instructions
stringclasses 1
value | input
stringlengths 173
24.8k
| output
stringlengths 5
1.45k
|
---|---|---|
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එහෙත් එම සිර දඬුවම වසර 7 කදී ගෙවී යන ආකාරයට නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සින්ගප්පුලි විසින්. අධි චෝදනා තුනක් දහතුන් හැවිරිදි සාමණේර හිමි නමකට ලිංගික අතවර කළ බවට පරිවේනාධිපති භික්ෂුව අධි චෝදනා තුනකට වරදකරු විය . එක චෝදනාවකට වසර හත බැගින් බරපතළ වැඩ ඇතිව විසි එක් අවුරුදු සිරදඬුවමක් රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සින්ගප්පුලි විසින් නියම කෙරිණ. එසේම වන්දි වශයෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් පැමිණිලි පාර්ශවයට ගෙවන ලෙසටද නියම කරන ලදී. 2003 මාර්තු මස 17 දින හෝ ඊට ආසන්න දිනයකදී කුරුවිට පැරඩයිස් පිරිවෙනේ දී මෙම ලිංගික අතවරය සහ අපයෝජනය කල බවට වරදකරු වුයේ එම පිරිවෙනේ පරිවේනාධිපති බලන්ගොඩ විජයනාග නමැති භික්ෂුවයි. දීර්ඝ නඩු විභාගය 2009 වසරේ අධි චෝදනා බාරදීමෙන් පසු දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකාර භික්ෂුව වරදකරු කරන ලදී. අපයෝජනයට ලක්වූ පැමිණිලිකාර සාමණේර නම පසුව සිවුරු හැර තීන්දුව දෙන විට විසි හය වැනි වියේ පසුවූ තරුණයෙක් විය. අධිකරණය එක් අධි චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් පැමිණිලි පාර්ශවයට ගෙවන ලෙසද විත්තිකාර භික්ෂුවට නියම කළේය. වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගන්නා ලෙසත් දඩය ද නොගෙවන්නේ නම් එක් අධි චෝදනාවකට මාස අට බැගින් වසර දෙකක අනිවාර්ය සිර දඬුවමක් ද මහාධිකරණය විසින් විත්තිකාර භික්ෂුවට නියම කරන ලදී. | ලිංගික අතවර චෝදනාවලට වරදකරු වූ පරිවේනාධිපති භික්ෂුවකට වසර 21 ක සිර දඬුවමක් නියම කෙරේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ‘දින සියයේ වැඩ පිළිවෙල’ ට සහයෝගය ලබා දෙන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ නව ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති ව්‍යවස්තානුකුල වෙනස්කම් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ විට එයට සහය පළ කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනෙකුත් පක්ෂ හා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ ඔහු ‘පාර්ලිමේන්තුවේ බහුතරය හැටියට අපි මේ දින සියයේ වැඩසටහනට සහය දෙනවා’ යනුවෙන් ඔහු පැවසීය. ඔහු පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බාර දෙන රට පැවතුන රජය බාර ගත් රටට වඩා වෙනස් රටක් බවයි. එම අවස්ථාවේදී රටේ සමහර ප්‍රදේශවල ප්රජාතන්ත්රවාදය පවා නොතිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ. පලි ගැනීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා බලයට පත් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගේ පරාජයෙන් පසු නිදහස් සන්ධාන පාක්ෂිකයන්ගෙන් පලි ගැනීම් නො කරන ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂයාට ජනතාව ඡන්ද ප්‍රකාශ කළේ දින සියයේ වැඩපිළිවෙල පාදක කර ගෙන බව ඔහු සඳහන් කළේය. ජනතාව එය පූර්ණ වශයෙන් අනුමත කොට ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. එයට අවහිර කිරීමට සූදානම් නැති බවත් එකඟ විය හැකි කරුණු වලට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේය. හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් කියා සිටියේ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ විය හැකි කරුණුවලට සහයෝගය ලබා දීමට පැකිලෙන්නේ නැති බවයි. රටේ ඒකීය භාවය රටේ ඒකීය භාවය වෙනුවෙන්, ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් සහ රටේ සංවර්ධනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආරම්භ කළ ජනතා හිතවාදී වැඩසටහන් ඉදිරියටත් කර ගෙන යනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය. 2005 වන විට රටේ හමුදාව අසරණ තත්වයක සිටි බවත් ඔවුන් දැන් ධෛර්යය සම්පන්න ආත්ම ශක්තියෙන් යුත් අභිමානවත් හමුදාවක් බව විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පරද්දන්න නොහැකි බව පැවසූ සතුරකු පරාජයට පත් කල එම හමුදාවට අවමානයක් ඇති වන කිසිවක් උතුරේ හෝ නැගෙනහිර හෝ වෙනත් කිසිදු ප්‍රදේශයක සිදුවන්නට ඉඩ නොතබන ලෙස ඔහු නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. | නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘දින සියයේ වැඩ පිළිවෙල’ ට සහයෝගය ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය කියයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | විශේෂයෙන්ම නායකත්ව පුහුණු කඳවුරේදී රෝගාතුර වූ සිය පුතා රෝහලට ඇතුලත් කළ බව පවා දැන ගැනීමට ලැබුනේ දින දෙකකට පසුව බව ලහිරු සඳරුවන්ගේ පියා ආර්එම් ජයරත්න බීබීසී සංදේශයට කියා සිටියේ. විල්පත්තු මායිමේ පිහිටි කුඩාවැව ග්‍රාමයේ දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ලෙසින් උපත ලැබූ ළහිරු ඇතුළු පවුල නඩත්තු කිරීමට ළහිරු ගේ පියා රැකියාවට අමතරව ගොවිතැනේද යෙදුණේය. කුඩා කල සිටම පියාට උදව් කළ ළහිරුට වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ කිසිදු අපහසුවක් නොතිබුණු බව දෙමාපියෝ පවසති. 'ඉහෙන් බහින රෝගයක් නොතිබුන' සිය පුතාගේ මරණය තමන්ට ප්‍රහේලිකාවක් බවයි, ආර්එම් ජයරත්න පියා පවසන්නේ. සිවිල් සමාජය හමුදාකරණය කිරීමට තම සංගමය මුල සිටම විරුද්ධ වූ බව පවසන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ශිෂ්‍යාගේ මරණයට වගකිව යුතු බවට ආණ්ඩුවට චෝදනා කරයි. දෙමාපියන් නොදැන සිටි නමුත් ශිෂ්‍යයාට බරපතල පෙනහළු රෝගයක් තිබුණු බව විශේෂඥ වෛද්‍ය මතය බවයි, විශ්‍රාමලත් යුද හමුදා භටයකු වන අසල්වැසියෙක් මේ අතර සංදේශයට කියා සිටියේ. | ගන්නෝරුව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති නායකත්ව පුහුණුවකට සහභාගි වෙමින් සිටි අතරවාරයේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය තම පුතාට කිසිදු අසාධ්‍ය රෝගයක් තිබුණු බවක් තමන් දැන නොසිටියේ යයි ළහිරු සඳරුවන් සිසුවාගේ දෙමාපියෝ පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අමාත්‍ය බදිඋද්දීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය පුත්තලම් දිස්ත්‍රික්කයේ ස්ථිරව පදිංචි මුස්ලිම් වැසියන්ට මුලතිවු දිස්ත්‍රික්කයේ මුල්ලියාවේලි ඇතුළු පළාත් කිහිපයකින් ඉඩම් අක්කර 1200 ක් ලබා දීම පිණිස මූලික ලියාපදිංචි කිරීමේ කටයුතු අද ආරම්භ කෙරිණ. එයට විරෝධය පාමින් උතුරු පළාත් සභා මන්ත්‍රී ඇන්ටනි ජෙගනාදන් ගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් මුලතිවු දිසාපති නාගලිංගම් වේදනායගම් හමු වී උතුරේ බලහත්කාරයෙන් මුස්ලිම් ගම්මාන පිහිටුවීම නතර කරන ලෙස ඉල්ලා සිටියහ. 'දන්නේ නෑ' පළාතේ ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් රිෂාඩ් බදිඋද්දීන් අමාත්‍යවරයා මුස්ලිම් ගම්මාන ඇති කිරීමට උත්සාහ කිරීම දැඩි අසාධාරණයක් බවයි, ඒ පිළිබඳව අදහස් දක්වමින් පළාත් සභා මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. සිය විරෝධය පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුවත් කළ බවද ඇන්ටනි ජෙගනාදන් පළාත් සභා මන්ත්‍රීවරයා පැවසීය. මේ චෝදනාව පිළිබඳව විමසීම පිණිස අමාත්‍ය බදිඋද්දීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. කෙසේ නමුත් මුස්ලිම් ජනතාවට පමණක් ඉඩම් ලබා දීමේ තත්වයක් ගැන නොදන්නා බව පැවසූ මුලතිවු දිසාපති නාගලිංගම් වේදනායගම්, පළාත් සභා මන්ත්‍රීවරයාගේ පැමිණිල්ල පිළිබඳව පරීක්ෂා කරන බවද සඳහන් කළේය. | මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව නොසලකා හරිමින්, දෙමළ ජනතාවගේ ඉඩම් මුස්ලිම් ජනතාවට පවරා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇති බවට දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට චෝදනා කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රටේ ඇතැම් කොටස්වල පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මේ පියවර ගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. අපරාධකාරී කොටස් මැඩ පැවැත්වීමට මෙන්ම වහාම සමාජය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පොලිසිය මෙන්ම ආරක්ෂක හමුදා ද සුදුසු පරිදි බලගැන්වෙන බව එහි වැඩිදුරටත් දැක්වේ. අද (මාර්තු 06) උදෑසන ජනාධිපතිවරයා හා අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹිණි. මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍රදේශ ආශ්‍රිතව ප්රචණ්ඩ ක්‍රියා මතුවීමත් සමග රජය මෙවැනි පියවරක් ගැනීම පිළිබඳව අවධානය යොමු කළේය. සමාජ මාධ්‍ය ජාල අවභාවිතය බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ජාතිවාදී කලබල මතුවී ඇති වත්මන් තත්වය මැඩ පැවැත්වීම මෙසේ හදිසි නීතිය පැනවීමේ අරමුණු වූ බවය. එසේම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ජාතිවාදී මෙන් ම අවලාද පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද එහිදී තීරණය වූ බව අමාත්‍යවරයා පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසු පරිදි මතුවූ සිදුවීම්වලදී පොලිසිය දැක්වූ උදාසීන බව අමාත්‍යවරුන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබේ. Theldeniya මළසිරුරක් මේ අතර දිගන ප්‍රදේශයක ගිනි තැබු නිවසක තිබී 24 හැවිරිදි තරුණයෙකුගේ මළසිරුර අද උදෑසන සොයා ගැනිණි. "අපි හිතුවා, අපේ ගෙදරට ගිනිතබනකොට එයා පැනලා යන්න ඇති කියල. ඒත් අද උදේ අපි එතනට ආ පසු දැක්කා ඔහුගේ මළසිරුර" යැයි මියගිය අබ්දුල් බාසිත් නම් තරුණයාගේ සොයුරා බීබීසී වෙත පැවසීය. මේ අතර ප්‍රදේශය නියෝජනය කරන පළාත්සභා මන්ත්‍රී හිදයත් සත්තර් පැවසුවේ "දිගන හා තෙල්දෙණිය ප්රහාරවලදී දේවස්ථාන 4ක්, නිවාස37 මෙන්ම වෙළෙඳසල් 46 ට හානිවී තිබෙනවා." යනුවෙනි. මේ අතර තෙල්දෙණිය හා දීගන ප්‍රදේශවල හටගත් තත්ත්වය සැලකිල්ලට ගෙන මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ම බලපැවැත්වෙන පරිදි පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (මාර්තු 06) උදෑසන 6 ට ඉවත් කෙරුණ ද තෙල්දෙණිය හා පල්ලෙකැලේ යන ප්‍රදේශවලට එය යළි පැනවිණි. දිගන ප්‍රදේශය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පිටත් කර හැර ඇති බව ද පොලිස් ප්‍රකාශකවරයා නිවේදනය කළේය. තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ ග්‍රාමයේ දෙදරු පියෙකු වන එම්ජී කුමාරසිංහට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (මාර්තු 02) මරණයට පත්විය. ඒ සමග අදාළ ප්‍රදේශවල ප්රචණ්ඩ ක්‍රියා හටගත් අතර දිගන ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම නිවාස ගණනාවක් ද ප්‍රහාරවලට ලක්වූ අතර ඇතැම් ඒවා ගිනි තබා විනාශ කර ඇත. | ජනාධිපතිවරයා විසින් රට පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කරනු ලැබීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එසේ පහර දුන් මැරවරයන් මෙහෙය වූවේ 'මරික්කාර්' නම් පුද්ගලයෙකු බවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී චෝදනා කළහ. එහෙත් විරුද්ධ පක්ෂය චෝදනා කරන මරික්කාර් සහ තමන් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් අවධාරණය කරයි. බීබීසී සිංහල සේවය සමග සජීව ෆේස්බුක් සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව සඳහන් කළ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ එම චෝදනාව එල්ල කරන මෙන් ඔවුන් සියලු දෙනාට අභියෝග කරන බව ද සඳහන් කළේය. මැර බලය "මගේ ඉතිහාසෙට මම කොහෙද කුඩු කාරයෙක් එක සම්බන්ධවෙලා තියෙන්නේ? කොලොන්නාව මම උඩු යටිකුරු කරපු එක බයියන්ට හොඳටම වැදිලා තියෙන්නේ," යනුවෙන් සඳහන් කළ ඔහු මැරවරයන් මෙහෙයවන බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය. "අතීතයේත් නෑ, වර්තමානයේත් නෑ, අනාගතයේත් නෑ." මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් 32 දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුය යන්න සිය ස්ථාවරය බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කිරීමට උත්සාහ කළ විශ්වාස භංග යෝජනාවට සිය සහාය හිමි වූ බව පවසන එස්එම් මරික්කාර් මන්ත්‍රීවරයා පවසන්නේ ඉදිරියටත් ඇමතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව හඬ නගන බවය. "ආණ්ඩු පක්ෂයට එයා ගැන විශ්වාසයක් නෑනේ. සඳුදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම තියෙනව. අපි බලාපොරොත්තු වෙනව අපිට ඕන උත්තරේ ලැබෙයි කියල." රාජපක්ෂ පරිපාලනයේ දූෂණ,වංචා සම්බන්ධයෙන් දඬුවම්දීම ඇතුළු සිය ආණ්ඩුව දුන් ප්‍රතිඥා ඉටුකිරීමෙහිදී ප්‍රමාදයක් තිබෙන බව පිළිගන්නා මන්ත්‍රීවරයා, එම ප්‍රතිඥා ඉටුකරගැනීම පිණිස පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් දිගින් දිගටම උද්ඝෝෂණය කරන බව ද බීබීසී සිංහල සේවයට පැවසීය. මරණ දාසයයි, මීතොටමුල්ලට ‘අදත් කුණු’ එම ප්‍රතිඥා ඉටුකරන්නට අපොහොසත් වුවහොත් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්නේ දැයි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් පෙරලා ප්‍රශනයක් නැගූ ඔහු, "ඉල්ලා අස්වෙලා දූෂිතයන් එක්ක එකතුවෙන්න," දැයි බීබීසී යෙන් විමසීය. කිසියම් ලෙසකින් රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල කළ චෝදනා සනාථ කරගැනීමට නොහැකි වුවහොත් ආණ්ඩුව රාජපක්ෂ පවුලෙන් සමාව ඉල්ලා සිටින්නේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, "අපි සමාව ඉල්ලන්නේ නෑ," යනුවෙනි. "එයාලට මේ වගේ කතාකරන්න පුළුවන් වෙලා තියෙන්නේ විශේෂ අධිකරණ දාල මේ පරීක්ෂණවල ප්‍රගතිය රටට හරියට දැනගන්න නොලැබීම නිසා. ඔන්න එතන තමයි අපිට විජේදාස රාජපක්ෂ ඇමතිතුමා එක්ක තියෙන ගැටලුව," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. | හම්බන්තොට වරාය චීනයට බදු දීමට සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදු දීමට විරෝධය පාමින් පසුගියදා වැඩවර්ජනයක නිරත වූ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ට පහර දුන් බවට ආණ්ඩුවට චෝදනා එල්ල විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "මම දැනගෙන සිටියා, මම මගේ කුලුඳුල් දරුවා තදින් අල්ලාගෙන සිටින මොහොතකදීම, මගේ දෙවැන්නා මට අහිමි වන බව," මේගන් මාකල් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලියූ ලිපියක සඳහන් කර තිබිණි. "කැඩී ගිය මගේ සිත සනසන්න උත්සාහ කරන අවස්ථාවල මගේ සැමියාගේ හදවත ද බිඳ වැටුණා" යැයි ඇය සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය. "නැතිවීම සහ වේදනාවෙන් අප සෑම කෙනෙකුම 2020 දී පීඩා වින්දා" යනුවෙන් ඇය ලියා තිබිණි. ගෙවෙන වසර තුළ ලැබුණු අස්වැන්න හා අනෙකුත් ආශිර්වාද සැමරීම සහ තුති පුදකිරීම වෙනුවෙන් (Thanksgiving) එක්සත් ජනපදයේ ලබා දෙන නිවාඩු දිනයේ දී මෙසේ සිය අත්දැකීම් බෙදා ගත් 39 හැවිදිරි මේගන් මාකල් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ "ඔබ හොඳින් ද? කියා අන් අයගෙන් විමසීමට කැපවන ලෙසය." ආදිපාදවරිය මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඇයට සමීප ආරංචි මාර්ගයකින් බීබීසී වෙත තහවුරු වී ඇති අතර, ජූලි මාසයේ දී සිදු වූ අත්දැකීම් ගැන හෙළි කිරීමෙන් මෙම යුවළට අවශ්‍ය වී ඇත්තේ ගබ්සාව කෙතරම් පොදු කාරණාවක් ද යන්න වටහා දීමටය. බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙක් පැවසුවේ "එය ඉතා පෞද්ගලික කාරණයක් නිසා අප ඒ ගැන අදහස් පළ කරන්නේ නැහැ" යනුවෙනි. පසුගිය ජනවාරි මස ජ්‍යෙෂ්ඨ රාජකීය රාජකාරිවලින් ඉවත් වූ සසෙක්ස්හි ආදිපාදවරිය සහ හැරී කුමරු ජනමාධ්‍ය අවධානයෙන් මිදී දිවි ගෙවීම උදෙසා කැලිෆෝනියාව බලා පිටත් විය. පළමු දරුවා වන ආචී ඔවුන්ගේ පළමු දරුවා වන ආචී 2019 මැයි මස 6 වෙනි දින උපත ලැබීය. ආචීගේ වැඩකටයුතු කරමින් සිටින අතරතුර ඇයට දැනුණු "තියුණු කැක්කුමක්" ගැන විස්තර කරමින් ආදිපාදවරිය සිය ලිපිය ආරම්භ කර තිබේ. "ඔහු මගේ දෑතේ සිටියදීම මම බිම ඇද වැටුණා. අපි දෙදෙනාම සන්සුන්ව සිටීම සඳහා දරු නැළවිලි ගීයක් මුමුණමින් සිත සතුටු කරන්න උත්සහ කළත් යම් ගැටලුවක් ඇති බව මට හැඟුණා," ඇය ලියා තිබිණි. "පැය කීපයකට පසු, මම සිටියේ රෝහල් ඇඳක වැතිරී, මගේ සැමියාගේ අත අල්ලාගෙන. ඔහුගේ අත්ලෙහි දහදිය මට දැනුණු අතර, මම දෑත් සිප ගත්තා. "සීතල සුදු බිත්ති දෙස බලා සිටි මගේ දෑස් දිලිසුණා. අපි සුවපත් වන්නේ කෙසේදැයි සිතා ගැනීමට මම උත්සාහ කළා." "දරුවෙකු අහිමි වීම යනු දරාගත නොහැකි තරම් ශෝකයක් ගෙන දෙන්නක්. බොහෝ දෙනෙකුට මේ අත්දැකීම තිබුණත්, ඒ ගැන කතා කෙරෙන්නේ අඩුවෙන්," ඇය තවදුරටත් පැවසුවාය. "මේ නැතිවීමෙන් අපට ඇතිවූ වේදනාවත් සමග මගේ සැමියා සහ මම සොයාගත්තා යම් කාමරයක කාන්තාවන් සියයක් සිටිනවා නම් ඔවුන්ගෙන් 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක් ගබ්සා වීමකින් පෙළෙන බව." "මේ වේදනාව පොදු දෙයක් වුණත්, එය සංවාදයට ගැනීමේ දී තහංචි වැටී තිබෙනවා. එය අනවශ්‍ය ලෙස ලැජ්ජාවෙන් පිරී ගිය දෙයක් වගේම, හුදෙකලාව වැලපීමේ චක්‍රයක් ලෙස පවතිනවා." "සමහරු නිර්භීත ලෙස ඔවුන්ගේ කතා බෙදාගෙන තිබෙනවා. එක් අයෙක් සත්‍යය කථා කරන විට, එය අප සැමටම එසේ කිරීමට බලපත්‍රයක් ලබා දෙන බව දැනගෙන ඔවුන් එම දොර විවෘත කර තිබෙනවා." පසුගිය වසරේදී ඇය දකුණු අප්‍රිකානු සංචාරයේ යෙදෙන අතර තුර සිදු කළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් ගැන ද ඇය මෙහි සඳහන් කර තිබූ අතර, එම මාධ්‍යවේදියා ඇය හොඳින් සිටින්නේ දැයි විමසා තිබිණි. "මහජනතාව ඉදිරියේ නිර්භීත මුහුණක් පෙන්වීමට උත්සාහ කරන" කාලයකදී තමාගෙන් මෙම ප්රශ්නය ඇසූ බව ඇය පැවසුවාය. "මම ඔහුට අවංකව පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ මා පැවසූ දේ බොහෝ දෙනෙකුට හඬක් වෙයි කියලා දැන සිටියේ නැහැ. අලුත් අම්මලා, වැඩිහිටි අය සහ තමන්ට වෙන්වූ ආකාරයෙන් ඕනෑම අයෙකු නිහඬව දුක් විඳිනවා," ඇය පැවසුවාය. ගබ්සාවක් සිදුවීම ගැන විවෘතව කතා කළ රාජකීය පවුලේ දෙවෙනි සාමාජිකයා සසෙක්හි ආදිපාදවරියයි. රැජිනගේ මිණිබිරිය වන සාරා ටින්ඩෝල් සිය දෙවෙනි දරුවා ලැබීමට පෙර ගබ්සා දෙකක් සිදුවීම ගැන 2018 දී හෙළි කළාය. මේගන් මාකල්ගේ ගබ්සාව සිදු වූයේ ඇය තම පියාට ලියූ ලිපියක් පළ කිරීම සම්බන්ධයෙන් 'මේල් ඔන් සන්ඩේ' (Mail on Sunday) පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක යෙදී සිටියදීය. පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පවතින මෙම නඩු විභාගය ලබන වසරේ සරත් සෘතුව දක්වා කල් දැමීමට පසුගිය මාසයේදී ඇයට අවසර ලැබිණි. 'අපකීර්තිය බිඳ දැමීම' 'ටොමීස්' පුණ්‍යායතනයට අනුව සෑම ගැබ් ගැනීම් හතරකින් එකක් ගබ්සා වීමකින් අවසන් වේ. ටොමීස්හි රැකියාවේ නිරත වින්නඹු මාතාව වන සොෆී කිං පැවසුවේ ගර්භණී සමයේදී දරුවන් අහිමි වීම ගැන කතා කිරීම "සමාජයේ සැබෑ ලෙසම තහංචික්" වන නිසා "මේගන් වැනි මව්වරුන් ඔවුන්ගේ කතාව බෙදාගැනීම එම අපකීර්තිය හා ලැජ්ජාව බිඳ දැමීමේ වැදගත් පියවරක්" බවය. ආදිපාදවරියගේ "අවංකභාවය සහ විවෘතභාවය දරුවෙකු අහිමි වන ඕනෑම කෙනෙකුට ප්‍රබල පණිවිඩයක් යවනවා. මෙය ඇදහිය නොහැකි තරම් තනිකමක් දැනෙන දෙයක් නමුත් ඔබ තනිවෙලා නැහැ" යැයි ඇය පැවසුවාය. මළ දරු උපත් සහ නවජ මරණ සම්බන්ධයෙන් පුණ්‍යායතනයක් වන 'සෑන්ඩ්ස්'හි ප්‍රධාන විධායක නිලධාරිනී ක්ලීයා හාමර් පැවසුවේ ගර්භණීභාවය නැති වීම හා ළදරු මරණ සම්බන්ධයෙන් පවතින අපකීර්තිය "කනගාටුදායක යථාර්ථයක්" වන අතර, එයින් "බොහෝ දෙමාපියන්ට හුදෙකලා බවක් දැනෙන" බවය. "මේ වසරේදී අප සැමට දැනී ඇති හුදකලා බවත් සමග කොවිඩ් -19 වසංගතය අතර දී මියගිය දරුවන්ගේ දෙමාපියන්ට එය වඩාත් දුෂ්කර දෙයක් වී තිබෙනවා," ඇය පැවසුවාය. ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ වෛද්‍ය ක්‍රිස්ටීන් එකෙචි පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් පවතින ඕනෑම අපකීර්තියක් හෝ ලැජ්ජාවක් ඉවත් කිරීම "වැදගත්" බවය. "කණගාටුවට කරුණක් නම්, මුල් අවධියේ ගබ්සා වීම් ඉතා සුලභ වීම සහ එයින් දෙමව්පියන් සහ ඔවුන්ගේ පවුල්වල අය දැඩි ශෝකයට පත් වීමයි." 'මිස්කැරේජ් ඇසෝසියේෂන්' (Miscarriage Association) නම් පුණ්‍යායතනයේ ඇලිස් වීඩන් බීබීසී සේවයට පැවසුවේ, "යමෙකු, විශේෂයෙන්ම මහජනතාවගේ අවධානය ඇති කෙනෙකු මේ ගැන විවෘතව කතා කරන විට, අනෙක් පුද්ගලයින්ට ඔවුන් තනි වී නැති බව දැන ගැනීමට උදව් වෙනවා." යනුවෙනි. ගබ්සාවීම: දෙමාපියන්ට කල් පවතින දැඩි බලපෑමක් ඇතිවේ බීබීසී සෞඛ්‍ය වාර්තාකරු ස්මිතා මුන්දාසාඩ් ලියූ වාර්තාවකි එක්සත් රාජධානියේ පමණක් සෑම වසරකම ගබ්සාවන් 250,000 ක් පමණ සිදුවන අතර ඉන් බහුතරය සිදුවන්නේ ගර්භනී සමයේ පළමු සති 12 තුළ ය. මෙය පොදු අත්දැකීමක් වන අතර බොහෝ විට පෞද්ගලික කාරණාවක් ලෙස නිවසේදී හෝ රෝහලක් තුළ දී විසඳා ගනු ලබයි. බොහෝ දෙමාපියන් තම ශෝකය නිහඬව විඳ දරා ගන්නා අතර, සමාජය ද ඔවුන් ඉක්මණින් "සාමාන්‍ය ජීවිතයට" පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි. නමුත් පුණ්‍යායතන හා විද්‍යාඥයන් පවසන්නේ ගර්භණීභාවය අහිමි වීමේ දිගු කාලීන බලපෑම් පිළිගැනීමට තවත් බොහෝ දේ සිදු කළ යුතු බවය. පර්යේෂණයන්ට අනුව කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට පශ්චාත් කම්පන ආතතියේ රෝග ලක්ෂණ ඇති වේ. සමහරුන්ට නපුරු සිහින පෙනීම හා අතීතාවර්ජනය මාස ගණනාවක් තිස්සේ පවතින අතර සාංකාව සහ මානසික අවපීඩනයද දක්නට ලැබේ. ඔවුන්ගේ හවුල්කරුවන් ද විඳවන බව වාර්තා වන අතර, සෑම දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකු සමාන ගැටලුවලට මුහුණ දෙති. එක්සත් රාජධානියේ ගර්භණී විශේෂඥයන් පවසන්නේ ශාරීරික උපකාරයත් සමඟ කාන්තාවන්ට සහ ඔවුන්ගේ හවුල්කරුවන්ට මානසික සහය ද ලබා දීම අත්‍යවශ්‍ය බවය. ගර්භනීභාවයේ මුල් හෝ පසු කාලයේ දී බොහෝ ගබ්සාවන් සිදුවීමට හේතුව නොදන්නා අතර, එය වළක්වා ගත නොහැක. සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ ගර්භාෂය තුළ කලලය වර්ධනය වීමේදී සිදු වන යම් වරදකි. ලේ ගැලීම සහ / හෝ පහළ උදරයේ කැක්කුමක් ඇති වීම අනතුරු ඇඟවීමේ සංඥා ලෙස හැඳින්විය හැකිය. ගර්භනී කාන්තාවන්ට මෙම රෝග ලක්ෂණ කිසිවක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. මේ තොරතුරු ද දැනගන්න: | සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාකල් ජූලි මාසයේදී ඇයට ගබ්සාවක් සිදු වූ බව හෙළි කර ඇති අතර, එය "දරාගත නොහැකි තරම් ශෝකයක්" යැයි ලිපියක සටහන් කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | උතුරු කොරියාවේ සමාරම්භක නායකයා මෙන්ම එරට වත්මන් නායකයාගේ මුත්තණුවන් වූ කිම් ඉල්- සුං ගේ 105 වෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවති එම සංදර්ශනයේදී විවිධ වර්ගයේ විශාල ප්‍රමාණයේ මිසයිල ප්‍රදර්ශනය කෙරිණි. ඒ අතර, මින් පෙර ප්‍රදර්ශනය නොකළ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල ද (ICBM - Inter Continental Ballistic Missile) විය. කෙසේ වෙතත් උතුරු කොරියාව සතු එම මිසයිලවල හැකියාව පිළිබඳව සැබෑ ලෙසම ලෝකය කුමක් දැන සිටීද? මේ සම්බන්ධයෙන් ආරක්ෂක විශේෂඥයකුවන මෙලිස්සා හැන්හම් පැහැදිලි කිරීමක් කළාය. හමුදා සංදර්ශනයේ කෙරුණු මිසයිල ප්‍රදර්ශනය උතුරු කොරියානුවන්ට තාක්ෂණයේ විසල් බවක් මෙන්ම සමෘද්ධිය විය හැකි වුවද, පිටස්තරයන්ට එය තර්ජනයක් ලෙස හැඟෙනුයේ ආසන්නයේ හෝ දුරින් සිටියද මිසයිල විහිදුම් පරාසය තුළට ඇතුළත් විය හැකි බැවිනි. වත්මන් උතුරු කොරියානු නායකයාගේ පාලන කාලය පුරාම නිරන්තරයෙන් කෙරෙන මිසයිල අත්හදාබැලීම් ඉහළ නැංවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවනු ලැබ ඇති සම්බාධක ද නොතකමිනි. උතුරු කොරියානු මිසයිල වැඩසටහනේ ඇරඹුම මෙතෙක් ලොව සන්නද්ධ බවින් වැඩිම මිසයිලයක්ව පැවති 'ස්කඩ්' මිසයිලය භාවිතයට ගැනීම සමග අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල වැඩසටහන දක්වා වූ සිය ගමන උතුරු කොරියාව විසින් වර්ධනය කරගනු ලැබීය. මිසයිල තාක්ෂණය සම්බන්ධයෙන් පැවති එකඟතාවකට අනුව, ඊජිප්තුවේ ජනාධිපතිව සිටි අන්වර් සදාත් 1979 දී සෝවියට් දේශයේ නිෂ්පාදිත මිසයිල සුළු ප්‍රාණයක් උතුරු කොරියාව වෙත යවනු ලැබීය. ඉන් අනතුරුව 'ස්කඩ්' මිසයිලයේ තාක්ෂණය වෙනස්කම්වලට ලක්කරමින් තමන්ගේම වූ 'හ්වාසොං-6' සහ 'හ්වාසොං-7'මිසයිල නිපදවීමට මෙන්ම අත්හදාබැලීම උතුරු කොරියාව ආරම්භ කළේය. කාලය ඉකුත්වයද්දී 'ස්කඩ්' මිසයිලයේ පරාසය පුළුල්කරමින් ද එහි දේහය දිගු කරමින්ද නව මිසයිලයක් තැනූ අතර එය 'නොඩොං' නම් විය. පසුව මෙම නොඩොං මිසයිලයේ එන්ජින් කිහිපයක් කැටිකොට 'උන්හා-3' නම්වූ රොකට්ටුවක් උතුරු කොරියාව විසින් නිර්මාණය කරන ලද අතර එයට පෘථිවියෙන් එපිටට ද්‍රව්‍ය ගෙනයාමේ හැකියාවෙන් යුක්තය. 'ස්කඩ්' පවුලේ මිසයිල තාක්ෂණික වශයෙන් වඩා දියුණු නොවුවද ඒවා විශ්වාසදායී මෙන්ම නිෂ්පාදනය වියදම සාපේක්ෂව අඩුය. නොඩොං මිසයිලය න්‍යෂ්ටික අවි ගෙනයාමට සමත් අතර උතුරු කොරියාව එම මිසයිල පාකිස්තානය සහ ඉරානයටද අපනයනයකර ඇත. පහසුවෙන් සැඟවිය හැකි මිසයිල නිෂ්පාදනය මෑතදී, සෝවියට් නිෂ්පාදිත R-27 නම්වූ සබ්මැරීනවල සිට විදින බැලිස්ටික් මිසයිල (SLBM- Submarine-Launched Ballistic Missile) වෙනස්කම්වලට ලක්කරමින්, ගොඩබිම් මාර්ගවලින් ගෙන යා හැකි එසේම ගුවාම් හි ඇමෙරිකානු හමුදාවලට පහරදිය හැකි තරමේ මිසයිල නිපදවීය. 'මුසුඩාන්' යනුවෙන් හැඳින්වෙන මිසයිලය වසර ගණනාවක් ම හමුදා පෙළපාලිවලදී ප්‍රදර්ශනය කෙරුනද, උතුරු කොරියාව එය අත්හදාබැලීම ඇරඹුවේ 2016 වසරේදීය. අත්හදාබැලීම් හයකින් අනතුරුව 2016 ජුනි මාසයේදී එහි සාර්ථකත්වයක් දක්නට ලැබිණි. එහෙත්, සෑම අත්හදාබැලීමක් අතරදී කෙරුණු වැඩිදියුණුකිරීමේ වෙනස්කම් අවධානය යොමු කිරීමට තරම් වටී. උදාහරණයක් ලෙස, එක් වතාවක අසාර්ථක වූ අත්හදාබලීමකදී මිසයිලය ප්‍රවාහනය කෙරෙන හා විදින ට්‍රක් රථය (TEL-Transporter Erector Launcher) දැඩි හානියට ලක්වීම නිසා ඒ සඳහා පසුව යැවුණු රථයේ රෝද සහ චැසියට ආරක්ෂක ආවරණයක් යෙදීය. මෙම 'මුසුඩාන්' මිසයිලය න්‍යෂ්ටික ප්‍රහාරයකට සුදුසු විය හැකියැයි පැවසේ. උතුරු කොරියාව සතු මිසයිල සියල්ලම පාහේ ගොඩබිම් මාර්ග ඔස්සේ TEL ට්‍රක් රථ මතින් රටේ තැන තැන ප්‍රවාහනය කළ හැකි අතර උමං, ගබඩා සංකීර්ණ, බංකර හෝ ගුහා තුළ සඟවා තැබිය හැකිය. නිරන්තරයෙන් තැන තැන ගෙන යාම හා සඟවා තැබීම නිසා එම මිසයිල සොයාගැනීම අසීරු විය හැකිය. ජලයේ සිට විදිය හැකි මිසයිල සබ්මැරින් තුළින් විදිය හැකි බැලිස්ටික් මිසයිල සම්බන්ධයෙන් ද 2016 වසර වැදගත් වසරක් විණි. 2015 වසරේ සිදුවූ ආපදාකාරී අසාර්ථක අත්හදාබලීමකින් අනතුරුව 'පුක්ගුක්සොං' නම්වූ මිසයිලයේ සාර්ථකත්වයක් අත්කරගැනීමට උතුරු කොරියාවට හැකි විය. දිය යට වේදිකාවක් උපයෝගිකරගනිමින් සාර්ථක නෙරපීමක් ලබාගැනීමට උතුරු කොරියානු විද්‍යාඥයින් සමත්වුවද, සැළකිය යුතු දුරක් ළඟාකර ගැනීමට නොහැකිවිය. 2016 අප්‍රේල් මාසයේදී ඝන ඉන්ධන (ද්‍රව නොවන) යොදන එන්ජිමක් අත්හදාබලීමෙන් අනතුරුව සබ්මැරීනවල සිට විදින බැලිස්ටික් මිසයිල (SLBM- Submarine-Launched Ballistic Missile) අත්හදාබැලීම් සාර්ථක කරගැනීමට එරටට හැකිවිය. කෙසේවෙතත්, ඇමෙරිකා, රුසියාව හෝ චීනය සතු SLBM මෙන් නොව උතුරු කොරියානු SLBM තවදුරටත් විශ්වාසදායී නොවන්නේ ඒවායෙහි අත්හදාබැලීම් තවමත් ක්‍රියාත්මකවන බැවිනි. උතුරු කොරියාව සතු සබ්මැරීන වැඩි ශබ්දයකින් යුතුවන බැවින් ඒවා නිරීක්ෂණය කිරීම පහසුය. මේ කරුණු අනුව බොහෝ අතින් සළකනවිට මෙම මිසයිල හමුදාමය පරිහරණයකට වඩා දේශයේ 'කීර්තිය' සඳහා යොදාගැනේ. එසේ වුවද, චන්ද්‍රිකා ඡායාරුප මගින් පෙන්නුම් කෙරෙන පරිදි සින්පෝ ප්‍රදේශයේ පිහිටි සබ්මැරීන අංගනය නවීකරණයට උතුරු කොරියාව විශාල ලෙස යොමුවී ඇත. ඒ අනුව, මෙම වැඩසටහනේ ආරම්භය මෙය ලෙස සැළකිය හැකිය. KN-17 මෑතදී පැවති පෙළපාලියේදී ප්‍රදර්ශනය කෙරුණු KN-17 (ඇමෙරිකාව විසින් නම් කරන ලද) ගොඩබිම සිට විදින නෞකා නාශක බැලිස්ටික් මිසයිලය සින්පෝ ප්‍රදේශය ආසන්නයේදී පරීක්ෂාවට ලක්කර ඇත. දෙවරක් එය අසාර්ථක වුවද, ඉන් දී ඇති පණිවිඩයවන්නේ ඇමෙරිකානු, දකුණු කොරියානු හා ජපාන නැව් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවය. 2016 වසර ආරම්භයේ සිට ඇතිවූ තත්වයන් පෙන්නුම් කරන්නේ නව මිසයිල තාක්ෂණය සංවර්ධනය කෙරෙහි පමණක් නොව, සැබවින්ම ක්ෂේත්රයට මිසයිල යොමු කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව අවධානය යොමු කරන බවය. 2016 සැප්තැම්බර් මාසයේදී උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල තුනක් එකවර විදිනු ලැබූ අතර 2017 වසරේ මාර්තු මාසයේදී තවත් මිසයිල හතරක් විද්දේය. මෙසේ මිසයිල කිහිපයක් එකවර විදීම හඳුනාගැනීම මෙන්ම ඊට බාධා කිරීම අපහසු කරවයි. එසේම එය 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතියට අභියෝගයකි. ඇමෙරිකාව විසින් මෑතදී 'තාඩ්' මිසයිල පද්ධතිය දකුණු කොරියාවට යැවීම ඇරඹීම අර්බුදකාරී තත්වයක් මතු කිරීමට හේතු විය. උතුරු කොරියාව සතුව දිගු දුර විහිදුම් මිසයිල තිබේද? ඇමෙරිකානුවන් වඩාත් උනන්දු කරවන සුළු මේ ප්‍රශ්නයෙන් විමසන්නේ ඇමෙරිකානු බිමට ළඟාවිය හැකි මිසයිලයක් නිකුත් කිරීමට උතුරු කොරියාවට හැකිද යන්නය. අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) සතුවීමේ අවශ්‍යතාව ඇත්තේ න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහාය. ඒ හැර එවැනි මිසයිලයකට සම්ප්‍රදායික අවියක් යෙදීමේ හැකියාව ඉතා අල්පය. උතුරු කොරියාව 2012 වසරේ සිටම අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල ප්‍රදර්ශනයේ යෙදෙන අතර එම මිසයිල අතරට KN-08 නම්වූ මිසයිලයද අයත්විය. මුලදී එම මිසයිල 'ව්‍යාජ' යැයි විවේචනය කෙරුණද කාලය ඉක්ම යද්දී කෙරුණු වැඩිදියුණු කිරීම් අතරේ ඒවා පිළිගතහැකි තත්වයට පත්විණි. දශක ගණනාවක් පුරා උතුරු කොරියාවේ මිසයිල හැකියාව බාහිර ලෝකය විසින් බැහැර කරනු ලැබුවද ප්‍රධාන වර්ධනයන් කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇත. 2015 වසරේදී උතුරු කොරියාව KN-14 නමින් හැඳින්වෙන අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් හඳුන්වාදුණි. එවැනි මිසයිලයකට එක කෙරෙන කොටස් පිළිබඳ ඡයාරූප මෙන්ම වීඩියෝ දසුන්ද 2016 වසරේදී නිකුත් කළේය. උතුරු කොරියාව අන්තර් මහාද්වීපික මිසයිලයක් අත්හදා බලන්නේ කවදාද යන ප්‍රශ්නයට පිළිතුර නම් ඒ සඳහා සුදුසු මෙන්ම සුදානම් අවස්ථාවේදී එය සිදුවනු ඇත යන්නයි. පසුගියදා පැවති හමුදා පෙළපාලියේදී ප්‍රදර්ශනය කෙරුණු ඝන ඉන්ධන යොදන අන්තර් මහාද්වීපික මිසයිල තවමත් පරීක්ෂා කළ යුතු අවධියක පැවතුනද උතුරු කොරියාවෙන් පළා ගිය ඉහළ පෙළේ නිලධාරියකු වන තී යොං-හෝ පැවසුවේ 2017 වසර අවසානය හෝ 2018 වසර මුලදී අන්තර් මහාද්වීපික මිසයිලයක් නිමකිරීමට උතුරු කොරියාව අපේක්ෂා කරන බවය. මේ අනුව අත්හදා බැලීම සහ සම්පුර්ණ කිරීම එකිනෙකට වෙනස් කරුණු දෙකකි. ඒ අනුව සැළකීමේදී ද්‍රව ඉන්ධන භාවිත කෙරෙන KN-08 අන්තර් මහාද්වීපික මිසයිලය සම්පුර්ණ කිරීමේ අදියරට ළඟාවී ඇති බැවින් මෙම කාල රාමුව තුළදී එය පරීක්ෂා කිරීමට බොහෝ ඉඩකඩ තිබේ. | උතුරු කොරියාව පසුගියදා ප්යොංයැං නුවරදී පැවැත්වූ දැවැන්ත හමුදා සංදර්ශනයත් සමග එරට සතු මිසයිල ශක්තිය පිළිබඳව පුළුල් කතාබහක් යළි මතුවෙමින් පවතී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මාධ්‍ය හමුවකදී එසේ ඔහු පැවසූ අතර එහිදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ "ඇත්තටම ජාතික කොඩියේ වෙනසක් නෑ. අර සිංහයාගේ පිළිරුවේ තමයි යම් යම් අඩුපාඩු තියෙනවා කියන්නේ. ඉතින් ඒවා නිවැරදි කරගන්න අපි නිර්මාණ ශිල්පීන්, ඒවගේම රජයේ නිලධාරීන් සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තමයි අපි ඒ සදහා අවශ්‍ය කටයුතු කරන්න වෙන්නේ. ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා." සිංහ රූපයේ කුමන අංග වෙනස් කිරීමට සැලසුම් කරන්නේදැයි මෙතෙක් පැහැදිලි නොමැති නමුත් සමාජයේ පවතින මත අතුරින් එකක් වන්නේ දැනට කොඩියේ නිරූපිත සිංහයාගේ ලිංගය පිළබිඹු නොවන බවකි. කෙසේ වෙතත්, මෙවර සමරන 73 වන ජාතික නිදහස් උළෙලට 'නව සිංහ කොඩියක්' භාවිත නොකෙරෙන බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබිණි. "ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඒ යෝජනා සියල්ලම අරන් තියෙනවා. නමුත් මේ සඳහා විශාල වැඩ පිළිවෙලක් අවශ්‍යයි. කෙසේ නමුත් අවසානයේදී මෙය පර්ලිම්න්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවෙත් සම්මත කරගත යුතුයි. එනිසා මෙවර ජාතික උළෙල පැවැත්වීමෙදී මෙයිට වඩා යමක් කරන්න පුළුවන් කමක් නෑ. අපි කලින් පාවිච්චි කළ විදිහට ඒ ජාතික කොඩියම තමයි පාවිච්චි කරන්නේ." 'සිංහලේ' නම් සංවිධානය ඇතුළු විවිධ සංවිධාන වරින් වර පැවසුවේ ලංකාවේ ජාතික කොඩිය වෙනස් විය යුතු බවය. දැනට පවතින සිංහ කොඩිය වෙනුවට 'සිංහලේ කොඩිය' ආදේශ කළ යුතු බව ඔවුන් කී අතර තවත් සමහරුන්ගේ මතය වූයේ විජය රජුගේ පැමිණීමට පෙර පැවති මොණර කොඩිය භාවිත කළ යුතු බවකි. නැවතත් 'රාවණාගේ කොඩිය' භාවිත කළ යුතු බව තවත් සමහරුන්ගේ අදහස වී තිබේ. බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ විවිධ පුද්ගලයන් 'සිංහලේ කොඩිය' නැවත ආදේශ කරන ලෙස ඉල්ලීම් කර තිබෙන බවය. එහෙත් සිංහයාගේ රුවෙහි ඇති ගැටලුව පිළිබඳ තමන් නොදන්නා බව උන්වහන්සේ කීහ. "ඔය කිව්වට ජාතික කොඩිය වෙනස් කරන එක එච්චර ලේසි කාර්යක් නෙමෙයි. අනිත් එක ඒක එහෙම ආරක්ෂක ලේකම්ට ඕන විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක එක්කෙනා ඉල්ලුවයි කියල එහෙම වෙනස් කරන්න බෑ. ඒකට විද්වත් කමිටුවක් පත්කරලා සියලුම දෙනාගේ අදහස් අරගෙන කරන්න ඕන දෙයක් මිසක් මේ ආරක්ෂක ලේකම් කිව්ව පලියට එහෙම කරන්න බෑ ," යනුවෙන් නන්ද හිමියන් පැවසීය. විශ්ලේෂක සුජිත් අක්කරවත්ත පවසන්නේ වසර දෙදහසකට වැඩි කාලයක් එකම සංකේතය ජාතික කොඩියේ භාවිත කරන එකම රට ශ්‍රී ලංකාව බවය. "සිංහයා යොදාගන්නේ පොදු විශ්වීය ලක්ෂණයක් නිසා නැතිව ජාතිකත්වය පිළිබිඹු කරන්න නෙමෙයි. එත් ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසෙන් පස්සේ චෝල රාජ්‍යයන් කොටියා භාවිතයට ගැනීමත් සමඟ මෙය වර්ගය නිරුපණයට යොදාගන්නවා. ප්රභාකරන් ගෙන් පසු එය තවත් තහවුරු වෙනවා නමුත් සිංහයා ඇත්තටම යොදාගන්නේ ජාතීන් නියෝජනයට නෙමෙයි සිංහයා සියලුම ජාතීන් නියෝජනය කරනවා," යනුවෙන් සුජිත් අක්කරවත්ත පැවසීය. කෙසේවෙතත්, සුජිත් අක්කරවත්ත වැඩිදුරටත් කියාසිටියේ, රටේ පවතින ගැටලු අමතක කිරීම සඳහා "ධම්මික පැණිය" මෙන් යොදාගන්නා තවත් මාතෘකාවක් විය හැකි බවය. ජාතික කොඩිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන ව්‍යවස්ථාව මගින් ම සහතික කර ඇති බැවින් ජාතික කොඩියට යම්කිසි වෙනස්කමක් සිදුකරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බව නීති විශාරදයෝ පෙන්වා දෙති. ජාතික කොඩියේ ඉතිහාසය ශ්‍රී ලංකාවේ පළමු රජු වූ විජය, ඉන්දියාවේ සිට බු.ව.486 දී මෙරටට පැමිණෙන විට ඔහු සිංහ සංකේත සහිත කොඩියක් රැගෙන ආ බවට කියැවේ. එතැන් පටන් රජවරු තමන්ගේ රාජකීය කොඩිවලට සිංහ රුව ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ගැන විවිධ අවස්ථාවලදී කතා කළත් 1815 මාර්තු මස 2 වැනි දින සිට එය වැඩියෙන් කතාකිරීමට පටන් ගත්තේ උඩරට ගිවිසුම අත්සන් කිරීමටත් පෙර මඟුල් මඩුව ඉදිරියේ ඉංග්‍රීසින් ඔවුන්ගේ රාජකීය ධජය (කතිර කොඩිය) නැතහොත් ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබීමට විරෝධය පාමින් වාරියපොළ සුමංගල හිමියන් එය පහත හෙළා තම පයින් පාගා සිංහ කොඩිය එසවීමේ සිටය. ඒ ලෙසින් එදා ගලවා දැමූ සිංහ කොඩිය ඉංග්‍රීසි ජාතිකයින් විසින් රැගෙන යන ලදුව එංගලන්තයේ අනෙකුත් යටත් විජිත රාජ්‍යවල ජාතික කොඩි සමඟ අරෝග්‍ය ශාලාවක තැන්පත් කර තැබු බවට වාර්තාවන් හි සඳහන වේ. නැවතත් සිංහ කොඩිය ගැන කතාවට මතුවූයේ 1908 වර්ෂයේ දී එංගලන්තයේ ඉගෙනුම ලබමින් සිටි ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඩී. ආර්. විඡේවර්ධන හා විසින්, අතීතයේ ඉංග්‍රීසින් විසින් ගලවන ලද ජාතික කොඩිය පිළිබඳ සෙවීමට පටන් ගැනීමත් සමඟ බව ඉතිහාසඥයන් විසින් සඳහන් කරනු ලැබ ඇත. වසර එකසිය තිහක පමණ කාලයක් භාවිතයෙන් ඉවත්ව තිබූ සිංහ කොඩිය පිළිබඳව නැවත හඬක් එසේ යළි මතුවූයේ ඊ. ඩබ්ලිව්. පෙරේරා ට සහ විඡේවර්ධන ට "චෙල්සි" ආරෝග්‍ය ශාලාවෙන් ජාතික කොඩියේ අනු පිටපතක් සොයා ගැනීමට හැකිවීමෙන් අනතුරුවය. ඡේ. ආර්. ජයවර්ධන 1945 දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් "අපට ජාතික කොඩියක් වහා අවශ්‍ය" බව කී අතර රටේ අනන්‍යතාව සඳහා ජාතික කොඩිය බෙහෙවින් ඉවහල් වන බව ඔහු එහිදී පෙන්වා දෙන ලද බවට හැන්සාඩ් වාර්තාවල දැකිය හැකිය. ඒ අනුව 1948 ජනවාරි 16 වන දින විවාදයට ගැනුණේ, කහ පැහැති සිංහයකු දකුණතින් කඩුවක් ගෙන සිටින රූපයක් දැක්වෙන එංගලන්තයට රැගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රාජකීය කොඩිය යළිත් අපේ රටට සුදුසු යැයි මඩකලපුවේ මන්ත්‍රී සින්නලෙබ්බේ විසින් කරන ලද යෝජනාව ය. එම විවාදය අවසානයේ එවක අගමැති ඩී. එස්. සේනානායක පවසා සිටියේ "මේ කොඩිය කන්ද උඩරට අන්තිම රජතුමාගේ කොඩිය බව ප්‍රකට කරුණක්. ඒ කන්ද උඩරට රජතුමා ද්‍රවිඩයකු බව අපි සියලු දෙනාම ඉතා හොඳ හැටි දන්නා කරුණක්. නමුත් තවමත් මම ආඩම්බර වෙනවා මෙය සිංහල කොඩිය යෑයි කීමට. මක්නිසාද යත් එවකට සිංහලයන් ද්‍රවිඩයන් වැළඳගත් ආකාරයෙන්ම මම ද්‍රවිඩයන් වැළඳගත් නිසා අපි ද්‍රවිඩ රජ කෙනකු වෙතින් දායාද වූ කොඩියක් සිංහල කොඩිය යෑයි කියා සිටිනවා," යනුවෙනි. එම සිංහ කොඩිය පළමු නිදහස් දින උළෙලේ දී එසවුණු අතර රටට අවශ්‍ය ජාතික කොඩියක් නිර්මාණය කිරීමට 1948 ජනවාරි 27 වැනි දින එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණු අතර ජී. ජී. පොන්නම්බලම්, කර්නල් ඡේ. එල්. කොතලාවල, ආචාර්ය එල්. ඒ. රාජපක්ෂ, එස්. නඩේසන් සහ ඡේ. ආර්. ජයවර්ධන එහි අනෙකුත් සාමාජිකයෝ වූහ. ජාතික කොඩිය පිළිබඳව කරුණු විභාග කර එයට පොදු ජනතාවගේ ද අදහස්ද ලබාගෙන 1950 පෙබරවාරි මාසයේදී අවසන් වාර්තාව එම කමිටුව විසින් එවක අගමැතිවරයාට භාරදෙන ලදී. 1948 - 1951 දක්වා භාවිත කළ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ඒ අනුව තද රතු පසුබිමක කහ පැහැති කඩුවක් අතින් ගත් ඉපැරැණි තේජවන්ත භාවය සහිත සිංහ රුවක් හා කොළ සහ තැඹිලි පැහැති තීරු දෙකක් සමාන තීරු වශයෙන් කොඩියේ තුනෙන් එකක ප්‍රමාණයට ඇතුළත් කෙරිණ. 1951 සිට 1972 දක්වා භාවිත කළ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 1972 දී සිංහ කොඩියේ සතර කොණේ වූ බීරුක්කු වෙනුවට බෝපත් හතරක් ආදේශ කෙරිණි. යළිත් 1977 දී ඡේ. ආර්. ජයවර්ධන බලයට පත්වූ පසු 1979 වසරේ දී එවක රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් අමාත්‍යවරයා විසින් ජාතික කොඩිය එසවීම පිළිබඳ නිර්නායක ප්‍රකාශයට පත්කරන ලදී. එහිදී ජාතික කොඩියේ නියම භාවිතය, අවභාවිතය එසවීම පිළිබඳ උපදෙස් ආදී කරුණු ප්‍රකාශයට පත් කෙරිණ. ජාතික කොඩියට ජාතික ප්‍රමිති ආයතනයේ පිරිවිතරයන් හිමිව ඇත්තේ එස් එල් එස් 693: 1985 අංක දරන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයන් අනුවය. එහි ජාතික කොඩියේ නිවැරදි සැලස්ම, ප්‍රමාණය හා වර්ණ ඇතුළත් කර ඇත. නැවතත් 1986 අගෝස්තු මාසයේදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන පිළිවෙළ නීතිගත කෙරිණ. | ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ ඇති සිංහය රූපයේ ඇති යම් යම් අඩුපාඩු නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පසුගියදා පැවසීමත් සමඟ ආණ්ඩුව විසින් ජාතික කොඩිය වෙනස් කිරීමට සැරසෙන්නේද යන්න පිළිබඳ සමාජය තුළ කතාබහක් මතුවිය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඒ සඳහා උත්තරය පාපැදියක් ද? මේ සැම්බියානු ජාතිකයෝ එසේ සිතති. සැම්බියාවේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනයාගෙන් 83% ක් දිවි ගෙවන්නේ නිසි මාර්ග පහසුකම් සහිත පෙදෙස්වල සිට කිලෝමීටර 2 ට වැඩි දුරකිනි. එබැවින් ඔවුන්ගේ කෘෂි සහ පශු නිෂ්පාදන වෙළෙඳපොළ වෙත ගෙන යාම දැඩි අභියෝගයක් වී තිබේ. මේ එම අභියෝගය ජය ගනුවස් ආරම්භ කළ වැඩසටහනකින් ප්රතිලාභ ලද ගම්වැසියන්ගේ අත්දැකීම් ඇසුරින් සැකසුනු වීඩියෝවකි. | යමෙකු සතුව මෝටර් රථයක් නොමැති නම්, ගම් ප්‍රදේශයට නිසි මාර්ග පහසුකම් නොමැති නම් නිෂ්පාදන වෙළෙඳපොළට රැගෙන යාම හෝ දරුවන් පාසල් ගෙන යාම දුෂ්කර කටයුත්තක් වනු ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සරණාගතයන් සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන පිළිවෙත මුල් කර ගෙන දෙරට අතර දැඩි මතභේද පවතින මෙහොතකයි, සංචාරය ආරම්භ කෙරුණේ. ඉන්දුනීසියාවත් සමඟ පුළුල් ආර්ථික සම්බන්ධතා ගොඩ නගා ගැනීම ඕස්ට්‍රේලියානු නව අගමැතිවරයාගේ උවමනාවයි. බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාවට එමින් සිටින සරණාගතයන් ආපසු ඉන්දුනීසියානු මුහුදු තීරයට හරවා යවනු ලැබීමේ ටෝනි ඇබට් පිළිවෙත ජකර්තා පාලනයේ කෝපයට හේතු වී ඇති අතර, එය තම පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් වන බවයි ඔවුන් කියා සිටින්නේ. මිනිසුන් පැටවීමේ ජාවාරම ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සමඟ සාකච්ඡා වලින් පසු ප්‍රකාශයක් කළ ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැම් බැන්ග් යුධයනෝ, බෝට්ටු මගින් එන සරණාගතයන් සහ මිනිසුන් රටින් රටට පටවන ජාවාරම ගැන තමන් අවධානය යොමුකළ බවයි කියා සිටියේ. අගමැති ටෝනි ඇබට් අදහස් දක්වමින්,ඔස්ට්‍රේලියාව ඉන්දුනීසියාවේ පරමාධිපත්‍යයට සහ ඒකාග්රතවයට ගරු කරන බවයි සඳහන් කළේ. ඔරොත්තු නො දෙන තරම් සංඛ්‍යාවක් සරණාගතයන් රැගෙන ඕස්ට්‍රේලියාව කරා යාත්‍රා කරමින් තිබුණ බෝට්ටු කීපයක් ම පසුගිය මාස කීපය ඇතුළත මුහුදුබත් වීමෙන් ජීවිත රැසක් විනාශ වූ බව වාර්තා විය. පසුගිය සතියේත් සරණාගතයන් පිරුණ බෝට්ටුවක් ඉන්දුනීසියානු මුහුදු තීරයේ දී මුහුදුබත් වීමෙන් තිස්එක් දෙනකු දියේ ගිලී මරණයට පත් වූ අතර, තමන් බේරා ගැනීමට නො පැමිණි බවට දිවි බේරුණ සරණාගතයන් ඕස්ට්‍රේලියාවට චෝදනා කරන නමුත්, ඔස්ට්‍රේලියාව කියා සිටින්නේ ඔවුන්ට ආධාර වීමෙහි ලා සුදුසු සියලු පියවර ගත් බවයි. | මේ මාසය ආරම්භයේ දී ඕස්ට්‍රේලියාවේ අගමැති පදවියට පත් ටෝනි ඇබට් සිය පළමු විදේශ නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දුනීසියාවට ලඟා වී සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සංශෝධනය සම්මත කරන තුරු මාදුළුවාවේ සෝභිත හිමියෝ සත්‍යග්‍රහයක ඉරිදා සවස පැවැත්වුණු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ රැස්වීමකදී එම තීරණය ගන්නා ලද බව ව්‍යාපාරයේ සාමාජිකයෙක් බීබීසී සංදේශයට පැවසීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විවාදයකින් අනතුරුව එය අඟහරුවාදා සම්මත කරගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්රමුඛ ආණ්ඩුවේ අපේක්ෂාවයි. ජාතිය ඇමතීම එයට පක්ෂව ඡන්දය දෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය සතියේ තීන්දු කරන ලද නමුත්, සංශෝධනය සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂනායකවරයා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවයි, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කිසිදු සංශෝධනයක් සම්මත කිරීමට ඉඩ නොදෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා තීරණය කර තිබෙන බව, විජිත හේරත් මන්ත්‍රීවරයා මේ අතර චෝදනා කරයි. මේ තත්වය යටතේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන 19 වැනි සංශෝධනය සම්මත කරන තුරු සත්‍යග්‍රහයේ යෙදීමට සෝභිත හිමියන් තීරණය කර තිබේ. සියලු ශ්‍රී ලංකාවාසීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම පිණිස 19 වැනි සංශෝධනය සම්මත කරගැනීමට සහාය දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බ්‍රහස්පතින්දා ජාතිය අමතමින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටියේය. | ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු නොනවත්වා සත්‍යග්‍රහයක නිරතවීමට මාදුළුවාවේ සෝභිත හිමියන් තීරණය කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 2020 මාර්තු මස ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීම ආරම්භ වුව ද කෝවිඩ්-19 වසංගතය හමුවේ එම සීමා යළි පැනවිණි. එය දොරගුළු වසා දමා, කෝපයෙන් සහ බියෙන් යුතුව ගත වුණු වසරකි. එකී දොළොස් මස තුළ තමා දිවි ගැටගසාගත් ආකාරය පිළිබඳ කාශ්මීර වැසියන් 12 දෙනෙකු බීබීසීය වෙත අදහස් පළ කළේය. 26 හැවිරිදි සනා ඉර්ෂද් මැටූ "අපේ මේ වෘත්තීය තුළ පෞද්ගලිකත්වය සහ වෘත්තීය ජීවිතය වෙන් කර තබන්න බැහැ," යනුවෙන් වසර කිහිපයක සිට මාධ්‍යවේදිනියක් වශයෙන් කටයුතු කරන මැටූ පවසන්නීය. "මීට කලින් අවුරුදුවලත් අපි ලොක්ඩවුන්වල ජීවත් වෙලා තිබෙනවා. ඒත් ගිය අවුරුද්දේ, තැතිගත් මානසිකත්වයක් සහිත වටපිටාවක් පැවතුනේ. වෙන්නේ කුමක්ද කියා අපි දැන සිටියේ නැහැ. අපි අතර සන්නිවේදන සිදු කරන ආකාරය වෙනස් වුණා. අපේ හඬ ඇසෙන්න සලස්වන්න වෙනත් ක්‍රම සොයා ගත්තා." ආරක්ෂක අංශ සාමාජිකයන් වාර්තාකරුවන් කෙරෙහි දැක්වූ තරමක කෝපකාරී ආකල්පය පසුගිය වසරේ අගෝස්තු මාසයෙන් පසු තවදුරටත් වර්ධනය වූ බව මැටූගේ අදහසය. "දැන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමට ලක් වෙනවා, අත්අඩංගුවට පත් වෙනවා, ඔවුන් තොරතුරු ලබා ගන්න මූලාශ්‍ර හෙළි කිරීමට බල කෙරෙනවා. සමාජ ජාල තුළ පොස්ට් එකක් දාන්න කලින් දෙතුන් වරක් හිතන්න වෙනවා, මොකද මාත් වැඩ කළ යුතුයි. සෑම මොහොතකම බයක් දැනෙනවා." "ගෙදර අය මා ගැන යම් බියකින් පසු වෙනවා. ඒත් මගේ වෘත්තීය සම්බන්ධ දේවල් මම ගෙදර අයට කියන්නේ නැහැ. මම ඒ දේවල් ගැන ඔවුන් සමග කතා කරන්නේ නැහැ. සමහර අවස්ථාවල බොරු කියන්නත් සිද්ධ වෙනවා." 55 හැවිරිදි අල්තෆ් හුසේන් අගෝස්තු 05 වෙනිදා ආණ්ඩුව දුන් නියෝගයෙන් පසු, මුලින්ම මරණයට පත් පුද්ගලයන් අතර අල්තෆ් හුසේන්ගේ පුතු ද වෙයි. තමා ලුහුබැඳ ආ හමුදා භටයින්ගෙන් බේරීමට අසල වූ ගඟකට පැන ඇති 17 හැවිරිදි උසේයිබ් අල්තෆ් එහිදී දියේ ගිලී ඇත. නමුත් ආරක්ෂක අංශ එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. වසරක් ගතව ඇතත් ඔහුගේ මරණය තවමත් නිල වශයෙන් පිළිගෙන නැත. උසේයිබ් අවසන් හුස්ම හෙලූ රෝහලේ බලධාරීන් පවා ඔහුගේ පවුල වෙත මරණ සහතිකයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. "ෆුට්බෝල් ගහන්න ගිය පුතා ගෙදර ආවේ මිනී පෙට්ටියෙන්. ඒ දවසේ කවුරුත් මැරුණේ නැති බව පොලිසිය තදින්ම කියා සිටිනවා. ඔහු මරා ගත්ත බව ඔවුන් පිළිගන්නේ නැහැ. ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටියත් ඔවුන් පැමිණිල්ල ලියා ගන්නේ නැහැ. අපි පොලිසියට, අධිකරණයට ගියා. ඒත් සාධාරණයක් ඉෂ්ඨ වුණේ නැහැ." 6 හැවිරිදි මුනීෆා නසීර් කුඩා මුනීෆා, ආරක්ෂක අංශ සහ උද්ඝෝෂකයන් අතර විරෝධතාවක් හට ගැනීමෙන් පසු සිදු වූ වෙඩි තැබීමකට මැදි විය. කැටපෝලයකින් එල්ල වූවා යයි සිතිය හැකි පහරක් ඇයගේ දකුණු ඇසට වැදිණි. "මම දවස් ගානක් රෝහලේ ගත කළා. ඒත් දැන් ඒ ගැන එච්චර මතක නැහැ. මට ඉස්කෝලේ පාඩම් අමතක වෙලා ගිහින්. මම ඉස්කෝලේදී ලකුණු සීයෙන් සීයම ගත්තා. මගේ ඇහැ සනීප වුණාම මම දොස්තර කෙනෙක් වෙනවා. මම දොස්තරලට කැමතියි, මොකද මට සනීප වෙන්න ඔවුන් උදව් කළා" යනුවෙන් ඇය සඳහන් කළාය. ප්‍රාදේශීය පුවත් ආයතනයක කැමරා ශිල්පියෙකු වශයෙන් සේවය කරන ඇයගේ පියා පවසන්නේ සිය දියණියගේ ඇසේ පෙනීම සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවය. තවදුරටත් පාසල් ගාස්තු ගෙවීම දුෂ්කර බැවින් ඇය ඉන් ඉවත් කර ගැනීමට ඔහුට සිදු විය. "මට පෙන්නේ ඡායාව විතරයි. මට පොත් කියවන්න බැහැ. මම කොහෙවත් යන්නේ නැහැ. දවස් පහළොවකට පස්සේ ඉස්කෝලේ යන්න පුළුවන් වේවි කියල දොස්තරලා කිව්වා. ඒත් දැන් අවුරුද්දක් ගත වෙලා." යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසීය. 34 හැවිරිදි ෆාරුක් අහ්මඩ් අහ්මඩ්, පොඩි තැනින් පටන් ගෙන ඉහළ නැගි අයෙකි. ඔහු රැකියාව ආරම්භ කළේ ගැටවර වියේදීමය. ඒ ඉන්දීය පාලිත කාශ්මීරයේ අග නගරය වන ශ්‍රීනගර් හි බස් අංගනයක රියදුරු සහායකයෙකු වශයෙනි. සිය බිරිඳගේ කණකර විකුණා, අත ඉතිරි කර ගෙන සිටි මුදල් ද යොදවා ඔහු තමාටම කියා බස් රථයක් මිලට ගත්තේ 2003 වසරේදීය. අද වන විට ඔහු, හවුල්කරුවෙකුගේ උපකාර සහ බැංකු ණය ඇතිව මිලට ගත් බස් රථ හතක හිමිකරුවෙකි. එහෙත් ඔහුගේ බස් රථවලට වැඩ නැත. ප්‍රවාහනය, මේ වසරේදී කලාපය තුළ බරපතල ලෙසම බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර අතරින් එකකි. "සතයක් හම්බ නොකර, රුපියල් 400,000 විතර වියදම් කරලා මේ අවුරුද්දට රක්ෂණ වාරික අලුත් කළා. මා ගාව වැඩ කරන හත් දෙනෙක් නොකා නොබී ජීවත් වෙන තත්ත්වෙට පත් වෙලා. මගේම පවුලේ අය දුක් විඳිද්දී මම කොහොමද ඔවුන්ගේ පවුල් ගැන සොයා බලන්නේ? අපි වගේ මිනිස්සු, නම්බුකාර විදිහට ජීවත් වෙන්න අපි සතුව තිබුණු වටිනා දේවල් විකුණා තිබෙනවා. අපි හරි හම්බ නොකරන කොට කොහොමද අපි, අපේ ණය තුරුස් ගෙවන්නේ?" සිය ණය ගෙවා දැමීමේ උත්සහයක් ලෙසින් ඔහු දැන් කුලී වැඩවල නිරතව ආදායමක් උපයා ගැනීමට තැත්කරයි. 28 හැවිරිදි ඉක්රා අහ්මඩ් ඉක්රා ඇයගේම විලාසිතා නිර්මාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නීය. අන් කිසිවෙකු යටතේ වැඩ කිරීමට මනාපයක් නොවූ බැවින් මෙවැනි වෘත්තීයක් තෝරා ගත් බව ඇය පවසන්නීය. ඇය පවසන්නේ, සිය විලාසිතා ඔස්සේ කාශ්මීර සංස්කෘතිය ප්‍රචලිත කිරීමට තමන්ට අවශ්‍ය බවය. ඉක්රා සිය නිර්මාණ අලෙවි කරන්නේ අන්තර්ජාලය (ඔන්ලයින්) ඔස්සේය. "ඉන්ටර්නෙට් නවතා දැමීම මගේ ව්‍යාපාරයට දැඩි පහරක් වුනා. 2G වලින් එතරම් වැඩක් නැහැ. ඇමරිකාව, බුබායි සහ ඔස්ට්‍රේලියාව වගේ ලෝකයේ සෑම තැනම මගේ පාරිභෝගිකයෝ ඉන්නවා." "ඒත් මගේ පාරිභෝගිකයන්ගෙන් වැඩි දෙනෙක් කාශ්මීර වැසියන්. 2G වලින් පිංතූර බලන්න බැරි නිසා ඔවුන්ට මගේ නිපැයුම් දැක බලා ගන්න බැහැ. මීට කලින් මට, සතියකට ඇනවුම් 100 ත් 110 ත් අතර ප්‍රමාණයක් ලැබුනා. දැන් ලැබෙන්නේ පහක් හෝ හයක් විතරයි." ඇනවුම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් විදෙස් රටවල සිටින පාරිභෝගිකයන්ගේ කනස්සල්ල පළ වී තිබේ. මාස හයක කාලයකට පසු තමා වෙත ඇනවුමක් ලැබීම සම්බන්ධයෙන් එක් පාරිභෝගිකයෙක් ඇය වෙත සතුට පල කර ඇත. අන්තර්ජාල පහසුකම් නවතා තිබුණු කාලයේ එවන ලද පණිවිඩයකට (මැසේජ්) පිළිතුරු ලබා නොදීම හේතුවෙන් තවත් පාරිභෝගිකයෙකු ප්‍රතිචාරය පළ කර තිබුනේ "තොලොංචි වෙලා පල" යනුවෙනි. "මෙහෙම ගියොත් තවදුරටත් මගේ ව්‍යාපාරය රැකේවී කියා මම හිතන්නේ නැහැ. මගේ මාසික වියදම රුපියල් 200,000 ට ලං වෙලා. මම කීයක්වත් හම්බ නොකළොත් මගේ සේවකයෝ හත් දෙනාට පඩි ගෙවන්නේ කොහොමද?" 24 හැවිරිදි බද්රුද් දූජා "නීති ශිෂ්‍යයෙක් වශයෙන් මම ව්‍යවස්ථාව, ප්රජාතන්ත්රවාදයේ හරය, මූලික අයිතිවාසිකම් සහ නීතිය හරි හැටි ක්‍රියාත්මක වීම වැනි කාරණා පිළිබඳ ඉගෙන ගන්නවා. නමුත් මේවා හුදෙක් වචන පමණයි. අපිට පුද්ගල නිදහස නැති වෙමින් තිබෙනවා. සියලුම ශිෂ්‍යයන්ට සහ ගුරුවරුන්ට, නීතිය ඉගෙන ගැනීම විහිළුවක් බවට පත් වෙලා." බද්රුද් තමන් විසින් තෝරා ගන්නා ලද වෘත්තීය සම්බන්ධයෙන් පවතින මුලාවෙන් මිදෙමින් සිටී. "මිනිස්සු සමග කතා කිරීම කාලයක් අත්බෙහෙතක් වුණා. ඒත් දැන් කතා කිරීම නිසා හිරේ යන්න පුළුවන්. මාධ්‍ය වලට අදහස් දක්වපු මනුස්සයෙක් වෑන් රථයකට බලහත්කාරයෙන් ඇදල දාගත්ත විදිය කාශ්මීරයේ මානව හිමිකම් සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ආයතනයක පුහුණු වන්නෙකු වන මම වරෙක දුටුවා. අපේ අධ්‍යාත්මය විනාශ වෙමින් පවතිනවා. මේක සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු විරහිත තත්ත්වයක්. නීතිය පවත්වාගෙන යන අයට ඒ සඳහා පැඩියක් ගෙවනවා, ඒත්, ඒ අය විසින්ම ඊට හානි කරනවා දකින්න නෙමෙයි අපි නීතිය ඉගෙන ගත්තේ. මම දැන් වෙනත් රැකියාවක් සොයමින් ඉන්නේ." 29 හැවිරිදි මන්සූර් බට් මන්සූර්, ඉන්දියාවේ පාලක හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය අංශයේ ප්රධානියාය. කාශ්මීර ප්‍රාන්තයට ලබා දී තිබූ විශේෂ බලතල අහෝසි කරනු ලැබුවේ පාලක භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ආණ්ඩුව විසිනි. භාරතීය ජනතා පක්ෂයට එක් වීම නිසා තමන් සිය පවුලෙන් නෙරපා හැර ඇති බව ඔහු පවසයි. ඒ හේතුවෙන් තමන් "අපාගත නොවනු ඇති බව" ඔහු කියා සිටී. ඒ වෙනුවට තමන් කලාපයේ ජනයාට උපකාරයක් කරන්නේ යයි හැඟෙන බව ඔහු සඳහන් කරයි. "මගේ ඉලක්කය බලය හෝ මුදල් ඉපයීම නොව අන් අයගේ ජීවිත වෙනස් කිරීමයි. අපේ බාල පරපුර අවි අතට ගන්නවා, ඒත් ඒක විසඳුමක් නොවෙයි. කාශ්මීරයේදි මැරුණු අය මගෙත් සහෝදරයෝ, නමුත් ප්රචණ්ඩත්වය උත්තරයක් නොවෙයි." 35 හැවිරිදි ජාවෙඩ් අහ්මඩ් 'දල්' විල ශ්‍රීනගර් හි දර්ශනීය ස්ථාන අතරින් එකකි. සංචාරකයන් ඉහළ පහළ රැගෙන යන ජාවෙඩ් පුරා වසර විසි පහක් එහි ඔරු පදවන්නෙකු වශයෙන් ජීවිකාව ගෙන යයි. එය යහමින් මුදලක් ඉපයිය හැකි ජීවනෝපායකි. ඔහු එමගින් දිනකට රුපියල් පන්සියයක පමණ ආදායමක් ලබයි. "දැන් ජීවිතේ ගැට ගහගන්න මට එළවලු විකුනන්න වෙලා. ඒත් ලොක්ඩවුන් කරලා තියෙද්දී බඩු ගන්න මිනිස්සු කොහෙද?" ඔහු ප්‍රශ්න කරයි. සිය දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවීම පවා දුෂ්කර වී ඇති බව ඔහු කියා සිටී. "අපේ අනාගතය විනාශ වෙලා. සංචාරකයෝ බය නිසා මෙහෙ එන්නේ නැහැ. කාශ්මීරයේ හැමෝටම අමාරු කාලයක් මේක. ඒත් වැඩිම බලපෑම එල්ල වෙලා තියෙන්නේ සංචාරක කර්මාන්තයටයි," එක් ඔරු පදවන්නෙකුට රුපියල් 1,000 බැගින් ලබා දෙන බවට ආණ්ඩුව ප්‍රතිඥා දී තිබුන ද එය මාසික විදුලි බිල්පත ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන බව ජාවෙඩ් පවසයි. "මට කිසි බලාපොරොත්තුවක් නැති නිසා මම මේක දෙයියන්ට භාර දීල තියෙන්නේ." 12 හැවිරිදි ෆාලාහ් ශා "ඉන්දියාවේ අන් සෑම තැනම ඉන්න සිසු සිසුවියන් ඉදිරියේ, හොඳම අධ්‍යාපන අවස්ථා පවතිනවා. මට මූලික අධ්‍යාපනය පවා ලැබෙන්නේ අඩුවෙන්. මේ මොහොතේ අපට වැදගත් පාඩම් මග හැරෙනවා නම්, ඉස්සරහට තරගකාරී විභාග සමත් වෙන්නේ කොහොමද?" ෆාලාහ් ප්‍රශ්න කරන්නීය. "විද්‍යාව සහ ගණිතයට අදාළ මූලික පාඩම් මට අමාරුයි. ඉන්ටර්නෙට් නැති නිසා ඒවට උත්තර හොයන්න පුළුවන්කමකුත් නැහැ. දැන් ඉන්ටර්නෙට් තිබුනත් ස්පීඩ් එක හරිම අඩුයි. පොතක් කියවන්න හැදුවත් පාඩම් ගැන මූලික දැනුමක් නැති නිසා ඉන් ඵලක් වෙන්නේ නැහැ." සිය පාසල - ගුරුවරුන් සහ මිතුරු මිතුරියන් මතක් වෙන බව ඇය පවසන්නීය. "මම ගෙදරින් එලියට යන්නේ නැහැ. අවුරුද්දක් මම මෙතන හිර වෙලා. වෙන ප්‍රාන්තයක් අවුරුද්දක කාලයක් ලොක්ඩවුන් කරා නම් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එළියට ඇවිත් උද්ඝෝෂණ කරාවි. ඔවුන් ගෙදරට වෙලා ඉන්න එකක් නැහැ. ඒත් අපිට උද්ඝෝෂණ කරන්න බැහැ. අපිව හිරේ දාන්න පුළුවන්." 43 හැවිරිදි සාජිද් ෆාරුක් සාජිද් හෝටල් හිමිකරුවෙකි. පරම්පරා තුනක ව්‍යාපාරික පවුල් පසුබිමකින් පැවත එන ඔහු පවසන පරිදී කාශ්මීරය තුළ අනාගතයක් නොමැත. ප්‍රාන්තය තුළ ඉන්දීය පාලනයට එරෙහිව සන්නද්ධ පිබිදීමක ආරම්භය සටහන් වූ 1990 සිට තමා දැක ඇති මරණ සහ ප්රචණ්ඩ ක්‍රියා ගැන ඔහු මතකය අවදි කරයි. "මේ හෝටලය ගොඩ නගන්න පරම්පරා තුනක් ගත වුනා. නමුත් 1990 සිට අපි දිවි ගැට ගහගන්නවා විතරයි." ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි මට්ටමකට පැමිණ ඇති බව ඔහු පවසයි. "මගේ හෝටලයේ විදුලිය පාවිච්චි කළත් නැතත් මම ඒ සඳහා රුපියල් 200,000 ක් ගෙවිය යුතුයි. ඊට අමතරව තවත් වියදම් තියෙනවා. මේ දේවල් හොඳ අතට හැරෙන බවක් මට පේන්න නැහැ. කාශ්මීරය හඬා වැළපෙන දේ, රටේ අනෙක් අයට ප්‍රීතිමත් සැමරිල්ලක්. රටේ අනෙක් අය සමරන දේ අපට දුකක්. සෑම දේම දේශපාලනීකරණය වෙලා. සෑම දෙයක් තුළම ගැටුමක්. ඉතින් කොහොමද ව්‍යාපාරයක් ගෙනයන්නේ?" 35 හැවිරිදි බිලාල් අහ්මඩ් බිලාල් කාශ්මීරයේ වෙසෙන පලතුරු ගොවියෙකි. පලතුරු ගොවිතැන කලාපයේ ප්‍රධාන කෘෂිකාර්මික ආදායම් අතරින් එකකි. කාලගුණික වෙනස්කම් සහ ලොක්ඩවුන් නීති නිසා තම ඉඩම ද විකුණා දමන තැනට වැඩ සිදුව ඇති බව ඔහු පවසයි. නොසිතූ පරිදී හටගත් හිම පතනය ඔහුගේ ඇපල් සහ පීච් ඵලදාවට හානි ගෙන දී තිබේ. ප්‍රමාණවත් තරම් කම්කරුවන් නොමැතිකම හමුවේ බෝගවලට අවශ්‍ය පොහොර ඉසීමට නොහැකිව අස්වැන්න අඩු වී ඇති බැවින් තත්ත්වය තවත් නරක අතට හැරී ඇත. "අපිට වැඩ නැතිව අවුරුද්දක් වෙනවා. ඇපල් නිෂ්පාදනයෙන් රුපියල් 10,000 ත් 150,000 ත් අතර මුදලක් උපයන්න පුළුවන්කම තිබුනා. ඒත් මේ අවුරුද්දේ මට උපයා ගන්න පුළුවන් වුණේ රුපියල් 30,000 ක් පමණයි. මගේ සහෝදරයා පීච් පෙට්ටි 1,200 නෙළුවා. ඒත් ගැනුම්කරුවෝ නැති නිසා ඉන් වැඩි හරියක් විසි කර දාන්න වුණා. මේ තත්ත්වය දිගටම පැවතුනොත් මට ඉඩම විකුණා දාන්න වේවි. මම වෙන වැඩක් දන්නේ නැහැ, මම වැඩිය ඉගෙන ගෙන නැහැ." 49 හැවිරිදි මොහොමඩ් සිදික් මොහොමඩ් මැටි කර්මාන්තයේ නිරතවන්නෙකි. අමුද්‍රව්‍ය සොයා ගත නොහැකි බැවින් ඔහුගේ රැකියාව අතරමග නැවතී තිබේ. ප්‍රදේශයෙන් බැහැර කොන්ත්‍රාත්කරුවන්ට වැලි ගොඩ දැමීමේ සහ ගල් කැඩීමේ බලපත්‍ර ලබා දීමට ප්‍රාන්ත ආණ්ඩුව මෑතකදී කටයුතු කිරීම නිසා මොහොමඩ් වැනි ප්‍රදේශයේ වෙසෙන දහස් ගණනකට වැඩ නැති විය. "ආණ්ඩුව පස් කැපීම තහනම් කර තිබෙනවා. ඒක අධිකරණ නියෝගයක් බව ඔවුන් කියනවා. ඒත් අවුරුදු ගානක් යනකම් මේ අධිකරණ කොහෙද තිබ්බේ? අපි වගේ දුප්පත් මිනිස්සුන්ගේ පවුල් ගැන මේ නඩුකාරයෝ හිතන්නේ නැද්ද? ඔවුන්ට ඕන අපි බඩගින්නේ මැරෙනවා දකින්නද? ලොක්ඩවුන් සීමා නිසා මගේ එක බඩුවක්වත් විකිණෙන්නේ නැහැ. මම මැටි බඩු අලුතෙන් හදන එක නැවැත්තුවා. ඒ වෙනුවට කුලී වැඩක් කරනවා." ඡායාරූප: අබිද් බට්, ජෙහන්ගීර් අලී විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි. කාශ්මීරයට අදාළ තවත් පුවත්: | ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කාශ්මීරය වෙත ලබා දී තිබූ සුවිශේෂී ස්වයං පාලන බලතල ඉන් ඉවත් කර , එය මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වන කලාප දෙකකට බෙදා වෙන් කිරීමට ඉන්දීය ආණ්ඩුව විසින් පියවර ගනු ලැබුවේ 2019 අගෝස්තු 05 වෙනිදාය. ඒ සමග කාශ්මීර කලාපය තුළ දැඩි ඇඳිරි නීතියක් සමඟ සංචරණ සීමා (ලොක්ඩවුන්) පනවන ලද අතර සන්නිවේදන ජාල අවහිර කර දහස් ගණනක් රැඳවුම් භාරයට ගනු ලැබිණි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ව්‍යවස්ථාදායක සභාවේ සංයුතියට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ විරෝධය සඳුදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්රීලනිපය විසින් නව සංශෝධන ඉදිරිපත් කරන ලදි. විශේෂයෙන්ම සංශෝධනයෙන් අනතුරුව පත්කිරීමට යෝජිත ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් බහුතරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු බවයි, ශ්රීලනිපය අවධාරණය කරන්නේ. ඉන් අනතුරුව අදාළ සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම්ඒ සුමන්දිරන්, අජිත් පී පෙරේරා සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරුන් ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලදි. ශ්රීලනිපය නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර් මුස්තාෆා සහ රජීව විජේසිංහ මන්ත්‍රීවරු පැය කිහිපයක් මුළුල්ලේ කමිටුව සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් අවසානයේ කිසිදු තීරණයකින් තොරව සාකච්ඡාව අවසන් වූ බව සංදේශයට වාර්තා වේ. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය හැරුණු කොට, ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් විමසා කැබිනට් අමාත්‍යවරුන් පත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූලව ඇතුලත් කරන ලද වගන්තියටද ශ්‍රීලනිප සාමාජිකයන් විරෝධය පළ කළැයි සුමන්දිරන් මන්ත්‍රීවරයා ජනමාධ්‍ය වෙත පවසා තිබේ. කෙසේ නමුත් තමන් ප්‍රතිපත්තියක් වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන බවද ශ්‍රීලනිප මන්ත්‍රීවරු කමිටුව ඉදිරියේ පැවසූහ. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුණු කමිටුව, සාකච්ඡා බිඳ වැටුණු බව ඔහුට දැනුම් දුන්නේය. | විධායක ජනාධිපති පදවියේ බලතල සීමා කෙරෙන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන පිළිබඳ සාකච්ඡා මින් මොහොතකට පෙර බිඳ වැටින. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නව දිසා ලේකම්වරයා නිලධාරීන් අමතමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය අද (මාර්තු 02) දක්වා යුද හමුදාවෙන් නම් කළ දිසා ලේකම් වරයකු යටතේ පාලනය වූ අතර එම පදවියේ කටයුතු කළේ විශ්‍රාමික යුද හමුදා නිලධාරී මේජර් ජනරාල් පී.ටී .ආර් ද සිල්වායි. එම හමුදා නිලධාරියා වෙනුවට සිවිල් පරිපාලන නිලධාරියකු පත් කරන මෙන් වසර කීපයක් ම ගෙන ගිය ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනුයි ඉහත කී වෙනස සිදු කෙරුණේ. මේ අනුව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන එන්.ඒ.ඒ.පුෂ්පකුමාර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නව දිසා ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබ සිටියි. මේජර් ජනරාල් පී.ටී .ආර් ද සිල්වා, ශ්‍රී ලංකාවේ දිසා ලේකම් පදවියක් දැරූ එකම යුද හමුදා නිලධාරියා වන අතර ඔහු පදවියේ කටයුතු කරද්දී සිය නිල කාර්යාලය තුළ මෙන්ම මහජනතාව අතරට යාමේ දීත් සන්නද්ධ භටයන් යොදා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබුණි. මහජන උද්ඝෝෂණ යුද හමුදා නිලධාරියකු යටතේ පවත්වා ගෙන ගිය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සිවිල් පරිපාලන නිලධාරියකුට භාර දෙන මෙන් ඉල්ලමින් පසුගිය රජයේ පාලන සමයේ මහජන උද්ඝෝෂණ පවා දියත් කෙරුණි. නව දිසාපතිවරයා වැඩ භාර ගැනීම නිමිත්තෙන් පැවැත්වුන පරිපාලන නිලධාරී හමුවේ දී අදහස් දැක්වූ නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් එච්.ඊ.එම.ඩබ්ලිව්.ජී.දිසානායක නව වෙනස සඳහා පියවර ගත් සියලු දෙනාට ස්තුති කරන බව කියා සිටියේය. එම වෙනස අමාරුවෙන් දිනා ගත් සටනක් හැටියටයි ලේකම්වරයා විසින් විග්රහ කරන ලද්දේ. එසේම ඉහත කී වෙනස සිදු වූ අද දිනය ඓතිහාසික දිනයක් වන බවත් ඔහු සඳහන් කළේය. එම අවස්ථාවේ ප්‍රකාශයක් කළ නව දිසා ලේකම් එන්.ඒ.ඒ.පුෂ්පකුමාර, කියා සිටියේ ආණ්ඩුවේ රාජකාරී විෂයයන් සම්බන්ධයෙන් පිළිගත් ක්‍රමවේදයක් අවශ්‍ය කරන බවයි. සිය පළාතේ රාජ්‍ය සේවය තුළ එවැනි ක්‍රමවේදයක් නොතිබුන බව සඳහන් කළ දිසා ලේකම්වරයා තමාට පළාතේ ගුරුවරුන් මාරු කිරීම සම්බන්ධයෙන් පවා ක්‍රමවේදයක් සකස් කළ නොහැකි විනැයි සඳහන් කළේය. | වසර අටකට ආසන්න කාලයක් යුද හමුදා නිලධාරියකු යටතේ පාලනය කෙරුණ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය යළි පරිපාලන නිලධාරියකු යටතට පත් කරනු ලැබ ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'එතකොට කොරකම් කරන අයට කියන්න පුළුවන් කෝ, අපි ඇල්ලුවද කියලා. අලුතෙන් හොරකම් කරන්න හිතන් ඉන්න අයට කියන්න පුළුවන් දැන් අපිව අල්ලන්න තැනක් නැහැ කියලා' ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ගිය අවස්ථාවේ එහි නිලධාරීන් එවැනි අවදානමක් පවතින්නේ යැයි තමාට ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ මාතර දිස්ත්‍රික් විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමිනි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ නිල හැඳුනුම්පත අලුත් නොකිරීමේ සැලැස්මක් පවතින බවටත් තමාට විශ්වාසදායක ආරංචි ලැබී ඇති බවයි ඔහු පවසන්නේ. එවැනි සූදානමක් පවතින්නේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබී ඇති පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පවත්වා අවසාන බැවින් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. 'විමර්ශන අවසාන වීමට ආසන්න වෙන කොට විමර්ශන කරන ආයතනය ඉවර කරන්න හදනවා. එතකොට හොරකම් කරන අයට කියන්න පුළුවන් කෝ, අපි ඇල්ලුවද කියලා. අලුතෙන් හොරකම් කරන්න හිතන් ඉන්න අයට කියන්න පුළුවන් දැන් අපිව අල්ලන්න තැනක් නැහැ කියලා' පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී සංදේශය රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරීමේ සූදානමක් නොමැති බවයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට අදාළ පරීක්ෂණ කිසිවක් නිමා වී නැති බැවින් අවශ්‍ය නම් එහි නිල කාලය තවත් දීර්ඝ කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. | පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරීමේ අවදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | විශේෂයෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ඔහු, පියෝන්ග්යැන්ග් පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් ඇමෙරිකාව උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි අනතුරු ඇඟවීමක් කළේය. සිය දේශනයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා "රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින්" සිටින්නේ යයි ද සඳහන් කළේය. ලෝකයේ "චෞර රාජ්‍යයන් කුඩා කණ්ඩායම" අතරට ඉරානය ද ඇතුළත් බවත් ඔහු සඳහන් කළේය. ජනාධිපති බරක් ඔබාමා පාලනය විසින් ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම ද ජනාධිපති ට්‍රම්ප් ගේ විවේචනයට ලක් විය. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාවේ දී උතුරු කොරියාව,ඉරානය සහ වෙනිසුවෙලානු පාලන ක්රමයන්ට දැඩි ප්‍රහාර එල්ල කළේය ජනාධිපති ට්‍රම්ප් ගේ දේශනය, ඔහුගේ විවේචනයට ලක් වූ රටවල හෙළා දැකීමට ලක් වී තිබෙන අතර, වෙනත් රටවල් ද එය දැඩි විවේචනයට ලක් කර තිබේ. ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සරීෆ් (Javad Zarif) පවසන්නේ "ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශය" අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව "මධ්‍යතන යුගයට" බව සඳහන් කළේය. උතුරු කොරියාව විනාශ කරන බවට කළ තර්ජනය සහ සිය නායකයා සමච්චලයට ලක් කිරීම පිළිබඳව උතුරු කොරියාව තවමත් නිල වශයෙන් ප්‍රතිචාරයක් දක්වා නැත. සිය රටවැසියන්ගේ අනාගත සුභසිද්ධිය උදෙසා ක්‍රියා කරන ස්වෛරී රාජ්‍යවලින් සමන්විත ලෝකයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළ නමුත් ඔහු "චෞර රාජ්‍යයන්" ලෙසින් විග්රහ කළ රටවල් "වර්තමානයේ අපේ ග්‍රහලෝකයට වසංගතයක්" බවට පත්වී ඇතැයි පවසමින් එම රටවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා සිය දේශනයෙන් වැඩි කාලය ගත කළේය. විශේෂයෙන්ම උතුරු කොරියාව "විනාශ කරන" බවට ඔහු සඳහන් කළ අවස්ථාවේ සභාවේ සිටි එක් පුද්ගලයෙක් සිය මුහුණ දෑතින් වසාගත් අතර, ඇසෙන තරම් උස් හඬින් මුමුණමින් බොහෝ දෙනා එයට ප්‍රතිචාරය පළකරනු දක්නට ලැබුණු බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 'වැරදි දේශනයක්' "ඒක වැරදි වෙලාවක, වැරදි කණ්ඩාමක් වෙනුවෙන් කරපු වැරදි දේශනයක්," යනුවෙන් ස්වීඩනයේ විදේශ අමාත්‍ය මාගොට් වොල්ස්ට්රොම් බීබීසී යට පැවසීය. ඉරානය "ප්රජාතන්ත්රවාදයේ කඩතිරාවෙන් වසාගත් දූෂිත ආඥාදායකත්වයක්" ලෙසින් විග්රහ කළ ජනාධිපති ට්‍රම්ප්, එරට "ප්‍රධානම අපනයන ප්රචණ්ඩත්වය, ලේ වැගිරීම සහ අවුල් වියවුල්" බව ද සඳහන් කළේය. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්, ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම පිළිබඳව ප්‍රසාදය පළ කළේය වෙනිසුවෙලා පිළිබඳව සඳහන් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආණ්ඩුව "සමාජවාදී ආඥාදායකත්වයක්" ලෙසින් හඳුන්වා දෙමින් එය ඇමෙරිකාවේ සතුරු රාජ්‍යයක් හැටියට නම් කළේය. අනුමත කළ නොහැකි වෙනිසුවෙලා පාලනය ඉදිරියේ එක්සත් ජනපදයට බලා සිටිය නොහැකි බවත් ඔහු කියා සිටියේය. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය වෙනිසුවෙලා විදේශ අමාත්‍ය ජෝර්ජ් අරියේසා (Jorge Arreaza) විග්රහ කළේ සිය රටට එරෙහිව එල්ල කළ "තර්ජනයක්" ලෙසිනි. 'බරපතල අත්වැරදීමක්' "ට්‍රම්ප් කියන්නේ ලෝකේ ජනාධිපතිවරයා නෙවෙයි. එයාට එයාගේ ආණ්ඩුවවත් පාලනය කරගන්න බැරිව ඉන්නේ," ඔහු පැවසීය. ඒ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරන බොලිවියාවේ ජනාධිපති එවෝ මොරාලෙස්, "ට්‍රම්ප් වැනි කෝටිපතියෙක් සමාජවාදයට ප්‍රහාර එල්ල කිරීම ගැන පුදුම නොවන" බව පවසයි. "සදාකාලිකව අපේ අරගලය ප්‍රායෝගික සහ මතවාදී වූවකි," යනුවෙන් ද ජනාධිපති මොරාලෙස් ගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ. සිය රට විනාශ කරන බවට කළ තර්ජනය සහ සිය නායකයා සමච්චලයට ලක් කිරීම පිළිබඳව උතුරු කොරියාව තවමත් නිල වශයෙන් ප්‍රතිචාරයක් දක්වා නැත මේ අතර මහා මණ්ඩල සැසිවාරය අමතා අදහස් දැක්වූ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්, ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම පිළිබඳව ප්‍රසාදය පළ කළේය. "එය හෙළා දැකීම බරපතල අත්වැරදීමකි," ඔහු පැවසීය. කෙසේ වුවත් සිය දේශනය අතරවාරයේ ඊශ්‍රායලයේ අගමැති බෙන්යමින් නෙතනියාහු ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ස්ථාවරයට සහාය පළ කළේය. ඉරානය සමග අත්සන් තැබූ ගිවිසුම සංශෝධනය කළ යුතු හෝ අවලංගු කළ යුතු බව ඊශ්‍රායල අගමැතිවරයාගේ අදහස විය. දැනට නිව්යෝක් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේශනයෙන් අනතුරුව අඟහරුවාදා මහා මණ්ඩල සැසිවාරය අමතා අදහස් පළ කළේය. | මේ දිනවල නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින් අඟහරුවාදා (සැප්තැම්බර් 19) පළමු වරට අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් කිහිපයක් දැඩි විවේචනයට ලක් කළේය . |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රුසියාවට හිතවත් පුද්ගලයන් බහුතරය වූ කණ්ඩායමක් සිර වී සිටි ගොඩනැගිල්ලකට පැට්රල් බෝම්බවලින් පහර දී ගිනි තබනු ලැබීමෙන් තිස්හත් දෙනකු මරණයට පත් වූ බවයි, මුලින් වාර්තා කෙරුණේ. ‘ඔදෙස්සා’ නගරයේ පොලිස් ප්‍රධානී පෙත්රෝ ලුත්ස්යුක් තනතුරින් පහ කරන ලද බව ‘ඉන්ටර්ෆෙක්ස්’ යුක්රේනියානු මාධ්‍ය ආයතනය වාර්තා කරයි. රුසියාවට හිතවත් බෙදුම්වාදීන් විසින් අල්ලා ගෙන ඇති ‘ස්ලෝවියාන්ස්ක්’ නගරය යළි සිය පාලනය යටතට ගැනීමට යුක්රේන් හමුදා දිගටම මෙහෙයුමක නිරත වෙමින් සිටින බව කලින් ලද වාර්තා මගින් ප්‍රකාශ විය. ‘ක්රමතෝර්ස්ක්’කලාපය අසල පිහිටි රූපවාහිනී කුළුණක් යුක්රේන් හමුදා අතට යළි පත් වූ බවක් ද වාර්තා වෙයි. නිරීක්ෂකයන් නිදහස් රුසියාවට හිතවත් කණ්ඩායම් විසින් නැගෙනහිර යුක්රේනයේ දී රඳවා ගනු ලැබ සිටි යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ නිරීක්ෂකයන් අට දෙනා මුදා හැර ඇති බවක් ද මේ අතර නිවේදනය කෙරිණ. ඔවුන් සමඟ සිටි යුක්රේන් ජාතිකයන් පස් දෙනකු ද මුදා හරිනු ලැබ ඇත. එම නිදහස් කිරීම් සිදු වුණේ රුසියාවේ නියෝජිතයෙක් යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ ඉහත කී නිරීක්ෂකයන් රඳවනු ලැබ සිටි ‘ස්ලෝවියාන්ස්ක්’ නගරයට ලඟා වීමෙන් අනතුරුවයි. එම කණ්ඩායම මුදා හැරීමට පියවර ගන්නා මෙන් බටහිර රටවලින් රුසියාවට බලපෑම් එල්ල වෙමිනුයි තිබුණේ. | රුසියානු ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් සහ යුක්රේන් ආණ්ඩුවේ හමුදා අතර ඊයේ සිකුරාදා ‘ඔදෙස්සා’ නගරයේ සිදු වූ ගැටුම් වලින් ජීවිත හතළිස් දෙකක් විනාශ වූ බව පොලිසිය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මොනාලීසාට පණ දුන් ආකාරය දැක්වෙන යූටියුබ් වීඩියෝවක් ඡායාරූපයක් උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝවේ සිටින මොනාලීසා සිය හිස, දෑස් සහ මුව සොලවනු දැකිය හැකිය. මොස්කව් නගරයේ පිහිටි සැම්සුන් ආයතනයට අයත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පරීක්ෂණාගාරයේ දී 'ව්යාජත්වයේ ගැඹුරට' ගිය මෙම වීඩියෝ තාක්ෂණය නිර්මාණය කර තිබේ. කෙසේවෙතත්, අදාළ තාක්ෂණය අවභාවිත කිරීම් සඳහාත් යොදා ගැනීමට ඉඩකඩ ඇති බවට මත පළ වෙමින් තිබේ. මොනාලීසාට පණ දුන් ආකාරය දැක්වෙන 'යූටියුබ්' වීඩියෝවක් සැම්සුන් සමාගම නිර්මාණය කළ 'ඇල්ගොරිදම' ඔස්සේ ලොව පුරා සිටින ප්‍රසිද්ධ පුද්ගලයන් 7,000කගේ ඡායාරූප යූටියුබ් ඔස්සේ ලබා ගෙන දත්ත ගබඩාවක් සකස් කර තිබේ. යම් පුද්ගලයෙකු ගේ ඡායාරූපයකට ඔහු හෝ ඇයගේ මුහුණේ ඉරියව් සහ සෙලවීම් ඇතුළු කිරීමට මෙම කෘත්‍රිම බුද්ධි පද්ධතියෙන් හැකියාව ලැබේ. ඇල්බර්ට් අයින්ස්ටයින් මෙන්ම මැරිලින් මොන්රෝ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් කීපදෙනෙකුට පණ පෙවීමට මෙම තාක්ෂණයට හැකි වී තිබේ. අදාළ තාක්ෂණය ගැන තොරතුරු දක්වමින් සැම්සුන් සමාගම පවසන්නේ මෙම නිර්මාණ "ඇත්තටම නාඩි වැටෙන, කතා කරන හිසක්" ලෙස පෙනෙන බවය. මැරිලින් මොන්රෝ කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියා කරන මෙම තාක්ෂණය එළිදැක්වීමේ දී එහි ඇති වැදගත්කම මෙන්ම භයානකකම ගැන ද සමාජ මාධ්‍ය ජාලවල විවිධ අදහස් පළ වී තිබිණි. 'ව්‍යාජ ඔබාමා' 2017 වසරේ දී ඊශ්‍රායලයේ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ (Tel Aviv University) පරීක්ෂකයන් පිරිසක් මීට සමාන පද්ධතියක් නිර්මාණය කළහ. එම තාක්ෂණය උපයෝගී කරගෙන ආචාර්ය සුපසෝන් සුවජනකෝන් (Supasorn Suwajanakorn) 2017 වසරේ දී ඇමරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමාගේ ව්‍යාජ වීඩියෝවක් නිර්මාණය කර තිබිණි. අදාළ තාක්ෂණය අවභාවිත කිරීමට ඉඩ ඇති බව පිළිගත් ඔහු, එහි ධනාත්මක බව ගැන තොරතුරු සඳහන් කරමින් පැවසුවේ යම් පවුලක මියගිය ඥාතීන්ට වීඩියෝ ඔස්සේ පණ පෙවීමට මෙයින් අවස්ථාව සැලසෙන බවය. නමුත් දේශපාලඥයන් මෙවැනි වීඩියෝ මගින් මුළු මහත් ජාතියක්ම රැවටීමට ක්‍රියා කරනු ඇති බවත්, එය දේශපාලන වාසි ලබා ගැනීමට පමණක් සීමා නොවෙනු ඇති බවත් විශේෂඥයෝ පවසති. 'ව්යාජත්වයේ ගැඹුරට' ගිය තාක්ෂණය අවභාවිත කරමින් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප යොදාගෙන ලිංගික චිත්‍රපට නිර්මාණය කිරීමට ද සමහරු ක්‍රියා කර තිබිණි. මේ තොරතුරුද කියවන්න: | ලියනාඩෝ ඩා වින්සිගේ සුප්‍රසිද්ධ මොනාලීසා සිතුවමට පණ පෙවීමට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායමක් සමත් වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මාධ්‍යවේදීන් ට හිරිහැර කරන ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබිය යුතු බව මාධ්‍ය සංවිධාන පවසයි ප්රචණ්ඩ ප්‍රහාර වලට ලක්වූ මාධ්‍යවේදීන් ඒ බව පැමිණිලි කළ කල්හි පොලිසිය කිසිදු පියවරක් ගැනීමෙන් වැළකී සිටින අතරේ 'මාරාන්තික අවි ගත් යුද හමුදාව විසින් ප්‍රහාර සංවිධානය කොට දියත් කරනු ලබන,' බවයි පැරිසියේ සිට නිකුත් කළ නිවේදනයක් මගින් RSF සංවිධානය පවසා ඇත්තේ. මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. 'විවිධ පාර්ශවවල වුවමනා සංතෘප්ත කිරීම' පිණිස මහජනතාව සහ මාධ්‍යවේදීන් ට හිරිහැර කරන ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබීමට කාලය එළඹ ඇති බව ද එහි ලේකම් රංග කලංසූරියගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබෙන නිවේදනයේ දැක්වේ. කළු විරෝධතා මේ අතර ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතිය සඳුදා පටන් විරෝධතා සතියක් දියත් කොට තිබේ. සතියක් තුලදී මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාර තුනකින් උච්චතම ප්‍රහාරය වැලිවේරියේදී සිදුවූ බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. සේවයේ යෙදී සිටි මාධ්‍යවේදීන්ට මීට ඉහත නාවුලදී හා දඹුල්ලේදී පහර දෙනු ලැබූ බව සභාපතිනි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම සංදේශයට කියා සිටියාය. කළු පටි බැඳගෙන සේවයේ යෙදීමෙන් සිය මාධ්‍ය සගයන්ට එල්ලවූ ප්‍රහාරයට විරෝධය පෑම ඉදිරි සතියේ පුරා සිදු කරන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. | පාරිසරික උද්ඝෝෂණයක් වාර්තා කිරීමේ යෙදුනු ජනමාධ්‍යවේදීන්ට වැලිවේරියේ දී පහර දීම හෙළා දකින දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ හෙවත් RSF සංවිධානය පවසන්නේ 'ශ්‍රී ලංකාවේ යුද්ධය හමාර වුවත්, සන්නද්ධ හමුදා විසින් සිදු කරන ප්රචණ්ඩ ක්‍රියා නිමා වී නැති,' බවයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පසුගිය සතියේ දී පකිස්ථානයේ පෙශාවාර් හි පාසලකට එල්ල කළ ඉහත කී වෙඩි ප්‍රහාරයෙන් පාසල් ළමුන් සහ ගුරුවරුන් එකසිය හතළිහකට අධික පිරිසක් මරණයට පත් විය. පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය තුළින් සියෙරා ලියොන් හි, ගිනි රාජ්‍යයේ සහ ලයිබීරියාවේ ඉබෝලා වසංගතයට ගොදුරු වී සිටින රෝගීන්ටද ආශීර්වාද කළ අතර ඔවුන්ට උපස්ථාන කිරීම සඳහා එහි ගොස් සිටින සහන සේවකයන්ට විශේෂ ස්තුතිය පුද කර තිබේ. ෆ්රාන්සිස් පාප් වහන්සේ සිය පදවි ප්රාප්තියෙන් පසු නිකුත් කළ දෙවැනි නත්තල් පණිවිඩය මෙයයි. එලිසබත් රැජින මේ අතරතුර මහා බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජින නිකුත් කළ නත්තල් පණිවිඩය මගින්ද ඉබෝලා රෝගීන්ට උපස්ථාන කිරීම සඳහා බටහිර අප්‍රිකාවට ගොස් සිටින සහන සේවකයන් පැසසුමට ලක් විය. ඉබෝලා වැනි වසංගත රෝගවලට ගොදුරු වූවන්ට සහ ගැටුම්වලට මැදි වූවන්ට උපකාර කිරීම සඳහා විදේශ ගත වී සිටින සහන සේවකයන්ගේ සහ වෛද්‍යවරුන්ගේ පරාර්ථකාමී භාවය පිළිබඳව තමන්ට හෘදයාංගම සානුකම්පිත හැඟීමක් ඇති වී තිබෙන බවයි එලිසබත් රැජින කියා සිටියේ. | පාප් වහන්සේ සිය නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් සිරියාවේ සහ ඉරාකයේ සුළුතරයට කෙරෙන වධ හිංසා සහ පකිස්තානයේ පාසැල් ළමුන් සියයකට අධික පිරිසක් මරා දැමුණු තාලිබාන් ප්‍රහාරය හෙළා දකිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඔහු මේ අදහස් පළ කළේ දිල්ලි අගනුවර පැවති කොන්ග්රස් පක්ෂයේ රැළියකදීයි. ආර්ථික ප්‍රතිපත්ති වලට සහාය දක්වීම සඳහා කොන්ග්රස් පක්ෂයේ සාමාජිකයෝ දහස් සංඛ්‍යාත පිරිසක් දිල්ලි අගනුවරට රැස්ව සිටිති. බහුජාතික සුපිරි වෙළඳ සමාගම් වලට ඉන්දීය වෙළඳපොලට පිවිසීමට ඉඩ දීම නිසා ඉන්දියාවේ ගොවීන්ට අගතියක් සිදු වෙන බවට කරන ප්‍රකාශ වලට කිසිඳු පදනමක් නොමැති බවද ඉන්දීය අගමැතිවරයා පැවසුවේය. නව ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය කටයුත්තක් වී ඇති බවයි ඉදිරියේදී ඉන්දියාවේ අගමැතිධුරයට පත් වීමට ඉඩ ඇති රාහුල් ගාන්ධි ප්‍රකාශ කළේ. සබැඳි තේමා | ඉන්දියාවේ මතභේදයට තුඩුදී ඇති ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් අදහස් දැක්වූ එරට අගමැති මන් මෝහන් සින් අනාගතයේදී විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කිරීමට එම ප්‍රතිපත්ති ඉවහල් වනු ඇතැයි කියා සිටියේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එක්සත් ජාතික පක්ෂ ආධාරකරු ඕ කේ පියසේන ගේ බිරිඳ වන එස්. එම්. හේමමාලි රැස්වීමක ප්රචාරක කටයුතු කරමින් සිටිය දී තමන්ගේ අධාරකරුවෙකු වන ඕ.කේ පියසේනට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාලයක් පවත්වා ගෙන යන පුද්ගලයකු පහර දුන් බව බස්නාහිර පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන හර්ෂන් රාජකරුණා අප වාර්තා කරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්නට කියා සිටියේය. දොම්පේ කිඹුල්විල්වත්ත ප්‍රදේශයේදී සිදුවූ මෙම ගැටුමට හවුල් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් මේ තාක් අත්අඩංගුවට ගෙන නැති බවයි හර්ෂන් රාජකරුණා කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂ ආධාරකරු ඕ කේ පියසේන සිව් දරු පියෙකු වන ඕ.කේ පියසේන ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටි අතර මරණ පරීක්ෂණය හෙට (බදාදා) පැවැත්වීමට නියමිතය. ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ,මීගමුව, දිවුලපිටිය,ආදි ප්‍රදේශවල බරපතල ආකාරයකට මැතිවරණ නීතී කඩවෙන අකාරය තමන් මීට පෙර අවධාරණය කොට ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය කියා සිටී. මෙවැනි අවාසනාවන්ත මරණ වලක්වා ගැනීම සඳහා පොලීසිය සාධාරණ ලෙස මැතිවරණ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය පෙනේවා දෙයි. | එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු බව කියන ඕ කේ පියසේන ගේ මරණය පිළිබඳව පරීක්ෂණ යට ගැසීමට ඉඩ නොදෙන්නැයි ඔහුගේ බිරිඳ වන එස්. එම්.හේමමාලි ඉල්ලා සිටී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කොට නව අගවිනිසුරුවරුවරයකු පත් කිරීමේ තීන්දුව වෙනස් කරන්නැයි නීතිවේදී එකමුතුව ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි නීතිවේදී එකමුතුව වෙනුවෙන් කොළඹදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ, ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් නැතත්, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් තිබෙන බවයි. එවැනි "ව්‍යවස්ථා විරෝධී" ක්රියාමාර්ගයකින් පත්වන නව අගවිනිසුරුට මුක්තියක් හිමි නොවන බවයි, ජ්‍යෙෂ්ට නීතිවේදියා අවධාරණය කළේ. "ඔහුට මුක්තියක් නෑ. ඔහු එම ධුරය දැරීමට කරන නීති විරෝධී උත්සාහය අභියෝගයට ලක් කළ හැකියි," යනුවෙන් ද ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේය. මේ තත්ත්වය යටතේ අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කොට නව අගවිනිසුරුවරුවරයකු පත් කිරීමේ තීන්දුව වෙනස් කරන්නැයි නීතිවේදී එකමුතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියි. කිසියම් ලෙසකින් නව විනිසුරුවරයකු පත් කළහොත් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ද නීතිවේදීහු පවසති. නව අගවිනිසුරුවරයා සමඟ සහයෝගයෙන් ක්‍රියා නොකරන මෙන් තම සංවිධානය කළ ඉල්ලීමට විනිශ්චයකරුවන් ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් පළ වී නැතත්, ඉදිරියේදී ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවද නීතිවේදී එකමුතුව පවසයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු නොතකා හරිමින් නව අගවිනිසුරුවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ හොත් එයට එරෙහිව අධිකරණයට යාමට රටවැසියන්ට අවස්ථාව හිමිවන බව නීතිවේදීහු පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගින්න ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා නිවාස 916ක් විනාශ වී තිබේ. මෙම සතිය ආරම්භයේ සිට වෙරළාසන්න ගම්මානවල පැතිරී ගිය ගින්නෙන් නිවාස 200ට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ. ගින්න මඳක් පාලනය වීමත් සමඟ මෙතෙක් වසා දමා තිබූ වික්ටෝරියා ප්‍රාන්තය දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය බදාදා දෙපැයකට විවෘත කර ප්‍රදේශවාසීන්ට පිට වීමට ඉඩ ලබා දී තිබුණි. නමුත් ගින්න පැතිරී යන පළාත්වල තවමත් විශාල පිරිසක් රැදී සිටින අතර, ඉන් එක් නගරයකට බෝට්ටු මඟින් ගිය පොලිසිය, පානීය ජලය ටොන් 1.6ක් බෙදා දුන්නේය. සැප්තැම්බර් මස සිට නැගෙනහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හරහා හමා යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට අක්කර මිලියන ගණනක් විනාශ වී තිබේ. නිව් සවුත් වේල්ස්හි මියගිය පුද්ගලයන් කවුරුන් ද? බදාදා (ජනවාරි 1) උදෑසන මෝටර් රථ දෙකක් තුළ දෙදෙනෙක් මිය ගොස් සිටියහ. සිය නිවස සහ ගොවිපළෙහි යන්ත්‍ර සූත්‍ර රැකගැනීම සඳහා ඔවුන් දෙදෙනා උත්සහ කර තිබේ. ගිනි නිවන භටයෙකු වන 28 හැවිදිරි සැමුවෙල් මැක්පෝල් මෑතක දී විවාහ වී සිය ප්‍රථම දරුවා අපේක්ෂාවෙන් සිට ඇත. ඔහු ජීවිතක්ෂයට පත් වී තිබෙන්නේ, ගින්න හේතුවෙන් හටගත් දැඩි සුළඟට හසු වී ඔහු ගමන් කරමින් සිටි ටොන් 10ක් බරැති ට්‍රක් රථය පෙරළී යාමෙනි. වික්ටෝරියා ප්‍රාන්තයේ ද තවත් මරණ සිදු වූ බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව, ලැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 18 දක්වා වැඩි වී ඇති අතර, මෙම සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ. නිව් සවුත් වේල්ස්හි නිවාස 176ක් සහ ජිප්ස්ලෑන්ඩ් ප්‍රදේශයේ නිවාස 43ක් විනාශ වී තිබේ. ගින්න ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා නිවාස 916ක් විනාශ වී, 363කට හානි සිදුව ඇති අතර, තවත් 8,159ක් ආරක්ෂා කර ගත හැකි වූ බව නිව් සවුත් වේල්ස් ගිනි නිවන සේවා පැවසීය. අඟහරුවාදා (දෙසැම්බර් 31) මැලකූටා ප්‍රදේශයේ වේගයෙන් පැතිරී ගිය ගින්න නිසා දහස් ගණනක පිරිස් මුහුදු වෙරළ වෙත පළා ගියහ. එසේ අවශ්‍ය පානීය ජලය, ආහාර, හෙද සේවා සහ බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමට පොලිසිය කටයුතු කරමින් සිටියි. තවත් තොරතුරු: මේ අතර, මෙල්බර්න් නුවරට වයඹ දිගින් කිලෝමීටර 40ක් එපිටින් පිහිටි 'සන්බරි' නගරයේ ප්‍රදේශවාසීන්ට එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස පොලිසිය අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇත. බදාදා කාලගුණය මඳක් යහපත් වීමත් සමඟ පාරවල් පවිත්‍ර කර, විදුලි බලය යථා තත්වයට පත් කිරීමට ක්‍රියා කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රධාන අමාත්‍ය ග්ලේඩිස් බෙරේජික්ලියන් පැවසීය. නමුත් සෙනසුරාදා නැවතත් උෂ්ණත්වය ඉහළ යෑමට නියමිත බව ඇය තවදුරටත් පැවසුවාය. ඉතා දුර පළාත්වල වෙසෙන පුද්ගලයන්ට සේවා සැපයීමට නොහැකි වී ඇති බව ගිනි නිවන සේවා අනතුරු අඟවා තිබේ. "තුවාල වුණ පිරිස් සහ පිළිස්සුම් තුවාල සහිත අය ගැන වාර්තා ලැබී තිබෙනවා. නමුත් අපිට ඒ තැන්වලට මාර්ගයෙන් හෝ ගුවන් යානාවලින් වත් ළඟා වෙන්න බැහැ. ගුවන් යානා ධාවනපථ වසා දමා ඇති අතර එහි යෑම ඉතා භයානකයි," යැයි නිව් සවුත් වේල්ස් ගිනි නිවන සේවා කොමසාරිස් ශේන් ෆිට්ස්සිමොන්ස් පැවසීය. මැලකූටාහි ප්‍රදේශවාසීන් බොහෝදෙනෙකු රිය ගත කළේ සිය මෝටර් රථ හෝ ඇල ආසනවලය. සුපිරි වෙළෙඳසැල් ඉදිරියේ මිනිසුන් පෝලිම් ගැසී සිටිනු දක්නට හැකිය. ආහාර, ජලය සහ ඉන්ධන ලීටර 30,000ක් රැගත් නෞකාවක් මෙල්බර්න් නුවර සිට යාත්‍රා කරන බව වික්ටෝරියා හදිසි සේවා කොමසාරිස් ඇන්ඩෘ ක්‍රිස්ප් පැවසීය. මැලකූටා ආසන්න ප්‍රදේශවල ආහාර හිඟයක් ඇති විය හැකි බවට ද අනතුරු අඟවා ඇත. මේ අතර, උතුරු දෙසින් පිහිටා ඇති 'උලඩුල්ල' ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල් ඉදිරියේ විශාල පිරිස් පෝලිම් ගැසී සිටියහ. ජංගම දුරකතන ඇතුළු සියලු වර්ගයේ දුරකතන විසන්ධි වීම හේතුවෙන් මුදල් ගෙවා ඇමතුම් ලබා ගත හැකි පොදු දුරකතන ආසන්නයේ ද බොහෝ දෙනෙක් රැඳී සිටිති. ගින්නට අසු වූ සත්තු වත්ත සේවකයන්ගේ සුවිශේෂී නිර්භීතකම හේතුවෙන් කුඩා සත්ව උද්‍යානයක සිටි සියලු සතුන් ගින්නෙන් බේරා ගැනීමට හැකි වී තිබේ. 'ප්රිමාටේස්' වඳුරු වර්ගය, සීබ්රා, රයිනෝ සහ ජිරාෆ් සතුන් ඔස්ට්‍රේලියාවේ විශාලතම එකතුව මෙම 'මොගෝ' සත්ව උද්‍යානය සතුය. 'මොගෝ' සත්ව උද්‍යානය එම ප්‍රදේශය තුළ ගින්න පැතිරී යාමත් සමඟ සතුන් 200 දෙනා ආරක්ෂිතව බේරා ගැනීමට සත්ව උද්‍යාන සේවකයෝ සමත් වූහ. බොහෝ දෙනෙකු උද්‍යානය තුළ ම ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර, වඳුරන්, පැන්ඩා සහ කොටියෙකු ද සත්ව උද්‍යාන පාලකයාගේ නිවසේ රඳවා ගැනීමට ක්‍රියා කර තිබේ. ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි පැතිරී ඇති ප්‍රදේශ | සඳුදා සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැතිරෙමින් තිබෙන ලැව් ගින්නෙන් අට දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මෙම දුරේක්ෂය ඉදි කෙරෙන්නේ අභ්‍යාවකාශයෙන් නිකුත් වන ශබ්ද සංඥා හසු කර ගැනීම සඳහායි. විශ්වය තුළ බුද්ධිමත් ජීවයක් සෙවීමේ උත්සාහයට රේඩියෝ දුරේක්ෂය සහාය වනු ඇති බව ව්‍යාපෘතිය භාර ප්‍රධාන විද්‍යාඥයින් එරට රජයේ රූපවාහිනියට පවසා තිබේ. මෙම දුරේක්ෂයේ කාච විවරය මීටර පන්සියයක විශ්කම්භයක් සහිතයි. ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට චීන රජය තීරණය ගෙන ඇත්තේ දුරේක්ෂයේ විද්‍යුත් චුම්බක තරංගවලට මිනිස් ක්‍රියාකාරකම් මගින් බාධා එල්ල වීම වළක්වා ගැනීම සඳහායි. නිරිත දිග ගුයිෂෝ පළාතේ (Guizhou) වැසියන්, දුරේක්ෂය ඉදි කිරීමට නියමිත භූමි ප්‍රදේශයෙන් බැහැර, වෙනත් ප්‍රදේශයක මාස හයක් ඇතුළත යළි පදිංචි කර වීමට නියමිත බවයි බලධාරීන් කියා සිටියේ. | ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂය ඉදි කිරීමට නියමිත භූමි ප්‍රදේශයේ වෙසෙන දස දහසකට ආසන්න පිරිසක් ඉවත් කිරීමට චීනය කටයුතු සුදානම් කරමින් සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සිම්බාබ්වේ තරගාවලියට පෙරාතුව ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් ද මතභේදයට තුඩු දුන්නේය. ක්‍රිකට් ක්‍රීඩාව තවමත් විනාශ වී නැතත්, "විනාශ වෙමින් යන" බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග, මේ බිඳ වැටීමේ වගකීම වත්මන් ආණ්ඩුව භාරගත යුතු බවත් සඳහන් කරයි. මේ අතර කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයෙකු ද වන සිදත් වෙත්තමුණි පවසන්නේ ක්‍රිකට් පරිපාලනයේ වගවීම සහ විනිවිද පෙනෙන සුළු භාවය ඇතිකිරීමට අපොහොසත් වනතුරු ක්‍රීඩාව නගා සිටුවීම ඉතා දුෂ්කර කාර්යයක් බවය. සබැඳි යොමු: ඔවුන් දෙදෙනාම ආණ්ඩුවට එරෙහිව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන නමුත්, ක්‍රීඩාව නගා සිටුවීම පිණිස කඩිනම් පියවර ගත යුතුව තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද පිළිගනියි. ක්‍රිකට් ක්‍රීඩාව "වැඩියෙන්ම විනාශ වූයේ" සිය ආණ්ඩුවේ පාලන කාලය තුළ බව පවසන අමාත්‍ය අර්ජුන රණතුංග එම බිඳ වැටීම පිළිබඳව ඇමතිවරයෙක් වශයෙන් තමන් දැඩිව කණගාටුවන බවත් මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය. "මේකට ජනාධිපතිවරයා, ක්‍රීඩා ඇමතිවරයා වගකියන්න ඕනේ. මම අදත් කියනවා. අතුරු පාලක මණ්ඩලයක් ගෙන්න ඕනේ. නැත්නම් ක්‍රිකට් හදන්න බෑ," ඔහු පැවසීය. 'ෆිට්නස්' ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ 'ෆිට්නස්' යහපත් මට්ටමක නැතැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශයකට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ලසිත් මාලිංගට අත්හිටවූ තරග තහනමක් සහ දඩයක් නියම කෙරිණ. ඒ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග පවසන්නේ අනිවාර්යයෙන්ම ක්‍රීඩකයන් තුළ විනයක් තිබිය යුතු බවය. "මිනිස්සුන්ට දැන් ක්‍රිකට් එපා වෙලා. හැමෝම දන්නවා මොකද වෙන්නේ කියලා. කණ්ඩායමේ මානසිකත්වයත් බිඳ වැටිලා. මේක ගොඩගන්න දේශපාලන නායකත්වයට සැබෑ වුවමනාවක් නෑ" එහෙත් 'බඩ තිබුණු' පමණින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බිඳ වැටී ඇතැයි පිළිගත නොහැකි බව ද ඔහු අවධාරණය කරයි. "ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රිකට් ෆිට්නස්. එහෙම නැතුව අපි මලල ක්‍රීඩකයෝ නෙවෙයි," අමාත්‍ය අර්ජුන රණතුංග බීබීසී සිංහල සේවයට පැවසීය. "මේකට ප්‍රධානම හේතුව අපි පිටරටවලින් ෆිට්නස් ගැන දන්න අය ගෙනල්ල ඒගොල්ලොත් එක්ක සාමාන්‍ය ෆිට්නස් කරනවා, නමුත් ක්‍රිකට් ෆිට්නස් ගැන කාටවත් දැනුමක් නෑ." සබැඳි යොමු: කෙසේ නමුත් තමන් ඒ අදහස් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය. "1996 ක්‍රිකට් ක්‍රීඩාවයි, අද ක්‍රිකට් ක්‍රීඩාවයි අතර ලොකු පරස්පරයක් තියෙනව. එතුමාට පුළුවන් මට ක්‍රිකට් ක්‍රීඩාව උගන්වන්න. හැබැයි ෆිට්නස් පිළිබඳව එතුමාට වැඩිය මට දැනුමක් සහ ප්‍රායෝගික දැනුමක් තියෙනව," ක්‍රීඩා ඇමතිවරයා පැවසීය. ක්‍රිකට් පරිපාලනය දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ සිටින නමුත් පරිපාලනයේ දුර්වලතා සහ ක්‍රීඩාවේ දේශපාලනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව අර්බුදයකට මුහුණ දී සිටින බව හිටපු ක්‍රිකට් නායක සිදත් වෙත්තමුණි මේ අතර බීබීසී සිංහල සේවයට පැවසීය. විශේෂයෙන්ම තමන් අන්තර්වාර කමිටුවේ සභාපති ධුරය හෙබැවූ සමයේ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (එවකට ජනාධිපති නීතිඥ) ප්‍රසන්න ජයවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අන්දම පිළිබඳව අයර්ලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලවල ව්‍යවස්ථාවන් හදාරා පූර්ණ වාර්තාවක් සකස් කළ බව පවසන ඔහු, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඒ සඳහා අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගත් බවත් සඳහන් කළේය. ක්‍රීඩා සමාජවලට අනිසි ලෙසින් බලපෑම් කිරීමේ අවස්ථාව අහුරමින්, පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන තුරු සහ මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයන් පවා පෙන්වා දී ඇති පරිදි පළමු පෙළ ක්‍රීඩා තරගාවලිවල ව්‍යුහය පූර්ණ වෙනසකට බඳුන් කරන තුරු ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව ප්‍රබල බලාපොරොත්තු තබාගත නොහැකි බවත් සිදත් වෙත්තමුණි වැඩිදුරටත් පැවසීය. "මිනිස්සුන්ට දැන් ක්‍රිකට් එපා වෙලා. හැමෝම දන්නවා මොකද වෙන්නේ කියලා. කණ්ඩායමේ මානසිකත්වයත් බිඳ වැටිලා. මේක ගොඩගන්න දේශපාලන නායකත්වයට සැබෑ වුවමනාවක් නෑ." බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන සකස් කළ වාර්තාව තමන් වෙත ලැබී නැති බවය. ක්‍රිකට් ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳව සිදත් වෙත්තමුණි ඇතුළු ක්‍රීඩාවේ ප්‍රවීනයන් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව සඳහන් කරන අමාත්‍යවරයා, කෙසේ නමුත් ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව ඔහු ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳව තමන්ගේ ප්‍රබල මනාපයක් නොමැති බවත් පැවසීය. ග්රැහැම් ෆෝඩ් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ, මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව "අන්ධ මිනිස්සු පාරේ යනවා වගේ" ගමනක යෙදෙමින් සිටින බවය. එයට ප්‍රතිචාර දක්වන අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ තිලංග සුමතිපාල විසින් ගන්නා ලද ඇතැම් තීන්දු වැරදි බව තමන් ද පිළිගන්නා බවය. "දැන් ග්රැහැම් ෆෝඩ් තෝරාගන්න එක ගැන මට ලොකු ප්‍රශ්නයක් තිබුණ. අන්තිමට වුනේ ග්රැහැම් ෆෝඩ් ඒක අතෑරලා දාල ගියා. මම හැම වෙලාවෙම කලපනා කළ දේ තමයි ලංකාවේ ඉන්න පුහුණුකරුවන් ගැන අපි පොඩ්ඩක් අවබෝධය ලබාගන්න ඕන." උදාහරණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අන්තර්වාර කමිටුවක් විසින් චන්දික හතුරුසිංහ "රටෙන් එලෙවුව" බව පවසන අමාත්‍යවරයා, වර්තමානයේ ඔහු ඩොලර් 40,000 ක වැටුපක් ලබමින් බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගමින් සිටින බව පෙන්වා දුන්නේය. ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පියවර ගන්නා අතරවාරයේම වත්මන් ක්‍රිකට් පරිපාලනයේ ද අඩුපාඩු තිබෙන බව පිළිගන්නා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ, අමාත්‍ය අර්ජුන රණතුංග පවසන පරිදි එම පරිපාලනය වෙනුවට අන්තර්වාර කමිටු පත්කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදයට විසඳුම යයි තමන් විශ්වාස නොකරන බවය. ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් සලකා බලන විට ඔවුන්ගේ මානසිකත්වය සහ ශාරීරික යෝග්‍යතාවය ගොඩ නැංවිය යුතු අතරම, එක් කළමනාකරුවෙකු විසින් ක්‍රීඩකයන් විශාල පිරිසක් කළමනාකරණය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. | සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පසුගියදා ගාල්ලේ පැවති පළමු එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයක් ලැබීමත් සමගම ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීම පිළිබඳව යළිත් වරක් ප්‍රබල අවධානය පළ වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් යන රටවල විදේශ අමාත්‍යවරු කටාර් රාජ්‍ය විසින් අසල්වැසි මැදපෙරදිග රටවල යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග ඒ වෙත පනවා තිබූ සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බව සෞදි අරාබිය පැවසීය. ඩෝහා පාලනය වෙත ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කයිරෝ අගනුවරට රැස් වූ අරාබි රටවල් හතරක විදේශ අමාත්‍යවරුන් කියා සිටියේ ඒ පිළිබඳ කටාර් රාජ්‍යයෙන් පළ වූ නිෂේධනීය ප්‍රතිචාරය පිළිබඳ තමන් කණගාටුවට පත් වන බවය. කටාර් සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජුනි මස ආරම්භයේ දී කටයුතු කළහ. ත්රස්තවාදයට සහාය ලබා දෙන බවට ඉහත කී රටවල් කටාර් වෙත චෝදනා කරන අතර එරට ඇතැම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මූලික වෙනස්කම් සිදු කරන ලෙස ඉල්ලා සිටිති. මතුව ඇති අර්බුදකාරී වාතාවරණයේ "බරපතළභාවය" කටාර් රාජ්‍ය තේරුම් ගෙන නොමැති බව රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ පවසති. 'තවදුරටත් ක්‍රියාමාර්ග' සෞදි අරාබියේ විදේශ ඇමතිවරයා කියා සිටියේ නිසි වෙලාවේ දී කටාර් රාජ්‍යයට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ග ගනු ඇති බවය. අන්තර්ජාතික නීති අනුව එම පියවර ගනු ඇති බවත් ඔහු පැවසීය. "අප මේ දේ කරන්නේ කටාර් රාජ්‍යයට රිදවන්න නොවෙයි. කටාර් වෙත උදව් කරන්නයි අප මේ දේ කරන්නේ" යනුවෙන් සෞදි අරාබියේ විදේශ ඇමති අදෙල් බින් අහමඩ් අල්-ජුබෙයිර් කියා සිටියේය. අල් ජසීරා මාධ්‍ය ජාලය වසා දැමීම ඇතුළු ඉල්ලීම් 13 ක් ඉටු කිරීම සඳහා සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් යන රටවල් කටාර් රාජ්‍ය වෙත ඉරිදා (ජුලි 02) වන තෙක් කල් ලබා දී තිබිණි. ඉල්ලීම් ඉටු කිරීම සඳහා ලබා දී තිබූ කාලය තවත් පැය 48 කින් දීර්ඝ කිරීමට එම රටවල් පසුගිය සඳුදා (ජුලි 03) පියවර ගත්හ. ඉහත කී කාල සීමාව තුළ සිය ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් කටාර් රාජ්‍යය වෙත තවදුරටත් සම්බාධක පැනවෙනු ඇති බවට ඔවුහු අනතුරු ඇඟවූහ. කටාර් රාජ්‍යයේ ජනගහනය ලක්ෂ 27 කි. භාණ්ඩ ආනයනය ඔස්සේ මූලික අවශ්‍යතා සපුරා ගනු ලබන කටාර් රාජ්‍ය වෙත සෙසු අරාබි රටවල් විසින් සීමා පනවනු ලැබීමත් සමග එහි ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය. කටාර් රාජ්‍යය හා සම්බන්ධ වන එකම ගොඩබිම් මාර්ගය වසා දමා ඇති අතර ඒ වෙත ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ මුහුදු සහ ගුවන් මාර්ගයෙන් පමණි. ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති. කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ? කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න ඊමේල් : [email protected] | කටාර් රාජ්‍ය සහ සෞදිය ඇතුළු අසල්වැසි අරාබි රටවල් අතර මතුව පවතින අර්බුදකාරී වාතාවරණය තවදුරටත් එලෙසෙම පවතී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඉතාලියට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වූයේ ස්වීඩනය සමග පැවති තරගයෙන් පරාජයවීම හේතුවෙනි. තරගයෙන් ජයග්‍රහණය කිරීමත් සමගම 2006න් පසුව ප්‍රථම වතාවට ස්වීඩනය ලෝක පාපන්දු ශූරතාවලියට සුදුසුකම් ලැබුවේය. ඉතාලිය පාපන්දු ලෝක කුසලානයට සහභාගි නොවෙන්නේ එරට පාපන්දු ඉතිහාසයේ දෙවැනි වතාවටය; 1930 දී පැවති පළමු ලෝක කුසලානයට සහභාගි නොවීමට ඉතාලිය තීන්දු කළේය. ස්වීඩනය සමග තරගය අවසාන වීමේ විසිල් නාදයත් සමගම ඉතාලි කණ්ඩායමේ ක්‍රීඩකයෝ සියලු දෙනාම පාහේ බිම අද වැටුණු අතර, Andrea Belotti සහ Immobile ක්‍රීඩකයන් කඳුළු සලන ආකාරය ද දකින්නට ලැබුණි. ඒ සමගම ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ස්වීඩන කණ්ඩායම ජයග්‍රහණයේ ප්‍රීතිය සැමරූහ. ඉතාලියේ ප්‍රකාශයට පත්වන Gazzetta dello Sport පුවත්පත කණ්ඩායමේ පරාජය වාර්තා කර තිබුණේ "හෙළිදරවුව" යන අරුත දෙන ශීර්ෂ පාඨයක් යොදමිනි. සිය 175 වෙනි ජාත්‍යන්තර තරගයට සහභාගි වූ කණ්ඩායමේ නායක 39 හැවිරිදි Gianluigi Buffon, එය සිය අවසාන ජාත්‍යන්තර තරගය බව තහවුරු කළේය. තරගය නිමාවීමත් සමග කඳුළු අතරින් අදහස් දැක්වූ කණ්ඩායමේ ගෝල් රකින්නා ද වන නායක Gianluigi Buffon, "මට කනගාටුවක් මා ගැන නොවෙයි, ඉතාලියේ පාපන්දු ක්‍රීඩාව ගැන" යනුවෙන් සඳහන් කළේය. "ක්‍රීඩාවේ විතරක් නෙවෙයි, අපි මුළු සමාජයේම අපේක්ෂා බිඳ දැමුවා." සබැඳි යොමු: | සිව් වතාවක්ම ජගත් පාපන්දු කුසලානය දිනා ගත් ලොව ඉහළම පෙළේ පාපන්දු කණ්ඩායමක් වන ඉතාලිය 1958න් පසුව ප්‍රථම වතාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනාධිඅප්තිවරයා විසින් පත්කරනු ලබන කොමිසම් සභා වෙනුවෙන් පහසුකම් සැපයීමේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියක් පවතින බැවින් තොරතුරු දැනගැනීමේ කොමිසමට මුදල් ලබාගැනීමේ කිසිදු අපහසුතාවයක් නොමැති බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන බීබීසී සංදේශයට පැවසීය. "කොමිසමේ වර්තමාන කටයුතුවලට කිසිම බාධාවක් නැහැ. තොරතුරු නිලධාරීන් දැනට ඉන්න අමාත්‍යංශවල, දෙපාර්තමේන්තුවල නිලධාරීන්මයි පත්කරන්නේ. ඒ අමාත්‍යංශවල, දෙපාර්තමේන්තුවල සමපත් පාවිච්චි කරලම මේ ආරම්භය ගන්න පුළුවන්," ඔහු පැවසීය. තොරතුරු දැනගැනීම යනු දිගුකාලීන 'ක්‍රියාදාමයක්' බව පෙන්වාදෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ වසරේ අත්දැකීම්වලට අනුව අඩුපාඩු සපුරාගෙන් ඉදිරි වසර කටයුතු දියත්කිරීම ආණ්ඩුවේ අභිලාෂය වන අතර කොමිසම සඳහා වෙනම මූල්‍ය ප්‍රතිපාදන ලබන වසරේ සිට වෙන් කෙරෙන බවත් සඳහන් කළේය. "ලබන මාසේ 17 වෙනිදා ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන සියල්ලටම වගේ තොරතුරු නිලධාරීන් පත්කෙරෙනවා" පනත ක්‍රියාවට නැගුණු නමුත් තවමත් ජනාධිපති කාර්යාලයේ පවා තොරතුරු නිලධාරියකු නැතැයි ක්‍රියාධරයන් පිරිසක් විසින් කරන ලද විමසීමකදී දැනගන්ට ලැබුණු බව බීබීසී සංදේශය පෙන්වාදුන් අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ, තොරතුරු නිලධාරීන් පත්කිරීම තවමත් අවසන් වී නොමැති බවයි. "මේ පනතෙන් කාලවේලාව දුන්නේ මාස හයයි, මේකට සූදානම් වෙන්න. නීතියේ කොහොම තිබුණත් කොමිසම පත්කිරීමෙත් ප්‍රමාදයක් ඇතිවුණා. ඒ අනුව ලබන මාසේ 17 වෙනිදා ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන සියල්ලටම වගේ තොරතුරු නිලධාරීන් පත්කෙරෙනවා." මෙවැනි ඓතිහාසික පනතක් සම්මත කළ සැණින් "ප්රාතිහාර්යයක් පානවා වගේ" සියල්ල එකවර සිදු නොවන බවත් ඔහු පැවසීය. තොරතුරු දැනගැනීම පිළිබඳ පනත මගින් මේ වසර තුළ සර්ව සම්පූර්ණ ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන වැඩිදුරටත් පැවසීය. | තොරතුරු දැනගැනීමේ කොමිසම වෙනුවෙන් මේ වසරේ අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති බව පිළිගන්නා ජනමාධ්‍ය අමාත්‍යාංශය, කෙසේ නමුත් කොමිසමේ වැඩකටයුතුවලට එයින් කිසිදු බාධාවක් එල්ල වී නැති බව අවධාරණය කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | උද්ඝෝෂණයක නිරතව සිටි සරසවි සිසුන් සහ ආරක්ෂක අංශ අතර ඊයේ හටගත් ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ සරසවි සිසුන් හතර දෙනෙක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුහ. යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සියල්ල පොලීසිය සහ යුද හමුදාව විසින් පරීක්ෂා කිරීමට විරෝධය පළකිරීම සඳහායි එම උද්ඝෝෂණය පැවැත්වුනේ. පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු සිසුන් පස්දෙනකු පිළිබඳව සොයා බැලීමට ගිය තමන්ගේ වාහනයට යුද හමුදා භට පිරිසක් විසින් පහරදී අලාභ හානි සිදුකළ බව දෙමල ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සරවනභවන් ප්‍රකාශ කළේය. යුද හමුදාවට එරෙහිව අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සඳහා සරවනභවන් මන්ත්‍රීවරයාට මූදල් ලැබෙන බවට චෝදනා එල්ල කළ යාපනය යුද හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ බීබීසි යට පැවසුවේ සිසුන් විසින් ගල්, මුල් සහ බෝතල් වලින් එල්ල කළ ප්‍රහාර වැළැක්වීම සඳහා යුද හමුදා භට පිරිස් ක්‍රියා කොට ඇති බවයි. මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම මත සිසුන් පස් දෙනා නිදහස් කොට තිබේ. පොලීසිය පැවසුවේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එල්ටීටීඊ සංවිධානයේ මහවිරු දිනය සැමරීම සඳහා උත්සවයක් නේවාසිකාගාර තුළ සංවිධාන කොට තිබුණු බවට ලැබුණු තොරතුරු අනුව එම සෝදිසි මෙහෙයුම දියත් කළ බවයි. යුද හමුදාවට එරෙහිව අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සඳහා සරවනභවන් මන්ත්‍රීවරයාට මූදල් ලැබෙන බවට චෝදනා එල්ල කළ යාපනය යුද හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ බීබීසි යට පැවසුවේ සිසුන් විසින් ගල්, මුල් සහ බෝතල් වලින් එල්ල කළ ප්‍රහාර වැළැක්වීම සඳහා යුද හමුදා භට පිරිස් ක්‍රියා කොට ඇති බවයි. සබැඳි තේමා | ආරක්ෂක අංශ විසින් පහර දීමෙන් පසු , යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් දින දෙකක් අධ්‍යයන කටයුතු වලට සහභාගී නොවී පන්ති වර්ජනය කිරීමට තීරණය කොට තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කෙටුම්පත යෝජනා කරමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියා සිටියේ ලෝකයේ වැඩිම බලතල ඇති ජනාධිපතිවරයා සිටින්නේ ශ්‍රී ලංකාවේ බවයි. 1978 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ, විධායක ජනාධිපතිවරයා වෙත සියලු බලතල කේන්ද්‍රගත වී තිබීම, ප්රජාතන්ත්රවාදයට මෙන්ම රටේ සංවර්ධනයටත් ප්‍රබල බාධාවක් වී ඇති බවයි. "මේ වනවිට ජනතාවට මූලික වශයෙන් දක්නට හැකි දෙයක් තමයි තමන්ට පරමාධිපත්‍යයේ අයිතිය අහිවෙලා තියෙනවා, .පරමාධිපත්‍යයේ බලය විධායකය විසින් උදුරාගෙන තියෙනවා. ඒක නිසා ඒ පරමාධිපත්‍යයේ බලතල සියල්ල ප්රජාතන්ත්රවාදී ක්‍රමයට නැවතත් ජනතාවට ලබාදීම මූලික අරමුණක් වෙනවා," නව ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත ගැන තොරතුරු ඉදිරිපත් කරමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය., පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර පහක් වශයෙන්, යෝජිත කෙටුම් පතේ දක්වා තිබෙන බව පැවසූ ඔහු ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුවේ ධුර කාලය සීමා කොට විසුරුවා හැරීමට මෙම යෝජනා මාලාවෙන් නොහැකි බව ප්‍රකාශ කළේය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පක්ෂ මාරු කිරීමට ඉඩ කඩ ඇහිරෙන බව පැවසූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මැතිවරණ ක්රමයේ වෙනසක්ද යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදු කිරීමට බලාපොරොත්තුවන බව පැවසුවේය. නව ව්‍යවස්ථාවෙන් යෝජනා කර ඇති පරිදී , 225 වන වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවේ වෙනසක් නොවන පරිදි ආසන 125 ක් කොට්ඨාශ ක්‍රමය යටතේ ද, ආසන100 සමානුපාතික ක්‍රමය යටතේ ද මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට යෝජනා කොට ඇති බවයි ඔහු පැවසුවේ. | එක්සත් ජාතික පක්ෂය, පාර්ලිමේන්තුවට වග කියන අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයකින් හෙබි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් යෝජනා කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ශ්‍රී ලංකාවට 'දීප්තිමත් මොහොතක්': ජෝන් කෙරී. එක්සත් ජනපදය තවදුරටත් 'තර්ජනයක් නොවේ': මංගල සමරවීර. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඟ සාකච්ඡා පැවැත්වීමට ප්‍රථම වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්. ජනවාරි 08 වැනි දින පැවැත්වුණ ජනපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් වෙනසක් උදෙසා සිය ඡන්දය භාවිත කොට තිබෙන බව සඳහන් කළ රාජ්‍ය ලේකම්වරයා, එය විග්රහ කළේ ශ්‍රී ලංකාව නව දිශානතියකට යොමු කිරීම උදෙසා ලබා දී තිබෙන වරමක් ලෙසින්. 'නව දිශානතියකට' නව ආණ්ඩුවේ දින සියයේ වැඩසටහන පිළිබඳව තමන් ඉතා උනන්දුවෙන් බලා සිටින බව පැවසූ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, එම වැඩසටහන ඇතුළු නව ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල සාර්ථක වනු ඇතැයි තමන් සුභ පතන බවද පැවසීය. තරමක් දුරට බිඳ වැටී තිබුණු ද්විපාර්ශවික සම්බන්ධතා තරකිරීම උදෙසා කටයුතු කිරීම සිය වගකීමය යන්න සිය විශ්වාසය බවයි, විදේශ අමාත්‍ය මංගල සමරවීර එහිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ. ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවට ඇමෙරිකා එක්සත් ජනපදය අවස්ථා විවර කරන මිතුරකු විනා 'තර්ජනයක් නොවන' බව ද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. නව ආණ්ඩුව බලයට පත්වී පළමු සති කිහිපය ඇතුලත ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන මෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර රාජ්‍ය ලේකම් ජෝන් කෙරීට ආරාධනා කරනු ඇතැයි අපේක්ෂිතයි. | ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකාවේ සියලු මිතුරන්ටත් මේ මොහොතේ ගතවෙමින් තිබෙන්නේ 'දීප්තිමත් මොහොතක්' බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නාසා ආයතනයේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින් විසින් ඊළග පරපුරේ ඇඳුම් කට්ටලය විශේෂ වැඩසටහනක් අතරතුරදී ප්‍රදර්ශනය කරන ලදී. The xEMU නමැති මෙම ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කරන ඇඳුමට සමානය. නාසා ආයතනයේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින් විසින් ඊළග පරපුරේ ඇඳුම් කට්ටලය විශේෂ වැඩසටහනක් අතරතුරදී ප්‍රදර්ශනය කරන ලදී. කෙසේ වෙතත්, නාසා ආයතනය පැවසුවේ, මෙම ඇඳුම් කට්ටලය සඳ මත ඇවිදීමේදී පහසු සහ යෝග්‍ය ආකාරයට වැඩි දියුණු කර ඇති බවය. මෙහිදී ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය දියත් කරනවිට හා යළි පැමිණෙන විට එතුළදී කාර්ය මණ්ඩලය පැළඳිය යුතු හිස් ආවරණය සහ ඇඟලිය යුතු තැඹිලි පැහැති ඇඳුම ද ප්‍රදර්ශනය කරන ලදී. Orion යනු අභ්‍යවකාශ ෂටලය වෙනුවට භාවිත කෙරෙන ආදේශක යානයකි. එහෙත් එය ෂටලයට වඩා වෙනස් ලෙස නිර්මාණය කර ඇත්තේ ගගනගාමීන් සඳට සහ ඈත අභ්‍යවකාශයේ අනෙකුත් ඉලක්ක වෙත ගෙන යාම සදහාය. Exploration Extravehicular Mobility Unit (ගවේෂණ අතිධ්වනි සංචලතා ඒකකය - xEMU) ලෙස නම් කර ඇති නව සඳ ඇඳුම (Moon suit) එය ඇඟලන ගගනගාමීන්ගේ ශරීර ප්‍රමාණයට සරිලන පරිදි සකස් කර ගැනීම සඳහා නිර්මාණය කර ඇත. මෙම නව ඇදුම් කට්ටලය හේතුවෙන් මෙතෙක් පැවති තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් වනු ඇත. නාසා ගගනගාමී ඈන් මැක්ලේන් හට සුදුසු ප්‍රමාණයේ ඇඳුමක් නොමැති නිසා මාර්තු මාසයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වූ පළමු අභ්‍යවකාශ ඇවිදීම නතර කිරීමට සිදුවිය. සඳ තරණය සඳහා වන ඇඳුම සහ Orion අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇඳුම මෙම ඇඳුමෙහි ඉණ ප්‍රදේශය ගගනගාමියාගේ ඉණෙහි ප්‍රමාණයට සකස් කර ගැනීම සදහා විශාල පරාසයක් තුළ අඩුවැඩි කළ හැකිය. නාසා ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු ක්‍රිස්ටීන් ඩේවිස් එම ඇඳුමේ විශේෂතා නිරූපණය කළේ, ඇගේ දෑත් කරකැවීම, පාද නවා ඉද ගැනීම වැනි ඉරියව් ප්‍රදර්ශනය කරමිනි. "මේ ඇදුමේ තියෙන ලොකු ම දේ තමයි නම්‍යශීලීභාවය. ගගනගාමියෙකුට යම් පාෂාණ කැබැල්ලක් අහුලා ගන්න හරි නැත්නම් යම් උපකරණයක් බිම රදවන්න හරි ඕන වුණොත් ඔහුට ඒ දේවල් පහසුවෙන් කරන්න ඉඩ ලැබෙනවා මේ ඇදුමේ තියෙන නම්‍යශීලි බව නිසා," නාසා ගගනගාමී කේට් රූබින්ස් පැවසීය. මෙම ඇඳුම තුළ 100%ක් ඔක්සිජන් ක්රියාකාරීත්වයක් පවතින අතර ගගනගාමීන්ට ඔවුන්ගේ ශරීරයෙන් නයිට්රජන් පිට කිරීම සඳහා වෙන ම කාලයක් ගත කිරීමට සිදු නොවේ. ඇඳුමේ ජීවිත ආධාරක පද්ධතිය ගගනගාමියාට පැය අටක පමණ කාලයක් වාතාශ්‍රය සැපයෙන අතර අමතර පැයක ආරක්ෂිත කාලයක් සැපයේ. මෙහිදී Orion අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇදුම ද ප්‍රදර්ශනය කෙරිණි. Orion අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇදුම | සඳ මත ගොඩබැසීමට සූදානම් කෙරෙන මීළඟ ගගනගාමීන්ට ඇඟලීම සදහා නිර්මාණය කෙරුණු නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයේ මූලාකෘතිය, නාසා හෙවත් ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය විසින් එළිදක්වනු ලැබීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | චිත්‍රපටයේ අන්ජලී පටිල් නිරූපණය කළේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි පශ්චාත් යුධ සමයේ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් මෙම චිත්‍රපටයේ අන්ජලී පටිල් නිරූපණය කළේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි. ඉන්දීය නිළියක වන ඇය, චිත්‍රපටයේ අඩංගු සිංහල හා දෙමළ දෙබස් ඇයගේ හඬින්ම පටිගත කළ බවයි ඉන්දියාවේ සිට සංදේශය සමඟ කතා කළ අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ කියා සිටියේ. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සඳහා හොඳම නිළිය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන දිනූ සිව්වැනි වතාව මෙයයි. මෙම ජයග්‍රහණය තුලින් ලැබිය හැකි ප්‍රචාරය හමුවේ ශ්‍රී ලාංකික චිත්‍රපට සඳහා භාරත සිනමා ක්ෂේත්රය තුල යම් පිළිගැනීමක් ඇතිවිය හැකි බවයි, අධ්යක්ෂවරයා පවසන්නේ. "ඉන්දීය නිලියක් හා ඉන්දීය සම්මානයක් මඟින් මෙම චිත්‍රපටයට ඉන්දියාවේ සිනමාහල්වල ප්‍රදර්ශණ අවස්ථාවක් හෝ, අඩු ගණනේ ඉන්දියාව තුල DVD තැටි නිකුත් කිරීමේ අවස්ථාවක් ලැබුණහොත් එය ශ්‍රී ලංකාවේ සිනමාව ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බවයි, මම හිතන්නේ," අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ තවදුරටත් පැවසීය. මීට පෙරාතුව මල්දෙනියේ සිමියොන් චිත්‍රපටයේ රඟපෑ අනෝජා වීරසිංහ සහ ආකාශ කුසුම්හි ප්‍රධාන චරිතය රඟපෑ මාලනී ෆොන්සේකාත් ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ රජත මයුර සම්මානයෙන් පුද ලැබූහ. සබැඳි තේමා | ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'ඔබ නැතුව ඔබ එක්ක' (With You, Without You) චිත්‍රපටයේ රඟපෑ අන්ජලී පටිල් ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පුද ලැබුවාය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දැරිය පාසලෙන් අස්කර වෙනත් පාසලකට රැගෙන යන මෙන් ගනේමුල්ල ප්‍රදේශයේ ඇය ඉගනුම ලබන කනිෂ්ඨ පාසලේ බලධාරීන් තමන් පාසලට කැඳවා පැවැසූ බව ඔවුහු බීබීසී සිංහල සේවයට පැවසුහ. "අපි අහන්නේ මේ දරුවට එවැනි ආසාදනයක් තියෙනවා කියලා දෙමව්පියන් කියන්නේ කොහොමද? නමුත් මම අහන්නේ දරුවාගේ අම්මට තිබ්බා කියලා දරුවට ඉගනීමට අයිතියක් නැද්ද?" යනුවෙන් දැරියගේ භාරකරු විමසීය. අද (මාර්තු 20) පෙරවරුවේ පාසල ඉදිරිපිටට රැස්වූ දෙමව්පියන් පිරිසක් දැරිය පාසලට ඇතුළුවීම වැළැක්වීමට උත්සාහ කළහ. විරෝධයක් කෙසේ වෙතත් දැරිය පාසල වෙත රැගෙන යාමට ඇයගේ භාරකරුවන් සමත් වූ අතර මාධ්‍යවේදීන් ගේ කැමරා ඉදිරියේ පසුබැස ගිය දෙමව්පියෝ පසුව පාසල ඉදිරිපිට පැය කීපයක් රැඳී සිටියහ. දැරියට HIV ආසාදනය වී ඇත්දැයි යන්න තමන්ට දැනගැනීමට අවශ්‍ය බව ඔවුහු පැවසුහ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්යක්ෂ වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල, "එච්අයිවී ආසාදිත බව දැනගෙන හෝ නොදැනගෙන ඕනෑම තැනක අධ්‍යාපනය ලැබීමේ අයිතිය ළමයෙකුට තිබෙනවා. ඒ අයිතිවාසිකම අපි සුරක්ෂිත කළ යුතුයි. එහෙම නැතිනම් සිදු වෙන්නේ ඒ දරුවාගේ අනාගතයම විනාශ කර දැමීමක්" යැයි පැවසීය. වෛද්‍ය මතය අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි. පසුගිය වසරේ කුලියාපිටිය ප්‍රදේශයෙන් මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර පසුව එම දරුවාට අධ්‍යාපනය ලබා දීම සඳහා මහනුවර ප්රමුඛ පෙළ පාසලක් ඉදිරිපත් විය. මේ අතර දැරියට නිදහසේ සිය අධ්‍යාපනය කරගෙන යාමට නොහැකි පරිසරයක් උදාකිරීම තරයේ හෙලාදකින බව බස්නාහිර පළාතේ මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි. පවුලේ HIV රෝගියකු සිටියත් පාසල් අධ්‍යාපනය ලබන කුඩා දරුවෙකු ඊට වගකිවයුතු නැති බව මහ ඇමතිවරයා පෙන්වාදෙයි. එම දැරියගේ සමාජයීය වරප්‍රසාද වෙනුවෙන් තමා පෙනී සිටින බව ද ඔහු සඳහන් කළේය. දැනගැනීමට ඇති පරිදි අදාළ දැරිය පාසලට ඇතුළත් කරගැනීමට විදුහල්පතිවරයා එකඟ වී ඇතැයි සඳහන් කළ මහ ඇමතිවරයා, එසේ නොවුනහොත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඊළඟ ක්‍රියාමාර්ග තීරණය කළ යුතුව ඇති බව ද කියා සිටියේය. | මවට HIV ආසාදනය වීම මත දැරියකට ඇයගේ පාසල් ගමනට තර්ජන මතු වී ඇති බව එම දැරියගේ භාරකරුවෝ පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සැරසේන් - එලවේන් - යා... බයිසිකල් තරඟය ආරම්භක ස්ථානය එවැනි කාන්තා බයිසිකල් තරඟයක් දක්නට ලැබීම බොහෝ දෙනාගේ පුදුමයට හේතු වී ඇත. පසුගිය අඟහරුවාදා සෞදි කාන්තා බයිසිකල් තරඟය පැවැත්වුනේ 'ජෙඩාහ්' නුවරය. 'බී ඇක්ටිව් (Be Active)' ලෙස හැඳින්වෙන කණ්ඩායමක් විසින් තරඟය සංවිධානය කර තිබුණ අතර, කාන්තාවන් හතළිස් හත් දෙනෙක් කිලෝමීටර් දහයක දුරක් බයිසිකල් පැදීමේ නිරතව ඇත. තරඟයට සහභාගී වූ කාන්තාවන්ගේ සංඛ්‍යාව දැක තමා පුදුමයට පත් වූ බව තරඟ සංවිධායක නදීමා අබු අල්-එනීන් පවසන්නීය. "තරඟයට සහභාගී වීම සදහා සිතුවාටත් වඩා වැඩි කාන්තාවන් පිරිසක් පැමිණි නිසා, අපි මුලින් සැලසුම් කළ උපරිම තරඟකරුවන් ගණන 30 සිට 47 දක්වා වැඩි කරන්න සිදු වුණා. තරඟයට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටි තවත් බොහෝ දෙනෙකුට අවස්ථාව නොදීමට සංවිධායක මණ්ඩලයට සිදු වුණා" නදීමා පැවසුවාය. තරඟය අවසන් වීමට නියමිත ස්ථානයේ රැඳී සිටින නදීමා අබු අල්-එනීන් ට්විටර් සමාජ ජාලය තුළ මෙම තරඟය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්නට ලැබුණත් සමහර පුද්ගලයන් කාන්තා බයිසිකල් තරඟය අනුමත කර නැත. "මම ආගමික නායකයෙක් නොවේ. හැබැයි මම සිතන්නේ කාන්තාවක් බයිසිකල් පැදීමෙන් ඇයගේ ශරීරයේ සරාගී කොටස් නිරාවරණය වීමෙන් අනවශ්‍ය ලෙස පුරුෂයන් ආකර්ෂණය කර ගන්නවා කියලා. කාන්තාවන්ට බයිසිකල් පදින්න අවශ්‍ය නම් එය ප්‍රසිද්ධියේ නොකර පෞද්ගලික දෙයක් හැටියට කළ යුතුයි"එක් ට්විටර් පණිවිඩයක දැක්වෙයි. "කාන්තාවන් ක්‍රීඩා කිරීම අවශ්‍යයි. නමුත් ඒ දේවල්වලට සීමාවක් තිබිය යුතුයි. පුරුෂයන් ඉදිරියේ ක්‍රීඩා කිරීම සුදුසු නැහැ," තවත් ට්විටර් පණිවුඩ කරුවෙක් පවසයි. මේ තොරතුරුද දැනගන්න: සෞදි කතුන්ට ඓතිහාසික දිනයක් සිනමා ශාලා යළි විවෘත කිරීමට සෞදි අරාබිය අවසර දෙයි සෞදි කාන්තාවට අවසර නැති තව බොහෝ දේ ඇත කෙසේ වෙතත්, බොහෝ ට්විටර් පරිශීලකයන් මෙම තරඟය වර්ණනා කරමින් පණිවිඩ නිකුත් කර තිබුණි. @p9p_ ලෙස නම් කර ඇති ට්විටර් ගිණුමේ සඳහන් වූයේ, "මේ තරඟය ඉතා විනෝදජනක බව පෙනී යනවා" යනුවෙනි. මෙවැනි තරඟයක් පැවැත්වීම පිළිබද තම සතුට පළ කළ @foof_foofa, "අපිට ඔබේ විරුද්ධත්වයෙන් වැඩක් නැහැ" ලෙස සඳහන් කර ඇත. "සමාජ මාධ්‍යජාල ඔස්සේ මෙම තරඟය හෙළා දකින කාන්තාවන් තව අවුරුදු පහකින්, දහයකින් හෝ විස්සකින් මෙවැනි තරඟවලට සහභාගී වීමට උත්සහ කරාවි. නැත්නම් තරඟකරුවන්ට ඔල්වරසන් නඟයි. ජංගම දුරකථන, රූපවාහිනී යන්ත්‍ර, පාසල්, හෙද සේවය සහ සෞඛ්‍ය සේවා හඳුන්වා දෙන විටත් මේ දේම සිදු වුණා.... නමුත් කාලය ගත වීමත් සමග ඔවුන් ආපසු හැරී බලා තමන් පෙර හැසිරුණ ආකාරය ගැන ලැජ්ජාවට පත් වුණා" යැයි @N9n9Ta පළ කළ ට්විටර් පණිවිඩයේ සඳහන් විය. සෞදි අරාබිය, සිය පළමුවෙනි ඔපෙරා ශාලාව 'ජෙඩාහ්' නගරයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇත. නදීමා අබු අල්-එනීන්ගේ මූලිකත්වයෙන් 2017 වර්ෂයේ දී මෙම බයිසිකල් සංගමය පිහිටුවන ලදී. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සෞදිය පුරා විසිරී සිටින බයිසිකල් ගැන උනන්දුවක් දක්වන කාන්තාවන් රැස් කරගෙන බයිසිකල් පැදීමෙන් ශරීර සෞඛ්‍යයට අත් වන වාසි පිළිබද සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. සෞදි අරාබි කාන්තාවන් බයිසිකල් පදින විට මුහුණ දෙන අපහසුතා ගැන 'සයික්ලින් ටුඩේ (Cycling Today)' සමග පැවති සාකච්ඡාවකදී නදීමා පැහැදිළි කළාය. නමුත්, බයිසිකල් පදින කාන්තාවන් දිනෙන් දින වැඩි වෙමින් පවතින බව ඇය පවසන්නීය. ක්‍රීඩා සදහා වෙන් කළ ප්‍රදේශයක දී, ශරීරය වැසෙන ඇඳුමක් ඇඳ, පුරුෂයෙකුගේ ආරක්ෂාව යටතේ කාන්තාවකට බයිසිකල් පැදිය හැකි බව 2013 වර්ෂයේ දී සෞදි අරාබිය ප්‍රකාශයට පත් කර තිබිණි. 2030 වර්ෂය වන විට විශාල සමාජ වෙනසක් සිදු කිරීම සෞදි බාධාරීන්ගේ සැලැස්මයි. පසුගිය සඳුදා එරට පළමු ඔපෙරා නෘත්‍ය ශාලාව 'ජෙඩාහ්' නගරයේදී විවෘත කෙරිණ. තවත් තොරතුරු: සෞදි අරාබිය: විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් අලුතින් සේවාවක් පූජක උපදෙසට සෞදි කාන්තා ප්‍රතිචාරය කුවේටයේ අනවසර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 15,000 ක් | සෞදිඅරාබියේ කාන්තාවන් සහභාගී වූ ප්‍රථම බයිසිකල් තරඟය පිළිබද සමාජ මාධ්‍ය තුළ මහත් කතා බහක් ආරම්භව පවතී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බස් රිය තුළ දී එක්තරා පුද්ගලයෙකුගෙන් දිගින් දිගටම සිදු වූ හිංසා ඉවසා ගත නොහැකිව කොළඹ පෞද්ගලික බැංකුවක ලේකම්වරියක ලෙස සේවය කරන කේශිකා රණසිංහ එසේ පැවසුවාය. ශ්‍රී ලංකාවේ දිනපතා සිය ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන පුද්ගලයන්ට මෙවැනි සිද්ධීන් සුලභව දැකිය හැකිය, ඇසිය හැකිය. ශ්‍රී ලංකාවේ බස්රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් එම ප්‍රවාහන මාධ්‍ය ඇසුරේදී ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) විසින් 2017 වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. මේ අතරින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන්ය. නමුත් ඒ සම්බන්ධයෙන් පොලිස් රැකවරණය පතන්නේ අදාළ කාන්තාවන් අතුරෙන් 4%ක පමණ පිරිසක් බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ දත්ත අනුව පෙනී යයි. කාන්තාවන් අතුරෙන් 50%ක් රැකියා සඳහා යාමේදීත් 28%ක් අධ්‍යාපන කටයුතු සඳහා යාමේදීත් 20%ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යන අතරවාරයේදීත් පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ලක් වෙති. මෙම සමීක්ෂණය සඳහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි වයස අවුරුදු 15 - 35 අතර කාන්තාවන් 2500ක් සහභාගි වී තිබුණි. ඔවුන්ගෙන් 90%ක්ම බස් රථ හෝ දුම්රිය තුළදී විවිධ අන්දමින් ලිංගික හිංසනයට ලක්වී ඇත. හිංසනයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 74%ක් පැවසුවේ තම සිරුරෙහි කොටස් සිතාමතා ස්පර්ශ කිරීමට පුරුෂයන් පෙළඹුණු බවය. ඉන් 52%ක් පැවසුවේ විවිධ පුද්ගලයන් ලිංගික අවයවය තම සිරුරේ ඇතිල්ලීම කළ බවය. අශෝබන ලෙස අසුන් ගන්නා පුරුෂයන් නින්දේ පසුවන බව අඟවා අනවශ්‍ය ලෙස තමන් ස්පර්ශ කළ බව 52.25% කාන්තාවෝ පැවසූහ. පුරුෂයන් අනවශ්‍ය ලෙස සිය සිරුරට බරවීම වීම, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම, කකුල පෑගීම, අතින් ඇල්ලීම, අනවශ්‍ය ලෙස සිරුරු දෙස බලා සිටීම, අසභ්‍ය වදන් පැවසීම, දුරකථන අංකය ඉල්ලා කරදර කිරීම සහ ජංගම දුරකථනයේ ඇති අසැබි දසුන් පෙන්වීමට උත්සහ කිරීම වැනි ලිංගික හිංසනයන්ට 60%ක් කාන්තාවන් ගොදුරු වී තිබේ. එමෙන්ම, ඔවුන් අතුරෙන් 82%ක් වෙනත් අය එලෙස හිංසනයට ලක්වනු දැක තිබේ. රජයේ ආයතනයක උසස් තනතුරක් දරන අනුෂිකා කඹුරුගමුව පැවසුවේ, "මමත් පාසල් යන කාලයේදී පොදු බස්රථයක් තුළ ලිංගික හිංසනයට මුහුණ දීලා තිබෙනවා. ඇත්තටම ප්රශ්නය වන්නේ අපි කව්රුත් මේ ගැන කතා කරන්න අකමැති වෙන එකයි. ආසියාතික රටවල්වල කාන්තාවන් පාරේදී, ගෙදරදී හෝ කාර්යාලයේදීවත් තමන්ට සිදු වූ හිංසනය ගැන කතා කරන්නේ නැහැ. පොදු ප්‍රවාහන සේවය තුළ ගැහැණු කෙනෙක් යම් හිංසනයකට ලක් වෙනවානම් ඒ ගැන හඬ නගන්න ඕනෙ. නමුත් අවාසනාවට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. එකක්, කාන්තාවන් ලැජ්ජයි මේ ගැන කතා කරන්න. ඒ වගේම මේ ගැන හඬ නැගුවත් බොහෝ විට කව්රුත් සොයා බලන්න නැහැ. පිහිට වෙන්න එන්නෙත් නැහැ. අඩුම තරමේ තමන් හිංසනයට ලක් කරන පුද්ගලයා බස් රථයෙන් බස්සන්න කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ" යනුවෙනි. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල සැකසූ වාර්තාවට අනුව හිංසනයට ලක්වන්නේ තරුණ කාන්තාවන් පමණක් නොවේ. කුඩා දැරියන්, තරුණියන් මෙන්ම මහලු කාන්තාවන්ද මෙම හිංසනයට ගොදුරු වේ. මෙහි ඛේදජනකම තත්ත්වය වන්නේ 74%ක් කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාවලදී එල්ලවන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පවා නොදැන සිටීමය. යම් අවස්ථාවක 'ඔබ හිංසනයට ලක්වන්නේ නම්' එය තවදුරටත් ඉවසා සිටීමට අවශ්‍ය වන්නේ නැත. වර්තමානයේ බොහෝ දෙනෙකු සතුව ජංගම දුරකථන ඇති බැවින් මෙවැනි අවස්ථාවක දී 119 හෝ 1938 යන අංක අමතා පොලිසියේ සහාය පැතිය හැකි බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය දන්වා සිටී. මේ අතරතුර එම සිද්ධිය පිළිබඳ අවට සිටින පිරිස දැනුවත් කිරීමද අවස්ථානුකූලව කළ යුතුය. පොලීසියට දැනුම් දෙන විට බස් රථයේ අංකය සහ මාර්ග අංකය ද සඳහන් කළ යුතුය. ඉන්පසු ගමන් ගන්නා මාර්ගයේ පිහිටා ඇති පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට හැකි වනු ඇත. "අපි දවසේ වැඩ ඉවර වෙලා බස් එකට නගින්නේ නිදහසේ යන්න. ඒ වගේ වෙලාවට සමහරවිට මහන්සියට නින්ද යන්නත් පුළුවන්. මෑතක දී දවසක් මට එහෙම බස් එක ඇතුළේ නින්ද ගියා. ටික වෙලාවකින් මට තේරුණා මගේ අනෙක් පස සිටින පුද්ගලයාගේ ඇඟිලි තුඩු මගේ කකුලේ වදිනවා කියලා. මම එක පාරක් ඔහු දිහා රවල බැලුවා. නමුත් ටික වෙලාවකින් ඔහු ඒ දේ ආපහු කරන්න පටන් ගත්තා. ඉවසන්න බැරිම තැන මම තදින් බැණ වැදුනා. ඔහු ඊළඟ නැවතුමෙන් බැස්සා. වැරදි හිතකින් නෙමෙයි නම් එහෙම බස් එකෙන් බැහැල යන්න ඕනෙ නැහැනෙ" යැයි කේශිකා රණසිංහ පැවසීය. "අද රටේ කාන්තාවන් වන අපට බස් රථයකට හෝ කෝච්චියට නැග්ගාම හොඳට වටපිට බලල තමයි අසුන් ගන්න වෙලා තිබෙන්නේ. සමහර පුරුෂයන් ඉන්නවා කාන්තාවක් බස් රිය ඇතුළේ ඉන්නවා ජනේලයෙන් දැක්කාම ඒ බස් එකට නගිනවා. ඊට පස්සේ නොයෙක් කරදර කරනවා. ඒ වගේම තවත් සමහරු බස් රථය තුළ ඕනෑ තරම් හිස් ආසන තිබුණත් කාන්තාවක් ඉඳගෙන ඉන්නවා දැක්කම, ඒ ආසනේටම ඇවිත් වාඩි වෙනවා. ඊට පස්සේ නොයෙකුත් හිරිහැර කරනවා. නැත්නම් අපහසුතාවට පත්වන විදියට බලාගෙන ඉන්නවා," ඇය තවදුරටත් පැවසුවාය. මේ තොරතුරුද දැනගන්න: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය. මේ අනුව ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති පරිදි නිදහසේ ජීවත් වීමේ අයිතියක් ඇත. යම් පුද්ගලයෙක් හිංසනයට ලක් වන්නේ නම් එය ඔහු හෝ ඇයගේ මානව හිමිකම් කඩවීමකි. වර්ෂ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්තිය අනුව ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. ලිංගික ස්වරූපයේ පහරදීම්, සාපරාධී බලය යෙදවීම්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිංසනයට ලක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස එකී වගන්තියේ සඳහන් වේ. මේ අනුව, පොදු ප්‍රවාහන තුළදී එල්ලවන ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහොත් අදාළ චූදිතයන්ට බරපතළ දඬුවම් නියම වනු ඇත. "අතවරයට ලක්වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නොවේ" මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක මෙන්ම සමාජ හැසිරීම පිළිබඳ අධ්‍යනයේ යෙදෙන කෞශල්‍යා හේරත් සිය අදහස් දක්වමින් පැවසුවේ, "බොහෝ කාන්තාවන් ලිංගික අතවර කියලා සිතන්නේ ශාරීරිකව සිදුවන අතවර විතරයි. නමුත් පොදු ප්‍රවාහන සේවයේ දී සිදුවන මානසික අතවර බොහොමයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය කියලා අපි දන්නේ මිනිසුන් පිරිලා තද වුණ බස් සහ කෝච්චි. ඒ නිසා කාන්තාවන් පුරුදු වෙලා තිබෙනවා මේක සාමාන්‍ය දෙයක් හැටියට සලකන්න. ඔවුන්ට වාචිකව සිදුවන අතවර පමණක් නොවේ ශාරීරිකව සිදුවන අතවරත් මේ නිසා ගණන් නොගෙන ඉන්නවා. අනිත් දේ තමයි අතවරයකට එරෙහිව කතා කරන්න ගියොත් වැරදිකරු කෙසේවෙතත් අපි දිහා මිනිස්සු බලන තත්ත්වයක් තිබෙන්නේ." යැයි ඇය සඳහන් කළාය. මේ තත්ත්වය් වෙනත් අතුරුඵල ගෙන එන බව ඇය පැහැදිලි කළේ, "මමත් පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කෙනෙක්. මම දස වතාවක් පොදු ප්‍රවාහන සේවය භාවිත කළොත් ඉන් නව වතාවක් හිංසනවලට ලක්වෙලා තිබෙනවා. මේ දේ මග හරින්න මම කරන්නේ වායුසමනය කළ බස් එකක නගින එක. නමුත් එයින් හිංසා වෙන එක නවතින්නේ නැහැ. හැබැයි, සුවපහසුවට ඉඩ ඇතුව ඉදගෙන යන නිසා හිංසා වෙන්න තිබෙන අවස්ථා අඩු වෙනවා. සමහර වෙලාවට මම ආරක්ෂාව ගැන හිතලා කුලී රථයක ගමන් කරනවා. මේ හැමදෙයින්ම වෙන්නේ, අපිට ලැබෙන මාසික පඩියෙන් වැඩි කොටසක් ප්‍රවාහනයට වියදම් කරන්න වෙන එක. මෙය පොදු ප්‍රවාහන සේවයේ සිදුවන ලිංගික අතවරවල අතුරු ප්‍රතිඵලයක්" යනුවෙනි. තවත් තොරතුරු: "අපි පුරුදු වෙලා නැහැ යම්කිසි අතවරයකට එරෙහිව පැමිණිලි කරන්න, ඒවාට විරුද්ධව කතා කරන්න. පොඩි කාලේ ඉදන් අපේ රටේ ගැහැණු ළමයෙකුට පුරුදු කරන්නේ දරාගෙන ඉන්න. මේ නිසා අපිට ප්‍රශ්නයක් වුණාම බලන්නේ මග හරින්න. මේ දේවල් නිසා දවසින් දවස අතවර සිදුවන ප්‍රමාණය වැඩි වෙමින් තිබෙනවා. නමුත් අපේ ආකල්ප වගේම නීතියෙත් විශාල දුර්වලතා තිබෙනවා. කාන්තාවන් මෙවැනි දේ ගැන පැමිණිලි කරන්නේ කාටද කියලා දන්නේ නැහැ. එහෙම පැමිණිලි කළත්, නීතිය ක්‍රියාත්මක වෙන්න ඉතා දීර්ඝ කාලයක් ගත වෙනවා." "කෙසේවෙතත්, කෙටි කාලයකින් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට නීති සැකසිය යුතුයි. ඒ වගේම අපි සමාජමය වශයෙන් දැනුවත් වීම අවශ්‍යයි. අතවර වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි, ඒ දෙයට විරුද්ධව කතා කරන්න සහ නීතියේ සහාය ලබා ගන්න අපි කුඩා කළ ඉදන් පුරුදු කරන්න ඕනෙ. ඒ සඳහා පාසල්වල මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි." ඇය තවදුරටත් පැවසීය. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන පරිදි රටේ සමස්ත ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර, ඔවුන්ගෙන් 34%ක් රැකියාවල නිරත වේ. මේ අනුව කාන්තාවන් බොහෝ දෙනෙකුට පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට සිදු වන අතර, ඔවුන්ට නිරන්තරයෙන් සිය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීමට සිදු වේ. මේ හේතුවෙන් සිය රැකියාව හෝ අධ්‍යාපන කටයුතු සඳහා නිරවුල් මනසකින් යොමු වීමට අපහසු බව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සියලු කාන්තාවෝ පැවසූහ. | "මම සෙරෙප්පුව අතට ගන්නද? නැත්නම් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල යනවාද?" |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "ඔබ කොහොමද තුර්කියේ නත්තල සමරන්නේ?" නත්තල උත්කර්ෂවත් ලෙස සමරන රටකට ගිය විට නොවරදවා අසන්නට ලැබෙන ප්රශ්නයකි. ඔබ නත්තල සාමාන්‍ය දිනයක් ලෙස පැවසුවහොත් ඔවුන් පුදුමය පළ කරනු ඇත. එය යුදෙව්, හින්දු හෝ මුස්ලිම් දින දර්ශනවලට අනුව නිවාඩු දිනයක් ද නොවේ. කවුද මේ 'ඊසා'? නමුත්, විශ්මය දනවන තොරතුරු නැතුවා නොවේ. ඉස්ලාම් දහමට අනුව ඔවුන් ජේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ උපන් දිනය සමරන්නේ නැතිමුත් ක්‍රිස්තුන්වහන්සේ පුජනීයත්වයෙන් වන්දනා කරයි. තමන්ගේ ආගමික විශ්වාසයේ කොටසක් ලෙස ක්‍රිස්තියානි දහමේ නායකයාට මුස්ලිම්වරු මහත් ගෞරවයක් දක්වති. තවදුරටත් කියවන්න: නබිනායකතුමන් අනුව යමින්, ජේසුස් වහන්සේ වඩාත් වන්දනාමානයට ලක්වන පුද්ගලයන්ගෙන් කෙනෙක් ලෙස කුරානය සලකයි. කෙසේවුවත් ජේසුස් වහන්සේ, එසේත් නැත්නම්, අරාබි භාෂාවෙන් හඳුන්වන 'ඊසා' පිළිබඳ, නබි නායකතුමන් ගැන සඳහන් වන වාර ගණනට වඩා වැඩි වාරයක් කුරානයේ සඳහන් වී තිබේ. තවදුරටත්, මෙම පූජනීය ග්‍රන්ථයේ එක් කාන්තාවක් ගැන පමණක් නමින් හඳුන්වා දී ඇත. කවුද මේ 'මරියම්'? ඇය කන්‍යා මරියතුමිය වන අතර, අරාබි භාෂාවෙන් මරියම් ලෙස හදුන්වයි. කුරානයේ සම්පුර්ණ පරිච්ඡේදයක් කන්‍යා මරියතුමිය වෙනුවෙන් වෙන්කර ඇත. නමුත්, ඉස්ලාම් උත්පත්ති කතාවේ ජෝසෆ් හෝ අනාවැකිකරුවන් පිළිබඳ සඳහනක් නැත. කුරානයට අනුව, මේරි දරුවා බිහි කර ඇත්තේ වියළි කාන්තාරයක් මධ්‍යයේ මැරුණු ඉඳි ගසක් යට තනිවමය. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එහිදී ඇයට ආහාරයට ගැනීම පිණිස ඉදුණු රට ඉඳි කඩා වැටී ඇති අතර, පය පාමුලින් දිය උල්පතක් ද මතු වී තිබේ. දරුවා සමග සිටි අවිවාහක කාන්තාවගේ සිල්වත් භාවය පිළිබඳ ප්‍රශ්න කිරීමකට ලක්වූ අතර අලුත උපන් ජේසු බිලිඳා දෙවියන් ලෙස කතා කිරීමට පටන් ගත්තේය. ආත්මයේ ශාස්තෘවරයා ජේසුස් වහන්සේ පිළිබඳ සඳහන් කරද්දී "සාමය ඔහු සමග පවතීවා" යනුවෙන් යාඥා කිරීමට මුස්ලිම්වරු කටයුතු සිටිති. ඉස්ලාමීය විශ්වාස අනුව, විනිශ්චයට භාජනය වන දිනයේ මිහිමත යුක්තිය ඇති කිරීමට මුලින්ම පැමිණෙන්නේ ජේසුස් වහන්සේය. කෙසේවෙතත්, මුස්ලිම් සාහිත්‍යය මෙහිදී කුරානය අභිබවා යන්නේය. සුෆී දාර්ශනිකයෙක් වූ අල්-ගසාලි (Al-Ghazali) ඔහු "ආත්මයේ ශාන්තුවරයා" ලෙස හඳුන්වයි. ඉබ්න් ඇරබි, ජේසුස් වහන්සේ හඳුන්වා ඇත්තේ, "සාන්තුවරයන්ගේ මුද්‍රාව" ලෙසිනි. 'ඊසා' ලෙස නම් කළ දරුවන් ද, මරිය මව්තුමිය සිහි කරමින් 'මරියම්' ලෙස නම් කළ දැරියන් ද මුස්ලිම් සමාජය පුරා හමුවේ. 7 වන සියවසේ ඉස්ලාම් දහම ආරම්භ වන විට ක්‍රිස්තියානි දහම මැද පෙරදිග හොඳින් තහවුරු වී තිබුණි. ඉස්ලාම් දහමෙන් ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ පූජනියත්වයෙන් සැලකුවද, කතෝලික පල්ලිය සැම විටම ඊට කෘතවේදී නොවීය. 15 වෙනි සියවසයේ ඉතාලියේ බොලොග්නා නගරයේ ඉදිවූ 'San Petronio' පල්ලියේ ඇති සුප්‍රකට බිතු සිතුවමක අපායේදී යක්ෂයන් විසින් වද දෙන මුස්ලිම් සාන්තුවරයෙක් නිර්මාණය කර තිබේ. යුරෝපය පුරා නිර්මාණය වූ කළා කෘති තුළ මේ අන්දමේ නින්දා කිරීම් හමුවේ. එනමුත් වර්තමාන කතෝලික පල්ලිය මෙලෙස අවඥා සහගතව නොබලයි. | ( බීබීසී ලෝක සේවයේ එම්රේ අසිස්ලේර්ලි (Emre Azizlerli) සකස් කළ ලිපියක් ඇසුරෙනි ) |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ආචාර්ය දයාන් ජයතිලක හමුදා ෂෙල් ප්‍රහාර වලින් සිවිල් පුරවැසියන් මිය ගිය තැනක් සේ විමර්ශනයකින් තොර ව ස්ථානයක් නිශ්චිතව දැක්වීම පක්ෂග්රාහී ක්‍රියාවක් බවයි ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙන්නේ. ෂෙල් ප්‍රහාර වලින් සිවිල් පුරවැසියන් මිය ගිය ස්ථානයක් සේ දැක්වීම සඳහා ‘alleged’ (කළැයි කියන) යන වචනය භාවිතා කළේ නම් පූර්ව නිගමන වලින් තොර ව තුලනාත්මක ව කරුණු දැක්වීමේ අවස්ථාවක් තිබුණ බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි. ඇමරිකාව යුධ අපරාධ පිළිබඳ ව ඉල්ලා සිටින ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණය කිසිසේත් ම ස්වාධීන එකක් වීමට ඉඩ නැති බවයි ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ. ‘ඉල්ලා සිටින ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව දැනටමත් ලියලා හමාරයි” යැයි ආචාර්ය ජයතිලක ප්‍රකාශ කරයි. මාර්තු මාසයේ දී එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම වෙත ඇමරිකානු ආණ්ඩුව ගෙන ඒමට බලාපොරොත්තු වෙන යෝජනාව පරාජය වුව හොත් ඉතා භයානක ප්‍රතිවිපාක ඇති විය හැකි බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුව හොත් එක් අතකින් ශ්‍රී ලංකාවේ ජනතාවට වැඩි බරක් පැටවෙන ආර්ථික තහංචි පැනවීමට ඉඩ තිබෙන අතර, අනෙක් අතින් නීතිමය තහංචි පැනවීම නිසා ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව විදේශ රටවල් වලදී තීන්දු ලබා දිය හැකි බව ආචාර්ය දයාන් ජයතිලක වැඩි දුරටත් කියා සිටියි. | ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වූ ස්ථාන යැයි හඳුන්වන තැන් පිළිබඳ ව ‘ට්විටර්’ මාධ්‍ය හරහා කරුණු දැක්වීම මගින් ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් උල්ලංඝණය කොට ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'අපි දැන් ඉන්නේ අවසාන අදියර වශයෙන් කඳු මුදුනට යන්නයි. ඒ සඳහා අවශ්‍ය කාලගුණය සැකසෙන තුරුයි අපි දැන් බලන් ඉන්නේ. ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරිස් එවරස්ට් කඳු මුදුනට ළඟා වීමේ අභියෝගය ජය ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකි. එවරස්ට් කඳු මුදුන බලා යෑමට නියමිත පළමු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ලෙසත් ඔවුන් දෙදෙනා ඉතිහාසයට එක් වනු ඇත. හිමාලය හෙවත් එවරස්ට් කඳු ප්‍රදේශය තුළ අධික ශීතලක් පවතින අතර වායුගෝලයේ ඔක්සිජන් මට්ටමද අඩු අගයක් ගනු ලබයි. එවරස්ට් තරණය කිරීම ළමා කාලයේ පටන් පැවති සිහිනයක් - ජයන්ති කුරුඋතුම්පලා එම තත්වයන්ට ඔරොත්තු දිය හැකි ආකාරයට සිය සිරුරු හැඩ ගස්වා ගැනීම සඳහා මාස එක හමාරක් පමණ පුරුදු පුහුණු වෙමින් නියමිත ක්‍රමවේදයන් අනුගමනය කළ බවයි ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරිස් බීබීසී සංදේශයට කියා සිටියේ. ඒ සඳහා එවරස්ට් කඳු පාමුල පිහිටි පදනම් කඳවුරේ (Base Camp) සිට පිළිවලින් අංක 01 , 02 සහ 03 යන කඳවුරු වෙත ගොස් නැවත පැමිණීමේ අදියරයන් අවසන් කොට ඇති බවයි යොහාන් පීරිස් කියා සිටියේ. 'අංක එක කෑම්ප් එකට ගිහින් ආපහු බේස් කෑම්ප් එකට එනවා. ඊට පස්සේ දවස් භාගයක් විවේක අරන් ආපහු අංක දෙක කෑම්ප් එකට ගිහින් ආපහු එනවා. ඒ වගේ චක්‍රයක් අනුගමනය කරන්න තියෙනවා. අපි දැන් ඒ ඔක්කොම කරලා ඉන්නේ' ජයන්ති කුරුඋතුම්පලා සඳහන් කරන්නීය. කඳවුරු අංක 02 සිට එවරස්ට් කඳු මුදුන දර්ශනය වන අයුරු කඳු මුදුනේ පවතින කාලගුණ තත්වය දින දහයක කාලයක් යහපත් තත්වයේ පවතින බවත් එම කාලය ඉලක්ක කොට කඳු මුදුන වෙත ගමන් ආරම්භ කරන බවත් යොහාන් පීරිස් පැවසීය. 'අපි දැන් ඉන්නේ අවසාන අදියර වශයෙන් කඳු මුදුනට යන්නයි. ඒ සඳහා අවශ්‍ය කාලගුණය සැකසෙන තුරුයි අපි දැන් බලන් ඉන්නේ. මම හිතුවට වඩා ගොඩක් දුෂ්කරයි මේ කාර්යය' යොහාන් පීරිස් කියා සිටියේය. කණ්ඩායමක් වශයෙන් තමාට එවරස්ට් අභියෝගය ජය ගත හැකි වනු ඇති බවට ජයන්ති කුරුඋතුම්පලා සහ යොහාන් පීරිස් බලාපොරොත්තු පළ කරති. ජයන්ති කුරුඋතුම්පලා වෘත්තියෙන් කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥවරියක් වන අතර යොහාන් පීරිස් ජනප්‍රිය කොණ්ඩා සැකසුම් ශිල්පියෙකි. (ඔවුන් දෙදෙනා සමඟ සංදේශයේ සරෝජ් පතිරණ පැවැත්වූ සාකච්ඡාවට සවන්දෙන්න) මේ දක්වා එවරස්ට් කන්ද සාර්ථක ලෙස තරණය කොට ඇති පිරිස තුන්දහසකට ආසන්නයි. එවරස්ට් කන්ද තරණය කරන අතරතුර හෝ තරණය කිරීමෙන් අනතුරුව මරුමුවට පත් පිරිස දෙසීය දහයකි. | එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ අවසන් අදියරට පැමිණ සිටින බව ලොව උසම කඳු මුදුන වෙත ළඟා වීමේ බලාපොරොත්තුවෙන් පසු වන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එම ගීතය ඇසුරෙන් කළ නව නිෂ්පාදනයේ අදාළ නර්තනය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නෑන්ඩස්ය. ජැක්ලින් ෆර්නෑන්ඩස් එහෙත් 'ඒක් දෝ තීන් (Ek Do Teen)' ගීතයේ නව වීඩියෝව බොහෝ දෙනකුගේ දෝෂ දර්ශනයට ලක්වෙමින් පවතී. මධුරි ඩික්සිත්ගේ අපූරු නර්තනයකින් හැඩ වූ 'ඒක් දෝ තීන්' ගීතය ප්‍රථමයෙන් එළිදැක්වූයේ 1988 වර්ෂයේදීය. එකළ එය ඉතා ජනප්‍රිය වූ අතර මධුරි ඩික්සිත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැංවීමට ඇයගේ රංගනය හේතු විය. මධුරි ඩික්සිත් ගීතයේ නව නිෂ්පාදනය මාර්තු 19 වෙනිදා යූ ටියුබ් හරහා ප්‍රචාරය වුණි. නමුත් මුල් ගීතය සහ නර්තනයට කැමැති රසිකයන් මෙම නව නිෂ්පාදනයට බොහෝ චෝදනා එල්ල කර ඇත. නව නිර්මාණයට අකමැත්ත පළ කිරීමට #ekdoteen නමින් 'හැෂ්ටැගයක්' ට්විටර් මාධ්‍ය ජාලය තුළ නිර්මාණය වී ඇත. මුල් ගීතයේ දැකිය හැකි "විශේෂත්වය" වෙනුවට නව වීඩියෝව තුළින් කාන්තාව 'භාණ්ඩයක්' බවට පත් කර ඇති බවට සමහර පුද්ගලයන් මත පළ කර තිබුණි. ඒක් දෝ තීන් යන හින්දි වචනවල තේරුම "එක, දෙක, තුන" වන අතර, මෙම ගීතයේ සඳහන් වන්නේ කාන්තාවක් ඇයගේ ආදරවන්තයා එන තුරු තත්පර ගනිමින් සිටින ආකාරයයි. මෙම ගීතය, එහි රිද්මය සහ නර්තනය ඉන්දියාවේ පමණක් නොවෙයි දකුණු ආසියානු කලාපය තුළ මහත් ජනප්‍රියත්වයට පත් විය. නව රූප රාමු තුළින් සිය කුඩා කාලයේ සුන්දර මතකයන් විකෘති කෙරෙන බව බොහෝ දෙනාගේ මතය වී ඇත. මධුරි ඩික්සිත් ගීත රූප රාමු දෙකෙහි ඉදිරිපත් කෙරෙන නර්තන, අතිශයින් ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන මධුරි ඩික්සිත් සහ නවක නිළියක වන ජැක්ලින් ෆර්නෑන්ඩස් අතර තරඟයක් ලෙස සමහරු අර්ථ දක්වා ඇත. 1988 එම ගීතය ඇතුළත්ව තිබූ චිත්රපටයෙහි අධ්‍යක්ෂකවරයා ද නව රූප රාමු පිළිබද තම නොසතුට පළ කර ඇති අතර, එයට එරෙහිව "ක්‍රියාත්මක" වන බවත් ඔහු දන්වා ඇත. මේ තොරතුරුද කියවන්න: සන්ජේ දත්; සල්ලි මල්ලක් ප්‍රතික්ෂේප කරයි පද්මාවතී එපා ; සිනමා විරෝධියෝ කල්කටා වනසති සාරිය අඳින්න බැරිකම ලජ්ජාවක්ද? දෙවියන් දිව්‍යාංගනාවන් කළුද? සුදුද? හොලිවුඩ් තරු සහ අප්‍රකට නිවුන්නු | 1980 දශකයේ අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් ගීතයක් නවක නළු නිළියන් යොදා ගනිමින් 'යූ ටියුබ්' හරහා නැවත එළි දක්වා ඇත. මෙම වීඩියෝව මිලියන දහඅටකට අධික පිරිසක් නරඹා ඇති බවට වාර්තා වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සම්මත කරනු ලැබ ඇති නව ක්ෂමා පනත නීතිගත කෙරුනොත් ඒ යටතේ පසුගිය අවුරුදු නවයක කාලය ඇතුළත දේශපාලන කාරනා මුල් කර ගනිමින් වරදකරුවන් කරනු ලැබ ඇති සියලු දෙනාට ම සමාවක් පිරිනැමිය හැකි වෙයි. අධිකරණය විසින් වරදකරුවකු හැටියට තීන්දු කරනු ලැබ ඇති, මේ වන විට රටින් පළා ගොස් සිටින හිටපු අගමැති තක්ෂින් සිනවත්ටත් මෙම නව නීතිය අනුව ආපසු රටට ඇතුල්වීමට අවස්ථාව උදා වනු ඇත. තක්ෂින් සිනවත් 2006 වසරේ දී සිදු කෙරුණ යුද හමුදා කුමන්ත්රණයකින් එවකට අගමැති පදවියේ සිටි තක්ෂින් සිනවත්ගේ පාලනය පෙරළා දමනු ලැබීමෙන් පසු, රට තුළ වසංගතයක් වී පවතින අර්බුදකාරී තත්වය නිමාවකට ගෙන ඒමට නව ක්ෂමා පනත හේතු වන බවයි, තායිලන්ත ආණ්ඩුව පවසන්නේ. එහෙත් එම පනත දෝෂ දර්ශනයට ලක් කරන්නන් පෙන්වා දෙන්නේ, මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ට දඬුවම් ලැබීමෙන් වැළකීමට නව පනත මගින් මග සැලසෙන බවයි. | තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය මගින් පසුගිය සිකුරාදා සම්මත කළ දේශපාලන ක්ෂමා පනතට එරෙහිව බැංකොක් අගනුවරට රැස් වූ දහස් සංඛ්‍යාත උද්ඝෝෂකයන් පිරිසක් විරෝධතා රැලි වලට සහභාගී වෙමින් සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පරිගණක පද්ධතියක් ආධාරයෙන් අප්‍රිකානු රටවල් පහක පදික වේදිකා සහිත පාරවල් සහ ගොඩනැගිලි හඳුනාගෙන ඒ අනුව අදාළ ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය පිලිබඳ තොරතුරු රැස්කර තිබේ. එසේ ලබා ගත් දත්ත සම්ප්‍රදායික සමීක්ෂණ ක්‍රමවේදයන් වලින් ලබාගත් දත්ත හා සසඳා බැලීමේ දී පෙනීගොස් ඇත්තේ 'දුප්පත් ප්‍රදේශ' හඳුනාගැනීමේ පැරණි ක්‍රමවේදයන් ගෙන් ලැබෙන ප්‍රතිපල වලට සමාන හෝ වැඩි ප්‍රතිපල මේ නව ක්‍රමයෙන් ලැබෙන බවයි. මෙම නව ක්‍රමය නිසා සම්ප්‍රදායික ක්‍රම මගින් සමීක්ෂණ පැවැත්වීම ට වැයවන විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ. ලෝකයේ දුප්පත්කම තුරන් කිරීම සඳහා ආධාර ලබා දෙන ආයතන සහ සංවිධාන වලට තමන් ඉලක්ක කළ යුතු රටවල් සහ ප්‍රදේශ පිළිබඳව තීරණ ගැනීමේ දී මේ නව සොයා ගැනීම විශාල පිටුවහලක් වනු ඇති බවයි ගවේෂකයින්ගේ අදහස වී ඇත්තේ. | චන්ද්‍රිකා ඡයාරූප ආධාරයෙන් ලෝකයේ දුප්පත්කම පැතිරී ඇති අකාරය පිලිබඳ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුනා ගත් බව ඇමරිකානු ගවේෂක කණ්ඩායමක් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව පෙරලීම විපක්ෂයේ කාර්යභාය බව එජාපය අවධාරණය කරයි තමන් සහභාගි වූ වැඩමුළුවක් සම්බන්ධයෙන් එම පදනමේ සාගරිකා දෙල්ගොඩ පසුගියදා රහස් පොලීසියට කැඳවා පැය දහයක පමණ කාලයක් ප්‍රශ්න කොට තිබෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක බීබීසී සංදේශයට පැවසීය. පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීමෙන් අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කොට තිබෙන බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ. "මීට පෙර ජී එල් පීරිස්, මහින්ද සමරසිංහ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා කොන්ෆරන්ස් එකකට. ඒ වගේ නිරන්තරයෙන් ගොඩක් කට්ටිය ගෙන්නුවා," බවද මන්ත්‍රීවරයා පවසයි. 'විමර්ශනයක් පැවැත්වෙනවා' ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එම වැඩමුළුවට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනීමට සැරසෙන බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට පෙර ආණ්ඩුවට චෝදනා කොට තිබුණු නමුත් එවැනි සූදානමක් නැති බවයි, ආණ්ඩුව පවසන්නේ. ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනාව "ආණ්ඩුවේ දවල් හීනයක්," ලෙසින් විග්‍රකරන රවි කරුණානායක මන්ත්‍රීවරයා, මෙය ෆ්රෙඩ්රික් නිවුමන් පදනම වැනි සංවිධාන විපක්ෂයට ආධාර කිරීමේ උත්සාහයක් බව ද පවසයි. මේ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල බීබීසී සංදේශයට කියා සිටියේ, දැනට පැවැත්වෙමින් තිබෙන විමර්ශනයක් පිළිබඳව අදහස් දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බවයි. අදාළ වැඩමුළුව සම්බන්ධයෙන් සාගරිකා දෙල්ගොඩගෙන් ප්‍රශ්න කළේද යන්න සම්බන්ධයෙන් කිසිවක් පැවසීමද ඔහු ප්‍රතික්ෂේප කළේය. | ජනපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවා ෆ්රෙඩ්රික් නිවුමන් පදනමේ රැස්වීම්වලට සහභාගි වීමට නියමිතව තිබියදී විපක්ෂ මන්ත්‍රීවරුන් පසුපස ලුහුබඳිමින් සිටින බවට එක්සත් ජාතික පක්ෂය (එජාප) ආණ්ඩුවට චෝදනා කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ගීතා කුමාරසිංහ පවසයි ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේ ද පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින් ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක බව අභියාචනාධිකරණය ඊයේ (මැයි 03) තීන්දු කළේය. ඇය වෙත රජයෙන් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කොට ඇති බව කියා සිටින කැෆේ සංවිධානය ඒ සඳහා රජයට අය විය යුතු බදු මුදල් සහ අධි භාරය අයකර ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. මූල්‍ය වරප්‍රසාද මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් මෙතෙක් රජය විසින් වැය කරන ලද මුදල් ඇයගෙන් අයකර ගැනීමට කටයුතු කරන මෙන් අධිකරණය ඊයේ නීත්පතිවරයාට නියෝග කළේය. ඒ අනුව මන්ත්‍රීවරියගෙන් අයකරගනු ලබන්නේ ඇයට ගෙවූ දීමනා පමණක්ද, නොඑසේනම් තීරු බදු රහිත වාහන දීමනා ඇතුළු මෙතෙක් ඇයට හිමි වූ සියලු මූල්‍ය වරප්‍රසාද ඊට ඇතුලත් වන්නේ ද යන්න පැහැදිලි නොමැත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය. කෙසේ නමුත් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ගීතා කුමාරසිංහ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය. | ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කර ඇති බැවින් ඇය වෙත තීරුබදු සහනය යටතේ නිකුත් කරන ලද වාහනය සඳහා අදාළ බදු මුදල් වහා අය කර ගැනීමට කටයුතු කරන මෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) ඉල්ලා සිටී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැමට පොදු වන අතර, එම අයිතිය ශ්‍රී ලංකාවේ නීතිය මඟින්ද සුරක්ෂිත කර ඇති," බව, කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි "අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැමට පොදු වන අතර, එම අයිතිය ශ්‍රී ලංකාවේ නීතිය මඟින්ද සුරක්ෂිත කර ඇති," බවයි, කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලබා ඇති නිවේදනයක සඳහන් වෙන්නේ. එක්සත් ජනපදය එසේ අවධානය පළ කරන්නේ තම සංවිධානයේ ජ්‍යෙෂ්ට සාමාජිකයකුට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කොට තිබෙන බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධ දෝෂාභියෝග ක්‍රියාවලියට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රසිද්ධියේ අදහස් පළ කළ අතර, නව අගවිනිසුරු මොහාන් පීරිස්ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් එහි විධායක අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු අධිකරණයේ ඉදිරියේ නඩුවක් ද පවරා තිබේ. මේ අතර දෝෂාභියෝගයට විරුද්ධව හඬ නැඟූ රොමේෂ් ද සිල්වා, ජයම්පති වික්‍රමරත්න, ජේ සී වැලිඅමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් නීතිවේදීන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි එවා තිබේ. ශ්‍රී ලංකාවේ නීතිය රකින්නන්, සිවිල් සංවිධාන සහ රටේ සිදුවීම් පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් පළ කළ අනෙක් සියලු දෙනාගේ භාෂණයේ නිදහස සහතික කරන මෙන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ ක්රියාධරයන්ට එරෙහිව එල්ලවෙමින් තිබෙන තර්ජන හා පහරදීම් තමන්ගේ කණස්සල්ලට හේතු වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තමන් ගෙන යන අරගලයට සහය දෙන්නැයි ඔවුහු හමුදාවෙන් ඉල්ලා සිටියහ යින්ග්ලක් ෂිනවත්‍රා ගේ රජයට එරෙහිව තමන් ගෙනයන අරගලයට සහය වන්නැයි යුධ හමුදාවෙන් ඉල්ලා සිටි ඔවුන් පසුව කළබල කිරීමකින් තොරව ඉවත්ව ගියහ. අගමැතිනි යින්ග්ලක් ට එරෙහිව නැගී ඇති චෝදනාව වන්නේ ඇය ඇගේ සොහොයුරු, බලයෙන් පහකෙරුණු හිටපු අගමැති, තක්ෂින් ෂිනවත්‍රා ගේ බලපෑම් වලට යටත්වී කටයුතු කිරීමයි. පසුගිය බ්‍රහස්පතින්දා ඇයට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග චන්ද විමසීමෙන් පහසුවෙන් බේරී යාමට සමත්වූ අගමැතිනි යින්ග්ලක් ඉක්මන් මැතිවරණයක් පිලිබඳ කිසිදු සැලසුමක් නැති බව පැවසුවාය. උද්ඝෝෂණ පැවති සතියක කාලය තුළ රජය සතු ගොඩනැගිළි අත් පත් කරගෙන සිටීම පිළිබඳව උද්ඝෝෂකයන් වෙත හමුදාවෙන් සුළු විරෝධයක් එල්ලවීය . | තායිලන්ත යුධ හමුදා මුලස්ථානයට අනවසරයෙන් ඇතුල්වූ සිය ගණනක් වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ රැළියක් පැවැත්වුහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පසුගිය ජනවාරි 11 වෙනිදා ජලාශයට ජලය පිරවීම ආරම්භ කළ අතර මේ වනවිට එහි සම්පූර්ණ වපසරියෙන් සියයට එකොළහක ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සහ මහවැලි නිලධාරීන් පිරිසක් ද මෙහෙයුමට එක් වී සිටියහ. එළෙස මුදාගනු ලැබූ සතුන් ආරක්ෂිත ප්‍රදේශ වෙත මුදා හැරීමට ඔවුහු කටයුතු කළහ. මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ධාරිතාව ඝන ලීටර් මිලියන 570 කි. | මොරගහකන්ද ජලාශය පිරවීමේදී ජලයෙන් යට වූ කලාපයේ සතුන් බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සහ තරුණ පරිසරවේදීහු එක්ව මෙහෙයුමක් දියත් කළහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තායිලන්තයේ භාරකාර රජය ඉල්ලා අස්විය යුතු බවයි උද්ඝෝෂකයන් ඉල්ලා සිටින්නේ. බැංකොක්හි 'ප්රජාතන්ත්ර' ස්මාරකය අසල පනවා තිබූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ගේ කූඩාරමක් දෙසින් බ්‍රහස්පතින්දා අලුයම පිපිරීම් සහ වෙඩි හඬ ඇසුණු බවයි සිද්ධිය දුටුවන් පැවසුවේ. බැංකොක් නුවරට පිටතින් සිදුවූ තවත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් හේතුවෙන් වැඩබලන අගමැති නීවත්තම්රොන්ග් බූන්සොන්ග්පින්ග්සාන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර හමුවකටද බාධා පැමිණ තිබේ. සාකච්ඡාව පැවැත්වෙමින් තිබු ගුවන් හමුදා කඳවුරකටයි විරෝධතා කරුවන් කඩා වැදී තිබෙන්නේ. දේශපාලන ක්‍රමය උද්ඝෝෂකයන්ගේ අපේක්ෂාව මැතිවරණය පැවැත්වීමට පෙර දේශපාලන ක්රමයේ වෙනස් වීමක් ඇති කිරීමයි. රජය ජුලි මස අලුත් මහ මැතිවරණයක් සංවිධානය කිරීමට උත්සාහ කරමින් සිටියි. බලය අයුතු අන්දමින් පාවිච්චි කිරීම හේතුවෙන් අගමැතිනි යින්ග්ලක් ශිනවත්‍රාට ඉල්ලා අස්වන මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය පසුගිය සතියේ නියෝග කළේය. | තායිලන්තයේ බැංකොක් අගනුවර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකට වෙඩි තැබීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් විසි දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "නමුත් රට සම්පූර්ණයෙන් හසුරවන බලය අගමැතිට ලැබිලා නැති බවයි මගේ අදහස. තවමත් ජනාධිපතිවරයෙකුට දැඩි බලතල තිබෙනවා," ශ්‍රී ලංකා රජය තුළ වැඩි බලතල හිමිවන්නේ ජනපතිට ද අගමැතිට ද යන්නට එසේ සිය අදහස එක් කළේ ව්‍යාපාරික කාන්තාවක වන ප්‍රියන්ති පෙරේරා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම වසරේ ඔක්තෝබර් 8 සහ දෙසැම්බර් 8 අතර දිනක මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය සඳහා කිහිපදෙනෙකු කරළියට පැමිණ ඇති නමුත්, ප්‍රධාන පක්ෂවලින් අපේක්ෂකත්වයට ඉදිරිපත්වන්නේ කවුදැයි නිල වශයෙන් දන්වා නොමැත. කෙසේනමුත්, 2015 දී සිදු වූ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරයා නාමමාත්රික ජනාධිපතිවරයකු වේද නැතිනම් තවදුරටත් විධායක බලතල ඇති ජනාධිපතිවරයකු වේද යන්න පිළිබඳ සමාජය තුළ සංවාදයක් ගොඩනැගී තිබේ. අනාගත ආණ්ඩුවේ බලය හිමිවන්නේ ජනපතිට ද අගමැතිට ද යන්න පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසුමක දී බොහෝ දෙනෙකු විවිධ අදහස් පළ කළ අතර, සමාජ මාධ්‍ය ජාල, මාධ්‍ය සාකච්ඡාවල එකිනෙකට වෙනස් ප්‍රකාශ බොහොමයක් පළ වී තිබෙණු දක්නට ලැබිණි. "මම ගණකාධිකාරිණියක්. මට ව්‍යවස්ථාව අධීක්ෂණය කරළා පිළිතුරක් දෙන්න අවශ්‍ය දැනුම නැහැ. හැබැයි, ශ්‍රී ලංකාවේ ජීවත් වන සාමාන්‍ය පුද්ගලයෙකු හැටියට මට දැනෙන්නේ මෑතක දී සිදු වුණ සංශෝධන නිසා අගමැතිවරයාට අසීමිත බලතල ලැබිලා නැහැ කියන එකයි," රුවන්දි බණ්ඩාර පැවසුවාය. "කොහොම වුණත් මේ ගැන නිවැරදි දැනුමක් අපිට නැහැ. තර්ක විතර්ක ගොඩක් විතරයි අපිට පෙනෙන්නේ," ඇය තවදුරටත් සඳහන් කළාය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දී බිහිවිණි. කෙසේනමුත්, වසර කිහිපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය. මේ වන විට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19ක් හඳුන්වා දී තිබේ. 19 වෙනි සංශෝධනයට පෙර තත්ත්වය ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ බලය හිමි විය. කැබිනට් මණ්ඩලයට ඇතුළත් වන ඇමතිවරුන් සංඛ්‍යාව මෙන්ම කැමති අමාත්‍යධූර සංඛ්‍යාවක් තමන් යටතේ තබා ගැනීමට ද හැකි විය. අගමැති මෙන්ම අමාත්‍යවරුන් ද එම තනතුරුවලින් ඉවත් කිරීමේ බලය සහ පාර්ලිමේන්තුව පත් වී වසරක් සම්පූර්ණ කළ පසුව සිය අභිමතය පරිදි විසුරුවා හැරීමේ බලය ද තිබිණි. මෙයට අමතරව, විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ සන්නද්ධ හමුදාවලට අණ දෙන ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා අතිශය පුළුල් බලතල සහ වරප්‍රසාද රැසක් අත් විඳිනු ලැබීය. 1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ "ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" යනුවෙන් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ "ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" නමුත්, දැනට වසර කීපයකට පෙර සිට ප්රජාතන්ත්රවාදය මුල් කරගත් දේශපාලන ක්‍රමයක් පිළිබඳ කතිකාවක් ගොඩ නැඟෙමින් පවතින අතර, පුළුල් බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය සීමා කිරීම හෝ අහෝසි කිරීමට දේශපාලනික වශයෙන් මෙන්ම සිවිල් සමාජය වෙතින් ද දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වරක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, විධායක බලතල "පිස්සෙකුට, උන්මන්තකයෙකුට ගියහොත් විය හැකි විනාශය පිළිබඳ අත්දැකීම් ජනතාව අත්විඳි" බවය. මේ හේතුවෙන් මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත් ඒ සඳහා සියලු පාර්ශව සහයෝගය දැක්විය යුතු බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ සියල්ල වෙනස් නොවුණත්, විධායක බලතල යම් දුරකට සීමා වී අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයට යම් බලතල හිමි විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම මාධ්‍ය කිහිපයකට පවසා තිබුණේ, මෙය 1972 ව්‍යවස්ථාව යටතේ පදවිය දැරූ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාගේ තත්ත්වයට සමාන බවය. 19 වෙනි සංශෝධනයෙන් සිදු වූයේ කුමක්ද? 2015 මැයි මස සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතු වූ අතරම, මෙයින් විධායක බලය සීමා කිරීමක් හෝ කපා හැරීමක් සිදුවී නැති බව ඇතැම් නීති විශාරදයන් සහ දේශපාලනඥයන්ගේ මතයය. එමෙන්ම, සංශෝධනය තුළ අපැහැදිලි තැන් ද බොහෝමයක් දක්නට ලැබෙන බවට ද මත පළ වී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබිණි. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වී, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය. කෙසේවෙතත්, ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය. මීට අමතරව, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ,පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය. ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වූ ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව, නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත. එමෙන්ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී පෙර පැවති ජනාධිපති බලතල සීමා කරනු ලැබ තිබේ. බලවත් කව්ද? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ජනපති අගමැති බලතල පිළිබඳ විවිධ තර්ක තවදුරටත් ඉදිරිපත් වෙමින් තිබේ. එහි උප වගන්ති විවිධාකාරයෙන් අර්ථකථනය කිරීමෙන් දැඩි අපැහැදිලිතාවක් මතුව තිබෙන බව විශේෂඥ මත මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අදහස් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යයි. පුද්ගලයන් ඉලක්ක කර ගෙන එසේ ව්‍යවස්ථා සංශෝධන සිදු කළ නොහැකියි - ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න "බලය වැඩි කාටද කියන එක තරාදියක දාලා මැනලා බලන්න බැහැ. ඒක එහෙම කරන එක වැරදියි. ව්‍යවස්ථාදායකය සහ විධායකය කියන්නේ ස්වාධීන ආයතන දෙකක්. ඒ ආයතන දෙක අතර බලය තුලනය කිරීමට තමයි මේ 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කළේ," ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂඥ මාණ්ඩලික සාමාජිකාවක වන නීතීඥ චමින්ද්‍රි සපරමාදු බීබීසී සිංහල සේවයට පැවසුවාය. "නමුත් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිසංස්කරණ සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරයේ යම් ගැටලු පැන නැගිලා තිබෙනවා. මෙය වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉලක්ක කර කළ සංශෝධනයක් ලෙස ද දකින්න පුළුවන්." කෙසේනමුත්, පුද්ගලයන් ඉලක්ක කර ගෙන එසේ ව්‍යවස්ථා සංශෝධන සිදු කළ නොහැකි බව 19 ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළ කණ්ඩායමේ සාමාජිකයකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. "රනිල් අගමැති, මෛත්‍රී ජනාධිපති කියලා ව්‍යවස්ථා හදන්න බැහැ, හෙට පාර්ලිමේන්තුවේ අගමැතිට විශ්වාසභංගයක් ගෙනාවොත් ඔහුට අගමැතිකම නැති වෙනවා. අනික මීළඟ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් පත් වුනොත් රනිල් වික්‍රමසිංහ විපක්ෂයේනේ," ඔහු පැවසුවේය. 42, 43 සහ 44 වගන්තිවල සඳහන් වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවල දී ඔහුගෙන් අදහස් විමසා අමාත්‍ය ධූර සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂය පිළිබඳ තීරණය කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂඥ මාණ්ඩලික සාමාජිකාවක් වන නීතීඥ චමින්ද්‍රි සපරමාදු 42 (4) වෙනි වගන්තිය: ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය. 43 (2): අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හී අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරුන්ට පවරන විෂය සහ කාර්යය ද නිශ්චය කරනු ලැබිය යුත්තේය. 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය. කෙසේනමුත්, 19 වෙනි සංශෝධනයේ අවසාන වගන්තිය (51 වෙනි වගන්තිය) අනුව විෂයන් තුනක අමාත්‍යාංශ ජනාධිපති යටතේ තබා ගත හැකිය. අග්‍රාමාත්‍යවරයාට යම් බලතල පැවරී ඇති නමුත්, මෙම උප වගන්තිවල අන්තර්ගතය අර්ථකථනය කිරීමේ දී එකිනෙකට පරස්පර මත බොහොමයක් ඉදිරිපත් වී තිබේ. "19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මතුපිටින් පෙනෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා කියලා. නමුත් 19 වැනි සංශෝධනය කියවා බැලූ විට තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් අර්ථයක්," යැයි ආචාර්ය දයාන් ජයතිලක සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ සටහනක සඳහන් වන්නේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, "මෙතන තියෙන්නේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නෙවේ, දේශපාලනික පෞරුෂත්වය පිළිබඳ ප්‍රශ්නයක්. 19 වෙනි සංශෝධනයෙන් ඔය කියන තරම් බලය අවම වීමක් සිදුවුණේ නැහැ. තමන්ගේ බලය පාවිච්චි නොකිරීමයි මෙතන තියෙන ගැටලුව. සමහර ජනාධිපතිවරු තමන්ගේ බලය ඉක්මවා භාවිත කළා. තවත් අය බලතල තියාගෙන ඒවා නෑ වගේ හිටියා," යනුවෙනි. කෙසේවෙතත්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසුවේ, "මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වුණේ ජනාධිපතිගේ අත්තනෝමතික බලතල ඉවත් කිරීමයි. අපි කියන්නේ අගමැතිටත්, පාර්ලිමේන්තුවටත් අත්තනෝමතික බලතල නොදිය යුතුයි" යනුවෙනි. ජනතා පරමාධිපත්‍ය "මීට පෙර විධායක ජනාධිපති වන පුද්ගලයා පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහු හෝ ඇයගේ ක්‍රියාවන් අධිකරණයේ ප්‍රශ්න කරන්න බැරි තත්ත්වයක් තිබුණේ. අදාළ කෙනාට සම්පූර්ණ මුක්තියක් තිබුණා. නමුත් 19 වෙනි සංශෝධනයෙන් මේ දේවල් ඉවත් කළා" යැයි නීතීඥ චමින්ද්‍රි සපරමාදු පැවසුවාය. "විධායක ජනාධිපති කෙනෙක් තමයි තාමත් ඉන්නේ, හැබැයි බලතල යම් ප්‍රමාණයකට සීමා කිරීමක් තමයි සිදුවුණේ." කෙසේනමුත්, මෙම සංශෝධනය හේතුවෙන් දේශපාලනික වශයෙන් මෙන්ම ජනතා පරමාධිපත්‍ය සම්බන්ධයෙන් ගැටලු පැනනඟින බව නීතීඥවරිය තවදුරටත් විස්තර කළාය. "ඒ වෙලාවේ ජනමත විචාරණයකට ගියානම්, බලාපොරොත්තු වෙච්ච පාර්ලිමේන්තු ක්‍රමයට යන්න තිබුණා" "ජනාධිපති කෙනෙක් කෙළින්ම පත්වන්නේ මහජන ඡන්දයෙන්. ඒ කියන්නේ මුළු රටම එක ඡන්ද කොට්ඨාශයක් බවට ජනාධිපතිවරණයේ දී පත් වෙනවා. ජනතා පරමාධිපත්‍යත් සමග, එහෙම පත්වෙන ජනාධිපති කෙනෙක් බලවත් කියන හැඟීමක් එනවා." 19 වෙනි සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි ජනාධිපති බලතල වැඩි වශයෙන් සීමා කර තිබුණත්, එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පසු යෝජනා සියල්ල ඇතුළත් කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව තීන්දු කෙරිණි. "ඒ වෙලාවේ ජනමත විචාරණයකට ගියානම්, බලාපොරොත්තු වෙච්ච පාර්ලිමේන්තු ක්‍රමයට යන්න තිබුණා. ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ 2/3ක කැමැත්ත අනුව සිදු කරන්න පුළුවන් සංශෝධන කිහිපය පමණක් 19 වෙනි සංශෝධනයට ඇතුළත් වුණා," නීතීඥවරිය තවදුරටත් පැවසුවාය. 19 වෙනි සංශෝධනය ගැන අදහස් විමසූ විට ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසුවේ ද ජනාධිපති බලතල යම් සීමා වීමක් පමණක් සිදුව ඇති බවය. මේ තොරතුරුද කියවන්න: ජනාධිපතිවරයාගේ මතය ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40 ක් සපිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජූනි මස පැවති සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සිය අදහස් පළ කළේය. "19 වන සංශෝධනයක් ඇති නොවුණා නම් මේ අවුරුදු හතර හමාර මීට වඩා විශිෂ්ට ජයග්‍රාහී සිව් වසරක්.." "19 වන සංශෝධනය මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතුව ගියා. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක්‍රමයක් හැදුණා. ඒකෙන් රටටත් විශාල අලාභයක් සිදුවුණා. "ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. මේ රට යහපත් රටක් විදියට ගොඩගන්න නම් විශේෂයෙන් ම බොහෝ දේශපාලන විචාරකයින් කතා කරන මාධ්‍යවල කතා කරන මීට වඩා වෙනස්ව හිතන්නට ඕන. 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ සංශෝධන දෙක ම අවලංගු කෙරුවොත් තමා මේ රටට යහපතක් වෙන්නේ." "18 ඒකාධිපති 19 අස්ථාවරත්වය. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ 19 වන සංශෝධනයෙන් ඇති වෙච්ච තත්ත්වය. 19 වන සංශෝධනයක් ඇති නොවුණා නම් මේ අවුරුදු හතර හමාර මීට වඩා විශිෂ්ට ජයග්‍රාහී සිව් වසරක්," ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය." නමුත් ජනාධිපතිවරයාගේ මෙම අදහස් ජනාධිපතිවරණයට පෙර සහ තේරී පත් වූ මුල් කාලය ඇතුළත පළ කළ අදහස්වලට පටහැණි බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ මත ඉදිරිපත් කර තිබිණි. "සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ" රෝහල් සේවිකාවක වන වසන්තා ජයතිලක පැවසුවේ, "මට මේ ගැන කිසි දෙයක් හරියට තේරෙන්නේ නැහැ. මේ දේවල් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න නෙමෙයි සිද්ධ වෙන්නේ," යනුවෙනි. "අපිට තේරෙන විදියට ජනාධිපති තමයි තවමත් රටේ නායකයා. අගමැති කෙනෙකුගේ කාර්යය හරියටම කියන්න මම දන්නේ නැහැ. නමුත් රටේ වැදගත් තීරණ ගන්න වගේම රට දියුණු කරන්න ඒ දෙන්නාගේ එකමුතුව ඕනේ කියන එකනම් පැහැදිලියි." "මේ වගේ සම්පත් තියෙන රටකට මෙහෙම වෙන එක මහ අපරාධයක්" "හැබැයි දැන් තියෙන තත්වය අනුව, ජනාධිපති වෙනමයි, අගමැති වෙනමයි තමන්ගේ දේශපාලන ගේම් එක ගෙනියනවා මිසක් රට ඉදිරියට යෑමක් නැහැ. මේක පඹ ගාලක් වෙලා. මේ වගේ සම්පත් තියෙන රටකට මෙහෙම වෙන එක මහ අපරාධයක්." "අන්තිමට කියන්න තියෙන්නේ එක දෙයයි, එන ජනාධිපතිවරණයේදීත් වැරදුනොත්, අපිට ආයේ රටක් විදියට ගොඩ ඒමක් නැහැ," ඇය තවදුරටත් පැවසුවාය. තවත් තොරතුරු: | "මට ව්‍යවස්ථාව ගැන ගැඹුරු දැනුමක් නැහැ. නමුත් 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති බලතල සීමා වුණා කියලා දන්නවා ඒ ගැන පළ වුණ වාර්තාවලින් ලබා ගත් දැනුමෙන්." |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ස්නායුඅන්තරාසර්ග පද්ධති ආශ්‍රිතව හටගැනෙන එම දුර්ලභ රෝගය හේතුවෙන් රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නිකුත් කෙරෙන සෛලවලට බලපෑම් කරයි. සිය තත්ත්වය සම්බන්ධයෙන් ඛාන් වැඩිදුර තොරතුරු හෙළිකර නැත. මාර්තු 6 වෙනිදා ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඔහු තමන් "දුර්ලභ රෝගයකින්" පෙලෙන බව කියා සිටිය ද එය කුමක්දැයි සඳහන් කර නොතිබිණි. 51 වෙනි වියේ පසුවන ඉර්ෆාන් ඛාන් පිකු, මක්බූල්, හාසිල් සහ පාන් සිං තෝමර් යනාදිය ද ඇතුළත් සාර්ථක බොලිවුඩ් චිත්‍රපට 100ට වැඩි ප්‍රමාණයකට සිය රංගනය එක් කර ඇත. ඔහු රඟපෑ ඉංග්‍රීසි බසින් නිමවුණු චිත්‍රපට අතර 'ලයිෆ් ඔෆ් පයි', 'ජුරාසික් වර්ල්ඩ්', 'ස්ලම්ඩෝග් මිලියනයර්' සහ 'දි අමේසිං ස්පයිඩර් මෑන්' ද වේ. සිකුරාදා (මාර්තු 16) ට්විටර් හරහා සිය රෝගය පිළිබඳ කතා කළේය. මාර්තු 10 වෙනිදා ෆේස්බුක් ඔස්සේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ඉර්ෆාන් ඛාන් ගේ බිරිඳ සුතපා සික්දර් පැවසුවේ "මගේ හොඳම මිතුරා සහ මගේ හවුල්කරුවා 'රණකාමියෙක්' ඔහු තමන් ඉදිරියට එන සෑම බාධකයක් සමග සටන් කරන්නේ අතිශය අලංකාර ශෛලියකින්" යනුවෙනි. මේ තොරතුරු ද දැනගන්න: ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා ඇති ඉන්දීය සිනමා රංගන ශිල්පියෙකු වන ඉර්ෆාන් ඛාන් බොලිවුඩ් මෙන්ම ස්වාධීන් ඉන්දීය චිත්‍රපටවල පුළුල් පරාසයක විහිදුනු ආකර්ශනීය චරිතවලට පණ දී තිබේ. මං පහරන්නෙකු බවට පත්වූ ඉහළ ගණයේ මලල ක්‍රීඩකයෙකුගේ චරිතය ආශ්රයෙන් නිමවුණු පාන් සිං තෝමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය වෙනුවෙන් 2013 වසරේදී ඔහු ඉන්දියාවේ ජාතික සිනමා සම්මානය දිනා ගත්තේය. 'ද ලන්ච් බොක්ස්' චිත්‍රපටයේ සිය සගයෙකුට එවන දිවා ආහාරවේල වැරදීමකින් ලබන තනිකඩ ගණකාධිකාරීවරයකුගේ චරිතයට පණදුන් ඉර්ෆාන් ඛාන් 2013 කාන් සිනමා උළෙලේ නරඹන්නන්ගේ තේරීම සම්මානයෙන් පිදුම් ලැබීය. එය එම වසරේදී ලන්ඩන් චිත්‍රපට උළෙලේ තරගය සඳහා තේරුණු එකම ඉන්දීය සිනමාපටය විණි. | ප්‍රකට බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්, තමන් දුර්ලභ රෝගයකින් පෙලෙන බව ට්විටර් පණිවිඩයකින් හෙළි කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | හෙලේනා කෙනඩි සාමි වරිය පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ට පෙරාතුව පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා ලබා දී තිබූ වීසා බලපත් ශ්‍රී ලංකාවේ රජය විසින් නිල වශයෙන් අහෝසි කොට ඇති බවයි ලන්ඩනය මූලස්ථාන කොට ගත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ මානව හිමිකම් ආයතනය (IBAHRI) පවසා ඇත්තේ. ‘කලකිරවන සුළුයි' ශ්‍රී ලංකාවේ රජය දෙවැනි වතාවටත් IBAHRI නියෝජිතයන් රටට ඇතුළු වීම වලක්වා ලීම පිලිබඳ කනගාටුව පළ කරන සම සභාපතිනි හෙලේනා කෙනඩි සාමි වරිය, පොදු රාජ්‍ය මණ්ඩලයේ අනාගත සභාපතිත්වය දැරීමට නියමිත රාජ්‍යය මෙවැනි පියවරක් ගැනීම ‘කලකිරවන සුළු’ බව කියා සිටී. තවත් සම සභාපති වරයකු වන ස්ටර්න්ෆර්ඩ් මෝයෝ මෙම අවහිර කිරීම හැඳින්වුයේ රට තුළ ‘භාෂණයේ නිදහස හා නිදහස් සංවාදය වළක්වා ලීමට ශ්‍රී ලංකාවේ රජය සතු අධිෂ්ඨානය ලෝකයට විදහා දැක්වීමක්’ ලෙසින්. ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා එක් ව නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට සංවිධානය කොට තිබුණ නීතියේ ආධිපත්‍යය හා නීති වෘත්තියේ ස්වාධීනත්වය පිලිබඳ සමුළුවට සහභාගී වීම සඳහා නීතිඥයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙසිය දෙනකු ලියා පදිංචි වී සිටි බවයි IBAHRI නිවේදනයේ දැක්වෙන්නේ. තහංචි සමයක් විනිශ්චය කරුවන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ද සමුලුවට සහභාගී වීමෙන් වළක්වා ඇති බව සංවිධානය පවසයි. රටට ඇතුළු වීමේ අවසරය අත් හිටුවීම සම්බන්ධයෙන් නොවැම්බර් හය වැනිදා ලිපියක් ලියන බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් නෙවිල් සිල්වා පවසා ඇත්තේ, පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වෙන හෙයින් ඔක්තෝබර් විසි වැනිදා සිට වැනිදා දක්වා ‘තහංචි සමයක්’ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇති බවයි. එවන් ලිපියක් යවන ලද බව බීබීසී සංදේශයට තහවුරු කළ මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙක් කියා සිටියේ, සමුළු සමය තුළ දී වෙනත් කටයුතු සඳහා පිට රටින් පැමිණෙන අමුත්තන්ගේ කාර්ය සම්පාදනයට විදේශ අමාත්‍යංශයට හැකියාවක් නැති බවයි. | එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ගෙන් ද සමන්විත වූ ඉහළ පෙළේ නීතිවේදීන් සමුහයකට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට බාධා පමුණුවා ඇතැයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානයක් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | වෙඩි වැදී මියගිය පුද්ගලයන් පිහි ඇනුම් හේතුවෙන් මිය ගිය බව මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් වන බව පවසන මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම් එම්ටී හසන් අලි, පොලිස් පරීක්ෂණ පිළිබඳව තමන්ට විශ්වාසයක් නැති බවද බීබීසී යට කියා සිටියේය. බලපිටියේ රෝහලට ඇතුළත් කළ සියලු දෙනා වෙඩි ප්රහාරයන්ට ලක්ව සිටි බව තමා රෝහලේ කළ සංචාරයකදී දැන ගන්නට ලැබුන බවද ඔහු සඳහන් කළේය. ගැටුම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් තුනට අයත් සාමාජිකයන් එම ජනාධිපති කොමිසමට ඇතුළත් කළ යුතු බව ද මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා පවසයි. | අලුත්ගම සහ බේරුවල හට ගත් ගැටුම්වලින් මරුමුවට පත්වූවන් ගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳ බරපතළ සැක පවතින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "අපි ඒ සටන දිනාවි නමුත් අලුත්ම විධායක නියෝගයකට අත්සන් තැබීම ඇතුළුව අපිට විකල්ප ගණනාවක් තිබෙනවා." ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මුස්ලිම් භක්තිකයන් වැඩි වශයෙන් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගනු ලැබූ මූලික උත්සාහය අධිකරණය විසින් අවහිර කරනු ලැබීමෙන් අනතුරුවය. 'Air Force One' ජනාධිපති නිල ගුවන් යානය තුළ සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ ලබන සඳුදා හෝ අඟහරුවාදා වනවිට අදාළ විධායක නියෝගය ප්‍රකාශයට පත්වනු ඇති බවය. ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ පළමු විධායක නියෝගය ඇමෙරිකානු අධිකරණය විසින් පසුගියදා තාවකාලිකව අත්හිටුවනු ලැබීය. රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වළකාලමින් පැනවූ ජනාධිපති විධායක නියෝගයට විරෝධය පළකොට දහස් ගණන් ඇමරිකානුවෝ උද්ඝෝෂණ කළහ ජනාධිපති විධායක නියෝගය යළි ස්ථාපිත කරන ලෙස ට්‍රම්ප් පාලනය අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය. අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. "මේ සටන අපි දිනයි" යනුවෙන් මාධ්‍යවේදීන්ට කියාසිටි ජනාධිපතිවරයා "අවාසනාවකට ඒ සඳහා කාලයක් ගත වෙනවා. අපි ඒ සටන දිනාවි නමුත් අලුත්ම විධායක නියෝගයකට අත්සන් තැබීම ඇතුළුව අපිට විකල්ප ගණනාවක් තිබෙනවා." යනුවෙන් සඳහන් කළේය. | සංක්‍රමණිකයන් පාලනය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නව විධායක නියෝගයකට අත්සන් තැබීම පිළිබඳ තම අවධානය යොමු වී ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ලෝන්ග් මාර්ච් 5බී රොකට්ටුව අප්‍රේල් 29 වන දින චීනයේ වෙන්චැං සිට දියත් කරන ලදී 1990 පසු ටොන් දහයකට වඩා බර කිසිවක් හිතාමතාම කක්ෂයේ ඉතිරි කර පාලනයකින් තොරව නැවත පෘථිවියට වැටීමට ඉඩ හැර නොමැත. නමුත් ටොන් 21ක් බරැති 'ලෝන්ග් මාර්ච් 5බී' ඉදිරි දින කීපය තුළ, මෙතෙක් එලෙස ගොඩබැසීමට හරින විශාලතම රොකට්ටුව බවට පත්වනු ඇත. මීටර් 5ක් (අඩි 16ක්) පළල සහ දිග මීටර් 30කින් (අඩි 98ක්) යුතු එම රොකට්ටුව, චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටසක් (මොඩියුලයක්) අප්‍රේල් මස අවසානයේදී කක්ෂයට ගෙන යාම සඳහා භාවිත කර තිබේ. එය දැන් පෘථිවිය දෙසට කක්ෂගතව පැයට කිලෝමීටර 27,600 ක වේගයෙන් ඇදී යයි. බීබීසී විද්‍යා වාර්තාකරු ජොනතන් ඒමොස් පවසන්නේ එය ඇදී යන කලාපය සමකයට අංශක 41ක් උතුරට හා දකුණට විහිදෙන බවය. උතුරින් නිව්යෝර්ක්, ඉස්තාන්බුල් සහ බෙයිජිං ද, දකුණින් වෙලිංටන් සහ චිලී දක්වා එම කලාපය විහිදේ. "ඔබ මෙම කලාපයට උතුරින් හෝ දකුණින් ජීවත් වන්නේ නම් මෙය ඔබ මතට වැටෙන්නේ නැහැ. ඔබ ජීවත් වන්නේ සමකයට ආසන්නව එම කලාපය තුළ නම්, ඔබ මතට මොනයම් හෝ දෙයක් වැටීමට ඇති ඉඩකඩ ඉතා අල්පයි. පෘථිවියෙන් 70%ක් සාගරයෙන් වැසී තිබෙනවා. එබැවින් නැවත ගමනේ දේ ගිනිගෙන විනාශ වුණේ නැත්නම් එය ජලයට පතිත වෙන්න ඉඩ තිබෙනවා," ඔහු පැවසීය. මෙම රොකට්ටුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික කොටස වන 'ටියැන්හේ' මොඩියුලය රැගෙන ගියේය 2020 මැයි මාසයේ චීනයෙන් ලෝන්ග් මාර්ච් 5බී රොකට්ටුවක් දියත් කළ අවසාන අවස්ථාවේ දී බටහිර අප්‍රිකානු අයිවරි කෝස්ට් රාජ්‍යයේ ගම්මානවලට එහි සුන්බුන් වැටී තිබිණි. එහි දී කිසිවෙකුට හානියක් නොවූවත්, මීටර් 12ක් (අඩි 39) ක් දිග ලෝහ පයිප්පයක් ද එසේ වැටුණු සුන්බුන් අතර තිබිණි. මේ තොරතුරු ද කියවන්න: මැයි 10 වෙනි දින පමණ වන විට රොකට්ටුව කඩා වැටෙනු ඇතැයි විද්‍යාඥයින් බලාපොරොත්තු වේ. ඒ, එම දිනට එක් දිනක් හෝ දෙකක් පෙර හෝ පසු විය හැකි බවට ගණන් බලා ඇති ප්‍රමාද දෝෂයකට ඉඩ හරිමිනි. නමුත් එය පෘථිවියට වැටීමට පැයක පමණ ආසන්න වන තෙක් එසේ පතිතවන්නේ කොතැනදැයි ඔවුන් නිසැකවම දැන නොසිටිනු ඇත. 'ඇස්ට්‍රියාග්‍රාෆ්' ලෙස නම් කළ සිතියමක් සඳහා එක්සත් ජනපද රජය අරමුදල් සපයා ඇති අතර එයින් අභ්‍යවකාශයේ ඇති, මිනිසුන් විසින් නිපදවන ලද සියලුම වස්තූන් සොයා ගැනීමට ඉඩ සලසයි. එවැනි වස්තූන් 26,000ක් පමණ ඇත. මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ ඉංජිනේරු මහාචාර්ය මොරිබා ජා පැවසුවේ "එම වස්තූන් ස්මාර්ට් ජංගම දුරකතනයේ සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් දක්වා විශාලත්වයෙන් යුක්ත වෙනවා. ඒ අතර ක්‍රියාකාරී චන්ද්‍රිකා 3,500 ක් තියෙනවා. අනෙක් සියල්ල කැලි කසළ," යනුවෙනි. 20 වන සියවසේ දෙවෙනි භාගයේදී අභ්‍යවකාශ ගවේෂණය ඉහළ යාමත් සමඟ අභ්‍යවකාශ සුන්බුන් ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතර එය ක්‍රියාකාරී චන්ද්‍රිකාවලට තර්ජනයක් විය හැකිය. පැරණි රොකට් කැබලි ඇතුළු විශාල වස්තූන් 200ක් පමණ තිබෙන අතර, ඒවා "කාල බෝම්බ" ලෙස හැඳින්විය හැකි බව මහාචාර්ය මොරිබා ජා පැවසීය. "පිහිටීම, යාත්‍රණය සහ වේලාව, මූල්‍ය ගනුදෙනු, කාලගුණ අනතුරු ඇඟවීම් වැනි සේවාවන් සපයන චන්ද්‍රිකාව ඕනෑම අවස්ථාවක දී මෙම සුන්බුන් සමග ගැටී අක්‍රිය විය හැකිය. එබැවින් අභ්‍යවකාශය පදනම් කරගත් සම්පත්වලින් සැලකිය යුතු කොටසක් අහිමි වී මානව වර්ගයාට දැඩි බලපෑමක් එල්ල වනු ඇත. චීන රොකට්ටුව ඇස්ට්‍රියාග්‍රාෆ් සිතියමේ සොයාගත හැකි අතර එය CZ-5B ලෙස නම් කර තිබේ. එය සෑම මිනිත්තු 90 කට වරක් පෘථිවිය වටා ගමන් කරන නමුත් බොහෝ විචල්‍යයන් සහ ගණනය කිරීම් සිදු කළ යුතු බැවින් රොකට්ටුව වැටෙන ගමන් මාර්ගය සැලසුම් කිරීම දුෂ්කර වී තිබේ. එබැවින් මේ වන විට විද්‍යාඥයන් එහි බැස්ම නිරීක්ෂණය කරමින් සිටින්නේ එහි, ඉතා ආසන්න පෘථිවියට නැවත පිවිසීම අපේක්ෂා කරමිනි. තවත් තොරතුරු: | මේ වන විට පාලනයකින් තොරව පෘථිවිය වටා කක්ෂයේ ඇදී යන චීන රොකට්ටුව පෘථිවි වායුගෝලයට පාලනයකින් තොර යළි ඇතුළු වීමකට සූදානම් වන අතර එය ගොඩ බසින්නේ කොතැනටදැයි විද්‍යාඥයෝ නොදනිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | විසි අට හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තිදරු මවක් වන කාන්තාවක් එසේ කී පරිදි ණය මහත්තයා යනුවෙන් හැඳින්වූයේ එක්තරා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයනයක ණය වාරික එකතුකරන නියෝජිතයකුටය. ඇය බීබීසී සිංහල සේවය සමඟ කඳුළු බේරෙන දෑසින් යුතුව පැවසුවේ වසර දෙකකට පෙරදී සිය සැමියාගේ ද අත්සන යොදා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයකින් රුපියල් පනස් දහසක ණය මුදලක් ලබා ගත් බවකි. පොරොන්දු පරිදි නියමිත දිනයට වාරිකය ගෙවීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවී ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය. "ගත්ත ණය ගෙවා ගන්න බැරුව අපි දන්නා කියන ගෑණු අය කීප දෙනෙක්ම සිය දිවි හානිකර ගත්තා. තවත් අය මැඳ පෙරදිග රුකියාවලට ගියා. කොරෝනා ප්‍රශ්ණය නිසා දැන් ඒ අයට ආපහු ලංකාවට එන්නත් බෑ. සමහර විට වසංගතයට ගොදුරු වෙලා ඇති. ඇත්තටම මටත් මුලදි හිතුනේ දිවි නසා ගන්න තමයි," ඇය තවදුරටත් පැවසීය. ගෙවී ගිය වසරක කාලයක් තුළදී ග්‍රාමීය කාන්තාවන් 100 ක් පමණ මෙම ක්ෂුද්‍ර මුල්‍ය ණය හා පොලි වාරික ගෙවාගත නොහැකිවීම මත සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තාවන බව දුගී බව තුරන් කිරීම පදනම් කරගත් 'නෙළුම් යාය පදනමේ' රාධිකා ගුණරත්න බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. වාර්තා නොවන මරණ හා සියදිවි නසාගැනීමේ සංඛ්‍යාව බොහෝ වැඩි විය හැකි බව ද ඇය සඳහන් කළාය. ග්‍රාමීය ආර්ථික නඟා සිටුවීමේදී සිය ව්‍යාපාර කටයුතු ස්ථාවර කර ගැනීම සඳහා යම් ක්ෂුද්‍ර මූල්‍ය ආධාරයක සැබෑ අවශ්‍යතාවක් ඇති අයට සහ ඉතා අසීරුවට පත්වසිටින ව්‍යවසායකයින්ට උපකාර කිරීමේ අරමුණින් මයික්‍රෝ ෆිනෑන්ස් (Micro Finance) හෙවත් ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය මුලින් හඳුන්වා දෙනු ලැබිණි. එය අද වන විට කෙතරම් ඵලදායී දැයි නැවත සමාලෝචනය කිරීමට කාලය එළැඹ ඇතැයි සමාජයේ මහත් කතාබහක් පවතින්නේ මෙම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් අද වන විට අති මහත් ලාභ ඉපයීම සඳහා ම පමණක් පවත්වාගෙන යන ව්‍යාපාර බවට පත්වෙමින් තිබෙන බැවිනි. දැරිය නොහැකි පොලී අනුපාත, වෘත්තීයමය නොවන ණය දීමේ ක්‍රියාවලීන්, ණය එකතු කරන්නන්ගේ අමානුෂික හා අසංවේදී හැසිරීම්, ණය භාවිතය පිළිබඳ පසු විපරම් නොකිරීම, රජයේ අධීක්ෂණය නොවීම, ශ්‍රී ලංකාවේ 'ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට' අදාළ ගැටලු බව රාධිකා ගුණරත්න පැවසීය. නියාමනයකට ලක් නොවූ මෙවැනි ක්ෂුද්රමූල්ය ආයතනවල අනිසි ක්‍රියාකාරකම් ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ලාභීන් මත අහිතකර බලපෑමක් ඇතිකර, අඩු ආදායම්ලාභීන් සහ දිළිඳු පුද්ගලයින් දරිද්‍රතා චක්‍රය තුළම රැඳී සිටීමට මගපාදමින් රටෙහි ආර්ථික දියුණුව කෙරෙහි අහිතකර ලෙස බලපාන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් තුළ නියාමනයකට ලක් වූ අංශ ද ඇතුළත්ව සම්පූර්ණ මූල්‍ය අංශය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටේ. මේ අනුව පාරිභෝගික විශ්වාසය බිඳවැටීම තුළින් මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වාගැනීම කෙරෙහි අහිතකර අයුරින් බලපාන බව ද එම නිසා ශ්‍රී ලංකාව තුළ ඉහත කී නියාමනයට ලක් නොවූ ක්ෂුද්රමූල්ය ව්‍යාපාරවල නිරත වන ආයතන නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාව මතුව ඇති බව මහා බැංකුව සඳහන් කරයි. රාධිකා ගුණරත්න "කොවිඩ් වලට සහන දෙනකොට මේ ක්ෂුද්‍ර මුල්‍ය ණය සදහා කිසිම සහනයක් ලැබුණේ නෑ. මේ පිළිබඳව මහ බැංකුවෙන් කිසිම සහනයක් මේ ජනතාවට නොලැබුන නමුත් කොවිඩ් අර්බුදය නිසා ණය අය කරන්නන්ට පැමිණීමට නොහැකිවුවත් ඔවුන් නැවතත් පැමිණි පසු එම නොගෙවූ කාලසිමාවටත් පොලිය හා වැල් පොලිය එකතු කිරීමෙන් ජනතාව තවත් අපහසුතාවට පත් වන බව රාධිකා ගුණරත්න පැවසීය. "ණය ගෙවන්න බැරිනම් ඇයි ගන්නේ කියන්න පුළුවන් එත් අපි කියන්නේ ණය දෙනකොට ඒ ණය ගෙවන්න පුලුවන්ද කියන ඇගයීමක් කරලා තමයි ණය දෙන්න ඕන. ණය දීමම තමයි පළමුවන වැරැද්ද නැතිව මේ ණය ගත්තේ ඇයි නෙමෙයි." "මේ ණය අයකරන අය ගෙවල්වලට ඇවිල්ල පැය ගන්නන් ඉන්නවා ණය අයකරගන්න. විවිධ වාචික හිංසන සිද්ධ වෙනවා, මේ ක්ෂුද්‍ර මුල්‍ය කාන්තාවන්ට සිද්ධවන හිංසන වාචික, කායික, ලිංගික අල්ලස් ඉල්ලීම සහ වෙනත් අල්ලස් ඉල්ලීම දක්වාම සිද්ධ වෙනවා. කොයි තරම් නීති විරෝධී දේවල්ද ඒගොල්ලෝ මේ මිනිස්සුන්ට කරන්නේ කියල මේ සමාගම් වලට තවම අදහසක් නෑ." මෙම ලිපිය ආරම්භයේදී අදහස් පළ කළ ත්‍රිකුණාමලයේ පදිංචි නම හෙළිකිරීමට අකමැති වූ විසි අට හැවිරිදිකාන්තාව තවදුරත් පැවසුවේ "මහත්තයයි මම නිතරම කථා කළේ මේ ණය ගැනම තමයි. ණය මහත්තයා ආවොත් පැය ගාණනකට ගෙදරින් යන්නේ නෑ. ගේ ඇතුළට රිංගලා ඇඳේ වාඩි වෙලා බනිනවා. තොපිට ගෙවාගන්න බැරිනම් ගත්තේ මොකටද යකෝ කියලා තමයි අහන්නේ. මේ කුණු බැනුම් අහගෙන ඉන්න බැරුව දවසක් අපේ මහත්තයා ගෙදරින් පිටවෙලා ගියා. එදා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ." ඒ කථාවේ සුල මුල ඇය වැඩිදුරටත් විස්තර කළ පරිදි වසර දහයකට පමණ පෙර එක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයනයක් ගමට පැමිණ ණය දීමේ වැඩ පිළිවෙල ආරම්භ කරනු ලැබුවේ ගමේ කඩේ මුදලාලිගේ බිරිද මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයට හවුල් කරගෙනය. "ඒ දෙන්නා එකතුවෙලා කාන්තාවන් විස්සක් කැඳවලා ඒ අය කණ්ඩායම් පහකට බෙදුවා. එක් කෙනෙක් ලබා ගන්නා ණය මුදලට කණ්ඩාමේ පස්දෙනාම වග කියන්න ඔනෑ. පොලිය අවුරුද්දට සීයට විසි හතරයි. හැමෝම පන්දාහ ගානෙ ගත්තා. ණය මුදල අතට දෙන කොට ස්වාමි පුරුෂයන්ගෙනුත් අත්සනක් ගන්නවා. ඒ ණය මුදල අපි නියමිත දිනයට ගෙවලා අවසන් කළා. ඔය අතරේ තවත් සංවිධානයක් ඇවිත් රුපියල් දහ දාහ බැගින් ණය දුන්නා. කොන්දේසි අර වගේම තමයි. අපි ඒ ආයතනයෙනුත් ණයක් ගත්තා," ඇය පැවසීය. වසරක් ඇතුළත ණය දෙන සංවිධාන හයක් ගමට පැමිණි අතර ස්වං රැකියා, එළවළු වගාව, වී ගොවිතැන ආදී විවිධ මාතෘකා යටතේ ණය මුදල් ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති ඔවුන් විසින්ම සකස් කර දෙනු ලැබිණි. "ඒ අතරේ දෙන ණය මුදලත් වැඩි කළා. ඇත්තටම ගෑණු අය මේ ගැටවල අහුවුණා. කන්ට නැතුව හිටියත් අල්ලපු ගෙදරින් හාල් සේරුවක් ණයට ඉල්ලා ගන්න ලැජ්ජා වුණු අපි අන්තිමේදී නන්නාදුනන පිරිමින්ගෙන් දහස් ගණන් සල්ලි ණයට ගන්න පුරුදු වුණා. එක අයතනයකින් ගත්තු ණය මුදල තවත් ආයතනයකින් ණයක් අරගෙන ගෙවනවා. එහෙම තමයි හැමෝම වාගේ කළේ. මේ වැඩේ නිසා හතර අතේ ණයකාරයන් වුණා." ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන ගෙවාගත නොහැකිව අතරමං වූ කාන්තාවන් සිය ගණනක් තම ගමේ සිටින බව පැවසූ ඇය. ඇත්තටම යම් යම් සුළු සුළු ස්වයං රැකියා කළ අයද ඒ අතර සිටි බව ද ඇය පැවසීය. "ක්ෂුද්‍ර මූල්‍ය කාරයෝ විතරක් නොවෙයි යහපාලන ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් දෙකම අපි රැවට්ටුවා. මොකද මැතිවරණවල දී කිව්වේ මේවා නවත්වනවා කියලානේ. කෝ ඉතින් තවමත් නතර කළාද? දැන් කිසිම බැංකුවකින් අපට ණයක් ලබා ගන්න බෑ. බෑ,, බෑ... ණය දෙන්න බෑ. ක්‍රිබ් එකේ ඔයාගේ නම තියෙනවා කියලායි බැංකුවල මහත්තුරු කියන්නේ." දිළිඳුකම තුරන් කිරීම, වත්කම් ගොඩනගා ගැනීම සඳහා දිළිඳු පුද්ගලයින්ට අවස්ථාව සැලසීම, ඔවුන්ගේ ආදායම් ඉහළ නැංවීම සහ ආර්ථිකමය වශයෙන් ආතතියකට ලක්වීමේ අවදානම අවම කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අරමුණු කරගත් මූල්‍ය සේවා හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය, දිළිඳු පුද්ගලයින් හට ඉතා ප්‍රබල මෙවලමක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික කටයුතු වෙත ක්‍රියාකාරී දායකත්වයක් ලබාදෙන අතරම දිළිඳු පුද්ගලයින් හට තම ජීවන තත්ත්වය ඉහළ නංවාගැනීමට එය යොදා ගැනේ. මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාව තුළ දශකයකට අධික කාලයකට පෙර සිටම නියාමනයට ලක් නොවූ ක්ෂුද්රමූල්ය අංශයේ ආයතන නියාමනය සඳහා නීති පැනවීමට විවිධ උත්සාහයන් ගන්නා ලද බවය. අවසානයේදී, 2016 අංක 6 දරණ ක්ෂුද්රමූල්ය පනත (ක්ෂුද්රමූල්ය පනත) පාර්ලිමේන්තුව මගින් පනවන ලද අතර, 2016 ජූලි මස 15 දින සිට එය බලාත්මකය. මෙම පනත මගින් ක්ෂුද්රමූල්ය ව්‍යාපාරවල නිරත සමාගම් (බලපත්‍රලාභී ක්ෂුද්රමූල්ය සමාගම්) සඳහා බලපත්‍ර නිකුත් කිරිමට, ඒවා නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට අදාළ විධිවිධාන පනවා ඇත. බලපත්‍රලාභී ක්ෂුද්රමූල්ය සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) හරහා සෘජුවම නියාමනය කෙරේ. එසේම, 1989 අංක 30 දරණ සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි වූ ක්ෂුද්රමූල්ය රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන රෙජිස්ට්‍රාර්වරයා යටතේ නියාමනය කිරීමට ක්ෂුද්රමූල්ය පනත මගින් විධිවිධාන සපයා ඇත. එහෙත් නෙලුම් යාය පදනමේ රාධිකා ගුණරත්න පවසන්නේ මේ වන විට සමාගම් හතරක් පමණක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදංචි වී ඇති බවය. "ලංකාවේ හරියටම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් කීයක් තියෙනවද කියල ම බැංකුවටවත් හොයාගන්න බෑ. තියෙනවා මුල්‍ය බලපත්‍රයක් තියෙන්න ඕන, ලියාපදිංචියක් තියෙන්න ඕන මහා බැංකුවේ කියල. 2016 සමාගම් පනතට අනුව සමාගම් තුනයි. ඒ පනතට අනුව මේක සමාජ ව්‍යවසායක් හැටියට කරනවා කියන්නේ. ඒ පනතට අනුව ගත්තහම ලංකාවේ තියෙන්නේ සමාගම් තුනයි. හැබැයි මහබැංකුවේ ලියාපදිංචි වෙලා කරගෙන යන්න පුළුවන් සල්ලි දෙන ව්‍යාපාරයක් විදිහට. එතකොට එහෙම සමාගම් තියෙන්නෙත් ඉතාමත් සුළු ප්‍රමාණයක්. එතකොට මේ සමාගම් එකතුවෙලා සංවිධානයක් හදාගෙන තියෙනවා මේ ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් නියෝජනය කරන ආයතනයක් විදිහට. එතන සාමාජිකයන් පනස් ගනනක් ඉන්නවා. නමුත් අපි දන්නවා ලංකාවේ 10,000 කට වඩා ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් තියෙනවා." මාවතගම ලිඳපිටිය ගම්මානයේ ඉදල් මඩුවක් පවත්වාගෙන යන ඩී එම් එම් විජයන්ති දිසානායක බීබීසී සිංහල සේවය සමඟින් පැවසුවේ ''නත්තල් කාලය එනකොට සාමාන්‍යයෙන් ඉදල් 2000 ක් විතර එක සතියේ ට්‍රිප් එකකට විකිණෙනවා. හැබැයි මේ පාර ඉදල් 500 ක් වත් විකිණෙන්නේ නැහැ. මිනිස්සු අතේ සල්ලි නැහැ. අමතරව මුදලක් වියදම් කරන්න. කන්න බොන්න අවශ්‍ය දේට විතරයි ප්‍රමුඛත්වය දෙන්නේ. මමත් ණයක් අරගෙන තියෙනවා ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයකින්, ඒ අය මාසයේ දෙවැනි සතියේ එනවා වාරිකය එකතු කරන්න. කොහොම හරි මුදල දෙන්න ඕනේ නැතිනම් ඇපයට අත්සන් කරපු දෙන්නට දෙන්නම වෙනවා. අපි තුන්දෙනෙක් තුන් දෙනාට අත්සන් කරලා ණය ගත්තේ. අපිට මුලින් අවබෝධයක් තිබුණේ නැහැ මේ ණය මත අයකරන පොලිය ගැන. හැබැයි ගෙවාගෙන යද්දී තේරෙන්නේ මේක ලොකු පොලියක් කියලා''. යනුවෙනි. ඩී එම් එම් විජයන්ති දිසානායක තමන් 2019 වසරේ මැයි මාසයේ රුපියල් එක්ලක්ෂ පන්දහසක මුදලක් ණයට ඉල්ලුම් කළ අතර රක්ෂණ වාරිකයට රුපියල් 5000 ක් හා ලියකියවිලි ගාස්තු වශයෙන් රුපියල් 4000 ක මුදලක් අඩුකොට තමන් අතට රුපියල් 96 000 ක මුදලක් අදාළ ක්ෂුද්‍ර මුල්‍ය ආයතනය විසින් දෙන ලද බව ඇය කීවාය. වාරික 18 කින් ගෙවා අවසන් කිරීමට එකඟ වූ ණය මුදල වෙනුවෙන් රුපියල් 7630 ක වාරික මුදලක් ගෙවන බවද ඇය පැවසුවා. එම ප්‍රදේශයේම කොහු ආශ්රිත මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ජනක රත්නසිරි බීබී සී සිංහල සේවයට පැවසුවේ තමන් යටතේ කාන්තාවන් තිදෙනෙකු සේවය කරන අතර ඒ සියල්ල ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබාගෙන ඇති බවය. ''මේ තුන්දෙනාම මට වැඩ කරන්නේ මේ මුල්‍ය ආයතන වලින් ගත්ත ණය ගෙවන්න. ණය අයකරගන්නා උදවිය මං ළඟට ඇවිත් ණය කරුවන්ගේ වාරිකය එකතු කරගෙන යනවා. ඇත්තටම මං දන්නවා ඒ අය පිඩාවට පත්වෙලා ඉන්නේ. මගේ ව්‍යාපාරය මත ඒ අයට සියයට සියයක් යැපෙන්න සිදුවෙලා. බිස්නස් කියන එක හැමදාම එක වගේ නැහැ. මට අසීරුතාවක් ඇතිවුණොත් ඒ අයටත් තදින් එහි බලපෑම තියෙනවා'' යනුවෙන් ඔහු පැවසීය. ජනක රත්නසිරි සිමෙන්ති ආශ්රිත නිෂ්පාදන වැඩපොළක් පවත්වාගෙන යන නිරෝෂා ප්‍රියදර්ශනී බීබීසී සිංහල සේවයට කියා සිටියේ මුල් කාලයට සාපේක්ෂව වර්තමානයේ දී ක්ෂුද්‍ර මුල්‍ය ආයතන අනුගමනය කල දැඩි අසාධාරණ පිළිවෙත තරමකින් වෙනස් වී ඇති බවය. පිඩාවට පත්වූ ණය කරුවන්ගෙන් එල්ලවූ විරෝධය මත මාසිකව ණය වාරික එකතු කිරීමට නියෝජිතයා පැමිණීමට මත්තෙන් ඒ බව කලින් දැනුම් දීමට කටයුතු කිරීම නව ප්රවනතාව බව ඇය පැවසුවාය. කෙසේ නමුත් අයකරන පොලිය තවමත් 20% කට ආසන්න බව ද ප්‍රියදර්ශනී සඳහන් කළාය. නිරෝෂා ප්‍රියදර්ශනී ''මට සහ මගේ සහෝදරයාට ණය මුදල අරං දුන්නේ අපේ අම්මා, කලක් ගනුදෙනු කළ ඇයට තමයි ණය මුදල නිකුත් කරන්න ආයතනය කැමැත්ත පළ කළේ. මාසයේ නියමිත වාරික මුදල මම සහ මල්ලි සමසේ බෙදාගෙන ගෙවනවා. දෙන්නගෙන් එක්කෙනකුට ගෙවන්න බැරි වුණොත් අනික් කෙනා හරි නියමිත දිනට වාරිකය ගෙවනවා නැත්තං දඩ කන්න වෙනවා, කොරෝනා නිසා සහනයක් දෙන්න කියල රජය ඉල්ලීමක් කළා. නමුත් එහෙම සහනයක් ලැබුණේ නැහැ. ණය මුදල ගෙවීම තව මාස තුනකට දික්කරල දුන්නා.'' යනුවෙන් ඇය පැවසීය. මේ පිළිබඳව උනන්දුවක් දක්වන වෘතිකයෙකු වන නීතිඥ සුදත් ජයසුන්දර පවසන්නේ ක්ෂුද්‍ර මුල්‍ය ණය මහජනතාව අතරට යාමේ වරදක් නොමැති බවය. සෑම පුරවැසියෙකුටම බැංකු හෝ පිළිගත් මුල්‍ය ආයතන හරහා ණය ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඔප්පු හෝ වෙනත් සුරැකුම් නොමැති බැවින් එවැනි පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා මෙවැනි ණය යෝජනා ක්‍රම යෝජිත බව ඔහු කියා සිටී. නමුත් නීතිඥ ජයසුන්දර පවසන්නේ එය ණය ලබාගන්නා පාර්ශවයට දරාගත හැකි පොලියක් හා පහසුවෙන් ගෙවීමට හැකි වාරිකයක් ලෙස පැවතිය යුතු බවය. ඇතැම් ආයතන තවමත් දින තුනෙන් තුනට ණය එකතු කරන බවද එය ණයකරු යම් පීඩාවකට පත්වන කාරණයක් බවද ඔහු පෙන්වා දෙයි. ''ක්ෂුද්‍ර මුල්‍ය ණය නිකුත් කරන ආයතන මහබැංකුවේ ලියාපදිංචි කරන්න කියල අනිවාර්යෙන් නියමයක් නැහැ. නමුත් යම් පාලනයකට ගෙන එන්න රජය පනතක් ගෙනාවා 2016 මැද භාගයේ. එහෙත් එකේත් අනිවාර්ය කරලා නැහැ ලියාපදිංචිය. මුලදී මෙම ආයතන නිකුත් කරන ණය සදහා 40% ට වැඩි පොලියක් අය කළා.නමුත් පසුව රජය මැදිහත්වී මෙම ණය අනුපාතය 26% කට පහත දැමුවා. එම අනුපාත වුවද වෙනස්විය යුතු මට්ටමක පවතින්නේ.'' නීතිඥ සුදත් ජයසුන්දර නීතිඥ ජයසුන්දර පවසන්නේ බැංකු හා මුල්‍ය ආයතන මෙන් මෙම ක්ෂුද්‍ර මුල්‍ය ආයතනද යම් නියාමනයකට ලක්කලයුතු බවය. එය පාරිභෝගිකයාට මෙන්ම ණය ලබාදෙන පාර්ශවයටද හිතකර බව ඔහු වැඩිදුරටත් පැවසීය. මේ ගැනත් දැනගන්න: | "ණය මයත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා එළියට යනවා. ණය මහත්තයා වාරිකය එකතු කරන්න එන දිනය සහ වේලාව දුරකථනයෙන් මට දැනුම් දෙනවා. මම ඒ බව මගේ මහත්තයට කියනවා. ඉතින් එයත් බිම බලාගෙන ගෙදරින් පිටවෙලා යනවා. පැය දෙක තුනකට පස්සේ තමයි ආපහු එන්නේ. වාරික පහක්ම ගෙව්වේ එහෙම තමයි. මොකද වුණේ කියලා අපි දෙන්නටම හිතාගන්නවත් බෑ. ඒ තරමටම පීඩනයක් තිබුණේ." |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දෝෂාභියෝග ක්‍රියාදාමය නීති විරෝධී බැවින් පත්කිරීමට යෝජිත නව අගවිනිසුරුවරයා පිළිනොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ ද පවසයි අගවිනිසුරුවරිය පදවියෙන් ඉවත් කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් පමණක් නොව, "රණවිරුවන් පාවා දෙන දේශද්‍රෝහී ක්‍රියාවක්" ද වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. මෙමගින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපේ රටට ඇඟිලි ගැසීමට ජාත්‍යන්තර ප්‍රජාවට පාර කපා ඇති බවත්, මේ තත්ත්වය මත යම් හෙයකින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී දේශය මුදා ගත් රණවිරුවන්ට අවාසි සහගත තීන්දුවක් ප්‍රකාශයට පත් වුවහොත්, එම "පාවා දීමේ" වගකීම අන් කවරෙකුවත් නොව, "සහෝදර සමාගම" භාර ගත යුතු බවත් එජාපය අවධාරණය කරයි. විශේෂයෙන්ම ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නිසි පරිදි සම්මත වී නැති බවයි, පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙන්නේ. 'ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්' ඒ වෙනුවට ජනවාරි 11 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනේ "පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම" සඳහා වූ යෝජනාවක් බව ද එහි සඳහන්. මේ තත්ත්වය යටතේ අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කිරීමට හෝ නව අග විනිසුරුවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු නීත්‍යානුකූල බලයක් නැති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. මේ අතර සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කොට තිබෙන බැවින් ජනාධිපතිවරයා විසින් පත්කිරීමට යෝජිත නව අගවිනිසුරුවරයා තම පක්ෂය පිළිනොගන්නා බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ. එමතු නොව ස්ථාවර නියෝග අනුව පත් කළ තේරීම් කාරක සභාව නීත්‍යානුකූල නොවන බවට අභියාචනාධිකරණය විසින්ද අර්ථ දක්වා තිබෙන බැවින් "නීති විරෝධී" ලෙසින් පත්කෙරෙන නව අගවිනිසුරු පිළි ගැනීමට තමන් සූදානම් නැති බව කොළඹදී මාධ්‍යවේදීන් ඇමතූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ එම තීන්දු නොසලකා ක්‍රියා කිරීමේ පදනම මත ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන බව ද එජාප නිවේදනයේ සඳහන්. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත් තීන්දුව පිළිනොගන්නා බව ප්‍රධාන විරුද්ධ පක්ෂ පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පළාත් පාලන ආයතන 93ක නාමයෝජනා කැඳවීමේ නියෝගය මේවන විට නිකුත් කර තිබේ. විශේෂයන්ම නව මැතිවරණ ක්‍රමය ගැන ජනතාව, අපේක්ෂකයන් හා මැතිවරණයට සම්බන්ධවන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද පැවැත්වීමට සිදුව ඇති නිසා මෙවර මැතිවරණයේ වියදම් ඉහළ යන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. මොහමඩ් බීබීසි සිංහල සේවයට පැවසීය. ඔහු සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රාදේශීය සභා හා නගර සභා වෙනුවෙන් එකවර මැතිවරණය පැවැත්වෙන පළමුවෙනි අවස්ථාවද මෙයවේ. ඉතිරි පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීමට කිසිදු නිතිමය බාධාවක් දැන් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. පළාත් පාලන ආයතන 93ක නාමයෝජනා කැඳවීමේ නියෝගය මේවනවිට නිකුත් කර තිබේ. ඉතිරි පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීමට කිසිදු නිතිමය බාධාවක් දැන් නොමැති බව අද (දෙසැ. 04) කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. ඒ අනුව සියළු පළාත් පාලන ආයතනවල මැතිවරණය පෙබරවාරි මස 17 වෙනි දින හෝ ඊට පෙර පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළේය. නව මැතිවරණ ක්‍රමය අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යන අතර එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි. මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වී තිබේ. ඊට හේතුව පොලොන්නරුව මහ නගර සභාව මෙන්ම, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා අලුතින් එකතුවීමය. හඳුන්වාදී තිබෙන නව මිශ්‍ර මැතිවරණ ක්‍රමයට අනුව කොට්ඨාස බදව 60%කුත්, සමානුපාතික ක්‍රමයට 40%කුත් ලෙස මන්ත්‍රීවරුන් පත්වේ. ඊට අමතරව කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා කොට්ඨාස මට්ටමින් තරග කරන මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතු බව මෙවර නීති ගත කර තිබේ. ඊට අමතරව සමානුපාතික නියෝජනයෙන් ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව අදාළ නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% ක් බවටද දක්වා තිබේ. මේ සියල්ල පිළිබදව තරග කරන දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් නිසි ලෙස දැනුවත් කිරීමට මැතිවරණ කොමිසමට සිදුවී තිබේ. නාමයෝජනා ඉදිර්පත්කිරිමේදී සාමාන්‍ය ක්‍රමය අනුව එක් නාමයෝජනා පත්‍රිකාවක් වෙනුවට, මෙවර නාම යෝජනා පත්‍රිකා දෙකක් ඉදිරිපත් කිරීමට සිදුවේ. 1.පළමු නාම යෝජනා පත්‍රය - පළාත් පාලන බල ප්‍රදේශය සඳහා කොට්ඨාස වෙනුවෙන් තෝරා ගැනීමට නියමිත සභික සංඛ්‍යාවට සමාන අපේක්ෂකයින් සංඛ්‍යාවකගේ නම් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය. (බහු කොට්ඨාසයක් වෙනුවෙන් අවස්ථාවෝචිත පරිදි දෙදෙනෙකු හෝ තිදෙනෙකු නම් කළ යුතුය) 2.අතිරේක නාම යෝජනා පත්‍රය - කොට්ඨාස යටතේ තෝරාපත් කරගත යුතු සභික සංඛ්‍යාව 60% ක් ලෙස සලකා , ඉතිරි 40% වූ සභික සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් ලබාගන්නා සංඛ්‍යාවට සමාන අපේක්ෂක නම් සංඛ්‍යාවක් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය. සමානුපාතික නියෝජනයෙන් තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව සඳහා මෙම ලයිස්තුවේ අපේක්ෂකයන් නම් කරනු ලැබේ. මේ සියල්ල පිලිබදව දේශපාලන පක්ෂ, ස්වාධින කණ්ඩායම් හා අපේක්ෂකයන් දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම පැවසීය. අවසන් වරට කොට්ඨාස ක්‍රමයට අනුව මැතිවරණයක් පැවැත්වුයේ 1977 වසරේදීය. ඒ අනුව, ඡන්ද දායකයන්ගෙන් සැලකිය යුතු පිරිසකට, කොට්ඨාස ක්‍රමය අනුව තම ප්‍රදේශයට පමණක් සීමාවූ අපේක්ෂකයෙකුට ජන්දය දීම අලුත් අත්දැකීමක් වනු ඇත. මැතිවරණ නිරීක්ෂණ සංවිධානද මෙම නව ක්‍රමය ගැන ජනතාව දැනුවත්කිරීමේ වැඩසටහන් වලට එක්වන බව 'කැෆේ' මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ රජිත් කිර්ති තෙන්නකෝන් බීබීසි සිංහල සේවයට පැවසීය. මෙවර මැතිවරණය සඳහා ජන්දදායකයන් 15,760,867 දෙනෙක් සුදුසුකම් ලබා ඇති අතර එය පසුගිය මහමැතිවරණය සමග සැසඳීමේදී ජන්ද එක් ලක්ෂ පනස්දහසක පමණ වැඩිවීමකි. වැඩිම ජන්දදයකය්න් පිරිසක් සිටින දිස්ත්‍රික්ක අතරින් ඉහලින්ම ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයවේ. එහි ජන්දදායකයින් සංඛ්‍යාව ලක්ෂ 17කි. ඉන් පසු ස්ථානයේ රැඳෙන්නේ ලක්ෂ 16ක ජන්දදායකයින් පිරිසකගෙන් සමන්විත කොළඹ දිස්ත්‍රික්කයවේ. මේ පුවතට සම්බන්ධ තවත් විස්තර: | ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 3.5ක පමණ මුදලක් වැයවනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "මගේ එකම ඉල්ලීම තමයි මහත්තයව එලියට දාන්න කියන එක" "මගේ මහත්තය දැන් මාස 10ක් තිස්සේ ඉන්නේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ. නඩුවෙන් ඇප ලැබුණට ඒක ගෙවන්න මට සල්ලි නැහැ. එදා වේල කන්නෙත් අමාරුවෙන්. දරුවෝ දෙන්නට කිරිපිටි අරන් දෙන්නෙත් අපේ අම්ම. ඉතින් කොහොමද මං ඇප ගෙවන්නේ?" කතරගමට නුදුරු ගම්මානයක දිවි ගෙවන දර්ශනී දෙදරු මවකි. ස්වාමි පුරුෂයා සිරගත වූයේ දෙවැනි දරුවා බිරියගේ කුසේ සිටියදී ය. "මට වයස අවුරුදු හතරක ළමයෙක් ඉන්නවා. මහත්තය හිරේට යනකොට මගේ බඩේ හිටිය දරුවා හම්බවෙලා දැන් මාස හතරයි." "දැන් මාස 4ක් තිස්සේ මහත්තයව බලන්න දුන්නේ නැහැ. ගොඩක් අයට කොරෝනා හැදිලා කියල බලන්න එන්න එපා කිව්වා. මගේ මහත්තයටත් කැස්ස තියෙනවා කියල එක දවසක් පොලිසියෙන් කිව්වා. ඊට පස්සේ මොනවා උනාද කියල දන්නේ නැහැ. මහත්තයගෙන් කෝල් එකක්වත් නැහැ. කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැහැ. මට හරි බයයි. එයැයි අක්මාවේ සැරව පිරෙන ලෙඩෙක්." දර්ශනී ගේ හඬ බිඳෙන්නට විය. "මගේ එකම ඉල්ලීම තමයි මහත්තයව එලියට දාන්න කියන එක. මට ඇප ගෙවන්න සල්ලි නැහැ. මේ දරුවෝ දෙන්න වෙනුවෙන් ඒ මුදල අඩුකරලා මහත්තයව එලියට දාන්න කියල තමයි මම ඉල්ලන්නේ. හන්දියේ පලතුරු කඩයක් ගෙන හිටියේ. අනුන්ගේ ආරවුලකට මැදිවෙලා තමයි එයාවත් හිරේට ගියේ. මගේ තාත්ත දැන් කුලී වැඩ කරනවා, මේ දරුවට කිරිපිටි ටික අරන් දෙන්න." සැමියා සිරගත වූ පවුල් දහස් ගණනක් අතරින් දර්ශනීගේ කතාව එක් අහඹු කතාවක් පමණක් බව අපි දනිමු. නමුත් කොරෝනා වසංගතය හමුවේ බොහෝ සිරකරුවන්ගේ ජීවිත අවදානමට ලක්වී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. "ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 28ක් පමණ තිබෙනවා. ඒ බන්ධනාගාර තුළ 30,000ක් පමණ පිරිසක් රඳවා තිබෙනවා. මේ රැඳවියන්ට තිබෙන සනීපාරක්ෂක පහසුකම් සහ තදබදය ගැන සලකා බලනකොට ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් තියෙන්නේ. බොහෝවිට සිරකරුවන් දෙසීයකට යන්න එක වැසිකිලියයි තියෙන්නේ." සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පැවසීය. මෙවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාරයක් තුළට වෛරසය පැමිණියහොත් ඉතා ඉක්මනින් දහස් ගණනක් එකවර රෝගීවීමේ අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය. සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතය අනුව, කොවිඩ් වසංගතයෙන් බේරී සිටීමට නම් මුව හා නාසය ආවරණය කර ගැනීම මෙන්ම එකිනෙකා අතර නිසි පරතරය තබා ගැනීම ද ඉතා වැදගත් වේ. නමුත් බන්ධනාගාරයක් තුළ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යා හැකිද? ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින තදබදය පිළිබඳව බොහෝ වාර්තා පළවී තිබේ. "බන්ධනාගාරය තුළ මීටරයක් දුරින් ඉන්න බැහැ. ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම බන්ධනාගාර තුළ සිටිය හැකි සිරකරුවන් ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකට වැඩි පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් එක රැඳවියෙක් දාන්න හදල තියෙන අඩි 10 x 6 පමණ සිර මැදිරියක හත් අට දෙනෙක්වත් ඉන්නවා." නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය. මෙම තදබදය අඩුකර ගැනීම සඳහා තම සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ යෝජනා කීපයක් ඔහු සිහිපත් කළේය. "සුළු වැරදි සඳහා දඩ ගෙවාගන්න බැරිව සිටින අයට සහනයක් දීම, ඇප ගෙවාගන්න බැරි අයට ඇප ලබා දීම සඳහා යම් විශේෂ ක්‍රමයක් දියත් කිරීම, යහපත් කල්ක්රියාවක් තිබෙන අයට නිවාස නිවාඩු ලබා දීම, වයෝවෘද්ධ සිරකරුවන්ට නිදහස ලබා දීමට විශේෂිත ක්‍රමවේදයක් දියත් කිරීම, ඒ වගේම සමාලෝචන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම ආදී යෝජනා ඒ අතර තිබෙනවා." වසංගතය ආරම්භවීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බන්ධනාගාර වෙත චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇති බව ද නීතිඥවරයා පැවසීය. "මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා අලුතින් සිරකරුවන් ඇතුළට ගන්න පෙර දින 14ක් නිරෝධායනය කරලා PCR පරීක්ෂණයක් කරලා ගත යුතුයි කියල. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. එහෙම දෙයක්වත් සිදු නොවීම නිසා තමයි මහර බන්ධනාගාරයේ අවාසනාවන්ත සිද්ධියක් ඇති වුණේ." මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් පසුගිය නොවැම්බර් 29 දා නොසන්සුන්කාරී තත්ත්වය හට ගෙන තිබුණි. මෙය ගැටුමක් දක්වා දුරදිග ගිය බවත් අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙන බවත් පොලිසිය පැවසීය. මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ ආයාචනය කරන ආකාරය සමාජ මාධ්‍යවල සටහන්ව තිබූ අයුරු "ඒ අය ඉල්ලා සිටියේ මේ කොවිඩ් වසංගතයෙන් අපේ ජීවිත ආරක්ෂා කරල දෙන්න කියලා. එතැනදී වෙඩිතැබීමක් සිදු වුණා. සිරකරුවන් 11 දෙනෙක් පමණ ඝාතනය වුණා. ඒ තරම් දෙයක් සිද්ධ වුණත් කොවිඩ් වෙනුවෙන් සතුටුදායක යමක් බන්ධනාගාර තුළ සිදු වුණේ නැහැ." සිරකරුවන් සුරැකීමේ සංවිධානය පැවසීය. මේ පිළිබඳව විමසා බැලීම සඳහා බන්ධනාගාර බලධරයෙකු ඇමතුවෙමි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට හැකිවිය. ඇතැම් ආයතනවල පවතින මතභේදාත්මක කරුණු පිළිබඳව විමසීමට උත්සාහ කිරීමේදී ඇතැම් බලධාරීන් ඊට මුහුණ නොදී මගහැර සිටීම හෝ දුරකථනය විසන්ධි කරන අවස්ථා මාධ්‍යවේදීන්ට සුලබ අත්දැකීමකි. නමුත් මෙම කොමසාරිස්වරයාගෙන් මතු වූ ඉතා මිත්‍රශීලි ප්‍රවේශය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුයැයි මම සිතමි. "රිමාන්ඩ් භාරයට පත්කරන හැම දෙනාගේම PCR පරීක්ෂණයක් කරනවා. උදාහරණයක් හැටියට කියනවනම්, කොළඹින් රිමාන්ඩ් වෙන හැම දෙනාම රඳවන්නේ පල්ලන්සේන කඳවුරේ. එතැනදී PCR කරලා ආසාදිතයන් හිටියොත් වෙනම කඳවුරකට දානවා." එවැනි කඳවුරු තුනක් පවතින බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක පවසයි. "කොලිනොච්චියේ අයියකච්චි වල එක කඳවුරක් තියෙනවා. තවත් එකක් වටරැක තියෙනවා. අනිත් එක තියෙන්නේ පල්ලෙකැලේ. මේ කෑම්ප් තුනේ තමයි ආසාදිතයන් රඳවන්නේ. ඒ අයට අවශ්‍ය සියලුම පහසුකම් සපයල තියෙනවා. වෛද්‍යවරු ඉන්නවා. හදිසි අවශ්‍යතාවක් වුණොත් ක්‍රියාත්මක වීම සඳහා වෛද්‍ය සේවක මණ්ඩලයක් ඉන්නවා." නමුත් බන්ධනාගාර තුළ කාලයක් තිස්සේ සිටින රැඳවියන් ආරක්ෂා කර ගැනීම සඳහා සෑහීමට පත්විය හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. පීසීආර් පරීක්ෂණ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ "දැනට බන්ධනාගාර තුළ සිදු කෙරෙන්නේ අහඹු ලෙස තෝරාගත් නියැදිවලට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමක්. ඒක ප්‍රමාණවත් නැහැ. ක්‍රමානුකූලව දියත් කෙරෙන වැඩසටහනක් මේකට අවශ්‍යයි," යනුවෙනි. "බාහිර පරිසරයේ වගේ නොවෙයි, මේ කොවිඩ් වසංගතය ඉතා ඉක්මණින් ව්‍යාප්තවීමට ඉතාම හිතකර තත්ත්වයන් තමයි මේ බන්ධනාගාරවල තියෙන්නේ. මේ සිරකරුවන්ගෙන් වැඩි දෙනාගේ ශරීර සෞඛ්‍යය හරිම දුර්වලයි. කොරෝනා ළඟින් ගියත් ඔවුන් ඔත්පළ වෙන තත්ත්වයක් තියෙන්නේ. ප්‍රභූවරුන්ට බන්ධනාගාර රෝහලේ නවතින්න පුළුවන් වුණාට මේ අසරණ සිරකරුවන්ට ඒ පහසුකම් නැහැනේ. මේ සිරකරුවන් හැම දෙනාම මහා අපරාධකාරයෝ නෙවෙයි. ඇපයක් ගෙවාගන්න බැරිව ලතවෙන සිරකරුවන් විශාල පිරිසක් ඉන්නවා." "සිරකරුවෝත් මනුෂ්‍යයෝය කියලනේ කියන්නේ. එතකොට ඒ අයට කොවිඩ් හැදුනට කමක් නැද්ද? අපේ එකම ඉල්ලීම තමයි සෑම සිරකරුවෙකුටම PCR පරීක්ෂණ කරන්න කියන එක." සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා පැවසීය. කෙසේ නමුත් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියා සිටියේ, පිටතින් කිසිවෙකු බන්ධනාගාර තුළට නොයවන බැවින් දැනට සිටින රැඳවියන්ට ආරක්ෂාව සැලසෙන බවය. "සිරකරුවන් බැලීම සඳහා අමුත්තන්ගේ පැමිණීම නතර කර තිබෙනවා; අලුතෙන් එන අයව කෙලින්ම බන්ධනාගාරවලට සම්බන්ධ කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට කොවිඩ් යන්න විදියක් නැහැනේ. මේක ලොකු ක්‍රියාදාමයක්. ඒ තරම් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒවා භාරව ඉන්න බලධාරීන් සහ වෛද්‍යවරු සමඟ දවස ගානේ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පවත්වමින් තමයි මෙය පවත්වාගෙන යන්නේ." කොමසාරිස්වරයා පැවසීය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවුලේ ඥාතීන්ට හෝ වෙනත් අමුත්තන්ට සිරකරුවන් බැලීම සඳහා මේ දිනවල අවස්ථාවක් නොලැබෙන බැවින් බන්ධනාගාරය තුළ සිදුවන කිසිවක් පිළිබඳව හෝ සිරකරුවන් ඇත්ත වශයෙන්ම මුහුණදෙන තත්ත්වය පිළිබඳව හෝ බාහිර ලෝකයට අනාවරණය නොවන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. ඇත්තම තත්ත්වය මොකක්ද? "සියලුම අමුත්තන් පැමිණීම දැන් නවත්තල තියෙනවා. ඒ නිසා ගෙදරින් කෑම එකක්වත් ලැබෙන්නේ නැහැ. කාන්තා රැඳවියන්ට සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත්ව ලැබෙන්නේ නැහැ කියලත් අපට තොරතුරු ලැබිල තියෙනවා. දැන් කිසිම කෙනෙකුට ඇතුළට යන්න දෙන්නේ නැති නිසා කවුරුවත් දන්නේ නැහැ බන්ධනාගාරවල තියෙන ඇත්තම තත්ත්වය මොකක්ද කියල." නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. තමන් මේ දිනවල සිරකරුවන්ගේ සුබසාධනය පිළිබඳව පෞද්ගලිකව සොයා බලමින් සිටින බව ද ඔහු පැවසීය. "කෑමබීම වල කිසිම අඩුවක් නැහැ. ඒ අයට අවශ්‍ය කරන මුහුණු ආවරණ සහ විෂබීජ නාශක දියර සපයල තියෙනවා. කාන්තා රැඳවියන්ට සනීපාරක්ෂක තුවා පවා අපි ලබා දෙනවා. අපි අධිකාරීවරුන්ට මුදල් ප්‍රතිපාදන ලබා දීල තියෙනවා මේවා ලබා දෙන්න කියල. ඒවා හොඳින් ක්‍රියාත්මක වෙනවා." "සෞඛ්‍ය සේවා නිසියාකාරව සිදු වෙනවා. අවශ්‍යතාවයක් වුනොත් රජයේ රෝහලට පවා ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දෙනවා." බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය. කෙසේ වෙතත් මේ දිනවල බන්ධනාගාර තුළ පවතින සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා මැදිහත්වන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබේ. මීට ප්‍රතිචාර දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ සිරකරුවන් දැක බලා ගැනීම සඳහා පවුලේ ඥාතීන් වෙනුවෙන් වීඩියෝ තාක්ෂණය සහිත ඇමතුම් පවා සුදානම් කර ඇති බවය. "ඕනෑම සිරකරුවෙකුට තමන්ගේ පවුලේ අයට කතා කරන්න පුළුවන්. සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට අපි දැනුම් දීල තියෙනවා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමුත්තන් පෙන්වන්න කියල. මේ දවස්වල බන්ධනාගාර තුළට අමුත්තන් ගන්නේ නැහැ. පවුලේ අයට පුළුවන් අපේ වෙබ් අඩවියට ගිහින් වීඩියෝ ඇමතුමක් සඳහා ඉල්ලීමක් කරන්න. රතු කුරුස සංගමයත් එක්ක අපි නිතරම ළඟින් වැඩ කරනවා. ඒ ගොල්ලෝ අපිට ගොඩක් උදව් කරනවා." ඔහු ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ක්‍රියාධරයන් පවසන්නේ සිරකරුවන් අමුත්තන් සමඟ කතාබස් කරන අවස්ථාවේදී ඒ අසල බන්ධනාගාර නිලධාරියෙකු සිටින බැවින් ඔවුනට රිසි සේ අදහස් ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයක් උදා වන බවය. හිර ගෙදර තදබදය "බන්ධනාගාර රැඳවියන්ට කොවිඩ් වසංගතයේ අනතුර ළඟා වුණේ 2020 වසරේ මුල් කාලයේ දී. මේ කාලයේ දී තමයි අපි සිර මැදිරි තුළ තදබදය අඩු කර ගැනීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළේ. ඉන් පසුව යම්කිසි සිරකරුවන් පිරිසක් නිදහස් කළා තමයි. නමුත් ඒ පිරිසට වඩා වැඩි පිරිසක් නැවතත් බන්ධනාගාර ගත වුණා; විශේෂයෙන් ම පසුගිය කාලයේ සිදු කෙරුණු මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන්. ඒ නිසා කලින් පැවති තදබදය ඊටත් වඩා වැඩිවුණා කිව්වොත් ඒක නිවැරදියි." නීතිඥ සේනක පෙරේරා පැවසීය. කෙසේ නමුත් බන්ධනාගාර කොමසාරිස්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ බන්ධනාගාර තුළ සිටින රැඳවියන් ප්‍රමාණය මේ වනවිට විශාල ප්‍රමාණයකින් අඩුකර ඇති අතර ඉදිරියේදී තදබදය තවදුරටත් අඩු කර ගැනීමට ක්‍රියාදාමයක් දියත්වෙමින් පවතින බවය. "2020 ඔක්තෝම්බර් මාසයේ පටන් මේ දක්වා අපි රැඳවියන් ප්‍රමාණය අඩුකරමින් පවතිනවා. සමස්ත රැඳවියන් ප්‍රමාණය 32,000 සිට 19,000 දක්වා මේවන විට අඩු කරලා තියෙනවා. ගොඩක් රැඳවියන්ට ඇප දීල තියෙනවා. උසාවි වලින් රිමාන්ඩ් කිරීම අඩුකරලා ඇප දීල තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ඊට අදාළ අනෙකුත් අංශ එකතුවෙලා තමයි මේ කටයුතු සිදු කරන්නේ." වැලිකඩ බන්ධනාගාරයේ පැවති විරෝධතාවක් මෙම වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් බන්ධනාගාර තුළ පවතින තදබදය ඉදිරියේදී තවදුරටත් අඩුවනු ඇති බවත් ඔහු අවධාරණය කළේය. "මත්ද්‍රව්‍ය වැරදිවලට දියහැකි සමාවන් නැවත සලකා බැලුවා, 54 වගන්තිය අනුව මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව ලබා දිය හැකි ඇප පිළිබඳව නැවත සලකා බැලුවා. ඒ වගේ දේවල් නිසා තමයි වැඩි දෙනෙකුට ඇප ලැබෙන්නේ." බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හෝ පාවිච්චි කරන්නන් සිරගත කොට තැබීමෙන් රටේ මත්ද්‍රව්‍ය ජාවාරම නොනවතින බව ඇතැම් ක්‍රියාධරයන්ගේ මතයයි. "මේවන විට බන්ධනාගාර පිරිලා තියෙන්නේ මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවුණු අයගෙන්. මේ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් අහුවෙන්නේ පහළ මට්ටමේ ඉන්න අය විතරනේ. ඒකෙනුත් වෙන්නේ සිර මැදිරි පිරෙන එක මිසක් ජාවාරම නවතින එක නෙවෙයි. මොකද ඒවා රටට ගෙන්වන අය දිගටම ඒක කරගෙන යනවනේ. ඉහළින්ම ඉන්න දෙතුන්දෙනා අල්ල ගන්නේ නැතුව ඒවා පාවිච්චි කරන සිය ගණනක් අල්ලලා හිරේ දානවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් වැරදි තමයි. නමුත් මේවා ගෙන්වීම නතර කළා නම් පාවිච්චිය ඉබේම නවතිනවනේ. එහෙමනම් හිර ගෙවල් පිරෙන්නේ නැහැ." නීතිඥ සේනක පෙරේරා පැවසීය. කතරගම දර්ශනි කතරගම දර්ශනි මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් කළෙමි. එය එක් සිදුවීමක් පමණක් වන නමුත් එවැනි තත්ත්වයකට මුහුණ දෙන කෙනෙකු ගතයුතු පියවර පිළිබඳව මම බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළෙමි. "කොවිඩ් හැදුනු සිරකරුවෙක් ගැන දැනගන්න අවශ්‍යනම්, අපේ තියෙනවා කොවිඩ් මධ්‍යස්ථානයක්. ඒකට කතා කළොත් සියලුම විස්තර දෙනවා. එයාගේ රෝගී තත්ත්වය ගැන සියලු විස්තර ලබා දෙනවා. ඉන්නේ කොතනද කියල කියනවා. අදාළ බන්ධනාගාරයට කතා කළත් ඒ විස්තර කියනවා. ලංකාවේ ඕනෑම බන්ධනාගාරයක ඉන්න කෙනෙක් ගැන දැනගන්න පුළුවන්. දුරකතනයෙන් කතා කරන්න පුළුවන්. හැබැයි සමහරු ඉන්නවා ගෙදර අයට කතා කරන්න කැමති නැහැ. එහෙම අයත් ඉන්නවා." බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක ප්‍රතිචාර දැක්වීය. අධිකරණ යාන්ත්‍රණයේ ඇති ප්‍රමාදයන් හේතුවෙන් ද ඇතැම් පුද්ගලයන්ට විශාල කාලයක් සිරගතවී සිටින්නට සිදුවී ඇති බව ක්‍රියාධරයෝ පවසති. අවුරුදු 13ක් තිස්සේ සැකකාරයෙක් "මේ රැඳවියන්ගෙන් බොහෝ දෙනෙකුට විශාල කාලයක් තිස්සේ බන්ධනාගාරයේ ඉන්න සිද්ධවෙලා තියෙන්නේ අනෙකුත් රාජ්‍ය අංශවල වැඩකටයුතු කලට වෙලාවට සිදු නොවීම හේතුවෙන්. උදාහරණයක් හැටියට ගත්තොත් රස පරීක්ෂක වාර්තාවක් ගන්න ඇතැම්විට අවුරුද්දක් හමාරක් ගතවෙන වෙලාවල් තියෙනවා. ඉතින් එතකල් ම ඇතැම් සිරකරුවන්ට බන්ධනාගාරයේ ඉන්න වෙනවා." නීතිඥ සේනක පෙරේරා පැවසීය. ඔහු එය සනාථ කිරීම සඳහා සිය අත්දැකීමක් විස්තර කළේ මෙසේය. "දැන් මම දන්නා රැඳවියෙක් ඉන්නවා අවුරුදු 13ක් තිස්සේ සැකකාරයෙක් විදියට. එයින් අවුරුදු පහක්ම ගතවෙලා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුවිය යුතු රාජකාරිවලට." "විශේෂයෙන්ම මේ කොරෝනා කළේවත් මේවා ඉක්මන් කරන්න ඕන. එතකොට ඉක්මනට නඩුව අහන්න පුළුවන්. වැරදිකාරයෙක් නොවෙයිනම් ඉක්මනට ගෙදර යනවා." | දර්ශනී විසි තුන් හැවිරිදි ය. ඇප මුදල ගෙවා ගැනීමට වත්කමක් නොවූයෙන් සිය ස්වාමි පුරුෂයා දස මසක් තිස්සේ බන්ධනාගාරයේ ය. ඇයගේ කතාව ඇයගේ වචනයෙන් ම මෙසේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන හතක් හිමි වී තිබෙන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය එක් ආසනයක් දිනා ගෙන තිබේ. බොහෝ දිස්ත්‍රික්කවලදී දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශිත ඡන්දවලින් සියයට අසූවකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීම විශේෂත්වයක්. යාපනය දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද ප්‍රමාණයෙන් සියයට අසු හතරක් ලබා ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගත හැකිවී ඇත්තේ සියයට දහ හතරක ඡන්ද ප්රමාණයකි. ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය උතුරු පළාත් සභාවේ එක් ආසනයක් හෝ දිනා ගැනීමට අපොහොසත් වී ඇති අතර, එම පක්ෂයට සියලු දිස්ත්‍රික්ක වලින් ලැබී ඇත්තේද ඉතා සුළු ජන්ද සංඛ්‍යාවකි. | සෙනසුරාදා පැවැත්වුණු පළමු උතුරු පළාත් සභා මැතිවරණයේදී ආසන තිහක් හිමිකරගත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හෙවත් දෙමළ ජාතික සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගෙන තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මුහුණේ ඉරියව් ආදී සියළු දේ මගින් බියගැන්වීම නවකවදයට ඇතුළත් වන බවයි ආචාර්ය දංගොල්ල පවසන්නේ පළමු වසරට ඇතුල්වන සියලුම ළමුන් පිලිබඳ පරීක්ෂාවෙන් සිටීම අත්‍යවශ්‍ය බව පවසන ඔහු මේ වසරේ සිට එවැනි ක්‍රමවේදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අවධාරණය කළේ. “පලවෙනි අවුරුද්දට ඇතුල්වෙන හැම ළමයා ම ඉවර වෙලා යනකල්ම ‘මොනිටරින් සිස්ටම්’ එකක් තියෙන්නෙ ඕන දැනගන්න කොහෙද ගියේ කියල හැම දවසෙම. එහෙම ක්‍රමයක් නැති නිසා තමයි සමහර ළමයි සරසවි එන එක නැවතිලා සෑහෙන දවසක් යන කම් අපි දන්නෙ නැත්තෙ” යනුවෙනුයි ඔහු පැවසුවේ. සරසවියට පැමිණෙන ළමුන් වැඩිහිටියන් වශයෙන් සැලකුව ද පාසැල් අධ්‍යාපනය හමාර කරන ඔවුන්ට වැඩිහිටියන් වීමට අවස්ථාවක් නොලැබෙන බව පවසන ආචාර්යවරයා අළුත් පරිසරයකට පැමිණ අතරමං ව සිටින ඔවුන්ගේ මනසට ජ්‍යෙෂ්ඨ සිසුන් ගේ ක්‍රියාකලාපයන් ඔරොත්තු නොදෙන බවයි සඳහන් කළේ. සනාථ කිරීම මුලික පරීක්ෂණය ලෙස සාමාන්‍යයෙන් සිසුන් බලාපොරොත්තු වන්නේ එක් එක් සිසුවාට චෝදනා පත්‍රයක් යවා ඔහු හෝ ඇය නවක වදය දීමට වරදිකරුවාද නිවරදිකරුවාද යන්න විමසා ගුරුවරුන් ගේ සාක්ෂි සහිතව ළමුන් ඉදිරිපිට දීම සනාථ කිරීම බවයි ආචාර්ය අශෝක දංගොල්ල පවසන්නේ. නමුත් මෙය විශ්වවිද්‍යාලයක් තුළ සිදු නොවිය යුත්තක් සේම එසේ කිරීමට සරසවි පාලන අධිකාරිය බැඳී නැති බවයි ඔහු පවසන්නේ. “ අනිවාර්යයෙන් ම ‘එන්ක්වයරි’ එකක් කරලා අනෙකුත් ළමයින්ට ඔප්පු කරල පෙන්වන්න, සාක්ෂි සහිතව, පීඨාධිපති වත් විනය පාලකවත් බැඳිලා නැහැ. මේ ‘එන්ක්වයරි ප්‍රොසෙස්’ ඒක හරියට මේ ළමයි දන්නෙ නැති හින්දයි මේක වෙලා තියෙන්නෙ. ඇත්තටම මේ රීති පිළිබඳව හැම කොලයක් ම ළමයින්ට දීල තියනව විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන කොට. කියව ගන්නෙ නැතිව ඒ ගොල්ලො හිතනව පිරිස් බලෙන් ම නීතිය යටපත් කරන්න පුළුවන් කියල” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලයට පැමිණීම නවත්වන සිසු සිසුවියන් හැම වසරක ම සිටින බවයි ඔහු පවසන්නේ බියගැන්වීම නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලයට පැමිණීම නවත්වන සිසු සිසුවියන් හැම වසරක ම සිටින බව පවසන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා පවසන්නේ ඔවුන් ඉතා දරුණු ලෙස බියගැන්වී සිටින හෙයින් මේ තත්වය ඇතිවන බවයි ඔහු පවසන්නේ. ජ්‍යෙෂ්ඨ සිසුන් ගේ බියගැන්වීම් වලට ඔරොත්තුදීමට හැකි ලමුන් එම බියගැන්වීම් නොතකා සරසවියට නොකඩවා පැමිණෙන නමුත් පවුල් පසුබිම හෝ ජීවන රටාව අනුව එවැනි මානසික පීඩනයක් දරා ගැනීමට නොහැකි ළමුන් විශ්ව විද්‍යාල ජීවිතය අත්හරින බවයි ඔහුගේ අදහස වන්නේ. කායික වදහිංසා නොකළ ද ජ්‍යෙෂ්ඨ සිසුන් කතාකරන විලාශය දරා ගැනීමට ඇතැමුන්ට නොහැකි බව පවසන ආචාර්ය දංගොල්ල පවසන්නේ ‘සැරෙන්’ කතාකිරීම ද ‘නවක වදයට’ ඇතුලත්වන බවයි. එහෙත් ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් සිතන්නේ නවක වදයට ඇතුළත් වන්නේ කායික වදහිංසා දීම පමණක් බව අවධාරණය කරන ආචාර්යවරයා, කතා කරන වචන, ඒවායේ තීව්‍රතාවය, මුහුණේ ඉරියව් ආදී සියළු දේ මගින් බියගැන්වීම නවකවදයට ඇතුළත් වන බවයි සඳහන් කළේ. පැමිණිලි නැහැ මෙසේ පීඩාවට පත් වන ළමුන්ගේ දෙමව්පියන් හෝ මේ පිළිබඳව පැමිණිලි නොකරන්නේ ඒ මගින් අදාළ තත්වයන් යහපත් අතට නොහැරෙන බව ඔවුන් දන්නා නිසා බවයි ආචාර්ය දංගොල්ල පවසන්නේ. “තමුන්ට වෙච්ච පාඩුව විඳ ගෙන පාඩුවේ ඉන්නවා මිසක් තව තව කරදර වලට පැටලෙන්න ඒ ගොල්ලො කැමති නැහැ. විශේෂයෙන් ගැහැණු ළමුන්ගේ දෙමාපියන්” යනුවෙනුයි සංදේශය යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ. | නවක වදය හේතුවෙන් ළමුන් විශ්ව විද්‍යාල හැර යනවා නම් එහි වගකීම විශ්ව විද්‍යාල පද්ධතිය භාර ගත යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක ආචාර්ය අශෝක දංගොල්ල පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තවත් මහවැසි ඇද වැටිය හැකි බවට කාලගුණ අනාවැකි පළවීමත් සමඟ හදිසි තත්වයක් උද්ගතව ඇති බවකුයි පෙනී යන්නේ. ඉන්දීය ආණ්ඩුව එහි පවතින තත්වය විග්රහ කරනු ලැබ තිබෙන්නේ,'ජාතික අර්බුදයක්' හැටියටයි. ආරක්ෂක හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් විපතට පත්ව සිටින ජනතාව බේරා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින අතර,ගංවතුරින් විනාශ වී ගිය මහා මාර්ග සහ පාලම් යළි ඉදිකිරීමේ දුෂ්කර ප්රයත්නයක් ද ආරම්භ කොට ඇති බවයි, ඉන්දීය වාර්තා මගින් වැඩි දුරටත් පැවසෙන්නේ. මෙවර මෝසම් වැසි සමඟ මතු වූ ගංවතුර උවදුර ඉතාම බරපතළ හාණි සිදු කරන ලද 'උත්තර්කාන්ද්' ප්‍රාන්තයේ දිවි බේරුන ජනතාව වෙනත් ආරක්ෂිත ස්ථාන කරා ගෙනයාමේ විශේෂ දුම්රිය සේවයක් ද ආරම්භ කොට ඇත. මේ අතර,තවත් මහවැසි ඇද වැටිය හැකි බවට කාලගුණ අනාවැකි පළවීමත් සමඟ හදිසි තත්වයක් උද්ගතව ඇති බවකුයි පෙනී යන්නේ. සහන සැපයුම් ආයතන අතර සම්බන්ධීකරණ ඌනතාවයක් ඇති බව ඉන්දීය නිලධාරීන් විසින් පිළි ගනු ලැබ ඇති අතර, උද්ගතව පවතින බරපතළ තත්වය යටතේ ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් 'උත්තර්කාන්ද්'ප්‍රාන්ත මහ ඇමතිවරයාප්රශ්න කිරීම් වලට මුහුණ දෙමින් ඇතැයි ද වාර්තා වෙයි. | උතුරු ඉන්දියාවේ මහා ගංවතුරට කොටුව සිටින දස දහස් සංඛ්‍යාත ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් ප්රයත්නය තවත් දැඩි කොට ඇති බවයි, ඉන්දියාවෙන් ලැබෙන වාර්තා මගින් ප්‍රකාශ වෙන්නේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "විෂ මීදුමෙන්" ආරක්ෂා වීමට පැළඳි කුරුළු හිසක් වැනි ආවරණය " එය සාමාන්‍ය දෙයක් වන්නට හැකි නමුත් අලුත් දෙයක් නම් නොවේ. 'බ්ලැක් ඩෙත්' වසංගතයේ සිට 'හුස්ම හිරවන දුමාරය', රථවාහන දූෂණය, ගෑස් ප්‍රහාර තර්ජනය දක්වා මුහුණු ආවරණ පසුගිය අවුරුදු 500 ක පමණ කාලයක් තිස්සේ භාවිතයට ගැනිණි. මුල් කාලයේ දී වෙස්වළා ගැනීම් සඳහා මුහුණු ආවරණ භාවිත කළද, ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීම (ඇඳුමක් ලෙස භාවිත කරනවාට වඩා) අවම වශයෙන් ක්‍රි.පූ 6 වන සියවස දක්වා දිව යයි. පර්සියානු සොහොන්වල දොරවල්හි මිනිසුන් මුඛයට ඉහළින් රෙදි පැළඳගෙන සිටින රූප දැකගත හැකිය. මාකෝ පෝලෝට අනුව, 13 වන සියවසේ දී චීනයේ මෙහෙකරුවන් වියන ලද රෙදි වර්ගයකින් ඔවුන්ගේ මුහුණු ආවරණය කර තිබේ. එම මෙහෙකරුවන්ගේ හුස්ම අධිරාජ්‍යයාගේ ආහාරවල සුවඳ හා රසයට බලපාන්නේ නැතිව තබා ගැනීම මෙහි අරමුණ වී තිබිණි. වසංගතය කුරුළු හිස වැනි ආවරණය හඳුන්වා දීමට පෙර වසංගත කාලයේ වෛද්‍යවරුන් ක්‍රියා කළ ආකාරය 14 වෙනි සියවසේ 1347 සිට 1351 දක්වා කාලය තුළ අවම වශයෙන් මිලියන 25 ක ජනතාවක් මියගිය 'බ්ලැක් ඩෙත් (කළු මරණය)' යුරෝපයේ පැතිරී ගිය පළමු වසංගතය වන අතර, මුහුණු ආවරණ සෞඛ්‍ය හේතු මත භාවිතයට ගැනීම මෙම කාලය තුළ සිදුවිය. න්‍යායාචාර්යවරුන්ගේ විශ්වාසයට අනුව මෙම රෝගය විෂ සහිත වාතයෙන් හෝ "විෂ මීදුමක්" හරහා පැතිර ගොස් ඇති අතර, එයින් පුද්ගලයෙකුගේ ශාරීරික තරලවල අසමතුලිතතාවක් ඇති කර තිබේ. මුහුණු ආවරණය කිරීමෙන් හෝ මිහිරි සුවඳැති මල් ආඝ්‍රාහනය කිරීමෙන් මෙම අපිරිසිදු වාතය පැමිණීම වැළැක්වීමට මිනිස්සු උත්සාහ කළහ. බර හම් ලෝගු, පුළුල් වීදුරු ඇස් ආවරණ, අත්වැසුම් සහ තොප්පි 1665 මහා වසංගතයේදී රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පැළඳ සිටි ආරක්ෂිත ඇඳුම්වල කොටස් වේ බියකරු කුරුලු-මුහුණු ආවරණය පැළඳගත් පුද්ගලයෙකු සහිත දැන්වීම 17 වන සියවස මැද භාගයේ වසංගතයේ අවසාන පැතිරී යාම වන තෙක් මතුවී තිබුණේ නැත. සුවඳ විලවුන් හා කුළුබඩු මෙම මුහුණු ආවරණයට සම්බන්ධ කර තිබිණි. විෂ මීදුමක් ලෙස සැලකුණු දෙයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා මුහුණු ආවරණයේ "හොට" ඖෂධ පැළෑටි සහ සුවඳති ද්‍රව්‍යවලින් පිරවීමේ කොටසක් ලෙස භාවිත කර තිබේ. දුම්-විරෝධී 1952 දී ලන්ඩනයේ දුමාරය පිටකරන කර්මාන්තශාලා චිමිනි 18 වෙනි සියවසේ කාර්මික විප්ලවය නිසා කුප්‍රකට 'ලන්ඩන් දුමාරය' ඇති විය. කර්මාන්තශාලා වැඩි වැඩියෙන් දුමාරය පිට කිරීමත් නිවැසියන් ඔවුන්ගේ ගල් අඟුරු ගිනි දැල්වීමත් නිසා විෂ දුම් පරිසරයට එක් වීමේ තත්ත්වය උත්සන්න විය. බොහෝ ශීත සෘතුවල දී අළු සහ කහ පැහැති දැඩි දුමාරයකින් ලන්ඩන් නුවර අහස වැසී තිබිණි. භයානකම සිදුවීම වූයේ 1952 දෙසැම්බර් 5 ත් 9 ත් අතර කාලය තුළය. එකවර අවම වශයෙන් පුද්ගලයන් 4,000 ක් පමණ මිය ගිය අතර, ඊළඟ සති හා මාසවලදී තවත් 8,000 ක් පමණ මියගොස් තිබේ. මුහුණු ආවරණයක් සහ මුතු මාල 1950 ගණන්වල මෝස්තරය විය සීතල කාලගුණයේ දී එකතැන රැඳෙන වාතය උණුසුම් වායු තට්ටුවක් යට සිරවූ විට දුම හා මීදුම සංයෝගයක් වන දුමාරය හට ගනී. දුමාරය හේතුවෙන් ශ්වසනරෝග හා හෘදයාබාධ උග්‍ර විය හැකි අතර අක්ෂි ආසාත්මිකතා ද ඇති කරයි. 1930 ගණන්වල සිට,"දුම්-විරෝධී" මුහුණු ආවරණ යුරෝපය පුරා බොහෝ දෙනා පැළඳි තොප්පි වර්ග මෙන්ම මෝස්තරයක් බවට පත් විය. රථවාහනවලින් ඇති වූ උපද්‍රව රියදුරු වේලය - සිත් ඇදගන්නා සුළු මෙන්ම ප්‍රායෝගික මුහුණු ආවරණයකි වික්ටෝරියානු කාලයට පැමිණෙන විට ලන්ඩන් නුවර පොහොසත් කාන්තාවන් ඔවුන්ගේ තොප්පිවල ඇමිණූ වේලයකින් මුහුණ වසාගන්නට විය. කළු පැහැයත් සමග සංකීර්ණ අලංකාරයක් ඇති කළ හැකි ඕනෑම මෝස්තරයක් වැලඳ ගැනීමට මෙම කාන්තාවෝ උනන්දුව වූහ. අවමංගල්‍යයක දී භාවිත කළද, මුහුණු වැස්මෙහි භූමිකාව හුදෙක් අවමංගල්යයවලට පමණක් සීමා නොවීය. කාන්තාවකගේ මුහුණ හිරු, වැසි සහ විවිධ අපවිත්‍ර දේවලින් මෙන්ම අපිරිසිදු වාතයෙන් හා දූවිලිවලින් ආරක්ෂා කිරීමට ද එය උපකාරී විය. පළමුව ආරක්ෂාව! 1971 මේ රියදුරු ගෑස් ප්‍රතිරෝධී මුහුණු ආවරණයක් පැළඳ සිටියද ආසන පටි පැළඳ නොමැත පර්යේෂණයන්ට අනුව, දැනට විශාල නගරවල වායු දූෂණයට බලවත් හේතුව රථවාහන භාවිතයයි. වායු විමෝචනයේ කොටසක් ලෙස නයිට්රජන් ඔක්සයිඩ් සහ රබර් හා ලෝහවල කුඩා අංශු වාතයට එක් වීම සිදුවේ. කොරෝනාවෛරසය පැතිරී සියල්ලන්ම මුහුණු ආවරණ භාවිතය ආරම්භ කිරීමට බොහෝ කලකට පෙර සමහර නගරවල පාපැදි කරුවන් වායු දූෂණයෙන් වැළකීමට මුහුණු ආවරණ පැළඳ සිටිනු දක්නට ලැබිණි. විසිවන සියවස ආරම්භයේදී බ්‍රිතාන්‍ය කාන්තා රියදුරන් සිනිඳු වේලයක් භාවිත කළ නමුත්, එම ක්‍රමයෙන් තවදුරටත් ආරක්ෂාවක් සැලසෙන්නේ නැත. ස්පාඤ්ඤ උණ සමහර වෛද්‍යවරු මාරාන්තික ස්පාඤ්ඤ උණ වැළැක්වීම සඳහා විෂබීජ නාශක ඉසින ලද ගෝස් පැළඳීම යෝජනා කළහ පළමුවන ලෝක සංග්‍රාමය අවසානයේ පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගය විනාශකාරී ගෝලීය වසංගතයක් බවට පත්විය. ස්පාඤ්ඤ උණ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවේ මෙහි පළමු රෝගීන් ස්පාඤ්ඤයෙන් වාර්තා වීම හේතුවෙනි. වසංගතයෙන් පුද්ගලයෝ මිලියන පනහක් පමණ මියගියහ. යුද පිටිවලින් ආපසු පැමිණෙන සොල්දාදුවන් නිසා වෛරසය පැතිරීම උත්සන්න වූ බව විශ්වාස කෙරේ. එය දුම්රිය ස්ථානවල සිට නගර මධ්‍යයටත්, පසුව තදාසන්න ප්‍රදේශවලටත්, ගම්බද ප්‍රදේශවලටත් ව්‍යාප්ත විය. තම සේවකයින්ට මුහුණු ආවරණ පැළඳීමට ඉඩ සැලසීමෙන් ආසාදනය පැතිරීම වැළැක්වීමට ප්‍රවාහන සමාගම් උත්සාහ කළහ. බ්‍රිතාන්‍ය ප්රකාශනයක් වන 'නර්සිං ටයිම්ස්' 1918 දී වාර්තා කර තිබූ පරිදි, එකල රෝගය පාලනය කිරීම සඳහා ශාන්ත මාලිබෝන් රෝහලේ හෙදියන් එක් එක් ඇඳ අතර විෂබීජහරණය කළ තාවකාලික බිත්ති ඉදිකර ඇති අතර, වෛරසය පවතින කොටස්වලට ඇතුළු වූ "සෑම හෙදියක්, වෛද්‍යවරයෙක්, වාට්ටු සේවිකාවක් හෝ පිරිසිදු කරන කාන්තාවකටම" මුහුණු ආවරණ පැළඳීමට සිදු වී තිබේ. "මුහුණු ආවරණ පැළඳ ඔබේ ජීවිතය බේරා ගන්න" යනුවෙන් සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ඉල්ලා තිබේ. බොහෝ දෙනෙක් ගෝස්වලින් මුහුණු ආවරණ සාදා ගත් අතර, සමහරු මුහුණු ආවරණයේ නාසයට ආසන්න කොටසට විෂබීජ නාශක බින්දු කීපයක් එකතු කරගත්හ. ගෑස් මහා යුද්ධයෙන් වසර 20 කට පසු ඇතිවූ දෙවෙනි ලෝක යුද තර්ජනයත් සමග ක්ලෝරීන් හා අබ ගෑස් භාවිතය සිදු විය. සාමාන්‍ය ජනතාවට මෙන්ම හමුදාවේ අයටද ගෑස් ප්‍රතිරෝධී මුහුණු ආවරණ නිකුත් කිරීමට රජය ක්‍රියා කළේය. සමහර යුරෝපීය නගරවල බොහෝ ප්‍රදේශයන්හි මෙම මුහුණු ආවරණ හුරුපුරුදු දසුනක් බවට පත්විය. ලන්ඩන් මුරේ කැබරේ සමාජ ශාලාවේ නර්තන ශිල්පීන් ගෑස් ප්‍රතිරෝධී මුහුණු ආවරණ ඔවුන්ගේ ඇඳුමේ කොටසක් බවට පත් කළහ සතුන්ට පවා තමන්ගේම මුහුණු ආවරණ තිබිණි කීර්තිය සහ පෞද්ගලිකත්වය මෑත කාලයේ දී තවත් ආකාරයේ මුහුණු ආවරණයක් මතු වී තිබේ. දැඩි ලෙස බැඳුණු රසිකයන්ගේ (සහ අනුමාන වශයෙන් සතුරන්ගේ) ඇස නොගැටී ආරක්ෂා වීමේ අවශ්‍යතාව සපුරාලීමට මුහුණු ආවරණ සමත් වී ඇත. බෝයි ජෝර්ජ් 1985 දී හීත්රෝ ගුවන් තොටුපළට පැමිණියේ මුහුණ ආවරණය කරගෙනය "මා හඳුනාගනු ලැබීමට අවශ්‍ය නැත, ඒ නිසා මම කැපී පෙනෙන මුහුණු ආවරණයක් පැළඳ සිටිනවා" යන සැබෑයැයි පෙනෙන ප්‍රතික්ෂේප කිරීමක යෙදෙන එහෙත් තමන් වෙත අවධානය යොමු කරගැනීමට කැමැත්තක් දක්වන ජනප්‍රිය පුද්ගලයින්ට මේවා බොහෝ සෙයින් ගැලපේ. සාමාන්‍ය, ප්‍රසිද්ධ නොවන පුද්ගලයන් ඔවුන්ගේ සාමාන්‍ය, ප්‍රසිද්ධ නොවන මුහුණු සඟවා ගැනීම ගැන තවමත් කරුණු ගොඩනැගී නැත. කෙනෙකු දෙස කුතුහලයෙන් බලන කෙටිම බැල්ම හිමිකර ගැනීම පවා මුහුණ සඟවා ගැනීම නිසා දැන් අහිමි වී තිබේ. ජස්ටින් බීබර් අවධානයෙන් මිදෙන්න උත්සහ කරමින් මේ තොරතුරු ද කියවන්න: | බැංකු මංකොල්ලකරුවන්, පොප් තරු සහ සෞඛ්‍යය ගැන සැලකිලිමත් (සහ හෘද සාක්ෂියට එකඟ) ජපන් සංචාරකයින්ට පමණක් සීමා වූ, මුහුණු ආවරණ ප්‍රසිද්ධියේ පැළඳීම දැන් "නව සාමාන්‍ය" ලෙස නම් කිරීමට තරම් පොදු කාරණාවක් බවට පත්ව තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රැලියට ලක්ෂයක් පමණ ජනතාව සහභාගී වී සිටින බව සංවිධායකයෝ පවසති ව්ලදිමීර් පූතින් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස පසුගිය මැයි මාසයේ යළි පත්වීමෙන් පසු එරට විරුද්ධ පක්ෂය පවත්වන පළමු විරෝධතා රැලිය මෙයයි. මොස්කව් අගනුවර පැවැත්වෙන රැලියට ලක්ෂයක් පමණ ජනතාව සහභාගී වී සිටින බව සංවිධායකයන් කියා සිටියත් රුසියානු පොලිසියේ තක්සේරු වලින් පැවසුනේ ඊට වඩා අඩු පිරිසක් විරෝධතාවයට සහභාගී වී සිටින බවයි. සමාජ හා ආර්ථික කටයුතු වලට තර්ජනයක් වියහැකි ක්‍රියාකාරකම් මගින් රුසියාව දුර්වල කිරීමට හෝ බෙදා වෙන්කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවයි, ජනාධිපති ව්ලදිමීර් පූතින් රූපවාහිනියෙන් ජනතාව අමතමින් කියා සිටියේ. අන්තර් ජාල ප්‍රහාරයක් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ආරම්භ වත්ම ස්වාධීන පුවත් පළ කරන සමහර රුසියානු වෙබ් අඩවි වලට පිවිසීමට නොහැකි වී තිබේ. තමන් අන්තර් ජාලය හරහා එල්ල කරන ලද ප්‍රහාරයකට ගොදුරු වී ඇති බවයි එක් රූපවාහිනී සේවයක් කියා සිටියේ. ආණ්ඩු විරෝධී රැළිය සුදානම් කෙරෙමින් තිබියදී, රුසියානු පොලිසිය ඊයේ (ජුනි 11 වැනි දින) විපක්ෂයේ ක්‍රියාධරයන් ගේ නිවාස වලට කඩා පැන ඒවා සෝදිසි කරන්නට පටන් ගත්තේය. රුසියාවේ රහස් පරීක්ෂකයන් කියා සිටින්නේ, ජනාධිපති පූතින්ගේ පාලනයට එරෙහිව පසුගිය මාසයේ දියත් කෙරුන වීදි උද්ඝෝෂණ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් ඇති විභාගයක කොටසක් හැටියට එම කඩා පැනීම සිදු කළ බවයි. කෙසේ වුවද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහංචි දැමීමේ උත්සාහයක නිරත වෙන බවට විපක්ෂය බලධාරීන්ට චෝදනා කළේය. රුසියාව තුළ දූෂණ වලට එරෙහිව හඬක් නගන, අලෙක්ෂි නවාල්නි ගේ නිවසත් පොලිසිය කඩා වැදුන නිවාස අතරට ඇතුළත් වේ. | රුසියාවේ යළි මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා විරුද්ධ පක්ෂයේ ආධාරකරුවෝ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වමින් සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ක්‍රිස්ටල් රීඩ් 'පොදු රාජ්‍ය මණ්ඩලයේ වසරේ හොඳම තරුණ පුද්ගලයා' සම්මානය ද සමග ඇය ක්‍රිස්ටල් රීඩ්. ජනිත් රුක්මාල් සමග එක්ව 'එනේබල් ලංකා' (Enable Lanka) පදනම නිර්මාණය කොට ඔවුන් දෙදෙනා වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් දියත් කළහ. 'වසරේ හොඳම තරුණ පුද්ගලයා' සම්මානයෙන් ඇය පිදුම් ලැබීමට හේතු වූයේ ඔවුන්ගේ එම කැපවීමයි. ක්‍රිස්ටල් පවසන අන්දමට එම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඇයයි. සිය සම්මානය ලබාගැනීම සඳහා ලන්ඩනයට පැමිණි අවස්ථාවේ ඇය බීබීසී සංදේශය මැදිරියටද ගොඩවැදුනාය. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ගෙන් සුභපැතුම් සිය පදනම හරහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති තුලින් ආබාධ සහිත පුද්ගලයන්ට අවශ්‍ය උපාංග ලබා දීමට අමතරව ඔවුන්ට සමාජයේ අභියෝග වලට මුහුණ දීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන බව ක්‍රිස්ටල් පවසන්නීය. 2015 වසරේ මහ මැතිවරණය සමයේ දී මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සහාය ද ඇතිව දිවයින පුරා විසිර සිටින ආබාධ සහිත පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් ක්‍රියාකිරීමට සහ ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට 'එනේබල් ලංකා පදනම' සමත් වූ බව එහි සම නිර්මාතෘවරිය පවසයි. ඒ යටතේ මැතිවරණ කොමසාරිස් වරයාගේ මැදිහත් වීමෙන් ආබාධ සහිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය විශේෂ පහසුකම් සැපයීමට සිය පදනම මූලික වී ක්‍රියා කළ බවත් ක්‍රිස්ටල් පවසනීය. ආබාධ සහිත පුද්ගලයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ පහසුකම් සැපයිය යුතු බව රජය හඳුනාගෙන තිබුනද එතෙක් එම සේවා නිසි අයුරින් ක්‍රියාත්මක වෙමින් නොතිබුණු බව ඇය පෙන්වා දෙයි. ඊට අමතරව පසුගිය වසරේ 'LISN පෙරළිය' නමින් ව්‍යාපෘතියක් දියත් කිරීමට සිය පදනම ක්‍රියා කළ බව පැවසූ ඇය, ඒ හරහා දෘශ්‍යාබාධිත විශ්ව විද්‍යාල සිසුන්ට තොරතුරු දැනගැනීමට ඇති බාධා අවම කිරීමට ක්‍රියා කළ බවත් බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. (ක්‍රිස්ටල් රීඩ් සමග සාකච්ඡාවට සවන්දෙන්න) ඒ වෙනුවෙන් දෘශ්‍යාබාධිත සිසුන්ට තොරතුරු දැනගැනීම සඳහා භාවිත කළ හැකි ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වා දීමට සිය පදනමට හැකියාව ලැබුණත්, ඉතා දුෂ්කර පළාත් වල සිට අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල වෙත පැමිණ සිටි ඇතැම් ආබාධ සහිත ශිෂ්‍යයන්ට ස්මාට් ජංගම දුරකථන ලබා දීම දුෂ්කර කටයුත්තක් වූ බවයි ඇය පවසන්නේ. කෙසේ වෙතත් සැම්සන් සමාගම සිය ව්‍යාපෘතියේ කොටස්කරුවකු කරගැනීමට සමත් වීමත් සමග එම ස්මාට් ජංගම දුරකථන ලබා ගැනීමටත් ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල කීපයක දෘශ්‍යාබාධිත සිසුන් වෙත එම උපාංග ප්‍රධානය කිරීමටත් හැකි වූ බව ඇය පැහැදිලි කළාය. බොහෝ අවස්ථා වල සිය ව්‍යාපෘතිවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීම අපහසු වුවත් සමාගම් වලට එම ව්‍යාපෘතියේ කොටස්කාරිත්වයක් හිමිකර දීම තුලින් අවශ්‍ය උපාංග සහ සේවා ලබා ගැනීමට හැකියාව පවතින බව 'එනේබල් ලංකා පදනමේ' සම නිර්මාතෘවරිය පෙන්වා දෙන්නීය. මෙම සම්මානය දිනා ගැනීම හේතුවෙන් සිය පදනමේ ඉදිරි ව්‍යාපෘති සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයෙන්ද මූල්‍ය ප්රතිපාදනයක් ලැබුණු බව ක්‍රිස්ටල් රීඩ් බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් පැවසීය. | ආබාධ සහිත පුද්ගලයන් උදෙසා කැපවීම හේතුවෙන් 'පොදු රාජ්‍ය මණ්ඩලයේ වසරේ හොඳම තරුණ පුද්ගලයා' සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික තරුණියක් සමත්වී සිටී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඝාතනය පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් කණගාටුව පළ කළ පළමු වතාව මෙය බව මන්ත්‍රීවරයා පවසයි 2011 නත්තල් දින තංගල්ලේ දී කුරාම් ෂයික් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු අට දෙනකු අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබ සිටී. ඔවුන් සියලු දෙනාම තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරති. 'පළමු වතාව' බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු දූත පිරසක් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයකින් අනතුරුව බීබීසී ය සමඟ අදහස් දැක්වූ රොක්ඩෙල් ප්‍රදේශය භාර ලේබර් පාක්ෂික මන්ත්‍රී සයිමන් ඩන්චුක් කියා සිටියේ, තමන්ට මුණ ගැසුණු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනකුම සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කළ බවයි. 'කුරාම් ෂයික් ඝාතන පරීක්ෂණය පැවැත්වෙන ආකාරය සහ එහි ප්‍රමාදය අපිට පිළි ගන්න බැහැ' "මම හිතන්නේ, මේ ඝාතනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහල මට්ටමේ කෙනෙක් කණගාටුව පළ කළ පළමු වතාව ඒකයි. ඒ නිසා ඒ ගැන අපේ ප්‍රසාදය පළ වෙනවා," යනුවෙන් ද ඔහු සඳහන් කළේය. කුරාම් ෂයික් ඝාතන පරීක්ෂණය පැවැත්වෙන මන්දගාමී ස්වභාවය පිළිබඳව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කිසිදු ප්‍රසාදයක් නොමැති බව විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු සම්බන්ධ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් මීට ඉහත දී බීබීසී සංදේශයට පැවසීය. මේ අතර කුරාම් ෂයික් ගේ මිතුරිය, වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා, දූෂණයට ලක් වී නැති බවයි සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, එවකට විපක්ෂය නියෝජනය කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා තිබුනේ. කෙසේ නමුත් ඇය දූෂණය කළ බවට වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා දුන් සාක්ෂියේ සටහන් පොලිස්පතිවරයා විසින් සිය කාර්යාලයේදී බ්‍රිතාන්‍ය මන්ත්‍රී සයිමන් ඩන්චුක් ට පෙන්වූ බව මන්ත්‍රීවරයාගේ කාර්යාලය සනාථ කළේය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කිරීම නියෝජ්‍ය අමාත්‍ය බර්ට් ප්‍රතික්ෂේප කළේ විදේශීය දේශපාලනඥයෙක් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයකට මැදිහත්වීම සුදුසු නැති බව පවසමින්. | බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී ඝාතනයට ලක් වීම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් සමාව ඉල්ලා සිටි බව ඔහුගේ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මේ අතර මීතොටමුල්ල වෙනුවට තාවකාලික විකල්පයක් වශයෙන් කොළඹට නුදුරින් පිහිටි වෙනත් කසළ බැහැර කිරීමේ අංගන වෙත කුණු රැගෙන ඒමට එරෙහිව එම ප්‍රදේශවල ජනතාව දිගින් දිගටම විරෝධය පළ කරති. එසේම ඇතැම් භූමි ප්‍රදේශ කසළ ගොඩ ගැසීම සඳහා යොදා ගැනීමට එරෙහිව පරිසරවේදීන් උද්ඝෝෂණයේ යෙදුණු අවස්ථා බොහෝය. ශ්‍රී ලංකාවේ කසළ අර්බුදයට බලධාරීන් විසින් තිරසාර විසඳුමක් ලබා දිය යුතු බවට ප්‍රබල මතවාදයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් පුරවැසියන්ට ද වගකීමක් ඇති බව තවත් සමහරෙකුගේ අදහසය. පුරවැසියාගේ 'වගකීම' කසල කළමනාකරණය කළ යුත්තේ කෙසේද? කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥ ආචාර්ය සුජාතා ගමගේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කසළ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පුරවැසියන්ට ද වගකීමක් පැවරෙන බවය. 'ලර්න් ඒෂියා' ආයතනයේ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශිකා ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දෙන පරිදි කසළ කළමනාකරණයේ "වැදගත්ම" මුල් අදියර ආරම්භ විය යුත්තේ නිවසෙනි. ඉවතලන ආහාර නැතිනම් ජීව ද්‍රව්‍ය, කාඩ්බෝඩ්, පොලිතින්, වීදුරු වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සෙසු ද්‍රව්‍යවලින් වෙන් කොට තැබිය යුතු බව ඇය අවධාරණය කරයි. "කුස්සියේ ඉතුරු වෙන මස්මාළු, උයපු සහ උයපු නැති මේ ඔක්කොම වෙන් කර ගත යුතුයි. එසේ වෙන් කර ගත් දිරා පත්වන ද්‍රව්‍ය නිවසේදීම නඩත්තු කර ගත හැකි තාක්ෂණය අදවන විට තිබෙනවා. මීට අවුරුදු දහයකට කලින් තිබුණේ නැහැ," යනුවෙන් ඇය සඳහන් කළාය. කසල 'අහිංසකයි' "කසළවල තිබෙන ලොකුම ප්රශ්නය මේ ජීව ද්‍රව්‍ය. ජීව ද්‍රව්‍ය අයින් කරපු ගමන් කසළ බොහොම අහිංසක දෙයක් බවට පත් වෙනවා. ජීව ද්‍රව්‍ය තිබෙන කොට තමයි කසළවලින් අහිතකර දියර ගලන්නේ. අනෙක් පැත්තෙන් වායු හැදෙනවා." නිවස තුළම කසල ප්‍රතිචක්‍රීකරණය කර ගන්නා ගෘහනියක් ජීව ද්‍රව්‍ය කසළ ධාරාවෙන් ඉවත් කර තැබිය හැකි නම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සෙසු අපද්‍රව්‍ය අවසන් බැහැරුමකට මුදා හැරීමේදී ප්‍රදේශවාසීන්ට ඊට එරෙහිව උද්ඝෝෂණය කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවත් ඇය පෙන්වා දෙන්නීය. "මොකද එවැනි ද්‍රව්‍යවලින් ජරාව ගලා යන්නේ නැහැ. ගිහිල්ලා භූගත ජලයට එකතු වෙන්නේ නැහැ. වායුගෝලයට විෂ වායු එකතු වෙන්නේ නැහැ. ගඳ ගහන්නේ නැහැ." (සාකච්ඡාව ඇතුළත් බීබීසී සංදේශයට සවන්දෙන්න) කෙසේ නමුත් කසළ ගොඩ නොකොට සියයට සියයක් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බවට පවතින තර්කය කසළ කළමනාකරණයේ පිළිගත් ක්‍රමවේදවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ඇය පෙන්වා දෙයි. ස්වීඩනයෙන් උදාහරණ කරදියාන කසළ අංගනය අන්තර්ජාතික පිළිගැනීමට අනුව ද කසළ කළමනාකරණය සඳහා අවසන් බැහැරුමක් අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ආචාර්යවරිය, කසළ සියයට සියයක් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බවට පරිසරවේදීන් සහ "විපක්ෂයේ ඉන්න විට ඕනෑම දෙයකට විරුද්ධ වන අය" නගන තර්කය ප්‍රයෝගික නොවන බවත් සඳහන් කරයි. "උදාහරණයක් වශයෙන් ස්වීඩනයේ අවසන් බැහැරුමට යන්නේ සියයට එකයි. නමුත් මීට අවරුදු දහයකට කලින් සියයට තිහක් අවසන් බැහැරුමට යැව්වා. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණය සහ කසළ ගොඩ කිරීම එකට යා යුතුයි." "මුලින් සියයට සියයක් කසළ ගොඩ කරා නම්, අවුරුදු දහයකින් ඒක සියයට පනහට අඩු කෙරෙන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. තව අවුරුදු පහළොවකින් සියයට තිහට අඩි කෙරෙන ප්‍රතිපත්තියක්. එවැනි සැලැස්මක් තමයි අනෙක් රටවලත් තියෙන්නේ" යනුවෙන් කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥ ආචාර්ය සුජාතා ගමගේ වැඩිදුරටත් කියා සිටියාය. | කොළොන්නාව මීතොටමුල්ලේ කුණු කන්ද නාය යාමෙන් ජීවිත 32 ක් අහිමිවීමත් සමග කසළ බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දහවල් දෙක වනවිට රට පුරාම 60% කට වැඩි ජන්ද ප්‍රමාණයක් ප්‍රකාශ වී තිබුණු බව තේරීම් භාර නිලධාරීහු පවසති. සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු කොට, මැතිවරණය පැවැත්වෙන ජන්ද මධ්‍යස්ථාන 13,374 කටයුතු සාමකාමීව සිදු වූ බව ද වාර්තා වේ. ඡන්දය භාවිත කිරීම සඳහා මෙවර පුද්ගලයන් 15,760,867 සුදුසුකම් ලබා සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත තාවකාලිකව අත්හිටුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද දායකයන්ට හැර අනිකුත් සියලු දෙනාටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවේ. මැතිවරණය මේ වනතුරු සාමකාමීව පැවැත්වෙන බව පොලිසිය හා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ප්‍රකාශ කරති. ආබාධිත පුද්ගලයන්ට සිය ජන්දය ප්‍රකාශ කිරීමේදී ගැටළු මතුව තිබුණ බව දක්නට ලැබිණ පැෆරල් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පැවසුවේ උදෑසන 7ත් 10ත් අතර බරපතල ප්රචණ්ඩ ක්‍රියාවලට අදාළ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 2ක් පමණක් රට පුරා වාර්තා වී ඇති බවය. ඒ චංචල දේපළ හානි කිරීමේ සිදුවීමක් හා බිය වැද්දීමේ සිද්ධියකි. මේ අතර තවත් සුළු සිදුවීම් 23ක් වාර්තාවී ඇති බව ද පැෆරල් සංවිධානය පැවසීය. මේ අතර සිකුරාදා රාත්‍රියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඇතුළු තිදෙනෙකු සෙනසුරාදා පෙරවරුවේ අත්අඩංගුවට ගත් මාදම්පේ පොලිසිය ඔවුන් හලාවත මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කළේය. ඔවුන් මේ මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී හලාවත මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය. මේ අතර හලාවත එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත සිසිර අබේසේකර තමාට බැන තර්ජනය කර හලාවත ආනන්ද ජාතික පාසැල ඉදිරිපිට ජන්ද මධ්‍යස්ථානය අසලින් ඉවත් කළ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකාවක් වන රෝහිනී සමරසේකර පොලිසියට පැමිණිලි කර තිබේ. සුළු සිදුවීම් හැරුණු විට මැතිවරණය 'සාමකාමීයි' මේ අතර මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින්, ජන්ද නියෝජිතයන් පත්කිරීමේ බලය ඇති පක්ෂ ලේකම්වරුන්ගේ නම් නිසි ලෙස සංදේශනය නොවීම ගැන පැමිණිලි කිහිපයක් ලැබුණු බව සඳහන් කර තිබිණ. එම පැමිණිලි සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කළ බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි. නිල නොවන ජන්ද ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හෝ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස ද මැතිවරණ කොමිසම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි. තවත් කියවන්න: පුත්තලම ඇතැම් සුළු සිදුවීම් හටගත්ත ද පස්වරු දෙක පමණ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ සියයට හැටකට ආසන්න පිරිසක් සිය ජන්දය ප්‍රකාශ කර තිබිණ. කෙසේ වුවත් ආබාධිත පුද්ගලයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී ගැටළු මතුව තිබුණ බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී දක්නට ලැබිණ. ආබාධිත පුද්ගලයන්ට සිය ජන්දය ප්‍රකාශ කිරීමේදී ගැටළු මතුව තිබුණ බව දක්නට ලැබිණ මැතිවරණයකදී ආබාධිතයන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව ආබාධිතයන් සහ ඔවුන් කැටුව පැමිණි අය බීබීසී යට පැවසූහ. වසර තිහකට අසන්න කාලයක් පුත්තලමේ පැවති අවතැන් ජන්ද මධ්‍යස්ථාන මෙවර නොමැති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්එච්එම් චිත්‍රානන්ද පැවසීය. දූපත්වාසීන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මොහොත්තුවරම ග්‍රාමයේ ජන්ද මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබීම ද විශේෂත්වයකි. ගාල්ල සෙනසුරාදා දහවල් දහවල් 12.30 වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ඉක්මවා ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් එස්ටී කොඩිකාර පැවසීය. දිස්ත්‍රික්කය පුරාම ඉතා සාමකාමීව ඡන්ද විමසීම පැවති අතර, විශේෂයෙන්ම නෙළුව, තවලම, නියාගම සහ නාගොඩ වැනි ග්‍රාමීය ප්‍රදේශවල ඡන්ද දායකයින් ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා පැවසීය. එම ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 55%ක් පමණ වුවත් නාගරික ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය තරමක් මන්දගාමී බව ද දිස්ත්‍රික් ලේකම් එස්ටී කොඩිකාර පැවසීය. ගාල්ල දිස්ත්‍රික්කයේ 80% ක පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව පවසන ඔහු, සවස 6.30 පමණ වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් පැවසීය. සබැඳි යොමු: | සෙනසුරාදා (පෙබරවාරි 10) උදෑසන හතට ආරම්භ වූ පළාත් පාලන ආයතන 340 කට පත්විය යුතු අවම සභිකයන් 8328 ක් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම සවස හතරට අවසන් විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සෞඛ්‍යය පහසුකම් හා ධනය බෙදී යාමේ අසමතුලිතතාවය හේතුවෙන් සමාජයේ අසතුට වර්ධනය කෙරන බවයි පැවසෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව පළ කෙරෙන ‘සතුටින් සිටීම පිලිබඳ ලෝක දර්ශකයේ’ පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ට හිමි වී තිබුණේ 132 වැනි ස්ථානය වුවද මේ වසරේ දර්ශකය තුළ 117 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකාව සමත් වී සිටී. සතුට පිලිබඳ මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකසනු ලබන්නේ සෑම රටකින්ම පුද්ගලයන් දහසක සංඛ්‍යාවක් යොදාගනිමින්, වසරකට වතාව බැගින් වසර තුනක දී කරනු ලබන අධ්‍යයනයකින් ලැබෙන දත්ත සලකා බැලීමෙනි. මෙවරත් ඩෙන්මාර්කය ලොව සතුටින්ම සිටින රට ලෙස තම ස්ථානය රැක ගෙන සිටින අතර ලොව අසතුටින්ම සිටින ජනතාව සිටින්නේ බුරුන්ඩි රාජ්‍යයේ බවටයි පෙන්නුම් කෙරෙන්නේ. ඩෙන්මාර්කයට පසු වඩාත් සතුටින් සිටින ජනතාව සිටින රටවල් වන්නේ පිළිවෙලින් අයිස්ලන්තය, නොර්වේ, පින්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ස්වීඩනයයි. සෞඛ්‍යය පහසුකම් හා ධනය බෙදී යාමේ අසමතුලිතතාවය සමාජයේ අසතුට වර්ධනය කිරීමට බෙහෙවින් බලපා ඇති බවයි වාර්තාවට අනුව හෙළිවන්නේ. ඇමරිකාව 13 වන වන ස්ථානයේ සිටින අතර චීනය 83 ස්ථානයේත්, ඉන්දියාව 118 වන ස්ථානයේත්, ජපානය 53 වන ස්ථානයේත් සිටින බවයි පෙන්නුම්කෙරෙන්නේ. වඩාත්ම නොසතුටෙන් සිටින රටවල් වන බුරුන්ඩි, සිරියා, ටෝගෝ, ඇෆ්ගනිස්තාන්, රුවන්ඩා වැනි රටවල් බොහොමයක් දුප්පත් රටවල් වන අතර බොහෝ විට ලෙඩ රෝග හෝ යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාවක් ජීවත්වීම මෙසේ සතුටු දර්ශකයේ පහළ ස්ථානයකට පැමිණීමට හේතුව වී ඇති බවයි පෙනී යන්නේ. | ශ්‍රී ලංකාව 'සතුට' පිලිබඳ ලෝක දර්ශකයේ ස්ථාන පහළොවකින් ඉහළට පැමිණ තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මාධ්‍ය ආයතනවල වෑන් රථවලට පහරදෙන පූජකවරයාගේ අනුගාමිකයෝ ඒ අතරින් පිරිසක් මරුමුවට පත්වූයේ හමුදාව එල්ල කළ වෙඩි ප්රහාරවලිනි. මිය ගිය සියලු දෙනා ගුර්මීත් රාම් රහීම් සිං පූජකවරයාගේ අනුගාමිකයන් බව විශ්වාස කෙරේ. ප්රචණ්ඩ ගැටුම් හේතුවෙන් ඔහුගේ අනුගාමිකයන් 2500 දෙනෙකුවත් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසිය පවසයි. කෙසේ නමුත් තත්වය දැන් පාලනය කර තිබෙන බව ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා පැවසීය. ගුර්මීත් රාම් සිං ඇඟලන දිලිසෙන ඇදුම් ආයිත්තම් නිසා "රොක් තාරුකා බාබා" ලෙසින් ද ඔහු හැඳින්වේ ප්‍රදේශයේ පාසල් සහ රජයේ කාර්යාල සියල්ල වසා දමා තිබෙන අතර, මහාමාර්ග වසා දමා දුම්රිය ධාවනය ද නතර කොට තිබේ. ප්රචණ්ඩ ගැටුම් ඇතිවුවහොත් අත්අඩංගුවට ගන්නා පිරිස රැඳවීම පිණිස ක්‍රීඩාංගන තුනක් වෙන කරනු ලැබ තිබුණි. අධිකරණ තීන්දුවෙන් අනතුරුව කෝපයට පත් ඔහුගේ අනුගාමිකයන් පන්ච්කුලා (Panchkula) නගරය පුරා ප්රචණ්ඩ උද්ඝෝෂණවල නිරතව සිටින අතර, පොදු දේපොළවලට අලාභහානි කරමින් සිටින බවත් වාර්තා වේ. දුම්රිය ස්ථාන දෙකකටවත් ගිණි තැබූ උද්ඝෝෂකයන්, මෝටර් රථවලට පහර දී මාධ්‍ය ආයතනවල වෑන් රථවලට ද ගිණි තබා තිබේ. ගුර්මීත් රාම් රහීම් සිං ආගමික නායකයාට ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් පිරිසක් සිටින බව විශ්වාස කෙරේ. 2002 දී දෙර සාචා සවුදා (Dera Sacha Sauda) නම් සිය නිකායේ මූලස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු බව අධිකරණය සිකුරාදා (අගෝස්තු 25) තීන්දු කළේය. ආගමික නායකයාගේ මූලස්ථානය පිහිටි සිර්සා නගරයේ රඳවා සිටින කැරලි මර්ධක හමුදාව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම ලක්ෂ දෙකකට අධික ඔහුගේ අනුගාමිකයන් පිරිසක් චන්දිගාර් නගරයට රැස්ව සිටියහ. තීන්දුව සමග ප්රචණ්ඩ ගැටුම් හටගනු ඇතැයි අපේක්ෂාවෙන් දහස් ගණන් හමුදා භටයන්, පොලිසිය සහ නිල නොවන හමුදා භටයන් නගරයට කැඳවා තිබුණි. තත්ත්වය පාලනය කිරීම පිණිස ඔවුන් මහා ජනකාය වෙතට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් සිටින බව පන්ච්කුලා නගරයේ සිටින බීබීසී වාර්තාකරු රොබින් සිං පවසයි. නගරයේ ප්‍රදේශ කිහිපයක සහ පන්ජාබ් ප්‍රාන්තය පුරාම ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ. චන්ද්ගාර් නුවර විරෝධතා දක්වන අනුගාමිකයෝ හමුදා වෙඩි ප්‍රහාරයෙන් මියගිය පස් දෙනා හැරුණු විට තවත් පිරිසක් තුවාල ලැබූහ. මේ අතර ප්රචණ්ඩ ගැටුම් දිල්ලි අගනුවර දක්වා ද පැතිරගොස් තිබෙන අතර, අගනුවර දුම්රිය ස්ථාන දෙකකටවත් ගිණි තබා තිබේ. ස්ත්‍රී දූෂණ චෝදනාවට ගුර්මීත් රාම් රහීම් සිං වැරදිකරු බව තීන්දු කිරීමෙන් අනතුරුව 50 හැවිරිදි ආගමික නායකයා දැන් හමුදා ආරක්ෂාව භාරයේ පසුවේ. අධිකරණය විසින් ඔහුට ලබන සඳුදා (අගෝස්තු 28) දඬුවම් නියම කරනු ඇතැයි අපේක්ෂිතය. කවුද මේ ගුර්මීත් රාම් රහීම් සිං? | උතුරු ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පූජකයෙකු වන ගුර්මීත් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh) ස්ත්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරු බව අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව හටගත් ප්රචණ්ඩ ක්‍රියාවලින් 23 දෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලැබූ එම තීන්දුවත් බලපාන්න ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් මේ වසරේ තුනේ තහනමට' අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකය විසින් පවත්වන විමර්ශන කටයුතු සඳහා සහාය වීමට අසමත් වීම හේතුවෙන් ඔහුගේ සේවය තහනම් කරන බවයි, ජගත් පාලක මණ්ඩලය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ. තරඟ පවතින අතරවාරයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ විකට්ටුව පිළිබඳ තොරතුරු පිටතට ලබාදීම ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති චෝදනාව බවයි, ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ. එම චෝදනාවට අදාලව අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකය විසින් සිදු කරමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවස්ථා දෙකකදී පෙනී නොසිටීම සහ එසේ පෙනී නොසිටීමට හේතු දැක්වීමට අපොහොසත්වීම ඔහුට තහනමක් පැනවීමට හේතුව බවද චම්පික ප්‍රනාන්දු සඳහන් කළේය. 'මුදල් කන්දරාවක්' තරඟ පාවාදීම යටතට ගැනෙන පිටිය පිළිබඳ තොරතුරු පිටතට ලබාදීම කලක් මුළුල්ලේ කර ගෙන ගිය බවට ඇති වූ සැකය මත ජයනන්ද වර්ණවීරට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කළ බවත් ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු කියා සිටියේය. ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ජයනන්ද වර්ණවීරට එරෙහිව වසර දෙකක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී. "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලැබූ එම තීන්දුවත් බලපාන්න ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් මේ වසරේ තුනේ තහනමට," ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු සඳහන් කළේය. තරඟ පාවාදීමක් සිදු වී ඇත්නම් එයට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වී ඇත්දැයි සංදේශය විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වීමට ඇති අවස්ථාව ඉතා අල්ප බවයි. "මොකද, තරඟ පාවා දීමේදී විශාල මුදල් කන්දරාවක් ඒ හා සම්බන්ධ වෙනවා. මෙය ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් පැමිණි දෙයක් ලෙස තමයි බොහෝ විට විශ්වාස කරන්නේ," ඔහු වැඩිදුරටත් පැවසීය. | ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බාරව කටයුතු කරන ජයනන්ද වර්ණවීරගේ සේවය දූෂණ චෝදනා මත වසර තුනකට තහනම් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ එදිනම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාරගන්නා බවද ඔහු බීබීසි සිංහල සේවයට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම සම්මේලනයේදී "පොහොට්ටුවේ ජනාධිපතිධූර අපේක්ෂකයා කවුරුන්දැයි" රටට හෙළිකරනු ඇති බව ද ඔහු කියා සිටියේය. තම පක්ෂ අපේක්ෂකයා තේරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග යම් සාකච්ඡාවක් සිදු වුයේ දැයි විමසු විට හිටපු අමාත්‍යවරයා පැවසුවේ ඒ ගැන පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා කළ බවය. "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරි දින කිහිපයේදීත් සාකච්ඡා සිදුවෙන්න පුළුවන්. අපේක්ෂකයා කවුරුන්දැයි හෙළිදරව් කළාට පසුවත් එකට වැඩ කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න පුළුවන්," ඔහු කියා සිටියේය. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන සිය පක්ෂයේ පළමු සම්මේලනය ගැන බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) කොළඹදී මාධ්‍ය දැනුවත් කළේය. නිල වශයෙන් නම් කළ පිරිසකට පමණක් ලබන අගෝස්තු 11 වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගි වීමට ඉඩ ලැබෙන බව ද මාධ්‍ය හමුවේදී පක්ෂ නියෝජිතයන් පැවසීය. බැසිල් රාජපක්ෂ මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද යන්න ගැන මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබුණි. ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිභාවය අතහැර තිබෙන බව ද බැසිල් රාජපක්ෂ සඳහන් කළේය. "ඔහු ප්රජාතන්ත්රවාදී ලක්ෂණ ඇති නායකයෙක්" බවත් එම මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කියා සිටියේය. ගෝඨාභය රාජපක්ෂ දරුණු පාලකයෙක් නොවන බවට සහතිකයක් තමන්ට ලබාදිය හැකි බව මෙහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේය. ඇතැම් අය ගෝඨාභය රාජපක්ෂට බියක් දක්වනවා නේදැයි ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ, "ඔහු ගැන බයවෙන්න දෙයක් නැහැ. ඔහු හොඳ ප්රජාතන්ත්රවාදියෙක් වෙන බව මට විශ්වාසයි," යනුවෙනි. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බීබීසි සිංහල සේවයට පැවසුවේ ජනාධිපතිවරණයට එක්ව තරඟ කිරීම පිළිබඳව තම පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ස්ථිර එකඟතාවයක් තවමත් ඇතිවී නොමැති නිසා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් එම සම්මේලනයට සහභාගි නොවන බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම්කරන බව පැවසෙන අපේක්ෂකයා පිළිබඳව කිසිදු එකඟතාවයක් තම පක්ෂය සමග ඇතිකරගෙන නොමැති බව ද සඳහන් කළේය. "ජනාධිපතිවරණයට මාස කිහිපයක් තියෙනවා. විවිධ පක්ෂවලින් කල් තියා නම් කරන අපේක්ෂකයන් ඡන්දය ආසන්න වනවිට වෙනස්විය හැකියි," දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල වශයෙන් මෙම සම්මේලනයට සහභාගිවන ලෙස ආරාධනා කර නොමැතිවුවත් එම පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉරිදා (අගෝස්තු 11) පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගීවන ලෙස පුද්ගලිකව ආරාධනා කර ඇති බවය. | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලබන 11 වෙනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී නම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මිලියන 20 ක පමණ අයිතමයන්ගේ එකතුවක් පැවති එම කෞතුකාගාරයේ ගින්න මැඩලීම සඳහා ගිනි නිවන භටයෝ වෙහෙස දැරුහ. මෙහිදී කිසිවකුට තුවාල සිදුවී ඇති බවක් වාර්තා නොවේ. අතීතයේ පෘතුගාල රාජකීය පවුලේ නිවාසය වූ මේ ගොඩනැගිල්ලේ 200 වෙනි සංවත්සරය 2018 වසර මුලදී සැමරිණි. ගින්න නිසා සිදුවී ඇති හානිය කොතෙක්දැයි මෙතෙක් පැහැදිලි නැත. "වසර 200 ක ක්‍රියාකාරකම්, පර්යේෂණ හා දැනුම අහිමි වූ" මෙදින "සියලු බ්‍රසීලියානුවන්ට කනගාටුදායක දිනයක්" බව ජනාධිපති මිචෙල් ටෙමර් (Michel Temer) ට්විටර් පණිවිඩයකින් කියා සිටියේය. බ්‍රසීලයේ TV Globo නම් රූපවාහිනිය සමග අදහස් පළ කළ කෞතුකාගාරයේ අධ්යක්ෂවරයා කියා සිටියේ මෙය "සංස්කෘතික විපත්තියක්" බවය. කෞතුකාගාරය තුළ බ්‍රසීල මෙන්ම ඊජිප්තු පුරාවස්තු ද ඇතුළු අනෙකුත් රටවලට ද අදාළ දේ දහස් ගණනක් තැන්පත් කර තිබුණු බව එහි වෙබ් අඩවියේ දැක්වේ. එහි වූ ස්වභාවික ඓතිහාසික දේ අතරට ඉතා වැදගත් ඩයිනසෝර සැකිලි මෙන්ම වසර 12,000 ක් පැරණි කාන්තාවකගේ අස්ථි ද විණි. එය ඇමරිකානු කලාපයෙන් හමුවූ පැරණිතම මානව අස්ථි ද වේ. මෙම ආයතනයට සැපයුණු ප්‍රතිපාදන කපා හැරීම මෙන්ම, ගොඩනැගිල්ල අභාවයට යමින් පැවති තත්ත්වය සම්බන්ධයෙන් එහි සේවකයින් සිය අවධානය යොමු කර තිබු බව මීට පෙර වාර්තා විය. 1818 දී මෙම ආයතනය ආරම්භ කෙරුණේ විශේෂඥයින් හට එහි වූ එකතුව පරිශීලනයට ඉඩ හැර විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිවය. මේ තොරතුරු දැනගන්න: | බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි පිහිටි එරට පැරණිතම විද්‍යාත්මක ආයතනය වන ජාතික කෞතුකාගාරය ගිනිගෙන තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | හමුදා කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටින විරෝධතාවාදීන් වැඩිම සංඛ්‍යාවක් මරාදමන ලද දිනය ඉරිදා (මාර්තු 14) විය සඳුදා දිනය වනවිට අඩුතරමින් විරෝධතාවාදීන් පනස් දෙනකුවත් මරා දමනු ලැබ ඇතැයි වාර්තා වූ අතර ඉරිදා (මාර්තු 14) පොලිස් මර්දනයේ දී ප්‍රදේශ කීපයක විරෝධතාවාදීන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් සිදුකරනු ලැබ තිබුණි. මරණවලින් වැඩි ප්‍රමාණය වාර්තාවන්නේ යැන්ගුන් (Yangon) ප්‍රදේශයෙනි. මියන්මාරයේ තත්ත්වය දරුණු අතට හැරුණේ යුදහමුදා කුමන්ත්‍රණය මගින් බලයෙන් ඉවත්කරන ලද අවුන් සාං සූ චී අධිකරණය ඉදිරියට පැමිණවීමේ සැලසුමක් පැවති අතරවාරයේය. එහෙත් රටතුළ පවතින තත්ත්වය හේතුවෙන් එම අධිකරණ ක්‍රියාවලිය කල්තබනු ලැබ ඇත. මියන්මාර ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරයේ විරෝධතාවාදීන් කියාසිටින්නේ පසුගිය නොවැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයෙන් මහා ජයග්‍රහණයක් ලද මියන්මාර ජාතික ප්රජාතන්ත්රවාදී ලීගයේ (NLD ) නායිකා අවුන් සාං සූ චී නිදහස් කරන ලෙසය. පෙබරවාරි 01 යුදහමුදා කුමන්ත්රණයෙන් අනතුරුව ඇය සිරකර තබාසිටින ස්ථානයක් දැනගන්නට නැත. පසුගිය නොවැම්බර් මහ මැතිවරණයෙන් අවුන් සාං සූ චී ගේ පක්ෂය විශිෂ්ට ජයක් ලද බව ඇයගේ ආධාරකරුවෝ කියාසිටිති අවුන් සාං සූ චී ට එරෙහිව යුදහමුදා පාලනය නගන චෝදනා ගොතනලද ව්‍යාජ ඒවායයි ඇයගේ ආධාරකරුවෝ කියාසිටිති. මැතිවරණ දූෂණ සිදුකරන ලද බවට චෝදනා කරමින් යුද හමුදා ජුන්ටාව විසින් මියන්මාර ප්රජාතන්ත්රවාදී ලීගයේ නායකයන් රැසක් සිරගත කරනු ලැබ ඇත. එහෙත් එම චෝදනා මෙතෙක් තහවුරු කරනු ලැබ නැත. යුද හමුදා පාලනය ඉරිදා දිනයේ දී මුලින් යුදනීතිය ප්‍රකාශයට පත්කරන ලද්දේ රටේ විශාලතම නගරය වන 'යැන්ගුන්' හි කලාප දෙකකට බලපැවැත්වෙන පරිදිය. එම පියවර ගන්නා ලද්දේ චීන ව්‍යාපාරික ආයතනවලට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුවය. මේ අතර සඳුදා දිනයේ දී 'යැන්ගුන්' සහ 'මණ්ඩලේ' නගරවල තවත් කලාප කීපයකට බලපැවැත්වෙන පරිදි නැවතත් යුද නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. ඒ අනුව එම කලාපයන්හි විරෝධතාවාදීන්ට එරෙහිව යුද නීතිය යටතේ අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට හමුදා පාලනයට බලය ලැබෙයි. චීනය මියන්මාර හමුදා පාලනයට සහයෝගය දෙන්නේය යන්න විරෝධතාවාදීන්ගේ විශ්වාසය වී ඇත. එහෙත් සති අන්තයේ චීන ව්‍යාපාරික ආයතනවලට එල්ල කෙරුණු ප්‍රහාරය කාගේ ක්‍රියාවක් ද යන්න තවමත් පැහැදිලි නැත. හමුදා කුමන්ත්‍රණයට එරෙහිව නැගීසිටින විරෝධතාවාදීන් වැඩිම සංඛ්‍යාවක් මරාදමන ලද දිනය ඉරිදා (මාර්තු 14) විය. මේ වනවිට මරාදමනු ලැබ ඇති විරෝධතාවාදීන් ගණන 120 ඉක්මවා ඇතැයි දේශපාලන සිරකරුවන්ට සහයෝගය දීමේ සංවිධානය (AAPP) විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත. .සඳුදා (මාර්තු 14) 'මණ්ඩලේ' ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක යළිත් විරෝධතා රැල්ලක් පැතිරයමින් තිබුණි. මියන්මාර මධ්‍යම කලාපයේ නගර දෙකක (Myingyan සහ Aunglan) ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂකයන්ට ආරක්ෂක හමුදා විසින් වෙඩිතබන ලද බව එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා මගින් කියැවෙයි. ආරක්ෂක හමුදා 'Hlaing Tharyar' හි විරෝධතාවාදීන්ට ජීවඋණ්ඩ මගිඋන් වෙඩිතබා තිබුණි 'විප්ලවයක්' මේ අතර බලයෙන් පහ කෙරුණු මන්ත්‍රීවරුන් විසින් 'විප්ලවයක්' ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. ඇතැම් මන්ත්‍රීවරු හමුදා පාලනය පිළිගැනීම ප්‍රතික්ෂේප කරති. ඔවුන් මේවනවිට සැඟව සිටින අතර නව කණ්ඩායමක් ලෙස සංවිධානය වෙමින් සිටින බවත් වාර්තා වෙයි. එය නම්කරනු ලැබ තිබෙන්නේ 'සාංගමික පාර්ලිමේන්තුව නියෝජනය කරන කමිටුව(CRPH) යනුවෙනි. එම සංවිධානයේ නායක මහ්න් වින් ඛයින් තාන් (Mahn Win KhaingThan) සති අන්තයේ විරෝධතාවාදීන් පළමුවරට අමතමින් හමුදා පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයන්හිදී ස්වකීය ආරක්ෂාව සහතික කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් එම විරෝධතා ව්‍යාපාරය ''විප්ලවයක්'' ලෙස හඳුන්වා දුන්නේය. ''මෙය අපේ ජාතියේ අඳුරුතම මොහොතයි.එසේම අලුත් ආලෝකයක උදාව අත ළඟට පැමිණ තිබෙනවා'' ඔහු සඳහන් කළේය. 'සාංගමික පාර්ලිමේන්තුව නියෝජනය කරන කමිටුව(CRPH) නීති විරෝධී සංවිධානයක් යයි පාලක මිලිටරි ජුන්ටාව පවසයි. එම සංවිධානයට හවුල්වෙන්නන්ට රාජද්‍රෝහී චෝදනාවන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි ද හමුදා පාලනය අනතුරු ඇඟවීමක් කරයි. මියන්මාරය ගැන තවත් තොරතුරු; | කුමන්ත්‍රණයක් මගින් පසුගිය පෙබරවාරි මාසයේ මියන්මාරයේ බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාව ඔවුන්ගේ පාලනයට එරෙහි විරෝධතා මර්දනය කෙරුණ මිනිස් ඝාතක දවසකින් පසු රට තුළ තවත් දිස්ත්‍රික්ක කීපයක යුද නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මෙය ලෝකයේ ඇති විශාලතම ස්වාභාවික කොරල් බැම්ම ලෙස සැලකේ මෙය ලෝකයේ ඇති විශාලතම ස්වාභාවික කොරල් බැම්ම ලෙස සැලකේ. කිලෝමීටර දෙදහස් තුන්සියයකට වඩා දිගට විහිදෙන මෙම කොරල් පරය පසුගිය වසර පහක කාලය තුළ දැඩි ඛාදනයකට ලක්වී ඇති බව පෙන්වා දෙන වාර්තාවකට අනුව එය තවදුරටත් විනාශයට ලක්වීමේ අවදානමක් පවතී. මුහුදු වතුර අපවිත්‍ර වීම, වෙරළාසන්න සංවර්ධන කටයුතු සහ ධීවර කටයුතු මෙම ක්රමික විනාශයට බලපාන අමතර හේතු ලෙස පිළිගෙන තිබේ. මෙම කොරල් බැම්මට විරුද්ධ දෙසින් ඇති ඊසාන දිග මුහුදු තීරයේ සිදු කිරීමට නියමිත දැවැන්ත සංවර්ධන වැඩසටහනක් අනුමත කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය දෝෂ දර්පණයට ලක් වී තිබේ. | කාලගුණික හා වෙනත් බලපෑම් හේතු කොට ගෙන ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් මුහුදු තීරයේ ඇති “මහා බාධක කොරල් පරය” අනතුරට ලක්වී ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තෙන්ඩුල්කාර් සහ වෝන් එකසත් ජනපදයේ පැවැත්වෙන විස්සයි විස්සයි තරඟාවලියක ප්‍රතිවාදී නායකයන් දෙදෙනාය ක්‍රිකට් ක්‍රීඩාව 1900 සිට ඔලිම්පික් තරඟාවලියට ඇතුලත් නැති නමුත් ක්‍රිකට් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස අයිසීසී ජගත් පාලක මණ්ඩලය ලබන මාසයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවීමට නියමිතයි. "ක්‍රිකට් ඔලිම්පික් ක්‍රීඩාවක් වෙනවා දකින්න මම කැමතියි," ෂේන් වෝන් පැවසීය. "කවුද දන්නේ ළඟදීම ඒක වෙන්නත් පුළුවන්." "මම හිතන්නේ ඒක බොහොම හොඳ අදහසක්," බීබීසී ලෝක සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සචින් තෙන්ඩුල්කාර් පැවසීය. "විස්සයි විස්ස ක්‍රිකට් ඒකට හොඳම ෆෝමැට් එක කියල මම හිතනවා." ක්‍රිකට් ඔලිම්පික් ශූරතාවලියට එක්කිරීම මගින් ලෝක කුසලාන වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ශූරතාවලට පවතින ඉල්ලුම අඩුවනු ඇතැයි විශ්වාස කරන අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය එයට ප්‍රබල උනන්දුවක් නොදක්වයි. ෂේන් වෝන් සහ සචින් තෙන්ඩුල්කාර්ගේ සහයෝගය පළවීමත් සමඟ ජගත් පාලක මණ්ඩලයට සිය ස්ථාවරය පිළිබඳව යළි සිතා බැලීමට සිදුවනු ඇති බවයි සැලකෙන්නේ. කෙසේ නමුත් ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් දෙදෙනකු ලබන මාසයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවන බව මේ මාසය මුලදී පැවැත්වුන විධායක සභා රැස්වීමෙන් අනතුරුව අයිසීසී යැ නිවේදනය කළේය. | විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඔලිම්පික් ශූරතාවලියට ඇතුලත් කරන මෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් දෙදෙනකු වන සචින් තෙන්ඩුල්කාර් සහ ෂේන් වෝන් ඉල්ලා සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගී වන මෙන් මාධ්‍ය ආයතන වලට දැන්වීමෙන් අනතුරුව යම් කිසි පුද්ගලයකු තමාට දුරකතනයෙන් කතා කර ප්රවෘත්ති සාකච්ඡාව නොපවත්වන ලෙස මරණීය තර්ජන කළ බවයි සුනිල් ජයසේකර පවසන්නේ. ඉරණම ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වීම එල්ටීටීඊ ඩයස්පෝරාවට හා ශ්‍රී ලංකාවේ දෙමළ අන්තවාදයට කරන අනුග්‍රහයක් ලෙස හඳුන්වා ඇති තර්ජනය කළ පුද්ගලයා වැඩි දුරටත් කියා ඇත්තේ සාකච්ඡාව පැවැත්වුවොත් රටින් පිටවීමට පෙර අනෙකුත් මාධ්‍යවේදීන්ට අත් වූ ඉරණම ඔහුටත් අත් වනු ඇති බවයි. මාධ්‍ය හමුවෙන් අනතුරුවත් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වූ බව සුනිල් ජයසේකර සංදේශයට කියා සිටියේය. තර්ජනය කර පැමිණි දුරකථන ඇමතුම් හා ඒවායේ දුරකථන අංක ඇතුළුව මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් පොලිස්පතිවරයාට ලබා දෙන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර වැඩිදුරටත් පැවසුවේය. | ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩ මුළුවකට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ප්රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කිරීම හේතුවෙන් තමන්ට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'පරීක්ෂණ හරියට කෙරෙන්න ඕන. මනුස්සයන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඕන' දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් නවී පිල්ලේට එම පෙත්සම භාරදී තිබෙන්නේ රතුපස්වල ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ අධිපති තෙල්පැහැ සිරිධම්ම හිමියන් විසින්. තිදෙනකු මරා දමමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් උද්ඝෝෂකයන්ට එල්ල කළ හමුදා ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ "හරියට කෙරෙන්න ඕනෑ," බවයි, එහිමියන් සංදේශය කළ විමසීකම දී කියා සිටියේ. 'ජනාධිපතිටත් ඉහල කෙනෙක්' "මනුස්සයන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඕන," යනුවෙන්ද එහිමියෝ පැවසූහ. එමෙන්ම ජනතා උද්ඝෝෂණයට හේතුවුණු කම්හල ප්‍රදේශයෙන් ඉවත් කර ගන්නා බවට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබුනත්, එය යලි විවෘත කිරීමේ උත්සාහයක් පවතින බව ද තෙල්පැහැ සිරිධම්ම හිමියෝ සංදේශයට කියා සිටියහ. "ජනාධිපතිතුමාටත් වඩා ඉහල කෙනෙක් ඉන්නවා දැයි සැක සිතෙන," බවයි, එහිමියන් පවසන්නේ. මේ අතර, යුද හමුදා ප්‍රහාරය සම්බන්ධ මූලික යුද හමුදා පරීක්ෂණය පදනම් කරගෙන එදින සේවයේ යෙදී සිටි බ්‍රිගේඩියර්වරයා සහ ලුතිනන් කර්නල්වරුන් තිදෙනකු තාවකාලිකව සේවයෙන් මුදා හැරීමට හමුදාපතිවරයා තීරණය කොට තිබේ. කෙසේ නමුත් එම නිලධාරීන් තවමත් වරදකරුවන් ලෙසින් නම් කොට නොමැති බව සංදේශයට කියා සිටි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය, මෙය හුදෙක් සාක්ෂි සම්පිණ්ඩනය සිදුවන තුරු ඔවුන් අදාළ නිලතලවල කටයුතු කිරීම සුදුසු නොවීම හේතුවෙන් ගන්නා ලද පියවරක් බව අවධාරනය කරයි. | හමුදා ප්‍රහාරයට ලක්වූ වැලිවේරියේ රතුපස්වල ජනතාවට සහන සලසන මෙන් ඉල්ලා සිටිමින් ප්‍රදේශවාසී භික්ෂුන් වහන්සේ නමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගෝවා නගරයේ පැවැත්වුන භාරතීය ජනතා පක්ෂයේ සමුළුවට සහභාගී නොවූ අද්වානි, තමා අසනීපයෙන් පසුවෙන බවයි දැනුම් දී තිබුනේ. ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දී පක්ෂයේ ප්රචාරක ව්‍යාපාරය මෙහෙයවනු ලැබීම එම පක්ෂයේ තවත් නායකයකු වන නරේන්ද්‍ර මෝඩි වෙත පවරනු ලැබීමෙන් දවසකට පසුවයි, අද්වානිගේ ඉල්ලා අස්වීම සිදු වුනේ. නරේන්ද්‍ර මෝඩි ඉන්දීය දේශපාලනයේ මතභේදාත්මක චරිතයක්. පක්ෂයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ට ඉන්දීය දේශපාලනඥ එල්.කේ.අද්වානි කියා ඇත්තේ, බීජේපීයේ වත්මන් ගමන් මාර්ගය සම්බන්ධයෙන් තමා තුළ ප්‍රසාදයක් නොමැති බවයි. පෞද්ගලික න්‍යාය පත්‍ර භාරතීය ජනතා පක්ෂයේ බොහෝ නායකයන් ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර පිළිබඳව පමණක් අවධානය යොමුකරමින් සිටින බවත්, අද්වානි සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් කියා සිටී. එල්.කේ.අද්වානි භාරතීය ජනතා පක්ෂයේ සමාරම්භක නායකයෙක්. පසුගිය සති අන්තයේ ගෝව නගරයේ පැවැත්වුන භාරතීය ජනතා පක්ෂයේ දෙදින සමුළුවට සහභාගී නොවූ අද්වානි, තමා අසනීපයෙන් පසුවෙන බවයි දැනුම් දී තිබුනේ. | ඉන්දීය දේශපාලනයේ ජ්‍යෙෂ්ට නායකයකු වන එල්.කේ. අද්වානි ඔහු නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ සියලුම නිලතල වලින් ඉල්ලා අස්විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | යුක්රේනය ප්‍රහාරක ගුවන් යානා යොදා ගත් බවයි කැරලිකරුවන් කියා සිටින්නේ ගුවන් තොටුපල අත්පත් කර ගැනීම වෙනුවෙන් කළ සටනේ දී සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවයි ඔවුන් පවසන්නේ. කෙසේ නමුත් එහි තවමත් වෙඩි ප්‍රහාරවල හඬ අසන්නට ලැබෙන බව ගුවන්තොටුපොළ අවට සිටින බීබීසී වාර්තාකරුවන් කියා සිටිති. සටනේ දී කැරලිකරුවන් තිස් දෙනෙකු පමණ මිය ගිය බව පවසන රුසියාවට හිතවාදී කැරලිකරුවන්, යුක්රේන ආණ්ඩුව ප්‍රහාරය දියත් කිරීම සඳහා ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා යොදා ගත් බවයි කියා සිටින්නේ. ඇමරිකාවේ හා යුරෝපයේ මැදිහත් වීමකින් තොරව රුසියාව සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන්නේ නැති බවයි යුක්රේන අගමැති ආර්සෙනි යට්සෙසේනියුක් පවසන්නේ. යුක්රේන ජනාධිපතිවරණයෙන් පෙත්රෝ පොරෝශේන්කෝ ජය ලබා දිනක් ගත වනවාත් සමග නැගෙනහිර යුක්රේනයේ මේ වන විට ඉතා අවිනිශ්චිත තත්වයක් මතු වෙමින් තිබේ. මේ අතර රුසියාවට හිතවත් බෙදුම්වාදීන්ට එරෙහිව නැගෙනහිර ප්‍රදේශයේ දියත් කරනු ලබන මෙහෙයුම් නවත්තන මෙන් රුසියානු ජනපති පුතින් කිවූ පාලනයෙන් ඉල්ලීමක් කර තිබේ. රුසියානු ජනපති මෙසේ ඉල්ලීමක් කර ඇත්තේ නැගෙනහිර යුක්රේනයේ දනේත්ස්ක් ගුවන් තොටුපල යුක්රේනය විසින් යළි සිය භාරයට ගැනීමෙන් අනතුරුවයි. | නැගෙනහිර යුක්රේනයේ දනේත්ස්ක් නගරයේ රුසියාවට හිතවාදී කැරලිකරුවන් විසින් අල්ලා ගෙන සිටි ගුවන් තොටුපල නැවතත් සිය භාරයට ගත් බව යුක්රේන බලධාරීන් පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඡන්ද මධ්‍යස්ථාන විවෘතව ඇති කාල සීමාව අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වදින මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව දිගින් අඟල් 26 කි. එය 2015 ජනාධිපතිවරණය හා සැසඳීමේ දී දෙගුණයක දිගින් යුක්ත වේ. මේ හේතුවෙන්, දිවයින පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන පැයක වැඩි පුර කාලයක් විවෘතව තැබීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව, උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ ඡන්ද දායකයන්ට සිය ඡන්දය භාවිත කළ හැකිය මෙවර ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය (15992096) දෙනෙක් සිටින අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් ස්ථාපිත කර ඇත. එමෙන්ම, නොවැම්බර් මස 16 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යා යුතු ලේඛන මොනවාද? ඡන්දය භාවිත කිරීමේ දී සිය අනන්‍යතාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර, ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කරන ලද අනන්‍යතා ලේඛනයක් රැගෙන යෑම අනිවාර්යය වේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද අනන්‍යතා ලේඛන: හැඳුනුම්පතක් නොමැති නම් කළ යුත්තේ කුමක් ද? ඉහත කී ආකාරයේ හැඳුනුම්පතක් නොමැති නම් එම පුද්ගලයන් තාවකාලික නැතිනම් විශේෂ හැඳුනුම්පතක් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ හැඳුනුම්පත් ලබා ගැනීමේ කාල සීමාව 2019 නොවැම්බර් 09 දින අවසන් වීමට නියමිතව තිබූ නමුත් පුරවැසියන්ගේ, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂවල ඉල්ලීම පරිදි එකී කාල සීමාව 2019 නොවැම්බර් 13 දින මධ්‍යහ්න 12:00 දක්වා දීර්ඝ කළ අතර මේ වන විට එම කාල සීමාව ද අවසන් වී තිබේ. නිල ඡන්ද දැන්වීම් පත රැගෙන යා යුතුද? තැපෑලෙන් නිවසට ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත (Poll Card) ඡන්ද මධ්‍යස්ථානයට ගෙන යෑම අනිවාර්ය නොවන නමුත්, එය රැගෙන යාමෙන් ඡන්ද දායකයාට මෙන්ම ඡන්ද පොළේ නිලධාරීන්ට ද සිය රාජකාරිය ඉටු කිරීම පහසු වේ. ඡන්දය භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු පියවරමොනවාද? ඡන්ද පොළට ඇතුළු වන පුද්ගලයෙකුට එහි එක් පසෙක සිටින නිලධාරීන් හතර දෙනෙකු දක්නට ලැබේ. ඉන් පළමුව සිටින නිලධාරියා ඡන්ද දායකයා රැගෙන එන අනන්‍යතාව තහවුරු කිරීමේ ලේඛනය පරීක්ෂා කර බලා එහි ඇති ඡායාරූපය සහ පුද්ගලයාගේ මුහුණ හා ස්වරූපය ගැලපේ නම් දෙවෙනි නිලධාරියා වෙත යොමු කරනු ලබයි. තෙවෙනි නිලධාරියා ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල පරීක්ෂා කර එම ඇඟිල්ල වටා තීන්ත ආලේපනය කරනු ඇත. එසේ තීන්ත ආලේපනය කිරීමට එකඟ නොවන පුද්ගලයෙකුට ඡන්දය භාවිත කිරීමට ඉඩ නොදෙනු ඇත. ඇඟිල්ලේ තීන්ත ආලේපනය කිරීමෙන් පසු හතරවෙනි නිලධාරියා වෙත යොමු විය යුතු අතර, ඔහු හෝ ඇය ඡන්ද පත්‍රිකාවක් (Ballot paper) ලබා දෙනු ඇත. එය රැගෙන ආවරණය කළ කුටිය තුළට ගොස් සිය ඡන්දය ලකුණු කළ හැකිය. නිවැරදි ලෙස ඡන්දය ලකුණු කරන්නේ කෙසේ ද? ඡන්දයක් වලංගු වීම සඳහා එහි නිවැරදි සලකුණු යෙදිය යුතුය. තමන් ඡන්දය ලබා දෙන්නේ එක් අපේක්ෂකයෙකුට පමණක් නම් අදාළ අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියේ 1 ඉලක්කම හෝ X සලකුණ ලකුණු කිරීම ප්රමාණවත්ය. තම ඡන්දය අපේක්ෂකයන් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට ලබා දීමේ හැකියාව ද ඇත. නමුත් මෙහි දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තිබේ. දෙදෙනෙකුට පමණක් ඡන්දය ලබා දෙන්නේ නම් අදාළ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිලිවෙළින් 1, 2 යනුවෙන් සටහන් කළ යුතුය. තිදෙනෙකුට ඡන්දය ලබා දෙන්නේ නම් අදාළ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිලිවෙළින් 1, 2, 3 ලෙස සටහන් කිරීමෙන් මේවා වලංගු ඡන්ද බවට පත් වේ. රජයේ නිල ප්රවෘත්ති අඩවියේ රූප රාමු සහිතව පැහැදිලි කර තිබූ ආකාරය ඔබේ ඡන්දය අවලංගු ඡන්දයක් බවට පත් වන්නේ කෙසේ ද? ඡන්දය ලකුණු කළ පසු කුමක් කළ යුතු ද? ඡන්දය ලකුණු කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකාව හොඳින් දෙකට නමා අවැසි නම් හතරටද නමා ශාලාවේ ඇති ඡන්ද පෙට්ටියට දැමිය යුතුය. "වැරද්දක් වුණා" අමතර ඡන්ද පත්‍රිකාවක් ලබා ගත හැකි ද? තමන් කැමැත්තෙන් සිටි අපේක්ෂකයා වෙනුවට අත්වැරදීමකින් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරියේ ඡන්දය ලකුණු කළ බව යම් අයෙකු පැවසීමෙන්, ඔහු හෝ ඇයට අමතර ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට මධ්‍යස්ථානයේ සිටින ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාට කිසිඳු බලයක් හිමි නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. "අනවධානය නිසා සිදුවන අත්වැරදීම්" සඳහා පමණක් තවත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාට බලය ඇති බව සභාපතිවරයා පැවසුවේය. උදාහරණ වශයෙන්: යම් හෙයකින් වම් අතේ සුලැඟිල්ලේ සලකුණු කෙරෙන තීන්ත ඡන්ද පත්‍රිකාවේ ගැවුණු අවස්ථාවක. ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දැමීමේදී ඉරී ගිය විට. විශේෂ ඡන්ද දායකයන් (ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත) දෑස් පෙනෙන, ඡන්ද පත්‍රිකාව ලකුණු කිරීමට හැකියාවක් ඇති නමුත්, ඡන්දය ලකුණු කිරීමේ ආකාරය නොදන්නා කෙනෙකුට ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හෝ ඔහු වෙනුවට වෙනත් නිලධාරියෙකු විසින් ඡන්ද පත්‍රිකාවක් ලකුණු කරන ආකාරය පමණක් විස්තර කර දෙනු ඇත. නමුත් දෘෂ්ඨි ආබාධයකින් හෝ ශාරීරික ආබාධයක් නිසා ඡන්ද පත්‍රිකා සියතින් ලකුණු කිරීමට නොහැකි අයට, තමාගේ සහාය සඳහා වෙනත් අයෙකු කැටුව ආ හැකිය. මෙවැනි ඡන්ද දායකයන් ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගත්, රජයේ වෛද්‍ය නිලධාරියෙකු සහතික කළ සහතිකයක් ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන ආ යුතුය. නියමිත පරිදි අනන්‍යතාව සනාථ කිරීමෙන් අනතුරුව ඡන්ද හිමියාගේ සහායකයාට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති සහ මැතිවරණ කාර්ය මණ්ඩලයේ තවත් සමාජිකයෙකු ඉදිරිපිට ඡන්ද කුටිය තුළදී ඡන්දය සළකුණු කළ හැකිය. නමුත් දෘෂ්‍ය ආබාධිත ඡන්ද දායකයෙකු වෙනත් පුද්ගලයෙකු කැටුව නොආ විට, පනතේ සඳහන්ව නොමැති නමුත් මීට පෙර මැතිවරණවල දී සිදු කළ පරිදි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති සහ තවත් නිලධාරියෙකු සමඟ ඡන්ද දායකයා කුටිය වෙත කැටුව ගොස් ඔහුගෙන් කරුණු විමසා ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා, ඡන්ද දායකයා ඉල්ලා සිටින ආකාරයට අනෙක් නිලධාරියා ඉදිරියේදී ඡන්දය ලකුණු කළ හැකිය. ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව කෙසේ ද? ඡන්ද මධ්‍යස්ථානවල සහ ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති හෙයින් ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ට බලපෑම් කිරීමට හෝ යම් කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සහ දරණ පුද්ගලයන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. මේ තොරතුරුද කියවන්න: | 2019 නොවැම්බර් 16 වෙනි සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය, රැගෙන යා යුතු ලේඛන මෙන්ම පිළිපැදිය යුතු නීති රීති පිළිබඳ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරු සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් නිකුත් කරන ලද නිවේදන අනුව මෙම ලිපිය සකස් කර ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සංරක්ෂිත ඡායාරූපයක් ඉහත කී ඝාතනය ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදු කොට ඇතැයි සැක කරන බව පොලිසිය කියා සිටියේය. ඔහුගේ මෘත ශරීරය උතුරු දිග බංගලාදේශයේ රාජ්ශාහි නගරයේ තිබී සොයා ගත් බවයිපොලිසිය සඳහන් කළේ. එම ප්‍රදේශයේදීම පසුගියදා මහාචාර්යවරයකු ඝාතනය කොට තිබූ අතර ඒ ආකාරයටම මෙම ඝාතනයද සිදු කොට ඇති බවයි පොලිසිය පවසන්නේ. පසුගිය වසර තුනක කාලය ඇතුළත බ්ලොග් ලේඛකයන්, විද්වතුන් සහ සුළුතර ආගම්වලට අයත් පුද්ගලයන් ඇතුළු විසි දෙනකුට අධික පිරිසක් බංගලාදේශය තුළ ඝාතනයට ලක් වී තිබේ. ඉස්ලාමීය අන්තවාදීන් විසින් එම ඝාතන සිදු කළ බවට චෝදනා එල්ල වේ. | බංගලාදේශයේ ප්‍රාදේශීය මට්ටමේ සුෆි මුස්ලිම් නායකයකු කපා කොටා මරා දමා ඇති බව එරට පොලිසිය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ''කෙටුම්පතක්වත් නැතුව මේක ගැන විරෝධය දැක්වීම ඉතාම කණගාටුදායකයි'' යෝජිත පනතින් රේගු බලධාරීන්ගේ බලතල අඩු කොට රේගු දෙපාර්තමේන්තුව විනාශ කිරීමේ සැලැස්මක් ඇති බවට රේගු සේවක වෘත්තීය සමිති නගන චෝදනා වැඩ බලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රතික්ෂේප කළේ බදාදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. රේගුව සුරැකීමේ සංවිධානය පසුගියදා ජනාධිපතිවරයාට සන්දේශයක් ඉදිරිපත් කරමින් චෝදනා කොට තිබුණේ යෝජිත රේගු පනත ක්‍රියාත්මක වුවහොත් රටේ ආර්ථිකය මුළුමනින්ම අරාජික වන බවයි. රේගුව සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම් කරු ජේ ඒ ගුණතිලක සංදේශයට කියා සිටියේ යෝජිත පනත ජාවාරම්කරුවන්ට සහ කළුකඩ ව්‍යාපාරිකයන්ට වාසි සහගත වනු ඇති බවයි. එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වැඩ බලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ කෙටුම්පත් කොට නොමැති පනතක් සම්බන්ධයෙන් විරෝධය පෑම කනගාටුවට කරුණක් බවයි. "මේ රේගු පනත වසර 100 කට වඩා පැරණියි, කවුරුහරි මේක සංශෝධනය කරනවා කිව්වම මේකේ ඇතුළේ තියෙන කිසි දෙයක් දන්නේ නැතුව, කෙටුම්පතක්වත් නැතුව මේක ගැන විරෝධය දැක්වීම ඉතාම කණගාටුදායකයි.'' නව පනතක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වූ නමුත් එවැනි පනතක් කෙටුම්පත් කර නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. පනත කෙටුම්පත් කළ පසු සියලු පාර්ශව සමග සාකච්ඡා කොට ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේ. "මේකෙන් රේගු නිලධාරීන්ගේ සේවයට හානියක් වෙනවා නම්, නැතිනම් රේගු නිලධාරීන්ගේ අභිමානයට හානියක් වෙනවා නම් ඒ ගැන අපි සාකච්ඡා කළ යුතුයි, අනික මේකෙන් අලුත් ආයතනයක් පිහිටුවනවා කියල උපකල්පනයක් කලොත් එක රේගුවේ අධීක්ෂණයෙන් වෙනවා නම් තවත් අයගේ සහය ලබාගැනීමේ වරදක් මම දකින්නේ නැහැ.'' | තවමත් කෙටුම්පත් කිරීමක් පවා සිදු නොකළ නව රේගු පනත පිළිබඳ අනිසි බියක් ඇති කර ගැනීමට හේතුවක් නොමැති බව ආණ්ඩුව අවධාරණය කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගතවගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 300-500 ත් අතර ප්‍රමාණයක පාඩුවක් සිදු වූ බව ව්‍යාපාරිකයෝ පවසති ඒ අනුව යළිත් වරක් ශ්‍රී ලංකාවට වරණීය තීරු බදු සහනය ලබාදීමේ යෝජනාවට මේ වනවිට යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා අමාත්‍යවරුන් යන අංශ තුනේම අනුමැතිය හිමි වී තිබේ. වෙළෙඳ හා ආර්ථික කටයුතු පිළිබඳ යුරෝපා අමාත්‍ය කමිටුවේ තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුළත EU Journal නම් යුරෝපා ගැසට් පත්‍රයේ පළකිරීමට නියමිත බවත් තානාපතිවරයා සඳහන් කළේය. "ඒ ජර්නල් එකේ පළ කරපු මොහොතේ ඉඳල ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ අපනයන සඳහා ඒ තීරු බදු සහනය ලැබෙනවා," තානාපති රොඩ්නි පෙරේරා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව චෝදනා කරමින් මහින්ද රාජපක්ෂ පාලනය සමයේ GSP+ තීරු බදු සහනය අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කළේය. යළිත් වරක් ශ්‍රී ලංකාවට වරණීය තීරු බදු සහනය ලබාදීමේ යෝජනාවට යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා අමාත්‍යවරුන් යන අංශ තුනේම අනුමැතිය හිමි විය එම සහනය අහිමිවීමෙන් අනතුරුව ගතවගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 300-500 ත් අතර ප්‍රමාණයක පාඩුවක් සිදු වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum ) හිටපු මහ ලේකම් රොහාන් මාසකෝරාළ මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය. ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමෙන් අනතුරුව යුරෝපා වෙළඳපොල තුළ ශ්‍රී ලංකා අපනයනවල වර්ධන වේගය අඩු වූ අතර, යළිත් එම සහනය ලැබීමත් සමග යුරෝපයට ඇඟලුම් සහ අනෙකුත් භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාව ඉහල යනු ඇත. ජීඑස්පී ප්ලස් සහනය යටතේ බදු වර්ගීකරණවලට අදාළ 66% ක භාණ්ඩ ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ඉවත් කෙරෙන අතර ඒ අනුව රෙදිපිළි, මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වර්ග රැසක් සඳහා වූ ආනයන බදු ඉවත් කෙරේ. මේ සමගම රෙදිපිළි, මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වර්ග රැසක් සඳහා වූ ආනයන බදු ඉවත් කෙරේ කෙසේවුවද මෙම සහනය යළි ලබා දීමෙන් අනතුරුව ද තිරසර සංවර්ධනය, මානව හිමිකම් මෙන්ම යහපාලනය කෙරෙහි වූ ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කෙරෙනු ඇති බව යුරෝපා කොමිසම පවසයි. විශේෂයෙන්ම, යන ප්‍රතිඥා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගනු ලබන පියවර පිළිබඳව ඉදිරියටත් නිරීක්ෂණය කළ යුතු බව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටියහ. | ශ්‍රී ලංකාවට යළිත් වරක් ජීඑස්පී ප්ලස් (GSP+) තීරු බදු සහනය ලබාදීමේ යෝජනාවට යුරෝපා සංගමයේ අමාත්‍ය මණ්ඩල කමිටුවේ අනුමැතිය හිමි වූ බව බ්‍රසල්ස් නුවර සිටින ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනතා විමුක්ති පෙරමුණ " මේක බොරුවක්, වෙන වෙන උවමනා පිටිපස්සේ තියාගෙන මේ බොරුවට ජනතාවට පෙනෙන්නයි සාකච්ඡා කරන්නේ" යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කළේය. මීට පෙර සර්ව පාක්ෂික සකච්ඡා රැසක් පවත්වා ඇති හෙයින් මේ ගැන තවදුරටත් සාකච්ඡා කිරීම අර්ථ විරහිත බව සෝමවංස අමරසිංහ ප්‍රකාශ කළේය. සමාජ අසමානතාව තුරන් නොකර ජාතික ගැටලුව නිරාකරණය කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේය. මේ සමාජ ක්‍රමය පත්ව ගෙන යාමට කැපවී සිටින කිසිදු පක්ෂයක් පාඩම් ඉගෙන ගැනීමට සුදානම් නැති බව පෙන්වා දුන් අමරසිංහ මහතා කියා සිටියේ ජාතික ගැටලුව නිරාකරණය සඳහා යටත් විජිත සමයේ පටන් වූ බලපෑම් ගැන සොයා බැලිය යුතු බවයි. ජාතික ගැටලුව නිරාකරණය සඳහා වූ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු තේරීම් කමිටුව කැඳවීම සඳහා න්‍යාය පත්‍රයක් යෝජනා කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට මේ වන විට දන්වා ඇති අතර කමිටුව සඳහා නම් කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැබුන විගස සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවේ වැඩකටයුතු ආරම්භ කල හැකි බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට තම ප්‍රතිචාරය පල කල සභා නායක නිමල් සිරිපල ද සිල්වා ඇමති වරයා ප්‍රකාශ කොට ඇත. | ජාතික ගැටලුව නිරාකරණය සඳහා වූ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු තේරීම් කමිටුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව නායක සෝමවංස අමරසිංහ කියා සිටියේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කොළඹ මහා රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ මේ බව තහවුරු කරමින් හතර දෙනකු දැඩි සත් කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පැවසුවේය. තුවාල ලබා සිටින බොහෝ දෙනකු තරුණ වියේ පසු වන හා උසස් පෙළ විභාගයට සුදානම් වන අය බවයි ගම්පහ මහා රෝහලට ගොස් සුව දුක් සොයා බැලූ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසුවේ. බොහෝ දෙනකු ශල්‍යකර්ම වලට භාජන කොට ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය. තමන් වැලිවේරිය ප්‍රදේශයට ගොස් ජනතාව හා කථා බස් කළ බවත් පිරිසිදු පානීය ජලය ඉල්ලමින් උද්ඝෝෂණය කළ ජනතාවට එල්ල කළ ම්ලේච්ඡ හා කුරිරු ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසුවේය. මේ ඛේදවාචකය දෙස පාට දෘෂ්ටිකෝණයකින් බැලීම තමා හෙලා දකින බවයි ඔහු කියා සිටියේ. ශාරීරික හානි ලබා සිටින පුද්ගලයන්ට රජය වන්දි ලබා දිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස තවදුරත් ප්‍රකාශ කළේය. තමා වැලිවේරිය කතෝලික දේවස්ථානයට ගොස් ඊට සිදු කොට ඇති හානියද සොයා බැලූ බවයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසුවේ. | වැලිවේරියේ උද්ඝෝෂණයේ දී වෙඩි වැදී තුවාල ලබා රෝගී තත්වය උත්සන්න වූ කිහිප දෙනකු කොළඹ මහා රෝහලට මාරු කොට යවා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ‘ඇමෙරිකානු ජනාධිපතිවරයකුවත් මේ තරම් පොරොන්දු ප්‍රමාණයක් මේ තරම් කෙටිකාලයකින් ඉටු කර නැති බවක්’ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවා ප්‍රකාශ කළ බවයි සෞඛ්‍යය ඇමතිවරයා පවසන්නේ. දින 100 වැඩ පිළිවෙලේ පොරොන්දු වලින් 75% - 80% ත් අතර ප්‍රමාණයක් මේ වන විට ඉටු කර ඇති බව පැවසූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, විවිධ හේතු නිසා අතපසු වූ කාරණා ඉටු කිරීම සඳහා මේ වනවිට රජය කටයුතු යොදමින් සිටින බවත් කියා සිටියේය. ‘පනත් ටික ඔක්කොම හරි. විගණන පනතයි, තොරතුරු පනතයි ගේනවත් එක්කම පනත් ටික හරි. මැතිවරණ ක්‍රමය සහ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී ඉටු වෙනවා. සහනාධාර සඳහා සියළු මුදල් වෙන් කරලා තියෙනවා’ ඇමතිවරයා සඳහන් කරයි. විපක්ෂයේ ප්‍රතිචාරය ආණ්ඩුවේ පැත්තෙන් දින සීයේ වැඩසටහනේ සාර්ථකත්වය ගැන ඉහත කී පරිදි අදහස් දක්වද්දී විපක්ෂය එම වැඩ පිළිවෙල දකින්නේ හාස්‍ය ජනක විහිළුවක් හැටියටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පවසන්නේ දින සීය ඇතුළත බහුල වශයෙන් සිදු වුනේ පසුගිය රජයේ යෝජනා ක්‍රම එසේම ක්‍රියාත්මක කිරීම වූ බවයි. ‘අඩුපාඩු රැසක් තියෙනවා, අපේ කාලයේ හදපු දේවල් දින සීයේ වැඩසටහනට අදාළයි කියලා විවෘත කරනවා, ‘මහින්දෝදය’ විද්‍යාගාර, පින්නවල සත්තු වත්ත ආදිය ඒවාට උදාහරණ’ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පවසයි. ‘දින සීය ඇතුළත ඉටු කරන බවට ආණ්ඩුව පොරොන්දු වූ යහපාලනය වෙනුවට සිදු වුනේ දේශපාලන පළි ගැනීමේ ක්‍රියා පමණක්’ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියා සිටින්නේ. ‘යහපාලනය කියන්නේ හොඳ වචනයක්. නමුත් එය ක්‍රියාවෙනුත් ඔප්පු නොවුනොත් ඒකෙන් වැඩක් නැහැ’අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පවසයි. භාණ්ඩ කිහිපයක මිල අඩු කළ බව ආණ්ඩුව පැවසුවත් සමස්තයක් ලෙස ජනතාවට සහනයක් නොලැබුන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වරයා සඳහන් කළේ. දින සීයේ වැඩපිළිවෙලින් ජනතාවට ලබා දුන් ආර්ථික සහන පිළිබඳව බීබීසී සංදේශයට ප්‍රකාශයක් කළ නියෝජය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ දහතුනක මිල අඩු කිරීමට ද පියවර ගත් බවයි. එසේම ඉන්ධන සහ ගෑස් මිල අඩු කරමින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ බවයි නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ. අභියෝගයක් ඒ අතරවාරයේ යම් යම් අතපසුවීම් සිදු වූ බවට එල්ල කෙරෙන විවේචන රජය පිළි ගන්නා බව පැවසූ හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතාවගේ ජීවන බර අඩු නොවූ බවක් කෙනෙකුට පැවසිය නොහැකි බවට අභියෝගයක් ද කළේය. දින සීයේ වැඩසටහනින් ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ගැන සෑහීමකට පත් විය හැකි නමුත් පොරොන්දු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු නොවීම නිසා එම වැඩසටහන අසාර්ථක එකක් වී ඇති බවයි බිබිසියට අදහස් දක්වමින් දේශපාලන විචාරක රජිත් තෙන්නකෝන් සඳහන් කළේ. ‘තොරතුරු පනත,විගණන පනත තාම සම්මත වෙලා නැහැ, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු ව්‍යවස්ථා සංශෝධනත් අර්බුදයකයි පවතින්නේ’ රජිත් තෙන්නකෝන් පවසයි. පොරොන්දු වූ පරිදි ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට අපොහොසත් වුනොත් දින සීය අසාර්ථක යැයි හැදින්විය හැකි නොවේදැයි සංදේශය ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයාගෙන් යළි විමසීමක් කළ විට ඔහු පැවසුවේ ‘එම කාර්යයන් ඉදිරි දින කිහිපය තුළ ඉටු කරන’ බවයි. දින සීයක් සම්පූර්ණ වීමත් සමඟ එකී කාලය තුළ ලද ජයග්‍රහණය පිළිබිඹු කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ රුව රැගත් පෝස්ටරයක් අද (23) කොළඹ නගරයේ අලවා තිබුණ අතර දින සීය අසාර්ථක බව පෙන්නුම් කෙරෙන ‘වෙනස මාරයි රට හමාරයි’ යන සිරස්තලය යටතේ නිර්නාමික පෝස්ටරයක් ද දක්නට ලැබුණි. | දින සියයේ වැඩ සටහන සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකි වීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වෙන බව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසයි. ඔහු එම අදහස් පළ කළේ බීබීසී සංදේශය කොළඹ වාර්තාකරු අශාම් අමීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන ඒ බව කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් කන්තලේ නගරයේ විවෘත කරමින්. ආණ්ඩුව එක් අතකින් මුස්ලිම් ජනතාව සනසවමින් සිටින අතරතුර අනෙක් අතින් ඇතැම් ආගමික සංවිධාන යොදා ගෙන මුස්ලිම් ජාතිකයන්ට හිංසා කරන බවටත් හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරයි. ජිනිවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනවලදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දී ජනාධිපතිවරයා ආරක්ෂා කළේ මුස්ලිම් රාජ්‍යයන් බවත් එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ආගමික සහජීවනයක් නොමැති රටක නිදහස හෝ සාමය නොපවතින බවද හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන වැඩි දුරටත් කියා සිටියේය. | වත්මන් ආණ්ඩුව ආගම් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | වමේ නායකයෝ උද්ඝෝෂණයක මේ අනුව පෙරටුගාමී සමාජවාදී, නව සම සමාජ සහ එක්සත් සමාජවාදී යන වාමාංශික පක්ෂ තුනම අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට නියමිතයි. බීබීසී සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ, විපක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා හැටියට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමේ උත්සාහයක තමා නිරත වෙමින් සිටි අතර එම ප්රයත්නය අසාර්ථක වූයෙන් තම පක්ෂයත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි. පසුගිය අවධිය තුළ සමාජය තුළ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරනු ලැබීමට දායක වූ මට්ටම අනුව වඩාත් විශ්වාසයක් තැබිය හැකි නායකයා රනිල් වික්‍රමසිංහ බවයි, නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ. වමේ අසාර්ථක සාකච්ඡා එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය පවසන්නේ, වමේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා සෙසු වාමාංශික දේශපාලන පක්ෂ කීපයක් සමඟ සාකච්ඡා පවත්වන ලද නමුත් ඒවා බිඳ වැටුන බවයි, එවැනි තත්වයක් යටතේ තමන් ද වෙනම අපේක්ෂයකු ඉදිරිපත් කරන බව එක්සත් සමාජවාදී පක්ෂය පවසයි. තමන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමඟ එක්ව පොදු වාමාංශික අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වුනේ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් පවතින මතවාදී ගැටළු නිසා බවත් එක්සත් සමාජවාදී පක්ෂය පවසයි. පාලක පන්තිය අර්බුදයක සංදේශය සමඟ සාකච්ඡාවක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ කියා සිටියේ තම පක්ෂය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන අතර සිය අපේක්ෂකයා ඉදිරි දින කීපය ඇතුළත ප්‍රකාශයට පත් කරන බවයි. නව සමාජ පක්ෂය තුළ වෙනම කණ්ඩායමක් හැටියට ක්‍රියාත්මක වෙන ලීනස් ජයතිලක ඇතුළු කණ්ඩායම පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් පෙරටුගාමී සමාජවාදී අපේක්ෂකයාට ආධාර කරන බවයි. පාලක පන්තිය අර්බුදයට ලක්ව සිටින මේ මොහොතේ රට තුළ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම බැරෑරුම් උවමනාවක් වී ඇති අතර, මේ වන විට බෙදීමක් ඇතත් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන කණ්ඩායම් දෙකම ධනපති උවමනාවන් ඉටු කරන හෙයින් තමන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයාට සහයෝගය දෙන බවයි නව සම සමාජ පක්ෂයේ නියෝජ්‍ය ලීනස් ජයතිලක පවසන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ මතය විමසූ විට ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ තම ස්ථාවරය තීන්දු කිරීමට තවත් කාලය අවශ්‍ය කරන බවයි. | ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ කුඩා දේශපාලන පක්ෂ විසින් අනුගමනය කරනු ලබන දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී වාමාංශික දේශපාලන පක්ෂ තුනක නායකයන් කියා සිටියේ ඔවුන් ද ජනාධිපති ධූර අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | හමුදා පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අදාළ ක්‍රියාමාර්ග ගනු ලබන්නේ රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන බවයි. නීතියට පටහැනිව පුද්ගලයන් අත්අඩංගුවේ රඳවා ගැනීම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන රෙගුලාසි සහ කිසිදු වග විභාගයකින් තොරව පුද්ගලයන් වධ හිංසා වලට ලක් කිරීමේ සිද්ධි හමුදා පාලනයත් සමග ඉහල යමින් පවතින බවයි වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ. ඇමිනෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ එවන් ක්‍රියා කලාපයක් කිසිදු හේතුවක් මත යුක්ති සහගත කළ නොහැකි අතර හුදෙක් පවතින මිලිටරි පාලනයට එරෙහි බලවේග යටපත් කිරීම එම ක්‍රියා මාර්ග වල අරමුණ ලෙසින් පෙනෙන බවයි. | පසුගිය මැයි මාසයේ මිලිටරි ජුන්ටාව බලය අල්ලා ගැනීමත් සමග තායිලන්තය පුරා මානව අයිතිවාසිකම් කඩ වීම් පැතිරෙමින් පවතින බවට ඇමිනෙස්ටි ජාත්‍යන්තරය චෝදනා කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දාහ අට වන දා රත්නපුර නගර ශාලාවේ දී පැවති කලවාන හිටපු කොමියුනිස්ට් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම විසි අට වන ගුණ සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ආචාර්ය දයාන් ජයතිලක මෙසේ පැවසුවේය. බැටළු හම් වත්මන් ආණ්ඩුවෙ සිටින වාමාංශික සහ ප්රගතිශීලි කොටස් මේ වන විට යටපත් ව ඇති බව පැවසූ ආචාර්යවරයා 'සැබෑ වාම බලවේග පැත්තකට වී සිටින්නේ ඇයි ද යන්න ජනතාවට ගැටළුවක්' ‘’අන්තවාදී, ආගම්වාදී, යුදවාදී, බැටළු හම් පොරවා ගත් ප්රතිගාමීන් අද රූපවාහිනිය හරහා සම්මන්ත්රණ හා සම්මේලන තියමින් රාජ්‍ය නිලධාරීන් සමග රහස් සහ නොරහස් සාකච්ඡා පවත්වමින් පවුල්වාදය ඉස්මතු කරමින් කටයුතු කරද්දී සැබෑ වාම බලවේග පැත්තකට වී සිටින්නේ ඇයි ද යන්න ජනතාවට ගැටළුවක් ’’ යනුවෙන් වැඩි දුරටත් කියා සිටියේය. එකතුවක් වාමාශික පක්ෂ සියල්ල එකතු වීමේ අවශ්‍යතාව පැහැදිලි කළ ආචාර්ය දයාන් ජයතිලක ‘’අද ජනතා විමුක්ති පෙරමුණ යම් නැගිටීමක පවතිනවා. ශ්‍රී ලාංකේය ජාතියක අනන්‍යතාව රැක ගැනීමට එම පක්ෂය ඇතුළු සියලු වාම බලවේග එකතු වෙලා තනි වමේ විකල්පයක් ඉදිරිපත් කර, ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීම ඇතුළුව රටට ජනතාවට සැබෑ ස්වාධීනත්වයක්, විමුක්තියක් ඉෂ්ට කිරීමේ අභියෝගයට කර ගැසිය යුතු වෙලාව ඇවිත් ද නැද්ද යන්න ප්රගතිශීලි වම සිතිය යුතු ව තියන මොහොතක්’’ යයි වැඩි දුරටත් පැවසුවේය. | ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය පවුල් වාදයෙන්, ආගම් වාදයෙන් සහ යුද වාදයෙන් මුදවා ගැනීමට ආණ්ඩුවෙ සිටින සැබෑ ප්රගතිශීලි වාමාංශික මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ එකමුතුවක් වහා අවශ්‍ය බව ආචාර්ය දයාන් ජයතිලක අවධාරණය කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ලේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප්‍රධානියා පොලීසියට පවසා ඇත්තේ ලේ දන් දෙන්නන් ගේ සංඛ්‍යාව වැඩි කරන ලෙස ඔහුට බලපෑම් එල්ල වී තිබුණු බවයි. සිසුන් අට දෙනෙකුට මසකට එක් වරක් බැගින් මාස හතක කාලයක් ලේ දීමට බල කිරීම තුලින් මීට සම්බන්ධ පිරිස ඩොලර් දහස් ගණනක් උපයා ඇති බවයි මහජන ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වන රාජ්‍ය ජනමාධ්‍ය පැවසුවේ. සැකකරුවන් ව්‍යාජ හැඳුනුම් පත් යොදා ගෙන මෙම සිසුන් වැඩිහිටියන් ලෙස හුවා දක්වා ඇති අතර ලේ දන් දීමට අපොහොසත් වුවහොත් එම සිසුන්ට පහරදී ඇති බවයි වාර්තා වන්නේ. | වයඹ දිග චීනයේ ඇති සමාගමක් වෙනුවෙන් ලේ දන්දෙන ලෙස පාසැල් සිසුන්ට බල කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව චීන රජයේ ජනමාධ්‍ය ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඔක්තෝම්බර් 26 දින සිදු වූ දේශපාලන වියවුල හේතුවෙන් සියලු කටයුතු එකතැන නතර වූ අතර දින 51ක කාලයක් පුරා නැවතී තිබූ ආර්ථික සංවර්ධනය නැවත ගොඩනැගීමට කාලයක් ගත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීමත් සමග ඇතිවූ ශ්‍රී ලංකාවේ දින 51ක ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් රටට ඇතිවූ ආර්ථික පාඩුව ගැන අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශයෙන් කරුණු 7ක් මෙසේය. 1. 2019 වර්ෂය තුළ ගෙවියයුතු මුළු විදේශ ණය හා පොලිය "2019 වර්ෂය තුළ අපි ගෙවියයුතු මුළු විදේශ ණය හා පොලියඇමෙරිකානු ඩොලර් මිලියන 5900 ක් පමණ වෙයි කියලා ගණන් බලලා තියෙනවා. ඒ වගේ ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවන ලොකුම ණය වාරිකය අපට ගෙවන්න තියෙන්නේ ජනවාරි 14 වෙනිදා. අමෙරිකානු ඩොලර් මිලියන 2600 ක්" 2. "ශ්‍රී ලංකා ආර්ථිකයට මරු පහරක්" "ආර්ථික වර්ධන වේගය අඩාල වුණා. රුපියල තව තවත් අස්ථාවර වුණා. ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීම් වලින් පහලට වැටුණා. විදේශ සංචිත පහළ වැටුණා. මේ කාලය තුළ කිසිම රටකින් හෝ කිසිම ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් කිසි ම ණයක් හෝ ආධාරයක් ලබා ගන්නට ශ්‍රී ලංකාවට නොහැකි වුණා." "අපට අසීරුතා ඇති වේවි. දුෂ්කරතා මතුවේවි" 3. දින 51ක ආර්ථික හානිය - වෙනත් රටවල් වල මුදල් ඒකකයන්වල වටිනාකම වැඩිවෙද්දී මේ දින 51 කාලය තුළ ශ්‍රී ලංකාවේ රුපියලේ අගය 3.8%ක් අවප්‍රමාණයවී තිබීම. - 2018 ඔක්තෝබර් මස 26 ඉඳලා දෙසැම්බර් මස 16 අතර කාලය තුළ භාන්ඩාගාර සුරැකුම්පත් ඇමරිකානු ඩොලර් මිලියන 312.9ක්, භාණ්ඩාගාර බිල්පත් ඇමරිකානු ඩොලර් මිලියන 29.1ක් සහ භාන්ඩාගාර බැඳුම්කර ඇමරිකානු ඩොලර් මිලියන 29.8ක් රටින් පිටතය යාම. - ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7991.5 සිට බිලියන 6985.4 දක්වා පහළ ඇමරිකානු ඩොලර් බිලියනයකින් පහළ යාම. 4. දින 51 නිසා ඇතිවී තිබෙන අසීරුව "වැඩිම ණය ගෙවීමට ඇති කාලයේ ජනතාවට බරක් නොවන ලෙස ඒ ගෙවීම් කරන්නට අප සැලසුම් කර තිබුණා. දින පණස් එකේ වියවුල නොතිබුණා නම් අපේ සංචිත ඩොලර් මිලියන 8000 කට වැඩි වෙනවා. එයින් ඩොලර් මිලියන 5900ක් කොටස් වාරික ලෙස ගෙවීමටයි අප සැලසුම් කර තිබුණේ. නමුත් අද සිදුව තිබෙන්නේ කුමක්ද? පළමු වාරිකය ගෙවන කොට අපේ සංචිත ඩොලර් මිලියන 7900 සිට ඩොලර් මිලියන 6900 ට අඩු කරගෙන තිබෙනවා. මේකයි මේ රටේ ජනතාවට සිදුව තිබෙන්නේ" මේ ගැනත් කියවන්න 5. රුපියල ස්ථාවර කිරීමට ගෙන ඇති පියවර - සාර්ක් රටවලට සලසන මූල්‍ය හුවමාරු (Currency Swap) පහසුකම යටතේ ඉන්දීය මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට එකඟත්වය පළ කර තිබේ. - තවත් එවැනි විශාල මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධව ඉන්දියාව සැලකිල්ල යොමු කර තිබේ. - චීනයේ පැන්ඩා බැඳුම්කර හා ජපානයේ සාමුරායි බැඳුම්කර යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. - ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක් බාගැනීමට බලාපොරොත්තු වේ. 6. "ජනතා හිතවාදී අයවැයක්" "එහිදී අපට අසීරුතා ඇති වේවි. දුෂ්කරතා මතුවේවි. නමුත් අපි ඒ සියල්ල මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි" 7. විපක්ෂය අගමැතිගේ ප්‍රකාශය ගැන විවාදයක් ඉල්ලයි "අවුරදු 3 1/2 තිස්සේ ඇති වෙච්ච ආර්ථික කඩාවැටීම මේ කාලේ ඇතිවෙච්ච දෝෂයන් කියලා කියනවා, රට කාලා, විනාශ කරලා, ඩොලරය 200ට යන්න තිබුණු රටක් තිබුණේ, රට කෑවේ කවුද කියල බලන්න අපිට විවාදයක් දෙන්න" බන්දුල ගුණවර්ධන ඉල්ලා සිටියේය. "මේ අවුරුද්දේ මුල් භාගයේදී ඩොලර් එක ශක්තිමත් වෙන ගමන් අනිත් හැම රටක ම මුදල් අඩුවීමක් තිබුණා, ලංකාවේ රුපියල ඇතුළුව. නොවැම්බරයේ ඒ මුදල් සියල්ල වටිනාකම වැඩි වුණා, ලංකාවේ හැර. ඩොලර් මිලියන 1000ක් සංචිත මේ දවස් 51 නැති වුණා, මේ ඔක්කොම ඇති කරලා දැන් ඉන්නවා, විවාදය තියන්නේ මේ දවස් 51ක් ගැන" අගමැති රනිල් වික්‍රමසිංහ පිළිතුරු දෙමින් කියා සිටියේය. | දින 51 දේශපාලන අර්බු ද යේ ආර්ථික හානිය ගැන අගමැතිවරයා කළ ප්‍රකාශයේ කරුණු 7ක්: |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක්වීම සම්බන්ධයෙන් ඉන්දියාව පුරා දැවැන්ත උද්ඝෝෂණ මතුවූ අන්දම මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි ආසියානු මානව හිමිකම් කොමිසම ඒ බව පවසන්නේ නුගේගොඩ විජේරාම මාවතේදී පුරුෂයන් පිරිසක් විසින් 45 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසීන් අතරින් කිසිදු ප්‍රබල උද්ඝෝෂණයක් මතු නොවීම පිළිබඳව අදහස් දක්වමින්. දිල්ලි අගනුවරදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක්වීම සම්බන්ධයෙන් රට පුරාම දැවැන්ත උද්ඝෝෂණ හමුවේ අගමැති මන් මෝහන් සිං ට පවා එයට මැදිහත් වීමට සිදු වූ අන්දමත්, ඒ හා සමාන සිදුවීමක දී නේපාලවාසීන් වීදි බැසි අන්දමත් පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් මතු නොවීමට ප්‍රධානම හේතුව පොලීසිය ඇතුළු නීතිය පසිඳලන ආයතන කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම බව ද පවසයි. 'පරීක්ෂණ ගැන සැකයි' විශේෂයෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ හසිත මඩවල යන ආණ්ඩු පක්ෂයේම දේශපාලනඥයන් ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධ පොලිස් පරීක්ෂණ ක්‍රමයෙන් යටපත් වෙමින් තිබෙන අන්දම මේ තත්ත්වයට හොඳම උදාහරණ බවයි, එම සංවිධානය පවසන්නේ. 'උද්ඝෝෂණ නෑ' "මේ වගකීම අරගෙන සාමාන්‍ය පුරවැසියන් හැටියට ඉදිරියට එන්නේ නැති එක කාන්තාවන් හැටියට අපිටත් බරපතල ප්‍රශ්නයක්" ලක් වනිතා පෙරමුණේ ශාන්තිනී කෝන්ගහගේ තංගල්ලේ දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩි තබා මරා දැමීම සහ ඔහු සමඟ සිටි රුසියානු ජාතික තරුණිය දූෂණය කිරීමේ චෝදනා සම්බන්ධ පරීක්ෂණය යටපත් වීම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව එල්ල වී තිබූ ළමා ලිංගික දූෂණ චෝදනා එවක නීතිපතිව සිටි, වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් විසින් ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව ද මානව හිමිකම් සංවිධානයේ නිවේදනයේ සවිස්තරව සඳහන්. මේ අතර නුගේගොඩ දී සිදුවූ සමූහ ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානය ඉදිරිපස උද්ඝෝෂණයක නිරත වූ ලක් වනිතා පෙරමුණේ ශාන්තිනී කෝන්ගහගේ බීබීසී සංදේශයට කියා සිටියේ, දැනට අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට ඇප ලබා නොදෙන මෙන් තමන් එහිදී පොලීසියෙන් ඉල්ලා සිටි බවයි. ත්‍රී-රෝද රථ රියදුරෙක් සහ පෞද්ගලික බස් රථ රියදුරන් දෙදෙනක් මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන බව පවසන ඇය, ඇප ලබා දුනහොත් ඔවුන් යලි යලිත් මෙවැනි අපරාධවල යෙදීමේ අවදානමක් පවතින බව ද සඳහන් කරන්නීය. ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ පිළිබඳව ජනතාව මුනිවත රැකීම සම්බන්ධයෙන් ආසියානු මානව හිමිකම් කොමිසම මතු කරන අදහස් අනුමත කරන ශාන්තිනී කෝන්ගහගේ, අතීත අත්දැකීම් සලකා බැලීමේදී මේ සිදුවීම සම්බන්ධයෙන් ද සාධාරණය සිදුවනු ඇත්දැයි තමන්ට සැකයක් පවතින බව ද වැඩිදුරටත් කියා සිටියාය. සබැඳි තේමා | ස්ත්‍රී දූෂණවලට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් ආසියානු කලාපීය ජනතාව තම ආණ්ඩුවලට බලපෑම් කරමින් සිටින සමයක, ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදුවන ස්ත්‍රී දූෂණ පිළිබඳව ජනතාව මුනිවත රැකීම රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සම්බන්ධයෙන් හොඳම උදාහරණයක් බව මානව හිමිකම් සංවිධානයක් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ජර්මන් රජයේ ආධාර මත ඉදි කෙරුණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා කිලිනොච්චියේ සිදු කළ සංචාරයක දී මහජන හමුවක් අමතමිනි. තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ජාතීන් අතර සමගිය ඇති කිරීමේ ව්‍යායාමයේ දී සියලු දෙනා විසින් දැනට පවතින ප්‍රශ්න ගණනාවක් තේරුම් ගනිමින් ඒවා නිරාකරණය කර ගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙමින් පවතිද්දී ඇතැමුන් ඒ සම්බන්ධයෙන් අසත්‍ය මත පතුරුවා හරිමින් ඇතැයි සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 'නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කරන්නේ රට බෙදීමට නොව රට එක්සත්ව තබා ගැනීමට' බවයි කියා සිටියේ. යාපනයේ සිසු ගැටුම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් සිය ප්‍රතිඥාව ඉටු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ අතරවාරයේ 'ඇතැමුන් අලුත් බලවේග හැදීමේ උත්සාහයක නිරත වෙමින් සිටින්නේ කුමන පරමාර්ථයකින් දැයි' ප්‍රශ්න කළේය. ජාතික සංහිඳියාව ගොඩ නැගීම පිළිබඳ පාඩම ඉගෙන ගන්නා මෙන් තමා එම අලුත් බලවේගය සැදීමට උත්සාහ ගන්නා පුද්ගලයන්ට කියා සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. යාපනය විශ්ව විද්‍යාලයේ සිසු ගැටුම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව අවධාරණය කළ ජනාධිපතිවරයා 'විශ්ව විද්‍යාල රටේ සංහිඳියාව ගොඩ නගන මධ්‍යස්ථාන බවට පත් කළ යුතු' බවයි පෙන්වා දුන්නේ. රටේ තරුණයන්ට රැකියා ඉල්ලා උද්ඝෝෂණය කිරීමට සිදු වී ඇත්තේ අධ්‍යාපන ක්රමයේ වරදින් යයි පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් කියා සිටියේ එම තත්වය වෙනස් කිරීමට කටයුතු කරන බවයි. | ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාවට ප්‍රශ්නයක් පවතින බව රටේ සියලු දෙනා විසින් පිළිගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස මේ වන විට සකස් කර ඇති සංශෝධන පනත ලබන 24 වනදා හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ. ව්‍යවස්ථා සංශෝධනය සාමාන්‍ය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ යුතු බව පවසන විපක්ෂ නායකවරයා හදිසි පනතක් ලෙස රජය එය ඉදිරිපත්කළ හොත් ඊට විරුද්ධ වීමට සිදුවන බවයි පැවසුවේ. " ජනතාවට, සිවිල් සමාජයට ප්‍රමාණවත් කාල සීමාවක් ලබා දිය යුතුයි මේ සම්බන්ධයෙන් සාකච්චා කරන්න, මොකක්ද තියෙන හදිසිය ? " යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. ව්‍යවස්ථා සංශෝධනය සමගම මැතිවරණ පනතද සංශෝධනය කළ යුතු බව පැවසූ නිමල් සිරිපාලද සිල්වා එය කල්දැමීමට තම පක්ෂය එකග නොවන බව පැවසුවේ මේ සියළු යෝජනා සම්මත කිරීම සදහා අවශ්‍ය මන්ත්‍රීවරුන්ගේ බලය තම අත ඇති බව රජයට මතක් කරමින්. ඔහු වැඩිදුරටත් අදහස් දැක්වුවේ " ජනපතිගේ බලතල අඩුකිරීමයි, මැතිවරණ සංශෝධනයි දෙකම එකට කරන්න ඕනේ, එක්සත් ජාතික පක්ෂය මේකට එකග වෙන්න ඕනේ, මොකද අපේ චන්ද 120 නැත්නම් ඔය එක සංශෝධනයක් වත් සම්මත කරන්න බැහැ" යනුවෙන් පවසමින්. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම මාස තුනකින් පමණ සිදුකළ හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැනුම්දුන් බව බව පැවසූ විපක්ෂනායකවරයා ඒ අනුව අදාළ සංශෝධන සිදුකොට නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවයි අවධාරණය කළේ. ඊයේ මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරුන් බෙදී යන ක්‍රම කිහිපයක්ම සාකච්ඡා වූ බව පැවසූ විපක්ෂනායකවරයා මේ සම්බන්ධයෙන් අවසන් එකගතාවයක් ඇති නොවූ බවයි පැවසුවේ. " ආසන ක්‍රමයට 125 යි, සමනුපතික ක්‍රමයට 75 යි ජාතික ලය්ස්තුවෙන් 25 යි යන්න යෝජනා වුනු ක්‍රමයක්, නමුත් එකඟතාවයක් තවම නැහැ" යනුවෙන් ඔහු පැවසීය. | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි විරෝධය පළ කරන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසයි |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් ලන්ඩන් නුවරදී වාර්තාව ප්‍රකාශයට පත් කළේය 2012 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වාර්ෂික වාර්තාව නිකුත් කරන විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු සම්බන්ධ බ්‍රිතාන්‍ය කාර්යාලය හෙවත් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය නිදහස සහ අධිකරණයේ නිදහසට එල්ල වූ තර්ජන පිළිබඳව විශේෂ අවධානය පළ කොට තිබේ. යුද්ධයෙන් අනාථවූවන් යලි පදිංචි කිරීමේ ප්‍රගතියක් දක්නට ලැබුණු නමුත් මානව හිමිකම් ක්රියාධරයන්ට එල්ල වන තර්ජන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමේ සිදුවීම් ගතව ගිය වසරේදීත් වාර්තා වූ බව ද බ්‍රිතාන්‍ය වාර්තාවේ දැක්වේ. ලන්ඩන් අගනුවරදී වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විදේශ ලේකම් විලියම් හේග් විසින්. දෝෂාභියෝගය සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් කුමාර් සහ කූගන් මුරුගන් ඇතුළු බොහෝ දෙනකු අතුරුදහන්වීම සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතියක් නොමැති වීම පිළිබඳව අවධානය පළ කරන වාර්තාව කෙසේ වෙතත්, 2012 දී මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිදුවීම් වාර්තා නොවූ බවද සඳහන් කරයි. පසුගිය මැයි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු අගමැති ඩේවිඩ් කැමරන්, යුද්ධයෙන් අනතුරුව රටේ සංහිඳියාව ඇති කිරීමේ සහ යුධ අපරාධ චෝදනා ලැබූවන්ට දඬුවම් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බව ද වාර්තාවේ සඳහන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටීම සහ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශ් ඝාතනය සම්බන්ධ පරෙක්ෂණවල ප්‍රගතියක් දක්නට නොමැතිවීම පිළිබඳව ද බ්‍රිතාන්‍ය වාර්තාව අවධානය පළ කරයි. අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නට ප්‍රහාරයක් එල්ලවීම සහ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනෙක් වෙඩි තබා මරා දැමීම මෙන්ම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය ද විශේෂ අවධානය පළ වී තිබෙන සිදුවීම් අතර වේ. සමලිංගික සම්බන්ධතා තවමත් ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් කොට තිබෙන බව පෙන්වා දෙන බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය, සමලිංගික අයිතීන් වෙනුවෙන් හඬ නඟන ක්රියාධරයන්ට තර්ජන එල්ල වන්නේ නම් එවැනි අවස්ථා පෙන්වා දෙන මෙන් කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඔවුන් දිරිමත් කරන බව ද පවසයි. එමෙන්ම යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ කිසියම් ප්‍රගතියක් දක්නට ලැබෙන නමුත්, උතුරේ තවමත් හමුදා භටයන් විශාල පිරිසක් සිටින බව පෙන්වා දෙන බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සමස්තයක් වශයෙන් උතුරේ පවතින්නේ යහපත් වාතාවරණයක් නොවන බව ද ප්‍රකාශ කරයි. | ගතව ගිය වසරේදීත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණයේ ප්‍රබල ප්‍රගතියක් නොමැතිවීම සම්බන්ධයෙන් සිය බරපතල අවධානය පළ වී තිබෙන බව බ්‍රිතාන්‍යය ආණ්ඩුව පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් පසු තම කුලයට අයත් පිරිසට නීතියෙන් ලැබෙන ආරක්ෂාව අවම වීම මුල් කොට ගෙන මෙම විරෝධතා ආරම්භ වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් පසු තම කුලයට අයත් පිරිසට නීතියෙන් ලැබෙන ආරක්ෂාව අවම වීම මුල් කොට ගෙන මෙම විරෝධතා ආරම්භ වී ඇත. මෙම විරෝධතා හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබෙන අතර ප්‍රාන්ත කීපයක මහාමාර්ග රැසක් අවහිර වී ඇත. තීන්දුව නැවත සලකා බලන ලෙස මධ්‍යම ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. 'උපලේඛනගත කුලය සහ උපලේඛනගත ගෝත්‍රය (කෘරත්වය වැළැක්වීමේ) පනතෙහි' සඳහන් නීතිමය කරුණු අතීතයේ දී "අවභාවිත" කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ඇතුළත්ව ඇත. මෙය SC/ST පනත ලෙස කෙටියෙන් හඳුන්වයි. කුලය නිසා ඇතිවන ප්රචණ්ඩත්වය තවදුරටත් රට පුරා පැතිරී යමින් තිබෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. නිල දත්තවලට අනුව 2016 වසර තුළ පමණක් පීඩිත කුලවලට අයත් පුද්ගලයන්ට එරෙහි අපරාධ හතළිස් දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා තමන් "අනතුරට භාජනය විය හැකි" ජන සමූහයක් ලෙස හැඟෙන බව දලිත් ප්‍රජාවේ නායකයෝ ප්‍රකාශ කර සිටිති. "SC/ST පනතෙන් ඉන්දියාවේ වෙසෙන දලිත් ප්‍රජාවට එරෙහිව සිදු කරන ඕනෑම වෙනස් කොට සැලකීමක් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා තිබුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු එම නීතිමය බැඳීම නැති වෙලා තිබෙනවා. අපිට හරිම දුකයි වගේම කම්පනයට පත් වෙලා ඉන්නේ" යැයි ඉන්දියාවේ පීඩිත කුල එකතුවෙන් පිහිටුවා ඇති සංවිධානයේ ලේකම් කේ.පී. චෞදරි පැවසුවේය. රට පුරා විරෝධතා විරෝධතාකරුවන් දුම්රිය මාර්ග අවහිර කර ඇත. මෙම විරෝධතා හේතුවෙන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු බීබීසී වෙත පැවසුවේය. විරෝධතාකරුවන් දුම්රිය මාර්ග අවහිර කර රථවාහනවලට ගිණි තැබීම හේතුවෙන් විශාල පිරිස් රැස්වීම මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය තුළ තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තා වේ. එම ප්‍රාන්තය තුළ සමහර ප්‍රදේශවලට ඇඳිරි නීතිය ද පනවා ඇත. රාජස්ථාන් ප්‍රාන්තයෙන් ද එක් මරණයක් වාර්තා වී ඇති බවට පොලීසිය පවසයි. පන්ජාබ් ප්‍රාන්තයේ සියලු පාසල්, අධ්‍යාපන ආයතන, බැංකු සහ රැකියා ස්ථාන වසා දැමුණු අතර විභාග කල් දැමීමට කටයුතු කර ඇත. එම ප්‍රාන්තය තුළ රාත්‍රී 11 වනතුරු අන්තර්ජාල පහසුකම් අවහිර කර ඇත. කඩු, පොලු, බැට් සහ කොඩි අත දරා ගෙන නගර කීපයක සැරිසරන විරෝධතාකරුවෝ කඩ සාප්පු වසා දැමීමට බල කරමින් සිටිති. ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක නොවීය. මේ තොරතුරුද දැනගන්න: අසු පිට යාමේ 'වරදට' ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයෙක් 'ආදරය' කිරීමේ 'වරදට' වන්දි ගෙවූ යුවලක් උත්තර් ප්‍රදේශ්, ජාකන්ද් සහ බිහාර් ප්‍රාන්තවලින් ද විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් හට ගෙන ඇතැයි වාර්තා වේ. දලිත් ප්‍රජාවෙන් සැදුම් ලත් සංවිධානයට අයත් පිරිස් දිල්ලි අගනුවරද විරෝධතා ආරම්භ කර ඇති නමුත් ප්රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි. කෙසේ වෙතත්, අගනුවර මහා මාර්ග අවහිර වීමෙන් දැඩි රථවාහන තදබදයකට මුහුණ පා තිබිණි. දලිත් ප්‍රජාවට ආරක්ෂාව ලබා දිය යුත්තේ ඇයි? ඉන්දියාවේ හින්දු කුල ක්‍රමය තුළ වඩාත් පීඩාවට ලක් වන ජන කොට්ඨාසයක් ලෙස දලිත් වැසියන් හඳුන්වයි. කෝටි විස්සක් පමණ ඉන්දියාවේ ජීවත් වන දලිත් වැසියන් ආරක්ෂා කිරීමට කොපමණ නීති රෙගුලාසි තිබුණත්, එම ප්‍රජාවට අයත් පුද්ගලයන්ට දිනපතා නොයෙකුත් අඩන්තේට්ටම්, වෙනස් කොට සැලකීම්වලට මුහුණ පෑමට සිදුව ඇත. සාම්ප්‍රදායිකව උසස් යැයි සම්මත කුලයට අයත් පිරිස් පැමිණෙන පුජ්‍ය ස්ථාන, පාසල්වලට දලිත් කුලයට අයත් පුද්ගලයන්ට යෑම තහනම් වන අතර, උසස් කුලයට අයත් පුද්ගලයන් පරිහරණය කළ කෝප්පයක් හෝ පරිහරණය කිරීම ද තහනම්ය. දලිත් කුලයට අයත් පිරිසට අධ්‍යාපන සහ රැකියා අවස්ථා නොමැත. ශ්‍රම සූරාකෑමට, පරිභව කිරීම්වලට සහ ප්රචණ්ඩ ක්‍රියාවලට නිතර මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත. දලිත් තරුණ ප්‍රජාව අතර ඉහළ යන අපේක්ෂා ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීමට හේතුවුව ද එය දරා ගත නොහැකි උසස් කුලවලට අයත් පුද්ගලයන් ඔවුන් තවත් පීඩාවට පත් කරමින් සිටින බව ක්‍රියාකාරීහු පවසති. "දලිත් ප්‍රජාවට අයත් පුද්ගලයන්ගේ සමාජ තත්වය යන්තම් හොඳ අතට හැරෙන්න පටන් ගත්තා විතරයි ගැටුම් වැඩි වුණා," අශෝකා විශ්වවිද්‍යාලයේ උපකුලපති ප්‍රතාප් භානු මෙත් බීබීසී වෙත පැවසුවේය. පසුගිය සතියේ ගුජරාට් ප්‍රාන්තයේ දලිත් කුලයට අයත් පිරිමි ළමයෙක් තලා පෙලා මරා දැම්මේ අශ්වයෙකු හිමි කරගෙන, ඒ අසු පැද යාමේ වරදට. අශ්වයෙකු හිමි වීම "උසස් කුලයට අයත් දෙයක්" ලෙස සැලකේ. පසුගිය ඔක්තෝබර් මාසයේ දලිත් කුලයට අයත් පුද්ගලයෙකු ගුජරාට්හි සාම්ප්‍රදායික හින්දු නර්තනයකට සහභාගි වීම හේතුවෙන් පුරුෂයන් කණ්ඩායමක් විසින් ඝාතනය කරන ලදි. තවත් තොරතුරු: කුල පීඩනයට එරෙහිව 'දලිත්' පාගමනක් කුල ගෞරවයට දිවි දුන් සමාජ මාධ්‍ය තාරකාව මොකක්ද මේ SC/ST පනත? 1989 යේ උපලේඛනගත කුලය සහ උපලේඛනගත ගෝත්‍රය (කෘරත්වය වැළැක්වීමේ) පනතෙහි ඇතුළත් වී ඇත්තේ ඉන්දියාවේ ජීවත් වන පීඩිත කුල සහ ගෝත්‍රවලට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් ඇති නීති සහ දඬුවම්ය. ඉන්දියාවේ එවක පැවති නීති පද්ධතියෙන් පීඩිත කුලවලට අයත් ජන කොට්ඨාස ආරක්ෂා වන්නේ නැති නිසා මෙම පනත සම්මත කර ගන්නා ලදී. පීඩිත කුලයකට හෝ ගෝත්‍රයකට අයත් පුද්ගලයෙකුට එරෙහිව යම් කිසි අපරාධයක් සිදු කළ විට ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමේ හැකියාවත්, ඇප ලබා දීම සීමා කිරීමත්, එම අපරාධය ස්වයංක්‍රීයව ලියාපදිංචි කිරීමත් මෙම පනතෙන් ක්‍රියාත්මක කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට තම තීන්දුව නැවත සලකා බලන ලෙස මධ්‍යම ආණ්ඩුව ඉල්ලීමක් කර ඇත. එමෙන්ම කිසියම් අපරාධකරුවෙකුගේ දේපළ තහනම් කිරීමට ද මෙම පනත යටතේ හැකියාවක් ඇත. පීඩිත කුලවලට අයත් පුද්ගලයන් රජයේ ආයතනවලට ඉදිරිපත් කරන පැමිණිලි සැලකිල්ලට ගන්නේ නැති අතර, මෙය බොහෝ විට සිදු වන්නේ එම කුලවලට අයත් නිලධාරීන්ගෙන් බව ඔවුහු පවසති. මේ ආකාරයෙන් රාජකාරිය පැහැර හරින රජයේ සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් මෙම පනතෙන් ලබා දී ඇත. මෙම කුලවලට එරෙහිව සිදු වන තවත් වධහිංසා ඇතුළත් කර SC/ST පනත 2015 දී සංශෝධනය කරන ලදී. මතභේදයට තුඩු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කුමක්ද? SC/ST පනත "දැඩි ලෙස අවභාවිතා" කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය. 2015 වර්ෂයේ දී කුල ගැටුම් මුල් කොට ගෙන ලැබුණ පැමිණිලිවලින් 15-16% ත් ප්‍රමාණයක් ව්‍යාජ පැමිණිලි සහ පෞද්ගලික අමනාපකම් මත සිදුකල පැමිණිලි බවට වාර්තා වී ඇත. මේ හේතුවෙන් SC/ST පනත "දැඩි ලෙස අවභාවිත" කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය. "රැවුල වවන්න අවසරයි" මායාවතී බුදු දහම වැළඳ ගනීද? මෙම තීරණයෙන් SC/ST පනත යටතේ ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමේ හැකියාව සහ අපරාධය ස්වයංක්‍රීයව ලියාපදිංචි වීම නවතා දැමුණු අතර, යම් කිසි සිද්ධියක් වාර්තා වීමෙන් පසු පොලීසිය විසින් ප්‍රාථමික පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කරනු ලැබ ඇත. මෙම පරීක්ෂණය සිද්ධිය වී දින හතක් ඇතුළත සිදු කළ යුතු විය. අදාළ අත්අඩංගුවට ගැනීම එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් අනුමත කරනු ලැබිය යුතු බවට ද මෙම අධිකරණ තීරණයේ අඩංගු විය. එමෙන්ම රජයේ සේවකයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අදාළ නිලධාරියා පත් කළ බලධාරියාගේ ලිඛිත අවසරය ලබා ගැනීම අනිවාර්ය කර ඇත. මෙම තීරණය හේතුවෙන් පීඩිත කුලවලට එරෙහිව සිදුවන අපරාධ ඉහළ යා හැකි බවට විවේචන එල්ල වී ඇත. | ඉන්දියාවේ පීඩිත කුලයක් ලෙස සැලකෙන දලිත් කුලයට අයත් පිරිස් රට පුරා දියත් කළ ප්රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වන විට පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සුෂිල් කුමාර් ශ්‍රීවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය සියල්ල නිසි පාලනයේ පවතින බව ඉන්දීය බලධාරීන් අවධාරණය කරන නමුත් ජනතාව කොවිඩ් 19 දෙවැනි රැල්ලට හසුවී අතිශය දුෂ්කර තත්ත්වයකට පත්වී සිටින බව බීබීසී වර්තාකාරිනි ගීතා පාන්ඩේ පවසන්නීය. කන්වාල් ජීත් ගේ පියාට කොවිඩ් 19 වැළඳුනි. ඔහු 58 හැවිරිදි නිරන්ජන් පාල් සිං ය. ඔහු රෝහලකට ගෙනයාම සඳහා ගිලන් රථයක ආධාරය ලැබිණ. ළඟම ඇති රෝහලට ගෙන ගිය විට එහි එහි ඇඳන් නොමැති බව පැවසීය. එබැවින් තවත් රෝහලක් බලා ගිලන් රථය ධාවනය විය. මෙසේ රෝහල් හතරකට ගිය නමුත් ඒ එකම රෝහලකවත් ඔහුට ඉඩක් නොමැති විය. අවාසනාවක මහත; කන්වාල් ජීත් ගේ පියා ගිලන් රථය තුළම මිය ගියේය. ඔහු ගේ නිවස පිහිටියේ කාන්පූර් නගරයේ ය. නිවසේ සිට දුරකතනයෙන් කතා කරමින් ඔහු කියා සිටියේ එය තම "හදවත කඩා හැලුණු දිනයක්" වූ බවය. "වෙලාවට ප්‍රතිකාර ලැබුණානම් තාත්තා අදත් ජීවත් වෙනවා. ඒත් අපට පිහිට වන්න කවුරුවත් හිටියේ නැහැ. සෞඛ්‍ය බලධාරීන්, පොලිසිය, ආණ්ඩුව... මේ කිසි කෙනෙකුගෙන් පිහිට ලැබුණේ නැහැ." ඔහු පැවසීය. ආදාහනාගාර තුළ දිවා රාත්‍රී නොකඩවා මළසිරුරු දැවෙති. කොරෝනා පළමු රැල්ලේදී බොහෝ ප්‍රාන්ත දැඩි පීඩාවකට ලක්වෙමින් තිබියදී උත්තර් ප්‍රදේශ් හි තත්ත්වය එතරම් ම අයහපත් නොවීය. එවක ආසාදිතයන් 851,620ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වුව ද මරණයට පත්වූයේ 9830 දෙනෙකු පමණි. නමුත් දෙවැනි රැල්ල මෙම ප්‍රාන්තය යටකරගෙන ගලා ගියේය. බලධාරීන් පවසන්නේ තත්ත්වය පාලනයේ පවතින බවකි. නමුත් බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ හද සසල කරවන දසුන් ය. කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන ජනයාගෙන් උතුරා ගොස් ය. රෝහල් කරා පැමිණෙන රෝගීන් අතෝරක් නොමැතිව ආපසු හරවා යවති. ආදාහනාගාර තුළ දිවා රාත්‍රී නොකඩවා මළසිරුරු දැවෙති. ජාතික පුවත්වලට ශීර්ෂ පාඨ සැපයෙන්නේ මෙම ප්‍රාන්තයේ ප්‍රධාන නගර වන ලක්නව්, වරනාසි (පුරාණ බරණැස), කාන්පූර් සහ අලහබාද් යන නගරවල පවතින මෙම තත්ත්වය යි. උත්තර් ප්‍රදේශ්, ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සිටින ප්‍රාන්තය යි. එහි මිනිසුන් මිලියන 240ක් වසති. එය ඉන්දීය සමස්ත ජනගහනයෙන් හයෙන් පංගුවකි. මෙම ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් වූවානම්, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත පස්වැනි රට බවට ලැයිස්තුගත වනු ඇත. මෙය දෙවැනි වන්නේ චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාවට පමණි. කෙසේ නමුත් මෙය පකිස්තානයට සහ බ්‍රසීලයට වඩා විශාල ය. ඉන්දීය දේශපාලනය පැත්තෙන් ගත්තත් මෙම ප්‍රාන්තය ඉතා වැදගත් ය. ඉන්දීය පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් යැවෙන්නේ මෙම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. එම මන්ත්‍රී සංඛ්‍යාව 80කි. අගමැති නරේන්ද්‍ර මෝදි ද තරග වැදුනේ මෙම ප්‍රාන්තයෙනි. මෙම දේශපාලන ශක්තියෙන් ප්‍රාන්තයට ලැබී ඇත්තේ අල්ප සංවර්ධනයකි. මේ වන විට මෙම ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයන් 191,000ක් සිටිති. ඊට අමතරව දහස් ගණනක් අලුත් ආසාදිතයන් දිනපතා වාර්තා වෙමින් පවතී. නමුත් සත්‍ය ගණන් මිනුම් මීට වඩා ඉතා ඉහළ බව විශ්වාස කෙරේ. මෙවැනි තත්ත්වයක් යටතේ කඩා වැටීමට ආසන්න වෙමින් පවතින ප්‍රාන්තය සතු සෞඛ්‍ය සේවය කාගේත් අවධානයට ලක්වී තිබේ. රෝගාතුර වූවන් අතර ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ද සිටී. එපමණක් නොව, ඔහුගේ කැබිනට් ඇමතිවරුන් කීපදෙනෙකු, රජයේ නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම සිය ගණනක් වෛද්‍යවරුන් සහ හෙද සේවක සේවිකාවන් මේ වන විට රෝගාතුර ය. පසුගිය දින කීපය තුළ ජනතාවගෙන් අසන්නට ලැබුනේ ඉතා සංවේදී කතාන්තර ය. උත්තර් ප්‍රදේශ් හි මාධ්‍යවේදියෙකු හුවමාරුකරගෙන තිබූ වීඩියෝවක දැක්වෙන්නේ රජයේ රෝහලක රථගාල මත වැතිරී සිටින මිනිසෙකි. ඊට අඩි කීපයක් ඔබ්බෙන් මහළු මිනිසෙකු බැංකුවක වාඩි ලා සිටින ආකාරය දැක්වේ. මේ දෙදෙනාටම කොවිඩ් වැළඳී තිබේ. නමුත් රෝහල තුළ ඔවුනට ඉඩක් නොමැත. තවත් රජයේ රෝහලක් ඉදිරිපිට කාන්තාවක් වැලපෙමින් සිටින්නීය. ඇයගේ මව රෝගාතුර ය. රෝහල් දෙකකින් ඇය ප්‍රතික්ෂේප වී තිබේ. "ඒගොල්ලෝ කියන්නේ ඉස්පිරිතාලේ ඇඳන් නැහැ කියල. ඇඳක් නැත්නම් බිම හරි තියාගන්න බැරිද? මොකක් හරි බෙහෙතක් දෙන්න බැරිද? මගේ අම්මව විතරක් නෙවෙයි, තව ගොඩාක් අයව මේ විදියට හරවල යවනව මම දැක්ක." ඇය හැඬු කඳුලින් පැවසුවාය. "මහ ඇමති කියනවා ඇති වෙන්න ඇඳන් තියෙනව කියල. කරුණාකරලා මට පෙන්වන්න ඒ ඇඳන් කොහෙද තියෙන්නේ කියල. කරුණාකරලා මගේ අම්මට ප්‍රතිකාරයක් දෙන්න." ඇය ඉකි ගසමින් තෙපලන්නීය. 'කවුරුවත් ආවෙ නැහැ' ලක්නව්, ප්‍රාන්තයේ අග නුවරයි. එහි තත්ත්වය ද ඉතා දරුණුය. සුෂිල් කුමාර් ශ්‍රීවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය ඡායාරූපයකට හසු විය. ඔහුගේ පවුලේ ඥාතින් රෝහලෙන් රෝහලට මෝටර් රථය ධාවනය කරමින් සිටියේ ප්‍රතිකාරයක් බලාපොරොත්තුවෙනි. රෝහලක ඉඩක් ලැබෙන විට ප්‍රමාද වී වැඩිය. සුෂිල් ගේ පුත්‍රයා වන අශිෂ් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකිවිය. ඔහු පැවසුවේ තමන් දැඩි හිතේ වේදනාවකින් පසුවන බවය. "ඔබ දන්නවනේ මොනවද වෙලා තියෙන්නේ කියල. මට මේ වෙලාවේ කතා කරගන්නවත් බැහැ." ඔහුගේ හඬ බිඳෙන්නට විය. මේ තවත් සිද්ධියකි. රමේෂ් චන්ද්‍රා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරයෙකි. ඔහුගේ අත්අකුරින් ලියැවුණු කුඩා සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එම සටහනෙන් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මිය ගිය තම බිරිඳගේ දේහය නිවසින් පිටතට රැගෙන යාමට තමන්ට උදව් කරන ලෙසය. "මටයි මගේ බිරිඳටයි කොරෝනා වැළඳුනා. ඊයේ උදේ ඉඳල මම රජයේ සහන අංකයට පනස් වතාවක් විතර කතා කරලා කිව්වත් බෙහෙත් ටිකක් දෙන්න කවුරුවත් ආවේ නැහැ. රෝහලකට ගෙනියන්න ආවෙත් නැහැ." "පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් මගේ බිරිඳ අද උදේ මිය ගියාය." ඔහුගේ අත් අකුරින් ලියවුණු කෙටි සටහනේ කුරුටු ගා තිබුණි. වරනාසි නුවර වෙසෙන විමල් කපූර් ගේ මව නිර්මලා රෝගාතුර වුවාය. ඇයට රෝහලක ඉඩ ලැබුණු නමුත් 70 හැවිරිදි නිර්මලා පසුගියදා රෝහලේ දී මිය ගියාය. රෝහලේ තත්ත්වය ගැන නිර්මලාගේ පුත් විමල් විස්තර කළේ මෙසේය. "මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ ." තමන්ගේ මවගේ දේහය ආදාහනාගාරයට රැගෙන ගිය විට එහි "මළ සිරුරු කන්දක්" තිබෙන අයුරු දුටු බව විමල් පැවසීය. සෑයට අවැසි දර මිටියක මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ආදාහනය සඳහා පැය පහක් හයක් පමණ පෝලිමේ බලා සිටිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. "මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නැහැ. බලන බලන අත පේන්නේ මල සිරුරු සහ ගිලන් රථ." | කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටී. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී තිබේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය ද දැඩිම පීඩාවකට ලක්වී ඇති ප්‍රාන්ත අතර වේ. ඒ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයයි. |