article
stringlengths
167
12.4k
summary
stringlengths
14
369
__index_level_0__
int64
0
504
text
stringclasses
1 value
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චෙන්ග්ඩු, අබුඩාබි, ඔසාකා, රියාඩ්, සි අන්, තායිපේ, ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ.මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.මෙම වර්ධනය ලබා තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ වීමද කැපී පෙනෙන කාරණාවකි.
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.
0
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ දෙවැන්න මෙයයි.මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳවයි.
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.
1
පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ.මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා මෙරටට සැලසී තිබෙන වාසි පිළිබඳව කෝප් කමිටුව විසින්ද පසුගිය කාලයේදී සාකච්ඡා කර තිබුණු අතර මෙම ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා ලංකාව තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබීම හේතුවෙන් මෙරට ගුවන් කළාපයෙන් ගමන් ගන්නා ගුවන් යානා ප්‍රමාණය වර්ධනය වී ඇතැයි එහිදී අනාවරණය වී තිබේ.A380 වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය.මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන අතර මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි.මෙම ගුවන් තොටුපොළ ගොඩනගා තිබෙන්නේ ව්‍යාපාරික සැලසුමක් නොමැතිව යැයි චෝදනා ඉදිරිපත් වී තිබේ.
පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.
2
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.පසුගිය වසරේ මාර්තු මාසය සමග සැසඳීමේදී මෙම කඩා වැටීම තිබෙන අතර මෙයට ප්‍රධානතම හේතුව වන්නේ යුරෝපා වෙළඳ පොළට අපනයන කරන මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් මෙම මාර්තු මාසයේදී සියයට 77.6 කින් දැවැන්ත ලෙස පහත වැටීමයි.ශ්‍රී ලංකාවේ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයනය කිරීමේ ප්‍රධානතම වෙළඳ පොළ වන්නේ යුරෝපීය සංගමයයි.පසුගිය ජනවාරි 15 වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.මෙම නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්දියන් සාගරයේ නීති විරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලීම නතර කිරීමට ලංකාව ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තහනම පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිතය.නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටවූ අතර මෙය විසඳා ගැනීමට ඉක්මන් පියවර නොගන්නේ නම් සිය සමාගම් වැසී යනු ඇතැයි මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් සඳහන් කර ඇත.ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට 50 ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමය විසිනි.යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවර යාත්‍රා මෙරට ධජය යටතේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ආරම්භ කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා තිබුණි.අප වෙත අනාවරණය වන ආකාරයට මේ මාසයේදී යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමට පෙර මෙම යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සම්පූර්ණ කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර මේ වනවිට ඒ සඳහා කටයුතු කරගෙන යයි.යුරෝපා කොමිසම විසින් ඉල්ලා තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන ඉදිරියට රැගෙන යන ආකාරය පිළිබඳව සෑම සතියකම අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සමාලෝචනයක් මේ වනවිට සිදුකරයි.
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.
3
ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ දේශීය බැඳුම්කර වෙළඳ පොළ දියුණු කිරීමට අවශ්‍ය වූ නිසා රජය දිගින් දිගටම දේශීය බැඳුම්කර නිකුත් කරමින් පසුගිය කාලයේදී ණය ලබාගත් බවයි.කෙසේවෙතත්, රජය පසුගියදා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක ණය මුදලක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) ලබාගත්තේය.ඇමරිකානු මහ බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් වැඩිකරනු ඇතැයි අපේක්ෂා කරන නිසා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑමට මෙය හොඳම අවස්ථාව යැයි සිතූ හෙයින් මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව සිදුකළ බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් 2012 සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.නමුත්, 2012 වසරේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී ලංකාව විසින් අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු පොලිය සියයට 4.4 ක් වුවත් මෙවර එය සියයට 3.9 ක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකු අධිපතිවරයා කීය.මෙවර පොලිය වැඩියි -බන්දුල කියයිකෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය වැඩි බවත් ඒ තුළින් රටට විශාල අවාසියක් සිදුවී ඇති බවයි.
ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.
4
ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන 7ක පිරිස එදිනෙදා මොනවද කරන්නේ.දවසකට තියෙන්නේ පැය 24ක්. ඒක කාටවත් වැඩිකරන්න බැහැ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආයු කාලය වසර 78ක් වශයෙනුයි සැලකෙන්නේ. ඉතින් මේ බිලියන 7ක ජනතාව තමන්ගේ අවුරුදු 78ක ජීවිතකාලය තුල කරන දේවල් ගැන අදහසක් ගන්න පුළුවන් නම් අපිට වඩා කාර්යක්ෂම විදියට ඒ කාලය වැයකරන්නේ කොහොමද කියන දේ ගැන අදහසක් ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔයා ව්‍යවසායකයෙක් නම් එහෙමත් නැත්නම් නවනිපැයුම්කරුවෙක් නම් ලෝකවාසී ජනතාවගේ ජීවන තත්වය උසස් කරන්න මේ දත්ත යොදාගන්න පුළුවන් වේවි.පුද්ගලයෙක් තම ජීවිතකාලයෙන් 1/3ක් නිදාගන්නවාපුද්ගලයෙක් සිය ජීවිතකාලයෙන් වැඩියෙන්ම කාලය වැයකරන්නේ නිදාගන්න. ජීවිතකාලය අවුරුදු 78ක් නම් ඉන් අවුරුදු 28.3ක්ම ඔහු නිදාගන්නවා. ඉතින්? ඉතින් යම් ඔබට පුලුවන්නම් නින්ද සඳහා උදව් වෙන, එහෙමත් නැත්නම් සුව නින්දකට උපකාරීවෙන නිර්මාණයක් කරන්න ඒ නිර්මාණය අතිවිශාල ජනතාවක් හැමදාම පාවිච්චි කරාවි. ජීවිතකාලයෙන් 1/3ක් ඔයාගේ නිපැයුම පාවිච්චි කරාවි.වසර 6ක් ගේ දොර වැඩකටයුතු සඳහා අසතුටෙන් කාලය වැයකරනවා.ගේ දොර වැඩකටයුතු කරන්න කවුද කැමති. ගේ අතුගාන්න, බිම මදින්න, පිඟන් හෝදන්න වගේ දේවල් කරන්න උදව්වෙන startup එකක් ඔයාට පටන්ගන්න පුළුවන් නම් ඒක මුළු මනුෂ්‍යවර්ගයාගේම ජීවිත කාලයෙන් අවුරුදු 6ක කාලයක් ඉතුරු කරන්න උදව් වේවි.පුද්ගලයෙක් අවුරුදු 10.5ක කාලයක් රාජකාරී සඳහා වැයකරනවා. අවුරුදු 9ක කාලයක් විනෝදාත්මක දේ සඳහා වැයකරනවා.සාමාන්‍ය කෙනෙක් සිය ජීවිතකාලයෙන් වැටුපක් ලැබෙන රාජකාරී සඳහාත් වැටුපක් නොලැබෙන විනෝදාත්මක කටයුතු සඳහාත් ආසන්න වශයෙන් සමාන කාලයක් වැය කරනවා. ඉතින් ඔයාට පුළුවන්නම් කෙනෙකුගේ රාජකාරී කටයුතු විනෝදාත්මකව සතුටින් නිමකරන්නට දායක වෙන්න එය අපට ලැබෙන සීමිත කාලය ඵලදායී විදියට වැයකරන්නට උපකාරී වේවි. ඒ නැතත් කෙනෙකුට තමන් ආසාවෙන් කරන රැකියාවක් සොයාදෙන්නට හැකි නිපැයුමක් හෝ සේවාවක් ඔබට සපයන්නට පුළුවන්නම් එයත් එක්තරා ආකාරයක ඉහත කාරණය සඳහා දායක වේවි.ලෝක ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට රැකියාවක් නැහැ.ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් වන කුඩා ළමුන් රැකියාවක් කිරීමට තරම් වයසක නැහැ. වසර කිහිපයකින් වැඩිවියට පත්වෙන මේ ළමා ජනගහණයේ මොළ ටික හැකි ඉක්මනින් ශ්‍රම බලකායට එකතුකරන්නට පුළවන්නම්?ලෝක ජනගහනයෙන් 1/5ක් තවමත් වගාකරනවාරැකියාවක් කිරීම පමණක්ම නෙවෙයි මුදල් ඉපැයීමේ මාර්ගය. මීට වසර 100කට පමණ පෙර මුදල් ඉපැයීමේ ප්‍රධාන මාර්ගය කෘෂිකර්මය වෙලා තිබුනා. ඒත් දැනටත් ලෝක ජනගහණයෙන් 1/5ක් කෘෂිකර්මයෙනුයි ජීවත් වෙන්නේ. එක අතකට ඒක සාධාරණයි. මොකද කවුරුහරි අපිට අවශ්‍ය වන ආහාර නිෂ්පාදනය කරන්න අවශ්‍යයි නේ. ඒත් තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් එක්ක කෘෂි කර්මය සම්පූර්ණයෙන්ම රොබෝවරුන්ට බාරදෙන්න පුළුවන් නම් අපිට ඒ විශාල පිරිසේ ජීවන තත්වය තවත් උසස් කරන්න පුළුවන් නේද?බිලියන 1/2කට ආසන්න පිරිසක් ව්‍යවසායකයින්දැනට වැඩිම පිරිසක් මුදල් ඉපැයීමේ මාර්ගය විදියට පිළිගන්නේ රැකියාවක් කිරීම. අතීතයේ ප්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගය කෘෂිකර්මය බව අප හැමෝම දන්න කරුණක් නේ. ඉතින් අනාගතයේ මුදල් ඉපැයීමේ ප්‍රධාන මාර්ගය කුමක් වේවිද? ඒ මොකක් වුනත් දැනට සීග්‍රෙයන් වැඩිවෙන පිරිසක් තමයි ව්‍යවසායකයින් (entrepreneurs) කියන්නේ. ඇපල් විකුණන කෙනෙකුගේ ඉඳන් බැංකුවක ආරම්භකයෙක් දක්වා සෑම කෙනෙක්ම ලෝක ජනගහනයෙන් මිලියන 400ක් වෙන මේ ගොඩට අයිතියි.ඒ අයගේ ප්‍රධාන ලක්ෂණය තමයි එයාලා රැකියා සොයායන්නේ නැහැ. රැකියා නිර්මාණය කරගන්නවා. තවත් අයට රැකියා නිර්මාණය කරලා දෙනවා. මේ පිරිස සිග්‍රෙයන් වැඩිවන බවක් පෙනෙන්නට තිබෙනවා. අනිවාර්යයෙන්ම අනාගතයේ හැමෝම ව්‍යවසායකයින් වීමට හැකියාවක් නැහැ. නමුත් දැනට තියෙන ප්‍රතිශත සීග්‍රෙයන් වර්ධනය වේවි. මීට වඩා වැඩි පිරිසක් සමාගම්, ව්‍යාපාර ආරම්භ කරාවි. තවත් අය ඒ අය යටතේ සේවය කරාවි.අද කරන්න පුළුවන් දේ ?මේ අපි කතා කලේ අද දවසේ ලෝක ජනගහනයේ සංයුතිය ගැන. තවත් වසර ගණනාවකින් මේ සංයුතියේ වෙනසකම් දකින්න පුළුවන් වේවි. ඉතින් අද ඔබ උපාධියක් හදාරනවාද, යමක් ඉගෙන ගන්නවාද, startup එකක් කරගෙන යනවාද, රැකියාවක් කරනවාද කියන එක ප්‍රශ්ණයක් නැහැ. ප්‍රශ්ණය ඔබ අද කරන දේ හෙට ආනාගතයට කොයිතරම් දුරට ගැලපේවිද යන්නයි. ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.
ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්.
5
Red Bull කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය ශක්තිජනක පානයක්. නමුත් මේ පානය ශක්තිජනක පානයක් ලෙස හඳුන්වා වෙළඳ ප්‍රචාරයක් ලබා දුන්නද එහි එවැනි ගුණයක් නැති බව පවසමින් පාරිභෝගිකයින් පිරිසක් ගොණු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ගතවූ වසර 12ක කාලයේදී RedBull ශක්තිජනක පානය පරිභෝජනය කළ පාරීභෝගිකයින් මිලියන 1.3ක් හට වන්දි ලබා දෙන ලෙස අදාල සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා. මෙලෙස වන්දි ලෙස ඩොලර් මිලියන 13ක මුදලක් එම පාරිභෝගිකයින් වෙත ගෙවීමට අදාල සමාගම එකඟ වී තිබෙනවා.මෙම පානයෙන් ශක්තිය ලබෙන බවට කිසිදු විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති බව ද මෙහිදී හෙළිවී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.ඒ අනුව පසුගිය 2002 වසරේ සිට 2014 ඔක්තෝබර් 3 වනදා දක්වා Red Bull පානය කළ සෑම පාරිභෝගිකයෙකුටම ඩොලර් 10 ත් 15ත් අතර වන්දි මුදලක් හිමිවනු ඇත. මෙම වන්දි ලබාගැනීම සදහා 2015 මාර්තු 2 වන දිනට පෙර http://www.energydrinksettlement.com/ වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැක.
Red Bull කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය ශක්තිජනක පානයක්.
6
Antoine Dominic (ඇන්ටොයින් ඩොමිනික්) කියන්නේ ලොව අංක එකේ රථ වාහන ව්‍යාපාරිකයෙක්. රෝල්ස් රොයිස්, බෙන්ට්ලි හා ලැමිබෝගිනි වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයේ නිරත වන ඔහු Bespoke මෝටර් රථ සමාගමෙහි හිමිකරුයි. මේ වන විට 51 හැවිරිදි ඔහු ලාංකිකයෙක්. අපේ රටේ උපත ලැබූවත් ඔහුගේ හීනය වුනේ අධි සුඛෝපභෝගී වාහනයක හිමිකරුවෙක් වන්නටයි. ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසී කැපවීමෙන් වැඩ කළ ඔහු අද අධි සුඛෝපභෝගී වාහන බෙදාහරින්නෙක් බවට පත්වෙලා.ඒත් මොහුට ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියක් හිමි වීමට හේතු වුනේ නම් වෙනත් හේතුවක් නිසයි. ලැම්බොගිනි සමාගම පසුගිය දිනෙක සිය නවතම මෝටර් රථය එළිදැක්වූවා. Lamborghini Veneno නමින් හැඳින්වෙන ඒ මෝටර් රථය ඩොලර් මිලියන 4ක් පමණ මිල වනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 50කට ආසන්නයි. ඒ කෙසේ වුනත් ලැම්බොගිනි සමාගම මේ මෝටර් රථ‍ය එසේ මෙසේ කෙනෙකුටනම් මිලදීගන්නට බැහැ. මොකද ලැම්බෝගිනි සමාගම අවසර ලබාදෙන අයට විතරයි මේ තරම් මුදලක් දීලා වුනත් මිලදීගන්න පුළුවන්.ඉතින් ලැම්බොගිනි සමාගම විසින් මේ නව Lamborghini Veneno මෝටර් රථය මිලදී ගැනීම සඳහා ඉඩ ලබාදුන් තුන් දෙනා අතර මේ ලාංකිකයාත් ඇතුලත් වීම අපටත් ආඩම්බරයක් නේද?ලැම්බොගිනි සමාගම මෙලෙස සිය පාරිභෝගියකයින් තිදෙනා තෝරාගෙන ඇත්තේ ලැම්බෝගිනි මෝටර් රථ පිළිබඳ ඇති ඇල්ම , ඒ වගේම ඒ පිළිබඳ ඇති දැනුම වගේම මීට පෙර ලැම්බොගිනි මෝටර් රථ මිලදීගත් ප්‍රමාණයත් සලකා බලා බවයි පැවසෙන්නේ.ඩොමිනික් මීට පෙර සේවය කර ඇත්තේ ගණකාධිකාරවරයෙක් ලෙසයි. ඒ වගේම Excel Technology නම් ලේසර් නිෂ්පාදන සමාගමක හිමිකරුවකුව සිටි ඔහු පසුව ඒ සමාගම විකුණා දැමුවා. ඉන් අනතුරුවයි Bespoke Motor Group අරඹා මෝටර් රථ ව්‍යාපාරයට එක්ව ඇත්තේ. අද වන විට ලොව අංක එකේ අධි සුඛෝපභෝගී මෝටර් රථ ව්‍යාපාරිකයින් අතර වැජඹීමට මේ ලාංකික ව්‍යාපාරිකයාට හැකිව තිබෙන්නේ නොපසුඹට වීර්යය නිසා බවයි ඔහු පවසන්නේ.කෙසේ නමුත් ඔහු නව Lamborghini Veneno මෝටර් රථය මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට දැනටමත් බොහෝදෙනෙක් ඔහුගෙන් මේ මෝටර් රථය මිලදී ගැනීමට කැමැත්තෙන් සිටින බව වාර්ථා වනවා.
Antoine Dominic (ඇන්ටොයින් ඩොමිනික්) කියන්නේ ලොව අංක එකේ රථ වාහන ව්‍යාපාරිකයෙක්.
7
අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු වෙනුවෙන් තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.මේ අනුව, අර්තාපල් කිලෝවක් වෙනුවෙන් වන රුපියල් 55 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වාත් ළූණු සඳහා වන ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක සිට රුපියල් 10 ක් දක්වාත් අඩුකර ඇත.
අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු වෙනුවෙන් තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
8
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.
9
ශ්‍රී ලංකාවෙන් විදේශීය වෙළඳ පොළට මත්ස්‍ය නිෂ්පාදන වැඩිපුරම අපනයනය කරන සමාගම වන්නේ ට්‍රොෆික් ෆිෂරීස් සමාගමයි.ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන මෙම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් කිරීමේ අවස්ථාව අපට හිමිවුණා.මෙම සමාගමේ මීගමුවේ පිහිටි කර්මාන්ත ශාලාවේදී විදේශීය වෙළඳ පොළ වෙනුවෙන් මත්ස්‍ය නිෂ්පාදන සැකසෙන්නේ මේ අයුරිනි.
ශ්‍රී ලංකාවෙන් විදේශීය වෙළඳ පොළට මත්ස්‍ය නිෂ්පාදන වැඩිපුරම අපනයනය කරන සමාගම වන්නේ ට්‍රොෆික් ෆිෂරීස් සමාගමයි.
10
ලංකා ඉන්දීය තෙල් සමාගම අද සිට මෙරට පෙට්රල් අලෙවිය අඩුකරන්නේ යැයි පැතිර යන කතාවල සත්‍යයක් නොමැති බවත් සමාගම කිසිදු අඩු කිරීමකින් තොරව සිය ඉන්ධන පිරවුම්හල්වල පෙට්රල් ඉදිරියටත් අලෙවිකරන බවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) අප සමග සම්බන්ධ වෙමින් කියා සිටියේ සමාගම විසින් 2014 මැයි මාසයේදී මෙරට වෙළඳ පොළේ පෙට්රල් කිලෝ ලීටර් 18,180 ක් අලෙවි කළ බවත් එය මේ මැයි මාසයේදී කිලෝ ලීටර් 19,991 ක් දක්වා වැඩිවූ බවයි.ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කිසිදු අඩු කිරීමකින් තොරව පෙට්රල් අලෙවි කිරීමට සූදානම් බව හෙතෙම සඳහන් කළේය.කෙසේවෙතත්, වත්මන් රජය විසින් ලෝක වෙළඳ පොළේ මිලට වඩා අඩුවෙන් පෙට්රල් විකිණීම සඳහා මිල නියම කිරීම හමුවේ පෙට්රල් ලීටරයකින් සමාගම රුපියල් 30 ක පමණ පාඩුවක් ලබන බව හෙතෙම පැවසීය.මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම පෙට්රල් විකිණීම මගින් මාසයකට රුපියල් මිලියන 500-600 ත් අතර පාඩුවක් මේ වනවිට ලබන බවත් මේ ආකාරයෙන් දිගින් දිගටම පාඩුවට පෙට්රල් විකිණීම අසීරු බවත් ඩක්වලේ මහතා වැඩිදුරටත් කීය.වත්මන් රජය ඉන්ධන මිල ගණන් අඩුකරන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක් පමණ වූ අතර එය මේ වනවිට ඩොලර් 58 සීමාව ඉක්මවා තිබේ.ඉදිරියේදී මෙරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය.
ලංකා ඉන්දීය තෙල් සමාගම අද සිට මෙරට පෙට්රල් අලෙවිය අඩුකරන්නේ යැයි පැතිර යන කතාවල සත්‍යයක් නොමැති බවත් සමාගම කිසිදු අඩු කිරීමකින් තොරව සිය ඉන්ධන පිරවුම්හල්වල පෙට්රල් ඉදිරියටත් අලෙවිකරන බවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
11
පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ.මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා මෙරටට සැලසී තිබෙන වාසි පිළිබඳව කෝප් කමිටුව විසින්ද පසුගිය කාලයේදී සාකච්ඡා කර තිබුණු අතර මෙම ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා ලංකාව තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබීම හේතුවෙන් මෙරට ගුවන් කළාපයෙන් ගමන් ගන්නා ගුවන් යානා ප්‍රමාණය වර්ධනය වී ඇතැයි එහිදී අනාවරණය වී තිබේ.A380 වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය.මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන අතර මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි.මෙම ගුවන් තොටුපොළ ගොඩනගා තිබෙන්නේ ව්‍යාපාරික සැලසුමක් නොමැතිව යැයි චෝදනා ඉදිරිපත් වී තිබේ.
පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.
12
සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවන ලද නව නියාමන අවශ්‍යතා සපුරාලන තෙක් මාර්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් ආයතනය විසින් අළුතෙන් සිදුකරන ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අත්හිටුවන ලෙස කොමිසම දැනුම් දී තිබේ.කෙසේවෙතත්, මෙම ආයතනය විසින් මාර්තු 25 වනදාට පෙර ආරම්භ කළ ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අඛණ්ඩව සිදු කිරීමට මෙය බාධාවක් නොවන බව කොමිසම සඳහන් කර ඇත.ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධීක්ෂණය යටතේ මෙරට ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු සිදුකරන අතර මෙය ලංකාව තුළ ක්‍රියාත්මක ණය ප්‍රාමාණීකරණ ආයතන (Credit Rating Agency) තුනෙන් එකකි.
සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවන ලද නව නියාමන අවශ්‍යතා සපුරාලන තෙක් මාර්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් ආයතනය විසින් අළුතෙන් සිදුකරන ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අත්හිටුවන ලෙස කොමිසම දැනුම් දී තිබේ.
13
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චෙන්ග්ඩු, අබුඩාබි, ඔසාකා, රියාඩ්, සි අන්, තායිපේ, ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ.මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.මෙම වර්ධනය ලබා තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ වීමද කැපී පෙනෙන කාරණාවකි.
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.
14
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.පසුගිය වසරේ මාර්තු මාසය සමග සැසඳීමේදී මෙම කඩා වැටීම තිබෙන අතර මෙයට ප්‍රධානතම හේතුව වන්නේ යුරෝපා වෙළඳ පොළට අපනයන කරන මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් මෙම මාර්තු මාසයේදී සියයට 77.6 කින් දැවැන්ත ලෙස පහත වැටීමයි.ශ්‍රී ලංකාවේ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයනය කිරීමේ ප්‍රධානතම වෙළඳ පොළ වන්නේ යුරෝපීය සංගමයයි.පසුගිය ජනවාරි 15 වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.මෙම නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්දියන් සාගරයේ නීති විරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලීම නතර කිරීමට ලංකාව ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තහනම පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිතය.නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටවූ අතර මෙය විසඳා ගැනීමට ඉක්මන් පියවර නොගන්නේ නම් සිය සමාගම් වැසී යනු ඇතැයි මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් සඳහන් කර ඇත.ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට 50 ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමය විසිනි.යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවර යාත්‍රා මෙරට ධජය යටතේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ආරම්භ කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා තිබුණි.අප වෙත අනාවරණය වන ආකාරයට මේ මාසයේදී යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමට පෙර මෙම යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සම්පූර්ණ කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර මේ වනවිට ඒ සඳහා කටයුතු කරගෙන යයි.යුරෝපා කොමිසම විසින් ඉල්ලා තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන ඉදිරියට රැගෙන යන ආකාරය පිළිබඳව සෑම සතියකම අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සමාලෝචනයක් මේ වනවිට සිදුකරයි.
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.
15
ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ දේශීය බැඳුම්කර වෙළඳ පොළ දියුණු කිරීමට අවශ්‍ය වූ නිසා රජය දිගින් දිගටම දේශීය බැඳුම්කර නිකුත් කරමින් පසුගිය කාලයේදී ණය ලබාගත් බවයි.කෙසේවෙතත්, රජය පසුගියදා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක ණය මුදලක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) ලබාගත්තේය.ඇමරිකානු මහ බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් වැඩිකරනු ඇතැයි අපේක්ෂා කරන නිසා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑමට මෙය හොඳම අවස්ථාව යැයි සිතූ හෙයින් මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව සිදුකළ බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් 2012 සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.නමුත්, 2012 වසරේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී ලංකාව විසින් අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු පොලිය සියයට 4.4 ක් වුවත් මෙවර එය සියයට 3.9 ක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකු අධිපතිවරයා කීය.මෙවර පොලිය වැඩියි -බන්දුල කියයිකෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය වැඩි බවත් ඒ තුළින් රටට විශාල අවාසියක් සිදුවී ඇති බවයි.
ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.
16
ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි.අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට මේ වනවිට අයත් වන්නේ කිලෝ මීටර් 200 ක් දක්වා දුරක් විහිදෙන මුහුදු ප්‍රදේශයක් බවයි.
ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි.
17
දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර මේ මැයි මාසය අවසාන වනවිට ජනතා අයිතියට පත්කිරීමට අදහස් කර තිබුණත් එම විවෘත කිරීම ලබන ජුනි මාසය දක්වා කල්ගත වී ඇතැයි අනාවරණය වේ.මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේ මැයි මාසය අවසන් වනවිට වැඩ නිම කිරීමට නොහැකි වූ නිසා මෙම කොටස ලබන ජුනි මැදදී අනිවාර්යෙන්ම විවෘත කරනු ඇති බවයි.මෙම මාර්ගයේ තෙවන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක් වන කොටසේ වැඩද ළඟදීම ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය ඊයේ සඳහන් කළේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි.මෙම මාර්ගයේ තෙවන කොටස සම්පූර්ණ කිරීමෙන් පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන්නෙකුට කෙලින්ම කටුනායක දක්වාම ගමන් කළ හැකියි.පිටත වටරවුම් මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 29.1 කි.
දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර මේ මැයි මාසය අවසාන වනවිට ජනතා අයිතියට පත්කිරීමට අදහස් කර තිබුණත් එම විවෘත කිරීම ලබන ජුනි මාසය දක්වා කල්ගත වී ඇතැයි අනාවරණය වේ.
18
ශ්‍රී ලංකාව සමග අත්සන් කර තිබෙන “ද්විත්ව බදුකරණය වැලැක්වීමේ ගිවිසුම“ සහ “ද්විපාර්ශවික ආයෝජන ගිවිසුම“ වඩාත් ඵලදායී ලෙස දියුණු කර ගැනීමට සූදානම් බව ස්විට්සර්ලන්තය කියයි.ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග ස්විට්සර්ලන්තයේ වෙළඳ ගිවිසුම් සඳහා වන ෆෙඩරල් කවුන්සලයේ තානාපති නියෝජිතවරිය වන Livia Leu මහත්මිය කොළඹදී පැවැත්වූ සාකච්ඡා වලදී මේ බව අනාවරණය විය.මෙහිදී, අදහස් දක්වමින් ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිළධාරී, මංගල පී.බී. යාපා මහතාට ඇය සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ආයෝජකයින්ට ලබාදී තිබෙන ස්විට්සර්ලන්ත GSP පහසුකම උපරිමයෙන් භාවිතා කළ යුතුව තිබෙන බවයි.මෙම පහසුකම මෙරට අපනයන කරුවන් මේ වනවිට උපරිමයෙන් භාවිතා නොකරන බව ඇය මෙහිදී පෙන්වාදී ඇත.
ශ්‍රී ලංකාව සමග අත්සන් කර තිබෙන “ද්විත්ව බදුකරණය වැලැක්වීමේ ගිවිසුම“ සහ “ද්විපාර්ශවික ආයෝජන ගිවිසුම“ වඩාත් ඵලදායී ලෙස දියුණු කර ගැනීමට සූදානම් බව ස්විට්සර්ලන්තය කියයි.
19
පුරප්පාඩු වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සහ ප්‍රධාන වාණිජ නිළධාරී යන තනතුරු දෙකේ පූර්ණ කාලීනව කටයුතු කළ හැකි සුදුසුකම් සපිරූ දේශීය හා විදේශීය පුද්ගලයින්ගෙන් සමාගම අයදුම් පත් කැඳවා තිබේ.මෙම දැන්වීම පළකර ඇති දින සිට දින 14 ක කාලයක් තුළ මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක තනතුර දැරූ කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා එම තනතුරෙන් ඉල්ලා අස්විය.මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් විසින් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කර තිබෙන අතර එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා රුපියල් බිලියන 122 ක අලාභයක් ලබා ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී සියයට 5.5 කින් රුපියල් බිලියන 115.5 ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන 144.4 ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි.ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක පුරප්පාඩුව වෙනුවෙන් පළකර තිබෙන දැන්වීම මෙන්න!
පුරප්පාඩු වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සහ ප්‍රධාන වාණිජ නිළධාරී යන තනතුරු දෙකේ පූර්ණ කාලීනව කටයුතු කළ හැකි සුදුසුකම් සපිරූ දේශීය හා විදේශීය පුද්ගලයින්ගෙන් සමාගම අයදුම් පත් කැඳවා තිබේ.
20
ශ්‍රී ලංකාව යනු නිල් මැණික් සඳහා පරාදීසය බවත් නිල් මැණික් සොයා ව්‍යාපාරිකයින් එදා මෙන් අදටත් පැමිණෙන්නේ කොළඹට හෝ රත්නපුරයට බවත් ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman) අප සමග සඳහන් කළේය.ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති සංගමය විසින් වසර 26 කට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වූ “ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන් කොංග්‍රස්“ ( International Colored Gem Stones Congress) නැමති සමුළුවට සහභාගී වූ ඔහු මේ බව අප සමග සඳහන් කළේය.කොළඹ පැවති මෙම සමුළුවට රටවල් 27 ක් නියෝජනය කරමින් මැණික් කර්මාන්තයට සම්බන්ධ නියෝජිතයින් 300 කට වැඩි පිරිසක් පැමිණ තිබූ අතර එය මැයි මැයි 16 වනදා ආරම්භ වී අද (20) අවසන් විය.මෙම සමුළුව සෑම වසර දෙකකටම වරක් පවත්වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, අර්මිල් සම්මෝන් (Armil Sammoon) මහතා සඳහන් කළේය.ඔහු වැඩිදුරටත් පැවසුවේ මැණික් කර්මාන්තයේ නව ප්‍රවණතා පිළිබඳව ලෝකය පිළිගත් දේශකයින් 29 දෙනෙකු විසින් මෙම සමුළුවේදී අදහස් දැක්වූ බවයි.ශ්‍රී ලංකාව විසින් වසරකට අපනයනය කරන මැණික්වල වටිනාකම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව වී ඇතැයි හෙතෙම අප සමග සඳහන් කළේය.මෙම සමුළුවට සහභාගී වූ මැණික් පිළිබඳ විශේෂඥයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික Grant A Hamid මහතා පැවසුවේ මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් ලංකාවේ මැණික් කැණීම නුසුදුසු බවත් එවිට කුඩා මැණික් කර්මාන්ත කරුවන්ට පහර වැදෙන බවයි.කොළඹ මෙවර පැවති “ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන් කොංග්‍රස්“ ( International Colored Gem Stones Congress) නැමති මෙම සමුළුවේදී මැණික් වෙළඳාම පිළිබඳව අලුත් කරුණු රැසක් ඉගෙන ගත්බව ඔහු වැඩිදුරටත් කීය.සේයාරුව 01- මැණික් පිළිබඳ විශේෂඥයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික Grant A Hamid මහතා අප සමග කරුණු දක්වයි.සේයාරුව 02- ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman)සේයාරුව 03- ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, අර්මිල් සම්මෝන් (Armil Sammoon) මහතා.
ශ්‍රී ලංකාව යනු නිල් මැණික් සඳහා පරාදීසය බවත් නිල් මැණික් සොයා ව්‍යාපාරිකයින් එදා මෙන් අදටත් පැමිණෙන්නේ කොළඹට හෝ රත්නපුරයට බවත් ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman) අප සමග සඳහන් කළේය.
21
2014 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 722 ක ලාභයක් ලැබූ ලංකා ඉන්දීය තෙල් සමාගමට රජය විසින් ඉන්ධන මිල ගණන් අඩුකිරීම හමුවේ 2015 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 1.06 ක අලාභයක් සිදුව තිබෙන බව එහි නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ.ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක මට්ටමක තිබියදී රජය විසින් ජනවාරි මාසයේදී මෙරට විකුණන පෙට්රල් ලීටරයක මිල රුපියල් 33 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින්ද අඩුකිරීමට පියවර ගත්තේය.මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම 2015 මාර්තු කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 2.0 ක පාඩුවක් වාර්තා කර ඇත.සමාගම විසින් පසුගිය වසරේ දෙසැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 610 ලාභයක් වාර්තා කර තිබුණි.මේ මාර්තු කාර්තුවේදී ලංකා ඉන්දීය තෙල් සමාගමේ ආදායම් සියයට 25 කින් රුපියල් බිලියන 15.8 ක් දක්වා පහළ ගොස් තිබීමද කැපී පෙනේ.පසුගිය ජනවාරි මාසයේදී ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක පමණ මට්ටමක තිබුණත් එය මේ වනවිට ඩොලර් 65 ක සීමාව දක්වා ඉහළ නගිමින් තිබීමත් එයට සාපේක්ෂව රජය විසින් ඉන්ධන මිල ගණන් වැඩි නොකිරීමත් මෙම පාඩුව සිදුවීමට බලපා තිබෙන මූලිකම කාරණාවයි.මේ අතර, 2015 පළමු කාර්තුව තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 4.0 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර මේ වනවිට රජය මැතිවරණයකට යෑමට සූදානම් වන නිසා ඉන්ධන මිල වැඩි නොකරනු ඇතැයි අනුමාන කළ හැකිය.ආර්ථික විද්වතුන් පෙන්වා දෙන්නේ දේශපාලනික කාරණා මත ඉන්ධන මිල ගණන් තීරණය කිරීම නතර කර ඒ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම ඉතාමත් වැදගත් කාලීන අවශ්‍යතාවයක් බවයි.
2014 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 722 ක ලාභයක් ලැබූ ලංකා ඉන්දීය තෙල් සමාගමට රජය විසින් ඉන්ධන මිල ගණන් අඩුකිරීම හමුවේ 2015 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 1.06 ක අලාභයක් සිදුව තිබෙන බව එහි නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ.
22
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් උපදෙස් ලබාගැනීමට එමිරේට්ස් ගුවන් සමාගමේ වත්මන් සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ටිම් ක්ලාර්ක් මහතාව මෙරට සිවිල් ගුවන් සේවා අංශයේ උසස් නිළධාරීන් පිරිසක් පසුගියදා ඩුබායිහිදී මුණගැසී සාකච්ඡා කළබව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබෙන්නේ මෙරට ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කිරීමට ගුවන් සේවා අංශය පිළිබඳ හසල දැනුමක් ඇති ටිම් ක්ලාර්ක් මහතාගේ උපදෙස් ලබාගැනීමයි.මෙම සාකච්ඡාවෙන් පසුව කොළඹට පැමිණ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ටිම් ක්ලාර්ක් මහතා එකඟ වී ඇතැයි අප වෙත වැඩිදුරටත් අනාවරණය වේ.ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගම විසින් කළමනාකරණය කළ අවදියේදී 2008 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ටිම් ක්ලාර්ක් මහතායි.ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි.මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කළ අතර එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා ලබා තිබෙන අලාභය රුපියල් බිලියන 122 කි.ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී සියයට 5.5 කින් රුපියල් බිලියන 115.5 ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන 144.4 ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි.
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් උපදෙස් ලබාගැනීමට එමිරේට්ස් ගුවන් සමාගමේ වත්මන් සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ටිම් ක්ලාර්ක් මහතාව මෙරට සිවිල් ගුවන් සේවා අංශයේ උසස් නිළධාරීන් පිරිසක් පසුගියදා ඩුබායිහිදී මුණගැසී සාකච්ඡා කළබව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.
23
පසුගිය රජය සමයේදී ඉදිකිරීමට සැලසුම් කළ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ජයිකා ආයතනයේ ණය ආධාර මත සිදුකරන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතුළු නගරය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඒ සඳහා අඩුම ලංසුව ලබාදුන් Sierra Construction (Pvt) Ltd සමාගමට ලබාදීමට නව රජය සූදානම් වේ.මෙම කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා නාගරික සංවර්ධන සහ ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.මගී ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා බස් හා දුම්රිය සම්බන්ධ කර ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස මාකුඹුර නව නගරය සංවර්ධනය කිරීම කරන බව සඳහන්ය.මේ යටතේ බස් පර්යන්තයක්, දුම්රිය ස්ථානයක්, බස්/කුලී රථ නැවතුම් පොළක් සහ අදාළ මාර්ග පද්ධතිය ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නව රජය සඳහන් කර තිබේ.මෙම බහුවිධ ප්‍රවාහන පද්ධතිය සහ නව නගරය ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය රජය කාලයේදී කොට්ටාව මාකුඹුර ප්‍රදේශයෙන් අක්කර 25 ක ඉඩමක් පවරාගෙන තිබුණි.කොට්ටාව, මාලපල්ල දුම්රිය ස්ථානය මෙම ස්ථානය දක්වා දීර්ඝ කිරීම එම සැලසුම් අතර විය.තිබූ සැලසුම් වලට අනුව හයිලෙවල් මාර්ගය මෙම ස්ථානයේදී කනු මතින් උඩින් ඉදිකිරීමට නියමිතය.මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සහිත නව නගරයේ ඉදිකිරීම් පිළිබඳව අප විසින් පසුගිය වසරේ ජූලි මාසයේ පලකළ ප්‍රවෘත්තියක් මෙන්න!
පසුගිය රජය සමයේදී ඉදිකිරීමට සැලසුම් කළ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ජයිකා ආයතනයේ ණය ආධාර මත සිදුකරන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතුළු නගරය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඒ සඳහා අඩුම ලංසුව ලබාදුන් Sierra Construction (Pvt) Ltd සමාගමට ලබාදීමට නව රජය සූදානම් වේ.
24
රහස් ලිංගික සබඳතාවයන් සඳහා මග පාදන ලොව ප්‍රකට Adult FriendFinder නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බවත් මේ නිසා සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ.CNN Money වාර්තා සඳහන් කරන්නේ මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගනිමින් රහස් ලිංගික සබඳතා පැවැත්වූ ප්‍රසිද්ධ පුද්ගලයික් රැසක්ම මේ වනවිට නමින්ම හඳුනාගෙන තිබෙන බවයි.මෙම වෙබ් අඩවිය විසින් සිය ගනුදෙනු කරුවන්ගේ රහස් තොරතුරු සුරැකිව තබාගැනීමට බැඳී සිටින අතර වෙබ් අඩවියට ලොව පුරා මිලියන 64 ක පමණ පිරිසක් සම්බන්ධ වී සිටින බව එම සමාගම පවසා ඇත.මෙම අනවසර ඇතුළුවීම මාර්තු මාසයේ සිදුකර තිබුණත් එම වෙබ් අඩවිය Adult FriendFinder යනුවෙන් නම්කර තිබුණේ එංගලන්තයේ Channel 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කළ ප්‍රවෘත්තියක් තුළිනි.මෙම අනවසර ඇතුළුවීම නිසා මෙම වෙබ් අඩවිය සමග කටයුතු කළ ගනුදෙනුකරුවන්ගේ ඊ-මේල් ලිපින, රහස් කේත, උපන්දිනය, ලිංගික කැමැත්ත යන තොරතුරු හැකරුවන් විසින් හොරකම් කර තිබෙන බවත් ණයපත් දත්ත හොරකම් කළාදැයි තවමත් අනාවරණය නොවන බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම වෙබ් අඩවිය අයත් සමාගම පවසා තිබෙන්නේ මෙම අනවසර ඇතුළුවීමට එරෙහිව කටයුතු කරමින් තිබෙන බවත් සිය ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතභාවය රැක ගැනීමට කැපවන බවයි.
රහස් ලිංගික සබඳතාවයන් සඳහා මග පාදන ලොව ප්‍රකට Adult FriendFinder නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බවත් මේ නිසා සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ.
25
ශ්‍රී ලංකාවේ මැතිවරණ “නොපවතින සම්පත් වෙන්දේසි කිරීමකි“ යනුවෙන් ලී ක්වාන් යූ විසින් කර ඇති ප්‍රකාශයට පසුගිය හය මසක පමණ කාලය තුළ විශේෂ වැදගත් කමක් ලැබුණු බවත් නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත්කළ ජනප්‍රිය පොරොන්දු තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය බරපතල අර්බුදයක් කරා යොමුකර තිබෙන බවත් පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි.ඉදිරි මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශ සැකසීමේ ක්‍රියාවලියේදී සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා ප්‍රායෝගිකව සිදුකළ හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව එම පක්ෂ වලට අවධාරණය කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා උනන්දුවක් දක්වන මෙම පදනම විසින් සම්පාදනය කර තිබෙන “සැමට පොදු සමෘද්ධියක් කරා ඉදිරිමග සැලසුම් කරමු“ යන ප්‍රකාශනයේ මේ බව දක්වා තිබේ.මෙම ප්‍රකාශනය පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන, උප සභාපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න යන මහත්වරුන් විසින් අද කොළඹදී එළිදැක්වීය.ආදායම් සහ වියදම් යන අංශ දෙක සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් රටේ මූල්‍ය තත්ත්වය තවදුරටත් පිරිහෙන්නට බොහෝ ඉඩකඩ ඇති හෙයින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන සැකසීමේදී දේශපාලන පක්ෂ වැඩි මූල්‍ය වගකීමකින් යුතුව කටයුතු කිරීම අතිශයින් වැදගත් බව මෙහිදී අවධාරණය කර ඇත.සත්‍ය වශයෙන්ම ලබාදීමට නොහැකි දීමනා සහ සහන ලබාදීම මගින් මෙරට ජනතාව තවදුරටත් නොමග යැවීම නොකරන ලෙසත් දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් ඉදිරිපත් කරනු ලබන දීමනා, සහන සහ සුභ සාධක ක්‍රියා මාර්ග සියල්ලම සම්බන්ධයෙන් පිරිවැය ගණනය කිරීමක් කරන ලෙසත් පාත්ෆයින්ඩර් පදනම ඉල්ලා ඇත.මෙම සහන ලබාදීමට වැයවන පිරිවැය උපයා ගන්නා ආකාරයද තම ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුළත් කරන ලෙසත් සත්‍ය වශයෙන්ම සහන ලබාදෙන්නේ කෙසේදැයි ජනතාවට මේ තුළින් අවබෝධයක් ලබාගත හැකි බවත් සඳහන්ය.මෙම ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා පැවසුවේ මෙරට ආර්ථික සංවර්ධනයට ඉතාමත් වැදගත් වන්නේ යහපත් ආයෝජන පරිසරයක් ඇති කරමින් සෘජු විදේශීය ආයෝජන වැඩිපුර ගෙන්වා ගැනීම බවයි.ඒ තුළින් ඉදිරි කාලයේදී සියයට 10 ක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගැනීම ලංකාවට අතිශය වැදගත් වන බවත් ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කිරීම අවශ්‍යම කාරණයක් බවත් හෙතෙම සඳහන් කළේය.ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉතා වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය යුගයක බවත් ජනාධිපති ප්‍රේමදාස මහතාගෙන් පසුව ලංකාවේ කැපී පෙනෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොවුණු බවත් මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසීය.ආර්ථික ප්‍රතිසංස්කරණ කලට වේලාවට නොකර ඒවා ප්‍රමාද කළහොත් අනාගතයේදී ඒවා කිරීමට යන පිරිවැය අධික වනු අතැයිද හෙතෙම අවධාරණය කළේය.සේයාරුව-(වමේ)- ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, (මැද) ලක්ෂ්මන් සිරිවර්ධන සහ (දකුණේ) මහාචාර්ය සිරිමල් අබේරත්න.
ශ්‍රී ලංකාවේ මැතිවරණ “නොපවතින සම්පත් වෙන්දේසි කිරීමකි“ යනුවෙන් ලී ක්වාන් යූ විසින් කර ඇති ප්‍රකාශයට පසුගිය හය මසක පමණ කාලය තුළ විශේෂ වැදගත් කමක් ලැබුණු බවත් නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත්කළ ජනප්‍රිය පොරොන්දු තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය බරපතල අර්බුදයක් කරා යොමුකර තිබෙන බවත් පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි.
26
හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඩොලර් මිලියන 608 ක ආයෝජනයකින් සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි තට්ටු නිවාස (apartments) විකිණීම අරඹා තිබේ.මේ අනුව, මෙම සුපිරි නිවාසයක මිල ඩොලර් 700,000 (රුපියල් මිලියන 95 ක් පමණ) සිට ඩොලර් මිලියන 1.5 (රුපියල් මිලියන 204 ක් පමණ) ක් දක්වා පරාසයක තිබෙන බව සමාගම සඳහන් කරයි.සමාගම පවසන්නේ මෙහි කුඩාම නිවාසයක් වර්ග අඩි 1,700 ක් වන බවයි. ‍ෂැන්ග්‍රි-ලා කොළඹ සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිවාස 406 ක්, සුපිරි හෝටලයක් සහ සාප්පු සංකීර්ණයක් මෙන්ම කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.මෙම හෝටලය කාමර 540 කින් සමන්විත වන ලෙස සැලසුම් කර තිබෙන අතර සාප්පු සංකීර්ණය වර්ග අඩි 50,000 ක ඉඩ පහසුකම් සහිතය.මීට අමතරව, කාර්යාල පහසුකම් සඳහා වෙන්කර තිබෙන ප්‍රමාණය වර්ග අඩි 125,000 කි.කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය 2017 වසරේ දෙවන කාර්තුවේදී විවෘත කිරීමට නියමිත අතර නිවාස සංකීර්ණය (apartments) එම වසරේ අවසාන කාර්තුවේදී විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඩොලර් මිලියන 608 ක ආයෝජනයකින් සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි තට්ටු නිවාස (apartments) විකිණීම අරඹා තිබේ.
27
පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි.මෙම සමාගම ලෝකයේ ප්‍රමුඛතම කොන්ත්‍රාත්කාර සමාගම් දහයෙන් එකක් බවත් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්කාර සමාගම ලෙස කටයුතු කළ බවත් සඳහන්ය.පිටත වටරවුම් මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීමේ කොන්ත්‍රාත්තුව අත්සන් කළේ 2013 පෙබරවාරි 22 වනදා බවත් චීන එක්ස්සිම් බැංකුවෙන් ගැනීමට ගිවිසගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 494 ක් බවත් සඳහන්ය.මාර්ගයේ අනිකුත් කොටස් සමග සැසඳීමේදී මෙම කොටසේ ඉදිකිරීම් පිරිවැය සාධාරණ හා තරගකාරී බව සමාගමේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් එකඟතාවයන් සඳහා සාකච්ඡා කළ කණ්ඩායම ලංකාව වෙනුවෙන් හැකි සෑම රුපියලක්ම ඉතිරි කර ගැනීමට උත්සාහ කළ බවත් ඔවුන් වෘත්තීයත්වයෙන් ඉහළ බවත් මෙම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.මෙහි පිරිවැය කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පිරිවැය සමග සරලව සංසන්දනය කිරීම විද්‍යාත්මක නොවන බවද වැඩිදුරටත් සඳහන් වේ.දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ අවසන් කර විවෘත කිරීමට නව රජය මේ වනවිට සූදානම් වේ.
පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි.
28
වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේදී අනපේක්ෂිත ලෙස අඩුකළ ශ්‍රී ලංකා මහ බැංකුව මේ මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.මේ වනවිට, උද්ධමනය අඩු මට්ටමක තිබුණත් රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වැඩිවීම හමුවේ විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවී ඇත.මහ බැංකුව වැඩිදුරටත් පවසා තිබෙන්නේ තිබෙන තත්ත්වය අනුව උද්ධමනය ඉදිරියටත් අඩු මට්ටමක තිබෙනු ඇති බවයි.පසුගිය මාර්තු මාසයේදී මෙරට බැංකු විසින් පුද්ගලික අංශයට රුපියල් බිලියන 41.4 ක ණය ලබාදී තිබෙන අතර ඉදිරියේදීත් පුද්ගලික ණය ගැනීම ඉහළ මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව සඳහන් කර තිබේ.මේ අනුව, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ මැයි මාසයේදී සියයට 06 ක් සහ සියයට 7.5 ක් ලෙස වෙනස් නොකර පවත්වා ගෙන තිබේ.විශ්ලේෂකයින් සඳහන් කරන්නේ වැඩිවන අයවැය හිඟය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වර්ධනය වීම හමුවේ අඩු පොලී තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාම අසීරු බවත් මෙහිදී විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවන බවයි.මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.0 කින් පමණ අවප්‍රමාණය වී ඇත.
වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේදී අනපේක්ෂිත ලෙස අඩුකළ ශ්‍රී ලංකා මහ බැංකුව මේ මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.
29
කාලාන්තරයක් තිස්සේ කතා බහට ලක්වූ නුවර කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග සඳහන් කළේය.මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙසින් නම් කර තිබෙන බවත් මේ යටතේ එක් කොටසක් දඹුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.නුවර- කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2002 වසරේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සමග මැලේසියානු ආයෝජකයින් පිරිසක් සාකච්ඡා පවත්වා තිබුණි.කොළඹ- නුවර අධිවේගී මාර්ගය ඉදිකරමින් තිබෙන පිටත වටරවුම් මාර්ගයේ කඩවත පිවිසුම අසලින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එය අවසන් කිරීමට නියමිතව ඇත්තේ කටුගස්තොටින් වන අතර මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 99 කි.මාර්ගය, කඩවත, අඹේපුස්ස හරහා කටුගස්තොට දක්වා ඉදිකිරීමට නියමිතය.
කාලාන්තරයක් තිස්සේ කතා බහට ලක්වූ නුවර කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග සඳහන් කළේය.
30
මේ පෝසිලේන් කෝප්පවල සහ පිඟන්වල රන් පාටට දිලිසෙන කොටස සඳහා අලේප කර තිබෙන්නේ නියම රත්‍රන්ය. මේ නිසා, මෙම අසමසම නිෂ්පාදන ලෝක වෙළඳ පොළේ ඉහළින්ම වැජඹෙයි.අපි මේ ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුප්‍රකට පෝසිලේන් නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියයි. ඔබත් රස විඳින්න.
මේ පෝසිලේන් කෝප්පවල සහ පිඟන්වල රන් පාටට දිලිසෙන කොටස සඳහා අලේප කර තිබෙන්නේ නියම රත්‍රන්ය.
31
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ පළමු වැන්න මෙයයි.මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ දේශපාලනඥයින් සහ දේශපාලනය පිළිබඳවයි.
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.
32
ශ්‍රී ලංකාව නිකුත් කළ වසර දහයකින් කල් පිරෙන ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර නිකුතුව මගින් සියයට 6.125 ක පොලී අනුපාතයකට ඩොලර් මිලියන 650 ක ණය මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.මෙම නිකුතුව සඳහා ඩොලර් බිලියන 2.0 ක ඇනවුම් ලැබී තිබෙන අතර එහි මූලික මිල මාර්ගෝපදේශනය සියයට 6.375 ක් විය.වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවකදී පදනම් පොලී අනුපාතය ලෙස යොදා ගන්නේ වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලී අනුපාතයයි.මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පොලිය සියයට 6.125 ක් වන මෙම බැඳුම්කරයේ අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා ඉහළ ගොස් තිබෙන්නේ සියයට 3.97 කින් පමණක් බවයි.කෙසේවෙතත්, 2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය සියයට 5.875 ක් වෙද්දී අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා සියයට 4.4 ක්වී ඇත.2014 වසරේදී ශ්‍රී ලංකාව විසින් වසර 05 කින් කල් පිරෙන බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳ පොළේ සියයට 6.0 ක සහ සියයට 5.1 ක පොලී අනුපාත වලට අලෙවි කර තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙවර ඩොලර් බැඳුම්කරය ආයෝජකයින් 173 දෙනෙකු විසින් මිලදී ගත් බවත් මින් සියයට 23 ක් ආසියානු ආයෝජකයින්ද සියයට 27 ක් යුරෝපීය ආයෝජකයින්ද සියයට 50 ක් ඇමරිකානු ආයෝජකයින්ද මිලදීගත් බවයි.ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරන්නේ යුරෝපයේ සහ ජපානයේ පොලී අනුපාත බින්දුවට ආසන්න නිසා විදේශීය ආයෝජකයින් ලංකාව වැනි රටවල බැඳුම්කර මිලදීගැනීම සඳහා උනන්දු වන බවත් එහිදී අඩු පොලියට ණය ලබාගැනීමේ හැකියාව තිබෙන බවයි.
ශ්‍රී ලංකාව නිකුත් කළ වසර දහයකින් කල් පිරෙන ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර නිකුතුව මගින් සියයට 6.125 ක පොලී අනුපාතයකට ඩොලර් මිලියන 650 ක ණය මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
33
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කිරීමට අවශ්‍ය වන රුපියල් මිලියන 48,969 ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) මගින් ලබාගැනීමේ ණය ගිවිසුම් වලට අත්සන් කිරීමට රජය සූදානම් වේ.මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර 2020 වනවිට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මගින් වසරකට හසුරුවන මගීන් ප්‍රමාණය මිලියන 15 ක් දක්වා වර්ධනය කිරීම මෙම ඉදිකිරීම් සහ පහසුකම් පුළුල් කිරීම මගින් අපේක්ෂා කර තිබෙන බව රජය සඳහන් කරයි.මේ වනවිට, මෙම ගුවන් තොටුපොළ මගින් වසරකට මගීන් මිලියන 07 ක් පමණ හසුරුවන අතර එය උපරිම මට්ටමකට ළඟාවී තිබේ.මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සැලසුම් කර තිබුණේ පසුගිය රජය සමයේදීයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කිරීමට අවශ්‍ය වන රුපියල් මිලියන 48,969 ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) මගින් ලබාගැනීමේ ණය ගිවිසුම් වලට අත්සන් කිරීමට රජය සූදානම් වේ.
34
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු තවත් තිදෙනෙකුට එරෙහිව එල්ල කර තිබූ විනිමය පාලන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා වලින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද කටයුතු කළේය.විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් විදේශ මුදල් තොගයක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා කරමින් රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු තවත් තිදෙනෙකුට එරෙහිව එල්ල කර තිබූ විනිමය පාලන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා වලින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද කටයුතු කළේය.
35
ශ්‍රමයේ මිල අඩු රටවල් සමග හෝ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමග තරග කිරීමට නොහැකි ලෙස ලංකාව මේ වනවිට හිරවී තිබෙන බවත් මේ උගුලෙන් ගොඩඒම සඳහා ලංකාව වහ වහා ප්‍රතිසංස්සකරණ කළ යුතුව ඇති බවත් ආර්ථ ශාස්ත්‍රඥයෙකු අවධාරණය කරයි.ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දෙන්නේ මෙරට ශ්‍රමයේ මිල වැඩි නිසා ශ්‍රමයේ මිල අඩු බංග්ලාදේශය වැනි රටවල් සමග තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකි බවයි.මීට අමතරව, තායිලන්තය වැනි ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමගද තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකිවී තිබෙන නිසා ලංකාව හිරවී තිබෙන බවත් මෙම උගුලෙන් ගොඩඒම සඳහා ශ්‍රම බලකායේ ඵලදායීතාවය නැංවීමේ පුළුල් ප්‍රතිසංස්කරණ ඉතාමත් ඉක්මනින් කළ යුතුව ඇති බවත් කුමාරස්වාමි මහතා පැවසීය.චීනය සහ වියට්නාමය වගේ වෙන්න අපිට බෑයුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථික වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස විදේශ ණය මත රජය සිදුකළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සහ අත්හැර දමා තිබුණු ධාරිතාවයන් ප්‍රයෝජනයට ගැනීම කැපී පෙනුණු බව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.විදේශීය ණය අඩු චීනය සහ වියට්නාමය රාජ්‍ය ආයෝජන මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිපත්තියක සිටියත් මේ වනවිට, ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 75 කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්‍ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු යැයි හෙතෙම කීය.එසේම, අත්හැර දමා තිබූ ධාරිතාවයන්ද අපි මේ වනවිට උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඇතැයි අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය.අපි ඉදිරියට යා යුත්තේ කෙසේද ?මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සැලසුම් කළ යුත්තේ පුද්ගලික අංශය කේන්ද්‍ර කරගනිමින් අපනයන වර්ධනය කිරීම සහ වැඩිපුර සෘජු විදේශීය ආයෝජන කැඳවා ගැනීමේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම මගින් යැයි කුමාරස්වාමි මහතා අවධාරණය කළේය.මේ නිසා, අපනයන ප්‍රවර්ධනය වන ආකාරයේ සහ සෘජු විදේශීය ආයෝජන වැඩිපුර කැඳවා ගතහැකි ආර්ථික ප්‍රතිසංස්කරණ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වහාම හඳුන්වා දිය යුතුයැයි හෙතෙම පැවසීය.සියයට 10 ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට හැකි සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම කළ හැකි දෙයක් බවත් ලංකාවේ ශ්‍රම බලකායේ නිර්මාණශීලීත්වය එළි දකින ආකාරයෙන් ඵලදායිතාවය නැංවිය යුතු බවත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කීය.අතුරු අයවැයේ සහන මල්ල ගැන කියූ කතාවපසුගිය අතුරු අයවැය මගින් ලබාදී ඇති ඔරොත්තු නොදෙන සහන හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාවය දුර්වල කර තිබෙන බවත් අපි යන්නේ හරි පාරේදැයි නැවතත් විමසා බැලීම වැදගත් බවත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.මෙම අයවැය මගින් ලබාදී තිබෙන සහන සඳහා මුදල් සොයාගැනීම එතරම් පහසු නොවන බවත් මේ හේතුවෙන් බදු සහ පොලිය වැඩිකිරීමට, වියදම් පාලනය කිරීමට හෝ එවැනි මිශ්‍ර තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.සේයාරුවේ සිටින්නේ අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි
ශ්‍රමයේ මිල අඩු රටවල් සමග හෝ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමග තරග කිරීමට නොහැකි ලෙස ලංකාව මේ වනවිට හිරවී තිබෙන බවත් මේ උගුලෙන් ගොඩඒම සඳහා ලංකාව වහ වහා ප්‍රතිසංස්සකරණ කළ යුතුව ඇති බවත් ආර්ථ ශාස්ත්‍රඥයෙකු අවධාරණය කරයි.
36
2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන 2.509 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 10.1%ක වර්ධනයක් පෙන්වමින් 2015 වසර සඳහා බැංකුවට ශක්තිමත් ආරම්භයක් ලබා දී ඇත.මෙහිදී, පසුගිය වසරට සාපේක්ෂව ණය සහ අයවිය යුතු මුදල්වල සහ ගනුදෙනුකරුවන් සිදුකළ තැන්පතුවල ශක්තිමත් වර්ධනය මෙන්ම අඩු පිරිවැය තුලින් ලබාගත් රුපියල් බිලියන 7.233 ක ශුද්ධ පොලී ආදායමද මෙම වර්ධනය සඳහා දායකවී තිබේ. මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දෙමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සඳහන් කර තිබෙන්නේ ශුද්ධ පොලී ආදායම ගිය වසරට සාපේක්ෂව 10.06% කින් වර්ධනය වී තිබෙන බවයි.විමසා බලන මාස තුනක කාලය තුළදී අගය එකතු කිරීමේ බද්දට සහ ජාතිය ගොඩනැගීමේ බද්දට පෙර කොමර්ෂල් බැංකුවේ ලාභය 7.88% කින් වර්ධනය වී රුපියල් බිලියන 4.204 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර බදු වලට පෙර ලාභය 8.77% ක වර්ධනයක් සමග රුපියල් බිලියන 3.579 ක් දක්වා ඉහල ගොස් ඇතැයි බැංකුව සඳහන් කරයි. ශුද්ධ පොලී ආදායම, කොමිස් ආදායම, විදේශ විනිමය ආදායම්, ණය නැවත අයකර ගැනීම් සහ අනිකුත් ආදායම් වලින් සමන්විත සමස්ත මෙහෙයුම් ආදායම මෙම කාර්තුව තුළදී 8.84% කින් වර්ධනය වී රුපියල් බිලියන 9.682 ක් දක්වා ඉහළ ගොස් ඇත.බැංකුව සඳහන් කරන්නේ 2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුව තුළදී සමස්ත ණය සහ අයවිය යුතු මුදල් රුපියල් බිලියන 498.552 ක් දක්වා පසුගිය මාස 12 ක කාලය තුළදී 19.13% කින් වර්ධනය වී තිබෙන බවයි. මේ අතර, බැංකුවේ සමස්ත තැන්පතු 2014 දෙසැම්බර් 31 වනදා සිට මාසයකට රුපියල් බිලියන 06 කට වැඩි සාමාන්‍යයකින් වර්ධනය වී තිබෙන අතර සලකා බලන කාර්තුව අවසන් වනවිට සමස්ත තැන්පතු ප‍්‍රමාණය රුපියල් බිලියන 549.111 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අනුව, පසුගිය මාස 12 ක කාලයට සාපේක්ෂව තැන්පතු වර්ධනය 16.28 ක්වී ඇත.විමසා බලන කාල සීමාවේදී බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 800 සීමාව පසුකරමින් කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන 807.852 ක් දක්වා වර්ධනය වී තිබේ.පුද්ගලික පිරිවැය, ක්ෂ්‍යවීම් සහ අනිකුත් වියදම් ඇතුළත් සමස්ත වියදම් සලකා බලන කාර්තුවේදී 7×82% කින් වැඩිවී රුපියල් බිලියන 4.148 ක් දක්වා ඉහළ ගොස් තිබේ.අනිකුත් ප‍්‍රධාන දර්ශක සැලකීමේදී බැංකුවේ දළ සහ ශුද්ධ අක‍්‍රීය ණය අනුපාතය පිළිවෙලින් 3.40% ක් සහ 1.88% ක් දක්වා පසුගිය වසරේදී තිබූ 4.40% ක සහ 2.54% ඉහළ මට්ටමේ සිට අඩු වී ඇත.
2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන 2.509 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 10.1%ක වර්ධනයක් පෙන්වමින් 2015 වසර සඳහා බැංකුවට ශක්තිමත් ආරම්භයක් ලබා දී ඇත.
37
සිට්රස් ලෙෂර් සමාගමට අයත් කල්පිටිය බීච් රිසෝට් හෝටලය සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ආයතනය විසින් පසුගියදා විකාශය කරනු ලැබූ අසත්‍ය ප්‍රචාරය පිළිබඳ එම හෝටල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරුණු දැක්වීමක් කර තිබේ.අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන්ය.කල්පිටිය බීච් රිසෝට් යනු සිට්රස් ලෙෂර් සමාගමට අයත් ව්‍යාපෘති තුනෙක් එකක් පමණි.මේ අතුරින් දැනටමත් හික්කඩුව හා වස්කඩුව හෝටල් ගොඩනඟා සුඛෝපභෝගී කාමර 200ක් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට එක් කර තිබේ.කල්පිටිය හෝටලය ගොඩනැඟීම ප්‍රමාද වූයේ මෙම ව්‍යාපෘතිය රජයේ කල්පිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය සමග අත්‍යන්තව බැඳී තිබීමත්,එම ව්‍යාපෘතිය පසුගිය රජය විසින් යෝජිත කාලය තුළ ආරම්භ නොකර අත්හිටුවීමත් යන හේතු සමගිනි.කොටස්කරුවන්ගේ දැනුමත් සමගින් යුතුව මෙම කල්පිටිය හෝටලය ඉදිකිරීම ප්‍රමාද කරන ලද අතර ඒ බව නිරන්තරයෙන් කොටස්කරුවන්ට නීත්‍යනුකූලව දැනුම්දී ඇත.කෙසේ වෙතත් මෙම හෝටලය ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලුම ව්‍යවස්ථාදායක අනුමැතීන්ද ලබාගෙන ඇති අතර මෙම හෝටලය ලාභදායක ලෙස පවත්වාගෙන යාහැකි අයුරින් ආරම්භ කරන ලද ආකාරය පිළිබඳව විදේශ සහකරුවන් සමගද සාකච්ඡා කරමින් තිබේ.මේ අතරතුර විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව අප සමාගම් වෙත මාර්තු 20 වන දින මේ පිළිබඳව විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට යෝජනා කළ අතර ඒ අනුව සියලුම කොටස්කරුවන් වෙත අප විසින් අප්‍රේල් මස 07 වන දින චක්‍ර ලේඛනයක් යවන ලදී.නමුත් මෙම චක්‍රලේඛනයේ මෙම හෝටලය ආරම්භ කරන නිශ්චිත දිනයක් සඳහන් නොකරන ලද අතර නැවත අනාගත දිනයකදී නිශ්චිත යෝජනාවලියක් සහිතව කොටස්කරුවන් සඳහා විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වෙනු ඇත.තත්ත්වය මෙසේ තිබියදී එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් ගෙනයනු ලබන පදනම් විරහිත හා ද්වේශ සහගත කරුණු තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, කීර්තිමත් ව්‍යාපාරයක් වන සිට්රස් ලෙෂර් සමාගම ඒ සම්බන්ධයෙන් බලවත් අසතුට ප්‍රකාශ කර සිටින බවත් කිව යුතුය.කෙසේවෙතත් මහජන කොටස් නිකුතුව මගින් ලබාගත් රුපියල් මිලියන 283ක මුදල මෙන්ම මුල් ආයෝජකයන් යෙදවූ මුදල් මෙන්ම පෞද්ගලික ආයෝජකයන් යෙදවූ මුදල්ද සමාගම වෙනුවෙන් කෙටිකාලීනව හා මධ්‍ය කාලීනව උපායමාර්ගිකව ආයෝජනය කොට තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.තවද එම හෝටලය පැවැත්වෙන බවට ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් පෙන්වන ලද භූමියේ වීඩියෝ දර්ශන, යෝජිත හෝටල් භූමියේ සැබෑ දර්ශන නොවන බව මෙන්ම එම හෝටලයට ආයෝජනය කළ මුදල් අදාළ හෝටල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු විසින් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත් බවට ප්‍රකාශ කිරීම නොමඟ යැවීමට ගන්නා උත්සාහයක් බවත් අද දෙරණට අදහස් දැක්වූ එම හෝටල් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
සිට්රස් ලෙෂර් සමාගමට අයත් කල්පිටිය බීච් රිසෝට් හෝටලය සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ආයතනය විසින් පසුගියදා විකාශය කරනු ලැබූ අසත්‍ය ප්‍රචාරය පිළිබඳ එම හෝටල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරුණු දැක්වීමක් කර තිබේ.
38
ශ්‍රී ලංකාවට සේන්දු වන නෞකා මගින් මෙරට සාගර කලාපය දූෂණය වීම වැළැක්වීම සඳහා සහාය කර ගත හැකි මෘදුකාංගයක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ සමුද්‍රීය පරිසර ආ‍රක්‍ෂණ අධිකාරිය ඒකාබද්ධව සකස් කර ඇත.ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නෞකාවන් පිළිබදව කලින් තොරතුරු දැනගනිමින් එම නෞකා වල තිබෙන අපද්‍රව්‍යය ඉවත් කිරීමට අදාළ කටයුතු වඩාත් විධිමත් සහ කාර්යක්‍ෂම ලෙස සිදු කිරීමට මෙම මෘදුකාංගය මගින් හැකිවන බව නියෝජිතායතනයේ ඉ-සේ‍වා ව්‍යාපෘති ප්‍රධානී කාංචන තුඩුගල මහතා පවසයි.තවද නෞකාවන්හි සමබරතාවය ආරක්‍ෂාකර ගැනීමට ගබඩාකර තැබෙන ජලය ඉවත් කිරීම සහ නැවත පුරවා ගැනීමේ කටයුතු වෙනුවෙන්ද මෙම මෘදුකාංගය උදව් කර ගත හැකි බව තුඩුගල මහතා කියයි.සමුද්‍රීය පරිසර ආ‍රක්‍ෂණ අධිකාරිය සඳහන් කරන්නේ වසරකට ශ්‍රී ලංකාවට නෞකා පන්දහසක් පමණ පැමිණෙන බවත් ‍එයින් දහසක් පමණ නෞකා මෙරටදී අපද්‍රව්‍යය බැහැර කරන බවත් එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් විසිදහසක් පමණ වන බවයි.මෙම මෘදුකංගය නිසා ඉතා නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ මෙම සමුද්‍රීය අපද්‍රව්‍යය බැහැර කිරීමට හැකි වන බවත් එය මෙරට සමුද්‍ර කළාපය සමුද්‍ර දූෂණයෙන් රැක ගැනීමට මහගු රුකුලක් වන බවත් අධිකාරිය වැඩිදුරටත් කියයි.ඉදිරි සති කිහිපය තුළදී මෙම මෘදුකාංගය මගින් සේවා ලබා ගැනීමට හැකි බව නියෝජිතායතනය පවසයි.
ශ්‍රී ලංකාවට සේන්දු වන නෞකා මගින් මෙරට සාගර කලාපය දූෂණය වීම වැළැක්වීම සඳහා සහාය කර ගත හැකි මෘදුකාංගයක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ සමුද්‍රීය පරිසර ආ‍රක්‍ෂණ අධිකාරිය ඒකාබද්ධව සකස් කර ඇත.
39
සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යවා තිබේ.ඒ අනුව සිරස මාධ්‍ය ජාලය,එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මෙන්ම ආර්ථික තොරතුරු විශ්ලේෂකයෙකු යයි කියා ගන්නා ෆරාස් ෂව්කෙට්ලි යන අයට නීතිඥ සමන් සේනාධීර මහතා විසින් එන්තරවාසිය යවා ඇත.එම එන්තරවාසිය මගින් නීතිඥවරයා,තම සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ එල්.එල්.බී උපාධිධරයෙකු වන බවත්, එමෙන්ම ඔහු ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් මහා බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකු බවත් සිහිපත් කර දී තිබේ.එසේම තම සේවාදායකයා පුරෝගාමීව සම්බන්ධ වූ “දෙරණ”රූපවාහිනී නාලිකාව සහ “දෙරණ”ගුවන්විදුලි නාලිකාව ගැන සිහිපත් කර ඇති ඔහු වසර 9 ක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය නාලිකාවක් බවට පත්වූ මෙම නාලිකාව තම සේවාදායකයාගේ මතයට අනුව මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැහැදිලි වෙනසක් සඳහා මුල්වී ඇති බව පෙන්වාදී ඇත.එසේම තම සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනඟන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරු වන බවත්, වසර 23 කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් දියත් කරනු ලැබූ ඉතාමත්ම සාර්ථක සමාජ වගකීම් ව්‍යාපෘතියක් වූ දී “අපි වෙනුවෙන් අපි”සංකල්පයේ නිර්මාතෘවරයා ද වන බවත් සිහිපත් කර තිබේ.එවන් සේවාදායකයා ට අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශයක් තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සංස්කරණය කර පල කර ඇති බවද, පුවත්පතක පළ වූ වැරදි කරුණු උපුටා දක්වා ඇති බවද,මුදල් ගෙවා සේවය ලබා ගත් පුද්ගලයකු ලවා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම තුළින් හාද්වේශ සහගත ලෙස ප‍්‍රවෘත්තිය පෙළ ගැස්සීම සහ ඉදිරිපත් කිරීම තුළින් තමාගේ සේවාදායකයා පිළිබඳව වැරදි සහගත මතයක් සමාජ ගතවීමට ඉඩහැරීම තුළින් ඔහුගේ කීර්ති නාමයට හානි සිදුව ඇති බව දිලිත් ජයවීර මහතාගේ නීතිඥවරයා විසින් පෙන්වා දී ඇත.එම එන්තරවාසිය සම්පූර්ණයෙන්ම මෙසේය.ද්වේශ සහගත සහ අපහාසාත්මක ප‍්‍රකාශ සම්බන්ධයෙන්වන්දි ඉල්ලා යවනු ලබන එන්නරවාසියයි———-මාගේ සේවාදායකයා වන කොළඹ 5, අල්විස් පෙදෙස, අංක 45/6 දරන ස්ථානයේ පදිංචි දිලිත්සුසන්ත ජයවීර මහතාගේ උපදෙස් මත ලියා දන්වන වග නම්.මාගේ සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ එල්.එල්.බී උපාධිධරයෙකි. එමෙන්ම ඔහු ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් මහා බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකි.මාගේ සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනගන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරුවේ. වසර 23 කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් දියත් කරනු ලැබූ ඉතාමත්ම සාර්ථක සමාජ වගකීම් ව්‍යාපෘතියක් වූදී “අපි වෙනුවෙන් අපි”සංකල්පයේ නිර්මාතෘවරයා ද වේ.දැන්වීම් ක්ෂේත‍්‍රයේ මෙසේ ලබාගත් සාර්ථකත්වය මත කලක් තිස්සේ මාගේ සේවාදායකයා වෙනත් අනුබද්ධ ක්ෂේත‍්‍රයන්හි ව්‍යාපාර කීපයක් ආරම්භ කරන ලදී. මුද්‍රණ ක්ෂේත‍්‍රය, පෙර මුද්‍රණ ක්ෂේත‍්‍රය, බාහිර දැන්වීම්කරණය, මහජන සම්බන්ධතා සන්නිවේදනය, ප‍්‍රකාශන, රූපවාහිනීවෙළඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත‍්‍රය වැනි ක්ෂේත‍්‍ර ආවරණය වේ.මාගේ සේවාදායකයා පුරෝගාමීව සම්බන්ධ වූ තවත් එවැනි ව්‍යාපාරයක් වන්නේ “දෙරණ”රූපවාහිනී නාලිකාව සහ “දෙරණ”ගුවන්විදුලි නාලිකාවයි. වසර 9 ක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය නාලිකාවක් බවට පත්වූ මෙම නාලිකාව මාගේ සේවාදායකයාගේ මතයට අනුව මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැහැදිලි වෙනසක් සඳහා මුල්වී ඇත.දේශීයත්වය, දේශීය වටිනාකම් හා ජාතිකත්වය මුල්කොට ගත් දීර්ඝ කාලීන දෘෂ්ටියකින් එකී නාලිකාව කටයුතු කරනබව ඔහු පවසයි.එසේම මාගේ සේවාදායකයා පවසන්නේ ඔහු දැනට එම නාලිකාව අයත් සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ බවත් කොටස්කරුවකු බවත් සමාගමේ ව්‍යාපාරික කටයුතු සඳහා ක‍්‍රියාකාරී සහ ඍජු ලෙස මැදිහත්වන පුද්ගලයකු බවත්ය.තවදුරටත් මාගේ සේවාදායකයා පවසා සිටින්නේ කෙසේ නමුදු ප‍්‍රතිපත්තිමය තීරණයක් මත ඔහු මෙම නාලිකාවන්හි අදාළ ප‍්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන්වල අන්තර්ගතයට කිසිදු දිනයක හෝ කිසිදු අවස්ථාවක මැදිහත් වී නොමැති බව ඔබ වෙත දැන්වීමට මා වෙත උපදෙස් ලැබී ඇත.පශ්චාත් යුධ ජයග‍්‍රහණයත් සමග ඇති වූ නව ආරක්ෂිත අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහා මාගේ සේවාදායකයා, ඔවුන් විසින් ඉතිරිකරගෙන තිබූ අතිරික්ත මුදල් ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොලේ ආයෝජනය කළ බවත්, එම ආයෝජනයන්ගෙන් බොහොමයක් දීර්ඝ කාලීන ආයෝජනයන් බවත් ඒ අතරට සිට‍්‍රස් ලෙෂරඣ පීඑල්සී සමාගම, වස්කඩුව බීච් රෙසෝට්පීඑල්සී සමාගම, හික්කඩුව බීච් රෙසෝට් පීඑල්සී සමාගම, කල්පිටිය බීච් රෙසෝට් සමාගම අයත් වන බවත්ය.මෙම සමාගම් දැනට ක‍්‍රියාකාරී සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අතර, මේ අතර තරු 5 හෝටලයක් ද, තරු 4 හෝටලයක් ද වන බවයි. මීට අමතරව කල්පිටිය සහපාසිකුඩාහි හෝටල් ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි. මාගේ සේවාදායකයා ලබා දුන් උපදෙස් අනුව ඔහුගේ දායකත්වයෙන් ඇති කරන ලද සමාගම් හා ව්‍යාපාර තුළ ඍජුවශයෙන් 2,000 කට අධික ප‍්‍රමාණයකට රැකියා අවස්ථා සපයා ඇති අතර, වක‍්‍රව තවත් 3,000 කට අධික ප‍්‍රමාණයකට තම ජීවිකාව කරගෙන යාම සඳහා අවස්ථාවන් නිරඣමාණය කර ඇති බවද ඔබ වෙත දැන්වීමට උපදෙස් ලැබී ඇත.මාගේ සේවාදායකයාගේ උපදෙස් පරිදි ඔහුගේ අවුරුදු 23 ක ව්‍යාපාරික හා වෘත්තීය ජීවිතය තුළ ඔහු කටයුතු කර ඇත්තේ ඉතා උසස් අචාර ධර්මයන්ට අනුකූලව ව්‍යාපාරික සම්ප‍්‍රදායන්ට ගරුකරමින් ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව බවත් සාම්ප‍්‍රදායික ව්‍යාපාර අරමුණන් ඔබ්බට ගිය බෞද්ධ දර්ශනය මත පදනම් වූ මූල්‍ය ලාභය ද්විතීයික වන සමාජ දායකත්වය පෙරදැරි කොටගත්දෘෂ්ටියක පිහිටමින් බව යන්න ඔබ වෙත දැනුම් දෙමි.මාගේ සේවාදායකයා මාවෙත උපදෙස් දෙමින් කියා සිටින්නේ ව්‍යාපාරික තරඟාරිත්වයට ඔවුන් මුහුණ දුන්නේ ඉතාමත්ම සංයමයෙන් හා පිළිගත් ව්‍යාපාර ආචාර ධර්මවලට අනුකූලව බවත් වර්තමානයේ පවතින අර්ථ විරහිත පටු තරඟකාරිත්වය පිටුපස ඔවුන් හඹා නොගිය බවත්ය.කරුණු එසේ තිබියදී ඔබගේ හිමිකාරිත්වය සහ පාලනය යටතේ පවතින සිරස මාධ්‍ය ජාලය ඔස්සේ පදනම් විරහිතව හා ද්වේශ සහගතව විටින් විට සහ අඛණ්ඩව කරනු ලබන ප‍්‍රචාරයන්තුළින් මාගේ සේවාදායකයා හට බලවත් අපහාසයක් මෙන්ම අගතියක් සිදුවී ඇති බවට ඔබ වෙත දැනුම් දීමට මා හට උපදෙස් ලැබී ඇත.වෙනත් කරුණු අතර, විශේෂ වශයෙන් වර්ෂ 2015. 05. 17 වෙනි ඉරිදා දින රාත‍්‍රී 7.00 ට සිරස නිවුස්ෆස්ට් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ මිනිත්තු 6 කට ආසන්න කාලයක් තුළ විකාශනය වූ පුවතෙහි සඳහන්කළ තොරතුරු අතර, මාගේ සේවාදායකයාගේ නම සඳහන් කරමින් ගරු අග‍්‍රාමාත්‍යවරයා විසින්පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශයක් ද්වේශ සහගත අරමුණෙන් සංස්කරණය කරමින් “උදාහරණ ලෙස ගත් කලදිලිත් ජයවීර ඔහුගේ කලම්බු ලෑන්ඞ් ඇන්ඞ් ඩිවලොප්මන්ට් සහ රීෆ් කොම්බර් සමාගම්වල කටයුතු කළ ආකාරය විමර්ශනය කළ යුතුයි”යන්න විකාශනය කළ බවත් අනතුරුව එම වීඩියෝ පටයට අදාළ පසුබිම් කථනයේ දී “අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයේ සති කිහිපයකටපසුව ඔහු නම් හෙළි කළ ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්න කළා”යනුවෙන් සහ ” මූල්‍ය අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්න කර තිබෙනවා.”ලෙස පළවූවා යැයි සඳහන් කරමින් පහත සඳහන් අන්තර්ගතයන් අඩංගු පුවත් කිහිපයක්ද උපුටාදක්වන ලදී. ඒවා නම්,” සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ “පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය දිලිත් ජයවීර මහතාගෙන් විමසා තිබුණේ ලංකා හොස්පිට්ල් ආයතනයේ කොටස් ප‍්‍රමාණයක් ඉන්දීයසමාගමකට අලෙවි කිරීමේදී සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතාවක් පිළිබඳවයි.”“ලංකා හොස්පිට්ල් ආයතනය රුපියල් 28 ක් ව පැවති කොටසක් රුපියල් 64 ක් දක්වා විශ්මයජනක ලෙස එක්වරම ඉහළ දමා ඉන්ඣීය සමාගමකට විකි”ම පිළිබඳව ජයවීරමහතාගෙන් ප‍්‍රශ්න කර ඇතැයි සන්ඬේ ටයිම්ස් වාර්තාවේ සඳහන්”“මේ අතර බිස්නස් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ එක්වරක් බලවත් කොටස් වෙළෙඳපොල ආයෝජකයෙකු වූ දිලිත් ජයවීර මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ වනවිට ප‍්‍රශ්න කරඇති බවයි.”“මීට මාස කිහිපයකට පෙර මෙවැනි පරීක්ෂණයක් පිළිබඳ සිතීමට පවා නොහැකි තත්ත්වයක් පැවති බව අද එම පුවත්පත වාර්තා කර තිබුණා.”“මීට අමතරව ඩබ්ලිව් ෆරාස් ෂවුකට් අලී නමැත්තකුගේ දුරකථන හඬපටයක් විකාශනය කරමින් පහත සඳහන් කරුණු විකාශය කරනු ලැබ ඇති බවට ඔබ වෙත දැන්වීමට උපදෙස් ලැබී ඇත.“අවසානයේ මෙය හරි මගට පිවිසීමක් ලෙස මම දකිනවා. කොළඹ කොටස් වෙළෙඳපොල ආයෝජනය කිරීමේදී සාමාන්‍යයෙන් කුඩා ආයෝජකයින්ට අහිමි වූ රුපියල් බිලියන ගණනකට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට දරන උත්සාහයක්.“ජයවීර මහතා ඇතුළු ඔහුට සම්බන්ධ සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කොළඹ කොටස් වෙළෙඳපොලේ Pump and Dump වංචාවේ චෝදනා මැද ඉන්නවා.”“ජයවීර මහතාට සම්බන්ධ සමාගම මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පූර්ණ පරීක්ෂාවට ලක්කළ යුතුයි.”“ඒ තුළින් පමණයි මහජනතාවට හා කුඩා ආයෝජකයින්ට එරෙහිව සිදුකර ඇති පාවාදීම්වලසැබෑ තත්ත්වයන් හෙළිවන්නේ.”“මේ සම්බන්ධ සිදුවීම් වාර්තා වී තිබෙනවා.”“ඊට අදාළ සාක්ෂි ඕන තරම් තිබෙනවා.”“ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවල හමුදා හා සන්නද්ධ චරිතවල සම්බන්ධතා හෙළි කරනලිපි ලේඛන තියෙනවා.”“ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටු කර ගැනීම සඳහා අහිංසක මිනිසුන්ට තර්ජන ගර්ජන කිරීම සඳහා මේ පුද්ගලයින් භාවිත කර තිබෙනවා.”“එක් අවස්ථාවකඣී මිලියන 60 කට ලබාගත් ඉඩමක වටිනාකම එකවර කිහිප ගුණයකින් වැඩි වුණා.”“මෙය කර ඇත්තේ කොටස් මිල ඉහළ දැමීම හැර වෙනත් හේතුවකට නොවේ.”“දැන් තත්ත්වය තමයි අපට පේන්නේ භුමිතෙල් ගෑවුණු ගැරඬි වගේ මේ විමරඣශනවල ඉලක්ක දඟලන්න පටන් අරන් තියෙනවා.”“අපිට ප‍්‍රශ්නයක් තියෙනවා රාජපක්ෂ සමයේ ඔවුන් භුක්ති විඳි දේශපාලන වරප‍්‍රසාද අහිමිවීම හේතුවෙන් ද මෙහෙම දඟලන්නේ කියලා.”“අවසානයේදී මා පෙන්වා දිය යුතුයි ජයවීර මහතාට සම්බන්ධ සමාගමේ ප‍්‍රධානියා සුරැකුම්පත් කොමිසමේ සභාපති ලෙස පත්වුණා.”“මෙහි පැහැදිලිව ලැදියාවන් අතර ගැටුමක් තිබුණා.”“ජයවීර මහතා සහ ඔහුගේ හිතවතුන් අනිවාර්යෙන්යෙන් ම පූර්ණ විමර්ශනයකට ලක් කළ යුතුයි.”ඉහත ප‍්‍රවෘත්ති විකාශයට අමතරව විටින් විට පලකරන ලද රූපවාහිනී ප‍්‍රවෘත්ති, ගුවන්විදුලි ප‍්‍රවෘත්ති, ජංගම දුරකථන ඔස්සේ යවනු ලබන කෙටි පණිවිඩ වෙබ් ජාලයේ පලකිරීම් ඇතුළු ප‍්‍රකාශන මගින් වෙනත් කරුණු අතර ඔබ ප‍්‍රකාශ කර සමාජගත කිරීමට උත්සාහ කොට ඇත්තේ හා/හෝ මාගේ සේවාදායකයා මහජනතාවගේ මුදල් අයථා ලෙස පරිහරණය කරන බවත් ඔහු කොටස් වෙළෙඳපොලේ අයුතු ගනුදෙනුවලට මැත්‍ථහත්ව ඇති බවත් ඔහු නීති විරෝධී ගනුදෙනුවල යෙදෙන පුද්ගලයෙකු බව සහ ඔහු වංචාකාරී ව්‍යාපාරිකයෙකු බවත් ය.එකී ප‍්‍රචාරයන්හි අන්තර්ගත කරුණු අතර,1. අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සංස්කරණය කර පල කර ඇති බවද,2. පුවත්පතක පළ වූ වැරදි කරුණු උපුටා දක්වා ඇති බවද,3. මුදල් ගෙවා සේවය ලබා ගත් පුද්ගලයකු ලවා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම තුළින් ද,4. ද්වේශ සහගත ලෙස ප‍්‍රවෘත්තිය පෙළ ගැස්සීම සහ ඉදිරිපත් කිරීම තුළින් මාගේ සේවාදායකයා පිළිබඳව වැරදි සහගත මතයක් සමාජ ගතවීමට ඉඩහැරීම තුළින් මාගේ සේවාදායකයාගෙන් මා හට උපදෙස් ලැබී ඇත්තේ සියලූ මාධ්‍ය සදාචාර හා ආචාරධර්ම උල්ලංඝණය කිරීමෙන් තම අභිමතාර්ථ සහ සැඟවුණු න්‍යායපත‍්‍ර මත මාධ්‍ය අපහරණය කරනුලබන ඔබගේ සමාගම විසින් එවැනි පළකිරීම් සිදුකිරීම් පුදුමයට කරුණක් නොවුව ද එයින් මාගේ සේවාදායකයාගේ ඉතා අසීරුවෙන් ගොඩනගා ගත් හොඳ නමට කැළලක් සිදුකිරීම සඳහා ඔබට බලපත‍්‍රයක් නොමැති බවයි.මාගේ සේවාදායකයාගේ උපදෙස් මත මා ලියා දන්වන්නේ ඔබගේ එකී ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය අතරතුර පලකරන ලද කරුණු හා ඔබ විසින් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇති මතය පූර්ණ වශයෙන් හෝ ප‍්‍රධාන වශයෙන් අසත්‍ය බවත් සත්‍ය කරුණු විකෘති කිරීමක් බවත් ය. තවද එකී පලකිරීම් මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් ඍජුවම හා ව්‍යංගාර්ථයෙන් අපහාසාත්මක බවත්අදාළ වැඩසටහන නැරඹූ පේ‍්‍රක්ෂකයන් එකී ප‍්‍රවෘත්තිය පලකිරීම මාගේ සේවාදායකයා කෙරෙහි අපහාසාත්මක ලෙස තේරුම් ගෙන ඇති බවත්ය.ඉහත සඳහන් නීති විරෝධී සහ වැරදි සහගත ක‍්‍රියා කලාපය හේතුකොට ගෙන මාගේ සේවාදායකයාගේ සහ ඔහුගේ ආයතනවල කීර්ති නාමයට සහ හොඳ නමට සිදුවී ඇති හානිය,අපහාසය හා මානසික පීඩනය මාගේ සේවාදායකයා විසින් සාධාරණව රුපියල් බිලියන දෙකකට (රු.2,000,000,000/-) අගය කර සිටින අතර, එකී මුදල මෙම ලිපියේ ත්‍ථන සිට දින විසි එකක (21) කාලයක් තුළ ගෙවා දමන ලෙසටත් අදාළ පදනම් විරහිත ඉදිරිපත් කිරීම් වහාම නවත්වන ලෙසටත්, එම පළවූ මාධ්‍ය තුළින්ම ඒවා ඉල්ලා අස්කර ගන්නා ලෙසටත්, ඔබ විසින් කරන ලද අභූත චෝදනා නිවරදි කොට සමාන ප‍්‍රසිද්ධියක් ලබා දෙන ලෙසටත් මෙයින් ඉල්ලා සිටිමි.ඉහත ආකාරයට ඔබ විසින් එකී සම්පූර්ණ මුදල ගෙවීම පැහැර හැරියහොත් හෝ අතපසු කරනු ලැබුවහොත් ඉහත කී ආකාරයට කරන ලද ප‍්‍රකාශන පලකිරීම නොනැවැත්වුවහොත් ඔබටවිරුද්ධව සුදුසු අධිකරණයක නඩු පවරා එකී මුදල අයකර ගැනීමට කටයුතු කරන බව ඔබ වෙත මෙයින් දැනුම් දෙමි.මෙයටවිශ්වාසීසමන් සේනාධීරනීතිඥපිටපත : දිලිත් සුසන්ත ජයවීර මහතාඅංක 45/6, අල්විස් පෙදෙසකොළඹ 5.
සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යවා තිබේ.
40
ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) රැස්කර ගත්බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සියයට 6.125 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 650 ක් ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් සහ සියයට 3.17 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 338 ක් ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණය ලෙස ලබාගත් බවයි.මේ අනුව, මෙම නිකුතු දෙකේ සාමාන්‍ය පොලී අනුපාතය (weighted average cost) සියයට 5.2 ක්වී තිබේ.මෙහිදී, අදහස් දැක්වූ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසුවේ අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු මුදල මෙම බැඳුම්කර නිකුතුවේදී සියයට 3.9 ක්වූ බවත් 2012 වසරේ නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී එය සියයට 4.4 ක්වූ බවයි.මේ නිසා, අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු මුදල මෙවර අඩුවීමෙන් රටට ප්‍රතිලාභයක් ලැබී ඇති බවත් මෙම බැඳුම්කර නිකුතුවේ පොලිය වැඩියැයි නැගෙන චෝදනා සාවද්‍ය බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) රැස්කර ගත්බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.
41
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන දෝෂ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් තිබෙන නිසා මේ පිළිබඳව තමාට අදහස් දැක්විය නොහැකි බවයි.ශ්‍රේෂ්ඨාධිකරණය සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මෙම ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් මේ වනවිට කෝප් කමිටුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් සාධාරණත්වය පිළිබඳ අවසාන තීන්දු ගැනීමේ ආයතන වන්නේ මේවා බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙහිදී පැවසීය.මේ නිසා, තමාට මේ පිළිබඳව අදහස් දැක්විය නොහැකියැයි මහේන්ද්‍රන් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන දෝෂ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් තිබෙන නිසා මේ පිළිබඳව තමාට අදහස් දැක්විය නොහැකි බවයි.
42
සියයට 6.375 ක පමණ පොලී අනුපාතයකට (Price Guidance) රජය ජාත්‍යන්තර වෙළඳ පොළින් වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි.අනාවරණය වන ආකාරයට මෙහි අවසන් පොලී අනුපාත තවමත් තීන්දු වී නොමැති අතර ඩොලර් බිලියනයකට ආසන්න ණය මුදලක් ලබාගැනීමට සූදානම් වන්නේ යැයි හෙළිවේ.මෙම ඩොලර් බැඳුම්කර නිකුතුව කළමනාකරණය කරන්නේ, සිටි, ඩොයිෂ්, එච්.එස්.බී.සී. සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් යන බැංකු මගිනි.2014 වසරේදී ශ්‍රී ලංකාව වසර පහකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර සියයට 6.0 ක සහ සියයට 5.125 ක පොලී අනුපාත වලට නිකුත් කර තිබුණු අතර වසර දහයකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කරයක් අවසන් වරට ලංකාව නිකුත් කර තිබුණේ 2012 වසරේදීයි.මේ පිළිබඳව අප මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙම බැඳුම්කර නිකුතුවේ අවසන් පොලී අනුපාතය සහ ලබාගන්නා ණය ප්‍රමාණය පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.
සියයට 6.375 ක පමණ පොලී අනුපාතයකට (Price Guidance) රජය ජාත්‍යන්තර වෙළඳ පොළින් වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි.
43
වාද්දූවේ පිහිටි සෙරීන් පැවිලියන්ස් (Serene Pavilions) හෝටලයේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තිබුණු ගැටලු සමථයකට පත්කර ගැනීමට හෝටලයේ කොටස්කරුවන් සමත්වී තිබේ.මේ අනුව, මෙම හෝටලයේ සියයට 30 ක කොටස් හිමිකාරීත්වයක් හිමිව තිබුණු අනුර ලොකුහෙට්ටි මහතා පසුගියදා තමන් සතුවූ කොටස් සියල්ල සුමිත් ගුරුගේ සහ ජිට් වර්ණකුලසූරිය යන කොටස්කරුවන් දෙදෙනාට අලෙවිකළ බව සුමිත් ගුරුගේ මහතා අප සමග සඳහන් කළේය.ඔහු වැඩිදුරටත් පැවසුවේ තිබුණු ගැටලු සමථයකට පත්කර ගනිමින් සිදුවූ මෙම කොටස් විකිණීමෙන් පසුව මෙම හෝටලයේ කොටස් අයිතියෙන් සියයට 30 ක් තමාටත් සියයට 27 ක් ජිට් වර්ණකුලසූරිය මහතාටත්, සියයට 38 ක් බ්‍රිතාන්‍යය ජාතික ක්ලයිව් ලීච් මහතාටත්, සියයට 05 ක් ඉන්දියානු ජාතික ගෞතම් රාඩියා මහතාටත් මේ වනවිට අයත්වන බවයි.2013 සැප්තැම්බර් මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් හෝටලයේ අධ්‍යක්ෂවරුන් වන සුමිත් ගුරුගේ මහතා සහ ජිට් වර්ණකුලසූරිය මහතා පවසා තිබුණේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා 2004 වසරේදී සම්පූර්ණ ප්‍රාග්ධනය යෙදවූයේ 80 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික ක්ලව් ලීච් මහතා බවයි.මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ක්ලව් ලීච්, ස්ටෙෆනි ලීච්, අනුර ලොකුහෙට්ටි, ඩිලනි ලොකුහෙට්ටි, ජිට් වර්ණකුලසූරිය හා සුමිත් ගුරුගේ යන මහත්වරුන් එකළ ඇතුළත් වූ බව එම නිවේදනයේ දක්වා තිබුණි.කෙසේවෙතත්, නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ගැනීම සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය අධිකරණය දක්වා ගිය අතර දෙපාර්ශවය විසින් එකිනෙකාට විරුද්ධව නඩු කිහිපයක්ම ගොනු කිරීමට පසුගිය කාලයේදී කටයුතු කර තිබුණි.මෙම හෝටලයේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තිබූ ගැටලු නිරාකරණය කරගනිමින් සිදුවූ මෙම කොටස් විකිණීමේ ගිවිසුමට අනුව මෙම නඩු ඉවත් කර ගැනීමට දෙපාර්ශවයම කටයුතු කර ඇත.
වාද්දූවේ පිහිටි සෙරීන් පැවිලියන්ස් (Serene Pavilions) හෝටලයේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තිබුණු ගැටලු සමථයකට පත්කර ගැනීමට හෝටලයේ කොටස්කරුවන් සමත්වී තිබේ.
44
අවංක මෙන්ම විනිවිදභාවයකින් කටයුතු කළ ජගත් පී. විජේවීර මහතා හදිසියේම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වීම පිළිබඳව දැඩි ලෙස කණගාටු වනබව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ආයතනය පවසා තිබේ.ආනයන සහ අපනයන කරුවන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියාකළ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් අතලොස්ස අතුරින් විජේවීර මහතා කෙනෙකු වූ බව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පැවසුවේ රේගුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පුද්ගලික හේතුමත ඉල්ලා අස්වූ බවත් රජය එම ඉල්ලා අස්වීම පිළිගත් බවයි.
අවංක මෙන්ම විනිවිදභාවයකින් කටයුතු කළ ජගත් පී.
45

Dataset Card for "sinhala-text-fullfill-v2"

More Information needed

Downloads last month
33
Edit dataset card