instructions
stringclasses 1
value | input
stringlengths 173
24.8k
| output
stringlengths 5
1.45k
|
---|---|---|
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති රැස්වීමකදී ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායකවරයා සහ උප සභාපති මතිවානන් සමඟ සාකච්ඡා කළ බව පවසන සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර, සාකච්ඡාවක් සඳහා දිනයක් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් සඳහන් කළේය. "අපිට තාම තිලංග සුමතිපාල මහත්තයත් එක්ක සාකච්ඡාවක් ලැබිල නෑ මේ වනතුරු. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා," සභාපතිවරයා බීබීසී සංදේශයට පැවසීය. පාකිස්තානය වැනි ලොව වෙනත් රටවල් දැනටමත් දෘශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් සංගම් ප්‍රධාන ධාරාවේ ක්‍රිකට් පරිපාලනයට ඇතුලත් කරගෙන තිබෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා, පාකිස්තානය අත්සන් තැබූ ගිවිසුමේ පිටපතක් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ලබා දුන් බවත් සඳහන් කළේය. දෘශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් සංගමය, ප්‍රධාන ධාරාවේ ක්‍රිකට් පරිපාලනයට අනුයුක්ත කරන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයද මීට ඉහතදී නිර්දේශ කර තිබේ. ජනවාරි 26 වැනි දින ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ක්‍රිකට් ශූරතාවලිය වෙනුවෙන් දැනට පුහුණු කටයුතුවල නිරතව සිටින බවත් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර බීබීසී සංදේශයට පැවසීය. "මෙවර තරගාවලිය සඳහා අපි අලුත් ක්‍රීඩකයන් තෝරාගෙන තිබෙනවා. තරගාවලියේ ජය තහවුරු කිරීම සඳහා අපි මේ දවස්වල කොළඹ පුහුණු කටයුතුවලත් නිරතව සිටිනවා," ඔහු පැවසීය. ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් ප්‍රකාර මෙවර ඔවුන්ට පුහුණුවීම පිණිස ක්‍රීඩාංගන සහ පුහුණුකරුවකු මෙන්ම ඉන්දියාව බලා යාම පිණිස ගුවන් ප්‍රවේශපත්‍රද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී තිබේ. 2012 පැවති විස්සයි විස්ස ජගත් ශූරතාවලියේදී සහ 2014 සීමිත ඕවර 40 හෙ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීය. "අපේ කණ්ඩායම දැන් ශක්තිමත්. දක්ෂ ක්‍රීඩකයන් ඉන්න නිසා විස්සයි විස්සයි තරගාවලියේ ජයග්‍රහණය අත්පත්කර ගැනීමට හැකිවේවි කියලයි මම විශ්වාස කරන්නේ." ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ තුන් වැනි ස්ථානයේ පසුවන බව පෙන්වාදෙන සංගමයේ සභාපතිවරයා, තවදුරටත් ඉදිරියට යාම පිණිස අනුග්‍රහය සපයන මෙන් ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක්ද කරයි. | සිය සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුයුක්ත කරන මෙන් තමන් කළ ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් පළ වූ බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සංගමය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අලුත්වැඩියා කර නැවත භාවිතා කරන වාහන අතර 1949 බ්‍රිතාන්‍යයේ දී නිෂ්පාදනය කළ 'මොරිස් මයිනර්' රථයට ප්රමුඛ ස්ථානයක් ලැබේ. නවීන පන්නයේ ජපන් වාහන වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමත් සමග, මොරිස් මයිනර් රථවලට තිබූ ඉල්ලුම අඩු විය. 1971 දී මොරිස් මයිනර් බ්‍රිතාන්‍ය සමාගම වසා දමන ලද අතර, දැනටත් එම වාහන හැට දහසක් පමණ ධාවනයේ යෙදෙමින් ඇති බවත් පැවසෙයි සමාගම වසා දැමීමත් සමග ධාවනය වෙමින් තිබූ මොරිස් මයිනර් වාහනවලට අවශ්‍ය අමතර කොටස් සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බවට පත් විය. මොරිස් මයිනර්:"අපි අධිවේගී මාර්ගයේ 100ක වේගයෙන් කොළඹ ගියා" මොරිස් මයිනර් වාහන උපාංග යුරෝපා රටක නිෂ්පාදනය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදු වන නිසා එම නිෂ්පාදනාගාරය 1995 දී ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද්දේය. මේ කාලය වන විට ශ්‍රී ලංකාව තුළ ද 'මොරිස් මයිනර්' රථය ඉතා ජනප්‍රිය තත්වයේ පැවතීම මෙම නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව විය. මෙම නිෂ්පාදනාගාරය පිහිටුවා ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ වන අතර, අදටත් ලොව රටවල් ගණනාවක ධාවනය වෙමින් පවතින මොරිස් මයිනර් සදහා අවශ්‍ය අමතර කොටස් වර්ග 650 කට වැඩි සංඛ්‍යාවක් එහි නිෂ්පාදනය කරනු ලැබේ. "මේ ආයතනය 1995 දී පටන් ගන්නකොට තමයි මම මෙතනට සම්බන්ධ වුණේ. එතකොට අපිට කිව්වේ මේ වාහන වැඩිම වුනොත් තව අවුරුදු දහයක් ලෝකේ පවතීවී කියලා. නමුත් අවුරුදු 23 ක් තිස්සේ තවමත් මේ වාහන පවතිනවා. නමුත් අපි අමතර කොටස් නිෂ්පාදනය කරන නිසා තවත් අවුරුදු පනහක් වත් මේ වාහන තියේවි කියල මම හිතනවා" යැයි ගාල්ල මොරිස් මයිනර් අමතර කොටස් නිපදවන 'ක්ලැසික් කාර්' පෞද්ගලික සමාගමේ කළමනාකරු ඩී.ඒ. රවීන්ද්‍ර බීබීසි සිංහල සේවයට පැවසුවේය. ගාල්ල, පින්නදූව ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම නිෂ්පාදනාගාරයේ සේවකයන් පහළොස් දෙනෙකුගෙන් සමන්විතය. අමතර කොටස් නිෂ්පාදනයට අමතරව මොරිස් මයිනර් වාහන නැවත ධාවනයේ යෙදවීමට සුදුසු පරිදි නවීකරණය කිරීමද එහි සිදු කෙරෙයි. "අපි වැඩියෙන්ම නිෂ්පාදනය කරන්නේ වාහනයේ බඳ කොටස්. ඒ වගේම, මොරිස් මයිනර් වාහන වල 'චැසි ලෙග්' වල ඉඳලා 'රබර් බුෂ්' ඇතුළු එන්ජිමේ සමහර කොටස් අපි නිෂ්පාදනය කරනවා" රවීන්ද්‍ර පැවසීය. අනෙකුත් වාහන උපාංග නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවල භාවිතා කරන නවීන තාක්ෂණය ගාල්ලේ පිහිටි මෙම මොරිස් මයිනර් නිෂ්පාදනාගාරයේ දක්නට නැත. මේ තොරතුරුද කියවන්න: අමතර කොටස් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ කීපයක් මෙම ආයතනය සතුව ඇතත් ඒවා ඉතා පැරණිය. කළමනාකරු රවින්ද්‍රට අනුව ආයතනයේ 'ශක්තිය' වී ඇත්තේ අත්දැකීම් බහුල පළපුරුදු සේවක පිරිසය. "අපට ලොකු පිරිසක් නැහැ. නමුත් දැනට වැඩ කරන ගොඩක් අය මොරිස් මයිනර් වාහනය ගැන හුඟක් දන්න දක්ෂයන් පිරිසක්. අපිට නවීන තාක්ෂණය අත්‍යවශ්‍ය නැහැ මේවා හදන්න" ඔහු පැවසුවේය. ඩෙන්මාර්ක් ජාතිකයෙකු විසින් 1995 දී ආරම්භ කළ මෙම සමාගම සිය නිෂ්පාදනවලින් 80% කට වැඩි ප්‍රමාණයක් ඩෙන්මාර්කයට අපනයනය කරන අතර, ඔවුන් එම උපාංග එංගලන්තය ඇතුළු අනිකුත් රටවලට බෙදා හරිනු ලබයි. "මේ සමාගම ආරම්භ කළ නීල්සන් මහත්තයා ශ්‍රී ලංකාවට ආපු අවස්ථාවක, අපේ රටේ මොරිස් මයිනර් වාහන වලට තිබෙන උනන්දුව දැකල තමයි නිෂ්පාදනාගාරය මෙහි ආරම්භ කළේ. අනික මෙවැනි උපාංග යුරෝපා රටවල නිෂ්පාදනය කරන්න ලොකු වියදමක් යනවා. අපේ රටේ නිෂ්පාදන වියදම ඉතා අඩුයි" 'ක්ලැසික් කාර්'සමාගමේ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කරන ලයනල් ද සිල්වා පැවසීය. ලයනල් ද සිල්වා මොරිස් මයිනර් රථවලට දැඩි ලෙස ඇලුම් කරන අතර, ඔහු එම රථයක හිමිකරුවෙක් වී සිටි බවත් පැවසුවේය. "අපේ ආයතනය සතු මොරිස් මයිනර් රථයෙන් තමයි අපි බැංකුවට යන්නේ. ගාල්ල ටවුමට ගියාම විදේශිකයන් වාහනය වට කරගෙන ගොඩක් පින්තූර ගන්නවා. ඔවුන් මේ වාහනවලට හරිම කැමතියි," ඉතා හොඳ ධාවන තත්වයේ තිබෙන කාර්යාල කටයුතු සඳහා භාවිතා කරන මොරිස් මයිනර් රථය පෙන්වමින් ලයනල් අප සමග පැවසුවේය. "අපි මේ වාහනේ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සියයක වේගයෙන් කොළඹ ගිහින් ඇවිත් තිබෙනවා" අප කතාබහට එක් වූ රවීන්ද්‍ර පවසා සිටියේය. තවත් තොරතුරු: අතීතයේ දී මොරිස් මයිනර් මාදිලියේ රථයකින් ගාල්ල සිට යාපනය දක්වා ගමන් කිරීමට හැකියාව තිබිණි. නමුත් වර්තමානයේදී මෙම රථය දීර්ඝ ගමන් සඳහා භාවිතා කරන්නේ නම් ඉතා හොඳින් නඩත්තු කර තිබිය යුතු බව ඔහු තවදුරටත් පැවසුවේය. "ඇත්තටම මේ ගොඩක් වාහන දැන් භාවිතා කරන්නේ 'ඇන්ටික්' විදියට. ගෙදර අමතර වාහනය විදියට තිබෙනවා, නැත්නම් හෝටල්වල ප්‍රදර්ශනයට තබනවා. ගොඩක් වාහන කෙටි ගමන්වල විතරයි යෙදෙන්නේ ඒ නිසා වාහන කැඩෙනවා අඩුයි" ශ්‍රී ලංකාව තුළ මොරිස් මයිනර් වාහන දෙදාස් පන්සියයක් ධාවනයේ යෙදෙන බවට ඇස්තමේන්තු කර තිබෙන අතර ඒවාට අවශ්‍ය උපාංග ලබා දීම තම ආයතනය මඟින් සිදුකරන බව රවීන්ද්‍ර පවසන්නේය. "දැන් ලෝකය වටා හෝටල්වලින් මොරිස් මයිනර් වාහනවලට ඉල්ලුමක් තිබෙනවා - ප්‍රදර්ශන භාණ්ඩයක් විදියට තියා ගන්න. මොකද යුරෝපා සංචාරකයන් මේවට හරිම ආසයි. අපි පරණ කාර් අලුත් වැඩියා කරලා ඔවුන්ට ලබා දෙනවා" මෙලෙස අලුත්වැඩියා කර ලබා දෙන වාහනවල විශේෂත්වය වන්නේ ඒවා පෙර තිබුණු ආකාරයට සැකසීමයි. පැරණි වාහනවලට නව උපාංග සවිකර නවීකරණ කිරීමට ඇතැමෙක් කටයුතු කරති. නමුත් මෙම සමාගමෙන් සිදු කරනු ලබන්නේ වාහනය පෙර තිබුණු ආකාරයට අළුත් වැඩිය කිරීමය. "දැන් මේ වාහනේ 1960 වර්ෂයේ නිෂ්පාදනය කරපු එකක්. අපි මේක හදන කොට ආසනේ පටන් සෑම කොටසක්ම මුල් තත්වයේ, ඒ වර්ෂයට අදාළ වාහන තිබුණු විදිහටමයි හැදුවේ. ගොඩක් අය වාහන නවීකරණය කරන්න ගිහින් ඒවායේ වටිනාකම නැති කරගන්නවා" මොරිස් මයිනර් රථයක් පෙන්වමින් රවීන්ද්‍ර පැවසීය. "අපි පොඩි වෙනස් කිරීම් කරනවා. උදාහරණයකට මේ පැති වීදුරු දෙක දික් කරලා පැති වීදුරු තුනක් දැම්මා" ඔහු තවත් මොරිස් මයිනර් වාහනයක් පෙන්වමින් පැවසුවේය. ගාල්ල පින්නදූවේ ඇති මෙම මොරිස් මයිනර් නිෂ්පාදනාගාරයට අමතරව ගාල්ල බටදූව ප්‍රදේශයේද තවත් මොරිස් මයිනර් අමතර කොටස් නිෂ්පාදනාගාරයක් ඇත. | ලෝකයේ සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද පැරණි වාහනවලට ඇත්තේ විශාල ඉල්ලුමකි. ධාවනයෙන් ඉවත්කර තිබෙන පැරණි වාහන නැවත අලුත්වැඩියා කර භාවිතයට ගැනීම ඉතා ජනප්‍රිය වෙමින් පවතී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජය සමරන ටීඑම්සී පාක්ෂිකයෝ මැතිවරණ ව්‍යාපාරයේදී භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලය ඉලක්ක කර දැඩි බරක් යොදවා තිබිණි. එහෙත් මෝදිගේ දැඩි විවේචකයෙකු ලෙස සැලකෙන දැනට එම ප්‍රාන්තයේ බලය හිමි මමතා බෙනර්ජි විසින් පහසුවෙන්ම යළි එම ප්‍රාන්තයේ බලය තහවුරු කරගනු ලැබීය. භාරතීය ජනතා පක්ෂය (බීජේපී) අසාමයේ බලය රැක ගත්ත ද සෙසු ප්‍රාන්ත තුළ කැපී පෙනෙන ජයක් ලබා ගැනීමට අපොහොසත් විය. ඉන්දියාවේ පවතින කොරෝනා අර්බුදය මැද අගමැති මෝදිගේ පසුබෑමක් ප්‍රදර්ශනය කෙරෙන සංඥා ලබා දෙන්නේදැයි සොයා මෙම ප්‍රාන්ත මැතිවරණය සමීපව නිරීක්ෂයට ලක්ව තිබිණි. නොවනවත්වා 10 වෙනි දිනටත් ඉන්දියාවේ දෛනික රෝගීන් සංඛ්‍යාව 300,000 ඉක්මවනු ලැබීය. ඉන්දියාවෙන්, ඉරිදා (මැයි 02) වාර්තා වූ මරණ සංඛ්‍යාව 3,689 කි. එය මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. රෝහල් දරුණු ලෙස ඇඳන් සහ ඔක්සිජන් හිඟයකට මුහුණ දී සිටින අතර ඉන්දියානුවෝ බොහෝ දෙනෙකු සමාජ ජාල ඔස්සේ උපකාර අයදින අයුරු දැකිය හැක. ඉන්දියාවේ කෝවිඩ් අර්බුදය: මරණ ඉහළ යාමත් සමහ ආදාහනාගාර දරාගත නොහැකි මට්ටමකට ලඟා වේ මැතිවරණ රැළි සහ ඡන්දය, කොරෝනා වෛරස් රෝගීන්ගේ ඉහළ යාමට බලපා ඇති බව විශ්ලේෂකයෝ පවසති. මේ ගැනත් කියවන්න: බෙංගාලයේ සිදු වූයේ කුමක්ද? බොහෝ දුරට ඡන්ද ගණන් කිරීම අවසන් වී තිබියදී, ප්‍රාන්ත සභාවේ ආසන 294 න් 200 කට අධික සංඛ්‍යාවක් තහවුරු කර ගැනීමට මමතා බෙනර්ජිගේ ට්‍රිනමූල් කොන්ග්රස් (ටීඑම්සී) පක්ෂයට හැකිව ඇත. ප්‍රතිඵල අනුව බෙනර්ජි තෙවන වරටත් බටහිර බෙංගාලයේ නායිකාව වීමට නියමිතය. ඇය ඉන්දියාවේ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයක් දරන එකම කාන්තාව ද වෙයි. ලක්ෂ නවසීයක් වෙසෙන බටහිර බෙංගාලය වෙත මැතිවරණ නිරීක්ෂකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබිණි. එම ප්‍රාන්තය, අගමැති මෝදි බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවකට හිමිකම් නොකියන ප්‍රාන්ත කීපයෙන් එකකි. එමෙන්ම බටහිර බෙංගාලය, මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විසින් කිසිදා පාලනය කරනු ලැබ නොමැත. පරාජයට පත් වුව ද මැතිවරණයෙන් ආසන 80 ක් පමණ දිනා ගනිමින් බටහිර බෙංගාලයේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට බීජේපිය සමත්ව තිබේ. 2016 වසරේ මැතිවරණයෙන් එම පක්ෂයට දිනා ගත හැකි වුණේ ආසන 03 ක් පමණි. | ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තීරණාත්මක බටහිර බෙංගාල ප්‍රාන්තය අහිමි විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රුක් රෝපණ සතිය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය හා බැක් ටු ග්‍රීන් (Back to Green) සංවිධානය විසින් දිවයින පුරා පැල සිටවීමේ ව්‍යාපාරය ඉරිදා ආරම්භ කෙරිණ. තලවතුගොඩ වැව් බැම්ම අසලින් ආරම්භ කෙරුණු එම ව්‍යාපෘතියට සහභාගී වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේ ජාතීන් වශයෙන් නොව මිනිසුන් වශයෙන් පරිසරය සුරැකිය යුතු බවයි. 'විල්පත්තුව සුරැකීමේ සටන අපි හිතනවා ප්රගතිශීලී සටනක් බවට පත් විය යුතුය කියලා. ඒක එක කැලෑවකට, නැතිනම් මුස්ලිම් කෙනෙක් ඒක කරන අර්ථයෙන් මේ පරිසරය සුරකින්න ඉදිරිපත් වීම අවශ්‍ය නැහැ.' ඔහු පැවසීය. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මැයි 08 සිට 14 දක්වා සතිය තුළ පැල පහළොස් දහසක් සිටවීම ඒ සඳහා සහභාගී වන සංවිධානවල ඉලක්කය වී ඇති බවයි එරංග ගුණසේකර කියා සිටියේ. 'ආණ්ඩු, දේශපාලන පක්ෂ මාරු වුනත් ගස් කැපීම දිගටම සිද්ධ වෙනවා. අපට ඒක නවත්වන්න බැරි වුනත් ගස් සිටවන්න අපට පුළුවන්.කපන එක ගසක් පාසා තවත් ගසක් සිටවන්න අපට පුළුවන්' බැක් ටු ග්‍රීන් සංවිධානයේ එම්කේසීපී ශෂීන් සඳහන් කළේය. මැයි මස 28 සහ 29 යන දෙදින තුළ රත්නපුර සිට ශ්‍රී පාදය දක්වා වැටී තිබෙන මාර්ගය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සංවිධානය කොට ඇති බවත් එරංග ගුණසේකර කියා සිටියේය. ශ්‍රී පාදස්ථාන රක්ෂිතය ඔස්සේ වැටී ඇති මාර්ගය පවිත්‍ර කිරීමේ ව්‍යායාමයේ කොටස් කරුවන් වී ඊට සහභාගී වන ලෙසත් සමාජවාදී තරුණ සංගමය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ආරාධනා කරයි. | පරිසරය සුරැකීම එක් ජාතියකට හෝ එක් කැලෑවකට පමණක් සීමා නොවිය යුතු බව රුක් රෝපණ ව්‍යාපෘතියක නියැළී සිටින තරුණ ක්‍රියාධරයෙක් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සොල්දාදුවා ද එම ගිනි අවියෙන් ම තමාට වෙඩි තබා ගෙන අනතුරුව සොල්දාදුවා ද එම ගිනි අවියෙන් ම තමාට වෙඩි තබා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ෆෝට් හුඩ් කඳවුර එක්සත් ජනපදයේ විශාලතම යුධ හමුදා කඳවුරයි. වර්ෂ 2009 දීද ෆෝට් හුඩ් කඳවුරේ මෙවැනිම වෙඩි තැබීමක් සිදු විය ආයුධ සන්නද්ධ පුද්ගලයා 2011 වසරේ දී සොල්දාදුවෙකු ලෙස ඉරාකයේ සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු විසින් යුධ හමුදා කඳවුරට ගෙනෙන ලද අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක් උපයෝගී කර ගනිමින් යුධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේදී තම සේවා සාමාජිකයන් හට විවෘත වෙඩි තැබීමක නිරත වී තිබේ. සොල්දාදුවා ඒ වන විට මානසික අවපීඩනය සහ භ්‍රාන්තිය ආදී ව්‍යාදීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවයි වාර්තා වන්නේ. වර්ෂ 2009 දී යුධ හමුදාවේ විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු අතින්ම දහතුන් දෙනෙකුට මරු කැඳවමින් සහ තිස් දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදු කරමින් ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම විවෘත වෙඩි තැබීම සිදු වූයේද මෙම ෆෝට් හුඩ් යුධ හමුදා කඳවුරේදීයි. | ඇමෙරිකා එක්සත් ජනපද ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් හුඩ් යුධ හමුදා කඳවුර තුළ හමුදා සොල්දාදුවෙකු සිදු කළ විවෘත වෙඩි තැබීමකින් තිදෙනෙකු මියගොස් තවත් දහසය දෙනෙකු තුවාල ලබා තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බුද්ධ ප්‍රතිමාව ඉන්දීය සංස්කෘතික උරුමයේ වැදගත් අංගයකි ඉන්දීය සංස්කෘතික උරුමයේ වැදගත් අංගයක් ලෙස සැලකෙන එම පුරාවස්තුව නිදහස් දින සමරුවේ එක් අවස්ථාවක් වශයෙන් ලන්ඩනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාර දෙන ලදී. අදාළ ලෝකඩ බුදු පිළිමය නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඇති නාලන්දා හි පිහිටි ඉන්දීය පුරාවිද්‍යාත්මක සමීක්ෂණ කෞතුකාගාරයෙන් 1961 වසරේ සොරාගෙන යන ලද පිළිම 14න් එකකි. අලෙවිය සඳහා ලන්ඩනයේ වෙළෙන්දෙකුට ලැබීමට පෙර එය කිහිප වාරයක් ම අතින් අතට මාරුවෙමින් ගොස් ඇත. එහෙත්, සිංගප්පුරුවේ වෙසෙන, ඉන්දීය උරුමය පිළිබඳ උනන්දුවක් දක්වන්නෙකු හා 'ඉන්ඩියා ප්‍රයිඩ් ප්‍රොජෙක්ට්' නම් ව්‍යාපෘතියක සමාරම්භකයෙකු වන විජේ කුමාර් මෙය හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළේය. මේ ඒ පිළිබඳ තොරතුරුය. පිළිමය හඹා යාම "ඉතා කල් ඉකුත්වූ මේ සිදුවීම ගැන සොයා බලන්න ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක සමීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කළ විශ්‍රාමික අධ්යක්ෂවරයෙක් පසුගිය ජනවාරි මාසයේදී මගේ උදව් ඉල්ලුවා. පිළිමයට අදාළ ඡායාරූප වගේම අනෙකුත් වාර්තා මා අත පත් කළා" යැයි විජේ මේ සිදුවීම ආවර්ජනය කළේය. ඒ අනුව, තමන් හඳුනන යුරෝපයේ වෙසෙන උරුමයන් පිළිබඳ විශේෂඥයින් කණ්ඩායමක් වෙත WhatsApp හරහා අදාළ ඡායාරූප සහ තොරතුරු ඔහු විසින් බෙදා හරිනු ලැබීය. "2018 මාර්තු මාසයේදී වෙළෙඳ සල්පිලකදී මේ පිළිමය හඳුනාගත්තේ කලා ශිල්පවලට එරෙහි අපරාධ පිළිබඳ පර්යේෂණ සංගමයේ ලින්ඩා ඇල්බර්ට්සන්. නෙදර්ලන්තයේ සිටින ලන්ඩන් අලෙවිකරුවෙක් එය විකිණීම සඳහා එහි එක් කර තිබුණා." යැයි කී විජේ කුමාර්, "මගේ අතේ තිබු පැරණි ඡායාරූප සමග ගැලපීමෙන් පස්සේ එම අලෙවිකරු හා පොලිසිය ඇමතුවා" යැයි සඳහන් කළේය. ප්‍රතිමාව සොයාගැනීම සඳහා, උරුමයන් පිළිබඳ විශේෂඥ පිරිසකට විජේ කුමාර් WhatsApp පණිවිඩ යැවීය ප්‍රතිමාව ඩොලර් 45,000 ට මිල නියම කර තිබිණි. එහෙත්, මේ සම්බන්ධයෙන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු නොකෙරුණු අතර මීට පෙර හිමිකරුවන් ගැන කිසිදු තොරතුරක් බලධාරීන් විසින් හෙළිකරනු නොලැබීය. "අලෙවිය සඳහා එය තැබූ අලෙවිකරු හෝ ප්‍රතිමාවේ දැන් හිමිකරු අපරාධයක් කර නැති බව අපි තහවුරු කරගත්තා." යැයි ලන්ඩන් නාගරික පොලිසියේ කලා සහ පුරාවස්තු ඒකකයේ රහස් පරීක්ෂණ කොස්තාපල්වරියක වන සොෆී හේස් සඳහන් කළාය. කලා ශිල්ප අදාළ අපරාධවලට වැරදිකරුවන්වීම දුලබය එක්සත් රාජධානිය තුළ, කලා ශිල්පවලට අදාළ අපරාධ සඳහා වැරදිකරුවන් වීම ඉතා දුර්ලභ ය. වසර 15 ට ඉහතදී, 2003 සංස්කෘතික භාණ්ඩ පිළිබද ක්‍රියාත්මකවීම (වැරදි) පිළිබඳ පනත ක්‍රියාත්මක වූ තැන සිට මේ දක්වා සාර්ථකව වැරදිකරු කරනු ලැබ ඇත්තේ එක් පුද්ගලයෙකු පමණි. නමුත් පුරාවස්තු විශාල ප්‍රමාණයක් එක්සත් රාජධානිය තුළ ගනුදෙනු වේ. මෙම බුදූ පිළිමය උසින් සෙන්ටිමීටර 20 ට නොවැඩි ය. විශාල පිළිම මෙන් නොව කුඩා සංස්කෘතික භාණ්ඩ පහසුවෙන් ගෙන යා හැකි අතර පොලිසියේ හා රේගු බලධාරීන්ගේ ඇසින් නිතර ගැලවී යයි. "මේ ප්‍රතිමාව සමග සොරාගෙන ගිය තවත් පිළිම දෙකක් ඇමෙරිකාවේ කෞතුකාගාර දෙකක ඇති බව අපි සැක කරනවා." විජේ කුමාර් "මේ බුදු පිළිමය ප්‍රතිස්ථාපනය කළාට පසු වඩා සවිමත්ව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන්න හැකිවේවි කියල අපි හිතනවා." යැයි විජේ කුමාර් පැවසීය. නාලන්දාවෙන් සොරාගන්නා ලද අනෙකුත් පිළිම 10 කොතැනක වේදැයි යන්න තවමත් නොදන්නා බව ඔහු කියා සිටියේය. නාලන්දා, සියවස් ගණනාවක සිට බෞද්ධ අධ්‍යාපනයේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් විණි. ඉන්දීය විහාරාරාමවලින් පුරාවස්තු දහස් ගණනක් අතුරුදන්ව ඇත. කීර්තියට පත් නාලන්දා විශ්ව විද්‍යාලය ආක්රමණිකයින් විසින් විනාශ කරනු ලැබුවේ 1193 දීය. ක්‍රියාකාරීන් පෙන්වාදෙන පරිදි ගෙවීගිය දශක කිහිපය තුළ ඉන්දියාවේ ප්‍රකට විහාරාරාම හා ස්මාරකවලින් පුරාවස්තු දහස් ගණනක් අතුරුදන්ව ඇති අතර ඉන් 100 ත් අඩු ප්‍රමාණයක් වෙනත් රටවලින් යළි සොයාගෙන තිබේ. එක්සත් රාජධානියේ සිටින ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සින්හා "කිසියම් දෙයක් යම් තැනකින් සොරාගන්නා ලදුව දැන් එක්සත් රාජධානියේ කිසිවකු හෝ කිසියම් ආයතනයක් සන්තකයේ තිබෙන බවට අපට විශේෂිත තොරතුරු ලැබුණොත් ඒ පිළිබඳ අප වහාම ක්‍රියාත්මක වෙනවා" යැයි එක්සත් රාජධානියේ සිටින ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සින්හා පැවසීය. ඉන්දියාව තුළ වාර්තාගතකර තබාගැනීම ප්‍රශ්නගත කරුණක් ලෙස තවමත් පවතී. තමන් සතු සංස්කෘතිකමය භාණ්ඩ පිළිබඳ ලේඛනයක් තබාගැනීමට බොහෝ ඓතිහාසික පුජ්‍ය ස්ථානවලට නොහැකිව ඇත. ඓතිහාසික හා සංස්කෘතිකමය වටිනාකමක් ඇති සියලු භාණ්ඩ ඡායාරූප සමග ලේඛනගත කෙරෙන්නේ නම් එය වඩා වැදගත්වනු ඇත. "අප සතුව කුමක් තිබෙන්නේ දැයි යන්න ගැන යහපත් වාර්තා පවත්වා නොගන්නේ නම් අධිකරණයේදී එය අපගේ යැයි තහවුරු කරන්නට බැහැ" විජේ කුමාර් පවසයි. සොරාගන්නා ලද තවත් පුරාවස්තුවලට අදාළ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ඉන්දීය නිලධාරීන් මෙන්ම ලන්ඩන් නාගරික පොලිසිය බීබීසී වෙත තහවුරු කළ ද, ඒ පිළිබඳ වැඩි තොරතුරු හෙළි නොකළහ. 2001 වසරේදී බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් සොරාගන්නා ලද 12 වෙනි සියවසට අයත් ප්‍රතිමාවක් ලන්ඩන් නාගරික පොලිසිය විසින් 2016 දී සොයාගන්නා ලදී. පසුව එය ඉන්දීය බලධාරීන් අතට පත් කරනු ලැබීය. | වසර 50 පෙර ඉන්දියාවෙන් සොරාගෙන යන ලද බුද්ධ ප්‍රතිමාවක් එරට 72 වෙනි නිදහස් දිනය වෙනුවෙන් යළි එරටට භාර දී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ක්ෂුද්රජීව විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා - කමිටු සභාපති ක්ෂුද්රජීව විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව විසින් පසුගිය සතියේදී අදාළ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලදී. කෝවිඩ් -19 යනු SARS-CoV-2 මගින් ඇතිවන උග්‍ර ශ්වසන රෝගයක් ලෙස හදුන්වා දී කමිටුව, එය ප්‍රධාන වශයෙන් පෙනහළු හා ශ්වසන මාර්ගයට බලපාන බවට පෙන්වා දී ඇත. SARS CoV-2 වෛරසය ආවරණය කරන ලද වෛරසයක් වන අතර එය ආවරණය නොකරන ලද වෛරසයක් සමඟ සසඳන විට අහිතකර පාරිසරික තත්ත්වයන් මගින් වඩා වේගයෙන් විනාශ වේ යැයි ද කමිටුව පවසයි. හුස්ම ගැනීම, කැස්ස, කිවිසුම් යාම, කතා කිරීම හා ඒ ආශ්රිත ක්‍රියාකාරකම් වලදී ශ්වසන ස්රාවයන් මගින් බිඳිති බැහැර කරන විට ජීවත්වන, ආසාදිත පුද්ගලයින් විසින් එය සම්ප්‍රේෂණය කරනු ලැබේ යනුවෙන් කමිටුව සකස් කළ වාර්තාවේ දැක්වේ. ආසාදිත පුද්ගලයින් විසින් භාවිත කරන ලද පෘෂ්ඨ හා වස්තූන් මත ද වෛරසය හඳුනාගත හැකි අතර විවිධ කාල පරාසයන් තුළ එය සක්‍රියව පවතින අතර ඔවුන්ගේ අසාදිත දෑතින් වෙනත් අයට සම්ප්‍රේෂණය විය හැකි යැයි ද එහි සඳහන් ය. ඇතැම් ආසාදිත පුද්ගලයින්ගේ මළ මූත්‍ර වලින් ද ආසාදනය විය හැකි බව ඉන් කියැවේ. විශේෂඥ කමිටු නිර්දේශවලින් කොටසක් විශේෂඥ කමිටුවේ සාමාජිකයින් සමහර රෝගීන්ගේ ප්ලාස්මා සහ සේරමය (plasma and serum) තුළ අඩු වෛරස ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. ඒවා ආසාදනය විය හැකි බව පෙන්නුම් කෙරෙන්නේ යැයිද එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි. "වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ," යනුවෙන් ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත. මළ සිරුරක ඉතිරිව ඇති වෛරස ජලය අපවිත්‍ර වීමට තරම් ප්‍රමාණවත් නොවන බව සදහන් කරන එම වාර්තාව පෙන්වාදෙන්නේ භූගත ජල මට්ටමට කාන්දු වීමට පසේ ස්ථර කිහිපයක් පසුකර යා යුතු බැවින් එසේ පස් ස්ථර තුළින් කාන්දුවිමේදී ඕනෑම අවශේෂ වෛරසයක් අඛණ්ඩව මිය යන අතර එය ආසාදිත මට්ටම් කරා ළඟාවීම ඉතාමත් දුර්ලභ බවය. "තවද, ජල මට්ටමට ළඟා වන ඕනෑම අවශේෂ බෝවන වෛරසයක් විශාල ජල පරිමාවකින් තනුක වේ. එමනිසා, වෛරසයේ අවම ආසාදිත මාත්‍රාව තරමක් ඉහළ බැවින් ජලයේ ඇති වෛරස් ප්‍රමාණය ශ්ලේෂ්මල පටල සමඟ සම්බන්ධ වීමෙන් හෝ අපවිත්‍ර වූ දෑත් මගින් ආසාදනයට තුඩු දීමට ප්‍රමාණවත් නොවේ." "එම හේතු නිසාම, SARS හෝ ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් මියගිය පුද්ගලයින් භූමදානය කිරීමේදී ජලය දූෂණය වීමෙන් සම්ප්‍රේෂණය වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත." "කෙසේ වෙතත්, ජෛව හායනයට ලක් නොවන සිරුරු බහාලන බෑග වැනි වෛරස කාන්දුවකට ඉඩක් නැති ද්‍රව්‍ය භාවිතයෙන් ශරීරය ඔතා තැබීමෙන් ජලය දූෂණය වීම බොහෝ දුරට වළක්වා ගත හැකිය." යැයි එහි කියැවේ. එම වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ SARS-CoV-2 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ මළ සිරුර ආසාදනයට ඉඩ තැබිය හැකි බැවින් එම මෘත ශරීරය සමඟ සමීප සම්බන්ධතා ඇති සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අදාළ දේහය බැහැර කිරීමට සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතු බව ද එහි සඳහන් ය. මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරමින් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බවය. පුද්ගලයෙකු මියගිය පසු පීසීආර් පරීක්ෂණයෙන් කෝවිඩ්-19 වෛරසය ශරීරගත වී ඇති බවට කියවුනද දේහයෙන් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සභාපතිත්වය දරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත්කළ නිවේදනයෙන් කියැවේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය 31වැනි දා විශේෂඥයින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව දැනට පවතින විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඒවා නම්, කෝවිඩ් -19 ආසාදනය වන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් වන අතර, උදරය සහ බඩවැල් ආශ්රිත පද්ධතිවලින් මෙම වෛරසය ආසාදනය වීමක් මින් පෙර කිසිදු අවස්ථාවක වාර්තා වී නොමැති බවත් වෛරසයට ජීවත් විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් එයට මෘත දේහයක් තුළ සැලකිය යුතු කාලයක් ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප බවත් ඉන් කියැවේ. පශ්චාත් මරණ පරීක්ෂණයේදී පී.සී.ආර්. පරීක්ෂණයකින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු වීම මත ඔහුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය විය හැකි බවට නිගමනය කළ නොහැකි බව අතර කොවිඩ්-19 ආසාදිතයින්ගේ මළ මූත්‍ර ආදිය ජල පද්ධතියට එක් වීමෙන් සිදු විය හැකි හානිය, දේහ මිහිදන් කිරීම තුළින් ඇති විය හැකි අපවිත්‍රතාවකට වඩා දැඩි ලෙස බරපතල බවත් ඉන් පෙන්වා දෙයි. වෛරසයේ කොටස් භූගත ජලය තුළ මීට පෙර සොයාගෙන ඇති නමුත් එමගින් බෝ වී ඇති අවස්ථා කිසිවක් වාර්තා වී නොමැති අතර, දීර්ඝ ලෙස අධ්‍යයනයට ලක් වූ මෙවැනිම වෛරස වන, ඉන්ෆ්ලුවෙන්සා හා සාස් වෛරස ද මේ ආකාරයෙන් ආසාදනයවීම් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බව යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටී. ඩෙන්මාර්කයේ කෝවිඩ් හේතුවෙන් මරා දැමුණු මුගටි විශේෂයෙන් විශාල ප්‍රමාණයක් මිහිදන් කර නැවත ගොඩට ගැනීම සිදු වූයේ අදාළ වෛරසයෙන් එරට භූගත ජලය දූෂණය වීමක් නිසා නොවන අතර එම මුගටි විශේෂයේ මළ සිරුරු දිරාපත් වීම නිසා ඇති වූ නයිට්රජන් අපද්‍රව්‍ය නිසා ඒ ආසන්නයේ පිහිටි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදුව ඇති බව ද පවසන වෛද්‍ය සංගමය, ජලය මාර්ගයෙන් විශාල වශයෙන් ව්‍යාප්ත වන කොළරාව වැනි රෝගයකදී වුවද එය ආසාදිතව මියගිය අයගේ සිරුරු මිහිදන් කිරීමට සෑම විටම ඉඩ ලබා දී ඇති බවද සඳහන් කරයි. මෙම විශේෂඥයන්ගේ නිර්දේශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගෙන් විමසීමට බීබීසී සිංහල සේවය ගත් උත්සාහය සාර්ථක නොවීය. අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගෙන් විමසා බීබීසී සිංහල සේවයට පසුව දැනුම් දෙන බවකි. මේ අතර අදාළ විශේෂඥ මතය විවේචනය කරමින් භික්ෂුන් වහන්සේ කිහිපනමක් මාධ්‍ය වෙත නිවේදන නිකුත්කර තිබුණි. මේ අතර නිවේදනයක් නිකුත් කරන සිවිල් සමාජ සංවිධාන 29 ක් සහ ක්‍රියාධරයන් විශාල පිරිසක් පවසන්නේ, ශ්‍රී ලංකාවේම වෛද්‍ය ප්‍රජාව කෝවිඩ්-19 මෘතදේහ භූමදානයට සහය දක්වන වාතාවරණයක් තුළ "ශ්‍රී ලංකාවේ ආගමික සුළුතර ප්‍රජාවට වෙනස්කොට සැලකීමක් වන 'ආදාහනය පමණකි' ප්‍රතිපත්තිය රජයට තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති," බවය. එබැවින් විශේෂඥ කමිටුවේ උපදෙස් සහ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් නිකුත් කළ නිවේදන ප්‍රකාර කොරෝනාවෛරසය ආසාදිත බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය වහාම වෙනස්කරන ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. මහාචාර්ය ජයදේව උයන්ගොඩ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් ආචාර්ය රාධිකා කුමාරස්වාමි, අතුරුදහන් වූ මාපිය දූදරු සංගමයේ විශාකා ධර්මදාස, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්ජුන රණවන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ක්‍රිස්තියානි බිෂොප්වරුන් ඇතුළු පූජකවරුන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන් ඇතුළු ක්‍රියාධරයන් 89 ක් ලිපියට අත්සන් තබා තිබේ. ලෝ ප්‍රකට වෛරස් රෝග විශේෂඥ මහාචාර්ය මලික් පීරිස් මෙන්ම වෛරස් රෝග විශේෂඥ මහාචාර්ය තිස්ස විතාරණ ද රජයේ ප්‍රතිපත්තිය අභියෝගයට ලක්වන ආකාරයෙන් කරුණු පහදා දී තිබෙන බව ද නිවේදනයේ දැක්වේ. "ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැතිව රජය විසින් අනුගමනය කරනු ලබන බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය ඇතැම් ආගමික ප්‍රජාවන්ට පීඩාවක් හා වේදනාවක් ගෙන දී ඇති බැවින් එය වහාම නතර කළ යුතුය," යනුවෙන් ද නිවේදනයේ දැක්වේ. මේ ගැනත් දැනගන්න: | සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද 11 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුව, ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වෛරසය වැළදීමෙන් මරුමුවට පත්වන පුද්ගලයන්ගේ සිරුරු බැහැරකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති නිර්දේශ සංශෝධනය කර ආදාහනය හා භූමදානය යන ආකාර දෙකම ඇතුළත් කිරීම සඳහා යෝජනා කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ හැසිරීම මහේල සහ සංගක්කාරගේ විවේචනයට ලක් විය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස සහ උප සභාපති මොහාන් සිල්වා ඒ බව ජනමාධ්‍යවලට ප්‍රකාශ කොට තිබේ. මේ අතර ඩේලි මිරර් පත්‍රය සමඟ අදහස් දැක්වූ ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, මහේල සහ සංගක්කාර ක්‍රීඩකයන් තමා සහ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රසිද්ධියේ විවේචනය කරමින් කරන ලද ප්‍රකාශ විනය කමිටුවට යොමු කළේ ඔවුන්ට එරෙහිව විනය පියවර ගත යුතුද යන්න සොයා බැලීම පිණිස පමණක් බව සඳහන් කළැයි පත්‍රයේ ක්‍රීඩා සංස්කාරක චන්නක ද සිල්වා බීබීසී සංදේශයට පැවසීය. වැඩි විස්තර දැන ගැනීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. අලුත් කොන්දේසියක් මේ අතර බදාදා විනය කමිටුවෙන් ඉල්ලා අස්වීම භාර දුන් කමිටුවේ සාමාජික ජනාධිපති නීතිවේදී ඩිලාන් ෆිලිප්ස් ඒ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. ක්‍රීඩකයන්ගේ ඡායාරූප යොදා ගැනීම වෙනුවෙන් ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබෙන මුදලින් සියයට දහයක මුදලක් ලබා ගැනීමට ක්‍රීඩකයන් එකඟවීමත් සමඟම ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු පිළිබඳ ගැටලුවද සමථයකට පත් වී තිබේ. ජගත් පාලක මණ්ඩලයෙන් ලැබෙන මුදල සම්බන්ධයෙන් ඉදිරි වසර පහ ඇතුලත වෙනත් ඉල්ලීමක් ඉදිරිපත් නොකරන බවට විශේෂ කොන්දේසියක්ද මේ වසරේ කොන්ත්‍රාත්තුවට ඇතුලත් බවයි, චන්නක ද සිල්වා පවසන්නේ. ඒ සමඟම තරඟවලදී දස්කම් දැක්වීම වෙනුවෙන් ක්‍රීඩකයන්ට ලබා දෙන විශේෂ දීමනා අත්හිටුවා ඇති බැවින් අවසානයේදී ක්‍රීඩකයන්ට මෙතෙක් ලැබුණු මුදලට වඩා අඩු මුදලක් ලැබීමට ඉඩ තිබෙන බවද ඔහු පවසයි. | මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමේ සැලසුමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සෑම දේශපාලන පක්ෂයකින් ම නාම යෝජනා ලබා දීමේදී අඩු තරමින් සියයට තිහකවත් කාන්තා නියෝජනයක් අනිවාර්ය කිරීම සඳහා නීති සම්පාදනය විය යුතු බව ඇය පැවසුවාය. කාන්තා නියෝජනය වැඩි කර ගැනීම සඳහා එදා සිට තම පක්ෂය තුළ පවා නිරන්තර අරගලයක යෙදී සිටින බවත් එය අත් නොහරින බවත් ඇය අවධාරණය කළාය. ඇය මේ බව කියා සිටියේ ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට නැගෙන හඬ පිළිබඳව බීබීසීය කළ විමසීමකදී යි. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය මෙහි අමුණා ඇත. මුදල් කන්දරාවක් අධික මුදල් කන්දරාවක් වැය කිරීමට සිදු වන හෙයින් පවතින මැතිවරණ ක්රමයද කාන්තාවට හිතකර නොවන බවයි හිටපු රාජ්‍ය ඇමතිනි රෝසි සේනානායක පවසන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කාර්ය භාරය ඉටු කරන්නේ කාන්තාව බව බොහෝ දේශපාලනඥයන්ට අමතක වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය. පළමු ඩොලරය ‘අදටත් ලංකාවට පළවෙනි ඩොලරය එන්නේ මැදපෙරදිග කාන්තාවන්ගෙන්, දෙවැනි ඩොලරය එන්නේ ඇඟලුම් ක්ෂේත්රයෙන්, තුන්වැනි ඩොලරය තේ දළු වලින්. වැඩි පුරාම පීඩාවට පත් වන්නේත් කාන්තාවමයි.’ රෝසි සේනානායක හිටපු ඇමතිවරිය ප්‍රකාශ කළාය. දේශපාලනයට කාන්තාව එක් කර ගැනීමට පවතින ප්‍රධාන බාධකය වී ඇත්තේ රටේ පවතින ආකල්පමය ප්රශ්නය බවත් දැඩි බාධක මැද්දේ හෝ එසේ කිරීමට නිර්භීත වන කාන්තාවන් ගේ චරිත ඝාතනය කිරීමට සමාජයේ ඇතැමුන් සාහසික වන බවත් ඇය පවසන්නීය. | තම පක්ෂය තුළින් පවා කාන්තා නියෝජනයට නිසි ඉඩ කඩ ලබා දී නැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු රාජ්‍ය ඇමතිනි රෝසි සේනානායක පවසන්නීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'ශරීරය පිළිබඳ, එහි ස්වභාවය, ශරීරයේ ආරක්ෂාව මෙන්ම නිසි වයසට එළඹී ළමුන්ට ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධතා ගැනත් අධ්‍යාපනයක් දෙන්න මේ විෂය ඇතුළත් කොට තිබෙනවා' ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ඉහත කී වැඩපිළිවල දියත් කරන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්. 'ශරීරය පිළිබඳ, එහි ස්වභාවය, ශරීරයේ ආරක්ෂාව මෙන්ම නිසි වයසට එළඹී ළමුන්ට ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධතා ගැනත් අධ්‍යාපනයක් දෙන්න මේ විෂය ඇතුළත් කොට තිබෙනවා' ඇය සඳහන් කළාය. ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් දරුවන්ට ඔවුන්ගේ ශරීරය, ලිංගිකත්වය සහ ආරක්ෂාව පිළිබඳ දැනුම ලබා දීම අත්‍යවශ්‍ය බවයි ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර පෙන්වා දෙන්නේ. අපරාධ නීතියෙන් පමණක් ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත් ඇය කියා සිටින්නීය. ලිංගිකත්වය සහ ආරක්ෂාව 'මේ දැනුම පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්න පුළුවන් වුනොත් ඒ හරහා ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න හැකි වෙයි කියලා අපි හිතනවා' ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය කියා සිටියාය. දැනට ක්‍රියාත්මක වන පාසල් විෂය ධාරාව තුළ දරුවන්ට සිය ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලැබේද යන්න සංදේශය ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වෙත යොමු කළ ප්‍රශ්නයක්. පළමු ශ්‍රේණියේ සිට ටිකෙන් ටික තමුන්ගේ ශරීරය ගැන, ඒ වගේම ජීවන කුසලතා ගැන. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ ඇති වන ප්‍රශ්න, ගැටළු කොහොමද විසඳන්නේ, අනෙක් අයගේ ගැටළු ගැන කුමන ආකාරයකටද බලන්නේ වැනි ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන ආකාරය අපට වර්ධනය කළ යුතුව තිබෙනවා’ ඇය කියා සිටියාය. 'බොහෝ විට දරුවන් නොදැනුවත්කම හේතුවෙන් ස්පර්ශයන් ඔස්සේ අපයෝජනයට ලක් වන අවස්ථා එමටයි' ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර තව දුරටත් සඳහන් කළාය. දෙමව්පියන් සහ දරුවන් එවැනි පරිසරයක ශරීරය සහ අතවර අතර පවතින සම්බන්ධතාව දරුවන්ට වටහා දීම වැදගත් බවයි ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය පෙන්වා දෙන්නේ. 'නොදැනුවත්කම වගේම වැඩිහිටියන් හා දරුවන් අතර විවෘත සාකච්ඡාවක් ඇති නොවීම මේ තත්වයට බලපා තිබෙනවා. අපි සෑම විටම දෙමව්පියන් සහ වැඩිහිටියන්ට උපදෙස් දෙන්නේ ළමයා සමග ශරීරය හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරන ලෙසයි' ඇය සඳහන් කළාය. එවිට දරුවන්ට චකිතයකින් තොරව විශ්වාසයෙන් යුතුව සිය අත්දැකීම් දෙමව්පියන් සමඟ පැවසීමට හැකි වන බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර වැඩිදුරටත් පවසන්නේ. | ජීවන කුසලතා නමින් නව විෂයයක් හඳුන්වා දෙමින් ළමුන්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ඊට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඇත්තෙන්ම ශ්‍රී ලාංකීය ජනතාව සහ අලි ඇතුන් අතර සබැඳියාවේ ඉතිහාසය භාරත දේශය දක්වා දිව යන්නක්. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ජීවිතය හා සබැඳි අලි ඇතුන් පිළිබඳව අපි අසා ඇත්තෙමු. බුදුන් වහන්සේ දෙසූ බොහෝ ජාතක කතා වලද අලි ඇතුන් පිළිබඳව සඳහන් වේ. දුටුගැමුණු රජු සහ ඔහු උපන් දවසේම ඉපදුණු බවට පැවසෙන කඩොල් ඇතු අතර තිබී ඇත්තේද අපූරු සුසංයෝගයක්. එදා සංග්රාම භූමියේදී දුටුගැමුණුට කණ්ඩුල යම්සේද ඔහුගේ පස මිතුරු එළාර රජුට පර්වත නමැති ඇතෙකු සිටි බවත් සඳහන් වේ. පසුකාලීනව අරාබි, පෘතුග්‍රීසි සහ ඕලන්ද වෙළඳුන් ලංකා දූපතේ අලි ඇතුන් වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට ගෙන තිබූ බව ලිඛිත වාර්තාවල සඳහන් වේ. රාජාණ්ඩු සමය මහනුවර යුගයේ මෙරට සිරකරුවකුව සිටි රොබර්ට් නොක්ස්ගේ මතක සටහන්වල පවා මහනුවර රජවාසල සතු ඇත් පන්තියත්, වන අලින් මායමෙන් වසඟයට ගෙන මැද මහනුවරට ගෙන ආ ඇතින්නන් පිළිබඳ අපූරු සටහන් හමුවේ. සිංහල රජ ආණ්ඩු සමයේ අලි ඇතුන්ගේ අයිතිය රජු සන්තක විය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීමෙන් පසු අලි ඇතුන් යනු ඉහළ සමාජ ස්තරයට අයත් යැයි සැලකෙන රදල සහ ප්‍රභූ පන්තියේ වත්කම් ශේෂ පත්‍රයේ අනිවාර්ය අංගයක් විය. අලි ගාල් නමින් හැඳින්වූ වන අලි කොටු කර ගැනීමේ අමානුෂීය පිළිවෙත නිදහස ලැබීමෙන් පසුද තවත් කලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. පනාමුරේ සුප්‍රකට ඇත් රජු (සැබවින්ම ඔහු ඇතකු නොව අලියකු බව සඳහන්ය) ස්වකීය වර්ගයා වෙනුවෙන් දිවි පිදු අතර එම අසහාය නායකයාගේ දිවි පිදුම මෙරට අලි ගාල් බැඳීම අවසන් වීමටද කරුණු කරනා විය. එහෙත් මේ වන විට ශ්‍රී ලාංකීය අලි ඇතුන් යළිත් අතිශය ඛේදජනක ඉරණමකට මුහුණ දී සිටිති. මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ අලි ඇතුන් නීති විරෝධී ලෙසින් නිවාසවල සහ බෞද්ධ විහාරස්තානවල රඳවාගෙන සිටි බවට චෝදනා එල්ල විය. යටත් විජිත යුගය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මේ සද්දන්තයින්ට ඔවුන්ගේ වන රජ දහන අහිමි වෙමින් පවතී. අලි මිනිස් ගැටුමට ප්‍රධානම හේතුව එයයි. යටත් විජිත යුගයේ සහ නිදහසින් පසුද මුල් දශක කිහිපයේ මෙරට අලි ඇතුන්ගේ හිමිකම රදල ප්‍රභූ පවුල් සතු විය. එදා නිදහස හිමි වීමට පෙර අලි පැටියකුගේ මිල රුපියල් දහසකට අඩු වූ අතර හීලෑ අලියකුගේ දෛනික වැඩ කුලිය රුපියල් විස්ස ඉක්ම නොවීය. පසු කාලීනව ශ්‍රී ලංකාවේ දැව කර්මාන්තය හා බැඳී ව්‍යාපාරික පැලැන්තිය අතරට අලි ඇතුන්ගේ අයිතිය විතැන් වූ අතර එතෙක් අහවල් අහවල් වලව් හා බැඳි නමින් යුතු හීලෑ අලි ඇතුන් වෙනුවට විවිධ ව්‍යාපාරික නම්ගොත් හා බැඳී හීලෑ අලි ඇත්තු කරලියට පැමිණියහ. දැන් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ දැව කර්මාන්තයක් නැති තරම්ය. දැන් ඉතිරිව ඇති සීමිත හීලෑ අලි ඇතුන් ප්‍රමාණය මෙරට සංචාරක ව්‍යාපාරය හා බැඳුනකි. හබරණ ඇතුළු සංචාරක කලාප වල විදෙස් සංචාරකයින් සඳහා වෙන් වූ අලි සෆාරි, එහි යෙදවෙන අලි ඇතුන්ට කෙසේ වෙතත් අලි හිමියන්ටත් එම සේවා පවත්වා ගෙන යන අතරමැදියන්ටත් කදිම ධන උල්පතකි. හක්ක පටස් පෙරහැර පවත්වා ගෙන යෑමටවත් හීලෑ අලි ඇතුන් ප්‍රමාණවත් නැතැයි පිරිසක් මැසිවිලි නගන අතර සෑම වසරකම හීලෑ අලි ඇතුන්ට වඩා හත් අට ගුණයක වන අලි රට පුරා විවිධ ප්‍රදේශවලදී මිනිසුන් අතින් මැරුම් කති. ඌරන්ට අටවන හක්ක පටස් නමැති මර උගුල් හමුවේ ඉතා ඛේදනීය ලෙස මරණය පෙනී පෙනී විඳවන වන අලි පිළිබඳ පුවත් නිතර වාර්තා වේ. තවත් අතකින් දුම්රියට බිලිවන වන අලි ඇතුන්ද සංඛ්‍යාත්මකව සුළු පටු නොවේ. පෙරහැරවල ගරු ගාම්භීරව ගමන් ගන්නා අලි ඇතුන් පිළිබඳ සහ අලි හාම්පුතුන්ගේ වරුණාව එවන් පෙරහැරවල සජීවී ප්‍රකාශවල අපට නිතර අසන්ට ලැබේ. යදමින් බැඳ විලංගුවේ නිදි නොලබා වෙහෙසින් වෙහෙසට පත්ව විදුලි ආලෝක ධරා හමුවේ වැගිරෙන කඳුලෙන් යුතු එම අලි ඇතුන් නිහඬව සඳහන් කරනුයේ සජීවී විස්තර විචාරකයන්ගේ කතාවට ඉඳුරාම වෙනස් පුවතකි. අලියා ඉතා තියුණු ඉවක් ඇති සතෙක් ලෙස සැලකේ. උගේ මතකයද එලෙසම වේ. ඇතැම් අලියකු කෙතරම් බුද්ධිමත්දැයි සිතා ගැනීමටත් බැරි තරම්. ඇත්ගොව්වාගේ වාචික මෙන්ම නිර්වාචික විධානයන්ට හීලෑ අලි ඉඳුරා ප්‍රතිචාර දක්වති. ප්රචණ්ඩත්වය ඉහ වහා ගිය අලි ඇතුන් පිළිබඳවද අපට අසන්ට ලැබේ. තුන් තේරවිල්ලක් මෑත අතීතයේ ඇත්ගොව්වන්ගේම ඔළු ගෙඩි කෑ එක් ඇතින්නක් විය. ඇගේ මේ ඔලු කෑමේ පුරුද්ද නිසාම ඈ වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 'ඔලු කන ඇතින්න' නමිනි. එහෙත් තවුසන් තරමට සාදු ගුණයෙන් යුතු හීලෑ අලි ඇතුන්ද නැත්තේ නොවේ. මද කිපෙන කළ වුව කිසිදු වෙනසකින් තොරව ඇත්ගොව්වා ඇතුළු සිය හාම්පුතුට පෙර සේ සුවච කීකරු අලි ඇතුන්ද අපට හමු වෙති. සුරා මතින් පදම ඉක්ම වූ සිය ඇත්ගොව්වා හොඬවැලෙන් රැගෙන ආරක්ෂක ස්ථානයකට රැගෙන ගිය, යුතු අයුතුකම් දන්නා අලියකු පිළිබඳ ඡායාරූප වාර්තාවක් පසුගිය දිනක මෙරට පළ වී තිබුණා මතකය. අලියා නොයන මග ඉනිමග, අලියා නොකන දැල්ල ගිනි දැල්ල යනාදී වශයෙන් තේරවිලි සාහිත්‍යයේ පවා ඉඩ කොටසක් වෙන් කර ගෙන සිටින අලි සහ මිනිසා අතර බැඳීම ඇත්තෙන්ම තුන් තේරවිල්ලකි. දුකසේ වපුල අස්වැන්න විනාශ කරන අලි ඇතුන්ට ගිනි පිඹින සාප කරන අපේ මිනිසුන් එවන් සද්දන්තයකු අසරණව ඇද වැටුණු මොහොතක උවැටන් කිරීමට ඉදිරිපත් වන්නේ එබැවිනි. දුක සේ වල් අලි පලවා හරිමින් වැපිරූ කෙත් බිම කිරි බරෙන් පීදුණු පසු අලින්ටම දන් දුන් අපේ කාලයේ අපූරු වෙස්සන්තර ගොවි පියකු පසු ගිය දිනක සීගිරියෙන් වාර්තා විය. සංචාරක කර්මාන්තය එදා සදාතුක කරඬු ඇතුළු දේවාභරණ වැඩමවීම සඳහා ඇතකු අලියකු වැනි පිරිමි සතකු මිස ඇතින්නක භාවිතයට නොගත්හ. දෙවියන් බුදුන් වැඩමවන සතා යැයි ගෞරව බහුමානයට පත් අලි ඇතුන් පිට නැගීම ස්ත්රීන්ට ඉඳුරා තහනම් විය. එදා කිලිවලට හසු වූ ඇත්ගොව්වෙකු වී නම් තම අලියා හෝ ඇතා ළඟට ගියේ නා පෙවී පිරිසිදු වූ පසුවය. සේරප්පුවක් සපත්තුවක් පය ලා අලියකු පිට නැගීම සහගහන අපරාධයක් ලෙස පැරැන්ණෝ සැලකූහ. සංචාරක කර්මාන්තයේ අනුභාවය හේතු කොට ගෙන අද අලි ඇතුන් පිට විදෙස් සංචාරක කාන්තාවෝ පෙලින් පෙළ සැදී වීදි සරති. පාරවල වැඩ කිරීම අවමානයක් යැයි සිතා ලය පැලී මිය ගිය අලි මුතුන් මිත්තන්ගේ පරපුරේ වත්මන් අලි මුනුබුරු මිනිබිරියන් මහමග සිඟනු දැන් දැන් සුලබ දසුනකි. උඩවලව අභය භූමිය ආසන්නයේ වැට මායිමේ, බුත්තල කතරගම මහා මාර්ගයේද මෙසේ මහමග සිඟන වන අලි සුලභ වෙති. දශක කිහිපයක් ඇතුළත සිදු වූ මෙකී පරිවර්තනය හුදෙක් අලි ඇතුන්ගේ අභිමානයේ පරිහානිය පමණක්ම නොව මනුෂ්‍ය ජාතියේම අභිමානයේ පරිහානිය නොවේදැයි අප අපෙන්ම විමසිය යුතු නොවේද? | මින්නේරියේදී වල් අලියකු විසින් පහරදී මාධ්‍යවේදියකු මරා දැමීමත් සමගම අලියා සහ මිනිසා අතර සම්බන්ධතාවය මෙන්ම අලි, මිනිස් ගැටුම කෙරෙහිත් යළිත් වරක් අවධානය පළ වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නිදහස ලැබීමෙන් පසු සිය උපන් ගම වන යාපනයේ අච්චුවේලි වෙත පැමිණි සිවරාජා ජෙනීවන් තවදුරටත් කියා සිටියේ දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දෙන මෙන් සමස්ත ලෝකයා තරයේ ඉල්ලා සිටින මොහොතක තමන්ට නිදහස ලබා දීමට ගත් තීන්දුව පිළිබඳ දෙමළ ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි. එවකට කෘෂිකර්ම ඇමතිවරයාව සිටි ජනපතිවරයා ඝාතනය කිරීමට ජෙනීවන් තුළ යම් සැලසුමක් හෝ උත්සාහයක් තිබුණේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ මේ අවස්ථාවේදී එම සිද්ධිය විස්තර කිරීමට යෑම හරහා ඊට සමාජයෙන් වැරදි අර්ථ කථනයක් ඉදිරිපත් විය හැකි බවයි. 'සාර්ථක අනාගතයක්' එසේ කිසිවකු වැරදි අර්ථකතනයක් ලබා දුනහොත් ජනාධිපතිවරයා විසින් ඉතා උසස් ලෙස සලකා තමන්ට ලබා දුන් සමාව අවඥාවට ලක් විය හැකි අතර එසේ සිදු වනු දැකීමට තමන් අකමැති බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරයා සමාව දීමත් සමගම තමන් ඉතා යහපත් ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවයි ඔහු පවසන්නේ. එකමුතුව වැඩ කළහොත් ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට හැකි පරිසරයක් උදා වන බව දෙමළ ජනතාව අවබෝධ කරගත යුතු බවත් ඔහු පැවසීය. දෙමළ ජනතාව නියෝජනය කරන බහුතරයක් පක්ෂ නව ආණ්ඩුව බිහි කර ගැනීමට දායකත්වය ලබා දුන් බැවින් දෙමළ ජනතාවගේ ගැටළු කෙරෙහි පෙරට වඩා ඉතා සාධාරණව විමසා බලන පරිසරයක් ගොඩ නැගී ඇතැයිද ඔහු පැවසීය. යාපනයට පැමිණි ජෙනීවන් පසුගිය නොවැම්බර් මස විසිහයවෙනිදා යාපනයේ කොකුවිල් පළාතේදී දුම්රියකට පැන සිය දිවි හානි කර ගත් රාජේස්වරන් සෙන්දූරන් නැමති පාසල් ශිෂ්‍යයාගේ නිවසටද ගොස් තිබුණි. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඉහත කී ශිෂ්‍යයා සිය දිවි හානි කර ගත්තේ නම් ඔහු දෙමළ ජනතාව අතර අමරණීය පුද්ගලයෙකු විය යුතු බව පවසා ඇති සිවරාජා ජෙනීවන්, සමාජය සිරකරුවන් දෙස ඉතා මානුෂීය හැඟීමෙන් යුතුව බැලිය යුතු බව පවසා තිබේ. | ජනපති මෛත්‍රීපාල සිරිසේන තමාට සමාව දී නිදහස් කිරීමට ගත් තීන්දුව නව රජය පිළිබඳ දෙමළ ජනතාවට යම් සාධනීය විශ්වාසයක් තැබිය හැකි සුබ ලකුණක් බව ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ එල්ටීටීඊ සැකකරුවකු වූ සිවරාජා ජෙනීවන් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රෝහින්ග්‍යා සරණාගතයින් තාවකාලික කුඩාරම්වල සිටින අතර, මියන්මාර හමුදා සෙබළෙක් දේශ සීමා ආරක්ෂාවේ යෙදෙන අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ. නව ඉදිකිරීම් සඳහා රඛයින් ප්‍රාන්තයේ ගම් බිම් ඩෝසර් මගින් සමතලා කරන බව සැටලයිට් ඡායාරූපවලින් මෙන්ම ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් තහවුරු වී ඇති බවත් මානව හිමිකම් සංවිධානය පවසයි. මේ හමුදාකරණය මගින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කෙරුණ අපරාධ සම්බන්ධ සාක්ෂි ඉවත් කෙරෙන බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ප්‍රකාශකයෙක් පැවසුවේය. මියන්මාර රජය මේ වන තෙක් මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වා නොමැත. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් "සමූලඝාතනය" කර ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නගන චෝදනා සම්බන්ධයෙන් "පැහැදිලි සාක්ෂි" ඉදිරිපත් කරන ලෙස මින් පෙර මියන්මාර රජය ඉල්ලා සිටියේය. "මෙමගින් සිය දහස් ගණනක් වූ රෝහින්ග්‍යා ජනතාවගේ අනාගතය ගැන ඉතා ඉක්මනින් අවධානය යොමු කළ යුතු තත්වයක් උද්ගත වී තිබෙන," බව ඇම්නස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශ කර සිටියි. රෝහින්ග්‍යා වැසියන්ට සිය ගම් බිම් හැර දමා පළා යාමට සිදු වූයේ එම ප්‍රජාවට අයත් කැරලිකරුවන් විසින් පොලිස් මුරපොල වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගය. එම ප්‍රහාර මැඩ පැවැත්වීමට බව පවසමින් පසුගිය අගෝස්තු මස මියන්මාර හමුදාව ප්‍රදේශය තුළ මෙහෙයුම් දියත් කරන ලදි. එහිදී දරුණු මට්ටමින් මානව හිමිකම් උල්ලංඝන කිරීම්, මිනී මැරීම් සහ ගම්මාන ගිණි තැබීම් සිදු වූ බව වාර්තා විය. සබැඳි තොරතුරු: මෙම ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා ජන සමූහයට අයත් වැසියන් ලක්ෂ හතකට ආසන්න ගණනකට බංග්ලාදේශයට පළා යාමට සිදු විය. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යළි මියන්මාරය වෙත ගෙන යාම සඳහා වන කාලරාමුවකට එකඟ වූ බව බංග්ලාදේශය පවසයි. බංග්ලාදේශය වැඩිදුරටත් සඳහන් කළේ වසර දෙකක් ඇතුළත සියලුම රෝහින්ග්‍යා සරණාගතයන් මියන්මාරය වෙත පිටත් කර හැරීම සිය ඉලක්කය බවය. නමුත් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ අනාගත ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මතුව ඇත. නැවත මියන්මාරයට පැමිණෙන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙනුවෙන් නව ඉදිකිරීම් සිදු කළත්, මෙම ප්‍රදේශය "සැලකිය යුතු ආකාරයකට හමුදාකරණය වී ඇති" බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. ගිනිබත් කෙරුණු රෝහින්ග්‍යා ගම්මාන "රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව අපරාධ සිදු කළ හමුදාවම ඔවුන් වෙනුවෙන් ගෙවල් සාදමින් සිටිනවා," යැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයේ අධ්යක්ෂවරියක් වන ටිරානා හසන් පැවසුවාය. පෙර රෝහින්ග්‍යා ගම්මාන පිහිටා තිබුණු ස්ථානවල හමුදාවට පහසුකම් ලබා දෙනා ස්ථාන සහ මාර්ග ගොඩනඟා ඇති අතර, එහි අරමුණ එම ප්‍රදේශය තුළ තවදුරටත් හමුදා රැඳවීම බව එක් කණ්ඩායමක් පැවසූහ. "මුළු ප්‍රදේශයම ඩෝසර් කර එහි තිබුණ මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කළ අපරාධවල සාක්ෂි මකා දැමීම නිසා ඒවාට සම්බන්ධ පුද්ගලයන් අනාගතයේ දී නීතිය ඉදිරියට ගෙන ඒම ඉතා අපහසු වෙනවා," යැයි ටිරානා හසන් පැවසුවාය. ඇය තවදුරටත් පැවසුවේ මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය ඉතා දිළිඳු ප්‍රදේශයක් වන බැවින් ඉතා කඩිනමින් සංවර්ධන කටයුතු සිදු කළ යුතු අතර, ජාති භේදවලින් තොරව ප්‍රදේශයේ සියලු දෙනාටම එක ලෙස සංවර්ධනය භුක්ති විඳීමට සැලැස්විය යුතු බවය. පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ 2017 ඔක්තෝබර් මස රඛයින් ප්‍රාන්තයේ සැටලයිට් ඡායාරූපයක් වන අතර දෙවන ඡායාරූපය ලබා ගෙන ඇත්තේ 2018 පෙබරවාරි 28 වන දිනය. රඛයින් ප්‍රාන්තය තුළ සිදුවන බොහෝ දේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගෙන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සහ මාධ්‍ය ආයතනවලින් වසන් කිරීමට පියවර ගෙන ඇති බැවින් එහි තත්වය පිළිබද ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කිරීම කළ නොහැකි කාර්යයක් බවට පත්ව ඇත. මියන්මාර රජය ඔවුන් හඳුන්වනු ලබන්නේ බංග්ලාදේශයේ සිට පැමිණි සංක්‍රමණිකයන් ලෙසය. මේ හේතුවෙන් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරට පුරවැසිභාවය ප්රදානය කිරීම සහ සමාන අයිතිවාසිකම් ලබා දීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මේ තොරතුරු ද දැනගන්න: | රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව වාසය කළ මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ භූමි ප්‍රදේශ "හමුදාව විසින් අත්පත් කරගනිමින්" සිටින බව ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත්කරන ලද අලුත්ම වාර්තාවේ සඳහන් වේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඉහත සඳහන් දැරිය බේරා ගත් ආධාර සේවකයා කියා සිටියේ සිය සේවා කාලය තුළ දුටු ඛේදනීය ම සිද්ධිය මෙය බවයි. මේ සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ. මෙහෙකාර සේවයේ තබා ගෙන සිටි මෙම දැරිය පහළොස් වියැති බවට විශ්වාස කෙරෙන අතර ඇය නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටියේ මධ්‍යම පාන්තික නිවෙසක යි. | ඉන්දියාවේ දිල්ලි නුවර නිවසක සිටි මෙහෙකාර දැරියක කැපුම් තුවාල සහ බල්ලෙකු විසින් සපා කෑමෙන් ලද තුවාල සහිතව රෝහල් ගත කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්‍රහාරයෙන් හානියට පත් ත්‍රීරෝද රථය ගලහගම ධර්මරාජ විද්‍යාලය අසල පිහිටි මෙම කාර්යාලය ස්ථාපනය කොට තිබුනේ ආර්.ඩී.ආරියදාසට අයත් එළවළු වෙළඳසැලක කොටසකය. එජාප කාර්යාලයේ පරිහරණය සඳහා යොදා ගත් ත්‍රීරෝද රථයකට ද මැර කණ්ඩායම විසින් ගිණි තබා තිබෙන අතර ප්‍රහාරයෙන් වෙළදසැලට දැඩි අලාභ හානි සිදුවී ඇත. බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජයන්ත කන්නංගර චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ඒ.එම්.බුද්ධදාසගේ ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවයි. මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ජයන්ත කන්නංගර කැෆේ සංවිධානය වෙත පැමිණිල්ලක් යොමු කරමින් කියා සිටියේ මින් පෙර එජාප ප්‍රධාන ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දුගේ සහභාගීත්වයෙන් පැවැත්වූ රැස්වීමකින් පසු ජීප් රථයකින් පැමිණි පිරිසක් රැස්වීමට සහභාගී වුවන්ට තර්ජනය කිරීමක්ද කර තිබුන බවයි. මේ අතර ඌව පළාත් සභාවට මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂක ප්‍රියන්ත කුමාරට අද බ්‍රහස්පතින්දා අළුයම දෙකට පමණ මැර කණ්ඩායමක් විසින් පහර දී ඇති අතර ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කර තිබේ. හාලිඇල ප්‍රදේශයෙන් ප්රචණ්ඩ ක්‍රියා දෙකකුත් මහියංගනයෙන් සහ ඌව පරණගමින් ප්රචණ්ඩ ක්‍රියා එක බැගිනුත් වාර්තා වී ඇති අතර පළාත් සභා මැතිවරණය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන්වාර්තා වූ මුළු ප්රචණ්ඩ ක්‍රියා ගණන හතරකි. හැඳුනුම් පත් ඌව පළාත් සභා මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවන බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් තිස් දහසකට හැඳුනුම් පත් නැතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකොන් මේ අතර ප්‍රකාශ කරයි. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් පිළිගන්නා කිසිදු ආකාරයක හැඳුනුම් පතක් ඔවුන් සතුව නැති බවත් සැප්තැම්බර් 20 වැනිදා ඡන්ද ප්‍රකාශ කිරීමට නම් ඔවුන් දෙපාර්තමේන්තුව පිළිගත් කිසියම් හෝ හැඳුනුම්පතක් ලබා ගත යුතු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. හැඳුනුම් පත් නොමැති පුද්ගලයන් අතර ඉතා දිළිඳු පුද්ගලයන් සහ ඉන්දීය සම්භවයක් ඇති වතු සේවකයන් සිටින බව පැවසූ ඔහු එම පිරිස් පස්සර, හපුතලේ, හාලි ඇළ සහ වැලිමඩ යන ප්‍රදේශවල ජීවත්වන බවද පැවසුවේය. ජංගම සායන පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ කැෆේ සංවිධානය එක්ව එම පුද්ගලයන්ට හැඳුනුම් පත් ලබා දීමේ ජංගම සායන පැවැත්වීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇති බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකොන් ප්‍රකාශ කළේය. | ඌව පරණගම ප්‍රදේශයේ ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලුයම තුනට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ කාර්යාලය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්‍රහාරයෙන් දේපළ වලට බරපතල ලෙස අලාභ හානි සිදු වී ඇතැයි පවසන හික්කඩුව බද්දේගම පාරේ ලංකා දේව සභා සංගම් දේවස්ථානයේ ප්‍රධානී චින්තක ප්‍රසන්ත දේවගැති තුමා බීබීසී සංදේශයට කියා සිටියේ ප්‍රහාරකයන් සමග සිටි භික්ෂුන් වහන්සේ නමක් තමනට මරණීය තර්ජන පවා කළ බවයි. ලංකා දේව සභා සංගමයේ හික්කඩුවේ පිහිටි යාඥා මධ්‍යස්ථාන දෙකකට ඉරිදා පෙරවරුවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කොට ගත් පිරිසක් පහර දෙනු වාර්තා කරුවන් හට දැක ගන්නට ලැබුනි. බෞද්ධ භික්ෂුන් වහන්සේ ප්‍රහාර දියත් කරන අවස්ථාවේ සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේලා හඳුනා ගෙන ඔවුන්ගේ නම් ද පොලිසියට ලබා දුන් බවත් ඔහු කියා සිටියේය. යාඥා මධ්‍යස්ථාන වසා දමන්නට එක් වන ලෙස සෙනසුරාදා අන්තර් ජාලය ඔස්සේ කර තිබූ කැඳවීමක් සම්බන්ධයෙන් කලින් පැමිණිලි කළ ද, ප්‍රමාණවත් පොලිස් භට පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා නො තිබුනු බවයි චින්තක ප්‍රසන්ත දේවගැති තුමා පවසන්නේ. ප්‍රහාරකයන් වලක්වා ලන්නට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනා දැරූ වෙහෙස පලවත් නොවූ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය. පොලිසියේ ‘අක්‍රිය භාවයක්’ තම මධ්‍යස්ථානයට පහර දීමෙන් නො නැවතුණු ප්රචණ්ඩ පිරිස බද්දේගම නගරයේ පිහිටි කල්වාරි නිදහස් සභාව වෙත ගොස් ඊටත් පහර දී පෙරලා පැමිණ මහ මග වාඩි ලා ගෙන උද්ඝෝෂණයක නිරත වූ බව ද හික්කඩුව බද්දේගම පාරේ ලංකා දේව සභා සංගම් දේවස්ථානයේ ප්‍රධානී චින්තක ප්‍රසන්ත දේවගැති තුමා ප්‍රකාශ කළේය. බීබීසීය කළ විමසීමකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පොලිසියේ ‘අක්‍රිය භාවයක්’ පැවැති බව පිලි ගත්තේ ය. ඊට හේතුව ලෙස ඔහු දැක්වුයේ ප්‍රමාණවත් පොලිස් බලයක් නොතිබීමයි. කෙසේ වෙතත්, වීඩියෝ පට වල දැක්වෙන සාක්ෂි විමසා බලා නීති විරෝධී කටයුතු කළ කිසිවකු වේ නම් ඊට එරෙහිව පියවර ගන්නා බවයි, අජිත් රෝහණ පොලිස් ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ. | ප්රචණ්ඩ ප්‍රහාරයකට ලක් වූ බද්දේගම පිහිටි තම දේවස්ථාන වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැතැයි ක්‍රිස්තියානි දේවගැති වරු පිරිසක් බිය පළ කරති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මීට අදාල කැබිනට් පත්‍රිකාව ඊයේ (04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ පිළිබඳව නිකුත් කර ඇති කැබිනට් නිවේදනයේ මෙසේ සඳහන් වෙයි. ‘අදාළ ආයතනවලින් විධිමත් අනුමැතීන් ලබා නොගෙන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කර ගෙන යන බව මෙම ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව විසින් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවේ සඳහන්ව ඇත. එම අතුරු වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ආයතනවලින් ලබාගෙන ඇති අනුමැතීන් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට ව්‍යාපෘති සමාගමට දැනුම්දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’ මේ චීන ව්‍යාපෘතිය අත්හිටුවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්ද ප්රචාරක රැස්වීම්වල දී ජනතාවට පොරොන්දු ලබා දුන්නේය. පූර්ණ පරිසර තත්ත්ව වාර්තාවක් සකස් කිරීමෙන් තොරව කොළඹ වරාය නගරය ඉදිකිරීමට නව ආණ්ඩුව කටයුතු කළහොත් ආණ්ඩුවට එරෙහිව නඩු මගට යන බවට පරිසරවේදීන් අනතුරු අඟවා තිබුණි. | කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටු වීමට රජය තීරණය කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව රීජන්ට් (Regent) ප්‍රදේශයේ කන්දක් සඳුදා (අගෝස්තු 14) නාය යාම හේතුවෙන් එම ප්‍රදේශයේ බොහෝ නිවාස මඩ තට්ටුවලට යට වූ බව එම ස්ථානයට ගොස් සිටින සිටින බීබීසී වාර්තාකරු උමාරු ෆොෆානා (Umaru Fofana) පවසයි. මඩ කන්ද කඩා වැටුණු අවස්ථාවේ බොහෝ දෙනා තද නින්දේ සිටින්නට ඉඩ තිබෙන බව ද ඔහු පවසයි. නාය යාමට කොටු වී සිටින, මියගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තවමත් කිසිදු තක්සේරුවක් කළ නොහැකි බව බලධාරීහු පවසති. සබැඳි යොමු: ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව අගනුවර ජනතාව දණක් උසට මඩ වතුරේ ගිලී සිටි ආකාරය දැක්වෙන ඡායාරූප ට්විටර් සමාජ ජාලය ඔස්සේ පළ කර තිබුණි. නාය යාමෙන් අනතුරුව සිය නිවාසවල කොටු වූ පුද්ගලයන් බේරාගැනීම පිණිස බේරාගැනීමේ සේවකයන් එම ස්ථානවලට පිටත් කර තිබෙන බව Sierra Leone Telegraph පුවත්පත වාර්තා කරයි. සියෙරා ලියෝනය නිරන්තරයෙන් ගංවතුර උවදුරට මුහුණ දෙන අතර, ඒ අවස්ථාවල අනාරක්ෂිත බොහෝ නිවාස ධාරානිපාත වර්ෂාවත් සමග ගසා ගෙන යාම ද සුලබ සිදුවීමකි. 2015 දී ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව අගනුවර හටගත් ගංවතුරට කොටු වී 10 දෙනෙකු මියගිය අතර, දහස් ගණනකට උන්හිටි තැන් අහිමිවිය. | සියෙරා ලියෝනයේ ෆ්‍රීටවුන් (Freetown) අගනුවර කඳුකර ප්‍රදේශයක නාය යාමෙන් විශාල පිරිසක් මඩ තට්ටු අතර සිරවී සිටින බව විශ්වාස කෙරේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මහනුවර දිස්ත්‍රික්කය තුළ හටගෙන ඇති නොසන්සුන් තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත ආණ්ඩුව මෙවැනි පියවරකට යොමුවී ඇතැයි වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවර ගෙන ඇති බවය. "මිනිසුන් එක්තැන් කිරීම සඳහා නිමවුණු තාක්ෂණය මිනිසුන් වෙන්කොට ඇදගැනීම සඳහා භාවිත කෙරෙන ආකාරය පසුගිය දින කිහිපයේදී දකින්නට ලැබුණා" යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සන්නිවේදන සේවා සපයන ආයතනයක් වන ඩයලොග් ආසිආටා සමාගම නිවේදනය කළේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝගය අනුව සමාජ ජාල වෙබ් අඩවි හා ක්ෂණික පණිවිඩ සේවා නැවත දැනුම් දෙන තුරු සීමා කර ඇති බවය. මේ තොරතුරුද දැනගන්න : මේ අතර අද (මාර්තු 07) දිනයේදීත් මහනුවර කටුගස්තොට හා ගම්පහ පූගොඩ යන ප්‍රදේශවලින් සිදුවීම් දෙකක් වාර්තා ඇතැයි පැවසූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සමග වැඩිදුරටත් කියාසිටියේ මතුවී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා දසදහස්ගණනක හමුදාවක් යොදවා ඇති බවය. සමාජ මාධ්‍යජාල අවහිර කිරීම සම්බන්ධයෙන් අදහස් පළකළ අමාත්‍යවරයා, "ෆේස්බුක් වැනි දේ නවත්වා තිබෙනවා. මොකද ඒ හරහා තමයි අන්තවාදීන් තමන්ගේ පණිවිඩ යවන්නේ. තමන්ගේ මතවාද ඉදිරියට ගෙන යන්නේ" යැයි පෙන්වා දුන්නේය. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මතුවූ තත්ත්වය මැඩ පැවැත්වීමට රජය අපොහොසත් වී යැයි නැගෙන චෝදනාවට පිලිතුරු දුන් අමාත්‍යවරයා ඇඳිරි නීතිය මෙන්ම හදිසි නීතිය පනවමින් ද, හමුදාව යොදවමින් ද ඒ සම්බන්ධයෙන් රජය අවශ්‍ය පියවර ගත් බව සඳහන් කළේය. කෙසේවෙතත්, මහනුවර දිස්ත්‍රික්කය පුරා මේ වනවිට ඇඳිරි නීතිය පනවා ඇති අතර පාසල් දින නියමයකින් තොරව වසා ඇත. මේ අතර වහාම ක්‍රියාත්මකවන පරිදි දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය. කටුගස්තොට සිදුවීම් | ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය සන්නිවේදනය අද සිට (මාර්තු 07) අවහිර කිරීමට රජය පියවර ගෙන තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "මුස්ලිම් කාන්තාවක් හිස ආවරණය කරගෙන යාමට අපිට එරෙහි වෙන්න අයිතියක් නැහැ. නමුත් හදිසි නීතිය යටතේ සම්පූර්ණයෙන් ම මුහුණ වහගෙන යන්න බැහැ. එහෙම වුණත් ඒ රෙදි ගලවන්න අපිට අයිතියක් නැහැ. අපි ඒක භාර දෙන්න ඕන පොලිසියට, ත්‍රිවිධ හමුදාවට," උන් වහන්සේ පැවසූහ. "මේ ප්‍රශ්නයට (ප්රහාරයන්ට) කිසි ම දායකත්වයක් නොදීපු මුස්ලිම්වරුන්ට එවැනි පීඩාවන් සිදු කිරීම බෞද්ධ භික්ෂුවක් හැටියට මම හෙළා දකිනවා," භද්දිය හිමියෝ ප්‍රකාශ කළහ. මුස්ලිම් ජනතාවගේ වගකීම විශ්වාසය තහවුරු කිරීම උදෙසා මුස්ලිම් ජාතිකයන් ද සුවිශේෂී කාර්යයක් සිදු කළ යුතුව ඇතැයි උන් වහන්සේ අවධාරණය කළහ. මුස්ලිම් සමාජය බහුතර සිංහල සමාජයෙන් "ඉතා තීරණාත්මක අන්දමින්" ඈත් වෙමින් සිටින බව ද උන් වහන්සේ පැවසූහ. "අපි පුංචි කාලේ මාතර ඉසදීන් නගරයට එනකොට අපිට මතකයි ඒ මුස්ලිම් නැන්දල, ආත්තම්මල යන්තම් සාරි පොටෙන් ඔළුව වහගෙන හිටියේ." උන් වහන්සේ තවදුරටත් කියා සිටියේ "මුළු මුහුණ ම වහගෙන යන තත්ත්වයට වර්ධනය වීමත් සමග, මුහුණ දකින කොට ඇති වුණු සමීපකම, ලෙන්ගතුකම අද ලංකා සමාජයෙන් ගිලිහී ගොස්" ඇති බවය. එමෙන්ම සිංහල, මුස්ලිම් ජන කොට්ඨාස දෙක අතර සැකය වැඩි වීමට ඇතැම් රාජ්‍ය මැදිහත්වීම් මත සිදු වූ ක්‍රියාවන් ද හේතු වී ඇති බව භද්දිය හිමියන්ගේ අදහසය. උන්වහන්සේ පෙන්වාදෙන පරිදි සිංහල හා මුස්ලිම් ජනයා අතර සැකය වැඩිවීමට හලාල් සහතික සහිත ආහාර හඳුන්වාදීම ද ප්‍රබල හේතුවක් වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 9ක් පමණ වන මුස්ලිම් ජනතාව හලාල් නොවන නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හලාල් නිෂ්පාදන අවශ්‍ය නොවන ජනගහනයෙන් සියයට 91 ක් පමණ වන ජනතාවට ද හලාල් නිෂ්පාදන මිලදී ගැනීමට සිදු වීම හමුවේ පාරිභෝගිකයන්ට භාණ්ඩයේ සැබෑ වටිනාකමට වඩා අතිරේක මුදලක් ගෙවීමට සිදුවන අතර, එම මුදල් කාගේ අතට පත්වන්නේදැයි සාධාරණ සැකයක් සිංහල ජනතාව තුළ පවතින බව භද්දිය හිමියෝ සඳහන් කළහ. ''සාමාන්‍ය බහුතරය අතර සැකයක් තියෙනවා මේ හලාල් සහතික හරහා එකතු කරන සල්ලි ත්රස්තවාදීන් අතට පත් වෙනවා කියලා. ඒ සැකය නැති කරන්න මුස්ලිම් ජනයාට විතරක් බෑ. රාජ්‍ය මැදිහත් වීමකින් ඒ ගැන සොයා බලන්න ඕන." මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින සැකය දුරු කිරීමට මුස්ලිම් ජාතිකයන්ට ද පැහැර හැරිය නොහැකි වගකීමක් පවතින බව උන්වහන්සේ අවධාරණය කළහ. පාස්කු ඉරිදා ප්‍රහාර පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන වාතාවරණය ගැන අදහස් දැක්වූ ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ, "අපි හැම තැන ම බෝම්බ පත්තු කරන්න ආපු ෆාතිමාල හෝ සහරාන්ල දකින්න ගත්තොත් මේ රට ලේ විලක් වෙයි. මිනිස්සු මහ පාරේ නඩු විසඳන්න යනව නම්, මොකට ද රටකට පොලිසියක් හෝ අධිකරණයක්?," යනුවෙන් ද ප්‍රශ්න කළහ. "මුස්ලිම් ජනයා පන්සල් ගිය පමණින් හෝ බෞද්ධ ජනයා පල්ලි ගිය පමණින්" සංහිඳියාව ගොඩනැගිය නොහැකි බව උන් වහන්සේගේ අදහසය. පාස්කු ඉරිදා දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් පිළිබඳව විමසූ විට උන්වහන්සේ කියා සිටියේ එහි වගකීම භාර ගැනීම සඳහා කිසිවෙකු නොසිටීම," මුළු රට ම මේ මොහොතේ අත්විඳින ඛේදවාචකය" බව ය. දිගු කාලීනව අඛණ්ඩව වර්ධනය වෙමින් පැවති කාරණා කිහිපයක් මෙම තත්ත්වය ඇති වීමට පාදක වී ඇති නමුත් ආසන්නතම හේතු හැටියට උන් වහන්සේ දකින්නේ ජනාධිපති සහ අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලනඥයන් මෙන් ම ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා ඇතුළු සියලු නිලධාරීන් කළ යුතු රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු නොකිරීමය. ජනපති, අගමැති ගැටුම "ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පවතින ඝට්ටනය, මුළු රට ම අනාරක්ෂිත තත්ත්වයකට සහ කිසි ම පාලනයක් නැතිව පාවෙමින් ගමන් කරන තත්ත්වයකට අපේ රට අද වැටීමට ප්‍රධාන හේතු වෙලා තියෙනවා" "ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පවතින ඝට්ටනය, මුළු රට ම අනාරක්ෂිත තත්ත්වයකට සහ කිසි ම පාලනයක් නැතිව පාවෙමින් ගමන් කරන තත්ත්වයකට අපේ රට අද වැටීමට ප්‍රධාන හේතු වෙලා තියෙනවා. මහා සම්මතයෙන් ජනතාව රජයක් හෝ රජෙක් තෝරා ගන්නේ ප්‍රධාන වශයෙන් ආරක්ෂාව වෙනුවෙන්," භද්දිය හිමියෝ පැවසූහ. "අවාසනාවකට අපේ රජය අපි ජීවිතේ මුහුණ දුන්න රජයන් අතරින් ඛේදනීය ම රජය. අවාසනාවන්ත ම රජය. අපේ ආරක්ෂාව සම්බන්ධව, පුරවැසියාගේ රැකවරණය සම්බන්ධව අභිලාෂයට පයින් ගහල, ඔවුන් පුද්ගලික අභිලාෂවල පසුගිය තුන් අවුරුද්ද පුරා ගමන් කරල තියෙනවා." එමෙන් ම මුස්ලිම් තරුණයන් වඩාත් වේගයෙන් අන්තවාදය දෙසට නැඹුරු වීම සඳහා, මුස්ලිම් සමාජයට එරෙහිව සිංහල සමාජයෙන් එල්ල වූ "ඇතැම් වාග් ප්‍රහාර සහ කලහකාරී ප්‍රහාර එකක් හෝ දෙකක්" ද හේතු වූ බව උන් වහන්සේගේ විශ්වාසයයි. පසුගිය දා සිදු වූ මරාගෙන මැරෙන ප්රහාරයන් එල්ල වී ඇත්තේ සිංහල බෞද්ධ සමාජයෙන් එල්ල වූ හිරිහැරයකට, අයුක්තියකට හෝ අසාධාරණයකට පිළිතුරු ලෙස නොවන බව උන් වහන්සේගේ අදහසය. කෙසේ නමුත් මේ වන විට "සියලු ම මුස්ලිම්වරුන් දෙස සැකයෙන් බලන" මට්ටමකට සමාජය පත් වී ඇති බවත් එය "අතිශයෙන් භයානක" තත්ත්වයක් බවත් ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ ප්‍රකාශ කළහ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව රට තුළ ඇතිවූ තත්ත්වය නිසා මුස්ලිම් ජාතිකයන් පවත්වාගෙන යන ව්‍යාපාර වර්ජනය කිරීමේ රැල්ල පිළිබඳව කළ විමසීමකදී භද්දිය හිමියන් පැවසුවේ එම ව්‍යාපාර හරහා සිංහල බෞද්ධ ජනයාට රැකියා අවස්ථා රැසක් උදා වී ඇති අතර ඒවා වර්ජනය කිරීමට යෝජනා කරන පුද්ගලයන් ඔවුන්ගේ රැකියා ගැටලුව ද විසඳිය යුතු බවය. 'දේශපාලනයට ආරාධනාවක්' ''මිනිස්සු කියනවා ඡන්දය ඉල්ලන්න කියලා. රට භාර ගන්න ලු. ඒත් මම ඉදිමෙන්නේ ඇඟිල්ලේ තරමට. මම කිසි කලෙක කිසි ම පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ.'' යනුවෙන් පැවසූ උන් වහන්සේ පෙන්වා දෙන්නේ භික්ෂූන් වහන්සේට පක්ෂ දේශපාලනය නොගැලපෙන බවය. ජාතික හෙළ උරුමය හරහා කළ අත්හදා බැලීම ඊට සාක්ෂියක් බව ද උන්වහන්සේ පැවසූහ. කිසි ම පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටිය ද මුළු රටට ම බලපාන එක් නීතියක් වෙනුවෙන් පෙනී සිටින බව උන් වහන්සේ අවධාරණය කළහ. ''බෞද්ධයෝ කියන විදියට මුස්ලිම් අය ඉන්න ඕන කියන එක මොන හිරිකිත කතාවක් ද ? ඒක නෙමෙයි වෙන්න ඕන. ලංකාවේ තියෙනවා ව්‍යවස්ථාවක්. ලංකාවේ තියෙනවා නීතියක්. ඒක බෞද්ධ නීතියක්වත්, බෞද්ධ ව්‍යවස්ථාවක්වත් නෙමෙයිනේ. ඒකට අනුව කවුරුත් පාලනය වෙන්න ඕන. එක එක ජාතීන්ට, ආගම් අනුව නීතිය වෙනස් නොවීමයි වැදගත් වෙන්නේ. ඒ වගේ ම ආගමික ආශා අනුව මේ රටේ ආහාර සංස්කෘතිය වෙනස් වෙන්න බෑ. අධ්‍යාපනය වෙනස් වෙන්න බෑ.'' ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ. ආචාර්ය මාවරලේ භද්දිය හිමියන් තවත් කියවන්න: | මුහුණ ආවරණය කරගෙන යන මුස්ලිම් කාන්තාවන්ගේ "රෙදි ගැලවීමට" හෝ "මහ පාරේ නඩු විසඳීමට," සිංහල මිනිසුන්ට අයිතියක් නොමැති බව ආචාර්ය මාවරලේ භද්දිය හිමියෝ පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | යෝජනාව අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාස භංගයකින් ජනාධිපතිවරයා ඉවත් කළ හැකිය දෝෂාභියෝග ක්‍රියාදාමය අවලංගු කෙරෙන අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන විශ්වාස භංගයකින් ජනාධිපතිවරයා ඉවත් කළ හැකි බවද යළි පදිංචි කිරීම පිළිබඳ අමාත්‍යවරයා බීබීසී දෙමළ සේවය කළ විමසීමකදී සඳහන් කළේය. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර, අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ නායකයාය නව සංශෝධනයට අනුකූලව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් වන අතර, අගමැතිවරයා පත්කිරීම සහ ව්‍යවස්ථාවෙන් බලය ලබා දෙන අනෙක් කරුණුවලදී හැර ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් ප්‍රකාර බවත් එහි සඳහන්. අමාත්‍ය ස්වාමිනාදන් බීබීසී යට ප්‍රකාශ කළ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධන යෝජනා අතර: | කැබිනට් මණ්ඩලය ඉරිදා සවස් යාමයේ එකඟත්වය පළ කළ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් විධායක ජනාධිපතිවරයකු ඉවත් කළ හැකි බව අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් කාණ්ඩ දෙකකට වෙන් කිරීමට ගන්නා උත්සාහයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරම්භයේදීම සිය විරෝධය පළ කර තිබිණි. ඉන්දියාව සහ බංගලාදේශය යන රටවල ක්‍රිකට් පාලක මණ්ඩලද ඉහත කී යෝජනාවට විරෝධය පළ කර සිටිති. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ සතියේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව 'ක්‍රික්ඉන්ෆෝ' වෙබ් අඩවිය වාර්තා කරයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තරඟකාරිත්වයක් ඇති කිරීම මෙන්ම මූල්‍ය ගැටළු වළක්වා ගැනීම යෝජනාව ඉදිරිපත් කිරීමට හේතු පාදක වී තිබේ. බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතු දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පෙන්වා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම වන සමානාත්මතාවය අදාළ යෝජනාව හරහා බිඳ වැටෙන බවයි. 'ක්‍රීඩාවේ සමානාත්මතාවය' "අපිට පළමු කණ්ඩායම් හතේ රැඳී ඉන්න එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් මේක වැරදියි. ටෙස්ට් කණ්ඩායම් දහයම සම වෙන්න ඕනේ." මූල්‍යමය ගැටළු මුල් කර ගනිමින් මෙවැනි යෝජනා ඉදිරිපත් වන බව කියා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා, එම ගැටළු මග හරවා ගැනීම සඳහා මේ ආකාරයෙන් කාණ්ඩ දෙකකට කණ්ඩායම් වෙන් නොකොට සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහා යොමුවීම විසඳුමක් වශයෙන් යෝජනා කරයි. "අපි කියන්නේ දවස් හතරේ ටෙස්ට් තරග. දැන් දිවා රාත්‍රී තරඟ තියන්න පුළුවන් ඒ නිසා ඕවර සීයක්වත් දිනකට යවන්න පුළුවන්. බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා තරග පැවැත්වූ විට හොඳ පිරිසක් තරඟ නරඹන්නත් එනවා. මොකද සති සති අන්තයේ තරඟ තීන්දුව එන නිසා." (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සමඟ බීබීසීයේ අසාම් අමීන් සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයේ නරඹන්න.) | ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අයත් ප්‍රථම කණ්ඩායම් 07 වෙනම කාණ්ඩයක් ලෙසත් සෙසු කණ්ඩායම් 05 වෙනම කාණ්ඩයක් ලෙසත් ක්‍රීඩා කළ යුතු බවට වන යෝජනාවට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්ත හා දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රිකට් පාලක මණ්ඩල සහාය පළ කරති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එබැවින් එමගින් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතුව ඇතැයි ද කොමිසම නිර්දේශ කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව සඳහන් කළේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මූලික කරගනිමින් මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනාධිපති කොමිසම් වාර්තා ගැන ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී 2008 වසරේ සිටම අයථා කටයුතු සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් අවශ්‍ය බවත් ජනාධිපති බැඳුම්කර කොමිසම නිර්දේශ කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරියේ මහ බැංකුවේ නිලධාරීන් අකර්මණ්‍ය වී ඇති අතර, හිටපු අධිපතිවරයා බැඳුම්කර නිකුතුවට අයථා ලෙසින් සම්බන්ධ වී ඇති බවත් කොමිසමේ නිගමනය වී ඇත. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් "මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම කි්රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා," ජනාධිපතිවරයා කොමිසන් සභා වාර්තාව උපුටා දක්වමින් සඳහන් කළේය. බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තා පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය. හිටපු මුදල් ඇමති රවි කරුණානායක බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිෂන් සභාව මීට ඉහතදී තමන්ට ලබා දුන් වාර්තා 17ක් මේ වනවිටත් ඉදිරි පියවර සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන අතර, අඟහරුවාදා තමන්ට ලබා දුන් වාර්තා 17ත් ඉක්මනින්ම නීතිපතිවරයා වෙත යොමු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව මගින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම සාමාජිකයන් චෝදනා ලබන බව සඳහන් කළ ජනාධිපතිවරයා එබැවින් එය කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගත් ක්‍රියාමාර්ගයක් නොවන බවත් පෙන්වා දුන්නේය. බැඳුම්කර වංචාවේ දී චෝදනා ලබන්නන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා යටතේ නඩු පැවරීම සඳහා පවතින නීතියේ යම් සංශෝධන සිදුකළ යුතුව ඇතිබව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් ඇති බවත් ප්‍රකාශ කළේය. බැඳුම්කර දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබන අර්ජුන් ඇලෝසියස් පවුලට අයත් 'වෝල්ට් ඇන්ඩ් රෝ' සමාගම විසින් 'පෙන්ට්හවුස්' තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීම පැවරෙන හිටපු මුදල් ඇමති රවි කරුණානායකට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු අතර, කොමිසන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතු යයි බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති ප්‍රකාශයේ ඇතුළත් විය. කොමිසමේ වාර්තාව ජනපති අතට භාරදුන් අවස්ථාව "මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති තනතුරට පත් කරනු ලැබීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බව වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමේ දී අග්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහතුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන ලද පොරොන්දු පිළිබඳව විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වෙනවා," ජනාධිපතිවරයා කියා සිටියේය. වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් පියවර ගැනීම පිණිස බැඳුම්කර නිකුතුව සම්බන්ධ කොමිසමේ වාර්තාව දැනටමත් නීතිපතිවරයා වෙත භාර දී තිබෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පැවසීය. වැඩිදුර තොරතුරු; | මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීති විරෝධී ලෙසින් මුදල් උපයාගෙන ඇතැයි බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධ ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අවුරුදු නැකත් ආණ්ඩුවේ අවශ්‍යතාවට සරිලන පරිදි වෙනස් කොට ඇති බවට මතයක් පවතින බව පසුගියදා ප්‍රකාශ කළ හිටපු ජනපතිවරයා සිය හිස තෙල් ගෑමේ චාරිත්‍රය සඳහා වෙනස් වෙලාවක්ද යොදා ගෙන තිබිණි. මෙවර අලුත් අවුරුදු නැකත් වේලාවන්හි වරදක් පවතින්නේ යැයි ඡ්‍යෝතීර්වේදීන් පිරිසක් තමන් සමග කියා සිටි බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය එස්බි නාවින්න කියා සිටියේ සාවද්‍ය මත පතුරවා හැර සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිබඳ පවතින ජනතා විශ්වාසය බිඳ දැමීමේ මෙහෙයුමක ඇතැම් පිරිස් යෙදී සිටින බවයි. 'එකම කමිටුව' ජ්‍යෙෂ්ඨ ඡ්‍යෝතීර්වේදීන් සහ ලිත් කතුවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් අලුත් අවුරුදු නැකත් වේලාවන් සකස් කරන බව පවසන අමාත්‍යවරයා වසර තිස් තුනක් පුරා එම කමිටුව අලුත් අවුරුදු නැකත් වේලාවන් නිර්දේශ කරන බවයි පෙන්වා දෙන්නේ. 'සමහරක් අය හිතනවා ඇති මේ ආණ්ඩුව වෙනස් වුනාම නැකත් කමිටුවත් වෙනස් වෙනවා කියලා, එහෙම එකක් වෙලා නැහැ' නැකත් කමිටුව විසින් මෙවර අවුරුදු නැකත් සක්ස්කර නිකුත් කරනු ලැබුවේ මිට මාස හයකට පෙර බව ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ ඡ්‍යෝතීර්වේදී ආනන්ද සෙනවිරත්න අවසන් මොහොතේ එය විවේචනය කිරීම පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇති බවයි සඳහන් කළේ. 'වරදක් හෝ දෝෂයක් තිබුනා නම් ඒ අයට අවශ්‍ය තරම් කල් තිබ්බා ඒක පෙන්වලා දෙන්න. කිරි කළයට ගොම දැමීම වගේ වැඩක් ඒ අය කළේ. ජනතාවගේ මනස විස කරන්න කරපු වැඩක්' ඔහු පැවසීය. මීට පෙර අවස්ථා විසි හතරකදී හිස තෙල් ගෑම සඳහා බටහිර දිශාව යොදා ගෙන ඇති බව පෙන්වා දුන් ඡ්‍යෝතීර්වේදී ආනන්ද සෙනවිරත්න බටහිර දිශාව අසුභ යැයි පළ කර ඇති මතය නිවැරදි නොවන බවයි සඳහන් කළේ. පස්වරු කාලයේ නැකත් යොදාගැනීමේ හේතුව පිළිබඳ අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ 'හවස් වරුව හොඳ නැහැ කියපු හිටපු ජනාධිපතිතුමාම හවස් වරුවේ හිස තෙල් ගානවා, මොකක්ද ඒ කරපු දේ' යනුවෙනි. | ආණ්ඩුවට අවශ්‍ය පරිදි අලුත් අවුරුදු නැකත් වේලාවන් සකසා ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඡ්‍යෝතීර්වේදීන් පිරිසක් නගන චෝදනා රජයේ නැකත් කමිටුව ප්‍රතික්ෂේප කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ත්‍රිකුණාමල මවුවරුන්ගේ සංවිධානයේ සභාපතිනි සෙබස්තියන් දේවී ඒ බව සඳහන් කළේ අතුරුදන් වූ සිය ඥාතීන් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෙනසුරාදා (මැයි 20) කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රතිචාරය පළ කරමිනි. යුද සමයේ අතුරුදහන් වූවන් රඳවාගෙන සිටින ස්ථානයක් සම්බන්ධව තොරතුරුක් හෙළි කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බලන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෙනසුරාදා සාම්පූර් හිදී ජනහමුවක් අමතමින් සඳහන් කළේය. 'අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක්' සාම්පූර් නව දිසා රෝහල විවෘත කිරීමෙන් අනතුරුව ජනතාව ඇමතූ ජනපතිවරයා, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් මෙතෙක් රැස්කර ඇති වාර්තා සැළකිල්ලට ගෙන කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ද සඳහන් කළේය. "අපේ ඥාතීන් පැහැරගෙන ගිය බොහෝ දෙනෙකුගේ නම් අපි හෙලි කළා. රුපියල් කෝටියකට වඩා උන් අපෙන් කප්පම් ගත්තා" - සෙබස්තියන් දේවී "2015 දී මම යාපනේ හින්දු විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් සමග ඡායාරූපයකට පෙනී සිටියා. එම ඡායාරූපය අන්තර් ජාලයට මුදාහැර තිබුනේ සිසුන් අතුරුදන්ව ඇති බව සඳහන් කරමින්," ජනාධිපතිවරයා පැවසීය. "මේක දේශපාළන අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක්. අතුරුදහන් වූවන් සොයා ගැනීමට මම හැම විටම සහයෝගය දෙනවා." එසේ සිය ඥාතීන් අතුරුදහන් කළ පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු තමන් සතුව තිබෙන බව ඔවුන් සොයමින් වසර නමයක් මුළුල්ලේ අරගලයක නිරතව සිටින සෙබස්තියන් දේවී ඇතුළු ඥාතීහු පවසති. "මගේ පුතාගේ නම සෙබස්තියන් රේගන්. 2008 මාර්තු 19 වෙනිදා පිල්ලෙයාන්ගේ කල්ලියේ නාදන් හා නගුලේස් කියන දෙන්නා එයා පැහැරගෙන ගියා," සෙබස්තියන් දේවී බීබීසී සිංහල සේවයට පැවසීය. "ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ ඉඳන් නාදන් මට කෝල් එකක් දුන්නා රුපියල් ලක්ෂයක් දුන්නොත් පුතා නිදහස් කරනවා කියලා. පස්සේ මම රුපියල් ලක්ෂයක් නාදන්ගේ අතටම දුන්නා. නමුත් පුතා නිදහස් කළේ නෑ," ඇය කියා සිටියාය. "2015 දී මම යාපනේ හින්දු විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් සමග ඡායාරූපයකට පෙනී සිටියා. එම ඡායාරූපය අන්තර් ජාලයට මුදාහැර තිබුනේ සිසුන් අතුරුදන්ව ඇති බව සඳහන් කරමින්. මේක දේශපාළන අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක්" "නාදන් දැනටත් මට මුණ ගැහෙනවා. මම මේ තොරතුරු සංහිඳියා යාන්ත්‍රණයේ නිළධාරීන්ටත් ලබා දුන්නා," මවුවරුන්ගේ සංගමයේ සභාපතිනි සෙබස්තියන් දේවී පවසන්නීය. බැගෑපත් ඉල්ලීමක් අතුරුදහන් වූවන් සම්බන්ධ කාර්යාලය (OMP) ඉතා ඉක්මනින් පිහිටුවීම ඇතුළු නිර්දේශ ගණනාවක් සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරන කාර්ය සාධක බලකාය ආණ්ඩුවට ඉදිරිපත් කළ නමුත් එම නිර්දේශ පිළිපැදීමට තමන් බැඳී නොසිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය. පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනත ප්‍රකාර OMP කාර්යාලය පිහිටුවන මෙන් යුරෝපා සංගමය, ගැටුම් නිරාකරණය පිළිබඳ ජාත්‍යන්තර කණ්ඩායම (ICG) ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ද ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කළේ ඒ අතරවාරයේය. "අපේ සමිතියේ අම්මලා හැත්තෑ අට දෙනෙක් සිටියා. පහළොස් දෙනෙක් මේ වන විට මිය ගිහින්" OMP කාර්යාලය සම්බන්ධ පනත සම්මත වී තිබියදී, එම කාර්යාලය නොපිහිටුවා අලුත් කමිටුවක් පත්කිරීමේ අවශ්‍යතාවය කවරක් දැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැමුන් ප්‍රශ්න කර තිබුණි. බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් අදහස් දැක්වූ සෙබස්තියන් දේවී: "අපේ සමිතියේ අම්මලා හැත්තෑ අට දෙනෙක් සිටියා. පහළොස් දෙනෙක් මේ වන විට මිය ගිහින්," යනුවෙන් සිය අරගලයේ ඉතිහාසය සිහිපත් කළාය. "අතුරුදන් වූවන් වෙනුවෙන් ලංකාවේ තිබුණු සෑම උද්ඝෝෂණයකටම මම සහභාගි වුනා. අපේ ඥාතීන් පැහැරගෙන ගිය බොහෝ දෙනෙකුගේ නම් අපි ඒ තැන්වලදී හෙලි කළා. රුපියල් කෝටියකට වඩා උන් අපෙන් කප්පම් ගත්තා. අපි ජනාධිපතිතුමාට කියන්නේ තවමත් යහතින් ජීවත්වෙන මේ මිනීමරු කප්පම් කාරයෝ අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන්න කියලයි," ඇය බැගෑපත් ඉල්ලීමක් කරන්නීය. | අතුරුදහන් වූ සිය ඥාතීන් රඳවාගෙන සිටින ස්ථානයක් නොදන්නා නමුත් ඔවුන් පැහැරගෙන ගිය පුද්ගලයින්ගේ නම් ගම් ඇතුළු අනෙකුත් විස්තර තමන් සතුව තිබෙන බව අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. - මහාචාර්ය සිරිල් විජේසුන්දර මේ අතර තවත් ස්ථාන කිහිපයකින් එම විශේෂයේ ශාක කිහිපයක් සොයාගෙන ඇති නිසා ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පවතින ශාක වලට මෙතෙක් ලබා දී තිබූ පරිසර විද්‍යාත්මක වටිනාකම අඩු විය හැකි බවට ඇතැම්හු අදහස් පළ කරති. එම පසුබිම මත අද භික්ෂුන් වහන්සේ එම ස්ථානයට වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනය කර, චීවරයක් පළඳවා එම ගස 'පැවිදි කර' සාංඝික දේපළක් බවට ප්‍රකාශයට පත් කළහ. 'කෲඩියා සෙලනිකා' ගස් හතක් සහ පැල විස්සක් මෙම විශේෂයෙන් ගස් හතක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර පැල විස්සක් රෝපනය කරමින් පවතින බව පේරාදෙණිය, රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය අචලා අත්තනායක බීබීසී සිංහල සේවයට කියා සිටියාය. ''අපිට මිනුවන්ගොඩ පැත්තෙ තියෙන නැන්දිමහර ප්‍රදේශයෙන් මේ විශේෂයේ විශාල ගහක් හමුවුණා. ඒ ගහ මේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළ ප්‍රදේශයේ තියෙන ගහටත් වඩා විශාලයි. මෙවැනි ශාක සංරක්ෂණය අපට පැවරෙන වගකීමක්. අපි ඒ සඳහා ක්‍රියා කරමින් සිටිනවා'' යනුවෙන් ආචාර්ය අචලා අත්තනායක පැවසුවාය. කෲඩියා සෙලනිකා ශාක දක්නට ලැබෙන ප්‍රදේශ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදු කළ පාරිසරික අධ්‍යයනයේදී මේ දිනවල දැඩි කතා බහට ලක්ව ඇති ගම්පහ, දාරළුව ප්‍රදේශයේ කෲඩියා සෙලනිකා ශාක දෙක හඳුනාගෙන නොතිබුණි. එබැවින් අදාළ ව්‍යාපෘතිය යටතේ මේ ශාකය සංරක්ෂණයට අවධානයක් යොමුව තිබුණේ නැත. මෙම ශාකය පිළිබඳව ලැබුණු තොරතුරක් මත මුලින් ම හඳුනාගනු ලැබ ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ විසිනි. "නුවර අධිවේගී මාර්ගයේ කඩවත ඉඳලා මීරිගමට යන කොටසේ තමයි දාරළුව ප්‍රදේශය තියෙන්නේ. මේ මාර්ගයට යොදාගන්නා ප්‍රදේශය සම්බන්ධයෙන් පරිසර තත්ත්ව වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියට දීලා තිබුණා. ඒ වාර්තාවෙන් කියවුණේ පාරිසරික හානියක් නැති බවයි. ඒත්, මධ්‍යම පරිසර අධිකාරිය 2018 අවුරුද්දේ අපට උපදෙස් දුන්නා ආපහු සැරයක් අදාළ ප්‍රදේශවල පරිසර තත්ත්වයන් ගැන සවිස්තරාත්මක වාර්තාවක් සපයන්න කියලා. ඒ අනුව කරපු අධ්‍යයනයේදී තමයි මේ ශාකය හඳුනාගන්න ලැබුණේ," යනුවෙන් හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ මීට පෙර බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයකදී පැවසීය. ''ගස් කියන්නේ දුවන සත්තු ජාතියක් නෙමෙයි. එනිසා පරිසර අධ්‍යයන වාර්තාව හරියට කලානම් මේවා කලින් හඳුන ගන්න තිබුණා. දැන් පාර මෙතනින් යම් ප්‍රමාණයක් වෙනස් කළත් ඒක රුපියල් මිලියන ගාණක වෙනසක්. කාගේ සල්ලිද යන්නේ? එහෙම කියලා සංරක්ෂණ කාර්යය නොසලකා හරින්නත් බෑ.'' යනුවෙන් වනජීවී පර්යේෂකයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ අදහස් පළ කළේය. ''වෙනත් තැනකට ගහ රැගෙන යෑම අසාර්ථක වීමේ හැකියාව වැඩියි'' ගම්පහ, දාරළුවේ දක්නට ලැබෙන කෲඩියා සෙලනිකා විශාල ශාකය වෙනත් ස්ථානයක රෝපණය කිරීමේ යෝජනාවක් ද මේ වනවිට ඉදිරිපත් වී ඇත. ඒ සඳහා වනජීවී වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියට යොමු කළ බව කියන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. එහි දැක්වෙන්නේ අදාළ ශාකය වෙනත් සුදුසු ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වයක් නොමැති බවය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කෲඩියා සෙලනිකා ශාකය වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට දැනුම් දී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කළ ලිපියකින් ද තහවුරු වේ. එවැනි ක්‍රියාවක් මේ සඳහා කොතරම් සාර්ථකවේද යන්න ගැන ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්, මහාචාර්ය සිරිල් විජේසුන්දරගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කරන ලදී. ඔහුගේ අදහස වී තිබෙන්නේ එවැන්නක් අසාර්ථක වීමේ සමභාවිතාව වැඩි බවය. ''උස ගස් වෙන තැනකට රැගෙන යන්න පුළුවන්. නමුත් මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. මේ ලොකු ගහ තියෙන්නේ ජල මාර්ගයක් අසළ නිසා ඒ පැත්තේ මතුපිට මුල් ගිහින් නෑ. අනික් පැත්තේ මුල් ගොඩක් ඈතට ගිහින් ඇති. ඒ පැත්තෙන් මුල් කපපු ගමන් ගහ මැලවිලා යන්න ඉඩ තියෙනවා.'' යන්න මහාචාර්ය සිරිල් විජේසුන්දරගේ අදහස වී ඇත. ශාකය වෙනත් ස්ථානයකට රැගෙනයාමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැමැත්ත පළ කර තිබුණ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් ඊට කැමැත්ත පළ කර නැත. මේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් පෙබරවාරි 09 වැනිදා ගම්පහ, දාරළුව ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කරන ලදී. එහි තීන්දුව මේ දක්වා ප්‍රකාශයට පත්වී නැත. දේවානි ගැන පාර්ලිමේන්තුවේ කතා වෙයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා කෲඩියා සෙලනිකා ශාක කැපීමට පසුගිය දිනවල ගත් උත්සාහයක් ව්‍යර්ථ කෙරුණේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලකගේ මැදිහත්වීම නිසාය. ඒ ගැන සමාජයේ දැඩි අවධානයක් යොමු වූ අතර පෙබරවාරි 09 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා කෙරුණි. වනජීවී හා වන සංරක්ෂණ සී.බී රත්නායක මෙලෙස අදහස් පළ කළේය. ''මේ විෂය පථය භාරව තියෙන්නේ කාටද, ඒ විෂය සඳහා කටයුතු කරන්නේ කොහොමද කියන එක දන්නේ නැතිව ඒ නිලධාරිනිය කටයුතු කරනවා. හුදෙකලා ඇය, හුදෙකලා සටනක් ගෙනියන බව පෙන්නන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙනකොට වනජීවී අධ්යක්ෂ ජනරාල්වරය, අපේ අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් දැන් එතැනට ගිහිල්ලා තියෙනවා.ඒ වගේම අලුත් අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නං ඒ කාර්ය කරනවා.'' ''එසේ නොහැකි නම් විකල්ප දෙයක් දෙන්න අපි උත්සාහ ගන්නවා. ඒ නිසා පෞද්ගලිකව ප්රතිරූප ගොඩනගා ගැනීම සඳහා උන්මත්තකයන්, උන්මතකයන් විදියට කටයුතු කරන අයත් ඉන්නවා. '' යනුවෙන් සී.බී රත්නායක පැවසූවේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීය. ''මේ ප්රශ්නය මතු කළ දේවානි මැතිනියට අපහාස කරමින් මන්ත්‍රීවරු මේ සභාගර්භයේ කතා කළා. මම පුදුම වෙනවා පරිසර ක්ෂේත්රයේ කෘතහස්ත රාජකාරියක් කරන රාජ්‍ය නිලධාරිනියක් ගැන මහජන මන්ත්‍රීවරු මේ තරම් බය වීම ගැන. මම පැහැදිලිව කියන්න කැමතියි ඒ නිලධාරිනිය ප්රතිරූප ගොඩනඟන්න උත්සාහ දරන්නේ නෑ .එතුමිය දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නෑ. හැබැයි එක දෙයක් තියෙනවා . එතුමිය මේ රටේ පරිසරය සුරක්ෂා කිරීමේ වගකීම සියයට ලක්ෂ ලක්ෂවාරයක් ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී සිටිනවා.'' යනුවෙන් විපක්ෂ නායකවරයා කියා සිටියයේය. මේගැනත් දැනගන්න: | මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව ඇති කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය රැක ගැනීමට පෙරට ආ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක දැන් මාධ්‍ය වෙත අදහස් පළ කිරීමෙන් වැළකී සිටින්නීය. ඊට හේතුව බලධාරින් විසින් ඇය නිහඬ කර තිබීම බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගොට්හාර්ඩ් දුම්රිය උමං මාර්ගය පොළොව මතුපිට සිට කිලෝමීටර 2.3 දක්වා වූ සීමාවේ පිහිටා ඇත 'ගොට්හාර්ඩ්' දුම්රිය උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට ගත වූ කාලය වසර විස්සකට ආසනයි. ඉංජිනේරු විද්‍යාවේ ඓශ්චර්යයක් ලෙස හැඳින්වෙන දිගින් සැතපුම් තිස් පහක් වන ද්විත්ව උමං මාර්ගය උතුරු සහ දකුණු යුරෝපය අතර ප්‍රවාහන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇති බවට ස්විට්සර්ලන්තය බලාපොරොත්තු පළ කරයි. උමඟ ඔස්සේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 260ක් සහ මගී දුම්රිය 65 ක් දිනපතා ගමන් කරනු ඇත වාර්ෂිකව දස ලක්ෂ සංඛ්‍යාත ලොරි රථ හරහා ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ ගොට්හාර්ඩ් උමං මාර්ගය ඔස්සේ දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙනු ඇත. ගොට්හාර්ඩ් දුම්රිය උමං මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය කොට ඇති මුදල ඩොලර් බිලියන දොළහකට අධිකයි. | ඇල්ප්ස් කඳු වැටිය යටින් දිවෙන ලොව දිගින් වැඩිම එමෙන්ම ගැඹුරින්ම පිහිටි දුම්රිය උමං මාර්ගය අද බදාදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිත ස්විට්සර්ලන්ත බලධාරීහු පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පසුගියදා බුරුමයේ සිදුවු ආගම්වාදී ගැටුම්වලට මැදිවුනේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්රජාවයි. බුරුම ජනාධිපති තේන් සේන් (Thein Sein) විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවා ඇති ලිපියකින් උපුටා ගෙන ඇති වගන්ති වලට අනුව, අලුතින් පුරවැසිභාවය පැවරෙන ජනතාව අතරට රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව කෙලින්ම ඇතුළත් කොට නැත. බුරුම බලධාරීන් එම ප්‍රජාව සලකන්නේ අනවසර සංක්‍රමණික ජනතාවක් හැටියටයි. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බුරුම ජනාධිපතිවරයා උපුටා දක්වනු ලැබ තිබෙන්නේ අවතැන්ව සිටින ජනයාට පුරවැසිභාවය පැවරීමේ පටන් යළි පදිංචි කිරීම තෙක් ප්‍රශ්න ගණනාවකට විසඳුම් දීමට ඔහුගේ ආණ්ඩුව සූදානම් බවක් ප්‍රකාශ කරන ලද ආකාරයටයි. බුරුම ජනාධිපතිවරයාගේ ලිපිය එක්සත් ජාතීන් වෙත යොමුකරනු ලැබ තිබෙන්නේ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ බුරුම සංචාරය ආරම්භ වීමට දින කීපයක් තිබියදී. සබැඳි තේමා | රෝහින්ග්‍යා (Rohingya) සංක්‍රමණික මුස්ලිම් ප්රජාවද ඇතුළත්වන මට්ටමින් පුරවැසිභාවය ප්‍රදානයට අදාළ නව නීති සම්පාදනයට බුරුමය පියවර ගැනීමට යයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නව වැඩපිළිවෙල වයෝවෘද්ධ සිරකරුවන් වෙනුවෙන් අදාළ නොවන බව බලධාරීහු පවසති එහි පළමු පියවර ලෙසින් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ලබන මාසයේ වටරැක පාසලක් ආරම්භ කිරීමට පියවර තබා ඇති බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජීඑස් විතානගේ බීබීසී සංදේශයට කියා සිටියේය. පළමු ව්‍යාපෘතිය වෙනුවෙන් මුලින්ම සිරකරුවන් 250 ක් තෝරා ගන්නා බව සංදේශයට කියා සිටි ලේකම්වරයා, එසේ තෝරා ගන්නා පිරිසට අට වසරේ සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලසීම සිය අරමුණ බවද පැවසීය. ලබන මාර්තු මාසයේ අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීම බලධාරීන්ගේ අපේක්ෂාවයි. විධිමත් අධ්‍යාපනයක් ලබා දීමේ වැඩපිළිවෙල සියලු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට මූලික අදියරේදී හැකියාවක් නොමැති බව පවසන බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම් ජීඑස් විතානගේ, මුලින්ම වයස අවුරුදු තිහ දක්වා වන සිරකරුවන්ට අධ්‍යාපනය ලබා දීමට සිය අපේක්ෂාව බවද සඳහන් කළේය. | සිරකරුවන් සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබා දීමට සැලසුම් කරමින් සිටින බව බන්ධනාගාර කටයුතු භාර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | හිටපු එල්ටීටීඊ නායකයෙකු වු දිලීපන් ජිවිතක්ෂයට පත්වු ස්ථානය ඉදිරිපස මෙම නාම පුවරු ප්‍රදර්ශනය කරමින් එයට මල් පහන් පුදා ගෞරවය දැක්වීමේ උත්සවයක් පවත්වා තිබේ. යාපනය ආරක්ෂක අංශ පැවසුවේ යුද්ධයෙන් මියගිය එල්ටීටීඊ සාමාජිකයින්ගේ නම් ද ඇතුළු දෙමළ වැසියන්ගේ නම් මෙම පුවරුවේ සඳහන් කර ඇති බවය. යුද්ධයෙන් මියගිය තැනැත්තන්ගේ ඥාතීන්ගේ සංසදය සහ උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන සිවිල් සංවිධානවල එකමුතුවෙන් මෙම නාම පුවරුව සකසා ඇත. එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති වකවානුවේ ද අදාළ ස්ථානයේ සිට මහවිරු දිනය සමරමින් යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ගේ නම් ප්‍රදර්ශනය කර ගෞරවය දැක්වීමේ වැඩසටහන් පැවැත්වීය. උත්සවය අවසානයේ දී මෙම නාම පුවරු නැවත රැගෙන ගොස් සුරක්ෂිතව තබා වසරක් පාසා පැවැත්වෙන මහවිරු සැමරුම් උත්සවයේ ප්‍රදර්ශනය කිරීම සම්ප්රදායක් බව යාපනය ප්‍රදේශවාසීහු පැවසූහ. මේ තොරතුරුද කියවන්න: | යුද සමයේ ජීවිතක්ෂයට පත් වූ දෙමළ වැසියන්ගේ නම් 25,000ක් ප්‍රදර්ශනය කොට ගෞරවය දැක්වීමේ වැඩසටහනක් අද දින (නොවැම්බර් 27) යාපනය නල්ලූර් ප්‍රදේශයේදී පැවැත්වුණ බව ප්‍රදේශවාසීහු පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නීතිඥ විජේරත්න කොඩිප්පිලි වර්තමානයේ අග විනිසුරු ධුරය සම්බන්ධයෙන් සිදු කෙරෙන වෙනස් වීම් ඇතුළු ක්‍රියාවලිය පිළිබඳව අග විනිසුරු මොහාන් පීරිස් නීති විශාරදයන් සමඟ අධ්‍යනය කරමින් සිටින බවයි නීතිඥ විජේරත්න වැඩි දුරටත් කියා සිටියේ. අග විනිසුරු මොහාන් පීරිස් ඉදිරි දින කිහිපය ඇතුළත ඒ සම්බන්ධයෙන් ජනතාවට ප්‍රකාශයක් කරනු ඇති බව නීතිඥ කොඩිප්පිලි පැවසුවේය. අග විනිසුරු ධුරයෙන් ඉල්ලා අස් වීමට රජය මොහාන් පීරිස්ට ඉල්ලීමක් කර නැති බවත් රජයේ ප්‍රකාශයෙන් පැවසෙන්නේ ඔහුගේ පත්වීම නීත්‍යානුකුල නැති බව පමණක් වන බවයි නීතිඥ කොඩිප්පිලි කියා සිටියේ. | අග විනිසුරු මොහාන් පීරිස් තවමත් ධුරයෙන් ඉල්ලා අස්වී නැති බව ඔහුගේ ප්‍රකාශකයා ලෙස පෙනී සිටින නීතිඥ විජේරත්න කොඩිප්පිලි පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නොමද ආදරය දිනූ 'විලා' 'විලා' නමැති ගෝරිල්ලා මිය යන විට හැට වෙනි වියේ පසු විය. 1957 වසරේ දී කොංගෝවේ උපත ලද 'විලා' ඇයගේ පවුලේ සාමාජිකයන් අතර සිටියදී මියගිය බව සැන් දියේගෝ සෆාරි උද්‍යානය සිකුරාදා (ජනවාරි 26) නිවේදනය කළේය. ඇය පරම්පරා පහකට "මාතෘ මූලිකයා" වූ බව සෆාරි උද්‍යාන බලධාරීහු පවසති. "මීට ආසන්න වයස්වල පසුවන ගෝරිල්ලන් ඉතා සුළු ප්‍රමාණයකුයි සිටින්නේ" යනුවෙන් කැලිෆෝනියාවේ පිහිටි සෆාරි උද්‍යානයේ ප්‍රධාන සත්ව පාලිකාවක වන පෙගි සෙක්ස්ටන් පැවසුවාය. සාමාන්‍යයෙන් ගෝරිල්ලෙකු අවුරුදු 35-40 අතර කාලයක් ජීවත් වේ. "උද්‍යානයේ සාමාජිකයන්ට, නරඹන්නට, ස්වේච්ඡා සහ කාර්ය මණ්ඩලයේ සේවකයන්ට ඇයගේ අඩුව දැනේවි" යනුවෙන් සෆාරි උද්‍යානයේ ක්ෂීරපායී සත්ව අංශය භාර රැන්ඩි රිචස් කියා සිටි. පරම්පරා පහක පවුලේ මූලිකයා දැනට මිනිස් ඇසුරේ ජීවත්වන වයස්ගතම ගෝරිල්ලා වන ටෘඩිගේ වයස අවුරුදු 61 යයි සැලකේ. ඇය ආකන්සෝහි 'ලිට්ල් රොක්' සත්වොද්‍යානයේ වාසය කරන්නීය. විලා මෙන්ම, ඇයද වනයෙන් අල්ලා ගන්නා ලද ගෝරිල්ලෙකි. ගෝරිල්ලන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින සත්ව කොට්ඨාසයකි. නීති විරෝධී ලෙස සිදු කරනු ලබන සත්ව වෙළඳාමට ද ඔවුහු ගොදුරුව සිටිති. ගෝරිල්ලන් වනයෙන් අල්ලාගෙන සත්වෝද්‍යාන තුළ රඳවා තැබීම සම්බන්ධයෙන් පරිසරවේදීන් සන සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල විරෝධය එල්ල වේ. 2016 වසරේදී ඇමරිකාවේ 'සින්සිනාති' සත්වෝද්‍යානයේ කාර්යමණ්ඩලය විසින් ගෝරිල්ලකුට වෙඩිතබා මරා දමනු ලැබුවේ ගෝරිල්ලා රඳවා තබන ලද කුටියට වැටුණු දරුවෙකුගේ දිවි බේරා ගැනීම සඳහාය. එම සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකවරයා එවක පැවසුවේ වයස අවුරුදු හතරක් පමණ වූ දරුවා ගේට්ටුව අතරින් රිංගා 'හරම්බේ' නමැති ගෝරිල්ලා සිටි කුටිය සහිත පෙදෙසට ඇතුල්වී සිටි බවය. කෙසේ නමුත් ගෝරිල්ලා මරා දැමීම සම්බන්ධයෙන් සමාජ ජාල තුළ දැඩි විරෝධයක් එල්ල වූ අතර එම ක්‍රියාව සත්ව ලෝලීන්ගේ දැඩි විවේචනයට ලක් විය. ගෝරිල්ලා මරා ළමයෙකු රැකගනී තවත් තොරතුරු: | ලොව වයසින් වැඩිම ගොරිල්ලන් අතර සිටි එක් ගෝරිල්ලෙකු මිය ගොස් තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මාගම්පුර වරාය සේවකයන් සහ නාවික හමුදාව අතර ගැටුම වාර්තා කළ මාධ්‍යවේදියකුට පහරදුන් බවට නාවික හමුදාපතිවරයාට චෝදනා කෙසේ නමුත් පහරකෑමට ලක් වූ මාධ්‍යවේදියා අතින් එවැනි අවස්ථා වාර්තාකරණය සම්බන්ධ ආචාරධර්ම කිහිපයක් කඩ වී තිබෙන බව ඒ පිළිබඳව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණයේ මූලික නිගමණ අනුව හෙළි වී තිබුණු බවත් ඔහු බීබීසී සංදේශයට පැවසීය. උද්ඝෝෂණයේ යෙදී සිටි මාගම්පුර වරායේ සේවකයන්ගෙන් නෞකා දෙකක් බේරාගැනීම පිණිස නාවික හමුදාව පැමිණි අවස්ථාවේ, එය වාර්තා කළ මාධ්‍යවේදියකුට පහරදුන් බවට නාවික හමුදාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ. එම පහරදීමට එරෙහිව රටපුරා විවිධ ප්‍රදේශවල මාධ්‍යවේදීන් කළු පටි පැළඳ උද්ඝෝෂණවල නිරතව සිටි අතර, එහිදී මාධ්‍යවේදියා ආචාරධර්ම කඩ කළ බව පවසමින් ආචාර්ය රංග කලංසූරිය ඉරිදා නිකුත් කළ නිවේදනය බොහෝ මාධ්‍යවේදීන්ගේ දැඩි විවේචනයට ලක්විය. 'මේ අවස්ථාවේදි මේ මාධ්‍යවේදියා මේ පිරිසෙන් ඈත්වෙලා වෙනම රාජකාරියක් කරන්න ගියා කියල අපිට ආරංචි වෙලා තියෙනවා' ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදියා එසේ කඩ කළ ආචාර්ධර්මය කවරක් දැයි බීබීසී සංදේශය කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ආරක්ෂක හමුදා සම්බන්ධ ඉතා සංවේදී සහ ගැටුම්කාරී තත්වයක් පවතින අවස්ථාවක මාධ්‍යවේදීන් පිළිපැදිය යුතු විශේෂ ආචාරධර්ම පවතින බවයි. විශේෂයෙන්ම කිසියම් ස්ථානයකින් ඔබ්බට නොයන මෙන් ආරක්ෂක හමුදා උපදෙස් දුන් අවස්තාවක ඒ උපදෙස් නොපිලිපැදීම සහ ඔහුගේම ආරක්ෂාව පිණිස සිය මාධ්‍ය සගයන් සමඟ එක් ස්ථානයක සිටීමට අපොහොසත්වීම මාධ්‍යවේදියා විසින් කඩ කරන ලද ප්‍රධාන ආචාරධර්ම කිහිපයක් බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ මතයයි. "මේ අවස්ථාවේදි මේ මාධ්‍යවේදියා මේ පිරිසෙන් ඈත්වෙලා වෙනම රාජකාරියක් කරන්න ගියා කියල අපිට ආරංචි වෙලා තියෙනවා." ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සේවය ලබාගන්නා ආයතන ඔවුන්ට නිසි වේතනයක් පවා නොගෙවමින් ඔවුන්ගේ සේවය සූරා කෑම ඔවුන් මේ ආකාරයෙන් 'තරගයක' යෙදී සිටීමට ප්‍රධානම හේතුව බවත් ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය. "මාස දෙක තුනකට පඩි ගෙවල නැති ආයතන තියෙනව. ඒ අයට රැකියා සුරක්ෂිතභාවයක් නෑ." එබැවින් තමන් ආරාක්ෂා වී රැකියාවේ නිරතවන්නේ කෙසේ දැයි ඔවුන්ට පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කරයි. | සෙනසුරාදා මාගම්පුර වරායේදී මාධ්‍යවේදියකුට පහරදීම දැඩිව හෙලා දකින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රංග කලංසූරිය යළිත් වරක් අවධාරණය කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සිද්ධියට මුහුණ දුන් කාන්තාවන් දෙදෙනාට සලාක පත් ලබා දීමට නිලධාරීන් කටයුතු කර ඇත. හැට පස් වියැති කාන්තාවක සහ ඇයගේ තිස්පස් වියැති දියණිය මායාකර්මවල යෙදෙන්නේ යැයි සිතා, එයට දඬුවමක් ලෙස ඔවුන් දෙදෙනාව නිර්වස්ත්‍ර කර ගම්මානය මැදින් ඇවිද යාමට සලස්වා බලහත්කාරයෙන් මිනිස් මලමුත්‍ර පෙවී යැයි එම පුද්ගලයින්ට චෝදනා එල්ල විණි. තමා සහ මව ගම්වැසියන් අතර රෝගයක් පතුරුවනවා යැයි සිතා මෙසේ දඬුවමට ලක් කළ බව දියණිය බීබීසී වෙත පැවසුවාය. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සුලබව දක්නට ලැබෙන "මායාකාරියන් දඩයම", කාන්තාවන් ඉලක්ක කර සිදු වෙමින් සිදුවෙමින් පවතී. මෙවැනි හිරිහැර කිරීම්වලට බොහෝ විට හේතු වන්නේ අන්ධ විශ්වාස සහ ඇදහිලි බව විශේෂඥයෝ පවසති. නමුත් වැන්දඹු කාන්තාවන් ඇතුළු සමහර පුද්ගලයන්ගේ දේපල සහ ඉඩම් අයිති කර ගැනීමේ අරමුණින් බොරු චෝදනා එල්ල කර මෙසේ වධ බන්ධනයන්ට ලක් කරන අවස්ථා ද ඇත. පසුගිය බ්‍රහස්පතින්දා දින මෙම කාන්තාවන් දෙදෙනා නිවසට වී සිටින විට ඔවුන්ගේ ඥාතීන් පිරිසක් කලහකාරී ලෙස නිවසේ දොරට පැහැර දී ඇත. "මායාකර්මවල නියැලුණු බව කියා ඔවුන් අපිට චෝදනා කළා" යැයි මව රාවි ප්‍රකාශ් බීබීසී වෙත පැවසුවාය. තවත් තොරතුරු: ජීවිතයේ ඇතුල් පැත්ත සිත්තමට නගන අසම්මත කලාකාරියක් සාරිය අඳින්න බැරිකම ලජ්ජාවක්ද? හිංසනයට එරෙහිව හඬ නගන ආබාධිත දිරිය දියණිය ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? පසුගිය සතියේ සිදුවූ ඥාතියෙකුගේ මරණයෙන් පසු මෙම කාන්තාවන් දෙදෙනා සුදුසුකම් නොලත් වෛද්‍යවරයෙකු හමු වීමට ගොස් ඇත. එහිදී එම ඥාතියාගේ මරණයට කාන්තාවන් දෙදෙනා වග කිව යුතු බවට වෛද්‍යවරයා චෝදනා කර ඇත. "ඊට පස්සේ දවසේ අපි දෙන්නට දඬුවම් දුන්නා" දියණිය පැවසුවාය. ඥාතීන් විසින් මෙම කාන්තාවන් දෙදෙනාව ආදාහන භූමියකට රැගෙන ගොස් ඔවුන්ගේ සිරුරට මිනිස් මලමුත්‍රා විසිකිරීමෙන් අනතුරුව ඒ සියල්ල බලහත්කාරයෙන් පොවා ඇත්තේ ඔවුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේය. කාන්තාවන් දෙදෙනාගේම හිස මුඩු කර, ඇදුම් සියල්ල ඉරා දමා ගම්මානය මැද්දෙන් ඇවිද යාමට සළස්වා ඇත්තේ විශාල පිරිසක් අවට බලා සිටින අතරතුරය. මොවුන්ට උපකාර කිරීමට හෝ මෙම ක්‍රියාව නැවැත්වීමට කිසිවෙක් ඉදිරිපත් වී නැති අතර, "අපි හොදටම බය වෙලා හිටියේ" යැයි මව පැවසුවාය. "ඉදිරියේදී මෙවැනි දේ සිදු වීම වැළක්වීමට" ගම්වාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, සිද්ධියට මුහුණ දුන් කාන්තාවන් දෙදෙනාට ආරක්ෂාව සපයා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය. | "මායාකාරියන්" යැයි සිතා කාන්තාවන් දෙදෙනෙකුට හිරිහැර කළ පුද්ගලයන් එකොළොස් දෙනෙක් ඉන්දියානු පොලිසියේ අත්අඩංගුවට පත්වුහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රජයේ වාහන අවභාවිතා කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට චෝදනා එල්ල වේ ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය. කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි පැවසීය. "විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ඇප ලබාදීමට සුවිශේෂ කරුණු රැසක් තිබෙනවා. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. පරීක්ෂණ කටයුතු අවසන් වී තිබෙනවා. ඒවා සුවිශේෂ කරුණු ලෙසයි අපි සලකන්නේ " යනුවෙන් කී ඔහු වත්මන් රජය වෛරය පතුරවාලීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට චෝදනා කළේය. රජයේ වාහන රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා නියෝග කර තිබිණි. එහෙත් තමන්ට එරෙහි පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඇප ලබාදෙන්නැයි ඉල්ලා විමල් වීරවංශ මන්ත්‍රීවරයා මහාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළේය. ඔහුට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බව මහාධිකරණය විනිසුරුවරයා කියා සිටියේ එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය. | රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඇප ලබාදීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් අනාවරණය නොවන බව කොළඹ මහාධිකරණය ප්‍රකාශ කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය 'අගවිනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්වෙන්න පුළුවන් බව අපි දන්නවා නමුත් ඒක සහ අගවිනිසුරුවරිය අතර කිසිම සම්බන්ධයක් නෑ' ජගත් සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනයේ සම සභාපතිනි හෙළනා කෙනඩි ආදිපාදවරිය ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. "අපි දන්නා විදියට ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරිය අතර සම්බන්ධතා බිඳ වැටිලා තියෙන්නේ. අගවිනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට විරුද්ධව ඔහුගේ මූල්‍ය කටයුතු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන්න පුළුවන් බව අපි දන්නවා නමුත් ඒක සහ අගවිනිසුරුවරිය අතර කිසිම සම්බන්ධයක් නෑ," ආදිපාදවරිය සඳහන් කළාය. "අගවිනිසුරුවරියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න යන්නේ මොන චෝදනා මතද කියල අපිට තවම පැහැදිලි නෑ. නමුත් විශේෂයෙන්ම මේ දිනවල අධිකරණයේ ක්‍රියාකාරිත්වය හමුවේ දෝෂාභියෝගයක් ගෙන ඒම දේශපාලන අරමුණකින් සිදුවන්නක් කියන අදහස මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අධිකරණය කරන දේට ආණ්ඩුව කැමති නෑ ඒ නිසා අගවිනිසුරුවරිය ඉවත් කරන්න හදනවා කියන අදහස," යනුවෙන්ද බ්‍රිතාන්‍ය අධිකරණයේ රාජ නීතිඥවරියකද වන හෙළනා කෙනඩි ආදිපාදවරිය සඳහන් කළාය. දිවි නැගුම සම්බන්ධ විමර්ශනය 'මේ දිනවල අධිකරණයේ ක්‍රියාකාරිත්වය හමුවේ දෝෂාභියෝගයක් ගෙන ඒම දේශපාලන අරමුණකින් සිදුවන්නක් කියන අදහස මතුවෙන්න පුළුවන්' අගවිනිසුරුවරයා කිසියම් වරදක් කොට තිබෙන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම වරදක් නොවන බව පවසන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනයේ සම සභාපතිවරිය, කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ පවතින වත්මන් වාතාවරණය යටතේ එවැන්නක් සාධාරණීකරණය කළ නොහැකි බවද පවසන්නීය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නට පසුගියදා ගල්කිස්සේදී එල්ලවූ ප්‍රහාරය සහ දිවි නැගුම පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ විමර්ශනය අතර ප්‍රබල සම්බන්ධයක් ඇති හැඩක් පෙනීයන බවයි, ජගත් නීතිවේදීන්ගේ සංගමය පවසන්නේ. "ප්‍රහාරය සිද්දවුන ඔක්තෝබර් 07 වෙනිදාට කලින් ඉඳලම මංජුල තිලකරත්නට තර්ජන එල්ලවෙමින් තිබුනේ. ඔහු තමන්ගේ ජීවිතය ගැන බියෙන් හිටියේ. ඒ වගේම ඊට පස්සේ අධිකරණයට විරුද්ධව විවිධ උද්ඝෝෂණ පැවැත්වුනා," බව පවසන හෙළනා කෙනඩි ආදිපාදවරිය, එහි අවසාන ප්‍රතිඵලය වූයේ තත්ත්වය විසඳීම සඳහා පියවර ගනු වෙනුවට එය තව තවත් උත්සන්න කිරීම සඳහා "ගින්නට පිදුරු දැමීමක්" බවද සංදේශයට කියා සිටියාය. "ඒ නිසා මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදියට ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද කියල අපි අවධානයෙන් බලා ඉන්නවා." 'ව්‍යවස්ථානුකූල පියවර ගන්නවා' අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා රටේ ව්‍යවස්ථාවට එරෙහිව පත් කොට තිබෙන බවට විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුව හමුවේ කරන ලද ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ රාජ නීතිඥවරිය කියාසිටියේ ඔහුගේ පත්වීම කවර ආකාරයෙන් සිදු වූවත් ඔහු දැනට එම පදවිය දරන බැවින් ඔහුට ආරක්ෂාව සැපයීම රටේ බලධාරීන්ගේ වගකීමක් බවයි. මේ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සංදේශයට කියා සිටියේ, කතානායකතුමාද පෙන්වා දුන් පරිදි ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මෑතදී හටගත් විසංවාදය විසඳීම සඳහා ව්‍යවස්ථානුකූලව සහ ප්රජාතන්ත්රවාදී රාමුව තුල ආණ්ඩුව පියවර ගන්නා බවයි. දෝෂාභියෝගයද ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයක් නොවේදැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් එවැන්නක් ප්‍රකාශ නොකළ බවයි. කෙසේ වුවත් ආණ්ඩුව අකමැති තීන්දු දෙන විට අධිකරණයට එරෙහිව පියවර ගන්නා බවට එල්ලවන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා සබැඳි බීබීසී අඩවි මෙය සිංහල භාෂාවෙන් පලවන වෙබ් අඩවියක් නොවිය හැකිය සබැඳි අඩවි බීබීසීයෙන් පරිබාහිර වෙබ් අඩවිවල අඩංගුදේ පිලිබඳව බීබීසීය වගකීම් නොදරයි | ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ ප්රයත්නය පිළිබඳව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය බරපතල අවධානය පළ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 37 හැවිරිදි ඇඩමෝ කැන්ටෝ 37 හැවිරිදි ඇඩමෝ කැන්ටෝ විසින් වරද පිළිගනු ලැබුවේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේදී ය. මෙම සොරකම් 2019 නොවැම්බර් මස 11වැනිදා සිට 2020 අගෝස්තු 7වැනිදා දක්වා කාලය ඇතුළත අවස්ථා තුනකදී සිදු වී ඇත. මෙම සහකරුවාගේ නිල වාසස්ථානය තුළ තිබී "සැළකිය යුතු භාණ්ඩ ප්‍රමාණයක්" පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත. බකිංහම් මාලිගය ඔහුගේ වාසස්ථානය පිහිටා ඇත්තේ බකිංහම් මාලිගයේ 'රාජකීය අස්හල' අසල පිහිටි පරිශ්‍රයේ ය. කැන්ටෝ සිදු කර ඇති වරදට අධිකරණය විසින් දඬුවම් නියම කරනු ලැබීම ඉදිරි දිනයකදී සිදුවනු ඇත. අධිකරණයට දැන ගන්නට ලැබී ඇත්තේ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කැන්ටෝ ට භාර දී තිබූ සුපුරුදු රාජකාරිවලට අමතරව පිරිසිදු කිරීමේ කටයුතු ද පවරා තිබුණු බවය. ඒ අනුව, මාලිගාව තුළ සාමාන්‍යයෙන් ඔහුට ඇතුළු වීමට අවසර නොතිබුණු කාර්යාල සහ අනෙකුත් ස්ථානවලට යාමේ අවස්ථාව ඔහුට ලැබී ඇත. මෙම පුද්ගලයා විසින් සොරා ගනු ලබා ඇති ඇතැම් භාණ්ඩ අලෙවිය සඳහා අන්තර්ජාලයේ eBay ඔස්සේ ලැයිස්තුගත කර තිබූ බව නීති බලධාරීහු පවසති. මේ අතර ඇති ඇතැම් භාණ්ඩ බ්‍රිතාන්‍ය පවුම් 10,000 සිට 100,000 දක්වා වටිනාකම් සහිත නමුත් ඒවා අලෙවිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ එහි සැබෑ වටිනාකමට වඩා ඉතා අඩු මුදලකට ය. එමගින් කැන්ටෝ උපයාගෙන ඇති මුළු මුදල බ්‍රිතාන්‍ය පවුම් 7,741කි. බකිංහම් මාලිගය එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ කළ නිල සංචාරය අතරතුර ලබා ගත් ඡායාරූප සහිත ඇල්බමය ද මෙම සොරාගත් භාණ්ඩ අතර වේ. එහි වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 1,500ක් පමණ වේ. විලියම් කුමරු, කේට් කුමරිය සහ හැරී කුමරු ගේ අත්සන සහිත ඔවුන්ගේ නිල ඡායාරූප ද මෙම පුද්ගලයා විසින් සොරා ගනු ලැබ තිබේ. මාලිගයේ කාර්යාල, ගබඩා ඇතුළු විවිධ ස්ථානවල තිබී සොරා ගෙන ඇති භාණ්ඩ ප්‍රමාණය 77ක් බව අධිකරණයට දැනුම් දී තිබිණි. බකිංහම් මාලිගයේ ප්‍රධාන පාලකවරයාට අයත් වටිනා පදක්කමක් ද (Companion of Bath medal) තමන් සොරා ගත් බව කෙන්ටෝ පිළිගෙන තිබේ. මාලිගයේ ප්‍රධාන පාලක (Master) වයිස් අද්මිරාල් ටෝනි ජොන්ස්ටන්-බර්ට් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම පදක්කම අස්ථානගත වී ඇති බව තමන් දැනගත්තේ රැජිනගේ උත්සවයක් සඳහා එය පැළඳීමට අවශ්‍ය වූ අවස්ථාවේදී බවය. සොරාගත් භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අලෙවිය සඳහා පවතින බව තම කාර්ය මණ්ඩලය මගින් දැනගන්නට ලැබුණු බව ද එම නිවේදනයේ සඳහන් වෙයි. එලිසබත් රැජින විසින් බ්‍රිතාන්‍ය හමුදාවේ මේජර් ජෙනරාල් රිචර්ඩ් සයික්ස් වෙත 2010 දී පිරිනමනු ලැබූ Commander of the Royal Victorian Order පදක්කම ද මෙම භාණ්ඩ අතර වේ. මෙය සොරා ගෙන ඇත්තේ එම මේජර් ජෙනරාල්වරයාට අයත් කුඩා අල්මාරියක තිබියදී ය. මෙම නඩු විභාගයේ විනිසුරුවරයා විසින් කොන්දේසි ඇප මත කැන්ටෝ නිදහස් කරනු ලැබ ඇත්තේ ඉදිරි දිනයක දී ඔහුට සිර දඬුවම් පමුණුවනු ඇති බව පවසමිනි. | මහා බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිනගේ මාලිගයෙන් පදක්කම් සහ ඡායාරූප සොරාගත් බව බකිංහම් මාලිගයේ ආහාරපාන සැපයුම් සහකාරවරයෙකු (catering assistant) පිළිගෙන තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඔවුන් තිදෙනා මෙන්ම අප්‍රමාණ වූ තවත් දරුවන්, කාන්තාවන් සහ පුරුෂයන් පිරිසක් ඇතැම් විට සිය මරණයෙන් පවා කෙළවර වූ ඉතා නින්දිත සහ අතිශය කෲර ආකාරයේ ලිංගික හිංසනයන්ට ගොදුරුව වින්දිතයින් බවට පත්වී සිටිති. මෙම හිංසනයන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් (Gender Based Violence - GBV) ගණයෙහි ලා ද සැළකේ. මෙකී හිංසනයන් විසින් මේ වන විටත් විද්‍යා සහ සේයාගේ අහිංසක ළමා විය මෙන්ම ජීවිත ද උදුරා ගෙන හමාරය. ඔවුන්ගේ එම කටුක අත්දැකීම් හමුවේ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් පිටුදැකිය යුත්තේ කෙසේ දැයි යන්න පිළිබඳව ශී‍්‍ර ලංකාව තුල විවාදයක් මතු වී තිබේ. ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් පිළිබඳ ගැටලුව හුදෙක් බටහිර ලෝකයෙන් මතු වූ ප්‍රවණතාවයක් නොවේ. එය අප අතර ද බහුලව දැකිය හැකි අපරාධයකි. විශේෂයෙන්ම, දකුණු ආසියානු සංස්කෘතිය විසින් අපේ යුගයේ මෙම නින්දිත රහස සහ සමාජීය වසංගතය වසන් කිරීම මෙතෙක් සමත් වී තිබෙන බව පැහැදිලිය. සැබවින්ම මෙය ලෝක ව්‍යාප්ත ගැටලුවකි. කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ වාර්තාකාරිනී මහාචාර්ය රෂිඩා මන්ජෝ විසින් මෑතකදී ප්‍රකාශ කරන ලද පරිදි, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් මෙම හිංසනය, විශේෂයෙන්ම කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය 'කාන්තාවන් සහ ගැහැණු ළමුන් සිය නිවෙස් සහ ප්‍රජාවන් තුල දෛනිකව අත්විඳින බිහිසුනු ගැටුමක්' ලෙස සැළකිල්ලට යොමු විය යුතුය. 'ලිංගික හිමිකාරත්වයක්' ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් මෙම හිංසනය, විවිධ සමාජයන් විසින් සිය ප්‍රජාවන් තුල කාන්තාවන් සහ ගැහැණු ළමුන් අසමානයන් ලෙසින් සැලකීමේ ප්රතිඵළයකි. පවතින පුරුෂාධිපතිවාදී රටාව තුල, මෙය පුරුෂයන් සිය බලය කාන්තාවන් හා ගැහැණු ළමුන් කෙරෙහි ප්‍රචණ්ඩකාරී ලෙස මුදා හැරීමකි. කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනයේ පවතින තත්වය සම්බන්ධයෙන් Care Sri Lanka ආයතනය 2103 දී එලි දක්වන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව ශී‍්‍ර ලංකාවේ තෝරාගත් දිස්ති‍්‍රක්ක හතරක නියැදියකින් 14% ක පිරිමින් පිරිසක් තමන් ස්තී‍්‍ර දූෂණය ඇතුළු ලිංගික හිංසනයන් සිදුකර ඇති බව පිළිගෙන තිබේ. එම නියැදියේ පිරිමින් ගෙන් අඩකට වැඩි පිරිසක් ඔවුන්ට එසේ කිරීමට ලිංගික හිමිකාරත්වයක් ඇතැයි හැඟුණු බව පැවසූහ. මෙසේ ස්තී‍්‍ර දූෂණ ඇතුළු ලිංගික හිංසන වල නියැලූණු බවට පිළිගත් පුද්ගලයින්ගෙන් තුනෙන් එකක්ම සිය ගැටවර වියේදී ප්‍රථම ලිංගික දූෂණය සිදු කිරීමට පෙළඹුණු බව ප්‍රකාශ කර තිබීම බිහිසුණු තත්වයකි. ස්තී‍්‍ර දූෂණවල නියැලූණු පිරිමින්ගේ නියැදියෙන් අඩකට වැඩි පිරිසක් ප්‍රථම වතාවට එම අපරාධය සිදු කර තිබෙන්නේ බොහෝ විට විවාහ දිවියට ඇතුළු වන වයස වන අවුරුදු 20-29 අතරතුර වයස් කාලයේදී. නීතිය සහ ආකල්ප දිස්ති‍්‍රක්ක හතරෙහිම මෙම සෑම පිරිමියෙක්ම පාහේ ඔවුන් සිදු කළ ස්තී‍්‍ර දූෂණ අපරාධය සම්බන්ධයෙන් කිසිදු නීතිමය විපාකයකට හෝ දඬුවමකට මුහුණ පා නොතිබීම භයානක තත්වයකි. ස්ත්‍රී දූෂණය ඇතුළු ලිංගික හිංසනය සඳහා නීතියෙන් දඬුවම් නොලබා, වරදකරුවන් සමාජයේ නිදහසේ සිටීම ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එයින් පෙනී යන්නේ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ අධිකරණ විසින් ස්ත්‍රී දූෂකයන්ට අත්සිටවූ සිරදඬුවම් නියම කිරීම හේතුවෙන් කාන්තාවන් සහ දරුවන් වැඩි වැඩියෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයට පාත්රවීමේ අවදානමක් පවතී. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය විසින් වෛවාහික දූෂණය ලිංගික අපරාධයක් ලෙස හඳුනා නොගැනීම හමුවේ නීතිය බලාත්මක කරන නිළධාරීහු මෙම හිංසනය 'බරපතළ හිංසනයක්’' ලෙස නොදකිති. එසේම කාන්තා මූළික පවුල් සහ හමුදාමය භට පිරිස් අධික වශයෙන් සැරිසැරීම හරහා වන උතුරුකරයේ අත්දැකීම්, දිළිඳු ජීවන මට්ටම් ඇතුළු වතුකරයේ පසුබිම, සනීපාරක්ෂාව සහ විවිධ සංස්කෘතිකමය සම්ප්රදායන්හි ව්‍යාප්තිය මෙන්ම නුපුහුණු කාන්තා ශ්‍රමිකයින් සිය වෘත්තීන් සඳහා සිය නිවස්නයන් හා හුරු පුරුදු ප්‍රජාවෙන් නික්මී අභ්‍යන්තර හා බාහිර වශයෙන් සංක්‍රමණය වීමේ දී පවතින අඩු ආරක්ෂාව ආදී කාන්තාවන් සහ ගැහැණු ළමුන් කෙරෙහි වන අවදානම් සහගත තත්වයන් ඉහළ නංවන පරිදි වූ මෙම සන්දර්භය හා සබැඳි විශේෂිත සමාජ ස්ථරයන්ද තිබේ. පිරිමින්ට එරෙහි ලිංගික හිංසනය කේසරගේ සිදුවීම ද ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිරිමියෙකුට මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෙකුට එරෙහිව සිදුවන යම් ලිංගික අපරාධයක් පිළිබඳ නිසි, සාධාරණ හා යුක්ති සහගත මැදිහත්වීමකට සූදානම් නැති බව පෙන්නුම් කරන්නකි. ඔහු සිව් මසක් පුරා පිට පිටම දූෂණයට ළක් වීමේ බරපතළ කාරණය නොසළකා හැර සිද්ධියට අදාළ අපරාධකරුවන් ඇප පිට මුදා හැර තිබේ. මෙම විනිසුරු තීරණය පිරිමින් අත්දකින ලිංගික හිංසනයන් නීතියේ සමාන ආරක්ෂාව ලැබීමට තරම් සැළකිය යුතු කාරණයක් නොවන බවට ඔහු තුල පවතින ස්වයං විශ්වාසය පිළිඹිබු කිරීමක් ද? කළ යුත්තේ කුමක්ද? ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් කිසිසේත්ම නොඉවසන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා පහසුකම් සැපයීමේ විශාළ කර්තව්‍යක් රජය, නීති සම්පාදකයින්, සෞඛ්‍ය සේවා සපයන්නන් සහ සිවිල් සමාජය අභියස පවතී. එමෙන්ම ප්‍රමාණවත් නීතිමය හා මනෝ සමාජීය ප්රතිචාරයන් දැක්වීම පිළිබඳ වූ ඉතා වැදගත් භූමිකාවක් ද සෑම පුද්ගලයෙකුම සතුව පවතී. "ඔබ කිසිවෙකු වෙත එක් ඇඟිල්ලක් දිගු කරන විට ඔබේ අනෙක් ඇඟිලි තුන ඔබ වෙතම එල්ල වනු ඇත," යන ආප්තෝපදේශය ප්‍රකාර කාන්තාවන්, ගැහැණු ළමුන්, දරුවන් සහ ආබාධිත පුද්ගලයින්ද සමානව සැළකිය යුතු බවට තමන් විශ්වාස කරන්නේදැයි සියලු දෙනා තමන්ගෙන්ම විමසිය යුතුය. මෙවැනි හිංසනකාරී ආකල්ප දරමින් ප්රචණ්ඩ හැසිරීම් පළ කරන සිය මිතුරන්, පුතුන් හෝ සගයින් කෙරෙහි සිය විරුද්ධත්වය පළ කරන්නේද? යන කරුණු ගැන සෝදිසි කළ යුතුය. ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනය ශී‍්‍ර ලංකාවෙන් අතුගා දැමීමට සැබෑ අවශ්‍යතාවයක් පවතින්නේ නම් මේ ව්‍යාධිය පිළිබඳ වගකීම අප සෑම දෙනා විසින්ම භාරගත යුතුය. (කමණි ජිනදාස නිව්යෝර්ක් නුවර ජාත්‍යන්තර මුදවා ගැනීමේ කමිටුවේ සේවයේ නියුතු ශී‍්‍ර ලාංකික කාන්තාවකි. මේ ලිපිය ඇයගේ පුද්ගලික අදහස වන අතර, එය කිසිසේත් ම ජාත්‍යන්තර මුදවා ගැනීමේ කමිටුවේ හෝ බීබීසී යේ මතය නියෝජනය නොකරයි.) | විද්‍යා සිවලෝගනාදන්, සේයා සදෙව්මිණි සහ කේසර කහඳලියනගේ යන දරුවන්ගේ නම් මෑතදී ශී‍්‍ර ලංකාවේ පුවත් ශීර්ෂ පාඨයන් සැරසුවේ ඉතා ඛේදනීය වූ හේතු පාදක කරගනිමින්. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමට නියමිත වාර්තාව තවත් මාස කිහිපයක් පමා කරන ලෙසයි විදේශ ඇමති මංගල සමරවීර වොෂින්ටනයේ දී එසේ ඉල්ලා සිටියේ. විදේශ ඇමති මංගල සමරවීර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද බ්‍රහස්පතින්දා හමුවීමට නියමිතව තිබියදීයි එම අදහස ඉදිරිපත් කෙරුණේ. ශ්‍රී ලංකා රජය විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවත් එය කල් මැරීමේ ක්‍රියාවක් නොවන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. තව මාස දෙකක් වැනි කාලයක් තුලදී එය ක්‍රියාත්මක කළ හැකි බවත් එතෙක් එම වාර්තාව ඉදිරිපත් නොකර සිටීමට ඔවුන්ට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවන බවත් වොෂින්ටනයේ දී බුද්ධි මණ්ඩලයක් අමතමින් විශ්වාසය පල කළේය. මානව හිමිකම් කඩවීම් සිදු නොවූ බව පවසමින් කලින් පැවතී රජය මෙන් ප්‍රතික්ෂේප කිරීමක් නොකරන බව පැවසූ මංගල සමරවීර විදේශ ඇමතිවරයා එවැනි මානව හිමිකම් කඩවීම් සිදුවී ඇති බව වත්මන් රජය විශ්වාස කරන බව පැවසුවේය. එම වාර්තාව ප්‍රමාද කිරීමට ඇති ඉඩ කඩ පිළිබඳව විමසු විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක රූපට් කොල්වින් පවසා තිබුණේ එය යොදා ගත් ආකාරයට මාර්තු 25 වැනිදා නියමිත පරිදි ඉදිරිපත් කරන බවයි. | ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකාවට එරෙහි එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ ප්‍රමාද කරන මෙන් ඉල්ලා සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන චන්දික හතුරුසිංහ ඒ බව කියා සිටියේ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි. "මම වසර දෙකක පමණ සිට මේ කණ්ඩායම සමග කටයුතු කරනවා. මම දැක්ක පළමු දේ තමයි කණ්ඩායමක් වශයෙන් සෙල්ලම් කරන්නේ කොහොමද කියන දේ ගැන සංස්කෘතියක් ඔවුන්ට තිබුණේ නැහැ." (සාකච්ඡාවට සවන්දෙන්න) "ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒ තත්වය වෙනස් කරන්න අපි කටයුතු කළා. තාක්ෂණික සහ මානසික වශයෙන් කණ්ඩායම දියුණු කරන්නත් කටයුතු කළා. ඒ නිසා තමයි කණ්ඩායම තුළ මෙවැනි දියුණුවක් දකින්න ලැබෙන්නේ," දක්ෂතාවලින් පිරිපුන් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප්නංවා කණ්ඩායමක් වශයෙන් ජයග්‍රහණ කරා ළඟා වීම ඔවුන්ගේ අවධානයට ලක් කළ බවත් පුහුණුකරු චන්දික හතුරුසිංහ කියා සිටියේය. "මම පුහුණුකරු ධුරය බාර ගන්න විට ඔවුන් සතුව හිටියා ලෝකේ හොඳම තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා. නමුත් මම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අහපු පළමු ප්රශ්නය තමයි, ඔබට අවශ්‍ය ලෝකේ ඉන්න හොඳම තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා නිර්මාණය කිරීමද?, නැතිනම් කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යන එකද? කියන කාරණය." එහිදී කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යා යුතු බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේත් අදහස් වූ බව පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කළේය. (සංදේශයට සවන්දෙන්න) එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී තමා කලක් ක්‍රීඩා කළ කණ්ඩායමට එරෙහිව වෙනත් කණ්ඩායමක පුහුණුකරුවකු වශයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ චන්දික හතුරුසිංහ කියා සිටියේ 'මගේ වෘත්තීය කරනවා කියන කරණය තමයි මට හැඟෙන්නේ,' යනුවෙනි. | බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම තුළ සිදු කළ 'සංස්කෘතිමය වෙනස' කණ්ඩායමේ ජයග්‍රහණවලට බොහෝ සෙයින් හේතු වූ බව බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | උදය ගම්මන්පිල ජාතික හෙළ උරුමය නියෝජ්‍ය ලේකම් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පක්ෂයෙන් ඉවත් වෙමින් ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පෙන්වා දෙන්නේ, 2005 සහ 2010 වසරවල මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කෙරුණ සිය යෝජනා 2014 වසරේ දීත් තවත් මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කරනු ලැබීම කිසිසේත් ම පිළිගත නොහැකි වූ හෙයින් තම පක්ෂය දේශපාලන පියවරක් ගත් බවයි. ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත්ව සිටින උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක දී කියා සිටියේ ‘ප්‍රතිපත්තිමය කරුණු මත’ එම තීරණය ගත් බවයි. ‘දෙන්නම් කාසි එපා’ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහපාලනය ගැන ප්‍රශ්න පවතින නමුත් පොදු විපක්ෂයක් එක්ක එකතු වීමෙන් රටට විනාශයක් වුණොත් එහි කොටස් කාරයකු වීමට තමාට නොහැකි හෙයින් ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට සහයෝගය දීමට තමා තීරණය කළ බවයි ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ දී කියා සිටියේ. එහෙත් හෙළ උරුමය විසින් ගනු ලැබ ඇති දේශපාලන තීන්දුවත් සමඟ ඔහු දිගටම ක්‍රියාත්මක වූ බවයි මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දෙන්නේ. උදය ගම්මන්පිල විසින් ගනු ලැබුණ තීරණය කවර හේතුවක් මත ගනු ලැබූ එකක්දැයි තම පක්ෂය නොදන්නා බව කියා සිටින එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ඉවත්ව ගිය පක්ෂ සාමාජිකයාගේ තීරණය අවසාන වශයෙන් යුක්ති යුක්ත කරනු ලබන්නේ මහජනතාව විසින් බවත් කියා සිටියි. | තවත් ජනාධිපතිවරණයකට යාමට පෙර ඉටු කිරීම සඳහා තම පක්ෂය ආණ්ඩුවට ඉදිරිපත් කර තිබුණ යෝජනා සම්පූර්ණ නොවූ තත්වයක් යටතේ ‘දෙන්නම් කාසි වලට වැඩ කළ නොහැකි බව’ සිය පක්ෂ සම්මේලනයේ දී කියා සිටියේ පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක් වූ හිටපු නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල බව ජාතික හෙළ උරුමය කියා සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මුහුදු පතුලේ තැන්පත් වී තිබෙන අවසාදිත ලබා ගනිමින් එමෙන්ම 2004 දී හට ගත් සුනාමි උදම් රළ මෙන් විශාල සුනාමියක් ඇති වීමට තවත් වසර 1000 ක් පමණ ගත වන බවයි ඉන්දියානු සාගර කලාපීය සුනාමි හට ගැනීම පිළිබඳව අධ්‍යයනයක් කළ කණ්ඩායමේ මහාචාර්ය ග්‍රෙගර් එබර්ලි පවසන්නේ. ‘එවැනි සුනාමියක් හට ගන්න වසර 1000ක් ගත වෙනවා. මේ නිසා ඉදිරි අවුරුදු දහස තුළ ඇතිවෙන සුනාමි 2004 සුනාමියට තරම් විශාල ඒවා නොවෙයි. ඒක හෙට වෙන දෙයක් නොවෙයි, අවුරුදු 100 කින් වෙන දේකුත් නොවෙයි අවුරුදු 200 කින් වෙන දෙයකුත් නෙමෙයි. ඒකට තව විශාල කාලයක් ගත වෙනවා.’ විද්‍යාඥ ග්‍රෙගර් එබර්ලි කියයි. හම්බන්තොට වසර දහස් ගණනක් පුරා ලංකාවට ඇති වූ සුනාමි වලින් හම්බන්තොට 'කරගන්' ලේවායේ මුහුදු පතුලේ තැන්පත් වී තිබෙන අවසාදිත විශ්ලේෂණය කිරීමෙන් එම නිගමනයට පැමිණ ඇති බවයි මියාමි සරසවියේ පර්යේෂිකා භූ විද්‍යාඥ කෙලි ජැක්සන් බීබීසී සංදේශයට කියා සිටියේ. ඊලඟ පරම්පරාවලට මෙය බලපාන්න පුළුවන් -කෙලි ජැක්සන් ‘අපි 2004 න් පස්සේ ශ්‍රී ලංකාවට ගියා. මොකද මහාචාර්ය ෆෝල්ක් අමෙලොන්ග් දැන ගෙන ඉඳල තිබුණා ක්‍රිස්තු වර්ෂයට පෙර 200 වසරේදී සුනාමියක් ලංකාවට ආව කියල වාර්තා තියෙනවා කියල. මේ නිසා හම්බන්තොට ‘කරගන්’ කලපුවේ මෙන්ම එම ප්‍රදේශයේ කලපුවල ඉපැරණි රොන්මඩ පිළිබඳව පර්යේෂණ කරන්න අපි තීරණය කළා.’ කෙලි ජැක්සන් කියා සිටියාය. මහා වංශය එම කලපුවල මඩ සහ වැලි අතරින් ඇලුමිනියම් පයිප්පයක් හෝ එවැනි බටයක් යවා එම මඩ සහ වැලි තැන්පත්ව ඇති ආකාරයටම ගෙන පර්යේෂණවලට ලක් කරන බවයි ඇය පැවසුවේ. ‘මුලින්ම යටම තට්ටුවේ තොරතුරු සොයා බැලෙනවා, ඊළඟට ඊලඟ තට්ටුව මේ වගේ අන්තිමට, උඩම තට්ටුවේ ඒ කියන්නේ 2004 සුනාමියෙන් තැන්පත් වුණු පස් සහ මඩ පිළිබඳව පර්යේෂණ කෙරෙනවා. මේ වැඩවලට අපට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ චන්ද්‍ර ජයසේන අපට උදව් උනා. උපකරණ ආදිය ලබා දුන්න.’ කෙලි ජැක්සන් පැවසුවාය. මේ අනුව මීට වසර 2400 කට පමණ කලින් සිදුවූ සුනාමිය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකි බවත් එම සුනාමිය ගැන මහා වංශයේ තොරතුරු ඇති බවත් ඇය කියා සිටියාය. ‘වාර්තාවලට අනුව සුනාමියක් හට ගෙන ඇති අඩුම කාල පරාසය වසර 200 ක්. මේ නිසා අද සිට තවත් වසර 200 ක් යන තුරු අලුතින් සුනාමියක් බලාපොරොත්තු වෙන්න බැහැ. මහා විශාල සුනාමියක් ශ්‍රී ලංකාවට ඒවී කියල හදිසි අනතුරුදායක තත්ත්වක් නැහැ. නමුත් ඊලඟ පරම්පරාවලට මෙය බලපාන්න පුළුවන්’ කෙලි ජැක්සන් පැවසුවාය. මේ නිසා වෙරළාශ්‍රිත ගොඩනැගිලි කොන්ක්‍රීට්වලින් ඉදි කළ යුතු බවයි විද්‍යාඥයන් කියා සිටියේ. | අඩු තරමින් තව වසර දෙසීයක් වත් ගත වන තුරු ශ්‍රී ලංකාවට සුනාමියක් ඇති වීමට ඉඩ කඩක් නොපෙනෙන බව ඇමරිකානු විද්‍යාඥයෝ පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අලුත් යුද නැව "නව ගුවන් ආරක්ෂණ පද්ධතියක් මෙන්ම මිසයිල නාශක, නෞකා නාශක සහ සබ්මැරීන නාශක අවිවලින් සමන්විතයි" චීනය පසුගිය අප්‍රේල් මාසයේදී එරටදී තැනූ ප්‍රථම ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ද දියත් කළේය. දකුණු චීන මුහුද ආශ්‍රිතව මතුවී එන උණුසුම් තත්ත්වය මධ්‍යයේ එම ප්‍රදේශයේ චීනය හිමිකම්පාන කලාපය සම්බන්ධයෙන් බෙයිජිං පාලනය වඩා බලපෑම් සහගත ස්ථාවරයක් ගනිමින් සිටී. පරීක්ෂණ මාලාවකට ලක්කිරීමට නියමිත ටොන් 10,000ක් බරැති චීනයේ අලුත් යුද නැව "නව ගුවන් ආරක්ෂණ පද්ධතියක් මෙන්ම මිසයිල නාශක, නෞකා නාශක සහ සබ්මැරීන නාශක අවිවලින් සමන්විතයි" යැයි ෂින්හුවා පුවත් ඒජන්සිය පැවසීය. චීනය විසින් දකුණු චීන මුහුදු කලාපයේ ප්‍රදේශයක් අත්පත් කරගැනීම වළකන බවට ඇමෙරිකාවේ ට්‍රම්ප් පාලනය සපථ කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශය සම්බන්ධයෙන් තමන්ට ඇති "නිසැක ස්වෛරීභාවය" චීනය විසින් යළිත්වරක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. චීනය විසින් දකුණු චීන මුහුදේ ඉදිකරන ලද කෘත්‍රිම දුපත ආසන්නයට ඇමෙරිකාව නොකඩවා යුද නැව් මෙන්ම ගුවන් යානා යැවූයේ ප්‍රදේශයේ ප්‍රධාන නාවික හා ගුවන් මාර්ගවලට ඇති ප්‍රවේශය සහතික කිරීම සඳහා වූ "යාත්‍රා කිරීමේ නිදහස" පිළිබඳ මෙහෙයුම් ලෙස එම පියවර හඳුන්වා දෙමිනි. කෙසේවෙතත්, දකුණු චීන මුහුද හමුදාකරණය කරන්නේයැයි දෙරට එකිනෙකාට චෝදනා එල්ලකරගනිති. සුවිශේෂ වැදගත්කමකින් යුතු දකුණු චීන මුහුදු ප්‍රදේශය සම්බන්ධයෙන් සියවස් ගණනක සිටම රටවල් කිහිපයක් පැටලී ඇතත්, මීට වසර කිහිපයක සිට එහි උණුසුම ඉහළ යාමට පටන්ගෙන ඇත. කලාපයේ හිමිකාරත්වය සම්බන්ධයෙන් චීනය, වියට්නාමය, පිලිපීනය, තායිවානය, මැලේසියාව සහ බෘනායි යන රටවල් තරග වැදී සිටිති එම කලාපයේ හිමිකාරත්වය සම්බන්ධයෙන් චීනය, වියට්නාමය, පිලිපීනය, තායිවානය, මැලේසියාව සහ බෘනායි යන රටවල් තරග වැදී සිටිති. දුපත් ගොඩනගමින් හා නාවික මුර සංචාර ඉහළ නංවමින් චීනය සිය හිමිකම තහවුරු කිරීමේ පියවරකට මේවනවිට එළැඹ සිටී. මේ අතරේදී, පසුගිය අප්‍රේල් මාසයේදී තමන් විසින් නිපදවන ලද ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කිරීමෙන් අනතුරුව චීනය තමන්ගේම වූ නව මාදිලියක යුද නෞකාවක් බදාදා දියත් කිරීම නව සන්ධිස්ථානයක් ලෙස සැළකේ. මාස දෙකකට පෙරදී චීනයට එක්වුණේ සිය දෙවෙනි ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවවන අතර ඊට පෙර පැවතියේ යුක්රේනයෙන් මිලදී ගන්නා ලද සෝවියට් සමයේ නිෂ්පාදිත නැවකි. ඉහළ නැංවූ යුද වියදම සිය ආර්ථිකය පුළුල්වන අතරේදී චීනය සිය හමුදා නවීකරණය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. මේ වසර සඳහා සිය යුද අයවැය 7% න් ඉහළ නංවන බව චීනය පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කළේය. කෙසේවෙතත්, චීනයේ හමුදා අයවැය තවමත් ඇමෙරිකාවට වඩා අඩු අගයක් ගනී. 2017 වසර සඳහාවූ අපේක්ෂිත ආර්ථික පිරිවැය තුළ ආරක්ෂක අංශය සඳහා චීනය 1.3% ක් වෙන් කරද්දී ඇමෙරිකාවේ වෙන්කිරීම 3%ක් පමණ වේ. ඇමෙරිකාවේ යුද අයවැය තවත් 10%න් ඉහළ නැංවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇත. | සිය යුද යාන්ත්‍රණය නවීකරණය කිරීමේ තවත් පියවරක් තැබූ චීනය සිය රටේදීම නිෂ්පාදනය කරන ලද නව මාදිලියේ යුද නෞකාවක් බදාදා ( ජුනි 28) දියත් කළ බව රාජ්‍ය මාධ්‍ය පැවසීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කෙසේනමුත්, එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය. මෙම පුවත්වල සත්‍යය, අසත්‍යබව ගැන බීබීසී 'රියලිටි චෙක්' කණ්ඩායම ද මාස ගණනාවක් පුරා කරුණු පරීක්ෂා කරමිනි සිටිති. මෙවැනි ව්‍යාජ කරණු අඩංගු පුවත් බොහොමයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කර තිබෙන නමුත්, දිනපතා විවිධ දේ පළ වෙමින් තිබේ. පුවත: "එන්නත ලබා ගත් පසු නොර්වේහි 23 දෙනෙකු මිය ගිහින්." ෆයිසර් කොවිඩ් 19 එන්නත ලබා ගැනීමෙන් පසු නෝර්වේහි වැඩිහිටි පුද්ගලයින් 23 දෙනෙකු මිය යාම ගැන ඇමරිකාවේ 'ප්‍රධාන ධාරාවේ මාධ්‍ය' නිහඬව සිටි බව පවසමින් සමාජ මාධ්‍ය සටහනක් විශාල ලෙස සංසරණය වේ. මෙම ෆේස්බුක් සටහන 2021 ජනවාරි 16 වෙනි දින ප්‍රථමයෙන් පළ කර තිබේ. මෙම සටහනේ වැඩිදුර තොරතුරු පළ වී නොමැත. බරපතල නිධන්ගත රෝග පවතින පුද්ගලයන් ද ඇතුළුව සත්කාර නිවාසවල පදිංචිකරුවන්ට නෝර්වේ සෞඛ්‍ය අංශවලින් එන්නත ලබා දෙමින් තිබේ. නොර්වේ හි සාත්තු නිවාසවල සහ දිගු කාලීන සත්කාරක මධ්‍යස්ථානවල සාමාන්‍යයෙන් සතියකට පුද්ගලයින් 400 ක් පමණ මිය යති. මෙම පුද්ගලයන්ගෙන් සමහරු එන්නත ලබා ගැනීමෙන් පසු ඒ හා සම්බන්ධ නොවූ හේතූන් නිසා මිය යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනවාරි 18 වෙනිදා වන විට වාර්තා වූ මරණ 23 න් 13 ක්ම නෝර්වීජියානු මහජන සෞඛ්‍ය ආයතනයේ විමර්ශනයට ලක්වූ අතර එයට කොරෝනාවෛරස එන්නත් සම්බන්ධ බවට නිගමනය කර නොමැත. එම ආයතනයේ ප්‍රධානී කැමිලා ස්ටොල්ටන්බර්ග් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, "මොවුන් ඉතා වයස්ගත, දුර්වල හා බරපතල රෝග ඇති අයයි... මේවා හදිසියේ සිදු වූවක් හෝ වැඩිපුර සිදු වූ මරණ ලෙස ගණනය කරන්න බැහැ." පුවත: "කොවිඩ් -19 එන්නත් අපගේ ජාන වෙනස් කරයි" මෙවැනි සාවද්‍ය ප්‍රකාශයන් සහිත වීඩියෝවක් ප්‍රථමයෙන්ම සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරියේ කැරී මාඩෙජ් නම් කාන්තාවක් වන අතර එය ජූලි මස අවසානය වන විට අන්තර්ජාලය හරහා සංසරණය වීම ආරම්භ විය. එහි දී ඇය පවසන්නේ එන්නත් නිර්මාණය කර ඇත්තේ මිනිසුන්ගේ ජාන වෙනස් කිරීමට බවය. "එන්නත ලබා දෙන්නේ අපව ජානමය වශයෙන් නවීකරණය කරන ලද ජීවීන් බවට පත් කිරීමට සහ අප සියල්ලන්ම කෘතිම බුද්ධියකට සම්බන්ධ කිරීම සඳහායි," ඇය එම වීඩියෝව මගින් පවසයි. මේ පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති අතර, දැනට මිනිසුන් සම්බන්ධ කරගෙන සිදුකරන එන්නත් අත්හදා බැලීම් අතුරින් කිසිවකුත් මිනිස් ජාන වෙනස් කිරීමට නිර්මාණය කර නොමැත. එමෙන්ම අප සියල්ලන් කෘත්‍රිම බුද්ධියකට ඇතුළු කළ හැකි තාක්ෂණයක් ඒවා සතුව නොමැත. අසත්‍ය ප්‍රකාශ ඇතුළත් මෙම වීඩියෝව ප්‍රථමයෙන් ජුනි මාසයේදී යූ ටියුබ් වෙත මුදා හරින ලද අතර 300,000 කට වැඩි වරක් නරඹා තිබිණි. එය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි ද ඉතා ජනප්‍රිය විය. මෙවැනි නොමග යවන සුලු තොරතුරු හේතුවෙන්, ලැබුණ අවස්ථාවේ දී පවා මිනිසුන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇතැයි වෛද්‍යවරු කනස්සල්ලට පත්ව සිටිති. පුවත: "කොවිඩ් -19 එන්නත් මගින් මිනිසුන්ගේ ශරීරයට 'මයික්‍රොචිප්ස්' ඇතුළත් කරනවා." එන්නත් පර්යේෂණ සඳහා අරමුදල් සපයන මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-නිර්මාතෘ බිල් ගේට්ස්ගේ රූපවාහිනී සාකච්ඡාවක් ඇතුළත් වීඩියෝවක් ෆෝමියුලා 1 ජයග්රාහිකයෙකු වන ලුවිස් හැමිල්ටන් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර තිබිණි. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා කොවිඩ් 19 එන්නත සමග මයික්‍රොචිප් ශරීරයට ඇතුළු කරන බවට සිදු කරන පදනම් විරහිත ප්‍රකාශයන් මෙම සාකච්ඡාවේ දී බිල් ගේට්ස් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබිණි. නමුත් සමාජ මාධ්‍ය ජාලවල පළවුණු මෙම වීඩියෝ පටය සංස්කරණය කර සිනාසෙන ඉමොජියක් යොදා "මගේ පළමු බොරුව පැවසූ හැටි මට මතකයි" යන වචන ද එකතු කර 'කිංබැක්' නමින් තිබෙන ගිණුමකින් ප්‍රථමයෙන් මුදා හැර තිබිණි. අනුගාමිකයන් මිලියන 18ක් සිටින ලුවිස් හැමිල්ටන්ගේ ගිණුමේ බෙදාගෙන තිබුණු මෙම සංස්කරණය කරන ලද වීඩියෝව ලොව පුරා ඉතා වේගයෙන් සංසරණය වන්නට විය. නමුත් පසුව ඔහු කියා සිටියේ තමා බිල් ගේට්ස්ගේ එම ප්‍රකාශය දැක නැති බවත්, තමන් එන්නත් විරෝධී නොවන බවත්, එම වීඩියෝව මකා දැමූ බවත්ය. මයික්‍රොචිප් ගැන තොරතුරු දිගින් දිගටම මතුවෙමින් තිබෙන අතර ගේට්ස් පදනම එය 'අසත්‍ය' තොරතුරක් ලෙස හඳුන්වා තිබේ. පුද්ගලයෙක් යම් කොවිඩ් 19 එන්නතක් ලබාගෙන තිබේද නැද්ද යන්න පිළිබඳ තොරතුරු ගබඩා කළ හැකි තාක්ෂණයක් පිළිබඳ පර්යේෂණ සඳහා අරමුදල් සැපයීම මෙම පදනම් මඟින් සිදු කරයි. නමුත් මෙයට මයික්‍රොචිප්ස් ඇතුළු කර මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ලුහුබැඳීම ඇතුළත් නොවන බව පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයෝ පවසති. පුවත: "ඔක්ස්ෆර්ඩ් කොවිඩ් -19 එන්නත අත්හදා බැලීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙක් මිය ගිහින්." ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත අත්හදා බැලීම පිටුපස සිටින කණ්ඩායම සිදු කරන ලද යාවත්කාලීන ඉතා කඩිනමින් සිදු කිරීම නිසා එය අනාරක්ෂිත යැයි කියමින් අදහස් හා සටහන් පළ වී ඇත. සාමාන්‍ය එන්නත් පර්යේෂණයට වඩා වේගයෙන් මෙම සායනික අත්හදාබැලීම් ඉදිරියට යන බව සත්‍යයකි. ඔක්ස්ෆර්ඩ් එන්නතේ අත්හදා බැලීම්වල පළමු අදියර දෙක වාර්තාගත වේගයකින් සම්පූර්ණ කළේය. එයට හේතු වන්නේ කොරොනාවෛරසය ගැන දැනට පවතින දැනුම, පෙර නොවූ විරූ ලෙස ලැබුණු අරමුදල් සහ විශාල පිරිසක් සායනික අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමය. ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ ප්‍රධානී මහාචාර්ය ඇන් පොලාර්ඩ් ජූලි මස අවසානයේදී බීබීසී සේවයට පැවසුවේ එන්නතේ ආරක්ෂාව ගැන දැඩි පරීක්ෂාවන් සිදු කර ඇති බවය. නමුත් මේ ගැන කටකතා නතර වී නැත. අත්හදා බැලීම්වල දී පළමු ස්වේච්ඡා සේවකයා මියගොස් ඇති බවට පැතිර යන ව්‍යාජ පුවත පවා නතර වී නොමැත. බීබීසී සෞඛ්‍ය සංස්කාරක ෆර්ගස් වොල්ෂ් සත්‍ය වශයෙන්ම මෙම ස්වේච්ඡා සේවකයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූයේ ද මෙම කටකතාව අසත්‍ය බව තහවුරු කිරීමටය. පුවත: "කොවිඩ් -19 එන්නත ගැනීමෙන් විශාල පිරිසක් මිය යන බව බිල් ගේට්ස් විශ්වාස කරයි." එන්නත සම්බන්ධයෙන් බිල් ගේට්ස් ජනප්‍රිය ඉලක්කයක් බව පෙනේ. 45,000 කට අධික වාරයක් බෙදා ගෙන ඇති එක්තරා ට්විටර් පණිවිඩයක සඳහන් වූයේ "එන්නත ලබාගැනීමෙන් පුද්ගලයන් 700,000 ක් මැරෙන බවට සැකයක් නැහැ" යනුවෙන් බිල් ගේට්ස් සඳහන් කළ බවය. ලොව පුරා එන්නත් විරෝධීන්ට බිල් ගේට්ස් ප්‍රධාන මාතෘකාවක් වී ඇත මෙය ඔහු මෙතෙක් කිසිම අවස්ථාවක පැවසූ දෙයක් නොවේ. වැඩිහිටි පුද්ගලයින්ට එන්නත් කෙතරම් දුරකට සාර්ථක වේද සහ ඔවුන්ට අතුරු ආබාධ ඇතිවීමේ අවදානම පිළිබඳ බිල් ගේට්ස් සාකච්ඡා කරන වීඩියෝවක් මෙම ට්වීට් පණිවිඩයේ දැක්වේ. ලොව පුරා කොපමණ පිරිසක් අතුරු ආබාධ අත්විඳිය හැකිද යන්න පිළිබඳව ඔහු න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කර තිබිණි. "අපට අතුරු ආබාධ 10,000 න් එකක් තිබේ නම්, තවත් ආකාරයකින් ... එයින් 700,000 ක් දෙනා දුක් විඳින්න පුළුවන්." මෙහිදී ඔහු මරණ ගැන කතා නොකරන නමුත් එන්නතකින් 700,000 ක් මිය යන බව "පිළිගනී." එන්නත පිළිබඳ පදනම් විරහිත ප්‍රකාශ රැසක ඉලක්කය බිල් ගේට්ස් වී ඇත. බීබීසී 'රියලිටි චෙක්' කණ්ඩායම මැයි මාසයේ සිට ඒවා නිරීක්ෂණය කරමින් සිටිති. පුවත: "ස්පාඤ්ඤ උණ රෝග එන්නතෙන් මිලියන 50 ක් මිය ගිහින්." 1918 ස්පාඤ්ඤ උණ වසංගතය පිළිබඳ මේ හා සමාන අසත්‍ය කථා 'මීම්ස්' ලෙස සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වේ. එම වසංගත කාලයේ මිලියන 50ක මරණ සඳහා එන්නත් වගකිව යුතුයි යන්න අසත්‍යයකි. එක්සත් ජනපදයේ රෝග පාලනය සඳහා වූ මධ්‍යස්ථාන සනාථ කරන්නේ එකල ස්පාඤ්ඤ උණ රෝගය සඳහා එන්නතක් නොතිබූ බවය. බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදයේ විද්‍යාඥයන් මූලික අවධියේ බැක්ටීරියා එන්නතක් අත්හදා බලා තිබේ. නමුත්, ඉතිහාසඥයෙකු සහ කතුවරයෙකු වන මාක් හොනිංස්බෝම් පවසන පරිදි ඒ කිසිවක් වර්ථමානයේ අප දන්නා එන්නත් හා සමාන නොවේ. මෙයට හේතුව ලෙස මාක් හොනිංස්බෝම් පවසන්නේ "ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් බව එකල කිසිවෙකු දැන නොසිටීමය." වෛරසයට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාරයේ ප්‍රතිඵලයක් ලෙස පෙනහළු තරලයෙන් පිරී තිබීම සහ උණ රෝගය එම වසංගතය තුළ මරණයට ප්‍රධාන හේතු දෙකක් වී තිබේ. මේ තොරතුරුද කියවන්න: | කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, එන්නත් ගැන විශාල කතාබහක් ඇති විය. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | උණවටුන වෙරළට ගොඩ ගසා තිබූ මියගිය කැස්බෑවකුගේ සිරුරක් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තවත් සටහනකින් කියැවුණේ උණවටුන මහුදු තිරයේ කැස්බෑවුන් තිදෙනකු නිතර දක්නට ලබෙන නමුත් ඔවුන්ව පසුගිය දින කිහිපයේදී දක්නට නොලැබුණු බවකි. මේ අතර උණවටුන වෙරළට ගොඩ ගසා තිබු මියගිය කැස්බෑවකුගේ සිරුරක් සොයාගනු ලැබීමෙන් පසු එම කැස්බෑවාගේ මරණයට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික ද්‍රව්‍ය විෂවිමකින්දැයි සොයා බැලිම සඳහා කැස්බෑවා අත්තිඩිය පිහිටි වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට යවා වාර්තාවක් ලබා ගැනිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ බ්‍රහස්පතින්දා (ජුනි 03) නියෝගයක් කළාය. මියගිය කැස්බෑවාගේ සිරුර බදාදා (ජුනි 02) උණවටුන වෙරලට ගොඩගසා තිබු අතර ඒ බව හික්කඩුව වනජිවි උද්‍යාන භාරකාර කාර්යාලයට දැනගන්නට ලැබී ඇත. පසුව අධිකරණයට කරුණු වාර්තා කළ එම කාර්යාලය කැස්බැවා මියගොස් ඇත්තේ රසායනික ද්‍රව්‍ය විෂ විමකින්දැයි සොයා බැලිම සඳහා අත්තිඩිය වනජිවි පශු වෛද්‍ය කාර්යාලය වෙත යවා වාර්තාවක් ලබා ගැනිම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. එස්ක්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් නැවේ ප්‍රවාහනය කරමින් තිබු රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් පෙලට්ස් විශාල සංඛ්‍යාවක් මුහුදු ජලයට එකතුවීම නිසා සමුද්‍ර පරිසරයට විශාල හානියක් සිදුවී ඇති බවත් මෙහි බලපෑම වසර ගණනාවක් යනතුරු පවතිනු ඇති බවත් පරිසරවේදීහු පවසති. මේ ගැනත් දැනගන්න: | එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමත් සමග රටේ විවිධ ප්‍රදේශවලින් මියගිය මත්ස්‍යයින්ගේ සිරුරු ගොඩගැසීමට පටන් ගෙන තිබේ. විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබන බොහෝ දෙනා මෙම මත්ස්‍යයන් සහ කැස්බෑවන් මිය යාමට, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වූ රසායන ද්‍රව්‍ය හේතුවන්නට ඇතැයි සැක පළ කරති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | Brexit යන්නෙන් සැබවින්ම අර්ථනිරුපනය කෙරෙන්නේ කුමක්ද යන ගැටලුවට අගමැතිනි තෙරේසා මේ සතුව පිළිතුරු නැති බව ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනි නිකොලා ස්ටර්ජන් පවසන්නීය වෙන්වීම නිල වශයෙන් සනිටුහන් කරමින් අගමැතිනි මේ අත්සන් තැබූ ලිපිය බෙල්ජියමේ බ්රසල්ස්හිදී යුරෝපා සංගමය වෙත භාර දෙනු ලැබිණි. එම සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් වෙත එම ලිපිය භාර දෙනු ලැබුවේ යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ටීම් බැරෝ විසිනි. අගමැතිනි මේ අත්සන් තැබූ ලිපිය යුරෝපා සංගමයේ සභාපති වෙත භාර දීම කෙසේවෙතත්, ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍ය නිකොලා ස්ටර්ජන් පෙන්වා දුන්නේ Brexit යන්නෙන් සැබවින්ම අර්ථ නිරූපනය කෙරෙන්නේ කුමක්ද යන මුලික ප්‍රශ්නවලට මෙතෙක් පිළිතුරු සැපයීමට අගමැතිනි තෙරේසා මේ අපොහොසත්වී ඇති බවය. බෙදා හැරුණු බලය ඉහළ නැංවීමක් ලිපිය භාරදෙන අතරේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලය ඇමතු අගමැතිනි තෙරේසා මේ, ස්කොට්ලන්ත ආණ්ඩුව ද ඇතුළුව එක්සත් රාජධානිය තුළ බලය බෙදා හැරුණු පාලනාධිකාරීන්ගේ බලය "සැළකිය යුතු ලෙස ඉහළ යාමකට" Brexit මග විවර කරන බවය සඳහන් කළාය. අගමැතිනි තෙරේසා මේ පාර්ලිමේතුවේ මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අමතමින් සාකච්ඡාවලදී යුරෝපා සංගමයට අයත් ජාතීන් ඇතුළුව "සමස්ත එක්සත් රාජධානියේ සෑම පුද්ගලයෙකුම නියෝජනය කිරීමට" ඇය පොරොන්දු වුවාය. යුරෝපා සංගමයේ සභාපතිවරයාට යැවුණු පිටු හයකින් යුතු ලිපියේ ස්කොට්ලන්තය පිළිබඳව ද සඳහනක් කර ඇති අගමැතිනිය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව, "බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතුව පවත්වාගන්නේ කුමන බලතල ද යන්න සම්බන්ධයෙන් මෙන්ම ස්කොට්ලන්තය, වේල්ස් හා උතුරු අයර්ලන්තයට බෙදා හැරෙන්නේ කවර බලතල ද යන්න සම්බන්ධයෙන් පුර්ණ සාකච්ඡාවකට" ආණ්ඩුව යොමුවන බව පෙන්වා දී ඇත. "මෙම වැඩ පිළිවෙලේ ප්‍රතිපලයක් ලෙස බලය බෙදා හැරුණු සෑම පාලනාධිකාරියකම තීරණ ගැනීමේ බලය සැළකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ආණ්ඩුවේ අපේක්ෂාවයි" යැයි ද ලිපියේ දැක්වේ. "අඳුරේ කළ පිම්ම" මේ අතර බීබීසී ස්කොට්ලන්ඩ් සමග අදහස් දැක්වූ ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනි නිකොලා ස්ටර්ජන්, Brexit වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරන නමුදු '50 වෙනි වගන්තිය' නිල වශයෙන් ක්‍රියාවට නැගීම 'බොහෝ පිරිස් තුළ ගැටලු රැසක්' මතු කළ හැකි බව සඳහන් කළාය. "අද සිදුවන දේ අඳුරේ කළ පිම්මක් වැනි තත්වයකට සමාන දෙයක් පෙන්නුම් කරන බවට සැකයක් නැහැ" යැයි පැවසූ ඇය, "ජනමත විචාරණයෙන් මාස නවයකට පසුව පවා ව්‍යාපාරවල, පොදුවේ ගත්විට ආර්ථිකයට මෙන්ම ඇප ජීවත් වෙන සමාජය කෙරෙහි Brexit තුළින් අර්ථ නිරුපනය කෙරෙන්නේ කුමක්ද යන මුලික ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට අගමැතිනියට හැකිවී නැහැ" යැයි සඳහන් කළාය. කෙසේවෙතත්, පසුගිය සඳුදා ග්ලාස්ගොව් හිදී සාකච්ඡාවක ද යෙදුනු ස්කොට්ලන්ත ප්‍රථම ඇමතිනිය පෙන්වා දුන්නේ, ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්රවලට අදාළ බලය ස්කොට්ලන්තය වෙත පවරන්නේද යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් මෙතෙක් පළවී නැති බවය. මාර්තු 13 වෙනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බ්‍රෙක්සිට් කෙටුම්පතට සිය අනුමැතිය ලබා දුන්නේ, බ්‍රිතාන්‍යයෙන් ඉවත්ව නිදහස් රාජ්‍යයක් ලෙස ස්කොට්ලන්තය ස්ථාපනය කිරීම වෙනුවෙන් නැවතත් ජනමත විචාරණයකට යොමුවීම සඳහා ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍යවරිය නිකොලා ස්ටර්ජන්වරම් ඉල්ලා තිබිය දීය. 2018 වසන්ත කාලය සහ 2019 ගිම්හාන කාලය අතර ස්කොට්ලන්තය ජනමත විචාරණයක් කරා ගෙන යාමට නිකොලා ස්ටර්ජන් ප්‍රථම අමාත්‍යවරියට අවශ්‍ය වුවත් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය නිල වශයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තෙක් ඇයගේ එම ඉල්ලීමට අවස්ථාවක් නොදීමට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ක්‍රියා කරනු ඇති බවට අනාවැකි පළ වී තිබිණි. | Brexit යනුවෙන් හැඳින්වෙන, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ වැඩපිළිවෙලට අදාළ '50 වෙනි වගන්තිය' ක්‍රියාවට නැංවීමට අගමැතිනි තෙරේසා මේ ගත් පියවර 'අඳුරේ කළ පිම්මක්' බව ස්කොට්ලන්ත ප්‍රථම අමාත්‍යවරියවන නිකොලා ස්ටර්ජන් පවසන්නීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අයිඑස් කැරලිකරුවන්ට එරෙහිව සටන් වදින සිරියානු කැරලිකරුවන් තුර්කි හමුදා සහ ඔවුන්ට සහාය දෙන සිරියානු කැරලි කණ්ඩායම් අයිඑස් බළකොටුවක් වන ඩාබික් නගරය දෙසට ඇදෙමින් සිටින අතර අයිඑස් කැරලිකරුවෝ ඩාබික් නගරයේ බලය රැක ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටිති. තුර්කි සහ කැරලි කණ්ඩායම් විසින් ඩාබික් නගරයට පිටතින් පිහිටි ගම්මාන හතරකට එල්ල කරන ලද ඒකාබද්ධ ප්‍රහාරයක් අයිඑස් කැරලිකරුවන් විසින් ව්‍යවර්ථ කරනු ලැබ තිබේ. කැරලිකරුවන් අට දෙනකු මරුමුවට පත් වී විසි දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාකරුවෝ පවසති. | ගෙවුණු පැය විසි හතර තුළ උතුරු දිග සිරියාවේ පැවති ගැටුම් සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් පනස් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇති බව තුර්කි හමුදා පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පිළිසකර කෙරුණ සාන්තුවරයාගේ සොහොන පසුගිය අප්‍රේල් මාසයේ කිසියම් පිරිසක් එම සොහොන වටා තිබුණු බීරළු වැට කඩා දමා තිබුණි. යුද හමුදා කඳවුරක් ආසන්නයේ ආරක්ෂිත භූමියක පිහිටා ඇති එම සොහොන සියවස් ගණනක් පමණ පැරණි බව විශ්වාස කෙරෙන අතර, සාලිහ් වලියුල්ලාහ් සාන්තුවරයා සිහිකරමින් මුස්ලිම් ජනතාව එම ස්ථානයේ වාර්ෂික උත්සවයක්ද පවත්වති. මීට ශතවර්ෂ ගණනාවකට පෙර සොහොයුරන් හත් දෙනකුද සමග ශ්‍රී ලංකාවට ලඟා වූ සාලිහ් වලියුල්ලාහ් (සාන්තුවරයා) ගේ දේහය එහි තැන්පත්කර තිබෙන බව මුස්ලිම් ජනතාව විශ්වාස කරති. සාන්තුවරයා සිහිකිරීමේ වාර්ෂික උත්සවය මේ වසරේ මැයි 21 වෙනි දින පැවැත්වීමට නියමිත බැවින් ගාල්ල කොටුව මුස්ලිම් සංස්කෘතික සංගමය විසින් සොහොනේ විනාශ වූ බීරළු වැට ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබේ. සොහොනට හානි කර තිබුණ ආකාරය ශ්‍රී ලංකා යුද හමුදාවද එම උත්සවයට පූර්ණ අනුග්‍රහය දක්වන බව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පවසති. සොහොනට හානි කිරීම පිළිබඳව මුස්ලිම් සංස්කෘතික සංගමය පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව ගාල්ල පොලිසිය ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළේය. | පසුගියදා නාඳුනන පිරිසක් විසින් හානි කරන ලද ගාල්ලේ කොටුව ඇතුළත කොටු බැම්මට පිටත මුහුද ආසන්නයේ පිහිටා තිබෙන මුස්ලිම් ජාතික සාන්තුවරයෙකුගේ සොහොන මුස්ලිම් ප්‍රජා නායකයන් විසින් යළි ප්‍රතිසංස්කරණය කරනු ලැබ තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පසුගිය පාලන සමයේ ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන බවක් පෙනෙන්නට නැති බව ඇය කියා සිටියේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට අට වසරක් ගතවීම නිමිත්තෙන් පැවති ගුණසමරු උත්සවයට සහභාගී වෙමිනි. "ලසන්තව සිහි කරන්න, ඉටි පන්දමක් පත්තු කරන්න, මලක් තියන්න තැනක් තියෙනවා. ප්‍රගීත් වෙනුවෙන් ඒ මල, ඉටි පන්දම තියන්නේ කොහෙද කියල මම දන්නේ නැහැ," ඇය සඳහන් කළාය. | අතුරුදහන් වූ සිය සැමියා අනුස්මරණය කිරීමට ඇති අයිතියත් තමන්ට අහිමි වී ඇති බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "දූෂණයට එරෙහිව ක්‍රියාකිරීමේ සිට කාන්තා අයිතීන් සහ නීතියේ ආධිපත්‍යයට ගරුකිරීම දක්වා වූ යහපාලන ප්රමිතීන් කෙරෙහි කැපවන සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ හවුල්කරුවන් ලෙසින් ක්‍රියාකරමින් දිළිඳුකම පිටුදැකීමේ සහ ජන ජීවිත නගා සිටුවීමේ හැකියාව උපරිමය දක්වා වැඩිකරන්නෙමු" එක්සත් ජනපදයේ Millennium Challenge Corporation (MCC) අධ්යක්ෂ මණ්ඩලය විසින් මේ සතිය මුලදී ඉහත තීන්දුවට එළැඹුණු බව කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. "ශ්‍රී ලංකාව සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ දශක හයක සංවර්ධන සහයෝගිතාවයට එම්සීසී යේ මෙම ප්රතිපාදනය විශාල රුකුලක්," බව ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් පවසයි. යහපාලනය බුර්කිනා ෆාසෝ සහ ටියුනීසියාව ඉදිරි වසර පහ ඇතුලත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්හි විශේෂ ප්‍රතිපාදන ලැබෙන අනෙක් රටවල් දෙකයි. සාධාරණ සහ ප්රජාතන්ත්රවාදී පාලනය, මානව සම්පත් වෙනුවෙන් කෙරෙන ආයෝජන සහ ආර්ථික නිදහස මෙම ප්‍රතිපාදන ලබාදීම පිණිස මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සලකා බලන නිර්ණායක වේ. "දූෂණයට එරෙහිව ක්‍රියාකිරීමේ සිට කාන්තා අයිතීන් සහ නීතියේ ආධිපත්‍යයට ගරුකිරීම දක්වා වූ යහපාලන ප්රමිතීන් කෙරෙහි කැපවන සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ හවුල්කරුවන් ලෙසින් ක්‍රියාකිරීම මගින් දිළිඳුකම පිටුදැකීමේ සහ ජන ජීවිත නගා සිටුවීමේ අපේ හැකියාව උපරිමය දක්වා වැඩිකරන්නෙමු," යනුවෙන් එම්සීසී යේ ප්‍රධාන විධායක නිලධාරිනී ඩනා ජේ හයිඩ් පවසයි. දෙවැනි වටය එම්සීසී මූලික වැඩසටහනට 2015 දෙසැම්බරයේදී තෝරාගන්නා ලද ශ්‍රී ලංකාව, ප්රජාතන්ත්රවාදී අයිතීන් සම්බන්ධයෙන් ක්රමානුකූල වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් අනතුරුව 'Compact' දෙවැනි වටයට තෝරා ගන්නා ලද බවත් නිවේදනයේ සඳහන් වේ. ටියුනීසියාවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්හි 'Compact' හවුල්කරුවකුවන අතර, 2014 ජුලි මාසයේදී 'Compact' වැඩසටහන සම්පූර්ණ කළ බුර්කිනා ෆාසෝ, 2015 දී නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව රටේ ප්රතිපත්තිවල ප්‍රබල ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් MCC ආයතනය පවසයි. මේ අතර ශ්‍රී ලංකාවේ සහ බුර්කිනා ෆාසෝ හි ආර්ථික වර්ධනයට බාධා වන අංශ සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සොයා බලන මෙන් MCC අධ්යක්ෂ මණ්ඩලය නිර්දේශ කර තිබේ. | ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දිරි දීම සහ දිළිඳුකම පිටුදැකීම පිණිස ඉදිරි වසර පහ ඇතුලත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනකට විශේෂ ප්‍රතිපාදන ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බලහත්කාරයෙන් සිය ඉඩම් අත්පත් කරගනිමින් සිටින බව උතුරේ වැසියෝ ආණ්ඩුවට චෝදනා කරති මුලතිවු ප්රදේශවාසියකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණය, පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ගොනු කරන මෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග කළේය. මුලතිවු ප්‍රදේශයේ රක්ෂිත කැලෑ හෙලිකොට එහි මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට නැවත පදිංචි කිරීම පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සූදානම් වන බව පැමිණිලිකරු සිය පෙත්සමේ සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව ඉඩම් කච්චේරි පවත්වා ඉඩම් බෙදා දීමේ බලය පවතින්නේ දිසාපතිවරයාට පමණක් බවද පෙත්සමේ සඳහන්. පෙත්සම අගෝස්තු පළමුවැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය. | මුලතිවු ප්‍රදේශයේ රක්ෂිත කැලෑ හෙලිකොට එහි මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට අධිකරණය විසින් තීන්දු කෙරේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 1990 මුල් භාගයේ පැවති ගැටුම්වලින් මිලියනයක් දක්වා පිරිසක් අවතැන් විය දශක ගණනාවක් ඈතට දිවෙන මේ ගැටුමේ හදවත නගෝර්නෝ-කරබාක් (Nagorno-Karabakh) කලාපයයි. එම භූමිය අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගෙන තිබුණ ද එය පාලනය කරනු ලබන්නේ ආර්මේනියන් ජනතාව විසිනි. එකී කලාපය මුල් කරගනිමින් දෙරට 80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ දී රුදුරු සටනක යෙදී සිටියහ. ඔවුන් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවත් කිසිදා නිශ්චිත සාම ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශවය අපොහොසත් විය. නගෝර්නෝ-කරබාක් අසර්බයිජානයේ කොටසක් වුවත් එහි බහුතරය ආර්මේනියන් ජන කොට්ඨාසයට අයත් වෙති. 80 දශකයේදී සෝවියට් සංගමයේ බිඳ වැටීම හමුවේ, නගොර්නෝ-කරබාක් කලාපය ආර්මේනියාවේ කොටසක් බවට පත් වීම සඳහා ඡන්දය ලබා දුනි. ඒ හේතුවෙන් හටගත් යුද්ධය, 1994 වසරේ ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයෙන් අනතුරුව නතර විය. එතැන් පටන් නගෝර්නෝ-කරබාක් අසර්බයිජානයේ කොටසක් වශයෙන් පැවතියත් එය පාලනය කරනු ලබන්නේ ආර්මේනියාවේ සහාය හිමි, බෙදුම්වාදී ආර්මේනියන් ජන කොට්ඨාසය විසිනි. ලෝක බලවතුන්ගේ මැදිහත්වීමෙන් දශක ගණනාවක් සාකච්ඡා පැවතියත් දෙරට අතර කිසිදාක නිශ්චිත සාම ගිවිසුමක් අත්සන් තබා නැත. ආර්මේනියාවේ බහුතරය ක්‍රිස්තු ලබ්ධිකයන් වන අතර ඛනිජ තෙල් සම්පතින් පොහොසත් අසර්බයිජානයේ බහුතරය මුස්ලිම්වරු වෙති. තුර්කිය, අසර්බයිජානය සමග සමීප සබඳතා පවත්වන අතරේ රුසියාව, ආර්මේනියාවේ මිත්‍ර පාර්ශවයක් වෙයි. එසේ වුව ද රුසියාවට අසර්බයිජානය සමග ඇත්තේ ද හොඳ සබඳතාවකි. කොකේසියානු කලාපය අග්නිදිග ආසියාවට අයත් උපායමාර්ගික වශයෙන් වැදගත් කඳුකර කලාපයකි. සියවස් ගණනාවක් ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන දෙපාර්ශ්වයටම අයත් වෙනස් පාලනයන් එහි බලය සඳහා තරඟ කර තිබේ. නූතන ආර්මේනියාව සහ අසර්බයිජානය යන දෙරටම 1920 ගණන්වල සෝවියට් සංගමය පිහිටුවීමේදී එහි කොටස්කරුවන් බවට පත් විය. නගොර්නෝ-කරබාක්, බහුතර ආර්මේනියානු ජනයා විසූ කලාපයක් වුවත් සෝවියට් දේශය විසින් එහි බලය ලබා දෙනු ලැබුවේ අසර්බයිජාන් බලධාරීන් වෙතය. පසුව ගෙවුණු දශක ගණනාව ඇතුලත සිය කලාපයේ බලය ආර්මේනියන් බලධාරීන් අතට හුවමාරු කරන ලෙස නගොර්නෝ-කරබාක් හි වෙසෙන ආර්මේනියන් ජනයා අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියහ. නමුත් 80 දශකයේදී සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමග නගොර්නෝ-කරබාක් කලාපයේ පාර්ලිමේන්තුව එය ආර්මේනියාවේ කොටසක් බවට පත්වීම සඳහා නිල වශයෙන් ඡන්දය ලබා දුනි. අසර්බයිජානය බෙදුම්වාදී ව්‍යාපාරය මර්දනය කිරීමේ උත්සාහයක යෙදෙන අතරේ ඊට ආර්මේනියාවේ සහය හිමි විය. ඉන් අනතුරුව ආර්මේනියාව සහ අසර්බයිජානය යන දෙරටම මොස්කව් පාලනයෙන් ස්වාධීන වීමත් සමග මහා පරිමාණ යුද්ධයක් ආරම්භ විය. දස දහස් ගණනක් ඉන් මරණයට පත් වූ අතර මිලියනයක් දක්වා පිරිසකට උන්හිටිතැන් අහිමි විය. දෙපාර්ශවය විසින්ම වාර්ගික ශුද්ධයක් සහ සමූහ ඝාතන සිදු කරනු ලැබ ඇතැයි වාර්තා විය. රුසියාවේ මැදිහත්වීමෙන් 1994 වසරේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර, ආර්මේනියානු හමුදා නගෝර්නෝ-කරබාක් කලාපයේ බලය තහවුරු කර ගත්හ. එම ගිවිසුමෙන් පසු නගෝර්නෝ-කරබාක් තවදුරටත් අසර්බයිජානය යටතේම පැවතිය ද එතැන් පටන් එය වැඩි වශයෙන්ම පාලනය වෙමින් තිබුණේ ආර්මේනියානු ජනයා විසින් ගෙන යනු ලබන, ආර්මේනියනු ආණ්ඩුවේ සහාය ලබන බෙදුම්වාදී, ස්වයං ප්‍රකාශිත ජනරජයක් විසිනි. සටන් විරාමයෙන් පසු ආර්මේනියානු සහ අසර්බයිජාන් හමුදා වෙන් කර නගෝර්නෝ-කරබාක් දේශ සීමාවක් ද ස්ථාපනය කරනු ලැබිණි. එතැන් පටන් යුරෝපයේ ආරක්ෂක සහ සහයෝගිතාව පිළිබඳ සංවිධානයේ (OSCE) මැදිහත්වීමෙන් දෙපාර්ශවය අතර සාම සාකච්ඡා පවත්වා ඇත. OSCE යනු ප්‍රංශය, රුසියාව සහ එක්සත් ජනපදය මුලසුන දරන 1992 වසරේ පිහිටුවා ගන්නා ලද සංවිධානයකි. නමුත් මේ දක්වා දෙපාර්ශ්වය නිශ්චිත සාම ගිවිසුමකට අත්සන් තබා නොමැත. ගතව ගිය දශක තුන පුරා එහි ගැටුම් පැවත තිබේ. අවසන්වරට එහි දරුණු ගැටුමක් ඇවිල ගියේ 2016 වසරේදීය. එහිදී දෙපාර්ශ්වයේම හමුදා භටයින් ගණනාවක් මරණයට පත් විය. යුරෝපය තුළ යුද්ධයක් ඇවිල යමින් ඇත්තේ ඇයි? මේ ගැටුම භූ දේශපාලනය නිසා තවත් සංකීර්ණ වී ඇත. 1991 වසරේදී අසර්බයිජානයේ නිදහස පිළිගත් පළමු නේටෝ රාජ්‍යය තුර්කියයි. අසර්බයිජානයේ හිටපු ජනපති හෙයිදර් අලියෙෆ් විසින් වරක් දෙරට හඳුන්වනු ලැබුවේ "රාජ්‍යයන් දෙකකින් සමන්විත එක් ජාතියක්" වශයෙනි. දෙරටම තුර්කි සංස්කෘතිය සහ ප්‍රජාවන් බෙදා ගනිති. තුර්කි ජනාධිපති රෙජෙප් තයියෙප් එර්දොවාන් අසර්බයිජානයට සිය ජාතියේ සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබේ. තවදුරටත් තුර්කියට ආර්මේනියාව සමග නිල සබඳතා නොමැත. 1993 වසරේදී, නගෝර්නෝ-කරබාක් මුල් කරගත් යුද්ධය අතරතුර තුර්කිය අසර්බයිජානයට සහාය දීම සඳහා ආර්මේනියාව සමග ඇති දේශසීමාව වසා දැමුවේය. දෙපාර්ශවය අතර ගැටුම තවමත් දෙරටේම විරෝධතා පැවැත්වීමට සහ කෝපයට හේතු වී තිබේ මේ අතර ආර්මේනියාවට රුසියාව සමග ඇත්තේ හොඳ සබඳතාවකි. ආර්මේනියාව තුළ රුසියානු හමුදා කඳවුරක් පිහිටා ඇති අතර දෙරටම සාමූහික ආරක්ෂක ගිවිසුමකට අයත් හමුදා සන්ධානයක (CSTO) සාමාජිකයෝ වෙති. කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් විසින් අසර්බයිජානය සමග ද යහපත් සබඳතාවක් පවත්වාගෙන යනු ලබයි. මේ මොහොතේ පවතින ගැටුම් නවතා දමා සටන් විරාමයකට පැමිණෙන ලෙස ද මොස්කව් පාලනය ඉල්ලීමක් කර ඇත. 2018 වසරේදී දීර්ඝ කාලයක් බලයේ සිටි සයිර්ෂ් සාගිස්යාන්ගේ පාලනය අතුගා දමා ආර්මේනියාවේ සාමකාමී විප්ලවයක් සිදු විය. වීරෝධතාවන්ට නායකත්වය දුන් නිකෝල් පාෂිනියාන් එම වසරේ පැවති නිදහස් මැතිවරණයෙන් පසු එරට අගමැති ධුරයට තේරී පත් විය. 1994 වසරේදී සටන් විරාමයක් අත්සන් තැබුවද නිශ්චිත සාම ගිවිසුමක් ක්‍රියාත්මක වී නොමැත ගැටුම් පහත හෙලීමට අගමැති පාෂිනියාන්, අසර්බයිජානයේ ජනාධිපති ඉල්හාම් අලිඑෆ් සමග එකඟතාවකට පැමිණි අතර දෙරට හමුදා අතර පළමුවරට සෘජු දුරකතන සබඳතාවක් ස්ථාපනය කෙරිණි. "ජනයා සාමයට සූදානම් කරනු වස් ස්ථීරසාර පියවර ගැනීමේ" අවශ්‍යතාව සඳහන් කරමින් දෙපාර්ශවය 2019 වසරේදී නිවේදනයක් නිකුත් කළේය. කෙසේ වුවත් එම වචනවලින් කිසිවක් සිදුවී නොමැත. අලුතෙන් ඇවිල ගොස් තිබෙන ගැටුම ආරම්භ කරනු ලැබුවේ කුමන පාර්ශවයක් දැයි යන්න අපැහැදිලිමුත් දෙපාර්ශවය අතර මාස ගණනක සිට උණුසුම්කාරී වාතාවරණයක් පැවතිනි. ජුලි මස සිට ගැටුම්වලින් දෙපාර්ශ්වයේම පිරිස් මරණයට පත්ව ඇත. මේ ගැනත් කියවන්න: | සෝවියට් සංගමයේ ජනරජයන් ලෙස පැවති කොකේසියානු කලාපයට අයත් ආර්මේනියාව සහ අසර්බයිජානය යන රටවල් අතර යළි ගැටුම් ඇවිල ගියේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශීය මාධ්‍ය ආයතනවල නියෝජිතයන් සමඟ. එසේම තමන්ට අවශ්‍ය කරන ආකාරයට පමණක් කටයුතු කරන අයට පමණ වීසා දෙන බවට විදේශීය මාධ්‍යවේදීන්ට පණිවුඩයක් දීමක් ද එමගින් ආණ්ඩුව කරන බවයි, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර කියා සිටියේ. “ විදේශීය මාධ්‍යවේදියකුට වසර පහකට වැඩි කාලයක් වීසා නො දෙන බවට කිසිම නීතියක් නැහැ. බීබීසී මාධ්‍යවේදියාට අදාළ ප්රශ්නය පැන නගින තෙක් එවැනි නීතියක් ගැන කිසිදු ප්‍රකාශයක් කර තිබුනේ නැහැ” නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු වැඩිදුරටත් කියා සිටියේය. ආණ්ඩුවේ ප්‍රකාශය අනාගතයේ නීතියක් ගෙන ඒමට අදහස් කරනවා නම් එය දෙස බලා ගෙන වර්තමානයේ මෙවැනි පියවර ගැනීම ප්රජාතන්ත්රවාදයට පටහැණි බවයි, සුනිල් ජයසේකර පෙන්වා දෙන්නේ. බීබීසී මාධ්‍යවේදී චාර්ල්ස් හැවිලන්ඩ් ශ්‍රී ලංකාවේ සිට වාර්තාකරණයේ. එසේම වසර පහකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ කටයුතු කරන විදේශීය මාධ්‍යවේදීන් රාශියක් ඔවුන්ගේ වීසා බලපත් අලුත් කර ගෙන ඇති බව තම අවබෝධය බව කියා සිටි සුනිල් ජයසේකර නව සීමාව බීබීසී මාධ්‍යවේදියා ඉලක්ක කර ගත් පියවරක් ලෙස පෙනේ යන බවත් කියා සිටියේය. විදේශීය ජනමාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාව තුළ වාර්තාකරණයේ යෙදීම සඳහා ලැබෙන අවසරය වසර පහක උපරිමයකට යටත් වන බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් පවසන්නේ. මේ හේතුව නිසා වසර පහක් තිස්සේ කොළඹ සිටින බීබීසී වාර්තාකරුගේ වීසා බලපත්‍රය මාස තුනකට පමණක් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මේ අතර , ශ්‍රී ලංකාවේ විදේශීය වාර්තාකරුවන්ගේ සංගමය පවසන්නේ විදේශීය ජනමාධ්‍යවේදීන්ට එවැනි කාල නියමයක් පවතින බවක් ඔවුන් මින් පෙර දැන නො සිටි බවයි. | ශ්‍රී ලංකාව තුළ වසර පහ හය කටයුතු කර ඇති විදේශීය මාධ්‍යවේදීන්ට පවා වීසා නිකුත් කරන ආණ්ඩුව බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ට වීසා සීමා පණවනු ලැබීම බටහිර රටවලට කෙනෙහිලි කම් කරමින් රට තුල ජනප්‍රිය වීමේ පටු පිළිවෙතේ කොටසක් ලෙස පෙනී යන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මළ දියණියගේ 'නොමළ හද' ළඟ කම්පිතව බිල් කොනර් නම්වූ එම පුද්ගලයා ඇමෙරිකාවේ විස්කොන්සින් හි සිට සිය දියණියගේ හදවතේ කම්පනය ඇසීමට ලුයිසියානා ප්‍රාන්තය වෙත සැතපුම් දහස් ගණනක් මග ගෙවූයේ පාපැදියෙනි. සිය දියණියගේ හදවතේ කම්පනය ඇසීමට සැතපුම් දහස් ගණනක් මග ගෙවූයේ පාපැදියෙනි. ලූමන්ත් ජැක් නම් වූ පුද්ගලයාගේ පපුවට ස්ටේතස්කෝපය තබා සිය දියණියගේ හදවතේ ගැස්ම ඇසූ මොහොතේ බිල් කොනර්ට සිය කඳුළු සඟවාගත නොහැකි විය. ඇබී කොනර් නම්වූ තරුණිය මිය යාමෙන් අනතුරුව ඇයගේ හදවත ලූමන්ත් ජැක් සතුවුයේ ඇය අවයව පරිත්‍යාගශීලියකු වූ බැවිනි. හෘදයාබාධයකින් පෙළුණු ජැක්ට සිය ජීවිතයේ ඉතිරිව තිබුනේ තවත් දින කිහිපයක් පමණක් වුවත් ඇබීගේ පරිත්‍යාගශීලීත්වය ඔහුට ජීවිතය පිළිබඳ තවත් බලාපොරොත්තු එක් කළේය. "මගේ දුව නිසා ඔහු ජීවත්වෙනවා කියන එක දැනගත්තහම මට දැනුන මගේ දුව ඔහු තුළ ජීවත්වෙනවා කියලා. ඔහු තුළ තිබෙන්නේ ඇයගේ හදවතයි." බිල් කොනර් සීබීඑස් පුවත්වලට පැවසීය. "මට ඔහු ගැනත් ඔහුගේ පවුල ගැනත් සතුටුයි. ඒ වගේම, මගේ දුව සමග එක්වන්නට ආයෙමත් මට අවස්ථාවක් ලැබුනා." යැයි ද ඔහු කීය. අවුරුදු 16 දී අවයව පරිත්‍යාග කරයි පසුගිය ජනවාරි මාසයේදී මෙක්සිකෝවේ කැන්කුන් සංචාරක නිකේතනයේ නිවාඩුවක් ගතකරමින් සිටි ඇබී සහ ඔහුගේ සොයුරා සිහිසුන් තත්ත්වයෙන් පිහිනුම් තටාකයක සිටියදී සොයා ගනු ලැබූහ. ඇබී, මෙක්සිකෝවේ නිවාඩුවක් ගතකරමින් සිටියදී මියගියාය. පසුව ෆ්ලොරිඩා වෙත ගෙනෙන ලද ඇයව ජීව ආධාරක මත රඳවා තැබුණේ වෛද්‍යවරුන්ට ඇයගේ අවයව වෙනත් ඇයට බද්ධකිරීම සඳහා හැකියාව ලැබෙන තෙක්ය. එම සිද්ධියේදී ඇබීගේ සොයුරාගේ ජීවිතය ගැලවුණි. බිල් කොනර් පවසන පරිදි ඇබී සිය අවයව පරිත්‍යාග කිරීමේ තීරණයට එළඹෙනවිට ඇයගේ වයස අවුරුදු 16කි. ඔහු පෙන්වා දුන්නේ ඇය කවදත් මිතුරන් ඇතුළු උපකාර අවශ්‍ය ඕනෑම අයෙකු වෙනුවෙන් ඉදිරිපත්වූ බවය. බිල් කොනර් (වමේ), ඇබී (මැද) සහ දිවිගලවාගත් සොයුරු ඔස්ටින් (දකුණේ) අවයව පරිත්‍යාගකිරීමේ වැදගත්කම පන්වාදීම සඳහා පාපැදි ධාවනයක් ඇරඹීමට තීරණය කළ ඇබීගේ පියාවන බිල් කොනර්ගේ අරමුණ වුයේ කිලෝමීටර 4,000ක ( සැතපුම් 2,600) මග ගෙවා දමමින්, සිය දියණියගේ සිරුර තබා තිබු ෆ්ලොරිඩා හි බ්රෝවෝර්ඩ් සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ළඟා වීමය. පියවරුන්ගේ දිනයේදී බිල් සහ ජැක් හමුවූහ එහෙත් ගමනෙන් කිලෝමීටර 2,250ක් (සැතපුම් 1,400) පමණට ළඟාවද්දී ඔහුට දැනගැනීමට ලැබූනේ සිය දියණියගේ හදවත සමගින් ජීවත්වන ජැක්, පියවරුන්ගේ දිනයේදී හමුවීමේ අවස්ථාවක් ඇති බවකි. ඇබීගේ අවයව ලැබූ සිව්දෙනෙකුට ලිපි යවා තිබූ ඇයගේ සිරුර භාරයේ තබා සිටි සායනය ඔවුන්ගෙන් ඉල්ලා තිබුනේ බිල් කොනර් හමුවෙන ලෙසය. ඇබීගේ හදවත ලැබීමට පෙර ඉතා වේගයෙන් සිය හදවතේ පැවැත්ම පිරිහීමට ලක්ව සිටි ජැක් ද ඔවුන් සිව් දෙනාට අයත්විණි. "ඇය මට ජීවිතය දුන්නා. ඕන වුණත්, මට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ" යැයි කියා සිටි ජැක්, "කරන්නට පුළුවන් එකම දේ තමයි, ඇයගේ පවුලට මගේ ආදරය පිරිනැමීම" බව සඳහන් කළේය. බීබීසී වෙත අදහස් දැක්වූ ලුයිසියානාහි අවයව ලබාගැනීමේ ආයතනයේ ප්‍රකාශිකා මේරි ක්ලෙමෙනොක් පැවසුවේ ඇබීගේ පියා සහ ජැක් හමුවූ අවස්ථාව අතිශයින්ම හැඟුම්බර වූ බවය. "බිල්ට තමන්ගේ දුවගේ හදවතේ ගැස්ම අහන්නට ලැබුණා. ඔහු ඒ හඬ පටිගත කරගත් නිසා ඔහුගේ ජීවිත කාලය පුරාම එය ඔහු ළඟ තබාගන්නට හැකි වේවි. එය සැබවින්ම අපූරුයි" ඇය පැවසුවාය. | මියගිය සිය දියණියගේ හදවතේ කම්පනය අසා පියෙකු වැළපෙන සංවේදී අවස්ථාවක සේයා රූ ඇමෙරිකාව පුරා මේ දිනවල ව්‍යාප්තවෙමින් පවතී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | විධායක ජනාධිපති ක්‍රමය හෝසි කරන බව ජනාධිපතිවරයා කිහිප වතාවක්ම ප්‍රතිඥා දී තිබේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව කියා සිටියේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි. "විධායක ජනාධිපතිධුරය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් තමයි 2015 ජනවරම ලැබුණේ. එම මැතිවරණ පොරොන්දුව ඉටුකිරීම ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවෙත් වගකීමයි," මන්ත්‍රීවරයා සඳහන් කළේය. 1978 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලනය යටතේ විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් අවස්ථාවේ සිටම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එම ව්‍යවස්ථාව දැඩි විවේචනයට ලක් කළේය. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය එම පක්ෂවල දැඩි විවේචනයට ලක් විය. "මේ වෙලාවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය රටට ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්නු පොරොන්දුව ඉටුකළ යුතුයි" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් බලයට පත්වූයේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමිනි. 2015 ජනවාරි ජනපතිවරණයේ දී එවක විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ද එම ප්රතිඥාවම දුන් අතර, යළිත් වරක් ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බව ජනපති පදවියේ දිවුරුම් දෙන අවස්ථාවේ ඔහු ප්‍රතිඥා දුන්නේය. කෙසේ වුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව වත්මන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ. අදාළ අතුරු වාර්තාව නව ව්‍යවස්ථා කෙටුම්පත නොවන බව අවධාරණය කරන විජිත හේරත් මන්ත්‍රීවරයා එහි දැක්වෙන්නේ පරස්පර අදහස් බව ද පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ නියෝජනය වන පක්ෂ සහ මන්ත්‍රීවරුන් වෙන වෙනම ඉදිරිපත් කළ නිර්දේශ ද එම අතුරු වාර්තාවට ඇතුළත් වේ. 1978 ව්‍යවස්ථාව සම්පාදනය කළ එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටීම ද විශේෂත්වයකි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් දෙදෙනාම බලයට පත්වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමිනි "විධායක ජනාධිපතිධුරය සහිතව නව ව්‍යවස්ථාවක් හදන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා, නැවත ජනාධිපතිවරණයක් නැහැ කියලා. සෝභිත හාමුදුරුවන්ගේ අවසන් කටයුතු වෙලාවේ ඒ බව නැවත සහතික කළා," විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය. එබැවින් ශී‍්‍රලනිපයේ මතය කවරක් වුවත් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාට "සදාචාර අයිතියක් නැති," බව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයය. "ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය රටට ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්නු පොරොන්දුව ඉටුකළ යුතුයි. ඒ වගේම අපි ඉතාම පැහැදිලිව කියනවා, පොරොන්දු කඩලා මෛතී‍්‍ර නැවත ජනාධිපතිවරණයකට ආවොත් රාජපක්ෂ පැරැද්දුවා වගේම මෛතී‍්‍රපාල සිරිසේනත් පරද්දන්න ජවිපෙ කටයුතු කරනවා." මේ අතර පසුගියදා ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීව සාකච්ඡාවකට සහභාගි වූ ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා කියා සිටියේ සිය පක්ෂයේ මතය කවරක් වුවත් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම පිණිස පක්ෂය එකඟ කරගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවය. රට බෙදීමේ ප්රයත්නයක් දැරෙන මොහොතක රට එයින් ආරක්ෂා කරගැනීමට වර්තමානයේ විධායක ජනාධිපතිවරයාට බලයක් පැවරී නැති බවත් ජවිපෙ ප්රචාරක ලේකම්වරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ අතුරු වාර්තාව මගින් "රට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ" බවට එල්ලවන චෝදනා පිළිබඳව ද එහිදී ප්‍රතිචාරය පළ කළ මන්ත්‍රීවරයා, ඉන්දීය මැදිහත්වීම අවස්ථාවේ "ජීවිත 60,000 ක් පරිත්‍යාග කළ" ජනතා විමුක්ති පෙරමුණ රට බෙදීමේ කිසිදු ප්රයත්නයකට අනුබල නොදෙන බව අවධාරණය කළේය. "උතුරු නැගෙනහිර එක පළාතක් බවට ගැසට්කර තිබුණු අතර මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිධුරයට පත්වීමෙන් පස්සේ 2005 නොවැම්බර් 23 ඔහුගේ පළමු ගැසට් නිවේදනය වුණේ උතුරු නැගෙනහිර තවදුරටත් ඒකාබද්ධ කරමින් ගැසට් නිවේදනය දීර්ඝ කිරීමයි. අද මේ ගිරිය පුප්පගෙන කෑගහන අය ඒවා හිතාමතාම අමතක කරනවා," ඔහු පැවසීය. ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් උතුරු නැගෙනහිර වෙන් කළ යුතු බවට "ඓතිහාසික තීන්දුවක්" ලබා ගත්තේ සිය පක්ෂය බව විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. "එහෙම කරපු ජවිපෙ නැවතත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න දෙන්නේ නැහැ. නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ ප්‍රතිශතය සමානයි. එවැනි තත්ත්වයක් තුළ මුස්ලිම් ජනතාව තම පළාත උතුරට ඈඳන්න එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා සමහරු කියන විදිහට උතුරු නැගෙනහිර ඒකාබද්ධ වෙන්නේ නැහැ." තනි පුද්ගලයෙකුට විධායක බලතල හිමිවන ආකාරයට ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳව සිය පක්ෂය තරයේ විරුද්ධ අතර, අගමැතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ ඡන්දයෙන් සිදුවිය යුතුය යන්න ජවිපෙ ස්ථාවරය බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. | ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව අවධාරණය කරන ජනතා විමුක්ති පෙරමුණ, කිසියම් ලෙසකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළිත් වතාවක් ජනපතිවරණයකට තරග කළහොත් ඔහු "පරාජය කරන" බවට ද සපථ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කුසුමා සමුදුර තරණය කරමින් ඉන්දියාවට ගොස් එහි සැඟවී සිටි ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ නායකයා වූ සිය සැමියාට එක්වූවාය. තලෙයි මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා යාත්‍රා කිරීමට නියමිත මගී පාරුවට පිවිසි යුවළක් සහ ඔවුන්ගේ යොවුන් "දියණිය" කෙරෙහි සෙසු මගීන්ගේ අවධානය යොමුවුණේ වයස්ගත පෙනුමක් නොමැති එම යුවළට එතරම් වැඩුන දියණියක් සිටීම එක්තරා ආකාරයක වාසනාවක් ලෙස ඔවුන් සලකන ලද හෙයිනි. එම ත්‍රිපුද්ගල මගී කණ්ඩායමේ නායකයා රෙජී සේනානායක නැමැත්තෙකු වූ අතර ඔහුගේ බිරිඳ ෆ්ලොරන්ස් සේනානායක වූවාය. පාසල් ඇඳුමින් සැරසුන ඔවුන්ගේ "දියණියත්" ඔවුන් සමඟ වූවාය. ඔවුන්ගේ දියණිය 'සේනානායක කෙනෙකු' නොවූ අතර ඇය ගමන් ගනිමින් සිටියේ කුසුම්සිරි අමරසිංහ නමිනි. කුසුම්සිරි අමරසිංහ ගමන් ගනිමින් සිටියේ සේනානායක යුවළගේ දියණිය ලෙසය. ඇයගේ ගමනේ ඉලක්කය බන්ධනාගාරයෙන් පළා ගොස් ඉන්දියාවේ සැඟව සිටින සිය ස්වාමිපුරුෂයාට එක්වීමය. ඔහු පිලිප් ගුණවර්ධනය. ඇය කුසුමා ගුණවර්ධනය. කුසුමා සමුදුර තරණය කරමින් ඒවනවිට ඉන්දියාවේ සැඟවී සිටි ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ නායකයා වූ සිය සැමියාට එක්වූවාය. කුසුමාගේ දේශපාලන සටන්මග තීන්දු වන්නේ ඇය යොවුන්වියේ කොළඹ මියුසියස් විදුහලේ උගනිමින් සිටිය දී බොරළුගොඩ පරපුරේ විවියන් ගුණවර්ධන සමඟ වැඩුන මිත්‍රත්වයත් සමඟය. යොවුන් කුසුමා ඩොරීන් වික්‍රමසිංහ, ෆ්ලොරන්ස් සේනානායක සහ විවියන් ගුණවර්ධන ඇතුළු පෙරළිකාරී කතුන් සමඟ එක්ව 1933 දී ආරම්භයේ පටන්ම යුද විරෝධී හඬක් නගමින් 'සූරියමල් ව්‍යාපාරයේ' කොටස්කාරියක් බවට පත් වූවාය. අනතුරුව ඔවුන්ගේ කාර්යභාරය වුණේ මැලේරියාවෙන් පීඩා විඳින ජනතාවට උදව් කිරීමය. ප්‍රභූන් විසින් පීඩිත කුලවලට අයත් ජනතාවට එරෙහිව අනුගමනය කළ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කුසුමා ඇතුළත් සම සමාජ ව්‍යාපාරය විසින් නගන ලද හඬ ගම්දනව් පුරා ඇසෙන්නට විය. ඇයගේ එම දේශපාලන ගමන් මාර්ගයේ ඊලඟ කඩඉම තීන්දු වෙන්නේ දේශපාලන ගමන් මාර්ගය තුළදී හඳුනාගත් පිලිප් සමඟ විවාහවීමෙනි. පිලිප් ගුණවර්ධන ඒ සමඟ කුසුමා 1935 ආරම්භ වූ ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාධාරිනියක් බවට පත්වූවාය. නායකයන් මුදාගැනීමේ මෙහෙයුම 1939 වසරේ දී දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූ අතර, ලංකා සම සමාජ පක්ෂය යුද්ධයට සහයෝගය නොදෙන පිළිවෙතක් අනුගමනය කරන ලද හෙයින්, යටත් විජිත පාලකයන් විසින් එය තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් පිලිප්, එන්.එම්, කොල්වින් සහ එඩ්මන්ඩ් සමරක්කොඩි වැනි පක්ෂ නායකයන් අත්අඩංගුවට ගෙන සිරභාරයේ තබන ලදි. සම සමාජ ව්‍යාපාරයේ කීර්තිය ලංකාව පුරා පැතිර යෑමට එවකට ප්‍රධාන දේශපාලන සිදුවීම් දෙකක් හේතුවිය. ඉන් පළමුවැන්න 'බ්‍රෙස් ගර්ඩල් ' සිද්ධියයි. දෙවැන්න සම සමාජ නායකයන් බෝගම්බර බන්ධනාගාරයෙන් මුදා ගැනීමේ මෙහෙයුමයි. සම සමාජ නායකයන් සිරගෙයින් මුදාගැනීමේ මෙහෙයුමේ දී සිරකුටි සඳහා රහස් යතුරු පිළියෙළ කර ගැනීමේ කාර්යයේ දී කුසුමා විශේෂ වැඩ කොටසක් ඉටු කළාය. එම රහස්‍ය සැලැස්ම පළ දරමින් පිලිප් ඇතුළු යුද සිරකරුවන් 1942 අප්‍රියෙල් මාසයේ බෝගම්බර සිරගෙයින් පැන ඉන්දියාවට පළාගිය අතර, කුසුමා ගුණවර්ධන තලෙයි මන්නාරමෙන් නැව් නගින ලද්දේ එලෙස පළාගිය තම සැමියාට (පිලිප්) එක් වීමටය. ශ්‍රී ලංකාවේ කලක් බලවත් විප්ලවකාරී දේශපාලන ව්‍යාපාරයක සමාරම්භක කොටස්කාරියක් මෙන්ම බලවත් දේශපාලන පවුලක (බොරළුගොඩ පවුල) අදිසි හස්තය බවට පත් කුසුමා ගුණවර්ධනගේ සටන්කාමී දේශපාලන ජීවිතයේ එක් පරිච්ඡේදයක් ආරම්භ වන්නේ එම මුහුදු ගමනට මුහුණ දුන් ධෛර්යවන්තභාවයත් සමඟය. මිසිස් රාමසාමි ඉන්දියාවේ දී පිලිප්ට (මිස්ටර් එඩ්වඩ් රාමසාමි) එක්වූ කුසුමා 'මේබල් රාමසාමි මහත්මිය' බවට පත්වූවාය. සැඟවුන යටිබිම්ගත ජීවිතයක් ගෙවූ පිලිප් ඉන්දියාවේ දී පෙනී සිටියේ 'රාමසාමි' යන නමිනි. ඒ වනවිට ලංකාවෙන් ඉන්දියාවට පළාගොස් සිටි සම සමාජ නායකයන් හැමදෙනෙකු මෙන්ම වෙස්වලාගත් ජීවිත ගත කරන ලද්දේ විවිධ ආරූඪ නම්වලින් පෙනී සිටිමිනි. ආචාර්ය එන්.එම්.පෙරේරා ආරූඪ නමකින් ඉන්දීය බැංකුවක රැකියාවක් කර ඇති අතර ඔහුගේ බිරිඳ වූ සෙලීනා පෙරේරා, කුසුමා ගුණවර්ධන සහ පිලිප් ගුණවර්ධනගේ සොහොයුරිය වූ කැරොලයින් අන්තෝනිපිල්ලේ ට්‍රොට්ස්කිවාදී සංවිධාන සමඟ දේශපාලන කටයුතුවල දිගටම නිරතවෙමින් සිටියහ. සම සමාජ නායකයන්ගේ ඉන්දියානු යටිබිම්ගත ජීවිතය හුදෙකලාව සැඟවී සිටීමක් නොව ඔවුහු එහිදී ඉන්දියානු නිදහස් සටනට දායක වූහ. ඔවුන් සියලුදෙනාම ඉන්දීය බෝල්ෂෙවික්-ලෙනින් පක්ෂය(BLPI) යටතේ සංවිධානය වී සිටි අතර එම පක්ෂය ඉන්දියාවේ පමණක් නොව ලංකාවේ සහ බුරුමයේ නිදහස වෙනුවෙන් ගොඩ නගන ලද විප්ලවකාරී පක්ෂය විය. පිලිප් ගුණවර්ධන සහ කුසුමා දරුවන් සමග ඒ අතරවාරයේ යටත් විජිත ඉන්දියානු පොලිසිය විසින් පිලිප් ඇතුළු සම සමාජ නායකයන් වරින්වර අත්අඩංගුවට ගන්නා ලද අතර, පිලිප් සහ කුසුමා මුම්බායි (එවකට බෝම්බය) නගරයේ 'ආතර්' වීදියේ බන්ධනාගාරයක සිරකර තැබූහ. ඒවනවිට පිලිප් - කුසුමා පවුලට ඔවුන්ගේ වැඩිමහල් පුත් ඉන්දික එක්ව සිටියේය. කුසුමා බන්ධනාගාරගත වූයේ සිය සිඟිති පුතු ඉන්දික (රාමසාමි) ගුණවර්ධන සමඟය. එයින් මාස කීපයකට පසු ඔවුන් ලංකාවට (Ceylon) පිටුවහල් කරනු ලැබුණ අතර යුද්ධය නිමවෙන තෙක් (1945) පිලිප් ලංකාවේ සිරභාරයේ තබනු ලැබ සිටියේය. පාර්ලිමේන්තුවට නිතරඟයෙන් 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ පැවැත්වූ පළමු පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පිලිප් ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් අවිස්සාවේල්ල ආසනය ජයගත්තේය. එහෙත් 1947 මහා වැඩවර්ජනය මෙහෙයවනු ලැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලද පිලිප්ට වසර හතක කාලයකට සිවිල් අයිතිවාසිකම් අහිමි කෙරුණ අතර මන්ත්‍රී පදවිය පවා අහිමි විය. පිලිප්ගේ සිරගතවීමෙන් හිස්වූ අවිස්සාවේල්ල ආසනය සඳහා ලංකා සම සමාජ පක්ෂයෙන් කුසුමා ඉදිරිපත් කෙරුණ අතර ඇය නිතරඟයෙන්ම පාර්ලිමේන්තුවට පත් වූවාය. ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරීපත්වූ දෙවැනි කාන්තාව වන්නීය. ලංකා පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රීවරිය වූයේ කුසුමාගේ ද මිතුරියක වූ ෆ්ලොරන්ස් සේනානායකය. 1952 සහ 1956 මැතිවරණ ජයගත් කුසුමා 1960 තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වූවාය. 1953 හර්තාලය සිය පාර්ලිමේන්තු නිල කාලය තුළ ඇය ලංකාවේ දිළිඳු ජනයාගේ ශුභසාධනය වෙනුවෙන් විශාල හඬක් නගන ලද අතර, විශේෂයෙන්ම දුප්පත් දරුවන්ගේ පෝෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය නංවාලීමට ගතයුතු පියවර පිළිබඳව අවධාරණය කළාය. දිළිඳු ජනතාවට තදින් බලපෑ සහල් සේරුවේ මිල ඉහළ දැමීමත් සමඟ ඊට එරෙහිව දියත් කෙරුණ මහජන නැගිටීම වූ 1953 හර්තාලයේ දී සම සමාජ බලය මුල්බැසගෙන පැවති කැලණිවැලි ප්‍රදේශයේ මහජනතාවට නායකත්වය දෙමින් කුසුමා ගුණවර්ධන සිය සටන්කාමීත්වය ප්‍රදර්ශනය කළාය. කුසුමා (අමරසිංහ) ගුණවර්ධන කොළඹ නගරයට ලඟාවන්නේ දකුණු ලංකාවේ තංගල්ල නගරය අසල 'මැදකැටිය' නම් සමුද්‍රාසන්න ගම්මානයෙනි. දකුණේ සාම්ප්‍රදායික බෞද්ධ පවුලක දියණිය වූ කුසුමා, කාන්තාවන් දේශපාලනය ගැන නොසිතන ලද කාලයක ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට එක්ව එහි පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිය නාමය සටහන් කළාය. "ගුණවර්ධන යුවළ බොහෝ විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකර ඇති නමුත්, ඔවුන් ඒ වෙනුවෙන් පෞද්ගලිකව ලද කිසිවක් නැත," යනුවෙන් එක් විශ්ලේෂකයෙක් සඳහන් කර ඇත. කියවන්න: | 1942 - තලෙයි මන්නාරම නැව්තොට. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඔස්ට්‍රේලියාවට ගිය යෝගේශ්වරන් මන්ත්‍රීවරයා පුරා සති දෙකක කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික සරණාගතයන් මෙන්ම ඕස්ට්‍රේලියානු බලධාරීන් ද මුණ ගැසී සාකච්ඡා කළ බව කියා සිටියේය. පසුගිය වසරේ අගෝස්තු මාසයෙන් පසුව ඔස්ට්‍රේලියාවට ගිය සරණාගතයන් තමන්ගේ අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිත බවකට පත්ව සිටින බව මන්ත්‍රීවරයා පැවසුවේය. සරණාගතයින් යාබද පැපුවා නිව් ගිනියාවට පිටත් කර යැවීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ගිය පිරිස් දැඩි විරෝධයක් දක්වන බවයි යෝගේශ්වරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය ඇතිවෙන තුරු ශ්‍රී ලංකාවෙන් ගිය සරණාගතයින් ආපසු හරවා නොඑවන්නැයි තමන් ඕස්ට්‍රේලියානු බලධාරීන් ගෙන් ඉල්ලා සිටි බව යෝගේශ්වරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය. | ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ගිය දෙමළ සරණාගතයන් හොඳින් රැක බලා ගැනෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. යෝගේශ්වරන් ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ක්‍රියාකාරී සැලසුම යටතේ එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ දැන් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බව ජනාධිපතිවරයා පවසයි "ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්තීන්ට ගරුකරමින්" උතුරු පළාත සඳහා පළාත් සභා මැතිවරණ ලබන වසරේ පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කොළඹ දී ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවේ 58 වෙනි සැසිවාරය විවෘත කිරීමේ දේශනය පවත්වමින්. මෙම සමුළුවට සහභාගි වීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 54 ක් නියෝජනය කරමින් දහසකට අධික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවට රැස්වී සිටිති. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංවිධානයේ උප අනුශාසක පදවියද දරන ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දක්වමින්, දශක තුනක යුද ගැටුම්වලින් අනතුරුව ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම (එල් එල් ආර් සී) පිහිටුවන ලද බවද ජාත්‍යන්තර නියෝජිතයන් හමුවේ කියා සිටියේය. යුද්ධය හමාරයේ ශ්‍රී ලංකාව සියයට අටක ආර්ථික වර්ධනයක ලබා ඇති බව සමුළුවට පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ ක්‍රියාකාරී සැලසුම යටතේ දැන් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බවද සඳහන් කළේය. විවෘත කිරීමේ දේශනයට පෙරාතුව සමුළුව ඇමතූ පාර්ලිමේන්තු සංගමයේ සභාපති, කථානායක චමල් රාජපක්ෂ සංගමයේ අනුශාසිකාව වන බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ පණිවුඩය සභාව හමුවේ කියැවීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | උතුරු පළාත සඳහා පළාත් සභා මැතිවරණය ලබන වසරේ පවත්වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ ප්‍රතිඥා දුන්නේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ''ශිරන්තිට එරෙහිව පරීක්ෂණ අවසන් වෙලා තිබියදීත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මහින්ද රනිල් ඩීල් එක නිසයි,'' ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර 'ඩීල් එකක්' පවතින බවට ඇතැමුන් චෝදනා කළත් සත්‍ය වශයෙන්ම එවැනි සම්මුතියක් පවතින්නේ අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර බවයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු ජනපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව පවතින පරීක්ෂණ යටපත් කිරීමත් 'මහින්ද රනිල් රහස් ගිවිසුමේ' කොටසක් බව ජවිපෙ නායකයා සඳහන් කළේ කොළඹ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ඇතුළු රාජපක්ෂ පරිපාලනයේ බලධාරීන් සමඟ රහස් ගිවිසුමක් පවතින බවට ජවිපෙ එල්ල කරන චෝදනාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරයි. ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කිරීම සහ ගමන් බලපත්‍ර එකකට වඩා ළඟ තබා ගැනීමේ චෝදනා එල්ල වී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්නේ ඔහු සහ අගමැතිවරයා අතර පවතින රහස් සම්මුතියක් හේතුවෙන් බවටත් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. | හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධ පොලිස් පරීක්ෂණ අවසන් වී තිබියදීත් ඇය අත්අඩංගුවට නොගන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පවතින රහස් සම්මුතියක් හේතුවෙන් බවට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) චෝදනා කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගොඩනැගිල්ලක් කඩාවැටීම නිසා මුම්බායි නගරයේ ළමුන් ඇතුළු දස දෙනකු පමණ මියගොස් තිබේ ධාරානිපාත මෝසම් වැසි හේතුවෙන් උත්තරකාන්ද් ප්‍රාන්තයේ නිවෙස් සහ මහාමාර්ග විශාල සංඛ්‍යාවක් විනාශ වී ගොස්, පනස් දහසකට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවත්, මියගොස් ඇති සංඛ්‍යාව මිට වඩා ඉහල යනු ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ අතර ගොඩනැගිල්ලක් කඩාවැටීම හේතුවෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළු දස දෙනකු පමණ මියගොස් ඇති බව මුම්බායි නගරයේ පොලිසිය පවසයි. ඒ තුල තව කිහිපදෙනෙකු සිරවී සිටිනු ඇතැයි ද අනුමාන කෙරේ. ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව තවම සොයාගන්නට ලැබී නැතත්, පසුගිය දිනවල මුම්බායි නගරයටද මෝසම් වැසි වැටුන බව වාර්තා වේ. | උතුරු ඉන්දියාවේ ගංවතුර උවදුරෙන් මියගිය පිරිස දෙසීයකට වැඩි බව ස්වදේශ කටයුතු භාර ඉන්දීය අමාත්‍ය සුශිල් කුමාර් ශින්ඩේ පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඔහු චෝදනාවෙන් නිදහස් කිරීම බොහෝ දෙනෙකු විසින් අනුමත කරනු ලැබ ඇති බවයි සඳහන් වන්නේ අඟහරුවාදා මැලේසියානු නීතිපතිවරයා පැවසුවේ අගමැතිවරයා විසින් නීතිය උල්ලංඝණය කර ඇති බවට කිසිදු සාක්ෂියක් සොයා ගෙන නැති බවයි. 2013 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නජීබ් රසාක් සෞදි අරාබි රජ පවුලෙන් ඩොලර් මිලියන 700 ක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම චෝදනාව හේතුවෙන් අගමැතිවරයා ඉවත් කළ යුතු බවට ජනතා රැල්ලක් ද පැන නැගුණු අතර අගමැතිවරයා චෝදනාවෙන් නිදහස් කිරීම දෙස බොහෝ දෙනෙකු සැක මුසු ලෙස බලන බවයි සඳහන් වන්නේ. | මැලේසියානු අගමැති නජීබ් රසාක් (Najib Razak) නීති විරෝධී ලෙස ඩොලර් මිලියන ගණනක මුදලක් ලබා ගැනීමේ චෝදනාවෙන් නිදහස් කිරීමට ගත් තීරණය යළි සලකා බැලීමට අවශ්‍ය බව එරට දුෂණ විරෝධී නියෝජිත ආයතනය පවසනවා. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ දකුණු ආසියානු කටයුතු භාර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් සහ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අතර බදාදා උදෑසන පැවති සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමිනි. ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරුන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා විදෙස් විනිසුරන් සහභාගී කර නොගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කරන අතර දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් සාමාජිකයන්ගේ මතය වී ඇත්තේ ඒ සඳහා විදෙස් විනිසුරන්ගේ සහාය ලබා ගත යුතු බවයි. ඒ පිළිබඳ කළ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් යෝජනාවේ සඳහන් අදාළ යාන්ත්‍රණ ස්ථාපිත කරන අවස්ථවේදී ඒ සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කරන බවයි 'අද ආණ්ඩුවේ නියෝජිතයෙක් එක් අදහසක් කියනවා. අපි ඊට විරුද්ධව තව අදහසක් හෙට කියනවා. ඒ වගේ අපි මේ පිළිබඳ නැවත නැවත කතා කරන එකෙන් වැඩක් නැහැ. ඒ සම්බන්ධයෙන් රජය පියවර ගනු ලබන අවස්ථාවේ, යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන්න රජයට අපේ සහභාගීත්වය ලබා දෙනවා' පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය . | එක් රටක් තුළ සියලු ජාතීන්ට එකට ජීවත් වීමට සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගයක් නිර්මාණය කිරීම සඳහා සහාය ලබා දීමට ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නියෝජිතයන් සහතික වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එහි අති විශාල ජනගහනය සැලකීමේදී මෙය පුදුමයට කරුණක් නොවුව ද ඉන්දියාවේ අසල්වැසි රටවල් ද වෛරසයේ දැඩි බලපෑමට ලක්ව ඇත. පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය තුළ වසංගතය බලපෑ ප්‍රමාණය විමසා බලමු. ලෝකයේ වඩා සක්‍රීය ස්ථානයක් සෑම දින 20 කදීම රෝගීන් ප්‍රමාණය දෙගුණයක් වෙමින් ඉන්දියාව දැන් කොරෝනාවෛරසයේ මධ්‍ය ලක්ෂ්‍යයක් බවට පත්ව තිබේ. රෝගීන් ප්‍රමාණය තවමත් වේගයෙන් ඉහළ යමින් තිබේ. කෙසේවෙතත්, දෛනිකව වාර්තාවන රෝගීන් සම්බන්ධයෙන් කළාපයේ අනෙකුත් ප්‍රදේශ වෙනස් ගමන් මගකට පිවිස තිබෙන්නේ, මැයි - ජුනි මාසවලදී දුටු අධික ඉහළ යාමෙන් අනතුරුව තහවුරු කරන ලද ආසාදිතයන් ප්‍රමාණය පහළ යාමක් පෙන්නුම් කරන හෙයිනි. වැඩිම රෝගීන් සංඛ්‍යාව අතින් කළාපයේ දෙවෙනි ස්ථානයේ ඇති පාකිස්තානය තුළ ආසාදිත වක්‍රය පහළට දිශාගත වීම සම්බන්ධයෙන් සුභවාදී බවක් පළවී ඇත. ජුනි මැද වනවිට දෛනික ආසාදිත සංඛ්‍යාව 6,000ක් වූ තැන සිට ජූලි මැද වනවිට 2,000 ට වඩා අඩු තත්ත්වයකට පහළ වැටී තිබේ. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් තවමත් සැලකිල්ල පවතින අතර ඇතැමුන්ට අනුව, වෛරසය පාලනය කර ඇතැයි නිගමනය කිරීමට කල්වේලා වැඩි ය. මේ හා සමානව, ජූලි 16 වනවිට 196,323ක් ලෙස බංග්ලාදේශ් හි සමස්ත රෝගීන් ප්‍රමාණය වාර්තා විය. ජුනි මැද සහ ජූලි මස ආරම්භයේදී එරට වැඩිම දෛනික රෝගීන් ප්‍රමාණය වාර්තා විණි. ඉන් අනතුරුව, ආසාදිත වක්‍රයේ පහළ යාමක් පෙන්නුම් කළේ මේ වනවිට සෑම දින 28 දී ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණ වෙමිනි. ඇෆ්ඝනිස්තානය තුළ ආසාදිතයින් දෙගුණවීමේ වේගය අසල්වැසි රටවලට වඩා අඩුවී තිබෙන්නේ සෑම දින 41 දී එය වාර්තා වීමක් ලෙසය. එහෙත් එරට නිල සංඛ්‍යා දත්තවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැගී ඇත. නේපාලය හා ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස ආසාදිත ප්‍රමාණයේ පෙන්නුම් කරන්නේ පහළ මට්ටමකි. නේපාල ආණ්ඩුව විසින් පනවන ලද ලොක්ඩවුන් වැඩපිළිවෙල දින 100ක් ක්‍රියාත්මක විණි. එම කාලය තුළදී වැඩිම රෝගීන් ප්‍රමාණය හඳුනාගනු ලැබුණේ ඉන්දියාවට මායිම්වන ප්‍රදේශ වලිනි. මෑත ප්‍රවණතාව පෙන්වන්නේ දෛනික රෝගීන් සංඛ්‍යාව පහත වැටෙන බවකි. එහෙත්, ප්‍රජාව අතරේ රෝගීන් හඳුනා නොගැනීම මීට එක් හේතුවක් විය හැකි බව විශේෂඥයෝ පවසති. අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ ද එම සංඛ්‍යා පහළ මට්ටමක රඳවා ගැනීමට සමත්වී ඇත. දැඩි 'ලොක්ඩවුන්' පියවර ක්‍රියාවට නැගූ අතර තහවුරු කරන ලද රෝගීන්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම හා ආසාදිතයින් සඳහා දැඩි නිරෝධායන රීති පැනවිණි. "මහජන සෞඛ්‍ය නිලධාරීන්, පොලිසිය, බුද්ධි තොරතුරු නිලධාරීන් හා ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන්ගේ දායකත්වය සහිතව, දැඩිව ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාවට නැගුණා," යැයි බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ පැවසීය. ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ ශ්‍රී ලංකාව 'ලොක්ඩවුන්' පියවර ඉවත් කළේය. අඩු මට්ටමේ පරීක්ෂාව ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ සිටින්නේ දකුණු ආසියාවේ ය. එහෙත් සමස්ත වාර්තාගත ආසාදිතයින් අතරින් මෙම කළාපයෙන් වාර්තාවූයේ 11% ක් පමණි. "ඉන්දියාවේ වගේම දකුණු ආසියාවේ රටවල පුද්ගලයින් මිලියනයකට සමස්ත රෝගීන් සංඛ්‍යාව සිටින්නේ අඩු මට්ටමක. පුද්ගලයින් මිලියනයකට කෙරෙන මුලු පරීක්ෂණ සංඛ්‍යාවත් ඒ වගේමයි," වෛරසවේදියෙකු වන වෛද්‍ය ෂහීඩ් ජමීල් පැවසීය. මෙම රටවල මුලු පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නවා වගේ පෙනුන ද, ජනගහනය සමග සසඳන විට "උසස් තත්ත්වයක නැති" බව ඔහු කියා සිටියේය. උදාහරණයක් ලෙස, කල් යද්දී ඉන්දියාව පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවූ අතර මේ දක්වා මිලියන 10.3 ක පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. පාකිස්තානයේ එය මිලියන 1.6 ට අධිකය. එහෙත් ඒක පුද්ගල පරීක්ෂණ ප්‍රමාණය අනෙකුත් බොහෝ රටවලට වඩා අඩු මට්ටමක පවතී. මීටත් වඩා, පාකිස්තානයේ හා බංග්ලාදේශ් හි පරීක්ෂණ මට්ටම පහළ වැටී ඇති අතර එය වාර්තා වූ තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාවට බලපෑමක් එල්ල කෙරෙනු ඇත. රෝගීන් වැඩිවශයෙන් වාර්තා වූ කාලය තුළදී පාකිස්තානය දිනකට පරීක්ෂණ 31,000 ට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කළේය. එහෙත් ජුනි මස අග සතියේ සිට එම ප්‍රමාණය අඩු කර ඇති අතර රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ නොපවත්වයි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර හා ඒ අවට ආණ්ඩුව විසින් මෑතදී කරන ලද සමීක්ෂණයකදී පෙන්නුම් කළේ එම ප්‍රදේශයේ පමණක් ආසන්න වශයෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට වෛරසය ආසාදනය වී ඇති බවකි. ඉන් බහුතරය රෝග ලක්ෂණ නොපෙන්වති. බංග්ලාදේශ් හි පරීක්ෂණවල ප්‍රමාණයද පහළ යාමක් පෙන්වන අතර ආසාදනය වී නැති බව දැක්වෙන ව්‍යාජ සහතික අලෙවි කිරීමේ ජාවාරමක් හේතුවෙන් පරීක්ෂණවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැගිණි. නේපාලය ජූලි 16 වනවිට ලක්ෂ තුනට මඳක් වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබිණි. ජූලි මාසයේ සිට දෛනිකව පරීක්ෂණ 10,000 ක් පවත්වන බව ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද මෙතෙක් එය පවතින්නේ 4,000 ක පමණ ප්‍රමාණයක ය. ඇෆ්ඝනිස්තානයේ පරීක්ෂණ දත්ත දැනගන්නට නැති අතර ඒ පිළිබඳ අවධානය යොමු කරන රතු අඩසඳ සංවිධානය පවසන්නේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රමාණයට වඩා සත්‍ය රෝගීන් ප්‍රමාණය මීට වැඩි විය හැකි බවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කරන ලද නිර්ණායකයට අනුව රටක හෝ කළාපයක පරීක්ෂණ 10 ත් 30 අතර ප්‍රමාණයකට තහවුරු වූ රෝගියෙකු හඳුනාගැනීම සිදුවේ. මේ ගණනය සැලකීමේදී දකුණු ආසියානු රටවල තිබෙන්නේ දුර්වල තත්ත්වයකි. බංග්ලාදේශ් හි ජනගහනයට සමාන ජනගහණයකින් හෙබි රුසියාව හා ජපානය තුළ වඩා පුළුල්ව පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ. එම රටවල පිළිවෙලින් පරීක්ෂණ 32 ට හා 26 ට තහවුරු වූ රෝගියෙකු සොයා ගැනේ. එහෙත් බංග්ලාදේශ් තුළ සෑම පරීක්ෂණ පහකදී එක් රෝගියෙකු හමුවේ. නේපාලය තුළ ජුනි 14 වෙනිදා තෙක් සෑම පරීක්ෂණ 25 ට රෝගියෙකු සොයා ගැනිණි. ඉන් පසු දත්ත දැනගන්නට නැත. විශ්වසනීය නොවන සංඛ්‍යාලේඛන නිශ්චිත අංක හෝ ජනගහනය අතරින් සලකන ප්‍රමාණය දෙස අප විමසීම යොමු කළද, මෙම රටවල මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ බටහිර රටවලට වඩා බෙහෙවින් අඩු මට්ටමකිනි. මෙය දිරිගන්වන සුලු සංඥාවක් වුව ද, අසතුටුදායක සෞඛ්‍ය යටිතල පහසුකම් පිළිබද වාර්තාවක් ඇති කළාපයකින් ලැබෙන මෙම දත්තවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න නැගී ඇත. "බොහෝ මරණ, අතිශයින් වැදගත් ලියාපදිංචි කිරීමේ ක්‍රමය තුළ වාර්තා වී නැහැ. ඒ වගේම මරණවලට හේතුව වැරදි ගොන්නට ඇතුළු කරලා," යැයි යෝක් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය විශේෂඥ මහාචාර්ය කම්රන් සිද්දිකි පැවසීය. එහෙත් වෛද්‍ය ෂහිඩ් ජමීල් පවසන පරිදි මරණ සංඛ්‍යාව අඩුවෙන් වාර්තා වුවද ඒ වෙනස "සැලකිය යුතු තරම්." "බොහෝවිට දිය හැකි පැහැදිලි කිරීම වන්නේ යුරෝපයට හා ඇමෙරිකාවට වඩා බොහෝ තරුණ පිරිසකින් දකුණු ආසියානු ජනගහනය සමන්විත වන බවයි," යැයි ද මහාචාර්ය සිද්දිකි පැවසීය. මෙම තොරතුරුද දැනගන්න: බීබීසී රියැලිටි චෙක් (BBC Reality Check) හි ශ්රැති මෙනන් සකස් කළ වාර්තාවක් ඇසුරිණි අතිරේක පර්යේෂණ තොරතුරු: ධකා හි වලියුර් රහ්මන්, මිරාජ් සහ කත්මණ්ඩු හි රාමා පරාජූලි විසිනි. | කොරෝනාවෛරස ආසාදිත සංඛ්‍යාව අතින් ඉන්දියාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ ඇමෙරිකාව හා බ්‍රසීලයට පසු ලොව තුන්වෙනි විශාලතම ආසාදිතයින් සංඛ්‍යාව සහිත රට බවට පත්වෙමිනි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කොමිසම යාපනයේදී කරුණු විමසමින් මේ අනුව ලබන අගෝස්තු මාසයේ දොළොස් වෙනි දින තෙක් අදාළ විභාග පෙරට ගෙන යාමට ජනාධිපති කොමිසමට බලය පැවරෙයි. අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණිලි 16000 ක් පමණ කොමිසමට ලැබී ඇති අතර මහජනතාවගෙන් විවෘත මට්ටමින් කරුණු විමසීමේ එහි පළමු වටය පසුගිය ජනවාරි 18 පටන් 21 තෙක් කිලිනොච්චියේ දී සිදු කෙරිණ. ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳ ජනාධිපති කොමිසම පත් කරනු ලැබුණේ උගත් පාඩම් සහ සංහිඳියා (LLRC) කොමිසමේ නිර්දේශයක් අනුවයි. 1999 ජුනි දහනව වෙනිදා පටන් 2009 මැයි දහනව වෙනිදා අතර කාලය ඇතුළත සිදු වී ඇති බවට පැමිණිලි කෙරෙන පුද්ගල පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් සොයා බලා වාර්තා කිරීමටයි මෙම ජනාධිපති කොමිසමට පැවරෙන්නේ. | ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල සිදුව ඇති අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විභාග කරන කොමිසමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පියවර ගෙන ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බදාදා රාත්‍රියේ ආරම්භ වූ මධ්‍යම කාරක සභා රැස්වීම මුලින් උණුසුම් මුහුණුවරක් ගත් නමුත් පැය කිහිපයක් මුළුල්ලේ පැවැත්වුණු සාකච්ඡාව සාමකාමීව නිමා වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අනුව බදාදා මධ්‍යම රාත්‍රියේ සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරයා විසින් ජනපතිවරණය කැඳවනු ලබන බව ප්‍රකාශයට පත්කිරීමට ඉඩ තිබේ. ජනවාරි 03 වැනි දින හෝ 07 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත නමුත් දෙසැම්බර් මස දීර්ඝ නිවාඩු කාලය හේතුවෙන් ජනවාරි 03 වැනි දින මැතිවරණය පැවැත්වීම ඉතා දුෂ්කර බව මැතිවරණ කොමසාරිස්වරයාගේ අදහස වී තිබෙන බවත් සංදේශයට සැලවේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තුන්වෙනි වරටත් ජනපති පදවියට ඉදිරිපත් වන බව මේ වනවිටත් නිවේදනය කොට තිබෙන අතර ඒ සඳහා කිසිදු නීතිමය බාධාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. කෙසේ නමුත් සිය අපේක්ෂකයා කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂය හෝ පොදු විපක්ෂ සන්ධානය තවමත් තීරණය කොට නොමැත. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් සලකා බැලෙන නම් අතරට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ නම අලුතින්ම එක් වී තිබේ. ඩේලිමිරර් පත්‍රයේ වාර්තාකරුවකු ඒ පිළිබඳව විමසූ විට සිනහසීම හැර අමාත්‍යවරයා පැහැදිලි පිළිතුරක් දී නැත. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය ගේ නම් පොදු අපේක්ෂකයා ලෙසින් සලකා බැලෙන බව මීට ඉහතදී ප්‍රකාශයට පත් වී තිබුණි. | නියමිත කාලයට වසර දෙකකට පෙර ලබන ජනවාරි මාසයේ දී ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මින් මොහොතකට පෙර අනුමැතිය පළ කළ බව කැබිනට් අමාත්‍යවරයෙක් බීබීසී සංදේශයට පැවසීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා වාතාවරණයක් නොමැති බවයි, නිරීක්ෂකයන් පවසන්නේ අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමිල හේරත්ට දහයියාගම හන්දියේදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයකින් අනතුරුව වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බව පවසන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ (කැෆේ) ව්‍යාපාරය, ප්‍රහාරය එල්ල කොට තිබෙන්නේ හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ආධාරකරුවන් බව ද කොමසාරිස්වරයාට යැවූ පැමිණිල්ලේ සඳහන් කරයි. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා වාතාවරණයක් නොමැති බවයි, නිරීක්ෂකයන් පවසන්නේ. මේ අතර අක්කරේපත්තුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයට ද කිසියම් පිරිසක් විසින් සිකුරාදා දිනයේ පහර දී ඇති බව පවසන කැෆේ සංවිධානය, ජාතික කොන්ග්‍රසයේ පෙක්ෂකයන්ට හැර වෙනත් පක්ෂවලට අක්කරේපත්තු ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදීම ඉතා දුෂ්කර බව ද පෙන්වා දෙයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මුස්ලිම් කොන්ග්රසය මෙවර නැගෙනහිර පළාත් සභා මැතිවරණයට තනි පක්ෂයක් වශයෙන් තරඟ කරයි. නියමිත කාලයට පෙරාතුව විසුරුවා හරිනු ලැබූ නැගෙනහිර, උතුරු මද සහ සබරගමුව පළාත් සභා සඳහා මැතිවරණ ලබන සැප්තැම්බර් අට වැනිදා පැවැත්වීමට නියමිතයි. සබැඳි තේමා | අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ අක්කරේපත්තු ප්‍රදේශවල උත්සන්න වෙමින් තිබෙන ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳව මැතිවරණ නිරීක්ෂකයන් විසින් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරනු ලැබ තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 10,000 කට ආසන්න එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනයෙන් අනතුරුව නිදහස් කරනු ලැබ තිබේ නිදහස ලබා නිවෙස්වලට ගොස් සිටින එල්ටීටීඊ සාමාජිකයන් සොයමින් ආරක්ෂක හමුදා තම නිවෙස්වලට පැමිණීම හේතුවෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනකු අතුරුදහන්ව සිටින බවයි, තත්ත්වය පිළිබඳව සොයා බැලූ දිනසේන රතුගමගේ පවසන්නේ. ඔවුන් අතරින් බොහෝ පිරිස් ඔවුන් බලධාරීන්ට ලබා දී ඇති ලිපිනවල පදිංචිව නොසිටින අතර, ආරක්ෂක හමුදාවේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැන් යලිත් බියෙන් පසුවන බව එසේ නිදහස ලැබූ ඇතැමෙක් බීබීසී සංදේශයට පැවසූහ. පුනරුත්ථාපනය කෙරුණු එල්ටීටීඊ සාමාජිකයන් නැවත පරීක්ෂා කිරීමේ ක්‍රියාදාමය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති දැඩි විවේචනයට ලක් කරන නමුත් තමන් එවැනි පසු විපරමක් සිදු නොකරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් දර්ශණ හෙට්ටිආරච්චි සංදේශයට කියා සිටියේය. කෙසේ නමුත් ආණ්ඩුව එවැනි පරීක්ෂණයක් සිදු කරන බව බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පිළිගත්තේය. "මේ අය නිදහස් වෙන අයත්, නැවත පසු විපරම් කමිටුව මගින් අධීක්ෂණය කරලා, ඒ අයගේ ආර්ථික ශක්තිය දියුණු කරන්න අවශ්‍ය සියලු ක්‍රියාකාරකම් ගොඩ නැඟල තියෙනවා," බවයි, අමාත්‍යවරයා පවසන්නේ. 10,000 කට ආසන්න එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනයෙන් අනතුරුව නිදහස් කරනු ලැබ තිබේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | පුනරුත්ථාපනයෙන් අනතුරුව ආරක්ෂක හමුදා විසින් නිදහස් කරන ලද එල්ටීටීඊ සාමාජිකයන් විශාල පිරිසක් වෙසෙන ස්ථාන පිලිබඳ තොරතුරු සොයා ගත නොහැකි බව බලධාරීහු පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'හැම දේකටම සීමාවක් තියෙනව. ඒ සීමාවන් සලකා බැලිය යුතුයි' ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ සහ ලෝක නායකයන් අතර ජිනීවා නුවරදී සාකච්ඡා ආරම්භ වීමට නියමිතව තිබියදීයි ඔහු ඒ බව කියා සිටියේ. "හැම දේකටම සීමාවක් තියෙනව. ඒ සීමාවන් සලකා බැලිය යුතුයි. ඒ සීමාවන් සලකා බැලීමට ඔවුන් බැඳිලා ඉන්න බවත්, සතුරාගේ ඝෝෂාවට බිය විය යුතු නැති බවත් මම නිලධාරීන්ට පැහැදිලි කළා," බවයි ආධ්‍යාත්මික නායකයා පවසන්නේ. අයතොල්ලා අලි කමේනි සිය ප්රකාශයේදී ඊශ්‍රායලය හඳුන්වා දුන්නේ කලාපයේ පිස්සු බල්ලා ලෙසින්. එහෙත් එය පිළිගත නොහැකි ප්‍රකාශයක් බව පවසන ප්‍රංශය මෙවැනි ප්‍රකාශ මගින් සිදු වන්නේ සාකච්ඡා තවත් සංකීර්ණ වීම බවද සඳහන් කළේය. න්‍යෂ්ඨික වැඩ සටහන අත් හැර දමන්නේ නම් ඉරානයට එරෙහිව පණවා තිබෙන සම්බාධක තරමක් ලිහිල් කිරීමේ තාවකාලික සම්මුතියකට එළඹීම ජිනීවා නුවර පැවැත්වෙන සාකච්ඡාවල අරමුණයි. | න්‍යෂ්ඨික වැඩසටහනක් පවත්වා ගෙන යාමේ සිය අයිතිය වෙනුවෙන් දිගටම පෙනී සිටින බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමේනි ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "චෝදනාවලින් නිදහස් කරනවා වගේ දෙයක් නේද? නිතර නිව්ස්වලින් ඇහෙනවා. නමුත් හරියට මොකක් ද වෙන්නේ, නීතිමය තත්ත්වය මට පැහැදිලි නැහැ," ලිපිකාරිනියක ලෙස සේවයේ නිරත උදයංගී පෙරේරා පැවසීය. සුළු ව්‍යාපාරයක නිරත පද්මා බණ්ඩාර පැවසුවේ, "නිව්ස්වල ඇහෙනවා, ඊට පස්සේ අපරාධකාරයෝ එළියට එනවා තමයි දකින්නේ. අපරාධ කරන අයට බේරෙන්න තියෙන දෙයක් කියලා තමයි මගේ පෞද්ගලික හැගීම," යනුවෙනි. "නීතිය දන්නේ නැහැ. නමුත් අර්ථය වැටහෙනවා. ඒ වගේම මෑතක දී මේ තරම් හෑල්ලුවට ලක්වෙච්ච් වචන දෙකක් තවත් නැතුව ඇති. වචන දෙක නිව්ස්වල දකිද්දිත් පුදුම කලකිරීමක් ඇති වෙන්නේ රට සහ නීතිය ගැන," පෞද්ගලික ආයතනයක සේවයේ නිරත අංජන පැවසුවේය. 'නිදොස් කොට නිදහස් කිරීම' යන්නේ සාමාන්‍යය අදහස විත්තිකරුගේ හෝ විත්තිකරුවන්ගේ නිර්දෝෂීභාවය අධිකරණය පිළිගැනීමය. ජූරි සභාවක් හෝ විනිශ්චයකාරවරයකුට විත්තිකරුවෙකු නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුවක් ලබා දිය හැකිය. යම් පුද්ගලයෙකු වරදකරු කිරීම සඳහා හෝ නඩුවේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මෙම තීන්දුව ගැනීමට හේතු වේ. විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමෙන් ඔහුට එරෙහිව නීතිය ඉදිරියේ ඇති සියලු වරද ඉවත් කරනු ලබයි. ජූරි සභාවකින් යම් විත්තිකරුවෙකු නිදොස් කිරීමක් සිදුවන්නේ එම සභාව අදාළ පුද්ගලයා වැරදිකරු නොවන බව සොයා ගත් විටය. නීතියෙන් නිදොස් කිරීමක් සිදුවන්නේ හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමෙනි. උදාහරණයක් ලෙස නඩුවේ මූලය නිදොස් වූ විට එයට හවුල්කාර පාර්ශවය ද නිදොස් වේ. පසුගිය දිනවල නිදොස් කොට නිදහස් කිරීම් සම්බන්ධ පුවත් නිතර ඇසෙන්නට විය. මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම දේශපාලන වේදිකාවල ද විවිධ මත ඇසෙන්නට විය. මෑතක දී නිදොස් කොට නිදහස් වූවෝ රෝහිත අබේගුණවර්ධන 2014 සිට 2016 කාල සීමාව තුළ අමාත්‍ය ධුරය දැරූ සමයේ දී අයථා ලෙස රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනා මත අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණ. මෙම නඩුව පැවැරීමේ දී සිදුව ඇති තාක්ෂණික දෝෂයක් නිසා එය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ අද (මාර්තු 19) නියෝග කළේ ය. සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු පස් දෙනෙකුට නඩු පවරා තිබිණි. මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ බී 1357/05 දරණ බී වාර්තාවේ සියලු චෝදනාවලින් සහ මඩකලපුව මහාධිකරණයේ එච්.සී.ඩී./3057/17 දරන අධි චෝදනාපත්‍ර ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු ඩී එස් සූසෙයිදාසන් ක්‍රියා කළේය. ජෝසෆ් පරරාජසිංගම් 2005 වසරේ දෙසැම්බර් මස 25 වෙනිදා වෙඩි තබා ඝාතනය කෙරිණි. වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කළේය. මහරගම ප්‍රදේශයේ පිහිටි ඉඩම් අක්කර එක හමාරක් කූඨ ලේඛන සකස් කර අත්පත් කර ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට නඩු පවරා තිබිණ. ගනුදෙනුව සිදුව ඇත්තේ 1996 වසරේදී වන අතර, නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ නඩු පැවරිය හැකි කාලාවරෝදය ඉක්මවා යාමෙන් අනතුරුව බව පෙන්වා දුන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව, නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගත් අතර, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ බිරිඳ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා 2021 මාර්තු 15 වෙනිදා නියෝග කළේය. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්රස් වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය. වසර 04 කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ තීරණය කළේ, විත්තිකරු වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා 2021 පෙබරවාරි 25 වෙනි දින නියෝග කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්දානන්ද අලුත්ගමගේය. එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා යහපාලන රජය සමයේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණි. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කළේය. එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර ය. නඩුව ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රමාණවත් නඩුකරයක් හා සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම හේතුවෙන් විත්තිකරුවන් මුදා හරින බව විනිසුරුවරිය නියෝගය නිකුත් කරමින් පැවසීය. පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබූණි. ඔහුට එරෙහිව චෝදනා ගොනු වූයේ ලක් සතොස ආයතනයෙන් රුපියල් මිලියන 5 කට අධික භාණ්ඩ මුදල් නොගෙවා ලබා ගැනීම සම්බන්ධයෙනි. සජින් වාස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට එරෙහිව ගොනුකර තිබුණු නඩුවේ තාක්ෂණික දෝෂ හේතුවෙන් එය ඉල්ලා අස් කරගැනීමට පැමිණිලිකාර අල්ලස් කොමිසම ක්‍රියා කළේය. මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ක්‍රියා කළ අවධියේ එම සමාගමට භාණ්ඩ මිල දී ගැනීමේ දී රජයට රුපියල් මිලියන 883ක අලාභයක් සිදු කර, අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි අල්ලස් කොමිසම සජින් වාස්ට එරෙහිව නඩු පවරා තිබිණි. කෙසේනමුත්, මෙම නඩුව ගොනු කිරීමේ දී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා අත්සන් කර නොමැති හෙයින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ තාක්ෂණික දෝෂයක් මතුව තිබිණි. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 189 වගන්තියට අනුව, අදාළ නඩුව ඉල්ලා අස් කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය. ඒ අනුව සැකකරු සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල 2021 මාර්තු 16 වෙනිදා නියෝග කළේය. බැසිල් රාජපක්ෂ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර සහනාධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීමේ දී රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට නඩු පවරා තිබිණි. නමුත්, 2020 වසරේ දී බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. දේශපාලනයට හා පරිපාලනයට සම්බන්ධ තවත් බොහෝ දෙනෙකු පසුගිය වසර දෙක ඇතුළත නිදොස් කොට නිදහස් කෙරිණි. දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිසම මේ අතර, 2015 ජනවාරි 8 වන දා සිට 2019 නොවැම්බර් 16 වෙනි දින කාලය ඇතුළත සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළේය. 2020 ජනවාරි 9 වෙනිදා විශේෂ ගැසට් නිවේදනයකින් මෙම කොමිසම පත්කළේය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ සෙසු සමාජිකයින් වේ. මෙම ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිලි බාර ගැනීම 2020 පෙබරවාරි 20 දින අවසන් වූ අතර, පැමිණිලි 305ක් ලැබී තිබෙන බව කොමිසමේ ප්‍රකාශකයෙකු මාධ්‍යට කියා සිටියේය. දේශපාලන පළිගැනීම්වලට අදාළ කොමිෂන් සභාවේ නිර්දේශ අතර මේ වන විටත් අධිකරණයේ පවතින නඩු හතළිස් ගණනක් ඉල්ලා අස්කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන් බොහෝ දෙනෙක් මෙම නිර්දේශ විවේචනය කර තිබිණි. නීතිය කුමක් ද? "හරයාත්මක හා කාර්යපටිපාටික නීතිය මගින් අපරාධ නඩුවක චෝදනා ඔප්පු කරන්න මාර්ගෝපදේශ සපයා තියෙනවා. ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ අපරාධ නඩුවක් විභාගයට ගැනීමේදී අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාවලිය සඳහන් කර තිබෙනවා," නීතීඥ සන්ධ්‍යා පෙරේරා පැවසීය. "සාක්ෂි ආඥාපනතේ තුන්වෙනි වගන්තියේ 'ඔප්පු කිරීම' යටතේ 'සාධාරණ විචක්ෂණ මිනිසාගේ උපමානය' අනුව යමින් නඩුවට අදාළ සාක්ෂි නැත්නම් අනුකූල කරුණක් ඔප්පු වී ඇත්ද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම ඇත්තේ විනිසුරුවෙකුට." "අපරාධ නඩුවක ආවේශ්‍ය කරගත යුතු සාක්ෂි තෝරා බේරා ගැනීම සම්බන්ධව නීති සාක්ෂි ආඥාපනතේ සඳහන් වෙනවා. සාක්ෂිවල සත්‍ය අසත්‍යතාවන් පිළිබඳව තෝරා බේරා ගැනීම සම්බන්ධයෙන් විනිසුරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා. "සාක්ෂි නොමැති වීම, සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකි වීම හෝ විවිධ තාක්ෂණික ගැටලු මත නඩු ඉදිරියට ගෙන යන්න බැරි වෙනවා. මේ වගේ අවස්ථාවල විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමක් සිදු කරන්න පුළුවන්," නීතීඥවරිය පැවසුවාය. අපරාධ නඩුවක විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ පැමිණිලි පාර්ශවය වෙතය. අපරාධ නඩුවක විත්තිකරුට එරෙහිව නඩු විභාගය ඇරඹෙන්නේ අහිංසකභාවයේ පූර්ව නිගමනයට (Presumption of innocence) අනුවය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම අයිතිය සහතික කර තිබේ. යම් පුද්ගලයෙකු නොකළ වරදකට දඬුවම් විඳීම වැළක්වීම මෙහි අරමුණ වී තිබේ. විත්තිකරුගේ වරදකාරීත්වය පිළිබඳව කිසිදු සාධාරණ සැකයක්, සාධාරණ මිනිසෙකුගේ මනසේ ඇති විය නොහැකි තරම් දුරට සාක්ෂි මගින් අදාළ චෝදනාව සනාථ විය යුතුය. "නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් දේශපාලනිකව සිදුවන දේ ගැන හුඟක් අයට සෑහෙන විවේචන තියෙනවා. නමුත් නීතිමය ක්‍රියාදාමය සිදුවන්නේ සාක්ෂි, අණ පනත්වලට අනුව. රටේ සාමාන්‍ය දේශපාලනික ක්‍රියාකලාපය ගැන අපි හැමෝටම මතයක් තිබෙනවා, ඉතින් ඒ අනුව මේ සිද්ධීන් ගැන තේරුම් ගැනීම තම තමන්ගේ බුද්ධියට බාරයි," දිගින් දිගටම සිදුවන නිදොස් කොට නිදහස් කිරීම් ගැන සිය මතය ඉදිරිපත් කළ නීතීඥ සන්ධ්‍යා පෙරේරා පැවසීය. මේ තොරතුරුද කියවන්න: | නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද? පුද්ගලයන් තිදෙනෙකුට මම එකම ගැටලුව ඉදිරිපත් කළෙමි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තායි බලධාරීන්ට මෙම පියවර ගැනීමට සිදු වූයේ ඡන්ද අපේක්ෂකයන් ලියාපදිංචි කැරෙන මධ්‍යස්ථාන වලට ඇතුළු විය නොහැකි වන පරිදි උද්ඝෝෂකයන් මඟ ඇවිරීමෙන් අනතුරුවයි. සති කිහිපයක් තිස්සේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දියත් වීමෙන් අනතුරුව යළි මැතිවරණයක් පැවැත්වීමට තායි අගමැතිවරිය තීරණය කළාය. ලබන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත මෙම මැතිවරණය වර්ජනය කරන බවයි විරුද්ධ පක්ෂ පවසන්නේ. | බැංකොක් නුවරදී උද්ඝෝෂකයකු වෙඩි තබා මරා දමා ඇති අතර තායිලන්තයේ දකුණු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඡන්ද අපේක්ෂකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු අත්හිටුවා තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පුද්ගල ඡායාරූප අංශයේ හොඳම ඡායාරූපය ලෙස වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වූයේ බ්‍රිතාන්‍යය ජාතික නික් ඩොල්ඩින්ග් ලබා ගත් ඉහත දැක්වෙන ඡායාරූපයයි. මෙම තරඟයේ සියලු ජයග්‍රාහකයින් අප්‍රේල් 19 වෙනිදා පැවැත්වීමට නියමිත 'වසරේ නිදහස් ඡායාරූප ශිල්පියා' තරඟයට ඉදිරිපත් වනු ඇත. "මෙම තරඟය ඡායාරූප ශිල්පීන් අතර බොහොම ජනප්‍රියයි. ඒ ඇයි කියල තේරුම් ගන්න අමාරු නැහැ" යනුවෙන් සංචාරක අංශයේ ජයග්‍රාහකයා වන මිකෙල් බීටර් පැවසුවේය. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ නොර්වේ ලොෆෝටන් ආර්කිපෙලැගෝ (Lofoten Archipelago) ප්‍රදේශයේ දර්ශනයකි. "අලංකාර ඕල්ස්ටින්ඩේන් කන්ද කහ පාට හුරුබුහුටි කුඩා නිවසේ වහලයේ හැඩයට සමානයි. හිමෙන් වැසුන කන්ද නිසා කහ පාට හොඳින් කැපී පෙනෙනවා. මේ පිංතූරය සංස්කරණය කරන විට වම් පස තිබුණ කුඩා නිවාස මම ඉවත් කළා. ලයිට්රූම් සහ ෆොටෝෂොප් (Lightroom and Photoshop) භාවිතා කර පාට තුලනය කිරීම් සහ තියුණු කිරීම් කළා." යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය. 'වැඩි දියුණු කරන ලද ඡායාරූප' අංශයේ ජය හිමි වූයේ ඉහත දැක්වෙන ඡායාරූපය ලබා ගත් ක්ලෝස් ලෙන්සෙන්ටය. බටහිර ජර්මනියේ ඩසල්ඩොෆ් නුවර වරායේ පිහිනුම්කරුවන් තිස්පස් දෙනෙකුගේ තනි ඡායාරූපවල එකතුවකින් මෙම කණ්ඩායම් ඡායාරූපය නිර්මාණය කර ඇත. 2017 සරත් සෘතුවේ දී ලබා ගත් මෙය නම් කර ඇත්තේ 'ඔබ ගන්නා සෑම හුස්මක්ම' ලෙසිනි. සිසිර සෘතුවේදී බල්ගේරියාවේ ජාතික උද්‍යානයක ගස් පෙළක දර්ශනයක් වන මෙය 'උද්‍යාන සහ ස්වභාවධර්මය' අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. මෙය වෙසෙලින් අටනාසොෆ්ගේ කැමරාවේ සටහන් වූ ඡායාරූපයකි. ඉහත දැක්වෙන්නේ රිචඩ් ෆ්රීෂ්මෑන්ස් ලබා ගත් 'නිසල ජීවීන්ගේ ඡායාරූප' අංශයේ ජයග්‍රාහී ඡායාරූපයය. මෙහි දර්ශනය වන්නේ 'ජෙරී මික්සෙකා' ආපනශාලාවේ ඉරිදා දින බුෆේ ක්‍රමයට පිළියෙළ කරන ලද ආහාර වර්ගය. "සත්ත්ව දඩයමට ඉතා ප්‍රසිද්ධ ටෙක්සාස් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක දහවල් ආහාරය ගැනීමට ස්ථානයක් සොයමින් යන විට, මම මේ දුටු දර්ශනයෙන් පුදුමයට පත් වුණා" යැයි රිචඩ් පැවසුවේය. ෆජාර් ක්රිස්ටිආන්ටෝ ලබා ගත් මෙම ඡායාරූපය 'චංචල ඡායාරූප' අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. මෙහි පසුබිමෙන් දැක්වෙන්නේ ජකර්තා නුවර අලුතෙන් ඉඳි කළ පිහිනුම් තටාක සහිත ක්‍රීඩාංගණයකි. 'සංස්කෘතිය විදහා දක්වන ඡායාරූප' අංශයේ ජයග්‍රහණය ග්‍රීක ඡායාරූප ශිල්පී පැනොස් ස්කෝදාස්ට හිමි විය. හරක් හිසකින් සහ සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසුණ පැනොස්ගේ පුතා මෙම ඡායාරූපයේ දැක්වේ. "ක්‍රෙට් දූපතේ පිහිටි මිනොස් රජුගේ සත්‍යය මාළිගාවේ තමයි මේ පිංතූරය ලබා ගත්තේ. ඇඳුම් සහ වෙස් මුහුණ නිර්මාණය කළේ මම විසින්මයි," යනුවෙන් පැනොස් පැවසුවේය. "සේකුවා (Sequoia) සත්වෝද්‍යානයෙන් පිටත් වීමට සැරසෙන විට මගේ ඇස් අඟින් දුටුවා මීදුම අතරින් කිසියම් දෙයක් මතු වෙනවා," යනුවෙන් ජුස්ටුනා පැවසුවාය. ඇය 'වනසත්ව ඡායාරූප' අංශයේ ජයග්‍රාහිකාව වේ. "වැඩිය සිතන්නේ නැතුව, මම කැමරාව අරන් ඒ දෙසට දිව්වා. මම මීදුම අතරට යන කොට, මට අතු කැඩෙන ශබ්දයක් ඇසුනා. සේකුවා සත්වෝද්‍යානය කළු වලසුන්ගේ නිවහනක් නිසා ඊට ඇතුළු වන සෑම දෙනාටම මේ ගැන අනතුරු අඟවා තිබෙනවා. ඒ නිසා මටත් බිය දැනුනා." "මම හැරී බලන විට වාසනාවට එතන වලසෙක් සිටියේ නැහැ. ඒ වෙනුවට දුටුවේ පුදුමෙන් වගේ මා දෙසට ඇවිද එන 'මූල්' වර්ගයේ මුවෙක්. ටික වෙලාවකින් තව මුවන් එතනට එකතු වුණා. අපි ටිකක් වෙලා හිටගෙන එකිනෙකා දිහා බලාගෙන සිටියා" "මගේ කැලිෆෝනියානු සංචාරයේ සුන්දරම මතක සටහනක් එය," යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය. 'පැරණි යහළුවන්' ලෙස නම් කළ ඉහත ඡායාරූපයේ හිමිකරු මැනුඑල් ආර්මේනිස්ය. මෙය 'වීදි ඡායාරූප' අංශයේ හොඳම ඡායාරූපය ලෙස තේරී පත් විය. ජර්මනියේ හැම්බර්ග් නුවර වීදියක ලබා ගත් මෙම ඡායාරූපය පිළිබද අදහස් දක්වමින් ආර්මේනිස් පවසා සිටියේ, "මහලු වුවත් මේ පිංතූරයේ සිටින කාන්තාව තමයි ඇයගේ අසල්වැසියන් අතර සිටින වඩාත්ම සුන්දර කාන්තාව" යනුවෙනි. "ඇය නිතරම හොඳට ඇඳ පැළඳගෙන සිටිනවා. ඉතා අධිෂ්ඨානශීලීයි, නිතර සිනාසෙනවා, සෑම දිනක්ම ඇයට වෙහෙසකර අභියෝගයක් වුවත්, කිසි දවසක දුක්ගැනවිලි කියන්නේ නැහැ. ඒ වගේම ඇය නිතරම සිටින්නේ හොඳම මිතුරා වන පුංචි බලු පැටවා සමග," යනුවෙන් ඔහු තව දුරටත් පැවසුවේය. 'ගොඩනැඟිලි ඡායාරූප' අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත් ඉහත දැක්වෙන ඡායාරූපය 'මිනිසා සහ ගුප්ත කුලුන' ලෙස නම් කර ඇත. ඡායාරූපයේ හිමිකරු අන්ද්රියාස් පෝල්ය . එහි දැක්වෙන්නේ 1930 වසරේදී බර්ලින් නුවර ගොඩනගා ඇති කුලුනකි. සියලු ඡායාරූපවල හිමිකම් සෝනි ලෝක ඡායාරූප ප්‍රදර්ශනය සතුය. මේ තොරතුරුද දැනගන්න: | සෝනි (Sony) සමාගම වාර්ෂිකව පවත්වන ලෝක ඡායාරූප ප්‍රදර්ශනයේ, 'නිදහස් ඡායාරූප' අංශයේ ජයග්‍රාහකයින් සහ ඔවුන්ගේ ඡායාරූප මෙසේ ඉදිරිපත් කර සිටින්නෙමු: |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ හේතුව කීපදෙනෙකුගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ තමන්ට කෙටි පණිවිඩ, ඊ මේල් සහ කට කතා ඔස්සේ දැනගැනීමට ලැබුණු කරුණු මත එම තීරණවලට එළැඹුණු බවය. "මම වැක්සීන් එක ගන්නේ නැහැ කියලා තීරණය කළා. මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් සෑහෙන තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම වඳභාවය ඇති වෙනවා වගේ දේවල්. මම වැඩ කරන්නේ සෞඛ්‍ය අංශයේ. ළඟදී විවාහ වෙන්න ඉන්න නිසා මට ඇත්තටම බය හිතුණා," කොළඹ රජයේ රෝහලක රැකියාවේ නිරත 24 හැවිදිරි කාන්තාවක් පැවසීය. ඇය සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ කෝවිඩ් එන්නත සම්බන්ධයෙන් සමාජයේ පැතිරී ඇති මිත්‍යා මත පිළිබඳ බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය. "කෝවිඩ්-19 එන්නත් හා සම්බන්ධ මිථ්‍යාවන් බොහෝමයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාප්ත වී ඇති බව පෙනෙනවා. සමහරු මිත්‍යාවන් පතුරවන්නේ එන්නත් පිළිබඳ අවබෝධයක් නැති නිසායි. නමුත් සමහරු මිත්‍යා මත පතුරන්නේ එන්නත ගැන අනවශ්‍ය බියක් ඇති කරවීමට හෝ එන්නත් කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කිරීමේ චේතනාවෙන්. මම හිතන්නේ සමහර පුද්ගලයින් මේ වගේ මිත්‍යා මත පතුරන්නේ එයින් එන්නත් කිරීමේ වැඩසටහනට සිදුවන හානිය ගැන සිතා බලලා නෙමෙයි," මහාචාර්යවරිය පැවසීය. මිත්‍යාවක්! වැදෑමහ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන එන්නතේ අඩංගු නිසා එයින් සරුභාවයට තර්ජන එල්ල වන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරක් සංසරණය වේ. එම ප්‍රෝටීන ඇතුළුවීමත් වීමත් සමග ප්‍රතික්‍රියා දක්වන ශරීරය වැදෑමහට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බවට එම පුවත්වල වැඩිදුරටත් සඳහන් වේ. මෙය අසත්‍යය තොරතුරකි. එන්නතෙහි ඇති ප්‍රෝටීන වැදෑමහ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීනවලට යම් තරමක් සමාන වන නමුත් එය ශරීරය ව්‍යාකූල කිරීමට තරම් ප්‍රමාණවත් නොවේ. එන්නත පුද්ගලයෙකුගේ සරුභාවයට බලපාන බවට "පිළිගත හැකි ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක්" නොමැති බව ලන්ඩන් කිංග්ස් විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ මහාචාර්ය සහ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ ප්‍රකාශක මහාචාර්ය ලුසි චැපල් පැවසීය. වෛරසයේ වඩාත් සුවිශේෂී කොටස් වටා එන්නත නිර්මාණය කර ඇත්තේ එය ශරීරයට ඇතුළු වූ පසු වෛරසය පමණක් හඳුනා ගැනීම තහවුරු කිරීම සඳහාය. මහාචාර්ය ලුසි චැපල් පවසන්නේ, අදාළ ප්‍රෝටීනවල යම් සමානකම් ඇති නමුත් එයින් "කිසිවක් අදහස් නොකෙරෙන" බවය. සොබාදහමේ විවිධ ස්ථානවල ද සමාන ප්‍රෝටීන විශාල ප්‍රමාණයක් පවතින අතර, ඒවායේ ප්‍රමාණය සහ අනුක්‍රමය අනුව සුවිශේෂී තත්ත්වයක් ලැබෙන බව ඇය පැවසීය. "පදනම් විරහිතයි" "කෝවිඩ්-19 එන්නතේ නිෂ්පාදනය වාර්තාගත වේගයකින් සිදු වුණා. මෙය සිදු කරන්න පුළුවන් වුණේ විද්‍යාඥයන්, තීරණ ගැනීමේ ආයතන, රජයන්, අරමුදල් සම්පාදකයින් සහ එන්නත නිෂ්පාදකයින්ගේ කැපවීමේ එකතුවකින්. කෝවිඩ්-19 නිසා ඇති වූ විනාශය නිසා ලෝකයේ පළමු වතාවට සෑම දෙනාම එක් හේතුවක් සඳහා වැඩ කිරීමට එකට එකතු වුණා" යැයි නීලිකා මලවිගේ පැවසීය. "කෝවිඩ්-19 ජය ගැනීමට එන්නත වේගයෙන් සංවර්ධනය කළත්, එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් කෙටි මං භාවිත කරලා නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ නියාමන ආයතන නිරීක්ෂණය කරන වැදගත්ම අංගයත් එන්නතේ ආරක්ෂාවයි. ආසාදනය වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ටත් එන්නත් ලබා දෙනවා. දැනට අනුමත වී ඇති කෝවිඩ්-19 එන්නත්වලින් වඳභාවය ඇති විය හැකියි කියන දේ මිත්‍යාවක්. ඒක කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ. යම් පුද්ගලයෙක් එවැනි කතාවක් හැදුවේ කොහොම ද කියන එක වටහා ගන්න අපහසුයි. එය නියත වශයෙන්ම පදනම් විරහිත සහ සත්‍යතාවයක් නොමැති දෙයක්," මහාචාර්යවරිය තවදුරටත් කරුණු පැහැදිලි කළාය. එන්නත ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? කොරෝනාවෛරසයේ සුවිශේෂී "උල් හැඩති කොටසේ" කුඩා සහ හානිකර නොවන කැබැල්ලක් නිෂ්පාදනය කිරීමට ඉඩ සලසමින් ශරීරය වෙත 'සැලැස්මක්' යැවීම මෙම එන්නත ක්‍රියාකාරී වීමෙන් සිදු වේ. මෙමගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාශීලී වීමට පොළඹවන අතර, වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු නිපදවයි. එමෙන්ම වෛරසය නැවත හමු වුවහොත් එය හඳුනා ගනී. මෙයින් ඔබට වෛරසය ලබා නොදෙන අතර, ජානමය තොරතුරුවලට බලපෑම් එල්ල කිරීමේ ක්‍රමයක් ද නොමැත. "පණිවිඩකරුවෙකු ලෙස ක්‍රියාකරන මෙම අංශුවල" පැවැත්ම අතිශයින්ම කෙටිකාලීනය. ඒවා ශරීරයට පණිවුඩය ලබා දුන් පසුව විනාශ වේ. විශේෂයෙන්ම ෆයිසර් එන්නත ඉතා ප්‍රවේසමෙන් ගබඩා කළ යුත්තේ ද මේ හේතුවෙනි. එන්නතේ අඩංගු ජානමය ද්‍රව්‍ය විනාශ වී ඉතා පහසුවෙන් නිෂ්ඵල වීමට ඉඩ ඇත. ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යා මහාචාර්ය නිකොලා ස්ටෝන්හවුස් පැවසුවේ ඉහත ක්‍රියාදාමය ප්‍රජනන සෞඛ්‍යයට බලපෑමක් ඇති කළ හැකි යැයි සිතිය නොහැකි බවය. "සමහරු මිත්‍යාවන් පතුරවන්නේ එන්නත් පිළිබඳ අවබෝධයක් නැති නිසායි" "මට මැසේජස් ආවා වැක්සීන් එක ගන්න එක හොඳ නැහැ කියලා තරුණ අයට. මම දන්නවා බොරු දේවල් පැතිරෙනවා කියලා. නමුත් හිතේ මහා බයක් ඇති වුණා. ඒක නිසා ගත්තේ නැහැ. මම සෞඛ්‍ය අංශයේ වැඩ කරන්නේ. මාත් එක්ක හිටිය තරුණ ගැහැණු පිරිමි ගොඩක් මේ විදිහට ප්‍රතික්ෂේප කළා. අපිට කළමනාකාරීත්වයෙන් පෞද්ගලිකව ඉල්ලීම් කළා. අනික් අය සෑහෙන බැන්නා ආත්මාර්ථකාමී අය කියලා. ඒත් හිතේ බය ඔය ඔක්කොටම වැඩියි," යැයි තවත් රජයේ රෝහලක 28 හැවිදිරි සේවිකාවක පැවසුවාය. ඇය මෙම මිත්‍යා මතය දැඩි ලෙස විශ්වාස කරන බව කතා බහේ දී හැඟුණි. සාක්ෂි මොනවා ද? එන්නත සරුභාවය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිද යන්න "නොදන්නා" බව සඳහන් කරන ලද එක්සත් රාජධානියේ රජය ප්‍රකාශයට පත් කළ වාර්තාවක් ද වට්ස් ඇප් සහ ෆේස්බුක්වල සංසරණය වේ. මෙය එන්නත සොයාගත් මුල් කාලයේ ප්‍රකාශයට පත් වූවකි. පසුව එය යාවත්කාලීන කර තිබෙන අතර, ප්‍රජනන පදධතියට කිසිදු හානිකර බලපෑමක් සත්ත්ව අධ්‍යයනයන් මගින් නොපෙන්වන බව සඳහන් කර තිබේ. මෙම ව්‍යාකූලත්වයට තවත් එක් හේතුවක් වන්නේ විද්‍යාඥයන් කරුණු විස්තර කරන ආකාරය සහ එදිනෙදා ජීවිතයේදී අප බොහෝ දෙනා ඒවා තේරුම් ගැනීම අතර වෙනසය. විද්‍යාඥයන් "කිසිදු සාක්ෂියක් නොමැති" යැයි පවසන විට ඔවුන් අදහස් කරන්නේ මෙම විශේෂිත එන්නත පිළිබඳ දීර්ඝ කාලීන අධ්‍යයනයක් කර නොමැති බවය. නමුත් මේ ගැන කිසිදු තොරතුරක් නොමැත යන්න එයින් අදහස් නොවේ. උණ රෝගයට ලබා දෙන එන්නත ඇතුළු අනෙකුත් සජීවී නොවන වෛරස් එන්නත්වලින් සරුභාවය කෙරෙහි කිසිදු බලපෑමක් නොමැති බවත්, ඒවා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව සහ ගර්භණී සමයේදී පවා භාවිත කිරීමට නිර්දේශ කරන බව මහාචාර්ය ලුසි චැපල් පැවසීය. මේ තොරතුරුද කියවන්න: | කෝවිඩ් එන්නත හේතුවෙන් 'වඳ වෙන' බවට සමාජ මාධ්‍යවල සංසරණය වන විවිධ ව්‍යාජ ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් කොටසක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගන්නට ලැබිණි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවට පැමිණියේ එල්ටීටීඊය නිරායුධ කර සාමය ස්ථාපනය කිරීමට ය. නමුත් සිදු වූයේ වෙනත් දෙයකි "පලාතම වෙනස් වෙලා" "මම කවදාවත් හිතුවේ නැහැ ආපහු ලංකාවට ඒවි කියල." පලාලි ගුවන් හමුදා කඳවුර පුරා පවතින හරිත කලාපයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට දෙනෙත් යොමු කරමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් ශියෝනන් සිං දොඩමළු විය. ශ්‍රී ලංකා යුද හමුදා සොල්දාදුවෝ මදක් ඈතින් සිට අප දෙස බලා සිටිති. "පලාතම වෙනස් වෙලා. අලුත් ගේට්ටු. ආරක්ෂිත දඟර කම්බි. අලුත් ඉදිකිරීම් ඇවිල්ල." ඈතින් පෙනෙන වැට හරහා ඔහුගේ දෙනෙත යොමු වී තිබුණේ ගුවන් යානයකින් තමන් ඇතුළු සිය ගණනක් ඉන්දීය භටයන් බිමටබට ස්ථානයටයි. ඒ 1987දී ය. ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවට පැමිණියේ එල්ටීටීඊය නිරායුධ කර සාමය ස්ථාපනය කිරීමට ය. නමුත් සිදු වූයේ වෙනත් දෙයකි. තම හමුදාව ඉදිරියේදී මුහුණ දීමට යන අනතුර පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත සාම සාධක හමුදාව සමඟ එල්ටීටීඊය සටනකට අවතීර්ණ විය. සාම සාධක හමුදාවේ භටයන් 1200කට ජීවිත අහිමි විය. ජීවිත අහිමි වූ ඉන්දීය භටයන් සිහි කිරීම සඳහා ඉදි වූ ස්මාරකයක් පලාලි කඳවුරේ පවතී. ගැටුම් සහිත ඒ දෙතිස් මාසය පුරාම මේජර් ජෙනරාල් ශියෝනන් සිං ද මේ භූමියේ මෙහෙයුම් දියත් කළේය. "අපි ගොඩ බැහැපු ගමන් ලංකාවේ හමුදා භටයෝ අවි බිම තිබ්බ. ඔවුන් හිතුවේ අපි පහර දීමට පැමිණියා කියල. අපි ඔවුන්ට අතට අත දීල කිව්වා අපි ආවේ සාම මෙහෙයුමකට කියල," මේජර් ජෙනරාල් සිං අතීතය සිහිපත් කළේය. තම හමුදාව ඉදිරියේදී මුහුණ දීමට යන අනතුර පිළිබඳව ශ්‍රී ලංකාවේ භූමියට ගොඩ බැසීමට පෙර කිසිදු දැනුවත් කිරීමක් තමන්ට නොලැබුණු බවත් භූ සිතියමක් හෝ බුද්ධි තොරතුරු සේවාවක් තමන් සතුව නොපැවතුණු බවත් ඔහු පැවසීය. "ගැළවුම්කාරයා" "සාම සාධක හමුදාව ආවම ලංකාවේ දෙමළ ප්‍රජාව හිතුවේ ඔවුන් අපේ ගැළවුම්කාරයා කියල" -එන් පරමේස්වරන් එන් පරමේස්වරන් එවකට (1987 දී) සරසවි සිසුවෙකි. "සාම සාධක හමුදාව ආවම ලංකාවේ දෙමළ ප්‍රජාව හිතුවේ ඔවුන් අපේ ගැළවුම්කාරයා කියල. ඔවුන් සාදරයෙන් පිළිගත්තා. දෙමළ මිනිස්සුන්ට දැනුනේ ඔවුන් ශ්‍රී ලංකා හමුදාවෙන් නිදහස් වුනා වගේ." පරමේස්වරන් ප්‍රකාශ කළේය. සිංහල බහුතරයෙන් කොන්වී සුළුතර දෙමළ ප්‍රජාවට දැනුණේ තමන් සිංහල බහුතරයෙන් කොන්වී ඇති බවකි. රාජ්‍ය භාෂාව සිංහල පමණක් කරමින් පනතක් සම්මත වීම රාජ්‍ය සේවයේ නියුතු දෙමළ ජාතිකයන්ට සහ සාමාන්‍ය ජන ජීවිතයට තර්ජනයක් විය. එමෙන්ම දෙමළ ප්‍රජාවට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා ද දියත් විය. 1983 දී දියත් වූ ප්රහාරයන්ට ගොදුරු වීමෙන් 3000ක් පමණ දෙමළ ජාතිකයන් මරණයට පත්විය. ජීවිත අහිමි වූ ඉන්දීය භටයන් සිහි කිරීම සඳහා ඉදි වූ ස්මාරකයක් පලාලි කඳවුරේ පවතී. විශ්‍රාමික මේජර් ජෙනරාල් ශියෝනන් සිං, මියගිය සගයන්ට සිය ගෞරවය පුද කරමින් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය දියත්වෙමින් පවතිද්දී ඉන්දියාවේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් වූ දෙමළ ජනතාව එල්ටීටීඊය දෙස බැලුවේ අනුකම්පා සහගත හැඟීමකිනි. ලංකා භූමියට ඉන්දීය භටයන් රැගෙන ඒම සඳහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනපති ජේ ආර් ජයවර්ධන අතර ගිවිසුමක් ඇතිවීමට එම වාතාවරණය පසුබිම් විය. ශ්‍රී ලංකාවේ ඇතැම් මැති ඇමතිවරුන් ඇතුළු බොහෝ ශ්‍රී ලාංකිකයන් එම ගිවිසුම පිළිබඳව සතුටු වුයේ නැත. ඔවුන් එය දුටුවේ බලවත් රාජ්‍යයක් අසල්වැසි කුඩා රාජ්‍යයක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් ලෙසිනි. සාප්පු සවාරි කෙසේ නමුත් සාම සාධක හමුදාව ලංකාවේ උතුරුකරයේ ස්ථාපනය වීමත් සමඟ ශ්‍රී ලංකා හමුදාව ටිකෙන් ටික එම පලාතෙන් ඉවත් වෙන්නට පටන් ගත්හ. ඉන්දීය හමුදා භටයන් සිතුවේ තමන්ගේ සාම මෙහෙයුම දෙමළ ජනතාවට සහනයක් වනු ඇති බවය. යුද වැදීමට ඔවුන් සිතුවේ නැත. ඉන්දීය භටයන්ගේ සාප්පු සවාරි පිළිබඳව අසන්නට ලැබුණු කතා එමටය. ඉන්දියාවේ දී ඔවුනට මිලදී ගත නොහැකි ඉලෙක්ට්‍රොනික උපකරණ කෙරෙහි ඔවුහු වැඩි කැමැත්තක් දැක්වූහ. "ඔවුන් අපේ කඳවුරු තුළට නිතර ආව ගියා. ඒ අය අපේ කඳවුරු තුළ පවතින සැලැස්ම හොඳින් දැනගත්ත. අපට පහර දෙන කොට ඒ දැනුම ඔවුන්ට විශාල පිටුවහලක් වුනා" "අපේ හමුදා බල ඇණි බොහොමයක් මෙහෙට ආවේ පතුරම් නොමැතිව. සාම මෙහෙයුමකට ඒවා ඕන වෙන එකක් නැහැ කියල හැමෝම හිතුවේ," ශියෝනන් සිං පැවසීය. මුලදී සාම සාධක හමුදාව සහ එල්ටීටීඊ ය අතර යහපත් සබඳතාවක් පැවතුණි. වසර ගණනාවක පටන් ඉන්දියාව එල්ටීටීඊ භටයන් පුහුණු කළේය. "එල්ටීටීඊය අපට හිනා වෙයි" "ඔවුන් බොහොමයක් දෙනා අපේ නියෝජිත ආයතන මගින් පුහුණුව ලැබූ අය නිසා අපව හොඳින් අඳුනනවා. ඒ නිසා ඔවුන් අපේ කඳවුරු තුළට නිතර ආව ගියා. ඒ අය අපේ කඳවුරු තුළ පවතින සැලැස්ම හොඳින් දැනගත්ත. අපට පහර දෙන කොට ඒ දැනුම ඔවුන්ට විශාල පිටුවහලක් වුනා." ශියෝනන් කියා සිටියේය. ඒ වනවිට පැවති නවීන අවි සහ සන්නිවේදන උපකරණ එල්ටීටීඊ ය සතුව පැවතුණි. "ඔවුන්ගේ අවි ආයුධ අපේ ඒවාට වඩා ඉතාම නවීනයි. අපි අපේ ආයුධ ඔවුන්ට නොපෙනෙන්න සඟවා තබන්න වග බලා ගත්ත. නැත්නම් ඔවුන් අපට හිනා වෙයි. අපේ රේඩියෝ පණිවිඩ යන්ත්‍රවල දුර පරාසය කිලෝ මීටර 10යි 15යි. එල්ටීටීඊ යේ ඒවා කිලෝ මීටර 40ක් 45ක් දුරට වැඩ කරනවා." ශියෝනන් කීවේය. "අපේ හමුදා බල ඇණි බොහොමයක් මෙහෙට ආවේ පතුරම් නොමැතිව. සාම මෙහෙයුමකට ඒවා ඕන වෙන එකක් නැහැ කියල හැමෝම හිතුවේ" කෙසේ හෝ ප්‍රශ්න මතුවෙන්නට පටන් ගෙන ඇත්තේ එල්ටීටීඊය අවි බිම තැබීම ප්‍රතික්ෂේප කළ මොහොතේ පටන් ය. එවැනි පසුබිමක් යටතේ ඉන්දීය සාම සාධක හමුදාව එල්ටීටීඊයට එරෙහිව ගරිල්ලා යුද්ධයක් කරා ටිකෙන් ටික තල්ලු විය. 1987 ඔක්තෝම්බර් මාසය වන විට, එල්ටීටීඊ යේ බලකොටුව වූ යාපනය අල්ලා ගැනීම සඳහා ඉන්දීය සාමසාධක හමුදාව මෙහෙයුමක් දියත් කළේය. තුන් පැත්තකින් වෙඩි මෙහෙයුම ආරම්භවීමට නියමිතව තිබුණේ යාපනේ විශ්වවිද්‍යාල භූමියෙනි. ඉන්දීය හමුදාව තම කඳවුර මායිමේ වූ වන ලැහැබ එළිපෙහෙළි කරන්නට පටන් ගත්හ. අද එම භූමියේ නව ඉදිකිරීම් කිහිපයක් පවතී. "අවුරුදු තිහකට ඉස්සර මේක මූකලානක්. එදා තිබුණු පඳුරු, ගහකොළ ඔක්කොම අද නැහැ." වට පිට බලමින් ශියෝනන් කීවේය. මෙහෙයුම ආරම්භවීමට නියමිතව තිබුණේ යාපනේ විශ්වවිද්‍යාල භූමියෙනි කෙසේ නමුත් ඉන්දීය භටයන්ගේ සැලැස්ම ගැන එල්ටීටීඊයට කල්තියා තොරතුරු ලැබුණි. ඉන්දීය භටයන් මෙහෙයුම ආරම්භ කිරීමට පෙර එල්ටීටීඊය පලාලි කඳවුර තුන් පැත්තකින් වටලා පහර දෙන්නට පටන් ගත්හ. "අර පේන වතුර ටැංකියට එහා තියෙන බිල්ඩිම පැත්තෙන් අපිට වෙඩි ප්‍රහාරයක් එල්ල වුනා." ශියෝනන් පැවසුවේ ඒ දෙසට ඇඟිල්ල දිගු කරමිනි. ඉන්දීය භටයන් ප්‍රතිප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ එල්ටීටීඊයේ ප්‍රහාරය තවත් දරුණු විය. මේජර් ජෙනරාල් ශියෝනන් සිං, සිය භට පිරිවර සමඟ අවට තිබූ මංමාවත් වෙත දිව ගියේය. ඔවුහු අසල්වාසී නිවෙස් තුළට කඩා වැදුනි. නිවෙස් තුළ සිටියවුන් කාමරයකට දමා දොරගුළු ලා ඉන්දීය භටයෝ එම නිවෙස් තුළ ස්ථානගත වුහ. "කකුල් දෙක වෙන්වුනා" පැය 24ක් පුරා සටන පැවතුණි. ඉන්දීය සාම සාධක හමුදාවට සොල්දාදුවන් 36ක් අහිමි විය. "මුලින්ම වෙඩි වැදිලා මරණයට පත්වුණු මගේ සොල්දාදුවා තමයි ලක්ෂ්මි චාන්ද්. ඒ වෙලාවේ ලංකාවේ හමුදාව හෙලිකොප්ටර්වලින් ඇවිත් වෙඩි තියල අපට සහයෝගය දුන්න. ඒත් අපි ස්ථානගත වුණු එක් නිවසක් මතට එක පාරටම බෝම්බයක් වැටුන. ඒ බෝම්බෙන් උමේෂ් පාන්ඩේ මැරුණා." ශියෝනන් සිං අතීතය සිහිපත් කරමින් කියා සිටියේ එම බෝම්බය පතිත වූ ස්ථානය නිශ්චිතව පෙන්නුම් කරමිනි. "අවුරුදු තිහකට ඉස්සර මේක මූකලානක්. එදා තිබුණු පඳුරු, ගහකොළ ඔක්කොම අද නැහැ" "ගංගාරාම්ගේ කකුල් දෙක වෙන් වුනා. ලේ ගලලා වැඩිවෙලා එතනම මියගියා." ඔහු පැවසීය. වෙඩි වැදී සිදුරු වුණු ගේට්ටුවක් තවමත් එහි දක්නට ඇත. ඒ සටනේ බිහිසුණු බව එහි සටහන්ව තිබේ. යාපනේ ප්‍රදේශය අවට අපි සංචාරය කළෙමු. ඒ සෑම තැනකම පාහේ සිදු වූ යමක් විස්තර කිරීමට හැකි තරමට ශියෝනන්ගේ මතකය තවමත් අලුත් ය. යාපනේ අද තත්වය ඔහු තම කැමරාවට හසුකර ගත්තේ එදා ඔහු සමඟ මේ භූමියේ සටන් කළ සගයන්ට පෙන්වීමට ය. "මෙන්න මේවා ගැනයි අවුරුදු තිහකට කලින් අපට හිතන්න තිබුණේ." ඔහු මුමුනමින් තවත් ඡායාරූපයක් සටහන් කර ගත්තේය. ස්ත්‍රී දූෂණ කෙසේ නමුත් ඉන්දීය සාම සාධක හමුදාවේ ආගමනය පිළිබඳව අඳුරු පැතිකඩක් ද වෙයි. ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවේ දී ස්ත්‍රී දූෂණ, වධ හිංසා පැමිණවීම් සහ මනුෂ්‍ය ඝාතන සිදු කළ බවට බරපතළ චෝදනා එල්ල විය. ඔහු සමඟ එවකට සේවය කරමින් සිටි තම සමීපතයන් ගැන සිහිපත් කරද්දී දේවේන්ද්‍රම්ගේ නෙතගින් කඳුළු රූටන්නට විය 1987 ඔක්තෝම්බර් 21 වැනිදා සිදු වූ කුරිරු සිද්ධියක් ප්‍රදේශවාසීහු විස්තර කළහ. දෙමළ සමාජ ක්‍රියාධරයෙකු කියා සිටියේ, එදින එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් ඉන්දීය හමුදා භට පිරිසකට, යාපනේ රෝහල තුළ සිට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලද බවය. මෙය ප්‍රතිප්‍රහාරයක් ඇතිකර ගැනීම සඳහා උපාය මාර්ගයක් ලෙස සාමාන්‍යයෙන් සිදුකෙරෙන පහර දීමක් බව ඔහු පවසයි. මෙවැනි ප්‍රහාරයකින් අනතුරුව සාමාන්‍ය ජනතාව අතරට මිශ්‍ර වන එල්ටීටීඊ ගරිල්ලා සටන්කරුවන් වෙන් කර හඳුනා ගැනීමට ඉන්දීය හමුදාවට නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති. අනතුරුව ඉන්දීය සාම සාධක හමුදාව විසින් බර අවි යොදා ගනිමින් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන ලද බවටත්, ඊට ගොදුරු වී වෛද්‍යවරුන් සහ රෝහල් සේවක සේවිකාවන් ඇතුළු 60 දෙනෙකු පමණ මිය ගිය බවටත් චෝදනා එල්ල වෙයි. දේවේන්ද්‍රම් (වමේ) සමඟ විශ්‍රාමික මේජර් ජෙනරාල් ශියෝනන් සිං එම ප්‍රහාරයෙන් මිය ගිය බව පැවසෙන රෝහල් සේවක සේවිකාවන්ගේ ඡායාරූප තවමත් එම රෝහලේ බිත්තියක ප්‍රදර්ශනය කර තිබේ. ඒ අවාසනාවන්ත දවසේ රෝහලේ සේවය කරමින් සිටි දේවේන්ද්‍රම් අපට හමුවිය. "මම දුවල ගිහින් කාමරයක් අස්සට වෙලා දොර වහගෙන පැය 24ක් හැංගිලා හිටියා." දේවේන්ද්‍රම් පැවසුවේ රෝහලේ පටු කොරිඩෝව කෙළවර ඇති කාමරයක් දෙසට අත දිගු කරමිනි. මළසිරුරු යට සැඟවී "මට වෙඩි සද්දේ ඇහුන. ටික වෙලාවකට පස්සේ කට්ටියක් කෑගහන සද්දේ ඇහුනා. ඒ අය වතුර ඉල්ලලා කෑගහන්න ඇති. ඒ කට්ටියට වෙඩි තියල මරල දැම්ම. වෙඩි තියන්න ආපු මිනිස්සුන්ව මම දැක්ක. ඒ ගොල්ලෝ සීක්. ඉන්දියාවේ හමුදා නිල ඇඳුම් ඇඳල සීක් ජටාව බැඳලා හිටියේ." දේවේන්ද්‍රම් පැවසීය. ඔහු සමඟ එවකට සේවය කරමින් සිටි තම සමීපතයන් ගැන සිහිපත් කරද්දී දේවේන්ද්‍රම්ගේ නෙතගින් කඳුළු රූටන්නට විය. "මම ඇතුළට එනකොට කුණු ලේ ගඳ මට දැනුන. සමහර දොස්තරවරු මට කිව්වා ඒ අය පණ බේරගත්තේ මළසිරුරු යට හැංගිලා ඉඳල කියල" -වෛද්‍ය ගනේශ්මූර්ති ප්‍රහාරය එල්ල වී තෙදිනකට පසු වෛද්‍ය ගනේශ්මූර්ති යාපනේ රෝහලේ සේවයට පැමිණියේය. "මම ඇතුළට එනකොට කුණු ලේ ගඳ මට දැනුන. සමහර දොස්තරවරු මට කිව්වා ඒ අය පණ බේරගත්තේ මළසිරුරු යට හැංගිලා ඉඳල කියල." වෛද්‍යවරයා පැවසුවේය. තමන් වෛද්‍යවරයෙකු බව පවසමින් ප්‍රහාරයට ලක්වූවන්ට පිහිට වීමට ඉදිරිපත් වූ එක් වෛද්‍යවරයෙකුට වෙඩි තබා මරා දමා ඇති බවද වෛද්‍ය ගනේශ්මූර්ති කීවේය. ලැජ්ජාවෙන් ගෙදර යාම ඉන්දීය සාම සාධක හමුදාවේ එවකට සිටි මේජර් ජෙනරාල් ශියෝනන් සිං මේ කතාවට නිහඬව සවන් දෙමින් සිටියේය. "මේ සිද්ධිය ගැන මම දැනගෙන හිටියේ නැහැ. මං හිතන්නේ මේ සිද්ධිය පිළිබඳ තොරතුරු හමුදාවේ ඉහළ නිලධාරීන්ට ලැබිල නැහැ." ශියෝනන් එසේ පැවසුවේ බිත්තියේ එල්ලා තිබෙන ඡායාරූප දෙස බලමිනි. "සිද්ධ වෙලා තියෙන දේ නරකයි කියල විතරයි මට කියන්න පුළුවන්. සාම සාධක හමුදාවට ප්‍රහාරයක් එල්ල වුනාම, ඔවුන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ කාටද කියල ඔවුන්ට තැකීමක් තිබුණේ නැහැ. ඒක හරිම අවාසනාවන්තයි. ඒත් හමුදා මෙහෙයුම් සිද්ධවෙන ඕනෑම තැනක මේ වගේ දේවල් සිද්ධ වෙනවා." ඔහු තවදුරටත් පැවසීය. ඒ වනවිට ඉන්දියානුවන් අතරද සිය කීර්තිනාමය පලුදු වී තිබුණි තවත් මාස 29ක් ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ උතුරුකරයේ රැඳී සිටියහ. නමුත් ලබන පරාජයන් වැඩි වෙමින් තිබියදී ඔවුනට ආපසු ඉන්දියාව බලා යාමට සිදුවිය. ඒ වනවිට ඉන්දියානුවන් අතරද සිය කීර්තිනාමය පලුදු වී තිබුණි. "කොයි හමුදාවත් එකයි" "ඔවුන් ගැන හැම දෙනාම කලකිරුනා. කොයි හමුදාවත් එකයි කියල අපි ඒකෙන් ඉගෙන ගත්ත. ලෝකේ වෙනසක් වෙලා නැහැ." යාපනේ පළවන උදයන් පුවත්පතේ කර්තෘ ටී ප්රේමනාන්ත් ප්‍රකාශ කළේය. විශ්‍රාමික මේජර් ජෙනරාල් ශියෝනන් සිං පවසන්නේ මෙම මෙහෙයුම සතුව කිසිදු දේශපාලනික හෝ හමුදාමය ඉලක්කයක් නොතිබුණු බවය. රජීව් ගාන්ධි ඝාතනය ට පවා හේතු වුයේ ඉන්දීය සාම සාධක හමුදාවක් ශ්‍රී ලංකාවට එවීම ය. එල්ටීටීඊ සංවිධානය විසින් රජීව් ඝාතනය කරනු ලැබුවේ 1991දී ය. උදයන් කාර්යාලය - "කොයි හමුදාවත් එකයි කියල අපි ඒකෙන් ඉගෙන ගත්ත. ලෝකේ වෙනසක් වෙලා නැහැ." යාපනේ පළවන උදයන් පුවත්පතේ කර්තෘ ප්‍රකාශ කළේය තිස්වසක අවෑමෙන් යාපනේට සාමය උදාවීම පිළිබඳව තමන් සතුටුවන බව විශ්‍රාමික මේජර් ජෙනරාල් ශියෝනන් සිං පැවසීය. නමුත් යුද්ධයෙන් පෑරුණු හදවත් සුව කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තවදුරටත් පියවර ගනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. සබැඳි යොමු: | ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ 1987දී ය. ඒ, දෙමළ කොටි සටන්කරුවන් සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිස ගත් සටන් විරාමය බිඳෙන්නට නොදී පවත්වාගෙන යාම සඳහා අතරමැදියන් ලෙස කටයුතු කිරීම සඳහාය. නමුත් එය කුරිරු යුද්ධයක් බවට පෙරැළුණි. මානව හිමිකම් උල්ලංඝනය වූ බවට චෝදනා එල්ල විය. ඉන්දීය සාම සාධක හමුදාව සමඟ 1987 දී ශ්‍රී ලංකාවට ගොඩබට මේජර් ජෙනරාල් ශියෝනන් සිං දැන් විශ්‍රාමික ය. තිස් වසරකට පසු ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. උතුරුකරයේ සංචාරය කරන අතරතුර බීබීසී හින්දි සේවයේ විනීත් ඛාරේ සමඟ ඔහු මතකය අවදි කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "ඊට පස්සේ ඔක්කොම අමතකයි. අන්තිමට ඉතුරු වෙන්නේ කරපු කතා ටික විතරයි" මෙම වසංගතයට ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති බව සැබවි. නමුත් එමගින් කාන්තාවට සිදුවන පීඩාවේ තරම සුළු පටු නොවන බව නොරහසකි. මෙවැනි වාතාවරණයක් යටතේ සැමරීමට සූදානම් වන කාන්තා දිනයේ ඇති වැදගත්කම සහ ස්ත්‍රිය සැබෑ ලෝකයේ දී මුහුණදෙන ජීවිතය පිළිබඳව, අහඹු ලෙස තෝරාගත් කාන්තාවන් කීප දෙනෙකුගෙන් විමසා බැලුවෙමි. "කාන්තා දිනයට විතරයිනේ මේ ඔක්කොම කතා. ඊට පස්සේ ඔක්කොම අමතකයි. අන්තිමට ඉතුරු වෙන්නේ කරපු කතා ටික විතරයි. ක්‍රියාවන් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ." නිකදළුපොත, මාලගමුව ග්‍රාමයේ පදිංචි නිශාන්ති අබේසුන්දර කතාව ආරම්භ කළේ නෝක්කාඩු ස්වරයෙනි. ඇය 46 හැවිරිදි එක් දරු මවකි. "ගෑනියෙකුට ගහන්න තියෙන හොඳම ආයුධය" "නගරේ කාන්තාවට නම් අඩු සැලකීමක්, පීඩාවක් වෙනකොට කොහේ හරි පිළිසරණක් ඇති. ගමේ ගැහැණියට ඉතින් සියල්ල දරාගෙන ඉන්නවා ඇරෙන්නේ යන්න තැනක් නැහැ. මම දන්නා ගොඩක් කාන්තාවෝ ඉන්නවා මේ පළාතේ, තමන්ට තියෙන පීඩාවක් ගැන කියන්න පොලිසියකටවත් තනියෙන් යන්න බය." කාන්තාවට "සම තැන කෙසේ වෙතත් නිසි තැනවත් ලැබේනම්" සැහීමකට පත්විය හැකි බව නිශාන්තිගේ අදහසයි. "රස්සාව කරන තැන වුනත් ගෑනියෙක් කියන දෙයකට හිස නමන්න අකමැති පිරිමි කොච්චර ඉන්නවද? ගෑනුන්ට පුලුවන්ද අපිව පාලනය කරන්න කියල හිතන මහත්තුරු කන්තෝරුවල කොච්චර ඉන්නවද? ගෑනු ඉන්නේ ගෙදර වැඩ කරන්නයි ළමයි බලාගන්නයි විතරක් කියල හිතන පිරිමි කොච්චර ඉන්නවද? ඒ ඔක්කොම එකතුවෙලා අවුරුද්දකට සැරයක් කාන්තා දිනය සමරනවා. විහිළුවක්නේ..." "වැඩිහිටියන්ගේ ආකල්ප හදන්න දැන් බැහැ. පරක්කු වැඩියි" නිශාන්ති රැකියාවක් කරන අතරතුර ස්වයං රැකියාවක ද යෙදෙන්නීය. තම දියණියට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනයක් ලබා දීම ඇයගේ ඉලක්කයයි. ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් ම කාන්තාවන්ට ගරු කළ යුතු ආකාරය දරුවන්ට කියා දිය යුතු බව ඇය අවධාරණය කරන්නීය. "වැඩිහිටියන්ගේ ආකල්ප හදන්න දැන් බැහැ. පරක්කු වැඩියි. දරුවෝ ටිකවත් හදාගෙන ඉස්සරහට ගියොත් ඊළඟ පරම්පරාවවත් මීට වඩා හොඳ වෙයි." "මේ පළාතේ නගරවල විදේශ රැකියා ඒජන්සි ගොඩක් තියෙනවා. ඒ මිනිස්සු හම්බ කරගන්නේ කාන්තාවන් මැදපෙරදිග යවල. ඒත් ඒ මිනිස්සුවත් දන්නේ නැහැ කාන්තාවකගේ ගරුත්වය රැකෙන විදියට කතා කරන්න. සමහරු ඉන්නවා ගැහැනුන්ට කටකතා හදල විනෝදයක් ලබන. ගෑනියෙකුට ගහන්න තියෙන හොඳම ආයුධය ඒකනේ." නිශාන්ති අබේසුන්දර පැවසුවාය. අමුතු සත්ව කොට්ඨාසයක්? නිදහස් ලේඛිකාවක වන ඉන්දු මධුභාලා පවසන්නේ එක් දිනක් වෙනුවට වසර පුරාම කාන්තාවන් වෙනුවෙන් හඬක් නගන්නේනම් තමන් සතුටුවන බවය. "මොකද එක දවසක් ඇය වෙනුවෙන් හඬක් නඟලා අනිත් දවස්වල ඇයට අකටයුතුකම් අසාධාරණකම් වෙනවානම් ඒ දිනයෙන් තියන තේරුම මොකක්ද? කාන්තාවන්ට සතුටු වියහැකි පසුබිමක් අද සමස්ත ප්‍රජාව තුළම ගොඩ නැගිලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්." ඈත අතීතයේ පටන් ම පුරුෂාධිපත්‍යයට ගැතිවුන අසාධාරණ සමාජ රටාවක් පවතින බව ඇයගේ අදහසයි. "අද සමාජයේ විවිධ අවස්ථාවන්වල, විවිධාකාරයෙන් කාන්තාවට අනිසි බලපෑම් බලහත්කාරකම් කායිකව පමණක් නෙවෙයි, මානසිකවත් දැඩිව පීඩනයට ලක්වෙනවා. එවැනි පීඩනයන්ට ලක්වුන මගේ යෙහෙළියන් බොහොමයක් ඉන්නවා." "කාන්තාවන් කියන්නෙ අමුතු සත්ව කොට්ඨාසයක් නෙවෙයි" පිරිමින්ට මෙන්ම "කාන්තාවන්ටත් කොන්ද කෙළින් තියන් තනිවම වුනත්" සමාජයට ධෛර්යයයෙන් මුහුණ දිය හැකි සමාජ පසුබිමක් ගොඩනැගිය යුතු බව ඉන්දු අවධාරණය කළාය. "වත්මන් සමාජයේ කාන්තාවකට තනිවම ඉන්නත් අපහසු තත්ත්වයක් තියෙනවා. දික්කසාද වුන කාන්තාවන්ටත් එහෙමයි. කාන්තාවන් කියන්නෙ අමුතු සත්ත්ව කොට්ඨාසයක් නෙවෙයි. සෑම කාන්තා දිනයකම මේ දේවල් වචන වලට පමණක් සීමාකරලා වැඩක් නැහැ, ක්‍රියාවෙනුත් යමක් කළ යුතුයි." ඇය පැවසුවාය. කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් හෝ වෙනස්කොට සැලකීම් අවම වූ සමාජයක් දැකීම කඩිනම් කර ගැනීමට නම් සෑම ස්ත්‍රීයක්ම උසස් අධ්‍යාපන මට්ටමකට ළඟා වී, ඉහළ තනතුරු දැරීමට උත්සාහ කළ යුතු බව ඉන්දු මධුභාලා පවසන්නීය. "සදාචාරය සංස්කෘතිය ගැන මහා ඉහළින්..." හසිතා දර්ශනී කොඩිතුවක්කු, පොලොන්නරුව විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියකි. කිවිඳියක වන ඇය සාකච්ඡාවට අවතීර්ණ වූයේ තමන්ගේ ම පද වැලකින් ඌනපූරණයක් තබමිනි. ලොව ඇති දුක් දරන්නී ඈ නම් වේය ජනනී... "කිසිවකුට අවතක්සේරු කළ නොහැකි ගැහැනිය සතු දරාගැනීමේ හැකියාව ඇත්ටම අසමසමයි. කම්හලේ, වැඩපළේ හෝ කාර්යාලයේ පැය අටක් මෙහෙකරන මිනිසුන් වැඩ ඇරී නිවෙස් බලා යන්නේ විඩාව සංසිඳුවාගන්න. විවේකයක් අත්විඳින්න. ඒත් ගැහැනුන් කාර්යාලයේ සිට නිවෙසට යන්නේ වැඩ පටන් ගැනීමට. ඒ, ඊළඟ වැඩමුරය සඳහා. මේ වැඩමුරය ඇය අරඹන්නේ නිවෙසේදී. ඇයට තම නිවස තුළ වුවද ඇය වෙනුවෙන් වෙන්වූ මානසික නිදහසක් ශාරිරික නිදහසක් තිබෙනවාද යන්න අද ගැටලුවක් කියලා මට හිතෙනවා." ස්ත්‍රියගේ "කඳුලට සිසලසක් සමාජයෙන් මෙතෙක් ලැබී ඇත්දැයි යන්න" විමසිය යුතුම කාරණයක් බව හසිතා අවධාරණය කරන්නීය. "සදාචාරය සංස්කෘතිය ගැන මහා ඉහළින් කතා කරන අපි මෙරට වැඩිම අය මාර්ගය රැගෙන එන ඇයගේ කතාවට සවන් දුන්නාද?" "අද රටට විදේශ විනිමය සපයන, කොටින්ම කීවොත් අපේ රට පොහොසත් කරන මූලික අය මාර්ගය තමයි විදෙස්ගත ගෘහ සේවය. වර්තමානයේ වසංගත තත්ත්වය නිසා ඔවුන්ට රැකියා අහිමි වෙලා ඉතා අසරණභාවයට පත්වෙලා ඉන්න වෙලාවක රටක් විදියට ඇයට අපි යහපත් සාධාරණයක් ඉටු කළාද? වගකිවයුතු අය නිහඬව සිටිම කෙතරම් යුක්ති සහගතද?" ඇය ප්‍රශ්න කළාය. "ඇය ගැන කතා කරන කාන්තා දිනයේදීවත් ඇය පිළිබඳව සහකම්පනය ඇති නොවන්නේ මන්ද යන්න මට මහා දුකක් එක්කම කළකිරීමක් තමයි දැනෙන්නෙ. රටක් විදියට අප ඉදිරියට යන්නෙ කොහොමද මෙහෙම කඩතොලු තිබියදී. සදාචාරය සංස්කෘතිය ගැන මහා ඉහළින් කතා කරන අපි මෙරට වැඩිම අය මාර්ගය රැගෙන එන ඇයගේ කතාවට සවන් දුන්නාද?" "වචනවලට සීමා නොවී ඇයට නිසි වටිනාකම ගෞරවය ලබා දෙන්න කියන යෝජනාව මම මේ වෙලාවෙදී සියලුම පුරවැසියන්ට මතක් කරනවා." හසිතා දර්ශනී කොඩිතුවක්කු මගේ සාකච්ඡාවට සමුදුන්නේ සමාජයෙන් ඉල්ලීමක් ද කරමිනි. "මගේ ඇස් දෙකෙන් දැක්කා..." කොරෝනා වසංගතය නිසා කාන්තාවන් විශාල පිරිසක් මැදපෙරදිග අසරණ වී සිටියදී කාන්තා දිනයක් සැමරිය හැකිදැයි කුවේට් රාජ්‍යයේ සල්වා නගරයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් වන තුෂාරි අන්සයිඩ් ප්‍රශ්න කරන්නීය. ඇය කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිලධාරිනියකි. "කොරෝනාවෙන් බේරෙන්න ආපහු ලංකාවට එන්න බැරුව තාමත් කාන්තාවෝ ලතවෙනවා. මම මගේ ඇස් දෙකෙන් දැක්කා කාන්තාවන් සිය ගණන් එම්බසි ඉස්සරහ දවස් ගණන් මහපාරේ ඉන්නවා. ඒ ගොල්ලෝ හම්බ කරලා ලංකාවට එවන සල්ලි වලින් තමයි රටම දුවන්නේ. අමාරුවේ වැටුනම පිහිට වෙන්න කවුරුත් නැහැ. ඒ වුනාට කාන්තා දිනය නම් ඉහළින් සමරනවා. එදාට කාන්තාව ගැන හරි ඉහළින් අගය කරනවා." ඇය ප්‍රකාශ කළාය. "එම්බසිය ඉස්සරහ පාරේ වැටිල හිටිය කාන්තාවන්ට කෑම පැකට් එකක් දෙන්න කෙනෙක් ආවේ නැහැ. සමහර මිනිස්සු පෞද්ගලිකව තම තමන්ට පුළුවන් විදියට කන්න දෙයක් ගෙනත් දුන්නා." "හරිනම් අමාරුවේ වැටුනම මුලින්ම උදව් කරන්න ඕන රටට සල්ලි ගේන මිනිස්සුන්ට" "රස්සාවල් නැති වෙච්ච අය ලංකාවට එන්න සල්ලි නැතුව තාම ලත වෙනවා. මේ කාන්තාවන් අවුරුදු ගානක් හම්බ කරපුව එව්වේ ලංකාවට. රටේ මිනිස්සුන්ට පොදු පහසුකම් සපයන්නේ මේ විදේශ විනිමයෙන්. ඒත් ලංකාවේ ඇතැම් සාමාන්‍ය මිනිස්සුත්, පිටරටවල ඉන්න අපි දිහා බැලුවේ නරක විදියට. හරිනම් අමාරුවේ වැටුනම මුලින්ම උදව් කරන්න ඕන රටට සල්ලි ගේන මිනිස්සුන්ට." රටට ලැබෙන විදේශ විනිමයෙන් වැඩි කොටසක් ලබා දෙන මෙම කාන්තාවන් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී බොහෝ හිරිහැර සහ නොසැලකීම්වලට ලක්වන ආකාරය තමන් සියසින් දැක ඇති බව තුෂාරි පැවසුවාය. "පාර්ලිමේන්තුවේ පටන් රජයේ සේවකයා දක්වා නඩත්තු කරන්න මේ අසරණ ගෘහ සේවිකාවන් එවන සල්ලි පාවිච්චි වෙනවා. සරලවම කියනවනම් මේක කාන්තාව හම්බ කරන සල්ලි වලින් දුවන රටක්. ඒ වුනාට ලංකාවට යනකොට ප්ලේන් එකේදිත්, එයාපෝර්ට් එකේදිත් හැමෝගෙම ලොකුකම් බලන්නෙත් මේ අසරණයෝ. හැබැයි මේ විදේශ විනිමයෙන් තමයි පාඩු ලබන ගුවන් සේවයට සල්ලි පොම්ප කරන්නෙත්. තේ, පොල්, රබර් වලින් හම්බවෙන්නේ කීයද?" තුෂාරි අන්සයිඩ් ප්‍රශ්න කළාය. මේ ගැනත් දැනගන්න: | තවත් ජාත්‍යන්තර දිනයක් උදාවීමට ඇත්තේ දින කිහිපයකි. ඒ, ජාත්‍යන්තර කාන්තා දිනයයි. මෙවර කාන්තාව ඇගයීමට ලක්වන්නේ ලෝකයම වසංගත රෝගයකින් වෙලාගෙන සිටින අවස්ථාවකදී ය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තෙවසරක් නවසීලන්තයේ විපක්ෂනායක පදවිය හෙබැ වූ 37 හැවිරිදි ලේබර් පක්ෂ නායිකාව 1856 න් පසුව රටේ නායකත්වයට පත්වෙන ලාබාලම පුද්ගලයාය. පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර, ලේබර් පක්ෂය දෙවෙනි ස්ථානයට පත්විය. ලේබර් පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට එක්වීමට New Zealand First නම් කුඩා පක්ෂය එකඟතාව පළ කිරීමෙන් අනතුරුව ලේබර් පක්ෂය දැන් නව ආණ්ඩුවක් පිහිටුවීමට සැරසේ. නවසීලන්තයේ හරිත පක්ෂය ද නව සන්ධානයට සහාය පළ කරයි. සාර්ථක මැතිවරණ ප්‍රචාරයක් දියත් කිරීමට සහ දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමේ සිය හැකියාව ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) දැනටමත් ප්‍රදර්ශනය කර තිබේ. එහෙත් දැන් ඇය මුහුණ දෙමින් සිටින්නේ නව අභියෝගවලටය. ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අර්බුදයේ දී තමන්ට එරෙහිව කුමන්ත්රණයක නිරතව සිටින බවට ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මීට ඉහතදී නවසීලන්ත ලේබර් පක්ෂයට චෝදනා කළේය. මේ තත්ත්වය යටතේ යළිත් වරක් ඕස්ට්‍රේලියාව සමග සබඳතා තර කර ගැනීම ඇය මුහුණ දෙන අභියෝගයකි. එහෙත් ඒ සියල්ලටම වඩා බරපතලම අභියෝගය විය හැක්කේ නව සන්ධාන ආණ්ඩුව දිගටම පවත්වා ගැනීමය. ජසින්ඩා ආඩර්න් අගමැතිවරිය යටතේ නව උප අගමැති ලෙසින් පත්වනු ඇතැයි අපේක්ෂිත වින්ස්ටන් පීටර්ස් (Winston Peters) හරිත පක්ෂය දැඩිව විවේචනය කරන්නෙකි. එහෙත් නව සන්ධාන ආණ්ඩුව පවත්වා ගැනීම පිණිස හරිත පක්ෂයේ සහාය අත්‍යවශ්‍ය සාධකයකි. එබැවින් නව අගමැතිනියගේ දුෂ්කරම කාර්යය ඇරඹෙනු ඇත්තේ මෙවක් පටන්ය. ජසින්ඩා ආඩර්න් යනු කවුද? ලේබර් පක්ෂයේ මූලිකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලැබීම "භාග්‍යයක් ලෙසින් සලකන" බව සන්ධාන සම්මුතිය නිවේදනය කිරීමෙන් අනතුරුව වාර්තාකරුවන් ඇමතූ ජසින්ඩා ආඩර්න් කියා සිටියාය. සිය මැතිවරණ පොරොන්දු ඉටු කිරීම පිණිස උපරිම උත්සාහ දරන බවට ද ඇය ප්‍රතිඥා දුන්නාය. සංක්‍රමණිකයන් වෙනුවෙන් වෙන් කර තිබෙන කෝටාව දැඩිව කප්පාදු කිරීමට සහ විදේශිකයන් රටේ දේපොළ මිලදී ගැනීම සීමා කිරීමට නව සන්ධානය කටයුතු කරනු ඇතැයි වාර්තාකරුවෝ පවසති. ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා සබැඳි යොමු: | ජසින්ඩා ආඩර්න්ගේ නායකත්වයෙන් වාමාංශයට ලැදි නව ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්තයේ ලේබර් පක්ෂය සූදානම් වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'දකුණු ආසියානු චන්ද්‍රිකාව': ශ්‍රී ලංකාවෙන් සුභ පැතුම් චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශ ගත කිරීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කිරීම සඳහා දකුණු ආසියානු රටවල නායකයෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග වීඩියෝ සංවාදයකට එක් වූහ. සාක් කලාපීය සාමාජික රටවල ප්‍රයෝජනය සඳහා චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම පිළිබඳව එයට එක් වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය අගමැතිවරයා වෙත සුභ පැතුම් පළ කළේය. "සාක් කලාපීය සාමාජික රටවල් වෙනුවෙන් දකුණු ආසියානු චන්ද්‍රිකාව දියත් කළ මේ ඓතිහාසික මොහොතේ ඔබට සුබ පැතීමට ලැබීම මා ලද ගෞරවයක්," යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. "දකුණු ආසියානු රටවල් සමග සමීප සබඳතා ගොඩ නැගීම සඳහා ඔබ සතු කැපවීම සහ කැමැත්ත මින් පිළිබිඹු වෙනවා." දකුණු ආසියානු චන්ද්‍රිකාව භාවිත කරන බවට මේ වනවිට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, ඇෆ්ගනිස්තානය, භූතානය සහ නේපාලය යන කලාපීය රටවල් සිය එකඟත්වය පළ කොට තිබේ. තමන්ගේම චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පවසන පාකිස්තානය එම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ නොවීය. 'චීන බලපෑම' 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ චන්ද්‍රිකාවේ ඉලක්කය වී ඇත්තේ කලාපීය රටවල විදුලි සංදේශ කටයුතු සහ විකාශන සේවා ඉහළ නැංවීමය. දකුණු ආසියානු චන්ද්‍රිකාව ඔස්සේ අසල්වැසි රටවල් වෙත විකාශන සහ ජංගම දුරකථන ජාල ඇතුළු විදුලි සංදේශ සේවා සඳහා පහසුකම් සපයනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය. අගමැති මෝදි විසින් චන්ද්‍රිකාව හඳුන්වනු ලැබුවේ සිය අසල්වැසියන් වෙත පිදෙන "මිල කළ නොහැකි තෑග්ගක්" ලෙසිනි. මෙය, කලාපය තුළ චීන බලපෑම සමනය කරමින් අසල්වැසි රටවල් සමග හොඳ හිත වර්ධනය කර ගැනීමට ඉන්දියාව ගත් උත්සාහයක් වශයෙන් ඇතැම් විශ්ලේෂකයෝ විග්රහ කරති. | ශ්‍රී ලංකාව ඇතුළු සිය අසල්වැසි රටවල් සමග හවුලේ භාවිත කළ හැකි 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' ඉන්දියාව විසින් ඊයේ (මැයි 05) අභ්‍යවකාශ ගත කරනු ලැබීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මැසිඩෝනියාවේ හා ස්ලෝවේනියාවේ ජනතාව සහන සේවකයන්ට උදව් කිරීම සඳහා පැමිණෙයි යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය හා රුසියාවට අයත් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් විපතට පත් වුවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. සර්බියාවේ අගමැති අලෙක්සන්දර් වුසික් පවතින තත්වය විස්තර කරමින් කියා සිටියේ තවදුරටත් සහන සැලසීම් අවශ්‍ය බවත් ඒ අතර ආහාර, ඇඳුම් හා පානීය ජලය විශේෂයෙන් උවමනා කර තිබෙන බවයි. මැසිඩෝනියාවේ හා ස්ලෝවේනියාවේ වෙසෙන ජනතාව සහන සේවකයන්ට උදව් කිරීම සඳහා ගංවතුරෙන් හානි වූ ප්‍රදේශවලට පැමිණෙන බව බෙල්ග්‍රේඩ් හි බීබීසී වාර්තාකරු පැවසීය. මේ වන විට ගංවතුර තත්වය පහව යමින් තිබුනත් බලධාරීන් අනතුරු අඟවන්නේ සති අග වන විට තවදුරටත් වැසි වැටෙනු ඇති බවයි. ගංවතුර හේතුවෙන් මේ වන විට මිය ගිය පිරිස හතළිහකට අධික බවයි වාර්තා වන්නේ. | බොස්නියාවේ සහ සර්බියාවේ ජල ගැල්මෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ අන්තර්ජාතික මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සිය ජීවිතයේ නම වෙනි දශකය පසුකරමින් සිටියත් නෝරා රොනායි (Nora Ronai) තවමත් ක්‍රීඩා ජීවිතයෙන් විශ්‍රාම යාමට සූදානම් නැත. අනෙක් අතට ඇය සිය පිහිනුම් ක්‍රීඩාවට පිවිසුණේත් තරුණ වියේ දී නොවේ. ක්‍රීඩාවට පිවිසෙන විට ඇය 69 හැවිරිදි වියේ පසු වූවාය. 2014 පැවති මාස්ටර්ස් ලෝක ශූරතාවලියේදී (Masters World Championship) රන් පදක්කම් හතක් දිනාගන්නා විට ඇය අනූ වියේ පසු වූ වයෝවෘද්ධ කාන්තාවකි. පිහිනීමෙන් ලෝක වාර්තා තබන 93 හැවිරිදි නෝරා "පිහිනුම් තටාකය මට සැනසිල්ලක් දෙනවා," ඇය පවසන්නීය. "ශාරීරිකව නෙවෙයි මානසිකව," බීබීසී යේ සියයක් කාන්තාවෝ වැඩසටහන වෙනුවෙන් නෝරා රොනායි එසේ අදහස් පළ කළාය. "මට පීනනව කියන්නෙ ටිකක් රිලැක්ස් කරන්න ලස්සන වෙරළකට ආව වගේ හැඟීමක් දැනෙන දෙයක්." අධිෂ්ඨානය සහ අවශ්‍යතාව තිබේ නම් ඒ සඳහා කාල වෙලාව සොයා ගැනීම අපහසු කාර්යයක් නොවන බව බ්‍රසීල ජාතික හිටපු ගෘහ නිර්මාණ ශිල්පිනිය අවධාරණය කරන්නීය. "යමක් කරන්න සැබෑ වුවමනාවක් තියෙනව නම් ඒකට වෙලාවක් නෑ කියන්න බෑ." 'සියයක් කාන්තාවෝ' විශේෂාංගය මේ සතියේ විමසා බලන්නේ ලිංගිකත්වය මත පදනම්ව ක්‍රීඩා ක්ෂේත්රයේ දී කාන්තාවන්ට වෙනස්කම් කිරීම (sexism in sport) පිළිබඳවය. "ඇත්තටම එහෙම වෙනස්කම් කෙරෙනවා. ඒත් ඒවා මට බලපෑවෙත් නෑ, ඒවා නිසා මම කිසිම දෙයක් නැවැත්තුවෙත් නෑ." සිය දියණියන් දෙදෙනාගේ සහාය නොවූයේ නම් තමන්ට මේ කිසිවක් කළ නොහැකි වනු ඇති බවත් 93 හැවිරිදි ජාත්‍යන්තර පිහිනුම් ශූරිය පවසයි. සබැඳි යොමු: | අනූ තුන් හැවිරිදි මේ කාන්තාව ලෝක පිහිනුම් වාර්තා දෙකක හිමිකාරියකි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනතාව ප්රජාතන්ත්රවාදය කෙරෙහි විශ්වාසය තබා සිටින බව අගමැතිනිය පවසයි තායිලන්තයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය මහ මැතිවරණය වර්ජනය කරන අතර, විරුද්ධ පක්ෂයේ බල කඳවුරු වන දකුණේ ප්‍රාන්ත නමයේම කිසිදු ඡන්දදායකයකුට සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලැබී නැහැ. එහෙත් අනෙක් පලාත්වල ඡන්ද මධ්‍යස්තානවලින් සියයට අසූ නමයක්ම නිසි පරිදි ක්‍රියාත්මක් වූ බවයි, බලධාරීන් පවසන්නේ. 'ජනතාවට විශ්වාසයි' කෙසේ නමුත් රටේ ජනතාව ප්රජාතන්ත්රවාදය කෙරෙහි විශ්වාසය තබා සිටින බව මේ මැතිවරණයෙන්ද පැහැදිලි වූ බව, අගමැතිනි යින්ලක් ශිනවත් බීබීසීයට කියා සිටියාය. "ජනතාව ඇවිල්ල, තමන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය යොදා ගෙන තමන්ගේ ඡන්දය භාවිතා කරන එක ඉතාම වැදගත්. මොකද මැතිවරණය කියන්නේ සාමකාමීව ගැටුම් විසඳා ගැනීමේ එකම ක්‍රියාදාමය," යනුවෙන්ද ඇය සඳහන් කළාය. ආණ්ඩුව පෙරලා දමා, ඒ වෙනුවට භාරකාර පාලනයක් පත් කර ගැනීමේ අරමුණින් විරුද්ධ පක්ෂ මාස ගණනක් මුළුල්ලේ දියත් කළ උද්ඝෝෂණවලින් අනතුරුවයි මහ මැතිවරණය පැවැත්වෙන්නේ. | තායිලන්ත මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතුවලට අගනුවර සහ රටේ දකුණු ප්‍රදේශවලදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ බාධා කළහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අත්කරගත් මෙම තත්ත්වය ප්‍රශංසාවට ලක් විය යුතු බව එක්සත් ජාතීන්ගේ නිලධාරියා පවසයි ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වූ මානවීය සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණය කරන එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්යක්ෂ වරයෙකු වන ජෝන් ගින් කියා සිටියේ යළි පදිංචි කිරීමේ කටයුතු වලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පැහැදිලිව දකින්නට තිබෙන බවයි. කෙසේ වෙතත් යළි පදිංචි කළ යුධ අනාථයන්ගේ ජීවන තත්වය ඉහල දැමීම සඳහා තවත් විශාල වැඩකොටසක් ඉදිරියට කිරීමට ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ. උතුරු නැගෙනහිර පළාත්වල යටි තල පහසුකම් දියුණු කර ඇතැයි කියා සිටින ඔහු පශ්චාත් යුධ කාලයකදී අනිකුත් රටවලට මෙවැනි සංවර්ධනයක් ළඟා කරගැනීම පහසු නොවූ බව ද බීබීසී දෙමල සේවයේ සිවරාමක්‍රිෂ්ණන් පරමේශ්වරන් සමඟ සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. මෙය සුවිශේෂී තත්වයක් ලෙස හැදින්වූ ජෝන් ගින් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අත්කරගත් මෙම තත්ත්වය ප්‍රශංසාවට ලක් විය යුතු බවද සඳහන් කළේය. 'ආධාර ලැබී නෑ' උතුරු හා නැගෙනහිර සංචාරය කිරීමෙන් පසු මේ අදහස් පළකළ එක්සත් ජාතීන්ගේ නිලධාරියා යළි පදිංචි වූ ජනතාව එදිනෙදා මුහුණපාන පානිය ජලය ලබාගැනීම, සනීපාරක්ෂක පහසුකම්, නිවාස ඉදිකරගැනීම සහ රැකියා නොමැතිවීම වැනි ගැටළු සඳහා පිළියම් සෙවීම ශ්‍රී ලංකාව හමුවේ ඇති දැවැන්ත අභියෝගයක් බවයි පවසන්නේ. යළි පදිංචි වූ ජනතාවගේ ජීවිත ගොඩ නැංවීම සඳහා දිගටම ආධාර ලබා දිය යුතු යයි පවසන ජෝන් ගින් කඳවුරු වල දිවිගෙවන සහ යළි පදිංචි කළ ජනතාව දහස් ගණනක් ඉතා කටුක සහ දුක්ඛිත තත්වයන් යටතේ තවමත් දිවිගෙවන බව අමතක නොකළ යුතුයිද සඳහන් කළේය. තමන් යළි පදිංචි වූ යුධ අනාථයන් මුණගැසුණු බව කියා සිටි ඔහු යළි පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැවැන්ත වැඩකොටසක් ඉටු කර තිබුනත් තවත් විශාල ප්‍රමාණයක් කළ යුතුව ඇති බවයි සඳහන් කළේ. යුධ අනාථයන් යළි පදිංචි කිරීමට සහ උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය ඇතුළුව ඒකාබද්ධ වැඩපිළිවෙලක් පිහිටුවා තිබෙන බව පවසන එක්සත් ජාතීන්ගේ නිලධාරියා එම වැඩසටහන සඳහා අනුමත මුදලින් සියයට අසුවක් තවමත් ලැබී නැතැයිද කියා සිටියේය. මේ නිසා යළි පදිංචි කළ ජනතාවට ආධාර සහ සහන සැපයීමේ කටයුතු වලට බාධා වී ඇතැයි ප්‍රකාශ කළ ඔහු ශ්‍රී ලංකාවට ලැබිය යුතු ආධාර මුදල් කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය. ශ්‍රී ලංකාව ඉටු කර ඇති වැඩකොටස දෙස බලා ඉතා සාධනීය ප්‍රතිරූපයක් ගොඩ නගා ගත හැකි බව පවසන ඔහු මානවීය කටයුතු සඳහා ලබාදෙන මුදල දෙගුණ කරන ලෙස ආධාර දෙන රටවලින් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය. | ශ්‍රී ලංකාව යුධ අනාථයන් යළි පදිංචි කරවීමේ කටයුතු ඉතා සාර්ථකව සිදුකොට ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්‍රංශයේ බෝඩෝ (Bordeaux) කලාපයේ වැවෙන මිදි වලින් පෙරා ගන්නා ලද යුෂ භාවිත කොට සකසන ලද මෙම වයින් වර්ගය නම් කර ඇත්තේ පෙට්රුස් 2000 (Pétrus 2000) නමිනි. මෙම වයින් බෝතලය මාස 14ක් පුරා අභ්‍යවකාශයේ කක්ෂගත කර තිබුණේ අහාර පාන සහ කෘෂිකාර්මික පර්යේෂණ අධ්‍යයනයක් සඳහාය. මෙම පර්යේෂණ අධ්‍යයනය සිදු කර ඇත්තේ පෞද්ගලික අරමුදල් වැය කිරීමෙනි. මෙම වයින් බෝතලය පෞද්ගලික වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කර ඇති බව Christie's වෙන්දේසි ආයතනය අඟහරුවාදා (මැයි 04) නිවේදනය කළේය. වයින් බෝතලයේ විකුණුම් මිල වෙන්දේසි ආයතනය විසින් මෙම වයින් බෝතලයේ විකුණුම් මිල ඇමරිකානු ඩොලර් මිලියනයකට ඇස්තමේන්තු කරනු ලැබ තිබේ. මෙම වෙන්දේසියේ දී අභ්‍යවකාශයේ පැරණි කරන ලද වයින් බෝතලය සමඟ සාමාන්‍ය Pétrus 2000 බෝතලයක් ද අලෙවි කරනු ලබන බව Christie's ආයතනයේ සේවය කරන, වයින් පිළිබඳ විශේෂඥ ටිම් ට්රිප්ට්රී පැවසීය. මෙම වයින් බෝතලය මාස 14ක් පුරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ තිබුණි "එතකොට මේ වාසනාවන්ත ගැනුම්කරුට පුළුවන් මේ වයින් බෝතල් දෙකේ වෙනස සසඳා බලන්න." ඔහු ප්‍රකාශ කළේය. ගුරුත්වාකර්ෂණයෙන් තොරව ස්පේස් කාගෝ අන්ලිමිටඩ් (Space Cargo Unlimited) ආයතනය විසින් වයින් බෝතල් 12ක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) වෙත යවන ලද්දේ 2019 වසරේදී ය. දින 400කට අධික කාලයක් අභ්‍යවකාශයේ රැඳෙමින්, ගුරුත්වාකර්ෂණයෙන් තොරව කිලෝමීටර මිලියන 300ක් පමණ පෘථිවිය වටා භ්‍රමණය වෙමින් තිබූ මෙම වයින් තොගය නැවත පෘථිවිය කරා පැමිණියේ 2021 වසරේ ජනවාරි මාසයේදී ය. ඒවා විද්‍යාඥයන් විසින් විශ්ලේෂණයට ලක් කරන ලදී. එමෙන්ම, පෘථිවිය මත පැරණි කරන ලද වයින් සහ අභ්‍යවකාශයේ පැරණි කළ වයින් සංසන්දනය කිරීම සඳහා බෝඩෝ විශ්වවිද්‍යාලයේ වයින් පීඨය විසින් වයින් රස බලන්නන් කණ්ඩායමක් යොදවන ලදී. එය සිදු කරන ලද්දේ පසුගිය මාර්තු මාසයේදී ය. එහි රසය හොඳද? නරකද? විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇසුරුමක් සමඟ මෙම වයින් බෝතලය අලෙවි කෙරෙනු ඇත එම මහඟු අවස්ථාව ලද වාසනාවන්තයින් කීප දෙනා අතර Inside Bordeaux නමැති ග්‍රන්ථයේ කතුවරිය වන, මාධ්‍යවේදිනී ජේන් ඇන්සන් ද විය. "එහි රසය වඩා හොඳද නරකද කියල කියන්න මට හරිම අමාරුයි. ඒත් අනිවාර්යයෙන්ම ඒක වෙනස්." ඇය බීබීසීයට පැවසුවාය. "මල් සුවඳ වැඩියි, දුම් රසයත් වැඩියි. Petrus වයින් පරණ වෙනකොට කොහොමත් එහෙම වෙනවා." "සාමාන්‍යයෙන් අවුරුදු 60ක්, 70ක් සැබවින්ම පරණ කරන වයින් වර්ග ඒ තරම් නැහැ. Petrus කියන්නේ එහෙම පරණ කරන වයින් වර්ගවලින් එකක්." "රසයේ පැහැදිලි වෙනසක්" කෙසේ නමුත් මෙම වයින් රසයේ වෙනසට හේතු වී ඇත්තේ ගුරුත්වාකර්ෂණය රහිතව පැරණි වීම ද? නැතහොත් පෘථිවියේ සිට අභ්‍යවකාශය දක්වාත් නැවත පෘථිවිය දක්වාත් සිදු කෙරුණු දීර්ඝ ගමන ද? යන්න ඇයට ස්ථිරවම කිව නොහැකිය. "නමුත් ඒ රසයේ පැහැදිලි වෙනසක් තිබුණා." ජේන් ඇන්සන් ප්‍රකාශ කළාය. මෙම වයින් බෝතල් අභ්‍යවකාශයට යවන ලද්දේ පෞද්ගලික අරමුදල් භාවිත කරමින් සිදු කරන ලද Mission WISE නමැති අභ්‍යවකාශ පර්යේෂණ වැඩසහටහනේ අංගයක් ලෙසිනි. එය දියත් කරන ලද Space Cargo Unlimited ආයතනයේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිකොලාස් ගෝමි නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ "හෙට දවසේ පෘථිවිය මත අවශ්‍යවන ආහාර පාන සහ කෘෂි නිෂ්පාදන නවෝත්පාදනයන් සඳහා උදව්වීම" අරමුණු කරගනිමින් ගුරුත්ව-ශුන්‍ය වපසරියක ඇති බලපෑම විමර්ශනය කිරීම සඳහා එම වැඩසටහන ක්‍රියාත්මක වූ බවය. අභ්‍යවකාශයේ වයින් ජාවාරම්? Space Cargo Unlimited විසින් ඉදිරියේදී සිදු කරනු ලබන තවත් අභ්‍යවකාශ පර්යේෂණ සඳහා ඉහත කී වෙන්දේසියෙන් ලැබෙන මුදල් යෙදවීමට නියමිතය. වයින් පිළිබඳ විශේෂඥ ටිම් ට්රිප්ට්රී බීබීසීයට ප්‍රකාශ කළේ "වයින් අභ්‍යවකාශය තුළ පැරණි කළ හැකි" බව මෙම පර්යේෂණය මගින් පෙනී ගොස් ඇති බවය. "කවුද දන්නේ... මීළඟට එන ගගනගාමීන් ඔවුන් සමඟ වයින් ජාවාරම් කරන්නත් ඉඩ තියෙනවා." ඔහු සාකච්ඡාවට හාස්‍යය මුසු කළේය. අභ්‍යවකාශයේ පැරණි කරන ලද වයින් අතරින් වෙන්දේසියේ අලෙවි කරනු ලබන්නේ ඊට ඉදිරිපත් කර ඇති බෝතලය පමණි. ශ්‍රී ලංකාවේ මුදලින් නම්... වයින් රස බැලීම සඳහා මේ වනවිට බෝතල් තුනක් විවෘත කර තිබේ. ඉතිරි බෝතල් අට ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා තබා ගැනෙනු ඇත. බෝඩෝ එස්ටේට් ශැටෝ පෙට්රුස් (Bordeaux estate Château Pétrus) සමාගම වසරකට නිපදවන්නේ වයින් බෝතල් 30,000ක් වැනි ප්රමාණයකි. එම නිෂ්පාදනය සෑම වසරකම ලෝකයේ මිල අධිකම වයින් වර්ග අතර ශ්‍රේණිගත වෙයි. වසර 2000 දී ලද මිදි පලදාවෙන් පෙරන ලද Pétrus වයින් බෝතලයක මිල සාමාන්‍යයෙන් ඩොලර් 6000ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ මුදලින් නම් එය රුපියල් මිලියන 1.2කට ආසන්න වටිනාකමකි. | අභ්‍යවකාශයේ සැරිසැරූ වයින් බෝතලයක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබේ. ප්‍රංශයේ නිෂ්පාදිත මෙම වයින් බෝතලය කක්ෂගත කිරීමෙන් අනතුරුව වසරකට අධික කාලයක් පෘථිවිය වටා ගමන් කර ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනරාල් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා එම පියවර ගන්නා බවයි, මැතිවරණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග මගින් පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන් සංදේශයට ප්‍රකාශයක් කළ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ කියා සිටියේ, ජනරාල් සරත් ෆොන්සේකා ඡන්දදායක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබීම ඔහු ඉදිරි ජනාධිපතිවරණයක දී තරඟ වැදීම වළක්වා ලීමේ උපායක් වන බවයි. එදා ඡන්දය දුන්නා තවදුරටත් කරුණු පැහැදිලි කරන මන්ත්‍රීවරයා පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ජනරාල් ෆොන්සේකාට ඔහුගේ ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොවූ බවයි පෙන්වා දුන්නේ. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා 2013 ඡන්දදායක ලැයිස්තු අනුව\ කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානයක දී ඔහුගේ ඡන්දය පාවිච්චි කර තිබුණි. කෙසේ වුවද, නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය පරිදි ජනරාල් සරත් ෆොන්සේකා ගේ නම 2014 ඡන්දදායක ලැයිස්තුවෙන් මකා දැමීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනු ඇතැයි මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි. එම තීන්දුව අද සිකුරාදා මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවේ ප්‍රකාශයට පත් කරනු ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි. | ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ජනරාල් සරත් ෆොන්සේකාගේ නම නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ඡන්දදායක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මෙන් මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | විරෝධතා වාදීන් සිය ගණනක් තායි ආණ්ඩුවේ ප්‍රධාන ආයතන වට ලා සිටිති ඇමෙරිකානු FBI ෆෙඩරල් රහස් ඔත්තු අංශයට සමාන ආයතනයක් වන තායිලන්ත විශේෂ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උද්ඝෝෂකයන් සිය ගණනක් විසින් වට කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ. තායිලන්ත අගමැතිනි, යින්ලුක් ශිනවත් ගේ ආණ්ඩුව අඩපණ කර දැමීම සඳහා පෙරට ගෙන යමින් පවතින වැඩ පිළිවෙලක කොටසක් හැටියටයි, එම වටලෑම සිදු කෙරෙන්නේ. වෙනත් අමාත්‍යංශත් විරෝධතාවාදීන් ගේ ඉලක්ක බවට පත් වී ඇති බවත් තායිලන්තයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි. එවැනි තත්වයක් උද්ගත වී ඇති නමුත් එය නොතකා හරින අගමැති ලේකම් සූරා නන්ද් විජ්ජාජීව බීබීසියට කියා සිටියේ, ආණ්ඩුව අර්බුදයකින් තොරව ක්‍රියාත්මක වෙන අතර නීතිය සහ සාමය ස්ථාපිත කිරීම සඳහා යුද හමුදාව යෙදවීමේ සැලැස්මක් නොමැති බවයි. | විරෝධතා ව්‍යාපාරයක් ගෙනයමින් සිටින තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ බැංකොක් අගනුවර විශේෂ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් වෙන මෙන් නිලධාරීන්ට බල කරමින් සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපසදී මාධ්‍යවේදීන් ඇමතූ එම සංවිධාන කියා සිටියේ මතුවී තිබෙන අලුත් වාතාවරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාදාමය පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බව පවසමින් අගවිනිසුරු බණ්ඩාරනායක ඊයේ එම විමර්ෂණයෙන් ඉවත්ව ගියාය. අගවිනිසුරුවරියට එරෙහි චෝදනා පිලිබඳ සාක්ෂි ඇතුලත් ලියකියවිලි ඇය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා අධ්‍යයනය කිරීම සඳහා කල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි, ඇය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගියේ. ජනතා නීතිඥ සංගමයේ උප සභාපති සුනිල් වටගල නීතිඥවරයා කියා සිටියේ, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණි අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් සාමාජිකයන් ඇයට අපහාස වන ආකාරයෙන් බැන වැදීම හෙලා දකින බවයි. "ඇයට අවමන් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඇය අභීත තීන්දුවක් ගත්තේ. මේ රටේ කාන්තා පරපුර වෙනුවෙන් ගත්තු අභීත තීන්දුවක්," ඔහු පැවසීය. මේ අතර ප්රජාතන්ත්රවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ සංවිධානයේ සම සභාපති නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ කියා සිටියේ, පිටු දහසක පමණ චෝදනා පත්රයකට පැය 24 කටත් අඩු කාලයක් තුල පිළිතුරු දෙන මෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කළ නියෝගය ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරුවරිය ගත් තීන්දුවට සමස්ත නීතිඥ ප්‍රජාවගේ අගය කිරීමට ලක්වන බවයි. කොළඹ මහාධිකරණ නීතිවේදීන්ගේ සංගමයේ සභාපති ආනන්ද හෙට්ටිආරච්චි ද එය අනුමත කළේය. "අඩුම ගානේ සමථ මණ්ඩලේකවත් මෙවැනි ආකාරයෙන් පවත්වන්නේ නෑ. සමථ මණ්ඩලේකට ගියත් ඒ සහණ දෙනවා විත්තිකාරයෙකුට කරුණු දක්වන්න. මේ අනුව මේ සම්පූර්ණ පටිපාටිය නීති විරෝධීයි," ඔහු පැවසීය. අධිකරණය සුරැකීමේ එකමුතුවේ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පවසන්නේ අධිකරණය මර්ධනය කොට ඒකාධිපති ගමණක් යාමට උත්සාහ කරන රජයට පාඩමක් ඉගැන්විය හැක්කේ ජනතා ශක්තිය තුලින් පමණක් බවයි. එමෙන්ම අගවිනිසුරුවරිය තවදුරටත් පදවියේ සිටියදී වැඩ බලන අග්‍ර විනිශ්චයකාර වරයෙකු පත්කිරීමට නීතියෙන් ඉඩකඩ නොමැති බව ජ්‍යෙෂ්ට නීතිවේදී ලාල් විජේනායක පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | දෝෂාභියෝග විමර්ෂණ ක්‍රියාදාමයෙන් ඉවත් වීමට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ගත් තීන්දුවට තම සහාය හිමිවන බව නීතිවේදීන්ගේ සංවිධාන පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'නිලූකගේ ජයග්‍රහණය පොදුවේ බැඩ්මින්ටන් වලට ලොකු ජයග්‍රහණයක් විදියට තමයි මම නම් දකින්නේ. මොකද ලංකාවේ හැමෝම කථාකරන්නේ ක්‍රිකට් ගැන' ජගත් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අංක අට ස්ථානය දරන ජපන් ජාතික කෙනිචි තාගෝ පරාජය කරමින් නිලූක කරුණාරත්න ජයග්‍රහණය හිමිකරගත් අතර ඉරිදා සහ සඳුදා දිනවල පැවති තරඟවලින් පරාජය වීමෙන් අනතුරුව තිලිනි ජයසිංහට ශූරතාවලියෙන් ඉවත්ව යාමට සිදුවිය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ඔලිම්පික් ශූරතාවලියකදී ජයග්‍රහණයක් අත්කරගත් ප්‍රථම වතාව කණ්ඩායම් නායකගේ ජයග්‍රහණයයි. දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව හතලිස් හත් වැනි ස්ථානය දරන නිලූක මේ ජයග්‍රහණයත් සමඟම ඔලිම්පික් උළෙලේ දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයන් දහසය දෙනා දෙනා අතරට තේරී පත්වී සිටී. ක්‍රිකට් විතරයි "ඇත්තටම නිලූකගේ ජයග්‍රහණය පොදුවේ බැඩ්මින්ටන් වලට ලොකු ජයග්‍රහණයක් විදියට තමයි මම නම් දකින්නේ. මොකද ලංකාවේ හැමෝම කථාකරන්නේ ක්‍රිකට් ගැන අනික නිලූක අද එච්චරම ලේසි මැච් එකක් නෙවෙයි එයා දිනුවේ," බව පවසන තිලිනි ඉදිරි තරඟයෙනුත් ජයග්‍රහණය ලබා ඔලිම්පික් පදක්කමක් දිනීමට ඔහුට අවස්ථාව ලැබෙනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බව ද බීබීසී සංදේශයට පැවසුවාය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ඔලිම්පික් ශූරතාවලියකදී ජයග්‍රහණයක් අත්කරගත් ප්‍රථම වතාව මෙයයි එය අනුමත කරන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ බැඩ්මින්ටන් පිල භාර කළමනාකරු රොහාන් ද අල්විස් විශේෂයෙන්ම සඳහන් කළේ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ලෝක මට්ටමට ළඟාවීම සඳහා දැනට වඩා අනුග්‍රහය ලබා දීමේ අවශ්‍යතාවයයි. "අපිට පුළුවන් තරම් අනිත් සමාගම් සහ ආයතන උදවු කරනවා නම් අපේ ළමයින්ට මේක අපිට ලෝක මට්ටමට ගෙන්න පුළුවන් ක්‍රීඩාවක් කියල මට කියන්න පුළුවන්," බව ඔහු පවසයි. ඉන්දීය බැඩ්මින්ටන් ශූරයා සහ වියට්නාම් බැඩ්මින්ටන් ශූරයා අතර පැවැත්වෙන තරඟයෙන් ජයග්‍රහණය ලබන ක්‍රීඩකයා සමඟයි, නිලූක ලබන අගෝස්තු පළවෙනිදා තරඟ වැදීමට නියමිතව තිබෙන්නේ. "නිලූකට ලොකු අවස්ථාවක් තියෙනවා එයාගේ සෙල්ලම් කරන විදිය නිසා. එයා හරිම උනන්දුවෙන් හොඳට පුහුණුවෙලා තියෙනවා. මම විශ්වාස කරනවා එයාට දිනන්න පුළුවන් කියල ඒ දෙන්නගෙන් කවුරු ආවත්," බවයි, කණ්ඩායමේ කළමනාකරු රොහාන් ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ. සඳුදා පැවති පළමු තරඟයෙන් පරාජය වුවත් කණ්ඩායම තවමත් මංගල සමරකෝන්ගේ දෙවැනි තරඟය කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙන බව කණ්ඩායමේ මාධ්‍ය සම්බන්ධීකාරක නිශාන්ත පියසේන මේ අතර සංදේශයට කියා සිටියේය. උළෙලේ දෙවැනි දිනය වූ ඉරිදා සිය පළමු තරඟයට සහභාගි වූ ක්‍රිෂාන් උනම්බුව විනාඩි 57.84 කින් තරඟය නිමාකරමින් දෙවැනි ස්ථානයට තේරී පත් වූ නමුත් දෙවැනි වටයට සුදුසුකම් නොලැබීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්ව ගියේය. තමා සහ උනම්බුවට ආරම්භයේදීම තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුවත් රේශික උඩුගම්පොල, මංගල සමරකෝන් ඇතුළු තරුණ ක්‍රීඩක පරපුරට මේ තරඟාවලිය අනාගතය වෙනුවෙන් අත්දැකීම් සම්භාරයක් රැස්කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් බවයි, තිලිනි ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේ. | ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේ පිට පිටම දින දෙකක් තරඟවලින් පරාජය වීම ගැන කනගාටුවන නමුත්, කණ්ඩායමේ නායක නිලූක කරුණාරත්නගේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිලිනි ජයසිංහ පවසන්නීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'කවුරුත් දැක්ක කොහොමද සිද්ධිය ඇති වුනේ කියලා' බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ අදාළ පරීක්ෂණවලින් අනතුරුව වරදකරුවන් කවුරුන්දැයි යන්න දැන ගැනීමට හැකි වනු ඇති බවයි. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් කරන ලද පහර දීමකින් අනතුරුව ගැටුම්කාරී තත්වයක් ඇති වූ බවට ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රතික්ෂේප කළේය. 'බොරු චෝදනා එල්ල කරලා, ප්‍රශ්න ඇති කරලා දැන් එක් එක් අයට චෝදනා කරලා වැඩක් නැහැ. කවුරුත් දැක්ක කොහොමද සිද්ධිය ඇති වුනේ කියලා' අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කියා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතීතයේ ක්‍රියා කළ ආකාරය සිහිපත් කිරීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට දිගින් දිගටම බාධා කළ බවයි. 'සරත් ෆොන්සේකා මහත්මයාට කතා කරන්න දෙන්නෙම නැහැ, ඊයෙත් වුනේ ඒකයි, ඒක තමයි ඒ අයගේ සංස්කෘතිය. කාටවත් කතා කරන්න දෙන්නේ නැහැ. ගහනවා, මරනවා ඒක තමයි ඒ අයගේ ක්‍රමය' නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාධ්‍ය හමුවට එක් වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පැවසුවේ පරීක්ෂණවලින් වරදකරුවන් වන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ පක්ෂ කටයුතු කළ යුතු බවයි. | පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදු කරන බව ආණ්ඩුව පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඉහල මට්ටමේ දූත මණ්ඩලයක් බංග්ලාදේශයට යැවීමට මහලේකම්වරයා පියවර ගෙන ඇත. විශ්වසනීය සහ සියලු දේශපාලන පක්ෂ සහභාගී වෙන මහ මැතිවරණයක් සහතික කර ගැනීම සඳහා ඒකමතික භාවයක් ඇති කර ගැනීමෙහි ලා, එවැනි සංවාදයකට අවතීර්ණ වෙන ලෙසයි, මහ ලේකම්වරයා ඉල්ලා සිටින්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සම්බන්ධතා භාර සහකාර ලේකම්, ඔස්කාර් ෆර්නන්දෙස් - ට්රාරන්කෝ(Oscar Fernandez-Traranco) ඇතුළත් ඉතා ඉහල මට්ටමේ දූත මණ්ඩලයක් විසිනුයි, මහ ලේකම්වරයාගේ පණිවුඩය බංග්ලාදේශ් දේශපාලන පක්ෂ නායකයන් වෙත භාර දෙනු ලැබ තිබෙන්නේ. ප්රචණ්ඩ දේශපාලන ගැටුම් මහ මැතිවරණය නිවේදනය කිරීමත් සමඟයි,ගැටුම් ඇවිල යමින් පවතින්නේ. එම දූත මණ්ඩලය ‘ඩකා’ අගනුවර කරා යවනු ලැබුණේ, එහි සති කීපයක් ම පැතිර යමින් තිබුණ ප්රචණ්ඩ දේශපාලන ගැටුම් වලින් අනතුරුවයි. ඔක්තෝබර් මාසයේ පටන් පැතිර යමින් තිබුණ එම ගැටුම් වල දී හැටකට අධික ජීවිත විනාශයක් සිදු වූ බව වාර්තා විය. බංග්ලාදේශ් මහ මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබෙන්නේ ලබන ජනවාරි මාසයේ පස් වෙනිදායි. එම මහ මැතිවරණයට පෙර අගමැතිනි ෂේක් හසීනා පදවියෙන් ඉවත්ව භාරකාර පාලනයක් යටතේ ඡන්ද විමසීම් පවත්වන මෙන් බල කරමින්, ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ් ජාතික පක්ෂය විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනු ලැබීමත් සමඟයි,එම ගැටුම් ආරම්භ වුණේ. | එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන්, හදිසි සාකච්ඡා ආරම්භ කරන මෙන්, බංගලාදේශයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ''මගේ පුතා වෙනුවෙන් යුක්තිය සෙවීම මම කිසිදාක නවත්තන්නේ නැහැ'' ඉහත කී සිසුන් පස් දෙනා ඝාතනය කොට වසර දහයක් ගත වන මොහොතේ ඒ පිළිබඳ නිවැරදි පරීක්ෂණයක් සිදු කොට යුක්තිය ඉටු කර දෙන මෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. තම පුතු වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කර ගැනීමේ අරමුණින් ලොව පුරා පිහිට පතමින් වසර දහයක් මුළුල්ලේ ගමනේ යෙදී සිටින බවයි ඝාතනයට ලක් වූ එක් සිසුවකුගේ පියෙක් පවසන්නේ. ''මගේ පුතා රජිහරන් එයාගේ යාළුවෝ හමු වෙන්නයි ගාන්ධි ප්‍රතිමාව අසලට ගිහින් හිටියේ. මුහුද පැත්තෙන් අපිට බෝම්බයක් පිපිරෙන සද්දයක් ඇහුණා. රජිහරන් එයාගේ දුරකථනයට පිළිතුරු දුන්නේ නැහැ. කෙටි පණිවුඩයක් පමණක් ලැබුණා 'තාත්තේ' කියලා.'' රජිහරන්ගේ පියා වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් කියා සිටියේ ඇම්නෙස්ටි ජාත්‍යන්තරය හා සාකච්ඡාවකට එක් වෙමින්. අන්තිම ඇමතුම එම අවස්ථාවේ තමා සිද්ධිය වූ දෙසට ගිය නමුත් ආරක්ෂක අංශ විසින් එම ස්ථානයට ඇතුළු වීම වලක්වා ලූ බවයි වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් පවසන්නේ. මෘත ශරීරාගාරයට ගිය තමාට සිය පුතුගේ හිසෙහි පසුපස ප්‍රදේශයේ වෙඩි වැදුණු ළකුණු පහක් දකින්නට ලැබුණු බව වෛද්‍ය මනෝහරන් කියා සිටි බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි. ''මගේ පුතා වෙනුවෙන් යුක්තිය සෙවීම මම කිසිදාක නවත්තන්නේ නැහැ''වෛද්‍ය මනෝහරන් කියා සිටියි. ඝාතන සිදු වීමෙන් අනතුරුව තම පවුලේ සෙසු සාමාජිකයන් වෙතත් තර්ජන එල්ල වූ බැවින් තමන් සියලු දෙනාම ශ්‍රී ලංකාව හැර ගිය බවත් වෛද්‍ය මනෝහරන් කාසිපිල්ලේ සඳහන් කළේය. | ත්‍රිකුණාමල වෙරළේ සිටියදී පැහැර ගෙන ගොස් මරා දැමුණු සරසවි ශිෂ්‍යයන් පස් දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු කර දෙන මෙන් එම සිසුන්ගේ පවුල් වල ඥාතීහු ඉල්ලා සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ ආධාරකරුවකු ලෙස සැලකෙන රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පදවියට පත්කොට තිබෙන අතර, රවී කරුණානායක මන්ත්‍රීවරයා පක්ෂයේ උප නායක පදවියට පත්කොට තිබේ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් නියෝජ්‍ය මහලේකම් පදවියකට පත්කොට ඇති අතර, මැතිවරණ සම්බන්ධ නියෝජ්‍ය මහලේකම් පදවිය තලතා අතුකෝරල මන්ත්‍රීවරියට හිමි වී තිබේ. පුරප්පාඩු වී පැවති එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික පදවියට එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පත්කොට තිබේ. | හම්බන්තොට දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කොට තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 2008 වසරේ මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසට ආගමික නිදහස කඩ කිරීමේ චෝදනා නඩුවටඇතුල් කරන්නැයි අගතියට පත් පාර්ශවය විසින් කෙරුන ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරින. සාක්ෂි ලබා දුන් නාලිනි හෙන්රිකස් කියා සිටියේ 2008 වසරේ ජුනි මස 6 වැනිදා උදෑසන ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් තම දේවස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී සංගීත භාණ්ඩ සහ දේපල විනාශ කල බවයි. මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ මෙම නඩුව නොවෙම්බර් මස දහ අටවෙනිදාට කල් තැබින. | මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට අදාළ නඩුව අද (බදාදා) විභාගයට ගත් අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න කියා සිටියේ චෝදනා ඉදිරිපත් කිරීම හෝ සංශෝධනය කිරීම නීතිපතිවරයාගේ කාර්යයක් වන බවයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "ආණ්ඩු හැදීමට, පෙරැළීමට, තමන් කැමති පුද්ගලයන් පත් කරගැනීම මෙන්ම ඔවුන් ඉවත් කිරීමේ බලය සම්පූර්ණයෙන් තියෙන්නේ ජනතාව අතේ." ජනාධිපතිවරුන් තෝරා ගැනීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ මැතිවරණ හතක් පවත්වා ඇත. ඉතිහාසය පුරා ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් තරග කළත්, බොහෝ අවස්ථාවල එය ප්‍රධාන පක්ෂ දෙකක් අතර අපේක්ෂකයන් දෙදෙනකුගේ සටනක් ලෙස පෙනෙන්නට තිබිණි. 1978 දී සකසන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු පළමු වරට තෝරා ගැනීම 1982 දී සිදු විය. හිටපු ජනාධිපති ජුනියස් රිචඩ් ජයවර්ධන (ජේ ආර් ජයවර්ධන) මූලික වී සකසන ලද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධායක බලතල අනුව "ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" යැයි කියැවිණි. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දී බිහිවිණි. ඉන් වසර කිහිපයක් ඉකුත්ව ගිය තැන දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය. එසේ 1978 වසරේ බිහිවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ දක්වා සංශෝධන 19ක් හඳුන්වා දී තිබේ. ජනාධිපතිවරණ ගමන් මග 1982 - විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ප්‍රථම ජනාධිපතිවරණය. ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 81ට වැඩි පිරිසක් මෙහිදී ඡන්දය භාවිත කළ අතර, අපේක්ෂකයන් හය දෙනක් ඉදිරිපත් වූහ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජේ ආර් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජේ ආර් ජයවර්ධන 52.91%ක ප්‍රතිශතයක් ලබාගෙන ඡන්දය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හෙක්ටර් කොබ්බෑකඩුවට ලබා ගත හැකි වූයේ 39.07%ක ඡන්ද ප්රතිශතයකි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඡන්ද 273,428ක් ලබා ගත්තේය. එය ප්‍රතිශතයක් වශයෙන් 4.19%කි. "ඡන්ද ප්‍රතිශතය අඩු වුණත්, මේ රටේ ජනතාව අපි රටේ තුන්වෙනි බලවේගය හැටියට පිළි අරගෙන තිබෙනවා," ඡන්දයෙන් පසු පැවති දේශපාලන රැස්වීමක දී රෝහණ විජේවීර ප්‍රකාශ කළේය. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කළ කුමාර් පොන්නම්බලම් 2.67%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ අතර, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු කොල්වින් ආර්. ද සිල්වා සහ නව සමසමාජ පක්ෂය නියෝජනය කළ වාසුදේව නානායක්කාර ද සුළු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්හ. 1988 - දෙවෙනි ජනාධිපතිවරණය ශ්‍රී ලංකාව තුළ භීෂණය රජයමින් පැවති සමයකි. අවි ආයුධ අතට ගත් තරුණ සංවිධාන, පාතාල සාමාජිකයින් මෙන්ම ආරක්ෂක අංශ ද ඈඳුණු බොහෝ ඝාතන සහ අපරාධ සිදුවූ කාලවකවානුවක් විය. එම තත්ත්වය ජනාධිපතිවරණ ප්රචාරක කටයුතුවලට දැඩි බාධා එල්ල කළේය. සිරිමාවෝ බණ්ඩාරනායක ජනපති අපේක්ෂකයන්ගේ පොරොන්දු වෙනුවට "මව්බිම නැත්නම් මරණය" වැනි වැකි සටහන් වූ පෝස්ටර් රටපුරා දක්නට ලැබිණි. දැඩි ලෙස පැතිරී තිබුණ මරණ බිය නිසා බොහෝ දෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. මෙහිදී ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක ඉදිරිපත් වූ අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රණසිංහ ප්‍රේමදාස තරග කළේය. ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් ඔස්වින් අබේගුණසේකර ද මෙවර තරගයට ඉදිරිපත් විය. එක රැයක් තුළ රට පුරා ඇලවුණු "මේ කවුද මොනවද කරන්නේ?" යනුවෙන් සටහන් වූ ප්රචාරක පෝස්ටරයක් අතරින් ජනපති සටන ආරම්භ කළ රණසිංහ ප්‍රේමදාස 50.43%ක් ලබාගෙන එවර මැතිවරණය ජයග්‍රහණය කළේය. ප්‍රතිවාදීන් වන සිරිමාවෝ බණ්ඩාරනායක 44.95% ඡන්ද ප්‍රතිශතයක් ද සහ ඔස්වින් අබේගුණසේකර 4.63%ක් ද ලබා ගත්හ. ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 55.32% ක් පමණක් එවර ඡන්දය භාවිත කළහ. රට පුරා ඇවිළී ගිය භීෂණය මෙයට හේතු වූ අතර, අඩුම පිරිසක් ඡන්දය භාවිත කළ ජනාධිපතිවරණය ලෙස එය ඉතිහාසගත විය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ බලපෑම ද මෙම කාලය තුළ දැඩි ලෙස බලපැවැත්වුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව ද ඡන්දය භාවිත කළේ අල්ප වශයෙනි. රණසිංහ ප්‍රේමදාස 1993 වසරේ මැයි දින පෙළපාලියකදී එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මියයාමත් සමඟ එවක අගමැතිව සිටි ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධූරයේ වැඩ භාර ගත්තේය. 1994 ජනපති සටන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඡන්ද 47,09,205ක් ලබා ගත් අතර, එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 62.28%කි. එය මෙතෙක් ජනපතිවරණ ඉතිහාසයේ වාර්තාවක් ලෙස සටහන් වේ. මේ දක්වා පැවති ජනාධිපතිවරණ ජයග්‍රහණ කළ අපේක්ෂකයන් කිසිවෙකුත් 60% ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට සමත් වූයේ නැත. එමෙන්ම ජනපති සටනට ප්‍රථම වතාවට කාන්තාවන් ඉදිරිපත් වූයේ ද 1994 ජනාධිපතිවරණයේදී ය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රීමා දිසානායක ඡන්ද 27,15,283ක් ලබාගත් අතර, එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 35.91%කි. මෙහි දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හඩ්සන් සමරසිංහට ලබා ගැනීමට හැකි වූයේ 0.78%ක් වැනි ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයක් පමණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයෙන් තරග වැදුණු හරිශ්චන්ද්‍ර විජයතුංග ඡන්ද 0.43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, ස්වාධීන අපේක්ෂකයෙකු වන ඒ ජේ රණසිංහ සහ ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ නියෝජනය කරමින් ජී ඒ නිහාල් (නිහාල් ගලප්පත්ති) 0.30% බැගින් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්හ. එවර ප්‍රධාන පක්ෂවලින් තරග වැදුණු අපේක්ෂකයන් දෙදෙනා සහ අනෙකුත් අපේක්ෂකයන් අතර විශාල ඡන්ද පරතරයක් දක්නට ලැබිණි. "එකිනෙකාගේ පෞද්ගලික දේශපාලන මත සහ පුද්ගලයන් වශයෙන් විවිධ චෝදනා තියෙන්න පුළුවන්. හැබැයි කරුණු මත බැලුවොත්, 1994 ජනාධිපතිවරණය ඉතිහාසගත වී හමාරයි. විශේෂයෙන්ම කාන්තාවන් දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් තරග වැදීම සහ ඉන් කෙනෙකු වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කිරීම දුර්ලභ කාරණයක්," දේශපාලන විද්‍යා ගුරුවරියක වන කමණී පෙරේරා බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය. "අවාසනාවට රටෙන් 52%ක් කාන්තාවන් වුණාට, ආපසු කාන්තාවක් ජනාධිපතිවරණයට තරග වදින්න එන්නේ මේ වසරේ. ඒ අවුරුදු 25කට පස්සේ. ප්‍රධාන පක්ෂවලින් නැතත්, මේ පුරුෂ සටනට මැදිහත් වෙන එකම ලොකු අභියෝගයක්," ඇය තවදුරටත් පැවසුවාය. 1999 ජනාධිපතිවරණය එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධය ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය බලය ලබා ගැනීමට යැයි පවසමින් සිය ධුර කාලය ඉකුත්වීමට වසරකට පෙරාතුව ජනාධිපතිවරණයක් කැඳවීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ක්‍රියා කළාය. රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයන් 13ක් තරග වැදුණු එම ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ රනිල් වික්‍රමසිංහය. එල්ටීටීඊ සංවිධානය සමග සාම සාකච්ඡා පැවැත්වීමට ක්‍රියා කිරීම රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දුව විය. කෙසේනමුත්, ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට දින තුනකට පෙර කොළඹ නගර සභා පිටියේ පැවති අවසාන ප්රචාරක රැළියේ දී බෝම්බ ප්‍රහාරයකට හසු වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ දකුණු ඇසට බරපතල හානි සිදු විය. 1999 දෙසැම්බර් 21 පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 51.12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ලබා ගත්තේ 42.71%ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලකට 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ අතර, අන් කිසිදු අපේක්ෂකයෙකුට 1% ඡන්ද ප්‍රතිශතය පසු කිරීමට නොහැකි විය. 1999 දෙසැම්බර් 22 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය දෙවෙනි ධූර කාලය සඳහා දිව්රුම් දෙන විට ද ඇයගේ දකුණු ඇස වෙළුම්පටිවලින් වසා තිබිණි. 2005 ජනාධිපතිවරණය නියමිත කාලයට වසරකට පෙරාතුව ජනාධිපතිවරණය පැවැත්වීම නිසා, සිය දෙවෙනි ධූර කාලයට එය එකතු විය යුතු බව පවසමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළාය. නමුත් පෙත්සම නිශ්ප්‍රභ කළ අධිකරණය මැතිවරණය පැවැත්වීමට ක්‍රියා කරන ලෙස තීන්දුවක් ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ එවර ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ තරග වැදුණු අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ෆෙඩරල් ක්‍රමයක් ප්‍රතික්ෂේප කිරීම සහ එල්ටීටීඊ සංවිධානය සමග නැවත සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා පැවැත්වීමේ පොරොන්දු මත ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික හෙළ උරුමය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී මහින්ද රාජපක්ෂට සහය ලබා දුන්හ. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ වතුකරය නියෝජනය කරන දෙමළ පක්ෂ රනිල් වික්‍රමසිංහට සහය පළ කළහ. "මහින්ද චින්තන" ප්‍රතිපත්ති මාලාව එළිදක්වා 50.29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ සටන ජය ගත්තේය. රනිල් වික්‍රමසිංහ 48.43%ක ප්‍රතිශතයක් ලබා ගත් අතර, තෙවෙනි අපේක්ෂකයා වන එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරියට ලබා ගත හැකි වූයේ 0.36ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. එල්ටීටීඊ සංවිධානය යටතේ තිබුණු උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස අණ කෙරී තිබූ අතර, ඡන්දය දීමට යන පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙන බව ද පවසා තිබිණි. මේ හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් වැසියන් බොහෝ දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකුණහ. සමස්ත ඡන්ද ප්‍රතිඵලයට මෙය දැඩි ලෙස බලපාන්නට ඇති බව පසු කාලීන දේශපාලන විග්රහයන් තුළ බහුලව පෙනෙන්නට විය. මේ තොරතුරුද කියවන්න: 2010 ජනපති සටන 2009 වන තෙක් පැවති දරුණු සටන්වලින් පසු එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමට රටෙහි සේනාධිනායක වූ මහින්ද රාජපක්ෂට හැකි වීම නිසා, ඔහු අතිශය ජනප්‍රියත්වයට පත් වී සිටියේය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ හේතුවෙන් නියමිත ධුර කාලයට වසරකට පෙර මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපතිවරණයක් කැඳවීය. එවර විපක්ෂ කිහිපයක එකතුවෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරිණි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සහය ද ලබමින් හිටපු හමුදාපති ජෙනරල් (එවක) සරත් ෆොන්සේකා හංසයා ලකුණෙන් පොදු අපේක්ෂකයා ලෙස ජනපති සටනට ඉදිරිපත් විය. යුද ජයග්‍රහණ සඳහා උර දුන් ප්‍රධාන පුද්ගලයන් අතරින් දෙදෙනෙකු ඉදිරිපත්වීම නිසා මැතිවරණය පෙර සිතුවාට වඩා උණුසුම් විණි. කෙසේවෙතත්, 57.88% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. මෙතෙක් සිටි සෑම ජනපතිවරයෙකුටම සිය පළමු ධූර කාලයට වඩා දෙවැනි ධූර කාලවලදී ලබන ඡන්ද ප්‍රතිශතය අඩු වීමක් දක්නට ලැබුණ ද, මෙවර එහි වෙනසක් සිදු වීය. ජෙනරල් සරත් ෆොන්සේකා 40.15%ක් ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී තෙවෙනියා වශයෙන් මොහොමඩ් කාසීම් මොහොමඩ් ඉස්මයිල් නමැති අපේක්ෂකයාට හිමි වූයේ 0.38%ක ඡන්ද ප්රතිශතයකි. 2010 ජනාධිපතිවරණයේදී රටේ සමස්ත ඡන්ද භාවිතයේ ප්‍රතිශතය 74% ක් වුවත් යාපනය හා වන්නි දිස්ත්‍රික්කවල ඡන්ද භාවිතයේ ප්‍රතිශතය පිළිවෙළින් 25.66% ක් 40.33% ක් විය. එම ප්‍රදේශවල ජනතාව යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස අවතැන්ව සිටීම සහ හැඳුනුම්පත් නොමැතිකම ඊට හේතු විය. අපේක්ෂකයන් 22ක් ඉදිරිපත්වූ අතර, මෙතෙක් කල් වැඩිම පිරිසක් තරග වැදුණු ජනාධිපතිවරණය බවට එය සටහන්ව තිබිණි. මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා හැර සෙසු අපේක්ෂකයන් සියලුදෙනාටම ලබාගත හැකි වූයේ ප්‍රතිශතයක් වශයෙන් 1.97% ක් පමණි. මේ හේතුවෙන් එම අපේක්ෂකයන් 20 දෙනාගේම ඇප මුදල් රාජසන්තක විය. 2015 ජනාධිපතිවරණය නැවත වරක් සිය ධූර කාලය දීර්ඝ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් මහින්ද රාජපක්ෂ නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් කැඳවීය. ඔහු ඉදිරිපත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි. මෛත්‍රීපාල සිරිසේන නමුත් මෙවර ද එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකතුවකින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේය. මහින්ද රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ඇමති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන එම අපේක්ෂකයා විය. ප්‍රබල තරගයකින් පසු මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 62,17,162ක් ලබා 51.28% ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ගත්තේය. "යහ පාලන ආණ්ඩුවක්" ලබා දීම ඔහුගේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය විය. මහින්ද රාජපක්ෂට හිමි වූයේ 47.58%ක ඡන්ද ප්රතිශතයකි. අපේක්ෂකයන් 19 දෙනෙකු තරග වැදුණු එම ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම සිටි දෙදෙනා හැර අන් කිසිවෙකුටත් 0.15% සීමාව පසු කිරීමට නොහැකි විය. ශ්‍රී ලාංකිකයන් නැවතත් ජනාධිපතිවරණයකට සූදානම් වෙමින් සිටිති. පසුගිය ජනාධිපතිවරණ හතේදීම ජයග්‍රහණය කළ පුද්ගලයා 50%ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත. එසේ නොවුවහොත් දෙවෙනි ස්ථානය දිනාගත් අපේක්ෂකයාගේ සහ සෙසු අපේක්ෂකයන්ගේ දෙවැනි මනාපය ගණන් කළ යුතුව තිබිණි. මෙතෙක් සිටි ජනාධිපතිවරුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතයක් ලෙස: ඡන්ද බලය 1931 දී ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ මෙරට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඡන්ද බලය හිමි විය. "අවාසනාවට අපි අතරින් බහුතරයක් දන්නේ නැහැ තමන්ට තිබෙන බලය ගැන.." මේ අනුව ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා, සංවර්ධන සභා සහ ගම් සභා යන පාලන ආයතනවලට සභිකයන් පත් කර ගැනීම සඳහා වසර 88ක් පුරා ශ්‍රී ලාංකිකයෝ සිය ඡන්ද බලය භාවිත කරති. ඒ අනුව සිය පාලකයන් තෝරා ගැනීමට මෙන්ම ඔවුන් පලවා හැරීමට ද සිය ඡන්ද බලය 'අවියක්' ලෙස ඔවුන් භාවිත කර ඇති අවස්ථා ඉතිහාසය පුරාවට දැකගත හැකිය. "ආණ්ඩු හැදීමට, පෙරැළීමට, තමන් කැමති පුද්ගලයන් පත් කරගැනීම මෙන්ම ඔවුන් ඉවත් කිරීමේ බලය සම්පූර්ණයෙන් තියෙන්නේ ජනතාව අතේ. අවුරුදු 88 ක් තිස්සේ මෙය සිදු කරළා අපේ රටේ මිනිස්සුන්ට මේ ගැන පුළුල් දැනුමක් තියෙන්න ඕනේ," නීතීඥ තක්ෂිලා ජයසිංහ බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය. "නමුත් අවාසනාවට අපි අතරින් බහුතරයක් දන්නේ නැහැ තමන්ට තිබෙන බලය ගැන. ඔවුන් දේශපාලඥයන් කියන දේකට ඡන්දය දෙනවා හැර බුද්ධියෙන් තීරණ ගන්න තරමට තම මනස, හැදියාව දියුණු කරගෙන නැහැ," ඇය තවදුරටත් පැවසුවාය. තවත් තොතුරු: | දිනෙන් දින උණුසුම් වන මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය බවට පත් වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'මම තවත් මගේ මහත්තයා ගෙදරට එනකන් බලා ඉන්නවා' තම නිවුන් දරුවන් දෙදෙනා සමග සත්‍යග්‍රහයේ යෙදුණු මයුරි ඉනෝකා ජයසේන කියා සිටියේ සිය සැමියා වන මධුෂ්ක හරිස් ද සිල්වා සොයා දෙන මෙන් පසුගිය ආණ්ඩුව සමයේ ඉල්ලා සිටියත් ඉන් ඵලක් නොවූ බවයි. ‘මම කිසි වෙලාවක පිළිගන්නේ නැහැ එයා නෑ කියලා. මම තවත් මගේ මහත්තයා ගෙදරට එනකන් බලා ඉන්නවා’ ඇය පැවසුවාය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ නැවත ආරම්භ කළාක් මෙන් තම සැමියාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන්ද නැවත විමර්ශන ආරම්භ කරන ලෙස ඇය වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. ‘මගේ මහත්තයට වෙච්ච සිදුවීම ගැන කියන්න ඇසින් දුටු සාක්ෂි කියන්න කට්ටිය ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉහළ බලධාරීන් යටතේ මේක යට ගහනවා කියලා මට තේරෙනවා’ ඇය පැවසුවාය. සිය දරුවන් දෙදෙනා සමග රට පුරා ගොස් උද්ඝෝෂණ පවත්වමින් සිය සැමියා සොයා දෙන ලෙස ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් අවධානය යොමු නොකිරීම පිළිබඳ කනගාටු වන බවත් ඇය සඳහන් කළාය. | සුදු වෑන් රියකින් පැමිණ මීට වසර දෙකකට පෙර පැහැර ගෙන ගිය සිය සැමියා සොයා දෙන මෙන් ඉල්ලා තරුණ මවක් අනුරාධපුර අධිකරණය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සෙනසුරාදා (මැයි 01) අලුතින් රෝගීන් 1,716 ක් වාර්තා වූ අතර නොනවත්වා රෝගීන් 1,000 ඉක්මවා වාර්තා වූ පස් වෙනි දිනය මෙයයි. ඒ අනුව නව කොවිඩ් මර්දන මාර්ගෝපදේශ මාලාව මැයි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශිත සෝදිසි අවධි - 3 (Alert Level 3) මාර්ගෝපදේශ අනුව පහත සඳහන් නියමයන් බලපැවැත්වෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. කොරෝනා වෛරසය ; ශ්‍රී ලංකාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාවට ළඟා වෙයි මැයි මස 20 දිනට පසු පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපව මාර්ගෝපදේශ නැවත සමාලෝචනය කෙරෙනු ඇති බව බලධාරීහු පවසති. ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යටතේ තුන්වන මට්ටමේ කොවිඩ් අවදානමට සරිලන පරිදි මහජන ක්‍රියාකාරකම් සංශෝධනය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කෙරුණු නව රෙගුලාසි අනුව පහත සඳහන් සීමාවන්ද පනවා ඇත. මේ අතර බ්‍රිතාන්‍යයේ පැතිරෙන B117 කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවත් එම ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් පැතිරෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම ජීවන්දර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. එම ප්‍රභේදය ආසාදනය වූවන් වෙතින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද එය ඉතාමත් භයානක තත්වයක් බවද ඔහු සඳහන් කළේය. ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ පැතිර යමින් පවතින වෛරස් ප්‍රභේදය මේ වන තෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී නොමැති බවය. මේ තොරතුරු ද දැනගන්න: | ශ්‍රී ලංකාව තුළ දිනකදී හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අලුතින් මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | උප ජනාධිපති රාමෆෝසා ශ්‍රී ලංකාව පිළිබඳ ජනාධිපති සූමාගේ විශේෂ නියෝජිතයාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ දූත පිරිසක් සහ ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ දූත පිරිසක් වෙන වෙනම දකුණු අප්‍රිකාවේ සංචාරය කොට දකුණු අප්‍රිකානු බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධ ජනාධිපති සූමා ගේ විශේෂ නියෝජිතයා වශයෙන් මේ වසර මුලදී සිරිල් රමෆෝසා නම් කරනු ලැබිණ. දෙදින සංචාරයක් සඳහා ඔහු සඳුදා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතයි. ඉන් අනතුරුව ඔහු ඉන්දියාවේ ද සංචාරය කිරීමට නියමිතව තිබුණත් පසුව එය අවලංගු කොට ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඉන්දීය සංචාරය පසුගිය නොවැම්බරයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ ජනාධිපති ජේකබ් සූමා, ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම් වස් දකුණු අප්‍රිකාවේ අත්දැකීම් බෙදා හදා ගැනීමට සූදානම් බව සඳහන් කළේය. 'පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම බලාපොරොත්තුව' එහෙත් ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම ශ්‍රී ලංකාව තුලින්ම මතුවිය යුත්තක් බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම සහ රමෆෝසා ගේ සංචාරය අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බව කියා සිටියේය. ජාතික ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් විදේශීය රටවල සහාය පැතීමට දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය නම් ඒ පිළිබඳව සිය විරෝධයක් නැතත්, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම මගින් "දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාවගේ ආර්ථික සහ සාමාජයීය ගැටළු විසඳීම" මෙම චාරිකාවේ අරමුණ බව ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම පිණිස දකුණු අප්‍රිකාව ඇතුළු විදේශීය රටවල සහාය පැතීම අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ දැඩි විවේචනයට ලක් වී තිබේ. මේ අතර විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් ලබන සතියේ ඉන්දියාවේ සංචාරය කිරීමේ අරමුණද ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කිරීම බව පවසන නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කිරීමේ හෝ අහෝසි කිරීමේ කිසිදු අරමුණක් ආණ්ඩුවට නැති බවද සංදේශයට පැවසීය. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳව යූඑස්ඒඩ් ආයතනයේ මැදිහත්වීමෙන් පැවැත්වීමට නියමිතව තිබුණු වැඩසටහන්වලට විරෝධය පළ කිරීම පිළිබඳව විමසු අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රටේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගැසීමට කිසිදු රටකට අයිතියක් නැති බවයි. | දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමෆෝසා ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කිරීම පමණක් බව නියෝජ්‍ය විදේශ ඇමති නියෝමාල් පෙරේරා අවධාරණය කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "දූෂිතයන් සමග එක්ව තරඟ කරන්න බෑ" රාජිත සේනාරත්න, චම්පික රණවක ඇතුළු ජනපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දුන් මැති ඇමතිවරුන් පිරිසක් එම පෙරමුණට එක් වනු ඇති බවයි, අමාත්‍යවරයා පවසන්නේ. දූෂණ, වංචා චෝදනා ලැබූවන් සමඟ එක්ව තරඟ කිරීම සිය කණ්ඩායම තරයේ ප්‍රතික්ෂේප කරන බැවින් ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය රැක ගැනීම උදෙසා මෙම පෙරමුණ පිහිටුවා ගත් බව පැවසූ අමාත්‍යවරයා, නව පෙරමුණට නාම යෝජනා ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවත් සඳහන් කළේය. ජනපතිගෙන් 'විශේෂ ප්‍රකාශයක්' එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව සෙනසුරාදා හෝ ඉරිදා වනවිට පෙරමුණ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. නව වාතාවරණය හේතුවෙන් නාමයෝජනා පත්‍ර බාරදීම සඳුදා දක්වා කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයද තීරණය කර තිබේ. මේ අතර හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබාදීම සහ මහ මැතිවරණය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන සඳුදා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව සංදේශයට වාර්තා වේ. | ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට දායක වූ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගත් බව අමාත්‍ය අර්ජුන රණතුංග බීබීසී සංදේශයට පැවසීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කරදියාන කසල රැඳවුම් මධ්‍යස්ථානය ඒ අනුව ඕනෑම පළාත් පාලන ආයතනයක් යටතේ ක්‍රියාත්මකවන හෝ පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප්‍රවාහනය, තාවකාලික ගබඩා කිරීම, සකස් කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය , නිවෙස්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය සහ ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග එම නියෝගයට අදාළ වේ. අද සිට එමෙන්ම අදාළ ගැසට් පත්‍රය තුළින් ඉහත සඳහන් කරුණු අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. අදාළ නියෝගය අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග ආවරණය වන බවත් නිවේදනයේ සඳහන් වේ. මෙම ගැසට් නිවේදනය අද (අප්‍රේල් 20) මධ්‍යම රාත්‍රි 12.00 සිට බලාත්මකවන බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. | පළාත් පාලන ආයතන යටතේ සිදුවන අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වන කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී ප්‍රධාන වශයෙන් අදහස් පළ කෙරෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙනුයි. එසේ නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී තම දෛනික ගැටලුවලට පිළියම් සපයා ගත හැකි සංශෝධන ඇතුළත් කරන මෙන් පොදුවේ රටවැසියන් ඉල්ලා සිටින බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වන කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක පෙන්වා දෙන්නේ. උතුරු නැගෙනහිර පලාත්වල ජනතාව සහ සංවිධාන බලය බෙදාහැරීම පිළිබඳ විවිධ යෝජනා ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳමහජන අදහස් විමසීම මාර්තු මස 31 වනදා වන විට අවසන් කිරීමට නියමිත බව පැවසු කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක කමිටු වාර්තාව අප්‍රේල් මස 31 වනදාට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි කියා සිටියේ. | මානව හිමිකම් උල්ලංඝනය වීම් හා සම්බන්ධ සිදුවීම්වලදී ඒ සඳහා කඩිනමින් සහන සලසා ගත හැකි ව්‍යුහයක් සැකසීමේ අවශ්‍යතාව පොදුවේ සෑම ප්‍රදේශයකම ජනතාව අවධාරණය කරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වන කමිටුව ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අදාළ පැමිණිල්ල අඟහරුවාදා කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විවෘත අධිකරණයේ ප්‍රකාශ කොට සිටියේ ඉහත කී සිද්ධියට අදාළ පරීක්ෂණ පොලිසිය විසින් නිසියාකාරව සිදු කරනු ලැබ ඇති බවයි. පරීක්ෂණවලට සහාය දැක්වීම සඳහා අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස නීතිපතිවරයාට පසුගිය නඩු දිනයේ දන්වා යැවූ බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය එහෙත් අද දින නීතිපතිවරයා නියෝජනය කරමින් කිසිවෙකුත් අධිකරණයේ පෙනී නොසිටි බව ප්‍රකාශ කළාය. අපරාධ පරීක්ෂණයක් සාර්ථක කර ගැනීමට නීතිපතිවරයාගේ සහාය බෙහෙවින් වැදගත් බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය නඩුව විභාග වන මීළඟ දින අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා අධිකරණ පිස්කල්වරයා මාර්ගයෙන් නීතිපතිවරයාට නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කළේය. අනතුරුව අදාළ නඩු විභාගය අගෝස්තු 30 වනදා දක්වා කල් තැබිණ. ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් තිදෙනෙකු රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් මේ වන විට ඇප මත මුදා හැර තිබේ. | පසුගිය පාලන සමයේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දෙමළ ජාතික තරුණයන් එකොළොස් දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කර වීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට නීතිපතිවරයාගේ සහාය මෙතෙක් ලැබී නොමැති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අගමැති නිල නිවසේ කෝකියන් නොමැති බව පවසමින් පිටතින් ආහාර රැගෙන ඒමට ඩොලර් 99,300ක් වියදම් කළ බවට සාරා නෙතන්යාහුට චෝදනා එල්ල වී තිබේ අගමැති නිල නිවසේ කෝකියන් නොමැති බව පවසමින් පිටතින් ආහාර රැගෙන ඒමට ඩොලර් 99,300ක් වියදම් කළ බවට සාරා නෙතනියාහුට (Sara Netanyahu) චෝදනා එල්ල වී තිබේ. වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීම යටතේ පසුගිය වසරේ දී ඇයට එරෙහිව නඩු පැවරිණි. ඇයගේ නීතිවේදියා කියා සිටියේ මෙම නඩුවට අගමැති බිරියගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර පැමිණිලිකරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ඇයගේ සැමියාට අවමන් කිරීම බවය. ඇය වරද පිළිගැනීම හේතුවෙන් දඩ මුදල් වශයෙන් ඩොලර් 2,777ක් සහ මුළු මුදලෙන් ඩොලර් 12,490ක් ගෙවීමට ඇයට නියම වී තිබේ. වරද පිළිගැනීම නිසා ඇයට එරෙහිව ඇති චෝදනා අවම වුවත්, අපරාධ වාර්තාවට නම ඇතුළත් වෙනු ඇති බව 'ජෙරුසලම් පෝස්ට්' පුවත්පත වාර්තා කර තිබිණි. සාරා නෙතනියාහු වරද පිළිගැනීම හේතුවෙන් අධිකරණ ක්‍රියාවලිය පහසු වූ අතර නම් කර සිටි සාක්ෂිකරුවන් අසූ දෙනා ගෙන්වීම ද වැළක්විණි. "පැමිණිලි පාර්ශවය දන්නවා අදාළ මුදල සහ අපරාධ වරද අතර සම්පූර්ණ අන්‍යෝන්‍ය සම්බන්ධයක් නොමැති බව. නමුත් අධිකරණ ක්‍රියාදාමයක දී සම්පූර්ණ සම්බන්ධතාවක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ," පැමිණිල්ලේ නීතිඥ එරෙස් පාදන් පැවසීය. අදාළ ආහාර ඇණවුම් සිදු කර විශේෂ අමුත්තන්ට පිළිගන්වන ලද්දේ අගමැති නිවසේ කටයුතු භාර කළමනාකරු විසින් බැවින්, සාරා නෙතනියාහු ඒ ගැන දැනුවත් නොමැති බව ඇයගේ නීතිඥවරයා පසුගිය වසරේ දී අධිකරණය හමුවේ පැවසීය. අගමැති බෙන්යමින් නෙතනියාහු සිය බිරිඳට එරෙහිව ඇති චෝදනා පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, "සාරා නෙතනියාහු ඉතා බලවත් සහ ගෞරවාන්විත කාන්තාවක්, ඇයගේ ක්‍රියාකාරකම්වල කවදාවත් අඩුපාඩු තිබිලා නැහැ," යනුවෙනි. නිවසේ සේවය කළ මෙනි නෆ්ටාලිට (Meni Naftali) රැකියා ස්ථානයේ දී පරිභව කිරීමේ වරදට 2016 වසරේ දී ඩොලර් 47,000ක දඩ මුදලක් ගෙවීමට සාරා නෙතනියාහුට සිදු විය. මෙනි නෆ්ටාලිට රැකියා ස්ථානයේ දී නින්දා අපහාස කළ බවට ඉදිරිපත් කළ චෝදනා පත්‍රය අධිකරණය අනුමත කර තිබිණි. අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද නඩු කිහිපයකට මුහුණ දෙමින් සිටී. අල්ලස් ගැනීම, වංචා සහ විශ්වාසය කඩ කිරීම යටතේ ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නියමිත බව පෙබරවාරි මස ඊශ්‍රායලයේ නීතිපතිවරයා දන්වා තිබේ. ලබන ඔක්තෝබර් මස කැඳවීමට නියමිත මෙම නඩුවල අවසාන නඩු වාරයේ දී අගමැතිවරයාගේ නීතිඥවරුන්ට කරුණු ඉදිරිපත් කළ හැකිය. තමන්ට එරෙහිව ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා පවසන්නේ, "දේශපාලන වාසි" ලබා ගැනීම සඳහා මෙම නඩු පවරා ඇති බවය. මේ තොරතුරුද කියවන්න: | රාජ්‍ය මුදල් අවභාවිත කළ බව පිළිගත් ඊශ්‍රායල අගමැති බෙන්යමින් නෙතනියාහුගේ බිරිඳට ඇමරිකානු ඩොලර් 15,000ක මුදලක් ආපසු ගෙවීමට සිදු වනු ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස් එබැවින් මේ මොහොතේ ඩෙංගු උවදුරෙන් බේරීම ජාතික අවශ්‍යතාවයක් සේ සළකා සවොම් එක්ව කටයුතු කරන මෙන් ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා සඳහන් කරයි. වෛද්‍ය හසිත තිසේරා ඒ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සෙනසුරාදා ආරම්භ කළ අවස්ථාවේ අදහස් දක්වමිනි. ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලීසියේ සාමාජිකයින් 1000 ක අමතර පිරිසක් ද ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමේ කඩිනම් වැඩසටහනට යොමු කර තිබෙන බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 හි ග්‍රාම නිලධාරි වසම් 557 ක ඒකක 2600 ක් තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, සෑම සිකුරාදා දිනයකම රාජ්‍ය හා පුද්ගලික කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම සහ සෙනසුරාදා දිනයන් හීදි නිවාස ආශ්රිත පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම එයට ඇතුළත් බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්මේන්තුව පවසයි. ඩෙංගු මදුරුවන් බෝ වීම අවම කිරීමේ ජනාධිපති විශේෂ කාර්යය බලකායේ ඩෙංගු මර්දන විශේෂ ත්‍රෛමාසික වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ද ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් දියත් කර ඇති බවත් බලධාරීහු පවසති. ඩෙංගු රෝගය බෝවන ආකාර, රෝග ලක්ෂණ සහ එයින් වැළකිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස් ඒ අනුව ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ වන තද උණ, හිසරදය, ඔක්කාරය සහ ඇඟපත වේදනාව සමග හුස්ම ගැනීමේ අපහසුවක්/ පපුව රිදීමක්, සෙම ගතියක්, මුත්‍රා පහවීම අඩුවීමක්, සමෙහි රතු පලු හැට ගැනීමක්, ඇස් යට වේදනාවක් සහ බඩ රිදීමක් සමග බඩ පිපුමක් දැනෙන්නේ නම් වහාම රුධිර පරීක්ෂාවක් කරගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි. එහෙත් පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් කිසිදු ඖෂධයක් කිසිදු අවස්ථාවක භාවිත නොකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවවාදයය. විශේෂයෙන්ම දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව පෙන්වාදෙන සෞඛ්‍ය බලධාරීහු, ඩෙංගු උණ රෝග ලක්ෂණ තිබෙන්නේ නම් වෙහෙසකර කටයුතුවලින් වැලකී විවේක ගන්නා මෙන් සහ හැකිතරම් දියර වර්ග පානය කරන මෙන් ද රෝගීන්ගෙන් ඉල්ලා සිටිති. | කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 න් 14 ක්ම ඩෙංගු රෝගය පැතිර යාමේ අධි අවධානම් කළාප ලෙස හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. |