණයක් අමතමින්. විශේෂයෙන්ම උතුරේ හමුදාකරණය නවත්වන බවටත්, උතුරේ රඳවා සිටින හමුදා භට පිරිස අවප්‍රමාණ කරන බවටත් පසුගිය වසරේ ජිනීවා නුවරදී ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල ඉදිරියේ ප්‍රතිඥා දුන් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, කෙසේ නමුත් එම පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව ක්‍රියා කොට නැති බව ද සඳහන් කළේය. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නම් අවතැන් වූ ජනතාවට සිය මුල් පදිංචි ස්ථානවලම පදිංචිවීමට අවසර දිය යුතු බවත්, යුද්ධයේදී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් මෙන්ම සිරකරුවන් පිළිබඳව ද ඉක්මන් තීරණවලට එළඹීමේ අවශ්‍යතාවය අවධාරණය කරන දෙමළ ජාතික සන්ධානයේ නායකයා, මේ කිසිදු ගැටලුවක් විසඳීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවංක උත්සාහයක් දරා නැති බවයි සඳහන් කළේ. ඇමෙරිකානු දූත මණ්ඩලය පසුගිය වසරේ දුන් ප්‍රතිඥා ඉටු කිරීමට අපොහොසත්වීම පිළිබඳව ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී පිළිතුරු දීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවනු ඇති බව ද සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය. ඔහු එම අදහස් පළ කළේ ඇමරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ට රාජ්‍ය නිලධාරීන් පිරිසක් සතියකින් මුණ ගැසීමට නියමිතව තිබියදී. දකුණු ආසියානු කලාපය භාර මුල් පෙලේ ඇමෙරිකානු නිලධාරීන් තිදෙනකු ලබන සෙනසුරාදා පටන් සතියක නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසීමද 26 දා ලංකාවට පැමිණෙන ජේම්ස් මුවර්, වික්‍රම් සිං හා ජේන් සිමර්මන් යන රාජ්‍ය හා ආරක්ෂක දෙපාර්තමේන්තු නියෝජ්‍ය ලේකම් වරුන් තිදෙනා ගේ මූලික කාරියක් බවයි තානාපති කාර්යාලය පවසන්නේ. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමයි, ඉකුත් මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ රජයට කැරුණු එක් ප්‍රධාන නිර්දේශයක් වූයේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාවක් ඇති කිරීම සඳහා ක්‍රියා කරන බවට එක්සත් ජාතීන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවංක උත්සාහයක් දරා නැතැයි දෙමළ ජාතික සන්ධානය (දෙජාස) පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ වසරේ පැවැත්වෙන්නේ හත්වැනි අයිපීඑල් තරඟාවලියයි වෙන්දේසියට ඉදිරිපත් කෙරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දහ තුනක් අතරින් වෙන්දේසියේ විකිණුනේ ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ මුත්තයියා මුරලිදරන් ක්‍රීඩකයන් තිදෙනා පමණයි. මුරලිදරන් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශ්‍රාම ගෙන සිටින අතර, ලසිත් මාලිංග ටෙස්ට් පිටියට සමු දුන් ක්‍රීඩකයෙක්. විස්සයි විස්ස ක්ෂේත්‍රයේ පෙළහර පාන තිලකරත්න ඩිල්ශාන්, මහේල ජයවර්ධන මෙන්ම වත්මන් නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දස දෙනකුම වෙන්දේසියේ දී අලෙවි වූයේ නැත. මහේල, ඩිල්ශාන්, ඇන්ජලෝ පසුගිය වසරේ වෙන්දේසියේදී ඉහල ඉල්ලුමක් තිබූ අජන්ත මෙන්ඩිස්ද අලෙවි නොවූ ක්‍රීඩකයන් අතර සිටී. ඩිල්ශාන්, මහේල, මැතිවුස් සහ අජන්ත මෙන්ඩිස්ද වෙන්දේසියේදී අලෙවි නොවිණ අයිපීඑල් තරඟාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායමේ අයර්ලන්ත සහ එංගලන්ත සංචාරය යෙදී තිබීම හේතුවෙන් සමස්ත තරඟාවලිය පුරාම ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන ලාංකීය ක්‍රීඩකයන් වෙනුවෙන් ආයෝජනය කිරීමට ක්‍රීඩා සමාජ හිමිකරුවන් මැලිකමක් දක්වා ඇති හැඩක් පෙනී යන බවයි, සිලෝන් ටුඩේ පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චම්පික ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ. ඒ අතරම පසුගියදා අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයේ පරිපාලනය හා සම්බන්ධ සංශෝධන පිළිබඳ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැලකී සිටීම තවත් හේතුවක් විය හැකි බවට මතයක් දිවයිනේ පැතිර යමින් පවතින බවද චම්පික ප්‍රනාන්දු පවසයි. කෙසේ නමුත් බදාදා වෙන්දේසි නොවූ ඇතැම් ලාංකීය ක්‍රීඩකයන් බ්‍රහස්පතින්දා වෙන්දේසියේදී අලෙවි විය හැකි බවද ඔහු සඳහන් කළේය. මේ අතර පසුගියදා එංගලන්ත කණ්ඩායමෙන් ඉවත් කරන ලද කෙවින් පීටර්සන් දිල්ලි ඩේයාඩේවල්ස් කණ්ඩායම විසින් බ්‍රිතාන්‍ය පවුම් අට අක්ෂ අසූ දහසකට මිලදී ගැනීම බ්‍රිතාන්‍ය මාධ්‍යවල ප්‍රබල අවධානයට ලක් වී තිබේ. තවත් එංගලන්ත ක්‍රීඩකයන් අට දෙනකුද වෙන්දේසියට ඉදිරිපත් කෙරුණත් ඔවුන්ද අලෙවි වී නැහැ. පවුම් දහ තුන් ලක්ෂ හැත්තෑ දහසකට අලෙවි වූ ඉන්දීය පිලේ යුවරාජ් සිං බදාදා වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයායි.
අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයට ක්‍රීඩකයන් තෝරා ගැනීම පිණිස බැංගලෝර් නුවර පැවැත්වුණ වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වෙන්දේසි නොවීමට හේතුව ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරය බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කිම් ජොන්ග් අන් සුදු අශ්වයෙකු පිට නැගී හිමෙන් වැසුණු 'පෙක්තු' කන්ද තරණය කරන ඡායාරූපයක්. කිම් ජොන්ග් අන් සුදු අශ්වයෙකු පිට නැගී හිමෙන් වැසුණු 'පෙක්තු' කන්ද තරණය කරන ඡායාරූප පෙළක් උතුරු කොරියානු KCNA පුවත් සේවය වාර්තා කර තිබිණි. උතුරු කොරියානු නායකයා මීටර 2750ක් උසැති මෙම කන්ද තරණය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. බරපතළ නිවේදනයක් සිදු කිරීමට සූදානම් වන විට ඔහු මෙවැනි ක්‍රියාවල නිරත වන බව විශ්ලේෂකයෝ පවසති. කිම් ජොන්ග් අන්ගේ පියාගේ උපන් ස්ථානය ලෙස ද සැලකෙන මෙම කඳු ප්‍රදේශය එරට සුවිශේෂී ස්ථානයක් ලෙස හැඳින්වේ. "ඔහු අශ්වයෙකු පිට නැගී පෙක්තු කන්ද නැගීමේ ක්‍රියාව කොරියානු විප්ලවයේ ඉතිහාසයට දැඩි වැදගත්කමක් ලබා දෙනවා" යැයි KCNA පුවත් සේවය බදාදා (ඔක්තෝබර් 16) වාර්තා කර තිබුණි. "කන්ද සේ නොසැලී ඉතා භක්තියෙන් මේ වඩාත් බලවත් රට ගොඩනැගීම සඳහා ඔහු කළ දැඩි අරගලය ගැන මෙනෙහි කරමින් අශ්වයෙකු පිට හිඳ පෙක්තු කන්ද තරණය කර තිබෙනවා." දකුණු කොරියාව සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා ඇතිකර ගැනීම පිළිබඳ ඇඟවීමට සති කීපයකට පෙර 2017 වර්ෂයේ ද ඔහු මෙම කන්ද තරණය කළේය. මේ තොරතුරුද කියවන්න: අවධානය දිනා ගැනීමේ රංගනයක් ද? සෝල් නගරයේ බීබීසී වාර්තාකාරිනී ලෝරා බිකර්ගේ විශ්ලේෂණයකි. ප්‍රථමයෙන් අපි මෙම ඡායාරූප ගැන අවධානය යොමු කරමු. කොරියානු අර්ධද්වීපයේ තිබෙන වඩාත් ගෞරවනීය ස්ථානයක හිම අතරින් අශ්වයෙකු පිට නැගී යෑම සැබවින්ම නායකත්වයේ බල මහිම පෙන්වන දර්ශනයකි. පෙක්තු කන්ද හා සම්බන්ධ කිම් ජොන්ග් අන්ගේ පවුලේ බලය සහ ශක්තිය පෙන්වීමේ උත්සහයක් ලෙස ද මෙය දැකිය හැකිය. නමුත් උතුරු කොරියානු වැසියන්ට සිය නායකයාගේ බලය මෙන්ම අශ්වයන් පිට යෑමට ඇති හැකියාව ගැන තේරුම් ගැනීමට අපහසු නොවේ. කෙසේනමුත්, එරට මාධ්‍යවල සඳහන් වන කරුණුවලින් අපට යම් දෙයක් අවබෝධ කරගත හැකිය. මේ අතරින් විශේෂ අවධානයක් යොමු වන්නේ මාධ්‍ය ඔස්සේ පළ වූ ලිපියක අවසාන වාක්‍යයටය. "ලෝකය පුදුම කරවන ආකාරයේ බලවත් ක්‍රියාන්විතයක නියැලෙන්න නියමිත" බව කිම් ජොන්ග් අන් සමග සිටින නිලධාරීන්ට ඒත්තු ගොස් ඇතැයි එහි සඳහන් වී තිබිණි. මින් පෙර කිම් ජොන්ග් අන් පෙක්තු කන්ද ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසු අතිශය වැදගත් තීරණවලට එළඹ තිබේ. දිගු දුර මිසයිල සහ න්‍යෂ්ටික අවි අත්හදාබැලීම්වලින් ඉවත් වීමට දුන් පොරොන්දුව ගැන කිම් ජොන් අන් නැවත සිතා බැලීමට මෙවර ඔහු සැරසෙන්නේ යැයි අනුමාන කෙරේ. එක්සත් ජනපදය සමග පැවති සාකච්ඡා මේ වන විට අඩාල වී ඇති අතර, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩි අවධානය සිය රටෙහි පවතින ගැටලුවලට යොමු වී ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය දිනා ගැනීමට කිම් ජොන්ග් අන් මෙම කන්දේ සිසිල් වාතය යොදා ගන්නවා ද විය හැකිය. න්‍යෂ්ටිකහරණය පිළිබඳ එකඟතාවකට එළඹීමට උතුරු කොරියාව ඇමරිකාවට මෙම වසර අවසානය තෙක් කාලය ලබා දී තිබේ. කිම්ගේ න්‍යෂ්ටික අත්හදාබැලීම් වැඩසටහන් නැවත්වීමට නම් උතුරු කොරියාවට එරෙහිව පවතින සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලීම් ගණනාවක් සිදු කර තිබේ. නමුත් මේ වනතෙක් ඔහුට ඇමරිකාව ඒ සඳහා පොළඹවාගැනීමට නොහැකි වී තිබේ. තවත් අවි අත්හදාබැලීම් කිහිපයක් සිදු කර බලපෑම් එල්ල කරන්න ඔහු සිතා සිටිනවා විය හැකිද? නැතහොත් උතුරු කොරියානු නායකයා ශීත සෘතුවේ පළමු හිම පතනය විඳිනවා වන්නට පුළුවන් ද? ඉදිරි මාස කීපයේ දී නිවැරදි තොරතුරක් දැනගන්නට ලැබෙන බව මම විශ්වාස කරමි. 2017 වසරේ දී පෙක්තු කන්ද තරණය කළ කිම් ජෝන්ග් අන් තවත් තොරතුරු:
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අශ්වයෙකු පිට නැගී එරට උස ම කන්ද තරණය කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
භාරත ලක්ෂ්මන් වමේ සිට පළමුවැන්නා ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි නඩුව වැඩිදුර විභාගයට ගනු ලැබීම මහාධිකරණය වෙත යොමු කරන බවයි, විනිසුරු ප්‍රියන්ත ලියනගේ ප්‍රකාශ කළේ. අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන මෙන් විත්තියේ නීතිවේදීන් ඉල්ලා තිබුනත් අධිකරණය විසින් එම ඉල්ලීම බැහැර කරනු ලැබිණ. “විත්තිකරුවන් නිදහස් කරන මෙන් අපි ඉල්ලා සිටියා. එහෙත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්කි තිබෙන බවයි. එම නියෝගය නැවත සලකා බලන මෙන් නීතිපති වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” මේ නඩුවේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී හේමන්ත වර්ණකුලසුරිය බීබීසී සංදේශයට කියා සිටියේය. බිය දුරු වුනා හිරුණිකා සිතාසියක් ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දුමින්ද සිල්වා ඇතුළු චුදිතයන්ට අධිකරණය දැනුම් දී ඇත. එම තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඝාතනයට ලක් වූ හිටපු නියෝජ්‍ය ඇමති සහ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ, දුමින්ද සිල්වා නිදහස ලබනු ඇතැයි තමන් තුළ පැවති බිය දුරු වූ බවයි. “ප්‍රධාන විත්තිකරු නිදහස් වනු ඇතැයි මා තුළ බියක් තිබුණා. එහෙත් දැන් එම බිය දුරු වුනා කියල කියන්න පුළුවන්. අධිකරණය මගින් සාධාරණයක් ඉටු වනු ඇති බවට දැන් මා තුළ විශ්වාසයක් තිබෙනවා.’’පළාත් සභා මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියාය. සංදේශය කළ විමසීමක දී විත්තියේ නීතිවේදියා කියා සිටියේ, භාරත ප්‍රේමචන්ද්‍ර නඩු විභාගය මහාධිකරණය ඉදිරියේ විභාග කෙරෙන දිනය මෙතෙක් තීරණය වී නොමැති අතර එය මහාධිකරණය විසින් තීන්දු කරනු ඇති බවයි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව රහස් පොලිසිය මගිනුයි, මෙම නඩුව පවරා තිබෙන්නේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මිනී මැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට සාක්‍ෂි ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ වනවිට දකුණු පළාතේ පවත්වාගෙන යනු ලබන සංචාරක හෝටල් රැසක් දේශිය සංචාරකයින්ට දොර වසමින් 'විදේශිකයන්ට පමණක්' පවත්වාගෙන යන බවට පැමිණිලි ලැබි තිබෙන බව ඔහු සඳහන් කරයි. "මේ පිළිබඳව පළාත් පාලන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුනා. ඒ අනුව දකුණු පළාතේ එවැනි හෝටල් පරික්ෂාකර බලා හෝටල් හිමියන් දැනුවත් කොට එවැනි දැන්විම් පුවරු වහාම ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස නිලධාරින්ට මම උපදෙස් දුන්නා. එසේ ඉවත් නොකරන්නේ නම් වෙළඳ බලපත්‍රය දෙන්නේ නැහැ. වෙළඳ බලපත්‍රය ලබානොගෙන පවත්වාගෙන යන්නේ නම් අධිකරණයේ නඩු පවරනවා," දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර අනතුරු අඟවයි. ඊට අමතරව, විදේශිකයින් විසින් පවත්වාගෙන යනු ලබන 'විලා' සම්බන්ධයෙන්ද විමර්ශණය කිරිමට පියවර ගැනීමත් බලධාරීන්ගේ නිගමනය වී ඇත. "මෙම 'විලා'වලට එන්නේ කවුද? කරන්නේ කුමක්ද? කිසිවෙක් දන්නේ නැහැ. මේවාට පළාත් පාලන ආයතනවලින් වෙළඳ බලපත්‍ර ගන්නේ නැහැ. වාණිජ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වන්නේ නැහැ. එනිසා පළාත් පාලන ආයතනවලට කිසිදු ආදායමක් ලැබෙන්නේ නැහැ." දේශීය සංචාරකයන්ට දොර වසන්නේ අසෝබන හැසිරීම නිසාද ? වහාම නිතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇතැයි දකුණු පළාත් පාලන කොමසාරිස් පවසයි දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර තව දුරටත් මෙසේ සඳහන් කළේය. "මෙම 'විලා' පවත්වාගෙනයන විදේශිකයන්, අන්තර්ජාලය මගින් විදේශිකයින් සම්බන්ධකරගෙන මෙරටට ගෙන්වා ගන්නවා. ඒ සියලු ආදායම් ව්‍යාපාරය කරන විදේශිකයා තමන්ගේ රටට ගෙනයනවා. එනිසා ඒවා පිළිබඳව සොයා අප බලනවා." දකුණු පලාත් පාලන කොමසාරිස්වරයාට අනුව අදාළ පරික්ෂා කිරිම් ගාල්ල කොටුව ප්‍රදේශයෙන් ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ. ඒ සඳහා සංචාරක මණ්ඩලය පොලිසිය පළාත් පලාන ආයනතවල ආදායම් නිලධාරින්ගේද සහාය ලබාගනු ඇත. විදේශිකයන් සඳහා පමණක් පවත්වා ගෙන යන හෝටල්වල බලපත්‍ර අවලංගු කර එවන් ස්ථානවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා පසුගියදා ප්‍රකාශ කළේය. එහි ප්‍රතිපලයක් ලෙස, විශේෂයෙන්ම දකුණු පළාතේ උණවටුන, ගාලු කොටුව, මිරිස්ස යන ප්‍රදේශවල සමහර හෝටල් 'විදේශිකයින්ට පමණයි' යනුවෙන් සඳහන් නාම පුවරු ඉවත් කර තිබෙන අයුරු අද (04.01.2018) එම ප්‍රදේශවල සංචාරය කිරිමේ දී දක්නට ලැබුණි. ගාලු කොටුවේ විදේශිකයන්ට පමණක් කාමර පහසුකම් ලබාදෙන සංචාරක නිවසක් අයිති නම සඳහන් කිරිමට අකමැති පුද්ගලයෙක් බිබිසී සිංහල සේවයට අදහස් දක්වමින්, "බෝයි ෆ්‍රේන්ඩ් කියලා එක්කගෙන එන්නේ බිච් බෝයිස්ලා. ඒ වගේම එන සමහර දේශිය පුද්ගලයින් මෙතන ඇවිල්ලා අසෝබන විදියට හැසිරෙනවා. පසුගිය දවසක එහෙම ආවා -විදේශීය කාන්තාවක් එයාගේ බෝයි ෆ්‍රේන්ඩ් කියලා එක්කෙනෙක් එක්ක . මම එයාට කිව්වා - කාමර දෙන්න බැහැ කියලා. ඊට පස්සේ එයාගේ සමාජජාල ගිණුමක ඒ පිළිබඳව සටහනක් දාල තිබ්බා - එය විවේචනය කරලා" යනුවෙන් පැවසිය. "මම විදේශිකයන්ට පමණයි කියලා කාමර සේවා පවත්වාගෙන යන්නේ නිවාඩුව සැනසිල්ලෙන් ගත කිරිමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ඉහළ ගුණාත්මක බවින් සහ හොඳ සේවාවක් ලබාදෙන අරමුණින් '' ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර ගලු කොටුවෙන් පිටත සංචාරක බංගලාවක් හිමි පුද්ගලයෙක් අදහස් දක්වමින් 'විදේශිකයන්ට පමණක් යනුවෙන් නවාතැන් ලබාදිමේ ක්‍රියාවලිය' වැලක්විමට ක්‍රියාකිරිම හොඳ ප්‍රවණතාවයක් බව ප්‍රකාශ කළේය. තමන් ද පසුගිය දිනෙක ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට ගිය අවස්ථාවේ එවැනි අමිහිරි අත්දැකිමට මුහුණ දුන් බවත් ඔහු පැවසිය. මිට සම්බන්ධ තවත් පුවත්:
"විදේශිකයන්ට පමණයි" යනුවෙන් දැන්විම් පුවරු සහිතව පවත්වාගෙන යනු ලබන සංචාරක හෝටල් සම්බන්ධයෙන් වහාම නිතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇතැයි දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'සීකා' වෛරසයේ බලපෑමෙන් මොළය ඌන වශයෙන් වර්ධනය වූ දරු උපත් දහස් ගණනක් වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍යය සංවිධානයේ ආසියානු කලාපය භාර අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් සිං ඒ බව කියා සිටියේ කොළඹ පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන කමිටු සැසි වාරයේ ආරම්භක දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. කෙසේ වෙතත් සීකා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අඛණ්ඩ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඇය සඳහන් කළාය. අප්‍රිකාවේ සහ ආසියාවේ කලාප රැසක පැතිරෙමින් පවතින සීකා වෛරසය පුද්ගලයන් කෝටි දෙසීයකට වැළඳීමේ තර්ජනයක් පවතින බව බ්‍රිතාන්‍යයේ ලාන්සෙට් (The Lancet) විද්‍යා සඟරාවේ පසුගියදා පළ විය. 'මැලේරියාවෙන් නිදහස්' ඉන්දියාව, ඉන්දුනීසියාව සහ නයිජීරියාව යන රටවල සීකා වෛරසය පහසුවෙන් පැතිරීමට ඉඩකඩ පවතින බව නව සමීක්ෂණ වලින් හෙළි වී ඇති බවත් එහි සඳහන් විය. මේ අතර ශ්‍රී ලංකාව මැලේරියා රෝගය සම්පුර්ණයෙන් තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් අද දින සහතික කරනු ලැබිණ. 'මේක ශ්‍රී ලංකාව ලද විශිෂ්ට ජයග්‍රහණයක්. විසි වන සියවසේ මැද භාගය වන විටත් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් දැඩිව පීඩා විඳි රටක්. නමුත් දැන් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් නිදහස්' ලෝක සෞඛ්‍යය සංවිධානයේ ආසියානු කලාපය භාර අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් සිං කියා සිටියාය. සමුළුව දින පහක් පුරා පැවැත්වෙන අතර ඒ සඳහා කලාපයේ සෞඛ්‍යය අමාත්‍යවරුන් ඇතුළු විදේශීය සෞඛ්‍යය බලධාරීන් 200 දෙනෙක් සහභාගී වී සිටිති.
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයෙන් එක් සීකා රෝගියකු හෝ වාර්තා වී නොමැති බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංරක්ෂිත ඡායාරූපයක් අධිකරණය විසින් ඉහත කී නියෝගය නිකුත් කරනු ලැබුවේ ධර්මවිජය පදනම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. නන්දි නමැති අලි පැටවා නවසිලන්ත රජයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීන්දු කොට ඇති බව පෙත්සම්කාර සංවිධානය කියා සිටියි. අලි පැටවකු මවගෙන් වෙන් කොට හදිසියේ විදෙස් රටකට රැගෙන යෑම සත්ව හිංසාවක් මෙන්ම වනජීවී නීතිරීති උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. ඒ අනුව අලි පැටවා විදෙස් රටකට ගෙන යෑම තහනම් කොට නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පෙත්සම අඟහරුවාදා කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ අදාළ කරුණ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් උපදෙස් ලබාගැනීම සඳහා කල් අවශ්‍ය වන බවයි. ඒ අනුව පෙත්සම සැප්තැම්බර් මස 27 වනදා යළි කැඳවන මෙන් නියම කළ අධිකරණය එදිනට රජයේ ස්ථාවරය පැහැදිලි කරන මෙන් රජයේ නීතිඥවරයාට නියෝග කළේය.
නන්දි නමැති අලි පැටවෙකු නවසිලන්ත රජය වෙත පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය රජය වෙත නියෝගයක් නිකුත් කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"රටේ නීතිය කාටත් සමානයි කියන කාරණය අපි මේ හරහා පෙන්වා දෙනවා. අපි කිසි කෙනෙක් ආරක්ෂා කරන්න බැඳී සිටින්නේ නැහැ." ඇමතිවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. යමි කිසි අයකු වරදක් කර ඇත්නම් ඔවුන්ට දඬුවම් ලබා දීමේ අයිතිය රටේ නීති පද්ධතිය සතු බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ කරුණ පිළිබඳ ඉදිරියේදී ගනු ලබන නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ පවත්වන අතරතුර පසුගිය පාලන සමයේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ද විධිමත් පරීක්ෂණ සිදු කෙරෙනු ඇති බවත් ඇමතිවරයා පැවසීය. වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධ කෝප් වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ පාට කළ බූරුවෙක් බව සත්වෝද්‍යාන බලධාරීන් පිළිගන්නේ නැත කයිරෝ ජාත්‍යන්තර නාගරික උද්‍යානයේ කළ සංචාරයක් අතරවාරයේ මහ්මුද් සර්හාන් නම් ශිෂ්‍යයා මෙම සතා සමග ගත් ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර ඇත. ප්‍රමාණයෙන් කුඩා මෙම සතාට උල් කන් යුවළක් හිමි අතර, මුහුණේ බොඳ වුණ කළු පැල්ලම් ද දැකිය හැකිය. මෙම ඡායාරූපය සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් බෙදා හැරීමත් සමග 'සීබ්‍රාවෙකු වූ බූරුවා' පිළිබඳ විශේෂඥයන්ගේ අවධානය යොමු විය. සීබ්‍රාවෙකුගේ සිරුරේ ඇති තීරු වඩාත් ස්ථාවර හා සමාන්තරව පිහිටා තිබිය යුතු බව පශුවෛද්‍යවරයෙකු උපුටා දක්වමින් එරට ප්‍රවෘත්ති සේවයක් වන එක්ස්ට්‍රා නිව්ස් ටීවී (Extranews.tv) පැවසුවේය. එම කූඩුව තුළ සිටි සතුන් දෙදෙනාම වර්ණ ගන්වා තිබූ බව මහ්මුද් සර්හාන් Extranews.tv වෙත පැවසීය. සීබ්‍රාවෙකුට කළු පැහැති හොම්බක් හිමි අතර, සිරුරේ සමාන්තරව පිහිටා ඇති තීරු දැකිය හැකිය එහෙත් එරට ගුවන් විදුලි නාලිකාවක් වන නෝගම් එෆ්එම් (Nogoum FM) කළ විමසුමකදී සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක මොහමඩ් සුල්තාන් පැවසුවේ මේ සතුන් වර්ණ ගන්වා නොමැති බවය. සත්වෝද්‍යාන සිය නරඹන්නන් රැවටීමට උත්සාහ කරන පළමු අවස්ථාව මෙය නොවන බවට ද චෝදනා එල්ල වෙමින් පවතී. 2009 දී ගාසාහි සත්වෝද්‍යානයක් බූරුවන් දෙදෙනෙකු සීබ්‍රා ලෙස පෙනෙන ලෙස වර්ණ ගන්වා තිබේ. තවත් ගාසාහි සත්වෝද්‍යානයක සතුන් හිඟ වීම හේතුවෙන් 2012 වර්ෂයේදී පුළුන් පුරවන ලද සතුන් ප්‍රදර්ශනය කරන ලදී. 2013 දී චීන සත්වෝද්‍යානයක් ටිබෙටියන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු අප්‍රිකානු සිංහයෙකු ලෙස පෙන්වීමට උත්සහ කර තිබෙන අතර, 2017 දී චීනයේ Guangxi පළාතේ පිහිටි සත්වෝද්‍යානයක වායු පිරවූ ප්ලාස්ටික් පෙන්ගුවින් ප්‍රදර්ශනය තිබේ. සති කිහිපයකට පසුව Guangxi පළාතේ තවත් සත්ත්වෝද්‍යානයක ප්ලාස්ටික් සමනළයන් ප්‍රදර්ශනය කිරීම නිසා බොහෝ විවේචන එල්ල වී ඇත. මේ තොරතුරුද කියවන්න:
බූරුවෙකුගේ සිරුරේ කළු පැහැති ඉරි ඇඳීමෙන් එම සතා සීබ්‍රා කෙනෙකු ලෙස පෙන්වීමට උත්සාහ කළ බවට එල්ලවන චෝදනා ඊජිප්තුවේ සත්වෝද්‍යානයක් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම සතාගේ ඡායාරූපය අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිතුමතයේ සිදු කර ඇති මනුෂ්‍ය ඝාතන හෝ අයුතු ආකාරයට සැලකීම සම්බන්ධයෙන් හාරසීයකට අධික සාක්‍ෂි අන්තර්ගත ලිපි ගොණුවක් මානව හිමිකම් පිළිබඳ නීතිවේදීන් කණ්ඩායමක් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාර දෙනු ලැබීමෙන් අනතුරුවයි, ඉහත කී ප්‍රකාශය සිදු කෙරුණේ. 2006 වසරේ දී මෙම ප්‍රශ්නය සලකා බලා ඒ ගැන වැඩිදුර පියවර නො ගැනීමට තීන්දුවක් ගනු ලැබුණ නමුත් පිටු දෙසිය පනහකින් පමණ යුත් නව සාක්‍ෂි ගොනුව පසුගිය ජනවාරි මාසයේ භාර දෙනු ලැබීමෙන් අනතුරුවයි, එය විභාගයට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන නීති නිලධාරියා තීන්දු කර තිබෙන්නේ. ඉරාක් සිරකරුවෙක් 2003 සහ 2008 අතර කාලය ඇතුළත ඉරාකයේ රඳවා සිටි බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් සිදු කරන ලදැයි චෝදනා කෙරෙන අපරාධ පිළිබඳවයි,හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අවධානය යොමු කෙරෙන්නේ. බ්‍රිතාන්‍ය ප්‍රතිචාරය නීතිපති ඩොමිනික් ග්‍රීව්, හේග් අධිකරණයේ ප්‍රකාශනය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් කියා සිටියේ, ඉරාකයේ දී සැලසුම් සහගතව අපචාර සිදු කර ඇති බවට සිය සොල්දාදුවන්ට එරෙහිව එල්ල කෙරෙන චෝදනා බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් සහමුලින්ම ප්‍රතික්ෂේප කරනු ලබන බවයි. බ්‍රිතාන්‍ය යුද හමුදා අධිකරණ මණ්ඩලයේ ප්‍රධානියා ප්‍රකාශයක් කරමින් එවැනි විභාගයකදී සහයෝගයෙන් කටයුතු කරන බවයි කියා සිටියේ. එහෙත් සොල්දාදුවන් ඉරාකයේ දී සිදු කරන ලදැයි එල්ල වෙන අපචාර සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව දැනටමත් විභාග කර ඇති හෙයින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පූර්ණ මට්ටමේ නිල විභාගයක් කරා යොමු නොවනු ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. අපචාර චෝදනා සම්බන්ධයෙන් හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ බ්‍රිතාන්‍යය විභාගයට ගනු ලබන පළමු වතාව මෙයයි
බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් ඉරාකයේදී සිදු කරන ලද බවට එල්ල වෙන අපචාර චෝදනා සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණ ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමට නව තොරතුරු ලැබී ඇති බව හේග් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පැය 32 ක් මුහුදේ කොටු වුනු සර්ෆින් ක්‍රීඩකයා පසුගිය ඉරිදා Surfing ක්‍රීඩාව සඳහා මුහුදු ගිය උතුරු ලනාක්ෂයර් පළාතේ වැසියකුවන මැතිව් බ්‍රයිස් ඉන් පැය 32 කට පසුව සොයා ගනු ලැබුවේ එහි සිට සැතපුම් 13 ක් ඈත මුහුදේ අතරමංව සිටියදීය. තමන්ට තවත් රාත්‍රියක් දැකගන්නට නොලැබෙනු ඇතැයි සිතමින් එදින ඉර බැස යන ආකාරය ඈත මුහුදේ සිට කිසිදු අපේක්ෂාවකින් තොරව බලා සිටි බව බෙල්ෆාස්ට් නුවර සිය රෝහල් ඇඳේ සිට ඔහු සිහිපත් කළේ කඳුළු අතරිනි. සිය පුතු පිළිබඳ තොරතුරක් නොදැන දින එකහමාරකට ආසන්න කාලයක් වේදනාවෙන් ගත කළ ආකාරය ඔහුගේ දෙමාපියෝ බීබීසී යට හෙළි කළහ. "සුපුරුදු සාමාන්‍ය දිනයක්" ලෙසින් එදාත් සිය දිනය ආරම්භ වූ අයුරු මැතිව් බ්‍රයිස් බීබීසී ස්කොට්ලන්ඩ් අංශයේ ජැකී බර්ඩ් සමග විස්තර කළේය. සුපුරුදු ලෙසින් උදෑසන 11ට ඔහු මුහුදට ගියත් තද සුළඟ සහ රළු මුහුද විසින් තමා මොහොතින් මොහොත දියඹට රැගෙන යද්දී තදින් බියපත් වූ බව මැතිව් පවසයි. එක් අවස්තාවක මුහුදු රළ පෙළ ඔහු වෙරළට සැතපුමක් දක්වා ආසන්නයට රැගෙන ආවත්, ඉන් අනතුරුව යළිත් වරක් එහි දිශානතිය වෙනස් වී තිබේ. රැල්ලේ පාවී යන අතරවාරයේ ධීවර යාත්‍රා කිහිපයක් දැක ආධාර පතා කෑගැසුවත් ඔවුන්ට සිය කෑගැසීම නොඇසුණු බව ඔහු පවසයි. පැය කිහිපයකට පසුව තවදුරටත් දිය මත ලිස්සා යාමට ඔහුට ශක්තියක් නොවීය. එහෙත් සීතලෙන් බේරීම පිණිස අමාරුවෙන් වුවත් දිගටම ක්‍රීඩාවේ යෙදීමට ඔහුට සිදුවිය. රාත්‍රිය උදාවීමත් සමග කෑලි කපන අඳුරත්, හුදෙකලාවත්, මුහුදු රළ හැරුණු විට පැවති දැඩි නිශ්චලත්වයත් නිසා ඔහු බියෙන් තැතිගත්තේය. "මම එක හෙලිකොප්ටරයක්වත් දැක්කේ නෑ. ඒ මගේ ජීවිතේ අවසානය කියල මට තේරුණා." "ආයෙ කවදාවත් ඉර උදාවෙනවා දකින්න ලැබේවි කියල මම හිතුවේ නෑ." බේරාගැනීමේ හෙලිකොප්ටර් යාත්‍රාවක් මගින් ඔහු බේරාගනු ලැබුවේ සඳුදා රාත්‍රී 7:30 ට පමණය.
පුරා පැය 32 ක් මුළුල්ලේ මුහුදේ අතරමංව සිටි අවස්ථාවේ සිය ජීවිතය බේරාගැනීම පිළිබඳ සියලු බලාපොරොත්තු බොඳ වූ බව දිය මත ලිස්සා යාමේ (Surfing) ක්‍රීඩාවේ නිරතව සිටියදී මුහුදේ අතරමං වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට ද තොරතුරු වාර්තා වූ බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ. ‘අපි දන්නේ නෑ මේක ආණ්ඩුවේ මුද්‍රණාලයේ මුද්‍රිත එකක් ද කියලා. කොහොම එළියට ආවද කියන්න අපි දන්නේ නෑ. මේක ආකෘතියක්ද කියලා දන්නෙත් නෑ. ඒ කොහොම වුණත් මේක නොවිය යුත්තක්. මැතිවරණ නීති රීති වල මේ බව පැහැදිලිව තියනවා. මහජනතාවට ඡන්දයක් ගැන වගේම ඡන්දයක තියන රහස්‍ය බව ඉන් නැති වෙනවා. ඒක විශ්වාසවන්ත බවට කැළලක්’ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කීවේය. ඡන්ද පත්‍රිකාවක් හෝ එහි ආකෘතියක් භාවිතා කිරිම, ළඟ තබා ගැනීම පවා දඩුවම් ලැබිය හැකි වරදකි. රජයේ මුද්‍රණාලයේ මුද්‍රිත බවට සැක කරන මෙම ඡන්ද පත්‍රිකාවේ SHE 000200-P.E 2015 Government Press PV යනුවෙන් ද සඳහන්ව ඇත. ලබන 08දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ඉන් පෙන්නුම් කර ඇත. නිල ලිපි ශීර්ෂ ‘මේ ඡන්ද පත්‍රිකාව බෙදලා දීලා තියෙන රැස්විමට ආරාධනා කරලා තියෙන්නේ ප්‍රාදේශීය සභාවක නිල ලිපි ශීර්ෂ යොදා ගෙන සැකසූ ලිපියකින්. ඊට අත්සන් කරලා තියෙන්නේ එහි සභාපතිවරයා. ඒකත් නුසුදුසු ක්‍රියාවක්. මේ වගේ දේවල් වලින් මැතිවරණයක විශ්වාසවන්ත බව ජනතාවගෙන් ගිලිහිලා යනවා.’ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා තව දුරටත් සඳහන් කළේය. මෙම ඡන්ද පත්‍රිකාව පසුගිය තැපැල් ඡන්දයේදී පිටවූවක්ද, රජයේ මුද්‍රණාලයෙන් පිටවූවක්ද එසේත් නැත්නම් ව්‍යාජ ලෙස සැකසූ එකක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඉහත කී පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
රජයේ මුද්‍රණාලයේ මුද්‍රිත බවට සැක කෙරෙන ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් බලන්ගොඩ ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සංධානයට අයත් දේශපාලනඥයෙකු ගෙන ගිය බව කියන මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළ බව රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් ඒ පී සී පෙරේරා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'වගවීම ක්‍රියාත්මක කිරීම පිණිස සහ සංහිඳියාව උදෙසා මූලික සහ පුළුල් ක්‍රියාදාමයක් අත්‍යවශ්‍යයි' ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයට සහාය දැක්වීමට ඉඩ තිබෙන ක්‍රියාධරයන්ට පවා තර්ජන එල්ල වෙමින් පවතින බව මහකොමසාරිස්වරයා විසින් අඟහරුවාදා ප්‍රකාශයට පත්කරන ලද වාචික වාර්තාවේ දැක්වේ. විශේෂයෙන්ම පසුගිය මාර්තු මාසයේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ක්‍රියාධරයන් අත්අඩංගුවට ගතයුතු බවට ඇතැම් දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි අතර, ඉන් අනතුරුව ඇතැම් ජනමාධ්‍ය පවා ඔවුන්ට විරුද්ධව වෛරී ප්‍රචාරයක් ගෙන ගිය බවත් වාර්තාවේ සඳහන්. මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් මෙසේ බියවැද්දීමේ වාතාවරණයක් නිර්මාණය කෙරුනේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර පැවැත්වෙමින් තිබෙන ජාත්‍යන්තර පරීක්ෂණයේ කටයුතු වඩාත් දුෂ්කර කිරීමේ අරමුණින් බව පෙනීයන බවත් මහකොමසාරිස්වරයා පවසයි. වැලිවේරිය වාර්තාව වැලිවේරිය ප්‍රහාරය පිළිබඳ යුද හමුදා පරීක්ෂණයේ වාර්තාව 'තවමත් නෑ' අතුරුදහන්වීම් පරීක්ෂා කරන ජනාධිපති කොමිසම් විභාගය පිළිබඳව සඳහන් කරන මහකොමසාරිස්වරයාගේ වාර්තාව, කොමසාරිස්වරුන් සහ කොමිසමේ නීතිවේදීන් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කරන ආකාරය, උපදේශන සේවාවක් නොමැතිවීම සහ භාෂා පරිවර්තනයේ ප්‍රමිතිය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ස්වාධීන නිරීක්ෂකයන්ගේ අවධානය පළ වී තිබෙන බව ප්‍රකාශ කරයි. පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු වැලිවේරියේ ජනතාවට හමුදාව එල්ල කළ ප්‍රහාරය සම්බන්ධ හමුදා පරීක්ෂණයේ වාර්තාව ප්‍රකාශයට පත් කරන මෙන් මානව හිමිකම් මණ්ඩලය ඉල්ලීමක් කළත් එම වාර්තාව හෝ වවුනියාව සහ වැලිකඩ බන්ධනාගාරවලදී සිරකරුවන් මියයාම සම්බන්ධ පරීක්ෂණ වාර්තා තවමත් ප්‍රසිද්ධියට පත් කොට නැති බවත් වාර්තාවේ සඳහන්. මේ තත්වය යටතේ අතීතයේදී සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම පිණිස සහ ජාතීන් අතර සංහිඳියාව උදෙසා 'මූලික සහ පුළුල්' වගවීම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමයක් අත්‍යවශ්‍ය බව තමන් තරයේ විශ්වාස කරන බවයි, මහකොමසාරිස් සයීඩ් අල්-හුසේන් පවසන්නේ. මානව හිමිකම් මණ්ඩලය පවත්වන පරීක්ෂණය මාර්ගයෙන් එම අරමුණ සාක්ෂාත් කරගැනීම් වස් ප්‍රබල දායකත්වයක් සැපයීම සිය අරමුණ බවත් ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ දිගුකාලීන උන්නතිය උදෙසා එම පරීක්ෂණයට සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට සහාය පළ කරන මෙන් මහකොමසාරිස්වරයා යලිත් වරක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් පවතින තර්ජන, බියවැද්දීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව මහත් කම්පනයට පත් වී සිටින බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයීඩ් රාඩ් අල්-හුසේන් කුමරු පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හවුලේ සභාපතිවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නොපැමිණීම ජාත්‍යන්තර අවධානයට ලක් විය. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් කණ්ඩායමක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරද්දී ජනාධිපති වරයා ඊට සහභාගී නොවීම පිළිබඳව නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරාගෙන් බීබීසීය විමසීමක් සිදු කරනු ලැබීය. නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපතිවරයා ‘ග්ලාස්ගෝ’ නොපැමිණීමට හේතු වී ඇත්තේ ආරක්ෂක ප්‍රශ්න සහ බ්‍රිතාන්‍ය ජනතාවගේ පහසුව සැලකිල්ලට ගනිමින් බවයි. තව දුරටත් හේතු පැහැදිලි කරමින් අමාත්‍ය නියෝමාල් පෙරේරා කියා සිටියේ බ්‍රිතාන්‍ය රජය ජනාධිපති තුමාට දැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර නොගත් බවයි. පෙර සංචාර අත්දැකීම් මේ හේතුවෙන් මුහුණ පෑමට සිදුවන අපහසුතා මෙන්ම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා ලෝලීන්ට ඇති විය හැකි අපහසුතා සලකා මෙවර ක්‍රීඩා උළෙලට ජනාධිපතිතුමා නොපැමිණීමට තීරණය කළ බව ඔහු පෙන්වා දුන්නේ ගියවර ආරක්ෂාව ලබා දීමට බ්‍රිතාන්‍ය රජය අපොහොසත් වීමෙන් මුහුණ පෑමට සිදු වූ අපහසුතා මතක් කරමිණි. නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය මෙතෙක් තම අදහස් පළ කර නොමැත. එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ‘ග්ලාස්ගෝ’ නගරයට පැමිණ සිටි ක්‍රීඩා අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ බීබීසියේ ජයප්‍රකාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ ඌව පළාත් සභා මැතිවරණය හේතුවෙන් ජනාධිපතිවරයාට ක්‍රීඩා උළෙලට පැමිණීමට අවකාශයක් නොලද බවකි. මේ අතර ශ්‍රී ලංකාවෙන් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද බ්‍රහස්පතින්දා මූලික තරඟ ඉසව් කීපයකට සහභාගී වුහ. ඉදිරි දින වල ඔවුන් තවත් ඉසව් කීපයකට සහභාගී වීමට නියමිතයි.
බ්‍රිතාන්‍යයේ ‘ග්ලාස්ගෝ’ හි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල විසි තුන් වන දා ආරම්භ කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සහභාගිත්වයෙන් තොරවයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එලෙස තර්ජනයක් හෝ බලපෑමක් එල්ලවූවා දැයි විගණකාධිපතිවරයා ගෙන් විමසන ලෙස ඉල්ලා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති කමිටුවෙන් පිටව යාමේදී සාමාජිකයන්ට එක් හේතුවක් පවසා පිටතට ගොස් ඊට වෙනස් අදහසක් පවසන බවට චෝදනා කළේය. නියෝජ්‍ය ඇමතිවරයා විසින් එම තත්වය හඳුන්වනු ලැබුවේ දේශපාලන රංගනයක් ලෙසයි. විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳ තමන්ට ගැටලුවක් මතු වූ බවත් ඒ සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් සිදුවූ බවත් ඔහු කියා සිටියේය. 'දේශපාලන රංගනයක්' මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පිළිගත් නියෝජ්‍ය ඇමතිවරයා එම ගනුදෙනුවෙන් අයුතු ලාභ ලැබූ සමාගම පිළිබඳ අපරාධ පරීක්ෂණයක් සිදු කොට එහි අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගත යුතු බවට යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බව පවසයි. ගනුදෙනුවට සම්බන්ධ සමාගමට දඬුවම් කර ඊට සම්බන්ධ බවට චෝදනා ලැබ ඇති හිටපු මහ බැංකු අධිපතිවරයා බේරා ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බවට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනාව ගැන විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ තවමත් තම කණ්ඩායම ඉදිරිපත් කර ඇත්තේ නිර්දේශ දෙකක් පමණක් බවයි. තමන් කිසිවිටක හොරුන් ආරක්‍ෂා නොකරන බව අවධාරණය කළ අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයට හොරුන් රකින බවට චෝදනා එල්ල කිරීමට අනිකුත් පක්ෂ සැලසුම් කරන බවත් කියා සිටියේය. (නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සමඟ සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව සඳහා ඉහත දැක්වෙන වීඩියෝව නරඹන්න)
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෝප් කමිටු සාමාජිකයන් විගණකාධිපතිවරයාට තර්ජනය හෝ බලපෑම් කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම කමිටුවේ සාමාජිකයකු වන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනවාරි මස ධවල මන්දිරයේදී බ්‍රිතාන්‍යය අගමැතිනිය තෙරේසා මේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමුවූ අවස්ථාව බ්‍රිතාන්‍යයේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් විසින් බෙදා හරින ලද වර්ගවාදය සහ ආගම්වාදය ඇවිලෙන ආකාරයේ වීඩියෝ කිහිපයක් ජනාධිපති ට්‍රම්ප් විසින් බදාදා (නොවැම්බර් 29) යළිත් බෙදා හැර (share) තිබුණි. ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව බොහෝ බ්‍රිතාන්‍ය දේශපාලන නායකයන්ගේ දැඩි හෙළා දැකීමට ලක් වූ අතර, අගරදගුරු ජස්ටින් වෙල්බි ප්‍රකාශ කර සිටියේ ජනපති ට්‍රම්ප් මෙසේ "ජාතිවාදී අන්තවාදීන්ගේ අදහස් ප්‍රචාරය කිරීමට තෝරා ගැනීම, ගැඹුරු කැලඹීමක්" ඇති කළ හැකි බවය. "ජනාධිපතිවරයා මෙලෙස ක්‍රියා කිරීම වැරදි," බව අගමැතිනි තෙරේසා මේ ගේ මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් අලුතෙන්ම ප්‍රතිචාරය පළ කර තිබෙන්නේ අගමැතිනියගේ එම ප්‍රකාශයටය. "මම ගැන අවධානය යොමු කරන්න එපා. ඒ වෙනුවට එක්සත් රාජධානියේ දැනට පවතින විනාශකාරී රැඩිකල් ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන අවධානය යොමු කරන්න," ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. මිලියන 40 කට වැඩි අනුගාමිකයන් පිරිසක් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම මගින් යළි බෙදා හැරුණු එම වීඩියෝ පට මුලින්ම ට්විටර් ගිණුමට එක් කරන ලද්දේ බ්‍රිට්න් ෆර්ස්ට් (Britain First) පක්ෂයෙහි උප නායිකාව වන ජෙයිඩා ෆ්රන්සන් (Jayda Fransen) විසිනි. බ්‍රිතාන්‍යයේ බෙල්ෆාස්ට් නගරයේ පැවති රැළියක් අමතමින් "තර්ජනාත්මක, අපවාදාත්මක හෝ අපහාසාත්මක වචන ප්‍රකාශ කිරීම සහ ඒ අයුරෙන් හැසිරීම" යන චෝදනාවන්ට 31 හැවිදිරි ජෙයිඩා ෆ්රන්සන්ට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ. ජනාධිපති ට්‍රම්ප් පළමුවෙන්ම තම පිළිතුරු ට්වීටර් පණිවිඩය නිකුත් කර ඇත්තේ අනුගාමිකයන් හයක් පමණක් සිටින වැරදි ට්වීටර් ගිණුමකට වන අතර, එය පසුව මකා දමා නැවත තෙරේසා මේ අගමැතිතුමියගේ නිල ට්වීටර් ගිණුමට යොමු කර ඇත. අප්‍රසාදය පළ කිරීම් හෝ දෝෂාරෝපණ වලට පිළිතුරු දීමට ජනාධිපති ට්‍රම්ප් කිසිම අවස්ථාවක පසුබට නොවන බව මේ අලුත්ම ආන්දෝලනය පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන උතුරු ඇමරිකානු කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු ඇන්තනී සර්ෂර් (Anthony Zurcher) පවසයි. එම දෝෂාරෝපණ සිය හොඳම මිතුරාගෙන් ද නැතහොත් තම හිතවත්ම රටෙහි නායකයාගෙන් ද යන්න පිළිතුරු සැපයීමේදී ඔහුට වැදගත් නොවන බව ඔහුගේ මතයය. ට්‍රම්ප් ගේ වචන වලින්ම වරක් ප්‍රකාශ කළ පරිදි මෙය "ජනාධිපති පදවිය හැසිරවීමේ නූතන ක්‍රමවේදය" යන්නට තවත් උදාහරණයක් පමණය. ජාත්‍යන්තර සම්බන්ධතා කෙතරම් පළුදු වුවත්, ඔහුගේ ට්විටර් පණිවිඩ දිනෙන් දින ප්‍රසිද්ධ වෙමින් පවතින බව ද බීබීසී වාර්තාකරු පෙන්වා දෙයි. මේ සියල්ල අනවශ්‍ය හැල හැප්පීමක් ලෙසින් පෙනී යා හැකි නමුත්, එමගින් ජාත්‍යන්තර වශයෙන් ඇතිවන ප්‍රතිඵලය සුභදායක නොවිය හැකිය. ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩය මුස්ලිම් සංක්‍රමණිකයකු කිහිලි කරු ආධාරයෙන් ගමන් කරන නෙදර්ලන්ත ජාතිකයෙකුට පහර දෙන ආකාරය ට්‍රම්ප් බෙදා හළ පළමු වීඩියෝවෙහි දක්නට ලැබේ. නමුත් එම පහරදීම සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු "නෙදර්ලන්තයේ ඉපදී හැදී වැඩුනු" කෙනෙකු බවත් නෙදර්ලන්ත අධිකරණ සේවාවන්හි මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසිය ට පැවසීය. ඇමරිකාවේ පිහිටි නෙදර්ලන්ත තානාපති කාර්යාලය ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම ප්‍රකාශය තහවුරු කර තිබේ. දෙවන වීඩියෝවේ කිසියම් පුද්ගලයෙකු මරියතුමියගේ පිළිමයක් කඩා බිඳ දමන අයුරු දැක්වේ. මෙම වීඩියෝව 2013 දී යූ ට්යුබ් හරහා ප්‍රචාරය වී ඇති අතර, මෙහි රූප රාමු වල පෙනී සිටින පුද්ගලයා පවසන්නේ "ලෙවන්ට් නගරයේ අල්ලා දෙවියන් හැර වෙන කිසි කෙනෙකු වන්දනාමාන නොකරයි" ලෙසටය. මෙයින් හැඟවෙන්නේ ඔහු සිරියාවේ ජීවත් වන්නෙකු බවය. තුන්වැන්න 2013 දී ඊජිප්තුවේ ඇතිවූ කැරලි කෝලාහල අතරතුර ඇලෙක්සැන්ද්‍රියාවේ ගොඩනැගිල්ලකින් පුද්ගලයෙකු පහතට තල්ලු කරන දර්ශනයක් සහිත වීඩියෝවකි. මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාටම 2015 දී නීතියෙන් දඬුවම් පමුණුවා ඇති අතර එක් පුද්ගලයෙකුට එරෙහිව මරණ දඬුවම පවා ක්‍රියාත්මක කර හමාරය. ධවල මන්දිර මාධ්‍යය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසන අයුරු තෙරේසා මේ ඇතුළු සියලුම ලෝක නායකයින් මේ පිළිබඳව උනන්දු විය යුතු අතර "ඇත්තෙන්ම මෙය අපි මහත් ඕනෑකමින් සැළකිය යුතු තර්ජනයක්," බව ඇය පවසන්නීය. මේ තොරතුරුද දැනගන්න:
තමන් ගැන අවධානය යොමු කරනු වෙනුවට බ්‍රිතාන්‍යයේ "ත්‍රස්තවාදය" පිළිබඳව අවධානය පළ කරන්නැයි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ වෙත ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආණ්ඩුව කළ වැරදි හේතුවෙන් 2015 ජනපතිවරණයේ දී ශ්‍රීලනිප අපේක්ෂකයා පරාජයට පත් වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේ නම් ජනතාව එය අනුමත නොකරන බවත් සඳහන් කළේය. ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ සිකුරාදා (නොවැම්බර් 24) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතා කතාකරමිනි. පැවති දූෂිත පාලනය වෙනස්කර ජනතාව අලුත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සඳහා බැවින් එම ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලුදෙනා සූදානම් විය යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම හමුවට කැඳවනු ලැබීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසාදයට හේතු නොවූ අතර, ඒ සම්බන්ධයෙන් කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර අමාත්‍යවරුන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. අපි යහපාලනය ඉදිරියට ගෙනයනවා - බැඳුම්කර කොමිසම වෙත පැමිණි අගමැති මේ අතර සිරිකොත එජාප මූලස්ථානයේදී පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳව ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කර තිබුණි. "ඇතැම් පිරිස්වල උවමනාවට" එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා "පංගු කාරයෙක් නොවිය යුතු" යයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසා තිබුණි. නිකවැරටිය දේශනයේ දී එජාපයේ මන්ත්‍රීවරුන්ගේ හෝ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විවේචන පිළිබඳව කෙලින්ම සඳහන් නොකළ ජනාධිපතිවරයා "වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු බව" සඳහන් කළේය. එබැවින් "දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින්" ලෙසින් නොබෙදී ඉදිරියට යාමේ අවශ්‍යතාව ද අවධාරණය කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ "කවුරුන් කෙසේ කීවද" සිය වසර 50 ක දේශපාලන ජීවිතය තුළ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා කැප වූ බවය. සබැඳි යොමු: පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව එල්ල වන චෝදනාවලට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සිය ප්‍රතිචාරය පළ කළේය. බැඳුම්කරය: දුරකථන සංවාද “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න” පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය සඳහා ලබන දෙසැම්බර් 04 වෙනිදා තෙක් බල පැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය බදාදා (නොවැ 22) පියවර ගත්තේය. ඒ සමග පළාත් පාලන මැතිවරණ පැවැත්වීම තවත් කල් යාමට ඉඩ ඇති බවට සැක පළ වෙමින් තිබේ. මේ තත්වය යටතේ පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා වගකිව යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාර දෙනු ලැබ තිබේ. ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙයය. එහෙත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ එජාපයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පැවති අවස්ථාවක දී බව පෙන්වා දුන්නේය.
දූෂණයට සහ වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට තමාට චෝදනා එල්ල කරන්නේ නම් "සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම්" බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරය සිදුවූ ශාර් එ නාව් ප්‍රදේශයෙන් දුම් කන්දක ඉහළ නගින අයුරු දක්නට ලැබුණි මෝටර්රථ බෝම්බයක් පුපුරාහැරීමෙන් පසු ශාර් එ නාව් ප්‍රදේශයේ ඇති ගොඩනැගිල්ලට කඩා වැදුණු තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකරනු ලැබ තිබේ. පැය විසි හතරක් ඇතුළත නගරය තුළ සිදුවූ පස්වැනි ප්‍රහාරය මෙය වන අතර කිසිවෙකු විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත. ප්‍රහාරකයන් සියලු දෙනා මරාදමනු ලැබූ බවයි වාර්තාවන්නේ. කාබුල් නුවර ප්‍රහාරය සිදුවූ ස්ථානයේ ආරක්ෂක මෙහෙයුම් දියත්කොට ඇත. මෑතක සිට කාබුල් නගරය තුළ තාලිබාන් සන්නද්ධකරුවන් සිදුකරන ප්‍රහාරයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ. සඳුදා පුද්ගලයන් 24 දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් සියයකට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් සිදුවූ බෝම්බ පිපිරවීමේ වගකීම එම සංවිධානය විසින් භාරගනුලැබ තිබුණි. එම ප්‍රහාරයෙන් ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ යුද හමුදා ජෙනරාල්වරයෙකු මරණයට පත්වූ බවයි ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයෙක් බීබීසීයට පැවසුවේ. ගොඩනැගිල්ලට යාබදව පිහිටි ආපනශාලාවක වීදුරු ද පුපුරා කඩා වැටී තිබුණි. කාබුල් අගනුවර දියුණුම ව්‍යාපාර සහිත මෙන්ම ජනතාව පදිංචි නිවාස බොහෝ ඇති ප්‍රදේශයක සිදුවූ නවතම ප්‍රහාරය මෙයයි. රජයේ ප්‍රකාශකයෙක් බීබීසීයට පැවසුවේ බෝම්බකරුවන් සහ ආරක්ෂක අංශ අතර පැය ගණනක් පුරා පැවති වෙඩි හුවමාරුවෙන් සාමාන්‍ය වැසියන් හයදෙනෙකු තුවාල ලබා ඇති බවයි. විදේශිකයන් දස දෙනෙකු ඇතුළු පුද්ගලයන් 42 දෙනෙකු ගැටුම පවතිද්දී බේරාගනු ලැබුණි.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටා ඇති ජාත්‍යන්තර පුණ්‍යායතනයක කාර්යාලයට එල්ලවූ බෝම්බ සහ තුවක්කු ප්‍රහාරයකින් අවමවශයෙන් එක් පුද්ගලයෙකුවත් මියගොස් ඇති බව බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ සභාපති මැල්කම් රංජිත් කාදිනල් වරයාගේත් මහලේකම් වැලන්ස් මෙන්ඩිස් රදගුරු තුමන්ගේත් අත්සනින් නිකුත් කැරුණු නිවේදනයකින්, ව්‍යවස්ථා විවිධ සංශෝධන හා විධි විධාන ගෙන ඒම සඳහා ගන්නා වෑයම් හඳුන්වා තිබුනේ 'වරින් වර අමුණා ලීමක්' ලෙසින්. එසේ හෙයින් කතෝලික රදගුරු මණ්ඩලය රජයෙන් ඉල්ලා තිබුනේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි යළිත් සංශෝධනය කිරීමේ ව්‍යායාමය අත්හැර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මුල්කොටගෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අරමුණ 'සියලු පාර්ශව සමගින්' සාකච්ඡා කරන ලෙසයි. නව ව්‍යවස්ථාව 'සියලු ජාතීන්ගේ සංකලනයෙන් හා සමාජ බලවේග වල සහයෙන් විවිධත්වය ගරු කරමින් එකට රොද බැඳෙන ජනතාවක් සේ සියලු දෙන හට සමානත්වයෙන්,' සලකන්නක් විය යුතු බවයි එහි සඳහන් කොට තිබුනේ. 'උතුරේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්' බලය බෙදා හැරීම නිසා සිදුවූ ගැටුම් පිලිබඳ උදාහරණ 'ඉතා සීමිත' බව පවසන කතෝලික සභා නායකත්වය පවසා ඇත්තේ එම ක්‍රමය 'රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් බහුතර ජන සහභාගිත්වයක්' ඇති කිරීමට ඉවහල් වී තිබෙන බවයි. එසේ හෙයින් යෝජිත පරිද්දෙන් උතුරේ පළාත් සභා මැතිවරණය දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර පවත්වා පසුව නව ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනය කරන ලෙස කතෝලික රදගුරු මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී. 'උතුරේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් සේ සලකා දේශයේ සිංහල හා ද්‍රවිඩ දේශපාලන නායකයන් එයට අවංක පිළිතුරක් සපයා ගනු සඳහා ඒකරාශී වීම,' අවශ්‍යයෙන්ම විය යුත්තක් ලෙස කතෝලික රදගුරු මණ්ඩලය අවධාරණය කොට තිබේ.
රටේ සමස්ත ව්‍යවස්ථාවම මුලුමනින්ම වෙනස් කිරීම පිලිබඳ සිතා බැලීමට කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකාවේ කතෝලික නායකත්වය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය සතියේ දී පැය 72 ක් තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ විපක්ෂයේ පක්ෂ කාර්යාල 21 ක් විනාශ කොට තිබුණු බවද වාර්තා විය. එජාපයේ කාර්යාල හතරක්, ජවිපෙ කාර්යාල පහක් මෙලෙස ප්‍රහාරයට සහ ගිණි තැබීම්වලට ලක් වී ඇති බවත් එයින් තුනක් මුඵමනින්ම විනාශ වී ඇති බවත් කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පසුගිය සතියේ දී පැය 72 ක් තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ විපක්ෂයේ පක්ෂ කාර්යාල 21 ක් විනාශ කොට තිබුණු බවද ඔවුන් වාර්තා කර තිබුණි. කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අංක තහඩු රහිත සහ ගරාජ් අංක සහිත වාහන මැතිවරණ ව්‍යාපාරයන් හි යෙදවීම පිළිබඳ පැමිණිලි තුනක් ඉදිරිපත් කොට ඇත. විපක්ෂයේ මැතිවරණ කාර්යාල වෙත දිගින් දිගටම එල්ල වන ප්‍රහාර සහ ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබදව කැෆේ සංවිධානය කනගාටුව පළ කරයි.
අගෝස්තු 29 සහ 30 දෙ දින වැල්ලවාය සහ මොණරාගල ප්‍රදේශ වලින් මැතිවරණ කාර්යාල නවයකට පහර දීම් වාර්තා වී ඇති බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ කැෆේ සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටමං කරන්න' අගමැති ඩේවිඩ් කැමරන්, ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු සහ විදේශ ලේකම් විලියම් හේග් ඇතුළු බ්‍රිතාන්‍ය දූත මණ්ඩලය සමුළුවට සහභාගි වීම, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සහ යුද අපරාධ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ඍජු සහාය දැක්වීමක් බව උද්ඝෝෂකයන්ගේ චෝදනාව වී තිබුණි. සෙනසුරාදා සවස උද්ඝෝෂණය හමාරයේ අගමැති ඩේවිඩ් කැමරන්ට පෙත්සමක් භාර දුන් බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ නියෝජිතයන් පිරිසක් රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියහ. එමෙන්ම ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටමං කරන මෙන්ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. ඇම්නස්ටි ජාත්‍යන්තරය ඊට පෙරාතුව ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ මෙහෙයවීමෙන් ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව ඉදිරිපස උද්ඝෝෂණයක නිරත වූ සිය ගණනක පිරිසක්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව අවධානය යොමු කිරීම පිණිස රාජ්‍ය නායක සමුළුව යොදා ගන්නා මෙන් බ්‍රිතාන්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියහ. බ්‍රිතාන්‍යය ඇතුළු ලෝක නායකයන් සමඟ ව්‍යාපාරික ගිවිසුම් අත්සන් කිරීමට පිණිස පමණක් සමුළුව යොදා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්තාව ලබා නොදිය යුතු බවයි, ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ. සමුළුව වර්ජනය කරන බව කැනඩාවේ අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා දැනටමත් නිවේදනය කොට තිබෙන අතර, එයට සහභාගි වන්නේද යන්න පිළිබඳව අගමැති මන් මෝහන් සිං තවමත් තීරණය කොට නැති බව ඉන්දීය බලධාරීහු පවසති.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වරජන්ය කරන මෙන් බ්‍රිතාන්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටිමින් සිය ගණනක පිරිසක් අගමැති කාර්යාලය ඉදිරිපස උද්ඝෝෂණයක නිරතව සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පිටිසර පළාත් තුළ වෙසෙන ජන ප්‍රජා ඉලක්ක කර ගනිමින් පාසල් ගොඩනැගිලි ද ඇතුළුව යළි පදිංචි කිරීමේ ගම්මාන ඉදිවෙමින් පවතී. අඩු පහසුකම් සහිත ගම්මාන වෙත ළඟා වීමට ඇති පහසුකම් ඉහළ නංවා ඇතත් ඒවායේ ජන ජීවිතය තවමත් පවතින්නේ දුෂ්කර මට්ටමකය. පිටිසර ගම්මාන තුළ ජීවත් වූ පනස් ලක්ෂයක් පසුගිය වසර පහ තුළ යළි පදිංචි කර තිබේ. කෙසේ නමුත් චීනය තුළ අන්ත දුගීභාවය තුරන් කිරීම සඳහා කළ යුතු කාර්ය භාරය අති විශාලය. දූෂණ සහ වංචා වැනි බරපතළ අභියෝග තවමත් චීනය ඉදිරියේ පවතී. දුගීභාවය තුරන් කිරීමේ ප්‍රචාරණ කටයුතු රට පුරා ක්‍රියාත්මක අතර එම විෂය සඳහා පුවත් තුළ වැඩි ඉඩක් වෙන්වේ. සබැඳි යොමු:
වසර තුනක් ඇතුළත ලක්ෂ හාරසීය තිහක් (මිලියන 43) අන්ත දුගීභාවයෙන් ගලවා ගන්නා බවට ජනාධිපති ෂී ජින්පින් දී ඇති ප්‍රතිඥාව සාර්ථක කර ගැනීම සඳහා චීනය විසින් ඉදිරිගාමී සැලසුම් ක්‍රියාවට නංවනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මරා දමනු ලැබ ඇත්තේ ඉංග්‍රීසි අනාශයේ මහාචාර්ය සිද්දික් වනඅතර ඔහු නිවසේ සිට විශ්වවිද්‍යාලය වෙත යද්දී ප්‍රහාරය එල්ල වී ඇත මෙම ඝාතනය පසුගිය මාස කිහිපය තුළ සිදු වූ සර්වාගමික මතධාරී අන්තර්ජාල මාධ්‍යකරුවන් සහ අනාගමික ක්‍රියාධරයන් ගේ ඝාතන වලට සමාන බවයි පොලීසිය පවසන්නේ. බටහිර බංග්ලාදේශයේ රාජ්ශාහි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ඒ එෆ් එම් රෙසෞල් කරීම් සිද්දික් නමැති 58 හැවිරිදි මහාචාර්යවරයායි මෙසේ මරා දමනු ලැබ ඇත්තේ. මහාචාර්යවරයා තම නිවසේ සිට විශ්වවිද්‍යාලය බලා යද්දී හඳුනා නොගත් පිරිසක් විසින් ඔහුට තියුණු ලෙස කැපෙන මන්නා පිහියක් වැනි ආයුධ වලින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. මෙයට සමාන ලෙස සර්වාගමික සහජීවනය පිලිබඳ උනන්දුවක් දැක්වූ නීති ශිෂ්‍යයෙකු මරා දැමුණේ අප්‍රේල් 7 වැනිදායි පසුගිය වසරේ දී සර්වාගමික මතධාරී නමගිය අන්තර්ජාල මාධ්‍යවේදීන් හතර දෙනෙකු මරා දමුනේද මෙලෙස තියුණු ආයුධ වලින් පහර දීමෙනි. සහකාර පොලිස් අධිකාරී නහිදුල් ඉස්ලාම් AFP පුවත් සේවයට පැවසුවේ මහාචාර්ය සිද්දික් සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර බග්මාරා ප්‍රදේශයේ පාසැලක් ද අරඹා තිබූ බවයි. බග්මාරා ප්‍රදේශය තහනමට ලක් වූ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් වන ජමෙතුල් මුජහිදීන් බංග්ලාදේශ් (JMB) නමැති සංවිධානය ක්‍රියාත්මක වන ප්‍රදේශයකි. පසුගිය වසරේ ඉතාලි ජාතික කතෝලික පුජකවරයෙකුට හිරිහැර කිරීම සම්බන්ධයෙන් JMB කණ්ඩායමේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගනු ලැබිණි. අප්‍රේල් මස මුල දී සර්වාගමික මත අනතර්ජාලයේ පළ කළ බංග්ලාදේශ නීති ශිෂ්‍යයෙකු කපා කොටා මරා දැමුණේ ධකා අගනුවරදීය. පසුගිය වසරේ මරාදැමුනු අනාගමික මතධාරී අන්තර්ජාල මාධ්‍යකරුවන් හතරදෙනා 2013 වසරේ ඉස්ලාම් කණ්ඩායම් විසින් බෙදා හරින ලද 'අනාගමික මතධාරී බ්ලොග්කරුවන්' 84 දෙනෙකු ගේ ලැයිස්තුවට ඇතුලත්ව සිටි බවයි වාර්තා වන්නේ. මේ අතර ෂියා, සුෆි, අහමදි මුස්ලිම්, ක්‍රිස්තුභක්තිකයන් සහ හින්දු භක්තිකයන් ඇතුළු සුළු ආගමික ප්‍රජාවන් වෙතද ප්‍රහාර එල්ල වෙමින් තිබේ. එසේම පසුගිය වසරේදී විදේශිකයන් දෙදෙනෙකු, ඉතාලි ජාතික ස්වෙච්චා සේවකයෙකු සහ ජපන් ජාතිකයෙකු ද වෙඩි තබා ඝාතනය කර තිබුණි. මෙම ප්‍රහාරයන් ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමේ ක්‍රියාවන් බවට ප්‍රකාශ වී තිබුණද ස්වාධීනව සනාථ කිරීමක් සිදුවී නැත. බංග්ලාදේශය නිල වශයෙන් සර්වාගමික රටක් වුවද විවේචකයන් පවසන්නේ රජය මෙම ප්‍රහාරයන් පිළිබඳව නිසි ලෙස කටයුතු කිරීමට අසමත්ව ඇති බවයි.
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු තියුණු ආයුධයකින් කපා කොටා මරා දමනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇසෑමයේ ‘ගුවාහති’ අගනුවර බොහෝ කලාප ගංවතුරින් යට වූ අතර නගර වැසියන්ට ඉනක් පමණ වතුරේ ඇවිද ගෙන යාමට සිදු වුන බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ. ඇතැම් මරණවලට හේතුව නිවාස කඩා වැටීම සහ විදුලි බලය වැදීමයි. බ්‍රහ්මපුත්‍ර සහ වෙනත් ගංගාවන්හි ජල මට්ටම සැලකිය යුතු පරිමාණයෙන් ඉහල ගොස් ඇති අතර ඇසෑමයේ වෙනත් ප්‍රදේශත් ගංවතුර උවදුරට මුහුණ පා ඇති බවයි වාර්තාවන්නේ.
ඇසෑම් ප්‍රාන්තයේ ඇද හැලුන ධාරානිපාත මෝසම් වැස්ස නිසා ඇති වූ ගංවතුරින් අඩුතරමින් එකොලොස් දෙනකුවත් මරණයට පත් වූ බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බැඳුම්කර ගනුදෙනුව මෙන්ම මහ පරිමාණ දූෂණ හා වංචා පිළිබඳව පත් කරන ලද කොමිෂන් සභා නිකුත් කළ වාර්තා දෙක සම්බන්ධයෙන් ද අදාළ ආයතන අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ බීබීසී සිංහල සේවය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ලන්ඩනයට පැමිණ සිටි අවස්ථාවේදී ජනාධිපතිවරයා බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවට එක්විණි. දූෂණ චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබඳ කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ කොමිෂන් සභා වාර්තා සම්බන්ධ ක්‍රියාමාර්ගවල නැවතීමක් හෝ පසුගාමී තත්ත්වයක් නැති බවය. මෙවැනි කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේදී ජනමාධ්‍ය වෙත ද වගකීමක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, "හැමවෙලේම ඔය දේශපාලන ගැටුම් සහ කුණුගොඩවල් පෙන්නන්නේ නැතුව රටේ මහජනයා දැනුවත් විය යුතු දේවල් පිළිබඳ දැනුවත් කරන්න" යැයි කියා සිටියේය. පරීක්ෂණවල වේගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡාව කෙසේවෙතත්, අදාළ පරීක්ෂණයන්හි වේගවත් බව සම්බන්ධයෙන් විවේචන එල්ල වනවා නොවේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ජනාධිපතිවරයා "රටේ නීතිය" සමග එම කටයුතු ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුණි. "රටේ නීතියත් එක්ක යන්න ඕන. මේක කැලෑ නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් නෙවෙයි" යැයි ඔහු කියා සිටියේය. දූෂණ චෝදනාවලට ලක්වූ පසුගිය ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ට රැකවරණ ලැබෙන්නේදැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, "මගෙන් ආරක්ෂාවක් නැහැ- කාටවත්. මම දන්නේ නැහැ වෙන අය කොහොමද කියලා" යැයි සඳහන් කළේය. ජනාධිපතිවරණය ඉදිරි ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වන්නේදැයි කළ විමසීමට ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ, "මම හිතන්නේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ගැන දැනට කතා කිරීම අවශ්‍ය නැහැ" යනුවෙනි. වසර එකහමාරක් හෝ දෙකක් ඉදිරියට ඇති දෙයක් ගැන අද කතා කිරීමෙන් රට තුළ "දේශපාලන අස්ථාවරත්වයක්" ගොඩනැගෙන බව ජනාධිපතිවරයාගේ අදහසය. මැතිවරණ මානසිකත්වයක් සැමදෙනා තුළ ගොඩනැගීම නිසා රටේ සංවර්ධනයට, පැවැත්මට හා ස්ථාවරත්වයට "බරපතළ හානියක්" වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා සමග බීබීසී සිංහල සේවය කළ සම්මුඛ සාකච්ඡාව
පසුගිය ආණ්ඩුව සමයේ දූෂණ චෝදනා පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට එල්ලවන විවේචන තමන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයීඩ් අක්බරුදීන් පැවසුවේ දෙරට අතර වෙළෙදාම, ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩසටහන ඇතුළු කරුණු ගණනාවක්ම සාකච්ඡාවට ලක්වූ බවයි. ආයෝජන ශ්‍රී ලංකාව හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ඩොලර් කෝටි සියයක ආයෝජන ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවත් ඔහු පැවසුවේය. එසේම ඉන්දියාවද ශ්‍රී ලංකාවේ ඊට සමාන වටිනාකමක් ඇති ආයෝජන ආරම්භ කිරීම පිළිබඳවද සාකච්ඡා කළ බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේ. වගවීම් සොයා බැලීම සහ සංහිඳියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාතික මට්ටමින් ගන්නා උත්සාහයන් ගැනද සාකච්ඡා කළ බව ඔහු පැවසුවේය. මානව හිමිකම් මානව හිමිකම් කඩවීම් පිලිබඳව සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට සූදානමක් ඇති නිසා ඒ ගැන සාකච්ඡා කළේද යන ප්‍රශ්නය යොමු කළ විට අමාත්‍යංශයේ ප්‍රකාශක සයීඩ් අක්බරුදීන් පැවසුවේ ඉන්දියාවේ ස්ථාවරයේ වෙනසක් නැති බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී ඉන්දියාව ජන්දය දීමෙන් වැළකී සිටි බව ඔහු සිහිපත් කළේය. ජාත්‍යන්තර සංවිධාන මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අදාළ රටවල් සමඟ සහයෝගයෙන් ඒවා විසඳිය යුතු බවත් දඬුවම් පැමිණවීමේ අදහසින් එම ක්‍රියාවලිය සිදු නොකළ යුතු බවත් ඔහු කියා සිටියේය. ධීවර ප්‍රශ්නය අත් අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට ශ්‍රී ලංකාව කඩිනම් පියවර ගැනීම පැසසුමට ලක්වූ බවයි, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කලේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයීඩ් අක්බරුදීන් පැවසුවේ. ඊට අදාළ ගැටලු විසඳා ගැනීමට දෙරට දිගටම සාකච්ඡා පවත්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුස්මා ස්වරාජ් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී. එල්.පීරිස් අතර කරුණු ගණනාවක් ඔස්සේ සාකච්ජා පැවැත්වුන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව අගෝස්තුවේදී පොර්ට්ස්මත් වෙත යාත්‍රා කළේ නාවික කඳවුරේ සැරහුම් කටයුතුවලින් පසුවය එලිසබෙත් මහ රැජින විසින් මේ මස මුලදී පොර්ට්ස්මත් හි දී අධිකාරී ගැන්වූ මෙම නෞකාවේ අවරපෙති සහිත දණ්ඩක දෝෂයක් මතුව ඇත. පවුම් බිලියන 3.1 ක වියදමින් තනන ලද නෞකාවේ මතුවූ දෝෂය හඳුනා ගැනුනේ එය මුහුදේ පරීක්ෂණ සඳහා යාත්‍රා කෙරුණු අවස්ථාවේදීය. නැව අලුත්වැඩියාවකට යොමු කිරීමට නියමිත වුව ද ලබන වසර මුලදී යොදාගෙන ඇති යාත්‍රා කිරීමට එයින් බාධාවක් නොවන බව රාජකීය නාවික හමුදාවේ ප්‍රකාශකයා පැවසීය. සන් පුවත්පත වාර්තා කළ පරිදි හටගත් දෝෂය හේතුවෙන් සෑම පැයකදීම එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව තුළට මුහුදු ජලය ලීටර 200 දක්වා වූ ප්‍රමාණයක් ගලා එයි. මේ ගැටලුව, රාජකීය නාවික හමුදාව "අතිශය අපහසුතාවට" පත්කරන්නක් බව බීබීසී ආරක්ෂක වාර්තාකරු ජොනතන් බීල් පැවසීය. නැව අධිකාරියට පත්කිරීමේ උත්සවය දෙසැම්බර් 7 වෙනිදා පැවැත්විණි "ජලය ගලා ඒම අපේක්ෂා කළ යුතුයි" එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව තනන ලද්දේ බීඒඊ සිස්ටම්ස්, බැබ්කොක් හා තේල්ස් යන සමාගම් එක්ව සැදුනු එයාර් ක්‍රාෆ්ට් කැරියර් එලයන්ස් නම් සමූහය විසිනි. ෆයිෆ් හි පිහිටි රොසිත් තටාකාංගනයේදී එකලස් කිරීමට පෙර ග්ලාස්ගෝ හි පිහිටි ගෝවන් සහ ස්කොට්ස්ටුන්, ලිවර්පූල් හි පිහිටි ඇපල්ඩොර්, කැමල් ලෙයාර්ඩ් , නිව්කාසල් හා පොස්ට්මත් හි පිහිටි ඒ ඇන්ඩ් පී යන අංගන හයකදී නෞකාවේ කොටස් නිපදවිණි. දෝෂය සහිත කොටස ගෝවන් හි පිහිටි සිය අංගනයේදී නිපදවන ලද බව බීඒඊ සිස්ටම්ස් විසින් තහවුරු කරන ලදී. එහි අලුත්වැඩියාව නව වසරේදී සිදුකරන අතර ඊට දින කිහිපයක් ගතවන බව ද සඳහන් කළේය. නෞකාවේ අවරපෙති සහිත දණ්ඩක දෝෂයක් මතුව ඇත එක්සත් රාජධානි ආරක්ෂක අමාත්‍යංශයේ මෙහෙයුම් ශක්‍යතා පිළිබඳ හිටපු අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ක්‍රිස් පෙරී පැවසුවේ පළවූ සිරස්තල "අතිශය අපසුතාවක්" ඇති කළේ වුවද මේ කාන්දුව "සැබෑවටම එතරම් සැලකිය යුතු දෙයක් නොවේ" යනුවෙනි. බීබීසී සමග මේ පිළිබඳ අදහස් පළකළ රියර් අද්මිරාල් පෙරී, "මුහුදේදී යුද නැව් තුළට යම් ප්‍රමාණයක ජලය ගලා ඒම ඔබ අපේක්ෂා කළ යුතුයි. ඒ නිසයි ඒවායෙහි පොම්ප සවිකර තිබෙන්නේ" යැයි පැවසීය. "එය මුහුදේ පරීක්ෂණ ගමනේ යෙදුණා. යම් පීඩනයක් තිබුණා. ඒ සියලු පද්ධති පරික්ෂා කෙරුනේ ඒවායෙහි උපරිමයට යමින්. එයයි මුහුදේදී සිදුවුනේ" යනුවෙන් ද ඔහු සඳහන් කළේය. අඩි 900ක් (මීටර 280) දිග එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව එහි නේවාසික තොටුපොළ වන පොර්ට්ස්මත් වෙත පසුගිය අගෝස්තු මාසයේදී පළමු වරට සේන්දුවීමට පෙර රොසිත් සිට පිටත්ව මාස දෙකක කාලයක් මුහුදේ පරීක්ෂාවේ යෙදිණි. එච්එම්එස් ක්වීන් එලිසබෙත් රාජකීය නාවික හමුදාව සතුවූ විශාලතම යුද නෞකාව 65,000 ටොන් පවුම් බිලියන 3.1 වියදම ගුවන් යානා අංගනයේ දිග මීටර280 දැනට සිටින කාර්ය මණ්ඩලය 700 නැව අභ්‍යන්තරයේ ඇති විදුලි රැහැන්වල දිග සැතපුම් 155,000 එය එක්සත් රාජධානියෙහි අලුත් පරම්පරාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකා අතරින් පළමු වැන්න වේ. එච්එම්එස් ප්‍රින්ස් ඔෆ් වේල්ස් නම්වූ දෙවෙනි නෞකාව බාහිර වශයෙන් ඉදිකර අවසන් වුවද අභ්‍යන්තර පද්ධති සවි කිරීම සඳහා මාස 18 ක කාලයක් ගතවෙනු ඇත. රොසිත් හි සිදුවන එම කටයුතු 2019 දක්වා ක්‍රියාත්මකවන අතර ඉන් අනතුරුව මුහුදේ පරීක්ෂාව කෙරෙනු ඇත. මේ තොරතුරු දැනගන්න : වෙනත් ගුවන් යානා ප්‍රවාහන නෞකා සමග සැසඳීම ගුවන් යානා නැහැ නැවේ කාන්දුවක් හටගැනීම පිළිබඳ පුවත දැනගන්නට ලැබුනේ එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාවේ ගෙනයාමට නියමිත එෆ්-35 වර්ගයේ ගුවන් යානාවල වියදම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය අවධානය යොමු කර තිබියදීය. වසර 2025 වනවිට ඇමෙරිකාවේ ලොක්හීඩ් මාටින් සමාගමෙන් එෆ්-35 යානා 48 ක් පවුම් බිලියන 9.1 ට මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් එක්සත් රාජධානිය ආරම්භ කර තිබිණි. එහෙත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආරක්ෂක තේරීම් කමිටුව මෙම ජෙට් යානා පිළිබඳ "පිළිගත නොහැකි විනිවිදභාවයකින් තොරවීමක්" සිදුවී ඇතැයි පැවසුවේ, මෙම එක් ගුවන් යානයක් පවුම් මිලියන 150 ට වැඩි වන බව එක් ඇස්තමේන්තුවකින් පෙන්වා දී තිබු බැවිනි. දැනට එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව සමග ගුවන් යානා යෙදවීම සිදු නොවුව ද ලබන වසරේදී ඒ මතින් ලයිට්නිං ගුවන් යානා යොදාගනිමින් පළමු පරීක්ෂණ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඇමෙරිකාවේදී පුහුණුව ලද 120ක කාර්ය මණ්ඩලයක් ඊට එක් වේ. එවක ආරක්ෂක ලේකම් ශ්‍රීමත් මයිකල් ෆැලන් විසින් පසුගිය සැප්තැම්බරයේදී අලුත් ජාතික නැව් තැනීම් ක්‍රමෝපායක් හඳුන්වාදෙනු ලැබිණි. රජය පැවසුවේ වසර 2023 වනවිට අලුත් ටයිප් 31 ඊ ෆ්‍රීගේට් යාත්‍රා පහක්වත් මිලදී ගැනීමට සැලසුම් කරන බවය. රට පුරා පිහිටි තටාකාංගනවලට ඒවායෙහි ඉදිකිරීම් බෙදාදෙන බව ද පැවසීය. අලුත් නෞකාවල පළමු කණ්ඩායම රාජකීය නාවික හමුදාවේ යාත්‍රා සමූහය සවි ගන්වනු ඇති අතර ඉදිරියේදී විදේශ නාවික හමුදා ද එක්සත් රාජධානියෙන් නෞකා මිලදී ගනු ඇතැයි ද එය අපේක්ෂා කරයි.
අලුතින් ම දියත් කරන ලද එක්සත් රාජධානියේ නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාවෙහි මුද්‍රා තැබීමේ දෝෂයක් හේතුවෙන් කාන්දුවක් මතුවී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහින්ද දේශප‍්‍රිය මහතා මැතිවරණ කොමසාරිස් මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ මහලේකම් කාර්යාලය සරණ මාවත රාජගිරිය. මැතිවරණ කොමසාරිස්තුමනි, හිරිකිතයකින් තොරව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම හෙවත් මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය ආවරණය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් විසින් 2014.03.13 දාතම සහිතව ඔබ වෙත යොමු කරන ලද ලිපියට අමතරව ලියමි. මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ පටන්ම රාජ්‍ය මාධ්‍ය හා ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන හිරිකිතයකින් තොරව සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට දැඩි විරෝධය දක්වමි. මැතිවරණ ව්‍යාපාර සම්බන්ධ නීතිය ඉතා පැහැදිළි වන අතර එකී මැතිවරණ ව්‍යාපාර හා මැතිවරණයට අදාල සියලූම කරුණු පාලනය කිරීම ඔබගේ රාජකාරිය බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මාධ්‍ය වාර්තා (2014.03.18 දින ඬේලි මිරර් පුවත්පතේ මුල් පිටුව* අනුව මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් යන දෙදෙනා ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයා ලෙස රාජ්‍ය උත්සවවලට සහභාගිවීම සඳහා ඇති සම්පූර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිති. ජනාධිපතිවරයා වත්මන් පළාත් සභා මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂයක නායකයා බව සමහරවිට එම මහත්වරුන් නොදන්නවා විය හැක. මැතිවරණ ව්‍යාපාරයේම කොටසක් වශයෙන් මෙකී කාලය තුල පැවැත්වෙන ඊනියා රාජ්‍ය උත්සවවලට සහභාගි වන ජනාධිපතිවරයා ජනතාව අමතන්නේ ජනාධිපති වශයෙන් නොව දේශපාලන පක්ෂයක නායකයා ලෙසය. මෙම සන්දර්භය තුළ ඔබ විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ මාර්ගෝපදේශ උපුටා දැක්ම යෝග්‍ය යයි සිතමි. ,10ග ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා හෝ රජයේ අමාත්‍යවරු සම්බන්ධ වන දේශපාලන මත/අදහස් ප‍්‍රකාශ කිරීමේ රූපවාහිනී/ගුවන්විදුලි වැඩ සටහන්වල ඔහු/ඇය අයත් වන දේශපාලන පක්ෂයේ වැඩ සටහනක් ලෙස සැලකිය යුතු අතර, එම නිසා එයට විරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂවල නායකයන්ට ද ඒ හා සමාන වැඩ සටහන් ලබා දිය යුතුය. මුද්‍රිත මාධ්‍ය ද ඒ අයුරින් දේශපාලන පක්ෂ/කණ්ඩායම්වලට විශේෂ සාකච්ඡුා ලබා දීමේ දී /ප‍්‍රචාරක පක්ෂ රැුස්වීම් වාර්තා පළ කිරීමේ දී සමාන ඉඩක් හා ප‍්‍රමුඛතාව ලබා දිය යුතුය. තරග කරනු ලබන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ඇති බැවින් ඒ සියලූම පක්ෂ ස්වාධීන කණ්ඩායම් සඳහා එක හා සමාන ගුවන් කාලයක් හෝ ප‍්‍රවෘත්ති පත‍්‍රවල ඉඩ කඩ ලබා දීම කළ නොහැකි නමුත් යම් කිසි පක්ෂයකට කණ්ඩායමකට හෝ අපේකෂකයකුට විශේෂ සැලකිල්ලක් දක්වා ප‍්‍රවර්ධනය වන අයුරින් හෝ වෙනත් පක්ෂ/කණ්ඩායම්/අපේක්ෂකයන් හට අගතියක් වන අයුරින් හෝ ගුවන් කාලය නැතහොත් ප‍්‍රවෘත්ති පත‍්‍ර ඉඩකඩ වෙන් කිරීම නොකළ යුතුය,ග :උපුටා ගැනීම: 2014 මාර්තු මස පැවැත්වීමට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡුන්ද විමසීම් පිළිබඳව විiුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් පිළිපැදිය යුතු මාධ්‍ය උපමාන* තවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට මාධ්‍ය ආවරණ ලබා ගැනීමේ හිමිකම එම ධුරයට අයත් අයිතිවාසිකමක් වශයෙන් කොතැනකවත් සඳහන් නොවන බවද මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. ජනාධිපතිවරයා හා ඔහුගේ පක්ෂය හෙලිකොප්ටර් ඇතුලූ රාජ්‍ය දේපල පාවිච්චි කරන බව පෙනී යන අතර අපට ලැබී ඇති විශ්වාසදායක තොරතුරු අනුව ඒ වෙනුවෙන් මුදල් ගෙවීමක් ද සිදු කර නැත. මේ තත්වය යටතේ අප පක්ෂයේ ස්ථාවරය වන්නේ මැතිවරණ කාල පරිච්ෙඡ්දය තුළදී ජනාධිපතිවරයාට මාධ්‍ය ආවරණය ලබා දෙන සෑම අවස්ථාවකදීම ඒ හා සමාන මාධ්‍ය ආවරණයක් විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් මා වෙත ද ලැබිය යුතු බවයි. ඔබ මේ පිළිබඳව අවධානය යොමුකොට නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් තහවුරු කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි මම විශ්වාස කරමි. රනිල් වික‍්‍රමසිංහ (පා.ම.* පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක.
2014.03.19
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දියවන්නා වෙසක් කලාපයේ වෙසක් සිරිය ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් නිර්මාණය කළ බුදු පිළිමය, වැලි යොදා ගනිමින් අඹන ලද ලොව දිගම බුදු පිළිමය බව මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් පවසයි. සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීම සඳහා දියවන්නා වෙසක් කලාපය වෙත පැමිණෙන මෙන් ඔහු ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනා කරයි. මේ අතර ජාත්‍යන්තර වෙසක් දින සමාරම්භක උළෙල සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (මැයි 11) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මැයි 14 වෙනිදා පවත්වනු ලබන සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නේපාලයේ ජනාධිපතිනිය බින්ද්‍යා දේවි බන්ධාරි සහභාගී වීමට නියමිතව ඇත. ආසියානු රටවල සහභාගීත්වයෙන් වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය අද සිට 14 වෙනිදා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වේ. අඩි 40 ක් දිගින් යුත් සැතපෙන බුදු පිළිමය ආසියානු රටවල් 10 ක බෞද්ධ සම්ප‍්‍රදායන් පිළිබිඹු කරමින් කෙරෙන ප්‍රදර්ශනයක් ද ඊට ඇතුළත් වේ.
වැලි යොදා ගනිමින් අඩි හතළිහක් දිග සැතපෙන බුදු පිළිමයක් ඉන්දීය මූර්ති ශිල්පියෙකු විසින් ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරනු ලැබීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිවිල් යුද්ධය නිමා කරමින් මාවෝවාදී කැරලිකරුවෝ සහ නේපාල ආණ්ඩුව 2006 වසරේදී සාම ගිවිසුමකට අත්සන් තැබූහ ජනපතිවරයා ව්‍යවස්ථාව හා ඊට සම්බන්ධ ලියකියවිලිවලට අත්සන් තැබුවේ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ අත්පොළසන් මධ්‍යයේයි. මේ අතර නව ව්‍යවස්ථාවට එරෙහි දහස් ගණනක් උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් ඇති වී තිබේ. නව ව්‍යවස්ථාවට විරෝධය පා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිසිය හා ඇති වූ ගැටුමකින් එක් අයෙක් මරුමුවට පත් වී තිබේ නේපාලයේ සුළු ජන කොට්ඨාශයක් නියෝජනය කරන එම උද්ඝෝෂකයින් නව ව්‍යවස්ථාවෙන් තමන් නොසලකා හැර ඇති බවටයි චෝදනා කරන්නේ. හින්දු ආගමිකයන් බහුල නේපාලය, නව ව්‍යවස්ථාවේ විග්‍රහ කොට ඇත්තේ අනාගමික රාජ්‍යයක් ලෙසයි. නව ව්‍යවස්ථාවට අනුව නේපාලය ෆෙඩරල් පළාත් හතකට වෙන් කොට තිබේ.
දීර්ඝ කාලයක් පැවති සිවිල් යුද්ධය අවසන් වී දශකයකට ආසන්න කාලයකට පසු නේපාල ජනපති රාම් බරම් යාදව් එරට නව ව්‍යවස්ථාව නිල වශයෙන් අනුමත කොට තිබේ.