instructions
stringclasses 1
value | input
stringlengths 173
24.8k
| output
stringlengths 5
1.45k
|
---|---|---|
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සංගක්කාර - වසරේ දක්ෂතම එක් දින ජාත්‍යන්තර ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට පිදෙන එම සම්මාන ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, වාර්ෂික සම්මාන ප්රදානෝත්සවය හෙට සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබියදී නිවේදනයක් නිකුත් කරමින්. මහේල - ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කළ වසරේ හොඳම ක්‍රීඩකයා වසරේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් තේරී පත් වී සිටී. ගතව ගිය වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසින් ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි මීට ඉහතදී ක්‍රීඩාලෝලීන්ගේ ඡන්දයෙන් තෝරා ගැනුණු අතර, ඉන්දීය කණ්ඩායමේ චෙතෙශ්වාර් පුජාරා වසරේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබයි. නවසීලන්ත කාන්තා කණ්ඩායමේ නායිකා සුසී බෙට්ස්, වසරේ දක්ෂතම එක් දින ක්‍රීඩිකාවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ තිලකරත්න ඩිල්ශාන්, කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග වසරේ හොඳම එක් දින කණ්ඩායමට තේරී සිටින නමුත්, වසරේ දක්ෂතම ටෙස්ට් කණ්ඩායමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ඇතුලත් වී නැත. | ගතව ගිය වසරේ දක්ෂතම එක් දින ජාත්‍යන්තර ක්‍රීඩකයා සම්මානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පිදුම් ලබද්දී, ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කළ හොඳම ක්‍රීඩකයා වීමේ සම්මානය හිටපු නායක මහේල ජයවර්ධනට හිමි වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මහඇමති විග්නේශ්වරන් පදවියේ දිව්රුම් දෙමින් විදේශ ඇමති ජී.එල්.පීරිස් විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් කරන ලද ආරාධනය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන මහඇමතිවරයා, ඒ පිළිබඳව සිය කෘතඥතාවය පළ කරමිනුයි තමාට ඊට සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබෙන්නේ. විදේශ ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් වෙත සිය තීරණය ලිපියකින් දැනුම් දෙන මහඇමතිවරයා එම කාරුණික ඉල්ලීම භාර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර ඇත. යුද හමුදාව රැඳී සිටීම උතුරු පළාත් සභාවට පැවරෙන කටයුතු අසාර්ථක තත්වයක පවතින අතරවාරයේ යුද හමුදාව දිගින් දිගටම ප්‍රදේශයේ රැඳී සිටීම නිසා මහජනතාව බිය ජනක පරිසරයකට තල්ලු කර ඇති වාතාවරණයක් පවතිද්දී ඉහත කී ආරාධනය භාර ගනු ලැබීම මගින් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර ශක්තිමත් සහයෝගීතාවයක් ඇති බවක් පෙන්නුම් කෙරෙන බවයි මහඇමති විග්නේශ්වරන් ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා නමට යොමු කරනු ලැබ ඇති ලිපියේ දැක්වෙන්නේ. ඉහත කී වාතාවරණය යටතේ එවැනි ආරාධනයක් භාර ගනු ලැබීම මගින් වරදක් කරන ලද බවට තමා තුළ හැඟීමක් ඇති වනු ඇතැයි ද මහඇමතිවරයා සිය ලිපිය මගින් කියා සිටියි. කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මගින් ඉන්දියාවේ නව අගමැතිවරයාට තම ශුභ පැතුම් දැනටමත් යොමු කරනු ලැබ ඇති බවත් මහඇමති විග්නේශ්වරන් පවසයි. ඉන්දීය අගමැතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපතිවරයා සමඟ යන දූත මණ්ඩලය සමඟ උතුරු පළාත් මහා ඇමති සී.වී.විග්නේස්වරන් සහභාගිවීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවයි උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ.සිවඥානම් ප්‍රකාශ කළේ. රජය උතුරු පළාත් සභාවට ලබා දිය යුතු සහය ලබා නොදෙන බව පවසන ඔහු උතුරු පළාත් සභාවට මුදල් ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම් වලට පිළිතුරු පවා ලැබී නැති බව තවදුරටත් ප්‍රකාශ කළේය. සංහිඳියාව ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්රශ්නය සම්බන්ධයෙන් මධ්‍යම රජය සහ උතුරු පළාත් සභාව අතර සංහිඳියාව ඇතිකර ගැනීම අතින් තවමත් කිසිඳු එකඟතාවක් නැතැයි යන පණිවුඩය අලුතින් පත්වන ඉන්දීය රජයට ලබා දීමේ ඉඟියක් හැටියට උතරු පළාත් මහා ඇමතිවරයාගේ තීරණය හැඳින්විය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයකු වන ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ පවසන්නේ. අලුතින් පත්වූ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව තුලින් තමන්ට යම්කිසි වැඩි වාසියක් අත් කර ගැනීමට දෙමළ ජාතික සන්ධානය තවමත් බලාපොරොත්තුවක බව ඔහු සඳහන් කරන්නේය. ජනාධිපතිවරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම එහි අතුරුඵලයක් හැටියට දැකිය හැකි බවයි ඔහු කියා සිටින්නේ. | ඉන්දියාවේ නව අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝඩි ලබන සඳුදා පදවියේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වෙන ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට එක් වෙන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ආරාධනය පිළිගත නොහැකි බව උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ලෝකය ඇමරිකාව දකින ආකාරය ජනාධිපති ට්‍රම්ප් බොහෝ අවස්ථාවල එක්සත් ජනපදය "ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට" ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් 'පිව්' පර්යේෂණ මධ්‍යස්ථානය රටවල් දහතුනක් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කළ මත විමසුමකට අනුව ඔහු විදේශයන්හි ඇමරිකානු ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා වැඩි යමක් කර නැත. බොහෝ යුරෝපීය රටවල ජනතාව ඇමරිකාව දෙස ධනාත්මක දෘෂ්ටියකින් බැලීම, වසර 20 කට පසු ප්‍රතිශතයක් ලෙස අවම මට්ටමක පවතී. එක්සත් රාජධානියේ 41% ක් ඇමරිකානු හිතවාදී මතයක් දරණ අතර ප්‍රංශයේ එය 31% ක් වේ. එය 2003 න් පසු අවම අගය ලෙස වාර්තා වේ. කෙසේනමුත්, ඇමරිකාව අගය කරන ජර්මානුවන් ඇත්තේ 26% ක් පමණි. මෙම තත්ත්වයට ප්‍රධාන සාධකයක් වී ඇත්තේ කොරෝනාවෛරස් වසංගතයට ඇමරිකාව දැක්වූ ප්රතිචාරයයි. ජූලි සහ අගෝස්තු මාසවල සංඛ්‍යාලේඛනවලට අනුව, එක්සත් ජනපදය වෛරසය හොඳින් හසුරුවා ඇති බවට පිළිගන්නේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 15% ක් පමණි. දේශගුණික විපර්යාස ගැන නොතැකීම දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් විශ්වාස කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. විටෙක ඔහු එය "මිල අධික ප්‍රෝඩාවක්" ලෙස හඳුන්වන අතර, තවත් විටෙක "මට ඉතා වැදගත් වන බැරෑරුම් විෂයයක්" යැයි පවසයි. පැහැදිලි වී ඇති කාරණය නම්, ජනාධිපති ලෙස පත් වී සය මසක් ගතවන විට ඔහු විද්‍යාඥයන් කලකිරීමට පත් කරමින් පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වන බව නිවේදනය කිරීමය. මෙම ගිවිසුමට රටවල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වී ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් අංශක දෙකකට අඩු සංඛ්‍යාවක පවත්වා ගැනීමට එක් වී කටයුතු කරමින් සිටිති. චීනයට පසු හරිතාගාර වායු විමෝචනය කරන දෙවෙනි විශාලතම ස්ථානය එක්සත් ජනපදය වන අතර ට්‍රම්ප් නැවත තේරී පත්වුවහොත් ගෝලීය උණුසුම පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇතැයි පර්යේෂකයෝ අනතුරු අඟවති. පැරිස් ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ "මේ ගිවිසුමෙන් අධික නියාමන සීමාවන් පැනවීම නිසා ඇමරිකානු නිෂ්පාදකයින් කඩා වැටීමට ඉඩ තිබුණා" යනුවෙනි. ගල් අඟුරු, තෙල් සහ ගෑස් නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩු කිරීම සඳහා අදාළ පරිසර දූෂණ රෙගුලාසි ඉවත් කිරීමට ද ඔහු ක්‍රියා කළ නිසා, මෙය ජනාධිපති ට්‍රම්ප්ගේ තේමා පාඨයක් ලෙස ද හැඳින්විය හැකිය. කෙසේවෙතත්, එක්සත් ජනපදයේ ගල් අඟුරු ආකර කිහිපයක් තවමත් වසා දමා ඇත. ස්භාවික ගෑස් සහ පුනර්ජනනීය බලශක්ති නිපැයුමට රජයේ සහය ලබා දීමට ගත් උත්සාහයන් මෙම තත්ත්වයට හේතු වී ඇත. වසර 130කට වැඩි කාලයක් තුළ පළමු වරට එක්සත් ජනපදයේ ගල් අඟුරුවලට වඩා පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගෙන වැඩි බලශක්තියක් උත්පාදනය කළ හැකි බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්වීම නිල වශයෙන් බලපැවැත්වෙන්නේ ජනාධිපතිවරණයෙන් පසු දින එනම් නොවැම්බර් 4 දා ය. ජනාධිපතිවරනයේදී තමන් ජයග්‍රහණය කළහොත් නැවත ගිවිසුමට එක්වන බවට ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ. කාබන් විමෝචනය අවම කිරීමේ ප්‍රගතිය අවහිර කිරීම සඳහා බ්‍රසීලයට සහ සෞදි අරාබියට ඇති මාවත සුමට කළ බව සමහර නිරීක්ෂකයින් විශ්වාස කළද, එක්සත් ජනපදය ගිවිසුමෙන් ඉවත්වීම දැඩි බලපෑමක් ඇති කරයි ද යන්න තවමත් හඳුනාගෙන නොමැත. සමහරුන්ට පමණක් වැසුණු මායිම් ජනාධිපති ට්‍රම්ප් සිය ජනාධිපති සමාරම්භක උත්සවයෙන් සතියකට පසුව මුස්ලිම් බහුතරක් වෙසෙන රටවල් හතක සංචාරකයින් සඳහා එක්සත් ජනපද දේශසීමා වසා දැමීය. වර්තමානයේ රටවල් 13ක් දැඩි සංචාරක සීමාවන්ට යටත් වේ. එක්සත් ජනපදයේ වෙසෙන විදේශයක උපත ලද පුද්ගලයින්ගේ සංඛ්‍යාව බැරක් ඔබාමා පාලන කාලයේ අවසන් වසර වන 2016 ට වඩා 2019 දී 3% කින් වැඩි විය. නමුත් එම සංක්‍රමණිකයන් කවුරුන්ද යන්න වෙනස් වී ඇත. ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ මෙක්සිකෝවේ උපත ලැබූ එක්සත් ජනපද පදිංචිකරුවන්ගේ ප්‍රතිශතය ක්‍රමයෙන් පහත වැටී ඇති අතර, ලතින් ඇමරිකානු රටවල් සහ කැරිබියන් දූපත්වලින් සංක්‍රමණය වූවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපදය තුළ පුද්ගලයන්ට ස්ථිර පදිංචි වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය ද දැඩි කර තිබේ. විශේෂයෙන් දැනටමත් එහි වෙසෙන අයගේ ඥාතීන් සඳහා වීසා ලබා ගැනීම අපහසු වී තිබේ. මෙක්සිකෝව දේශ සීමාවේ ඉදිකරන බවට දිවුරුම් දුන් "විශාල, ලස්සන පවුර" නිසැකවම ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියේ සංකේතයක් ලෙස හැඳින්විය හැකිය . ඔක්තෝබර් 19 වන විට එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට සැතපුම් 371 ක් දුරට පවුර ඉදිකර ඇති බවය. මෙහිදී සිදුව ඇත්තේ එම ප්‍රදේශය තුළ තිබූ මාර්ග බාධක වෙනුවට අලුතින් වැටවල් ආදේශ කිරීමය. කෙසේනමුත්, මෙම ක්‍රියාවලිය ඇමරිකාවට ළඟා වීමට දැඩි අධිෂ්ඨානයක් සහිත පුද්ගලයන් වැළක්වීමට සමත්ව නැත. එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ රඳවාගෙන සිටින සංක්රමණිකයින්ගේ සංඛ්‍යාව වසර 12කට පසු 2019 දී විශාල ලෙස ඉහළ ගොස් තිබේ. වසන්ත කාලය තුළ සංක්‍රමණිකයන්ගේ පැමිණීම වැඩි වීම ද මෙයට හේතුවකි. මෙම පිරිසෙන් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක් ග්වාතමාලා, හොන්ඩුරාස් සහ එල් සැල්වදෝරයෙන් පැමිණි පවුල් වන අතර, ප්රචණ්ඩත්වය හා දුගීබව නිසා වෙනත් ස්ථානයක සරණ පතා ඔවුන් පැමිණ ඇත. ඇමරිකාවේ නැවත පදිංචි කළ හැකි සංඛ්‍යාව විශාල ලෙස කප්පාදු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත. එක්සත් ජනපදය 2016 වර්ෂයේදී සරණාගතයින් 85,000 කට ආසන්න සංඛ්‍යාවක් සිය රට තුළට ගත් අතර එය ඊළඟ වසරේදී 54,000 ට වඩා අඩු විය. 2021 දී මෙම සංඛ්‍යාව උපරිම පුද්ගලයින් 15,000 ක් දක්වා අඩු වනු ඇත. 1980 දී සරණාගත වැඩසටහන ආරම්භ කළ තැන් සිට පිළිගනු ලබන අවම පිරිස මෙය වනු ඇත. 'ව්‍යාජ පුවත්' ඉහළ යාම "මම හිතන්නේ මම භාවිත කර ඇති සියලුම යෙදුම්වලින් විශිෂ්ඨතම එක වන්නේ 'ව්‍යාජ' යන්නයි," ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 ඔක්තෝබර් මස පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ජනාධිපතිවරයා නියත වශයෙන්ම "ව්‍යාජ පුවත්" යන යෙදුම නිර්මාණය නොකළද, ඔහු එය ජනප්‍රිය කළ බව පැවසිය හැකිය. 'ෆැක්ට්බා.සේ' ආයතනය සිදුකරන ලද අධීක්ෂණයන්ට අනුව දෙසැම්බර් මස සිට මේ දක්වා ඔහු දෙදහස් වාරයක් පමණ ට්වීටර් පණිවිඩ තුළ මෙම වැකිය භාවිත කර ඇත. අද දින "ව්‍යාජ පුවත්" යැයි ගූගල් සෙවීම් කළහොත් ඔබට ලොව නන් දෙසින් ප්‍රතිඵල බිලියන 1.1 කට වඩා ලැබෙනු ඇත. කාලයාගේ ඇවෑමෙන්, 2016-17 ශීත සෘතුවේ දී එක්සත් ජනපදය තුළ ව්‍යාජ පුවත් ගැන උනන්දුව ඉහළ ගිය ආකාරය ඔබට දැක ගත හැකිය. එමෙන්ම, ජනාධිපති ට්‍රම්ප් "ව්‍යාජ පුවත් සම්මාන" ලෙස හඳුන්වමින්, ඔහු ව්‍යාජ යැයි සැලකූ පුවත් ලැයිස්තුවක් එළිදැක්වූ සතිය තුළ ගූගල් සෙවුම් විශාල ලෙස ඉහළ ගියේය. 2016 වසරේ ධවල මන්දිරය සඳහා වූ තරඟය අතරතුර, "ව්‍යාජ පුවත්" යන්නෙන් අදහස් කළේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජනාධිපති ධුරය සඳහා ට්‍රම්ප් අනුමත කිරීම වැනි අසත්‍ය වාර්තාය. නමුත් එය ජනප්‍රිය භාවිතයට පිවිසෙත්ම, එහි අරුත වැරදි තොරතුරුවලට පමණක් සීමා නොවීය. තමා එකඟ නොවන පුවත් විවේචනය කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා නිතරම "ව්‍යාජ පුවත්" යන්න භාවිත කර ඇත. 2017 පෙබරවාරි මාසයේදී ඔහු එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් "ඇමරිකානු ජනතාවගේ සතුරන්" ලෙස පුවත් ආයතන කීපයක් හංවඩු ගැසීය. එය තායිලන්තය, පිලිපීනය, සෞදි අරාබිය සහ බහරේනය වැනි රටවල නායකයින් ද නිතර භාවිතයට තෝරාගෙන ඇති යෙදුමක් බවට පත්ව තිබේ. සමහරු විපක්ෂ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් මර්දනය කරමින් සහ නඩු පැවරීම සාධාරණීකරණය කිරීම සඳහා "ව්‍යාජ පුවත්" පතුරුවා හැරීම යන චෝදනාව භාවිත කරනු දක්නට ලැබේ. සිවිල් සමාජ කණ්ඩායම් පවසන්නේ විශ්සවනීය වාර්තාකරණයට එරෙහිව මෙම යෙදුම භාවිත කිරීමෙන් දේශපාලඥයන් මූලික වශයෙන් ප්රජාතන්ත්රවාදයට වල කපන බවය. ඇමරිකාවේ 'නිමක් නැති යුද්ධ' සහ මැද පෙරදිග ගනුදෙනු 2019 පෙබරවාරි සිය රාජ්‍ය දේශනයේදී (State of the Union address) ජනාධිපති ට්‍රම්ප් සිරියාවෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීමට ප්‍රතිඥා දෙමින් "විශිෂ්ඨ ජාතීන් නිමක් නැති යුද්ධවල සටන් නොකරයි" යනුවෙන් ප්‍රකාශ කළේය. කෙසේනමුත්, ඉලක්කම්වලින් පිළිඹිබු වන්නේ වෙනස් කතාවකි. එම දේශනයෙන් මාස කීපයකට පසු තෙල් ආකර ආරක්ෂා කිරීම සඳහා හමුදා සෙබළුන් 500 ක් පමණ සිරියාවේ රඳවා තැබීමට ට්‍රම්ප් තීරණය කළේය. කෙසේනමුත්, ඇමරිකාව මින් පෙර ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා සිරියාවේ කළ හමුදා රඳවා තැබීම් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ යම් දුරකට අඩු වී තිබේ. එහෙත්, ඔහු බලයට පත්වූ දිනය වන විට ඒ සෑම ස්ථානයකම සිටි ඇමරිකානු හමුදා තවමත් එම ස්ථානවලම රැදී සිටිති. කෙසේනමුත්, හමුදා නොමැතිව මැද පෙරදිගට බලපෑම් එල්ල කිරීමට ක්‍රම තිබේ. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ විරෝධය නොතකා 2018 දී ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ටෙල් අවිව් සිට ජෙරුසලමට ගෙනයාමටත් එම නගරය ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමටත් ජනාධිපති ට්‍රම්ප් ක්‍රියා කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය ඊශ්‍රායලය සමඟ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ ගිවිසුම් අත්සන් කළ විට පසුගිය මාසයේදී ඔහු "නව මැද පෙරදිග උදාව" ගැන ප්‍රශංසා කළේය. එම පියවරට ඇමෙරිකාවේ සහයෝගය ලැබිණි. වචන පසෙක තබා මේ දෙස බැලුවහොත්, මෙය සමහර විට ට්‍රම්ප් පරිපාලනයේ වඩාත්ම වැදගත් රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණය විය හැකිය. 1948 දී නිදහස ප්‍රකාශයට පත් කළ දා සිට ඊශ්‍රායලය පිළිගත් මැද පෙරදිග තුන්වන හා සිව්වන රටවල් බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය පත් විය. වෙළෙඳ ගනුදෙනුවේ කලාව ජනාධිපති ට්‍රම්ප් ඔහු තැරැව්කරුවකු ලෙස ක්‍රියා නොකළ ගනුදෙනුවලට නිග්‍රහ කරනු දැකිය හැකිය. ඔහු සිය ධුරයේ පළමු දිනයේ දී ජනාධිපති ඔබාමා අනුමත කරන ලද, රටවල් 12 ක වෙළෙඳ ගනුදෙනුවක් වන ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය "භයානක" යැයි හංවඩු ගැසීමෙන් පසු එය අතහැර දැමීය. මෙම වෙළෙඳ ගිවිසුමෙන් ඉවත් වීම බොහෝ දුරට චීනයට වාසි සැලසීය. ඔවුන් එම වෙළෙඳ ගිවිසුම දුටුවේ ආසියානු පැසිෆික් කලාපයේ සිය බලපෑම මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙසය. කෙසේනමුත්, එක්සත් ජනපදය තුළ ගිවිසුම මගින් ඇමරිකානු රැකියා අඩපණ වනු ඇතැයි සිතූ විවේචකයෝ එයින් ඉවත්වීම ගැන ප්‍රසාදය පළ කළහ. ට්‍රම්ප් කැනඩාව සහ මෙක්සිකෝව සමඟ උතුරු ඇමරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කළ අතර එය "සමහර විට මෙතෙක් සිදුකර ඇති නරකම වෙළෙඳ ගනුදෙනුව" ලෙස ඔහු හැඳින්වීය. එය ප්‍රතිස්ථාපනය කිරීමේ දී බොහෝ වෙනස්කම් සිදුනොවුණු නමුත්, මෝටර් රථ අමතර කොටස් ලබා ගැනීම සහ කම්කරු සම්බන්ධ නීති දැඩි කෙරිණි. ඇමරිකාව ලෝකය සමඟ වෙළෙඳාමෙන් ප්රතිලාභ ලබන ආකාරය ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. එහි ප්‍රතිඵලය වූයේ චීනය සමඟ ඉතා අමිහිරි වෙළෙඳ යුද්ධයකට එළඹීමය. ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක එකිනෙකාගේ භාණ්ඩ සඳහා ඩොලර් බිලියන සිය ගණනක බදු පනවා ගත්හ. එය එක්සත් ජනපද සෝයා බෝංචි ගොවීන්ට සහ තාක්ෂණික හා මෝටර් රථ කර්මාන්තවලට හිසරදයක් වී තිබේ. විවිධ ව්‍යාපාර ඔවුන්ගේ නිෂ්පාදන වියදම අවම කිරීම සඳහා වියට්නාමය සහ කාම්බෝජය වැනි රටවලට ගෙන යාම නිසා චීනයට ද බලපෑම් එල්ල විය. 2019 වර්ෂයේ දී චීනය සහ එක්සත් ජනපදය අතර භාණ්ඩ වෙළෙඳාමේ හිඟය 2016 මට්ටමට වඩා තරමක් අඩු විය. ට්‍රම්ප්ගේ තීරුබදු වළක්වා ගැනීමට උත්සාහ කරමින් ඇමරිකානු සමාගම් ආනයනය අඩු කළහ. කෙසේවෙතත්, කොරෝනාවෛරස වසංගතය පැවතියත් 2020 දී දැඩි බලපෑම් එල්ල වන ප්රවණතාවන් ඇතිව තිබේ. ඇමරිකාව තවමත් අපනයනය කරනවාට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කිරීමට ක්‍රියා කරයි. චීනය සමඟ ගැටුම් ප්‍රතිපත්තිමය පසුබෑමක් ලෙස හඳුන්වන ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩයට පාදක වූ දුරකථන ඇමතුම කෙතරම් ආකර්ෂණයක් දිනා ගත්තේද යත් එම ගැටලුකාරී ඇමතුම වෙනුවෙන් විකිපීඩියා පිටුවක් ද ඇත. 2016 දෙසැම්බර් 2 වෙනි දින ට්‍රම්ප් (එවිට ඔහු ජනාධිපති ධුරයට පත් වී තිබිණි) තායිවානයේ ජනාධිපතිවරයා සමඟ සෘජුව දුරකථනය ඔස්සේ කථා කරමින් අතිශය අසාමාන්‍ය පියවරක් අනුගමනය කළේය. 1979 දී තායිවානය සමග සබඳතා නිල වශයෙන් කපා දැමීමේ පූර්වාදර්ශය බිඳ දැමීම ඔහු මෙමගින් සිදු කළේය. එවක බීබීසී චීන සේවයේ කතුවරිය වූ කැරී ග්‍රේසි අනාවැකි පළ කළේ මෙම පියවර හේතුවෙන් බීජිං පාලනය "තැතිගැන්මට සහ කෝපයට" පත් වනු ඇති බවය. චීනය විසින් තායිවානය සිය රටේ පළාතක් ලෙස සලකන අතර එය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගෙන නොමැත. ට්‍රම්ප්ගේ නිර්භීත පියවරත් සමග මහා භූදේශපාලනික ප්‍රතිවාදීන් අතර ගැටුම ඇමරිකාවෙන් ආරම්භ වූ අතර, වසර ගණනාවකට පසු ඔවුන් අතර සම්බන්ධතා අවම මට්ටමකට වැටී ඇත. දකුණු චීන මුහුදට චීනය භෞමික හිමිකම් කීම නීති විරෝධී යැයි ප්‍රකාශ කිරීම, චීන භාණ්ඩ සඳහා අධික තීරුබදු පැනවීම, ජනප්‍රිය ඇප් වන ටික්ටොක් සහ වීචැට් බාගත කිරීම තහනම් කිරීම සහ චීන දුරකථන දැවැන්තයා වන හුආවී ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ඇමරිකාව පියවර ගත්තේය. එහෙත්, මෙම නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම ට්‍රම්ප් යටතේ ආරම්භ නොවූ අතර එයට අර්ධ වශයෙන් චීනයේ ක්‍රියාකාරිත්වය ද වගකිව යුතුය. ෂී ජින් පිං ජනාධිපති 2013 සිට බලයේ සිටින අතර, හොංකොං හි අතිශය මතභේදාත්මක ජාතික ආරක්ෂක නීතියක් පැනවීම සහ චීනයේ මුස්ලිම් සුළුතර උයිගර්වරුන් සමූහ වශයෙන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. ජනාධිපති ට්‍රම්ප් කොවිඩ් -19 "චීන වෛරසය" ලෙස නම් කර ඇති අතර, ඔහු තමන් වසංගතය හසුරවන ආකාරය වෙනතකට යොමු කිරීමට උනන්දු වී තිබේ. කෙසේනමුත්, එක්සත් ජනපද නායකත්වයේ වෙනසක් සිදුවීමෙන් ද මෙම තත්ත්වයේ වැඩි වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය. ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජනාධිපති ෂී ජින් පිං මැරයකු ලෙස හැඳින්වූ අතර චීන නායකයාට "ඔහුගේ ශරීරයේ [ප්රජාතන්ත්රවාදී] අස්ථියක් නොමැති" බව කියා සිටියේය. ඉරානය සමග යුද්ධයකට අරඇඳීම "අපට අයත් ඕනෑම ස්ථානයක දී අහිමි වූ ජීවිතවලට හෝ සිදු වූ හානිවලට ඉරානය පූර්ණ වගකීම දැරිය යුතුයි. ඔවුන්ට ඉතා විශාල වශයෙන් විඳවන්න වෙයි! මෙය අනතුරු ඇඟවීමක් නොවේ, මෙය තර්ජනයක්" යැයි ට්‍රම්ප් 2019 අලුත් අවුරුදු දිනයේදී ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය. . "සුභ නව වසරක්!" දින කීපයකට පසු, මැද පෙරදිග තුළ ඉරානයේ හමුදා මෙහෙයුම් මෙහෙයවූ පුද්ගලයා මෙන්ම ඉරානයේ බලවත්ම ජෙනරාල්වරයා වූ ඛාසෙම් සුලෙයිමානි ඝාතනය කිරීමට එක්සත් ජනපදය ක්‍රියා කළේය. ඉරානය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළේ ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරු දෙකකට දුසිමකට වැඩි බැලිස්ටික් මිසයිල ප්‍රමාණයක් එල්ල කරමිනි. එක්සත් ජනපද හමුදා සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, දෙරට යුද්ධයක් අභියස සිටින බව විශ්ලේෂකයෝ පැවසූහ. යුද්ධයක් හට නොගත්තද අහිංසක සිවිල් වැසියන් මියගියහ. ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු එහි හමුදාව යුක්රේන මගී ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළුවේ අත්වැරදීමකිනි. යානයේ සිටි මගීන් 176 දෙනෙක් මරුමුවට පත් වූහ. මෙම තත්ත්වය උදා වූයේ කෙසේද? අවිශ්වාසයට එරෙහිව සිදුකරන ලද වැරදි ගණනය කිරීම් මාලාවක් මෙම තත්ත්වයට හේතු විය. ඉරානයේ එක්සත් ජනපද හිතෛෂී ෂා රජුගේ පාලනය පෙරලා දැමීමත් සමග 1979 සිට එක්සත් ජනපදය හා ඉරානය අතර ගැටුම් හට ගැනිණි. එකල ඇමරිකානුවන් 52 දෙනෙකු ඉරානයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය තුළ ප්‍රාණ ඇපයට ද ගෙන තිබිණි. 2015 දී එළඹුණ න්‍යෂ්ටික ගිවිසුමක් 2018 මැයි මාසයේදී ට්‍රම්ප් අත්හැර දැමීමත් සමග නොසන්සුන්තාවක් ඇතිවිය. ඉරානයට එරෙහිව පැනවුණු ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීම සඳහා එරට සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සීමා කිරීමට එකඟ වී තිබිණි. ට්‍රම්ප් ඉරානයට වෙනත් සම්බාධක පැනවූ අතර, ධවල මන්දිරය එය හැඳින්වූයේ "මෙතෙක් පනවා ඇති දරුණුම සම්බාධක" ලෙසය. ඉරානයේ නායකයින්ට ඔහුගේ අභිමතය පරිදි ගනුදෙනුවලට එළඹීමට බල කිරීම සඳහා මෙම නව සම්බාධක නිර්මාණය කර තිබිණි. කෙසේනමුත්, ටෙහෙරානය ඊට හිස නැමීම ප්‍රතික්ෂේප කළේය. සම්බාධක හේතුවෙන් ඉරානයේ ආර්ථිකය දැඩි අවපාතයකට ඇද වැටුණු අතර 2019 ඔක්තෝබර් වන විට ආහාර පිරිවැය පෙර වසරට සාපේක්ෂව 61% කින් ද දුම්කොළ මිල 80% කින් ද ඉහළ ගොස් තිබිණි. දුක් විඳින ඉරාන වැසියන් මසකට පසුව පුළුල් විරෝධතාවල යෙදුණහ. කොරෝනාවෛරස් අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වීමත් සමග රටවල් දෙකෙහිම දේශපාලන අවධානය වෙනතකට යොමු වී ඔවුන් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අවම වූවත්, දෙරට අතර බොහෝ අර්බුදකාරී තැන් දැකිය හැකිය. මේ තොරතුරුද කියවන්න: | එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු හුදෙක් ඔහුගේ රටේ නායකයා පමණක් නොවේ, ඔහු බොහෝ විට ලොව බලවත්ම පුද්ගලයා ලෙස පිළිගැනේ. ඔහුගේ තීරණ අප සියලු දෙනාගේ ජීවිතයට වෙනස්කම් ගෙනෙනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉන් වෙනස් නොවේ. ට්‍රම්ප්ගේ තීරණවලින් ලෝකය වෙනස් වී ඇත්තේ කෙසේද? |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'වනයෙන් කොල්ල කාපු වන අලි පෙරහැරවලට යොමු කරන්නේ නැහැ' සාම්ප්‍රදායික පෙරහැර මංගල්‍ය සඳහා අවශ්‍ය හීලෑ අලි ඇතුන් පින්වල අලි අනාථාගාරයෙන් ලබා ගත හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ ගන්නෝරුව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. 'ආණ්ඩුවේ වගකිවයුතු නියෝජිතයෙක් ලෙස කියන්න කැමතියි අපේ රජය, අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත්, කුමන හේතුවක් මත හෝ කැලෑවෙන් කොල්ල කාපු වන අලි පෙරහැරවලට යොමු කරන්නේ නැහැ' කෙසේ වෙතත් පෙරහැර සඳහා අලි ඇතුන් අවශ්‍ය බැවින් පින්නවල අනාථාගාරයේ සිටින හීලෑ අලි ඇතුන් යොදා ගනිමින් රටපුරා බෝ කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවිය හැකි බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේය. | බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ළඟ තබා ගත් බවට එල්ල වන චෝදනා මත වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ අලි පැටවුන් පෙරහැර සඳහා යොදා නොගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රට තුළ සාමය සහ එක්සත් භාවය සහතික කරන බවට නව ජනාධිපති පරෂේන්කෝ ප්‍රතිඥාවක් දී ඇත. සිය අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස ඉදිරි සති කීපය ඇතුළත රුසියාවේ නායකයන් මුණ ගැසීමට තමා බලාපොරොත්තු වෙන බවත් යුක්රේනයේ නව නායකයා පවසයි. මේ අතර ප්‍රකාශයක් කරන රුසියාවේ විදේශ ඇමති සෙර්ගේයි ලව්රොෆ් , කියා සිටියේ , යුක්රේනයේ නව ජනාධිපති පෙත්රෝ පරෂේන්කෝ සමඟ සාකච්ඡා කිරීමට තමරට සූදානම් බවයි. නැගෙනහිර බෙදුම්වාදීන් නැගෙනහිර යුක්රේනයේ බෙදුම්වාදියෙක් එහෙත් නව ජනාධිපතිවරයා නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවත් බෙදුම්වාදීන්ට එරෙහිව බලය පාවිච්චි නොකළ යුතු බවට සෙර්ගේයි ලව්රොෆ් අනතුරු ඇඟවීමක් ද කරයි. සියයට පනස් හතරකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජනාධිපතිවරණය ජය ගත් පෙත්රෝ පරෂේන්කෝ පවසන්නේ, හමුදා මෙහෙයුම් වලට තම සහයෝගය දෙන ලද නමුත් එය වඩාත් සාර්ථකව මෙහෙයවීම සිය උවමනාව වූ බවයි. නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවත් සන්නද්ධ කොටස් මේ අතර දිගටම ඔවුන්ගේ ක්‍රියාවන්හි නිරත වෙමින් සිටින බවත් වාර්තා වෙයි. ඊයේ සඳුදා ‘දනියේෂ් ‘ප්‍රධාන ගුවන් තොටුපලට කඩා වැදුණ සන්නද්ධ කණ්ඩායම් ගුවන් තොටුපල බලහත්කාරයෙන් වසා දැමූහ. | කෝටිපති ව්‍යාපාරික පෙත්රෝ පරෂේන්කෝ යුක්රේනයේ නව ජනාධිපතිවරයා හැටියට පත්ව සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද කොළඹදී ජනමාධ්‍ය වේදීන් අමතමින් කියා සිටියේ නවනීදම් පිල්ලේ මහ කොමසාරිස් වරියගේ ‘දෑසින්ම මේ කරුණු අධ්‍යයනය කරලා සැබැව දැනගන්න,’ ඉඩ සැලසීම සතුටට හේතුවක් බවයි. විදේශ ගතව සිටිමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන අතීතයේදී විවිධ චෝදනා එල්ල කළ විදේශ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණ තත්වය සියැසින් දැක ගත් පසු ශ්‍රී ලංකාවට ප්‍රශංසා කළ බවද අමාත්‍යවරයා පැවසීය. යුද අපරාධ චෝදනා එල්ටීටීඊ යට එරෙහි යුද්ධය පැවැති අවසන් මාස කිහිපය තුල නිරායුධ දෙමළ වැසියන් 40,000ක් ඝාතනය කළ වගට ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය එල්ල කර ඇති යුද අපරාධ චෝදනා ගැන මහ කොමසාරිස්වරියට පිළිතුරු දීමට ආණ්ඩුව සුදානම් දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය අලහප්පෙරුම ප්‍රකාශ කළේ අගෝස්තු 25 වැනිදා සිට 31 වැනිදා දක්වා පවත්වන සංචාරය නිමාවේ පවත්වන මාධ්‍ය හමුවේ දී ඒ පිලිබඳව විමසන ලෙසයි. ‘එතුමිය බොහොම අවංකව යම් ප්‍රකාශයක් කළ යුතුයි කියල අපි විශ්වාස කරනවා,’ යි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය. සංචාරයෙන් පසු, මහ කොමසාරිස් නවී පිල්ලේ සැප්තැම්බරයේ දීත්, ලබන මාර්තුවේ දීත් ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතයි. | මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියට, තමන්ට අවශ්‍ය පුද්ගලයන් හා දේශපාලන කණ්ඩායම් නිදහසේ මුණ ගැසීමේ අවසරය තිබෙන බව රජය ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "මම පියාසර කළ අවුරුදු ගණනාව පුරාම මේ තැන දැකපු අමුතුම දේ මෙයයි" එක්සත් ජනපදයේ යුටා ප්‍රාන්තයේ ගිනිකොන දෙසින් පිහිටි දුර බැහැර ප්‍රදේශයක ගුවනේ පියාසර කරමින් බැටළුවන් ගණන් කිරීමේ යෙදුණු වනජීවී නිලධාරීන් මෙම "අසාමාන්‍ය" වස්තුව දැක තිබේ. ඔවුන් කියා සිටියේ මෙම වස්තුව රතු පාෂාණ අතර පිහිටි භූමියේ සිටුවා ඇති බවය. අඩි 10 සිට 12 දක්වා පමණ වූ උසින් යුත් මෙම කණුව එම ස්ථානයේ සිටවූයේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැත. මෙම කණුව ස්ථාපනය කිරීමේ වගකීම කිසිවෙකුත් මෙතෙක් භාරගෙන නොමැත දේශීය පුවත් නාලිකාවක් වන KSLTV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙලිකොප්ටර් නියමුවා බ්‍රෙට් හචින්ස් පැවසුවේ "මම පියාසර කළ අවුරුදු ගණනාව පුරාම මේ තැන දැකපු අමුතුම දේ මෙයයි," යනුවෙනි. හෙලිකොප්ටරයේ සිට විශාල අං සහිත බැටළුවන් ගණන් කරමින් සිටි ජීව විද්‍යාඥයෙකු පළමුවෙන්ම මෙම වස්තුව දුටු බව බ්‍රෙට් හචින්ස් පැවසුවේය. විශාල අං සහිත බැටළුවන් "ආ, ආ, ආ, හැරෙන්න, හැරෙන්න! කියා ඔහු කෑ ගැසීමත් සමග, මම 'ඇයි?' කියා ඇසුවා. එයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ යම් දෙයක් එතන තියෙනවා අපි ඒක බලන්න යන්න ඕන කියලා," බ්‍රෙට් හචින්ස් පැවසීය. බ්‍රෙට් හචින්ස් අනුමාන කරන්නේ මෙම කණුව ස්ථාපනය කරනු ලැබ ඇත්තේ "කිසියම් නව කලාකරුවන්ගේ රැල්ලකට" අනුව හෝ ස්ටැන්ලි කුබ්රික් 1968 දී අධ්‍යක්ෂණය කළ 2001: අ ස්පේස් ඔඩිසි (2001: A Space Odyssey) චිත්‍රපටයේ රසිකයෙකු විසින් බවය. ආතර් සී ක්ලාක්ගේ නවකතා රචනයේ එන පරිදි, නොපෙනෙන පිටසක්වල ජීවියෙකු විසින් නිර්මාණය කරන ලද කළු කණු පිළිබඳ එම චිත්‍රපටය තුළ දැක ගත හැකිය. මෙම කණුව ස්ථාපනය කිරීමේ වගකීම කිසිවෙකුත් මෙතෙක් භාරගෙන නොමැත. පිළිතුරු සොයමින් සිටින යුටා හි අධිවේගී මුර සංචාර අංශය මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාල සටහනක් පළ කර තිබිණි. "විමසීම් සිදු කරන මනස් දැන ගැනීමට කැමතියි, මේ කුමක්ද කියලා? කවුරුන් හෝ දන්නවා ද?," ඔවුන් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබිණි. බොහෝ නිරීක්ෂකයින් උපකල්පනය කර ඇත්තේ එය මූර්ති ශිල්පියෙකු ඉතිරි කරන ලද කණුවක් ලෙසිනි. සමහරු එය කලාකරුවෙකු වන මියගිය ජෝන් මැක්රැකන්ගේ කෘතියට සමාන බව පවසති. මෙම තොරතුරු ද දැනගන්න: | ඇමරිකාවේ යුටා කාන්තාරයට ඉහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානයක කාර්ය මණ්ඩලයට අමුතු ලෝහ කණුවක් නිරීක්ෂණය වී තිබේ. මෙම සිද්ධියත් සමග අදාළ පළාත් පාලන ආයතන කැලඹී ඇතැයි වාර්තා වේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නව අගවිනිසුරු සහ උතුරු සහ නැගෙනහිර පළාත්වලට නව සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම ඇතුළු 'සාධනීය පියවර' පිළිබඳව පොදු රද මඬුල්ලේ ප්‍රසාදය ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් හමාරයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා ඒ බව සඳහන් කරන්නේ කොළඹදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණ්ඩුවේ නායකයන් හමුවීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින්. එම දේශීය පරීක්ෂණය පැවැත්වීම සඳහා ආධාර කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලය සූදානම් බවද ඔහු පැවසීය. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර පරීක්ෂණවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩි විරෝධය පළ කළ අතර, දේශීය වශයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පවත්වන මෙන් එල්ල වූ බලපෑම් ද ප්‍රතික්ෂේප කළේය. අගවිනිසුරු පත්කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ සභාපතිත්වයෙන් පසුගිය වසරේ නොවැම්බරයේ කොළඹ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව රාජ්යා නායකයන් කිහිප දෙනකුම වර්ජනය කළේ පසුගිය රජයේ එම ප්‍රතිපත්තියට විරෝධය පාමින්. ජනවාරි 08 වැනි දින පැවැත්වුණු ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති පදවියට පත් වන අතර, සිය නව පදවියේ වගකීම් පිළිබඳවත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව කමලේෂ් ශර්මා සඳහන් කරයි. කනගසබාපති ශ්රීපවන් නව අගවිනිසුරු පදවියට පත්කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලට නව සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම ඇතුළු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ ආණ්ඩුව විසින් ගෙන තිබෙන 'සාධනීය පියවර' පිළිබඳව ද මහ ලේකම්වරයා ප්‍රසාදය පළ කොට තිබේ. | කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය වශයෙන් 'විශ්වසනීය' පරීක්ෂණයක් පැවැත්වීමේ නව ශ්‍රී ලංකා ආණ්ඩුවේ සැලසුම්වලට පොදු රාජ්‍ය මණ්ඩලය ප්‍රසාදය පළ කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බරපතළ දූෂණ සහ අක්රමිකතාවලට වැරදිකරුවන්ට දඬුවම් දීම ප්‍රමාදවන බවට ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ එවැනි විනිශ්චය මඩුල්ලක් පිහිටුවන මෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සමග එක්ව අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව අමාත්‍ය රණවක සිය ෆේස්බුක් පිටුවේ නිවේදනය කර තිබේ. අදාළ විනිශ්චය මණ්ඩලය පිහිටුවීම සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා කැබිනට් මණ්ඩල යෝජනාව නීතිපතිවරයා වෙත යොමුකරන ලද බවත් නිවේදනයේ සඳහන් වේ. බරපතළ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් විභාග කොට වරදකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කළ යුතු යයි තමන් ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පසුගියදා බීබීසී සංදේශයට පැවසීය. නව විනිශ්චය මණ්ඩලය පිහිටුවීම දූෂණයට එරෙහිව ලැබූ 'සුවිශේෂී ජයග්‍රහණයක්' බව අමාත්‍ය චම්පික රණවක පවසයි වංචා දූෂණ සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීමේ ප්‍රමාදයක් පවතින බවට ජනතාව තුළ මතයක් නිර්මාණය වී ඇති බැවින් එවැනි චෝදනා කඩිනමින් විභාග කිරීමේ අවශ්‍යතාවයක් මතු වී තිබෙන බවත් අමාත්‍ය අමුණුගම සඳහන් කළේය. දූෂණ විමර්ශන සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය දෙසැම්බර් 11 වැනි දින මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කළ යෝජනාව නව විනිශ්චය මණ්ඩලය පිහිටුවීමේදී රුකුලක් වූ බවත් අමාත්‍ය චම්පික රණවක සඳහන් කරයි. | දූෂණ, වංචා චෝදනා විමර්ශනය කිරීම පිණිස සියලු බලතල සහිත විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු යයි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දකුණු රුසියාවේ රස්තොෆ් නගරයේදී ජනමාධ්‍ය හමුවක් අමතමින් කතා කළ ඔහු,රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන් බලයෙන් පහ කළ බව ප්‍රකාශ කළේය. 'කවුරුවත් මාව පදවියෙන් පහ කළේ නැහැ. මගේ ජීවිතයට සහ මට සමීප අයගේ ජීවිතවලට තර්ජන එල්ල වුන නිසා මට යුක්රේනයෙන් යන්න සිද්ද වුනා. ඔබ දන්නා පරිදි, ජාතිකවාදී, ෆැසිස්ට් තරුණ පිරිසක් යුක්රේනයේ බලය අල්ල ගෙන ඉන්නවා. පැහැදිලිවම ඔවුන් රටේ ඉතා සුළුතරයක්' යැයි වික්තර් යනුකොවිච් කියා සිටියේය. තමන්ගේ ආරක්ෂාව සහතික කරන්නේ නම් යලිත් තමන් යුක්රේනයට යන බවයි,ඔහු පවසන්නේ. බටහිර රටවල වගකීම් විරහිත ක්‍රියාදාමය යුක්රේනයේ අස්ථාවරභාවයට හේතුව බවයි, වික්තර් යනුකොවිච් කියා සිටින්නේ. යුක්රේනයට කෙරෙන බාහිර අතපෙවීම්වලට තමන් විරුද්ධ නමුත් ක්රිමියානු අර්ධද්වීපයේ ජනතාව සිය ආරක්ෂාව පිණිස ආරක්ෂක කමිටු පිහිටුවා ගැනීම තමන්ට වැටහෙන බවද වික්තර් යනුකොවිච් ප්‍රකාශ කළේය. වික්තර් යනුකොවිච් පුවත් පත් හමුව පැවැත්වීමට පෙර ප්රක්රිමියාවේ ගුවන් තොටුපොළ දෙකක් සන්නද්ධ කණ්ඩායම් විසින් අල්ලා ගත් අතර, එය රුසියාවේ සන්නද්ධ ආක්‍රමණයක් බවට යුක්රේන බලධාරීන් චෝදනා කළහ. ඒ අතරින් එක් ගුවන් තොටුපොළක් හමුදා තොටුපොළක් වන අතර, ඒ හේතුවෙන් ගුවන් ගමනද අඩාල විය. | පසුගිය සති අන්තයේ කීව් අගනුවරින් පලා ගිය යුක්රේනයේ බලයෙන් පහ කෙරුණ ජනාධිපති වික්තර් යනුකොවිච් අද ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ ජාතික සංවිධාන එකමුතුව විසින්. එම විරෝධතාවාදීන් කියා සිටින්නේ, ඇමෙරිකාව ඔවුන් විසින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නො තකා හරිමින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට අත පොවන බවයි. ජාතික නිදහස් පෙරමුණේ සංවිධායකයකු වූ ගුණදාස අමරසේකර ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ස්ටීවන් ජේ රැප් සංචාරය ශ්‍රී ලංකා ආණ්ඩුව අපකීර්තියට පත් කිරීම සඳහා ඇමෙරිකාව ගෙන යන වැඩ පිළිවෙලක එක් අදියරක් පමණක් වන බවයි. ජගත් අපරාධ අධිකරණ කාර්යාලයේ ප්‍රධානියා වන ස්ටීවන් ජේ රැප්, ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන නායකයන් සහ ආගමික නායකයන් සමඟ මේ වන විට සාකච්ඡා කර ඇති අතර, සෙනසුරාදා ආපසු පිටත්ව යාමට පෙර ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා කරනු ලැබීමට නියමිතයි. විශ්වසනීය විභාගයක් ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී ආණ්ඩුව විසින් මෙන් ම දෙමළ කොටි සංවිධානය විසින් සිදු කොට ඇතැයි පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් එල්ල කෙරෙන ජාත්‍යන්තර බලපෑම තීව්ර කෙරෙමින් පවතින මොහොතකයි ඇමෙරිකානු විශේෂ නියෝජිතයා ගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙන්නේ. එම අපරාධ සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි මට්ටමේ විභාගයක් ආරම්භ කරන මෙන් ඉල්ලා සිටිමින් ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත. එම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ලබන මාර්තු මාසයේ දී අධීක්ෂණය කිරීමට මානව හිමිකම් මණ්ඩලය බලාපොරොත්තු වෙන බවයි වාර්තා වන්නේ. දෙබිඩි පිළිවෙතක් එම කාලය වන විට යම් ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අසමත් වුනොත් මානව හිමිකම් මණ්ඩලය විසින් විභාගයක් ආරම්භ කරනු ලබන බව එහි ප්‍රධානී නවී පිල්ලෙයි පවසන්නීය. ඇමෙරිකා එක්සත් ජනපදය ,යුරෝපා හවුල සහ වෙනත් රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කරනු ලැබ තිබුණ කොටි සංවිධානය යුද්ධයෙන් පරාජය කරනු ලැබීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ගොදුරක් කර ගැනීමට දැන් උත්සාහ කරමින් සිටින බවටයි, අද බ්‍රහස්පතින්දා ධජ පතාක රැගෙන උද්ඝෝෂණය කරමින් සිටි විරෝධතාවාදීන් චෝදනා කරමින් සිටියේ. එම විරෝධතාවාදීන් කියා සිටින්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන් විසින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි. | යුද අපරාධ චෝදනා පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකානු විශේෂ නියෝජිත, ස්ටීවන් ජේ රැප් මේ දිනවල නිරත වෙමින් සිටින සංචාරයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුවට පක්ෂපාත කණ්ඩායමක් අද බ්‍රහස්පතින්දා කොළඹ නගරයේ විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටියහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පළාත් පාලන ආයතන 340න් 200කට ආසන්න සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ පොදු ජන පෙරමුණ සමත් වී ඇති බව නිල නොවන වාර්තාවල දැක්වේ. උතුරු නැගෙනහිර හැර අනිකුත් සියලුම පළාත් වල ඉදිරියෙන් සිටීමට පොදු ජන පෙරමුණට හැකි වී තිබෙන අතර ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික ජාතික පක්ෂය දෙවැනි ස්ථානයටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුන් වෙනි ස්ථානයටත් පත්වී තිබේ. දේශපාලන විචාරකයන් බලාපොරොත්තු නොවූ ඡන්ද ප්‍රතිඵලයක් වාර්තා කිරීමට පොදු ජන පෙරමුණ සමත් වී සිටින අතර, බලයේ සිටින පක්ෂ දෙකක් පරාජය කර මෙම ප්‍රතිඵලය ලබා තිබීම විශේෂත්වයකි. තවත් කියවන්න: "පළාත් පාලන ඡන්ද විමසිම් ඉතිහාසයේ බලයේ සිටින දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ මැතිවරණයෙන් එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවට උරුම වී තියෙනවා," කැෆේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායාමේ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. ඉරිදා පස්වරු 12 වන විට නිකුත්ව තිබු ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 100 ක් පොදු ජන පෙරමුණ ජයගනිද්දී එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිව තිබුනේ ආයතන 19ක් පමණි. දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන 19ක් ජය ගෙන තිබුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබුනේ ආයතන හයක් පමණි. මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීම බලාපොරොත්තු නොවූ පරිදි පමා වූ අතර, නව මැතිවරණ ක්‍රමය යටතේ ලැබෙන ආසන සංඛ්‍යාව ගණන් බලා ප්‍රකාශ කිරීමට සිදුවීමත්, ප්‍රතිඵල ලබා දෙන ක්‍රමවේදයේ යම් ගැටළු කිහිපයක් එම ප්‍රමාදයට හේතු වූ බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීමට තව පැය කිහිපයක් ගතවනු ඇති බව ද ඉරිදා (පෙබරවාරි 11) දහවල් 12.30ට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් විය. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින්, ජයග්‍රහණය සාමකාමිව සාමකාමීව භුක්ති විඳින ලෙස සිය පාක්ෂිකයන්ගෙන් හා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය පිළිබඳව දීර්ඝ වාර්තාවක් නිකුත් කළ ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group - ICG) ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර නොකළ යුතු බවට ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළේය. මේ අතර 2017 දී ආණ්ඩුව පෙරළන බවට හිටපු ජනාධිපතිවරයා ද 2016 වසරේ අග භාගයේ ප්‍රතිඥා දුන්නේය. සබැඳි යොමු: | හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 වසරේ පළාත් පාලන මැතිවරණයේ වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනාගන්නා ලකුණු පෙන්නුම් කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එම සමූහ දූෂණයට හවුල් වී ඇති තවත් හතර දෙනකු ඉතා ම ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ. විසි දෙ හැවිරිදි මාධ්‍යවේදිනිය සමූහ දූෂණයට ගොදුරු වුනේ පාවිච්චියට නොගන්නා ඇඟලුම් කම්හලකට පිවිස එහි ඡායාරූප ගනිමින් සිටියදී. එම අවස්ථාවේ ඇයත් සමඟ සිටි ඇයගේ වෘත්තීය සගයකුට පහර දුන් දූෂකයන් ඔහු බැඳ තබා තිබුණ බවයි, මුම්බායි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. පසුගිය වසරේ දිල්ලි අගනුවර වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයකට ලක් වූ අවස්ථාවේ මෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද ඉන්දියාව පුරා විශාල මහජන කෝපයක් පළ වෙමින් පවතින බවත් වාර්තා වෙයි. සමූහ දූෂණයට ගොදුරු වූ මාධ්‍යවේදිනිය රෝහල්ගත කරනු ලැබුණ අතර, ඇයගේ තත්වය යහපත් අතට හැරෙමින් ඇති බවත් නිවේදනය කෙරිණ. | ඊයේ, බ්‍රහස්පතින්දා, මුම්බායි නගරයේ දී සාපරාධී කල්ලියක් විසින් මාධ්‍යවේදිනියක දූෂණය කරනු ලැබීමේ සිද්ධියට හවුල් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය ප්‍රකාශයට පත් කොට ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මෙම චෝදනාවට දිනේෂ් චන්දිමාල් වරදකරු වුවහොත් ඔහුට දඩ මුදලකට සහ ඇතැම් විට එක් ටෙස්ට් තරග තහනමකට යටත් වීමට සිදු වනු ඇත. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර දිනේෂ් චන්දිමාල්ට මෙම චෝදනා එල්ල විය. පසුගිය සිකුරාදා (ජූනි 15) තරගයේ අවසන් සැසිවාරයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සිය වම් සාක්කුවෙන් කිසියම් පැණි රස කෑමක් ගෙන එය මුඛයේ දමා පසුව එය පන්දුවේ දවටා පන්දුව පළුදු කිරීමට උත්සාහ කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට චෝදනා ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. එම සාක්ෂි උපයෝගී කරගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක ජවගල් ශ්‍රීනාත් ඉදිරියේ මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇත. මේ පරීක්ෂණයෙන් පසු ලබා දෙන තීන්දුවට අභියෝග කිරීමට ශ්‍රී ලංකා නායකයාට හැකි අතර, ඉන් අනතුරුව ස්වාධීන කොමසාරිස්වරයෙක් ඉදිරියේ තවත් පරීක්ෂණයක් පවත්වනු ලැබේ. යම් ගැටළුවක් ඇත්නම් එය තරගය සිකුරාදා අවසන් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැනුම් නොදී සෙනෙසුරාදා දින තරගය ආරම්භයට විනාඩි දහයකට පමණ පෙර දැනුම්දීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායම සිය විරෝධය පළ කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ දිනේෂ් චන්දිමාල් මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන නිසා බොහෝ දුරට මෙම පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් දක්වා ගෙන යාමට ඉඩ ඇති බවය. මෙම චෝදනාවට දිනේෂ් චන්දිමාල් වරදකරු වුවහොත් ඔහුට දඩ මුදලකට සහ ඇතැම් විට එක් ටෙස්ට් තරග තහනමකට යටත් වීමට සිදු වනු ඇත. මේ තොරතුරුද කියවන්න: මින් පෙර මේ ආකාරයට පන්දුවේ යම් රසකාරකයක් අතුල්ලා පන්දුව පළුදු කළ බවට දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆාෆ් ඩුප්ලේසිට චෝදනා එල්ල වූ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය අභියෝගයකට ලක් කළේය. කෙසේ නමුත්, එම ස්වාධීන පරීක්ෂණයේදී ඔහු වරදකරු වූ අතර ඔහුගේ තරග ගාස්තුවෙන් 100%ක දඩයක් ගෙවීමට සිදු විය. ශ්‍රී ලංකා කණ්ඩායම විරෝධය පෑවේ ඇයි ? සෙනසුරාදා දින තරගය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත වෙලාවට පිටියට නොපිවිසීම ගැනද මේ වන විට විවිධ චෝදනා එල්ල වෙමින් පවතියි. කුමන චෝදනාවක් එල්ල වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පැය දෙකක කාලයක් තරග පිටියට නොපිවිසිම ක්‍රීඩාවට එතරම් යහපත් ආදර්ශයක් නොවන බව ක්‍රීඩා විචාරකයෝ පවසති. සෙනසුරාදා තරගය ආරම්භ කිරීමට විනාඩි දහයකට පෙර කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල කිරීම මෙම ගැටළු සහගත තත්වයට හේතු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පැවසීය. යම් ගැටළුවක් ඇත්නම් එය තරගය සිකුරාදා අවසන් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැනුම් නොදී සෙනෙසුරාදා දින තරගය ආරම්භයට විනාඩි දහයකට පමණ පෙර දැනුම්දීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායම සිය විරෝධය පළ කර තිබේ. තවත් තොරතුරු: පන්දුව මාරු කිරීමට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු පහක් ප්රදානය කිරීමේ තීරණය ගැනීමට පෙර පන්දුව පළුදු කළ බවට ඇති සාක්ෂි ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා කණ්ඩායම ඉල්ලීමක් කර ඇත. නමුත් ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති අතර, කොළඹ සිටින ක්‍රිකට් බලධාරීන්ගේ උපදෙස් මත යළිත් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසී තිබේ. පසුගිය වසරේ ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක දසුන් ශානක ද පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරු වූ අතර එහිදී ඔහුගේ තරග මුදලින් 75%ක් දඩ මුදල් වශයෙන් ගෙවීමට සිදුවිය. | පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බැවින් ඒ ගැන පරීක්ෂණයක් අද සවස බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වීමට නියමිතය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඒ පිළිබඳව දැනට පවත්නා නීති ප්‍රතිපාදන වහාම සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ගෝමින් දයා ශ්‍රී සහ මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ අවධාරණය කරති. නීතිවේදීන් දෙදෙනා එසේ පැවසුවේ වත්කම් බැරකම් ප්‍රකාශ සැපයීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අධිකරණය විසින් රුපියල් දහසක දඩයක් නියම කරනු ලැබීම පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි. සිය "පන්තිය ආරක්ෂා කරගැනීමේ අරමුණින්" මෙවැනි නීති සංශෝධනය කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් පියවර නොගන්නා බව ඔවුන් දෙදෙනාගේම අදහසය. "හොරකම්, වංචා නැතිකරන්න පොරොන්දු වෙලා එන කිසිම ආණ්ඩුවක් මේ වගේ නීති වෙනස් කරන්න සූදානම් නෑ," නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ සඳහන් කළේය. "මම හිතන්නේ දැන් කාලය ඇවිල්ල තියෙනව මේ නීතිය වෙනස් කරලා දඩ මුදල උපරිමයත් නැති කරලා, සඟවන ලද මුදල් ප්‍රමාණයට සරිලන විදියේ දඩයක් නියම කරන්න වෙනව. මම හිතන්නේ ඒක ලක්ෂ ගානක් විය යුතුයි." එම අදහස අනුමත කරන නීතිවේදී ගෝමින් දයා ශ්‍රී පවසන්නේ, වර්තමානයේ දේශපාලකයන් පිළිබඳව ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවය. "වරප්‍රසාද ලත් දූෂිත පිරිසක් වශයෙනුයි ජනතාව දැන් දේශපාලකයන් සලකන්නේ. ඒ නිසා අල්ලස් ගැනීම සහ වෙනත් මාර්ගවලින් මුදල් උපයා ගැනීම වැළැක්වීම සඳහා වත්කම් හෙළිකිරීම අත්‍යවශ්‍ය දෙයක්," ඔහු පැවසීය. ආදායම් බදු නොගෙවා හැරීම හෝ ආදායම හෙළි නොකිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව බන්ධනාගාරගත කිරීමේ හැකියාව තිබෙන නමුත් දේශපාලකයින්ගේ මෙවැනි වැරදිවලට රුපියල් දහසක දඩයක් පමණක් හිමිවීමට හේතුව "ආණ්ඩු පක්ෂයයි, විපක්ෂයයි කොලේ වහගෙන වැඩ කිරීම," බව ද නීතිවේදී ගෝමින් දයා ශ්‍රී සඳහන් කළේය. නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම හෝ අවශ්‍ය විටෙක අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට නියම වන දඬුවම රුපියල් 1,000 නොවැඩි දඩයක් සහ/හෝ වසරකට නොවැඩි කාලයක සිර දඬුවමකි. අපි යහපාලනය ඉදිරියට ගෙනයනවා - බැඳුම්කර කොමිසම වෙත පැමිණි අගමැති මේ අතර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම පැහැර හැරීම වෙනුවෙන් මෙතෙක් පැවති රුපියල් 1,000ට නොවැඩි දඩය රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. එහෙත් එය කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව චන්ද්‍රපාල කුමාරගේ නීතිඥවරයාගේ අදහස ය. "වත්කම් ප්‍රමාණය වැඩි වෙන විදියේ, ලක්ෂයෙන් පටන් අරන් ලක්ෂ පනහක් හෝ ඊටත් වැඩි ගාණක් දක්වා වැඩිවීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. දැන් කසිප්පු තියාගත්තත් දඩ ගහනවා ලක්ෂ ගණන්. දඩයක් විතරක් නොවෙයි, දීර්ඝ කාලීන සිර දඬුවමකුත් අනිවාර්යයෙන්ම නියම කරන්න ඕනේ." අඛණ්ඩව වසර දෙකක් වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි කර නැති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවරා තිබුණු නඩුවකදී චුදිත හිටපු අමාත්‍යවරයා වරද පිළිගත් අවස්ථාවේ ඔහුට රුපියල් 2,000 දඩයක් නියම කෙරිණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ නඩු තුනකට වරද පිළිගෙන තිබූ අතර ඔහුට නියම වූයේ එක් නඩුවකට රුපියල් 1,000 බැගින් රුපියල් 3000 දඩ මුදලකි. "උදාහරණයක් විදියට බැඳුම්කර ගනුදෙණුව ගැන වුණත් වත්කම් හෙළිකරන්න බැරි වුනොත් දඩය ඕක තමයි," නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පැවසීය. වැඩිදුර: | "කසිප්පු පෙරුවත් ලක්ෂ ගණන් දඩ" මුදල් අයකිරීමට අධිකරණයට බලය තිබෙන නමුත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ සැපයීම නොකරන දේශපාලනඥයන්ට රුපියල් දහසක උපරිම දඩයක් නියම කිරීමේ විධිවිධානය නීතිවේදීන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එම තත්වය අවසන් කොට නියෝජන ප්රජාතන්ත්රවාදය සහතික කිරීමේ උත්සාහයක් වශයෙන් අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීති සම්පාදනය කිරීම සඳහා පියවර ගනිමින් ඇති අතර ඊට අදාළ මූලික කෙටුම්පතක පළමු අදියර නීතිවේදීන්ගේ උපදෙස් ලබා ගනිමින් දැනටමත් සකස් කොට අවසන් බවත් පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකදී කියා සිටියේය. සියලු මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂවල ද උපදෙස් මෙම කාර්ය සඳහා ලබා ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය. මැතිවරණ ප්‍රචාරණය සඳහා අපේක්ෂකයකුට හෝ පක්ෂයකට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවක් නොමැති බැවින් මූල්‍ය ශක්තිය වැඩි අපේක්ෂකයන්ට වාසිදායක තත්වයක් හිමිවන බව ඔහු පේනවා දෙයි. "සියලු අපේක්ෂකයන්ට සාධාරණ පදනමක් මත තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යා හැකි නම් පමණයි මැතිවරණයෙන් සාධාරණ ලෙස මහජන නියෝජිතයන් තේරීපත් වෙන්නේ," ඔහු පැවසීය. "පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ සමහර අපේක්ෂකයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා තමන් ලක්ෂ අටසීය, දාහ මැතිවරණය සඳහා වියදම් කළ බව. ඒ වගේම අඩුවෙන්ම වියදම් කළ පළාත් සභා අපේක්ෂකයෙක් ප්‍රකාශ කළා ලක්ෂ අනූ අටක් ඔහු වියදම් කළ බව," පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය. අසල්වැසි ඉන්දියාව සහ බංගලාදේශය වැනි රටවල ද මැතිවරණය ප්‍රචාරණය සඳහා වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමා පවතින බවත් ඔහු පෙන්වා දුණි. "උදාහරණයක් වශයෙන් බංගලාදේශයේ ඒ ඒ ඡන්ද කොට්ඨාශය තුළ සිටින ඡන්ද දායකයන් ප්‍රමාණයට අනුපාතිකව අපේක්ෂකයන්ට කළ හැකි වියදම්වලට සීමා පනවා තිබෙනවා," එසේම ඇතැම් අපේක්ෂකයන් මැතිවරණ සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කළත් එම මුදල් තමන් වෙත ලැබුණු ආකාරය සම්බන්ධයෙන් කිසිදු හෙළිදරව්වක් නොකරන බවත් ඔහු පැවසීය. "මේ පනත් කෙටුම්පත සම්මත කොට නීතියක් බවට පත් කිරීමට ව්‍යවස්ථාදායකය ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔවුන් එසේ ක්‍රියා නොකරන්නේ නම් ඒ සඳහා ගත හැකි සිවිල් සමාජ පෙලඹීම සහ බලපෑම කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා," පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේය. | ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ අපේක්ෂකයන් විසින් වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවක් නොමැතිකම මහජන ප්රජාතන්ත්රවාදය විකෘති වීමට හේතු වී ඇති බව පැෆරල් සංවිධානය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේරියන් ප්‍රහාරයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් "ඉතා බරපතල" මේ තත්වය පිළිබඳව සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර දෙන මෙන් තමන් ජනාධිපතිවරයා, අධිකරණ ඇමතිවරයා, අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බව ද ප්‍රහාරයෙන් අනතුරුව යාපනයේ දී මාධ්‍යවේදීන් අමතමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය. සෙනසුරාදා (ජුලි 22) සවස 5:10 ට පමණ සිය පොලිස් ආරක්ෂකයන් ද සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි විනිශ්චයකාරවරයාට වෙඩි තැබීමට කිසියම් පුද්ගලයෙක් උත්සාහ දරා තිබේ. සබැඳි යොමු: "යතුරු පැදියකින් පැමිණි මගේ පොලිස් ආරක්ෂක නිලධාරියා, නල්ලූර් කෝවිල අසල හන්දියේදී වාහන නතර කරලා මගේ වාහනයට ඉඩ සලසා දුන්නා. ඒ වෙලාවේ සාමාන්‍ය වැසියෙක් පොලිස් නිලධාරියා ලඟට ඇවිත් ඔහුගේ ඉනේ තිබුන පිස්තොලේ ගන්නවත් එක්කම ඔවුන් දෙදෙනා විනාඩි දෙක තුනක් පොර බැදුව," විනිශ්චයකාරවරයා පැවසීය. "ඒ වෙලාවේ මම හිටියේ එතැනට අඩි අටක් විතර ලඟින්. මම වහාම වාහනයෙන් බැහැල කිසියම් තැනකට දුවනවත් එක්කම අර පුද්ගලයා මගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තිබ්බ." විද්‍යා දැරිය ඝාතනය කිරීමේ චෝදනා ලබා සිටින සැකරුවන් ආරක්ෂා කිරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ (වමේ සිට පළමුවැන්නා) රිමාන්ඩ් බන්ධානාගාරගතව සිටී "ඊට පස්සේ ඔහු මට වෙඩි තියන්න හදනකොටම මගේ තවත් ආරක්ෂක නිලධාරියෙක් මාව කාර් එකට තල්ලු කළා." ප්‍රහාරයෙන් තමන්ට කිසිදු හානියක් සිදු නොවුවත්, වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයා යාපනය රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තුවාල ලැබූ කොස්තාපල්වරයා ද රෝහල්ගත කරන ලද බව විනිසුරු එම් ඉලන්චේරියන් සඳහන් කළේය. 'විද්‍යා දැරිය' "මේක අධිකරණය ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයක් බවට මට විශ්වාසයි. මම හැමදාම ගමන් කරන්නේ නල්ලූර් කෝවිල පාරේ. ඒ නිසා කවුරු හරි මගේ වාහනේ පස්සෙන් ඇවිල්ල තියෙනව." පසුගිය මාස අටක පමණ කාලය තුළ තමන් යාපනයේ "භයානකම සිදුවීම්" කිහිපයක්ම විභාග කළ අතර, මේ වනවිටත් "භයානක" නඩුවක් විභාග කරමින් සිටින බව විනිසුරුවරයා සඳහන් කළේය. විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව යාපනයේ උද්ඝෝෂණ දියත්විය එබැවින් මෙය තමන්ට සහ අධිකරණයට එල්ල වූ තර්ජනයක් බවට තමන්ට කිසිදු සැකයක් නැතැයි අවධාරණය කරන විනිසුරු එම් ඉලන්චේරියන්, විනිසුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. 2015 මැයි මාසයේ දී යාපනයේ පුන්ගුඩුතීවු පළාතේ විද්‍යා සිවයෝගනාදන් පාසල් දැරිය පැහැරගෙන ගොස්, දූෂණය කොට මරාදැමීම සම්බන්ධ නඩුව ද විනිසුරු එම් ඉලන්චේරියන් ඉදිරියේ මේ දිනවල විභාග වෙමින් පවතී. දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකරුවන් ආරක්ෂා කිරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටී. ඉන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පළ වී ඇතැයි ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. | යාපනයේ නල්ලූර් කෝවිල අසල මංසන්ධියේ දී තමන් ඉලක්ක කරගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරය පැහැදිලිවම අධිකරණයට කෙරුණු තර්ජනයක් බව යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේරියන් අවධාරණය කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඇමෙරිකාව ඇතුළු විදේශ රටවල තානාපති නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වෙමින් සිටි බවයි වාර්තා වන්නේ. අද සඳුදා සවස රැස්වීම ආරම්භ වී පැයකට පමණ පසු භික්ෂූන් වහන්සේලා අටදෙනකුද ඇතුළත් යුතු කණ්ඩායම පැමිණ රැස්වීම නවත්වන මෙන් තර්ජනය කල බවයි එම රැස්වීමේ සංවිධායකයෙක් බීබීසී සංදේශයට කියා සිටියේ. රාජ්‍යතාන්ත්‍රිකයන්ටත් තර්ජන සිය සාකච්ඡාවට බාධා කළ පුද්ගලයන් අතුරුදහන් පුද්ගලයන්ගේ ඥාතීන්ට සහ විදේශ තානාපති නිලධාරීන්ට බැණ වැදුණ බවත් ඉහත කී සංවිධායකයා සංදේශයට ප්‍රකාශ කළේය. " අපි ඇමරිකාවෙන් මුදල් ලබන දේශ ද්‍රෝහීන් යයි පවසමින් ඔවුන් අපට බැණ වැදුණා " එම සංවිධායකයා පවසයි. පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ලඟා වුවත් අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂාව ලබා දීමට නොහැකි නිසා එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසයි පොලිසිය පවසූ බවත් ඔහු කියා සිටියි. සාකච්ඡාවට සහභාගී වෙමින් සිටි කණ්ඩායමට මේ වන විට එම ස්ථානයෙන් පිටව යාමට හැකි වී ඇති බවත් වාර්තා වෙයි. | මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල් කළ බව වාර්තා වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බෝම්බ පිපිරීම සිදුවී ඇත්තේ පකිස්තාන හමුදා විසින් තාලිබාන් කැරලිකරුවන්ට එරෙහිව මෙහෙයුම් සිදු කරන ප්‍රදේශයක පෙෂාවර් නගරය අවට ප්‍රදේශ වලින් රජයේ සේවකයන් බස් රථයට නංවා ගන්නා අතරතුර දී බස් රථය තුළ වූ බෝම්බය පුපුරා ගිය බවයි වාර්තා වන්නේ. මගීන් හතලිස් දෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබූ බස්රිය තුළ පුපුරන ද්‍රව්‍ය සඟවා තබා තිබෙන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ. තිහකට අධික තුවාල කරුවන් ගෙන් ඇතැමෙක් අසාධ්‍ය තත්වයෙන් පසුවන අතර මෙම බෝම්බ පිපිරීම සිදුවී ඇත්තේ පකිස්තාන හමුදා විසින් තාලිබාන් කැරලිකරුවන්ට එරෙහිව මෙහෙයුම් සිදු කරන ප්‍රදේශයක බවයි වාර්තාවල සඳහන් වන්නේ. | වයඹ දිග පකිස්තානයේ දී බස් රථයක් තුළ බෝම්බයක් පිපිරී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් පහළොස් දෙනෙකු මරණයට පත් විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'මේ රට පාලනය කරන පුද්ගලයා කියල තියෙනව මීට පස්සේ අග විනිසුරුවරු පත් කරන්නේ වැඩ බලන ආකාරයට පමණයි කියල' එම තීන්දුව පිළිබඳව කෝපයට පත් වී සිටින ආණ්ඩුව අගවිනිසුරු වරියට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නේ පළිගැනීමේ අදහසින් බවද ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායකයාද වන හිටපු හමුදාපතවරයා සඳහන් කළේය. අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ යෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්රීවර්ය් පිරිසක් ඊයේ කථානායකවරයාට ඉදිරිපත් කළ මුත් එහි අඩංගු චෝදනා අනාවරණය කිරීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. අදාළ දෝෂාභියෝග යෝජනාව සහ පළාත් සභාවල බලතල යලිත් මධ්‍යම ආණ්ඩුවට පැවරෙන දිවි නැගුම පනත් කෙටුම්පත සම්බන්ධ තීන්දුව මෙන්ම මංජුල තිලකරත්න අධිකරණ සේවා සභාවේ ලේකම්වරයාට එල්ල වූ ප්‍රහාරයද එකිනෙක හා කෙලින්ම සම්බන්ධ සිදුවීම් බව බීබීසී සංදේශයට පැවසූ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනය, දෝෂාභියෝගය දේශපාලන අරමුණකින් ඉදිරිපත් කෙරෙන්නක්ය යන චෝදනාවෙන් ආණ්ඩුවට මිදිය නොහැකි බවද අවධාරණය කරයි. දෝෂාභියෝගය මාර්ගයෙන් අගවිනිසුරුවරිය පදවියෙන් පහ කොට, ඉන් අනතුරුව සියලුම අග්‍ර විනිශ්චයකාරවරුන් වැඩ බැලීමේ පදනම මත පත්කිරීමට සූදානම් වන බවටද සරත් ෆොන්සේකා ආණ්ඩුවට චෝදනා කරයි. වත්මන් අධිකරණ පද්ධතිය යටතේ තමාටද සාධාරණය ඉටුවී නැති නමුත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පිණිස පෙරමුණ ගැනීමට පසුබට නොවන බවද ඔහු අවධාරණය කරයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට පදවියෙන් ඉවත් කිරීමට තරම් අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක වරදක් කොට නැති බව පවසන ජනරාල් සරත් ෆොන්සේකා එතුමිය කරන ලද එකම වරද දිවි නැගුම පණත රටේ ව්‍යවස්ථාවට අනුකූල නොමැති බව තීන්දු කිරීම පමණක් බවද ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඒඩ්ස් රෝගය වැළඳී තිබෙන්නේ ද යන්න විමසන පරීක්ෂණවලට ඉදිරිපත් වන මෙන් ඔහු සියලු දෙනාගෙන් ඉල්ලීමක් ද කරයි. බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමකරුවෙකු වන හැරී කුමරු එම ඉල්ලීම කළේ 'ඇටිටිටුඩ්' (Attitude) සඟරාව විසින් සිය මව වෙත ප්රදානය කරන ලද 'ලෙගසි' (Legacy) සම්මානය භාර ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමිනි. සඟරාව ඩයනා කුමරියට එම සම්මානය පිරිනැමුවේ ඇයගේ මරණයෙන් විසි වසරක් ගෙවී යන අවස්ථාවේදීය. සිය මව ජීවතුන් අතර සිටියේ නම්, ඇය අදත් එච්අයිවී ආසාදිතයන් වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ද හැරී කුමරු පැවසීය. එච්අයිවී/ ඒඩ්ස් ආසාදිතයන් උදෙසාම වෙන් වූ බ්‍රිතාන්‍යයේ පළමු රෝහල් වාට්ටුව 1987 අප්‍රේල් මාසයේ දී විවෘත කරනු ලැබුවේ ඩයනා කුමරිය විසිනි. ඒ අවස්ථාවේ ලෝක ජනමාධ්‍ය ඉදිරියේ ලන්ඩනයේ මිඩ්ල්සෙක්ස් රෝහලේ (London Middlesex Hospital) දී ඇය HIV ආසාදිතයන්ට අතට අත දෙමින් ඉතා සුහදව කතාබස් කළාය. අත්වැසුම් සහිතව එසේ ඔවුන්ට අතට අත දෙමින්, රෝගියෙකු ස්පර්ශ කිරීම මගින් HIV/ඒඩ්ස් වැළඳෙන බවට සමාජය තුළ පවතින දුර්මතයට ඇය ප්‍රසිද්ධියේ අභියෝග කළාය. "එදා, රූපවාහිනී කැමරා ඉදිරියේ එච්අයිවී ආසාදිත 32 හැවිරිදි පුරුෂයෙකුගේ අතට අත දුන්න වෙලාවේ, තමන් කරන්නේ මොකක්ද කියල ඇය හොඳින්ම දැන සිටියා," සම්මාන උළෙල අමතමින් හැරී කුමරු පැවසීය. 1996 දී HIV ආසාදිතයන් සිටින මධ්‍යස්ථානයක දී රෝගීන් හමු වූ ඩයනා කුමරිය එවක් පටන් සිය මව එච්අයිවී ආසාදිතයන්ගේ හිමිකම් වෙනුවෙන් දියත් කළ ක්‍රියාදාමය මතකයට නැගූ හැරී කුමරු, "සමලිංගික භීතියත් සමග එකතුවෙලා, එදා සාපේක්ෂව අලුත් මේ රෝගය ගැන භයානක මතවාදයක් නිර්මාණය කෙරෙමින් තිබුණු බව ඇය දැන සිටියා," යනුවෙන් ද සඳහන් කළේය. සිය මව ගේ ජයග්‍රහණ පිළිබඳව තමා මෙන්ම සිය සොයුරු විලියම් කුමරු ද "ඉතා ආඩම්බර වන" බව පවසන හැරී කුමරු වැඩිදුරටත් සඳහන් කළේ, එච්අයිවී පරීක්ෂණය සහ ප්‍රතිකාර ලොව පුරා සියලුම වැසියන්ට නොමිලේ ලබා දිය යුතු යැයි මේ මොහොතේ සිය මව ජීවතුන් අතර සිටියේ නම් "බල කරනු ඇති" බවය. HIV/ඒඩ්ස් ආසාදනය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ද තවමත් බොහෝ දුර්මත පැතිර යමින් පවතී. "කුණු ලෙඩ කාරයෝ, ජරා යක්කු" හේතුවෙන් සිය දරුවන්ටද අයහපතක් වෙතැයි පවසමින් ගම්වැසියන් නිවසේ හිමිකරුට පැමිණිලි කිරීම හේතුවෙන් පසුගිය වසරේ "අභිනන්දන වීරවරියක" ලෙසින් පිදුම් ලැබූ එච්අයිවී ආසාදිතයන් වෙනුවෙන් කැප වූ ක්‍රියාකාරිනියක වන ප්‍රින්සි මංගලිකාට තමන් විසූ නිවසින් පවා ඉවත්වීමට සිදුවිය. 'ආදරය, රැකවරණය අහිමිව HIV ආසාදිත කාන්තාවෝ සෝ සුසුම් හෙලනවා' රෝගයක් වැළඳුනු පමණින් ඔවුන් සමාජයෙන් කොන් නොකළ යුතු බව ඇය බීබීසී සිංහල සේවය සමග ඉතා හැඟුම්බරව අදහස් දක්වමින් කියා සිටියාය. එච්අයිවී ආසාදිතයෙකු බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසලක් අධ්‍යාපනය අහිමිව මවගෙන් වෙන් කොට පරිවාස භාරයට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කළ ප්‍රකාශයක් මීට වසරකට පමණ ඉහතදී ප්‍රබල ආන්දෝලනයකට ලක්විය. ඉන් අනතුරුව සිය ප්‍රකාශය පිළිබඳව "සිත් රිදුනා නම් කණගාටු වෙන" බව බීබීසී සිංහල සේවය සමග සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, පසුව දරුවාට පාසලක් ලබාදීමට ද මැදිහත් විය. HIV ආසාදිතයන් කොන්කිරීම වැළකීමට නීති? මේ අතර එම දරුවා ඇතුළු එච්අයිවී ආසාදිතයන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කරන මෙන් පසුගියදා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අගය කරමින් ප්‍රකාශයක් කළ UNAIDS එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්ධන වැඩසටහන, එවැනි අධිකරණ තීන්දුවක් දුන් පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව බව ද සඳහන් කළේය. HIV ආසාදිත හෝ ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සමාජයෙන් කොන් කරන අයට එරෙහිව පියවර ගතහැකි නීති සම්පාදනය කෙරෙහි අවධානය යොමුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මේ වසර මුලදී බීබීසී සිංහල සේවයට පැවසීය. | HIV ඒඩ්ස් ආසාදනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් වස් ඩයනා කුමරිය කළ මෙහෙය පිළිබඳව ඇයගේ කනිටු පුත් හැරී කුමරු ප්‍රණාමය පුද කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඇය දැන් අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනා හඳුනන තාරකාවක්. ඒ ඇය බෝට්ටුවක නැගී ලෝකය පුරා චාරිකාවක් ඇරඹීමත් සමගින්. සිය ස්වාමියා වන ප්‍රංශ ජාතික ගුයිරෙක් ගේ බෝට්ටුවේ නැගී ඇය ඔහුත් සමගින් ශාන්තිකර සාගරය තරණය කොට, කැරිබියානු දූපත්වලත් සංචාරය කොට දැන් ග්‍රීන්ලන්තයට පැමිණ සිටින්නීය. මුහුදු ජීවිතයට හුරු වී සිටින ඇය සිය ස්වාමියාගේ සමාජ ජාල සටහන්වල වීරවරිය බවට පත් වී සිටිනවා. | මොනික් දෙහැවිරිදි කිකිළි පැටවෙක්. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඉන්දීය දේශසීමා ආරක්ෂක භටයන් සිය ආරක්ෂක හමුදාවල "සුපුරුදු ක්‍රියාවලියට" බාධා කළ බව පවසන චීනය, ඔවුන් වහාම සිය භූමියෙන් ඉවත්කර ගන්නා මෙන් ඉන්දියාවට පවසයි. සිය භූමියට ඇතුළු වූ බවට ඉන්දියාව ද මෑතදී චීනයට චෝදනා කළේය. මතභේදයට තුඩු දී තිබෙන හිමාලය බද නතු ලා (Nathu La) මුරකපොල්ල තිබ්බතයේ පිහිටි හින්දු සහ බෞද්ධ ආගමික සිද්ධස්ථාන වඳ පුදා ගැනීම සඳහා පැමිණෙන ඉන්දීය බැතිමතුන් බහුලව භාවිත කරන ස්ථානයකි. 'සාමයට තර්ජනයක්' 1967 දී චීනය සහ ඉන්දියාව අතර එම ප්‍රදේශයේ ගැටුම් හටගත් අතර, තවමත් වරින්වර ගැටුම් හටගනියි. දෙපාර්ශවය අතර වර්තමානයේ හටගෙන තිබෙන මතභේදය මෑත වසර කිහිපය ඇතුළත උණුසුම බරපතල ලෙසින් ඉහළ ගිය එක් අවස්ථාවක් බව දකුණු ආසියානු කටයුතු සම්බන්ධ බීබීසී සංස්කාරක එතිරාජන් අන්බරසන් පවසයි. මෙම මත ගැටුම කලාපයේ සාමයට තර්ජනයක් විය හැකි බවට චීන බලධාරීන් අනතුරු අඟවන්නේ යයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. දේශසීමාවේ සිය පාර්ශවයේ මහා මාර්ගයක් ඉදිකිරීමකට බාධා කරන බවට ද චීනය ඉන්දියාවට චෝදනා කරයි. එම චෝදනා පිළිබඳව ඉන්දියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නැත. මෑත සති කිහිපය තුළ ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ උණුසුම ඉහළ යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනය විසින් දේශසීමාව හරහා කෙරෙන වන්දනා චාරිකා තහනම් කරනු ලැබ තිබේ. | සිකීම් ප්‍රාන්තය සහ තිබ්බතය අතර සිය භූමිය ආක්‍රමණය කළ බවට චීනය ඉන්දියාවට චෝදනා කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම යළිත් වරක් උත්සන්න වෙමින් පවතී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමග ලබා දුන් පාරිභෝගික සහන සහ රුපියල් දස දහසේ වැටුප් වර්ධකය සඳහා දැරීමට සිදු වූ අධික වැය වැට් බදු ඉහළ නැංවීම කෙරෙහි බලපෑ එක් ප්‍රධාන සාධකයක් බව ඔහු පෙන්වා දෙයි. 'ඒක ප්‍රධාන හේතුවක්. තමාගේ වියදම් සහ ආදායම් කළමනාකරණය කරන්න බැරි වීම. ඒ සමග අයවැය හිඟය ඉතාමත් සීග්‍ර වශයෙන් වැඩි වුනා' ඔහු සඳහන් කළේය. එසේ ජනතාවට සහන ලබා දීමෙන් අනතුරුව බදු හරහා රජයේ වියදම් සපයා ගත නොහැකි වූ බැවින් පසුගිය වසරේදී ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට සිදු වූ බවයි මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න පෙන්වා දෙන්නේ. 'ගිය අවුරුද්දේ රාජ්‍ය වියදම් සීග්‍ර ලෙස වැඩි කළා. පඩි, විශ්‍රාම පඩි, සමෘද්ධිය වැඩි කළා. නමුත් ඒ සඳහා වියදම් කරන්න බදු මුදල් නැහැ. ඒ නිසා පසුගිය වසරේ මුදල් අච්චු ගැහුවා. ඒ නිසා රුපියල කඩා වැටුණා' යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු සමයේ ලබා ගත් අධික ණය හේතුවෙන් වැට් බද්ද 2% කින් වැඩි කිරීමට සිදු වූ බවට වත්මන් ආණ්ඩුව කළ ප්‍රකාශයේ අර්ධ සත්‍යයක් තිබෙන බවත් ඔහු කියා සිටියේය. 'අර්ධ සත්‍යයක්' යම් කිසි රටක් විසින් ලබා ගනු ලැබූ ණයක් නැවත ශුද්ධ වශයෙන් ගෙවනු ලැබීමක් සාමාන්‍යයෙන් සිදු නොවන බවත් බොහෝ විට සිදු වන්නේ එසේ ගනු ලැබූ වාණිජ ණය නැවත අලුත් කිරීමට උත්සාහ කිරීම බවත් මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න පැවසුවේය. ''එසේ කිරීමට නම් ආයෝජකයන්ගේ විශ්වාසය තිබෙන්න අවශ්‍යයි. පසුගිය වසරේ සහ මේ වසරේ අපිට තේරුම් ගිය දෙයක් තමයි අපට ණය දුන්න වාණිජ ආයෝජකයෝ බැඳුම්කර විකුණලා රටින් ගියා'' යැයි පැවසූ ඔහු බදු ඉහළ නැංවීමෙන් වැළකී ආණ්ඩුවේ ආදායම ඉහළ නැංවීම සඳහා ණය ලබා ගැනීම ඒ සඳහා විසඳුමක් හෝ කෙටි ක්‍රමයක් නොවන බවයි පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් ආණ්ඩුවට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීම හෝ ණය ලබා ගැනීමෙන් සිදු වන්නේ රුපියලේ අගය පහළ යෑම සහ රටේ මීළඟ පරපුරත් ණය බරට හසු වීම බවයි මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න කියා සිටියේ. ''කෙටිකාලීනව කරන්න පුළුවන් ණය ගන්න එක. එතකොට ඊළඟ පරම්පරාවට ඒක ගෙවන්න ඕනි. ගිය අවුරුද්දේ අපි කරපු කෙටිකාලීන පියවර තමයි සල්ලි අච්චු ගැසීම. එතකොට රුපියල වැටෙනවා. රුපියල වැටුනහම සියයට පහකින් වැට් බදු වදිනවට වඩා විශාල ප්‍රමාණයකින් බදු මිල ඉහළ යනවා. අපේ පඩියේ වටිනාකම නැති වෙනවා.'' යනුවෙන් විස්තර කළ ඉකොනොමි නෙක්ස්ට් මූල්‍ය සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න 'ඇත්තටම කළ යුත්තේ රාජ්‍ය වියදම සීමා කිරීමයි' යනුවෙනුයි වැඩිදුරටත් කියා සිටියේ. | බදු ඉහළ නංවනවාට වඩා වැඩි හානියක් සල්ලි අච්චු ගැසීමෙන් සිදු වන බව 'ඉකොනොමි නෙක්ස්ට්' මූල්‍ය සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "මම පඩිත් ගෙවනව නම්, ඕටීත් ගෙවනවනම් ඩ්‍රයිවර් වැඩ කරන්න ඕන මම කියන විදියටයි." තමන් වැටුප් ගෙවූ පමණින් තමන් කැමති ආකාරයකට රියදුරෙකුගෙන් වැඩ ගත හැකිද? තමන්ගේ ම වාහනය පදවාගෙන යාමේ දී පවා රියදුරු අසුනේ වාඩි වී සිටිය හැකි උපරිම වේලාවක් නීති පොතේ දැක්වේ. එමෙන්ම, තමන්ට රිසි පරිදි තම රියදුරා සේවයේ පිහිටවිය නොහැකිය. ඒ සඳහා උපරිම වූ කාලසීමාවක් නීති සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබේ. වැඩියෙන් පැද්දොත් දඩ! ඇතැම් විට ඔබේ රියදුරාගෙන් සිදුවූ වරදට, උසාවියේ දී ඔබ වරදකරුවෙකු බවට පත්විය හැකිය. රිය අනතුරුවලට හේතුව බීමත්ව රිය පැදවීම, අධික වේගයකින් රිය පැදවීම සහ නොසැලකිලිමත් රිය ධාවනය පමණක් නොවේ. පමණට වඩා වේලාවක් එක දිගට සුක්කානම හැසිරවීම ද අනතුරකට අත වැනීමකි. "මයි කාර් මයි පැට්‍රොල් වුනත්" පැදවිය හැකි පැය ගණන සීමා කර ඇත්තේ ඒ හදිසි අනතුරු වලක්වා ගැනීමට ය. කෙතරම් දැඩි නීති පනවා තිබුණත් "යුද්දෙන් මැරුණට වඩා, මිනිස්සු මැරෙන්නේ මහ පාරේ..." යන කියමන අදටත් වලංගු බව පෙනෙන්නේ සංඛ්‍යා ලේඛන පිරික්සීමේදී ය. 2018දී රිය අනතුරුවලින් නැසී ගිය මිනිස් ජීවිත ගණන තුන් දහසකට අධිකය. 2019දී ද තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතයට සමු දුන්හ. දෙමාපියන්ට දුවා දරුවන් අහිමි විය. දුවා දරුවන්ට මාපියන් අහිමි විය. තිස් වසරක යුද්ධයෙන් සිදු වූයේත් මෙය ම නොවේද? නමුත් මහමග යුද්ධය තවම නිමා වී නොමැත. 2020 ගැන කතා කරන විට කොරෝනා වසංගතය අමතක කළ නොහැකිය. වැරදිකරුවන් අල්ලා දඬුවම් දීම ද අතෝරක් නොමැතිව සිදු වෙයි. 2018 දී රථවාහන වැරදි ලක්ෂ 40කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් පොතේ ලියැවිණි. 2019 දී අධික දඩ මුදල් පැනවූ නමුදු පොලිසියට හසු වූ වැරදි ප්‍රමාණය ලක්ෂ 35කට ආසන්නය. 2020...? 2020 ගැන කතා කරන විට කොරෝනා වසංගතය අමතක කළ නොහැකිය. මිනිසා බිත්ති හතරකට සීමා විය; සංචරණය සීමා විය. මහමග වාහන ධාවනය අඩු විය. එවැනි තත්ත්වයක් හමුවේ ලෝකයේ සෑම රටකම පාහේ රිය අනතුරු වාර්තාවීම ද අඩු විය. ඒ කෙසේ වී නමුදු, 2020 ඔක්තෝම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව තුළ සිදු වූ 'රථවාහන වැරදි' ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයකින් පොලිස් පොත පිරී තිබුණි. 2020 නොවැම්බර් මාසය අවසන් වන විට රිය අනතුරුවලට ගොදුරු වී මිනිසුන් 1900ක් මරණයට පත් විය. තවම කොරෝනා එතරම් සැහැසි වී නැත. මූලාශ්‍ර: රථවාහන පොලිසිය බීමත් කම සහ අධික වේගය බොහෝ රිය අනතුරුවලට ප්‍රධාන හේතුවක් ලෙස සලකා ඊට දැඩි නීති පනවා තිබේ. දඩ මුදල් ඉහළ දමා තිබේ. නමුත් මෙම හේතු සාධක දෙකටම අයත් නොවන රිය අනතුරු නිරන්තරයෙන් වාර්තා වේ. රියැදුරු අසුන මත තමන් කොපමණ වේලාවක් සිටින්නේද යන්න පිළිබඳව සිහිපත් කිරීම වැදගත් වන්නේ මෙවැනි තත්ත්වයක් යටතේය. "අධික ලෙස තෙහෙට්ටුවට පත්ව සිටියදී රිය ධාවනය කිරීම නිසා බොහෝ අනතුරු සිදු වෙනවා. ඒ රියදුරා පමණක් නොවෙයි, පාරේ ගමන් ගන්නා අනෙක් අයගේ ජීවිතත් නැති වෙන්න ඒක ප්‍රධාන හේතුවක්. ඒ නිසා මේ ගැන කතා කිරීම කාලෝචිතයි." රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච් ඒ කේ ඒ ඉන්දික හපුගොඩ අවධාරණය කළේය. රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ "වාහනයක් අතට ගන්නවා කියන්නේ ඉතා භාරධූර වගකීමක්. තමන්ගේ ජීවිතය, වාහනය තුළ සිටින ජීවිත පමණක් නොවෙයි; පාරේ ඉන්න අහිංසක දරුවන්ගේ හා දෙමාපියන්ගේ ජීවිතවල වගකීමත් රියදුරු අසුනේ සිටින කෙනාගේ අතේ තියෙන්නේ. රියදුරු අසුනේ ඉඳ ගන්න හැම අවස්ථාවකම මෙය සිහිපත් විය යුතුයි." "අපි කොයි තරම් නීතිය දැඩි කළත් වැඩක් නැහැ, රියදුරන්ගේ විනය සහ හික්මීම නොමැතිනම්. මේ සඳහා ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනා. තමන් ගැන හිතන්න කලින් අනෙකා ගැන හිතන්න අපි පුරුදු වුනොත් අනතුරු ගොඩක් වලකිනවා. ජීවිත රැසක් රැකෙනවා." ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ තවදුරටත් කියා සිටියේ, අධික තෙහෙට්ටුවකින් සිටින විට හදිසි ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය තත්පරයකින් හෝ පමා විය හැකි බැවින් එම තත්පරය තුළ ජීවිත කීපයක ඉරණම වෙනස් විය හැකි බවය. මූලාශ්‍ර: රථවාහන පොලිසිය රියදුරු බලපත්‍රයක් ලබා දෙන්නේ රිය පැදවීම සඳහා කායික හා මානසික යෝග්‍යතාව සහිත පුද්ගලයෙකුට පමණි. නමුත් රියදුරු බලපත්‍රයක් සහිත පුද්ගලයෙකු සතු කායික හා මානසික යෝග්‍යතාව රිය පදවමින් සිටියදී ම බිඳී යන අවස්ථාවක් තිබිය නොහැකිද? නීතිවේදී නදීජා ඩයස් කියා සිටියේ තමන් පිළිබඳ අධිතක්සේරුවකින් යුතුව කටයුතු කරන්නට යාම හේතුවෙන් මාරක අනතුරු සිදුවිය හැකි බවය. "වාහනයක් ධාවනය කරන පුද්ගලයා කයින්, මනසින් දෙකින් ම හොඳ මට්ටමක සිටිය යුතුයි. අධික වෙහෙසට පත්වූ කෙනෙකු ගේ අවධානය ඉතා පහසුවෙන් ගිලිහී යා හැකියි. අධික වෙහෙසට පත් වූ කෙනෙකුට නින්ද හෝ විවේකය, ශරීරය විසින් ම ඉල්ලා සිටිනවා. මේ නිසා තමයි නොකඩවා රිය ධාවනයේ යෙදී සිටිය හැකි කාලයට සීමා පනවලා තියෙන්නේ." පැය හතරහමාරක් පමණයි නීතිවේදී නදීජා ඩයස් "රියදුරෙකු ලෙස සේවයේ යෙදවිය හැකි කාල සීමා පැහැදිලිව සඳහන් කරමින් මෝටර් රථ විධිවිධාන පනතේ 169වැනි වගන්තිය ලියවිලා තියෙනවා. පැය 24ක කාල පරාසයක් ඇතුළත රියදුරෙකුට පැය 10ක අඛණ්ඩ විවේක කාලයක් ලබා දිය යුතුයි. ඒ කියන්නේ රියදුරෙකු සේවයේ යෙදවිය හැකි උපරිමය දවසකට පැය 14ක් පමණයි. හැබැයි ඒ කාලය ඇතුළත නොකඩවා වාහනයක් පැදවිය හැක්කේ පැය හතරහමාරක් පමණයි. සෑම පැය හතරහමාරකට ම පසුව රියදුරා පැය භාගයක් විවේක ගත යුතුයි. මේ අනුව දවසකට වැඩ කළ හැකි උපරිම පැය ගණන 14යි. ඊට පස්සේ පැය දහයක අඛණ්ඩ විවේකයක් සඳහා රියදුරා යළිත් මුදා හැරිය යුතුයි. තමන්ගේ ම වාහනය පදවාගෙන ගියත් මේ නීතියට යටත්ව එය කළ යුතුයි."නීතිඥ නදීජා ඩයස් පැහැදිලි කළාය. මූලාශ්‍ර: රථවාහන පොලිසිය මෙම විධිවිධානවලට පටහැනිව යම් රියැදුරෙකු සේවයේ පිහිටුවා ඇති බවට ඔප්පු වුවහොත් මෝටර් වාහන පනතේ 224වැනි වගන්තිය අනුව පොදු දණ්ඩනය යටතේ දඬුවම් පැමිණවිය හැකි බව නීතිඥවරිය පවසන්නීය. "පොලිසිය ඕනත් නැහැ" කෙසේ නමුත් පුරවැසියන්ගේ ආකල්ප වෙනස් වන්නේනම් රිය අනතුරු අවම කර ගැනීම ඉතා පහසු වන බව ඇයගේ මතයයි. "තමන් වාහනයක් අතට ගන්නකොට හිතනවානම් තමන්ගේ ජීවිතය විතරක් නොවෙයි, තවත් ජීවිත ගණනක වගකීම තමන්ගේ අතේ තියෙන්නේ කියල, ඒ නිසා මම මේ ගමන ඉතා නීතිගරුකව විනය ගරුකව ඉවසීමෙන් නිමා කරනවා කියල, එදා ඉඳල පොලිසිය ඕනත් නැහැ. දඩ වැඩි කරන්න ඕනත් නැහැ. ඉබේම රිය අනතුරු අවම වෙනවා. රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි." නදීජා ඩයස් නීතිඥවරිය පැවසුවාය. "පදිකයන්ගේ වැරදි සහ නොසැලකිලිමත් කම හේතු කොට ගෙනත් රිය අනතුරු සිදු වෙලා ජීවිත අහිමි වෙනවා" රිය අනතුරු අවම කර ගැනීම සඳහා රියදුරන්ගේ මෙන්ම පදිකයන්ගේ ආකල්ප ද වෙනස් විය යුතු බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ අවධාරණය කරයි. පදිකයන්ගේ වැරදි "රියදුරන්ගේ වැරදි පමණක් නොවෙයි. පදිකයන්ගේ වැරදි සහ නොසැලකිලිමත් කම හේතු කොට ගෙනත් රිය අනතුරු සිදු වෙලා ජීවිත අහිමි වෙනවා. ඒ වගේම රථවාහන කළමනාකරණය අදාළ සියලු ආයතන අන්‍යොන්‍ය සම්බන්ධතාවකින් තොරව කටයුතු කිරීමත් අවම කර ගත යුතු වෙනවා. උදාහරණයක් හැටියට මාර්ග ඉදිකිරීම්, නඩත්තු, සහ සේවාවන්වලදී වර්ෂය පුරා එක් එක් ආයතන විසින් කැනීම් කටයුතු සිදු කරනු ලබනවා." එය වලක්වා ගැනීම සඳහා රථවාහන කළමනාකරණයට අදාල සියලුම ආයතන ඒකාබද්ධ කරමින් කාර්ය සාධක බලකායක් ඇතිකර එහි ප්‍රධානියාට බලය පැවරීමට තමන් යෝජනා කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය. මූලාශ්‍ර: රථවාහන පොලිසිය මේ වනවිට ශ්‍රී ලංකාවේ අවිනීත රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සහ අනතුරු වලක්වා ගැනීම සඳහා වාහන හැසිරවීම සිදු කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් පොලිසියේ මානව සම්පත යොදා ගනිමිනි. එම රාජකාරි කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළ රථවාහන අංශ සඳහා අනුයුක්ත කර ඇති සමස්ත පොලිස් නිලධාරීන්ගේ ගණන 9389කි. "මුළු රටම ආවරණය වන පරිදි මහමග රාජකාරි සඳහා යෙදවීමට අපට සිටින නිලධාරීන් සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි නිලධාරීන් නොමැති කලාපවල ඇතැම් රියදුරන් අපරික්ෂාකාරීව සහ අවිනීතව හැසිරෙන්නේ." "විද්‍යුත් තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම තුළින්, මාර්ගයේ පොලිස් නිලධාරීන් නොමැති අවස්ථාවක දී පවා රියදුරන් තුළ ස්වයං විනයක් ඇතිකර මාර්ග තදබදය සහ අනතුරු අවම කර ගන්න පුළුවන්. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය පියවර ගනිමින් සිටිනවා." ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය. විද්‍යුත් තාක්ෂණික ක්‍රමවේද ලෝකයේ දියුණු රටවල දැනටමත් අනුගමනය කරන එවැනි ක්‍රමවේද කිහිපයක් ඔහු සඳහන් කළේය: | "මයි කාර්... මයි පැට්‍රොල්... මට ඇති වෙනකල් මම පදිනවා..." වාහනය තමන්ගේ විය හැකිය. ඉන්ධන පුරවන්නේ තමන්ගේ මුදලින් විය හැකිය. එහෙත් තමන් කැමති වෙලාවක් සුක්කානම හැසිරවිය හැකිද? |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගාල්ලේ දරුවන්ට නොමිලේ හද සැත්කම් ගතව ගිය 14 වසර තුළ සිය කණ්ඩායම ළමා හෘද රෝගීන් 225 ට වැඩි පිරිසකට හදවත් සැත්කම් සිදු කළ බව කී කණ්ඩායමේ ශල්‍ය වෛද්‍ය කොනල් ඔස්ටින් පසුගිය සතියක පමණ කාලය ඇතුළත දිනකට සැත්කම් තුනක් පමණ සිදු කළ බව පැවසීය. සාමාන්‍ය ඇස්තමේන්තු අනුව රුපියල් ලක්ෂ තුනක සිට ලක්ෂ තිහ දක්වා මුදලක් මෙවැනි සැත්කමක් සඳහා වැය වේ. බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ 15 ට අධික වටිනාකමකින් යුත් අධි තාක්ෂණික ශල්‍යාගාර උපකරණ සහ ඖෂධ ද එම වෛද්‍ය කණ්ඩායම විසින් කරාපිටිය රෝහලට ප්රදානය කරනු ලැබීය. වාර්ෂික නිවාඩු කාලයේ ජිලිංහැම් පාපන්දු සමාජයේ සහ Elliot Scally Trust සහාය සහිතව Take Heart Mercy Mission පුණ්‍යාධාර ආයතනයේ සාමාජිකයන් මේ කාර්යයේ නිරතව සිටින්නේ බ්‍රිතාන්‍ය ජනතාවගේ ආධාර මුදලිනි. 2003 දී සිය පුත්‍රයා හද සැත්කමකින් අනතුරුව මියයාම හේතුවෙන් තමන් පුණ්‍යාධාර ආයතනයට සම්බන්ධ වූ බවයි, ආයතනයේ සභාපති පෝල් ස්කැලි සඳහන් කළේ. මුලින් කොළඹදී නොමිලේ සැත්කම් කිරීමෙන් අනතුරුව, කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ට උපකාරවීමට තීරණය කළ බවත් ඔවුහු පවසති. පසුගිය 14 වසර පුරා තමන් යෙදී සිටින මෙම සද්කාර්යය ඉදිරියේදී යාපනයටත් රැගෙන යාම ඔවුන්ගේ අපේක්ෂාවය. එංගලන්තයේ එවලීනා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 8කු, හෙදියන් 10 දෙනෙකු මෙන්ම සහායකයන් මෙම සද්කාර්යයේ නිරත වන්නේ ඔවුන්ගේ වාර්ෂික නිවාඩු කාලය උපයෝගීකරගනිමිනි. | බ්‍රිතාන්‍ය වෛද්‍යවරු සහ හෙද හෙදියන් කණ්ඩායමක් ගාල්ල කරාපිටිය රෝහලේදී ශ්‍රී ලාංකික හදවත් රෝගී දරුවන්ට නොමිලේ හදවත් සැත්කම් කිරීමේ යෙදී සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඔහු ඒ බව කියා සිටියේ, සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානය වෙනුවෙන් මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු වන ඊ පී ඩී පී සංවිධානයේ ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාපතිවරයා ඝාතනය කිරීමේ සිදුවීම් ඇතුළු සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් සිදුවුනේ කුමක් ද යන්න තාමත් දැනගන්නට නැති බවත් මේ සිදුවීම් ජාතික සමගියට බාධාවක් වන බවත් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය. මෙය හමුදා සුපරීක්ෂණය යටතේ පවතින ප්‍රදේශයක මහ දවල් සිදුවූ මිනීමැරීමක් වන අතර විනිවිද පෙනෙන ක්‍රියාමාර්ගයක් අනුගමනය කොට වැරදිකරුවන් නීතිය හමුවට කැඳවීම ආණ්ඩුවේ වගකීමක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුනේය. යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ කෝවිල් සහ පාසැල් කඩා ඉවත් කිරීම අනුමත නොකළ හැකි බවත් සියළුම ජාතීන් තමන්ගේ අනන්‍යතාවට ගරු කිරීම අපේක්ෂා කරන බවත් සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ අධි ආරක්ෂිත කලාප වැඩපිළිවෙළ ද මන්ත්‍රීවරයාගේ දෝෂ දර්ශනයට ලක්වූ අතර ජනතාවගේ ඉඩම් හමුදාව විසින් කොටු කර ගැනීම ජාත්‍යන්තර බලපෑම් වලට මග පාදන බවයි, මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. | උතුරේ සහ නැගෙනහිර ජනතාව සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ මාවතක් කරා යොමු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පදවි ප්රාප්තියෙන් වසරක් ගතවෙද්දී ජනපතිවරයාට බොහෝ ප්‍රශංසා පළ වන අතර, පොරොන්දු ඉටු නොකළ බවට විවේචනද එල්ල වේ ජනාධිපතිවරයාගේ පදවි ප්රාප්තියෙන් වසරක් පිරීම නිමිතිකොට 'මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්' මැයෙන් සිකුරාදා සහ සෙනසුරාදා උත්සව ගණනාවක් පැවැත්වෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වසරක කාලය ඇතුලත ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඇනහිටි බව සහ විදේශ බලවේගවලට නතු වූ බව පවසමින් විරුද්ධ පක්ෂ විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්ට ප්‍රශංසා 'මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්' වර්ෂ පූර්ණ ජාතික උත්සවය සිකුරාදා සවස කොළඹ බණ්ඩාරනායක, ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේද සහභාගිත්වයෙන්. අනපේක්ෂිත පොදු අපේක්ෂකයා ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සහ ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයකු වන ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි උත්සවයේ ආරාධිත දේශකයායි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුබිනේ නන්දි විසින් එම උත්සවයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ පණිවුඩය සභාවට ඉදිරිපත් කළේය. ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ජනපතිවරණයට බලපෑම් කළ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි එවකට මහින්ද රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ඇමතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන, ජනපතිවරණයේ විරුද්ධ පක්ෂ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූයේ බොහෝ දෙනා මවිතයට පත්කරමින්. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ විරුද්ධ පක්ෂ මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැම් කොටස්ද පොදු අපේක්ෂකයාට සහාය දීමට ඉදිරිපත් වූ අතර, පසුගිය වසරේ ජනවාරි 08 වැනි දින පැවැත්වුණු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරමින් රාජ්‍ය නායකයා බවට පත්වීමට ඔහු සමත්විය. 'විදේශීය බලපෑම්' මැතිවරණ දිනයේ භීෂණයක් මතුවනු ඇතැයි පළ වූ අවධානය හමුවේ සිය පවුලේ සාමාජිකයන්ද සමඟ කුරුණෑගල මිතුරෙකුගේ නිවසේ එදින රාත්‍රිය ගත කළ බවයි, ජනාධිපතිවරයා පසුව බීබීසී සංදේශය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී සඳහන් කළේ. කෙසේ නමුත් මැතිවරණය දිනයේ කිසිදු බරපතල ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ අතර, සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු නිලධාරීන්ට මෙන්ම පොලිසියටද දෙස් විදෙස් ප්‍රණාමය හිමිවිය. ජීවිතාරක්ෂාව පිණිස මිතුරෙකුගේ නිවසේ මැතිවරණ දින රාත්‍රිය පහන් කළ බව ජනාධිපතිවරයා සංදේශයට පැවසීය ප්රජාතන්ත්රවාදී ලෙසින් පරාජය පිළිගෙන ඉවත්ව යාම පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ප්‍රශංසා කර තිබුණි. එහෙත් ඉන්දියාව සහ ඇමෙරිකාව මැතිවරණයට බලපෑම් කළ බවයි, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ. මේ අතර පරාජය වුවත්, කුමන්ත්රණකාරී ලෙසින් බලයේ රැදී සිටීමේ උත්සාහයක් දියත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද මීට ඉහතදී සංදේශයට පැවසූහ. අදාළ කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධ මූලික විමර්ශන අවසානයේ නීතිපති නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මෑතදී සඳහන් කොට තිබුණේ. | ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක පදවියට පත්ව වසරක් ඉකුත්වීම නිමිත්තෙන් උත්සව සහ ජාතික වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු යොදා තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කොට ඇත්තේ තුන් දින සංචාරයක් සඳ හා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලෝක කාන්තා කටයුතු පිළිබද තානාපතිවරිය වූ කැතරින් රසල් යාපනයට ගොස් ප්‍රධාන අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීයි. වැන්දඹු කාන්තාවන් වෙනුවෙන් ඇමරිකානු ආධාර ඉල්ලීමට පෙර උතුරු පළාත් සභාවට යමක් කළ නොහැක්කේ මන්දැයි තානාපතිවරිය මහ ඇමතිවරයාගෙන් විමසීමක් කොට තිබේ. ප්‍රධාන ඇමතිවරයා ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්රණයට අනුව පළාත් සභා ක්‍රමයක් ඇතත් උතුරු පළාත් සභාවට එවැනි ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවයි. යුද්ධයේ දී වැන්දඹු භාවයට පත්වූ කාන්තාවන්ට උදවු උපකාර කළ හැකි නමුත් ඊට පෙර ශ්‍රී ලංකා රජය සමග එකඟතාවකට පැමිණ වැන්දඹු කාන්තාවන්ගේ අවශ්‍යතා වෙන වෙනම ගොණු කොට ඒ අනුව ආධාර කිරීම වඩා වැදගත් බව ඇය විසින් පෙන්වා දී තිබේ. උතුරු පළාත් සභාවට සෘජුවම ආධාර කිරීමට නොහැකි බවත් දෙපාර්ශවය සමග සාකච්ඡා කොට ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා රජය මගින් එම උපකාර කිරීමට තානාපතිවරිය එකඟ වූ බවත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් සඳහන් කළේය. මීට අමතරව, සිංහල හා දෙමළ වැසියන් අතර සංහිඳියාව ගොඩ නැංවිය හැකි අන්දමද, කාන්තා හිංසනය පිටුදැකීමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳවද තානාපතිවරිය හා ප්‍රධාන අමාත්‍යවරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. උතුරු පළාත් සභාවේ සැසිවාරයක් කැතරින් රසල් තානාපතිවරිය යාපනයේදී නව රද ගුරු ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රගාසම් හිමිපාණන් හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ පවසා ඇත්තේ යුද අනාථයින් ඉතා ඉක්මනින් යළි පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ඇමරිකාව මැදිහත් වන ලෙසයි. ඊට අමතරව දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීම පිණිසත්, පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට රජයේ රැකියා ලබා දීමටත්, වැන්දඹු කාන්තාවන්ට රජයෙන් සහන සලසා දීමටත් ඇමරිකාව විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරණ මෙන්ද යාපනය රද ගුරු හිමිපාණන් විසින් ඉල්ලීමක් කොට තිබේ. | යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට පත්ව සිටින උතුරු නැගෙනහිර කාන්තාවන් 33000 කට පමණ ඇමරිකානු රජයෙන් ආධාර උපකාර කරණ මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඉල්ලීමක් කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කාත්තන්කුඩි පල්ලිය තුළ ශේෂ වී තිබෙනවෙඩි සහ අත් බෝම්බ ප්‍රහාරවල සලකුණු ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි දෙකකට එල්ල වූ ප්රහාරයන්ගෙන් බැතිමතුන් 103 දෙනකු මරුමුවට පත් වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. 'මේ වගේ සිද්ධීන් ආපහු එන්නේ නැතුව සමාදානයෙන් ලංකාවේ සියලුම ජාතීන් ජීවත් වෙන්න, දෙවියෝ උදව් කරන්න ඕනි කියලා ප්‍රර්ථනා කළා' අනුස්මරණ උත්සවයට සහභාගී වූ ප්රදේශවාසියෙක් පැවසීය. 1990 වසරේ අගෝස්තු 3 වැනි දින රාත්‍රියේ මස්ජිදුල් ජුම්මා දේවස්ථානය තුළ යාච්ඤා කරමින් සිටි බැතිමතුන් වෙත පළමුව ප්‍රහාර එල්ල කළ එල්ටීටීඊ සටන්කරුවෝ පසුව හුසයිනියා දේවස්ථානයේ තුළ ආගමික වතාවත්වල යෙදී සිටි බැතිමතුන් වෙතද ප්‍රහාර එල්ල කළහ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලන සමය අතරතුර 1989 වසරේදී සටන් විරාමයක් ක්‍රියාත්මක වූ අතර 1990 වසරේ මැද භාගය වන විට එම සටන් විරාමය බිඳ වැටිණි. එම කාල වකවානුව තුළදී එල්ටීටීඊය විසින් මුස්ලිම් ජනතාව ඉලක්ක කොට ප්‍රහාර එල්ල කළ අතර කාත්තන්කුඩි ප්‍රදේශයද එහිදී ප්‍රහාරයට ලක් විය. | එල්ටීටීඊ ප්‍රහාරයකට ගොදුරු වී අදින් වසර විසිපහකට පෙර මරුමුවට පත් වූ මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් වැසියන් සිහි කොට අනුස්මරණ උත්සවයක් පැවැත්වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | වෛද්‍ය මධ්‍යස්ථානයක් තුන් දිනක් තිස්සේ අල්ලා ගෙන සිටිමින් ජිනීවා ප්රඥප්තිය උල්ලංඝනය කොට ඇති බවයි, ඇෆ්ගනිස්තානය සඳහා වන ස්වීඩන කමිටුව නම් සංවිධානය, ඇෆ්ගනිස්තානයේ නේටෝ අණින් ක්‍රියාත්මක වන හමුදා වලට නගන්නේ. ඇෆ්ගනිස්තානය සඳහා වන ස්වීඩන කමිටුව පවසන්නේ ඔක්තෝබර් මාසයේ රාත්‍රියක සන්නද්ධ සේනා, මධ්‍යස්ථානයට ගොඩ බෑම සමගින් වෛද්‍ය කාර්ය මණ්ඩලයට පලා යන්නට සිදු වූ බවයි. දින තුන පුරාම අවි ගැටුම් පැවැතියදී, සිරකරුවන් රඳවා ගෙන සිටි අතර ප්‍රදේශ වාසීන්ට වෛද්‍ය පහසු කම් ලබා ගත නොහැකිව ගිය බවත් එම ආධාර සංවිධානය චෝදනා කරයි. නේටෝ අණසක යටතේ මෙහෙයැවෙන නේටෝ හමුදා ප්රකාශිකාවක් කියා සිටියේ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. මේ අතර, මානව අයිතිවාසිකම් පිලිබඳ ඉන්දීය පාලිත කාශ්මීරයේ මුල් පෙලේ සංවිධානයක් එළි දක්වා ඇති අලුත්ම වාර්තාවකින් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ඉන්දීය යුද හමුදාවේ පන්සියයකට වැඩි සංඛ්‍යාවක් නම් කොට තිබේ. වෙඩි තැබීම් , ලිංගික දුෂණ, වද හිංසා පැමිණවීම හා පැහැරගෙන යාම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අතුරුදහන් වුවන්ගේ මාපිය සංවිධානයේ චෝදනා එල්ලවන්නන් අතර ඉහලම පෙලේ නිලධාරීන්ද වෙයි. වාර්තාවේ සංස්කාරකවරුන් පවසන්නේ තොරතුරු දැන ගැනීමේ අණ පනත් යටතේ ලබා ගත් නිල දත්ත මෙම චෝදනා වලට පදනම් වූ බවයි. වාර්තාව පිළිබඳව දැනුවත් භාවයක් නැතැයි කී ඉන්දීය හමුදා ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේ එය කියවීමෙන් අනතුරුව ප්‍රතිචාර දක්වන බවයි. | ජිනීවා ප්රඥප්තිය උල්ලංඝනය කොට ඇතැයි ජාත්‍යන්තර ආධාර සංවිධානයක් ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා වලට චෝදනා නගයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දියණිය ඩල්මා සමඟ 1989 දී මැරඩෝනාගේ නික්ම යාමත් සමඟ ඔහුගේ උරුමය පසිඳලීම සංකීර්ණ වී තිබේ. එමගින් ඔහුගේ සංකීර්ණ වූ පෞද්ගලික දිවිය විදහාපායි. ඔහු මිය යන විට 60 හැවිරිදි විය. පසුගිය දා සැල වූ ඒ මරණය පාපන්දු ලෝලීන් කම්පනයට පත් කළේය. දැන් ඔහුගේ වත්කම් සහ උරුමය පිළිබඳව බොහෝ රාවයන් පැතිරෙමින් පවතී. පසුගිය දශකය පුරාවට කාන්තාවන් හය දෙනෙකු සමඟ ඇති ගත් ප්‍රේම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් දරුවන් අට දෙනෙකුවත් මේ ධනස්කන්ධයට උරුමකම් කියනු ඇත. නමුත් අන්තිම කැමති පත්‍රයක් පිළිබඳව තවමත් හෝඩුවාවක් නොමැත. එබැවින් නීති විශාරදයන් සහ මාධ්‍යවේදීන් පවසන්නේ උරුමය පසිඳලීම පහසු කටයුත්තක් නොවනු ඇති බවය.මෙය පවුල් ආරවුල්වලින් පිරි, DNA පරීක්ෂණවලින් සමන්විත, පීතෘත්වය පිළිබඳ අවස්ථාවාදී හිමිකම් කියාපෑම් සහිත දීර්ඝ කාලීන උසාවි සටනක් වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. මැරඩෝනා ගේ බූදලයේ සැබෑ වටිනාකම ගණනය කිරීම ද නීතිඥයන්ට ඉතා වෙහෙසකර කටයුත්තක් වනු ඇත. "මගේ අනාවැකිය නම් මේ ක්‍රියාදාමය අවුල්සහගත එකක් වන බවයි. ඒක විසඳන්න සෑහෙන කාලයක් යාවි." ආර්ජන්ටිනාවේ නීතිඥයෙකු වන එලියාස් කියර් ජෝෆේ බීබීසීයට පැවසීය. මැරඩෝනාගේ දරුවන් කවුද? පීතෘත්වය හෙළිදරව් කිරීම මේ පාපන්දු තරුව ගෙවූ විචිත්‍රවත් ජීවිතය පුරා පැවති සාමාන්‍ය තේමාවකි. තම පියාට දාව උපදින දරුවන්ගෙන් පමණක් සමන්විත පාපන්දු කණ්ඩායමක් ඇති කළ හැකිවනු ඇතැයි මැරඩෝනාගේ දියණියක වරෙක ප්‍රකාශ කර තිබුණේ විහිළුවක් කිරීමේ අටියෙනි. මැරඩෝනා විසි වසරක යුග දිවියකින් පසුව ක්ලෝඩියාගෙන් දික්කසාද වූයේ 2003 දීය. මේ දෙපළට ජනීනා (31) සහ ඩල්මා (33) නමින් දියණියන් දෙදෙනෙක් සිටිති. මේ දෙදෙනා හැර, තවත් දරුවන් තමන්ට දාව සිටින බවට පවතින රාවයන් වසර කීපයක් තිස්සේ මැරඩෝනා ප්‍රතික්ෂේප කළේය. ක්ලෝඩියා (වමේ) සහ දියණියන් දෙදෙනා සමඟ අවසානයේ, තමන්ට දාව තවත් දරුවන් හය දෙනෙකු සිටින බව මේ ලෝක කුසලාන ලාභියා පිළිගත්තේය. දියාගෝ ජුනියර් (34) සහ ජානා (24) ද තම දරුවන් බව 2010 වසර මැද භාගය වන විට මැරඩෝනා පිළිගත්තේ තම පෙම්වතියන්ව සිටි කාන්තාවන් දෙදෙනෙකු අධිකරණය ඉදිරියට යාමෙන් අනතුරුවය. 2013 දී උපන් දියාගෝ ෆනැන්ඩෝ (7) ගේ පියා කවුරුන්ද යන වගට නම් එවැනි මතභේදයක් නොපැවතුණි. ඒ මැරඩෝනාගේ දෙවැනි පුත්‍රයා ය. මේ අතරතුර, 2019 දී නිකුත්වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ නිවේදනයකි. කියුබාවේ උපන් දරුවන් තිදෙනෙකු තමන්ගේ යැයි පිළිගැනීමට මැරඩෝනා එකඟ වූ බව ඔහුගේ නීතිඥයා නිවේදනය කළේය. කොකේන් මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහිවී සිටීම නිසා ඊට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වසර 2000දී මැරඩෝනා කියුබාවට ගියේය. වසර කීපයක් එහි ගත කළේය. එම නිවේදනය මගින් අප යාවත්කාලීන විය. ජනීනා සහ ඩල්මා නමුත්, අවම වශයෙන් තවත් දෙදෙනෙකුවත් සිටිය හැකිය. තමන් මැරඩෝනාගේ පුත්‍රයෙකු බව ආර්ජන්ටිනාවේ සන්තියාගෝ ලාරා (19) පවසයි. එමෙන්ම, ආර්ජන්ටිනා යුවතියක වන මගලී ජිල් (23) ද විශ්වාස කරන්නේ මේ සුපිරි තරුව තම පියා බවය. මැරඩෝනාගේ බූදලයෙන් කොටසක් තමන්ටත් අයිති බව සනාථ කිරීම සඳහා අධිකරණයට යන බව මේ දෙදෙනා ම පවසති. දියාගෝ ජුනියර් සමඟ ලෝක පූජිත මේ ක්‍රීඩකයාගේ දේහය ගොඩ ගෙන DNA පරීක්ෂාවට අවශ්‍ය නියැදි ලබා ගන්නා ලෙසට සන්තියාගෝ ලාරා ගේ නීතිඥයා දැනටමත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. මැරඩෝනා තම පියා බවට ඔප්පු කිරීමට මොවුන් දෙදෙනාට හැකියාවක් ලැබුණත් ඔහුගේ බූදලයෙන් කොපමණ ප්‍රමාණයක් ඔවුනට හිමිවේදැයි තවමත් පැහැදිලි නැත. දියණිය ජානා (දකුණේ) සමඟ මැරඩෝනාගේ වත්කම කොපමණ ද? මැරඩෝනාගේ වත්කම නිශ්චිතව සඳහන් කෙරෙන විස්තරාත්මක වාර්තාවක් නොමැත. නමුත් ක්‍රම දෙකකින් ගණනය කළ කාල්පනික වාර්තා ඇතැම් මාධ්‍ය ආයතන පළ කර තිබුණි. පළමු වාර්තාවෙන් ගණනය කර තිබුණේ ඔහුගේ මිල අධික නවීන පන්නයේ මෝටර් රථ පටන් රන් ආභරණ දක්වා වූ වස්තු සම්භාරයේ වටිනාකමයි. ආර්ජන්ටිනා මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් දක්නට ලැබුණු වාර්තා ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් මිලියන 75ත් මිලියන 100ත් අතර වූ වත්කමකි. කිසිදු මූලාශ්‍රයක් නොමැති මෙම ඇස්තමේන්තුව සපයා තිබුණේ, මැරඩෝනාට සමීපව සිටි ආර්ජන්ටිනා ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන ජුලියෝ චියාපෙට්ටා විසින් ලියන ලද ලිපියක ය. දෙවන ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුණේ මැරඩෝනා මියයන විට ඔහුගේ වටිනාකමෙන් සිය බැරකම් (liabilities) අඩුකර දැක්වීමෙනි. මැරඩෝනා මියයන මොහොත වන විට ඔහුගේ වටිනාකම ඩොලර් 500,000 බව Celebrity Net Worth වෙබ් අඩවියේ සඳහන් විය. මෙය ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වටිනාකම ඇස්තමේන්තු කරන වෙබ් අඩවියකි. මෙම ඇස්තමේන්තු ගණනය කිරීම සඳහා මූල්‍ය විශ්ලේෂණ, වෙළෙඳපොළ සමීක්ෂණ සහ අභ්‍යන්තර ආරංචි මාර්ග යොදා ගන්නා බව මෙම වෙබ් අඩවිය පවසයි. බෙලාරුස් රාජ්‍යයේ සංචාරයක යෙදෙමින් සිටින විට තෑගි ලැබුණු හන්ටර් වර්ගයේ ජීප් රථය පහත සඳහන් වන්නේ මැරඩෝනාගේ වත්කම් ලෙස මෙතෙක් ප්‍රසිද්ධියට පත් වී ඇති වාර්තාවල දැක්වෙන කිහිපයකි. පාපන්දු ක්‍රීඩකයෙකු සහ කළමනාකරුවකු වශයෙන් මැරඩෝනාට ලැබුණු වැටුප් සහ දීමනාවල මුළු වටිනාකම "ඩොලර් කෝටි ගණනක්" වන බව Celebrity Net Worth වෙබ් අඩවිය පවසයි. ඉන් වැඩිම මුදලක් ඔහු උපයා ඇත්තේ ඉතාලියේ නාපොලි පාපන්දු කණ්ඩායම සමඟ අත්සන් කළ කොන්ත්‍රාත්තුවෙනි. එහිදී ඔහුට ඩොලර් මිලියන 3ක වැටුපක් සහ තවත් මිලියන 8ක හෝ 10ක දීමනා ලැබුණු බව 1990 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. නාපොලි කණ්ඩායම නියෝජනය කළ කාලය මැරඩෝනා ගොඩ නැගුවේ ඉතාලියයි. බිඳ දැමුවේ ද ඉතාලියයි. ඉතාලිය මැරඩෝනාට එක් අතකින් දුන් දේ අනෙක් අතින් ආපසු ලබා ගැනීමට උත්සාහ කළේය. ඉතාලිය ඔහු ණයකාරයෙකු කළේය. මැරඩෝනා බදු ගෙවීම් පැහැර හැර ඇති බවට ඉතාලි රජයෙන් නිවේදනයක් නිකුත් විය. ගෙවීමට ඇති මුළු මුදල ඩොලර් මිලියන 48.6ක් බව නිවේදනය කළේ නාපොලි කණ්ඩායම නියෝජනය කළ කාලය දක්වා ආපස්සට ගණනය කිරීමෙනි. අද වනතුරුත්, එම ණය කන්දරාවෙන් අති විශාල ප්‍රමාණයක් පවතින්නේ නොගෙවූ ණය ලෙසිනි. මැරඩෝනා එම ණය ගෙවීම ප්‍රතික්ෂේප කළේය. ඔහු ජීවත්ව සිටියේ නම් දිගටම එය නොගෙවා සිටීමට ඔහු තීරණය කරනු ඇතැයි සිතිය හැකිය. එය කෙසේ වී නමුදු, තවමත් එම මුදල කවදා හෝ ගෙවිය යුතු ප්‍රධාන ණය බරක් ලෙස පවතී. මැරඩෝනා මිය යන මොහොත වන විට ඔහුගේ වටිනාකම ඩොලර් ලක්ෂ පහක් වැනි අඩු මුදලකට තක්සේරු කිරීමට Celebrity Net Worth වෙබ් අඩවියට සිදු වී ඇත්තේ මේ සා විශාල ණය මුදලක් පැවතීම නිසා බව පෙනෙන්නට තිබේ. "ඔහු වියදම් කරන්න කැමති කෙනෙක්" ලුවිස් වෙන්ටුරා, ආර්ජන්ටිනාවේ මාධ්‍යවේදියෙකි. ඔහු මැරඩෝනාගේ සමීප මිතුරෙකු විය. එක්තරා රූපවාහිනී වැඩසටහනක දී ඔහු කියා සිටියේ මැරඩෝනාගේ වියදම් කිරීමේ පුරුද්ද, කොහොමටත් සිය බැංකු පොතේ ශේෂයට හිතකර නොවූ බවය. ඔහු එම ප්‍රකාශය කළේ මැරඩෝනා "මිය ගියේ දුප්පතෙකු ලෙසින්දැ"යි ඇසූ පැනයට පිළිතුරු දෙමිනි. "අනිවාර්යෙන්ම දුප්පත්. ඔහු වියදම් කරන්න කැමති කෙනෙක්. කවුරු හරි ඔහුගෙන් සල්ලි ඉල්ලුව නම්, ඔහු ඒක දුන්න." ලුවිස් පැවසීය. බුදලය කෙසේ බෙදා ගනීවි ද? සිය හිටපු සහකාරියන් සහ තම දරුවන් සමඟ මැරඩෝනා ප්‍රසිද්ධියේ මතභේද ඇති කර ගත්තේය. ඔවුනොවුන්ගේ දුක්ගැනවිලි හෝ මැසිවිලි සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුනොවුන් ම පළ කළේය. රූපවාහිනී තිරය මතට විත් ප්‍රසිද්ධියේ කතා කළේය. එවැනි අඩදබර ඇතිවන්නට මැරඩෝනාගේ වත්කම මෙන්ම සෞඛ්‍ය තත්ත්වයද හේතු විය. මැරඩෝනාගේ දියණියක වන ජනීනා උදාහරණයක් ලෙස දක්වතොත්, 2019 නොවැම්බර් මාසයේ දී මැරඩෝනාගේ දියණියක වන ජනීනා තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිය සැලකිල්ල ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ මැරඩෝනා තමන්ගේ බූදලය පිළිබඳව ව්‍යංගාර්ථයෙන් යමක් කියා තිබුණි. "මම ඔබ හැමදෙනාටම කියන්නේ, මම කිසිවක් ඉතිරි කර නොයන බවයි. මම එය දන් දෙනවා." යූටියුබ් මත වීඩියෝවක් පළ කරමින් මැරඩෝනා කියා සිටියේය. කෙසේ වෙතත් ආර්ජන්ටිනාවේ නීතියට අනුව, අන්තිම කැමති පත්‍රයක් මගින් දන් දිය හැක්කේ තම වස්තුවෙන් තුනෙන් එක් පංගුවක් පමණි. ඉතිරියේ අයිතිය හිමිවන්නේ දරුවන්ට හෝ බිරිඳටය. දියාගෝ මැරඩෝනා අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති බවක් තවමත් පෙනෙන්නට නැත. මිය යන විට බිරිඳක් ද නොවීය. එම නිසා ඔහුගේ මුළු වස්තු සම්භාරයම දරුවන් අතර සමානව බෙදී යනු ඇත. මැරඩෝනාගේ දේහයට ගෞරව දැක්වීමට පැමිණි පවුලේ සාමාජිකයන් "අන්තිම කැමති පත්‍රයක් ලියන සංස්කෘතියක් ආර්ජන්ටිනාවේ නැහැ. බොහෝ අය එහෙම ලියන්නේ නැහැ." නීතිඥ ජෝෆේ පැවසීය. මැරඩෝනාගේ අන්තිම කැමති පත්‍රයක් හෝ බූදලය පිළිබඳව පවතින ප්‍රශ්න පිළිබඳව විමසීම සඳහා බීබීසීය මැරඩෝනාගේ නීතිඥවරයා වන මතියාස් මොර්ලා සම්බන්ධ කර ගත් නමුත් මෙම ලිපිය පළවන මොහොත වන තුරු ඔහුගෙන් පිළිතුරක් නොලැබුණි. අන්තිම කැමැත්තක් නොමැති කල්හි බොහෝ විට සියල්ල විසඳෙන්නේ නීති පොතට අනුවය. මැරඩෝනාගේ තුන්වැනි දියණිය වන ජානා තම උරුමය ඉල්ලා අධිකරණයට ගොස් ඇති බව ආර්ජන්ටිනාවේ මාධ්‍ය වාර්තා කර තිබුණි. කාට කුමක් හිමි වේද යන්න අධිකරණ විනිසුරුවරයෙකු විසින් තීරණය කරනු ඇත. නමුත් මේ සඳහා මාස ගණනක් ගත වනු ඇති බව, බූදල් නඩු පිළිබඳ විශේෂ දැනුමක් ඇති නීතිඥ සෙබස්තියන් ලිමේරෙස් බීබීසීයට පැවසීය. ඒ අතරතුර, "මේ උරුමක්කාරයන් සියලු දෙනා සමගියෙන් ඉඳීවි ද කියල අපට අනාවැකි කියන්න බැහැ." ලිමේරෙස් ප්‍රකාශ කළේය. | මැරඩෝනාගේ ධනස්කන්ධය වතුපිටි දේපොළවලට පමණක් සීමා වී නැත. ඔහුගේ ඡායාරූපයක පවා මුදල් ගලා එන බුද්ධිමය දේපල අයිතියක් සහිතය. උපන් රටින් එපිට පවතින ආයෝජන සහ තැන්පතු ද අමතක කළ නොහේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තාක්ෂණික උපාංග විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේදී එළි දැක්විණ වසර පනහක් මුළුල්ලේ පැවැත්වෙන (CES -Consumer Electronics Show) ප්‍රදර්ශනයට රටවල් 150 ක් පමණ නියෝජනය කරමින් ආයතන 4000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වන අතර, තාක්ෂණ ලෝකයේ දැවැන්තයින් මෙන්ම නවකයින් ද ඒ සඳහා සිය නව නිෂ්පාදන ඉදිරිපත් කරති. මෙවරත් මෙම ආයතන පාරිභෝගිකයන් මවිතයට පත් කිරීමට සමත් වී ඇත. පෙර වසර වලදී CES හි ප්‍රදර්ශනය කෙරුනේ එදිනෙදා මිනිස් අවශ්‍යතාවලට උදව් දෙන යන්ත්‍ර පමණක් වුවත්, රොබෝවරු, වාහන, ඖෂධ සහ කෘෂිකර්මාන්තයට අදාළ යන්ත්‍රෝපකරණ ද වර්තමානයේ දැකිය හැකිය. මයික්‍රෝ LED සැම්සන් රූපවාහිනී යන්ත්‍රය: The Wall (ද වෝල්) අඟල් 146 (සෙන්ටිමීටර් 396) දිග මයික්‍රෝ LED තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රය මෙවර ප්‍රදර්ශනයේ දී එළිදැක්වූ සැම්සන් සමාගම විසින් නිෂ්පාදිත අඟල් 146 (සෙන්ටිමීටර් 396) දිග මයික්‍රෝ LED තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රය බොහෝ දෙනකුගේ අවධානය දිනා ගනු ලැබීය. මෙය 'තාප්පය' අරුත් දෙන The Wallලෙස නම් කර තිබේ. 'මොඩියුලර්' (modular) තාක්ෂණය යොදාගෙන විවිධ හැඩයේ රූපවාහිනී යන්ත්‍ර නිර්මාණය කළ හැකි බව සැම්සන් ආයතනය පවසයි මෙම රූපවාහිනී යන්ත්‍රයෙන් කළු පැහැය ඇතුළු අනෙකුත් වර්ණ මයික්‍රෝ LED තිරය ඔස්සේ ඉතා දීප්තිමත්ව දිස් වෙන අතර මෙය සාමාන්‍ය LED රූපවාහිනී තිරය වෙනුවට භාවිත කළ හැකි අධි තාක්ෂණික යන්ත්‍රයක් ලෙස හඳුන්වා දී ඇත. නමුත් මෙහි නිෂ්පාදන මිල ඉතා ඉහළ අගයක් ගන්නා අතර, එයට විසඳුමක් ලෙස පාරිභෝගිකයෙකුට අවශ්‍ය ප්‍රමාණයෙන් මෙම රූපවාහිනී යන්ත්‍රය නිෂ්පාදනය කළ හැකි බවට සැම්සන් සමාගම ප්‍රකාශ කර සිටී. SureFly (ෂුවර්ෆ්ලයි) ඩ්‍රෝනය SureFly (ෂුවර්ෆ්ලයි) ඩ්‍රෝනය CES ප්‍රදර්ශනයේ දී එළිදැක්වූ තවත් පෙරළිකාර යන්ත්‍රයක් ලෙස මිනිසුන් දෙදෙනෙක් රැගෙන යා හැකි SureFly ඩ්‍රෝනය හඳුන්වා දිය හැකිය. මෙය දිනෙන් දින වැඩිවන ගමනාගමන අවශ්‍යතාවලට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇත. එකවර පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි මෙම ඩ්‍රෝනය වොලොකොප්ටර් ගුවන් ටැක්සියකට (Volocopter Air Taxi) සමාන බව පැවසේ. ඩීසල් සහ විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන දෙමුහුන් (hybrid) යන්ත්‍රයක් වන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 113 කට ආසන්න වේ. මෙම යන්ත්‍රයට කිලෝග්‍රෑම් 181 ක බරක් දැරිය හැකි අතර, රඳවන හතරක ඇති අවර පෙති අටකින් ක්‍රියාත්මක වේ. මෙය අනාගතයේදී ස්වයංක්‍රීය යන්ත්‍රයක් ලෙස ප්‍රතිනිර්මාණය වෙනු ඇති බව විශ්වාස කෙරේ. විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන දෙමුහුන් (hybrid) යන්ත්‍රයක් වන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 113 කට ආසන්න වේ මෙම ඩ්‍රෝනය CES ප්‍රදර්ශනයේදී පියාසර කර පෙන්වීමට අවසර ලබා දී තිබුණ ද නියමිත දිනයේ දී එය එළිදැක්වීමට නොහැකි විය. මෙම ඩ්‍රෝනය වැස්සට ඔරොත්තු දෙන ලෙස නිමවා නොමැති අතර, එදින ප්‍රදර්ශනය පැවැත්වෙන ප්‍රදේශයේ වැසි සහිත කාලගුණයක් තිබීම එයට හේතු විය. මෙය මිනිස් අවශ්‍යතා මුල් කර ගෙන කළ අත්හදා බැලීමක් පමණක් වන බැවින් අනවශ්‍ය අවදානමක් ගෙන යන්ත්‍රය පියාසර කරවීමට නොහැකි වූ බවත්, ඉදිරියේ දී මෙම ඩ්‍රෝනය කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි නිම කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන් පැමිණි මෙහි නිර්මාණකරුවෝ බීබීසී යට පැවසූහ. SureFly ඩ්‍රෝනයට සමාන වොලොකොප්ටර් ගුවන් ටැක්සි පසුගිය වසරේ සැප්තැම්බර් මස ඩුබායි නුවරදී සහ ජර්මනියේ දී අත්හදා බලා ඇති බව වාර්තා වේ. කෘතීම බුද්ධියෙන් පාලනය වන විදුලි බුබුලක් කෘතීම බුද්ධිය සමග ඍජුව සම්බන්ධ විය හැකි සිවිලිමේ සවි කරන විදුලි බුබුලක් (Smart Ceiling Light) කෘතීම බුද්ධියෙන් ක්‍රියා කරන යන්ත්‍රවලට මෙම ප්‍රදර්ශනයේ විශේෂ ස්ථානයක් හිමි වී ඇත. අන්තර්ජාලයේ ඇති කෘතීම බුද්ධිය සමග ඍජුව සම්බන්ධ විය හැකි සිවිලිමේ සවි කරන විදුලි බුබුලක් (Smart Ceiling Light) GE ආයතනය විසින් එළිදක්වනු ලැබීය. මෙම බල්බය ඇතුළත සවි කර ඇති මයික්‍රෆෝනයෙන් සහ ස්පීකරයෙන් ගූගල් ඇසිස්ටන්ට් (Google Assistant) ,ඇලෙක්සා (Alexa) යන කෘතීම බුද්ධි පාලනය කළ හැකිය. 3D (ත්‍රිමාන) සෙල්ෆි කැමරාව මේ අතර ඇන්ඩ්රෝයිඩ් තාක්ෂණයෙන් පාලනය වන 3D (ත්‍රිමාන) සෙල්ෆි කැමරාවක් එළිදැක්වීමට අලුතින් ආරම්භ කරන ලද ආයතනයක් සමත් වී තිබේ. මෙලෙස සෙල්ෆි කැමරාවකින් ලබා ගන්නා ඡායාරූපය වටේට කරකවමින් එහි ඇති සියලුම වස්තූන් හෝ මිනිසෙකුගේ සම්පුර්ණ රූපය නැරඹිය හැකිය. බයිටන් (Byton) ආයතනය එළිදැක්වූ අලුත් 'ස්මාර්ට් මෝටර් රථය' (Smart Car) බයිටන් (Byton) ආයතනය විසින් එළිදැක්වූ අලුත් 'ස්මාර්ට් මෝටර් රථය' (Smart Car) මෙම නව මෝටර් රථය නිපදවීමට දායක වී ඇත්තේ BMW සහ 'ඇපල්' සමාගමෙන් අස්වී ගිය සේවකයන්ගේ දායකත්වයෙන් වීම විශේෂ කාරණයකි. මෙම මෝටර් රථයේ ඉදිරිපස විශාල ස්පර්ශ සංවේදී තිරයක් දක්නට ලැබෙන අතර සුක්කානම මැද තවත් කුඩා tablet පරිගණකයක් සවි කර ඇත. මෙම තිරය දහවල් කාලයේ දී දීප්තිමත් ලෙස දිස් වුණත්, අඳුර වැටෙද්දී ක්‍රමයෙන් එලිය අඩු වන ආකාරයට නිමවා ඇත. ඉදිරිපස ආසන පිටුපස කොටසේ තවත් තිර දෙකක් සවි කර ඇති අතර මෙම මෝටර් රථයේ පරමාර්ථය වී ඇත්තේ වාහනයෙන් එළියේ ඇති අත්දැකීම වාහනය තුළ දීම ලැබෙන්නට සැලැස්වීමය. නවතම බයිටන් (Byton) විද්‍යුත් මෝටර් රථය බයිටන් ආයතනය සතු දත්තවලට අනුව මෙම රථය තත්පර පහක දී පැයට කිලෝමීටර 97 ක වේගයක් කරා ලඟා වේ. මෝටර් රථයේ ඉදිරිපස සවි කර ඇති තිරයේ නොයෙකුත් වීඩියෝ දර්ශන, දින දර්ශනය, මාර්ග සිතියම සහ පුද්ගල සෞඛ්‍ය දත්ත පෙන්නුම් කරනු ලැබේ. මෝටර් රථය ඇතුළත සවි කර ඇති කැමරා තුලින් එහි අසුන් ගන්නා පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගේ දත්ත විශාල තිරයේ පෙන්වා සිටින අතර, මෙහි රියදුරු අසුන එක් එක් පුද්ගලයාට සරිලන ආකාරයට ස්වයංක්‍රීයව හැඩ ගැසෙනු ඇත. මෙම රථය 2019 දී නිෂ්පාදනයට නියමිත බවට ආයතනය පවසයි මෙම රථය ස්වයංක්‍රීය ධාවනයේ යෙදෙන අවස්ථාවේ හෝ නතර කර ඇති මොහොතක, මෙහි ඉදිරිපස අසුන් දෙක මුහුණට මුහුණ සිටින සේ හැරවිය හැකිය. එමගින් රථය තුළ සිටින සියලු දෙනාටම එකට එක් වී කතා බහක නියැලීමට ද හැකියාව ලැබේ. මෙම රථය විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන අතර මෙහි කෝෂ ආරෝපණය කිරීමට අවශ්‍ය බලය සහ එම මධ්‍යස්ථාන සොයා ගැනීම පිළිබඳව ගැටළු මතු වනු ඇතැයි අදහස් පළවී ඇත. මෙම රථය මාස කිහිපයකට පෙර එළිදැක්වූ 'ටෙස්ලා' විද්‍යුත් මෝටර් රථය හා සංසන්දනය කර අදහස් ප්‍රකාශ වී ඇති නමුත් බයිටන් ආයතනය පවසා සිටින්නේ මෙය ටෙස්ලා රථයට වඩා බොහෝ උපාංග වලින් සමන්විත සැබෑම 'ස්මාර්ට් මෝටර් රථයක්' (real smart car) බවය. මෝටර් රථයේ ඉදිරිපස ඇති විශාල ස්පර්ශ සංවේදී තිරය කෙසේ වුවත් මෙහි ඇති දීප්තිමත් ස්පර්ශ සංවේදී තිර හේතුවෙන් රථය ධාවනය කිරීමේදී රියදුරුගේ අවධානය වෙනතකට යොමු වීමෙන් අනතුරක් සිදු වීමේ ප්රවනතාවක් ඇති අතර මෙවැනි විද්‍යුත් වාහන ආරෝපණය කිරීමට වැයවන අති මහත් විදුලි බලය හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවට විශේෂඥයෝ පවසති. 'ස්මාර්ට්' නිවසක් (Smart Home)? ගෙහිමියා නිවසට ඇතුළු වෙද්දී ඔහුව හඳුනාගෙන, එහි ඇති විදුලි බුබුළු සහ පේනු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ මෘදුකාංගයක් මෙහිදී එළිදැක්වින නිවසක ඇතුළත බොහෝ දේවල් ස්වයංක්‍රීයව පාලනය කළ හැකි උපාංග විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි. ඒ අතුරෙන් නිවසේ භාවිතා කරන ජලය ප්‍රමාණය මැනිය හැකි උපකරණයක්, උෂ්ණත්වය පාලනය කරන උපකරණයක්, ගෙතුළ වාතයේ තෙතමනය මැනිය හැකි උපාංගයක්, අධි තාක්ෂණයෙන් ක්‍රියා කරන දොර අගුල් වර්ග සහ නිවස කෙතරම් අපවිත්‍ර වී ඇත්දැයි සොයා දෙන උපාංගය බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. ගෙහිමියා නිවසට ඇතුළු වෙද්දී ඔහුව හඳුනාගෙන, එහි ඇති විදුලි බුබුළු සහ පේනු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ මෘදුකාංගයක් මෙහිදී එළිදැක්වින. මෙය ගෙහිමියාගේ ජංගම දුරකතනයේ ඇති 'බ්ලුටූත්' හරහා හෝ ඔහුගේ 'ස්මාර්ට්' දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ක්‍රියාත්මක වේ. 'ස්මාර්ට්' සෝපාව (Smart Sofa) 'ස්මාර්ට්' සෝපාව (Smart Sofa) මිලිබු (Miliboo) ආයතනය හදුන්වා දුන් 'ස්මාර්ට්' සෝපාවෙන් වයර් කම්බි නොමැතිව තම ටැබ්ලට් පරිගණකය ආරෝපණය කර ගත හැකි අතර, පුද්ගලයෙකු අසුන් ගන්නා ඉරියව් හඳුනාගෙන ඔහු කොපමණ වේලාවක් රූපවාහිනිය ඉදිරියේ අසුන් ගෙන සිටියා දැයි සටහන් කර ගැනීමේ හැකියාවක් ඇත. ලැප් ටොප් සහ ටැබ්ලට් යන දෙවිදියටම භාවිතා කළ හැකි නවතම ලෙනොවෝ (Lenovo) පරිගණකය. මෙය එක් වරක් ආරෝපණය කළ පසු පැය විස්සක් පරිහරණය කළ හැකිය. එල්.ජී (LG), යමහා (Yamaha), නිසාන් (Nissan), ටොයෝටා (Toyota), හයිඋන්ඩායි (Hyundai) ඇතුළු තවත් ආයතන රැසක් විවිධ වර්ගයේ නව තාක්ෂණික උපාංග, දින හතරක් පුරා පැවැත්වුන මෙම ප්‍රදර්ශනයේදී වරින් වර එළිදැක්වූහ. ඒ අතර නැගී එන නව නිර්මාණකරුවන්ට තම හැකියාවන් එළිදැක්වීමට CES ප්‍රදර්ශනය කදිම තෝතැන්නක් වී තිබිණ. | තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාරිකයන්, තාක්ෂණවේදීන් සහ පරිගණක ඉංජිනේරුවන් සිය නව නිර්මාණ එළිදක්වන, ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය සඳුදා ඇමරිකාවේ ලාස් වේගාස් නුවර දී ආරම්භ විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පාසලේ පැවති උත්සවයක් සඳහා හිට්ලර් ගේ වෙස් ගැනීමට මෙම ඕස්ට්‍රේලියානු සිසුවාට අවස්තාව උදාවිය මේ පිළිබඳව හෙළිවූයේ බදාදා ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින් නගරයේ සාන්ත පිලිප් පෞද්ගලික පාසැලේ දීය. හුවමාරු සිසුන් ලෙස පාසැලේ ඉගෙනීම ලබන යුදෙව් ජාතික සිසුන් ගෙන් පාසැල් බලධාරීහු මේ පිළිබඳව සමාව ඉල්ලා සිටියහ. නාසි ආක්රමණිකයා වෙසින් සැරසී පැමිණීමට පාසැලේ 'කාගේත් ගෞරවයට පත්ව සිටින' ගුරුවරියක විසින් සිසුවාට අවසර දී තිබුණු බව විදුහල්පතිවරයා සනාථ කළේය. 'කාර්යබහුල වෙලාවක මේ ශිෂ්‍යයා ගිහිං 'කාගේත් ගෞරවයට පත්ව සිටින' ඒ ගුරුවරියගෙන් අහල තියනව මෙහෙම ඇඳගෙන ආවට කමක් නැද්ද කියල, ඇය කියල තියනව කමක් නැහැ කියල' යනුවෙනුයි විදුහල්පති රොජර් හර්බර්ට් ඕස්ට්‍රේලියානු රුපවාහිනියට පැවසුවේ. දැන් එම ගුරුවරිය එසේ කීම පිළිබඳව ඉතාමත්ම අපහසුතාවට පත්වී ඇති බවයි ඔහු පැවසුවේ. පසුගිය මාසයේ බටහිර ඕස්ට්‍රේලියාවේ මවක් චෝදනාවට ලක්වූයේ තම පුතුගේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩකයාට ගෞරව පිණිස පුතුගේ සමේ පැහැය කළු පැහැයෙන් පාටකර පාසලට එවීම හේතුවෙන්. | පාසැලේ පැවති උත්සවයක් සඳහා ඇඩොල්ෆ් හිට්ලර් සේ වෙස් ගෙන පැමිණි සිසුවාට 'හොඳම ඇඳුම ඇඳි සිසුවා' ට හිමි සම්මානය ලබා දීම පිළිබඳව ඕස්ට්‍රේලියානු පාසැලක් කණගාටුව පළකරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සෑම තත්පරයක දීම එකදිගට ලබාගත් ඡයාරූප රාශියක් එකට අමුණා විසිපස් වාරයක් වේගවත් ව මෙම වීඩියෝව සකස් කර තිබේ. අභාවකාශගාමී ටීම් පීක් "උත්තරාලෝකය අභ්‍යවකාශ මධ්‍යත්නයේ සිට දිස්වන අයුරු, කෙලවරේ දිස්වන චනද්‍රිකා යානා දෙක දුටුවාද?" යනුවෙන් ලියා මෙම වීඩියෝව බෙදාහැර තිබිණි. කොළ පැහැයට හුරු නිල් පැහැයෙන් යුත් උත්තරාලෝකය ඇතිවන්නේ හිරුගෙන් ගිලිහෙන කුඩා අංශු කොටස් පෘතුවියේ වායුගෝලය වෙත මිශ්‍ර වූ විටයි උත්තරාලෝකය සුර්ය උදාවට ඉහලින් පෙනෙන්නේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘතුවි කක්ෂය වටා යන ආකාරය අනුවයි. එය සඳ නැගීම හෝ හිරු උදාවට සමාන වන නමුත් උත්තරාලෝකය පෘතුවියේ සිට දැකීම අසීරුය. මෙම වීඩියෝව ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනයෙනි | බ්‍රිතාන්‍ය අභාවකාශගාමී ටීම් පීක් විසින් ජාත්‍යන්තර අභ්‍යාවකාශයේ සිට පටිගත කළ මනස්කාන්ත උත්තරාලෝක ධාරාවන් අඩංගු වීඩියෝවක් එවනු ලැබ තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල වැනි නාගරික ප්‍රදේශවල දරුවන් දුෂ්කර පළාත් ලෙස සැලකෙන පුත්තලම, නුවරඑළිය වැනි ප්‍රදේශ වෙත පැමිණ උසස් පෙළ විභාගයට පෙනී සිටීම හේතුවෙන් තම දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වන බව එම ප්‍රදේශවල දෙමාපියන් පවසති. ඒ හේතුවෙන් තම දරුවන් දැඩි පීඩාවකට පත් වී සිටින බව මාරවිල තල්විල පදිංචි ශ්‍රියානි දොන්දිනු කියා සිටියාය. එසේ වංචනික ලෙස විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් වැඩි පිරිසක් ගණිත සහ විද්‍යා විෂය ධාරාවලින් උසස් පෙළ විභාගයට හැදෑරූ සිසුන් බවයි විද්‍යා අචාර්යවරයෙකු වන නොෂාන් පෙරේරා පෙන්වා දෙන්නේ. 'පරීක්ෂණ නැහැ' වංචනික ලෙස සිදු වන මෙම ක්‍රියාව තම දිස්ත්‍රික්කයේ දරුවන්ට ඍජුවම බලපාන බව ගාමිණී විජේතුංග ආචාර්යවරයා සඳහන් කළේය. වසර කීපයක පටන් මේ ආකාරයට වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණි සිසුන් විභාගයට පෙනී සිට ඇති නමුත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා නොමැති බවත් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් කීප දෙනෙක් කියා සිටි බවයි ප්‍රසාද් පුර්ණමල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ. විද්‍යා විෂය ධාරාව නොමැති නාත්තන්ඩිය ප්‍රදේශයේ ප්රමුඛ පෙළ විද්‍යාලයක නම භාවිතා කරමින් වෙනත් ප්‍රදේශවලින් පැමිණි සිසුන් විසි එක් දෙනකු නාත්තන්ඩියෙන් විභාගයට ඉදිරිපත් වන බවත් ඉහත කී සිසුහු කියා සිටියහ. 'දැඩි ක්‍රියාමාර්ග' මෙම විභාග වංචාව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් අවධාරණය කරයි. විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අඟහරුවාදා (09) ඉහත කී විද්‍යාලයට ගොස් පරීක්ෂණයක් පැවැත්වූ බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව් එම්.එන්.ජේ පුෂ්පකුමාර කියා සිටියේය. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නිම වූ වහාම අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව මෙලෙස වංචා සහගත ලෙස විභාගයට ඉදිරිපත් වූ ළමුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය. | අධ්‍යාපන පහසුකම් ඉහළ දිස්ත්‍රික්කවල පදිංචි දරුවන් වෙනත් දුෂ්කර පළාත්වලින් තරඟ විභාග සඳහා ඉදිරිපත් වීම හේතුවෙන් සිය දරුවන්ට අධ්‍යාපන අවස්ථා අහිමි වී ඇති බවට දුෂ්කර ප්‍රදේශවල වෙසෙන දෙමව්පියෝ චෝදනා කරති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඉන්දු-ශ්‍රී ලංකා ධීවරයන්ගේ නිදහස පිළිබඳව සාකච්ඡාවක් සිය මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් විනැයි සැක කරමින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානු ධීවරයන් කණ්ඩායමක් ඉන්දියාව විසින් අනුගමනය කරන ලද ඉහත කී පියවර වෙනුවෙන් මුදා හරිනු ලබන බවයි, ඊට තුති පළ කරමින් නිකුත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිවේදනයක් මගින් පැවසෙන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදු කොට ඇතැයි චෝදනා කෙරෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විභාගයක් ආරම්භ කරන මෙන් ඉල්ලා සිටිමින් බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. ඉන්දියාව එම ඡන්දයට සහභාගී නොවූ අතර පකිස්තානය ඡන්දය පාවිච්චි කළේ යෝජනාවට එරෙහිවයි. පසුගිය වසරේත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වූ අතර එම අවස්ථාවේ ඉන්දියාව එම යෝජනාවට පක්ෂවයි ඡන්දය දුන්නේ. ඉන්දියාව මෙවර එවැනි පියවරක් නොගනිමින් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීන්දු කිරීම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අගය කරනු ලැබ ඇත. | ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරුණ යෝජනාව සඳහා ඡන්දය විමසීමේදී ඉන් වැළකී සිටීමට ඉන්දියාව විසින් ගනු ලැබුණ තීරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රසාදය පළ වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | න්‍යෂ්ටික බොත්තම මේස මත ඇමරිකානු ජනපතිවරයා 'ට්විටර්' පණිවුඩයක් ඔස්සේ එම ප්‍රකාශය කර තිබෙන්නේ උතුරු කොරියානු නායකයාගේ නව අවුරුදු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි. "න්‍යෂ්ටික බොත්තම සැමවිටම තමන්ගේ මේසය මත"යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශ කළා. ඊට වඩා විශාල හා බලගතු න්‍යෂ්ටික බොත්තමක් ඇමෙරිකාව සතුව ඇති බව, විඩාවෙන් හා කුසගින්නෙන් පෙළෙමින් උතුරු කොරියානු රෙජීමය තුළ වෙසෙන කවරෙක් හෝ කිම් ජොන් අන් වෙත දන්වා සිටියොත් හොඳයි! ඔහුගේ බෝතතමට වඩා මගේ බොත්තම විශාලයි. ඒ වගේම වැඩ කරනවා !" ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන්වේ. න්‍යෂ්ටික අවි දරන දෙරටේ නායකයන් අතර වර්ධනය වන පුද්ගලිකත්වය ඉලක්ක කරගත් ගැටුමේ ආසන්නම සිදුවීම ට්‍රම්ප්ගේ මෙම ට්විටර් පණිවුඩය වෙයි. ට්‍රම්ප්ගේ මෙම අසම්මත ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලයෙහි ඉතා වේගයෙන් සංසරණය විය. තමන් සතුව ඇති ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් කවර හෝ ඇමරිකානු ජනපතිවරයකු සතු තීරණ ගැනීමේ හැකියාව ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කරයි. ඇමරිකානු නායකයාගේ මෙම අසම්මත ප්‍රකාශ රාජ්‍යතාන්ත්‍රීක භාෂාව පිළිබඳ නැවත සාකච්ඡාවක් මතු වීමට හේතුවී ඇත. ඇමරිකානු නායකයාගේ අසම්මත රාජ්‍යතාන්ත්‍රීක භාෂාව තමන් සතුව ඇමරිකාවට පහරදීමට ශක්තිමත් න්‍යෂ්ටික බලයක් ඇතිබව උතුරු කොරියාව ප්‍රකාශ කරයි. එහෙත්, ඔවුන් සතුව ඊට අවශ්‍ය තාක්ෂණය ඇත්තේදැයි පැහැදිළි නොමැති බව විචාරකයෝ සැක පහළ කරති. න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට ලෝක නායකයන් සැහැල්ලුවෙන් කරන ප්‍රකාශ පිළිබඳව බොහෝ පිරිස් අන්තර්ජාලය තුළ අනතුරු අඟවා ඇත. දකුණු කොරියාව සමග සංවාදයට විවෘතයි 'සංවාදයට විවෘතයි' තර්ජනයෙන් ඔබ්බට ගොස්, තමා ඔලිම්පික් හිම ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් දකුණු කොරියාව හා "සංවාදයට විවෘත" බවට නව වසරේ පළමු දේශනයේදී කිම් ජොන් අන් කළ ප්‍රකාශය පිළිබඳව බොහෝ පිරිස් විමතිය පළ කර ඇත. 'සබදතා වර්ධණය කරගැනීමට' ඔළිම්පික් ක්‍රීඩා උළෙල මගින් සුවිශේෂී අවස්ථාවක් උදාවී ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියානු ජනපති මූන් පසුගියදා පැවසීය. සබැදි පුවත්: | වඩාත්ම බලගතු හා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ ශක්තිය ඈත්තේ තමාට බව අමෙර්කානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මෙම ක්‍රීඩා උළෙල නිමිත්තෙන් යෝධ ප්රචාරක ව්‍යාපාරයක් ද සහිතව පෙර සූදානම් කටයුතු පෙරට යමින් පවතින අතර පන්දහසකට ආසන්න පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්,ක්‍රීඩා උපදේශකයන් සහ රාජ්‍ය නිලධාරීන් දැනටමත් ‘ග්ලාස්ගෝ’ නගරයට පැමිණ සිටිති. බ්‍රිතාන්‍යය එලිසබත් රැජිණ අද බදාදා සන්ධ්‍යාවේ ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත කරන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් කීප දෙනකුත් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි. ග්ලාස්ගෝ ක්‍රීඩා සැණකෙළියට සැරසෙමින්. මෙම සමාරම්භක අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය හවුලේ වත්මන් සභාපතිත්වය දරන ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තහවුරු කරනු ලැබ ඇති අතර සභාපතිවරයා ඉන් වැළකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුව ඇත. ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලයීය ප්‍රකාශකයෙක් සඳහන් කර කොට තිබෙන්නේ එවැනි සංචාරයක් සැලසුම් කරනු ලැබ නො තිබුණ බවයි. එසේම ශ්‍රී ලංකා රජයට එරෙහිව නැගෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් චෝදනා හෝ 'ග්ලාස්ගෝ' නගරයේදී මුහුණ දීමට සිදු විය හැකි විරෝධතා ව්‍යාපාර ජනාධිපති මහින්ද රාජපක්ෂ එවැනි සංචාරයකින් වැලකීමට හේතු නොවූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කොට ඇත. 2010 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔක්ස්ෆර්ඩ් සරසවියේ පැවැත්වීමට නියමිතව තිබුණ දේශනයක් බ්‍රිතාන්‍ය දෙමල ප්‍රජා උද්ඝෝෂණ හමුවේ අවලංගු කිරීමට සිදු විය. | පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සැණකෙළිය අද බදාදා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ‘ග්ලාස්ගෝ’ නගරයේදී ආරම්භ වීමට නියමිතයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දැනට පිළිස්සුම් තුවාල සඳහා යොදාගන්නේ මිල අධික කෘතීම පැලැස්තර වර්ගයි බීබීසී සිංහල සේවයට එම ප්‍රකාශය කරන්නේ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලංකික විද්‍යාඥයෙකි. ඔහු නමින් ආචාර්ය නන්දික බණ්ඩාර. ආචාර්ය නන්දික බණ්ඩාර,මේ වනවිට කැනඩාවේ 'ඩැල්හව්සී' විශ්ව විද්‍යාලයේ ශාක, ආහාර සහ පරිසර විද්‍යා අංශයේ සහකාර මහාචාර්යවරයකු ලෙස සේවය කරයි. විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කරන අතරම, ද්‍රව්‍ය විද්‍යාව සහ නැනෝ තාක්ෂණය අධාරයෙන් කෘෂිකාර්මික අපද්‍රව්‍ය හෝ අතුරු නිෂ්පාදන යොදා ගෙන වෛද්‍ය ක්ෂේත්රයේ අවශ්‍යතා සඳහා වුවමනා කරන ජීව ද්‍රව්‍ය සෑදීම කෙරෙහි ද ඔහුගේ අවධානය යොමු වී ඇත. විශාල පිළිස්සුම් තුවාලවලට බද්ධ කිරීම සඳහා සම වෙනුවට ආදේශකයක් නිර්මාණය කිරීමේ කාර්යය කෙරෙහි ඔහුගේ අවධානය යොමු වූයේ ඒ අනුවය. "පිළිස්සුනු තුවාලයක් තියෙන කෙනෙකුට අපි ඒ තුවාලේ හොඳ වෙන්න උදව් කරන්න ඕනේ. අපි හිතමු ඒක කරන්න පුළුවන් කොහොමද කියලා? දැනට සිදුවෙන්නේ තම ශරීරයේ යම් ස්ථානයකින් සමේ කොටසක් අරගෙන එය පිලිස්ස්සුම් තුවාලයට බද්ධ කිරීම. නමුත් ඒක කරන්න පුළුවන් පොඩි තුවාලෙකට පමණයි. තුවාලය ලොකු නම් එවැනි චර්ම බද්ධ කිරීමක් කරන්න අමාරුයි. ඒකට විසඳුමක් සෙවීමයි මම අරමුණු කරන්නේ." "ලොකු පිළිස්සුම් තුවාලයක් තියෙන කොට තමාගේ ම සම බද්ධ කිරීම ප්‍රායෝගිකව කරන්න බැහැ. කෙනෙකුගේ ලොකු සම කොටසක් ඉවත් කළ හොත් එතනත් ආසාදනය වෙන්න පුළුවන් නිසා. ඒ වෙනුවට දැන් සමාන්‍යයෙන් භාවිත කරන්නේ කෘත්‍රිම පොලිමර්වලින් හදපු හයිඩ්‍රෝ ජෙල් තුවාල ආවරණ හෝ ගොතන ලද අතුරණ (Wound healing hydro-gel or woven mat). නමුත් සමහර වෙලාවට ඒවායේ අඩංගු කෘත්‍රිම පොලිමර් නිසා සමහර අයට ආසාත්මිකතා ඇතිවෙනවා. එහෙම වෙන්නේ කෘත්‍රිම පොලිමර් සම්පූර්ණයෙන්ම අපේ ඇඟට බාහිර දෙයක් වීම නිසා. එසේම ඒවා මිල අධිකයි." කෘත්‍රිම පොලිමර් වෙනුවට ස්වාභාවික පොලිමර් ආදේශ කිරීමෙන් ලැබෙන ප්‍රථිපල සාර්ථක බව ආචාර්ය නන්දික පවසයි. ආචාර්ය නන්දික බණ්ඩාර ගොවිපළවලින් ඉවත්කරන කුකුළු පිහාටුවලින් උකහා ගන්නා 'කෙරටීන්' සහ පරිසරයේ එදිනෙදා හමුවන ප්‍රෝටීන් වලින් හෝ 'ලිපිඩ්' වලින් හෝ 'පොලි සැකරයිඩ්'වලින් ලබාගත හැකි 'බයෝ පොලිමර්' (Bio Polymer) පරීක්ෂණ සඳහා යොදා ගන්නා බවත් ඔහු සඳහන් කළේය. "හැබැයි අර කෘත්‍රිම පොලිමර්වලට සාපේක්ෂව ඕනෑම බයෝ පොලිමර් එකක තියෙන ප්‍රශ්ණය තමයි, අඩු ශක්තිය වගේම වගේම නම්‍යශීලිත්වයේ අඩුව. අනෙක් එක තමයි, අපි හිතමු කෙරටීන් වලින් ජීව ද්‍රව්‍යයක් හදලා තුවාලය උඩ තිබ්බොත් අපේ සමේ තියෙන ස්වභාවික සෛල ඒකට සවි වීම (Cell adhesion) හරියට වුණේ නැත්නම් අපේ අලුත් සම ඉක්මනට වර්ධනය වෙන්නේ නැහැ." ස්වාභාවික සංඝටක අඩංගු හයිඩ්‍රෝ ජෙල් තුවාලයට සවි වීම සාර්ථක කර ගැනීම සඳහා නැනෝ තාක්ෂණය භාවිත කර පරීක්ෂණ කෙරෙන බව ආචාර්ය නන්දික පැවසීය. "මගේ පරීක්ෂණයේ තියෙන විශේෂ දේ තමයි, ජීව සංඝටක අඩංගු 'නැනිති' යොදා ගැනීම (Nano crystalline cellulose). අපි සෙලියුලොස් කියන්නේ ඕනෑම ගහක ඕනෑම ශාක පත්‍රයක නැත්නම් ලී වල තියෙන ප්‍රධාන ම ද්‍රව්‍යය. ඒක පොඩි පොඩි කෑලිවලට කඩලා අපිට පුළුවන් නැනෝ සෙලියුලොස් ගන්න. ඒකෙන් කරන්නේ ශක්තියයි නම්‍යශීලී බවයි වැඩි කිරීම." එවිට සෛල එකට බද්ධවීම සිදුවී පිළිස්සුම් තුවාලයේ සම ඉක්මනින් වර්ධනය වෙන බව ආචාර්ය නන්දික සොයා ගෙන ඇත. තව වසර කිහිපයක් තුළදී තම පරීක්ෂණය සාර්ථකව නිමකොට එම නිෂ්පාදනය වෛද්‍ය ප්‍රතිකාර ක්ෂේත්රයට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව පැවසු ආචාර්ය නන්දික, තම පරීක්ෂණ සඳහා කැනඩාවේ New Frontier Research Fund නම් අරමුදලෙන් අවශ්‍ය මුදල් සැපයෙන බවත් පැවසීය. තවත් පර්යේෂණ ඉහත කී පර්යේෂණයට අමතරව ඔහු කර ඇති තවත් පරීක්ෂණ ගැන ඔහු බීබීසී සිංහල සේවයට කරුණු විස්තර කළේය. ඔහු විසින් සිදුකර ඇති එක් පරීක්ෂණ ක්ෂේත්රයක් වන්නේ 'කැනෝලා' ඇටයේ ප්‍රෝටීන් භාවිත කරමින් කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය බයෝ පොලිමර් නිෂ්පාදනය කිරීමයි. "කෘෂිකර්මාන්තයෙන් එන අපද්‍රව්‍යවල පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. කැනෝලා තෙල් හදන කැනෝලා ඇටවලින් තෙල් ටික අරගත්තට පස්සේ ඉතිරිවන දෙයට අගයක් එකතු කිරීමක් වෙන්නේ නැහැ. නමුත් එකේ 40% ක් විතර තියෙන්නේ ප්‍රෝටීන්. කැනෝලාවල අඩංගු ප්‍රෝටීන්වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිය ගැන සෙවීම තමයි මම අචාර්ය උපාධියට කළේ. එමගින් කර්මාන්ත සඳහා බයෝ පොලිමර් හදන්න පුළුවන් කියලා මම සොයා ගත්තා." වර්ෂ 2001 දී කුරුණෑගල, මලියදේව විද්‍යාලයෙන් අපොස උසස් පෙළ සමත් ආචාර්ය නන්දික 2002 වසරේදී පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයට ඇතුළත් විය. 2006 වසරේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවීමෙන් අනතුරුව වසර දෙකක් පමණ පෞද්ගලික අංශයේ රැකියාවක් කළ ඔහු 2010 වසරේදී කැනඩාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව විද්‍යාපති උපාධිය සඳහා පර්යේෂණ ආරම්භ කළේය. එහිදී ඔහුගේ පර්යේෂණ ක්ෂේත්රය වුණේ ආහාර විද්‍යාව සඳහා නැනෝ තාක්ෂණය යොදා ගන්නා අකාරය පිළිබඳවය. 2017 වසරේදී සිය පශ්චාත් උපාධිය නිම කළ ආචාර්ය නන්දික 2018 වසරේ ඩැල්හව්සී විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳුණි. දැන් එහි සහාය මහාචාර්යවරයකු වන නන්දික බණ්ඩාරපවසන්නේ, ඩැල්හව්සී විශ්ව විද්‍යාලයට සම්බන්ධවීමට ලැබීම තමා ලද විශේෂ වරප්‍රසාදයක් බවය. කියවන්න: | "මම පරීක්ෂණ කරන්නේ කෘෂිකාර්මික, සත්ත්ව සහ ආහාර අපද්‍රව්‍යවලට අගය එකතු කරලා කොහොමද නව නිෂ්පාදන කරන්නේ කියලා. මේ ඔස්සේ සාර්ථක පරීක්ෂණ කිහිපයක් මම කරලා තියෙනවා." |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පසුගිය මාර්තු මාසයේ අගමැති ධුරයට පත් ලී ඛ චී අන්ග් ගේ පළමු නිල සංචාරය මෙයයි. චීන අගමැති වරයා, දිල්ලි අගනුවරදී ඉන්දීය අගමැති මන් මෝහන් සින්ග් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි. මේ මස මුල් භාගයේදී, මතභේදයට තුඩු දී තිබෙන ඉන්දු චීන දේශසීමාවේ හටගත් අර්බුදය නිරාකරණය කරගැනීමට දෙරට සමත් වීමෙන් අනතුරුවයි චීන අගමැති වරයා ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන්නේ. ඉන්දියාවේ නිල සංචාරය නිම කිරීමෙන් පසු චීන අගමැති වරයා පකිස්ථානය, ජර්මනිය සහ ස්විස්ටලන්තය යන රටවලද චාරිකා කිරීමට නියමිතයි. | තුන් දින නිල සංචාරයක් ආරම්භ කරමින් චීනයේ නව අගමැති ලී ඛ චි අන්ග් ඉන්දියාවට සම්ප්‍රාප්ත විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ෂාමා සන්දූයා පසුගිය මාර්තු මාසයේ ලෝකයේ ප්‍රථම වරට සාගර පතුලේ දේශගුණ උද්ඝෝෂණයක් පැවැත්වූවාය සාගර පතුලේ උද්ඝෝෂණයක් ෂාමා සන්දූයා (Shaama Sandooyea) පසුගිය මාර්තු මාසයේ ලෝකයේ ප්‍රථම වරට සාගර පතුලේ දේශගුණ උද්ඝෝෂණයක් පැවැත්වූයේ ලෝකයේ විශාලතම සාගර තණබිම් (seagrass meadows) ආරක්ෂා කිරීමේ සිය සටනේ කොටසක් වශයෙනි. "දේශගුණය උදෙසා තරුණ උද්ඝෝෂණය" යනුවෙන් සඳහන් පුවරුවක් රැගෙන 24 හැවිරිදි සාගර විද්‍යාඥවරිය සයා ඩි මාලා (Saya de Malha) වෙරළ තීරය අසල ඉන්දීය සාගරයේ කිමිදුනාය. එය සීෂෙල්ස් දූපත්වල සිට කිලෝමීටර් 735ක් පමණ ඈතින් පිහිටි ප්රදේශයකි. "මේක ජෛව විවිධත්වයෙන් පොහොසත් ප්‍රදේශයක්. ඒත් දැන් මේ පළාත දේශගුණ අර්බුදයේ ගොදුරක් බවට පත්වෙලා," ෂාමා බීබීසී සමඟ කියා සිටියාය. "සාගර තණබිම්වලට ඉතා සමීපයේ වැඩෙන කොරල් පර ඉහළ යන උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ කියල අපි සොයා ගත්තා." ඇමසන් වනාන්තරයට වඩා වැඩි ගුණයකින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමට සාගර තණබිම්වලට හැකියාව තිබේ. එබැවින් මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කට වඩා ඉහළ යාම වැළැක්වීම පිණිස මෙවැනි සාගර තණබිම් ආරක්ෂා කිරීමේ වැදගත්කම විද්‍යාඥයෝ අවධාරණය කරති. ෂාමා සන්දූයා, ග්‍රීන්පීස් පරිසර සංවිධානයේ පරිසරවේදීන් සහ විද්‍යාඥයන් පිරිසක් සමඟ ප්‍රදේශයේ සාගර පතුල නිරීක්ෂණය කළාය කොළ කැස්බෑවන් වැනි වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් ඇතුළු ඩොල්ෆින් සහ rabbitfish වැනි දහස් ගණන් සමුද්‍ර ජීවීන්ගේ ආහාර සහ වාසය පිණිස සමුද්‍ර තණබිම් අත්‍යවශ්‍ය සාධකයකි. මොරිෂස් (මුරුසි) දූපත් වැසියෙකු වන ෂාමා, ග්‍රීන්පීස් පරිසර සංවිධානයේ පරිසරවේදීන් සහ විද්‍යාඥයන් පිරිසක් සමඟ ප්‍රදේශයේ සාගර පතුල නිරීක්ෂණය කළාය. සාගර පතුලේ මනස්කාන්ත දර්ශනය දැක විස්මය පත් වූ වග ඇය පවසන්නීය. "ඒක හරියට වතුරේ තියන තණබිමක් වගේ." සයා ඩි මාලා වෙරළ තීරයේ සමුද්‍ර තණබිම්, සාගරයට කාබන් අවශෝෂණය කරගැනීමට උපකාර වෙයි "අපේ සාගරයෙන් 30%ක් වත් ආරක්ෂා කරගැනීම පිණිස සාගර අභය භූමි ජාලයක් නම් කිරීම" පිණිස ලෝක නායකයන්ට බල කිරීම ඇයගේ මේ උද්ඝෝෂණයේ අරමුණය. "මුහුදේ උෂ්ණත්වය ඉහළ යාම නිසා සයා ඩි මාලා මුහුදෙන් වෙනත් මුහුදකට මාළු සංක්‍රමණය වෙනවා නම් ඒක සයා ඩි මාලා වල ජෛව විවිධත්වයට බලපානවා," යනුවෙන් පවසන ඇය, සාගරය රැකගැනීම "අපේ දේශගුණය වෙනුවෙන් විතරක් නෙවෙයි, මේ සාගරයෙන් යැපෙන බිලියන ගණනක් ජනතාවගේ පැවැත්මටත් ඉතා වැදගත්," බව අවධාරණය කරන්නීය. මේ සමුද්‍ර තණබිම් සීෂෙල්ස් දූපත්වල සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටීම හේතුවෙන් මෙතෙක් කිසියම් ආරක්ෂාවක් සැලසුන ද, විශේෂයෙන්ම නීති විරෝධී මසුන් මැරීම් උත්සන්න වෙමින් පැවතීම සහ සාගර කලාපය වැඩි වැඩියෙන් භාවිත කිරීම හේතුවෙන් තත්ත්වය ඉක්මණින් වෙනස්වනු ඇති බවට ෂාමා සන්දූයා බිය පළකරන්නීය. Geophysical Research Letters සඟරාව 2014 දී වාර්තාකළ ආකාරයට 1992 සිට 2012 දක්වා කාලය තුළ ලෝකයේ නාවික ගමනාගමනය සිව් ගුණයකින් වැඩි වී තිබෙන අතර, ඒ අතරින් ඉන්දීය සාගරය බරපතලම වැඩිවීමක් දක්නට ලැබෙන කලාපයකි. සාගර තණබිම්වලට ඉතා සමීපයේ කොරල් පර වැඩෙනු දක්නට ලැබුණ බව ෂාමා පවසන්නීය "මගේ මේ උද්ඝෝෂණය නිසා සයා ඩි මාලා රැකගැනීම වෙනුවෙන් රැඩිකල් වෙනසක් වේවි කියල මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා," ෂාමා පවසන්නීය. "අපිට මේ දේශගුණ විපර්යාස හොඳටම දැනෙනවා. අපි මේ මොහොතේ මේක ගැන පියවර ගත යුතුයි." සිය පරිසරය රැකගැනීම පිණිස පෙරමුණ ගන්නා මෙන් ඇය කලාපීය ආණ්ඩුවලින් පමණක් නොව ප්‍රදේශයේ ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නීය. "සයා ඩි මාලා රැකගැනීම දැන් හැමදෙනාගේම වගකීම. හැමදෙනාම මේකට අත්වැල් බැඳගත යුතුයි." 'මම කතාකරන්නේ මම දැකපු පරිසර විනාශය ගැන' "අවසන් හුස්ම පොද තිබෙන තුරු" සටන අත් නොහරින බව භාග්‍යා පවසයි සිංහරාජ රක්ෂිතය ආසන්නයේ, රක්වාන ප්‍රදේශයේ වෙසෙන 19 හැවිරිදි භාග්‍යා අබේරත්න, වන සංහාරය සහ හෝටල් වැනි නව ඉදිකිරීම් හේතුවෙන් රක්ෂිතයේ පරිසර පද්ධතිය විනාශවෙමින් පවතින බව අනාවරණය කිරීමත් සමඟ රට පුරා අවධානයට ලක් වූවාය. බොහෝ දෙනා ඇය ප්‍රසංශා කළ අතර, ඇතැමුන්ගේ ගැරහුම්වලට ද ඇය මුහුණ දුන්නාය. රූපවාහිනී වැඩසටහනකදී තමන් කළ ප්‍රකාශයෙන් අනතුරුව මතු වූ තත්ත්වය ගැන ඇය කියා සිටියේ, සිංහරාජය ආශ්‍රිතව සිදුවන විනාශය ගැන හෙළිදරවු කිරීමෙන් අනතුරුව ඒ හඬ නිහඬ කිරීමට ඇතැමුන් උත්සහ කිරීම තරුණ පරපුර බියවැද්දීමට ගන්නා උත්සහයක් බවය. "වහලුන් ලෙස නිහඬව ජීවත් වුවහොත් රටක් ඉතිරි නොවන බැවින්" මේ අවස්ථාවේදී පෙරට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ආරාධනය කරන බව ද බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් භාග්‍යා කියා සිටියාය. ඇතැමුන් "ශ්‍රී ලංකාවේ ග්‍රේටා තුන්බර්ග්" ලෙසින් ද හඳුන්වන භාග්‍යා පවසන්නේ, කුමන අභියෝග පැමිණියද තමන්ට හුස්ම දෙන පරිසරය රැක ගැනීමට "අවසන් හුස්ම පොද තිබෙන තුරු" සටන අත් නොහරින බවය. ඇතැමුන් ශ්‍රී ලංකාවේ ග්‍රේටා තුන්බර්ග් ලෙසින් ද හඳුන්වන භාග්‍යා පවසන්නේ, කුමන අභියෝග පැමිණියද තමන්ට හුස්ම දෙන පරිසරය රැක ගැනීමට 'අවසන් හුස්ම පොද තිබෙන තුරු' සටන අත් නොහරින බවය තවත් කියවන්න: 'දේශගුණ අර්බුදය කියන්නේ හිම වලස්සුයි, අයිස් කුට්ටිවලටයි එහා ගිය දෙයක්' මිහිතලය රත්වීම යනු සිය ගම පළාතෙන් ඉතා දුර බැහැරව සිදුවන්නක් නොවන බව බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් ප්‍රදේශයේ වෙසෙන කේටී හොජට්ස්ට (Katie Hodjetts) වැටහෙන විට ඇය 18 හැවිරිදි වූවාය. "මම පොඩි කාලේ දියවෙන අයිස් තට්ටුවල හිර වෙලා ඉන්න හිම වලස්සු දැක්කම මට හිතුණේ ඒක මට අදාළ දෙයක් නෙවෙයි කියල," ඇය පැහැදිලි කළාය. බ්‍රිස්ටල් නගරයේ ගුවන් තොටුපොල ව්‍යාප්ත කිරීමට එරෙහිව සාර්ථක උද්ඝෝෂණයක් මෙහෙයවමින් කේටී හොජට්ස්, ග්‍රේටා තුන්බර්ග් ද සමඟ 30,000 කට ආසන්න පිරිසක් ඇමතුවාය. එය එසේ නොවන බව ඇයට වැටහුණේ පාසල හමාරයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී "දේශගුණ විපර්යාසවල දේශපාලනය" (Politics of Climate Change) නම් විෂයය හැදෑරීම ඇරඹු විටය. "එතකොට තමයි මට තේරුණේ දේශගුණ අර්බුදය කියන්නේ හිම වලසුන්ට එහා ගිය දෙයක් කියල; ඒක ධනවාදය, අසාධාරණය සහ දේශපාලනය සම්බන්ධ දෙයක් කියල." පසුව UK Youth Climate Coalition නම් පරිසර සංවිධානයට සම්බන්ධ වූ කේටී 2018 දී එහි ගිරි ශිඛර හාරා ගෑස් නිධි කැණීමේ ක්‍රියාදාමයට එරෙහි උද්ඝෝෂණයක් සම්බන්ධීකරණය කරමින් තෙදිනක් මුළුල්ලේ එවැනි ස්ථානයක් අවහිර කිරීමට සම්බන්ධ වූවාය. ඉන් වසරකට පසුව Bristol Youth Strike 4 Climate උද්ඝෝෂණයේ ප්‍රධාන සංවිධායකවරියක වූ ඇය, බ්‍රිස්ටල් නගරයේ ගුවන් තොටුපොල ව්‍යාප්ත කිරීමට එරෙහිව සාර්ථක උද්ඝෝෂණයක් මෙහෙයවමින්, ග්‍රේටා තුන්බර්ග් ද සමඟ 30,000 කට ආසන්න පිරිසක් ඇමතුවාය. 2020 දී Resilience Project නම් ව්‍යාපෘතිය ආරම්භ කළ කේටී හොජට්ස්, දේශගුණ විපර්යාස හා සම්බන්ධ මානසික උපදේශන පාඨමාලා සංවිධානය කරන්නීය. එමෙන්ම COP26 එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව සමයේ එම වැඩපිළිවෙල පුළුල් කිරීම ඇයගේ අපේක්ෂාවය. Resilience Project නම් ව්‍යාපෘතිය මගින් කේටී හොජට්ස්, දේශගුණ විපර්යාස හා සම්බන්ධ මානසික උපදේශන පාඨමාලා සංවිධානය කරයි "පහුගිය අවුරුදු පහේ තරුණ, තරුණියන් එක්ක වැඩ කරද්දී මට වැටහුණා තරුණ පිරිස්වල මානසික සෞඛ්‍යය පිරිහෙමින් තියෙන නමුත් ඒකට පිළියම් යොදන්න තරුණයන් විසින් තරුණයන් වෙනුවෙන් කිසිම වැඩපිළිවෙලක් නැති බව," 25 හැවිරිදි කේටී පෙන්වා දුන්නාය. "ඒ නිසයි මම Resilience Project ව්‍යාපෘතිය ආරම්භ කළේ. ඒක තරුණ පරපුර බලගැන්වීමේ වැඩපිළිවෙලක්." "මගේ අරමුණ තමයි වහාම ක්‍රියාත්මක වෙන්න කියල තමන්ගේ ආණ්ඩුවලට බලකරන්න තරුණ, තරුණියන්ට ශක්තිය ලබාදීම," ඇය විස්තර කළාය. "කාබන් අඩුවෙන් මුදාහරිමින් ඉතා හොඳ ජීවිතයක් ගෙවන්න පුළුවන් කියල ඔවුන්ට වටහාදීම තමා මගේ අරමුණ. සමහර විට ඔබ මාව විශ්වාස කරන එකක් නෑ නමුත් ස්කොට්ලන්තයේ නිවාඩුවක් ගතකිරීම බහමා දූපත්වල නිවාඩුවක් වගේම අතිශය සුන්දර අත්දැකීමක් වෙන්න පුළුවන්." 'පැලයක් සිටුවීමයි, කැලයක් වගා කිරීමයි කියන්නේ දෙකක්' ශ්‍රී ලංකාව තුළ ස්ථාන 130 ක පමණ පැල ලක්ෂයක් පමණ සිටුවීමට අචල මැද්දේගම දායක වී තිබේ වසර හයකට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාව තුළ ස්ථාන 130 ක පමණ පැල ලක්ෂයක් පමණ සිටුවීමට දායක වූ "Reforest Sri Lanka" සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති අචල මැද්දේගම පවසන පරිදි, පැලයක් සිටුවීම සහ කැලයක් වගා කිරීම යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් ක්‍රියාදාමයන් දෙකකි. "අපි මේ වෙනකොට දක්ෂිණ අධි වේගයේ ඒ වගේම සිංහපුර, විල්පත්තුව, දික්වැල්ල වගේ ප්‍රදේශවල සහ වැවු ඉවුරු සහ ගං ඉවුරුවල පවා පැල හිටවල තියෙනව," ඔහු බීබීසී ය සමඟ විස්තර කළේය. 'තිසා වැවේ, බුලන්කුලම වැවේ ... ඒ වගේම කළු ගඟේ ඉවුරේ, ඉවුරු ඛාදනය නවත්තන්න අපි පැල 20,000 කට වඩා හිටවල තියෙනව. අපි නිතරම රජයේ ආයතනයක් එක්ක එකතුවෙලා තමා මේ වැඩේ කරන්නේ." ඔහු පවසන්නේ, මේ වසරේ මිහිතල දිනයේ සිටුවීම පිණිස කොළඹ නගර සභාවට පැල 500 ක් ලබා දුන්නේ ද සිය සංවිධානය බවය. "නමුත් දැන් නම් පැල සිටුවීම් ගොඩක් අසාර්ථකයි මොකද ඒ පැල මැරෙනවා. ඒවා බලා ගත්තේ නැත්නම් පැලවෙන්නේ බොහොම සුළුතරයක්. අනික දවසක් හිටවනවා ඊළඟ දවසේ ඒවා උගුල්ල දාල එතන මොකක් හරි ඉදි කිරීමක් කරනවා," අචල මැද්දේගම පවසයි. "මේ දවස්වල අපි දකිනවා තර්කයක් මතුවෙනවා, පැල හිටවන නිසා කැලේ කැපුවට කමක් නෑ කියල. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. "ගම්වල සමහර මිනිස්සු කියනව 'කැලේ ආයෙත් හිටවන්න පුළුවන්නේ' කියල. ඒකෙන් තේරෙන්නේ එයාල තේරුමක් නැතුව ගස් හිටවල තියෙනව නමුත් කැලේ වවල නෑ." Reforest Sri Lanka සංවිධානය විසින් වසර පහකට පෙර දක්ෂිණ අධි වේගී මාර්ගය අවට සිටුවන ලද ගස් 2015 දී මොරටුව විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන සමයේ "විල්පත්තු වන සංහාරය" ගැන ආන්දෝලනයක් මතු වූ අවස්ථාවේ සමීප මිතුරන් පිරිසක් සමඟ සිය සංවිධානය ආරම්භ කළ ඔහු පවසන්නේ, මේ වනවිට 10,000 කට ආසන්න ස්වෙච්ඡා පිරිසක් සමඟ තමන් කටයුතු කොට තිබෙන බවය. ශ්‍රී ලංකාවට ආවේණික වූ විවිධ ශාක ප්‍රභේද 50 ක් පමණ ඔවුන් විසින් සිටුවනු ලැබ තිබේ. "ගොඩක් මිනිස්සුන්ට මේ ගැන දැනුමක් නෑ. හරියට කැලෑවක් හිටවනවා කියන්නේ අවුරුදු 30-50 ක් විතර දීර්ඝ කාලයක් යන වැඩක්. ඇත්තටම ඒ ගැන විද්‍යාත්මක දැනුමක් තියෙන ගොඩක් දෙනෙක් ලංකාවේ නෑ." ගස් සිටුවීමේ ව්‍යාපාරයේදී පස ගැන සහ පරිසරය ගැන පර්යේෂණ පවත්වා, කාලගුණය ද අධ්‍යයනය කොට එය ක්‍රියාවට නැගිය යුතු බව පෙන්වාදෙන අචල මැද්දේගම එය විද්‍යාත්මක මට්ටමින් ක්‍රියාවට නැගීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. "අනික අපි නිතරම විවිධ පැල වර්ග හිටවනවා. එකම වර්ගයක් නෙමෙයි. හරියටම විද්‍යාත්මකව කළොත්, ඒ පැත්තෙන්ම ඇට වර්ග හොයාගෙන, තවාන් දාල හිටවන එක හරි ක්‍රමවේදය. නමුත් අපිට තාම ඒක කරන්න අමාරුයි." දූෂණයෙන් තොර, තිරසර සංවර්ධනයක් සඳහා වූ ශ්‍රී ලංකාවක් උදෙසා වූ සිය යෝජනා "Reforest Sri Lanka" සංවිධානය විසින් පසුගිය වසරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කරුණු විමසන කමිටුව වෙත ද භාරදෙනු ලැබිණි 'ඒ දුමාරය එයාලගේ සෞඛ්‍යයට හරිම නරකයි' දේශගුණ විපර්යාස ගැන ලොව පුරාම ජනතාව දැනුවත් කිරීම සොෆියා කියානි ගේ අපේක්ෂාවය සොෆියා කියානි (Sophia Kianni) දේශගුණ විපර්යාස ගැන මුලින්ම හැදෑරුවේ පාසලේ හය වෙනි වසරේදීය. එහෙත් දේශගුණ විපර්යාසවල බලපෑම කෙතරම් ද යන්න ඇයට සැබවින්ම අවබෝධ වූයේ 12 වෙනි හෝ 13 වෙනි වියේ දී සිය ඥාතීන් මුණගැසීමට ඉරානයේ ටෙහෙරාන් අගනුවර සංචාරය කළ අවස්ථාවේය. ඇය එක්සත් ජනපදයේ සහ ඉරානයේ ද්විත්ව පුරවැසියෙකි. ටෙහෙරාන් නුවරදී දිනක් රාත්‍රියේ අහස බැලූ ඇයට වායු දූෂණය හේතුවෙන් අහසේ කිසිදු තරුවක් දැකගැනීමට නොහැකි විය. "වායු දූෂණය හොඳට ඉහළ ගිහිල්ල තිබුණ. ඒත් මගේ ගොඩක් නෑයන්ට ඒ ගැන කිසිම අවබෝධයක් නෑ කියල මට තේරුණා," සොෆියා පවසන්නීය. "එයාල කියනවා ටෙහ්රාන් කියන්නේ ප්‍රධාන නගරයක් නිසා, කර්මාන්ත ගොඩක් තියෙන නිසා, ඒක සාමාන්‍ය දෙයක්ලු, ඒක තමන්ගේ සෞඛ්‍යයට කොයිතරම් හානිකර ද කියල එයාලට තේරුමක් නෑ." Carbon Brief වෙබ් අඩවිය පවසන පරිදි, 2015 දී ඉරානය ලෝකයේ අට වෙනි විශාලතම කාබන් විමෝචකයා විය. වායු දූෂණය හේතුවෙන් 2019 නොවැම්බර් මාසයේ අගනුවර සියලු පාසල් වසා දැමීමට පවා සිදු වුවත්, Acta Medica Iranica සඟරාව මගින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ ඉරානයේ විශ්විද්‍යාල සිසුන්ගෙන් 95%කටම හරිතාගාර වායු විමෝචනය යනු කවරක් දැයි නිසි පරිදි පහදා දිය නොහැකි බවය. මේ වසරේ ජනවාරි 13 වෙනි දින ඉරානයේ ටෙහෙරාන් අගනුවර වායු දූෂණය සොෆියා, දේශගුණ විපර්යාස පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කිරීම් අරමුණින් Climate Cardinals සංවිධානය ආරම්භ කළාය. ඒ පිළිබඳ තොරතුරු පත්‍රිකා ඉංග්‍රීසි භාෂාවෙන් බෙදා හරිනු වෙනුවට හැකි තරම් වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ඇය වටහා ගත්තාය. "එක්සත් ජාතීන්ගේ සංවිධානය තොරතුරු බෙදා හරින්නේ භාෂා හයකින් විතරයි," සොෆියා පවසයි. "රටවල් 40 කට වැඩි ගාණක අපිත් එක්ක ස්වේච්ඡාවෙන් වැඩකරන 8000 ක් විතර කණ්ඩායමක් එක්ක එකතු වෙලා අපි දැන් භාෂා 100 කට වැඩි ගණනකින් ඒ පත්‍රිකා බෙදා හරිනවා." මුලින්ම හරිතාගාර වායු සහ දේශගුණ විපර්යාස ගැන තොරතුරු පරිවර්තනය කළ ඔවුහු දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේඛන සහ වාර්තා ද පරිවර්තනය කරති. එහි ප්‍රතිඵලයක් ලෙසින් සොෆියා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් ගේ දේශගුණ විපර්යාස පිළිබඳ තරුණ උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක ලෙසින් තෝරාගෙන තිබේ. එහි ලාබාලම සාමාජිකාවක වන ඇය, මැද පෙරදිග සහ එක්සත් ජනපදය නියෝජනය කරන්නීය. සොෆියා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් ගේ දේශගුණ විපර්යාස පිළිබඳ තරුණ උපදේශික මණ්ඩලයේ සාමාජිකාවකි "මගේ අරමුණ තමයි ලෝකේ පරිසරය ගැන දැනුම ඉහළ නැංවීම. කාලගුණ වෙනස්කම් කියන්නේ මොනවද කියල මිනිස්සු හොඳින් තේරුම් අරගෙන ඒ ගැන නීති සම්පාදනය කරන්න කියල පාලකයන්ට බලකරනව දකින්නයි මට ඕනේ," සොෆියා පවසන්නීය. "උද්ඝෝෂණවලට සහභාගි වීම, පරිසර නීති සම්පාදනයට සහය දෙන අපේක්ෂකයන්ගේ ප්රචාරක ව්‍යාපාරවලට මුදලින් ආධාර කිරීම විතරක් නෙමෙයි, කාලගුණ වෙනස්කම් ගැන යමක් කරනවා කියල පොරොන්දු දෙන අපේක්ෂකයන්ට ඡන්දය දීම ... මේ සේරම ඒකට ඇතුළත්." 'ලෝක නායකයෝ මීට වඩා දෙයක් කරන්න ඕනේ' දේශගුණ විපර්යාස පිළිබඳ සංවාදයට එක්වන මෙන් සේරා, ලොව පුරා වෙසෙන තරුණ පරපුරට ආරාධනා කරයි සේරා ගූඩි (Sarah Goody), දේශගුණ විපර්යාස ගැන පාසලේ විද්‍යා පන්තියේ මුල්ම පාඩම උගත්තේ දොළොස් හැවිරිදි වියේදීය. ඉන් අනතුරුව දේශගුණ විපර්යාස සහ වනසතුන්, පරිසරය සහ මානව වර්ගයා කෙරෙහි එහි බලපෑම කවරක් දැයි ඔවුහු මසක් මුළුල්ලේ හැදෑරූහ. "එදා තමයි මට තේරුණේ දේශගුණ විපර්යාස කියන දේ මොනතරම් බරපතල ද කියලා. ඒ වගේම දේශගුණ ඛේදවාචක සහ මගේ ජීවිතය අතර සම්බන්ධයත් මට වැටහුණා." 14 හැවිරිදි වියේ දී Climate Now සංවිධානය පිහිට වූ සේරා ගූඩි, දේශගුණ විපර්යාසවලට එරෙහිව පියවර ගැනීම පිණිස ලොව පුරා වෙසෙන තරුණ පරපුර දිරිමත් කරමින් අධ්‍යාපන වැඩසටහන් දියත් කරන්නීය. මේ වනවිට ලොව පුරා ස්වේච්ඡා සේවක,සේවිකාවෝ 30 දෙනෙක් ඇය සමඟ අත්වැල් බැඳගෙන සිටිති. ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට 10,000 කට අධික දේශන ද පවත්වමින් ඇය කළ මෙහෙය වෙනුවෙන් පසුගිය වසරේ ඇය ඩයනා කුමරිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. කලක් දරුණු විෂාදයෙන් පීඩා විඳි සහ තවමත් ඇදුම රෝගයෙන් පෙලෙන 16 හැවිරිදි සේරා, තමන් වෙසෙන එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ දේශගුණ විපර්යාස පිළිබඳ කමිටුවේ ද සභාපතිවරිය වේ. දේශගුණ විපර්යාස පිළිබඳ සංවාදයට එක්වන මෙන් සේරා, ලොව පුරා වෙසෙන තරුණ පරපුරට ආරාධනා කරයි. "මම හිතන්නේ ලෝක නායකයෝ මීට වඩා දෙයක් කරන්න ඕනේ. පළවෙනි දේ, එයාල පරිසර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්න ඕනේ," සේරා පවසයි. "දෙවැන්න තමයි, ඒ හැමෝම එකමුතු වෙලා ලෝකේ කාබන් විමෝචනය විශාල වශයෙන් අඩුකිරීමේ සැලසුමක් ක්‍රියාවට නගන්න ඕනේ." සිය දෛනික ක්‍රියාකාරකම් කාබන් ඩයොක්සයිඩ් මුදාහැරීමට දායකවන්නේ කෙසේ දැයි නිසි පරිදි වටහාගතහොත් සෑම පුද්ගලයෙකුටම එය අවප්‍රමාණ කිරීම පිණිස දායකවිය හැකි බව ඇය පවසන්නීය. "අපිට අනාගතය ගැන පේන කියන්න අමාරුයි, නමුත් එකමුතු වුනොත් අපිට අපේ කාබන් විමෝචනය අඩුකරන්න පුළුවන් වේවි." අතිරේක වාර්තාකරණය - ෂර්ලි උපුල් කුමාර, බීබීසී සිංහල කියවන්න: | වර්තමානයේ පරිසරය සුරැකීම පිළිබඳ ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රබල අවධානය පළ වී තිබේ. අප්‍රේල් 22 වෙනි දින ලෝක මිහිතල දිනය වන අතර, ලෝක නායකයන් 40කගේ සහභාගිත්වයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කැඳවනු ලැබ තිබෙන දෙදින දේශගුණ සමුළුව ද එදින ආරම්භ විය. මේ වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව, COP26, කෙරෙහි මේ සියල්ලට වඩා වැඩි අවධානයක් යොමු වී තිබේ. පරිසරය රැකගැනීම උදෙසා කැප වූ ලොව පුරා වෙසෙන තරුණ, තරුණියන් පිරිසක් ගැන බීබීසී ය ගෙන එන විමසුමකි, මේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එම ප්‍රහාරය එල්ල වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ජනවාරි 3වෙනිදා ඉරාන හමුදා නායකයා ඉරාකයේ 'බැග්ඩෑඩ්' ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ අවස්ථාවේ ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් මරා දැමීමට ප්‍රතිචාර වශයෙනි. මේ අතර ජනවාරි 7වෙනි දින පැවති ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණ අතර එයට ලක්ෂ ගණනක පිරිසක් සහභාගී වූහ. මිහිදන් කිරීමේ අවස්ථාවට පැමිණි ජනයා අතර ඇති වූ තෙරපීමකින් පනස්දෙනෙකු දෙනෙකු මරණයට පත් වූහ. ජනවාරි 6 වෙනි දින ශ්‍රී ලංකා විදෙස් අමාත්‍යාංශය පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ, "ඉරාන නායකයෙකු මරා දැමීමත් සමඟ මැද පෙරදිග ඇති වූ උණුසුම් තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි අවධානය යොමු වී තිබෙනවා," යනුවෙනි. එමෙන්ම, "මෙම සිදුවීම්වලට සම්බන්ධ සියලු පාර්ශව ඉතා ඉවසීමෙන් කටයුතු කර සාකච්ඡා මඟින් ගැටලු නිරාකරණය කරගෙන කලාපයේ සාමය සහ ආරක්ෂාව රැක ගන්න යැයි ඉල්ලීමක් කරනවා," යනුවෙන්ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය. මේ අතර පර්සියානු ගල්ෆ් කලාපය තුළ මේ වන විට පවතින නොසන්සුන් තත්ත්වය හේතුවෙන් කොළඹ - ලන්ඩන් - කොළඹ ගුවන් මාර්ගයේ වෙනසක් සිදු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය බදාදා (ජනවාරි 08) නිවේදනය කළේය. ඒ අනුව ආරක්ෂක පියවරක් ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉරානය සහ ඉරාකයට අයත් ගුවන් කලාපය මඟ හරිනු ඇත. ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි පිරිස මැදපෙරදිග දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් මෙම ගැටුම් පිළිබඳ මැද පෙරදිග රැකියාවේ නිරත ශ්‍රී ලාකිකයන් කිහිපදෙනෙකුගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීය. සෞදි අරාබිය "අපිට ලොකු ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. නමුත්, ගල්ෆ් කලාපයේ යුද්ධයක් පටන් ගනී කියලා ලොකු බයක් තියෙනවා. එහෙම වුණොත් අමාරුවෙන් සොයා ගත්ත මේ රස්සාව පවා නැති වෙන්න පුළුවන්. එය අවසානයේ බලපාන්නේ දුප්පත් අපේ පවුලේ ආර්ථිකයට," සෞදි අරාබියේ රෝහලක හෙද සේවයේ නියුතු පුෂ්පා බණ්ඩාර පැවසීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය බැංකු නිලධාරියෙකු වශයෙන් සේවයේ නියුතු නම හෙළි කිරීමට අකමැති ශ්‍රී ලාංකිකයෙකු පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෛනික රාජකාරී කටයුතුවලට මෙම ගැටුම්කාරී තත්වයෙන් බලපෑම් එල්ල වී නොමැති බවය. "සාමාන්‍යය වැසියන්ට මෙයින් විශේෂයෙන් බලපෑමක් එල්ල වෙලා නැහැ. නමුත් පාලන තන්ත්රයේ අය මෙයට සම්බන්ධ වෙලා ඇති. මෙයින් ආර්ථිකයට එල්ලවන බලපෑම සහ තෙල් මිල ගැන තමයි අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ," ඔහු පැවසීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය "ඉරාකයේ ඇමරිකානු හමුදා මූලස්ථානයේ රැකියාව කරන මගේ යහළුවෙක් ඉන්නවා. ඔහුට දුරකතන ඇමතුම් ගන්න බැහැ. හැබැයි, කෙටි පණිවිඩයකින් කිව්වා ඔවුන් ආරක්ෂිත තැනකට මාරු වුණා කියලා," ඔහු තවදුරටත් පැවසුවේය. කටාර් "ඒ කලාපයේ රටක රැකියාව කරන නිසා මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන අදහස් ප්‍රකාශ කරන්න මට බයක් තිබෙනවා. කොහොමත් යුද්ධයක් නම් එපා" යැයි කටාර්හි කාර්මික ශිල්පියෙකු ලෙස රැකියාව කරන නම හෙළි කිරීමට අකමැති ශ්‍රී ලාංකිකයෙකු පැවසීය. "ලොකුම දුක තියෙන්නේ මේ තත්වය නිසා ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ දුප්පත් රටවල්වල ආර්ථිකයට ඇති වන බලපෑම ගැනයි," ඔහු පැවසුවේය. ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය වූ අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කළ ඉරාන ජනාධිපති හසන් රෞහානි පැවසුවේ "ඉරානය ඇතුළු මෙම කලාපයේ අනෙක් නිදහස් ජාතීන් අපරාධකරුවෙකු වන ඇමරිකාවෙ සිදු කළ මේ භයානක අපරාධයට පළිගන්නවා ඇති," යනුවෙනි. පෙන්ටගනය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, "විදෙස් රටවල සිටින ඇමරිකානු නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අණ යටතේ, ඇමරිකානු හමුදාව ස්ථිර ආරක්ෂාකාරී පියවරකට එළඹුණා කාසෙම් සොලෙයිමානි මරා දමන්න," යනුවෙනි. එමෙන්ම, ඉරානය ඇමෙරිකානුවන් හෝ ඇමෙරිකානු දේපොළ ආදිය ඉලක්ක කොට පහර දුනහොත් " ඒ සැනින් ඉරානයේ ස්ථාන පනස් දෙකකට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය. දෙරට අතර යුදමය සූදානමක් දක්නට ලැබෙද්දී වාග් ප්‍රහාර ද දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඉරාකයේ ඇමරිකානු හමුදා රැඳී සිටින ගුවන් කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. "අපේ රටවැසියන් සහ ප්‍රධාන පෙළේ හමුදා නායකයන් ඉලක්ක කර එල්ල කළ බයාදු ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ 51 වෙනි වගන්තියට අනුකුලව ආත්ම ආරක්ෂාව සඳහා අපි ප්‍රතිප්‍රහාර එල්ල කළා." "අපිට මෙය යුද්ධයක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය නැහැ. නමුත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආරක්ෂක පියවර අනුගමනය කරනවා," එම පණිවිඩයේ සඳහන් වන්නේය. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සම්බන්ධතා 1961 දී ශ්‍රී ලංකාව (එකල සිලෝන්) පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි පිහිටවූ තානාපති කාර්යාලය හරහා ඉරානය සමග සබඳතා පැවැත්වීය. ඉරානය 1975 දී සිය තානාපති කාර්යාලයක් කොළඹ නගරය තුළ පිහිටුවන ලද අතර, 1990 දී ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කෙරිණි. මෑත ඉතිහාසය දෙස බැලූ කළ, 2018 වර්ෂයේ දී ඉරානයේ නිල සංචාරයක නිරත වූ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසන් රෞහානි විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කළහ. 2018 වර්ෂයේ දී ඉරානයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසන් රෞහානි ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත්රය සම්බන්ධයෙන් දෙරට අතර දැනට පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට නායකයෝ සාකච්ඡා පැවැත්වූහ. ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කටයුතු සඳහා මීට වසර පනහකට පමණ පෙර සිට ඉරානය සහය ලබාදෙන අතර තෙල් පිරිපහදු ක්ෂේත්රය යාවත්කාලීන කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙන ලෙස නායක හමුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉරානයෙන් ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාව වැඩි වශයෙන් තේ අපනයනය කරන රටවල් අතරෙන් එකක් වන ඉරානය, එය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ඉරාන ජනාධිපති හසන් රෞහානි සඳහන් කළේය. ඉරානයේ හිටපු ජනපති මහමුද් අහමදිනෙජාද් ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුර ඉරානයේ හිටපු ජනපති මහමුද් අහමදිනෙජාද්, සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව යෙදුණු පළමු ආසියානු සංචාරයේදී ශ්‍රී ලංකාවට ද පැමිණුනු අතර එවක ජනපති මහින්ද රාජපක්ෂ ද ඉතා සමීප මිත්‍රත්වයක් ඉරානය සමග ගොඩනගාගෙන තිබිණි. ජනපති මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මෙගාවොට් 100 ක පමණ ධාරිතාවකින් යුත් ජල විදුලි බලාගාරයක් සහිත උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉරානය ඩොලර් මිලියන 450-500 අතර ආධාර මුදලක් ලබා දීමට ද එකඟ විණි. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සම්බන්ධතා ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සහ ඇමරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙන්ම සමාජීය, දේශපාලනික වශයෙන් දෙරට අතර බොහෝ සම්බන්ධතා රාශියක් පවතී. ඇමරිකානු රාජ්‍ය ලේකම් (2005 වසරේ) ජෝන් කෙරී ශ්‍රී ලංකාවේ සංචාරයක දී එවකට අගමැතිම සිටි රනිල් වික්‍රමසිංහ හමු වී. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලැබූ කාල වකවානුවේ සිට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන ගණනක ආධාර ලබා දීමට ඇමරිකාව ක්‍රියා කර ඇත. 1961 දී ජෝන්. එෆ් කෙනඩි ජනාධිපතිවරයා යටතේ පිහිට වූ ඇමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට, විරැකියාව අඩු කිරීමට, නිවාස සංවර්ධනයට, කොළඹ කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට, අධිකරණ පද්ධතිය නවීකරණයට සහ ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ඉහළ නැංවීමට ආධාර විශාල ප්‍රමාණවලින් සපයා තිබේ. 2004 සුනාමි ව්‍යවසනය අවස්ථාවේදී ද ඇමරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට විශාල ණය ආධාර සහ උපකාර ලැබිණි. කෙසේවෙතත්, පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තැබීමට යෝජිතව තිබූ MCC (Millennium Challenge Compact), 'සෝෆා' (Status of Forces Agreement) වැනි ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රබල සංවාදයක් මතු වී ඇත. සුනාමි ව්‍යවසනයෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු හමුදා සාමාජිකයන් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසානයේ දී හමුදාව යුධ අපරාධ කළ බවට චෝදනා නඟමින් ඇමරිකාව මුල් වී, 2012 සහ 2013 යන වසර වල දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී යෝජනා දෙකක් සම්මත කර ගත්තේය. 2014 වසරේ පැවති මානව හිමිකම් සැසියේදීද, ශ්‍රී ලංකාව තුළ සිදු වූවා යැයි කියන යුධ අපරාධ ගැන විමර්ශනය කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි යෝජනාවක් ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් නැවත වතාවක් සම්මත කර ගනු ලැබිණි. තවත් තොරතුරු: | අඟහරුවාදා (ජනවාරි 7) රාත්‍රියේ ඉරාකය තුළ ඇමෙරිකානු හමුදා රැඳී සිටින ගුවන් කඳවුරු දෙකකට බැලිස්ටික් මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඒ බව කියා සිටියේ, වැලන්ටයින් දිනයේ පෙම්වතුන් ගැවසෙන ලැගුම්හල් සහ හෝටල් කාමර වටලා පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරයන ප්‍රචාර පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේය. හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ඡායාරූපයක්ද යොදාගනිමින් එවැනි වැටලීමක් සම්බන්ධ අසත්‍ය ප්‍රචාරයක් පතියමින් තිබෙන බව ඔහු සඳහන් කළේය. "ඒක සම්පූර්ණම අසත්‍ය මාධ්‍ය වාර්තාවක්. එවැනි කිසිම වැටලීමක් ශ්‍රී ලංකා පොලිසිය සංවිධානය කරන්නේ නැහැ," ඔහු පැවසීය. ශ්‍රී ලංකා පොලිසිය සුපුරුදු පරිදි සාමාන්‍ය වැටලීම්වල නිරතවන නමුත් "පෙම්වතුන්ගේ දිනයේ, පෙම්වතුන් අරභයා" කිසිදු විශේෂ වැටලීමක් සංවිධානය කර නොමැති බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අවධාරණය කළේය. | පෙම්වතුන්ගේ දිනයේ පෙම්වතුන් ගැවසෙන ස්ථාන වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව එ ජා මානව හිමිකම් මණ්ඩලයේ අවධානයට යොමු කෙරෙනු ඇති බවට දෙජාස විශ්වාසය පළකරයි දෙමළ ජාතික සන්ධානයේ (දෙජාස) දූත පිරිසක් කොළඹදී හමුවුණු අවස්ථාවේ ඇමෙරිකානු දූත පිරිස එසේ පුදුමය පළ කළ බව දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් බීබීසී සංදේශයට පැවසීය. පසුගිය වසරේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර කටයුතු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වී ඇති බව දෙජාස නියෝජිත පිරිස, එම සාකච්ඡාවේදී ඇමෙරිකානු දූත මණ්ඩලයට පෙන්වා දුන් බව මන්ත්‍රීවරයා කියා සිටියේය. "රජයම පත් කරපු උගත් පාඩම් කොමිසම එකක් කියනවා. ඒගොල්ලන්ගේ ඇක්ෂන් ප්ලෑන් එක කීප දෙයක් පිළි අරගෙන මේවා කරන්න ඕනේ කියල තියෙනව. එහෙම තියෙද්දී මේ ඔක්කොටම පටහැනිව ඇයි රජය මේ වගේ ක්‍රියා කරන්නේ කියල එගොල්ලන්ටත් පුදුම වෙලා තියෙනවා" දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් සිටින බව ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කළත්, ඒ කිසිවක් ක්‍රියාත්මක කොට නොමැති බවට යුද්ධය සම්බන්ධ හමුදාවේ වාර්තාව හොඳම සාක්ෂිය බව ද ඔහු පැවසීය. විශේෂයෙන්ම ආණ්ඩුවේ ඇතැම් කොටස් විසින්ම යුධ අපරාධ චෝදනා පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරද්දී හමුදාව එම චෝදනා හදිසියේම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවඇමෙරිකානු දූත මණ්ඩලයේ විමතියට හේතු වූ බවයි ඔහු පවසන්නේ. "රජයම පත් කරපු උගත් පාඩම් කොමිසම එකක් කියනවා. ඒගොල්ලන්ගේ ඇක්ෂන් ප්ලෑන් එක කීප දෙයක් පිළි අරගෙන මේවා කරන්න ඕනේ කියල තියෙනව. එහෙම තියෙද්දී මේ ඔක්කොටම පටහැනිව ඇයි රජය මේ වගේ ක්‍රියා කරන්නේ කියල එගොල්ලන්ටත් පුදුම වෙලා තියෙනවා," යනුවෙන් ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අවධානයට යොමු කෙරෙනු ඇති බව තම විශ්වාසය බව ද මන්ත්‍රීවරයා පැවසීය. නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජේම්ස් මුවර්, නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජේන් සිමර්මන් සහ නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් වික්‍රම් සිං ගෙන් සමන්විත ත්‍රි- පුද්ගල ඇමෙරිකානු දූත මණ්ඩලය සිය සංචාරයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ අමාත්‍ය ජී එල් පීරිස් ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් මෙන්ම සිවිල් සමාජ නියෝජිතයන් ද මුණ ගැසීමට නියමිතයි. එම දූත පිරිස සඳුදා යාපනයේ සංචාරයක යෙදීමට ද නියමිතයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | හමුදාවට එල්ල වන යුධ අපරාධ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම ඇතුළු උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා හමුදාව වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින ඇමෙරිකානු දූත මණ්ඩලය විමතිය පළ කොට තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තමන් ජනතා මතයට ගරු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, සිකුරාදා උදෑසන 6:30 ට අරලියගහ මන්දිරයෙන් පිටව ගියේය. ඊට පෙර සාමකාමී ලෙසින් බලය පැවරීම පිළිබඳව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කොට බලය පැවරීමේ ඉදිරි කටයුතු මෙහෙයවන මෙන් විපක්ෂනායකවරයා ගෙන් ඉල්ලීමක් කළේය. පිටව යාමට පෙර අරලියගහ මැදුරේ සේවකයන් කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔවුන් සියලු දෙනාටද ස්තුති කළේය. නාමල් රාජපක්ෂ මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට දුරකතනයෙන් අමතා ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ. ‘ගතව ගිය කාලය තුළ අපට ආධාර කළ සියලු දෙනාට ස්තුතියි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ප්රජාතන්ත්රවාදයට සහ ජනතා හඬට අපි ගරු කරන්නෙමු’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ‘ට්වීටර්’ පණිවිඩයක සඳහන් කරයි. | ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පරාජය පිළිගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මනුෂ්‍ය ක්‍රියාකාරකම් සහ ස්වාභාවික හේතු මත වනයේ අතරමන් වූ හෝ අනතුරට මුහුණ දුන් අලි පැටවුන් උඩවලවේ ඇත්අතුරු සෙවනේ රැක බලා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර පහක් පමණ පිරුණු විට කැළයට මුදා හරිනු ලබයි එසේ 'ජීවිත අවදානමකට' ලක්ව සිටින්නේ වැල්ලවාය වරුනගම ප්‍රදේශය අවට සැරිසරන වයස අවුරුදු දහයක පමණ වන අලියෙක්. අලින්ගේ ගෙල වටා ජීපීඑස් (GPS) කොලරයක් යොදන්නේ අවුරුදු තුනක් අවසානයේ ඉබේ ගැලවී යන ලෙසයි. නමුත් ඉහත කී වන අලියාට ජීපීඑස් කොලරය යොදා ඇත්තේ 2010 වසරේදීයි. ඒ තවත් අලි පැටවුන් තිදෙනෙකු සමග මෙම අලි පැටවා ලුණුගම්වෙහෙර වනෝද්‍යානයට මුදා හැරී අවස්ථාවේදීයි. එසේ මුදා හරින විට අලි පැටවාගේ වයස අවුරුදු පහක් පමණ වූ බවයි පසු වෛද්‍ය විජිත පෙරේරා කියා සිටියේ. ජීපීඑස් කොලරය හේතුවෙන් ගෙල සිර වී ඒ වටා ඇති වූ තුවාල හේතුවෙන් අලියකු ජීවිත අවදානමකට ලක් වූ දෙවන අවස්ථාව මෙයයි. මිට පෙර සූරියවැව කුඩා ඉඳිවැව ප්‍රදේශයේදී ජීපීඑස් කොලරයකින් ඇතිවූ තුවාල නිසා වයස අවුරුදු 35 ක් පමණ ඇතින්නක් මරුමුවට පත් විය. පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් අවදානමට මුහුණ දී සිටින අලි පැටවා පිළිබඳ සෙවිල්ලෙන් සිටින බවයි වනජීවී අධ්යක්ෂ ජනරාල් එච්ජි රත්නායක ප්‍රකාශ කළේ. 'අපගේ පශු වෛද්‍යවරුන් හා නිලධාරීන් එම අලියා සම්බන්ධයෙන් සෙවිල්ලෙන් ඉන්නේ. එය ඉක්මනින්ම ඉවත් කරන්න කටයුතු කරනවා .ඒ වගේම ඉදිරියේදී ලංකාවේ ජීපීඑස් කොලරයන් පළඳවා තිබෙන සියලුම වන අලින් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කොට සමීක්ෂණයක් සිදු කරනවා’ වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය. කසල කෑමට ගම්වැසියකු පවසා සිටියේ අවදානමට මුහුණ දී සිටින අලි පැටවා වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් කැළිකසල බැහැර කරනු ලබන ස්ථානයේ එකතු වන කසල කෑමට පැමිණ සිටිනු දුටු බවයි මනුෂ්‍ය ක්‍රියාකාරකම් සහ ස්වාභාවික හේතු මත වනයේ අතරමන් වූ හෝ අනතුරට මුහුණ දුන් අලි පැටවුන් උඩවලවේ ඇත්අතුරු සෙවනේ රැක බලා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර පහක් පමණ පිරුණු විට කැළයට මුදා හරිනු ලබයි. එසේ මුදා හරිනු ලබන අලි පැටවුන්ට ජීපීඑස් කොලරයක් පළඳවනු ලබන්නේ ඔවුන්ගේ චර්යා රටාවන් හා ගමන් මාර්ගයන් අධීක්ෂණය කිරීමේ අරමුණෙන්. වසර තුනකට පසු ඉබේ ගැලවී යන ආකාරයට එම ජීපීඑස් කොලර පළඳවනු ලබයි. වසර තුනක් යන තෙක් සතුන් පිළිබඳ අදාළ අංශයන් නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම අනිවාර්ය වේ. නමුත් කුමන හෝ කරුණක් මත මෙම වන අලියා අධීක්ෂණය කටයුතුවලින් මඟ හැරී තිබේ . අලි පැටවුන් හට ජීපීඑස් කොලර පැළඳවීමේදී නිසි අධීක්ෂණයක් තිබීම අනිවාර්ය වන්නේ එම සතුන් නිරන්තරයෙන් වැඩීමට ලක් වන නිසායි. ගම්වැසියකු පවසා සිටියේ ඉහත කී අලි පැටවා වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් කැළිකසල බැහැර කරනු ලබන ස්ථානයේ එකතු වන කසල කෑමට පැමිණ සිටිනු දුටු බවයි. කසල ආහාරයට ගැනීම සඳහා වැල්ලවාය ආලපල්ලම රජයේ තෙක්ක වගාවට අයත් එම ස්ථානයට වන අලි නිරන්තරයෙන් පැමිණෙති. සෙවිල්ලෙන් ලංකාවේ වන අලින්ට පළඳවනු ලබන ජීපීඑස් කොලරයන් මුල් කාලීනව ගෙන් වන ලද්දේ ඉන්දියාව ,අප්‍රිකාව ,නවසීලන්තය , වැනි රටවලිනි. මිට පෙර සූරියවැව කුඩා ඉඳිවැව ප්‍රදේශයේදී ජීපීඑස් කොලරයකින් ඇතිවූ තුවාල නිසා වයස අවුරුදු 35 ක් පමණ ඇතින්නක් මරුමුවට පත් විය නමුත් වර්තමානයේ එම කොලරයන් ගෙන්වනු ලබන්නේ ස්වීඩනයෙන්. ස්වීඩනයේ නිෂ්පාදිත ජීපීඑස් කොලරයන් බරෙන් අඩු බවත් ගුණාත්මක භාවය ඉහළ බවත් වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙයි . අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට, වන අලි පිළිබඳ පර්යේෂණ ,ඔවුන්ගේ වාසස්ථාන වෙනස් කිරීමේදී ප්‍රතිචාර දක්වන ආකාරය සොයා බැලීම සඳහා ජීපීඑස් කොලරයන් හරහා ඉඩ සැලසේ. වන අලින්ගේ නිජ බිම් වූ අප්‍රිකානු රටවල මෙන්ම ආසියානු රටවලද ජීපීඑස් කොලරයන් භාවිතා කරනු ලැබේ. එම තාක්ෂණය භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ආරම්භ වන්නේ 1996 වර්ෂයේ දී උතුරු මැද පලාතෙනි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න ප්‍රකාශකළේ සිටියේ 'ඇත්තෙන්ම ජීපීඑස් කොලරයන් ලෝකයේ නිපදවන්නේ ඉතා අතලොස්සක් වූ සමාගම් කීපයක්. ඒවා නිපදවන්නෙත් ලබා දෙන ඇනවුම් මත මොකද කොලරයක් ගොඩක් මිල අධිකයි .ඒ වගේම මේවා නිපදවන්නේ බොහෝදුරට අප්‍රිකානු රටවල තිබෙන දේශගුණික හා කාලගුණික විපර්යාසයන්ට ගැලපෙන්න. ඒ අනුව එම කොලරයන් ඉබේ ගැලවී යනවා. නමුත් ශ්‍රී ලංකාව වගේ රටක වන අලින්ට ජීපීඑස් කොලරයන් පැලදීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පසු නිසි අධීක්ෂණයක් තිබිය යුතුයි' යනුවෙනි. | ජීපීඑස් (GPS) කොලරයක් නිසා තවත් වන අලියකු ජීවිත අවදානමකට මුහුණ දී තිබෙන බව වාර්තා වේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පැහැදිළිවම කිසියම් සමාගමක සමානාත්මතාව සහ විවිධත්වය සහතික කිරීම පිණිස සමාගමේ ලාභය පිළිබඳව අවධානය යොමු කිරීම යෝග්‍යම ක්‍රමවේදය නොවන්නේ ද? 2010 දී බ්‍රිතාන්‍යය තුළ "සියයට තිහේ සමාජය" (30% Club) පිහිටුවනු ලැබුවේ එහි සාමාජික සියලුම සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලයේ අඩුම තරමින් කාන්තා නියෝජනය 30% ක් වීම සහතික කිරීම පිණිසය. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සමාගම්වල විධායක අධ්යක්ෂවරුන් සහ සභාපතිවරුන්ගෙන් සැදුම් ලත් "සියයට තිහේ සන්ධානය" (Thirty Percent Coalition) පිහිටුවනු ලැබුවේ ද ඒ අරමුණෙන් මය. සමාගම්වල පමණක් නොව සමාජයේ බොහෝ අංශවල කාන්තාවන්ට දැනට වඩා සම අවස්ථා ලැබිය යුතු බවට විවාදයක් තිබිය නොහැකිය. එහෙත් කාන්තාවන් වැඩි පිරිසක් අධ්යක්ෂ මණ්ඩලවලට පත්කිරීම මගින් සමාගමක ලාභය ඉහළ යනු ඇති දැයි බීබීසී ය කළ සංක්ෂිප්ත විමසුමකි මේ. ඒ පිළිබඳව ඉක්මන් නිගමනවලට නොඑලඹිය යුතු බව වියතුන්ගේ අදහසය. පුරුෂයන්ගෙන් පමණක් සමන්විත අධ්යක්ෂ මණ්ඩල සහිත සමාගම්වලට වඩා එක් කාන්තාවක හෝ අධ්යක්ෂ මණ්ඩලයේ සිටින සමාගම්වල ආදායම ඉහළ බව ක්‍රෙඩිට් ස්වීස් (Credit Suisse) මූල්‍ය ආයතනය සුගියදා ප්‍රකාශයට පත් කළ වාර්තාවක් සඳහන් විය. අධ්යක්ෂ මණ්ඩලයෙන් 15% ක් වත් කාන්තාවන්ගෙන් සමන්විත සමාගම්වල ආදායම, අධ්යක්ෂ මණ්ඩලයේ කාන්තාවන් 10% ක් හෝ ඊට වඩා අඩු නියෝජනයක් සහිත සමාගම්වලට වඩා 50% කින් ඉහළ බව ද එම වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් සමාගම්වල පාලනාධිකාරියේ කාන්තා නියෝජනය පිළිබඳව අධ්‍යයනය කිරීම පිණිස එම සමාගම් විසින්ම පවත්වනු ලබන එවැනි සමීක්ෂණ වාර්තා වෙනත් බොහෝ කරුණු පිළිබඳව අවධානය පළ නොකරන බැවින් ඒවා "බොළඳ" ප්රයත්න බව එක්සත් ජනපදයේ නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ (Northwestern University) මහාචාර්ය ඇලිස් ඊග්ලි (Alice Eagly) ගේ අදහසය. සමාගම් අධ්යක්ෂ මණ්ඩලයේ කාන්තා නියෝජනය පිළිබඳව විද්වතුන් විසින් පවත්වන ලද එයට වඩා සංකීර්ණ විශ්ලේෂණ මගින් පෙන්වා දෙන්නේ එයට වඩා වෙනස් චිත්‍රයක් බව ද මහාචාර්යවරිය සඳහන් කරයි. ඒ අනුව කිසියම් සමාගමක අධ්යක්ෂ මණ්ඩලයේ කාන්තාවන් නියෝජනය වීම මගින් සමාගමේ ආදායම කෙරෙහි සාධනීය බලපෑමක් එල්ලවනු ලබන්නේ ඉතා සීමිතව බව පවසන මහාචාර්යවරිය, එමගින් නිශේධනීය බලපෑමක් එල්ලවන බව සහ කිසිදු බලපෑමක් නොමැති බව අනෙක් ඇතැම් විශේල්ෂණ මගින් අනාවරණය වී තිබෙන බව ද සඳහන් කරයි. අනෙක් අතට එමගින් සාධනීය බලපෑමක් එල්ලවන බව සනාථ කිරීම ද පහසු කරුණක් නොවේ. විශාල සමාගම් සියලුම ස්ථරවලදී වැඩි වශයෙන් කාන්තාවන් බඳවා ගැනීමට පෙළඹීමත්, කුඩා සමාගම්වලට එය එතරම් පහසු කරුණක් නොවීමත් එයට ප්‍රධානම හේතුවකි. එමෙන්ම ලිංග භේදය නොසලකා දක්ෂතම පුද්ගලයා සේවයට බඳවා ගැනීමට බොහෝ නිර්මාණශීලී සමාගම උනන්දුවක් දැක්වීම ද කාන්තාවගේ දායකත්වය නීර්ණය කිරීම දුෂ්කර කරන සාධකයකි. උදාහරණයක් ලෙසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම සමාගම්වල කාන්තා නියෝජනය පිළිබඳව සලකා බැලූ වාර්තාවකට අනුව, සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ කාන්තා නියෝජනය එහි ප්‍රවර්ධනයට බලපානු ලබන්නේ එය "නිර්මාණශීලීත්වය" කෙරෙහි යොමු වූ සමාගමක් නම් පමණි. එමෙන්ම කාන්තා අයිතිවාසිකම් ඉහළ තත්වයක පවතින රටවල සමාගමක අධ්යක්ෂ මණ්ඩලයේ කාන්තාවන් සිටීම එහි ප්‍රවර්ධනයට හේතුවන බව ද සමීක්ෂණවලින් හෙළි වී තිබේ. (බීබීසී ලෝක සේවය වාර්ෂිකව දියත් කරන 'සියයක් කාන්තාවෝ' වැඩසටහන වෙනුවෙන් 'බීබීසී රියලිටි චෙක්'අංශය (Reality Check)විසින් සකස් කරන ලද ලිපියක් ඇසුරෙනි) | "කාන්තාවන් අධ්යක්ෂ මණ්ඩලයේ සිටීම සමාගමේ ලාභය ඉහළ දැමීමට හේතු වේ" යන්න මෑත දී පුවත්පත්වල සිරස්තල සැරසූ අවස්ථා බොහෝය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඉන්දියානු ජන මාධ්‍ය මගින් සිදු කෙරෙන එම සාකච්ඡාවට අදාලව පළ කොට ඇති ඡායාරූපවල දිල්ලි උමං දුම්රියේ මැදිරිවල කාන්තාවන්ට වෙන් කළ ආසනවල පුරුෂයන් හිඳ ගෙන සිටින අකාරය දැක්වෙයි. ඉන්දියාවේ බොහෝ බස් සහ දුම්රිය මැදිරි වල කාන්තාවන්ට ආසන වෙන් කර ඇති අතර එවැනි පියවරක් ගෙන තිබෙන්නේ ඔවුන් ලිංගික අතවර වලින් මුදා ගැනීමේ සැලැස්මක් වශයෙනි. 2012 වසරෙහි දිල්ලි අගනුවර දී වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දමනු ලැබීමේ අපරාධය , ලිංගික අතවරවලට එරෙහි නීතිය දැඩි කරන මෙන් ඉල්ලා සිටීමේ මහජන හඬක් පැතිර යාමට හේතු විය. ලිංගික අතවර ඉහත කී මාධ්‍ය සාකච්ඡාවට එක් වූ රින්චු දුප්කා කියා සිටියේ, ඉන්දියානු කාන්තාවන් බස් රථ වලදී දිනපතාම මෙන් අතවරයට ලක් වෙන බවයි. ඇය ඊට එරෙහිව නැගී හිටි අවස්ථාවල දී තමා බස් රථයෙන් ඉවතට අද දැමූ බවත් රින්චු දුප්කා පවසන්නීය. ක්නාල් මජුම්දාර් කියා සිටියේ, ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට ලිංගික අතවර කිරීම ඉන්දියානු පිරිමින් ගැහැණුන් ගැන හිතන ආකාරය හෙළිදරව් කෙරෙන්නක් වන බවයි. කාන්තාවන්ට පමණක් ආසන වෙන් කිරීම මගින් ස්ත්රීන්ට සහ පුරුෂයින්ට සමාන අයිතිවාසිකම් ඇත යන මූලධර්මය උල්ලංඝණය වන බවයි, මධුකාර් පාන්ඩේ පවසන්නේ. ජස්මින් පතීජා විවාදයට එක් වෙමින් කියා සිටියේ, ස්ත්‍රීන් සහ පුරුෂයින් ආසන වලින් වෙන් කිරීම මගින් ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට ලිංගික අතවර සිදු කිරීමේ ගැටළුවට දිගු කාලීන විසඳුමක් නොලැබෙන බවයි. | නව දිල්ලියේමහජන මගී ප්‍රවාහන සේවාවන්හි කාන්තාවන්ට වෙන් වූ ආසන භාවිතා වෙන ආකාරය මේ දිනවල විවාදයට ලක් වී ඇති මාතෘකාවක්. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සවස හය පමණ වන විට, එකවරම වළාකුලක් සේ පැමිණෙන මේ කුරුල්ලන් නගරයේ පිහිටි ගොඩනැගිලි, විදුලි රැහැන් සහ දුරකතන රැහැන් මත වසන ආකාරය ඉතා සුන්දර දසුනකි. එලෙස මතුගම නගරය වෙත පැමිණෙන කුරුල්ලන් අටු වැහිළිහිණියන් ලෙස හඳුන්වන සංක්‍රමණික පක්ෂි විශේෂයකට අයත්වන බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කර ඇති පරිසර මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර බීබීසී සිංහල සේවය සමග පැවසීය. ඔහු පවසන පරිදි වැහිළිහිණියන් අතරින් ලොව පුරා වැඩිම ව්‍යාප්තියක් පෙන්වන්නේ අටු වැහිළිහිණියන්ය. 'Barn Swallow' හෙවත් 'Common Swallow' ලෙස හඳුන්වන අටු වැහිළිහිණියන් සාමාන්‍යයෙන් වාසය කරන්නේ යුරෝපය, අප්‍රිකාව, ඇමරිකාව සහ ආසියානු කලාපයට අයත් රටවලය. "ශීත කාලය එළඹීමත් සමග මොවුන් තම අභිජනන ප්‍රදේශ (Breeding grounds) අතහැර ආහාර බහුල හිතකර පරිසරයක් ඇති සිසිරකාරක ප්‍රදේශ වෙත (Wintering grounds) ගමන් කරනවා. එලෙසින් මේ කුරුලූ සංචාරකයන් ලංකාවට පැමිණෙන්නේ ඊසාන දිග මෝසම ආරම්භ වීමත් සමගයි. ඒ කියන්නේ අගෝස්තු මාසයේදී" යනුවෙන් පරිසර මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර කියා සිටියේය. රත්නපුරයෙන් මතුගමට මතුගම අටු වැහිලිහිණියෝ රත්නපුර නගරය ද කලක් අටු වැහිළිහිණියන්ගේ සුප්රක්රට නවාතැනක් බවට පත්ව තිබිණි. පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනගේ නිරීක්ෂණයන්ට අනුව මීට වසර පහළොවකට පමණ පෙර අටු වැහිළිහිණියන් විශාල වශයෙන් නුගේගොඩ, රත්මලානේ මැලිබන් හන්දිය, රත්මලානේ ඛෙලෙක්කඩේ හන්දිය, ඇඹිලිපිටිය සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවලදී දක්නට ලැබී තිබේ. එහෙත් මේ වනවිට එම ප්‍රදේශවල අටු වැහිළිහිණියන් විශාල වශයෙන් දක්නට නොමැත. පරිසර මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර පවසන පරිදි මතුගම නගරය වෙත දිනකට පැමිණෙන අටු වැහිළිහිණියන් සංඛ්‍යාව හැත්තෑ දහසක් පමණ යයි ඇස්තමේන්තු කර තිබේ. "මේ කුරුල්ලෝ දිනපතා සවස හය පමණ වන විට මතුගම නගරයට පැමිණෙනවා. ඒත් මේ අය අඳුරු තැන්වල ලගින්නේ නැහැ. වැඩි කැමැත්තක් දක්වන්නේ හොඳින් ආලෝකය ඇති විදුලි පහන් ළඟ නවාතැන් ගන්නයි." උණුසුම සොයා අටු වැහිළිහිණියාගේ නළල සහ උගුර රතුවන් දුඹුරු පාටය. දිලෙන උඩුකය තද නිල් පාටින් යුක්ත අතර යටි කය කිලිටි සුදු පැහැතිය. යටි කයේ කළුවන් නිල් ලය පටියක් දක්නට ලැබේ. වලිගය ගැඹුරු ලෙස දෙබල්වී ඇත. උප විශේෂ කිහිපයක් දක්නට ලැඛෙන අතර මෙහි විස්තර කර තිඛෙන්නේ සුලභම උප විශේෂය වන 'Hirundo rustica guttralis' ගැනය. අටු වැහිළිහිණි සංචාරක කුරුල්ලන් මාස අටක පමණ කාලයක් ලංකාවේ නවාතැන් ගෙන අප්‍රේල් මාසයේදී පමණ යළි සිය නිජබිම් කර ගමන් කරන බව පරිසරවේදීහු පවසති. "යළි දිර්ඝ සංචාරයක් ආරම්භ කළ යුතු නිසා ලංකාවේ රැදී සිටින කාලය තුළදී මොවුන් හොඳින් ආහාර ගෙන, පෘෂ්ඨීමත්වී ශක්තිසම්පනව නිජබිම කර යාමට සූදානම් වනවා. යළි පිටව යන කාලය ළං වන විට ශරීරය හොඳින් දිලිසෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා," යනුවෙන් පරිසර මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර වැඩිදුරටත් සඳහන් කළේය. ලංකා කුරුලූ සංගමයේ (Ceylon Bird Club) වාර්තාවන්ට අනුව සංක්‍රමණික කුරුලූ විශේෂ 203ක් ලංකාවේ දැකිය හැකිය. | හිරු අවරට යාමත් සමග කුරුල්ලන් දහස් ගණනින් මතුගම නගරය වෙත ඇදී එන ආකාරය මේ දිනවල දී දැකගත හැක. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | චාර්ල්ස් හැවිලන්ඩ් බීබීසී වාර්තාකරු, කොළඹ මින් සිවු වසරකට පෙර සිදුවූ පුවත්පතේ නිර්මාතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් දකින්නට නැහැ 2009 ජනවාරි 08 වැනි දින යතුරු පැදිවලින් පැමිණි පිරිසක් විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසේ තත්ත්වය පිළිබඳව යලිත් වරක් ලොව පුරා අවධානය පළවීමට හේතු විය. එහෙත් අද වනතුරුම ඔහුගේ ඝාතකයන් හමුවී නැත. ඔහුගේ ඝාතනයෙන් අනතුරුවත් ආණ්ඩුවේ දූෂණ හෙළිදරවු කිරීමේ සිය ගවේෂණශීලී මාධ්‍ය ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යාමට සන්ඩේ ලීඩර් පුවත්පත කටයුතු කළේය. කෙසේ නමුත් පසුගිය පෙබරවාරි මාසයේදී රටේ ඉහල නායකයන් සමඟ සමීප සබඳතා පවත්වන ව්‍යාපාරිකයෙක් පුවත්පත මිලදී ගත්තේය. අලුත් හිමිකරු ඉන් මාස කිහිපයකට පසුව, පසුගිය සැප්තැම්බරයේදී ප්‍රකාශයක් කළ පුවත්පතේ කතුවරිය ෆ්රෙඩ්රිකා ජෑන්ස්, පුවත්පතේ අලුත් හිමිකරුගේ දේශපාලන මතයට අවනත නොවීමේ හේතුවෙන් තමන් පදවියෙන් පහ කරන ලද බව ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව ඇය රටින් පලා ගියාය. ඉන් අනතුරුව පත්කරන ලද නව කර්තෘවරිය යටතේ පුවත්පතේ පලවූ පැරණි වාර්තා ගණනාවක් පිළිබඳව සමාව ඉල්ලන ලද අතර, ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කළ බොහෝ තීරු ලිපි රචකයෝද පුවත්පත හැර ගියහ. මෙයින් හැඟවෙන්නේ පුවත්පතේ ප්‍රතිපත්ති දැන් වෙනස් වී ඇති බවක්ද? කෙසේ නමුත් සිදුව තිබෙන්නේ පුවත්පතේ ප්‍රතිපත්ති වෙනසක් නොව නවමු නිමාවකින් පුවත්පත 'යලි එලි දැක්වීමක්' පමණක් බවයි, නව කතුවරිය ශකුන්තලා පෙරේරා පවසන්නේ. ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති අසංග සෙනවිරත්න පුවත්පතේ නව හිමිකරුවායි. සමාගමේ කොටස්වලින් 72% ක් ඔහු සතු අතර ලසන්තගේ සොහොයුරා, ලාල්, ඉතිරි කොටස්වල හිමිකරුවායි. පුවත්පතේ වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහු කිසිදු බලපෑමක් නොකරන බවද කතුවරිය පවසන්නීය. මේ අතර මින් සිවු වසරකට පෙර සිදුවූ පුවත්පතේ නිර්මාතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් දකින්නට නැහැ. ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි දෙමළ ජාතික සැකකරුවෙකු මීට මාස 14 කට පෙර අද්භූත අන්දමින් බන්ධනාගාරයේදී මියගිය අතර, ඔහු කුහුඹුවෙකු පවා නොමරන අහිංසක මිනිසෙකු බවයි, ඔහුගේ පවුලේ සාමාජිකයන් කියා සිටියේ. සබැඳි තේමා | ලසන්ත වික්රමතුංගගේ ඝාතනයෙන් සිවු වසරක් ගතවෙමින් තිබියදී, ඔහු එදා කර්තෘ පදවිය හෙබවූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ආණ්ඩු විරෝධී ස්ථාවරය දියාරු වෙමින් තිබෙන බවට සැක සංකා පලවෙමින් තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඒ දොළොස් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන පිරිමි හා කාන්තා ඉසව් ජය ගනිමින්. හිමාෂ ඒෂාන් තත්පර 10.28 කදී තරගය අවසන් කරමින් මීටර් 100 පිරිමි රන් පදක්කම දිනා ගත් අතර මීටර් 100 කාන්තා ඉසව්වට සහභාගී වූ රුමේෂිකා රත්නායක රන් පදක්කම දිනා ගත්තේ තත්පර 11.71 කින් තරඟය අවසන් කරමින්. මූලික වටයේදී මීටර් 100 තරඟ ඉසව්ව තත්පර 10.26 කින් අවසන් කළ හිමාෂ ඒෂාන් දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මංජුල කුමාර තම උස පැනීමේ ඉසව්ව පහසුවෙන් ජය ගත්තේ ශ්‍රී ලංකාවේ රන් පදක්කම් සටහන ඉහළ නංවමින්. පිහිනුම් ඉසව්වෙන් මැතිව්ස් අබේසිංහ ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5ක් මේ වනට දිනා දී ඇති අතර කිමිකෝ රහීම් දිනා ගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 4ක්. පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසු වන්නේ පදක්කම් 87ක් හිමි කර ගනිමින්. ඉන්දියාව පදක්කම් 124 සමග ප්‍රථම ස්ථානයේ පසු වන අතර බංගලාදේශය පදක්කම් 40ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ පසුවෙයි. | ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වන හිමාෂ ඒෂාන් සහ රුමේෂිකා රත්නායක දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත් වී ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඩොලර් 1,000ක් ඔබ සතු නම් එම කුකුළු මස් පිඟාන මිලදී ගත හැකිය. නොඑසේනම් රනින් පදම් කළ කුකුළු මස් සකස් කරගන්නේ මෙසේය: ප්‍රථමයෙන් කුකුළු මස් කැබලිවලට ලුණු ඉස, පදම් වීම සඳහා පැය දොළහක කාලයක් තැබිය යුතුය. ඉන්පසු නිවසේ සාදා ගත් කුළුබඩු යොදා බැදගත් මස් කැබලි රත්රන් දියරයෙන් (පැණි සහ බාබෙකියු සෝස් මිශ්‍ර කළ) වසා එයට ඉහළින් තවත් රත්තරන් කුඩු තට්ටුවක් ඉස ගත යුතුය. ඔබ ඉතා වෙහෙස වී සොයා ගත් ඩොලර් 1,000ක් මෙම ආහාරය වෙනුවෙන් වියදම් කිරීමට හැකිනම් රත්රන් කුකුළු මස් කැබලි පනහක් සහ රත්තරන් බෝතලයක බහාලූ 'Ace of Spades' (ඒස් ඔෆ් ස්පේඩ්ස්) නම් ෂැම්පේන් වර්ගය මිලදී ගත හැකිය. යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන 'කේසි නීස්ටැට්' මෙම රත්රන් කුකුළු මස් කැබලි ආහාරයට ගැනීමෙන් පසු ඒ පිළිබඳ සිය අදහස් දක්වමින් පැවසුවේ, "ඒවායේ ඇඹුල් රසක් තිබෙනවා. ඒ වගේම, යකඩ සහ රත්තරන් රසකුත් මිශ්‍ර වෙලා තිබෙනවා," බවය. "කුකුළු මස් කැබලි මට පෙනෙන්නේ සාමාන්‍ය ආහාරයක් විදියට. නමුත් රත්රන් කුකුළු මස් ඉතා විශ්මයජනක දෙයක්," යැයි කේසි නීස්ටැට් සමග යූ ටියුබ් චැනලය පවත්වාගෙන යන 'ෂෝන්' පැවසීය. මේ කුකුළු මස් ඉතා අමුතු දෙයක් වුවත්, ඒවා "ඉතා රස" බව ඔහු තවදුරටත් පැවසුවේය. 2016 දී ඇමරිකාවේ බ්රූක්ලීන් ප්‍රදේශයේ පිහිටා තිබූ පිලිපීන ආපනශාලාවක රත්තරන් ආලේපිත 'ඩෝනට්' වර්ගයක් නිෂ්පාදනය කළේය. එය එතරම් සාර්ථක නොවූ අතර පසුව අපනශාලාව වසා දැමීමට කටයුතු කර තිබුණි. නමුත් රත්තරන් ඩෝනට් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ආපනශාලා පරිශ්‍රයේ DJ සංගීත සහ ඩෝනට් රාත්‍රී සාද පවත්වන්නේය. මිලෙන් අධික 'ක්‍රිස්ටල් ෂැම්පේන්' සහ කැරට් 24 රත්රන් යොදා අයිස්ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කිරීමට තවත් ඇමරිකානු ආපනශාලාවක් කටයුතු කර තිබිණි. එවැනි අයිස්ක්‍රීම් දොළහක මිල ඩොලර් 1,200ක් පමණ වේ. කුකුළු මස්, ඩෝනට්, අයිස්ක්‍රීම් පමණක් නොවේ; රත්රන් දැමූ පිසා සෑදීමට පසුගියදා නිව්යෝර්ක් හි ආපනශාලාවක් කටයුතු කළේය. මෙම පීසාවකට කැරට් 24 රත්රන් කුඩු ඉස ඇති අතර, එය ඇමරිකානු ඩොලර් දෙදහසකට විකිණී තිබේ. නමුත් එම රත්රන් කුඩුවලට යටින් සාමාන්‍ය පීසාවක දැකිය හැකි චීස්, කොල වර්ග, මස් වර්ග සහ කුළුබඩු දක්නට තිබුණි. මේ තොරතුරුද කියවන්න: | ඇමරිකානු ආපනශාලාවක් කැරට් 24 රත්රන් දියරයෙන් පදම් කළ කුකුළු මස් විකිණීම ආරම්භ කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රටේ මූල්‍ය හිඟය පියවා ගැනීමට සහ උද්ධමනය අඩු කර ගැනීම පිණිස දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ කරමිනුයි එම අනතුරු ඇඟවීම සිදු කරනු ලැබ තිබෙන්නේ. ආහාර සඳහා කරන වියදම් මෙන්ම ඉන්ධන සහ පොහොර සහනාධාර කපා හැරිය යුතු බවටත් ඉන්දීය මුදල් අමාත්‍යාංශය යෝජනා කරයි. අගමැති නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුක්ත ඉන්දීය නව ආණ්ඩුවේ පළමු අය වැය හෙට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි. මෙම මූල්‍ය වර්ෂය තුළ ඉන්දීය ආර්ථිකය 5.4% සිට 5.9 % ක් දක්වා වර්ධනය විය හැකි බවට ඉන්දීය වාර්ෂික ආර්ථික සමීක්ෂණය අනාවැකි පළ කරනු ලැබ ඇතත්, ඉන්දීය ආණ්ඩුවේ මූල්‍ය තත්වය බාහිර වශයෙන් දක්නට ලැබෙන තත්වයට වඩා නරක තත්වයක පවතින බවට ද අනතුරු ඇඟවීම සිදු කෙරෙයි. වෙනත් විසඳුම් එහෙත් මූල්‍ය හිඟය පියවා ගැනීමට ආණ්ඩුවට වෙනත් ක්‍රියාමාර්ග පවතින බව දිල්ලි නුවර සිටින බීබීසී වාර්තාකාරිය ශිල්පා කන්නන් ප්‍රකාශ කළාය. කලින් කී ක්‍රියා මාර්ගවලට අතිරේකව දැනටමත් අය විය යුතුව තියෙන බදු අය කර ගැනීමට කටයුතු කළ හැකි බවයි බීබීසී වාර්තා කාරිය පවසන්නේ. “බදු නොගෙවීම ඉන්දියාවේ ඉතාම බරපතළ ප්‍රශ්නයක් බවත් ඉන්දියාවේ ආදායම් බදු වෙන්නේ සියයට තුනක පමණ ප්‍රතිශතයක් බවත් බීබීසී වාර්තා කාරිය පවසයි. රාජ්‍යයට අයත් තෙල් සහ ලෝහ සමාගම්වල කොටස් විකිණීම තවත් කෙටි කාලීන විසඳුමක් වන බවයි ඇය පෙන්වා දෙන්නේ. අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නායකත්වය දෙනු ලබන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය මෙවර බලයට පත් වුණේ ආර්ථික ප්රතිසංස්කරණයක් සිදු කරන බවට ප්‍රතිඥා දෙමිනි. | ඉන්දියාවේ මුදල් අමාත්‍යාංශය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අනතුරු අඟවන වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අද (අප්‍රේල් 24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීන්දුව ගත් බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පැවසුවේය. වෘත්තීය සමිති විසින් වර්ජනයක් ක්‍රියාත්මක කරනු ලැබුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ඛනිජ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට දීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බවට චෝදනා කරමිනි. හෙටින් (අප්‍රේල් 24) ආරම්භ වන සිය ඉන්දීය නිල සංචාරය අතරතුර අදාළ තෙල් ටැංකි සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බවට අගමැතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය. අගමැතිවරයා දුන් ලිඛිත පොරොන්දුව මත වර්ජනය අවසන් කළ බව එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා තිබේ. | ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව එම එකමුතුව සහ ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි නිවේදනය කළහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්රජාතන්ත්රවාදී පක්ෂය ආසන පහක් දිනා ගැනීම මෙවර මැතිවරණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් මධ්‍යම පළාත් සභාවේ ආසන පනස් අටෙන් ආසන තිස් හයක් ජයග්‍රහණය කළ පාලක සන්ධානය වයඹ පළාතේද ආසන පනස් දෙකෙන් ආසන තිස් හතරක් ජයග්‍රහණය කොට තිබේ. සාමාන්‍යයෙන් මධ්‍යම පළාතේ ඉදිරියෙන් සිටින එක්සත් ජාතික පක්ෂයට හිමි වී තිබෙන්නේ ආසන දහසයකි. වයඹ පළාතේ එජාපය දිනා ගැනීමට සමත් වී තිබෙන්නේ ආසන දාහතරක් පමණයි. හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී පක්ෂය පළාත් සභා දෙකෙන් ආසන පහක් දිනා ගැනීම මෙවර මැතිවරණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්. මධ්‍යම පළාතේ එක ආසනයක් හෝ දිනා ගැනීමට අපොහොසත් වී ඇති ජනතා විමුක්ති පෙරමුණ වයඹ පළාතේ එක ආසනයක් දිනා ගෙන තිබේ. | සෙනසුරාදා පැවැත්වුණු මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණවලින් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සති කිහිපයක් ඇතුළත ඉවත් වීමට නියෝග ලැබීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත් වී ඇති අතර ඒ සඳහා මාස තුනක කාලයක් වත් ලබා දිය යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කළ සැලැස්මක් පිළි ගනිමින්. වන්දි වසරකින් අදාළ ඉඩමෙන් ඉවත් වන අයට කැමති නම් වන්දි ලබා ගැනීමට හෝ එම ප්‍රදේශයෙන් වෙනත් නිවසක් ලබා ගැනීමට හැකි බවයි නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කර ඇති සැලැස්මේ සඳහන් වන්නේ. නමුත් ඒ සඳහා වසරක කාලයක් ගත වන හෙයින් එතෙක් කුලියක් ගෙවීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟ වී තිබේ. කෙසේ නමුත් වන්දි ලබා ගැනීම සඳහා පවුල් 150 කුත් නව නිවාස ලබා ගැනීම සඳහා පවුල් 250 කුත් එකඟ වී ඇති බවයි නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ. | ඉන්දියාවේ ටාටා සමාගමට ලබා දීමට නියමිත කොළඹ කොම්පඤඤ වීදියේ ඉඩමෙන් දෙසැම්බර් පළමු වැනිදාට පෙර ඉවත් වන ලෙස එහි පදිංචි කරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'පරණ තීන්දුවම තමයි තියෙන්නේ, යුද හමුදාවෙන් ආරක්ෂාව ඒ අයට සපයන්න බෑ' ප්‍රභූ ආරක්ෂාව පිණිස හමුදා නිලධාරීන් යෙදවීම නීති විරෝධී බව පසුගියදා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා, එබැවින් හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව පිණිස යොදවා සිටි හමුදා භටයන් 103 දෙනා ඉවත් කරන බව සඳහන් කළේය. එහෙත් එම ප්‍රකාශයෙන් අනතුරුව හිටපු ජනපතිවරයා වෙනුවෙන් යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් ඉවත් නොකරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළ බවක් ජනමාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් ආණ්ඩුවේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි, ඕස්ට්‍රේලියාවේ සිට බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ. "පරණ තීන්දුවම තමයි තියෙන්නේ, යුද හමුදාවෙන් ආරක්ෂාව ඒ අයට සපයන්න බෑ. ඒ අයට සපයන්නේ ජනාධිපති ආරක්ෂක අංශයෙන් සහ පොලිසියේ පොදු ආරක්ෂාවට සපයන ආරක්ෂකයන් පමණයි," ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පැවසීය. | හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටින හමුදා භටයන් ඉවත් කිරීමේ කිසිදු වෙනසක් නැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'ස්ටේනා ඉම්පෙරෝ' 'ස්ටෙනා ඉම්පෙරෝ' නම් එම යාත්‍රාවේ හිමිකරුවන් පවසන්නේ තමන්ට නෞකාව සමග තොරතුරු හුවමාරු කර ගැනීමට නොහැකි වී ඇති බවය. නැව අල්ලා ගැනුණේ ගල්ෆ් කලාපයේ පිහිටි හොර්මුස් නම් මුලෝපායිකව වැදගත් ප්‍රදේශයේදීය. මෙම තත්ත්වය ඉක්මණින් විසඳා නොගතහොත් 'දරුණු ප්‍රතිවිපාක' අත්විය හැකි බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජෙරමි හන්ට් අනතුරු හැඟවීය. නමුත් ඉරානය පවසන්නේ එම නැව "ජාත්‍යන්තර සාගර නීති උල්ලංඝනය" කළ බවකි. බ්‍රිතාන්‍යයට අයත්, ලයිබීරියානු ධජය සහිත මෙස්දාර් නම් නැවට ද ආයුධ සන්නද්ධ ඉරාන භටයින් ඇතුළු වුව ද එම යාත්‍රාව පසුව නිදහස් කෙරිණි. 'ස්ටේනා ඉම්පෙරෝ' නෞකාව ඉරාන විප්ලවී හමුදා බලකායේ පිරිසක් විසින් සිකුරාදා (ජුලි 19) අල්ලා ගන්නා ලදී. ඉරානයට අයත් මුහුදු කලාපයට ඇතුළුවීමට පෙර එම තෙල් නැව තවත් යාත්‍රා හතරකින් සහ හෙලිකොප්ටර් යානාවකින් වටකර ගත් බව හන්ට් පැවසීය. "මුහුදු ගමනාගමන නිදහස රැකීම වැදගත්" බව කී ඔහු මේ සම්බන්ධයෙන් මේ තත්ත්වය විසඳා නොගන්නේ නම් "දරුණු ප්‍රතිවිපාක" අත්විය හැකි බවට අනතුරු ඇඟවීය.. "අපි හමුදාමය විකල්ප ගැන බලන්නේ නැහැ," යනුවෙන් පැවසු හන්ට් මෙම ප්රශ්නය "රාජ්‍යතාන්ත්‍රික වශයෙන්" විසඳා ගැනීමට උත්සහ දරන බව පෙන්වා දුන්නේය. ඉරාන රජය සතු ඉර්නා පුවත් සේවය පැවසුවේ, ධීවර යාත්‍රාවක ගැටීමෙන් අනතුරුව එම කුඩා යාත්‍රාව කළ දැනුම් දීමට ප්‍රතිචාර නොදැක් වූ නිසා නැව අල්ලාගත් බවකි.. නමුත් තමන් රෙගුලාසි අනුව කටයුතු කරන බව කී 'ස්ටේනා ඉම්පෙරෝ' නෞකාවේ හිමිකරුවන් තම යාත්‍රාව වටකර ගන්නා විට එය ජාත්‍යන්තර මුහුදු කලාපයේ යාත්‍රා කරමින් තිබු බවත් පවසයි. නැව අල්ලා ගන්නා විට එහි කාර්ය මණ්ඩලය 23 දෙනෙක් වූහ. ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත. ඉන්දීය, රුසියානු, ලැට්වියානු සහ පිලිපීන ජාතිකයන් වන ඔවුනට හානියක් සිදුවී නැත. එක්සත් රාජධානියේ ප්‍රකාශකයෙකු බීබීසී සමග පැවසුවේ, "කෙටි කාලයකට එම ප්‍රදේශය මග හරින ලෙස අපි එක්සත් රාජධානියේ නෞකාවලට උපදෙස් දුන්නා," යනුවෙනි. පසුබිම කුමක් ද? ඉරානය සමග එක්සත් රාජධානියේ සහ අමෙරිකාවේ සම්බන්ධතා මෑතක සිට පිරිහීමත් සමගම වර්තමාන තත්ත්වය වර්ධනය වෙමින් තිබේ. ඉරානය සහ අමෙරිකාව අතර පසුගිය අප්‍රේල් මාසයේ සිට මතභේද වර්ධනය වෙමින් පවතී. ඒ ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක දැඩි කිරීමට තීරණය කිරීමත් සමගය. 2015 දී එළඹුණු න්‍යෂ්ටික ගිවිසුමෙන් ප්‍රථමයෙන් අමෙරිකාව ඉවත්වීමට තීරණ කළ අතර ඉන්පසු තමන් ද එම ගිවිසුමේ සමහර කොටස් වලින් ඉවත් වන බව පසුගිය මැයි මාසයේදී ඉරානය නිවේදනය කළේය. මෙම සිදුවීමෙන් පසු ඉරානයට එරෙහි සම්බාධක අමෙරිකාව විසින් දැඩි කරනු ලැබ ඇත. ඉහළ යන උණුසුම පසුගිය මැයි මාසයේ සිට ගල්ෆ් මුහුදු කලාපයේදී තෙල් නැව්වලට ඉරානය විසින් පහර දෙන බවට අමෙරිකාව චෝදනා කරයි. නමුත් ටෙහෙරානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ගල්ෆ් කලාපයේදී ඉරාන ඩ්‍රෝන යානයක් බිමහෙලු බව සිකුරාදා අමෙරිකාව පැවසීය. එක්සත් රාජධානිය පවසන්නේ අමෙරිකාව මෙන් නොව තමන් 2015 න්‍යෂ්ටික ගිවිසුමට කැප වී සිටින බවය. එම ගිවිසුම අනුව ඉරානය න්‍යෂ්ටික කටයුතුවල නොදෙන්නේ නම් ඔවුන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කෙරෙනු ඇත. නමුත් ජිබ්රාල්ටර් දූපත ආසන්නයේදී ඉරාන තෙල් නෞකාවක් රඳවා ගැනීම සඳහා රාජකීය මරීන් භටයින් උදව් කිරීම හේතුවෙන් වනවිට බ්‍රිතන්‍ය සමග ද ඉරානය උරණ වී සිටී. එය සිදුවුයේ ජුලි මස මුලදීය. හොමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ වැටී ඇති මුහුදු ගමන් මාර්ගය ඉරාන තෙල් නැව තව දින 30ක් රඳවා ගැනීමට සිකුරාදා (ජුලි 19) ජිබ්රාල්ටර් දූපත් රාජ්‍යය බලධාරීන්ට අවසර දුණි. යුරෝපීය සංගමය පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින් එම ඉරාන නෞකාව සිරියාවට තෙල් ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වේ. 'ග්‍රේස් වන්' නමැති එම නෞකාව රඳවා ගැනීමට එකට එක කිරීමක් ලෙස බ්‍රිතාන්‍ය නැවක් අල්ලා ගන්නා බවට ඉරානය අනතුරු අඟවා තිබේ. ඉන් සතියකට පසුව, බ්‍රිතාන්‍ය තෙල් නැවකට බාධා කිරීමට ඉරාන බෝට්ටු කිහිපයක් උත්සහ දැරීය. නමුත් ඔවුන්ව පලවා හැරීමට බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් නෞකාවක් සමත් වූ බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. එම චෝදනාව ඉරානය ප්‍රතික්ෂේප කරයි. එතැන් පටන් ගල්ෆ් කලාපයේ ඉරාන මුහුදු සීමාවේ යාත්‍රා කරන බ්‍රිතාන්‍ය නැව්වලට ඇති තර්ජනය තරමක "තීරණාත්මක" මට්ටමකට පැමිණ තිබේ. 'ග්‍රේස් වන්' අමෙරිකානු ප්‍රතිචාරය නෞකාව අල්ලා ගැනීම ඉරානය විසින් එක්සත් රාජධානිය ඉලක්ක කොට දියත් කරනු ලබන ප්රචණ්ඩත්වය සතියක් තුළදී ඉස්මතු වූ දෙවන අවස්ථාව ලෙස ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයා හැඳින්වීය. මෙම වර්ධනය වෙමින් පවතින තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ තමා ඒ ගැන බ්‍රිතාන්‍ය සමග සාකච්ඡා කරන බවය. කියවන්න: | ඉරානය ගල්ෆ් මුහුදු කලාපයේදී බ්‍රිතාන්‍ය ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවක් අල්ලා ගැනීමෙන් එරට "නීතිව්රෝධී හා අස්ථාවර කිරීමේ" හැසිරීමකින් යුතු "අනතුරුදායක මාවතක්" තෝරාගෙන ඇති බව එක්සත් රාජධානිය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | උතුරු පළාතේ සිය තුන් දින සංචාරය ආරම්භ කරමින් ඉරිදා දහවල් කිළිනොච්චියට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය. කිළිනොච්චි නගරයට රැස්වූ ජනතාව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ උතුරු පළාත් සභාවට පත් වූ පිරිස තමාට වැඩ කිරීමට නොදී බාධා එල්ල කරන අතරතුර ඔවුන් රජයේ වෙන් කරන ලද මුදල් වලින් ජනතාවටද සේවයක් නොකරන බවයි. ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මේ දිනවල බොහෝ පිරිසක් විවිධ යෝජනා ඉදිරිපත් කරන බව කී ජනාධිපතිවරයා රට බෙදීමේ ප්රතිපත්තියත් රට දෙකඩ කිරීමේ අභිලාෂයත් ඉවත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානයත් දෙමළ ඩයස් පෝරාවත් ඉල්ලා සිටින ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට සූදානම් බවද කියා සිටියේය. ඊලාම් රාජ්‍යයක් ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා කටයුතු කරන කිසිදු පාර්ශ්වයක් සමග කුමන හෝ ආකාරයේ සාකච්ඡාවකට තමා සූදානම් නැති බවත් ශ්‍රී ලංකාව තුළ ඊලමක් පිහිටුවීමට කිසිම අවස්ථාවක ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා පැවසුවේය. දකුණට උතුරට පමණක් නොව මුලු රටටම ජනාධිපතිවරයා වන තමන් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට කිසි විටෙකත් මැළි නොවන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ගතවූ වසර හතර ඇතුළත රුපියල් කෝටි ගණනක් වැය කොට උතුරු පළාත තුළ අධ්‍යාපන, නිවස, ඉඩම්, මහාමාර්ග හා ප්‍රවාහන කටයුතු වැඩි දියුණු කළේ ජනතාවගේ අවශ්‍යතාවය මත බව කී ජනාධිපතිවරයා එල්ටීටීඊ සාමජිකයින් 12000ක් සහ ළමා සෙබළුන් 560ක් පමණ පුනරුත්ථාපනය කොට පවුලේ සාමාජිකයන් වෙත භාර දුන් බවද පැවසීය. කිළිනොච්චියේ විවිධ උත්සව වලට සහභාගි වූ ජනාධිපතිවරයා එවක එල්ටීටීඊ සංවිධානය පවත්වා ගෙන ගිය ඊලාම් බැංකුවලට උතුරේ වැසියන් විසින් උකස් කරණ ලද රන්භාණ්ඩ තොගයක්ද අයිතිකරුවන් වෙත භාර දෙනු ලැබීය. | උතුරු පළාත් සභාව සඳහා උතුරේ ජනතාව විසින් තෝරා ගත් කණ්ඩායම වැඩ කිරීමට නොහැකි පිරිසක් වීම හේතුවෙන් මුළු රටම අවාසනාවන්ත තත්ත්වයකට පත් වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දේශපාලන ප්‍රතිවාදීන්;නරේන්ද්‍ර මෝඩි සහ රාහුල් ගාන්ධි. ඔහු අගමැති ධූර අපේක්ෂකයා හැටියට ප්‍රකාශයට පත් නො කරමින් මැතිවරණ ව්‍යාපාරයේ නායකයා කළේ, කොංග්රස් පක්ෂයේ දේශපාලන උපායක් වශයෙන් ය යන්න ඇතැමුන්ගේ විග්රහයයි. ඉන්දියානු ජනමාධ්‍ය අදහස් කරන ආකාරයට කොංග්රස් පක්ෂය, රාහුල් ගාන්ධි කෙළින්ම අගමැති ධූර අපේක්ෂකයා හැටියට නම් නො කළේ දේශපාලන ආරක්ෂාව පිළිබඳ උපායක් වශයෙන්. නව දිල්ලියේ ශ්‍රී ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අතුලසිරි කුමාර සමරකෝන් පවසන්නේ රාහුල ගාන්ධිටත්, භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩිටත් , අභියෝග කළ හැකි මට්ටමේ ප්‍රාන්ත දේශපාලන නායකයන් ද මතු වී සිටින බවයි. නව ප්‍රාදේශීය නායකයන් රාහුල්.විකට රූපනයක. මහජන මත විමසුම් අනුව දැනට පසුබෑමක් පෙන්නුම් කෙරුණත්, පවතින දේශපාලන පරිසරය තුළ කොංග්රස් පක්ෂය, භාරතීය ජනතා පක්ෂය අභිබවමින් යළි පෙරට ඒමේ ඉඩකඩක් පවතින බව කථිකාචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්ගේ අදහසයි. එහෙත් තනි පක්ෂයකට පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගත නො හැකි මී ළඟ ඉන්දීය මහ මැතිවරණයත් සභාග ආණ්ඩුවක් බලයට පත් කෙරෙන දේශපාලන සටනක් විය හැකි බවයි පෙනී යන්නේ. මෙවර මහමැතිවරණය තවත් මැතිවරණයක් නොව එය ඉන්දියාවේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බව රාහුල් ගාන්ධි කියා සිටියි. | මේ වසරේ පැවැත්වෙන ඉන්දීය ‘ලෝක් සභා’ ඡන්දයේ දී පාලක කොංග්රස් පක්ෂ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ නායකත්වය පැවරුණේ රාහුල් ගාන්ධිට. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නෝමා සිය පුතු ටීම් සමග ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඇය සිය දිවියේ අවසන් දින කීපය ගත කිරීම සඳහා තෝරා ගත්තේ වෙනත් මගක්. ජීවිතයේ මෙතෙක් නොලද අත්දැකීමක්. රෝහල් ඇඳක් මත වැතිර සිටිනවා වෙනුවට මෝටර් සවාරියක් ආරම්භ කළ ඇය අන්තර්ජාල තාරකාවක් බවට පත් වන්නේ නිරායාසයෙන්. බවර්ශ්මිද් මහත්මිය සිය ලේළිය සමග ඇයගේ සංචාර හා තොරතුරු දැක්වෙන ෆේස්බුක් පිටුවේ පමණක් සාමාජිකයන් හාරලක්ෂ හතළිස් දහසකි. බවර්ශ්මිද් මහත්මියගේ වික්‍රමාන්විත මාර්ග සවාරියට ඇයගේ පුතු ටිම් සහ ඔහුගේ බිරිඳ රැමී ද එක් වෙති. පසුගිය සතියේ සිය දිවි සැරිය නිම වන තෙක් පුරා වසරක් ඇය සිය පවුලේ සගයන් හා චාරිකාවේ යෙදෙන්නීය. කැරවෑන් රථය ප්‍රාන්ත තිස් හතරක් ඔස්සේ ගමන් කළ දුර සැතපුම් දහතුන් දහසකි ඇයගේ පුතුගේ කැරවෑන් රථය ප්‍රාන්ත තිස් හතරක් ඔස්සේ ගමන් කළ දුර සැතපුම් දහතුන් දහසකි. බවර්ශ්මිද් මහත්මියගේ වෛද්‍යවරුන් විසින් ඇයට පිළිකාවක් වැළඳී ඇති බව සොයා ගැනීමෙන් පසු වික්‍රමාන්විත සවාරිය ආරම්භ වන්නේ 2015 වසරේ ජුලි මාසයේදී. ඒ ඇයගේ ස්වාමි පුරුෂයා වූ ලියෝ මිය ගොස් දෙදිනකට පසුවයි. සයිබර් අවකාශයෙන් ඔබ්බට ගොස් සිය ගම්දනව්වල පැවැත්වෙන සතුටු සමාචි සහ ක්‍රීඩා තරග වැනි පොදු උත්සව සඳහා බවර්ශ්මිද් මහත්මියට ආරාධනා කිරීමට තරම් ඇයගේ ෆේස්බුක් රසිකයෝ කාරුණික වෙති. රාත්‍රි භෝජනයට එක් වන ලෙස ඇතමෙක් බවර්ශ්මිද් මහත්මියට ආරාධනා කරයි. රූපවහිනී තාරකාවක් බවට පත් වූ නෝමා බවර්ශ්මිද් සිය පුතු සමග වොෂින්ටනය, දකුණු කරොලිනාව, මැසචුසෙට් ඇතුළු ප්‍රාන්තවල පිහිටි වනෝද්‍යාන, කඳු හෙල් හරහා ගමන් ගන්නා ඇය වරෙක ජෝර්ජියාවේ පිහිටි උමං ආශ්රිත රන් ආකාරයක් බැලීමට යන්නීය. ශාන්ත පැට්රික් දින හිල්ටන් හෙඩ් දූපතේ සංවිධානය කෙරුණු පා ගමනට එක් වන්නීය. ෆ්ලොරිඩාවේදී බැලූනයක නැගී ගුවනේ අසිරිය විඳින්නීය. ලද පමණින් සතුටු වන නිහතමානී ගති ඇත්තියක ලෙසයි බවර්ශ්මිද් මහත්මියගේ ලේළිය සිය නැන්දණිය හඳුන්වන්නේ. ''නමුත් තමන්ගේ ජීවිතයට වැදගත් මොකක්ද කියන දේ පිළිබඳ ඇයට ඉතාමත් පැහැදිලි අදහසක් තිබුනා,'' ''ඇය ජීවිතේ අවසන් වසර ඉතා සතුටින් ගත කළා. ඇය අවධානයට ලක් නොවුණු සරල කාන්තාවක්,'' ''මේ කතාවේ තිබෙන ලස්සනත් එයයි. ඇය, ඇය ලෙසින්ම ජීවත් වුනා,'' බවර්ශ්මිද් මහත්මියගේ ලේළිය පවසන්නීය. | තමාට මාරාන්තික පිළිකාවක් වැළඳී ඇති බව වෛද්‍යවරුන් විසින් නිගමනය කරනු ලැබීමත් සමග අනූ වියැති නෝමා බවර්ශ්මිද් වෙතින් පළ වූයේ තරමක වෙනස් ප්‍රතිචාරයක්. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තල්මසුන් දඩයම ජපාන සංස්කෘතියේ අංගයක් බව ජපාන අගමැති පවසයි එක්දහස් නවසිය අසූ හය වසරේ තල්මසුන් දඩයමට එරෙහිව අන්තර්ජාතික තහනමක් පැනවූ නමුත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණක් තල්මසුන් මැරීමට අවසර දී තිබුණි. එම අවසරය අන්තර්ජාතික නීතියෙන් ගැලවීමේ උපාය මාර්ගයක් ලෙසට යොදා ගනිමින් ජපානය නොනවත්වා තල්මසුන් දඩයමේ යෙදී සිටියි. ජපානය තුළ සිදු කරන තල්මසුන් දඩයම විද්‍යාත්මක පර්යේෂණ සඳහා නොවන බව හා එය සැඟවී කරන නීති විරෝධී තල්මසුන් වෙළදාමක් බව අන්තර්ජාතික අධිකරණය පැවසීමත් සමග මේ වසරේ දී තල්මසුන් දඩයම නැවැත්වීමට ජපානයට සිදු විය. ජපාන අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ තල්මසුන් දඩයම පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීමට ඔහු උත්සහ කරන බවයි. තල්මසුන් දඩයම ජපාන සංස්කෘතියේ අංගයක් බව ජපාන අගමැති ශින්සෝ අබේ වැඩි දුරටත් කියා සිටියි. | ජපානයේ වාර්ෂිකව කෙරෙන තල්මසුන් දඩයම නැවත ආරම්භ කිරීමට දරන උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යන බව ජපාන අගමැති ශින්සෝ අබේ පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ආහාර හිඟයට 'ස්වයංජාත ඇල් සහල්'? රට තුළ ආහාර හිඟයක් ඇති වුනොත් කොස් කොළ, ක්‍රෝටන් කොළ, ජපන් බටුකොළ හා කෝප්ප කොළ වැනි ශාක පත්‍ර ආහාරයට ගතහැකි බවට කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද ප්‍රකාශයක් ඒ දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහට ලක් විය. මේ අතර ඇතිවිය හැකි ආහාර හිඟයකට විකල්පයක් වශයෙන් වී ශාකයට බෙහෙවින් සමාන 'ස්වයංජාත ඇල් සහල්' නමින් හඳුන්වනු ලබන ධාන්‍ය විශේෂයක් වගාකරන බෞද්ධ හිමිනමක් පිළිබඳ නුවරඑළියෙන් වාර්තා වේ. නුවරඑළිය ශාන්තිපුර විහාරයේ විහාරාධිකාරී මොරපේ කුසලඥාණ හිමියන් පවසන පරිදි 'ස්වයංජාත ඇල් සහල්' ගසෙන් ලබා ගන්නා ධාන්‍යය, හාල්වලට බෙහෙවින් සමානවන අතර වගාව සඳහා ජලය අවශ්‍ය වන්නේ ඉතාමත් අඩුවෙනි. 'බෞද්ධ ඉතිහාසයේ' "මෙහි විශේෂත්වය තමයි වෙනත් වී ඇටවල වගේ පොත්තක් මේ වීවල නොවීම. වී පොත්ත නැතිවයි ඵලදාව ලැබෙන්නේ. වාර්ෂිකව එක පඳුරකින් කිලෝ දහයක් දොළහක් ගන්න පුළුවන්" යයි කුසලඥාණ හිමියෝ පවසති. මොරපේ කුසලඥාණ හිමියන් පවසන පරිදි 'ස්වයංජාත ඇල් සහල්' පිළිබඳව බෞද්ධ පොතපතේ ද දැක්වෙයි. "මේ වී වර්ගය පිළිබඳ අපට මුලින්ම ආරංචි වෙන්නේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සුත්‍රයේ. ස්වයංජාත ඇල් හාල් නමින් ධාන්‍ය වර්ගයක් බුදුහාමුදුරුවොත් සඳහන් කරලා තියෙනවා" යනුවෙන් එහිමියෝ කියා සිටියහ. මිනිස් පරිභෝජනයට? නුවරඑළිය ශාන්තිපුර විහාරයේ විහාරාධිකාරී මොරපේ කුසලඥාණ හිමි ඇතැමුන් මෙය වී වර්ගයක් ලෙස හඳුන්වනු ලැබුවත් එය විද්‍යාත්මක වශයෙන් ඉරිඟු කුලයට (Sorghum) අයත් තෘණ ශාක විශේෂයක් බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අමිතා බෙන්තොට පැවසුවාය. බොහෝ කාලයක පටන් වියලි කලාපයේ හේන්වල 'ස්වයංජාත ඇල් සහල්' වගා කර ඇති බව කී ඇය එම ධාන්‍ය වර්ගය මිනිස් පරිභෝජනය සඳහා යොදා ගැනීමේ බාධාවක් නොමැති බව සනාථ වී ඇති බවත් පැවසුවාය. | ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ ගණනාවක පැවති නියං තත්වය හමුවේ රට තුළ ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවට බලධාරීහු පසුගියදා අනතුරු ඇඟවූහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | වෙළඳසැලේ සේවකයකු වඳුරාට කෑමට යමක් ලබා දෙන අතර එයින් සෑහීමකට පත් නොවන වඳුරා වෙළඳසැල තුළට ඇතුළු වන ආකාරය ආරක්ෂක කැමරාවල පටිගත වී තිබේ. සිය වෙළඳසැලට ඇතුළු වී මද වේලාවක් එහි රැඳී සිටි වඳුරා මුදල් ලාච්චුව විවෘත කොට මුදල් සොරා ගත් බවයි වෙළඳසැල් හිමිකරු පවසන්නේ. වඳුරා විසින් ඇමරිකානු ඩොලර් එක සිය පනහක මුදල් නෝට්ටු මිටියක් සොරා ගෙන ඇති බවත් වෙළඳසැල් හිමිකරු සඳහන් කළේය. සොරා ගන්නා ලද මුදල් නෝට්ටුවලින් කොටසක් බිම දමා ගොස් තිබී නැවත හමු වී ඇත. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය මැයි මස 23 වනදායි. | ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රන් ආභරණ වෙළඳසැලකින් වඳුරකු මුදල් සොරා ගන්නා ආකාරය එහි ආරක්ෂක කැමරාවල සටහන් වී ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නීතිඥ මනෝහර් ලාල් ශර්මා කියා සිටින්නේ සැකකරුවන්ට පහර දී මහජන කෝපය සමනය කරන අපේක්ෂාවෙන් සාක්ෂි හසුරුවා ඇති බවයි. විශාල ආන්දෝලනයක් විසිතුන් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දැමීමේ චෝදනා යටතේ සැකකරුවන් පස් දෙනෙක් බ්‍රහස්පතින්දා යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිණ. අධිකරණ බලධාරීන් පවසන්නේ විවෘත නොවූ අධිකරණයක් ඉදිරියේ නඩුව කඩිනමින් විභාග කැරෙන බවයි. දෙසැම්බරයේ සිදුවූ මෙම අපරාධය ලොව පුරා විශාල ආන්දෝලනයක් ඇති වීමට හේතු විය. සබැඳි තේමා | ඉන්දියාවේ දිල්ලි නුවර ස්ත්‍රී දූෂණ නඩුවේ ඇතැම් චුදිතයන්ට පොලීසිය වධ හිංසා පමුණුවා බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබාගෙන ඇතැයි විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටීමට අපේක්ෂා කරන නීතිඥයෙක් චෝදනා කර ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අධිකරණයට අපහාස කීරීම සහ රට අපකීර්තියට පත් කිරීමේ චෝදනා, අබු -අල් -කහීර් නම් මෙම නීතිවේදීයාට එරෙහිව ගොනු කොට තිබේ. මානව හිමිකම් සංවීධානය කියා සිටින්නේ මෙම නීතිවේදියා හුදෙක් තම අදහස් පළ කිරීමේ අයිතිය භාවිතා කළ බවයි. අබු -අල් -කහීර් නීතිවේදීයා පවසන් නේ, පියා අතින් දුෂණය වූ කාන්තාවකගේ නඩුවක් ඇසු විනිසුරුවරයෙකුගේ වැඩ කටයුතු පිළිගත නොහැකි වූ බැවින් ඒ පිළිබඳව තමන් විවේචනයක් ඉදිරිපත් කළ බවයි. | විනිසුරුවරයෙකුගේ වැඩ කටයුතු විවේචනය කළ නීතිවේදීකුට එරෙහිව ගෙන ඇති පියවරනතර කරන්නැයි හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවීධානය සවුදි අරාබියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් ද මෙම උද්ඝෝෂණයට එක වී ඇති අතර විරෝධතා කරුවන් සමග ක්වාලාලම්පුර් නගරයේ විරෝධතාවයේ මුලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ හිටපු අගමැතිවරයා බවයි වාර්තා වන්නේ. ඊට සමගාමීව ඊයේ 29 වැනිදා ලන්ඩන් නුවර මැලේසියානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට එක්රැස් වූ මැලේසියානු ජාතිකයන් දෙදෙහසක් පමණ ද උද්ඝෝෂණයේ නිරත වෙමින් ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට ඉලා අස් වන ලෙසයි. ලන්ඩන් නුවර විරෝධතා බීබීසි සංදේශය සමග මේ සම්බන්ධයෙන් කතා කිරීමට එක් වුණේ ලන්ඩන් නුවර පැවති උද්ඝෝෂණයට සහභාගී වූ ක්‍රියාධාරිනී, නීති විද්‍යා සිසුවියක් වන සෆා සාහීර්. එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන නජීබ් රසාක් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා පවතින දැඩි සංකීර්ණ සහ ප්‍රායෝගික නොවන පාර්ලිමේන්තු ක්‍රියාවලිය හේතුවෙන් ජනතාව සිය හඬ අවදි කිරීමට මෙලෙස පෙළඹී ඇති බවයි ඇය පවසන්නේ. ක්වාලාලම්පුර් නගරයේ මේ වන විට පවතින තත්වය විස්තර කළ ඇය වැඩිදුරටත් කියා සිටියේ විරෝධතා කරුවන් රාත්‍රිය පුරා කඳවුරු ලා ගෙන උද්ඝෝෂණයේ යෙදී ඇති බවයි. උද්ඝෝෂකයන් විසින් අග්‍රාමාත්‍ය වරයාගේ පෞද්ගලික බැංකු ගිණුම් වල ඇති ඩොලර් මිලියන ගණනක මුදල් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවයි ඇය පවසන්නේ. | මැලේසියාවේ අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එල්ල වී ඇති මුදල් වංචා චෝදනා හමුවේ ඔහුට සිය ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස බල කරමින් ක්වාලාලම්පුර් නගරයේ දින දෙකක් තිස්සේ විශාල උද්ඝෝෂණයක් පැවැත්වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රට පුරා ලොක්ඩවුන් නීති පනවා තිබුණ ද තුර්කිය සංචාරකයන්ට රට තුළට ඒමට අවසර දුන්නේය කෝවිඩ් රෝගයෙන් මිදුනු සුරක්ෂිත දේශයක් බව පවසමින් සංචාරක අමාත්‍යාංශය විසින් වීඩියෝ පටයක් නිකුත්කිරීමෙන් අනතුරුව දහස් ගණන් තුර්කි වැසියෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එසේ කෝපය පළ කළහ. තුර්කියේ සංචාරය කරන මෙන් එම වීඩියෝ පටය මගින් විදේශිකයන්ට ආරාධනා කර තිබිණ. සංචාරක කර්මාන්තයේ නිරත තුර්කි ජාතිකයන් "මම එන්නත ගත්තා, ඔබ විනෝද වෙන්න," යනුවෙන් සඳහන් මුව ආවරණ පැළඳ සේවයේ නිරතව සිටින ආකාරය වීඩියෝවේ දැක්විණ. ජනතා කෝපය හමුවේ ඉක්මනින්ම එම වීඩියෝ පටය ඉවත්කරගනු ලැබ තිබේ. ජනතා කෝපය හමුවේ තුර්කි බලධාරීහු ඉක්මණින් ම එම වීඩියෝ පටය ඉවත්කරගත්හ තුර්කි ජනගහනයෙන් තවමත් එන්නත ලැබී තිබෙන්නේ 14% කට ආසන්න පිරිසකට පමණි. එහෙත් ගිම්හාන සංචාරක සමය එළැඹීමට ප්‍රථම සංචාරක කර්මාන්තයේ නිරත සියලු දෙනාට එන්නත් ලබාදීමේ වැඩසටහනක් තුර්කි ආණ්ඩුව විසින් ආරම්භ කරනු ලැබ තිබේ. සංචාරක කර්මාන්තය, තුර්කියේ ආර්ථිකයට තීරණාත්මක අංශයකි. තුර්කියට ඇතුළුවීම පිණිස බොහෝ රටවල සංචාරකයන්ට පීසීආර් පරීක්ෂණ (PCR test) පවා අවශ්‍ය නොවේ. එමතු නොව, රට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කර තිබියදී පවා සංචාරකයන්ට රට පුරා ඇවිදීමට අවසර තිබිණ. "ලැජ්ජයි," එන්නත ලබාගත් බව දැක්වෙන ටැගයක් කන්වල එල්ලා තිබුණු ගවයෙකුගේ පින්තූරයක් සහිතව කාන්තාවක් පළ කළ පෝස්ටුවක දැක්විණ. එම ගවයාගේ ඡායාරූපය ඉක්මණින්ම අන්තර්ජාල 'මීම්' එකක් බවට පත්විය. එන්නත ලබාගත් බව දැක්වෙන ටැගයක් කන්වල එල්ලා තිබුණ ගවයෙකුගේ පින්තූරයක් යළිත් වරක් කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මැයි මාසය තුළත් තුර්කිය සති දෙකක් සම්පූර්ණයෙන්ම වසා දැමිණ. සියලු දෙනා සඳහාම එන්නත ඉක්මණින් ලබාදෙනු දැකීම ජනතාවගේ අභිප්‍රාය වී තිබේ. "ඩොලර් එකක් කියන්නේ ලීරා 8.50යි," ට්විටර් පණිවුඩයක සඳහන් විය. "එක සංචාරකයෙක් කියන්නේ එන්නත ගනිපු සංචාරක සේවකයෝ දහස් ගණනක් කියන එක." තීරු ලිපි රචක Izzet Capa පවසා තිබුණේ, "තුර්කි ජාතිකයෙක් විදියට මට කවදාවත් මේතරම් පහත් හැඟීමක් දැනිල නෑ," යනුවෙනි. විදේශිකයන් පමණක් නොව තුර්කි ජනතාව ද සංචාරකයන් අතර සිටින බව පවසමින් විදේශ ලේකම් Mevlut Cavusoglu ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය අනුමත කළේය. කොරෝනාවෛරස වසංගතය රට වෙලාගැනීමට ප්‍රථම, 2019 දී, විදේශික සංචාරකයන් විසින් ඩොලර් බිලියන 30ක් තුර්කියේ ආර්ථිකයට බැරකොට තිබිණ. මේ වසරේ ගිම්හානයේ මුහුදු වෙරළ සියල්ල සංචාරකයන්ගෙන් පිරී යනු දැකීම තුර්කි ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබේ මේ වසරේ එම සංචාරකයන් යළි ගෙන්වා ගැනීම තුර්කි ආණ්ඩුවේ බලාපොරොත්තුව වී තිබේ. ආණ්ඩුවේ උත්සාහය අගය කරන එක් පුද්ගලයෙක්, විදේශ විනිමය රැගෙන එන සංචාරකයන් රටේ විරැකියාව අඩුකිරීමට දායකවන බව ට්විටර් ඔස්සේ පෙන්වා දී තිබිණ. ශ්‍රී ලංකා 'සංචාරක බුබුල' ශ්‍රී ලංකාවේ ද ඒ හා සමාන විවාදයක් යළිත් වරක් ඇවිල යමින් පවතී. 2019 දී සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට ආසන්න ප්‍රමාණයකට (ඩොලර් බිලියන 8කට වැඩි) දායක විය. එබැවින් දරුණු වසංගතය සමයේ ද රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමට බලධාරීහු සැලසුම් කරමින් සිටිති. තවමත් එන්නත ලැබී තිබෙන්නේ ජනගහනයෙන් 10%කටත් අඩු පිරිසකට පමණක් වන අතර, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස රෝහල්වලට ඔක්සිජන් යන්ත්‍ර වහාම අවශ්‍යව තිබෙන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශ 'සංචාරක කලාප' බවට පත්කොට රුසියානු සංචාරකයන් කැඳවීමට ශ්‍රී ලංකා බලධාරීහු සැලසුම් කරති එවන් වාතාවරණයක රටවැසියන් බොහෝ සීමාවන්ට යටත්කොට තිබෙන අතරවාරයේ විදේශික සංචාරකයන්ට රට තුළ සංචාරය කිරීමට අවසර දීම ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක්විය. යුක්රේන සංචාරකයන් පැමිණි සමයේ ආචාර්ය අරුණ අබේගුණවර්ධන ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුට දැඩි නීති යටතේ සති දෙකක් හෝටලයක නිරෝධායනය වීමට සිදුවිය. "මට යන්න අවසර තිබුණේ කාමරේ දොර ගාවට විතරයි," ඔහු බීබීසී සමඟ පැවසීය. "මාව කාමරේක හිර කරලා. හැබැයි යුක්රේන සංචාරකයෝ බීච් එකේ ඉන්නවා මම ටීවී එකේ දැක්ක." ආණ්ඩුව විසින් 'අත්හදා බැලීමක්' ලෙසින් කැඳවනු ලැබූ යුක්රේන සංචාරකයන්ට ආරක්ෂාව සැලසීම පිණිස ආයුද සන්නද්ධ ආරක්ෂකයන් ද වෙරළ තීරයේ යොදවා තිබිණ. වසංගතය අතරවාරයේ යුක්රේන සංචාරකයන් කැඳවීම ද විවේචනයට ලක්විය දින හතක නිරෝධායනයකින් අනතුරුව "සංචාරක බුබුල" යටතේ රට පුරා තෝරාගත් ප්‍රදේශවල සංචාරය කිරීමට ඔවුන්ට අවසර ලැබුණේ, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට රට තුළට පැමිණීමට මෙන්ම රට වැසියන්ට දැඩි සීමා පනවනු ලැබ තිබියදීය. "ඒක හරියට අපේම රටේ අපි දෙවෙනි පෙළ පුරවැසියෝ කළා වගේ," ආචාර්ය අරුණ අබේගුණවර්ධන පැවසීය. "තමන්ගේ අම්ම, තාත්තගේ අවමගුලටවත් යන්න බැරිවුන මිනිස්සු ගැන මම දන්නවා. හැබැයි ටුවරිට්ස්ලට රට වටේ ඇවිදින්න පුළුවන්." යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට කැඳවනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකුවන උදයංග වීරතුංග විසිනි. නිරෝධායන නීති කඩ කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් දහස් ගණන් රටවැසියන් අත්අඩංගුවට ගනු ලබන අතරවාරයේ, සංචාරකයන් රටේ සාමාන්‍ය නීති පවා කඩකරමින් හැසිරෙන බවට ද චෝදනා එල්ලවිය. කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් මේ වනවිට 1200 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, දිනපතාම 3000 කට ආසන්න නව ආසාදිතයන් වාර්තා වේ මේ සියල්ල හමුවේ යළිත් වරක් රුසියානු සංචාරකයන් කැඳවීමේ උත්සහය දූෂණ විරෝධී පෙරමුණේ වසන්ත සමරසිංහගේ දැඩි විවේචනයට ලක්විය. "පසුගිය වතාවෙත් ආණ්ඩුව කිව්වා මිනිස්සු ගිහින් PCR කරලා කොරන්ටයින් වෙන්න ඕනේ කියලා," ඔහු පැවසීය. "දැන් මේ වෙලාවෙත් සංචාරකයෝ රට වටේ යද්දි කොරන්ටයින් වෙන්නද කියන්නේ?" සංචාරකයන් ගෙන්වීමට එරෙහිව එල්ලවූ විරෝධය ගැන උදයංග වීරතුංග ෆේස්බුක් සටහනකින් ප්‍රතිචාරය පළකොට තිබිණ. "මේ වගේ කාලෙක සංචාරකයෝ රටට ගෙන්වන එක කොයිතරම් අමාරු ද කියල ඒ මිනිස්සු දන්නේ නෑ," ඔහුගේ සටහනේ දැක්විණ. (එම්රේ අසීස්ලේර්ලි (Emre Azizlerli) සහ සරෝජ් පතිරණ සම්පාදනය කළ ලිපියකි.) කියවන්න: | "අපේම රටේ හරියට අපිට සලකන්නේ දෙවෙනි පන්තියේ පුරවැසියන්ට වගේ," ට්විටර් ජාලය ඔස්සේ අදහස් දක්වමින් තුර්කි වැසියෙක් පවසා තිබිණ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දරුවන් දෙදෙනා නිදා සිටියදී නිවසට ඇතුළු වූ පිඹුරා ඔවුන්ගේ ගෙල සිර කොට පලා ගොස් තිබේ නැගෙනහිර කැනඩාවේ, නිවු බ්රුන්ස්වික් හි කැම්බල්ටන් ප්‍රදේශයේ සතුන් අලෙවිපොළ පිහිටි ගොඩනැගිල්ලේම ඉහල මහල් නිවාසයක පස් හැවිරිදි සහ හත් හැවිරිදි එම දරුවන් දෙදෙනා නිදා සිටියදීයි, පිඹුරා නිවසට ඇතුළු වී තිබෙන්නේ. තමන් නිවසට ඇතුළු වූ අවස්ථාවේ දුටු දේ විස්තර කරන සතුන් අලෙවිපොළේ හිමිකරු, ෂෝන් ක්ලෝඩ් සැවෝයි සඳුදා උදෑසන නිවසට ඇතුළු වූ අවස්ථාවේයි, දරුවන් දෙදෙනා මියගොස් ඇති බව හෙළිවී තිබෙන්නේ. "ඒ දරුවෝ දෙන්න නිදා ගෙන හිටියේ විසිත්ත කාමරේ. සර්පයා සිවිලිමෙන් විසිත්ත කාමරේට වැටිලා තියෙනව. මම මුලින්ම හිතුවේ දරුවෝ නිදාගෙන ඉන්නවා කියල. සිවිලිමේ ලොකු හිලක් දැක්කම තමයි වෙලා තියෙන දේ මට තේරුනේ," යනුවෙන් ඔහු පැවසීය. ඔවුන් දෙදෙනා ගේ ගෙල සිරකොට මරා දැමූ පිඹුරා වෙනත් ස්ථානය සැඟවී සිටියදී හමු වී තිබේ. | සතුන් අලෙවිපොළකින් පැන ගිය පිඹුරකු විසින් පිරිමි දරුවන් දෙදෙනකු මරා දැමීමේ සිදුවීමක් පිළිබඳව කැනඩාවේ පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්‍රහාරකයන් විසින් පල්ලිය ගිනි බත් කොට බිමට සමතලා කොට ඇති බවයි වාර්තා වන්නේ ප්‍රහාරකයන් විසින් පල්ලිය ගිනි බත් කොට බිමට සමතලා කර ඇති බවයි වාර්තා වන්නේ. කචින් ප්‍රාන්තයේ පිහිටි ඉහත කී පල්ලියට එල්ල වූ ප්‍රහාරයට සමාන ප්‍රහාරයකට මධ්‍යම මියන්මාරයේ පිහිටි තවත් පල්ලියක් පසුගිය සතියේදී ගොදුරු විය. මියන්මාරය තුළ ඉහළ යමින් පවතින ප්රචණ්ඩත්වය සහ වෙනත් ආගම් සහ ඇදහිලි නොඉවසීමේ තත්වය එහි සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජිතයාගේ අවධානයට ලක් වී තිබේ. මෙවැනි ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිත යැන්ගී ලී, අවුන් සාන් සුචීගේ නායකත්වයෙන් යුත් මියන්මාර් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. මුස්ලිම් ප්‍රජාවන් ඉලක්ක කොට සිදු කෙරෙන ආයතන ගත නොසලකා හැරීම් අවසානයක් කරා ගෙන ඒමට මූලිකත්වය ලබා දෙන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය. | පිහි, පොලු මුගුරු සහ වෙනත් අවිවලින් සන්නද්ධව පැමිණි කලහකාරී පිරිසක් විසින් උතුරු දිග මියන්මාරයේ මුස්ලිම් පල්ලියක් සම්පූර්ණයෙන්ම විනාශ කොට ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | උසස්වීම් ලැබීමට නියමිත පුද්ගලයින් සත්‍ය වශයෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් නොවන බවත් පෙත්සම්කරුවෝ පවසති ලංකා බැංකු සේවක සංගමය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය ඉහත කී නියෝගය නිකුත් කළ බවයි, එම සංගමයේ ලේකම් ඒකේ බණ්ඩාර කියා සිටියේ. පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව පවසමින් රජය සිය හිතවතුන්ට උසස්වීම් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති. උසස්වීම් ලැබීමට නියමිත පුද්ගලයින් සත්‍ය වශයෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් නොවන බව පවසන පෙත්සම්කරුවෝ, එසේ උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවහොත් රාජ්‍ය බැංකු ක්ෂේත්රයේ දැඩි පරිපාලනමය අර්බුදයක් මතු විය හැකි බවට අනතුරු හඟවති. ලබන අගෝස්තු 01 වැනි දින ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙත නොතීසි නිකුත් කෙරුණු බව කේඑස් උදයකුමාර් බීබීසී සංදේශයට වාර්තා කරයි. | පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව පැවසෙන මහජන බැංකුවේ සේවකයන් සඳහා උසස්වීම් පනස් අටක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | වෙනත් පාසල්වලට රජයෙන් ලැබෙන කිසිදු ආධාරයක් දූපතේ පාසලට නොලැබේ ස්වේච්ඡාවෙන් බත්තලන්ගුණ්ඩුව දරුවන්ට ඉගැන්වීමට චන්ද්‍රිකා මිහිරාණි ගුරුතුමිය ඉදිරිපත් වී සිටින අතර විවිධ වයස් කාණ්ඩ වල ළමුන් විසි හත් දෙනකු වෙනුවෙන් ඇය ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ එකම පන්ති කාමරයක් තුලයි. වෙනත් පාසල් වෙනුවෙන් රජයෙන් සැපයෙන මූලාධාර ඇතුළු කිසිදු ආධාරයක් මෙම පාසලට නොලැබේ. රජයේ ආයතන කීපයක්ම බත්තලන්ගුණ්ඩුව දූපතේ තිබෙන නමුත් එහි පවතින අවම පහසුකම් හේතුවෙන් පාසල් ගුරුවරයකු දූපතට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවයි, බත්තලන්ගුණ්ඩුව වික්ෂෝප මාතා ධිවර සමිතියේ ලේකම් ප්රිමල් චාර්ල්ස් ප්‍රනාන්දු ප්‍රකාශ කලේ. සතියක් තුල සිංහල අකුරු, ඉංග්‍රීසි අකුරු, සතියේ දින වැනි දේ ළමයින්ට ඉගැන්වීමට හැකි වූ බව චන්ද්‍රිකා මිහිරාණි ගුරුවරිය කියා සිටියාය. ඒ අතර ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරන කල්පිටිය මීසම් පාලක පියතුමා, බත්තලන්ගුණ්ඩුව දූපතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටියි. | ගුරුවරු නොමැති වීමෙන් වසා දමා තිබුණු බත්තලන්ගුණ්ඩුව දූපතේ පාසල හලාවත පදවි සෙඩෙක් ආයතනයේ මැදිහත්වීම මත යළි ආරම්භ කොට තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ස්වදේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් ගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් පත්කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ පැනමා ජනාධිපති ජුවාන් කාලෝස් වරේලා (Juan Carlos Varela) පැවසුවේ ස්වදේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් ගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් පත් කිරීමට පැනමා විදේශ අමාත්‍යංශය කටයුතු කරන බවයි. විදේශ සමාගම් සම්බන්ධ ගණුදෙනු පිලිබඳ වර්තමාන ක්‍රමවේදයන් පිලිබඳ යළි සලකා බලා පැනමාවේ මුල්‍ය හා නීති ක්‍රමවේදයෙන් හි විවෘතභාවය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. පැනමාව තම බදු ක්‍රමවේදය නිවැරදිකරගැනීමට අපොහොසත්වීම පිළිබඳව ලෝක ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිලිබඳ ආයතනය විසින් කෝපයෙන් යුතුව ප්‍රතිචාර දක්වා තිබුණේ මේ සතිය මුලදී ‘පැනමා ලිපිගොණු’ එළිදැක්වීමෙන් පසුවයි. | මොසැක් ෆොන්සේකා සමාගමේ වසර හතළිහක ගණුදෙනු වලට අදාළ ලිපිගොණු මිලියන ගණනක් එළිදැක්වීමෙන් පසු ඇතිවී තිබෙන ජාත්‍යන්තර අවධානය හමුවේ අදාළ චෝදනා පිලිබඳ සොයා බැලීමට විශේෂ කොමිසමක් පත් කිරීමට පැනමා රජය කටයුතු කරමින් සිටී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එසේ වෙඩි තැබූ පුද්ගලයන් යුද හමුදා අධිකරණයක් හමුවට කැඳවීම සඳහා තවදුරටත් සාක්ෂි ගොනු කරමින් සිටින බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. යුද හමුදා පරීක්ෂණය කොටස් තුනකින් සමන්විත වූ බව පැවසූ ඔහු මේ සිද්ධියේ දී යුද හමුදාව යෙදවීම නීතියට අනුකූලව සිදුවී ඇති බව තහවුරු වී ඇතැයි සඳහන් කළේය. නීතිමය සීමාව එහෙත් රාජකාරියට පැවරී ඇති නීතිමය සීමාවන් ඉක්මවා ගොස් වෙඩි තැබීම් සිදු කොට ඇති බව පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී තිබෙන්නේ යැයි යුද හමුදාපතිවරයා පැවසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණ පරීක්ෂණයට සහ පොලිස් පරීක්ෂණයට යුද හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක කියා සිටියේය. එහි දී වෙඩි තැබීම් වලට අණ දුන්නේ කවුරුන්ද යනාදී කරුණු පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ. නීතියේ රාමුවෙන් ඔබ්බට ගොස් වෙඩි තැබීම් සිදු කොට ඇති හමුදා සෙබළුන්ට එරෙහිව යුද හමුදා අධිකරණයක් හමුවේ චෝදනා ගොනු කිරීම සඳහා සාක්ෂි සම්පිණ්ඩනය කරමින් සිටින බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. | පිරිසිදු ජලයේ අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කළ වැලිවේරියේ ජනතාවට වෙඩි තැබීමෙන් යුද හමුදාව නීතිමය රාමුවෙන් ඔබ්බට ගොස් ඇති බව යුද හමුදා පරීක්ෂණයෙන් සොයා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනාධිපතිවරයා එම උළෙලට සහභාගී වෙන බව ඉන්දියාවේ සිටින ශ්‍රීලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් බීබීසීයට ප්‍රකාශ කළේය. නරේන්ද්‍ර මෝඩි සිය දිව්රුම් දීමේ උළෙලට එක්වෙන මෙන් පාකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් ඇතුළු දකුණු ආසියානු කලාපයේ සෙසු රාජ්‍ය නායකයන්ට ද ඇරයුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය අගමැතිවරුන් පදවියේ දිව්රුම් දීමේදී විදේශීය රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයක් මින් පෙර සිදු වී නැති අතර, හොඳහිත සහ මිත්‍රත්වය පළ කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් නරේන්ද්‍ර මෝඩි එවැනි පියවරක් ගනු ලබන බවයි පෙනී යන්නේ. මේ අතර නරේන්ද්‍ර මෝඩි තමා දොළොස් වසරක් දැරූ ගුජරාට් මහඇමති පදවියෙන් ඉල්ලා අස් වූ බවත් වාර්තා වෙයි. මෙවර ඉන්දීය මහමැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය වාර්තාගත මට්ටමේ ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට නරේන්ද්‍ර මෝඩි සමත් විය. | ඉන්දියාවේ අගමැතිවරයා හැටියට ලබන සඳුදා දිව්රුම් දීමට නියමිත නරේන්ද්‍ර මෝඩි එම අවස්ථාවට සහභාගී වෙන මෙන් කරන ලද ආරාධනාවක් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාරගනු ලැබ ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ට ශ්‍රී ලංකාවේ "පුංචි ආණ්ඩුවක්" බවට පත්වීමට අවසර දී ඇතැයි ජවිපෙ චෝදනා කරයි අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් එම ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකයකු ලෙසින් පත්වුණු මයන්ත දිසානායක උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේ. "ඒ ව්‍යාපාරය ඔතන ආරම්භ කළොත් අපිත් පාරට බහිනවා," යනුවෙන්ද මහා නාහිමියෝ පැවසූහ. "පාරට බැහැලා විශාල උද්ඝෝෂණයක් කරනවා ඒ ව්‍යාපාරෙට අත හිත දීල ක්‍රියාකරනු ලබන රජයේ හෝ වේවා, මැති ඇමතිවරු හෝ වේවා ඒ සියලු දෙනාටම විරුද්ධව අපි පාරට බහිනවා." 'දියුණුව සඳහා නොවේ' ඕස්ට්‍රේලියාවේ විශාලතම නිවාඩු නිකේතන හා විනෝදාශ්වාද ව්‍යාපාරයක් වන ක්‍රවුන් සමාගමට ඩොලර් මිලියන 350 ක සෘජු ආයෝජනයක් සඳහා අවසර දී තිබෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය සතියේ සනාථ කළේය. ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ අධිපතිවරයායි. එම ව්‍යාපෘතියට අසාමාන්‍ය අන්දමින් බදු සහන ලබාදෙමින් ඔහුට ශ්‍රී ලංකාවේ "පුංචි ආණ්ඩුවක්" බවට පත්වීමට අවසර දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී චෝදනා කළ අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරමිනුයි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන ඉහත කී සනාථ කිරීම සිදු කළේ. එම ව්‍යාපෘතිය මගින් රැකියා 2600 ක් උත්පාදනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්‍ය යාපා පවසයි. කෙසේ නමුත් ලාභයෙන් සියයට හතලිහක බද්දක් අය කළ යුතු ව්‍යාපාරයකට "අසීමිත බදු නිදහසක්" ලබා දීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව "සූදු රජා අභියස දනින් වැටී සිටින" ආකාරය පැහැදිලිව පෙනී යන බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ. මේ අතර,කැසිනෝ ව්‍යාපෘතියට දැඩි විරෝධය පළ කරන අස්ගිරි මහා නාහිමියන් එය විග්රහ කළේ, අනාගත පරපුර සූදුවට පුරුදු පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් ලෙසින්. "කැසිනෝ ව්‍යාපාරයක් කියන්නේ විශාල සූදුවක් නේ. ඒක ආරම්භ කරන්නේ මේ රටේ මහජනයාගේ දියුණුව සඳහා නෙවෙයි," යනුවෙන්ද උන්වහන්සේ පෙන්වා දෙති. "මේ රටේ තියෙන සල්ලි ටික විදේශීය අය එක්කහු වෙලා ඒ අය කඩාගෙන යන්නයි ඔය ව්‍යාපාරය පටන් ගත්තේ." | කොළඹ සම්බෝධි විහාරය අසල කැසිනෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ උත්සාහයට තමන් වහන්සේ "සම්පූර්ණයෙන්ම විරුද්ධ" බව අස්ගිරි මහා නාහිමියෝ පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අගමැති රනිල් වික්‍රමසිංහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටසක් සමග (සංරක්ෂිත ඡායාරූපයක්) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දණ්ඩ නීති සංග්‍රහය වහාම සංශෝධනය කළ යුතු බව ඔවුන්ගේ තවත් නිර්දේශයකි. යුරෝපා මන්ත්‍රීවරුන්ගේ ලිපියේ අඩංගු ප්‍රධාන කරුණු අතර: එම කරුණු සඳහන් කරමින් පසුගිය අප්‍රේල් 07 වෙනි දින අගමැතිවරයාට යැවූ එම ලිපියට අගමැතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බව කොළඹ පිහිටි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය සඳුදා (අප්‍රේල් 17) නිකුත්කළ ට්විටර් පණිවුඩයක් මගින් ඉඟි කෙරේ. ජීඑස්පී ප්ලස් බදු සහනය ලබාගැනීම පිණිස අදාළ කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව තිබෙන්නේ සති හතරක කාලයක් පමණක් බවත් එහි සඳහන් වේ. යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස යොමු කළ ලිපිය අගමැතිවරයා වෙත ලැබෙන්නට ඇතැයි විශ්වාස කරන බව සඳහන් කළ අගමැති කාර්යාලය භාර නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, යුරෝපා සංගමය සමග පැවති සාකච්ඡාවලින් එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරතව සිටින බව සඳහන් කළේය. ආණ්ඩුව ඒ පිළිබඳව යුරෝපා සංගමය සමග නිරන්තර සංවාදයක නිරතව සිටින බවත් ඔහු පැවසීය. යුරෝපා තානාපති කාර්යාලයේ ට්විටර් පණිවුඩය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත්කිරීම වැනි කරුණු "ඉතා සංකීර්ණ" බැවින් එයට අදාළ ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවයන් සමග සාකච්ඡා කර එවැනි පියවර ගැනීමට ආණ්ඩුවට සිදුවන බව පවසන නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා එබැවින් යුරෝපා සංගමය බලාපොරොත්තුවන තරම් ඉක්මනින් පියවර ගැනීම දුෂ්කර බවත් බීබීසී සිංහල සේවයට පැවසීය. එසේ නම් යුරෝපා සංගමය බලාපොරොත්තුවන ආකාරයට ලබන මැයි 15 වැනි දින වනවිට අදාළ කොන්දේසි සම්පූර්ණ කිරීමට හැකියාවක් තිබෙන්නේ දැයි විමසූ විට නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව ආණ්ඩුව යුරෝපා සංගමය සමග නිසි සම්බන්ධීකරණයක් පවත්වාගනිමින් සිටින බවය. "ඒවා ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටළු මතුවෙලා තියෙනවා නමුත් ඉතාම ඉක්මනින් ඒවා විසඳගෙන ඉස්සරහට යන්න අපි බලාපොරොත්තු වෙනවා." කෙසේ නමුත් සමලිංගික සම්බන්ධතා නීතිවිරෝධී බවට දණ්ඩ නීති සංග්‍රහයේ පවතින වගන්තිය සංශෝධනය කිරීම ශ්‍රී ලංකාවේ "සංස්කෘතියට සහ ජීවන් රටාවට පටහැනි බැවින්" එය ඉවත් නොකළ යුතුය යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම කොන්දේසි සම්පූර්ණ නොකරම යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට එම තීරු බදු සහනය ලබාදෙන්නේ නම් අදාළ කරුණු සම්බන්ධ ප්‍රගතිය පිළිබඳව ලබන දෙසැම්බර් මාසයේ තමන්ට වාර්තා කරන මෙන් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනා යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්ද කරති. | ශ්‍රී ලංකාවට යළිත් වරක් ජීඑස්පී ප්ලස් (GSP+) තීරු බදු සහනය ලබාගැනීමට නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය වෙනුවට වෙනත් නීතියක් සම්මත කළ යුතු බව යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් අවධාරණය කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?" දෙමළ ජාතික අනන්‍යතාවය සහ ස්වයං පාලන අයිතිය පිළිබඳව පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සිය පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වන බව බීබීසී දෙමළ සේවය සමඟ කියා සිටි පළාත් සභා මන්ත්‍රීවරිය, තමන් මැතිවරණයට ඉදිරිපත් වූයේ එය පදනම් කරගෙන බවද සඳහන් කළාය. "මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?" යනුවෙන් ඇය ප්‍රශ්න කළාය. ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය අඟහරුවාදා නිවේදනය කළේය. කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා සමඟකිසිදු විශේෂ සම්මුතියකට අත්සන් තබා නැති බව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. "ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි දකුණේ සිංහල ජාතිකවාදී පක්ෂත් පොදු අපේක්ෂකයාට සහාය දක්වන බව අපි හොඳින්ම දන්නවා," බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. | විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දීමට සිය පක්ෂය ගත් තීන්දුවට විරෝධය පළකිරීමක් වශයෙන් ජනපතිවරණය වර්ජනය කරන බව දෙමළ ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශසීහරන් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "කාන්තා නියෝජනය ඒ හැම දේටම වඩා පහළ තත්වයක තිබෙන්නේ. රටේ බහුතරය වන කාන්තාවන් ගැන තීරණ ගන්න අවශ්‍ය තරම් කාන්තා නායිකාවන් නැති එක ගැන ඇති වන්නේ විශාල කනගාටුවක්," යැයි නීතිඥ දේශානි රාමසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය. අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් 2017 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව ලොව පුරා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පවතින රටවල් 190 ක දේශපාලනය තුළ කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය. 2018 වසරේදී ද එහි වෙනසක් වී නොමැති බව අන්තර් පාර්ලිමේන්තු සංගමය එම වසරේ මාර්තු මස නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ඉන්දියාවට එම වාර්තාවේ 145 වැනි ස්ථානය හිමිව තිබෙන අතර පාකිස්තානය 91 වැනි ස්ථානයේ සහ බංග්ලාදේශය 93 වැනි ස්ථානයේද පසුවෙයි. ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 30 කට පමණ පසුව 2012 දී ශ්‍රී ලංකාවේ සිදුකරන ලද ජන සංගණන වාර්තාව, 2015 වසරේදී ප්‍රකාශයට පත් කරන ලදී. එම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 15 - 34 වයස් සිමාවේ පසුවන පුද්ගලයෝ 31.4% සිටින අතර, මැදි විය ලෙස සැලකෙන 35 - 49 වයස් සිමාවේ 20% ක් පමණ සිටිති. එහෙත්, පාර්ලිමේන්තුව තුළ මෙම වයස් ඛාණ්ඩ නිසියාකාරව නියෝජනය වීමක් දක්නට නොලැබේ. එසේම, සංගණන වාර්තා අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% ක් කාන්තාවන් වුව ද, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මුළු ගණනින් 4% ක් පමණක් වීම දැඩි අවධානයට යොමු විය යුතු කරුණකි. මේ තොරතුරුද කියවන්න: "රටේ බහුතරය වන කාන්තාවන් ගැන තීරණ ගන්න අවශ්‍ය තරම් කාන්තා නායිකාවන් නැති එක ගැන ඇති වන්නේ විශාල කනගාටුවක්" මන්ත්‍රීවරුන් 225කින් හෙබි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, රටේ ව්‍යවස්ථාදායකය වේ, ඒ අනුව රටේ සියලු නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුය. සමානුපාතික නියෝජනය යටතේ සර්වජන ඡන්දයෙන් වසර හයක කාලසීමාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබයි. මෙම මන්ත්‍රීවරු 225 දෙනා අතර කාන්තාවන් සහ තරුණ නියෝජනය දක්නට ලැබෙන්නේ අල්ප වශයෙනි. විශේෂයෙන්ම, වර්තමානයේ දී රටේ පාලනය සම්පූර්ණයෙන්ම පාහේ සිදු කරන්නේ වැඩිහිටි පුරුෂයන්ය. එයට තවත් උදාහරණයක් ලෙස පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ නව ආණ්ඩුකාරවරුන් දැක්විය හැකිය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධායක බලතල අනුව ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. පළාත් සියල්ල සඳහා නව ආණ්ඩුකාරවරුන් දිව්රුම් දුන්න ද, ඒ අතර කිසිදු කාන්තාවක් නොමැත. කෙසේ වෙතත්, 2018 සැප්තැම්බර් 17 වෙනි දින කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ඇගැයීම් පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව වන EvalColombo2018 හි සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි වීමටත්, එය ඇගයීමට ලක් වීමට සහ ඒ තුළ සංවර්ධන ඉලක්ක සම්පූර්ණ වීමට, කාන්තාවන් වැඩි පුර පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවය. "අවම වශයෙන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 60% ක් වන්නේ නම් එහි කාර්යක්ෂමතාව වැඩිවන බව මගේ විශ්වාසයයි," ජනාධිපතිවරයා රැස්වීම අමතමින් පැවසීය. නමුත් තවමත් කාන්තාවන්ට බලපාන කරුණු සම්බන්ධව වුවද නීති සම්මත කෙරෙන්නේ පුරුෂයන් විසින් වීම කනගාටුවට කාරණයකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක් කාන්තාවන් වුව ද, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මුළු ගණනින් 4%ක් පමණි රට පාලනය කරන වැඩිහිටි පුරුෂයන් ශ්‍රී ලංකා පාලන තන්ත්රයේ වගකිව යුතු නිලයන් දරණ බොහෝ දෙනෙකු වයස හැට ඉක්මවා තිබේ. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 67 වන වියේ පසු වේ. යෞවන කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 69 වන වියේ පසුවෙයි. වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ 73 වන වියේ පසුවන අතර, හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් 84 වෙනි වියේ පසුවේ. දෙමළ ජාතික සන්ධානයේ නායකයා මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින වයෝවෘද ම මන්ත්‍රීවරයා ද වේ. 84 වන වියේ පසුවන හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින වයෝවෘද ම මන්ත්‍රීවරයායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය 78 වන වියේ පසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් 2019 වසරේ දී වයස 70 ඉක්මවන අතර, තවත් තිදෙනෙකු වයස හැත්තෑව සම්පූර්ණ කරයි. එමෙන්ම, මන්ත්‍රීවරුන් හතර දෙනෙකු 2019 වසර තුළ වයස 65 සීමාව පසු කරනු ඇත. දැනට පාර්ලිමේන්තුවේ සිටින කාන්තා නියෝජිතවරින්ගෙන් බොහෝ දෙනෙකු ද වයස අවුරුදු පනහ ඉක්මවූවෝය. තවත් තොරතුරු: ලෝකයේ පාර්ලිමේන්තු අතරින් වැඩිම කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන රට රුවන්ඩාව වන අතර, එය 61.3% ක් වේ මෙයින් හැඟී යන්නේ, 2020 දී වර්තමාන පාර්ලිමේන්තු කාලසීමාව අවසන් වන විට මන්ත්‍රීවරුන් බොහෝ ප්‍රමාණයක් වයස අවුරුදු 60 පසු කර හෝ එම වයසට ආසන්න වී ඇති බවය. ශ්‍රී ලාංකීය කාන්තාවන් සහ දේශපාලනය "දේශපාලනය තුළ කාන්තා නියෝජනය සහ පොදු කටයුතුවල නියැලීම අතින් දකුණු ආසියාතික රටවල් අතරින් ශ්‍රී ලංකාව තිබෙන්නේ පහළම ස්ථානයක," යැයි මාධ්‍යවේදිනී ධරීෂා බැස්ටියන්ස් බීබීසී සිංහල සේවයට පැවසීය. "මෑතක දී පත් කළ ආණ්ඩුකාරවරු අතර එක කාන්තාවක් හෝ නොසිටීමෙන් ශ්‍රී ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය ගැන ප්රශ්නය තවදුරටත් ඉදිරියට යනවා." "පොදු රාජකාරිවල දී කාන්තාවන්ගේ දායකත්වය ලබා ගැනීම ගැන අපේ රටේ නායකයන් තවමත් හිතලා නැහැ" 1931 දී ශ්‍රී ලංකාවට ප්රදානය කළ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයත් සමඟ සර්වජන ඡන්ද බලය ලැබුණු අතර පළමු මැතිවරණය එම වසරේ දී පැවැත්විණි. ඒ සමගම කාන්තාවන්ට ද නීත්‍යානුකූලව ක්‍රියාකාරී දේශපාලනයට ඇතුළු වීමට හැකි විය. එම මැතිවරණය සඳහා කාන්තාවන් තිදෙනෙක් තරඟ කළ අතර, ඉන් දෙදෙනෙකු රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූහ. ද්‍රවිඩ වෛද්‍යවරියක් වූ තේසුම් සරවනමුත්තු ඉන් එක් කාන්තාවක් වූ අතර, ප්‍රභූ පවුලකින් පැවත ආ ඇඩ්ලින් මොලමුරේ අනෙක් කාන්තාව විය. "අධ්‍යාපනය මෙන්ම වෙනත් බොහෝ අංශවලින් අපේ රටේ කාන්තාවන් ඉතා ඉදිරියෙන් සිටිනවා. නමුත් අවාසනාවට පොදු රාජකාරිවල දී කාන්තාවන්ගේ දායකත්වය ලබා ගැනීම ගැන අපේ රටේ නායකයන් තවමත් හිතලා නැහැ. නව ආණ්ඩුකාරවරුන්ගේ පත්වීම් රටාව මෙයට හොඳම උදාහරණයක්," ධරීෂා බැස්ටියන්ස් තවදුරටත් පැවසුවාය. 1960 දී සිරිමාවෝ බණ්ඩානායක අගමැති පදවියට පත්කරගනිමින් ලොව පළමු අගමැතිනිය බිහිකළ ශ්‍රී ලංකාව, පසුව ඇයගේ දියණිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විධායක ජනපතිනිය ලෙසින් තෝරා පත්කර ගත්තේය. සිරිමාවෝ බණ්ඩානායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නමුත්, මෑත කාලයේ දී රටේ ප්‍රධාන පාලන තන්ත්රයට කාන්තාවක් තේරී පත් වූයේ නැත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 1947 සිට 2014 දක්වා වන අවුරුදු 67 ක කාලය තුළ කාන්තා නියෝජනයේ ප්‍රතිශතය එදා සහ අද සංසන්දනය කර බැලුවහොත් එය අත්කරගෙන තිබෙන්නේ 2.8% වර්ධනයක් පමණි. පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ දී අපේක්ෂක ලැයිස්තු තුළ 25% ඉඩක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කිරීම අනිවාර්ය විය. මෙය කාන්තා නියෝජනය වැඩි කිරීමේ අද්විතීය පියවරක් වුව ද, එහි ප්‍රායෝගික දුර්වලතා බොහොමයක් තිබිණි. එමෙන්ම, මැතිවරණයට තරග වැදුණු අපේක්ෂිකාවන්ට පහරදීම, දේපොළවලට හානි කිරීම සහ අපහාස කිරීම් ගණනාවක් වාර්තා වූ බව කාන්තා ක්‍රියාකාරී ජාලය (Women Action Network - WAN) බීබීසී සිංහල සේවයට පැවසුවේය. "අධ්‍යාපනය මෙන්ම වෙනත් බොහෝ අංශවලින් අපේ රටේ කාන්තාවන් ඉතා ඉදිරියෙන් සිටිනවා" විශේෂයෙන්ම මැතිවරණ සමයකදී පුරුෂයන්ට වඩා කාන්තාව ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පවසන එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ මැතිවරණ සමයක කාන්තාවට එරෙහි ප්රචණ්ඩත්වය ඔවුන්ගේ දේශපාලන සහභාගිත්වය වැළැක්වීමේ අරමුණින් සිදු කෙරෙන්නක් බවය. තරුණ නායකයන් බිහි නොවන්නේ මන්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය ආර්ථික සහ සමාජීය කොමිසම විසින් කලාපීය රාජ්‍යවල තරුණ ප්‍රජාව සමාජයට සංක්‍රමණය වීමේ දී බලපාන ගැටලු පිළිබඳ 2015 දී වාර්තාවක් ඉදිරිපත් කර ඇත. තරුණ අයිතිවාසිකම්, පුරවැසි ක්‍රියාකාරීත්වය සහ දේශපාලන සහභාගීත්වය ගැන ද කරුණු මෙම වාර්තාවට ඇතුළත් වී තිබේ. තරුණ පිරිස දේශපාලනයට අවතීර්ණ වීමේ පසුබෑමක් ඇතිවීමට හේතු කිහිපයක් දක්වා තිබිණි: "කාන්තාවන් දේශපාලනයට තල්ලු කිරීමට ප්‍රථම ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු, ආරක්ෂාකාරී රටක් හදන්න ඕනේ" "සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔවුන්ගේ චරිත ඝාතනය කරනවා. බොහෝ අය කාන්තාවන් ආමන්ත්‍රණය කරන්නේ අසභ්‍ය වචනවලින්. ඒ වගේම තර්ජන කිරීම්වලින් අඩුවක් නැහැ," නීතිඥ දේශානි රාමසිංහ පැවසුවාය. "තරුණ පිරිමින්ට වඩා කාන්තාවන් ඡන්ද සටනට මහත් බියක් දක්වනවා. විශේෂයෙන්ම ඔවුන්ට එල්ලවන අපහාස නිසා." "කාන්තාවන් දේශපාලනයට තල්ලු කිරීමට ප්‍රථම ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු, ආරක්ෂාකාරී රටක් හදන්න ඕනේ කියන එකයි මගේ මතය," ඇය තවදුරටත් පැවසීය. සාමාන්‍ය පුද්ගලයෙකු විශ්‍රාම යා යුතු වයසක් දක්වා තිබීමට හේතුව කුමක් ද? දේශපාලනඥයින් ඇතුළු ඕනෑම වැඩිහිටි පුද්ගලයෙකු සිය ජීවිතයේ සැදෑ සමයේ දී මුහුණ දෙන ගැටලු රාශියක් ඇත. එයින්, ප්‍රධානතම ගැටලුව වන්නේ යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍ය පවත්වාගෙන යෑමය. වසර 2021 දී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවන වැඩිහිටි ජනගහනය මිලියන 3.6ක් පමණ වෙතැයි අනුමාන කරන අතර, එය රටේ සමස්ත ජනගහනයෙන් 16.7% ක් වේ. එවැනි ගැටලුවලින් කිහිපයක් සහ මෙම තත්වයන් මගහැර ගැනීම ගැන කරුණු කොළඹ පෞද්ගලික රෝහලක සේවයේ නියුතු වෛද්‍ය සුභාෂිණී පෙරේරා බීබීසී සිංහල සේවයට මෙසේ තොරතුරු ඉදිරිපත් කළේය: "මෙවැනි තත්වයන්ගෙන් මිදීමට ඇති හොඳම මග නම් වයස අවුරුදු 60 පසුවන විට හැකිතාක් මනසට සහ ශරීරයට විවේක ලබා දීමයි. බරපතළ තීරණ ගන්න අවශ්‍ය රැකියාවලින් පුළුවන් තරම් ඉවත් වී සිටිය යුතුයි." "නිසි වෙලාවට, අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලබාගෙන, නිතිපතා ව්‍යායාම්වල නිරත වෙලා විවේකී සුවයෙන් සිටීමෙන් අදාළ වැඩිහිටි පුද්ගලයාට මෙන්ම, ඔහු හෝ ඇය අවට සිටින අයට ද සහනයක් සැලසෙනවා. පුද්ගලයෙකුට විශ්‍රාම යන වයසක් තියෙන්නේ ඒ නිසා," යැයි වෛද්‍යවරිය පැවසුවාය. ශීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනයක් සහිත රටක් වන ශ්‍රී ලංකාවේ 2012 වන විට වැඩිහිටි ජනගහනය (වයස අවුරුදු 60 සිට ඉහළට) මිලියන 2.5 ක් වන අතර, එය රටේ සමස්ත ජනගහනයෙන් 12.5% කි. වසර 2021 දී වයස අවුරුදු 60 ඉක්මවන වැඩිහිටි ජනගහනය මිලියන 3.6 ක් පමණ වෙතැයි අනුමාන කරන අතර, එය රටේ සමස්ත ජනගහනයෙන් 16.7% ක් පමණ වේ. වසර 2041 දී වැඩිහිටි ජනගහනය රටේ මුළු ජනගහනයෙන් හතරෙන් එකක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජන සංගණන හා ප්‍රජාවිද්‍යා අංශය 2015 නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. | "අපේ රට සම්පූර්ණයෙන්ම වාගේ පාලනය වන්නේ වයස අවුරුදු හැට පැන්න දේශපාලනඥයින්ගෙන්." |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මළසිරුරු සෙවීම අත් නොහරින බවයි ආරක්ෂක අංශ පවසන්නේ මේ අනුව මෙතෙක් සොයාගෙන ඇති මළසිරුරු සංඛ්‍යාව පහක් බවයි එම ප්‍රදේශයට ගොස් සිටින මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සංදේශයට පැවසුවේ. ඉතිරි මළ සිරුරු සොයා ගැනීම සඳහා මෙහෙයුම් දිගටම සිදු කෙරෙන බවයි ආරක්ෂක අංශ පවසන්නේ. මෙම නාය ගිය අක්කර දහයක පමණ භුමි භාගය දෙපස ඉවුරු වල පදිංචිව සිටින පවුල් සහ දැනට කොස්ලන්දේ රඳවා ඇති පවුල් 7 ද ඇතුළුව පවුල් 84කට අයත් පිරිස් පුනාගල විද්‍යාලයට රැගෙන විත් සහන සේවා කටයුතු විධිමත් කොට වෙනත් ස්ථානයක කඳවුර ස්ථාපිත කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවයි ලසන්ත වැඩිදුරටත් පැවසුවේ. | මීරියබැද්දේ සිදු වූ නාය යාමෙන් පණ පිටින් වැල ලී යන්නට ඇති බවට සැලකෙන පිරිස් සෙවීමේ යෙදී සිටින ආරක්ෂක හමුදා සහ සහන සේවා කණ්ඩායම් විසින් තවත් කාන්තා මළ සිරුරක් සොයා ගනු ලැබූ බව වාර්තාවෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සංරක්ෂිත ඡායාරූපයක් ත්‍රිකුණාමලයේ පිහිටි ඛනිජ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට දීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බවට චෝදනා කරන ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුව සිටී. ඉන්දියන් තෙල් සමාගමට අදාළ තෙල් ටැංකි ලබා නොදෙන බව විෂය භාර ඇමතිවරයා පවසා ඇතත් ඒ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන තෙක් එය පිළිගත නොහැකි බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති අතර අද (අප්‍රේල් 24) එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡා තාවකාලිකව නවතා ඇති අතර විෂය භාර ඇමතිවරයා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීමට නියමිතය. දිගු පෝලිම් ඇමතිවරයාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ තවමත් අමාත්‍යංශයේ රැඳී සිටිති. ඉන්ධන වර්ජනය ගැන ජනතා අදහස් මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති දියත් කළ වැඩවර්ජනය හමුවේ තෙල් පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ඇත. ඉන්ධන අවසන් වීම හේතුවෙන් රට පුරා පිහිටි ඇතැම් පිරවුම්හල් තාවකාලිකව වසා දමා ඇති බවත් වාර්තා වේ. ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ රට පුරා ඉන්ධන බෙදා හැරීම අඩපණ වී ඇති බවය. | සිය ඉල්ලීම් ලබා දෙන බවට ජනාධිපතිවරයා ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන තුරු වැඩවර්ජනය අත් නොහරින බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නායක මැතිව්ස් ඒ බව පවසා තිබෙන්නේ ටෙස්ට් තරගාවලියේදී අන්ත පරාජයකට මුහුණ දීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කැඳවනු ලැබ තිබුණු හදිසි රැස්වීමකදී අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවති සාකච්ඡාවට දකුණු අප්‍රිකාවේ සිට ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වූයේ ස්කයිප් තාක්ෂණය ඔස්සේය. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 3-0 කින් පරාජයවීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විවේචනයට ලක්ව පවතී. එහෙත් ඉදිරි තරගාවලි ජයග්‍රහණය කිරීමට හැකිවෙතැයි නායකයා විශ්වාසය පළ කළ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසන්නේ. "පරාජය ගැන බියවන්නේ නම් කිසිදිනෙක ජයග්‍රහණය කළ නොහැකි බව අපි විශ්වාස කරනවා," යනුවෙන්ද රැස්වීමෙන් අනතුරුව තිලංග සුමතිපාල සඳහන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ. රැස්වීම පිළිබඳව කරුණු විමසීම පිණිස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායම මීට ඉහතදී දකුණු අප්‍රිකාවේදී ජයග්‍රහණය කර තිබෙන්නේ එක් ටෙස්ට් තරගයක් පමණි. | දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එක් දින සහ විස්සයි විස්ස තරගවලදී නව ජවයකින් තරග කර ජයග්‍රහණය ලබාගැනීමට හැකිවෙතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තම රට බලා යන කාම්බෝජ සංක්‍රමණිකයන් තායිලන්ත දේශ සීමාව පසු කරමින් රැකියා වල නියුතු සියලු ම අනවසර සංක්‍රමණ කරුවන් අත් අඩංගුවට ගෙන පිටුවහල් කරන බවට හමුදා පාලකයින් තර්ජනය කර ඇති බවයි පැවසෙන්නේ. එක දිනයක් තුල රටවල් දෙක අතර දේශ සීමා මුර කපොල්ල හරහා දාසය දාහක් පමණ කාම්බෝජ සංක්‍රමණ කරුවන් ගමන් ගෙන ඇති බව වාර්තා වේ. බුරුමය ලාඕසය වැනි අසල්වැසි රට වලින් පැමිණි අනවසර සංක්‍රමණ කරුවන් විශාල ප්‍රමාණයක් තායිලන්තයේ රැකියා වල නිරත ව සිටින අතර බොහොමයක් දෙනා බලපත්‍ර නොමැතිව රට තුළ රැඳී සිටයි. මේ අතර තායිලන්තයේ බලයට පත් නව හමුදා පාලනයේ නායකයා රටේ දේශපාලනික, ආර්ථික සහ සමාජීය ක්රමයේ වෙනසක් ඇති කිරීම උදෙසා ශක්තිමත් සාර්ථක වැඩ පිලිවලක් හඳුන්වා දී තිබේ. ජෙනරාල් ප්‍රයුත් චාන් ඕචා පවසන්නේ සැප්තැම්බර් මාසයට ප්‍රථම අන්තර් ආණ්ඩුවක් පිහිටුවීමට තමන් කටයුතු කලත් මැතිවරණය වසරක් පමණ කල් දමන බවයි. ඊට අමතරව අධ්‍යාපන ක්‍රමය සහ පොලිස් සේවාව ප්‍රතිසංවිධානය කිරීමටත්, ජීවන වියදම අඩු කිරීමටත් තම අවධානය යොමු කරන බව ජෙනරාල් වරයා පවසා තිබේ. | පසුගිය මස හමුදා පාලකයින් විසින් තායිලන්තය අත්පත් කර ගැනීමත් සමග දහස් ගණනින් කාම්බෝජ සංක්‍රමණ කරුවන්ට තම ගම රට බලා යාමට සිදු වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජලය ඉල්ලා වැලිවේරියේ උද්ඝෝෂණය කළ ජනතාවට සහ එය වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදීන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් පැය දෙකක් පමණ කාලයක් එම විරෝධතාව පැවැත්විණ. “සාධාරණත්වය වෙනුවෙන් ජාති, ආගම් හා කුල භේද වලින් තොරව පෙනී සිටිමු “ මේ විරෝධතාවේ තේමාව විය. වැලිවේරියේදී අකිල දිනේෂ්, කටුනායකදී රොෂේන් චානක සහ හලාවතදී ඇන්ටනි ප්‍රනාන්දු යන මේ සියලු දෙනාම ඝාතනය කලේ මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් බවයි විරෝධතාවට එක්ව සිටි සරත් ඉද්දමල්ගොඩ පියතුමා කියා සිටියේ. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු උද්ඝෝෂණයේ දී වෙඩි පහරට ලක්ව මිය ගිය රොෂේන් චානකගේ මවද ඊට එක්ව සිටියාය. | බලයේ නිරතව සිටිනන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ වෙඩි උණ්ඩයෙන් ජීවිත විනාශ කිරීම නොව සාමකාමීව ප්‍රශ්න විසඳා ගෙන ජනතා සුබ සිද්ධිය සැලසීමට ඉදිරිපත්වීම යැයි කිතු දන පුබුදුවේ ප්‍රධානී රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියනම සෙනසුරාදා මීගමුවේ පැවති විරෝධතාවක් අමතමින් කියා සිටියහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි අද පස්වරුවේ අපවත් වූ බවයි ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ. හෙළ උරුමයේ සාමාජිකයෙකුව සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයක්ද හොබවා ඇති උන් වහන්සේ වෙසක් පුන් පොහෝදා සිරුරට ගිනි තබාගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ කෙරෙන ගව ඝාතනයට විරෝධය පළ කරමින්. | මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිටදී සිරුරට ගිනි තබා ගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ කොළඹ ජාතික රෝහලේදී අපවත් වූහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඇමති බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ ඇමති අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුන බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ඉන්දියාවට ගොස් සිටි ආර්ථික කටයුතු පිළිබඳ ඇමති බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ ඇමති සල්මන් කුර්ශිඩ් අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුන බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් සංදේශයට පැවසුවේ. දෙදෙනා අතර ආර්ථික, දේශපාලනික සහ සාමාජීය වශයෙන් පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වුන බව කියා සිටි ඔහු ශ්‍රී ලංකා රජය විසින් උතුරේ ඡන්දය පැවැත්වීමට ගත් තීරණය ඉන්දීය විදේශ ඇමති සල්මන් කුර්ශිඩ් ගේ ඉමහත් පැසසුමට ලක් වූ බව ප්‍රකාශ කළේය. ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හට ගෙන ඇති දේශපාලන ගැටළු පිළිබඳව ඉන්දීය විදේශ ඇමතිවරයා දැනුවත් කරමින් ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති වලට අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට පියවර ගෙන ඇති බව දන්වා සිටි බවත් ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් පැවසුවේය. ඉන්දීය විදේශ ඇමතිවරයා දැක්වූ අදහස් වලට අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සියලු පක්ෂ සහභාගී විය යුතු බව අවධාරණය කෙරෙනු බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් තවදුරටත් ප්‍රකාශ කළේ. | 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යෝජිත සංශෝධන ඇතුළු ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම් වස් පත් කොට ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සියලු පක්ෂ සහභාගී විය යුතු බවට ඉන්දීය රජය කියා සිටී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'අපි මේ කට්ටිය අරන් වෙනම පැත්තකට වෙන එක තමයි හොඳ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න නායකත්වයට කරන්න පුළුවන් ලොකුම ගෞරවය.' මල්වතු - අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමට සෙනසුරාදා මහනුවරට පැමිණි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වන ලෙස එම කණ්ඩායම නියෝජනය කරන සාමාජිකයන් තමාට ආරාධනා කළ බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට සහභාගී වන ලෙස එම පක්ෂයෙන් තමාට ආරාධනයක් නොලැබුණු බවත් හිටපු ජනපතිවරයා සඳහන් කළේය. වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින බැවින් තමා සහ ඒකාබද්ධ විපක්ෂය වෙනම මැයි රැළියක් පැවැත්වීමට තීන්දු කළ බවයි ඔහු පවසන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගී වී එහිදී යම් විරෝධයක් මතු වුවහොත් තමාට එහි වගකීම බාර ගත නොහැකි බවත් හිටපු ජනපතිවරයා කියා සිටියේය. 'යම් කිසි විදිහකින් විරෝධයක් පෑවොත්, හූවක් කිව්වොත් ඒකෙ සම්පූර්ණ වගකීම එන්නේ මට. මම කොහොමද ඒක බාර ගන්නේ' ඔහු සඳහන් කළේය. එවැනි තත්වයන් දෙස අවධානය යොමු කොට වෙනම මැයි රැළියක් පැවැත්වීම වඩා යහපත් බවයි හිටපු ජනපතිවරයා කියා සිටියේ. 'අපි මේ කට්ටිය අරන් වෙනම පැත්තකට වෙන එක තමයි හොඳ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න නායකත්වයට කරන්න පුළුවන් ලොකුම ගෞරවය.' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරත් පැවසීය. | තමා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තමන් අවතැන් වූ බව සනාථ කිරීමට හැකි නම් අවතැන්වූවන්ට ජන්ද නාම ලේඛනයට නම් ඇතුලත් කිරීමට අවස්ථාව ලබා දීම සඳහා ඒ වෙනුවෙන් විශේෂ ජන්ද නාම ලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා පැවසුවේ. ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බවට ප්‍රකාශ කොට ඇති උතුරු පළාත් සභා මැතිවරණයට පෙර එය සකස් කිරීමට හැකි බව අධිකරණ අමාත්‍ය රවූෆ් හකීම් ප්‍රකාශ කළේය. මීට කලින්ද අවතැන්වූවන් සඳහා එවැනි විශේෂ විධි විධාන යෙදූ අවස්ථා ඇති බවත් ඔහු සඳහන් කළේය. අවතැන්වූවකුගේ නම වෙනත් දිස්ත්‍රික්කයක ජන්ද ලැයිස්තුවකට ඇතුලත් වී ඇත්නම් ලබන ජුනි මාසයේදී මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන නාම ලේඛන සංශෝධනයේදී ඉවත් කිරීමට හැකිවන බවත් අධිකරණ අමාත්‍ය රවූෆ් හකීම් තවදුරත් පැවසුවේය. | 1983 වර්ෂයේ පටන් උතුරේ සිට අවතැන්වූ පිරිස් වලට උතුරු පළාත් සභා මැතිවරණයේදී ජන්දය ලබා දීමට හැකිවන අලුත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී ඇතැයි අධිකරණ අමාත්‍ය රවූෆ් හකීම් ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මේ බව සඳහන් කරමින් උතුරු කොරියානු ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක් එරට රාජ්‍ය රුපවාහිනිය ඔස්සේ විකාශනය විය. උතුරු කොරියාව විසින් සිදු කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ ඇමරිකාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන බවට කල තර්ජනයන් නිසා දෙරට අතර අර්බුධය උණුසුම් විය. කොන්දෙසි විරහිතව මෙම සාකච්ඡා සිදු විය යුතු බව පවසන උතුරු කොරියාව, එම ප්‍රකාශයේම අවධාරණය කර සිටින්නේ ඇමෙරිකාවේ න්‍යෂ්ටික ආයුධ පිළිබඳවද අනිවාර්යයෙන්ම සාකච්ඡා විය යුතු බවයි. 'සැබෑ අවශ්‍යතාවය' උතුරු කොරියාව සැබෑ අවශ්‍යතාවයක් පෙන්නුම් කරන්නේනම් නම් තමන් සාකච්ඡාවලට එකඟ බව වොෂින්ටනය මිට පෙර පවසා තිබුණි. උතුරු කොරියාව විසින් මෙම වසර මුලදී සිදු කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ ඇමරිකාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන බවට කල තර්ජනයන් නිසා දෙරට අතර අර්බුධය උණුසුම් මුහුණුවරකට පත් විය. | යුධමය වාතාවරණය ලිහිල් කිරීමේ අවශ්‍යතාව පවසමින්, තම න්‍යෂ්ටික වැඩ සටහන පිලිබඳ ඇමෙරිකාව සමග ඉහල පෙළේ සාකච්ඡා පැවැත්විය යුතු බවට උතුරු කොරියාව යෝජනා කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අවම ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් දක්නට ලැබෙන්නේ අයිස්ලන්තයේ ය දේශපාලනය, ආර්ථිකය සහ අධ්‍යාපනය යන ක්ෂේත්රවල කාන්තා අයිතීන් සම්බන්ධයෙන් බොහෝ විස්තර ඉහත කී වාර්තාවේ සඳහන් වී ඇත. අදාළ වාර්තාව සැකසීම සඳහා ගවේෂණය කළ රටවල් 149 අතරින්, රටවල් 88 ක ස්ත්‍රී - පුරුෂ ලිංගභේදය මත පදනම්ව වැටුප් ගෙවීමේ විශාල පරතරයක් දක්නට ලැබෙන අතර, දේශපාලනයේ කාන්තා නියෝජනය ඇතුළු කාන්තා අයිතීන් ද ඉතා අභියෝගාත්මක තත්ත්වයක පවතී. ලොව පුරා පවතින ස්ත්‍රී පුරුෂ පරතරය නිම කිරීමට තවත් වසර සියයකට වැඩි කාලයක් ගත වෙනු ඇතැයි තක්සේරු කර තිබේ. නමුත් අනෙකුත් සිදුවීම් සමග සංසන්දනය කිරීමේ දී සත්‍ය වශයෙන්ම එය ඉතා යහපත් තත්ත්වයකි. සමස්තයක් ලෙස ලෝකයේ කාන්තාවන් සහ පුරුෂයන් අතර වැටුප් පරතරය 20%කට ආසන්නයි ඒ සඳහා බලපාන හේතු පහත විස්තර කර ඇත. 1. ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය නැති වීමට ශත වර්ෂ දෙකක් ගත වේ ආර්ථිකය සහ වෙනත් අංශවල පවතින ස්ත්‍රී පුරුෂ වෙනස්කම් බෙහෙවින් බරපතළ වන අතර, දේශපාලනය තුළ දකින පරතරය ඒ සියල්ලට වඩා විශාලය. කෙසේවෙතත්, දේශපාලනය තුළ ඇති ස්ත්‍රී පුරුෂ පරතරය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. වසර 107කින් පමණ දේශපාලනය තුළ සමානාත්මතාව දක්නට හැකි වන නමුත්, ආර්ථිකයට සම්බන්ධ ක්ෂේත්රවල වැටුප් සහ පරිපාලනයෙන් කාන්තාවන් සහ පුරුෂයන් සමාන වීමට තවත් වසර 202ක් පමණ ගත වේ. සමස්තයක් ලෙස ලෝකයේ කාන්තාවන් සහ පුරුෂයන් අතර වැටුප් පරතරය 20%කට ආසන්න වන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. කාන්තා නියෝජනය පිළිබඳ විවිධ ගැටලු රාශියක් එහි සඳහන් කර ඇත. ලෝකය තුළ පරිපාලන අංශයේ රැකියාවලට කාන්තාවන් සම්බන්ධ වන්නේ පුරුෂයන්ට වඩා 35%ක් අඩුවෙනි. "සාමාන්‍යයෙන් කාන්තාවන් පුරුෂයන්ට වඩා නිවසේ කටයුතු සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා වැටුප් රහිත පැය දෙගුණයක් වැඩ කරනවා" අවම ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් දක්නට ලැබෙන්නේ අයිස්ලන්තයේ වන අතර, ආර්ථිකයට සම්බන්ධ අංශවල කාන්තා නියෝජනය අතින් ලාඕසය ඉහළම ස්ථානයක සිටී. කාන්තාවන් බොහෝ විට වැටුප් රහිත ක්‍රියාකාරකම්වල නිරත වීම පිළිබඳ තොරතුරු ද ලෝක ආර්ථික සම්මේලනය ඉදිරිපත් කළ වාර්තාවට ඇතුළත් වී තිබේ. "මේ ගැන දත්ත ලබා ගන්න පුළුවන් රටවල් 29ක් ගැන සොයා බලද්දී, සාමාන්‍යයෙන් කාන්තාවන් පුරුෂයන්ට වඩා නිවසේ කටයුතු සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා වැටුප් රහිත පැය දෙගුණයක් වැඩ කරනවා" යැයි වාර්තාවේ සඳහන් වේ. සමීක්ෂණය සිදු කළ රටවල් අතරින් 60% ක පමණක් කාන්තාවන්ට පුරුෂයන් හා සමව මූල්‍යමය සේවාවලට ඇතුළු වීමට ඉඩ ඇත. එමෙන්ම, පුරුෂයන් හා සම ලෙස කාන්තාවන්ට ඉඩම් හිමි කරගැනීමට හැකි වන්නේ රටවල් අතරින් 42%ක පමණි. ලෝකයේ පාර්ලිමේන්තු අතරින් වැඩිම කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන රට රුවන්ඩාව වන අතර, එය 61.3%ක් වේ 2. ශ්‍රී ලංකාවට ඇත්තේ කුමන ස්ථානයක ද? ලෝක ආර්ථික සම්මේලනය ඉදිරිපත් කළ වාර්තාවට අනුව ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය සම්බන්ධයෙන් රටවල් 149ක් අතරින් ශ්‍රී ලංකාව ඇත්තේ 100 වෙනි ස්ථානයේය. පුද්ගලයෙකු නිරත වන රැකියාව අනුව ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් ඇතිවීම සාමාන්‍ය වුවද එක හා සමාන අධ්‍යාපනයක් ලබා, එක සමාන අත්දැකීම් ඇති කාන්තාවකට, පුරුෂයෙකුට ගෙවන වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන් ගෙවන ආයතන, කර්මාන්ත සහ වෙනත් රැකියා ස්ථාන රැසක් ශ්‍රී ලංකාවේ ඇති බවට වාර්තා වී තිබේ. නීතිය, ගෘහ නිර්මාණ ශිල්පය සහ කම්කරු රැකියාවල නිරතවන කාන්තාවන්ට පුරුෂයන්ට වඩා බෙහෙවින් අඩු වැටුපක් ලැබෙන බව බීබීසී සිංහල සේවය සිදු කළ විමසුමක දී හෙළි විය. ශ්‍රී ලංකාවේ කම්කරු වෘත්තියේ යෙදෙන කාන්තාවන් බොහෝ දෙනෙකුට ලැබෙන්නේ පුරුෂයන්ට වඩා අඩු වැටුපකි නීතිය අකුරට රැකීමට සහ පිළිපැදීමට දිව්රුම් දී නීතිඥ වෘත්තියට ඇතුළු වන බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන්ට, පුරුෂයන් හා සමාන වැටුපක් නොලැබේ. "නීති විද්‍යාලයේ එකට සිටි මගේ පිරිමි යහළුවන් නීතිඥවරුන් විදියට වැඩ කරද්දී මට වඩා වැඩි පඩියක් ලැබෙනවා. ගැහැනියක් නිසා මගේ හැකියාව අවතක්සේරු කරල, දිව්රුම් දීමෙන් පසු පළමු මාසයේ මට පඩි ලැබුනේ රු.10,000 යි. මාත් එක්ක දිව්රුම් දුන් මගේ පිරිමි යහළුවන්ට පඩිය පටන් ගත්තේ රු.20,000 කින්" යැයි නීති ක්ෂේත්රයේ වසර හතක පළපුරුද්දක් සහිත නීතිවේදිනී ආර් ද සිල්වා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර සිටියාය. "ගැහැණු අපිත් පිරිමි හා සමානව වැඩ කරනවා. සමහරදාට අපි රෑ 11.00 විතර වෙන කම් වැඩ කරනවා. ගැහැණු අපි තමයි ඉඩම් ලියා පදිංචි කාර්යාලයට, නඩු පොත් පරීක්ෂා කිරීම සඳහා ලේඛනාගාරවලට සහ නඩුවලට අදාළ නොයෙකුත් වැඩවලට යන්නේ. අපි 'අස්සයෝ' වගේ වැඩ කරනවා හැබැයි සොච්චම් පඩියකට," ඇය තව දුරටත් පවසා සිටියාය. 3. ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පිනියන්, කම්කරු රැකියාවේ නිරත කාන්තාවන්ගේ තත්ත්වය ද සුබදායක නොවේ ගෘහ නිර්මාණ ක්ෂේත්රය තුළ ද ස්ත්‍රී පුරුෂ වැටුප් අසමානතා ඇති බව ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පිනී චතුරංගි සේනානායක පවසන්නීය. "සාමාන්‍යයෙන් උපාධියෙන් පසු මුල් පඩිය විදියට කාන්තාවකට හෝ පිරිමියෙකුට රුපියල් 30,000 - 35,000 ක් අතර ප්‍රමාණයක් ගෙවනවා. නමුත් උසස් අධ්‍යාපනය (M.Arch විභාගය) ලැබුවාට පසු කාන්තාවකට ගෙවන්නේ රුපියල් 55,000ක් විතර. පිරිමියෙකුට රුපියල් 60,000 - 65,000 ක් අතර ගණනක් ගෙවනවා," ඇය සඳහන් කළාය. "අපි 'අස්සයෝ' වගේ වැඩ කරනවා හැබැයි සොච්චම් පඩියකට" "වැඩබිමට ගිහින් තම වෘත්තියේ යෙදෙන ගෘහ නිර්මාණ ශිල්පීන්ට (field architects) රුපියල් 80,000 කට ආසන්න පඩියක් ලැබෙනවා. නමුත් කාන්තාවන්ට එහෙම වැඩ ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. ඒකට හේතුව රෑ වෙනකම් වැඩ කරල සති අන්තයේත් වැඩ කරන්න තිබෙන නිසා. තවදුරටත් ඉගෙන ගත්ත (Chartered සුදුසුකම් ලත්) පිරිමි ගෘහ නිර්මාණ ශිල්පියකුට රුපියල් 135,000 - 150,000 අතර පඩියක් ලැබෙනවා. සමාන සුදුසුකම් ඇති කාන්තාවකට ලැබෙන්නේ රුපියල් 100,000 ක විතර පඩියක්." ඇල්පිටිය ප්‍රදේශයේ කුරුඳු සහ තේ වතුවල කම්කරු රැකියාවේ නිරත එස්.ටී කුමාරි පවසා සිටියේ: "ගෑනු අපි පිරිමි හා සමානව වැඩ කරනවා. දවසේ පඩියට උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කළත්, ගෑනුන්ට ලැබෙන්නේ රුපියල් 700 - 800 ක් විතර. පිරිමින්ට රුපියල් 1,200 - 1500 ක් අතර පඩියක් ලැබෙනවා," යනුවෙනි. 4. මහජන කාර්යාලවල කාන්තා නියෝජනය ස්ත්‍රී - පුරුෂ ලිංගභේදය පිළිබඳ ජාත්‍යන්තර වාර්තාවට අනුව, රටවල් 149කින් රටවල් 17ක පමණක් කාන්තාවන් වර්තමානයේ රාජ්‍ය නායිකාවන් ලෙස ක්‍රියා කරන අතර, පුරුෂයන් සමග සංසන්දනය කිරීමේ දී මුළු රාජ්‍ය නායකයින් සිටින්නේ 11%කට මදක් වැඩි ගණනකි. "මේ රටවල් 149 සලකා බැලූ විට, පසුගිය වසර 50 තුළ පුරුෂයන් රාජ්‍ය නායක තනතුර දැරූ කාලය සමග කාන්තාවක් රාජ්‍ය නායිකාවක් හෝ අග්‍රාමාත්‍යවරියක් ලෙස ක්‍රියා කර ඇති කාලය බෙදා ගණනය කර බැලූ විට එය වසර 2.2ක් පමණයි," යනුවෙන් වාර්තාවේ සඳහන් වේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ පවතින ස්ත්‍රී පුරුෂ පරතරය ඉදිරි වසර 14 ඇතුළත මුලින් උපුටා දැමිය හැකිය නමුත්, කාන්තාවන් කැබිනට් අමාත්‍ය තනතුරුවලට පත් වීම තරමක් සතුටුදායක මට්ටමක පවතී. ලොව පුරා කැබිනට් තනතුරුවලින් 18%ක් හොබවන්නේ කාන්තාවන්ය. ලෝකය පුරා පාර්ලිමේන්තුවල කාන්තා නියෝජනය 24%ක් පමණි. ලෝකයේ පාර්ලිමේන්තු අතරින් වැඩිම කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන රට රුවන්ඩාව වන අතර, එය 61.3%ක් වේ. කාන්තා නියෝජනය සහ සම අයිතීන් සම්බන්ධයෙන් ලෝකයේ රටවල් වර්ගීකරණය කර ඇති ලැයිස්තුවේ රුවන්ඩාවට හයවන ස්ථානය හිමි වී තිබේ. ලෝකයේ පළමු අගමැතිනිය තේරී පත්වූයේ 1960දී , එනම් මීට අවුරුදු 57කට පෙර ලංකාවේය. 1994දී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනියක් ද තේරී පත්ව වසර 10 ක කාලයක් පුරා රට පාලනය කළාය. නමුත් වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 4%කට මදක් වැඩි ගණනකට සීමා වී ඇත. මේ තොරතුරුද කියවන්න: 5. ඇතැම් රටවල අධ්‍යාපනයට ඇති බාධා තවමත් ඉතා ඉහළ මට්ටමක රටවල් 44ක කාන්තාවන්ගේ සාක්ෂරතාව අනුපාතය 20%කට වඩා වැඩි බව ලෝක ආර්ථික සම්මේලන වාර්තාවේ දැක්විණි. චැඩ් රාජ්‍ය අඩුම කාන්තා සාක්ෂරතාවක් ඇති රට වන අතර, කාන්තාවන් අතරින් ලිවීමට සහ කියවීමට හැකි වන්නේ 13%ට පමණි. කෙසේ නමුත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ පවතින ස්ත්‍රී පුරුෂ පරතරය ඉදිරි වසර 14 ඇතුළත මුලින් උපුටා දැමිය හැකිය. එය පෙර සිතා සිටියාට වඩා යහපත් තත්ත්වයකි. රටවල් 149කින් රටවල් තුනක පමණක් කාන්තාවෝ පුරුෂයන් හා සමානව හෝ ඊට වඩා වැඩි කාලයක් ජීවත් වේ ලෝකය පුරා ද්විතීය අධ්‍යාපනය සඳහා පාසල්වලට ලියාපදිංචි වීමේ සාමාන්‍යය අගය ගැහැණු දරුවන් 65%ක් වන අතර, පිරිමි දරුවන් 66%කි. නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාන්තාවන්ගේ අගය 39%ක් වන අතර, පුරුෂයන් 34% දක්වා අඩු වී තිබේ. "මෙයින් හැඟී යන්නේ වඩාත් අපේක්ෂා සහගත අරමුණු සඳහා කාන්තාවන් සහ පුරුෂයන් දෙගොල්ලන්ම යොමු විය යුතු බවයි," වාර්තාවේ සඳහන් වේ. 6. සෞඛ්‍ය සම්පන්න තුලනයක් සෞඛ්‍ය සහ දිවි පැවැත්ම සම්බන්ධයෙන් ලෝකය පුරා පැවති ස්ත්‍රී පුරුෂ පරතරය මේ වන විට වැසී යෑමට ආසන්න බව වාර්තාවේ සඳහන් වී ඇත. මෙම නිගමනයට එළැඹ ඇත්තේ කාන්තාවන්ගේ ජීවිත අපේක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම් සඳහා පිවිසීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගැනීමෙනි. දේශපාලනය, ආර්ථිකය සහ අධ්‍යාපනය යන ක්ෂේත්රවල කාන්තා අයිතීන් සම්බන්ධයෙන් බොහෝ විස්තර ලෝක ආර්ථික සම්මේලනය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ සමීක්ෂණය සිදු කළ රටවල් අතරින් කුවේටය, භූතානය සහ බහරේනය යන රටවල් තුනෙහි කාන්තාවෝ පුරුෂයන් හා සමානව හෝ ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙති. 7. මුදල්වලින් පමණක් මෙම පරතරය වැසිය නොහැක ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අවම රටවල් අතර අයිස්ලන්තය, නොර්වේ, ස්වීඩනය සහ ෆින්ලන්තය වැනි සංවර්ධිත රටවල් දැකිය හැකි නමුත් ඔබ සිතන පරිදි එය පොහොසත් රටවලට කළ විශේෂ සැලකිල්ලක් නොවේ. නිකර්ගුහාව, රුවන්ඩාව, පිලිපීනය සහ නැම්බියාව යන සංවර්ධනය වෙමින් පවතින රටවල් ද ලැයිස්තුවේ පළමු දහයට ඇතුළත් වී ඇති අතර, පළමු තිහ ඇතුළත ද මෙවැනි රටවල් රාශියක් දක්නට ලැබේ. ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි ඇමරිකා එක්සත් ජනපදය ඇත්තේ 51 වෙනි ස්ථානයේ වන අතර, ඉතාලියට හිමිවන්නේ 70 වෙනි ස්ථානයයි. රුසියාව 75, බ්‍රසීලය 95, චීනය 103 සහ ජපානයට හිමිවන්නේ 110 වෙනි ස්ථානය වීම සැලකිය යුතු කරුණකි. තවත් තොරතුරු: | 2018 වර්ෂය වනවිට ලෝකයේ පවතින ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පිළිබඳ දත්ත සහ තොරතුරු ඇතුළත් වාර්තාවක් ලෝක ආර්ථික සම්මේලනය විසින් දෙසැම්බර් මස 17 වෙනි දින නිකුත් කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මේ සම්බන්ධ සාකච්ඡාව පැවැත්විණි. ඒ අනුව, ශිෂ්‍යයින් දහසකගේ පමණ සුදුසුකම් විමසා බැලීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. මෙම තීරණයට එළඹුණු සාකච්ඡාව සඳහා නීතිපතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙන්ම එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ද සහභාගි වූහ. මේ අතර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපොළ අසලදී විරෝධතා රැළියක් ද පැවැත්විණි. සයිටම් ගැටලුව විසඳීම සම්බන්ධයෙන් පත්කරන ලද නව පුද්ගල කමිටුවේ නිර්දේශය වූයේ සයිටම් අර්බුදය විසඳීම සඳහා නව ආයතන දෙකක් පිහිටුවීම බව පසුගිය මාසයේදී රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් විය. එම නව ආයතන දෙක සහ ඒවාට පැවරෙන කාර්යයන් ද එහි විස්තර කර තිබිණි. එයින් කියවුනේ එකිනෙකින් වෙන් වූ අභිනව ආයතන දෙක වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවය. යෝජිත නිර්දේශ අනුව මෙයින් එකක් වන්නේ සයිටම් ආයතනයේ සිටි සියලුම වෛද්‍ය සිසුන් බඳවා ගනිමින් සහ වගකීම් පවරා ගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන ලාභ නොලබන තාවකාලික ආයතනයකි. සයිටම් ආයතනයේ වර්තමාන අවසන් වෛද්‍ය සිසුන් කණ්ඩායම උපාධි ලබාගත් පසුව ඊට අලුතින් සිසුන් බඳවා නොගන්නා බව ද එහි දැක්විණි. දෙවැන්න, 2019 වසරේ පටන් සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන ලාභ නොලබන නව ආයතනයකි. 2019 වසරේ පටන් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන එම දෙවෙනි ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලද යුතු අතර ඒ සඳහා එම ආයතනය අවශ්‍ය අවම ප්රමිතීන් සපුරා ලිය යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන් විය. | 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට අද (පෙබ 21) තීරණය විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඒ.එච්.එම් ෆවුසි, රවුෆ් හකීම්, ඒ.එල්.එම් අතාවුල්ලා, රිෂාද් බදියුදීන් , බෂීර් සේගුඩාවුඩ්, ඒ.එච්.එම් අස්වර්, ෆයිසර් මුස්තාෆා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් ඇතුළු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ඇමතිවරුන් පිරිසක් විසින්, අවතැන් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලිය පිළිබඳව සහ බොදු බල සේනා ,සිහල රාවය හා රාවනා බලකාය යන සංවිධාන තුළ සිටින ඇතැම් බෞද්ධ අන්තවාදී කණ්ඩායම් නිරන්තරයෙන් ම මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදු කරන ද්වේශ සහගත බියවැද්දීමේ ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවධානය යොමු කරවමින් යවනු ලැබ ඇති ලිපියක් මගිනුයි එම ඉල්ලීම කරන්නේ. ඉහත කී කණ්ඩායම් විසින් මුස්ලිම් ආගමික ස්ථාන, හලාල් කෑම බීම, මුස්ලිම් සංස්කෘතියට අදාළ ඇඳුම් පැළඳුම් මෙන් ම, 1990 දශකයේ දී එල්.ටී.ටී. ය විසින් බලහත්කාරයෙන් නෙරපා දමන ලද මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලියට ද බලපෑම් එල්ල කරනු ලැබ ඇති බවයි, මුස්ලිම් නායකයන්ගේ ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ. පරණ අවතැන්වූවන් අවතැන් මුස්ලිම් ජනයාගේ විල්පත්තු ජීවිතය. ‘අවතැන් මුස්ලිම් ජනතාව "පරණ අවතැන් වූ වන්” ලෙස නම් කර ඇති අතර, රජය අන්තර්ජාතික සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (UNHCR) විසින් ලබා දී තිබුණ මුදල් ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කර තිබුණ නැවත පදිංචි කරවීමේ වැඩසටහන් වලින් ද ඔවුන්ට කිසිදු සහනයක් ලැබී නැති බවයි’,ඉහත කී ලිපිය මගින් මුස්ලිම් නායකයන් ජනාධිපතිවරයාට කියා සිටින්නේ. අවතැන් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලිය සඳහා විධිමත් මැදිහත් වීමක් නොමැති හෙයින්, මුස්ලිම් රටවලින් සහ පුද්ගලයින්ගෙන් ආධාර ලබා ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මුස්ලිම් ආගමික ,දේශපාලනික සහ සිවිල් සංවිධානවල නායකත්වය පියවර ගෙන ඇති බවයි මුස්ලිම් නායකයන්ගේ ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ. එම කාර්යය සඳහා ඇතැම් පරිත්‍යාගශීලීන් විසින් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙන බවත් ඔවුහු සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට කියා සිටිති. එල්.ටී.ටී.ය විසින් පලවා හරිනු ලැබුන අවතැන් මුස්ලිම් ප්‍රජාව. සිය වැඩ පිළිවෙලේ අනුග්‍රහයෙන් මේ වන විටත් නිවාස කීපයක් අවතැන් වූවන් වෙනුවෙන් ඉදි කර දී ඇති බවත් ලිපියේ දැක්වෙයි. විල්පත්තුවේ පදිංචිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ජනාධිපති විශේෂ කාර්ය බලකායේ අවසර ඇති ව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලු ම ඉඩම් නිරවුල් කර ඇතත්, මුස්ලිම් ජනතාව විල්පත්තුව වනෝද්‍යානයෙහි බලහත්කාරයෙන් පදිංචි වී සිටින බවක් මාධ්‍ය මගින් ඉස්මතු කර ඇති බවයි, මුස්ලිම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දෙන්නේ. නැවත පදිංචි කෙරුණ ජනතාවට එරෙහි බලපෑම් නතර කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම අපේක්ෂා කරන බව සිය ලිපිය මගින් කියා සිටින මුස්ලිම් නායකයෝ, පසුගිය වසර විසිතුන මුළුල්ලේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල ජිවත් වූ අවතැන් වූ මුස්ලිම් ප්‍රජාව අමතක ව ගිය ජන කොට්ඨාශයක තත්වයට පත් වී සිටින බවත් අවධාරණය කර ඇත. මේ පිළිබඳව වැඩිදුර විස්තර විමසීම පිණිස මුස්ලිම් අමාත්‍යවරුන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ලවන තාඩන පීඩන සහ තර්ජන සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර නොගන්නා බව ආණ්ඩුවේම අමාත්‍යවරුන්ගේ මතය වී තිබෙන බව සංදේශය කළ විමසීමකදී කියා සිටි එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රීවරයා, එම ලිපියේ අඩංගු කරුණුවලට තමන් එකඟ වන බැවින් එයට අත්සන් තැබූ බව කියා සිටියේය. ආගමික ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට ආගමික කටයුතු පිළිබඳ පොලිස් ඒකකයක් පිහිටුවා තිබෙන්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා කියා සිටියේ එහි කාර්යභාරය පිළිබඳව විපක්ෂය හෝ පාර්ලිමේන්තුව දැනුවත් කොට නොමැති බවයි. | අවතැන් මුස්ලිම් ප්‍රජාව නැවත පදිංචි කිරීමේ සැලසුම් වලට එල්ල වෙමින් පවතින බාහිර බලපෑම් නතර කිරීමට මැදිහත් වෙන මෙන් මුස්ලිම් ජන නායකයෝ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අදාළ ස්ථානයෙන් පසුගිය 14 වෙනිදා පළමු වරට අස්ථි කොටස් හමුවූයේ එම මාර්ගයේ ජලනල එළීම සඳහා කැණීම් කරන අවස්ථාවේදීය. එදිනම, යාපනය වැඩබලන මහේස්ත්‍රාත් වී. ටී. ශිවලිංගම් ස්ථානීය පරීක්ෂාවක් කළ බව යාපනය පොලිසිය සඳහන් කළේය. අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් එදින නිරීක්ෂණය කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අඟහරුවාදා දින අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කරන ලෙසට නියෝග කළ බවද පොලිසිය පවසයි. ඒ අනුව යාපනය මහේස්ත්‍රාත්වරයා මෙන්ම යාපනය රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා, යාපනය පොලිස් නිලධාරීන්, පුරාවිද්‍යා නිළධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක නිරීක්ෂණය යටතේ අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරිණි. අස්ථි කොටස් හමුවු ස්ථානයෙන් කාන්තා ඇඳුම්වලට සමාන ඇදුම් කොටස් කිහිපයක්ද හමුවි ඇති බව ආරක්ෂක අංශ පවසයි. මෑත කාලය තුළ අවස්ථා කිහිපයකදී යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයේ විවිධ ස්ථානවලින් මිනිස් අස්ථි කොටස් හමුවී තිබේ. මෙම තොරතුරු ද දැනගන්න: | යාපනය, පන්නෙයි, මීනාච්චි ආම්මාන් කෝවිල මාර්ගය ආසන්නයෙන් හමුවූ අස්ථි කොටස්වලට අදාළව අඟහරුවාදා (අගෝස්තු 18) දෙවෙනි දිනටත් කැණීම් කෙරිණි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිය පිළිගත යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, තමා උසස් අධ්‍යාපන අමාත්‍ය පදවිය දැරූ සමයේ එයට අනුමැතිය දීම පිළිබඳව කරුණු පැහැදිලි කරමිනි. "උපාධි කඩේ, උපාධි කඩේ කිවුවට මම නැවතත් කියන්න කැමතියි සයිටම් විශ්ව විද්‍යාලයට වෛද්‍ය ශිෂ්‍යයෝ බඳවා ගන්නේ වැඩ තුනයි සම්මාන දෙකක් තියන දරුවෝ," ඔහු පැවසීය. කෙසේ නමුත් ඇතැම් දුෂ්කර පළාත්වලින් උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබාගත් ශිෂ්‍යයන් පවා විශ්ව විද්‍යාල ප්‍රවේශයට වරම් ලබා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. "ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයේ, මහනුවර දිස්ත්‍රික්කයේ, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලින් A තුන තියන වෛද්‍ය සිසුන් විශාල ප්‍රමාණයකට රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමට නොහැකි වෙලා තියනවා." එසේ උසස් අන්දමින් උසස් පෙළ සමත්වුවත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමේ වරම් නොලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටින බවත් අමාත්‍ය එස්බී දිසානායක වැඩිදුරටත් පැවසීය. | මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය උපාධි ප්රදානය කරන ආයතනයක් ලෙස ගැසට් කරනු ලැබුවේ වෛද්‍ය උපාධියක් ලබාගැනීම සඳහා දහස් ගණන් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 'විඳින දස දුක' දුටු නිසා බව සමාජ සේවා අමාත්‍ය එස්බී දිසානායක පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කන්ගනා රනාවුත් බොලිවුඩයේ වඩාත් ලාභ ලැබිය හැකි චිත්‍රපට නිළියක් ලෙස සැලකේ හින්දි සිනමාව මුහුණ පා ඇති මේ ගැටලුකාරී තත්ත්වය මැද සිටින්නේ කන්ගනා රනාවුත්ය. තිස්තුන් හැවිරිදි සිනමා තාරකාව ඇයගේ සහෝදර නළු නිළියන් සමග යුද වැදී ඇති බව පෙනෙන්නට තිබේ. පසුගිය සති කිහිපය තුළ, කර්මාන්තයේ ඉහළින් වැජඹෙන පතාක යෝධයින් හට, ඥාති සංග්‍රහය (Nepotism) සහ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ඇය චෝදනා එල්ල කළාය. එහිදී නළු නිළියන් කිහිප දෙනෙකුම නිර්දය ලෙස විවේචනය කළ ඇය සෙසු සිනමා තරු මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට සම්බන්ධ බවට ද චෝදනා කළාය. කන්ගනා විසින් බොලිවුඩය හඳුන්වනු ලැබුවේ කසල ගලා යන "කාණුවක්" ලෙසිනි. ඉන්දීය සිනමා කර්මාන්තය තුළ තමන් "හිංසාවට සහ ලිංගික අඩන්තේට්ටම්වලට" ලක් වූ බව ඇය පවසන්නීය. එමෙන්ම තමාට "මත්ද්‍රව්‍ය ජාවාරමට මුහුණ දීමට සිදු වූ" බව ද කියා සිටී. තමා ඉදිරියේ ඇති එකී "බාධා ඉවත් කිරීමෙන් තවත් බොහෝ දෙනෙකුට මග හෙළි පෙහෙළි වනු ඇති" බව ඇය සඳහන් කළාය. නමුත් කන්ගනාගේ විවේචකයන් පවසන්නේ ඇයගේ මේ චෝදනා පසුපස දේශපාලන අභිලාශයක් පවතින බවකි. ඇය ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයට (BJP) සම්බන්ධ වීමට ආසන්නයේ සිටින බවට කටකතා පවතී. එමෙන්ම ඇය විවේචනයට ලක් කරන සෙසු නළු නිළියන්, ඇයගේ දේශපාලන මතයෙන් බැහැර වෙනස් මත දරන්නන් බවට ද චෝදනාවක් පවතී. ප්‍රබල රංගන හැකියාවන් සහිත නිළියක් ලෙස ප්‍රසිද්ධියට පත් කන්ගනා ඉහළ පෙළ සම්මාන ගණනාවක් දිනා ඇති අතර ඇය සිනමාවට දක්වා ඇති දායකත්වය අගයමින් පද්ම ශ්‍රී සම්මානයෙන් ද (ඉන්දියාවේ ආණ්ඩුව විසින් එරට පුරවැසියෙකුට පුද කරනු ලබන ඉහළම සම්මානය) පිදුම් ලබා තිබේ. සිනමා පවුලකට අයත් නොවුණු කන්ගනා බොලිවුඩ් සමාජයට ගැලපෙන පරිදී හැඩ ගැසීමේදී මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ නිතර කතා කර තිබේ. ඇය පසුව දෙස් විදෙස් රසිකයන් මිලියන ගණනක් සහිත විලාසිතා තාරකාවක් සහ බොලිවුඩයේ වඩාත් ලාභ ලැබිය හැකි චිත්‍රපට නිළියක් බවට පත් වූවාය. "ඇය විශිෂ්ඨ රංගන ශිල්පිනියක්," යනුවෙන් 'ද ප්‍රින්ට්' පුවත් වෙබ් අඩවියේ මාධ්‍ය සංස්කාරකවරිය ෂයිලාජා බජ්පායි පවසයි. "චිත්‍රපට ගණනාවක ශක්තිමත්, අසාමාන්‍ය කාන්තා චරිත රඟපා ඇති, තමාටම අවේනික හැකියාවන් ඔප නංවා ගත් ඇය ස්වභාවයෙන් ලද දක්ෂතා සහිත නිළියක්." ගතව ගිය කාලය තුළ කන්ගනා "සෘජුව කතා කරන සහ නිර්භය" කලාකරුවෙකු ලෙස නමක් දිනා ගත්තාය. "ඥාති සංග්‍රහය සම්බන්ධයෙන් ඇය විසින් චෝදනා එල්ල කරන ලද, අධ්යක්ෂ කරන් ජොහාර් වැනි කර්මාන්තයේ බලගතු පුද්ගලයන් සමග ඇය ගැටුණා. ඒ වගේම ඇය ප්‍රසිද්ධියේම රිතික් රෝෂන් සමග ආරෝවක් ඇති කර ගත්තා, ඇය සමග 'කයිට්ස්' චිත්‍රපටයේ එක්ව රඟ පෑ රිතික්ට ඈ කිව්වේ තමාගේ 'කලින් සිටි මෝඩ පෙම්වතෙක්' කියලයි," ඔවුන් දෙදෙනා අතර කිසිදාක සම්බන්ධයක් පැවතීමක් රිතික් රෝෂන් සෑම විට ප්‍රතික්ෂේප කරයි. අධ්යක්ෂ කරන් ජොහාර් ඥාති සංග්‍රහයේ යෙදෙන බවට කන්ගනා චෝදනා කරයි ක්ෂේත්රයට පිවිසෙන නවකයන්ට චරිත ලබා දීමේදී ඊට හිලව් වශයෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමේ සංස්කෘතියක් පවතින බව කියවෙයි. එය ද කන්ගනාගේ විවේචනයට ලක් වී තිබේ. බොලිවුඩයේ වංශවත්, පුරුෂ මූලික ප්‍රබලයින් සමග ඇය සෘජුව කටයුතු කිරීම ඇගයීමට ලක් විය. නමුත් මාස කිහිපයක සිට සති පතාම, නැති නම් දින පතාම පාහේ අලුතින් ආරෝවන් ඇති කර ගනිමින් ඇය පුවත් මවයි. එය ආරම්භ වූයේ ජුනි මස මැද සිදු වූ සිනමා නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ඛේදජනක මරණය සම්බන්ධයෙන් මතු වුණු සංවාදයට කන්ගනා එක් වීමත් සමගය. ඔහු සිය දිවි හානි කරගෙන ඇතැයි මුම්බායි පොලිසිය පැවසීය. සුෂාන්ත් මරණය දෙසට තල්ලු කිරීමට ඥාති සංග්‍රහය සහ බොලිවුඩ් අභ්‍යන්තර කවයේ ඇතැමුන්ගේ ක්‍රියා කලාපය හේතු වී ඇති බව පවසමින් කන්ගනා ට්විටර් පණිවුඩයක් නිකුත් කළාය. තමා මෙන්ම සුෂාන්ත් ද කර්මාතය තුළ "ගොඩ් ෆාදර්වරුන්" නොමැති "පිටස්තරයන්" බව ඇය පවසා තිබිණි. බොලිවුඩයේ බලගතු පවුල් සහ අධ්යක්ෂවරු ඔහුගේ වෘත්තීය ජීවිතය "සැලසුම්සහගතව කඩාකප්පල්" කර ඇතැයි කන්ගනා චෝදනා කළාය. සති කිහිපයකට පසු , සිය පුතුගේ මරණයට අනුබල දුන් බවට සහ ඔහුගේ මුදල් සොරා කෑ බවට සුෂාන්ත්ගේ පෙම්වතිය වූ නිළි රියා චක්රබොර්තිට සුෂාන්ත්ගේ පියා චෝදනා කළේය. කන්ගනා එහිදී රියාට එරෙහිව මඩ ව්‍යාපාරයක් ගෙන ගිය අතර ඇය විසින් රියා හඳුන්වනු ලැබුවේ අනතුරට පත් වීමේ අවදානමක සිටි, තමා විසින්ම තම සාර්ථකත්වය ගොඩ නගා ගත් සුපිරි තරුවකගේ පිහිටෙන් ජීවත් වූ කෙටි කලක් මතට ඇබ්බැහිවූවෙකු ලෙසය. තමාට එරෙහි චෝදනා සියල්ල රියා ප්‍රතික්ෂේප කරයි. සුෂාන්ත් වෙනුවෙන් මත්ද්‍රව්‍ය මිලට ගත් බවට වන චෝදනා මත රියා සැප්තැම්බර් මස මුලදී අත්අඩංගුවට ගනු ලැබිණි. විමර්ශන ආයතන තුනක් ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති. සුෂාන්ත්ගේ පෙම්වතිය වූ නිළි රියා චක්‍රබොර්ති සැප්තැම්බර් මුල අත්අඩංගුවට ගනු ලැබිණි මෙවැනි තත්ත්වයක් තුළ කන්ගනා තමාගේ පැරණි ආරෝවන් යළි පණ ගන්වා ඇති අතර අලුතින් කිහිපයක් ද ආරම්භ කර තිබේ. ඇය වින්දිතයා මෙන්ම ආක්රමණිකයා යන දෙදෙනාගේම හැසිරීම එකවර පෙන්නුම් කරයි. අධ්යක්ෂ කරන් ජොහාර් සහ රිතික් රෝෂන් සමග පවතින පැරණි එදිරිවාදිකම් ඇය රූපවාහිනී සාකච්ඡා සහ ට්විටර් ඔස්සේ යළි සිහිපත් කළාය. සෝනම් කපූර්, උර්මිලා මටෝන්ද්කර්, ස්වරා භාස්කර් සහ රිචා චාධා වැන්නන් ඇය විසින් දැඩිව විවේචනයට ලක් කරන ලද සෙසු රංගන ශිල්පිනියන්ය. බොලිවුඩයේ "මත්ද්‍රව්‍ය මාෆියාවක්" පවතින බව පවසන කන්ගනා එම කර්මාන්තය "බුලිවුඩ්" (බුලි- මානසික හිංසා සහ අඩන්තේට්ටම්) ලෙස නම් කරනු ලැබ තිබේ. එය නවකයින් සහ පිටස්තරයින් පිළිනොගන්නා ස්ථානයක් බවත් ඇය සඳහන් කරයි. ඇයගේ මේ නීරස සහ ප්රකෝපකාරී චෝදනා නිසා බොහෝ දෙනා ඇයගේ අභිප්රායන් ප්‍රශ්න කළහ. "දක්ෂතා සහ ධෛර්යය සම්බන්ධයෙන් කන්ගනා කලක් නමක් දිනා සිටි හොඳ නිළියක්, නමුත් දැන් ඒ ධෛර්යය තමාවම ප්‍රවර්ධනය කර ගැනීමක් සහ ඇය සමග එකඟ නොවන කාන්තාවන්ට ලිංගිකත්වය මත පදනම්ව පහර දීමට සහ මුළු හිතින්ම දක්ෂිණාංශික න්යායපත්රය ලුහුබැද යාම දක්වා පරිහානියට පත් වෙලා," යනුවෙන් මාධ්‍යවේදිනියක් සහ චිත්‍රපට විවේචකයෙකු වන ඇනා එම්එම් වෙටිකාඩ් සම්මුඛ පරීක්ෂණයකදී පැවසීය. 2017 වසරේදී කන්ගනා පළමු වරට ඥාති සංග්‍රහය පිළිබඳ ගැටලුව මතු කළ අවස්ථාවේදී සහ බලගතු පුද්ගලයන්ට අභියෝග කර, බොහෝ දේ අහිමි කරගත් විට, එය "විශිෂ්ඨ" ක්‍රියාවක් වුණු බව වෙටිකාඩ් සඳහන් කළාය. "එහෙත් අද වන විට ඇගේ ප්‍රකාශවල තර්කානුකූලබව, අවංකභාවය සහ ස්ථිරබව නොවීම මත ඒ වැදගත් සංවාදය යටපත් වී ගොස් තිබෙනවා," "බොලිවුඩයට ඇතුළු වන පිටස්තරයන් වෙනුවෙන් පෙනීසිටින බව පවසන අතරේ කන්ගනා ඇයගේ මතවාදයට එරෙහි තමා වැනිම පිටස්තරයන්ට අවමන් සහගත, මුළුමනින්ම කාන්තාවන් කෙරෙහි ද්වේශසහගත වූ අදහස් පළ කරනවා. ඒ වගේම ඇයගේ කැපවීම මේ අරමුණ වෙනුවෙන් නොව, ඒ වෙනුවෙන් පෙනී සිටින අංක එකේ පුද්ගලයා ලෙස ඇයගේ ප්‍රතිරූපය වෙනුවෙන් බව අමාරුවෙන් වුවත් පැහැදිලි වී තිබෙනවා," ඉන්දියාවේ ඉහළම අය කිරීමක් කරන නිළියක් වන දීපිකා පදුකෝන් බොලිවුඩයට එරෙහි කන්ගනාගේ වාග් ප්‍රහාර ඉන්දීය පාර්ලිමේන්තුව තුළත් රැව් පිළිරැව් දී තිබේ. එකී තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ප්‍රවීණ නිළියක වන ජයා බච්චන්ට "දෛනිකව පන් ලක්ෂයකට සෘජු රැකියා සහ පනස් ලක්ෂයකට වක්‍ර රැකියා සපයන" සිනමා කර්මාන්තය වෙනුවෙන් පෙනී සිටීමට සිදු විය. විනෝදාස්වාද කර්මාන්තය (Entertainment industry) ඉන්දීය ජනයාගේ පරිකල්පනයට සැලකිය යුතු බලපෑමක් සිදු කරයි. ඉන්දියාවේ මාධ්‍ය, විශේෂයෙන් ආණ්ඩුවට ඇල්මක් දක්වන රූපවාහිනී නාලිකා බොලිවුඩයේ අවුල් ලිහීමේ කතාව යළි යළි වාදනය කරමින් සිටී. සෙනසුරාදා (සැප්. 26), ඉන්දියාවේ වඩාත් ආදරයට පත් තාරකාවක් වන දීපිකා පදුකෝන්, බොලිවුඩයේ විශාල වශයෙන් පැතිර ගොස් ඇතැයි පැවසෙන මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශන කරන බලධාරීන් හමුවට කැඳවනු ලැබිණි. ඒ අවස්ථාවේ රූපවාහිනී නාලිකා හතිලමින් එය ආවරණය කළ අතර වාර්තාකරුවෝ ඇයගේ මෝටර් රථය ලුහු බැඳ ගියහ. ශ්‍රද්ධා කපූර්, සාරා අලී, සහ රකුල් ප්‍රීත් සිං යන නිළියන් ප්‍රශ්න කිරීමට කැඳවන ලද අවස්ථාවේදී ද ඒ හා සමාන දර්ශන දැක ගත හැකි විය. ඒ සියලුම දෙනා තමන් වරදක් කර නැතැයි පවසති. බොලිවුඩයේ නිවහන, මුම්බායි නගරය පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 'ශිව් සේනා' පක්ෂය සමග ද කන්ගනා නීරස සටනක යෙදිණි. ප්‍රාන්ත ආණ්ඩුවේ බලය හිමි 'ශිව් සේනා' පක්ෂය මීට පෙර පාලක භාරතීය ජනතා පක්ෂයේ මිතුරු පාර්ශවයක් වූ නමුත් මේ වන විට දෙපාර්ශවය දැඩි ප්‍රතිවාදීන් බවට පත්ව තිබේ. "ඇය දේශපාලන සෙල්ලමකයි යෙදී ඉන්නේ, 'ශිව් සේනා' සමග භාරතීය ජනතා පක්ෂයට ඇති සටනට ඇය එක්වෙලා," යනුවෙන් ශයිලාජා බජ්පායි පැවසීය. තර්ජනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ 'ශිව් සේනා' පක්ෂය කන්ගනාගේ නිවසේ පිහිටි කාර්යාලයේ කොටසක් නීති විරෝධීව ඉදි කර ඇතැයි චෝදනා කළ අතර පසුව එය කඩා බිඳ දමන ලදී. ඒ සම්බන්ධයෙන් බොම්බායේ මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන්ට දැඩිව තරවටු කළේය. විවේචකයන් පවසන්නේ කන්ගනා පිළිබඳ කතාව, අවධානය වෙනතක යැවීම සඳහා යොදා ගන්නා මාතෘකාවක් බවය. එය මතුව ඇත්තේ ඉන්දියාව වඩාත් බලගතු ගැටලුවලට මුහුණ දී තිබෙන මොහොතකය: කොරෝනාවෛරස් ආසාදිතයන් වැඩි වශයෙන්ම සිටින රටවල් අතර ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවේ, එරට ආර්ථිකය කඩා වැටී ඇත, චීනය අතර වූ දේශසීමාවේ උණුසුම ඉහළ යමින් පවතී. සිනමා තරු තෝරා බේරා ඉලක්ක කිරීම බොලිවුඩය විනාශ කිරීමේ මහා සැලසුමක කොටසක් බව තවත් සමහරෙකුගේ අදහස වී තිබේ. ගතව ගිය වසර කිහිපය තුළ විනෝදාස්වාද කර්මාන්තය, ඉන්දීය ආණ්ඩුවේ දක්ෂිණාංශික මතවාදයට සහාය දෙන සහ ඊට විරුද්ධ නිදහස් මතවාද දරන්නන් (ලිබරල්) වශයෙන් ධ්‍රැවීකරණය වී ඇත. "මත්ද්‍රව්‍ය ගැන සොයා බැලීම හරහා, තැති ගැන්වීම් සහ තර්ජන ඔස්සේ ආණ්ඩුව බොලිවුඩයේ පාලනය ලබා ගන්න උත්සාහ කරනවා," යනුවෙන් 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' හි ලේඛිකාවක සහ තීරු ලිපි රචිකාවක වන ශෝභා දේ ලියා තිබේ. "ඉන්දියාවේ විචිත්‍රවත් විනෝදාස්වාද කර්මාන්තයේ ජීවිත සහ අන්තර්ගතය කපටි සගත ලෙස අත්පත් කරගැනීමේ දීර්ඝ කාලීන වාසි අමුතුවෙන් කිව යුතු නැහැ," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරයි. කන්ගනාගේ අභිලාෂයන් තවමත් පැහැදිලි වීමට ඉඩ තිබිය හැක. මේ මොහොතේ තමාම කොටස්කාරයෙකු වන සිනමා කර්මාන්තය උඩු යටිකුරු කිරීමට ඇය උත්සාහ ගන්නේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් ඇත්තේ බෙදුණු මතයන්ය. "ආරම්භයේදී කෙතරම් නරක ආකාරයට ඇයට සැලකුවේ ද යන්න ගැන ඇය කතා කර තිබෙනවා. සාධාරණව බැලුවොත් ඇය තවමත් ප්‍රබලයන් ඉදිරියේ නැගී සිටිනවා, ඇය තවමත් බොලිවුඩයේ ඥාති සංග්‍රහය විවේචනය කරනවා," "ඇයගේ අභිලාශය කුමක්ද? එදිරිය පිරිමහනවද? දේශපාලන භූමිකාවක් බලාපොරොත්තු වෙනවද? කවුද දන්නේ. නමුත් ඇය එය කරන ආකාරය ප්‍රශ්න සහගතයි. මම හිතන්නේ ඇය දුර ගියා වැඩියි," යනුවෙන් ෂයිලාජා බජ්පායි වැඩිදුරටත් කියා සිටියාය. (බීබීසී මාධ්‍යවේදිනී ගීතා පාන්ඩේගේ වාර්තාවක් ඇසුරෙනි) මේ ගැනත් කියවන්න: | ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව මේ මොහොතේ කුණාටුවකට මුහුණ දී සිටී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | යුද හමුදා නිලධාරීන් පිරිසක් මෙම තරුණියන්ගේ නිවෙස්වලට පැමිණ ප්‍රකාශ කොට තිබෙන්නේ තම දියණියන්ට අමනුෂ්‍ය දෝශයක බලපෑම නිසා ඔවුන් රෝහල්ගත කළ බවයි. රෝහල්ගතව සිටින තම දියණිය බැලීමට රෝහලට ගිය අවස්ථාවේ සිය දියණිය විකල් වූ සිහියෙන් හැසිරෙනු දුටු බව පවසන පියෙක් ඇතැමෙකුගේ දත් පූට්ටු වී ඇති අතර තවත් සමහරුන් හඬමින් සහ සිනහසෙමින් සිටිනු දුටු බවද දිනසේන රතුගමගේ ට පැවසීය. සිය දියණිය නිවසේ සිටියදී කිසි දිනෙක මෙවැනි සිහි විකල් තත්ත්වයකට පත් නොවූ බව එම තරුණියගේ පියා අවධාරණය කරයි. කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් එම තරුණියන් බැලීම සඳහා රෝහලට යාමට උත්සාහ කළ නමුත් යුද හමුදාව ඒ සඳහා අවසර නොදුන් බව මන්ත්‍රීවරයා පවසයි. කිලිනොච්චිය දිස්ත්‍රික් වෛද්‍යවරයා මන්ත්‍රීවරයාට පවසා තිබෙන්නේ තරුණියන් පිරිස දැඩි මානසික ආතතියක් මත රෝගීවී සිටින බවයි. 100 කට අධික දෙමළ කාන්තාවන් ඉකුත් මාසයේ යුද හමුදාවට බඳවා ගන්නා ලදි. ඒ අතරින් හය දෙනකු මේ වනවිට හමුදා සේවය හැර ගොස් තිබේ. රජයේ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී දෙමළ සේවය කල විමසීමකදී කියා සිටියේ රෝහල් ගත කොට ඇත්තේ හමුදාවට බඳවා ගනු ලැබූ තරුණියන් හත් දෙනකු පමණක් බවයි. රෝග ලක්ෂණ හෝ ඊට හේතු තමන් නොදන්නා වග කියා සිටි බ්‍රිගේඩියර් වනිගසූරිය ප්‍රකාශ කලේ දිනකට දෙදහසක් පමණ රෝගී වීම ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සිදුවීමක් බව. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | රජයේ යුද හමුදාවට බඳවා ගත් දෙමල කාන්තාවන් අතරින් 15 දෙනකු හදිසියේ වැළඳුනු රෝගයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අත් වැසුම් කර්මානත ආයතනය වසා දමා ජලය අපවිත්රවීමට අදාළව සම්පූර්ණ පරීක්ෂණයක් කිරීමට සූදානම්ව තිබියදී මේ පහරදීම සිදු කොට ඇති බවයි ඔහු පැවසුවේ. ඊයේ යුද හමුදා ප්‍රහාරයෙන් පීඩාවට පත් වැලිවේරියේ ජනතාව මුණ ගැසුණු ඔහු පැවසුවේ ජනතාව මේ සිද්ධියෙන් පසුව බිය ගැන්වී සිටින බවයි. කන්ටේනර් තුනක් “හමුදාව ගෙන්නල, වෙඩි තියල මරල බිහිසුණු ලෙස මේක මර්ධනය කරමින් මිනිසුන්ව එළවා දාන්න කටයුතු කළා. ඒකට හේතුව එතනින් කන්ටෙනර් තුනක් එලියට අරන් ඒවා පිටරට අරින්න තියෙන නිසා,” ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවසුවේය. දෙදනකු මියගොස් තවත් කිහිප දෙනකු රෝහලේ මරණාසන්නව තබා ගෙන සිටින බවට තමන්ට දැන ගැනීමට ලැබී ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ. පරිසරය හෝ ප්‍රමීතීන් ගැන හෝ සැලකිල්ලක් නොදක්වා එම අත් වැසුම් කම්හල ආරම්භ කොට ඇති බව පවසන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ජලයට ඇසිඩ් මුසුවී බීමට ගැනීමට නොහැකි ලෙස අපවිත්‍ර වී ඇති බව ජනතාව පවසන බව සඳහන් කළේය. | හදිසියේම යුද හමුදාව යොදවා වැලිවේරියේ ජනතා උද්ඝෝෂණය මර්ධනය කළේ කර්මාන්තශාලාවේ සිට පිටරට යැවීම සදහා වූ භාණ්ඩ රැගත් කන්ටේනර් තුනක් පිටත් කර හැරීම සඳහා බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ස්පාඤ්ඤය එම පියවර ගනු ලැබ තිබෙන්නේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙසින් ප්‍රකාශයට පත් කරන බවට එහි නායකයා තර්ජනය කිරීමෙන් අනතුරුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වෙනි වගන්තිය ක්‍රියාවට නැගීම පිණිස ස්පාඤ්ඤ කැබිනට් මණ්ඩලය ලබන සෙනසුරාදා රැස් වෙන බව අගමැති මරියානෝ රහොයි (Mariano Rajoy) නිකුත් කළ නිවේදනයක දැක්වේ. කැටලෝනියාව සෘජු පාලනයට පවරා ගැනීමට 1978 දී සම්මත කරන ලද ව්‍යවස්ථාවේ 155 වගන්තිය මගින් ස්පාඤ්ඤයට අවස්ථාව සැලසේ. ජනරාල් ෆ්රන්කෝ ගේ ඒකාධිපති පාලනය පෙරලා දැමීමෙන් වසර තුනකට පසුව සම්මත කෙරුණු 1978 ව්‍යවස්ථාව මගින් රටේ යළිත් වරක් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කෙරුණු අතර, එහි 155 වෙනි වගන්තිය එවක් පටන් මේ වන තුරු ක්‍රියාවට නගා නැත. ස්පාඤ්ඤය දිගින් දිගටම තමන්ට එරෙහිව "මර්දනය දියත් කළහොත්" ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව කැටලෝනියාවේ පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන බවට කැටලෝනියාවේ නායක කාලෙස් පුෂ්දිමොන් (Carles Puigdemont) මීට ඉහතදී පැවසීය. එසේ වුවහොත් කළාපයේ යළිත් වරක් ප්රචණ්ඩත්වය පැතිර යනු ඇතැයි බිය පළවෙමින් පවතී. මැඩ්රිඩ් පාලනයේ දැඩි විරෝධය මැද පසුගියදා පැවති ජනමත විචාරණයෙන් අනතුරුව කැටලෝනියාව සහ මැඩ්රිඩ් පාලනය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය. ජනමත විචාරණයේ දී බහුතර ජනතාව නිදහස රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට පක්ෂව ඡන්දය භාවිත කළ බව කැටලෝනියාවේ නායකයන් පවසන නමුත්, එය නීති විරෝධී ජනමත විචාරණයක් යන්න ස්පාඤ්ඤයේ ස්ථාවරය වී තිබේ. සබැදි යොමු : | කැටලෝනියාවේ ස්වයං පාලනය අත්හිටුවීමේ ක්‍රියාදාමය ලබන සෙනසුරාදා සිට ආරම්භ කරන බව ස්පාඤ්ඤය නිවේදනය කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මිය යන විට ඇයගේ වයස අවුරුදු තිස් අටකි මිය යන විට ඇයගේ වයස අවුරුදු තිස් අටකි. පසුගිය සති කීපය ඇතුළත ඇයගේ ශරීර සෞඛ්‍යය ඉතා ශීඝ්‍රයෙන් පිරිහුණු බවත් කෑම රුචිය හීන වී ගිය බවත් සත්ත්වෝද්‍යාන බලධාරීහු පවසති. ජියා ජියාගේ නිවහන වූ හොංකොංහි පිහිටි 'Ocean Park' සත්ත්වෝද්‍යානය විසින් ගිය වසරේ පැවති ඇයගේ තිස් හත් වන උපන්දිනය මහත් ඉහළින් සමරනු ලැබිණි. වනයේ වෙසෙන පැන්ඩාවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර විස්සක් පමණ වන අතර ගෘහස්ථව වෙසෙන පැන්ඩාවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර විසි පහක් පමණ වේ. | සත්ත්වෝද්‍යාන තුළ රඳවා සිටින පැන්ඩාවුන් අතුරින් වයස්ගතම පැන්ඩා ලෙස සැලකෙන 'ජියා ජියා' නමැති පැන්ඩා හොංකොං නුවර සත්ත්වෝද්‍යානයකදී මිය යයි. |