News Content
stringlengths
35
40.7k
Headline
stringlengths
9
215
Is_headline
int64
0
1
‘‘රාජපක්‍ෂ රෙජිමයට සුව කරන්න නොහැකි වූ රාජපක්‍ෂලා විසින්ම ඇති කළ ලෙඩ දෙකම ජාතික රජය සුවපත් කළ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කිරිබත්ගොඩ දී පැවසීය.ජාත්‍යන්තරයෙන් එල්ල වූ මානව හිමිකම් ප‍්‍රශ්නයට සහ විදේශීය ණය බර යන රෝග දෙක හඳුනාගෙන නිට්ටාවටම සුවපත් කිරීම සඳහා බෙහෙත් කර ඇති බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ කිරිබත්ගොඩ එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩ සටහනෙහි ජන රැලියට සහභාගි වෙමිනි.එජාප කැලණි ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රවර්ධන වැඩ සටහන සංවිධාන කර  තිබිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.‘‘ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය සංවිධායක ලෙස පත්වීමෙන් පසුව පළමු රැුස්වීම මෙහි පවත්වනවා.සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ අපේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා සිරබත් කන්න වුණා. අවසානයේ ඔහු අප සමග එකතුවී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගෙදර යැව්වා. එතුමා වින්ද දුක අප කවුරුත් දන්නවා. එක්සත් ජාතික පක්‍ෂයට බැඳී කැලණිය සංවිධායක පදවිය ෆොන්සේකා මහතා විසින් බාර ගත්තා.අමාරු කාලයේ කැලණිය බාරගෙන ජයග‍්‍රහණය කරා මෙහෙය වූ බෙවන් පෙරේරා මහතාටත් ස්තුතිවන්ත විය යුතුයි. එමෙන්ම අමාරු කාලයේ සිටි ජෝර්ජ් පෙරේරා මහතාටත් ස්තුතිවන්ත විය යුතුයි.වෙසක් උත්සවයට වෙසක් කාඞ් සකස් කිරීම පිළිබඳ මේ දිනවල අවධානය යොමු කරනවා. ධම්මපදයෙන් හෝ වෙනත් තැනකින් හෝ ඊට කවියක් යොදනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් එතුමලාගේ වෙසක් කාඞ් පතට යොදන්න හොඳ කතාවක් කිව්වා.මේ පොහොය නොව ඊළඟ පොහොයෙන් පසු නැවත ආණ්ඩුව ගන්නා බව ඔහු ප‍්‍රකාශ කළා. මොනවා කරන්නද? මාර දූවරුන් තුන්දෙනත් නැටුවානේ? ජනවාරි මාසයේදීත් ඔය කතාවම කිව්වා. මා රට ගිය පසු ආණ්ඩුව පෙරළන්නැයි මා අභියෝග කළා. ඊට පසුව එතුමා පාර්ලිමේන්තුවේදීවත් දුටුවේ නැහැ.වෙසක් පොහොය දෙකක් යන විට අපේ සංවර්ධන වැඩ සටහනේ මූලික ප‍්‍රතිඵල ලැබෙනවා. මහින්ද රාජපක්‍ෂ රෙජිමයට සුව කළ නොහැකි වූ රාජපක්‍ෂලා විසින් ඇති කරගත් ලෙඩ දෙකක් තිබුණා.එක ලෙඩක් මානව හිමිකම් ප‍්‍රශ්නයයි. එක්සත් ජාතින්ගේ මහලේකම්ව සිටි බැන්කි මූන් සමග ප‍්‍රකාශය අත්සන් කළේ ඒ අයයි. දරුස්මාන් හමුවට ගොස් අප සාක්කි දෙන්නම්. නඩු පවරන්නම් යනුවෙන් කිව්වොත් ඒ අයයි. අවසානයේ ලෝකයට මුහුණ දෙන්න බැරි වුණා. ජාත්‍යන්තර අප‍්‍රසාදයට ලක් වුණා.රාජපක්‍ෂ සමයේ අනෙක් ප‍්‍රශ්නය ණය බරයි. ඔහුගේ සමයේ වසර හතරක් යුද්ධ කර වසර පහක් සාමය තිබුණා. ඩොලර් කෝටි 3600 ක ණයක් අද අපි ගෙවා දැමිය යුතුයි.මේ බව මා මුලින්ම දැනගෙන හිටියා. 2015 දී ආණ්ඩුව මාරු කරන බවට මා ප‍්‍රකාශ කළේ ඒ නිසයි. එදා මා කී කතාව කව්රුවත් පිළිගත්තේ නැහැ. ජාත්‍යන්තර ප‍්‍රශ්න සඳහා ආර්ථික තත්ත්වය ගැන අවධානය යොමු කළ විට රාජපක්‍ෂලාට ආණ්ඩු කරන්න බැරි බව අප දැනගෙන හිටියා.එකල මැතිවරණයක් පැමිණි පසුව අප සංවිධානය වී ජයග‍්‍රහණය කරා රට ගෙන ගියා. අපට විසඳන්න බැරි ප‍්‍රශ්න මෛත‍්‍රී - රනිල් කරන්නේ කෙසේදැයි එවිට රාජපක්‍ෂලා සිතුවා. ආණ්ඩුව වැටෙනතුරු කට ඇරගෙන බලා සිටියා. අවසානයේ අප ඒ ප‍්‍රශ්න දෙකම විසඳුවා.මෙරට සංහිදියාව ඇති කිරීම සඳහා ජාත්‍යන්තරය විසින් අපට තව වසර දෙකක කාලයක් දුන්නා. දැන් අපි ඒ සඳහා වැඩ කරමු.අපේ තරුණ කාලය ගත වුණේ යුද්ධය සමගයි. නමුත් වත්මන් තරුණයන්ගේ යොවුන් විය සාමය සමග හොඳ රැකියා කරමින් ගත විය යුතුයි. ඒ වෙනස ඇති කරනවා නම් නැවත ආගම්, ජාති බේද ඇති කළ යුතු නැහැ. බහුතරය සහ සුළුතරයට එකට ජීවත් විය හැකි ශ්‍රී ලංකාව අප නිර්මාණය කරනවා.  තම තමන්ගේ ජාතිය - ආගම ගැන හැමෝටම ආඩම්බර විය හැකියි.අපට කිසිවකුගෙන්වත් පළිගන්න අවශ්‍ය නැහැ. එල්ටීටීඊ සංවිධානය කළ හානිය අප දන්නවා. උතුරේ ජනතාවට තම සැමියා මව, පියා, සහෝදරයා අහිමි වූවා. ඉඩම් - ගෙවල් අහිමි වෙලා. ඒ අයටත් නැවත ජීවිතය - ආර්ථිකය දිය යුතුයි.මොන පැත්තේ හිටියත් දුක් වින්ද ජනතාවට උදව් කර ලාංකිකයන් ලෙස ඉදිරියට යමු. අප අලූත් ව්‍යවස්ථා ඇති කර ගනිමු.සංධානයේම මහ ඇමැතිවරුන් කියන බලය බෙදා හැරීම සමග අපි ඉදිරියට යමු.ඩොලර් කෝටි 3600 ක ණය මුදල 2026 දක්වා ගෙවිය යුතුයි. අන්තිම ණය මුදල ගෙවන්නේ 2038 වසරේදීයි. මගේ උත්සාහය ඊට පෙර ණය ගෙවා දමා අවසන් කිරීමටයි. රාජපක්‍ෂලාගේ පව් ගෙවන්න 2038 දක්වා බලාගෙන ඉන්න හැකියාවක් නැහැ.අපි මෙරට ඉදිරියට ගෙනයන ක‍්‍රමය ගැන කල්පනා කරමු. මැලේසියාව, තායිලන්තය වගේ අපි ඉදිරියට යමු.රට ගොඩගන්න නම් අප එකතු වී වැඩ කළ යුතුයි. සමහර අවස්ථාවලදී අපේ අයට විශාල ප‍්‍රශ්න තිබුණා. අපි  පළමුවෙන්ම රට ගොඩ ගනිමු. දැන් අප ණය ප‍්‍රශ්නයදීත් පාලනය කරගෙන තිබෙනවා. අපේ ආදායම ටිකෙන් ටික වැඩි වෙනවා. ආර්ථිකය දියුණු වෙනවා. අප උත්සාහ කරන්නේ ජනතාවට බර නොදී ණය ගෙවා දැමිය හැකි ආර්ථිකය ඇති කිරීමටයි.ඊළඟ වසර පහේදී අපේ සංවර්ධනය පටන් ගන්නවා. බියගම මන්ත‍්‍රී ලෙස මා මෙහි එන විට අප ආසියාවේ දියුණු රට ලෙස ඉදිරියෙන් සිටියා. අද වන විට රටවල් රැසක් අප පසු කරගෙන ගිහිල්ලා. ඇෆ්ගනිස්තානය, කාම්බෝජය, ලා ඕසය, මොංගෝලියාව, පමණක් අප පසුපසින් අද සිටිනවා. බංගලාදේශයත් දැන් අපේ මට්ටමට එනවා.අප දිගටම දුප්පත්කම ගෙනයනවාද නැතිනම් තරුණ - තරුණියන්ට රැකියා සහ හොඳ ආදායම් මාර්ග දෙනවාද?ප‍්‍රශ්නවලට අප කඩිනම් විසඳුම් සෙවිය යුතුයි. මූලික ප‍්‍රශ්න විසඳූ පසු අපට  පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න ගැන අවධානය යොමු කළ හැකියි. දේශපාලන පළිගැනීම් ගැන කටයුතු කිරීම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පැවරුවා.අපේ පාක්ෂිකයන්ට ක‍්‍රමානුකූලව අවශ්‍ය සහන දෙනවා. ආණ්ඩුවේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා සොයා දිය යුතුයි.ඉස්සර ගම්පහ කැලයක් නොවේද? මා ඇවිත් කටුනායක, බියගම වෙළෙඳ කලාප ඉදි කළා. අද ලංකාවේ වැඩිම ජනගහනයක් ඉන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයේයි.එදා 1977 කිරිබත්ගොඩ කුඩා නගරයක් පමණයි. ඡන්දවලට අවශ්‍ය බඩු ගන්නත් මට කොළඹට යන්න වුණා. අද කිරිබත්ගොඩ දියුණුව කොහොමද?කිරිබත්ගොඩ, සපුගස්කන්ද, කඩවත, මාවරමණ්ඩිය එකතු වී ඊළඟ වසර 10 තුළ විශාල නගරයක් ඇති කිරීමට නියමිතයි.බියගම පැත්තෙන් තවත් නගරයක් ඇති වෙනවා. වත්තල, ජා ඇල, කටාන, මීගමුව මැතිවරණ කොට්ඨාස අනෙක් පැත්තට හරවන්න අපට හැකි වුණා. අද  මා උත්සාහ කරන්නේ මුළු රටටම ඒ දියුණුව ගෙන එන්නයි.මහනුවර සිට සම්බන්තොට දක්වා විශාල දියුණුවක් ඇති වෙනවා. මහනුවර සංචාරක මධ්‍යස්ථානය බවට පත් කරනවා. වයඹ සංචාරක මධ්‍යස්ථානය බවට පත් වෙනවා. කුලියාපිටිය කර්මාන්තකරණය ගෙන ආ විට දිවුලපිටිය, කුරුණෑගල, නුවර, කෑගල්ල දියුණු වෙනවා. එවිට ගම්පහත් ශීඝ‍්‍ර දියුණුවකට ලක් වෙනවා. මේ ප‍්‍රදේශය ක‍්‍රමානුකූලව මධ්‍යම පාන්තික ප‍්‍රදේශ බවට පත් කරනවා.බස්නාහිර මහා නගර වැඩ සටහන යටතේ මුළු බස්නාහිර විශාල දියුණුවක් ඇති කරනවා.තායිලන්තයේ ප‍්‍රධාන කර්මාන්ත සමාගම කළුතර කර්මාන්තකරණය කිරීම සඳහා මේ වන විට අධ්‍යයනය කරනවා. ගාල්ල මුදල් ඇති සංචාරකයන් එන කලාපය බවට පත් කරනවා. රුහුණු සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ලෙස හම්බන්තොට වරාය ආශ‍්‍රිතව දියුණුවට පත් කරනවා. කොළඹ - ගම්පහ වැනි දියුණුවක් ඒ ප‍්‍රදේශවලත් ඇති වේවි.සිංගප්පූරු සමාගම පැමිණ ත‍්‍රිකුණාමලය ආර්ථික කලාපය සකසනවා. වරාය, සංචාරක කලාපය, කර්මාන්ත කලාපය දියුණු කරනවා.මා මේ මාසයේ ජපානයට සහ ඉන්දියාවට යනවා. ත‍්‍රිකුණාමලය දියුණුවට ඔවුන්ගෙන්ද ආධාර උපකාර ගන්නවා.අනුරාධපුරයද සංචාරක කලාපය බවට පත් කරනවා. අම්පාර දියුණු කරනවා. බදුල්ල - නුවරඑළිය ප‍්‍රදේශත් දියුණුයට පත් කරනවා. නැති වූ ආර්ථිකය මා ගොඩ නඟනවා.මොනරාගල, වැල්ලවාය ප‍්‍රදේශවලටත් වෙළෙඳ කලාප දෙනවා. ඒ ප‍්‍රදේශත් කිරිබත්ගොඩ සේම දියුණු කරන්නම් යයි රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමා කිව්වා. මා ඒ දියුණුව දෙන්නම්.මෙලෙස තරුණ - තරුණියට අනාගතය දෙන්නද? එපාද?සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම වැඩිකරගත යුතුයි. මට අවශ්‍ය මුදල් ඇති සංචාරකයන් ගෙන එන්නයි. වතුර බොන සංචාරකයන් ගෙනැවිත් රටට පළක් නැහැ. මෙරට බැංකු මධ්‍යස්ථානය බවට පත් කළ යුතුයි. එදා වරාය නගරය අද දකුණු ආසියාවේ ප‍්‍රධාන මුල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට අප කටයුතු කළා. සිංගප්පූරුව-ඩුබායි යන රටවල් පරිද්දෙන් නීති පද්ධති සකස් කරගෙන යනවා.පාසල් අධ්‍යාපනය වසර 13ක්  අනිවාර්ය කිරීමට කටයුතු කරනවා. මධ්‍ය මහා විද්‍යාල සංඛ්‍යාව වැඩි කරනවා. අලූතින් ගුරුවරුන් බඳවා ගන්නවා.නාගරික නිවාස, මධ්‍යම පාන්තික නිවාස, උතුරේ නිවාස ආදි ලෙස නිවාස ව්‍යාපෘති රැසක් අද ක‍්‍රියාත්මකයි. පාක්ෂිකයා මෙන්ම රටත් බලාගත යුතුයි.අද තරුණයන්ගේ දරුවන්ටත් වසර 20කින් පසු හොඳ රටක් අප නිර්මාණය කළ යුතුයි. මේ යන ගමන අනුව නව වෙසක් පෝය දෙකකින් මහින්ද රාජපක්‍ෂට අඬන්න නම් වේවි.හම්බන්තොට වරාය ගැන දැන්  කෑ ගහනවා. හම්බන්තොට වරාය හදන්න මහින්ද රාජපක්‍ෂ චීනයේ එක්සිම් බැංකුව සමග ගිවිසුම එළැඹුනා. නැවත ණය වෙන්න වසර 20ක කාලයක් වත් එදා ඉල්ලන්න තිබුණා. 2016 සිට ණය ගෙවන බව මහින්ද රාජපක්‍ෂ කිව්වා.දැන් ඩොලර් කෝටි 30ක පමණ වාරිකයක් වසරකට ගෙවිය යුතුයි. මේ සඳහා රජයට මුදල් නැහැ. මුදල් නොගෙව්වොත් ගිවිසුම අනුව වන්නේ කුමක්ද? කෝටි 1400 ම එකවර අපෙන් අයකර ගන්න පුළුවනි. කෝටි 30ක් ගෙවා ගන්න බැරි රටක් එකවර සියල්ල ගෙවන්නේ කෙසේද?රට ණය උගුලක සිරවී ඉන්න බව සත්‍යයි. ඒ මුදල ගෙවන්න බැරිනම් හම්බන්තොට වරායත්, කොළඹ දකුණු වරායත් ඔවුන් ඉල්ලනවා.2014 වසරේ රාජපක්‍ෂ රජය එළැඹි තවත් ගිවිසුමකට අනුව චීන සමාගමකට හම්බන්තොටින් කොටසක් සින්නක්කරවම දුන්නා. ණය ගෙවන්නේ අපියි. චීනය ලාභ ගෙන එයින් කොටසක් අපට දෙනවා. එහෙම බිස්නස් කරන්නේ මොන රටේද? එහෙම බිස්නස් නම් කරන්න මමත් කැමැතියි. අගමැතිකමින් ඉවත්ව ජනතාව ණය ගෙවන්න. මා ලාභ ලබන්නම් කියා ඉන්නම්. ඊට පසුව කොළඹ වරාය නගරය කියා කොටසක් අවුරුදු 99 කට බදු දුන්නා. කොටසක් සින්නක්කරවම විකුණා දැම්මා. දැන් එයා හම්බන්තොට වරාය විකුණනවා කියමින් කෑ ගසනවා.මා ප‍්‍රශ්න තුනක් මහින්දගෙන් අහන්න කැමතියි. මාධ්‍ය ඒ ප‍්‍රශ්න දාන්න අකමැති වේවි. ඒ මාධ්‍ය මහින්දට උදව් කරන නිසයි.වරාය ඉදිකර වසර 20කින් පසු ගෙවීම් කිරීමට එකඟ වුයේ නැත්තේ ඇයි? 2016 දී ණය ගෙවන බවට පොරොන්දු වූයේ ඇයි? හම්බන්තොට වරායේ හොඳ කොටස චීන සමාගම් වලට දී ණය ගෙවීම අප බාරගත්තේ ඇයි? වරාය නගරයෙන් කොටසක් විකුණා අනෙක් කොටස වසර 99 කට බදු දුන්නේ ඇයි?මා හතරවැනි ප‍්‍රශ්නයකුත් අසන්නම්. එය මාධ්‍යයේ පළ කරනවාද? හම්බන්තොට විකුණනවා කියා ලැජ්ජා නැතිව අද මහින්ද රාජපක්‍ෂ අඬන්නේ ඇයි? හම්බන්තොට චීන- ලංකා හවුල් ව්‍යාපාරයට බද්දට දී ණය කළමනාකරණය කර ගැනීමට අපට හැකියි.තවත් අපට ගෙවන්න ඉතිරි වී ඇත්තේ කෝටි 3460ක් පමණයි. දැන් අඬන්නේ ණය අඩු කර ගත්තාටද?මේ ප‍්‍රශ්න හැමතැනදීම අහන්න. මා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. නිකන් අඬන්න ඉඩ දෙන්න බැහැ. ඒ කාලය ඉවරයි. මා හොඳ ලංකාවක් හදනවා. තරුණයන්ට ජීවත් විය හැකි හොඳ රටක් හදනවා යැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.එක්සත් ජාතික පක්‍ෂ කැලණිය ප‍්‍රධාන සංවිධායක, ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා‘‘අප කළ දේශපාලන පෙරළිය ශක්තිමත් කිරීම මේ රැුලියේ අරමුණයි. කැලණිය අගමැතිතුමාට නුහුරු ප‍්‍රදේශයක් නොවෙයි. අගමැතිතුමන්ද දේශපාලනය ඇරැඹුවේ කැලණියෙනුයි.කැලණියේ ජනතාවගෙන් 50% කට හරියාකාරව නිවෙසක් නැහැ. අඩුපාඩු රැසක් තිබෙනවා. ඒ කරදරවල වගකීම බාරගත යුත්තේ රාජපක්‍ෂ කාලයේ මෙහි සිටි දේශපාලකයන් බව කිව යුතුයි.කැලණිය ජනතාවට විශාල පාසල් ප‍්‍රශ්නයක් තිබෙනවා. මේ ප‍්‍රශ්නවලට ඉදිරියේදී විසඳුම් සෙවිය යුතුයි.අපට මහා සංවර්ධන සැලැස්මක් තිබෙනවා. එදා කැලණියේ දේශපාලකයන් රටම දැනගෙන හිටියා. අල්ලස් ගැනීම, කප්පම් ගැනීමේ සංස්කෘතියක් ඇති කළා. අප මේ රැස්වීම පැවැත්වීමට වත් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ඉල්ලූවේ නැහැ.කැලණියේ ජනතාවට දේශපාලකයන්ගේ පිහිට නැතිව තනිව නැඟී සිටින්න හැකි පරිසරයක් මා නිර්මාණය කරනවා.අගමැතිතුමන්ගේ ආර්ථික ඥානය නිසා දැවැන්ත ණය බරින් රට මුදා ගැනීමේ  මූලික පියවර ගෙන තිබෙනවා.හැමදාම හිරගෙවල්වල බඩගාන කල්ලියට ගැලපෙන ලකුණ පොහොට්ටුව නොව මාංචු කූට්ටමයි. පොදු ජන මාංචු කූට්ටම් පක්ෂය ඔවුන්ගේ පක්ෂයට හොඳ තමයි.‘‘පාස්පෝට් වංශ’’ වාහන 40ක් නැදෑයන්ට දීලා දැන් හිරේ දාලා. අප දැන් අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. වැරදි කළ අය වන්දි ගෙවිය යුතුයි’’එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා- ‘‘කැලණිය පක්ෂයට මෙන්ම රටටත් ඉතා වැදගත් වනවා. යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගියත් ජනතාවට අවශ්‍ය කිසිම දෙයක් වුණේ නැහැ.රාජපක්‍ෂ යුගයේ සංවර්ධනය එක් පිරිසකට පමණක් සීමා වුණා. යුද්ධය අවසන් වුණත් තම දරුවන්ට සපත්තුවක් අරගෙන දීමටවත් නොහැකි තරමට ජනතාවගේ ආර්ථිකය බංකොළොත් වුණා’’රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් බද්දුම බණ්ඩාර මහතා ‘‘මේ අරඹන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රාහී ඇරැඹුමයි. මෙරට යුද්ධයට නායකත්වය දුන් යුද ජයග‍්‍රහණයේ නියමුවා කැලණි පුරවරයට නායකත්වය දෙනවා. එතුමා දේශපාලනයට පිවිසුනේ රට වෙනුවෙන් කළ හැකි උපරිම සේවය ඉටු  කිරීමටයි.ජනවාරි 8 වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ මෙහි සිටින ජනතාවයි. ආණ්ඩුව හැදුවේ එජාපයේ අයයි.අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා‘‘යුද්ධය අවසන් කිරීමට මුල් වූ සරත් ෆොන්සේකා මහතාට එදා අත් වූ ඉරණම මට හොඳට මතකයි. එදා එතුමා දහයයි දහය කාමරයේ ශක්තිමත් මනසින් ජීවත් වුණා. අද කොහොමද? එදා සරත් ෆොන්සේකා
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
0
(හර්ෂණ තුෂාර සිල්වා, ගෝනාපීනුවල දයාසිරිල් ධම්මික සහ ගාල්ල සිරංගිකා ලොකුකරවිට)“ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වූ වහාම එහි සහනය කෙලින්ම ශ්‍රී ලාංකේය ජනතාවට දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුවේදී පැවසීය.“ජාතික ආණ්ඩුව පසුගිය වසර දෙක-තුනක කාලයේදී අති විශාල ණය කන්දක් නැති කිරීමට උත්සාහ ගත් බව කී අග්‍රාමාත්‍යවරයා, ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කරගත් සැණින් තවත් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවිණැයි” ද කීවේය.හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ කරුණු කීය. “රට සංවර්ධනය නොවන්නේ නම් තරුණයන්ගේ ද දියුණුව නැතිවන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක ක්ෂේත්‍රය මුල් කර ගනිමින් තරුණ-තරුණියන්ට රැකියා නිර්මාණය කරන සංවර්ධන ව්‍යාපෘති රැසක් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. “රටටත් රටේ ආර්ථිකයටත් එදා විශාල ප්‍රශ්න තිබුණා. වසර 2013 දීත්, 2014 දීත් රාජ්‍ය ආදායම් ණය පොළිය ගෙවීමට පවා මදි වුණා. අපට විශාල ණය කන්දරාවක් තිබුණා. ඒ නිසා 2015 බලයට පත්වූ විගස ණය ගෙවීමට හැකියාව ඇති කර ගැනීමට අවශ්‍ය වුණා. අප මුලින්ම අවධානය යොමු කළේ ඒ දෙසයි. අය-වැයෙන් මොනවද කරන්න පුළුවන් කියන දේ අප බැලුවා. ණය ගෙවන්න පුළුවන් ආර්ථිකය මා හැදුවා. ආර්ථිකයේ ස්ථාවරය ඇති කර ගත්තා විතරයි, 2017 දී තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න වුණා. කොළඹ කුණු කන්ද කඩා වැටුණා. ඊට පසු ගංවතුර ආවා. ඊටත් පසු නියඟය ද ආවා. හතරවැනි කන්නයේ දී ඇති වූ නියඟය නිසා කෘෂිකර්මය කඩා වැටුණා. අස්වැන්න අඩු වුණා. ග්‍රාමීය ආර්ථිකය කඩා වැටුණා. වී වගාව සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. ගංවතුර නිසා ද එවැනිම හානිය වුණා. අපට තවමත් මුදල් දෙන්න තිබෙනවා. ගාල්ලටත්, මාතරටත් තවමත් මුදල් දෙන්න තිබෙනවා. ඒවායේ ද යම් හිරවීම් වුණා. මේ කරුණුත් ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තෙල් මිල වැඩි වීමත් නිසා තෙල් මිල වැඩි කරන්න වුණා. රජයක් විදියට ඉහත ප්‍රශ්න නිසා තෙල් සංස්ථාවට සහනාධාරය දෙන්න බැරි වුණා. ඒ වගේම තෙල් සංස්ථාවට, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ආයතන මුදල් ගෙවා නැහැ. ඛනිජ තෙල් සංස්ථාවට ඒ බරත්, වියදමත් දරන්න වෙලා. මේ කරුණු නිසා රටේ ආර්ථිකයෙන්වත් රජයේ අය-වැයෙන්වත් ඛනිජ තෙල් සංස්ථාවට යම් සහනයක් දෙන්න බැරි වුණා. අමාරුවෙන් හරි ඛනිජ තෙල් සංස්ථාවට සහන දෙන්න ගියා නම් බැංකු පොළී වැඩි වෙනවා. දැනටත් අපට බැණුම් අහන්න වෙලා. ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් බැංකු පොළිය වැඩියි කියා දොස් කියනවා. උදව් කරන්න ගිහින් බැංකු පොළිය තවත් සියයට 5කින්, 7කින් වැඩි වුණා නම් මොකද කරන්නේ සියලු විකල්ප දිහා බලා තෙල් මිල වැඩි කළා. බොරතෙල් මිල අඩුවූ ගමන් අප ජනතාවට ඒ සහනය දෙනවා. ලෝකයේ තෙල් මිල නැවත වැඩි වෙන්න පටන් ගෙන තිබෙනවා. ලබන වසර වෙද්දි තෙල් මිල අඩු වේවි කියා බලාපාරොත්තු වෙනවා. තෙල් මිල අඩු වූ ගමන් අප ජනතාවට එහි සහනය දෙනවා. මෙතැනට මුදල් යෙදෙව්වා නම් රටේ සංවර්ධනයට මුදල් නැති වෙනවා. අද ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කරල. කොග්ගල වෙළෙඳ කලාපය ආරම්භ කළාට පසු කිසිම වෙළෙඳ කලාපයක් ගාල්ලේ ඇති කර නැහැ. ගාල්ලට යාබද ශාලින්දවත්ත හඳුනාගෙන ආණ්ඩුවට ඒ ඉඩම් අත්පත් කරගෙන යනවා. එහි සම්පූර්ණ වෙළෙඳ කලාපය ආරම්භ කරනවා. නිෂ්පාදන කර්මාන්තවලට අමතරව එහි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.දෙද්දූවේ විශාල සංචාරක කලාපය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉඩම් අක්කර 1800ක් අත්පත් කර ගැනීමට මුදල් දුන්නා. සංචාරක කලාප තුනක් සහ වෙළෙඳ කලාපයක් ආරම්භ කිරීමට බලාපොරාත්තු වෙනවා. අකුරණ, කොග්ගල වගේම හම්බන්තොට දියුණු කිරීමටත් අප මුදල් යොදවනවා.සංවර්ධනයට මුදල් යොදවන්නේ නැතිනම් රට දියුණු කරන්න බැහැ. පසුගිය වසර දෙකෙහිදී අප විශාල ණය බරක් නැති කරන්න උත්සාහ ගත්තා. කොහොම හරි ආණ්ඩුවේ වියදම් සීමා කළා. ජල ගැලීම්, නියඟය යන අභියෝග හා දුෂ්කරතාවලට අප මුහුණ දුන්නා. අප කොහොමින් කොහොම හරි මුදල් සොයා ගත්තා. අද අප සතුව මුදල් තිබෙනවා. දැන් සංවර්ධනය කරන්න ඕනෑ. සංවර්ධනය කරන්නේ නැතිනම් තරුණයන්ට අනාගතය උදාවන්නේ නැහැ.ගුවන් තොටුපොළවල් දෙකක් අතරේ තිබෙන සංවර්ධිතම නගරය බවට ගාල්ල පත් කරනවා. කටුනායකත්, මත්තලත් අතර තිබෙන ගාල්ල සංවර්ධනය කරන අතරවාරයේදී හික්කඩුව, හබරාදූව, කොග්ගල යන ප්‍රදේශ දියුණු කරන්න ඕනෑ. හික්කඩුව, උණවටුනේ තිබෙන ප්‍රශ්න විසඳන්න ඕනෑ. අපේ තිබෙන සංචාරක කලාප දියුණු කරන ගමන් අලුත් සංචාර කලාප පිහිටුවන්න ඕනෑ.තරුණ තරුණියන්ට රැකියා දෙන්න ඕනෑ. සංචාරක කර්මාන්තයේ රැකියා අවස්ථා බිහි කරන්න ඕනෑ. ස්වයං රැකියා ආරම්භ කරන්න ඕනෑ. ඒවාට ණය මුදල් දෙන්න ඕනෑ. ඒ වැඩසටහන් අප ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ගාල්ලේ සංවර්ධනය ඉදිරියට ගෙන යන ගමන් අවට ප්‍රදේශ දියුණු කළ යුතුයි. ඒ සංවර්ධනය සඳහා මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන පියවර රැසක් ගෙන තිබෙනවා. ඉදිරියටත් තවත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.මෙහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීය.“හික්කඩුවේ ප්‍රශ්න ගොඩයි. හැබැයි වැරැද්ද මහජනතාවගෙයි. හික්කඩුවේ අර්බුද රැසක් තිබෙනවා. එහි වැරැද්ද ජනතාව බාර ගන්න ඕනෑ. එහෙම කිව්වා කියා තරහා වෙන්න එපා. අපේ ආණ්ඩුව 2001 දී මිනිස්සුන්ට වතුර දෙන්න ජලාශ හතර ඉදි කළා. මේ ජලාශවලින් වතුර දෙන්න පුළුවන් සීමාවක් තිබුණා. බිලියන 30ක් වියදම් කළා. කිලෝමීටර 800ක් දෙන්න පුළුවන් විදියට අපි හැදුවාම දැන් කිලෝමීටර 3000ක් දක්වා ඒවා වැඩි කරලා. එකකින් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. උත්සව සභාව ඇමතූ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය. “අප අණ බෙර ගසා කිව්වේ නැති වුණාට බොහෝ දේවල් කර තිබෙනවා. කොග්ගල හා හික්කඩුව අධි සංචාරක කලාපය බවට පත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. හික්කඩුවේ හෝටල් හිමියන් නිරන්තරයෙන් පැමිණිල්ලක් කළා. හෝටල් තිබෙන මාර්ගයේ අනතුරු වැඩි බව ඔවුන් කීවා. සංචාරකයන්ට ශබ්දයෙන් වන හිරිහැර ගැන කිව්වා. ඒ නිසා අලුත් මාර්ගයක අවශ්‍යතාව මතුවෙලා. ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගන්නවා. හැමදාමත් සංචාරක කර්මාන්තය ඉදිරියට ගියේ, හෝටල් ආරම්භ කළේ අපේ ආණ්ඩු තිබූ කාලයේදියි.ප්‍රාදේශීය ලේකම් කාර්යාල දියුණු කරන ගමන් “සේවා පියස” ආරම්භ කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ග්‍රාම රාජ්‍ය සංකල්පයට සමගාමීව යන ගමන් සේවා පියස ඇති කරනවා. මිනිස්සුන්ට අද එක තැනකින් වැඩක් කරගන්න බැහැ. ග්‍රාම සේවක එක තැනයි. සමෘද්ධි නිලධාරී වෙනත් තැනකයි. කෘෂිකර්ම නිලධාරියා තවත් කොහේ හරියි. ආණ්ඩුවේ නිලධාරීන් හොයා ගෙන තැන් තැන්වල යන්න වෙලා. ඒ නිසා ගමේ, ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ නිලධාරීන් එක තැනකට ගේන්න අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සේවා පියස ඇති කරනවා. අප බෝඞ් ගහලා නැහැ. ටී වී පැය 24 පුරා පම්පෝරි ගහලා නැහැ. හැම තැනම කිය කිය ගිහින් නැහැ. එහෙත් අප නිහඬව වැඩ රැසක් කරනවා. අප සුරක්ෂා රක්ෂණාවරය දුන්නා. 1990 ගිලන් රථ සේවය ආරම්භ කළා. එදා විරුද්ධ වුණා. අද මේ ගිලන් රථ සේවය ජීවිත රැසක් බේරා දෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව රට සංවර්ධනය කරන බව නැවත නැවතත් කිව යුතු”යි. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන බන්දුලාල් බණ්ඩාරීගොඩ සහ විජයපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. 
යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා
0
(උණවටුන ඩී.ජී. සුගතපාල)රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීම බවත්, ගමේ පාසලට සියලූ සම්පත් ලබා දීම සඳහා අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බද්දේගමදී සෙනසුරාදා (01) ප‍්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සිවයස් සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි. සියවස් සැමරුමවට සමගාමීව ඉදි කරන ලද නව තාක්ෂණ පීඨය හා ප‍්‍රදර්ශනය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.”නගරයේ තියෙන හොඳම පාසල කියන දෙමව්පියන් තුළ මිථ්‍යාව මේ තරගකාරීත්වයට හේතු වෙලා තියෙනවා. පාසල් පිළිබඳ තරගකාරීත්වයේ මිථ්‍යාව අපි ඉවත් කරගත යුතු වෙනවා. ඇතැම් වෙලාවට ජනප‍්‍රිය යැයි කියන පාසලට වඩා ගමේ පාසලෙ හොඳින් අධ්‍යාපන කටයුතු කරන බව නම් අපි දන්නවා.බොහෝ වේලාවට ලොකු නමක් තියෙන ජනප‍්‍රියයැයි කියන පාසල්වලට වඩා ග‍්‍රාමීය පාසල්වල අධ්‍යාපන කටයුතු වඩා විධිමත්ව කරන බව අපට ලැබෙන තොරතුරු වාර්තා අනුව කියන්න පුළුවන්. ඇයි මේ තරගකාරීත්වය අපි තේරුම් නොගන්නේ. අපේ රටේ පාර්ලිමේන්තුවට පත් වෙන්න මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් වූ ගමන්ම ගොඩක් අය කරන්නේ ගමේ පාසලට ගිය තමන්ගේ දරුවන් කොළඹ පාසලකට දාගන්න එක තමයි. එය සාමාන්‍ය දෙයක් හා සම්ප‍්‍රදායක් බවට පත් වෙලා තියෙනවා.අසූනවය වර්ෂයේ මුල් වරට පාර්ලිමේන්තුවට පත් වනවිට මට දියණියන් දෙදෙනකු හිටියා. මගේ දුවලා දෙන්නා ඒ වනවිට අධ්‍යාපනය ලැබුවේ මගේ දෙමවුපියන්ගේ ගම් ප‍්‍රදේශය වන ගම්පහ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය යැයි කියන පාසලක. අසූනවයේ පාර්ලිමේන්තුවට පත් වූ වහාම මා දරුවන් දෙදෙනා ඒ පාසලෙන් අස් කරගෙන විත් පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට දැම්මා. ඒක තමයි මගේ ප‍්‍රතිපත්තිය. ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. මා ඒ අයට කීවේ මම පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට ඒ කාලයේ ගිහින් මන්ත‍්‍රීවරයකු වූවා නම් ඇයි දරුවනේ අධ්‍යාපනය වඩාත් හොඳ තත්ත්වයක් ඇති කර ගන්න මා ගිය පාසලට යන්න බැරි කියලා.බද්දේගමට පැමිණන හැම අවස්ථාවකදීම මට මතක් වෙන්නේ මීට වසර තිස් තුනකට පෙර ඉතිහාසයක්. අමරසිරි දොඩංගොඩ මහතාගේ අතුරු මැතිවරණයේදී මා බද්දේගමට ඇවිත් ගෙයින් ගෙට ගියා. ඒ විතරක් නෙමෙයි, අක්මීමන අතුරු මැතිවරණයේදීත් මා රිචඞ් පතිරණ මහතා වෙනුවෙන් ඇවිත් මාස එක හමාරක් පමණ බද්දේගම අකමීමන මැතිවරණ කොට්ඨාසවල නතර වී ගෙයින් ගෙට ගියා. සියවසක් පිරෙන ඔබ පාසලේ ගමන් මඟ හා කීර්තිමත් ඉතිහාසය පිළිබඳ විදුහල්පතිතුමා කරුණු පැහැදිලි කළා. මීට වසර සියයකට පෙර මේ පාසල් භූමිය කෙසේ තිබෙන්නට ඇත්ද? එදා හා අද දවසේ බද්දේගමත් මේ ගමත් ගාලූ දිස්ත‍්‍රික්කයත් මේ රටත්, ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික හා සමාජීය වශයෙන් හා දේශපාලන වශයෙන් මොන තරම් වෙනස්වීම්වලට භාජනය වී ඇත්ද?එක් දහස් නවසිය දාහත කියලා කියන්නේ යටත් විජිතයක් වශයෙන් ඉංග‍්‍රීසීන් විසින් මේ රට පාලනය කරපු කාලය. වසර සියයක් ගත වනවිට මේ රටේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් හා නිදහස් අධ්‍යාපනයක් සමග අපේ රටේ විවිධ වෙනස්කම් රාශියක් ඇති වෙලා තියෙනවා. යටත් විජිත යුගයේ පිරිවෙන් අධ්‍යාපනය මුල් කර ගත් දේශීය පාසල්වල තිබුණු තත්ත්වය ඒ දුන්නු තරගකාරීත්වය, මිෂනාරි අධ්‍යාපනය තුළ වඩාත් මේ රටේ උගතුන් බිහි කරන්න ශක්තියක් ඇති වුණා. ඒ ඉතිහාසය තුළ අධ්‍යාපනයේ එදා මෙදා වෙනස්කම් ගත් විට අපට අද නව ලෝකයත් සමග අධිතාක්ෂණික යුගයේ මේ දරුවන්ට වඩා යහපත් අනාගතයක් සඳහා අභියෝගාත්මක අනාගතයක් සඳහා අපේ දරුවන් සූදානම් කළ යුතු වෙනවා.ගෙවුණු සියවසට වඩා එළඹෙණ සියවස සෑම අයුරින්ම ඔබටත් මටත් සියලූ දෙනාටම අභියෝගාත්මකයි. ඒ අභියෝගාත්මක වූ නව තාක්ෂණික ලෝකය ජයග‍්‍රහණය කරන්නට ගුරු මෑණිවරුන්, පියවරුන්, දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්, දෙමවුපියන්, ආගමික පූජකතුමන්ලා ඇතුළු සියලූ දෙනාම කැප වී සිටිනවා. දරුවන්ගේ සුන්දර ලෝකය දරුවන්ගේ අභිමානය, දරුවන්ගේ බලාපොරාත්තු ඒ ප‍්‍රාර්ථනා ඉෂ්ට කිරීමට ඇප කැප වී සිටිනවා. දරුවා පාසල් අධ්‍යාපනය ලබා වඩා හොඳ සහතික ලබාගෙන විභාග ප‍්‍රතිඵල පෙන්වලා විභාගයෙන් හොඳ සමතුන් වෙනවා වගේම මම හැමවිටම හැම තැනම කියන දේ තමයි අද අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ස්ථානය තමයි පාසල කියලා.පාසල තුළ දරුවන්ට යම් යම් කරදර පිළිබඳ වාර්තා වන්නේ ඉතාමත් කලාතුරකින්. මේ රටේ ලක්ෂ හතළිහකට අධික දරු පිරිසක් පාසල්වල ඉගෙන ගන්නවා. ඊයේ සන්ධ්‍යාවේ දකින්නට ඇති සිඟිත්තෙක් සරුංගල් අරින්න ගිහින් ළිඳකට වැටිලා මිය ගියා. පසුගිය කාලයේ මාධ්‍යවල වාර්තා වුණා තරුණ වයසේ දරුවන් මෙන්ම කුඩා වයසේ දරුවන් ජංගම දුරකතනයත් එක්ක කර ගන්නා වූ බොහෝ විනාශකාරී දේවල්. සෙල්ෆි ඡායාරූප ගන්න ගිහින් පසුගිය සති කිහිපය තුළ ජීවිත කීයක් විනාශ වූවා ද කියන කාරණාව දන්නවා. අපේ රටේ දරුවන්ට පාසල්වල පැය පහේ තියන ආරක්ෂාව දෙමවුපියන් සමග සිටින කාලය තුළ නොමැති බව ඉතා පැහැදිලිව පේන කාරණයක්.බොහෝ දරුවන් පිළිබඳ ඇති වන ප‍්‍රශ්න හා ගැටලූවලදී දරුවන් අපචාරයට ලක්වීම, හදිසි අනතුරුවලින් සිදුවන කරදර විපත්තිදායක තත්ත්වයන් සමාජයේ අනවශ්‍ය පුද්ගලයන් සමග එකතු වීම මෙවැනි කරුණු සියල්ලම සිදු වන්නේ දරුවා පිළිබඳ ආරක්ෂාව හා වගකීම දෙමව්පියන් සතුව තියෙන කාල සීමාව තුළයි කියන එක ආදරණීය දෙමව්පියන් අමතක කරන්න එපා.අද දරුවන්ගේ අධ්‍යාපනයට තියෙන තරගකාරීත්වය වගේම, ජීවත් වීම සඳහා ජනතාවට තරගකාරීත්වයක් තියෙනවා. ජීවත් වීම පිළිබඳ සටන නිසා එහිදී ප‍්‍රධාන වශයෙන් දෙමව්පියන්ට දරුවන්ව අමතක වන වෙලාවල් තියෙනවා. එක් පැත්තකින් එය සාධාරණ වෙන්න පුළුවන්. තිබෙන ජීවන සටන හා ජීවන අමාරුකම් නිසා ඒ අමාරුකම් තිබෙන පිරිස වගේම ජීවත් වීම පිළිබඳ දැඩි ආර්ථික ප‍්‍රශ්න නොමැති දෙමවුපියන් අවශ්‍ය සම්පත්, ධනය හා ඒ පිළිබඳ තියෙන තරගකාරීත්වය තුළ මනස වැඩ කරන්නේ එකම දිශාවකටයි. මේ නිසා දරුවන් පිළිබඳ තියෙන අවධානය අඩු වෙනවා. ඒ නිසා දරුවන් පිළිබඳ දෙමවුපියන්ගේ වගකීම මීට වඩා අත්‍යවශ්‍ය බව කිව යුතු වෙනවා.අපි රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමට වගේම, තරගකාරීත්වයට තියෙන හොඳම විසඳුම ලෙස ගමේ තියෙන පාසල සියලූ සම්පත්වලින් සම්පූර්ණ කිරීමට අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කළේ. චන්දිමා රාසපුත‍්‍ර ඇමැතිතුමා කීවා මුදල් ප‍්‍රතිපාදන අඩුවෙන් ලැබීම ගැන. නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිතුමා හා බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත‍්‍රීතුමා මේ පාසලේ තියෙන අඩුපාඩුකම් ගැන හා ප‍්‍රදේශයේ තියෙන අඩු පාඩු ගැන සඳහන් කළා. ඒ අයට මා කීවේ පාසලේ ගොඩනැගිල්ල හා පිට්ටනිය ගැන අවශ්‍ය සැලසුම් හදලා දෙන්න මුදල් ප‍්‍රතිපාදන වෙන් කරලා දෙන්න පුළුවන් කියලා.බද්දේගම නගරයේ විධිමත් භාවය අලංකාර පිළිබඳ පරිසර සංරක්ෂණය මීට වඩා සැලසුම් සහගත අවශ්‍යතාව ගැන මා මතක් කළා. අධ්‍යාපනයට තියෙන තරගකාරීත්වය වගේම ප‍්‍රාදේශීය සංවර්ධනයට තියෙන තරගාරීත්වය අපි හැම විටම තේරුම් ගන්න  ඕන.සෑම පාසලකම විදුලහල්පතිවරුන් වගේම ගුරුවරු ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ආචාර්ය මණඩලය කැප වෙනවා. දරුවන්ට අධ්‍යාපනය දීමේදී රාජකාරි සීමාවෙන් එහාට ගිහින් තමයි ඒ අය කැපවෙන්නේ. එය වැටුපට කරන දෙයක් නෙවෙයි. වැටුපට නම් බොහේ සීමාවන් තියෙනවා. යහපත් පුරවැසියන් බිහි කරන්න, හොඳ රටක් හදන්න  ඕන නිසා තමයි ඒ අය මේ විදිහට තම වගකීමක් හා යුතුකමක් කියලා හිතාගෙන වැඩ කරන්නේ. රජයක් විදියට මේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරිමට අප කටයුතු කරන්වා.”වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා”මාසයක් තිස්සේ මෙම උත්සවයට සූදානම් වුණා. නමුත් පසුගියදා ඇති වූ ගංවතුර නිසා ප‍්‍රමාද වුණා. බද්දේගම ළමයි ජාතික පාසල්වලට දාගන්න මගේ ළඟට එන්නේ නැහැ. මහජන හමුවීම් දිනවල ළමයි දාගන්න පෝලිමේ එනවා අඩුයි. විදුහල්පතිතුමා ඒ තත්ත්වයට වැඩ කරලා.අද කුම්මේ පිට්ටනිය ළඟට ජනතාව ඇවිල්ල හිටිය ජනාධිපතිතුමාට ආචාර කරන්න. මහින්ද මහත්තයටත් එහෙමයි. හැබැයි අද ඊට වඩා ජනතාව ඇවිල්ලා හිටියා ජනධිපතිතුමාට ආචාර කරන්න. බද්දේගමට නගර සැලසුමක් හදලා දීර්ඝ කාලයක් වෙනවා කරන්න බැරි වුණා. ආණ්ඩු මාරු වුණා. නමුත් ජනාධිපතිතුමා කිව්ව හදමු කියලා.”ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා”මේ පාසල මිෂනාරි යුගයේ ආරම්භ කරපු පාසලක්. අද වනවිට විදුහලේ චෙස්, කබඩි, කරාටේ ආදිය තිබෙනවා. විදුහලට ප‍්‍රමාණවත් රැස්වීම් ශාලාවක් නැහැ. ඒ නිසා ප‍්‍රමාණවත් රැස්වීම් ශාලාවක් ලබා දෙන්න. ඒ වගේම බද්දේගම ක‍්‍රීඩාංගණයට ගෘහස්ථ ක‍්‍රීඩාංගණයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. ”දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත‍්‍ර මහතා ද කතා කළේය.  විදුහල්පති ඉන්ද්‍රිජිත් ප‍්‍රීයන්ත මහතා පිළිගැනීමේ කතාව කළේය.(ජායාරූප  - ජනාධිපති මාධ්‍ය අංශය)
’රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමයි’
1
(මුලටියන එස්. බාලසූරිය, දෙයියන්දර ජයන්ත ජයවර්ධන සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 6 වැනිදා දෙයියන්දරදී පැවැසීය. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබාගෙන ඇත්තේ එම රටවල උගතුන් වැඩිවීම නිසා බව කී ජනාධිපතිවරයා ජාතියක් ගොඩනැගීමට, ජාතියක් ශක්තිමත් කිරීමට, රටක උගතුන් වැඩිවිය යුතු බව ද සඳහන් කළේය.දෙයියන්දර ජාතික පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තෙමහල් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 270ක වියදමකින් එම ගොඩනැගිල්ල ඉදිකර ඇත.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව එම උළෙල සංවිධානය කර තිබිණි. ජනාධිපනති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය. වසර දෙකකට පෙර ඔබේ පාසලට වෙනත් කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවක විදුහල්පතිතුමාත් දරුවනුත් කළ ඉල්ලීමක් මත මේ නව ගොඩනැගිල්ල ගොඩනගා විවෘත කර ඔබේ අයිතියට ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.  දෙයියන්දර, හක්මන ප්‍රදේශය වගේම මාතර දිස්ත්‍රික්කය මට අලුත් ප්‍රදේශයක් නොවේ.  පසුගිය අවුරුදු තිහකට ආසන්න කාලයක් විවිධ අමාත්‍යාංශවල කටයුතු කරන අවස්ථාවන්වලදීත් දේශපාලන කටයුතුවලදීත් මාතර දිස්ත්‍රික්කයේ මම ගමක් ගානේ ගිහින් තිබෙනවා. සමහර ප්‍රදේශවල, මැතිවරණ කාලවලදී ගෙයක් ගෙයක් ගානේ ගිහින් තිබෙනවා. අද ඔබේ ප්‍රදේශය තුළ කරනු ලබන සංවර්ධන කටයුතු සහ මේ පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කරන්නාවූ කාර්යයන් ගැන ඉතාමත් සතුටු වෙනවා.  ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිතුමාගේ කතාවේදී සඳහන් කළ කාරණයක් මම පාඩමක් විදියට හිතට ගත්තා. ඇමැතිතුමා කිව්වා, මට කියලා ලියුමක් අත්සන් කර ගත්තා ජනාධිපතිතුමා දන්නෙත් නැහැ මම ලක්ෂ තුන්දාහක් අරගත්තා මේ පැත්තේ සංවර්ධන කටයුතුවලට කියා. මම එයින් තීරණය කළා මීට පස්සේ මම හැම කෙනෙක්ගේම ලියුම් අත්සන් කරන්නේ ගාණ දාලා කියා. දක්ෂ ඇමැතිවරයෙක් විදියට එතුමාගේ කාර්යය කරගන්න දක්ෂ වෙලා තිබෙනවා. මමත් ඉතාමත් සතුටු වෙනවා එවැනි විශාල මුදලක් අරගෙන මේ ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් කරන සංවර්ධන කටයුතු සම්බන්ධව.  වාසනාවන්ත මේ රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන් රජය විදියට අපේ වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. රජයක්, රාජ්‍ය නොවන ආයතනයක් වෙනත් ඕනෑම සංවිධානයක්, පුද්ගලයෙක් යම් කාර්යයක් කරන්නේ නම් එය ශුභවාදී නම් එහි ප්‍රතිඵලය ලබා ගන්නේ දරුවන්. කෙනෙක් යම් අසුභවාදී දෙයක් කරන්නේ නම් ඒ නරක කාර්යයේ අනිසි ප්‍රතිඵල ලබා ගන්නේත් දරුවන්. ඒ නිසා අපි සෑම කෙනකුටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා අපි කරන සියලු කාර්යයන්හි වගකීමක් තිබෙනවා දරුවන්ගේ අනාගතය සඳහා සැමවිටම කටයුතු කරන්නට. ඒ කරන්නාවූ සියලු කටයුතුවල ආයෝජනයන්හි ප්‍රතිඵලය දරුවන් සඳහා විය යුතුයි.  ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබා ගෙන තිබෙන්නේ එම රටවල්වල උගතුන් වැඩිවීම නිසායි. ඒ රටවල්වල බුද්ධිමතුන් වැඩිවීම නිසයි. ජාතියක් ගොඩනගන්න, ජාතියක් ශක්තිමත් කරන්න රටකට වඩාත් යහපත් අනාගතයක් ඇති වෙන්න ඒ රටේ උගතුන් වැඩි වෙන්න ඕන. උගත් ජාතියක් බවට පත්වෙන්න ඕන. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ අවුරුදු තුනකට ආසන්න කාල සීමාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙනවා. මෙහි පළාත් අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා. මේ රටේ පළාත් සභා පිහිටුවීමෙන් පසුව කිසිම ආණ්ඩුවකින් නොදුන් මුදල් ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ සියලුම පළාත් සභාවලට දුන්නා. සමහර පළාත් සභාවලට අධ්‍යාපනය සඳහා දුන් මුදල් නැවත ආවා. සමහර මහ ඇමතිවරු අධ්‍යාපනයට යෙදවූ මුදල් වැඩියි. ඒ නිසා වෙනත් විෂයන්වලට මාරු කරන්න කියා ලියුම් මගේ ළඟට අරගෙන ආවා. මම ඒ ලියුම් අත්සන් කෙරුවේ නැහැ. අපි විශාල මුදලක් අධ්‍යාපනයට වැය කරන්නේ සියලු දේට වඩා ප්‍රමුඛත්වය රටේ අධ්‍යාපනයට, දරුවන්ට දෙන නිසයි.  ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන විවිධ ව්‍යාපෘති තුළ “දරුවන් රකිමු” කියා විශේෂ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ ආරම්භ කළා මම. මේ රටේ දරුවන් පිළිබඳ තිබෙන ප්‍රශ්න, ගැටලු, ආරක්ෂාව, සුරක්ෂිතභාවය දරුවන්ට කායිකව සහ මානසිකව බලපාන ප්‍රශ්න තුළ ඔවුන්ට ඇතිවන පීඩාවන් වැනි තත්ත්වයන් වාර්තා වූ නිසා “දරුවන් රකිමු” යන විශේෂ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. දරුවන්ගේ මනස තේරුම් ගැනීම, දරුවන්ගේ මනසට අවශ්‍ය දේ ලබා දීම, දරුවාට සුන්දර පැහැබර මනසක් ඇතිව වැඩ කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, දරුවන් සැමවිටම සතුටින් තබා ගැනීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා.  ඊයේ පෙරේදා මම කියවපු පොතක තිබුණා පිටරටක සිද්ධියක්. ඒ රටේ පොදු ප්‍රවාහන සේවයේ බස් රථයකට නැග්ගා දරුවන් තුන් දෙනෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තා බස් රථයෙහි ආසනයක වාඩීවී සිටින විට බස් රථයෙහි ඉඩ තිබුණත් දරුවන් තුන්දෙනා වාඩි වෙන්නේ නැතුව මහ හයියෙන් කෑ ගසමින් එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. බස් රථයේ සියලු මගීන්ට මේ දරුවන් කරදරයක් වුණා. මගීන් දරුවන් දිහා නොවෙයි දරුවන්ගේ පියා දෙසයි බැලුවේ. මේ දරුවන් තුන් දෙනාව සන්සුන් කරගන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ කියා. දරුවන්ගේ පියා අසල සිටි මගියා දරුවන්ගේ පියාගේ මූණ බලන විට ඔහු ඇස් දෙක පියාගෙන නින්දෙන් සිටින ආකාරයට සිටියා. දරුවන් තිදෙනාගේ හැසිරීම එන්න එන්නම නරකයි. බස් රථයේ මගීන් දරුවන්ට වෛර කරන්න පටන් ගත්තා. දරුවන්ගේ පියා අසල සිටි අනෙක් මගියා නිදාගෙන සිටි පියාගේ ඇඟට තට්ටු කරලා හයියෙන් කතා කරලා ඇහුවා මේ බස් එකට කරදරයක් ඔබේ දරුවෝ. මේ දරුවෝ සන්සුන් කර ගන්න බැරිද? ඔබට මේක පෙන්නේ නැද්ද? ඇයි ඔබ මේ විදියට ඇස් දෙක පියාගෙන නිදා ගෙන ඉන්නේ දරුවෝ මේ තරම් බස් එකේ යන මගීන්ට කරදර කරද්දි කියලා. ඒ පියා ඇස් දෙක ඇරලා එහෙම අහපු මගියා දිහා බලලා කිව්වා මම බස් එකට නගින්න විනාඩි කිහිපයකට පෙර මගේ බිරිඳ මේ දරුවන්ගේ අම්මා රෝහලේ මිය ගියා. දරුවෝ කෑ ගහන්නේ ඒ නිසයි. මම ඇස් දෙක පියා ගෙන ඉන්නේ මට ඒක ඉවසන්න බැරි නිසයි. මම දරුවොත් එක්ක යන්නේ දරුවන්ගේ අම්මාගේ වැඩ ටික සංවිධානය කරන්නයි කියලා. මම මේ කතාව කිව්වේ දරුවන් වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට කෙනෙකුගේ බාහිර හැසිරීමෙන් අභ්‍යන්තර තත්ත්වය නොදැන වැරදි තීන්දු තීරණවලට එළඹෙනවා. ඒ බසයේ සිටි ඒ දරුවාගේ පියා එහෙම කිව්වට පස්සේ මගීන් සියලු දෙනාටම ඒ දරුවන් සහ පියා පිළිබඳව අනුකම්පාවක් ඇති වුණා. ඒ අවට සිටිය මගීන් කිහිප දෙනෙක් ඇවිල්ලා ඒ පියාගෙන් ඇහුවා ඔබේ බිරිඳගේ මළ ගෙදරට අපෙන් මොනවහරි කෙරෙන්න තියනවා නම් කියන්න. අපි ඒ කටයුතු කරන්නම් කියලා. අපි ප්‍රශ්නය තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ පසුබිම තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ බාහිර තත්ත්වය උඩ අපි තීන්දු තීරණ ගන්නවද? මිනිසුන් සමග සමාජය සමග වැඩකරන විට ඒ ප්‍රශ්න සැබෑ ලෙසම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එසේ නොමැති නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. වෛරය ඇති වෙන්නේ. වැරදි ලෙස කෙනෙක් දෙස බලන්නේ. රවන්නේ නැතිව හැමවිටම සිනහ වෙන්න කියලා කියන්නේ.  ඔය කියපු කතාව වගේම තවත් පුංචි කතාවක් තියනවා කියන්න. අවුරුදු තුනක හතරක කුඩා දරුවෙකුගේ උපන්දින උත්සවයක් තිබුණා. ඒ දරුවගේ මව්පියන් ටිකක් වත් පොහොසත්කම් තියන අය. ඒ අය තමන්ගේ හිතවතුන්ට කිව්වා පුතාගේ උපන්දිනය තියෙනවා ඒ සාදයට එන්න කියලා. ඒ පවුලේ හිත මිතුරන් තෑගි බෝග අරගෙන ඒ උපන් දිනයට සහභාගි වුණා. ඇවිල්ලා උපන්දිනේ සමරන දරුවට තෑගි බෝග දුන්නා. එහෙම දීලා ඒ මව්පියෝ ඒ දරුවට කිව්වා ඒ ගෙනාපු තෑගි බෝගත් එක්ක අපේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න කියලා. නමුත් අර උපන්දිනේ සමරපු දරුවා ඒ තෑගි බෝග අරගෙන එක කාමරයක ගිහින් හැංගුවා. අනික් ළමයින් එක්ක සෙල්ලම් කළේ නැහැ. ඒ ළමයි කිව්වා අපි ගෙනාපු සෙල්ලම්බඩුත් එක්ක අපි සෙල්ලම් කරමු කියලා. ඒ දරුවා ඒ ඉල්ලීමට කැමති වුණේම නැහැ. මේක බලාගෙන හිටපු ඒ දරුවන්ගේ මව්පියෝ ඒ දරුවට කිව්වා අපේ බබාලාත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාට අපි සෙල්ලම් බඩු ගොඩාක් ගෙනාවා. ඔයාලා සේරම එකතු වෙලා සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා මහා හයියෙන් කෑගහලා කිව්වා නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නැහැ. මම ඔයාලත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒ හැම දෙයක්ම හංගගෙන හිටියා. ඒ දරුවගේ තාත්තා අම්මා මේක දැක්කා. ඒ දෙන්නා බොහෝම ආදරයෙන් පුතාට කිව්වා පුතේ ඔයාගේ උපන්දිනේට ඔයා වගේම මේ බබාලා සෙල්ලම් බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ගෙනාපු සෙල්ලම් බඩු කාමරයෙන් එළියට ගෙනැල්ලා එයාලත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා හයියෙන් අඬ අඬ කිව්වා නෑ නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නෑ. ඒවා මට විතරයි. මම මේ අය එක්ක සෙල්ලම් කරන්නේ නෑ කියලා.උපන්දින උත්සවය එතැනින් ඉවර වුණා. එහෙත් දරුවන්ගේ අම්මා තාත්තා සාකච්ඡා කළා මේ දරුවා මේ තත්ත්වයෙන් කොහොමද වෙනස් කර ගන්නේ කියලා. ඒ දරුවාගේ මව්පියන්ට සුළුවෙන් හෝ වත් පොහොසත්කමක් තිබුණ නිසා ඒ අම්මයි තාත්තයි තීරණය කළා දරුවාට එකම වර්ගයේ සෙල්ලම් බඩු ගොඩක් ගෙනැල්ලා දෙන්න. එහෙම ගොඩාක් ගෙනැල්ලා දුන්නා. දුන්නහම ඒ දරුවා ඇහුවා මට මොකටද මෙච්චර සෙල්ලම් බඩු. මේ එකම වර්ගයේ ඒවනේ මේ ගෙනැල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා දරුවට කිව්වා එහෙම නම් ඔයා ඔයාගේ යාළුවන්ට ඔයා පාසල් යනකොට ගෙනිහින් මේ වැඩි ඒවා බෙදලා දෙන්න කියලා. දරුවා ඒකට කැමැති වුණා. මම මේ කතාව කිව්වේ දරුවන්ගේ මනස තේරුම් අරගෙන දරුවෝ හදන හැටි සිහිපත් කරන්න.  රටක අනාගතය සඳහා කළ යුතු කාර්යයන් අපි ඉතා හොඳින් ඉටු කරනවා. මේ රටේ කිසිම යුගයක නොමැති විදියට අපිට අද අන්තර්ජාතික සහයෝගය තිබෙනවා. ලෝකයේ සෑම රටකම මිත්‍රශීලීභාවය තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානවල ආශිර්වාදය තිබෙනවා. ඒ ශක්තිය අපි පාවිච්චි කරන්නේ රටේ සංවර්ධනයට. දරුවන්ගේ අනාගතයට. අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය ප්‍රමුඛව අනික් සියලු කටයුතු සංවර්ධනය සඳහායි.මේ දරුවන්ගේ අනාගතය ඉතාමත් වාසනාවන්තයි. මේ දරුවෝ ඉතාමත් පින්වන්ත දරුවෝ. මේ දරුවන් ඉතාමත් භාග්‍යවන්ත දරුවන්. ඒ නිසා දරුවනේ, ඔබට තිබෙන සුන්දර ලෝකයේ ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් මානව සමාජය විශිෂ්ටයින්ගේත් විශිෂ්ටයින් කරන්න අපි සැමවිටම කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ ප්‍රදේශයේත් මේ පාසලේත් ඉදිරි සංවර්ධනය සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම ලබා දෙන බව ප්‍රකාශ කරන අතරම ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමා අපේ රජය තුළ ඉතාමත් දක්ෂ ඇමතිවරයෙක් විදියට ඔබ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරන කාර්යය ඉතාමත් අගය කරනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ කීවේය.මාතර දිස්ත්‍රික්කයේ කිසිම පාසලකට නොලැබුණු වරප්‍රසාදයක් දෙයියන්දර ජාතික පාසලට ලැබී තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අධ්‍යාපන ඇමැතිතුමා කඩිනමින් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාශයෙන් රුපියල් මිලියන 27ක් ලබා දුන්නා. මේ වෙලාවේ දකුණු පළාතේ හිටපු මහ ඇමැති එච්.ජී. සිරිසේන මහතා සිහිපත් කරනවා. එතුමා මහ ඇමැතිව සිටි කාලයේ මේ විදුහල පළාත් සභාවෙන් නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නා. ඒ වාගේම දෙයියන්දර නගර සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා දෙයියන්දර කනිෂ්ට විදුහල් පරිශ්‍රය නිදහස් කර ගැනීමට වත්මන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය රාසපුත්‍ර මැතිතුමා අනුමැතිය දුන්නා. ජනාධිපතිතුමා දෙයියන්දර ජාතික පාසලේ මේ ගොඩනැගිල්ල විතරක් නොවෙයි, මේ නගර සංවර්ධන වැඩසටහන පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3000ක් අනුමත කර තිබෙනවා. එතුමාවත් දන්නේ නැහැ. ලියුමකින් අස්සන් කර දුන්නාට පස්සේ ඒ මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළා. දැන් එයින් කොටසක් නිදහස් වෙලා තියෙනවා. ඒ කොටසින් කනිෂ්ඨ විදුහල ඉදිකිරීම සඳහා අක්කර හයක භූමිභාගයක් අප පවරා ගන්නවා. එකේ මූලික කටයුතු අවසන් කරලා තිබෙන්නේ.දෙයියන්දර කියන්නේ ප්‍රධාන නගරයක්. අද ප්‍රධාන බැංකුවක් සහ සණස බැංකුව විවෘත කළා. නගර සංවර්ධනයත් සමග රාජ්‍ය ආයතන කීපයක් විවෘත වෙනවා. බැංකු ස්ථාපිත කෙරෙනවා. නගරය මගහැර යෑමට හැකි විකල්ප මාර්ගයක් ඉදිකෙරෙනවා. මේ කාලයේ මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වුණා. මට මේ ඉතිහාසය මතක් නොකර බැහැ. මේ අවට තිබුණු පාරවල් කොහොමද තිබුණේ? කාපට් නොකරපු පාරක් දැන් මේ පැත්තේ තිබෙනවාද?ජනාධිපතිතුමාත් හැම අවස්ථාවකම කියන්නේ දරුවන්ගේ විනය හා අධ්‍යාපනය විධිමත් කළ යුතුයි කියලයි. ඒ නිසා දෙයියන්දර ජාතික පාසලට මේ ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයට ලක්ෂ 17000ක් ලබා දුන්නා. මේවායින් තමයි හොඳම පාසල ළඟම පාසල නිර්මාණය වෙන්නේ.එදා තිබුණු ප්‍රධාන තත්ත්වයට මේ දෙයියන්දර පාසල පත්වෙන්න ඕනෑ. එක කාලයක තිබුණා මේ පාසලෙන් විශ්වවිද්‍යාලයට 50-60ක් වසරකට යනවා. කීර්තිමත් විදුහල්පතිවරු හිටියා. ඒ කාලයේ රූබසිංහ මහතා දේශපාලන හේතූන් මත මාරු කළා. එතැනින් පසුව මේ විදුහල කඩාවැටුණා. අපේ පරමාර්ථය මේ විදුහල යළි පෙර තිබුණු තත්ත්වයට පත් කිරීමයි. හක්මන ආසනයේ ජාතික පාසල් දෙකයි තිබෙන්නේ.ජාතික පාසලට ලබා දෙන මේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන කීර්තිමත් විදුහලක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා හැම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.ලංකාදීප ප්‍රධාන කර්තෘ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා එහිදී මෙසේ පැවසීය.දෙයියන්දර ජාතික පාසලට අද සුවිශේෂී දිනයක්. රාජ්‍ය නායකයකු දෙවැනි වරට මේ පාසලට පැමිණි මොහොතක්. 1955දී විතර එවකට අග්‍රාමාත්‍යවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතා මේ බිමට පැමිණියා. එදා කනිෂ්ඨ විදුහලක් ලෙස පැවැති මේ විදුහල ජ්‍යෙෂ්ඨ විදුහලක් බවට පත් කළා. අද ඉතිහාසයේ සනිටුහන් වන ඓතිහාසික දිනයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ලබා දුන් තෙමහල් පරිපාලන සංකීර්ණය එතුමා විසින් විවෘත කළා. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේ දෙයියන්දර රෝහලට ගිලන් රථයක් ලබා දුන්නා. ඒ වාගේම අද දින මුලටියන ප්‍රාදේශීය සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළා.මේ විදුහලේ දියුණුව පිළිබඳව මා නිතරම උන්නදු වෙනවා. ඒ අනුව විශාල භෞතික හා මානව සම්පත් රැසක්ම මා ඉගෙන ගත් පාසල් මාතාවට ලැබුණා. මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීම මේ දරුවන්ගේ වගකීමක්. දශක 13කට අධික කාලයක් තිස්සේ මේ පළාතට තිබෙන අගනා සම්පතක් වූ මේ පින් බිමෙන් මුළු පළාතටම විශාල ආලෝකයක් ලැබෙනවා. මේ විදුහලේ වාගේම මේ ප්‍රදේශය දිනෙන් දිනම දියුණුවට පත්වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් කීවේය.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස පිළිගනිමින් මෙසේ කීවේය.වසර 133ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මේ පාසලට ජනාධිපතිවරයකු පළමු වරට පැමිණියේ අදයි. ඒක විදුහලට වාගේම ප්‍රදේශයටත් ඉමහත් ආඩම්බරයක්. විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ අංශවලින් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි සිසුන් විශාල පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අනෙකුත් අංශයන්ගෙන් දස්කම් දක්වන මේ විදුහලේ ඉදිරි ගමනට අද විවෘත කෙරුණු තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විශාල ආශිර්වාදයක් වෙනවා. එමෙන්ම පන්ති කාමර පැවැත්වීම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක අවශ්‍යතාව තිබෙනවා. මේ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමා නිරන්තරයෙන්ම මෙහි දියුණුවට උදව් කරනවා.  එතුමා මේ ප්‍රදේශයට විශාල සම්පතක්. එමෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා නිතරම උදව් කරනවා. ඒක අපට ලොකු ශක්තියක් වන බව ද ඒ මහතා කීය.අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, පළාත් සභාවේ ඇමැතිවරුන් වන චන්දිමා රාසපුත්‍ර, යූ.ජී.ඩී. ආරියතිලක, දකුණු පළාත් මනත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන, මනෝජ් සිරිසේන, කඹුරුපිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රසික රණවීර, මුලටියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම, කොට්ඨාස අධ්‍යක්ෂ එච්.පී.කේ. හේමන්ත, ලංකාදීප නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.සහකාර විදුහල්පති කැටියපේ රාහුල හිමියන් විසින් පිරිස පංච ශීලයෙහි පිහිටැවූ අතර, විද්‍යාලයේ නර්තන අංශයේ සිසුවියන් ඉදිරිපත් කළ නර්තනාංග කීපයකින් උළෙල වර්ණවත් විය.විද්‍යාලයීය පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම පෙරටු කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආරාධිත පිරිස නව තෙමහල් ගොඩනැගිල්ල හා විශේෂ පීඨිකාව වෙත ඉමහත් හරසරින් කැඳවාගෙන ඒමට විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය කටයුතු කර තිබිණි. 
’රජයේ ප‍්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමයි’
0
 (අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)“රටේ වැඩකාරයන් සියලුම දෙනා එකතු කර ගනිමින් රට ගොඩනගන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය.“රණබිමේ සිට යුද්ධය ජයගත් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්‍ෂාවේ ඉහළම වගකීම පවරන බව” ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ ජනපතිවරණ ප්‍රචාරක මංගල රැලිය අමතමිනි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැලිය සඳහා ගාලු මුවදොර පිටිය, ඒ අවට මහා මාර්ග අති විශාල ජනතාවකගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් වන රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, නවීන් දිසානායක යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන්, පී. දිගම්බරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ජයඝෝෂා මැද එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගාලු මුවදොර පිටියට පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගෙන් එතුමන්ට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.“රට දිනවන, ජනතාව දිනවන එක්ව ඉදිරියට යන රැළියට එක් වූ සැමට ප්‍රණාමය පුද කරනවා.ඇරැඹුමේදීම සමාව ඉල්ලනවා. මගේ කතාවක දී ඇත්වැරැද්දකින් ශ්‍රී මුඛය යැයි කිව්වා. ඒ වචනයට මා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මගේ අතින් අතපසුවීම වුණා.මා කිසි විටක සමාව ඉල්ලන්න පැකිළෙන්නේ නැහැ. අද ලක්‍ෂ ගණනකින් ජනතාව මෙහි එක්ව සිටිනවා. කැප කිරීම් කර පරිත්‍යාග කර අප සමග එක්ව ඉන්නවා.එළැඹෙන ජනාධිපතිවරණයේ දී මව්බිමේ ජනතාව නව ගමනක ඇරැඹුම තබන විට ජාති, ආගම් බේදවලින් තොරව මා පෞද්ගලිකව කළගුණ දක්වනවා.දවසින් දවස අප ජනතා තීන්දුව කරා ළංවෙනවා. ජනතා බලාපොරොත්තුව ජනතා අනාගතය ද? පවුලක අනාගතය ද? අද රට ඉල්ලන්නේ රට නගන නායකයන් ද? විනාශය කරා ගෙනයන නායකත්වයක් ද?පවුල්වාදය, අන්තවාදය, මිලිටරිවාදය කරපින්නාගත් නායකත්වය අපට එපා, වහල් නීතියක් අවශ්‍ය නැහැ. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රටේ පොදුජන හඬ දිනවනවා.අලුත් දශකයේ, අලුතින් හිතන දශකය කර ගනිමු. දක්‍ෂ හපන්කම් මතු කර ලෝකය දිනමු. ලෝකයේම අංක එක රට ලංකාව බවට පත් කරමු.අලුත් සිතුවිලි, ප්‍රවනතා, තාක්‍ෂණය තුළින් ඉදිරියට යන රට ගොඩනගමු. මානව හිතවාදී රට, නිදහසේ හුස්මගත හැකි රට, නිෂ්පාදන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ ආක්‍රමණය කරන රට, අපනයන වෙළෙඳපොළ සහිත රට, සැමට සෞභාග්‍ය උදාකරන රට ගොඩනගමු.නිහඬ බහුතරයට කන්දෙන රට, කම්කරු, ධීවර, ගොවි ප්‍රජාව, රාජ්‍ය සේවකයින් දිනවන රට ගොඩනගමු.අපගේ මාතෘ භූමියේ අනාගතය තීරණය කළ යුත්තේ වලව්ව ඇතුළේ නොවෙයි. ගම් නියම්ගම් පුරා දහඩිය කඳුළ වගුරන ජනතාව. කාන්තා පරපුර, පංච මහා බලවේග සමග අප තීරණ ගන්නවා. වලව්වක් ඇතුළේ පවුලකට රටේ න්‍යාය පත්‍රය තීන්දු කරන්න ඉඩ දෙන්නේ නැහැ.මව්බිමේ මෙතෙක් නොවූ පරිවර්තන යුගය අප නිර්මාණය කරනවා. අපට අවශ්‍ය මව්බිම අභිමානයෙන් යුක්ත දේශය කරන්නයි.අපට ඉතිහාසයක් තිබෙනවා. සංස්කෘතිය තිබෙනවා. අපේකම රකින සංවර්ධන රට අපි නිර්මාණය කරමු.අප නිර්මාණය කරන අලුත් ලංකාවේ සොරකමට ඉඩ නැහැ. දූෂණයට, වංචාවට ඉඩ නැහැ. රාජ්‍ය දේපළවලට අත තබන්නේ නැහැ. ඉතිහාසයේ පිරිසිදුම ආණ්ඩුව මා හදනවා.ඒ අරමුණට පරස්පරව වැඩ කරන්න කවුරුන් හෝ බලාපොරොත්තු වනවා නම් ආණ්ඩු හදනවා වෙනුවට ඇත්තටම ගෙදර යන්න.අප කැපකිරීම් කළ යුතුයි. වරප්‍රසාද ගැන හිතන්නේ නැහැ. නැහැ බැහැ කියන වචන මගේ ශබ්ද කෝෂයේ නැහැ. ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීම මගේ එකම අරමුණයි.ජනතා ප්‍රශ්න සඳහා විසඳුම් දෙන රටේ නායකයා ලෙස ඔබේ කරපිටින් පත්වෙන්න මා සූදානම්.මා අයිතිකරුවා නොව තාවකාලික  භාරකරුවා ලෙස කටයුතු කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් රට රකින්න මා සැදීපැහැදී ඉන්නවා.රටේ ජවසම්පන්න තරුණ පිරිසක් ඉන්නවා. රටේ තරුණ පරපුරේ ජනතා සේවකයා වෙන්න මා සූදානම්. අපේ තරුණ පරපුර දේශපාලන ගොදුරක් නොකර දැනුමෙන් ශක්තිමත්, බුද්ධිමත් තරුණ පරපුර ඉදිරියට ගෙනයන මාවත අප නිර්මානය කරනවා. නව නිර්මාණවලට තැන දෙන ගමන හදනවා.තරුණ පරපුර සමඟ මා තරුණ ප්‍රඥප්තියක් අත්සන් කරනවා. ඒ පනත් පාර්ලිමේන්තුවේ සම්මත වන විට තරුණ පරපුර කාටවත් වහල් විය යුතු නැහැ. ඔවුන් සංවර්ධනයේ කොටස්කරුවන් වෙනවා.මා රටේ මාතෘත්වය දේවත්වයෙන් සලකනවා. මව්වරුන් විදේශ විනිමය උපයා දෙන ශක්තිය අපට අමතක කරන්න බැහැ.කාන්තා ප්‍රඥප්තියක් ද නිර්මාණය කර රටේ කාන්තාවන්ට දිය යුතු ශක්තිය දෙනවා.රටට බත සපයන ගොවි ජනතාව සඳහා ගොවි ප්‍රඥප්තියක් හදනවා. මා ගොවීන්ට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. ගොවීන් සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක් හදා ගොවි පරපුරේ නිෂ්පාදන සඳහා සහතික මිලක්ද දීමට කටයුතු කරනවා.පෞද්ගලික ව්‍යවසායකයන්ට හානියක් නොවන ආකාරයට මා කම්කරු ප්‍රඥප්තියක් ඉදිරිපත් කරනවා. එය සැබෑ කම්කරු ප්‍රඥප්තියක් බව කිව යුතුයි.ජාතික ආරක්ෂාව ගැන අද වැඩිපුර කතා වෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් එහි වගකීම සෝබනකාරයන්ට දිය යුතු නැහැ.යුද්ධය ජයගෙන ඔප්පු කර පෙන්වපු අයට ඒ වගකීම දිය යුතුයි. රණබිමේ සිට ඒ ශක්තිය දුන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාවේ ඉහළම වගකීම මා දෙනවා. එතුමා කාඞ්බෝඞ් වීරයෙකු නොවෙයි. මහ පොළොවේ සැබෑ වීරයෙකු බව කිව යුතුයි.අනාගත රජයක් තුළ වාද බේද පෞද්ගලික රුචි අරුචිකම් අවශ්‍ය නැහැ. වැඩකාරයන් එකතුකොට රට ගොඩනැගීම මගේ අරමුණයි.සරත් ෆොන්සේකා රට දැය වෙනුවෙන් ඉටුකළ කාර්යයට කළගුණ  දැක්වූයේ ජම්පර ඇන්දවීමෙනුයි. මගේ රජය තුළ දේශපාලකයන්ට ජම්පර අන්දවන්නේ නැහැ. එය තීරණය කරන්නේ අධිකරණයයි.ඒ නිසා සරත් ෆොන්සේකාට විශාල වගකීමක් තිබෙනවා. නූතන ත්‍රස්තවාදයට මුහුණ දෙන සැලසුම් හදා ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න එතුමාට ශක්තිය තියෙනවා. මා කිසිම ත්‍රස්තවාදයකට ඉඩ තබන්නේ නැහැ.සරත් ෆොන්සේකා මහතාට කුඩු ජාවාරම් විනාශ කිරීමේ වගකීම තිබෙනවා. මම මිනිස් ජීවිත සුරකින පුද්ගලයෙකු වනවා. රටේ දරු පරපුර කුඩු ජාවාරම්කරුවන්ට කළ යුත්තේ ඔවුන් වෙනුවෙන් ඉහළම දඬුවම දිය යුතු බවයි.ජනතාවට අධික ජීවන බරක් බදු බරක් තිබෙනවා. රට ගොඩනගන කාර්යය විෂය පිළිබඳ ප්‍රවීනයන්ට බාරදෙනවා. ආර්ථික මර්මස්ථාන කළමනාකරණය කරන ආයතනයන්ට හැකියාව මත පත්වීම් දෙනවා. ඒ තුළින් විශේෂඥ දැනුම අනුව රටට නව ආර්ථීක චින්තනයක් උදා කිරීමට අවස්ථාව ලැබෙනවා.සමෘද්ධි ව්‍යාපාරය මා තවදුරටත් ශක්තිමත් කරනවා. ඊට අමතරව දුප්පත්කම තුරන් කිරීමට සමෘද්ධිලාභීන් සඳහා නව සහන පැකේජයක් දෙනවා.මා අලුත් නායකත්ව පරපුරක් සමග ගමන යනවා. අනාගත රජයේ සාමාජිකයින් පඩි ලබන පුද්ගලයන් ලෙස නොව ජනතා සේවකයින් බවට පත් විය යුතුයි.අපගේ අනාගත ගමන දසරාජ ධර්මවලට අනුකූලව ක්‍රියාත්මක කිරීම අරමුණයි. බුදු දහම අනුගමනය කරන බෞද්ධයකු ලෙස මා එය කියනවා. දැහැමි සංවර්ධිත ශිෂ්ටසම්පන්න ජාතික ආරක්ෂාව රකින නව ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කරනවා.සෑම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුර ඉදි කරනවා.බුද්ධශාසන අමාත්‍යාංශය පිහිටවූයේ මගේ පියායි. සෑම විහාරස්ථානයකම දහම් පාසල් ගොඩනැගීම සඳහා මා රාජ්‍ය අනුග්‍රහය දෙනවා.අප අලුත් ගමන වැඩ පිළිවෙළ සමග ඉදිරියට එනවා. ශිෂ්ටසම්පන්න ගමනක් යනවා.නැවත වරක් එක්නැලිගොඩ අතුරුදන් කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ යුගය අවශ්‍යද? රතුපස්වල ඝාතකයන් අවශ්‍යද. ජනතාවට වෙඩි වරුසා එල්ල කළ අය නැවත අවශ්‍යද? ඒ යුගය අවශ්‍යද?ඔබට අවශ්‍ය භීතියද? සතුටද? නීතියද? අවනීතියද? අයුක්තියද? යුක්තියද? පවුල් සංවර්ධනයද? රට සංවර්ධනයද? කියා තීරණය කරන්න.මා කම්මැලි දේශපාලනය කරන්නේ නැහැ. මා හැම ආසනයකටම එනවා. පක්ෂ බේදයකින් තොරව සංවිධානය කරනවා.මට ශක්තිය තිබෙනවාදැයි ප්‍රතිවාදීන් අහනවා. කාමරයක් ඇතුළේ කළ තීන්දු තීරණවලට වඩා මගේ ශක්තියෙන් අපේක්ෂකත්වය ගත්තා. මට අපේක්ෂකත්වය දුන් අගමැතිතුමාටත් ඉහළම ප්‍රශංසාව පුදකරනවා.අපගේ මව්බිම ජීවිතයටත් වඩා රැකගෙන පාලනය ගෙන යනවා යැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා-අද අපේ රට ගොඩනගන්න ඇමෙරිකානු දේශපේ්්‍රමියකු ඉදිරිපත් වී තිබෙනවා. මේ රට ගොඩනගන්න පුළුවන් ඇමෙරිකානු පුරවැසියකුට ද දේශයේ උපන් ජනනායකයකුට ද කියලා ජනතාව තීරණය කළ යුතුයි.ගෝඨාභය රාජපක්ෂ එන්නේ විනයගරුක රටක් හදන්නයි. හොරට ජාතික හැඳුනුම්පත්, පාස්පෝට් හදාගෙන ෆයිල් හංගපු පිරිස කොහොමද විනයගරුක රටක් හදන්නේ කියා අපි අහනවා යැයි ඔහු එහිදී පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා -එජාපය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ මතවාද තිබුණා. අද අප සියලු දෙනා එකට එකතුවෙලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න කැප වී සිටිනවා.සජිත් ප්‍රේමදාස මහතා රටේ අනාගත ආරක්ෂාව මට භාර දුන්නා. යුද්ධය තවත් හමුදාපතිවරයෙකුට තියන්නේ නැහැ කියා එදා මම පොරොන්දුවක් දුන්නා. අද මම කියනවා සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සුරක්ෂිත ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවෙනවා කියලා යැයි ද ඔහු පැවැසීය.එජාප මාධ්‍ය ප්‍රකාශක සහ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා-අප “එක්ව ඉදිරියට” යන තේමාවෙන් මේ වැඩපිළිවෙළ ගෙනියනවා. එක්ව ඉදිරියට කියන්නේ සිංහල - දෙමළ - මුස්ලිම් පාට පක්ෂ භේදයකින් තොරව රටේ සියලු ජනතාව සජිත් එක්ක එක්ව ඉදිරියට යන නිසයි.ගෝඨාභය මේ වන විටත් ඉන්නේ සිංගප්පූරුවෙයි. පුරවැසිභාවය තියෙන්නේ ඇමෙරිකාවෙයි. හැබැයි කතාව කරන්නේ ජාතික ආරක්ෂාව, දේශ හිතෛෂිභාවය ගැනයි. මේ අයගේ බොරු බේගල්වලින් තවදුරටත් ජනතාව අන්දන්න බැහැ යැයි’ ඔහු එහිදී පැවැසීය.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි-“ලංකාවේ සියලුම පුරවැසි බලවේග අද සජිත් ප්‍රේමදාස මහතා වටා රොක්වී සිටිනවා. අප ඒකාධිපතියන් බිහි වන්නට ඉඩ දෙන්නේ නැහැ. නීතියේ ආධිපත්‍යයට අත තියන්න අප ගෝඨාට ඉඩ දෙන්නේ නැහැ.අද ගෝඨා බලාගෙන කියවීම කරනවා. අප එය කළේ හෝඩියේ පන්තියේදීයි. ශ්‍රී ලංකාවේ හිට්ලර්ලාට අප ඉඩ දෙන්නේ නැහැ. එදා ගෝඨා එනවිට මාධ්‍යවේදීන් දිව්වා. අද මාධ්‍යවේදීන් එනවිට ගෝඨාභය දුවනවා. වෙනස එයයි.” එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ගාලුමුවදොර පමණක් නොව බම්බලපිටිය, බොරැල්ල, ටවුන්හෝල් ප්‍රදේශ පවා ජනකායෙන් පිරී ගිහිල්ලා. සමගියේ බලය මෙයයි. මේ එකමුතු බව ගොඩනැගූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රණාමය පුද කරනවා.අද ඇරැඹූ සටන අප ඉදිරියට ගෙනයනවා. අපට චෝදනා නැති නිසා පොඩි පොඩි වචන අල්ලාගෙන දඟලනවා. මේ මැච් එකත් පවුල ද? රට ද? යනුවෙන් ජනතාව තීරණය කළ යුතුයි.පවුල්වාදය අවශ්‍ය නම් පොහොට්ටුවටත්, රට අවශ්‍ය නම් හංසයාටත් ඡන්දය දිය හැකියි. යුක්තිය අවශ්‍ය නම් හංසයාටත් අයුක්තිය අවශ්‍ය නම් පොහොට්ටුවටත් ඡන්දය දිය හැකියි.”එක්සත් ජාතික පක්ෂ උපනායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා- “අප එක පවුලක් සේ මේ සටන ඉදිරියට ගෙන ගොස් ජය ගන්නවා. අප ප්‍රතිවාදීන් මෙන් උතුරට එක කතාවක් කියා දකුණට තවත් කතාවක් කියමින් ජනතාව රටවන්නේ නැහැ.සියලුම ජාතීන් එක ධජයක් යටතට ගෙන රට ශක්තිමත් කිරීම අපගේ එකම අරමුණයි. එක්සත් ජාතික පක්ෂ ජනපති කෙනෙකු අගමැති කෙනෙකු යටතේ අප රටට යෝධ සංවර්ධනයක් උදා කරනවා.” එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“ලබන 16 වැනිදා මෙරට ජනපති සජිත් ප්‍රේමදාස බව මේ ජනකාය දුටු විට අපට පැහැදිලිවම කිව හැකියි. විශාල ජන පවුර එක් කරගෙන අප ශක්තිමත් ඉදිරි ගමනක් යනවා. සජිත් මෙන්ම මමත් වසර 19ක දේශපාලන ගමනක් පැමිණ තිබෙනවා. සජිත් ගම් මට්ටමෙන් දේශපාලනය පටන් ගත්තා. ගෝඨාභය ගම් සභාවකවත් ඉඳලා තිබෙනවාද? මිනිසුන්ගේ දහඩිය සුවඳ දන්නවාද? බැලුම් බෝල වගේ උඩින් එන නායකයන් ජනතාවට අවශ්‍ය නැහැ. සජිත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වනවා. හිංසාවාදී නායකයෙකු නොවෙයි. සුදු වෑන් එවන නායකයකු නොවෙයි. අත්වල ලේ තවරාගත් නායකයන් රටට අවශ්‍ය නැහැ.” කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර  මහත්මිය- “මේ දවස එනතුරු අප දිගු කාලයක් බලා සිටියා. වසර 25ක් තිස්සේ අපේම කියා ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට නොහැකි වුණා. ජාති ආගම් බේදවලින් තොරව සියලුම පාර්ශ්ව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා ඒකරාශිවී සිටිනවා.”විශාල ජන ගංගාවක් රැලියට සහභාගි වී සිටියහ. 
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
1
(අංජුල මහික වීරරත්න, සඳලංකාව - හේමලතා ඩී. හේවගේ සහ මාරවිල - ට්‍රික්සි කොන්ස්ටන්)“ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම තුළින් ජනතාව මත පනවන බදු බර අඩු කර පීඩනකාරී ජීවන රටාවෙන් සමස්ත ජනතාවම මුදාගන්නා බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පන්නල දී පැවැසීය.“ජනතාවගේ දුක පිළිබඳව තමාට කිසිවකුගෙන්වත් ටියුෂන් අනවශ්‍ය බව කී සජිත් ප්‍රේමදාස මහතා ගම හදා - රට හැදීම තම මූලික දර්ශනයක් බවද” කීවේය.ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කටුගම්පොළ පන්නල, නාත්තන්ඩිය කටාන සහ කඩුවෙල මැතිවරණ බල ප්‍රදේශවලදී ජනරැලි පැවැත්වුණ අතර පන්නල ජනරැලිය සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ කටුගම්පොළ සංවිධායක බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසිනි. පන්නල ජනරැලියේදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“ගම්උදා සංකල්පය ආරම්භ කළ පුරවරය වන මෙහි ජනතාවගේ ප්‍රධාන ප්‍රාර්ථනය වන්නේ යකාබැඳිඇල්ල වාරි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. මා ජනපති වූ සැණින් ඒ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා.මෙයින් මෙහි පානීය ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුම ලැබෙන අතර මාකුඹුර ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් බවට පත් කිරීමටත් අදහස් කරනවා.පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල වැඩ කරන කම්කරු ප්‍රජාවගේ නිවාස ප්‍රශ්නය ද විසඳන්න කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ මැටි කර්මාන්තය ද ක්‍රියාත්මක වෙනවා. පරිසරයට හානිය නැති පරිදි ඒ කර්මාන්තයේ නියැළී සිටින පවුල්වලට අවශ්‍ය ශක්තිය දෙන්න මා කටයුතු කරනවා. උළු කර්මාන්තකරුවන් සඳහාත් උපරිම දිරිය සහ ශක්තිය දීමටත් අප ක්‍රියා කරනවා.එමෙන්ම බුලත් වගාවේ නියැළි විශාල ගොවි පරපුරක් මෙහි සිටිනවා. බුලත් අපනයනයේදී පකිස්ථානය වැනි රටවල් විවිධ බදු පැනවීම තුළ බුලත් වගාකරුවා අසරණ බවට පත්ව තිබෙනවා.මගේ රජය ජනතාවාදී රජය බව කිව යුතුයි. සැම විටම පොදු ජනතාව වෙනුවෙන් මා පෙනී සිටිනවා. පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින්න මම සෑම විටකම කටයුතු කරනවා. සාමාන්‍ය ජනතාව මත පැටවුණ බදු බර ඉවත් කර පීඩනය වෙනුවට සහනය දෙන්න ක්‍රියා කරනවා.මෙරට දුක් විඳින දුප්පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි වැඩසටහනකට අමතරව ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා. ඉදිරි දියුණුවත් සමග රටේ මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. මධ්‍යම පන්තිය සඳහා දැවැන්ත ශක්තිය දී මධ්‍යම පන්තිය ශක්තිමත් කිරීමටත් මා ක්‍රියා කරනවා.රට මුදවාගෙන වැඩ පෙන්නපු සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍ය කිරීමෙන් මෙරට අන්තවාදී ත්‍රස්තවාදය මුළුමනින්ම විනාශ කරන්න කටයුතු කරනවා. එමෙන්ම රටේ අනාගතය වනසන කුඩු වෙළෙන්දන්ටත් අවසන් ඉරණම ළඟා කරනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්‍ෂක අංශ නවීකරණයට ලක් කර නවීන අභියෝගවලට මුහුණ දීමට හැකි පුහුණුව දෙනවා. මෙරට බුද්ධි අංශ දේශපාලනීකරණයට ලක්වීම තුළ දුර්වල මට්ටමකට වැටී තිබෙනවා. බුද්ධි අංශ තිබෙන්නේ රටේ උද්ගතවන ගැටලුකාරී තත්ත්ව, අභියෝග ගැන වේලාසනින් කරුණු සොයා බලා යථාර්ථවාදී උපදෙස් දී විනාශය වැළැක්වීමට කටයුතු කිරීමටයි. ඒ නිසා රටේ බුද්ධි අංශ සහමුලින්ම නිර්දේශපාලනීකරණය කිරීමට මා කටයුතු කරනවා.ලෝකය තරහ කරගෙන අපට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. මම වැදගත් රටවල් සමග සෘජු, විනිවිද බවකින් යුතු සබඳතා ගොඩනගනවා ඒ සබඳතා තුළින් නූතන ත්‍රස්තවාදය විනාශ කිරීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු සහ වෙනත් කරුණු පිළිබඳව ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාදාමය ශක්තිමත් කරනවා.මන්දිර දේශපාලනය මා ප්‍රතික්ෂේප කරනවා. බදු මුදලින් පෝෂණය වන පාලකයකු බවට මා පත්වන්නේ නැහැ. මෙරටට සංවර්ධනය ගෙනෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ මගේ පෞද්ගලික නිවාසවල සිටයි.මගේ කාලය තුළ දැවැන්ත සංවර්ධනය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික සංවර්ධනය උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කරනවා. ඒ තුළින් සෑම ග්‍රාමසේවා වසමක්ම ශක්තිමත්  කෙරෙනවා.හැම උප දිසාපති කොට්ඨාසයකම ජාත්‍යන්තර තලයේ නව තාක්ෂණ විද්‍යාගාරය මා ආරම්භ කරනවා. ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, නව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව නොමිලේ ලබා දෙන්නට කටයුතු කරනවා.මේ වැඩසටහන් තුළින් ගම හදා - රට හැදෙනවා. අපනයන දැනුම නවෝත්පාදනය කේන්ද්‍ර කරගත් ආර්ථිකය මා නිර්මාණය කරනවා.ජනතාව අධික ජීවන බරක් දරනවා. 2014 වසරේ තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වඩා 2019 වසරේ බොහෝ භාණ්ඩවල මිල අඩු බව කිව යුතුයි. සත්‍ය එයයි. නමුත් ආදායම් මාර්ග සීමාවීම තුළ ජීවත්වීමේ බර ඔබේ කරමත  පැටවිලා. ඒ පීඩනය මා හොඳින්ම දන්නවා. ජනතාවගේ දුක පිළිබඳව කිසිවකුත් මට ටියුෂන් පන්ති පැවැත්විය යුතු නැහැ. ඒ සියල්ල පිළිබඳව මට හොඳ අවබෝධය තිබෙනවා.ජාතික නිෂ්පාදනය වර්ධනය කර ජනතා බදු අවම කර  පීඩාකාරී  ජීවන තත්ත්වයෙන් ඔබ මුදාගෙන පොඩි මිනිසාට සෙත සැලසෙන යුගය ආරම්භ කරනවා” යැයිද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:“අප මේ සටන කරන්නේ රටේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි. ජනතා අවශ්‍යතාව ලෙස අප සජිත් ප්‍රේමදාස මහතා පත් කළා.2015 වසරට පෙර රටේ තිබූ තත්ත්වය ඔබට අමතක නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදුණු සුදු වෑන් යුගය එකල තිබුණා. ඒ යුගය පරදා අප ලබාගත් ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. රට නැවත භයානක යුගයට තල්ලු කරන්නට අපට හැකියාව නැහැ.බය නැතිව ජීවත් විය හැකි රටක් අප ගොඩනගා තිබුණා. ශීලාචාර ප්‍රජාතන්ත්‍රවායක් ගෙන ඒමේ සම්පූර්ණ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතුයි”.සෞඛ්‍ය - පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා:“එක් පැත්තකින් නඩු රැසක විත්තිකාරයකු ඉන්නවා. මේ පැත්තෙන් තරග කරන්නේ කම්කරු පන්තියෙන් උපන් නායකයයි. සජිත් යනු තම පියා මෙන්ම කම්කරුවන්ගේ හද හැස්ම දන්නා නායකයකු බව කිව යුතුයි.අප අපේක්ෂක තෝරා ගත්තේ සියලු පක්ෂ සංවිධානවල අනුමැතියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටයි. අනෙක් එක්කෙනා  තෝරා ගන්නේ රෑ කෑම මේසයේදීයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජවාදය ගැන කතා කළාට නිර්ධන පන්තියේ එක් මිනිහකුට ඉදිරියට එන්න ඉඩ දුන්නේ නැහැ”.එක්සත් ජාතික පක්ෂ පඬුවස්නුවර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා:“කලින් දුවපු හාවෝ ඔක්කොටම දැන් හති වැටිලා ඉවරයි. අපේ ජයග්‍රහණය තහවුරුයි. ගෝඨාභයට කිසිම දැක්මක් නැහැ. ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න අසන විට ගොළු වෙනවා.සහරාන්ගේ බෝම්බයෙන් ඒ අය කිරි පැණි කෑවට අප එසේ කරන්නේ නැහැ. යහපාලන මුවාවෙන් අපට සම්බන්ධ වූ හොරු ටිකත් කුණු ටිකත් අපේ පැත්තට තල්ලු කර නැවත රාජපක්ෂ පිලට ගොස් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ සාමාජිකයන් සියලුම දෙනා ඉන්නේ අප සමගයි”.කර්මාන්ත, වාණිජ කටයුතු, සමුපකාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා:“මා මෙහි පැමිණ ඇත්තේ යුග පෙරළියක් සඳහායි. ඉතිහාසයේ සිට රටට දැනෙන සංවර්ධනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටිනවා. එතුමාගේ වටා සිටින්නේ මැර බලය නොවෙයි ජන බලයයි”.මෙම අවස්ථාවන්ට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සහ ජේ.සී. අලවතුවල යන මහත්වරුද සහභාගි වූහ.
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
0
(හර්ෂණ තුෂාර සිල්වා)ඩිජිටල් තාක්ෂණය, පරිගණක සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නව කාර්මික විප්ලවයක් රට පුරාම ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී (7) ප්‍රකාශ කළේය. නව නගර, නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය හරහා රට තුළ අපනයන පදනම් කර ගත් ආර්ථික රටා ඇති කරතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඒ බව කීවේය.තිරසර සංවර්ධනය, සුහුරු සංවර්ධන රටේ දියත් කරන්න ඕනෑ. ලෝකයේ නව ප්‍රවණතා සමග තරග කරන මාතෘ භූමියක්, ඒ තරගය තුළින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාව ඇති කරන බවත්, ජයග්‍රහණයේ අරුණළු හා ප්‍රතිලාභ රටේ තරුණ පරපුර ප්‍රමුඛ පුරවැසියන් සියලු දෙනාට ලැබෙන යුගය බිහි කරන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. බල මණ්ඩල රැස්වීම ඇමතූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය. “ජනාධිපතිවරණයට මුහුණ දී ඒ දැවැන්ත අභියෝගය ජයග්‍රහණය කර රට නව මාවතට යොමු කර, නව දර්ශනයක්, නව පිළිවෙතක් සහ නවීන චින්තනයක් ඔස්සේ රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ අභියෝගය මා බාරගෙන සිටිනවා.මැතිවරණය තුළ අපට ශක්තීන් රැසක් තිබෙනවා. මා වැඩ කර ඔප්පු කරලා තිබෙනවා. මා ජනතාවට දැවැන්ත සේවාවක් කළා. කෙටි කාලයක් තුළ රටේ පොදු ජනතාවට මෑත ඉතිහාසයේ ජන සමාජයේ සියලුම තල ආවාරණය වන ආකාරයට වාර්තා ගත ඓතිහාසික වැඩසටහනක් ඉටු කළේ අපේ ආණ්ඩුව බව මේ අවස්ථාවේ දී බොහෝම ආඩම්බරයෙන් කියනවා. ඒ සංවර්ධන සේවාවෙන් ඔබ්බට, ඒ සංවර්ධන සේවාව ශක්තිමත් අලුත් ආකාරයේ වැඩපිළිවෙළට කාලය එළැඹිලා. අප රටක් හැටියට ලොව දිනන්න ඕනෑ. ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නව කාර්මික විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කරන්න ඕනෑ. අපේ රට තුළ අගය එකතු කිරීමේ සංවර්ධන ක්‍රියාදාම ආරම්භ කරන්න ඕනෑ.නව නගර, නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය නවෝත්පාදනය තුළින්, කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කරන්න ඕනෑ. ඒ ආර්ථික රටාව ශක්තිමත් කරන්නත් ඕනෑ. තිරසර සංවර්ධනය, සුහුරු සංවර්ධන රටා දියත් කරන්න ඕනෑ. ලෝකයේ නව ප්‍රවණතා සමග තරග කරන මාතෘ භූමියක්, ඒ තරගය තුළින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාවක් ඇති කළ යුතුයි. ජයග්‍රහණයේ අරුණළු හා ප්‍රතිලාභ රටේ තරුණ පරපුර ප්‍රමුඛ පුරවැසියන් සියලු දෙනාට ලැබෙන යුගයක් බිහි කළ යුතුයි. ඒ හැකියාව, ඒ දර්ශනය, ඒ කැපවීම සහ උනන්දුව මා සතුයි. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රටේ නව පරම්පරාවට ශක්තිය, රටේ තරුණ පුරවැසි පරපුරට ජවය දෙන මහා සංවර්ධන විප්ලවයක් බිම් මට්ටමේ දියත් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව කියනවා.කොළඹ දිස්ත්‍රික්කය ගැන කතා කරන විට රණසිංහ ප්‍රේමදාස මහතා කරන ලද සංවර්ධනය කිසිවකුට අමතක කරන්න බැහැ. ලලිත් ඇතුලත්මුදලි මහතා වරාය සංවර්ධනය කේන්ද්‍ර කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ කරන ලද සංවර්ධනය සියලු දෙනාගේම මතකයේ තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව හැම විටම ප්‍රගතිශීලී දේශපාලනය අගය කළ ජනතාවයි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව කිසිදු අවස්ථාවක දී ජාති භේදය, ආගම් භේදය, ජාතිවාදය, ආගම් වාදය මුදුන් පත් කරගෙන කටයුතු නොකළ ජන කොටසයි.ඒකීය ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට නම් ජාතීන්, ආගම් අතර මිත්‍රශීලිත්වය තිබෙන්න ඕනෑ. සංහිඳියාව තිබෙන්න ඕනෑ. ඒ මිත්‍රශීලීත්වය හා සංහිඳියාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍ය සාධකයක්. ජාතිභේදය, ආගම් භේදය අවුස්සා අනෙකුත් ආගමික ස්ථාන විනාශ කළ අයට රටක් එක්සේසත් කරන්න බැහැ. ඒ අයට පුළුවන් ඒ අයගේ සුපුරුදු කාර්ය කරන්නයි. තමන්ට රජවීම උදෙසා රට තුළ ගිනි කන්දක් නිර්මාණය වුව ද ඔවුන්ට කමක් නැහැ. එය තමයි ඔවුන්ගේ කාර්ය වන්නේ.තමන්ගේ පවුල, රජ පවුල රැකෙනවා නම්, රජ පවුලේ සාමාජිකයන්ට ජනාධිපති මන්දිරයටයි, අරලියගහ මන්දිරයටයි යන්න පුළුවන් නම් රට ගිනි ගත්ත ද ඔවුන්ට කමක් නැහැ. තමන්ගේ පවුල රජ වෙනවා නම් ජාතිභේදය, ආගම්භේදය නිර්මාණය වෙලා රටේ ඒකීයභාවය එක්සත්භාවය පළුදු වෙලා රට කෑලි කෑලිවලට කැඩුණත් ඔවුන්ට කමක් නැහැ. නොවැම්බර් 16 වැනිදා ජනතාව අති විශිෂ්ට ජනවරමෙන් රටේ මීළඟ ජනාධිපති තෝරන විට, පවුල්වාදී දේශපාලනය අපේ මාතෘ භූමියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉවත් කරන බව ඔබ සියලු දෙනාට මේ අවස්ථාවේ දී මා වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ දවස්වල සිද්ධ වෙච්ච දේවල් දිහා බලද්දි මුළු කණ්ඩායමම රාජපක්ෂලායි. අතිරේක ක්‍රීඩකයාත් රාජපක්ෂයි. බැරිවෙලා කණ්ඩායමේ කාටහරි මොනවාහරි ඇබැද්ධියක් වුණා නම් ඒකට රිංග වන්නෙත් රාජපක්ෂ කෙනෙකුයි. එතකොට රටේ රාජපක්ෂලා හැර උගතුන් නැහැ, බුද්ධිමතුන් නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ හැකියාවන් තිබෙන මිනිස්සු නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ වෙන දක්ෂයන් නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ ප්‍රවීණයෝ නැහැ. ඒ මොකද? මේ ඇත්තන්ගේ ඇඟ පුරාම මොළේයි. එක තැනක විතරක් නෙවෙයි, ඇඟ පුරාම මොළේයි.ජනතාවගෙන් අහන්න මා කැමැතියි, හදවතට තට්ටු කර අහන්න, පොඞ්ඩක් හිතා බලන්න ජනාධිපති රාජපක්ෂ, අගමැති රාජපක්ෂ, මුදල් ඇමැති රාජපක්ෂ, කතානායක රාජපක්ෂ, වාරිමාර්ග රාජපක්ෂ, කෘෂිකර්මාන්තය රාජපපක්ෂ හැම තැනම රාජපක්ෂයි. රටේ උතුම්ම ආගමික නායකයාත් රාජපක්ෂ කෙනකු කියලා ඒ අය කියාවි යයි මට ලොකු සැකයක් තිබෙනවා.මේකට අප දෙන විකල්පය කුමක් ද? පවුල්වාදය බිඳ දමා, ඥාති සංග්‍රහය ඉවත් කර, ගජ මිතුරු සංගම් දේශපාලනය අතුගා දමා හැකියාව තිබෙන තරුණ පරපුරට, උගතුන්ට, බුද්ධිමතුන්ට හා විශේෂඥයන්ට අවස්ථාව මා දෙන බව පැහැදිලිව කිව යුතුයි. මෙදා රාජ්‍ය ගන්නා විටත් ඉන් අනතුරුව සංවර්ධන ක්‍රියාදාම නිර්මාණය කිරීමේදීත් ඒවා ක්‍රියාත්මක කිරීමේදීත් උගතුන්ට, දක්ෂයන්ට, බුද්ධිමතුන්ට අවස්ථාව දෙනවා. තරුණ පරපුරට දෙන්න පුළුවන් ඉහළම ශක්තිය දී ඔවුන් රටේ අනාගතයේ පෙරමග ගමන්කරුවන් බවට පත් කරනවා. රටේ මධ්‍යම පන්තියට මා අවස්ථාව දෙන බව ද සිහිපත් කළ යුතුයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලොකු පරිත්‍යාගයක් කළා. ඒ පරිත්‍යාගයට මගේ ස්තූතිය සහ ගෞරවය පුද කරනවා. මෙදා පාර කොළඹ දිස්ත්‍රික්කය ඡන්ද ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බව මෙහිදී ඔබට කිව යුතු” යයි ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීවේය. බල මණ්ඩල රැස්වීම ඇමතූ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා මෙසේ පැවැසීය.“ජනාධිපතිවරණයේ දී අප කොළඹ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 230,000කින් ජයග්‍රහණය කරනවා. ලක්ෂ 70කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන අප එක්සත් ජාතික පක්ෂයේ අපේම නායකයකු ජනාධිපති ධුරයට පත් කරනවා. අප 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. අගෝස්තු මාසයේ දී මහ ඡන්දය දින්නා. එදායින් පසුව අද වෙද්දි අපේ ඡන්ද ප්‍රමාණය සියයට 7කින් වැඩි වෙලා. අප මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 235,000කට වැඩි ප්‍රමාණය ගන්නවා. අප අවුරුදු පහක් වැඩ කළා. කතා කළ කාලය අවසානයි. අප ආරම්භ කරන්නේ වැඩ කරන යුගයයි. අප ජනාධිපතිවරයකු පත් කළා. ආණ්ඩුව පිහිටෙව්වා. එහෙත් අපට හිතපු විදියට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්න බැරි වුණා. මොකද බොහෝ පිරිසක් අපේ කකුලෙන් ඇද්දා. ඒ කොහොම වුණත් අප ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. දුර්දාන්ත පාලනය අවසන් කර ජනතාවට බයක්, සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් උදා කළා.මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ කීය.“ජනාධිපතිවරණය ලෙහෙසියට ගන්න එපා. 1994න් පසු අපට අපේ ජනාධිපති කෙනකු පත් කර ගන්න බැරි වුණා. ඒනිසා අප ඒ රාජ්‍ය ගන්න ඕනෑ. අපට තිබෙන්නේ ඉතාම කෙටි කාලයක්. අප හැමෝම එකට එකතු වෙන්න ඕනෑ.මතභේද, විවිධ අදහස් සියල්ල අවසන් කරමින් පක්ෂය ඒකරාශී කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් එඩිතර තීන්දුවක් ගත්තා. ඒ නිසා අපේ පක්ෂය පෙරටත් වඩා ශක්තිමත් වෙලා. ඉතාම කෙටි කාලයක් අපට තිබෙනවා.පක්ෂයේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කර අවුරුදු 10කට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ස්ථාපිත කරනවා. එසේ කරමින් රට ඉදිරියට ගෙන යනවා”. තීනියාවල පාලිත හිමි, අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, ඒ.එච්.එම්. ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
0
(අංජුල මහික වීරරත්න සහ වැල්ලවාය - අයි.ආර්. ඉන්දික)පරණ තාලේ ඉබිගමන් නවතා වේගයෙන් තමා සමග වැඩ කරන්න සියලු දේශපාලකයන් සූදානම් විය යුතුයි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවාය පස්සර බිබිල මැදගම 200 හාලිඇළ සහ දියතලාවෙ ජන රැලි අමතමින් සති අන්තයේදී පැවැසීය.“බොන්න වතුර ඉල්ලන විට ටී-56 ගිනි අවියෙන් වතුර දෙන පාලනය වෙනුවට සමෘද්ධිය සහ ජන සවිය යන ජනතා සහන දෙකම එකට දෙන පැය 24ම ජනතාව ගැන සොයා බලන පාලනය ස්ථාපිත කරන බව ද” අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ජනපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සති අන්තයේ පැවැති ජන රැලි සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ම ජන රැලිය වැල්ලවායේදී පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.මගේ පියා සෙවණ අරමුදල ආරම්භ කර නිවාස වැඩසටහන දියත් කළේ වැල්ලවාය, නුගේගලයාය ගම්මානය කේන්ද්‍ර කරගෙනයි. කුඩා දරුවෙකු ලෙස පියා සමග වැල්ලවාය තණමල්විල පාරේ යනවිට දිවා ආහාරය ගැනීම සඳහා එක් නිවෙසක නතර වුණා. එහිදී පොල් අතු පැළක් ගැන පියාගේ අවධානය යොමු වුණා. ඒ අනුව ප්‍රථම වරට මෙරට නිවාස ලොතරැයිය නිවාස සංවර්ධන අරමුදල, සෙවණ අරමුදල, සෙවණ නිවාස වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ, ඓතිහාසික වැල්ලවාය මැතිවරණ බල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි.අද දවසේ මගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ගාලුමුවදොර රැලියෙන් පසුව අරඹන්නේ සෙවණ නිවාස වැඩසටහන ඇරඹුණු වැල්ලවාය පුරවරයෙනුයි. තව වැව්-අමුණු ශක්තිමත් කරගෙන ගොවිතැන් කටයුතු සාර්ථකව කරමින් වී වගාව, අතුරු බෝග වගා කිරීම ඔබේ අපේක්ෂාවයි.අපේකම, සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා වූ පුරයක් ලෙස වැල්ලවාය හඳුන්වාදිය හැකියි. අධිකරණයේදී බලවේග පරාජය කිරීමට වැල්ලවායේ ජනතාව සමත් වුණා. විදේශීය ආක්‍රමණ සුණු විසුණු කළා. එවැනි පුරයක ජනතා සංවර්ධනය මගේ මූලික යුතුකමයි.ජනපති වී පළමු මාස 48 තුළ වෙල්ලස්ස පුරවරයේ පමණක් නොව මුළු ලංකාවේම මහා වාරි පද්ධති, මධ්‍ය වාරි පද්ධති, සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණ කොට කෙත්වතු සරුසාර කරන යුගය මා අරඹනවා. පිටරටින් ආහාර ගෙන්වනවා වෙනුවට ආහාර සුරක්ෂිත කළ ස්වයංපෝෂිත ලංකාවක් මා බිහිකරනවා.මොණරාගල නිවාස ප්‍රශ්න ඇති ජනතාව සඳහා මේ වනවිටත් විශාල වැඩ කොටසත් ඉටු කරලා. සමස්ත ශ්‍රී ලංකාවේම සියලු ජනතාවට තමාගේ ඉඩමක නිවස හදාගන්න පසුබිම නිර්මාණය කරනවා.සෑම පවුලකම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට රටේ ජනපති ලෙස කටයුතු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත මගේ පෞද්ගලික අධීක්ෂණයෙන් සෑම පවුලක්ම ගොඩගන්නා බව මෙහිදී ප්‍රකාශ කරනවා.මගේ සංකල්පය ගම හදා නගරය හදා රට හැදීමයි. ගම මෙන්ම නගරයත් හැදෙන්න අවශ්‍යයි.ගම් නගර දනව්වල ජීවත් වන ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවිය යුතුයි. ඔවුන්ගේ ජන ජීවිතය උසස් කළ යුතුයි.මගේ මුළු ජීවිතයම කැපකර තිබෙන්නේ පොදුජන සේවයටයි. මට වෙනත් රාජකාරි නැහැ. පවුලේ සාමාජිකයින් රැක බලා ගැනීම මගේ වගකීම නෙවෙයි. මට රැකගන්න පවුල් පරපුර හෝ ඥාති පරපුරක් හෝ නැත. මගේ ඥාති පරපුර මෙරට සමස්ත ජනතාවයි.මෙරට සෑම උප දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත නිර්මාණය කිරීමේ වැඩසටහනක් මා ක්‍රියාත්මක කරනවා. ගමට කර්මාන්තපුර නොව ජාත්‍යන්තර ආයෝජකයින්ට රතු පළසක් දමා ආයෝජන ගැනීමට කටයුතු කරනවා. ආයෝජකයින් බංග්ලාදේශයට, වියට්නාමයට, ඉන්දියාවට යනවා වෙනුවට ලංකාවට පැමිණෙන පසුබිම සකස් කරනවා. එහිදී යෞවන යෞවනියන්ට රැකියා අවස්ථා උදා කළ හැකියි. වෙල්ලස්ස, හම්බන්තොට, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ප්‍රදේශ වෙනම සංස්කෘතික - සංචාරක කලාපයක් ලෙස අප නිර්මාණය කර තිබෙනවා.මොණරාගල ඓතිහාසික සිද්ධස්ථාන සියල්ලක්ම සංවර්ධනය කිරීමට මා කටයුතු කරනවා. බුදුරුවගල, මාලිගාවිල සංවර්ධනය සඳහා පමණක් කෝටි 55ක් වෙන් කළා.ජනතාව රටේ නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද? ඔවුන් ආරක්‍ෂිත, සවර්ධිත නව දියුණුවක් ලබන රට බලාපොරොත්තු වනවා. තරුණ පරපුරේ දියුණුවට මුල්තැන දෙන රට දක්ෂයින්ට ඉහළට යා හැකි රටක් උගතුන්ට ශක්තිය දෙන රට ඔබ බලාපොරොත්තු වෙනවා. අපේම ජනතාව සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීම මගේ අරමුණයි. මගේ ගමනේ එකම අරමුණ ජාති, ආගම්, කුලමල, පක්ෂ බේදවලින් තොරව මෙරට පොදු ජනතාව සඳහා සෞභාග්‍ය උදාකර දීමයි. මගේ රජය තුළ ඥාති සංග්‍රහ කරන්නේ නැහැ. පවුල් දේශපාලනය කරන්නේ නැහැ. දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට නිසි තැන ශක්තිය දීම මගේ අරමුණයි. කාන්තා පරපුර සඳහා ආරක්ෂිත බවක් සැපයිය යුතුයි.අභිමානවත් ආඩම්බරවත් ශ්‍රී ලංකාව ජව සම්පන්න මුළු ලෝකයම ජයගන්නා ශ්‍රී ලංකාව මා නිර්මාණය කරනවා.මා ජනපති වූ පසු ක්‍රියාත්මක කරන වැදගත් වැඩසටහන් දෙකක් ගැන සඳහන් කරන්නම්. ජනපති යනු රටේ සෑම පුරවැසියෙකුම එක්ව පත් කරගත් නායකයායි. රටටම වග කියන්නේ ඔහුයි. ජාතික සංවර්ධන විශේෂ ජනපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. මුළු රටටම වගකියන ඒ බලකාය හරහා ජනාධිපති කාර්යාල නියෝජනය කරමින් සෑම උප දිසාපති කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකක ස්ථාපනය කරනවා.රාජ්‍ය පාලනය සංකල්පය තුළින් සෑම උප දිසාපති කොට්ඨාසයකම සෑම කුඩා ගම්මානයකම දිනපතා අරඹන ව්‍යාපෘති ජනතා ඉල්ලීම් බලාපොරොත්තු ආදී සෑම දෙයක්ම රටේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධීක්‍ෂණය කර ගමට නගරයට දැනෙන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. නිල්පාට, රතුපාට, කොළපාට, පොහොට්ටු බේදයක් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බල කරන්නේ නැහැ. ජනතා ප්‍රශ්න-ගැටලු තිබෙන පුද්ගලයන් උප දිසාපති කාර්යාලයේ ස්ථාපිත සංවර්ධන ඒකකයේ සාමාජිකයන් බවට පත්කර ගන්නවා.නිවාස රැකියා, මාර්ග, පාසල්, රෝහල්, සෞඛ්‍යය, පෙර පාසල් ආදී සෑම ප්‍රශ්නයක් සඳහාම ඍජුවම ක්‍රියාකිරීම මගේ අරමුණයි. ඒ පිළිබඳව රටේ ජනාධිපතිවරයා දැනුම්වත් වී පැය 24 නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලය නිර්මාණය කරනවා. දිවා සහ රාත්‍රී දෙකෙහිම වැඩ කරන්න වැඩසටහන සකසා ශක්තිමත් ජනතා සේවය සඳහා පොදු ජනතා ප්‍රශ්න විසඳන ජනාධිපතිවරයෙකු බවට මා පත්වන බව මෙහිදී අවධාරණය කරනවා. 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා යනු නිකම්ම නිකන් පඹයෙකු යැයි සමහරුන් සිතාගෙන ඇති. පඹයෙකු කියා හදන තනතුරේ පඹ ගාලක පැටළෙන්න සජිත් ප්‍රේමදාස ලෑස්ති නැහැ. මා මෙරට ජනපති වනවිට කොන්ද කෙළින් තබාගෙන ජනතාව බලාපොරොත්තු වන උසස් ජනතා සේවය ඉටු කිරීමට දිවි හිමියෙන් කැපවන බව කිව යුතුයි. ජයග්‍රහණයෙන් පසු අලුත් ගමන මා අරඹනවා. ඒක පරණ තාලේ ගමන නොවෙයි. ඉබි ගමන ද නොවෙයි. ගාටමින් යන ගමනක් ද නොවෙයි. මගේ වේගයට වැඩ කරන්න හැමෝම ලෑස්ති විය යුතුයි. කැපකිරීම් කරන්න සියලු දෙනා ලෑස්ති විය යුතුයි.මා දක්‍ෂයින්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලකයන් මා ඉදිරියට ගෙන එනවා. දූෂිතයන්ට තැනක් නැහැ. දූෂිතයන් මා ගාවගත්තොත් නැහැ. දක්‍ෂ තරුණ පෙළක් තුන්වැනි පෙළක් ඉන්නවා. අත්වල ලේ නොතැවරුණු, අත්වල ජරාව ගාගත්තේ නැති දක්‍ෂයින් පිරිසක් ඉන්නවා. මා නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාව තුළ ඓතිහාසික සංවර්ධන යුගය ක්‍රියාත්මක කරනවා. ආහාර මුද්දර ලාභීන් - ජනසවිලාභීන් බවට පත් කළ යුගය ගැන අප දන්නවා. එය සිදුවුණේ මගේ පියාගේ කාලය තුළයි. දුප්පත් ජනතාවට නොසැලකූ යුගය අතීතයේ නැවතුණා. ඒ අනුව මගේ පියා ජනසවිය වැඩසටහන ආරම්භ කළා. නමුත් ජනසවි වැඩසටහන හරියාකාරව ක්‍රියාත්මක කරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. එතුමා ජීවිතක්‍ෂයට පත්වුණා. අද ක්‍රියාත්මක වන සමෘද්ධි වැඩපිළිවෙළ ඉදිරියෙත් මා ඒ අයුරින්ම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතර සමෘද්ධි වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමින් ඊට තවත් වැඩපිළිවෙළක් එකතු කරනවා. ඒ වැඩපිළිවෙළ වන්නේ ජනසවියයි. මගේ පියා හඳුන්වා දුන් ජනසවිය වැඩසටහන් මා රට පුරා ක්‍රියාත්මක කරනවා. පසුගිය සමයේ රට පාලනය කළ අය විවිධ සංඛ්‍යා ලේඛන ගැන කියමින් රටට බොරු ප්‍රතිරූපයක් පෙන්වා දුන්නා. වැරදි චිත්‍රය පෙන්නුවා. හතර දෙනෙකු සිටින පවුලකට මාසයකට ආහාර හා ආහාර නොවන වියදම් සඳහා රුපියල් 50,000-55,000ක් දළ වශයෙන් වැය වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙවැනි ආදායම නොලබන කීදෙනකු රටේ ඉන්නවාද. එවැනි ජනතාව ලක්‍ෂ ගණනින් ඉන්නවා. ඒ ජනතාවට හඬක් නැහැ. ඔවුන් දෙස කිසිවකුත් බලන්නේ නැහැ. ඒ අහිංසක-අසරණ මෙරට නිහඬ බහුතරයේ හඬ බවට පත්වෙන්න සජිත් ප්‍රේමදාස සූදානම්. ඒ තුළින් දුප්පත් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරන්නට මා සූදානම්. මේ මහා රැලියෙන් ඔබට ගෙදර ගෙන යා හැකි පණිවිඩය තිබෙනවා. සමෘද්ධිය ශක්තිමත් කරන අතර ජනාධිපති වැඩසටහනක් මම ක්‍රියාත්මක කරනවා. ජනතා අපේක්‍ෂා බලාපොරොත්තු හඳුනාගෙන ඒ අනුව මා ක්‍රියා කරනවා. මෙරට ජනතාවගේ ඉල්ලුමට සැපයුම දෙන ජනාධිපතිවරයෙකු ලෙස මා ක්‍රියා කරනවා. දැන් ඉදිරිපත් වී සිටින විකල්පය කුමක්ද? ඔහු ගමක පෙර පාසලකටවත් නොපැමිණි පුද්ගලයෙකි. මධ්‍යම බෙහෙත් ශාලාවක් හෝ ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හෝ තිබෙනවාද නැද්ද කියා නොදන්නා පුද්ගලයෙකි. ගමේ පාසල් පද්ධති, නගරයේ පාසල් කොතැන තිබෙනවාදැයි නොදන්නා පුද්ගලයෙකි. ජනතාවගේ දුක නොතේරෙන පුද්ගලයන් රටේ පාලනයට සුදුසුද? වතුර ඉල්ලන ජනතාවට ටී 56න් වතුර දුන්නේ ඒකයි. ජාතික ආරක්‍ෂාව ගැන කතා වෙන්න කාරණයක් නැහැ. යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා මෙරට නීතිය-සාමය සහ ආරක්‍ෂක ඇමැති ලෙස දැනටමත් නම්කර අවසන් බව කිව යුතුයි. මහ පොළොවේ යුද ජයග්‍රහණය කළ සැබෑ වීරයා ඔහුයි. රටේ නායකයා ලෙස ජාතික ආරක්‍ෂාවට මා වගකිව යුතුයි. මා ඒ සියල්ල ඉටු කරනවා.මෑත ඉතිහාසයේ ප්‍රථම වරට පවුල්වාදය නැති ගජ මිතුරු සංගම් නැති ගෝල බාල සුබ සාධනය ක්‍රියාත්මක නොකරන පොඩි මිනිහා සමග මහ පොළොවේ පය ගසා ජීවත් වන නායකත්වයක් නිර්මාණය කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. පොහොට්ටු හෝ බුලත් කොළ හෝ දෙස බලන්න එපා. ජාති-ආගම්-කුලමල බේද බලන්න එපා. පක්‍ෂ බේද බලන්න එපා. සියල්ල අත්හරින්න. මහා සංවර්ධනයේ උසස් ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන මා ඉදිරි ගමන යනවා. මගේත් එකම ප්‍රතිපත්තිය මිනිසා ජීවත් කරවීමයි. මිනිස් සම්පත සුරක්‍ෂා කිරීමයි. නවෝත්පාදනය තුළින් මව්බිම මහා සංවර්ධන විප්ලවයක් නිර්මාණය කිරීම මාගේ අරමුණයිලෝකය සමග තරගකර අපගේ රට අංක 01 බවට පත් කරමු.ලෝකයම ජයගත හැකියි. අපි එක්ව ඉදිරියට යමු. දූෂණ-වංචා නැති රටක් හදා අපි එක්ව ඉදිරියට යමු.අධ්‍යාපනය ශක්තිමත් කොට අපි එක්ව ඉදිරියට යමු. යහපත් ආකල්පවලින් අපි එක්ව ඉදිරියට යමු. නව නිපැයුම් තුළින් ඉදිරියට යමු. සෞඛ්‍ය සම්පන්න පරපුරක් නිර්මාණය කර එක්ව ඉදිරියට යමු. ජාති-ආගම්-පක්‍ෂ බේද ඉවත දමා එක්ව ඉදිරියට යමු. රට දියුණු කරන්න අපි-ඔබ-හැම එකතු වෙමු යැයිද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා:-ගිනි ගහන අව්වේ ජනතාව රැස්කමින් ඉන්නේ සජිත් ප්‍රේමදාස වෙනුවෙනුයි. වසර 25කින් අප එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරයෙක් පත්කර නැහැ. ජනතාව සජිත් ඉල්ලුවේ අද-ඊයෙක නොවෙයි. අවසානයේ ඒ සටන ජය ගත්තා.දුප්පත් ජනතාව සඳහා අවශ්‍ය නායකයෙකු අප මෙවර පත්කර ගන්නවා. ඔබේ සමෘද්ධි සහනාධාරය දෙගුණයක් කර දෙන්න අප කටයුතු කළා. ගම්පෙරළිය වැඩසටහනින් ගමක්-ගමක් ගානේ සංවර්ධනය ව්‍යාප්ත කරන්නට අපට හැකිවුණා. බුදු සසුන දියුණු කිරීම සඳහා රණසිංහ ප්‍රේමදාස මහතා කළ මෙහෙවර අපමණයි. ඒ මහ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට දැවැන්ත ශක්තියක් තිබෙනවා. සජිත්ට කොහේවත් මිනී මැරුවා යයි, සුදු වෑන් එව්වා යයි හොරකම් කළා යයි චෝදනා නැහැ.සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා:-සජිත් යනු ගොවි-කම්කරු පන්තිය නියෝජනය කරන ජනාධිපති අපේක්‍ෂකයායි. ඔහු කොළඹ දේශපාලනයෙන් ඉවත් වී හම්බන්තොට දිස්ත්‍රික්කය තෝරා ගත්තේ ඇයි? සජිත් එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂක පමණක් නොවෙයි. දුප්පත්කමට පිළිතුරක් ඇත්තේ සජිත් ප්‍රේමදාස ළඟ බව ජනතාව දන්නවා. ගෝඨාභය කියන්නේ කව්ද? යුද සමයේ බයේ ඇමරිකාවට පැන ගිය පුද්ගලයෙකි. එහෙම කෙනෙකුට ජාතික ආරක්‍ෂාව දෙන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාස ජාතික ආරක්‍ෂාව බාර දෙන්නේ සැබෑ විරුවකු වූ සරත් ෆොන්සේකා මහතාටයි. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා:-ජනතාවගේ ඉල්ලීම එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය විසින් දී තිබෙනවා. අප රජය සියලුම ක්‍ෂේත්‍ර ආවරණය කරමින් දැවැන්ත සංවර්ධනයක් කළා.සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩසටහන යටතේ රට පුරා ශීඝ්‍රයෙන් නිවාස ඉදිවෙමින් තිබෙනවා. සංස්කෘතික අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස මහතා යටතට පත් වූ පසුව ඒ ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රබෝධයක් වූ බව කිව යුතුයි.ජන රැලි සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ද විශාල ජනතාවක් ද සහභාගි වී සිටියහ. 
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
0
(සුජිත් හේවාජුලිගේ)ගිය ආණ්ඩුව හම්බන්තොට වරාය සඳහා ගෙන ආ ගිවිසුමේ තිබූ බොහෝ බරපතළ දේවල්වලට තමා එදා දැඩිව විරුද්ධ වුණු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ගිය ආණ්ඩුව කොළඹ ගෝල්ෆේස් පිටියෙන් අක්කර හයක් ෂැංග‍්‍රිලා හෝටලයට සින්නක්කරව දුන් බව කී ජනාධිපතිවරයා, වරාය නගරයේ අක්කර 240 ක් චීනයට සින්නක්කරට දීමට ගෙනැවිත් තිබූ ගිවිසුම නව රජය බලයට පත් වී වෙනස් කළ බව ද ප‍්‍රකාශ කළේය.හම්බන්තොට වරාය බදුදීම සම්බන්ධයෙන් දුන් පාර්ලිමේන්තු විවාදය විපක්‍ෂය හරියට ප‍්‍රයෝජනයට ගත්තේ නැතැයිද මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත පරිශ‍්‍රයේදී පෙරේදා (1) සවස පැවැති වරාය අධිකාරියේ 38 වැනි සංවත්සර උත්සවයේදීය.වරාය අධිකාරියේ දීර්ඝ සේවයක් කළ සේවකයින්ට ජනාධිපතිවරයා අතින් මෙහිදී උපහාර තිළිණ පිරිනැමිණජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය.ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වසර 38 ක ගමන් මග ගැන මා සතුටු වෙනවා. අපි මුහුදින් වට වූ දූපතක් විදියට කල්පනා කරන කොට ඉතිහාසයේ මතක සටහන් රාශියක් සිහියට නැගෙනවා. අද අපේ වරාය ලෝකයේ තාක්ෂණය සහිත සියලූ වරායන් සමග කරට කර තරග වදින තැනක සිටිනවා. වරාය රට වෙනුවෙන් ඉතා ඉහළ සේවාවක් කරනවා. අපේ රට ලෝකය හඳුනා ගන්නේ මූලික වශයෙන් වරායන් නිසයි. මේ හා සම්බන්ධ අවුරුදු හාරසියය පන් සියයක ඉතිහාසයක් අපට කතා කරන්න පුළුවන්. නාවික ගමනාගමනය, විදේශීය ආක‍්‍රමණ යනාදී කරුණු ගැන, ලෝකය සමග තරගකාරීත්වයට පදනම වැටුණේ ද වරායන් නිසයි. එදා මෙදා තුර සේවය කළ සියලූ සේවකයන්ගේ ගුණ සිහිපත් කිරීම ඔවුන් මතක් කිරීම වැදගත්. කළගුණ දත් ජාතියක් වශයෙන් අප එය කළ යුතුයි.වරායෙන් රටේ ආර්ථිකයට ලැබෙන්නේ ලොකු ශක්තියක්. එදා මෙදා තුර සේවකයන්ගේ ශක්තියෙන් මෙය මනාව ගොඩනැගුණා. වර්තමානයට මග පෙන්වන්නේ අතීතයයි. අප ඒ වර්තමානය ශක්තිමත් කරමින් අනාගතයට මුහුණ දිය යුතුයි.එක් දහස් නවසිය හැත්තෑ නවයේදී මේ වරාය තිබූ තැන මොකද්ද? ඒ අතරේ සිදු වූ වෙනස්කම් අප දන්නවා. මීට වසර 38කට පෙර තිබූ තත්ත්වයට වඩා අද තත්ත්වය වෙනස්. මේ වෙනස තුළ අප දකින්නේ ලොකු සංවර්ධනයක්. 38 වසරක් ඔබ කළ සේවය ඉහළින්ම අගය කරනවා. මම ඔබලට සුබ පතනවා. ඔබලාගේ බුද්ධියේ දැනුම වර්ධනය වේවා යැයි ප‍්‍රාර්ථනා කරනවා.හම්බන්තොට වරාය බදුදීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 සැප්තැම්බර් 4 වැනිදායි. එවකට තිබූ රජය ඒ කැබිනට් එකේ හිටපු මට එය හොඳට මතකයි. එදා ඒ ගිවිසුමේ කරුණු බොහොම බරපතළයි. පළමු ගිවිසුමට අදාළ කරුණු ප‍්‍රබලයි. මා එදා ඒ බොහෝ කරුණුවලට එකඟ වුණේ නැහැ. මා ඉදිරිපත් කළ කරුණු අනුව වරායේ කටයුතුවලට තිබුණු ඉඩම් ප‍්‍රමාණය සියයට පනහකින් අඩු කරන්න හැකිවුණා.වරායේ බිම් අඟලක් හෝ විදේශ සමාගමකට දෙන්න බැහැ කියන වගන්තියක් අප ගිවිසුමට ඇතුළත් කළා. අනාගතේ ප‍්‍රශ්න ඇති වුණහොත් සංශෝධනයට යටත්ව ගිවිසුම අස්සන් කරනවා කියලත් සඳහන් කළා. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා මම කිව්වා. නමුත් විපක්‍ෂය ඒ විවාදය ප‍්‍රයෝජනයට ගත්තේ නැහැ. ඒකට හේතුව මම දන්නවා.ගිය ආණ්ඩුව ෂැංග‍්‍රිලා සමාගමට ගෝල්ෆේස් එකේ අක්කර 6 ක් දුන්නේ සින්නක්කරව. පෝට් සිටි අක්කර 240 සින්නක්කරව දෙන්න හදලා තිබුණා. අපි ඒක වෙනස් කළා. ෂැංග‍්‍රිලා ගිවිසුම අවසන් නිසා ඒක වෙනස් කරන්න බැහැ.වරාය වෘත්තීය සමිති නායකයන් මේ ප‍්‍රශ්නයේදී අවබෝධයෙන් කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. කවුරු විවේචන කළත් මේ වරායේ එක බිම් අඟලක් පිටරට සමාගමකට දෙන්නේ නැහැ. හම්බන්තොට ණය ගෙවීම නිසා මේ වරාය කොච්චර ණය වුණාද? හම්බන්තොටට ණය ගෙවීමෙන් කොළඹ වරාය ආර්ථික ප‍්‍රශ්නයකට මුහුණ දුන්නා. නැගෙනහිර පර්යන්තය දෙන්නෙ නැහැ කියල මහින්ද සමරසිංහ ඇමැතිතුමා කිව්වා. ඒ යෝජනාව මා ස්ථිර කරනවා.ජාතික ආර්ථිකයට වරායේ ඔබේ ශක්තිය බලාපොරොත්තු වෙනවා. සමහරුන්ට බලයට එන්න හදිසියක් තියෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අවුරුදු තුනකට මෙහා ඒ හැකියාව නැහැ. අප රටක් විදියට යහපත් ගමනක් යනවා. රටේ උද්ඝෝෂණ තියෙනවා. ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ, ජන ජීවිතයට බාධා නොවන විදියට ඒ නිදහස භුක්ති විඳිය යුතුයි.වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා :-අද අපට සුවිශේෂි දිනයක්. ගිය සෙනසුරාදා අපි හම්බන්තොට වරාය බදු ගිවිසුම අස්සන් කළා. අප හම්බන්තොට ණය බර අවසන් කර මිලියන 9100 ක් රටට ඉතිරි කර ගත්තා. මේ මුදල හරහා වරාය සේවකයන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරන්න පුළුවන්. වරායන් හයේම සංවර්ධන කටයුතු කඩිනමින් කරන්න විශාල මූල්‍ය සම්පතක් අද අපට තියෙනවා.එක වෘත්තීය සමිතියක් හැර අනෙකුත් වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ගැන හිතුවේ නැහැ. වරාය ගිවිසුම අස්සන් කරන්න කලින් ජනාධිපතිතුමා මට අවවාද කිහිපයක් කළා. එක බිම් අඟලක්වත් පිටරටට විකුණන්න එපා කිව්වා. ජනාධිපතිතුමා වරාය සින්නක්කරව දෙන්න කැමැති වුණේ නැහැ. අපි ජනාධිපතිතුමාගේ නියෝගය පිළිපැද්දා. මේක බදුදීමක් පමණයි.වරාය පනත වෙනස් කරන්න එපා කියලත් ජනාධිපතිතුමා මට කිව්වා. ආරක්ෂක කටයුතු අපේ අතේ තියෙන්න  ඕන කියලත් කිව්වා. ආරක්ෂක තීරණ ගන්න කමිටුවකුත් පත් කළා. වෙනත් රටක යුද නැවක් එනවා නම් ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් අවසර ගත යුතුයි. මේ ගිවිසුම  ඕනෑම වෙලාවක සංශෝධනය කළ හැකියි කියන වගන්තිය ඇතුළත් කළ යුතුයි කියලා ජනාධිපති කිව්වා. චීන නියෝජිතයන් ඒක පිළිගත්තා. මේ ගිවිසුම හරහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 1000කට වඩා ආදායමක් ලැබෙනවා. ඒවා දැකලා විදේශීය ආයෝජකයෝ රටට ඇදී එනවා.මේ ගිවිසුම රටට වාසියක්. තවත් ඩොලර් මිලියන 600 ක් ආයෝජනය කරන්න ඒ චීන සමාගම සූදානම්. ණය බර ඉවත් වුණා වගේම අලූත් ආදායම් මාර්ගයක් ද නිර්මාණය වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ වරාය සේවකයන්ට විශේෂ බෝනස් එකක් දෙන්න යෝජනාවක් සම්මත කරගන්න කියලා වරාය සභාපතිට මා කිව්වා. මීට අමතරව සේවකයන්ට තවත් වරප‍්‍රසාද දෙන්න කටයුතු කරනවා. විශ‍්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 57 සිට 60 දක්වා දිගු කළා. විශේෂ රක්ෂණ ක‍්‍රමයකුත් හඳුන්වා දෙනවා. නැගෙනහිර පර්යන්තය අපට අවශ්‍යයි. ඒක විකිණුවහොත් ඒක වරායට ලොකු ප‍්‍රශ්නයක් වෙනවා. ගිය ආණ්ඩුව කාලේ එහෙම උත්සාහයක් දැරුවා. වාහන ගේන නැව් ආපහු කොළඹ වරායට ගෙන්වනවා. ඒ නැව් හම්බන්තොටට යෑමෙන් වාහන ගැණුම්කරුවන්ට අමතර මුදලක් ගෙවන්න වුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කාටවත් දෙන්න බැහැ.වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා :-  වරාය අධිකාරිය අවුරුදු 38 ක් පුරා රටේ ආර්ථිකයට කළ මෙහෙවර සුළුපටු නොවේ. මෙය දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම නාවික කේන්ද්‍රස්ථානය කිරීම අපේ අරමුණයි. ඒ සඳහා තුන් අවුරුදු සැලැස්මක් ක‍්‍රියාත්මක කරනවා. කොළඹ වරායට බහාලූම් මෙහෙයුම් අතින් ලෝකයේ 23 වැනි තැන හිමි වී තිබෙනවා. බහාලූම් හුවමාරුව මිලියන හයකට වැඩියි.වරාය අධිකාරියේ සේවක සේවිකාවෝ පිරිසක් සිය ආයතනයේ ගීතය ගායනා කළහ. විවිධ නැටුම් ගැයුම්වලින් උත්සවය විචිත‍්‍රවත් විය.මේ අවස්ථාවට ඇමැතිවරුන් වන ගයන්ත කරුණාතිලක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජෝන් අමරතුංග, ඒ.එච්.එම්. ෆවුසි, වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන මහත්වරුන් ද විදේශීය තානාපතිවරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වුහ.
හම්බන්තොට ගිවිසුමේ බරපතළ දේවලට එදාත් මම විරුද්ධ වුණා
1
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)වරාය අධිකාරියේ ලාභයෙන් වරාය සංවර්ධනය කරනවා වෙනුවට ලාභයක් නැති හම්බන්තොට වරාය නඩත්තු කරන්න අපිට සිදුවුණා. අද අපි ඒ ඉතිහාසය වෙනස් කරමින් මහා භාණ්ඩාගාරයටත් විශාල මුදලක් එකතු කරමින් ලාභ නැති වරාය ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න අඩිතාලම දැම්මා යැයි හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා චීන සමාගමක් සමග ගිවිසුම් අත්සන් කිරීම නිමිත්තෙන් පෙරේදා (29) පැවති උත්සවයේදී අදහස් දක්වමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයසම්පත් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරුද, චීන සමාගම වෙනුවෙන් චයිනා මර්චන්ට් සමූහයේ විධායක උප සභාපති ආචාර්ය හූ ජියැංහුආ මහතා ද අත්සන් තැබූහ.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.මෙම ගිවිසුම අත්සන් තැබීමත් සමග මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු මෙරටට ලැබෙන විශාල අයෝජනය මෙය බවට පත්වෙනවා. මේ වරාය ඉදිකිරීමට ගත් ණය පියවන්න සිදුවී තිබුණේ වරාය අධිකාරියටයි. රටේ සියලු වරායවලින් ලැබෙන ආදායම කිසිදු ආදායමක් නැති මේ වරායේ ණය ගෙවන්න යොදවන්න අපිට සිදුවුණා. ඒ ආදායම අපි යෙදවිය යුත්තේ වරායේ සේවකයන්ගේ සුබසාධනයට. ඒ ඒ වරායවල ඉදිරි සංවර්ධනයට. නමුත් පහුගිය කාලයේ අපිට ඒ කිසිවක් මේ ණය මුදල නිසා කරගන්න බැරිවුණා. අපේ ශුද්ධ ලාභයෙන් සියයට අනූවක් වැය කළේ මේ ණය ගෙවීමටයි. දැනට අපි බිලියන හතළිස් හතක් පසුගිය වසර කීපයේදී ගෙවා තිබුණා.මේක දිගටම කරගෙන යාම ගැටලුවක් නිසා තමයි ජනාධිපතිතුමාගේ උපදෙස් මත අගමැතිතුමා චීනයට ගොස් මේ සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා කළේ. ඒ අනුව තමයි අපට ආයෝජකයෙක් සොයා දෙන්න චීන රජය එකඟ වුණේ.චීන රජයෙන් රුපියල් බිලියන 193ක ණයක් අරන් තරමක් දුරට වරාය ඉදිකිරීමක් තමයි කර තිබුණේ. ඒ සඳහා වාණිජ ණයක් තමයි අරන් තිබුණේ. අද අපි මේ ගිවිසුමට අත්සන් කළ පසු ඇමරිකන් ඩොලර් බිලියන 1. 2ක විශාල මුදලක් අපේ භාණ්ඩාගාරයට ලැබෙනවා. මේ වෙලාවෙදී මම මතක් කරන්න අවශ්‍යයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදීත් මේ වගේම ගිවිසුමකට අත්සන් කරන්න ගියා. 2014 සැප්තැම්බර් 04වැනිදා එම ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ අනුව එවකට හිටපු වරාය සභාපති ගිවිසුමකට අත්සන් තැබුවා. චීන සමාගමත් සමග හවුලේ ආයෝජනයක් කරන්න තමයි ගිවිසුමෙන් එකඟ වී තිබුණේ. ඒත් ඒ ගිවිසුමත් මේකත් අතර විශාල වෙනසක් තිබෙනවා.එදා අත්සන් කරන්න ගිය ගිවිසුමෙන් අපේ මහාභාණ්ඩාගාරයට සත පහක්වත් ලැබෙන්නේ නැහැ. ඇමරිකන් ඩොලර් මිලියන 390ක මුදලක් වරාය සංවර්ධනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාගැනීමට ලැබෙනවා විතරයි. නමුත් අද අපේ මහා භාණ්ඩාගාරයට විශාල මුදලක් ලැබෙන අතරේ මේ චීන සමාගම එකඟ වී තිබෙනවා අවම වශයෙන් තවත් ඇමරිකන් ඩොලර් මිලියන හයසීයක් වරායේ සංවර්ධනයට යොදවන්න. චීන සමාගමට සියයට හැත්තෑවක කොටසක් වරායෙන් ලැබෙන අතරේ අපිට සියයට තිහක් ලැබෙනවා. ඔවුන් එකඟ වී තිබෙනවා මේ වරාය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වරායක් බවට පත් කරන්න. භූගෝලීය දේශපාලන ගැටලු පදනම් කරගන්නේ නැතිව අපේ රටේ ව්‍යවස්ථාවට යටත්ව වැඩ කරන්නත් මෙහි ආරක්ෂක කටයුතු සියල්ල අප අත තබන්නත් එකඟ වී තිබෙනවා. සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ඔවුන් අරක්ෂා කරන්න එකඟවී තිබෙනවා.ඒ අනුව සුදුසුකම් ඇති අය කිසිවකු ඉවත් කරන්නේ නැහැ. අනෙක් අය වන්දි දී ඉවත් කරනවා. මේ සියල්ල සිදුවන්නේ අපේ රටේ කම්කරු නීති රීතිවලට යටත්වයි.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගිවිසුම නොවෙයි අත්සන් කළේ කියලා සමහරු කියනවා. එහෙම කිසිම වෙනසක් සිදුකර නැහැ. අපි මේ ගිවිසුම සකස් කර තිබෙන්නේ ඉදිරියේදී අවශ්‍ය අවස්ථාවලදී වෙනස්කම් කරන්නත් එකඟතා ඇතිකර ගත් වගන්තියක්ද ඇතිවයි. ඒ නිසා අපි ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ දැනගැනීම පිණිස මේ අත්සන් කළ ගිවිසුමම ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් ඉදිරියේදී පැවැත්වෙනවා. අවශ්‍ය නම් හොඳ යෝජනා ආවොත් ඒවා ඇතුළත් කරලා ගිවිසුමේ වෙනස්කම් කරන්න පුළුවන්.මෙහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.මහවැලි අයෝජනයෙන් පසුව අපේ රටට ලැබුණු විශාලතම ආයෝජනය ලබාගැනීමේ මූලික ගිවිසුමට අපි අත්සන් තැබුවා. මහවැලියෙන් පසු මෙරට ඇතිවන විශාලතම සංවර්ධනය මෙරට ආරම්භ වෙනවා. ලෝකයේ තිබෙන විශාලතම වරාය කටයුතු සම්බන්ධ සමාගමක් සමග තමයි අපි ගිවිසුම් ගත වුණේ.ලෝකයේ විශාලතම පිහිනුම් තටාකය නමින් හැඳින්වුණු මේ වරාය වරායක් බවට පත් කරන්න අපිට තවත් ඩොලර් මිලියන හයසීයකට වැඩි මුදලක් ලැබෙනවා. හම්බන්තොට වගේම ඒ අවට දිස්ත්‍රික්ක රැසකට මේ සංවර්ධනයේ ප්‍රතිපල ලැබෙනවා. අපි නොසිතු සංවර්ධනයකට දශක ගණනාවකට පසු ළඟාවෙන්න හැකිවෙනවා. සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට කොළඹ පත්වී තිබු තත්ත්වය වෙනස් වී එය දකුණු පළාතටද යොමුවෙනවා. ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ තුනක් පමණ ලැබෙනවා. තවත් ආයෝජකයින් විශාල ප්‍රමාණයක් අපේ රටේ ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉන්දියාව, යුරෝපය, ජපානය, ඇමෙරිකාව වගේ රටවල අයෝජකයින් පවා අපේ රටට පැමිණෙන්න බලපොරොත්තු වෙනවා. මේ උදාවූ අවස්ථාව ශ්‍රී ලංකාවේ අනාගතයට නව පිටුවක් පෙරළනු ඇතැයි මා විශ්වාස කරනවා.චීන සමාගමේ විධායක නියෝජ්‍ය සභාපති ආචාර්ය හූ ජියැංහුආ අදහස් දක්වමින් මෙසේ පැවසීය.ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වයට වසර හැටක් ගතවී තිබෙනවා. අපි විශ්වාස කරනවා ඒ මිත්‍රත්වය තවත් ඉදිරියට ගෙනියන්න එය අර්ථවත් කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා. හැම පුද්ගලයකුටම තමන්ගේ වූ ජාතියක් තිබෙනවා. අපි එයට ගරු කළ යුතුයි. මේ ගිවිසුම අත්සන් කිරීමෙන් අපේ එක සේදමාවතක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට ලංකාවත් සම්බන්ධ කරගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. රටක් සංවර්ධනය වෙන්න නම් ඒ රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය පහසුකම් ලැබිය යුතුයි. එක සේදමාවතක් ගොඩනැගීමේ සංකල්පයේ අපේ අරමුණ එයට සම්බන්ධ කරගන්න රටවලද එවැනි ගුණාත්මක වෙනසක් ඇති කරමින් ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමයි. මේ අයෝජනයෙන් ලංකාවට ඒ සඳහා හොඳ අවස්ථාවක් ලැබෙනු ඇති. මේ වරාය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉතාමත් වැදගත් වරායක් බවට පත් කිරීම අපේ අරමුණයි.මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැංලියැං, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම යන මහත්වරුද ඇතුළු ආරාධිතයෝ රැසක්ද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු හා චයිනා මර්ච්න්ට් සමාගමේ නිලධාරීහු රැසක්ද සහභාගී වූහ.
හම්බන්තොට ගිවිසුමේ බරපතළ දේවලට එදාත් මම විරුද්ධ වුණා
0
( සිතුම් චතුරංග)ත‍්‍රිවිධ හමුදාවට විරුද්ධව චෝදනා පත‍්‍ර දීමට, නඩු ඇහීමට කිසිවිටෙකත් තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පලාලිහිදී පැවැසීය. සමහර ශ්‍රී ලාංකිකයින් පිටරටින් ඩොලර්, පවුම් ගෙන හමුදාවට විරුද්ධව වැරැදි ප‍්‍රචාරයන් ගෙන යන බව කී ජනාධිපතිවරයා අන්තවාදී දේශපාලනඥයින් වගේම ඇතැම් මාධ්‍ය ද හමුදාවට අගෞරව වන විදියට කටයුතු කිරීම කනගාටුවක් යැයි ප‍්‍රකාශ කළේය. රණවිරුවන් පාවා දෙනවා යැයි කියමින් දේශපාලන විරුද්ධවාදීන් බොල් හඬ නංවා කරන විවේචන ප‍්‍රතික්‍ෂේප කරන බවත් රජය රණවිරුවන් ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැප වන බවත් ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ යාපනය පාලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසුව එහිදී ත‍්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් අමතමිනි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය. ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන් සහ පොලිස් ප‍්‍රධානීන් සමග ඉතාමත් ක‍්‍රමවත් වැදගත් අවස්ථාවක මෙවැනි උත්සවයකට මේ අයුරින් සහභාගි වීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. ඔබටත් මටත් මේ රටේ පුරවැසියන් විදියට තිබෙන්නේ එක හා සමාන වූ වගකීමක් සහ යුතුකමක්.අපේ රටේ පුරවැසියන් විදියට කවුරුත් විවිධ තනතුරු දරනවා. එක් පැත්තකින් දේශපාලනඥයින් තවත් පැත්තකින් රාජ්‍ය නිලධාරීන්, තවත් පැත්තකින් ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය. ඒ වගකීම් සහ යුතුකම් ඉටුකිරීමේ ඉතාම උතුම් කාර්යය සඳහා. රටක පැවැත්ම පිළිබඳ රාජ්‍යයක අනාගතය පිළිබඳ ඒ රාජ්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය කිියන ආයතනවලින් සිදුවන සේවාව එක් පැත්තකින් ව්‍යාස්ථාපිත සහ නීතිමය වශයෙන් තවත් පැත්තකින් රටක තියෙන සම්ප‍්‍රදායන් සහ සංස්කෘතීන් වගේම තවත් පැත්තකින් රටක තියෙන සිරිත් විරිත් වශයෙන්. ඒ වගේ තවත් පැත්තකින් මානුෂීය වශයෙන් අපි සෑම කෙනෙක්ම අපේ ප‍්‍රධාන වගකීම් යුතුකම් රාජකාරීන් ඒ සියල්ලට මූලිකත්වය දීපූ කරුණු කිහිපයක් තියෙනවා. එහි අංක එක අපේ රට. ඒවාගේම අපේ ජනතාව. අපේ මාතෘ භූමිය. අපේ මාතෘ භූමියේ සහ ජනතාවගේ නිදහස, ස්වාධීනත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඒ ඒ තුළ යහපත් රටක් ගොඩ නැගීම. අපිට ඒ සේවාවන්වල ඉතිහාසය ගත්විට යුධ, නාවික, ගුවන් සහ පොලිසියේ  ඉතිහාසය ගතහොත් අපිට පසුගිය වසර ගණනාවක් පිළිබඳ දීර්ඝ කතාවක් කරන්න පුළුවන්කම තිබෙනවා.අපි 1505 සිට 1948 දක්වා ප‍්‍රධාන වශයෙන්ම විදේශීය ආක‍්‍රමණයකින් සමග යුද්ධයක් තිබුණා. 1505 සිට 1948 දක්වා මේ රටේ ජනතාව විදේශීය ආක‍්‍රමණිකයින්ට විරුද්ධව දිර්ඝ ලෙස සටන් කළා. ජීවිත පූජා කළා. දේපළ විනාශ වුණා. අපේ ඉතිහාසයේ ශේ‍්‍රෂ්ඨ රණවිරුවන්ව ඇතැම් විදේශීය ආක‍්‍රමණිකයින් ඝාතනය කළා. විනාශ කළා. මරා දැමුවා පමණක් නොවෙයි මේ රටින් පිටුවහල් කළා. ඔවුන්ගේ රටවල්වලට ගෙන ගොස් වහල් සේවයට යොදා ගත්තා. අපේ කාන්තාවන්, මව්වරුන්, අපේ දියණියන් බරපතළ වධ හිංසාවලට ලක් කළා විදේශ ආක‍්‍රමණිකයන්.  ඔවුන්ගේ රටවල්වලට ගෙන ගොස් වහල් සේවයට යොදා ගත්තා. මේ රට ආක‍්‍රමණය කළ ඉංග‍්‍රීසීන් 1815 මාර්තු මාසයේ දෙවැනිදා ලංකා රාජ්‍යයේ ද්‍රෝහීන් සමග අත්සන් කළ ගිවිසුමට අදාළ බලයන් සමගයි. අපේ රට ආක‍්‍රමණය කළ ඉංගී‍්‍රසීන් විසින් ඔවුන්ට විරුද්ධව අරගල කළ දේශපේ‍්‍රමීන්, වීරවරයන්, රණකාමීන් ඇතු`එ ශේ්‍්‍රෂ්ඨ ලාංකික පුත‍්‍රයින් දේශද්‍රෝහීන් බවට පත් කළ නිවේදනය අවලංගු කළා.1815 මාර්තු මාසේ 02 ඉංගී‍්‍රසි පාලකයින් සහ දේශීය නියෝජිතයින් සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් අවුරුදු 202කට පසුව ඔවුන් දේශපේ‍්‍රමීන් බවට පත් කළා වගේම ඔවුන් ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයින් බවට පත් කරන ගැසට් නිවේදනය නිකුත් කරමින් දේශද්‍රෝහීන් විදියට නිකුත් කරපු ගැසට් නිවේදනය අවලංගු කරනු ලැබුවා. අපිට ඉතිහාසයේ මතක සටහන් සමග වසර දහස් ගණනක කතාවේ ඒ රණකාමීත්වය, ශ්‍රේෂ්ඨත්වය, විශිෂ්ටත්වය, වීරත්වය පිළිබඳ මහා ගෞරවණීය තත්ත්වයක්. අපි දුපත් රාජ්‍යයක් විදියට අපේ මුළු ඉතිහාසය පුරාම ආක‍්‍රමණවලට මුහුණ දීලා තිියෙනවා. අපි සටන් කරලා තියෙනවා. ශී‍්‍ර ලාංකික සිංහලයින් මේ රටේ රණකාමීත්වය පිළිබඳව මුළු ඉතිහාසය පුරා සිය විශිෂ්ටත්වය සහ රණකාමීත්වය, වීරත්වය පෙන්නුම් කරලා තියෙනවා. ඒ එක් එක් යුග තුළ. ඒ වාගේම තමයි අපි අමතක කළ යුතු නැහැ බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීමට 30 දශකය 40 දශකය වන විට මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියලූ නායකයින් සිය යුග මෙහෙවර ඉටු කරමින්, ජාතික නිදහස් අරගලය දියත් කළා ඉංගී‍්‍රසි පාලකයින්ට විරුද්ධව. බි‍්‍රතාන්‍ය පාලකයින්ට විරුද්ධව. යටත් විජිතවාදීන්ට විරුද්ධව. 1948 දී අපි නිදහස ලබා ගත්තේ 1505 සිට ලක්ෂ ගණනක් ජීවිත පූජා කරලා. අපේ මහ පොළොව තෙත් වන ආකාරයට ලේ ගලාගොස් මේ උතුම් මාතෘභූමිය අපේ රණවිරුවන්ගේ ලේවලින් තෙත් වූ මහ පෙළොවක් විදියට ඉතිහාසයට එකතු වුණා. අපි අමතක කළ යුතු නැහැ සිංහල, දමිළ, මුස්ලිම් නායකයින් 30 දශකයේ 40 දශකයේ ගෙන ගිය සටන්වල ප‍්‍රතිඵලයක් විදියට 48 නිදහස ලබාගත්තා. මේ රටේ සමාජයේ ඇති වෙච්ච බලවේග, ජනතාවගෙන් ඇති වෙච්ච විරෝධය, එවකට නිදහස ලබා ගැනීමට සටන් කළ නායකයින්ගේ අප‍්‍රතිහත ධෛර්යත් සමග ඒ ලබා ගත් නිදහස විශිෂ්ට ලෙස ලබා ගැනීමට එදා කටයුතු කළ නායකයින් අපි විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිදහස ලබාගෙන අපි රටක් විදියට සංවර්ධනය වුණා. ලෝකයේ රටවල්වල සහයෝගය අපිට ලැබුණා. 70 දශකයේ මැද භාගයේ මේ රටේ ප‍්‍රධාන වශයෙන් ත‍්‍රස්තවාදය ආරම්භවීමේ මුල් වෙඩිල්ල පත්තු වීමත් සමග 80 දශකය වන විට මූලික වශයෙන් අපේ රටේ ජනතාවටත්, ති‍්‍රවිධ හමුදාවට සහ පොලිසියටත් ම්ලේච්ඡ නින්දිත එල්ටිටීඊ ත‍්‍රස්තවාදීන් පරාජය කරන්න කැපවෙන්න සිද්ධ වුණා.ඔබ මෙන්ම ජීවිත පූජා කළ, මහා පරිත්‍යාගයන් කළ, ජීවිත අහිමි වූ අත පය පූජා කළ ආබාධිත වු බොහෝ ගැටලූ ප‍්‍රශ්නවලට ලක් වූ සිය මව්පියන්ගෙන් දරු පවුල්වලින් ඈත් වී ඒ ඓතිහාසික අරගලය කිරීම නිසා විවිධ දුක් කම්කටොලූවලට මුහුණ දුන් පිරිසක් අපේ ති‍්‍රවිධ හමුදාවල සහ පොලිසියේ සිටින්නේ. පොලිසියේ සේවාව දෙපාර්තමේන්තුවක් විදියට සිවිල් සේවාව වුණත් යුද්ධ ආරම්භ විමත් සමග පොලිසියට සිදු වුණා යුධ හමුදාවක් විදියට කටයුතු කරන්න. පොලිසියේ සාමාන්‍ය රාජකාරීවලින් බැහැරව ඒවා අතපසු කරමින් රටේ ස්වාධීනත්වය සඳහා පොලිසියත් ති‍්‍රවිධ හමුදාවට එක් වුණා. යුද්ධය මැද භාගයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබුවා. විශේෂයෙන් ගම්වල ආරක්ෂාවත් සමග. ඒ නිසා ඒ වකවානු තුළ ඒ මහා කැපවීම් කළ අතපය අහිමි වූ ආබාධිත වුණ ජීවිත පරිත්‍යාග කළ දරුපවුල් අහිමි වූ ඒ සෑම කෙනෙක් වෙතම අපි විශේෂයෙන් ජාතියේ ගෞරවය අපි අදත් පිරිනැමිය යුතුයි. ඒ සියලූ දෙනාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අද සේවයේ යෙදී  සිටින  ඔබ සෑම කෙනෙකුගේම වරප‍්‍රසාද,  පහසුකම් වැඩි කරමින් ඔබට නව තාක්ෂණය සමග නව යුධ ක‍්‍රම, ශිල්පීය ඥානය, පුහුණුවීම්, තාක්ෂණික දැනුම ලබාදීමට රජයක් විදියට ති‍්‍රවිධ හමුදාවටත් පොලිසියටත් රජය සම්පූර්ණ වගකීම් සහ යුතුකම් ඉටු කරනවා.  මා ජනාධිපති ධුරයට පත්වීමට පෙර ලෝකයේ ප‍්‍රබල රාජ්‍ය ගණනාවක් අපේ හමුදාවලට පුහුණු කිරීම් නවත්වලා තිබුණා. අපිට මානව හිමිකම් චෝදනා එල්ල කරමින් පුහුණු වීම් නවත්වා තිබුණා. නමුත් රජයේ ප‍්‍රධානියා විදියට මා රාජ්‍ය නායකයන්ට කරුණු පැහැදිලි කළා. අපේ නිර්දෝෂීභාවය කියා සිටියා. ඒ තුළ නැවත ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන් අපේ ත‍්‍රිවිධ හමුදාවට වගේම පොලිසියට අවශ්‍ය පුහුණු වීම්, ශිල්පීය ඥානය ලබාදීමට දැන් කටයුතු කරමින් සිටිනවා. විදේශීය ත‍්‍රස්තවාදී සංවිධානවල සෙවනැලි 2009 මැයි මාසයෙන් පසුව අවසන් වුණේ නැහැ. මුහුදෙන් එතෙර සිට සතුරු මිනිස් සෙවනැලි වැඩ කරන්න පටන් ගත්තා. ඔවුන් කියා සිටියා යුද්ධය කිරීමේදී මානව හිමිකම් කඩකළා කියලා. ඔවුන් චෝදනා පත‍්‍ර හැදුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා චෝදනා ඉදිරිපත් කළා. මාධ්‍ය තුළ නොයෙකුත් විග‍්‍රහයන් කෙරෙනවා. අපේ හමුදාවන්ට අගෞරව වන විදියට ඇතැම් මාධ්‍ය හැසිරෙනවා. ඒ වගේම අන්තවාදී දේශපාලනඥයින් වැරදි ප‍්‍රචාරයන් ගෙනියනවා. මගේ රජය ආරක්ෂක හමුදාවන්ට සලකන්නේ නෑ ඒ අයව පාවා දෙනවා කියන දේශපාලන විරුද්ධවාදීන්ගේ බොල් හඬ තැන් තැන්වල නැගෙනවා. නමුත් මම පැහැදිලිව කියනවා ඒ කුමන විවේචන කුමන ආකාරයෙන් පැමිණියත් ති‍්‍රවිධ හමුදාවත් පොලිසියත් ඉතාම වගකීමෙන් ආරක්ෂා කරන බව. මොන චෝදනා ආවත් ඒවා අපි ප‍්‍රතික්ෂේප කරනවා. අපේ ආරක්ෂක හමුදාවලට විරුද්ධව විදේශීය විනිශ්චකරුවන් ගෙනල්ලා නඩු අහන්න  ඕනෑ කියන චෝදනා පත‍්‍රයක් එක්ක යෝජනා ඇවිත් තිබෙන්නේ. මම පැහැදිලිව කිව්වා මම ඒකට ලැහැස්ති නැහැයි කියලා. රට තුළ සිටින ඇතැම් ලාංකිකයන් තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු නොකර රාජ්‍ය නොවන සංවිධාන හරහා වැරදි නිගමනයන්ට එළැඹ ඔවුන්ට එන මහා මුදල් කන්දරාවන් ගන්න, ඩොලර්, පවුම් අරගන්න අපේ හමුදාවන් පිළිබඳව වැරදි ප‍්‍රචාරයන් ගෙනියනවා.මම පැහැදිලිව කියනවා විදේශීය සම්බන්ධතා මත මේ රටේ රාජ්‍ය නොවන සංවිධානවලට  ඕනෑ විදියට මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ. ඒ අය කියන විදියට ත‍්‍රිවිධ හමුදාවට චෝදනා පත‍්‍ර දෙන්න මම ලෑස්ති නැහැ. ඒ අය කියන විදියට මම ත‍්‍රිවිධ හමුදාවට විරුද්ධව නඩු අහන්න ලෑස්ති නැහැ. මම සැමවිටම ඒ වගකීම සහ යුතුකම ඉටුකරන බව ප‍්‍රකාශ කරන්නට  ඕනෑ. අපේ රණවිරුවන් එල්ටීටීඊ ත‍්‍රස්වාදයට විරුද්ධව සටන් කළ කාලේ මම ත‍්‍රස්තවාදී ප‍්‍රහාර 5 කට ලක් වූ අයෙක්. මට ඒ අත්දැකීම තිබෙනවා. ඒ කාලය තුළ ඔබ ගතකළ ජීවිතය වගේම අප ගත කළ ජීවිතත් මේ රටේ සමස්ත ජනතාව නිදහස් සමාජයක් නොමැතිව ගත කළ ජීවිතත් අපේ හිත්වල සටහන් වී තිබෙනවා. ඒවා ඉතිහාස පොතට එක්වී තිබෙනවා. ඒ නිසා ලබාගත් නිදහස, සාමය සුරක්ෂිත කළ යුතුයි. පෝෂණය කළ යුතුයි. ඒ නිදහස ලබා ගැනීම සඳහා සටන් කළ සෑම රණවිරුවෙක් වෙනුවෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවට ඔවුන්ගේ අනාගතය සඳහා කැපවන රජයක් විදියට මගේ රජය කටයුතු කරන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඇතැම් වෙලාවට වෙබ් අඩවි, ෆේස්බුක්, අන්තර්ජාලය, ජනමාධ්‍ය වැරදි ප‍්‍රචාරයන් කරනවා. ඔබ වෙනුවෙන් ඔබේ ප‍්‍රධාන ආරක්ෂකයා සැම විටම මමයි කියන එක මම පැහැදිලිව කියනවා. ඒ නිසා විදේශීය වශයෙන් මොන විදියේ චෝදනා පත‍්‍ර එල්ල වුණත් මොන විදියේ සැලසුම් ඒ අය ඉදිරිපත් කළත් මේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රටේ ජනතාව ආරක්ෂා කරමින් ඔබ වෙනුවෙන් කළ හැකි යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකරන බව සඳහන් කරන්නට කැමතියි.ත‍්‍රිවිධ හමුදාවත් පොලිසියත් කරන්නේ පහසු කාර්යයක් නොවෙයි. ඔබ යුද්ධය කළ කාලයේ කළ කැපවීම දුෂ්කරයි.  ඒවා අභියෝගාත්මකයි. ඒවා ඔබ ඉටුකළේ ජීවිත පරිත්‍යාගයෙන්. අද දවසේ පොලිස් දෙපාර්තමේන්තුව සාමාන්‍ය මහජනතාවගේ සේවාවන් සඳහා පූර්ණව කැපවෙලා තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ත‍්‍රිවිධ හමුදාව ජාතික හා කලාපීය ආරක්ෂාව වෙනුවෙන් පුළුල් මෙහෙවරක් කරනවා. ඒ වගේ්ම මහජන සුබසාධනය සඳහා, සංවර්ධනය සඳහා ඔබ විශාල සේවාවක් කරනවා. මේ රටේ සංවර්ධනය කාර්යක්ෂම කරන්න ඔබෙන් විශාල සේවාවක් සිදුවනවා. හෙට දවස වෙනුවෙන් ඔබ ලෝකයේ ශක්තිමත් විශිෂ්ට සේවාවක් කරනවා. මගේ රජය රජයක් විදියට ඔබට දිය හැකි සියලූ පහසුකම් ලබාදෙනවා. අධි තාක්ෂණයට ඔබව යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙමින් ලෝකයේ ඉහළම යුද ශිල්පීය ඥානය සහ උපක‍්‍රම සැලසුම් පිළිබඳව දැනුම අවබෝධය තිබෙන ප‍්‍රබල දියුණු රටවල්වල පුහුණුවීම් ඔබට ලබා දෙමින් ඔබ ලෝකයේ විශිෂ්ටතම හමුදාවක් බවට පත්කිරීමට මගේ රජය කටයුතු කරන බව ඉතා පැහැදිලිව සඳහන් කිරීමට  ඕනෑ.ඒ නිසා ඔබේ ක‍්‍රියාශීලීත්වය මගේ රටේ අනාගතයයි. ඔබෙත්් මගේත් මවුබිමේ ජාතිික ආරක්ෂාව පිළිබඳව වගේම සංවර්ධනය වගේම විනයගරුක හික්මුණු ජනතාවක් බිහිකරන්න ඔබේ ආදර්ශය ඉතාම වැදගත්. අපේ රටේ දේශපාලනයේ තිබෙන්නා වූ දුර්වලතාවයක් තමයි විනයක් නැති බොහෝ අයගේ හැසිරීම. මේ රට සංවර්ධනය වෙන්න ප‍්‍රබුද්ධ රටක් වෙන්න නම් ඉතාම හොඳ විනයක් ඇති රටක් බවට පත්වෙන්න  ඕනෑ. එසේ වන්නට රාජ්‍ය නිලධාරීන්ට, රටේ සාමාන්‍ය පුරවැසියන්ට ආදර්ශවත් චරිත බවට පත්වී ඇත්තේ ඔබයි. ත‍්‍රිවිධ හමුදාවේ විනය, පොලිසියේ විනය ඉතාම වැදගත්. ඒ විනයගරුක චරිතයෙන් දෙන ආදර්ශය ඉතාම වැදගත්. ලෝකයේ බොහෝ රටවල්වල හමුදාවන්වල ඔබ දන්නවා රටේ සාමාන්‍ය පුරවැසියන්ට හමුදා පුහුණුව දෙනවා. කෙටි හමුදා පුහුණුවීම් දෙනවා. ඒ දෙන්නේ විනයක් ඇති ජනතාවක් බිහිකරන්නයි. ඒ නිසා විනයක් ඇති යහපත් සමාජයක් ගොඩනගාගන්න, ආර්ථික සමෘද්ධියක් ඇති කරන්න ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් බවට පත්වෙන්න ජාතික ආරක්ෂාව පිළිබඳව ලෝකයේ තවත් රටකට දෙවෙනි නොවෙන්න දක්ෂ ආරක්ෂක හමුදාවන් බවට පත්වෙන්න, ඒ වගේම පොලිසිය සිය රාජකාරී කටයුතුවලදී ලෝකයේ විශිෂ්ට පොලිස් සේවාවක් බවට පත්වෙන්න රජයක වගකීම සහ යුතුකම් ඔබ වෙනුවෙන් අපි ඉටුකරනවා. ඒ නිසා ඔබේ අනාගතය සුරක්ෂිතයි. වාසනාවන්තයි. භාග්‍යවන්තයි. පිංවන්තයි. ඔබ භාග්‍යවන්ත වූ පමණින් ඔබ පිංවන්ත වූ පමණින් ඔබ කරන්නා වූ කාර්යයන් තුළ භාග්‍යවන්ත ජනතාවක් ඇති රටක් බවට පත්වෙනවා. ඒ සඳහා නායකත්වය ගත යුත්තේ ඔබයි. ඔබේ ආදර්ශවත් විනයගරුක හික්මුණු ක‍්‍රියාශීලී නායකත්වය තුළ ඒ විශිෂ්ට නායකත්වය තුළ ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට අපි සියලූ දෙනා එක්වෙමු. ඒ සඳහා ඔබ සියලූ දෙනාට මම සුබ පතනවා.අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ත‍්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
’අන්තවාදී දේශපාලකයන් හමුදාවට අගෞරව වන අයුරින් වැඩ කරනවා’ හමුදාවට අත තියන්න ඉඩ දෙන්නේ නෑ
1
ත‍්‍රස්ත‍්‍රවාදය පරාජය කරමින් මාතෘභූමියට සාමය හා නිදහස ලබා දීමට මෙන්ම, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක හමුදා කළ උතුම් මෙහෙවර ඉතා විශිෂ්ට බව   ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (27) පැවැසීය.යුද්ධයේ දී මියගිය ති‍්‍රවිධ හමුදා මෙන්ම පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු සියලූ ආරක්ෂක අංශවල රණවිරුවන් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන බවත්, මියගිය රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සුබ සාධනය වෙනුවෙන් රජයක් විසින් ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් කිසි විටක පැහැර හරින්නේ නැති බවත් ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ප‍්‍රථම මැරීන් බලඇණියට අයත් භටයන් 164 දෙනකු විසිර යාම සහ ලාංඡුන පැළඳවීම වෙනුවෙන් මන්නාරම මුල්ලිකුලම් හි පැවැති උත්සවය අමතමිනි.මෙම උත්සවය  මුල්ලිකුලම් හි පිහිටි වයඹ නාවික විධාන මූලස්ථානයේ දී පැවැත්විණි.ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පසුගිය වසරේ මැරීන් බලඇණියක් පිහිටුවා තිබූ අතර, එහි මාස 4ක විශිෂ්ට පුහුණුව නිමා කළ ප‍්‍රථම බලඇණිය මෙලෙස  උත්කර්ෂවත් අයුරින් විසිර ගියේය.මෙම බලඇණියට නිලධාරීන් හය දෙනකු ඇතුළු 164 දෙනෙක් එක්ව සිටියහ.නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ජනාධිපතිවරයා  උත්සව භූමියේ විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි. නාවික හමුදාව එහිදී ජනාධිපතිවරයා වෙත සම්මාන මුරයක් පැවැත්වූ අතර සම්මාන මුරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ආචාර පෙළපාළිය ද පරීක්ෂාවට ලක් කළේය.ජනාධිපතිවරයා ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති යන මහත්වරු මැරීන් බලඇණියේ භටයන් වෙත සරඹ පිටියේ දී මැරීන් නිල ලාංඡුන පැළඳ වූහ.ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් තවදුරටත් මෙසේ ද පැවසීය. ”ශ‍්‍රී ලංකා නාවික හමුදාව අපේ රටේ ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යයභාරයක් උසුලන වගකීම් රාශියක් ඉටුකරන ත‍්‍රිවිධ හමුදාව තුළ තිබෙන විශිෂ්ට වූ හමුදාවක්. නාවික හමුදාවට උගතයුතු පාඩම් සමග අනාගතය සකස් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපේ නාවික හමුදාවට ඉතා කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. අපේ රටේ පැවැති දීර්ඝ කාලීන යුද්ධයේදී නාවික හමුදාව අපගේ මාතෘභූමිය වෙනුවෙන් කරන ලද උතුම් මෙහෙවර මේ රටේ ඉතිහාසයට එක්වී තිබෙනවා. එක් එක් වකවානුවල අපේ රටේ ඉතිහාසය ගත්විට අපි දුපත් රාජ්‍යයක් විදියට වරින් වර විදේශීය ආක‍්‍රමණවලට ලක්වීමත් ඇතැම් විට රට තුළ ඇතිවන අභ්‍යන්තර අරගල ද ඇතිවීම් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ සියලූ අත්දැකීම් සමග අපි දන්නවා. සටන්කාමීත්වය, රණකාමීත්වය, රණශූරභාවය, දක්ෂතාව සහ ජයග‍්‍රහණ පිළිබඳව අපේ රටේ ආරක්ෂක හමුදාවලට දීර්ඝ කාලීනව වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙනවා.ඔබේත් මගේත් මේ උතුම් මාතෘභූමියේ ආරක්ෂාව පිළිබඳව ඔබ ඉහළම කැපකිරීමක් කළ යුගයක් වන්නේ, එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් සමග සටන් වැදී ඔවුන් පරාජය කරමින් මාතෘභූමියට සාමය සහ නිදහස ලබා ගැනීමයි. ඒ වගේම මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගනිමින් ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ඔබ විසින් කරන ලද උතුම් මෙහෙවර ඉතා විශිෂ්ටයි. යුද්ධයේදී මියගිය නාවික හමුදා මෙන්ම යුද, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සියලූ ආරක්ෂක අංශවල රණවිරුවන් අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ඔවුන්ට ජාතියේ ගෞරවය එදත් අදත් හෙට දවසේත් හිමි වෙනවා. යුද්ධය නිසා අත පය අහිමි වූ ආබාධිත වූ සෑම රණවිරුවකු පිළිබඳව අප තුළ ඉමහත් ගෞරවයක් තිබෙනවා.මියගිය රණවිරුවන්, ආපදාවලට පත්වූ රණවිරුවන් ඒ සියල්ලන්ගේ පවුල්වල සුබසාධනය සඳහා අප විසින් රජයක් විදියට ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් අපි කිසිවිටකත් පැහැර හරින්නේ නැහැ. පසුගිය අවුරුදු දෙකක කාල සීමාව මා මේ රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවල සුබසාධන කටයුතු සඳහා යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ආබාධිත රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ඔවුන්ගේ සුබසාධනය සඳහා වරප‍්‍රසාද, දීමනා පහසුකම් වැඩිකිරීම් රාශියක් අපි ඉටුකර තිබෙනවා. ඒ සියල්ල දුන් පමණින් අප සෑහීමකට පත්වන්නේ නැහැ. තවදුරටත් ඔවුන් වෙනුවෙන් රජය විදියට කළ හැකි, කළ යුතු යුතුකම් අප විසින් සැම විටම ඉටුකරනු ලබනවා. ශ‍්‍රී ලංකා නාවික හමුදාවත් අපේ අනෙකුත් හමුදාවන් මෙන් නව තාක්ෂණය හා බද්ධ වී තිබෙනවා. අධි තාක්ෂණික ලෝකයේ නාවික කටයුතු, ජාතික හා කලාපීය ආරක්ෂාව ආදී සියලූ කටයුතුවලදී අධි තාක්ෂණික මෙවලම් සමග ඔබේ කය මනස වෙහෙසකරමින් ඔබේ මගේ මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම කැපවෙනවා.මගේ රජය බලයට පත්වීමෙන් පසුව පසුගිය වසර දෙකක කාලසීමාව විදේශීය රාජ්‍යයන් මිත‍්‍ර රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලූ ජාත්‍යන්තර සංවිධානවලින් රටට සහ ආරක්ෂක හමුදාවලට පැසසුම් ගෞරවය ලබා ගැනීමට ගත හැකි පියවර රාශියක් මම ගනු ලැබුවා. විදේශ රාජ්‍ය නායකයන් සමග මම කතා කළා. ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රධානීන් සමඟ සාකච්ඡුා කළා. අපට වඩා සංවර්ධනයෙන්, තාක්ෂණයෙන්, යුද කටයුතුවලින් උසස් තත්ත්වයක සිටින රටවලින් අපේ හමුදාවට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම් ප‍්‍රබල රාජ්‍යයන් විසින් නතර කරලයි තිබුණේ. නමුත් මගේ රජය බලයට පත්වීමෙන් පසුව නව රජයේ ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් ඒ රාජ්‍යයන්ට, ප‍්‍රධානීන්ට පැහැදිලි කිරීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවලට පෙරටත් වඩා අද සහ ඉදිරි කාලයේදී නව තාක්ෂණික යුද උපක‍්‍රම ක‍්‍රමවේදයන් තාක්ෂණික දැනුම ලබාදීම සඳහා ඒ රටවල් කටයුතු කර තිබෙනවා.අද මේ ස්ථානයේ ශ‍්‍රී ලංකාවේ සේවය කරන ඇමරිකානු තානාපතිතුමා සිටිනවා. විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා ඇමරිකානු රජය අපේ ත‍්‍රිවිධ හමුදාවලට නව විශේෂඥ පුහුණුවීම් ලබාදීම මේ වනවිට නැවතත් ආරම්භ කර තිබීම පිළිබඳව.නාවික හමුදා ක්ෂේත‍්‍රය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ගත්විට ඇමරිකා එක්සත් ජනපදයට තිබෙන්නේ ඉතාම විශිෂ්ට තාක්ෂණික දැනුමක්. එම දැනුම අපේ නාවික හමුදාවට පුහුණුවීම් සඳහා ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය අප සමග එකඟත්වය පළකරමින් ඒ සඳහා මේ වනවිට කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයටත් අනෙකුත් අපිට ප‍්‍රධාන වශයෙන් පුහුණුවීම් ලබාදෙන ඉන්දියාව, පාකිස්තානය, චීනය, එංගලන්තය, ජපානය ආදී රටවල් සහ සහයෝගය දක්වන සියලූම විදේශීය මිත‍්‍ර රාජ්‍යයන්ට මගේ ගෞරවණීය ස්තූතිය පුදකරනවා. ඉතාම විශිෂ්ට පුහුණුවකින් පසුව අද විසිර යන ඔබටත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ රටේ මහජනතාවගේ සුබසාධනය සහ සංවර්ධනය සම්බන්ධයෙන් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම් ඉටුකරන්නට ඔබ සෑම කෙනකුටම ධෛර්යය, ශක්තිය, ධෛර්යය ලැබේවායි කියා මා ප‍්‍රාර්ථනා කරනවා.ඔබට වාසනාවන්ත අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් එය ලබාදෙන්නට රජය විදියට අපේ වගකීම් නිසි ලෙස ඉටුකරන බව ප‍්‍රකාශ කරමින් ඔබෙන් සමුගන්නවා.”පදක්කම් පැළඳවීමෙන් අනතුරුව මුල්ලිකුලම් වෙරළේ දී මැරීන් බලඇණියේ භට පිරිසක්  හෙලිකොප්ටර් යානා සහ නාවික හමුදා නෞකා සහ කුඩා යාත‍්‍රා උපයෝගි කරගෙන විශේෂ සතුරු ආක‍්‍රමණ සංදර්ශනයක නිරත වූහ.මෙම උත්කර්ෂවත් අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිවරයා එහිදී පැළයක් රෝපණය කළ අතර මැරීන් බලඇණියේ වෙබ් අඩවියක් ද දියත් කළේය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති, ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තනාපති අතුල් කේෂාර්, වන්නි සහ මන්නාරම දිසාභාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ද ඇතුළු ති‍්‍රවිධ හමුදා හා පොලිසියේ උසස් නිලධාරීහු  සහ  ඇමෙරිකානු  හමුදා ප‍්‍රධානීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.(ඉන්දිකා රාමනායක මන්නාරම මුල්ලිකුලම් සිට) ජායාරූප - ඉෂාන් සංජිව
’අන්තවාදී දේශපාලකයන් හමුදාවට අගෞරව වන අයුරින් වැඩ කරනවා’ හමුදාවට අත තියන්න ඉඩ දෙන්නේ නෑ
0
(සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි)(පරිවර්තනය - කෝවිද ගුණසේකර)සති දෙකක කාලයක් කොළඹ කාලය ගත කළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දුත පිරිස පසුගිය සතියේ වොෂින්ටන් නුවර තම මූලස්ථානය බලා ගියේය. ඔවුන් දිවයිනෙන් නික්ම ගියේ හිස් අතින් නොව ණය අර්බුදය විසදීම සදහා ඉදිරියේ ගැනෙන පියවර සම්බන්ධයෙන් රජයේ නායකයන් දුන් නව පොරොන්දු රැසක්ද අතැතිවය. මූලෝපායික නොවන සම්පත් වහාම විකුණා දමා ඩොලර් බිලියනක් උපයා ගැනීම එවැනි එක් පියවරකි. ඒ යටතේ සම්පත් හයක් සම්බන්ධයෙන් දැනටමත් රජයේ අවධානය යොමුව ඇත. ඉදිකිරීම් කටයුතු නිම වෙමින් තිබෙන හයාට් හෝටලය, වෝටර්ස් එජ්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය සහ කොළඹ හිල්ටන් හෝටලය ඉන් හතරකි. අනෙක් දෙක විකිණීම සදහා සිදුකළ යුතු කටයුතු සම්පාදන මේ වන විට අවසන් අදියර කරා ළගා වෙමින් පවතී. රජයේ ආරංචි මාර්ගයකට අනුව එම කටයුතු, පෙර සදහන් කළ හතරෙහි කටයුතු වලට වඩා වෙනස්ය.චීන රජයට අයත් චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම සමග හම්බන්තොට වරාය අරබයා ඇති කරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුමෙන් ඩොලර් බිලියනයක් උපයා ගැනීම තවත් පියවරකි. ඉදිරි දින දහයක කාලය ඇතුළත ගිවිසුම සම්බන්ධ කටයුතු අවසන් කරන බව රජයේ නායකයෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ පැවසූහ. එහෙත් රජයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය තවමත් මෙම අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් අවසන් ප‍්‍රකාශයක් සිදුකර නොමැත. හම්බන්තොට වරායට අදාළව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යන්නේ යැයි රජය නිවේදනය කළ දිනයේ සිට ඒ සම්බන්ධයෙන් වූ විවිධ කරුණු අධ්‍යයනය කිරීමට පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල උප කමිටු වල කි‍්‍රයාකාරීත්වය හමුවේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය. ගිවිසුමේ කෙටුම්පත අද (13) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය. කැබිනට් හමුව පැවැත්වෙන්නේ සතියේ අගහරුවාදා දින වුවද, ගෙවුණු සතියේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන ඉන්දුනීසියාවේ සංචාරයක නියැළී සිටි හෙයින්, කැබිනට් මණ්ඩල හමුව පැවැත්වීමට නොපැවැත්වීමේ අඩුපාඩුව සපුරනු වස් මෙම සතියේ රැස්වීම දිනයකින් ඉදිරියට ගැනීම සිදුවිය. හම්බන්තොට වරාය ගිවිසුම අරබයා වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඔහුගේ අමාත්‍ය සගයකු වන විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා සමග වාග් සංග‍්‍රාමයක පැටලී සිටින්නේය. පහත දැක්වෙන්නේ ගිවිසුම සම්බන්ධයෙන් වන අමාත්‍ය උප කමිටුවක ප‍්‍රධානීත්වය හෙබවූ අමුණුගමට යැවුනු ලිපියකි.’‘ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා 2017 පෙබරවාරි 24 වැනිදා ඉදිරිපත් කළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සදහා වන අවබෝධතා ගිවිසුමෙහි අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් මාගේ විමර්ශන සහ අදහස් පහත දැක්වේ.‘‘1. මා හට ලබාදී ඇති වරාය පිළිබද වන අවබෝධතා ගිවිසුමට අනුව හම්බන්තොට වරාය පැවරෙන්නේ පෞද්ගලික සමාගමකටය.ඇති කිරීමට යෝජිත එම පෞද්ගලික සමාගම වෙනම වරාය අධිකාරියක් ලෙස කටයුතු කරනු ඇත.මෙයට මා එකග නැත.2. මට ලබාදී ඇති අවබෝධතා ගිවිසුමෙහි හම්බන්තොට වරාය නැවත පවරාදීමක් ගැන සදහන් වන්නේ නැත. එහෙත් පෙර අවස්ථාවල ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය එහි පර්යන්ත සම්බන්ධයෙන් ඇතිකරගත් රාජ්‍ය - පෞද්ගලික ගිවිසුම් වල, එවැනි කොන්දේසි අන්තර්ගත විය.මෙය යෝජිත ගිවිසුමේ ඇති බරපතළ හිඩැසකි.3. මාගේ දැනීමට අනුව වරාය අධිකාරී පනත සංශෝධනය කිරීමකින් තොරව මෙම ගිවිසුම අත්සන් තැබිය නොහැකිය.4. චීන සමාගමට සියයට 80 කුත්, වරාය අධිකාරියට සියයට 20 කුත් හිමිවන පරිදි වරාය බෙදා දීමට ගිවිසුමෙන් නිර්දේශ කර තිබීම ගැන මා හට එකගවීමට නොහැකිය. එයට හේතුව වන්නේ පළමු වසර 20 ඇතුළත හම්බන්තොට වරාය ඉහළ ලාබ ලැබිය හැකි තත්ත්වයට පත්කළ හැකි බැවිනි. මේ නිසා මම යෝජනා කරන්නේ වරායේ හිමිකාරීත්වය සියයට 65 ක් චීන සමාගමකටත්, සියයට 35 ක් වරාය අධිකාරියටත් හිමිවන සේ ගිවිසුම සංශෝධනය විය යුතු බවටය. යෙදවීමට යෝජිත ආයෝජනය සැළකිල්ලට ගැනීමේ දී වරාය අධිකාරියට හිමිවන කොටස අඩු කළ නොහැකිය.5. වසර 99 ක සහනයක් ගැන අවබෝධතා ගිවිසුමෙහි සදහන්ව තිබීමෙන්, පෙර සපයන ලද තාක්ෂණික නියාමන වාර්තා සැළකිල්ලට ගැනීමක් සිදුව නොමැති බව පැහැදිලිය. ඒ නිසා මෙම කාලය සීමාව පහත දැමිය යුතුය. ව්‍යාපෘතිය අවසානයේ කිසිදු අමතර ගෙවීමකින් තොරව සියලූ නිශ්චල දේපළ වරාය අධිකාරියට අයත් විය යුතුය.6. ඉදිකිරීම් සදහා වැය වන මුදලින් සියයට 80 ක් ව්‍යාපෘති බාර සමාගම ගෙවිය යුතුය. එහෙත් මෙහිදී ඉඩමෙහි වටිනාකම සැළකිල්ලට ගෙන නොමැත. එහෙත් අවබෝධතා ගිවිසුමට ඉඩමෙහි වටිනාකමද එකතු කර ඇත. මෙය නිවැරදි නොවන බැවින් සංශෝධනයක් සිදුවිය යුතු බව මාගේ අදහසයි.7. ජාතික ආරක්ෂාව කඩවන අයුරින් කටයුතු සිදුවුවහොත් ගැනෙන පියවර සම්බන්ධයෙන් කිසිදු සදහනක් නොමැත. ජාතික හා කලාපීය ආරක්ෂාව සැළකිල්ලට ගෙන, හම්බන්තොට වරාය දැනට රටේ පවත්නා නීතිමය ව්‍යුහයට ඇතුළත් කරගැනීමට කටයුතු කළ යුතුය.8. ඉඩමේ ප‍්‍රමාණය අඩු කළහොත් ගෙවන මුදල ද අඩුවනු ඇති බව මෙහි සදහන්ය.  එහෙත් සමාගම එකගත්වය පළකර තිබෙන්නේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ අදියර 1 සහ අදියර 2 සදහා පමණක් මුදල් ගෙවීමටය. මේ අනුව සැළකූ විට ඉඩමේ ප‍්‍රමාණයට ගෙවන මුදල හා සමාගම ගෙවීමට එකගත්වය පළකර තිබෙන මුදල අතර සම්බන්ධයක් නොමැත. එමෙන්ම ඉඩමේ වර්තමාන වටිනාකම සහ අනාගත වටිනාකම පිළිබද ඇගයීමක් ද සිදුව නොමැත.9. ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් වනු ඇති බවට අවබෝධතා ගිවිසුමෙහි තැන් කිහිපයකම ඉගි පළකර ඇත.ඒ හමුවේ වරායේ මුළු වටිනාකම ලෙස ව්‍යාපෘතියේ වටිනාකම වන මෙම ඩොලර් බිලියන 1.4 ගෙනහැර දැක්වීම නිවැරැුදි නොවේ. එම සදහන ඉවත්විය යුතුය. මුලූ වටිනාකම ගණනය කිරීම සදහා ආර්ථික හෝ වෙළෙද මට්ටමින් තක්සේරුවක් සිදුව නොමැත. ව්‍යාපෘතිය දියත් කෙරෙන භූමියේ මූලෝපායික වශයෙන් ඇති වැදගත්කමද මෙහිදී සැළකිල්ලට ගෙන නොමැත.10. අවබෝධතා ගිවිසුමට අනුව බදු පැනවිමේ බලය ලබාදී ඇත්තේ පෞද්ගලික සමාගමටය. මෙම කාර්යය පෞද්ගලික සමාගමක ට පවරා දීම කොළඹ වරායට විශේෂයෙන් දේශීය ව්‍යාපාරිකයන්ට, සහ ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට බලවත් තර්ජනයක් වනු ඇත. (ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය වරාය ගාස්තු සම්බන්ධයෙන් ස්වාධීන තීරණ නොගන්නා අතර, මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මත පමණක් එම ගාස්තු හදුන්වාදීම සිදුකරයි)11. මාගම්පුර වරාය කළමනාකරන සමාගමට බදවාගනු ලබන සේවකයන්ගේ රැකියා සුක්ෂිතභාවය පිළිබද සදහනක් නොමැත. අනාගතයේ ඇතිවිය හැකි ගැටලූ වළක්වාගැනීම සදහා ඒ පිළිබද සදහනක් එකතු කිරීම වැදගත්ය.12. හම්බන්තොට වරායේ තෙවැනි අදියර දැනට සීමාවන්නේ සංකල්පයකටය.මේ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යනයක් සිදුවිය යුතු නිසා, එවැනි සංකල්පයක් අවබෝධතා ගිවිසුමට ඇතුළත් කිරීමේ හැකියාවක් නැත. සමාගම ගෙවීම් සිදුකරන බව සදහන් කර ඇත්තේ ද අදියර 1 සහ අදියර 2 ට පමණකි.මේ නිසා අදියර 3 පිළිබදව ඇති සදහන ගිවිසුමෙන් ඉවත් කළ යුතුය.13. අක්කර 100 ක කෘති‍්‍රම භූමිය හම්බන්තොට වරායට අයත් කොටසක් නොවේ.එම භූමිය ව්‍යාපෘතිය බාර සමාගමට පවරා දෙන බවට අවබෝධතා ගිවිසුමෙහි සදහනක් ඇත.එවැන්නක් සිදුකළ නොහැකිය.14. පෞද්ගලික සමාගමකට වරාය අධිකාරියේ බලතල පවරාදිය නොහැකිය. තෙවැනි පාර්ශවයකට හෝ එළෙස බලය පවරාදීමක් සිදුකළ නොහැකිය. ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සතුව පවතින ඇතැම් සුවිශේෂී සේවා පෞද්ගලික සමාගමකට පවරා දිය නොහැකිය.15. ගිවිසුමට අදාළ වන ඇතැම් ඇමුණුම්, අමුණා නොමැති අතර ඒ නිසා සම්පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත.රණතුංගගේ මෙම ලිපියට අමුණුගමගෙන් ද ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇත. උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී ද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙනු ඇතැයි සිතීම උගහටය. අමාත්‍ය රණතුංග නීතිපතිවරයා සමගද වාදයක පැටලී සිටින අතර, තමා ඉල්ලා සිටි පරිදි කඩිනමින් නීති උපදෙස් සහ අවවාද ලබාදීමට නීතිපතිවරයා කටයුතු කළේ නැතැයි ඔහු නගන චෝදනාවයි. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර ඇත. පෙර අවස්ථාවක ඔහු ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය, අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සම්බන්ධයෙන් ඇති නෛතික පසුබිම නීතිපතිවරයාගෙන් විමසා සිට අතර, නීතිපතිවරයා ඔහුට දැනුම්දුන්නේ වරාය අධිකාරිය ගිවිසුමට අත්සන් කිරීම අරබයා කිසිදු නෛතික හෝ ව්‍යවස්ථාමය ගැටලූවක් නොමැති බවය.මූලෝපායික නොවන සම්පත් විකුණා දැමීමත්, හම්බන්තොට වරාය අවබෝධතා ගිවිසුමක් හරහා ලබාගන්නා මුදල් මේ වන විට ඩොලර් බිලියන 5.4 ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති මූල්‍ය පිරිවැය පියවා ගැනීමට සෑහෙනු ඇතැයි රජයේ විශ්වාසයයි. මුදල් උපයා ගැනීමට අනුගමනය කිරීමට යන්නේ යැයි රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලයට දැනුම්දී ඇති අනෙක් පියවරන් අතර, ඒකාබද්ධ ණය ක‍්‍රමයක් මාර්ගයෙන් ඩොලර් මිලියන 650 ක මුදලක් ලබාගැනීම, අන්තර්ජාතික ස්වෛරී බැදුම්කරයක් මාර්ගයෙන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් උපයා ගැනීම, සහ වෙළෙදපොළෙන් සිදුකරන ඍජු මිලදී ගැනීම් වලින් ඩොලර් මිලියන 500 ක් උපයා ගැනීම ප‍්‍රධානය. එහෙත්  අන්තර්ජාතික මූල්‍ය අරමුදල නැවත නැවතත් ප‍්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ ණය ක‍්‍රමයක් මාර්ගයෙන් මුදල් ලබාගැනීම සහ අන්තර්ජාතික ස්වෛරී බැදුම්කරයක් මාර්ගයෙන් මුදල් උපයා ගැනීම දළ ජාතික සංචිතයන් ශක්තිමක් කරගැනීම සදහා භාවිතා කළ හැකි කි‍්‍රයාමාර්ගයක් ලෙස පිළිගැනීමේ හැකියාවක් නොමැති බවය. වෙළදපොළෙන් කෙරෙන සෘජු මිලදී ගැනීම් සම්බන්ධයෙන්ද අනතුරු අගවා ඇති මූල්‍ය අරමුදල, එසේ කළහොත් රුපියල ඉතා ශීඝ‍්‍රයෙන් අවප‍්‍රමාණය වීම කිසිසේත්ම වළක්වාගත නොහැකි වනු ඇතැයි පවසා තිබේ.විමර්ශනය අවසානයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස නිකුත් කළ ප‍්‍රකාශයට අනුව ශී‍්‍ර ලංකාවේ ආර්ථික පරිහානියට මේ දිනවල පවතින දැඩි නියං කාලගුණය ද ප‍්‍රධාන හේතුවක් බව ඔවුන් පිළිගෙන තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාදී ඇති අමතර අරමුදල් පහසුකමක් මත රටේ ආර්තික වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වන ආකාරය විමර්ශනය කිරීමට මෙම නියෝජිත පිරිස ශී‍්‍ර ලංකාවට පැමිණි අතර, අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හමුවට ප‍්‍රථමයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි නියෝජිතයන් හමුවීමට වොෂින්ටන් නුවර බලා යනු ඇතැයි දැනගන්නට ඇත.නියගයත්, ඒ හමුවේ බරපතළ ලෙස හානියට පත්ව ඇති වී නිෂ්පාදනයත්, නියගයේ වාසිය තමන් වෙතට හරවාගත් ඇතැම් පිරිස් කි‍්‍රයාත්මක කරමින් සිටින සහල් මාෆියාවත් හමුවේ රජය අවසානයේ අවදිව සිටින බවක් පෙනෙන්නට ඇත. ඉදිරි යල කන්නයේ සහ 2017 2018 මහ කන්නයේ අත්විදීමට සිදුවිය හැකි අනතුර කල්තියාම හදුනාගෙන ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය ඊට සූදානම් වීමේ පියවරක් ලෙස වී බීජ බුසල් ලක්ෂ 250 ක ප‍්‍රමාණයක් මිලයට ගෙන ගොවියන් අතර බෙදා හැරීමට සැළසුම් සකස් කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ සදහා රජයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින අතර වී මිලයට ගැනීම සදහා වැයවනු ඇතැයි ගණන් බලා තිබෙන මුදල රුපියල් බිලියන පහකි.සාමාන්‍යයෙන් කන්නයකදී හෙක්ටයාර ලක්ෂ අටක පමණ ප‍්‍රමාණයක් අස්වද්දන නමුත් නියගය නිසා 2016-2017 යල කන්නයේ අස්වැද්දීමට හැකිව ඇත්තේ හෙක්ටයාර ලක්ෂ තුනක ප‍්‍රමාණයක් බවත් අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව ඇත. මේ නිසා වී බීජ නිෂ්පාදනය අවදානම් තත්ත්වයක පවතින බව හදුනාගෙන ඇති ඔහු, 2017 යල කන්නය ඉලක්ක කර සුදුසු ප‍්‍රදේශවල බීජ ගොවිපොළවල් ආරම්භ කිරීමට සැළසුම් තිබේ. අමාත්‍යවරයා මෙසේ සැළසුම් සකස් කරමින් සිටින්නේ ජීවන වියදම සම්බන්ධයෙන වන කැබිනට් උප කමිටුව, ප‍්‍රසම්පාදන වැඩපිළිවෙළ යටතේ රජය වී කිලෝග‍්‍රෑමයක ප‍්‍රමාණයක් වෙනුවෙන් හදුන්වාදී ඇති මුදල නැවත සළකා බැලීමකට ලක්කරමින් සිටින අවස්ථාවකය. එම සළකා බැලීම සිදුවන්නේ තාවකාලිකව හෝ වී මිලදී ගැනීමේ මිල ඉහළ දැමිය හැකිදැයි අධ්‍යයනය කිරීම සදහාය.අවධානයට ලක්ව ඇති තවත් කරුණක් වන්නේ රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ශී‍්‍ර ලන්කන් එයාර්බස් ඒ 350 - 900 ගුවන්යානා කල්බදු ගෙවීම් අවලංගු කිරීම මැයෙන් ඉදිරිපත් කර ඇති කැබිනට් පති‍්‍රකාවයි.මෙම කැබිනට් පති‍්‍රකාවේ අන්තර්ගතය පිළිබද සවිස්තර තොරතුරු පසුගිය 26 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවේ පළවිය. ශී‍්‍ර ලන්කන් කළමනාකාරීත්වය තමන් දැනුම්වත් කිරීමකින් තොරව මුදල් අමාත්‍යාංශය හා කටයුතු කර ඇතැයි හකීම් චෝදනා කළේය. පෙබරවාරි 21 වැනිදා මේ පැවති කැබිනට් හමුවේදී තීරණය වූයේ හෂීම්ගේ කැබිනට් පති‍්‍රකාව අධ්‍යයනය කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් උප කමිටුවක් පත්කරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු බවටය.මෙම තීරණයේ ප‍්‍රතිඵලයක් ලෙස එයාර්බස් ගුවන්යානා තුනහි ඇණවුම් අවලංගු කිරීම නිසා සිදුවූ අගතියට සහනයක් ලෙස ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් වෙත ගෙවීමට මින් පෙර එකගත්වය පළව තිබූ ඩොලර් ලක්ෂ 1540 ක මුදල ගෙවීම, දැනට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා රජය තීරණය කර තිබේ. ශී‍්‍ර ලන්කන් ගුවන්සේවය, ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා ගිවිසුම් ඇතිකරගත් ඩෙන්මාර්ක සමාගමක් වන අර්කැප් සමාගමට ගෙවා ඇති, ප‍්‍රමාණය මේ දක්වාම අනාවරණයව නොමැති මුදල ද, පෙර අවස්ථාවක තැන්පත් කරන ලද ඩොලර් ලක්ෂ 75 ක් වන ආරක්ෂිත තැන්පතුව ද, ඉහත සදහන් කළ ඩොලර් ලක්ෂ 1540 ක මුදලට අයත් නැත. මුල් අවස්ථාවේ සියලූම සාකච්ඡුා සිදුව ඇත්තේ අර්කැප් සමාගම සමග වන අතර, හෂීම් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවට අනුව ගුවන්යානා මිලයට ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා ගෙවීම් ලෙස එම සමාගම හා එකගතාවට පැමිණ තිබී ඇති මුදල වන්නේ ඩොලර් ලක්ෂ 980 කි.සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ පරිදි ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් හා ශී‍්‍ර ලන්කන් අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුමට ශී‍්‍ර ලන්කන් පාර්ශවයෙන් අත්සන් තබා ඇත්තේ ශී‍්‍ර ලන්කන් ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේය. ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එහි ප‍්‍රධාන විධායක නිලධාරී ෂෝන් සුලෙයිවන්ය.මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති කැබිනට් උප කමිටුව ගෙවීම් වල වෙනස්වීමක් සිදුව ඇත්තේ කෙසේදැයි සහ එසේ කිරීමෙන් රටට අලාබයක් සිදුව ඇතිදැයි සොයා බලනු ඇත.මෙම ගුවන්යානා ඇණවුම් කර ඇත්තේ මෙම රජය නොව පැවැති රජය බවද සදහන් කළ යුතුය.ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටුව නිර්දේශ කර ඇත්තේ වඩා අඩු ගෙවීමකි. අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතාට ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටු හමුවක් අවසානයේ ලිපියක් යවමින් සිදුකර තිබෙන දැනුම්දීම මෙවැනිය.‘‘ ඉතා දීර්ඝ සාකච්ඡාවකින් පසු ඩොලර් ලක්ෂ 750 - 800 සීමාව අතර මුදලක් ගුවන්යානා තුනෙහි ඇණවුම් අවලංගු කිරීමේ සහන මුදල ලෙස ගෙවීම සදහා සාකච්ඡුා කර එකගතාවකට පැමිණීමේ අවසරය ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය වෙත ලබාදීමට තීරණය විය. 2016 සැප්තැම්බර් නව වැනිදාට ප‍්‍රථමයෙන් එකගතාවක් ඇතිකරගත යුතු විය. මාධ්‍ය අවධානය මෙයට යොමු නොවිය යුතු බවටද තරයේ අවවාද කෙරිණි.‘‘මෙහි අවසන් වගන්තියෙන් පැහැදිලි වන්නේ සහන මුදල් ගෙවීම රහසිගතව සිදුකිරීමට අවශ්‍ය වූ බවද? රත්වත්තේ  ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝර්පරේෂන් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මසය.එනම් මෙම ලිපිය යවා මසකට පමණ පසුවය.පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් අනාවරණය කෙරුණු,  වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයක් මත 1996 ලෝක කුසලානය දිනූ කි‍්‍රකට් කණ්ඩායමේ සාමාජිකයන්ට අතට මුදල් සහ රජයේ ඉඩමක ඉදිකෙරෙන සුඛෝපබෝගී නිවාස සංකීරණයක නිවාස ලබාදීමට අවශ්‍ය අවසරය ලබාගනු වස් මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය හරහා ඔහු ඉදිරිපත් කර තිබූ කැබිනට් පති‍්‍රකාව පිළිබද තොරතුරු හමුවේ යම් කතිකාවකත් ඇතිව තිබේ. ලබාදී තිබූ තොරතුරු සාවද්‍ය වූ හෙයින් ඉදිරිපත් කළ පළමු කැබිනට් පති‍්‍රකාව ඉල්ලා අස්කරගත් බවත්, පසුව දෙවැනි කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ බවත්, මෙගාපොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය. එසේ දෙවැනි කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන ලෙස තමාට කිසිවකුගෙන් වත් ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බවත්, තමාම එය ඉදිරිපත් කළ බවත් ඔහු කීවේය.ඉදිරියේ එන සති කිහිපය රජයට අතිශයින්ම වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. දුන් සහතික සහ පොරොන්දු වෙනුවෙන් පෙනී සිටිමින්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු කටයුතු හා ගෙවීම් රජය හමුවේ ඇති ප‍්‍රධාන කාර්යභාරයි. ගෙවීම් සිදුකිරීම සදහා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රජය කටයුතු කිරීමට යන ආකාරය දැනටමත් දැඩිව විවේචනයට ලක්වෙමින් පවතී. තවත් කරුණක් වන්නේ මූලෝපායික නොවන සම්පත් විකුණා දැමීමෙන් අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජය ගෙන ඇති තීරණයයි. මෙය විපක්ෂයට උණු කැවුම් වැනි මාතෘකාවක් වීම වැළැක්විය නොහැකි වනු ඇත. එහෙත් එසේ යැයි කියා රජය කලබල විය යුතු තත්ත්වයක් ද නැත. මන්ද, විපක්ෂයට තවමත් ප‍්‍රබල හඩක් නැගීමට තරම් ශක්තියක් ළගා කරගැනීමට නොහැකිව ඇති නිසාය.රජය නව කෙටුම්පතකට එකග වෙයි - ශී‍්‍ර ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශී‍්‍ර ලංකාවට තවත් වසරක කාලයක් හිමිවන ලකුණු2014 ජගත් මානව හිමිකම් කොමිසම සම්මත කළ යෝජනාවලියට අනුව වඩාත් ශක්තිමත්ව කටයුතු දියත් කිරීම සදහා ශී‍්‍ර ලංකාවට තවත් වසරක කාලයක් ලබාදීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය සූදානමින් සිටී.මෙම අවසරය ලබාදෙන නව යෝජනාවලියක් ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ මැසිඩෝනියාවේ මැදිහත් වීමෙන් මෙම මස අග භාගයේ දී ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම යෝජනාවලිය ඉදිරිපත් කෙරෙනු ඇත්තේ මාර්තු 22 වැනිදා මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් ඔහුගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.ඉහත සදහන් කළ අනුග‍්‍රාහකයන් ලබාදී තිබූ මෙම යෝජනාවලියට අදාළ කෙටුම්පත පසුගිය ඉරිදා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී සිදුවූ රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමේ අදහස් විමසීමකට යොමු කරනු ලැබූ අතර එහිදී එක්ව සිටි සියලූ දෙනාගේ අනුමැතිය ඊට හිමිවිය. ඇමරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප්, බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් ප‍්‍රධාන වශයෙන් මෙම අදහස් විමසීමට එක්ව සිටි අතර, ඉන්දියා මහකොමසාරිස් ටරන්ජිත් සිං සන්දු මහතාගෙන් ද එක් එක් අවස්ථාවල දී අදහස් විමසිණි. ඉන්දුනීසියාවේ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබුණු අතර, ඔහු වෙනුවට නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මේ සදහා තම සම්පූර්ණ දායකත්වය ලබාදුන්නේය. කෙටුම්පත සම්බන්ධයෙන් එකගතාවකට පැමිණීමෙන් අනතුරුව ජනපති අනුමැතිය ලබාගැනීම සදහා එය ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ඉරිදා සන්ධ්‍යාව වන විට යොමු කිරීමට අගමැති වික‍්‍රමසිංහ කටයුතු කළේය.පහත දැක්වෙන්නේ එහි සම්පූර්ණ පිටපතකි.‘‘ ශී‍්‍ර ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම.‘‘‘‘ දෙක කොටස යටතේ‘‘මානව හිමිකම් කවුන්සිලයමානව හිමිකම් පිළිබද විශ්වීය ප‍්‍රකාශනයෙන්, මානව හිමිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති සහ වෙනත් අදාළ කටයුතු මගින්, සපයනු ලබන මාර්ගෝපදේශනය යටතේ් කි‍්‍රයාත්මක වන එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි අරමුණ සහ ප‍්‍රතිපත්තීන් එලෙසම පවත්වාගන්නා බව නැවත සහතික කරමින්ද,2015 ඔක්තෝබර් පළමුවැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වුණු අංක 30 රැු1 දරන ශී‍්‍ර ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබද යෝජනාවලිය (නව) නැවත සහතික කරමින්ද,2012 මාර්තු  22 වැනිදා, 2013 මාර්තු  21 වැනිදා සහ 2014 මාර්තු 27 වැනිදා, පිළිවෙළින් අංක 19/2, 22/1 සහ 25/1 යටතේ ඉදිරිපත් වූ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලීන් සිහිපත් කරමින්ද,සමස්ත ජනගහණය මත බලපැවැත්වෙන පරිදි මානව හිමිකම් සම්පූර්ණයෙන්ම ස්ථාපිත කිරීමත්, මූලික අයිතිවාසිකම් භුක්ති විදීමේ නිදහස තහවුරු කිරීමත්, සාමාජික සියලූ රාජ්‍යයන් අත ඇති වගකීමක් බව නැවත සහතික කරමින්ද,ශී‍්‍ර ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, එක්සත්භාවය සහ හෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගැනීමට මානව හිමිකම් කවුන්සිලයට ඇති කැපවීම නැවත සහතික කරමින්ද,2016 පෙබරවාරි 6 වැනිදා සිට 9 වැනිදා දක්වා සිදුවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය සහ 2016 අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා සිදුවූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ (නව) ශී‍්‍ර ලංකා සංචාරය ගෞරවයෙන් පිළිගනිමින්ද,2015 නොවැම්බර් 9 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදුවූ සංවිධානාත්මක හෝ බලහත්කාරයෙන් සිදුකරන ලද අතුරුදන්වීම් පිළිබද සේවා කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා සිදුවූ සත්‍ය හා යුක්තිය සුරක්ෂිත කිරීම, වන්දි ගෙවීම් සහ නැවත ගැටුම් ඇති නොවන බවට දුන් සහතිකයන් පිළිබද වාර්තා කිරීම සදහා පැමිණි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවාගේ  ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 අපේ‍්‍රල් 29 වැනිදා සිට මැයි 9 වැනිදා දක්වා සිදුවූ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය වාර්තා කිරීම සදහා පැමිණි විශේෂ වාර්තාකරුවාගේ සහ වද දීම් සහ වෙනත් දරුණු, අමානුෂික සැළකීම්, නොසළකා හැරීම් සහ දඩුවම් කිරීම් පිළිබද වාර්තා කිරීම සදහා පැමිණි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරුවාගේ ඒකාබද්ධ ශී‍්‍ර ලංකා සංචාරයද, 2016 ඔක්තෝබර් 10 සිට 20 දක්වා සිදුවූ සුළුතර ජනකොටස් සම්බන්ධයෙන් වන ගැටලූ විමර්ෂණය කිරීම සදහා පැමිණි විශේෂ වාර්තා කරුවාගේ ශී‍්‍ර ලංකා සංචාරයද ගෞරවයෙන් පිළිගනිමින්ද,2015 ඔක්තෝබර් 1 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවලියට අනුව අදාළ පියවර ගැනීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කිරීම අගය කරමින්ද, වඩා වැඩි ප‍්‍රගතියක් අත්වන පරිදි එම කටයුතු දියත් කිරීමේ අවශ්‍යතාවක් ඇති බව හදුනාගනිමින්ද,1. අංක 30 1 දරන ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියෙන් ඉල්ලා තිබූ පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා, මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අතිශයින් කෘතඥවෙමින්ද, 30 රැු 1 දරන ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් කර ඇති ඉල්ලීම පිළිගනිමු.2. ශී‍්‍ර ලංකා රජයත්, ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාත්, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයත්, 2015 ඔක්තෝබර් සිට මේ දක්වාම පවත්වාගෙන යනු ලබන ශක්තිමත්, ධනාත්මක සම්බන්ධතාවද, ඒ සමගම වෙනත් විශේෂ පාර්ශවකරුවන් සමග පවත්නා එවැනිම වූ සම්බන්ධතා, ගෞරවාන්විතව පිළිගනිමින්, ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, සත්‍ය, නීතිය, සංහිදියාව සහ වගවීම තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම සදහා මෙම සම්බන්ධතා එළෙසම පවත්වාගැනීමට අනුබල දෙන්නෙමු.3. ශී‍්‍ර ලංකා රජයේ උපදේශනයට සහ අවබෝධයට යටත්ව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, සත්‍ය, නීතිය, සංහිදියාව සහ වගවීම ශක්තිමත් කිරීම සදහා වන උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදීමේ කි‍්‍රයාවලිය තවදුරටක් ශක්තිමත් කරන ලෙස මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් සහ වෙනත් විශේෂ පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.4. මානව හිමිකම් කවුන්සිලය යෝජනාවලියට අනුව සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සදහා සිදුකර ඇති නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය ඉදිරියටත් විමර්ශනය කරන ලෙසත්, ඒ පිළිබද ලිඛිත වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේ දී ඉදිරිපත් කරන ලෙසත්, යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවකින් පසු සකස් කෙරෙන සම්පූර්ණ වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී ඉදිරිපත් කරන ලෙසත්, මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටිමු.නිල නොවන මට්ටමින් පැවැති සැසියේ දී දේශනයක් සිදුකරමින් ඔබාමා පරිපාලනය යටතේ පත්වීම් ලැබූ නියෝජ්‍ය සහයක ලේකම් එරින් බාක්ලේ පවසා සිටියේ මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයට ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට කටයුතු කළ මුල් පාර්ශවකරුවන් මැදිහත්ව බවය.කෙටුම්පත සකස් කිරීමේ දී ශී‍්‍ර ලංකා රජයේ උපදේශනය ද ලබාගත් බව ඔහු කීවේය.‘‘අපි දන්නවා මේ කියන දේවල් ඉතාම සංකීර්ණ බව.රජය සැළකිය යුතු ප‍්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව ඇත්ත. ඒත් තව බොහෝමයක් දේ සිදුවිය යුතුව තිබෙනවා. අංක 30 1 යෝජනාවලියේ කිසිදු කරුණක් වෙනස් කර නැහැ. අපි අනුග‍්‍රාහකයන් කණ්ඩායම ශී‍්‍ර ලංකා රජය සමග ඉතා සමීපව මේ සම්බන්ධයෙන් කටයුතු කළා. අද ඉදිරිපත් කරන මෙම කෙටුම්පත එහි ප‍්‍රතිඵලයක්.‘‘ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා, මෙම නව යෝජනාවලියට ශී‍්‍ර ලංකාව සම අනුග‍්‍රහත්වය දක්වන බව නිල වශයෙන් ප‍්‍රකාශ කළේය.සාකච්ඡාවේ දී අදහස් දක්වමින් යුරෝපා සංගමයේ,  ඕස්ටේ‍්‍රලියාවේ සහ ස්විට්සර්ලන්තයේ දූත පිරිස් අවධාරණය කර සිටියේ අන්තර්ජාතික ප‍්‍රජාවද නියෝජනය වන අංගයක් ඇති වගවීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතුව තිබෙන බවය. දෙමුහුන් අධිකරණයක් ලෙස එය හදුන්වාදීමෙන් ඔවුහු වැළකී සිටියහ.එක්සත් ජාතීන්ගේ විවිධ අංශ සමග ශී‍්‍ර ලංකාව දිගින් දිගටම සහයෝගයෙන් කටයුතු කරමින් සිටීම  ඕස්ටේ‍්‍රලියාවේ අගය කිරීමට ලක්විය. සංහිදියාව ඇති කිරීමට ගෙන ඇති පියවර වලින් සිදුව ඇති ප‍්‍රගතිය ඕස්ටේ‍්‍රලියාව පිළිගන්නා නමුත් තවත් සිදුවිය යුතුව ඇති දේ බොහෝමයක් තිබෙන බවත්, එරට නියෝජිතයා වැඩිදුරටත් පැවසුවේය.යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජයට කි‍්‍රයාකාරී සැළැස්මක් තිබිය යුතු බවටත්, එය කාලානුරූපීව, සැළසුම් සහගතව සිදුවන අයුරු එම සැළැස්මේ දැක්විය යුතු බවටත්, යෝජනාවලියෙන්ම නිර්දේශයක් ඉදිරිපත් විය යුතුව තිබෙන බව ස්විට්සර්ලන්තයේ අදහස විය.යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ප‍්‍රගති වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදීත්, සවිස්තර වාර්තාවක් 2019 මාර්තු පැවැත්වෙන 40 වැනි කවුන්සිල සැසිවාරයේදීත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කරනු ඇතැයි, යෝජනාවලියෙන් නිර්දේශ කර තිබුණද, ඒ වන තෙක් නොසිට කවුන්සිලයේ 36 වැනි සැසිවාරයේදී මානව හිමිකම් මහකොමසාරිස්වරයා යෝජනාවලියේ ප‍්‍රගතිය පිළිබද මුඛ්‍ය අදහස් දැක්වීමක් සිදුකිරීම සුදුසු බව කැනඩා නියෝජිතයාගේ අදහස විය. ඒ අනුව අදාළ සංශෝධන සිදුකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.නවසීලන්තය - 2014 යෝජනාවලියේ අන්තර්ගතය සමග නව යෝජනාවලිය අනුගත විය යුතුය.අංක 34 1 කෙටුපතෙහි ඇති නිර්දේශ පිළිගනිමු.ජපානය - යෝජනාවලිය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකාව කැපවිය යුතුය.ප‍්‍රගතියක් දැකිය හැකි මුත් කි‍්‍රයාත්මක කළ යුතුව තිබෙන දේ බොහෝය. මේ සදහා සම අනුග‍්‍රහකත්වය ලබාදීමට ජපානය සූදානම්ය.යුරෝපා සංගමය - මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිගනිමු. වගවීමේ යාන්ත‍්‍රණයට අන්තර්ජාතික ප‍්‍රජාව නියෝජනය වන අංගයක් ඇතුළත් වීම ඉතාම වැදගත්ය. යෝජනාවලියට සම අනුග‍්‍රහය දැක්වීමට ශී‍්‍ර ලංකාව එකගත්වය පළකර තිබීම ප‍්‍රශංසනීයය.අයර්ලන්තය - සංහිදියාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබද සෑහීමකට පත්විය නොහැකිය. සංහිදියා කි‍්‍රයාවලිය වඩා කඩිනම් කිරීමේ අවශ්‍යතාව ඇතුළත් වන පරිදි යෝජනාවලි කෙටුම්පත සංශෝධනය කරන මෙන් ඉල්ලමු.
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
1
ආර්ථිකමය හා දේශපාලනමය ගැටලූ හමුවේ සැළසුම් කරගෙන සිටි කිසිවක් ඒ අයුරින් කි‍්‍රයාවට නැංවීම රජයට තවදුරටක් නොහැකි වන බවක් පෙනෙන්නට ඇත.එසේ කි‍්‍රයාත්මක කිරීමට නොහැකිව ඇති සැළසුම් අතරින් ප‍්‍රධාන වන්නේ සියයට 11 ක සිට 15 ක් දක්වා වැට් බද්ද ඉහළ දැමීමය.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකක් හමුවේ එම සැළැස්ම හකුලා ගැනීමට රජයට සිදුවිය.පළමු තීන්දුවේදී එළෙස වැට් බදු හඳුන්වාදීම නීති විරෝධීයැයිද, දෙවැනි තීන්දුවේදී වැට් බදු කෙටුම්පත පාර්ලිමෙන්තුවට හඳුන්වාදුන් කි‍්‍රයාපටිපාටිය දෝශ සහගත යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශයට පත් කළේය.මේ හමුවේ රජය දැන් සිටින්නේ වැට් බදු කෙටුම්පත නැවත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමෙන්තුවේ උපදෙස් ලබා ගනිමින්ය.මේ සම්බන්ධයෙන් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකට අනුව නව වැට් බදු කෙටුම්පතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට තරම් එකමුතුවක් එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර නැත.දැනට සකස් කර තිබෙන වැට් බදු කෙටුම්පත සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇත්තේ දැඩි විරෝධයකි.එහි අන්තර්ගතය වහාම වෙනස් කළ යුතුව ඇතැයි එම පක්ෂයේ මතයයි.ආන්දෝලනයට තුඩුදී ඇති ගල්අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන්ද ඇමැතිවරු සාකච්ඡා කළෝය.ඇමැති සියඹලාපිටිය කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ටෙන්ඩරය ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව ඉදිරියේ මනාව විමර්ෂණයට ලක්කර අවසන් තීරණයක් ගැනීම සුදුසු බවය.පසුගියදා පැවැති හමුවකදී රජයේ ඇමැතිවරු 2016 වසරේ මේ දක්වා තම තමන්ගේ කාර්යසාධනය විශ්ලේෂණය කළහ.එහිදී පැහැදිලි වූයේ බොහෝ ඇමැතිවරුන් සහ ආයතනයන් අයවැයෙන් ඔවුන් වෙත ලබාදී ඇති මුදල් අදාළ සංවර්ධන කටයුතු සදහා යොදවා නොමැති බවය.එළැඹෙන වසර වන විට 2016 වසර සදහා වන සියලූ ගනුදෙනු අවසන් කර අලූත් පිටුවක් පෙරළීමට රජය සූදානමින් සිටින හෙයින්, වහාම ඉතිරිව ඇති මුදල් නිසි පරිදි ව්‍යාපෘති හා වෙනත් සංවර්ධන කටයුතු සදහා යොදවන ලෙස එම ඇමැතිවරුන්ට හා ආයතනයන්ට දැනුම් දෙනු ලැබිණ.මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් නියමිත පරිදි මුදල් යෙදවෙන්නේදැයි සොයාබැලීම සදහා දෛනික ප‍්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වන ලෙසත් තවදුරටත් ඇමැතිවරුන් දැනුම්වත් කිරීම සිදුවිය.මෙම ප‍්‍රගති සමාලෝචන හමුවලට අමාත්‍ය ලේකම්වරුන්, වෙනත් නිලධරයින් සහ වෙනත් කොටස්කරුවන් ආදියද සහභාගී විය යුතු බවද දැනුම්දෙනු ලැබිණ.දැනට කි‍්‍රයාත්මකව තිබෙන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇත.බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන්පථ නැවත ඇතිරීම හා ඒ හා බැඳුනු වෙනත් සංවර්ධන කටයුතු සදහා වන ව්‍යාපෘතියකට රජය අවසරය ලබාදුන්නේ පසුගිය මසදී ය.චීන සමාගම් කිහිපයකට හිමිවුනු මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකා ඩොලර් 48 600 402.52 කි.කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ශී‍්‍ර ලංකා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම, චයිනා නැෂනල් එරෝ ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් ඉන්ජිනියරින්ග් ගෲප් (සීර්ටීඅයිසී) සහ ෂැන්ග්හයි නිව් ඒරා ඩිසයිග්න් ඇන්ඩ් රීච් ඉන්ස්ටිටියුට් කොම්පැනි ලිමිටඩ් සමග මෙම කටයුතු සම්බන්ධයෙන් වන වෙළඳ ගිවිසුමකට එළැඹීමට නියමිතය.ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය සහ අමාත්‍යංශ ලේකම්වරයා මැදිහත්ව, අදාළ චීන සමාගම් මත නිසි පරිදි බදු පැනවෙන බව හා ගිවිසුම්ගත පරිදි සේවා සැපයෙන බව තහවුරු කිරීමට හැකිවන පරිදි එම ගිවිසුමට කරුණු එක් කිරීමට කටයුතු කළ යුතු බවද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ගුවන්පථ නැවත ඇතිරීමේ කටයුතු වලට අවස්ථාව සළසා දෙනු වස් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල ලබන ජනවාරි මස පස්වැනිදා සිට තෙමසක කාලයක් වසා තැබෙනු ඇත.සියලූම ගුවන්ගමන් රාති‍්‍රයේ පමණක් සිදුවනු ඇත.මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චයිනා ඩිවෙලොප්මන්ට් බැංකුවෙන් හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් ඩොලර් ලක්ෂ 140 ක අතිරේක ණයක් ලබාගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටියේය.දැනට මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටින කොන්ත‍්‍රාත්තුකරුවන්ට, එම මාර්ග සංවර්ධන කටයුතු වලට අදාළව විවිධ ඉල්ලීම් ඉදිරිපත් වන බැවින් එම ඉල්ලීම් ප‍්‍රකාරව සිදුකෙරෙන සංවර්ධන කටයුතු සදහා ගෙවීම් සිදුකළ යුතුයැයි විශේෂ ප‍්‍රසම්පාදන කමිටුවකින් නිර්දේශ කර ඇතැයි ඔහු කීවේය.චයිනා ඩිවෙලොප්මන්ට් බැංකුව දැනට ශී‍්‍ර ලංකාවේ මාර්ග සංවර්ධන කටයුතු වල දෙවැනි අදියර වෙනුවෙන් ඩොලර් ලක්ෂ 5000 ක මුදලක් ලබාදී ඇත.මෙම මාර්ග සංවර්ධන කටයුතු සිදුවන්නේ තෝරාගෙන ඇති මාර්ග වල ප‍්‍රමුඛතාවය මත පදනම්වය.සංවර්ධන කටයුතු සදහා දායකත්වය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ කොන්ත‍්‍රාත්කරුවන් 22 නෙකුට අවස්ථාව ලබාදී තිබේ.මෙම ව්‍යාපෘතියෙන් සියයට 10 ක බරපැන දරන්නේ ශී‍්‍ර ලංකා රජයයි.මාර්ග සංවර්ධන කටයුතු වලට අදාළව විවිධ ඉල්ලීම් ඉදිරිපත් වන හෙයින් වෙන්කර ඇති මුදල එම ඉල්ලීම් සපුරාලීමට සහ ප‍්‍රධාන සංවර්ධන කටයුතු වල යෙදවීමට ප‍්‍රමාණවත් නොවන නිසා මෙසේ අතිරේක මුදල් ලබාගැනීමට සිදුව තිබෙන බව කිරිඇල්ල වැඩිදුරටත් පැහැදිලි කළේය.ව්‍යාපෘති සැළැස්මේ මුලින් සඳහන්ව තිබුණේ කිලෝමීටර 601.34 ක මාර්ග ප‍්‍රමාණයක් සංවර්ධනය කිරීම සහ පාලම් 44 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම වුවත් ව්‍යාපෘතිය අවසන් වන විට කිලෝමීටර 626.28 ක මාර්ග ප‍්‍රමාණයක් සංවර්ධනයව, පාලම් 73 ක් ප‍්‍රතිසංස්කරණයව තිබෙනු ඇතැයිද, ඇතැම් මාර්ග ද්විත්ව පථ පිහිටන පරිදි හා මුල් සැළැස්මේ නොතිබූ ව්‍යායාම් මංතීරු, උද්‍යාන ආදිය තිබෙන පරිදි, නව සංවර්ධන කටයුතු සිදුවෙමින් තිබෙන බවද ඇමැතිවරයා පැවසුවේය.සංහිදියා යාන්ත‍්‍රණය සම්බන්ධීකරණය කෙරෙන ලේකම් කාර්යාලයක් පිහිටුවීම සදහා රුපියල් ලක්ෂ 1660 ක් වෙන් කිරීමේ යෝජනාවකටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.මෙම යෝජනාව ඉදිරිපත් කළේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වූ අතර, කාර්යාලය ඇති කෙරෙනු පසු එය කි‍්‍රයාත්මක වනු ඇත්තේද ඔහු යටතේය.එහි කාර්යභාරය පැහැදිලි කරමින් අදහස් දැක්වූ අගමැතිවරයා, සම්බන්ධීකරණ කාර්යාලය සංහිදියාව අදාළ සියලූම යාන්ත‍්‍රණයන් සම්බන්ධව අවධානයෙන් සිටිනු ඇති බවත්, එම කටයුතු හා සම්බන්ධව ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ එම ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරනා පාර්ශවයන් සමග සම්බන්ධීකරණය කරනු ඇති බවත් පැවසුවේය.මනෝ තිත්තවෙල මහතා මෙම කාර්යාලයේ ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිතය.මෙවන් තීරණයක් ගැනීමට හේතුවද පැහැදිලි කළ අගමැතිවරයා ජනවාරි මස 8 වැනිදා රටේ සිදුවූ වෙනසත් සමග සංහිදියාට වැඩි තැනක් ලැබී තිබෙන බවත්, අන්තර්ජාතික ප‍්‍රජාවද ශී‍්‍ර ලංකාවේ සංහිදියාව පවත්වාගැනෙන ආකාරය පිළිබදව උනන්දු බවත් කියා සිටියේය.එසේ හෙයින් එම කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමට මෙවැනි කාර්යාලයක් පිහිටුවීම සුදුසු බව ඔහු කීවේය.කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස පත් කිරීමට සැළසුම් කර ඇත්තේ ඒ.ඒ.දයානන්ද මහතාවය.ඔහුට ගෙවීමට නියමිත මාසික වැටුප රුපියල් 175000 කි.වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමෙන්තුද මෙම කාර්යාලය හා සම්බන්ධ වනු ඇත.මහින්ද රාජපක්ෂ හිතවාදීන් කණ්ඩායමක් ආසන සංවිධායක ධූරයන්ගෙන් ඉවත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමත් සමග ඒකාබද්ධ විපක්ෂය වඩාත් කි‍්‍රයාකාරීව සිටින්නේය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් හා විශේෂ අදහස් දැක්වීමකද නිරත විය.‘අපේ සංවිධායකයෝ ගොඩක් දෙනා මගෙන් ඇහුවා පක්ෂ සම්මේලනය ඉදිරියේ එන හින්දා මොකද කරන්නේ කියලා.මම එයාලට කිව්වා තම තමන්ගේ බල මණ්ඩල හමුවෙලා උපදෙස් ලබාගන්න කියලා.දැන් මට ඒ අය දැනුම්දීලා තිබෙනවා පක්ෂ සම්මේලනයට සහභාගී වෙන්නේ නැති බව.පක්ෂයේ නායකත්වය ගැන ඒ අයගේ කිසිම පැහැදීමක් නැහැ.ඔක්කොම එක්සත් ජාතික පක්ෂයටනේ දෙන්නේ.‘ ඔහු පැවසුවේය.පක්ෂ සංවිධායකයින් ඉවත් කිරීම සහ නව දේශපාලන පක්ෂයක් තනා ගතහොත් සියලූ දෙනාගේ රහස් හෙළි කරන බවට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ තර්ජනය සම්බන්ධයෙන් ද සන්ඩේ ටයිම්ස් රාජපක්ෂගේ අදහස් විමසා සිටියේය.‘හැම කෙනාටම රහස් තියෙනවානේ.මොකක්ද මේ අය කියන මේ රහස?‘ යැයි ඔහු පැවසුවේය.මහින්ද රාජපක්ෂ පාලන සමයේ කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි සිරිසේන, වංචනික ගනුදෙනුවක නිරතව ඇතැයි  ඕස්ටේ‍්‍රලියා මාධ්‍යවල පළව තිබූ වාර්තා සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ රාජපක්ෂ ‘ඔය දිට්ඨදම්මවේදනිය කර්මය පලදීලා‘ යැයි කීවේය.මෙම චෝදනා ජනපති සිරිසේන තරයේම ප‍්‍රතික්ෂේප කළේය.ජනපති ලේකම් කාර්යාලයේ ආරංචි වලට අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම්වත් කිරීමටද ජනපති සිරිසේන කටයුතු කර ඇත.බදාදා යෙදීමට නියමිත මලයාසියා සංචාරයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය ගැන ක‍්‍රමවත් අධ්‍යනයකින් පසු කරුණු දක්වන බව රාජපක්ෂ පැවසුවේය.‘ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු දැන් කැබිනට් මණ්ඩල හමුවලට සහභාගී වෙන්නේ නැති එක ගැන කවුරුත් කතා කරනවා.හැබැයි එක්කෙනෙක් නම් ඒ ගැන කිසිම කතාවක් නැහැ.මෙහෙම දෙයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේම වෙලා නැහැ.‘ ඔහු කීවේය. රජපක්ෂ මෙම අදහස් පලකළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වය හා රාජපක්ෂ හිතවාදී ආසන සංවිධායකයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයන්ගේ මතය විමසීමට ඔහු පත් කළ කමිටුව, පසුගිය බ‍්‍රහස්පතින්දා නැවත රැස්වීමෙන් පසුවය.මහින්ද රාජපක්ෂ යටතේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම සුදුසු බව එම කමිටුවේ මතය විය.මෙම දේශපාලන පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යටතේ වෙනත් නමකින් පෙනී සිටිනු ඇත්දැයි දැනට පැහැදිලි නැත.නව පක්ෂයක් පිහිටුවීම පිළිබද අවසන් මතය ගැනුනේ උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ රාජපක්ෂ හිතවාදී පක්ෂ සාමාජිකයන් හා බලමණ්ඩලයන් සැප්තැම්බර් හතර වැනිදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමුලූවට සහභාගීවීමෙන් වැළකී සිටීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුවය.පොදු පෙරමුණක් තැනීමට අනෙක් පක්ෂද එක් කර ගත යුතුයැයි කමිටුවේ අදහස විය.පාර්ලිමෙන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය දැනට පවත්නා අයුරින්ම කි‍්‍රයාත්මක වනු ඇති බවද කමිටු සාමාජිකයෝ පැවසූහ.සැළකිය යුතු පිරිසකගේ අදහස වන්නේ නව දේශපාලන පක්ෂයේ ආගමනය සැප්තැම්බර් මස හතරවැනිදාම සිදුවිය යුතු බවය.මෙම නව දේශපාලන පක්ෂය වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමෙන්තුවේ සැළකිල්ල ලැබිය යුතු බවද, පිරිස් බලයෙන් විශාල වන හෙයින් ප‍්‍රධාන විපක්ෂය ලෙස නම් කළ යුතු බවද, ඔවුහු පවසන්නෝය.අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ඇති කිරීමට නියමිත කාර්යාලය අරබයා තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතී.එයට අදාළ පණතට ජනතා විමුක්ති පෙරමුණේ නිර්දේශයන්ද එක් කිරීමට දැන් රජය එකගතාව පලකර තිබේ.පණත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය නිසා විවාදයක් පැවැත්වීමට අවස්ථාවක් නොලැබීම මෙයට හේතුව විය.මෙම කරුණ මුල් කරගෙන, පණත පාර්ලිමෙන්තුවේ සම්මත වීම ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමටද ඇති හැකියාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුව ඇත.ඊට අමතරව මෙම පණත සම්මත කරගැනීම නිසා අත්විදීමට සිදුවනු ඇති භයානක තත්ත්වයන් පිළිබදව ජනතාව දැනුම්වත් කරනු වස් කුඩා පරිමානයේ ජන හමු පැවැත්වීමටද ඔවුන් සැළසුම් කරමින් සිටී.ඒකාබද්ධ විපක්ෂයේ මෙම කටයුතු ජනපති සිරිසේනට රහසක් නොවේ.නමුත් තම ඉදිරි සැළැස්ම සම්බන්ධයෙන් ඔහු රහසිගත පිළිවෙතක් අනුගමනය කරනු දැකගත හැකිය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දෛනික රැස්වීම් වලින් ඔහු සෑහෙන තරමකට ඉවත්ව සිටීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් තිබේ.ඒ වෙනුවට පැජට් පාරේ තම නිවසට වී හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් සමග ඔහු රහසිගත සාකච්ඡා පවත්වමින් සිටීම හමුවේ මෙම කතාබස් වලට තටු ලැබී ඇති සෙයකි.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයන් දෙක අතර ඇතිව තිබෙන අර්බුදය, විශේෂයෙන් රාජපක්ෂ හිතවාදීන් වෙනම පක්ෂයක් තනාගැනීමට ගෙන ඇති තීරණය හමුවේ තවත් දරුණු වනු ඇති බවට සැකයක් නැත.ඒ කෙසේවුවත් කුරුණෑගල පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට මෙය ගැටලූවක් නොවනු ඇත.දිවයින පුරා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් කුරුණෑගලට ගෙන්වා ගැනීමට දැනටමත් පක්ෂ සංවිධායකයින් අදාළ සැළසුම් සකස් කරමින් සිටී.ගැටලූව වන්නේ පක්ෂයේ බෙදීමය.මහින්ද හිතවාදී කණ්ඩායම පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු කළහොත් ඒ සම්බන්ධ නීතිමය කි‍්‍රයාමාර්ග වල යෙදෙමින් කාලය ගතකිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වයට, එනම් ජනපති සිරිසේනට, සිදුවීම හමුවේ, රාජපක්ෂ පාර්ශවය තවත් ශක්තිමත් වනු ඇත.පක්ෂ සමුලූව පැවැත්වීමට ඇත්තේ තව සතියක්ය.එසේ තිබියදීත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හමුවේ ඇත්තේ දැවැන්ත අර්බුදයක්ය.විදෙස් විනිමය ගනුදෙනු සදහා අගමැතිගෙන් නව නීතියක්පසුගිය අගහරුවාදා කැබිනට් මණ්ඩලය විදෙස් විනිමය ගනුදෙනු ප‍්‍රවර්ධනය කැරෙන, එම කටයුතු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට වැඩි වගකීමක් හිමිවෙන, එම කටයුතු භාර මුදල් අමාත්‍යංශ නියෝජිතයා ලෙස මහ බැංකුව හදුනාගැනෙන, විදෙස් විනිමය පාලන කෙටුම්පත බලාත්මක කැරෙන කැබිනට් පත‍්‍රිකාවකට අනුමැතිය ලබාදුන්නේය.මෙම කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් කළේ අගමැති වික‍්‍රමසිංහය.පහත දැක්වෙන්නේ එහි සංක්ෂිප්තයකි.නුදුරේදීම මෙය ගැසට් කැරෙනු ඇත.විදෙස් විනිමය ගනුදෙනු ප‍්‍රවර්ධනය කිරීමට සහ යාමනය කිරීම සදහා මෙම පණතෙහි අන්තර්ගතය අනුව කි‍්‍රයාත්මක වීමේ වගකීම මහ බැංකුව සහ ඒ සම්බන්ධ විෂය ක්ෂේත‍්‍රය භාර ඇමැතිවරයාට හිමිවේ.මෙම කටයුතු සදහා අදාළ විෂය ක්ෂේත‍්‍රයට අනුයුක්ත කර සිටින ලේකම්වරයාද, ඉහත සදහන් කළ ඇමැතිවරයාට සහය ලබාදෙනු ඇත.විශේෂයෙන් පණතෙහි අන්තර්ගතය කි‍්‍රයාත්මක කිරීම සදහා මගපෙන්වනු ඇත.එම ඇමැතිවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කරනු ඇත්තේ මහ බැංකුවයි.එය පණත ප‍්‍රකාරව අදාළ පියවර ගනු ඇත.බලයලත් ගනුදෙනුකරුවකු මාර්ගයෙන් හෝ බලපත‍්‍රයක් ලබාදී ඇත්නම් එහි වලංගු කාලසීමාව ඇතුළත හෝ හැර කිසිදු පුද්ගලයකුට ශී‍්‍ර ලංකා මුදල් හා වත්කම්, විදේශ විනිමය බවට හැරවීමටත්, එම විනිමය භාවිතයෙන් ගනුදෙනු වල යෙදීමටත් අවසර නොමැත.මෙය විදෙස් රටවල ඇති ශී‍්‍ර ලංකාවට අයත් සම්පත් සම්බන්ධයෙන්ද අදාළය.මෙරට හෝ විදේශයක, විදෙස් මුදල් ගනුදෙනු වන ගිණුම් හිමි ශී‍්‍ර ලංකා ජාතිකයකු, එම මුදල් ලබාගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා රුපියල් එම විනිමය බවට හරවා හෝ මෙරට ඇති සම්පත් එම විනිමය බවට හරවා හෝ මෙරට ඇති යම් සේවාවක් මාර්ගයෙන් හෝ නොවේනම්, බලයලත් ගනුදෙනුකරුවකු හෝ බලපත‍්‍ර මාර්ගයෙන් හෝ එම මුදල් උපයාගෙන නොමැති නම්, එවන් මුදලක් ශී‍්‍ර ලංකාවේ හෝ පිටත ගනුදෙනු සදහා යොදාගැනීමේ අවසරය හිමිය.බලපත‍්‍රයෙහි සදහන් කාල සීමාවට පමණක් විදෙස් විනිමය ගනුදෙනු වල යෙදීමට බලයලත් පුද්ගලයින් පත්කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇත.ඔවුනට කටයුතු කිරීමට සිදුවන්නේ මහ බැංකුවේ රෙගුලාසි හා කොන්දේසි මතය.විදෙස් විනිමය ගනුදෙනුවක යෙදීමට බලාපොරොත්තු වන පුද්ගලයකුගෙන් එම ගනුදෙනුවේ ස්වභාවය පිළිබද විමසා සිටීමේ අවසරය බලයත් ගනුදෙනුකරුවන්ට හා බලපත‍්‍ර කාලසීමාවට පමණක් විදෙස් විනිමය ගනුදෙනු සම්බන්ධ කටයුතු වල යෙදීමට අවසර ඇති පුද්ගලයින්ට හිමිය.මෙය සිදුවන්නේ එම ගනුදෙනුව මෙරට කි‍්‍රයාත්මක නීති ප‍්‍රකාරව සිදුවන්නේදැයි සොයා බැලීමටය.පණත ප‍්‍රකාරව කිසිදු පුද්ගලයකුට ස්ව කැමැත්තට විදෙස් විනිමය ගනුදෙනු වල යෙදීමට කිසිදු අවසරයක් නොමැත.ශී‍්‍ර ලංකා පුරවැසියකුට හෝ ශී‍්‍ර ලංකාවේ සිටින පුද්ගලයකුට,ශී‍්‍ර ලංකාවට භාණ්ඩ ආනයනය හෝ ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කිරීමේ අවසරය හිමිය.නමුත් ගනුදෙනු සිදුවිය යුත්තේ ශී‍්‍ර ලංකා රුපියල් වලින්ය.මෙරට හෝ පිටත විදෙස් විනිමය තබාගැනීමේ අවසරය හිමිය.විදේශයක ඇති සම්පත්, එම රටෙහි භාවිතා වන මුදල් වර්ගයට හරවන ලද ශී‍්‍ර ලංකා රුපියල් වලින් හෝ එම මුදල් වර්ගයට හරවන ලද මෙරට ඇති සම්පත් වලින් හෝ අත්පත් කරගැනීමේ අවසරය හිමිය.මෙම කටයුතු සම්බන්ධයෙන් පිළිපැදිය යුතු නීති හා රෙගුලාසි, සහ සීමා ආදිය සම්බන්ධයෙන් පණතෙහි වැඩිදුර කරුණු අඩංගුය.මහ බැංකුව එහි බලය පවරන පුද්ගලයින්ට  ඕනෑම අවස්ථාවක බලයලත් ගනුදෙනුකරුවන් හෝ බලපත‍්‍ර හිමි පුද්ගලයින් හෝ යෙදී සිටින විදෙස් විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කළ හැකිය.බලයලත් ඇමැතිවරයා විශේෂ විමසුම් කමිටුවක්ද පත් කරනු ඇත.එහි සාමාජිකයන් වනු ඇත්තේ පහත සදහන් අයය.විශ‍්‍රාමික ශ්‍රේෂඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් - කමිටු සභාපතිරාජ්‍ය හෝ පෞද්ගලික ක්ෂේත‍්‍රයන්ගේ ජ්‍යේෂ්ඨ කලමණාකරන කටයුතු වල නියැලී අත්දැකීම් සහ ගෞරවයක් හිමිකරගෙන සිටින අන්තර්ජාතික වෙළදාම් සහ විනිමය ගැන මනා අවබෝධයක් ඇති පුද්ගලයින් දෙදෙනෙක් - කමිටු සාමාජිකයන්කමිටුවෙන් තනි වාර්තාවක් හෝ එක් එක් කමිටු සාමාජිකයාගෙන් වෙන වෙනම වාර්තා විෂය භාර ඇමැතිවරයාට ලබාදිය හැකිය.12 වැනි වගන්තිය ප‍්‍රකාරව විදෙස් විනිමය ගනුදෙනු වල යෙදුණු පුද්ගලයකු පණතෙහි කරුණු උල්ලංඝණය වන අයුරින් කටයුතු කර ඇත්නම් එම ගනුදෙනුවට අදාළ වන මුලූ මුදල ගෙවිය යුතුය.එවන් ගනුදෙනුවක යෙදී ඇත්තේ සමාගමක් නම් එහි සියලූම අධ්‍යක්ෂකවරුන්, සාමජිකයන් සහ එම සමාගමේ කොටස්කරුවන්, එම නියමිත මුදල ගෙවීමට බැදී සිටින්නේය.විමසුම් කමිටු අදහස් සැළකිල්ලට ගනු ඇති මූල්‍ය මණ්ඩලය ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරනු ඇති ඇමැතිවරයා කිසියම් විදෙස් විනිමය ගනුදෙනුවක් ශී‍්‍ර ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට හානි ගෙන දේ නම් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හා සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු ගනු ඇත.මෙසේ පියවර ගැනෙනු ඇත්තේ අදාළ ගනුදෙනුව සිදුව මාස හයක් ඉක්මවීමට ප‍්‍රථමයෙනි.මෙම පණත ප‍්‍රකාරව කටයුතු කෙරෙන අවස්ථාවක මූල්‍ය මණ්ඩලයට හෝ එහි කිසිදු සාමාජිකයකුට, මහ බැංකුවට හෝ එහි කිසිදු සේවකයකුට, ඇමැතිවරයා, ලේකම්වරයා හෝ අමාත්‍යංශයේ කිසිදු නිලධරයකුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට හෝ නොහැකිය.පනත ප‍්‍රකාරව අදාළ රෙගුලාසි පැනවීමට ඇමැතිවරයා කටයුතු කරනු ඇත.
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
0
අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදල සම්බන්ධ සාකච්ඡා වල අවසන් අදියර සඳුදා (11)  දිනයේ ආරම්භ වීමට නියමිතය. ණය මුදල සම්බන්ධයෙන් මෙන්ම රටට අනාගතයේදී වැදගත් වන ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු පිළිබඳවද මෙම සාකච්ඡාවලදී අවධානය යොමුකරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.රජයේ අධික වියදම අවම කිරීමට ගතහැකි පියවර,ආදායම නිසි පරිදි කළමනාකරණය කරගැනීමට ගත හැකි කි‍්‍රයාමාර්ග,එක් එක් අවස්ථාවලදී සිදුකරන සංශෝධන වලින් නොව ක‍්‍රමවත් පද්දතියක් මාර්ගයෙන් බදු අය කරගැනෙන ක‍්‍රමවේදයක් ඇතිකිරීම ආදිය  ප‍්‍රතිපත්ති සම්පාදනයන් අරබයා පැවැත්වෙන මෙම සාකච්ඡුාවේදී සැළකිල්ලට ගැනීමට නියමිතය.දැනගැනීමට හැකිවූ ආකාරයට රජය හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර දැනට කරුණු 11 ක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිව තිබේ.අවසන් අදියරේ සාකච්ඡුාවෙන් පසු ණය මුදල ලබාගැනීම සදහා ශී‍්‍රලංකාව ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම ඇමරිකාවේ වොෂින්ටන් නුවර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.මෙසේ ලබාගැනීමට නියමිත ණය මුදලේ වටිනාකම ඩොලර් කෝටි 150 - 200 අතර වේ.අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා පැවැත්වුණු සාකච්ඡා නිසාවෙන් අපේ‍්‍රල් මස පළමුවැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ බදු කිහිපයක්ම අත්හිටවනු ලැබිණ.අලූත් අවුරුදු සමයේ ජනතාව මත තවත් බර පැටවීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන අකමැති වීමද බදු කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවීමට තවත් හේතුවකි.නමුත් මෙම මස අවසානයේ සිට මෙසේ අත්හිටැවුණු බදු නැවත කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සදහා නිර්දේශ කර ඇති නව බදු කිහිපයක්ද මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක කිරීමට රජය සැළසුම් කර ඇත.ඉතා අධික ණය බරකින් පීඩා විදින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ අනාගතය සම්බන්ධයෙන්ද සාකච්ඡුාවලදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසගේ අවධානය යොමුවිය.ගුවන්සේවය යළි නගා සිටුවීමට දැනටමත් පියවර ගෙන තිබෙන බව රජය ඔවුන්ට සහතික කළේය.ශී‍්‍රලන්කන් වෙත භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙනුයේ මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා පමණක් බව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට රජය දැනටමත් දැනුම්දී තිබේ.ශී‍්‍රලන්කන් ගුවන්සේවා කලමණාකාරීත්වයේ වෙනසක් සිදුවිය හැකි බව පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෙළි කළේය.පෞද්ගලික අංශයේ අත්දැකීම් බහුල වෘත්තියකයන් පිළිගත් කි‍්‍රයාපටිපාටියක් යටතේ ශී‍්‍රලන්කන් කලමණාකාර ව්‍යුහයට එක්කරගැනීමේ උත්සාහයක රජය නිරතව සිටින බවද දැනගැනීමට හැකිවිය.මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සමග සාකච්ඡුාද පවත්වා ඇත.2009 වසරේදී එමිරේට්ස් ආයතනයේ කලමණාකාරීත්වය යටතේ පැවති ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඉතා හොදින් ලාභ ඉපැයූ බවත් දැන් තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් බවත් මාධ්‍ය හමුවේදී අබේවර්ධන සඳහන් කළේය.අද දිනයේ ශී‍්‍රලන්කන් මත පැටවී තිබෙන මුළු ණය බර රුපියල් ලක්ෂ 9980 කට ආසන්න බව පැවසූ ඔහු ගුවන්සේවය නගා සිටුවීම අරබයා එහි කලමණාකාරීත්ව ව්‍යුහයට සහ ප‍්‍රතිපත්ති වලට වෙනස්කම් සිදුකළ යුතුව තිබෙන බව කීවේය. ‘ ඉදිරියේදී ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ කලමණාකාර මණ්ඩලයේ තනතුරු වල වෙනසක් සිදුවීමේ ඉඩක් තිබෙනවා.මේ ආයතනය මෙහෙම පවත්වාගෙන යන්නට බැහැ.2009 වසරේදී හොඳ ලාභයක් ඉපැයූ ශී‍්‍රලන්කන් ගුවන්සේවය අද අධික වශයෙන් පාඩු ලබනවා.මේක අපරාධයක්.අද වගා ක්ෂේත‍්‍රය ගත්තොත් ගොඩක් පාලන කටයුතු සිදුවන්නේ පෞද්ගලික අංශය යටතේ.මේ ක්ෂේත‍්‍රයත් රජය යටතේ තිබුණානම් මොනවා වෙන්න තිබුණාද කියලා හිතාගන්නවත් බැහැ.ඒ නිසා ශී‍්‍රලන්කන් ගුවන්සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා.ආයතනයක් මේ වගේ පාඩු ලබන තත්ත්වයක තියාගෙන ජනතාවට සහන ලබාදෙන්න අපට හැකියාවක් නැහැ.’’ අබේගුණවර්ධන පැවසුවේය.සන්ඬේ ටයිම්ස් ලිපියට ගුවන් නියමුවන්ගේ එකඟතාව - නමුත් කැප්ටන් නැහැමාර්තු මස 27 වැනිදා සහ පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාන තීරුවලින් කළ අනාවරණයන් සැබෑ බව අමාත්‍ය අබේගුණවර්ධන මේ ආකාරයට සහතික කළේය.එම තීරුවල ශී‍්‍රලංකා ගුවන් නියමුවන්ගේ සංගමය පැවැත්වූ හමුවක් ගැනද සඳහන් විය.මේ සම්බන්ධයෙන් එහි ප‍්‍රධානී කැප්ටන් රනුක සේනානායක මහතා අප වෙත ඊමේල් ලිපිනයක් එවා ඇත.අප්‍රෙල් මස තුන්වැනිදා පළවු ලිපියේ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන බව එහි මාතෘකාව ලෙස සඳහන් කර තිබේ.ඔහු එවා ඇති පණිවුඩය මෙළෙසය. ‘ඔබ පුවත්පතේ පළවූ කරුණු සම්බන්ධයෙන් මම හෝ මගේ සංගමයේ සාමාජිකයින් හෝ මෙතෙක් නිල ප‍්‍රකාශයක් සිදුකර නැත.’ ‘එනිසා එම ලිපියේ පළව තිබූ කරුණු සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදුකිරීමට මට තිබෙන අයිතිය පිළිගෙන ඒ සදහා අවස්ථාව ඔබ ලබාදෙනු ඇතැයි මම සිතමි.’ පහත කරුණු සම්බන්ධයෙන් අප සාකච්ඡා කර එකඟතාවන් ඇතිකරගත් බව මුලින්ම සඳහන් කරන්නට මම කැමැත්තෙමි. x              වාර්ෂිකව සිදුවන වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට සාමාජිකයෝ එකඟවූහ.මෙය සිදුවන්නේ අප පනවන කොන්දේසි ප‍්‍රකාරවය. x              මේ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමේ අරමුණින් පමණක් විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය විය. x              ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ ප‍්‍රධානියාට,විධායක අධ්‍යක්ෂකවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට වර්තමානයේ ලැබී තිබෙන බලතල හා වරප‍්‍රසාදයන් සංගමේ සාමාජිකයින් අතර දැඩි විවේචනයට ලක්විය. ‘ මේ කරුණු හැරෙන්නට ඔබ ලිපියේ අනෙක් සියලූ කරුණු සාවධ්‍ය හා අසත්‍ය බව සඳහන් කිරීමට මම කැමැත්තෙමි.ඇත්ත වශයෙන්ම කිවහොත් ශී‍්‍ර ලංකා ගුවන් නියමුවන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට අවසරයක් නැත.එය කලමණාකාරීත්වය අනුගමනය කරන ප‍්‍රතිපත්තියක් වන අතර එයට එරෙහිව කටයුතු කිරීමට ගුවන් නියමුවන්ගේ සංගමයේ ප‍්‍රධානියාට හෝ කමිටු සාමාජිකයින්ට හෝ හැකියාවක් නොමැත.’’ කැප්ටන් සේනානායකගේ පවසා සිටින මෙම කරුණු සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පත්‍රය, ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් කිහිපදෙනෙකුගෙන්ම විමසුවේය.මාර්තු 27 වැනිදා පැවැත්වුනු සංගම් හමුවේදී වැටුප් වර්ධක ලබානොගෙන සිටීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැණුනු බව ඔවුහු පැවසූහ.කමිටුවක් පත් කෙරුණේ මේ පිළිඹදව වැඩිදුරටත් සොයාබැලීමට බව ඔවුහු කීහ.කෙසේවුවත් ශී‍්‍රලන්කන් ප‍්‍රධානියා,විධායක නිලධරයා සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයෝ ඉතාම දැඩි විවේචන එල්ල කළ බව නම් මෙම ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෝ සහතික කළහ. ඔවුහු මෙම තොරතුරු අප වෙත ලබාදුන්නේ නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මතය. මේ අනුව සැළකීමේදී ඔබ ලිපියේ පළව ඇති අනෙක් සියලූ කරුණු සාවද්‍ය හා අසත්‍ය යැයි කැප්ටන් සේනානායක ඔහුගේ ඊමේල් ලිපියේ සඳහන් කර ඇත්තේ ඇයිදැයි ගැටලූවක් නැගේ.පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් නියමු සංගමයේ රැුස්වීම පැවැත්වූ අවස්ථාවේදී එහි සාමාජිකයන් කිහිපදෙනෙක් වෙන් වෙන්ව දැක්වූ අදහස්ද අපි සඳහන් කළෙමු.ඒවා අසත්‍ය හා සාවද්‍ය යැයි කැප්ටන් සේනානායක පවසා සිටින්නේ කවර පදනමක් මතද යන්න පැහැදිලි නැත.වැටුප් වර්ධක ලබානොගෙන සිටීමට කොන්දේසි යටතේ සංගමේ සාමාජිකයින් තීරණය කළ බව ඔහු සඳහන් කර ඇතත් එම සංගමයේම සාමාජිකයින් අපට කියා සිටියේ එවැනි තීරණයක් නොගත් බවය.කැප්ටන් සේනානායක පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද? යැයි පැනයක් මේ සියල්ල සැළකිල්ලට ගැනීමේදී අපට නැගේ.ඔහු ගුවන් නියමුවන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් වෙනත් කෙනෙකුගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරනවාද? යන්න ගැටලූවකි. මෙම ඊමේල් ලිපිය අප වෙත ලැබුණු දිනවලම තමන්ගේ අනාගතය සම්න්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක සිටින ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ එක්තරා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ගුවන්සේවයේ සියලූම සාමාජිකයින්ගේ රැස්වීමක් කැඳවූයේය.එකිනෙකා අතර සබඳතා වැඩිදියුණු කිරීම මෙහි අරමුණ විය.පුටු 600 ක් පමණ තිබුණු මුත් පැමිණ සිටියේ 90 ක පමණ පිරිසකි.ඔවුන් අමතමින් අදහස් පළකළ ඔහු මම  ඕපාදුප කියවන්නේ නැහැ’’ කියමින් ශී‍්‍රලන්කන් වෙත නැගෙන චෝදනා බැහැර කළේය.නමුත් භාණ්ඩාගාරයෙන් ශී‍්‍රලන්කන් වෙත මුදල් ලැබීම නතර වුවහොත් ගුවන්සේවයේ අනාගතය පිිළිඹද විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් ඇතිවන බව ඔහු පිළිගත්තේය. රනිල්ගේ චීන සංචාරය සාර්ථක චීන සංචාරයකින් පසු දිවයිනට පැමිණ සිටින අගමැතිවරයා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා පැවැත්වෙන අවසන් වටයේ සාකච්ඡුාවලට එක්වීමට නියමිතය.ශී‍්‍රලන්කන් ගුවන්සේවය ඇතුලූ රාජ්‍ය කර්මාන්ත නගා සිටුවීම සදහා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ දැනුම්වත් කිරීමට ඔහු කටයුතු කරනු ඇත. ශී‍්‍රලංකාව හා චීනය අතර පැවැත්වුනු සාකච්ඡුා වලදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට වරාය සදහා ලබාදුන් ණය මුදල් සදහා සහන ලබාගැනීමට ඇති හැකියාව පිළිඹද වැඩි අවධානයක් යොමුවිය.රට මත පැටවී තිබෙන අති විශාල ණය බර මෙයට හේතුව විය.චීනයට පැමිණි විගස ශී‍්‍රලංකාව වෙනුවෙන් යුවාන් ලක්ෂ 5000 ක මුදල් අධාරයක් ලබාදීමට චීන පාලකයෝ කටයුතු කළහ.එරට අගමැති ලී කේකුයින්ග්, ශී‍්‍රලංකා අගමැති වික‍්‍රමසිංහව හැදින්වූයේ චීනය හා ශී‍්‍රලංකාව අතර යහපත් සම්බන්ධතාවක් පවත්වාගැනීමට සෑම අවස්ථාවකදීම කැපවී කටයුතු කරනා ජේ්‍යෂ්ඨ රාජ්‍ය තාන්ති‍්‍රකයෙක් ලෙසය. චීන රජයේ ආධාර මත ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ඩොලර් ලක්ෂ 2100 ක මුදලක් වැයව ඇතැයි ඇස්තමෙන්තු ගතකර ඇත.එහි පළමු අදියරේ ඉදිකිරීමේ 2007 වසරේදී ආරම්භ වූ අතර එම ඉදිකිරීම් අවසානයේ ගුවන්තොටුපල 2011 මාර්තු මස 22 වැනිදා විවෘත කැරිණ.2009 දී චීනයේ එක්සිම් බැංකුව ගුවන්තොටුපලේ දෙවැනි හා තෙවැනි අදියර වල ඉදිකිරීම් වෙනුවෙන් ඩොලර් 8910 ක ණයක් ලබාදුන්නේය.මෙය සහන පදනම යටතේ ලබාදුන් ණයක් වූ අතර පස් අවුරුද්දක් යන තෙක් ණය ගෙවීමෙන් නිදහස් සහන කාලසීමාවක් සහ සියයට දෙකක පොළී අනුපාතිකයක් එයට විය. මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීමට වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13080 කි.මෙම මුදල ලබාදී ඇත්තේද චීනයේ එක්සිම් බැංකුවයි.මුදල ලබාදී ඇත්තේ අදියර දෙකක් යටතේ වන අතර පළමු අදියරේ ඉදිකිරීම් සදහා ලබාදී ඇති මුදල ඩොලර් ලක්ෂ 3060 කි.එම මුදල සදහා පොළී අනුපාතිකය සියයට 6.3 ක් වැනි ඉහළ අගයකි.දෙවැනි අදියර සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 8000 කි.එම මුදල ලබාදී ඇත්තේද පෙර සඳහන් කළ පොළී අනුපාතිකය යටතේමය.මුහුදේ තිබූ කළුගල් පිපිරවීම සදහා වියදම් වී ඇති මුදල ඩොලර් ලක්ෂ 2020 කි.ශී‍්‍රලංකා වරාය අධිකාරියට අනුව මේ අනුව වරාය සදහා වියදම්වී ඇති මුලූ මුදල ඩොලර් ලක්ෂ 13080 කි.වසර 20 ක් ඇතුළත මෙම මුදල ගෙවිය යුතුය.ණය නොගෙවා සිටිය හැකි පස් අවුරුදු සහන කාලසීමාවක් චීනය මෙම මුදලටද ලබාදී ඇත. නිතර අලූත්වැඩියා කිරීම් සිදුකළ යුතු නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සදහා වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 13460 කි.එහි පළමු අදියර සදහා ඩොලර් ලක්ෂ 4550 ක මුදලක් වැයව තිබෙන අතර දෙවැනි හා තෙවැනි අදියරයන් සඳහා ඩොලර් ලක්ෂ 891 ක මුදලක් වැයව ඇත.චීනයේ එක්සිම් බැංකුව මෙම මුදල ලබාදී තිබෙන්නේ වසර 20 ක සහන ණය පදනමක් යටතේය.සියයට දෙකක පොළී අනුපාතියක් හා පෙර අවස්ථාවලදී මෙන්ම වසර පහක සහන කාලසීමාවක් එයට ඇතුළත්ය.මෙම ව්‍යාපෘතිය සදහා ශී‍්‍රලංකා රජයද රුපියල් ලක්ෂ 110000 මුදලක් යෙදවූයේය.බලාගාරයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් 2010 වසරේදී ආරම්භවූ අතර 2013 වසරේදී අවසන් විය.තෙවැනි අදියරේ ඉදිකිරීම් 2014 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් ආරම්භ විය.ඇතැම් අවස්ථාවලදී මෙම බලාගාරය ලක්විජය විදුලි බලාගාරය ලෙසද හැඳීන්වේ.2012 සිට මෙහි සියයට 85 ක් පමණ කොටස් අයිතිය ඇත්තේ චයිනා මර්චන්ට්ස් ගෲප් සමාගමටය.  චීන සංචාරයට පෙර වික‍්‍රමසිංහ - රාජපක්ෂ හමුවක් චීනයෙන් ලබාදී ඇති ණය සදහා සහන ලබාගත හැකි ක‍්‍රමවේදයන් පිළිඹද සොයාබැලීමට අගමැති වික‍්‍රමසිංහ ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර ඇත.සංවර්ධන මූලෝපායන් සහ අන්තර්ජාතික වෙළද කටයුතු පිළිඹද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා, විශේෂ ඇගයීම් කටයුතු අමාත්‍ය සරත් අමුණුගම මහතා එහි සාමාජිකයින් ලෙස දැනටමත් නම් කර අවසන්ය.තෙවැනි සාමාජිකයා ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා නම් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.චීනය හා සමග නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකරගැනීම සම්බන්ධ කටයුතුද මෙම වසර අවසානය වන විට නිමා කරන ලෙසට අගමැති වික‍්‍රමසිංහ අදාළ නිලධරයින් වෙත උපදෙස් ලබාදී තිබේ. චීන සංචාරයට පෙර අගමැතිවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවීම සුවිශේෂී සිදුවීමක් විය.හිටපු ජනපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගීව සිටියේය.අගමැතිවරයා සමග පැමිණ සිටියේ අමාත්‍ය සමරවික‍්‍රමය. හමුව පැයකට ආසන්න කාලයක් පැවැත්වුණි.හම්බන්තොට ඉදිකෙරෙන අපනයන සැකසුම් කලාපයක්,ගුවන්තොටුපල හා වරාය සම්බන්ධව තම සංචාරයේදී වැඩි අවධානය යොමුකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව අගමැතිවරයා කීවේය.හිටපු ජනපතිවරයාද එම අදහස් පිළිගත්තේය. ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද දෙදෙන සාකච්ඡුා කළෝය.විධායක අගමැතිධූරය අහෝසි කිරීම,පාර්ලිමෙන්තු පද්දතිය ශක්තිමත් කිරීම හරහා බලය බෙදී යාමේ විධිමත් ක‍්‍රමවේදයක් ඇතිකිරීම, ආදී කරුණු සම්බන්ධයෙන් රජයේ සැළකිල්ල යොමුව තිබෙන බව අගමැතිවරයා කීවේය.කාලය ගතවුවද මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමටද රජය ක‍්‍රමයෙන් පියවර ගන්නා බවද ඔහු පැවසුවේය. රාජපක්ෂගේ ආරක්ෂාවට සපයා සිටි හමුදා සාමාජිකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී ගුණවර්ධන විරෝධය පළකළේය.එලෙස ආරක්ෂාව ඉවත් කර ඇත්තේ හිටපු ජනපතිවරයාට වෙන කවරදාටත් වඩා වැඩියෙන් ජීවිත තර්ජන එල්ල වෙමින් තිබෙන කාලයක බව ඔහු පැවසුවේය.මෙය අගමැති වික‍්‍රමසිංහ පිළිගත්තේය.මේ පිළිඹදව ජනපතිවරයා සහ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය.රාජපක්ෂට සැපයිය යුතු ආරක්ෂාව පිළිඹද විශේෂ වාර්තාවක් තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද එම වාර්තාව ලැබුණු පසු ගතයුතු පියවර තීරණය කළ හැකිවනු ඇති බවද අගමැතිවරයා පැවසුවේය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු අරබයා අගමැති වික‍්‍රමසිංහ හා එකාබද්ධ විපක්ෂය අතර එකගතාවක් ඇතිව තිබෙන ආකාරයක් දැකගත හැකිය.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වලට සම්පූර්ණ සහයට ලබාදෙන බව ගුණවර්ධන සන්ඬේ ටයිම්ස් හා පැවසුවේය.ඇතැම් කමිටු වල ප‍්‍රධානීත්වය පවා එකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ට ලබාදීමේ සූදානමක් පවතින බවද ගුණවර්ධන කීවේය.පාර්ලිමෙන්තුවේ පිළිගත් විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය මේ දිනවල අනුගමනය කරමින් සිටින්නේ නිහඩ පිළිවෙතකි.මුල් අවස්ථාවලදී දෙමළ සන්ධානය උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලූ පිළිඹද අවධානය යොමුකර සිටිනු දැකගත හැකිවුවත් දැන් එවැන්නක් හඳුනාගැනීම පවා අපහසුය.ගැටලූවලට පිළියම් යෙදීමට රජයේ සම්පූර්ණ සහය ලබාගැනීමේ අවස්ථාව පවා තිබියදී දෙමළ ජාතික සන්ධානය අනුගමනය කරමින් සිටින මෙම නිහඩ පිළිවෙත බොහෝ දෙනාගේ දෝශදර්ශනයට ලක්ව ඇත.වත්මන් නායක ආර්.සම්බන්ධන් හා සංසන්දනය කිරීමේදී අප්පාපිල්ලේ අමිර්තලිංගම් වැනි දෙමළ සන්ධානයේ හිටපු නායකයෝ කටයුතු කළේ මෙයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය. ජනපතිගේ වැඩකටයුතුජනපති සිරිසේන ගෙවුණු සතියද ගතකළේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හිමි තම නායකත්වය තහවුරු කරගැනීමේ කටයුතු වල නිතරවය.ඔහු තවත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු දෙදෙනෙක් අමාත්‍ය මණ්ඩලයට එක්කර ගත්තේය.බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විද්‍යාව හා තාක්ෂණවේදය පිළිඹද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් අතර ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා විදේශ රැුකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂ කලූතර දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සංවර්ධන සහ සංස්කෘතික කටයුතු පිළිඹද අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා හමුවේ දිව්රුම් දුන්නේය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අමාත්‍යධූර බෙදී යාම තුලනය කිරීම සදහා මෙසේ තෙවරප්පෙරුමටද අමාත්‍යධූරයක් ලබාදුන් බව සැක නැත.නිදහස් පක්ෂ සාමාජිකයින් දෙදෙනකුට අමාත්‍යධූර ලබාගැනීමට කටයුතු කිරීම මගින් ජනපති සිරිසේන පක්ෂයේ තම නායකත්වය තහවුරු කරගැනීමට තවමත් කටයුතු කරමින් සිටින බව පැහැදිලිය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා හමුවේදී ඔහු මේ බව තවදුරටත් සනාථ කරමින් අදහස් පළකළේය.රාජපක්ෂගේ ප‍්‍රබල ආධාරකාරිනියක වන පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ශී‍්‍රලංකා නිදහස් පක්ෂ ගාල්ල මැයි දින රැුලිය සංවිධානය කිරීමේ වගකීම ලබාදෙන ලෙසට ඔහු උපදෙස් දුන්නේය.නව අමාත්‍යවරුන් තිදෙනාටද අනෙක් අමාත්‍යවරුන් හා සමව ආරක්ෂකයින්,වාහන සහ දීමනා ලැබෙනු ඇත.රජය ඔවුන්ට මෙසේ සළකන්නේ රට ආර්ථික අර්බුදයකට සිරවී සිටින අවදියකදීය.පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් පසුගිය සතියේ පාර්ලිමෙන්තුවේදී කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා කි‍්‍රයා - ධර්ම පද්දතියක් සදහන් වූ පිටු 11 ක ලියැවිල්ලක් සභාගත කළේය.පහත දැක්වෙන්නේ එහි අන්තර්ගතවූ කරුණු කිහිපයකි. x              තමන්ට හිමි ව්‍යාපාර හා වෙනත් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් තොරතුරු හෙළි කරනු ඇත.ළගම පවුලේ සාමාජිකයෙක් හෝ මෙම කටයුතු වල නිතරව සිටින්නේ නම් ඔවුන්ගේ තොරතුරු හෙළි කිරීමද පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වගකීම වන්නේය.මේ හරහා ජනතා විශ්වාසය ගොඩගාගැනීමට ඔවුනට හැකිවනු ඇත.පෞද්ගලික වුවමනා එපාකම් සපුරාගැනීමට නොව රට වෙනුවෙන් සේවය ලබාදීමට පාර්ලිමෙන්තුවට පැමිණ සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීම සදහා මෙය හොඳ අවස්ථාවකි. x              ඇතැම් අවස්ථාවලදී පාර්ලිමෙන්තු සාමාජිකයින්ගේ වත්කම්,හිමිකම්,ඔවුන්ගේ කි‍්‍රයාකලාපයන් වැනි දේ අරබයා ඔවුන් තමන්ගේ වුවමනාකම් පිරිමසා ගැනීමට මිස රට වෙනුවෙන් පාර්ලිමෙන්තුවට පැමිණ නොමැති බවට වැරදි වැටහීමක් ජනතාව අතරට යෑමේ අවස්ථාව ඇත.මෙනිසා එවැනි වැරදි වැටහීමක් ඇතිවීමට ඉඩ තිබෙන සෑම කරුණක්ම සගවා නොගෙන ප‍්‍රසිද්ධියේ අනාවරණය කිරීම සෑම පාර්ලිමෙන්තු සාමාජිකයකුගේම වගකීම වන්නේය.මෙවන් කරුණු සදහා උදාහරණ ලෙස ඉඩම් හා දේපල හිමිකම්,වත්කම්,කොටස් හිමිකම්,ත්‍යාග,විදෙස් සංචාරයන්,සේවය සදහා පිදෙන බව කියන සම්මාන,ආදායම් මාර්ග, වැනි දේ දැක්විය හැකිය.මෙම කරුණු මැතිවරණයක් අවසානයේදී හෙළි කළ යුතු අතර පසුව පාර්ලිමෙන්තුව නිර්දේශ කරන කාලාන්තර වලදීද හෙළි කළ යුතුය. x              ඡුන්දය ප‍්‍රකාශ කිරීමේදී රාජ්‍ය ප‍්‍රතිපත්ති අරබයා මිස පුද්ගලගැතියකු ලෙස පක්ෂපාතීව හෝ විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතියක් පාර්ලිමෙන්තු සාමාජිකයින්ට නැත. x              එක් එක් සාමාජිකයා වෙත වෙන්කෙරෙන රාජ්‍ය මුදල් හා ඔහු හෝ ඇය එම මුදල් වියදම් කර ඇති ආකාරය එම තොරතුරු ලැබුණු විගසම ප‍්‍රසිද්ධ කෙරෙනු ඇත. x              තමන්ට ලැබී ඇති දීමනා හා වරප‍්‍රසාදයන් වෙනුවෙන් පාර්ලිමෙන්තු සාමාජිකයින් වගවිය යුතුය.මෙම දීමනා හා වරප‍්‍රසාදයන් ලැබී ඇත්තේ ඔබගේ සුභ විහරණය වෙනුවෙන් නොවේ.ඒවා යෙදවිය යුත්තේ ජනතා සේවය වෙනුවෙන්ය. x              පාර්ලිමෙන්තු සාමාජිකයෙක් ලෙස ලබාදෙන සේවය ප‍්‍රශ්න කිරීමට ලක්කළ හැකි දීමනා පිළිගැනීම,ආධාර ලබාගැනීම, පාර්ලිමෙන්තුවට හෝ වෙනත් කමිටුවකට ඉදිරිපත් කෙරෙන කෙටුම්පතකට තම වාසිය පමණක් සළකා කැමැත්ත ලබාදීම හෝ අකමැත්ත පළකිරීම ආදී දේවලින් වැළකී සිටිය යුතුය. x              පාර්ලිමෙන්තු සාමාජිකයකු ලෙස ගතකරන සමය අවසානයේ සුරක්ෂිත අනාගතයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන්ට දැන් ලැබී තිබෙන බලතල අවභාවිතා කිරීම නොකළ යුතුය. පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ වරප‍්‍රසාද වෙනුවෙන් වන කමිටුව වරප‍්‍රසාද සහ ආචාර ධර්ම පිළිඹද කමිටුව ලෙස වෙනස් කිරීමට නියමිතය.කිසියම් පාර්ලිමෙන්තු සාමාජිකයෙක් මෙම කි‍්‍රයා - ධර්මයන් උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන්නේදැයි සොයාබැලීමේ වගකීම පැවරෙන්නේ මෙම කමිටුවටය.කමිටු නිර්දේශ මත කිසියම් සාමාජිකයකුට ලබාදිය යුතු දඩුවම් පාර්ලිමෙන්තුව තීරණය කරනු ඇත. අවවාද කිරීම,දැඩිව අවවාද කිරීම,පාර්ලිමෙන්තු වරප‍්‍රසාද පණත උල්ලංඝණය නොවන අයුරින් කිසියම් කාලසීමාවකට පාර්ලිමෙන්තු සාමාජිකත්වය අත්හිටුවීම, ශ්‍රෙෂ්ඨාධිකරණයේ අවධානයට ගැටලූව යොමුකිරීම, ආදී ලෙස මෙම දඩුවම් ලබාදීමට නියමිතය. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමෙන්තු සංසදය සකස් කර තිබෙන ප‍්‍රතිපත්ති හා වෙනත් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම මත පදනම්ව මෙම කි‍්‍රයා - ධර්ම පද්දතිය සකස් කළ බව කතානායකවරයා පැවසුවේය. මෙවර අවුරුදු සමය උදාවන්නේ ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන්ද බරපතල ගැටලූ වලට රට මුහුණදී සිටින සමයකදීය.මෙම ගැටලූ කොයි ආකාරයෙන් නිරාකරණය කරගැනීමට හැකිවේදැයි යන්න පැවසීමට තවමත් කල් වැඩිය.එසේවුවත් රටේ ජනතාවට ඉදිරියේ පැමිණෙන කාලයේදීත් තවත් පටි තදකරගැනීමට සිදුවනු ඇති බව නම් සහතික ලෙසම කිව හැකිය. 
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
0
වැට් බදු ඉහළ යෑම අරබයා දිවයිනේ මතුවෙමින් පවතින විරෝධතා රජයේ අවධානය දිනාගැනීමට සමත්ව ඇති බවක් දැකගන්නට ඇත.අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ද වැඩි තැනක් වෙන්වූයේ මේ සම්බන්ධයෙන්ය.එහිදී අමාත්‍යවරුන්ට, ඔවුනොවුන් යොදාගෙන තිබෙන විදෙස් සංචාර වහා අවලංගු කර, තම තමන්ගේ ඡන්ද බල ප‍්‍රදේශවලට ගොස් මෙම විරෝධතා වලින් ඇතිවිය හැකි අයහපත් ප‍්‍රතිවිපාකයන් සමනය කරගැනීමට වගබලාගන්නා ලෙස ජනපති මෛතී‍්‍රපාල සිරිසේන උපදෙස් දුන්නේය.ජනපති සිරිසේන මෙම මාසය ඇතුළත ජන හඩට ඇහුම්කන් දුන්නේ පිට පිටම දෙවැනි වතාවටය.පළමු වතාවේ ඔහු සිවිල් සංවිධාන වල අදහස් විමසා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ධූර කාල දිගුවක් ලබාදීම වෙනුවට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කළේය.විවිධ කරුණු මුල් කරගෙන රට පුරා නැගෙමින් පවතින විරෝධතා එක්සත් ජාතික පෙරමුණු රජය හමුවේ ඇති නවතම අභියෝගය බවට පත්ව තිබේ.2011 වසරේ මැද පෙරදිග ඇතිවුණු අරාබි වසන්තය හා සමාන තත්ත්වයක් මෙරටද ඇතිවන්නට යන බවක් මෙම විරෝධතා වල ස්වභාවය අධ්‍යනය කිරීමේදී හදුනාගත හැකිය.මහින්ද රාජපක්ෂ සමයේ මෙන් නොව  ඕනෑම පාර්ශවයකට නිදහසේ විරෝධතා වල යෙදීමට දැන් අවස්ථාව තිබෙන බව රජය පවසන්නේය.නමුත් එසේ යැයි කියා කිසිත් නොකර සිටීමට රජයට හැකියාවක් නැත.විරෝධතා පැවැත්වීමට මුල්වී ඇති කරුණු සැළකිල්ලට ගැනීමේදී පැහැදිලි වන්නේ වත්මන් පාලන කටයුතු ගැන ජනතාවගේ පැහැදීමක් නොමැති බවයි.එනිසා විරෝධතා පැවැත්වීමට නිදහස තිබෙනවායැයි එකිනෙකාට සුභපතා ගැනීමට රජයට දැන් කිසිදු හැකියාවක් නැත.යහපාලන න්‍යායන් අනුව ඇත්තෙන්ම සිදුවිය යුත්තේ විරෝධතා පැවැත්වීමට අවශ්‍යතාවක් නොමැති හෝ සුලූවෙන් පමණක් විරෝධතා පැවැත්වීමට සිදුව තිබෙන වාතාවරණයක්, රටේ ඇතිවීමය. බස්නාහිර පළාත - ජූලි 7 පානදුර, මීගමුව, මහරගම, කිරිබත්ගොඩ, ජූලි 8 - ජා ඇල, කලූතර, දකුණු පළාත - ජූලි 7 තංගල්ල, හුංගම, බෙලිඅත්ත, වලස්මුල්ල, වීරකැටිය, කටුවන, මිද්දෙනිය, ඇල්පිටිය, තිස්සමහාරාම, හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර, අම්බලන්තොට, ඌව පළාත - ජූලි 8 වැල්ලවාය, මධ්‍යම පළාත - ජූලි 8 නුවර, සබරගමුව පළාත - ජූලි 7 කුරුවිට, රත්නපුර, බලන්ගොඩ,  ඕපනායක, නිවිතිගල, ගොඩකවල, කලවාන, ඇහැළියගොඩ, කිරිඇල්ල, රක්වාන, අස්ගම, වැලිගෙපොල, කෑගල්ල, ඇඹිලිපිටිය, උඩමලූව, වයඹ පළාත - ජූලි 7 කුරුණෑගල, නැගෙනහිර පළාත, ජූලි 8 අම්පාර, යනාදිය වැට් බදු ඉහළ යෑමට එරෙහිව ගෙවුණ දින කිහිපයේ පමණක් විරෝධතා පැවැත්වුණු ප‍්‍රදේශ වේ.පිළිතුරු දැක්වීමක් ලෙස එක්සත් ජාතික පක්ෂය බ‍්‍රහස්පතින්දා රත්නපුරදී රජය ඔවුන්ගේම විරෝධතාවක් සංවිධානය කළේය.රජයට එරෙහිව නැගෙන විරෝධතා පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය නම්, ජනතා විමුක්ති පෙරමුණද රජයට එරෙහිව අවි අතට ගෙන ඇති බවක් පැවැසිය හැකිය.දින හයක් පුරා දිවෙන විරෝධතා මාලාවක් එම පක්ෂය සංවිධානය කර තිබෙන අතර එහි අවසන් විරෝධතාවය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (10* දිනයේදීය. විරෝධතා මතුවෙමින් තිබෙන්නේ වැට් බදු ඉහළ යෑමට එරෙහිව පමණක් නොවේ.සිකුරාදා අලූයම හයිලෙවල් පාර අවහිර කළ කොස්ගම වැසියෝ සාලාව හමුදා අවි ගබඩා ගින්නෙන් විනාශ වූ තම නිවෙස් හා වෙනත් බඩු බාහිරාදියට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ,ඒ අය අපෙන් තොරතුරු අරගෙන, පොරොන්දු දීලා යන්න ගියා.අපි තවමත් බලාගෙන ඉන්නවා., නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ කොස්ගම වෙසෙන රජයේ නිලධරයෙක් පැවසූවේය.ගින්නෙන් ඔහුගේ නිවස හා පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල විනාශව ගොසිනි. අනෙක් පසින් වෙරළබඩ දුම්රිය මාර්ගය අවහිර කළ දකුණේ ධීවරයෝ ධීවර යාත‍්‍රා ගැඹුරු මුහුදට යොමු කිරීම පහසු වන සේ වෙරළ ආසන්නයේ ඇති ගල් කඩා දමන බවට මුලින් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.මේ හමුවේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවිය.ශී‍්‍ර ජයවර්ධනපුර සරසවි ශිෂ්‍යයෝ සිකුරාදා දිනයේදීත් නුගේගොඩ නගරයේ විරෝධතාවක නියැලූණහ. මෙම විරෝධතා වල අනිටු ප‍්‍රතිවිපාක කිහිපයකි.එයින් ප‍්‍රධානම වන්නේ නීතිය හා සාමය සුරැුකීමට පැවරී තිබෙන වගකීම පසෙකලා විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසියට මැදිහත් වන්නට සිදුව තිබීමය.බොහෝ විට කාර්යබහුල වේලාවන්හි දී පැවැත්වෙන මෙම විරෝධතා නිසා වටිනා කාලය නාස්ති කරමින් මහමග රැුදී සිටින පොදු ජනතාවට සිදුවන අපහසුතාවයන්ද ඊට දෙවැනි නැත. අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුවට ප‍්‍රථමයෙන් ජනපති සිරිසේන, සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා වෙළඳුන් කණ්ඩායමක් සමත විශේෂ සාකච්ඡුාවක් පැවැත්වූහ.වැට් බදු ඉහළ යාම ගැන වැඩි අවධානයක් යොමුවුනු මෙම හමුවේදී තමන් කිසිසේත්ම රාජ්‍ය විරෝධී නොවන බව අවධාරණය කර සිටි වෙළද පිරිස, ව්‍යාපාර වල මෙන්ම පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය තකා වැට් බද්දට සංශෝධන සිදුකරන මෙන් ඉල්ලා සිටින බව පැවසූහ.ජනපති සිරිසේන බලයට පත්කිරීමට රටේ ව්‍යාපාරික ප‍්‍රජාව විශාල මෙහෙයක් ඉටුකළ බව මුදල් ඇමැතිවරයා මෙම අවස්ථාවේදී පැවසුවේය.නමුත් පසුගිය පාලන සමයේ වැට් බද්ද සියයට 11 ක මට්ටමේ පැවති බවත්, මෙම රජය යටතේ එය ඉහළ නංවා ඇත්තේ සියයට 15 ක් දක්වා පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.හමුවට පසුව ජනපති සිරිසේන වැට් බදු ඉවත් කළ හැකි, බදු අලූතින් හදුන්වාදිය හැකි ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව දැනගන්නට ඇත.පෙට‍්‍රල් මිල සංශෝධනය කිරීමක් ඇතුලූ යෝජනා කිහිපයක් ජනපතිවරයාට ඉදිරිපත්ව තිබෙන අතර ඒවායින් කුමක් කි‍්‍රයාත්මක කෙරෙනු ඇතිද යන්න මෙම මාසය ඇතුළත නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය. වැට් බදු සංශෝධනය නිසා අහස උසට ගැන ඇති ජීවන වියදමද සාකච්ඡුාවට බදුන් විය.අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහතට ගෙන ආ හැක්කේ කෙසේදැයි සොයාබැලීමට විශේෂ කැබිනට් උප කමිටුවක් ඒ අනුව පත් කැරිණ.අපනයනකරුවන් ඔවුන්ගේ භාණ්ඩ වලට මිල නියම කරන ක‍්‍රමවේදය අධ්‍යනය කිරීමටත්, ඒ ඔස්සේ ඔවුන් තබාගන්නා ලාභය මදක් අවම කර එහි සහනය ජනතාව වෙත ලබාදීමට ඇති හැකියාව සොයාබැලීමටත්, මෙම කමිටුව කටයුතු කරනු ඇත.මුදල් ඇමැති කරුණානායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මලික් සමරවික‍්‍රම, රිෂාද් බදුර්ධීන් එහි සාමාජිකයෝය.තම තමන්ගේ ඡුන්ද බල ප‍්‍රදේශ වලට ගොස් ජනතාව ඉදිරිපත් කරන නව අදහස් මෙම කමිටුවට යොමුකරන ලෙසද ජනපතිවරයා සියලූම අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය. දිවයිනට ලැබී තිබෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති වල කටයුතු ඉක්මන් කිරීමෙන් නව රැුකියා අවස්ථා උත්පාදනය කිරීමට ඇති හැකියාවද අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡුාවට බදුන්විය.ව්‍යාපෘති විශාල ගණනක් දිවයිනට ලැබී තිබුණද, නිල වශයෙන්ම පත්කර ඇති ටෙන්ඩර් මණ්ඩලයක අනුමැතිය ඒවාට ලැබී තිබුණද, තවමත් එම ව්‍යාපෘති කි‍්‍රයාත්මකව නොතිබීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය.නිසි අධ්‍යනයකින් පසු වරද නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය පිරිස තීරණය කළෝය. පොළොන්නරුව නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමක් ජනපති ලේකම් කාර්යාලයේදී පසුගියදා හමුවූ අවස්ථාවේදී, තම පාලන කටයුතු වලට බාධා කිරීමට කිසිදු අයෙකුට අවස්ථාව නොදෙන බව ජනපති සිරිසේන අවධාරණය කළේය.එක්සත් ජාතික පක්ෂය හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අයත් රජයක් නොමැති බවත්, දැනට කි‍්‍රයාත්මක ඒකාබද්ධ රජය දිගටම පවත්වාගැනෙන බවත් ඔහු පැවසුවේය.මාධ්‍ය රජය අත්වැල් බැදගෙන සිටින්නේයැයි කිසිලෙසකවත් නොසිතන ලෙස පවසා සිටි ජනපතිවරයා මාධ්‍ය සහ රජය පාර්ශවයන් දෙකකට අයත් බව කීවේය.මේ අරබයා වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු රජයට අයත් පුවත්පත් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පලකළේය.හමුවට එක්ව සිටි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද අදහස් දක්වමින්, සන්ඬේ ටයිම්ස් පුවත්පත තමා හා ජනපති සිරිසේන අතර කඹ ඇදිල්ලක් ඇතැයි අභූත කරුණක් ඉස්මතු කර තිබෙන බවට චෝදනා කළේය.එවැනි දෙයක් නොමැති බවත්, කඹ ඇදිල්ලකට කඹයක් පවා නොමැති බවත් ඔහු අවධාරණය කළේය. ජනතාව ගැන පමණක් නොව තමන් නායකත්වය දරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමුකිරීමට ජනපති සිරිසේනට සිදුවිය.රටේ ජනපතිධූරයට පත්වුවද, පක්ෂයේ නායකත්වය හිමිවුවද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස සවිමත් ස්ථාවරයක් ගොඩනගා ගැනීමට ඔහුට තවමත් හැකිව නොමැත.මේ සම්බන්ධයෙන් ජනපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡුාවක්ද පැවැත්විය.පසුව තම නිවසේදී පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් පිරිසක් හමුවූ අමරවීර ඉදිරියට ගතයුතු කි‍්‍රයාමාර්ගයන් පිළිබදව ඔවුන් හා සාකච්ඡුා කළේය.වැඩි අවධානයට ලක්වූ කරුණු දෙකක් වූ අතර ඉන් පළමුවැන්න වූයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නව දේශපාලන බලවේගයක් නිර්මානය කිරීම අරබයා ගෙන ඇති පියවරයන්ය.ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර නව දේශපාලන පක්ෂයක් කලඑළි බැසීමේ සූදානමක් ඇතැයි මෙයින් යම්තරමකට තහවුරු වන බව හමුවට සහභාගීව සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස විය.එක්සත් ජාතික පක්ෂය තම සාමාජික පිරිස ඉහළ නංවා ගනු වස් නව තාක්ෂණික උපක‍්‍රම අනුගමනය කරමින් සිටීමත්, ඒ සදහා වෙනම මෘදුකාංගයක් (ඇප්) හදුන්වාදී තිබීමත් මෙහිදී අවධානයට ලක්වූ දෙවැනි කරුණ විය.මේ කරුණු සැළකීමේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පසුගාමිීව ඇතැයි හමුවේදී අදහස් පලවිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියට ගතයුතු පියවර පිළිබදව එකඟතාවයකට පැමිණීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විශේෂ හමුවක් බදාදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.එහිදී දීර්ඝ අදහස් දැක්වීමක නිතරවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මහලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා රජය ජනතාව අතර අප‍්‍රසාදයට පත්ව තිබෙන බවක් පෙන්වන විරෝධතා රැල්ලක් ඇතත්, රජය බිඳ වැටෙන කිසිඳු සළකුණක් නොමැති බව පැවසුවේය.තවත් කිහිප දෙනකුගේ අදහස් දැක්වීමෙන් පසුව පැවැත්වුණු දීර්ඝ සාකච්ඡුාවක් අවසානයේ පක්ෂය සවිමත් කිරීම සදහා දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත්, පක්ෂය දෙකඩ කිරීමට ගන්නා උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට පියවර ගැනීමටත් තීරණය විය.මෙහි පළමු පියවර ලෙස නුවරදී ජන හමුවක් පැවැත්වීමට නියමිත අතර ඉදිරි ජනහමු පැවැත්වෙන්නේ කුමන ස්ථානවලදැයි තීරණයක් නැත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව සියලූම දෙනා සිටිනුයේ අවධානයෙන්ය.ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් හැකිතාක් බැහැරව සිටීමට රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව ඉතාම පැහැදිලිය.මුදල් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගයට පවා ඔහු අත්සන් නොකළේය.පසුගියදා ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සෙවණැලි කැබිනට් මණ්ඩලයට එක්වීමේ අවශ්‍යතාවක් රාජපක්ෂට නොතිබිණ.ඒකාබද්ධ විපක්ෂය නිකුත් කරන මාධ්‍ය නිවේදන වල පවා හිටපු ජනපතිවරයා ගැන සදහනක් නැත.ඒ කෙසේවුවත් තමන්ට සහය දක්වමින් සිට පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තැත් කළ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් නැවත තමන් කෙරේ නම්මා ගැනීමට ඔහු මැදිහත්ව තිබෙන බවක් දැනගන්නට තිබේ.හිටපු ජනපතිවරයාගේ හිතවතකුට අනුව ඔහු මෙසේ කටයුතු කරමින් සිටින්නේ නව දේශපාලන බලවේගය රටේ මුල් බැස නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මාර්ගය සකස් කර දෙන තෙක්ය.  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනාගතය අස්ථාවර යැයි සාමාජිකයින් අතර ඇතිව තිබෙන බිය හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අවධානයට ලක්වීමටද වැඩි කලක් නොගියේය.අගහරුවාදා අහුංගල්ල ද හෙරිටන්ස් හෝටලයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් හමුවූ ඇය මේ සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළාය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය බව කියා සිටි හිටපු ජනපතිනිය, පක්ෂය සවිමත් කිරීමට ඇති එකම ක‍්‍රමය වන්නේ හිටපු ජනපතිවරයා ඇතුලූ හය දෙනෙක්, එනම් ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන, වහාම කි‍්‍රයාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපා හැරීම යැයි පැවසුවාය.නමුත් මෙහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර එවැන්නක් සිදුකිරීමට සුදුසු කාලය නොවන බවද, එවැනි කි‍්‍රයාමාර්ගයකට ගියහොත් තවත් ගැටලූ ඇතිවනු ඇති බවද, කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කිරීමට ජනපති සිරිසේන හා හමුවක් සංවිධානය කළ යුතුයැයි අවසානයේ තීරණය විය. මහින්ද රාජපක්ෂ මේ අතර සිටින්නේ දකුණු කොරියාවේ සංචාරයක් සදහා සූදානම් වෙමින්ය.එරට වෙසෙන ශී‍්‍ර ලංකා ජාතිකයින් හමුවීමටද ඔහු සැළසුම් කර ඇත. විරුද්ධ මත දරන දෙපාර්ශවයක් අතර ඇතිවන එකගතාවයකට අනන්‍ය වන පරිදි ඇතැම් කරුණු සම්බන්ධයෙන් එම දෙපාර්ශවය විවිධ අදහස් දරන අවස්ථා වත්මන් එක්සත් ජාතික පක්ෂ - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සභාග රජයේද හදුනාගත හැකිය.මෙය පක්ෂ දෙක අතර ඇති එකගතාවය බිද වැටෙමින් පවතින ලෙස බවට හෝ, රාජ්‍ය විරෝධී අදහස් දැක්වීමක් ලෙස හෝ වරදවා වටහාගත යුතු නැත. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සදුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියට අනුව ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට සකස් කෙරෙන යාන්ත‍්‍රණය වගවීම් සහගත ලෙස කි‍්‍රයාත්මක කිරීමට ගතයුතුව තිබෙන පියවර මොනවාදැයි මේ දිනවල සොයාබැලෙමින් පවතින බව පැවසුවේය.මෙය තවදුරටත් පැහැදිලි කළහොත් දැන් සිදුවෙමින් පවතින්නේ එම යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම සදහා යොදාගැනෙන්නේ දේශීය විනිසුරුවරුන්ද, එසේත් නැතිනම් විදේශීය විනිසුරුවරුන්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමේ කටයුතුය. දිනකට පසු ජනපති සිරිසේන මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක නිරත විය.විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ගැන සෘජුවම සදහන් නොකළ ජනපතිවරයා අවධාරණය කර සිටියේ රටේ අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට හා අධිකරණ පද්දතියට අතපෙවීමට, විදෙස් අධිකරණයකට, විනිසුරුවරයකුට හෝ සංවිධානයකට කිසිදු අවසරයක් නොදෙන බවයි. ,කවුරු කොහේ කියා තිබුණත් යුද සමයේ මානව හිමිකම් කඩවෙලා කියන චෝදනා විමර්ෂණය කරන්න විදෙස් විනිසුරුවරුන් එනවාය, විදෙස් යුද අපරාධ අධිකරණ පිහිටුවනවාය කියලා,  එහෙම දෙයක් වෙන්නේ නැහැ., යැයි ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය පසුගිය සිකුරාදා පානදුරයේදී සංවිධානය කර තිබූ 70 වන ජාතික උපසම්පදා විනයකර්මයට සහභාගීවූ අවස්ථාවේදී ජනපතිවරයා පැවසුවේය. විදෙස් විනිසුරුවරුන් පිළිබද ජනපතිවරයාගේ ස්ථාවරය එදා සිටම නොවෙනස්ය.සන්ඬේ ටයිම්ස් හා පසුගිය වතාවක අදහස් දැක්වූ අවස්ථාවේදී පවා ඔහු අවධාරණය කර කියා සිටියේ චෝදනා විමර්ෂණය කිරීමට අවැසි තාක්ෂණික සහය විදෙස් රටවලින් ලබාගත්තද, එම විමර්ෂණ කටයුතු සදහා විදෙස් විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.සුදුසුකම් ඇති විනිසුරුවරු දිවයිනේම සිටින බව ඔහු පැවසුවේය.මැයි මස 26 වැනිදා යුද හමුදා නිලධරයින් කණ්ඩායමක් සමග පැවති හමුවකදී අගමැති වික‍්‍රමසිංහද කියා සිටියේ මෙයයි. ,අධිකරණ යාන්ත‍්‍රණය සකස් කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන්., යැයි ඔහු පැවසුවේය. සමරවීර මෙම අදහස් දැක්වූයේ ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරයට සහභාගීව නැවත දිවයින බලා පැමිණ පසුවය.විනිසුරුවරුන්ගේ ගැටලූව විවිධ රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවේ නැවත නැවතත් පැහැදිලි කරදීමටද ඔහුට සිදුවිය.යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන සාකච්ඡුා පැවැත්වීම ඉතාම වැදගත්ව තිබියදී පසුගියදා රැුස්වූ බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තුවේදීද මානව හිමිකම් කඩවීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ වත්මන් ප‍්‍රගතිය ගැන සාකච්ඡුාවට බදුන් විය.දෙමළ ජාතිකයින් බහුතරයක් සිටින ඡුන්ද කොට්ටාශ වල නියෝජිතයෝ ශී‍්‍ර ලංකාවට එරෙහිව අදහස් දැක්වූහ.ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය, විදේශ කටයුතු, හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල භාර ඇමැති හියුගෝ ස්වයර්ය.චෝදනා විමර්ෂණය කිරීම අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයන් යටතේ සිදුවිය යුතු බව බි‍්‍රතාන්‍යය රජය නැවත නැවතත් පෙන්වාදී ඇතැයි කියා සිටි ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ යෝජනාවලිය ඒ අයුරින්ම කි‍්‍රයාත්මක විය යුතුව තිබෙන බව පසුගියදා පැවැති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදීද අවධාරණය කළ බව පැවසුවේය. පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ශී‍්‍ර ලංකා රජයේ ස්ථාවරය ගැන වැඩි කලබලයක් විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයින් අතර නැත.ඒ කෙසේවුවත් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සහ තවත් දේශකයින් කිහිපදෙනෙක්ම තම තමන්ගේ දේශන අතරතුරදී විදෙස් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ස්ථාවරය ගැන දැඩිව අදහස් දැක්වූහ.යෝජිත යුද අපරාධ චෝදනා විමර්ෂණ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමට බලයක් ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ට ඇතිදැයි යන්න පවා ගැටලූවකි.නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කළහොත් තත්ත්වය වෙනස් වීමට ඉඩ ඇති බවට මත පලව තිබේ.නමුත් ඇතැමුන් පවසන්නේ ජනපතිවරයා වෙනස්්වුවද ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් නොවනු ඇති බවය. එළැඹෙන අගහරුවාදා ආරම්භ වන දකුණු හා මධ්‍යම ආසියා කලාප භාර ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල්ගේ ශී‍්‍ර ලංකා සංචාරයේදී යෝජනාවලිය කි‍්‍රයාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයට අනාවරණය වනු ඇත.බිස්වාල්ගේ සංචාරයෙන් පසු රුසියා විදේශ ඇමැති සර්ගෙයි ලාව්රොව් මෙරටට පැමිණීමට නියමිත අතර, ද්විපාර්ශවික සාකච්ඡුා වලට අමතරව කොළඹ බුලර්ස් පාරේ අභිනවයෙන් ඉදිකෙරුණු රුසියා තානාපති කාර්යාලය ඔහුගේ අතින් විවෘත කිරීමටද සැළසුම් කර ඇත.අතීතයේ කොළඹ සෝවියට් තානාපති කාර්යාලයේද සේවය කර තිබෙන ඔහු සිංහල බස හැසිරවීමේද සමතෙකි.අනතුරුව ජපාන ආරක්ෂක ඇමැති ජෙනරල් නකටානිද, කැනඩා විදේශ කටයුතු ඇමැතිනී ස්ටෙෆනී ඩියෝන්ද, දිවයිනට පැමිණීමට නියමිතය.සාමාන්‍යයෙන් වසරකට රාජ්‍ය තාන්ති‍්‍රක සංචාර දෙකක් හෝ තුනක් සංවිධානය කරන විදේශ කටයුතු අමාත්‍යංශයට මේ සා රාජ්‍ය තාන්ති‍්‍රකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව තිබීම හමුවේ පැවරී තිබෙන්නේ සුවිශාල වගකීමකි. විදේශ කටයුතු අමාත්‍යංශය අපේක්ෂා නොකළ අයුරින් චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී මෙරට සංචාරයකට පැමිණීමට අපේක්ෂා කරන බව දැක්වූයේය.එක්සත් ජාතික පෙරමුණු රජය රට භාරගැනීමෙන් පසු දිවයිනට පැමිණෙන ඉහළම පෙළේ චීන රාජ්‍ය තාන්ති‍්‍රකයා ඔහු වූ අතර ඔහුගේ සංචාරයේ අරමුණ කුමක්දැයි පැනයන් මතුවිය.විදේශ කටයුතු ඇමැති සමරවීර හා යී අතර පැවැති සාකච්ඡුා වලින් අනාවරණය වූ පරිදි ඔහුගේ අරමුණ වී ඇත්තේ දෙරට අතර ද්විපාර්ශවික ගැටලූ කිහිපයක් පිළිබද සාකච්ඡුා කිරීම සහ චීනයේ ආධාර මත මෙරට කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති වල ප‍්‍රගතිය අධ්‍යනය කිරීමය.මහින්ද රාජපක්ෂ සමයේ කි‍්‍රයාත්මක වෙමින් තිබී, පසුව නව රජය බලයට පත්වූ පසු තාවකාලිකව නතර කෙරුණු ව්‍යාපෘති නැවත බලගන්වා ඇතැයිද ඔහු සොයාබලා තිබේ.දෙදෙන අතර පැවති සාකච්ඡුා වලදී දකුණු චීන මුහුද අරබයා දීර්ඝ කාලයක් මුලූල්ලේ චීනය හා පිලිපීනය අතර පවතින ගැටලූ සම්බන්ධයෙන්ද යී අදහස් පලකර ඇත. අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇමැති දෙදෙන අතර සාකච්ඡුා වූ කරුණු අනාවරණය කැරිණ.යී චීන බසින් පලකළ අදහස් පරිවර්තනය කිරීමේ යෙදුණු කාන්තාව, චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙන බව කීවාය.වහා ඇයව නිවැරදි කළ යී පැවසුවේ චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙනවා ලෙස නොව බීජිං ස්ථාවරය, ශී‍්‍ර ලංකාව වටහාගෙන සිටින බව පවසන ලෙසටය.ඇත්ත වශයෙන්ම දෙදෙන අතර පැවති සාකච්ඡුාවේදී සමරවීර පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අදහස වන්නේ චීන මුහුදේ ගැටලූව සාකච්ඡුා මාර්ගයෙන් විසදා ගැනීම සුදුසු බවය.දිවයිනෙන් පිටත් වීමට ප‍්‍රථම චීන විදේශ ඇමැතිවරයා කැලණිය රජමහා විහාරයටද පැමිණියේය. රජයේ එක්සත් ජාතික පාර්ශවය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය පොදු ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා පිහිටුවාගෙන තිබෙන ඒකාබන්ධ අමාත්‍ය කවුන්සිලයේ හමුවක් පසුගියදා පැවැත්විණ.එහිදී නව මැතිවරණ ක‍්‍රමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුා කෙරුණු අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ අදහස වූයේ ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස නව මැතිවරණ ක‍්‍රමය හදුන්වාදිය යුතුව තිබෙන බවයි.නමුත් මෙයට ප‍්‍රතිවිරුද්ධව අදහස් දැක්වූ එක්සත් ජාතික පාර්ශවය කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව පදනම් වන කරුණු තුන අතරට නව මැතිවරණ ක‍්‍රමයද ඇතුළත් වන බවය.බලය බෙදීම, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාව පදනම් වන අනෙක් කරුණුය.පළාත් පාලන ඒකකයන්හි පරිපාලන කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි සම්බන්ධයෙන්ද සාකච්ඡුා පැවැත්වුණු අතර එම කටයුතු වල වැඩි බර තමන්ට හිමිවිය යුතුයැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය යෝජනා කළේය. ඒකාබද්ධ කවුන්සිලය හමුවේ මෙම කරුණු සාකච්ඡුාවට බදුන්වූයේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වල නියැලී සිටින මෙහෙයුම් කමිටුව පළාත් පාලන මහ ඇමැතිවරුන්ගේ අදහස් ලබාගැනීමෙන් පසුවය.අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතව සිටින උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් වෙනුවට මෙහෙයුම් කමිටුව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණ සිටියේ උතුරු පළාත් විපක්ෂ නායක එස්.තවරාසා සහ පළාත් අධ්‍යාපන ඇමැති තම්බියරාජා ගුරුකුලරාජා යන මහත්වරුන්ය. නව ව්‍යවස්ථාව වෙනුවෙන් උතුරු පළාත් සභාවේ යෝජනා සම්බන්ධව ඔවුහු අදහස් පලකළහ.සභාවේ සියලූමදෙනාගේ එකගත්වයෙන් හිමිවූ යෝජනා මාලාවක් මිීට පෙර අවස්ථාවකදී අගමැති වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ට භාරදීමට ඔවුහු කටයුතු කර තිබිණ. උතුරු පළාත් සභාවේ යෝජනාව වන්නේ උතුර හා නැගෙනහිර පළාත් ෆෙඩරල් ව්‍යුහයක් යටතේ එක් පළාතක් ලෙස සැළකීම බව තවරාසා පැවසුවේය.නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙස් වලට අසාධාරණයක් නොවන පිරිදි කටයුතු කිරීමටද ෆෙඩරල් ව්‍යුහයක් යටතේ අවස්ථාව තිබෙන බවද ඔහු පෙන්වාදුන්නේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුකම් පෙන්වා දෙමින් සිටි අවස්ථාවේදී තවරාසාට බාධා කළ බස්නාහිර පළාත් සහ මෙගාපොලිස් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,අපිටයි 13 න් වැදුණේ, යැයි කීවේය.ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය බවත්, පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස්, අදහස් වලටම පමණක් සීමාවන බවත් ඊට පිළිතුරු ලෙස තවරාසා පැවසුවේය.  අගමැති වික‍්‍රමසිංහටද පසුගිය සතිය කාර්යබහුල විය.එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය හමුවක් කැදවූ ඔහු පක්ෂය ඉදිරියට ගෙනයාමට ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළේය.ඒ සදහා ඉදිරි පත්වූ යෝජනා කිහිපයක්ද අවධානයට බදුන්වූ අතර, අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අනාගත දැක්ම සහ වැඩසටහන් පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට පස් සාමාජික කමිටුවක් පත් කැරිණ.එක්සත් ජාතික පාර්ලිමෙන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට දැන් සිටම සූදානම් වන ලෙස වික‍්‍රමසිංහ ඔවුන්ට දැනුම්දුන්නේය.පාර්ලිමෙන්තු කණ්ඩායමෙන් නැගුණු ගැටලූ රැුසකට පිළිතුරු ලබාදීමටද ඔහු කාලය වැය කළේය. ජූනි මස 26 වැනිදා මෙම තීරුවේ සදහන් වූ අගයන් ටි‍්‍රලියන නොව බිලියන විය යුතු බව මුදල් ඇමැතිවරයා සන්ඬේ ටයිම්ස් වෙත දැනුම් දුන්නේය.නියම අගය මේ දිනවල ගණනය කෙරෙමින් පවතින බවත් ඔහු කීවේය. විරෝධතා හරහා ඇතැම් කරුණු සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානය යොමුව ඇතත් වංචා, දුූෂණ විමර්ෂන තවමත් සිදුවන්නේ ගොලූබෙලි ගමනින්ය.නුදුරේදීම මෙයට එරෙහිවද ජනතාව අතරින් විරෝධයක් මතුවනු ඇත.එදා දුන් පොරොන්දු අනුව වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒම රජය සතු යුතුකමකි.ප‍්‍රමාදය හමුවේ ජනතාවට රජය ගැන ඇති විශ්වසනීයත්වය ක‍්‍රමයෙන් හීන වෙමින් පවතින බව සදහන් කිරීමේ වරදක් නැත.
ණය දුක අර්ජුන නීතිපති සමඟ පැටලෙද්දී අමුණුගම එක්කත් ‘ආරාවුලක්‘
0
(නාලක සංජීව දහනායක, මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල යැපෙන්නන්ට මාසික වැටුප හා විශ්‍රාම වැටුප දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (8) දඹුල්ල නගරයේදී පැවැසීය.තම රජය රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැප වී ක්‍රියාකරන බව ද ඔහු කීය.දඹුල්ල, ගම් උදා ක්‍රීඩාංගණයේදී ඉකුත්දා (8) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව කීය. දඹුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් රැලිය සංවිධානය කර තිබිණි.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීවේය.ත්‍රස්තවාදය අවසන් කර නැවත මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවීමට ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදුවා. ඒ නිසා අපේ කාලයේදී මේ රටේ කිසිම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව අප රටට සංවර්ධන යුගය උදා කළා. නමුත් වත්මන් රජය අප විසින් ක්‍රියාත්මක කළ ආරක්ෂක සැලසුම් ඉවත් කළා. රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාමට විදේශීය රටවල් සමග එක්වී කටයුතු කළා. රණවිරුවන් සිරගත කරලා ඔවුන්ගේ මානසිකත්වය කඩා දැම්මා.විදේශීය බලපෑම්වලට හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවන් වෙනුවෙන් ක්‍රියාකරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දී ක්‍රියා කළේ නැහැ.ජාතීන් අතර අවිස්වාසයක් ඇතිවී ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයක් නිර්මාණය වූයේ රජයේ දුර්වලතාවන් නිසයි.විශේෂයෙන්ම යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් හා යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් හා මාසික වැටුප දිගටම ලබාදීමට අපගේ රජය ක්‍රියා කරනවා.අපි පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. අවුරුදු හතරක් පුරා විද්වතුන්, ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන්ගේ අදහස් ලබාගෙන එය සකස් කළා. එය ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක්. මාගේ ධුර කාලයේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලුම පොරොන්දු ඉටු කරනවා. මහින්ද රාජපක්ෂ රජය කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දුන්නා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දී තිබෙනවා.වත්මන් රජය ගොවියා ගැන අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසා වැවිලිකරුවන්ට ආදායම් නැති වෙලා.අපගේ රජයක් යටතේදී රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමට ගොවියාට නොමිලයේ පොහොර සහනාධාරය ලබා දෙනවා. එමෙන්ම සියලුම ගොවි ණය කපා හරිනවා. ගොවි රක්ෂණය හා ගොවි විශ්‍රාම වැටුප හඳුන්වා දෙනවා.අඩු වියදමකින් වැඩි ආදායමක් ලබාගැනීමට හැකි බීජ වර්ග ජල කළමනාකරණය හා නව තාක්ෂණය ගොවියාට හඳුන්වා දෙනවා.දඹුල්ලේ වැඩිපුරම ඉන්නේ ලූනු ගොවීන්. වත්මන් රජය පිටරටින් ලූනු ගෙන්වීම නිසා දැන් ගොවීන් ලූනු වගාකරන්නේ නැහැ. නමුත් අපගේ රජය වීවලට මෙන්ම අල හා ලූනු අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙනවා.ගොවියා ව්‍යවසායකයකු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. කොමඩුවලින් පැණි හදන්න, තක්කාලිවලින් සෝස් හදන්න ගොවීන් පොළඹවනවා. මේ මඟින් අප බලාපොරොත්තු වන්නේ දේශීය ගොවියා නගාසිටුවීමටයි.පිටරටින් බාල තේ, කුරුඳු, ගම්මිරිස් මෙරටට ගෙන්වා නැවත ප්‍රති අපනයනය කිරීම නිසා එම වගාවන් කඩා වැටිලා. ඒවා නතර කරනවා. ගුණාත්මක හා උසස් අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් බලයට පත් වූ මුල් වසරේ සිටම දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.දීර්ඝකාලීන අධ්‍යාපන සැලසුම් අනුව 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වාත් දරුවන්ට වෘත්තීය දැනුමක් ලබාදෙනවා. විශේෂයෙන්ම එම ශ්‍රේණිවල දරුවන්ට ඉංග්‍රීසි හා ගණිතය දැනුම ලබාදෙන්නටත් ක්‍රියා කරනවා. කෙටි කාලීන සැලසුම් අනුව උසස් පෙළ සමත් සෑම දරුවකුටම විශ්වවිද්‍යාල උපාධිය ලබාගත හැකි ක්‍රමයන් සකසනවා.කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට තොරතුරු තාක්ෂණය මූලික කරගත් පාඨමාලා හඳුන්වා දෙනවා. ඒ අනුව ඉතාම කෙටි කාලයකින් ඔවුන්ට හොඳ රැකියා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම කලා අංශය සඳහාත් තොරතුරු තාක්ෂණය විෂයන් හඳුන්වා දෙනවා.ඉන්දියාවේ සිට චීනය දක්වා විශාල මධ්‍යම පාංතියක් සිටිනවා. අද ලෝකය පුරාම සංචාරය කරන්නේ ඔවුන්. ඔවුන්ව අප රටට ගෙන්වා ගැනීමට අප පහසුකම් සලසනවා. සංචාරකයන් ලක්ෂ හතක් මෙරටට ගෙන්වා ඉතාම කෙටි කලකින් ඇමරිකානු ඩොලර් බිලියන හතක ආදායමක් ලබා ගැනීමට අප අදහස් කරනවා.සමෘද්ධිය ලබන ආබාධිත අයට හා දුප්පත් අයට නොමිලයේ පෝෂණ මල්ලක් ලබාදෙනවා. ජලය හා විදුලියට පනවා තිබෙන බදු අඩු කරලා අනෙකුත් ක්‍ෂේත්‍රවලටත් සහන ලබාදෙනවා.එමෙන්ම රාජ්‍ය සේවයේ ඇබෑර්තු පුරවනවා. ඊට අමතරව නිපුණත්වයක් අවශ්‍ය නොවන රජයේ රැකියාවන් සඳහා දුප්පත් පවුල්වල සාමාජිකයන් බඳවා ගන්නවා.රට සංවර්ධනය කරන්නත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ආර්ථිකය ගොඩනැගීමටත් අපට පැහැදිලි දැක්මක් වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ නිසා ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. මම ඔබ බලාපොරොත්තු වන ආරක්ෂාකාරී රට, ආර්ථික සංවර්ධනයක් රටට ලබාදෙන බව ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.දේශීය ගොවියා සම්පූර්ණයෙන්ම බිමට ඇදලා දැම්මේ මේ ආණ්ඩුවයි. අපගේ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් සුවිශේෂි අවධානයක් යොමු කරනවා. අපේ කාලයේදී මේ රට සහලින් ස්වයංපෝෂිත කළා. ඒක කොච්චරද කියනවා නම් මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කරන තරමට මේ රටේ වී ගබඩා පිරිලා තිබුණා.ගුවන්තොටුපළ වී ගබඩා කළ ලෝකයේ එකම ආණ්ඩුව වත්මන් රනිල් - සජිත් ආණ්ඩුවයි.මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ නඩු පැවරිය හැකි බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. තවම ඒ වාර්තාව එළියට දාලා නැහැ.දඹුල්ල සංවර්ධනය වුණේ අපේ කාලයේදීයි. අපි දඹුල්ලට හැදූ අධිවේගී මාර්ගය අද නතර වෙලා. අපි සිටියා නම් ඒ මාර්ගය දඹුල්ල පහුකරලා මේ වෙනකොට පොලොන්නරුව පැත්තට ගිහිල්ලා.රට පාවාදෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් කරන බව ආණ්ඩුව කියනවා. ඒ ගිවිසුම අත්සන් කළොත් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික කොරිඩෝවක් හැදෙනවා. අපේ රටේ ඉඩම්වල අයිතිය පිටරටට යනවා. ජනාධිපතිවරණයක් පැවැත්වෙන පසුබිමකදී හා මහා මැතිවරණයට මාස තුනක් තියෙන වෙලාවකදී අත්සන් කරන ගිවිසුම් අපි පිළිගන්නේ නැහැ.මේ මොහොතේදී මොන දේශපාලන කඳවුරේ හිටියත් තමන් ගැන නෙවෙයි රට ගැන හිතල කතා කරන්න ජනතාව සූදානම්. වසන්ත සේනානායක ඇමැතිතුමා අපේ වේදිකාවට ආවා. තවත් කට්ටිය මඟ එනවා. ඒ සාකච්ඡා පැවැත්වෙනවා යැයිද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.රට, ජාතිය, ආගම බේරාගත හැකි අන්තවාදීන්ට ඉඩ නොදෙන නායකත්වයක් මේ මව්පොළොව ඉල්ලනවා. කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගත හැකි නායකත්වයේ පිපාසාවකින් මව්පොළොව පෙළෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂට පමණයි.පරාජය පෙනි පෙනී සජිත්ලා ගෝඨාභයට මඩ ගහනවා. හෙට අනිද්දාට සහරාන්ගේ බිරිඳ මාධ්‍ය ඉදිරියට ගෙනත් සහරාන් හා ගෝඨාභය අතර සම්බන්ධකමක් තිබූ බව ප්‍රකාශ කරවීමට උත්සාහ ගන්නවා. රාජිත, මංගල, සහරාන්ගේ නෝනා කොළඹට ගෙනත් මාධ්‍ය හමුවට ඇය සූදානම් කරවනවා.පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය පිළිගෙන ඉවරයි. රාජිත, චම්පික ඇතුළු මැති ඇමැතිවරුන් දැනටමත් අමාත්‍යංශවල බඩු භාණ්ඩ අයින් කරනවා.තමන් ජනාධිපති වී පිරිසුදු ආණ්ඩුවක් හදන බව සජිත් කියනවා. බැඳුම්කර හොරු, අන්තවාදීන්, කැලෑ හොරුන් ඔක්කොම ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉරහඳ හැරුණුකොට අනිත් සේරම දෙන්න පොරොන්දු වෙනවා. ප්‍රබල ඇමැතිවරයෙක්ව සිට කිසිම වැඩක් නොකළ කෙනෙක් ජනාධිපති වී වැඩ කරන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප.) අතුරලියේ රතන හිමියෝ මෙසේ පැවැසූහ.රට භයානක අර්බුදයකට මුහුණ දී සිටිනවා. 2015 දී අප ජනාධිපති තනතුරට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කළත් ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. මේ ආණ්ඩුව ඉදිරි දින කිහිපයේදී මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරලා රටට කළ හැකි ලොකුම හතුරුකම කරන්න සූදානම් වෙනවා.මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේ පැවැසීය.මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර හදන්න අපි හුඟාක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් ලේ, කඳුළු, දහඩිය හෙළන්න වුණා. අද ඒ කඳවුරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්නව දැක්කම මට හුඟක් සතුටුයි.දඹුල්ලේ දරුවන්ට ටැබ්, තට්ටු ගොඩනැගිලි දෙන්න කලින් ගණිත, විද්‍යා, ඉංග්‍රීසි ගුරුවරු දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. එමෙන්ම දඹුල්ලේ ගොවි ජනතාව වෙනුවෙන් නියමිත වෙලාවට වතුර ටික, බීජ, අස්වැන්නට නියමිත මිලක් ලබා දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. ඔබගේ රජයක් යටතේ මේ කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා යැයිද ඔහු කීය.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
1
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු  ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි  විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්‍ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්‍ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්‍ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්‍ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්‍ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්‍ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්‍ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක්  වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්‍ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්‍ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්‍ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්‍ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්‍ෂේත්‍රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්‍ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්‍ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්‍ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්‍ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්‍ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර  මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම  ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. 
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
0
(නාලක සංජීව දහනායක)තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ ප්‍රායෝගික පොරොන්දුයි. මාගේ ධුර කාලය ඇතුළතදී ඒ සියල්ලම ඉටු කරනවා.එමෙන්ම අපගේ පාලන කාලයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කරනවා. යුද්ධය නිම වූ පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කළා.නමුත් විදේශීය බලවේගවල අවශ්‍යතාවයන් හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවධානයක් යොමු කළේ නැහැ.රටට එල්ල වන සතුරු තර්ජන ගැන රජයට දැනුම් දෙන්නේ බුද්ධි අංශයි. මේ රජය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන විට යුද මානසිකත්වය නැවත ඇති කිරීමට කටයුතු කරන බව කියමින් ඔවුන්ට කතා කරන්න දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම හැඟීමක් නැතිව කටයුතු කළ නිසා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා.නමුත් අපගේ රජය බුද්ධි අංශ නිලධාරීන්ට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සලසා දෙනවා. අපි යුද්ධය නිමකර රටේ යටිතල පහසුකම් දියුණු කළා. රටට සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. අප විසින් ආරම්භ කළ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ඉදිකිරීම වැනි ව්‍යාපෘති මේ රජය අතරමග නතර කළා. සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම නිසා ලක්ෂ හතරකට පමණ පිරිසකට රැකියා අහිමි වුණා. ඔවුන් එලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක් කිරීමටයි.එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. වගා ණය කපා දමා ගොවි විශ්‍රාම වැටුප රක්ෂණ ක්‍රමය ලබා දෙනවා. ගොවියා දුප්පත්කමින් ඉහළට ගෙන ඒමට අප සැලසුම් සකසා තිබෙනවා.රටට ප්‍රධානතම වශයෙන් විදේශ විනිමය ලැබුණේ වැවිලි කර්මාන්තයෙනුයි. නමුත් බාල තේ සමග කළවම් කර මෙරට තේ පිටරට යැවීම නිසා තේ කර්මාන්තය කඩා වැටිලා. ගුණාත්මක තේ පමණක් පිටරට යවා නැවත විදේශ වෙළෙඳපොළ ලබාගන්න අපගේ රජය කටයුතු කරනවා.එමෙන්ම පොල් කර්මාන්තය හා රබර් කර්මාන්තය සංවර්ධනය කරන්න අපට සැලසුම් තිබෙනවා. මම ගිය දිස්ත්‍රික්ක නවයකම ප්‍රධානතම වැවිලි භෝගය බවට පත්ව තිබුණේ ගම්මිරිස් වගාවයි. නමුත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් බාල ගම්මිරිස් පිටරට යැවීම නිසා අද වන විට ගම්මිරිස් වගාව කඩාවැටිලා.ආසියාවේ රටවල් සංවර්ධනය උදාකරගෙන තිබෙන්නේ තාක්ෂණයේ දියුණුවෙනුයි. අපගේ තරුණ පරපුර තාක්ෂණයට යොමු කළ යුතුයි. මාස 6ක් වැනි කෙටි කාලයකින් එම පුහුණුව ලබා දීමෙන් රටට ව්‍යවසායකයන් බිහි කර ගත හැකියි. රැකියා ලබාගත හැකියි.තොරතුරු තාක්ෂණය කලා අංශයේ සිසුන්ටත් ලබා දෙන්න කටයුතු කරනවා. රජය පුද්ගලික අංශය සමග එකතු වී ඒ වෙනුවෙන් කටයුතු කරනවා.ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. ඉංජිනේරු පීඨයක් අප කැලණිය විශ්වවිද්‍යාලයට ලබා දෙනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න අපගේ රජය කටයුතු කරනවා.ලෝකයත් සමග ඉදිරියට යන්න නිපුණත්වයක් අවශ්‍යයි. නිපුණත්වයක් සහිත තරුණයන් වෙනුවෙන් ලෝකයේ ඕනෑතරම් රැකියා තිබෙනවා. ජර්මනියේ පමණක් ලක්ෂ 2ක හෙද පුරප්පාඩුවක් තිබෙනවා. අපගේ හෙද විද්‍යාලයෙන් උපාධි ලබා දෙන මට්ටමට දියුණු කිරීමෙන් අපට ඒ අවස්ථාවන් ලබා ගත හැකියි.එමෙන්ම විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් වෙනුවෙන් අප ක්‍රියා කරනවා. ඉංග්‍රීසි හා ගණිතය විෂය හැම දරුවකුටම ලබාදීමට කටයුතු කරනවා.එමෙන්ම ජීවන වියදම දරාගත නොහැකි පවුල් වෙනුවෙන් සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් විදුලිය, ජල, ගෑස් සඳහා සහන ලබා දෙනවා. නිවාස නොමැති රණවිරුවන්ට, අඩු ආදායම්ලාභීන්ට පැල්පත්වාසීන්ට නිවාස ලබා දෙනවා.අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ සෑම ක්ෂේත්‍රයක් ගැනම දැඩි අවධානයක් යොමු කරලයි. ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. මම ඔබට අභිමානයෙන් පත්විය හැකි ආරක්ෂිත රටක් ලබාදීමේ අභියෝගය භාරගන්නවා යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.රටේ වෙන්නේ මොනවද කියල අවබෝධයක් තියෙන ගම්පහ ජනතාවට මම අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.චන්ද්‍රිකා මැතිනිය ප්‍රභාකරන්ට කතා කරන්නේ සර් කියලා. ඒ කතාව අද වීරකේසරී පුවත්පතේ දාල තියෙනවා. මිනීමරු නායකයෙක් වෙනුවෙන් එහෙම කතා කරන්නේ කොහොමද?ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ සැලැස්ම රටට කියනවා. ඔහුට රට ගොඩගන්න ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස වේදිකාවේ මොනවද කියන්නේ. ඔහු කියන කතා මටත් වඩා හොඳට ඔබ දන්නවා.සජිත් ප්‍රේමදාස දැනටමත් පරාජය බාරගෙන. ඒ නිසා කිසිම හරයක් නැති කතා කියනවා. මේක ජනාධිපතිවරණයක් මිස කවටයෙක් තෝරා ගන්න මැතිවරණයක් නොවෙයි.පොකට් ගහන කෙනා අනුන්ට හොරා කියනවා. මේ ආණ්ඩුවත් බලය අරගෙන කළේ ඒකමයි. රටේ මහ බැංකුව හොරා කාපු ලෝකයේ එකම ආණ්ඩුව මේකයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනා අපගේ රජයන් යටතේ නීතිය ඉදිරියට ගේනවා.අපි රටට ජාතික සම්පත් එකතු කළා. රජය අරගෙන අපි රටට සම්පත් එකතු කළා. අපි හදපු වරාය, ගුවන්තොටුපොළ කිසිම හැඟීමක් නැති විදියට විකුණලා දැම්මා.මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා සිදුවූ අලාභය ගැන මේ ආණ්ඩුව පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ අයටත් අපගේ රජයන් යටතේ දඬුවම් ලබා දෙනවා.එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල එකිනෙකට පරස්පර කතා සඳහන් කරලා නැහැ. නමුත් සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පිටපතේ ඒකීය රටක් ගැන සඳහන් කරලා, දෙමළ පිටපතේ එක්සත් රාජ්‍ය සංකල්පය ගැන  සඳහන් කරලා තියෙනවා. මේ රවට්ටන්න හදන්නේ කවුද?එදා ප්‍රභාකරන් ඉල්ලපු දේ සජිත් ප්‍රේමදාස ලවා අරන් දෙන්න අද චන්ද්‍රිකාත් එකතු වෙලා ඉන්නවා.එමෙන්ම නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙන්න පියවර ගන්නවා යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.ඉදිරි දින කිහිපයේදී ජනතාව නොමග යැවීමට විවිධ බොරු ප්‍රචාරය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව මොන බොරු කියුවත් ඒ ගෝඨාභයගේ ජයග්‍රහණය සක්කරයටවත් වළක්වන්න බැහැ.මේ ජනාධිපතිවරණය පක්ෂ අතර සටනක් නොවෙයි. ස්වදේශිකයාගේ ජයග්‍රහණය ලබන දිනය නොවැම්බර් 16 වැනිදායි. මේ රට දැන් අපේ රටේ නැහැ.  රටේ ඉඩම් අක්කර තිස් ලක්ෂයක් කොල්ල කන්න බලාගෙන ඉන්න රැල එළවිය යුතුමයි.ඇක්සා ගිවිසුමට අනුව හදිසි අවශ්‍යතාවකදී අප රටට ඇමරිකානු හමුදාවට අපේ රටට ගොඩබහින්න පුළුවන්ය කියන වගන්තිය ඇතුළත් කළා. ඒ හදිසි තත්ත්වය නිර්මාණය කරන්නයි පාස්කු ඉරු දින සහරාන් ලවා බෝම්බ පුපුරුවා හැරියේ.පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මීගමුවේදී සමාව ඉල්ලනවා. ඒ අපරාධකරුවන් සියලුම දෙනා එකට තියල බැඳල දාන්න ජනතාව මග බලාගෙන ඉන්නවා.බටහිර ගැති, පරගැති, රූකඩ පාලනය මේ මවු බිමෙන් පලවාහැරිය යුතුයි. මේ පාලකයන් තවදුරටත් තියාගන්නවාද කියලා ඔබ නොවැම්බර් 16 වැනිදා තීරණය කළ යුතුයි.  පාස්කු ප්‍රහාරයේ වාඩුව ගන්නා දිනය එදායි.දුප්පත් ජනතාව ගැන කතා කරන සජිත් පසුගිය අවුරුදු හතර හමාරටම අමාත්‍යාංශයේ මහජන දිනයට අමාත්‍යාංශයට ගිහිල්ලා නැහැ. තමන්ගේ සහෝදර මන්ත්‍රී කෙනකුගේ ගෙදරින් තේ උගුරක් බොන්නේ නැති සජිත් වැඩිපුරම ඉන්නේ යාල කැලෙයි.මව් රට තමන්ගේ ඇහැ වගේ ආරක්ෂා කරන නායකයෙක් අද මේ රට බලාපොරොත්තු වෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ  ගෝඨාභය  රාජපක්ෂටයි.ගෝඨාභය  රාජපක්ෂ අතීතය කාල්ගාන්නෙත් නැහැ. අනාගතයට දොස් පවරන්නෙත් නැහැ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරල නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැක්කේ ඔහුටයි.සජිත්ට ඒ හැකියාව නැහැ. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලුවාට සහරාන්ලා හදපු රිෂාඞ්, හකීම් ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි. අන්තවාදීන් හුරතල් කළ අය එක්ක ඉන්න සජිත්ට අන්තවාදය නැතිකරන්න බැහැ.සිංහලයා පරාජය කළ හැක්කේ හංසයාට කතිරය ගැසුවොත් පමණක් බව සුමන්දිරන් කියනව. අපි දෙමළ ජනතාව පරාජය කරන්න මේ වේදිකාවේ කතා කරන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ නායකත්වයෙන් යුත් රජයකට පමණයි.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් ප්‍රේමදාසගේ වේදිකාවල ප්‍රබල ඇමැතිවරුන් නැහැ. ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් විතරයි. ඇමැතිවරුන් දැන් අමාත්‍යංශවල බඩු පැක් කරනවා ගෙදර යන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) අතුරලියේ රතන හිමියෝ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුද මෙහිදී කතා කළහ.වසන්ත සේනානායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, නිමල් ලංසා, ඩුලිප් විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“රණවිරු සුබසාධනය වෙනුවෙන් කැපවී වැඩකරනවා“
0
පරිවර්තනය  - කෝවිද ගුණසේකරසන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනිමෙම ලිපියේ ‘‘හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල් භාවිත කර නීති විරෝධී අයුරින් මිලයට ගෙන තිබෙන දේපළ සම්බන්ධයෙන් වන විමර්ශනය‘‘ යනුවෙන් නිවැරදි විය යුතුය. මේ සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නම ඇතුළත්වූයේ ප්‍රමාද දෝෂයකිනි. ඒ පිළිබඳව මහින්ද අමරවීර ඇමැතිවරයාට අපෙග් කනගාටුව පළ කරමු.පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා කැබිනට් මණ්ඩල හමුවේ දී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ නැවත වතාවක් සාකච්ඡා කැරිණ. එම කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට එම සාකච්ඡා අවසානයේ දී තීරණය විය. පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ ප්‍රධාන මාතෘකාව වූයේ ද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වුවත් එක්සත් ජාතික පක්ෂය හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ගනුදෙනුවක් ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කිරීම හමුවේ එම සාකච්ඡාව වෙනතක යොමුවිය.එතැනින් නොනැවතුනු ඔහු මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නැගී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සිතාමතාම ප්‍රමාද කරමින් සිටින්නේ යැයි ද ඔහු කීවේ ය.පසුගිය සතියේ මෙන් මෙම සතියේ ද කැබිනට් මණ්ඩලයේ පැවැතියේ නොසන්සුන්කාරී වාතාවරණයකි. අගමැතිවරයාගේ අදහස වූයේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ ධුර කාලය දීර්ඝ කිරීම සුදුසු බවය. පසුගිය කැබිනට් මණ්ඩල හමුවේ දී ඔහු ඒ සම්බන්ධයෙන් වූ ලියැවිල්ලක් ද ඉදිරිපත් කළේ ය. කමිටු ලේකම් කාර්යාලයේ ධුර කාලය දීර්ඝ කිරීම අරභයා කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් “සුදුසු තීරණයක්“ බලාපොරොත්තු වන බව එහි සඳහන් විය.එකඟතාවයක් ඇති කරගැනීමේ අරමුණින් අගමැති වික්‍රමසිංහ එක් අවස්ථාවක දී කියා සිටියේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තමන් යටතට ගත හැකි බවය. එහෙත් ජනපති සිරිසේන එය ප්‍රතික්ෂේප කළේ ය.ලේකම් කාර්යාලයේ ධුර කාලය පසුගිය ජූනි මස 30 වැනිදායින් අවසන් වූ අතර, ඒ දක්වා එම කාර්යාලයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් සීමාසහිත වගකීමක් අගමැති ලේකම් කාර්යාලය ද සතුව පැවැතින. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සේවය කළවුන්ට වැටුප් ගෙවීම සිදුවූයේ එම පුද්ගලයින් මින් පෙර සේවය කරමින් සිටි දෙපාර්තමේන්තුවලින් වුව ද, අගමැති ලේකම් කාර්යාලය මැදිහත්ව අවදානම භාර ගැනීමේ දීමනාවක් ලෙස, එම පුද්ගලයින්ට හිමි වූ අමතර දීමනාවලින් හරි අඩක්ම ගෙවීමට කටයුතු සලස්වා තිබිණ.එයට අමතරව කාර්යාලයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බඳවාගෙන සිටින විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන්ට ද ගෙවීම් සිදුකළේ අගමැති ලේකම් කාර්යාලය මැදිහත්වය. එහෙත් මාස කිහිපයක සිට අගමැති ලේකම් කාර්යාලය සහ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අතර සබඳතා ක්‍රමයෙන් බිඳවැටෙමින් පැවැති තත්ත්වයක් හඳුනාගත හැකි විය. පරීක්ෂණයක් පවත්වන ලෙස දූෂණ මර්දන ලේකම් කාර්යාලය, පොලිස්පතිවරයාට යොමුකරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් අගමැති ලේකම් කාර්යාලයේ එක්තරා නිලධරයකු අනවශ්‍ය අතපෙවීමක් සිදුකිරීම එයට හේතුව බව පැවැසින.දූෂණ මර්දන ලේකම් කාර්යාලය අගමැතිවරයා යටතට ගෙන ඒමට අකැමැත්ත ප්‍රකාශ කරමින් ජනපති සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ එසේ කළහොත් තවදුරටත් චෝදනාවලට මුහුණදීමට අගමැතිවරයාට සිදුවනු ඇති බවය. මහජන පැමිණිලි භාර ගැනීමට සහ ඒවා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට හැකියාව ඇති ස්වාධීන රාජ්‍ය ආයතන කිහිපයක්ම පවතින හෙයින් මෙවැනි කාර්යාලයක් තවදුරටත් අවශ්‍ය නොවන බව ඔහුගේ අදහස විය. සිදුවීම් එකක්, දෙකක් තෝරාගැනීම හැරෙන්නට වෙනත් කිසිවක් දූෂණ මර්දන ලේකම් කාර්යාලය සිදුකර නොමැති බවට ද ජනපතිවරයා චෝදනා කළේ ය.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දක්වමින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එකවර වසා දමනවාට වඩා ක්‍රමානුකූලව එහි කාර්යයන් සීමා කිරීම වඩා සුදුසු බව පැවසුවේ ය. එසේ කළහොත් චෝදනා නැගීමට හෝ විවේචනය කිරීමට හෝ කිසිවෙකුටත් අවස්ථාව නොලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද විදේශ අමාත්‍යවරයා සමග එකඟ විය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, තමා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරයා සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන පිළිබඳ සොයා බැලූ බව ද, එම විමර්ශනවලට අදාළ චෝදනා ගොනුකර ඇත්තේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය නොව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යැයි එහිදී සොයාගැනීමට හැකි වූ බව ද, කියා සිටියේ ය. සුනාමි සමයේ විදේශයකින් ලැබුණු විශේෂ රථයක් අවභාවිත කළේ යැයි ෆවුසිට ද, තමන් හෙබවූ අමාත්‍යංශයේ රැකියාවක් තම දියණියට ලබාදුන්නේ යැයි ජයරත්නට ද, චෝදනා නැගී තිබේ. මෙම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දෙදෙනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති සිරිසේන පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ දී පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වීම නිසාවෙන්ම ඔවුන්ට මෙවැනි ඉරණමක් අත්ව තිබෙන බවය.“දන්නැති කතා කියන්න එපා” ජනපති සිරිසේන හඬ නැගීය. ෆවුසි හා ජයරත්න යන දෙදෙනාට එරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමුකර ඇත්තේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය බව ඔහු පැවසුවේ ය. මේ අවස්ථාව වන විට කැබිනට් මණ්ඩලයේ බොහෝ සාමාජිකයන්ගේ තීරණය දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට විය. නියමිත පරිදි එය වාර්තාගත කැරිණ.දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂක ආනන්ද විජේපාල මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.“අපට ලැබුණු පැමිණිලි කාණ්ඩ වශයෙන් ගත්තහම රාජ්‍ය අමාත්‍ය ෆවුසි සහ හිටපු අමාත්‍ය ජයරත්න සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අපේ කිසිම සම්බන්ධයක් නැති බව මට පැහැදිලිවම කියන්න පුලුවන්. ඔය කියන කාලයේ අපිට මේ දෙදෙනා සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණෙත් නැහැ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එක්ක සම්බන්ධතා තිබුණෙත් නැහැ.“කාර්යාලය පවත්වාගැනීම සඳහා රජයෙන් යෙදවූ රුපියල් ලක්ෂ 650ක මුදලක් නිකරුණේ නාස්ති කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දූෂණ මර්දන ලේකම් කාර්යාලයට එරෙහිව නැගූ චෝදනාවට ද ඔහු පිළිතුරු දුන්නේ ය.“අගමැතිවරයාගේ ඉල්ලීමකට, කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව අපට වෙන්වූයේ රුපියල් ලක්ෂ 75ක මුදලක් විතරයි. නමුත් එක මාසයකට අපි රුපියල් ලක්ෂ 12කට වඩා වැය කළේ නැහැ.“තොරතුරු දැනගැනීමේ පනත යටතේ තම කාර්යාලය වෙනුවෙන් වෙන්කරන ලද මුදල් භාවිතා කෙරී ඇත්තේ කෙසේදැයි විස්තරාත්මක වාර්තාවක් ලබාගැනීමට, දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩලය දැන් සූදානම් වෙමින් සිටින අතර, එහි කටයුතු පිළිබද දැනුම්වත් ආරංචිමාර්ගයක් සඳහන් කළ ආකාරයට, කාර්යාලය මෙසේ වසා දමා තිබෙන්නේ වත්මන් රජයේ සිටින බලවත් හා කතාවට දක්ෂ දේශපාලනඥයකු (පසුගිය රජයේ සිටි අමාත්‍යවරයෙක් ද වන) සිදුකර තිබෙන සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබියදීය.කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී සේනාරත්න මහතා අදහස් දැක්වූයේ මෙලෙසය.“දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය, දූෂණ සීමා කිරීමේ අරමුණින් ඇති කෙරුණු එකක් නොවෙයි. දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ලියැකියැවිලි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලබාදීම විතරයි එහි කාර්යභාරය වූයේ. වංචාවට එරෙහිව පියවර ගැනීමේ බලය හිමි ආයතන 14ක්ම තියෙනවා.පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය තියෙනවා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තියෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ වගේම ජනපති විශේෂ කාර්ය බලකායක් ඇතුලු තවත් ආයතන කිහිපයක්ම ඒ වෙනුවෙන් තියෙනවා. විගණකාධිපතිවරයා, අපරාධ බුද්ධි විමර්ශන බියුරෝව, මුල්‍ය කටයුතු පිළිබඳ බුද්ධි ඒකකය, අන්තරායකර ඖෂධ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය, රාජ්‍ය බුද්ධි ඒකකය, කොළඹ අපරාධ ඒකකය, කෝප් කමිටුව යන ආයතනත් දූෂණ මර්දනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසයි තවත් දූෂණ මර්දන ඒකකයක් පවත්වාගැනීමේ තේරුමක් නැහැ කියා තීරණය කර තිබෙන්නේ.“සේනාරත්නගේ තර්කය, රජයේ ස්ථාවරය වන නිසාම, එසේ නම් මෙවැනි ආයතන ගණනාවක් තිබිය දී, දූෂණ මර්දන ලේකම් කාර්යාලයක් පිහිටැවූයේ ඇයි ද යන පැනය නැගීමට මග පාදයි. මෙවැනි කාර්යාලයක් ඇති කිරීමට වුවමනා වූයේ අද එවැන්නක් අවශ්‍ය නොමැත යැයි කියන කලුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේම නායකයා වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහය. පැමිණිලි ගොනු කිරීමට වුවමනාව තිබූ පාර්ශ්වයන්ට ඉහත සඳහන් කළ ආයතන ඕනෑම එකක් වෙත යෑමේ පහසුව තිබුණ ද, මෙවැනි ලේකම් කාර්යාලයක් ඇති කෙරුණේ, රජය බලයට පත්වූ දිනයේ සිට නැවත නැවතත් සඳහන් කළ පරිදි වංචා හා දූෂණ මර්දනය කිරීමට ප්‍රමුඛස්ථානය ලබාදීමට අවැසි වූ බැවින්ය. ඒ නිසාම, දැන් එවැනි කාර්යාලයක් අවශ්‍ය නැතැයි ස්ථාවරය වෙනස් කරගැනීමට රජය කටයුතු කර තිබීම හමුවේ පිළිතුරුවලට වඩා මතුවන්නේ පැනයන්ය.“සුළු සිදුවීම් පිළිබඳ විමර්ශනය කරන්න පොලිසිය තියෙනවා. නමුත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට සිදුවෙලා තිබුණේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබෙන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න. ලේකම් කාර්යාලයේ කටයුතුවලට වසරකට රුපියල් ලක්ෂ 122.6 බැගින් වෙන් කෙරුණා. 2015 දී රුපියල් ලක්ෂ 260කුත්, 2017 දී රුපියල් ලක්ෂ 260කුත් සහ මෙම වසරේ ජූනි දක්වා ගෙවුණු මාස හයේ දී රුපියල් ලක්ෂ 120කුත් බැගින්, රුපියල් ලක්ෂ 650ක මුදලක් මෙම කාර්යාලය වියදම් කර තිබෙනවා” යැයි සේනාරත්න වැඩිදුරටත් කිීවේ ය.2015 වසරේ ජනවාරි මස 21 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ කැබිනට් පත්‍රිකාවෙන්, මෙවන් කාර්යාලයක් ඇතිකිරීමේ වැදගත්කම සඳහන් කර තිබේ. එහි කාර්යභාරය ලෙස “බරපතළ වංචා, මුල්‍ය අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කිරීම“ දක්වා තිබෙන අතර, මේ හමුවේ රජයේ කැබිනට් ප්‍රකාශක සේනාරත්නගේ, දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය දූෂණ සීමා කිරීමේ අරමුණින් ඇති කෙරුණක් නොවේ යන ප්‍රකාශය අතිශයින් නොමග යවනසුළුය. පදනමක් නොමැති මෙවැනි ප්‍රකාශවලින් සිදුවන්නේ රජයේ කටයුතු කෙරෙහි ජනතාවගේ විශ්වසනීයත්වය තව තවත් වියැකී යාම පමණකි.වික්‍රමසිංහගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදෙමින්ම, තවත් තීරණ රැසක්ම ගැනීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළේය. එලෙස ගැණුනු තීරණයක් මෙවැනිය.“මුදල් විශුද්ධිකරණය සහ වෙනත් නීති විරෝධී ආකාරවලින් සිදුවන මුදල් ගනුදෙනු හා බැඳී තිබෙන දූෂණවලට, කිසියම් ප්‍රදේශයක භෞමික සීමාවට පමණක් සීමා නොවී, ලොව සියලුම ආර්ථිකයන්ට බලපෑම් එල්ල කිරීමේ සමත් සංක්‍රාන්තිමය හැකියාවක් තිබෙන හෙයින් ද, එවැනි දූෂණ මර්දනය කිරීම සඳහා අන්තර්ජාතිකමය වශයෙන් සහයෝගීතාවක් ඇති කරගැනීමේ කාලීන අවශ්‍යතාවයක් මතුව තිබෙන හෙයින් ද, මුල්‍ය අංශයේ නොයෙක් අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට හැකි වන පරිදි රජයේ නිලධාරීන්ගේ සහ නියාමන ආයතයන්ගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා, ඉන්දියා තැන්පතු බැංකුවේ මුල්‍ය බුද්ධි අංශය වැනි අන්තර්ජාතික ආයතනයන්ගේ සහය ලබාගැනීම සඳහා අගමැතිවරයාට අවසරය හිමිවිය.“දූෂණ පිටුදැකීම සඳහා පුළුල් බලතල හිමි ආයතනයක් පිහිටුවීම සඳහා නීතියක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ද එදින කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය. මෙවැනි තීරණයක් ගැනුණේ පදනමක් නොමැති මූලාශ්‍රවලින් මුදල් උපයාගෙන ඇති පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් අවසරයක් රටේ වත්මන් නීති පද්ධතියෙන් ලබා දී නොමැති බව කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්වීම හමුවේය. නමුත් බලයට පත්ව ධුර කාලයෙන් හරි අඩක්ම ගතව ඇතත්, මේ දක්වාම එවැනි නීතියක් සකස් කිරීමට පියවර ගැනීමක් හෝ පියවර ගැනීමට සූදානම් වීමක් හෝ දැකගැනීමට නොහැකිය.මෙම ගැටලුවල ප්‍රතිවිපාකයන් සහ රාජපක්ෂවරුන් සමග ගනුදෙනු කරන්නේ යැයි ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව හමුවේ එක්සත් ජාතික පක්ෂය අතිශය අපහසුතාවයට පත්විය. කැබිනට් මණ්ඩල හමුව පැවැති අඟහරුවාදා සන්ධ්‍යාවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සිව්දෙනෙක් හානි පූර්ණය කරගැනීමේ උත්සාහයක් ලෙස ජනපති සිරිසේන හමුවට ගියේ ඒ නිසාය. මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ මංගල සමරවීර, අගමැතිවරයාගේ කණ්ඩායමේ සිටි අනෙක් සාමාජිකයෝය. දෙපාර්ශ්වයම සාකච්ඡාවේ දී අවධානයට යොමුවූ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටියේ ය.කෙසේවුවත් මෙම හමුව පිළිබඳ දැනුම්වත් ආරංචිමාර්ගයක් අදහස් දක්වමින් කියා සිටියේ, වුවමනාවෙන්ම විමර්ශන කටයුතු ප්‍රමාද කරමින් සිටින්නේයැයි කැබිනට් මණ්ඩලයේ දී ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව, මෙහිදී මතුකළ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ඉතා ආචාරසම්පන්නව එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවය. ඔවුන්ගේ අදහස් අවබෝධයට ගනිමින්, නමුත් ඉතා දැඩිව අදහස් දැක්වූ ජනපති සිරිසේන මහා පරිමාන දූෂණ වංචා හා සම්බන්ධ යැයි චෝදනා නැගී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්ව නොමැති හෙයින් එසේ අදහස් දැක්වීමට තමාට සිදුවූ බව පැවසූයේ යැයි එම ආරංචිමාර්ගය කීවේ ය. ඉදිරියට යාමට ඇති එකම මාර්ගය වංචා හා දූෂණ මර්දනය කරමින් ඉදිරියට යන මාර්ගය පමණක් බව ජනපතිවරයා අවධාරණය කර ඇත. මේ බව ජනපතිවරයා හා සමීප ආරංචිමාර්ගයක් ද සනාථ කළේ ය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ලබන සැප්තැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 71වන සංවත්සර උත්සවයට සහභාගී වන ලෙස ජනපතිවරයාට ආරාධනා කර තිබේ.මෙවර පක්ෂ සංවත්සරය මහා පරිමානයෙන් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු සංවිධානය කරමින් සිටින අතර, පසුගිය වසරේ සැප්තැම්බර් මස 10 වැනිදා බොරැල්ල කැම්බල් පිටියේ පැවැති පක්ෂ සංවත්සරයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූයේ ජනපති සිරිසේනය.ජනපතිවරයාගේ චෝදනාවට ලක්වීමට මෙම කාලය තරම් වෙන නුසුදුසු කාලයක් එක්සත් ජාතික පක්ෂයට නොමැත. එහි නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙමින් සිටින්නේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යළිත් ආරම්භ කිරීමටය. එය මාර්ගයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඉලක්කකර ගත් බලවත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීම ඔහුගේ අරමුණය. අනතුරුව පක්ෂයේ සැළැස්ම වන්නේ ඉදිරියේ එන ජනපතිවරණයට සූදානම් වීමය. විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සැකසංකා මතුව තිබෙන වාතාවරණයක, එක්සත් ජාතික පක්ෂයේ සැළසුම 2020 ජනපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීමය. මේ සඳහා දිගු කාලීන සැළසුම් සකස් කැරෙමින් පවතින අතර, ඒ අරභයා විදෙස් මාධ්‍ය ආයතනයන්ගෙන් පවා අදහස් විමසෙමින් පවතී. පසුගිය මාස කිහිපය මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂය නියැළී සිටියේ මේ කටයුතුවල නම්, සිරිසේනගේ චෝදනාව හමුවේ, දෙපාර්ශවය අතර බෙදීම තවත් පුළුල්ව ඇත.කොළඹ හිල්ටන් හෝටලයේ පසුගියදා පැවැති සම්මන්ත්‍රණයක දී එක්සත් ජාතික පක්ෂයේ අනාගත සැළසුම්වලින් කොටසක් අනාවරණය විය. පක්ෂය මේ දක්වා ලබාගෙන ඇති ජයග්‍රහණයන් සම්බන්ධයෙන්, වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ජනතාව අතරට යෑම සම්බන්ධයෙන්, පක්ෂයේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම මෙහිදී සිදුවිය.මෙම වසර අගභාගයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වෙන හෙයින් ඒ සඳහා සූදානම් විය යුතු බව වික්‍රමසිංහ මෙහිදී පැවසුවේ ය. 2020 දී එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්කිරීම සියලුමදෙනාගේ සිත්හි පැවැතිය යුතුව තිබෙන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව සිටින වත්මන් පරිපාලනයෙන් රටට හා ජනතාවට අත්ව තිබෙන වාසි සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අමාත්‍යවරුන් සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවත්, ඔහු කීවේ ය. ඖෂධ මිල පහත දැමීම, රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ දැමීම, ඉන්ධන මිල පහළ දැමීම, ගම්මානවල පැහැදිලි වෙනසක් ඇතිකරමින් සිදුවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්, රැකියා අවස්ථා වර්ධනය කිරීම්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබා ඇති ජයග්‍රහණයන් ආදිය ඒවාට උදාහරණ ලෙස අගමැති වික්‍රමසිංහ ගෙන හැර දැක්වූයේ ය.පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැහැමැතිවරණ පැවැත්වෙන බව අගමැති වික්‍රමසිංහ පැවසුව ද, ඒකාබද්ධ විපක්ෂයේ මතය වන්නේ මෙම වසරේ දී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් රජයට නොමැති බවය. පළාත් පාලන ආයතන සඳහා පත්වන ජනතා නියෝජිත සංඛ්‍යාව 9000 සිට 4500 දක්වා අඩු කිරීමටත්, ඔවුන් තෝරාගැනීම කේවල සහ සමානුපාතික යන ක්‍රම ද්විත්වයම යටතේ සිදුකිරීමටත්, හැකිවන පරිදි පවත්නා නීති සංශෝධනය කිරීමට රජය සැළසුම් කර ඇත. කාන්තා නියෝජන අනුපාතය ඉහළ දැමෙන ක්‍රමවේදයක් ඇති කිරීමට ද නියමිතය. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අගමැති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.“අපි මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ. අපි අපේ පදනම පැහැදිලිව ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. මේ යෝජනාවලින් ඉදිරිපත් කර තිබෙන සංශෝධන ඒ පරිද්දෙන් ක්‍රියාත්මක කරන්න තවත් මාස දෙකක් තුනක් ගතවෙනවා. එතකොට පළාත් පාලන මැතිවරණය කොහොමත් ලබන අවුරුද්දට කල් යනවා. අපි මැතිවරණ කොමිසමේ නිලධාරීන් එක්ක කතා කළා. ඔවුන් පැහැදිලිව කියා සිටියා මේ වසර් දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති බව. මොකද ඒ මාසයේ පාසල්වල විභාග ඇතුලු වසරාවසන්න ක්‍රියාකාරකම් පැවැත්වෙන නිසා.“ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් පැවසුවේ ය.ආදායම් ඉහළ දැමීමේ අරමුණින් හඳුන්වාදෙන ණය පහසුකම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන ලෙස අගමැති වික්‍රමසිංහ තම පක්ෂයේ අමාත්‍යවරුන්ට සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේ ය. පාසල් වෑන් රථ හිමිකරුවන් සඳහා ද මෙවැනි ණය ක්‍රමයක් හඳුන්වාදීමට නියමිත අතර, ඒ යටතේ රුපියල් ලක්ෂ 40ක ණය මුදලක්, සියයට 3.5ක පොළී අනුපාතියක් යටතේ වසර පහක් ඇතුළත ගෙවීමට පහසුකම් සලසා දෙනු ඇත. භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මෙහිදී ඉදිරිපත් කිරීමක් සිදුකරමින් රට වර්තමානයේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය සහ රටට ලැබෙමින් තිබෙන ආයෝජනයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ය. මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කැරුණු දේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කමිටුව ද දැනුම්වත් කිරීමට අගමැතිවරයා කටයුතු කළේය.එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ සැලකිය යුතු ස්ථානයක් වෙන්වී ඇත්තේ 2020 ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහාය. වික්‍රමසිංහ, මෙම වසරේ දී තම දේශපාලන දිවියේ 40 වැනි කඩඉම සමරයි. පසුගිය දා පැවැති රැස්වීමක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී කණ්ඩායමේ අදහස වූයේ පක්ෂ නායකයාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම නිමිති කොටගෙන ගාලුමුවදොර පිටියේ දී මහා පරිමාන සංගීත සංදර්ශනයක් පැවැත්විය යුතු බවය. ඒකාබද්ධ විපක්ෂ මැයි දිනයට සහභාගී වූ ජන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ඊට සහභාගී විය යුතු බවත්, වැයකළ යුතු මුදල සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කර නොගත යුතු බවත්, එක් සාමාජිකයෙක් පැවසුවේය. ඉන්දියා නලු නිළියන් සහ ගායක ගායිකාවන් ද මෙම සංදර්ශනයට සහභාගී කරගැනීමට සැලසුම් සකස් කර ඇත. රනිල් වික්‍රමසිංහගේ 40 වසරක දේශපාලන දිවිය පිළිඹිඹු කැරෙන ඡායාරූප දැක්මක් මහරගම තරුණ සේවා සභාවෙන් පටන් ගෙන දිවයින පුරා ප්‍රධාන නගරවල ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.පසුගිය සතියේ පෙන්වා දුන් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඇති අවබෝධතා ගිවිසුම 2020 වසරේ හෝ ඊට පෙර අවසන් කිරීම හමුවේ එක්සත් ජාතික පක්ෂයට බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇත. ඉන් එකක් වන්නේ මහබැංකු බැඳුම්කර ගැටලුවයි. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදී ද නැවත නැවතත් ප්‍රකාශ කර සිටිය ද, එම සිදුවීම සම්බන්ධයෙන් පත්කර ඇති කොමිසම පවත්වමින් සිටින විමර්ශනයෙන් අනාවරණය වෙමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතයට සම්පූර්ණයෙන්ම විරෝධී කරුණුය. එම කරුණු ප්‍රකාරව මහා පරිමාන මහජන මුදල් අවභාවිතයක් සිදුව තිබෙන බව සහතිකය.එම කොමිසමේ සාමාජිකයන් වන විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජෙනරාල් වේලුපිල්ලේ කන්දසාමි පසුගිය සතියේ ජනපති සිරිසේන හමුවිය. විමර්ශන කටයුතු අවසන් කිරීම සඳහා කොමිසමේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ඔවුහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. වහාම එම දීර්ඝ කිරීම ලබාදෙන ලෙසත්, එය රජයේ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කරන ලෙසත්, ජනපතිවරයා නියෝග කළේය. බැඳුම්කර විමර්ශනයෙන් අනාවරණය වන කරුණු හා බැදුණු රාජපක්ෂවරුන්ට ආධාර කරන්නේයැයි ජනපතිවරයා නැගූ චෝදනාව, එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු තවත් ව්‍යාකූල කරනු ඇත. මෙම කරුණු විපක්ෂ දේශපාලඥයින් ඔවුන්ගේ වාසියට භාවිතා කරනු ඇත යන්න නිසැකය.තනිව යන්නට කැමතිශ්‍රී ලංකා නිදහස් පක්ෂයඑක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ක්‍රමයෙන් සබඳතා බිඳවැටෙමින් පවතින ආකාරයන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ද සබඳතා බිඳවැටෙමින් පවතී. මෙය පසුගිය බ්‍රහස්පතින්දා ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී තවදුරටත් පැහැදිලි විය. ජනපතිවරයා මෙම හමුවට සහභාගීව සිටියේ නිල සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්වීමට පැය කිහිපයක් තිබියදීය. තමන්ට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කිරීමට නොහැකි බව කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම එතැනිදු නොනැවතී එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැඩිව විවේචනය කළේ ය. ගමන යා යුත්තේ තනිව යැයි ඔවුන්ගේ අදහස විය.ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා අදහස් දක්වමින් තමාට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කළ නොහැකි බව කීවේ ය. දෙපාර්ශ්වය අතර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වන කිසිදු සෙතක් නැතැයි ද, මේ පිළිබඳව යමක් කළ යුතුව තිබෙන බවද, ඔහු පැවසුවේ ය. කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා හඬ අවදි කරමින්, තමන් මේ සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන යාපා හා අනෙක් අය සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බව කීවේ ය. රජයෙන් ඉවත්ව රාජපක්ෂ සමග එක්වීමට තමන්ගේ කිසිදු අරමුණක් නොමැති බව ඔහු අවධාරණය කළේය.රජයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් බලා සිටිය නොහැකි බැවින්, ඉන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සාකච්ඡා කැරුණු බව සෙනෙවිරත්න අනාවරණය කළේ ය. නමුත් ගැටලුව වූයේ රජයෙන් ඉවත්වුවහොත් ජනපති සිරිසේනට මුහුණදෙන්නේ කෙසේද යන්න බව ඔහු පැවසුවේය. ජනපතිවරයා සමග ඇති සම්බන්ධතාවය එලෙසම පවත්වාගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබිණ. අදහස් දැක්වූ බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයක් ඇති බව පිළිගත්හ.“ඔබට අගමැති රනිල් වික්‍රමසිංහ සමග වැඩකිරීමට බැහැ කියන එක මත පමණක් පිහිටා අපට රජයෙන් ඉවත් වෙන්න බැහැ. ඒක වෙන්න ඕනේ ප්‍රතිපත්තියක් වශයෙන්. එහෙමත් නැතිනම් බරපතළ මට්ටමේ ගැටලුවක් නිසා” යන මතය ද මෙහිදී ඉස්මතු විය. මේ නිසා තත්ත්වය ප්‍රවේසමින් සලකා බැලිය යුතු බව කියා සිටි කණ්ඩායමේ මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ප්‍රධාන විය.විවාදාත්මක තත්ත්වයක් ද හමුවේ ඇති විය. අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වන ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ, හිටපු ජනපති රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක  කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට රජය අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ගය නවතා දැමිය යුතුව තිබෙන බවයි. එය සාධාරණ නොවන බව ඔහුගේ මතය විය. මේ හමුවේ ඔහු හා විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා අතර දැඩි වාග් හුවමාරුවක් සිදුවිය.බොහෝ දේ සිදුවෙමින් තිබෙන බවත්, ඒ සියල්ල දැන් අනාවරණය කළ නොහැකි බවත්, ජනපතිවරයා කියා සිටීම හමුවේ සියලුම දෙනා නිශ්ශබ්ද වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත්ව සිටිමින්, මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට තීරණයක් ගත යුතුව තිබෙන බව ඔහු පැවසුවේ ය. 2020 දක්වා රජය ගෙනයන බවට ජනපතිවරයා සිදුකර තිබූ ප්‍රකාශය හා මෙය ගැළපෙන්නේ නැත.ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනා තමන් සමග සම්බන්ධතා පවත්වන බවද, අද දිනයේ පවා ඔවුන් කිහිපදෙනෙක් තමන් හා අදහස් හුවමාරු කරගත් බවද ජනපතිවරයා පැවසුවේ ය. දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ඉවසිලිවන්තව සිටින ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි ඔහු, විපක්ෂයේ සාමාජිකයන් දිනා ගැනීමට සුදුසුම කාලය මෙය බව පැවසුවේ ය.සියලුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේ දී සිටින්නේ කුමන හෝ ව්‍යාකූල තත්ත්වයකට මුහුණ දී බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකීමේ දී විසඳා ගත යුතුව තිබෙන්නේ ඔවුන් හා සාපේක්ෂව ඉතා සුළු ගැටලු කිහිපයක් බවත්, ජනපතිවරයා කීවේ ය. කරදර වීමට කාරණයක් නොමැති යැයි ඔහු පැවසුවේ ය.කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් රජයෙන් ඉවත්ව නොයනු ඇති බවට විශ්වාස යැයි ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ ද, බංගලාදේශ සංචාරයේ යෙදී සිටින අතරතුර දී සාමාජිකයන් පිරිසක් පක්ෂයෙන් ඉවත්වීමට යන්නේ යැයි පළ වූ වාර්තා ඔහුගේ අවධානයට යොමු විය. මෙම වාර්තා පළවීමට ප්‍රධානම හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු කර තිබූ ප්‍රකාශයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට අවශ්‍ය නම් රජය හැරයා හැකි බවත්, එවන් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන බවත්, ඔහු කියා තිබිණ.මෙම අමාත්‍යවරයා හා සම්බන්ධවීමට ජනපතිවරයා උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. අනතුරුව වෙනත් අමාත්‍යවරයකු ඇමතූ ඔහු, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂයට දැනුම්දෙන ලෙස උපදෙස් දුන්නේ ය. තමන් නැවත පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු කීවේ ය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කිසිදු අදහස් දැක්වීමකින් වළකින ලෙසට සඳහන් වූ කෙටි පණිවුඩයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර හුවමාරු වීමය.මහා පරිමාන සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ප්‍රමාද කරමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළ දිනයේ සිට, සෘජුවම අදාළ විමර්ශන ආයතන හා සම්බන්ධ වෙමින්, විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දීමට ජනපති සිරිසේන කටයුතු කරමින් සිටී. කිසියම් ආකාරයක බාහිර බලපෑමක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කරන ලෙසද ඔහු එම විමර්ශන ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. තෝරාගත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා මේ සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කළ අතර, ආරාධනා ලැබ සිටි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු එයට සහභාගීව සිටියේ නැත. එහෙත් විශේෂ කාරණය වූයේ මෙම කටයුතු හා සෘජුවම සම්බන්ධව සිටින එක්තරා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුට මෙම හමුවට සහභාගීවන ලෙස කිසිදු ආරාධනයක් කර නොතිබීමය.නීතිපති දෙපාර්තමේන්තුවට යැවුණු ලිපිගොනුඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වමින් සිටින විමර්ශනවලට අදාළව, එම දෙපාර්තමේන්තුව නගන චෝදනාව වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කැරෙන විමර්ශන තොරතුරු සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවෙන් අවසන් තීරණයක් ලැබීමේ ප්‍රමාදයයි. එම විමර්ශන තොරතුරු ඇතුළත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් පිළියෙල කර ඇති අතර, පහත දැක්වෙන්නේ ඒ අතරින් වැදගත් යැයි සැලකිය හැකි විමර්ශන කිහිපයක තොරතුරුය.පැමිණිලි කළ දිනය - 2015 ජනවාරි 142015 ජනවාරි මස 10 වැනිදා අලුයම් සමයේ දී අරලියගහ මන්දිරයේ දී සිදුවුනේ යැයි කියන කුමණ්ත්‍රණය සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව -නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 ජනවාරි 27අංකය සීආර් - 108 2015පැමිණිලි කළ දිනය - 2015 පෙබරවාරි 4වරාය අධිකාරියේ හිටපු සභාපති බන්දු වික්‍රමමුණිගේ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 මැයි 5අංකය සීආර් - 1 271 2015පැමිණිලි කළ දිනය - 2015 ජනවාරි 14ජනපති ලේකම් කාර්යාලයේ තිබී අතුරුදන්ව තිබෙන රථවාහන සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය 2016 ජූනි 1අංකය සීආර් - 1 1 16පැමිණිලි කළ දිනය - 2015 මාර්තු 11රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2015 මාර්තු 11අංකය සීආර් - 1 91 2015පැමිණිලි කළ දිනය - 2015 ඔක්තෝබර් 13ශ්‍රී ලංකා නාවික හමුදාව ගාලු වරායේ තිබී සොයාගත්, අවි හා උණ්ඩ ගබඩා කර තිබූ එම්.වී. ඇවන්ගාඞ් නෞකාව සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය 2016 පෙබරවාරි 2අංකය සීආර් - 1 08 2016හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ආකාරයෙන් උපයාගත් මුදල් භාවිතාකර නීති විරෝධී අයුරින් මිලයට ගෙන තිබෙන දේපළ සම්බන්ධයෙන් වන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2016 ජූලි 21අංකය - සීආර් 1 ඒම්සී සීඑෆ්ටී 5 2016පැමිණිලි කළ දිනය - 2015 පෙබරවාරි 4මුදල් විශුද්ධිකරණ පනත යටතේ සජිත් වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයපැමිණිලි ලිපි ගොනුව නීතිපතිවරයා වෙත ලබාදුන් දිනය - 2016 සැප්තැම්බර් 13අංකය සීආර් - 01 ඒම්ල් සීඑෆ්ටී 12 16පොලිස් මුල්‍ය අපරාධ ඒකකයේ නිලධරයෙක් සඳහන් කළ ආකාරයට පැමිණිලි ලිපිගොනු 80කට ආසන්න ප්‍රමාණයක් නීතිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ. තවත් ලිපිගොනු විශාල ප්‍රමාණක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඉල්ලීම පරිදි ඔහු වෙත ද යවා ඇත.විමර්ශන වාර්තා යොමු කළ ද, තීරණයක් ලබාදීමට ප්‍රමාද වන්නේ එම විමර්ශන වාර්තා බොහෝම
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
1
ජනපතිධූරය භාරගෙන මාස 21 කට පසු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ කි‍්‍රයාත්මක වන තම එක්සත් ජාතික පෙරමුණු රජයටම දැඩි චෝදනා එල්ල කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සහ අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම, දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ නම් තමා ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ඔහු අනතුරු ඇගවූයේය.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක්, එම ආයතන වල නියමයෙන් අධිකරණය හමුවට කැදවීම සම්බන්ධයෙන්, ඔහු තම පිළිකුල සහ අප‍්‍රසාදයද පලකළේය.නමුත් බ‍්‍රහස්පතින්දා රැයේ මේ සම්බන්ධයෙන් විමසීමට අගමැති වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික ඇමැතිවරුන් පිරිසක් සහ නියෝජ්‍ය ඇමැතිවරයෙක් පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවස වෙත පැමිණි අවස්ථාවේ, ජනපති සිරිසේන කියා සිටියේ තමන් එදා පැවසූ දෙය මාධ්‍ය වැරදියට අර්ථකතනය කොට ඇති බවය.එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ජනපති නිල නිවසට ඇතුළු වූයේ පස්වරු 9 ට පමණය. ඊට පෙර වේලාවකදී ජනපතිවරයා හා අගමැතිවරයා කොල්ලූපිටිය, ඓතිහාසික වාළුකාකාරම විහාරස්ථානයේ ආගමික උත්සවයකටද සහභාගී වූහ.එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සහ ජනපතිවරයා අතර පැවති හමුව නිමාවන විට අළුයම එක පමණ විය.එහිදී ජනපති සිරිසේන අවධාරණය කර සිටියේ ගෝඨාභය හෝ නාවික හමුදාපතිවරුන් තිදෙන සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණයන් අත්හිටවිය යුතුයැයි තමා කොතැනකවත් සඳහන් නොකළ බවය.එම විමර්ෂණ අවසානය දක්වාම කි‍්‍රයාත්මක කළ යුතුය යන තැන තමාද සිටින බව ජනපතිවරයා පැවසුවේය.එසේ වුවත් දෙපාර්ශවය ඇතැම් අවස්ථාවන්හි දී අදහස් හුවමාරු කරගත්තේ උස් හඩින්, කෝපභරිතවය.ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සිදුකළ එම දේශනය අවසානයේදී තමා පවත්නා රජය කිසිදු පුද්ගලයකුට වෙනස් කළ නොහැකි බවද පැවසූ බව ජනපති සිරිසේන කියා සිටියේය.තමා චෝදනා කළේ හිටපු ඇමැතිවරුන් දෙදෙනකු සම්න්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමත්, දැනට කි‍්‍රයාත්මකව තිබෙන විමර්ෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයත් කටයුතු කරමින් සිටින ආකාරය අරබයා පමණක් බවත්, එම ආයතන දියත් කර ඇති විමර්ෂණ වල ප‍්‍රගතිය පිළිබදව ආරක්ෂක ඇමැතිවරයා වන තමා දැනුම්වත් නොකිරීම, තම ප‍්‍රබලම චෝදනාව වූ බවත් ජනපති සිරිසේන පැහැදිලි කළේය.ජනපති සිරිසේන තමන් වෙතම කැන්දාගත් මෙම අර්බුදයේ ආරම්භය සනිටුහන් වූයේ අඟහරුවාදා සවස්වරුවේය.සතිපතා පැවැත්වෙන කැබිනට් මණ්ඩලය හමුවට අමතරව ඔහු තෝරාගත් ඇමැතිවරුන් කණ්ඩායමක්, තවත් හමුවක් සඳහා අඟහරුවාදා සන්ධ්‍යාවේ ජනපති ලේකම් කාර්යාලය වෙත කැඳවූයේය.ව්‍යවස්ථා සංශෝධන, පළාත් පාලන මැතිවරණය, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව කටයුතු කිරීම, යුද අපරාද චෝදනා, වංචාවට හා දූෂණයට එරෙහිව දැනට කි‍්‍රයාත්මක වෙමින් පවතින විමර්ෂණ වල ප‍්‍රගතිය, යෝජිත ජනමත විචාරණය ආදී කරුණු රැසක් ගැන සාකච්ඡා කිරීම මෙම හමුව කැඳවීමේ අරමුණ විය.ඒ සදහා ශී‍්‍ර ලංකා නිදහස් පාර්ශවය නියෝජනය කරමින් සහභාගීව සිටියේ දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ඇස්.බී.දිසානායක, සහ අනුර පි‍්‍රයදර්ශන යාපා යන ඇමැතිවරුන්ය.අගමැති වික‍්‍රමසිංහගේ නායකත්වයෙන්, මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, නවීන් දිසානායක සහ සජිත් පේ‍්‍රමදාස යන ඇමැතිවරු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළහ.ලෝක බැංකුවේ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්ෂික ඒකාබද්ධ සැසියට සහභාගී වීමට ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා ගොස් සිටි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පසු අවස්ථාවක හමුවට සහභාගී විය.ඔහු දිවයිනට පැමිණ තිබුනේ ඊට පැය දෙකකට පමණ පෙරය.ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් ඇමැති පාඨලී චම්පික රණවකද, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාවලිය මෙහෙයවන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයම්පති වික‍්‍රමරත්න මහතාද, හමුවට සහභාගීව සිටියහ.වැදගත් ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් තීරණ වලට එළැඹිය යුතුව තිබෙන බව හමුව ආරම්භ කරමින් ජනපති සිරිසේන පැවසුවේය.අන්තර්ජාතික අරමුදලේ කොන්දේසි වලට ගරු කරමින් රටේ ආදායම හා වියදම අතර පරතරය, දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 4.7 ක මට්ටමක පවත්වාගැනීම එම ගැටලූ අතරින් පළමුවැන්න විය.දිවයින පුරා ප‍්‍රාදේශීය පළාත් පාලන මැතිවරණයන් පැවැත්වීම හා සමග නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත්හි පළාත් පාලන මැතිවරණයක්ද පැවැත්විය යුතුව තිබෙන බව ජනපතිවරයා පැවසුවේය.නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට සිදුකළ යුතු සංශෝධනයන් පිළිබදවද සාකච්ඡුා කැරින.ව්‍යවස්ථා සංශෝධන ගැන අදහස් දක්වමින් ජයම්පති වික‍්‍රමරත්න කියා සිටියේ කමිටු හයක් වෙන වෙනම වාර්තා හයක් ඉදිරිපත් කර තිබෙන බවය.මෙම වාර්තා හය එක්කර තනි වාර්තාවක් සකස් කිරීමේ හැකියාව තිබෙන බව ඔහු පැහැදිලි කළේය.නමුත් මෙයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ ඇමැතිවරුන්ගේ විරෝධය පල විය.එවැන්නක් සිදුකළහොත්, අවසාන වාර්තාව ඉදිරිපත් කරන්නේ රජය යැයි වැරදි මතයක් ඇතිවිය හැකි බව ඔවුහු පෙන්වා දුන්නෝය.යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපති සිරිසේන බි‍්‍රතාන්‍යය අගමැතිනී තෙරේසා මේ, එරට ජේ්‍යෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් හා පැවැත්වූ සාකච්ඡුාවක් ගෙනහැර දැක්වූයේය.ඉරාකය නියෝජනය කරමින් අදහස් දක්වන ඇතැම් නීතිඥයෝ, ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය ඉරාකයේ මෙහෙයුම් දියත් කර සිටි සමයේ සිදුවූ බව කියන යුද අපරාධ වලින් තමන් පීඩාවට පත්වූයේයැයි චෝදනා නගමින් සිටින බවත්, ඉරාකයේ නීති පද්දතිය අවභාවිතා කරමින් නැගෙන මෙවැනි චෝදනා වලට නොරැුවටෙන ලෙසත්, ඇය හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා තිබින.බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකාශිත ගාර්ඩියන් පුවත්පතේ වන ලිපියකින් මෙය තවත් පැහැදිලි කරගත හැකිය.‘‘ මෙම චෝදනා නැගෙන්නේ බි‍්‍රතාන්‍යය ආරක්ෂක අංශ සිදුකළේ යැයි චෝදනා නැගෙන මිනීමැරුම්, පීඩා කිරීම්, වදහිංසා පැමිණවීම් ආදිය පිළිබදව විමර්ෂණය කිරීමට පත්කර ඇති ඉරාක් හෝලිස්ටික් ඇලිගේෂන්ස් ටීම් (අයිහැට්* කණ්ඩායමෙන්ය.මෙම කණ්ඩායමට එරෙහිව දැනටමත් ප‍්‍රබල විවේචනයන් එල්ල වෙමින් පවතී.හිටපු හමුදා නිලධාරීන් අදහස් දක්වමින් පවසා ඇත්තේ අයිහැට්හි පදනම් විරහිත චෝදනා හමුවේ තමන්ට අධිකරණය ඉදිරියට පවා යෑමට සිදුවූ බවය....ඩවුනින්ග් වීදියෙන් ප‍්‍රකාශයට පත්ව ඇති නිවේදනයක, බි‍්‍රතාන්‍යය අගමැතිනිය එරට ආරක්ෂක අංශ ගැන මහත් ගෞරවපෙරදැරිව අදහස් දක්වා ඇති අතර, ජාතික ආරක්ෂා කිරීමට ඔවුන් ලබාදෙන මෙහෙය සම්බන්ධයෙන් ප‍්‍රශංසාවද පලකර ඇත.නීති පද්දතිය අවභාවිතා කිරීමෙන් ආරක්ෂා කරගැනීමට හැකි සෑම පියවරක්ම ගතයුතුව තිබෙන බව අවධාරණය කරන ඇය, පදනමක් නොමැති චෝදනා වල වගඋත්තරකරුවන් වීමෙන් බි‍්‍රතාන්‍යය ආරක්ෂක අංශ ආරක්ෂා කරගැනීමට තමන් කැපවී සිටින බව පවසයි.‘‘බි‍්‍රතාන්‍යය මුහුණදෙමින් සිටින තත්ත්වය හා ශී‍්‍ර ලංකාව මුහුණදී සිටින තත්ත්වය සමාන්තර තලයන්හි තබා අදහස් දැක්වූ ජනපති සිරිසේන, එක්සත් ජාතීන් යුද අපරාධ චෝදනා විමර්ෂණයක යෙදෙන්නේ නම් ඒ සදහා එක් කි‍්‍රයාමාර්ගයක් භාවිතයට ගතයුතුව තිබෙන බවත්, විවිධ රටවලින් විවිධ කි‍්‍රයාමාර්ගයන් එම කටයුතු සදහා යොදාගැනීමෙන් වැළකිය යුතුව තිබෙන බවත්, පැවසුවේය.එවන් එක් කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කිරීමේ සහ එක් ප‍්‍රතිපත්තියක් මත පිහිටා වැඩකටයුතු කිරීමේ වැදගත් කම ගැන තමා සියලූම ලෝක නායකයින්ට දන්වා යවන බවද ජනපතිවරයා කීවේය.තෙරේසා මේ ගේ ආදර්ශය අනුව කටයුතු කිරීමට ඇති හැකියාවද ඔහු යෝජනා කළේය.විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගැනීමට හැකිවූ ආකාරයට මෙසේ අදහස් දක්වමින් සිටිනාතුර විදේශ ඇමැති සමරවීර වෙත හැරී තිබෙන ජනපති සිරිසේන, තමා පවසන දේ හොදින් සිතට ගන්නා ලෙස ඔහුට කියා ඇත.ආරක්ෂක අංශ, පොලිසිය, හා ජනතාව ඉතා වෙහෙසව දිනාගත් සාමයට හානි පමුනුවන කිසිදු දෙයක් නොකළ යුතු බව ඔහු දැඩිව අවධාරණය කළේය.ජනපතිවරයාගේ මෙම අදහස් දැක්වීමෙන් පැහැදිලි වන්නේ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත විදේශීය හෝ දේශීය විනිසුරුවරුන් යැයි වෙනසක් නොමැතිව, ඔවුන් මාර්ගයෙන් සිදුවන යුද අපරාධ විමර්ෂණයක් කෙරෙහි ඔහුගේ තිබෙන අප‍්‍රසාදයයි. ජනපතිවරයාගේ වඩාත්ම චෝදනා එල්ල කළේ අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසමටය.හිටපු ඇමැති ඒ.එම්.එම්.ෆවුසි මහතාට එරෙහිව රාජ්‍ය වාහන අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කර තිබෙන බව පැවසූ ජනපතිවරයා, නමුත් එම චෝදනා ගොනු කර තිබෙන්නේ, රාජ්‍ය වාහන භාවිතා කිරීමට අවසරය ලබාදෙමින් චක‍්‍රලේඛයක් නිකුත් කර තිබියදී බව කීවේය.හිටපු සිවිල් ගුවන්සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ෂණයක් ගැන අදහස් හුවමාරු කරගත් ඔහු, එම විමර්ෂණය පැවැත්වෙන්නේ ජයරත්න, ඔහුගේ දියණියට රැුකියාවක් ලබාදීම අරබයා බව පැවසුවේය. ‘‘කවුද තමන්ගේ දරුවාට රැුකියාවක් ලබා නොදී ඉන්නේ?‘‘ ජනපති සිරිසේන විමසුවේය.අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම, අපරාධ පරීක්ෂණ කොට්ඨාසය, මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය, යන ආයතනයන් සිදුකරන අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තමන් දැනුම්වත් කිරීමක් නොකරන බව ඔහු පැවසුවේය.නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම ආයතනයන් පවසන්නේ එවැනි දැනුම්වත් කිරීමක් සිදුකළ යුතුයැයි නියමයක් නොමැති බවයි.එමෙන්ම එවැන්නක් සිදුකළහොත් ඇතැම් විමර්ෂණයන් සිදුනොකරන ලෙස දන්වා එල්ල කළ හැකි අනවශ්‍ය පීඩනයන්ට ලක්වීමට තමන්ට සිදුවන බව එම ආයතනයන් කියයි.අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම ගතහොත්, කිසිදු දේශපාලන නායකයකු වෙත එහි ප‍්‍රගතිය වාර්තා කළ යුතුවීමේ නීතිමය බැදීමක් එයට නැත. අඟහරුවාදා ඇමැතිවරුන් කණ්ඩායම සමග පැවැති හමුවෙන් පසු බදාදා, ජනපති සිරිසේන ප‍්‍රසිද්ධියේ අදහස් දැක්වූයේය. පසුගිය වසරේ හිටපු හමුදා නිලධාරීන් විමර්ෂණ කටයුතු සදහා කැදවූ අවස්ථාවේ ඊට විරෝධය පලකළ තමා, මේ අවස්ථාවේදී ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරුන් තිදෙනා, අධිකරණය හමුවට කැදවීම ගැන විරෝධය දක්වන බව ඔහු පැවසුවේය.ආරක්ෂක අංශ නිලධාරීන් යනු රටට සාමය උදාකර දීමට දිවිහිමියෙන් කැපවී සේවය කළ පුද්ගලයින් බව ජනපතිවරයා කීවේය. මෙරට ස්වාධීන කොමිසම් පිහිටුවීම පසුපස අරමුණු තිබෙන බවත්, එහ කොමිසම් පිහිටුවීම සිදුව ඇත්තේ ප‍්‍රතිපත්තියක් යටතේ බවත් ඔහු පැවසුවේය.ස්වාධීන කොමිසම් සභා වල සේවය කරන්නවුන්, ඔවුන්ගේ විෂය පථය සම්බන්ධයෙන්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, ආරක්ෂක අංශ වල පරිපාලන කටයුතු මෙන්ම කලමණාකරන කටයුතු සම්බන්ධයෙන්, මනා අවබෝධයක් ඇතිව කටයුතු කළ බව ජනපති සිරිසේන කීවේය.එවැනි දේ නොදන්නා ඇතැමුන් කොහේ හෝ මුල්ලකින් පැමිණ වැරදි ආකාරයට හැසිරෙන බව පැවසූ ඔහු රටේ ජනපතිවරයා සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණයට ඇදගෙන යාම සම්බන්ධයෙන් අප‍්‍රසාදය පලකරන බව කීවේය. ආරක්ෂක අමාත්‍යංශය සහ ඇවන්ගාඞ් සමාගම සම්බන්ධ විමර්ෂණයක් පැවැත්වෙන්නේ නම් පිළිපැදිය යුතු පිළිවෙත් හා අනුගමනය කළ යුතු පියවර තිබෙන ජනපති සිරිසේන අවධාරණය කළේය.මෙවැනි විමර්ෂණයක ප‍්‍රගතිය සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැතිවරයා වන තමාව දැනුම්වත් කිරීම අදාළ ස්වාධීන කොමිසම් සභාවල ප‍්‍රධානීන්ගේ වගකීම බව ඔහු පැවසුවේය. ‘‘ කාටහරි කියන්න පුලූවන් ස්වාධීන කොමිසන් සභාවලට එහෙම කිරීමේ අවශ්‍යතාවක් නැතිය කියා.නමුත් හැම කොමිසමකම සිටිනවා ව්‍යවස්ථා කවුන්සිලයෙන් පත්කරපු සාමාජිකයන්.ව්‍යවස්ථාව යටතේ හැම කොමිසමකම ලේකම්වරයෙක් සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත්වෙලා සිටිනවා.මේ ලේකම්වරු පත්කරන්නේ ජනපතිවරයා.කොමිසම් වලට සාමාජිකයන් පත් කරන ව්‍යවස්ථා කවුන්සිලය සමන්විත වෙන්නේ පාර්ලිමෙන්තුවෙන් තෝරා පත්කරන සාමාජිකයන්ගෙන්.එම නිසා විශේෂයෙන් අවධානය යොමුවිය යුතු කරුණු සම්බන්ධයෙන් මේ ආයතනවල ලේකම්වරුන් සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සැළකිලිමත් විය යුතුයි.‘‘ ‘‘අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීම මුල් කරගෙන දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන පුද්ගලයින් පිරිසක් සිටිනවා.හිටපු ජනපතිවරයාත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.‘‘ ‘‘මම රටේ ජනපති ලෙස පත්වුනේ අධිකරණ වලට දුරකතන ඇමතුම් දෙන්න නොවේ.ආරක්ෂක අංශ අඩපණ කිරීමේ කිසිම දෙයක් මා කරන්නේ නැහැ.එවැන්නක් සිදුවීමට මා ඉඩදෙන්නෙත් නැහැ.‘‘ ‘‘ ආරක්ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට පත්වීමේ සහ අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමේ ඇතැම් සිදුවීම් කිහිපයක් තිබෙනවා.බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් පසුගිය මාස 10 පුරාවට අත්අඩංගුවේ පසුවීම එවැන්නක්.මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට මම දැනුම් දීලයි තිබෙන්නේ.ඔවුන් මුලින් මට කියා සිටියේ සතියක් ඇතුලත සියල්ල අවසන් කරන බව.පසුව ඒක මාසයක් වුනා.මාසය තුන් මාසයක් වුනා.තුන් මාසය දැන් 16 මාසයක් වෙලා.ඒ නිසා ගැටලූවක් තියෙනවා නම් චෝදනා ගොනු කරන්න.එම චෝදනා සහතික කළ නොහැකි නම්, අත්අඩංගුවට ගෙන සිටින අය නිදහස් කළ යුතුයි.එහෙමත් නැතිනම් ඇප ලබාදී, විමර්ෂණ කටයුතු ඉදිරියටත් සිදුකරන්න.පුද්ගලයින් නිදහස් කිරීම, චෝදනා ගොනු කිරීම, ඇප ලබාදීම, මේ සියල්ල තමයි සදාචාරාත්මක කි‍්‍රයාකාරකම්, මූලික අයිතීන්, මානව හිමිකම්, ඒ වගේම නිදහසේ ලක්ෂණ වන්නේ.‘‘ ‘‘ මේ දේවල් ගැන මම ඉස්සර ප‍්‍රසිද්ධියේ කතා කළේ නැහැ.නමුත් දැන් මට සිදුව තිබෙනවා ඒ ගැන කතා කරන්න.මම මේ කතාකරනවා වගේම ප‍්‍රසිද්ධියේම අදාළ පියවර ගන්නත් කටයුතු කරනවා.මම අගමැතිවරයා සහ ඇමැතිවරුන් පිරිසක් සමග විශේෂ සාකච්ඡුාවක් පැවැත්වුවා.එහිදී මම පැහැදිලිව කියා සිටියා අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම, අපරාධ පරීක්ෂණ කොට්ඨාසය, මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය, දේශපාලන න්‍යාය පත‍්‍රයක් යටතේ වැඩකරනවා නම් මම වහාම එම ආයතනයන්ට එරෙහිව පියවර ගන්නවාය කියා.මේ ආයතන වලට එහෙම වැඩ කරන්න බැහැ.නීතිය සැමට සමාන විය යුතුයි.මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් සැමට සමාන විය යුතුයි.කිසියම් පුද්ගලයකු රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටිනවානම්, ඔහුගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් සුරක්ෂිත විය යුතුමයි.‘‘ ජනපතිවරයාගේ මේ අදහස් දැක්වීම හමුවේ ශී‍්‍ර ලංකා ජනතාව පමණක් නොව අන්තර්ජාතික ප‍්‍රජාවද පුදුමයට පත්විය.කොළඹ විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයෝ ජනපති සිරිසේනගේ අදහස් ඔවුන්ගේ මව් රටවල් හා හුවමාරු කරගත්හ.ජනතිවරයාගේ අදහස් දැක්වීමෙන් ඔහුගේ ප‍්‍රතිපත්ති වල වෙනසක් සිදුව ඇතැයි පෙනෙන බව ඇතැමුන්ගේ මතය විය.මෙම ඇතැම් මත මාධ්‍ය හමු වලදී ප‍්‍රකාශයට පත්විය.මේ අතර තවත් පුද්ගලයෝ ජනපතිවරයාගේ ප‍්‍රකාශය තවත් දුරට ගෙනයමින්, රජයේ බිඳ වැටීම ආරම්භව ඇතැයිද, මහින්ද රාජපක්ෂගේ ආගමනයක් සිදුවනු ඇතැයිද කීහ. දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින වෙබ් අඩවි ජනපති සිරිසේන අන්තවාදියකු ලෙස හඳුන්වාදුන්නේය.සිරිසේන හිතවාදී වෙබ් අඩවි බොහෝමයක් ඔහුව හෙළා දකිමින් පුවත් පල කළහ.ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතා අදහස් දක්වමින්, විපක්ෂය එදා සිටම කියමින් සිටියේ මෙය බව පැවසුවේය.වංචා හා දුූෂණ සම්බන්ධව පැවැත්වෙන විමර්ෂණයන් දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව කි‍්‍රයාත්මක වන බව ජනපති සිරිසේනගේ ප‍්‍රකාශයෙන් දැන් මොනවට පැහැදිලි වන බව ඔහු කීවේය.මෙම චෝදනාවට අගමැති වික‍්‍රමසිංහ පිළිතුරු දිය යුතු බවද වීරවංශ පැවසුවේය.ඇතැම් ජාතික පුවත්පත් වල කතුවැකි ජනපතිවරයාට පක්ෂපාතී අයුරින් ලියැවී තිබූ අතර, හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටීම අරබයා ජනපතිවරයාව ඉහළින් වර්ණනා කර තිබින.රජයේ වංචා හා දුූෂණ මර්දන වැඩපිළිවෙල වෙනුවෙන් ආරම්භයේ සිටම සහය ලබාදුන් ජනතා විමුක්ති පෙරමුණ, ජනපතිවරයාගේ ප‍්‍රකාශය හෙළා දකිමින් අදහස් පල කළේය.එම පක්ෂයේ නිවේදනයක සදහන් වූයේ ජනපතිවරයාගේ ප‍්‍රකාශය හමුවේ විමර්ෂණ ආයතනයන්ගේ සේවය කරන නිලධාරීන් අධෛර්යමත් වනු ඇති බවය.විමර්ෂණ කටයුතු වල නිතරව සිටින නිලධරයෝ පවසා සිටියේ වංචා හා දුූෂණ මර්දනය කිරීමේ වැඩපිළිවෙලින් කුමක් දිනාගත යුතුදැයි තීරණය කළ යුත්තේ රජයම බවය. මේ නාටකයෙන් රටේ අවධානය වෙනතකට යොමුවූයේ පාර්ලිමෙන්තු ප‍්‍රතිසංස්කරණ සහ මාධ්‍ය අමාත්‍යංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා දිවයිනේ සියලූ මාධ්‍ය ආයතන වෙත යොමුකළ උපදෙස් මාලාවකි.එහි සංක්ෂිප්තයක් අප පාඨකයිගේ දැනගැන්ම සදහා පලකර ඇත. බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ නීතියා හා සාමය පිළිබද ඇමැති සාගල රත්නායක මහතා පොලිසියේ ඉහළ නිලධාරීන් හමුවිය.ඇමැතිවරයා හා පොලිස් නිලධාරීන් අතර සතිපතා පැවැත්වෙන සාකච්ඡුාවට දින නියමවී තිබුනේ එදිනටය.එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ ප‍්‍රධානී රවී විද්‍යාලංකාර මහතා අමතමින් ඇමැතිවරයා කියා සිටියේ පසුබට නොවී දිගටම විමර්ෂණ කටයුතු කි‍්‍රයාත්මක කරන ලෙසය.වර්තමාන දේශපාලන ප‍්‍රවණතා හමුවේ ඇතිවෙමින් පවතින ගැටලූ, ඉක්මනින්ම විසදෙනු ඇති බවද ඔහු පැවසුවේය. රත්නායක පොලිසිය අස්වසමින් සිටියදීම, ජනපතිවරයා හා අගමැතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් පැවතින.බ‍්‍රහස්පතින්දා රැුයේ දෙදෙන කොල්ලූපිටිය වාළුකාරාමෙයේදී හමුවූ අවස්ථාවේ, නිහඩතාවය බිදිමින්, ජනපති සිරිසේනගේ ප‍්‍රකාශය ගැන විමසා ඇත්තේ අගමැති වික‍්‍රමසිංහය.මෙවැනි පැනයක් තමාගෙන් අසනු ඇතැයි නිසැකවම ජනපතිවරයා දැන සිටින්නට ඇත.තමා පැවසූ දෙය මාධ්‍ය මගින් වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි ඔහු පැවසුවේ ඒ නිසාය. පසුව දෙදෙන පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවස්නයේදී හමුවූහ.මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම්, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක යන ඇමැතිවරුද, කම්කරු සහ වෘත්තිය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවී සමරවීර මහතාද, අගමැතිවරයා සමග පැමිණ සිටියහ. මෙම හමුවේදී අගහරුවාදා දිනයේ තමන් කී දේ වෙනුවෙන් පෙනී සිටි ජනපති සිරිසේන, ෆවුසි සහ ජයරත්න යන හිටපු ඇමැතිවරුන්ට අසාධාරණයක් සිදුව තිබෙන බව පැවසුවේය.අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම සම්බන්ධව ඔහු අගහරුවාදා දිනටත් වඩා විවේචනාත්මකව අදහස් පලකළේය.තමා බදාදා දිනයේ කළ සම්පූර්ණ කතාව ගැන කිසිවකුගේවත් අවධානය යොමුව නැති බවත්, මාධ්‍ය අවධානය යොමුකර ඇත්තේ එහි ඇතැම් කොටස් වලට පමණක් බවත් ඔහු කීවේය.පැමිණ සිටි ඇමැතිවරයකු ඇමතූ ඔහු, එදා සම්පූර්ණ කතාව අසා සිටියේදැයි විමසුවේය.නැතැයි පිළිතුරු ලැබුනි.තමා එදින කතාව අවසන් කළේ මෙම රජය පෙරළීමට කිසිදු පුද්ගලයකුට අවස්ථාව ලබා නොදෙන බව සහතික කරමින් යැයි ජනපති සිරිසේන එවිට කීවේය. ‘‘ඇයි ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ?‘‘ ඔහු විමසුවේය.තමා පලකළ අදහස් වලට කිසිදු අවස්ථාවකදී අගමැතිවරයාව ගාවා නොගත් බව ජනපති සිරිසේන පැවසුවේය.තමා ඉතාම ප‍්‍රවේසම් වූ බව ඔහු කීවේය. එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් දෙදෙනක් අමනාපයෙන් මෙන් අදහස් දක්වමින්, ප‍්‍රශ්න වැලක් ජනපතිවරයාට යොමු කළහ.නමුත් අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම පිළිබද තමා පලකළ අදහස් අරබයා පසුතැවීමක් ජනපති සිරිසේනට නොතිබින.එහි අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස් වහාම කි‍්‍රයාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කිරීමට සැරසෙන බව දැනගැනීමට ඇතත්, එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ගයක් පවසා සිටියේ එවැන්නක් සිදුනොවනු ඇති බවය.තවදුරටත් තනතුරේ රැුදී සිටීමට ඇයගේ සිත වෙනස් කරනු වස් විවිධ කි‍්‍රයාමාර්ගයන් දැනටමත් ගෙන ඇත.නමුත් ජනපති සිරිසේනට සමිීප ආරංචි මාර්ග පවසන්නේ අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසම සම්බන්ධයෙන් පවතින අදහස වෙනස් කරගැනීමට ඔහුගේ කිසිදු සූදානමක් නොමැති බවය.කොමිසමේ ප‍්‍රධානී විනිසුරු ටී.බී.විජේසූරිය මහතාද එම ධූරයෙන් ඉවත්වනු ඇතැයි අපේක්ෂිතය. දැනට කි‍්‍රයාත්මක විමර්ෂණ කඩිනම් කිරීමටත්, වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමටත් තමා කටයුතු කරන බව ජනපති සිරිසේන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම හමුවේ පැවසුවේය.දිගින් දිගටම සාකච්ඡුාව ඇදී ගියද, අවසානය වන විට තීරණයකට එළැඹිීගත නොහැකිව ඉතිරිවූ කරුණු රැුසක් තිබුනු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනීමට හැකිවිය.පොලිසිය සම්බන්ධ කරුණුද ඒ අතර තිබී ඇත.බ‍්‍රහස්පතින්දා මෙම හමුව පැවැත්වෙන අතරවාරයේ බස්නාහිර පළාතේ සියලූ පොලිස් නිලධාරීන් සිටියේ අවදියෙන්ය.මත්කුඩු මර්දන වැඩපිළිවෙලක් දියත් කරනු වස් සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමටද කටයුතු කර තිබින.මේ සම්බන්ධයෙන්ද බ‍්‍රහස්පතින්දා පැය හතරකට ආසන්න කාලයක් පැවැත්වුන හමුවේදී ද සාකච්ඡුා කැරින. ජනපතිවරණයේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ සිවිල් සමාජ කණ්ඩායම්ද ජනපතිවරයාගේ ප‍්‍රකාශය හමුවේ සිටියේ අසතුටිනි.සිකුරාදා තමන් හමුවට පැමිණෙන ලෙස ජනපතිවරයා කළ ආරාධනයක් බැහැර කළ ඔවුන්, ඒ අවස්ථාවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් පසුව, වෙනත් දිනයකදී ජනපතිවරයා හමුවට පැමිණිය හැකි බව දන්වා යැවූහ.එම මාධ්‍ය හමුවේදී විවිධ කණ්ඩායම් දැක්වූ අදහස් වල සංක්ෂිප්තයක් පහත ඇත. පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ කියා සිටියේ ජනපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමාගෙන් සහ තම හිතවතුන්ගෙන් ජනතාව විමසමින් සිටින බවයි.විමල් වීරවංශටද පිළිතුරු දීමට දැන් තමාට සිදුව තිබෙන බව ඔහු පැවසුවේය.ජනපති සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සමාන කරමින් ඇතැමුන් අදහස් දක්වන බවත්, ජනපති සිරිසේන බලයට පත්කිරීම සම්බන්ධයෙන් ඔවුන් කණගාටුවන බවත් ඔහු කීවේය.අනෙක් පසින් හිටපු ආරක්ෂක ලේකම්වරයකු අධිකරණයට කැදවීම අබයා ජනපතිවරයා පිළිකුලට පත්වන්නේ, අප‍්‍රසාදය පලකරන්නේ ඇයිදැයි ඔහු විමසුවේය.අධිකරණය හමුවට කැදවුනු හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනද සේවය කරමින් සිටියේ පෞද්ගලික ආයතනයක බව ඔහු පැවසුවේය. ස්වාධීන කොමිසම් ගැන අභිමානයෙන් එදා කතා කළද, අද ජනපතිවරයා චෝදනා නගන්නේ එම ආයතනයන් ඔහුව දැනුම්වත් නොකරන බව පවසමින් බව වියන්ගොඩ කීවේය.මුලින් දැනුම්වත් කිරීමක් සිදුවිය යුතු බවට ජනපතිවරයා විශ්වාස කරන්නේ නම් එය 19 වැනි සංශෝධනයෙන් විසඳා ගත යුතුව තිබුනු බව පැවසූ වියන්ගොඩ, සිවිල් සමාජ සංවිධාන වශයෙන් රජය හරි මග ගෙනයාමට අවැසි සියල්ල කරන බව කීවේය. සමාජ සාධාරණත්වය වෙනුවෙන් වන ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාරය සරත් විජේසූරිය මහතා අදහස් දක්වමින් ජනපතිවරණයේදී ජනතාවට දුන් ප‍්‍රධාන පොරොන්දුවක් වූයේ වංචනිකයින්ට හා දුූෂිතයින්ට නිසි දඩුවම් ලබාදීම බව පැවසුවේය.ජනපතිවරයා බලයට පත්වූ වහාම ඔහු හමුවට ගිය එක්තරා ඇමැතිවරයකු රාජපක්ෂ පවුලේ ආරක්ෂාව ගැන සහතිකයක් ඔහුගෙන් ඉල්ලා සිටි ආකාරය විජේසූරිය සිහිපත් කළේය.තවත් ඇමැතිවරයකු ඔහු සිටින තාක් කල් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට කිසිදු අනතුරක් සිදුනොවන බව ප‍්‍රකාශ කර ඇතැයිද ඔහු පැවසුවේය.විමර්ෂණ ආයතනයන්හි නිලධාරීන් ඉටුකරන මෙහෙය අගය කළ නොහැකි බව කියා සිටි විජේසූරිය, බොහෝමයක් විමර්ෂණ කටයුතු අවසාන වන්නට නියමිත බව පැවසුවේය.නමුත් එක්තරා බුද්ධි අංශ නිලධාරියකු විමර්ෂණ කටයුතු අවසාන කිරීමට ඉඩනොදී බලහත්කාරයෙන් රදවාගෙන සිටින්නේයැයි ඔහු හෙළි කළේය. විමර්ෂණ කටයුතු පමා වන්නේ යැයි මැසිවිලි නගන ජනපතිවරයාටම, එම විමර්ෂණ කටයුතු ඉක්මන් කිරීමේ හැකියාව ඇති බව විජේසූරිය පැවසුවේය.ෆවුසි ඇමැතිවරයාට නැගී ඇති රාජ්‍ය වාහන අවභාවිතා කිරීමේ චෝදනාව ගැන පැහැදිලි කළ ඔහු, එසේ අවභාවිතා කර ඇතැයි චෝදනා නැගී ඇත්තේ ඩෙන්මාර්කයේ පරිත්‍යාගයක් ලෙස ලැබී තිබෙන සුනාමි අනතුරු ඇගවීමේ පද්දතියක් සවිකළ වාහනයක් අරබයා බව පැවසුවේය.වංචා හා දුූෂණ වල යෙදී ඇති පුද්ගලයින් ආරක්ෂා නොකරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද, එක්ව වැඩ කරන ලෙස ජනපතිවරයා සහ අගමැතිවරයා දෙදෙනගෙන්ම ඉල්ලා සිටින බවද, විජේසූරිය කීවේය. ජනපති සිරිසේනගේ ප‍්‍රකාශය හමුවේ ඇතිවූ නොසන්සුන්තාවය තවමත් පහව ගොස් නොමැත.අධිකරණයට, පොලිසියේ විමර්ෂණ ඒකකයන්ට, ඔහු එල්ල කළේ ප‍්‍රබල පහරකි.සිදුකළ යුතුව තිබුනේ ඔහු අගහරුවාදා පැවැත්වූවා හා සමාන හමුවක්, පොලිසියේ සහ අධිකරණයේ ප‍්‍රධානීන් සමග පැවැත්වීමය.නමුත් එවැන්නක් සිදුනොවින.ඒ වෙනුවෙට ජනතාවට ලැබුනේ මාධ්‍ය කටයුතු භාර අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයකි. අද, ජනපතිවරයා හෝ අගමැතිවරයා හෝ දිවයිනේ නැත.ඒ හමුවේ ඔවුන්ගේ අදහස් දැනගැනීමට ක‍්‍රමයක්ද නැත. පහත පුවත් වාර්තාකරණයේ යෙදිය යුතු ආකාරය සම්බන්ධයෙන් දිවයිනේ මාධ්‍ය ආයතන වෙත පාර්ලිමෙන්තු සංශෝධන හා මාධ්‍ය අමාත්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා නිකුත් කළ උපදෙස් මාලාවේ සංක්ෂිප්තයකි. උපදෙස් මාලාවේ ආරම්භයේ ඔහු පක්ෂ දෙකක් අතර ඇතිව තිබෙන අවබෝධතාවයකදී, එක් පක්ෂයක් එම අවබෝධතාවය අනුව කටයුතු නොකිරීම අරබයා, ඊට හේතුවූ කරුණු වටහාගෙන, අපක්ෂපාතී, සාධාරණ වාර්තාකරණයක යෙදිය යුතුවීමේ වැදගත්කම පෙන්වාදී ඇත.නමුත් මෙම අවස්ථාවේදී, කුමන පක්ෂය, කුමන අවබෝධතාව කඩකර ඇතිදැයි ඔහු සදහන් කර නොමැත. ’‘ ජනපතිවරයා පැවැත්වූ සාකච්ඡුාවක් සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස තමන් යටතට අයත් වන යම් සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු පලකළ අදහස් අරබයා පලවෙමින් තිබෙන මාධ්‍ය වාර්තා හමුවේ කිසියම් තත්ත්වයක් නිර්මානය වෙමින් තිබේ.ඉදිරියේ මාධ්‍ය හමු කිහිපයක්ම පැවැත්වෙන බවටත් දැනටමත් ඇතැම් පාර්ශවයන් නිවේදනය කර ඇත.පළමු කරුණ ලෙස මම ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරන්නේ මේ සම්බන්ධයෙන් වන පුවත් වාර්තාකරණය ජනපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ ප‍්‍රතිරූපයට හානි නොවන අන්දමින් සිදුකළ යුතුවීමේ වැදගත්කම සම්බන්ධයෙන්ය.‘‘ ’‘ මෙවැනි ගැටලූවක් අරබයා පැන නැගිය හැකි අහිතකර තත්ත්වයන් රටේ වත්මන් වාතාවරණය මෙන්ම අනාගතය කෙරෙහිද අයහපත් ලෙස බලපැවැත්විය හැකි නිසා, ඔබ මේ සම්බන්ධයෙන් පිළිපැදිය හැකි ඉහළම වෘත්තිමය සහ විනයමය තත්ත්වයන් අනුගමනය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.එය සදහන් කරන අතරම පහත කරුණු වෙත ඔබේ අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි.‘‘ ’‘ සෑම කි‍්‍රයාවකටම බලයෙන් සමාන වූද කි‍්‍රයාවෙන් ප‍්‍රතිවිරුද්ධ වූද ප‍්‍රතිකි‍්‍රයාවක් ඇත, යන විද්‍යා න්‍යාය ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.මෙය සැළකිල්ලට ගනිමින්, ප‍්‍රතිවිපාකයන් ඇතිවීම වළක්වාගනු වස්, ඇතැම් කි‍්‍රයාකාරකම් වල යෙදීමෙන් වැළකීමට කෙනෙකුට හැකියාව ඇත.පිටස්තර පුද්ගලයකු එය දකින ආකාරය සෑම විටම පවත්නා යථාර්ථය නොවේ.‘‘ ’‘ දැනට මාධ්‍ය වාර්තා පලවෙමින් තිබෙන්නේ ජනපති කළ නිරීක්ෂණයකට අදාළව ඔහු කළකි‍්‍රයාවකට, ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙසය.නමුත් විය යුත්තේ එය නොවේ.ජනපතිගේ කි‍්‍රයාවට හේතුවූ කරුණු අධ්‍යනය කිරීම පළමුකොට සිදුවිය යුතුය.ඒ අනුව හරවත්, වැදගත්, සංවාදයක් ඇති කිරීම අනතුරුව සිදුවිය යුතුය.එසේ නොමැති නම් ප‍්‍රතිඵලය භයානක වනු ඇත.‘‘ ’‘ පටු පැහැදිලි කිරීම් වලට සීමා වන අවස්ථා මගහැරීම වැදගත්ය.ජනපතිවරයා ප‍්‍රකාශ කළ වචන කිහිපයක් මුල් කරගෙන, මෙවැනි අනවශ්‍ය කියැවීමක් ඇති කිරීම අවාසනාවන්ත තත්ත්වයකි.ගෙවුනු වසර එක හමාරක පමණ කාලයේ, ජනපතිගේ දැක්ම හා අදහස් ශී‍්‍ර ලංකාවේ මෙන්ම අන්තර්ජාතිකවද පිළිගැනින.නමුත් මාධ්‍ය මගින් කෙරෙන පටු පැහැදිලි කිරීම් වලින්, දිනාගත් දේ අහිමි වීමේ අවදානමක් ඇත.‘‘ 
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
0
වැට් බදු ඉහළ යෑම අරබයා දිවයිනේ මතුවෙමින් පවතින විරෝධතා රජයේ අවධානය දිනාගැනීමට සමත්ව ඇති බවක් දැකගන්නට ඇත.අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ද වැඩි තැනක් වෙන්වූයේ මේ සම්බන්ධයෙන්ය.එහිදී අමාත්‍යවරුන්ට, ඔවුනොවුන් යොදාගෙන තිබෙන විදෙස් සංචාර වහා අවලංගු කර, තම තමන්ගේ ඡන්ද බල ප‍්‍රදේශවලට ගොස් මෙම විරෝධතා වලින් ඇතිවිය හැකි අයහපත් ප‍්‍රතිවිපාකයන් සමනය කරගැනීමට වගබලාගන්නා ලෙස ජනපති මෛතී‍්‍රපාල සිරිසේන උපදෙස් දුන්නේය.ජනපති සිරිසේන මෙම මාසය ඇතුළත ජන හඩට ඇහුම්කන් දුන්නේ පිට පිටම දෙවැනි වතාවටය.පළමු වතාවේ ඔහු සිවිල් සංවිධාන වල අදහස් විමසා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ධූර කාල දිගුවක් ලබාදීම වෙනුවට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කළේය.විවිධ කරුණු මුල් කරගෙන රට පුරා නැගෙමින් පවතින විරෝධතා එක්සත් ජාතික පෙරමුණු රජය හමුවේ ඇති නවතම අභියෝගය බවට පත්ව තිබේ.2011 වසරේ මැද පෙරදිග ඇතිවුණු අරාබි වසන්තය හා සමාන තත්ත්වයක් මෙරටද ඇතිවන්නට යන බවක් මෙම විරෝධතා වල ස්වභාවය අධ්‍යනය කිරීමේදී හදුනාගත හැකිය.මහින්ද රාජපක්ෂ සමයේ මෙන් නොව  ඕනෑම පාර්ශවයකට නිදහසේ විරෝධතා වල යෙදීමට දැන් අවස්ථාව තිබෙන බව රජය පවසන්නේය.නමුත් එසේ යැයි කියා කිසිත් නොකර සිටීමට රජයට හැකියාවක් නැත.විරෝධතා පැවැත්වීමට මුල්වී ඇති කරුණු සැළකිල්ලට ගැනීමේදී පැහැදිලි වන්නේ වත්මන් පාලන කටයුතු ගැන ජනතාවගේ පැහැදීමක් නොමැති බවයි.එනිසා විරෝධතා පැවැත්වීමට නිදහස තිබෙනවායැයි එකිනෙකාට සුභපතා ගැනීමට රජයට දැන් කිසිදු හැකියාවක් නැත.යහපාලන න්‍යායන් අනුව ඇත්තෙන්ම සිදුවිය යුත්තේ විරෝධතා පැවැත්වීමට අවශ්‍යතාවක් නොමැති හෝ සුලූවෙන් පමණක් විරෝධතා පැවැත්වීමට සිදුව තිබෙන වාතාවරණයක්, රටේ ඇතිවීමය. බස්නාහිර පළාත - ජූලි 7 පානදුර, මීගමුව, මහරගම, කිරිබත්ගොඩ, ජූලි 8 - ජා ඇල, කලූතර, දකුණු පළාත - ජූලි 7 තංගල්ල, හුංගම, බෙලිඅත්ත, වලස්මුල්ල, වීරකැටිය, කටුවන, මිද්දෙනිය, ඇල්පිටිය, තිස්සමහාරාම, හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර, අම්බලන්තොට, ඌව පළාත - ජූලි 8 වැල්ලවාය, මධ්‍යම පළාත - ජූලි 8 නුවර, සබරගමුව පළාත - ජූලි 7 කුරුවිට, රත්නපුර, බලන්ගොඩ,  ඕපනායක, නිවිතිගල, ගොඩකවල, කලවාන, ඇහැළියගොඩ, කිරිඇල්ල, රක්වාන, අස්ගම, වැලිගෙපොල, කෑගල්ල, ඇඹිලිපිටිය, උඩමලූව, වයඹ පළාත - ජූලි 7 කුරුණෑගල, නැගෙනහිර පළාත, ජූලි 8 අම්පාර, යනාදිය වැට් බදු ඉහළ යෑමට එරෙහිව ගෙවුණ දින කිහිපයේ පමණක් විරෝධතා පැවැත්වුණු ප‍්‍රදේශ වේ.පිළිතුරු දැක්වීමක් ලෙස එක්සත් ජාතික පක්ෂය බ‍්‍රහස්පතින්දා රත්නපුරදී රජය ඔවුන්ගේම විරෝධතාවක් සංවිධානය කළේය.රජයට එරෙහිව නැගෙන විරෝධතා පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය නම්, ජනතා විමුක්ති පෙරමුණද රජයට එරෙහිව අවි අතට ගෙන ඇති බවක් පැවැසිය හැකිය.දින හයක් පුරා දිවෙන විරෝධතා මාලාවක් එම පක්ෂය සංවිධානය කර තිබෙන අතර එහි අවසන් විරෝධතාවය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (10* දිනයේදීය. විරෝධතා මතුවෙමින් තිබෙන්නේ වැට් බදු ඉහළ යෑමට එරෙහිව පමණක් නොවේ.සිකුරාදා අලූයම හයිලෙවල් පාර අවහිර කළ කොස්ගම වැසියෝ සාලාව හමුදා අවි ගබඩා ගින්නෙන් විනාශ වූ තම නිවෙස් හා වෙනත් බඩු බාහිරාදියට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ,ඒ අය අපෙන් තොරතුරු අරගෙන, පොරොන්දු දීලා යන්න ගියා.අපි තවමත් බලාගෙන ඉන්නවා., නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ කොස්ගම වෙසෙන රජයේ නිලධරයෙක් පැවසූවේය.ගින්නෙන් ඔහුගේ නිවස හා පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල විනාශව ගොසිනි. අනෙක් පසින් වෙරළබඩ දුම්රිය මාර්ගය අවහිර කළ දකුණේ ධීවරයෝ ධීවර යාත‍්‍රා ගැඹුරු මුහුදට යොමු කිරීම පහසු වන සේ වෙරළ ආසන්නයේ ඇති ගල් කඩා දමන බවට මුලින් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.මේ හමුවේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවිය.ශී‍්‍ර ජයවර්ධනපුර සරසවි ශිෂ්‍යයෝ සිකුරාදා දිනයේදීත් නුගේගොඩ නගරයේ විරෝධතාවක නියැලූණහ. මෙම විරෝධතා වල අනිටු ප‍්‍රතිවිපාක කිහිපයකි.එයින් ප‍්‍රධානම වන්නේ නීතිය හා සාමය සුරැුකීමට පැවරී තිබෙන වගකීම පසෙකලා විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසියට මැදිහත් වන්නට සිදුව තිබීමය.බොහෝ විට කාර්යබහුල වේලාවන්හි දී පැවැත්වෙන මෙම විරෝධතා නිසා වටිනා කාලය නාස්ති කරමින් මහමග රැුදී සිටින පොදු ජනතාවට සිදුවන අපහසුතාවයන්ද ඊට දෙවැනි නැත. අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුවට ප‍්‍රථමයෙන් ජනපති සිරිසේන, සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා වෙළඳුන් කණ්ඩායමක් සමත විශේෂ සාකච්ඡුාවක් පැවැත්වූහ.වැට් බදු ඉහළ යාම ගැන වැඩි අවධානයක් යොමුවුනු මෙම හමුවේදී තමන් කිසිසේත්ම රාජ්‍ය විරෝධී නොවන බව අවධාරණය කර සිටි වෙළද පිරිස, ව්‍යාපාර වල මෙන්ම පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය තකා වැට් බද්දට සංශෝධන සිදුකරන මෙන් ඉල්ලා සිටින බව පැවසූහ.ජනපති සිරිසේන බලයට පත්කිරීමට රටේ ව්‍යාපාරික ප‍්‍රජාව විශාල මෙහෙයක් ඉටුකළ බව මුදල් ඇමැතිවරයා මෙම අවස්ථාවේදී පැවසුවේය.නමුත් පසුගිය පාලන සමයේ වැට් බද්ද සියයට 11 ක මට්ටමේ පැවති බවත්, මෙම රජය යටතේ එය ඉහළ නංවා ඇත්තේ සියයට 15 ක් දක්වා පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.හමුවට පසුව ජනපති සිරිසේන වැට් බදු ඉවත් කළ හැකි, බදු අලූතින් හදුන්වාදිය හැකි ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව දැනගන්නට ඇත.පෙට‍්‍රල් මිල සංශෝධනය කිරීමක් ඇතුලූ යෝජනා කිහිපයක් ජනපතිවරයාට ඉදිරිපත්ව තිබෙන අතර ඒවායින් කුමක් කි‍්‍රයාත්මක කෙරෙනු ඇතිද යන්න මෙම මාසය ඇතුළත නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය. වැට් බදු සංශෝධනය නිසා අහස උසට ගැන ඇති ජීවන වියදමද සාකච්ඡුාවට බදුන් විය.අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහතට ගෙන ආ හැක්කේ කෙසේදැයි සොයාබැලීමට විශේෂ කැබිනට් උප කමිටුවක් ඒ අනුව පත් කැරිණ.අපනයනකරුවන් ඔවුන්ගේ භාණ්ඩ වලට මිල නියම කරන ක‍්‍රමවේදය අධ්‍යනය කිරීමටත්, ඒ ඔස්සේ ඔවුන් තබාගන්නා ලාභය මදක් අවම කර එහි සහනය ජනතාව වෙත ලබාදීමට ඇති හැකියාව සොයාබැලීමටත්, මෙම කමිටුව කටයුතු කරනු ඇත.මුදල් ඇමැති කරුණානායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මලික් සමරවික‍්‍රම, රිෂාද් බදුර්ධීන් එහි සාමාජිකයෝය.තම තමන්ගේ ඡුන්ද බල ප‍්‍රදේශ වලට ගොස් ජනතාව ඉදිරිපත් කරන නව අදහස් මෙම කමිටුවට යොමුකරන ලෙසද ජනපතිවරයා සියලූම අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය. දිවයිනට ලැබී තිබෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති වල කටයුතු ඉක්මන් කිරීමෙන් නව රැුකියා අවස්ථා උත්පාදනය කිරීමට ඇති හැකියාවද අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡුාවට බදුන්විය.ව්‍යාපෘති විශාල ගණනක් දිවයිනට ලැබී තිබුණද, නිල වශයෙන්ම පත්කර ඇති ටෙන්ඩර් මණ්ඩලයක අනුමැතිය ඒවාට ලැබී තිබුණද, තවමත් එම ව්‍යාපෘති කි‍්‍රයාත්මකව නොතිබීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය.නිසි අධ්‍යනයකින් පසු වරද නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය පිරිස තීරණය කළෝය. පොළොන්නරුව නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමක් ජනපති ලේකම් කාර්යාලයේදී පසුගියදා හමුවූ අවස්ථාවේදී, තම පාලන කටයුතු වලට බාධා කිරීමට කිසිදු අයෙකුට අවස්ථාව නොදෙන බව ජනපති සිරිසේන අවධාරණය කළේය.එක්සත් ජාතික පක්ෂය හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අයත් රජයක් නොමැති බවත්, දැනට කි‍්‍රයාත්මක ඒකාබද්ධ රජය දිගටම පවත්වාගැනෙන බවත් ඔහු පැවසුවේය.මාධ්‍ය රජය අත්වැල් බැදගෙන සිටින්නේයැයි කිසිලෙසකවත් නොසිතන ලෙස පවසා සිටි ජනපතිවරයා මාධ්‍ය සහ රජය පාර්ශවයන් දෙකකට අයත් බව කීවේය.මේ අරබයා වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු රජයට අයත් පුවත්පත් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පලකළේය.හමුවට එක්ව සිටි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද අදහස් දක්වමින්, සන්ඬේ ටයිම්ස් පුවත්පත තමා හා ජනපති සිරිසේන අතර කඹ ඇදිල්ලක් ඇතැයි අභූත කරුණක් ඉස්මතු කර තිබෙන බවට චෝදනා කළේය.එවැනි දෙයක් නොමැති බවත්, කඹ ඇදිල්ලකට කඹයක් පවා නොමැති බවත් ඔහු අවධාරණය කළේය. ජනතාව ගැන පමණක් නොව තමන් නායකත්වය දරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමුකිරීමට ජනපති සිරිසේනට සිදුවිය.රටේ ජනපතිධූරයට පත්වුවද, පක්ෂයේ නායකත්වය හිමිවුවද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස සවිමත් ස්ථාවරයක් ගොඩනගා ගැනීමට ඔහුට තවමත් හැකිව නොමැත.මේ සම්බන්ධයෙන් ජනපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡුාවක්ද පැවැත්විය.පසුව තම නිවසේදී පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් පිරිසක් හමුවූ අමරවීර ඉදිරියට ගතයුතු කි‍්‍රයාමාර්ගයන් පිළිබදව ඔවුන් හා සාකච්ඡුා කළේය.වැඩි අවධානයට ලක්වූ කරුණු දෙකක් වූ අතර ඉන් පළමුවැන්න වූයේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නව දේශපාලන බලවේගයක් නිර්මානය කිරීම අරබයා ගෙන ඇති පියවරයන්ය.ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර නව දේශපාලන පක්ෂයක් කලඑළි බැසීමේ සූදානමක් ඇතැයි මෙයින් යම්තරමකට තහවුරු වන බව හමුවට සහභාගීව සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස විය.එක්සත් ජාතික පක්ෂය තම සාමාජික පිරිස ඉහළ නංවා ගනු වස් නව තාක්ෂණික උපක‍්‍රම අනුගමනය කරමින් සිටීමත්, ඒ සදහා වෙනම මෘදුකාංගයක් (ඇප්) හදුන්වාදී තිබීමත් මෙහිදී අවධානයට ලක්වූ දෙවැනි කරුණ විය.මේ කරුණු සැළකීමේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පසුගාමිීව ඇතැයි හමුවේදී අදහස් පලවිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියට ගතයුතු පියවර පිළිබදව එකඟතාවයකට පැමිණීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විශේෂ හමුවක් බදාදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.එහිදී දීර්ඝ අදහස් දැක්වීමක නිතරවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මහලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා රජය ජනතාව අතර අප‍්‍රසාදයට පත්ව තිබෙන බවක් පෙන්වන විරෝධතා රැල්ලක් ඇතත්, රජය බිඳ වැටෙන කිසිඳු සළකුණක් නොමැති බව පැවසුවේය.තවත් කිහිප දෙනකුගේ අදහස් දැක්වීමෙන් පසුව පැවැත්වුණු දීර්ඝ සාකච්ඡුාවක් අවසානයේ පක්ෂය සවිමත් කිරීම සදහා දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත්, පක්ෂය දෙකඩ කිරීමට ගන්නා උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කිරීමට පියවර ගැනීමටත් තීරණය විය.මෙහි පළමු පියවර ලෙස නුවරදී ජන හමුවක් පැවැත්වීමට නියමිත අතර ඉදිරි ජනහමු පැවැත්වෙන්නේ කුමන ස්ථානවලදැයි තීරණයක් නැත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව සියලූම දෙනා සිටිනුයේ අවධානයෙන්ය.ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් හැකිතාක් බැහැරව සිටීමට රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව ඉතාම පැහැදිලිය.මුදල් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගයට පවා ඔහු අත්සන් නොකළේය.පසුගියදා ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සෙවණැලි කැබිනට් මණ්ඩලයට එක්වීමේ අවශ්‍යතාවක් රාජපක්ෂට නොතිබිණ.ඒකාබද්ධ විපක්ෂය නිකුත් කරන මාධ්‍ය නිවේදන වල පවා හිටපු ජනපතිවරයා ගැන සදහනක් නැත.ඒ කෙසේවුවත් තමන්ට සහය දක්වමින් සිට පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තැත් කළ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් නැවත තමන් කෙරේ නම්මා ගැනීමට ඔහු මැදිහත්ව තිබෙන බවක් දැනගන්නට තිබේ.හිටපු ජනපතිවරයාගේ හිතවතකුට අනුව ඔහු මෙසේ කටයුතු කරමින් සිටින්නේ නව දේශපාලන බලවේගය රටේ මුල් බැස නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මාර්ගය සකස් කර දෙන තෙක්ය.  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනාගතය අස්ථාවර යැයි සාමාජිකයින් අතර ඇතිව තිබෙන බිය හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අවධානයට ලක්වීමටද වැඩි කලක් නොගියේය.අගහරුවාදා අහුංගල්ල ද හෙරිටන්ස් හෝටලයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් හමුවූ ඇය මේ සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළාය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම පසුපස සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය බව කියා සිටි හිටපු ජනපතිනිය, පක්ෂය සවිමත් කිරීමට ඇති එකම ක‍්‍රමය වන්නේ හිටපු ජනපතිවරයා ඇතුලූ හය දෙනෙක්, එනම් ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන, වහාම කි‍්‍රයාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපා හැරීම යැයි පැවසුවාය.නමුත් මෙහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර එවැන්නක් සිදුකිරීමට සුදුසු කාලය නොවන බවද, එවැනි කි‍්‍රයාමාර්ගයකට ගියහොත් තවත් ගැටලූ ඇතිවනු ඇති බවද, කීවේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කිරීමට ජනපති සිරිසේන හා හමුවක් සංවිධානය කළ යුතුයැයි අවසානයේ තීරණය විය. මහින්ද රාජපක්ෂ මේ අතර සිටින්නේ දකුණු කොරියාවේ සංචාරයක් සදහා සූදානම් වෙමින්ය.එරට වෙසෙන ශී‍්‍ර ලංකා ජාතිකයින් හමුවීමටද ඔහු සැළසුම් කර ඇත. විරුද්ධ මත දරන දෙපාර්ශවයක් අතර ඇතිවන එකගතාවයකට අනන්‍ය වන පරිදි ඇතැම් කරුණු සම්බන්ධයෙන් එම දෙපාර්ශවය විවිධ අදහස් දරන අවස්ථා වත්මන් එක්සත් ජාතික පක්ෂ - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සභාග රජයේද හදුනාගත හැකිය.මෙය පක්ෂ දෙක අතර ඇති එකගතාවය බිද වැටෙමින් පවතින ලෙස බවට හෝ, රාජ්‍ය විරෝධී අදහස් දැක්වීමක් ලෙස හෝ වරදවා වටහාගත යුතු නැත. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සදුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියට අනුව ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට සකස් කෙරෙන යාන්ත‍්‍රණය වගවීම් සහගත ලෙස කි‍්‍රයාත්මක කිරීමට ගතයුතුව තිබෙන පියවර මොනවාදැයි මේ දිනවල සොයාබැලෙමින් පවතින බව පැවසුවේය.මෙය තවදුරටත් පැහැදිලි කළහොත් දැන් සිදුවෙමින් පවතින්නේ එම යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම සදහා යොදාගැනෙන්නේ දේශීය විනිසුරුවරුන්ද, එසේත් නැතිනම් විදේශීය විනිසුරුවරුන්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමේ කටයුතුය. දිනකට පසු ජනපති සිරිසේන මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක නිරත විය.විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ගැන සෘජුවම සදහන් නොකළ ජනපතිවරයා අවධාරණය කර සිටියේ රටේ අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට හා අධිකරණ පද්දතියට අතපෙවීමට, විදෙස් අධිකරණයකට, විනිසුරුවරයකුට හෝ සංවිධානයකට කිසිදු අවසරයක් නොදෙන බවයි. ,කවුරු කොහේ කියා තිබුණත් යුද සමයේ මානව හිමිකම් කඩවෙලා කියන චෝදනා විමර්ෂණය කරන්න විදෙස් විනිසුරුවරුන් එනවාය, විදෙස් යුද අපරාධ අධිකරණ පිහිටුවනවාය කියලා,  එහෙම දෙයක් වෙන්නේ නැහැ., යැයි ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකාය පසුගිය සිකුරාදා පානදුරයේදී සංවිධානය කර තිබූ 70 වන ජාතික උපසම්පදා විනයකර්මයට සහභාගීවූ අවස්ථාවේදී ජනපතිවරයා පැවසුවේය. විදෙස් විනිසුරුවරුන් පිළිබද ජනපතිවරයාගේ ස්ථාවරය එදා සිටම නොවෙනස්ය.සන්ඬේ ටයිම්ස් හා පසුගිය වතාවක අදහස් දැක්වූ අවස්ථාවේදී පවා ඔහු අවධාරණය කර කියා සිටියේ චෝදනා විමර්ෂණය කිරීමට අවැසි තාක්ෂණික සහය විදෙස් රටවලින් ලබාගත්තද, එම විමර්ෂණ කටයුතු සදහා විදෙස් විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.සුදුසුකම් ඇති විනිසුරුවරු දිවයිනේම සිටින බව ඔහු පැවසුවේය.මැයි මස 26 වැනිදා යුද හමුදා නිලධරයින් කණ්ඩායමක් සමග පැවති හමුවකදී අගමැති වික‍්‍රමසිංහද කියා සිටියේ මෙයයි. ,අධිකරණ යාන්ත‍්‍රණය සකස් කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන්., යැයි ඔහු පැවසුවේය. සමරවීර මෙම අදහස් දැක්වූයේ ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරයට සහභාගීව නැවත දිවයින බලා පැමිණ පසුවය.විනිසුරුවරුන්ගේ ගැටලූව විවිධ රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවේ නැවත නැවතත් පැහැදිලි කරදීමටද ඔහුට සිදුවිය.යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන සාකච්ඡුා පැවැත්වීම ඉතාම වැදගත්ව තිබියදී පසුගියදා රැුස්වූ බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තුවේදීද මානව හිමිකම් කඩවීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ වත්මන් ප‍්‍රගතිය ගැන සාකච්ඡුාවට බදුන් විය.දෙමළ ජාතිකයින් බහුතරයක් සිටින ඡුන්ද කොට්ටාශ වල නියෝජිතයෝ ශී‍්‍ර ලංකාවට එරෙහිව අදහස් දැක්වූහ.ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය, විදේශ කටයුතු, හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල භාර ඇමැති හියුගෝ ස්වයර්ය.චෝදනා විමර්ෂණය කිරීම අන්තර්ජාතිකව පිළිගත් තත්ත්වයන් යටතේ සිදුවිය යුතු බව බි‍්‍රතාන්‍යය රජය නැවත නැවතත් පෙන්වාදී ඇතැයි කියා සිටි ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මතවූ යෝජනාවලිය ඒ අයුරින්ම කි‍්‍රයාත්මක විය යුතුව තිබෙන බව පසුගියදා පැවැති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදීද අවධාරණය කළ බව පැවසුවේය. පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ශී‍්‍ර ලංකා රජයේ ස්ථාවරය ගැන වැඩි කලබලයක් විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයින් අතර නැත.ඒ කෙසේවුවත් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සහ තවත් දේශකයින් කිහිපදෙනෙක්ම තම තමන්ගේ දේශන අතරතුරදී විදෙස් විනිසුරුවරුන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ස්ථාවරය ගැන දැඩිව අදහස් දැක්වූහ.යෝජිත යුද අපරාධ චෝදනා විමර්ෂණ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමට බලයක් ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ට ඇතිදැයි යන්න පවා ගැටලූවකි.නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කළහොත් තත්ත්වය වෙනස් වීමට ඉඩ ඇති බවට මත පලව තිබේ.නමුත් ඇතැමුන් පවසන්නේ ජනපතිවරයා වෙනස්්වුවද ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් නොවනු ඇති බවය. එළැඹෙන අගහරුවාදා ආරම්භ වන දකුණු හා මධ්‍යම ආසියා කලාප භාර ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල්ගේ ශී‍්‍ර ලංකා සංචාරයේදී යෝජනාවලිය කි‍්‍රයාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයට අනාවරණය වනු ඇත.බිස්වාල්ගේ සංචාරයෙන් පසු රුසියා විදේශ ඇමැති සර්ගෙයි ලාව්රොව් මෙරටට පැමිණීමට නියමිත අතර, ද්විපාර්ශවික සාකච්ඡුා වලට අමතරව කොළඹ බුලර්ස් පාරේ අභිනවයෙන් ඉදිකෙරුණු රුසියා තානාපති කාර්යාලය ඔහුගේ අතින් විවෘත කිරීමටද සැළසුම් කර ඇත.අතීතයේ කොළඹ සෝවියට් තානාපති කාර්යාලයේද සේවය කර තිබෙන ඔහු සිංහල බස හැසිරවීමේද සමතෙකි.අනතුරුව ජපාන ආරක්ෂක ඇමැති ජෙනරල් නකටානිද, කැනඩා විදේශ කටයුතු ඇමැතිනී ස්ටෙෆනී ඩියෝන්ද, දිවයිනට පැමිණීමට නියමිතය.සාමාන්‍යයෙන් වසරකට රාජ්‍ය තාන්ති‍්‍රක සංචාර දෙකක් හෝ තුනක් සංවිධානය කරන විදේශ කටයුතු අමාත්‍යංශයට මේ සා රාජ්‍ය තාන්ති‍්‍රකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව තිබීම හමුවේ පැවරී තිබෙන්නේ සුවිශාල වගකීමකි. විදේශ කටයුතු අමාත්‍යංශය අපේක්ෂා නොකළ අයුරින් චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී මෙරට සංචාරයකට පැමිණීමට අපේක්ෂා කරන බව දැක්වූයේය.එක්සත් ජාතික පෙරමුණු රජය රට භාරගැනීමෙන් පසු දිවයිනට පැමිණෙන ඉහළම පෙළේ චීන රාජ්‍ය තාන්ති‍්‍රකයා ඔහු වූ අතර ඔහුගේ සංචාරයේ අරමුණ කුමක්දැයි පැනයන් මතුවිය.විදේශ කටයුතු ඇමැති සමරවීර හා යී අතර පැවැති සාකච්ඡුා වලින් අනාවරණය වූ පරිදි ඔහුගේ අරමුණ වී ඇත්තේ දෙරට අතර ද්විපාර්ශවික ගැටලූ කිහිපයක් පිළිබද සාකච්ඡුා කිරීම සහ චීනයේ ආධාර මත මෙරට කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති වල ප‍්‍රගතිය අධ්‍යනය කිරීමය.මහින්ද රාජපක්ෂ සමයේ කි‍්‍රයාත්මක වෙමින් තිබී, පසුව නව රජය බලයට පත්වූ පසු තාවකාලිකව නතර කෙරුණු ව්‍යාපෘති නැවත බලගන්වා ඇතැයිද ඔහු සොයාබලා තිබේ.දෙදෙන අතර පැවති සාකච්ඡුා වලදී දකුණු චීන මුහුද අරබයා දීර්ඝ කාලයක් මුලූල්ලේ චීනය හා පිලිපීනය අතර පවතින ගැටලූ සම්බන්ධයෙන්ද යී අදහස් පලකර ඇත. අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇමැති දෙදෙන අතර සාකච්ඡුා වූ කරුණු අනාවරණය කැරිණ.යී චීන බසින් පලකළ අදහස් පරිවර්තනය කිරීමේ යෙදුණු කාන්තාව, චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙන බව කීවාය.වහා ඇයව නිවැරදි කළ යී පැවසුවේ චීන මුහුද සම්බන්ධයෙන් බීජිං හි ස්ථාවරයට ශී‍්‍ර ලංකාව සහයෝගය ලබාදෙනවා ලෙස නොව බීජිං ස්ථාවරය, ශී‍්‍ර ලංකාව වටහාගෙන සිටින බව පවසන ලෙසටය.ඇත්ත වශයෙන්ම දෙදෙන අතර පැවති සාකච්ඡුාවේදී සමරවීර පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අදහස වන්නේ චීන මුහුදේ ගැටලූව සාකච්ඡුා මාර්ගයෙන් විසදා ගැනීම සුදුසු බවය.දිවයිනෙන් පිටත් වීමට ප‍්‍රථම චීන විදේශ ඇමැතිවරයා කැලණිය රජමහා විහාරයටද පැමිණියේය. රජයේ එක්සත් ජාතික පාර්ශවය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය පොදු ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා පිහිටුවාගෙන තිබෙන ඒකාබන්ධ අමාත්‍ය කවුන්සිලයේ හමුවක් පසුගියදා පැවැත්විණ.එහිදී නව මැතිවරණ ක‍්‍රමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡුා කෙරුණු අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ අදහස වූයේ ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස නව මැතිවරණ ක‍්‍රමය හදුන්වාදිය යුතුව තිබෙන බවයි.නමුත් මෙයට ප‍්‍රතිවිරුද්ධව අදහස් දැක්වූ එක්සත් ජාතික පාර්ශවය කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව පදනම් වන කරුණු තුන අතරට නව මැතිවරණ ක‍්‍රමයද ඇතුළත් වන බවය.බලය බෙදීම, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාව පදනම් වන අනෙක් කරුණුය.පළාත් පාලන ඒකකයන්හි පරිපාලන කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි සම්බන්ධයෙන්ද සාකච්ඡුා පැවැත්වුණු අතර එම කටයුතු වල වැඩි බර තමන්ට හිමිවිය යුතුයැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය යෝජනා කළේය. ඒකාබද්ධ කවුන්සිලය හමුවේ මෙම කරුණු සාකච්ඡුාවට බදුන්වූයේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වල නියැලී සිටින මෙහෙයුම් කමිටුව පළාත් පාලන මහ ඇමැතිවරුන්ගේ අදහස් ලබාගැනීමෙන් පසුවය.අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතව සිටින උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් වෙනුවට මෙහෙයුම් කමිටුව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණ සිටියේ උතුරු පළාත් විපක්ෂ නායක එස්.තවරාසා සහ පළාත් අධ්‍යාපන ඇමැති තම්බියරාජා ගුරුකුලරාජා යන මහත්වරුන්ය. නව ව්‍යවස්ථාව වෙනුවෙන් උතුරු පළාත් සභාවේ යෝජනා සම්බන්ධව ඔවුහු අදහස් පලකළහ.සභාවේ සියලූමදෙනාගේ එකගත්වයෙන් හිමිවූ යෝජනා මාලාවක් මිීට පෙර අවස්ථාවකදී අගමැති වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ට භාරදීමට ඔවුහු කටයුතු කර තිබිණ. උතුරු පළාත් සභාවේ යෝජනාව වන්නේ උතුර හා නැගෙනහිර පළාත් ෆෙඩරල් ව්‍යුහයක් යටතේ එක් පළාතක් ලෙස සැළකීම බව තවරාසා පැවසුවේය.නැගෙනහිර පළාතේ මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙස් වලට අසාධාරණයක් නොවන පිරිදි කටයුතු කිරීමටද ෆෙඩරල් ව්‍යුහයක් යටතේ අවස්ථාව තිබෙන බවද ඔහු පෙන්වාදුන්නේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුකම් පෙන්වා දෙමින් සිටි අවස්ථාවේදී තවරාසාට බාධා කළ බස්නාහිර පළාත් සහ මෙගාපොලිස් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,අපිටයි 13 න් වැදුණේ, යැයි කීවේය.ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය බවත්, පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස්, අදහස් වලටම පමණක් සීමාවන බවත් ඊට පිළිතුරු ලෙස තවරාසා පැවසුවේය.  අගමැති වික‍්‍රමසිංහටද පසුගිය සතිය කාර්යබහුල විය.එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය හමුවක් කැදවූ ඔහු පක්ෂය ඉදිරියට ගෙනයාමට ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡුා කළේය.ඒ සදහා ඉදිරි පත්වූ යෝජනා කිහිපයක්ද අවධානයට බදුන්වූ අතර, අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අනාගත දැක්ම සහ වැඩසටහන් පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට පස් සාමාජික කමිටුවක් පත් කැරිණ.එක්සත් ජාතික පාර්ලිමෙන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට දැන් සිටම සූදානම් වන ලෙස වික‍්‍රමසිංහ ඔවුන්ට දැනුම්දුන්නේය.පාර්ලිමෙන්තු කණ්ඩායමෙන් නැගුණු ගැටලූ රැුසකට පිළිතුරු ලබාදීමටද ඔහු කාලය වැය කළේය. ජූනි මස 26 වැනිදා මෙම තීරුවේ සදහන් වූ අගයන් ටි‍්‍රලියන නොව බිලියන විය යුතු බව මුදල් ඇමැතිවරයා සන්ඬේ ටයිම්ස් වෙත දැනුම් දුන්නේය.නියම අගය මේ දිනවල ගණනය කෙරෙමින් පවතින බවත් ඔහු කීවේය. විරෝධතා හරහා ඇතැම් කරුණු සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානය යොමුව ඇතත් වංචා, දුූෂණ විමර්ෂන තවමත් සිදුවන්නේ ගොලූබෙලි ගමනින්ය.නුදුරේදීම මෙයට එරෙහිවද ජනතාව අතරින් විරෝධයක් මතුවනු ඇත.එදා දුන් පොරොන්දු අනුව වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒම රජය සතු යුතුකමකි.ප‍්‍රමාදය හමුවේ ජනතාවට රජය ගැන ඇති විශ්වසනීයත්වය ක‍්‍රමයෙන් හීන වෙමින් පවතින බව සදහන් කිරීමේ වරදක් නැත.
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
0
දැඩි රාජපක්ෂ හිතවාදියෙකු වන, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන හිටපු ජනපතිවරයා නව පක්ෂයක් පිහිටුවාගෙන මැතිවරණය ඉදිරිපත්වීමේ සූදානමක් ඇතැයි පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව හා පළකළ අදහස් ජනපති සිරිසේනගේ අවධානයට යොමුවන විට ඔහු සිටියේ අම්පාර නගරයේය.එය ඉරිදා දිනය විය.සඳුදා දින උදෑසනම හෙතෙම දිනේෂ් ගුණවර්ධන හා දුරකථනයෙන් සම්බන්ධ විය. සන්ඬේ ටයිම්ස් වෙත පළකර ඇති අදහස් සත්‍යදැයි ජනපතිවරයා ගුණවර්ධනගෙන් විමසීය. ‘මම තවම ඒක කියෙව්වේ නැහැ’ එහා කොනෙන් ලැබුණු පිළිතුර වුනි.නව පක්ෂයක් පිහිටුවාගැනීමේ උත්සාහයක් තිබෙන්නේදැයි ජනපතිවරයාගේ ඊළග පැනය විය.ිඔව් පක්ෂය එකතු කරන්න ගත්ත පියවරවල් වලින් වැඩක් වෙලා නැහැනේ.පක්ෂයක් පිහිටුවාගන්නවා හැරෙන්න අවෙන විකල්පයක් අපට නැහැ’ ගුණවර්ධන පිළිතුරු දුන්නේය.‘මම අපේ ස්ථාවරය ජනපතිවරයාට පැහැදිලි කළා’ .සන්ඬේ ටයිම්ස් මෙම දුරකථන සංවාදය පිළිඹද විමසූ විට දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා පවසා සිටියේ එසේය.වැඩිදුර තොරතුරු හෙළිකිරීම ඔහු ප‍්‍රතික්ෂේප කළේය.මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ජනපතිවරයාට බල කිරීමේ අරමුණින් පැවැත්වෙන රැස්වීම් මාලාවේ තවත් රැස්වීමක් පසුගියදා මාතර නගරයේදී පැවැත්වින.එයට විශාල ජනකායක් සහභාගීව සිටි අතර එම ජනතාව දැකීම ජනපති සිරිසේනව කැළඹීමට පත්කර ඇති සෙයක් පෙනෙන්නට තිබුණි. රැස්වීම පැවැත්වීමට පෙර දිනක ඔහු එම දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් තත්ත්වය පිළිබඳ විමසා සිටියේය.ගෙවුණු මැයි මස 29 වැනිදා ලක්ෂ්මන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුණි. ඔහු සමගම මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන තවත් මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු වන සනත් ජයසූරිය හා වජිර දහනායකටද නියෝජ්‍ය අමාත්‍යධූරයන් හිමිවිය. වජිර දහනායකට නියෝජ්‍ය අමාත්‍යධූරයක් ලබාදීම සම්බන්ධයෙන් වැඩි ප‍්‍රසාදයක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට නොමැති බවද සඳහන්ය. ඇයි මේ ජනතාව මේ රැස්වීමට යන්නේ’ ජනපතිවරයාගෙන් ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයාට ඉදිරිපත්වූ පැනය විය. ගම්පහ හෝ අම්පාර ප‍්‍රදේශයේ මීළඟ රැස්වීම පැවැත්වීමට රාජපක්ෂ ආධාරකරුවන් සැළසුම් කරමින් සිටී. ඔවුන් සැලසුම් සකස් කරන අතරේ ජනපති සිරිසේනද තමන්ගේම සැළසුම් දියත් කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්සත් කරනු විශේෂ සම්මන්ත‍්‍රණ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කර ඇත. පසුගියදා විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා ප‍්‍රකාශ කළ පරිදි මීළඟ සම්මන්ත‍්‍රණය පැවැත්වීමට නියමිතව ඇත්තේ බදුල්ලේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බෙදීම මුලින් කසුකුසු වලට පමණක් සීමාවී පැවතියද දැන් එය යතාර්ථයක් බවට පත්වන ලකුණු පෙනේනන්ට තිබේ.මේ සම්බන්ධයෙන් ජනපතිවරයාගේද දැඩි අවධානය යොමුව තිබේ.ගෙවුණු සතිකිහිපයේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන සුසිල් පේ‍්‍රමජයන්ත, නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා හා ජෝන් අමරතුංග සිව්දෙන නොයෙක් වර ජනපතිවරයා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කළහ. ඔවුන්ගේ අදහස වූයේ හිටපු ජනපතිවරයාව නැවත වරක් පක්ෂ කටයුතු වලට හවුල් කරගතයුතුව තිබෙන බවය. පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයින් හා සංවිධාන වල කැමැත්ත තවමත් තිබෙන්නේ හිටපු ජනපතිවරයාට බව ඔවුන් ඊට හේතුව ලෙස ඉදිරිපත් කළේය. තමන් පවසන්න දෙය පිළිගන්නේ නැතිනම් බිම් මට්ටමේ සාමාජිකයින්ගේ හමුවක් පවත්වා සත්‍ය වටහාගන්නා ලෙස ඔවුහු කීහ. පසුගිය ඉරිදා උදෑසන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා ප‍්‍රාදේශීය පාලන ඒකක වල නියෝජිතයින් වන පක්ෂ සාමාජිකයින් ශී‍්‍ර ලංකා පදනම් ආයතනයට කැදවා විශේෂ හමුවක් පැවැත්වීමට ජනපතිවරයා කටයුතු කළේ මේ අනුවය. එදින සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් අනාවරණය කර තිබූ කරුණුද ජනපතිවරයාගේ සැළකිල්ලට ලක්විය.පසුගිය සතිය පුරාවට ශී‍්‍රලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ නොයෙකුත් හැළහැප්පීම් දැකගත හැකිවූයේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය.එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන මලික් සමරවික‍්‍රම,කබීර් හෂීම්,කරූ ජයසූරිය,ලක්ෂ්මන් කිරිඇල්ල හා රවී කරුණානායක සඳුදා රැයේ ජනපතිවරයා හමුවිය. ජූනි මස 12 වැනිදා පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂ කමිටු හමුවේදී ගනු ලැබූ තීරණ පිළිඹදව ජනපතිවරයා දැනුම්වත් කිරීම ඔවුන්ගේ අරමුණ වුනි.එදා කමිටු හමුවෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ එක්සත් ජාතික පක්ෂය ජනවාරි මස 8 වැනිදා ආරම්භ කළ විප්ලවයේ ගමන විනාශ කිරීමට තැත් කරමින් සිටින්නේයැයි විපක්ෂයට චෝදනා කළේය. ඒ සමගම පාර්ලිමේන්තුව වහාම විසිරුවා හැර ජනතා කැමැත්තෙන් පත්වන නව රජයකට ඉඩසලසා දෙන්නැයි ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කීවේය. කමිටුවේදී ගනු ලැබූ තීරණයන් ජනපතිවරයාට ලිඛිතව දැනුම්දෙන බව මුලින් සඳහන් කෙරුණද සඳුදා දිනයේදී පක්ෂ සාමාජිකයින් ජනපතිවරයාව පෞද්ගලිකවම හමුවීමට පැමිණ සිටීමෙන් එම තීරණය වෙනස්වී ඇති බවක් දැකගත හැකිවුනි.පැයක් පමණ පැවැත්වුනු සාකච්ඡාවේදී දෙපාර්ශවයම සෘජුව අදහස් ප‍්‍රකාශ කිරීමේ යෙදුණහ. ජනපතිවරයා දිනවීමට එක්සත් ජාතික පක්ෂය විශාල මෙහෙයක් ඉටුකළ බව නියෝජිත පිරිස කීහ. එය සත්‍ය බව පිළිගත් ජනපතිවරයා තමාගේ පැත්තෙන්ද දුන් පොරොන්දු ඉටුකළ බව ඔවුන්ට මතක් කර දුන්නේය. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කිරීමද, සුළුතරය හිමි රජයකට පාලන බලය ලබාදීමද තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිදුකළ බව ඔහු කීවේය. පක්ෂයේ බිම් මට්ටමෙන් පාර්ලිමෙන්තුව වහා විසිරුවා හැරිය යුතුව ඇතැයි යන මතය දැන් දැඩිව නැගෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ පැවසූහ. දින සියයේ වැඩපිළිවෙලිසාර්ථක අවසානයක්’ දැක ඇති හෙයින් තවත් පමා නොකර පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතුව ඇතැයි ඔවුහු ජනපතිවරයාට පෙන්වා දුන්හ.යෝජිත නව මැතිවරණ ක‍්‍රමය අරබයා පැනනැගී ඇති ගැටලූද දෙපාර්ශවය අතර සාකච්ඡාවට බදුන් විය.පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාවට සිදුකෙරෙන සංශෝධනයන් අරබයා රජයේ සියලූ පාර්ශවකරුවන් අතර මේ වන විට බෙදීම් ඇතිව තිබෙන අතර,ජනපතිවරයාට පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 237 ක් දක්වාත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එම සංඛ්‍යාව 255 ක් දක්වාත් ඉහළ දැමීමට අවැසිවුවත් එක්සත් ජාතික පක්ෂය ඊට දැඩිව විරෝධය පළකරමින් පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව පවතින 225 අගයේම පැවතිය යුතුයැයි මතයක සිටී.ඒ අතර සුළු පක්ෂ වලට අවශ්‍යව ඇත්තේ පක්ෂයට හා අපේක්ෂකයාට එක බැගින් මනාප හිමිවන ද්විත්ව මනාප ක‍්‍රමයක් ස්ථාපිත කරගැනීමටය.මෙයට ප‍්‍රධාන පක්ෂවල කැමැත්තක් නැත.මේ සම්බන්ධයෙන් ජනපතිවරයා හමුවේ කරුණු පැහැදිලි කළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ එසේ ද්විත්ව මනාප ක‍්‍රමයක් ස්ථාපිත කිරීමෙන් එකම පක්ෂයේ සාමාජිකයින් අතර අනවශ්‍ය පරිදි ගැටුම් ඇතිවීමේ ප‍්‍රවණතාවත් උද්ගතවීමට ඉඩ තිබෙන බව පෙන්වාදුන්හ.මෙසේ මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් එක් එක් පාර්ශවයන්ට විවිධ අදහස් තිබෙන බැවින් එම අදහස් සියල්ල එක්කොට ලියවිල්ලක් සකස් කර එය ජනමත විමසුමකට ලක්කර,ඒ අතර කාලයේ පාර්ලිමෙන්තු මැතිවරණය පවත්වා පත්වන නව රජයට එම ජනමත විමසුමෙන් ලැබෙන ප‍්‍රතිඵල අනුව නව මැතිවරණ ක‍්‍රමය ස්ථාපිත කිරීමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බව ඔවුන්ගේ අදහස විය.අගමැතිවරයාට හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංගයන් සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස ජනපතිවරයා හා අදහස් හුවමාරු කරගත්හ.විපක්ෂයේ මෙම උත්සාහය සම්පූර්ණයෙන්ම සදාචාරවිරෝධී යැයි ඔවුහු චෝදනා කළහ.පසුගිය අගහරුවාදා පැවැත්වුනු පක්ෂ නායක හමුවේදී අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය විභාගයට ගැනෙන දිනයක් පිළිඹද එකඟතාවයකට පැමිණීමට නොහැකිවූ අතර එය දැනට පාර්ලිමෙන්තු වාර්තා පොතට පමණක් සීමාවී තිබේ.රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය ජූලි මස 6 වැනිදා විභාගයට ගැනෙන බව මින් පෙර අවස්ථාවක පැවති පක්ෂ නායක හමුවකදී සඳහන්වූ අතර මෙවර පක්ෂ නායක හමුවේදීද එම දිනයේ කිසිදු වෙනසක් සිදුනොවන බව පැවසුනි.මෙම විශ්වාසභංගයන් විභාගයට ගැනීම තබා ඒවා පාර්ලිමෙන්තු වාර්තා පොතට පවා ඇතුළත්විය නොයුතු බව එක්සත් ජාතික පක්ෂයේ මතයයි.19ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව පාර්ලිමෙන්තුව විසිරුවා හරින්නේයැයි ජනපතිවරයා එදා දුන් පොරොන්දුවද එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස සිිහිකැදවීය.ඔවුන්ව අස්වැසූ ජනපතිවරයා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම තමන් අනිවාර්යයෙන්ම කරන්නේ වුවත් එය සිදුකෙරෙන නිශ්චිත දිනයක් පවසා සිටිය නොහැකි බව කීවේය.එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිසට ජනපතිවරයාගේ එම ප‍්‍රකාශය ප‍්‍රමාණවත්වූ සෙයක් පෙනුනි.තමන්ට දිනය කවදාදැයි දැනගැනීමට අවශ්‍යතාවක් නැතත් පාර්ලිමෙන්තුව අගෝස්තු මාසය වන විටදීවත් විසිරුවා හැරෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බව ඔවුහු කීහ.පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම තවත් ප‍්‍රමාද කිරීම යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂට තව තවත් බලවත් වීමට අවස්ථාව සළසා දෙන්නක් බව ඔවුහු පෙන්වාදුන්හ.ජනපතිවරණ සමයේ එදා ජනපති අපේක්ෂකයෙකු ලෙස මෛතී‍්‍රපාල සිරිසේන දුන් පොරොන්දුවක් වූයේ මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමට ඔහු ඇපකැප වී කටයුතු කරන බවයි.ජනාධිපතිවූ පසුවද ඔහු නොයෙක් වර මෙය සඳහන් කළේය.නමුත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් හා පැවැත්වුනු සාකච්ඡුාවේදී ඔහුගෙන් එක්වරම පළවූයේ මිීට ඉදුරාම වෙනස් මතයකි.තමන් දේශපාලන පක්ෂ සාමාජිකයින් හා නායකයින් සමග පවත්වන සාකච්ඡුා වල තොරතුරු මාධ්‍ය වෙත කුමන හෝ ආකාරයකින් නිදහස් වන බවත් එය නැවැත්වීමට තමන්ට අවශ්‍ය බවත් ඔහු කීවේය.මෙය එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස මවිතයට පත්කිරීමට සමත්වුනි.ිඅපි ජනාධිපතිවරණයේදී එකක් කියලා දැන් තව එකක් කියන්න වගේ යන්නෙ’් .සාධාරණ හේතු නිසා නම සදහන් කිරීමට අකමැතිවූ එම නියෝජිත පිරිසේ සිටි එක් සාමාජිකයෙක් සන්ඬේ ටයිම්ස් හා අදහස් පළකළේය.ිඅනික අපි කතා කළේ ජනතාවත් දැනගන්න  ඕනේ දේවල් ගැන.ජාතික ආරක්ෂාවට හානි වන දේවල් ගැන නොවෙය ි’ .ඔහු වැඩිදුරටත් කීවේය.මේ වන විටත් රාජ්‍ය බුද්ධි සේවය ජනපතිවරයා පවත්වන සාකච්ඡුා වල තොරතුරු මාධ්‍ය වෙත නිකුත් වන්නේ කෙසේදැයි සොයාබලමින් සිටින බව රහසක් නොවේ.පසුගිය රජය සමයේද මෙය මෙසේම සිදුවිය.නමුත් අද වෙනස වන්නේ එදා මෙන් කාර්යක්ෂමව හා ස්ථීරසාර ලෙස එම කටයුතු සිදුනොවීමය.මෙවන් තත්ත්වයක් හමුවේ ජනමාධ්‍යවේදීන්ට සිටින්නට සිදුවනු ඇත්තේ පසුගිය සමයේ මෙන් නොයෙක්වර තමන්ගේ උරහිසට ඉහළින් පසුපසට එබී බලමින්ය.අද බලයට පත්ව සිටින නව රජය එදා නම් කීවේ එවා අතීතයට අයත් කාරණා බවට පත්වනු ඇතැයි කියාය.අගහරුවාදා උදැෑසන ශී‍්‍රලංකා පදනම් ආයතනයේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්,පළාත් සභා අමාත්‍යවරුන් හා ප‍්‍රාදේශීය සභා සාමාජිකයින් ජනපති සිරිසේනගේ නියමයෙන් ශී‍්‍රලංකා පදනම් ආයතනට එක්රැුස්ව සිටියේය.ඔවුන් අමතමින් ජනපති සිරිසේන 20ඒ සම්මත කරගැනීමට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සියලූදෙනාගේ සහය අවැසි වන බව කියාසිටියේය.සියලූදෙනා අපේක්ෂාවෙන් සිටි මහින්ද රාජපක්ෂ හා පක්ෂයේ අනාගතය යන කරුණ ඉදිරියට ගෙන ආවේ බන්දුල ගුණවර්ධන,ඩිලාන් පෙරේරා හා ධනසිරි අමරතුංග යන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ය.රාජපක්ෂ නොමැතිව එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමෙන්තු මැතිවරණයට සාර්ථකව මුහුණදිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවට ඔවුහු තර්ක කළහ.දිගු සාකච්ඡුාවකින් පසු ශී‍්‍රලංකා නිදහස් පක්ෂය එක්සත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සාමාජිකයින් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය විය.සුසිල් පේ‍්‍රමජයන්ත,අනුර පි‍්‍රයදර්ශන යාපා,ජෝන් සෙනෙවිරත්න,ඩිලාන් පෙරේරා,කුමාර වෙල්ගම හා ටී.බී.ඒකනායකගෙන් කමිටුව සැදුම් ලැබීය.අඟහරුවාදා පැවැත්වුනු හමුවේ ජනපති සිරිසේනගේ අරමුණවූයේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ හිතවාදීන්ගේ සහය තමන්කෙරේ ලබාගැනීම බව පැහැදිලිය.පෙර අවස්ථාවක පාර්ලිමෙන්තු සංකීර්ණයේදී හිටපු මහින්ද රාජපක්ෂ මහතා මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ ඔහු රාජපක්ෂ ඉදිරිපත් කළ කොන්දේසි ප‍්‍රතික්ෂේප කිරීමත් සමග සාකච්ඡුාව නිමාව දුටු වහාම ගියේ අගමැතිවරයා හමුවීමටය.අනතුරුව ඔහු නිදහස් චතුරස‍්‍රයට පැමිණ හිටපු ජනපතිනිී චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවිය.රට පාලනය කරන ති‍්‍රත්වය වන්නේ මේ ජනපතිවරයා සමග මේ දෙදෙනාය.නමුත් මෙවර ඔහු ඒ දෙදෙනාගෙන් එක් අයෙකුවත් හමුවීමට ගියේ නැත.6 දෙනාගේ කමිටුව බල බලා නොසිට එදිනම වැඩ ආරම්භ කළේය.සිකුරාදා සැන්දැෑ යාමයේ කොළඹ ජෝන් සෙනෙවිරත්නගේ නිවසට එක්රැුස්වූ ඔවුහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් පක්ෂයට ගෙන ආ යුතුයැයිද,ඔහුගේ නායකත්වය යටතේ පාර්ලිමෙන්තු මැතිවරණය මෙහෙයවිය යුතුයැයිද ඒකමතිකව තීරණය කළහ.මේ සම්බන්ධයෙන් ජනපති සිරිසේන හා සාකච්ඡුා කිරීමට දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමටද තීරණය විය.නමුත් කිසිවෙකුත් නොසිතූ දෙයක් සිදුවීමට වටපිටාව සැකසෙමින් තිබුණි.බ‍්‍රහස්පතින්දා පැවැත්වුනු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සේනාරත්න අමාත්‍යවරයාගෙන් ජනපතිවරයාගේ නියමය මත පත්වූ 6 දෙනාගේ කමිටුවේ වත්මන් ප‍්‍රගතිය පිළිඹද විමසා සිටි අවස්ථාවේ ඔහු ඊට අදහස් දැක්වූයේ මෙලෙසය. ‘අපට එකට එකතු වෙලා වැඩකරන්න කිසිම බාධාවක් නැහැ.ජනපතිවරයාත් එයට කැමතියි.කමිටුව පත්කිරීමේ එක් අරමුණක් වුනේ මෙහෙම එකට එකතුවෙලා වැඩකරන්න තියෙන අවස්ථා ගැන හොයලා බලන එක.අනෙක අපි පහුගිය සමයේ පක්ෂයේ සමගිය ඇතිකරවන්න පැවැත්වූ සාකච්ඡුාව නැවත වරක් ආරම්භ කරවන එක.කමිටුව පත්වුනාට පස්සේ ඔවුන් බදාදා රැුයේ ජනපතිවරයාව හමුවුනා.ජනපතිවරයා ඔවුන්ට උපදෙස් දී තිබුණා එදා බිද වැටුණු සාකච්ඡුා එතැන ඉදන් නැවත පටන්ගන්නය කියා.එදා සාකච්ඡුා නැවතුනේ කොතනද කියලා ඔබට මතක ඇතිනේ.කමිටුව ජනපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කළා හිටපු ජනපතිවරයාව පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම්කරන ලෙස,ජනපතිවරයා එය ප‍්‍රතික්ෂේප පළා.ඊළගට ඔවුන් කීවේ එහෙනම් ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට ඇතුල් වෙන්න අවස්ථාව ලබාදෙන්න කියා.එයද ප‍්‍රතික්ෂේප කෙරුනා.කමිටුව කීවා එහෙමනම් අඩුමතරමේ පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න නාමයෝජනාවත් ලබාදෙන්න කියලා.එයත් ජනපතිවරයා ප‍්‍රතික්ෂේප කළා.’සේනාරත්න අමාත්‍යවරයා පැවසූ මෙම කරුණු කිසිවක් සත්‍ය නොවේ.ජනපතිවරයා හා කමිටු සාමාජිකයින් අතර බදාදා රැුයේ ඔහු පවසන ලෙසට හමුවක් පැවැත්වුනේ නැත.අනෙක් අතට සේනාරත්න යනු ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයාද නොවේ.සිකුරාදා උදැෑසන සන්ඬේ ටයිම්ස් හා සම්බන්ධවූ කමිටු සාමාජිකයෝ තිදෙනෙක් සේනාරත්නගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළකළේ පහත ආකාරයටය. ඩිලාන් පෙරේරා –ිඑයා හීන දකිනවාද කොහෙද.එහෙම හමුවක් පැවැත්වුනේ නැහැ.පුලූවන්නම් එය ඔප්පු කර පෙන්වන්න.ඔප්පු කරලා පෙන්වන්න බැරිවුනොත් එයා ඉල්ලා අස්වෙන්න  ඕනේ.හැබැයි එයාට ඔප්පු කරන්න පුුලූවන් වුනොත් අපි එදා ? ජනපතිවරයාව හමුවුනා කියලා අපි සියලූදෙනා පාර්ලිමෙන්තුවෙන් ඉවත්වෙනවා.’කුමාර වෙල්ගම –ිඑයා කියන්නේ බොරු.ඔය කියන දවසේ ඔය කියන වෙලාවේ අපි ජනපතිවරයා හමුවුනේ නැහැ.සිකුරාදා සවස් වරුව තමයි අපට ජනපතිවරයාව හමුවෙන්න වෙන්කරලා තියෙන්නේ.’ටී.බී.ඒකනායක –ිරාජිත සේනාරත්න කියන විදිහට අපි ජනාපතිවරයාව බදාදා රැුයේ හමුවුනේ නැහැ.ඒක අමූලික බොරුවක්.රාජිත ඇමතිතුමා දැන් විහිලූකාරයෙක් වෙලා.පක්ෂ ගොඩක ඉදලා ඇවිල්ලා දැන් ඔහු උත්සාහ කරන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න.ඔහුගේ ප‍්‍රකාශය අප සියලූදෙනාට අවමානයක්.’6 දෙනාගේ කමිටුව සැබෑවටම ජනපතිවරයාව හමුවූයේ සිකුරාදා සවස් වරුවේය.ජනපතිලේකම් කාර්යාලයේ පැවැත්වුනු එම හමුව පැයකට පමණ සීමාවිය.අත්තනෝමතික ප‍්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් තමන් දැඩිව සේනාරත්න අමාත්‍යවරයාගෙන් කරුණු විමසූ බවත් ඔහු එවැනි ප‍්‍රකාශයක් නොකළ යුතුව තිබුණේ යැයි තමන් පිළිගන්නා බවත් ජනපතිවරයා කීවේය.අනතුරුව තම ස්ථාවරය පැහැදිලි කළ ජනපති සිරිසේන තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂව පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස නම්කිරීමට හෝ,ඔහුට නාමයෝජනා ලබාදීමට හෝ,ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පත්කිරීමට හෝ කිසිසේත්ම සූදානම් නොමැති බව කීවේය.නමුත් ඔහු වෙනුවෙන්ිසම්භාවනීය තනතුරක’් පිරිනැමිය හැකියැයි ජනපතිවරයා පැවසුවේය.ඇමරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන්,මැලේසියාවේ මහතීර් මොහොමඞ්,සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වැන්නවුන් ජනාධිපතිධූරය දැරීමෙන් පසු දිගටම ඔවුන්ගේ රටවලට සේවය කළ අයුරින් මහින්ද රාජපක්ෂ මහතාටත් ඔවුන් හා සමානව රටට සේවය කිරීමට ඉන් අවස්ථාව සැළසෙනු ඇති බව ජනපතිවරයා පැවසුවේය.එම තනතුරේ රැුදී සිටිමින් මහින්ද රාජපක්ෂට ශී‍්‍රලංකාව නියෝජනය කරමින් විදෙස් සංචාරයන්හි නියැළීමටත්,ශී‍්‍රලංකාව වෙනුවෙන් රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා ගොඩනගාගැනීමටත් හැකිවන බව ජනපතිවරයා පැහැදිලි කළේය.අනතුරුව ඔහු අනතුරු ඇගවීමක්ද සිදුකළේය.විදෙස් රටවල් කිහිපයක්ම රාජපක්ෂට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් සිටින බව ඔහු කීවේය.මෙම රටවල් මොනවාදැයි ඔහු පැවසුවේ නැත.මෙසේ පරීක්ෂණ පැවැත්වීමට එම රටවල් සූදානමින් සිටින්නේනම් එයට පදනම වන්නේ රාජපක්ෂ පාලන සමයේ හිටපු ජනපතිවරයාට හා ඔහුගේ හිතෛශීන්ට එරෙහිව නැගුනු යුධ අපරාධ චෝදනා යැයි සිතිය හැකිය.මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනපති සිරිසේන තමන් හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් රාජපක්ෂව එවන් ඉරණමක් වීමෙන් ගලවාගත හැකිවනු ඇතැයි කීවේය.එක්සත් ජාතික පක්ෂ නායකත්වයද රාජපක්ෂ හා සහයෝගයෙන් කටයුතු කර තිබෙන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයිද ජනපති සිරිසේන පැවසීය.අනුර හා සුසිල් අදහස් දක්වමින් රාජපක්ෂට මැතිවරණය ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදිය යුතුව ඇතැයි නැවත නැවතත් කීහ.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සියයට 90 ක් පමණම දෙනා තවමත් පක්ෂපාතීත්වය දක්වන්නේ ඔහුට යැයි ඔවුන් පැවසූහ.නමුත් ජනපති සිරිසේන තම ස්ථාවරය වෙනස් නොකළේය.සම්භාවනීය තනතුරක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් අදහස් විමසා දැනුම්දෙන ලෙස ජනපතිවරයා නියෝග කළේය.නමුත් කමිටු සාමාජිකයින්ගේ මතය වූයේ හිටපු ජනපතිවරයා කිසිසේතම එවන් යෝජනාවකට එකග නොවනු ඇතැයි යන්නය.එයට වැඩි අවධානයක් යොමුනොකළ ජනපතිවරයා තමන් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු දිගටම කි‍්‍රයාත්මක කරන බව කීවේය.රාජපක්ෂ හිතවාදීන් ඉවත් කර නව පක්ෂ සංවිධායකවරුන් පත්කිරීමේ කටයුතු වල ඔහු මේ දිනවල නියැළී සිටින අතර දුූෂණ චෝදනා යන්තම් හෝ නැගී ඇති කිසිවෙකුට හෝ පක්ෂය වෙනුවෙන් පත්වීම් ලබානොදෙන බවද ඔහු නිවේදන කර ඇත.ජනපතිවරයා හා හමුවෙන් පසු කමිටු සාමාජිකයෝ හය දෙන ඔවුනොවුන් අතරම අදහස් හුවමාරු කරගත්හ.ජනපති සිරිසේන රාජපක්ෂට සම්භාවනීය තනතුරක් ලබාදෙන්නට සැරසෙන්නේ එසේ නොකළහොත් යුධ අපරාධ සම්බන්ධයේන පැවැත්වෙන පරීක්ෂණ වලින් ඔහුට ආරක්ෂාව ලබා නොදෙන බව නොකියා කියමින් යැයි එක් අයෙක් පැවසීය.එවන් පරීක්ෂණ වලින් ගැලවී ගැනීමට නම් ජනපතිවරයාගේ යෝජනාවට එකගවනවා විනා රාජපක්ෂට අන් කළ හැකි කිසි දෙයක් නොමැති බව ඔහුගේ මතය විය.කෙසේවුවත් රාජපක්ෂට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ එවැනි තනතුරක් භාරගැනීමට ඔහුගේ කිසිදු කැමැත්තක් නොමැති බවය.නුදරේදීම මේ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් සිදුකිරීමටද ඔහු සූදානම් වන බවද සදහන්ය.යෝජිත නව මැතිවරණ ක‍්‍රමය රැුගත් 20ඒ ව්‍යවස්ථා සංශෝධනය මේ දිනවල දේශපාලන ක්ෂේත‍්‍රයේ උණුසුම් මාතෘකාවකි.ජූනි මස 12 වැනිදා දිනයේ පැවැත්වුනු විශේෂ කැබිනට් හමුවකින් පසුව පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 237 දක්වා ඉහළ දැමිීමටත්,මැතිවරණ ක‍්‍රමය පිළිඹද අනෙක් යෝජනා වලට එකගතාවය පළවූ පසු 20ඒ සංශෝධනය කෙටුම්පත් කිරීමට භාරදෙනු ලැබිණ.අනතුරුව ගැසට් කෙරෙනු ලැබූවත් ජනතාව අතර සංසරණය කෙරුණේ අඩු පිටපත් සංඛ්‍යාවකි.මුද්‍රණ දෙපාර්තමෙන්තුවේ වෙබ් අඩවියෙන් පවා ගැසට් පත‍්‍රයේ පිටපතක් ලබාගත නොහැකි වුනි.මෙයට හේතුව වන්නේ 20ඒ ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය පළවූයේ නොයෙකුත් ගැටුම් මධ්‍යයේ වීමය.එය තවමත් ජන මතය විමසීම සදහා ඉදිරිපත් කළ හැකි තත්ත්වයක නැත.පසුගිය බදාදා කැබිනට් මණ්ඩල හමුව පැවැත්වීමට ප‍්‍රථමයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති සිරිසේනව හමුවූ අගමැති වික‍්‍රමසිංහ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනපතිවරයාගෙන් කරුණු විමසීය.ගැසට් කිරීමට ප‍්‍රථමයෙන් ව්‍යවස්ථාවේ විසදා ගත යුතුව තිබෙන ගැටලූ ඔහු පෙන්වා දුන්නේය.කැබිනට් මණ්ඩල හමුව අවසානයේ එදින කැබිනට් මණ්ඩලයේදී පාර්ලිමෙන්තු මැතිවරණය පැරණි මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වීමටත්,පත්වන නව රජයට නව මැතිවරණ ක‍්‍රමය සකස් කිරීමේ වගකීම භාරදීමටත් අමාත්‍යවරුන් එකඟවූ බව සදහන් කර කැබිනට් වාර්තාව පිළියෙල කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.එයට අනුමැතිය හිමිවිය.අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ මහතාට විශේෂ දැනුම්දීමක් සිදුකළ අගමැතිවරයා 20ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයා හමුවේ පැහැදිලි කරන ලෙස ඔහුට උපදෙස් දුන්නේය.එයට අමතරව 20ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමක් එදින කැබිනට් හමුවේදී සිදුවූයේ නැත.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස මූලස්ථානය පිහිටි කොම්පඤ්ඤවීදියේිදරුසලාම්හි’ 20ඒ ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡුා කිරීමට සුළු පක්ෂ නියෝජිතයින් අතර හමුවක් මුස්ලිම් කොංග‍්‍රස නායක රවුෆ් හකීම්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වින.පක්ෂ 25 ක් පමණ ඊට සහභාගීව සිටියහ.ජනතා විමුක්ති පෙරමුණ අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේි20 මුලාවක’් යැයි විශේෂ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තම පක්ෂය සැළසුම් කර තිබෙන බවයි.ිඅපි මෛතී‍්‍රපාල සිරිසේනට මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න උදව් කළා.දැන් එයා අපිව ගෙදර යවන්න හදනවා’ .හකීම් චෝදනා කළේය.20ඒට තම පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය,දෙමළ ජාතික සන්ධානයව,ලංකා කම්කරු කොංග‍්‍රසය වැනි පක්ෂය එකසේ විරුද්ධ බව ඔහු පැවසීය.පාර්ලිමෙන්තු මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේ පැවැත්වීමටත්,ඒ අතර යෝජිත නව මැතිවරණ ක‍්‍රමය පිළිඹද අදහස් දැක්වීමට ජනතාවට ඉඩලබාදීමටත් තම පක්ෂය එකඟබව ඔහු කීය.පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා දැනුම්වත් කිරීමටද කටයුතු කරන්නෙමියැයි ඔහු පැවසීය.මෙම හමුව සුළුපක්ෂ අතර සන්ධානයක් ඇතිවන්නට යන පෙරලකුණු පෙන්වාදුන්නක් වුනි.රජය කරන බොරුවෙන් මුලාවේ වැටීමට ඉඩනොදී ජනතාව ගලවා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට තම පක්ෂය කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේය.‘ජනාධිපතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු දුන්නේ වැරදි කළ පුද්ගලයින්ට දඩුවම් දෙනවාය කියමින්.වංචාවට,අයුක්ති සහග පාලනයට,අසාධාරණයට තවත් ඉඩ නොතබන බවට පොරොන්දුත් දුන්නා.මේ ඔක්කොම දැන් මග නැවතිලා.පරීක්ෂණ පවත්වමින් ඉන්නා නිළධාරීන්ට දැන් එක එක්කෙනාගේ උපදෙස් අනුව වැඩකරන්න සිද්ද වෙලා.රට තියෙන්නේ අනතුරේ.පාර්ලිමෙන්තුව අද ශෝක කලාපයක්.ශෝකය ගෙන දෙන තීන්දු තීරණ විතරයි ඒකෙ ගන්නේ.20ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ පොදු දේශපාලන ප‍්‍රවාහයෙන් ඉවත් කරලා දාන්න මේ කරපු කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක්’. යැයි ඔහු සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වීය.‘ඔවුන් අපට දේදුන්නක් පෙන්නනවා.නමුත් ගැටලූව විසදන පාටක් නැහැ.මේ ඉදිරිපත් කරලා තියෙන මැතිවරණ ක‍්‍රමය ප‍්‍රායෝගික එකක් නොවෙයි.රජය දෙමළ ඩයස්පෝරාවට වුවමනා විදිහට කටයුතු කරමින් සිටින්නේ.උතුරේ තත්ත්වය දවසින් දවස තියෙන්නේ නරක අතට හැරෙමින්.ජනතාවගේ අවශ්‍යතා මේ රජය තේරුම් අරගෙන නැහැ’ යැයි චෝදනා නගන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාය.20 ආරක්ෂා කිරීමේ යෙදෙන එක් ප‍්‍රධාන පුද්ගලයෙකු වන්නේ ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාය.ප‍්‍රායෝගික ගැටලූ පැවතියද නව මැතිවරණ ක‍්‍රමය යනු රටේ අනාගතය සුරක්ෂිත කිරීමට යොදාගත හැකි හොදම උපක‍්‍රමය බව ඔහු පවසයි.පාර්ලිමෙන්තුව නුදුරේදීම විසිරුවා හැරෙනු ඇතැයි දැඩිව විශ්වාස කරන අගමැති වික‍්‍රමසිංහ සිකුරාදා පැවැත්වුනු පක්ෂ කමිටු හමුවේදී එහි සාමාජිකයින්ට පාර්ලිමෙන්තු මැතිවරණය සදහා වහාම සූදානම් වන ලෙස දැනුම්දුන්නේය.තම නායකත්වය යටතේ කි‍්‍රයාත්මක වන එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළ නිළධාරීන් කණ්ඩායමක් පක්ෂයේ නාමයෝජනා සකස් කිරීමේ කටයුතු සිදුකරනු ඇතැයිද ඔහු කීවේය.පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන බව නිවේදනය කළ වහාම පක්ෂ සම්මේලනය පැවැත්විය යුතුව ඇතැයිද මෙම හමුවේදී තීරණය වූ අතර සම්මේලනය පැවැත්වීමට සුදුසු යැයි කොළඹ නගර ශාලාව,හයිඞ් පිටිය,සුගතදාස ගෘහස්ථ කි‍්‍රීඩාංගණය වැනි ස්ථානයන් යෝජනා විය.හමුවේදී යෝජනා 4 ක් සම්මත කරගැනුනු බවත් එයින් එකක් වූයේ අගමැතිවරයාට හා මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගයන් ඉවත් කර දමන්නැයි ජනපතිවරයාට බල කිරීම බවත් පසු අවස්ථාවක මෙම හමුව සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේය.තවත් යෝජනාවක් පාර්ලිමෙන්තුව ඉක්මනින් විසිරුවා හැරීම සම්බන්ධයෙන් වන්නක් බව ඔහු කීවේය.මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගැනීමට කැමති සියලූ පාර්ශවයන්ට තරගවැදීමට සිදුවනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නමින් අලියා ලකුණ යටතේ බවද ඔහු අනාවරණය කළේය. ජනපති සිරිසේන තවමත් සිටින්නේ පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන දිනය රහසක්ව තබාගෙනය.ඒ අතර ඔහු තම පක්ෂයේ සිටින රාජපක්ෂ හිතවාදීන්ව නම්මා ගැනීමේ වෑයමකද නිරතව සිටී.ඇතැම් පුද්ගලයින්ට අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර ලැබෙද්දී තවත් කොටසකට ආසන සංවිධායක,දිස්ති‍්‍රක් සංවිධායක ධූරයන් පිරිනැමෙමින් පවතී.රාජපක්ෂ හිතවාදී ඇතැම් කොටස් වලට නාමයෝජනා ලැබේයැයි පවා සිතිය නොහැකිය.සම්භාවනීය තනතුරක් භාරගැනීමට ජනපතිවරයා කළ ආරාධනය මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම ප‍්‍රතික්ෂේප කරනු ඇති හෙයින් එය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස සන්ධානයේ ඇති බෙදීම් තවදුරටත් වර්ධනය කරවන්නක් වනු ඇත.මෙය වළක්වාගත නොහැකිවුවහොත් පසුගිය සතියේ දිනේෂ් ගුණවර්ධන පවසා සිටි පරිදි නව දේශපාලන පක්ෂයකින් මහින්ද රාජපක්ෂ පෙරට ඒම සිදුවනු ඇත.පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සදහා රාජපක්ෂ හිතවාදීන් යොදාගැනීමට අපේක්ෂාවෙන් සිටින එකම තුරුම්පුව මෙය නොවේ.එක්සත් ජාතික පක්ෂය පහළට ඇද දැමිීමේ යාන්ත‍්‍රණයක් ඔවුන් සතුය.පැති තුනකින් ඉලක්ක කර එක්සත් ජාතික පක්ෂයට පහර එල්ල කිරීමට ඔවුන් සූදානම්ය.ඉන් එක් පහරක් වනු ඇත්තේ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඔහුගේ ලන්ඩන් සංචාරයේදී දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන අන්තර්ජාතික දෙමළ සංසදයේ සාමාජිකයින් හමුවීම හා සාම ප‍්‍රයත්නයේ ප‍්‍රදාන හවුල්කරුවෙකුවූ නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සෝල්හයිම් හමුවීමය.දෙවැන්න නව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා මහ බැංකු බැදුම්කර ගැටලූව පදනමේ සිට එල්ල කෙරෙනු ඇත.හිටපු රජයේ ඇමතිවරුන්ගේ දුූෂණ ගැන කියමින් ඔවුන්ට චෝදනා කළද දැන් සිටින රජයේ ඇමතිවරුන්ද යමින් සිටින්නේ එම මාර්ගයේම බව කියමින් එල්ල කෙරෙනු ඇත්තේ තෙවන පහරය.ගෙවුනු සතියේ මහ බැංකු අධිපතිවරයාව කෝප් කමිටුව ඉදිරියට කැදවින.කමිටු සභාපති ඞී.ඊ.ඩබ්ලියු ගුණසේකර මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් සදහන් කළේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් අදහස් විමසීමට නියමිත බවය.ඉන් අනතුරුව සාක්ෂි විමසීම අවසන් වන බව ඔහු පැවසීය.ිමා බලාපොරොත්තුවෙන් සිටිනවා සොයාගැනීමට හැකිවන දේවල් ජූලි මස 6 වැනිදාට ප‍්‍රථමයෙන් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්නට’.ඔහු කිවේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතිව තිබෙන අර්බුදය එක්සත් ජාතික පක්ෂයට වෙස්වලාගත් ආශිර්වාදයක් බව සැබෑය.නමුත් පසුගිය මැයි පළමුවැනිදා දක්වා පක්ෂය කෙරේ ජනතාවගේ තිබූ මනාපය මේ වන විට තිබෙනුයේ මදක් අඩුවීය.ඊට හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ ජනාධිපතිවරණ සමයේදී දුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමට තවමත් පක්ෂය අපොහොසත්ව තිබීමය.එදා චෝදනා පිට චෝදනා නැගුනු හිටපු රජයේ ඇතැම් මැති ඇමතිවරුන් තවමත් සිටින්නේ නිදැල්ලේය.පරීක්ෂණ පැවැත්වෙතත් ඒවා සිදුවන්නේ ඉබිගමනින්ය.වංචා හා දුූෂණ සම්බන්ධයෙන් ඇතැම් එක්සත් ජාතික පාක්ෂිත මැති ඇමතිවරුන්ටම මේ වන විට පෙරළා චෝදනා නැගෙමින් තිබේ.නමුත් එක්සත් ජාතික පක්ෂය තවමත් සිටින්නේ අන් සියලූදෙනාට වඩා ඉදිරියෙන් බව සදහන් කළ යුතුය.එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සතුරා වන්නේ කාලයයි.තවත් බලාසිටීම යනු පක්ෂයේ කීර්ති නාමය තවත් විනාශවීමය.නමුත් එක්සත් ජාතික පක්ෂයට වුවමනා පරිදි ඉක්මනින් කටයුතු කිරීමට ජනපතිවරයාට හැකියාවක් නොමැත.ඔහු සිටින්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ බලය තමන් අතට ගැනීමේ වුවමනාවකිනි.ඒ සදහා තවත් ඉවසා සිටීමට ඔහුට සිදුවේ.ඔහු සිටින්නේ කුමක් තෝරාගත යුතුදැයි සිතාගත නොහැකිවය.එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ රජයද ජනපතිවරයාගේ තීරණය කුමක්වනු ඇත්දැයි සිතාගත නොහැකිව සිටින්නේ දිනෙන් දින තව තවත් ආතතියට පත්වෙමින්ය.
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ?
0
(ඩයනා උදයංගනී)ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ල ජනතාව තමන්ගේ පැවැත්ම ගැන පමණක්සි තමින් කටයුතු කරන කාලයක තමන්ට ඡන්දය දුන් හා නොදුන් සියලු ජනතාවගේ අනාගතය පිළිබඳ වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවරී ඇති බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (3) පැවැසීය.එබැවින් ජනතා විමුක්ති පෙරමුණු පළාත් පාලන නියෝජිතයින් ගමට නව දේශපාලනයක් ගෙනයාමේ නියෝජිතයින් බවට පත්වන බව කී දිසානායක මහතා එය සාර්ථකව ඉටු නොකර ජනතාව වැටී සිටින මඩ ගොහොරුවෙන් ගොඩගත නොහැකි බවද සඳහන් කළේය.ජනතා විමුක්ති පෙරමුණු නායකයා මේ බව පැවසුවේ කොළඹ ක්‍රීඩා අමාත්‍ය ශ්‍රවණාගාරයේදී පෙරේදා (3) පැවැති ජවිපෙ පළාත් පාලන මන්ත්‍රී හමුව අමතමිනි.දිසානායක මහතා මෙසේ ද කියා සිටියේය.පළාත් පාලන මැතිවරණය අවසන් වී සති තුනක් පමණ ගත වී තිබෙනවා. ගෙවුණු කාලයේ වඩාත් හොඳින් තහවුරු වී තිබෙන්නේ මැතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ, ජනතාවට ඉදිරිපත් කළ පණිවුඩයයි. සිදුවූ සිදුවීම් සහ  සිදුවන සිදුවීම් ගැන අධ්‍යයනය කළොත් ඒ බව හොඳින් තේරුම් ගන්න පුළුවන්. මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵලය විසින් ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක් එල්ල කර තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාර ද පැවැත්ම සහ සුරක්‍ෂිතභාවය පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටිනවා. සිහිමුර්ජා වූ අසරණ තත්ත්වයකට මේ පාලනය පත්වී අවසන්.මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ, රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති පුටුවේ වාඩි වී අවුරුදු තුනකට පසුව පැවැත් වූ මැතිවරණයක් මේක. මැතිවරණ ප්‍රතිඵලවලින් ජනතාව පෙන්වා දී තිබෙන්නේ මේ ආණ්ඩුව අසාර්ථක සහ ප්‍රතික්‍ෂේප කිරීමට සූදානම් වී තිබෙන පාලනයක් බවයි. එයින් ගොඩඒම සඳහා මේ වනවිට  ආණ්ඩුව ගනිමින් සිටින සමහර  ක්‍රියාමාර්ග යළි යළිත් අර්බුද නිර්මාණය කිරීමට සාධක වී තිබෙනවා. අනුගමනය  කරමින් තිබූ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව  නොපිළිගන්නා බව ඡන්ද පණිවුඩයෙන්  කියා තිබෙනවා. දේශීය සම්පත් විකිණීම,  දේශීය කර්මාන්ත සහ ව්‍යාපාරිකයන්  බිඳවැටෙන නීති සම්පාදනය, අපේ රටේ  ස්වභාවික සම්පත් සහ ගොඩනගන  ලද සම්පත් බහුජාතික සමාගම්වලට  විකිණීමට දරන ප්‍රයත්නය වගේම  ජනතාවගේ සහනාධාර කප්පාදුව ආදී  ජනතා විරෝධි ක්‍රියාමාර්ග අනුමත  නොකරන පණිවුඩය මැතිවරණයේදී  ලබාදී තිබෙනවා. ආණ්ඩුව විසින් ගන්නා ලද සමහර ක්‍රියාමාර්ග අකුළා ගනිමින්  ගොඩ ඒමට දරන ප්‍රයත්නයක් දකින්න  ලැබෙනවා. පාසල් දරුවන්ට ටැබ්  ලබාදීමට ගෙනා යෝජනාව නතර කළා. ග්ලයිෆොසේට් වැනි කෘෂි රසායන ද්‍රව්‍ය  තහනමට කටයුතු කරපු අයම තහනම  ඉවත් කිරීමට ප්‍රයත්න දරමින් තිබෙනවා. ආණ්ඩුව විසින් අනුගමනය කළ සැලසුම් හකුළා ගනිමින් ජනතාවගේ ජන ජීවිතයත් එක්ක කිසිදු සම්බන්ධතාවයක් නැති ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගොඩ ඒමට උත්සාහ කරනවා.මැතිවරණ ප්‍රතිඵලයේ ආණ්ඩුවට ලබාදී  තිබෙන සිහිමුර්ජා තත්ත්වයෙන් ගොඩ ඒමට දරන මෙවැනි ක්‍රියාමාර්ගවලින් නැවත නැවතත් අර්බුදය උත්සන්න වී තිබෙනවා.ආණ්ඩුවේ ප්‍රබලම හවුල්කරුවා වන එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩු බලය දරමින් ලබාගත් විශාලම කඩා වැටීම මෙහිදී පෙන්වා තිබෙනවා. විපක්‍ෂයේ සිටියදී පවා ඔවුන් ජයග්‍රහණය කර තිබූ පළාත් පාලන අයතන මෙහිදී බිඳවැටී තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ අනාගත පැවැත්මට ප්‍රබල තර්ජනයක් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් එල්ල කර තිබෙනවා. මේ මැතිවරණ ප්‍රතිඵලය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතුළෙම නායකත්වයට එරෙහිව විවිධ කල්ලි කණ්ඩායම් ගොඩනැගෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ විපක්‍ෂයේ දී කැඩී බිඳී යාමයි. හැබැයි අද වෙලා තිබෙන්නේ ආණ්ඩු බලය හොබවද්දීම ගැටුම් තත්ත්වයක් මතු වී තිබීමයි.මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පාර්ශ්වය ආණ්ඩුවේ ලොකුම පංගුව අතේ තියාගෙන මේ මැතිවරණයට අවතීර්ණ වුණා. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 42 ක් දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හයෙන් පළාත් සභා පහක බලය වගේම හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපති, හිටපු ඇමැතිවරු ආදීන් නියෝජනය කරපු කඳවුරක්. එම කඳවුරේ පැවැත්ම මුළුමනින්ම අහෝසිවන තත්ත්වයක්වි ධායක ජනාධිපතිවරයා යටතේ ඇති වී තිබෙනවා. නීතිය හා සාමය අමාත්‍යාංශය  සරත් ෆොන්සේකා මහත්තයාට ලබාදෙන්න ජනාධිපතිවරයා උත්සාහ කරන විට ඔහුගේම ඇමැතිවරුන්  ඊට විරුද්ධව විපක්‍ෂයේ අසුන් ගන්නා බව ප්‍රකාශ කරනවා. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබෙන බලය පවා ක්‍රියාත්ම කළ නොහැකි ආකාරයට කේවල් කිරීමේ ගනුදෙනුවකට ගිහින් තිබෙනවා.මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් සිටින්නේ විවිධ අවස්ථාවලදී පැන නැගුණු අතරමැදි කණ්ඩායමක් වශයෙනි. 1993 දී ලලිත් ගාමිණී කණ්ඩායම පළාත්  සභා මැතිවරණයට ඉදිරිපත් වී පළාත් සභා මන්ත්‍රීධුර සංඛ්‍යාවක් ලබා ගත්තා. හැබැයි 94 මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වී ඔවුන් අහෝසි වී ගියා. ඒ  වගේම 2004 මැතිවරණයේදී ඉන්දියාවේ බීජේපී පන්නයේ දේශපාලනයක් කරන බව කියමින් හෙළ උරුමය කණ්ඩායමක් ඉදිරියට ආවා. ඔවුනුත් ඉතා කෙටි කාලයක් තුළ දෙපසට බෙදී අවසන් වුණා. 2010න් පසුව ඉතාම කෙටි කාලයක් තුළ ෆොන්සේකා මහත්මයාගේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ආවා. හැබැයි ඔහුගේ දේශපාලන ගමන් මඟත් එක්සත් ජාතික පක්‍ෂයෙන් දැන් අවසන්. මේ තත්ත්වය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වටේ ඉන්න කණ්ඩායමටත් අභාවාචක අත්දැකීම් ගෙන දෙමින් කෙටි කාලයක් තුළ නිමා වන බව පැහැදිලියි. මේ මැතිවරණ ප්‍රතිඵලවලින් ලබාදී තිබෙන්නේ එවැනි සංඥාවක්.මේ දේශපාලන ව්‍යාපාර නෙවෙයි. දේශපාලන බුබුලක්.ඊට ප්‍රතිපාර්ශ්වවිකව රාජපක්‍ෂ කඳවුර ගොඩනැගෙනමින් තිබෙනවා. ඔවුන් මේ මැතිවරණයට අවතීර්ණ වුණේ පවතින පාලන බලය බිඳවට්ටලා අග්‍රාමාත ධුරය ලබාගැනීමේ අරමුණින්. පළාත් පාලන මැතිවරණයේ ගමේ නියෝජිතයා පත්කර ගැනීමේ අරමුණින් පැවැත්වූවද රාජපක්‍ෂ මහත්මයාගේ කණ්ඩායම එය ජාතික තලයේ දේශපාලනයක් දක්වා ඔසවා තැබුවා. ඩලස් අලහප්පෙරුම වැනි අය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කළේ මහින්ද අගමැති කරන බවයි. ව්‍යවස්ථාව අනුව බැලුවත් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව බැලුවත් මහින්ද රාජපක්‍ෂ මහත්මයාට අග්‍රාමාත්‍ය ධුරයේ වාඩිවෙන්න බැරි තරමේ තත්ත්වයක්  තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම තේමාව අද බිඳවැටී තිබෙනවා. තමන්ගේ සාමාජිකයින් සහ ක්‍රියාකාරීකයින්  මුළාවේ දාපු දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ වර්තමාන අගමැතිවරයා ඉවත්කොට හෝ තමන්ගේ අනුගාමිකයින්ට බලාපොරොත්තුවක් ලබාදීමේ උත්සාහයක් තිබුණා. අඩුම තරමේ විපක්‍ෂ නායකකම හෝ ඉල්ලා සිටීමේ හීන්  කෙඳිරියත් දැන් අවසන් වී තිබෙනවා. පළාත් පාලන මැතිවරණ සීමාවෙන්  ඔබ්බට ජාතික තලය දක්වා ඔසවා ගන්නා ලද මැතිවරණය අද ඔවුන්ටම පාරා වළල්ලක් වී තිබෙනවා. මේ ජාතිවාදී ආගම්වාදී තීව්‍ර බෙදීමෙන් ජනතාව මුදවා ගැනීමේ දේශපාලන වගකීම අප වෙත පැවරී තිබෙනවා. වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාත් ගෙවී ගිය අවුරුදු තුන පුරා සංකීර්ණ ලෙස මතුකර තිබෙන දේශපාලනය ජාතිවාදී, ආගම්වාදීන්ට ඉඩ සලසා දීමයි. අග්‍රාමාත්‍යවරයා ඒ කිසිවක් ගැන නොහිතා පහුගිය අවුරුදු තුන පුරාම ජනාධිපතිධුරය ගැන කල්පනා කරමින් වැඩ කරගෙන ගියා. ජනාධිපතිවරයා කල්පනා කළේ, ඊළඟ වාරයේ ජනාධිපති පුටුවේ වාඩිවීම ගැනයි. ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම ක්‍රියාත්මක කිරීම ගැන මේ දෙදෙනාම මායිම් කළේ නැහැ. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අප වෙත ආගම්වාදී, ජාතිවාදී ප්‍රවණතා පරාජය කිරීම මෙන්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම දක්වා ගෙනයාමේ වගකීමත් පැවරී තිබෙනවා. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය එට්කා වැනි ගිවිසුම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය විකිධෑම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිය වේගවත් කිරීම, සයිටම් අහෝසි කිරීමේ එකඟතාවයන් බිඳ දැමීම වැනි විනාශකාරී ක්‍රියාවන් පරාජය කිරීමේ වගකීමකුත් අප වෙත පැවරී තිබෙනවා. මෙවැනි අභියෝග රැසක් මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ දේශපාලනයේ බලගතු ක්‍රියාවලියක යෙදී  සිටිනවා. මැයි දිනය සැමරීමේ දී අනෙක්  සියලුම පක්‍ෂ එක් පැත්තකට දමා ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පස තැබුවත්  අපේ මැයි දින සැමරුම එක්කෝ කරට කර, නැත්නම් ඒ සියලු දෙනාට වඩා  ඉහළින් සිටිනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරුන් හය දෙනාත් ඒ වගෙයි. රූපවාහිනී සංවාදයකදීත් ඒ වගෙයි. විශාල දේශපාලන පෞරුෂයක් සහිතව අපි ජාතික තලයේ මතවාදයන් නිර්මාණය කරමින් විශාල කාර්යභාරයක්ඉටුකරමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන්නේ අපට ඡන්දය දීපු, ඡන්දදායකයන් ගැන වගකීම පමණක් නෙවෙයි. පොදු ජනතාව ගැන වගකීමක් අපට පැවරී තිබෙනවා. මේ වගකීමට උරදෙන්න අපේ මන්ත්‍රී කණ්ඩායම ලැහැස්ති වෙන්න ඕනෑ. අපි මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනකොටම අපේක්‍ෂකයන් හැටියට ප්‍රතිඥා දුන් බව කාටත් මතකයි. “සෑම මහජන ඡන්දයකම වටිනාකම අරුත්ගැන්වෙන පරිදි අවංක ලෙසත්, ආදර්ශමත් ලෙසත් යුක්තිසහගත ලෙසත් මහජන සේවය කරනවා” ඡන්දය ලබාදීමෙන් පස්සේ ඡන්ද දායකයාගේ කාර්යභාරය ඉවරයි. නමුත් ඒ විශ්වාසය අවුරුදු හතරක් රැකීමේ වගකීම අපට තිබෙනවා. ඡන්දය කියන්නේ සම්මුතියක්. ඒ සම්මුතිය රැකීමයි අපට පැවරී තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දුන් හැම ඡන්දදායකයාටම පෞරුෂයකින් ඒබව ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. මේ ලෙස ඡන්දය ලබාදෙන කෙනාගේ ගෞරවය රැකීමේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපේ පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුව මහජන සේවයට  කැපවීමත් මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන වගකීමක්. අපේ රටේ විශාල ලෙස අල්ලස සහ දූෂණය පැතිරී තිබෙනවා. ග්‍රාමීය මට්ටමේදී එය විශාල ලෙස සම්බන්ධ වෙන්නෙ ප්‍රාදේශීය සභාවටයි. හොරකම් කිරීමේ අභිලාෂයක් රජවී තිබෙන සභාවක් ඔබ නියෝජනය කරන්නේ. ඒ නිසා අල්ලස, දූෂණය, නාස්තිය, මුළුමනින්ම පිටුදැකීමේ ක්‍රියාමගක මන්ත්‍රීවරයා බවට ඔබ පත්වී තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීමේ නියමු කාර්යභාරයත් ගම් මට්ටමේදී පැවරී තිබෙනවා. අපි කාටවත් මන්ත්‍රීධුරය ආභරණයක් නෙවෙයි. ඒ නිසා නිහතමානී ආචාරශීලී පැවතුම්වලින් ජනතාවට සංග්‍රහ කිරීමේ කටයුතු පැවරී තිබෙනවා. අපට ඉතාමත් හොඳ දේශපාලන වාතාවරණයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. අපට ඡන්දය දීපු, නොදීපු ජනතාවගේ අනාගතය රඳා පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළින් බව ඉතා හොඳින් පැහැදිළි වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයට මේ රටේ ජනතාවගේ අනාගත වගකීම පවරා ගන්න බැහැ. මේ බව තඹුත්තේගමදී වඩාත් හොඳින් ඔප්පු කර දී තිබෙනවා. වාර්ෂිකව තමන්ගේ කුඹුරු ටික වගා කරගන්න අවශ්‍ය වතුර ලබාදීමවත් ඔවුන්ට කරන්න බැහැ. තමන්ගේ ගොවිතැන් වෙනුවෙන් වතුර ඉල්ලා උද්ඝෝෂණය කරන ජනතාවට  පහර දී මර්දනය කරන්නේ ඒ නිසා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විධායක ජනාධිපතිධුරය දරමින් විටෙක එක්සත්  ජාතික පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස සමගත්, විටෙක කරු ජයසූරිය මහත්තයත් සමගත්  තවත් විටෙක නිමල් සිරිපාල ද සිල්වා සමගත් සාකච්ඡා කරමින් අගමැතිධුරයට පත්කරගෙන ආණ්ඩු පිහිටුවීමේ උත්සාහයක යෙදී ඉන්නවා. ජනතාවගේ අනාගතය පිළිබඳ කිසිත් නොකර තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය වෙනුවෙන් ක්‍රියාකරන මේ පිරිසට අපේ රටේ පොදු ජනතාවගේ අයිතීන් ලබාදීම සම්බන්ධව කිසිසේත්ම වගකීම බාර ගන්නේ නැහැ. ඔවුන් ජනතාව පිළිබඳ වගකීම අත්හැරලා තිබෙන්නේ. සාහිත්‍යවේදී කමල් පෙරේරා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.පළාත් පාලන මන්ත්‍රීවරුන් වශයෙන්  තේරී සිටින ඔබ සැම ඉදිරියේ අභියෝගයක් තියෙනවා. ඔබ සැම අපටත් වගකිව  යුතුයි. ඔබ යන ගමන්මඟ දිහා අපි බලාගෙන ඉන්නවා. බර්ටෝල් බ්‍රෙෂ්ට්  එක වෙලාවක කියනවා. ‘ඔබ සටන් කළ යුත්තේ පාලකයන් වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටයි’ කියලා. මේක මතභේදයට තුඩුදුන් කියමනක්. මම එය මුහුණු පොතේ දැමූ වෙලාවේ ජනතාවට ඇඟිල්ල දික් කරන්න එපා කියලා බොහෝ දෙනෙක් තර්ක කළා. නමුත්  අපි දකින්නේ බ්‍රෙෂ්ට්ගේ අර්ථයෙන්  ගත්තාම ජනතාව වෙනස් නොවී පාලකයන් වෙනස් කරන්න බැහැ කියන එකයි. ජනතාවගේ හදවත්, ජනතාවගේ හැඟීම්, ජනතාවගේ අවබෝධය වෙනස් කිරීම සඳහා බාහිර බලවේග විසින්  මැදිහත්වීමක් කළ යුතුයි. කලාකරුවන්  වෙත එහිදී විශේෂ වගකීමක් පැවරීතිබෙනවා.හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී. ගුණසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.මේ රටේ බොරළු කැට වැඩියි. මැණික් කැට අඩුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ මතු කරගත්  මැණික් කැට ටික මේ සභාවේ දකින්න  ඉන්නවා. ඔබලාට මැණික් කැට කියන වචනය සත්‍ය වශයෙන්ම අපට භාවිතා කරන්න පුළුවන්. ඔබ මෙතැන්ට එන්නේ පෞද්ගලික අරමුණු මුදුන්පත්කර ගැනීමට නොවන නිසයි එහෙම කියන්නේ. මැතිවරණයට පෙර පළාත්පාලන ආයතන මන්ත්‍රීධුර 74ක් පමණයි ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ. අද එය 437ක් වෙලා තියෙනවා. ඒ එක්කම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු පිරිස ලක්‍ෂ එක හමාරකින් පමණ වැඩි වී තිබෙනවා. පැවති තත්ත්වය එක්ක බලනකොට ඔබේ පක්‍ෂය විශාල ඉදිරි පිම්මක් පැන තිබෙන බවයි මම දකින්නේ. බලාපොරොත්තු වූ ප්‍රමාණය නොලැබුණේ මේ රටේ ඡන්දදායකයාගේ හැසිරීම පුදුමාකාර විදිහට සිදුවන නිසයි.
මෙදා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක්
1
(මුදිතා දයානන්ද)ශ්‍රී.ල.නි.පයත් එ.ජා.ප යත්. පොහොට්ටුවත් එකම කඳවුරක කොටස් තුනක් පමණයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැක්කේ මේ කඳවුරු තුනට එරෙහිව පවතින එකම දේශපාලන ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පැවසීය.දිසානායක මහතා මෙසේ පැවසුයේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ගේ ජාතික සමුළුව අමතමිනි.මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් විසින් රැකිය යුතු කරුණු දොළහකින් යුත් ආචාර ධර්ම පද්ධතියක් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර අපේක්ෂකයෝ සියලු දෙනා එය සුරකින බවට ප්‍රතිඥා දුන්හ.වැඩිදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.පළාත් පාලන ආයතනයක නිල කාලයම අවුරුදු හතරයි. අවුරුදු තුනකට ආසන්න කාලයක් මැතිවරණය කල් ගිහින් තිබෙනවා. එය සභාවක නිල කාලයට ආසන්න කාලයක්. පළාත් පාලන මැතිවරණය කියන්නේ ජනතාවගේ ගම්වල තිබෙන ප්‍රශ්න විසඳා ගන්න නියෝජිතයන් පත්කර ගන්නා මැතිවරණයයි. නමුත් තෝරා යැවූ අය කරල තියෙන්නේ මොනවාද? පුවත්පත්වල පළවූ තෝරාගත් කිහිපයක් ගැන මම කියන්නම්.‘මාවනැල්ල ඩිපෝ අධිකාරිට අරණායක සභාපති පහරදෙයි’, ‘නියාගම සභාපතියි, ගෝලයොයි යුවළකට තුවාල වෙන්න ගහලා’, ‘කොළොන්නාව නගර සභාවේ සභාපති, උප සභාපති සමග ගුටි හුවමාරුවක’, ‘සිසුන් හතරක් සහ සිසුවියන් හතර දෙනෙකුට පහරදුන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සොයා පොලිස් පරීක්ෂණ’, ‘බැංකුවට පැන බිරියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අල්ලන්න අධිකරණ නියෝගයක්’, ‘පොස්පේට් සේවකයන්ට පහරදුන් තලාව ප්‍රාදේශීය මන්ත්‍රී රිමාන්ඞ් භාරයට’, ‘පුද්ගලයෙකුට පහරදීම නිසා බියගම ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවේ’, ‘සංචාරක හෝටලයේ කළමනාකරුට පහරදී දේපළවලට හානි කළ බදුල්ල නගර සභාවේ සන්ධාන මන්ත්‍රී රිමාන්ඞ් භාරයේ’, ‘කාන්තාවකට පහරදුන් කතරගම මන්ත්‍රී ඇපමත මුදාහරී’, ‘පොලිස් කොස්තාපල්ට පහරදුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘වාරිමාර්ග නිලධාරියෙකුට  පහරදුන් කරුවලගස්වැව සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘මීගමුව නගර සභාවේ සන්ධාන මන්ත්‍රී ජේලර්ගේ කන පලයි’, ‘පෑලියගොඩ සභාපති සහ උපසභාපති ගුටි ඇන ගනිති’, ‘බුලත්සිංහල පොලිසියට පහරදුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමෙනුත් පැන ගිහින්’, ‘දැරණියගල ප්‍රාදේශීය සභා සභාපති ක්‍රීඩකයකුට පහරදී අත්අඩංගුවේ’,  ‘වෛද්‍යවරයෙකුගේ බිරියකට තර්ජනය කළ සන්ධාන මන්ත්‍රීට ලක්ෂ දෙකක ඇප’,  ‘බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති උපසභාපතිගේ දතක් ගලවයි’, ‘අල්ලස්ගෙන වලල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට’,  ‘යටියන්තොට ප්‍රාදේශීය සභා සභාපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට’,  ‘හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ හොර වාහන අටක් අල්ලයි’, මේ වගේ තව විශාල ලැයිස්තුවක් මා අතේ තිබෙනවා. පසුගිය කාලය පුරාම, හොරුන්ගේ දූෂිතයන්ගේ සහ දාමරිකයන්ගේ ගුහාවක් බවට ප්‍රාදේශීය සභා පත්කරගෙන තිබුණා.ඒ නිසා, අද අපිට වගකීමක් පැවරී තිබෙනවා. දූෂිතයන්ගේ, පාදඩයන්ගේ, සල්ලාලයන්ගේ තිප්පොළවල් බවට පත්වී තිබෙන, මේ ප්‍රාදේශීය සභා ජනතාවගේ නියෝජිත ආයතන බවට පත් කිරීමේ අභියෝගය අප හැමට තිබෙනවා. මේ ප්‍රාදේශීය සභා හරහා හැදෙන යාන්ත්‍රණය ඉහළ බල අධිකාරය ශක්තිමත් කර තිබෙනවා. ඒනිසා මේ පළාත් සභා මැතිවරණයේදී ඉහළ පාලන පාදඩ යාන්ත්‍රණය ගම් මට්ටමින් බිඳවට්ටා දුර්වල කොට, ජනතා විමුක්ති පෙරමුණේ යාන්ත්‍රණය ජයග්‍රහණය කර, ශක්තිමත් මට්ටමින් ඔසවා තැබිය යුතුයි.  ඉහළ පාදඩයන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ බලය ශක්තිමත් කළ පහළම තැනින් එය බිඳ දැමීම ආරම්භ කළ යුතුයි.දැන් අප ඉදිරියේ තියෙන පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව යොදා ගන්නේ කවර අරමුණකින්ද? යන්න අප සලකා බැලිය යුතුයි. මේ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලබන කවර ජයග්‍රහණයක් වුවත් ඔවුන්ට තිබෙන යම් බාධාකාරී සීමාවන් ඉවත්කර ගන්න ලයිසන් එකක් හැටියට ’භාවිත කරනවා. මේ විනාශකාරී ආර්ථික ගමන පරාජයට පත්කරන්න නම්, එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අනිවාර්ය ලෙස පරාජයට පත් කළ යුතුයි. එය පරාජයට පත්කරන්නත් වරායේ, තෙල් සංස්ථාවේ, පුල්මුඩෙයි ඛනිජ වැලි නිධියේ සේවකයන්ට සටන් කරන්න ශක්තියක් ලැබෙන්නේ මේ මැතිවරණයෙන් විනාශකාරී ආර්ථිකයට ජනතාවගේ අනුමැතියක් නැති බව ඔප්පු කිරීමෙන් විතරයි.එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමත්, අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ නායකයා නොවන ජී.ඇල්. පීරිස් නායකයා වන පොදුජන පෙරමුණත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ මැතිවරණයට ඉදිරිපත්වී තිබෙනවා. මේ පාර්ශ්ව තුනම එකම කඳවුරක කොටස් තුනක් බව තේරුම් ගන්න ඕනෑ. කඳවුරු තුනක් නොවෙයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. තුනම තාල වර්ගයේ ගස්. තුනටම මුදුන් මුලක් නැහැ. හැබැයි මේ ගස් තුනේ කොළ එකිනෙකට වෙනස්.මේ මැතිවරණයේදී තමන් ළඟ තියෙන ආණ්ඩු බලය ගමේ සංවර්ධනයේදී යොදවන්න තමන්ට ඡන්දය දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. රටේ බලය තිබෙනවා නම් ගම හදන්න වෙනම බලයක් මොකටද? මහින්ද රාජපක්ෂ කියන්නේ රට බෙදීම වළක්වන්න තමන්ට ඡන්දය දෙන්න කියලයි. ඔවුන්ට ඉතිරිවී තිබෙන බොරු දේශප්‍රේමිත්වය මේ ඡන්දයේදී ද, පාවිච්චි කරනවා. මාතෘ භූමිය පිළිබඳවත්, රටේ ජනතාව පිළිබඳවත් ඔවුන්ට තියෙන්නේ ව්‍යාජ රඟපෑමක් විතරයි.ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොට්ඨාසයන් තුනේම සම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකත්ව වශයෙන් නොබෙදී සිටිය යුතු රට බෙදීමට විරුද්ධ ස්ථාවරයකයි. ඊටත් වඩා වැඩි බරකින් අපේ රටේ ජාතිවාදයටත් විරුද්ධයි. ජාතික අසමානතාවටත් ඒ වගේම විරුද්ධයි. ජාතික සමගිය වෙනුවෙන් හැම ජන කොට්ඨාසයකම සම අයිතිය වෙනුවෙන්  එකමුතු වී සටන් කරන, මේ රටේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. අනෙක් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම ඉන්නවා. මේ කඳවුරු තුනක් නොවන බව දැන් හොඳටම පැහැදිලියි. මෙච්චර කාලයක් ඒ බව හංගලා තිබුණා. හැබැයි මේ ගෙවීගිය දින කීපය ඇතුළේ මේ සියලු දෙනාම එක කඳවුරක බව වෙන කවරදාටත් වඩා හොඳින් ඔප්පුකර තිබෙනවා.මේ වන විට ජනතාවගේ සතුරු භාවයට පත්වී තිබෙන මේ ප්‍රාදේශීය සභා ජනතාවගේ ඥාතියකු බවට පත්කර ගන්නා මැතිවරණ ජයග්‍රහණයක් ලබාගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. පළමුව දූෂණය නතර කරනවා. දෙවනුව කාර්යක්ෂමතාව ඇති කරනවා. පළාත් පාලන ආයතනවලට පැවරී තිබෙන කාර්ය භාරය අතරින් ප්‍රමුඛම වැඩටික අපි ඉටුකරනවා. මේ ජයග්‍රහණ ලබාගත හැක්කේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාවගේ ජීවිත සමග බද්ධ වුණු ප්‍රාදේශීය සභා බලය ජනතා විමුක්ති පෙරමුණට වැඩි වශයෙන් ලබාදීමෙන් පමණයි. ලස්සන නගරයක්, සුන්දර පරිසරයක් සහිත ප්‍රාදේශීය සභාවක් ගොඩනඟා ළමා හා මාතෘ සායන පහසුකම් සහිතව  ගොඩනඟා අනාගත පරම්පරාව ගොඩනැගීමේ අත්තිවාරම දමනවා. මේ කාර්ය භාරය ඉටුකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ කැපවීම ඉහළින්ම ලබාදෙන මේ අපේක්ෂක අපේක්ෂිකාවන් ගම්මට්ටමේදී ජයග්‍රහණය කිරීමේ කාර්ය භාරය ඉටුකළ යුතුව තිබෙනවා. මේ රට නව දේශපාලන සංස්කෘතියකට රැගෙන යන මුල් පියවර වශයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණය සියලුම ජයග්‍රහණයන් ලබා ගැනීමට ඔබ වෙත පැවරී තිබෙන කාර්ය භාරය ශක්තිමත්ව නොපිරිහෙළා ඉටුකරාවි කියන විශ්වාසයෙන් යුතුව ඊට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ! කියල ප්‍රාර්ථනා කරනවා.මෙහිදී අදහස් දැක්වු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවසීය.අපි කවුරුත් දන්නවා පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වැඩිය ප්‍රමාද වූ බව. අපි දැවැන්ත සටනක් කළා පැවතුණ මැතිවරණ ක්‍රමය වෙනස් කරගන්න. ඒ සටන ජයගෙන මනාප පොරය නැති කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් තෝරාගත හැක, අපේ රටේ ජනගහනයෙන් අඩකට වඩා සිටින කාන්තාවන්ගේ නියෝජනය වැඩි නව මැතිවරණ ක්‍රමයක ලැබි තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ප්‍රතිපත්තිමය දේශපාලනයකට අන් කවරදාත් වගේම මුලපුරා තිබෙනවා. මේ පවතින පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා හෘදය සාක්ෂියක් තිබෙන මානවවාදී දේශපාලන සංස්කෘතියක් මේ රටේ ගොඩනඟන්න මැදිහත් වෙන්නේ මේ රැස්වෙලා ඉන්න ආදරණීය අපේක්ෂක අපේක්ෂිකාවන්. අපේ පක්ෂයේ ගෞරවණීය දේශපාලන සංස්කෘතිය මේ රටට අවශ්‍යයි.මේ රටේ පාලන බලය හොබවපු පක්ෂ දෙකේම අය නැවත ජනතාවගේ ඡන්දය ඉල්ලන්නේ අවුරුදු හතරක් යැපෙන්න හොඳ රස්සාවක් හදාගන්න. ලොකු දීමනාවක් නැති වුණාට, ලැබෙන දේශපාලන බලය පාවිච්චි කරලා ලොකු ධනස්කන්දයක් උපයාගන්න පුළුවන් නිසා. අපි මේ මැතිවරණයට එන්නේ පළමු වතාවට රට පුරාම පළාත් පාලන ආයතනවලට අපේක්ෂක අපේක්ෂිකාවෝ ඉදිරිපත් කළ ජයග්‍රාහී පසුබිමක. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඡන්දයට එන්නේ නාවන්න බල්ලන් ගෙනියනවා වාගේ. ඡන්දය කල්දාන්න යටිකූට්ටු ආකාරයට පෙත්සම් ඉදිරිපත් කළා. ඒ පෙත්සම් ඉවර වෙනවාත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමක් තවත් විදිහකින් පෙත්සම් ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයත් ඡන්දය කල්දාන්න කැමැත්තෙන් සිටියේ. ඒ සියලු උත්සාහයන් පරාජයට පත්කරන්න අපිට හැකිවුණා.ඡන්ද කල්දැමීමේ කුමන්ත්‍රණ පරාජයට පත්කර, සටන් කිරීමෙන් ලබාගත් ඡන්දයේ ප්‍රතිඵල ජනතාවට වාසිදායක ආකාරයට ලබාගත හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් වැඩි පිරිසක් මහජන නියෝජිතයන් වශයෙන් පත්කර ගත්තොත් පමණයි. පල්වෙලා ගඳ ගහන, වංචා - දූෂණ පිරුණු මත්ද්‍රව්‍යවලට ලොල් බවක් දක්වන ජාවාරම්කාරයන්, හොරෙන් වැලි ගොඩ දාන්නන්, වගේ අයගෙන් හොර ගුහාවක් වූ මේ ආයතනය මහජන මිත්‍රශීලී ආයතන බවට පත්කරන්න ඕනෑ. පහුගිය හැත්තෑ වසර පුරා පාදඩකරණය කළ දේශපාලනය තුළ බිහිවූදේශපාලනඥයා, මිත්‍රශීලී මහජන සේවකයෙකු කිරීමට මුල පුරන්න හොඳම තැන පළාත් පාලන ආයතනයි. ගම ගොඩනැඟීමේ වැඩපිළිවෙළ මේ බිමේ යථාර්ථයක් කරන්න ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපි සතුරාව පරාජය කරන්න ඕනෑ ඡන්දයෙන් විතරක් නොවෙයි. දේශපාලන වශයෙනුත් පරද්දන්න ඕනෑ. දේශපාලන වශයෙන් පරාජය කළ හැක්කේ ආදර්ශ දීමෙන්. දුෂ්කරතා විඳදරා ගනිමින් කැපකිරීමෙන්. මහජනතාවගේ පොදු අරමුණු වෙනුවෙන් පෞද්ගලික ජීවිතයේ සුඛ විහරණය, කැපකිරීමෙන් විතරයි. ජනතා විමුක්ති පෙරමුණ ඒ පොදු අරමුණු වෙනුවෙන් දිවිපුදා ගොඩනඟාගත් පක්ෂයක්.1994 මුල්වරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව, අපේ පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදුන්නා. එදා ඉඳලා අද දක්වාම නිහාල් ගලප්පත්ති සහෝදරයා තමන්ට ලැබෙන වැටුප රට තමන්ගේ සුඛ විහරණයට ලබානොගෙන පොදු අරමුණකට යොමු කරමින් ඒ ගෞරවනීය ආදර්ශය රටට දුන්නා. 1997 පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 101 ක් ලබාගත්තා. පළාත් සභාවලින් මන්ත්‍රී ධුර 24ක් ලැබුණා. ඒ ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මහජන මන්ත්‍රී අරමුදල වැඩි වුණා. මන්ත්‍රී වැටුප් හා දීමනා විතරක් නොවෙයි කාර්ය මණ්ඩල වැටුප් හා දීමනාත් මේ අරමුදලට එකතු වුණා. අපි මුලින්ම මේ අරමුදල යොදවලා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් විශ්විවිද්‍යාලයට තේරී පත්වුණු ආර්ථික දුෂ්කරතා තියෙන ශිෂ්‍යයන් පිරිසකට ආධාර ලබාදුන්නා. කුරුණෑගල දුෂ්කර විදුහලක පුස්තකාලයක් සංවර්ධනය කර දුන්නා. අපි ඒක නම් කළේ සුමිත් අතුකෝරල පුස්තකාලය කියලයි. ඒ වගේම අද වගේ පරිගණක පහසුකම් නොතිබුණු 2000ට ඉස්සෙල්ලා කාලයේ රටපුරා විශ්ව පරිගණක මධ්‍යස්ථාන පහක් පටන් අරන් දරුවන්ට නොමිලයේ පරිගණක පුහුණු ලබාදුන්නා. අපි ඒ විදිහට එදා සිටම රටට ආදර්ශ සපයා තිබෙනවා. රට වෙනස් කරන්න ආදර්ශය දෙන්න ඕනෑ ගමෙන්. 2020දී ආණ්ඩු වෙනස් කිරීමේ හැකියාව පෙන්වන්න ඕනෑ මේ මැතිවරණයෙන්. ජන සහභාගී සංවර්ධනය ආරම්භය වෙනුවෙන් ඔබට විශාල වගකීමක් පැවරී තිබෙනවා.අනික් පක්ෂ කරන්නේ ජනතාවට සිමෙන්ති, ටකරන් තහඩු, ගිනිපෙට්ටි, වගේ දේවල් බෙදා දෙන එකයි. ඡන්දවලදි තාම, බෙදුවේ නැත්තේ මිනීපෙට්ටි විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි බෙදන්නේ, බඩු නෙවෙයි. ජනතාව දැනුවත් කරන අදහස්. බඩු බෙදන ඒවා ටික දවසකින් විනාශ වෙලා ඉවර වෙනවා. අපි බෙදන අදහස් මිනිසුන්ගේ හදවත්වල සදාකාලිකව පවතිනවා. සමාජය ගොඩනඟන්න ජනතාව පෙළ ගස්වන්න ඕනෑ බඩුවලින් නොවෙයි. අදහස්, මතවාද, ප්‍රතිපත්ති සහ ආදර්ශවලින්. අපට ඕනෑ ජනතාවට වගකියන පාලනයක් බිහිකරන්න. එහෙම ආණ්ඩුවක් හදන්න මුලපුරන ඡන්දයක් බවට මේ මැතිවරණය පත්කර ගනිමු. මුළු රටම ඒවෙනුවෙන් සූදානම් කරමු. හැත්තෑවසරක් පුරා  මේ රට වෙලාගත්ත ජඩ පාදඩ දේශපාලන ගමන්මඟ අවසන්කර, වංචාව - දූෂණය පරදවන ගම හදන ඡන්දයක් බවට පත්කර ගනිමු. මේ සඳහා මේ කාලකණ්ණි ක්‍රමය සදහටම පරාජය කරන්න ඕනෑ.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, සාහිත්‍යකරුවෙක්, වගේම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස සහභාගිවීමට ලැබීම අගයකොට සලකනවා. මම මේ අවස්ථාවට සහභාගි වෙන්නේ වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු ලෙස වුවත් මට වඩා දක්ෂ කථිකයින් රැසක්ම මේ පක්ෂයේ සිටිනවා. ඔවුන් තර්කානුකූලව කරුණු සහිතව මහජනතාවට තම මතය ඉදිරිපත් කළත් ඒ මතයට මේ දක්වා මහජනතාවගෙන් අවශ්‍ය වටිනාකම ලැබිල නැති බව අපිට පිළිගන්න වෙනවා.මේ රටේ හරවත් දේශපාලනයක් කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු. එවැනි පිරිසක් වැඩිපුර පාර්ලිමේන්තුවේ සිටියා නම්, ජනතාව වෙනුවෙන් කළ හැකිව තිබුණු වැඩකොටස ගැන ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපිට යුතුකමක් තියෙනවා ඉතිහාසය උගන්වන වගේම ඉතිහාසය ලියන අය හැටියට මේ රටේ සැබෑ ඉතිහාසය නිර්මාණය කරන මිනිසුන් එක්ක එකතුවී ඒ සුවිශාල කාර්යභාරයේ කොටස්කරුවෙකු වෙන්න. ඒක යුතුකමකට වඩා වගකීමක්. හරවත් ශිෂ්ටත්වයක් පිළිබඳව මානව ගරුත්වය පිළිබඳව දේශපාලනය, අපි ගමෙන් පටන්ගත යුතුව තිබෙනවා.මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද අදහස් දැක්වීය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත, මධ්‍යම කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, මධ්‍යම කමිටු සාමාජිකා, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායක, සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පක්ෂ නායකයින් හා සාමාජික සාමාජිකාවන් රැසක්ද පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
මෙදා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක්
0
(අංජුල මහික වීරරත්න, මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි, බියගම සේනක නිර්මාණ, මල්වාන කේ.ඩී.එම්. විතානගේ දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති සහ මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)“ත්‍රස්තවාදය, කුඩු, කප්පම්, මිනීමැරුම්, අපචාර නැති විනය ගරුක ශ්‍රී ලංකාවක් බිහි කරන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බියගමදී පෙරේදා (29) පැවසීය. ජාතික ආරක්ෂාවට මුල්තැන සහ සුදුස්සාට සුදුසු තැන දීම තම මූලික ප්‍රතිපත්තිය බව කී සජිත් ප්‍රේමදාස මහතා එමගින් ලෝකය ඉදිරියේ දණ නොනමන තේජවන්ත ශ්‍රී ලංකාවක් ගොඩ නගතැයිද අවධාරණය කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බියගම ජනරැලිය බියගම - වෙළෙඳ කලාපය අසළ භූමියේදී පැවැත්විණි.එක්සත් ජාතික පක්ෂ බියගම සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සංවිධාන කළ ජන රැලියට අතිවිශාල ජනකායක් සහභාගිවී සිටියහ.බියගම ජන රැලියට අමතරව මෙදින දිවුලපිටිය, වත්තල මහරගම සහ කිරුළපන දී ද ජනරැලිය පැවැත්විණි.ජන රැලිවලදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.බියගම ප්‍රදේශයට මූලික වූ අවශ්‍යතා රැසක් තිබෙනවා. අපගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ ක්‍රියාත්මක වූ නිදහස් වෙළෙඳ කලාපය නිසා ප්‍රදේශයට නේවාසිකාගාරවල වැඩි ඉල්ලුමක් දකින්නට ලැබෙනවා. ලබන 16 වැනිදාට මා ජනාධිපති ධුරයට පත් වූ පසු නිදහස් වෙළෙඳ කලාපයේ නේවාසිකාගාර ප්‍රශ්නය පිළිබඳ පූර්ණ අවධානය යොමුකර ඒ පහසුකම් වර්ධනය කරන්න කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයට ජාතික පාසලක දැඩි අවශ්‍යතාව තිබෙනවා. රෝහලක අවශ්‍යතාවද තිබෙනවා. මා ඒ පිළිබඳව රුවන් විජයවර්ධන ඇමැතිතුමා සමඟද සාකච්ඡා කළා.බලයට පත්වී මාස තුනක් ඇතුළත ප්‍රදේශයේ රෝහලේ වැඩ ආරම්භ කරන්න  මෙන්ම ජාතික පාසලේ වැඩ කටයුතු ආරම්භ කරන්න අනිවාර්යෙන්ම මා කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා.ප්‍රදේශය ගංවතුර උවදුරෙන් පීඩාවට පත් වෙනවා. ගං වතුර පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ප්‍රදේශයේ බහුතරය ජනතාව වැලි ගොඩදැමීම ජීවනෝපාය කරගෙන තිබෙනවා. වැලි ගොඩ දැමීමේ ව්‍යාපාරයේ නිරත වූවන් විවිධ නීති රීති නිසා තම සුපුරුදු ව්‍යාපාර කරගෙන යාමට නොහැකිව විශාල අසරණ  භාවයකට පත්වී සිටිනවා.මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ අසරණ බවට පත්වූ සැමට සරණ වීමටයි. ඒ නිසා පරිසරය ගංගා නිම්න ආරක්ෂා කර ගනිමින් මිනිසාගේ ජන ජීවිතයට ප්‍රමුඛතාව දෙමින් පරිසරයට අගතියක් නොවන ආකාරයට වැලිගොඩ දැමීමට මා අවසර දෙනවා.ප්‍රදේශයේ ව්‍යාපාර ගොඩ නැංවීමටත් මා ශක්තිය දෙනවා. කොළඹ - මල්වාන මාර්ගය ඉදිකර යටිතල පහසුකම් නැංවීම තුළින් ජන ජීවිතය උසස් තලයකට ගෙන ඒමට කටයුතු කරනවා.අපේ රටේ කාන්තා ගෘහ මූලික පවුල් ලක්ෂ ගණනක් තිබෙනවා. මේ පවුල් ඒකකවල ජන ජීවිතය ඉතාම දුක්ඛිතයි. කාන්තාවන් ඉතා අමාරුවෙන් පවුල් සංස්ථාව රැක ගනිමින් දුවා - දරුවන් රැක ගන්නවා. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර කාන්තා පරපුර සවිබල ගන්වනවා.සහල් මෝල් හිමියන්ට විශේෂ දිරි ගැන්වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. සහල් කර්මාන්තය වැඩි දියුණු කිරීමට නවීන තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් සහල් කර්මාන්තයේ නිෂ්පාදකයින්ට විශේෂ මූල්‍ය ශක්තිය දී සහල් කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ තැනකට ගේනවා.සියලු වගාවනට වී, තේ, පොල්, රබර්, සුළු අපනයන බෝග එළවළු පලතුරු හේන් වගාවට නොමිලේ පොහොර දෙනවා. එය එසේ කරන්නේ ජාතික වශයෙන් කෘෂි නිෂ්පාදනය ඉතා ඉහළට ගෙනැවිත් පිටරටින් මෙරටට බවභෝග ආනයනය කරනවා වෙනුවට භෝගවලින් ස්වයංපෝෂිත මාතෘ භූමියක් නිර්මාණය කරන්නයි.ආර්ථික වශයෙන් ඉහළට එනවා වගේම ජාතික නිෂ්පාදනයටත් එයින් දැවැන්ත රුකුලක් ලැබෙනවා. එවිට රටේ ආදායමත් ඉහළ යනවා. සියලු ක්‍රියා නිසා රට ලෙස සිරවී සිටින ණය උගුලෙන් එළියට එන්න උදව් වෙනවා.පැහැදිලි ආර්ථික ගමනක් තුළ ඉලක්ක ගත වැඩ පිළිවෙළ යටතේ පොහොර නොමිලයේ දී ජාතික නිෂ්පාදනය ඉහළ දමා රට ණය බරින් මිරිකුණු යුගය අවසන් කරනවා. එමගින් ජනතාවට සෞභාග්‍යමත් රටක් බිහි කරනවා.වර්තමානයේ මාතෘ භූමියේ දුගී - දුප්පත්කම නැති කිරීමේ වැඩ සටහන සමෘද්ධි වැඩසටහනයි. අදටත් විශාල ජන කොට්ඨාසයක් දුප්පත් කමින් පෙළෙනවා. දුප්පත්කම නැති කිරීම සඳහා සමෘද්ධි දීමනා වැඩිකර සමෘද්ධියට තවත් වැඩ සටහන් එකතු කරමින් දුප්පත් කමින් මිදීමේ අවස්ථාව උදා කරනවා. සමෘද්ධිය ශක්තිමත් කරනවා සේම ජනසවිය ද නැවත අරඹා මෙරට දුගී දුප්පත් ජනතාව ඉන් මුදවා ගැනීමට කළ හැකි සියලු දේ කරනවා.කාන්තාව මා ඉතා උතුම් ලෙස සලකනවා. කාන්තාව මුහුණ දෙන කව්රුත් කතා නොකරන සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබෙනවා. කාන්තාවනගේ වටිනාම සම්පත මාතෘත්වයයි. බොහොම සංවේදී හිතට වදදෙන කාරණයක් ගැන මා කල්පනාකොට විසඳුමක් දුන්නා. කාන්තාවගේ ප්‍රශ්නය ගැන මා කතාකර විසඳුම දුන්නාම පොහොට්ටු කණ්ඩායම් මට පහර පිට පහර ගහනවා.ලෝකයට ජීවය දෙන උතුම් කාන්තාවන් අද බරපතළ ගැටලුවට මුහුණ දෙනවා. මාසික ශුද්ධිය කාලයේදී නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා භයානක බලපෑම් ගණනාවක් නිර්මාණයවෙලා.විශේෂයෙන්ම ගැබ් ගෙළ පිළිකාව, මුත්‍රා ආසාධනය, වකුගඩු ඉන්ද්‍රීය නරක්වීම, ප්‍රජනන අවයවවල ආසාධනය වැනි බරපතළ රෝගී තත්ත්ව නිර්මාණය වෙන්නේ නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා බව කිව යුතුයි. මෙය දියුණු වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කරලා.කව්රුත් කතා නොකරන සියයට 51.8ක් වන කාන්තා පරපුරට බලපාන ගැටලුව ගැන රජය ලෙස මා අනාගතයේදී විසඳුමක් දෙනවා. මාස 10ක කාලයක් දරුවකු කුසේ තබා ගෙන උහුලා ගන්න බැරි වේදනාවක් දරාගෙන මිහිපිට දෙවියෙකු ලෙස සලකන්න පුළුවන් කාන්තාවට බලපාන ගැටලුවට මගේ රජය මගින් අනිවාර්යයෙන්ම විසඳුම් දෙනවා.මෙවැනි ප්‍රශ්න තිබෙනවිට රටක පාලකයන් ලෙස මට නිහඬව බලා සිටින්න බැහැ. මව් කැක්කුම සහෝදර කැක්කුම දන්න කාන්තාවගේ දුක තේරෙන මා මේ ප්‍රශ්නවලට තිරසර විසඳුමක් දෙන්න කටයුතු කරනවා.රටේ කාන්තා පරපුර මැද පෙරදිග ගොස් නොයෙක් වද - හිංසා විඳ මෙරටට විදේශ විනිමය ගේනවා. මධ්‍යම කඳුකරයේ තේ වතුවල කාන්තා පරපුර සේවය කර දැවැන්ත ආර්ථික ශක්තියක් දෙනවා. ඇඟලුම් කම්හල්වල සේවය කරන තරුණ කාන්තා පරපුර අපේ රටට ඓතිහාසික හයියක් දෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩිම දායකත්වය දෙන්නේ කාන්තා පරපුරයි.මෙවැනි තත්ත්වය තුළ කවුරු කොහොම විහිළු කළ ද කවුරු කොච්චර ප්‍රශ්නය අවලාදයට ලක් කළ ද කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධය සැලකිල්ලක් තිබෙන අම්මාගේ දුක දන්න, සහෝදරියන්ගේ- කාන්තාවන්ගේ දරු පරම්පරාව ගැන කැක්කුම තිබෙන පුද්ගලයා ලෙස ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුම් දී සනීපාරක්ෂක පහසුකම් නැති සියලු කාන්තාවනට ඒ පහසුකම් දෙන්න මා කටයුතු කරනවා. එපමණක් ද නොව පාසල් අධ්‍යාපනය තුළ දැරියන් මුහුණ දෙන ප්‍රශ්නයට සාධනීය විසඳුම් දෙන වෛද්‍ය ඒකක නිර්මාණය කරනවා.පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව රජ කරවන යුගය 16 වැනිදා නිර්මාණය කරන විට අපේකම - ගමේකම - නගරේකම, අපේ සංස්කෘතිය - සභ්‍යත්වය, රටේ ඒකීයභාවය - ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගෙන කශේරුකාව කෙළින් තබා ගෙන මාතෘ භූමිය මා දිවි හිමියෙන් රකිනවා.රට ආරක්‍ෂා කරන්නේ කෙසේ ද රට ගොඩ නගන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. මා කළේ විවෘත ආරාධනයක්. මගේ ආරාධනාවට එතුමා පිළිතුරු දුන්නේ නැහැ. නමුත් අහල පහළ ඉන්න කුක්කෝ ටික උත්තර දෙනවා. මට කුක්කන්ගේ උත්තර හරියන්නේ නැහැ. මට අවශ්‍ය මගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයාගේ උත්තරය මොකක්ද කියා දැන ගන්නයි.රණවිරුවන් ගැන මගේ ප්‍රතිවාදියාගෙන් මාධ්‍ය ප්‍රශ්නයක් ඇසූ විට හමුදාව බාරව ඔහුවත් ඔහුගේ අයියාවත් හිටියේ නැතැයි පැවසුවා. අවුරුදු 10කට පෙර ඔවුන් කළ බොරුව එයින් හෙළි වුණා. යුද්ධයෙන් පසු මේ අය පොළොව ඉඹ කිව්වේ මොකක්ද? යුද්ධය කළේ ඔවුන් බවයි.මගේ පියා අවසන් වරට කිව්වේ සත්‍ය ජයගනී යන ප්‍රකාශයයි. ඒ ප්‍රකාශය තහවුරු කරමින් යුද්ධය කළේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව ඔවුන්ම අද ප්‍රකාශ කළා. දේශප්‍රේමින්ගේ හැටි පේනවා නේද?යුද්ධය දිනා දින 10ක් තුළ මහා පාවාදීම කළා. මානව හිමිකම් කඩ වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් සමග ගිවිසුම අත්සන් කළා. එදා වගේම අදත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රණවිරුවන් පාවා දෙනවා. මා නම් එසේ කරන්නේ නැහැ. රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොණ්ඩුවකට බෙල්ල දෙන්න මා සූදානම් යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂ බියගම ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා:තරුණ නායකත්වයක් අවශ්‍ය බවට වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම තිබුණා. ඒ අනුව අපගේ නායකයන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා. ජනතාව අතර විශාල උද්යෝගය අද ඇති වෙලා.රට ඉදිරියට ගෙන යන්න තරුණ නායකත්වය අවශ්‍යයි. අනාගතය ආර්ථිකය පිළිබඳව සජිත් පේ්්‍රමදාස මහතාට හොඳ දැක්මක් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා තම පියා කළ සේවය ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් ඉන්නවා. එතුමා එක්සත් ජාතික පක්‍ෂ බලකොටුවක් වූ කොළඹ අතහැර හම්බන්තොට ගියේ දිළිඳු ජනතාවට සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්ෂලාට වඩා සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්‍ෂලාට වඩා සේවය කර තිබෙන බව කිව යුතුයි. රට පුරා දිළිඳු ජනතාව වෙනුවෙන් එතුමා නිවාස ඉදි කළා.ශ්‍රී ලංකාව ඇමරිකාවට විකුණන්න හදන බවට විමල් වීරවංශ වැනි දේශපාලකයන් කෑගැසුවා. ඔවුන් ඇමරිකන් පුරවැසියෙකු ජනාධිපති කරන්න රට පුරා කෑගසමින් යනවා. ගුරුවරුන් දණගස්වන කාන්තාවන් කෙලෙසන දේශපාලකයින් අපට අවශ්‍ය නැහැ.නැවතත් රට පවුල් පාලනයට ගෙන යන්න අප ඉඩ තබන්නේ නැහැ. අද අප මාධ්‍ය නිදහස ස්ථාපිත කරලා එයින් වැඩිපුරම බැට කන්න වූයේ වත්මන් රජයට බව කිව යුතුයි.ජනරැල්ල නතර කරන්න කිසිවකුටත් බැහැ. පසුගිය සමයේ දී රුපියල් මිලියන 300ක සංවර්ධනය මේ ප්‍රදේශයට පමණක් කර තිබෙන බව කිව යුතුයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ සැණින් බියගමට රෝහලක් දීමට මා කටයුතු කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:අපේ පක්ෂය සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා. ජනතා ඉල්ලීම අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළේ ඒ අනුවයි.සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව මා බාර ගන්නවා. ආරක්‍ෂාව බාරගෙන වසර දෙකක් ඇතුළත මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන බවට මා ප්‍රතිඥා දෙනවා.තෙරිපැහැ සිරිනන්ද හිමියෝ ද මහා මාර්ග මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පුරවැසි සංවිධාන එක්මුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, බියගම ප්‍රාදේශීය සභාවේ විෂක්ෂ නායක සුසන්ත සම්පත් යන මහත්වරු ද අදහස් දැක්වූහ.මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.ඡායාරූප-චතුර එස්.කොඩිකාර 
“විනයගරුක රටක් හදනවා“
1
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය.ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට තමා ජනතා ප්‍රශ්න හඳුනා ගනිමින් ඊට විසඳුම් දීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා ඒ ප්‍රතිපත්ති මාලාව කියවා තීරණය ගන්නා ලෙස මුළු රටටම ආරාධනා කරන්නේ යයි ද සඳහන් කළේය.හාරිස්පත්තුව ජන රැලියට අමතරව මෙදින සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් කුණ්ඩසාලේ, තෙල්දෙණිය, තලාතුඔය, හඟුරන්කෙත සහ වලපනේදී ජනරැලි පැවැත්විණි.ජන රැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීිවේය.සුළු අපනයන භෝග වන සාදික්කා, කරාඹු නැටි, ගම්මිරිස් වගාවලින් ප්‍රදේශයේ බොහෝ දෙනෙකු ජීවිකාව කරගෙන යනවා. රටේ හැම භෝගයකටම ආයතන දෙපාර්තමේන්තු තිබුණද සුළු අපනයන භෝග සඳහා අපේ රටේ එකම රාජ්‍ය ආයතනයක්වත් නැහැ.ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ලංකාවේ සුළු අපනයන භෝග වගාකරුවන් වෙනුවෙන් වෙනමම අධිකාරියක් පිහිටුවනවා. ගම්මිරිස්, සාදික්කා, කරාඹු නැටි වැනි භෝගවලට සහතික මිල දීලා මේ කර්මාන්ත කරගෙන යන සියලු දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරනවා.රටේ ආහාර අවශ්‍යතාව ගොවි පරපුරෙන් පමණක් සපයා ගන්නට අපි සැලසුම් සකස් කරනවා. පිටරටින් රටට භව බෝග ආනයනය කරන්න අවශ්‍ය නැහැ. රට තුළින්ම දේශීය ඉල්ලුමට සැපයුම සකසන්න පුළුවනි. ඉන් නතර නොවී අතිරික්තය අපට පිටරට යවන්න පුළුවනි.මෙරට නිපදවිය හැකි දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු පවා පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු මෙරට වගා කරන්න බැරිද? රටක් ලෙස අපට බැරිද, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කටුවැල්බටු මෙරට හදන්න. අපට ඇත්තටම පුළුවනි.කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ හැම වගාවක්ම ඉහළට ගේනවා. ඒ සැලැස්ම තුළ වී වගාව, එළවළු පලතුරු වගාව, ගොඩ භෝග වගාව, සුළු අපනයන භෝග වගාව, තේ- පොල්-රබර් වගාව යනාදී හැම වගාවකටම 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ නොමිලේ පොහොර දෙනවා.මෙරට ඉතිහාසයේ කිසිම දවසක මහා වගා ව්‍යාපෘතිය වෙනුවෙන් නොමිලේ පොහොර දී නැහැ. නමුත් මා ඒ යුතුකම ඉටු කරනවා. යුතුකම ඉටු කරන්නේ රටේ ජාතික ආහාර විප්ලවය ක්‍රියාත්මක කරන්නයි.මේ ප්‍රදේශයේ පවතින ජල ප්‍රශ්නයට විසඳුම් දෙන්න වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. රටේ ජනාධිපති ලෙස ජල ව්‍යාපෘතිය විවෘත කරන්න මා එනවා.කළුගල් කර්මාන්තය, රතිඤ්ඤා ආශ්‍රිත ව්‍යාපාර විවිධ ප්‍රශ්න නිසා චක්‍ර ලේඛ හරහා පැනවූ නීතිරීති රෙගුලාසි තුළ මේ කර්මාන්තවලට අගතියක් වූවා.ජනාධිපති ලෙස මා වගකීම් බාර ගත්තාට පසු තිබෙන්නා වූ සීමා ලිහිල් කර පරිසරයට අහිතක් හානියක් නොවන ලෙස කළුගල් කර්මාන්තයත්, රතිඤ්ඤා කර්මාන්තයත් නඟාසිටුවන්න කටයුතු කරනවා.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවහම ජනතාවට මා ඉදිරිපත් කළ වැඩසටහන ගැන අවබෝධය ලැබෙනවා. දුප්පත්කම නැති කරන සමෘද්ධි ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර ඊට වැඩි වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. සැමදා අප දුප්පත්කම ගැන කතා කරකර ඉඳලා වැඩක් නැහැ. දුප්පත්කමින් මිදෙන්න ශක්තිමත් කෙටි කාලීන විසඳුමක් අවශ්‍යයි.මෙරට පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුම් දිවා ආහාර දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මගේ ප්‍රතිවාදී දේශපාලන කල්ලිය පාසල් දරුවන්ගේ දිවා ආහාරය අහෝසි කළා. තුන් ආකාරයකින් පාසල් දූ දරුවන් 44 ලක්ෂයකට දැවැන්ත වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා.දැනුම මත කේන්ද්‍ර වූ ආර්ථිකය බිහිකරන අතර ජන සමාජයේ උගතුන්-බුද්ධිමතුන් බිහිකරන්න මා කටයුතු කරනවා. මෙරට ජනතාව 16 වැනිදාට පොඩි මිනිහගේ යුගය බිහි කරනවිට පාසල් දරුවන් 44 ලක්ෂයටම නිල ඇඳුම් දෙකයි, දිවා ආහාරයයි, සපත්තු කුට්ටමයි දෙනවා.රටේ යොවුන් පරපුරට හොඳ අනාගතය අවශ්‍යයි. ඒ වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි කර්මාන්තපුර ආරම්භ කරනවා.මේ හාරිස්පත්තුව ආසනයට කර්මාන්ත පුර 3 ක් දෙනවා. එමගින් රැකියා නැති තරුණ තරුණියන්ට ගමේම නගරයේම ඉඳගෙන රැකියා කිරීමේ අවස්ථාව උදා වෙනවා.ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරන්න යෞවන-යෞවනියන් කැමැත්ත දක්වනවා. තමන්ගේ අයි ෆෝන්වලින් වට්ස් ඇප්, පණිවුඩවලින්, වයිබර් ට්විටර් පණිවුඩවලින් මුළු ලෝකයම ඉදිරියට යන ආකාරය ඔබ දකිනවා. අපේ තරුණ තරුණියන්ටත් ලෝකයේ ක්‍රියාත්මක වන ඩිජිටල් විප්ලවය අපේ රටේ මහපෙළොවේ ක්‍රියාත්මක කරන්න තරුණ ඔබට අවශ්‍යයි. ඒ නිසා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නව තාක්ෂණ විද්‍යාලයක් හදන්න මා කටයුතු කරනවා.මෙරට 25%ක් වූ යොවුන් සම්පත වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන්නේ හංසයාගෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාසයි.කාන්තාවන් වෙනුවෙනුත් මා වැඩපිළිවෙළක් දියත් කළා. මෙරට සීයට 51.8 ක් වන කාන්තාවන් වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියක් අපි ආරම්භ කළා. තරුණයන් වෙනුවෙන් තරුණ ප්‍රඥප්තිය මා ඇති කළා.කාන්තා ප්‍රඥප්තිය තුළ කාන්තා පරපුරේ ආර්ථික-සමාජීය-දේශපාලන අයිතිවාසිකම් මෙන්ම කාන්තාවට දියයුතු සැලකිල්ල ශක්තිය සියල්ලක්ම ඇතුළත් කළා. මෙරට දරු පරපුර රැක ගන්නේ කාන්තාවයි. කාන්තාව අරපිරිමැස්මෙන් ගෘහයේ ආර්ථිකය කළමනාකරණය කරගෙන මෙරට ජීවය- ප්‍රාණය බවට පත්ව සිටිනවා.ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා කරන කාන්තාවන්ගේ නිෂ්පාදන පිටරට යවලා විදේශ විනිමය අතිවිශාල ප්‍රමාණය මෙරටට ගේනවා. මැදපෙරදිග හා අනෙක් රටවල විදේශ සේවයට යන සහෝදරියන්-මව්වරුන් රටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එනවා. ඒ නිසා මා කාන්තා පරපුර වෙනුවෙන් වෙනම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරනවා.මට ඕනෑම විවේචනයක් දරා ගන්න ශක්තිය ජවය-තියෙනවා. නමුත් මට දුක මගේ ප්‍රතිවාදියාට මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන අබමල් රේණුවක දැනුමක්, අවබෝධයක් නොතිබීම ගැනයි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ මගේම සංකල්ප විතරයි. එයින් ටිකක් මා මෙතන කිව්වෙ. ඉතින් මේ කාරණා ගැන වාදයට එන්න කියා මා ප්‍රතිවාදියාට ආරාධනා කළා. මොකද, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන දේ මා දන්නවා. මේවා මට වෙන කව්රුත් ලියා දුන්නු ඒවා නොවෙයි.රටට වින කරන, රට විනාශ කරන පරදේසක්කාර බලවේගවලට දේශීය සංස්කෘතිය ගැන නොදන්න දූෂිත කම්බහොරුන්ට තනතුරු දෙන පත්වීම් ලිපියට අත්සන් කරන්නේ නැතැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-ආණ්ඩුව කරන්න නොහැකිව 2015 වසරේදී පැනගිය කල්ලිය නැවත බලය ඉල්ලාගෙන ඇවිත් ඉන්නවා. ඒ යුගයේදී ආර්ථික සම්බාධක පවා පැනවීමට ජාත්‍යන්තරය සූදානමින් සිටියා. රාජපක්ෂ වසර දෙකකට පෙර එදා මැතිවරණය පැවැත්වූයේ ඒ නිසයි.ඇමරිකා පුරවැසියන් වූ අය මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන කතා කරනවා. බිය විය යුත්තේ රටට ආධාර ලැබෙන ගිවිසුම් ගැන නොව ඇමරිකන් පුරවැසියන් මැතිවරණයට ඉදිරිපත්වීම ගැනයි.එක්සත් ජාතික පක්ෂ හාරිස්පත්තුව ප්‍රධාන සංවිධායක තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා:-වාද භේද ඉවතලා මේ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජනපති බවට පත් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මෙන්ම එතුමාගේ පියාණන් කළ මෙහෙවර ගැන ජනතාව හොඳින් දන්නවා.තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ, නගර සැලසුම් සහ ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුද අදහස් දැක්වූහ.විශාල ජන ගංගාවක්  රැලිවලට සහභාගිවී සිටියහ.
“විනයගරුක රටක් හදනවා“
0
(නිමල කොඩිතුවක්කු, සිටිනාමලුව අනීෂා මානගේ)“ධීවර, කෘෂිකර්ම සහ සංචාරක කර්මාන්ත දියුණු කරමින් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට කැපවන බව”, නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තංගල්ලේදී පැවැසීය.“මන්දිර දේශපාලනය, ජනාධිපති වැටුප, වෙඩි නොවදින වාහන ප්‍රතික්ෂේප කර හැම අරමුදලක්ම රටේ දියුණුව වෙනුවෙන් යොදවන බවද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තංගල්ල නගරයේ සංවිධානය කර තිබූ ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.දෙණියාය, අකුරැස්ස, හබරාදූව, රත්මලාන සහ බොරැල්ල ප්‍රදේශවලද මෙදින රැලි පැවැත්විණි.වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මොරවක සහ අකුරැස්ස ප්‍රදේශවල පැවැති රැස්වීම් කිහිපයකට සහභාගී වී මෙතැනට පැමිණියා. තවත් රැස්වීම් කිහිපයකට සහභාගී වෙන්න තිබෙනවා.  රටේ ව්‍යාපාරික ප්‍රජාවත් සමග ප්‍රශ්න සහ උත්තර විවාදයක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ප්‍රතිවාදී අපේක්ෂකතුමන් සහභාගී නොවීම ගැන මා කනගාටු වෙනවා.  ඒ විතරක්ද නොවෙයි. වෙනත් කෙනකු දීපු කථාවක් පටිගත කර තමයි, ඒ අවස්ථාවේ ඔහු අදහස් ඉදිරිපත් කළේ.මෙවර ජනාධිපතිවරණයට මා ඉදිරිපත් වෙන්නේ හම්බන්තොට  දිස්ත්‍රික්කයේ විසිපස් වසරක දේශපාලන ගමනේ යෙදිලයි. දිස්ත්‍රික් සංවිධායකකමෙන් ආරම්භ කළ දේශපාලන  ගමන ඉන්පසු හම්බන්තොට - සූරියවැව සංවිධායක බවටත්, ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු බවටත් පත්වුණා. ජනතාව මට දුන් සහයෝගය මත පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත්වෙලා අද මා යන්න පුළුවන් ඉහළම අවසාන තැනට ඇවිත් සිටිනවා.ජනාධිපතිවරයට තව දින කිහිපයයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසම් 576 ම ජනතාව 2000 මහ මැතිවරණයේදීත්, ඉන් පසු 2001 දීත්, ඉන්පසු 2004 දීත්, 2010 දීත්, 2015 දීත් අවස්ථා පහකදී දෙවතාවක්ම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවා දුන්  හයියේ උච්ඡතම අවස්ථාවට මා දැන් එළැඹිලා.හම්බන්තොට දිස්ත්‍රික්කයේත්  රට වටා ගිය ගමනේත්  මා ලබපු  අත්දැකීම් තුළ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශය සංක්ෂිප්තව ඉදිරි දින කිහිපය තුළ ඔබ අතට ලැබෙනවා.මැතිවරණ ව්‍යාපාරයත් එක්ක මා මුළු රටේම ගමන් කළා.  මෙදා පාර සජිත් ප්‍රේමදාසට මුළු රටේම ජනතාවගේ හයිය තුළින් ඒ මහා ජනවරම ලැබෙන බවට මට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වරම ලැබෙනවිට 25 වසරක් තමුන්නාන්සේලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කළ මට හම්බන්තොට  දිස්ත්‍රික්කයේ තංගල්ල, බෙලිඅත්ත, මුල්කිරිගල, තිස්සමහාරාමය උඩටම උස්සා සජිත් ප්‍රේමදාසව ජයග්‍රහණය කරන්න ඔබ කැපවෙන්න ඕනෑ.විශේෂයෙන්ම තංගල්ල නගරයේ පොඩි බෝට්ටු, තෙප්පම් වෙනුවෙන් ධීවර ප්‍රජාව සහනයක් ඉල්ලා තිබෙනවා. ලාම්පු  තෙල්වලින් රැකියා කරන කුඩා ධීවර යාත්‍රා 50,000 ක් තිබෙනවා. 16 වැනිදට මා පොදු ජනතාවගේ ජනාධිපති වනවිට ධීවර ජනතාවගේ ඉල්ලීම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා.රටේ බහුදින යාත්‍රා 3000 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මෙතෙක් කල් ආදායම් බද්දෙන් නිදහස්ව තිබූ ඒ අයගේ වෘත්තියට දිගටම ඒ නිදහස දෙන්න කියා ඉල්ලීම තිබෙනවා. 16 වැනිදායින් පසු ඒ ඉල්ලීමත් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියා මා ඔබට කියන්න කැමැතියි.ඒ වගේම අසහනයට පත්ව සිටින සංචාරක කර්මාන්තයේ සියලුම දෙනාට අප දුන්නු සහන ඉදිරියටත් දෙනවා.අපේ රජය තුළ ජාතික ආරක්ෂාව සහ නීතිය සාමය  අමාත්‍යවරයා විදියට සරත් ෆොන්සේකා මහතා තීන්දුකර හමාරයි.  ඒ තුළින් ශක්තිමත්  ජාතික ආරක්ෂාවක් ගොඩනැගෙන විට අනිවාර්යයෙන්ම රටේ සංචාරක කර්මාන්තය නැවත වරක් පිබිදෙනවා කියා කියන්න කැමැතියි.ජාතික  සංචාරක ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඒ තුළින්  සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න කටයුතු කරනවා. තංගල්ල  පුරවරයේ ආරම්භ කළ නගර සංවර්ධන වැඩසටහන කඩිනමින් අවසන් කරනවා.තංගල්ල රෝහලට තට්ටු දහයක ගොඩනැගිල්ලක් අනුමත   කර දිලිප් වෙදආරච්චි මහතා සමග රටේ  ජනාධිපති හැටියට මුල්ගල තියා වැඩ ආරම්භ කරන්න මා එනවා.ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩපිළිවෙළ නිසා මුළු රටේම කාන්තාවන් අසහනයට පත්ව සිටිනවා. කාන්තාවන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බවට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වනවා.මගේ පියා දරුවන්ට නිල ඇඳුමයි, දිවා ආහාරයයි දුන්නා. මගේ  ප්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය තමයි, ඒවා කපා හැරියේ. 16 වැනිදා ජනාධිපතිවරයා බවට ජනතාව මාව පත් කරන විට හතළිස් හතර ලක්ෂයක් පාසල්  දූදරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි, සපත්තු කූට්ටමයි, දිවා ආහාරයයි අනිවාර්යයෙන්ම දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි.දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයනවා. සමෘද්ධිය වෙනුවෙන් කැපකරන මුදල් ප්‍රමාණය මා වැඩි කරනවා. රටේ දුප්පත්කම බරපතළ ප්‍රශ්නයයි. එය කෙටි කාලයක් තුළ විසඳිය යුතු ප්‍රශ්නයද වනවා.සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා වගේම මුළු රටේම දුප්පත්කමේ එරී සිටින ජනතාව එයින් මුදාගැනීමට සමෘද්ධියයි, ජනසවියයි දෙකම එකට දෙනවා කියා මා කියන්න කැමැතියි.මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා සහනාධාර පොහොර මිලවත් දන්නේ නැහැ. අනුරාධපුරයේ ගිහින් 350 පොහොර නිකං දෙනවා කිව්වා. රක්ෂණ ගාස්තු 150 අමතක වුණා. එතුමන්ට කවුරු හරි ගුලියක් දුන්නා.ජාතික ආහාර නිෂ්පාදනය උසස් මට්ටමකට ගෙනඒමටත් එයින් ජාතික නිෂ්පාදනයට දැවැන්ත හයියක් දීමටත් මා  කටයුතු  කරනවා. මේ මගින් කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් රටේ කිසිම නායකයකු නොකරපු දෙය මා ක්‍රියාත්මක කරනවා.වී වගාවට, එළවළු, පලතුරු වගාවට ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි වැනි සුළු අපනයන භෝග වගාවටත් තේ,  පොල්, රබර් වැනි වැවිලි කර්මාන්ත ඇතුළු රටේ කෙරෙන හැම වගාවකටම පොහොර සහානාධාරය පමණක් නොවෙයි නොමිලේ පොහොර දීමටද කටයුතු කරනවා.යොවුන් පරපුර වෙනුවෙන් රටේ හැම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම  නවීන තාක්ෂණ  විද්‍යාගාර ආරම්භ කරනවා.එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවැනි  විද්‍යාගාර 12 ක් ආරම්භ වෙනවා. ඒ අනුව තංගල්ල ඇතුළු සියලුම  ප්‍රදේශවල ආරම්භවන නවීන තාක්ෂණ විද්‍යාලය තුළින් නැනෝ තාක්ෂණය, නව තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණ, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යෞවන පරපුරට නොමිලේ  ජාත්‍යන්තර මට්ටමින් මා උගන්වනවා.මෙතැනින් මා නතර වෙන්නේ නැහැ. හැම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනවා.  එතකොට නවීන තාක්ෂණ  විද්‍යාලයෙන් සමත්වන  යෞවනයන්ට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ගිහින් ඩිජිටල් ව්‍යාපාරයේ නිරත වන්නට අවස්ථාව දෙනවා. ඒ සඳහා මූලික ප්‍රාග්ධනයද දෙනවා.මේ අනුව හම්බන්තොට  දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ 12 ට නවීන තාක්ෂණ උද්‍යාන 12ක්, තොරතුරු තාක්ෂණ උද්‍යාන 12ක් ඇතිවෙනවා. ඒ වගේම මගේ නව ප්‍රතිපත්තිය මත කර්මාන්ත උද්‍යාන 12 කුත්, කර්මාන්ත පුරවර 12 කුත්  ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් ආරම්භ කර ගමේ නගරයේ දූ දරුවන්ට ඒවායේ රැකියා කිරීමේ අවස්ථාව උදාකරනවා.රටේ ලක්ෂ සංඛ්‍යාත  ත්‍රිරෝද රථ රියදුරන්ට ඇප රහිතව  ලක්ෂ තුන ගානේ පොලී රහිත ණයක් දෙනවා. දස ලක්ෂ ගණනාවක්  ත්‍රි රෝද රථ රියැදුරන්  සිටිනවා. ඒ අයගේ ජන ජීවිතය ඉහළ  මට්ටමට ගෙන ඒමට මා කටයුතු කරනවා.1994දී මා හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇවිත් සමාජ සේවය ආරම්භ කළේ පෙර පාසල් ඉලක්ක කරමිනුයි. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ලියාපදිංචි වෙලා  තිබෙන්නේ 10000 යි.රටේ සියලුම පෙර පාසල් පාලිකාවන්ට, සහාය පාලිකාවන්ට රජයේ අනුග්‍රහයෙන් වැටුප්, දීමනා දී හැම පෙර පාසලක් වෙනුවෙන්ම අංග සම්පූර්ණ පෙර පාසල් ගොඩනැගිල්ලක්, ළමා උද්‍යානයක් ලබාදෙනවා.ඒ වගේම  මානව භෞතික සම්පත් දී ඒ දූදරුවන්  වෙනුවෙන් නොමිලයේ දිවා ආහාරයද දී රටේ  පෙර පාසල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයට ඇතුළු කිරීමට මා තීන්දුවක් ගත්තා. එතකොට මවුපියන් මුදල් ගෙවා පෙර පාසල් අධ්‍යාපනය දුන් කාලය මා නතර කරනවා.විශ්‍රාමික ප්‍රජාවත් මා රැකගන්නවා. විශ්‍රාමික ප්‍රජාවට දෙන්න පුළුවන්  උපරිම සහන ටික දෙනවා. වැඩිහිටි  ආධාරය රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කරනවා. ඒ විතරක්ද නොවෙයි. රණසිංහ ප්‍රේමදාස සමයේදී වගේ ජනසවිය ගමේ, නගරයේ  සමුපකාරය මගින් ක්‍රියාත්මක  වන විට රටේම සමුපකාර පද්ධතියත් ශක්තිමත් වෙනවා. අපි කරන්න යන වැඩ කොටස් ගැන හෙට උදේ වෙනකම් කතා කරන්න පුළුවනි.මා ඇමැතිවරයකු  විදියට ඇමැති පඩිය ගත්තේ නැහැ. ඇමැති වාහනය ගත්තේත් නැහැ. පෞද්ගලික වාහනයට මගේ  අතින්ම තෙල් ගහගෙන රට වටේ ගිහින් වැඩ කළා. වරදාන වරප්‍රසාද ගන්නවා වෙනුවට තිබෙන හැම තඹ සතයක්ම  වියදම් කළේ පොදු ජනතාව වෙනුවෙනුයි.දහසයවැනිදාට තංගල්ල දිනවන විට, මුල්කිරිගල බෙලිඅත්ත, තිස්සමහාරාමය දිනවන විට මා මන්දිර දේශපාලනය ප්‍රතික්ෂේප කර, ජනාධිපති වැටුප ප්‍රතික්ෂේප කර අලුතින් වෙඩි නොවදින වාහන ගෙන්වන එක නතර කර  ජනාධිපති, අගමැති, මැති ඇමැතිවරුන් ඩියුටි ෆ්‍රී පර්මිට් ලබපු  කාලය අවසන් කර ආණ්ඩු වෙනස්වෙන විට අමාත්‍යාංශවලට වාහන ගෙන්වන පුරුද්ද නතර කර හැම අරමුදලක්ම මම මගේ මාතෘ භූමිය වෙනුවෙන් යොදවනවා.මගේ හිතවත්  ප්‍රතිවාදියාට විවාදයකට ආරාධනා කර දැන් සති දෙකක් ගතවෙනවා. අද උදෙත් අවේ නැහැ. මා කියනවා. එන්න බය නම් ජනාධිපති අයියත් එක්ක එන්න. එහෙම නැතිනම් පවුල් ගහේ ඉන්න හැම දෙනාම කාල්ටන් නිවසට ගෙන්වන්න. එහෙම නැතිනම් මැදමුලන වලව්වට ඥාති, රොත්ත බුරුත්තම ගෙන්වන්න. හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියම කියා මා කියන්න කැමතියි.මා තනියම ගිහින් වාද විවාද කර විවාදයත් දිනා ජනාධිපතිවරණයත් දිනනවා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු දෙනාම ජයග්‍රහණයට සූදානම් වෙන්න. 1994 ඉදන් තමුන්නාස්සේලාගේ දුක සැප සියල්ලක්ම හොයා බලා කරන්න පුළුවන් උපරිමය මා කළා. තව වැඩි වැඩියෙන් උදවු පදව් කරන්න දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර දෙන්න කියා මා ඉල්ලීම කරනවා.” යයිද, සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා:“හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනය ආරම්භ කළ සජිත් ප්‍රේමදාස මහතා  හත්වැනි විධායක ජනාධිපති දුර තරගයට ඉදිරිපත්ව සිටිනවා. රාජපක්ෂවරුන් විධායක ජනාධිපති ධුරය හොබවලත් කරන්න බැරිවෙච්ච විශාල සේවාවක් එතුමා මේ ප්‍රදේශය වෙනුවෙන් කළා.නියඟයට, ගංවතුරට ඕනෑම ගැටලුවකට මේ ප්‍රදේශවලට පිහිටවුණේ සජිත් ප්‍රේමදාස මහතායි.  එතුමා මේ ප්‍රදේශවල වෙහෙර විහාර ඉදිකර ශාසනය වෙනුවෙනුත් විශාල සේවයක් ගෙනගියා. ජාති ආලයෙන්, ආගම් ආලයෙන් කතාකරන රාජපක්ෂවරුන් අඩු ගානේ චෛත්‍යයක්වත් ඉදිකර නැහැ.සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නිකං ලැබුණේ නැහැ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි ජනාධිපති අපේක්ෂකත්වය එතුමන් ගන්නවා කිව්වා. ඒ වගේම 16 වැනිදාට රටේ නියත ජනාධිපති බවට සජිත් ප්‍රේමදාස මහතා පත්කරගන්නවා” යයිද ඔහු කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා  මහතා:-    “එදා රාජපක්ෂ පාලන සමයේදී පොලිස් නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් කොච්චර භීතියකින් කටයුතු කළාද?. අද එහෙම භීතියක් නැහැ. ඔවුන් අභිමානයෙන් තමන්ගේ වෘත්තියේ නියැලෙනවා. එදා ආතතියෙන් භීතියෙන් කටයුතු කළ මැතිවරණ කොමසාරිස් අද බොහොම ගැම්මෙන් කොන්ද කෙළින් තියන් වැඩ කරනවා.රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම මට පවරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඒ වගකීම අකුරටම ඉටුකරමින් සියලුම ජනතාවට ජීවත්විය හැකි සුරක්ෂිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මා කැප වෙනවා.ඒ වගේම අද තරුණ පරපුර මත්ද්‍රව්‍ය, මත්කුඩුවලට  ඇබ්බැහි වෙලා. ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුර බවට පත්ව සිටිනවා. තරුණ පරපුර මේ තත්වයෙන් ගලවා ගැනීමටත් පුනරුත්ථාපනය කිරීමටත් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් රටද මේ තත්වයෙන් ගලවා ගැනීමට මා කැපවෙනවා” යයිද ඔහු පැවැසීය.විශාල පිරිසක් රැලිවලට සහභාගිවී සිටියහ.
“විනයගරුක රටක් හදනවා“
0
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“විදේශ පුරවැසියෙකු ලංකාවේ ජනපති වුවහොත් විදෙස් රටවල් කියන පදයට නටන්න සිදුවෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.“ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නැති සෑම උපාධිධාරියෙකුටම රැකියා දෙන බව”ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් වෙනුවෙන් ඇපයක් සහ පොලී නැතිව රුපියල් ලක්ෂ තුනක ණය මුදල දෙන්නේ යැයි”ද කීවේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුයේ මාවනැල්ල, ගම්පොල, අරණායක, රඹුක්කන සහ පොල්ගහවෙල පැවැති ජන රැලි අමතමිනි.ජනරැලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මාව අපේක්ෂක ලෙස පත් කරන්න බෙල්ල තියපු කෙනකු තමයි කබීර් හෂීම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවද කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 වැනිදාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹලා, තිබෙනවාට වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාව අතරට මා ගේනවා.මාවනැල්ල පුරවරයේ ඉඩම්, නිවෙස් නැති විශාල පිරිසක් ඉන්නවා. රටේ නිවාස වැඩපිළිවෙළ අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 වැනි දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දී රටට සෙවණ දෙන වැඩපිළිවෙළ රටටම ක්‍රියාත්මක කරනවා.රබර් ආර්ථිකයක් ස්වයං රැකියා ආර්ථිකයක් වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි තිබෙනවා. මේ ආර්ථිකවල කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මූල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහළ තලයට ගෙනෙන්න කටයුතු කරනවා.අලුත්නුවර පූජා භූමිය සංවර්ධනය කළේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙනුයි. මේ වනවිට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මෙරට ජනාධිපති ලෙස අලුත්නුවර උතුම් පුදබිම අංගසම්පූර්ණව වැඩි දියුණුකර ඉතිරි වැඩ කොටසත් නිමා කරනවා.ජාතික වශයෙන් අප දැවැන්ත වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි-වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවිය යුතුයි. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහන ද යළිත් ක්‍රියාත්මක කරනවා.කෙටි කාලය තුළ මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා. මගේ පියා තමයි, පාසල් දරුවන් ලක්ෂ 43කට දිවා ආහාරය හා නිල ඇඳුම් දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාට දරුවන් වෙනුවෙන් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ලබන 16 වැනිදා ජනාධිපති වූ පසු මා නිල ඇඳුම් කට්ටල දෙකක්, දිවා ආහාර වගේම සපත්තු ජෝඩුවකුත් දෙනවා.ඇයි පාසල් දූ-දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ? දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත්-බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගෙන්න ඕනෑ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහිවෙන්න නම් දරුවන් පාසල් යන්න උනන්දු කළ යුතුයි.මගේ ප්‍රතිවාදියෝ මේක මුදල් නාස්තියක් කියනවා. නුඹලාට කෝටි ගණනක් ණය ගිනිපොළියට ගෙන නෙළුම් කුලුණ නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුණා නම් මා පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න පැකිළෙන්නේ නැහැ.සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම මූලික කරගෙන කර්මාන්තපුර අරඹනවා. කර්මාන්ත පුරවර වැඩසටහන තුල යොවුන් පරපුරට රැකී-රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට යන ඍජු විදේශ ආයෝජන අපේ මාතෘභූමියට රැගෙන එනවා.යොවුන් පරපුර ලොකුවට ඩිජිටල් විප්ලවය ගැන කතා කරනවා. එය කතාවට පමණක් සීමා නොකර මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා. ඒවායේ බයෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා - සාක්ෂරතාව වැනි දැනුමද ලබා දෙනවා.මේ විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මේ උද්‍යානයන්හි ආරම්භ කරනවා.තරුණ ප්‍රඥප්තියක් මා එළි දැක්වූවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට මා එළැඹුණා. කාන්තාවන් සමඟ කාන්තා ප්‍රඥප්තියට එළැඹුනා. කාන්තා ප්‍රඥප්තියේ තිබෙන්නා වූ සියලුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න මා කටයුතු කරනවා.ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු-මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝදාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැක බලා ගන්නවා.රටේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීමට එහි වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙනවා. සුදුස්සාට සුදුසුතැන මා දෙනවා.ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයත් සුනුවිසුණු කරනවා. ත්‍රස්තවාදීන් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් ද විනාශ කරනවා. ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, ළමා අපචාරකරුවන් විනාශ කර යුක්තිගරුක-විනයගරුක ශිෂ්ඨසම්පන්න ජන සමාජය බිහි කරනවා.මේ කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමඟ වාද කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෙහෙම වාද-විවාද කළාම ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත්වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරු හරි ලියා දුන්නු එකක් ද කියා බලා ගත හැකියි. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තිබෙනවාද, දැනුම තිබෙනවාද, මොළයක් තිබෙනවා ද බුද්ධියක් තිබෙනවාද කියලා ඔක්කොම හොයා බලන්නත් පුළුවනි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස මගේම දර්ශනයයි. වෙන කව්රුවත් ලියපු එකක් නොවෙයි. හැම එකක්ම ප්‍රසිද්ධ විවාදයක් තියා බලන්න පුළුවනි. අපේ හිතවත් මාධ්‍යයට ඒ වෙලාවට කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්වන්නත් පුළුවනි. එතකොට ටෙලිප්‍රෝම්ටර් එකේ වීදුරු කෑලි එහාට-මෙහාට යනවා බලා ගන්නත් පුළුවනි. මට නම් ටෙලිප්‍රෝම්ටර්වලින් කතා කර පුරුදු නැහැ. මොකද, සියලු කරුණු මගේ ඔලුවේ තිබෙනවා. හැබැයි ප්‍රතිවාදියා තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.කොහේ විවාද කරන්න බැරි වුණත් ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මා කැමැතියි. තනිවම එන්න අකමැති නම් ළඟපාත තිබෙන කිහිළිකරු අත්වාරු ටික ගෙන එන්න පුළුවනි.ඕනෑ නම් හිටපු ජනාධිපති අයියාවත් අඬ ගහගෙන එන්න.හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි. ඕනෑ නම් රුපියල් 2500න් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයත් ගෙන එන්න. එහෙමත් බැරිනම් පවුල් ගහම ගෙන එන්න. එය පන්දාහද, පහළොස් දාහද, විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.මාවනැල්ල නගරයේ තනිව සිට දහ දාහද, විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න මා ලෑස්තියි. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායක ලෙස මා කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම දෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවාදෙන්නේ නැහැ.මගේ ඔලුවට කරපිටට වෙනත් රටවල නීති-රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තිබෙනවාද කියලා කියන්න මා දන්නේ නැහැ. කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඔයා අපේ රටේ පුරවැසියේ ලෙස හිටියා, දැනුත් ඉන්නවා ඔයා අපේ රටේ නීතිරීතිවලට අනුව ඉන්න ඕනෑද කියා සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් කරන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.රට තුළ ත්‍රීරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක් පොලිය නැතුව ලක්ෂ 3 ක ණය මුදල දෙනවා.පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක පවතිනවා. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථමවරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ද දෙනවා.රණවිරු සුබසාධන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පෞද්ගලිකව මා සොයා බලනවා. රැකියා නැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා දෙනවායැයි” සජිත් ප්‍රේමදාස මහතා කීවේය.එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා -“අප වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කළේ ජනතාව රජ කරවන්නයි.ගෝඨාභයගේ කඳවුර දෙස බලනවිටත් හිරිකිතයි. ඒ කඳවුර අලුතින් තීන්ත ගෑ හිර ගෙදරකට සමානයි. ඒ කල්ලිය ජාතිවාදය අවුලවමින්, ජනතාව කොටවමින් ඡන්ද ගන්න උත්සාහ කරනවා.මහින්ද අද උතුරට වෙන කතාවක් කියා දකුණට ඇවිත් තව කතාවක් කියනවා. මේ දේශපාලනය තේරුම් ගත යුතුයි”.මහනුවර රණවිරු සමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -“යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා බොහෝ දෙනෙකු කීවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය දිනන්න පුළුවන් බව කිව්වා. ගම්වල තරුණයන් තම ජීවිතය පූජා කර යුද්ධය ජයග්‍රහණය කළා. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පිංකමක් බව බුද්ධ ධර්මයෙහි පවා සඳහන් වෙනවා.රණවිරුවන් ගැන විවිධ අර්ථකතන මාධ්‍ය දෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් යුද්ධ කළේ වැටුප බලා ගෙනම නොවෙයි”.කොළඹ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සමුළුව ඇමතූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -“නොවැම්බර් 17 වැනිදාට හිරු උදාවන විට රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතායි.නිදහස් මාධ්‍ය ව්‍යපාරය සමඟ මා 1980 වසරේ සිට සම්බන්ධ වී කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ විවිධ අවශ්‍යතා, පහරදීම්, ආදි සියල්ල වෙනුවෙන්ම එදා මුලින්ම පාරට බැස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උදවියයි.පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින් මාධ්‍යවේදීන් මර්දනය කළා. ඒ යුගයේදී මාධ්‍යව්දීන් කී දෙනෙකුට ජීවිත අහිමි වුණාද? මාධ්‍යවේදීන් කී දෙනෙකුගේ අතපය අහිමි වූවාද? මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ මාධ්‍ය මර්දනය ද අපගේ ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහසක් දුන්නා. දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. ඇතැම් මාධ්‍ය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන කතා කරනවා වෙනුවට තවමත් රාජපක්ෂ රෙජිමයට ගුණ වයමින් සිටිනවා”.දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුද කතා කළහ.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති එඞ්වඞ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි ද සොයිසා  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 
“විනයගරුක රටක් හදනවා“
0
(а¶ұа·Ҹа¶Ҫа¶ҡ а·ға¶Ӯа¶ўа·“а·Җ а¶Ҝа·„а¶ұа·Ҹа¶әа¶ҡ)රටа·ҡ බа¶Ҝа·” а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶ә а¶ҙිළිබඳа·Җ а¶…а¶°а·Ҡ‍а¶әа¶әа¶ұа¶ә а¶ұа·ңа¶ҡර а·ға¶ҡа·ға·Ҡ а¶ҡа·… а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҙа¶ұа¶ӯ а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҡ а·Җа¶ұа·Җිට අරа·Ҡබුа¶Ҝ රа·Ҹа·Ға·’а¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·“ а¶ӯිබа·ҷа¶ұ බа·Җ බа¶Ҝа·” а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа·ҡ හිටа¶ҙа·” а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶ёа·„а·Ҹа¶ а·Ҹරа·Ҡа¶ә ඩබа·Ҡа¶Ҫа·’а·Җа·Ҡ.а¶һа·“. а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·ҷරа·ҡа¶Ҝа·Ҹ (22) а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а·Җа·’а¶Ҝа·ҡа·Ға·’а¶ҡа¶әа¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡа·Ҡ а·ға¶іа·„а·Ҹ а·ға¶ҡа·ға·Ҡ а¶ҡරа¶ұ а¶Ҫа¶Ҝ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҙа¶ұа¶ӯ а¶Ҫа·ҷа·ғ а·„а¶іа·”а¶ұа·Ҡа·Җа¶ёа·’а¶ұа·Ҡ а¶…а¶ҙ රටට එа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶Ҝ ඔහු а¶ҡа·“а¶ә.а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රී බа¶ұа·Ҡа¶Ҝа·”а¶Ҫ а¶ңුණа·Җරа·Ҡа¶°а¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а·Җа·’а·ға·’а¶ұа·Ҡ රචිа¶ӯ ‘බа¶Ҝа·” а¶Ҝඩа¶әа¶ё, а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҙа¶ұа¶ӯ’ а¶ҡа·ҳа¶ӯа·’а¶ә එළිа¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·’а¶ёа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әට а·ға·„а¶·а·Ҹа¶ңа·’ а·Җа·ҷа¶ёа·’а¶ұа·Ҡ ඔහු а¶ёа·ҡ බа·Җ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә. а·„а·ҷа¶ҡа·Ҡටරа·Ҡ а¶ҡа·ңබа·Ҡබෑа¶ҡඩුа·Җ а¶ңа·ңа·Җа·’ а¶ҙරа·Ҡа¶әа·ҡа·Ӯණ а·„а·Ҹ а¶ҙුහුණු а¶ҡිරීමа·ҡ а¶Ҷа¶әа¶ӯа¶ұа¶әа·ҡа¶Ҝа·“ а¶ёа·ҷа¶ё а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶ә а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җිණි.හිටа¶ҙа·” а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа¶ё а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әа·ҡ а¶ҙ‍а·Ҡ‍රධа·Ҹа¶ұ а¶Ҷරа·Ҹа¶°а·’а¶ӯ а¶…а¶ёа·”а¶ӯа·Ҡа¶ӯа·Ҹ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а·ға·„а¶·а·Ҹа¶ңа·’ а·Җа·’а¶ә.එහිа¶Ҝа·“ а¶ёа·„а·Ҹа¶ а·Ҹරа·Ҡа¶ә ඩබа·Ҡа¶Ҫа·’а·Җа·Ҡ.а¶һа·“. а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶Ҝ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීමට а¶ҙа·ҷර රජа¶ә රටа·ҡ а·ға·’а¶әа¶Ҫа·–а¶ё а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶ёа¶ҹ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’. එа¶Ҫа·ҷа·ғ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ұа·ңа¶ҡර а¶ёа·ҷа·Җа·җа¶ұа·’ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а·ға¶ҡа·ға·Ҡ а¶ҡිරීමа·ҷа¶ұа·Ҡ а·ға¶ёа·Ҹа¶ўа¶әа·ҡ අරа·Ҡබුа¶Ҝ රа·Ҹа·Ға·’а¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶…а¶Ҝ а·ға¶ёа·Ҹа¶ўа¶әа·ҡ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶ҡа¶ӯа·Ҹබහа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·“ а¶ӯිබа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶Үа¶әа·’? а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡа·Ҡ а·ға¶іа·„а·Ҹ а·ға¶ҡа·ға·Ҡ а¶ҡа·… බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ එа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а¶ҙ රටа·ҡ එа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶ұа·’а·ға¶әа·’. а¶ёа·ҷа¶ё බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯ а·ға¶ҡа·ға·Ҡ а¶ҡිරීමට а¶ҙа·ҷර а¶…а¶ҙ රටа·ҡ බа¶Ҝа·” а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶ә а¶ҙිළිබඳа·Җ а¶әа¶ёа·Ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶әа¶ұа¶әа¶ҡа·Ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а·Җ а¶ӯිබුණа·Ҹ. а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීමа·ҡа¶Ҝа·“ එа·Җа·җа¶ұа·’ а¶…а¶°а·Ҡ‍а¶әа¶әа¶ұа¶әа¶ҡа·Ҡ а¶ҡර а¶ұа·җа·„а·җ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ අරа·Ҡබුа¶Ҝ а¶Үа¶ӯа·’а·Җ а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶Ҝ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.හිටа¶ҙа·” а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҡа·ңа¶ёа·ға·Ҹරිа·ға·Ҡ а¶Ҷරа·Ҡ.а¶ҙа·“.එа¶Ҫа·Ҡ. а·Җීරа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ӯිබිа¶әа¶Ҝа·“ රටට а¶ӯа·Җа¶ӯа·Ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶Үа¶әа·’? а¶ёа·ҡ а·Җа·ҷа¶Ҫа·Ҹа·Җа·ҡ රටට а¶ӯа·Җа¶ӯа·Ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ңа·ҷа¶ұа·Ҹа·Җට а¶ҡа¶ёа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а·ға·’а¶әа¶Ҫа·–а¶ё а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶ёа¶ҹ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹ а¶ҡර බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а·ға¶ҡа·ға·Ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҷа·Җර එа·Җа·җа¶ұа·’ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹа·Җа¶ҡа·Ҡ а·„а·қ а·ға¶Ӯа·Җа·Ҹа¶Ҝа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җුණа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа¶ё а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ғ а¶ҡරа¶ұ а¶Ҷа¶ҡа·Ҹරа¶әට а¶ёа·ҷа¶ә а·Җа·’а¶Ҝа·ҡа·Ға·’а¶ҡа¶әа¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а·ға¶ҡа·ға·Ҡ а¶ҡа·… а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ.2006 а·ғිට 2015 а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а·Җа·– බа¶Ҝа·” а·ға¶Ӯа·Ға·қа¶°а¶ұ а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·’а·ға·’а·Җа¶ҡа·Ҡ а¶…а¶°а·’а¶ҡරණа¶әа·ҡ а¶…а¶·а·’а¶әа·қа¶ңа¶әට а¶Ҫа¶ҡа·Ҡа·Җුණа·ҡ а¶ұа·җа·„а·җ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё а¶ҙа¶ұа¶ӯට එරа·ҷа·„а·’а·Җ а¶ұඩු 6а¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а·Җුණа·Ҹ. а¶ёа·ҷа¶ё а¶ҙа¶ұа¶ӯ а¶ҡ‍а·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡිරීමа·ҡа¶Ҝа·“ රජа¶әට а·Җа·’а·Ға·Ҹа¶Ҫ අරа·Ҡබුа¶Ҝ а¶ңණа¶ұа·Ҹа·Җа¶ҡට මුහුණ а¶Ҝීමට а·ға·’а¶Ҝа·”а·Җа·ҡа·Җа·’. බа¶Ҝа·” а¶ҙа·җа¶ұа·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡ‍а·Ӯа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа¶әа·’. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ අරа·Ҡථිа¶ҡа¶ә а·„а·ғුරа·Җа¶ұ а·ға·”а¶ҡа·Ҡа¶ҡа·Ҹа¶ұа¶ё බа¶Ҝа·”а¶әа·’. а¶ұа·ңа¶Ҝа·’а¶әුණු а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶іа·„а·Ҹ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҝа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’.а¶әа¶ёа·Ҡ රටа¶ҡа·’а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡа·Ҡ ණа¶ә а¶ңа¶ӯа·Ҡа·Җිට а¶’ ණа¶ә а¶ҙа·Ҹа·Җа·’а¶ а·Ҡа¶ а·’ а¶ҡරа¶ұ රටට බа¶Ҝа·” а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а¶ңа·ҷа·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. 2011 а¶…а¶әа·Җа·җа¶ә а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·ҷа¶ё а·ға·„а¶ұа¶ә а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ а¶’ а·ға·„а·Ҹа¶ә а¶…а·„а·қа·ға·’ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҷа¶ә а¶…а¶ұа·Ҹа¶ңа¶ӯ а¶Ҷа¶әа·қа¶ўа¶ұ а·ға¶іа·„а·Ҹ а¶ҡа·ҷа·ға·ҡ බа¶Ҫа¶ҙа·Ҹа·Җа·’а¶Ҝа·җа¶әа·’ а·ға·’а¶ӯа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ.රටа¶ҡ а¶Ҷරа·Ҡථිа¶ҡ а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡරа¶ұа·Җිට а¶әа¶ёа·Ҡ а¶әа¶ёа·Ҡ а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶іа·„а·Ҹ а·ға·„а¶ұа·Ҹа¶°а·Ҹර а¶Ҫබа·Ҹа¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ එа¶әа¶ӯа·Ҡ බа¶Ҝа·”а·Җа¶Ҫට а¶әටа¶ӯа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ. එමа·ҷа¶ұа·Ҡа¶ё а·Җа·’а¶Ҝа·ҡа·Ғ а·Җа·’а¶ұа·’а¶ёа¶ә а¶Ҫබа·Ҹа¶ңа·җа¶ұа·“а¶ё а·ға¶іа·„а·Ҹа¶ӯа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҫබа·Ҹ а¶Ҝа·“ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ එම а·ға·„а¶ұа¶әа¶ӯа·Ҡ а¶…а·„а·қа·ға·’ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.එමа·ҷа¶ұа·Ҡа¶ё а·Җа·’а¶Ҝа·ҷа·ға·Ҡа¶ңа¶ӯ а·Ға·Ҡ‍රී а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡа¶әа¶ұа·Ҡ а·ға¶іа·„а·Ҹа¶ӯа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҝа·“ а¶ӯිබුණа·Ҹ. එමа·ҷа¶ұа·Ҡа¶ё а·Җа·ҳа¶ӯа·Ҡа¶ӯа·’а¶ҡа¶әа¶ұа·Ҡටа¶ӯа·Ҡ а¶ҙа·ға·”а¶ңа·’а¶ә රජа¶ә а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а·ға·„а¶ұ а¶Ҫබа·Ҹ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ а¶’ а·ға·„а¶ұа¶ӯа·Ҡ а¶…а·„а·қа·ға·’ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а·Җа·’а¶Ҝа·ҷа·ға·Ҡ ටа·ҷа¶Ҫа·’а¶ұа·Ҹටа·Ҡ‍а¶ә а·ға¶іа·„а·Ҹ а¶ҙа·җа¶ұа·Җа·– බа¶Ҝа·”а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҙа·ға·”а¶ңа·’а¶ә රජа¶ә රа¶ұа·Ҡමිණිа¶ӯа·җа¶ұа·Ҡа¶ұ а·„а·җа¶Ҝа·”а·Җа·Ҹ. රුа¶ҙа·’а¶әа¶Ҫа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ а¶ҙа·„а¶ҡට а·Җа·җඩි а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а¶әа·ңа¶Ҝа·Ҹ а¶ а·’а¶ӯ‍а·Ҡ‍රа¶ҙටිа¶әа¶ҡа·Ҡ а¶ұа·’а·Ӯа·Ҡа¶ҙа·Ҹа¶Ҝа¶ұа¶ә а¶ҡа·…а·ңа¶ӯа·Ҡ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа¶ҡа·’а¶ұа·Ҡ අරමුа¶Ҝа¶Ҫ а¶ҙа·’а¶әа·Җа·Ҹ а¶ңа·җа¶ұීමට බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ а·ға·’а¶әа¶Ҫа·–а¶ё බа¶Ҝа·” а·ға·„а¶ұ а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ” а¶әа·җа¶әа·’ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а¶ёа·„а·Ҹа¶ а·Ҹරа·Ҡа¶ә රа¶Ӯа¶ўа·’а¶ӯа·Ҡ බණа·Ҡඩа·Ҹර а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶ҙа·җа·Җа·җа·ға·“а¶әа¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·ға¶ёа·Ҹа¶ўа¶әа·ҷа¶ұа·Ҡ а·Җිරа·қа¶°а¶ӯа·Ҹа·Җа¶ұа·Ҡ එа¶Ҫа·Ҡа¶Ҫ а·Җа¶ұа·Җිට රජа¶ә а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯ а¶ңа·җа¶ұ а·Җа·’а·Җа·’а¶° а¶Ҝа·Ҹරа·Ҡа·Ға¶ұа·’а¶ҡ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. රට а¶ёа·ҷа¶ұа·Ҡа¶ё රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә රа·җа·”а¶ҡ а¶ңа·җа¶ұීමටа¶ӯа·Ҡ а¶ҙුරа·Җа·җа·ға·’а¶әа¶ұа·Ҡට а¶…а¶әа·’а¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯ а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ұа·ҷа¶ёа·ҷа¶әа·’. а¶ёа·ҷа¶ә а¶ӯа¶ұа·’а¶ҡරම а¶ҡа·ңа·…а·ҡ а·Җа·„а¶Ҫ а¶ңа·җа·„а·’а¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ.а¶ӯа¶ё а¶ўа·“а·Җа·’а¶ӯа¶ә а¶ңа·ңඩа¶ұа¶ңа·Ҹ а¶ңа·җа¶ұීමට а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„ а¶Ҝරа¶ұ а·ға·”а·…а·” а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡа¶әа¶ұа·Ҡ а¶ҙිරිа·ға¶ҡа·Ҡ  ඕа¶ұа·‘а¶ё රටа¶ҡ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ёа·„а·Ҹ а¶ҙරිමа·Ҹණ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡа¶әа¶ұа·Ҡට а·Җඩа·Ҹ එම а¶ҙිරිа·ғ  ඕа¶ұа·‘а¶ё රටа¶ҡ а·Җа·җඩිа¶әа·’. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё а¶ұа·Җ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ රටа·ҡ а·ғිටිа¶ұ а·ға·”а·…а·” а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡа¶әа¶ұа·Ҡ а¶ҙිරිа·ғ а¶ҙිළිබඳа·Җ а¶ҡа·’а·ға·’а¶ё а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҡа·ҷරа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶Ҷණа·Ҡඩුа·Җට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ҡа·ҷа·ға·ҡ а·„а·қ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а·„а¶ёа·Ҡබ а¶ҡිරීමටа¶әа·’. එа¶әට බа¶Ҫа¶ҙа·‘ а·„а·ҡа¶ӯа·” а¶ҡа·’а·„а·’а¶ҙа¶әа¶ҡа·Ҡа¶ё а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.2015 а¶ўа¶ұа·Җа·Ҹරි 8 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·”а·Җ а¶ёа·ҡ රටට а¶ңа·җа¶Ҫа¶ҙа·ҷа¶ұ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ҡ‍а·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡිරීමට а¶Ҷණа·Ҡඩුа·Җට а·„а·җа¶ҡа·’а¶әа·Ҹа·Җа¶ҡа·Ҡ а¶Ҫа·җබුණа·ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶Ҝ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҡ‍а·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡරа¶ұ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶ә а¶ҡа·”а¶ёа¶ҡа·Ҡа¶Ҝа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұ а¶ҡа·Җුරුа·Җа¶ӯа·Ҡ а¶Ҝа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶ә а¶ұа·’а·ға·Ҹ а¶…а¶Ҝ а·Җа¶ұа·Җිට а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶…а¶·а·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯරа¶әа·ҡ а¶ңа·җටුමа·Ҡ а¶ҙа·Җа·Ҹ а¶ұිරа·Ҡа¶ёа·Ҹණа¶ә а·Җа·“ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ӯа·қරа·Ҹа¶ңа¶ӯа·Ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а¶ҡа·’а·ға·’а·Җа¶ҡа·Ҡ а¶ҙ‍а·Ҡ‍රа·Ҹа¶әа·қа¶ңа·’а¶ҡ а¶ұа·җа·„а·җ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а¶ҡ‍а·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡිරීමа·ҡа¶Ҝа·“ а¶Ҷණа·Ҡඩුа·Җ а·„а¶ӯа·Ҡа¶ҙа·ңа·…а·ҡ а¶ңа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а¶ҙа·җටළුණු а¶ұа·–а¶Ҫа·Ҡ බа·қа¶Ҫа¶әа¶ҡа·Ҡ а·Җа¶ңа·ҷа¶әа·’. а¶ҡа·ңа¶ӯа¶ұа·’а¶ұа·Ҡ а¶ҡа·ҷа·…а·Җර а·Җа·ҡа¶Ҝа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ.а¶ёа·ҡ а¶әа¶ұ а¶ңа¶ёа¶ұ а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණа¶әа·ҷа¶ұа·Ҡа¶ё а·Җа·җරа¶Ҝа·’а¶әа·’. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ұа·’а·Җа·җරа¶Ҝа·’ а¶ёа¶ңට а¶ңа·җа¶ұීමට а¶Ҷණа·Ҡඩුа·Җට බа¶Ҫа¶ҙа·‘а¶ёа·Ҡ а¶ҡිරීමට а¶ҙුරа·Җа·җа·ға·’а¶әа¶ұа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶…а¶ҙට а¶әа·”а¶ӯа·”а¶ҡа¶ёа¶ҡа·Ҡ а·„а·Ҹ а·Җа¶ңа¶ҡа·“а¶ёа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ” а¶әа·җа¶әа·’ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රී බа¶ұа·Ҡа¶Ҝа·”а¶Ҫ а¶ңුණа·Җරа·Ҡа¶°а¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а¶ҙа·ға·”а¶ңа·’а¶ә රජа¶әа·ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡа·… හිටа¶ҙа·” а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ 2006 а¶…а¶Ӯа¶ҡ 10 а¶Ҝරණ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҙа¶ұа¶ӯ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡර а·ға¶ёа·Ҡа¶ёа¶ӯ а¶ҡරа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. එа¶ӯа·”а¶ёа·Ҹ එම а¶ҙа¶ұа¶ӯ а·ға¶ҡа·ға·Ҡ а¶ҡа·…а·ҡ а·ға¶ёа·Ҹа¶ўа¶әа·ҡ а·Җа·’а·Җа·’а¶° а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍රа¶әа·ҷа¶ұа·Ҡ а·„а·Ҹ а·Җа·’а·Җа·’а¶° а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа¶ұа·Ҡ а·ға¶ёа¶ҹ а¶ҙа·”а·…а·”а¶Ҫа·Ҡа·Җ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶…а¶ұа¶ӯුරුа·Җа¶әа·’.එම а¶ҙа¶ұа¶ӯа·’а¶ұа·Ҡ а¶ңа·ңа·Җа·’ а·ға·ҡа·Җа·Ҹ а¶ҡа¶ёа·Ҡа¶ҡරුа·Җа¶ұа·Ҡට, а¶…а¶ҙа¶ұа¶әа¶ұ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡа¶әа¶ұа·Ҡට, а¶ҡа¶Ҫа·Ҹа¶ҡරුа·Җа¶ұа·Ҡට а·„а·Ҹ а·Җа·’а·Җа·’а¶° а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶іа·„а·Ҹ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶Ҝිරිа¶ңа·җа¶ұа·Ҡа·Җа·“а¶ёа·Ҡ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶’ а¶ҙа¶ұа¶ӯа·ҡ а¶ҙිටු 44а¶ҡа·Ҡ а¶ҙුරа·Ҹа·Җටම а¶ёа·ҡ а¶ңа·җа¶ұ а·ға¶іа·„а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶’а·Җа·Ҹ а·Җිටිа¶ұа·Ҡ а·Җිට а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җа¶ұа·Ҡ а¶…а¶ұа·”а·Җ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә а·Җුණа·Ҹ. а¶’ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә а·Җුණа·ҡ රටа·ҡ а·ға¶ёа·ға·Ҡа¶ӯ а¶ҙа·ңа¶Ҝа·” а¶ўа¶ұа¶әа·Ҹට а·Җа·Ҹа·ға·’а·ға·„а¶ңа¶ӯ а¶…а¶әුරිа¶ұа·”а¶әа·’. а¶’ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶өа¶Ҫа¶әа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶ҙа·ға·”а¶ңа·’а¶ә а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҡа¶Ҝа·“ රජа¶әа·ҡ а·ға¶ёа·ға·Ҡа¶ӯ බа¶Ҝа·” а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ё අඩු а·Җа·– බа·Җ а·Җරа·Ҡа¶ӯа¶ёа·Ҹа¶ұ රජа¶ә а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡරа¶ұа·Җа·Ҹ.රජа¶әа·ҡ а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ё අඩුа·Җීමට බа¶Ҫа¶ҙа·‘ а·„а·ҡа¶ӯа·” а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶…а¶ҙ රටа·ҡ а·Җа·ғර 30а¶ҡ а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶әа¶ҡа·Ҡ а¶ҙа·җа·Җа¶ӯුණа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶…а·ға·“а¶ёа·’а¶ӯа·Җ а¶ҙීඩа·Ҹа·Җට а¶ҙа¶ӯа·Ҡ а·Җුණа·Ҹ. අඩු а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶Ҫබමිа¶ұа·Ҡ а¶ӯිබූ රට а¶ҙа·„а·… а·„а·Ҹ а¶ёа·җа¶Ҝа·’ а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶Ҫබа¶ұ රටа¶ҡа·Ҡ බа·Җට а¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීමට а¶ұа¶ёа·Ҡ а¶ңа·ңа·Җа·“а¶ұа·Ҡ, а¶ҡරа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯ, а·ға·”а·…а·” а·„а·Ҹ а¶ёа¶°а·Ҡ‍а¶ә а¶ҙරිමа·Ҹණ а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҹа¶әа¶ҡа¶әа¶ұа·Ҡ а·ға·’а¶әа¶Ҫа·–а¶ё а¶Ҝа·ҷа¶ұа·Ҹට а¶…а¶Ҫа·–а¶ӯа·Ҡ а¶Ӣа¶ӯа·Ҡа¶ӯа·ҡа¶ўа¶ұа¶әа¶ҡа·Ҡ а¶Ҫබа·Ҹ а¶Ҝа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶’ අරමුණිа¶ұа·Ҡ а¶ӯа¶ёа¶әа·’ හිටа¶ҙа·” а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ.а¶’ а¶ұа·’а·ға·Ҹ а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ බа¶Ҝа·Ҡа¶Ҝ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а·Ға¶ӯа¶ә අඩුа·Җа·ҷа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ҙа·ға·”а¶ңа·’а¶ә රජа¶ә а·ға¶ёа¶әа·ҡа¶Ҝа·“ а¶Ҝа·… а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ё а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶үа·„а·… а¶ңа·’а¶әа·Ҹ. а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶әа·ҡ а·ға·‘а¶ё а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа¶ё а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа·ҡ а·Җටිа¶ұа·Ҹа¶ҡа¶ё а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 25а¶ҡа·Ҡ а·„а·қ а¶Ҡට а·Җඩа·Ҹ අඩු а¶…а¶ңа¶әа¶ҡа·Ҡ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ 2015 а¶Ҝа·“ а¶…а¶ҙа·’ රට බа·Ҹර а¶Ҝа·ҷа¶ұ а·Җිට а¶ёа·ҡ රටа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа·ҡ а·Җටිа¶ұа·Ҹа¶ҡа¶ё а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 80 а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а·Җа·җඩිа·Җුණа·Ҹ. රට а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а¶ёа·Ҹа·Җа¶ӯа·ҡ а¶үහළටම а¶ңа¶ёа¶ұа·Ҡа¶ҡර а¶ӯිබුණа·Ҹ.а¶Үа¶ӯа·җа¶ёа·Ҡа·Җිට එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҷණа·Ҡඩු а·ға¶ёа¶әа·ҡа¶Ҝа·“ а¶…а¶ҙ රටа·ҡ а¶…а¶әа·Җа·җа¶ә а¶ҙරа¶ӯරа¶ә а·ға·’а¶әа¶әට 19а¶ҡа·Ҡ а·Җුණа·Ҹ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶әа·”а¶ңа¶әа·ҡа¶Ҝа·“ а¶…а¶ҙ රටа·ҡ а¶…а¶әа·Җа·җа¶ә а¶ҙරа¶ӯරа¶ә а·ға·’а¶әа¶әට 5а¶ҡа·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ අඩුа·Җුණа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶Ҫබа·Ҹ а¶Ҝа·”а¶ұа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұа¶ә රа·Җа·“ а¶ҡරුණа·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ හිටа¶ҙа·” а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶Үа¶ёа·җа¶ӯа·’а·Җරа¶әа·Ҹ а·Җа·’а·ға·’а¶ұа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫа¶ё а¶ҡа¶ҙа·Ҹ а¶Ҝа¶ёа·Ҹ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.රජа¶ә а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡර а¶ӯිබа·ҷа¶ұ а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ҙа¶ұа¶ӯа·ҡ а·Җа·’а·Җа·’а¶° а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍රа¶әа¶ұа·Ҡ а·ға¶іа·„а·Ҹ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶ҙිළිබඳа·Җ а¶ҡа·’а·ға·’а¶ё а·ға¶іа·„а¶ұа¶ҡа·Ҡ а¶ҡර а¶ұа·җа·„а·җ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·ҡ රටа·ҡ а·Җа·’а·Җа·’а¶° а¶ҡа·Ҡ‍а·Ӯа·ҡа¶ӯ‍а·Ҡ‍ර а·ға¶іа·„а·Ҹ а¶Ҝа·”а¶ұа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶…а¶ұа·Ҹа¶ңа¶ӯ а¶ҙරа¶ҙුරට බа¶Ҫа·Ҹ а¶ңа·җа¶ұීමට а¶ёа¶ё а¶’а·Җа·Ҹ а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ а¶ҡර а¶ҙа·ңа¶ӯа¶ҡа·Ҡ රචа¶ұа·Ҹ а¶ҡа·…а·Ҹ.а¶ұа·’а¶Ҝа·„а·ға·’а¶ұа·Ҡ а¶ҙа·ға·” රජа¶әа¶ҡට а¶Ҫа·җබුණ а·Җа·җඩිම а·Җа·Ҹа·ға·’а¶ә а¶Ҫа·җබුණа·ҡ а¶ёа·ҷа¶ё රජа¶әටа¶әа·’. а¶ҙа·ға·”а¶ңа·’а¶ә රජа¶әට а¶ӣа¶ұа·’а¶ў а¶ӯа·ҷа¶Ҫа·Ҡ а¶Ҷа¶ұа¶әа¶ұа¶ә а¶ҡිරීමට а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 497а¶ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ а¶ҡа·…а·Ҹ.а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё රජа¶ә බа¶Ҫа¶әට а¶ҙа¶ӯа·Ҡа·Җа·“а¶ёа¶ӯа·Ҡ а·ға¶ёа¶ҹа¶ё а¶Ҫа·қа¶ҡ а·Җа·ҷа·…а·ҷа¶іа¶ҙа·ңа·…а·ҷ а¶ӣа¶ұа·’а¶ў а¶ӯа·ҷа¶Ҫа·Ҡ а¶ёа·’а¶Ҫ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а·Җа·җටුණа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ 2015 а¶Ҝа·“ а¶ёа·ҷа¶ё රජа¶әට а¶ӣа¶ұа·’а¶ў а¶ӯа·ҷа¶Ҫа·Ҡ а¶Ҷа¶ұа¶әа¶ұа¶ә а¶ҡිරීමට а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ а·Җුණа·ҡ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 2699а¶әа·’. а¶’ а¶ұа·’а·ға·Ҹ එම а·Җа·ғරа·ҡа¶Ҝа·“ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 1889а¶ҡ а·Җа·’а¶Ҝа·ҡа·Ғ а·Җа·’а¶ұа·’а¶ёа¶ә а¶ҙ‍а·Ҡ‍රමа·Ҹණа¶әа¶ҡа·Ҡ රටට а¶үа¶ӯුරු а·Җුණа·Ҹ. а¶ҙа·ға·”а¶ңа·’а¶ә а·Җа·ғරа·ҡа¶Ҝа·“ а¶ӣа¶ұа·’а¶ў а¶ӯа·ҷа¶Ҫа·Ҡ а¶Ҷа¶ұа¶әа¶ұа¶ә а¶ҡිරීමට а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ а·Җුණа·ҡ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 2881а¶әа·’. а¶ёа·ҡ а¶ұа·’а·ға·Ҹ а¶ҙа·ға·”а¶ңа·’а¶ә а·Җа·ғර а¶Ҝа·ҷа¶ҡ а¶ӯа·”а·…а¶Ҝа·“ а¶ҙමණа¶ҡа·Ҡ රට а¶ӯа·”а·… а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 4а¶ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а¶үа¶ӯුරු а·Җа·“ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 4а¶ё රජа¶ә а·Җа·’а·ға·’а¶ұа·Ҡ а·Җа·Ҹа·Ӯа·Ҡа¶ҙ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶ёа·”а¶Ҝа¶Ҫ රට а¶ӯа·”а·… а¶үа¶ӯුරු а·Җුණа·Ҹ а¶ұа¶ёа·Ҡ а·„а¶ёа·Ҡබа¶ұа·Ҡа¶ӯа·ңට а·Җරа·Ҹа¶ә а·Җа¶ңа·ҡ а¶ӯа·Җа¶ӯа·Ҡ а·Җරа·Ҹа¶әа¶ұа·Ҡ а¶ӯа·”а¶ұа¶ҡа·Ҡ а¶…а¶ҙа·ҡ රටа·ҡ а·„а¶Ҝа¶ұа·Ҡа¶ұ а¶ӯිබුණа·Ҹ. එමа·ҷа¶ұа·Ҡа¶ё බа·җа¶іа·”а¶ёа·Ҡа¶ҡර а¶ёа¶Ӯа¶ҡа·ңа¶Ҫа·Ҡа¶Ҫа¶ә а¶ұа·’а·ға·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а·Җа·’а¶Ҝа·ҡа·Ға·’а¶ҡа¶әа¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ රජа¶әа·ҡ а·ғුරа·җа¶ҡа·”а¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡа·Җа¶Ҫ а·„а·Ҹ а¶ёа·„а·Ҹа¶·а·Ҹණа·Ҡඩа·Ҹа¶ңа·Ҹරа¶әа·ҡ а¶ӯа·җа¶ұа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶Ҷа¶әа·қа¶ўа¶ұа¶ә а¶ҡර а¶ӯිබූ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” ඩа·ңа¶Ҫරа·Ҡ බිа¶Ҫа·’а¶әа¶ұ а¶Ҝа·ҷа¶ҡට а·Җа·җඩි а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а¶ұа·җа·Җа¶ӯ රа·җа¶ңа·ҷа¶ұ а¶ңа·ңа·ға·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶ұа·’а·ға·Ҹ а¶ңа·ҷа·Җа·”а¶ёа·Ҡ а·Ға·ҡа·Ӯ а¶ҙීඩа¶ұа¶әа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. එම а¶ҙීඩа¶ұа¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·’а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡа·Җа¶Ҫа·’а¶ұа·Ҡ බа·җа·„а·җ.а¶ұа·җа·Җа¶ӯ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·ҡ රට а¶·а·Ҹර а¶ңа·ҷа¶ұ а¶…а¶Ҫа·–а¶ӯа·Ҡ а·Җа·җඩа¶ҙа·’а·…а·’а·Җа·ҷа·…а¶ҡа·Ҡ а·ға·җа¶ҡа·ға·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶үа¶ҡа·Ҡа¶ёа¶ұටම а¶ҙа·ҷරළа·Ҹ а¶Ҝа¶ёа·Ҹ а¶…а¶ҙа·’ а·„а¶Ҝа¶ұ а¶…а¶Ҫа·–а¶ӯа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶ҙа·…а·Җа·ҷа¶ұа·’ а¶ҡරа·Ҡа¶ӯа·Җа·Ҡ‍а¶ә а¶ёа·ҷа¶ё а¶ҙа¶ұа¶ӯ а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯа·Җа¶ӯа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҝа·“а¶ёа·ҡ а·Җа¶ңа¶ҡа·“а¶ё а¶әа·җа¶әа·’” а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а¶ёа·ҷа¶ё а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җට а¶ұа·Ҹරа·Ҹа·„а·ҡа¶ұа·Ҡа¶ҙිට а¶…а¶·а¶әа·Ҹරа·Ҹа¶ёа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ මුරුа¶ӯа·Ҡа¶ӯа·ҷටа·Ҡටුа·Җа·ҡ а¶Ҷа¶ұа¶ұа·Ҡа¶Ҝ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡ а¶Үа¶ӯа·”а·…а·” а¶ёа·„а·Ҹ а·ға¶Ӯа¶қරа¶ӯа·Ҡа¶ұа¶ә а¶Ҝ а¶ёа·„а·Ҹа¶ а·Ҹරа·Ҡа¶ә а¶ўа·“.එа¶Ҫа·Ҡ. а¶ҙීරිа·ға·Ҡ, а¶ёа·„а·Ҹа¶ а·Ҹරа·Ҡа¶ә а¶ӯа·’а·ға·Ҡа·ғ а·Җа·’а¶ӯа·Ҹරණ, රа¶Ӯа¶ўа·’а¶ӯа·Ҡ а·ға·ңа¶әа·’а·ға·Ҹ, а·Җа·Ҹа·ға·”а¶Ҝа·ҡа·Җ а¶ұа·Ҹа¶ұа·Ҹа¶әа¶ҡа·Ҡа¶ҡа·Ҹර, а·ға·’а·ғිර а¶ўа¶әа¶ҡа·ңඩි, а¶ҙ‍а·Ҡ‍රа·ға¶ұа·Ҡа¶ұ රණа·Җීර а¶Үа¶ӯа·”а·…а·” а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රීа·Җරුа¶ұа·Ҡ а¶Ҝ а¶ҙ‍а·Ҡ‍රа·Җීණ а¶ҡа¶Ҫа·Ҹа¶ҡරු а·ғිරිа¶Ҫа·Ҡ а·Җа·’а¶ҡ‍а·Ҡ‍රමа¶ңа·ҡ, а¶ҙ‍а·Ҡ‍රа·Җීණ а¶ңа·“а¶ӯ රචа¶ҡ а·ға·”а¶ұа·’а¶Ҫа·Ҡ а·ғරа¶ӯа·Ҡ а¶ҙа·ҷරа·ҡරа·Ҹ а¶Үа¶ӯа·”а·…а·” а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶ҙිරිа·ға¶ҡа·Ҡ а·ға·„а¶·а·Ҹа¶ңа·’ а·Җа·–а·„.
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡ а·„а·җа¶Ҝа·” බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ රටට එа¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
1
(а·ғරа¶ӯа·Ҡ а¶ а·’а¶ұа·Ҡа¶ӯа¶ҡ а·ға·„ а¶ҙа·Ҡ‍රа·ға¶Ӯа¶ң а¶ҙа·ҷරа·ҡරа·Ҹ) а¶ҡа·Җුරු а·Җිරුа¶Ҝа·Ҡа¶°  а·Җුණа¶ӯа·Ҡ а¶ҡа·ңළඹ а·Җරа·Ҹа¶әа·ҡ а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а¶ўа·җටිа¶ә බа¶Ҝа·” а¶Ҝа·ҷа¶ұ බа·Җа¶ӯа·Ҡ එа¶ә රජа¶әа·ҡ а·ға·Ҡථа·Ҹа·Җරа¶ә බа·Җа¶ӯа·Ҡ а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·“а¶ә а¶ёа·Ҹරа·Ҡа¶ң а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а·„а·Ҹ а¶…а·Җа·Ға·ҡа·Ӯ а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ а¶ҙිළිබа¶Ҝ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ұа·’а¶ёа¶Ҫа·Ҡ а¶Ҫа¶Ӯа·ға·Ҹ а¶ёа·„а¶ӯа·Ҹ (24а¶Ҝа·Ҹ) а·Җа¶ӯа·Ҡа¶ӯа¶Ҫ а¶ҡа·ҷа·…а·Җරа¶ҙිටිа¶әа·ҡа¶Ҝа·“ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶’ а¶ёа·„а¶ӯа·Ҹ එа·ға·ҡ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡ а·Җа¶ӯа·Ҡа¶ӯа¶Ҫ а·Ға·Ҡ‍රීа¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ҙа·ңа¶Ҝа·” а¶ўа¶ұ а¶ҙа·ҷරමුණа·ҡ а¶ӯරුණ බа¶Ҫ මණа·Ҡඩа¶Ҫа¶ә а¶…а¶ёа¶ӯа¶ёа·’а¶ұа·’. а¶‘а·„а·’а¶Ҝа·“ а¶ӯа·Җ а¶Ҝුරටа¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а·ғිටි а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶Ҝ а¶ҡа·“а·Җа·ҡа¶ә. "  රජа¶әа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶…а¶ҙа·’ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ҙа·’ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶Ҝа·ҡа¶ҙа·… а·Җа·’а¶ҡුණа·Ҹа¶ңа·ҷа¶ұ а¶ҡа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·‘. а¶…а¶ҙа·’ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а¶ўа·җටිа¶әට а¶Ҷа¶әа·қа¶ўа¶ұ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа¶ұа·” а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶ҡට බа¶Ҝа·” а¶Ҝа·“а¶ёа¶әа·’. а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа·Җ а·Җа·ҡа·Җа·Ҹ, а¶ўа¶ҙа·Ҹа¶ұа¶ә, а¶ а·“а¶ұа¶ә,  а¶Үමරිа¶ҡа·Ҹа·Җ а·Җа·ҡа·Җа·Ҹ ඕа¶ұа·‘а¶ё රටа¶ҡа·Ҡ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶Ҷа¶әа·қа¶ўа¶ұа¶әට එа¶ұа·Җа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶…а¶ҙа·’ а¶’ а¶…а¶әට а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ. а¶‘а·ға·ҡ а¶Ҷа¶әа·қа¶ўа¶ұ а¶…а¶ҙа·ҡ රටට а¶Ҷ а·Җිට රටа·ҡ а¶ӯරුණ а¶ӯරුණිа¶әа¶ұа·Ҡ ට රа·җа¶ҡа·’а¶әа·Ҹ а¶…а·Җа·ға·Ҡථа·Ҹ а¶Ӣа¶Ҝа·Ҹа·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶…а¶ҙа·’ එа¶ҡа·„а·ҷа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа·Ҹа·ғිටි а¶ҙරිа¶Ҝа·’ а¶ҡа·ңළඹ а·Җරа·Ҹа¶әа·ҡ а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а¶ўа·җටිа¶әа·ҡ а¶Ҷа¶әа·қа¶ўа¶ұа¶ә а¶ҡිරීමට а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа¶ұа·” а·ға¶ёа·Ҹа¶ңමට а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ а¶Ҫබа·Ҹ а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ. а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа·Ҹа·Җ а¶…а¶ҙ а¶…а·ға¶Ҫа·Ҡа·Җа·җа·ға·’ а¶ёа·’а¶ӯа·Ҡ‍ර රටа¶ҡа·Ҡ, а¶’ а¶…а¶ә а¶…а¶ёа¶ұа·Ҹа¶ҙ а¶ҡර а¶ңа·җа¶ұа·“а¶ё а¶…а¶ұа·”а·Җа¶ұ а¶ҡа¶ёа¶ҡа·Ҡ. а¶…а¶Ҝ а¶ёа·”а·…а·” а¶Ҫа·қа¶ҡа¶әа·ҡа¶ё а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ҡඩа·Ҹ а·Җа·җටිа¶Ҫа·Ҹ එа¶ә а¶…а¶ҙа·ҡ රටටа¶ӯа·Ҡ බа¶Ҫа¶ҙа·Ҹа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶…а¶ҙа·’ රට а¶Ҝа·’а¶әුණු а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ҡටа¶әа·”а¶ӯа·” а·ға·’а¶Ҝа·” а¶ҡа¶Ҫ а¶әа·”а¶ӯа·”а¶әа·’. එහි එа¶ҡа·Ҡ а¶ҙа·’а¶әа·Җරа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶ҙа·’ а·ға¶Ӯа¶ а·Ҹරа¶ҡа¶әа¶ұа·Ҡ а·ға¶Ҝа·„а·Ҹ а¶ңа·”а·Җа¶ұа·Ҡа¶ӯа·ңටුа¶ҙа·… а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡа·ҷරුа·Җа·ҡ. а¶’а¶ӯа·Ҡ а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ә а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа·”а·…а·” රටටම а¶ҡа·ңරа·қа¶ұа·Ҹ බа·қ а¶ҡරа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. එа·ға·ҡ ඔа·Җа·”а¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ එа¶ұа·Ҡ. а¶ўа·“. ඕ. а¶ҡа·Ҹරа¶әа¶ұа·Ҡа¶ңа·ҡ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а·Җа¶Ҫටа¶әа·’. "  а¶ёа·ҷа¶ё а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җට හිටа¶ҙа·” а¶ҙа¶Ҫа·Ҹа¶ӯа·Ҡ а·ға¶·а·Ҹ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී රа¶ұа·Ҡа¶Ҝීරа·Ҡ රа·ңа¶Ҝа·Ҡ‍රිа¶ңа·”, а·Җа¶ӯа·Ҡа¶ӯа¶Ҫ а¶ҙа·Ҡ‍රа·Ҹа¶Ҝа·ҡа·Ға·“а¶ә а·ға¶·а·Ҹа·Җа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶ңරа·Ҹа¶ўа·Ҹ а¶…а¶Ҫа·Ҡа·Җа·’а·ға·Ҡ, а¶Ӣа¶ҙ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ බිа¶ңа·”а¶ұа·Ҡ а¶ўа¶әа¶ӯа·”а¶Ӯа¶ң, а·Җа¶ӯа·Ҡа¶ӯа¶Ҫ а¶ӯරුණ බа¶Ҫ මණа·Ҡඩа¶Ҫа¶әа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶ўа¶ңа¶ӯа·Ҡ а¶ўа¶әа¶ӯа·”а¶Ӯа¶ң а¶әа¶ұ а¶ёа·„а¶ӯа·”а¶ұа·Ҡ а¶Үа¶ӯа·”а·…а·” а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ёа·„а¶ўа¶ұ а¶ұа·’а¶әа·қа¶ўа·’а¶ӯа¶әа¶ұа·Ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶ҙිරිа·ға¶ҡа·Ҡ එа¶ҡа·Ҡа·Җа·“ а·ғිටිа¶әа·„.а·ғබа·җа¶Ҝа·’а¶ұа·җ’හිර а¶ўа·җටිа¶ә බа¶Ҝа·”а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹට а¶Үа¶ёа·җа¶ӯа·’ а¶ҙа·Ҡ‍රа·ға¶ұа·Ҡа¶ұа¶ңа·ҷа¶ұа·Ҡ а·Җිරа·қа¶°а¶әа¶ҡа·Ҡ -----------------------------------------------------------------------------------------------------------а¶ёа·ҷа¶ё රа·җа·ға·Ҡа·Җа·“а¶ё а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җа·–а¶әа·ҡ а¶…а¶Ҝ (24 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹ) а¶ҙа·ҷරа·Җරුа·Җа·ҡа¶Ҝа·“а¶ә.එහа·ҷа¶ӯа·Ҡ а¶…а¶Ҝ а¶ҙа·ға·Ҡа·Җරු 6.00 а·Җа¶ұ а·Җිට а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·“а¶ә а¶ёа·Ҹරа·Ҡа¶ң а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а·„а·Ҹ а¶…а·Җа·Ға·ҡа·Ӯ а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ а¶ҙිළිබа¶Ҝ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ұа·’а¶ёа¶Ҫа·Ҡ а¶Ҫа¶Ӯа·ға·Ҹ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶ұа·’а¶Ҫа¶°а·Ҹරී а¶ҙа·Ҡ‍රа·ға·Ҹа¶Ҝа·Ҡ බටුа¶ңа·„а¶ңа·ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶…а¶ҙ а·Җа·ҷа¶ӯ а¶Ҡ-а¶ёа·ҡа¶Ҫа·Ҡ а¶ҙණිа·Җුඩа¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶Ҝа¶ұа·Ҡа·Җа·Ҹ а·ғිටිа¶әа·ҡ ‘а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а¶ўа·җටිа¶ә а·Җа·’а¶ҡුණа¶ұа·Ҡа¶ұа·ҡ а·„а·қ බа¶Ҝа·” а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ‘ а¶әа¶әа·’ а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·“а¶ә а¶ёа·Ҹරа·Ҡа¶ң а·„а·Ҹ а¶…а·Җа·Ға·ҡа·Ӯ а¶әටිа¶ӯа¶Ҫ а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ұа·’а¶ёа¶Ҫа·Ҡ а¶Ҫа·Ҹа¶ұа·Ҡа·ға·Ҹ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·– බа·Җа¶әа·’.а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶ұа·’а¶Ҫа¶°а·Ҹරී а¶ҙа·Ҡ‍රа·ға·Ҹа¶Ҝа·Ҡ බටුа¶ңа·„а¶ңа·ҡ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶ұа·’а·Җа·ҡа¶Ҝа¶ұа¶ә а¶ҙа·„а¶ӯ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·ҡ.    
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡ а·„а·җа¶Ҝа·” බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ රටට එа¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
0
а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а·ға·Ҹа¶ёа¶ә а¶Үа¶ёа·җа¶ӯа·’ а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රа¶әට а¶Ӣа¶ а·’а¶ӯ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶Ҙа¶әа¶ҡа·” а¶ұа·ңа·Җа¶ұ බа·Җа¶ӯа·Ҡ, එබа·җа·Җа·’а¶ұа·Ҡ ඔහු а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·” බа·Җа¶ӯа·Ҡ а¶ҙුරа·Җа·җа·ға·’ බа¶Ҫа¶ә а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а¶ҡа·’а¶әа¶әа·’.а¶ҙුරа·Җа·җа·ға·’ බа¶Ҫа¶әа·ҡ а·ға¶ё а¶ҡа·җа¶іа·Җа·”а¶ёа·Ҡа¶ҡරුа·Җа¶ұа·Ҡ а·Җа¶ұ ධරа·Ҡа¶ёа·ғිරි බණа·Ҡඩа·Ҹරа¶ұа·Ҹа¶әа¶ҡ, а¶ңа·Ҹමිණී а·Җа·’а¶әа¶ұа·Ҡа¶ңа·ңඩ, а·ға¶ёа¶ұа·Ҡ රа¶ӯа·Ҡа¶ұа¶ҙа·Ҡ‍රිа¶ә, а¶ҡа·ҡ ඩබа·Ҡа¶Ҫа·’а·Җа·Ҡ а¶ўа¶ұරа¶Ӯа¶ўа¶ұ а·ға·„ а¶ўа·қа·ға¶ҙа·Ҡ а·ға·Ҡටа·Ҹа¶Ҫа·’а¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа·Җරුа¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶ұа·’а¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡа·җරුණු а¶ұа·’а·Җа·ҡа¶Ҝа¶ұа¶әа·ҡ а¶ёа·ҷа·ға·ҡ а¶Ҝ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ә.‘‘а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ а¶әа¶ұа·” ‘а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ‘ а¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රа¶әа¶ҡට а¶Ӣа¶ а·’а¶ӯ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶Ҙа¶әа·ҷа¶ҡа·” а¶ұа·ңа·Җа¶ұ බа·Җ 04а¶Ҝа·Ҹ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡа¶Ҝа·“ а·ға¶ұа·Ҹථ а¶ҡа·ҷරුණි.‘а¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹඩа·Ҡ‘ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҡ а·ға·Ҡа·Җа¶·а·Ҹа·Җа¶ә, රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а·ға¶Ӯа·ға·Ҡа¶ҡа·ҳа¶ӯа·’а¶әа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а·ға·„ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡа¶ӯа·Ҡа·Җа¶ә එа¶ҡа·Җිට а¶ҙа·ҷа¶ұа·Ҡа¶ұа·”а¶ёа·Ҡ а¶ҡරа¶ұ а¶ҡа·җඩа¶ҙа¶ӯа¶ҡа·’. а¶’ а¶…а¶Ҝа·„а·ғ රටට а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а·Җа·ҷа¶ұ а¶ҡа·’а·ға·’а·Җа·ҷа¶ҡа·” а¶ұа·ңа·Җ, а·Җරа·Ҡа¶ӯа¶ёа·Ҹа¶ұ а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа¶ұа·Ҡа¶ёа¶әа·’. එහа·ҷа¶ӯа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа·Ҹ а¶ҡа·… а¶ӯරමа·ҡ а¶Ҝа·–а·Ӯණ а·Җිරа·қа¶°а¶әа¶ҡа·Ҡ а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җа·ҷа¶ұа·Ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ұа·ңа¶ҡа·ҷරа·ҷа¶ұ බа·Җ а·Җටිа¶ұа·Ҡ а¶ңа·ңඩිа¶ұа·Ҡ а¶ҙа·ҷа¶ұа·ҷа¶ұа·Ҡට а¶ҙටа¶ұа·Ҡа¶ңа·ҷа¶ұ а¶Ҝа·җа¶ұа·Ҡ а¶ҡа·Ҹа¶Ҫа¶әа¶ҡа·Ҡ а¶ңа¶ӯа·Җа·ҷа¶әа·’. එа¶ҡа·“ а¶ҙа¶ёа·Ҹа·Җ а·Җа·’а·Җа·’а¶° а¶…а·Җа·ғරа¶әа¶ұа·Ҡ а¶әටа¶ӯа·ҡ а·ға·Ҹа¶°а·Ҹරණීа¶ҡරණа¶ә а¶ҡа·ҷරුණි. а¶ұа·“а¶ӯа·’а¶ә а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡිරීමට а¶ҡа¶Ҫа·Ҡ а¶ңа¶ӯ а·Җа¶ұа·Ҡа¶ұа·ҡа¶ә, а¶ұа·’а·ға·’а¶әа·Ҹа¶ҡа·Ҹර а¶ҙරීа¶ҡа·Ҡа·Ӯණ а·ға·’а¶Ҝа·” а¶ҡа·… а¶әа·”а¶ӯа·Ҡа¶ӯа·ҡа¶ә, а·ға¶ӯුරа¶ұа·Ҡ а¶Ҝඩа¶әа¶ёа·Ҡ а¶ұа·ңа¶ҡа·… а¶әа·”а¶ӯа·Ҡа¶ӯа·ҡа¶ә а·Җа·җа¶ұа·’ а¶…а·Җа·ғරа¶әа¶ұа·Ҡ එහිа¶Ҝа·“ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а·Җа·’а¶ә. එа·ға·ҡ а¶ӯිබිа¶әа¶Ҝа·“, а¶…а¶ӯа·“а¶ӯ а¶Ҝа·–а·Ӯа¶ҡа¶әа¶ұа·Ҡ а·ға·„ а¶…а¶ҙරа·Ҹа¶°а¶ҡරුа·Җа¶ұа·Ҡ а¶ұа·“а¶ӯа·’а¶ә а¶үа¶Ҝිරිа¶әට а¶ҙа·җමිණа·Җа·“а¶ё а¶ҙа¶ёа·Ҹ а·Җුණа·ҡ, а¶’ а¶ҡа·’а·ға·’а·Җа¶ҡа·Ҡ а¶ұа·’а·ға·Ҹ а¶ұа·ңа·Җа¶ұ බа·Җ а¶Ҡа¶әа·ҡ а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡа¶Ҝа·“ ඔа¶ҙа·Ҡа¶ҙа·”а¶ҡа·ңට а¶ҙа·ҷа¶ұа·Ҡа¶ұа·”а·Җа·ҡа¶ә.а¶’, а¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹඩа·Ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ё а·ға·’а¶әа¶Ҫа·– а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җа¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҡа·ңට а¶ұа·’а¶Ҝа·ңа·ға·Ҡ а¶ҡිරීමа·ҷа¶ұа·’.а¶’ а·ға¶ёа¶ңа¶ё, а¶ёа·ҷа¶ӯа·ҷа¶ҡа·Ҡ а¶ёа·”а·…а·” රටම а¶Ҝа·җа¶ұ а·ғිටි а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ҡа·Ҹරණа¶әа¶ҡа·Ҡ ඔහු а¶ҡа·“а·Җа·ҡа¶ә. එа¶ұа¶ёа·Ҡ, а¶ӯа¶ёа¶ұа·Ҡ а¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹඩа·Ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙа¶әа·Ҹ а·Җа¶ұ බа·Җа¶әа·’. එа¶ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа¶ҡа·’а¶ұа·Ҡ, а¶…а¶ҙа·Җа·Ҹа¶Ҝа¶әට а·ға·„ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җට а¶Ҫа¶ҡа·Ҡа·Җ а·ғිටිа¶ұ, රටа·ҡ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җට а¶…а¶Ҝа·Ҹа·… а¶ёа·„ а¶ҙරිමа·Ҹණ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶ҡ а¶…а¶әа·’а¶ӯа·“а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ   а¶…а¶°а·’а¶ҡරණа¶әа¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶әа·ҡ а¶ҙа·ҷа¶ұа·“а·ғිටිа¶ұ а¶ұа·“а¶ӯа·’а¶Ҙа¶әа·ҷа¶ҡа·” а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ а¶’ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҡ а¶ё а¶ұа·’а¶Ҝа·„а·ғ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ёа·„а¶ўа¶ұ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී මණа·Ҡඩа¶Ҫа¶ә а¶үа¶Ҝිරිа¶әа·ҡа¶ӯа·Ҡ а¶Ҡа¶әа·ҡ а¶ҙа·ҷа¶ұа·“ а·ғිටිа¶әа·ҡа¶ә. а¶ёа·ҷа¶ә а¶…а¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯа¶әа·ҷа¶ұа·Ҡ   а¶¶а·җа¶іа·’а¶әа·Ҹа·Җа¶ұа·Ҡ а¶…а¶ӯර බරа¶ҙа¶ӯа·… а¶ңа·җටුමа¶ҡа·Ҡа¶Ҝ а·Җа¶ұа·Ҡа¶ұа·ҡа¶ә.а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶әа¶ёа·Ҡ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа·Җරа¶әа·ҷа¶ҡа·” а·„а·қ а¶Үа¶ёа¶ӯа·’а·Җරа¶әа·ҷа¶ҡа·” а¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹඩа·Ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҷа¶ұа·Ҡ а¶әа¶ёа·Ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа¶ҡа·Ҡ а¶Ҫබа·Ҹа¶ңа·ҷа¶ұ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡа¶Ҝа·“ එම а·ға¶ёа·Ҹа¶ңа¶ё а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҷа¶ұа·“ а·ғිටිа¶әа·ңа¶ӯа·Ҡ а¶…а¶ҙ එа¶ә а·„а¶іа·”а¶ұа·Ҡа·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·„а¶Ҝа·Җа¶Ҫа·Ҡ а¶Ҝа·–а·Ӯණа¶әа¶ҡа·Ҡ а·Җа·Ға¶әа·ҷа¶ұа·’.а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ   а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡа¶Ҝа·“  а¶‘а¶ё а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҡа¶ё а¶ұа·’а¶Ҝа·„а·ғ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҷа¶ұа·“ а·ғිටීම а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җ а¶…а¶ҙහරණа¶ә а¶ҡිරීමа¶ҡа·’.а¶ұа·“а¶ӯа·’а¶Ҙа¶әа·ҷа¶ҡа·” а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·’а¶ұීමරුа·Җа·ҷа¶ҡа·”, а·ға·Ҡа¶ӯа·Ҡ‍රී а¶Ҝа·–а·Ӯа¶ҡа¶әа·ҷа¶ҡа·” а·„а·қ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ ඕа¶ұа·‘а¶ё а¶…а¶ҙරа·Ҹа¶°а¶ҡරුа·Җа·ҷа¶ҡа·” а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶…а¶°а·’а¶ҡරණа¶әа¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶әа·ҡ а¶ҙа·ҷа¶ұа·“а·ғිටිа¶ә а·„а·җа¶ҡ. එහа·ҷа¶ӯа·Ҡ එම а·Җа·’а¶ӯа·Ҡа¶ӯа·’а¶ҡරුа·Җа·Ҹ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ එම а¶ұа·“а¶ӯа·’а¶Ҙа¶әа·Ҹа¶ё а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡа¶Ҝа·“а¶ӯа·Ҡ එа¶ҡ а·Җිට а¶ҙа·ҷа¶ұа·“а·ғිටීම а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә ඔа¶Ҫа·–а·Җа·ҷа¶ұа·Ҡ а·ғිටුа·Җа·“а¶ёа¶ҡа·’.‘а¶Үа·Җа¶ұа·Ҡа¶ңа·Ҹඩа·Ҡ‘ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ а·ға¶ёа·Ҹа¶ңа¶ё а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ බරа¶ҙа¶ӯа·… а¶ а·қа¶Ҝа¶ұа·Ҹ එа¶Ҫа·Ҡа¶Ҫ а·Җа·“ а¶Үа¶ӯа·’ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа¶ҡ, а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а·ға·Ҹа¶ёа¶ә а¶ҙිළිබඳ а¶ҡа·җබිа¶ұටа·Ҡ а¶Үа¶ёа¶ӯа·’а·Җරа¶әа·Ҹ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ ඔහු а¶ҙа¶ӯа·Ҡа¶ҡа·… а¶ұа·Ҹа¶әа¶ҡа¶әа¶ұа·Ҡа¶Ҝ, ඔහුа¶ңа·ҡ а¶ёа·ҡ   а·„а·җа·ғිරීම а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·Җа¶ңа¶ҡа·’а·Җ а¶әа·”а¶ӯа·” බа·Җ ‘а¶ҙුරа·Җа·җа·ға·’ බа¶Ҫа¶әа·ҡ‘ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶әа¶әа·’. а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а·ға¶Ӯа·ға·Ҡа¶ҡа·ҳа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а·ға·Ҡථа·Ҹа¶ҙа·’а¶ӯ а¶ҡර а¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶ҙමණа¶ҡа·Ҡа¶ё а¶ёа·„а¶ўа¶ұ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ҡа·Ҹරීа¶ӯа·Ҡа·Җа¶әа·ҡ а¶әа·ҷа¶Ҝුණු а·ға·’а·Җа·’а¶Ҫа·Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа¶ҡа·Ҡ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ, а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а·ға·”а¶ўа·Ҹа¶ӯа¶·а·Ҹа·Җа¶ә а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹа¶ҡර а¶ңа·җа¶ұа·“а¶ё а¶…а¶ҙа·ҡа¶Ҝ а·Җа¶ңа¶ҡа·“а¶ёа¶ҡа·җа¶әа·’ а¶…а¶ҙа·’ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ғ а¶ҡරමු.එа·ға·ҡ а·„а·ҷа¶әа·’а¶ұа·Ҡ, а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶ҙа·Ҡ‍රа¶ӯිරූа¶ҙа¶ә а¶ӯа·Җа¶Ҝුරටа¶ӯа·Ҡ а¶Ҝа·–а·Ӯа·Ҡ‍а¶ә а·Җීමට а¶ҡа¶Ҫа·’а¶ұа·Ҡ, а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а·ға·Ҹа¶ёа¶ә а¶ҙිළිබඳ а¶Үа¶ёа¶ӯа·’ а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ а¶ҡа·җබිа¶ұටа·Ҡ මණа·Ҡඩа¶Ҫа¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී ධුරа¶әа·ҷа¶ұа·Ҡа¶Ҝ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡа·Җа·’а¶ә а¶әа·”а¶ӯа·” බа·Җ ‘а¶ҙුරа·Җа·җа·ға·’ බа¶Ҫа¶ә‘а¶ӯරа¶әа·ҡ а¶ҡа·’а¶әа·Ҹ а·ғිටී.‘‘
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡ а·„а·җа¶Ҝа·” බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ රටට එа¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
0
( හිරа·Ҹа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍රිа¶әа¶Ӯа¶ҡර а¶ўа¶әа·ға·’а¶Ӯа·„)а·Җа·’а¶Ҫа·Ҡа¶ҙа¶ӯа·Ҡа¶ӯа·”а·Җ а·Җа¶ұа·қа¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ұа¶ә а¶ёа·җа¶Ҝа·’а¶ұа·Ҡ а·Җа·– а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа·ҡ а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටි а¶ҙිරිа·ға¶ҡа·Ҡ а·Җа¶ұ а¶ёа·җа¶Ҝ а·ғිරа·Җа·“ а·ғිටිа¶әа¶Ҝа·’ а¶ұිරුа¶ҙа¶Ҝа·Ҡ‍රිа¶ӯа·Җ බа·ҡරа·Ҹ а¶ңа·җа¶ұිමට а·„а·җа¶ҡа·’а·Җа·” බа·Җ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ а¶ҡළමණа·Ҹа¶ҡරණ එа¶ҡа¶ҡа¶әа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶’.එමа·Ҡ.а¶Ҷරа·Ҡ.එමа·Ҡ.එа¶ұа·Ҡ.а¶ҡа·ҡ . а¶…а¶Ҫа·„а¶ҡа·ңа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а·Җа·’а¶ұа·қа¶Ҝ а·ға¶Ӯа¶ а·Ҹරа¶әа¶ҡа·Ҡ а·ға¶Ҝа·„а·Ҹ රа¶ӯа·Ҡа¶ұа¶ҙුර а¶ҙа·җа¶Ҫа·Ҡමඩුа¶Ҫа·Ҡа¶Ҫ а·ғිට а·Җа·’а¶Ҫа·Ҡа¶ҙа¶ӯа·Ҡа¶ӯа·”а·Җ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·Җа¶ұ а¶Ӣа¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ұа¶ә හරහа·Ҹ  а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶ҙරණ а¶ёа¶ұа·Ҡа¶ұа·Ҹරම а¶ёа·җа¶Ҝа·’а¶ұа·Ҡ а·Җа·– а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа·ҡ  а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටි а¶ҙිරිа·ға¶ҡа·Ҡ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡа·… බа·ға·Ҡ රථа¶ә මඩа·ҡ එරි а¶ӯිබа·ҡ.බа·ға·Ҡරිа¶ә මඩа·ҡ එරීම а¶ұа·’а·ға·Ҹ а¶үа¶Ҝිරිа¶әට а·„а·қ а¶ҙа·ға·”а¶ҙа·ғට а¶әа·Ҹа¶ңа¶ӯ а¶ұа·ңа·„а·җа¶ҡа·’а·Җ බа·ға·Ҡ රථа¶әа·ҡ а·ғිටි а·Җа·җඩිහිටිа¶әа¶ұа·Ҡ а·„а·Ҹ а¶ҡුඩа·Ҹ а¶Ҝරුа·Җа¶ұа·Ҡ а·ға¶ёа¶ң 68 а¶ҡට а¶Ҷа·ға¶ұа·Ҡа¶ұ  а¶ҙිරිа·ғ а¶Ҡа¶әа·ҡ (21) а·ға·Җа·ғ 4 а·ғිට а·Җа¶ұ а¶ёа·җа¶Ҝ а·ғිරа·Җа·“ а·ғිට а¶Үа¶ӯ.а¶ёа·ҷа¶ё а¶ҙිරිа·ғ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶әа¶ё а·ғිට а¶ёа¶ұа·Ҡа¶ұа·Ҹරමට а¶ңа¶ёа¶ұа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа·ҡ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶…а·Җа·ға¶ұа·Ҡ а·ға·Ҡථа·Ҹа¶ұа¶ә а·Җа·” а·Җа¶ұа·Ҹа¶ӯа·Җа·’а¶Ҫа·Ҡа¶Ҫа·”а·Җ а¶ҙරණ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ёа·ҡ а·ғිට а·ға·җа¶ӯа¶ҙа·”а¶ёа·Ҡ 23 а¶ҡа·Ҡ а¶Ҝුරිа¶ұа·Ҡ а·Җа·” а¶ҙа¶Ҫа·”а¶ңа·„а¶ӯුරа·ҡ а¶Ҷа·ға¶ұа·Ҡа¶ұ а¶ҙа·Ҡ‍රа¶Ҝа·ҡа·Ға¶әа·ҡ а¶ёа·ҷа·ға·ҡ බа·ға·Ҡ රථа¶әа·ҷа¶ұа·Ҡ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටිа¶әа¶Ҝа·’ а·„а¶Ҝа·’а·ға·’а¶әа·ҡ а¶Үа¶ӯа·’а·Җа·– а·Җරа·Ҡа·Ӯа·Ҹа·Җа¶ӯа·Ҡ а·ға¶ёа¶ң බа·ға·Ҡ රථа¶ә මඩа·ҡ එරි а¶…а·ғරණа·Җа·“ а¶ӯිබа·ҡ.а¶ҙа·ға·”а·Җ а¶ёа·”а¶Ҫа·Ҡа¶Ҫа·’а¶ҡа·”а¶Ҫа¶ё а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ҡа¶Ҝа·Җුරа·ҡ а¶ұа·’а·…а¶°а·Ҹරිа¶ұа·Ҡ а·Җа¶ұа·Ҹа¶ӯа·Җа·’а¶Ҫа·Ҡа¶Ҫа·”а·Җ а¶ҙа·Ҡ‍රа·Ҹа¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶ а¶ӯුරа¶ҡ а¶ўа¶әа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶Ҝа·җа¶ұа·”а·Җа¶ӯа·Ҡ а¶ҡර а¶Үа¶ӯа·’ а¶…а¶ӯර ඔහු а¶ҡඩිа¶ұа¶ёа·’а¶ұа·Ҡ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ а¶ҡළමණа·Ҹа¶ҡරණ එа¶ҡа¶ҡа¶әа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶’.එමа·Ҡ.а¶Ҷරа·Ҡ.එමа·Ҡ.එа¶ұа·Ҡ.а¶ҡа·ҡ  а¶…а¶Ҫа·„а¶ҡа·ңа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹට а·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶ә а¶Ҝа·җа¶ұа·Ҡа·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶…а¶ұа¶ӯුරුа·Җ а¶ҙිරිа·ғ  බа·ҡරа·Ҹ а¶ңа·җа¶ұа·“а¶ё а¶Ҷරමа·Ҡа¶· а¶ҡර а¶ӯිබа·ҡ.а¶ҡඩිа¶ұа¶ёа·’а¶ұа·Ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а·Җа·” а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯа·Җරа¶әа·Ҹ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё 143 а·Җа¶ұ බа¶Ҫ а·ға·ҡа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ බа·Ҡ‍රිа¶ңа·ҡඩිа¶әරа·Ҡ а¶°а¶ёа·Ҡа¶ёа·’а¶ҡ а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹට а¶ёа·ҡ а¶ҙිළිබඳа·Җ  а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·“   а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ұа·’а·…а¶°а·Ҹරිа¶ұа·Ҡа¶ңа·ҡ а·ға·„‍2а¶әа·ҷа¶ұа·Ҡ   а¶…а¶Ҫа·”а¶әа¶ё а·Җа¶ұ а·Җිට බа·ға·Ҡ රථа¶ә а·ға·„ එහි а·ғිටි а¶ёа¶ңа·’а¶ұа·Ҡ  а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ ටа·Ҡ‍රа·җа¶ҡа·Ҡටරа·Ҡ а¶әа·ңа¶Ҝа·Ҹ а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ё а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа·ҷа¶ұ එමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡර а¶ӯිබුණී.а¶ҡа·ҷа·ға·ҡ а·Җа·ҷа¶ӯа¶ӯа·Ҡ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ёа·ҡ а¶ўа¶Ҫ මටа·Ҡටම අඩි а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶үа·„а·… а¶әа·Ҹа¶ё а¶ұа·’а·ға·Ҹ බа·ға·Ҡ රථа¶ә а¶’ а¶ёа¶ӯа·’а¶ұа·Ҡ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡිරීම а¶Ҝа·җඩි а¶…а·Җа¶Ҝа·Ҹа¶ұа¶ёа·Ҡ මටа·Ҡටමа¶ҡ а¶ҙа·җа·Җа¶ӯිණ. එබа·җа·Җа·’а¶ұа·Ҡ а¶ҡුඩа·Ҹ а¶Ҝරුа·Җа¶ұа·Ҡ а·ға·„ а·Җа·җඩිහිටිа¶әа¶ұа·Ҡ 68 а¶Ҝа·ҷа¶ұа·Ҹ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а¶ңа¶ҹа·ҡ а·Җа·Ҹඩිа¶ә а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ҡа¶Ҝа·Җුර а¶ҙිහිටි а·ға·Ҡථа·Ҹа¶ұа¶әට 22 а¶Ҝа·’а¶ұ а¶Ҝа·„а·Җа¶Ҫа·Ҡ а·Җа¶ұ а·Җිට රа·җа¶ңа·ҷа¶ұ එමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡර а¶ӯිබුණී. а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а·Җа·’а·Ға·ҡа·Ӯ බළа¶қණа¶әа·ҡ а¶ұа·’а·…а¶°а·Ҹරිа¶ұа·Ҡ බа·ға·Ҡ රථа¶әа·ҡ а·ға·’а¶әа¶Ҫа·”а¶ё а¶ёа¶ңа·’а¶ұа·Ҡа¶ңа·ҡ බඩු බа·Ҹහිරа·Ҹа¶Ҝа·’а¶ә а¶Ҝа·җඩි а¶ҙරිа·Ға·Ҡ‍රමа¶әа¶ҡа·Ҡ а¶Ҝරමිа¶ұа·Ҡ බа·ға·Ҡ රථа¶әа·ҡ а·ғිට а¶ңа·ҷа¶ұ එමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡර а¶ӯිබුණි.බа·Ҡ‍රිа¶ңа·ҡඩිа¶әරа·Ҡ а¶°а¶ёа·Ҡа¶ёа·’а¶ҡ а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ёа·җа¶Ҝа·’а·„а¶ӯа·Ҡа·Җа·’а¶ёа·ҷа¶ұа·Ҡ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶…а¶ұа·”а¶ҡණа·Ҡඩ а¶ҡа¶Ҝа·Җුර а·Җа·ҷа¶ӯ රа·җа¶ңа·ҷа¶ұ а·Җа·’а¶ӯа·Ҡ 22 а¶Ҝа·’а¶ұ а¶Ӣа¶Ҝа·ҡ а·ға·„ а¶Ҝа·’а·Җа·Ҹ а¶Ҷа·„а·Ҹර а¶Ҫබа·Ҹ а¶Ҝа·’ а¶…а¶Ҝа·Ҹа¶Ҫ а·ға·Ҡථа·Ҹа¶ұа¶әа·ҡ  а¶ӯа·Ҹа·Җа¶ҡа·Ҹа¶Ҫа·’а¶ҡа·Җ а¶ұа·Җа·Ҹа¶ӯа·җа¶ұа·Ҡ а¶ңа·җа¶ұිමට а·ға·җа¶Ҫа·җа·ға·Ҡа·Җа·–а·„.බа·ға·Ҡ රථа¶әа·ҡ а·ғිරа·Җа·’ а·ғිටි а¶ҙිරිа·ғ රුа¶ңа·ҷа¶ұ а¶ҙа·җа¶ёа·’а¶ұа·’ බа·ға·Ҡ රථа¶әа·ҡ රිа¶әа¶Ҝුරු а·Җа¶ұ а¶ҙа·“.එමа·Ҡ а¶°а¶ұа·”а¶ҡ а¶үа¶ёа·ҡа·Ӯа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶ҙа·җа·Җа·ға·“а¶ә.“ а¶…а¶ҙа·’ 21 (а·ға·’а¶ҡුරа·Ҹа¶Ҝа·Ҹ) а¶Ҝа·’а¶ұ а·ға·Җа·ғ 4 ට а·Җа·’а¶ӯර එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а¶ҙа·’а·Җа·’а·ға·”а¶ёа·ҡа¶ұа·Ҡ а¶Үа¶ӯа·”а·…а·”а·Җа·”а¶ұа·Ҹ.  а¶ёа¶ё එа¶Ҝа·Ҡа¶Ҝа·’ а¶ҙа·Ҹර а·„а·ңඳට а¶ӯිබුණа·Ҹ. а¶әа¶ұа·Ҡа¶ұ а¶ңа·җටළුа·Җа¶ҡа·Ҡ а¶ӯිබුа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа¶ңа¶Ҝа·’ а·Җа·җа·ға·Ҡа·ғ а¶ҙටа¶ұа·Ҡ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹа¶ё а¶ҙа·Ҹර а¶Ҝа·’а¶ңටම මඩ.а¶үа·ға·Ҡа·ғරහට а¶әа¶ұа·Ҡа¶ұ а·„а·җа¶Ҝа·”а·Җа¶ӯа·Ҡ බа·ға·Ҡ එа¶ҡ එරа·ҷа¶ұа·Ҡа¶ұ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶Ҝа·ҷа¶әа¶ҡа·Ҡ а¶ӯිබුа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶…а¶ҙа·’ а¶…а·ғරණ а·Җа·”а¶ұа·Ҹ .බа·ға·Ҡ එа¶ҡа·ҡ а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ё රෑ а¶ҙුරа·Ҹа¶ё а¶ёа·„ а¶ҡа·җа¶Ҫа·җа·Җа·ҡ බа¶әа·ҡ හිටිа¶әа·ҡ . а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а¶Ҷа·Җа·Ҹ а¶…а¶ҙа·ҡ а¶Ҷරа¶ҡа·Ӯа·Ҹа·Җට. а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ එа¶ҡа·ҷа¶ұа·Ҡ а·„а·Ҹ а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶…а¶ҙа·Җ අරа¶ұа·Ҡ а¶ңа·’а¶әа·Ҹ. ..а¶’а¶ӯа·Ҡ බа·ға·Ҡ එа¶ҡ а¶ңа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ අර а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ёа·ҡ а·Җа¶ӯුර а·Җа·җඩි а¶ұа·’а·ға·Ҹ“         
а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ රටа¶ҡ а·„а·җа¶Ҝа·” බа¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа·Ҡ а¶ҡа·‘а¶Ҫа·’ а¶ҡа¶ҙа·Ҹ а¶…а¶ҙа·ҡ රටට එа¶Ҫа·Ҡа¶Ҫа¶Ҫа·Ҹ
0
(නාලක සංජීව දහනායක, මතුගම - බන්දු තඹවිට, තුසිත කුමාර ද සිල්වා)මහින්ද රාජපක්ෂ රජය කිසිවිටකත් මුස්ලිම් ජනතාවට හා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බේරුවලදී පැවසීය.එහෙත් පසුගිය කාලයේ ගෙනගිය එවැනි අසත්‍ය  ප්‍රචාර හේතුවෙන් අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳවැටී රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබෙන බවද ඔහු කීය.බේරුවල, වෙරළ ක්‍රීඩාංගණයේ පෙරේදා (6 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා:අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.රට නඟන සෞභාග්‍යයේ දැක්ම අපි ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය වසර ගණනාව තුළ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් විසින් සකස් කළ වැඩසටහනක් ලෙස තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශය සැලසුම් කළේ. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න, රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ප්‍රතිඥා දී තිබෙනවා. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා රටේ ආර්ථිකය ගොඩනගන්න. ජනතාව ජීවත් කරවන්න ජනතා කේන්ද්‍රීය වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. රටේ සෑම කෙනෙකුගේම ජීවන තත්ත්වය නඟා සිටුවීමට අපි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.වසර තිහක යුද්ධයක් එදා අපි කෙටි කාලයකින් අවසන් කර රටට සාමය උදා කළා. ඒවායින් දෙස් විදෙස් ආයෝජකයන් දිරි ගන්වා රටේ විශාල සංවර්ධනයක් ඇති කළා. අද කොළඹ නගරයේ දක්නට ලැබෙන සියලුම ව්‍යාපෘති ඇති කළේ මහින්ද රාජපක්ෂ රජයයි. ආසියාවේ සීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට කොළඹ නගරය පත් කරන්න අපට හැකියාව ලැබුණා. මේ දියුණුව නිසා ව්‍යවසායකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණා. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළා. ඒත් මේ රජය බාර ගත්තට පසුව සංවර්ධන කටයුතු නතර වුණා. ව්‍යාපාර නැති වුණා. එම ව්‍යාපෘති නතර කිරීමෙන් රැකියා ලක්ෂ හතරක් අහිමි වුණා.යුද්ධය නිමවූ පසුවත් අපි රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කළා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර පළමු වතාවට උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වූවා. යුද්ධය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය මිස අපි නෙවෙයි. ඒ යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධයක් තිබෙන කාලයකදී සෑම කෙනෙකුම අපහසුතාවකට පත් වුණා. රටට වටිනා ජීවිත ගණනක් අහිමි වුණා. යුද්ධය අවසන් කරන්න රණවිරුවන් කොපමණ පරිත්‍යාගයක් කළාද කියන අවබෝධය මට තිබෙනවා. දිනාගත් සාමය කඩවන කිසිදු ක්‍රියාවක් නැවැත මේ රටේ ඇති නොවිය යුතුයි.යුද්ධය නිමාවූ පසුවත් අප ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ එකතු කර සුවිශේෂී ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ විමර්ශන කොට්ඨාසය යොදාගෙන ත්‍රස්තවාදීන් ගැන හොයන්න කටයුතු කළා. ඒත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නිතර සොයා බැලීමක් නොකළ නිසා පාස්කු ඉරුදින රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. රටේ නැවත බෝම්බ පුපුරන තත්ත්වයක් ඇති කළේ මෙම රජයයි. ජනතාව අතර අවිශ්වාසයක් ඇති වුණේ මේ රජයේ කටයුතු නිසයි.අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.දේශීය හා විදේශීය ආයෝජකයාට මෙරට ආරක්ෂාව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඇතුළු රටේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටිලා. ආයෝජකයන්ට හා සංචාරකයන්ට රටට එන්නට නම් රටේ ආරක්ෂාව සුරක්ෂිත විය යුතුයි. අපි සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න විශේෂ අවධානයක් යොමු කරනවා. රටේ යළිත් සියලු ජාතීන්ට සුරක්ෂිත ලෙස ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා. යළිත් මේ රටේ ත්‍රස්තවාදයකට, අන්තවාදයකට ඉඩක් නොතබන බවට පොරොන්දු වෙනවා. පන්සලට, කෝවිලට, පල්ලියට බියෙන් යන තත්ත්වය නැති කරනවා.රටක ආරක්ෂාව තහවුරු වනවිට, නිවැරදි නායකයෙක් ඉන්න විට රට ස්ථාවර වෙනවා. අයෝජකයන් එනවා. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන අතරම ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම සංචාරකයන්ට වීසා ලබා ගැනීමට පහසුකම් සැලසිය යුතුයි. රජය මැදිහත් වෙලා මේ කාර්යයන් කළ යුතු වෙනවා. මිලියන හතක සංචාරකයන් පිරිසක් මේ රටට ගෙන්වන්න අවශ්‍යයි. එමගින් රටට ඩොලර් බිලියන දහයක් උපයා ගැනීමේ  හැකියාව තිබෙනවා. මැණික් කර්මාන්තය වැදගත් ක්ෂේත්‍රයක්. අනවශ්‍ය බදු පනවා තිබෙනවා. හොඳ රැකියා අවස්ථා බිහිකළ හැකි විදේශ විනිමයක් ගෙනෙන ක්ෂේත්‍රයක්. සංකීර්ණ බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. බොහෝ අයට බදු ගෙවන්න විදිහක් නැහැ. අපේ රජයක් යටතේ බදු ක්‍රමය සරල කරනවා. වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කරනවා. නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, දිරිගන්වන්න කටයුතු කරමින් ආර්ථිකය නගාසිටුවනවා. සරල බදු ක්‍රමයක් තිබෙන විට බදු ගෙවන්න පුළුවන්. දූෂණයක් නැහැ.ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව, චීනය අද ඉහළට ගිහින් තිබෙන්නේ තාක්ෂණය අතින් ඉහළ නිසයි. අපගේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ සීමිත පිරිසක් පමණයි. මේ සියලුම තරුණ තරුණියන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා, ආචාර්ය මණ්ඩලය වැඩි කරලා සමත් වන සියලුම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට පාඨමාලා හඳුන්වා දීලා, වෘත්තීය පුහුණුවක් ලබාදීලා හොඳ වේතනයක් ලැබෙන රැකියා අවස්ථා උදාකරනවා. පෞද්ගලික අංශයේද සහාය මේ සඳහා ලබා ගන්නවා. බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතිව අපේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.විපක්ෂනායක මහින්ද  රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපේ ගෙදර දානයක් තියෙනවා. හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කියනවා ඒ දානය දෙන්න එපා කියලා. මේ වෙලාවේ දානය දෙන එක මැතිවරණ නීතියට තහනම් බව ඔහු කියනවා. ඒ දානේ අද ඊයේ දෙන දානයක් නෙවෙයි. අවුරුදු හැට ගානක් තිස්සේ අපි ඒ දානය දෙනවා. මේ වැඬේ තේරුම මොකක්ද කියලා මම මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඇහුවා. මෙහෙම නීති ඇති කළේ කාගේ වාසියටද කියල අපි ආණ්ඩුවෙන් අහනවා.මේ ආණ්ඩුව මැතිවරණ කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා. මේ ආණ්ඩුවෙන් තිබ්බේ පළාත් පාලන මැතිවරණය විතරයි. එකෙන් අන්ත පරාජයක් ලැබුවා. ඊට පස්සේ මැතිවරණ තියන්න ආණ්ඩුව බය වුණා. ආණ්ඩුව මොන උප්පරවැට්ටි දැම්මත් මේ ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලබනවා.පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ සංචාරක කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ කර්මාන්තය ආශ්‍රයෙන් බිහිවූ රැකියා බොහෝ ප්‍රමාණයක් අපට අහිමි වුණා. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් වෙනස් කළ යුතුයි. අපේ ආණ්ඩුව කාලේ බේරුවල යම් සිද්ධියක් සිදු වුණා. ඒ සිද්ධිය මුල් කරගෙන අපිට විරුද්ධව මුළු රටේම වැරදි ප්‍රචාරයක් ගෙනිච්චා. එකේ ප්‍රතිඵලයක් විදියට මේ කාලකන්ණි ආණ්ඩුව බිහිවුණා. ජාතීන් අතර අවිශ්වාසය ඇති කරලා මේ ආණ්ඩුව මුළු රටම විනාශ කළා. මේ අවසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පමණයි.ආණ්ඩුව තවමත් කතා කරන්නේ අපේ කාලේ බේරුවල සිද්ධ වුණ සිද්ධිය ගැනයි. හැබැයි තමන්ගේ කාලේ ගිංතොට, අම්පාර වැනි ප්‍රදේශවල සිද්ධ වුණ දේවල් ගැන ආණ්ඩුව කතා කරන්නේ නැහැ. එදා බේරුවල  යම් දේපළකට හානියක් සිද්ධ වුණා නම් අපි ඒ සියල්ලම නැවැත සකස් කර දුන් බවද අපි කියන්න ඕනෑ.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.මේ රටේ මුස්ලිම් ජන සමාජයෙන් කවදත් ත්‍රස්තවාදයක් නිර්මාණය වුණේ නැහැ. මේ පරගැති ආණ්ඩුව නොතිබ්බ ත්‍රස්තවාදයකට ඉඩ දෙන්න වාතාවරණය හැදුවා. සහරාන්ලා නිකම්ම බිහි වුණේ නැහැ. ආණ්ඩුව සුළුතර අන්තවාදීන්ව ආරක්ෂා කළා මිස සාමාන්‍ය සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව ආරක්ෂා කළේ නැහැ. ලේ තැවරිච්ච ආණ්ඩුව, සාමාන්‍ය ජනතාව අතර සැකය වපුරපු, භීතිය වපුරපු ආණ්ඩුව ගෙදර යවන දවස නොවැම්බර් 16 වැනිදායි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි. ආරක්ෂිත රටක් තිබ්බොත් රටට සංචාරකයන් එනවා. ව්‍යාපාර දියුණු වෙනවා.මේ අය බලයට ඇවිත් මොකද කළේ? ජීවන බර වැඩි වුණා. බදු වැඩි කළා. ගෑස් තෙල් ටික වෙලාවට දීගන්න බැරිවුණා. අද රට ඉල්ලන්නේ වගකිව යුතු නායකත්වයක්. මං පොර ජාතකයක් රටට වැඩක් නැහැ. කඩා වැටිච්ච ආර්ථිකයට, රටකට දැක්මක් ඇති නායකත්වයක් රටකට අවශ්‍යයිද ඔහු කීය.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් කියනවා දූෂිතයන්ගෙන් තොර පාලනයක් හදනවලු. මහ බැංකු හොරු, ගල්අඟුරු, ෆුට්නෝට් කල්ලි වේදිකාවෙන් බැහැලා ගියොත් ඉතුරු වෙන්නේ සජිත් විතරයි. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය මුදල් ලක්ෂ ගණනක් අවභාවිතා කළා කියලා ජනාධිපති විමර්ශන කොමිසමෙන් සජිත්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. අවසානයේ සජිත්ට සජිත්වත් නැහැ. ඒක නිසා සජිත් දැන්වත් වේදිකාවෙන් බැහැලා යන්න කියල අපි කියනවා යැයිද ඔහු කීය.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:වෙලාවට ගෑස් ටික දීගන්න බැරි සජිත් ජනාධිපති අපේක්ෂකයා කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන කතා කරනවා. එහෙම අපේක්ෂකයෙක් මීට පෙර දැකලා තියෙනවද? මේ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ආර්ථිකය බිංදුවට වැටිලා. ජනතාව ආර්ථිකයෙන් හෙම්බත් වෙලා. මේ ආණ්ඩුවේ අවසන් මළගම යමින් සිටිනවා.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය.අද වනවිට රට නන්නත්තාරයි. රට විනාශ කළේ රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමයි. දැන් සජිත් හරියට නින්දෙන් නැගිටලා වගේ විවිධ පොරොන්දු දෙනවා. අමු සොහොන් පිට්ටනියක් වෙලා තිබූ රට බේරා ගත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න කුමන්ත්‍රණය කළේ කවුදැයි  ජනතාව දැන් හොඳටම දන්නවා.සංචාරක, ධීවර කර්මාන්තය කඩා වැටිලා. මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මාන්තය නැති වෙලා. සංචාරක හෝටල් වැහිලා. ධීවර කර්මාන්තයට ස්වර්ණමය යුගය ඇති කළේ මහින්ද රාජපක්ෂ මහතා. අද බේරුවල වරාය අක්‍රීය වෙලා. මේ ප්‍රදේශයට වැවක් හැදුවොත් කෘෂිකර්මාන්තයට සෙතක් වෙයි කියලා විශ්වාස කරනවා.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, බේරුවල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සුගත් මතුගමගේ, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු වන සුරේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු එජාප පාක්ෂිකයෝ කිහිප දෙනෙක් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් එම ජන රැළියට එක්වූහ.
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
1
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
0
(සුජිත් හේවාජුලිගේ, මහරගම ගාමිණී සරත් ගුණවර්ධන හා කැස්බෑව ජී.එස්.එම්. කහටපිටිය)තමාද රාජ්‍ය සේවකයකු හෙයින් රාජ්‍ය සේවකයා විඳින දුක් ගැහැට, ඔවුන් විඳින අපහසුතා අන් කාටවත් වඩා තමා හොඳින් දන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගමදී පෙරේදා (30) පැවැසීය.තමා එදා රාජ්‍ය නිලධාරින්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවේ යැයි කී රාජපක්ෂ මහතා තම රජයක් යටතේ රාජ්‍ය ආයතනවලට ඉදිරියේදී පත් කරන්නේ දක්ෂ කාර්යශූර අය පමණක් යැයිද ප්‍රකාශ කළේය.කුළල් කා ගත්තා මිසක මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන සත පහකට මායිම් නොකළ බවද ඔහු කීය.රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ මහරගම නගරයේදී පෙරේදා (30) පස්වරුවේ පැවැති මැතිවරණ ජනහමුවේදීය.විශාල පිරිසක් වර්ෂාව මැද්දේ රැස්වීමට සහභාගි වූහ.ගෝඨාභය රාජපක්ෂ මහතා පස්වරු 6.00 ට පමණ රැස්වීම් භූමියට පැමිණි අතර මේ අවස්ථාවේදී ජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.තිරසර සංවර්ධනය ඇති කිරීමට අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට ඉදිරිපත් කළා. මෙය හුදු දේශපාලන පොරොන්දුවක් නොවෙයි. ඉටු කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක්. අප මේ ප්‍රතිපත්ති හැදුවේ විද්වතුන් බුද්ධිමතුන් සමග අවුරුදු ගණන් සාකච්ඡා කරලයි. අපි ඇති කරන්නේ ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන ඒකීය භාවය තහවුරු කරන රජයක්.යුද්ධයෙන් පසුව අප රටේ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. රටේ තවදුරටත් බෝම්බ පිපිරීම් නතර වුණේ ඒ නිසයි. අපි කොටි නායක කේ.පී. පිටරට ඉඳලා අල්ලාගෙන ආවා. එදා බුද්ධි අංශවල චිත්ත ධෛර්යය ඉහළම තැනක තිබුණා. පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සියලු තොරතුරු මේ රජයට කල්තියා ලැබිලා තිබුණා. නමුත් ආණ්ඩුව ඒ ප්‍රහාරය වළක්වන්න අසමත් වුණා. අසමත් රාජ්‍යයක්. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. රණවිරුවන් බුරුතු පිටින් දංගෙඩියට ගෙන ගියා. අප ඇති කළ ආරක්ෂාව මේ අය පැමිණ නැති කළා. අප බලයට පැමිණ මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා.එදා අප ටී.අයි.ඩී., සී.අයි.ඩී. පාවිච්චි කළේ ත්‍රස්තවාදය හිස එසවීම නැති කරන්නයි. නමුත් මේ ආණ්ඩුව බුද්ධි අංශ යෙදවූයේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්නයි. රටේ ජාතික ආරක්ෂාව නැතිවුණේ මේ නිසයි.අප යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා ගෙන ගියා. පාරවල් හැදුවා. නව නගර හැදුවා. අප හදපු මත්තල ගුවන් තොටුපළේ වායු සමීකරණ කාමරවල මේ අය වී ගබඩා කළා. රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට කටයුතු කරනවා. සියලු ව්‍යාපාර අද කඩාවැටිලා. ඒවාට තේරුමක් නැති බදු පටවලා. අප රටේ අනවශ්‍ය බදු සියල්ල ඉවත් කරනවා. ජනතාවට ගෙවිය හැකි පහසු බදු ක්‍රමයක් ඇති කරනවා.සමස්ත ව්‍යාපාර ප්‍රජාවම අද ණය බරින් පීඩාවට පත්ව සිටිනවා. අප ඒ අයට ඉදිරියේදී සහන දෙනවා. සෑම ප්‍රදේශයකම යටිතල පහසුකම් වර්ධනය කරනවා.මේ ආණ්ඩුව ලංකාවේ තේ වෙළෙඳපොළ බිමටම වැට්ටුවා. සිලෝන් ටී නාමය අද හෑල්ලුවට පත් වෙලා. වැරදි ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම නවත්වනවා. වැවිලි ආර්ථිකය දියුණු කරනවා. අපේ රටේ බුද්ධිමතුන් ආර්ථික වර්ධනය සඳහා මෙහෙයවිය යුතුයි. අප තාක්ෂණය මුල්වුණු ආර්ථිකයක් හදනවා.ඒ වගේම අධ්‍යාපනයට විශාල ආයෝජනයක් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. කාර්මික හා තාක්ෂණ විද්‍යාල අලුතින් පටන් ගන්නවා. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා. උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඉඩ හසර ලබා දෙනවා.අප ලෝක වෙළෙඳ පොළේ ඉල්ලුම මොකක්ද කියලා බලන්න ඕන. නුපුහුණු අය පිටරට යවනවාට වඩා නිපුණත්වය දී යැවීම වැදගත්. එතැනදි වැඩි වේතනයක් ලබා ගැනීමට හැකි වෙනවා.රාජ්‍ය සේවකයාගේ අපහසුකම් මා දන්නවා. මා එදා රාජ්‍ය සේවකයා දිරිමත් කළා. එදා කොළඹ හැදුවේ පිටින් ඇවිත් නොවෙයි. අප රාජ්‍ය නිලධාරීන්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවෙයි.රාජ්‍ය ව්‍යාපාර රැසක් වැරදි කළමනාකරණය නිසා අද පාඩු ලබනවා. අප මේ ආයතනවලට පත් කරන්නේ දක්ෂ අය විතරයි. රාජ්‍ය දේපල පුද්ගලික අංශවලට විකුණන්න බැරි නීති ගේනවා. අප නිලධාරීන්ට ඉලක්ක දෙනවා. අප අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් තට්ටු නිවාස ඇති කළා. දැන් ඒ වැඩ ඇනහිටලා. ජනතාවට පහසු මිලට නිවෙසක් ලබා ගැනීමට අවස්ථාව ඇති කරනවා.පැහැදිලි දැක්මක් අපට තියෙනවා. අපි අභියෝග බාරගෙන ඒවා ඉටු කරපු අය. මා කෙරෙහි විශ්වාසය තියන්න. මා ඔබලාට සුරක්ෂිත රටක්, අභිමානවත් දේශයක් ගොඩනගනවා.ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:-මහා ජයග්‍රහණයකට පෙළගැසෙමින් සිටින මොහොතක්. නොවැම්බර් 16 වැනිදා ලක් ඉතිහාසය අලුතින් ලියවෙනවා. ගෝඨාභය රට වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඔහු විනයගරුක වැදගත් නායකයෙක්. විරුද්ධ පක්ෂයේ කිසිම අයකු විවේචනය කළේ නැහැ. රට කඩාවැටුණේ රනිල් සජිත් යුගයේදීයි. රටේ ඒකීය භාවය රැකිය හැක්කේ ගෝඨාභයටයි. පාලන තන්ත්‍රය ආණ්ඩුක්‍රම නාඩගමක් බවට පත් කළා.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:-මේ රටට අද ඉන්නේ විදේශයන්ගේ පදයට නටන නායකයකු නොවෙයි. මේ ආණ්ඩුව ඇවිත් එක පාරක් හැදුවෙ නැහැ. සහරාන්ලා හැදුවේ මේ ආණ්ඩුවයි. රට ජාතික ආරක්ෂාව ඉල්ලනවා. පුතාණෝ සනීපාරක්ෂාව දෙන්න යනවා. මේ ආණ්ඩුව ඇවිත් දුප්පතාට බඬේ පාර හැදුවා. සනීපාරක්ෂක තුවාවල බද්ද වැඩි කළේත් මේ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව ව්‍යාපාරිකයාට කනේ පාර දුන්නා.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:-පාස්කු ඉරුදින සිද්ධියට අපේ අයත් ගාවල මඩ ප්‍රහාරයක් ගහන්න සූදානම් වෙනවලු. ඒ ප්‍රහාරයේ වගකීම මේ රජය බාරගත යුතුයි. රජයේ හිටපු සජිතුත් ඊට වග කියන්න ඕන. මහ බැංකු හොරකමට වගකිවයුත්තේ රනිල්.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:-යහපාලන ආණ්ඩුව වැඩ කටයුතු ආරම්භ කළේ මහ බැංකුව කොල්ලකාලයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මේ රට බෙදුම්වාදයට ගෙන යන්න මේ ආණ්ඩුව කටයුතු කළා. ත්‍රස්තවාදය, අන්තවාදය පෝෂණය කළේ මේ ආණ්ඩුවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය ඇතිවුණේ මේ නිසයි. මේ ආණ්ඩුව යටතේ ලක්ෂ හතරකගේ රැකියා නැතිවුණා. බුද්ධි අංශවල තුන්සිය විසි දෙනෙක් හිරේට දැම්මා.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා:-අද සජිත් බදුබර ගැන කිඹුල් කඳුළු හෙළනවා. රණවිරුවන්ට ගැහුවේ මේ ආණ්ඩුව කියලා අද සජිත් දන්නෙ නැහැ. සජිත්ට මේ රට ගියොත් අගමැති මමයි කියලා අද රනිල් ප්‍රකාශ කළා. එතකොට සජිත් සිග්නල් කණුවක් විතරයි. සියයට 37 ට වඩා අරගෙන පෙන්වන්න කියලා මම සජිත්ට අභියෝග කරනවා. අද සජිත් කවටයන් අතර පෙරමුණට ඇවිල්ලා. අවුරුදු දෙකෙන් කොටියා නැති කළේ ගෝඨාභයයි. හතරේ ගණන් දන්නෙ නැති සජිත්ට ආචාර්ය ගෝඨාභය සමග මොන විවාදද?කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා:-ගෝඨාභය ජයග්‍රහණය කරවන්න අද සියලු දේශපාලන පක්ෂ එකතුවී සිටිනවා. ගෝඨාභය දිනවන්න අද රටම එකතුවී සිටිනවා. විජයදාස රාජපක්ෂත් ගෝඨාභයට සහය දෙන්න ඉදිරිපත් වුණා.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා:-ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් පාලනයට සුදුසු නැහැ. මේ රටේ ත්‍රස්තවාදය නැති කිරීමට අණ දුන් එකම නායකයා මහින්ද රාජපක්ෂයි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂයි. මේ ආණ්ඩුවට රුපියල ආරක්ෂා කරන්නත් බැරිවුණා. මුදලට අගයක් දෙන්න බැරි ආණ්ඩුවක්. මහ බැංකුව මහ දවල් කැඩුවා.පොලී අනුපාතය කරටි කඩලා යනවිදියට වැඩිවුණා.පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා:-මේ මැතිවරණයේදී සියලු දෙනා එක වහළක් යටට ගේන්න අපට හැකිවුණා. සහරාන් බෝම්බ පුපුරවන කොට ඔබලාට මතක් වුණේ මහින්ද-ගෝඨායි. ආරක්ෂක ලේකම් සත පහක් වංචා කළ අයකු නොවෙයි. රාජ්‍ය සේවයට ගෞරවයක් දුන්නේ ඔහුයි. කොළඹ පැල්පත් නැතිකළා. ගෝඨා හිටියා නම් මේ වෙනකොට ගෙවල් 35,000 ක් හදලා ඉවරයි.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-මේ ආණ්ඩුවේ ඉන්නවා අයන් මෑන්. දැන් අලුත්ම කෙනා පෑඞ් මෑන්. 13 වැනිදා වෙනකොට මෙයා තව මොනවා ගෙනත් දේවිද දන්නෙ නැහැ. ජනාධිපති අපේක්ෂකයකු ගන්න වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්නේ ගෝඨාභයයි. සජිත් ආණ්ඩුවේ අගමැති මමයි කියලා අද රනිල් කියනවා. මේ රට සිංහල බෞද්ධ රටක් නොවෙයි කියලා කිව්වේ මංගලයි. 16 වැනිදා සජිත් එක්ක මංගලත් ගෙදර යවනවා. අද මහරගම ජන ගඟක්.පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි:-එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ රනිල්ගේ පඹයෝ ටිකක් විතරයි. සජිත් කියන්නේත් එක පඹයෙක් විතරයි. ඔහුට කිසිම දැක්මක් නැහැ. රට අද බරපතළ අර්බුදයකට ලක්ව සිටිනවා. සෝෆා ගිවිසුම අත්සන් කරනවාට කැමතිද නැද්ද කියලා සජිත් ප්‍රකාශයක් කළ යුතුයි. සිංගප්පූරු ගිවිසුම අස්සන් කළේ පිටරට ජාවාරම්කරුවන්ට මෙරටට පැමිණීමටයි. මේ රට ගොඩනැගිය හැකි නායකයා ගෝඨාභයයි. තවම මේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. කඩදාසි ටික එන්නෙත් පිටරටින්. සජිත් සිංගප්පූරු ගිවිසුම ගැන එක වචනයක් කතා කළේ නැහැ. රනිල්, සජිත්, මලික් මුළු පෙරමුණම පරාජය කරනවා. සිගරට්, අරක්කු දෙකටම බිලියනයක් වියදම් කරන රටක්. මේක නවත්වන්න රටට ආදරය කරන නායකයකු ගේන්න ඕන. රාජ්‍ය භාණ්ඩාගාරය හිස්. නමුත් සජිත් අරවා දෙනවා මේවා දෙනවා කියලා බොරු කියනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා:-මහරගම ප්‍රදේශයේ ජීවත්වන්නේ උගත් ජනතාවක්. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ හත්වැනි විධායක ජනපති වශයෙන් පත්වීම ස්ථිරයි. මහරගම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මේ යහපාලන රජය කිසිම දෙයක් කළේ නැහැ. මහින්ද යුගයේ අලුත් රක්ෂා නව ලක්ෂයක් බිහි කළා. තිබුණු රක්ෂා ලක්ෂ හතරක් මේ රජය යටතේ නැවතුණා. අද පොලී අනුපාතය සියයට හැටකින් අඩුවෙලා. සමාගම් වහනවා. ව්‍යාපෘති නතර වෙලා. ඩොලරය අද රුපියල් 184 යි. අද උපාධිධාරීන්ට රැකියා නැහැ.ගෝඨාභය රට වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. අද හමුදාපති පත් කරන්න උපදෙස් දෙන්නෙත් විදෙස් රටවල්. ගෝඨාභය කියන්නේ ප්‍රතිඵල පෙන්නූ නායකයෙක්. ඔහුගේ එඩිතර නායකත්වය රටට අවශ්‍යයි. මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒකට නායකත්වයක් අවශ්‍යයි. වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ඔහු දිනවන්නැයි මහරගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පළාත් සභා හිටපු අමාත්‍ය උපාලි කොඩිකාර මහත්වරු ඇතුළු පිරිසක්ද මෙහිදී කතා කළහ. 
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
0
(මුලටියන - එස්. බාලසූරිය සහ අකුරැස්ස - සුජීව සමරක්කොඩි)රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ හා ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය තමන් බාරගන්නා බවත්, ආරක්‍ෂක ලේකම්වරයා ලෙස තම වගකීම් ඉටුකළ අයුරින්ම ඉදිරියේදීත් රට වෙනුවෙන් වන වගකීම් ඉටුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාතර, මුලටියනදී පෙරේදා (20) පැවසීය. වත්මන් රජය ඒ කිසිවක් ගැන අවධානය යොමු නොකළ බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ‘සාර්ථක දැක්මක් - වැඩකරන රටක්’ යන තේමාව  යටතේ මුලටියන පොදු ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවක් අමතමිනි.ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද කීය. අප අභියෝග බාර ගන්න පුළුවන් කණ්ඩායමක්. 2005 දී මහින්ද රජපක්‍ෂ මහතාට තමුන්නාන්සේලා රට බාරදෙන අවස්ථාවේදී විශාල අභියෝග රාශියක් තිබුණා. අප එදා ඒ අභියෝග ජයග්‍රහණය කළා. අවුරුදු 30ක් තිස්සේ විවිධ ආණ්ඩු විවිධ ජනාධිපතිවරු යටතේ මර්දනය කිරීමට බැරිවුණු ත්‍රස්තවාදය අප එදා වසර දෙක හමාරක් ඇතුළත අවසන් කළා. ඒ වාගේම ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට සංවර්ධනයක් මේ රටට ගෙනාවා. අධිවේගී මාර්ග, වරායවල්, ගුවන් තොටුපොළවල්, නව නගර බිහිකළා. ආසියාවේ ශීඝ්‍රයෙන්  දියුණුවන රට බවට, ශීග්‍රයෙන් දියුණු වන නගරය බවට කොළඹ පත් කරන්න අපට හැකිවුණා.එදා ත්‍රස්තවාදය අවසන් කළා.  පමණක් නොවෙයි. නැවතත් මේ රටේ ත්‍රස්තවාදය  හිස ඔසවන්නට නොහැකිවන ලෙස ආරක්‍ෂක සැලැස්මක් අප යෙදුවා. ඒ වාගේම මේ රටේ බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය එකතු කරලා හොඳ ආරක්‍ෂක සැලැස්මක් යොදා තිබුණා. ඒ නිසා කිසිම ත්‍රස්තවාදයක් මේ රටේ ඇති නොවන ආකාරයට රට පාලනය කරන්න අපට හැකිවුණා.නමුත් මේ රජය ජාතික  ආරක්‍ෂාව පිළිබඳව  කිසිම අවබෝධයක් නැතිව, ප්‍රමුඛත්වය නොදී කළ ක්‍රියාකලාපය නිසා ඒ වාගේම රණවිරුවන්ගේ අභිමානය, මානසිකත්වය කඩා දමපු  නිසා බුද්ධි අංශ සාමාජිකයන්ට අභූත චෝදනා නගලා හිරගත කරලා, අන්තවාදී සංවිධාන ගැන හොයන්න  හදල තිබුණු ඒකකය අවසන් කරලා. මේ රට නැවතත් බෝම්බ පුපුරන තැනකට පත් කළා. අපේ රජයක් යටතේ නැවතත් ඒ ආරක්‍ෂක විධිවිධාන යොදලා බුද්ධි  අංශවලට නීතිමය රැකවරණය දීලා සුරක්‍ෂිත රටක් තමුන්නාන්සේලාට ලබාදෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා.ඒ වාගේම අප එදා ආරම්භ කළ  සංවර්ධන කටයුතු මේ රජය යටතේ සම්පූර්ණයෙන් නවත්තලා. මේ නිසා ඒ සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ වුණු සියලු ව්‍යාපාර ආයතන කඩා වැටුණා. කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් අනාථ වුණා. ඒ හින්දා තමයි ආර්ථිකය කඩා වැටුණේ. අදවනවිට  සෑම ක්‍ෂේත්‍රයකම ව්‍යාපාර කඩා වැටිලා.මේ රජය කෘෂිකර්මයට කිසිම අවධානයක් යොමු කළේ නැහැ. පොහොර සහනාධාරය ඉවත් කළා. දේශීය ගොවියා ගැන නොසලකා පිටරටවලින් ගුණාත්මක බවෙන් අඩු නිෂ්පාදන ද්‍රව්‍ය ගෙනැවිත්  අපේ නිෂ්පාදන ද්‍රව්‍ය සමඟ කලවම් කර  ප්‍රති අපනයනය කළා. මේ නිසා ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග වල මිල අඩුවුණා. තේ වගාව මේ රටේ වැදගත් ක්‍ෂේත්‍රයක්. තේ ඉඩම් වලින් සියයට 75ක් පමණ කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් ඉන්නේ. අද  ඒ අයගේ ජීවිත ගොඩනගා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. තියෙන්නේ. මේකට හේතුව ගුණාත්මයෙන් අඩු තේ පිටරටින් ගෙනත් කලවම් කර පිටරටට යවන හින්දයි. ශ්‍රී ලංකාවේ තේ වලට ලෝක වෙළෙඳපොළේ ඉහළ මිලක් තිබුණා. ගුණාත්මයෙන් අඩු තේ යවන නිසා අපේ තේ මිල කඩා වැටුණා.මේකට රජය මැදිහත් විය යුතුව තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ ලෝක වෙළඳපොළේ ඉහළට ගෙන ඒමට රජය මැදිහත් විය යුතුයි. අපේ රජයක් යටතේ ඒ සඳහා මැදිහත් වෙනවා. තේ වලට ඉහළ මිලක් ලබාදීමට අප කටයුතු කරනවා. සුළු අපනයන බෝග නිෂ්පාදන පිටරටින් ගෙන්වලා ප්‍රති අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවත්වනවා. දේශීය ගොවියා ආරක්‍ෂා කරනවා.ගොවියා වෙනුවෙන් සෑම විටම  කටයුතු කළ රජයක් තමයි එදා තිබුණේ. ගොවියා නැවත  නගා සිටුවීමට  අප පොරොන්දු වෙනවා. ගොවිණය කපා හැරීමට කටයුතු කරනවා. පොහොර සහනාධාරය නොමිලේ ලබාදෙනවා. අපට කෘෂිකර්මය අමතක කරන්න බැහැ. අපේ සංස්කෘතිය හා බැඳුණු රටේ ජනගහණයෙන් තුනෙන් එකක් රැඳී සිටින කෘෂිකර්මයට අප ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ.ඒ වගේම මේ රටේ ආර්ථිකය ගොඩනගන්නට පැහැදිලි  සැලැස්මක් අප ළඟ තිබෙනවා. බුද්ධිමත් ජනතාවක් අපේ රටේ ඉන්නවා. ඔවුන්ට සුදුසු රැකියාවක් ලබාගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා. අප දන්නවා අද ලෝකයේ ආර්ථිකය ඉහළ  මට්ටමට ඇවිත් තියෙන්නේ  ආසියානු රටවල් වලයි. අපේ රටේ ආර්ථිකය ඉහළට ගේන්න මේක හොඳ  අවස්ථාවක් වුවත් මේ ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. ඒකට පැහැදිලි දැක්මක් සැලැස්මක් තිබුණේ නැහැ. මේ රටේ ආර්ථිකය හොඳටම කඩා වැටිලා. මේ නිසා ව්‍යාපාර කඩා වැටිලා. ව්‍යාපාරිකයන්ට අසීමිත ලෙස බදු ගහලා. අපේ රජයක් යටතේ විවිධ බදු ඉවත් කර සරල බදු ක්‍රමයක් ගේනවා. වැට් බද්ද සීයට 8 දක්වා අඩු කරනවා. ව්‍යාපාර හොඳට කරගෙන යාමට  සුදුසු වාතාවරනයක්, සැලසුමක් නැත්නම්, රැකියා බිහි වෙන්නේ නැහැ. ව්‍යාපාර දිගට කරගෙන යාමට පුළුවන් කමකුත් නැහැ. ඒ වාගේම අප තරුණ තරුණියන්ට කියනවා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් ලබාගන්න සුදුසු අධ්‍යාපන  ක්‍රමයක් සකස් කරන බව. ඒ සඳහා කෙටි හා දිගු කාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම උසස් පෙළ සමත් වන සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාදෙනවා. ඒවාගේම රැකියාවක් ලබාගත හැකි පාඨමාලාවන් සකස් කරනවා. උපාධිය ලැබුණු පසු හොඳ වේතනයක් ලබාගන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කරනවා. පරිගණක ක්‍ෂේත්‍රය, තොරතුරු තාක්‍ෂණය හැදෑරූ අයට හොඳ වේතනයක් ලැබෙන රැකියා ලබාදෙනවා. නමුත් මේ රජය මේවා ගැන අවධානයක් යොමු කළේ නැහැ.ජාතික ආරක්‍ෂාව සහ ආර්ථිකය ඉදිරියට ගෙනයාමට හැකි වෙන්නේ අපට  පමණයි. එදා අප පොරොන්දු ඉටු කළා. වැඩ කරලා පෙන්නුවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මට බාරදුන් ආරක්‍ෂක ලේකම් ධුරයේ වගකීම, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ වගකීම සීයට 100කින්  මා ඉටු කළ බව ඔබලා දන්නවා. මා පිළිබඳව විශ්වාසය තබන්න. ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. මාගේ යුතුකම මා ඉෂ්ට කරනවා. සුරක්ෂිත හා සෞභාග්‍යමත් රටක් ගොඩනගන බවට මා පොරොන්දු වෙනවා යැයි ඒ මහතා කීය.මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා:-තව දින 25කින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනාධිපති වෙනවා. ඒ මහතා ජනාධිපති කිරීමත් ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතය හිමිකර ගැනීමත් මගේ අරමුණයි. ගෝඨාභය මහතා මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහෝදරයා නිසා නොවෙයි මුළු රටම කිවේ ගෝඨා කියලා. වැඩ පෙන්නපු නායකයකු නිසයි ජනතාව ඉල්ලුවේ. ගෝඨා ආවා. දැන් තියෙන්නේ ඔහු දිනවන එකයි.කොබ්බෑකඩුව ඇතුළු යුද නායකයන් එකම තැනක මියගිය වෙලාවේ දිවි ගලවාගත් එකම ලුතිනන් කර්නල්වරයා ගෝඨාභය මහතා පමණයි. ඒ මහතා විශ්‍රාම ගියාට පස්සේ පුරවැසිභාවය නැති වුණේ. යුද්ධය කරපු වෙලාවේ හැමදෙනාට ඔහු වීරයෙක් වුණා. තේනුවරත්, උයන්ගොඩත් ඒ මතයේ හිටියේ.මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  කංචන  විජේසේකර මහතා:- ගොවියාගේ කොඳුනාරටිය කැඩුවේ සජිත් ඉන්න මේ ආණ්ඩුවයි. දැන් කියනවා පොහොර නොමිලයේ දෙනවා කියලා. හම්බන්තොට වරාය විකුණුවා. මත්තල වී ගබඩා කළා. රටේ ආර්ථිකය විනාශ කළා. මේවා කරන විට නිහඬව සිටි සජිත්ට ඒ වගකීම් වලින් නිදහස් වෙන්න බැහැ.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:- ජාතියට හතුරු පිල හා මිතුරු පිල අතර සටනක් දැන් තියෙන්නේ. සාමයෙන් බැබළුණු රට බියෙන් වෙවුලන රටක් බවට මේ ආණ්ඩුව පත් කළා. අපේ සටන පරගැති නිවට පිල හා රට දිනවපු රට රැකපු පිල අතරයි. පුතාණෝ ගේ පිල රණවිරුගායට බේත් දෙන්න  හදනවා. අප රණවිරුගායට විටමින් දෙනවා. රණවිරුගාය නිසා තමයි මේ රට රැකිලා තියෙන්නේ. මේ රට රැක්කේ රණවිරුවෝයි.එදා  ගෝඨාභය බලමුළු එකට කළමනාකරනය කරලා මිනීමරු ත්‍රස්තවාදය විනාශ කළා. කිතුණුවන්ට දේවස්ථානය, බොදුනුවන්ට  පන්සල අහිමි කළ  මේ ආණ්ඩුවත් සමඟ මේ රටට අනාගතයක් නැහැ. අන්තවාදය රකින හකීම්ලා, රිෂාඞ්ලා එකතුවෙලා මේ රට විනාශ කරන්න හදනවා.  සහරාන් ඡන්දය දුන්නේ හංසයාටයි. දැන් වෙනත් අතකින් ඇවිත් තියෙනවා. මේ මහ පොළවෙ තවදුරටත් අන්තවාදයට  බිලිපූජා පවත්වන්න ඉඩ දෙන්න බැහැ. ඒක නවත්වන මේ රට රකින නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. හරීන් ප්‍රනාන්දු කීවේ සජිත් එනවා කියලයි. සමහරු හිතුවා සජිත් ආවාම අලි නැගිටීවි කියලා. නමුත් ඇල්පිටියේදි රනිල්ට තිබුණු ඡන්ද ටිකවත් සජිත්ට ලැබුණේ නැහැ. පුතානෝගේ ප්‍රතිශතය නැග්ගේ නැහැ. බැස්සා විතරයි. වීවලට සහතික මිල රුපියල් 50ක් කරනවලු. ඒකට පනතක්  ගේනවලු. ගෙවල් වලට රෑට ඇවිත් බලනවලු. මේ පුතානෝට කවට රජානෝ කියලයි ජනතාව කියන්නේ. රනිල් අණ්ඩපාලයා නිසා පැරදෙන බව දන්න නිසා සජිත් පුතානෝ දැම්මා.සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හා මැලේසියාවේ මහතිර්මොහොමඞ් වගේ ගෝඨා හා මහින්ද මේ රටට සෞභාග්‍යය උදාකරනවා යැයිද ඔහු කීය. හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්වන බින්දු වීරසිංහ, සරත් ද අල්විස් යන මහත්වරුද ජනහමුව ඇමතූහ.මාතර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම හිටපු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසක් සහභාගිවී සිටි අතර මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා පිළිගැනීමේ කතාව කළේය.ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ පිරිසක්ද එහිදී සහභාගි වූහ. 
“රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක දෙමළ, මුස්ලිම් ජනයාට එරෙහි වුණේ නෑ“
0
(අංජුල මහික වීරරත්න, ගල්නෑව සේනක බණ්ඩාර සහ අතුල බංඩාර නෙළුම්පත්ගම ගල්නෑවේ සිට) ”රට වටේ ගොස් බොරුවට අණ බෙර නොගැසුවාට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා සැබෑ ලෙසම කැපවී කටයුතු කරන්නේ යහපාලන ජාතික රජය යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගල්නෑවේදී පැවැසීය.”සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශ්‍රීක කිරීම සඳහාත් මෙරට බෞද්ධයන්ගේ ආරම්භක ස්ථානය වූ මහා විහාරයේ කැණීම් කටයුතු කර සියල්ල සුරක්ෂිත කරලීමත් මේ වනවිට අරඹා තිබෙන්නේ යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ගල්නෑව කලංකුට්ටිය ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණ පුණ්‍යෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.ඉහළ කලංකුට්ටිය - කැනෝලා කන්ට‍්‍රක්ෂන් ඇන්ඞ් ඉංජිනියරින් අධිපති තිලක් පද්මසිරි බණ්ඩාර මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් චෛත්‍යය ඉදිකෙරිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.මේ විහාරස්ථානයේ කොත නිරාවරණය කිරීමේ පින්කමට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. විහාරාධිපති හිමියන් මට ආරාධනාව බාර දුන්නා. විහාරාධිපති දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේකර නාහිමියන් විහාරාධිපතිත්වය දරන මේ පන්සලට පැමිණීමට මට යුතුකමක් තිබෙන බව කල්පනා කළා.චෛත්‍යය ඉදිකිරීම, වෙහෙර විහාරස්ථාන ඉදිකිරීම ආදිය විශාල පින්කම් බව කිව යුතුයි. පිරිසකට වන්දනාමාන කරගැනීමට ඒ තුළින් අවස්ථාව ලැබෙනවා.මීට කලකට ඉහත මේ ප‍්‍රදේශයට එනවිට අද තිබෙන දියුණුව දකින්න ලැබුණේ නැහැ. තිලක් පද්මසිරි මහතාට චෛත්‍යය ඉදිකිරීම පිළිබඳව ස්තූතිවන්ත විය යුතුයි. එතුමා හොඳම ව්‍යාපාරික සම්මාන ගත් දක්ෂ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටිනවා. ඉදිකිරීම් ව්‍යාපාර කරනවා.විහාරාධිකාරි හිමියන් ප‍්‍රදේශයේ ජනතාවට අධ්‍යාපන පහසුකම් දෙමින් අගනා සේවයක් කරනවා. ගල්නෑව වැනි ප‍්‍රදේශවල අවශ්‍යතා හඳුනාගෙන අවශ්‍ය උපකාර කිරීම අපේ අරමුණයි.මේ ප‍්‍රදේශ වර්තමානයේදී විශාල නියඟයකට ලක්වී තිබෙනවා. මේ පළාතට පමණක් නොව මුළු රටටම නියඟය බලපා තිබෙනවා. අපේ වී නිෂ්පාදනයෙන් 50%ක් අඩු වෙනවා යනු ප‍්‍රදේශයේ ජනතාවගේ ආදායමෙන් 50%ක් අඩුවීමයි. වී මෝල් ගණනාවක් වැඩ නැතිව වසා දමන්න වෙනවා.එහි හානිය ගල්නෑවට පමණක් සීමා වන්නේ නැහැ. අනුරාධපුරයට සීමාවන්නේ නැහැ. එය සමස්ත රටේම ආර්ථිකයට බලපානවා. කෙසේ හෝ ආර්ථික සංවර්ධනය ආරක්ෂා කර ඉදිරියට ගෙන යනවා.ගමේ ආර්ථිකය නැංවීමට ආධාර උපකාර කරන්නේ කෙසේදැයි මා සාකච්ඡුා කළා. දුමින්ද දිසානායක ඇමැතිතුමන් සමගත් ඒ ගැන කතා කළා. ජනාධිපති සහ මුදල් ඇමැති සමගත් මා ඒ ගැන සාකච්ඡ කළා. නොයෙක් ක‍්‍රමවලින් අවශ්‍ය මුදල් මා දෙන්නම්.අපේ ගැමි ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. තේ සහ රබර් වගා කරන ප‍්‍රදේශවල කුඩා වතු හිමියන්ටත් නොයෙක් යෝජනා ක‍්‍රම මගින් ආධාර උපකාර කරන්නත් මා සැලසුම් කර තිබෙනවා. ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් ඇමැතිතුමා සමගත් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළා.කාන්තාවන් ග‍්‍රාමීය ආර්ථිකය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. ස්වශක්ති ක‍්‍රමවේදය හරහා වැඩිපුරම ණය ගෙන තිබෙන්නේ කාන්තාවන් බව කිව යුතුයි. ඒ නිසා කාන්තාවන්ට උදව් උපකාර කිරීමට වනිතා කටයුතු ඇමැතිනිය මගින් වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා.මේ ප‍්‍රදේශය තවත් දියුණු කළ යුතු බව නායක හිමියන් පැවසුවා. අප ඒ දේ කරනවා. දැන් මල්වතු ඔය ව්‍යාපාරය ආරම්භ කරනවා. මල්වතු ඔය යනු අප රටේ ඉතිහාසයේ ආරම්භයයි. සිංහල ජාතියේ නිජබිම මල්වතු ඔයයි. ඊට පෙර විවිධ වර්ගයේ කණ්ඩායම් ලංකාවේ ජීවත් වුණා. ආදී වාසීන් විවිධ ගෝත‍්‍ර විජය කුමරු මෙහි එනවිට සිටියා.සිංහල ජාතිය බිහි වුණේ වී වගාව අරඹමිනුයි. මල්වතු ඔය නිම්නයේ සාර්ථක ලෙස වී වගාව කෙරුණා. අනුරාධගම යනුවෙන් ගම්මානය මුලින්ම ඇති කළා.අනුරාධගම පසුව පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර ලෙස මෙරට අගනුවර බවට පත් කළා. ඊට පසුව වසභ රජතුමාගේ සමයේ සිට වැව් ඉදි කරමින් විශාල දියුණුවක් මේ ප‍්‍රදේශයට පැමිණියා.මල්වතු ඔය වනාන්තරය ඉතා වැදගත් වැඩසටහනක් බව කිව යුතුයි. අධිරාජ්‍ය යුගයේ කලා වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වුණා. මහවැලි වනාන්තර මගින් රටටම විශාල දියුණුවක් ඇති වුණා. නමුත් මල්වතු ඔය ව්‍යාපාරය කරගන්න බැරි වුණා.දැන් මල්වතු ඔයට අවශ්‍ය මුදල් සියල්ල තිබෙනවා. වසර තුනක් ඇතුළත එහි කටයුතු අවසන් කිරීම අපේ අරමුණයි.මා මන්නාරමට ගිය විට එහි ජනතාවත් මල්වතු ඔය ව්‍යාපාරය ගැන කතා කළා. මේ ප‍්‍රදේශයටත්, මන්නාරමටත් මෙතුළින් විශාල සෙතක් ලැබෙනවා. සිංහල ජාතිය බිහිවුණේ මෙතැනයි.සිංහල ජාතිය බිහිවීමෙන් පසුව බෞද්ධයන් ලෙස අභිෂේක ලැබුවේ මහා විහාරයේදීයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමත් සමග උන්වහන්සේ වෙනුවෙන් දේවානම්පියතිස්ස රජතුමා මහා විහාරය ආරම්භ කළා. ථෙරවාදී බුදු දහම ආරක්ෂා වුණේ මහා විහාරයෙන් බව කිව යුතුයි.මහා විහාරයේ පුරාවිද්‍යා කටයුතු සාර්ථක අයුරින් කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. දැන් අප මහා විහාරයේ කැණීම් කටයුතු කරනවා. වර්තමානයේ එහි තිබෙන ගොඩනැගිලි වෙනත් ස්ථානයක ස්ථාපිත කර කැණීම් කටයුතු කරනවා. කැණීම් කටයුතු කළ පසුව බෞද්ධයන්ගේ මූලාරම්භ ස්ථානය වී මහා විහාරය පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කිරීමට හැකියි. අනෙක් අංශයෙන් සිංහල ජනතාවගේ නිජබිම වන මල්වතු ඔය සංවර්ධන කටයුතු කරනවා.සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශී‍්‍රක කිරීම සඳහාත්, බෞද්ධයන්ගේ ආරම්භක ස්ථානය වූ මහා විහාරයේ කැණීම් කටයුතු කර ආරක්ෂා කිරීමටත් මා ක‍්‍රියා කරනවා.මේ වැඩකටයුතු ගැන ඇතැමුන් කතා කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම මේ වැඩ කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් බව සඳහන් කළ යුතුයි. අප රට වටේ ගිහින් මේ ගැන අණ බෙර ගහන්නේ නැහැ. නමුත් වැඩ කරගෙන යනවා. අප ලංකාවේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමෙන් පමණක් නතර වන්නේ නැහැ.ලූම්බිණිය සහ කපිලවස්තුපුර කැණීම් කටයුතු මේ වනවිට කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේත් ඒ වැඩ කරන මහාචාර්ය රොබින් කනින්හැම් මැතිතුමා විසින් ලූම්බිණියේ මායාවතී විහාරස්ථානය හඳුනාගෙන තිබෙනවා. එහි කැණීම් කටයුතු සඳහා නේපාල රජයට ජපානයත් ආධාර කරනවා.ශ්‍රී ලංකාවෙනුත් ඔවුන් සහාය ඉල්ලා තිබෙනවා. ඒ නිසා ජනපති සහ මා සාකච්ඡුා කර කැණීම් කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය දීමට තීරණය කළා.කැණීම් කටයුතු සඳහා පළමු අදියර වශයෙන් 2018-2019 වසර වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් ශ්‍රී ලංකාව දෙනවා. ලූම්බිණියේ සහ කපිලවස්තුපුර වැඩ කටයුතු විය යුත්තේ කෙසේදැයි ඒ අය තීරණය කරාවි. කපිලවස්තු පුරයට යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීම ගැනීමට දැන් ක‍්‍රියා කරගෙන යනවා.මෙවැනි වැඩ කටයුත්තක් කළේ පළමු වතාවටයි. මීට පෙර මේ අයුරින් ඩොලර් මිලියනයක මුදලක් දීමට ශක්තිය තිබුණාද? මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ශක්තිය ලැබුණේ රටට වූ විශාල අලාභ නතර කරගත් නිසයි.හම්බන්තොට වරාය වෙනුවෙන් රුපියල් බිලියන 46ක මුදලක් වියදම් කළා. අප ඒ වියදම නතර කළා. අපට දැන් වරාය වෙනුවෙන් ඩොලර් මිලියන 1100ක මුදලක් ලැබෙනවා. දැන් අප බුදුන් වහන්සේගේ නිජබිම වෙනුවෙන් වියදම් කරන්නේ ඒ ඩොලර් මිලියන 1100ක මුදලින් ඩොලර් මිලියනයක් පමණයි.ඒ මුදල වෙන් කිරීමට හැකි වූයේ රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත් නිසයි. දැන් මේ ව්‍යාපෘති වෙනුවෙන් ජනතාව නිකරුණේ බදු ගෙවිය යුතු නැහැ. එලෙස ලැබුණු මුදලින් කොටසක් ලූම්බිනිය සහ කපිලවස්තු පුරයට පූජා කළා. මින් ඉදිරියට රටේ සංවර්ධනය ඇති වූ විට අපට තවත් මුදල් වෙන් කිරීමට හැකි වේවි.අද ඒ සිද්ධස්ථානවලට ඔබ වන්දනාවේ යනවා. එහි සංරක්ෂණ කටයුතු සඳහා අපත් දායක වුණා යැයි ආඩම්බර වීමට ඔබටද හැකියාව තිබෙනවා.සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යා යුතුයි. අලූත් කෘෂි භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අනාගතයේ ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිතව දියුණු වූ පසු එහි වාසියද මේ ප‍්‍රදේශවලට ලැබෙනවා යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණි සාම ග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියෝ  වර්තමානයේදී හරිහම්බ කරගත් ධනය ආගමික කටයුතු සඳහා යොදවන පින්වතුන් විශාල වශයෙන් සිටිනවා. ඒ ගැන අප පින් අනුමෝදන් කරනවා. මේ විහාරස්ථානය ලබා ඇති දියුණුව ගැන අප ඉතාමත් සතුටට පත් වෙනවා.විහාරාධිපති කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණ ප‍්‍රධාන සංඝනායක දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමියෝ මෙසේ පැවැසූහ.විහාරස්ථානය සඳහා අවශ්‍ය මූලික අංග තුනක් තිබෙනවා. ඒ සියලූ අංගවලින් දැන් මේ විහාරස්ථානයත් සම්පූර්ණ වෙමින් තිබෙනවා. අගමැතිතුමාගේ පැමිණීම අපේ කටයුතු සඳහා ධෛර්යයක් සැපයූ බව කිව යුතුයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා: අපේ ගම් පළාතේ චෛත්‍යයක් විවෘත වනු දැකීම අපට අභිමානයක් වෙනවා. අද මේ ගමේ සැමට එක සිතින් සතුටු විය හැකියි. කිසිදු බේදයකින් තොරව ජනතාව විහාරස්ථානය වටා ඒකරාශී වී සිටිනවා. විය යුත්තේ එයයි.අගමැතිතුමා මෙහි පැමිණ පිංකම වෙනුවෙන් රාජ්‍ය අනුග‍්‍රහය දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙහෙර විහාරස්ථාන ගොඩනැංවීම වෙනුවෙන් එක සිතින් අත්වැල් බැඳ සිටින බව කිව යුතුයි.විහාරාධිකාරි මහියංගණයේ පඤ්ඤානන්ද හිමියෝ පිළිගැනීමේ කතාව කළහ.පුණ්‍යෙත්සවය සඳහා මහා සංඝරත්නය ද ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන්, කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි
1
(අංජුල මහික වීරරත්න)‘‘එක් පැත්තකින් ආගම් අතර සංහිඳියාව ඇති කරන අතරම අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තව තවත් ආරක්ෂාකර දියුණුවට පත්කිරීම යහපාලන රජයේ ප‍්‍රතිපත්තිය බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.‘‘ආදායම් මාර්ග නොමැති ඈත ගම්දනව්වල විහාරස්ථාන හඳුනාගෙන අතීත ශ්‍රී විභූතිය රැුකෙන පරිදි සංරක්ෂණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යොදවන බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ථෙරවාදී බුදු දහම ආරක්ෂා කර ලෝකයට දුන් ශ්‍රී ලංකාවේ තව බොහෝ කලක් බුදු දහම සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය වන සෑම ක‍්‍රියා මාර්ගයක්ම ගන්නේ යයිද?” අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.මෙහි පළමු අදියර යටතේ වෙහෙර විහාරස්ථාන 150ක් සංරක්ෂණය සඳහා ආධාරදීම සිදු කෙරිණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.‘‘පුරාණ විහාරස්ථානත්, රජමහා විහාරස්ථානත් සිංහල බෞද්ධ උරුමයේ වැදගත් ස්ථාන බව සඳහන් කළ යුතුයි. අපේ උරුමය ඒ හා සම්බන්ධයි. අපේ උරුමය ලියනවා නම් ලංකාවේ ඉතිහාසය ලියනවා නම් ලංකාවේ සංස්කෘතිය ගැන ලියනවා නම් මේ කරුණු සඳහන් නොකර ඉන්න හැකියාවක් නැහැ.පුරාණ විහාරස්ථාන යනු අතීතයේදී ප‍්‍රදේශයේ ජනතාව සඳහා ඇති කළ ප‍්‍රධාන විහාරස්ථාන බව කිව යුතුයි. සෑම ගමකම, සෑම ප‍්‍රදේශයකම විහාරස්ථාන තිබුණා. අනුරාධපුර යුගයේ සිට මහනුවර, කෝට්ටේ යුගය වනතෙක් ගම්මානවල ආරම්භ කෙරුණු ප‍්‍රධාන විහාරස්ථාන තිබෙනවා.අද මෙරට ජනගහනය මිලියන 22ක් වුවත් අතීත යුගයේදී ලක්ෂ 22ක ජනගහනයක්වත් සිටියා යයි මා සිතන්නේ නැහැ. එකල ආරම්භ කෙරුණු විහාරස්ථාන මෙරට ජනගහනය වැඩිවීමත් සමඟ තවත් සංඛ්‍යාවෙන් වර්ධනය වුණා. වැඩිපුරම විහාරස්ථාන ඉදි කෙරුණේ පසුගිය වසර 50 ඇතුළතයි. මේ විහාරස්ථාන සම්බන්ධව ප‍්‍රදේශයට අදාළව විවිධ කතා තිබෙනවා. ඒ කතා ඇතැම්විට එක් කාලයකට  අයත් වෙනවා. රජවරුන්ගේ අනුග‍්‍රහය මත දියුණුවූ විහාරස්ථාන ද තිබෙනවා.මධ්‍යම සංස්කෘතික අරමුදල මුල්කරගෙන කටයුතු කරන්නේ මේ උරුමය ආරක්ෂාකර ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශාල උත්සායක් ගන්නවා. අපගේ පුරාවිද්‍යා උරුමය, රටේ සංස්කෘතිය ආරක්ෂාකර ගැනීම සඳහා ක‍්‍රියාත්මක විය යුතුයි.මෙලෙස අප ආධාර උපකාර කරන විහාරස්ථාන ගණනාවකට වෙනත් ආදායම් මාර්ග නැහැ. එසේ නම් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පවතින මුදල් ඒ විහාරස්ථාන ආරක්ෂා කිරීම වෙනුවෙන් යොදවනවා.අප ආධාර දෙන විහාරස්ථාන පිළිබඳව වැදගත් ග‍්‍රන්ථයක් කියවීමට මට අවස්ථාව ලැබුණා. ඒ විහාරස්ථානවල අවශ්‍ය සංරක්ෂණ කටයුතු කිරීමට මුදල් නැහැ. ඒ මුදල්දීම අපේ යුතුකමයි. අතීත විහාරස්ථාන ආරක්ෂා කර ගත යුතුයි. ඒ වෙනුවෙන් කැපවී සිටින අකිල විරාජ් කාරියවසම් මහතාටත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්ටත් නිලධාරී මහත්වරුන්ටත් ප‍්‍රශංසා කළ යුතුයි.රටේ උරුමය ආරක්ෂා කරනවා නම් පුරා විද්‍යා සහ සංස්කෘතික අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි. මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කළ මහාචාර්ය රෝලන්ඞ් ද සිල්වා මහතාත්, හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ශිරාන් දැරණියගල මහතාත් මෙහි සිටීම සතුටක්. අතීතයේ සිට විද්වතුන් සමඟ කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත්, ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමාත් අපේ ඉතිහාස මතුකර ගැනීමට උනන්දුවෙන් කටයුතු කළා.අප රජය බදුදහටම ප‍්‍රමුඛස්ථානය දෙන අතර, සෑම ආගමක්ම ආරක්ෂා කිරීමට ක‍්‍රියා කරනවා. ඒ නිසා ජෝන් අමරතුංග, ඞී.එම්. ස්වාමිනාදන් ඇමැතිවරුන් මේ අවස්ථාවට පැමිණීම පිළිබඳව මා විශේෂයෙන් සතුටට පත්වෙනවා. එස්.බී. නාවින්න සංස්කෘතික ඇමැතිතුමාත් එක් කරගෙන ඉතා සුහදව මේ කටයුතු ඉදිරියට ගෙන යනවා. සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වෙනවා.බුදුන් වහන්සේගේ ධර්මය අනුව සෑම ධර්මයකටම ගරු කරන්නැයි අශෝක අධිරාජයා සෙල් ලිපිවල සඳහන් කළා. ඒ අනුව අපට ආඩම්බරයෙන් මේ පිළිබඳව සඳහන් කිරීමට හැකියාව තිබෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුව බිහි කළේ මේ වැඩකටයුතු ඉදිරියට ගෙනයාම සඳහායි. එක් අතකින් ආගම් අතර සංහිඳියාව ඇති කරනවා. අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තවත් ආරක්ෂාකර දියුණුවට පත් කරනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් විශාල උන්නදුවකින් කටයුතු කරනවා. එමෙන්ම අමාත්‍යවරුන්, මන්ත‍්‍රීවරුන් උනන්දු වෙනවා. මේ වැඩ කටයුත්ත අපේ යුතුකම ලෙස සලකා ඉටු කරමින් ඉදිරියට යාම අරමුණයි.වර්තමානය වන විට ශ්‍රී ලංකාවට විශේෂිත තැනක් හිමිවී තිබෙනවා. ථෙරවාදී බුදු දහම ආරක්ෂා කළේ ශ්‍රී ලංකාවයි. එලෙස ආරක්ෂා කර ගත් බුදු දහම අග්නිදිග ආසියාවට පතුරුවා හැරීමට අපට හැකියාව ලැබුණා. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලා ඕසය, දකුණු වියට්නාමය ආදී රටවලට බුදු දහම ව්‍යාප්ත කිරීමට හැකි වුණා. බුදු දහම ශ්‍රී ලංකාවේ ආරක්ෂා නොවුණා නම් ඒ රටවලට වන්නේ කුමක්ද? අද ඒ ප‍්‍රශ්නය විමසිය යුතුයි.ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා රජය වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක කරනවා. සංස්කෘතික අමාත්‍යංශය ඒ ආකාරයෙන්ම වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. අපේ අවධානය යොමු වූ විශේෂ කාරණා ගැන මා සඳහන් කරන්නම්. එවැනි ක‍්‍රියා මීට පෙර වූයේ නැහැ. මෙරට පුරාණ රජ මහා විහාරස්ථාන ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ වැඩසටහන පළමු වැන්නයි. එහි පළමු අදියර යටතේ විහාරස්ථාන 150ක් සංරක්ෂණය කිරීම සඳහා ආධාර දෙනවා. ඒ වැඩ කටයුත්ත මෙතැනින් අවසන් වන්නේ නැහැ. තවත් ඉදිරියට ගමන් කරනවා. ක‍්‍රමානුකූලව ඉතිහාසයේ කොටසක් වන විහාරස්ථාන ආරක්ෂා කර ගත යුතුයි.ඈත ගම්මානවල තිබෙන විහාරස්ථානවල විවිධ උත්සව සඳහා මා ගොස් තිබෙනවා. ඒවායේ පවතින දුෂ්කරතා පිළිබඳ හිතාගන්නවත් බැහැ. ඒවාට ආධාර කළේ නැති නම් ඉදිරියට පවත්වා ගෙන යාමට හැකියාව නැහැ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එදා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන් යටතේ බෞද්ධ පුනරුත්ථාපන වැඩපිළිවෙළ ඇති කළ අවස්ථාවේදීත් බොහෝ අය මුදලින් ඊට උපකාර කළා. කැලණිය විහාරස්ථානය පිළිබඳව මා දන්නවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එලෙස ආධාර උපකාර නොකළා නම් අද ඒ විහාරස්ථාන නැහැ. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු රජය ඒ සඳහා කැපවී සිටිනවා.දෙවැනි කාරණය නම් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව සඳහා රන් වියන ලබා දුන්නා. එල්.ටී.ටී.ඊ. බෝම්බයෙන් පසුව රන්වියන අලූත්වැඩිය කිරීම සඳහා එදා මා උපකාර කළා. නැවත වරක් රන් වියන අලූත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන සම්පූර්ණ මුදල රජය විසින් භාර ගත්තා. මෙරට බෞද්ධයන් පමණක් නොව වෙනත් රටවල බෞද්ධයන් ද ථෙරවාද, මහායාන, වජ‍්‍රයාන ආදී සම්ප‍්‍රදායන්හි බෞද්ධයන් ද ශ්‍රී දළදා මාලිගාවට පැමිණ වැඳුම් පිදුම් කරනවා. වෙනත් ආගම්වල පුද්ගලයන් ද පැමිණෙනවා. එසේ නම් දන්ත ධාතූන් වහන්සේ අපේ උපරිම ශක්තිය යොදවා ආරක්ෂා කර ගත යුතුයි. දෙවැනි කටයුත්ත ලෙස මා ඒ කාර්යය ඉටු කරනවා.ආර්ථික ප‍්‍රශ්න පැවැතිය හැකියි. නමුත් වාර්තමානය වන විට ආර්ථිකය සම්බන්ධව යම් පාලනයක් ඇති කර තිබෙන නිසා රට සංවර්ධනය කරන අතරතුර එයින් කොටසක් මේ වැඩ කටයුතු සඳහා ද යෙදවිය යුතුයි.මෙරට බුදු දහම ආරක්ෂා වී අග්නි දිග ආසියාව දක්වා ගමන් කළේ මහා විහාරයෙනුයි. ඒ නිසා මහා විහාරයේ සංරක්ෂණ කටයුතු කළ යුතුව තිබෙනවා. මෙතෙක් කල් මහා විහාරයේ කැණීම් කටයුතු වූයේ නැහැ. මා 2002x2003 වසරවල අග‍්‍රාමාත්‍යවරයාව සිටියදී එහි කැණීම් ඇරැඹූ පසු නැවත කිසිදු වැඩකටයුත්තක් වී නැහැ.ඒ නිසා මහා විහාරයේ කැණීම් ඇරැුඹීමට මා විශේෂයෙන්ම කල්පනා කළා.වර්තමානයේ ඉස්ලාම් භක්තිකයන් මක්කම බලා යනවා. කතෝලික බැතිමතුන් වතිකානුවට යනවා. එමෙන්ම කි‍්‍රස්තුස් වහන්සේ උපන් ස්ථානය දැක ගැනීමට ජෙරුසලමට යනවා. ඒ ආකාරයට අපත් ථේරවාදී බුදු දහම ආරක්ෂා වූ මහා විහාරය සොයාගත යුතුයි. සීගිරියේ කැණීම් කටයුතු නම් අප විසින් ආරම්භ කර තිබෙනවා. මහා විහාරයේ වැඩ කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටත්, මධ්‍යම සංස්කෘතික අරමුදලටත් භාර දුන්නා. නායක ස්වාමීන් වහන්සේ තම සංඝාවාසය එතැනින් ඉවත් කර කැණීම් සඳහා ඉඩ දුන්නා. උන්වහන්සේලාට වැඩ විසීමට වෙනත් ස්ථානයක් දෙනවා.ථේරවාදී බුදු දහමේ ආරම්භක ස්ථානය වන මහා විහාරයේ වැඩ ඊළඟ වසර 10 ඇතුළතදී ඉටු කරනවා. එවිට අපට අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බර විය හැකියි. අප මෙතැනින් නතර කර නැහැ. බුදුන් වහන්සේ උපත ලැබූ මෙන්ම ජීවත් වූ ලූම්බිණිය, කපිලවස්තුපුරය ප‍්‍රදේශවල සංරක්ෂණ කටයුතු සඳහා ආධාර උපකාර කරනවා.නේපාලයට උදව් උපකාර කළේ ජපානයෙන් පමණයි. ජපාන ආධාරවලට අනුව අපත් ආධාර දීමට තීරණය කළා. 2018 හා 2019 වර්ෂ වෙනුවෙන් ඩොලර් දසලක්‍ෂයක් හෙවත් රුපියල් කෝටි 15ක් ඒ වෙනුවෙන් දෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලත් ඒ වෙනුවෙන් දායක වෙනවා. බුදුන් වහන්සේ උපත ලැබූ, ජීවත් වූ කපිල වස්තු පුරය, ලූම්බිණිය සංරක්ෂණය කරනවා යනු අපේ බෞද්ධ ප‍්‍රබෝදයක් ඇති වන කටයුත්තයි. බුදු දහම ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා නම් ඒ වැඩ කටයුතු කළ යුතුයි. බුදු දහම ආරක්ෂා කරන බව කියමින් බෙර ගැසීමෙන් පමණක් පලක් වන්නේ නැහැ. නේපාල රජය සමඟ සාකච්ඡා කර මුදල් දීමට අප තීරණය කළා.2015 වසරේ නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් විහාරස්ථාන ගණනාවක් විනාශයට පත් වුණා. ඉන් එක් විහාරස්ථානයක් සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා අප කැපවී සිටිනවා. බෞද්ධ වැඩසටහන් සඳහා රජය නව අදහස් දෙනවා. පුරාණ විහාර සහ මහාවිහාර සංරක්ෂණය ද එවැන්නක් බව කිව යුතුයි. ශ්‍රී දළදා මාලිගාවේ රන්වියන අලූත්වැඩියා කිරීම මෙන්ම මහා විහාරයේ සංරක්ෂණ කටයුතු, කපිල වස්තු, ලූම්බිණිය සංරක්ෂණය සඳහා ආධාර උපකාර කිරීම තුළින් බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට පියවර ගන්නවා යයි’’ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නාහිමියෝ:”අද අරඹන්නේ ඉතා වැදගත් පරිත්‍යාගයයි. කහ සිවුරු නැතිනම් සසුන රැක ගන්න බැහැ. ඒ බව අතීත රජවරුන් නම් ඉතා හොඳින් තේරුම් ගෙන තිබුණා. අගමැතිතුමාගේ මිත්තනිය වන හෙලේනා විජයවර්ධන මැතිනිය වෙහෙර විහාර ආරක්ෂා කිරීම සඳහා මූලික වී ක‍්‍රියා කළා. අන්තවාදී අදහස් ඇති අය ලොව සෑම රටකම ඉන්නවා. අපේ බාල පරපුරට යහපත් මඟ පෙන්වා දෙමින් කටුයතු කළ යුතුයි.රටේ කුඩා දරුවන්ගේ සිට යහ මඟට ගැනීමේ වගකීම පැවරී තිබුනේ භික්ෂූන් වහන්සේලාටයි. අගමැතිතුමාගේ පාර්ලිමේන්තු දේශපාලනයට 40 වසරක් පිරෙන අවස්ථාවේ වෙහෙර විහාරස්ථාන දියුණු කිරීම ගැන අප කෘතඥතාව පළ කරනවා.’’අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:කිසිදු ආධාර උපකාර නොලැබෙන විහාරස්ථාන තිබෙනවා. අප රටේ විහාරස්ථාන 13,000කට වඩා තිබෙනවා. විදේශිකයන්ට දෙන පුරා විද්‍යා ටිකට්පත් මඟින් ලැබෙන ආදායමින් මේ උපකාරය කරනවා. විහාර 13,000න් සංරක්ෂණය කළ යුතු සියලූම විහාර රැකීම අපේ අරමුණයි.පසුගිය දිනවල මේ අරමුදල ගැන දේශපාලන කතා පැතිරී ගියා. පිං පෙට්ටිවලට රජය අත තබන බව කියමින් ඇතැමුන් විවිධ කට කතා ගෙන ගියා. එය අලූත් දෙයක් නොවෙයි. මුදල් ගණනය කර නැවත විහාරස්ථානවලට බාරදීම සිරිතක් වශයෙන් කෙරෙනවා. බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය කිරීමට අප කැපවී ක‍්‍රියා කරනවා.දඹුල්ල සිද්ධිය දැන් විසඳෙමින් තිබෙනවා. දඹුල්ලේ ආදායමෙන් 15% විහාරයට දෙන්නත් ඉතිරි 85% වෙහෙර විහාරස්ථානවලට පැවරීමටත් අප ගිවිසුම අත්සන් කළා. ඒ කටුයතු කරන්නේ මහා නායක හිමිවරුන්ගේ අනුදැනුම ඇතිවයි.ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුනේ සුමංගල නාහිමියෝ:‘‘ආණ්ඩුව පාතබා ඇත්තේ උත්තරීතර අවස්ථාවකටයි. අතීතයේ සිටි රජ දරුවන් බුදු දහම සුරැකි ආකාරය පිළිබඳව වංශ කතාවල සඳහන්ව තිබෙනවා. දළදා වහන්සේගේ රන් වියන නැවත සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අගමැතිතුමන් විසින් බාරගත්තා. ඞී.එස් සේනානායක මහතා ඇරඹූ ගොවි ජනපද ව්‍යාපෘතිය නිසා කැලෑවෙන් වැසුණු පුරාණ වෙහෙර විහාරස්ථාන රැසක් යළි මතු කර ගැනීමට හැකියාව ලැබුණා. සෝමාවතී විහාරය වත්මන් තත්ත්වයට පත් කිරීමේ පුරෝගාමියා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළ යුතුයි. අගමැතිතුමන් කරන මෙහෙවර නිසා රටට ශාසනයට වන මෙහෙවර පිළිබඳව තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් මා සමඟ සිහිපත් කළා.’’මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිය ශාන්ත ගුණවර්ධන මහතා ද අදහස් දැක්වීය.මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද සහභාගී වූහ.
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි
0
(අංජුල මහික වීරරත්න, අනුරාධපුර රෝහණ චන්ද්‍රදාස සහ අතුල බණ්ඩාර)බුදු දහමට ප්‍රමුඛස්ථානය දී ආරක්ෂා කරන බවට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් වන නමුත් මීට වසර පහ හයකට පෙර එම ආරක්ෂාව බුදු දහමට ලැබුණේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී සෙනසුරාදා (8) පැවැසීය.ලෝකයේ සෙසු ආගමිකයන් තම ආගමික කේන්ද්‍රස්ථාන දිවි හිමියෙන් ආරක්ෂා කරද්දී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරය ආරක්ෂා කිරීමටවත් කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ රුවන්වැලි මහා සෑ වැලි මළුවේ ප්‍රතිසංස්කරණ නිමවා පූජා කිරීම නිමිත්තෙන් පැවැති පුණ්‍යොත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුවන්වැලිසෑ වැලි මළුවේ රන් තෙළඹු ගසක්ද රෝපණය කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා, රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණය කරන ලද වැලිමලුව යළිත් සැදැහැවතුන් වෙනුවෙන් ලබාදුන්නා. මේ වැලිමලුව මට විවෘත කරන්න බැහැ. ඒ දුටුගැමුණු රජතුමා මුලින් විවෘත කර ඇති නිසා.මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය මැදිහත් වුණා. ඊට පෙර 19 වැනි ශත වර්ෂයේ බෞද්ධයන්ගේ පෞද්ගලික මුදලින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවුණා. මුදල් ඉපැයූ හැම කෙනෙක්ම මේ පින්කම් සඳහා කොටසක් ලබාදුන්නා. අපේ මිත්තනියත් ඊට ආධාර කළා. මේ කටයුතු බාරගත්තේ ඩී.එස්. සේනානායක, ඩී.බී. ජයතිලක මැතිතුමන්ලාගේ කාලයේදීයි.එදා පළාත් පාලන ඇමැතිවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඒ කටයුතු බාරගත්තා. ඉන්පසුව ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ කටයුතු කළා. අප ඉදිරියට ගෙනයන්නේ ඒ සිරිතයි.රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු දැන් අප අවසන් කරමින් සිටිනවා. දුටුගැමුණු රජතුමා මෙහි එනවිට මහා විහාරය තිබුණා. තමන්ට එදා සහයෝගය දුන් මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා උදෙසා දුටුගැමුණු රජතුමා මහා සෑය ඉදිකළා. ථෙරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූයේ මහා විහාරයයි. මහා විහාරයේ ත්‍රිපිටකයට විවිධ රටවලින් ඉල්ලීම් ලැබුණා. අග්නිදිග ආසියාව, බුරුමය ආදී රටවලින් ඉල්ලීම් ලැබුණා. අග්නිදිග ආසියාවේ පැරණිම භික්ෂුන් වහන්සේලා අරගෙන දිඹුලාගල සිට තායිලන්තය, ලාඕසය, කාම්බෝජය, වියට්නාමයට ගියේ මහා විහාර සිරිතේ භික්ෂුන් වහන්සේලා බව කිව යුතුයි.ලෝකයේ යුදෙව්වන්ට වඩා ථෙරවාද බෞද්ධයන් ඉන්නවා. යුදෙව්වන් තමන්ගේ විලාප තාප්පය යළි ප්‍රතිසංස්කරණය කොට ආරක්ෂා කරනවා. සික් ජාතිකයන් බෞද්ධයන්ට වඩා අඩුයි. ඔවුන් රත්තරන් දේවස්ථානය ආරක්ෂා කරගන්නවා. මුස්ලිම් ජනතාව මහමද්තුමන්ගේ සොහොන ආරක්ෂා කරනවා. එහෙත් බෞද්ධයන් හැටියට අපේ කේන්ද්‍රස්ථානයට කරලා තියෙන්නේ කුමක්ද? අපි මුකුත් කරලා නැහැ. බුදු දහම ගැන හැම කෙනෙක්ම කතා කරනවා. නමුත් බෞද්ධ කේන්ද්‍රස්ථානය ආරක්ෂා කරලා නැහැ. මහා විහාරය ප්‍රතිසංස්කරණය කළ යුතු බව 2003 වසරේදී අප කිව්වේ ඒ නිසයි. අප නව සංඝාවාසයක් ලබාදෙන්නම් යැයි කිව්වේ ඒ නිසයි.මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබුණත් ප්‍රගතිය ප්‍රමාණවත් නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල පුරාවිද්‍යා ප්‍රධානීන්, මහාචාර්ය කනින්හැම් ඇතුළු ප්‍රවීණයන්ගෙන් යුතු කමිටුවක් පත් කර දිගුකාලීන සැලැස්මක් දෙන ලෙස අධ්‍යාපන ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටියා. හැම වසරකම යම් මුදලක් වෙන්කර මෙම කැණීම් කටයුතු සිදුකළ යුතුයි. ඉතා ඉක්මනින් අදාළ සැලසුම මට ලබාදෙන්න. අප එතැන් සිට වැඩකටයුතු කරන්නම්. එමෙන්ම ලෝකය සමග එක්ව ථෙරවාදී බෞද්ධ ත්‍රිකෝණයක් නම් කරන ලෙස මා අධ්‍යාපන ඇමැතිතුමාට දැනුම් දුන්නා. ඒ සඳහා විදේශ ඇමැති තුමාගේද සහය ලබාගත හැකියි.මියන්මාරය, තායිලන්තය සහ අපගේ අනුරාධපුරය එක්කරමින් එම ථෙරවාදී ත්‍රිකෝණය හදන්නැයි මා උපදෙස් දුන්නා.දැන් මේ වැඩකටයුතු සඳහා අමාත්‍යවරුන් කැපවිය යුතුයි. තානාපතිවරුන්ට කතා කොට එම රටවල්වලට ගොස් කටයුතු කළ හැකියි. අවශ්‍ය නම් මට තායිලන්ත අගමැතිතුමාටත් අවුන්සාන් සුකී මියන්මාර් අගමැති තුමියටත් ලිපි ලබාදිය හැකියි. එසේ නම් අපි එම වැඩකටයුතු කරනවා. එම බෞද්ධ ස්ථාන සම්බන්ධ කරගෙන අප වැඩකටයුතු කළ යුතුයි.මහා විහාරයට විශාලතම හානිය වුණේ සොලීන්ගෙන් නොවේ. විශාලතම හානිය වුණේ වෛතුල්‍යවාදීන්ගෙන් බව කිව යුතුයි. පළමුවෙන්ම අභයගිරියෙන්. ඉන්පසුව ජේතවනාරාමයෙන් fවෛතුල්‍යවාදීන් කටයුතු සිදුකළා. ජේතවනාරාමයෙන් කොපමණ හිරිහැර කළාද කිව්වොත් මහා විහාරය කඩා දැමුවා. ස්වාමීන් වහන්සේලා ඝාතනය කළා. අවසානයේ ජනතාවට මෙය එපා වුණා. මහසෙන් කියන්නේ ශ්‍රේෂ්ඨ රජකෙනකු වුණත් ඔහුට විරුද්ධව ජනතාව කැරලි ගැහුවා.එසේ කැරළි ගසා ජනතාව එක්ව සෝණ ඇමැතිවරයා මරා දැමුවා. රජතුමා පැනලා ගියා. හමුදාපති රජුට විරුද්ධ වුණා. අවසානයේ රජුම පැමිණ මහා විහාරයේ සංඝයා වහන්සේලාගෙන් සමාව ඉල්ලා නැවත රට පාලනය කරනවිට ඒ ශ්‍රේෂ්ඨ රජුගේ බලයත් ක්‍රමයෙන් අඩුවී ගියා.අනුරාධපුර අවසානයේ දිඹුලාගලටත් පසුව තෙත් කලාපයටත් පැමිණ අන්තිමට මහනුවරටත් පැමිණියා. ඒ වනවිට උපසම්පදා භික්ෂුන් නොමැතිවීම නිසා තායිලන්තයට යන්නට සිදුවුණා. තායිලන්තයට ගියවිට උපාලි ස්වාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායමක් උපසම්පදා ලබාදීමෙන් වැලිවිට සරණංකර සංඝරාජ වහන්සේ නැවත ශාසනය ආරම්භ කළා. ඒ අනුව මල්වත්ත අස්ගිරිය යනුවෙන් පාර්ශ්ව දෙකක් ආරම්භ කළා. අස්ගිරිය වනවාසී පාර්ශ්වයක් වශයෙන් පැවතුණා. උන්වහන්සේලාට වනාන්තරගතව භාවනා කිරීමට අවශ්‍ය වුණා. බෞද්ධ ප්‍රබෝධය ඇරඹුණේ එලෙසයි. ඊට පසුව අමරපුර සහ රාමඤ්ඤ නිකායන් පිහිටවනු ලැබුවා. ඉන්පසුව අපගේ දානපතියන් සැදැහැවතුන් එක්ව බුදු සමයේ විශාල දියුණුවක් ඇතිකළා. එයට බි්‍රතාන්‍යයේ සහයෝගයත් ලැබුණා.මේ නිකාය තුන රැකගෙන එම පාර්ශ්ව රැකගෙන ඉදිරියට ගමන් කළා. ඒ සමගම ලංකාවට නිදහස ලැබුණා.නිදහස ලැබීමෙන් පසුව 1972 ව්‍යස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන බවට සඳහන් කළා. ඒ වගන්තිය 1978 ව්‍යවස්ථාවේත් සඳහන් වෙනවා.බුදු දහමට ප්‍රමුඛස්ථානය දුන්නාට බෞද්ධයින් රට පාලනය කළාට එම ආරක්ෂාව වසර පහ හයකට පෙර ලැබුණේ නැහැ.තම විරුද්ධවාදියකුට දළදා මාලිගාවේ පූජාවක් කරන්නට ඉඩදුන් නිසා මල්වත්ත පාර්ශ්වය කඩා අලුත් පාර්ශ්වයක් හදන බවට මල්වතු මහානාහිමියන්ට තර්ජනය කළා. එදා සවස මල්වතු විහාරයේ පැවැති සාකච්ඡාව ගැන මා කිවයුතු නැහැ. මල්වතු පාර්ශ්වය කඩන බව කිව්වා. අලුත් නිකායක් හදන බව කිව්වා. මහසෙන් රජ්ජුරුවො වගේ කටයුතු කළා. ඒ විතරක් නොවේ. මේ පූජා භූමියේ දැන් තිබෙන්නේ අටමස්ථානයයි. අපට ඇති ප්‍රධාන එකම සෑය වන්නේ රුවන්වැලි මහා සෑයයි.ජේතවනාරාමය සහ අභයගිරිය මේ තත්ත්වයට ගේන්න එපා. පුරා විද්‍යාත්මක වටිනාකම අනුව එම සිද්ධස්ථානත් සංරක්ෂණය කරමු යැයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පැවැසුවා. විශාල සෑය තුනක් ඒ අනුව තියෙනවා. වන්දනාමාන කරන්නේ මෙම මහා සෑයටයි.අටමස්ථානාධිපති හිමියන්ටත් නොකියා කළේ කුමක්ද? රුවන්වැලි සෑයටත් වඩා උස තවත් මහා සෑයක් ඉදිකරන්න හැදුවා. රුවන්වැලිසෑයට වඩා උස සෑයක් හදන්න ලංකාවේ කොහේවත් බැහැ. ඒ සෑය හදලා ඊළඟට කරන්න හිටියේ කුමක්ද? මල්වත්ත නිකාය කඩා හදන්නට සිටි පාර්ශ්වය එතැනට ගෙන ඒමයි.මේ අලුත් සෑයත් අභයගිරිය, ජේතවනාරාමය වගේ සංරක්ෂණය කරාවි. ලංකාවේ උසම ස්ථූපය මේක තමයි කියමින් බොහෝ අය සාදු කියමින් ඒ ස්ථූපයට වන්දනා කරාවි. මේ වගේ දේවල් ඉතිහාසයේ කරන්න බැහැ. අන්තිමට වුණේ මොකක්ද? මහසෙන් රජතුමාට වුණා වගේ සිද්ධියක් වුණා. අන්තිමට බලය නැතිව ගියා. මහසෙන් රජතුමා අඩුගානේ කරදර දැකලා එතැනින් ප්‍රශ්නය අවසන් කරගත්තා. සංඝයාවහන්සේලා මුණ ගැසුණා.දැන් ඒ වැඩ කටයුත්ත නතර කර තිබෙනවා. දැන් මහසෙන් රජු කළ දේ කළ යුතුයි. එසේ නම් අපේ මල්වත්තේ මහා නාහිමියන් මුණගැසී බැගෑපත්ව බිම වැතිරිලා ඊට පසුව ඉරටු තියන ඉදලක් ගෙන මාසයක් උදේ සවස මල්වතු විහාර භුමිය ශුද්ධ කළ යුතුයි. ඒක  පුණ්‍ය ක්‍රියාවක්. ඊට පසුව අටමස්ථානයේ නාහිමිට ඒ ආකාරයටම වැඳලා මාසයක් උදේ සවස ශ්‍රී මහා බෝධිය වටා ශුද්ධ පවිත්‍ර කළ යුතුයි. ඊට පසුව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන්ට වැඳ මාසයක් උදේ සවස රුවන්වැලිසෑය ශුද්ධ පවිත්‍ර කළ යුතුයි. එතකොට නම් සමාව දෙන්න පුළුවන්.අලුත් සෑයත් අටමස්ථානයට බාරදෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවීමෙන් පසු අපි පැමිණ සංඝයා වහන්සේට දැනුම් දුන්නා.මෙහෙම තර්ජනය කරන්න බැහැ. ඒ ආකාරයට වැඩ කටයුතු කරන්න බැහැ. අප නව ව්‍යවස්ථාවක් හදනවා. තවම සකස් කරන්නේ අතුරු වාර්තාවක් පමණයි. ප්‍රධාන මූලධර්මවලට අමතරව සමහර ස්ථානවලට විකල්ප දෑ යෝජනා ඉදිරිපත් කරනවා. ජනතා අදහස් ලබාගත් පසුව ව්‍යවස්ථාදායක සභාවේදී එම අදහස් සාකච්ඡා කළ හැකියි. ඉන්පසුව අපි ප්‍රධාන වාර්තාවක් හදා ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරනවා.මේ සාකච්ඡාවේදී මමත් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ආණ්ඩුවකට ආගමික සංවිධානයකට ඇඟිලි ගහන්න බැහැ යන යෝජනාවයි. ඒ අනුව නිකාය සහ පාර්ශ්වවල සංයුතිය වෙනස් කරන්නට හැකියාවක් නැහැ.මෙම සම්ප්‍රදායන් පිළිනොගන්නා ආණ්ඩුවක් එනවා නම් හැමදාම බුදු දහම අනතුරේ. එමනිසා මේ ගැන සංඝයා වහන්සේලා සමග කතා කළා. ව්‍යවස්ථාදායක සභාවට අතුරු වාර්තාව පැමිණි පසු මා මෙම යෝජනාව ඉදිරිපත් කරනවා. ඒ සඳහා ඔබවහන්සේලාගේ සහයෝගයත් අවශ්‍යයි.බුදු දහමට තිබෙන අනතුරුවලින් ආරක්ෂා කරගත යුත්තේ ඒ ආකාරයටයි. එමෙන්ම මේ ස්ථාන දියුණු කරන්නට අපට අමාත්‍යාංශ ගණනාවකින් උදව් කරනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය ඒ කටයුතු කරනවා. එමෙන්ම සංස්කෘතික අමාත්‍යාංශය ඒ කටයුතු කරනවා. ජනපති මා ඇතුළු හැම කෙනෙක්ම අවශ්‍ය උපකාර කරනවා. බෞද්ධ පිරිවෙන් අධ්‍යාපනය දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. මහා විහාරය කේන්ද්‍රස්ථානය කරන වැඩසටහන් අපි ආරම්භ කරමු.නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක රුවන්වැලි චෛත්‍යාරාම විහාරාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියෝ මෙසේ පැවැසූහ:- මහා විහාර භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය අගමැතිතුමන්ට පිරිනමනවා. අගමැතිතුමන් අඛණ්ඩව 40 වසරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදයත්, රුවන්වැලිසෑයේ බලයෙන් ඔබතුමන්ට නිදුක් නිරෝගී බව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.රුවන්වැලි මහා සෑය යනු සර්වඥ ධාතු ද්‍රෝණයක් පමණ නිදන්ගත වූ මහා සෑයක්. මේ වැලි මලුවේ වැඩ ඇරඹීමට මගේ ගුරුදේවයන් වහන්සේලා උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ.මධ්‍යම සංස්කෘතික අරමුදල මේ සත්කාරය සිදුකළත් මෙහි මූලික අත්තිවාරම දැමුවේ අගමැතිතුමායි. මහා විහාරය පිළිබඳව එතුමාට දැක්මක් තියෙනවා. ඒ දැක්ම තුළ අපට බොහෝ දේ කිරීමට හැකියාව තිබෙනවා.අගමැතිතුමාට නැවත මහා විහාර ව්‍යාපෘතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය වුණා.  මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු ඇරැඹුණේ ඒ අනුවයි. තිස්දාහක් පමණ දෙනා මීට ශ්‍රම දායකත්වය ලබාදී තියෙනවා. තාමත් අපේ මිනිස්සු මේ සිද්ධස්ථානවලට ආදරය කරනවා. ඒ පුරාවිද්‍යාව නිසා නොවේ.අද අගමැතිතුමන් රෝපනය කළ මෙම රන් තෙළඹු ගස ගෙනාවේ සිංහරාජ වනාන්තරයේ සිටයි. ඒ ගස මේ මලුවේ සිටුවීම ඓතිහාසික සිද්ධියක් බව කිව යුතුයි. තව වසර පහක් ඇතුළත මේ භූමියේ පුරාවිද්‍යා හා ආගමික කටයුතු අවසන් කරන බව මා ප්‍රතිඥා දෙනවා.අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:- රුවන්වැලි මහා සෑයේ මළුවට වැලි අතුරා පූජා කිරීමට ලැබීම අපේ භාග්‍යයකි. අගමැතිතුමන් නිරන්තරවම වෙහෙර විහාර සංරක්ෂණය ගැන උපදෙස් දෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල අරඹන විට අගමැතිතුමන්ගේ පියා යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිත ලෙස කටයුතු කළා. එතුමාගේ මැදිහත්වීම මත මේ සිද්ධස්ථාන සංරක්ෂණයට විදේශ මුදල් ලබාගත්තා.මධ්‍යම සංස්කෘතික අරමුදලට මුදල් ලැබෙන්නේ විදේශ සංචාරකයන්ට ටිකට් විකුණා ලැබෙන මුදලින්. සීගිරියේ අන්තර්ජාලය හරහා ටිකට් මිලදී ගැනීමේ ක්‍රමයක් ඇති කළා. ඉදිරියේදී පොළොන්නරුව ඇතුළු සිද්ධස්ථානවලටත් ඒ ක්‍රමය අනුගමනය කරනවා.පුරාණ රජමහා විහාර 150ක් සඳහා මිලියන 400ක් පමණ ලබාදීමට අප කටයුතු කරනවා. ඒ කටයුතු විධිමත් අයුරින් සිදු කිරීම අපේ අරමුණයි. දුප්පත් පන්සල් ගොඩනැගීම සඳහා මිලියන 100ක් වෙන්කර තිබෙනවා.කූරගල වැනි ප්‍රදේශවල ගොස් අපේ මායිම් ලකුණු කර අපේ උරුමය රකිනවා. අප මේ හැම දෙයක්ම කරන්නේ මේ උරුමය ඉදිරියට ගෙන යාමටයි. අපටත් ඒ ගැන වගකීමක් තියෙනවා.මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණසේකර මහතා:- අපේ ප්‍රධාන උරුමයක් වන රුවන්වැලි මහා සෑය ප්‍රමුඛ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු අනුව මේ වැලිමලුව සංරක්ෂණය කෙරුණා. මේ මහා සම්ප්‍රදාය සියවස් 25ක් තිස්සේ රැකගෙන ඉදිරියට ගෙන ගියා. වැලිමළුව බැතිමතුනට ප්‍රයෝජන ගත නොහැකි තත්ත්වයක තිබුණා. මහා විහාර සංකල්පය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව අගමැතිතුමා මධ්‍යම සංස්කෘතික අරමුදලට දැනුම් දුන්නා. ඒ අනුව මහා විහාර සංවර්ධන ව්‍යාපෘතිය වසර දෙකකට පෙර ඇරඹුණා.මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මැතිඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. (ඡායාරූප - ඉෂංක සුනිමල්)
සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි
0
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
1
(ක්‍රිෂාන් ජීවක ජයරුක්/ කඹුරුපිටිය පී.එල්. ජයවර්ධන)තම රජයක් යටතේ සරල බදු ක්‍රමයක් හඳුන්වාදීමට ක්‍රියාකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා කඹුරුපිටියේදී ඉරිදා (20) පැවැසීය.එමෙන්ම බදු සහන ලබාදී ව්‍යාපාර නඟාසිටුවීමට ක්‍රියාකරන බව ද ඔහු කීය.කඹුරුපිටියේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද පැවසීය.“2005 මහින්ද රාජපක්‍ෂ රජය සමයේ ජනතාව විශාල අභියෝගයක් අපිට භාර දුන්නා. අවුරුදු තිහක ත්‍රස්තවාදය ඉතා කෙටි කාලයකින් අවසන් කරන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ වගේම නොසිතූ විරූ සංවර්ධනයක් රටේ අපි ඇති කළා. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නොවෙයි. නැවත වරක් එම ත්‍රස්තවාදය හිස ඔසවන්නට ඉඩ නොදී හොඳ ආරක්ෂක වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කළා.ඒ වගේම අපේ බුද්ධි අංශ යොදා හොඳ ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. නමුත් මේ රජය බලයට ආවට පස්සේ අපි යොදලා තිබූ ආරක්ෂක වැඩපිළිවෙළ අවසන් කරලා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ මානසිකත්වය බිඳලා අපේ රණවිරුවන්ට විරුද්ධව ජාත්‍යන්තර උසාවිවලට ගෙන යන්න මඟ සලස්වලා, බුද්ධි අංශ සාමාජිකයින්ට අභූත චෝදනා නගා හිර ගෙට යවලා තිබුණු ආරක්‍ෂක සැලැස්ම සම්පූර්ණයෙන්ම කඩලා දැමුවා.මෙන්න මේ හින්දා තමයි වසර දහයක් යන්න ප්‍රථමයෙන් නැවත වරක් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. අපේ රජයක් බලයට පත්වූ පසු නැවතත් ඒ ආරක්‍ෂක වැඩපිළිවෙළ යොදලා බුද්ධි අංශවල නීතිමය රැකවරණය දීලා තමුන්නාන්සේලාට යළිත් සුරක්‍ෂිත රටක් අපි ලබාදෙනවා කියලා මේ අවස්ථාවේ සහතික වෙනවා.අපි දන්නවා, රටක ආරක්‍ෂාව නැති වුණාම රටක සුරක්‍ෂිතභාවය නැති වුණාම ඒ රටේ ආර්ථිකය ගොඩ නඟන්න පුළුවන්කමක් නැහැ. ආයෝජකයෝ දේශීය හෝ විදේශීය වේවා ඔවුන් අපේ රටට එන්නේ සංචාරකයින් අපේ රටට එන්නේ සුරක්‍ෂිත රටක් තිබුණොත් පමණයි. ඒ වගේම මේ රජය බලයට ආපු ගමන්ම අපි කරගෙන ගිය ව්‍යාපෘති සියල්ලම නැවැත්තුවා. ඒ ව්‍යාපෘති නැවතීමත් සමගම ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා.එදා ඒ ව්‍යාපෘති ව්‍යාපාරවලට සම්බන්ධ වෙච්ච ඒ රැකියා සියල්ලක්ම නැති වුණා. මෙන්න මේ නිසා අද මුහුණපාලා තිබෙන තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා.නැවතත් මේ ආර්ථීකය ගොඩනගන්න පුළුවන් සැලැස්මක් අපි ළඟ තියෙනවා. අපි දන්නවා ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට අද පත්වෙලා තිබෙන්නේ ආසියාව. අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒක ප්‍රයෝජනයට අරගෙන අපේ ආර්ථිකය ගොඩනගන්නට. අපි දන්නවා, අද විශේෂයෙන්ම ලෝක ආර්ථිකය රඳා පැවතිලා තිබෙන්නේ බුද්ධිය මුල්වූ ආර්ථීකයත් එක්ක කියලා. බුද්ධිමත් ජනතාවක් ඉන්න අපේ රටේ බුද්ධිය මුල්වූ ආර්ථිකයක් හරහා අපිට අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ සඳහා සැලැස්මක් අපිට තිබෙනවා. පසුගිය අවුරුදු හතර තුළම මේ රටේ වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, බුද්ධිමතුන් සමග එක්ව අපි ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා.ඔවුන් සමග සාකච්ඡා කරලා අපි ප්‍රතිපත්ති මාලාවක් සකස් කර තිබෙනවා. අපි මේ ආර්ථීකය ගොඩනගන්නට බුද්ධිය මුල්වූ ආර්ථිකයක් ගොඩනගන්නට නිපුණත්වයෙන් හෙබි ශ්‍රම බළකායක් අපිට අවශ්‍යයි.මේ නිසා තමයි අපි අධ්‍යාපනය වෙනුවෙන් පළමු අවුරුද්දෙම විශාල මුදලක් ආයෝජනය කරන්නේ. මේ හරහා අද අතරමං වෙලා ඉන්න තරුණ තරුණියන්ට හොඳ වේතනයක් තිබෙන රැකියාවක් ලබා ගැනීම සඳහා පුළුවන්වන අධ්‍යාපන ක්‍රමයක් අපි සකස් කරනවා. කෙටි කාලීනවත්, දීර්ඝ කාලීනවත් ජාතික ප්‍රතිපත්තියක් හදලා සියලුම තරුණ තරුණියන්ට අනාගත පරම්පරාවට උසස් අධ්‍යාපනයක්, තාක්‍ෂණ අධ්‍යාපනයක්, කාර්මික අධ්‍යාපනයක්, නිපුණත්වයක් ලබා ගැනීමට පුළුවන්වන අධ්‍යාපනයක් අපි සකස් කරනවා. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා, අද විශේෂයෙන්ම දැනුම මුල්වූ ආර්ථිකයක් හරහා විශේෂයෙන්ම පරිගණක ක්ෂේත්‍රයෙත්, තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයෙත් විශාල රැකියාවන් නිපදවන්නට පුළුවන්. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා, මේ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. අද කෘෂි කර්මාන්තයේ සෑම ක්ෂේත්‍රයක්ම තේ වගාව වේවා, රබර් වේවා, අපනයන භෝග මේවා මේ සියල්ලක්ම මිල පහත වැටීම නිසා ගොවියා ඉතා අසීරු මට්ටමකට වැටිලා තිබෙනවා.මෙන්න මේ හින්දා තමයි අපි ගොවියා වෙනුවෙන් විශේෂ සහන මල්ලක් ලබා දෙන්නේ. අපි ගොවියා වෙනුවෙන් පොහොර සහනාධාරය නොමිලේ ලබා දෙනවා. ගොවි ණය කපා හැරීමටත් ගොවි රක්‍ෂණ ක්‍රමයක් ඇති කිරීමටත් කෘෂි කර්මාන්තය වෙනුවෙන් බදු ඉවත් කිරීමටත් ගොවියා හා කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා යොදාගත් ක්‍රමවේදයි. ඒ වගේම අපි ව්‍යාපාර දිරිමත් කිරීමට බදු සහන අපි ඉදිරිපත් කර තිබෙනවා.අද තිබෙන විවිධ බදු වෙනුවට ඉතාමත් සරල බදු ක්‍රමයක් ඒ වගේම වැට් බද්ධ සියයට අට දක්වා අඩු කිරීමටත් අපි තීරණය කර තිබෙනවා.ජාතික ආරක්‍ෂාව වේවා, ආර්ථිකය වේවා, ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අභියෝග ජය ගන්න හැකි කණ්ඩායමකටයි. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. මම මගේ යුතුකම වන සුරක්‍ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් ඔබලාට ලබා දෙන්න ක්‍රියා කරනවා.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:-“ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ පුරවැසියකු නොවෙයි, ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැ කියලා නියෝගයක් ඉල්ලා එක්සත් ජාතික පක්‍ෂය අධිකරණයට ගියා. පසුගිය ඔක්තෝබර් 05 වැනිදා සවස 6.00 වනවිට මුළු රටම ඒ තීන්දුව ලැබෙනකම් බලාගෙන සිටියා. හැමෝගෙම හෘද ස්පන්දනය ගැහෙන්න පටන් ගත්තා. නමුත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඒකමතිකව එම පෙත්සම ප්‍රතික්ෂේප කර සාධාරණ තීන්දුවක් දුන්නා. ගෝඨාභය හිරේ දාලා මේ ගමන නවත්වන්න ඔවුන් උත්සාහ කළා. අධිකරණයට ගිහින් මේ ගමන නවත්වන්න උත්සාහ කළා. නමුත් ඒ කිසිවකින් ගෝඨාභයගේ ගමන නවත්වන්න ඔවුන්ට බැරි වුණා.අපි කියන්න ඕන, ගෝඨාභය මේ රටේ ජනාධිපති වූ විගස බය වෙන්න ඕන කණ්ඩායම් කිහිපයක් සිටිනවා. කුඩුකාරයන්, කුලියට මිනී මරන පාතාලය බය වෙන්න ඕන. නොවැම්බර් 24 වනවිට පාතාලය බාර වුණේ නැත්නම් හෝ රට පැන්නේ නැත්නම් ඔවුන්ට වෙන දේ තමුන්නාන්සේලා දන්නවා. මරාගෙන මැරෙන හැම අන්තවාදියම නොවැම්බර් 17 වනවිට බය වෙන්න පටන් ගන්නවා. කැලෑ කපන, කැලෑ පාළුවන් බයෙන් ඉන්න ඕන. රාජ්‍ය දේපළ කොල්ල කාපු දේශපාලනඥයන් බයෙන් ඉන්න ඕන. නමුත් මේ අම්මා තාත්තා එදාට සතුටින් හිනා වෙලා ඉන්න ඕන. තමන්ගේ දරුවා ඉඹලා පුතේ උඹට දැන් රටක් තියෙනවා කියලා කියන්න ඕන. ඒ නිසා රට වෙනුවෙන් ඔබ ගෝඨාභය දිනවන්න කටයුතු කළ යුතුයි.”ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා:-“ලබන නොවැම්බර් 16 කියන්නේ වසර හතර හමාරක් මේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇද වට්ටපු නොසිටි සහරාන්ලාට පණ දීපු ජාතික ආර්ථිකය විනාශ කරපු රට ණය උගුලක සිර කරපු මේ මුස්පේන්තු පාලනය නැති කරලා නව පරිවර්තන යුගයක් රටට උදාවන දවසයි. මේ පාපතර පාලනයෙන් මිදිලා නව දරු ප්‍රසූතියක් මුළු රටම බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒ සඳහා කඳවුරු දෙකයි තියෙන්නේ. එකක් පියානෝ ගගහා ඉන්න පුතානෝගේ කඳවුර. බුද්ධි අංශ 97 වතාවක් අනතුරු අඟවලා සිය ගාණක් අහිංසක මිනිස්සු මරා දාන්න ක්‍රියා කරපු ඒ කඳවුර. හම්බන්තොට වරාය ඇතුළු රාජ්‍ය සම්පත් විදෙස් රටවලට විකුණගෙන කාපු ඒ කඳවුර. පරගැති දේශද්‍රෝහීන්ගේ නිවට කඳවුර තමයි පුතානෝගේ කඳවුර. අනෙක් කඳවුර මේ කඳවුරයි. ඒකීය භාවයට පණදුන් කඳවුර. ත්‍රස්තවාදය ඉවර කර දුන් කඳවුර. ත්‍රස්තවාදය අවසන් කරන ගමන් පොහොර රුපියල් 350ට දුන් කඳවුර. රට ආරක්‍ෂා කර ගත් කඳවුර තමයි මේ කඳවුර. ඒ නිසා රට තවදුරටත් ප්‍රපාතයකට ඇද නොදමා, අනාගතය වෙනුවෙන් මේ කඳවුර ජයග්‍රහණය කරවීම අද රටේ සියලුම දෙනාගේ අවශ්‍යතාව වී තිබෙනවා.”මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා:-“අද මේ ජනාධිපතිවරණයට ප්‍රධාන වශයෙන් අපේක්‍ෂකයන් දෙදෙනකු ඉදිරිපත්වී සිටිනවා. අපේ පෙරමුණෙන් ගෝඨාභය, එක්සත් ජාතික පෙරමුණෙන් සජිත්. දැන් මේ අපේක්‍ෂකයන් දෙදෙනා රූපවාහිනියෙන් කතා කරන දේවල් දිහා රෑට බැලුවම මේ රට භාර දෙන්න ඕන කාටද කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා. ඒ නිසා මේ රටට ආරක්‍ෂාවක් අවශ්‍ය නම් ගෝඨාභයට බලය දෙන්න. මේ රට සුරක්‍ෂිත කරන්න ඕන නම් ගෝඨාභය දිනවන්න. රටට විනයක් අවශ්‍ය නම් ගෝඨාභයට බලය දෙන්න. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය නම් බැසිල් රාජපක්‍ෂ මහතා නියෝජනය කරන ගෝඨාභය කණ්ඩායම ජයග්‍රහණය කරවන්න.ඒ නිසා මේ අවස්ථාව ඉතාමත් තීරණාත්මකයි. රට වෙනුවෙන් සිතා ගත යුතු තීරණයක් වී තිබෙනවා.ගෝඨාභය දිනවා රට දිනවන්න අපි කවුරුත් පෙරමුණ ගනිමු.”මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා:-“සජිත් කියන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්. රුපියල් 350ට පොහොර සහනාධාරය කප්පාදු කරපු ආණ්ඩුවේ හිටපු ඔහු දැන් කියනවා පොහොර සහනාධාරය නොමිලේ දෙනවා කියලා. ආබාධිත රණවිරුවන්ට පහර දුන් ආණ්ඩුව නියෝජනය කරපු සජිත් දැන් කියනව රණවිරුවන්ගේ ගෞරවය ආරක්‍ෂා කර දෙනවා කියලා.ඒ නිසා යහපාලන ආණ්ඩුව රටට වින කළ සියලු දේට සජිත් වග කියන්න ඕන. ඒ පාපතර තීන්දු තීරණවලින් ඔහුට මිදෙන්න බැහැ. අද මුළු රටේම ආර්ථීකය, ආරක්‍ෂාව කඩා වැටිලා. සජිත් ඒ සියලු දේටත් වග කියන්න ඕන.”මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා:-“2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ ගෙදර ගිය වෙලාවේ මුළු රටම කම්පාවට පත් වුණා. බොහෝ ගෙවල්වල එදා කන්න බත පිසුවේ නැහැ. ඒ තරමටම මිනිස්සු සංවේදී වුණා. මිනිස්සු මහින්ද මහත්තයා හොයාගෙන ගෙදරට ගිහින් කෘතගුණ සැලකුවා. මාස දෙකක් යන්න කලින් ඔවුන් නැවත වරක් මහින්ද මහත්තයා ඉල්ලා සිටියා. ඒ අනුව තමයි මහින්ද සුලඟ හමා එන්න පටන් ගත්තේ. අපට ඕන හොඳ ආරක්ෂාවක් රටට සපයන්න පුළුවන් නායකයෙක්. අපිට ඕන හොඳ ආර්ථිකයක් රටට ලබා දෙන්න පුළුවන් නායකයෙක්. ඒ නිසා නොවැම්බර් මස 17 වැනිදා මල්ලි ජනපති අයියා අගමැති කරන ඒ යුගයේ ආරම්භය සියලු දෙනාට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා.”මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් සිරිසේන මහතා:-“පසුගිය මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ගොඩාක් අය බලාගෙන සිටියා, ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය - පොහොට්ටුවෙන් වෙන් වෙලා පොහොට්ටුවේ අපේක්‍ෂකයාට අභියෝගයක් කරයි කියලා. වෙනමම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරයි කියලා. නමුත් ඒ කිසිවක් සිදුවුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ පොහොට්ටුව කියන්නේ එකම දේශපාලන ප්‍රවාහයක්. රටට ආරක්‍ෂාව අවශ්‍යයි. ආර්ථිකය ශක්තිමත් කරගන්න අවශ්‍යයි. ජනතා අපේක්‍ෂා ඉටු කරගන්න අවශ්‍යයි. ඒ සියල්ල ඉටුකර ගත හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවීමෙන් පමණයි.”දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, තිහගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ, කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද වීරසිංහ, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කඹුරුපිටිය ආසන සංවිධායක සුසිල් කරුණාතිලක යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. 
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
0
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප‍්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප‍්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග‍්‍රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග‍්‍රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක‍්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප‍්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප‍්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප‍්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක‍්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක‍්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප‍්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට  ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප‍්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප‍්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප‍්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප‍්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත්  ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප‍්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප‍්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ‍්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප‍්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්‍ෂුද්‍ර ජීවි ක‍්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප‍්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල්  ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප‍්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න  තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක‍්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි‍්‍රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික‍්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප‍්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට‍්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප‍්‍රශ්නෙට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න  ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප‍්‍රශ්නය මොකද්ද? ඉඩම් ප‍්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න  ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න  ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින්  ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක්  ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක්  ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා  ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක‍්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත‍්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත‍්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය හැදෙන්න  ඕනෑ චීනයට හෝ ඉන්දියාවට  ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප‍්‍රතිපත්තියට  ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප‍්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ)
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
0
(මුදිතා දයානන්ද )“අද පවතින නිවාස ප්‍රතිපත්තියේ රජය සිටියොත් තව අවුරුදු දහයකදී වගා කරන්න තිබෙන බිමෙන් අක්කර විසිලක්ෂයක් නිවාසවලට යට කරන්න වෙනවා. කෘෂිකාර්මික බිම රැකගන්න නම් රජයේ නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුය යන ප්‍රතිපත්තියේ අපි ඉන්නවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (22) පැවැසීය.ඔහු මේ බව පැවැසුවේ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. පේරාදෙණිය තානායමේදී මෙම උත්සවය පැවැත්විණ.එහිදී කෘෂිකර්ම ප්‍රතිපත්තියේ පිටපතක් අනුර කුමාර දිසානායක මහතා විසින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතාට පිළිගන්වනු ලැබිණ. අනතුරුව අනෙකුත් ආරාධිත අමුත්තන්ට ද දිසානායක මහතා අතින් පිටපත් පිරිනැමිණි.ඔහු මෙසේ ද පැවැසීය.“අපේ කෘෂිකර්ම බිම් ප්‍රමාණය සියයට පනහකින් අඩුවෙලා. වසරකට ජෝඩු එක්ලක්ෂ හැටදාහක් විවාහ වෙනවා. එයින් ලක්ෂයකට පමණ පරම්පරාගත නිවාසයක් හිමිවුණත් තවත් හැටදාහකට අලුතෙන් නිවසක් අවශ්‍යයි. මේ සියලු දෙනාට තනි තනි නිවාස ඉදිකරන්න ගියොත් එක්කෙනාට පර්චස් දහය ගානේ වසරකට පර්චස් ලක්ෂ හයක් අවශ්‍ය වෙනවා. මේ විදිහට වසර දහයක් ගියොත් අක්කර ලක්ෂ විස්සක් නිවාස සඳහා වෙන්කරන්න වෙනවා. එයින් කෘෂිකර්ම ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්න අපිට බැරි වෙනවා.කෘෂිකර්ම ප්‍රතිපත්තිය ව්‍යුක්ත ප්‍රතිපත්තියක් ලෙස සලකන්න බැහැ. රටේ පොදු ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක, ඒක ගැට ගැහෙනවා. අපේ වෙළෙඳ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ පරිසර ප්‍රතිපත්තිය කුමක්ද? මේවා එක්කත් කෘෂිකර්මාන්තය ගැට ගැහෙනවා. ඒ නිසා කෘෂිකර්ම ප්‍රතිපත්තිය අපගේ අනෙකුත් ප්‍රතිපත්ති සමග නොගැටෙන විදිහට තමයි අපි සකස් කරලා තියෙන්නේ.රටකට ඒ රටේ ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් සාධකයක්. අපේ ප්‍රමුඛතම ඉලක්කයක් තමයි ශ්‍රී ලංකාව ආහාරවලින් සුරක්ෂිත රාජ්‍යයක් බවට පත්කිරීම. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන්ගේ සමාජ පිළිගැනීම උසස් කිරීමත් මෙම ප්‍රතිපත්තියේ අරමුණක්. අපේ රටේ ගොවි ජනතාවට හිමිවෙලා තියෙන්නේ ඉතා පහළ ජීවන තත්ත්වයක් හා පහළ සමාජීය තත්ත්වයක්. එය උසස් කිරීම මෙම ප්‍රතිපත්තියේ අරමුණක් ලෙස තිබෙනවා.ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදන පිරිවැයට සරිලන පරිදි මිලක් නියම කිරීමත් අපේ කෘෂි ප්‍රතිපත්තියේ එක අරමුණක්. අපේ රටේ කෘෂි නිෂ්පාදනවලට නිතර නිතර උච්ඡාවචනය වන මිලක් තිබෙන්නේ. ලෝකයේ කොහේවත් මෙවැනි උච්ඡාවචනයක් ආහාර පානවලට සිද්ධ වෙන්නේ නැහැ. මෙය පාරිභෝගික ජනතාවටත් විශාල බලපෑමක් ඇති කරනවා.  ඒ නිසා ඔවුන්ටත් ස්ථාවර මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීම අපේ තව අරමුණක්. තව අරමුණක් තමයි රටේ ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම. නමුත් එක කන්නයකින් මේවා සාර්ථක කරගන්න පුළුවන් කියලා අපි කියන්නේ නෑ.ගොවි ජනතාව මුහුණ දීලා තිබෙන ගැටලු අතර අද ප්‍රධාන ප්‍රශ්නය බීජයි. ඖෂධ, බීජ, අවි ආයුධ අද ලෝකයේ තිබෙන විශාලම ජාවාරම් තුනයි.ලෝකයේ තිබෙන ඉතාම වටිනා ජාන සම්පත් කොල්ලකමින් ඒවා තම ආධිපත්‍යයට යටත් කරගැනීමට බහුජාතික සමාගම් අතර තරගයක් තියෙනවා. ඔවුන්ට පේටන්ට් බලපත්‍රය හිමි බීජයක් යම් ගොවියෙක් වගා කරනවා නම්, ඊට විශාල ගෙවීමක් කළ යුතුයි. මේ බීජ කාගේවත් පෞද්ගලික අයිතියකට හිමි ද? අද ලෝකයේ බොහෝ බීජවල අයිතිය තිබෙන්නේ සමාගම් කිහිපයක් අතේ. අපේ රටේ බීජ වෙළෙඳපොළ සමාගම්වලට විවෘත කළා. දැන් අපේ රටේ මුළු බීජ වෙළෙඳපොළම සමාගම් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් බීජ ලංකාවට දුන්නේ නැත්නම් අපිට කිසිම වගාවක් කරගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.ගස්ලබු ඇට ග්‍රෑම් 100ක් රුපියල් 7500ක් දීල ගන්න ගොවියාට සිද්ධ වෙලා. කිලෝ එකක් ලක්ෂ 8ක් පමණ වෙනවා. ඒ අනුව සාමාන්‍ය වශයෙන් ගස්ලබු ඇටයකට රුපියල් 100කට වඩා වැයවෙනවා. නැවත අපේ බීජවල අයිතියත්, ගොවි ජනතාවට ලැබෙන පරිදි ගුණාත්මක බීජ ප්‍රතිපත්තියක් හැදීමත් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගුයි.අලුත් බීජ ස්වභාවිකව පරාගනය වෙන්නේ නෑ. අපේ රටේ බීජවල අයිතිය යළි අප පවරා ගන්නවා. ඒ සඳහා හොඳ පර්යේෂණ නිලධාරීන් අපේ රටේ සිටිනවා. අපේ රටේ බාස්මතී සහල් සොයාගත් විද්වතාට එය අත්හරින ලෙස බලධාරීන්ගෙන් බලපෑම් එල්ල වුණා. ඔහු අද පෞද්ගලික සමාගමක සේවය කරනවා.අද බීජ පර්යේෂණ ආයතන කඩාවැටිලා. සමහර බීජ ගොවිපොළවල් විකුණලා දාලා. මහඉලුප්පල්ලමේ බීජ ගොවිපොළෙන් අපිට බීජ වර්ග දුන්නා. දැන් ඒක බංගලාදේශයට දෙන්න යනවා. අද මහඉලුප්පල්ලමේ තියෙන්නේ ඉපිල් ඉපිල් වගාව. ගොවි ජනතාවට ගුණාත්මක බීජ සාධාරණ මිලකට ලබාදීම සඳහා ගොවි පර්යේෂණ ආයතන අපි පිහිටුවනවා. බීජ මාෆියාවෙන් ගොවියන් මුදාගන්නවා.පොළොවේ අඟලක් වැවෙන්න අවුරුදු 3000ක් යනවා කියලා එක් මහාචාර්යවරයෙක් මේ ළඟකදී මට කිව්වා. එක් වැස්සකට පස සෝදාගෙන යන්නේ අඟල් හය හත. ඇතැම්විට අඩි ගණනින්. අසාර්ථක යෝජනා ක්‍රම නිසා පොළොවේ ජලය තැන්පත් කරගන්නා පස් තට්ටු අද අවුලෙන් අවුලට පත්වෙලා.අපේ රටේ සැලසුම් හදලා තියෙන්නේ වැසි ජලය වේගයෙන් ගංගාවට දාලා මහ මුහුදට යවන්න. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නියැළෙන ජනතාවගේ දෙවන මූලික ප්‍රශ්නය වන ජලය ලබාදීම සඳහා අපි සැලැස්මක් හදනවා. ඒ සඳහා ජල පෝෂක කලාප සංරක්ෂිත කරන්නත්, මධ්‍යම කඳුකරයේ විධිමත් ඉඩම් පරිහරණ සැලැස්මක් ද අපි ඉදිරිපත් කරනවා. ඉඩම් කට්ටි කුඩා වීම වැළැක්වීමත් අපේ ප්‍රතිපත්තියක්.අද අපේ එළවළු හා පලතුරු නිෂ්පාදනයෙන් සියට 38ක් අපතේ යනවා. ඒ නිසා වෙළෙන්දා වීසි කරන පලතුරුවලටත් පාරිභෝගිකයාගෙන් ගාණ අල්ලනවා. ඔහුටත් කරන්න දෙයක් නෑ. මොකද ඉවත දමන පලතුරුවලට ඔහුට කවුරුත් ගෙවන්නේ නෑ. ඇසුරුම්කරණය කියන්නේ ලෝකයේ දියුණු කර්මාන්තයක්. ඒක රැකියා සපයන මාර්ගයක්. ඒ නිසා එළවළු, පලතුරු සඳහා දියුණු ඇසුරුම් කර්මාන්තයක් අපි ප්‍රචලිත කරනවා. යුරෝපයට තියෙන්නේ එක කන්නයයි. යුරෝපයේ කරන්නේ වෙළෙඳපොළට අවශ්‍ය ප්‍රමාණය විතරක් යවලා ඉතුරු ටික ගබඩා කරන එක. මේ පාලකයෝ ලජ්ජා වෙන්න ඕන අවුරුදු 7ක් ගිහිල්ලත් අපිට එක පලතුරු, එළවළු ගබඩාවක් හදන්න බැරිවෙලා තියෙනවා.දියුණු රටවල ඕනෑම නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් වෙන්නේ වෙළෙඳපොළ දත්ත තොරතුරු මත. අතිරික්තය ගබඩාවට ගන්න ඕන. එතකොට ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුවන මිල ක්‍රමයක් හදන්න පුළුවන්. අද දඹුල්ල මාර්කට් එකේ ඉතුරුවන එළවළු දඹුල්ල නගර සභාවේ බැකෝ යන්ත්‍රවලින් තමයි ලොරිවලට පටවන්නේ.දඹුල්ලේ ලූනු ගලවන කාලයටත් දඹුල්ලේ කඩවල ඉන්දියානු ලූනු තිබෙනවා. වගා සැලැස්මක් නෑ. ඒ නිසා අනවශ්‍ය ලෙස විශාල ආනයනයක් මෙරට සිද්ධ වෙනවා. දැන් මුම්බායිවලින් මුංඇට ගේනවා. ඕස්ටේ්‍රලියාවෙන් කුරක්කන් ගේනවා. පොඩි කාලෙ අපි දැනන් හිටියේ මේවා ලංකාවේ වවනවා කියලා. ලූනු අවශ්‍යතාවයෙන් සියට 56ක් පිටරටින් ගේනවා. මේක ආහාරවලින් ස්වයංපෝෂණය කරන්න පුළුවන් රාජ්‍යයක්. හැබැයි දේශපාලකයෝ ඒවා ආනයනය කරන්න හරි කැමැතියි. ඇයි? කොමිස්, පගා ලබාගන්න හොඳම තැන නිසා. ආනයනය කරන තමන්ගේ මිත්‍රයන්ව ආරක්ෂා කරගන්න දේශපාලුවෝ හදපු බදු ප්‍රතිපත්තියක් තමයි අද තියෙන්නේ. කැරට් ගණන් කාලයට ඒ වෙනුවට වට්ටක්කා කන්න කියලා කියන කෘෂිකර්ම ඇමැතිවරු රටකට ඕන නෑ.මම ජනාධිපති අපේක්ෂකයා වුණාට සාමූහික ප්‍රයත්නයක කොටස්කරුවෙක් පමණයි. එසේ නැතිව මැජික්කරුවෙක් නොවෙයි. අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සමත් සාමූහික කණ්ඩායමක් අපට සිටිනවා. තවදුරටත් අපේ රට මේ විනාශය කරා යන්න දෙන්න එපා. මේ හාදයෝ දැන් ඡන්දයට ඇවිල්ලා කියනවා මේ රට බේරා ගැනීමට තිබෙන අන්තිම අවස්ථාව කියලා හැම ඡන්දයකදීම ඒකම කියනවා. මේක විහිළුවක්. අපි මේ රට කුමන අවස්ථාවකදී හරි අරගෙන ගොඩනගනවා. අපේ දරුවන්ට මේ විනාශය දෙන්න එපා. අපේ පරිසර පද්ධතියට තවදුරටත් මේ විනාශය වෙන්න දෙන්න එපා.”  එහිදී අදහස් දැක්වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතා:“අපි ජාතික විද්වත් සංවිධානය ලෙස තමයි දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් රට ගොඩනැගීම වෙනුවෙන් සකස් කළේ. එහි එක් අංශයක් තමයි කෘෂිකර්මය. අද අපි මෙතනදී එළිදක්වනු ලබන්නේ එම කෘෂිකර්ම හා පශු සම්පත් ප්‍රතිපත්තියයි.වසර හැත්තෑඑකකට පසු අපිට මොකද වුණේ කියලා දැනගන්න අපි ඊට කලින් හිටපු කාලය ගැන දැන ගන්න අවශ්‍යයි. ජෝන් ෆර්ගියුෂන් කියන ලංකාවේ සුදු ලේකම්වරයෙක් ලියපු පොතක් සිංහලයට පරිවර්තනය වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවේ සිය වසරක් කියලා. ඒ කාලය තුළ ලංකාවේ ඇති වුණ වෙනස්කම් තමයි එහි ඇතුළත්ව තිබෙන්නේ. ඒ අනුව අපි කොයි තරම් දියුණු තත්ත්වයක ද හිටියේ කියලා දැනගන්න පුළුවන් ඒ පොත කියෙව්වාම.”එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික හේමජීව ගෝඨාභය මහතා:අපි මීට වසර විස්සකට විතර කලින් ඇහුවා ගොවි රජවරු ණය ගෙවාගන්න බැරුව වහ බීලා මැරෙනවා. දැන් අපිට අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ බිරින්දෑවරු ක්ෂුද්‍ර ණය උගුලට අසුවී වස බී මැරෙනවායි. මේ ඛේදවාදකය හැම ගොවියකුටම වගේම කෘෂි අලෙවිකරුවන්ට පවා මුහුණ දෙන්න සිදුව තිබෙන තත්ත්වයක්. මේ ක්ෂේත්‍රයේ යෙදෙන්නන්ගේ ජීවිත දවසින් දවස අගාධයට යනවා. ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න තමයි අපි මේ වැඩපිළිවෙළ සකස් කළේ. මේ වැඩපිළිවෙළ මහ පොළොවේ පැළ කරගන්නා තුරු අපි නොනැවතී අරගල කරනවා.”මෙම අවස්ථාවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති කමල් ඔබේසේකර, ලංකෙම් ලංකා සමාගමේ ව්‍යාපාර කළමනාකරු හේමජීව ගෝඨාභය, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, මහවැලි සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඌව පළාතේ හිටපු ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, මහචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි, යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය කේ.එම්. සාහීර්, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සංවිධායක නාමල් කරුණාරත්න, මහනුවර හිටපු දේශීය ආදායම් කොමසාරිස් නිමල් වික්‍රමාරච්චි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂ කේ.ඩී. සිරිපාල මහත්වරුන් ඇතුළු  ආරාධිතයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“අල-ලූනු ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා“
0
 (а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңඩිа¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ӯа¶ёа¶ұа·Ҡ බа¶Ҫа¶әට а¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීමට а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶ҡа·… а·„а·Ҹа¶Ҫа·Ҡ а¶ёа·Ҹа·Ҷа·’а¶әа·Ҹа·Җට, එළа·Җа·…а·” а¶ёа·Ҹа·Ҷа·’а¶әа·Ҹа·Җට  а¶Ҷණа·Ҡඩුа·Җ а¶әටа·Җа·“ а·ғිටීම බඩු а¶ёа·’а¶Ҫ а¶ёа·ҷа¶ӯරමа·Ҡ а¶үа·„а·… а¶әа·Ҹමට а·„а·ҡа¶ӯа·”а·Җа·“ а¶Үа¶ӯа·’ බа·Җа¶ӯа·Ҡ а¶ёа·ҡ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶ә а·„а·ҡа¶ӯа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙඹ а¶ңа·Ҹа¶Ҫа¶ҡ а¶ҙа·җටа¶Ҫа·“ а¶Үа¶ӯа·’ බа·Җа¶ӯа·Ҡ හිටа¶ҙа·” а·ға¶·а·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රී а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ҡිරිа¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.බа·ңරු а¶ҙа·ңරа·ңа¶ұа·Ҡа¶Ҝа·” а¶Ҝа·“ බа¶Ҫа¶әට а¶ҙа·җමිණි а·Җа¶ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җට а¶ҡа·’а·ға·’а¶Ҝа·”  а·Җа·җඩа¶ҙа·’а·…а·’а·Җа¶Ҫа¶ҡа·Ҡ а¶ұа·ңа¶ёа·җа¶ӯа·’ බа·Җа¶ӯа·Ҡ а¶үа¶Ҝිරි а¶ёа·„а¶ёа·җа¶ӯа·’а·Җරණණа¶әа·ҡа¶Ҝа·“ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ 69 а¶ўа¶ұа·Җරම а¶ұа·’а¶әа¶ӯ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡа¶ё а¶Ҝа·’а¶әа·Ҹරූ а·Җа·’ а¶әа¶ұ බа·Җа¶ӯа·Ҡ а¶ҡිරිа¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ   а·ға¶Ҝа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶Ҝුරа·Ҡа·Җа¶Ҫа¶ҡа¶ёа·’а¶ұа·Ҡ а¶ҙ‍а·Ҡ‍රа¶әа·қа¶ўа¶ұ а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ёа¶ӯа·Ҡ а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶ңа·ңඩ а¶ұа·җа¶ңа·’а¶ә а¶әа·”а¶ӯа·” බа·Җа¶ӯа·Ҡ а·ғිරිа¶ҡа·ңа¶ӯ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·–а¶Ҫа·ға·Ҡථа·Ҹа¶ұа¶әа·ҡ а¶…а¶Ҝ(22) а¶ҙа·җа·Җа¶ӯа·’   а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а·„а¶ёа·”а·Җа¶ҡට එа¶ҡа·Ҡа·Җа·ҷа¶ёа·’а¶ұа·Ҡ  ඔහු а¶ёа·ҡ බа·Җ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.එහිа¶Ҝа·“ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·– а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ҡිරිа¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶ҡа·“а¶ә. ‘‘19 а·Җа¶ұ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә  а·Җа·ҷа¶ұа·ға·Ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ රජа¶ә а¶ӯа·”а·… а·ға¶Ӯа·Җа·Ҹа¶Ҝа¶әа¶ҡа·Ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. 2015 а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරණа¶әа·ҡа¶Ҝа·“  а·Җа·’а¶°а·Ҹа¶әа¶ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а¶ҡ‍а·Ҡ‍රමа¶ә а¶…а·„а·қа·ға·’ а¶ҡа¶Ҫ  а¶әа·”а¶ӯа·”а¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ රටа·ҡ а·ға¶Ӯа·Җа·Ҹа¶Ҝа¶әа¶ҡа·Ҡ а¶ӯිබුණа·Ҹ.  а¶…а¶ҙа·’ а¶ўа¶ұа¶ёа¶ӯ а·Җа·’а¶ а·Ҹරа¶ұа¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶ӯа·ңරа·Җ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а¶ӯа·”а¶ёа¶ұа·Ҡа¶ңа·ҡ බа¶Ҫа¶ӯа¶Ҫ а¶ҙа·”а¶Ҫа·–а·Җа¶ұа·Ҡ а¶ӯරමа·Ҡ а¶ҡа¶ҙа·Ҡа¶ҙа·Ҹа¶Ҝа·” а¶ҡа·…а·Ҹ.а¶ёа·ҡ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә  а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶ңа·ҷа¶ұа·Ҹа¶ҙа·” а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа·ҡ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әට  හිටිа¶әа·ҡ а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රීа·Җරු 45 а¶әа·’. а¶…а¶ҙа·’ а¶ёа·ҡ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә а¶ңа·җа¶ұ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹ а¶ҡරа¶Ҫа·Ҹ  а·Җа·’а·Җа·Ҹа¶Ҝ а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯа·”а¶ұа·ҷа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ҡа¶ҡа·’а¶ұа·Ҡ а·ға¶ёа·Ҡа¶ёа¶ӯ а¶ҡа·…а·Ҹ. а·ғරа¶ӯа·Ҡ а·Җීරа·ға·ҡа¶ҡර а·„а·җරа·ҷа¶ұа·Ҡа¶ұ а¶…а¶ҙිට а·ға·’а¶әа¶Ҫа·–а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ё а¶ёа·ҡа¶ҡට а·ға·„а¶әа·қа¶ңа¶ә а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ.а¶ёа·ҡ 19 а·Җа¶ңа·ҡа¶ё  а¶ а¶ұа·Ҡа¶Ҝа·Ҡ‍ර‍а·Ҡ‍රිа¶ҡа·Ҹ බණа·Ҡඩа·Ҹරа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·җа¶ӯිණිа¶әа¶ңа·ҡ а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҡ а¶…а¶ҙа·’ 17 а·Җа¶ұ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә а¶ңа·ҷа¶ұа·Ҹа·Җ.  19 а·Җа¶ңа·ҡа¶ё එа¶ӯа¶ұа¶Ҝа·’а¶ӯа·Ҡ а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҡථа·Ҹа¶Ҝа·Ҹа¶әа¶ҡ а·ға¶·а·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҙිහිටුа·Җа¶Ҫа·Ҹ  а¶Ӣа·ға·ға·Ҡ а¶Ҷа¶әа¶ӯа¶ӯа¶ұа·Җа¶Ҫට а·ға·Ҡа·Җа·Ҹа¶°а·“а¶ұа¶ӯа·Ҡа·Җа¶әа¶ҡа·Ҡ а¶ңа·ҷа¶ұа·Ҹа·Җа·Ҹ.а¶ұа¶ёа·”а¶ӯа·Ҡ  а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ңа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ  බа¶Ҫа¶әට а¶ҙа¶ӯа·Ҡ а·Җа·”а¶ұа·Ҹට а¶ҙа·ға·Ҡа·ға·ҡ 18 а·Җа·җа¶ұа·’ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә  а¶ңа·ҷа¶ұа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ёа·ҡ а¶Ӣа·ға·ға·Ҡ а¶Ҷа¶әа¶ӯа¶ұ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫа·ҷа¶ё  а·ға·Ҡа·Җа·Ҹа¶°а·’а¶ұа¶ӯа·Ҡа·Җа¶ә а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණа¶әа·ҷа¶ұа·Ҡа¶ё а¶ұа·җа¶ӯа·’ а¶ҡа·…а·Ҹ.  19 а¶ёа¶ңа·’а¶ұа·Ҡ а¶әа·…а·’а¶ӯа·Ҡ а¶…а¶°а·’а¶ҡරණа¶ә, රа·Ҹа¶ўа¶ә а·ға·ҡа·Җа·Ҹ а¶ҡа·ңа¶ёа·’а·ға¶ё, а¶ҙа·ңа¶Ҫа·“а·ға·’а¶ә  а¶Үа¶ӯа·”а¶Ҫа·– а¶Ҷа¶әа¶ӯа¶ұ а·Җа¶Ҫ а·ға·Ҡа·Җа·Ҹа¶°а·“а¶ұа¶ӯа·Ҡа·Җа¶ә රа·җа¶ҡа¶ңа¶ұа·Ҡа¶ұ а¶…а¶ҙිට а·„а·җа¶ҡа·’ а·Җුණа·Ҹ. а¶Үа¶әа·’ а¶ёа·ҡ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә  а¶…а·„а·қа·ға·’ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶әа·…а·’а¶ӯа·Ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ а¶Ҷණа·Ҡඩුа·Җа·ҷа¶ұа·Ҡ а¶…а·„а¶ұа·Җа·Ҹ. а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·Җа·җඩ а¶ҡරа¶ұа·Ҡа¶ұа¶ұа¶ёа·Ҡ а¶ӯа·”а¶ұа·ҷа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Ҝа·җа¶ұа·Ҡ а·ғමහරු а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ එа¶Ҫа·Җа¶Ҫа·– а¶ёа·’а¶Ҫ අඩු а¶ҡරа¶ұа·Ҡа¶ұ,  а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·ға·„а¶ұ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ӯа·”а¶ұа·ҷа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ  ඕа¶ұа¶Ҝ. а¶ёа·ҡа·Җа·Ҹ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұ а¶ҙරිа¶ҙа·Ҹа¶Ҫа¶ұ а·Җа·җරа¶Ҝа·’а¶әа·’.а¶Үа¶әа·’ а¶…а¶Ҝ а·„а·Ҹа¶Ҫа·Ҡ а¶ёа·’а¶Ҫ а·Җа·җඩි а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶Ҝа·җа¶ұ а¶ңа¶ӯ а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ҙа·ңа¶Ҫа·ңа¶ұа·Ҡа¶ұරුа·Җа·ҡ а·„а·Ҹа¶Ҫа·Ҡ а¶ёа·Ҹа·Ҷа·’а¶әа·Ҹа·Җ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ බа¶Ҫа¶әට а¶ҙа¶ӯа·Ҡа¶ҡරа¶ұа·Ҡа¶ұ  а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶’ а·„а·Ҹа¶Ҫа·Ҡ а¶ёа·Ҹа·Ҷа·’а¶әа·Ҹа·Җට  ඕа¶ұ а·Җа·’а¶Ҝа·’а¶әට а¶ӯа¶ёа¶әа·’ а¶…а¶Ҝ а·Җа·’ а¶ёа·’а¶Ҫ а¶ӯීරණа¶ә а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ. а¶…а¶ҙа·ҡ රජа¶ә а¶ҡа·Ҹа¶Ҫа·ҡ  а·Җа·“ ටа·ңа¶ұа·Ҡ 40000 а¶ҡа·Ҡ а¶ҙමණ а¶ңබඩа·Ҹ а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯිබුа¶ұа·Ҹ.  а·Җа·“ а¶ёа·қа¶Ҫа·Ҡ а·„а·’а¶ёа·’а¶әа·ҡ а¶ёа·’а¶Ҫ а·Җа·җඩි а¶ҡරа¶ұа·Ҡа¶ұ а·„а¶Ҝа¶ұа·Җිට а¶…а¶ҙа·’ а¶’ а¶ңබඩа·Ҹ а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯිබූ а·ға·„а¶Ҫа·Ҡ එа¶Ҫа·’а¶әට а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ.  а¶Ҝа·җа¶ұа·Ҡ а¶’ а¶ӯа·ңа¶ң ටිа¶ҡа¶ӯа·Ҡ а·Җа·“ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҹа¶Ҫа·’а¶Ҫа·Ҹට а·Җа·’а¶ҡුණа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶Ҝඹුа¶Ҫа·Ҡа¶Ҫа·ҡа¶ӯа·Ҡ,  а¶ұа·”а·Җරඑа¶Ҫа·’а¶әа·ҡа¶ӯа·Ҡ එа¶Ҫа·Җа¶Ҫа·– а¶ёа·Ҹа·Ҷа·’а¶әа·Ҹа·Җ  а¶ӯа¶ёа¶әа·’ а¶…а¶Ҝ එළа·Җа¶Ҫа·– а¶ёа·’а¶Ҫ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ. а¶ёа·ҡ එа¶Ҫа·Җа¶Ҫа·–  а¶ёа·Ҹа·Ҷа·’а¶әа·Ҹа·Җа¶ӯа·Ҡ а¶ёа·ҡ රජа¶ә බа¶Ҫа¶әට а¶ҙа¶ӯа·Ҡа¶ҡරа¶ұа·Ҡа¶ұ а·Җа·җඩ а¶ҡа¶Ҫа·Ҹ.  а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҡа·Җа·Ҹ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җට а·Җа·”а·Җа¶ёа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ.а¶…а¶ҙа·ҡ а¶Ҝа·’а¶ұ а·ға·“а¶әа·ҡ а¶Ҷණа·Ҡа·Ҡඩුа·Җ а¶ӯа·”а·…  а¶…а¶ҙа·’ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а·ға·ҡа·Җа¶ҡа¶әа¶ұа·Ҡа¶ңа·ҡ а·Җа·җටුа¶ҙа·Ҡ а·Җа·җඩි а¶ҡа·…а·Ҹ. а¶үа¶ұа·Ҡа¶°а¶ұ, а¶ңа·‘а·ға·Ҡ а¶ёа·’а¶Ҫ  අඩු а¶ҡа·…а·Ҹ, а¶ҙа·қа·Ӯණ а¶ёа¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ, а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·ға·„а¶ұ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රීа·Җරු 45 а¶ҡа·’а¶ұа·Ҡ а¶…а¶ҙа·’ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·Җа·җඩа¶ҡа·ңටа·ға¶ҡа·Ҡ а¶ҡа·…а·Ҹ.  а¶…а¶Ҝ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙඹ а¶ңа·Ҹа¶Ҫа¶ҡ а¶ҙа·җටа¶Ҫа·’а¶Ҫа·Ҹ.  а¶ҡа·ңа·„а·ҷа¶ұа¶ұа·Ҡ а¶ҙටа¶ұа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶’ а¶…а¶әට а¶ӯа·ҡරа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” а¶үරිа¶Ҝа·Ҹ а¶ҙ‍а·Ҡ‍රහа·Ҹරа¶ә а·Җа·’а¶ҡුණමිа¶ұа·Ҡ а¶ёа·ҡ රජа¶ә බа¶Ҫа¶әට а¶ҙа¶ӯа·Ҡа·Җа·”а¶ұа·Ҹ.  а¶ҙа·Ҹа·ға·Ҡа¶ӯа·” а¶үරිа¶Ҝа·Ҹ а¶ҙ‍а·Ҡ‍රහа·Ҹරа¶әට а¶…а¶ҙа·ҡ‍а·Ҡ‍රа¶Ҫа·Ҡ а¶ёа·Ҹа·ға¶әට а¶…а·Җුරුа¶Ҝа·Ҡа¶Ҝа¶әа·’. а¶…а¶ҙа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҡа·Ҹа·…а¶әа·ҡ а¶ёа·ҡа¶ҡට  а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶° а¶ҙිරිа·ға·Ҡ а¶…а¶ӯа·Ҡඅඩа¶Ӯа¶ңа·”а·Җට а¶ңа·ҷа¶ұ а¶Ҝа·җඩිа·Җ а¶ұа·“а¶ӯа·’а·Җа¶ә а¶ҡ‍а·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡа¶Ҫа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶ёа·ҡ  а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙа¶ӯа·Ҡа·Җа·ҷа¶Ҫа·Ҹ а¶ҡа·Ҹа·Җа¶Ҝ а¶…а¶ӯа·Ҡඅඩа¶Ӯа¶ңа·”а·Җට а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ а¶…а·„а¶ұа·Җа·Ҹ. а¶Үа¶әа·’ а¶ҙ‍а·Ҡ‍රමа·Ҹа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ а¶…а·„а¶ұа·Җа·Ҹ.а¶ёа·ҡ а¶үරිа¶Ҝа·Ҹ а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” а¶ҙ‍а·Ҡ‍රහа·Ҹරа¶ә  а¶ұිරа·Ҡа¶ёа·Ҹණа¶ә а¶ҡа¶Ҫ а¶…а¶ә а¶ёа·ҡ а¶ҙ‍а·Ҡ‍රහа·Ҹරа¶ә а¶ҡа¶Ҫа·ҡ  එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҷණа·Ҡඩුа·Җ а¶…а·ғීරුа¶ӯа·Ҹа·Җа¶әа¶ҡට а¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීමටа¶әа·’. а¶’ а¶ұа·’а·ға¶әа·’ а¶ҡа·’а·ға·’а¶ё а¶…а¶ӯа·Ҡඅඩа¶Ӯа¶ңа·”а·Җට  а¶ңа·җа¶ұа·’а¶ёа¶ҡа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҷ а¶ұа·җа¶ӯа·Ҡа¶ӯа·ҡ. а¶ёа·җа¶ӯа·’а·Җරණ а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҡ බа·ҷරිහа¶ұа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” а¶үරිа¶Ҝа·Ҹ а¶ҙ‍а·Ҡ‍රහа·Ҹරа¶әට  а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶° а¶…а¶ә а¶үа¶ҡа·Ҡа¶ёа¶ұට а¶…а¶°а·’а¶ҡරа¶ұа¶ә а¶үа¶Ҝිරිа¶әට а¶ңа·ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶ҡа·қ а¶ұඩු, а¶ҡа·қ а¶ҙරිа¶ҡа·Ҡа·Ӯа¶ұ  а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ а¶…а·„а¶ұа·Җа·Ҹ. බа·җа¶Ҝа·”а¶ёа·Ҡа¶ҡර а·Җа¶Ӯа¶ а·Ҹа·Җ а¶ңа·җа¶ұ а¶ёа·җа¶ӯа·’а·Җරණ  а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҡа¶Ҝа·’ බа·ҷරිහа¶ұа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶…а¶ҙа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҡа·Ҹа·…а¶әа·ҡ а¶…а¶ҙа·’ а·Җа·’а¶ҡුණුа·Җа·ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 10 а¶әа·’.  а¶ёа·ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 10 а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа·ҷа¶ұ а¶ӯа¶ёа¶әа·’ а¶ҙа·„а·”а¶ңа·’а¶ә а¶…а·Җුරුа¶Ҝа·” а·„а¶ӯරහමа·Ҹරа·ҡ  а¶ҡа·‘ а¶ңа·җа·„а·”а·Җа·ҡ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҷණа·Ҡа·Ҡඩුа·Җ а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 5660а¶ҡа·Ҡ බа·җа¶Ҝа·”а¶ёа·Ҡа¶ҡර а·Җа·’а¶ҡුණа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.  а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 5660 а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа·’а¶ҡ а¶ңණුа¶Ҝа·ҷа¶ұа·” а·Җа¶Ҫа·’а¶ұа·Ҡ. а¶ҙ‍а·Ҡ‍රа·ға·’а¶Ҝа·Ҡа¶° а·Җа·ҷа¶ұа·Ҡа¶Ҝа·ҡа·ға·’а¶әа·ҡ а¶ҡа·’а·ға·’а¶ё а¶Ҝа·ҷа¶әа¶ҡа·Ҡ  а·Җа·’а¶ҡа·”а¶ұа·”а·Җа·ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶ҙа·ҷа¶ұа·Ҡ  බිа¶Ҫа·’а¶әа¶ұ 10а¶әа·’. එහа·ҷа¶ұа·Ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 5600 а¶әа·’ а¶ёа·ҡа¶ҡ а¶ұа·’а¶ҡа¶Ӯ а¶…а·„а·ға¶әа·’ а¶ҙа·ңа·…а·Җа¶әа·’ а·Җа¶ңа·ҡ.а¶…а¶ҙිට  а¶ёа·ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 10 а¶ңа·җа¶ұ а¶ а·қа¶Ҝа¶ұа·Ҹ а¶ҡරа¶Ҝа·Ҡа¶Ҝа·’ а¶ҡа·‘  а¶ңа·„а¶Ҝа·Ҡа¶Ҝа·’ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҷණа·Ҡඩු а¶ҡа·Ҹа¶Ҫа·ҡ а·Җа·’а¶ҡුණа¶ұ බа·җа¶Ҝа·”а¶ёа·Ҡа¶ҡර  а¶ңа·җа¶ұ а¶ҡа·қа¶ҙа·Ҡ а¶ҡමිටුа·Җа·ҷа¶ұа·Ҡа·Җа¶ӯа·Ҡ а¶ёа·ҡ  а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ңа·җа¶ұ а¶Ҝа¶ұа·Ҡа¶ұ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·”а·Җа¶ӯа·Ҡ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·ҡ а¶ұа·җа·„а·җ. රජа¶әට а·ға·’а¶Ҝа·Ҡа¶° а·Җුණа·Ҹ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 900 а¶ҡа·Ҡ а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ  а¶ҡරа¶Ҫа·Ҹ а¶ёа·ҡ а¶ӯа·ңරа¶ӯුරු а·„а·ңа¶әа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶ёа·ҡ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа·Җ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.  а¶Ҝа·җа¶ұа·Ҡ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶Ҝа·“а¶Ҫа·Ҹ රජа¶әට а·Җа·ғරа¶ҡට බිа¶Ҫа·’а¶әа¶ұ 600а¶ҡа·Ҡ  а¶…а·„а·’а¶ёа·’ а·Җа·”а¶ұа·Ҹ. а¶ёа·ҡ а·ға·„а¶ұ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶Ҫа·җබිа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа¶Ҝ? а¶Үа¶әа·’ а¶ҙ‍а·Ҡ‍රමа·Ҹа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ а¶…а·„а¶ұа·Җа·Ҹ.  а¶’ බа¶Ҝа·” а·ға·„а¶ұ а¶ңа·җа¶ұ а¶ұа·“а¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶ұа·”а¶ҡа·–а¶Ҫа·Җ а¶ҙа·’а¶әа·Җර а¶ңа¶ұа·Ҡа¶ұ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶ӯа·Ҹа¶ё а¶ҡа·’а·ға·’а¶Ҝа·” а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а·Җа¶ӯа·Ҡ  а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ а¶ұа·җа·„а·җ. а¶ёа·ҡ හඬа¶ҙට а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа¶ӯа·”а·Җ а¶Ҝа·”а¶ұа·Ҡ а¶ҙа·ңරа·ңа¶ұа·Ҡа¶Ҝа·” а¶үටු а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ රජа¶әට а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ.  а¶ҙа·ға·”а¶ңа·’а¶ә а¶ұа·ңа·Җа·җа¶ёа·Ҡබරа·Ҡ 16 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·”  රුа¶ҙа·’а¶әа¶Ҫа·Ҡ 85 ට а¶…а¶ұа·–а·Җට а¶ӯිබුණු а·„а·Ҹа¶Ҫа·Ҡ а¶ёа·’а¶Ҫ  а¶…а¶Ҝ රුа¶ҙа·’а¶әа¶Ҫа·Ҡ  110 ට а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а·„а·җа¶ё а¶·а·Ҹණа·Ҡඩа¶әа¶ҡа·Ҡа¶ё а·ға·’а¶әට а·Җа·’а·ға·’а¶ҙа·„а¶ҡа·’а¶ұа·Ҡ а¶ӯа·’а·„а¶ҡа·’а¶ұа·Ҡ а·Җа·җඩි а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.  а·Җа·„а·Ҹа¶ё а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә  а·ға·„а¶ұ а¶Ҝа·“а¶Ҫа·Ҹ а·„а·ңа¶і а·ға·’а¶Ӯа·„а¶Ҫ а¶…а·Җුරුа¶Ҝа·Ҡа¶Ҝа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Ҡа¶ұ а¶’ а·Җа·Ҹа¶ӯа·Ҹа·Җරණа¶ә а·„а¶Ҝа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа·…а·Ҹ а¶…а¶ҙа·’ а¶Ҷණа·Ҡඩුа·Җට а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ’’ а¶әа·җа¶әа·’а¶Ҝ а¶ҡිරිа¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ එහිа¶Ҝа·’ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.   
вҖҳа¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙඹа¶ңа·Ҹа¶Ҫа¶ҡ а¶ҙа·җටа¶Ҫа·’а¶Ҫа·Ҹ вҖҳ
1
’ а¶ёа·Ҹа·ғ а¶Ҝа·ҷа¶ҡ а·„а¶ёа·Ҹරа¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ  а¶…а¶ҙа·’ а·Җа·җа·ға·’а¶ҡа·’а¶Ҫа·’ а·Җа¶ӯුර බිබී බඩа¶ңа·’а¶ұа·Ҡа¶ұа·ҡ හිටිа¶әа·ҡ.  а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ  а¶үа·„а·… а¶ёа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ҡුඩа·Ҹ а¶ҡа·Ҹමරа¶әа¶ҡ  а¶…а¶ҙа·Җ а·ғිර а¶ҡර а¶…а¶ӯа·’а¶ұа·Ҡ а¶ҙа¶әа·’а¶ұа·Ҡ а¶ҙමණа¶ҡа·Ҡ а¶ұа·ңа·Җ   а¶ҙුටු, а¶ёа·ҡа·ғ а¶ҡа¶ҡа·”а¶Ҫа·Ҡ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҙа·Җа·Ҹ а¶…а¶ҙට а¶ңа·җа·„а·”а·Җа·Ҹ.  а¶ҡа·‘ а¶ңа·җа·ға·–  а·Җිට а¶ҡටට а·ға·Ҡටа·ҷа¶ҙа·Ҡа¶Ҫරа·Ҡ а¶ҡටු  а¶ҙа·Җа·Ҹ а¶ңа·җа·„а·”а·Җа·Ҹ. а¶үа·Җа·ға¶ұа·Ҡа¶ұ බа·җරිම а¶ӯа·җа¶ұ а¶…а¶ҙа·’ එа¶ӯа¶ұа·’а¶ұа·Ҡ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а¶ӯීරණа¶ә а¶ҡа·…а·Ҹ.  а¶ёа¶ё а¶ҡа¶ӯුරа¶ҡа·Ҡ а·„а·ңа¶әа·Ҹа¶ңа·ҷа¶ұ а¶Ҝа·Җа·ға·Ҡ а¶ӯа·”а¶ұа¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ  а¶…а¶ҙа·’ හිටа¶ҙа·” а¶ҡа·Ҹමරа¶әа·ҡ а¶ўа¶ұа·ҷа¶Ҫа·Ҡ රа·Ҹа¶ёа·”а·Җа·ҡ  а¶Үа¶ұ а¶ңа·җа¶Ҫа·ҷа·Җа·Ҡа·Җа·Ҹ.  а¶ёа·Ҹ а¶Ҫа¶ң а¶әа·Ҹර а¶ҙа·„ а¶ёа·Ҹරа¶ҡа·Ҡ а¶Ҝа·’а¶ң а¶ңа·Җа·”а¶ёа·Ҡ රа·ҷа¶Ҝа·Ҡа¶Ҝа¶ҡа·Ҡ а¶ӯිබුа¶ұа·Ҹ. а¶’а¶ҡට а¶ӯа·Җ а·ға¶Ҫа·Ҡа·Җа·Ҹරි а·Җа¶Ҫට а¶…а¶Ҝа·’а¶ұ  а·Ӯа·қа¶Ҫа·Ҡ а¶ӯа·”а¶ұ а·„а¶ӯරа¶ҡа·Ҡ а¶ңа·җට а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ. а¶Ҡට а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶ҙුටුа·Җа¶ҡ а¶ңа·җටа¶ңа·„а¶Ҫа·Ҹ а¶ўа¶ұа·ҡа¶Ҫа¶ә а¶Ӣඩිа¶ұа·Ҡ а¶Ҝа·Ҹа¶Ҫа·Ҹ а¶’а¶ҡа·ҡ а¶Ҷа¶Ҝа·Ҹරа¶әа·ҷа¶ұа·Ҡ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ හිරа¶ҡරа¶ңа·ҷа¶ұ  а·ғිටි а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ӯа·”а¶ұа·Ҡ а¶ӯа·’а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡа·Җ  බිමට බа·җа·ға·Ҡа·ға·ҷа·Җа·Ҡа·Җа·Ҹ. එа¶әа·Ҹа¶Ҫа¶ңа·ҡ බඩු а·ға·ҡරම а¶’ а·Җа·’а¶Ҝа·’а¶әට බිමට  බа·ға·Ҡа·ға¶Ҫа·Ҹ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶әට  а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а·ға·җа¶Ҫа·җа·ға·Ҡа·Җа·”а·Җа·Ҹ. а¶’а¶ӯа·Ҡ а¶…а¶ұа·Ҡа¶ӯිමට а¶ёа¶ё а¶ёа·„а¶ӯ а·Җа·җඩි а¶ұа·’а·ға·Ҹ මට බිමට а¶ҙа¶ұа·’а¶ұа·Ҡа¶ұ බа·җරි а·Җа·”а¶ұа·Ҹ‘  а¶әа·җа¶әа·’ අබුඩа·Ҹබි  а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶ҡ  а¶ёа·Ҹа·ғ а¶Ҝа·ҷа¶ҡ а·„а¶ёа·Ҹරа¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а¶Ҝа·ғ а·Җа¶Ҝ а·Җа·’а¶Ҝа·’а¶ёа·’а¶ұа·Ҡ а·ғිට а¶әа¶Ҫа·’ а¶Ҝа·’а·Җа¶әа·’а¶ұට а¶ҙа·җමිණි එа·ға·Ҡ. රа·Ҹа¶ўа·ҡа·Ӯа·Ҡа·Җරී а¶ёа·„а¶ӯа·Ҡа¶ёа·’а¶ә  а¶ҡа·“а·Җа·Ҹа¶ә.а¶Үа¶ә а·ға¶ёа¶ң එම රа·җа¶ҡа·’а¶әа·Ҹ  а¶ұа·’а¶әа·қа¶ўа·’а¶ӯ а¶Ҷа¶әа¶ӯа¶ұа¶әа·ҡа¶ё  а·ғිරа·Җа·“ а·ғිටි а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·” а·Җа¶ұ а¶ёа·„а¶ұа·”а·Җර а¶ҙа·’а¶Ҫа·’а¶ёа¶ӯа¶Ҫа·Ҹа·Җа·ҡ  а¶…а¶ұа·”а¶Ҫа·Ҹа·Җа¶ӯа·“ а¶ёа·җණිа¶ҡа·ҡ а·ға·„ а¶үа¶Ӯа¶ңිරිа¶әа·ҡ а¶ўа·ҡ.а¶’ අමරа·Ҹа·Җа¶ӯа·“ а¶әа¶ұ а¶…а¶әа¶Ҝ а¶Ҝа·’а·Җа¶әа·’а¶ұට а¶ҙа·җමිණිа¶әа·„.රа·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җරීа¶ңа·ҡ а·ға·„а¶ә а¶ёа¶ӯ අබුඩа·Ҹබි а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶әට а¶ҙа·җа¶ұ а¶ңа¶ӯа·Ҡ  а¶ҡа¶ӯа·”а¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ  а¶…а¶Ҝа·Ҹа¶Ҫ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а·ғිරа¶ҡරа¶ңа·ҷа¶ұ а·ғිටිа¶ұ а·Ғ‍а·Ҡ‍රී а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡ а¶ҡа¶ӯа·”а¶ұа·Ҡ  а¶ҙිළිබඳ а¶ӯа·ңරа¶ӯුරු එහි а¶ұа·’а¶Ҫධරа¶әа¶ұа·Ҡට  а¶ҡа·“а·„.а¶ҙа·ға·”а·Җ අබුඩа·Ҹබි  а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶Ҷа¶ а·Ҹරа·Ҡ‍а¶ә  а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ බа·Ҹа¶Ҫа·ғූරිа¶ә а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ  а¶ёа·җа¶Ҝа·’а·„а¶ӯа·Ҡ а·Җа·“а¶ё  а¶ёа¶ӯ  а¶ҡа¶ёа·Ҡа¶ҡරු а¶…а¶Ӯа·Ға¶әа·ҡ а¶ҙа·…а¶ёа·” а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරුа¶ұа·Ҡ а·Җа¶ұ  а·Җа·’а·Ға·Ҡа·Җ а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ,  එමа·Ҡ.а¶Ҡ.а¶ўа·“ а·ғමරа·Җීර, а¶ӯа·ҷа·Җа¶ұ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ රුа·Җа¶ұа·Ҡ а¶ңුණа¶ӯа·’а¶Ҫа¶ҡ, а¶Ҝа·”а¶ёа·’а¶ұа·Ҡа¶Ҝ а·ға¶ӯරа·ға·’а¶Ӯа·„, а¶ҙුබුа¶Ҝа·” а¶ўа¶әа¶ӯа·’а¶Ҫа¶ҡ а·ға·„ а¶…а·„а¶Ҫරа·Ҡ а·ғුබа·Ҹа¶әිරа·Ҡ а¶әа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа·Җරුа¶ұа·Ҡ а¶ёа·ҷа¶ё а¶ҙිරිа·ғ а·ғිර а¶ҡරа¶ңа·ҷа¶ұ а·ғිටි а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶ә а·ға·ңа¶әа·Ҹ а¶ңа·ңа·ға·Ҡ а¶Үа¶ӯ. එහිа¶Ҝа·“   а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶ҡරුа·Җа·қ а¶ҙа·Җа·ға·Ҹ а¶Үа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а·Ғ‍а·Ҡ‍රී а¶Ҫа·Ҹа¶Ӯа¶ҡа·’а¶ҡ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡ а·ғිර а¶ҡරа¶ңа·ҷа¶ұ а¶ұа·җа¶ӯа·’ බа·Җа¶ә. а¶ҙа·ға·”а·Җ а¶ҙа·җа¶ә а¶ңа¶ұа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ එම а·ға·Ҡථа·Ҹа¶ұа¶әа·ҡ රа·җа¶Ҝа·“  а·ғිටි а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ұа·’а¶Ҫධරа¶әа·қ  а¶ёа·„а¶ӯа·Ҡ а¶ҙරිа·Ғ‍а·Ҡ‍රමа¶әа¶ҡа·Ҡ а¶Ҝරа·Ҹ  රа·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җරී а¶Үа¶ӯа·”а·…а·” а¶ҡа¶ӯа·”а¶ұа·Ҡ  а¶ёа·”а¶Ҝа·Җа·Ҹа¶ңа·ҷа¶ұ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶ә а·Җа·ҷа¶ӯ රа·җа¶ңа·ҷа¶ұ а¶ңа·ңа·ға·Ҡ ඔа·Җа·”а¶ұа·Ҡට а·Җа·ӣа¶Ҝа·Ҡ‍а¶ә а¶ҙ‍а·Ҡ‍රථිа¶ҡа·Ҹර а·ға·„ а¶…а¶ұа·ҷа¶ҡа·”а¶ӯа·Ҡ а¶ҙа·„а·ға·” а¶ҡа¶ёа·Ҡ а¶Ҫබа·Ҹ а¶Ҝа·“ а¶ёа·ҷරටට а¶ҙа·җමිණීමට а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ а·ға¶Ҫа·ға·Ҹ а¶Ҝа·”а¶ұа·Ҡ බа·Җ а¶Ҝа·’а·Җа¶әа·’а¶ұට а¶ҙа·җමිණි а¶ёа·ңа·Җа·”а·„а·” а¶ҡа·“а·„.එම а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡ а¶ұа·ңа·Җа¶ұа·Ҡа¶ұට  а¶ӯа¶ёа¶ұа·Ҡ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫа¶ұа·Ҡа¶ё එහිа¶Ҝа·“  а¶ёа·’а¶ә а¶әа¶ұа·Ҡа¶ұට а¶ҙа·Җа·Ҹ а¶үඩ а¶ӯිබුа¶ұа·Ҹ а¶әа·җа¶әа·’а¶Ҝ   ඔа·Җа·”а·„а·” а¶ҡа·“а·„.а¶ёа·ңа·Җа·”а¶ұа·Ҡ а·ға·’а¶әа·…а·” а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ё අබුඩа·Ҹබි а¶ңа·ҳа·„ а·ға·ҡа·Җа¶ә  а·ға¶іа·„а·Ҹ  а¶ңа·ңа·ға·Ҡ а¶ӯිබුа¶ұа·ҡ а¶ҡа·ңළඹට а¶ӯа¶Ҝа·Ҹа·ға¶ұа·Ҡа¶ұ රа·җа¶ҡа·’а¶әа·Ҹ а¶ұа·’а¶әа·қа¶ўа·’а¶ӯ а¶Ҷа¶әа¶ӯа¶ұа¶әа¶ҡа·Ҡ හරහа·Ҹа¶ә.а¶ӯа¶ё а¶…а¶ӯа·Ҡ а¶Ҝа·җа¶ҡа·“а¶ёа·Ҡ  а·Җа·’а·ға·Ҡа¶ӯර а¶ҡරමිа¶ұа·Ҡ රа·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җරී  а¶ҙа·Җа·ға¶ұа·Ҡа¶ұа·ҡа¶ёа¶ңа·ҡ а¶Ҝа·”а·Җа¶әа·’ а¶ҙа·”а¶ӯа¶әа·’ а¶үа¶ңа·ҷа¶ұ а¶ңа¶ұа·Ҡа¶ұ හරිම а¶Ҝа¶ҡа·Ҡа·Ӯа¶әа·’. එа¶әа·Ҹа¶Ҫа·Ҹ а¶ёа·“а¶ңа¶ёа·”а·Җа·ҡ а·„а·ңа¶Ҝ а¶ҙа·Ҹа·ға·җа¶Ҫа¶ҡ а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а¶Ҫබа¶ұа·Җа·Ҹ.  ඔа·Җа·”а¶ұа·Ҡට а·„а·ңа¶Ҝ а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа¶ҙа¶ұа¶әа¶ҡа·Ҡ  а¶Ҫබа·Ҹ а¶Ҝа·ҷа¶ұ බа¶Ҫа·Ҹа¶ҙа·ңරа·ңа¶ӯа·Ҡа¶ӯа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶ёа¶ё а¶ёа·җа¶Ҝ а¶ҙа·ҷරа¶Ҝа·’а¶ң а¶ңа·’а¶әа·ҡ. а¶…බුඩа·Ҹබි а·Җа¶Ҫ а·Җа·җඩ а¶ҡරа¶ҙа·” а¶ёа·”а¶Ҫа·Ҡа¶ё а¶ё а¶ңа·ҷа¶Ҝර а¶ёа¶ё а¶ёа·Ҹа·ғ а¶ӯа·”а¶ұа¶әа·’ а¶Ҝа·Җа·ға·Ҡ අටа¶ҡа·Ҡ а·Җа·җඩ а¶ҡа·…а·Ҹ. එа¶ӯа¶ұ а¶ӯිබුа¶ұ а·Җа·җඩ а¶ҡа¶ұа·Ҡа¶Ҝරа·Ҹа·Җ а¶Ӣа·„а·”а¶Ҫа¶ңа¶ұа·Ҡа¶ұ බа·җරිа·Җ ටිа¶ҡ а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ а¶әа¶ұа¶ҡа·ңට а¶ёа¶ңа·ҡ ඔළුа·Җ а¶ҡа·җරа¶ҡа·’а¶Ҫа·Ҡа¶Ҫ а¶Ҷа·Җа·Ҹ. а¶ҡа¶ҡа·”а¶Ҫа·Ҡ а¶…а¶ӯ а¶ҙа¶ә а¶үа¶Ҝа·’а¶ёа·’а¶Ҫа·Ҹ а¶ёа·Ҹа·Җ а¶…а·ға¶ұа·“а¶ҙ а·Җа·”а¶ұа·Ҹ.а·„а·Ҹа¶ёа·Ҡ а¶ҙа·”а¶ӯа·Ҹа¶Ҫа·Ҹ а¶ёа·”а¶Ҫа·’а¶ұа·Ҡа¶ё මට  එа¶ҡ а·ға·җරа¶әа¶ҡа·Ҡ බа·ҷа·„а·ҷа¶ӯа·Ҡ අරа¶ұа·Ҡ а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ  а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа·ҡ а¶ҙа·Ҹර а·Җа·’а¶ӯරа¶әа·’ а¶…а¶ҙа·’ අරа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶Ҡ а¶Ҫа¶ң а¶ҙа·Ҹර а¶Ӣඹ  බа·ҷа·„а·ҷа¶ӯа·Ҡ а·Җа¶Ҫට а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а¶ңа·ҷа·Җа¶ұа·Ҡа¶ұ  ඕа¶ұа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.а¶ёа·ҷа·„а·ҷа¶ё а¶үа¶ұа·Ҡа¶ұа¶ҡа·ңට а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ මට а¶ҡа¶Ҫа¶ұа·Ҡа¶ӯа·ҷ а¶Ҝа·Ҹа¶Ҫа·Ҹ а·Җа·җටුа¶ұа·Ҹ.  а¶үа¶ұа·Ҡа¶ҙа·ға·Ҡа·ға·ҡ а·„а·Ҹа¶ёа·Ҡа¶ҙа·”а¶ӯа·Ҹа¶Ҫа·Ҹ а¶ёа·Ҹа·Җ а¶’ රටа·ҡ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әට а¶ңа·’а¶ұа·’а·„а·’а¶ұа·Ҡ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ.  а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶…а¶ә  а¶ёа¶ңа·ҡ а¶…а·ға¶ұа·“а¶ҙ а¶ӯа¶ӯа·Ҡа·Җа¶ә а¶ӯුටа·Ҡටුа·Җа¶ҡට а¶ёа·Ҹа¶әа·’а¶ёа·Ҡ а¶ҡа·…а·ҡ а¶ұа·җа·„а·җ. а¶”а·Җа·”а¶ұа·Ҡ а¶ҡа·… එа¶ҡа¶ё а¶Ҝа·ҷа¶ә а¶ёа·Ҹа·Җ а¶ӯа·Җ а¶ңа·ҷа·Җа¶Ҫа·Ҡ а¶ҡа·’а·„а·’а¶ҙа¶әа¶ҡට а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶Ҫබа·Ҹ а¶ңа¶ӯа·Ҡ එа¶ҡ а¶ҙමණа¶әа·’. එහа·ҷа¶ё а¶Ҫබа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ මට а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ ඔа·Җа·”а¶ұа·Ҡ а¶ӯа·’а¶әа·Ҹа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. ඔа·Җа·”а¶ұа·Ҡ  а¶ёа·Ҹа·Җ а¶ңа·ҷа·Җа¶Ҫа·Ҡ а¶ӯа·”а¶ұа¶ҡට а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ.а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ а¶ёа·„  а¶»а·‘    а¶Ҝа·ңа¶Ҫහට  а·Җа·’а¶ӯර а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶…а¶ә  а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶Ӣඹа·Җ  ඕමа·Ҹа¶ұа·Ҡ а¶әа·Җа¶ұа·Җа·Ҹ а¶Ҫа·‘а·ға·Ҡа¶ӯа·’а·Җа·ҷа¶әа¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶’ а·Җа·ҷа¶Ҫа·Ҹа·Җа·ҡ  ඕමа·Ҹа¶ұа·Ҡ а¶үа¶Ҝа¶Ҫа·Ҹ а·„а·Ҹа¶ёа·Ҡа¶ҙа·”а¶ӯа·ҷа¶ҡа·Ҡ а¶Үа·Җа·’а¶ӯа·Ҡ හිටිа¶әа·Ҹ а¶ёа·Ҹа·Җ අරа¶ңа·ҷа¶ұ а¶әа¶ұа·Ҡа¶ұ.а¶ёа¶ё බа·җа·„а·җ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. එа¶Ҝ මට а·„а·ңа¶Ҝටම а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ. එа¶Ҝа·Ҹ а¶үа¶Ҝа¶Ҫа·Ҹ මට а¶ҡа¶ұа·Ҡඩ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа¶ё බිа·Җа·Ҡа·Җа·ҡ а·Җа·җа·ға·’а¶ҡа·’а¶Ҫа·’а¶әа·ҡ а·Җа¶ӯුර. මට а¶ёа·Ҹа·ғ а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а¶Ҝа·ғ а·Җа¶Ҝ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶ҙа·ңа¶ӯа·Ҡ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ңа·„а¶ұа·Җа·Ҹ, а·Җа·җඩිа¶ә а¶ҡа¶ӯа·Ҹ а¶ҡа¶Ҫа·ңа¶ӯа·Ҡ а·ға·Ҡටа·ҷа¶ҙа·Ҡа¶Ҫරа·Ҡ а¶ёа·җа·ға·’а¶ё අරа¶ңа·ҷа¶ұ а¶ҡටට а·ға·Ҡටа·ҷа¶ҙа·Ҡа¶Ҫරа·Ҡ а¶ҡටු а¶ңа·„а¶ұа·Җа·Ҹ. а¶ҙа¶әа·’а¶ұа·Ҡ а¶ңа·„а¶ұа·Җа·Ҹ. а¶ҙුටු а¶ёа·ҡа·ғ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶Ҝа¶ёа¶Ҫа·Ҹ а¶ңа·„а¶ұа·Җа·Ҹ. а¶ҙа·”а¶Ҝа·”а¶ё а¶Ҝа·ғ а·Җа¶Ҝ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ. а¶ҡа¶ұа·Ҡඩ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ёа·” а·„а·Ҹа¶Ҫа·Ҡ а¶ҙа·җа¶ҡටа·Ҡ එа¶ҡа¶ҡа·Ҡ а·Җа·’а¶ӯරа¶әа·’. а¶ёа¶ё а¶’а¶ҡ  а·Җа·җа·ға·’а¶ҡа·’а¶Ҫа·’ а·Җа¶ӯුරа·ҷа¶ұа·Ҡ а¶ӯа¶ёа·Ҡබа¶Ҫа·Ҹ а¶ӯа·ҡ а¶ҡහට එа¶ҡа·Ҡа¶ҡ а¶ҡа·‘а·Җа·Ҹ.а¶’ а¶…а¶ӯරа·ҡ මට а·Җа¶ңа·ҡа¶ё а¶Ҝа·ғ а·Җа¶Ҝ а¶Ҝа·”а¶ұа·Ҡ а¶ӯа·Җ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа¶ұа·Ҡ а·„а¶ӯර а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ හිටිа¶әа·Ҹ. а¶…а¶ұа·Ҡа¶ӯිමට а¶…а¶ҙа·’ а·„а·’а¶ӯа·”а·Җа·Ҹ а¶ёа·ҷа¶ӯа¶ұа·’а¶ұа·Ҡ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ёа·” а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶…а¶ҙа·’а·Җ හිර а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯිබුа¶ұ а¶ҡа·Ҹමරа¶әа·ҡ а¶ўа¶ұа·ҡа¶Ҫа¶әа¶ҡа·Ҡ а¶ӯිබුа¶ұа·Ҹ. а¶ёа¶ё а¶ҡа¶ӯුරа¶ҡа·Ҡ а·„а·ңа¶әа·Ҹа¶ңа·ҷа¶ұ а¶Ҝа·Җа·ға·Ҡ а¶ӯа·”а¶ұа¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а¶’ а¶ўа¶ұа·ҡа¶Ҫа¶әа·ҡ රа·Ҹа¶ёа·”а·Җа·ҡ а¶Үа¶ұ а¶ңа·җа¶Ҫа·ҷа·Җа·Ҡа·Җа·Ҹ. а¶ёа·ҡ а·Җа·җඬа·ҡට а¶ҙа·’а¶Ҫа·’а¶ҙа·“а¶ұ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·”а¶ӯа·Ҡ а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶ёа·Ҹ а¶Ҫа¶ң а¶әа·Ҹර а¶ҙа·„а¶ёа·Ҹරа¶ҡа·Ҡ а¶Ҝа·’а¶ң а¶ңа·Җа·”а¶ёа·Ҡ රа·ҷа¶Ҝа·Ҡа¶Ҝа¶ҡа·Ҡ а¶ӯිබුа¶ұа·Ҹ. а¶ӯа·Җ а¶…а¶ҙа·’ а¶…а¶Ҝа·’а¶ұ а·ға¶Ҫа·Ҡа·Җа·Ҹරа·Ҡ а·Җа¶Ҫට а¶Ҝа·Ҹа¶ұа·Ҡ а·Ӯа·қа¶Ҫа·Ҡ а·Җа¶ңа¶әа¶ҡа·”а¶ӯа·Ҡ а¶ӯිබුа¶ұа·Ҹ. а¶’а·Җа·Ҹ а·„а·ңа¶Ҝ а·„а¶әа·’а¶әට а¶ңа·җට а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ.  а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶ҡа·Ҹමරа·ҡ а¶ӯа·’а¶әа¶ұ а¶ҙුටුа·Җа¶ҡ а¶’а·Җа·Ҹ а¶ңа·җටа¶ңа·„а¶Ҫа·Ҹ а¶ўа¶ұа·ҡа¶Ҫа¶ә හරහа·Ҹ  බිමට а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ. а¶ҙа·’а¶Ҫа·’а¶ҙа·“а¶ұ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа·қ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·Ҹ  а¶ҙුුටුа·Җ а·„а¶әа·’а¶әа·ҷа¶ұа·Ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ.а¶үа¶ұа·Ҡа¶ҙа·ға·Ҡа·ға·ҡ а¶’ ඔа·ға·Ҡа·ға·ҡ а¶ӯа·”а¶ұа·Ҡа¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡа·Җ а¶ҙරිа·ға·Ҡа·ғමට а¶…а¶ҙа·’ හිටа¶ҙа·”  а¶Ӣඩ а¶ӯටа·Ҡටුа·Җа·ҡ а¶үа¶Ҝа¶Ҫа·Ҹ බිමට බа·җа·ға·Ҡа·ға·ҷа·Җа·Ҡа·Җа·Ҹ.   එа¶ҡа·Ҡа¶ҡа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ а¶…а¶ұුරа·Ҹа¶°а¶ҙුරа¶ә а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҡ අමරа·Ҹа·Җа¶ӯа·“ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа¶ҡа·Ҡ. එа¶әа·Ҹ а¶…а¶Ҝ а¶…а¶ҙа·’а¶ӯа·Ҡ එа¶ҡа·Ҡа¶ҡ а¶Ҷа·Җа·Ҹ. а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·Ҹ а¶ҡа¶Ҫа·Ҡа¶ҙිටිа¶әа·ҡ а¶ёа·ҡа¶ҡа¶Ҫа·Ҹ а·ға·„ а¶…а¶ҡа·Ҡа¶ҡරа¶ҙа¶ӯа·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶ҙа·”а·Ӯа·Ҡа¶ҙරа·Ҹණි.а¶ҙа·ға·Ҡа·ға·ҡ ඔа·Җа·”а¶ұа·Ҡа¶ңа·ҡ  а¶ӯිබුа¶ұ  а¶Үа¶Ҝа·”а¶ёа·Ҡ බෑа¶ңа·Ҡ ටිа¶ҡа¶ӯа·Ҡ බිමට බа·ға·Ҡа·ға¶Ҫа·Ҹ ඔа·Җа·”а¶ұа·Ҡට а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ අබුඩа·Ҹබි а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶әට а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.а¶’а¶ӯа·Ҡ එа¶Ҝа·Ҹ මට а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ බа·җරි а·Җа·”а¶ұа·Ҹ. а¶ёа·ңа¶ҡа¶Ҝ а¶ёа¶ё а¶ңа·ңඩа¶ҡа·Ҡ а¶ёа·„а¶ӯа¶әа·’. а¶ёа¶ё බහිа¶ұа·Ҡа¶ұ а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶…а¶ұа¶ӯුරа¶ҡа·Ҡ а·Җа·”а¶ұа·Ҹ а¶ұа¶ёа·Ҡ  අර බа·җа·„а·җа¶ҙа·” а¶ҡටа·Ҡටිа¶әа·Җа¶ӯа·Ҡ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶ҡа·Ҹරа¶әа¶ұа·Ҡට а¶…а·„а·”а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа¶ё ඔа·Җа·”а¶ұа·Ҡට а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа·ҡ а¶ңа·җа¶ұ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶әට а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.  а¶‘а¶Ҝа·Ҹ  а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶ҡа·Ҹරа¶әа·қ а¶ёа·ҷа¶әа·Ҹа¶Ҫට а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а¶ёа¶ё а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶ҡа·… බа·Җ а¶Ҝа·җа¶ұа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶ёа·Ҹа·Җ මරа·Ҹ а¶Ҝа¶ёа¶ұа·Ҡа¶ұ а¶ҙа·Җа·Ҹ а¶үඩ а¶ӯිබුа¶ұа·Ҹ. а¶ҙа·„а·”а·Җа¶Ҝа·Ҹ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ  а¶ҡටа·Ҡටිа¶ә а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶ңа·’а¶ә බа·Җ а¶Ҝа·җа¶ұа¶ңа·ҷа¶ұ а¶ёа¶ңа·ҷа¶ұа·Ҡ а¶Үа·„а·”а·Җа·Ҹ а¶Үа¶әа·’ а¶Ӣඹ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶ңа·’а¶әа·ҡ а¶ұа·җа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа¶ё  а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа¶ё а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а¶ұа·ҷа¶ёа·ҷа¶әа·’ а¶Ҷа·Җа·ҡ а¶ҡа·“а¶әа¶ҡа·Ҡ හරි а·„а¶ёа·Ҡබ а¶ҡරа¶ңа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶Үа¶әа·’ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶ңа·’а¶ә а¶…а¶ә  а¶Ӣඹට  а¶ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·ҡ а¶ұа·җа¶Ҝа·Ҡа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Үа·„а·”а·Җа·Ҹ. а¶ёа¶ё а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа¶ңа·ҡ а¶Ҫа¶ң а¶Ҝරа¶ҡа¶ӯа¶ұа¶әа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җа¶ұа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶”а¶ә а¶…а¶ӯරа·ҡ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әට а·ғහිරа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ңа·җа·„а·җණු а·…а¶ёа¶әа·ҷа¶ҡа·Ҡ а¶Ҷа·Җа·Ҹ. එа¶әа·Ҹ а¶ёа¶ё а¶ӯа·ҡ а¶ҡහට එа¶ҡа·Ҡа¶ҡ බа¶ӯа·Ҡ а¶ҡа¶ұ а·„а·җටි а¶Ҝа·җа¶ҡа·Ҡа¶ҡа·Ҹ.  එа¶әа·Ҹ මට අබුඩа·Ҹබි а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ҡа¶ёа·Ҡа¶ҡරු а¶…а¶Ӯа·Ға¶әа·ҡ   а¶ӯа·ҷа·Җа¶ұ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ රුа·Җа¶ұа·Ҡ а¶ңුණа¶ӯа·’а¶Ҫа¶ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҡ а¶Ҝුරа¶ҡа¶ӯа¶ұ а¶…а¶Ӯа¶ҡа¶ә а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ.а¶’а¶ӯа·Ҡ  а¶Үа¶әට එа¶Ҝа·Ҹ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶…а¶ә а·„а·ңа¶Ҝටම а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ. а¶ңа·„а¶Ҫа·Ҹ  ඕමа·Ҹа¶ұа·Ҡ а¶Үරිа¶әа·Ҹ.  එа¶әа·Ҹ а¶…а¶ҙිට а¶ҡа·… а¶Ӣа¶Ҝа·Җа·Ҡа·Җට එа¶әа·Ҹ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶Ҝа·ҷа¶әа¶ҡа·Ҡ මට а¶ӯිබුа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа·ңа¶ҡа¶Ҝ а¶…а·ға¶ұа·“а¶ҙ а¶ӯа¶ӯа·Ҡа·Җа¶әа¶әа·’, а·„а·Ҹа¶ёа¶ӯа·ҡ හිටа¶ҙа·” а¶ұа·’а·ға¶әа·’ а¶ёа¶ё а¶ҡа·Ҹа¶әа·’а¶ҡа·Җ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё а¶ёа·Ҹа¶ұа·ға·’а¶ҡа·Җ а·Җа·җටිа¶Ҫа·Ҹ හිටිа¶әа·ҡ.а¶…а¶ҙිට  а¶Ҝුරа¶ҡа¶ӯа¶ұа¶әа¶ҡа·Ҡ а·Җа¶ӯа·Ҡ а¶ҙа·Ҹа·Җа·’а¶ а·Ҡа¶ а·’ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а·„а·ңа¶әа¶Ҫа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. මට а¶Ҝුරа¶ҡа¶ӯа¶ұ а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶ӯිබුа¶ұа·Ҹ. එа¶ҡа¶ҡа·Ҡ ඔа·Җа·”а¶ұа·Ҡ  а¶…රа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶…а¶ұа·’а¶ӯа·Ҡ එа¶ҡа·Ҡа¶ҡ  а¶ёа¶ё а·„а¶Ӯа¶ңа¶Ҫа·Ҹ а¶ӯිබුа¶ұа·ҡ.а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ රෑ а¶Ҝа·ңа¶Ҫහට а·Җа·’а¶ӯර а¶ҡа·Ҹටа¶ӯа·Ҡ а·„а·ңරа·ҷа¶ұа·Ҡ а¶ёа¶ё а¶’ а¶Ҝුරа¶ҡа¶ӯа¶ұа¶ә අරа¶ңа·ҷа¶ұ රුа·Җа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әට  එа·ға·Ҡ.එමа·Ҡ.එа·ға·Ҡ а¶ҙа¶ұа·’а·Җඩа¶әа¶ҡа·Ҡ а¶әа·җа·Җа·Ҡа·Җа·Ҹ а¶ёа¶ё а¶үа¶ұа·Ҡа¶ұ а¶ӯа¶ӯа·Ҡа·Җа¶ә а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·ңа·„а·ңа¶ё හරි а¶ёа·Ҹа·Җ බа·ҡරа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.  а¶ҡа·ңа·„а·ңа¶ё හරි රුа·Җа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҙа·Ҹа¶ұа·Ҡа¶Ҝර а¶Ҝа·ҷа¶ҡට а·Җа·’а¶ӯර මට а¶Ҝුරа¶ҡа¶ӯа¶ұа¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·Ҹ. බа¶ә а·Җа·ҷа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ, а¶ҡа¶Ҫබа¶Ҫ а·Җа·ҷа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ а¶…а¶ҙа·’ ඔа¶әа·Ҹа·Җ බа·ҡරа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ  а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ.а¶үа¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶ёа¶ё а¶…а¶ҙа·’ а¶үа¶ұа·Ҡа¶ұ а¶ӯа·җа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ұа·җа·Җа¶ӯ එа·ға·Ҡ.එමа·Ҡ.එа·ға·Ҡ එа¶ҡа¶ҡа·Ҡ а¶әа·җа·Җа·Ҡа·Җа·Ҹ. а¶ҙа·ға·Ҡа·ға·ҡ රුа·Җа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶…а¶ҙа·’ එа¶ұа·Җа·Ҹ ඔа¶әа·Ҹа·Җ බа·ҡරа¶ңа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.  а¶‘а¶Ҝа·Ҹ а·„а·Җа·ғ а¶ҙහට а·Җа·’а¶ӯර а·ғරа·Ҡа¶Ҫа·Ҹ а¶Ҷа·Җа·Ҹ. එа¶ӯа¶ҡа·ңට а¶…а¶ҙа·’а·Җ  а·„а¶Ӯа¶ңа¶Ҫа·Ҹ а¶ӯිබුа¶ұа·ҡ. а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶…а·„а¶Ҫа·Ҹ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ а·Ғ‍а·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶…а¶ә а¶үа¶ұа·Ҡа¶ұа·Җа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.  එජа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶…а¶ә а¶ёа·”а¶Ҫа·’а¶ұа·Ҡа¶ё  а¶…а¶ҙа·’ එа¶ӯа¶ұ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶ҙа·ға·Ҡа·ға·ҡ а·ғරа·Ҡа¶Ҫа·Ҹ а¶ёа¶ңа·ҡ  а¶ұа¶ё а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а·„а¶әа·’а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·‘ а¶ңа·җа·„а·”а·Җа·Ҹ. а¶ёа¶ңа·ҡ а¶Ҝුරа¶ҡа¶ӯа¶ұа¶әට а¶ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·Ҹ. එа¶ӯа¶ҡа·ңට а¶ёа¶ё එළිа¶әට а¶Ҷа·Җа·Ҹ. а¶’ а·Җа·”а¶ұа·Ҹට  а¶…а¶ҙа·’а·Җ බа·Ҹර а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶ҡа·ңа·„а·ңа¶ё හරි а·ғරа·Ҡа¶Ҫа·Ҹ а¶ҙа·җа¶ә а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а·Җа·’а¶ӯර а¶Ҫа·ңа¶ҡа·” а·ғටа¶ұа¶ҡа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’а·Җ එළිа¶әට а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶ёа¶ё а·ғරа·Ҡа¶Ҫට а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа¶ё а·Җа¶ңа·ҡа¶ё а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ұа·”а·Җර а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҡ එа¶ҡа¶ҡа·ҷа¶ұа·ҷа¶ҡа·”а¶ӯа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ එа¶әа·Ҹа·Җа¶ӯа·Ҡ එа¶Ҫа·’а¶әට а¶ңа¶ұа·Ҡа¶ұ  ඕа¶ұа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.  а¶ҙа·ға·Ҡа·ға·ҡ а·ғරа·Ҡа¶Ҫа·Ҹ එа¶әа·Ҹа·Җа¶ӯа·Ҡ එළිа¶әට а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶ёа¶ё රට а¶Ҷа·Җа·ҡ а¶ңа·ҡ а¶Ӣа¶ҡа·ғට а¶ӯа·’а¶әа¶Ҫа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶’а¶ҡ а·ға·’а¶ұа·Ҡа¶ұ а·Җа·ҷа¶Ҫа·Ҹ. а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶…а¶ҙිට බа·ңරු а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ, а¶ёа·Җа¶Ҫа·Ҹ а¶ҙа·ҷа¶ұа·Ҡа¶ұа¶Ҫа·Ҹ  රට අරිа¶ұа·Җа·Ҹ. а¶…а¶ҙа·’ а¶…а·ғරණ а·Җа·”а¶ұа·„а¶ё  а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җට а¶әа·Җа¶ұа·Ҡа¶ұа¶ұа¶ёа·Ҡ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ӯа·”а¶ұ а·„а¶ёа·Ҹරа¶ҡа·Ҡ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әට а¶ңа·ҷа·Җа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а¶…а¶ҙа·’а·Җ а¶Үරа¶ҙа·” а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әට а¶ңа·ҷа·Җа¶Ҫа·Ҡ а·Җа¶Ҫ а¶…а¶ә а¶Ҝа·җа¶ұа·Ҡа·Җа·”а·„а·Ҹа¶ё а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҷа¶ӯа·Ҡ а¶…а¶ҙිට බа·җа¶ұа¶Ҫа·Ҹ බа·җа¶ұа¶Ҫа·Ҹ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ұа·Җа·Ҹ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ңа¶ұа¶ұа·Ҡ.а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶ҡа·Ҹරа¶әа·қ  а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ҙа·’а·Җ  а¶Ҫබа·Ҹ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а·„а·Ҹа¶ёа·Ҡа¶ҙа·”а¶ӯа·Ҹа¶Ҫа¶ңа·ҷа¶ұа·Ҡ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ңа¶ұа¶ұа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶…а¶ҙිට а·Ға¶ӯ а¶ҙа·„а¶ҡа·Ҡа·Җа¶ӯа·Ҡ а¶Ҫබа·Ҹ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶’а¶ӯа·Ҡ а¶…а¶ұа·Ҡа¶ӯිමට а¶…а·ғරණ а·Җа·”а¶ұа·„а¶ё а·„а·Ҹа¶ёа·Ҡа¶ҙа·”а¶ӯа·Ҹට а¶ңа·ҷа·Җа¶ұа·Ҡа¶ұ   ඕа¶ұа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·ҷа¶ұа·Ҡ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ңа¶ұа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ұа·Җа·Ҹ.а¶ёа¶ё а¶…а·Җа·ға·Ҹа¶ұ а·Җа·Ға¶әа·ҷа¶ұа·”а¶ӯа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’ а·ға¶ёа¶ң а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ҡа·’а·ға·’а¶ё а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа¶ҡට а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶ҡа¶ёа·Ҡ а¶ҙа·Җа¶ӯа·Ҡа·Җа¶ұа·Ҡа¶ұ а¶ёа·’а¶ұа·Ҡ а¶үа¶Ҝිරිටа¶ӯа·Ҡ а¶үඩ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ. а¶ёа·ңа·Җа·”а¶ұа·Ҡа¶ңа·ҡ а¶ҡටа¶әа·”а¶ӯа·” а·ға·ңа¶әа·Ҹ බа¶Ҫа·Ҹ බа¶Ҫа¶ҙа¶ӯ‍а·Ҡ‍ර а¶…а·Җа¶Ҫа¶Ӯа¶ңа·” а¶ҡර а¶Ҝа¶ёа¶ұа·Ҡа¶ұ.රа·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җරීа¶ңа·ҡ а¶Ҷа¶Ҝа·Ҹරа¶әа·ҷа¶ұа·Ҡ а¶ўа¶ұа·ҡа¶Ҫа¶әа·ҷа¶ұа·Ҡ а¶¶а·’මට а¶ҙа·җа¶ұ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶әට а¶ҙа¶Ҫа·Ҹ а¶ңа·’а¶ә а¶үа¶Ӯа¶ңිරිа¶әа·ҡ а¶ўа·ҡ.а¶’ අමරа·Ҹа·Җа¶ӯа·“  а¶ёа·„а¶ӯа·Ҡа¶ёа·’а¶ә а¶Үа¶ә මුහුණ а¶Ҝа·”а¶ұа·Ҡ а¶…а¶ӯа·Ҡ а¶Ҝа·җа¶ҡа·“а¶ёа·Ҡ а¶ёа·ҷа·ға·ҡ а¶ҡа·“а·Җа·Ҹа¶ә.а¶ёа¶ё  අබුඩа·Ҹබි а¶Ҷа·Җа·ҡ බа·Ҹа¶ңа·ҷට а·„а¶Ҝа¶ұ а¶ұа·’а·Җа·ға·ҡ а·Җа·җඩа¶ҡටа¶әа·”а¶ӯа·” а·ға¶ёа·Ҡа¶ҙුරа·Ҡණ а¶ҡරа¶ңа¶ұа·Ҡа¶ұ. මට а¶Ҝරුа·Җа·қ а¶ӯа·”а¶ұа·Ҡа¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ёа¶ңа·ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ  බිබී а¶Үа·Җа·’а¶Ҝа·’а¶ұа·Җа·Ҹ.а¶ёа·Ҹа·Җ а·Җа·җඩට а·Җа·җටුа¶ұ а¶ңа·ҷа¶Ҝරිа¶ұа·Ҡ а¶ёа¶ё а¶ңа·’а¶ә а¶Ҝа·Җа·ға·ҡ а¶үа¶Ҝа¶Ҫа·Ҹ  а¶Ҝа·Җа·ға·Ҡ а¶Ҝа·ңа¶Ҫа·„а¶ҡа·Ҡ මට а¶ҡа¶ұа·Ҡа¶ұ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а·Җа·җඩ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а·Җа·’а¶ӯරа¶әа·’.а¶’ а¶ңа·ҷа¶Ҝර а¶ҙа·„а¶Ҫа·ңа·ға·Ҡ а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·”а¶ңа·ҡ а·Җа·җඩ а¶ёа¶ё а¶ҡа·…а·Ҹ. а¶’ а¶…а¶ә а¶ҡа·”а·ға·Ҡа·ға·’а¶әа·ҡ а¶Ҝа·ңර а¶Ҫа·ңа¶ҡа·Ҡа¶ҡරа¶ұа·Җа·Ҹ. මට а·Җа·”а¶ұа·ҡ බඩ а¶ңа·’а¶ұа·Ҡа¶ұа·ҡ а¶үа¶ұа·Ҡа¶ұа¶әа·’.  а¶ҡа·‘а¶ёа¶ҡа·Ҡ а·„а·ңа¶әа·Ҹа¶ңа·ҷа¶ұ а¶ҡа·‘а·Җа·ҷа¶ӯа·Ҡ а·„а·ңරа·ҷа¶ұа·Ҡ.   а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ а¶ёа¶ё а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ මට බඩа¶ңа·’а¶ұа·Ҡа¶ұа·ҡ а·Җа·җඩ а¶ҡරа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ. а¶ёа·Ҹа·Җ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әට а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶Ҝа·Ҹа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.  а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶’ а¶…а¶ңа¶Ҝර а¶…а¶ә а¶ёа·Ҹа·Җ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әට а¶ңа·ҷа¶ұа¶ӯа·Ҡ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ. а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶ҙа·”а¶Ӯа¶ а·’ а¶ҡа·Ҹමරа¶әа¶ҡ а¶…а¶ҙа·’а·Җ හිර а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯිබුа¶ұа·Ҹ.  එа¶ӯа¶ұ а¶ҙа·’а¶Ҫа·’а¶ҙа·“а¶ұ а¶ҡа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ҹа·Җа·қ 04 а¶әа·’, а¶үа¶ұа·Ҡа¶Ҝа·”а¶ұа·“а·ға·’а¶әа·Ҹа·Җа·ҡ 03 а¶әа·’, а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ 05 а¶ҡа·”а¶әа·’ හිටිа¶әа·ҡ. а¶…а¶ҙිට а¶ұа·’а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа¶ӯа·Ҡ а¶’ а¶ҡа·Ҹමරа¶ә а¶ёа¶Ҝа·’. а¶ҡа¶ұа·Ҡа¶ұа¶ӯа·Ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶ҙිට а¶Ҝа·ғ а·Җа¶Ҝ а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ. බа·җරිම а¶ӯа·җа¶ұ а¶…а¶ҙа·’ а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶әа¶ұа·Ҡа¶ұ а¶ӯීරණа¶ә а¶ҡа¶Ҫа·Ҹ. а¶Ҝа·Җа·ға¶ҡа·Ҡ රෑ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а·ға·җа¶Ҫа·ға·”а¶ёа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ එළිа·Җа·ҷа¶ұ а¶ҙа·Ҹа¶ұа·Ҡа¶Ҝර රа·ҷа¶Ҝа·’ а¶ңа·җට а¶ңа·„а¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ බිමට а¶ҙа·җа¶ұа·Ҡа¶ұа·Ҹ.  а¶ўа·“а·Җа¶ӯа·Ҡ а·Җа·”а¶ұа¶ӯа·Ҡ а¶ёа·җරුа¶ұа¶ӯа·Ҡ а¶ҡа¶ёа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а·„а·’а¶ӯа·Ҹа¶ңа·ҷа¶ұ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶ҙа·’ බිමට а¶ҙа·җа¶ұа·Ҡа¶ұа·ҡ. а¶‘а·„а·ҷа¶ё а¶ҙа¶ұа·’а¶ұа·Ҡа¶ұ а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶ёа¶ңа·ҡ а¶ҡа¶ҡа·”а¶Ҫа¶ҡа·Ҡ а¶ҙа·җа¶Ҫа·–а¶ұа·Ҹ. а¶ёа¶ё බිමට а¶ҙа·җа¶ұа·Ҡа¶ұ а¶ңа¶ёа¶ұа·Ҡа¶ё а¶ҡа·Ҹරа¶ҡа·ҷа¶ҡа·Ҡ  а¶әටට රිа¶Ӯа¶ңа¶Ҫа·Ҹ а·„а·җа¶Ӯа¶ңа·’а¶Ҫа·Ҹ හිටිа¶әа·Ҹ а¶…а¶ұа·’а¶ӯа·Ҡ  а¶…а¶әа¶ӯа·Ҡ а¶ҙа¶ұа·’а¶ұ а¶ҡа¶ёа·Ҡ.  а¶»а·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җරී а¶…а¶ҙිට а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶ҡа·…а·Ҹ а¶ұа¶ёа·”а¶ӯа·Ҡ එа¶әа·Ҹට а¶ҙа¶ұа·’а¶ұа·Ҡа¶ұ බа·җරි а·Җа·”а¶ұа·Ҹ එа¶әа·Ҹ а¶ёа·„а¶ӯ а¶ұа·’а·ға·Ҹ. а¶…а¶ҙа·’ а·„а¶ӯර а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ ටа·җа¶ҡа·Ҡа·Ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ҡа¶ӯа·Ҹа¶ҡරа¶ңа·ҷа¶ұ අබුඩа·Ҹබි а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶әට а¶ҙа·җа¶ұа¶Ҫа·Ҹ а¶ңа·’а¶әа·Ҹ.а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ёа·„а¶ӯа·Ҡа·Җරුа¶ұа·Ҡට а¶…а¶ҙа·’ а·Җа·’а·ға·Ҡа¶ӯරа¶ә а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. ඔа·Җа·”а¶ұа·Ҡ а¶…а¶ҙිට а¶ҡа·Ҹරුණිа¶ҡа·Җ а·ға¶Ҫа¶ҡа·Ҹ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җට එа¶ұа·Ҡа¶ұ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ а·ға¶Ҫа·ғ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ.රа·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җරී а·ға¶ёа¶ң а¶Ҝа·’а·Җа¶әа·’а¶ұට а¶ҙа·җමිණි  а¶ёа·„а¶ұа·”а·Җර а¶ҙа·’а·…а·’а¶ё а¶ӯа¶Ҫа·Ҹа·Җа·ҡ а¶…а¶ұа·”а¶Ҫа·Ҹа·Җа¶ӯа·“ а¶ёа·җණිа¶ҡа·ҡ а¶Үа¶ә а·Җа·’а¶Ҝа·’ а¶Ҝа·”а¶ҡа·Ҡ а¶ёа·ҷа·ға·ҡ а¶ҡа·“а·Җа·Ҹа¶ә.මට а¶Ҝරුа·Җа·қ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҷа¶ҡа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ёа¶ңа·ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ මීට а¶ңа·ңඩа¶ҡа·Ҡ а¶ҡа·Ҹа¶Ҫа·ҷа¶ҡට а¶ҡа¶Ҫа·’а¶ұа·Ҡ බීа¶Ҫа·Ҹ බීа¶Ҫа·Ҹ  а¶ёа·’а¶ә а¶ңа·’а¶әа·Ҹ. а¶ёа¶ё  අබුඩа·Ҹබි а¶ңа·’а¶әа·ҡ а¶ҙа·„а·” а¶ңа·’а¶ә а¶ўа·–а¶Ҫа·’ 31 а·Җа·ҷа¶ұа·’а¶Ҝа·Ҹ.  а¶ёа¶ё а·Җа·җඩ а¶ҡ‍а·…а·ҡ  а¶Ҝа·ҷа¶ёа·„а¶Ҫа·Ҡ а¶ұа·’а·Җа·ға¶ҡ.   а¶‘а·„а·’ а¶ҡа·Ҹමර අටа¶ҡа·Ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а·Җа·җа·ға·’а¶ҡа·’а¶Ҫа·’ 6 а¶ҡа·Ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶ҙа·Җа·”а¶Ҫа·Ҡ а¶ӯа·”а¶ұа¶ҡа·Ҡ 18 а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҫа·ңа¶ҡа·” а¶…а¶ә 10 а¶әа¶әа·’ а·…а¶ёа¶әа·’ 08 а¶әа·’.  а¶ёа·ҡ а¶Ҝа·„ අට а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ңа·ҷа¶ё а·Җа·җඩ а¶ёа¶ё а¶ҡරа¶ұа·Ҡа¶ұ  ඕа¶ұа·ҡ. а¶Ӣа¶әа¶ұа·Җа·Ҹ а¶ҙа·’а·„а·’а¶ұа·Җа·Ҹ а¶ёа¶Ҝа·’а·Җට а¶ңа·ҷа·Җа¶Ҫа·Ҡ а·ға·”а¶Ҝа·Ҡа¶Ҝ а¶ҡරа¶ұа·Ҡа¶ұ, ටа·ңа¶әа·’а¶Ҫටа·Ҡ а·„а·қа¶Ҝа¶ұа·Ҡа¶ұ, а¶’ а¶ёа¶Ҝа·’а·Җට එළිа¶әа·ҡ а¶…а¶ҡа·Ҡа¶ҡරа¶ҡ а·Җа·’а¶ӯර а¶ҙ‍а·Ҡ‍රමа·Ҹණа¶әа¶ҡа·Ҡ а·„а·җа¶ёа¶Ҝа·Ҹа¶ё а·ға·қа¶Ҝа¶ұа·Ҡа¶ұ а·Җа·”а¶ұа·Ҹ.а¶ҙа·Ҹа¶ұа·Ҡа¶Ҝර а¶ӯа·”а¶ұට а·Җа·җඩ а¶ҙටа¶ұа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. රෑ එа¶ҡ а¶Ҝа·ҷа¶ҡ  а·Җа·ҷа¶ұа¶ҡа¶ёа·Ҡ එа¶ҡ а¶Ҝа·’а¶ңට а·Җа·җඩ а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶ҡа¶ұа·Ҡඩ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ  а¶ұа·җа·„а·җ.  а¶Ҝа·Җа·ға·Ҡ 26 а¶ҡа·Ҡ а·Җа·җඩ а¶ҡරа¶ұ а¶ҡа·ңට මට а·Җа·җඩ а·Җа·җඩි а¶ҡමට а¶ёа·Ҹа·Җ а¶…а·ға¶ұа·“а¶ҙ а·Җа·”а¶ұа·Ҹ.  а·Җරිа¶ұа·Ҡ а·Җර а¶ёа·Ҹа·Җ а¶ҡа¶Ҫа¶ұа·Ҡа¶ӯа·ҡ а·„а·җа¶Ҝа·’а¶Ҫа·Ҹ а¶ҡа·җරа¶ҡа·ҷа¶ұа·Ҡа¶ұ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶ёа¶ё а·Җа·җඩ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶…а¶ёа·Ҹරුа¶әа·’ а¶ҡа·’а·Җа·Ҡа·Җа¶ё а¶’ а¶…а¶ә මට а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ.  а¶ёа¶ё а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ёа¶ё а¶Ҷа·Җа·ҡ а¶ңුටිа¶ҡа¶ұа·Ҡа¶ұ а¶ұа·ҷа¶ёа·ҷа¶әа·’ а¶ёа·Ҹа·Җ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әට а¶ңа·’а¶ұа·’а·„а·’а¶ұа·Ҡ а¶Ҝа·Ҹа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.а¶үа¶ұа·Ҡа¶ҙа·ға·Ҡа·ға·ҡ මට а·„а·ңа¶Ҝටම а¶ңа·„а¶Ҫа·Ҹ а¶ёа·Ҹа·Җ а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әට а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ. මට හිටа¶ңа·ҷа¶ұ а¶үа¶ұа·Ҡа¶ұ а¶ҙа¶ұ а¶ӯිබුа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·…а·ҡ මට а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶әа·ҡ, а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җа·ҡ а·Җа¶ңа·ҡ а·ғීරුа·Җа·ҷа¶ұа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ.ඔа¶ә  а¶…а¶ӯරа·ҷа¶Ҝа·’ а¶ӯа¶ёа¶әа·’ මට රа·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җරීа·Җ а·„а¶ёа·Ҡබ а·Җа·”а¶ұа·ҡ. රа·Ҹа¶ўа·ҷа·ға·Ҡа·Җරී а¶ёа·Ҹ а¶ңа·җа¶ұа¶ӯа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫ අබුඩа·Ҹබි а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡа¶әа·Ҹа¶Ҫа¶әට а¶ҡа¶ӯа·Ҹ а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯිබුа¶ұа·Ҹ.ඔа¶ә а¶…а¶ӯරа·ҷа¶Ҝа·’ а¶ӯа¶ёа¶әа·’ අබුඩа·Ҹබි а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·Ҹරа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ҙа·…а¶ёа·”  а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а·Җа·’а·Ға·Ҡа·Җ а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ, а¶ҡа¶ёа·Ҡа¶ҡරු а¶…а¶Ӯа·Ға¶әа·ҡ а¶ҙа·…а¶ёа·” а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ එමа·Ҡ.а¶Ҡ.а¶ўа·“ а·ғමරа·Җීර, а¶ӯа·ҷа·Җа¶ұ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ රුа·Җа¶ұа·Ҡ а¶ңුණа¶ӯа·’а¶Ҫа¶ҡ, а¶Ҝа·”а¶ёа·’а¶ұа·Ҡа¶Ҝ а·ға¶ӯරа·ға·’а¶Ӯа·„, а¶ҙුබුа¶Ҝа·” а¶ўа¶әа¶ӯа·’а¶Ҫа¶ҡ а·ға·„ а¶…а·„а¶Ҫරа·Ҡ а·ғුබа·Ҹа¶әිරа·Ҡ а¶әа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯුරු а¶…а¶ҙа·’а·Җ а·„а·ңа¶әа·Ҹа¶ңа·ҷа¶ұ а¶Ҷа·Җа·ҡ. ඔа·Җа·”а¶ұа·Ҡ а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶…а¶ҙа·’а·Җ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·–а·Җа·Ҹ.  а¶’а¶ўа¶ұа·Ҡа·ға·’а¶әа·ҡ а¶…а¶ә а¶ұа·җа·„а·җ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ.а¶үа¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯුරු а¶…а¶ҙа·ҡ а¶ұа¶ёа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·‘а¶ңа·җа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ. එа¶ӯа¶ҡа·ңට රа·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җරී එළිа¶әට  а¶Ҷа·Җа·Ҹ. а¶үа¶ұа·Ҡа¶ҙа·ға·Ҡа·ға·ҡ රа·Ҹа¶ўа·ҡа·ға·Ҡа·Җරී  а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·Ҹа·Җ එළිа¶әට а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ.ඹа¶ңа·ҡ а·ға·җа¶ёа·’а¶әа·Ҹ а¶ёа·’а¶ә а¶ңа·’а¶ә а¶Ҝа·Ҹ  а¶үа¶Ҝа¶Ҫа·Ҹ а¶…а¶Ҝ а·Җа·ҷа¶ұа¶ӯුරු а¶ёа¶ё а¶ёа·җа¶Ҝ а¶ҙа·ҷරа¶Ҝа·’а¶ң රටа·Җа¶Ҫ а·ға·ҡа·Җа¶ә а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶ўа·“а·Җа¶ӯа·Ҡ а·Җа·”а¶ұа·ҡ. а¶ёа¶ё රට а¶ңа·’а¶ә а¶ҙа·ға·Ҡа·Җа·ҷа¶ұа·’ а¶ҙа·Ҹර а¶ёа·ҡа¶ҡ. а¶ёа¶ё а·ға·һа¶Ҝа·’, а¶ҡа·”а·Җа·ҷටа·Ҡ, බහරа·ҡа¶ұа·Ҡ а·ға·„ ඩුබа·Ҹа¶әа·’ а·Җа¶Ҫ а·ға·ҡа·Җа¶ә а¶ҡර а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶ҡරа¶Ҝරа¶әа¶ҡට මුහුණ а¶ҙа·‘ а¶ҙа¶Ҫа¶ёа·”а·Җа·ҷа¶ұа·’ а·Җа¶ӯа·Ҹа·Җ а¶ёа·ҷа¶әа¶әа·’.а¶Үа¶ӯа·Ҡа¶ӯටම а¶ёа·ҷа·„а·ҷа¶ё а¶Ҝа·ҡа·Җа¶Ҫа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ҙа·’а·Җ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а¶әа·Җа¶ұ රа·җа¶ҡа·’а¶әа·Ҹ а¶ұа·’а¶әа·қа¶ўа·’а¶ӯ а¶Ҷа¶әа¶ӯа¶ұа¶ә а¶ҡа·’а·ға·’ а·Җа¶ңа¶ҡа·“а¶ёа¶ҡа·’а¶ұа·Ҡ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ұа·ңа¶ҡරа¶ұ а¶ұа·’а·ға¶әа·’.  а¶”а·Җа·”а¶ұа·Ҡට  ඕа¶ұа·ҡ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а·Җа·’а¶ӯරа¶әа·’. а¶…а¶ҙа·’  а¶…а·ғරණ  а·Җа·”а¶ұа·„а¶ё  а¶…а¶ҙа·’а·Җ а¶ӯа·Җ а¶ӯа·Җа¶ӯа·Ҡ а¶…а·ғරණ а¶ӯа¶ӯа·Ҡа·Җа¶әට а¶ҙа¶ӯа·Ҡа¶ҡරа¶ұа·Җа·Ҹ. ඔа·Җа·”а¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җට а¶Ҷа¶ҙа·ға·” а¶әа¶ұа·Ҡа¶ұ а¶ұа¶ёа·Ҡ   а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ңа¶ұа¶ұа·Ҡ  а¶ңа·ҷа·Җа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶ёа¶ё රජа¶әа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶…а·ға·Ҹа¶°а·Ҹරණа¶ҡа¶ёа·Ҡ  а¶ҡරа¶ұ  а¶»а·җа¶ҡа·’а¶әа·Ҹ а¶ұа·’а¶әа·қа¶ўа·’а¶ӯ а¶Ҷа¶әа¶ӯа¶ұа·Җа¶Ҫ බа¶Ҫа¶ҙа¶ӯ‍а·Ҡ‍ර а¶…а·Җа¶Ҫа¶Ӯа¶ңа·” а¶ҡරа¶ұа·Ҡа¶ұ. а¶ұа·җа¶ӯа·Ҡа¶ұа¶ёа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ҙа·’ а·Җа¶ңа·ҡ а¶…а·ғරණа¶әа·қ а¶ӯа·Җ а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ҡබа¶Ҫа·ҷа¶ұа·Ҡ а¶Ҫа·’а¶ҙට а·Җа·җටа·ҷа¶ұ එа¶ҡа¶әа·’.       
вҖҳа¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙඹа¶ңа·Ҹа¶Ҫа¶ҡ а¶ҙа·җටа¶Ҫа·’а¶Ҫа·Ҹ вҖҳ
0
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңඩිа¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)අරа¶ңа¶Ҫа¶ҡරුа·Җа¶ұа·Ҡට а·Җа·’а·„а·Ҹර а¶ёа·„а·Ҹ а¶Ҝа·ҡа·Җа·’ а¶Ӣа¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ұа¶ә а·Җа·ҷа¶ұа·Ҡ а¶ҡර а¶Ҝа·ҷа¶ұබа·Җ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ұа·Ҹа¶әа¶ҡ රа·җа·ға·Ҡа·Җа·“а¶ёа·ҡа¶Ҝа·“ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·… а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұ а¶Ҷа¶ҡа·Ҹරа¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа¶ұа¶ңа·Ҹටු а·Җа¶ұ බа·Җ а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶әа¶ҡ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ҡිරිа¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа·ңළඹа¶Ҝа·“  а¶…а¶Ҝ (22)а¶ҙа·җа·Җа·ға·“а¶ә.අරа¶ңа¶Ҫа¶ҡරුа·Җа¶ұа·Ҡ а¶ҙа·җа¶ә 24а¶ұа·Ҡ а¶үа·Җа¶ӯа·Ҡ а·Җа¶ұ බа·Җ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡර а¶ӯිබිа¶әа¶Ҝа·’ අරа¶ңа¶Ҫа¶ҡරුа·Җа¶ұа·Ҡට, а¶ұа·“а¶ӯа·“а¶Ҙа¶әа¶ұа·Ҡට, а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа·Җа·ҡа¶Ҝа·“а¶ұа·Ҡට а¶ҙහරа¶Ҝа·’а¶ё රටа·ҡ  а¶ҙа·Ҡ‍රа¶ӯිරුа¶ҙа¶әට а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·„а·Ҹа¶ұа·’а¶әа¶ҡа·Ҡ බа·Җа¶ӯа·Ҡ а¶ҡිරිа¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә."а¶ёа·ҷа¶ё а·ға·Ҹа¶ёа¶ҡа·Ҹа¶ёа·“ අරа¶ңа¶Ҫа¶ә  а¶Ҝа·ҷа·ғ а¶ёа·”а·…а·” а¶ўа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯරа¶әа¶ё බа¶Ҫа¶ңа·ҷа¶ұ හිටිа¶әа·Ҹ. එමа·ҷа¶ұа·Ҡа¶ё ඔа·Җа·”а¶ұа·Ҡ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡර а¶ӯිබුа¶ұа·Ҹ а¶ҙа·җа¶ә 24а¶ҡа·Ҡ а¶Үа¶ӯа·”а·…а¶ӯ а¶ёа·ҷа¶ё අරа¶ңа¶Ҫа¶ә а¶ӯа·Ҹа·Җа¶ҡа·Ҹа¶Ҫа·’а¶ҡа·Җ а¶ұа·Җа¶ӯа·Ҡа·Җа¶ұ බа·Җа¶ӯа·Ҡ. එа·ға·ҡ а¶ӯිබිа¶әа¶Ҝа·’ а¶ёа·ҷа¶ё а¶ҙහරа¶Ҝа·’а¶ё а¶ңа·җа¶ұ а¶…а¶ҙිට а¶ҡа·’а·ға·’а·ға·ҷа¶ӯа·Ҡа¶ё а¶ҙа·’а·…а·’а¶ңа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ. අරа¶ңа¶Ҫа¶ҡරුа·Җа¶ұа·Ҡට а·Җа·“а·„а·Ҹර а¶ёа·„а·Ҹ а¶Ҝа·ҡа·Җа·’ а¶Ӣа¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ұа¶ә а·Җа·ҷа¶ұа·Ҡ а¶ҡර а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҙа·ға·”а¶ңа·’а¶әа¶Ҝа·Ҹ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ұа·Ҹа¶әа¶ҡа·Ҡ රа·җа·ға·Ҡа·Җа·“а¶ёа·ҷа¶Ҝа·’ а¶ұа·Җ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶…а¶ҙිට а¶ҙа·җа·„а¶Ҝа·’а¶Ҫа·’а·Җа¶ё а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶ҙа·җа¶ә 24а¶ұа·Ҡ а¶үа·Җа¶ӯа·Ҡ а·Җа¶ұ බа·Җ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡර а¶ӯිබිа¶әа¶Ҝа·’ а¶…а·„а·’а¶Ӯа·ға¶ҡ අරа¶ңа¶Ҫа¶ҡරුа·Җа¶ұа·Ҡට,а¶ұа·“а¶ӯа·’а¶Ҙ а¶ёа·„а¶ӯа·Ҡа·Җරුට, а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа·Җа·ҡа¶Ҝа·“а¶ұа·Ҡට ,а¶ўа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯර а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа·Җа·ҡа¶Ҝа·“а¶ұа·Ҡට а¶ҙහරа¶Ҝа·’а¶ё а¶…а¶ҙа·ҡ а¶ҙа·Ҡ‍රа¶ӯිරුа¶ҙа¶әට а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·„а·Ҹа¶ұа·’а¶әа¶ҡа·Ҡ.а¶…а¶ҙа·ҡ රට බа¶Ӯа¶ҡа·ңа¶Ҫа·ңа¶ӯа·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа¶ұ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа¶ҡ а·Җа·’а·Ға·ҡа·Ӯа¶әа·ҷа¶ұа·Ҡа¶ё බටහිට රටа·Җа¶Ҫа·Ҡа·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶…а¶ҙа·’ а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ұ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа¶ҡ а¶ёа·ҷа·Җа¶ұа·’ а¶ҙа·Ҡ‍රහа·Ҹරа¶әа¶ҡа·Ҡ එа¶Ҫа·Ҡа¶Ҫ а¶ҡිරිම а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җ а¶ҡබа¶Ҫа·ҷа¶ұа·Ҡ а¶Ҫа·’а¶ҙට а¶Ҝа·җа¶ёа·’а¶ёа¶ҡа·Ҡ.а¶’а·Җа·Ҹа¶ңа·ҷа¶ё а¶Ҝа·җа¶ұටමа¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё а¶ҙа·Ҡ‍රහа·Ҹරа¶ә а¶әුරа·ңа·Ҡа¶ҙа·Ҹ а·„а·Җа·”а¶Ҫ ,а¶ёа·„а·Ҹ බа·Ҡ‍රිа¶ӯа·Ҹа¶ұа·Ҡ‍а¶ә ,а¶Үа¶ёа·ҷරිа¶ҡа·Җ,а¶ҡа·җа¶ұඩа·Ҹа·Җ а·Җа·җа¶ұа·’ රටа·Җа¶Ҫа·Ҡ а¶ӯරа¶әа·ҡ а·„а·ҷа·…а·Ҹ а¶Ҝа·җа¶ҡа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶Ҝа·җа¶ұටමа¶ӯа·Ҡ а¶…а¶ҙа·ҡ රටට а·Җිරුа¶Ҝа·Ҡа¶°а·Җ а¶ўа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯර а¶ёа·Ҹа¶ұа·Җ а·„а·’а¶ёа·’а¶ҡа¶ёа·Ҡ а¶ҡа·Җа·”а¶ұа·Ҡа·ға·’а¶Ҫа¶ә а¶үа¶Ҝිරිа¶әа·ҡ а¶әа·ңа¶ўа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ а·ға¶ёа·Ҡа¶ёа¶ӯ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶ёа·ҡ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а¶’а·Җа·Ҹට එа¶ҡа¶ӯа·” а·Җුණа·Ҹа¶ё а¶…а¶ҙිට а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶ўа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯර අරа·Ҡබුа¶Ҝа¶әа¶ҡට මුහුණ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а·ға·’а¶Ҝа·Ҡа¶Ҝ а·Җа·ҷа¶ұа·Җа·Ҹ а¶ёа·ҡ රජа¶ә а¶әа¶ұа·Ҡа¶ұа·ҷа¶ӯа·Ҡ а¶ҙරа¶ұ රජа¶ә а¶ңа·’а¶ә а¶ҙа·Ҹරа·ҡа¶ёа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ එа¶ҡ а¶үа¶ӯа·Ҹа¶ёа¶ӯа·Ҡ а¶ҙа·җа·„а·җа¶Ҝа·’а¶Ҫа·’а¶әа·’.
вҖҳа¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙඹа¶ңа·Ҹа¶Ҫа¶ҡ а¶ҙа·җටа¶Ҫа·’а¶Ҫа·Ҹ вҖҳ
0
(а¶ҡа¶ұа·Ҡа¶ӯа¶Ҫа·ҷа·Ҡ а¶ҡа·ҡ.ඩී. а·Җа·’а¶ўа·ҡа¶ҙа·Ҹа¶Ҫ)“а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҡ а·Җа·җа¶ұа·ҷа¶ұ а·ға·”а·…а·” а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а·„а·’а¶ұа·Ҡа¶Ҝа·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶ҙа·ҷර а¶Ҝа·Җа·ға·ҡ а¶’ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ҙිරිа·ғ а¶ңа¶ӯа·Ҡ а¶ӯීරණа¶ә а¶ұа·’а·ға·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶ҙа·’ а¶ҙа·җරа¶Ҝුණа·ҡ. а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҡඩුа·Җ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ එළිа¶әට. а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·ңа¶ҙа·”а·Җට. а¶Ҷа¶әа·ҡ එළිа¶әට а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҷа¶әа·ҷа¶ӯа·Ҡ а¶ҡа·ңа¶ҙа·”а·Җට а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ҡඩුа·Җ එළිа¶әට а¶ңа¶ұа·Ҡа¶ұ а·Җа·’а¶Ҝа·’а¶әට а·Җа·җඬа·ҡ а¶ҡа·…а·Ҹ а¶ұа¶ёа·Ҡ රа¶ұа·’а¶Ҫа·Ҡ а¶ңа·ҷа¶Ҝර а¶әа·җа¶әа·’ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа·ҷරමුණа·ҡ а¶ұа·Ҹа¶әа¶ҡ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а·Җීරа·Җа¶Ӯа·Ғ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа¶ұа·Ҡа¶ӯа¶Ҫа·ҡа¶Ҝа·“ а¶үа¶ҡа·”а¶ӯа·Ҡа¶Ҝа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.ඔහු а¶ёа·ҡ බа·Җ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡ а¶ҡа¶ұа·Ҡа¶ӯа¶Ҫа·ҡ а¶үа¶ҡа·”а¶ӯа·Ҡа¶Ҝа·Ҹ а¶ҙа·җа·Җа·җа¶ӯа·’ රа·җа·ға·Ҡа·Җа·“а¶ёа¶ҡа·Ҡ а¶…а¶ёа¶ӯа¶ёа·’а¶ұа·’.а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа·ҷරමුණа·ҡ а¶ӯа·Ҡ‍රිа¶ҡුණа·Ҹа¶ёа¶Ҫа¶ә а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶әа¶ҡ а·ға·”а¶ұа·’а¶Ҫа·Ҡ අමරа·Җа¶Ӯа·Ғ а¶ёа·„а¶ӯа·Ҹ රа·җа·ға·Ҡа·Җа·“а¶ё а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а¶ҡර а¶ӯිබිණි.එහිа¶Ҝа·“ а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а·Җීරа·Җа¶Ӯа·Ғ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶ҙа·җа·Җа·ға·“а¶ә “а¶ӯа¶ёа·”а¶ұа·Ҡа¶ұа·Ҹа¶ұа·Ҡа·ға·ҡа¶Ҫа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҙа·ҷබරа·Җа·Ҹරි а¶Ҝа·„а·Җа·ҷа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ හිටිа¶әа·ҡ а¶…а¶әа·’.а·ға·“.а¶әа·–. එа¶ҡа·ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ හිටිа¶әа·ҡ а¶ұа·җа·„а·җ රටа·ҡа·Җа¶ӯа·Ҡ а·ға¶ӯа·’а¶әа¶ҡа·Ҡ а·Җа·’а¶ӯර. අරа·ҷа·„а·ҷа¶ұа·Ҡ а¶Ӣа¶ӯුරа·ҷа¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а·ға·’а¶Ӯа·„а¶Ҫ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” а¶ҙа¶Ҝа·’а¶Ӯа¶ а·’ а¶ҡරа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҷа·„а·ҷа¶ұа·Ҡ а¶ҙа·Ҹа¶ӯа·Ҹа¶Ҫа·ҡ а¶ёа·’а¶ұа·“ මරа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶…а¶әට а·Җа¶ңа·ҡ а·Җа¶ңа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ බа·җа¶Ӯа¶ҡа·”а·Җа¶Ҫ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ӯа·җа¶ұа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶ҡරа¶ҙа·” а¶…а¶әට а¶Үа¶ҙа¶ӯа·Ҡ а¶ұа·җа·„а·җ.а¶ёа·ҷа·„а·ҷа¶ё රට а¶…а·ға·Ҡථа·Ҹа·Җර а·Җුණа·Ҹ. а¶’а¶ҡ а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ එа¶ҡ а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯට а¶ҙටа·Җа¶ұа·Ҡа¶ұ а¶ӯа¶ёа¶әа·’ а¶Ҝа·’а¶ңа¶ұ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ңа·’а¶ұа·’ а¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҡа·…а·ҡ. රහа·ға·Ҡ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶әට а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а·ға¶ӯа·Ҡ‍а¶ә а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ එа¶ҡа¶ӯа·” а¶ҡа·…а·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ බа¶Ҫа¶ұа·Җа·Ҹ а¶’а¶ҡ а¶ҙа·ңа¶Ҝа·” а¶ўа¶ұ а¶ҙа·ҷරමුණа·ҡ а¶ҡරа·ҡ а¶ңа·„а¶ұа·Ҡа¶ұ. а¶Ҝа·’а¶Ҫа·”а¶ёа·Ҡ අමුණුа¶ңа¶ё а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа¶ӯа·”а¶ёа·Ҹට а¶ҙටа·Җа¶ұа·Ҡа¶ұ. а¶’ а¶ҙа·Ҡ‍රа¶Ҝа·ҡа·Ға·Җа¶Ҫ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶ә බа¶Ҫа¶ұа·Ҡ හිටිа¶әа·Ҹ а¶ёа·ңа¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡа·…а·ҡ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. රහа·ға·Ҡ а¶ҙа·ҷа¶Ҫа·’а·ға·’а¶әа·ҡ а·Ға·Ҹа¶ұа·’ අබа·ҡа·ға·ҡа¶ҡර а¶Ҝ а¶ҡа·ңа·„а·ҷа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶Ҫа·ңа¶ҡа·Ҡа¶ҡа·ҷа¶ҡа·Ҡ. රа·Җа·”а·Ҷа·Ҡ а·„а¶ҡа·“а¶ёа·Ҡ а¶Үа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа¶ӯа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶Ҝа·’а¶Ҫа·”а¶ёа·Ҡ අමුණුа¶ңа¶ё а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа¶ӯа·”а¶ёа·Ҹට а¶ёа·ҡа¶ҡ а¶ҙටа·Җа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. එа¶ӯа·”а¶ёа·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” බа·ҡරа¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ. а¶‘а·„а·ҷа¶ё а¶ӯа¶ёа¶әа·’ а¶ңа·’а¶ұа·Ҡа¶ұ а¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҡа·…а·ҡ. а¶ңа·’а¶ұа·Ҡа¶ұ а¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҡරа¶ҙа·” а¶…а¶әа¶ңа·ҡ බа¶Ҫа·Ҹа¶ҙа·ңරа·ңа¶ӯа·Ҡа¶ӯа·”а·Җ а·Җුණа·ҡ а·Җа·’а¶Ҫа·’ а·Җа·ға·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ. එහа·ҷа¶ё а¶ӯа¶ёа¶әа·’ а¶ҡа·…а·ҡ. а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а·Җа·’а·Ға·ҡа·Ӯ а¶ҡа·Ҹරа·Ҡа¶ә බළа¶ҡа·Ҹ а¶ҙа·җමිණිа¶әа·ҡ а¶ҙа·Ҡ‍රමа·Ҹа¶Ҝ а·Җа·ҷа¶Ҫа·Ҹ. а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶ә а¶·а·Ҹර а¶Үа¶ёа·җа¶ӯа·’ රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„, а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’а¶ңа·ҡ а¶ңа¶ёа·Ҡ а¶ҙа·…а·Ҹа¶ӯ а¶ёа¶°а·Ҡ‍а¶әа¶ё а¶ҙа·…а·Ҹа¶ӯ. а¶’а¶ҡ а¶ұа·’а·ға·Ҹ а¶ҙа·һа¶Ҝа·Ҡа¶ңа¶Ҫа·’а¶ҡа·Җ а¶ҡа¶ӯа·Ҹ а¶ҡරа¶Ҫа·Ҹ ඕа¶ұ а¶ҡටа¶әа·”а¶ӯа·Ҡа¶ӯа¶ҡа·Ҡ а¶ҡරа¶ңа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ. а¶…а·Җа·ға·Ҹа¶ұа¶әа·ҡ а¶ёа·„ а·Җа·’а¶ұа·Ҹа·Ға¶әа¶ҡа·Ҡ а·Җුණа·Ҹ. а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ёа·„а·Ҹ а¶Ҫа·ңа¶ҡа·”а·Җට а¶ӯа·ңරа¶ӯුරු а¶Ҝа·җа¶ұа¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶…а¶әа·’а¶ӯа·’а¶ә а¶ӯа·„а·Җුරු а¶ҡරа¶ұа·Җа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶Үа·Җа·’а¶ӯа·Ҡ මුහුණු а¶ҙа·ңа¶ӯ а·Җа·„а¶Ҫа·Ҹ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ. а¶»а¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯහට а¶ёа·„а·Ҹ а¶ҙа·ңа·…а·ңа·Җа·ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶әа¶ҡа·Ҡ а¶Ҝа·’а¶ұа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ. а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ රа¶ұа·’а¶Ҫа·Ҡට බටහිර රටа·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ӯа·”а¶ұа·ҷа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ҡа¶ҡ බа¶Ҫа¶ә а¶ұа·җа¶ӯа·’ а¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ а¶…а¶ҙිට ඕа¶ұа·ҡ а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҡථа·Ҹ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶әа¶ҡа·Ҡ. а¶Ӣа¶ӯුරු а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а·ға·Ҡа·Җа¶әа¶Ӯ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә. а¶’ а·Җа¶ңа·ҡа¶ё а¶әа·”а¶Ҝ а¶…а¶ҙරа·Ҹа¶° а¶…а¶°а·’а¶ҡරණа¶ә а¶ҙිහිටුа·Җа¶ұа·Ҡа¶ұ. එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ҡටа·Ҡටිа¶ә а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶…а¶ҙа·’ а¶ӯа¶ұа·’ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Җа·Ҹа¶Ҫа·”. а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ а·„а¶ёа·”а·Җට а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶…а¶ҙа·’ а¶Ҷණа·Ҡඩුа·Җ а·„а¶Ҝа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·”а¶ұа·Ҡа¶ұ а¶Үа¶ёа·җа¶ӯа·’а·Җරු а·„а¶ә а¶Ҝа·ҷа¶ұа·Ҹට а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әа¶ҡа·Ҡ а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ.රа¶ұа·’а¶Ҫа·Ҡ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡа¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶Үа¶ӯа·Ҡа¶ӯටම රа¶ұа·’а¶Ҫа·Ҡ а¶Ҝа·’а¶ұа¶Ҫа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶Үа¶әа·’ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·“а¶ҙа·” а¶Үа¶ёа·җа¶ӯа·’а·Җරුа¶ұа·Ҡට  а·Җිරුа¶Ҝа·Ҡа¶°а·Җ а¶ңа·ҷа¶ұа·Ҹа¶ҙа·” а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶ә а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ රа¶ұа·’а¶Ҫа·Ҡ. а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶ҙа¶ҡа·Ҡа·Ӯ а·Җුණа·ҡ а¶…а¶ҙа·ҡ а¶ҡа·ңа¶ұа·Ҡа¶Ҝа·ҡа·ға·’ а¶Ҝа·„а¶әа¶ҡට එа¶ҡа¶ҹ а·Җа·ҷа¶ а·Ҡа¶  а¶ұа·’а·ға·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶’ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ёа·Ҡа·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶Ӣа¶ӯුරු а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а¶ҙа·…а·Ҹа¶ӯа·Ҡа·Җа¶Ҫ а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරුа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶әа·’а¶ұа·Ҡ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҷа¶ұа·Ҡа¶ұ а¶ўа·Ҹа¶ӯа·’а·Җа·Ҹа¶Ҝа¶ә. а·ға·’а¶Ӯа·„а¶Ҫ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” а¶ҡа·’а¶әа¶ұа·Җа¶Ҝ а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа¶Ҫа·Ҹ а·ға·’а¶Ӯа·„а¶Ҫ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҡа¶ҡට එа¶ҡа¶ҹ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ҡа¶іа·Җුරු а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұ එа¶ҡа¶ҹа·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·“а¶Ҫа·Ҹ  а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ.а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·”а¶ұа·Ҡ а¶Үа¶ёа¶ӯа·’а·Җරුа¶ұа·Ҡ а¶…а¶әа·’а¶ұа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ මට බа·җа¶ұа·Ҡа¶ұ а¶…а¶әа¶ӯа·Ҡ а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҡ а¶…а¶ҡа·’а¶Ҫа¶ӯа·Ҡ මට බа·җණа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ එа¶ұа·Җа·Ҹ а·„а·’а·ға·Ҡ а¶…а¶ӯа·’а¶ұа·Ҡ. а¶әа·–.එа¶ұа·Ҡ.а¶ҙа·“. එа¶ҡа·ҡ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұ а¶ҡරа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ එа¶ҡа·ҡ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·Ҹ а¶ёа·’а·ға¶ҡа·Ҡ а·Җа·ҷа¶ұ а¶ҡа·Җුරුа¶ӯа·Ҡ а¶ұа·ҷа·Җа·ҷа¶әа·’. а¶әа·–.එа¶ұа·Ҡ.а¶ҙа·“. එа¶ҡа·ҡ а¶Үа¶ёа¶ӯа·’а·Җරු а·ға·“а¶әට а¶…а·ға·–а·Җа¶ҡа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ ඔබа¶ӯа·”а¶ёа·Ҹ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а·„а·җටිа¶әට а¶үа¶ұа·Ҡа¶ұ, а·„а·җබа·җа¶әа·’ а¶ұа·Ҹа¶әа¶ҡа¶ӯа·Ҡа·Җа¶әට а¶ёа·ңа¶ұа·Җа·Ҹ හරි а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶…а¶ңа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·Җа·ҷа¶ұ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·ҷа¶ҡа·Ҡට а¶Ҝа·”а¶ұа·Ҡа¶ұ а¶ңа¶ёа¶ұа·Ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹට а¶ӯටа·Ҡටු а·Җа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ң а¶әа·қа¶ўа¶ұа·Ҹа·Җට а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а·Җа·’а·ға·’а·„а¶ә а¶Ҝа·ҷа¶ұа¶ҡුට а·Җඩа·Ҹ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа·Җරු හිටිа¶әа·Ҹ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ғිරිа·ға·ҡа¶ұа¶ңа·ҡ а·Җа·җа¶ұа·ҷа¶ұ а·ға·”а·…а·” а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а·„а·’а¶ұа·Ҡа¶Ҝа·Ҹ а¶Ҡට а¶ҙа·ҷර а¶Ҝа·Җа·ға·ҡ එа·ға·Ҡ.බී. а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а¶’ а¶ҙිරිа·ғ හිටිа¶әа·ҡ а¶ӯа·”а¶ұа·Ҡ а¶ӯа·җа¶ұа¶ҡ. а¶’ а¶ӯа·җа¶ұа·Ҡа·Җа¶Ҫට а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ҙа·Ҡ‍රа·ғිඩа¶ұа·Ҡටа·Ҡ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ёа¶әа·Ҹ а¶ҡа·ҷа·…а·’а¶ұа·Ҡ а·Җа·җඩа¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа·ҡ а·Җа·җඬа·ҡа¶Ҝа·“ а¶…а¶ҙිට а¶…а·Җа¶°а·Ҹа¶ұа¶ә а¶ңа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ. ඔа¶әа¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫа·қ а¶ңа·җа¶ұ а¶…а¶ҙа·’ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ӯීරණа¶ә.ඔа¶әа¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫа·қ а¶ҡа·җа¶ёа¶ӯа·’ а¶ӯීරණа¶әа¶ҡа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҡඩුа·Җ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҷа¶әа·ҷа¶ӯа·Ҡ а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·ңа¶ҙа·”а·Җට. а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҝа·Ҹа¶ұа·Җа·Ҹ. а·Җа·„а¶ұа·Ҡа¶ұ а·Җа¶ңа·ҡ а¶әа¶ұа·Җа·Ҹ а¶Ҷа¶әа·ҡ а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·ңа¶ҙа·”а·Җට. а¶Ӣа¶ұа·Ҡа¶ұа·җа·„а·ҡ а¶ҡඩුа·Җ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹа¶ё එа·ға·Ҡ.බී. а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶Үа·„а·җа·Җа·”а·Җа·Ҹ. а¶ёа·ҡ а¶ҙа·Ҹර а¶ңа·„а¶ұа·Җа·Ҹа¶ёа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶…а¶ұа·ҡ බа¶ә а·„а·’а¶ӯа·ҷа¶ұ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а¶…а·„а¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ එа·ға·Ҡ.බී. а¶’ а¶ңа¶ёа¶ұ එа·ға·Ҡ.බී. а¶Ҝа·җа¶ұа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ а·Җа·җඬа·ҡ හරිа¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. එа·ға·Ҡ.බී. а¶Ҝа·ҷа¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ හිටිа¶ә а¶ҙа¶ұа·Ҡа·ға¶Ҫа·Ҡ а¶Ҝа·ҷа¶ҡа¶ҡа¶ҡට а·„а·Ҹ а¶…а¶ұа·’а¶ҡа·Ҡ а¶…а¶ә හිටිа¶ә а¶ңа·ҷа¶Ҝරа¶ҡට а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа·ҡа¶ҡ හරිа¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа·ҡа¶ҡ а¶ёа·„а·Ҹ а¶ҙа·’а·ға·Ҡа·ға·” а¶ёа·җа¶ӯа·’а·Җරණ а¶ҡа·Ҡ‍රමа¶әа¶ҡа·Ҡ. а¶ёа·ҡа¶ҡ а·Җа·ҷа¶ұа·ға·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ ඕа¶ұа·ҡ. රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶ҙරිа¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶Үа¶ёа·җа¶ӯа·’ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа·ҡа¶ҡ а¶ңа·ҷа¶ұа·Ҹа·Җа·Ҹට а¶…а¶ҙа·’ а·ға¶ёа·Ҹа·Җ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ҙа¶ұа¶ӯа·Ҡ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶әа¶ұа·Ҡа¶ұа·ҷ රටа·ҡ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·”а¶ұа·Ҡа¶ңа·ҡ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’. එа¶ә අරа·Ҹа¶ўа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶ә а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ұа·’а·Җа·җරа¶Ҝа·’ а·ға¶ёа·Ҹа¶ұа·”а¶ҙа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҡа·Ҡ‍රමа¶әа¶ҡа·Ҡ а¶ӯිබа·Ҡබа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶ёа·ҡа¶ҡ බබа·Ҹ а·„а¶ёа·Ҡබа·Җа·ҷа¶Ҫа·Ҹ. බබа·Ҹ а¶…а¶ӯට අරа¶ңа·ҷа¶ұ බа·җа¶Ҫа·”а·Җа·Ҹа¶ё а¶ӯа¶ёа¶әа·’ රටа·ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯිට а¶ҙа·ҡа¶ұа·Ҡа¶ұа·ҡ а¶Ҝරුа·Җа·Ҹ а¶ёа¶ұа·Ҡа¶Ҝබුа¶Ҝа·Ҡа¶°а·’а¶ҡа¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҷа·„а·ҷа¶ё а¶ұа·Ҹа¶әа¶ҡа¶әа¶ұа·Ҡට රට а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡа¶Ҝ? а¶ҙа·…а·Ҹа¶ӯа·Ҡ а·ға¶·а·Ҹа·Җа¶Ҫටа¶ӯа·Ҡ а¶ёа·ҡа¶ҡ а¶Ҷа·Җа·ңа¶ӯа·Ҡ а¶үа·Җරа¶әа·’. а¶…а¶Ҝ а¶ӯිබа·Ҡබа·ңа¶ӯа·Ҡ а¶’а¶ҡ а¶…а¶ўа·–а¶ӯа¶әа·’.а¶ёа·ҡ а¶ҙа·Ҹර а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶ӯа¶ёа·”а¶ұа·Ҡа¶ұа·Ҹа¶ұа·Ҡа·ға·ҡа¶Ҫа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ а¶ҡа·…а·Ҹа¶Ҫа·” а¶Ҝа¶әа·Ҹа·ғිරි а¶ўа¶әа·ға·ҡа¶ҡර а¶Үа¶ёа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а·ға¶ӯа·’а¶…а¶ұа·Ҡа¶ӯ а¶ҙа·”а·Җа¶ӯа·Ҡа¶ҙа¶ӯа¶ҡට а¶ҡа·қටිа¶әа¶ҡа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·„а·Ҹ බа·җа¶Ӯа¶ҡа·” а·„а·ңරа¶ҡа¶ёа·ҡ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а¶ҡа·ңа·„а·ҷа¶Ҝ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. බа·җа¶іа·”а¶ёа·Ҡа¶ҡර а·„а·ңරа·ҷа¶ҡа¶ёа·ҷа¶ұа·Ҡ а¶Ӣа¶ҙа¶әа¶ҙа·” а·ға¶Ҫа·Ҡа¶Ҫа·’а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҡа·ңටа·ға¶ҡа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·ҡ а¶ңа·ҷа·Җа¶ұа·Ҡа¶ұа·ҡ. а¶ұа·җа¶ӯа·Ҡа¶ұа¶ёа·Ҡ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а·ға·„а·Ҹа¶ә а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ රූа¶ҙа·Җа·Ҹа·„а·’а¶ұа·“ а·Җа·җඩа·ғටහа¶ұа¶ҡට а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ රа·ҷа¶Ҝа·’ а¶ңа¶Ҫа·Җа¶ҙа·” එа¶ҡа·Ҡ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа·Җරа¶әа·ҷа¶ҡа·Ҡ а¶Үа¶әа·’ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶әа·ҡа¶Ҝа·“ а¶ҡа·’а·Җа·Ҡа·Җа·ҡ а·Җිරුධа¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҡ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҡа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶…а·ға·Ҡථа·Ҹа·Җරа¶ӯа·Ҡа·Җа¶ә.а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶ұа·‘а·Җа·’а¶ӯа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұ а¶…а¶әටа¶ӯа·Ҡ а¶ёа·ңа¶ұර а¶ҡа·ңа·… බа·ҷа¶Ҝа·”а·Җа·Ҹ. а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а·„а·Җа·”а¶Ҫа·ҷа¶ұа·Ҡ а¶ӯа¶ёа¶әа·’. බටහිර රටа·Җа¶Ҫа·Ҡ а¶ӯа¶ё а·Җа·”а·Җа¶ёа¶ұа·Ҹа·Җа¶ұа·Ҡ а¶үටුа¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. එа¶ҡа¶ҡа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶ӯුරුа¶Ҝа·„а¶ұа·Ҡа·Җа·–а·Җа¶ұа·Ҡ а¶ҙිළිබඳ а¶ҡа·Ҹරа·Ҡа¶әа·Ҹа¶Ҫа¶ә. а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ а¶…а¶ӯුරුа¶Ҝа¶ұа·Ҡа·Җа·–а·Җа¶ұа·Ҡ а¶ҙа·җමිණි а·Җа·’а¶·а·Ҹа¶ң а¶ҡරа¶ұа·Ҡа¶ұ а·Җа·ҷа¶ұа¶ё а¶…а¶°а·’а¶ҡරණа¶әа¶ҡа·Ҡ а¶ҙිහිටුа·Җа¶ұа·Ҹ а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ңа·ҷа¶ұа·Ҹа·Җа·Ҹ. а¶’ а¶…а¶ұа·”а·Җ а¶ўа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯර а¶ҙа·Ҡ‍රа¶Ҙа·Ҹа¶ҙа·Ҡа¶ӯа·’а¶әට එа¶ҡа¶ҹ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҷа·„а·ҷа¶ӯа·Ҡ а¶Ӣа·ға·Ҹа·Җа·’а¶әа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Җа·Ҹ. а¶үа¶ёа¶Ҫа·Ҡа¶ҡа·Ҹ а¶ҙа·Ҡ‍රа¶ұа·Ҹа¶ұа·Ҡа¶Ҝа·” а·Җа·җа¶ұа·’ а·Җа·’а¶ұа·’а·ғුරුа·Җа·қ а¶Ҝа·Ҹа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а¶ҙа¶ұа¶ӯа¶ӯа·Ҡ а·Җа·ҷа¶ұа·ға·Ҡ а¶ҡа·…а·Ҹ. а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а¶әа·”а¶Ҝ а¶…а¶ҙරа·Ҹа¶° а¶ҡа·…а·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ ඔа¶ҙа·Ҡа¶ҙа·” а¶ҡරа¶ұа·Ҡа¶ұ а·„а¶Ҝа¶ұа·Җа·Ҹ.а¶ұа·қරа·Ҡа·Җа·ҡ а·Җа·җа¶ұа·’ රටа¶ҡа·Ҡ а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට එරа·ҷа·„а·’а·Җ а¶әа·”а¶Ҝ а¶…а¶ҙරа·Ҹа¶° а¶ҡර а¶Үа¶ӯа·’ බа·җа·Җа·’а¶ұа·Ҡ а¶Ӣа¶ӯුරු а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а·Җа·ҷа¶ұа¶ё රජа¶әа¶ҡа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·’. а¶ҡа·ңа·ға·қа·Җ а·Җа·ҷа¶ұа¶ё රа·Ҹа¶ўа·Ҡ‍а¶әа¶әа¶ҡа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҷа¶ӯа·Ҡ එහа·ҷа¶ёа¶әа·’. а¶ёа·ҷа¶ӯа·җа¶ұ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҷа¶ӯа·Ҡ එහа·ҷа¶ё а¶Ҝа·ҷа¶әа¶ҡа·Ҡ. එа¶ҡа¶ё а¶ӯа¶ёа¶әа·’. а¶ёа¶Ӯа¶ңа¶Ҫ а·ғමරа·Җීර а¶ўа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯර а¶ҙа·Ҡ‍රа¶Ҙа·Ҹа¶ҙа·Ҡа¶ӯа·’а¶әට а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡа·…а·ҡ.а¶ёа¶ё а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҷа¶ұа·Ҡ а¶Үа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ а¶ёа·ҷа¶ё а¶ҙа·Ҡ‍රа¶Ҙа·Ҹа¶ҙа·Ҡа¶ӯа·’а¶ә а¶…а¶ӯа·“а¶ӯа¶әට බа¶Ҫа¶ҙа·Ҹа¶ұа·Җа¶Ҝ а¶ӯа·’а¶әа¶Ҫа·Ҹ. а¶ұа·җа·„а·җ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. එа¶әа·Ҹ а¶ӯа·ңа¶ӯа·Ҡа¶ӯ බබа·Ҹ. а¶ёа·ҡа¶ҡ а¶…а¶ӯа·“а¶ӯа¶әට බа¶Ҫа¶ҙа·Ҹа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа¶ңа·ҡ а¶…а¶ёа·Ҡа¶ёа·Ҹ а¶ӯа·Ҹа¶ӯа·Ҡа¶ӯа·Ҹ а·ға·„а·қа¶Ҝරа¶әа·Ҹ а·ға·„а·қа¶Ҝරිа¶ә а¶ёа·ҡ අණа¶ҙа¶ұа¶ӯа·Ҡ а¶…а·„а·қа·ға·’ а¶ҡරа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Ҡа¶ұ ඕа¶ұа·ҡ. а¶…а¶ҙа·’ එа¶Ҝа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ҡа·ңටිа¶әට ඕа¶ұ а¶ұа·җа¶ңිටිа¶ұ а¶әа·”а¶ңа¶әа¶ҡа·Ҡ. а¶’а¶ҡට එа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ӣа¶ӯа·Ҡ‍රී а¶әа·”а¶ңа¶әа¶ҡа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. එа¶Ҝа·Ҹ а¶…а¶ҙිට а·Җа·’а·„а·’а·…а·” а¶ҡа·…а·Ҹ а·„а·җа·…а·’а¶әа·ҡ а¶ҡිඹුа¶Ҫа·Ҡа¶Ҫа·” а¶Ҝа¶ҡа·’а¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.а¶Үමරිа¶ҡа·Ҹа¶ұа·” а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа¶ұа·” а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·ҡа¶ҡ а¶ёа·ҷа·„а·ҷа¶әа·Җа¶ұа·Ҡа¶ұа·ҡ. а¶ёа·ҡ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұට а·Җа·’а·Җа·Ҹа·„а¶ә ඩිа·Җа·қа·ға·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұ ඕа¶ұа·ҡ. а¶’а¶ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’а·Җරුа¶ұа·Ҡ а¶үඩ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ҡ а¶ҙරа¶ңа·җа¶ӯа·’ а·„а·Җа·”а¶Ҫ а¶ҙа¶ұа·Ҡа¶ұа·Ҹ а¶Ҝа¶ёа¶ёа·”. а¶ұа·җа·Җа¶ӯ а¶ёа·ҡ රටට а¶ўа·Ҹа¶ӯа·’ а¶ёа·Ҹа¶ёа¶ҡ а¶әа·”а¶ңа¶әа¶ҡа·Ҡ а¶ңа·ңඩ а¶ұа¶ңа¶ёа·”. රට а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶ӯීරණ а¶ңа¶ұа·Ҡа¶ұ а¶ёа·ҡ රටа·ҡ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫ а¶ұа·’а·Җа·җරа¶Ҝа·’а·Җ а·Җа·’а·ға¶іа¶ұ, රටа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶ҙа·Ҹа·Җа·Ҹ а¶ұа·ңа¶Ҝа·ҷа¶ұ а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶әට а¶ұа·җа·Җа¶ӯ а¶ҙණ а¶Ҝа·ҷа¶ұ а¶ұа·Җ а¶ңа¶ёа¶ұа¶ҡට а¶ёа·ҡ а¶ёа·Җа·Ҡ а¶ҙа·ңа·…а·ңа·Җ හරа·Җа¶ұа·Ҡа¶ұ а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ё а¶ҙа·ҷරමුණ а¶ңа¶ұа·’а¶ёа·”. а·ға·–а¶Ҝа·Ҹа¶ұа¶ёа·Ҡ а·Җа·ҷа¶ёа·”. а¶әа·җа¶әа·’ а¶Ҝ ඔහු а¶ҡа·“а¶ә. 
вҖҳа¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙඹа¶ңа·Ҹа¶Ҫа¶ҡ а¶ҙа·җටа¶Ҫа·’а¶Ҫа·Ҹ вҖҳ
0
(නාලක සංජීව දහනායක)තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ ප්‍රායෝගික පොරොන්දුයි. මාගේ ධුර කාලය ඇතුළතදී ඒ සියල්ලම ඉටු කරනවා.එමෙන්ම අපගේ පාලන කාලයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කරනවා. යුද්ධය නිම වූ පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කළා.නමුත් විදේශීය බලවේගවල අවශ්‍යතාවයන් හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවධානයක් යොමු කළේ නැහැ.රටට එල්ල වන සතුරු තර්ජන ගැන රජයට දැනුම් දෙන්නේ බුද්ධි අංශයි. මේ රජය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන විට යුද මානසිකත්වය නැවත ඇති කිරීමට කටයුතු කරන බව කියමින් ඔවුන්ට කතා කරන්න දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම හැඟීමක් නැතිව කටයුතු කළ නිසා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා.නමුත් අපගේ රජය බුද්ධි අංශ නිලධාරීන්ට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සලසා දෙනවා. අපි යුද්ධය නිමකර රටේ යටිතල පහසුකම් දියුණු කළා. රටට සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. අප විසින් ආරම්භ කළ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ඉදිකිරීම වැනි ව්‍යාපෘති මේ රජය අතරමග නතර කළා. සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම නිසා ලක්ෂ හතරකට පමණ පිරිසකට රැකියා අහිමි වුණා. ඔවුන් එලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක් කිරීමටයි.එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. වගා ණය කපා දමා ගොවි විශ්‍රාම වැටුප රක්ෂණ ක්‍රමය ලබා දෙනවා. ගොවියා දුප්පත්කමින් ඉහළට ගෙන ඒමට අප සැලසුම් සකසා තිබෙනවා.රටට ප්‍රධානතම වශයෙන් විදේශ විනිමය ලැබුණේ වැවිලි කර්මාන්තයෙනුයි. නමුත් බාල තේ සමග කළවම් කර මෙරට තේ පිටරට යැවීම නිසා තේ කර්මාන්තය කඩා වැටිලා. ගුණාත්මක තේ පමණක් පිටරට යවා නැවත විදේශ වෙළෙඳපොළ ලබාගන්න අපගේ රජය කටයුතු කරනවා.එමෙන්ම පොල් කර්මාන්තය හා රබර් කර්මාන්තය සංවර්ධනය කරන්න අපට සැලසුම් තිබෙනවා. මම ගිය දිස්ත්‍රික්ක නවයකම ප්‍රධානතම වැවිලි භෝගය බවට පත්ව තිබුණේ ගම්මිරිස් වගාවයි. නමුත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් බාල ගම්මිරිස් පිටරට යැවීම නිසා අද වන විට ගම්මිරිස් වගාව කඩාවැටිලා.ආසියාවේ රටවල් සංවර්ධනය උදාකරගෙන තිබෙන්නේ තාක්ෂණයේ දියුණුවෙනුයි. අපගේ තරුණ පරපුර තාක්ෂණයට යොමු කළ යුතුයි. මාස 6ක් වැනි කෙටි කාලයකින් එම පුහුණුව ලබා දීමෙන් රටට ව්‍යවසායකයන් බිහි කර ගත හැකියි. රැකියා ලබාගත හැකියි.තොරතුරු තාක්ෂණය කලා අංශයේ සිසුන්ටත් ලබා දෙන්න කටයුතු කරනවා. රජය පුද්ගලික අංශය සමග එකතු වී ඒ වෙනුවෙන් කටයුතු කරනවා.ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. ඉංජිනේරු පීඨයක් අප කැලණිය විශ්වවිද්‍යාලයට ලබා දෙනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න අපගේ රජය කටයුතු කරනවා.ලෝකයත් සමග ඉදිරියට යන්න නිපුණත්වයක් අවශ්‍යයි. නිපුණත්වයක් සහිත තරුණයන් වෙනුවෙන් ලෝකයේ ඕනෑතරම් රැකියා තිබෙනවා. ජර්මනියේ පමණක් ලක්ෂ 2ක හෙද පුරප්පාඩුවක් තිබෙනවා. අපගේ හෙද විද්‍යාලයෙන් උපාධි ලබා දෙන මට්ටමට දියුණු කිරීමෙන් අපට ඒ අවස්ථාවන් ලබා ගත හැකියි.එමෙන්ම විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් වෙනුවෙන් අප ක්‍රියා කරනවා. ඉංග්‍රීසි හා ගණිතය විෂය හැම දරුවකුටම ලබාදීමට කටයුතු කරනවා.එමෙන්ම ජීවන වියදම දරාගත නොහැකි පවුල් වෙනුවෙන් සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් විදුලිය, ජල, ගෑස් සඳහා සහන ලබා දෙනවා. නිවාස නොමැති රණවිරුවන්ට, අඩු ආදායම්ලාභීන්ට පැල්පත්වාසීන්ට නිවාස ලබා දෙනවා.අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ සෑම ක්ෂේත්‍රයක් ගැනම දැඩි අවධානයක් යොමු කරලයි. ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. මම ඔබට අභිමානයෙන් පත්විය හැකි ආරක්ෂිත රටක් ලබාදීමේ අභියෝගය භාරගන්නවා යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.රටේ වෙන්නේ මොනවද කියල අවබෝධයක් තියෙන ගම්පහ ජනතාවට මම අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.චන්ද්‍රිකා මැතිනිය ප්‍රභාකරන්ට කතා කරන්නේ සර් කියලා. ඒ කතාව අද වීරකේසරී පුවත්පතේ දාල තියෙනවා. මිනීමරු නායකයෙක් වෙනුවෙන් එහෙම කතා කරන්නේ කොහොමද?ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ සැලැස්ම රටට කියනවා. ඔහුට රට ගොඩගන්න ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස වේදිකාවේ මොනවද කියන්නේ. ඔහු කියන කතා මටත් වඩා හොඳට ඔබ දන්නවා.සජිත් ප්‍රේමදාස දැනටමත් පරාජය බාරගෙන. ඒ නිසා කිසිම හරයක් නැති කතා කියනවා. මේක ජනාධිපතිවරණයක් මිස කවටයෙක් තෝරා ගන්න මැතිවරණයක් නොවෙයි.පොකට් ගහන කෙනා අනුන්ට හොරා කියනවා. මේ ආණ්ඩුවත් බලය අරගෙන කළේ ඒකමයි. රටේ මහ බැංකුව හොරා කාපු ලෝකයේ එකම ආණ්ඩුව මේකයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනා අපගේ රජයන් යටතේ නීතිය ඉදිරියට ගේනවා.අපි රටට ජාතික සම්පත් එකතු කළා. රජය අරගෙන අපි රටට සම්පත් එකතු කළා. අපි හදපු වරාය, ගුවන්තොටුපොළ කිසිම හැඟීමක් නැති විදියට විකුණලා දැම්මා.මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා සිදුවූ අලාභය ගැන මේ ආණ්ඩුව පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ අයටත් අපගේ රජයන් යටතේ දඬුවම් ලබා දෙනවා.එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල එකිනෙකට පරස්පර කතා සඳහන් කරලා නැහැ. නමුත් සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පිටපතේ ඒකීය රටක් ගැන සඳහන් කරලා, දෙමළ පිටපතේ එක්සත් රාජ්‍ය සංකල්පය ගැන  සඳහන් කරලා තියෙනවා. මේ රවට්ටන්න හදන්නේ කවුද?එදා ප්‍රභාකරන් ඉල්ලපු දේ සජිත් ප්‍රේමදාස ලවා අරන් දෙන්න අද චන්ද්‍රිකාත් එකතු වෙලා ඉන්නවා.එමෙන්ම නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙන්න පියවර ගන්නවා යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.ඉදිරි දින කිහිපයේදී ජනතාව නොමග යැවීමට විවිධ බොරු ප්‍රචාරය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව මොන බොරු කියුවත් ඒ ගෝඨාභයගේ ජයග්‍රහණය සක්කරයටවත් වළක්වන්න බැහැ.මේ ජනාධිපතිවරණය පක්ෂ අතර සටනක් නොවෙයි. ස්වදේශිකයාගේ ජයග්‍රහණය ලබන දිනය නොවැම්බර් 16 වැනිදායි. මේ රට දැන් අපේ රටේ නැහැ.  රටේ ඉඩම් අක්කර තිස් ලක්ෂයක් කොල්ල කන්න බලාගෙන ඉන්න රැල එළවිය යුතුමයි.ඇක්සා ගිවිසුමට අනුව හදිසි අවශ්‍යතාවකදී අප රටට ඇමරිකානු හමුදාවට අපේ රටට ගොඩබහින්න පුළුවන්ය කියන වගන්තිය ඇතුළත් කළා. ඒ හදිසි තත්ත්වය නිර්මාණය කරන්නයි පාස්කු ඉරු දින සහරාන් ලවා බෝම්බ පුපුරුවා හැරියේ.පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මීගමුවේදී සමාව ඉල්ලනවා. ඒ අපරාධකරුවන් සියලුම දෙනා එකට තියල බැඳල දාන්න ජනතාව මග බලාගෙන ඉන්නවා.බටහිර ගැති, පරගැති, රූකඩ පාලනය මේ මවු බිමෙන් පලවාහැරිය යුතුයි. මේ පාලකයන් තවදුරටත් තියාගන්නවාද කියලා ඔබ නොවැම්බර් 16 වැනිදා තීරණය කළ යුතුයි.  පාස්කු ප්‍රහාරයේ වාඩුව ගන්නා දිනය එදායි.දුප්පත් ජනතාව ගැන කතා කරන සජිත් පසුගිය අවුරුදු හතර හමාරටම අමාත්‍යාංශයේ මහජන දිනයට අමාත්‍යාංශයට ගිහිල්ලා නැහැ. තමන්ගේ සහෝදර මන්ත්‍රී කෙනකුගේ ගෙදරින් තේ උගුරක් බොන්නේ නැති සජිත් වැඩිපුරම ඉන්නේ යාල කැලෙයි.මව් රට තමන්ගේ ඇහැ වගේ ආරක්ෂා කරන නායකයෙක් අද මේ රට බලාපොරොත්තු වෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ  ගෝඨාභය  රාජපක්ෂටයි.ගෝඨාභය  රාජපක්ෂ අතීතය කාල්ගාන්නෙත් නැහැ. අනාගතයට දොස් පවරන්නෙත් නැහැ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරල නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැක්කේ ඔහුටයි.සජිත්ට ඒ හැකියාව නැහැ. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලුවාට සහරාන්ලා හදපු රිෂාඞ්, හකීම් ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි. අන්තවාදීන් හුරතල් කළ අය එක්ක ඉන්න සජිත්ට අන්තවාදය නැතිකරන්න බැහැ.සිංහලයා පරාජය කළ හැක්කේ හංසයාට කතිරය ගැසුවොත් පමණක් බව සුමන්දිරන් කියනව. අපි දෙමළ ජනතාව පරාජය කරන්න මේ වේදිකාවේ කතා කරන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ නායකත්වයෙන් යුත් රජයකට පමණයි.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් ප්‍රේමදාසගේ වේදිකාවල ප්‍රබල ඇමැතිවරුන් නැහැ. ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් විතරයි. ඇමැතිවරුන් දැන් අමාත්‍යංශවල බඩු පැක් කරනවා ගෙදර යන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) අතුරලියේ රතන හිමියෝ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුද මෙහිදී කතා කළහ.වසන්ත සේනානායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, නිමල් ලංසා, ඩුලිප් විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
“තරුණයන්ට තාක්ෂණික, කාර්මික පුහුණුව දී රැකියා ප්‍රශ්නය විසඳනවා“
1
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු  ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි  විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්‍ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්‍ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්‍ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්‍ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්‍ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්‍ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්‍ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක්  වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්‍ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්‍ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්‍ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්‍ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්‍ෂේත්‍රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්‍ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්‍ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්‍ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්‍ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්‍ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර  මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම  ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. 
“තරුණයන්ට තාක්ෂණික, කාර්මික පුහුණුව දී රැකියා ප්‍රශ්නය විසඳනවා“
0
(නාලක සංජීව දහනායක, මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල යැපෙන්නන්ට මාසික වැටුප හා විශ්‍රාම වැටුප දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (8) දඹුල්ල නගරයේදී පැවැසීය.තම රජය රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් කැප වී ක්‍රියාකරන බව ද ඔහු කීය.දඹුල්ල, ගම් උදා ක්‍රීඩාංගණයේදී ඉකුත්දා (8) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව කීය. දඹුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් රැලිය සංවිධානය කර තිබිණි.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීවේය.ත්‍රස්තවාදය අවසන් කර නැවත මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවීමට ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදුවා. ඒ නිසා අපේ කාලයේදී මේ රටේ කිසිම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව අප රටට සංවර්ධන යුගය උදා කළා. නමුත් වත්මන් රජය අප විසින් ක්‍රියාත්මක කළ ආරක්ෂක සැලසුම් ඉවත් කළා. රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාමට විදේශීය රටවල් සමග එක්වී කටයුතු කළා. රණවිරුවන් සිරගත කරලා ඔවුන්ගේ මානසිකත්වය කඩා දැම්මා.විදේශීය බලපෑම්වලට හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවන් වෙනුවෙන් ක්‍රියාකරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දී ක්‍රියා කළේ නැහැ.ජාතීන් අතර අවිස්වාසයක් ඇතිවී ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයක් නිර්මාණය වූයේ රජයේ දුර්වලතාවන් නිසයි.විශේෂයෙන්ම යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් හා යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් හා මාසික වැටුප දිගටම ලබාදීමට අපගේ රජය ක්‍රියා කරනවා.අපි පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. අවුරුදු හතරක් පුරා විද්වතුන්, ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන්ගේ අදහස් ලබාගෙන එය සකස් කළා. එය ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙළක්. මාගේ ධුර කාලයේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලුම පොරොන්දු ඉටු කරනවා. මහින්ද රාජපක්ෂ රජය කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දුන්නා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කෘෂිකර්මාන්තයට විශේෂිත තැනක් දී තිබෙනවා.වත්මන් රජය ගොවියා ගැන අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසා වැවිලිකරුවන්ට ආදායම් නැති වෙලා.අපගේ රජයක් යටතේදී රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමට ගොවියාට නොමිලයේ පොහොර සහනාධාරය ලබා දෙනවා. එමෙන්ම සියලුම ගොවි ණය කපා හරිනවා. ගොවි රක්ෂණය හා ගොවි විශ්‍රාම වැටුප හඳුන්වා දෙනවා.අඩු වියදමකින් වැඩි ආදායමක් ලබාගැනීමට හැකි බීජ වර්ග ජල කළමනාකරණය හා නව තාක්ෂණය ගොවියාට හඳුන්වා දෙනවා.දඹුල්ලේ වැඩිපුරම ඉන්නේ ලූනු ගොවීන්. වත්මන් රජය පිටරටින් ලූනු ගෙන්වීම නිසා දැන් ගොවීන් ලූනු වගාකරන්නේ නැහැ. නමුත් අපගේ රජය වීවලට මෙන්ම අල හා ලූනු අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙනවා.ගොවියා ව්‍යවසායකයකු කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. කොමඩුවලින් පැණි හදන්න, තක්කාලිවලින් සෝස් හදන්න ගොවීන් පොළඹවනවා. මේ මඟින් අප බලාපොරොත්තු වන්නේ දේශීය ගොවියා නගාසිටුවීමටයි.පිටරටින් බාල තේ, කුරුඳු, ගම්මිරිස් මෙරටට ගෙන්වා නැවත ප්‍රති අපනයනය කිරීම නිසා එම වගාවන් කඩා වැටිලා. ඒවා නතර කරනවා. ගුණාත්මක හා උසස් අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් බලයට පත් වූ මුල් වසරේ සිටම දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.දීර්ඝකාලීන අධ්‍යාපන සැලසුම් අනුව 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වාත් දරුවන්ට වෘත්තීය දැනුමක් ලබාදෙනවා. විශේෂයෙන්ම එම ශ්‍රේණිවල දරුවන්ට ඉංග්‍රීසි හා ගණිතය දැනුම ලබාදෙන්නටත් ක්‍රියා කරනවා. කෙටි කාලීන සැලසුම් අනුව උසස් පෙළ සමත් සෑම දරුවකුටම විශ්වවිද්‍යාල උපාධිය ලබාගත හැකි ක්‍රමයන් සකසනවා.කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට තොරතුරු තාක්ෂණය මූලික කරගත් පාඨමාලා හඳුන්වා දෙනවා. ඒ අනුව ඉතාම කෙටි කාලයකින් ඔවුන්ට හොඳ රැකියා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම කලා අංශය සඳහාත් තොරතුරු තාක්ෂණය විෂයන් හඳුන්වා දෙනවා.ඉන්දියාවේ සිට චීනය දක්වා විශාල මධ්‍යම පාංතියක් සිටිනවා. අද ලෝකය පුරාම සංචාරය කරන්නේ ඔවුන්. ඔවුන්ව අප රටට ගෙන්වා ගැනීමට අප පහසුකම් සලසනවා. සංචාරකයන් ලක්ෂ හතක් මෙරටට ගෙන්වා ඉතාම කෙටි කලකින් ඇමරිකානු ඩොලර් බිලියන හතක ආදායමක් ලබා ගැනීමට අප අදහස් කරනවා.සමෘද්ධිය ලබන ආබාධිත අයට හා දුප්පත් අයට නොමිලයේ පෝෂණ මල්ලක් ලබාදෙනවා. ජලය හා විදුලියට පනවා තිබෙන බදු අඩු කරලා අනෙකුත් ක්‍ෂේත්‍රවලටත් සහන ලබාදෙනවා.එමෙන්ම රාජ්‍ය සේවයේ ඇබෑර්තු පුරවනවා. ඊට අමතරව නිපුණත්වයක් අවශ්‍ය නොවන රජයේ රැකියාවන් සඳහා දුප්පත් පවුල්වල සාමාජිකයන් බඳවා ගන්නවා.රට සංවර්ධනය කරන්නත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ආර්ථිකය ගොඩනැගීමටත් අපට පැහැදිලි දැක්මක් වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ නිසා ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. මම ඔබ බලාපොරොත්තු වන ආරක්ෂාකාරී රට, ආර්ථික සංවර්ධනයක් රටට ලබාදෙන බව ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.දේශීය ගොවියා සම්පූර්ණයෙන්ම බිමට ඇදලා දැම්මේ මේ ආණ්ඩුවයි. අපගේ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් සුවිශේෂි අවධානයක් යොමු කරනවා. අපේ කාලයේදී මේ රට සහලින් ස්වයංපෝෂිත කළා. ඒක කොච්චරද කියනවා නම් මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කරන තරමට මේ රටේ වී ගබඩා පිරිලා තිබුණා.ගුවන්තොටුපළ වී ගබඩා කළ ලෝකයේ එකම ආණ්ඩුව වත්මන් රනිල් - සජිත් ආණ්ඩුවයි.මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ නඩු පැවරිය හැකි බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. තවම ඒ වාර්තාව එළියට දාලා නැහැ.දඹුල්ල සංවර්ධනය වුණේ අපේ කාලයේදීයි. අපි දඹුල්ලට හැදූ අධිවේගී මාර්ගය අද නතර වෙලා. අපි සිටියා නම් ඒ මාර්ගය දඹුල්ල පහුකරලා මේ වෙනකොට පොලොන්නරුව පැත්තට ගිහිල්ලා.රට පාවාදෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් කරන බව ආණ්ඩුව කියනවා. ඒ ගිවිසුම අත්සන් කළොත් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික කොරිඩෝවක් හැදෙනවා. අපේ රටේ ඉඩම්වල අයිතිය පිටරටට යනවා. ජනාධිපතිවරණයක් පැවැත්වෙන පසුබිමකදී හා මහා මැතිවරණයට මාස තුනක් තියෙන වෙලාවකදී අත්සන් කරන ගිවිසුම් අපි පිළිගන්නේ නැහැ.මේ මොහොතේදී මොන දේශපාලන කඳවුරේ හිටියත් තමන් ගැන නෙවෙයි රට ගැන හිතල කතා කරන්න ජනතාව සූදානම්. වසන්ත සේනානායක ඇමැතිතුමා අපේ වේදිකාවට ආවා. තවත් කට්ටිය මඟ එනවා. ඒ සාකච්ඡා පැවැත්වෙනවා යැයිද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.රට, ජාතිය, ආගම බේරාගත හැකි අන්තවාදීන්ට ඉඩ නොදෙන නායකත්වයක් මේ මව්පොළොව ඉල්ලනවා. කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගත හැකි නායකත්වයේ පිපාසාවකින් මව්පොළොව පෙළෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂට පමණයි.පරාජය පෙනි පෙනී සජිත්ලා ගෝඨාභයට මඩ ගහනවා. හෙට අනිද්දාට සහරාන්ගේ බිරිඳ මාධ්‍ය ඉදිරියට ගෙනත් සහරාන් හා ගෝඨාභය අතර සම්බන්ධකමක් තිබූ බව ප්‍රකාශ කරවීමට උත්සාහ ගන්නවා. රාජිත, මංගල, සහරාන්ගේ නෝනා කොළඹට ගෙනත් මාධ්‍ය හමුවට ඇය සූදානම් කරවනවා.පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය පිළිගෙන ඉවරයි. රාජිත, චම්පික ඇතුළු මැති ඇමැතිවරුන් දැනටමත් අමාත්‍යංශවල බඩු භාණ්ඩ අයින් කරනවා.තමන් ජනාධිපති වී පිරිසුදු ආණ්ඩුවක් හදන බව සජිත් කියනවා. බැඳුම්කර හොරු, අන්තවාදීන්, කැලෑ හොරුන් ඔක්කොම ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉරහඳ හැරුණුකොට අනිත් සේරම දෙන්න පොරොන්දු වෙනවා. ප්‍රබල ඇමැතිවරයෙක්ව සිට කිසිම වැඩක් නොකළ කෙනෙක් ජනාධිපති වී වැඩ කරන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප.) අතුරලියේ රතන හිමියෝ මෙසේ පැවැසූහ.රට භයානක අර්බුදයකට මුහුණ දී සිටිනවා. 2015 දී අප ජනාධිපති තනතුරට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් කළත් ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. මේ ආණ්ඩුව ඉදිරි දින කිහිපයේදී මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරලා රටට කළ හැකි ලොකුම හතුරුකම කරන්න සූදානම් වෙනවා.මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේ පැවැසීය.මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර හදන්න අපි හුඟාක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් ලේ, කඳුළු, දහඩිය හෙළන්න වුණා. අද ඒ කඳවුරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්නව දැක්කම මට හුඟක් සතුටුයි.දඹුල්ලේ දරුවන්ට ටැබ්, තට්ටු ගොඩනැගිලි දෙන්න කලින් ගණිත, විද්‍යා, ඉංග්‍රීසි ගුරුවරු දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. එමෙන්ම දඹුල්ලේ ගොවි ජනතාව වෙනුවෙන් නියමිත වෙලාවට වතුර ටික, බීජ, අස්වැන්නට නියමිත මිලක් ලබා දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. ඔබගේ රජයක් යටතේ මේ කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා යැයිද ඔහු කීය.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
“තරුණයන්ට තාක්ෂණික, කාර්මික පුහුණුව දී රැකියා ප්‍රශ්නය විසඳනවා“
0
(නාලක සංජීව දහනායක පන්නල සිට)තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය.එම අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් තමන් සමග සිටින බවද ඔහු සඳහන් කළේය.පන්නල ප්‍රජා ශාලා භුමියේ සිකුරාදා (1) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද පැවැසීය.අප පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. එය සකස් කිරීමේදී ගමන් මග පිළිසඳරක් වැඩසටහනේදී ඔබලාගෙන් ලබාගත් අදහස් හා විද්වතුන් හා වෘත්තිකයන්ගේ අදහස් ලබා ගත්තා. එහි ඇතුළත් වන්නේ ප්‍රායෝගික විසඳුම්. මාගේ ධුර කාලය ඇතුළතදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියල්ලම ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.අපගේ රජය යුද්ධය අවසන් කළා. නමුත් ඉන් පසුවත් රටේ ආරක්ෂාව වෙනුවෙන් අප සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපගේ පාලන කාලයේදී කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.නමුත් මෙම රජය බලයට පත් වීමත් සමග ජාතික ආරක්ෂාව ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අප යොදා තිබූ ආරක්ෂක සැළසුම් ඉවත් කළා. ඒ නිසා රටත්, ජනතාවත් අනාරක්ෂිත වුණා.නමුත් අපගේ රජයක් යටතේ මේ රට සුරක්ෂිත කරනවා. නැවත මේ රටේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තියන්නේ නැහැ. අන්තවාදීන් සමග එකතුවිය නොහැකි නිසා දෙමළ පක්ෂවල ඉල්ලීම් අප ප්‍රතික්ෂේප කළා.අප බලයට පත්වී රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් නොමිලයේ පොහොර සහනාධාරය ලබාදෙනවා. ගොවි ණය කපා හරිනවා. ගොවි විශ්‍රාම වැටුප, ලබා දෙනවා. ගුණාත්මක බීජ, උසස් බීජ ගොවීන්ට ලබාදෙනවා. ගොවි ජනතාව දුප්පත් කමින් මුදවාගත යුතුයි.එමෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. ඒ නිසා සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරනවා. මේ හරහා රටට වැඩියෙන් ආයෝජන ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.එමෙන්ම අපගේ රජය පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් දීර්ඝකාලීන හා කෙටි කාලීන සැලසුම් සකස් කරනවා.උසස් පෙළ විභාගයෙන් ලක්ෂ දෙකක සිසුන් පිරිසක් සමත් වුවත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නේ 35000ක සිසුන් පිරිසක් පමණයි. ඒ නිසා සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට හැකි වන පරිදි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. නව පාඨමාලා හඳුන්වා දෙනවා. උපාධිධාරියාට රස්තියාදු නොවී රැකියාවක් ලබාගැනීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයන් සකස් කරනවා.තොරතුරු තාක්ෂණය අංශයෙන් රැකියා ලබා ගැනීමට උපාධියක් අවශ්‍ය වන්නේ නැහැ. අද තොරතුරු තාක්ෂණය අංශයෙන් රටට රුපියල් බිලියන දෙකක පමණ ආදායමක් ලැබෙනවා. මෙය රුපියල් බිලියන තුනක පමණ ආදායමක් ලබා ගැනීමට පුහුණු ප්‍රජාවක් අවශ්‍යයි. ඒ නිසා තරුණ පරපුරට අතරමංවීමට ඉඩ නොදී අවශ්‍ය පුහුණුව ලබාදීමට මා කටයුතු කරනවා.තේ, කුරුඳු, ගම්මිරිස් වැනි අපනයන බෝග හරහා රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකියි. නමුත් වත්මන් රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා ඒ කර්මාන්ත කඩා වැටිලා.අප අභියෝග බාර ගත් කණ්ඩායමක්. බාරගත් සෑම අභියෝගයක්ම සාර්ථකව ජයගත් කණ්ඩායමක්. ඒ නිසා ඔබ මා ගැන විශ්වාසය තබන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මම ඔබට සුරක්ෂිත රටක් බිහිකර දෙනවා යැයිද ඔහු සඳහන් කළේය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.රට සංවර්ධනය කරන්න තමන් ආරම්භ කරන වැඩපිළිවෙළ ගැන අපේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කතා කළා. ඔහුට පැහැදිලි සැලැස්මක් තිබෙනවා.විශේෂයෙන්ම රටේ ආර්ථිකය ගොඩ නැගීමේදී අප කෘෂිකර්මාන්තය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. කෘෂිකර්මාන්තයට වැඩියෙන්ම පහසුකම් සැලසුවේ අපගේ රජයයි. රුපියල් 350ට පොහොර සහනාධාරය දුන්නා. රට සහලින් ස්වයංපෝෂිත කළා. ගුවන් තොටුපොළක වී ගබඩා කරන්න වෙන තරමටම රට සහලින් ස්වයංපෝෂිත වුණා.නමුත් මේ රජය බලයට පත්වී කෘෂිකර්මාන්තයට මොනවද කළේ. අපි දීපු පොහොර සහනාධාරය නතර කළා. කුඹුරු ඉඩම් ලක්ෂයක් වගාකිරීම නතර කළා. ඒ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අද පිටරටින් සහල් ගෙන්වනවා.සංවර්ධන කාර්යයන්වලදී කර්මාන්ත සංවර්ධනය කිරීම ගැනත් අපි අවධානය යොමු කරනවා. එහිදී විශාල වශයෙන් රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි කර්මාන්ත රටට ගෙනඑනවා. ඇඟලුම් කර්මාන්තය අද ගමට ඇවිල්ලා තියෙනවා. ඒ සේවක සේවිකාවන්ට අභිමානයෙන් ජීවත් විය හැකි වටපිටාවක් අප ඇති කරනවා. එමෙන්ම තරුණ පරපුර එයට ආකර්ෂණය වන රැකියාවක් බවට අපි එය පත් කරනවා.වත්මන් රජය මේ ප්‍රදේශයේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කළා. නමුත් තවම වාහන නිෂ්පාදනය වෙන්නේ නැහැ. මාස 6ක් ඇතුළත ඉන් වාහනයක් නිපදවුණේ නැත්නම් අප ඒ ඉඩම නැවත රජයට පවරා ගන්නවා. රටේ ඉඩම් නිකරුණේ පිට අයට දෙන්න බැහැ.ජනතාව බලාපොරොත්තු වුණ දේවල් මේ ආණ්ඩුවෙන් ලැබුණේ නැහැ. ජනතාවට නොලැබුණ දේවල් හුඟාක් තියෙනවා. රටේ සම්පත් විකුණුවා. මහ බැංකුව මංකොල්ලකෑවා. රටට මුකුත් කළේ නැහැ.සජිත් ප්‍රේමදාස අද රටට විහිළු සපයනවා. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව, තමන්ගේ ආසනය දිස්ත්‍රික්කය දිනාගන්න බැරි කෙනාට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්දැයි ප්‍රශ්නයක් තිබෙන බවද විපක්ෂනායකවරයා කීය. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.මේ ආණ්ඩුවට ආයුෂ තියෙන්නේ තවත් මාස 6යි. ඊට පස්සේ රට බාර ගන්නේ ගෝඨාභය රාජපක්‍ෂයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණය දිනන බව ඇමරිකාවත් දන්නවා. ඒ නිසා ඡන්දයට කලින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ලෙසට ඔවුන් රජයට බලකරනවා.මේ පණ අදින ආණ්ඩුව එක්ක අත්සන් කරන ගිවිසුම් ඔට්ටු නැහැ. ඒ නිසා ඕනෑම ගිවිසුමක් ගැන 17 වැනිදායින් පසුව ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් එක්ක සාකච්ඡා කරන ලෙසට අප ඇමරිකාවට කියනවා.පසුගියදා සජිත් ප්‍රේමදාස තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ඒකේ සිංහල පිටපතේ තියෙන එක නෙවෙයි ඉංග්‍රීසි පිටපතේ තියෙන්නේ. ඉංග්‍රීසි පිට පතේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඕන දේයි. ඒ කියන්නේ සජිත් දින්නොත් ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි පිටපතේ තියෙන දෙයයි.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස වෙලා රටේ ජනාධිපති නොවුණ නම් අඩුම තරමේ සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නෙවත් නැහැ. නමුත් ඔහු අද රාජපක්‍ෂලාගේ පවුල් දේශපාලනය ගැන කතා කරනවා. මේ රටේ පවුල් දේශපාලනය හැමදාම තිබුණා.මුළු රටම  මහින්දට - ගෝඨාට ආදරය කරන්නේ ඔවුන් රටට වැඩක් කළ නිසයි. ඒ ආදරයට ඊර්ෂියා කරලා වැඩක් නැහැ. වෛර කරලා වැඩක් නැහැ.එදා සජිත්ගේ පියා බලයෙන් වියරු වැටුණා. අන්තිමට මිනිස්සුන්ට ප්‍රේමදාස එපා වුණා.අද සජිත් යන්නෙත් තමන්ගේ පියා ගිය මාර්ගයේමයි. ඔහුගේ රැස්වීමකදී ආධාරකරුවන් පිරිසක් තරුණයකුට පහරදුන්නා. ඒ වෙලාවේ සජිත් වේදිකාවේ හිටියත් ඒ පහරදීම නවත්වන්න කටයුතු කළේ නැහැ. ඔහුගේ මානසිකත්වය ඉන් තේරුම් ගත හැකියැයිද ඔහු කීය.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවැසීය.මේ රටේ ජාතිභේද ඇති වුණේ ඉකුත් රජය කාලේ බවට මතයක් පැතිරෙනවා. ඒක බොරුවක්. මේ රටේ ජාති භේදය ඇති වුණේ ජේ.ආර්. ජයවර්ධන රජය කාලයේදීයි. යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ ඒ රජය සමයේදීයි.එක්සත් ජාතික පක්‍ෂය පාලනය කළ හැම කාලයකදීම මේ රටේ මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. අපි ජාතිවාදය වපුරන රටේ සමගිය නැතිකරන පක්‍ෂයක් නෙමෙයි. ජාතීන් අතර සමගිය ඇති කළ පක්‍ෂයක්.ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධනය තිබූ මේ රට එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ ලොව දුප්පත්ම රට බවට පත්වුණා. අද මේ රටේ මිනිස්සු  ජීවත් වෙන්නේ මාර අවුලක. රටේ මිනිස්සු අනාගතය ගැන හිතන්නත් බයයැයිද ඔහු සඳහන් කළේය.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසීය.යහපාලන ආණ්ඩුව බලයට පත් වී සති දෙකක් යනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්න අගමැතිවරයා උත්සාහ කළා. මම එයට විරුද්ධ වුණා.එමෙන්ම ආයෝජන මණ්ඩලයේ හිටපු දූෂිතම නිලධාරියා නැවත රටට ගෙනත් මහ බැංකු අධිපති ධුරයට පත් කළා. ඒ  පත්කිරීම කළේ මහ බැංකුව කොල්ල කන්නයි. ලොව කිසිම රටක අගමැතිවරයෙක් තමන්ගේ රටේ මහ බැංකුව කොල්ල කෑවේ නැහැ. නමුත් අගමැතිවරයා ඒ දේ කළා.එමෙන්ම යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු සියලුම රණවිරුවන්ට විරුද්ධව ජිනීවා නුවරදී ගිවිසුම් අත්සන් කළා. ඇමතිකම් පැත්තකට දාලා මම ඒවාට විරුද්ධව සටන් කළා.තමන් බලයට පත්වුවහොත් පිටරට පදයට නටන්නේ නැති බව සජිත් ප්‍රේමදාස කියනවා. නමුත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම හරහා මේ රට ඇමරිකාවට පාවාදෙන්න රජය උත්සාහ ගන්නවා.එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 15,000ක් විදේශිකයන්ට විකුණනකොට ඇමතිකම පැත්තකට දාලා මම ආණ්ඩුවෙන් එළියට ආවා. නමුත් රට ගැන මහා කැක්කුමකින් කතා කරන සජිත් ප්‍රේමදාස මහතා ඒවාට විරුද්ධව වචනයක්වත් කතා කළේ නැහැ. ඔහු රටට එරෙහි හැම යෝජනාවටම අත ඉස්සුවා.මේ ආණ්ඩුව බලයට පත් වූ දවසේ සිටම රටත් ජනතාවත් අනාරක්ෂිත වුණා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර එල්ල වීමට මාස ගණනකට කලින් එවැනි ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවදානම ගැන මම පාර්ලිමේන්තුවේදී කතා කළා. නමුත් ආණ්ඩුව තමන් ජාතිවාදියෙක් කළා මිස ප්‍රශ්නය විසඳන්න ක්‍රියා කළේ නැහැ.ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.අපි කුඩා කාලේ ආච්චිලා සීයලාගෙන් රස කතා ඇසුවා. අද අපි රස කතා අහන්නේ සජිත් ප්‍රේමදාස මහතා ගෙනුයි. රටට විශාල අනතුරක් එල්ල වී තිබෙන මොහොතකදී රට සුරක්ෂිත කිරීම ගැන කතා කරනවා වෙනුවට ඔහු කාන්තාවන්ගේ සනීපාරක්‍ෂක තුවා ගැන කතා කරනවා.නමුත් ගෝඨානය රාජපක්‍ෂ මහතා රට හදන ආකාරය, අධ්‍යාපනය, ආර්ථිකය සංවර්ධනය කිරීම ගැන කතා කරනවා. ඔහු වේදිකාවල හිස් වචන කතා කරන්නේ නැහැ. ගෙම්බෝ සජිත්, සජිත් කියල කෑගැහුවට මිනිස්සු කෑගහන්නේ ගෝඨා... ගෝඨා කියලා යැයිද ඔහු කීය.පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර මහතා මෙසේ පැවැසීයරට විකුණපු, රණවිරුවන් මහා සංඝරත්නයට අපහාස කළ මේ වගේ කාලකන්නි ආණ්ඩුවක් රටට අවශ්‍ය නැහැ. මේ රට ගොඩගන්න අලුත් නායකත්වයක් අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ නිකරුණේ කතා කරන කෙනෙක් නෙවෙයි. ඔහු කතා කරන හැම වචනයකම වටිනාකමක් තිබෙනවා යැයිද හෙතෙම සඳහන් කළේය.එක්සත් ජාතික පක්‍ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වූ උපාලි දසනායක මහතා මෙහිදී ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දක්වමින් වේදිකාවට එක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක අසංක නවරත්න මහතාද ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.
“තරුණයන්ට තාක්ෂණික, කාර්මික පුහුණුව දී රැකියා ප්‍රශ්නය විසඳනවා“
0
(අංජුල මහික වීරරත්න, මාතලේ විශේෂ - මහේෂ් කීර්තිරත්න, දඹුල්ල - කාංචන කුමාර ආරියදාස, රවින්ද්‍ර විරාජ් සහ නාවුල - ඉන්දික අරුණ කුමාර)“දුක, කඳුළ, වේදනාව මැද වද හිංසා විඳිමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන කාන්තාවන් සේවය කරන රාජ්‍ය සමඟ ගිවිසුම් අත්සන් කර හිංසනයෙන්, පීඩාවෙන් තොරව කාන්තාවට එතෙර රැකියා කිරීමේ නිදහස දෙන සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලග්ගලදී පැවැසීය.ශ්‍රී ලංකාවේ කාන්තා පරපුරේ දේශපාලන, සමාජ, සුබසාධන, සිවිල්, මානව ඇතුළු සියලු අයිතිවාසිකම් තහවුරු කරමින් කාන්තා ප්‍රඥප්තියක් තව දින කිහිපයකින් අත්සන් කරන බවද” අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.ජනාධිපතිධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මෙදින සංවිධානය කළ පළමු ජන රැලිය ලග්ගල නව නගරයේදී පැවැත්වුණු අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු රැසක් රැලියට සහභාගී වී සිටියහ.රත්තොට - හතරලියද්ද, අකුරණ හා වත්තේගමද මෙදින ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැලි පැවැත්විණි.ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.“අමාරුවෙන් ජීවිතය ගොඩනගා ගන්නා ලග්ගල ජනතාව ඇතුළු රටේ සමස්ත ජනතාවට වැදගත් පණිවුඩයක් ඉදිරිපත් කරන්න තිබෙනවා. දුෂ්කර ජීවිතයක් ගත කරන ජනතාවගේ ජන ජීවිතය 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ මගේ බලාපොරොත්තුව, මගේ පැතුම ඔවුන්ට උසස් ජන ජීවිතයක්, සෞභාග්‍යමත් ජීවිත උදා කර දීමයි.මේ ප්‍රදේශයේ බහුතර ගොවි ජනතාව ජීවත් වෙන්නේත් ගොවිතැනේ නියැලෙන්නේත් අමාරුවෙනුයි. ජන ජීවිතය ගැටගහ ගන්නා ගොවි පරපුරේ දුක, කඳුළ, වේදනාව දන්නා එකම අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ.ජනතාව රටේ ජනාධිපති තනතුරට කවුද පත් කරන්නේ කියන එක ගැන තීරණ ගන්න විට හෘද සාක්‍ෂියට එකඟව ඒ තීරණය ගන්නවා. මොකද, රටේ අති බහුතරයගේ ප්‍රාර්ථනය වන්නේ පොදු ජනතාවගේ හඬ ජනාධිපති ලෙස නියෝජනය කිරීමය. මුළු මහත් ශ්‍රී ලංකා ද්වීපයේම පුංචි මනුස්සයා නියෝජනය කරන ගොවි, කම්කරු, ධීවරයා රැක ගනිමින් සාමාන්‍ය ජනතාවගේ එකම බලාපොරොත්තුව බවට මා පත්වූ පසු ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරනවා.මා ප්‍රභූ දේශපාලනය කරන්නේ නැහැ. වී.අයි.පී. පොලිටික්ස් මා කරන්නේ නැහැ. 16 වැනිදායින් පසුවත් මා මේ විදියට පොඩි මිනිහාගේ දෙපතුල ළඟට එනවා. මේ බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු බොහෝමයක් තිබෙනවා. මැණික් කර්මාන්තයේ නිරතව සිටින පොඩි මනුස්සයන්ගේ ගැටලු අපමණයි. ඒ ගැටලු විසඳන්න මා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. අවතැන් වූ පවුල්වලට වන්දි දීමේදී, ඉඩම් ලබාදීමේදී, අඩුපාඩුකම් රැසක් ඇතිවෙලා.හුදකලා වූ ගම්මානවල ජීවනෝපායට මා අත - හිත දෙනවා. ඉඩම් තිබෙන අයගේ ඉඩම් ගැටලු ටික විසඳලා දෙනවා. අලි - මිනිස් ගැටලු නිසා අවතැන් වූ ජනතාවට කාර්යක්ෂම වැඩසටහනක් ක්‍රියාත්මක කර අලි මිනිස් - ගැටලුව අවසන් කරනවා.පුරන් කුඹුරු ජල සම්පතින් පෝෂණය කිරීම සඳහා “වැව් උදාව” වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. වැව් උදාව වැඩසටහන යටතේ වසර දෙකක් තුළ මුළු රටේම තිබෙන වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කර අවසන් කර රටේ ආහාර සම්පත නිර්මාණය කරන, රටට බත සපයන ගොවි පරපුර සුරක්ෂා කරනවා.ග්‍රාමීය රෝහල් වැඩිදියුණු කරන්න මා කටයුතු කරනවා. ස්වයං රැකියා කිරීමේදී පෞද්ගලික කටයුතු සඳහා වැලි කැණීමේදී වන අපහසුතාව සොයා බලා, පොඩි මනුස්සයට යම්කිසි දෙයක් කරන්න යනවිට ඇතිවෙන දුෂ්කරතා මඟ හරවනවා. පොඩි මනුස්සයට සතුටින් ජීවත් විය හැකි කාලයක් මා ඇති කරනවා. රැකියා විරහිතභාවයෙන් පෙළෙන තරුණ පරපුර වෙනුවෙන් සෑම උප දිසාපති කොට්ඨාසයකටම කර්මාන්තපුර ඇති කරනවා. රණසිංහ ප්‍රේමදාස මහතා නගරයෙන් ගමට කර්මාන්තශාලා ගෙනාවා වගේ කර්මාන්තපුර හදනවා. ඉන් තරුණ පරපුරේ ජීවිත සුඛිත මුදිත වෙනවා.සංවර්ධන ක්ෂේත්‍රයේ අලුත් පිම්ම පනින්න අද කාලය ඇවිල්ලා. රට හැටියට උසස් දියුණුව ලබන්න කාලය ඇවිල්ලා. ඩිජිටල් නවීන තාක්ෂණය, තොරතුරු තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් නව ආර්ථීකයක් රටට ගෙනෙන්නයි මා කටයුතු කරන්නේ. එතැනදී ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව වැඩි කිරීම උදෙසා සෑම උප දිසාපති කොට්ඨාසයකටම ජාත්‍යන්තර මට්මේ නව තාක්‍ෂණ විද්‍යාව මා බිහි කරනවා.එවිට ගමේ ඉන්න තරුණ පරපුරට නොමිලේ ජාත්‍යන්තර මට්ටමේ නව තාක්‍ෂණය, නව නිපැයුම් නවෝත්පාදන වැඩපිළිවෙළට සහභාගී වෙන්න පුළුවනි. අගනුවර සුළු ජන කොටසට සීමා වූ අධ්‍යාපනික වරප්‍රසාද අනිවාර්යෙන්ම මා ගමට ගෙනෙනවා. සුළු කොටසකට පමණක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට යන්න තිබෙන මහා ඉනිමඟ නොමිලේ අධ්‍යාපන ක්‍රමවේද තුළින් ගමට දෙනවා.රටේ තරුණ පරපුර, කාන්තා පරපුර ජන සමාජයේ අති වැදගත් කොට්ඨාස දෙකයි. තරුණ පරපුර සමඟ සමාජ ගිවිසුමට මා එළැඹෙනවා. තරුණ ප්‍රඥප්තිය මා නිර්මාණය කරනවා. තරුණ ප්‍රඥප්තිය තුළ තරුණ අයිතිවාසිකම්, තරුණ ඉල්ලීම්, තරුණයන්ගේ පැතුම, තාරුණ්‍යයේ බලාපොරොත්තුව ඇතුළු කර ජයග්‍රහණයෙන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ නෛතික බලය රටේ තාරුණ්‍යයට නිදහස් - නිවහල් සංවර්ධිත ජන ජීවිතයක් මා උදා කරනවා.කාන්තා පරපුර වෙනුවෙන් තව දින කිහිපයක් තුළ කාන්තා ප්‍රඥප්තියට අත්සන් තබනවා. රටේ කාන්තා පරපුර වෙනුවෙන් කාන්තාවන්ගේ අයිතිය, දේශපාලන, සමාජයීය, සුබසාධන, ආර්ථික අයිතිය, සිවිල් මානව අයිති්ය කියන හැම අයිතියක්ම ප්‍රඥප්තියට ඇතුළත් කරනවා. කාන්තාවන්ගේ ඕනෑ එපාකම්වලට ගැලපෙන ලෙස සියලු අපේක්‍ෂා ඒ ප්‍රඥප්තියේ වගන්තිවලට ඇතුළත් කර සියයට 51 ක් වූ කාන්තා ජනගහනයත් සමඟ මා සමාජ ගිවිසුමට එළැඹෙනවා.ඒ සමාජ ගිවිසුමත් ජයග්‍රහණයෙන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෛතික බලය කාන්තාවගේ හදවතේ කැකෑරෙන දුක, කඳුළ, බලාපොරොත්තුව, සිහිනය අවබෝධ කරගෙන කාන්තාවන්ට දිය යුතු සමාජ රැකවරණය ඇති කරනවා. ඒ ඓතිහාසික ශක්තිය දීමෙන් රටේ සංවර්ධන ගමනේ පෙරමඟ ගමන්කරුවන් බවට පත් කරන්න කාන්තාවට අයෝමය දායකත්වය මා දෙනවා.විදේශ රැකියා ක්ෂේත්‍රයේ අපේ ජනතාව දුක - කඳුළ - වේදනාව මැද වද හිංසා විඳිමින් උපයා දෙන විදේශ විනිමය තමයි, අපේ රටේ ජීවනාලිය වෙන්නේ. එයයි, අපේ රටේ හදගැස්ම. කාන්තාවන් පිටරට රැකියා කරන්නේ දුෂ්කරතා රැසක් මැද්දෙයි. ඒ නිසා ඒ රටවල් කෙතරම් බලවත් වුවද 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු ඒ රටවල්වල රාජ්‍ය නායකයන් හමුවෙලා ද්විපාර්ශික ගිවිසුම් අත්සන් කර අපේ රටේ කොඳුනාරටිය වන විදේශ සේවාවේ නිරතවී සිටින කාන්තාවන්ට හිංසනයෙන් හිරිහැරවලින් තොරව අඩංතේට්ටම්වලින් තොරව සුරක්ෂිත රැකියාවක් කිරීමේ අයිතිය ඇති කරනවා.ඒ රටවල් සමඟ ගිවිසුම් අත්සන් කර මෙරටට විදේශ විනිමය එවන කාන්තාවන් රැක ගන්න, සුරකින්න විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.මගේ ප්‍රතිවාදියා රුපියල් 350 පොහොර නිකන් දෙනවා කිව්වා. පොහොර මිල රුපියල් 500 යි කියලාවත් ඔහු දැනගෙන හිටියේ නැහැ. පොහොරවල නියම මිලවත් නොදැන වී ගොවියාට පොහොර නිකම් දෙනවා කී මෙයා ගොඩ බෝග වගාකරුවාව අමතක කළා.  හේන් ගොවියා - පලතුරු ගොවියා - තේ - පොල් - රබර් ගොවියා අමතක කළා. මා ජනතාවට කියනවා මා නිර්මාණය කරන ආණ්ඩුවෙන් හැම ගොවි පරපුරකටම නොමිලේ පොහොර දෙනවා. එය එක කොටසකට සීමා කරන්නේ නැහැ.ගොවි ජනතාව ගැන කතා කරන විට සමස්ත ගොවියාටම සහන දෙන්න ඕනෑ. ගොවි ජනතාව අතර භේද - බින්නවීම් කර ගැටුම් ඇතිකර කොටස් කර එක් එක් පුද්ගලයන් රජ වන්නට හදපු උත්සාහය පරාජය කර සමස්ත ගොවි ජනතාව දිනවන්න 16 වැනිදාට පොඩි මිනිහගේ නියෝජිතට බලය දෙන්න.අනාගතය සුබයි. අනාගතය ආලෝකමත්, අනාගතය ශක්තිමත් කරන්න මට හයිය දෙන විට සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා යැයිද” සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ගලගෙදර රැලියේදී මහනුවර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.“2015 දී හිටපු ජනාධිපතිතුමා තවත් වසර දෙකක් තමාටත් තම නඩයටත් රට පාලනය කරන්න තිබියදී රට නැවත ජනාධිපතිවරණයකට ගෙන ගියේ රටේ අභ්‍යන්තරයේ කරගෙන ගිය නීති විරෝධී - අශිෂ්ට පාලනයට විරුද්ධව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් වර්ධනය වෙමින් පැවතුණු විරෝධතා නිසයි.අද රටට ඕනෑ අලුත් පරම්පරාවට උචිත තීන්දු තීරණ ගන්න පුළුවන් විශ්වවිද්‍යාල දැනුම තිබෙන අලුත් පිම්මකින් රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයන්. ඒ අවශ්‍යතාවට ඉතා හොඳින් ගැලපෙන්නේ අපේ සජිත් ප්‍රේමදාස මහතායි. එතුමාට අලුත් පරම්පරාවේ නියෝජිතයෙකු හැටියට රටේ පොඩි මනුස්සයා ගැන අංගසම්පූර්ණ දැනුම තිබෙනවා.”රත්තොට ජන රැලියේදී අදහස් දැක්වූ සංචාරක සංවර්ධන වනජීවී ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා:-“මේ ආණ්ඩුව තරම් වැඩ කළ රජයක් රටේ ඉතිහාසයෙම තිබී නැහැ. නමුත් අප කළ වැඩ ගැන මාධ්‍ය කතා කරන්නේ නැහැ. වංචා දූෂණය නැති අපේක්ෂකයකු අප ගෙනත් සිටිනවා. ලබන 16 වැනිදාට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර රට සංවර්ධනය කරා රැගෙන යන යුගය ආරම්භ කරනවා.”එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායිකා රෝහිණී කවිරත්න මහත්මිය:-“අද සුවිශේෂී මංසන්ධියකට පැමිණ ඉන්නවා. අප රජය ලෙස විශාල වැඩ කොටසක් කළා. වසර 20ක් නිදා සිටි ලග්ගල වසර 4ක් ඇතුළත ඇහැරවූ බව කිව යුතුයි.අපට මෙතෙක් කර ගන්න බැරි වූ වැඩ ටික කර ගන්න හැකි මිනිසෙකු ජනපති පුටුවෙහි වාඩිකර ගනිමු. වගා කරන්න ඉඩම් තිබෙනවා නම් සමෘද්ධි අවශ්‍ය නැති බව අපේ ජනතාව කියනවා. ඔබ ඉල්ලූ අපේක්ෂක අප ඉදිරිපත් කළා. ඔහු ජයග්‍රහණය කරවමු”රත්තොට ජන රැලියේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාද අදහස් දැක්වීය. ජනරැලි සඳහා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, දඹුල්ල එජාප ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න, හිටපු අමාත්‍ය වී. පුත්‍රසිගාමනි, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ. 
“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“
1
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“විදේශ පුරවැසියෙකු ලංකාවේ ජනපති වුවහොත් විදෙස් රටවල් කියන පදයට නටන්න සිදුවෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.“ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නැති සෑම උපාධිධාරියෙකුටම රැකියා දෙන බව”ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් වෙනුවෙන් ඇපයක් සහ පොලී නැතිව රුපියල් ලක්ෂ තුනක ණය මුදල දෙන්නේ යැයි”ද කීවේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුයේ මාවනැල්ල, ගම්පොල, අරණායක, රඹුක්කන සහ පොල්ගහවෙල පැවැති ජන රැලි අමතමිනි.ජනරැලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මාව අපේක්ෂක ලෙස පත් කරන්න බෙල්ල තියපු කෙනකු තමයි කබීර් හෂීම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවද කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 වැනිදාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹලා, තිබෙනවාට වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාව අතරට මා ගේනවා.මාවනැල්ල පුරවරයේ ඉඩම්, නිවෙස් නැති විශාල පිරිසක් ඉන්නවා. රටේ නිවාස වැඩපිළිවෙළ අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 වැනි දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දී රටට සෙවණ දෙන වැඩපිළිවෙළ රටටම ක්‍රියාත්මක කරනවා.රබර් ආර්ථිකයක් ස්වයං රැකියා ආර්ථිකයක් වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි තිබෙනවා. මේ ආර්ථිකවල කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මූල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහළ තලයට ගෙනෙන්න කටයුතු කරනවා.අලුත්නුවර පූජා භූමිය සංවර්ධනය කළේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙනුයි. මේ වනවිට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මෙරට ජනාධිපති ලෙස අලුත්නුවර උතුම් පුදබිම අංගසම්පූර්ණව වැඩි දියුණුකර ඉතිරි වැඩ කොටසත් නිමා කරනවා.ජාතික වශයෙන් අප දැවැන්ත වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි-වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවිය යුතුයි. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහන ද යළිත් ක්‍රියාත්මක කරනවා.කෙටි කාලය තුළ මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා. මගේ පියා තමයි, පාසල් දරුවන් ලක්ෂ 43කට දිවා ආහාරය හා නිල ඇඳුම් දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාට දරුවන් වෙනුවෙන් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ලබන 16 වැනිදා ජනාධිපති වූ පසු මා නිල ඇඳුම් කට්ටල දෙකක්, දිවා ආහාර වගේම සපත්තු ජෝඩුවකුත් දෙනවා.ඇයි පාසල් දූ-දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ? දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත්-බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගෙන්න ඕනෑ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහිවෙන්න නම් දරුවන් පාසල් යන්න උනන්දු කළ යුතුයි.මගේ ප්‍රතිවාදියෝ මේක මුදල් නාස්තියක් කියනවා. නුඹලාට කෝටි ගණනක් ණය ගිනිපොළියට ගෙන නෙළුම් කුලුණ නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුණා නම් මා පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න පැකිළෙන්නේ නැහැ.සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම මූලික කරගෙන කර්මාන්තපුර අරඹනවා. කර්මාන්ත පුරවර වැඩසටහන තුල යොවුන් පරපුරට රැකී-රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට යන ඍජු විදේශ ආයෝජන අපේ මාතෘභූමියට රැගෙන එනවා.යොවුන් පරපුර ලොකුවට ඩිජිටල් විප්ලවය ගැන කතා කරනවා. එය කතාවට පමණක් සීමා නොකර මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා. ඒවායේ බයෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා - සාක්ෂරතාව වැනි දැනුමද ලබා දෙනවා.මේ විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මේ උද්‍යානයන්හි ආරම්භ කරනවා.තරුණ ප්‍රඥප්තියක් මා එළි දැක්වූවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට මා එළැඹුණා. කාන්තාවන් සමඟ කාන්තා ප්‍රඥප්තියට එළැඹුනා. කාන්තා ප්‍රඥප්තියේ තිබෙන්නා වූ සියලුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න මා කටයුතු කරනවා.ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු-මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝදාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැක බලා ගන්නවා.රටේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීමට එහි වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙනවා. සුදුස්සාට සුදුසුතැන මා දෙනවා.ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයත් සුනුවිසුණු කරනවා. ත්‍රස්තවාදීන් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් ද විනාශ කරනවා. ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, ළමා අපචාරකරුවන් විනාශ කර යුක්තිගරුක-විනයගරුක ශිෂ්ඨසම්පන්න ජන සමාජය බිහි කරනවා.මේ කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමඟ වාද කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෙහෙම වාද-විවාද කළාම ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත්වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරු හරි ලියා දුන්නු එකක් ද කියා බලා ගත හැකියි. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තිබෙනවාද, දැනුම තිබෙනවාද, මොළයක් තිබෙනවා ද බුද්ධියක් තිබෙනවාද කියලා ඔක්කොම හොයා බලන්නත් පුළුවනි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස මගේම දර්ශනයයි. වෙන කව්රුවත් ලියපු එකක් නොවෙයි. හැම එකක්ම ප්‍රසිද්ධ විවාදයක් තියා බලන්න පුළුවනි. අපේ හිතවත් මාධ්‍යයට ඒ වෙලාවට කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්වන්නත් පුළුවනි. එතකොට ටෙලිප්‍රෝම්ටර් එකේ වීදුරු කෑලි එහාට-මෙහාට යනවා බලා ගන්නත් පුළුවනි. මට නම් ටෙලිප්‍රෝම්ටර්වලින් කතා කර පුරුදු නැහැ. මොකද, සියලු කරුණු මගේ ඔලුවේ තිබෙනවා. හැබැයි ප්‍රතිවාදියා තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.කොහේ විවාද කරන්න බැරි වුණත් ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මා කැමැතියි. තනිවම එන්න අකමැති නම් ළඟපාත තිබෙන කිහිළිකරු අත්වාරු ටික ගෙන එන්න පුළුවනි.ඕනෑ නම් හිටපු ජනාධිපති අයියාවත් අඬ ගහගෙන එන්න.හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි. ඕනෑ නම් රුපියල් 2500න් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයත් ගෙන එන්න. එහෙමත් බැරිනම් පවුල් ගහම ගෙන එන්න. එය පන්දාහද, පහළොස් දාහද, විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.මාවනැල්ල නගරයේ තනිව සිට දහ දාහද, විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න මා ලෑස්තියි. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායක ලෙස මා කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම දෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවාදෙන්නේ නැහැ.මගේ ඔලුවට කරපිටට වෙනත් රටවල නීති-රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තිබෙනවාද කියලා කියන්න මා දන්නේ නැහැ. කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඔයා අපේ රටේ පුරවැසියේ ලෙස හිටියා, දැනුත් ඉන්නවා ඔයා අපේ රටේ නීතිරීතිවලට අනුව ඉන්න ඕනෑද කියා සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් කරන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.රට තුළ ත්‍රීරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක් පොලිය නැතුව ලක්ෂ 3 ක ණය මුදල දෙනවා.පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක පවතිනවා. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථමවරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ද දෙනවා.රණවිරු සුබසාධන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පෞද්ගලිකව මා සොයා බලනවා. රැකියා නැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා දෙනවායැයි” සජිත් ප්‍රේමදාස මහතා කීවේය.එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා -“අප වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කළේ ජනතාව රජ කරවන්නයි.ගෝඨාභයගේ කඳවුර දෙස බලනවිටත් හිරිකිතයි. ඒ කඳවුර අලුතින් තීන්ත ගෑ හිර ගෙදරකට සමානයි. ඒ කල්ලිය ජාතිවාදය අවුලවමින්, ජනතාව කොටවමින් ඡන්ද ගන්න උත්සාහ කරනවා.මහින්ද අද උතුරට වෙන කතාවක් කියා දකුණට ඇවිත් තව කතාවක් කියනවා. මේ දේශපාලනය තේරුම් ගත යුතුයි”.මහනුවර රණවිරු සමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -“යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා බොහෝ දෙනෙකු කීවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය දිනන්න පුළුවන් බව කිව්වා. ගම්වල තරුණයන් තම ජීවිතය පූජා කර යුද්ධය ජයග්‍රහණය කළා. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පිංකමක් බව බුද්ධ ධර්මයෙහි පවා සඳහන් වෙනවා.රණවිරුවන් ගැන විවිධ අර්ථකතන මාධ්‍ය දෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් යුද්ධ කළේ වැටුප බලා ගෙනම නොවෙයි”.කොළඹ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සමුළුව ඇමතූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -“නොවැම්බර් 17 වැනිදාට හිරු උදාවන විට රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතායි.නිදහස් මාධ්‍ය ව්‍යපාරය සමඟ මා 1980 වසරේ සිට සම්බන්ධ වී කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ විවිධ අවශ්‍යතා, පහරදීම්, ආදි සියල්ල වෙනුවෙන්ම එදා මුලින්ම පාරට බැස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උදවියයි.පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින් මාධ්‍යවේදීන් මර්දනය කළා. ඒ යුගයේදී මාධ්‍යව්දීන් කී දෙනෙකුට ජීවිත අහිමි වුණාද? මාධ්‍යවේදීන් කී දෙනෙකුගේ අතපය අහිමි වූවාද? මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ මාධ්‍ය මර්දනය ද අපගේ ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහසක් දුන්නා. දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. ඇතැම් මාධ්‍ය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන කතා කරනවා වෙනුවට තවමත් රාජපක්ෂ රෙජිමයට ගුණ වයමින් සිටිනවා”.දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුද කතා කළහ.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති එඞ්වඞ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි ද සොයිසා  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 
“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“
0
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය.ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට තමා ජනතා ප්‍රශ්න හඳුනා ගනිමින් ඊට විසඳුම් දීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා ඒ ප්‍රතිපත්ති මාලාව කියවා තීරණය ගන්නා ලෙස මුළු රටටම ආරාධනා කරන්නේ යයි ද සඳහන් කළේය.හාරිස්පත්තුව ජන රැලියට අමතරව මෙදින සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් කුණ්ඩසාලේ, තෙල්දෙණිය, තලාතුඔය, හඟුරන්කෙත සහ වලපනේදී ජනරැලි පැවැත්විණි.ජන රැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීිවේය.සුළු අපනයන භෝග වන සාදික්කා, කරාඹු නැටි, ගම්මිරිස් වගාවලින් ප්‍රදේශයේ බොහෝ දෙනෙකු ජීවිකාව කරගෙන යනවා. රටේ හැම භෝගයකටම ආයතන දෙපාර්තමේන්තු තිබුණද සුළු අපනයන භෝග සඳහා අපේ රටේ එකම රාජ්‍ය ආයතනයක්වත් නැහැ.ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ලංකාවේ සුළු අපනයන භෝග වගාකරුවන් වෙනුවෙන් වෙනමම අධිකාරියක් පිහිටුවනවා. ගම්මිරිස්, සාදික්කා, කරාඹු නැටි වැනි භෝගවලට සහතික මිල දීලා මේ කර්මාන්ත කරගෙන යන සියලු දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරනවා.රටේ ආහාර අවශ්‍යතාව ගොවි පරපුරෙන් පමණක් සපයා ගන්නට අපි සැලසුම් සකස් කරනවා. පිටරටින් රටට භව බෝග ආනයනය කරන්න අවශ්‍ය නැහැ. රට තුළින්ම දේශීය ඉල්ලුමට සැපයුම සකසන්න පුළුවනි. ඉන් නතර නොවී අතිරික්තය අපට පිටරට යවන්න පුළුවනි.මෙරට නිපදවිය හැකි දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු පවා පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු මෙරට වගා කරන්න බැරිද? රටක් ලෙස අපට බැරිද, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කටුවැල්බටු මෙරට හදන්න. අපට ඇත්තටම පුළුවනි.කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ හැම වගාවක්ම ඉහළට ගේනවා. ඒ සැලැස්ම තුළ වී වගාව, එළවළු පලතුරු වගාව, ගොඩ භෝග වගාව, සුළු අපනයන භෝග වගාව, තේ- පොල්-රබර් වගාව යනාදී හැම වගාවකටම 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ නොමිලේ පොහොර දෙනවා.මෙරට ඉතිහාසයේ කිසිම දවසක මහා වගා ව්‍යාපෘතිය වෙනුවෙන් නොමිලේ පොහොර දී නැහැ. නමුත් මා ඒ යුතුකම ඉටු කරනවා. යුතුකම ඉටු කරන්නේ රටේ ජාතික ආහාර විප්ලවය ක්‍රියාත්මක කරන්නයි.මේ ප්‍රදේශයේ පවතින ජල ප්‍රශ්නයට විසඳුම් දෙන්න වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. රටේ ජනාධිපති ලෙස ජල ව්‍යාපෘතිය විවෘත කරන්න මා එනවා.කළුගල් කර්මාන්තය, රතිඤ්ඤා ආශ්‍රිත ව්‍යාපාර විවිධ ප්‍රශ්න නිසා චක්‍ර ලේඛ හරහා පැනවූ නීතිරීති රෙගුලාසි තුළ මේ කර්මාන්තවලට අගතියක් වූවා.ජනාධිපති ලෙස මා වගකීම් බාර ගත්තාට පසු තිබෙන්නා වූ සීමා ලිහිල් කර පරිසරයට අහිතක් හානියක් නොවන ලෙස කළුගල් කර්මාන්තයත්, රතිඤ්ඤා කර්මාන්තයත් නඟාසිටුවන්න කටයුතු කරනවා.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවහම ජනතාවට මා ඉදිරිපත් කළ වැඩසටහන ගැන අවබෝධය ලැබෙනවා. දුප්පත්කම නැති කරන සමෘද්ධි ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර ඊට වැඩි වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. සැමදා අප දුප්පත්කම ගැන කතා කරකර ඉඳලා වැඩක් නැහැ. දුප්පත්කමින් මිදෙන්න ශක්තිමත් කෙටි කාලීන විසඳුමක් අවශ්‍යයි.මෙරට පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුම් දිවා ආහාර දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මගේ ප්‍රතිවාදී දේශපාලන කල්ලිය පාසල් දරුවන්ගේ දිවා ආහාරය අහෝසි කළා. තුන් ආකාරයකින් පාසල් දූ දරුවන් 44 ලක්ෂයකට දැවැන්ත වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා.දැනුම මත කේන්ද්‍ර වූ ආර්ථිකය බිහිකරන අතර ජන සමාජයේ උගතුන්-බුද්ධිමතුන් බිහිකරන්න මා කටයුතු කරනවා. මෙරට ජනතාව 16 වැනිදාට පොඩි මිනිහගේ යුගය බිහි කරනවිට පාසල් දරුවන් 44 ලක්ෂයටම නිල ඇඳුම් දෙකයි, දිවා ආහාරයයි, සපත්තු කුට්ටමයි දෙනවා.රටේ යොවුන් පරපුරට හොඳ අනාගතය අවශ්‍යයි. ඒ වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි කර්මාන්තපුර ආරම්භ කරනවා.මේ හාරිස්පත්තුව ආසනයට කර්මාන්ත පුර 3 ක් දෙනවා. එමගින් රැකියා නැති තරුණ තරුණියන්ට ගමේම නගරයේම ඉඳගෙන රැකියා කිරීමේ අවස්ථාව උදා වෙනවා.ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරන්න යෞවන-යෞවනියන් කැමැත්ත දක්වනවා. තමන්ගේ අයි ෆෝන්වලින් වට්ස් ඇප්, පණිවුඩවලින්, වයිබර් ට්විටර් පණිවුඩවලින් මුළු ලෝකයම ඉදිරියට යන ආකාරය ඔබ දකිනවා. අපේ තරුණ තරුණියන්ටත් ලෝකයේ ක්‍රියාත්මක වන ඩිජිටල් විප්ලවය අපේ රටේ මහපෙළොවේ ක්‍රියාත්මක කරන්න තරුණ ඔබට අවශ්‍යයි. ඒ නිසා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නව තාක්ෂණ විද්‍යාලයක් හදන්න මා කටයුතු කරනවා.මෙරට 25%ක් වූ යොවුන් සම්පත වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන්නේ හංසයාගෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාසයි.කාන්තාවන් වෙනුවෙනුත් මා වැඩපිළිවෙළක් දියත් කළා. මෙරට සීයට 51.8 ක් වන කාන්තාවන් වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියක් අපි ආරම්භ කළා. තරුණයන් වෙනුවෙන් තරුණ ප්‍රඥප්තිය මා ඇති කළා.කාන්තා ප්‍රඥප්තිය තුළ කාන්තා පරපුරේ ආර්ථික-සමාජීය-දේශපාලන අයිතිවාසිකම් මෙන්ම කාන්තාවට දියයුතු සැලකිල්ල ශක්තිය සියල්ලක්ම ඇතුළත් කළා. මෙරට දරු පරපුර රැක ගන්නේ කාන්තාවයි. කාන්තාව අරපිරිමැස්මෙන් ගෘහයේ ආර්ථිකය කළමනාකරණය කරගෙන මෙරට ජීවය- ප්‍රාණය බවට පත්ව සිටිනවා.ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා කරන කාන්තාවන්ගේ නිෂ්පාදන පිටරට යවලා විදේශ විනිමය අතිවිශාල ප්‍රමාණය මෙරටට ගේනවා. මැදපෙරදිග හා අනෙක් රටවල විදේශ සේවයට යන සහෝදරියන්-මව්වරුන් රටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එනවා. ඒ නිසා මා කාන්තා පරපුර වෙනුවෙන් වෙනම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරනවා.මට ඕනෑම විවේචනයක් දරා ගන්න ශක්තිය ජවය-තියෙනවා. නමුත් මට දුක මගේ ප්‍රතිවාදියාට මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන අබමල් රේණුවක දැනුමක්, අවබෝධයක් නොතිබීම ගැනයි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ මගේම සංකල්ප විතරයි. එයින් ටිකක් මා මෙතන කිව්වෙ. ඉතින් මේ කාරණා ගැන වාදයට එන්න කියා මා ප්‍රතිවාදියාට ආරාධනා කළා. මොකද, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන දේ මා දන්නවා. මේවා මට වෙන කව්රුත් ලියා දුන්නු ඒවා නොවෙයි.රටට වින කරන, රට විනාශ කරන පරදේසක්කාර බලවේගවලට දේශීය සංස්කෘතිය ගැන නොදන්න දූෂිත කම්බහොරුන්ට තනතුරු දෙන පත්වීම් ලිපියට අත්සන් කරන්නේ නැතැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-ආණ්ඩුව කරන්න නොහැකිව 2015 වසරේදී පැනගිය කල්ලිය නැවත බලය ඉල්ලාගෙන ඇවිත් ඉන්නවා. ඒ යුගයේදී ආර්ථික සම්බාධක පවා පැනවීමට ජාත්‍යන්තරය සූදානමින් සිටියා. රාජපක්ෂ වසර දෙකකට පෙර එදා මැතිවරණය පැවැත්වූයේ ඒ නිසයි.ඇමරිකා පුරවැසියන් වූ අය මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන කතා කරනවා. බිය විය යුත්තේ රටට ආධාර ලැබෙන ගිවිසුම් ගැන නොව ඇමරිකන් පුරවැසියන් මැතිවරණයට ඉදිරිපත්වීම ගැනයි.එක්සත් ජාතික පක්ෂ හාරිස්පත්තුව ප්‍රධාන සංවිධායක තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා:-වාද භේද ඉවතලා මේ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජනපති බවට පත් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මෙන්ම එතුමාගේ පියාණන් කළ මෙහෙවර ගැන ජනතාව හොඳින් දන්නවා.තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ, නගර සැලසුම් සහ ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුද අදහස් දැක්වූහ.විශාල ජන ගංගාවක්  රැලිවලට සහභාගිවී සිටියහ.
“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“
0
(අංජුල මහික වීරරත්න සහ අතුල බණ්ඩාර)මහ පොළොව කොතනදැයි නොදැන වළාකුළුවල ජීවත්වන ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැතැයි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හොරොව්පොතාන කහටගස්දිගිලිය ජන රැලියේදී පැවැසීය.ප්‍රභූ දේශපාලනය වෙනුවට තමා පොඩි මිනිහාගේ දේශපාලනය කරන බව කී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙඩි නොවදින වාහන යකඩ කූඩු අතර සිරවූ ජනාධිපතිවරයෙකු වන්න තමා කිසි කලෙක සූදානම් නැතැයිද අවධාරණය කළේය.ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී එම්. ඩිල්ශාන් සහ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී එච්.ජී. පියරත්න මහත්වරුන් ඇතුළු ශ්‍රීලනිප ක්‍රියාකාරීහු පනස්දෙනෙක් එක්වූහ.හොරොව්පොතාන ජන රැලියට අමතරව මෙදින සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් මුලතිව්, සේරුවිල, මැදිරිගිරිය, මින්නේරිය සහ මහියංගනයේදීද ජන රැලි පැවැත්විණි.ජන රැලිවලදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.රටේ දියුණුව වගේම හොරොව්පොතානේත් දියුණුව මා අතට ගන්නවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යම් යම් ක්‍රියාමාර්ග නිසා ප්‍රදේශයේ ජනතාවට වගා කිරීමට මෙන්ම ඉන්න හිටින්න තැනුත් නැති වෙලා. පරිසරයට හානියක් නොවන ආකාරයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් සමග කතා කර වගා බිම් හා පදිංචියට සුදුසු තැන් ජනතාවට දෙනවා.පරිසරයත්, වන වගාවත්, රටේ වන ගහනයත් වැඩි කරන්න ජනතාව උනන්දු කරවන වැඩසටහනක්ද මා ක්‍රියාත්මක කරනවා. දිවංගත මගේ පියාගේ වැඩපිළිවෙළ තමයි, අගනුවරින් ගමට කර්මාන්ත රැගෙන එන්නේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම කර්මාන්තපුර ගෙන එනවා. මේ ප්‍රදේශයට කර්මාන්තපුර තුනක් දෙනවා. ගමේ තරුණයාට - තරුණියට ගමේම සිට රැකියාව කරන අවස්ථාව මා උදා කර දෙනවා.මගේ පියා එදා හදපු කර්මාන්තශාලාව අද වෙනත් කෙනෙකුට බදුදීලාලු. ලබන 16 වැනිදායින් පසු එය යළි විවෘත කර තරුණ තරුණියන් 500 - 800 කට රැකියා දෙනවා.මොරගහකන්දෙන් හුරුළු වැවට ජලය ගෙනල්ලා යාංඔය හරහා සුදුසු පරිදි ඇනිකට් දමා කුඹුරු අක්කර 5000 ක් අස්වද්දන්න යෝජනාව පැමිණ තිබෙනවා. මේ වාරි යෝජනා ක්‍රමයේ පීතෘවරයා ලෙස සජිත් ප්‍රේමදාස මේ කටයුත්ත කරනවා.මගේ ප්‍රතිවාදියා රුපියල් 350 ට තිබෙන පොහොර නොමිලේ දෙනවා කියනවා. රක්ෂණයත් සමග එය රුපියල් 500 යි කියාවත් ඔහු දන්නේ නැහැ. පොහොර ගැන දන්නේ නැති කෙනා කොහොමද පොහොර ගැන දැනගන්නේ? මා වී ගොවියට පමණක් නොව හැම වගාවකටම නොමිලේ පොහොර දෙනවා. කෘෂිකාර්මික විප්ලවය ඇති කර පිටරටින් ආහාර ගෙන එන වැඩපිළිවෙළ නතර කර මෙරට ආහාර නිෂ්පාදනය වර්ධනය කරනවා. රටේ ගොවියාට රටේ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න හැකියි.මහපොළව කොතනද කියා නොදන්න, කැටි වළාකුළුවල, කෙඳි වළාකුළුවල ඉන්න ඇත්තන්ට දුප්පත් ජනතාවට සේවය කරන්න තේරෙන්නේ නැහැ. ඒ ඇත්තෝ කරන්නේ ප්‍රභූ දේශපාලනයයි. මා කරන්නේ පොඩි මිනිහාගේ සමාජ සේවයයි.සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ විශාල රණවිරුවන් ප්‍රමාණයක් ඉන්නවා. අපේ ආණ්ඩුව තමයි, මේ අයගේ රැකියා ස්ථිර කර විශ්‍රාම වැටුප් හිමිකම දුන්නේ. සිවිල් ආරක්ෂක රණවිරුවන් මගෙන් ඔවුන්ගේ විශ්‍රාම යන සේවා කාලය අවුරුදු 22 ක් කරන්න කියා ඉල්ලනවා. ඒ යුතුකමත් මා ඉටු කරනවා.ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුලව සිටිනවා. වකුගඩු රෝගීන් ඇතිවීමට හේතුව පසුගිය ආණ්ඩු කාලේ බාල පොහොර, බාල කෘෂි රසායන මෙරටට ගෙන ඒමයි. සජිත්ගේ ආණ්ඩුව යටතේ බාල පොහොර ගෙන්වීම සිද්ධ වෙන්නේ නැහැ. කාබනික පොහොර භාවිතය රට පුරාවටම ප්‍රචලිත කරනවා.වකුගඩු රෝගයෙන් විපතට පත්වූ මේ ප්‍රදේශවල රෝහල් සඳහා අලුතින් වකුගඩු ඒකක ස්ථාපනය කරනවා. ඒවායේ රුධිර කාන්දු කරන යන්ත්‍ර වැඩි කර හැම පුරවැසියකුම රැකගන්න මා කටයුතු කරනවා. රටේ පළමු වතාවට වකුගඩු රෝගීන් වෙනුවෙන් නිවාස ආධාර ඒකකයක් පටන් ගත්තේ අපයි.හොරොව්පොතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය නවීකරණය කර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරනවා. එමගින් මේ ප්‍රදේශය සංචාරක පාරාදීසයක් කර ජනතාවගේ අත මිට සරු කරනවා.ලබන 16 වැනිදා මා රටේ ජනාධිපතිවරයා වූ පසු පැය 72 ක් ඇතුළත හොරොව්පොතාන කොට්ඨාස තුනට ජාතික පාසල් 3 ක් දෙනවා. මා අනෙක් අය වගේ බල බල ඉන්නේ නැහැ. මහ පොළොවට බැස අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා.අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස විදුලි වැටවල් සේම නවීන ක්‍රමෝපායන් මගින් ස්ථිර විසඳුමක් දෙනවා. වැව් ප්‍රතිසංස්කරණය කර කෙත්වතු සරුසාර කරන යුගය ඇරඹෙනවා.2025 දී රටේ සැමට සෙවන දෙද්දී හොරොව්පොතාන නිවාස ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව ඇති සියලුදෙනාට ජාති, ආගම්, පන්ති, පක්ෂ බේදයකින් තොරව ගෙවල් ටික හදා දෙනවා.කිරි ගොවි ප්‍රශ්නයට විසඳුමක් දෙනවා. කිරි ගොවීන්ට අවශ්‍ය තෘණ භූමි ටික වගේම ගුණාත්මක සතුන්දී බහු ජාතික සමාගම්වලට යට නොවී මෙරට කිරි වලින් ස්වයංපෝෂිත රටක් බවට පත් කරනවා. මට කොම්පැණිකාරයන්ට වඩා මහපොළොවේ පය ගහලා ජීවත් වන මිනිසා වටිනවා.යොවුන් පරපුර වෙනුවෙන් අලුත් යුගයක් නිර්මාණය කරන්න අලුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හා ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව වැඩි කිරීම මේ විද්‍යාලවල අරමුණයි.පෙර පාසල් ගුරුතුමියන්ට, සහාය පාලිකාවන්ට අගතියක් නොවන ආකාරයට ඒ අයගේ වැටුප් දීමනා රජයෙන්දී අනිවාර්යෙන්ම පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙනමම ශාලා සංකීර්ණ සහිතව මානව භෞතික සම්පත් සමග දිවා ආහාරයද දෙනවා. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට පෙර පාසල් නිදහස් නිවහල් පෙර පාසල් බවට පත්කරනවා.අපේ ප්‍රතිවාදීන් මේවා කරන්න කොහෙන්ද සල්ලි කියලා අසාවි. සල්ලි ඕනෑ තරම් තිබෙනවා. සල්ලි එදා ගියේ අනවශ්‍ය දේවල්වලටයි. ලබන 16 වැනිදායින් පසු ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් පාර්ලිමේන්තුවේ 225 ටවත් ඩියුටි ෆ්‍රී වාහන නෑ. ඒ ඔක්කොම මුදල් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ආයෝජනය කරනවා.අලුත් ආණ්ඩුවක් බිහිවුණාම මැති ඇමතිවරුන් ඇතුළු සෑමදෙනාටම වාහන ගෙන්වන්න පුරුදු වෙලා. ඒ පුරුද්ද නවතා මුදල් ජනතාවට දෙනවා. මගෙන් ඒ ආදර්ශය දෙනවා. මගේ කාලවකවානුව තුළ වෙඩි නොවදින වාහන හෝ වෙඩි වදින වාහන හෝ මා ගෙන්වා ගන්නේ නැහැ. මගේ බලාපොරොත්තුවක් නැහැ, වෙඩි නොවදින වාහනවල යන්න. එහෙම ගියොත් මමත් ජනතාවත් අතර දුරස්ථභාවය ඇති වෙනවා. වාහනයේ ගමන් යන අතරතුර කණ්නාඩිය පහත දමා ජනතාවට අත වැනීමේ නිදහස මට තිබිය යුතුයි. යකඩ කූඩුවල ජනාධිපති ලෙස හිරවෙන්න මා යන්නේ නැහැ.මගේ පියා පුරුදු කළ දෙයක් තිබෙනවා. එනම්, උපදින්නේත් ජනතාව අතර, ජීවත් වෙන්නේත් මහජනතාව අතර, මිය යන්නේත් මහජනතාව අතර කියලයි. මා බියගුල්ලකු නොවෙයි. මෙදා පාර බිහිවන ආණ්ඩුවේ නියෝජිතයන්ට සුර සැප විඳින්න ලැබෙන්නේ නැහැ. දුෂ්කර ක්‍රියාව පටන් ගන්නේ මගෙනුයි. උදේ හතරට මා පටන් ගෙන රාත්‍රිය වන තෙක් ජනතාවටත්, රටටත් විප්ලවීය සංවර්ධනය මා ගෙන එනවා.මට දැන් අවුරුදු 52 යි. මට හොඳ හයියක් ජවයක් තිබෙනවා. මා සතු ප්‍රතිපත්ති තුළ පවුල්වාදයට ඉඩක් නැහැ. මෙදා පාර රජයක් පිහිටුවන විට පාලකයෝ දුක් විඳ මහන්සි වෙලා කඩිසර වෙලා පොදු ජනතාව අතර ඉඳගෙන සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ලෑස්තිවිය යුතුයි.ජාතික ආරක්ෂාව ස්ථාපිත කරන්න, නීතිය හා සාමය සුරකින්න සරත් ෆොන්සේකා සෙන්පතිතුමාට වගකීම බාර දෙනවා. යාළු හිතවත්කම මත මා තනතුරු දෙන්නේ නැහැ. කුසලතාව දක්ෂතාවට නිපුණත්වයට හා හොඳ වැඩකාරයින්ට මා තනතුරු දෙන්නේ ගසා කාපු හොරාකාපු, අල්ලස් ගත්තු කිසි කෙනෙකුට මගේ අලුත් ආණ්ඩුව තුළ ඉඩක් නැහැ.ප්‍රතිවාදී අපේක්ෂකතුමාට දර්ශනය - ප්‍රතිපත්ති ගැන කතා කරන්න විවාදයකට එන්න කිව්වා. සති දෙකකට පසුවත් තවම උත්තරයක් නැහැ. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද? කියා.විවාදය සජීවීව යන විට මාධ්‍යයට පුළුල් තිරය පෙන්නන්න වෙනවා. මොකද දැන් පෙන්නන්නේ අඩු කළ තිරයක් පමණයි. දෙපැත්තේ තිබෙන වීදුරු කෑලි පෙන්නන්නේ නැහැ. ඒවා එනම් ටෙලිෆොන්ටර් හංගන පචවාහිනී මොනවද කියා ජනතාව දන්නවා.මුළු රටේම හැම පවුලක්ම හැම පුරවැසියකුම ශක්තිමත් කර තේජවන්ත ශක්තිවන්ත ශ්‍රී ලංකාවක් බිහි කරන්න 16 වැනිදාට මට හයිය දෙන්න කියා ඉල්ලා සිටිනවා යයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, හොරොව්පොතාන ආසන සංවිධායක එම්. සහිඳු යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.
“දුක-කඳුල වේදනාව යළි විඳින්න ඉඩක් තබන්නේ නෑ“
0
(සුජිත් හේවාජුලිගේ)‘මොන ඡන්ද ක‍්‍රම ආවත් කමක් නැහැ. අපි දැන්  ඕන පිච් එකක බැට් කරන්න ලෑහැස්තියි. බැට් එකක් වෙනුවට පොල් පිත්තක් දුන්නත් ගහනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.සන්ධානගත වී  තරග වැදීමට පක්‍ෂ ගණනාවක් සමග සාකච්ඡා කරගෙන යන බව කී රාජපක්‍ෂ මහතා පළාත් පාලන ආයතන 200ක බලය ගැනීමට හැකියාව තිබෙන බවද ප‍්‍රකාශ කළේය.‘‘සමහර මාධ්‍ය අපිට ගහනවා. දඩාවතේ යන බල්ලකු හපා කෑවාට අපි ඌව හපා කන්න යන්නේ නැහැ. මම මාධ්‍යවලට ගරු කරන කෙනෙක්’’ බැසිල් රාජපක්‍ෂ මහතා කීය.බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී ඊයේ (12) දහවල් පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීය.බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද කීය.අපේ පක්‍ෂය ළාබාල එකක් වුණාට අද වන විට හැම පැත්තකින්ම සංවිධාන වී සිටිනවා. ආගමික සංවිධාන පවා එකතු වෙලා ඉන්නවා. අපි මුහුණ දෙන පළමු මැතිවරණ මෙයයි. මේ මැතිවරණයේ අපි ජනමත විමසුමක් ලෙස යොදා ගන්නවා. ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි වැඩ ආර්ථික අර්බුදය, ජීවත වියදම, ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීම, සංවර්ධන ව්‍යාපෘති ඇන හිටීම, රැකියාවලට නොගැනීම යන ප‍්‍රශ්න මුල් කරගෙන මැතිවරණ ව්‍යාපාරය ගෙනයනවා.නව පක්‍ෂය නව වැඩ පිළිවෙළක් යටතේ ගෙන යනවා. අපට හොඳ සැලැස්මක් තියෙනවා. පළාත් පාලන ආයතනවල හිටපු අය වගේම අලූත් තරුණයෝ, උගත් අය, කාන්තා පිරිස් අපට අවශ්‍යයි. සියයට 25ක් තරුණයන් වෙනුවෙන් වෙන් කරන්න අපි තීරණයක් ගත්තා. ඉතාම සුදුස්සන් තෝරා ගන්නවා. මේක අලූත්ම ක‍්‍රමයක්. කොට්ඨාස ක‍්‍රමය මීට කලිනුත්  තිබුණා. කවුරු මොනවා කිව්වත් මනාප ක‍්‍රමයට මුල් වුණේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවයි. අපි ඒ අභියෝගය බාර ගත්තා.දැන් අපේ ක‍්‍රමයම වෙනත් විදියකට ගෙනල්ලා. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තිබුණත් මේ වෙලාවේ ඡන්දය අවශ්‍යයි. අපේ මැතිවරණ ව්‍යාපාරයට එන්න කියලා කාන්තාවන්ට, තරුණයන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට ආරාධනා කරනවා. හුඟක් අය පක්‍ෂ අපිත් සමග තරග කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා.පොදු ජන පෙරමුණ තවත් පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. ගොඩක් ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පක්‍ෂ සමග. ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්‍ෂය යනාදී පක්ෂ ඒ අතර තියෙනවා. මීට අමතරව නැගෙනහිර පළාතේ පිල්ලෙයාන්ගේ ටී.එම්.ටී.පී. සමග සාකච්ඡා කළා. ජනතා සේවක පක්‍ෂය යනාදි පක්ෂ සමගත් කතා කරනවා. ද්‍රවිඩ ජාතික සන්ධානයට විරුද්ධ පක්‍ෂ සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. අපි උතුරටත් තරග කරනවා.අපිට මේ වනවිට සාමාජිකයන් වැඩි ප‍්‍රමාණයක් එකතු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙනුයි. ඊට අමතරව එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන්ද විශාල පිරිසක් එකතු වුණා. දේශපාලනය නොකරපු අය පවා එකතු වී සිටිනවා. සමහර ගම්වල සියයට 85 ක් දක්වා සාමාජිකයන් බැඳිලා තියෙනවා. ශ්‍රී ලනිප සාමාජිකයන්  සියයට සියයක්ම බැඳුණු ගම් ද තියෙනවා. පළාත් පාලනය වාර්තා තබමින් ජය ගන්නවා. ප‍්‍රාදේශීය සභා 335 න් 154 ක් එදත් ජයග‍්‍රහණ කළා. ඊට අමතරව තවත් 60ක් විතර අපට දිනන්න පුළුවන් වේවි. දෙසීය පන්නන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.අපි ගෙනාපු මැතිවරණ පනතට සියලූ පක්‍ෂ එකඟ වුණා. ඇමැති අද එක එක කතා කියනවා. ක‍්‍රමයක් හදපු එක වෙන්නැති අපි කරපු වැරැද්ද. මේ පනත හැදුවේ පක්‍ෂ එක්ක සාකච්ඡා කරලයි. පාර්ලිමේන්තු තුනක් තුළ සාකච්ඡා කළා. හැමෝම අත ඉස්සුවා. එහෙම එකක් හැදුවට වෙන්නැති බණින්නේ. බහු ආසන වැඬේ  ඕන කෙනෙක් කරනවා. දැනුත් වෙනවා. අපි දැන්  ඕන පිච් එකක බැට් කරන්න ලැහැස්තියි. බැට් එක වෙනුවට පොල් පිත්තක් දුන්නත් අපි ගහනවා. එක විකට් පොල්ලට බෝල් කරන්න කිව්වත් ඒකත් කරනවා. අපි  ඕන ක‍්‍රමයකට ඡන්දයට යන්න සූදානම්. අපි අඩුපාඩු කියන්නේ නැත්තේ ඒකයි.මහින්ද රාජපක්ෂ කියන්නේ දක්ෂ, පළපුරුදු රාජ්‍ය නායකයෙක්. මගෙන් උපදෙස් ගන්න එතුමාට වුවමනාවක් නැහැ. නමුත් සහෝදරයන් විදියට අපි ඔහු ළඟ හිටියා. ගත්තු හැම තීන්දුවක් පිටුපස්සේම අපි ඉන්නවා. වැරදිච්ච දේවල්වල වගකීම අප බාර ගන්නවා. මේ ආණ්ඩුවේ ගොඩක් අයගේ පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. මේ ආණ්ඩුවෙන්ම දැන් ඒවා හෙළිවෙනවා. වංචාවකට සම්බන්ධ වන ලිට්රෝ ගෑස් සභාපති මේ රටේ ජනාධිපති නියෝජනය කරන පක්ෂයේ සභාපති. ඒක බරපතළ තත්ත්වයක්. බැඳුම්කර කොමිසම මේ ආණ්ඩුව පත් කරපු එකක්. ආණ්ඩුවේ අය ඒකට ස්වෙච්ඡාවෙන්ම ඇවිත් සාක්ෂි දෙන එක තමයි හොඳ. අපේ බන්දුල ගියේ කැමැත්තෙන්මයි. කවුරු හරි කොමිසම මඟ හරිනවා නම් ඒක හොඳ නැහැ.”සමහර මාධ්‍යය මොන චෝදනා කළත් මම උත්තර දෙන්නේ නැහැ. අපි දඩාවතේ යන බල්ලකු හැපුවට බල්ල හපන්න යන්නේ නැහැනේ. මම  ඕවාට උත්තර දෙන්නේ නැහැ. එයාල ඇයි මට ගහන්නේ. මම කියපු දේකට කලබල වෙලයි. කරන්න  ඕන මම කියපු දේ හොයන එකයි. හැම මාධ්‍යයකටම මම ගරු කරනවා.අපි වෛර දේශපාලනයක් කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ වැරැුදි කරපු අයට නිදහස දෙනවා කියන එක නොවෙයි. දැන් මේ ආණ්ඩුව කරන්නේ දේශපාලන දඩයමක්. ටී.බී. ඒකනායක ඇමැතිතුමා ආණ්ඩුවෙන් යනවා කිව්ව විතරයි පරික්ෂණයක් පටන් ගත්තා. ඒ හොඳ දෙයක් නොවෙයි. නමුත් ජාතික සම්පත් කොල්ලකාලා තියෙනවා නම් ඒ ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි.ඡන්දයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ ක‍්‍රම තුනක් අධ්‍යයනය කරගෙන යනවා. අපි තරග කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. එතුමාගේ ආශිර්වාදය ඇතිව. ඒක ප‍්‍රතිපත්ති මාලාවක්, එක මැතිවරණ වැඩපිළිවෙළක් යටතේ තරග වදිනවා. ගෝඨාභය මෙතෙක් මැතිවරණවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ජාතික ප‍්‍රශ්නයක් ආවොත් එතුමා මැදිහත් වේවි. එළිය සංවිධානය තුළින් දැනටමත් ඒ වැඬේ කරනවා. මේ මැතිවරණය අපි ජනමත විචාරණයකට සමාන කරලා කටයුතු කරනවා.ඒ වේදිකාවේ ඉඳල ගෝඨාභය සහාය දේවි. ඡන්ද වේදිකාවට නැග්ගේ නැති වුණාට එතුමා 2005 දී එහෙම අපේ වැඩපිළිවෙළේ ඉදිරියෙන්ම හිටියා. අපි සහෝදරයෝ මහින්ද එක්ක 1970 ඉඳල හිටියා. අපේ හැමදාම ලකුණ පොහොට්ටුව. පොහොට්ටුව කවදාකවත් පරවන්නේ නැහැ. කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම අපට කරගන්න බැරිවුණු දෙයක්. මේකෙදි අපේක්ෂත්වය අනිවාර්ය කරලා.අපි බලාපොරොත්තු වුණේ කාන්තා නියෝජනය අනිවාර්ය කරයි කියලයි. නමුත් ආණ්ඩුව කරපු දේ ජයග‍්‍රහණයක්. ඒ ගැන රජයට ස්තූතිවන්ත වෙනවා. නමුත් තරුණ නියෝජනය නැති කිරීමටත් රාජ්‍ය සේවයේ ක්ෂේත‍්‍ර නිලධාරින්ගේ ප‍්‍රජා අයිතිය නැති  කිරීමටත් කටයුතු කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් මෙය දරුණු පහරදීමක්. ක්ෂේත‍්‍ර නිලධාරින් ලක්ෂ ගණනකට තරග වැදීමට තිබූ අයිතිය නැති කළා. අපේ හිටපු මන්ත‍්‍රීවරුන් පන්සිය ගණනකගේ අපේක්ෂකත්වය මේ නිසා නැතිවුණා. අප ඒ ගැන නීති මගින් කටයුතු කරනවා. ඒක මහා අපරාධයක්. ඡන්දයේදී අපි ඒක ජනතා අධිකරණයට ගෙන යනවා.මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට බැසිල් රාජපක්ෂ මහතා දුන් පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය:-ආණ්ඩුවෙන් පිරිසක් ගන්න යනවා කියලා ආරංචියි.රාජපක්ෂ මහතා:-ඒවා ඉතින් වෙලාවට සිද්ධ වේවි.  ඕවා කිය කියා කරන දේවල් නොවෙයි. ආප්ප න්‍යාය වගේ. කලින් කිව්වොත් අසාර්ථක වෙනවා. නමුත් අපි ඊට වැඩියෙන් බලාපොරොත්තු වන්නේ ඡන්දයෙන් බලය ගන්නයි. ඔළු ගෙඩි මාරු කිරීම වෙනත් වැඩවලට යොදා ගත්තත් මැතිවරණ සඳහා ඒක වැඩිය බලාපොරොත්තු වන්නේ නැහැ.ප‍්‍රශ්නය:-අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන ස්ථාවරය.රාජපක්ෂ මහතා:-අපි මුළුමනින්ම මේ ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂේප කරනවා. මේක යටි අදහසකින් කරන වැඩක්. මේකෙන් රට දෙකට බෙදීම පමණක් නොවෙයි ජාතික සමගිය නැතිවීම පවා වෙනවා. 
අපි දැන් ඕනෑම පිච් එකක බැට් කරන්න ලෑස්තියි
1
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනයේ පිරිසිදු චරිත ඒකරාශී කරගනිමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන් ලෙස බඳවාගනු ලබන්නේ හොරකම්, මැරකම් හා වංචාවලට සම්බන්ධ අය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පැවසීය.එහි පළමු සාමාජිකයා අයිතිකරුවන් නැති ගෙවල් හිමිකරුවෙක් වන අතර දෙවැනි හා තුන්වැනි සාමාජිකයන් වන්නේ ස්ත‍්‍රී දුෂණවලට හා ලක්‍ෂ 30ක අල්ලසක් ගැනීමට සම්බන්ධ සභාපතිවරුන් දෙදෙනෙක් බව කී මහ ලේකම්වරයා එවැනි පක්‍ෂයක් සමඟ සන්ධානගතවීමේ බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.පිරිසිදු චරිත ලෙස අනාගතයේදී කටයුතු කිරීමට කැමති අය සිටී නම් ඔවුන්ට වැරදි හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමේ අවස්ථාවක් ඇති බවද සන්ධාන මහලේකම්වරයා කීවේය.සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධූරයට පත්වීමෙන් අනතුරුව පැවැත්වූ 64 සහ 65 වැනි සම්මේලනයන්ද ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකිවුණා. අපි කුරුණෑගල දී පැවැත්වූ 65 වැනි සම්මේලනය පක්‍ෂ ඉතිහාසයේ සාර්ථකම හා වැඩිම ජනසහභාගීත්වයක් සහිත සම්මේලනය බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. මෙවර අපිට තිබෙන්නේ අපේම ඒ වාර්තාව බි`දහෙළමින් ඊටත් වඩා සාර්ථක සම්මේලනයක් පවත්වන්නයි. මෙවර අපි මෙරට  ඕනෑම පක්‍ෂයක් පැවැත්වූ වැඩිම ජන සහභාගීත්වයක් සහිත පක්‍ෂ සම්මේලනය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.මේ වන විට අපිට එක`ග වූ ප‍්‍රමාණයටත් වඩා බස් රථ ලබාගන්න සිදුවෙලා. ඒ බස් රථ ඇතුළු කිසිම දේපළක් අපි නොමිලයේ ලබාගන්නේ නැහැ. මේ සියල්ලට අපි අදාළ ගෙවීම් කරනවා. නමුත් අතීතයේ ආණ්ඩු පක්‍ෂ පක්‍ෂ සම්මේලන, සංවත්සර හා මැයි දිනය කළේ ආණ්ඩුවේ මුදල්වලින්. නමුත් අපේ පක්‍ෂයේ උත්සව කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා නොගත යුතු බවටත්, රාජ්‍ය දේපළවලට හානි නොවන ලෙස කටයුතු කළ යුතු බවටත් ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙනවා.අපි අපේ සංවත්සරයේදී ජනතාවට ඇති ප‍්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. අපේ යෝජනා සකස් වෙන්නේ ඒ අනුවයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට ආසන්න මේ මොහොතේ අපි තරුණ නියෝජනය, කාන්තා නියෝජනය ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා මත්පැන් පානය කර සම්බන්ධ නොවන ලෙස සංවිධායකවරුන්ට උපදෙස් දෙන්නැයි ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේදී පැවසුවා. මත්පැන්වලින් තොරව පැමිණෙන ලෙස අපි සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ස`දහා ලංකාවේ සිව්දෙසින් සියලූම ජන කොට්ඨාස නිවේදනය වන ලෙස ජනතාව සහභාගී කරවාගන්න අපි බලාපොරොත්තු වෙනවා.අපේ කාන්තා සංවිධානය ගිය සම්මේලනවලදී ඉදිරිපත් කළ කාන්තා නියෝජනය පිළිබ`ද යෝජනාව මේ වන විට මල්ඵල ගැන්වී තිබෙනවා. ඒ වගේම තරුණ නියෝජනය වැඩි කරන්න මේ වන විටත් අපේ තරුණ පෙරමුණ යෝජනා කර තිබෙනවා. නීති රීති කෙසේ වෙතත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තරුණ අපේක්‍ෂකත්වය වැඩි කිරීමට අපි පක්‍ෂයක් ලෙස තීන්දු කර තිබෙනවා.අපි මේ ජාතික ආණ්ඩුවට එකතුවීමේ ප‍්‍රධාන කරුණු දැන් ඉටුවෙමින් යනවා. ජිනීවා අවධානම මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. දැන් විදුලි පුටු ජාත්‍යන්තර පරීක්‍ෂණ නැති මට්ටමට පැමිණ තිබෙනවා. ජී.එස්.පී තහනම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර තිබෙනවා. ඒ වගේම මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස මැතිවරණ ක‍්‍රමයක් ඇතිකරන්න ජනාධිපතිතුමාත්, ෆයසිර් මුස්තාපා මහතාත් දැරූ උත්සාහය දැන් සාර්ථක වී තිබෙනවා. එය රජයක් ලෙස මෙන්ම පක්‍ෂයක් ලෙස අප ලැබූ ජයග‍්‍රහණයක්. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මූලිකත්වය ගන්නා මනාප ක‍්‍රමය ඉදිරි සියලූ මැතිවරණවලට හඳුන්වා දිය යුතුය යන මතයේ අපි ඉන්නවා.එවිට සල්ලිකාරයින්ට නොව ගමේ හොඳ, අවංක අයට දේශපාලනයට එන්න පුළුවන් වේවි. පිරිසිදු  රාජ්‍ය පාලනයක් මෙන්ම පිරිසිදු පක්‍ෂයක් ගොඩනගන්න ජනාධිපතිතුමා කැපවී සිටිනවා. පිරිසිදු දේශපාලකයන් බිහිවනු දැකීම රටේ බහුතරයකගේ බලාපොරොත්තුවයි. දුෂණයට පක්‍ෂය තුළ ඉඩක් නැති බව නොපෙන්නුවොත් ‘අපේ හොරා අපිට හොඳ’ යනුවෙන් සටන් පාඨයක් හදාගෙන පරණ වැරදි කරපු අය යළිත් එන්න බැරි නැහැ. මනාප ඡුන්ද ක‍්‍රමය තුළ හා රාජ්‍ය නායකයින් වංචාව දුෂණය සම්බන්ධව නිහඬව සිටීම තුළ එවැනි දේ වී තිබෙනවා. ඒ වගේම අපි සම්මේලනයෙන් පසු ඊ ළඟ සතියේ සිටම පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරනවා.පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.‘‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොයෙක් අවස්ථාවල අභියෝග පැමිණ තිබෙනවා. පංච මහා බලවේගයෙන් ආරම්භ වූ අපේ පක්‍ෂයේ නායකයන් පක්‍ෂයේ කකුළෙන් නොඇද එය ශක්තිමත් කරන වැඩපිළිවෙලට සහය විය යුතුයි. අපේ පක්‍ෂයේ නායකයන් රාජ්‍ය නායකයන් වුණේ පක්‍ෂය නිසා බැවින් හිටපු පක්‍ෂ නායකයන්ට පක්‍ෂය ආරක්‍ෂා කරන යුතුකමක් තිබෙනවා. ජනාධිපතිතුමා පක්‍ෂය භාරගන්නා විට සුළු ජාතීන් පක්‍ෂයෙන් ඈත් වී සිටියත් ජනාධිපතිතුමාට පක්‍ෂය හරි මගට ගන්න හැකිවුණා. ඒ නිසා වෙනදාට වඩා මෙවර සම්මේලනයට මුස්ලිම් දෙමළ ජනතාව සහභාගී වේ යැයි අපි විශ්වාස කරනවා. සුළු ජාතීන් පක්‍ෂයක් වටා ඒකරාශී වෙන්නේ ඒ පක්‍ෂ නායකයාගේ ප‍්‍රතිපත්ති අනුවයි.සමහර පක්‍ෂවලට තිබෙන්නේ අරක්කු බෝතලයට, බත් පැකට් එකට සීමා වූ දේශපාලනයක්. ඒත් ශ්‍රී.ල.නි.පයේ අපට යම් ප‍්‍රතිපත්ති මාලාවක් තුළ පදනම් වූ ගමනක් තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ සිටියේ නැත්නම් නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිවෙයි ද කියා මම ප‍්‍රශ්න කරනවා. නව ක‍්‍රමය වෙනුවෙන් වැඩි වශයෙන් කතා කළේ ජනාධිපතිතුමායි. 70 දශකයෙන් පසු පළමු වතාවට කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණයක් පැවැත්වීම සඳහා දැන් අපි සූදානම් වෙනවා.අපි ඉදිරි මැතිවරණ සඳහා සුපිරිසිදු චරිත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මනාප ක‍්‍රමය යටතේ ඡුන්දයක් කළ හැක්කේ මුදල් ඇති අයට පමණයි. ඒ ක‍්‍රමයෙන් ඈත්වීමේ ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී.ල.නි.පයටයි. අපි මෙවර පවත්වන්නේ සංඛ්‍යාත්මක සහ ගුණාත්මක වශයෙන් උසස් සම්මේලනයක්. වෙන වෙන බලවේග ඇතිකර ශ්‍රී.ල.නි.පයට අභියෝග කළ හැකි බව කවුරුන් හෝ සිතනවා නම් එය දවල් හීනයක් බව කිව යුතුයි. පක්‍ෂයෙන් එළියට යන අයට ආයෙ ආවොත් ලැබෙන්නේ පසුපස පුටුවක් බව ඒ කවුරුත් මතක ලබාගත යුතුයි. එවැනි උදාහරණ අපේ පක්‍ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේත්  තිබෙනවා. මෙය නායකයන්ගේ පක්‍ෂයක් නොව පාක්‍ෂිකයින්ගේ පක්‍ෂයක්. ඒ නිසා ඔවුන් පක්‍ෂය සමඟ සිටිය යුතුයි’’ යැයි ද ඇමතිවරයා කීවේය.පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා මෙසේ අදහස් දැක්වීය.‘‘මෙවර පක්‍ෂ සම්මේලනයට උතුරු නැගෙනහිර පළාත්වලින් මුස්ලිම් හා දෙමළ ජනතාව විශාල වශයෙන් පැමිණීමට නියමිතයි. හජ් දිනය 2 වැනිදාට යෙදීම නිසා සම්මේලනය කල්දමන්නැයි ජනාධිපතිතුමාගෙන් අප කළ ඉල්ලීම එතුමා පිළිගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න හා මහින්ද අමරවීර මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය: පනත සම්මත වුණත් පළාත් පාලන ඡුන්දය කල්යාමක් සිදුවන බව කියනවා නේද?පිළිතුර: එවැනි අදහසක් නැහැ. අපිට අවශ්‍ය ඉතා කඩිනමින් ඡන්දයකට යන්නයි. ලබන මාසේ වුණත් කමක් නැහැ. කොමසාරිස්වරයාට බාධා තිබෙනවා නම් ඒවා සකසා දිය යුතුයි.ප‍්‍රශ්නය: සම්මේලනය කල් ගියේ විභාගය නිසාද? හජ් උත්සවය නිසාද?පිළිතුර: මුලින්ම මේ අදහස ආවේ අවට පාසල්වල සිසුන් උසස් පෙළ විභාගය ලියන නිසයි. නමුත් පසුව හජ් උත්සවයත් එදිනට යෙදී ඇති බව දැනගත්තා. මෙතෙක් කල් නම් ආණ්ඩු මෙවැනි තීන්දු වෙනස් කළේ නැහැ. ඒත් අපි දරුවන්ගේ විභාගයට මුල් තැන දුන්නා.ප‍්‍රශ්නය: ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සහනයක් ලැබී ඇති බව කීවත් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් යුද අපරාධ චෝදනා ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: පුද්ගලයින්ට එවැනි දේ කළ හැකියි. නමුත් අපිට මෙවැනි නඩු පවරන්න තිබුණේ එක්සත් ජාතීන්ගේ රටවල් හා ප‍්‍රබල සංවිධාන විසිනුයි. රාජ්‍ය නොවන සංවිධාන කරන මේ කටයුතු උතුරේ ශිවාජිලංගම් මහතා ඉඳහිට කරන ප‍්‍රකාශ වගේයි.ප‍්‍රශ්නය: මේ සමුළුවට තවමත් ආරාධනා ලැබී නැති බව මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කියනවා.පිළිතුර: අපි සියලූම පක්‍ෂවලට ආරාධනා කර තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්‍ෂය ඇතුළු සියලූ පක්‍ෂවලට, අපේ පක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීන්ට ආරාධනා කර තිබෙනවා. කාට හෝ ආරාධනා ලැබී නැත්නම් මම මේ අවස්ථාවේ විවෘත ආරාධනයක් කරනවා. මටත් තවම ආරාධනයක් ලැබී නැහැ. පක්‍ෂයේ අයට එහෙම ආරාධනා දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නොඑන්න, වෙන්වෙන්න හේතු සාදානොගෙන පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්වන ලෙස අපි සියලූ දෙනාට ආරාධනා කරනවා. සමහර මන්ත‍්‍රීන් සම්මේලනයට සූදානම් වෙද්දීම අපි එන්නේ නැහැ කීවා.ප‍්‍රශ්නය: පක්‍ෂ සභාපතිවරයා ගැන ගැටලූවක් තිබෙනවාද?පිළිතුර: වත්මන් ජනාධිපතිතුමාට පක්‍ෂ සභාපතීත්වය භාරදුන් හමුවේ සම්බන්ධීකරණ කටයුතු කළෙත් මම. ඒ වගේම පොළොන්නරුවේ පැවති අපේ සම්මේලනයේදී සභාපති පුටුවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අනුශාසක පුටුවක මහින්ද රාජපක්‍ෂ මහතාත් අසුන් ගත්තා. ඉදිරියේදීත් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්නවා.ප‍්‍රශ්නය: මෙවරත් ඒ අනුශාසක පුටුව වෙන්කර තිබෙනවාද?පිළිතුර: ඔව්. ඒ සියලූ දෙනාට ආසන වෙන් කරනවා. නමුත් ආවෙ නැත්නම් ඒවායේ වෙන අය අසුන්ගනීවි. හිස් ඉඩ තියන්න බැහැ.ප‍්‍රශ්නය: සභාපතිකම තවමත් අයිති හිටපු ජනාධිපතිවරයාට බවට නඩුවක් ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: එයත් රාජ්‍ය නොවන සංවිධානයක් ගොණු කර ඇති යුද අපරාධ චෝදනා වගේ. එදා හිටපු ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම භාරදුන් බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. අද එය අමතක වී ඇති අය වෙනුවෙන් මාධ්‍ය මේවා පෙන්විය යුතුයි. නමුත් බොහෝ පෞද්ගලික නාලිකා ඒ දේ කරන්නේ නැහැ. තවමත් ඒ මාධ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට බයද කියන්න මම දන්නේ නැහැ. දැන් බය වෙන්න එපා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යවලට බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා දැන්වත් ඒකාධිපති මානසිකත්වයෙන් මිදී ඒවා විකාශය කරන්න.ප‍්‍රශ්නය: පක්‍ෂයේ සමහරු වෙනත් පක්‍ෂවල කටයුතු කරන බව පේනවා. ඒ අය ගැන තීන්දු ගන්නේ නැද්ද?පිළිතුර: මේ විනය පියවර කල්යාම ගැන පක්‍ෂයේ අය අපෙනුත් අහනවා. ජනාධිපතිතුමාත් අපත් කාලයක් නිහඬව සිටියේ මේ අයත් එකතු කරගැනීමේ අවශ්‍යතාවය තිබූ නිසයි. ඒ උත්සාහය අප තවමත් අත්හැර නැහැ. ඒ අපට අනාගත ජයග‍්‍රහණ විජයග‍්‍රහණයක් කරන්න අවශ්‍ය නිසයි. ඒ නිසා විනය ක‍්‍රියාමාර්ග කල්යාමේ වගකීම මමත් ජනාධිපතිතුමාත් භාරගන්නවා. නමුත් දැන් රතු කට්ට පැනලා. දැන් අපට වහාම ක‍්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා.ප‍්‍රශ්නය: සන්ධානයේ කොටසක් කැඞීයාම පාඩුවක් නෙවෙයිද?පිළිතුර: සියලූ පිරිසිදු දේශපාලනඥයින්ට අපේ ඉල්ලූමක් තිබෙනවා. අපට පිරිසුදු දේශපාලනඥයන් උවමනා කර තිබේ. මෙතෙක් කලක් පිරිසිදු නැත්නම් පිරිසුදු වෙන්න කැමති අයට වැරදිවලින් මිදී අප ළඟට එන්න පුළුවන්. බුදු හාමුදුරුවෝත් එවැන් අවස්ථා දී තිබෙනවා. ජනාධිපතිතුමා අපට කියා තිබෙන්නේ කිසිම වංචාවක, දුෂණයක, මැර ක‍්‍රියාවක යෙදෙන්න එපා. එහෙම වුණොත් මම මොන ඉරණම ආවත් ගන්න තියෙන තීන්දුව ගන්නවා කියලයි.ප‍්‍රශ්නය: එවැනි අය පුනරුත්ථාපනය කරලද ගන්නේ?පිළිතුර: ඔව්.ප‍්‍රශ්නය: එ.ජා.පය හැර  ඕනෑම පක්‍ෂයක් සමඟ ඒකාබද්ධ වෙන්න සූදානම් බව බැසිල් රාජපක්‍ෂ මහතා කියනවා. ඒ ඇරයුම පිළිගන්න සූදානම්ද?පිළිතුර: අපිට එවැනි අවශ්‍යතාවක් නැහැ. එක එක පක්‍ෂවල අය එයට යන්න සූදානම් ඇති. මේ පක්‍ෂයේ පළමු, දෙවැනි, තුන්වැනි සාමාජිකයින් ගැන බැලූවොත් එක් අයෙක්ට අයිතිකාරයින් නැති ගෙවල් තිබෙනවා. තව කෙනෙක් ලක්‍ෂ 30ක් පගා අරන් අහුවුණ සභාපතිවරයෙක්. තව කෙනෙක් ස්ත‍්‍රී දුෂණවලට හසු වූ කෙනෙක්. එතෙන්ට  ඕනෑ කරන්නේ හොරකම්, මැරකම්, වංචාවලට ඉහළින් සම්බන්ධ අයයි.ප‍්‍රශ්නය: පළාත් පාලන මැතිවරණය මේ වසරේ පවත්වනවාද?පිළිතුර: විභාග නිසා ගැටලූවක් ඇති බව මැතිවරණ කොමසාරිස්තුමා කියනවා. දිනය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ එතුමාටයි.ප‍්‍රශ්නය: 20 වැනි සංශෝධනයට පළාත් සභා විරුද්ධ වුණේ ඇයි?පිළිතුර: එහි ගැටලූ තිබූ බව අපිත් පිළිගන්නවා. ඒ ගැන අපි කටයුතු කළ යුතුයි. කෙසේ වුණත් මේ පනත පැරදවීමෙන් පේන්නේ අපේ පක්‍ෂයේම අයට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එදා  ඕන එකකට අත උස්සා සම්මත කළා. සංශෝධනවලින් පසු මෙය සම්මත වේවි.  ඕනෑ නම් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකියි. නමුත් අපිට එසේ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඊට මෙහා මේ ප‍්‍රශ්නය විසඳාගත හැකියි.
අපි දැන් ඕනෑම පිච් එකක බැට් කරන්න ලෑස්තියි
0
(අංජුල මහික වීරරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ හාරිස්පත්තුව මොහොමඞ් ආසික්)“නායකත්වය යනු ජනතාවට බලපාන ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් දීම මිස ප්‍රශ්න අනුන්ගේ කර මත පටවමින් පැන යෑම නොවේ” යයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හාරිස්පත්තුවේදී පැවැසීය.ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට තමා ජනතා ප්‍රශ්න හඳුනා ගනිමින් ඊට විසඳුම් දීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා ඒ ප්‍රතිපත්ති මාලාව කියවා තීරණය ගන්නා ලෙස මුළු රටටම ආරාධනා කරන්නේ යයි ද සඳහන් කළේය.හාරිස්පත්තුව ජන රැලියට අමතරව මෙදින සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් කුණ්ඩසාලේ, තෙල්දෙණිය, තලාතුඔය, හඟුරන්කෙත සහ වලපනේදී ජනරැලි පැවැත්විණි.ජන රැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීිවේය.සුළු අපනයන භෝග වන සාදික්කා, කරාඹු නැටි, ගම්මිරිස් වගාවලින් ප්‍රදේශයේ බොහෝ දෙනෙකු ජීවිකාව කරගෙන යනවා. රටේ හැම භෝගයකටම ආයතන දෙපාර්තමේන්තු තිබුණද සුළු අපනයන භෝග සඳහා අපේ රටේ එකම රාජ්‍ය ආයතනයක්වත් නැහැ.ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ලංකාවේ සුළු අපනයන භෝග වගාකරුවන් වෙනුවෙන් වෙනමම අධිකාරියක් පිහිටුවනවා. ගම්මිරිස්, සාදික්කා, කරාඹු නැටි වැනි භෝගවලට සහතික මිල දීලා මේ කර්මාන්ත කරගෙන යන සියලු දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරනවා.රටේ ආහාර අවශ්‍යතාව ගොවි පරපුරෙන් පමණක් සපයා ගන්නට අපි සැලසුම් සකස් කරනවා. පිටරටින් රටට භව බෝග ආනයනය කරන්න අවශ්‍ය නැහැ. රට තුළින්ම දේශීය ඉල්ලුමට සැපයුම සකසන්න පුළුවනි. ඉන් නතර නොවී අතිරික්තය අපට පිටරට යවන්න පුළුවනි.මෙරට නිපදවිය හැකි දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු පවා පිටරටින් ගෙන්වනවා. කටුවැල් බටු මෙරට වගා කරන්න බැරිද? රටක් ලෙස අපට බැරිද, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කටුවැල්බටු මෙරට හදන්න. අපට ඇත්තටම පුළුවනි.කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ හැම වගාවක්ම ඉහළට ගේනවා. ඒ සැලැස්ම තුළ වී වගාව, එළවළු පලතුරු වගාව, ගොඩ භෝග වගාව, සුළු අපනයන භෝග වගාව, තේ- පොල්-රබර් වගාව යනාදී හැම වගාවකටම 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ නොමිලේ පොහොර දෙනවා.මෙරට ඉතිහාසයේ කිසිම දවසක මහා වගා ව්‍යාපෘතිය වෙනුවෙන් නොමිලේ පොහොර දී නැහැ. නමුත් මා ඒ යුතුකම ඉටු කරනවා. යුතුකම ඉටු කරන්නේ රටේ ජාතික ආහාර විප්ලවය ක්‍රියාත්මක කරන්නයි.මේ ප්‍රදේශයේ පවතින ජල ප්‍රශ්නයට විසඳුම් දෙන්න වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. රටේ ජනාධිපති ලෙස ජල ව්‍යාපෘතිය විවෘත කරන්න මා එනවා.කළුගල් කර්මාන්තය, රතිඤ්ඤා ආශ්‍රිත ව්‍යාපාර විවිධ ප්‍රශ්න නිසා චක්‍ර ලේඛ හරහා පැනවූ නීතිරීති රෙගුලාසි තුළ මේ කර්මාන්තවලට අගතියක් වූවා.ජනාධිපති ලෙස මා වගකීම් බාර ගත්තාට පසු තිබෙන්නා වූ සීමා ලිහිල් කර පරිසරයට අහිතක් හානියක් නොවන ලෙස කළුගල් කර්මාන්තයත්, රතිඤ්ඤා කර්මාන්තයත් නඟාසිටුවන්න කටයුතු කරනවා.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවහම ජනතාවට මා ඉදිරිපත් කළ වැඩසටහන ගැන අවබෝධය ලැබෙනවා. දුප්පත්කම නැති කරන සමෘද්ධි ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර ඊට වැඩි වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. සැමදා අප දුප්පත්කම ගැන කතා කරකර ඉඳලා වැඩක් නැහැ. දුප්පත්කමින් මිදෙන්න ශක්තිමත් කෙටි කාලීන විසඳුමක් අවශ්‍යයි.මෙරට පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුම් දිවා ආහාර දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මගේ ප්‍රතිවාදී දේශපාලන කල්ලිය පාසල් දරුවන්ගේ දිවා ආහාරය අහෝසි කළා. තුන් ආකාරයකින් පාසල් දූ දරුවන් 44 ලක්ෂයකට දැවැන්ත වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා.දැනුම මත කේන්ද්‍ර වූ ආර්ථිකය බිහිකරන අතර ජන සමාජයේ උගතුන්-බුද්ධිමතුන් බිහිකරන්න මා කටයුතු කරනවා. මෙරට ජනතාව 16 වැනිදාට පොඩි මිනිහගේ යුගය බිහි කරනවිට පාසල් දරුවන් 44 ලක්ෂයටම නිල ඇඳුම් දෙකයි, දිවා ආහාරයයි, සපත්තු කුට්ටමයි දෙනවා.රටේ යොවුන් පරපුරට හොඳ අනාගතය අවශ්‍යයි. ඒ වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි කර්මාන්තපුර ආරම්භ කරනවා.මේ හාරිස්පත්තුව ආසනයට කර්මාන්ත පුර 3 ක් දෙනවා. එමගින් රැකියා නැති තරුණ තරුණියන්ට ගමේම නගරයේම ඉඳගෙන රැකියා කිරීමේ අවස්ථාව උදා වෙනවා.ඩිජිටල් විප්ලවය ක්‍රියාත්මක කරන්න යෞවන-යෞවනියන් කැමැත්ත දක්වනවා. තමන්ගේ අයි ෆෝන්වලින් වට්ස් ඇප්, පණිවුඩවලින්, වයිබර් ට්විටර් පණිවුඩවලින් මුළු ලෝකයම ඉදිරියට යන ආකාරය ඔබ දකිනවා. අපේ තරුණ තරුණියන්ටත් ලෝකයේ ක්‍රියාත්මක වන ඩිජිටල් විප්ලවය අපේ රටේ මහපෙළොවේ ක්‍රියාත්මක කරන්න තරුණ ඔබට අවශ්‍යයි. ඒ නිසා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නව තාක්ෂණ විද්‍යාලයක් හදන්න මා කටයුතු කරනවා.මෙරට 25%ක් වූ යොවුන් සම්පත වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන්නේ හංසයාගෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාසයි.කාන්තාවන් වෙනුවෙනුත් මා වැඩපිළිවෙළක් දියත් කළා. මෙරට සීයට 51.8 ක් වන කාන්තාවන් වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියක් අපි ආරම්භ කළා. තරුණයන් වෙනුවෙන් තරුණ ප්‍රඥප්තිය මා ඇති කළා.කාන්තා ප්‍රඥප්තිය තුළ කාන්තා පරපුරේ ආර්ථික-සමාජීය-දේශපාලන අයිතිවාසිකම් මෙන්ම කාන්තාවට දියයුතු සැලකිල්ල ශක්තිය සියල්ලක්ම ඇතුළත් කළා. මෙරට දරු පරපුර රැක ගන්නේ කාන්තාවයි. කාන්තාව අරපිරිමැස්මෙන් ගෘහයේ ආර්ථිකය කළමනාකරණය කරගෙන මෙරට ජීවය- ප්‍රාණය බවට පත්ව සිටිනවා.ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා කරන කාන්තාවන්ගේ නිෂ්පාදන පිටරට යවලා විදේශ විනිමය අතිවිශාල ප්‍රමාණය මෙරටට ගේනවා. මැදපෙරදිග හා අනෙක් රටවල විදේශ සේවයට යන සහෝදරියන්-මව්වරුන් රටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එනවා. ඒ නිසා මා කාන්තා පරපුර වෙනුවෙන් වෙනම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරනවා.මට ඕනෑම විවේචනයක් දරා ගන්න ශක්තිය ජවය-තියෙනවා. නමුත් මට දුක මගේ ප්‍රතිවාදියාට මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන අබමල් රේණුවක දැනුමක්, අවබෝධයක් නොතිබීම ගැනයි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ මගේම සංකල්ප විතරයි. එයින් ටිකක් මා මෙතන කිව්වෙ. ඉතින් මේ කාරණා ගැන වාදයට එන්න කියා මා ප්‍රතිවාදියාට ආරාධනා කළා. මොකද, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන දේ මා දන්නවා. මේවා මට වෙන කව්රුත් ලියා දුන්නු ඒවා නොවෙයි.රටට වින කරන, රට විනාශ කරන පරදේසක්කාර බලවේගවලට දේශීය සංස්කෘතිය ගැන නොදන්න දූෂිත කම්බහොරුන්ට තනතුරු දෙන පත්වීම් ලිපියට අත්සන් කරන්නේ නැතැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-ආණ්ඩුව කරන්න නොහැකිව 2015 වසරේදී පැනගිය කල්ලිය නැවත බලය ඉල්ලාගෙන ඇවිත් ඉන්නවා. ඒ යුගයේදී ආර්ථික සම්බාධක පවා පැනවීමට ජාත්‍යන්තරය සූදානමින් සිටියා. රාජපක්ෂ වසර දෙකකට පෙර එදා මැතිවරණය පැවැත්වූයේ ඒ නිසයි.ඇමරිකා පුරවැසියන් වූ අය මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන කතා කරනවා. බිය විය යුත්තේ රටට ආධාර ලැබෙන ගිවිසුම් ගැන නොව ඇමරිකන් පුරවැසියන් මැතිවරණයට ඉදිරිපත්වීම ගැනයි.එක්සත් ජාතික පක්ෂ හාරිස්පත්තුව ප්‍රධාන සංවිධායක තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා:-වාද භේද ඉවතලා මේ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජනපති බවට පත් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මෙන්ම එතුමාගේ පියාණන් කළ මෙහෙවර ගැන ජනතාව හොඳින් දන්නවා.තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ, නගර සැලසුම් සහ ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුද අදහස් දැක්වූහ.විශාල ජන ගංගාවක්  රැලිවලට සහභාගිවී සිටියහ.
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
1
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“විදේශ පුරවැසියෙකු ලංකාවේ ජනපති වුවහොත් විදෙස් රටවල් කියන පදයට නටන්න සිදුවෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.“ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නැති සෑම උපාධිධාරියෙකුටම රැකියා දෙන බව”ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් වෙනුවෙන් ඇපයක් සහ පොලී නැතිව රුපියල් ලක්ෂ තුනක ණය මුදල දෙන්නේ යැයි”ද කීවේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුයේ මාවනැල්ල, ගම්පොල, අරණායක, රඹුක්කන සහ පොල්ගහවෙල පැවැති ජන රැලි අමතමිනි.ජනරැලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මාව අපේක්ෂක ලෙස පත් කරන්න බෙල්ල තියපු කෙනකු තමයි කබීර් හෂීම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවද කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 වැනිදාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹලා, තිබෙනවාට වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාව අතරට මා ගේනවා.මාවනැල්ල පුරවරයේ ඉඩම්, නිවෙස් නැති විශාල පිරිසක් ඉන්නවා. රටේ නිවාස වැඩපිළිවෙළ අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 වැනි දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දී රටට සෙවණ දෙන වැඩපිළිවෙළ රටටම ක්‍රියාත්මක කරනවා.රබර් ආර්ථිකයක් ස්වයං රැකියා ආර්ථිකයක් වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි තිබෙනවා. මේ ආර්ථිකවල කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මූල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහළ තලයට ගෙනෙන්න කටයුතු කරනවා.අලුත්නුවර පූජා භූමිය සංවර්ධනය කළේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙනුයි. මේ වනවිට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මෙරට ජනාධිපති ලෙස අලුත්නුවර උතුම් පුදබිම අංගසම්පූර්ණව වැඩි දියුණුකර ඉතිරි වැඩ කොටසත් නිමා කරනවා.ජාතික වශයෙන් අප දැවැන්ත වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි-වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවිය යුතුයි. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහන ද යළිත් ක්‍රියාත්මක කරනවා.කෙටි කාලය තුළ මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා. මගේ පියා තමයි, පාසල් දරුවන් ලක්ෂ 43කට දිවා ආහාරය හා නිල ඇඳුම් දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාට දරුවන් වෙනුවෙන් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ලබන 16 වැනිදා ජනාධිපති වූ පසු මා නිල ඇඳුම් කට්ටල දෙකක්, දිවා ආහාර වගේම සපත්තු ජෝඩුවකුත් දෙනවා.ඇයි පාසල් දූ-දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ? දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත්-බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගෙන්න ඕනෑ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහිවෙන්න නම් දරුවන් පාසල් යන්න උනන්දු කළ යුතුයි.මගේ ප්‍රතිවාදියෝ මේක මුදල් නාස්තියක් කියනවා. නුඹලාට කෝටි ගණනක් ණය ගිනිපොළියට ගෙන නෙළුම් කුලුණ නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුණා නම් මා පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න පැකිළෙන්නේ නැහැ.සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම මූලික කරගෙන කර්මාන්තපුර අරඹනවා. කර්මාන්ත පුරවර වැඩසටහන තුල යොවුන් පරපුරට රැකී-රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට යන ඍජු විදේශ ආයෝජන අපේ මාතෘභූමියට රැගෙන එනවා.යොවුන් පරපුර ලොකුවට ඩිජිටල් විප්ලවය ගැන කතා කරනවා. එය කතාවට පමණක් සීමා නොකර මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා. ඒවායේ බයෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා - සාක්ෂරතාව වැනි දැනුමද ලබා දෙනවා.මේ විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මේ උද්‍යානයන්හි ආරම්භ කරනවා.තරුණ ප්‍රඥප්තියක් මා එළි දැක්වූවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට මා එළැඹුණා. කාන්තාවන් සමඟ කාන්තා ප්‍රඥප්තියට එළැඹුනා. කාන්තා ප්‍රඥප්තියේ තිබෙන්නා වූ සියලුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න මා කටයුතු කරනවා.ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු-මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝදාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැක බලා ගන්නවා.රටේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීමට එහි වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙනවා. සුදුස්සාට සුදුසුතැන මා දෙනවා.ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයත් සුනුවිසුණු කරනවා. ත්‍රස්තවාදීන් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් ද විනාශ කරනවා. ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, ළමා අපචාරකරුවන් විනාශ කර යුක්තිගරුක-විනයගරුක ශිෂ්ඨසම්පන්න ජන සමාජය බිහි කරනවා.මේ කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමඟ වාද කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෙහෙම වාද-විවාද කළාම ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත්වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරු හරි ලියා දුන්නු එකක් ද කියා බලා ගත හැකියි. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තිබෙනවාද, දැනුම තිබෙනවාද, මොළයක් තිබෙනවා ද බුද්ධියක් තිබෙනවාද කියලා ඔක්කොම හොයා බලන්නත් පුළුවනි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස මගේම දර්ශනයයි. වෙන කව්රුවත් ලියපු එකක් නොවෙයි. හැම එකක්ම ප්‍රසිද්ධ විවාදයක් තියා බලන්න පුළුවනි. අපේ හිතවත් මාධ්‍යයට ඒ වෙලාවට කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්වන්නත් පුළුවනි. එතකොට ටෙලිප්‍රෝම්ටර් එකේ වීදුරු කෑලි එහාට-මෙහාට යනවා බලා ගන්නත් පුළුවනි. මට නම් ටෙලිප්‍රෝම්ටර්වලින් කතා කර පුරුදු නැහැ. මොකද, සියලු කරුණු මගේ ඔලුවේ තිබෙනවා. හැබැයි ප්‍රතිවාදියා තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.කොහේ විවාද කරන්න බැරි වුණත් ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මා කැමැතියි. තනිවම එන්න අකමැති නම් ළඟපාත තිබෙන කිහිළිකරු අත්වාරු ටික ගෙන එන්න පුළුවනි.ඕනෑ නම් හිටපු ජනාධිපති අයියාවත් අඬ ගහගෙන එන්න.හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි. ඕනෑ නම් රුපියල් 2500න් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයත් ගෙන එන්න. එහෙමත් බැරිනම් පවුල් ගහම ගෙන එන්න. එය පන්දාහද, පහළොස් දාහද, විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.මාවනැල්ල නගරයේ තනිව සිට දහ දාහද, විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න මා ලෑස්තියි. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායක ලෙස මා කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම දෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවාදෙන්නේ නැහැ.මගේ ඔලුවට කරපිටට වෙනත් රටවල නීති-රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තිබෙනවාද කියලා කියන්න මා දන්නේ නැහැ. කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඔයා අපේ රටේ පුරවැසියේ ලෙස හිටියා, දැනුත් ඉන්නවා ඔයා අපේ රටේ නීතිරීතිවලට අනුව ඉන්න ඕනෑද කියා සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් කරන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.රට තුළ ත්‍රීරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක් පොලිය නැතුව ලක්ෂ 3 ක ණය මුදල දෙනවා.පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක පවතිනවා. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථමවරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ද දෙනවා.රණවිරු සුබසාධන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පෞද්ගලිකව මා සොයා බලනවා. රැකියා නැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා දෙනවායැයි” සජිත් ප්‍රේමදාස මහතා කීවේය.එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා -“අප වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කළේ ජනතාව රජ කරවන්නයි.ගෝඨාභයගේ කඳවුර දෙස බලනවිටත් හිරිකිතයි. ඒ කඳවුර අලුතින් තීන්ත ගෑ හිර ගෙදරකට සමානයි. ඒ කල්ලිය ජාතිවාදය අවුලවමින්, ජනතාව කොටවමින් ඡන්ද ගන්න උත්සාහ කරනවා.මහින්ද අද උතුරට වෙන කතාවක් කියා දකුණට ඇවිත් තව කතාවක් කියනවා. මේ දේශපාලනය තේරුම් ගත යුතුයි”.මහනුවර රණවිරු සමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -“යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා බොහෝ දෙනෙකු කීවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය දිනන්න පුළුවන් බව කිව්වා. ගම්වල තරුණයන් තම ජීවිතය පූජා කර යුද්ධය ජයග්‍රහණය කළා. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පිංකමක් බව බුද්ධ ධර්මයෙහි පවා සඳහන් වෙනවා.රණවිරුවන් ගැන විවිධ අර්ථකතන මාධ්‍ය දෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් යුද්ධ කළේ වැටුප බලා ගෙනම නොවෙයි”.කොළඹ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සමුළුව ඇමතූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -“නොවැම්බර් 17 වැනිදාට හිරු උදාවන විට රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතායි.නිදහස් මාධ්‍ය ව්‍යපාරය සමඟ මා 1980 වසරේ සිට සම්බන්ධ වී කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ විවිධ අවශ්‍යතා, පහරදීම්, ආදි සියල්ල වෙනුවෙන්ම එදා මුලින්ම පාරට බැස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උදවියයි.පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින් මාධ්‍යවේදීන් මර්දනය කළා. ඒ යුගයේදී මාධ්‍යව්දීන් කී දෙනෙකුට ජීවිත අහිමි වුණාද? මාධ්‍යවේදීන් කී දෙනෙකුගේ අතපය අහිමි වූවාද? මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ මාධ්‍ය මර්දනය ද අපගේ ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහසක් දුන්නා. දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. ඇතැම් මාධ්‍ය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන කතා කරනවා වෙනුවට තවමත් රාජපක්ෂ රෙජිමයට ගුණ වයමින් සිටිනවා”.දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුද කතා කළහ.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති එඞ්වඞ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි ද සොයිසා  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
0
(නිමල කොඩිතුවක්කු, සිටිනාමලුව අනීෂා මානගේ)“ධීවර, කෘෂිකර්ම සහ සංචාරක කර්මාන්ත දියුණු කරමින් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට කැපවන බව”, නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තංගල්ලේදී පැවැසීය.“මන්දිර දේශපාලනය, ජනාධිපති වැටුප, වෙඩි නොවදින වාහන ප්‍රතික්ෂේප කර හැම අරමුදලක්ම රටේ දියුණුව වෙනුවෙන් යොදවන බවද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තංගල්ල නගරයේ සංවිධානය කර තිබූ ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.දෙණියාය, අකුරැස්ස, හබරාදූව, රත්මලාන සහ බොරැල්ල ප්‍රදේශවලද මෙදින රැලි පැවැත්විණි.වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මොරවක සහ අකුරැස්ස ප්‍රදේශවල පැවැති රැස්වීම් කිහිපයකට සහභාගී වී මෙතැනට පැමිණියා. තවත් රැස්වීම් කිහිපයකට සහභාගී වෙන්න තිබෙනවා.  රටේ ව්‍යාපාරික ප්‍රජාවත් සමග ප්‍රශ්න සහ උත්තර විවාදයක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ප්‍රතිවාදී අපේක්ෂකතුමන් සහභාගී නොවීම ගැන මා කනගාටු වෙනවා.  ඒ විතරක්ද නොවෙයි. වෙනත් කෙනකු දීපු කථාවක් පටිගත කර තමයි, ඒ අවස්ථාවේ ඔහු අදහස් ඉදිරිපත් කළේ.මෙවර ජනාධිපතිවරණයට මා ඉදිරිපත් වෙන්නේ හම්බන්තොට  දිස්ත්‍රික්කයේ විසිපස් වසරක දේශපාලන ගමනේ යෙදිලයි. දිස්ත්‍රික් සංවිධායකකමෙන් ආරම්භ කළ දේශපාලන  ගමන ඉන්පසු හම්බන්තොට - සූරියවැව සංවිධායක බවටත්, ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු බවටත් පත්වුණා. ජනතාව මට දුන් සහයෝගය මත පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත්වෙලා අද මා යන්න පුළුවන් ඉහළම අවසාන තැනට ඇවිත් සිටිනවා.ජනාධිපතිවරයට තව දින කිහිපයයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසම් 576 ම ජනතාව 2000 මහ මැතිවරණයේදීත්, ඉන් පසු 2001 දීත්, ඉන්පසු 2004 දීත්, 2010 දීත්, 2015 දීත් අවස්ථා පහකදී දෙවතාවක්ම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවා දුන්  හයියේ උච්ඡතම අවස්ථාවට මා දැන් එළැඹිලා.හම්බන්තොට දිස්ත්‍රික්කයේත්  රට වටා ගිය ගමනේත්  මා ලබපු  අත්දැකීම් තුළ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශය සංක්ෂිප්තව ඉදිරි දින කිහිපය තුළ ඔබ අතට ලැබෙනවා.මැතිවරණ ව්‍යාපාරයත් එක්ක මා මුළු රටේම ගමන් කළා.  මෙදා පාර සජිත් ප්‍රේමදාසට මුළු රටේම ජනතාවගේ හයිය තුළින් ඒ මහා ජනවරම ලැබෙන බවට මට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වරම ලැබෙනවිට 25 වසරක් තමුන්නාන්සේලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කළ මට හම්බන්තොට  දිස්ත්‍රික්කයේ තංගල්ල, බෙලිඅත්ත, මුල්කිරිගල, තිස්සමහාරාමය උඩටම උස්සා සජිත් ප්‍රේමදාසව ජයග්‍රහණය කරන්න ඔබ කැපවෙන්න ඕනෑ.විශේෂයෙන්ම තංගල්ල නගරයේ පොඩි බෝට්ටු, තෙප්පම් වෙනුවෙන් ධීවර ප්‍රජාව සහනයක් ඉල්ලා තිබෙනවා. ලාම්පු  තෙල්වලින් රැකියා කරන කුඩා ධීවර යාත්‍රා 50,000 ක් තිබෙනවා. 16 වැනිදට මා පොදු ජනතාවගේ ජනාධිපති වනවිට ධීවර ජනතාවගේ ඉල්ලීම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා.රටේ බහුදින යාත්‍රා 3000 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මෙතෙක් කල් ආදායම් බද්දෙන් නිදහස්ව තිබූ ඒ අයගේ වෘත්තියට දිගටම ඒ නිදහස දෙන්න කියා ඉල්ලීම තිබෙනවා. 16 වැනිදායින් පසු ඒ ඉල්ලීමත් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියා මා ඔබට කියන්න කැමැතියි.ඒ වගේම අසහනයට පත්ව සිටින සංචාරක කර්මාන්තයේ සියලුම දෙනාට අප දුන්නු සහන ඉදිරියටත් දෙනවා.අපේ රජය තුළ ජාතික ආරක්ෂාව සහ නීතිය සාමය  අමාත්‍යවරයා විදියට සරත් ෆොන්සේකා මහතා තීන්දුකර හමාරයි.  ඒ තුළින් ශක්තිමත්  ජාතික ආරක්ෂාවක් ගොඩනැගෙන විට අනිවාර්යයෙන්ම රටේ සංචාරක කර්මාන්තය නැවත වරක් පිබිදෙනවා කියා කියන්න කැමැතියි.ජාතික  සංචාරක ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඒ තුළින්  සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න කටයුතු කරනවා. තංගල්ල  පුරවරයේ ආරම්භ කළ නගර සංවර්ධන වැඩසටහන කඩිනමින් අවසන් කරනවා.තංගල්ල රෝහලට තට්ටු දහයක ගොඩනැගිල්ලක් අනුමත   කර දිලිප් වෙදආරච්චි මහතා සමග රටේ  ජනාධිපති හැටියට මුල්ගල තියා වැඩ ආරම්භ කරන්න මා එනවා.ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩපිළිවෙළ නිසා මුළු රටේම කාන්තාවන් අසහනයට පත්ව සිටිනවා. කාන්තාවන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බවට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වනවා.මගේ පියා දරුවන්ට නිල ඇඳුමයි, දිවා ආහාරයයි දුන්නා. මගේ  ප්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය තමයි, ඒවා කපා හැරියේ. 16 වැනිදා ජනාධිපතිවරයා බවට ජනතාව මාව පත් කරන විට හතළිස් හතර ලක්ෂයක් පාසල්  දූදරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි, සපත්තු කූට්ටමයි, දිවා ආහාරයයි අනිවාර්යයෙන්ම දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි.දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයනවා. සමෘද්ධිය වෙනුවෙන් කැපකරන මුදල් ප්‍රමාණය මා වැඩි කරනවා. රටේ දුප්පත්කම බරපතළ ප්‍රශ්නයයි. එය කෙටි කාලයක් තුළ විසඳිය යුතු ප්‍රශ්නයද වනවා.සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා වගේම මුළු රටේම දුප්පත්කමේ එරී සිටින ජනතාව එයින් මුදාගැනීමට සමෘද්ධියයි, ජනසවියයි දෙකම එකට දෙනවා කියා මා කියන්න කැමැතියි.මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා සහනාධාර පොහොර මිලවත් දන්නේ නැහැ. අනුරාධපුරයේ ගිහින් 350 පොහොර නිකං දෙනවා කිව්වා. රක්ෂණ ගාස්තු 150 අමතක වුණා. එතුමන්ට කවුරු හරි ගුලියක් දුන්නා.ජාතික ආහාර නිෂ්පාදනය උසස් මට්ටමකට ගෙනඒමටත් එයින් ජාතික නිෂ්පාදනයට දැවැන්ත හයියක් දීමටත් මා  කටයුතු  කරනවා. මේ මගින් කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් රටේ කිසිම නායකයකු නොකරපු දෙය මා ක්‍රියාත්මක කරනවා.වී වගාවට, එළවළු, පලතුරු වගාවට ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි වැනි සුළු අපනයන භෝග වගාවටත් තේ,  පොල්, රබර් වැනි වැවිලි කර්මාන්ත ඇතුළු රටේ කෙරෙන හැම වගාවකටම පොහොර සහානාධාරය පමණක් නොවෙයි නොමිලේ පොහොර දීමටද කටයුතු කරනවා.යොවුන් පරපුර වෙනුවෙන් රටේ හැම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම  නවීන තාක්ෂණ  විද්‍යාගාර ආරම්භ කරනවා.එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවැනි  විද්‍යාගාර 12 ක් ආරම්භ වෙනවා. ඒ අනුව තංගල්ල ඇතුළු සියලුම  ප්‍රදේශවල ආරම්භවන නවීන තාක්ෂණ විද්‍යාලය තුළින් නැනෝ තාක්ෂණය, නව තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණ, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යෞවන පරපුරට නොමිලේ  ජාත්‍යන්තර මට්ටමින් මා උගන්වනවා.මෙතැනින් මා නතර වෙන්නේ නැහැ. හැම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනවා.  එතකොට නවීන තාක්ෂණ  විද්‍යාලයෙන් සමත්වන  යෞවනයන්ට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ගිහින් ඩිජිටල් ව්‍යාපාරයේ නිරත වන්නට අවස්ථාව දෙනවා. ඒ සඳහා මූලික ප්‍රාග්ධනයද දෙනවා.මේ අනුව හම්බන්තොට  දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ 12 ට නවීන තාක්ෂණ උද්‍යාන 12ක්, තොරතුරු තාක්ෂණ උද්‍යාන 12ක් ඇතිවෙනවා. ඒ වගේම මගේ නව ප්‍රතිපත්තිය මත කර්මාන්ත උද්‍යාන 12 කුත්, කර්මාන්ත පුරවර 12 කුත්  ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් ආරම්භ කර ගමේ නගරයේ දූ දරුවන්ට ඒවායේ රැකියා කිරීමේ අවස්ථාව උදාකරනවා.රටේ ලක්ෂ සංඛ්‍යාත  ත්‍රිරෝද රථ රියදුරන්ට ඇප රහිතව  ලක්ෂ තුන ගානේ පොලී රහිත ණයක් දෙනවා. දස ලක්ෂ ගණනාවක්  ත්‍රි රෝද රථ රියැදුරන්  සිටිනවා. ඒ අයගේ ජන ජීවිතය ඉහළ  මට්ටමට ගෙන ඒමට මා කටයුතු කරනවා.1994දී මා හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇවිත් සමාජ සේවය ආරම්භ කළේ පෙර පාසල් ඉලක්ක කරමිනුයි. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ලියාපදිංචි වෙලා  තිබෙන්නේ 10000 යි.රටේ සියලුම පෙර පාසල් පාලිකාවන්ට, සහාය පාලිකාවන්ට රජයේ අනුග්‍රහයෙන් වැටුප්, දීමනා දී හැම පෙර පාසලක් වෙනුවෙන්ම අංග සම්පූර්ණ පෙර පාසල් ගොඩනැගිල්ලක්, ළමා උද්‍යානයක් ලබාදෙනවා.ඒ වගේම  මානව භෞතික සම්පත් දී ඒ දූදරුවන්  වෙනුවෙන් නොමිලයේ දිවා ආහාරයද දී රටේ  පෙර පාසල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයට ඇතුළු කිරීමට මා තීන්දුවක් ගත්තා. එතකොට මවුපියන් මුදල් ගෙවා පෙර පාසල් අධ්‍යාපනය දුන් කාලය මා නතර කරනවා.විශ්‍රාමික ප්‍රජාවත් මා රැකගන්නවා. විශ්‍රාමික ප්‍රජාවට දෙන්න පුළුවන්  උපරිම සහන ටික දෙනවා. වැඩිහිටි  ආධාරය රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කරනවා. ඒ විතරක්ද නොවෙයි. රණසිංහ ප්‍රේමදාස සමයේදී වගේ ජනසවිය ගමේ, නගරයේ  සමුපකාරය මගින් ක්‍රියාත්මක  වන විට රටේම සමුපකාර පද්ධතියත් ශක්තිමත් වෙනවා. අපි කරන්න යන වැඩ කොටස් ගැන හෙට උදේ වෙනකම් කතා කරන්න පුළුවනි.මා ඇමැතිවරයකු  විදියට ඇමැති පඩිය ගත්තේ නැහැ. ඇමැති වාහනය ගත්තේත් නැහැ. පෞද්ගලික වාහනයට මගේ  අතින්ම තෙල් ගහගෙන රට වටේ ගිහින් වැඩ කළා. වරදාන වරප්‍රසාද ගන්නවා වෙනුවට තිබෙන හැම තඹ සතයක්ම  වියදම් කළේ පොදු ජනතාව වෙනුවෙනුයි.දහසයවැනිදාට තංගල්ල දිනවන විට, මුල්කිරිගල බෙලිඅත්ත, තිස්සමහාරාමය දිනවන විට මා මන්දිර දේශපාලනය ප්‍රතික්ෂේප කර, ජනාධිපති වැටුප ප්‍රතික්ෂේප කර අලුතින් වෙඩි නොවදින වාහන ගෙන්වන එක නතර කර  ජනාධිපති, අගමැති, මැති ඇමැතිවරුන් ඩියුටි ෆ්‍රී පර්මිට් ලබපු  කාලය අවසන් කර ආණ්ඩු වෙනස්වෙන විට අමාත්‍යාංශවලට වාහන ගෙන්වන පුරුද්ද නතර කර හැම අරමුදලක්ම මම මගේ මාතෘ භූමිය වෙනුවෙන් යොදවනවා.මගේ හිතවත්  ප්‍රතිවාදියාට විවාදයකට ආරාධනා කර දැන් සති දෙකක් ගතවෙනවා. අද උදෙත් අවේ නැහැ. මා කියනවා. එන්න බය නම් ජනාධිපති අයියත් එක්ක එන්න. එහෙම නැතිනම් පවුල් ගහේ ඉන්න හැම දෙනාම කාල්ටන් නිවසට ගෙන්වන්න. එහෙම නැතිනම් මැදමුලන වලව්වට ඥාති, රොත්ත බුරුත්තම ගෙන්වන්න. හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියම කියා මා කියන්න කැමතියි.මා තනියම ගිහින් වාද විවාද කර විවාදයත් දිනා ජනාධිපතිවරණයත් දිනනවා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු දෙනාම ජයග්‍රහණයට සූදානම් වෙන්න. 1994 ඉදන් තමුන්නාස්සේලාගේ දුක සැප සියල්ලක්ම හොයා බලා කරන්න පුළුවන් උපරිමය මා කළා. තව වැඩි වැඩියෙන් උදවු පදව් කරන්න දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර දෙන්න කියා මා ඉල්ලීම කරනවා.” යයිද, සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා:“හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනය ආරම්භ කළ සජිත් ප්‍රේමදාස මහතා  හත්වැනි විධායක ජනාධිපති දුර තරගයට ඉදිරිපත්ව සිටිනවා. රාජපක්ෂවරුන් විධායක ජනාධිපති ධුරය හොබවලත් කරන්න බැරිවෙච්ච විශාල සේවාවක් එතුමා මේ ප්‍රදේශය වෙනුවෙන් කළා.නියඟයට, ගංවතුරට ඕනෑම ගැටලුවකට මේ ප්‍රදේශවලට පිහිටවුණේ සජිත් ප්‍රේමදාස මහතායි.  එතුමා මේ ප්‍රදේශවල වෙහෙර විහාර ඉදිකර ශාසනය වෙනුවෙනුත් විශාල සේවයක් ගෙනගියා. ජාති ආලයෙන්, ආගම් ආලයෙන් කතාකරන රාජපක්ෂවරුන් අඩු ගානේ චෛත්‍යයක්වත් ඉදිකර නැහැ.සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නිකං ලැබුණේ නැහැ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි ජනාධිපති අපේක්ෂකත්වය එතුමන් ගන්නවා කිව්වා. ඒ වගේම 16 වැනිදාට රටේ නියත ජනාධිපති බවට සජිත් ප්‍රේමදාස මහතා පත්කරගන්නවා” යයිද ඔහු කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා  මහතා:-    “එදා රාජපක්ෂ පාලන සමයේදී පොලිස් නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් කොච්චර භීතියකින් කටයුතු කළාද?. අද එහෙම භීතියක් නැහැ. ඔවුන් අභිමානයෙන් තමන්ගේ වෘත්තියේ නියැලෙනවා. එදා ආතතියෙන් භීතියෙන් කටයුතු කළ මැතිවරණ කොමසාරිස් අද බොහොම ගැම්මෙන් කොන්ද කෙළින් තියන් වැඩ කරනවා.රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම මට පවරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඒ වගකීම අකුරටම ඉටුකරමින් සියලුම ජනතාවට ජීවත්විය හැකි සුරක්ෂිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මා කැප වෙනවා.ඒ වගේම අද තරුණ පරපුර මත්ද්‍රව්‍ය, මත්කුඩුවලට  ඇබ්බැහි වෙලා. ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුර බවට පත්ව සිටිනවා. තරුණ පරපුර මේ තත්වයෙන් ගලවා ගැනීමටත් පුනරුත්ථාපනය කිරීමටත් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් රටද මේ තත්වයෙන් ගලවා ගැනීමට මා කැපවෙනවා” යයිද ඔහු පැවැසීය.විශාල පිරිසක් රැලිවලට සහභාගිවී සිටියහ.
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
0
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, කලවාන - උපේන්ද්‍ර ජාතුන්ගම, වේවැල්කඳුරේ - පත්ම බන්දු, අම්බලන්ගොඩ - හේමන්ත සිල්වා සහ ගෝනාපීනුවල - දයා සිරිල් ධම්මික)“දූෂණ-වංචා සහ ජාතික සම්පත් කොල්ලකෑම්වලට සම්බන්ධ කිසිවකුත් තම රජයට ඇතුළත් කරගන්නේ නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කලවානේදී පැවැසීය.“යල් පැනගිය ඇටුවන් බැහැපු අය සමඟ නොව අලුත් ජවය ශක්තිය සහිත සමස්ත පුරවැසි පරපුර ශක්තිමත් කරන රජයක් බිහිකරන බවද” ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.කලවාන ජන රැලියට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් මෙදින හිනිදුම, බෙන්තර, ඇල්පිටිය, රජ්ගම, බලපිටිය සහ බණ්ඩාරගමදී ද ජන රැලි පැවැත්විණි.කලවාන ජනරැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.“රත්නපුර දිස්ත්‍රික්කයේ දියුණුව ගැන සිතන සැමගේ සිහිනය වන්නේ ආපදා නොවන ආකාරයට, පරිසර හානියක් නොවන ආකාරයට රුවන්පුර අධිවේගී මාර්ගය නිර්මාණය කිරීමයි. 16 වැනිදායින් පසුව වැඩක් කරන, වැඩක් කළ හා දැවැන්ත වැඩක් කරන්න සිටින පුද්ගලයකු ලෙස රුවන්පුර අධිවේගී මාර්ග සිහිනය සැබෑ කරනවා.ගංවතුරෙන් යටවන අයගම හරහා දිවෙන ඉඩංගොඩ කලවාන මාර්ගය මංතීරු දෙකක් සහිතව සංවර්ධනය කරනවා. කුකුළේ ගඟ විදුලි යෝජනා ක්‍රමය ස්ථාපිත කිරීම තුළ පීඩාවට අසහනයට පත්වූ ජතතාවට සහන මා දෙනවා. කුකුළේ ගඟ ව්‍යාපෘතිය හරහා අසාධාරණයට ලක් වූ සැමට සුදුසු වන්දි ගෙවනවා.රබර්, තේ, කර්මාන්තය, පතල් කර්මාන්තය, සුළු අපනයන භෝග හා ගම්මිරිස් වගාව යන කර්මාන්තවල බොහෝ දෙනෙකු නිරතව සිටිනවා. මෙරට කෘෂි විප්ලවයක් මා අරඹනවා. මෙරට ජනතාවට අවශ්‍ය ආහාර ඉල්ලුම මෙරටින් සපුරනවා. පිටරටින් ආනයනය කරනවා වෙනුවට අපේ වගා විප්ලවය තුළ රටේ ඉල්ලුමට සැපයුම දෙනවා පමණක් නොව මෙරට කෘෂි නිෂ්පාදන අපනයනය කරන්න ද කටයුතු කරනවා.වී වගාව හෝ වේවා තේ-පොල්-රබර් වගාව වේවා එළවළු-පලතුරු ගොඩ භෝග වගාව ශක්තිමත් කරන්න නිෂ්පාදන වියදම පහත හෙළන්න සියලු පොහොර වර්ග නොමිලේ දෙනවා. ඊට අමතරව තේ සඳහා හොඳ සහතික මිලක් දෙනවා. ගම්මිරිස්වලට හොඳ මිලක් දෙනවාසේම ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කරනවා.තේ කර්මාන්තය නඟා සිටුවීම සඳහා විශේෂ අවධානය යොමු කරනවා. තේ කර්මාන්තය සශ්‍රික කරනවා. තේ කර්මාන්ත ශාලා නැවතත් ශක්තිමත් කර කුඩා තේ වතු හිමියන්ගේ නිෂ්පාදන කටයුතු ජව සම්පන්න කරනවා.පතල් කර්මාන්තයේ නිරත වෙන සියලු දෙනාට මා කියන්නේ 16 වැනිදා නිර්මාණය වන්නේ නව යුගයක්. ඒ නව යුගය තුළ පරිසරය ආරක්‍ෂා කරමින් පතල් කර්මාන්තය කරගෙන යන්න අවශ්‍ය ශක්තිය දෙනවා.මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පත් කිරීම මේ කර්මාන්තයේ නිරත සියලු දෙනාට දෙනවා. පතල් කර්මාන්තයේ නිරතවන අයට අවසරය ගන්න එක එක තැන්වලට යන්න වෙලා. එකම තැනක සිට ඒ අවසරය දෙන ක්‍රියාවලිය මා ක්‍රියාත්මක කරනවා. පතල්කරුවන් ව්‍යාපාරිකයන් රස්තියාදු වූ යුගයට මා තිත තබනවා.මේ බල ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නය විසඳන්න දිය හැකි උපරිම සහයෝගය මා දෙනවා. නිවාස ඉදි කරන්න, ඉඩම් ගන්න ගැටලුවක් තිබෙනවා. රටේ ජනාධිපතිවරයා ලෙස 2025 සියලු දෙනාට සෙවන දෙන අවස්ථාවේදී මේ ප්‍රදේශයටත් නිවාස දෙනවා.සංචාරක කර්මාන්තය හොඳින් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මකයි. එය තවදුරටත් ශක්තිමත් කර බලප්‍රදේශය ඍජු සංචාරක කලාපයක් බවට පත් කරනවා. ලෝක උරුමයක් වන සිංහරාජයට ඍජු සම්බන්ධතාවක් කලවානට තිබෙනවා. දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණය වන බලප්‍රදේශයක් ලෙස කලවාන දියුණු කිරීමේ වගකීම මා භාර ගන්නවා. මේ බල ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස පත් කොට ප්‍රදේශයේ ජනතාවගේ අතමිට සරු කරනවා.පතල් කර්මාන්තයේ නිරතව සිටින කම්කරුවන් ඉතා ලොකු අවදානමක් ගෙන තමයි පතල් කර්මාන්තයේ නිරත වන්නේ. පතල් කර්මාන්තයේ නිරත අය වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ඇතිකර පතල්කරුවන්ගේත් ඔවුන්ගේ පවුල්වලත් ආරක්ෂාව සුරක්ෂිත කරනවා.මෙරට දුගී - දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කර එය දිරි ගන්වනවා. එතැනින් නතර නොවී හැමදාම රටේ දුප්පත්කම තිබිය නොහැකියි. දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා.පාසල් යන දුවා දරුවන්ට මගේ පියාණන් නිල ඇඳුම්, දිවා ආහාරය දුන්නා. නමුත් මගේ ප්‍රතිවාදියාගේ කණ්ඩායම පාසල් දූ දරුවන්ගේ දිවා ආහාරය කපා දැමුවා. මෙරට පාසල් දරුවන් වෙනුවෙන් කළ යුතු නොනිමි මෙහෙවරක් තිබෙනවා. මෙරට 44 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි, දිවා ආහාරයයි, සපප්තු කුට්ටමයි තුනම මා ජනාධිපති වූ පසු දෙනවා.කිසිවකු පෙර පාසල් අධ්‍යාපනයට අවධානය යොමු කරන්නේ නැහැ. දරුවෙකුගේ මොළය වර්ධනය වෙන්නේ ඉපදුනදා සිට අවුරුදු පහක් යන තුරුයි. එය වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. සියයට 80ක මොළය වර්ධනය වන්නේ අවුරුදු පහක කාලය තුළයි. නමුත් මේ කාලය තුළ නොමිලේ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඒ දරුවන්ට වෙනම ශක්තිය දෙන්නේ නැහැ. ඒ නිසා පෙර පාසල් ගුරුවරුන්ගේ, සහාය පාලිකාවන්ගේ ගෞරවය රැක ඔවුන්ගේ වැටුප් - චේතන රාජ්‍ය අනුග්‍රහය යටතේ සෑම පෙර පාසල් අධ්‍යාපනය නිදහස් නිවහල් අධ්‍යාපන ක්‍රමය බවට පත් කරනවා.හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක කර්මාන්තපුර හදනවා. එවිට තරුණ - තරුණියන්ට ගමේ ඉඳගෙනම රැකියා කිරීමේ අවස්ථාව උදාවෙනවා.අපේ රටට එන්න තිබෙන ඍජු විදේශ ආයෝජන කාම්බෝජයට, ඉන්දියාවට, වියට්නාමයට, බංග්ලාදේශයට යනවා වෙනුවට මෙරටට ගෙන්වා ගන්නවා. එමගින් තරුණ-තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් දෙනවා.පොලිස් නිලධාරීන් ගැන වචනයක් කිව යුතුයි. කණගාටුවෙන් වුවද කිව යුත්තේ ඔවුන්ට ලැබිය යුතු රුපියල් 20,000 බටා එක දෙන්න යනකොට අපේ විරුද්ධවාදීන් මැතිවරණ කොමිසමට කියා එය නතර කළ බවයි. මා පොලිස් නිලධාරීන්ට කියනවා ජනාධිපති වී පැය 72ක් තුළ බටා එක පමණක් නොව ආහාර දීමනාව ද දෙන්න මා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. උස් පහත් බේදයකින් තොරව ඒ ආහාර දීමනාව දෙනවා. තනතුරු අනුව එය වෙනස් විය නොහැකියි. ලබන 16 වැනිදා මා ආරම්භ කරන්නේ නව යුගයක නව ආරම්භයයි. අලුත් ගමනක් බොරු නොකියන ගමනක් මර්දනය නැති ගමනක් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් පොදුජන අයිතිය ශක්තිමත් කරන ගමනක් පනස් දෙහැවිරිදි ජනාධිපතිවරයෙකු පත්කර ගෙන දිවා රෑ නොබලා ශීඝ්‍රගාමී සංවර්ධන යුගය නිර්මාණය කරන්න සියලු දෙනාම හයිය දෙන්න.මෙරටට අවශ්‍ය යල් පැන ගිය, ඇටුවන් බැහැපු අය නොව අලුත් ජවය අලුත් හයිය සමඟ තරුණ කාන්තා පරපුරට, සමස්ත පුරවැසි පරපුරටම ශක්ති දෙන නව රජයක් දූෂණය මර්දනය කළ කොල්ල කෑම කළ ජාතික සම්පත් විනාශ කළ කිසිවකු මගේ රජයට ඇතුළත් කර ගන්නේ නැහැ. පිරිසුදු ගමනක් පවිත්‍ර දර්ශනයක් ජනතාවාදී ජනහිතකාමී පිළිවෙතක් හරහා අනිවාර්යෙන්ම මා රට දියුණු කරනවා. එමෙන්ම පුරවැසි පරපුරම රැක ගන්නවා. අපේ මාතෘ භූමිය දිවි හිමියෙන් සුරකිනවා.මා ජනතාවට කියන්නේ ගෙයක් - ගෙයක් ගානේ ගොස් පක්ෂ පන්ති පාට බේදයකින් තොරව අලුත් - අවංක - පිරිසුදු ගමන, භීෂණයෙන් තොර ගමන, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් තොර ගමන, සුදු වෑන් වලින් තොර ගමන, මිනීමැරුම්වලින් තොර ගමන ජනතාව ජීවත් කරවන ගමනට ශක්තිය දෙන්න කියලයි.වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500ක් කරමින් රටේ සියලු දෙනාට සෞභාග්‍ය සම්පන්න අනාගතය නිර්මාණය කරනවා යයි”ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය සමුළුව ඇමතූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා :-“මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි. මෙය ජනාධිපතිවරණයක් පමණක්ම නොවෙයි. ජනාධිපතිවරණයෙන් තේරී පත් වන ජනාධිපතිවරයා ලබන මාර්තු මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට තීරණයක් ගත යුතුයි. ඒ වගේම පළාත් පාලන මැතිවරණ පැවැත්වීමටත් අවශ්‍ය පියවර ගත යුතුයි.ඒ නිසා ජනාධිපතිවරණයේදී නිවැරදි හා බුද්ධිමත් තීරණය ගැනීම වෙනුවෙන් ජනතාව මෙහෙය වීමේ වගකීම මාධ්‍යවේදීන් සතුයි.රාජපක්‍ෂ යුගයේදී මිනිස් නිදහස හෙමින් - හෙමින් ඇකිලිගෙන යන ආකාරය අප දුටුවා. කතා කිරීමේ නිදහස පාලනය වෙන ආකාරය දැක්කා. එරෙහිව කටයුතු කරන මාධ්‍ය ආයතනවලට කළ කී දෑ අප දැක්කා. ඒ වගේම විරුද්ධවාදීන් මර්දනය කිරීමට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හිරගෙට දැම්මා”.නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග සහ හේෂා විතාන, එක්සත් ජාතික පක්‍ෂ කලවාන ආසන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක යන මහත්වරු ද අදහස් දැක්වූහ.අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ද ජන රැලියට සහභාගි වී සිටියාය.
“ප්‍රතිවාදියා ප්‍රශ්නවලින් පැන යන්නෙක්“
0
(а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җීරරа¶ӯа·Ҡа¶ұ, а·„а·’а¶ҹුරа·Ҹа¶ұ - а¶ұа·Җරа¶ӯа·Ҡа¶ұ а·ғමරа¶ӯа·”а¶Ӯа¶ң, а¶ҙа·Ҡ‍රිа¶әа¶ұа·Ҡа¶ӯ а¶ӯа·’а¶Ҫа¶ҡරа¶ӯа·Ҡа¶ұ, а¶ҙа·’а¶әа·ға·ҡа¶ұ а·Җа¶ӯа·”а¶Ҝුර, රа·Җа·“ а¶ёа·җа¶Ҝа¶ңа·ҷа¶Ҝර, а¶ңа¶әа·Ҹа¶ұа·Ҡ а¶ а·’а¶ұа·Ҡа¶ӯа¶ҡ, а¶ а¶ұа·Ҡа¶Ҝа¶ұ а¶Ҫа·’а¶әа¶ұа¶Ҷරචа·Ҡа¶ а·’ а·ға·„ а·„а¶ёа·Ҡබа¶ұа·Ҡа¶ӯа·ңට - а¶…а¶ұа·’а·Ӯа·Ҹ а¶ёа·Ҹа¶ұа¶ңа·ҡ)а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа·’а¶ҡ а·ға·„ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶ёа¶ә а·ға·Ҡථа·Ҹа·Җරබа·Җ а¶Үа¶ӯа·’ а¶ҡа·… а¶…а¶әුරිа¶ұа·Ҡа¶ё а¶ҙа·ҷබරа·Җа·Ҹරි 10 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·”а·Җ රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡ а·ға·Ҡථа·Ҹа·Җරа¶ӯа·Ҡа·Җа¶ә а¶Үа¶ӯа·’ а¶ҡරа¶ұ බа·Җ а¶…а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹරа·ҡа¶Ҝа·“ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ҡа¶Ҫа·Ҡа¶Ҫа·’а¶ә а·Җа·’а·ға·’а¶ұа·Ҡ а·Җа·…а¶ҙа¶Ҫа·Ҡа¶Ҫට а¶Үа¶Ҝ а¶Ҝа·җа¶ёа·– а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ұа·җа·Җа¶ӯ а¶ңа·ңඩ а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ රටа¶ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а·„а·җа·ғිරа·Җීමට а¶Ҝа¶ҡа·Ҡа·Ӯ а¶ҡණа·Ҡඩа·Ҹа¶әа¶ё එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә බа·Җ а¶ұа·җа·Җа¶ӯа¶ӯа·Ҡ ඔа¶ҙа·Ҡа¶ҙа·” а¶ҡර а¶ҙа·ҷа¶ұа·Ҡа·Җීමට а·ға¶ёа¶ӯа·Ҡ а·Җිණа·җа¶әа·’ а¶Ҝ” а¶…а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶ӯа·Җа¶Ҝුරටа¶ӯа·Ҡ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә.а¶…а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҡ බа·Җ а¶ҡа·“а·Җа·ҡ а¶ҙа·…а·Ҹа¶ӯа·Ҡ а¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ёа·җа¶ӯа·’а·Җරණа¶ә а·ға¶іа·„а·Ҹ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҷа¶ұа·Ҡ а¶ӯරа¶ң а¶ҡරа¶ұ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡа·Ҹа·Җа¶ұа·Ҡа¶ңа·ҡ а¶ўа¶ә а¶ӯа·„а·Җුරු а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹර а¶ұа¶ңරа¶әа·ҡ а¶ҙа·җа·Җа·җа¶ӯа·’ а¶ўа¶ұ රа·җа¶Ҫа·’а¶әа·ҡа¶Ҝа·“а¶ә.а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹර а¶ўа¶ұ රа·җа¶Ҫа·’а¶әට а¶…а¶ёа¶ӯරа·Җ а¶…а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶ӯа¶Ӯа¶ңа¶Ҫа·Ҡа¶Ҫ а¶ұа¶ңරа¶әа·ҡа¶Ҝа·“а¶Ҝ а¶ўа¶ұ රа·җа¶Ҫа·’а¶әа¶ҡа·Ҡ а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җිණි.а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹරа·ҡ а¶ўа¶ұ රа·җа¶Ҫа·’а¶әа·ҡа¶Ҝа·“ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·– а¶…а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶ҡа·“а¶ә.“මඩа¶ҡа¶Ҫа¶ҙа·”а·Җ а¶ҙа·җа·Җа·җа¶ӯа·’ එජа·Ҹа¶ҙ රа·җа¶Ҫа·’а¶әට а·ға·„а¶·а·Ҹа¶ңа·“а·Җа·“а¶ё а·ға¶іа·„а·Ҹ а¶’ а¶ҙа·Ҡ‍රа¶Ҝа·ҡа·Ға¶әට а¶әа¶ұ а¶…а¶ӯුරа¶ӯුර 2014 а¶ҡа·Ҹа¶Ҫа¶ә а¶ҙිළිබඳа·Җ а¶ёа¶ёа¶ӯа·Ҡ, а¶Ҝа¶әа·Ҹ а¶ңа¶ёа¶ңа·ҡ а¶Үа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹа¶ӯа·Ҡ а¶ҡа¶ӯа·Ҹ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටිа¶әа·Ҹ.2014 а¶ңа¶Ӯа·Җа¶ӯුර а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҷа¶ӯа·Ҡ а¶…а¶ҙ а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹර а·ғිට ඔඩа·Ҡඩමа·Ҹа·Җඩි а¶ҙа·Ҡ‍රа¶Ҝа·ҡа·Ға¶ә а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡа·…а·Ҹ. එа¶Ҝа·Ҹ а¶…а¶ҙа·’ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡа·…а·ҡ а¶ўа·’а¶ҙа·Ҡ රථа¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶ұа·ңа·Җа·ҷа¶әа·’. а¶’ а¶ңа¶ёа¶ұට බа·қටа·Ҡටුа·Җа¶ҡа·Ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а·Җුණа·Ҹ.රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ රа·ҷа¶ўа·’а¶ёа¶ә а¶әටа¶ӯа·ҡ а¶үа·„а·… а·ғිට а¶ҙහළටа¶ӯа·Ҡ, а¶ҙа·„а·… а·ғිට а¶үහළටа¶ӯа·Ҡ а·„а·ңරа¶ҡа¶ё а¶ҙа·җа¶ӯිරුණа·Ҹ. а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶ҙа·Ҡ‍රජа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රа·Җа·Ҹа¶Ҝа·“ а¶…а¶ӯа·’а·Җа·Ҹа·ға·’а¶ҡа¶ёа·Ҡ а·ға·“а¶ёа·Ҹ а¶ҡа·…а·Ҹ. а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа·Җа·ҡа¶Ҝа·“а¶ұа·Ҡ මරа·Ҹ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ. රටа·ҡ а¶Ҷරа·Ҡථීа¶ҡа¶ә а¶ҡඩа·Ҹа¶ҡа¶ҙа·Ҡа¶ҙа¶Ҫа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа¶ҙа¶ұа¶әа·ҡа¶ӯа·Ҡ, а·ға·һа¶ӣа·Ҡ‍а¶әа¶әа·ҡа¶ӯа·Ҡ а¶Ҝа·’а¶әුණුа·Җ а·ға¶іа·„а·Ҹ а¶әа·ңа¶Ҝа·Җа¶ұ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ҙа·Ҡ‍රමа·Ҹණа¶ә අඩු а¶ҡа·…а·Ҹ. රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯа¶Ҫа·Ҹ а¶’ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡа·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҡа·…а·ҡ රа·ҷа¶ўа·’а¶ёа¶ә а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ёа¶ӯа·Ҡ а¶ҡිරීම а¶ҙමණа¶әа·’.а¶ёа·ҡ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶ә а·„а·ҡа¶ӯа·”а·Җа·ҷа¶ұа·Ҡ එа¶Ҝа·Ҹ а·Җිරුа¶Ҝа·Ҡа¶° а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а·ғිටි а¶…а¶ҙа¶ӯа·Ҡ, а·ға·’а·Җа·’а¶Ҫа·Ҡ а·ға¶ёа·Ҹа¶ўа¶әа¶ӯа·Ҡ එа¶ҡට එа¶ҡа¶ӯа·” а·Җුණа·Ҹ. а¶ҙа·ңа¶Ҝа·” а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡа¶әа·ҷа¶ҡа·” а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරණа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙරа·Ҹа¶ўа¶әට а¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීමට а¶…а¶ҙට එа¶Ҝа·Ҹ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а·Җුණа·Ҹ.а¶’ а·Җа¶ұа·Җිට රටа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а·ға¶Ӯа·ға·Ҡа¶ҡа·ҳа¶ӯа·’а¶ә а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණа¶әа·ҷа¶ұа·Ҡ а·Җа·’а¶ұа·Ҹа·Ға·Җа·“ а¶ӯිබුණа·Ҹ. а¶әа·„а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а·Җа·’а¶ұа·Ҹа·Ғ а·Җа·“ а¶ӯිබුණа·Ҹ. а¶әа·„а¶ҙа¶ӯа·Ҡ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶ұа·җа·Җа¶ӯ රට а¶ӯа·”а·… а¶Үа¶ӯа·’ а¶ҡිරීමට а¶ұа¶ёа·Ҡ එа¶ҡට එа¶ҡа¶ӯа·”а·Җа·– а·ға·’а¶әа¶Ҫа·” а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶…а¶ӯර а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа·’а¶ҡ එа¶ҡа¶ҹа¶ӯа·Ҡа·Җа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ҡරа¶ңа¶ӯ а¶әа·”а¶ӯа·” а·Җුණа·Ҹ. එа¶ә а¶…а·Җබа·қа¶° а¶ҡර а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·Җුණ а¶…а¶ҙа¶ӯа·Ҡ, а¶ўа¶ұа¶ӯа·Ҹ а·Җа·’а¶ёа·”а¶ҡа·Ҡа¶ӯа·’ а¶ҙа·ҷරමුණа¶ӯа·Ҡ а¶Ҝа·Ҡ‍රа·Җිඩ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶Ӯа¶°а·Ҹа¶ұа¶әа¶ӯа·Ҡ, а¶…а¶ұа·ҷа¶ҡа·Ҡ а·ға·’а¶әа¶Ҫа·” а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ӯа·Ҡ, а·ға·’а·Җа·’а¶Ҫа·Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ӯа·Ҡ, එа¶Ҝа·Ҹ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶ҡа·ңටа·ға¶ҡа·Ҡа¶Ҝ එа¶ҡа¶ӯа·” а¶ҡර а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ а¶ёа·ӣа¶ӯа·Ҡ‍රීа¶ҙа·Ҹа¶Ҫ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ а¶ҙа·ңа¶Ҝа·” а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡ а¶Ҫа·ҷа·ғ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡර එа¶ӯа·”а¶ёа·Ҹа¶ңа·ҡ а¶ўа¶әа¶ңа·Ҡ‍රහණа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·” а¶…а¶ҙа·’ а¶Ҷණа·Ҡඩුа·Җ а¶Үа¶ӯа·’ а¶ҡа·…а·Ҹ.එහිа¶Ҝа·“ а¶Ҝа·Ҡ‍රа·Җිඩ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶Ӯа¶°а·Ҹа¶ұа¶әа¶ӯа·Ҡ, а¶ўа¶ұа¶ӯа·Ҹ а·Җа·’а¶ёа·”а¶ҡа·Ҡа¶ӯа·’ а¶ҙа·ҷරමුණа¶ӯа·Ҡ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶…а·ға·”а¶ұа·Ҡ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. රටа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а·ға·Ҡථа·Ҹа·Җරභа·Ҹරа·Җа¶әа¶ӯа·Ҡ, а¶ўа¶ұа·Җа·Ҹරа·Ҡа¶ңа·’а¶ӯ අරа·Ҡබුа¶Ҝа¶әට а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а·Җа·’а·ға¶іа·”а¶ёа¶ҡа·Ҡ а¶Ҝීමට а¶ұа¶ёа·Ҡ а¶…а¶ҙ එа¶ҡа·Ҡа·Җа·“ а·Җа·җඩ а¶ҡа·… а¶әа·”а¶ӯа·” а·Җුණа·Ҹ. а¶’ а·ға¶іа·„а·Ҹ රටа·ҡ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҝа·ҷа¶ҡ а¶ҡа·Ҹа¶Ҫа¶әа¶ҡа·Ҡ එа¶ҡа·Ҡа·Җа·“ а·Җа·җඩ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡිරීමа·ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹ а¶ёа¶ӯа·” а¶ҡа·ҷරුණа·Ҹ.එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әа·ҡа¶Ҝа·“ а¶ӯа·”а¶ұа·ҷа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ҡа¶ҡ බа¶Ҫа¶ә а¶ңа¶ӯа·Ҡа¶ӯа¶ӯа·Ҡ а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·ға¶ёа¶ҹ එа¶ҡа¶ӯа·”а·Җа·“ а¶әа·„ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ұිරа·Ҡа¶ёа·Ҹණа¶ә а¶ҡිරීමට а·ға·–а¶Ҝа·Ҹа¶ұа¶ёа·’а¶ұа·Ҡ а·ғිටිа¶ұ බа·Җ а¶ёа·Ҹ а¶ёа·„ а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әට а¶ҙа·ҷර а·ғිටම а¶ҙа·җа·Җа·ға·”а·Җа·Ҹ. а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа·җа¶ӯа·’а·Җරණа¶ә а¶ўа¶әа¶ңа·Ҡ‍රහණа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·” а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶Үа¶ӯа·’ а¶ҡа·…а·Ҹ.а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҝа·ҷа¶ҡ එа¶ҡа·Ҡа·Җа·“ а·Җа·җඩ а¶ҡරа¶ұ а·Җිට රටа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а·ға·Ҡථа·Ҹа·Җරභа·Ҹа·Җа¶ә а¶Үа¶ӯа·’ а¶ҡිරීමට а·„а·җа¶ҡа·’а¶әа·Ҹа·Җ а¶Ҫа·җබа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹа¶ё а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶үа¶Ҝිරිа¶әට а¶ңа·ҷа¶ұ а¶ңа·’а¶әа·Ҹ.а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа·’а¶ҡ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа·“ а¶ұа·ңа·Җа·“ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡිරීමට а¶…а¶ҙට а·„а·җа¶ҡа·’а¶әа·’. а¶әුරа·қа¶ҙа¶әа·ҡ а¶ҙа·Җа¶ӯа·’а¶ұ а·ғමබර а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ҡа·Ҡ‍රමа¶әට а·ға¶ёа·Ҹа¶ұ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶Үа¶ӯа·’ а¶ҡිරීමට මට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а·Җුණа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶ҙа·Җа¶ӯа·’а¶ұ а¶ёа·җа¶ӯа·’а·Җරණ а¶ҡа·Ҡ‍රමа¶ә а¶Ҡට а·„а·ңа¶і а¶Ӣа¶Ҝа·Ҹහරණа¶әа¶әа·’.а¶ұа·Җ а¶ёа·җа¶ӯа·’а·Җරණ а¶ҡа·Ҡ‍රමа¶ә а¶ӯа·”а·… а¶ҡа·’а·ға·’а·Җа¶ҡа·”а¶ӯа·Ҡ а¶ңа·җටුමа·Ҡ, а¶ҡа·қа¶Ҫа·„а¶Ҫ а¶Үа¶ӯа·’а¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶ӯа·’ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶Ҫа·ҷа·ғ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ а¶ұа·ңа¶ҡරа¶ұ а·ға·Ҹа¶ёа¶ҡа·Ҹа¶ёа·“ а¶ёа·җа¶ӯа·’а·Җරණ а¶ҡа·Ҡ‍රමа¶ә а¶Үа¶ӯа·’ а¶ҡිරීමට а¶…а¶ҙට а·„а·җа¶ҡа·’ а·Җුණа·Ҹ. а·Җа·ғර 5 а¶ҡ а¶ўа¶ұа¶ӯа·Ҹ а·Җරම а¶…а¶ҙට а¶Ҫа·җබී а¶ӯිබа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶’ а¶Ҷа¶ҡа·Ҹරа¶әට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡිරීමටа¶әа·’. а¶ұа·Җ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а·ға¶Ӯа·ға·Ҡа¶ҡа·ҳа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ҡිරීමටа¶әа·’.а¶ұа·Җ а¶ҡа·Ҡ‍රමа¶ә а¶Ҝа·җа¶ұа·Ҡ а¶Ҷරමа·Ҡа¶· а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а·Җа¶ңа·ҡа¶ё а¶…а¶ҙ එа¶ә а¶үа¶Ҝිරිа¶әට а¶ңа·ҷа¶ұ а¶әа¶ұа·Җа·Ҹ. а¶…а¶ҙа·ҡ а¶Үа¶ӯа·җа¶ёа·Ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹ а¶ёа·Ҹරа·Ҡа¶ң а·„а·ҡа¶ӯа·”а·Җа·ҷа¶ұа·Ҡ а·Җа·’а¶ұа·Ҹа·Ға·Җа·“ а¶ӯිබූ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а·ға¶Ӯа·ға·Ҡа¶ҡа·ҳа¶ӯа·’а¶әа·ҡ а¶әа¶ёа·Ҡ а¶әа¶ёа·Ҡ а·Җа·ҷа¶ұа·ға·Ҡа¶ҡа¶ёа·Ҡ а¶ҡිරීමටа¶ӯа·Ҡ а·„а·җа¶ҡа·’ а·Җුණа·Ҹ.රටа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а·ға·Ҡථа·Ҹа·Җරභа·Ҹа·Җа¶ә а¶Үа¶ӯа·’ а¶ҡිරීමට එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·җа¶ҙа·Җа·“ а·ғිටිа¶ұа·Җа·Ҹ. а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶ёа¶ә а·ға·Ҡථа·Ҹа·Җරභа·Ҹа·Җа¶ә රට а¶ӯа·”а·… а¶Үа¶ӯа·’ а¶ҡරමිа¶ұа·Ҡ එа¶ҡට එа¶ҡа¶ӯа·”а·Җа·“ а¶ўа¶ұа·Җරම а¶…а¶ұа·”а·Җ а¶Ҷණа·Ҡඩුа·Җ а¶үа¶Ҝිරිа¶әට а¶ңа·ҷа¶ұа¶әа·Ҹමට а¶…а¶ҙට а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶әа·’.а¶ӯа¶ұа·’ බа¶Ҫа¶ә а·ға·„а·’а¶ӯа·Җ а¶Ҷණа·Ҡඩුа·Җ а¶үа¶Ҝිරිа¶әට а¶ңа·ҷа¶ұ а¶әа·Ҹමට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә බа¶Ҫа¶ә а¶ңа·җа¶ұීමට а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҷа¶ұа·Ҡ а·Җරම а¶үа¶Ҫа·Ҡа¶Ҫීමට а·„а·җа¶ҡа·’а¶әа·Ҹа·Җ а¶ӯිබුණа·Ҹ. а¶’а¶ӯа·Ҡ а¶…а¶ҙ ඔබа·ҷа¶ұа·Ҡ а¶ўа¶ұа·Җරම а¶үа¶Ҫа·Ҡа¶Ҫа·”а·Җа·ҡ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҝа·ҷа¶ҡ එа¶ҡа·Ҡа·Җа·“ රට а¶үа¶Ҝිරිа¶әට а¶ңа·ҷа¶ұ а¶әа·Ҹමටа¶әа·’. ඔබ а¶ўа¶ұа·Җරම а¶Ҝа·”а¶ұа·Ҡ а¶Ҷа¶ҡа·Ҹරа¶әටම а¶…а·ға¶ёа¶ңа·’а¶ә а¶Үа¶ӯа·’ а¶ҡර а¶ұа·ңа¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ а¶ёа·ҡ а·Җа·ғර 5 а¶үа¶Ҝිරිа¶әට а¶әа·Ҹමට а¶…а¶ҙ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶…а¶ҙට а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җ බිඳ а¶Ҝа·җමීමට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ұа·җа·„а·җ. එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶Ҝа·’а¶әුණුа·Җට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а·ға·Ҡථа·Ҹа·Җරභа·Ҹа·Җа¶ә а¶Үа¶ӯа·’ а¶ҡිරීමа¶әа·’.а¶…а¶ҙ එа¶ҡа·Ҡа·Җа·“ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ӯа·”а·… а¶ҙමණа¶әа·’. а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶ёа·җа¶ӯа·’а·Җරණа·Җа¶Ҫа¶Ҝа·“ а¶…а¶ҙ а¶ӯа¶ұа·’ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а¶Ҫа·ҷа·ғ а·Җа·ҷа¶ұа¶ё а¶ӯරа¶ң а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶…а¶ҙа·ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶…а¶ұа¶ұа·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹ а¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ.а¶ёа·җа¶ӯа·’а·Җරණа¶ә а¶әа¶ұа·” а·Җа·’а·Җа·’а¶° а¶ёа¶ӯ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а·Җа¶ұ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа¶әа·’. а¶’а¶ӯа·Ҡ а¶ҡа·’а·ға·’а·Җිටа·ҷа¶ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа·’а¶ҡа·Җ а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа·“ а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶’ а¶ұа·’а·ға·Ҹ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶…а¶ә ඔබа·ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·Ғ а·Җа·’а·Җа·ҡа¶ а¶ұа¶ә а¶ҡරа¶ұ а·Җිට а¶’а·Җа·Ҹට а¶ҙа·’а·…а·’а¶ӯුරු а¶Ҝීමට а¶ұа·ңа¶әа¶ұ а¶Ҫа·ҷа·ғ а¶ёа·Ҹ а¶…а¶ҙа·ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරුа¶ұа·Ҡට а·Җа·’а·Ға·ҡа·Ӯа¶ё а¶Ӣа¶ҙа¶Ҝа·ҷа·ға·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶…а¶ҙ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ӯа·”а·… එа¶ҡа·Ҡа·Җ а·Җа·җඩ а¶ҡිරීම а¶Ҡට а·„а·ҡа¶ӯа·”а·Җа¶әа·’. а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җ බිඳ а¶Ҝа·җමීමට එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа·ҷරමුණට а¶ҡа·’а·ға·’а¶Ҝа·” а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җ а¶ұа·җа¶ӯа·’ බа·Җ а¶ёа·Ҹ а¶ҙа·Җа·ға¶ұа·Җа·Ҹ.а¶ҙа·ңරа·ңа¶ұа·Ҡа¶Ҝа·” а·Җа·– а¶Ҷа¶ҡа·Ҹරа¶әට රට а¶ӯа·”а·… а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶ёа¶ңа·’а¶ә, а·ға¶Ӯа·„а·’а¶іа·’а¶әа·Ҹа·Җ а¶…а¶ҙ а¶Үа¶ӯа·’ а¶ҡа·…а·Ҹ. а·ға·’а¶Ӯа·„а¶Ҫ, а¶Ҝа·ҷа¶ёа·…, а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ, а¶ҡа·Ҡ‍රිа·ға·Ҡа¶ӯа·’а¶әа·Ҹа¶ұа·’, а·„а·’а¶ұа·Ҡа¶Ҝа·” ඕа¶ұа·‘а¶ё а¶ўа·Ҹа¶ӯа·’а¶әа¶ҡ, а¶Ҷа¶ңа¶ёа·’а¶ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට එа¶ҡට а¶ўа·“а·Җа¶ӯа·Ҡа·Җීමට а·„а·җа¶ҡа·’ а¶ҙරිа·ғරа¶ә а¶…а¶ҙ а¶ұිරа·Ҡа¶ёа·Ҹණа¶ә а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶ӯа¶ё а¶Ҷа¶ңа¶ё а¶Үа¶Ҝහීමට а·„а·җа¶ҡа·’а·Җа·ҡа·Җа·’ а¶Ҝа·җа¶әа·’ а·Җа·’а·Ға·Ҹа¶Ҫ බිа¶әа¶ҡа·Ҡ එа¶Ҝа·Ҹ а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶Үа¶ӯа·’а·Җа·“ а¶ӯිබුණа·Ҹ. а¶’ а¶ӯරа·Ҡа¶ўа¶ұа¶ә а¶Ҝа·Ҡ‍රа·Җිඩ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җටа¶ӯа·Ҡ එа¶Ҫа·Ҡа¶Ҫа·Җа·“ а¶ӯිබුණа·Ҹ. а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶ә а¶…а·Җа·ға¶ұа·Ҡ а·Җුණа¶ӯа·Ҡ а¶…а¶әа·’а¶ӯа·’а·Җа·Ҹа·ға·’а¶ҡа¶ёа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡට а¶Ҫа·җබа·ҡа¶Ҝа·җа¶әа·’ ඔа·Җа·”а¶ұа·Ҡට а¶ңа·җටа¶Ҫа·”а·Җа¶ҡа·Ҡ а¶ӯිබුණа·Ҹ. එа¶Ҝа·Ҹ බිа¶ә а¶ҙа·җа·Җа¶ӯа·’а¶әа·ҡ а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ, а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶…а¶ӯර а¶ҙමණа¶ҡа·Ҡ а¶ұа·ңа·Җа·ҷа¶әа·’.а¶ёа¶Ҫа·Ҡа·Җа¶ӯа·” а¶ёа·„а·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а·ға·Ҡа·Җа·Ҹа¶ёа·“а¶ұа·Ҡа·Җа·„а¶ұа·Ҡа·ға·ҡටа¶ӯа·Ҡ а¶ұа·’а¶ҡа·Ҹа¶ә а¶ҡа·җඩීමට а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„ а¶ҡරа¶ұа·Җа·Ҹ а¶әа¶әа·’ а¶ҡа·’а¶әа·Ҹ එа¶Ҝа·Ҹ а¶ӯරа·Ҡа¶ўа¶ұа¶ә එа¶Ҫа·Ҡа¶Ҫ а¶ҡа·ҷරුණа·Ҹ. а¶’ а·Җа¶ңа·ҡа¶ё а¶Ҝа·…а¶Ҝа·Ҹ а¶ёа·Ҹа¶Ҫа·’а¶ңа·Ҹа·Җ а¶…а·Җට а¶ҙа·Ҡ‍රа¶Ҝа·ҡа·Ға¶ә රа·ҡа·ға·Ҡ а¶ҙිටිа¶ә බа·Җට а¶ҙа¶ӯа·Ҡа·Җа·“а¶ёа·ҡ а¶ӯරа·Ҡа¶ўа¶ұа¶әа¶ҡа·”а¶ӯа·Ҡ а¶Үа¶ӯа·’а·Җа·“ а¶ӯිබුණа·Ҹ. а¶…а¶Ҝ а¶ёа¶Ҫа·Ҡа·Җа¶ӯа·” а¶ёа·„а·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а·ға·Ҡа·Җа·Ҹа¶ёа·“а¶ұа·Ҡа·Җа·„а¶ұа·Ҡа·ға·ҡට, а¶Ҝа·…а¶Ҝа·Ҹ а¶ёа·Ҹа¶Ҫа·’а¶ңа·Ҹа·Җට а¶ҙа·Җа·Ҹ а¶ӯරа·Ҡа¶ўа¶ұа¶ә а¶ұа·ңа·Җа¶ұ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶…а¶ҙ а¶Үа¶ӯа·’ а¶ҡа·…а·Ҹ. а¶…а¶Ҝ රටට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ұа·’а¶Ҝа·„а·ғ а¶Ҫа·җබිа¶Ҫа·Ҹ.а¶…а¶Ҝ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶…а¶ҙට а¶ а·қа¶Ҝа¶ұа·Ҹ а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶’а¶ӯа·Ҡ ඔа·Җа·”а¶ұа·Ҡ а¶ҙа·җа·„а·җරа¶ңа·ҷа¶ұ а¶әа·Ҹමට а·ға·”а¶Ҝа·” а·Җа·‘а¶ұа·Ҡ එа·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа¶ёа·Ҡ а¶ұа·җа·„а·җ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ҡа·Ҹа¶һа·Ҡබа·қа¶һа·Ҡ а·Җීරа¶әа¶ұа·Ҡ а·Җа¶ңа·ҡ а¶ӯа·Җа¶ӯа·Ҡ а¶…а¶ҙට බа·җණීමට ඔа·Җа·”а¶ұа·Ҡට а¶ұа·’а¶Ҝа·„а·ғ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. බа·җණීම а¶ңа·җа¶ұ මට а¶ҡа·’а·ға·’а¶ё а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұа¶әа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ.а¶…а¶ҙ а·„а·ңරුа¶ұа·Ҡ а¶Үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ё а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶…а¶ҙа·Җ а¶ҙа¶ӯа·Ҡ а¶ҡර එа·Җа·Ҡа·Җа·ҡ а·„а·ңරුа¶ұа·Ҡ а¶Үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ё а·ға¶іа·„а·Ҹа¶әа·’. а¶’а¶ӯа·Ҡ එа¶ә а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·“а¶ӯа·’а¶әට а¶әටа¶ӯа·Ҡа·Җа¶әа·’.а¶ёа·ҡ а·Җа¶ұа·Җිට රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯа¶Ҫа·Ҹ а¶ҡа·’а·„а·’а¶ҙ а¶Ҝа·ҷа¶ұа¶ҡа·”а¶ё а¶Ӣа·ға·Ҹа·Җа·’а¶әට а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ. ඔа·Җа·”а¶ұа·Ҡට එරа·ҷа·„а·’а·Җ а¶ұඩු а¶ҙа·җа·Җරීමට а·„а·җа¶ҡа·’ а·Җුණа·ҡ а¶…а¶ҙ а¶ңа¶ӯа·Ҡ а¶ҙа·’а¶әа·Җර а¶ұа·’а·ға¶әа·’. එа¶ҙමණа¶ҡа·Ҡ а¶Ҝ а¶ұа·ңа·Җа·ҷа¶әа·’. රජа¶әට එරа·ҷа·„а·’ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа¶ӯа·Ҡ а¶…а¶ҙа·’ а·ға·ңа¶әа·Ҹ බа¶Ҫа¶ұа·Җа·Ҹ.බа·җа¶іа·”а¶ёа·Ҡа¶ҡරа¶ә а¶ңа·җа¶ұ а¶ҙරීа¶ҡа·Ҡа·Ӯණ а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җීමට а¶…а¶ҙ а¶Ҷණа·Ҡඩුа·Җ а¶Ҫа·ҷа·ғ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶’ а¶ұа·’а·ға·Ҹа¶әа·’. බа·җа¶іа·”а¶ёа·Ҡа¶ҡරа¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·’а¶әа·Җර а¶ңа·җа¶ұීමට а¶ёа·Ҹ а¶ұа·“а¶ӯа·’а¶ҙа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹට а¶Ҫа·’а¶ӣа·’а¶ӯа·Җ а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ 2016 а¶Ҝа·“а¶әа·’.එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡа¶әа¶ұа·Ҡට එа¶ҡа·Ҡ а¶Ҷа¶ҡа·Ҹරа¶әа¶ҡටа¶ӯа·Ҡ, а¶…а¶ұа·ҷа¶ҡа·Ҡ а¶ҙа·Ҹа¶ҡа·Ҡ‍а·Ӯа·’а¶ҡа¶әа¶ұа·Ҡට а¶ӯа·Җа¶ӯа·Ҡ а¶Ҷа¶ҡа·Ҹරа¶әа¶ҡටа¶ӯа·Ҡ а·ға¶Ҫа¶ҡа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡ‍а·Ӯа¶әа·ҡ а¶…а¶әට а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җа¶ӯа·Ҡ, а¶…а¶ұа·ҷа¶ҡа·Ҡ а¶…а¶ә а¶ҙමණа¶ҡа·Ҡ а¶ұа·“а¶ӯа·’а¶әа·ҡ රа·җа·„а·җа¶ұට а¶…а·ға·” а¶ҡර а¶Ҝа·“а¶ёа¶ӯа·Ҡ а¶…а¶ҙ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶ҙ а¶ұа·“а¶ӯа·’а¶ә а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ එа¶ҡ а·ға¶ёа·Ҹа¶ұа·Җа¶әа·’.රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯа¶Ҫа·Ҹ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹ а¶ҡිරීමටа¶ӯа·Ҡ, а¶…а¶ұа·ҷа¶ҡа·Ҡ а¶…а¶әට а¶ұඩු а¶Ҝа·җමීමටа¶ӯа·Ҡ а¶…а¶ҙ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯа¶Ҫа·Ҹට එа¶ҡ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·”а¶ӯа·Ҡ, а¶…а¶ұа·ҷа¶ҡа·Ҡ а¶…а¶әට а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·”а¶ӯа·Ҡ а¶…а¶ҙ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ұа·ңа¶ҡරа¶ұ බа·Җ а¶ёа·Ҹ а¶ҙа·Җа·ға¶ұа·Җа·Ҹ. а¶…а¶ҙ රටа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа·’а¶ҡ а·ға·„ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶ёа¶ә а·ға·Ҡථа·Ҹа·Җරබа·Ҹа·Җа¶ә а¶Үа¶ӯа·’ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶…а¶ҙа·’ බа¶Ҫа·Ҹа¶ҙа·ңරа·ңа¶ӯа·Ҡа¶ӯа·” а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ёа¶ә а·ға·Ҡථа·Ҹа·Җරබа·Ҹа·Җа¶ә а¶Үа¶ӯа·’ а¶ҡිරීමටа¶әа·’.а¶…а¶ҙ බа·Ҹරа¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а·Җිට රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණа¶әа·ҷа¶ұа·Ҡ බිඳ а·Җа·җටී а¶ӯිබුණа·Ҹ. රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯа¶Ҫа·Ҹ а¶ңа¶ӯа·Ҡ ණа¶ә а¶ҙа·’а¶әа·Җීමටа¶ӯа·Ҡ රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ҙа·Ҡ‍රමа·Ҹණа·Җа¶ӯа·Ҡ а·Җුණа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ұа·’а¶әа¶ёа·’а¶ӯ а¶ҡа·Ҹа¶Ҫа¶әට а¶ҙа·ҷර а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරණа¶ә а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җа·–а¶әа·ҡ а¶ёа·ҡ අරа·Ҡබුа¶Ҝа¶ә а¶ұа·’а·ға¶әа·’.а¶…а¶ҙ බа¶Ҫа¶әට а¶ҙа¶ӯа·Ҡ а·Җа·– а·Җිට ණа¶ә а¶ңа·ҷа·Җа·Ҹ а¶ңа·җа¶ұීමට а¶ұа·ңа·„а·җа¶ҡа·’а·Җ а¶Ҷණа·Ҡඩුа·Җ බිඳ а·Җа·җටа·ҷа¶ұа·” а¶Үа¶ӯа·җа¶әа·’ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯа¶Ҫа·Ҹ а¶ҡа¶Ҫа·Ҡа¶ҙа¶ұа·Ҹ а¶ҡа·…а·Ҹ. а¶’а¶ӯа·Ҡ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әට එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а¶Ҝа¶ҡа·Ҡа·Ӯа¶әа·’. බිඳ а·Җа·җටුණු а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә බа·Ҹරа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. එа¶ә බа·Ҹරа¶ңа·ҷа¶ұ а·Җа·ғර а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶ңа¶ӯа·Җа·ҷа¶ұ а·Җිට а¶ңа·ҷа¶ұ а¶ӯිබූ ණа¶ә а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а·Җа·Ҹරිа¶ҡ а¶ңа·ҷа·Җීමට а·„а·қ а·„а·җа¶ҡа·’ а·Җа¶ұ මටа·Ҡටමට а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ұа¶ңа·Ҹ а·ғිටුа·Җීමට а¶…а¶ҙට а·„а·җа¶ҡа·’ а·Җුණа·Ҹ.а¶…а¶ҙ රට а¶ҡа·Ҡ‍රම-а¶ҡа·Ҡ‍රමа¶әа·ҷа¶ұа·Ҡ а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡරа¶ұа·Җа·Ҹ. а·Җа·ғර 66а¶ҡට а¶ҙа·ға·” රටа·ҡ а¶ҙа·Ҡ‍රа·Ҹථමිа¶ҡ а¶ңිණුමа·Ҡ а·Ға·ҡа·Ӯа¶әа·ҡ а¶…а¶ӯිරිа¶ҡа·Ҡа¶ӯа¶ә а¶…а¶Ҝ а¶Үа¶ӯа·’ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ҡа·…а¶ёа¶ұа·Ҹа¶ҡරණа¶ә а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶’ а¶Ҷа¶ҡа·Ҹරа¶әටа¶әа·’.ඩа·ңа¶Ҫරа·Ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 15а¶ҡ а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а·Җа·җඩිම а¶…а¶ҙа¶ұа¶әа¶ұа¶ә 2017 а¶Ҝа·“ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а·Җුණа·Ҹ. а·Җа·җඩිම а·Җа·’а¶Ҝа·ҡа·Ғ а¶Ҷа¶әа·қа¶ўа¶ұа¶ә а·Җа¶ұ ඩа·ңа¶Ҫරа·Ҡ බිа¶Ҫа·’а¶әа¶ұ 1.5а¶ҡа·Ҡ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а·Җа·–а¶әа·ҡ а¶ҙа·ға·”а¶ңа·’а¶ә а·Җа·ғරа·ҡа¶Ҝа·“а¶әа·’. а¶ёа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶үа¶ұа·Ҡ а·ғෑහීමට а¶ҙа¶ӯа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. රටа·ҡ а·Җිරа·җа¶ҡа·’а¶әа·Ҹа·Җ а·Җа·’а·ғඳීමට а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡිරීමට මීටа¶ӯа·Ҡ а·Җඩа·Ҹ а¶үа¶Ҝිරිа¶әට а¶әа·Ҹ а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ёа·ҷа¶ә а¶Ҷරමа·Ҡа¶·а¶ә а¶ҙමණа¶әа·’.රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯа¶Ҫа·Ҹ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶…а¶ӯ а·„а·җර а¶ҙа·җа¶ұ а¶ңа·’а¶ә а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа·ҡ а¶ёа·Ҹ а¶ёа·ҷа¶ә බа·Ҹරа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. 2001 а¶Ҝа·“а¶ӯа·Ҡ මට බа·Ҹරа¶ңа·җа¶ұීමට а·Җа·–а¶әа·ҡ а¶Қණ а·Җරа·Ҡа¶°а¶ұа¶ә а·ға·„а·’а¶ӯ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа¶әа·’. а¶Ҝа·җа¶ұа·Ҡ а¶ёа·ҷа·Җර а¶·а·Ҹරа¶ңа¶ӯа·Ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶Ҝ а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ёа·ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරа¶ә а¶Ҷරමа·Ҡа¶· а¶ҡа·… а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶әа·ҡ а¶ҡа·ҡа¶ұа·Ҡа¶Ҝа·Ҡ‍රа·ға·Ҡථа·Ҹа¶ұа¶ә බа·Җට а¶ҙа¶ӯа·Ҡ а¶ҡරа¶ұа·Җа·Ҹ а¶Ҝ а¶ұа·җа¶Ҝа·Ҡа¶Ҝ а¶ҡа·’а¶әа·Ҹ ඔබ а¶ӯීරණа¶ә а¶ҡරа¶ұа·Ҡа¶ұ.а¶ұа·’а¶әа¶ӯ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡа¶ё а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹර а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶әа·ҡ а¶ҡа·ҡа¶ұа·Ҡа¶Ҝа·Ҡ‍රа·ға·Ҡථа·Ҹа¶ұа¶ә බа·Җට а¶ёа·Ҹ а¶ҙа¶ӯа·Ҡ а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶ҙа·Ҡ‍රа¶Ҝа·ҡа·Ға¶әට а¶ӯа·Җ а¶ӯа·Җа¶ӯа·Ҡ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹර а¶ңа·ҷа¶ұ එа¶ұа·Җа·Ҹ. එа¶Ҝа·Ҹ а¶ёа·Ҹ а¶ёа·ҷа·„а·’ а¶ҙа·җමිණ а¶ұа·Җ බа·ға·Ҡ а¶ұа·җа·Җа¶ӯа·”а¶ёа·Ҡа¶ҙа·ңа·… а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡිරීමටа¶ӯа·Ҡ а·ға·„а¶·а·Ҹа¶ңа·“ а·Җුණа·Ҹ.а¶ҙа·Ҡ‍රа¶Ҝа·ҡа·Ға¶әට а¶ҙа·җමිණа·ҷа¶ұ а·Җа·ҷа·…а·ҷа¶і а¶ҡа¶Ҫа·Ҹа¶ҙа¶ә а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ёа·ҡ а·Җа¶ұа·Җිට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶үඩමа·Ҡ а·ға·ңа¶әа·Ҹ а¶ңа·ҷа¶ұ а¶…а·Җа·ға·Ҹа¶ұа¶әа·’. а¶үа¶Ҝිරි а·Җа·ғර 5 а¶ӯа·”а·… ඔබට а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶Ҝа·җа¶ҡ а¶ңа·җа¶ұීමට а·„а·җа¶ҡа·’а¶әа·’. а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹර а¶ұа¶ңරа¶әа·ҡ ඔබට а¶Үа¶ӯа·’ а·Җа·“ а¶ӯිබа·ҷа¶ұ а¶ңа·җටа¶Ҫа·” а·Җа·’а·ға¶іа¶ұа·Җа·Ҹ. බа¶Ҝа·” а¶ңа·ҷа·Җа·“а¶ё а·ға¶іа·„а·Ҹ а¶…а¶ҙ а¶ұа·Җ а¶ҡа·Ҡ‍රමа¶ә а·„а¶іа·”а¶ұа·Ҡа·Җа·Ҹ а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ. а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·ға·’а¶ұа·Ҡа¶ұа¶ҡа·Ҡа¶ҡර а¶үඩමа·Ҡ а¶…а¶әа·’а¶ӯа·’а¶ә а¶Ҝа·“а¶ёа·ҡ а¶ұа·“а¶ӯа·’а¶ә а¶…а¶ҙ а¶ёа·ҡ а·Җа·ғරа·ҡа¶Ҝа·“ а¶…а¶ұа·”а¶ёа¶ӯ а¶ҡරа¶ұа·Җа·Ҹ.а¶ёа·ҡ а·Җа·җඩ а¶ёа¶°а·Ҡ‍а¶әа¶ё а¶Ҷණа·Ҡඩුа·Җට а¶ҙමණа¶ҡа·Ҡ а¶ҡිරීමට а¶ұа·ңа·„а·җа¶ҡа·’а¶әа·’. а¶’ а·ға¶іа·„а·Ҹ а¶…а¶ҙට а¶ңа¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ බа¶Ҫа¶ә а¶Ҝ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ. රට а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡа·… а·„а·җа¶ҡа·Ҡа¶ҡа·ҡ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әට а¶ҙමණа¶әа·’. а¶ңа¶ё а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡа·… а·„а·җа¶ҡа·Ҡа¶ҡа·ҡ а¶Ҝ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әටа¶әа·’. а¶Ҷරа·Ҡථිа¶ҡ а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ә а¶ӯිබа·ҷа¶ұа·Ҡа¶ұа·ҡа¶ӯа·Ҡ а¶…а¶ҙ а·ға¶ӯа·”а·Җа¶әа·’.ඔබа·ҡ а¶ңа¶ё а¶ұа¶ңරа¶ә а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡිරීමට а¶ңа¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әට а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ. ඔබ а¶…а¶ҙට රට බа·Ҹර а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶…а¶ҙ රටа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а·ға·Ҡථа·Ҹа·Җරභа·Ҹа·Җа¶ә а¶Үа¶ӯа·’ а¶ҡа·…а·Ҹ. а¶’ а¶Ҷа¶ҡа·Ҹරа¶әа·ҷа¶ұа·Ҡа¶ё а¶ңа¶ё а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶ҡරමිа¶ұа·Ҡ а¶ңа¶ёа·ҡа¶ӯа·Ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а·ға·Ҡථа·Ҹа·Җරභа·Ҹа·Җа¶ә а¶Үа¶ӯа·’ а¶ҡිරීමට ඔබа·ҡ а¶…а¶ұа·Ҹа¶ңа¶ӯа¶ә а¶Ҝа·’а¶әුණු а¶ҡර а¶ңа·җа¶ұීමට а¶ҙа·ҷබරа·Җа·Ҹරි 10 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹ а¶ңа¶ёа·ҡ බа¶Ҫа¶ә එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әට а¶Ҝа·ҷа¶ұ а¶Ҫа·ҷа·ғ а¶ёа·Ҹ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ” а¶әа¶әа·’ а¶Ҝ රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶ӯа·Җа¶Ҝුරටа¶ӯа·Ҡ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а¶ҙа·Ҡ‍රа·Ҹථමිа¶ҡ а¶ҡරа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶Ҝа¶әа·Ҹ а¶ңа¶ёа¶ңа·ҡ а¶ёа·„а¶ӯа·Ҹ“ඔබට а·ға·’а¶ұа·Ҡа¶ұа¶ҡа·Ҡа¶ҡර а¶үඩමа·Ҡ ඔа¶ҙа·Ҡа¶ҙа·” а¶Ҝීමට а¶…а¶ңа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ а¶…а¶Ҝ а¶ҙа·ңරа·ңа¶ұа·Ҡа¶Ҝа·” а·Җුණа·Ҹ.а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹර а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҡа¶ҡа¶әа·ҡ 100%а¶ҡට а·Җа·’а¶Ҝа·”а¶Ҫа·’а¶ә а¶Ҝීමට а¶…а¶ҙට а·„а·җа¶ҡа·’ а·Җුණа·Ҹ. 2018 а·Җа·ғරа·ҡа¶Ҝа·“ а¶…а¶ҙ а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹරа·ҡ а·ға·’а¶әа¶Ҫа·”а¶ё а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶ҙа·Ҹа¶ұа·“а¶ә а¶ўа¶Ҫа¶ә а¶Ҝීමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұа·Җа·Ҹ.2018 а·Җа·ғරа·ҡа¶Ҝа·“ а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹරа·ҡ а¶үඩමа·Ҡ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұа¶ә а¶Ҝ а·Җа·’а·ғඳීමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а·Җа¶ұа·Җිට а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹරа·ҡ а¶ұа·’а·Җа·Ҹа·ғ 3000а¶ҡа·Ҡ а¶үа¶Ҝа·’а¶ҡර а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ұа·’а·Җа·Ҹа·ғ 3000а¶ҡ а·Җа·җඩ а¶…а·Җа·ға¶ұа·Ҡ а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а¶Ӣа¶ҙа¶ҡа·Ҹර а¶ҡරа¶Ҫа·Ҹ.”а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී а¶ұа¶Ҫа·“а¶ұа·Ҡ බණа·Ҡඩа·Ҹර а¶ёа·„а¶ӯа·Ҹ“а¶ҙිරිа·ға¶ҡа·Ҡ а¶ёа·ҡ а¶ёа·җа¶ӯа·’а·Җරණа¶ә а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әа¶ҡа·Ҡ බа·Җට а¶ҙа¶ӯа·Ҡ а¶ҡර а¶ңа·җа¶ұීමට а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටිа¶ұа·Җа·Ҹ. රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ңа·ҡ а¶Ҷණа·Ҡඩු а¶ҙа·ҷරළීම а¶ҡа·ҷඳිරීමа¶ҡа·Ҡ а¶ҙමණа¶әа·’.а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ 96 а¶Ҝа·ҷа¶ұа¶ҡුට එа¶ӯа·”а¶ёа·Ҹа¶ңа·ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҡ හිටа¶ңа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶ҡа·Җුරුа·Җа¶ӯа·Ҡ හිටа¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ұа·җа·„а·җ. එа¶ӯа·”а¶ёа·Ҹ а¶ӯа·Җа¶ё а¶ӯа¶ұа·’а¶әа¶ё а·ғිටිа¶ұа·Җа·Ҹ. а¶…а¶ңа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ а¶…а¶ҙට а¶’ а¶ңа·җа¶ұ а¶ҡа¶ӯа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ а¶ҡа·’а¶әа·Ҹ а¶ӯිබа·ҷа¶ұ а¶ұа·’а·ға·Ҹ මීට а·Җඩа·Ҹ а¶ёа·”а¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ.”а¶ўа¶ұ රа·җа¶Ҫа·’а¶ә а·ға¶іа·„а·Ҹ а¶…а¶ёа·Ҡа¶ҙа·Ҹර බа·ға·Ҡ а¶ұа·җа·Җа·җа¶ӯа·”а¶ёа·Ҡа¶ҙа·ңа·… а¶·а·–а¶ёа·’а¶ә а¶ҙිරී а¶әа¶ұ а¶ӯරමа·ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ҡа·Ҡ а·ға·„а¶·а·Ҹа¶ңа·’ а·Җа·“ а·ғිටිа¶әа·„.а·Җа·’а¶Ҝа·”а¶Ҫа·’ а·ға¶Ӯа¶Ҝа·ҡа·Ғ а·„а·Ҹ ඩිජිටа¶Ҫа·Ҡ а¶әටිа¶ӯа¶Ҫ а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶…а¶ўа·’а¶ӯа·Ҡ а¶ҙа·Ҡ‍රа¶ұа·Ҹа¶ұа·Ҡа¶Ҝа·”, а¶ұа·’а¶әа·қа¶ўа·Ҡ‍а¶ә а¶Үа¶ёа·җа¶ӯа·’а¶ұа·“ а¶…а¶ұа·қа¶ёа·Ҹ а¶ңа¶ёа¶ңа·ҡ а¶әа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ё а¶ёа·„а¶ӯа·Ҡа¶ёа·“а·„а·” а¶Ҝ а·ға·„а¶·а·Ҹа¶ңа·’ а·Җа·“ а·ғිටිа¶әа·„. 
а¶Ҫබа¶ұ 10 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ රටа·ҡа¶ӯа·Ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа·ҡа¶ӯа·Ҡ а·ға·Ҡථа·Ҹа·Җර බа·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ҡරа¶ұа·Җа·Ҹ
1
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңඩිа¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” а¶үරිа¶Ҝа·Ҹ а¶ҙ‍а·Ҡ‍රහа·Ҹරа¶ә а¶ҙිළිබඳ а·ға·ңа¶әа·Ҹ බа·җа¶Ҫීමට а·ға·Ҡа·Җа·Ҹа¶°а·“а¶ұ а¶ҡа·ңа¶ёа·’а·ға¶ұа·Ҡ а·ға¶·а·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡа¶ҡර එම а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶әа·”а¶ҡа·Ҡа¶ӯа·’а¶ә а¶үටු а¶ұа·ңа¶ҡර එа¶Ҫඹа·ҷа¶ұ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරණа¶әට а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а·Җа¶ұ а¶ҡа·’а·ға·’а¶іа·”  а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡа¶әа¶ҡа·” а¶ӯа¶ёа¶ұа·Ҡ а¶ёа·”а¶ұ а¶ңа·җа·ға·“а¶ёа·ҷа¶ұа·Ҡ а·Җа·…а¶ҡа·’а¶ұ а¶Ҫа·ҷа·ғ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұ බа·Җ а¶ёа·җа¶Ҫа·Ҡа¶ҡа¶ёа·Ҡ а¶ҡа·Ҹа¶Ҝа·’а¶ұа¶Ҫа·Ҡ රа¶Ӯа¶ўа·’а¶ӯа·Ҡ а¶ҡа·ңළඹ а¶…а¶ңරа¶Ҝа¶ңුරුа¶ӯа·”а¶ёа·қ а¶ҙа·җа·Җа·җа·ға·–а·„.а¶Ҫа·Ҹа¶· а¶ҙ‍а·Ҡ‍රа¶әа·қа¶ўа¶ұ බа¶Ҫа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа¶ӯа·”а·Җ а¶…а·Җа¶Ӯа¶ҡа·Җ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·ға¶ӯа·Ҡ‍а¶ә а¶Ҝа·җа¶ұа¶ңа·җа¶ұа·“а¶ёа·ҡ  а¶ҡටа¶әа·”а¶ӯа·”  а¶ҡඩිа¶ұа¶ёа·Ҡ а¶ҡරа¶ұ а¶Ҫа·ҷа·ғ а¶ұа·Ҹа¶әа¶ҡа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶үа¶ӯа·Ҹ  ඕа¶ұа·‘а¶ҡа¶ёа·’а¶ұа·Ҡ а¶ұа·җа·Җа¶ӯ а¶ұа·җа·Җа¶ӯа¶ӯа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұ බа·Җа¶ӯа·Ҡ а¶…а¶ңරа¶Ҝа¶ңුරුа¶ӯа·”а¶ёа·қ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·„.а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·’а¶ұа·Ҡ а¶ҙිට а¶ҡа·ңа¶ұа·Ҡа¶Ҝ а¶ҡа·ҷа¶Ҫа·’а¶ұа·Ҡ а¶ӯа·’а¶әа·Ҹа¶ңа·ҷа¶ұ а·Җа·җඩа¶ҡරа¶ұа·Ҡа¶ұ а¶әа·җа¶әа·’ а¶ӯа¶ёа¶ұа·Ҡ а¶ҡа·… а¶Ҝа·ҡа·Ға¶ұа¶әа·ҡа¶Ҝа·“ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’, а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶әа·җа¶әа·’ а¶ҡа·’а¶әа·Ҹ а¶ҙ‍а·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ұа·ңа¶ҡа·… බа·Җа¶ӯа·Ҡ  а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ එа¶ә а¶ҙа·’а·…а·’а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ұа¶ёа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡට а¶ҡа·… а·„а·җа¶ҡа·’ а¶Ҝа·ҷа¶әа¶ҡа·Ҡ а¶ұа·ңа¶ёа·җа¶ӯа·’ බа·Җа¶ӯа·Ҡ а¶ёа·җа¶Ҫа·Ҡа¶ҡа¶ёа·Ҡ а¶ҡа·Ҹа¶Ҝа·’а¶ұа¶Ҫа·Ҡ රа¶Ӯа¶ўа·’а¶ӯа·Ҡ а¶ҡа·ңළඹ а¶…а¶ңරа¶Ҝа¶ңුරුа¶ӯа·”а¶ёа·қ а¶ҙа·җа·Җа·ға·–а·„.බа·ңරа·җа¶Ҫа·Ҡа¶Ҫ а¶…а¶ңරа¶Ҝа¶ңුරු а¶ёа·җа¶Ҝුරа·ҡ а¶ҙа·җа·Җа¶ӯа·’ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а·„а¶ёа·”а·Җа¶ҡа¶Ҝа·“  а¶…а¶ңරа¶Ҝа¶ңුරුа¶ӯа·”а¶ёа·қ а¶ёа·ҡ බа·Җ а¶ҙа·җа·Җа·ға·–а·„.а¶ёа·җа¶Ҫа·Ҡа¶ҡа¶ёа·Ҡ а¶ҡа·Ҹа¶Ҝа·’а¶ұа¶Ҫа·Ҡ රа¶Ӯа¶ўа·’а¶ӯа·Ҡ а¶ҡа·ңළඹ а¶…а¶ңරа¶Ҝа¶ңුරුа¶ӯа·”а¶ёа·қ එහිа¶Ҝа·“ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶ҡа·“а·„.     ‘‘а¶ёа·”а·…а·” රටම а¶ҡа¶ёа·Ҡа¶ҙа¶ұа¶әට а¶ҙа¶ӯа·Ҡа¶ҡа·…, රටа·ҡ а¶Ҷරа·Ҡථීа¶ҡа¶ә а¶Ҷа¶ңа·Ҹа¶°а¶әට а¶Үа¶Ҝ а¶Ҝа·җа¶ёа·– а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” а¶үරිа¶Ҝа·Ҹ а¶ҡුරිරු а¶ӯ‍а·Ҡ‍රа·ға·Ҡа¶ӯ а¶ҙ‍а·Ҡ‍රහа·Ҹරа¶ә а·ға·’а¶Ҝа·” а·Җа·“ а¶Ҝа·җа¶ұа·Ҡ а¶ёа·Ҹа·ғ а¶ӯа·”а¶ұа¶ҡටа¶ӯа·Ҡ а·Җа·җඩිа¶әа·’. а¶…а¶ёа·Ҡа¶ёа·Ҹ а¶ұа·җа¶ӯа·’ а¶Ҝරුа·Җа¶ұа·Ҡ, а¶ӯа·Ҹа¶ӯа·Ҡа¶ӯа·Ҹ а¶ұа·җа¶ӯа·’ а¶Ҝරුа·Җа¶ұа·Ҡ, а¶Ҝරුа·Җа¶ұа·Ҡ а¶…а·„а·’а¶ёа·’ а¶Ҝа·ҷа¶ёа·Ҹа¶ҙа·’а¶әа¶ұа·Ҡ, а¶ёа·”а·…а·” а¶ҙа·Җа·”а¶Ҫа¶ё а¶…а·„а·’а¶ёа·’ а·Җа·– а¶Ҙа·Ҹа¶ӯа·“а¶ұа·Ҡа¶ңа·ҡ а¶ӯа·ңරа¶ӯа·”а¶ҡа·Ҡ а¶ұа·җа¶ӯа·’ а¶Ҝа·”а¶ҡа·Ҡа¶ӣа·’а¶ӯ а¶ҡа¶іа·”а·…а·” а¶ҡа¶ӯа·Ҹ а·Җа¶Ҫට а·ға·Җа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ёа·’а¶ұа·Ҡ, а·„а·җа¶ҡа·’ а¶…а¶әුරිа¶ұа·Ҡ ඔа·Җа·”а¶ұа·Ҡа·Җ а·ға¶ұа·ға¶ұа·Ҡа¶ұට а·Җа·ҷа·„а·ҷа·ға·ҷа¶ёа·’а¶ұа·Ҡ а¶ёа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ. ඔа·Җа·”а¶ұа·Ҡ බа·ңа·„а·қ а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ а¶ҡа¶іа·”а·…а·” а·ға¶Ҫа¶ёа·’а¶ұа·Ҡ මට а¶ҡа·’а¶әа·Ҹ а·ғිටිа¶ұа·Ҡа¶ұа·ҡ ”а¶…а¶ұа·ҡ а¶…а¶ҙට а·Җа¶ұа·Ҡа¶Ҝа·’ එа¶ҙа·Ҹ, а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ එа¶ҙа·Ҹ, а¶әа·”а¶ҡа·Ҡа¶ӯа·’а¶ә а¶үа·Ӯа·Ҡа¶Ё а¶ҡරа¶ұа·Ҡа¶ұ. а¶ёа·ҡ а·ға·’а¶Ҝа·”а·Җа·ҷа¶ а·Ҡа¶  а¶Ҝа·ҡ а¶ңа·җа¶ұ а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණ а·ға¶ӯа·Ҡ‍а¶әа¶ә а¶…а¶ҙට а·„а·ҷа·…а·’ а¶ҡරа¶ұа·Ҡа¶ұ” а¶ҡа·’а¶әа·Ҹа¶әа·’.а¶ёа·ҡ а¶ҡුරිරු а¶ӯ‍а·Ҡ‍රа·ға·Ҡа¶ӯ а¶ҙ‍а·Ҡ‍රහа·Ҹරа¶ә а¶ҙිටුа¶ҙа·ғ а·ғිටිа¶ұ а¶…а¶ә, එа¶ә а¶ҡа·”а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රණ а¶ҡа·… а¶…а¶ә, а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а¶ҡа·… а¶…а¶ә, а¶Ҡට а¶…а¶ұа·”а¶ң‍а·Ҡ‍රහа¶ә а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·– а¶…а¶ә, а¶ҡа¶Ҫа·Ҡа¶ӯа·’а¶әа·Ҹ а¶Ҫа·җබුණු බුа¶Ҝа·Ҡа¶°а·’ а¶ӯа·ңරа¶ӯුරු а·„а·’а¶ӯа·Ҹа¶ёа¶ӯа·Ҹ а¶ұа·ңа·ға·…а¶ҡа·Ҹ а·„а·җරි а¶…а¶ә, а·ға·җа¶ҡа¶ҡරුа·Җа¶ұа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶…а¶ӯа·Ҡඅඩа¶Ӯа¶ңа·”а·Җට а¶ҙа¶ӯа·Ҡ а·Җа·–а·Җа¶ӯа·Ҡ а¶ҙа·”а·…а·”а¶Ҫа·Ҡ а·Җа¶ң а·Җа·’а¶·а·Ҹа¶ңа¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶ӯа·ңරа·Җ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҡරа¶ұа·” а¶Ҫа·җබූ а¶…а¶ә, а¶ҡа·’а·ға·’а¶Ҝа·” а¶Ҝඬුа·Җа¶ёа¶ҡа·Ҡ а¶ұа·ңа¶Ҫබа·Ҹ а¶ӯа·Җа¶ё а¶ұа·’а¶Ҝа·җа¶Ҫа·Ҡа¶Ҫа·ҡ а·ға·җරිа·ғරа¶ұ බа·Җ а¶ҙа·җа·„а·җа¶Ҝа·’а¶Ҫа·’а¶әа·’.  а¶ёа·ҡ а¶ёа·„а·Ҹ а¶ӣа·ҡа¶Ҝа¶ұа·“а¶ә а¶ҙ‍а·Ҡ‍රහа·Ҹරа¶ә а·ға·’а¶Ҝа·”а·Җීමට а¶ҙа·ҷරа¶ӯа·Ҡ, එම а¶ҙ‍а·Ҡ‍රහа·Ҹරа¶ә а·ға·’а¶Ҝа·” а·Җа·– а¶ҙа·ға·”а¶ӯа·Ҡ а¶ёа·ҡ а¶ҙිළිබඳа·Җ а¶ӯа·Җа¶ё а¶әа·”а¶ҡа·Ҡа¶ӯа·’а¶ә а¶үටු а·Җа·“ а¶ұа·җа¶ӯа·’ බа·Җа¶ӯа·Ҡ, а·ға¶ӯа·Ҡ‍а¶әа¶ә а·Җа·ға¶ұа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұට බа·ңа·„а·қ а¶ҙ‍а·Ҡ‍රа¶әа·қа¶ң а¶әа·ңа¶Ҝа¶ёа·’а¶ұа·Ҡ а·ғිටිа¶ұ බа·Җа¶ӯа·Ҡ а¶…а¶ҙට а¶ҙа·ҷа¶ұа·ҷа¶ұа·Ҡа¶ұට а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶Ҷණа·Ҡඩු а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а¶…а¶ӯа·’а¶ұа·Ҡ а¶ҙමණа¶ҡа·Ҡ а¶ұа·ңа·Җ, а·Җිරුа¶Ҝа·Ҡа¶° а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а¶…а¶ӯа·’а¶ұа·Ҡ а¶Ҝ а¶…а¶ұа·ҷа¶ҡа·”а¶ӯа·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶Ҝ а¶ёа·ҡ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·ға·’а¶ә а·Җа¶ңа¶ҡа·“а¶ё а¶үටු а¶ұа·ңа·Җුණූ බа·Җ а¶…а¶ҙа·’ а¶…а·Җа¶°а·Ҹරණа¶ә а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа¶ҡ а¶…а¶ҙа·’ а·Җිරුа¶Ҝа·Ҡа¶° а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҷа¶ұа·Ҡ а·ға·„ а¶Ҷණа·Ҡඩු а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҷа¶ұа·Ҡ බа¶Ҫа·Ҹа¶ҙа·ңරа·ңа¶ӯа·Ҡа¶ӯа·” а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ӯа¶ё а¶ӯа¶ёа¶ұа·Ҡට а¶Ҫа¶ҡුණු а¶Ҝа¶ёа·Ҹ а¶ңа·җа¶ұа·“а¶ё а·ға¶іа·„а·Ҹ а¶ёа·ҷа¶ё а·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶ә а¶·а·Ҹа·Җа·’а¶ӯа·Ҹ а¶ҡිරීම а¶ұа·ңа·Җ, а·ға·’а¶әа¶Ҫа·” а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җа¶Ҫ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа¶ұа·Ҡ එа¶ҡ а·ға·„а·қа¶Ҝර а¶ҙිරිа·ға¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶Ҝ а·Җිරුа¶Ҝа·Ҡа¶° а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·Ҹ а¶Ҝ එа¶ҡට එа¶ҡа¶ӯа·” а·Җа·“ а¶ёа·ҷа¶ё а·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶әට а¶…а¶Ҝа·Ҹа·… а¶ҙа·ға·”а¶ӯа¶Ҫа¶ә а·Җිමරа·Ҡа·Ға¶ұа¶ә а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а·ға·”а¶Ҝа·”а·ға·” а¶ҡ‍а·Ҡ‍රිа¶әа·Ҹа¶ёа·Ҹරа·Ҡа¶ң а¶ңа·җа¶ұීමට එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡа·Җ а¶ҡ‍а·Ҡ‍රිа¶әа·Ҹа¶ҡිරීමа¶әа·’.එහа·ҷа¶ӯа·Ҡ а·Җිරුа¶Ҝа·Ҡа¶° а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҷа¶ұа·Ҡ එа·Җа·җа¶ұа·’ а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ёа¶ӯа·Ҡ බа¶Ҫа¶ҙа·‘а¶ёа¶ҡа·Ҡ а·ға·’а¶Ҝа·” а¶ұа·ңа·Җа·– බа·Җ а¶Ҝ а¶…а¶ҙට а¶ҙа·җа·„а·җа¶Ҝа·’а¶Ҫа·’а¶әа·’. а¶ҙа¶ҡа·Ҡа·Ӯ, а¶ҙа·Ҹට а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ බа·ҷа¶Ҝа·“ а·ға¶ӯа·Ҡ‍а¶әа¶ә а¶әටа¶ҙа¶ӯа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұට а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„ а¶ҡරа¶ұа·Җа·Ҹ а·Җа·’а¶ұа·Ҹ а¶ёа·ҷа¶ӯа·ҷа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·… а¶ҡа·ңа¶ёа·’а·Ӯа¶ұа·Ҡ а·ға¶·а·Ҹ а·„а·қ а¶ҡමිටු а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡа·…а·Ҹ а¶әа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ а¶ҡа·’а·ға·’а¶іа·” а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶…а¶ӯට а¶ҙа¶ӯа·Ҡ а·Җа·“ а¶ұа·җа·„а·җ.එබа·җа·Җа·’а¶ұа·Ҡ а¶…а¶ҙ‍а·Ҡ‍රිа¶әа·ҷа¶Ҫа·Ҡ 21 а·Җа¶ұа¶Ҝа·Ҹ а·ға·’а¶Ҝа·” а·Җа·– බа·қа¶ёа·Ҡබ а¶ҙ‍а·Ҡ‍රහа·Ҹරа¶ә а¶ҙිළිබඳа·Җ а¶…а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ҙа·Ҹа¶ӯа·“ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·’а¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а·ға·җа¶Ҝа·”а¶ёа·Ҡа¶Ҫа¶ӯа·Ҡ а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа¶ҡа·Ҡ а¶ҙිහිටුа·Җа·Ҹ а¶ұа·’а·ға·’ а¶ҙරිа¶ҡа·Ҡа·Ӯණа¶әа¶ҡа·Ҡ а¶ҙа·Җа¶ӯа·Ҡа·Җа·Ҹ а¶…а¶Ҝа·Ҹа·… а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·’а¶ұа·Ҡ а¶ұа·“а¶ӯа·’а¶ә а¶үа¶Ҝිරිа¶әට а¶ңа·ҷа¶ұ ඒමටа¶ӯа·Ҡ, ඔа·Җа·”а¶ұа·Ҡට රිа·ға·’ а¶Ҝඬුа·Җа¶ёа·Ҡ а¶Ҝа·“а¶ёа¶ҡа·Ҡа·Җа¶ӯа·Ҡ а¶ёа·ҡ а·Җа¶ұа¶ӯුරු а·ға·’а¶Ҝа·” а·Җа·“ а¶ұа·җа·„а·җ.а·ға·Ҡа·Җа·Ҹа¶°а·“а¶ұ а¶ҡа·ңа¶ёа·’а·Ӯа¶ұа·Ҡ а·ға¶·а·Ҹ а¶әа·җа¶әа·’ а·„а·җа¶іа·’а¶ұа·Ҡа·Җа·– а¶ҡа·ңа¶ёа·’а·Ӯа¶ұа·Ҡ а·ға¶·а·Ҹа·Җа¶Ҫ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а·ға·Ҡа·Җа·Ҹа¶°а·“а¶ұ බа·Җа¶ҡа·Ҡ а·„а·қ а¶…а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ҙа·Ҹа¶ӯа·“ බа·Җа¶ҡа·Ҡ а·„а·қ а·Җа·’а¶ұа·’а·Җа·’а¶Ҝ а¶ҙа·ҷа¶ұа·ҷа¶ұ බа·Җа¶ҡа·Ҡ а·„а·қ а¶ӯිබුණа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа·ҡ а·Җа·’а¶ұа·’а·Җа·’а¶Ҝ а¶ҙа·ҡа¶ұа·Ҡа¶ұа·ҡ  а¶ұа·җа¶ӯа·’а¶·а·Ҹа·Җа¶ә а·„а·җа¶ёа¶Ҝа·Ҹа¶ё а¶ӯිබුණа·Ҹ. а¶…а¶ҙа·ҡ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а·Җа·’а·Җа·’а¶° а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа¶Ҫа¶Ҝа·“ а¶ҙа·Җа¶ӯа·Ҡа·Җа¶ұ а¶Ҫа¶Ҝ а¶ҡа·ңа¶ёа·’а·Ӯа¶ұа·Ҡ а·ға¶·а·Ҹ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а·„а·”а¶ҹа¶ҡа·Ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·Ҹа¶ҙටа·Ҡ එа¶ҡ а¶әටа¶әа·’. а¶’а·Җа·Ҹ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·”  а¶Ҝа¶ұа·Ҡа¶ұа·ҷа¶ӯа·Ҡ а¶ұа·җа·„а·җ. а¶’а·Җа·Ҹ а¶…а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ҙа·Ҹа¶ӯа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа¶ӯа·Ҡ බа·җа·„а·җ.එබа·җа·Җа·’а¶ұа·Ҡ එа·Җа·җа¶ұа·’ а¶Ҷа¶ҡа·Ҹරа¶әට а¶ұа·ңа·Җ а¶ұа·’а·Җа·җරа¶Ҝа·’ а·„а·Ҹ а¶ҡа·Ҹටа¶ӯа·Ҡ а¶ҙа·’а·…а·’а¶ңа¶ӯ а·„а·җа¶ҡа·’ а¶Ҷа¶ҡа·Ҹරа¶әට а¶…а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ҙа·Ҹа¶ӯа·“ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а¶әа·”а¶ӯа·Ҡ, а·Җа·’а¶ұа·’а·Җа·’а¶Ҝ а¶·а·Ҹа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶әа·”а¶ӯа·Ҡ а¶ҡа·ңа¶ёа·’а·Ӯа¶ұа·Ҡ а·ға¶·а·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡа¶ҡර а¶ёа·ҷа¶ё а¶ҙ‍а·Ҡ‍රහа·Ҹර а¶ҙිළිබඳ а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණ а·ға¶ӯа·Ҡ‍а¶әа¶ә а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·„а·ҷа·…а·’ а¶ҡරа¶ұ а¶Ҫа·ҷа·ғ а¶ёа¶ё а¶үа¶ӯа·Ҹа¶ёа¶ӯа·Ҡ  ඕа¶ұа·‘а¶ҡа¶ёа·’а¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ.а¶ёа·ҡ а¶ҡа·ңа¶ёа·’а·Ӯа¶ұа·Ҡ а·ға¶·а·Ҹ а¶ҙිහිටුа·Җа·“а¶ёа·ҡа¶Ҝа·’ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’,а¶…а¶ңа¶ёа·җа¶ӯа·’,а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ұа·Ҹа¶әа¶ҡ а·ға·„ а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җа¶Ҫ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·’а¶ұа·Ҡ එа¶ҡа¶ӯа·”а·Җ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’.  а¶’ а¶…а¶әа¶ңа·ҡ а¶ҙа·ңа¶Ҝа·” а¶ӯීරණа¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·ҡ а¶ҡа·ңа¶ёа·’а·ға¶ұа·Ҡ а·ға¶·а·Ҹ а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’.  а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ҡа·Ҹටа·Җа¶ӯа·Ҡ а·Җа·Ҹа·ға·’ а·Җа·ҷа¶ұ а·Җа·’а¶Ҝа·’а¶әට  а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯ а¶ҙමණа¶ҡа·Ҡ а¶үа·ға·Ҡа¶ёа¶ӯа·” а·Җа·ҷа¶ұ а·Җа·’а¶Ҝа·’а¶әට а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а·ға¶ҡа·ға·Ҡ а·Җа·ҷа¶ұ එа¶ҡ а¶ұа·Җа¶ӯа·Ҡа·Җа¶Ҫа·Ҹ а·ға¶ӯа·Ҡ‍а¶ә а·„а·ҷа·…а·’а¶Ҝරа·Җа·Ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’.а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶әа¶ҡа·Ҡ а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җа·“а¶ёа¶ҡа·Ҡ а¶ңа·җа¶ұ а¶ҡа¶ӯа·Ҹа¶ҡරа¶ұа·Ҡа¶ұට а¶ҙа·ҷර а¶ёа·ҷа¶ё а¶ёа·„а·Ҹ а·Җа·’а¶ұа·Ҹа·Ға¶ә а¶ҙිළිබඳа·Җ а·ға·җබෑ а·Җිමරа·Ҡа·Ға¶ұа¶әа¶ҡа·Ҡ а·ға¶іа·„а·Ҹ а·ға·’а¶әа·…а·” බа¶Ҫа¶ӯа¶Ҫ а·ға·„а·’а¶ӯа·Җ а¶…а¶Ҝа·Ҹа¶Ҫ а·ға·Ҡа·Җа·Ҹа¶°а·“а¶ұ а¶ҡа·ңа¶ёа·’а·Ӯа¶ұа·Ҡ а·ға¶·а·Ҹа·Җ а¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීම а¶…а¶ӯа·Ҡ‍а¶әа·Ҹа·Җа·Ға·Ҡ‍а¶ә а¶ёа·ҷа¶ұа·Ҡ а¶ё а¶ҡඩිа¶ұа¶ёа·’а¶ұа·Ҡ а·ға·’а¶Ҝа·”а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·” а¶ҡа·Ҹරණа¶әа¶ҡа·Ҡ а·Җа·ҡ. а¶…а¶ҙිට а¶ёа·ҡ а·Җа·ҷа¶Ҫа·Ҹа·Җа·ҡ  ඕа¶ұ а¶ёа·җа¶ӯа·’а·Җරණ а¶ұа·ҷа¶ёа·ҷа¶әа·’ а¶…а¶ҙිට  ඕа¶ұ а·ға¶ӯа·Ҡ‍а¶әа¶әа·’. а¶ёа·җа¶ӯа·’а·Җරණа¶ӯа·Ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶әа·’ а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҡ а¶ҡа·Ҹරа¶ұа¶әට а¶ҙ‍а·Ҡ‍රමුа¶ӣа¶ӯа·Ҡа·Җа¶әа¶ҡа·Ҡ а·„а·’а¶ёа·’ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’.а¶…а¶ҙ රටа·ҡ අණа·Ҡඩු а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҷа¶ұа·Ҡ, а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҷа¶ұа·Ҡ а·„а·Ҹ а¶…а¶ұа·ҷа¶ҡа·”а¶ӯа·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ёа¶ё а¶үа¶ӯа·Ҹ  ඕа¶ұа·‘а¶ҡа¶ёа·’а¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ҙ а¶Ҷа¶Ҝරණීа¶ә а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶Ҝ а¶…а¶ҙ රටа·ҡ а¶ўа·Ҹа¶ӯа·“а¶ұа·Ҡ а¶…а¶ӯර а¶ҙа·җа·Җа¶ӯа·’ а·Ға·”а¶Ҝа·Ҡа¶° а·Җа·– а·ға¶ёа¶ңа·’а¶ә а¶Ҝ а·ға¶Ӯа¶ а·Ҹරа¶ҡ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරа¶ә а·„а·Ҹ а¶ҙа·ңа¶Ҝа·”а·Җа·ҡ රටа·ҡ а·ға¶ёа·ға·Ҡа¶ӯ а¶Ҷරа·Ҡථීа¶ҡа¶ә а¶Ҝ බිඳ а¶Ҝа¶ёа¶ёа·’а¶ұа·Ҡ а¶Ҝරුණු а¶ҙීඩа·Ҹа·Җа¶ҡට а¶…а¶ҙ а¶Ҝа·ҡа·Ға¶ә а¶Үа¶Ҝ а¶Ҝа·җа¶ёа·– а¶ёа·ҷа¶ё а·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶ә, а¶…а¶ҙ රට а¶ҡа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡа·… රජа¶әа¶ұа·Ҡ а¶Ҝ а¶ҡа·…а·Ҹа¶ҡа·Ҡ а¶ёа·ҷа¶ұа·Ҡ රа¶ӯа·”а¶ҙа¶Ҫа·ғ а¶әට а·ға¶ҹа·Җа·Ҹ а¶Ҝа¶ёа¶ұа·Ҡа¶ұට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ұа·ңа¶ҡරа¶ұ а¶Ҫа·ҷа¶әа·ға·’.а¶ҙීඩිа¶ӯ а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹට а¶әа·”а¶ҡа·Ҡа¶ӯа·’а¶ә, а·ға·Ҹа¶°а·Ҹරණа¶ә а¶үа·Ӯа·Ҡа¶Ё а¶ҡරමිа¶ұа·Ҡ а¶…а¶ҙ රටа·ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶ёа·Ҹа·ғ а¶ӯа·”а¶ұа¶ҡа·Ҡ а¶ӯа·’а·ға·Ҡа·ға·ҡ а·ға·’а¶Ҝа·”а·Җа·ҡ а¶әа·җа¶әа·’ බа¶Ҫа·Ҹа¶ҙа·ңරа·ңа¶ӯа·Ҡа¶ӯа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ғිටිа¶ұ а¶ёа·ҷа¶ё බа·қа¶ёа·Ҡබ а¶ҙ‍а·Ҡ‍රහа·Ҹර а·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶ә а¶ҙිටුа¶ҙа·ғ а¶Үа¶ӯа·’ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·„а·ҷа·…а·’ а¶ұа·ңа¶ҡරа¶ұ а·ға¶ӯа·Ҡ‍а¶әа¶ә а¶ҡа·”а¶ёа¶ҡа·Ҡ а¶Ҝ а¶ҡа·’а¶әа·Ҹа¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё а·ға¶ӯа·Ҡ‍а¶әа¶ә а·„а·ҷа·…а·’ а¶ҡිරීමට එරа·ҷа·„а·’а·Җ බа¶Ҫа¶ҙа·‘а¶ёа·Ҡ а¶ҡරа¶ұ а¶…а¶Ҝа·’а·ға·’ බа¶Ҫа·Җа·ҡа¶ң а¶ҡа·Җරа·ҡа¶Ҝ а¶ҡа·’а¶әа·Ҹа¶ӯа·Ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·„а·ҷа·…а·’ а¶ҡරа¶ұа·Ҡа¶ұа·җа¶әа·’ а¶…а¶ҙа·’ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ.රа¶ӯа·” а¶ҙа·ға·Ҡа·Җа¶Ҫ  а·ға·’а¶Ҝа·Ҡа¶Ҝа·’а¶ә, රа·ңа·Ӯа·ҡа¶ұа·Ҡ а¶ а·Ҹа¶ұа¶ҡ а¶қа·Ҹа¶ӯа¶ұа¶ә а·ға¶ёа·Ҡබа¶ұа¶°  а·ға·’а¶Ҝа·Ҡа¶°а·’а·Җа¶Ҫ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа¶ӯа·Ҡ а¶…а¶ҙа·’ а¶ӯа·Җа¶ё а¶Ҝа·җа¶ҡа·Ҡа¶ҡа·ҡ а¶ұа·җа·„а·җ. а¶’ а¶Ҝа·ҡа¶ё а¶ёа·ҡ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа·Җа¶Ҫටа¶ӯа·Ҡ а·Җа·ҷа¶әа·’а¶Ҝ а¶ҡа·’а¶әа¶ұ а¶ҙ‍а·Ҡ‍රа·Ға·Ҡа¶ұа¶ә а¶…а¶ҙිට а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·ҷа¶ё а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ё а¶үටු а¶ұа·ңа¶ҡර එа¶Ҫඹа·ҷа¶ұ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරණа¶әа·ҡ а¶Ҝа·“ а¶Ҷණа·Ҡඩු а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҷа¶ұа·Ҡ а·„а·қ а·Җිරුа¶Ҝа·Ҡа¶°а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҷа¶ұа·Ҡ а·„а·қ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а·Җа¶ұ а·„а·қ එම а¶ҙа¶ҡа·Ҡа·Ӯ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҷа¶ұа·“ а·ғිටිа¶ұ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡа¶әа¶ұа·Ҡ а¶ёа·Ҹ මුණ а¶ұа·ңа¶ңа·җа·ға·ҷа¶ұ බа·Җ а¶Ҝа¶ұа·Ҡа·Җа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ.а¶ҙа·…а¶ёа·”а·Җ а¶ҡа·… а¶әа·”а¶ӯа·” а¶Ҝа·ҡ а·ға·’а¶Ҝа·” а¶ҡа¶Ҫ а¶әа·”а¶ӯа·”а¶әа·’.  а¶’ а¶…а¶ұа·”а·Җ а¶ҙа·…а¶ёа·”а·Җ  а·ға·Ҡа·Җа·Ҹа¶°а·“а¶ұ  а¶ҡа·ңа¶ёа·’а·Ӯа¶ұа·Ҡ а·ға¶·а·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡа¶ҡරа¶Ҫа·Ҹ а¶’ а¶…а¶әට  а·ға·”а¶Ҝа·”а·ға·” බа¶Ҫа¶ӯа¶Ҫ а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ а·ға¶ҙа¶әа¶Ҫа·Ҹ  а¶’ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа·Җ а¶ҙа·’а·…а·’а¶әа·ҷа·… а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’.  а¶…а¶ҙа·ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶ҙ‍а·Ҡ‍රа·Ға·Ҡа¶ұ а·Җа¶Ҫට а¶ҙа·’а·…а·’а¶ӯුරු а¶Ҝа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶ӯа·Ҹа·Җа¶ҡа·Ҹа¶Ҫа·’а¶ҡ а¶Ҫа·Ҹа¶· а¶ҙ‍а·Ҡ‍රа¶әа·қа¶ўа¶ұ а¶ңа·җа¶ұ а¶ұа·ңа·ға·’а¶ӯа·Ҹ а¶әа·”а¶ҡа·Ҡа¶ӯа·’а¶ә а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ රටа·ҡ а·ға·җබෑ а¶Ӣа¶ұа·Ҡа¶ұа¶ӯа·’а¶ә а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶Ҝ а¶ӯීරණ а¶ңа¶ұа·” а¶Үа¶ӯа·җа¶әа·’ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ғ а¶ҡරа¶ұа·Җа·Ҹ.а¶ёа¶ё а¶ҡа·’а·ға·’а¶Ҝа·” а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа¶ҡට а¶…а¶әа¶ӯа·Ҡ а¶ұа·ңа·Җа¶ұ බа·Җа¶ӯа·Ҡ а¶…а·ғරණ а¶…а·„а·’а¶Ӯа·ға¶ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·ға·’а¶Ҝа·”а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·” а¶әа·”а¶ҡа·Ҡа¶ӯа·’ а·ға·Ҹа¶°а·Ҹරණа¶ә а¶Ӣа¶Ҝа·ҷа·ға·Ҹа¶ӯа·Ҡ а¶ўа¶ұа¶ӯа·Ҹ а¶ҙරමа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·Ҡ‍а¶әа¶ә а¶Ӣа¶Ҝа·ҷа·ға·Ҹа¶ӯа·Ҡ а¶ҙа·ҷа¶ұа·“ а·ғිටීමට а¶ҡа·җа¶ҙа·Җа¶ұ බа·Җ а·Җа·’а·Ға·ҡа·Ӯа¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·’а·Җ а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶Үа¶ӯа·җа¶ёа·Ҡ а¶Ӣа¶Ҝа·Җа·’а¶ә  а·„а·Ҹ а·ғමහර а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶Ҷа¶әа¶ӯа¶ұ а·ғමහර а¶ҙа¶ҡа·Ҡа·Ӯ а·ға¶ёа¶ҹ а¶ёа·Ҹа·Җ  а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶° а¶ҡරа¶Ҫа·Ҹ මට а¶Ҫа·ҡබа¶Ҫа·Ҡ а¶…а¶Ҫа·Җа¶ұа·Ҡа¶ұට а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„ а¶ҡරа¶ұа·Җа·Ҹ.а¶ҡරුа¶ұа·Ҹа¶ҡරа¶Ҫа·Ҹ а¶ёа·Ҹа·Җ а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җа¶Ҫට එа¶ҡа¶ӯа·” а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„ а¶ҡරа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ මට а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶ҙа·’ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶үа¶ұа·Ҡа¶ұа·ҡ. а¶ҡරුණа·Ҹа¶ҡරа¶Ҫа·Ҹ මට а¶ҙа¶ҡа·Ҡа·Ӯ  а¶ҙа·Ҹට එа¶Ҫа·Җа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа¶әа·ҷа¶ұа·”а¶ӯа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ. а¶Ҫа·Ҹа¶· а¶ҙ‍а·Ҡ‍රа¶әа·қа¶ўа¶ұ බа¶Ҫа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа¶ӯа·”а·Җ а¶…а·Җа¶Ӯа¶ҡа·Җ а¶ёа·ҡ а¶ңа·җа¶ұ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶Ҫа·Ҹ а¶…а¶ҙට а·ға¶ӯа·Ҡ‍а¶ә а¶Ҝа·җа¶ұа¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶’ а¶ҡටа¶әа·”а¶ӯа·Ҡа¶ӯ а¶ҡඩිа¶ұа¶ёа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ  а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ұа·Ҹа¶әа¶ҡа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶үа¶ӯа·Ҹ  ඕа¶ұа·‘а¶ҡа¶ёа·’а¶ұа·Ҡ а¶ұа·җа·Җа¶ӯ а¶ұа·җа·Җа¶ӯа¶ӯа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ’’ а¶әа·җа¶әа·’а¶Ҝ а¶…а¶ңරа¶Ҝа¶ңුරුа¶ӯа·”а¶ёа·қ එහිа¶Ҝа·“ а¶ҙа·җа·Җа·ға·“а¶ә.(а¶Ўа·Ҹа¶әа·Ҹරූа¶ҙ - а¶ а¶ӯුර එа·ға·Ҡ. а¶ҡа·ңඩිа¶ҡа·Ҹර)
а¶Ҫබа¶ұ 10 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ රටа·ҡа¶ӯа·Ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа·ҡа¶ӯа·Ҡ а·ға·Ҡථа·Ҹа·Җර බа·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ҡරа¶ұа·Җа·Ҹ
0
а·ғිරිа¶Ҫа·’а¶ә а·ға·Җа·’а¶ә බа·җа¶Ӯа¶ҡа·” а¶ңිණුමа·Ҡ а¶…а¶ӯа·Ҡ හිටුа·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ එම а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа·ҡ а¶ёа·–а¶Ҫа·Ҡ‍а¶ә а¶Ҷа¶°а·Ҹර а¶Ҫබමිа¶ұа·Ҡ а·ғිටි රа·қа¶ңа·“а¶ұа·Ҡ а¶ӯа·’а¶Ҝа·ҷа¶ұа¶ҡа·” а¶ёа·ҡ а·Җа¶ұ а·Җිට а¶ёа·’а¶әа¶ңа·ңа·ға·Ҡ а¶Үа¶ӯа·җа¶әа·’ а¶Ҷරа¶Ӯа¶ а·’ а·Җа·– බа·Җ а¶ҡа·ңළඹ а¶ёа·–а¶Ҫа·Ҡ‍а¶ә а¶…а¶ҙරа·Ҹа¶° а¶ҡа·ңටа·Ҡа¶Ёа·Ҹа·ға¶әට а¶…а¶Ҝ а¶ҡටа¶Ӣа¶ӯа·Ҡа¶ӯරа¶әа¶ҡа·Ҡ а¶Ҝа·ҷа¶ёа·’а¶ұа·Ҡ හිටа¶ҙа·” а¶ўа¶ұа¶ҙа¶ӯа·’ බිරිа¶ә а·Ғිරа¶ұа·Ҡа¶ӯа·’ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҡа¶ёа·’а¶ә а¶ҙа·җа·Җа·ға·– බа·Җ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶ұа·’а·Җа·ҡа¶Ҝа¶ұа¶әа¶ҡа·Ҡ а¶ұа·’а¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ හිටа¶ҙа·” а¶ўа¶ұа¶ҙа¶ӯа·’ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а·“а¶ҡරණ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶ҡа·’а¶әа¶әа·’.а·ғිරිа¶Ҫа·’а¶ә а·ға·Җа·’а¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·ҷරа·ҷа¶ұ а·Җිමරа·Ҡа·Ға¶ұа¶әට а·ға·„а·Ҹа¶ә а·Җа·“а¶ё а¶ҙිණිа·ғ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҡа¶ёа·’а¶ә а¶ҡටа¶Ӣа¶ӯа·Ҡа¶ӯරа¶әа¶ҡа·Ҡ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡ බа·Җа¶ӯа·Ҡ а¶ёа·ҷа¶ҡа·“ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а¶Ҝа·ҡа·Ға·“а¶ә а·„а·Ҹ а·Җа·’а¶Ҝа·ҡа·Ға·“а¶ә а¶ёа·–а¶Ҫа·Ҡ‍а¶ә а·„а·Ҹ а¶Ҝа·Ҡ‍රа·Җа·Ҡ‍а¶әа¶ёа¶ә а¶ҙරිа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶ң а¶ёа¶ӯ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұа·Ҡа¶ұа¶ҡа·Ҡ බа·Җа¶ӯа·Ҡ එහි а¶ҡටа¶әа·”а¶ӯа·” а·ға¶іа·„а·Ҹ රජа¶әа·ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а·„а·қ а¶Ҝа·ҡа¶ҙа¶Ҫ а¶ҡа·’а·ға·’а·Җа¶ҡа·Ҡ а¶·а·Ҹа·Җа·’а¶ӯа·Ҹ а·Җа·“ а¶ұа·җа¶ӯа·’ බа·Җа¶ӯа·Ҡ а¶Үа¶ә а¶ёа·–а¶Ҫа·Ҡ‍а¶ә а¶…а¶ҙරа·Ҹа¶° а¶ҡа·ңටа·Ҡа¶Ёа·Ҹа·ға¶ә а·„а¶ёа·”а·Җа·ҡ а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·“ а¶Үа¶ӯ.රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а·Җිරුа¶Ҝа·Ҡа¶°а·Җа·Ҹа¶Ҝа·“а¶ұа·Ҡ එа¶Ҫа·Ҡа¶Ҫ а¶ҡරа¶ұ а¶ а·қа¶Ҝа¶ұа·Ҹ බа·ңරු බа·Җа¶ӯа·Ҡ බа·җа¶Ӯа¶ҡа·”а·Җа·ҡ а¶ҙරිа¶ңණа¶ҡ а¶ҙа¶Ҝа·Ҡа¶°а¶ӯа·’а¶әට а·Ғිරа¶ұа·Ҡа¶ӯа·’ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Үа¶ӯа·”а·…а·” а·ға·ҷа·ға·” а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡа¶ңа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·„а·җа¶іа·”а¶ұа·”а¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶…а¶Ӯа¶ҡ а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ а¶ҡිරීමа·ҡа¶Ҝа·“ а¶…а¶ӯа¶ҙа·ға·” а·Җа·“а¶ёа¶ҡа·Ҡ а·ға·’а¶Ҝа·”а·Җа·“ а¶Үа¶ӯа·’ බа·Җа¶ӯа·Ҡ а¶ҙа·ҷа¶ұа·ҷа¶ұ බа·Җ එම а¶ұа·’а·Җа·ҡа¶Ҝа¶ұа¶әа·ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·ҡ. а·ғිරිа¶Ҫа·’а¶ә а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ а·ҷа¶ҡа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡа·…а·ҡ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ў а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·’а¶ұа·Ҡ а¶ұа·ңа·Җ а¶ӯа·Җа¶ёа¶ӯа·Ҡ එහි а·ға·ҡа·Җа¶ә а¶ҡරа¶ұ а·ға·җබෑ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·’а¶ұа·Ҡ а¶ӯа·’а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ බа·Җа¶ӯа·Ҡ එම а¶ұа·’а·Җа·ҡа¶Ҝа¶ұа¶әа·ҡ а·ға¶іа·„а¶ұа·Ҡа·Җа·ҡ. 
а¶Ҫබа¶ұ 10 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ රටа·ҡа¶ӯа·Ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа·ҡа¶ӯа·Ҡ а·ға·Ҡථа·Ҹа·Җර බа·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ҡරа¶ұа·Җа·Ҹ
0
‘එа¶ҡ ඩа·ңа¶Ҫරа¶әа¶ҡа·Ҡ а·„а·қ а¶ӯа¶ёа·Ҹ  а·Җа¶Ӯа¶ а·Ҹ а¶ҡර а¶Үа¶ӯа·Ҡа¶ӯа¶ұа¶ёа·Ҡ а·„а·’а·ғට а·Җа·ҷඩි а¶ӯබа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ බа·Җ  а¶ҙа·җа·Җа·ға·” හිටа¶ҙа·” а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹට а¶ӯа¶ёа·Ҹ а¶ұа·’а·Җа·җරа¶Ҝа·’ බа·Җ ඔа¶ҙа·Ҡа¶ҙа·” а¶ҡිරීමට а¶ұа¶ёа·Ҡ එа¶ә а·ға·’а¶Ҝа·” а¶ҡිරීමට а¶ҡа·Ҹа¶Ҫа¶ә එළа·җඹ а¶Үа¶ӯа·’ බа·Җ   а·Җа·Ҹරිමа·Ҹරа·Ҡа¶ң, а¶ўа¶Ҫа¶ҡа·…а¶ёа¶ұа·Ҹа¶ҡරණ а·„а·Ҹ а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ а¶ҡа¶Ҫа¶ёа¶ұа·Ҹа¶ҡරණ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ҙа·Ҹа¶Ҫа·’а¶ӯ රа¶Ӯа¶ңа·ҡ බණа·Ҡඩа·Ҹර а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.‘а·ға·’а¶ә а¶ҙа·”а¶ӯа·Ҹ а·Җа¶ұ а¶әа·Ға·қа¶° රа¶Ӯа¶ңа·ҡ බණа·Ҡඩа·Ҹරа¶ңа·ҡ රිа¶ә а¶…а¶ұа¶ӯුර а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶ә а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹ а¶ҡරа¶ұ а¶Ҷа¶ҡа·Ҹරа¶әа·ҷа¶ұа·Ҡ ඔහුа¶ңа·ҡ а¶ёа·”а¶Ҫа·’а¶ҡ а¶…а¶әа·’а¶ӯа·’а·Җа·Ҹа·ға·’а¶ҡа¶ёа·Ҡ а¶Ӣа¶Ҫа·Ҡа¶Ҫа¶Ӯа¶қණа¶ә а·Җа·“ а¶Үа¶ӯа·җа¶әа·’ а·ға¶іа·„а¶ұа·Ҡ  а¶ҡරමිа¶ұа·Ҡ а¶ёа·Ҹа¶ұа·Җ а·„а·’а¶ёа·’а¶ҡа¶ёа·Ҡ а¶ҡа·ңа¶ёа·’а·ғමට а¶ҙа·җමිණිа¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීමට а¶ңа·ңа·ға·Ҡ а¶ұа·җа·Җа¶ӯ а¶ҙа·җමිණа·ҷ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа·ҡа¶Ҝа·“ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а¶ёа·ҡ බа·Җ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡ හිටа¶ҙа·” а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹට එරа·ҷа·„а·’а·Җ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ  а¶ҡරа¶ұ а¶ёа·”а¶Ҫа·Ҡ‍а¶ә а·Җа¶Ӯа¶ а·Ҹ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җ а¶ҙිළිබඳа·Җ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа·Җа·ҡа¶Ҝа·“а¶ұа·Ҡ а¶ұа·җа¶ҹа·” а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұа¶әа¶ҡට а¶ҙа·’а·…а·’а¶ӯුරු а¶Ҝа·ҷа¶ёа·’а¶ұа·’. а¶‘а·„а·’а¶Ҝа·“ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа¶ёа·’а¶ұа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ  а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.‘а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ а·“а¶ұа·Ҡ а·ға¶Ӯа¶ а·Ҹරа¶әа¶ҡа¶Ҝа·“ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ එа¶ҡ ඩа·ңа¶Ҫරа¶әа¶ҡа·Ҡ හරි а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ ඔහු а·Җа¶Ӯа¶ а·Ҹ а¶ҡරа¶Ҫа·Ҹ  а¶Үа¶ӯа·’ බа·Җට ඔа¶ҙа·Ҡа¶ҙа·” а¶ҡа·…а·ңа¶ӯа·Ҡ  а·„а·’а·ғට а·Җа·ҷඩි а¶ӯа·’а¶әа·Ҹ а¶ңа·ҷа¶ұ а¶ёа·җරа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.а¶ёа·ҷа¶ә а¶ҙа·… а·Җුණа·ҡ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ҙа·”а·Җа¶ӯа·Ҡа¶ҙа¶ӯа¶ҡ а¶ұа·ңа·Җа¶әа·’. а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ҙа·”а·Җа¶ӯа·Ҡ а¶ҙа¶ӯа¶ҡа¶ҙа·… а·Җුණа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұ а¶ӯිබුණа·Ҹ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶ҡරа¶ҙа·” а¶ҡа·–а¶Ё а·ға·ҷа¶Ҫа·Ҡа¶Ҫа¶ёа¶ҡа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа·ҡа¶ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ӯිබුණа·ҡ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа·Җа·ҡ а¶ҙа¶ӯа·Ҡа¶ӯරа¶әа¶ҡ.එа¶әа·Ҹа¶Ҫට а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ұа·‘ а¶ёа·ҡ а¶ёа·–а¶Ҫа·Ҡ‍а¶ә а·Җа¶Ӯа¶ а·Ҹа·Җа¶ҡа·Ҡ а¶ңа·җа¶ұ а¶ҡа¶ӯа·Ҹа¶ҡරа¶ұа·Ҡа¶ұ. එහа·ҷа¶ё а¶ұа·‘а¶ұа·ҡ.එහа·ҷа¶ұа¶ёа·Ҡ а¶ҙа·җа·„а·җа¶Ҝа·’а·…а·’ а·Җа·ҷа¶ұа·Җа·Ҹ а¶ а·“а¶ұа¶әа¶ӯа·Ҡ එа¶ҡа·Ҡа¶ҡ එа¶ҡа¶ӯа·”а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ҡරа¶ҙа·” ඩීа¶Ҫа·Ҡ එа¶ҡа·ҷа¶ұа·Ҡ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а·Җ а¶·а·Ҹа·Җа·’а¶ӯ а¶ҡа·…а·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.එа¶ә а¶үа¶ӯа·Ҹ а¶ҙа·җа·„а·җа¶Ҝа·’а¶Ҫа·’а¶әа·’. රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶Ҡට а¶ҙа·’а·…а·’а¶ӯුරු а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ұа¶ёа·Ҡ а·Җа·ҷඩි а¶ӯа·’а¶әа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа¶ё ඕа¶ұа·’.а¶’а¶ҡа·ҷа¶ұа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а·ға¶ёа·Ҹа¶ўа¶әට ඔහු а·ға¶ӯа·Ҡ‍а¶ә а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·ҷа¶ҡа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ‘ а¶әа¶ұа·”а·Җа·ҷа¶ұа·’.එහිа¶Ҝа·“  а·ға·’а¶ә а¶ҙа·”а¶ӯа·Ҹ а·Җа¶ұ а¶әа·Ға·қа¶° රа¶Ӯа¶ңа·ҡ බණа·Ҡඩа·Ҹර  а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·ҡ а·Җа¶ұ а·Җිට а¶ҙа·җа¶ұ а¶ұа·җа¶ҹа·’ а¶Үа¶ӯа·’ а¶ңа·җටළු а¶ҙිළිබඳ а¶…а¶Ҝа·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·” а¶…а¶ёа·Ҹа¶ӯа·Җරа¶әа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡ а¶ҡа·’а·ға·’ а·Җිටа·ҷа¶ҡа¶ӯа·Ҡ  а·ға·’а¶әа·Ҹ а¶ҙа·”а¶ӯа·Ҹ රජа¶әа·ҡ а¶Ҝа·ҡа¶ҙа·ңа·… а¶…а·Җа¶·а·Ҹа·Җа·’а¶ӯ а¶ұа·ңа¶ҡа·… බа·Җа¶ӯа·Ҡ ඔහුа¶ңа·ҡ රа·Ҹа¶ўа¶ҡа·Ҹරී а·Җа·Ҹа·„а¶ұа¶ә а¶ёа·ҷа¶Ҫа·ҷа·ғ а¶…а¶ұа¶ӯුරුට а¶ҙа¶ӯа·Ҡа·Җа·” а¶Үа¶ӯа·’ බа·Җа¶ӯа·Ҡа¶ә. එа·ға·ҡ а·Җа·“ а¶ӯිබිа¶әа¶Ҝа·’а¶ӯа·Ҡ  ඔහු а¶ӯа¶ёа·Ҹа¶ңа·ҡ а¶ҙа·”а¶ӯа·Ҹ а·Җа·“а¶ё а¶ұа·’а·ға·Ҹ а¶ҙа·ңа¶Ҫа·“а·ға·’а¶ә а·Җа·ҷа¶ұа¶ӯа·Ҡа¶ё а¶…а¶әුරа¶ҡа·’а¶ұа·Ҡ а¶ёа·ҡ а¶ҡරුණ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұ බа·Җа¶Ҝ а¶ а·қа¶Ҝа¶ұа·Ҹ а¶ҡа·…а·ҡа¶ә. එа·ға·ҡа¶ё а¶ёа·ҡ а·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶әа·ҡа¶Ҝа·“ а¶…а¶°а·’а¶ҡරණа¶ә а¶Ҝа·ҷа¶ұа·” а¶Ҫබа¶ұ а¶ӯа·“а¶ұа·Ҡа¶Ҝа·”а·Җа¶ҡට а·„а·’а·ғ а¶ұа¶ёа·Ҹ а¶Ҷа¶ а·Ҹර а¶ҡරа¶ұ බа·Җа¶Ҝ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.(а·Җීඩිа¶әа·қ  а·ға·„ а¶Ўа·Ҹа¶әа·Ҹරූа¶ҙ - а¶Ҫහිරු හරа·Ҡа·Ӯණ) (36698)
а¶Ҫබа¶ұ 10 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ රටа·ҡа¶ӯа·Ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа·ҡа¶ӯа·Ҡ а·ға·Ҡථа·Ҹа·Җර බа·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а¶ҡරа¶ұа·Җа·Ҹ
0
(а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җීරරа¶ӯа·Ҡа¶ұ)රටа·ҡ а·ға·’а¶әа¶Ҫа·” а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶ҙа·Ҹа¶ұа·“а¶ә а¶ўа¶Ҫ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җ а·ға¶ҙුරа·Ҹа¶Ҫа·“а¶ёа·ҡ а¶үа¶Ҫа¶ҡа·Ҡа¶ҡа¶ә а¶ўа¶ә а¶ңа·җа¶ұа·“а¶ё а·ға¶іа·„а·Ҹ а¶ҙа·Ҡ‍රජа·Ҹ а¶ўа¶Ҫ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·ҳа¶ӯа·’ а¶үа¶Ҝа·’а¶ҡිරීම а¶ҡඩිа¶ұа¶ёа·Ҡ а¶ҡර а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶ўа¶Ҫ а·ға¶ёа·Ҡа¶ҙа·Ҹа¶Ҝа¶ұ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а·ға¶ұа¶ӯа·Ҡ а¶ұа·’а·Ға·Ҹа¶ұа·Ҡа¶ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ҙа·Җа·”а¶Ҫа·Ҡ а¶…а¶ӯුරිа¶ұа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ўа¶Ҫа·ға¶ёа·Ҡа¶ҙа·Ҹа¶Ҝа¶ұ а·„а·Ҹ а¶ўа¶Ҫа·Ҹа¶ҙа·Җа·Ҹа·„а¶ұ මණа·Ҡඩа¶Ҫа¶ә а¶ёа¶ңа·’а¶ұа·Ҡ а¶ўа¶Ҫ а·ға·җа¶ҙа¶әа·”а¶ёа·Ҡ а¶Ҫබа·Ҹ а¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җ а¶ҙිළිබඳ а¶Үа·ға·Ҡа¶ӯа¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җ 85%а¶ҡа·Ҡ බа·Җ а¶ңණа¶ұа·Ҡ බа¶Ҫа·Ҹ а¶ӯිබа·ҷа¶ұ බа·Җа¶ӯа·Ҡ එම а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җа¶әа·ҷа¶ұа·Ҡ 62%а¶ҡа¶ңа·ҡ а¶ҙа·Ҹа¶ұа·“а¶ә а¶ўа¶Ҫ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җ а·ға¶ҙුරа·Ҹа¶Ҫීමට а¶ёа·ҡ а·Җа¶ұ а·Җිට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡර а¶Үа¶ӯа·’ а¶…а¶ӯර а¶үа¶ӯිරි а¶үа¶Ҫа¶ҡа·Ҡа¶ҡа¶ә а¶Ҝ а¶ұа·”а¶Ҝුරු а¶…а¶ұа·Ҹа¶ңа¶ӯа¶әа·ҡа¶Ҝа·“а¶ё а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණ а¶ҡර а¶ңа·җа¶ұීමට а¶ҙа·’а¶әа·Җර а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ а·ғිටිа¶ұ බа·Җ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.එමа·ҷа¶ұа·Ҡа¶ё а¶ҙа·Җа¶ӯа·’а¶ұ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶…а·ғීරුа¶ӯа·Ҹ а·„а¶ёа·”а·Җа·ҡ а¶әථа·Ҹරа·Ҡа¶ӯа¶әට මුහුණ а¶Ҝа·ҷа¶ёа·’а¶ұа·Ҡ රජа¶ә а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶ңа¶ӯа·Ҡ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶ёа¶ә а¶ӯීරණ а·„а¶ёа·”а·Җа·ҡ а¶ўа¶Ҫ а¶ңа·Ҹа·ға·Ҡа¶ӯа·” а¶үа·„а·… а¶Ҝа·җමීමට а·ға·’а¶Ҝа·” а·Җа·– බа·Җа¶ӯа·Ҡ, а¶ўа¶Ҫа¶ә а¶үа¶ӯа·Ҹа¶ёа¶ӯа·Ҡ අරа¶ҙිරිමа·җа·ға·Ҡа¶ёа·ҷа¶ұа·Ҡ а¶·а·Ҹа·Җа·’а¶ӯа·Ҹ а¶ҡිරීම а¶ӯа·”а·… රටටа¶ӯа·Ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җටа¶ӯа·Ҡ а·ға·„а¶ұа¶әа¶ҡа·Ҡ а¶Ӣа¶Ҝа·Ҹа¶ҡර а¶ңа¶ӯ а·„а·җа¶ҡа·’ බа·Җа¶ӯа·Ҡ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа·Ҹ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡа¶ә.а¶ўа¶Ҫ а·ға¶ёа·Ҡа¶ҙа·Ҹа¶Ҝа¶ұ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а·ға¶ұа¶ӯа·Ҡ а¶ұа·’а·Ға·Ҹа¶ұа·Ҡа¶ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа¶ё а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа·… а¶ҡර а·ғිටිа¶әа·ҡ 'а·ға·Ҡථа·Ҹа·Җර රටа¶ҡට а·ға·җа·Җа·ңа¶ё а¶’а¶ҡ а¶ёа¶ҹа¶ҡට' а¶ёа·җа¶әа·ҷа¶ұа·Ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶ҡа·ҡа¶ұа·Ҡа¶Ҝа·Ҡ‍රа¶әа·ҡ а¶…а¶Ҝ (01) а¶ҙа·җа·Җа¶ӯа·’ а¶ҙа·Ҡ‍රа·Җа·ҳа¶ӯа·Ҡа¶ӯа·’ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹа·Җට එа¶ҡа·Ҡ а·Җа·ҷа¶ёа·’а¶ұа·’. 
රටටම а·Җа¶ӯුර а¶Ҝа·ҷа¶ұ а·Җа·җඩа·ғටහа¶ұ а¶ҡඩිа¶ұа¶ёа·Ҡ а¶ҡරа¶әа·’
1
(а·Җа·’а¶ұа·“а¶ӯа·Ҹ එමа·Ҡ а¶ңа¶ёа¶ңа·ҡ)а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ёа·җණිа¶ҡа·Ҡ а·„а·Ҹ а·ға·Ҡа·Җරа·Ҡණа·Ҹභරණ а¶…а¶°а·’а¶ҡа·Ҹරිа¶әа·ҡ а¶ұа·Җ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶Ҫа·ҷа·ғ а¶Ӣа¶ӯුරු а¶ёа·җа¶Ҝ а¶ҙа·…а·Ҹа¶ӯа·ҡ හිටа¶ҙа·” а¶ҙ‍а·Ҡ‍රධа·Ҹа¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ҙа·ҡа·Ӯа¶Ҫ а¶ўа¶әරа¶ӯа·Ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ, а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯ‍а·Ҡ‍රිа¶ҙа·Ҹа¶Ҫ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶ҙа¶ӯа·Ҡа¶ҡරа¶ұа·” а¶Ҫа·җබ а¶Үа¶ӯ.එම а¶…а¶°а·’а¶ҡа·Ҹරිа¶әа·ҡ හිටа¶ҙа·” а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡа·’а¶ӯа·Ҡа·ғිරි а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡа·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ  а¶Үа¶ӯа·’а·Җа·”  а¶ҙුරа¶ҙа·Ҡа¶ҙа·Ҹඩුа·Җට а¶ўа¶әරа¶ӯа·Ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа¶ӯа·Ҡа¶ҡරа¶ұа·” а¶Ҫа·җබ а¶Үа¶ӯ.а¶ёа·җණිа¶ҡа·Ҡ а¶…а¶ҙа¶ұа¶әа¶ұа¶әа·ҡ а¶Ҝа·“ а¶…а¶ә а¶ҡа·ҷරа·ҷа¶ұ а·ға·’а¶әа¶әට а¶Ҝа·Ға¶ё 5 а¶ҡ а·ға·ҡа·Җа·Ҹ а¶ңа·Ҹа·ға·Ҡа¶ӯа·”а·Җ а·Җа·ҷа¶ұа·”а·Җට а¶ұа·Җ බа¶Ҝа·Ҡа¶Ҝа¶ҡа·Ҡ а·„а¶ұа·Ҡа¶іа·”а·Җа·Ҹ а¶Ҝීමට а¶…а¶°а·’а¶ҡа·Ҹරිа¶ә а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡа·… а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа·ҡ,  а¶ёа·җණිа¶ҡа·Ҡ а¶…а¶ҙа¶ұа¶әа¶ұа¶ҡරුа·Җа¶ұа·Ҡ а¶ңа·ҡ а·ға¶Ӯа¶ңа¶ёа¶ә а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а·„а¶ёа·”а·Җа·“ а¶ұа·Җ බа¶Ҝа·Ҡа¶Ҝа·ҷа¶ұа·Ҡ а¶…а¶ҙа¶ұа¶әа¶ұа¶ҡරුа·Җа¶ұа·Ҡට а¶ёа¶ӯа·”а·Җа¶ұ а¶ңа·җටළු а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа·Ҹ а¶Ҝа·“ а¶ӯිබа·ҡ.а¶ёа·ҷа¶ё а¶ұа·Җ බа¶Ҝа·Ҡа¶Ҝ а·„а¶іа·”а¶ұа·Ҡа·Җа·Ҹ а¶Ҝа·“ а¶Үа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶…а¶°а·’а¶ҡа·Ҹරිа¶ә а¶…а¶әа¶ӯа·Ҡ а·Җа¶ұ а¶ҙරිа·ғර а·„а·Ҹ а¶ёа·„а·Җа·җа¶Ҫа·’ а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶Ӯа·Ға¶әа·ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а·Җа¶ұ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯ‍а·Ҡ‍රිа¶ҙа·Ҹа¶Ҫ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹට а¶ҙа·Җа·Ҹ а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·“а¶ёа¶ҡа·’а¶ұа·Ҡ а¶ӯа·ңරа·Җ а¶әа·җа¶әа·’ а¶Ҝ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа·Җа·ҡ.а¶ёа·ҡ а¶ҙිළිබඳа·Җ а¶…а·Җа¶°а·Ҹа¶ұа¶ә а¶әа·ңа¶ёа·” а¶ҡа·… а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ёа·җණිа¶ҡа·Ҡ а·„а·Ҹ а·ға·Ҡа·Җරа·Ҡණа·Ҹභරණ а¶…а¶°а·’а¶ҡа·Ҹරිа¶әа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹට а·ға·„ එහි а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶ўа¶ұරа·Ҹа¶Ҫа·Ҡ а·Җරа¶әа·Ҹට а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡа·Җа¶ұ а¶Ҫа·ҷа·ғ а¶Ҝа¶ұа·Ҡа·Җа·Ҹ а¶Үа¶ӯа·җа¶әа·’ а¶…а¶°а·’а¶ҡа·Ҹරිа¶әа·ҡ а¶Ҷරа¶Ӯа¶ а·’ а¶ёа·Ҹරа·Ҡа¶ң  а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡරа¶әа·’.а¶’ а¶…а¶ұа·”а·Җ එහි а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’  а¶ҡа·’а¶ӯа·Ҡа·ғිරි а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а·ға·„ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶ўа¶ұරа·Ҹа¶Ҫа·Ҡ а¶ёа·„а·ҡа·Ӯа·Ҡ а¶ңа¶ёа·Ҡа¶ёа¶ёа·Ҡа¶ҙа·’а¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡ а·Җа·“ а¶Үа¶ӯа·’ а¶…а¶ӯර а¶ҙа·ҡа·Ӯа¶Ҫ а¶ўа¶әරа¶ӯа·Ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа¶ӯа·Ҡ а¶ҡර а¶Үа¶ӯа·Ҡа¶ӯа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶ӯа¶ұа¶ӯුර а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·’.  
රටටම а·Җа¶ӯුර а¶Ҝа·ҷа¶ұ а·Җа·җඩа·ғටහа¶ұ а¶ҡඩිа¶ұа¶ёа·Ҡ а¶ҡරа¶әа·’
0
රට а¶Ҷа¶ҙа·ға·Ҡа·ғට а¶…а¶Ҝа·’а¶ұ а¶ҙරа¶ңа·җа¶ӯа·’  а¶ёа·ҷа·„а·ҷа¶әа·”а¶ёа·Ҡ а¶ҙරа¶Ҝа·Җа¶ёа·” -а¶әа¶ұ а¶ӯа·ҡа¶ёа·Ҹа·Җ а¶әටа¶ӯа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұ එа¶ҡа¶ёа·”а¶ӯа·”а·Җ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а¶ҡа·… а·Җа·’а·Ға·ҡа·Ӯ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶ёа·”а·…а·”а·Җ а¶ҡа·ңළඹ а·ға·”а¶ңа¶ӯа¶Ҝа·Ҹа·ғ а¶ңа·ҳа·„а·ға·Ҡථ а¶ҡа·Ҡ‍රිඩа·Ҹа¶Ӯа¶ңණа¶әа·ҡа¶Ҝа·“ а¶…а¶Ҝ а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җිණ.а¶’ а·ға¶Ҝа·„а·Ҹ  බа·ңа¶Ҝුබа¶Ҫ а·ға·ҡа¶ұа·Ҹ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶ҡිරම а·Җа·’а¶ёа¶Ҫа¶ўа·қа¶ӯа·’,а¶Ҷа¶ а·Ҹරа·Ҡа¶ә а¶ёа·җа¶Ҝа¶ңа·ңඩ а¶…а¶·а¶әа¶ӯа·’а·ға·Ҡа·ғ,а¶ёа·җа¶Ҝа¶ңа¶ё а¶°а¶ёа·Ҡа¶ёа·Ҹа¶ұа¶ұа·Ҡа¶Ҝ,බа·ҷа¶Ӯа¶ңа¶ёа·”а·Җа·ҡ а¶ұа·Ҹа¶Ҫа¶ҡ,а¶үа¶ӯа·Ҡа¶ӯа·җа¶Ҝа·ҷа¶ёа¶Ҫа·’а¶әа·ҡ а¶үа¶ұа·Ҡа¶Ҝа·Ҡ‍රа·ға·Ҹර а¶әа¶ұ а·„а·’а¶ёа·’а·Җරුа¶Ҝ а¶Ҷа¶ а·Ҹරа·Ҡа¶ә а¶ңුණа¶Ҝа·Ҹа·ғ අමරа·ға·ҡа¶ҡර,а¶Үа¶ёа·җа¶ӯа·’ а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а·Җීරа·Җа¶Ӯа·Ғ,а¶ёа·„а·Ҹа¶ а·Ҹරа·Ҡа¶ә а¶Ӣа¶ҙа·Ҹа¶Ҫа·’ а¶ўа¶әа·ға·ҡа¶ҡර а¶Үа¶ӯа·”а·…а·” а¶ҙිරිа·ға¶ҡа·Ҡ а¶Ҝ а·ға·„а¶·а·Ҹа¶ңа·“ а·Җа·”а·„.а·Җа·’а¶°а·Ҹа¶әа¶ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·Ҡ‍රමа¶әට а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ҙа·Ҹа¶ӯа·’а·Җ а·ға·„ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹට а·ға·„а·Ҹа¶ә а¶ҙа·… а¶ҡරමිа¶ұа·Ҡ а¶ҡථිа¶ҡа¶әа·қ а·ға¶·а·Ҹа·Җ а¶Үа¶ёа·җа¶ӯа·–а·„.а·Җа·’а¶Ҝа·ҡа·Ғ а¶ҡа·”а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රණ а¶Үа¶ӯа·”а·…а·” එа¶ұа·Ҡ а¶ўа·“ ඕ а¶ұඩ а·Җа¶Ҫට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ҙරිа¶Ҝа·’  රට а¶ёа·ҷа·„а·ҷа¶әа·Җීමට а¶үඩ а¶ұа·ңа¶Ҝа·ҷа¶ұ  а¶¶а·Җ ඔа·Җа·”а·„а·” а¶ҡа·“а·„.   
රටටම а·Җа¶ӯුර а¶Ҝа·ҷа¶ұ а·Җа·җඩа·ғටහа¶ұ а¶ҡඩිа¶ұа¶ёа·Ҡ а¶ҡරа¶әа·’
0
(а·ға·”а¶ўа·’а¶ӯа·Ҡ а·„а·ҡа·Җа·Ҹа¶ўа·”а¶Ҫа·’а¶ңа·ҡ а·ға·„  а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җීරරа¶ӯа·Ҡа¶ұ)а¶ёа·„а¶ўа¶ұ а·ға·Ҹа¶ёа¶ә а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹ а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а·ға¶ұа·Ҡа¶ұа¶Ҝа·Ҡа¶° а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶Ҝа·’а·Җа¶әа·’а¶ұ а¶ҙුරа·Ҹ а¶ҡа·җа¶іа·Җීමට а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а·Җа·’а·ға·’а¶ұа·Ҡ а·Җа·’а·Ға·ҡа·Ӯ а¶Ҷа¶Ҙа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ұа·’а¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡරа¶ұа·” а¶Ҫа·җබ а¶Үа¶ӯ.а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹа¶ңа·ҡ а¶ёа·ҡ а¶Ҷа¶Ҙа·Ҹа·Җ а¶ҙිළිබඳа·Җ а¶ұа·’а¶әа·қа¶ўа·Ҡ‍а¶ә а¶ҡа¶ӯа·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ රа¶Ӯа¶ўа·’а¶ӯа·Ҡ а·ға·’а¶әඹа¶Ҫа·Ҹа¶ҙිටිа¶ә а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶…а¶Ҝ а¶Ӣа¶Ҝа·ҡ  а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡа¶ә .а·„а¶ӯа·…а·’а·ға·Ҡ а·Җа·җа¶ұа·’ а¶…а¶°а·’а¶ҡа·Ҹරිа¶әа·Җа·– а¶ёа·„а¶ўа¶ұ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ а¶Ҷа¶Ҙа·Ҹ а¶ҙа¶ұа¶ӯа·ҡ а¶Ҝа·ңа·…а·ңа·ға·Ҡ а·Җа·җа¶ұа·’ а·Җа¶ңа¶ұа·Ҡа¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡ  а¶ҙа·җа·Җරී а¶Үа¶ӯа·’ බа¶Ҫа¶ӯа¶Ҫ а¶…а¶ұа·”а·Җ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ёа·ҷа¶ё а¶Ҷа¶Ҙа·Ҹа·Җ а¶ұа·’а¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡර  а¶Үа¶ӯ.
රටටම а·Җа¶ӯුර а¶Ҝа·ҷа¶ұ а·Җа·җඩа·ғටහа¶ұ а¶ҡඩිа¶ұа¶ёа·Ҡ а¶ҡරа¶әа·’
0
(සුජිත් හේවාජුලිගේ)පොහොට්ටුවේ රැස්වීමට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට හදිසියක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික, ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය.එතුමා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරියේදී තීන්දු කරාවි යැයි කී දිසානායක මහතා පොහොට්ටුවේ මිත්‍රයන් අපේ ගොඩට ගැනීමට අප අද වගේම හෙටත් උත්සාහ දරන බව ප්‍රකාශ කළේය.අප පළාත් පාලන රාජ්‍යයක් පිහිටුවන බවද ඔහු කීය.දිසානායක මහතා මේ බව පැවැසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (3) පෙරවරුවේ පැවැති එම පක්‍ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.එස්.බී. දිසානායක මහතා එහිදී මෙසේ කීය.මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද මේ මූලස්ථානයේ පිහිටුවූවා. පළමු අපේක්‍ෂක හමුව සුගතදාස ක්‍රීඩාංගනයේදී පසුගිය 29 වැනිදා සාර්ථකව පැවැත්වූවා. අපේ පළමු මහ රැලිය අනුරාධපුරයේදී 10 වැනිදා පවත්වනවා. දුමින්ද දිසානායක එය සංවිධානය කරනවා. 11 වැනිදා නැවත කොළඹ රැස්වීමක් පවත්වනවා. අප දැන් ශක්තිමත්. විපක්‍ෂයේ අපේ මිතුරන් එකතු කර ගන්න අපි විශාල උත්සාහයක් ගත්තා. සාකච්ඡා වට ගණනාවක්  පැවැත් වූවා. නිමල් සුසිල් ඇමැතිවරුන් ඊට මැදිහත් වූණා. ඒ එකතුවට ලොකු බාධා ඇති වුණා. දැන් පක්‍ෂ රැසක් අප සමග එකතු වී සිටිනවා. මහජන පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අපට ආවා. ඒ පක්‍ෂයේ නියෝජ්‍ය නායක ආවා. විමල්ගේ පක්‍ෂයේ දෙවැනියා අපට ආවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය එකතු වුණා. ලංකා සම සමාජ පක්‍ෂයේ ක්‍රියාකාරි කණ්ඩායම පවා එකතු වුණා. වතු කම්කරු කොංග්‍රසයත් අප සමගයි. අතාවුල්ලාගේ හා හිස්බුල්ලාගේ පක්‍ෂ දෙක අප සමග එකතු වුණා. පළාත් පාලන ආයතනයට තරග කරන සන්ධානය අපියි. අපි උතුරු නැගෙනහිර සෑම ආයතනයකටම තරග කරනවා. අතීතයේදී යම් යම් පිරිස් පක්‍ෂයෙන් ගියා. නමුත් පසුකාලීනව නැවත එකතුවෙන්න සිදුවුණා. මහින්ද එක්ක ගියේ කනිෂ්ඨයෝ ටිකක්. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පොහොට්ටුව එක්ක එකතු වෙලා නැහැ. අපි මේ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙනවා.ඡන්දයෙන් පස්සේ පොහොට්ටු පක්ෂයේ අය ශ්‍රී ලනිපයට බැඳෙයි. මහින්ද ඊට පසුව විශ්‍රාම යාවි. ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වීමෙන් ජයග්‍රහණ රැසක් ගත්තා. මේ ඡන්ද ක්‍රමයට යූඑන්පිය පොහොට්ටු පක්‍ෂය විරුද්ධ වුණා. අපියි මේ ඡන්ද ක්‍රමය ගත්තේ. අද සල්ලි නැතිව වුණත් මැතිවණ දිනන්න පුළුවන්. මෙය ලොකු ජයග්‍රහණයක්. මහින්ද පොහොට්ටු රැස්වීමට යෑම ගැන මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දුවක් ගනීවි. ඒකට අපිට හදිසියක් නැහැ. චන්ද කාලවලදී ඔය වගේ දේවල් වෙනවා. අප පළාත් පාලන රාජ්‍යයක් පිහිටුවනවා.තනි ආණ්ඩුවක් හදාගන්න අපේ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් එදා යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් පොහොට්ටුවේ අය ඒකට කැමැති වුණේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ටිකක් පස්සට ගිහින් එතුමාගේම පවුලේ චමල් රාජපක්‍ෂ අපට දෙන්න කිව්වා අගමැති අපේක්‍ෂක හැටියට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මැතිවරණය මෙහෙයවන්න ඉඩ දෙන්න කියලත් අප කිව්වා. ඒකට ඉඩ දෙන්නෙ නැතිව එතුමා එළියට ආවා. ඇවිල්ල සටනට පැමිණියාම වර්තමාන ජනාධිපතිතුමා ටිකක් පස්සට ගියා. ඒ නිසා ඒ මැතිවරණයෙන් අපට බහුතරයක් හම්බ වුණේ නැහැ. කාටවත් ආණ්ඩු පිහිටුවීමේ බලය තිබ්බේ නැහැ. මන්ත්‍රීවරු සල්ලිවලට එහාට මෙහාට උස්සන්න හදපු වෙලාවේ ඒක නැවැත්තුවා. පසුව පක්‍ෂ එකතු වෙලා ආණ්ඩුවක් හදා ගත්තා. ඊට පස්සේ අපි ලෝකය දිනාගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්වාසය දිනා ගත්තා. මුළු යුරෝපයම අපේ පැත්තට ගත්තා.අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් ලොකු වෙනසක් කළා. ජනාධිපතිතුමා එතුමාගේ බලතල අතහැර දැම්මා.පොහොට්ටුවේ අය අපේ ගොඩට ගන්න අපි අද වගේම හෙටත් උත්සාහ දරනවා. ඒ අය අපේ අය. අපේ මිත්‍රයෝ අපේ කිසිම තරහක් නැහැ.මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් දුමින්ද දිසානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
පොහොට්ටු රැස්වීමට ගිය මහින්දට ක්‍රියාමාර්ගයක් ගන්න අපට හදිස්සියක් නෑ
1
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව යන ගමනේදී පක්‍ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (10) පැවසීය.ජනාධිපතිවරණය වැනි ඡන්දයේදී ජයග්‍රහණය ලැබීමට නම් දෙපාර්ශවය එකතු විය යුතුය යන පණිවුඩය දුන්නේ පසුගිය පළාත් පාලන ඡන්දයේදී ඡන්දය දුන් ජනතාව විසින් යැයි ද බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.සියල්ලට වඩා වැදගත් වන්නේ රටත්, ජනතාවත් බැවින් ඒ වෙනුවෙන් කළ නොහැක්කක් නැතැයි ද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙම ගිවිසුමට අත්සන් තැබීම කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (10) පෙරවරු 10.42ට පමණ යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ ද කියා සිටියේය.“මා මෙහිදී ප්‍රථමයෙන් ස්තුති කළ යුතු දෙදෙනෙක් ඉන්නවා. ඒ මෙම අවස්ථාව උදා කළ පුද්ගලයන් දෙදෙනාටයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. ඒ දෙපල නැත්නම් අද මෙය සිදුවන්නේ නැහැ. ඒ දෙපලම මෙම පක්‍ෂ දෙක එකතුකර රට හා ජනතාව දිනවිය යුතුය යන එක මතයක සිටියා. ඒ නිසා මගේ ප්‍රථම යුතුකම ඒ දෙපලට ස්තුති කිරීමයි.මහාචාර්ය හෝ ආචාර්යවරයෙක් නොවුණත් අපේ පක්‍ෂයේ ඉන්න ශබ්ද කෝෂය හා විශ්ව කෝෂය යන දෙක ගැනම දන්නා අයෙක් මගෙන් අද උදේ ප්‍රශ්නයක් ඇහුවා. සිංහල භාෂාවේ ඇලපිලි, පාපිලි, කොම්බු දැමිය නොහැකි අකුර කුමක්ද කියලයි. ඒ මම දන්නේ නැහැ කී විට ඔහු ඒ ‘ඉ’ යන්න බව කීවා. ඔහු ඉන්පසු ඇහුවේ ‘ඉ’ යන්න වගේ සිටි කිසි කෙනෙකුත් සමඟ එකතු වන්නේ නැහැ කී ඔබ කොහොමද අද මේ එකතුවන්නේ කියලයි.එවිට මම කීවේ ඒ හැමදේටම වඩා රටත්, ජනතාවත් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලයි. මේ පක්‍ෂ දෙකේම ඉන්නේ රටට, ජාතියට, ජනතාවට ආදරය කරන පිරිසක්. ඒ වගේම අවංකව කීවොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලධර්මයක් උඩයි. ඒ වෙලාවේ එය අපි බිහිකළා නෙවෙයි ජනතාවගේ ඉල්ලුමක් තිබුණා. බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී.ල.නි.පය බිහි කළ වෙලාවේ කීවේ මම කරන්නේ වින්නඹු කාර්යය විතරයි කියලයි. අපිත් කළේ ඒ වින්නඹු කාර්යය. අපි පොදුජන පෙරමුණ හදන වෙලාවේ රටේ අවශ්‍යතාවක් තිබුණා. රටේ ජනතාවට සිටි අය හදවතින් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් වූ අයට නව ගමන් මාර්ගයක් අවශ්‍ය වුණා. එය ඒ අනුව බිහි වූ පක්‍ෂයක්.අපි ඒ පක්‍ෂය පිහිටුවා ජයග්‍රහණ ලැබුවා. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරම් සංවිධානාත්මක පක්‍ෂයක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම නැහැ. අපි එතරම් ශක්තිමත්. නමුත් පළාත් පාලන ඡන්දයේදී පනස් ලක්‍ෂයක් ඡන්ද ලබාදී දිනවපු ජනතාව අපිට පණිවුඩයක් දුන්නා. ඒ යම් විදියකින් ඉදිරියට යනවා නම් ඔය දෙගොල්ල එකතු විය යුතුයි කියලයි. ජනාධිපතිවරණය වැනි මැතිවරණයකට එනවා නම් තනියම දිනන්න දෙන්නේ නැති බවටත් දිනවන්නේ එකතු වී ආවොත් පමණක් බවටත් ජනතාව එහිදී පැහැදිලි තීන්දුවක් දුන්නා. මේ එකතුවට අපිට මගපෙන්වූයේ ජනතාවයි.අද අපි අවංකව මේ ගැන සතුටු වෙනවා. මේ දෙපැත්තේම විශාල කැප කිරීම් කළ අය ඉන්නවා. ඔවුනුත් අපිත් සිටි මූලධර්මය මේ කැපවූ කිසිම කෙනෙක් වින්දිතයෙක් හෝ අසරණ නොවිය යුතු බවයි. මේ පක්‍ෂ දෙකේ අය ආරක්‍ෂා කිරීම අපේ යුතුකමක්. අපි මෙතෙක් කල් ගතකළේ පහළ මට්ටමේ සාමාජිකයාගේ සිට ඉහළ තනතුරු දක්වාම කිසිම කෙනෙක් වින්දිතයෙක් නොකරන බවට එකඟතාවකට ආ නිසයි. ඒ නිසා අපේ අය හෝ ශ්‍රී.ල.නි.පයේ අය බිය විය යුතු නැහැ. අපි අත්සන් කළේ ඒ සඳහා වන ගිවිසුමකුයි.අපි මෙම තීරණය ගත්තේ ඔබේ දරුවන්ට ජීවත්වීම සඳහා සුරක්‍ෂිත සමෘද්ධිමත් රටක් ඇතිකිරීමේ එකම පරමාර්ථයෙන්. ඒ නිසා වින්දිතයෝ හෝ කිසිම කෙනෙක් අසරණ කිරීමක් සිදුවන්නේ නැහැ. අපේ පළවැනි ආදරය එහෙමත් නැත්නම් ෆස්ට් ලව් එක වගේ අපේ පක්‍ෂයේ නායකයගේ ෆස්ට් ලව් එක මේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. හැම තිස්සෙම මට කියන්නේ මේ ශ්‍රී ලංකා එකේ හැමෝම මට ඡන්දය දුන් අය නිසා ඒ අය අමතක කරන්න එපා කියලයි. හැබැයි මම නම් ටිකක් අපේ පක්‍ෂයට වැඩිපුර ළැදියි. ඒත් අපේ නායකයා මේ කාටත් එක වගේ සලකනවා.මෙහිදී අපි දෙගොල්ලන්ගේම අනන්‍යතාව ආරක්‍ෂා විය යුතුයි. අපි මෙතැන පක්‍ෂ දෙක එකතුවීමක් වුණේ නැහැ. ලංකා සම සමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය සමාන අදහස් ඇති පක්‍ෂ දෙකක් වුවත් අදටත් එකතු වී නැහැ. වෙන්වුණාම එක්වෙන්න අමාරුයි. නමුත් අපේ පක්‍ෂ දෙකටම රටේ තැනක් තිබෙනවා. අපි පක්‍ෂ දෙකම රට වෙනුවෙන් එකතු විය යුතු තැන එකතු වී යමු. අපේ පක්‍ෂ දෙකේ ශක්තිය එකතු කර රට දිනවීම සඳහා කරන පළමු කාර්යය ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනපතිවරයා බවට පත්කිරීමයි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.“අද මේ රටේ ඓතිහාසික දිනයක්. අපේ පක්‍ෂය 1956 විප්ලවයත් සමඟ මේ රටේ විශාල වෙනසක් කළ පක්‍ෂයක්. ඉන්පසු වමේ ප්‍රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ආරක්‍ෂා කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් මේ පක්‍ෂය ඉදිරියට ගෙන ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා රටට නිදහස අරන් දුන්නා. පක්‍ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන මහතා රටට නැවත ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස ලබාදුන්නා.අපි අතර ඇතිවූ ප්‍රශ්න ගැටලු නිසා වෙන්වී පක්‍ෂ දෙකක් විදියට ඉදිරියට ගියා. අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාස කිහිපයක් ඇතුළත ශක්තිමත් වී අපේ පක්‍ෂය තුන්වන බලවේගය බවට පත්වුණා. නමුත් අපි සියලු දෙනා පෙනී සිටියේ එක් මතයක් වෙනුවෙන්. අපි දේශමාමක බලවේගවලට ගරුකළා. මව්බිමට තිබූ ආදරය පාවා දුන්නේ නැහැ. ඒ නිසා අපට එකතු වෙන්න ලේසියි. මේ වෙන්වීම තුළ ගම්වල එකම පවුලේ අය දෙකට බෙදුණා. සමහරු තවමත් ඉන්නේ බෙදුණු මනසින්.මේ එකතුවීමට ශක්තිය දුන්නේ මහා සංඝරත්නය ඇතුළු ජාතික බලවේගයි. ඒ නිසා පසුගිය කාලයේ අපි අපේ පක්‍ෂය ශක්තිමත් කරන්න ආරක්‍ෂා කරගන්න විශාල වෙහෙසක් දැරුවා. ඒ වෙනුවෙන් මටත් විවිධ ප්‍රකාශ කරන්න සිදුවුණා. ඒ සියල්ල කළේ මේ පක්‍ෂය රැක ගන්නයි. සමහරු හිතුවේ මම මෙය එ.ජා.පයට ඇදගෙන යන්න හදනවා කියලයි. ඒත් මම කලබල නොවුණේ මා කරන දේ දැන සිටි නිසයි. පක්‍ෂය ආරක්‍ෂා කිරීමත්, ලද පළමු අවස්ථාවේ එ.ජා.පය පරාජ කිරීමත් කළ යුතු බව මා දැන සිටියා. ඒ සඳහා කටයුතු කළා. ඒ සියල්ල කළේ රටටත්, ජාතියටත් ඇති ආදරය නිසයි. ඒ ක්‍රියාදාමය තුළ සමහරු අපිව ද්‍රෝහීන් ලෙස හැඳින්වූවා. නමුත් අපි අදත් මේ මහපොළවේ සිටගෙන ඉන්නේ මෙයට ඇති ආදරය නිසයි. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් ඉදිරි ජනාධිපතිවරණයට ජාතික බලවේග විසින් ඉදිරිපත් කළ නායකයාට සහය දීමට තීරණය කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජපක්‍ෂවරුන්ගේ පවුලේ වුවත් ඔහු දේශපාලනය අතින් ගත් කෙනෙක් නෙවෙයි. විද්වතුන්, දේශමාමක බලවේග අතරින් බිහිවූ අයෙක්. මේ සටනේදී ශ්‍රී.ල.නි.පය සිටගත යුත්තේ කොහේදැයි සිතන්න වුණා. සමහරු තනිව තරඟ කළ යුතු බව කීවා. සමහරු පොදුජන පෙරමුණ සමඟ එකතු වෙමු කියද්දී තවත් අය එ.ජා.පයට එකතු විය යුතු බවත්, ඇතැමුන් නිහඬව සිටිය යුතු බවත් කීවා. නමුත් අපිට නිහඬව ඉන්න බැහැ.ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ ආශීර්වාදයත් සමඟ මධ්‍යම කාරක සභාවේත් දේශපාලන මණ්ඩලයේත් ආශීර්වාදය ඇතිව දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කළා. ප්‍රතිපත්ති 27ක් සහිත හොඳ ප්‍රතිපත්ති මාලාවක් හැදුවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවක් හදාගැනීමේ අපේ ආණ්ඩුවකට අපි මුලින් එකඟ වුණා. සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. මේ ගමන ලේසි වුණේ නැහැ. අපේ පාක්‍ෂිකයින් අපි පක්‍ෂය පාවාදුන් බව කල්පනා කිරීම හොඳ නැහැ. අපේ පක්‍ෂය අපි පාවා දෙන්නේත් නැහැ. පක්‍ෂයත්, රටත් රැකගෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමේ ගමනයි අපි මේ යන්නේ.මෙය ඉතා අමාරු ගමනක්. නමුත් පක්‍ෂය දියවෙන්න දෙන්නේ නැහැ. අපි පක්‍ෂය ශක්තිමත් කිරීමේ වගකීමත් දැරිය යුතුයි. වුණත් ඒවාට සවන් දුන්නා. ජනාධිපතිවරණයෙන් පසු අපි ඉදිරි මැතිවරණවලට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයෙන් පුටුව ලකුණ යටතේයි. දැන් අපි අපේ පාක්‍ෂිකයින් සාමකාමී කර එක්ව ගමනක් යා යුතුයි. අපි බෙදුණොත් පරදින්නේ අපි නොව රටයි. ඒ නිසා කිසිම අවස්ථාවක එ.ජා.පයට ඕනෑ විදියට මේ ගමන නැවැත්වීම නොකළ යුතු බව අපි අපේ පාක්‍ෂිකයන්ට අවබෝධ කර දිය යුතුයි. අපි පක්‍ෂ දෙකම එකතු කර දිස්ත්‍රික් සංවිධාන, ආසන සංවිධාන සහ ජාතික කමිටුවක් ඇතිකරනවා. අපේ ජනපතිවරණ ප්‍රතිඵලය ලෙස ලක්‍ෂ 50ත් ලක්‍ෂ 15ත් එකතු වී ලක්‍ෂ 65ක් ලැබේවි. නොවැම්බර් 16 වැනිදා අපේ අපේක්‍ෂකයා මේ රටේ ජනපති කරලයි මේ සටන අවසන් කරන්නේ.නැදගමුවේ විජයමෛත්‍රී නා හිමියෝ ද මෙහිදී අනුශාසනාවක් කළහ.ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්,  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පොදුජන පෙරමුණේ පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, නිමල් ලන්සා, පවිත්‍රා වන්නිආරච්චි, තිලංග සුමතිපාල, නිශාන්ත මුතුහෙට්ටිගම, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වයේ ජනතා නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
පොහොට්ටු රැස්වීමට ගිය මහින්දට ක්‍රියාමාර්ගයක් ගන්න අපට හදිස්සියක් නෑ
0
(නිමල කොඩිතුවක්කු)රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජනබලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (06) පැවසීය.ප්‍රජාතන්ත්‍ර විරෝධී සියලු බාධක පරාජය කරමින් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් රටම දිනවන වැඩපිළිවෙලක් දියත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශී කර ජාතික අවශ්‍යතාවයන් සපුරාලමින්  රටම බලගන්වා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බවද ඔහු පැවසීය.සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැති සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භය සනිටුහන්  කිරීම සහ සමගි ජන බලවේගයේ නිල ජංගම දුරකථන යෙදුවුම ජනගත කිරීමේ  උත්සවයේ ප්‍රධාන ආරාදිතයා ලෙස  එක්වෙමිණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.          “සමගි ජනබලවේගයේ  අපි හරීන් ප්‍රනාන්දු මහතාගේ නිර්මාණයක් තුළ අපගේ මැතිවරණ ව්‍යාපාරය  නව මානයකින් ආරම්භ කරලා තියෙනවා.  දුරකථනයෙන් තරඟ කරන සමගි ජනබලවේගය  මේ රටේ සම්ප්‍රදානුකූල, යල්පැනගිය දේශපාලන රාමුවෙන් පිට පැනලා රට මුහුණ දෙන නව අභියෝග වලට  විසඳුම් සෙවීමට අලුත් ගමනක් ආරම්භ  කරලා තියෙනවා.දුරකථනයෙන් තරඟ කරන අපි අපේ ගමනේ ප්‍රධානතම තේමා පාටය විදියට සද්ජාතිකත්වය විදියට හඳුන්වාදෙනවා. මේ රටේ  සුවහසක් ජනතාවට සද්ජාතිකත්වය හරහා සියලු දෙනාම ජයග්‍රහණය කරන ජාතික ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා.අපේ රට සිංහල බෞද්ධ  බහුතරයක් ඉන්න  රටක්. බුද්ධාමට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුවිශේෂී  ස්ථානයක් ලබාදී තිබෙනවා. එය ආරක්ෂා කරමින් සෙසු ආගම් සෙසු ජාතින් සදහා නිවැරදි  ආරක්ෂාවක් ලබාදිමේ ජාතික වගකීමක් තිබෙනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ සඳහන් කරලා  තියෙනවා.මේ වැඩපිළිවෙල  තුළ අපි පැහැදිලිවම ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය, ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම  හෙළා දකිනවා විතරක් නෙමෙයි අපේ මාතෘභූමිය තුළ  එවන් ක්‍රියාවන් සිදු නොකරන තැනට අපි වගබලාගන්නවා.සද්ජාතිකත්වය තුළ  සද්භාවයෙන් නිවැරදි චින්තනයක් ඔස්සේ අපේ රට තුළ දේශාභිමානය  ආරක්ෂා කරමින් වෙනත් කිසිම ජාතියකට, ආගමකට එදිරිවාදිකම් නොකර සැබෑ ඒකිය මාතෘභූමියක් තුළ  ජාතික ආරක්ෂාව සුරකිමින් සහෝදරත්වය සංහිදියාව තුලින්  මාතෘභූමිය සුරකින නව ගමනක් ආරම්භ කරනවා. මේ  සද්ජාතිකත්වය තුළ ආර්ථික සෞභාග්‍ය, සමාජීය ශක්තිය, දේශපාලන සිවිල් අයිතිවාසිකම්  සංස්කාතික, ආගමික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න අපි බැදි සිටිනවා.සද්ජාතිකත්වය තුළ වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එම වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන නීති විරෝධී ක්‍රියාවන් හැටියට හඳුන්වන එවන් ක්‍රියාවල යෙදෙන අය අපි නීතිය හමුවට ගෙනයාමට කටයුතු කරනවා.අපේ  රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවිට එහි ප්‍රමුඛතම කාරණාව වන්නේ මිලිටරි ආරක්ෂාවයි. මිලිටරි ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා රට  සුරකින ආරක්ෂක අංශ ධනාත්මක මානසිකත්වයකින් නවීන උපාංග හා නවීන පුහුණු රටාවන් තුලින් ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් අපි නිර්මාණය කරනවා.ජාතික ආරක්ෂාව අප විග්‍රහ කරන ආකාරයට එය මිලිටරි ආරක්ෂාවට පමණක් සීමා වෙන්නේ නැහැ. අපි  රටක් විදියට ආර්ථික ආරක්ෂාව, දේශපාලන ආරක්ෂාව, සමාජිය ආරක්ෂාව  දෙස බැලිය යුතුයි.  අපි හදුන්වන සද්ජාතිකත්වය තුළ ජාතික ආරක්ෂාවේ  පැතිකඩ ගණනාවක් තිබෙනවා. අප නිර්මානය කරන සද්ජාතිකත්වය  තුළ සැබවින්ම  ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා.අද  වනවිට අපේ රටේ ආර්ථික ආරක්ෂාව පලුදුවෙලා තියෙනවා. ආර්ථිකය කඩාවැටීම තුළ සමාජ ආරක්ෂාවත් හීන වෙලා තියෙනවා. මේ නිසා දේශපාලන ආරක්ෂාවත් අද රට තුළ ක්ෂය වෙමින් පවතිනවා. ආර්ථික ආරක්ෂාව තහවුරු කරන්නනම් අපේ රටේ කඩා වැටුනු ආර්ථිකය අපි ගොඩනැගිය යුතුයි. ඒ සඳහා රටේ ජනතාවගේ  ජනජිවිතය සුඛිත මුදිත කළ යුතුයි.අක්‍රිය  වූ ආර්ථික චක්‍රය  නැවතත් සක්‍රීය කිරීම සඳහා ජනතාව අතට මුදල් ලබාදිය යුතුයි. ඒ මුදල්  ලබාදීම තුළින් නිර්මාණය වන ඉතිරිකිරීම,  පාරිභෝජනය, ආයෝජනය  යන ආර්ථික ක්‍රියාවන් තුළගරා වැටුණූ  ආර්ථිකය නැවත වරක්  ශක්තිමත් ස්ථාවරයට ගෙනඒට අපට හැකිවෙනවා. ඒ සඳහා නව ආර්ථික ක්‍රමෝපායන් අනුගමනය කිරීමට අපි අදහස් කරනවා.  මෙම ක්‍රමවේදයන් අනුගමනය  කරමින් වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටින්නට අපි අදහස් කරනවා.අපේ උපායමාර්ගික සැලැස්මවල් තුල ප්‍රධානතම  අරමුන වන්නේ ජාතික අවශ්‍යතාවයන් සපුරාලිමයි. මේ මගින්  මුලු රටම බලගන්වලා සියලුම ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශි කරලා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා.  සැමට සෞභාග්‍යය හිමිවන සමාජ සාධාරණත්වය  උදාකරන මාතෘභූමියක්  නිර්මාණය කිරීම සද්ජාතිකත්වය පෙරදැරිකරගෙන  ඉදිරියට යන අපගේ ඒකායන ගමන් මාර්ගයයි.මහජන හමු දහසක් තුළින් අපි මේ වැඩසටහන රටපුරා ගෙනයනවා. මේ මගින් අපි  අසමසම  ජනබලවේගයක් නිර්මානය කරනවා.  ජන සවියෙන් අපි විශිෂ්ඨ ජයග්‍රහනයක් කරා අපි මේ ගමන මෙහෙයවනවා.සාම්ප්‍රදායික මාධ්‍ය තුළ අපිට නොලැබෙන ඉඩ නවීන තාක්ෂණය ඔස්සේ ලබාගෙන නව තාක්ෂනය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් අපි කටයුතු කරනවා. ඒ සඳහා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පිරිසක් කටයුතු කරනවා.එක කණ්ඩායමක් කෘතිමව ඔක්සිජන් ලබාදීලා ඉහළට  ඔසවන්නට යන යුගයක ජන ප්‍රජාව ඒකාබද්ධ කරගත්  නවීන ක්‍රමවේදයන්  මගින්  ජනතාව සමඟ අත්වැල් බැඳගෙන   ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින්  සමගි ජනබලවේගය රටම දිනවන  ගමන් මාර්ගය බවට අපි පත් කරගන්නවා” යැයිද ඔහු එහිදි සඳහන් කළේය.
‘‘සියලුම බලවේග සමඟ එක්ව මැතිවරණය ජයග්‍රහණය කරනවා‘‘
1
(***නිමල කොඩිතුවක්කු)රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජන බලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (6) පැවැසීය.ප්‍රජාතන්ත්‍ර විරෝධී සියලු බාධක පරාජය කරමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් රටම දිනවන වැඩපිළිවෙළක් දියත් කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශී කර ජාතික අවශ්‍යතා සපුරාලමින්  රටම බලගන්වා සද්දන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ද ඔහු පැවැසීය.සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැති සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භය සනිටුහන්  කිරීම සහ සමගි ජන බලවේගයේ නිල ජංගම දුරකතන යෙදවුම ජනගත කිරීමේ  උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස  එක්වෙමිණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.“සමගි ජන බලවේගයේ  අපි හරීන් ප්‍රනාන්දු මහතාගේ නිර්මාණයක් තුළ අපගේ මැතිවරණ ව්‍යාපාරය  නව මානයකින් ආරම්භ කරලා තියෙනවා.  දුරකතනයෙන් තරග කරන සමගි ජන බලවේගය  මේ රටේ සම්ප්‍රදායානුකූල, යල්පැනගිය දේශපාලන රාමුවෙන් පිට පැනලා රට මුහුණ දෙන නව අභියෝගවලට  විසඳුම් සෙවීමට අලුත් ගමනක් ආරම්භ  කර තියෙනවා.දුරකතනයෙන් තරග කරන අපි අපේ ගමනේ ප්‍රධානතම තේමා පාඨය විදියට සද්ජාතිකත්වය විදියට හඳුන්වා දෙනවා. මේ රටේ  සුවහසක් ජනතාවට සද්ජාතිකත්වය හරහා සියලු දෙනාම ජයග්‍රහණය කරන ජාතික ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා.අපේ රට සිංහල බෞද්ධ  බහුතරයක් ඉන්න  රටක්. බුද්ධාගමට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුවිශේෂී  ස්ථානයක් ලබාදී තිබෙනවා. එය ආරක්ෂා කරමින් සෙසු ආගම් සෙසු ජාතින් සඳහා නිවැරැදි  ආරක්ෂාවක් ලබාදීමේ ජාතික වගකීමක් තිබෙනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා  තියෙනවා. මේ වැඩපිළිවෙළ  තුළ අපි පැහැදිලිවම ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය, ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම  හෙළා දකිනවා විතරක් නෙමෙයි අපේ මාතෘ භූමිය තුළ  එවන් ක්‍රියා සිදු නොකරන තැනට අපි වගබලාගන්නවා.සද්ජාතිකත්වය තුළ  සද්භාවයෙන් නිවැරැදි චින්තනයක් ඔස්සේ අපේ රට තුළ දේශාභිමානය  ආරක්ෂා කරමින් වෙනත් කිසිම ජාතියකට, ආගමකට එදිරිවාදිකම් නොකර සැබෑ ඒකීය මාතෘ භූමියක් තුළ  ජාතික ආරක්ෂාව සුරකිමින් සහෝදරත්වය සංහිඳියාව තුළින් ස්වෛරී මාතෘ භූමිය සුරකින නව ගමනක් ආරම්භ කරනවා.  මේ  සද්ජාතිකත්වය තුළ ආර්ථික සෞභාග්‍යය, සමාජීය ශක්තිය, දේශපාලන-සිවිල් අයිතිවාසිකම්,  සංස්කාතික-ආගමික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න අපි බැඳී සිටිනවා.සද්ජාතිකත්වය තුළ වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එම වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන නීති විරෝධී ක්‍රියා හැටියට හඳුන්වල එවන් ක්‍රියාවල යෙදෙන අය අපි නීතිය හමුවට ගෙනයාමට කටයුතු කරනවා.අපේ  රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවිට එහි ප්‍රමුඛතම කාරණාව වන්නේ මිලිටරි ආරක්ෂාවයි. මිලිටරි ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා රට  සුරකින ආරක්ෂක අංශ ධනාත්මක මානසිකත්වයකින් නවීන උපාංග හා නවීන පුහුණු රටාවන් තුළින් ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් අපි නිර්මාණය කරනවා.ජාතික ආරක්ෂාව   අප විග්‍රහ කරන ආකාරයට එය මිලිටරි ආරක්ෂාවට පමණක් සීමා වෙන්නේ නැහැ. අපි  රටක් විදියට ආර්ථික ආරක්ෂාව, දේශපාලන ආරක්ෂාව, සමාජීය ආරක්ෂාව  දෙස බැලිය යුතුයි.  අපි හඳුන්වන සද්ජාතිකත්වය තුළ ජාතික ආරක්ෂාවේ  පැතිකඩ ගණනාවක් තිබෙනවා. අප නිර්මාණය කරන සද්ජාතිකත්වය  තුළ සැබැවින්ම  ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා.අද  වනවිට අපේ රටේ ආර්ථික ආරක්ෂාව පළුදුවෙලා තියෙනවා. ආර්ථිකය කඩාවැටීම තුළ සමාජ ආරක්ෂාවත් හීන වෙලා තියෙනවා. මේ නිසා දේශපාලන ආරක්ෂාවත් අද රට තුළ ක්ෂය වෙමින් පවතිනවා. ආර්ථික ආරක්ෂාව තහවුරු කරන්න නම් අපේ රටේ කඩා වැටුණු ආර්ථිකය අපි ගොඩනැගිය යුතුයි. ඒ සඳහා රටේ ජනතාවගේ  ජන ජීවිතය සුඛිත මුදිත කළ යුතුයි.අක්‍රිය  වූ ආර්ථික චක්‍රය  නැවතත් සක්‍රිය කිරීම සඳහා ජනතාව අතට මුදල් ලබාදිය යුතුයි. නිර්මාණය වන ඉතිරි කිරීම,  පාරිභෝජනය, ආයෝජනය  යන ආර්ථික ක්‍රියා තුළ ගරා වැටුණු  ආර්ථිකය නැවත වරක්  ශක්තිමත් ස්ථාවරයට ගෙන ඒමට අපට හැකිවෙනවා. ඒ සඳහා නව ආර්ථික ක්‍රමෝපායන් අනුගමනය කිරීමට අපි අදහස් කරනවා.  මෙම ක්‍රමවේදයන් අනුගමනය  කරමින් වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටින්නට අපි අදහස් කරනවා.අපේ උපායමාර්ගික සැලැසුම්වල ප්‍රධානතම  අරමුණ වන්නේ ජාතික අවශ්‍යතා සපුරාලීමයි. මේ මගින්  මුළු රටම බලගන්වලා සියලුම ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශි කරලා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා.  සැමට සෞභාග්‍යය හිමිවන සමාජ සාධාරණත්වය  උදාකරන මාතෘ භූමියක්  නිර්මාණය කිරීම සද්ජාතිකත්වය පෙරදැරි කරගෙන  ඉදිරියට යන අපගේ ඒකායන ගමන් මාර්ගයයි.මහජන හමු දහසක් තුළින් අපි මේ වැඩසටහන රට පුරා ගෙනයනවා. මේ මගින් අපි  අසමසම  ජන බලවේගයක් නිර්මාණය කරනවා.  ජන සවියෙන් අපි විශිෂ්ට ජයග්‍රහණයක් කරා අපි මේ ගමන මෙහෙයවනවා.සාම්ප්‍රදායික මාධ්‍ය තුළ අපට නොලැබෙන ඉඩ නවීන තාක්ෂණය ඔස්සේ ලබාගෙන නව තාක්ෂණය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් අපි කටයුතු කරනවා. ඒ සඳහා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පිරිසක් කටයුතු කරනවා.එක කණ්ඩායමක් කෘත්‍රිමව ඔක්සිජන් ලබාදීලා ඉහළට  ඔසවන්නට යන යුගයක ජන ප්‍රජාව ඒකාබද්ධ කරගත්  නවීන ක්‍රමවේද  මගින්  ජනතාව සමග අත්වැල් බැඳගෙන   ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින්  සමගි ජන බලවේගය රටම දිනවන  ගමන් මාර්ගය බවට අපි පත්කර ගන්නවා” යැයි ද ඔහු එහිදී සඳහන් කළේය.සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා:“මේ රටේ ප්‍රධානතම පක්ෂය විදිහට සමගි ජන බලවේගය තව මාසයකින් රටේ ආණ්ඩු බලය ලබා ගන්නවා. දිනමු කියන තේමාවෙන් අපි අපේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළා. අපේ අරමුණ රට, ජනතාව, පක්ෂය සහ මැතිවරණය ජයග්‍රහණය කිරීමයි.විද්‍යුත් සහ සමාජ මාධ්‍ය අද මැතිවරණයේ ප්‍රධාන ප්‍රචාරක අංගයක් බවට පත්ව තිබෙනවා. සමහර මාධ්‍ය බොරුව රජ  කරලා බොරුවෙන් පාලකයන් පත් කරගත්තා. මීට එරෙහිව විශාල මාධ්‍ය මෙහෙයුමක් අපට අවශ්‍යව තිබෙනවා.  එහි වගකීම හරීන් ප්‍රනාන්දු මහතාට බාර දීලා අගෝස්තු 6 වැනිදා රටේ අගමැති විදිහට සජිත් ප්‍රේමදාස මහතා පත්කරගැනීමේ කාර්ය භාර්ය අපි මේ විදිහට අද ආරම්භ කළා” යැයි ද ඔහු පැවැසීය.සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා:“තව මාසයකින් රටට නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කරගන්නවා.  අවුරුදු විස්සකට දැක්මක් තියෙන නායකයෙක් ඒ සඳහා අප තෝරාගත යුතුයි. මේ තරගයට තරගකරුවන් දෙදෙනයි.  අවුරුදු 76ක සාම්ප්‍රදායක නායකයෙක් තෝරගන්නවා ද 52ක තරුණ දක්ෂ නායකයෙක් තෝරගන්නවා ද කියන තීරණය අපි  ගත යුතුයි.මාධ්‍යයෙන් පිපුණු පොහොට්ටුව අද කෙහෙල්මලක් බවට පත්වෙලා තියෙනවා. හදවතට කතා  කරන්න පුළුවන් දක්ෂ තරුණ සුදුසුම නායකයා තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ.මහින්ද රාජපක්ෂ අමාත්‍යාංශ ගාණක් පාලනය කරනවා. එතුමා මේ මාස අටටම මුදල් අමාත්‍යාංශයට ගිහින් තියෙන්නේ දෙවතාවක් විතරයි.දිනමු කියන තේමාවෙන් අපි මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, ආර්ථිකය දිනවමු කියලා රටේ සියලුම ජනතාවට ආරාධනා කරනවා.”මෙම අවස්ථාවට සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
‘‘සියලුම බලවේග සමඟ එක්ව මැතිවරණය ජයග්‍රහණය කරනවා‘‘
0
(අංජුල මහික වීරරත්න සහ නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි අඹේවෙල සිට)රාජපක්ෂ ආණ්ඩුව සමයේ අතුරුදන් වූ ඩොලර් කෝටි ගණනක් වූ ජාතික ධනය පිළිබඳව කවුරුන් හෝ අබිරහස් නවකතාවක් ලිවිය යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අඹේවෙලදී පෙරේදා (7) පැවැසීය.ඡුන්ද දායකයන් යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමට බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා රජය කිසිවිටක හොරකම අනුමත නොකරන බව ද කීවේය.එදා වංචා දුෂණ හෙළිකරන විට දුටුගැමුණු රජුට මඩ ගහනවා යැයි කියූ මාධ්‍යය අද යළි උපන්නා ලෙස කටයුතු කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා පැවැසීය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳව අමාත්‍යාංශයට අනුබද්ධ මිල්කෝ (ප‍්‍රයිවට්) ලිමිටඞ්හි අඹේවෙල කර්මාන්තශාලාවේ නවීකරණය කළ කිරිපිටි නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.මෙහිදී අගමැති අතින් කිරි ගොවීන් සඳහා ඇගයුම් තිළිණ ප‍්‍රදානයක් ද සිදුවිය.එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.”පළමුවෙන්ම පදිරිප්පුව ප‍්‍රදේශයෙන් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නර්තන කණ්ඩායමට මම ප‍්‍රශංසා කරනවා. එය සම්ප‍්‍රදායත් නූතන ක‍්‍රමයත් එක්වූ ඉතා හොඳ නැටුමක්. ඒ වගේම යුද හමුදා නර්තන කණ්ඩායමටත් ප‍්‍රශංසා කරනවා. නමුත් මෙම ස්ථානයෙන් ඉක්මනින් පිටව යා යුතු නිසා ඔවුන්ගේ අනෙක් නර්තනාංග බැලීමට නොහැකිවීම අවාසනාවක්.අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා නව ආයෝජන හරහා නවීකරණය වූ මෙම කර්මාන්තශාලාව විවෘත කිරීමට මට ආරාධනා කළා. මෙම කර්මාන්තශාලාව නවීකරණය  කිරීම සඳහා 2008 වසරේ කටයුතු ආරම්භ කළත් ඊට අවශ්‍ය මුදල් ලබාදී මෙම වැඩකටයුතු ආරම්භ කළේ 2015 වසරේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව යටතේයි.මෙම නවීකරණ කටයුතු සිදු නොකළා නම් කිරි විශාල ප‍්‍රමාණයක් අපතේ යාම සිදුවෙනවා. කිරි ගොවීන්ට සිය කිරි නිෂ්පාදනය අලෙවි කර ගැනීමට නොහැකි වෙනවා. මෙම නවීකරණය හරහා දැනට මෙහි තිබෙන කිරි ලීටර් ලක්ෂයක ගබඩා පහසුකමට අමතරව තවත් කිරි ලීටර් ලක්ෂ දෙකක ගබඩා පහසුකමුත් ලැබී තිබෙනවා.මේ හරහා අපේ බටර් නිෂ්පාදනය දිනකට කිලෝග‍්‍රෑම් දස දහසක් දක්වා වැඩිකර ගැනීමේ හැකියාවක් තිබෙනවා. දැනට පවතින ලීටර් 40,000ක ගබඩා පහසුකම් සහිත ටැංකියටත්, ලීටර් 20,000 බැගින් වන ගබඩා ටැංකි හතරටත් අමතරව ලීටර් 40,000ක ගබඩා පහසුකම් සහිත තවත් ටැංකි දෙකක් මෙහි ඉදිකර තිබෙනවා. එම නිසා මෙහි තිබෙන ගබඩා පහසුකම පෙරටත් වඩා වැඩි වී තිබෙනවා.ඒ වගේම පාස්චරීකරණ යන්ත‍්‍රයේ දැන් ක‍්‍රියාකාරීත්වය පැයකට ලීටර් 15,000 දක්වා වර්ධනය කර තිබෙනවා. ඒ වගේම සෙන්ටිගේ‍්‍රට් අංශක 90 දක්වා අවශ්‍ය උණුසුම සැපයීමේ පහසුකම් දියුණු කර තිබෙනවා. එමෙන්ම කර්මාන්තශාලාවේ වායුසමීකරණ යන්ත‍්‍ර හරහා පැයකට ලීටර් 15,000ක් පාස්චරීකරණය කිරීමේ හැකියාව තිබෙනවා. එසේ නම් මෙය වැදගත් ආයෝජනයක් බවට අපට පෙනී යනවා. මේ ප‍්‍රදේශයේ කිරි ගොවීන්ට එදාට වඩා හොඳ ආදායමක් ලබාගැනීමේ හැකියාව අද උදාවී තිබෙනවා.රජයක් ලෙස අපි ප‍්‍රාග්ධනය ආයෝජනය කරන්නේ වැදගත් දේවල් සඳහා පමණයි. අපේ අරමුණ නාස්තිය නොව රටේ සුභසිද්ධියයි. වල් අලි වාසය කරන ප‍්‍රදේශයක කෝටි 320ක වියදමින් සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ඉදිකිරීම වැනි නොවැදගත් ආයෝජන අප සිදු කරන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවේ රාජපක්ෂ රෙජිමය ඉදිකිරීමේ කටයුතු කළේ තම හෙංචයියන්ට වාසි ලබාදීම සඳහා පමණයි.ඔවුන් හම්බන්තොට වරායට ඩොලර් කෝටි 150ක් ගෙවා තිබෙනවා. නමුත් අපි හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කරනවිට වැඩිම මුදලක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගම් දෙක අතුරින් අප තෝරා ගත්තේ රටට වැඩිම වාසියක් අත්වන පරිදි ඩොලර් කෝටි 140ක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගමයි. නමුත් පසුගිය රජය මෙය ඉදිකිරීමේදී ඩොලර් කෝටි 150ක් වැයකර තිබෙනවා. නමුත් එහි වටිනාකම ඩොලර් කෝටි 140ක් පමණයි. එසේ නම් අතුරුදන් වූ ඉතිරි ඩොලර් කෝටි 10 හෙවත් රුපියල් කෝටි 1500 පිළිබඳව කවුරුන් හෝ අභිරහස් නවකතාවක් ලිවිය යුතුයි.එදා අපි මෙම වංචාව පෙන්වා දෙන විට ලංකාවේ මාධ්‍ය අප ද්‍රෝහීන් යැයි පැවැසුවා. අපි දුටුගැමුණු රජ්ජුරුවන්ට මඩ ගහනවා යැයි පැවැසුවා. නමුත් දැන් ලංකාවේ තිබෙන්නේ යළි උපන් මාධ්‍යයක්. හොරකම් කිරීම අනුමත කරන්නේවත් අනුමත කිරීමට වුවමනාවක්වත් අපට නැහැ. අපේ ඡන්ද දායකයන් අපට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමටයි. අපේ ඇමැතිවරුන්ට හොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා නොතිබුණත් අවශ්‍ය අවස්ථාවල ලංකාවේ පළමු වතාවට කොමිෂන් සභා ඉදිරියට ගොස් සාක්ෂි දෙන ලෙස අප පැවැසුවේත් එම නිසා බව මම විශේෂයෙන් මේ අවස්ථාවේ කියන්න කැමැතියි.නවීන් දිසානායක ඇමැතිතුමාත් පැවැසූ පරිදි අප මේ රට භාර ගන්නාවිට රටේ ආර්ථිකය පැවැතියේ විශාල අර්බුදයකයි. පසුගිය රජය වතුර ඉල්ලූ දරුවන් මරා දැම්මේ පඩි වැඩි කිරීමට ඉල්ලූ සේවකයන්ට වෙඩි ප‍්‍රහාර එල්ල කළේ එම ආර්ථික ආර්බුදය පිළිබඳව ඔවුන් දැනගෙන සිටි නිසයි. ඔවුන් එදා උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව උපවාස කළ පුද්ගලයන්ට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළා. අප බලයට පත්වී ඒ සියලූ දේ වෙනස් කළා. අප ජනතාවට සහන ලබාදෙමින් නිවාස ව්‍යාපෘති ලබාදීමට පියවර ගත්තා. මේ වනවිට අප වතුකරයේ නිවාස 16,000ක් ඉදිකරමින් සිටිනවා. ඒ වගේම තවත් නිවාස 14,000ක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ගිය වසරේ ලක්ෂ 20ක් දක්වා වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබුණා. එම සංචාරකයන් විශේෂයෙන් මේ ප‍්‍රදේශවලට පැමිණෙනවා. අප මෙවැනි විශාල දියුණුවක් කරා රට ගෙන ගියා. අප රටේ අධ්‍යාපනයට යොදවන මුදල් ප‍්‍රමාණය වැඩිකරමින් වසර 13ක පාසල් අධ්‍යාපනය අප අනිවාර්යය කළා. ඒ වගේම මේ ප‍්‍රදේශය තුළ උසස් පෙළ විභාගය සඳහා විද්‍යා අංශයෙන් ඉදිරිපත්වන ළමුන්ට ද්‍රවිඩ මධ්‍ය මහා විද්‍යාල 25ක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මූලික ආහාර වර්ග සාධාරණ මිලක් යටතේ ලබාදීමටත් අප දැන් කටයුතු කරමින් සිටිනවා. මේ සියලූ දේ දීර්ඝකාලීනව ඉදිරියට ගෙන යාමට නම් අපට ශක්තිමත් ආර්ථියක් අවශ්‍ය වෙනවා. අප 2015 දී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ එම ශක්තිමත් ආර්ථිකය ගොඩ නැගීම සඳහායි.මීට පෙර ශ්‍රී ලංකාවට තිබුණේ ණය බරින් මිරිකුණු ආර්ථිකයක්. එම ණය ප‍්‍රමාණය කෙතරම් ද කියනවා නම් රාජපක්ෂ රෙජිමය ණය ලබාදෙමින් හොඳට කෑවා. ඒ කෑම වමනෙ කළාම රටටම ඒක සුද්ධ කරන්න වෙලා තියෙනවා. ඔවුන් ණය බර පරම්පරා තුනකට ඉතිරි කළා. නමුත් අපේ පරම්පරාවේදීම මේ ණය ගෙවා අවසන් කිරීමට අප තීරණය කර තිබෙනවා. සෑම දෙමවුපියකුගේම අරමුණ තමන් ලබාගත් ණය තමන්ගේ දරුවන්ට ගෙවීමට ඉඩ නොදී තමන් විසින්ම ගෙවා අවසන් කිරීමයි. අන්න ඒ නිසයි අප ලබාගත් ණය අපේ කාලයේදීම ගෙවා දැමීමේ අරමුණ ඇතිව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එක්ව මම ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ.මේ ණය ගෙවීම පරක්කු කරමින් එය තවත් පරම්පරා කිහිපයකට ඉතිරි කරමින් පක්ෂ අතර ගැටුම් ඇතිකර ගනිමින් බලයේ සිටීමේ හැකියාව අපටත් තිබුණා. අප ආණ්ඩුව භාරදුන් 2005x2014 කාලය තුළ මෙ රටේ සම්පූර්ණ ණය ප‍්‍රමාණය 233% කින් වැඩි වී තිබෙනවා. නමුත් රටේ ආදායම පහළ බැස තිබුණා. අවසානයේ ණය පියවීම සඳහා රටේ ආදායම ප‍්‍රමාණවත් වුණේ නැහැ. 2013 වසරේදී රටේ ණය පියවීම සඳහා රුපියල් කෝටි 1147ක් අවශ්‍යව තිබුණා. නමුත් ඒ වනවිට රටේ ආදායම රුපියල් කෝටි 130ක් පමණයි. ණය පියවීමට, රටේ එදිනෙදා වියදම් සඳහා ප‍්‍රාග්ධනය ආදිය සඳහා රට තුළ මුදල් තිබුණේ නැහැ. ඔවුන් ඉක්මන් ජනාධිපතිවරණයකට එළැඹුණේ මෙම ගැටලූ නිසායි.නමුත් මේ රට භාරගැනීමෙන් පසුව අප ඉතා අමාරුවෙන් රට ඉදිරියට ගෙන ගියා. 2016 දී ණය ගෙවීම සඳහා අපට රුපියල් බිලියන 1353ක් අවශ්‍ය වුණා. එම වසර තුළ අප ගනු ලැබූ පියවර සහ කි‍්‍රයාමාර්ග හේතුවෙන් රටේ ආදායම රුපියල් බිලියන 1681ක් දක්වා වර්ධනය වුණා. එසේ නම් අඩුම තරමින් එම වසරේදී රටේ ආදායමෙන් ලබාගත් ණය පියවීමට හෝ හැකියාව තිබුණා. අපට වැට් වැඩි කිරීමට ද සිදුවුණා. ඒ වගේම බදු එකතු  කරන්නන්ගේ කණ්ඩායම වැඩි කිරීමට සිදුවුණා. ඒ හරහා ඉන්ධන මිල අඩුකිරීමේ හැකියාව අපට තිබුණා. නමුත් බොහෝ අය පැවැසුවේ ඉන්ධන මිල අඩු නොකර ඉන් ලැබෙන ආදායම ණය පියවීම සඳහා යොදවන ලෙසයි. නමුත් අප ජනතාවට ඉන්ධන සහනය ලබා දුන්නා. වැටුප් වැඩිනොකර එම මුදල් ණය පියවීම සඳහා යොදවන ලෙස ඇතැමුන් පවසද්දී අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා.ඉන්ධන මිල අඩු කිරීමෙන් අපේ ආදායම පහත බැස්සා. වැටුප් වැඩිකිරීම හරහා අපේ වියදම් ඉහළ ගියා. නමුත් ජනතාවට සහන ලබාදෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ ශක්තිය අප සතු බව අප තීරණය කළා. අප දැන් ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. නමුත් විසඳාගත යුතු තවත් ගැටලූ කිහිපයක් තිබෙනවා. ණය ගෙවීමට, රාජ්‍ය වියදම්, ප‍්‍රාග්ධන ආයෝජනයට ආදී සියලූ දේට අප දැන් මුදල් සොයාගත යුතුයි. 2018 වනවිට අපට ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 260 ලක්ෂයක්. 2016 දී අපට ගෙවීමට තිබුණේ රුපියල් කෝටි 135 ලක්ෂයක්. 2019 සහ 2020 දීත් මෙවැනිම විශාල ණය ප‍්‍රමාණයක් ගෙවීමට අපට සිදුව තිබෙනවා.මේ තරම් විශාල ණය ප‍්‍රමාණයක් ගෙවන්නේ කෙසේ දැයි සිතමින් මෙහි සිටින නෝනා මහත්වරුන්ගේ මුහුණුවල ස්වභාවය දැන් තරමක් වෙනස් වී තිබෙනවා. අප මේ වනවිට ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන්නේ අපේ ආදායම හරහා මෙම ණය ප‍්‍රමාණය ගෙවීමටයි. ඒ වගේම තවත් ගැටලූවක් අපට ඉතිරි වෙනවා. රටේ එදිනෙදා වැටුප් ගෙවීමට, අමාත්‍යාංශ පවත්වාගෙන යාමට, ඉන්ධන, විදුලිබලය ආදී වියදම් ගෙවීමට අපට සිදුවෙනවා. ඇතැම්විට අනාගතයේදී ණය ගැනීමට අපට සිදුවේවි. නමුත් එම ණය නැවත ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි.රට තුළ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. මහාමාර්ග, පාසල් ආදිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ණය අප ලබාගත යුතුයි. නමුත් නැවත එම ණය ගෙවිය යුතුයි. ඒවා ප‍්‍රතිලාභ ලැබෙන වාණිජමය ව්‍යාපෘති නොවෙයි. අප රටේ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් මේ සියලූ දේ සඳහා ලබාගත් ණය පියවීමේ හැකියාව අපට ලැබෙනවා.ආයෝජන, කර්මාන්තශාලා, හෝටල් ව්‍යාපෘති සහ වෙනත් ව්‍යාපාර ආදිය වර්ධනය වී ඒ හරහා රැකියා අවස්ථා වර්ධනය වෙනවා. එවිට ඒ හරහා වර්ධනය වූ සේවක සංඛ්‍යාව සහ එම ආයතන රජයට බදු ගෙවනවිට රටේ ආදායම ඉහළ යනවා. එම නිසා 2028-2029 වන තෙක් රටේ ආයෝජන අවස්ථා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට සිදු කිරීමට තිබෙන්නේ රටේ වෙළඳාම වැඩි කරමින් අප අපනයනය කරන භාණ්ඩ සංඛ්‍යාව ඉහළ දැමීමයි.පසුගිය කාලයේ රටේ අපනයනය පහත බැස තිබුණා. තේ, රබර්, පොල් හැර රටේ අපනයනය සීමා වී තිබුණේ ඇඟලූම්, රබර් සහ ටයර් නිෂ්පාදන සඳහා පමණයි. ජාත්‍යන්තරයෙන් රටට කිසිදු සහනයක් ලැබුණේ නැහැ. නමුත් අපේ ජාතික ආණ්ඩුව යටතේ දැන් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගනිමින් භාණ්ඩ 6000ක් අපනයනය කිරීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා. නව නිෂ්පාදන 6000ක් නොවන අඩුම තරමින් නිෂ්පාදන 50ක් 100ක් අතර සංඛ්‍යාව හෝ අපනයනය කිරීමට හැකියාව තිබෙනවා නම් එය රටේ ආදායමට ප‍්‍රමාණවත්. අපනයන ආදායම වැඩිකරමින් ආයෝජන අවස්ථා වැඩි කිරීමයි අප දැන් සිදුකළ යුත්තේ. අප දැන් එය ආරම්භ කර තිබෙනවා. හම්බන්තොට වරාය හරහා රටට රුපියල් බිලියන 4600ක් අහිමි වුණා. නමුත් හම්බන්තොට වරාය පිළිබඳව වරාය අධිකාරියත් චයිනා මර්චන්ට් සමාගමත් අතර නව ගිවිසුමකට එළැඹුනු නිසා අපට රුපියල් කෝටි 16,500ක් ලැබී තිබෙනවා. හම්බන්තොට වරාය හරහා රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 6600ක්. නමුත් මේ ගිවිසුම නිසා රටට රුපියල් කෝටි 16,000ක ආයෝජනයක් ලැබුණා. මේ ආයෝජන හරහා රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනවා. අපේ ණය ප‍්‍රමාණය අඩුකර ගැනීමටත් අපට හැකිවෙනවා. මෙවැනි ක‍්‍රමානුකූල ආකාරයකට රටේ ආර්ථිකය පාලනය කරමින් ණය ගෙවීමටයි අප බලාපොරොත්තු වන්නේ.රට තුළට ආයෝජන අවස්ථා සීඝ‍්‍රයෙන් රැුගෙන ආ යුතුයි. එම වැඩසටහනට අපේ සම්පූර්ණ ශක්තිය අවධානය යෙදවීමට අප බලාපොරොත්තු වනවා. හම්බන්තොට වරායත් සමග අපට තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා ද ආයෝජන ලැබී තිබෙනවා. වානේ කර්මාන්තශාලාවක් සඳහාත් එල්.එන්.ජී. විදුලි බලාගාරයක් සඳහාත් සිමෙන්ති කර්මාන්තශාලාවක් සඳහාත් නැව් තටාකයකටත් අපට මූලික වශයෙන් ආයෝජන ලැබී තිබෙනවා.මේ වනවිට වයඹ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු අප සූදානම් කරමින් සිිටිනවා. ඒ වගේම කළුතර ප‍්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇති කිරීමටත් අප සූදානම් වෙනවා. මේ ප‍්‍රදේශයත් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු අප සිදුකරනවා. එවිට නුවරඑළිය, බදුල්ල ආදී ප‍්‍රදේශවල ජනතාවටත් මේ ප‍්‍රදේශයට පැමිණ රැකියා ලබා ගැනීමේ හැකියාව ඇති වෙනවා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස ආදී ජනාධිපතිවරුන් කර්මාන්ත කලාප ඇති කළ ආකාරයටම අපත් කර්මාන්ත කලාප ඇති කරමින් විශාල දියුණුවක් ළඟා කරගැනීමට බලාපොරොත්තු වෙනවා. මම එම ජනාධිපතිවරුන් දෙදෙනා යටතේම වැඩ කළා. මම බියගම වෙළෙඳ කලාප තුනක් ආරම්භ කළා. ඒ වගේම සීතාවක, කොග්ගල, පල්ලේකැලේ, හොරණ වෙළෙඳ කලාප අප ඇති කළා. ඇඟලූම් කර්මාන්තය සංවර්ධනය කරමින් කර්මාන්තශාලා 200ක් රට පුරා ඉදිකිරීමට පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට අප සහාය ලබා දුන්නා. එකල කර්මාන්ත ඇමැති ලෙස තවත් කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට මට හැකියාව ලැබුණා. ඒ වගේම රට තුළ නව හෝටල් ව්‍යාපෘති ඇති කිරීමට අප කටයුතු කළා. මේ පළපුරුද්ද මත අප දැන් රට තුළ විශාල දියුණුවක් ඇති කිරීමට සූදානම් වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ජනතාවට ආදායම් ලැබිය හැකි අනෙක් මාර්ග දියුණු කිරීමට අප ඉදිරි වසර 3 කැප කරනවා. ජනාධිපතිතුමාත් මමත් අපේ ඇමැතිවරු සියලූ දෙනාත් මේ වැඩකටයුතු සඳහා එකතු වෙනවා. කිරි ගොවියන්ට හොඳ ගවයන් ලබාදීම එම වැඩපිළිවෙළේ එක් අංගයක්. රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඒ ආශි‍්‍රත ආහාර නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇති කිරීමට අප කටයුතු කරනවා. විශේෂයෙන් වතුකරයේ විද්‍යාලවලින් පිටවන තරුණ තරුණියන්ට තමන් කැමැති රැකියාවක් ලබා දීමට අවශ්‍ය වැඩකටයුතු අප සිදුකරමින් සිටිනවා. එම අනාගතය නිර්මාණය කිරීමයි අප දැන් සිදුකරන්නේ. රටේ අනාගතය සාර්ථක වන්නේ ණය පාලනය කරගැනීම හරහායි. අප මේ වනවිට එය පාලනය කර තිබෙනවා. අනාගතයේදීත් ණය පාලනය සිදුකරමින් ආයෝජන වැඩි කරමින් යළිත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවා යැයි මම මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා. මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ද මම ඔබට ස්තූතිවන්ත වෙනවා.”ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා”මේ කම්හලේ සිහිනය අප වසර ගණනාවක් දුටුවා. කම්හලේ මූලික වැඩ ඇරැුඹුනේ 2008 වසරේදීයි. අතරමග නැවතී නැවත 2014 දී වැඩ ඇරැඹුණා. වසර කිහිපයක් ප‍්‍රමාද වූවත් ජනපති අගමැති මඟ පෙන්වීම යටතේ ඒ කටයුතු ඉක්මන් කරන්න හැකි වුණා.පසුගිය දිනවල කිරි කර්මාන්තය ගැන ප‍්‍රශ්න රැසක් ඇති වුණා. මාස තුනක් ඇතුළත මේ කම්හලේ පිරිපහදු කටයුතු ද අරඹනවාකිරි ගොවියා පැත්තකට දැමූ යුගයක් තිබුණා. රුපියල් 50කට තිබූ කිරි ලීටරය 70ක් දක්වා මිලක් දීමට අපට හැකිවුණා.පසුගිය කාලේ මේ කිරි කර්මාන්තයට සැලසුම් තිබුණේ නැහැ. නමුත් දැන් නවීන සැලසුම් අනුව මිල්කෝ සමාගම අලූත් පියවරක් තබා තිබෙනවා. කම්හලේ සමස්ත නිෂ්පාදනය ලීටර් ලක්‍ෂ තුනකින් පමණ වැඩි කිරීමට අපට හැකි වී තිබෙනවා.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:”මගේ ආසනයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස මිල්කෝ ආයතනය හඳුන්වා දිය හැකියි. මේ ප‍්‍රදේශය කිරි ආර්ථිකය නැංවීමට විශාල රුකුලක් දෙනවා. මේ ආයතනය නොයෙක් මූල්‍ය අර්බුදවලට මුහුණ දුන්නා. කළමනාකරණ අඩුපාඩු වුණා. මා කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නෑ. මේ ආයතන ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණයි. රජයේ මෙන්ම රාජ්‍ය ආයතනවල සිටින සොරුන් ද පන්නා දැමිය යුතුයි. මේ ආයතනය ශක්තිමත් කරන්න උපරිම උත්සාහයක් ගත යුතුයි.අප හමුවේ බැරූරුම් කාර්යයක් තියෙනවා. ඒ කාර්යය ඉටු කළ යුතුයි. විශාල ණය බරක් පියවීමට තිබෙනවා. අපිට ප‍්‍රශ්නවලින් පැන යන්නට හැකියාවක් නැහැ. අපට රට ඉදිරියට ගෙනයාමට පැහැදිලි දර්ශනයක් තිබෙනවා. දේශපාලන ගාම්භීරත්වයක් තිබෙන රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන අපට විශ්වාසයි.කඳුරට නව ගම්මාන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:”සී.බී. රත්නායක මහතාගෙන් පසුව මේ ආයතනයේ ඉතිරි කළ මුදල් විනාශ වුණා. නමුත් පී. හැරිසන් මහතා පැමිණීමෙන් පසු තත්ත්වය හොඳ අතට ආවා. කිරි ගොවියා දියුණු කරන්න එතුමාට ශක්තිය තියෙනවා.ආණ්ඩුව අද හෙට ගන්නවා යැයි මහින්ද රාජපක්‍ෂ කියනවා. හැකිනම් කරන්න. සුළු ජනතා පක්‍ෂ කිසි දිනක ආණ්ඩුව හැර යන්නේ නැහැ. මේ රජය යටතේ අපේ ජනතාවට විශාල මෙහෙවරක් සිදු කරනවා. ජනතාවට ඉඩම් නිවාස ලබාදෙනවා. අපි ඔක්කොම එකතු වෙලා රට හදමු. 2020 වනවිට අප රට හදා පෙන්වන්නම්.”ග‍්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතා ද අදහස් දැක්වීය. මෙම උත්සවයට කිරි ගොවීන් ඇතුළු ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.
’යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන රජයක් හදන්නයි’
1
(අංජුල මහික වීරරත්න)බඩු මිල අඩු කර, වැටුප් වැඩි කරමින්, රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිගහ මන්දිරයේදී ඊයේ (29) පැවැසීය.යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප‍්‍රගතිය 2020 වන විට දැක ගැනීමට හැකියාව ලැබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය බර නැති ශීඝ‍්‍රයෙන් දියුණුවන රටක් අනාගත පරපුරට උරුම කර දෙන බවද අනාවරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ගමින් ගමට - දොරින් දොරට සැමට සෙවණ විසිර නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍ය ආධාර චෙක්පත් ප‍්‍රදානය කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාස ලාභීන් 1100 ක් සඳහා මේ යටතේ විසිරි නිවාස ණය පිරිනැමීම සිදු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.මෙම නිවාස වැඩසටහන යටතේ සැමට සෙවණ විසිරි නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ විශාල පිරිසකට අද නිවාස ඉදිකර ගැනීම සඳහා උපකාර කරනවා. මෙය සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමාගේ විශේෂ වැඩසටහනක් බව කිව යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියාණන් වන රණසිංහ පේ‍්‍රමදාස මහතා මෙරට නිවාස අමාත්‍යවරයා ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ලෙසත් නිවාස ඉදිකිරීමේ වැඩසටහන්, උදාගම් ව්‍යාපාරය, ගම්උදාව ආරම්භ කළා. ඒ වනතුරු මෙරට නිවාස ක්‍ෂේත‍්‍රයෙන් අප බලාපොරොත්තු වූ ප‍්‍රගතිය දක්නට ලැබුණේ නැහැ.රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමන්ගේ අත්දැකීම් ද ලබාගෙන සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා දැන් නිවාස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ සඳහා නියෝජ්‍ය ඇමැතිතුමා ඇතුළු අදාළ ආයතනවල සහයෝගය ලැබෙනවා. මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මා විශේෂ ප‍්‍රශංසාවක් පළ කිරීමට කැමැතියි.මේ වනවිට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට ආධාර උපකාර කර තියෙනවා. එකල අමාත්‍යංශය විසින් නිවාස ඉදිකිරීම් බාරගත්තා. ඒත් ඊට වඩා අඩු වියදමකින් ලාබදායී ආකාරයට ඉදිකර ගැනීම සඳහා අප නිවාස හිමියන්ට මූල්‍ය සහ ද්‍රව්‍ය ආධාර උපකාර ලබා දෙනවා. අද මේ වැඩසටහන් සාර්ථකව කි‍්‍රයාත්මක වන්නේ මේ ක‍්‍රමය අනුවයි.නිවාස යනු ජනතාවගේ මූලික අවශ්‍යතාවක්. තම නමට නිවසක අයිතිය ලබාගැනීම සියලූම දෙනාගේ සිහිනයක් බව කිව යුතුයි. තමන්ගේ නිවසක ජීවත්වීම  මෙන්ම තම දරුවන්ට ද නිවසක අයිතිය ලබාදීම සැමගේම සිහිනයක් වී තිබෙනවා.වර්තමානයේදී ජනතාව වෙනුවෙන් නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට හැකියාව ලැබී ඇත්තේ ඒ සඳහා මූල්‍ය සම්පත් වෙන්කර ගැනීමට හැකියාව ලැබී තිබෙන නිසයි. සම්පූර්ණයෙන්ම රුපියල් කෝටි 2200 ක් පමණ නිවාස ඉදිකිරීම් සඳහා වියදම් කිරීමට හැකිවී තිබෙනවා. මෙය අප අරඹා ඇත්තේ විශාල කාර්යභාරයක් බව කිව යුතුයි.ගංවතුර සහ නාය යෑම නිසා නිවාස අහිමිවූවන් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන්වලට සහභාගීවීමට පසුගිය දිනවල මට අවස්ථාව ලැබුණා. එමෙන්ම ඇල්පිටිය ප‍්‍රදේශයේදී ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගීවීමටත් අවස්ථාව ලැබුණා. ඒ අයුරින්ම උතුරේ නිවාස, වතුකරයේ නිවාස, ග‍්‍රාමීය නිවාස වැඩසටහන් සඳහා ද ආධාර උපකාර ලබාදීමට හැකිවුණා. සෑම දෙනා සඳහාම නිවාස ලබාදීමට ප‍්‍රාග්ධනයක් අවශ්‍යයි. අපේ එක් අරමුණක් වන්නේ එම ප‍්‍රාග්ධනය ලබාදීමයි. ආණ්ඩුව ප‍්‍රාග්ධනය ලබාදුන් පසුව ජනතාවගේ දහඩිය මහන්සිය යොදා නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබෙනවා. අපේ විශාල අවශ්‍යතාවක් තිබුණේ අඩු ආදායම්ලාභීන් සඳහා ප‍්‍රාග්ධනය ලබාදීමයි. අප මේ වර්තමානයේදී ක‍්‍රියාත්මක කරන්නේ ඒ කාරණයයි.වර්තමානයේදී ආණ්ඩුවක් ලෙස අපට ආඩම්බර විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා කියූ ආකාරයට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අප බාරගනිද්දී ලංකාව පුරා කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි යන කාරණය වත් දැනගෙන සිටියේ නැහැ. කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි එහිදී අප සාකච්ඡුා කළා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුල් යුගයේදී අපට උරුම වී තිබුණේ ණය කන්දරාවක් පමණයි.වත්මන් පරම්පරාවට පමණක් නොව ඊළඟ පරම්පරාවටත් රාජපක්‍ෂ රජය විසින් ණය කන්දරාවක් උරුම කර දී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට රට ඇද වැටී තිබුණා. එම ණය ගෙවා දැමීමට නොහැකි බව දැනගත් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වූවා. මේ ආණ්ඩුව ණය අර්බුදය හේතුවෙන් කඩා වැටේවි යැයි ඇතැම් අය කල්පනා කළා. ඒත් ණය අර්බුදය හේතුවෙන් ආණ්ඩුවෙන් වැටෙන්නට නොදෙන බව අපි එදා තීරණ කර තිබුණා. අපි එම අභියෝගය බාර ගනිමින් එකට එකතු වී ණය අර්බුදයට විසඳුම් සොයා ගත්තා. එදා රටේ ජාතික ආදායම ණය ගෙවීමට වත් ප‍්‍රමාණවත් වුණේ නැහැ.එදා පැවැති ආණ්ඩුව ආදායම් සොයා ගත්තේ තෙල් මිල වැඩි කර ලබාගත් ලාබයෙනුයි. ඒත් අප තෙල් මිල ලෝක වෙළෙඳපොළේ මට්ටමට අඩු කිරීමට පියවර ගත්තා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වුණොත් රටේ තෙල් මිල අඩු කිරීමටත්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියහොත් රටේ තෙල් මිල වැඩි කිරීමටත් අප තීරණය කළා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. ඒ වගේම මේ වනවිට ආදායමත් වැඩි කර තිබෙනවා. එසේ නම් බඩු මිල අඩුකර වැටුප් වැඩි කරමින් රටේ ජනතාවගේ ආදායම් ඉහළ දැමූ එකම ආණ්ඩුව අපේ ආණ්ඩුවයි. අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරිමයි. රටේ ආර්ථිකය ප‍්‍රමාණවත් නැතිනම් නිවාස ඉදිකළ නොහැකියි.සජිත් පේ‍්‍රමදාස අමාත්‍යතුමා පැවසූ ආකාරයට අපට ණය, ණය සඳහා පොලිය ආදී ගැටලූ නොතිබුණානම් ඉතා අඩු පොලියක් යටතේ රටේ සියලූම ජනතාවට නිවාස ඉදිකරගැනීම සඳහා ආධාර ලබාදීමට හැකියාව තිබෙනවා. ණය, ණය සඳහා පොලිය ගෙවීම වැනි ගැටලූ තිබියදී පවා ජනතාවට නිවාස ඉදිකර දීම සඳහා අප රුපියල් කෝටි 2200ක මුදලක් වෙන්කර තිබෙනවා. ජනතාවගේ ශ‍්‍රමයෙන් සහ රජයෙන් ආධාර යටතේ නිවාස ඉදිකිරීමේ වැඩසටහන මේ වනවිට ආරම්බ කර තිබෙනවා. එසේ නම් මෙම වසර දෙකහමාර තුළ  රටේ  ණය බර ගෙවීමට හැකි ආර්ථික තත්ත්වයක් ඇති කළා සේම  අනාගතයේ දී ණය බර ගෙවා අවසන් කිරීමට හැකි ශක්තියක් තිබෙන ආර්ථික මට්ටමක් නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුවයි. අද අපට තිබෙන සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා දැමීමට ශක්තියක් නැහැ. රටේ ජාතික ආදායමෙන් ණය ප‍්‍රමාණයෙන් කොටසක් ගෙවීමට හැකි වුවත්. සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා අවසන් කිරීමට තරම් ප‍්‍රමාණවත් ආදායමක් නැහැ. ඒ සඳහා දැන් විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේ වැඩසටහන ආරම්භ කිරීමට අපට හැකි වී තිබෙන්නේ ආණ්ඩුවේ නිසි ආර්ථික කළමනාකරණය නිසා පමණක් නොව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ අපේ ආණ්ඩුව ලෝකයේ සෑම රටක් සමගම හොඳ  සම්බන්ධතාවක් පවත්වාගැනීමත් ඊට හේතුවයි. ඉන්දියාව, ජපානය, චීනය, ඇමෙරිකාව, රුසියාව යන රටවල් සහ යුරෝපා රටවල් සමගත් අප මිත‍්‍රත්වයෙන් කටයුතු කරනවා. ඒ සියලූ රටවල් සමග විශේෂ සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ ආධාර හා උපකාර ලබා ගනිමින් අප ඉදිරියට  යනවා. ඒ අනුව මේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරමින් ආර්ථිකය දියුණු කිරීමට අපට හැකි වී තිබෙනවා. ගැබිනි මව්වරුන්ට ආධාර උපකාර ලබාදීමට අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප‍්‍රමාණය වැඩි කිරීමට අපට හැකිවී තිබෙනවා. ගෝලීය ආර්ථිකයේ ගැටලූ ඇති වී තිබෙන අවධියක අපේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇතිකර ගනිමින් ඉදිරියට යාමට අපට මේ වනවිට හැකිව තිබෙනවා. දැන් අපට තිබෙන්නේ විශාල සංවර්ධනයකට සූදානම් වීමයි. අපේ රටේ ණය ප‍්‍රමාණය අපේ පරම්පරාවේදීම ගෙවා අවසන් කිරීමට අපට හැකි වන්නේ ඒ සංවර්ධනය මගිනුයි. ආණ්ඩුව පිහිටුවා ගත වූ මේ වසර දෙකහමාර තුළ නව රැකියා සහ ආදායම් මාර්ග ලක්‍ෂ දෙකහමාරකට අධික ප‍්‍රමාණයක් අප ජනතාව වෙනුවෙන් බිහිකර තිබෙනවා. මේ වනවිට රටේ පෞද්ගලික අංශය දියුණුවෙමින් පවතිනවා. ලබන මාසයේදී නව බදු සහන ලබාදුන් පසුව ආර්ථිකය මීටත් වඩා දියුණුවට පත්වේවි. ආයෝජකයන් සඳහා බදු සහන ලබාදුන් පසුව එයින් තවදුරටත් රැුකියා අවස්ථා බිහිවෙනු ඇතැයි අප අපේක්‍ෂා කරනවා. හම්බන්තොට වරාය ණය බරින් ඉවත් කොට වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් සමාගම එක්වී වරාය ඉදිරියට ගෙනයාම සඳහා හවුල් ව්‍යාපාර අරඹා තිබෙනවා. ඒ  තීරණය ජනතාවගේ කරමතින් විශාල බරක් ඉවත් කිරීමක් බව කිව යුතුයි. එමෙන්ම අප ජපානය සමග එකට එක්ව මහනුවර නගරය විශාල සංවර්ධනයකට ලක් කරනවා. කෘෂිකර්මය මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් කරනවා. වයඹ ප‍්‍රදේශය හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන්ද කර්මාන්ත කලාප ඇති කිරීමෙන්ද විශාල දියුණුවක් දැකගන්නට හැකියාව ලැබේවි. කුරුණෑගල නගරය දියුණු කිරීමටත්, සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමටත්. බස්නාහිර පළාතම මහනගරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ගාල්ල, මාතර ප‍්‍රදේශවල ආසියාවේ හොඳම සංචාරක කලාප බිහිකිරීමටත් අප වැඩසටහන් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. හම්බන්තොට, මොනරාගල, මාතර ප‍්‍රදේශවල කර්මාන්තකරණය සමග විශාල ආර්ථික දියුණුවක් ඇතිවීමට නියමිතයි. පිබිදුනු පොලොන්නරුව වැඩසටහන යටතේත්, මොරගහකන්ද වැඩසටහන යටතේත් මල්වතු ඔය වැඩසටහන යටතේත් අප විශාල දියුණුවක් අපේක්‍ෂා කරනවා. එමෙන්ම ති‍්‍රකුණාමලය වැඩසටහන තුළින්ද ඒ ප‍්‍රදේශයේ අලූත් විප්ලවයක් බිහිවෙනු ඇතැයි අප අපේක්‍ෂා කරනවා. අප මෙම අභියෝගය බාරගත්තේ විශාල බරක් උරමත තබාගෙනයි. ඒත් ණය බර තිබෙනවා යැයි කියා අප නිවාස ඉදිකිරීම් කටයුතු නතර කළේ නැහැ. වර්තමානයේදී ඒ කි‍්‍රයාවලිය තවත් වර්ධනය කොට ජනතාවට නිවාස අයිතිය ලබාදීමට, ඉඩම් අයිතිය ලබාදීමට  අධ්‍යාපනය ලබාදීමට වන අයිතිවාසිකම් තවත් පුළුල් කිරීමට ජනතාවගේ ආදායම වැඩිකිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා ඔබේ සම්පූර්ණ සහයෝගය අපේක්ෂා කරනවා.නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:-මේ මන්දිරය කාලයක් භාවිතා වූයේ එක කණ්ඩායමක පැවැත්ම වෙනුවෙන්. අද ඔබ දහස් ගණනක් මෙහි පැමිණ සිටිනවා.අප අන්ත අසරණ පවුල් සඳහා රුපියල් ලක්ෂ 42 ක නිවෙසක් පරිත්‍යාග කරනවා. මලල ක‍්‍රීඩා ක්්ෂේත‍්‍රයේ ක‍්‍රීඩිකාවන් තිදෙනකු සඳහා රුපියල් ලක්ෂ 42 බැගින් වන නිවාස 22 ක් දෙනවා. පවුල් 1100 ක් සඳහා රුපියල් ලක්ෂ 1100 ක් වැයකොට අසම්පූර්ණ නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා මූල්‍ය පරිත්‍යාග කරනවා.යහපාලන රජය නිවාස ක්ෂේත‍්‍රයේ යෝධ සංවර්ධන හිමි පිමි ගණනාවක් ඉදිරියට තබා තිබෙනවා. ජනපති සහ අගමැති අපට හැමවිටම උපදෙස් දෙන්නේ කරන දේ හරියට පිරිසුදුව කරන ලෙසයි. ඔබට දෙන අරමුදල් කාගෙවත් පෞද්ගලික මුදල් නොව මහජනතාවගේ සම්පත් බව ඔවුන් හැමවිටම උපදෙස් ලබා දෙනවා. අප හැමවිටම කටයුතු කරන්නේ ජනතාවගේ උන්නතිය සඳහායි.අගමැතිතුමන් හැමවිටම නිවාස ඉදිකිරීම් සඳහා සුවිශේෂී උනන්දුවක් දක්වනවා. 2020 වනවිට මෙරට උදාගම්මාන 2500 ක් ඉදිකිරීම අපේ අරමුණයි. උතුරු පළාතින්ද දැවැන්ත නිවාස වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.අගමැතිතුමාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම සමරමින් රටපුරා උදාගම්මාන 40 ක් අරඹා තිබෙනවා.රණවිරුවන් සඳහා විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. අපගේ ව්‍යාපෘති තුළින් මෙරට නිවාස අවශ්‍යතාව හඳුනාගෙන තියෙනවා.මෙරට ලක්ෂ 25 කට නිවාස ප‍්‍රශ්නය තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා. මුළු රටම ණය බරින් පීඩාවට පත් කර පසුගිය සමයේ මහා පරිමාණ ව්‍යාපෘති ඇරඹුණා. මේ සුදු අලි ව්‍යාපෘති නොතිබුණා නම් ඒ මුදල් ද නිවාස ප‍්‍රශ්නය විසඳීම වෙනුවෙන් යෙදවීමට හැකියාව තිබෙනවා.සොඳුරු පියස ණය වැඩසටහන තුළින් කොළඹ පවුල් 5000 කට ආධාර උපකාර කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ප‍්‍රගතිශීලී, ජනහිතකාමී අමාත්‍යංශයක් බව කිවයුතුයි. රජයේ අරමුණ සැමට ශක්ති සම්පන්න ජීවිකාවක් ලබාදීමයි. මෙරට ආර්ථික වර්ධනය ඇති කිරීමට විශේෂ සංවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මකයි.අපේ සිහිනය නිවාස ප‍්‍රශ්නය තිරසාරව විසඳුණ ශ්‍රී ලංකාවක් දැකීමයි.නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා:-ඉතිහාසයේ සිට අප නිවාස ප‍්‍රශ්නයට මුහුණ දුන්නා. පසුගිය සමයේ නිවාස අමාත්‍යංශයට වෙන්වූයේ සීමිත මුදලක්. එලෙස වෙන්වූ මුදලෙන් පවා ඥාතීන්ට නිවාස ඉදිකර දුන්නා. වත්මන් රජය බලයට පත්වූ පසුව අප අමාත්‍යංශයට ප‍්‍රමාණවත් මුදලක් වෙන්කර තිබෙනවා.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අද ඉතා කාර්යක්ෂම අමාත්‍යංශයක් බවට පත්වී තිබෙනවා. ඉදිරි වසර කීපයේදී නිවාස ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් දීම අපේ අරමුණයි. වත්මන් රජය ගැන ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙනවා.අතීතයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මියත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතාත් මෙහිදී අදහස් දැක්වූහ.
’යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන රජයක් හදන්නයි’
0
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා.  අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල  ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
’යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන රජයක් හදන්නයි’
0
(අංජුල මහික වීරරත්න,ඡායාරූප ඉෂාන් සංජිව)රට අගාධයට ගියේ ආර්ථිකය අතපසු කර දේශපාලනය කරන්නට හැකි යැයි සිතූ පාලකයන් නිසා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද (5) පැවසීය.මුල් වසර දෙක ඇතුළත අමාරු තීරණ ගෙන ආර්ථිකය ස්ථාවර කළ බව කී අග‍්‍රාමාත්‍යවරයා ශක්තිමත් පදනමක මිස මඩ වගුරේ ගෙවල් හදන්නට හැකියාවක් නැති බවද අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද කීය. ලබන තෙවසර තුළ අපනයන ආදායමට මූලිකත්වය දෙන, ශීඝ‍්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි.රැකියා බිහිකිරීම, ආදායම වැඩි කිරීම එමෙන්ම සාමාන්‍ය ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. වසර 40කට පෙර එනම් 1977 වසරේ නොවැම්බරයේ අප මෙරටට විවෘත ආර්ථිකයක් හඳුන්වා දුන්නා. එම නිසා නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳ කටයුතු වැඩි වුණා. චීනය, ඉන්දියාව, වියට්නාමය විවෘත ආර්ථිකයට පිවිසුණේ අපෙන් පසුවයි.යුද්ධය නිසා අපේ සංවර්ධන වේගය අඩු වුණා. සෙසු රටවල සංවර්ධන වේගය අඩු වුණේ නැහැ. අපිට සමාන මට්ටමේ සිටි මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල් ද අපට පිටුපසින් සිටි චීනයත්, පසුව ඉන්දියාවත්, වියට්නාමයත් දැන් අප පසු කරගෙන ඉදිරියට ගොස් තිබෙනවා. දැන් අපට පිටුපසින් සිටින්නේ මියන්මාරය, කාම්බෝජය, ලා ඕසය, ඇෆ්ගනිස්ථානය පමණයි.අප අපනයන ආර්ථිකයට ගමන් කිරීමේ වේගය අඩු වුණත්, පසුගිය දශකයේදී විපර්යාසයක් ඇති වුණා. අපගේ ආර්ථිකය වෙළෙඳ නොවන කටයුතු සඳහා වැඩි වශයෙන් අවධානය යොමු වුණා. රටේ වර්ධනය ඇති වුණේ වෙළෙඳ නොවන අංශවලිනුයි. ආර්ථිකයේ අපනයන නිෂ්පාදනයටත් ඊට සම්බන්ධ ආයෝජනකරුවන්ටත් අහිත කරවූ ප‍්‍රතිපත්ති එම යුගයේදී ක‍්‍රියාත්මක වුණා. එකළ ජී.එස්.පී. ප්ලස් ඇඟලූම් තීරු බදු සහනයෙන් ලැබෙන්නට තිබූ වාසිය ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කළා. බංග්ලාදේශය එහි වාසිය ලබා ගත්තා.අපනයන අඩුවීමත් සමඟ සංවර්ධනය සඳහා එවකට රජය යටිතල පහසුකම් ඉදිකිරීම ආරම්භ කළා. යටිතල පහසුකම් ඉදිකිරීමට තම ආදායම් නොතිබූ නිසා ණය ලබාගත්තා. ලංකාවේ වෙළෙඳපොළින් පමණක් නොව පළමුවරට විශාල වශයෙන් විදේශ වෙළෙඳපොළෙන් මුදල් ලබා ගත්තා. එකල යුරෝපයේ තිබූ ආර්ථික අර්බුදය නිසා විදේශ මුදල් ලංකාවේ රැඳුණේ කෙටි කාලයක් පමණයි. එම මුදල් ආපසු යන්නට පටන් ගත්තා. ඒ අනුව සම්පූර්ණයෙන්ම යටිතල පහසුකම් ඉදිකරන්නට පටන් ගත්තා.උදාහරණ වශයෙන් ගතහොත් හම්බන්තොට වරාය, සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත‍්‍රණ ශාලාව ආදිය දැක්විය හැකියි. මේ ආයතනයේ අය ක‍්‍රිකට් ගහන්න කැමැති නම් අපට සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය දෙන්න පුළුවන්. මේ සියලූම ඉදිකිරීම් සඳහා අප විශාල වශයෙන් ණය ලබාගත්තා. අන්තිමට සිදුවූයේ කුමක්ද? මෙරට තරුණ තරුණියන්ට රැකියා තිබුණේ නැහැ. සමහරුන් මැදපෙරදිග රටවල්වලට ගියා. එම නිසා සමාජ ව්‍යුහය වෙනස් වුණා. පවුල් කැඩුණා. බොහෝ විට තරුණයන් ත‍්‍රීරෝද රැකියාවට යොමු වුණා.අවසාන යුගය වනවිට ණය නොව පොලියවත් ගෙවා ගන්නට නොහැකි තත්ත්වයකට රට ඇද වැටී තිබුණා. 2015 වසර වනවිට රට විශාල ආර්ථික අවුලකට යන බවට බොහෝදෙනා මත පළ කර තිබුණා. ඒ යුගයේ මහබැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ මා දන්නා අයට කතා කළ විට ඔවුන්ගෙන් සුබවාදී පිළිතුරක් ලැබුණේ නැහැ. එවැනි අර්බුදයක් එන්නට පෙර වේලාසනින්ම ජනාධිපතිවරණයක් පැවැත්වීමට රාජපක්ෂ මහතා තීරණය කළා. සමහර රටවල ආර්ථික අර්බුදයක් එනවා නම් මැතිවරණ පවත්වනවා.අවසානයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආර්ථික මෙහෙයුම ඇරැඹීමේ වගකීම අපට පැවරුණා. අප ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සංසන්දනය කර බලමු. 2004 වසරේ ශ්‍රී ලංකාවේ අපනයනය බිලියන 5ක් හෙවත් මිලියන 467ක් වුණා. බංග්ලාදේශයේ එම වසරේ අපනයනය බිලියන 8ක් හෙවත් මිලියන 657ක් වශයෙන් දැක්වුණා. අප ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලබාගත්තේ නැහැ. 2017 වන විට අපේ අපනයනය බිලියන 10ක් හෙවත් මිලියන 546ක් බවට පත්වී තිබුණා. එය දෙගුණයක්වත් වැඩිවී නැහැ. නමුත් බංග්ලාදේශයේ 2017 වන විට අපනයනය බිලියන 30ක් හෙවත් මිලියන 197ක් බවට පත්වී තිබුණා. එසේනම් බංග්ලාදේශයේ අපනයනය තුන් ගුණයකටත් වඩා වැඩිවී තිබෙනවා.අප ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගෙන ඉදිරියට ගියා නම් එම වසරේදී අපට ඩොලර් බිලියන 19ක් ලැබීමට තිබුණා. බංග්ලාදේශයේ සිදු වුණේ කුමක්ද? ඒ අය හොඳ ආරම්භයක් ගෙන ෂික් හෂීනා අගමැතිතුමියගේ මූලිකත්වයෙන් මැතිවරණයක් පවත්වා වසර 5කට පසු ජයග‍්‍රහණය කළා. ලංකාවේ සිදු වුණේ කුමක්ද? ලංකාවේ එසේ වුණානම් හොඳ ආර්ථිකයක් සමඟ මැතිවරණයක් පවත්වා ජයග‍්‍රහණය කරන්න තිබුණා. එසේ වුණානම් මා මෙතැන නැහැ.ආර්ථිකය අතපසු කර දේශපාලනය කරන්නට හැකියැයි බොහෝ අය සිතනවා. අමාරු වුණත් තීරණ ගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම නිසා ගත යුතු අමාරු තීරණ අප පළමු වසර දෙකේදී අරගත්තා. රට සංවර්ධනය කිරීමට අප පොරොන්දු වුණා. නමුත් සංවර්ධනයට පෙර ආර්ථික ස්ථාවරභාවය අවශ්‍යයි. මඩවගුරේ ගෙවල් හදන්නට බැහැ. කොපමණ සංවර්ධනයක් අවශ්‍ය වුවත් ආර්ථික ස්ථාවර බව නැතිව ඉදිරියට යන්න බැහැ. අප පසුකළේ ණය පොලියවත් ගෙවා ගන්නට නොහැකිව තිබූ ආර්ථිකයක් බව අමතක කළ යුතු නැහැ.එම තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් සහයෝගය අප අගය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගන්නේ ඇයිදැයි බොහෝ අය ඇසුවා. අපට අවශ්‍ය තරමින් ආධාර ලබාගත යුතුයි. අපට අවශ්‍ය ආධාර ඔවුන්ගෙන් ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේ රජයට හැකියාව ලැබුණා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක‍්‍රියා කළේ අපේ දේශීය ආදායම වැඩිකිරීමටයි. එසේ කිරීමේදී වැට් බදු වැඩි කිරීමට සිදුවුණා. එවිට බැණුම් අසන්නටත් සිදුවුණා. මේ වන විට ලබාගත් ණයෙහි පොලිය අපේ ආදායමෙන් ගෙවා දැමීමට හැකියාව ලැබී තිබෙනවා. එයත් විශාල ජයග‍්‍රහණයක් බව කිව යුතුයි. එම ස්ථාවර බව අප ඇති කර තිබෙනවා. මෙතැන් සිට ඉදිරි පියවර කිහිපයක් අප විසින් ගත යුතුයි. ඒ ආර්ථිකයේ ස්ථාවර බව තහවුරු කිරීම සඳහායි.නමුත් අපට සම්පූර්ණ ණය ගෙවා දැමීමට ශක්තියක් නැහැ. අප විදේශ ආයෝජන ලබාගැනීමට ක‍්‍රියා කරන්නේ ඇයි? තව අවුරුදු පහ, හයකින් අපගේ දළ දේශීය නිෂ්පාදිතය ශීඝ‍්‍රයෙන් වර්ධනය වූ පසුව එම ආදායමත් ණය ගෙවාදැමීම සඳහා යෙදවීමට හැකියාව තිබෙනවා.ඒ වනතුරු අපට ණය ගැනීමට සිදුවනවා. මෙවර ණය ගන්නේ ණය ගෙවීමට මාර්ගයක් නැතිව නොවේ. පැහැදිලි දැක්මක් ඇතිවයි. වසර පහක්, දහයක් යන විට ණය ගෙවීමට අපට මුදල් තිබෙනවා. ඒ එක්කම දළ දේශීය නිෂ්පාදනය දෙස බලන විට ජාතික ණය ප‍්‍රතිශතය 79 සිට 70 දක්වා අඩු කර ගන්නට අපට හැකිවුණා.එය 60 දක්වා අඩු කිරීමට අප ක‍්‍රියා කළ යුතුයි. මේ වනවිට මහ බැංකුවෙන් කෙටි හා මධ්‍ය කාලීන ණය පාලනය කිරීමේ උපක‍්‍රමයක් ඉදිරිපත් කර තිබෙනවා. එය සංශෝධනය කිරීමෙන් පසුව ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ඊට හේතුව 2019 සිට 22 දක්වා එක් අවුරුද්දකට අඩුම වශයෙන් විදේශ ණය රුපියල් බිලියන එකත් දෙකත් අතර ප‍්‍රමාණයක් ගෙවීමට සිදුව තිබීමයි. එම අවුරුදු හතර ඇතුළත එතරම් විශාල ණයප‍්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපට සිදුවනවා. ඒවගේම අපේ අයවැය තදින් පාලනය කිරීමටත් සිදුවෙනවා. මේ සඳහා අප අලූත් වෙන්දේසි ක‍්‍රමයක් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳව මහ බැංකුව සහ භාණ්ඩාගාරය මේ දිනවල සාකච්ඡා කරමින් සිටිනවා. සාකච්ඡුාවලින් පසුව එම වෙන්දේසි ක‍්‍රමයත් ක‍්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබාගෙන ඇති ණය පියවීම සඳහා කාර්යාලයක් ආරම්භ කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. එය මහ භාණ්ඩාගාරය හා සම්බන්ධ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මුදල් ණයට ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය මැදිහත්ව කටයුතු කළ නිසා එය ගෙවීමේ කටයුතු සඳහාත් මැදිහත්වන ලෙස මම ඔවුන්ට පැවසුවා.මහ බැංකුව ණය ගැනීම සඳහා භාණ්ඩාගාරය යොදා ගත්තත් අනෙක් පාලන කටයුතු නොකිරීම අපේ එක් අත්දැකීමක්. එම නිසා මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට වෙන් වෙන්ම කටයුතු කිරීමට සැලැස්වීමට අප තීරණය කළා. අද අප මේ කටයුතු කරන්නේ එහි එක් ප‍්‍රතිඵලයක් ලෙසයි. උද්ධමනය අඩු කිරීම පිළිබඳව ද අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. අප මෙම වසරේදී    6% ආර්ථික වර්ධන වේගයක්බලාපොරොත්තු වුවද නියඟය සහ ගංවතුර තත්ත්වයන් නිසා එය අඩාල වුණා. වැට් වැඩි කිරීමේ බලපෑම, බඩු භාණ්ඩවල හිඟයක් ඇතිවීම ආදී සිදුවීම් පාලනය කරමින් ඉදිරියට යා යුතු වෙනවා. ඇතැම් පුද්ගලයන්ට ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන ගබඩා කිරීමට හෝ එය වෙළෙඳපොළට රැගෙන ඒමට තරම් ශක්තියක් නැහැ. මෙවැනි පසුබිමක් මත මෙම වසරේදී අප විශාල සංවර්ධන වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය කිරීමේ උපක‍්‍රම පිළිබඳවත් අප සාකච්ඡා කරනවා. ඒ සඳහා විවිධ අමාත්‍යාංශයන්ගෙන් අදහස් ලැබී තිබෙන අතර මහ බැංකුව හරහා මූලික වාර්තාව සකස් කර තිබෙනවා. හර්ෂ ද සිල්වා අමාත්‍යතුමාට ඒ සඳහා වූ සම්පූර්ණ වාර්තාව සකස් කිරීමට අප භාර දී තිබෙනවා.මෙම වසරේ මුල් භාගයේදී කුලියාපිටිය, පන්නල, කොග්ගල, කළුතර ආදී ප‍්‍රදේශවල ව්‍යාපෘති ආරම්භ කර එම කාර්මාන්ත ශාලාවල ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා.හම්බන්තොට ව්‍යාපෘති ඉදිරි මාස දෙක, තුන තුළ ක‍්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවා. මේ වනවිට නව ආයෝජන සිදු කිරීමට ආයෝජකයන් අපෙන් අවස්ථා ඉල්ලමින් සිටිනවා. හම්බන්තොට පිරිපහදු මධ්‍යස්ථානයක්, එල්එන්ජී විදුලි බලාගාරයක්, ආදී ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ඉදි කෙරෙමින් පවතින කොළඹ මූල්‍ය නගරයේ ගොඩනැගිලි ඉදි කිරීම පිළිබඳව මේ වනවිට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධවී එල්එන්ජී විදුලි බලාගාර දෙකක් සහ පර්යන්තයක් ඉදි කිරීමට එකඟවී තිබෙනවා. මෙවැනි වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.නුවර සිට හම්බන්තොට දක්වා විශේෂ ආර්ථික කලාපයක් ඇති කිරීමට කටයුතු කරනවා. එම විශේෂ ආර්ථික කලාපයට ගුවන් තොටුපළ දෙකක් සහ වරාය දෙකක් ඉදිකිරීමට නියමිතයි. ඉදිරියේදී සිංගප්පූරු සමාගමක් ත‍්‍රිකුණාමලයේත්, පොළොන්නරුව,අනුරාධපුරය, දඹුල්ල සහ මඩකළපුව ආදී ප‍්‍රදේශවලත් කර්මාන්ත ඇති කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ආකාරයට ඊසාන දිග සහ නිරිත දිග ආර්ථික කලාප දෙකක් නිර්මාණය වෙනවා. නව ආයෝජන ලබා ගැනීමට තිබෙන්නේ මෙම ආර්ථික කලාප හරහායි.අප රටේ සියලූම නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ තරගකාරීත්වයකින් සමන්විත විය යුතුයි. ශ්‍රී ලංකාවේ ඇතැම් ව්‍යාපාර සඳහා රට තුළ තරගකාරීත්වයක් නොමැතිවීම හේතුවෙන් බංග්ලාදේශයට සහ මියන්මාරයට රැගෙන යනවා. එය අපට නැවැත්විය නොහැකියි. අප බෙංගාලබොක්කේ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.මේ වනවිට ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය ලැබී තිබෙනවා. දැන් අපිට ඇති අභියෝගය ජීඑස්පී ප්ලස් සහනයෙන් ලැබුණු නිෂ්පාදන හය දහසින් කොතරම් ප‍්‍රමාණයක් අපනයනය කිරීමට හැකිවේද යන්නයි. අප ඇඟළුම්, රබර්, ධීවර කර්මාන්ත සඳහා පමණක් සීමා වෙනවාද එසේත් නොමැතිනම් තවත් වසරක් දෙකක් ගත වනවිට විදේශ ආයෝජකයින්ගේ ද සහාය ඇතිව අපනයන ප‍්‍රමාණය පුළුල් කරනවාද යන්න අප තීරණය කළ යුතුයි. මෙම වසර තුන තුළ එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමටයි අප කටයුතු කරන්නේ. මූල්‍ය ක්ෂේත‍්‍රය සහ බැංකු ක්ෂේත‍්‍රයත් මීට සම්බන්ධ කළ යුතු වෙනවා. මම මෙම ස්ථානයට පැමිණෙන විට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුවියන් සිවු දෙනෙක් ජය මංගල ගාථා ගායනා කළා.මට අවශ්‍ය එම සිසුවියන් සිවුදෙනා ඇතුළු සියලූම ¥ දරුවන්ට ණය බරින් තොර රටක් නිර්මාණය කර දීමටයි. මේ පව් ඔවුන් පිට පැටවීමට මම සූදානම් නැහැ. අපි මේ සඳහා විසඳුම් සෙවිය යුතුයි. ඔබේ දරුවන්ට බරක් නැති, නීතිය සාමය ගරු කරන හොඳ ආදායමක් සහිත ආර්ථික වශයෙන් කේන්ද්‍රිය රටක් ඇති කිරීමට මට අවශ්‍යයි. රට පිළිබඳව මගේ අවසාන අරමුණ එයයි. අප ක‍්‍රියාත්මක කරන සියලූ දේවල් ඒ අරමුණ සඳහා වන උපක‍්‍රමයි.මේ සියල්ල සිදු කිරීමට නම් ඔබේ ක්ෂේත‍්‍රයෙන් විශාල සේවයක් ලැබිය යුතුයි. අවසානයේ මෙහි ප‍්‍රතිඵල ලබා ගන්නේ අනාගත පරපුරයි. මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක වන විට වැඩි බරක් පැටවෙන්නේ පෞද්ගලික අංශයටයි. පෞද්ගලික අංශයෙන් වැඩ කටයුතු රාශියක් සිදු කිරීමට තිබෙනවා. එම නිසා ඉදිරියේදී මෙම ක්ෂේත‍්‍රයෙන් රටේ සංවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් සිදු වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. මෙම අවස්ථාවට මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු බැංකු නිලධරයෝ රැසක් ද සහභාගී වූහ.
’යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන රජයක් හදන්නයි’
0
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңඩිа¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ӯа¶ёа¶ұа·Ҡ а¶ӯа·Ҡ‍රа·ға·Ҡа¶ӯ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа¶ҡа·Ҡ а·ға¶ёа¶ҹ а·„а·Җа·”а¶Ҫа·Ҡ බа·Җට а¶ҙа·Җа·ға¶ёа·’а¶ұа·Ҡ а¶ёа·җа¶ӯа·’а·Җරණ а·ға¶ёа¶әа·ҡ а¶ӯа¶ёа¶ұа·Ҡ а¶үа¶Ҫа¶ҡа·Ҡа¶ҡ а¶ҡරа¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ а¶Ҝа·җа·Җа·җа¶ұа·Ҡа¶ӯ මඩ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරа¶әа¶ҡа·Ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ බа·Җ හිටа¶ҙа·” а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී а¶ҡබීරа·Ҡ а·„а·Ӯа·“а¶ёа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ  а¶ҡа·ңළඹа¶Ҝа·“ а¶…а¶Ҝ (06) а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶ёа·ҡ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡ а¶ұа·“а¶ӯа·’а¶ёа¶ә а¶ҙа·’а¶әа·Җර а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ බа·Җа¶Ҝ а¶ҡබීරа·Ҡ а·„а·Ӯа·“а¶ёа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ  а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а¶ҡа·ңළඹ 8, а¶Ҫа·ҡа¶ҡа·Ҡ ඩа·Ҡ‍රа¶әа·’а·Җа·Ҡ а¶ҙිහිටි а¶’  а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ұа·’а·Җа·ға·ҡ а¶ҙа·җа·Җа¶ӯа·’ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а·„а¶ёа·”а·Җа¶ҡට එа¶ҡа·Ҡа·Җа·ҷа¶ёа·’а¶ұа·Ҡ  ඔහු а¶ёа·ҡ බа·Җ  а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.එහිа¶Ҝа·“ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡ а·Җа·– а¶ҡබිරа·Ҡ а·„а·Ӯа·“а¶ёа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶ҡа·“а¶ә.        “а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” а¶ҙа·Ҡ‍රහа·Ҹරа¶ә а¶ҙිළිබඳа·Җ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа·ҡа¶Ҝа·“ а¶Ҝа·”а¶ұа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а¶…а¶ұа·”а·Җ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа¶әа·ҡ මට а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯිබුණа·Ҹ. а¶ёа·Ҹа·ғ а¶ҡа·’а·„а·’а¶ҙа¶әа¶ҡа¶ё а·ғිට а¶ҡබීරа·Ҡ а·„а·Ӯа·“а¶ёа·Ҡ а¶ҡа·’а¶әа¶ұ а¶ұа¶ё а¶үа¶Ҫа¶ҡа·Ҡа¶ҡ а¶ҡරа¶ңа·ҷа¶ұ එа¶ҡ එа¶ҡ а¶Ҝа·ҡа·Җа¶Ҫа·Ҡ අරа¶ңа·ҷа¶ұ මට මඩ а¶ңа·„а¶ұа·Җа·Ҹ.а¶ёа·”а¶Ҫа·’а¶ұа·Ҡа¶ё а·Ға·Ҡ‍රී а¶Ҫа¶ұа·Ҡа¶ҡа¶ұа·Ҡ а¶ңа·”а·Җа¶ұа·Ҡ а¶Ҷа¶әа¶ӯа¶ұа¶ә а¶…а¶Ҫа·Ҡа¶Ҫ а¶ңа·ҷа¶ұ මඩа¶ңа·җа·„а·”а·Җа·Ҹ. а¶’ а·Җа¶ңа·ҡа¶ё බа·җа¶Ҝа·”а¶ёа·Ҡа¶ҡරа¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ මට а¶ а·қа¶Ҝа¶ұа·Ҹ а¶ҡа·…а·Ҹ. මට а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа·ҷа¶ұа·Ҡ එа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶ёа¶ё а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶Ҷа·Җа·Ҹ. а¶’ а·Җа¶ңа·ҡа¶ё а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” а¶ҙа·Ҡ‍රහа·Ҹරа¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ මට а¶ а·қа¶Ҝа¶ұа·Ҹ а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶әа¶ёа·Ҡ а¶ӯа·Ҡ‍රа·ға·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа·“ а¶ҡණа·Ҡඩа·Ҹа¶әа¶ёа¶ҡа·Ҡ а·ға¶ёа¶ҹ а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡа¶Ҝа·“ а¶Ҷа¶әа·қа¶ўа¶ұа¶ә а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а¶Үа¶ёа·җа¶ӯа·’а·Җරු а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҷа¶ҡа·Ҡ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶° а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶үа¶ұа·Ҡ එа¶ҡа·Ҡа¶ҡа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ රිа·Ӯа·Ҹඩа·Ҡ බа¶Ҝа·’а¶әа·”а¶Ҝа·“а¶ұа·Ҡ. а¶…а¶ұа·ҷа¶ҡа·Ҡ а¶Үа¶ёа·җа¶ӯа·’ а¶ёа¶ё а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа¶ё а¶ҡа·’а·ға·’а¶ё а¶Ҷа¶әа·қа¶ўа¶ұа¶әа¶ӯа¶ҡа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ а¶ұа·‘ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ  а¶ёа¶ё а¶ҙа·җа·„а·җа¶Ҝа·’а¶Ҫа·’а·Җ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶ёа¶ё එහа·ҷа¶ё а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶ҡа·Ҡ а¶ңа·җа¶ұ а¶Ҝа¶ұа·Ҡа¶ұа·ҡа¶ӯа·Ҡ а¶ұа·‘. а¶’ а¶ҡа·’а·ға·’а¶ё а¶Ҝа·ҡа¶ҡට а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶° а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ұа·‘.а¶ёа¶ё а¶Ҷа¶әа·қа¶ўа¶ұа¶ә а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ а¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ අඩු а¶ӯරමа·ҡ а¶…а·„а¶Ҫа·Ҹ а¶ӯිබුණа·Ҹа¶ұа¶ёа·Ҡ මට එа·Җිට а¶Ӣа¶ӯа·Ҡа¶ӯරа¶әа¶ҡа·Ҡ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ӯිබුණа·Ҹ. а¶ёа¶ё а¶ӯරа¶әа·ҡ а¶ёа·ҷа¶ё а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҡа·Ҡа·Ӯа·ҡа¶ҙ а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶’ а·Җа¶ңа·ҡа¶ё а¶ҡа·’а·ға·’а¶ё а¶ӯа·Ҡ‍රа·ға·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа·“ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа¶ҡа·Ҡ а·ға¶ёа¶ҹ а¶ёа¶ё а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶° а¶ұа·‘. එහа·ҷа¶ё а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹа¶ұа¶ёа·Ҡ а¶ёа¶ё а¶ӯа¶ұа¶ӯුරු а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұ а·ға·–а¶Ҝа·Ҹа¶ұа¶ёа·Ҡ.а·ға¶ўа·’а¶ӯа·Ҡ а¶ҙа·Ҡ‍රа·ҡа¶ёа¶Ҝа·Ҹа·ғ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа¶ңа·ҡ а¶Ҷа·ға¶ұа¶әа·ҡ රа·җа·ға·Ҡа·Җа·“а¶ёа¶ҡа·Ҡ а¶ҙа·Җа¶ӯа·Ҡа·Җа¶ұа·Ҡа¶ұ а¶ӯිබිа¶әа¶Ҝа·“ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·ҡ а·Җа·’а¶Ҝිහට а¶ҙа·”а·Җа¶ӯа·Ҡ а¶ҙа¶ӯа¶ҡа·’а¶ұа·Ҡ මට а¶ңа·„а¶ұа·Ҡа¶ұа·ҡ. а¶ёа¶ё а·ға¶ўа·’а¶ӯа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҷа¶ұа·“ а·ғිට а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹа¶ё මට а·„а·җа¶ё а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡа¶ё а¶ңа·„а¶ұа·Җа·Ҹ а¶Үа¶ӯа·’. а¶’а¶ӯа·Ҡ а¶…а¶ҙа·’ а¶…а¶ҙа·ҡ а·Җа·җඩа¶ҙа·’а·…а·’а·Җа·ҷа·… а¶ұа·Җа¶ӯа·Ҡа·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·‘ а¶ҡа·’а¶әа·Ҹ а¶ҡа·’а·Җ а¶әа·”а¶ӯа·”а¶әа·’.‘‘ а¶әа·җа¶әа·’ а¶’ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.
а¶ӯа¶ёа¶ұа·Ҡට එරа·ҷа·„а·’а·Җ මඩ а·Җа·ҠвҖҚа¶әа·Ҹа¶ҙа·Ҹරа¶әа¶ҡа·Ҡ а¶ҡа·ҠвҖҚරිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ බа·Җ а¶ҡබීරа·Ҡ а¶ҡа·’а¶әа¶әа·’
1
(හරа·Ҡа·Ӯණ а¶ӯа·”а·Ӯа·Ҹර а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ)а¶ҡුරа·Ҹа¶ұа¶әа·ҡ а¶Үа¶ӯа·җа¶ёа·Ҡ а·Җа¶ңа¶ұа·Ҡа¶ӯа·’ а·Җа·җරа·җа¶Ҝа·’ а¶Ҫа·ҷа·ғ අරа·Ҡථа¶ҡථа¶ұа¶ә а¶ҡර а¶Үа¶ӯа·җа¶әа·’ а·ға¶ёа·ға·Ҡа¶ӯ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ўа¶ёа·’а¶әа¶ӯа·”а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶Ӣа¶Ҫа¶ёа·Ҹа·Җරුа¶ұа·Ҡа¶ңа·ҡ а·ға¶Ӯа¶ңа¶ёа¶әа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶…а·Ӯа·Ҡ а·Ӯа·ҷа¶әа·’а¶ҡа·Ҡ එමа·Ҡ.а¶…а¶әа·’.එමа·Ҡ. රිа·ға·Ҡа·Җа·’ а¶ёа·”а·Ҷа·Ҡа¶ӯа·’ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа·ңළඹа¶Ҝа·“ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә. а·ға·Ҹа¶ёа¶ә, а·ға¶ёа¶ңа·’а¶ә а·ға·„ а·ға·„а¶ўа·“а·Җа¶ұа¶ә а·ға¶іа·„а·Ҹ а·Җа·– а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶ёа·”а·…а·”а·Җа·ҡа¶Ҝа·“ රа·Ҹа¶ёа¶Өа·Ҡа¶Ө а¶ұа·’а¶ҡа·Ҹа¶ә а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶…а¶ұа·”а·Ға·Ҹа·ға¶ұа·Ҹа·Җ а¶ҡа·… එම а¶ұа·’а¶ҡа·Ҹа¶әа·ҡ а¶Ҝа¶ҡа·Ҡа·Ӯිණ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а·ға¶Ӯа¶қ а¶ұа·Ҹа¶әа¶ҡ а¶Ҷа¶ а·Ҹරа·Ҡа¶ә ඕමа¶Ҫа·Ҡа¶ҙа·ҡ а·ға·қа¶·а·’а¶ӯ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡ а¶ҡුරа·Ҹа¶ұа¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡරа¶ұ а¶Ҫа¶Ҝ а·Җа·’а¶ёа·ға·“а¶ёа¶ҡට а¶ҙа·’а·…а·’а¶ӯුරු а¶Ҝа·ҷа¶ёа·’а¶ұа·Ҡ а¶…а·Ӯа·Ҡ а·Ӯа·ҷа¶әа·’а¶ҡа·Ҡ එමа·Ҡ.а¶…а¶әа·’.එමа·Ҡ. රිа·ға·Ҡа·Җа·’ а¶ёа·”а·Ҷа·Ҡа¶ӯа·’ а¶ёа·„а¶ӯа·Ҹ а¶’ බа·Җ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а·ға·Ҹа¶ёа¶ә, а·ға¶ёа¶ңа·’а¶ә а·ға·„ а·ға·„а¶ўа·“а·Җа¶ұа¶ә а·ға¶іа·„а·Ҹ а·Җа·– а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·ға¶ёа·”а·…а·”а¶ә а¶ҡа·ңළඹ а¶ұа·ҷа·…а·”а¶ёа·Ҡ а¶ҙа·ңа¶ҡුණ රа¶ҹа·„а¶Ҫа·ҡа¶Ҝа·“ а¶…а¶Ҝ (31) а¶ҙа·ға·Ҡа·Җරුа·Җа·ҡ а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җිණි. а¶‘а·„а·’а¶Ҝа·“ රа·Ҹа¶ёа¶Өа·Ҡа¶Ө а¶ұа·’а¶ҡа·Ҹа¶ә а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶…а¶ұа·”а·Ға·Ҹа·ға¶ұа·Ҹа·Җ а¶ҡරමිа¶ұа·Ҡ а¶үа·ға·Ҡа¶Ҫа·Ҹа¶ёа·Ҡ බа·җа¶ӯа·’а¶ёа¶ӯа·”а¶ұа·Ҡа¶ңа·ҡ а¶ҡුරа·Ҹа¶ұа¶әа·ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ а¶әа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ а¶ёа¶ӯа¶·а·ҡа¶Ҝа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а·ға·„ а¶ҙа·Ҡ‍රචණа·Ҡඩа¶ӯа·Ҡа·Җа¶ә а·Җа¶ҙුරа¶ұ බа·Җ а¶ҡа·’а¶әа¶ұ а·Җа¶ңа¶ұа·Ҡа¶ұа·’ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡරුණු а¶ҙа·„а¶Ҝа¶ұа·Ҡа¶ұа·җа¶әа·’ а¶Ҷа¶ а·Ҹරа·Ҡа¶ә ඕමа¶Ҫа·Ҡа¶ҙа·ҡ а·ға·қа¶·а·’а¶ӯ а·„а·’а¶ёа·’а¶әа·қ а·ға¶ёа·”а·…а·”а·Җට රа·җа·ға·Ҡа·Җ а·ғිටි а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а¶Ҷа¶ңа¶ёа·’а¶ҡ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶әа·„. а¶ӯа¶ёа¶ұа·Ҡ а¶ҡුරа·Ҹа¶ұа¶ә а·Җа·’а·Җа·ҡа¶ а¶ұа¶ә а¶ұа·ңа¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶әа·җа¶әа·’ а¶Ҝ බа·ңа·„а·қ а¶Ҝа·ҷа¶ұа·Ҹ а¶ёа·ҡ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶әа·җа¶әа·’ а¶Ҝ а¶ҡුරа·Ҹа¶ұа¶әа·ҡ а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ බа·Җ а¶ҡа·’а¶әа¶ұ а¶ёа·ҷа¶ё а·Җа¶ңа¶ұа·Ҡа¶ӯа·’ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·’а·…а·’а¶ӯුරු а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·җа¶әа·’ а¶Ҝ а¶ӯа¶ёа¶ұа·Ҡ а·Җа·җරа·җа¶Ҝа·’ а¶ұа¶ёа·Ҡ а¶ұа·’а·Җа·җරа·җа¶Ҝа·’ а¶ҡරа¶ұа·Ҡа¶ұа·җа¶әа·’ а¶Ҝ а¶Ҷа¶ а·Ҹරа·Ҡа¶ә ඕමа¶Ҫа·Ҡа¶ҙа·ҡ а·ға·қа¶·а·’а¶ӯ а·„а·’а¶ёа·’а¶әа·қ а¶ҙа·җа·Җа·җа·ға·–а·„.а¶үа·ға·Ҡа¶Ҫа·Ҹа¶ёа·Ҡ а¶Ҷа¶ңа¶ёа·’а¶ҡ а¶…а¶ұа·”а·Ға·Ҹа·ға¶ұа·Ҹа·Җа·ҡа¶Ҝа·“ а¶Ҷа¶ а·Ҹරа·Ҡа¶ә ඕමа¶Ҫа·Ҡа¶ҙа·ҡ а·ға·қа¶·а·’а¶ӯ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡа¶ңа·ҡ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұа·Җа¶Ҫට а¶ҙа·’а·…а·’а¶ӯුරු а¶Ҝа·”а¶ұа·Ҡ а¶…а·Ӯа·Ҡ а·Ӯа·ҷа¶әа·’а¶ҡа·Ҡ එමа·Ҡ.а¶…а¶әа·’.එමа·Ҡ. රිа·ға·Ҡа·Җа·’ а¶ёа·”а·Ҷа·Ҡа¶ӯа·’ а¶ҡුරа·Ҹа¶ұа¶әа·ҡ а·Җа¶ңа¶ұа·Ҡа¶ӯа·’ а¶Үа¶ӯа·җа¶ёа·Ҡ а¶ҙිරිа·ға·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а¶ҙටු а·Җа·”а·Җа¶ёа¶ұа·Ҹ а·ға¶іа·„а·Ҹ а·Җа·җරа·җа¶Ҝа·’ а¶Ҫа·ҷа·ғ අරа·Ҡථа¶ҡථа¶ұа¶ә а¶ҡර а¶Үа¶ӯа·җа¶әа·’ а¶ҡа·“а¶ә.а¶…а¶ӯа·“а¶ӯа¶әа·ҡ а¶ҙа·җа·Җа·җа¶ӯа·’ а¶әа·”а¶Ҝа·Ҡа¶°а·Җа¶Ҫа¶Ҝа·“ а·ға·„ а¶’а·Җа·Ҹа¶әа·ҡ а¶·а·Ҹа·Җа·’а¶ӯа¶ә а·ға¶іа·„а·Ҹ а¶ҡරа¶ұ а¶Ҫа¶Ҝ а¶үа¶ңа·җа¶ұа·Ҡа·Җа·“а¶ёа·Ҡ а¶…а¶Ҝට а·Җа¶Ҫа¶Ӯа¶ңа·” а¶ұа·җа¶ӯа·җа¶әа·’ а¶Ҝ а¶…а·Ӯа·Ҡ а·Ӯа·ҷа¶әа·’а¶ҡа·Ҡ එමа·Ҡ.а¶…а¶әа·’.එමа·Ҡ. රිа·ға·Ҡа·Җа·’ а¶ёа·”а·Ҷа·Ҡа¶ӯа·’ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а·ға¶ёа·Ҹа¶ўа¶ә, а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а·Җа·’а¶Ҝа·Ҡа·Җа¶ӯа·”а¶ұа·Ҡ а¶ёа·ҡ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ұа·’а·Җа·җරа·җа¶Ҝа·’ а¶ҡිරීමа·Ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа·” බа·Җа¶ӯа·Ҡ а·Җа·җරа·җа¶Ҝа·’ а¶Ҫа·ҷа·ғ අරа·Ҡථа¶ҡථа¶ұа¶ә а¶ҡර а¶Үа¶ӯа·’ а¶ҡුරа·Ҹа¶ұа¶әа·ҡ а·Җа¶ңа¶ұа·Ҡа¶ӯа·’ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·ға·’а¶Ӯа·„а¶Ҫ බа·ға·’а¶ұа·Ҡ а¶ҙа·ңа¶ӯ а¶ҙа¶ӯ а¶Ҫа·’а¶әа·җа·Җа·“ а¶Үа¶ӯа·җа¶әа·’ а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а·ға¶ёа·Ҹа¶ўа¶ә එම а¶ҙа·ңа¶ӯа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶…а¶ұа·ҷа¶ҡа·Ҡ а¶ҙිරිа·ға·Ҡа·Җа¶Ҫට а¶Ҫබа·Ҹа¶Ҝа·ҷа¶ёа·’а¶ұа·Ҡ а¶ёа·ҷа¶ё а·Җа·җරа·җа¶Ҝа·’ а¶…а·Җබа·қа¶° а¶Ҝුරුа¶ҡа·… а¶әа·”а¶ӯа·” а¶әа·җа¶әа·’ а¶Ҝ а¶ҡа·“а·Җа·ҡа¶ә. (а¶Ўа·Ҹа¶әа·Ҹරූа¶ҙ - ළහිරු හරа·Ҡа·Ӯණ)  
а¶ӯа¶ёа¶ұа·Ҡට එරа·ҷа·„а·’а·Җ මඩ а·Җа·ҠвҖҚа¶әа·Ҹа¶ҙа·Ҹරа¶әа¶ҡа·Ҡ а¶ҡа·ҠвҖҚරිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ බа·Җ а¶ҡබීරа·Ҡ а¶ҡа·’а¶әа¶әа·’
0
හරа·Ҡа·Ӯණ а¶ӯа·”а·Ӯа·Ҹර а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а¶…а¶°а·“а¶ҡа·Ҡа·Ӯණа¶әа¶ҡට а·„а·қ а¶ұа·’а¶әа·Ҹа¶ёа¶ұа¶әа¶ҡට а¶әටа¶ӯа·Ҡ а¶ұа·ңа·Җа¶ұ а¶ҙරිа¶ңණа¶ҡ а¶ңа¶ӯ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶·а·Ҹа·Җа·’а¶ӯ а¶ҡිරීම а¶Ҷරа·Ҡථිа¶ҡа¶әට а·ға·„ а¶’а·Җа·Ҹ а¶·а·Ҹа·Җа·’а¶ӯ а¶ҡරа¶ұа·Ҡа¶ұа¶ұа·Ҡට а¶ӯරа·Ҡа¶ўа¶ұа¶әа¶ҡа·Ҡ එа¶Ҫа·Ҡа¶Ҫ а¶ҡරа¶ұа·” а¶Үа¶ӯа·җа¶әа·’ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ёа·„ බа·җа¶Ӯа¶ҡа·”а·Җ  а¶…а¶Ҝ (16) а¶ұа·’а·Җа·ҡа¶Ҝа¶ұа¶әа¶ҡа·Ҡ а¶ұа·’а¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.  а¶ҙරිа¶ңණа¶ҡ а¶ңа¶ӯ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ එа·ға·ҡа¶ӯа·Ҡ а¶ұа·ңа¶ёа·җа¶ӯа·’а¶ұа¶ёа·Ҡ ඩිජිටа¶Ҫа·Ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶әа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·„а·җа¶іа·’а¶ұа·Ҡа·Җа·ҷа¶ұ а¶ёа·ҷа¶ё а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ҙරිа¶ңණа¶ҡ а¶ҡа·ҡа¶ӯ ඔа·ға·Ҡа·ға·ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а·Җа¶ұ а¶…а¶ӯර а¶ёа·„ බа·җа¶Ӯа¶ҡа·”а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ұа·’а¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡරа¶ұ а¶ёа·„а¶ўа¶ұа¶әа·Ҹ а¶…а¶ӯර а¶·а·һа¶ӯа·’а¶ҡа·Җ а·ға¶Ӯа·ғරණа¶ә а·Җа¶ұ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡа·Җа¶Ҫට а·Җඩа·Ҹ බа·ҷа·„а·ҷа·Җа·’а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·ға·Ҡа¶ә.  а¶ҡа·Ҡ‍රිа¶ҙа·Ҡටа·қа¶ҡරа¶ұа·Ҡа·ға·“а·ға·Ҡ а¶әа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶үа¶Ӯа¶ңа·Ҡ‍රිа·ға·’ බа·ға·’а¶ұа·Ҡ а·„а·җа¶іа·’а¶ұа·Ҡа·Җа·ҷа¶ұ а¶ёа·ҷа¶ё а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ҙа·ға·”а¶ңа·’а¶ә а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҡа¶Ҝа·“ බа·ҷа·„а·ҷа·Җа·’а¶ұа·Ҡ а¶ўа¶ұа¶ҙа·Ҡ‍රිа¶ә а·Җа·– а¶…а¶ӯර ‘බිටа·Ҡа¶ҡа·ңа¶әа·’а¶ұа·Ҡ’ а¶әа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·„а·җа¶іа·’а¶ұа·Ҡа·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ එа·ға·ҡ а¶ўа¶ұа¶ҙа·Ҡ‍රිа¶ә а·Җа·– එа¶ҡа·Ҡ а¶ҙරිа¶ңණа¶ҡ а¶ңа¶ӯ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а·Җරа·Ҡа¶ңа¶әа¶ҡа·’.  а¶ёа·ҷа¶ё а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а·Җරа·Ҡа¶ң а¶·а·Ҹа·Җа·’а¶ӯа¶ә а¶ёа·ҡ а·Җа¶ұа·Җිට а¶Ҝа·ҡа·Ға·“а¶әа·Җ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё а¶ўа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯර а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶Ҝ බа·ҷа·„а·ҷа·Җа·’а¶ұа·Ҡ а¶ўа¶ұа¶ҙа·Ҡ‍රිа¶ә а·Җа·“ а¶ӯිබа·ҷа¶ұ а¶…а¶ӯර а¶’ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶…а·Җа¶°а·Ҹа¶ұа¶әа¶ұа·Ҡ а¶ҙа·ға·”а·Җа¶ұ බа·Җ а¶Ҝ а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ёа·„ බа·җа¶Ӯа¶ҡа·”а·Җ а·ға·’а¶ә а¶ұа·’а·Җа·ҡа¶Ҝа¶ұа¶әа·ҡ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡර а¶ӯිබа·ҡ.  а¶ҡа·’а·ға·’а¶Ҝа·” а¶Ҷа¶ҡа·Ҹරа¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶ұа·’а¶әа·Ҹа¶ёа¶ұа¶әට а·„а·қ а¶…а¶°а·“а¶ҡа·Ҡа·Ӯණа¶әට а¶Ҫа¶ҡа·Ҡ а¶ұа·ңа·Җа¶ұ а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҷа¶ё а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶·а·Ҹа·Җа·’а¶ӯа¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а·Җа¶ңа¶ҡа·“а¶ёа¶ҡа·Ҡ а·„а·қ а·Җа¶ңа·Җа·“а¶ёа¶ҡа·Ҡ а¶ұа·җа¶ӯа·’ බа·Җ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа·Ҹа¶Ҝа·ҷа¶ұ а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ёа·„ බа·җа¶Ӯа¶ҡа·”а·Җ а¶үа·„а·… а¶Ҝа·Ҡ‍රа·Җа·Ға·“а¶Ҫа·’а¶ӯа·Ҹа·Җа¶ҡа·’а¶ұа·Ҡ а¶әа·”а¶ӯа·Ҡ а¶ёа·ҷа¶ё а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ұа·“а¶ӯа·’а·Җිරа·қа¶°а·“ а¶ҡටа¶әа·”а¶ӯа·” а·ға¶іа·„а·Ҹ а·Җа·җඩි а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶·а·Ҹа·Җа·’а¶ӯ а·Җа·“а¶ёа·ҡ а¶…а·Җа¶Ҝа·Ҹа¶ұа¶ёа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶Ҝ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа·Ҹ а¶Ҝа·“ а¶ӯිබа·ҡ.  а¶Үа¶ӯа·җа¶ёа·Ҡ а·Җිටа·ҷа¶ҡ а¶ёа·ҷа¶ё а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶·а·Ҹа·Җа·’а¶ӯ а¶ҡරа¶ұа·Ҡа¶ұа¶ұа·Ҡ а¶ұа·ңа¶Ҝа·җа¶ұа·”а·Җа¶ӯа·Ҡа¶ё а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а·Җа·’а·Ға·”а¶Ҝа·Ҡа¶°а·’а¶ҡරණ а¶ұа·“а¶ӯа·’ රීа¶ӯа·’а·Җа¶Ҫට а·„а·Ҹ а¶ӯа·Ҡ‍රа·ға·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶әට а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а·ға·җа¶ҙа¶әа·“а¶ё а¶әа¶ұ а¶ а·қа¶Ҝа¶ұа·Ҹа·Җа¶Ҫට а¶Ҫа¶ҡа·Ҡа·Җа·“а¶ёа·ҡ а¶үඩа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶Ҝ а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ёа·„ බа·җа¶Ӯа¶ҡа·”а·Җ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа·Ҹ а¶Ҝа·“ а¶ӯිබа·ҡ.  а·Җа¶ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶әටа¶ӯа·ҡ а¶ёа·ҷа¶ё а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶·а·Ҹа·Җа·’а¶ӯа¶ә а¶Ҷරа·Ҡථිа¶ҡа¶әට а·ға·„а·Ҹ а¶’а·Җа·Ҹ а¶·а·Ҹа·Җа·’а¶ӯ а¶ҡරа¶ұа·Ҡа¶ұа¶ұа·Ҡට а¶ёа·–а¶Ҫа·Ҡ‍а¶ә, а¶ёа·ҷа·„а·ҷа¶әа·”а¶ёа·Ҡ а·„а·Ҹ а¶ұа·ӣа¶ӯа·’а¶ҡ а¶әа¶ұ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җ а¶әටа¶ӯа·ҡ а¶ӯරа·Ҡа¶ўа¶ұа·Җа¶Ҫට а¶Ҫа¶ҡа·Ҡа·Җа¶ұа·” а¶Үа¶ӯа·җа¶әа·’ а¶Ҝ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡර а¶ӯිබа·ҡ.  а¶‘а¶ёа·ҷа¶ұа·Ҡа¶ё а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ёа·„ බа·җа¶Ӯа¶ҡа·”а·Җ а¶ёа·ҷа¶ё а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶·а·Ҹа·Җа·’а¶ӯ а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а·ға¶ёа·Ҹа¶ңа¶ёа¶ҡට, а¶Ҷа¶әа¶ӯа¶ұа¶ҡට а·„а·қ а¶ҡа·’а·ға·’а¶әа¶ёа·Ҡ а·„а·қ а¶’а¶ҡа¶ҡа¶әа¶ҡට  а¶…а·Җа·ғර а·„а·қ බа¶Ҫа¶ҙа¶ӯа·Ҡ‍ර а·„а·қ а¶Ҫබа·Ҹа¶Ҝа·“ а¶ұа·җа¶ӯа·җа¶әа·’ а¶Ҝ එම а¶ұа·’а·Җа·ҡа¶Ҝа¶ұа¶ә ඔа·ға·Ҡа·ға·ҡ а¶…а·Җа¶°а·Ҹරණа¶ә а¶ҡර а¶ӯිබа·ҡ.  
а¶ӯа¶ёа¶ұа·Ҡට එරа·ҷа·„а·’а·Җ මඩ а·Җа·ҠвҖҚа¶әа·Ҹа¶ҙа·Ҹරа¶әа¶ҡа·Ҡ а¶ҡа·ҠвҖҚරිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ බа·Җ а¶ҡබීරа·Ҡ а¶ҡа·’а¶әа¶әа·’
0
а¶ӯа¶ёа·Ҹ а¶ӯа·Җа¶ёа¶ӯа·Ҡ а¶…а¶ң а·Җа·’а¶ұа·’а·ғුරුа·Җරිа¶ә බа·Җа¶ӯа·Ҡ, а¶ӯа¶ёа·Ҹට එරа·ҷа·„а·’ а¶Ҝа·қа·Ӯа·Ҹа¶·а·’а¶әа·қа¶ңа¶ә  а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶…а¶·а·’а¶әа·Ҹа¶ а¶ұа·Ҹа¶°а·’а¶ҡරණа¶ә а¶ұа·“а¶ӯа·Ҡ‍а¶әа¶ұа·”а¶ҡа·–а¶Ҫа·Җ а¶ӯීරණа¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ӯа·ҡරීමа·Ҡ а¶ҡа·Ҹරа¶ҡ а·ға¶·а·Ҹа·Җа·ҡ а¶ӯа·“а¶ұа·Ҡа¶Ҝа·”а·Җ а¶…а¶ӯа·Ҡහිටුа·Җа·Ҹ а¶Үа¶ӯа·’ බа·Җа¶ӯа·Ҡ, එහа·ҷа¶әа·’а¶ұа·Ҡ а·Ға·Ҡ‍රа·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡරණ а¶ұа·ңа¶ӯа·“а·ға·’ а¶…а¶ұа·”а·Җ а·Ға·Ҡ‍රа·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡරණа¶ә а·„а¶ёа·”а·Җа·ҡ а¶ҙа·ҷа¶ұа·“ а¶ұа·ңа·ғිටිа¶ұ බа·Җа¶ӯа·Ҡ а·Ғිරа·Ҹණි බණа·Ҡඩа·Ҹරа¶ұа·Ҹа¶әа¶ҡ හිටа¶ҙа·” а¶…а¶ңа·Җа·’а¶ұа·’а·ғුරුа·Җරිа¶ә а¶ёа·қа·ға¶ёа¶ҡа·Ҡ а¶ёа¶ңа·’а¶ұа·Ҡ а·Ға·Ҡ‍රа·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡරණа¶әට а¶…а¶Ҝ а¶Ҝа¶ұа·Ҡа·Җа·Ҹ а·ғිටිа¶әа·Ҹа¶ә.а·Ға·Ҡ‍රа·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡරණа¶әа·ҡ රජ а¶ұа·Җ а¶ҡටа·Ҡටුа·Җа¶ҡа·Ҡ  а·„а¶ёа·”а·Җට а¶Үа¶ңа·ҡ а¶ұа·“а¶ӯа·“а¶Ҙа¶әа¶ұа·Ҡ а·Җа¶ұ а¶ұа·“а¶Ҫа¶ҡа¶ұа·Ҡа¶Ҝа¶ұа·Ҡ а·„а·Ҹ а¶ұа·“а¶Ҫа¶ҡа¶ұа·Ҡа¶Ҝа¶ұа·Ҡ а¶ұа·“а¶ӯа·“а¶Ҙ а·ға¶ёа·Ҹа¶ңа¶ё а¶ёа¶ңа·’а¶ұа·Ҡ а¶Үа¶ә а¶ёа·ҡ а¶ёа·қа·ға¶ё а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡа·…а·Ҹа¶ә.а¶…а¶·а·’а¶әа·Ҹа¶ а¶ұа·Ҹа¶°а·’а¶ҡරණа¶ә а¶ӯа¶ё а¶ҙа·ҷа¶ӯа·Ҡа·ға¶ё а¶…а¶ұа·”а·Җ а¶ұа·’а·Җа·җරа¶Ҝа·’ а¶ӯа·“а¶ұа·Ҡа¶Ҝа·”а·Җа¶ҡа·Ҡ а¶Ҝа·“ а¶Үа¶ӯа·’ а·„а·ҷа¶әа·’а¶ұа·Ҡ а¶Ҡට එරа·ҷа·„а·’ а¶ҙа·ҷа¶ӯа·Ҡа·ға¶ё а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·Ға·Ҡ‍රа·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡරණа¶ә а·„а¶ёа·”а·Җට а¶ұа·ңа¶әа¶ұ බа·Җ а¶Үа¶ңа·ҡ а¶ёа·қа·ға¶ёа·ҡ а·ға¶іа·„а¶ұа·Ҡ а·Җа·ҷа¶әа·’.රජ а¶ұа·Җ а¶ҡටа·Ҡටුа·Җа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’а¶ұа·’ а·Ғිරа·Ҹණි а¶ӯа·’а¶Ҫа¶ҡа·Җරа·Ҡа¶°а¶ұ а·Җа·’а¶ұа·’а·ғුරුа·Җරිа¶ә а¶ҙа·җа·Җа·ға·–а¶әа·ҡ එа·ға·Ҡ а¶…а¶әа·’ а¶үа¶ёа·Ҹа¶ёа·Ҡ а·Җа·’а¶ұа·’а·ғුරුа¶ӯа·”а¶ёа·Ҹ а·Җа·’а·Ға·Ҡ‍රа·Ҹа¶ё а¶ңа·ңа·ға·Ҡ а¶Үа¶ӯа·’  බа·Җа¶әа·’. а¶ёа·ҷа¶ё а¶ҙа·ҷа¶ӯа·Ҡа·ға¶ёа·Ҡ а·Җа·’а¶·а·Ҹа¶ңа¶әට а¶…а¶ңа·Җа·’а¶ұа·’а·ғුරු а·„а·җර а·ға·ҷа·ға·” а·ға·’а¶әа¶Ҫа·” а·Җа·’а¶ұа·’а·ғුරුа·Җරුа¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а·ға¶ёа¶ұа·Ҡа·Җа·’а¶ӯ а·Җа·’а¶ұа·’а·Ға·Ҡа¶  මණа·Ҡඩа¶Ҫа¶әа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа·” а·„а·ҷа¶әа·’а¶ұа·Ҡ එම а¶ҙුරа¶ҙа·Ҡа¶ҙа·Ҹඩුа·Җ а¶ҙිරа·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·” а¶ҙමණа¶ҡа·Ҡ එа·Җа·җа¶ұа·’ а·Җа·’а¶ұа·’а·Ға·Ҡа¶ а¶ә මණа·Ҡඩа¶Ҫа¶әа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·… а·„а·җа¶ҡа·’ බа·Җа¶әа·’.а¶ёа·ҡ а¶…а¶ӯර එа¶Ҫа·Ҡа¶ёа·қ а¶ҙа·ҷරа·ҡරа·Ҹ, а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ а¶ўа¶әа·ға·’а¶Ӯа·„, а¶ўа·Ҹа¶ұа¶ҡ а¶…а¶°а·’а¶ҡа·Ҹරී а·ға·„ а¶ а¶ұа·Ҡа¶Ҝа·Ҡ‍රа¶ңа·”а¶ҙа·Ҡа¶ӯ а¶ӯа·ҡа¶ұа·”а·Җර а¶ңа·ҡ а¶ҙа·ҷа¶ӯа·Ҡа·ға¶ёа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡа¶ҡරа¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ බа·Җ ඔа·Җа·”а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҷа¶ұа·“а·ғිටි а¶ұа·“а¶ӯа·’а·Җа·ҡа¶Ҝа·“ එමа·Ҡ а¶’ а·ға·”а¶ёа¶ұа·Ҡа¶ӯිරа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶Ҝа·җа¶ұа·Ҡа·Җа·“а¶ә.а¶ҡа·ңа¶ңа·Ҡа¶ңа¶Ҫ බа¶ұа·Ҡа¶Ҝа·”а¶Ҫ а·Җа·ҷа¶Ҫа·Ҡа¶Ҫа·Ҹа¶Ҫ а¶ұа·“а¶ӯа·“а¶Ҙа·Җරа¶әа·Ҹа¶Ҝ а¶…а¶ӯරමа·җа¶Ҝа·’ а¶ҙа·ҷа¶ӯа·Ҡа·ға¶ёа·Ҡа¶ҡරුа·Җа¶ҡа·” а¶Ҫа·ҷа·ғ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а·Җීමට а¶…а·Җа·ғර а¶ҙа·җа¶ӯа·“а¶ә. а¶ёа·ҡ а¶ҡරුණු а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫ а·ға¶Ҫа¶ҡа·Ҹ බа·җа¶Ҫа·“а¶ё а·ға¶іа·„а·Ҹ а·Ға·Ҡ‍රа·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡරණа¶ә а¶Ҫබа¶ұ а¶ўа·–а¶ұа·’ 11 а¶ұа·җа·Җа¶ӯ රа·җа·ға·Ҡа·Җීමට а¶ұа·’а¶әа¶ёа·’а¶ӯа¶ә.  
а¶ӯа¶ёа¶ұа·Ҡට එරа·ҷа·„а·’а·Җ මඩ а·Җа·ҠвҖҚа¶әа·Ҹа¶ҙа·Ҹරа¶әа¶ҡа·Ҡ а¶ҡа·ҠвҖҚරිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ බа·Җ а¶ҡබීරа·Ҡ а¶ҡа·’а¶әа¶әа·’
0
 (පොලොන්නරුව-ක.ග. කරුණාරත්න, හිඟුරක්ගොඩ - සුනිමල් හේවගේ)රටක අධ්‍යාපනය වෙනුවෙන් කරනු ලබන ආයෝජනය දීර්ඝතම මෙන්ම උතුම් ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආයෝජනයන් නිසා ඒ වෙනුවෙන් රජයක් විදියට සියලු කැපවීම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 25 වැනිදා පොලොන්නරුවේ දී ප්‍රකාශ කළේය. මේ රටේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්‍ෂ 40 කට වැඩි දරු පිරිස ජාතික මෙන්ම ජාත්‍යන්තර තලය තුළත් විශිෂ්ටයන් බවට පත් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම් සහ සම්පත් ලබාදෙමින් අපේ යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකරන බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවෙමිනි.පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ රුපියල් එක් කෝටි අනූනව ලක්‍ෂයක වියදමින් අභිනවයෙන් ඉදි කෙරුණු පිහිණුම් තටාකය සහ රුපියල් එක්කෝටි හතළිස් ලක්‍ෂයක වියදමින් ඉදිකළ නව ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරයද ජනාධිපතිවරයා අතින් මෙදින සිසු අයිතියට පැවැරීම සිදු කෙරිණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය. මගේ පාසලේ අද ඓතිහාසික දවසක්. සුන්දර පරිසරයක තාක්‍ෂණික උපදෙස් මත ගොඩනැගුණු ක්‍රීඩාංගණයක 2017 වසරේ රාජකීය විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පවත්වන අවස්ථාවේ ඔබ සමඟ එක්වීමට ලැබීම මා ඉතාමත් භාග්‍යයක් කොටයි සලකන්නේ. අද වගේම දවසක මට මතකයි රාජකීය විද්‍යාලයේ මගේ පාසලේ මම ශිෂ්‍යයෙක් විදියට අවසන් වරට මේ පාසලේ සිටියෙත් ඒ වගේම මම ශිෂ්‍යයෙක් විදියට සහභාගී වුණු නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් පැවැත්වුණෙත් මීට අවුරුදු 46 කට පෙර 1971 අප්‍රේල් මාසයේ පස්වෙනිදායි. මේ දරුවන් වගේම 1971 අප්‍රේල් මාසයේ පස්වෙනිදා මේ ක්‍රීඩාපිටිය තුළ අද ඔබ ඉන්න විදියටම, ඔබ ශිෂ්‍යයෙක් විදියට කටයුතු කරන විදියටම, ක්‍රීඩකයෙක් විදියට කටයුතු කරන විදියටම මම එදා කටයුතු කළා. ඒ වගේම අද මේ පාසලට පැමිණි අවස්ථාවේ විශේෂයෙන්ම ශිෂ්‍ය භට කණ්ඩයේ පැවැත්වුණු ආචාර පෙළපාළිය අවස්ථාවේ මගේ මතකය ඇදී ගියේ 1969 සහ 70 වර්ෂ දෙකේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයෙක් විදියට මේ විද්‍යාලයේ දියතලාවේ පුහුණු කඳවුරට සම්බන්ධවූ ආකාරයත් අද මේ සිසු දරුවන් ආචාර පෙළපාළියේ සිටි ආකාරයට මමත් එදා ශිෂ්‍ය භටයෙක් විදියට හිටියා. එදා ඒ වගේම මම පාසල් යනවිට බාල දක්‍ෂ සේවයේ දරුවන් දකින විට මගේ මතකය ඇදී ගියේ මම බාලදක්‍ෂයෙක් විදියටත් මේ පාසලේ එදා කටයුතු කරපු ආකාරය. අද ඔබ ක්‍රීඩා කරන්නේ විධිමත් තාක්‍ෂණික උපදෙස් මත ඉදිවූ අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයකයි. එදා මා ක්‍රීඩා කළේ ශිෂ්‍යයෙක් විදියට ක්‍රීඩා පිටියක නොව පිට්ටනියකයි. එදා පිට්ටනියේ සිටි ශිෂ්‍යයෙක් අද මේ දරුවන්ම නව තාක්‍ෂණය යටතේ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන්න ඔබට අවශ්‍ය විදියට අනෙකුත් විවිධ අංශවල සැණකෙළි බලන්න කටයුතු කිරීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.පොලොන්නරුව රාජකීය විද්‍යාලය මේ ආකාරයට ගොඩනඟන්න පුළුවන්කම ලැබුණේ එදා සී.පී. ද සිල්වා මහතා මේ රටේ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් පොලොන්නරුව සංවර්ධනය වගේම මේ රටේ ජාතික සංවර්ධන වැඩපිළිවෙළේදී අපට රාජකීය විද්‍යාලයත් දායාද කළා. මම ඉතාමත් සතුටු වෙනවා අද ලංකාවේ කිසිම පාසලකට නොදෙවෙනි ආකාරයට අංගසම්පුර්ණ සියලු දේවල්වලින් පිරි පාසලක් බවට පත් කරන්න මගේ දායකත්වය මගේ ආණ්ඩුවක් තුළ ලබා දෙන්නට පුළුවන්වීම පිළිබඳව.  මීට පෙරත් මා කියා තිබෙන ආකාරයට දරුවනේ දැන් තිබෙන්නේ ඔබේ වාරයයි. ඔබ දක්‍ෂ නම්, ඔබේ හැකියාවන් ඔබේ නිර්මාණශීලී භාවයන් ඔබේ කුසලතාවයන් තුළ ඔබ දක්‍ෂ දරුවන් වගේම දක්‍ෂ පුරවැසියන් වගේම ජාතික වශයෙන් මෙන්ම අන්තර් ජාතික වශයෙන් විවිධ ක්‍ෂේත්‍රවල ජයග්‍රහණය ලබන විශිෂ්ටයින් වනු දැකීමයි. අපි කාගේත් ප්‍රාර්ථනාව සහ අරමුණ.මේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අපි රජය විදියට කටයුතු කිරීම පළාත් සභාවේ දායකත්වය සහයෝගය අධ්‍යාපන අමාත්‍යංශය මේ සඳහා දෙන දායකත්වය මා ඉතාමත් අගය කරනවා. මීට පසුපස ඉදිවන අංගසම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණය මා විශ්වාස කරනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයට ලැබුණු ඓතිහාසික සම්පතක් විදියට. පොලොන්නරුව දිස්ත්‍රික්කයට තියෙන පාසල් දෙසිය හයෙන් හැටක් අද පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වෙමින් තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අංගසම්පූර්ණ කිරීම, අවශ්‍ය සම්පත් ලබාදීම, ප්‍රායෝගික වශයෙන් දරුවන්ට ඒ පාසල්වල ඉගෙනීම් කරනවිට අවශ්‍ය සම්පත් ලබා දෙනවා.පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන මා විශ්වාස කරනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයේ පරිවර්තනයක් පෙරළියක් කරමින් මේ කරන අනාගත ආයෝජනය තුළ මේ දිස්ත්‍රික්කයෙන් ලෝකය ජයග්‍රහණය කරන විශිෂ්ටයින් බිහිවෙයි කියලා. ඒ නිසා මේ දෙන සම්පත් පොලොන්නරුව රාජකීය විද්‍යාලයට පමණක් නොවෙයි අද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල්වල බැලුවොත් ඒ සෑම පාසලකම ඔබට දකින්නට පුළුවන් පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ තිබෙන නව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව. අපි ක්‍රියාත්මක කරලා තිබෙන තුන් අවුරුදු සැලැස්මක් තුළ මේ වනවිට වැඩ ආරම්භ කරලා තිබෙන්නේ. විද්‍යාලවල වැඩකටයුතු මේ වසරේත් ලබන වසරේත් ඉවරයි. සෑම පාසලකම 2018 අවසන් වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම පාසල්වල භෞතික සම්පත්වල කිසිම අඩුවක් නැතිව අංගසම්පූර්ණ වේවි කියලයි. මහ ඇමතිතුමාත් සමඟ මම සාකච්ඡා කරමින් හිටියේ මානව සම්පත් සම්පූර්ණ කිරීමේදී ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය ගුරු ප්‍රශ්නය, ගැටලුව විසඳීම සඳහා මේ වනවිට ගෙන යනු ලබන වැඩසටහනේ සාර්ථකත්වයක් දැකීමයි. ඒ වගේම මම ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මේ වසරේ අපට පුළුවන් වෙනවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව නගරයේ ඉදිවෙන සංහිඳියා පාසල වැඩකටයුතු ආරම්භ කරන්න.මම ඉන්දීය රජයෙන් කරපු ඉල්ලීමක් අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් අපිට පරිත්‍යාග කරලා තිබෙනවා. ණයක් නොවෙයි ප්‍රදානයක්. මේ දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දරුවන්ට එකට ඉගෙන ගන්න පුළුවන් පාසලක් අපි නිර්මාණය කරන්න. ඒ වගේම ලබන ජූලි පළවෙනිදා අපි වැඩ ආරම්භ කරනවා. මගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහල. එය පරිත්‍යාගයක්. එය ණයක් නොවෙයි. මම විශ්වාස කරනවා එය මුළු ලංකාවේම රෝගින් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථා නයක් බවට පත් කරන්න.මේ විදියට ගත්තම අපි අධ්‍යාපන ක්‍ෂේත්‍රය, ඒ වගේම සෞඛ්‍යය අනෙකුත් සියලු ක්‍ෂේත්‍රයන් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය සියලු අංග රජයක් විදියට අවශ්‍ය ඉලක්ක කරා යමින් මේ සංවර්ධන ක්‍රියාදාමය ඉතාමත් සාර්ථක විදියට ක්‍රියාත්මක කරන කාල සීමාවක්. ඔබට පොලොන්නරුව රෝහලට ගියවිට දකින්නට පුළුවන් පොලොන්නරුව අද මොනතරම් විධිමත් කාර්යක්‍ෂම සංවර්ධනයක් කරා යනවද කියල. ඒ වගේම තමයි ඒවායේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු ඒ සියලු කාර්ය මණ්ඩල ඉතාම විශිෂ්ට සේවයක් කරනවා. අපි රටක් විදියට බලාපොරොත්තු වෙන්නේ මේ සියලු අංශවල සංවර්ධනය. කෙනෙක් කියන්න පුළුවන්, අහන්න පුළුවන් ඇයි පොලොන්නරුවට විතරක්ද මේ විශේෂ ව්‍යාපෘති කියලා. නෑ. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අපි කරන්නේ පොලොන්නරුවේ අතපසුවූ දේ, පොලොන්නරුවට අත්‍යවශ්‍යම දේ පොලොන්නරුව ලංකාවේ තවත් දිස්ත්‍රික්කයකට නොදෙවෙනි දිස්ත්‍රික්කයක් බවට මේ දිස්ත්‍රික්කය පත් කිරීමේ ඒ උතුම් ව්‍යායාමය තමයි කරමින් තිබෙන්නේ. ඒ නිසා මම ඉතාමත්ම සතුටු වෙනවා වගේම මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදියට මේ විද්‍යාලයට මගේ ආදරය සහ ගෞරවය හැමදාමත් තියෙනවා. මේ දරුවන් දකින විට මගේ සිහියට එන්නේ ඔබ මෙන් මමත් ශිෂ්‍යයෙක් විදියට මේ පාසලේ ගත කරපු කාලයයි. ඒ නිසා දරුවනේ, ඔබට මම මේ වගේ දෙයක් කියනවා. ඔබ සෑම අතින්ම වාසනාවන්තයි. ඔබ සෑම ක්‍ෂේත්‍රයකින්ම භාග්‍යවන්තයි. ඔබට පාසලේ ප්‍රධාන වශයෙන් විභාගවලින් ඔබ ලබන ජයග්‍රහණ වගේම ඒ සඳහා සූදානම්වීම වගේම විභාග සමත්වීම වගේම මා කවදත් කියන පරිදි ජීවිතය සමත්වීම සඳහා සමාජය තුළ ප්‍රායෝගිකව තිබෙන ගැටලු සහ ප්‍රශ්න තේරුම් අරගෙන ඔබේ ජීවිතයේ ආත්ම ශක්තිය, ආත්ම ධෛර්ය, අධිෂ්ඨානශීලී භාවය, කැපවීම, විනය, විශිෂ්ටත්වය තුළ ඔබ මේ රටේ ශ්‍රේෂ්ඨ, විශිෂ්ට පුරවැසියන් වනු දැකීමයි අපේ අරමුණ. ඒ සඳහා ඒ ගමන් මගේ ඔබ ගෙනයන්ට, ඔබේ අනාගතය ශක්තිමත් කරන්නට අප විසින් දිය හැකි, දිය යුතු සෑම සහයෝගයක්ම ඔබට නොපිරිහෙළා ලබා දෙන බව ප්‍රකාශ කරන්න ඕන. වර්තමාන විදුහල්පතිතුමාත්, නියෝජ්‍ය විදුහල්පතිතුමාලත් තුමියලත්, ආචාර්ය මණ්ඩලය මෙම විද්‍යාලයේ දරුවන් සඳහා කරන කැපකිරීම මා ඉතාමත්ම අගය කරනවා.විදුහල්තිතුමාගේ නායකත්වයත්, ආචාර්ය මණ්ඩලයේ සියලුදෙනාගේ තිබෙන කැපවීම සහයෝගය තුළ මේ සියලු භෞතික සම්පත්වලින් අනූන මේ පාසල ලංකාවේ විශිෂ්ටතම පාසලක්, විභාගවලින් වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රය ඇතූළු අනෙක් බාහිර ක්‍රියාකාරකම් තුළ විවිධ ක්‍ෂේත්‍ර තුළ විශිෂ්ටතම පාසලක් බවට පත් කර ගැනීමට විදුහල්පතිතුමාත්, ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් කරන කැපවීම මා ඉතාමත් අගය කරනවා. එම නිසා අද දවසේ ඔබ සැම සමඟ එක් වන්නට ලැබීම ඔබට මෙන්ම ශිෂ්‍යයෙක් විදියට මට ඉතාමත්  ඓතිහාසික අවස්ථාවක් කියන එක සිහිපත් කරනවා.ඔබේ අනාගතය වගේම, මේ රටේ පාසල්වල අධ්‍යාපනය ලබන ලක්‍ෂ 40 කට වැඩි දරු පිරිස මේ රටේ විශිෂ්ටයින් මෙන්ම ජාත්‍යන්තරය තුළත් ඉහළ විශිෂ්ටයින් බවට පත් කරන්නට රජයක් විදියට අප විසින් ගත යුතු ක්‍රියාමාර්ගත් ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීමත් අවශ්‍ය සම්පත් ලබාදීමත් තුළ අපි රජයක් විදියට අපේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කරන බව ප්‍රකාශ කරමින් මේ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය අලුත් මුහුණුවරකින් අලුත් වැඩසටහන් රාශියක නියැලී සිටිනවා. ආදි ශිෂ්‍ය සංගමයටත් මම සුබ පතනවා. ආශිර්වාද කරනවා ඔබේ මඟ පෙන්වීම ඔබේ සහයෝගය තුළ මේ පාසල සංවර්ධනයට සනිටුහන් කරන්න කියා. ඒ වගේම මව්පියන්ගේ තිබෙන උනන්දුව වුවමනාව, කැපවීම තමන්ගේ දරුවන් වෙනුවෙන් මම ඉතාමත්ම අගය කරනවා.දරුවන් පාසලට එවනවා වගේම දරුවන් පාසලෙන් පෞද්ගලික පන්තියට යවනවා වගේම ඒ සියලු දේවල් පිළිබඳව මව්පියන් දැනට වඩා වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් අවශ්‍යයි කියන එකයි මගේ අදහස. එම නිසා දරුවන් පාසලට, පෞද්ගලික පන්තියට යවනවා වගේම, වැඩ රාජකාරි කොතෙක් තිබුණත් දරුවන් පිළිබඳව සොයා බැලීම පෙරට වඩා ඉතාම අවශ්‍යයි කියන එක විශේයෙන් සඳහන් කළ යුතු වෙනවා. පසුගිය දිනවල අපි දැක්කා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් නවක වදය දීම තුළ මොනතරම් හිංසාකාරී විදියට නවක ශිෂ්‍යයින්ට කරදර කරලා තිබුණාද කියන එක. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ ගෙයක් කුලියට අරගෙන නවක ශිෂ්‍යයින් ගෙනහිල්ලා ඇඳුම් ගලවලා නිරුවත් කරලා බිම දිගා කරලා පොලු අරගෙන ගහලා තලලා ඒ අහිංසක ශිෂ්‍යයින්ට ඉතාමත් ම්ලේච්ඡ විදියට හිංසා කරලා තිබුණේ.ඒ කටයුතුවලට සහභාගීවෙච්ච සිසුන්ට මම දොස් කියන්නේ නෑ. නමුත් ඒ සිසුන් ඒ තත්ත්වයට පත් කළේ කවුද? ඔවුන් පිටුපස්සේ සිටියේ කවුද? ඒ අයට ගෙවල් අරන් දුන්නේ කව්ද ඒ සඳහා මුදල් කොහෙන්ද මෙවැනි කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. ඒ නිසා දරුවනේ ඔබ වගේ මේ රටේ සමස්ත දරු පරපුර විශ්වවිද්‍යාලයට යන්නේ සුන්දර බලාපොරොත්තු රාශියක් පෙරදැරි කරගෙනයි. ඒ සුන්දර පරිසරය තුළ බලාපොරොත්තු රාශියක් ඇතිව ඔබ විශ්වවිද්‍යාලයට යනවිට විශ්වවිද්‍යාලයෙන් ඔබ පිළිගැනීම කෙබඳුද. අපි දන්නවා පසුගිය දශක කිහිපය තුළම බරපතළ ඛේදවාදක රාශියක් ඇතිවුණා. සමහර සිසුන් මියගියා. අතපය කැඩුණා. සමහර සිසුන් සියදිවි නසා ගත්තා. ඒ අතරට අපට වාර්තා වෙනවා ඉතාමත්ම වධහිංසා, හිංසාදායක අමානුෂික ක්‍රියාකාරකම්. ඒ නිසා අපේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ සිටින සියලුම සිසු දරුවන්ගෙන් සිසු පරපුරෙන් මම ඉල්ලනවා ඔබේ මානසිකත්වය, ඔබේ සහෝදරත්වය ඔබේ විශ්වවිද්‍යාලයට ඇතුළුවන සිසුන් සඳහා තිබිය යුතු සෙනෙහස, ආදරය, ගෞරවය, පිළිගැනීම ඒ මනුෂ්‍යත්වය තුළ විශේෂයෙන්ම ආගමික ධර්මතාවයන් තුළ ප්‍රබුද්ධ භාවයෙන් කටයුතු කරන්න කියා. එම නිසා මෙවැනි සිද්ධීන් අපි රජය විදයට බරපතළ ලෙස, බලවත් ලෙස කනගාටුවනවා වගේම එවැනි සිද්ධීන් ඇති නොවීමට මම උපදෙස් දීලා තිබෙනවා. ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් අරන් තිබෙනවා. විශ්වවිද්‍යාලයේ සියලුම උප කුලපතිතුමන්ලා, ආචාර්ය මණ්ඩල පීඨාධිපතිවරුන්, විනය පාලක සභා ඒ සියලුම අයට මම ප්‍රධාන වශයෙන්ම ඉදිරි කාලසීමාව තුළ අනෙකුත් ආයතන සමග අත්වැල් බැඳගෙන සෑම ශිෂ්‍යයෙකුටම නිදහස් පරිසරයක් තුළ තම අධ්‍යාපන කටයුතු කිරීමේ පසුබිමක්, පරිසරයක් ගොඩනගන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ පින්බර දිනයේ ආදරණීය, මාතාවන්ට රාජකීයයන්ට මවුපියන්ට සහ දරුවන්ට ඒ හා සමානවූ විදුහල්පතිතුමාත්, ආචාර්ය මණ්ඩලයත්, ආදී ශිෂ්‍යයින් සහ ආරාධිත අමුත්තන් වන ඔබ සියලු දෙනා සමඟ මේ දරුවන්ගේ කාර්යයට සහභාගී වීමට ලැබීම ගැන සතුටුවෙමින් දරුවනේ ඔබ වෙනුවෙන් ඔබේ අනාගතය සඳහා අප විසින් කළයුතු සියලු කැපවීම් කරමින් රටක අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය දීර්ඝතම මෙන්ම වඩාත් උතුම් ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආයෝජනය නිසා ඒ වෙනුවෙන් රජයක් විදියට සියලු කැපවීම තිබෙන බව ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින්  මම ඔබෙන් සමුගන්නවා. පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවිලාල් විජයවංශ මහතා පිළිගැනීමේ කථාව කළේය. උතුරු මැද පළාතේ ආණ්ඩුකාර පී.බී. දිසානායක, උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති ආර්.එම්.පී.බී. රත්නායක, යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ. 
රටක අධ්‍යාපනයට කරන ආයෝජනය උතුම් දෙයක්: රජය කැපවීමෙන් එය ඉටුකරනවා
1
අපේ රටේ දරුවන් දැනුමෙන් උගත්කමෙන් සන්නද්ධ කිරීමේ වගකීම රජයක් විදියට නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා (10) පොලොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.අන්තර් ජාතික දැනුම වෙළඳපොළේ නවෝත්පාදන ආර්ථිකයේ පවතින විශාල ඉල්ලූම සඳහා අපේ තරුණ පරපුර යොමු කිරීම සහ ඔවුනට අවශ්‍ය මඟ පෙන්වීම කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදි පසුගිය 10 වෙනිදා ආරම්භ වූ ‘‘රට වෙනුවෙන්  පිබිදෙන පුලතිසි යෞවනය’’ පොලොන්නරුව දිස්ති‍්‍රක් තරුණ කඳවුරේ සමාරම්භක උළෙල අමතමිනි.පුරා දින 03ක් තිස්සේ මෙම තරුණ කඳවුර පැවැති අතර ඒ සඳහා පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ තරුණ තරුණියෝ 3000කට අධික පිරිසක් සහභාගි වූහ.රටේ ඉදිරි සංවර්ධන කි‍්‍රයාවලියට කාර්යක්‍ෂම ලෙස දායක විය හැකි පෞරුෂ වර්ධනයෙන් සහ නායකත්ව ගුණාංගවලින් හෙබි තරුණ පරපුරක් බිහිකිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව පැවැත්වීමට යෝජිත නායකත්ව කඳවුරු වැඩසටහනේ සමාරම්භක කඳවුර වූ මෙය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය සහ පොලොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබුණි.අද රටේ පවතින ප‍්‍රශ්නවලදී බොහෝ වෙලාවට දකින දේ විනය පිළිබඳ ප‍්‍රශ්නය බවත් විනයක් ඇති මිනිසුන් බිහිකිරීම  මෙම තරුණ කඳවුරේ එක් අරමුණක් බවත් කී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ රටේ සියලූ දේශපාලනඥයින් විනයක් ඇති දේශපාලනඥයින් විදියට හැසිරෙනවාද කියන කාරණය අප හමුවේ අද තිබෙන බවද ප‍්‍රකාශ කළේය.එම නිසා අද මෙන්ම ඊයේත් පැවැති එම ප‍්‍රශ්නය හෙට දවසේ අවසන් කිරීම සඳහා අප සියලූ දෙනාම අධිෂ්ඨානශීලී විය යුතු යැයිද ජනාධිපතිවරයා කීවේය.ජනාධිපතිවරයා උත්සවය අමතමින් මෙසේද පැවැසීය.දිස්ත‍්‍රික්කයක තරුණයින් වෙනුවෙන් තෙදින තරුණ කඳවුරක් මේ රටේ පවත්වන පළමු අවස්ථාව වන්නේ මෙයයි. නිදහසෙන් පසු ලංකාවේ එකම දිස්ත‍්‍රික්කයක වත් විශාල තරුණ සංඛ්‍යාව නියෝජනයෙන් යුත් තෙදින තරුණ ක`දවුරක් පවත්වා නැහැ. ඒ අවස්ථාව ඔබට ලැබුණේ ඔබේ දිස්ත‍්‍රික්කයෙන් ඔබ රටේ ජනාධිපතිවරයෙක් පත්කර ගත් නිසයි. මෙවැනි තරුණ ක`දවුරක් සංවිධානය කිරීමට අවශ්‍ය සම්පත්, අනුග‍්‍රහය, කැපවීම ගත්විට ගුණාත්මක බවින් සහ උසස් ප‍්‍රමිතියකින් මේ කටයුත්ත කරන්න ආයතන රාශියක් අවශ්‍ය වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, තරුණ කටයුතු අමාත්‍යාංශය නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, යුද නාවික ගුවන් ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි  ආයතනත් ක`දවුර ශක්තිමත් කරන්න අවශ්‍ය සම්පත් ලබාදෙන පෞද්ගලික ආයතන රාශියකුත් අපට උදව් කර තිබෙනවා, මුදල් සහ අනෙකුත් සම්පත් ප‍්‍රදානය කිරීමෙන්.  ඒ නිසා මම විශ්වාස කරනවා මේ තරුණ දරු පිරිස පින්වන්ත, භාග්‍යවන්ත පිරිසක්. ඔබ මෙන්ම මමත් වෙළේ, පැලේ, කමතේ, නියරේ ජීවිතයේ වැඩි අත්දැකීම් ලබපු කෙනෙක්. මම ආශිර්වාද කරනවා මේ පැමිණ සිටින පොළොන්නරුවේ දහස් සංඛ්‍යාත තරුණ පිරිස අතරින්, මේ රටේ අනාගත අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් බිහිවේවා කියා.නිවේදක මහතා පැවසුවා වසර 732 කට පසුව පොලොන්නරුවෙන් රාජ්‍ය නායකයෙක් බිහිවුණේ කියලා. ඒ නිසයි මම ප‍්‍රාර්ථනා කරන්නේ මේ තරුණ පිරිස අතරින් අනාගත රාජ්‍ය නායකයෙක් බිහිවේවා කියලා. මේ තරුණ ක`දවුර සකස්කළේ කරුණු ගණනාවක් මුල්කරගෙනයි. මේ සමාරම්භක උළෙලේදී ඔබ ප‍්‍රතිඥාවක් දුන්නා. ඒ ප‍්‍රතිඥාව මම කලින් කියවලා තිබුණෙත් නැහැ. මම කලින් අහලා තිබුණෙත් නැහැ. ඒ ප‍්‍රතිඥාවේ තිබුණා තමන් තමන්ට ආදරේ කරන්න කියලා. තමන් තමන්ට ආදරේ නොකර අනික් අයට ආදරේ කරන්න තමන්ට ශක්තියක් ගොඩනැගෙනවාද කියන කාරණය අපි අපේ හෘද සාක්ෂියෙන් අහන්න  ඕනෑ. අපි මව්පියන්ට ආදරේ කරනවා. දරුවන්ට ආදරේ කරනවා. ආදරවන්තියන්ට ආදරේ කරනවා. ආදරවන්තයාට ආදරේ කරනවා. පාරේ යන එන විට හමුවන අයට ආදරේ කරනවා. ආදරේ කියන දේ කෙළවරක් නැති නිමක් නැති දෙයක්. මම හිතනවා ඔබ ඔබේ ජීවිත කාලය තුළ ඔබට ආදරේ කරන්න ශක්තිය අවශ්‍යයද. ඒ ශක්තිය දෙන්න මුල් වන්නේ ඔබේ කායික හා මානසික සෞඛ්‍යය තත්ත්වයයි. ඒ නිසයි ප‍්‍රතිඥාව දෙනවිට කිව්වේ ඔබ මුලින්ම ඔබට ආදරේ කරන්න කියලා. ඔබ තරුණ පිරිස විදියට ලබාගත යුත්තේ දැනුමයි. දැනුම උගත්කම තුළ පරිපූර්ණ වන තරුණ ප‍්‍රජාව තමයි රටක් ගොඩනගන්න අවශ්‍ය වන්නේ. කාර්යක්ෂම, අධිෂ්ඨානශීලී වූ ආත්ම ශක්තියක් ආත්ම අභිමානයක් ආත්ම ධෛර්යයක් ඇති ජනතාවක් බිහිවන්නේ එවිටයි. රාජ්‍යයක වගකීම මූලික වශයෙන්ම ඒ රටේ ජනතාව උගතුන් කිරීම. ඒ රටේ ජනතාව දැනුම්වත් භාවයෙන් පරිපූර්ණ කිරීමයි. රටේ ජනතාව ලෝකයේ තවත් රටක ජනතාවට දෙවෙනි නොවන ආකාරයට දැනුමෙන් අවබෝධයෙන් ශක්තිමත් කිරීම. ඒ උගත්කම සහ දැනුම එක්ක මූලික වශයෙන්ම ජීවිතය සමත්වෙන්න නම් විනයක් ඇති මිනිසෙක් බිහිවිය යුතුයි. අද රටේ ජනතාවගේ විනය පිළිබ`ද ප‍්‍රශ්නයක් පෙනෙනවා. දේශපාලනඥයින් තුළ විනයක් තිබෙනවාද කියන කාරණාව අපි විමසිය යුතුයි. විනයේ ආදර්ශය රටට දෙන්න මේ රටේ සියලූ දේශපාලනඥයින් විනයක් ඇති දේශපාලනඥයින් ලෙස හැසිරෙනවාද කියන ප‍්‍රශ්නය ඊයෙත් තිබුණා. අදත් තියෙනවා. එය හෙට දවසේ අවසන් කර ගැනීම සඳහා අපි අධිෂ්ඨානශීලී විය යුතුයි. මේ රටේ රාජ්‍ය නිලධාරීන් තුළ විනයක් ගොඩනැගීම පිළිබඳව කතා කිරීමේදී අපි සතුටු වෙන්න  ඕනෑ යුද, නාවික, ගුවන් ත‍්‍රිවිධ හමුදාවන් වල මූලික පුහුණුවේ සිට වැදගත්වන්නේ විනයයි. යුද්ධයක් කරන්න වැදගත් අවශ්‍ය දේ විනයයි. ඒ තුළයි හමුදාව කළමනාකරණය වෙන්නේ. ලෝකයේ ඇතැම් රටවල්වල රජයන් විසින් මුළු රාජ්‍යයේ ජනතාව හමුදා  පුහුණුවකට ලක් කරනවා. සිංගප්පූරුව ගත්විට සිංගප්පූරුවේ පළමු පරිවර්තනය කළ නායකයා ලී ක්වාන් යූ සිංගප්පූරුවේ බලය ලබා ගැනීමත් සමගම වර්ෂ දෙක තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත රටේ සමස්ත ජනතාවට හමුදා පුහුණුවක් දුන්නා. ඒ පුහුණුව දීම තුළ ඔහු බලාපොරොත්තු වුණේ යුද්ධයක් කරන රණකාමී ජනතාවක් බිහිකිරීම නෙවෙයි. ඔහු බලාපොරොත්තු වුණේ රටේ සියලූ පුරවැසියන් විනයක් ඇති ජාතියක් ලෙස ගොඩනැගීමයි. ඒ නිසා සියලූ ක්ෂේත‍්‍රවල විනය පිරිහීම රටේ ඉදිරි සංවර්ධන ගමනට බාධාවක් වනවා. ඔබට අවශ්‍ය විශාල සම්පත් ප‍්‍රමාණයක් ලබාදීලා අපි මේ ක`දවුරෙන් බලාපොරොත්තු වන ප‍්‍රමුඛ අංශයක් වන්නේ විනයක් ඇති යහපත් තරුණ පිරිසක් අනාගතයේ ගොඩනැගීම. ඒ ස`දහා නායකත්වය දීමටයි අපි මෙලෙස කටයුතු කරන්නේ. මේ තරුණ ක`දවුරේ නායකයින් ඔබයි. මේ තරුණ ක`දවුර කළමනාකරණය කෙරෙන, දේශන පවත්වන, වැඩසටහන් මෙහෙයවන අය නොවෙයි නායකයන් වන්නේ. ඔබ පොලොන්නරුවේ තරුණ පිරිස් විදියට අනාගතයේදී රටේ සියලූ තරුණ පිරිස් වෙතට ආදර්ශයක් ඇති තරුණ පිරිස් විදියට වැඩකිරීමයි අපි ඔබෙන් බලාපොරොත්තු වන්නේ. මේ දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීමේදී පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන, තුන් අවුරුදු සැලැස්ම මේ දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍යය, අධ්‍යාපන, වාරිමාර්ග, කෘෂිකර්ම, තරුණ කටයුතු, සමාජ සුබසාධන ආදී සියලූ ක්ෂේත‍්‍ර හරහා වැඩ කෙරෙනවා. 2018 x 19 වනවිට අපි බලාපොරොත්තුවෙනවා ලංකාවේ සංවර්ධනයේ ආදර්ශවත්ම දිස්ත‍්‍රික්කයක් බවට පොලොන්නරු දිස්ත‍්‍රික්කය පත්කරන්න.අද ඔබ දකිනවා ගම්මානවල පාසල්වල නව ගොඩනැගිලි ඉදිවෙනවා. රෝහල්වල නව ගොඩනැගිලි ඉදිවෙනවා. අලූතෙන් පාරවල් ඉදිවෙනවා. විවිධ ක්ෂේත‍්‍රවල පරිවර්තනයක් ඇති වෙමින් තිබෙනවා. එසේ කරන්නේ අනෙක් දිස්ත‍්‍රික්ක වලට අසාධාරණයක් වන ලෙස නොවේ. මේ දිස්ත‍්‍රික්කයේ අතපසු වූ සංවර්ධනය කාර්යක්ෂම කිරීම තුළින් ලංකාවේ සංවර්ධනය වූ දිස්ත‍්‍රික්ක මට්ටමට මේ දිස්ත‍්‍රික්කය පත් කිරීමයි මෙහි අරමුණ වන්නේ. විශේෂයෙන් පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතා අධ්‍යාපන ක්ෂේත‍්‍රය ගොඩනගන්න ඉහළම ප‍්‍රමුඛතාවය දී තිබෙනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ විභාග ප‍්‍රතිඵල පිළිබඳව එතරම් සතුටු වෙන්න පුඑවන්කමක් නැහැ. ඒකට හේතු තියෙනවා. ගුරු හිඟය තිබෙනවා. බොහෝ පාසල්වල සම්පත් හිඟයක් තිබෙනවා. මම 2015 ජනාධිපතිවරයා වූ පසු මුලින්ම කළේ මේ දිස්ත‍්‍රික්කයේ පාසල්වලට කෝටි 23 ක ඩෙස් පුටු දුන්නා. කෝටි නවයකින් පටන් අරන් කෝටි 23 දක්වා ගියා.ඒ පාසල් අංග සම්පූර්ණ කිරීම මේ වසරේ ආරම්භ කරනවා. මගේ ඉල්ලීමට අනුව සිංහල, දමිළ, මුස්ලිම් සියලූ දරුවන්ට එකට අධ්‍යාපනය ලබන්න සංහිදියාව ශක්තිමත් කරන පාසලක් ලැබෙනවා ඉන්දීය රජයෙන්. ඒවගේම වකුගඩු රෝගී අංශය ගත්විට මේ දිස්ති‍්‍රක්කය වගේම මුළු රටම බරපතළ තැනක තිබෙනවා. අපි චීනයෙන් කරපු ඉල්ලීමකට අනුව ලබන ජූලි මාසයේ සිට චීන රජයෙන් පරිත්‍යාග කරන විශේෂ ජාතික වකුගඩු රෝහල පොලොන්නරුවේ ආරම්භ කරනවා. පාසල් හැර ගොස් සිටින ඔබ වැනි පිරිස්, රැකියා නොකරන පිරිස්, ඉන්න පුලූවන්. ඒ අයට දැනුම ලබා දෙන්න ඒ අයට අංග සම්පූර්ණ පුස්තකාල  අනෙක් පැත්තෙන් වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන්න පහසුකම් තිබිය යුතුයි. මෙතන මහින්ද සමරසිංහ ඇමැතිතුමා ඉන්නවා. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මේ දවස් තුනේ මෙතන සිට ඔබට අවශ්‍ය මග පෙන්වාවි. අපි කතා කරන නවෝත්පාදන ආර්ථිකයක්. හරිත ආර්ථිකයක්. ඒ තුළ ගොඩනැගෙන  නව ජාතික ප‍්‍රබෝධයක්. අන්තර් ජාතික වෙළෙඳපොළට යවන්න අවශ්‍ය උගතුන්ගේ වෙළෙඳ පොළ අපි ජයග‍්‍රහණය කරන්න අවශ්‍යයි. අපිට ගෘහ සේවිකාවන් යවලා, හරි හම්බ කරන රටක් වෙන්න පුලූවන් කමක් නැහැ. අපි ඉතාම කෙටි කාලයක් තුළ එය අවසන් කරන්න අවශ්‍යයි. උගතුන්ගේ වෙළෙඳපොළ  අපි ජයග‍්‍රහණය කරන්න අවශ්‍යයි. ඒ සඳහා මේ රටේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරිවරු, හෙද සේවයේ ඒවාගේම විවිධ තාක්ෂණික හා කාර්මික අංශවල පුහුණුව ලත් ඔබ වැනි  තරුණ පිරිස් වලට ලෝකයේ දැනුම වෙළෙඳ පොළේ නවෝත්පාදන ආර්ථිකයේ ඉතා ඉහළ ඉල්ලූමක් තියෙනවා.ඒ සඳහා යොමු කිරීම අවශ්‍ය මග පෙන්වීම අපි රජයක් විදියට ලබාදීමයි මේ වන විට කරගෙන යන්නේ. මේ වසරේ නෙදර්ලන්තයේ ආධාර යටතේ විශ්ව විද්‍යාල මට්ටමක ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනයක් පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ ආරම්භ වෙනවා. මෙතන ඇමැතිතුමා ඉන්නවා. පසුගිය කාලය තුළ සාකච්ජා කරලා අපිට ඒ අධ්‍යාපන ආයතනය ලැබෙනවා. ඒවා පොලොන්නරු දිස්ති‍්‍රක්කයට පමණක් නොවෙයි ජාතික මට්ටමේ ආයතන. ඒ  සම්පත් ලබාදීම තුළ දරුවනේ, ඔබට අවශ්‍ය යහපත් ලෝකයක ඔබ බලාපොරොත්තු වන ඉතාමත් වැදගත් සමාජයක ගුණගරුක සමාජයක, විනය ගරුක සමාජයක විශිෂ්ට මිනිසුන් විදියට ගොඩ නැගෙන්නයි ඔබට අවශ්‍ය මගපෙන්වීම කරන්නේ. ඔබේ තිබෙන දක්ෂතා, ඔබට තිබෙන නිර්මාණශීලිභාවයන්, කුසලතාවයන් ඔබට තිබෙන ආත්මධෛර්ය, ආත්මශක්තිය සහ ආත්ම අභිමානය එක්ක ඓතිහාසික පොලොන්නරු පුරවරෙන් වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ කතාවෙන් පැවත එන  පරපුරක් විදියට ඒ මිනිිසාගේ ශ්‍රේෂ්ඨත්වය සමග මේ තරුණ දරුවන් ඔබ පොලොන්නරුව නොවෙයි මේ රට නොවෙයි  ඔබ මේ ලෝකය ජයග‍්‍රහණය කරන්න  ජාත්‍යන්තරයේ විශිෂ්ටයින් බවට පත් විය යුතුයි කියන එකයි අපේ ප‍්‍රාර්ථනාව  සහ ආශිර්වාදය වෙන්නේ.ඒ සඳහා ඔබට අපි මග පෙන්වනවා. ඒ සඳහා අවශ්‍ය උපදේශනය අපි ලබාදෙනවා. ඔබ දිවුරුම් දුන් අවස්ථාවේ ප‍්‍රකාශ කළ ආකාරයට සැදී පැහැදී ඉදිරිපත් වී ඉදිරියට එන්න ඔබට ආත්ම අභිමානය ආත්මශක්තිය සමග ඔබ සැම විටම තමන් තමන්ට ආදරය කරන මිනිසෙකු  බවට පත්විය යුතුයි. අද මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නය මුලූ ලෝකයම වෙලා ගෙන තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ලෝකයේ ආණ්ඩු හදනවා. ලෝකයේ ආණ්ඩු පෙරළනවා. දේශපාලන පරිවර්තන කරනවා. ජාවාරම්කාරයින් සමහර ආණ්ඩු පාලනය කරනවා. අපේ රටත් වේගයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වන රටක්. අපි දූපත් රාජ්‍යයක් විදියට මෙරටට නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ගෙනඒම මහත් ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒත් දරුවනේ ඔබගේ කැපවීම, අධිෂ්ඨානය තුළ මම හිතනවා ඔබ සියලූ දෙනාම මත්ද්‍රව්‍ය වලින් නිදහස් වූ දරුවන් බව. මතට ඇබ්බැහි නොවූ අය බවට මම ඔබ කෙරෙහි විශ්වාසය තබනවා. මේ තෙදින තරුණ කඳවුර තුළ ඔබට පෙන්වන මඟපෙන්වීම තුළින් ඔබ ජීවිතය ජයගන්නා ආකාරය පෙන්වා දෙනවා. ඔබ මිනිසුන් අතර සැබෑ මිනිසෙක් වන්න, ප‍්‍රමුඛයින්ගේ ප‍්‍රමුඛයෙක් වන්න, විශිෂ්ටයන්ගේ විශිෂ්ටයෙක් වන්න ඔබ මතින් නිදහස් මිනිසෙක් වන්න අධිෂ්ඨාන කරගන්න. ඒ තමයි ජාතියේ අනාගතය වෙනුවෙන් කළහැකි එකම පරිත්‍යාගය වී තිබෙන්නේ.  මෙම වාණිජ සමාජයේ අපිට සිත යොමුවන්නේ අනවශ්‍ය දේවල් වලට තමයි. අපිට සුදුසු, නුසුදුසු දේ මොනවාද කියලා තෝරා බේරා ගැනීම වැදගත් වෙනවා. මේ රාජකීය විද්‍යාල භූමිය තුළ අධ්‍යාපනය ලද ශිෂ්‍යයෙක් විදියට වගේම පොලොන්නරු ලක්ෂඋයන ගමේ පාසලට ගිය ශිෂ්‍යයෙක් විදියට, තෝපාවැව මහා විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙක් විදියට අද ඔබ දකින ලෝකය එදා මටත් තිබුණා. ඒ ප‍්‍රාර්ථනා පිරි ලෝකයේ මන්ත‍්‍රීවරයෙක් වන්න, ජනපතිවරයෙක් වන්න ප‍්‍රාර්ථනා තිබුණේ නැහැ. එය ජීවිතයේ දෛවය හා දේශපාලනික කැපකිරීමක් ලෙසයි මට ලැබුණේ.   ඔබ අද දකින දේට වඩා එදා මම ගතකළේ ඉතා දුෂ්කර ජීවිතයක්. හරියට ප‍්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුඑ පහසුකම් එදා තිබුණේ නැහැ. අද ඔබ විඳින පහසුකම් එදා අපිට තිබුණේ නැහැ. ඒ නිසා ඔබට ඔබේ අනාගතය සාර්ථක කරන්න, හොඳ තරුණයෙක් බිහිකරන්න, ඔබ සටන් කළ යුත්තේ ඔබ සමගයි. ඔබේ මගේ මාතෘභූමිය යහපත් කරන්නයි. ඔබටත් මටත් වටපිටාවේ තිබෙන ප‍්‍රශ්න එක සමාන වන්න පුඑවන්. නමුත් අපි මාතෘභූමියේ යහපත උදෙසා කැපවිය යුතුයි. මම මේ රටේ සියලූ මාධ්‍ය වලින් ඉල්ලා සිටින්නේ මාධ්‍ය තුළ පුඑවන් තරම් මේ රටේ තරුණ පරපුර ඇතුළු ජනතාව යහපත් කරන්න පුළුවන් දේවල් පෙන්වන්න කියලා. එක් එක් පුද්ගලික න්‍යාය පත‍්‍රවල නැතිව, එක් එක් දේශපාලන න්‍යාය පත‍්‍ර වල නැතිව රටක් ගොඩනගන්න මාධ්‍යයට වගකීම් රාශියක් තිබෙනවා. මේ දින තුනක තරුණ කඳවුර අවසානයේ ඔබ පැමිණියාට වඩා ඔබ යනවිට සාර්ථක මිනිසෙකු විය යුතුයි. මේ තරුණ කඳවුර හා එක්වූ ඔබට ඉදිරි මඟපෙන්වීම මේ දින තුනෙන් අවසන් කරන්නේ නැහැ. රජයේ සියලූ අමාත්‍යාංශ, පළාත් සභා, රාජ්‍ය නොවන ආයතන සියල්ල එක්ව මේ පැමිණි තරුණ පිරිස්වලට ජීවිත යහපත් කරන්න ප‍්‍රමුඛත්වයක් ලබාදෙනවා. මේ අවුරුද්දේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඔබේ ස්වශක්තියෙන්, දැනුමෙන් කළහැකි කර්මාන්ත සඳහා මිලියන 1700ක් මේ දිස්ත‍්‍රික්කය පුරාවට ලබා දෙනවා. ඔබට හැකි රැුකියාවන්, නිර්මාණශීලි ව්‍යාපෘති ඇතිකරන්න ඔබට තිබෙන අඩුපාඩුකම් තිබෙනවා වෙන්න පුළුවන්. ජීවිතය ගොඩනගාගන්න බැරිව දුක් විඳිනවා වෙන්න පුළුවන්. එවැනි ඔබ සඳහා තමයි මේ දිස්ත‍්‍රික්කයට අපි මෙතරම් මුදලක් වෙන්කරලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මූලික නියමු ව්‍යාපෘති වැඩසටහන් ආරම්භ කරලා ඔබට අවශ්‍ය ධෛර්ය හා ශක්තිය ලබාදෙන්න.ඔබේ අනාගතය ඉතා වාසනාවන්තයි. ඔබ කිසිවිටෙක පසුපසට යන්න එපා. ඔබ සැමවිටම ඉදිරියට යන්න. ඔබ කිසිදු විටෙක පරාජිත හැඟිම් ඇතිකරගන්න එපා. කිසිවිටෙක නැතිබැරිකම ප‍්‍රශ්නයක් කරගන්න එපා. ඔබේ අත්දැකීම් මමත් මගේ ජීවිතය තුළ විඳපු කෙනෙක්. පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ විශාල වශයෙන් සිටින අහිංසක ගොවි මහතුන් ඇතුළු ජනතාවගේ අනාගතය සාර්ථක කරන්න අපි රජයක් විදියට කැපවෙනවා. ඒක අපේ රාජ්‍ය වගකීම වගේම පෞද්ගලිකව කැපවෙනවා.ඒ නිසා මෙතැන සිටින සියලූ ජනතාවට ආශිර්වාද කරමින් මේ සඳහා වෙහෙස මහන්සි වූ සියලූ නිලධාරීන්ට හා ත‍්‍රිවිධ හමුදාවන්ට ස්තුතිය පළකරනවා. ඔබ සියල්ලටම තෙරුවන් සරණින් වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න හැකිවේවා ප‍්‍රාර්ථනා කරනවා. මේ කඳවුර මගින් ඔබ සියලූ දෙනාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගනිමින් මාතෘභූමිය ඉදිරියට ගෙනයමු කියලා ආයාචනා කරමින් මගේ කතාව අවසන් කරමි.මේ උත්සවයේ පිළිගැනීමේ කතාව පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් සිදුකරනු ලැබූ අතර තරුණ කඳවුර ප‍්‍රතිඥාව කියවීම වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් තරුණ  කඳවුරට සහභාගිවූ කේ.කේ. චාමර දේශපි‍්‍රය තරුණයා විසින් සිදුකරනු ලැබීය.තරුණ කටයුතු රාජ්‍ය ඇමති  නිරෝෂන් පෙරේරා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුද උත්සව සභාව ඇමැතූහජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම් විසින් සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු ආයතනගත විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් විසින් නර්තන අංග ඉදිරිපත් කරමින් උත්සව සභාව විචිත‍්‍රවත් කරනු ලැබීය. 
රටක අධ්‍යාපනයට කරන ආයෝජනය උතුම් දෙයක්: රජය කැපවීමෙන් එය ඉටුකරනවා
0
(අංජුල මහික වීරරත්න, මඩුකන්ද සිතුම් චතුරංග, ඕමන්ත ප්‍රියන්ත හේවගේ සහ වන්නි රොමේෂ් මධුසංඛ)ජාතිවාදී සහ ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්නයක් විසඳීමට හැකියාවක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා (19) මන්නාරමේදී පැවැසීය.දීර්ඝ කාලීන සාමය හා සංහිඳියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව යහපාලන රජයෙන් බලාපොරොත්තු වන බව කී අග්‍රාමාත්‍යවරයා ජනතාවට වගකියන මහජන නියෝජිතයන් සහිත ආණ්ඩුවක් බිහිවනු දැකීම ජනතාවගේ අපේක්ෂාව බව ද පැවැසීය.අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් කවුරුන් හෝ තවත් අයට හිරිහැර කරනවා නම් ජාතිබේද, ආගම්බේද ඇතිකරන්නට යනවා නම් ඔවුන්ට විරුද්ධව නීති මගින් ක්‍රියාකරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.රුපියල් ලක්ෂ 3062ක වියදමකින් නව ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගිවිය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,“වන්නියේ ජනතාවට සේවය ලබාගැනීම සඳහා නවීන ගොඩනැගිල්ලක් ලැබී තිබෙනවා. ජනතාව එයින් ප්‍රයෝජන ලබාගත යුතුයි. වජිර අබේවර්ධන, රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරුන් මේ කාර්යාලය විවෘත කරන්නට එන්නැයි මට ආරාධනා කළා. මේ ප්‍රදේශයේ දියුණු කිරීමට රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා බොහෝසෙයින් වෙහෙසෙනවා. එමෙන්ම මේ ප්‍රදේශයේ කර්මාන්තකරණයට ලක්කිරීමට ඔහු උනන්දු වෙනවා. මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් බදුර්දීන් මහතා හැමවිටම මගෙන් ඉල්ලීම් කරනවා.පාර්ලිමේන්තුවේදීත් රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා ඇතුළු මේ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙහි දියුණුව ගැන මගෙන් නිතරම විමසීම් කරනවා. මන්නාරමේ තිබෙන ප්‍රශ්න ගැන කියනවා. මේ ප්‍රදේශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ වාර්තා ලැබුණු පසු පළාත් සභාවටත් සංවර්ධනය සඳහා වන වියදම් ලබාදෙන බවට මා ප්‍රකාශ කරනවා.යුද්ධයෙන් විනාශවූ මන්නාරම හා වන්නිය දියුණු කිරීමට පළාත් සභාව හා මහ ආණ්ඩුව එකට එක්වී වැඩ කටයුතු කළ යුතුයි. මේ සංචාරයේදී උතුරු මහ ඇමැතිතුමාත් මුණ ගැසෙනවා. මේ උත්සවය පවත්වන්නේ එක් අතකින් විශේෂ දිනයකයි. යුද්ධය පැවැති සමයේදී රණවිරුවන් ඇතුළු විශාල පිරිසකගේ ජීවිත අහිමිවුණා.යුද්ධයේදී දෙපාර්ශ්වයේම ජීවිත අහිමිවූයේ ශ්‍රී ලාංකිකයන්ගේ බව කිවයුතුයි. ඔවුන් විදේශිකයන් නොවේ. ශ්‍රී ලාංකික පුරවැසියන් වන දෙපාර්ශ්වයෙන්ම ජීවිතයෙන් වන්දි ගෙව්වා. යුද්ධය නිසා අහිංසක ජනතාව මරුමුවට පත්වුණා. 1983 සිට ශ්‍රී ලාංකික ජනතාව යුද්ධය නිසා මියගියා. එලෙස මියගිය සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පිං පමුණුවමු. බොහෝ ජනතාව තමන්ගේ මියගිය ඥාතීන් පිළිබඳව කල්පනා කරනවා. අපත් ඔවුන් පිළිබඳව එක සිතුවිල්ලකින් කල්පනා කළ යුතුයි. ඒ වෙනුවෙන් සංහිඳියාව ඇතිකර දේශපාලන විසඳුමක් ලබාදිය යුතුව තිබෙනවා.කොටි සංවිධානය මේ ප්‍රදේශය පාලනය කරන සමයේ මෙහි තරුණ තරුණියන්ට ඔවුන් යටතේ විවිධ දේ සිදුකරන්නට යොමුවුණා. ඒ අය කිසිවිටකත් කොන්කළ යුතු නැහැ. ඔවුන් ද සමාජයට ඇතුළත් කොට සංවර්ධනයට එකතුකරගත යුතුව තිබෙනවා.පළමුවෙන්ම අප මෙහි සංවර්ධන කටයුතු ඇරඹිය යුතුයි. යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමටත් පියවර ගන්නවා. එමෙන්ම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමටත් බලාපොරොත්තු වෙනවා.උතුරට කර්මාන්ත ගෙන එන අයට විශාල බදු සහන ලබාදෙනවා. මෙහි සංචාරක ව්‍යාපාරය මෙන්ම ධීවර කර්මානත්ය දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. ඊළඟ මාස කිහිපයේදී මේ පිළිබඳ අප සාකච්ඡා කරමු. මේ සියලු දේ සාර්ථක වන්නේ සංහිඳියව සහ දේශපාලන විසඳුමක් ලබාදුනහොත් පමණයි.එම දේශපාලන විසඳුම ලබාදීමට ශ්‍රී ලංකාවේ නායකයන්ට හැකියාව තිබෙන බව ලෝක නායකයන් පවා පිළිගෙන තිබෙනවා. යුද්ධයේදී අතුරුදන්වූවන් පිළිබඳ අප දැන් පියවර ගන්නවා.සියලුදෙනා පිළිගන්නා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එම වැඩකටයුත්ත සිදුකළ යුතු බව මා හමුවූ සියලුම ලෝක නායකයන් මට පැවසුවා. ජපාන අගමැතිතුමා මට ඒ බව පැවසුවා. මෝදි අගමැතිතුමා මෙහි පැමිණ අප සමඟ කතා කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, උතුරේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟත් මා සමඟත් ඉන්දීය අගමැතිවරයා කතා කළා. ඉක්මනින්ම මේ අර්බුදය ගැන විසඳුමකට එන්නැයි දැනුම් දුන්නා.ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුවේ අවධානය මේ පිළිබඳ යොමුවී ඇති බවත් ඒ ගැන මූලික සාකච්ඡා සිදුකෙරෙන බවත් ඊළඟ මාස දෙක ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන බවත් මා ඉන්දීය අගමැතිවරයාට දැනුම් දුන්නා. අපට මේ ප්‍රශ්නය දිගින් දිගටම අදිමින් ඉදිරියට ගෙනයන්නට බැහැ. ලබන සුමානයේ සිට අප එම සාකච්ඡා ආරම්භ කරනවා. මූලික එකඟතා ගණනාවකට එළැඹිය හැකියි. ඉතිරි ප්‍රශ්න පිළිබඳව අපට සාකච්ඡා කළ හැකියි.ජාතිවාදී හා ආගම්වාදී ස්ථාවරයේ සිට මේ ප්‍රශ්න විසදීමට හැකියාවක් නැහැ. රට බෙදනවා. වෙනම රාජ්‍යයක් අවශ්‍යයි. රට නැතිවෙනවා ආදී කතා කියමින් ප්‍රශ්න විසඳන්නටත් හැකියාවක් නැහැ. අප සියලුදෙනා එක්වී ඒ වැඩකටයුත්ත කළ යුතුයි. දීර්ඝ කාලීන සාමය හා සංහිඳියාව සඳහා වන දේශපාලන විසඳුමක් ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම සාධාරණ බලය බෙදීමේ වැඩසටහනක් ද බලාපොරොත්තු වෙනවා.ජනතාවට වගකියන මහජන නියෝජිතයන් සහිත ආණ්ඩුවක් ජනතාවගේ අපේක්ෂාවයි. රටට ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.සිංහල දෙමළ මුස්ලිම් අන්තවාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ආගම්වාදයෙන් ඉදිරියට යන්නට බැහැ. ඕනෑම කෙනකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් එම අදහස් ප්‍රකාශ කිරීමේ මුවාවෙන් තවත් අයට හිරිහැර කරනවා නම් මෙරට ජාතිබේද, ආගම්බේද ඇතිකරන්නට යනවා නම් ඔවුන්ට විරුද්ධව ආණ්ඩුව නීතිය අනුව ක්‍රියාත්මක කරන බව මා මෙහිදී අවධාරණය කරනවා.මෙරට බහුතර ජනතාවක් එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කළේ මෙරට ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය නිසයි. මැතිවරණයේදී ඡන්දය දුන් අය මෙන්ම නොදුන් අයත් දැන් ඒ විසඳුම බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ලෝකයත් එම විසඳුම බලාපොරොත්තු වෙනවා. කකුලෙන් අදිමින් එම විසඳුම පමාකිරීමට කිසිවකුට අයිතියක් නැහැ. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිතුමාත්, මමත්, විපක්ෂ නායකතුමාත් මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. විපක්ෂයේ සෙසු පක්ෂ සමඟත් සාකච්ඡා කිරීමට අප සූදානම්.දේශපාලන විසඳුම වෙනුවෙන් කැපවී ඊළඟ මාස කිහිපයේදී රටට හොඳ වාර්තාවක් ලබාදී හොඳ ව්‍යාවස්ථාවක් නිර්මාණය කර අනුමත කරගැනීම අපේ අරමුණයි. නව ව්‍යවස්ථාව පැමිණි විට සංවර්ධනය තවත් වේගවත් වෙනවා. ඒ වෙනුවෙන් අප සියලුදෙනා බේද අතහැර කැපවෙමු. මෙහි ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතියක් පුදකරනවා.”පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා.“මුණ්ඩිකුලම ප්‍රදේශයේ අක්කර සියයක් ජනතාව වෙනුවෙන් නිදහස් කොට තිබෙනවා. එය ජනතාවට කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා. රජය සිංහල දෙමළ මුස්ලිම් ඕනෑම අයකුගේ ඉඩම් ලබාගෙන තිබේ නම් ඒවා නිදහස් කිරීම අපේ අරමුණයි. ජී.එස්.පී ප්ලස් සහනය ලැබීමෙන් අපේ ජනතාවට විශාල සහනයක් ලැබූ බව කිවයුතුයි. තව ඉදිරියටත් මන්නාරමේ මෙන්ම උතුරේ ජනතාවට සංවර්ධනය සැලසීමට අප සූදානම්.”කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා,“ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ලැබීමෙන් පසුව අපට යුරෝපා වෙළෙඳපොළ විවෘත වී තිබෙනවා. එමෙන්ම යහපාලන රජය යටතේ ජාත්‍යන්තර සහයෝගය විශාල වශයෙන් සංවර්ධන කටයුතු වෙනුවෙන් ලැබී තිබෙනවා.වන්නි ප්‍රදේශයට අයත් ගම් දනව් විශාල වශයෙන් පීඩාවට පත්වුණා. ඔවුන්ගේ ජනජීවිතය ගොඩනැගීමට අප කටයුතු කරමින් සිටිනවා. මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවධානය යොමුවී තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් බෙදී සිටියහොත් වන්නේ රට විනාශවීමයි. සියලුදෙනා එකතුවුවහොත් රටට සෞභාග්‍ය උදාකළ හැකියි.ජනාධිපතිවරණයේ ජයගැනීමට තිබියදීත් ජනතාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ කැපකිරීම අමතක කරන්නට බැහැ. ඔහු ඒ සටනට සැබෑ ජයග්‍රහණයක් ලබාදුන්නා.”පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරකසභා සභාපති සෙල්වම් අඩෙකලනාදන් මහතා, “පසුගිය රජයට වඩා ජනතා සේවයක් අපට ලැබී තිබෙනවා. උතුරේ ඉඩම් ප්‍රශ්න, සිරකරුවන්ගේ හා අතුරුදන්වූවන්ගේ ප්‍රශ්න විසඳාගත යුතුයි. එසේම ඉඩම් ප්‍රශ්න විසඳීමට රජය ඉදිරිපත්විය යුතුයි.මෙහි රජයේ සේවකයන් එහි නිලධාරීන් කිසිකෙනකුගේ බලපෑමට යටත් නොවී අවංකව සේවය කරනවා. දේශපාලන ඇඟිලි ගැසීම් නැතිනම් තවත් සේවයක් කිරීමට හැකියාව ලැබේවි.”වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා,“නව දිසාපති කාර්යාලයක් ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළකරනවා. මිලියන 305 වියදමින් මෙය ඉදිකිරීම මන්නාරම ජනතාව ලැබූ ජයග්‍රහණයක්. අපි ජනතාව හමුවුණාම ජනතාව අපේ ප්‍රශ්න කියනවා. ඒ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදීම අපේ යුතුකමක්. නමුත් විසඳුම් ලබාදීමට අපහසු අවස්ථා ද තිබෙනවා.”වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,“මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට මූල්‍ය ආධාර ලබාදුන් අග්‍රාමාත්‍යවරයාට මාගේ ස්තූතිය පළකරනවා. අපේ ජනතාවට ප්‍රශ්න රාශියක් තිබුණත් ඒවා කතා කරන අවස්ථාවක් නොවෙයි. ජනතාවගේ ප්‍රශ්න කතා කිරීමට අපට පාර්ලිමේන්තුවේදී අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳව ද ස්තූතිය පුදකරනවා.මන්නාරම බස් නැවතුම්පොළ හොඳින් ඉදිකරගතයුතුව තිබෙනවා. තලෙයිමන්නාරම හා මන්නාරම ප්‍රදේශයේ බොහෝ මාර්ග අබලන් වී තිබෙන්නේ. ඒවා ඉදිකරන ලෙස ආධාර යොමුකරන ලෙස ද ඉල්ලා සිටිනවා.”මන්නාරම දිස්ත්‍රික් ලේකම් එම්.වයි.එස් දේශප්‍රිය මහතා,“මේ ගොඩනැගිල්ල කෙටි කලකින් වැඩ නිමකළා. කිසිම බාධාවකින් තොරව මිලියන 305 මුදල් ප්‍රතිපාදන ලැබුණා. මේ තුළින් ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් කිරීමට හැකිවීම මාගේ හැඟීමයි.”මෙම උත්සවයට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ද රාජ්‍ය නිලධාරීහු ද ඇතුඵ විශාල පිරිසක් සහභාගීවූහ.
ජාතිවාදි-ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ
1
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර ඇති බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සිදුවීමට නියමිත පසුගිය වංචා දූෂණ පරීක්ෂණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය පතන බවද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකළපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත්වෙනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මට ආශිර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලු දෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලු දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජිවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වනවිට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරියකු කැඳවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණාද?සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනි තබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලු දෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවකුත් විරුද්ධ වුණේ නැහැ.අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවාද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.අපි දැන් ඇමෙරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්ෂණ කීයක් තිබෙනවාද? මාධ්‍යයෙන් කොංග්‍රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමෙරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලුත් දෙයක් නොවේ.යම් යම් දේ සිදුවුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඬේ ගියා. ලංකාදීපේ කඬේ ගියා. දිවයින කඬේ ගියා. අද පත්තරේ කඬේ ගියා. ලක්බිම කඬේ ගියා. දිනමිණ කඬේ ගියා. සිළුමිණ කඬේ ගියා. දෙරණ කඬේ ගියා. කඬේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඬේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා දූෂණ, වහගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තියවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප කළ යුතුදේ සියල්ල කර තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒ නිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.එමෙන්ම අප තවත් පරීක්‍ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දූෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයේ හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇති වී තිබෙනවා.හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදුවුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදු වූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජිමය විසින් ඒ 332 සුබෝපභෝගී ගුවන් යානා 8 ක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාබ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදුවුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඬේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කිව්වා යැයි ඬේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්ෂණ පැවැත්වූවා. ඒ ආකාරයේ සිදුවීම් 2008 සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලුම චෝදනා සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමි වූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතාට මා ස්තූතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ.කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි. හම්බන්තොට වරාය නිසා සිදුවූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලුතෙන් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා : - 1977 වසරේ විප්ලවීය වෙනසක් කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ කැපී පෙනෙන චරිතයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියා. එක්සත් ජාතික පක්‍ෂය වැනි දැවැන්ත පක්‍ෂයක සාමාජිකයන් බවට පත්වීමම අපට අභිමානයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන  මහතා දැමූ අත්තිවාරම මත අද වනවිට ශක්තිමත් සමාජයක්  ගොඩනැඟී තිබෙනවා. අගමැතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමට අප කැපවී ක්‍රියා කරනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා :-  රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන දිවියේ 40වසරට පා තැබීමෙන් පසුව පළමු දේශපාලන රැස්වීම පවත්වන්නේ හැටන් නගරයේදීයි. වතුකරයේ ජනතාව හැමදාම අගමැතිතුන් විශ්වාස කරනවා. සරත් ෆොන්සේකා මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන ලෙස එතුමා කළ ඉල්ලීමට වතුකරයේ ජනතාව ඇහුම්කන් දුන්නා. 1948 වසරේ දී ලංකාව නිදහස ලැබුවත් වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ පුළුල් අධ්‍යාපන සංකල්පය නිසා වතුකරයේ  ජනතාවට අධ්‍යාපනයේ දොර විවෘත වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ ප්‍රදේශවලින් බිහි වුණා. සියලුම ජාතීන් සම අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය යුතු යැයි සිතන එකම නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.රනිල් වික්‍රමසිංහ මහතා තරම් අභියෝග මැද දේශපාලනයේ ඉහළට පැමිණි තවත් නායකයකු නැති බව මගේ හැඟීමයි. වතුකරයේ වත්මන් දේශපාලන ගමන ශක්තිමත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා :- මහ වැසි නොතකා අධික ජනකායක් මෙහි පැමිණ තිබෙනවා. අගමැතිතුමන් පාර්ලිමේන්තු දිවියේ 40 වන වසර සමරමින් සිටිනවා. එතුමන් මුලින්ම මස්කෙළියට පැමිණීම අප සැමට කළ ගෞරවයක් බව කිව යුතුයි. අප රජය යටතේ වැඩ කටයුතු රැසක් අරඹා තිබෙනවා. වසර ගණනාවක් නොසලකා හැර තිබූ මාර්ග රාශියක් දැන් ඉදිවෙමින් තිබෙනවා. ශීඝ්‍ර සංවර්ධනයත් සමග රැකි රක්‍ෂා රාශියක් ඉදිරියේදී බිහිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂ රජයකින් හැර වෙනත් ආණ්ඩුවලින් වතුකරයට සේවයක් සිදුවී නැහැ. ඉතා හොඳ  චරිතයක් ඇති ජනතා නියෝජිතයන් පිරිසක්  අප සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් කරමු. ඉදිරි මැතිවරණවලදීත් කුණුකන්දල් ඉවතලා හොඳ ජනතා නියෝජිතයන්  පත්කරගනිමු. සත පහක දෙයක් මා කිසිදු වංචාවක් කර තිබේ නම් ඔබ මට ඇඟිල්ල දිගු කරන්න. මා එසේ කරන්නේ සැබෑ ජනතා මෙහෙවරක් කිරීම සඳහායි යැයිද කීය.(ඡායාරූප - ශාන්ත රත්නායක)
ජාතිවාදි-ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ
0
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්.හේවා හැටන් සිට)ඡායාරූපය - ශාන්ත රත්නායක ලෝකය පුරා විවිධ රටවල් වෙන් විය යුතු යැයි, උණ්ඩ අතට ගන්නා විට ලංකාවේ ජනතාව එක්ව ජීවත් විය යුතු යැයි දුන් ජනවරම අනුව ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන් හිදී ඊයේ 29 වැනිදා පැවැසීය.ශ්‍රී ලාංකිකයන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ යුද්ධයෙන් පසු බලාපොරොත්තු වූ සංහිඳියාව ගොඩ නැගීම සඳහා බව කී අග්‍රාමාත්‍යවරයා සිංහල, දෙමළ, මුස්ලිම් බහුතරයක් ජනතාව දුන් ජනවරම ක්‍රියාත්මක කිරීම රජයේ යුතුකම බව ද අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අපටම අයිති ඉඩමක් අපටම අයිති නිවසක් තේමාව යටතේ වැවිලි ප්‍රජාවට පර්චස් හත බැගින් වන ඉඩමක් සඳහා නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහනේ තෙවැනි අදියර ලෙස සහ ඉතිහාසයේ ප්‍රථම වතාවට එකවර නිරවුල් ඔප්පු 2864ක් නිවාසලාභීන්ට තිළිණ කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.මේ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ලබා දීම සිදු විය. මෙම නිරවුල් ඔප්පු හිමිවන වැවිලි ප්‍රජාවට බැංකු ණය මගින් ණය ලබා ගැනීමේ හැකියාව ද පවතී.හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) මෙම උත්සවය පැවැතියේ විශාල ජනකායකගේ සහභාගීත්වයෙනි.එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.“අපේම ඉඩම, අපේම නිවස වැඩසටහන යටතේ මේ ප්‍රදේශයේ 700 දෙනකුට ඉඩම් ඔප්පු ලැබෙනවා. වතුකරයේ 2600කට පමණ ඉඩම් ඔප්පු ලබාදීමට මෙමගින් ක්‍රියා කරනවා. මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දිගම්බරම් ඇමැතිතුමන්ට ස්තුතිය පළ කළ යුතුයි. වසර 20කට 30කට පසුව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන අමාත්‍යවරයකු ලැබීම පිළිබඳව අප සතුටට පත්විය යුතුයි.1993-1994 වසරවලත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවතුන් අතර සිටියදීත්, ඩී.බී. විජේතුංග මහතා යටතේත් සෞම්‍යමූර්ති තොන්ඩමාන් මහතා සමඟ මේ ප්‍රෙද්ශවලට පැමිණ කටයුතු කළා. ඉන් පසුව අපට ආණ්ඩු බලය අහිමි වුණා. විවිධ ආණ්ඩු ඇති වුණත්, විවධ ඇමැතිවරුන් සිටියත්, ඉඩම්, නිවාස ලබා දෙනවා යැයි පොරොන්දු ලබා දුන්නත් මේ ජනතාවට සැබෑ සේවයක් වුණේ නැහැ. දෙමළ භාෂාවෙන් පවසනවා නම් කීමට ඇත්තේ ඉල්ලේ යන වචනය පමණයි.මෙවර කඳුකර යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස දිගම්බරන් මහතා පත් කර වගකීම් ලබා දීමට අප කටයුතු කළා. වසර විසි ගණනකට පසුව මේ ප්‍රදේශයට සැබෑ ලෙස සේවය කළ හැකි අමාත්‍යවරයකු බිහි වී තිබෙනවා. තවත් මේ ආකාරයට ඉඩම් නිවාස ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.පළමු වරට ඉන්දීය අගමැතිවරයකු මෙහි පැමිණියා. මෝදි අගමැතිතුමන් සමඟ මෙහි සංවර්ධන කටයුතු සම්න්ධයෙන් අප සාකච්ජා කළා. මෝදි අගමැතිතුමා මේ ප්‍රදේශයේ තවත් නිවාස දස දහසක් ඉදිකිරීමට පොරොන්දු වී තිබෙනවා. මෙහි නිවාස 5000ක් ඉදිකර තිබෙනවා. ඉතිරි නිවාස ප්‍රමාණය ඉදිකිරීමටත් අවශ්‍ය මුදල් අප සොයාගත යුතුයි.දැන් නිවාස ලබා දීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. වතුකරයේ පාසල් රජයට පවරා ගත්තේ මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටින සමයේදියි. දැන් පාසල් තිබෙනවා. එහෙත් විද්‍යාව උගන්වන පාසල් අඩු නිසා වතුකරයේ පාසල්වල උසස් පෙළ විද්‍යාව උගන්වන පාසල් ඇරැඹීම සඳහා රාධක්‍රිෂ්ණන් අමාත්‍යතුමාට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දුන්නා. එදා මා ශ්‍රීපාද විද්‍යා පීඨය ආරම්භ කළා. අද රාධක්‍රිෂ්ණන් මහතාට මෙහි අධ්‍යාපනය දියුණු කිරීමේ වගකීම ලබා දී තිබෙනවා.තරුණ සේවා සභාවේ යෞවන සමිති මෙහි තිබෙනවා. එම ආයතනවලිනුත් සෙසු අමාත්‍යාංශවලිනුත් අප අදාළ කටයුතු කරගෙන යනවා.වතුකරයට ඉඩම් ලබාදීම අප සීමා කර නැහැ. මේ ප්‍රදේශයේ සෙසු ප්‍රදේශවලටත් ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන් කේ.කේ. පියදාස මහතා විසින් ක්‍රියාත්මක කරනවා. ඇතැම් ස්ථානවලට අවශ්‍ය නිවාස පහසුකම් තිබෙනවා. අවශ්‍ය කරන්නේ ඔප්පු පමණයි. මේ සියල්ල කරන්නට හැකි වුණේ ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා අමාත්‍යාංශය භාර ගෙන සෑම ප්‍රදේශයකටම ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසහටන ඇරැඹීම නිසයි. මා ඔප්පු ලබා දීමේ රැස්වීම් කිහිපයකටම සහභාගි වුණා. රජයෙන් ලැබුණු හැම ඉඩමකටම නිවසකටම දැන් ඔප්පුවක් තිබෙනවා. එසේ නම් දැන් ඔප්පුව නිසා ඔබේ භුක්තිය තහවුරු වෙනවා.මෙරට ඉඩමක් නොතිබූ ජන කොටසකට ඉඩම් ඔප්පු, නිවාස ලබා දෙන්නේ මේ උත්සවයේදීයි. වැදගත්කම පවතින්නේ එතැනයි. මෙවැනි ඔප්පු ප්‍රදානයක් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.1986 වසරේදී වතුකරයේ ජනතාවට සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ පුරවැසිකම ලබා දුන්නා. එහිදී ඔවුන්ට ඡන්ද අයිතිය ලැබුණා. කොළ කැබැල්ලකින් ලබාගත හැකි අයුරින් අප ඡන්ද අයිතිය ලබා දුන්නා. එපමණක් නොව සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් පිට සියලුම දෙනාට ලංකාවේ පුරවැසිකම ලබා දී එම වැඩකටයුතු ආරම්භ කළා.එදා පුරවැසි බව ඡන්ද බලය තිබුණත් ඉඩමක්, නිවසක් තිබුණේ නැහැ. ඔවුන්ට ලැයිම් කාමරවල ජීවත් වී ලැයිම් කාමරවලම මිය යන්න සිදු වුණා. අද පුරවැසියන් ලෙස අනෙක් සෑම ජනකොටසකට මෙන් ඉඩමක්, නිවසක් තමන්ට ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. වතුකරයේත් අනෙක් සෑම ප්‍රදේශයකමත් අප ක්‍රියාත්මක කරන්නේ ඒ වැඩපිළිවෙළ බව කිව යුතුයි.ශ්‍රී ලංකාවේ අනෙක් සෑම කෙනකුටම තිබෙන පහසුකම් අද වතුකරයේ ජනතාවට ලබා දී තිබෙනවා. එම භුක්තිය, ලබන ජනතාව තවත් ශීඝ්‍රයෙන් වැඩිකර  ගැනීම අපේ අරමුණයි. වර්තමානයේ මේ පියවර සම්බන්ධයෙන් කිසිවකුගේ විරුද්ධත්වයක් නැහැ. 1986 වසරේ මෙහි ජනතාවට ඡන්ද බලය ලබා දෙන විට විවිධ කෝලාහල ඇති වුණා. අද එවැනි කිසිම කෝලාහලයක් නැහැ. අද මෙරට ජනතාවට අවශ්‍ය කරන්නේ සංහිඳියාවයි. එකට එකතු වී ජීවත් වීමයි. එක්සත්ව ජීවත් වීමයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස අයිතිය භුක්ති විඳීමයි.වත්මන් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඕනෑම ජන කොටසක් එකතු වී ගමනක් යා යුතු බව මෙරට ජනතාවගේ අදහසයි. වත්මන් ලෝකයේ බි්‍රතාන්‍යයේ, ස්පාඤ්ඤයේ, ඉරාකයේ වෙන්විය යුතු යැයි ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. වෙන් වීම සඳහා සටන් කරනවා. උණ්ඩය අතට ගන්නවා. නැතිනම් ඡන්ද නවත්වා වෙන් වීමට උත්සාහ කරනවා. ලංකාවේ පමණක් 2015 වසරේදී ගත් පියවර කුමක් ද?සිංහල බහුතරයක්, දෙමළ ජනතාව බහුතරයක්, මුස්ලිම් ජනතාව බහුතරයක්, බර්ගර් ජනතාව බහුතරයක් මෛත්‍රීපාල සිරිසේන මහත ජනාධිපති ධුරයට පත් කර අප සියලු දෙනා එකතු කරන්නැයි ජනවරමක් ලබා දී තිබෙනවා. අප දැන් ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ජනවරමයි.අපේ අතීතය දෙස බලන්න. ඉතිහාසයේ අප යුද්ධවලට මුහුණ දුන්නා. වසර 30ක යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වූ පසුව දිගු කාලීන සාමයක් සඳහා අවශ්‍ය සංහිඳියාව සහ එකඟත්වය තිබුණේ නැහැ. මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ගත්තේ එම සංහිඳියාව ලබා ගැනීමට නොහැකි වූ නිසයි.අද ජනතාව එකතු වී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය එකතු වී තිබෙනවා. අපට එකතු වී යන්නට ගමනක් තිබෙනවා. ඒ සඳහා කාලයක් අප එකතු විය යුතුයි. අප ක්‍රියාත්මක කරන්නේ මේ ජාතීන් සියල්ල එකතු කරන ජනවරමයි.නීතියකින් පමණක් මේ කටයුතු කරන්නට හැකියාවක් නැහැ. ඒ සඳහා බිම් මට්ටමේ ප්‍රතිඵල තිබිය යුතුයි. වචනවලින් පමණක් මේ කටයුතු කරන්නට හැකියාවක් නැහැ. උතුරේ යුද්ධයෙන් පසුව දැන් අප සහන ලබා දෙනවා. නැවත ඉඩම් ලබා දෙනවා. පන්සල් දියුණු කරනවා. මුස්ලිම් දේවස්ථාන දියුණු කරනවා. මේ සියලුම දේ අප විසින් ඉටු කරනවා. මේ සියල්ල කරන්නේ අප එකතු වන්නේ කෙසේදැයි සලකා බැලීම සඳහායි.ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එකතු වන ලෙස සියලු දෙනා ඉල්ලා සිටිනවා. ප්‍රධාන පක්ෂ දෙක මේ ක්‍රියාවලිය සඳහා එකතු වුවහොත් අපත් සූදානම් බව ද්‍රවිඩ සන්ධානය ද පවසා තිබෙනවා. උතුරේ දෙමළ පක්ෂ එවැනි දෙයක් පැවැසුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.එසේ නම් අප ටිකෙන් ටික විසඳුමක් කරා ළංවෙමින් සිටිනවා. ඒ විසඳුම ලබා දීම සඳහා ජනපතිට වරමක් තිබෙනවා. ආණ්ඩුවට මෙන්ම අපේ පක්ෂවලට වරමක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පක්ෂවලට වරමක් තිබෙනවා.එසේ නම් අප මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා ද? එවිට ජනතාවට කියන්නේ කුමක් ද? එම ප්‍රශ්න ලංකාවේ ඇතිවුණේ ඇයි? භාෂාව නිසාද? එදා විසඳන්නට තිබූ ප්‍රශ්නයක් විසඳීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. කවුරුන් බලයේ සිටියත් විරුද්ධ විවිධ ව්‍යාපාර පටන් ගත්තා. එදා තිබූ භාෂා ප්‍රශ්නය පසුව වෙනම රාජ්‍යයක් බවට පත් වුණා. ෆෙඩරල් ප්‍රශ්නයක් බවට පත් වුණා. භාෂා ප්‍රශ්නය ෆෙඩරල් ප්‍රශ්නයක් වුණා. ෆෙඩරල් ප්‍රශ්නය මෙනම රාජ්‍යයක් ඉල්ලීම දක්වා දුරදිග ගියා. වෙනම රාජ්‍යයක් නිසා උතුරේ යුද්ධයක් ඇති වුණා. දකුණේ භීෂණයක් ඇති වුණා. රට විනාශ වුණා.අතීත සිද්ධි නිසා දුක් විඳ අප අද මෙතැනට පැමිණ  තිබෙනවා. අප මේ ගමන පැමිණ ඇත්තේ සියලුම දෙනා ඒකීය රාජ්‍යයක් ලෙස එකතු වීමටයි. අප ක්‍රියාත්මක කරන්නේ එයයි.අලුත් ව්‍යවස්ථාව ගැන සමහරුන් කථා කරනවා. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් ගැන කියනවා. නමුත් ඒ එකක්වත් අප තවම සිදුකර නැහැ. ඒ දේ කරන්නට තව වෙලා තිබෙනවා. තවම අපට ඇත්තේ දේශපාලන පක්ෂවල අදහස් ප්‍රකාශ කළ නීති බලයක් නැති වාර්තාවක් පමණයි. ඒ ලියැවිල්ලේත් විවිධ අදහස් තිබෙනවා. එයින් සුදුසු විකල්ප තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. දේශපාලන පක්ෂවලට ජනතාව වරමක් ලබා දුන්නා. ප්‍රශ්නය විසඳා ගැනීමට ජනතාවට අවශ්‍යයි. එසේ නම් අප මේ ප්‍රශ්නය විසඳීමට දේශපාලන පක්ෂ ලෙස අපේ යුතුකම ඉටු කරමු.මෙරට සිංහල බෞද්ධ ජනතාවත්, දෙමළ, ක්‍රිස්තියානි, ඇතුළු සියලු දෙනා විසඳුමක් අපේක්ෂා කරනවා. මෙරට බහුතරය සිංහල බෞද්ධ ජනතාවයි. සිංහල බෞද්ධ බහුතරයක් සිටින ලොව එකම රට ලංකාවයි. ඔවුන්ගේ අයිතිවාසිකම්වලට කිසි ලෙසකින්වත් හැනි කරන්නේ නැහැ. ඒවා ආරක්ෂා කරනවා.දෙමළ, මුස්ලිම්, හින්දු, බර්ගර් හැම දෙනාටම තම සංස්කෘතිය, භාෂාව, ආගම අදහන්නට සම්පූර්ණ අයිතිය තිබිය යුතුයි. මේ එකතුව ලබාගෙන අප ඉදිරි ගමන යන්නේ කෙසේද? මෙරට භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. අපට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු. පාර්ලිමේන්තුව මෙන්ම රටක් හැටියට අපේ අදහස් ප්‍රකාශ කර ජනවරමක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වාතාවරණය ඇති කරමු.මේ ඉදිරිපත් කරන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් බව කියමින් අවාසනාවකට ඇතැම් මාධ්‍ය හැසිරෙනවා. තවම එවැනි ව්‍යවස්ථාවක් නැහැ. තිබෙන්නේ වාර්තාවක් පමණයි.මීට පෙරත් අප උත්සාහ කළා. ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ ආදීන් යටතේ උත්සාහ කළා. මහින්ද රාජපක්ෂ සමයේ 13 වැනි සංශෝධනයටත් ඉදිරියට යන ක්‍රමයක් ගැන කතා කළා. ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. නමුත් ජනතා වරමක් දී ඇති අවස්ථාවේ ජනතාවගේ නියෝජිතයා ලෙස ජනතාවගේ මාධ්‍ය ලෙස ජනතාව නියෝජනය කරන සමිති ලෙස අපේ යුතුකම අපි ඉටු කරමු.”කඳුරට වතු ගම්මාන යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:“කඳුරට ජනතාවට අද ඉඩම් සහ නිවාසවල අයිතිය ලබා දෙන ඓතිහාසික අවස්ථාවක්. අප අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම වැඩසටහන දියත් කිරීමට ලැබුණා. වතුකරයේ ජනතාව අගමැතිතුමා වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කරනවා. ඉදිරියේ එන ඡන්දවලදීත් මෙහි ජනතාව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබා දෙනවා. එම ඡන්ද සියල්ලම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා.එක්සත් ජාතික පක්ෂය කවදත් වතු ජනතාවට සහන සලසා දෙනවා. මීට පෙර සිටි රජය එම සහන ලබා දුන්නේ නැහැ. එම නායකයන් මේ ප්‍රදේශයට සැබෑ සේවයක් සිදු කළේ නැහැ. අප එම සේවය සිදු කරනවිට පෙර සිටි අය ඒවා දරා ගන්න බැරිව චණ්ඩිකම් කරන්න හදනවා. ඉදිරියේදී ජනතාවගේ සල්ලි සොරකම් කළ අයට සිරගෙට යන්න සිදු වෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා:“වතුකරයේ විශාල පිරිසකට අද ඉඩමක සහ නිවසක අයිතිය ලැබෙනවා. වසර 150ක් පරම්පරා 5ක් තිස්සේ සීතල වතුකරයේ රට වෙනුවෙන් දහදිය හෙලූ පිරිසක් ලෙස අප වතුකරයේ ජනතාව දකිනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කම්කරු ජන ජීවිතය ඉහළට එසැවීමට කටයුතු කෙරෙනවා. පේලි ගෙවල් වෙනුවට නව ගම්මාන ඉදිවෙමින් පවතිනවා. වතුකරයේ ජනතාව මහ පොළොවට ණය නැහැ. එයට උපහාරයක් ලෙස අද මේ ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරෙනවා. මෙමගින් දරුවන් පාසලකට ඇතුල් කරන්න පුළුවන්. කැමති අයකුට පවරා දෙන්න පුළුවන්. මේ ප්‍රදේශයට දිගම්බරම් ඇමැතිවරයා විශාල සේවයක් කරනවා.”නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා:“අපේ ආණ්ඩුව පත් වූ පසු වතුකරයේ ජනතාව වෙනුවෙන් වෙනම ඇමැතිවරයෙක් පත් කළා. ඒ අමාත්‍යාංශය යටතේ අද ක්‍රියාත්මක වූ වැඩසටහනක් යටතේ අද වතුකරයේ ජනතාවට ඉඩම් හිමිකම් ලබා දෙනවා.1993 දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිටිනවිට ප්‍රථම වතාවට වතුකරයේ ජනතාව වෙනුවෙන් මේ වැඩසටහන ආරම්භ වුවත් පසුව එය නතර වුණා. දුප්පතාගේ දුක දන්නා අමාත්‍යවරයෙක්ට එම වැඩකටයුතු භාර දී තිබෙනවා. වතුකරයේ ජනතාව වෙනුවෙන් කිරීමට හැකි උපරිම දේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ සිදු කර තිබෙනවා.”අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන්, ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ මහලේකම් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා, මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේලුකුමාර් මහත්වරුන්, කඳුරට වතු ගම්මාන යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රන්ජනී නඩරාජාපිල්ලේ මහත්මිය ද උත්සව සභාව ඇමතීය.මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඇතුළු මහජනතාව විශාල පිරිසක් සහභාගි වූහ. 
ජාතිවාදි-ආගම්වාදී ස්ථාවරයේ සිට රටේ ප්‍රශ්න විසඳන්න බෑ
0
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කී මහ ලේකම්වරයා පක්‍ෂය සමග සන්ධානගතව සිටින වෙනත් පක්ෂවලින් ඉල්ලීමක් ලැබුණොත් පමණක් වෙනත් ලකුණක් ගැන සාකච්ඡා කරන බව සඳහන් කළේය.ඒ අනුව එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය තරග කරන්නේ වෙන වෙනම බව ස්ථිර යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.‘‘නිවෙස්වලත් මව්පියන් හා දරුවන් අතරත් මතගැටුම් ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. අපි ඒවා අභ්‍යන්තරයේම සාකච්ඡා කරනවා. පක්‍ෂයේ කවුරුත් තනි තීන්දු ගන්න හදිසි වෙන්නේ නැහැ. අපි ජාතික ආණ්ඩුව ඇති කළේ රටේ සියලූ දෙනා බලා සිටියදී මිස හොර රහසේ නෙවෙයි. මධ්‍යම කාරක සභාවේ තීරණයක් ලෙසයි. ඒ ගිවිසුම දෙසැම්බර් මාසේ අවසන් වෙනවා. අපි ඉන්පසුයි ඉදිරියට යනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ.පක්‍ෂයේ අය යන්න හදන බවට ඇතිකරන මතවාදයෙන් පාඩු වෙන්නේ රටටයි. ඒ නිසා එවැනි ප‍්‍රචාර පතුරුවන්න එපා. එයින් රටවැසියා හා ලෝකය අතර ඇතිවන සැකය රටේ සංවර්ධනයට බාධාවක්. තීන්දුවක් ගන්නා අවස්ථාවේදී ජනතාව දැනුවත් කරනවා. හොර රහසේ තීන්දු ගන්නේ නැහැ. ඒ නිසා රටේ අනව්‍යශ කලබල ඇති නොකරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.‘‘අපේ පක්‍ෂයේ 66 වැනි සංවත්සරය කොළඹ කැම්බල් පිටියේදී සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද දිනයේදීත් අප ඒ පිළිබඳව පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සාර්ථක මෙන්ම ගුණාත්මක, ජනතා ආකර්ෂණය ඇති සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙයට විශාල ජනතා සහභාගීත්වයක් අපි බලාපොරොත්තු වෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු අපේ පළමුවරට පැවැත්වූ පක්‍ෂයේ 64 වැනි සංවත්සර උළෙල පැවැත්වූයේ පොළොන්නරුවෙයි. ඉන්පසු 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල දී පැවැත්වුණා. පොළොන්නරුවේ පැවති සංවත්සර උළෙලට වඩා කුරුණෑගල පැවති උත්සවය සාර්ථක වුණා. එදාටත් වඩා සාර්ථකව 66 වැනි සංවත්සර උළෙල පැවැත්වීමට අපි කටයුතු කරගෙන යනවා.’’පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -‘‘පළාත් පාලන පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව මේ වන විට සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මෙය ඊ ළඟ සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කාරක සභා අවස්ථාවේදීත් මෙයට සංශෝධන ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලූ දේශපාලන පක්‍ෂ එකතු වී කෙටුම්පතේ යම් යම් වෙනස්කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අද වන විට සියලූ දේශපාලන පක්‍ෂ මේ පනතෙහි ඇති ක‍්‍රමවේදය අනුව ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා.සමහරු මැතිවරණය පමාවීම ගැන ආණ්ඩුවට චෝදනා කළත් මේ වන විට ඔවුන් යථාර්ථය තේරුම් ගෙන තිබෙනවා. සීමා නිර්ණය ප‍්‍රශ්න, තාක්‍ෂණික සංශෝධන කරන්නට සිදුවීම, සුළු පක්‍ෂවලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගැනීම ආදිය ඇතුළු මෙම සංශෝධන තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් ස්ථාපිත වෙනවා. එමෙන්ම කාන්තා නියෝජනය සියයට 25ක් වීමත් සිදුවෙනවා.’’පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා‘‘මමත් ආණ්ඩුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මම එවැනි තීරණයක් ගෙන හෝ කවුරුත් සමඟ සාකච්ඡා කර හෝ නැහැ. අපි ඉදිරි මැතිවරණවලදීත් ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.’’උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා -උතුරු මැද පළාත් සභාවේ සිටි සභාපතිවරයා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසිනුයි. 2012 සැප්තැම්බර් මාසයේ පළාත් සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේ අපේ පක්‍ෂයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා සිටියදී ටී.එම්.ආර් සිරිපාල මහතාගේ නම එක්සත් ජාතික පක්‍ෂය යෝජනා කළා. එතුමා ශ්‍රී.ල.නි.පයේ වුවත් සභාපතිකමට පත්වුණේ එ.ජා.පයේ යෝජනාවක් අනුවයි. එ.ජා.පය හා එතුමා අතර එකඟතාවක් තිබුණත් එය කඩකරන නිසා 2014දීත් විශ්වාසභංගයක් ගෙනාවා. එදා විවෘත ඡන්දයක් පැවැත්වූ නිසා බියට සමහරු ඡන්දය සභාපතිවරයාට පක්‍ෂව ලබාදුන්නා. එදා රහස් ඡන්දයකට ගියා නම් ඔය සභාපතිවරයා ඉවත් කෙරෙන්නේ 2014 වසරේදීයි.දැන් යළිත් විශ්වාසභංගයක් ආ අවස්ථාවේ සභාපතිවරයා එය ප‍්‍රතික්‍ෂ්ප කළා. එය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරගත්තේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මතයි. එදා න්‍යායපත‍්‍රයට ඇතුල් කළ විටත් මේ යෝජනාව මගහරින්න උත්සාහ කළා. ඒ අවස්ථාවේයි කලබගෑනියක් ඇතිවුණේ. සභාව කල්දමන්න යද්දීත් එ.ජා.පය විරුද්ධ වුණා. ඉන්පසු ඒකාබද්ධයේ අය මැදිහත් වී ගැටුමක් ඇතිවුණා. සෙංකෝලය පවා කැඞීගියා. සභාව කල්තබා පටන් ගන්න යද්දී ඒකාබද්ධයේ අය සෙංකෝලය තමන් භාරයේ ර`දවා ගත්තා.ඉන්පසු පොලීසියේත් සහය ඇතිව සෙංකෝලය ලබාගෙන සභාව ආරම්භ කළා. ආණ්ඩු පක්‍ෂයේ කිසිවෙක් විශ්වාසභංගයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළෙත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ අය මොනවා කීවත් කවුරුත් විරුද්ධ වුණේ නැහැ. නව සභාපතිවරයෙක් පත්කරන්න නාම යෝජනා ඉදිරිපත් වූ පසුවත් මෙයට විරුද්ධ බව කීවේ සේමසිංහ මන්ත‍්‍රීතුමා පමණයි. කවුරුත් වෙනත් නමක් යෝජනා කළේ හෝ රහස් ඡුන්දයක් ඉල්ලූවේ නැහැ. ඒ කිසිවක් නොකර සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා.එදා පක්‍ෂයේ තීන්දුව ක‍්‍රියාත්මක නොකර එ.ජා.පයේ නියෝජිතයා ලෙස සභාපතිධුරයට පත්වීම ගැන සභාපතිතුමාට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ මහතා විනය පරීක්‍ෂණයක් හෝ පැවැත්වූවේ නැහැ. එදා වැරදි නොදැකපු අය අද වැරදි දකිනවා. අද එතුමා වෙනුවෙන් ඉන්න අයම එදා විවේචන කළා. අද ඔවුන් කතා කරන්නේ එදා හිටියේ නැහැ වගේයි. එදා එ.ජා.පය පත් කළ කෙනා අද එ.ජා.පය විසින්ම විශ්වාස භංගයක් ගෙනත් ඉවත් කළා.ඒකාබද්ධයේ කණ්ඩායමට තම සාමාජිකයා ආරක්‍ෂා කරගැනීමේ සැලැස්මක් තිබුණේ නැහැ. කලබල ඇතිකිරීම පමණයි අදහස වී තිබුණේ. බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව මා කීවත් ඒ දේ ඇසුවේ නැහැ. අපි අපේ පක්‍ෂය ලෙස අපේ කටයුතු කරගෙන යනවා. අපි එ.ජා.පයට උදව් කරන බව ඒකාබද්ධයේ අය කීවත් අපි එසේ කර නැහැ. ඒත් එකඟතාවයක් අනුව කටයුතු කරනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය-පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන්නේ කුමන කාලයේදීද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා-පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු මැතිවරණය පැවැත්වීමට දින 55ක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.ප‍්‍රශ්නය-නව සංශෝධන තුළින් කාන්තා නියෝජනය අඩුවීමක් සිදුවෙනවාද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා -නැහැ. සියයට 25ක කාන්තා නියෝජනය ආරක්‍ෂා කරගැනීම සඳහා අපි සියලූ දෙනා පෙනී සිටිනවා.ප‍්‍රශ්නය -ආණ්ඩුවෙන් යන බව ඇතැම් නියෝජ්‍ය ඇමැතිවරු ප‍්‍රකාශ කර තිබෙනවා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -කවුරුත් යන්නේ නැහැ. ගියොත් බලමු. අපි තීන්දුවත් ගන්නේ දෙසැම්බර් මාසයේ. මෙතෙක් නිල වශයෙන් කිසිම තීන්දුවක් ගෙන නැහැ.ප‍්‍රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? හංසයා ලකුණින් තරග කරන බලාපොරොත්තුවක් තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -අපි අපේක්‍ෂකයින් තේරුවේ මාස ගණනකට පෙරයි. මෙයට මුහුණදීම සම්බන්ධයෙන් අපේ පක්‍ෂයට අසීරුවක් නැහැ. අපි පක්‍ෂයක් ලෙස මැතිවරණයට අත ලකුණින් ඉදිරිපත් වෙනවා. මේ වන විටත් අපේ පක්‍ෂය සමඟ පක්‍ෂ රාශියක් සන්ධානගත වී සිටිනවා. අනුබද්ධ සංවිධාන තිබෙනවා. සන්ධානගත වීමේදී ඒ අයගේ ඉල්ලීම මත ඉතිහාසයේදී මෙන් වෙනත් ලාංඡනයක් ගැන සාකච්ඡා කරන්න වෙන්නත් පුළුවන්. නමුත් දැනට අපි තීරණය කර තිබෙන්නේ අත ලකුණින් තරඟ කරන්නයි. කෙසේ වෙතත් හංසයා ලකුණින් තරඟ කරන්න කිසිම බලාපොරොත්තුවක් අපිට නැහැ. එහිදී එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය වෙනමයි තරඟ කරන්නේ.ප‍්‍රශ්නය-66 වැනි සංවත්සර උළෙලට ඒකාබද්ධ විපක්‍ෂයේ අයටත් ආරාධනා කරනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-පක්‍ෂය නියෝජනය කරන සියලූ අයට අවසාන වතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් ආරාධනා කළාට එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ සම්බන්ධය පවත්වා ගැනීමට අකමැති බවයි. නමුත් කිසිම බෙදීමක් නොකරන ලෙස ජනාධිපතිතුමාත් උපදෙස් දී තිබෙනවා. ඒ අනුව 66 වැනි සංවත්සරයටත් සියලූ දෙනාට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.ප‍්‍රශ්නය-ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලේකම්වරයා බබෙක් කියා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශ කළා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ශ්‍රී.ල.නි.පය විනයක් ඇති පක්‍ෂයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ දරුවා පවා පක්‍ෂයෙන් ඉවත් කළ අවස්ථා තිබෙනවා. පසුගිය වකවානුවේ පක්‍ෂයේ විනය කඩකිරීම් අප දැක්කා. නමුත් පක්‍ෂයේ ලේකම්වරයා ලෙස මම විනය ආරක්‍ෂා කළ යුතුයි. ඒත් අප ඉදිරියේදී පක්‍ෂයේ විනය තදින් ක‍්‍රියාත්මක කළ යුතුයි. පක්‍ෂය නිවැරදි විය යුතුයි. අනාගතයේදී අපේ පක්‍ෂය විශ්වාසනීය පක්‍ෂයක් බවට පත්කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා අප ඉදිරියේදී පක්‍ෂයේ විනය සම්බන්ධව කටයුතු කරනවා. විනය කැඩුණු තැනක් ගැන දැන් කතා කරන්න මම කැමති නැහැ.ප‍්‍රශ්නය-මේ වන විට එවැනි විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා. එතුමා පක්‍ෂයේ විනය කැඩෙන ආකාරයේ ප‍්‍රකාශයක් රූපවාහිනී නාලිකාවකදී ප‍්‍රකාශ කිරීම ගැන දැන් කටයුතු කරගෙන යනවා. මේ පරීක්‍ෂණය අවසානයේ ඉදිරියේ තීන්දුවක් දීමට නියමිතයි. අද එදා මෙන් නොව තීන්දු ගන්නේ සාධාරණ ලෙසයි. ඒ අයටත් හේතු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. කඩිනම් තීන්දු ගැනීමට වඩා සාධාරණ තීන්දු ගැනීමයි වැදගත් වෙන්නේ. පක්‍ෂය තීන්දුවක් ගත්විට ඒ අයගේ මන්ත‍්‍රීකම අහෝසි වෙන්නේ නැහැ. ඒ අයටත් අධිකරණය ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. පක්‍ෂයේ කෙනෙක් විනය කඩකළොත් අවසන් ප‍්‍රතිඵලය මන්ත‍්‍රීධූරය අහිමිවීමයි. අපි ඒ සඳහා නීතිය අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා යම් කාලයක් යනවා. අපි රටට වගේම පක්‍ෂයටත් යහපාලනය පුරුදු කර තිබෙනවා.ප‍්‍රශ්නය-18 දෙනෙක් ඉවතට යන්නේ පක්‍ෂයේ 95 දෙනා ලෙස එක්වීමට බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍යවරයා කියා තිබුණා. ඒකාබද්ධයේ අය කියන්නේ අගමැතිතුමා වෙනස් විය යුතු බවයි. ඔබ දෙපිරිස එක්වුණොත් අගමැතිතුමාට මොකද වෙන්නේ.අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා වෙනස් කිරීම ගැන අපි කිසිම සාකච්ඡාවක් පවත්වා නැහැ. කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. අපි මේ එකඟතාව ඇතිකරගත්තේ රටේ යහපත වෙනුවෙන් මිස පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් නෙවෙයි. මෙයින් අපි ශක්තිමත් කළේ පුද්ගලයින් නෙවෙයි. රටේ වෙනසකුයි ඇති කළේ. තනතුරු නැති වූ අය තමන්ට තනතුරු ගන්න හදනවා. ඒත් කළ යුත්තේ එය නෙවෙයි. අපි අතර මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේත් ප‍්‍රශ්න ඇති බව රොෂාන් රණසිංහ මහතාගේ තීන්දුවෙන් පෙනෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේත් ප‍්‍රශ්න තිබෙනවා. අනෙක් පක්‍ෂවලත් එහෙමයි.ප‍්‍රශ්නය -උතුරු මැද පළාත් සභාවේ ඇති වූ සිද්ධිය ගැන පක්‍ෂයෙන් පරීක්‍ෂණයක් කරන්නේ නැද්ද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -මෙය පරීක්‍ෂණයක් කළ යුතු දෙයක් නෙවෙයි. මෙය 2012 සිට ආ තත්ත්වයක් ගැන පැහැදිලි වුණා. විශ්වාසභංගයක් ගෙනාවා නම් එයට ඉඩදිය යුතුව තිබුණා. යහපාලනය කියන්නේ එයටයි. සෙංකෝලය උස්සා කෑ ගහන්න අවශ්‍ය නැහැ. අන් අය යහපාලනයට විරුද්ධව තක්කඩිකම් කරන විට එයට උදව් කිරීමත් යහපාලනය නෙවෙයි. තක්කඩිකම්වලට පිළිතුරු දීමත් සිදුවිය යුතුයි. මෙහි වූ දේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ජනතාව හොඳින් දන්නවා.බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ඇතුළු පළාත් මැති ඇමැතිවරු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
’ශ්‍රීලනිපය ඉදිරියේ ඡන්ද වලට එන්නේ අත ලකුණෙන්’
1
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනයේ පිරිසිදු චරිත ඒකරාශී කරගනිමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන් ලෙස බඳවාගනු ලබන්නේ හොරකම්, මැරකම් හා වංචාවලට සම්බන්ධ අය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පැවසීය.එහි පළමු සාමාජිකයා අයිතිකරුවන් නැති ගෙවල් හිමිකරුවෙක් වන අතර දෙවැනි හා තුන්වැනි සාමාජිකයන් වන්නේ ස්ත‍්‍රී දුෂණවලට හා ලක්‍ෂ 30ක අල්ලසක් ගැනීමට සම්බන්ධ සභාපතිවරුන් දෙදෙනෙක් බව කී මහ ලේකම්වරයා එවැනි පක්‍ෂයක් සමඟ සන්ධානගතවීමේ බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.පිරිසිදු චරිත ලෙස අනාගතයේදී කටයුතු කිරීමට කැමති අය සිටී නම් ඔවුන්ට වැරදි හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමේ අවස්ථාවක් ඇති බවද සන්ධාන මහලේකම්වරයා කීවේය.සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධූරයට පත්වීමෙන් අනතුරුව පැවැත්වූ 64 සහ 65 වැනි සම්මේලනයන්ද ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකිවුණා. අපි කුරුණෑගල දී පැවැත්වූ 65 වැනි සම්මේලනය පක්‍ෂ ඉතිහාසයේ සාර්ථකම හා වැඩිම ජනසහභාගීත්වයක් සහිත සම්මේලනය බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. මෙවර අපිට තිබෙන්නේ අපේම ඒ වාර්තාව බි`දහෙළමින් ඊටත් වඩා සාර්ථක සම්මේලනයක් පවත්වන්නයි. මෙවර අපි මෙරට  ඕනෑම පක්‍ෂයක් පැවැත්වූ වැඩිම ජන සහභාගීත්වයක් සහිත පක්‍ෂ සම්මේලනය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.මේ වන විට අපිට එක`ග වූ ප‍්‍රමාණයටත් වඩා බස් රථ ලබාගන්න සිදුවෙලා. ඒ බස් රථ ඇතුළු කිසිම දේපළක් අපි නොමිලයේ ලබාගන්නේ නැහැ. මේ සියල්ලට අපි අදාළ ගෙවීම් කරනවා. නමුත් අතීතයේ ආණ්ඩු පක්‍ෂ පක්‍ෂ සම්මේලන, සංවත්සර හා මැයි දිනය කළේ ආණ්ඩුවේ මුදල්වලින්. නමුත් අපේ පක්‍ෂයේ උත්සව කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා නොගත යුතු බවටත්, රාජ්‍ය දේපළවලට හානි නොවන ලෙස කටයුතු කළ යුතු බවටත් ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙනවා.අපි අපේ සංවත්සරයේදී ජනතාවට ඇති ප‍්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. අපේ යෝජනා සකස් වෙන්නේ ඒ අනුවයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට ආසන්න මේ මොහොතේ අපි තරුණ නියෝජනය, කාන්තා නියෝජනය ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා මත්පැන් පානය කර සම්බන්ධ නොවන ලෙස සංවිධායකවරුන්ට උපදෙස් දෙන්නැයි ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේදී පැවසුවා. මත්පැන්වලින් තොරව පැමිණෙන ලෙස අපි සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ස`දහා ලංකාවේ සිව්දෙසින් සියලූම ජන කොට්ඨාස නිවේදනය වන ලෙස ජනතාව සහභාගී කරවාගන්න අපි බලාපොරොත්තු වෙනවා.අපේ කාන්තා සංවිධානය ගිය සම්මේලනවලදී ඉදිරිපත් කළ කාන්තා නියෝජනය පිළිබ`ද යෝජනාව මේ වන විට මල්ඵල ගැන්වී තිබෙනවා. ඒ වගේම තරුණ නියෝජනය වැඩි කරන්න මේ වන විටත් අපේ තරුණ පෙරමුණ යෝජනා කර තිබෙනවා. නීති රීති කෙසේ වෙතත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තරුණ අපේක්‍ෂකත්වය වැඩි කිරීමට අපි පක්‍ෂයක් ලෙස තීන්දු කර තිබෙනවා.අපි මේ ජාතික ආණ්ඩුවට එකතුවීමේ ප‍්‍රධාන කරුණු දැන් ඉටුවෙමින් යනවා. ජිනීවා අවධානම මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. දැන් විදුලි පුටු ජාත්‍යන්තර පරීක්‍ෂණ නැති මට්ටමට පැමිණ තිබෙනවා. ජී.එස්.පී තහනම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර තිබෙනවා. ඒ වගේම මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස මැතිවරණ ක‍්‍රමයක් ඇතිකරන්න ජනාධිපතිතුමාත්, ෆයසිර් මුස්තාපා මහතාත් දැරූ උත්සාහය දැන් සාර්ථක වී තිබෙනවා. එය රජයක් ලෙස මෙන්ම පක්‍ෂයක් ලෙස අප ලැබූ ජයග‍්‍රහණයක්. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මූලිකත්වය ගන්නා මනාප ක‍්‍රමය ඉදිරි සියලූ මැතිවරණවලට හඳුන්වා දිය යුතුය යන මතයේ අපි ඉන්නවා.එවිට සල්ලිකාරයින්ට නොව ගමේ හොඳ, අවංක අයට දේශපාලනයට එන්න පුළුවන් වේවි. පිරිසිදු  රාජ්‍ය පාලනයක් මෙන්ම පිරිසිදු පක්‍ෂයක් ගොඩනගන්න ජනාධිපතිතුමා කැපවී සිටිනවා. පිරිසිදු දේශපාලකයන් බිහිවනු දැකීම රටේ බහුතරයකගේ බලාපොරොත්තුවයි. දුෂණයට පක්‍ෂය තුළ ඉඩක් නැති බව නොපෙන්නුවොත් ‘අපේ හොරා අපිට හොඳ’ යනුවෙන් සටන් පාඨයක් හදාගෙන පරණ වැරදි කරපු අය යළිත් එන්න බැරි නැහැ. මනාප ඡුන්ද ක‍්‍රමය තුළ හා රාජ්‍ය නායකයින් වංචාව දුෂණය සම්බන්ධව නිහඬව සිටීම තුළ එවැනි දේ වී තිබෙනවා. ඒ වගේම අපි සම්මේලනයෙන් පසු ඊ ළඟ සතියේ සිටම පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරනවා.පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.‘‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොයෙක් අවස්ථාවල අභියෝග පැමිණ තිබෙනවා. පංච මහා බලවේගයෙන් ආරම්භ වූ අපේ පක්‍ෂයේ නායකයන් පක්‍ෂයේ කකුළෙන් නොඇද එය ශක්තිමත් කරන වැඩපිළිවෙලට සහය විය යුතුයි. අපේ පක්‍ෂයේ නායකයන් රාජ්‍ය නායකයන් වුණේ පක්‍ෂය නිසා බැවින් හිටපු පක්‍ෂ නායකයන්ට පක්‍ෂය ආරක්‍ෂා කරන යුතුකමක් තිබෙනවා. ජනාධිපතිතුමා පක්‍ෂය භාරගන්නා විට සුළු ජාතීන් පක්‍ෂයෙන් ඈත් වී සිටියත් ජනාධිපතිතුමාට පක්‍ෂය හරි මගට ගන්න හැකිවුණා. ඒ නිසා වෙනදාට වඩා මෙවර සම්මේලනයට මුස්ලිම් දෙමළ ජනතාව සහභාගී වේ යැයි අපි විශ්වාස කරනවා. සුළු ජාතීන් පක්‍ෂයක් වටා ඒකරාශී වෙන්නේ ඒ පක්‍ෂ නායකයාගේ ප‍්‍රතිපත්ති අනුවයි.සමහර පක්‍ෂවලට තිබෙන්නේ අරක්කු බෝතලයට, බත් පැකට් එකට සීමා වූ දේශපාලනයක්. ඒත් ශ්‍රී.ල.නි.පයේ අපට යම් ප‍්‍රතිපත්ති මාලාවක් තුළ පදනම් වූ ගමනක් තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ සිටියේ නැත්නම් නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිවෙයි ද කියා මම ප‍්‍රශ්න කරනවා. නව ක‍්‍රමය වෙනුවෙන් වැඩි වශයෙන් කතා කළේ ජනාධිපතිතුමායි. 70 දශකයෙන් පසු පළමු වතාවට කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණයක් පැවැත්වීම සඳහා දැන් අපි සූදානම් වෙනවා.අපි ඉදිරි මැතිවරණ සඳහා සුපිරිසිදු චරිත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මනාප ක‍්‍රමය යටතේ ඡුන්දයක් කළ හැක්කේ මුදල් ඇති අයට පමණයි. ඒ ක‍්‍රමයෙන් ඈත්වීමේ ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී.ල.නි.පයටයි. අපි මෙවර පවත්වන්නේ සංඛ්‍යාත්මක සහ ගුණාත්මක වශයෙන් උසස් සම්මේලනයක්. වෙන වෙන බලවේග ඇතිකර ශ්‍රී.ල.නි.පයට අභියෝග කළ හැකි බව කවුරුන් හෝ සිතනවා නම් එය දවල් හීනයක් බව කිව යුතුයි. පක්‍ෂයෙන් එළියට යන අයට ආයෙ ආවොත් ලැබෙන්නේ පසුපස පුටුවක් බව ඒ කවුරුත් මතක ලබාගත යුතුයි. එවැනි උදාහරණ අපේ පක්‍ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේත්  තිබෙනවා. මෙය නායකයන්ගේ පක්‍ෂයක් නොව පාක්‍ෂිකයින්ගේ පක්‍ෂයක්. ඒ නිසා ඔවුන් පක්‍ෂය සමඟ සිටිය යුතුයි’’ යැයි ද ඇමතිවරයා කීවේය.පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා මෙසේ අදහස් දැක්වීය.‘‘මෙවර පක්‍ෂ සම්මේලනයට උතුරු නැගෙනහිර පළාත්වලින් මුස්ලිම් හා දෙමළ ජනතාව විශාල වශයෙන් පැමිණීමට නියමිතයි. හජ් දිනය 2 වැනිදාට යෙදීම නිසා සම්මේලනය කල්දමන්නැයි ජනාධිපතිතුමාගෙන් අප කළ ඉල්ලීම එතුමා පිළිගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න හා මහින්ද අමරවීර මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය: පනත සම්මත වුණත් පළාත් පාලන ඡුන්දය කල්යාමක් සිදුවන බව කියනවා නේද?පිළිතුර: එවැනි අදහසක් නැහැ. අපිට අවශ්‍ය ඉතා කඩිනමින් ඡන්දයකට යන්නයි. ලබන මාසේ වුණත් කමක් නැහැ. කොමසාරිස්වරයාට බාධා තිබෙනවා නම් ඒවා සකසා දිය යුතුයි.ප‍්‍රශ්නය: සම්මේලනය කල් ගියේ විභාගය නිසාද? හජ් උත්සවය නිසාද?පිළිතුර: මුලින්ම මේ අදහස ආවේ අවට පාසල්වල සිසුන් උසස් පෙළ විභාගය ලියන නිසයි. නමුත් පසුව හජ් උත්සවයත් එදිනට යෙදී ඇති බව දැනගත්තා. මෙතෙක් කල් නම් ආණ්ඩු මෙවැනි තීන්දු වෙනස් කළේ නැහැ. ඒත් අපි දරුවන්ගේ විභාගයට මුල් තැන දුන්නා.ප‍්‍රශ්නය: ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සහනයක් ලැබී ඇති බව කීවත් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් යුද අපරාධ චෝදනා ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: පුද්ගලයින්ට එවැනි දේ කළ හැකියි. නමුත් අපිට මෙවැනි නඩු පවරන්න තිබුණේ එක්සත් ජාතීන්ගේ රටවල් හා ප‍්‍රබල සංවිධාන විසිනුයි. රාජ්‍ය නොවන සංවිධාන කරන මේ කටයුතු උතුරේ ශිවාජිලංගම් මහතා ඉඳහිට කරන ප‍්‍රකාශ වගේයි.ප‍්‍රශ්නය: මේ සමුළුවට තවමත් ආරාධනා ලැබී නැති බව මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කියනවා.පිළිතුර: අපි සියලූම පක්‍ෂවලට ආරාධනා කර තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්‍ෂය ඇතුළු සියලූ පක්‍ෂවලට, අපේ පක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීන්ට ආරාධනා කර තිබෙනවා. කාට හෝ ආරාධනා ලැබී නැත්නම් මම මේ අවස්ථාවේ විවෘත ආරාධනයක් කරනවා. මටත් තවම ආරාධනයක් ලැබී නැහැ. පක්‍ෂයේ අයට එහෙම ආරාධනා දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නොඑන්න, වෙන්වෙන්න හේතු සාදානොගෙන පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්වන ලෙස අපි සියලූ දෙනාට ආරාධනා කරනවා. සමහර මන්ත‍්‍රීන් සම්මේලනයට සූදානම් වෙද්දීම අපි එන්නේ නැහැ කීවා.ප‍්‍රශ්නය: පක්‍ෂ සභාපතිවරයා ගැන ගැටලූවක් තිබෙනවාද?පිළිතුර: වත්මන් ජනාධිපතිතුමාට පක්‍ෂ සභාපතීත්වය භාරදුන් හමුවේ සම්බන්ධීකරණ කටයුතු කළෙත් මම. ඒ වගේම පොළොන්නරුවේ පැවති අපේ සම්මේලනයේදී සභාපති පුටුවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අනුශාසක පුටුවක මහින්ද රාජපක්‍ෂ මහතාත් අසුන් ගත්තා. ඉදිරියේදීත් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්නවා.ප‍්‍රශ්නය: මෙවරත් ඒ අනුශාසක පුටුව වෙන්කර තිබෙනවාද?පිළිතුර: ඔව්. ඒ සියලූ දෙනාට ආසන වෙන් කරනවා. නමුත් ආවෙ නැත්නම් ඒවායේ වෙන අය අසුන්ගනීවි. හිස් ඉඩ තියන්න බැහැ.ප‍්‍රශ්නය: සභාපතිකම තවමත් අයිති හිටපු ජනාධිපතිවරයාට බවට නඩුවක් ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: එයත් රාජ්‍ය නොවන සංවිධානයක් ගොණු කර ඇති යුද අපරාධ චෝදනා වගේ. එදා හිටපු ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම භාරදුන් බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. අද එය අමතක වී ඇති අය වෙනුවෙන් මාධ්‍ය මේවා පෙන්විය යුතුයි. නමුත් බොහෝ පෞද්ගලික නාලිකා ඒ දේ කරන්නේ නැහැ. තවමත් ඒ මාධ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට බයද කියන්න මම දන්නේ නැහැ. දැන් බය වෙන්න එපා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යවලට බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා දැන්වත් ඒකාධිපති මානසිකත්වයෙන් මිදී ඒවා විකාශය කරන්න.ප‍්‍රශ්නය: පක්‍ෂයේ සමහරු වෙනත් පක්‍ෂවල කටයුතු කරන බව පේනවා. ඒ අය ගැන තීන්දු ගන්නේ නැද්ද?පිළිතුර: මේ විනය පියවර කල්යාම ගැන පක්‍ෂයේ අය අපෙනුත් අහනවා. ජනාධිපතිතුමාත් අපත් කාලයක් නිහඬව සිටියේ මේ අයත් එකතු කරගැනීමේ අවශ්‍යතාවය තිබූ නිසයි. ඒ උත්සාහය අප තවමත් අත්හැර නැහැ. ඒ අපට අනාගත ජයග‍්‍රහණ විජයග‍්‍රහණයක් කරන්න අවශ්‍ය නිසයි. ඒ නිසා විනය ක‍්‍රියාමාර්ග කල්යාමේ වගකීම මමත් ජනාධිපතිතුමාත් භාරගන්නවා. නමුත් දැන් රතු කට්ට පැනලා. දැන් අපට වහාම ක‍්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා.ප‍්‍රශ්නය: සන්ධානයේ කොටසක් කැඞීයාම පාඩුවක් නෙවෙයිද?පිළිතුර: සියලූ පිරිසිදු දේශපාලනඥයින්ට අපේ ඉල්ලූමක් තිබෙනවා. අපට පිරිසුදු දේශපාලනඥයන් උවමනා කර තිබේ. මෙතෙක් කලක් පිරිසිදු නැත්නම් පිරිසුදු වෙන්න කැමති අයට වැරදිවලින් මිදී අප ළඟට එන්න පුළුවන්. බුදු හාමුදුරුවෝත් එවැන් අවස්ථා දී තිබෙනවා. ජනාධිපතිතුමා අපට කියා තිබෙන්නේ කිසිම වංචාවක, දුෂණයක, මැර ක‍්‍රියාවක යෙදෙන්න එපා. එහෙම වුණොත් මම මොන ඉරණම ආවත් ගන්න තියෙන තීන්දුව ගන්නවා කියලයි.ප‍්‍රශ්නය: එවැනි අය පුනරුත්ථාපනය කරලද ගන්නේ?පිළිතුර: ඔව්.ප‍්‍රශ්නය: එ.ජා.පය හැර  ඕනෑම පක්‍ෂයක් සමඟ ඒකාබද්ධ වෙන්න සූදානම් බව බැසිල් රාජපක්‍ෂ මහතා කියනවා. ඒ ඇරයුම පිළිගන්න සූදානම්ද?පිළිතුර: අපිට එවැනි අවශ්‍යතාවක් නැහැ. එක එක පක්‍ෂවල අය එයට යන්න සූදානම් ඇති. මේ පක්‍ෂයේ පළමු, දෙවැනි, තුන්වැනි සාමාජිකයින් ගැන බැලූවොත් එක් අයෙක්ට අයිතිකාරයින් නැති ගෙවල් තිබෙනවා. තව කෙනෙක් ලක්‍ෂ 30ක් පගා අරන් අහුවුණ සභාපතිවරයෙක්. තව කෙනෙක් ස්ත‍්‍රී දුෂණවලට හසු වූ කෙනෙක්. එතෙන්ට  ඕනෑ කරන්නේ හොරකම්, මැරකම්, වංචාවලට ඉහළින් සම්බන්ධ අයයි.ප‍්‍රශ්නය: පළාත් පාලන මැතිවරණය මේ වසරේ පවත්වනවාද?පිළිතුර: විභාග නිසා ගැටලූවක් ඇති බව මැතිවරණ කොමසාරිස්තුමා කියනවා. දිනය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ එතුමාටයි.ප‍්‍රශ්නය: 20 වැනි සංශෝධනයට පළාත් සභා විරුද්ධ වුණේ ඇයි?පිළිතුර: එහි ගැටලූ තිබූ බව අපිත් පිළිගන්නවා. ඒ ගැන අපි කටයුතු කළ යුතුයි. කෙසේ වුණත් මේ පනත පැරදවීමෙන් පේන්නේ අපේ පක්‍ෂයේම අයට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එදා  ඕන එකකට අත උස්සා සම්මත කළා. සංශෝධනවලින් පසු මෙය සම්මත වේවි.  ඕනෑ නම් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකියි. නමුත් අපිට එසේ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඊට මෙහා මේ ප‍්‍රශ්නය විසඳාගත හැකියි.
’ශ්‍රීලනිපය ඉදිරියේ ඡන්ද වලට එන්නේ අත ලකුණෙන්’
0
(අංජුල මහික වීරරත්න)“ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින බව”, එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (24) පැවැසීය. “එක්සත් ජාතික පක්ෂයට විකල්ප ලෙස ඉදිරිපත්වී සිටින පක්ෂවල සිටින්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කෑගසන මන්ත්‍රීවරුන් කිහිප දෙනා පිටත සිට පඹයන් ලෙස හසුරුවන තත්ත්වය දැන් දැන් පෙන්නුම් කෙරෙතැයිද” ප්‍රකාශ කළේය. “ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද? “රාජපක්ෂ රෙජීමය 2” දැයි”, තීරණය කිරීම අසීරු කරුණක් නොවන බවද”, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ අභිනව ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ භාර ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. පක්ෂයේ අභිනව නායකයන් සියලුම දෙනා මේ අවස්ථාවට සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.“අපේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවින් දිසානායක මහතා අද වැඩ භාර ගන්නවා. එතුමා පක්ෂයට පැමිණ විශාල සේවයක් කරනවා. අමාත්‍යවරයකු ලෙස දක්ෂකම් පෙන්වනවා. තරුණ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු විවාදවලදී දක්ෂතා දක්වනවා. මාධ්‍ය සාකච්ඡාවලදී තම කාර්ය භාරය නිවැරැදිව ඉටුකර තිබෙනවා.එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා යොමු කිරීම සඳහා ක්‍රියා කළා. අපගේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය වන්නේ එවැනි තරුණ නායකයන් බව කිව යුතුයි. එවැනිම වූ විශාල සේවයක් එතුමා එක්සත් ජාතික පක්ෂයට ද කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. නවින් දිසානායක ඇමැතිතුමා පිළිබඳව මා දීර්ඝ වශයෙන් කතා කළ යුතු වන්නේ නැහැ. එතුමාට ඇති ශක්තිය සහ කැපවීම පිළිබඳව මා හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවා. එමෙන්ම පක්ෂය ඉදිරියට ගෙනගොස් බලයේ තබා ගැනීම සඳහා එතුමාට තිබෙන ශක්තිය ගැන මා දන්නවා. මෙවර ප්‍රතිසංවිධානයේදී නිලධාරීන් ලෙස පත්කර ඇත්තේ එවැනි කැපවීම ඇති නිලධාරීන් බව කිව යුතුයි. 1970 වසරේ පක්ෂය ලැබූ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා නවින් දිසානායක මහතාගේ පියා ඉදිරිපත් වුණා. ගාමිණි දිසානායක මහතා එදා නුවරඑළියට තරග කර පසුව ඡන්ද පෙත්සමක් නිසා ආසනය අහිමි වුණා. එතුමා නැවතත් ආසනය දිනාගෙන ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා එක්ව ඉදිරියෙන්ම කටයුතු කළා.ප්‍රේමදාස මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා මෙන්ම ගාමිණී දිසානායක මහතා, සිරිල් මැතිව් මහතා වැනි බොහෝ දෙනකු ඉදිරියට පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කළා. අලුතෙන් පක්ෂය ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළා.ගාමිණී දිසානායක මහතා සමඟ ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. අප පක්ෂය ගොඩනැගීමේ ව්‍යාපාර කිහිපයකම එකට වැඩ කළා.1971 වසරේ සිට මා එතුමා දැන හඳුනාගෙන සිටියා. අවසානයේදී ගාමිණී දිසානායක මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සිටියදී පක්ෂය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. ඒ කාරණය අපට කෙළෙසකවත් අමතක කරන්න බැහැ. අමාරු කාලයේ අපේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළේ ඒ අයයි. නවින් දිසානාක ඇමැතිතුමාටත් පියාගේ ගති ලක්ෂණ බොහොමයක් පිහිටා තිබෙනවා. පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථක වන බවට මගේ නම් කිසිම සැකයක් නැහැ.නවින් දිසානායක මහතා මෙන්ම මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තරුණ පිරිසක් සිටිනවා. නියෝජ්‍ය නායක, උප නායක, නව මහලේකම්, භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ලේකම් ආදී අලුත් කණ්ඩායමට පක්ෂයේ වගකීම් භාර දුන්නා. එමෙන්ම තවත් තනතුරු භාර ගැනීම සඳහා තරුණ මන්ත්‍රීවරුන් සිටිනවා.පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිනවා. ඒ අනුව ඊළඟ මාස තුනේදී විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ලබන සතියේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.තරුණ පරපුර ඊළඟ නායක පරම්පරාව ලෙස ඉදිරිපත්විය යුතුයි. පක්ෂයට නායකත්වය දෙන පුද්ගලයන් මේ අය අතරත්, පක්ෂයට අලුතෙන් එක්වන පිරිස අතරත් සිටිනවා. ප්‍රාජාතන්ත්‍රවාදය යනු ජනතා ඡන්දයෙන් පත්වීමයි.ජනතා ඡන්දයෙන් පත්වෙනවා නම් පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කෙසේද, දෙැවනි පෙළ සහ තුන්වැනි පෙළ නායකයන් කවුද? අනාගත නායකයන් කවුද යන කාරණය පෙන්වා දිය හැකියි. එලෙස පෙන්වා දිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. 2020 දක්වා පමණක් නොව 2030 දක්වා නායකයන් කවුදැයි පෙන්වා දිය හැකියි. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ලෙස නායකයන් යම් ප්‍රතිපත්තියක් පෙන්වා තිබෙනවා. ඒ අනුව වැරැදි හදාගෙන ඉදිරියට යා යුතුයි. සාර්ථක දේශපාලනය යනු එයයි. රට දියුණු වීමට නම් එකම පක්ෂයක නායකත්වය විටින් විට ඉදිරියට ගෙන යා යුතුයි. රටක් දියුණුවට පත් කළ හැක්කේ එවිටයි. මේ කණ්ඩායම මා ඉදිරිපත් කර ඇත්තේ රට ගැන සිතීමෙනුයි. අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව ඔබට රට වටා ගොස් කිව හැකියි. අලුත් පරපුර සමඟ රට හදන බව බය නැතිව කිව හැකියි. වෙන කිසිම පක්ෂයකට මේ හැකියාව නැහැ. හැකිනම් එකම පක්ෂයක් හෝ පෙන්වා දෙන්න.පොහොට්ටුවට තිබෙන හැකියාව කුමක්ද? පොහොට්ටුවේ සිටින අලුත් මුහුණු මොනවාද? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණයි. ඔවුන් උත්සාහ කරන්නේ නැවත රෙජිමයක් ඇති කරන්නයි. පොහොට්ටුව දෙස බැලූ විට බැලූ බැලූ අත පෙනෙන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පමණයි. පොහොට්ටුවේ පෝස්ටරයක එක මන්ත්‍රීවරයකු හෝ මුහුණක් පෙන්වන්න. හොඳ වුනත්, නරක වුණත් කමක් නැහැ. අලුත් මුහුණක් දැක තිබේද? සියලුම දෙනා ඉන්නේ විශ්‍රාමලත් හමුදා නිලධාරීන් පමණයි. ඒ එදා රාජපක්ෂ රෙජිමය පිහිටුවීමට ගිය පිරිසයි.පාර්ලිමේන්තුවේ ඔවුන් කොපමණ කෑ ගැසුවත් ඒ අය විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ පඹයන් පමණයි. මොවුන් සිටින්නේ දෙවැනි පෙළේයි. අපේ අය පාර්ලිමේන්තුවේදී පක්ෂයේ නායකයන් ලෙස නැගිට අභිමානයෙන් කතා කරනවා. මේ අය එතැන කෑ ගැසුවාට පක්ෂයේ තීරණ ගන්නේ කවුද? මොවුන්ගේ අරමුණ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජීමය නැවත ගෙන ඒම පමණයි. වර්තමානයේදි එක් පැත්තකින් තරුණ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය සිටිනවා. අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කළ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පිරිස සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් කළා.මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණියහොත් අතුරුදන්වන්න සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.” මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබාගන්න. නැවත හමුදා පාලනය ළඟා නොකිරීම අපේ අරමුණයි. මේ කණ්ඩායම වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජීමය ඇති කිරීමයි. එය රාජපක්ෂ “රෙජීමය-2” ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්‍රජාතන්ත්‍රවාදය ද රාජපක්ෂ රෙජීමය-2” අවශ්‍ය කියා තීරණය කරන්න.තරුණ පිරිස එක්ව අපේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටිනවා. තරුණයන්ට වගකීම භාර දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයද, ඒකාධිපතිවාදයද යන්න තීරණය කිරීම සඳහා තරුණ පිරිසට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා. නව නිලධාරි මණ්ඩලයට මා සුබ ප්‍රාර්ථනා කරනවා. යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“එක්සත් ජාතික පක්ෂය අලුත් මාවතක හැරවුම් ලක්ෂ්‍යය කරා යන මොහොතේ පක්ෂ නායකගේ ආශිර්වාදය මත මා වැඩ භාර ගත්තා.පැරැණි සිරිකොත මන්දිරයට මා පියා සමඟ ගිය අයුරු තවම මතකයි. පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මුහුණු මතකයි. පොඩි කොල්ලකු ලෙස පියා සමඟ මා එහි ගියා.එක්සත් ජාතික පක්ෂයේ හද ගැස්ම මට ඉගැන්වූයේ මගේ පියායි. එතුමා පක්ෂය ජයග්‍රාහී මාවතකට ගැනීමට විශාල කැපවීමක් කළා. කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළා. පක්ෂයට ආවේණික ගුණාංගවලින් අප පෝෂණය වී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය, සුදුස්සාට තැන දීම, සියලු ජාතීන්ට, ආගමිකයන්ට වෙනසක් නොකිරීම ආදී ගුණාංගවලින් අප පොහොසත්. වෙනත් පක්ෂවල එවැනි ලක්ෂණ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනි පෙළක් නිර්මාණය කළා. කොටි සංවිධානය විසින් ඒ නායකයන් ඝාතනය කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළා. ඔහු නව පරපුරට දක්ෂතා දැක්වීමට අවස්ථාව දෙනවා.අපේ පක්ෂය රටේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරයයි. නමුත් යම් පසුබෑමකට ලක්වී ඇති බව පිළිගත යුතුයි. එයින් ගොඩ ඒමට නම් පොදු න්‍යාය පත්‍රයක් අනුව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි.සුදු වෑන් හඳුන්වා දුන් අය නැවත සුදනන් වී ජනතාව අන්දමින් සිටිනවා. මෙය විහිළුවක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට නොගතහොත් හොරුන් නැවතත් කරළියට එනවා. ඊට ඉඩ දෙන්න බැහැ.පාක්ෂිකයන්ගේ හදවතට දැනෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කළ යුතුයි. අපට පැහැදිලිව ජයගත හැකියි. නායකයන් සියල්ල එක රොත්තක්සේ වැඩ කළ යුතුයි. එලෙස වැඩ කිරීමේ ශක්තිය මා සතුයි.අද අප අලුත් මාවතකට යමින් සිටිනවා. ඉදිරි මාස තුන හතර ඉතා වැදගත් වෙනවා. පාක්ෂිකයා අමතක නොකිරීම මගේ පියා මට ඉගැන්වූ පාඩමයි. අපේ හදවත පාක්ෂිකයන් ලවා අමතක කළ යුතු නැහැ.”එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ඉදිරියේ අප හමුවේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අප ඒ වෙනුවෙන් විධිමත් සැලසුම් හැදුවා. දේශපාලන මණ්ඩලය විසින් ඒ වැඩ පිළිවෙළ අනුමත කළා. අපට මේ ගමන යාමට හැකියි. ඉතා වේගයෙන් සංවිධාන ගතවී ඉදිරි මැතිවරණ ජය ගන්නවා.මේ අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති-ඇමැතිවරුද, නවින් දිසානායක මහතාගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක මහත්මිය ද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.  
’ශ්‍රීලනිපය ඉදිරියේ ඡන්ද වලට එන්නේ අත ලකුණෙන්’
0
(නාලක සංජීව දහනායක ඇල්ල ප්‍රසාද් රුක්මල් බදුල්ල සිට)අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට තම රජය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ලේ දී ඉකුත්දා පැවසීය.වෙළෙඳ පොළේ පවතින රැකියාවලට ගැළපෙන පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුව ඇතැයි ද ඔහු කීය.බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී ඔහු මෙසේ ද පැවසීය.කෘෂිකර්මය ගොඩනැගීමටත් වැවිලි කර්මාන්තය ගොඩනැගීමට අපගේ රජය අවධානය යොමු කරනවා. මේ රටට වසර ගණනාවක්ම විදේශ විනිමය උපයා දුන් ප්‍රධානම වැවිලි බෝගය තේ කර්මාන්තයයි. නමුත් මේ වන විට ලෝක වෙළෙඳ පොළේ අපගේ තේ සඳහා තිබූ ඉල්ලුම පහළ වැටිලා.එයට ප්‍රධානම හේතුව කසළ තේ පිටරට යැවීමයි. ඒ නිසා අද තේ කර්මාන්තයෙන් ඉහළ මිලක් ලැබෙන්නේ නැහැ. ගුණාත්මක බවින් ඉහළ විදේශීය වෙළෙඳ පොළට යැවීමෙන් අපට ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගත හැකියි. තේ කර්මාන්තය ඉහළට ගැනීමට අප ඉහළම සහය ලබා දෙනවා. එමෙන්ම වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක වැටුපක් ලබා දෙනවා.වතු කම්කරුවන්ට නිවාස, අධ්‍යාපනය හා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. දෙමළ මාධ්‍යයෙන් විද්‍යා විෂයයන් ඉගෙන ගැනීමට ඔවුන්ට දුර බැහැර යන්න සිදු වෙනවා. අප ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා. මේ වන විට දිස්ත්‍රික්ක 9ක පමණ ගම්මිරිස් ගොවීන් අන්ත අසරණ වී සිටිනවා. ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් මෙරටට ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා අද ගම්මිරිස් ආදායම පහළ වැටිලා. අපගේ රජය පිටරටින් ගුණාත්මක බවින් අඩු බෝග ගෙන්වීම නතර කරනවා. ගම්මිරිස් වගාව දියුණු කිරීමට අප මැදිහත් වෙනවා.රට ආහාරයෙන් ස්වයං පෝෂිත කරනවා මෙන්ම ගොවියා සුරකින්නත් ක්‍රියා කරනවා. පොහොර සහනාධාරය සියලුම බෝග සඳහා ලබා දෙන්නත්, ගොවි ණය කපා හැර, ගොවි රක්ෂණ ක්‍රමය හා ගොවි විශ්‍රාම වැටුපක් ලබා දෙනවා.අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගත හැකි පරිදි ගොවියාට නව තාක්ෂණය හඳුන්වා දෙනවා. එමෙන්ම ගුණාත්මක බවින් උසස් බීජ වර්ග හඳුන්වා දෙනවා. ගොවියා ව්‍යවසායකයකු කිරීමට අප ක්‍රියා කරනවා.එමෙන්ම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය ක්‍රියා කළා. මේ රජය ඒ සංවර්ධනය ඉදිරියට ගෙන ගියේ නැහැ. එමෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් අපගේ පළමු වසරේදීම විශාල ආයෝජනයක් කරනවා.විරැකියාව නිසා අද තරුණ පරපුර අසහනයට පත් වෙලා. තොරතුරු තාක්ෂණයට තරුණ පරපුර යොමු කර අපට රැකියා නිර්මාණය කර ගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ලක්ෂ තුනක පමණ රැකියා උත්පාදනය කළ හැකියි.අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා. ඒ අනුව විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා නව විශ්වවිද්‍යාල ඇති කරලා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසු පිරිසගේ තත්ත්වය වැඩි දියුණු කරනවා.කලා අංශයෙන් උපාධිය ලබන අයට රැකියා ලබා ගැනීමට අසීරුය. ඔවුන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට යොමු කිරීමෙන් රැකියා ලබා ගත හැකියි. වෙළෙඳ පෙළේ තිබෙන රැකියාවලට ගැළපෙන පරිදි අප අධ්‍යාපනය වෙනස් කළ යුතුයි.ජනවාරි 1 වැනිදා වන විට සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා. එමෙන්ම රජයේ රැකියා ලක්ෂයක පමණ පුරප්පාඩුවක් තිබෙනවා. ඉන් එක් රැකියාවක් හෝ දුප්පත් පවුල්වලට ලබා දෙනවා. එමෙන්ම සියලුම නගර සභා ප්‍රාදේශීය සභා එකතු කරගෙන කසළ කළමනාකරණ සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපේ ආණ්ඩුව කාලේ හාල් කිලෝව රුපියල් 40-45 යි. අද රුපියල් 100යි. යහපාලන ආණ්ඩුව ජනතාවට දුන්න වෙනස ඒකයි. ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලම හොරකම් කළා. නමුත් හොරා කියලා චෝදනා කරන්නේ අපිටයි. පික් පොකට්කාරයන් හොරා කියලා චෝදනා කරන්නේ අනිත් අයටයි.එතකොට හොරා කවුද කියලා හොයා ගන්න බැහැ. නමුත් හොරා කවුද කියලා අද හෙළි වෙමින් තිබෙනවා.මහ බැංකුව හොරා කාලා, වරාය ගුවන්තොටුපොළ විකුණනගෙන කෑවේ මේ ආණ්ඩුවයි. පාසල් දරුවන්ට දීපු නිල ඇඳුම වෙනුවට කූපන් පත් දුන්නේ මේ ආණ්ඩුවයි. වැට් බද්ද වැඩි කිරීම ඇතුළු ආණ්ඩුව ගෙනාපු හැම අහිතකර යෝජනාවකටම සජිත් ප්‍රේමදාස අත ඉස්සුවා. නමුත් ඔහු අද කතා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් වගෙයි.ෆෙඩරල්වලට එහා ගිය විසඳුමක් දෙන බව සජිත් තමන්ගේ දෙමළ හා ඉංග්‍රීසි ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කරලා තියෙනවා. සිංහල පිටපතේ වෙන එකක් කියනවා. අඩුම තරමේ රනිල් වික්‍රමසිංහවත් මේ වගේ ජනතාව රවට්ටල නැති බව අවංකවම කියන්න ඕන.එක්සත් ජාතික පක්ෂය කවදාවත් තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සිංහල, දෙමළ, පිටපත්වල වෙන වෙන දේවල් කියලා නෑ. නමුත් සජිත් සිංහල, දෙමළ අය පමණක් නෙවෙයි ජාත්‍යන්තරයත් රවට්ටලා. වතු ජනතාවගේ වැටුප රුපියල් 1500 ක් කරන බව සජිත් කියනවා. නමුත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙන්නේ රුපියල් 1000 ක් දෙනවා කියලයි. තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල එකක් කියලා ජනතාවට තවත් එකක් කියන අය ගැන විශ්වාසය තියන්න එපා.දරු ඵල නොමැති මව්වරුන් සඳහා නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර නොමිලයේ ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මම ඒ ගැන අද මව්වරුන්ට ප්‍රකාශ කළා.එමෙන්ම ජාතියට වින කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අපි ක්‍රියා කරනවා. අප දරුවන් මතින් මුදවා ගන්න ක්‍රියා කරනවා යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.2015 ජනවාරි 8 වැනිදා වැටුණු රට නැවත ගොඩ ගන්නවා ද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ මාසේ 16 වැනිදායි. බොරුවෙන් එකක් කියලා තමන්ව රවට්ටපු ආණ්ඩුවෙන් පලිගන්න ජනතාව බලාගෙන ඉන්නවා.බුද්ධි අංශ 97 ක් අනතුරු හඟවා තිබියදීත් ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරය නවත්වන්න උත්සාහ ගත්තේ නැහැ. මේ රටේ නොතිබුණු ත්‍රස්තවාදයක් ඇති කළේ මේ ආණ්ඩුවයි.පරාජයේ වේදනාව දැනටමත් දැනෙන නිසා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ආණ්ඩුව මඩ ගහනවා. ඒ මඩ ප්‍රහාරවලට මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ.අන්තවාදයට විරුද්ධ සියලුම දෙනා මෙවර ඡන්දය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂටයි.පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය පිළි අරගෙන. සජිත්ගේ වේදිකාවේ එ.ජා.ප. ප්‍රබල ඇමතිවරු නැහැ. ඇමැතිවරු දැන් අමාත්‍යාංශවල තම තමන්ගේ ලිපිගොනු අයින් කරනවා.ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවෙන් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබෙන බව කියමින් ඉරාන් වික්‍රමරත්න ඇමැතිතුමා මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා.   මේ රටේ බෝම්බ පිපිරීම අවසන් කළේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂයි. බෝම්බ පිපිරීම නවත්තපු අපිට නැවත මේ රටේ බෝම්බ ගහන්න අවශ්‍ය නැහැ. ඉරාන් වික්‍රමරත්න ඇමැතිවරයා වහාම අත්අඩංගුවට අරගෙන මේ බෝම්බ ප්‍රහාරයේ ඇත්ත නැත්ත ගැන ප්‍රශ්න කළ යුතු යැයි ද ඔහු කීය.බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවැසීය.අපි තීන්දුව හරි අතට ගත්තේ රට ආරක්ෂා කරන නායකයා දිනවන්නයි. නිවට එජාප ආණ්ඩුව පළවා හැර රටට හිතැති ආණ්ඩුවක් පත්කර ගන්න ජනතාව පුල පුලා බලා සිටිනවා. ශ්‍රීලනිපයේ අපි පංගුපේරුවෙන් තොරව ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටිනවා. වතුකරයේ ජනතාවගේ වැටුප් ප්‍රශ්නය විසඳා ඔවුන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. දැන් වතු ප්‍රජාවෙන් අලුත් උගත් පරපුරක් බිහි වී සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි.එමෙන්ම වසර 40ක් තිස්සේ බදුල්ල නගරයේ දැවැන්ත කුණු ගොඩක් තිබෙනවා. මෙය ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසන්න. ඊට අමතරව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දෙන ලෙසත් ඉල්ලනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේ පැවැසීය.සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවගේ ආරක්ෂාව සහතික කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි. ගෝඨාභය රට හදන දැක්ම ඉදිරිපත් කරන විට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ වේදිකාවේ විකට ජවනිකා රඟපානවා.සජිත් යන්නෙත් තමන්ගේ පියාගේ අඩි පාරෙමයි. සජිත්ගේ පියාගේ කාලයේ දී මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් ඝාතනය වුණා. බදුල්ලේ ජනතාවට ඒ බියකරු අතීතය හොඳට මතකයි. හරීන්ගේ මාමා වන වින්සන් ඩයස් මේ ආසනයේ සංවිධායකවරයාව සිටි කාලයේ දී මට තුන්පාරක් වෙඩි තිබ්බා. ඒ කාලයේ දී මරණ ලැයිස්තුවේ මගේ නමත් තිබුණා. අපි මේ ජීවත්වෙන්නේ බෝනස් කාලයක්.අද සජිත් ටී.එන්.ඒ. සංවිධානයත් එක්ක එකතුවෙලා ඉන්නවා. ටී.එන්.ඒ. සංවිධානය සජිත්ට සහාය දෙන්නේ ඔවුන්ගේ රට බෙදන ඉල්ලීම්වලට ඔහු එකඟ වී ඇති නිසා යැයි ද ඔහු කීය.ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන්, ශ්‍රීලනිප බදුල්ල ආසන සංවිධායක කුමාර් ගුරුබරන් යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු මෙන්ම ජවිපෙ බදුල්ල ආසන සංවිධායක රෝහිත තිලකරත්න ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ කිහිප දෙදෙනෙක් ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් මෙම අවස්ථාවට එක්වූහ.ඌව පළාත් හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“
1
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු  ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි  විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්‍ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්‍ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්‍ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්‍ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්‍ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්‍ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්‍ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක්  වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්‍ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්‍ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්‍ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්‍ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්‍ෂේත්‍රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්‍ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්‍ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්‍ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්‍ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්‍ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර  මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම  ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. 
“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“
0
(නාලක සංජීව දහනායක)තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ ප්‍රායෝගික පොරොන්දුයි. මාගේ ධුර කාලය ඇතුළතදී ඒ සියල්ලම ඉටු කරනවා.එමෙන්ම අපගේ පාලන කාලයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කරනවා. යුද්ධය නිම වූ පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කළා.නමුත් විදේශීය බලවේගවල අවශ්‍යතාවයන් හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවධානයක් යොමු කළේ නැහැ.රටට එල්ල වන සතුරු තර්ජන ගැන රජයට දැනුම් දෙන්නේ බුද්ධි අංශයි. මේ රජය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන විට යුද මානසිකත්වය නැවත ඇති කිරීමට කටයුතු කරන බව කියමින් ඔවුන්ට කතා කරන්න දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම හැඟීමක් නැතිව කටයුතු කළ නිසා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා.නමුත් අපගේ රජය බුද්ධි අංශ නිලධාරීන්ට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සලසා දෙනවා. අපි යුද්ධය නිමකර රටේ යටිතල පහසුකම් දියුණු කළා. රටට සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. අප විසින් ආරම්භ කළ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ඉදිකිරීම වැනි ව්‍යාපෘති මේ රජය අතරමග නතර කළා. සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම නිසා ලක්ෂ හතරකට පමණ පිරිසකට රැකියා අහිමි වුණා. ඔවුන් එලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක් කිරීමටයි.එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. වගා ණය කපා දමා ගොවි විශ්‍රාම වැටුප රක්ෂණ ක්‍රමය ලබා දෙනවා. ගොවියා දුප්පත්කමින් ඉහළට ගෙන ඒමට අප සැලසුම් සකසා තිබෙනවා.රටට ප්‍රධානතම වශයෙන් විදේශ විනිමය ලැබුණේ වැවිලි කර්මාන්තයෙනුයි. නමුත් බාල තේ සමග කළවම් කර මෙරට තේ පිටරට යැවීම නිසා තේ කර්මාන්තය කඩා වැටිලා. ගුණාත්මක තේ පමණක් පිටරට යවා නැවත විදේශ වෙළෙඳපොළ ලබාගන්න අපගේ රජය කටයුතු කරනවා.එමෙන්ම පොල් කර්මාන්තය හා රබර් කර්මාන්තය සංවර්ධනය කරන්න අපට සැලසුම් තිබෙනවා. මම ගිය දිස්ත්‍රික්ක නවයකම ප්‍රධානතම වැවිලි භෝගය බවට පත්ව තිබුණේ ගම්මිරිස් වගාවයි. නමුත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් බාල ගම්මිරිස් පිටරට යැවීම නිසා අද වන විට ගම්මිරිස් වගාව කඩාවැටිලා.ආසියාවේ රටවල් සංවර්ධනය උදාකරගෙන තිබෙන්නේ තාක්ෂණයේ දියුණුවෙනුයි. අපගේ තරුණ පරපුර තාක්ෂණයට යොමු කළ යුතුයි. මාස 6ක් වැනි කෙටි කාලයකින් එම පුහුණුව ලබා දීමෙන් රටට ව්‍යවසායකයන් බිහි කර ගත හැකියි. රැකියා ලබාගත හැකියි.තොරතුරු තාක්ෂණය කලා අංශයේ සිසුන්ටත් ලබා දෙන්න කටයුතු කරනවා. රජය පුද්ගලික අංශය සමග එකතු වී ඒ වෙනුවෙන් කටයුතු කරනවා.ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. ඉංජිනේරු පීඨයක් අප කැලණිය විශ්වවිද්‍යාලයට ලබා දෙනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න අපගේ රජය කටයුතු කරනවා.ලෝකයත් සමග ඉදිරියට යන්න නිපුණත්වයක් අවශ්‍යයි. නිපුණත්වයක් සහිත තරුණයන් වෙනුවෙන් ලෝකයේ ඕනෑතරම් රැකියා තිබෙනවා. ජර්මනියේ පමණක් ලක්ෂ 2ක හෙද පුරප්පාඩුවක් තිබෙනවා. අපගේ හෙද විද්‍යාලයෙන් උපාධි ලබා දෙන මට්ටමට දියුණු කිරීමෙන් අපට ඒ අවස්ථාවන් ලබා ගත හැකියි.එමෙන්ම විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් වෙනුවෙන් අප ක්‍රියා කරනවා. ඉංග්‍රීසි හා ගණිතය විෂය හැම දරුවකුටම ලබාදීමට කටයුතු කරනවා.එමෙන්ම ජීවන වියදම දරාගත නොහැකි පවුල් වෙනුවෙන් සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් විදුලිය, ජල, ගෑස් සඳහා සහන ලබා දෙනවා. නිවාස නොමැති රණවිරුවන්ට, අඩු ආදායම්ලාභීන්ට පැල්පත්වාසීන්ට නිවාස ලබා දෙනවා.අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ සෑම ක්ෂේත්‍රයක් ගැනම දැඩි අවධානයක් යොමු කරලයි. ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. මම ඔබට අභිමානයෙන් පත්විය හැකි ආරක්ෂිත රටක් ලබාදීමේ අභියෝගය භාරගන්නවා යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.රටේ වෙන්නේ මොනවද කියල අවබෝධයක් තියෙන ගම්පහ ජනතාවට මම අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.චන්ද්‍රිකා මැතිනිය ප්‍රභාකරන්ට කතා කරන්නේ සර් කියලා. ඒ කතාව අද වීරකේසරී පුවත්පතේ දාල තියෙනවා. මිනීමරු නායකයෙක් වෙනුවෙන් එහෙම කතා කරන්නේ කොහොමද?ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ සැලැස්ම රටට කියනවා. ඔහුට රට ගොඩගන්න ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස වේදිකාවේ මොනවද කියන්නේ. ඔහු කියන කතා මටත් වඩා හොඳට ඔබ දන්නවා.සජිත් ප්‍රේමදාස දැනටමත් පරාජය බාරගෙන. ඒ නිසා කිසිම හරයක් නැති කතා කියනවා. මේක ජනාධිපතිවරණයක් මිස කවටයෙක් තෝරා ගන්න මැතිවරණයක් නොවෙයි.පොකට් ගහන කෙනා අනුන්ට හොරා කියනවා. මේ ආණ්ඩුවත් බලය අරගෙන කළේ ඒකමයි. රටේ මහ බැංකුව හොරා කාපු ලෝකයේ එකම ආණ්ඩුව මේකයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනා අපගේ රජයන් යටතේ නීතිය ඉදිරියට ගේනවා.අපි රටට ජාතික සම්පත් එකතු කළා. රජය අරගෙන අපි රටට සම්පත් එකතු කළා. අපි හදපු වරාය, ගුවන්තොටුපොළ කිසිම හැඟීමක් නැති විදියට විකුණලා දැම්මා.මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා සිදුවූ අලාභය ගැන මේ ආණ්ඩුව පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ අයටත් අපගේ රජයන් යටතේ දඬුවම් ලබා දෙනවා.එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල එකිනෙකට පරස්පර කතා සඳහන් කරලා නැහැ. නමුත් සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පිටපතේ ඒකීය රටක් ගැන සඳහන් කරලා, දෙමළ පිටපතේ එක්සත් රාජ්‍ය සංකල්පය ගැන  සඳහන් කරලා තියෙනවා. මේ රවට්ටන්න හදන්නේ කවුද?එදා ප්‍රභාකරන් ඉල්ලපු දේ සජිත් ප්‍රේමදාස ලවා අරන් දෙන්න අද චන්ද්‍රිකාත් එකතු වෙලා ඉන්නවා.එමෙන්ම නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙන්න පියවර ගන්නවා යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.ඉදිරි දින කිහිපයේදී ජනතාව නොමග යැවීමට විවිධ බොරු ප්‍රචාරය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව මොන බොරු කියුවත් ඒ ගෝඨාභයගේ ජයග්‍රහණය සක්කරයටවත් වළක්වන්න බැහැ.මේ ජනාධිපතිවරණය පක්ෂ අතර සටනක් නොවෙයි. ස්වදේශිකයාගේ ජයග්‍රහණය ලබන දිනය නොවැම්බර් 16 වැනිදායි. මේ රට දැන් අපේ රටේ නැහැ.  රටේ ඉඩම් අක්කර තිස් ලක්ෂයක් කොල්ල කන්න බලාගෙන ඉන්න රැල එළවිය යුතුමයි.ඇක්සා ගිවිසුමට අනුව හදිසි අවශ්‍යතාවකදී අප රටට ඇමරිකානු හමුදාවට අපේ රටට ගොඩබහින්න පුළුවන්ය කියන වගන්තිය ඇතුළත් කළා. ඒ හදිසි තත්ත්වය නිර්මාණය කරන්නයි පාස්කු ඉරු දින සහරාන් ලවා බෝම්බ පුපුරුවා හැරියේ.පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මීගමුවේදී සමාව ඉල්ලනවා. ඒ අපරාධකරුවන් සියලුම දෙනා එකට තියල බැඳල දාන්න ජනතාව මග බලාගෙන ඉන්නවා.බටහිර ගැති, පරගැති, රූකඩ පාලනය මේ මවු බිමෙන් පලවාහැරිය යුතුයි. මේ පාලකයන් තවදුරටත් තියාගන්නවාද කියලා ඔබ නොවැම්බර් 16 වැනිදා තීරණය කළ යුතුයි.  පාස්කු ප්‍රහාරයේ වාඩුව ගන්නා දිනය එදායි.දුප්පත් ජනතාව ගැන කතා කරන සජිත් පසුගිය අවුරුදු හතර හමාරටම අමාත්‍යාංශයේ මහජන දිනයට අමාත්‍යාංශයට ගිහිල්ලා නැහැ. තමන්ගේ සහෝදර මන්ත්‍රී කෙනකුගේ ගෙදරින් තේ උගුරක් බොන්නේ නැති සජිත් වැඩිපුරම ඉන්නේ යාල කැලෙයි.මව් රට තමන්ගේ ඇහැ වගේ ආරක්ෂා කරන නායකයෙක් අද මේ රට බලාපොරොත්තු වෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ  ගෝඨාභය  රාජපක්ෂටයි.ගෝඨාභය  රාජපක්ෂ අතීතය කාල්ගාන්නෙත් නැහැ. අනාගතයට දොස් පවරන්නෙත් නැහැ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරල නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැක්කේ ඔහුටයි.සජිත්ට ඒ හැකියාව නැහැ. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලුවාට සහරාන්ලා හදපු රිෂාඞ්, හකීම් ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි. අන්තවාදීන් හුරතල් කළ අය එක්ක ඉන්න සජිත්ට අන්තවාදය නැතිකරන්න බැහැ.සිංහලයා පරාජය කළ හැක්කේ හංසයාට කතිරය ගැසුවොත් පමණක් බව සුමන්දිරන් කියනව. අපි දෙමළ ජනතාව පරාජය කරන්න මේ වේදිකාවේ කතා කරන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ නායකත්වයෙන් යුත් රජයකට පමණයි.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් ප්‍රේමදාසගේ වේදිකාවල ප්‍රබල ඇමැතිවරුන් නැහැ. ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් විතරයි. ඇමැතිවරුන් දැන් අමාත්‍යංශවල බඩු පැක් කරනවා ගෙදර යන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) අතුරලියේ රතන හිමියෝ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුද මෙහිදී කතා කළහ.වසන්ත සේනානායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, නිමල් ලංසා, ඩුලිප් විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
“අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් හැකි ඉක්මනින් නිර්මාණය කරනවා“
0
(අංජුල මහික වීරරත්න නාත්තණ්ඩිය සිට)‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්‍ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්‍ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරි අය-වැයෙන් පියවර ගන්නා බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නාත්තණ්ඩියේදී ඊයේ (18) පැවැසීය.‘‘යහපාලන ජාතික රජය කිසිවිටෙක ජනතාව ණය බරක අතරමං කර පලා යන්නේ නැතැයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ නාත්තණ්ඩිය, මානිංගල, අශෝකපුර ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය නව නිවාස 98කින් සමන්විතය.රුපියල් කෝටි 54 ක වියදමකින් අශෝකපුර නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරෙයි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.‘‘ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කර ඉඩම් ප‍්‍රශ්නය විසඳා දෙන ලෙස අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා මට පැවැසුවා. මා එහිදී සභාපතිවරයා සහ අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා කැඳවා ප‍්‍රශ්නයට විසඳුමක් දුන්නා.නමුත් ප‍්‍රශ්නය එතැනින් අවසන් වූයේ නැහැ. ඇතැම් අවස්ථාවලදී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදාළ නියෝග අනුව ක‍්‍රියා කළේ නැහැ.නිවාස ඉදිකිරීම සඳහා අශෝක මන්ත‍්‍රීතුමා විශාල සටනක් ගෙනගියා. මෙවැනි සටනක් ගෙන යන්නේ ඇයි දැයි මා ඇසුවා. මෙහි ජනතාවට ඉඩමක් නිවෙසක් නැති බවත්, කුලී ගෙවල්වල ජීවත්වන බවත් මන්ත‍්‍රීතුමා මට පැවැසුවා.දරුවන්ට හරියාකාර අධ්‍යාපනය ලබා ගැනීමට වාතාවරණය නැති නිසා ඔවුන් වෙනුවෙන් සටන් කරන බවත් පැවැසුවා. අශෝකපුර වැඩසටහන ආරම්භ කළේ එතුමාගේ ධෛර්යය ශක්තිය සමගයි. ඒ සමගම එතුමා නායකත්වය ගෙන ඉදිරියට ගියා.නිරෝෂන් පෙරේරා ඇමැතිතුමාත් මේ පිළිබඳව මට විටින් විට කරුණු වාර්තා කළා. එතුමා ගත් උත්සාහය නිසා අද මට මෙහි පැමිණ අශෝකපුර නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න හැකියාව ලැබුණා. හැරල්ඞ් හේරත් ඇමැතිතුමා ලෙසින්ම අශෝක මන්ත‍්‍රීතුමා ද මේ ප‍්‍රදේශ දියුණු කිරීමට කටයුතු කරනවා.නාත්තණ්ඩිය වැනි ප‍්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. බිංගිරිය, නාත්තණ්ඩිය, වෙන්නප්පුව ප‍්‍රදේශ ආශ‍්‍රිතව විශාල සංවර්ධන වැඩසටහන් තිබෙනවා. අශෝක මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේදීත් නිරන්තරයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති පිළිබඳව අදහස් දක්වනවා. පක්‍ෂයේ අනාගතය තහවුරු කිරීම සඳහා අපට අවශ්‍ය වන්නේ තරුණ මන්ත‍්‍රීවරුන් බව කිව යුතුයි.නිවාස යෝජනා ක‍්‍රමයට විදුලි බලය සපයා ගැනීම සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා මූලික වී ක‍්‍රියා කළා.වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා මෙහි මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා කටයුතු කළා.සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා පියාගේ අමාත්‍යාංශය බාරගෙන රට වටා නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. දැනට එතුමා නිවාස යෝජනා ක‍්‍රම 470 ක් ඉදිකරමින් සිටිනවා. එතුමා නිවාස ව්‍යාපෘති 2000 ඉලක්ක කර ගනිමින් වැඩ කරනවා.මේ වැඩසටහන යටතේ නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සියල්ල දෙනවා. පසුගිය වසරේදී මේ ආධාර ක‍්‍රමය යටතේ නිවාස ලක්‍ෂ දෙකකට වඩා ආරම්භ කළා. එය කළ හැකි වූයේ ඇයි? ශක්තිමත් ආර්ථිකය ඇති කිරීමට පියවර ගත් නිසයි.2015 ජනාධිපතිවරණය හදිසියේ පැවැත්වූයේ ඇයි? එවකට පැවැති රජයට මෙරට ආර්ථිකය පාලනය කරන්න නොහැකි වුණා. ණය බර වැඩි වුණා. රජයේ ආදායම ණය ගෙවීමට ප‍්‍රමාණවත් වූයේ නැහැ.2018x2019 වසර වනවිට ආපසු ගෙවීම සඳහා විශාල ණය ප‍්‍රමාණයක් තිබුණා. එය ගෙවන්න නොහැකි තත්ත්වය උදා වූවා. ඒ නිසා නියමිත කාලයට පෙර මැතිවරණය පැවැත්වීමට රාජපක්‍ෂ තීරණය කළා. ඒ වනවිට රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. ආණ්ඩුව මුදල් සොයා ගත්තේ ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පැනවීම මඟිනුයි.අපේ ප‍්‍රතිපත්තිය වන්නේ ලෝක වෙළෙඳ පොළෙහි මිල අඩුවන විට මෙහි මිල අඩු කිරීමත්, ලෝක වෙළෙඳ පොළෙහි මිල වැඩිවන විට වැඩි කිරීමත් බව සඳහන් කළ යුතුයි. නමුත් පසුගිය රජය මිල අඩුවන විට අඩු කිරීමට පෙළඹුණේ නැහැ. ඒ නිසා ජනතාවට ජීවත්වීම අසීරු වුණා.එවන් අවස්ථාවකදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක බවට පත්කර ජනපතිවරණය ජයගෙන මා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණා.ඒ අවස්ථාවේදී මැරෙන්න යන ලෙඩෙකු ඔබ විසින් බාරගෙන තිබෙන බව මට ආර්ථික විශේෂඥයින් දැනුම් දුන්නා. ලෙඩා මියයන බව පැවැසුවා. ලෙඩා මිය යන්නේ නැති බවත් ජීවත් කළ යුතු බවත් එහිදී මා දැනුම් දුන්නා. මා අභියෝගය බාරගත්තේ ඒ අනුවයි. ආණ්ඩුව හැදුවේ එවැනි වාතාවරණයකයි.2015 ජනවාරි මාසයේ අප ආණ්ඩුව ගත් පසුව ඊළඟ මාස තුන රට ගෙනයන්නවත් මුදල් තිබුණේ නැහැ. අයxවැයෙන් අප සහන ගණනාවක් දුන්නා. පඩි වැඩි කළා. අප කෙසේ හෝ රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා.අප කෙසේ හෝ ආර්ථිකය ගොඩගෙන ඉදිරියට යනවා. රට පෙර පරිදි යන්න දුන්නා නම් ණය ගෙවීම මේ පරපුරට පමණක් නොව ඊට පසු පරම්පරාවලටත් බලපානවා. ණය අපේ කාලයේදීම ගෙවා දමනවාද? නැතිනම් ඊළඟ පරපුරට බාර දෙනවාද කියා තීරණය කළා.අප ආර්ථිකය ගොඩනැගීම සඳහා අවතීර්ණ වූයේ මේ කරුණු තීරණය කිරීමෙන් පසුවයි. මෙරට ආදායම වැඩි කිරීමට අද අපට හැකිවෙලා.බදු පැහැරහැර ඇති අයගෙන් බදු අය කළා. වැට් බදු හඳුන්වාදීමේදී අපට දොස් කිව්වා. එහෙත් අද රටේ ආදායම් තත්ත්වය නිසා ණය ගෙවීම් කළමනාකරණය කර ගන්න හැකියි.2015 වසරේදී අපට ණය ගෙවීමට ආදායම තිබුණේ නැහැ. අපට දැන් තිබෙන ආදායමෙන් ණය ගෙවීමට හැකියි. අපේ ආදායම තවත් වැඩිකරගත යුතුයි.එදා අප රට බාරගන්නා විට රජයේ වියදම් ආදායමට වඩා වැඩියි. රජයේ වියදම් හා ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7 ක වෙනසක් තිබුණා. 2020 වනවිට ඒ වෙනස 3.5% දක්වා අඩු කරනවා.මේ වසර දෙක තුළදී නිවාස ඉදිකිරීමට ආධාර කරන්න හැකිවුණා. එමෙන්ම උතුරු-නැගෙනහිර අලූතින් නිවාස ඉදි කරනවා. බිම් අඟලක් නැති වතුකරයේ ජනතාව සඳහා පර්චස් 7 බැගින් වන නිවාස ඉදිකරනවා.කොළඹ පැල්පත්වල ජීවත් වන අඩු ආදායම් ලබන අයට මහල් නිවාස දී ඔවුන් ජීවත් වූ ඉඩම් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදවනවා.එමෙන්ම මධ්‍යම පාන්තිකයන්ට නිවාස ගැනීම සඳහා ණය දෙනවා. දැන් ඒ වෙනුවෙන් දෙන ණය ප‍්‍රමාණය වැඩි කරලා ඉදිකරන නිවාස ප‍්‍රමාණය ද වැඩි කරනවා.කොළඹ නගරයේ පැල්පත්වල ජීවත්වන අඩු ආදායම් ජනතාවට ඉදිකරන මහල් නිවාස ප‍්‍රමාණය වැඩි කරනවා. සියල්ල කරන්නේ අපට ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට හැකියාව ලැබුණු නිසයි.හොඳම පාසල - ළඟම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය දියුණු කරනවා. ශිෂ්‍ය රක්‍ෂණ ක‍්‍රමය ආරම්භ කළා.එමෙන්ම සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයට මුදල් දුන්නා. විදුලි බලය, නිවාස ඉදි කිරීම, වාරිමාර්ග ආදියට මුදල් දී තිබෙනවා.සියල්ල කළේ එදා ඉදිරියට ගෙනයාමට නොහැකිව කඩා වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම නිසයි.නමුත් අපට තවත් ණය ගෙවීමට තිබෙනවා. ඒ නිසා ඇතැම් ණය පාලනය කරන්න වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. ණය පාලනය කර ආදායම් වැඩි කරන්නේ කෙසේද? මෙරට උද්ධමනය පාලනය කරන්නේ කෙසේද?ජල ගැල්මට, නියඟයට, කුණු කඳු නායයෑම්, ඩෙංගු වසංගතවලට මුහුණ දෙන්න වුණා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙණු ඇතැයි ඇතැමුන් සිතුවා. නමුත් එලෙස ආර්ථිකය වැටුණේ නැහැ. මේ වනවිට 4% හෝ 4.5% ක හෝ වර්ධන වේගය බලාපොරොත්තු වෙනවා.ගංවතුර නිසා කෘෂිකර්මාන්තය, වී ගොවිතැන ආදියට හානි වුණා. පොල් වගාවට හානි වුණා. විදුලි ගාස්තු වැඩි වුණා. ශක්තිමත් ආර්ථිකය ගොඩනැගූ නිසා ඊට මුහුණ දී අදත් අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා.අපට තව දුර ගමනක් තිබෙනවා. ණය කන්දේ මුදුනට තවම පැමිණ නැහැ. ණය කන්දේ මුදුනට එන්න වන්නේ 2018x2019 වසරවලයි. රාජපක්ෂලා ණය ගත්තේ පරම්පරා තුනක් උකසට තැබීමෙනුයි.ලබන වසරේත්, ඊළඟ වසරේත් ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ තුනක් වෙනවා. මේ ණය ගෙවන්නේ කෙසේද? මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 සහ 2019 අය වැයෙන් අවධානය යොමු කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි.මේ මුදල ගෙවා දැමූ පසු අපට කන්ද උඩටම යන්න හැකියාව ලැබෙනවා.ණය ගෙවූ පසු ඊළඟ වටයේ ණය ගෙවීමට තවත් ශක්තිය තිබෙනවා. කෝටි ලක්ෂ තුන ගෙවීමටත් අපට හැකියි. අප වියදම් පාලනය කර ඉදිරියට යමු. මෙවැනි විශාල මුදලක් ගෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් කෙසේ හෝ මේ මුදල ගෙවිය යුතුයි.ණය අපේ පරම්පරාව විසින්ම ගෙවා දැමිය යුතුයි. ඊළඟ පරපුරට ණය බාරදීමට මා සූදානම් නැහැ. ණය ගෙවීමට වසර 10ක් අවශ්‍ය නැහැ. අපේ ආණ්ඩු සමයේදී අප කන්ද උඩටම යමු.කෝටි ලක්‍ෂ තුනක ණයක් අනාගත පරපුරට උරුම කිරීමට මට අවශ්‍ය නැහැ.අප රජය කිසිවිටෙක වගකීම අතහැර පැන  යන්නේ නැහැ. ආර්ථිකය ගොඩනගා 2018x2019 කාලයේදී ගෙවීමට ඇති කෝටි ලක්ෂ තුනක විශාලතම ණය බර ගෙවා දමනවා. ඉදිරි අයවැයෙන් අවධානය යොමු කරන්නේ ඒ ඉලක්කය සඳහායි.ඒ සමගම අප නිවාසවලට මුදල් දෙනවා. අවුරුදු 13ක අධ්‍යාපනය  අනිවාර්ය කර වෘත්තීය අධ්‍යාපනය සඳහා මුදල් දෙනවා. කුඩා ව්‍යාපාර සඳහා ණය දෙනවා.ගමේ සංවර්ධනය මීට වඩා වේගවත් කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් ණය ගෙව්වත් අනෙක් පැත්තෙන් සංවර්ධනය ඇති කරන්නත් කටයුතු කරනවා.තුන්වැනි පියවර ලෙස අප ආයෝජන ගෙන රැුකියා බිහි කරනවා. ඒ පිළිබඳව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ආර්ථික ප‍්‍රතිපත්ති එළිදැක්වීමේදී ප‍්‍රකාශ කරන්නම්. නොවැම්බර් 9 වැනිදා මුදල් ඇමැතිතුමා අයවැයෙන් කෝටි ලක්‍ෂ තුනක ණය ගෙවා දමා රට සංවර්ධනය කර  සහන දෙන්නේ කෙසේදැයි ප‍්‍රකාශ කරාවි.ඇතැම්විට ජනතාවට බර වැඩිවන අවස්ථා තිබෙනවා. කළ යුත්තේ ණය මේ සමයේදී ගෙවා දමා ඉදිරි පරපුර ණයෙන් නිදහස් කිරීමයි. අපට ඇත්තේ ඒ ශක්තියයි. අපේ මූලික පරමාර්ථය එයයි.ණය ගත්තේ කව්දැයි සිතමින් සිටීමෙන් ඵලක් නැහැ. මේ අප ගත් ණය නොවෙයි. නමුත් කෙසේ හෝ ණය ගෙවා දැමිය යුතුයි.ඊළඟ වසර දෙකෙහි ණය ගෙවා රට සංවර්ධනය කර රැුකියා උත්පාදනය කරන්න හැකි ශක්තිමත් ආර්ථිකයක් අප ගොඩනගනවා.ඊළඟ වසර දෙකෙහි දී ණය නොගන්නා රටක් ලෙස, හොඳ ආදායම් ලබන රටක් ලෙස අඩිතාලම් දමමු යයිද? රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.නිවාස  හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:‘‘අද විවෘත වන්නේ යහපාලන රජය ඇරැුඹූ උදාගම්මාන වැඩ සටහනේ 43 වැනි ගම්මානයයි. මේ වනවිට රට පුරා නිවාස ව්‍යාපෘති 400 ක් ඉදිවෙමින් තිබෙනවා. මේ වසර අවසන් වනවිට උදා ගම්මාන 500ක් ආරම්භ කරනවා.2020 වසර වනවිට තවත් උදා ගම්මාන 2000ක් ඉදිකර ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ උදාගම්මාන 2500 ක් ජනතාව අතට පත්කිරීමෙනුයි.අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා සමග අත්වැල් බැඳගෙන නිවාස ව්‍යාපෘතිය සාර්ථක අයුරින් නිමා කරන්න අපට හැකියාව ලැබුණා. නිවාස ව්‍යාපෘතියට නිවාස 98 ක් අයත්ව තිබෙනවා.සම්ප‍්‍රදායානුකූල රාමුවලට කොටු නොවී ජනතාවට සහන සැලසීම අගමැතිතුමාගේ දර්ශනයයි. නිවාස ඉදි කෙරුණු ඉඩම විවිධ සමාගම්වලට බෙදා දී තිබුණා. අශෝක මන්ත‍්‍රීතුමාගේ එඩිතර බව නිසා ඉඩම් නැවත ජනතාව අතට පත්වුණා.අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් සිටි ජනතාවට අද තමන්ගේම නිවෙසක අයිතිය ලැබිලා. අශෝකපුර නිවාස ව්‍යාපෘතියේ II පියවර ක‍්‍රියාත්මක කිරීමද අප ආරම්භ කළා. අපට ඉඩම් සොයා දෙනවා නම් හතු පිපෙනවා සේ උදාගම්මාන ඉදිකිරීමට සූදානමින් සිටිනවා.ඒකීය බව ගැන අද බොහෝ අය මන්තරේ වගේ ජප කරනවා. ශ්‍රී ලංකාවේ ඒකීය බව රකින බව පසුගිය හැම මැතිවරණයකදීම අප ප‍්‍රකාශ කළා. අපේ පුටු දෙස කෑදරකමින් බලා ඉන්න පිරිස පොහොට්ටුවක් තියාගෙන ඒකීය බව නැති කරනවා යැයි කෑ ගහනවා.රට ඒකීය වීමට නම් සෑම ජන කොටසක්ම සතුටින් ජීවත්විය යුතුයි. සැවොම එක මව්බිමක සහෝදරත්වයෙන් ජීවත්වෙනවා නම් ඒකීය බව තිබෙනවා. විරැුකියාව, දුප්පත්කම තිබෙනවා නම් ඒකීයබව තහවුරු වන්නේ නැහැ.2015 ට පෙර නමට ඒකීය බව ගැන කිවුවද සැබෑ ඒකීය බව තිබුණේ නැහැ. යුද  ජයයෙන් ජනතාවගේ සාක්කු පුරවනවා වෙනුවට තම පරපුරේ සාක්කු පුරවමින් සිටියා.අද රටතුළ ජාතීන් අතර එකමුතු බව නිර්මාණය වෙලා. නිවෙස් නැති පොඩි මිනිහාට ඉඩම් ලැබිලා. ගොවි, ධීවර, කම්කරු ජනතාව ආරක්ෂා වෙලා. ඒකීය බව තහවුරු වන්නේ එවිටයි.ඒකීය බව මුලට දමා ජනතා මුදල් කොල්ලකෑමේ පිළිවෙත අප අනුමත කරන්නේ නැහැ.යහපාලන රජය ජනතා සම්පත් කොල්ලකන රජයක් නොවෙයි. අප ලැබූ  තාවකාලිකබාරය  නැවත 2020 දී විභාගයකට මුහුණ දීමට සූදානම්.අප කිසිවිටෙක අපේ සාක්කු ගැන සිතන්නේ නැහැ. නිවාස ප‍්‍රශ්නයෙන් පීඩා විඳින පවුල් ලක්ෂ 25ක් සිටිනවා. රාජපක්‍ෂ යුගයේ දැවැන්ත සංවර්ධනය වුණා නම් මෙතරම් පිරිසක් නිවාස නැතිව ඉන්නේ කෙසේද?කාර්යය අකුරටම ඉටුකිරීම මගේ අරමුණයි. නිවාස ඉදිකිරීමේදී ඇතැම් නිලධාරීන්ගේ කටයුතු ගැන සතුටු  විය නොහැකියි. ඒ නිසා නිලධාරීන් ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.ජනපති x අගමැති ශක්තියෙන් 2025 වනවිට සැමට සෙවනදීම අපේ අරමුණයි.’’විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා:‘‘එක්සත් ජාතික පක්ෂය හැමවිටම බිම් මට්ටමේ නායකයන්ට අතදෙන පක්ෂයයි. නිවාස ව්‍යාපෘතියට විදුලියදීම සඳහා අප විශාල පිරිවැයක් දැරුවා.නිවාස ව්‍යාපෘතිය ඉතා ආදර්ශවත් අයුරින් ඉදිකර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකිවුණා.’’ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත මහතා:‘‘නිවාස ව්‍යාපෘතිය මගින් සිහිනය සැබෑවීම බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ දුරදක්නා නුවණ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.ගම අශෝකපුර ලෙස නම් කරන්න මට සිදුවුණා. එය අගමැතිතුමා අනුමත නොකරන බව මගේ හැඟීමයි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත මට එසේ කරන්න වුණා.එක්සත් ජාතික පක්‍ෂය රටට කළ සේවය අමතක කළ යුගය තිබුණා. පෙර අපේ නායකවරුන් මේ ප‍්‍රදේශවල නිවාස ව්‍යාපෘති ගණනාවක්, යටිතල පහසුකම් ගොඩනැගුවා. පසුගිය රජය පාරකට තාර දැමුවා හැර පවතින දෙයක් කළේ නැහැ.කැලෑවකින් වැසී තිබූ මේ ඉඩම අද නිවාස ව්‍යාපෘතියක් බවට පත්වෙලා.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් ඉදිකළ විශාලතම නිවාස ව්‍යාපෘතිය වන්නේ අශෝක පුරයයි. අපගේ අරමුණ වන්නේ ජනතාවට සැපවත් ජීවිතය දීමයි.’’මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
1
(අංජුල මහික වීරරත්න)බඩු මිල අඩු කර, වැටුප් වැඩි කරමින්, රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිගහ මන්දිරයේදී ඊයේ (29) පැවැසීය.යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප‍්‍රගතිය 2020 වන විට දැක ගැනීමට හැකියාව ලැබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය බර නැති ශීඝ‍්‍රයෙන් දියුණුවන රටක් අනාගත පරපුරට උරුම කර දෙන බවද අනාවරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ගමින් ගමට - දොරින් දොරට සැමට සෙවණ විසිර නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍ය ආධාර චෙක්පත් ප‍්‍රදානය කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාස ලාභීන් 1100 ක් සඳහා මේ යටතේ විසිරි නිවාස ණය පිරිනැමීම සිදු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.මෙම නිවාස වැඩසටහන යටතේ සැමට සෙවණ විසිරි නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ විශාල පිරිසකට අද නිවාස ඉදිකර ගැනීම සඳහා උපකාර කරනවා. මෙය සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමාගේ විශේෂ වැඩසටහනක් බව කිව යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියාණන් වන රණසිංහ පේ‍්‍රමදාස මහතා මෙරට නිවාස අමාත්‍යවරයා ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ලෙසත් නිවාස ඉදිකිරීමේ වැඩසටහන්, උදාගම් ව්‍යාපාරය, ගම්උදාව ආරම්භ කළා. ඒ වනතුරු මෙරට නිවාස ක්‍ෂේත‍්‍රයෙන් අප බලාපොරොත්තු වූ ප‍්‍රගතිය දක්නට ලැබුණේ නැහැ.රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමන්ගේ අත්දැකීම් ද ලබාගෙන සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා දැන් නිවාස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ සඳහා නියෝජ්‍ය ඇමැතිතුමා ඇතුළු අදාළ ආයතනවල සහයෝගය ලැබෙනවා. මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මා විශේෂ ප‍්‍රශංසාවක් පළ කිරීමට කැමැතියි.මේ වනවිට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට ආධාර උපකාර කර තියෙනවා. එකල අමාත්‍යංශය විසින් නිවාස ඉදිකිරීම් බාරගත්තා. ඒත් ඊට වඩා අඩු වියදමකින් ලාබදායී ආකාරයට ඉදිකර ගැනීම සඳහා අප නිවාස හිමියන්ට මූල්‍ය සහ ද්‍රව්‍ය ආධාර උපකාර ලබා දෙනවා. අද මේ වැඩසටහන් සාර්ථකව කි‍්‍රයාත්මක වන්නේ මේ ක‍්‍රමය අනුවයි.නිවාස යනු ජනතාවගේ මූලික අවශ්‍යතාවක්. තම නමට නිවසක අයිතිය ලබාගැනීම සියලූම දෙනාගේ සිහිනයක් බව කිව යුතුයි. තමන්ගේ නිවසක ජීවත්වීම  මෙන්ම තම දරුවන්ට ද නිවසක අයිතිය ලබාදීම සැමගේම සිහිනයක් වී තිබෙනවා.වර්තමානයේදී ජනතාව වෙනුවෙන් නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට හැකියාව ලැබී ඇත්තේ ඒ සඳහා මූල්‍ය සම්පත් වෙන්කර ගැනීමට හැකියාව ලැබී තිබෙන නිසයි. සම්පූර්ණයෙන්ම රුපියල් කෝටි 2200 ක් පමණ නිවාස ඉදිකිරීම් සඳහා වියදම් කිරීමට හැකිවී තිබෙනවා. මෙය අප අරඹා ඇත්තේ විශාල කාර්යභාරයක් බව කිව යුතුයි.ගංවතුර සහ නාය යෑම නිසා නිවාස අහිමිවූවන් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන්වලට සහභාගීවීමට පසුගිය දිනවල මට අවස්ථාව ලැබුණා. එමෙන්ම ඇල්පිටිය ප‍්‍රදේශයේදී ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගීවීමටත් අවස්ථාව ලැබුණා. ඒ අයුරින්ම උතුරේ නිවාස, වතුකරයේ නිවාස, ග‍්‍රාමීය නිවාස වැඩසටහන් සඳහා ද ආධාර උපකාර ලබාදීමට හැකිවුණා. සෑම දෙනා සඳහාම නිවාස ලබාදීමට ප‍්‍රාග්ධනයක් අවශ්‍යයි. අපේ එක් අරමුණක් වන්නේ එම ප‍්‍රාග්ධනය ලබාදීමයි. ආණ්ඩුව ප‍්‍රාග්ධනය ලබාදුන් පසුව ජනතාවගේ දහඩිය මහන්සිය යොදා නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබෙනවා. අපේ විශාල අවශ්‍යතාවක් තිබුණේ අඩු ආදායම්ලාභීන් සඳහා ප‍්‍රාග්ධනය ලබාදීමයි. අප මේ වර්තමානයේදී ක‍්‍රියාත්මක කරන්නේ ඒ කාරණයයි.වර්තමානයේදී ආණ්ඩුවක් ලෙස අපට ආඩම්බර විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා කියූ ආකාරයට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අප බාරගනිද්දී ලංකාව පුරා කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි යන කාරණය වත් දැනගෙන සිටියේ නැහැ. කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි එහිදී අප සාකච්ඡුා කළා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුල් යුගයේදී අපට උරුම වී තිබුණේ ණය කන්දරාවක් පමණයි.වත්මන් පරම්පරාවට පමණක් නොව ඊළඟ පරම්පරාවටත් රාජපක්‍ෂ රජය විසින් ණය කන්දරාවක් උරුම කර දී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට රට ඇද වැටී තිබුණා. එම ණය ගෙවා දැමීමට නොහැකි බව දැනගත් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වූවා. මේ ආණ්ඩුව ණය අර්බුදය හේතුවෙන් කඩා වැටේවි යැයි ඇතැම් අය කල්පනා කළා. ඒත් ණය අර්බුදය හේතුවෙන් ආණ්ඩුවෙන් වැටෙන්නට නොදෙන බව අපි එදා තීරණ කර තිබුණා. අපි එම අභියෝගය බාර ගනිමින් එකට එකතු වී ණය අර්බුදයට විසඳුම් සොයා ගත්තා. එදා රටේ ජාතික ආදායම ණය ගෙවීමට වත් ප‍්‍රමාණවත් වුණේ නැහැ.එදා පැවැති ආණ්ඩුව ආදායම් සොයා ගත්තේ තෙල් මිල වැඩි කර ලබාගත් ලාබයෙනුයි. ඒත් අප තෙල් මිල ලෝක වෙළෙඳපොළේ මට්ටමට අඩු කිරීමට පියවර ගත්තා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වුණොත් රටේ තෙල් මිල අඩු කිරීමටත්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියහොත් රටේ තෙල් මිල වැඩි කිරීමටත් අප තීරණය කළා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. ඒ වගේම මේ වනවිට ආදායමත් වැඩි කර තිබෙනවා. එසේ නම් බඩු මිල අඩුකර වැටුප් වැඩි කරමින් රටේ ජනතාවගේ ආදායම් ඉහළ දැමූ එකම ආණ්ඩුව අපේ ආණ්ඩුවයි. අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරිමයි. රටේ ආර්ථිකය ප‍්‍රමාණවත් නැතිනම් නිවාස ඉදිකළ නොහැකියි.සජිත් පේ‍්‍රමදාස අමාත්‍යතුමා පැවසූ ආකාරයට අපට ණය, ණය සඳහා පොලිය ආදී ගැටලූ නොතිබුණානම් ඉතා අඩු පොලියක් යටතේ රටේ සියලූම ජනතාවට නිවාස ඉදිකරගැනීම සඳහා ආධාර ලබාදීමට හැකියාව තිබෙනවා. ණය, ණය සඳහා පොලිය ගෙවීම වැනි ගැටලූ තිබියදී පවා ජනතාවට නිවාස ඉදිකර දීම සඳහා අප රුපියල් කෝටි 2200ක මුදලක් වෙන්කර තිබෙනවා. ජනතාවගේ ශ‍්‍රමයෙන් සහ රජයෙන් ආධාර යටතේ නිවාස ඉදිකිරීමේ වැඩසටහන මේ වනවිට ආරම්බ කර තිබෙනවා. එසේ නම් මෙම වසර දෙකහමාර තුළ  රටේ  ණය බර ගෙවීමට හැකි ආර්ථික තත්ත්වයක් ඇති කළා සේම  අනාගතයේ දී ණය බර ගෙවා අවසන් කිරීමට හැකි ශක්තියක් තිබෙන ආර්ථික මට්ටමක් නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුවයි. අද අපට තිබෙන සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා දැමීමට ශක්තියක් නැහැ. රටේ ජාතික ආදායමෙන් ණය ප‍්‍රමාණයෙන් කොටසක් ගෙවීමට හැකි වුවත්. සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා අවසන් කිරීමට තරම් ප‍්‍රමාණවත් ආදායමක් නැහැ. ඒ සඳහා දැන් විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේ වැඩසටහන ආරම්භ කිරීමට අපට හැකි වී තිබෙන්නේ ආණ්ඩුවේ නිසි ආර්ථික කළමනාකරණය නිසා පමණක් නොව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ අපේ ආණ්ඩුව ලෝකයේ සෑම රටක් සමගම හොඳ  සම්බන්ධතාවක් පවත්වාගැනීමත් ඊට හේතුවයි. ඉන්දියාව, ජපානය, චීනය, ඇමෙරිකාව, රුසියාව යන රටවල් සහ යුරෝපා රටවල් සමගත් අප මිත‍්‍රත්වයෙන් කටයුතු කරනවා. ඒ සියලූ රටවල් සමග විශේෂ සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ ආධාර හා උපකාර ලබා ගනිමින් අප ඉදිරියට  යනවා. ඒ අනුව මේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරමින් ආර්ථිකය දියුණු කිරීමට අපට හැකි වී තිබෙනවා. ගැබිනි මව්වරුන්ට ආධාර උපකාර ලබාදීමට අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප‍්‍රමාණය වැඩි කිරීමට අපට හැකිවී තිබෙනවා. ගෝලීය ආර්ථිකයේ ගැටලූ ඇති වී තිබෙන අවධියක අපේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇතිකර ගනිමින් ඉදිරියට යාමට අපට මේ වනවිට හැකිව තිබෙනවා. දැන් අපට තිබෙන්නේ විශාල සංවර්ධනයකට සූදානම් වීමයි. අපේ රටේ ණය ප‍්‍රමාණය අපේ පරම්පරාවේදීම ගෙවා අවසන් කිරීමට අපට හැකි වන්නේ ඒ සංවර්ධනය මගිනුයි. ආණ්ඩුව පිහිටුවා ගත වූ මේ වසර දෙකහමාර තුළ නව රැකියා සහ ආදායම් මාර්ග ලක්‍ෂ දෙකහමාරකට අධික ප‍්‍රමාණයක් අප ජනතාව වෙනුවෙන් බිහිකර තිබෙනවා. මේ වනවිට රටේ පෞද්ගලික අංශය දියුණුවෙමින් පවතිනවා. ලබන මාසයේදී නව බදු සහන ලබාදුන් පසුව ආර්ථිකය මීටත් වඩා දියුණුවට පත්වේවි. ආයෝජකයන් සඳහා බදු සහන ලබාදුන් පසුව එයින් තවදුරටත් රැුකියා අවස්ථා බිහිවෙනු ඇතැයි අප අපේක්‍ෂා කරනවා. හම්බන්තොට වරාය ණය බරින් ඉවත් කොට වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් සමාගම එක්වී වරාය ඉදිරියට ගෙනයාම සඳහා හවුල් ව්‍යාපාර අරඹා තිබෙනවා. ඒ  තීරණය ජනතාවගේ කරමතින් විශාල බරක් ඉවත් කිරීමක් බව කිව යුතුයි. එමෙන්ම අප ජපානය සමග එකට එක්ව මහනුවර නගරය විශාල සංවර්ධනයකට ලක් කරනවා. කෘෂිකර්මය මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් කරනවා. වයඹ ප‍්‍රදේශය හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන්ද කර්මාන්ත කලාප ඇති කිරීමෙන්ද විශාල දියුණුවක් දැකගන්නට හැකියාව ලැබේවි. කුරුණෑගල නගරය දියුණු කිරීමටත්, සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමටත්. බස්නාහිර පළාතම මහනගරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ගාල්ල, මාතර ප‍්‍රදේශවල ආසියාවේ හොඳම සංචාරක කලාප බිහිකිරීමටත් අප වැඩසටහන් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. හම්බන්තොට, මොනරාගල, මාතර ප‍්‍රදේශවල කර්මාන්තකරණය සමග විශාල ආර්ථික දියුණුවක් ඇතිවීමට නියමිතයි. පිබිදුනු පොලොන්නරුව වැඩසටහන යටතේත්, මොරගහකන්ද වැඩසටහන යටතේත් මල්වතු ඔය වැඩසටහන යටතේත් අප විශාල දියුණුවක් අපේක්‍ෂා කරනවා. එමෙන්ම ති‍්‍රකුණාමලය වැඩසටහන තුළින්ද ඒ ප‍්‍රදේශයේ අලූත් විප්ලවයක් බිහිවෙනු ඇතැයි අප අපේක්‍ෂා කරනවා. අප මෙම අභියෝගය බාරගත්තේ විශාල බරක් උරමත තබාගෙනයි. ඒත් ණය බර තිබෙනවා යැයි කියා අප නිවාස ඉදිකිරීම් කටයුතු නතර කළේ නැහැ. වර්තමානයේදී ඒ කි‍්‍රයාවලිය තවත් වර්ධනය කොට ජනතාවට නිවාස අයිතිය ලබාදීමට, ඉඩම් අයිතිය ලබාදීමට  අධ්‍යාපනය ලබාදීමට වන අයිතිවාසිකම් තවත් පුළුල් කිරීමට ජනතාවගේ ආදායම වැඩිකිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා ඔබේ සම්පූර්ණ සහයෝගය අපේක්ෂා කරනවා.නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:-මේ මන්දිරය කාලයක් භාවිතා වූයේ එක කණ්ඩායමක පැවැත්ම වෙනුවෙන්. අද ඔබ දහස් ගණනක් මෙහි පැමිණ සිටිනවා.අප අන්ත අසරණ පවුල් සඳහා රුපියල් ලක්ෂ 42 ක නිවෙසක් පරිත්‍යාග කරනවා. මලල ක‍්‍රීඩා ක්්ෂේත‍්‍රයේ ක‍්‍රීඩිකාවන් තිදෙනකු සඳහා රුපියල් ලක්ෂ 42 බැගින් වන නිවාස 22 ක් දෙනවා. පවුල් 1100 ක් සඳහා රුපියල් ලක්ෂ 1100 ක් වැයකොට අසම්පූර්ණ නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා මූල්‍ය පරිත්‍යාග කරනවා.යහපාලන රජය නිවාස ක්ෂේත‍්‍රයේ යෝධ සංවර්ධන හිමි පිමි ගණනාවක් ඉදිරියට තබා තිබෙනවා. ජනපති සහ අගමැති අපට හැමවිටම උපදෙස් දෙන්නේ කරන දේ හරියට පිරිසුදුව කරන ලෙසයි. ඔබට දෙන අරමුදල් කාගෙවත් පෞද්ගලික මුදල් නොව මහජනතාවගේ සම්පත් බව ඔවුන් හැමවිටම උපදෙස් ලබා දෙනවා. අප හැමවිටම කටයුතු කරන්නේ ජනතාවගේ උන්නතිය සඳහායි.අගමැතිතුමන් හැමවිටම නිවාස ඉදිකිරීම් සඳහා සුවිශේෂී උනන්දුවක් දක්වනවා. 2020 වනවිට මෙරට උදාගම්මාන 2500 ක් ඉදිකිරීම අපේ අරමුණයි. උතුරු පළාතින්ද දැවැන්ත නිවාස වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.අගමැතිතුමාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම සමරමින් රටපුරා උදාගම්මාන 40 ක් අරඹා තිබෙනවා.රණවිරුවන් සඳහා විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. අපගේ ව්‍යාපෘති තුළින් මෙරට නිවාස අවශ්‍යතාව හඳුනාගෙන තියෙනවා.මෙරට ලක්ෂ 25 කට නිවාස ප‍්‍රශ්නය තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා. මුළු රටම ණය බරින් පීඩාවට පත් කර පසුගිය සමයේ මහා පරිමාණ ව්‍යාපෘති ඇරඹුණා. මේ සුදු අලි ව්‍යාපෘති නොතිබුණා නම් ඒ මුදල් ද නිවාස ප‍්‍රශ්නය විසඳීම වෙනුවෙන් යෙදවීමට හැකියාව තිබෙනවා.සොඳුරු පියස ණය වැඩසටහන තුළින් කොළඹ පවුල් 5000 කට ආධාර උපකාර කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ප‍්‍රගතිශීලී, ජනහිතකාමී අමාත්‍යංශයක් බව කිවයුතුයි. රජයේ අරමුණ සැමට ශක්ති සම්පන්න ජීවිකාවක් ලබාදීමයි. මෙරට ආර්ථික වර්ධනය ඇති කිරීමට විශේෂ සංවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මකයි.අපේ සිහිනය නිවාස ප‍්‍රශ්නය තිරසාරව විසඳුණ ශ්‍රී ලංකාවක් දැකීමයි.නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා:-ඉතිහාසයේ සිට අප නිවාස ප‍්‍රශ්නයට මුහුණ දුන්නා. පසුගිය සමයේ නිවාස අමාත්‍යංශයට වෙන්වූයේ සීමිත මුදලක්. එලෙස වෙන්වූ මුදලෙන් පවා ඥාතීන්ට නිවාස ඉදිකර දුන්නා. වත්මන් රජය බලයට පත්වූ පසුව අප අමාත්‍යංශයට ප‍්‍රමාණවත් මුදලක් වෙන්කර තිබෙනවා.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අද ඉතා කාර්යක්ෂම අමාත්‍යංශයක් බවට පත්වී තිබෙනවා. ඉදිරි වසර කීපයේදී නිවාස ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් දීම අපේ අරමුණයි. වත්මන් රජය ගැන ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙනවා.අතීතයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මියත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතාත් මෙහිදී අදහස් දැක්වූහ.
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
0
(අංජුල මහික වීරරත්න)“අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය.ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් රාජපක්ෂ ණය ඇතුළු සියලු ණය බරින් රට මුදාගත හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්නේ යැයි ද කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ ඌව පරණගම-යාලගම යොවුන් අපනයන කෘෂි ගම්මානය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.අක්කර 53ක භූමියක කෘෂි ගම්මානය ඇරඹෙන අතර, අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල් දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙන්ම මී මැසි පාලනය අපනයනය සඳහා මෙහි වගාකිරීමට නියමිතය.කෘෂි භෝග වගාව කරන තරුණ තරුණියන් සඳහා අක්කර තුනක නේවාසිකගාරයක් ද මෙහි ඉදි කෙරේ. උමා ඔය අසබඩ සුන්දර බිම් තීරයක ගොවිබිම පිහිටයි. උව පළාත් කෘෂිකර්ම, මහාමාර්ග හා සත්ව නිෂ්පාදන අමාත්‍ය උපාලි සමරවීර මහතාගේ සංකල්පයකට අනුව ගොවි ගම්මානය ඉදිකෙරිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.“මා බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ නිලධාරීන් ඇතුළු පාක්ෂිකයන් සමඟ දිස්ත්‍රික්කය සම්බන්ධව සාකච්ඡා කිරීමටයි. අද ඌව පරණගමට පැමිණියේ ඉතා දුෂ්කර ගම්මානයක් වන යාලගමුවේ පැවැත්වෙන උත්සවයකටයි.මේ දුෂ්කර ගම්මානයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට පැමිණි ඔබ සැමට මාගේ ස්තූතිය පළමුවෙන්ම පුද කිරීමට කැමැතියි. වියළි කාලගුණය මධ්‍යයේ ද රස්නය නොතකා මෙහි පැමිණි ඔබට නැවත වාරයක් ස්තූතිවන්ත වීමට කැමැතියි.ඌව පරණගම, වලපනේ, වියලුව යන ආසන තුන එකතුවන ස්ථානය වන මේ නොදියුණු ප්‍රදේශය දියුණු කිරීමේ කාර්යය උපාලි සමරවීර මහතා බාර ගත්තා.උපාලි සමරවීර මහතා පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් සභාවේ ද දක්ෂ අන්දමින් තම වැඩ කටයුතු කළා. පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය උපාලි සමරවීර මහතාට බාර දුන්නේ ප්‍රදේශයට විශාල සේවයක් කිරීමටයි. එතුමා කරන වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණෙන්නැයි කිහිප වතාවක්ම මට ආරාධනා කළා. ඒ අනුවයි අද මා මේ ප්‍රදේශයට පැමිණියේ.එතුමාගේ අරමුණ ප්‍රදේශයේ යොවුන් කෘෂි අපනයන ගම්මානය ආරම්භ කිරීමයි. ඒ සඳහා විවිධ පාර්ශ්ව විවිධ අදහස් උපදෙස් දී තිබෙනවා. ප්‍රාථමික කටයුතු අමාත්‍යාංශයෙන් ද අවශ්‍ය මුදල් ආධාර ඒ සඳහා දෙනවා. ඉදිරියේදී මේ සඳහා තවත් සැලසුම් ඉදිරිපත් කළායින් පසු මුදල් දීමට මා සූදානම් බව පැවැසීමට කැමැතියි.තල්පිටිගල ජලාශය ඉදිවීමත් සමඟම ප්‍රදේශය විශාල දියුණුවක් ලබනවා. ජාතික ආණ්ඩුව ඇති කරන අවස්ථාවේදී සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ තල්පිටිගල ජලාශය ඉදිකර ඒ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතිය කර ගැනීමට ආධාර උපකාර දෙන ලෙසයි. චීන රජයට මේ පිළිබඳව කතා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැන් මුදල් අනුමත වෙලා.තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සාර්ථක වූ පසුව මෙහි ඉඩම්වල වටිනාකම දෙගුණයකටත් වඩා වැඩි වීමට නියමිතයි. කෘෂි අපනයන ගම්මානය මෙහි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් ගම්මානවල පදිංචිකරුවන් කරන්නේ වී ගොවිතැන හෝ වෙනත් සාම්ප්‍රදායික භෝග වගා කිරීම හෝ පමණයි. නමුත් මේ ගම්මානයේ තත්ත්වය ඊට වඩා වෙනස් බව කිව යුතුයි. අපනයනයට අවශ්‍ය ගොවිතැන් මෙහි කෙරෙනවා. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සඳහා සූදානම් කරනවා.ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මීට වසර 40කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්න ශක්තියක් තිබුණේ නැහැ.ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘතයි. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන්පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා.බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පෝසත් වෙලා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා.එකල අපට යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට තිබූ අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පසුගිය ආණ්ඩුවට රටේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. දිගින් දිගටම ඔවුන් ණය ගැනීමට පටන් ගත්තා. ශ්‍රී ලංකාව එතෙක් ගෙන තිබුණේ දේශීය වාණිජ ණය පමණයි. පසුගිය ආණ්ඩුව විදේශීය වාණිජ ණය ගන්නත් පටන් ගත්තා. ආර්ථිකය බංකොළොත් වුණා. අපේ ආර්ථිකයට ණය ගෙවන්න ශක්තියක් නැති වුණා. ආදායමක් තිබුණෙත් නැහැ.ණය ගෙවීමට නොහැකි පුද්ගලයකු තවත් ණයක් ගත්විට වන්නේ කුමක් ද? ණය ගෙවීමට හැකි මට්ටමට ආදායම ප්‍රමාණවත් විය යුතුයි. නමුත් පසුගිය රජය සීමාවකින් තොරව ණය ගැනීම නිසා ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ආණ්ඩු මාරුව වුණේ මෙවැනි තත්ත්වයක් තිබිය දී බව කිව යුතුය.මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුව බිහි කළේ ණය උගුලෙන් ගොඩ ගැනීමටයි. ණය උගුලේ සිර වී මැරෙනවා ද නැතිනම් අපේ ශක්තියෙන් ණය උගුලෙන් ගොඩ එනවා ද කියා තීරණය කිරීමට සිදු වුණා.පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයන්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා. ඊට එරෙහිවත් විශාල උද්ඝෝෂණ පැවැත්වුණා. නමුත් මේ වනවිට රජයේ ආදායම වැඩි වෙලා. ඒ  නිසා ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ගත යුතු ණය ප්‍රමාණය අඩු කිරීමට අපට හැකියාව ලැබුණා.ලබන වසරේ පමණක් අපට ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි අනූ හයදහසයි. මෙසේ ගෙවිය යුතුව තිබෙන්නේ 2007, 2008, 2009 වසරවල ගත් ණයයි. ඊළඟ වසර හතරේ දී ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩෙලර් කෝටි එක් දහස් පන්සීයක් වෙනවා. තද අව්වට ක්ලාන්තය හැදුණේ නැතත් ණය මුදල ගැන ඇසූ විට ක්ලාන්තය හැදෙනවා.ණය බර කළමනාකරණය කර ගනිමින් රට දියුණු කළ යුතුයි. 2020 වනවිට ණය ගෙවීමට හැකියාව ඇති ශක්තිමත් ආර්ථිකය බිහි කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් අප ක්‍රමානුකූලව රජයේ ආදායම වැඩි කර තිබෙනවා. අනෙක් අතින් තරුණ තරුණියන් සඳහා රැකියා බිහි කළ යුතුයි. අප එය කරන්නේ කෙසේ ද?ණය ගන්නවා නම් එය ගෙවීමටත් හැකියාවක් තිබිය යුතුයි. ඒ සඳහා අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළින් පමණක් මුදල් සොයා ගන්න හැකියාවක් නැහැ. යුරෝපා වෙළෙඳපොළ, ඉන්දියා වෙළෙඳපොළ, චීන වෙළෙඳපොළ අල්ලා ගෙන අපනයන ආර්ථිකය දියුණු කළ යුතුයි. එසේ කළවිට ඊළඟ වසර දහයේ දී වුවත් ණය ගත්විට ඒ ණය පහසුවෙන්ම ගෙවා දැමිය හැකි තත්ත්වය උදා වෙනවා.එදා මහින්ද රාජපක්ෂ ණය ගනිද්දී අත්පුඩි ගැසූ මාධ්‍ය වෙන්නේ කුමක්දැයි අද අපෙන් අසනවා. රාජපක්ෂ ගත් ණය ගෙවා දැමීම සඳහා තවත් ණය ගැනීමට අද අපට සිදු වෙලා. ඒ තත්ත්වය දිගින් දිගටම ගෙන යෑමට හැකියාවක් නැහැ. ණය උගුලට මුහුණ දීම සඳහා ශක්තිමත් ආර්ථිකය ඇති කළ යුතුයි.අපේ ආර්ථිකය ශක්තිමත් විය යුත්තේ වර්තමානයේ ගන්නා ණය ගෙවා දැමීමට පමණක් නොවෙයි. පසුගිය වසර දහයේදී ගත් ණය ගෙවා දැමීමට ශක්තිය තිබිය යුතුයි. එසේ නම් කඩිනම් ශීඝ්‍ර සංවර්ධනය ආරම්භ කර අප ගන්නා ණයත්, පසුගිය වසර දහයේ දී ගත් ණයත් ගෙවීමට හැකි තත්ත්වය නිර්මාණය කළ යුතුයි.මේ කාර්යය පසුගිය වසරේ නොකළේ ඇයි දැයි බොහෝ අය විමසනවා. පසුගිය වසරේදී අපට ජාතික ආදායම වැඩි කර ගැනීමේ කාර්යබාරයට මුහුණදීමට වුණා. පළමුවෙන්ම අප රටේ ආදායම වැඩි කරගත යුතුයි. එය සාර්ථක වී ඇති නිසා දැන් අපට සංවර්ධනයට යා හැකිව තිබෙනවා. මුළු රටමඅපනයන ආර්ථිකය මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අපේ අරමුණයි.ලෝක වෙළෙඳපොළ අපේ වෙළඳපොළ බවට පත්කර ගත යුතුයි. ඌව පරණගම, වැලිමඩ, බදුල්ල, කොළඹ වෙළෙඳපොළවල් තරග කරන්නා සේ ලෝක වෙළෙඳපොළ සමඟ අද අප තරග කළ යුතුයි. සිංගප්පූරු වෙළෙඳපොළ, ප්‍රංශ වෙළෙඳපොළ, ශැංහයි වෙළෙඳපොළ සමග තරග කළ යුතු තත්ත්වයන් ඇති කළ යුතුයි. අපට ඒ ශක්තිය තිබෙන බව ඇඟලුම් කර්මාන්තයෙන් පෙන්නුම් කළා. තේ කර්මාන්තයෙන් ද ඒ ශක්තිය පෙන්නුම් කර තිබෙනවා.කර්මාන්ත, සංචාරක, ව්‍යාපාර ආදී සියල්ල අපනයන ආර්ථිකය බවට පත්කර විශාල සංවර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගැනීමට යළිත් අපට හැකියාව ලැබෙනවා. මේ පිළිබඳව අප යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කළා. යුරෝපා වෙළෙඳපොළට පිවිසීම සඳහා යුරෝපා සංගමය අපට භාණ්ඩ 6600කට සම්පූර්ණ බදු සහන දුන්නා. ප්‍රතික්ෂේප කළ තීරු බදු සහන සියල්ල දැනට අපට ලැබී තිබෙනවා.ඇඟලුම් භාණ්ඩ පමණක් නොව තවත් භාණ්ඩ රැසක් තීරු බදු සහනයට අයත් බව කිව යුතුයි. ඒ අතර අඹ, අන්නාසි, ගම්මිරිස් ආදියත් යුරෝපයට යැවීමට උපාලි සමරවීර මහතා කල්පනා කරලා. යුරෝපය අපට උපකාර කරනවා. ඔවුන් අපට සම්පූර්ණ වෙළෙඳපොළ දුන්නා.අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වෙලා.ජපානයට හා ඉන්දියාවට යෑමට මට අවස්ථාව ලැබුණා. ඔවුන් අපේ දියුණුවට විශාල වශයෙන් උපකාර කරනවා. ප්‍රධාන නගර දියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට ආධාර කිරීමට, කොළඹ වරාය තවත් දියුණු කිරීමට, කොළඹ වරායට උතුරින් තවත් වරාය ඉදිකිරීමට, කටුනායක ගුවන් තොටුපොළ දියුණු කිරීමට, කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට, මෙරටට හොඳ තාක්ෂණය දීමට, මහනුවර අලුත් නගරය බවට පත් කිරීමට, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අපගේ රූපවාහිනී නාලිකා ඩිජිටල්කරණය කිරීමට ජපානය එකඟවී සිටිනවා.ත්‍රිකුණාමලය සංවර්ධනය සඳහා සහභාගී වීමට සූදානම් යැයි ඉන්දියාව පවසනවා. ලංකාව හා ඉන්දියාව එක්වී ත්‍රිකුණාමලයේ ව්‍යාපෘති රැසක් දියුණු කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළා.ත්‍රිකුණාමලය තෙල් ගබඩා හවුල් ව්‍යාපාරය ලෙස දියුණු කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් බව කිව යුතුයි. එයින් ශ්‍රී ලංකාවේ තෙල් සංස්ථාවට කිසිදු හානියක් වන්නේ නැහැ. තෙල් ගබඩා කර ඉන්දියාවට විකිණීමේ අවස්ථාව එවිට අපට ලැබෙනවා. එහි අප කර්මාන්තශාලා ඇති කරනවා. ඒ අවට විශාල දියුණුවක් ඇතිකළ යුතුයි. ඒ දියුණුවේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව සමඟ ඒකාබද්ධ කමිටුව පත් කරනවා. ජපානයත් ඒ කාර්යය සඳහා එකතු වෙනවා.සූර්යතාප විදුලි බලාගාරයක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට ඉන්දියාව ක්‍රියා කරනවා. ඊට අමතරව ඉන්දීය රජය විසින් කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය ඉදි කරනවා.ජපාන ආයෝජකයන් විසින් තවත් විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිතයි. විදුලි බලාගාරය සඳහා එල්.එන්.ජී. ගෑස් ගැනීම සඳහා අවශ්‍ය පාවෙන පර්යන්තය ඉන්දියාව ලංකාව හා ජපානය එක්ව ක්‍රියාත්මක කරනවා.උතුරේ ආර්ථිකය දියුණුකිරීම සඳහා ඉන්දියාවෙන් සහයෝගය ලැබෙනවා. මන්නාරමේ සිට වවුනියාවට, වවුනියාවේ සිට ත්‍රිකුණාමලයට, ත්‍රිකුණාමලයේ සිට දඹුල්ලට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.දකුණු පළාතේ ඉන්දීය ආයෝජන සහිතව වෙළෙඳ කලාපයක් ඉදිකිරිමට ඉන්දීය සමාගම සූදානම්ව සිටිනවා. කළුතර අක්කර දහසක වෙළෙඳ කලාපය ඉදිකිරීම සඳහා තායි සමාගම පැමිණ සිටිනවා.වයඹ වෙළෙඳ කලාප තුනක් ඉදිකරීමට නියමිතයි. මීට අමතරව හම්බන්තොට, වැල්ලවාය ප්‍රදේශවලත් වෙළෙඳ කලාප ඉදි කෙරෙනවා. ජාතික ආදායම වැඩි කරන අතර ඉතිරි සංවර්ධන කටයුතු සැලසුම් කරමින් සිටිනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඉන්දියාවෙන් ආධාර දෙන බවට පොරොන්දු වුණා.අපනයන කෘෂිකර්මාන්තය දියුණු කර මත්තල ගුවන් තොටුපොළින් අපේ භාණ්ඩ එතෙර යැවිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ සහයෝගය ගන්නවා. වතුකරයේ ජනතාවට  නිවාස ඉදිකිරීමට උතුරේ ජනතාවට නිවාස තැනීමට ඉන්දීය සහයෝගය ලැබෙනවා.මීට අමතරව අපේ ශක්තියෙන් දකුණේ අක්කර දහසකට වැඩි ප්‍රමාණයක සංචාර කලාප ඉදිවෙනවා. හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් තවත් සංචාරක කලාපයක් ඉදිවෙනවා. බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවලත් වෙළෙඳ කලාප මෙන්ම සංචාරක කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මහනුවර නගරය විශාල සංචාරක මධ්‍යස්ථානය බවට පත් වෙනවා. එමෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිතව ද සංචාරක කර්මාන්තය දියුණු කරනවා.ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් සමාගම එක්ව හම්බන්තොට වරාය දියුණු කිරීමේ තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ දියුණුව මේ ප්‍රදේශයටත් ගලා එනවා.සෑම සංවර්ධන සැලසුමක්ම ගෙන ආවේ අපනයන ආර්ථිකය කරා යාමටයි. අපේ නිෂ්පාදන  එවිට ලෝක වෙළෙඳපොළේ  විකිණීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම එවිට ඉහළ යනවා. එමෙන්ම ජාතික ධනය ඉහළ යනවා. දළ දේශීය ආදායම දෙගුණ තෙගුණ වෙනවා.දුප්පත්කම තුරන් කර තරුණයන් සඳහා රැකියා බිහි කර ඉදිරියට යන ව්‍යාපාරය ජාතික රජය විසින් ක්‍රියාත්මක කරනවා. අප ආරම්භ කරන්නේ අපනයන ආර්ථිකයේ සංවර්ධනයයි.අප ජාතික ආදායම ශීඝ්‍රයෙන් වැඩි කළා. හැමදාම හිඟන්නන් වශයෙන් ඉන්න හැකියාවක් නැහැ. අපනයන ආර්ථිකය මගින් ලෝක වෙළෙඳපොළට ඇතුළු විය හැකි ආර්ථිකය අප නිර්මාණය කරනවා.1977 වසරේ නිදහස් ආර්ථිකය ආරම්භ කරද්දී අපට කිසිවක් තිබුණේ නැහැ. ඇඟලුම් කර්මාන්තය  නැහැ. 1977ට පෙර තිබූ රෙදි හැඳින්වූයේ ‘ඝණ්ඨාර මාර්ක්’ රෙදි යනුවෙන් බව වැඩිහිටියන් දන්නවා. අද වනවිට අප ඉහළ ප්‍රමිතියෙන් යුතු රෙදි ලෝකයට අපනයනය කරනවා.එමෙන්ම විශාල වශයෙන් රබර් ටයර් හදනවා. මේ කර්මාන්ත පස් ගුණයකින් පමණ වැඩි කිරීම අපේ අරමුණයි. අප ළඟ වාද බේද නැහැ. සියලු දෙනා එකතු වී වසර 5කින් ඉදිරියට පනිමු. ඊට පසුව පක්ෂය ලෙස බෙදී තරග කරන්න හැකියි.ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ ණය උගුලේ හිරවී තිබූ රට ඉන් බේරාගැනීමයි. ඒ කාර්යය සඳහා අපනයන ගම්මානයෙන් ලැබෙන උපකාරයට ද ස්තුතිය පළ කළ යුතුයි” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ඌව පරණගම සංවිධායක ඌව පළාත් කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන සහ මහාමාර්ග අමාත්‍ය උපාලි සමරවීර මහතා:“ඌව පරණගම ආසනයේ කෙළවරේ දුෂ්කරම ගම්මානයට අගමැතිතුමා පැමිණීම ගැන අපට ආඩම්බරයි. ඌව පරණගම සීයට 85ක ජනතාව ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙනුයි. හැමදාම කෘෂිකර්මාන්තයේ පෙරළියක් ඇති කිරීමේ වුවමනාව අපට තිබුණා.යාලගමුවේ ගොවි ගම්මානය සඳහා අප අක්කර 53ක භූමිය හඳුනාගෙන තිබෙනවා. මේ අසලින් උමා ඔය ගලා බසිනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඇරඹූ වාසනා ගමත් මේ ආසන්නයේ තිබෙනවා. තල්පිටිගම වේල්ල ඉදිවෙන්නේත් මේ ආසන්නයේයි. මෙය මා වසර 16කට පෙර දුටු සිහිනයක් බව කිව යුතුයි. අක්කර 53ක් වන ඉඩමේ අක්කර 50ක් වගා කටයුතු සඳහා ද අක්කර 3ක් මෙහි කෘෂිකාර්මික කටයුතු සඳහා සහභාගී වන තරුණ තරුණියන්ගේ නේවාසික පහසුකම් සඳහා ද වෙන්කර තිබෙනවා.අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල්දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙහි වගා කරනවා.  විශේෂයෙන් ජර්මනියේ මේ භෝග සඳහා විශේෂ ඉල්ලුමක් තිබෙනවා.”කම්කරු සබඳතා රාජ්‍ය අමාත්‍ය රවී සමරවීර මහතා:“රාජ්‍ය නායකයකු ඉතා දුෂ්කර ප්‍රදේශයකට පැමිණීම ගැන ස්තූති විය යුතුයි. මෙවැනි දුෂ්කර ප්‍රදේශවලට සේවය කරන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පමණයි. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසුව මේ ප්‍රදේශයට ආ එකම රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.අපනයන ගම්මානය ඉදි කිරීමෙන් පසු ප්‍රදේශය ශීඝ්‍රයෙන් දියුණු වීමට නියමිතය. පරිවර්තනය සිතන තරම් ලේසි නැහැ. අප බාර ගත්තේ හොඳ රටක් නොවෙයි. අප ජනප්‍රිය නොවන ආණ්ඩුවක් වී ඇත්තේ හරි දේ කරන නිසයි. තව වසර 2ක් යනවිට ජන වරමේ සැබෑ වෙනස දැක ගැනීමට හැකි වේවි.ඉදිරියේදී විශාල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ජනතාව ඉවසිලිවන්තව අප සමඟ ගමන යන්න සූදානම් වෙන්න.”ඌව පරණගම යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් ශ්‍රීනාත් මහතා:“උපාලි සමරවීර යනු අභියෝග බාර ගන්නා නායකයයි. ඔහුගේ මූලිකත්වයෙන් ඇරැඹුණු ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම සාර්ථක වන බව අපට විශ්වාසයි.අභියෝග බාර ගැනීමට අප සූදානම්. ඒ මෙරට තාරුණ්‍යයට හෙට දවස සෑදීම සඳහායි. ඌව පරණගම ආසනය කෙළවරේ දුෂ්කරම ගම්මානයට අගමැතිතුමා පැමිණීම ගැන අපට ආඩම්බරයි.2000 වසරේ නවක මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා. 2000 බල පෙරළියෙන් පසුව ආණ්ඩුව විසුරුවා හැරියා. 2001 දී අප ආණ්ඩුව පිහිටෙව්වා. ඌව පරණගම සීයට 85ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙනුයි. කෘෂිකර්මාන්තයේ පෙරළිය කිරීමේ වුමනාවක් අපට තිබුණා.”ප්‍රදේශයේ දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
0
(අංජුල මහික වීරරත්න සහ නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි අඹේවෙල සිට)රාජපක්ෂ ආණ්ඩුව සමයේ අතුරුදන් වූ ඩොලර් කෝටි ගණනක් වූ ජාතික ධනය පිළිබඳව කවුරුන් හෝ අබිරහස් නවකතාවක් ලිවිය යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අඹේවෙලදී පෙරේදා (7) පැවැසීය.ඡුන්ද දායකයන් යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමට බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා රජය කිසිවිටක හොරකම අනුමත නොකරන බව ද කීවේය.එදා වංචා දුෂණ හෙළිකරන විට දුටුගැමුණු රජුට මඩ ගහනවා යැයි කියූ මාධ්‍යය අද යළි උපන්නා ලෙස කටයුතු කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා පැවැසීය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳව අමාත්‍යාංශයට අනුබද්ධ මිල්කෝ (ප‍්‍රයිවට්) ලිමිටඞ්හි අඹේවෙල කර්මාන්තශාලාවේ නවීකරණය කළ කිරිපිටි නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.මෙහිදී අගමැති අතින් කිරි ගොවීන් සඳහා ඇගයුම් තිළිණ ප‍්‍රදානයක් ද සිදුවිය.එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.”පළමුවෙන්ම පදිරිප්පුව ප‍්‍රදේශයෙන් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නර්තන කණ්ඩායමට මම ප‍්‍රශංසා කරනවා. එය සම්ප‍්‍රදායත් නූතන ක‍්‍රමයත් එක්වූ ඉතා හොඳ නැටුමක්. ඒ වගේම යුද හමුදා නර්තන කණ්ඩායමටත් ප‍්‍රශංසා කරනවා. නමුත් මෙම ස්ථානයෙන් ඉක්මනින් පිටව යා යුතු නිසා ඔවුන්ගේ අනෙක් නර්තනාංග බැලීමට නොහැකිවීම අවාසනාවක්.අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා නව ආයෝජන හරහා නවීකරණය වූ මෙම කර්මාන්තශාලාව විවෘත කිරීමට මට ආරාධනා කළා. මෙම කර්මාන්තශාලාව නවීකරණය  කිරීම සඳහා 2008 වසරේ කටයුතු ආරම්භ කළත් ඊට අවශ්‍ය මුදල් ලබාදී මෙම වැඩකටයුතු ආරම්භ කළේ 2015 වසරේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව යටතේයි.මෙම නවීකරණ කටයුතු සිදු නොකළා නම් කිරි විශාල ප‍්‍රමාණයක් අපතේ යාම සිදුවෙනවා. කිරි ගොවීන්ට සිය කිරි නිෂ්පාදනය අලෙවි කර ගැනීමට නොහැකි වෙනවා. මෙම නවීකරණය හරහා දැනට මෙහි තිබෙන කිරි ලීටර් ලක්ෂයක ගබඩා පහසුකමට අමතරව තවත් කිරි ලීටර් ලක්ෂ දෙකක ගබඩා පහසුකමුත් ලැබී තිබෙනවා.මේ හරහා අපේ බටර් නිෂ්පාදනය දිනකට කිලෝග‍්‍රෑම් දස දහසක් දක්වා වැඩිකර ගැනීමේ හැකියාවක් තිබෙනවා. දැනට පවතින ලීටර් 40,000ක ගබඩා පහසුකම් සහිත ටැංකියටත්, ලීටර් 20,000 බැගින් වන ගබඩා ටැංකි හතරටත් අමතරව ලීටර් 40,000ක ගබඩා පහසුකම් සහිත තවත් ටැංකි දෙකක් මෙහි ඉදිකර තිබෙනවා. එම නිසා මෙහි තිබෙන ගබඩා පහසුකම පෙරටත් වඩා වැඩි වී තිබෙනවා.ඒ වගේම පාස්චරීකරණ යන්ත‍්‍රයේ දැන් ක‍්‍රියාකාරීත්වය පැයකට ලීටර් 15,000 දක්වා වර්ධනය කර තිබෙනවා. ඒ වගේම සෙන්ටිගේ‍්‍රට් අංශක 90 දක්වා අවශ්‍ය උණුසුම සැපයීමේ පහසුකම් දියුණු කර තිබෙනවා. එමෙන්ම කර්මාන්තශාලාවේ වායුසමීකරණ යන්ත‍්‍ර හරහා පැයකට ලීටර් 15,000ක් පාස්චරීකරණය කිරීමේ හැකියාව තිබෙනවා. එසේ නම් මෙය වැදගත් ආයෝජනයක් බවට අපට පෙනී යනවා. මේ ප‍්‍රදේශයේ කිරි ගොවීන්ට එදාට වඩා හොඳ ආදායමක් ලබාගැනීමේ හැකියාව අද උදාවී තිබෙනවා.රජයක් ලෙස අපි ප‍්‍රාග්ධනය ආයෝජනය කරන්නේ වැදගත් දේවල් සඳහා පමණයි. අපේ අරමුණ නාස්තිය නොව රටේ සුභසිද්ධියයි. වල් අලි වාසය කරන ප‍්‍රදේශයක කෝටි 320ක වියදමින් සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ඉදිකිරීම වැනි නොවැදගත් ආයෝජන අප සිදු කරන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවේ රාජපක්ෂ රෙජිමය ඉදිකිරීමේ කටයුතු කළේ තම හෙංචයියන්ට වාසි ලබාදීම සඳහා පමණයි.ඔවුන් හම්බන්තොට වරායට ඩොලර් කෝටි 150ක් ගෙවා තිබෙනවා. නමුත් අපි හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කරනවිට වැඩිම මුදලක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගම් දෙක අතුරින් අප තෝරා ගත්තේ රටට වැඩිම වාසියක් අත්වන පරිදි ඩොලර් කෝටි 140ක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගමයි. නමුත් පසුගිය රජය මෙය ඉදිකිරීමේදී ඩොලර් කෝටි 150ක් වැයකර තිබෙනවා. නමුත් එහි වටිනාකම ඩොලර් කෝටි 140ක් පමණයි. එසේ නම් අතුරුදන් වූ ඉතිරි ඩොලර් කෝටි 10 හෙවත් රුපියල් කෝටි 1500 පිළිබඳව කවුරුන් හෝ අභිරහස් නවකතාවක් ලිවිය යුතුයි.එදා අපි මෙම වංචාව පෙන්වා දෙන විට ලංකාවේ මාධ්‍ය අප ද්‍රෝහීන් යැයි පැවැසුවා. අපි දුටුගැමුණු රජ්ජුරුවන්ට මඩ ගහනවා යැයි පැවැසුවා. නමුත් දැන් ලංකාවේ තිබෙන්නේ යළි උපන් මාධ්‍යයක්. හොරකම් කිරීම අනුමත කරන්නේවත් අනුමත කිරීමට වුවමනාවක්වත් අපට නැහැ. අපේ ඡන්ද දායකයන් අපට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමටයි. අපේ ඇමැතිවරුන්ට හොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා නොතිබුණත් අවශ්‍ය අවස්ථාවල ලංකාවේ පළමු වතාවට කොමිෂන් සභා ඉදිරියට ගොස් සාක්ෂි දෙන ලෙස අප පැවැසුවේත් එම නිසා බව මම විශේෂයෙන් මේ අවස්ථාවේ කියන්න කැමැතියි.නවීන් දිසානායක ඇමැතිතුමාත් පැවැසූ පරිදි අප මේ රට භාර ගන්නාවිට රටේ ආර්ථිකය පැවැතියේ විශාල අර්බුදයකයි. පසුගිය රජය වතුර ඉල්ලූ දරුවන් මරා දැම්මේ පඩි වැඩි කිරීමට ඉල්ලූ සේවකයන්ට වෙඩි ප‍්‍රහාර එල්ල කළේ එම ආර්ථික ආර්බුදය පිළිබඳව ඔවුන් දැනගෙන සිටි නිසයි. ඔවුන් එදා උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව උපවාස කළ පුද්ගලයන්ට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළා. අප බලයට පත්වී ඒ සියලූ දේ වෙනස් කළා. අප ජනතාවට සහන ලබාදෙමින් නිවාස ව්‍යාපෘති ලබාදීමට පියවර ගත්තා. මේ වනවිට අප වතුකරයේ නිවාස 16,000ක් ඉදිකරමින් සිටිනවා. ඒ වගේම තවත් නිවාස 14,000ක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ගිය වසරේ ලක්ෂ 20ක් දක්වා වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබුණා. එම සංචාරකයන් විශේෂයෙන් මේ ප‍්‍රදේශවලට පැමිණෙනවා. අප මෙවැනි විශාල දියුණුවක් කරා රට ගෙන ගියා. අප රටේ අධ්‍යාපනයට යොදවන මුදල් ප‍්‍රමාණය වැඩිකරමින් වසර 13ක පාසල් අධ්‍යාපනය අප අනිවාර්යය කළා. ඒ වගේම මේ ප‍්‍රදේශය තුළ උසස් පෙළ විභාගය සඳහා විද්‍යා අංශයෙන් ඉදිරිපත්වන ළමුන්ට ද්‍රවිඩ මධ්‍ය මහා විද්‍යාල 25ක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මූලික ආහාර වර්ග සාධාරණ මිලක් යටතේ ලබාදීමටත් අප දැන් කටයුතු කරමින් සිටිනවා. මේ සියලූ දේ දීර්ඝකාලීනව ඉදිරියට ගෙන යාමට නම් අපට ශක්තිමත් ආර්ථියක් අවශ්‍ය වෙනවා. අප 2015 දී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ එම ශක්තිමත් ආර්ථිකය ගොඩ නැගීම සඳහායි.මීට පෙර ශ්‍රී ලංකාවට තිබුණේ ණය බරින් මිරිකුණු ආර්ථිකයක්. එම ණය ප‍්‍රමාණය කෙතරම් ද කියනවා නම් රාජපක්ෂ රෙජිමය ණය ලබාදෙමින් හොඳට කෑවා. ඒ කෑම වමනෙ කළාම රටටම ඒක සුද්ධ කරන්න වෙලා තියෙනවා. ඔවුන් ණය බර පරම්පරා තුනකට ඉතිරි කළා. නමුත් අපේ පරම්පරාවේදීම මේ ණය ගෙවා අවසන් කිරීමට අප තීරණය කර තිබෙනවා. සෑම දෙමවුපියකුගේම අරමුණ තමන් ලබාගත් ණය තමන්ගේ දරුවන්ට ගෙවීමට ඉඩ නොදී තමන් විසින්ම ගෙවා අවසන් කිරීමයි. අන්න ඒ නිසයි අප ලබාගත් ණය අපේ කාලයේදීම ගෙවා දැමීමේ අරමුණ ඇතිව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එක්ව මම ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ.මේ ණය ගෙවීම පරක්කු කරමින් එය තවත් පරම්පරා කිහිපයකට ඉතිරි කරමින් පක්ෂ අතර ගැටුම් ඇතිකර ගනිමින් බලයේ සිටීමේ හැකියාව අපටත් තිබුණා. අප ආණ්ඩුව භාරදුන් 2005x2014 කාලය තුළ මෙ රටේ සම්පූර්ණ ණය ප‍්‍රමාණය 233% කින් වැඩි වී තිබෙනවා. නමුත් රටේ ආදායම පහළ බැස තිබුණා. අවසානයේ ණය පියවීම සඳහා රටේ ආදායම ප‍්‍රමාණවත් වුණේ නැහැ. 2013 වසරේදී රටේ ණය පියවීම සඳහා රුපියල් කෝටි 1147ක් අවශ්‍යව තිබුණා. නමුත් ඒ වනවිට රටේ ආදායම රුපියල් කෝටි 130ක් පමණයි. ණය පියවීමට, රටේ එදිනෙදා වියදම් සඳහා ප‍්‍රාග්ධනය ආදිය සඳහා රට තුළ මුදල් තිබුණේ නැහැ. ඔවුන් ඉක්මන් ජනාධිපතිවරණයකට එළැඹුණේ මෙම ගැටලූ නිසායි.නමුත් මේ රට භාරගැනීමෙන් පසුව අප ඉතා අමාරුවෙන් රට ඉදිරියට ගෙන ගියා. 2016 දී ණය ගෙවීම සඳහා අපට රුපියල් බිලියන 1353ක් අවශ්‍ය වුණා. එම වසර තුළ අප ගනු ලැබූ පියවර සහ කි‍්‍රයාමාර්ග හේතුවෙන් රටේ ආදායම රුපියල් බිලියන 1681ක් දක්වා වර්ධනය වුණා. එසේ නම් අඩුම තරමින් එම වසරේදී රටේ ආදායමෙන් ලබාගත් ණය පියවීමට හෝ හැකියාව තිබුණා. අපට වැට් වැඩි කිරීමට ද සිදුවුණා. ඒ වගේම බදු එකතු  කරන්නන්ගේ කණ්ඩායම වැඩි කිරීමට සිදුවුණා. ඒ හරහා ඉන්ධන මිල අඩුකිරීමේ හැකියාව අපට තිබුණා. නමුත් බොහෝ අය පැවැසුවේ ඉන්ධන මිල අඩු නොකර ඉන් ලැබෙන ආදායම ණය පියවීම සඳහා යොදවන ලෙසයි. නමුත් අප ජනතාවට ඉන්ධන සහනය ලබා දුන්නා. වැටුප් වැඩිනොකර එම මුදල් ණය පියවීම සඳහා යොදවන ලෙස ඇතැමුන් පවසද්දී අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා.ඉන්ධන මිල අඩු කිරීමෙන් අපේ ආදායම පහත බැස්සා. වැටුප් වැඩිකිරීම හරහා අපේ වියදම් ඉහළ ගියා. නමුත් ජනතාවට සහන ලබාදෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ ශක්තිය අප සතු බව අප තීරණය කළා. අප දැන් ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. නමුත් විසඳාගත යුතු තවත් ගැටලූ කිහිපයක් තිබෙනවා. ණය ගෙවීමට, රාජ්‍ය වියදම්, ප‍්‍රාග්ධන ආයෝජනයට ආදී සියලූ දේට අප දැන් මුදල් සොයාගත යුතුයි. 2018 වනවිට අපට ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 260 ලක්ෂයක්. 2016 දී අපට ගෙවීමට තිබුණේ රුපියල් කෝටි 135 ලක්ෂයක්. 2019 සහ 2020 දීත් මෙවැනිම විශාල ණය ප‍්‍රමාණයක් ගෙවීමට අපට සිදුව තිබෙනවා.මේ තරම් විශාල ණය ප‍්‍රමාණයක් ගෙවන්නේ කෙසේ දැයි සිතමින් මෙහි සිටින නෝනා මහත්වරුන්ගේ මුහුණුවල ස්වභාවය දැන් තරමක් වෙනස් වී තිබෙනවා. අප මේ වනවිට ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන්නේ අපේ ආදායම හරහා මෙම ණය ප‍්‍රමාණය ගෙවීමටයි. ඒ වගේම තවත් ගැටලූවක් අපට ඉතිරි වෙනවා. රටේ එදිනෙදා වැටුප් ගෙවීමට, අමාත්‍යාංශ පවත්වාගෙන යාමට, ඉන්ධන, විදුලිබලය ආදී වියදම් ගෙවීමට අපට සිදුවෙනවා. ඇතැම්විට අනාගතයේදී ණය ගැනීමට අපට සිදුවේවි. නමුත් එම ණය නැවත ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි.රට තුළ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. මහාමාර්ග, පාසල් ආදිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ණය අප ලබාගත යුතුයි. නමුත් නැවත එම ණය ගෙවිය යුතුයි. ඒවා ප‍්‍රතිලාභ ලැබෙන වාණිජමය ව්‍යාපෘති නොවෙයි. අප රටේ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් මේ සියලූ දේ සඳහා ලබාගත් ණය පියවීමේ හැකියාව අපට ලැබෙනවා.ආයෝජන, කර්මාන්තශාලා, හෝටල් ව්‍යාපෘති සහ වෙනත් ව්‍යාපාර ආදිය වර්ධනය වී ඒ හරහා රැකියා අවස්ථා වර්ධනය වෙනවා. එවිට ඒ හරහා වර්ධනය වූ සේවක සංඛ්‍යාව සහ එම ආයතන රජයට බදු ගෙවනවිට රටේ ආදායම ඉහළ යනවා. එම නිසා 2028-2029 වන තෙක් රටේ ආයෝජන අවස්ථා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට සිදු කිරීමට තිබෙන්නේ රටේ වෙළඳාම වැඩි කරමින් අප අපනයනය කරන භාණ්ඩ සංඛ්‍යාව ඉහළ දැමීමයි.පසුගිය කාලයේ රටේ අපනයනය පහත බැස තිබුණා. තේ, රබර්, පොල් හැර රටේ අපනයනය සීමා වී තිබුණේ ඇඟලූම්, රබර් සහ ටයර් නිෂ්පාදන සඳහා පමණයි. ජාත්‍යන්තරයෙන් රටට කිසිදු සහනයක් ලැබුණේ නැහැ. නමුත් අපේ ජාතික ආණ්ඩුව යටතේ දැන් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගනිමින් භාණ්ඩ 6000ක් අපනයනය කිරීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා. නව නිෂ්පාදන 6000ක් නොවන අඩුම තරමින් නිෂ්පාදන 50ක් 100ක් අතර සංඛ්‍යාව හෝ අපනයනය කිරීමට හැකියාව තිබෙනවා නම් එය රටේ ආදායමට ප‍්‍රමාණවත්. අපනයන ආදායම වැඩිකරමින් ආයෝජන අවස්ථා වැඩි කිරීමයි අප දැන් සිදුකළ යුත්තේ. අප දැන් එය ආරම්භ කර තිබෙනවා. හම්බන්තොට වරාය හරහා රටට රුපියල් බිලියන 4600ක් අහිමි වුණා. නමුත් හම්බන්තොට වරාය පිළිබඳව වරාය අධිකාරියත් චයිනා මර්චන්ට් සමාගමත් අතර නව ගිවිසුමකට එළැඹුනු නිසා අපට රුපියල් කෝටි 16,500ක් ලැබී තිබෙනවා. හම්බන්තොට වරාය හරහා රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 6600ක්. නමුත් මේ ගිවිසුම නිසා රටට රුපියල් කෝටි 16,000ක ආයෝජනයක් ලැබුණා. මේ ආයෝජන හරහා රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනවා. අපේ ණය ප‍්‍රමාණය අඩුකර ගැනීමටත් අපට හැකිවෙනවා. මෙවැනි ක‍්‍රමානුකූල ආකාරයකට රටේ ආර්ථිකය පාලනය කරමින් ණය ගෙවීමටයි අප බලාපොරොත්තු වන්නේ.රට තුළට ආයෝජන අවස්ථා සීඝ‍්‍රයෙන් රැුගෙන ආ යුතුයි. එම වැඩසටහනට අපේ සම්පූර්ණ ශක්තිය අවධානය යෙදවීමට අප බලාපොරොත්තු වනවා. හම්බන්තොට වරායත් සමග අපට තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා ද ආයෝජන ලැබී තිබෙනවා. වානේ කර්මාන්තශාලාවක් සඳහාත් එල්.එන්.ජී. විදුලි බලාගාරයක් සඳහාත් සිමෙන්ති කර්මාන්තශාලාවක් සඳහාත් නැව් තටාකයකටත් අපට මූලික වශයෙන් ආයෝජන ලැබී තිබෙනවා.මේ වනවිට වයඹ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු අප සූදානම් කරමින් සිිටිනවා. ඒ වගේම කළුතර ප‍්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇති කිරීමටත් අප සූදානම් වෙනවා. මේ ප‍්‍රදේශයත් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු අප සිදුකරනවා. එවිට නුවරඑළිය, බදුල්ල ආදී ප‍්‍රදේශවල ජනතාවටත් මේ ප‍්‍රදේශයට පැමිණ රැකියා ලබා ගැනීමේ හැකියාව ඇති වෙනවා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස ආදී ජනාධිපතිවරුන් කර්මාන්ත කලාප ඇති කළ ආකාරයටම අපත් කර්මාන්ත කලාප ඇති කරමින් විශාල දියුණුවක් ළඟා කරගැනීමට බලාපොරොත්තු වෙනවා. මම එම ජනාධිපතිවරුන් දෙදෙනා යටතේම වැඩ කළා. මම බියගම වෙළෙඳ කලාප තුනක් ආරම්භ කළා. ඒ වගේම සීතාවක, කොග්ගල, පල්ලේකැලේ, හොරණ වෙළෙඳ කලාප අප ඇති කළා. ඇඟලූම් කර්මාන්තය සංවර්ධනය කරමින් කර්මාන්තශාලා 200ක් රට පුරා ඉදිකිරීමට පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට අප සහාය ලබා දුන්නා. එකල කර්මාන්ත ඇමැති ලෙස තවත් කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට මට හැකියාව ලැබුණා. ඒ වගේම රට තුළ නව හෝටල් ව්‍යාපෘති ඇති කිරීමට අප කටයුතු කළා. මේ පළපුරුද්ද මත අප දැන් රට තුළ විශාල දියුණුවක් ඇති කිරීමට සූදානම් වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ජනතාවට ආදායම් ලැබිය හැකි අනෙක් මාර්ග දියුණු කිරීමට අප ඉදිරි වසර 3 කැප කරනවා. ජනාධිපතිතුමාත් මමත් අපේ ඇමැතිවරු සියලූ දෙනාත් මේ වැඩකටයුතු සඳහා එකතු වෙනවා. කිරි ගොවියන්ට හොඳ ගවයන් ලබාදීම එම වැඩපිළිවෙළේ එක් අංගයක්. රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඒ ආශි‍්‍රත ආහාර නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇති කිරීමට අප කටයුතු කරනවා. විශේෂයෙන් වතුකරයේ විද්‍යාලවලින් පිටවන තරුණ තරුණියන්ට තමන් කැමැති රැකියාවක් ලබා දීමට අවශ්‍ය වැඩකටයුතු අප සිදුකරමින් සිටිනවා. එම අනාගතය නිර්මාණය කිරීමයි අප දැන් සිදුකරන්නේ. රටේ අනාගතය සාර්ථක වන්නේ ණය පාලනය කරගැනීම හරහායි. අප මේ වනවිට එය පාලනය කර තිබෙනවා. අනාගතයේදීත් ණය පාලනය සිදුකරමින් ආයෝජන වැඩි කරමින් යළිත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවා යැයි මම මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා. මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ද මම ඔබට ස්තූතිවන්ත වෙනවා.”ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා”මේ කම්හලේ සිහිනය අප වසර ගණනාවක් දුටුවා. කම්හලේ මූලික වැඩ ඇරැුඹුනේ 2008 වසරේදීයි. අතරමග නැවතී නැවත 2014 දී වැඩ ඇරැඹුණා. වසර කිහිපයක් ප‍්‍රමාද වූවත් ජනපති අගමැති මඟ පෙන්වීම යටතේ ඒ කටයුතු ඉක්මන් කරන්න හැකි වුණා.පසුගිය දිනවල කිරි කර්මාන්තය ගැන ප‍්‍රශ්න රැසක් ඇති වුණා. මාස තුනක් ඇතුළත මේ කම්හලේ පිරිපහදු කටයුතු ද අරඹනවාකිරි ගොවියා පැත්තකට දැමූ යුගයක් තිබුණා. රුපියල් 50කට තිබූ කිරි ලීටරය 70ක් දක්වා මිලක් දීමට අපට හැකිවුණා.පසුගිය කාලේ මේ කිරි කර්මාන්තයට සැලසුම් තිබුණේ නැහැ. නමුත් දැන් නවීන සැලසුම් අනුව මිල්කෝ සමාගම අලූත් පියවරක් තබා තිබෙනවා. කම්හලේ සමස්ත නිෂ්පාදනය ලීටර් ලක්‍ෂ තුනකින් පමණ වැඩි කිරීමට අපට හැකි වී තිබෙනවා.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:”මගේ ආසනයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස මිල්කෝ ආයතනය හඳුන්වා දිය හැකියි. මේ ප‍්‍රදේශය කිරි ආර්ථිකය නැංවීමට විශාල රුකුලක් දෙනවා. මේ ආයතනය නොයෙක් මූල්‍ය අර්බුදවලට මුහුණ දුන්නා. කළමනාකරණ අඩුපාඩු වුණා. මා කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නෑ. මේ ආයතන ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණයි. රජයේ මෙන්ම රාජ්‍ය ආයතනවල සිටින සොරුන් ද පන්නා දැමිය යුතුයි. මේ ආයතනය ශක්තිමත් කරන්න උපරිම උත්සාහයක් ගත යුතුයි.අප හමුවේ බැරූරුම් කාර්යයක් තියෙනවා. ඒ කාර්යය ඉටු කළ යුතුයි. විශාල ණය බරක් පියවීමට තිබෙනවා. අපිට ප‍්‍රශ්නවලින් පැන යන්නට හැකියාවක් නැහැ. අපට රට ඉදිරියට ගෙනයාමට පැහැදිලි දර්ශනයක් තිබෙනවා. දේශපාලන ගාම්භීරත්වයක් තිබෙන රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන අපට විශ්වාසයි.කඳුරට නව ගම්මාන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:”සී.බී. රත්නායක මහතාගෙන් පසුව මේ ආයතනයේ ඉතිරි කළ මුදල් විනාශ වුණා. නමුත් පී. හැරිසන් මහතා පැමිණීමෙන් පසු තත්ත්වය හොඳ අතට ආවා. කිරි ගොවියා දියුණු කරන්න එතුමාට ශක්තිය තියෙනවා.ආණ්ඩුව අද හෙට ගන්නවා යැයි මහින්ද රාජපක්‍ෂ කියනවා. හැකිනම් කරන්න. සුළු ජනතා පක්‍ෂ කිසි දිනක ආණ්ඩුව හැර යන්නේ නැහැ. මේ රජය යටතේ අපේ ජනතාවට විශාල මෙහෙවරක් සිදු කරනවා. ජනතාවට ඉඩම් නිවාස ලබාදෙනවා. අපි ඔක්කොම එකතු වෙලා රට හදමු. 2020 වනවිට අප රට හදා පෙන්වන්නම්.”ග‍්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතා ද අදහස් දැක්වීය. මෙම උත්සවයට කිරි ගොවීන් ඇතුළු ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.
ශක්තිමත් ආර්ථිකයක් නංවන්න අයවැයෙන් පියවර ගන්නවා
0
ශ්‍රී ජයවර්ධනපුර - මුදිතා දයානන්ද“මීතොටමුල්ල වැනි ඛේදවාචක නැවත ඇති නොවන්න කටයුතු කිරීම අපේ වගකීමයි. ජපානයත් සමඟ කසළ කළමනාකරණය පිළිබඳ වැඩපිළිවෙළකට යන්න අප සූදානම්. දැනටමත් ජපන් විශේෂඥ කණ්ඩායම මීතොටමුල්ල කසළ කන්ද පිළිබඳ පර්යේෂණ ආරම්භකර තිබෙනවා” යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මරදාන සුදුවැල්ලේදී පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කර සිටියේ සුදුවැල්ලේදී පැවති අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙමිනි.මරදාන-සුදුවැල්ල එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක කිත්සිරි රාජපක්‍ෂ මහතාගේ සංවිධායකත්වයෙන් අවුරුදු උත්සවය පැවැත්විණි.මීතොටුමල්ල කසළ කන්ද නාය යාමෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පමුණුවමින් පහනක් දැල්වීම කළ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පහනක් දල්වා මිය ගිය අයට පිං පැතුවේය.අලුත් අවුරුදු උත්සවයේ හොඳම හිනාව හා හොඳම හැඬීම තරග අවස්ථා දැක ගන්න මෙහිදී අගමැතිවරයාට අවස්ථාව ලැබිණ.කිත්සිරි රාජපක්‍ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.“අලුත් අවුරුද්ද ආරම්භයේදීම මීතොටමුල්ල කසළ කන්දේ වූ නාය යාමෙන් විශාල ජනතාවක් විපතට පත් වුණා. ඒ ජනතාවට ශෝකය පළ කරනවා වාගේම අප අද මෙතනදී විපතින් මිය ගිය ජනතාව සිහිපත් කර පිං දුන්නා.අප සැලකිලිමත් විය යුත්තේ මෙවැනි දේ නොවන තැනට කටයුතු කරන්නයි. රටේ කසළ කළමනාකාරීත්වය නිතරම ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා රටක් හැටියට මෙහි තිබෙන අඩු පාඩු සොයා ගෙන ඒවා නිවැරදි කර මෙවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණයක් සකස් කළ යුතුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් සමග මේ ආණ්ඩුව ඒ වගකීම ගත්තා.සිංහල අලුත් අවුරුද්දේදී හැමෝටම හොඳ අවුරුද්දක් ගත කරන්න ලැබේවා කියා ප්‍රාර්ථන කරනවා. එසේ බලාපොරොත්තු වෙනවා. ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න වැඩ කරන බව කියන්න කැමතියි.මොනවද ඔබ බලාපොරොත්තු වෙන්නේ? පුරවැසියකු හැටියට සුරක්‍ෂිත අනාගතය ඔබ බලාපොරොත්තු වෙනවා. අප බලාපොරොත්තුව ඔබේ ප්‍රාර්ථනාව ඉටු කළ හැකි බලගතු ශ්‍රී ලංකාව ගොඩ නැගීමයි.බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබන අවස්ථාවේ ජපානයට දෙවැනිව තිබුණේ ශ්‍රී ලංකාවයි. නමුත් අද අප පස්සට ගිහිල්ලා. අද අපට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ රට දියුණු කරන්න.ඒ සඳහා අපට ජාතික ආණ්ඩුව හදා ගන්න හැකිවුණා. පොදු අපේක්‍ෂක රටේ ජනාධිපති හැටියට පත්වෙලා තිබෙනවා.ජනතාව යුද්දයට මුහුණ දී දුක් විඳ දැන් හොඳ අනාගතය බලාපොරොත්තු වෙනවා. හැම කෙනාටම හොඳ අනාගතයක් ලැබෙන්න නම් ආර්ථිකය ගොඩ දාන්න ඕනෑ.හැම කෙනාටම තමන්ගේ දක්‍ෂකම් රට වෙනුවෙන් යෙදවිය හැකි සමාජය ඇති කළ යුතුයි. ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජනද ගන්න අවශ්‍යයි. ඒ නිසා සිංහල අලුත් අවුරුද්දේ මා තවත් කීප දෙනෙකුත් එක්ක ජපානයට ගියා.ජපානය කියන්නේ බොහෝ කාලයක් තිස්සේ අපට උදව් කළ රටයි. ජපන් ආධාර අපට ලැබී තිබෙනවා. ජපානයේ අගමැතිතුමා මුණ ගැහුණ වෙලාවේ අපට උදව් කරන්න ලෑස්ති බව කිව්වා. අප දෙගොල්ලන් තුළම ආසියාවේ සාමය පවත්වාගෙන යාම පිළිබඳව ඇත්තේ එකම අදහසයි. රටේ සංවර්ධනයේදී විශේෂයෙන්ම කොළඹ නගරය මහනගර සංකල්පය අනුව දියුණු කරනවා. කොළඹ වරාය, ගුවන් තොටුපොළ ප්‍රවාහනය දියුණු කරන්න, ජපන් ආයෝජකයින් ඇවිත් කොළඹ නගරයේ ආයෝජනය කරනවා. වැඩසටහන් ගණනාවක් මා ජපානයත් සමග සාකච්ඡා කළා.ඒ වගේම මහනුවර නගරය දියුණු කිරීම ගැනත් කතා කළා. අලුත් අධිවේගී මාර්ග ඇති කළවිට මහනුවර විශාල සංවර්ධනය ඇති වෙනවා. ජපානයෙන් එන ආධාර වලින් ඒ සංවර්ධනය කරනවා. මූලික සැලසුම් සකස් කරන්න ජපානයෙන් කණ්ඩායම අපේ රටට එනවා.මල්වතු, අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ජපානයට බෞද්ධ සංස්කෘතික රටක් හැටියට සංවර්ධනය කරන්න මහනුවර භාර දෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය, ආර්ථිකය, අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අවශ්‍ය යෝජනාද තිබෙනවා.ඊළඟට ත්‍රිකුණාමල වරාය දියුණු කිරීම කළ යුතුයි. ත්‍රිකුණාමලය වරායට හොඳ අනාගතයක් තිබෙනවා. බෙංගාල බොක්කේ රටවල් දියුණු වෙනවිට මේ වරාය දියුණු වෙනවා. ඒ නිසා සිංගප්පූරුවේ මහා නගර සැලැස්ම සකස් කළ සමාගම සමග ත්‍රිකුණාමල වරාය පිළිබඳ සංවර්ධන සැලැස්ම සකස් කරනවා. ඒ සැලැස්මට උදව් කරන්න කියා අප ජපන් රජයෙන් ඉල්ලුවා.සමහර ව්‍යාපෘතිවලට ආයෝජකයන් එවන්න ජපානය වගේම තවත් ව්‍යාපෘතිවලට ඉන්දියාවත් සහයෝගය දෙන්න සූදානම් බව අපට දන්වා තිබෙනවා. සමහර අවස්ථාවල මේ රටවල් දෙකම එක්ව කටයුතු කරන්න සූදානම්.විශේෂයෙන්ම ජපානයත් ඉන්දියාවත් එල්.එන්.ජී. විදුලි බලාගාර දෙකක් ඇති කරන්න යනවා. ඊට අමතරව මේ දෙගොල්ලොම එකතුව එල්.එන්.ජී. ගැනීමට පාවෙන තටාකය ඇති කරන්නත් එකඟයි.කසළ කළමනාකරණය ගැන විශේෂයෙන්ම මීතොටමුල්ල කසළ කන්ද ගැන පරීක්‍ෂණ පවත්වන්න ජපන් විශේෂඥ කණ්ඩායම ඇවිත් වැඩකටයුතු ආරම්භ කළා. මේ අයගේ වාර්තාව එන සතියේ අපට ලැබෙනවා. මේ වගේ වැඩ කටයුතු ගණනාවක් අපට අලුතෙන් කරන්න හැකිවී තිබෙනවා.අලුතෙන් රූපවාහිනි තාක්‍ෂණ අපට ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය වියදමෙන් කොටසක් ඒ අය දෙන්න ලෑස්තියි. ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමවේදය, තාක්‍ෂණික දියුණුව ඇති කරන්න ආදී සියල්ල සඳහා අවධානය යොමු කර තිබෙනවා.මේ අතර අප ඉන්දියාව සමගත් යම් වැඩ කොටසක් ආරම්භ කර තිබෙනවා. උතුරේ මහා මාර්ග ඇති කරන්න, නිවාස ව්‍යාපෘති කරන්න, තෙල් සංස්ථාව සමග එක්ව ඒකාබද්ධ ව්‍යාපෘති ආරම්භ කරන්න, වෙළඳ කලාපය ඇති කරන්න, සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඉන්දියාව එනවා.ජනාධිපතිතුමාගේ පණිවුඩය ගෙන ඉන්දියාවේ ගිහින් මෝදි අගමැතිතුමා හමුවී තවදුරටත් මේ ගැන සාකච්ඡා කරනවා. මා වියට්නාමයටද ගියා. වියට්නාමය යුද්දයෙන් පසු විශාල දියුණුවක් ලැබුවා. මැයි මාසයේ මා චීනයට යනවා. ජනාධිපතිතුමා මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල සංචාරය කර සබඳතා ඇති කර ගත්තා. සියල්ල එකතු කරගෙන අප රට සංවර්ධනය කරන්න සූදානම්.අප ඉදිරියට යන්න ඕනෑ. පැත්තකට වී රටවල්වලට බැණ බැණ ඉඳල රට දියුණු කරන්න බැහැ. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය වන්නේ ශ්‍රී ලංකාවයි. අපි ඒක තේරුම්ගෙන රට දියුණු කරන්න අවශ්‍යයි. ඉදිරි මාස දෙක තුළ අප වැදගත් වැඩසටහන් රැසකට යන්න අදහස් කරගෙන ඉන්නවා යයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.මේ අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද සහභාගී විය. (ඡායාරූප - ඉෂාන් සංජීව)
ආයේ මේ වගේ ප්‍රශ්න වෙන්න ඉඩ දෙන්නේ නෑ
1