instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම වාර්තා පළ වූයේ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක සයිඩ් අක්බාරුද්දීන් මාධ්‍ය වේදීන්ට කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ඉන්දීය අගමැතිවරයා ගේ සහභාගිත්වය පිළිබඳ ව තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවයි. කොළඹ දී පැවැත්වෙන පොදු රාජ්‍ය සමුළුවට සහභාගී නොවිය යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කර ගැනීමෙන් අනතුරුව ඒ බව ඉන්දීය මහ ආණ්ඩුවට දැනුම් දී තිබුණි. රාවයට ප්‍රතිචාර ඉන්දීය අගමැතිවරයා පොදු රද සමුළුවට සහභාගී වන බවට පැතිර යන රාවයට ප්‍රතිචාර දක්වමින් තමිල්නාඩු වේ ඩී එම් කේ හෙවත් ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය යළි අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව යුද අපරාධ කල බවට එල්ල වී තිබෙන චෝදනා වලට වලංගු භාවයක් ලබා දීම සඳහා මෙම සමුළුව සහමුලින්ම වර්ජනය කල යුතු බවයි. ඉන්දීය අගමැතිවරයා සමුළුවට සහභාගී වුවහොත් ‘ඔහුගේ පක්ෂයට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැ’යි ඩී එම් කේ පක්ෂ නායක එම් කරුණානිධි මෙහිදී තව දුරටත් කියා සිටියේය. මේ අතරතුර තමිල්නාඩුවේ ප්‍රභල නායකයෙකු වන ඉන්දීය නාවික ඇමති ජී කේ වාසන් ද ඉන්දීය අගමැතිවරයා හමු වී ඇති අතර ‘දෙමළ ජනතාව ගේ සිතුම් පැතුම් සලකා බලා’ පොදු රද සමුළුව වර්ජනය කරන ලෙසට දැඩි ඉල්ලීමක් කර තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ඉන්දීය අගමැතිවරයා සහභාගී වන ලකුණු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම එන්නත සොයා ගනු ලැබ ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසිනි. එන්නත් කටුවක් සහිත සිරින්ජරයක් භාවිතා නොකොට මෙම එන්නත ආශ්වාස කිරීම මගින් සෘජුවම ශ්වාසනාල හරහා ශරීර ගත කළ හැකි බවයි වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ බීබීසී සංදේශයට කියා සිටියේ. සිරින්ජරයට බිය එන්නත් කටුව සහිත සිරින්ජරයට ඇතැමුන් බිය වන බවත් මෙම එන්නත සොයා ගැනීම නිසා වැඩි පිරිසක් ප්‍රතිශක්තිකරණය සඳහා යොමු කරවා ගැනීමට හැකි වනු ඇති බවත් මොනෑෂ් සරසවියේ වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ පවසන්නීය. ආශ්වාසය මගින් ශරීරගත කළ හැකි එන්නත් වර්ධනය කිරීම තුළින් අනාගතයේදී වෛද්‍යවරයෙකු ළඟට නොගොස් තමන්ටම ප්‍රතිශක්තිකරණ ලබා ගැනීමට හැකි වනු ඇති බවට ඇය බලාපොරොත්තු පළ කළාය.
ආශ්වාසය මගින් ශරීරගත කළ හැකි ලොව ප්‍රථම එන්නත ශ්‍රී ලාංකික වෛද්‍යවරියකගේ මූලිකත්වයෙන් ඔස්ට්‍රේලියාවේ විද්‍යාගාරයක දී නිපදවයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දිල්ලි අගනුවර සිට ඊශාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය බලා ධාවනය වෙමින් තිබුණ අනතුරට ලක් වූ දුම්රියේ මගීන් පන්සීයක් පමණ ගමන් ගනිමින් සිටි බවයි වාර්තා වන්නේ. එම අනතුර පිටුපස මාඕවාදී කැරලිකරුවන් සිටින බව ඉන්දීය දුම්රිය නිලධාරීන්ගේ සැකයයි. අද බදාදා බිහාරයේ වැඩ වර්ජනයක් දියත් කරන බවට කැරලිකරුවන් විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබයි තිබුණේ. මේ අතර , ඉහත කී අනතුර සිදු වූ කලාපයේ පොලිස් නිලධාරීන් බීබීසියට කියා සිටියේ, කඩාකප්පල්කාරී ක්‍රියාවක් පිළිබඳ ව කිසිදු සාධකයක් දක්නට නොලැබෙන බවයි.
නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේදී දුම්රියක් පීලි පැනීමෙන් මගීන් හතර දෙනකු මරණයට පත්ව යටත් පිරිසෙයින් තවත් දහ දෙනකුවත් තුවාල ලැබ ඇතැයි ඉන්දියානු නිලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙන පණ්ඩිත් අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවය අමතමිනි. රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් එක් වී සිටිති. පණ්ඩිත් අමරදේවයන් කිසිදිනක ජාතිවාදය හෝ ආගම්වාදය වෙනුවෙන් පෙනී නොසිටි බව අවමංගල්‍ය සභාව අමතමින් මහාචාර්ය සුනිල් ආරියරත්න පැවසීය. ඒ හේතුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ග සහ ආගම්වලට අයත් රසික රසිකාවියන් ඔහු වටා රොද බැඳගත් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය. මේ අතර පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන අද (නොවැම්බර් 05) කොළඹ නගර සීමා බල ප්‍රදේශයේ සියලු සුරා සැල්, සිනමා ශාලා සහ මස් අලෙවිසැල් වසා දැමිය යුතු බව රජය දැනුම්දී තිබේ.
දිවියෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්ඩී අමරදේවයන්ගේ දැක්ම ඉදිරියට ගෙන යනු වස් අමරදේව කේන්ද්‍රයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිනමා නළු ඩැනියල් රැඩ්ක්ලිෆ් 'Harry Potter and the Cursed Child' සඳහා බ්‍රිතාන්‍ය ජාතික සිනමා නළු ඩැනියල් රැඩ්ක්ලිෆ් රංගනයෙන් දායක වනු ඇති බවට කටකතා පළ විය. බීබීසීයේ 'වික්ටෝරියා ඩර්බිශයර්' වැඩසටහනට එක් වෙමින් රංගන ශිල්පී රැඩ්ක්ලිෆ් කියා සිටියේ 'ඇතැම් විට තිස් වසරකට පසු මම ඒ පිළිබඳ වෙනස් ආකාරයකට හිතාවි. මට හැරී පෝටර්ගේ පියාගේ චරිතය රඟපාන්න හැකි වේවි'යනුවෙනි. විසි හත් හැවිරිදි ඩැනියල් රැඩ්ක්ලිෆ් පළමු 'හැරී පොටර්' සිනමා නිර්මාණයට දායක වූයේ 2001 වසරේදී. ඉංග්‍රීසි ජාතික ලේඛිකා ජේ. කේ රෝලිංග් විසින් රචිත ප්‍රබන්ධ නව කතා මාලාවක් පාදක කර ගනිමින් 'හැරී පොටර්' චිත්‍රපට මාලාව බිහි විය. 'හැරී පොටර්' චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතවලට පණ පොවන රූපට් ග්‍රින්ට්, එමා වොට්සන් සහ ඩැනියල් රැඩ්ක්ලිෆ් ලොව පුරා තිර ගත වූ හැරී පොටර් චිත්‍රපට මාලාව ඇමරිකානු ඩොලර් කොටි හත්සීයක ආදායමක් ලබා ඇති බව වාර්තා වේ. 'හැරී පොටර්' සිනමා මාලාව සහ වෙනත් සිනමා නිර්මාණ ගණනාවකටම රංගනයෙන් දායක වූ ඩැනියල් රැඩ්ක්ලිෆ් වේදිකා නාට්‍ය සඳහා ද සිය රංගන දායකත්වය ලබා දී තිබේ.
හැරී පොටර් චරිතය සඳහා තවදුරටත් රංගනයෙන් දායක වීමට මේ මොහොතේ තමාට අභිප්‍රායක් නොමැති බව ' හැරී පොටර් ' වික්‍රමාන්විත ප්‍රබන්ධ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ඩැනියල් රැඩ්ක්ලිෆ් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මම බලාපොරොත්තු වෙනවා ස්වාධීන කමිටුවකින් තවදුරටත් මේ වාර්තාව ගැන සොයා බලල කටයුතු කරන්න' ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේදී අදහස් පළ කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, දෝෂාභියෝගයට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සහාය දුන් නමුත් ඒ පිළිබඳව තමාගේ එතරම් මනාපයක් නැති බවත් ඒ පිළිබඳව කණගාටුවන වන බවත් පැවසීය. තේරීම් කාරක සභාවේ නිගමණයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ අනුමැතිය පළ වුවහොත් අගවිනිසුරුවරිය පදවියෙන් පහ කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරේ. "මම බලාපොරොත්තු වෙනවා ස්වාධීන කමිටුවකින් තවදුරටත් මේ වාර්තාව ගැන, මම ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ල, සොයා බලල කටයුතු කරන්න," ජනාධිපතිවරයා පැවසීය. මෙය රටේ ව්‍යවස්ථාවට හෝ නීතියට අදාළ කාරණයක් නොවූවත් අදාළ ක්‍රියාදාමය පිළිබඳව "මගේ හදවතට එකඟව ක්‍රියා කිරීම සඳහා" එම පියවර ගන්නා බවයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ. වාර්තාව 'නීත්‍යානුකූල නෑ' 'ජනාධිපතිම පිලි අරගෙන' "මේක සාධාරණ නැහැයි කියලා ජනාධිපති වරයා තමන්ම තවත් කමිටුවක් පත් කළොත් ඒ ගැන විශ්වාසයක් නැහැයි කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ" එජාප මන්ත්‍රී මංගල සමරවීර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස කතානායකවරයාට ඉදිරිපත් කළ රහසිගත වාර්තාව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කොට තිබෙන වාර්තාවට කිසිදු නීත්‍යානුකූල වලංගුභාවයක් නොමැති බව මේ අතර නීතිවේදීන්ගේ සංවිධාන පවසති. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥ සංගමයේ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ විශේෂයෙන්ම විපක්ෂයේ නියෝජිතයන් ඉවත් වූ පසුව තේරීම් කාරක සභාවට නීතිමය වලංගු භාවයක් නොමැති බවයි. වරලත් ගණකාධිපති වරුන් හමුවේ කරන ලද ප්‍රකාශයෙන් ජනාධිපති වරයා අගවිනිසුරු වරිය ට එරෙහි චෝදනා විභාග කිරීමට පත් කරන ලද කමිටුව ස්වාධීන නොවන වග පිළිගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. 'පොදු රාජ්‍ය මණ්ඩලීය කමිටුවක්' අග විනිසුරු වරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමයට විරුද්ධව "ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගෙමින් පවතින දැවැන්ත විරෝධය හමුවේ ජනාධිපතිවරයා තමන් පත් කළ කමිටුව ස්වාධීන නොවන බව ප්‍රසිද්ධියේ පිළිගෙන," ඇතැයි එජාප මන්ත්‍රී මංගල සමරවීර සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. පොදු රාජ්‍ය මණ්ඩලයේත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේත් සහාය ලබාගෙන ජාත්‍යන්තර පිළි ගැනීමෙන් යුත් කමිටුවක් පිහිටුවීමේ අවංක චේතනාවෙන් රජය කටයුතු කරන්නේ නම් ඊට විපක්ෂයේද සහාය ලැබෙනු ඇතැයි හිටපු විදේශ අමාත්‍යවරයා විශ්වාසය පල කළේය. "මේක සාධාරණ නැහැයි කියලා ජනාධිපති වරයා තමන්ම තවත් කමිටුවක් පත් කළොත් ඒ ගැන විශ්වාසයක් නැහැයි කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ," යි ද ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වැරදිකාරිය බවට ඇයට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කළ නිගමනය පරීක්ෂා කිරීමට තවත් කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වීසා ප්‍රතික්ෂේප කළ බවට පළ වන මාධ්‍ය වාර්තා 'පදනම් විරහිතයි' මානව හිමිකම් මණ්ඩලයේ නිලධාරීන් ඒ බව කියා සිටියේ, පරීක්ෂණ මණ්ඩලයට වීසා බලපත්‍ර ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළ බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊය විසින් බරපතල ලෙසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කළ බවට එල්ල වන චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම පිණිස මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ පසුගියදා පරීක්ෂණ මණ්ඩලයක් පත් කළාය. ජාත්‍යන්තර විශේෂඥයන් තිදෙනකුගෙන්ද සමන්විත එම කමිටුවට සිය පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාව පැමිණීමට අවසර නොදෙන බව ශ්‍රී ලංකාව නිවේදනය කොට තිබේ. තමිල්නාඩුවේ විරෝධය පරීක්ෂණ වෙනුවෙන් ඉන්දියාවට පැමිණීමට ඔවුන්ට වීසා බලපත් ලබා නොදෙන බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව ප්‍රතිචාරය පළ කරන තමිල්නාඩුවේ මහ ඇමතිනී ජයරාම් ජයලලිතා, ආණ්ඩුවේ එම තීන්දුවට දැඩි විරෝධය පළ කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කොට තිබේ. සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ සලසනු වස් පරීක්ෂණ මඬුල්ලට ඉන්දියාවට පැමිණීමට අවසර දිය යුතු බව ඇය අවධාරණය කරන බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. තමිල්නාඩුවේ විපක්ෂනායක මුතුවේල් කරුණානිධිද ඒ සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවට දැඩි විරෝධය පළ කොට තිබේ. ඉන්දීය ආණ්ඩුවට තමිල්නාඩුවෙන් මෙම විරෝධය පළ වන්නේ, එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයන්ට වීසා බලපත් ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කොට ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින්. එහෙත් එක්සත් ජාතීන්ගේ කමිටුව ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා මෙතෙක් ඉල්ලීමක් කොට නැති බව සඳහන් කළ මානව හිමිකම් මණ්ඩලයේ නිලධාරියා, එබැවින් වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවට පළ වන මාධ්‍ය වාර්තා 'පදනම් විරහිත' බව සංදේශයට කියා සිටියේය. බීබීසී දෙමළ සේවය කළ විමසීමකදී, ඉන්දියාවේ දිල්ලි අගනුවර සිටින එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක්ද එය තහවුරු කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණ පවත්වන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මණ්ඩලයට ඉන්දියාවේ සංචාරය කිරීම පිණිස වීසා අයදුම් නොකළ බව මානව හිමිකම් මණ්ඩලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ පැවැත්වීමේ බලය පාර්ලිමේන්තුවට පැවරිය යුතු බව විවාදයට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යෝජනා කළේය. එම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තමන් එකඟවන බව හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පැවසීය. ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා එක්සත් ජාතික පක්ෂය කිසිදු බාධාවක් සිදු නොකරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (ජන.24) පැවැත්විණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය අගෝස්තු මස ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාව "ලෝක උරුම දේපලක්" වන සිංහරාජ රක්ෂිතය හරහා ඉදිවෙන "කොන්ක්‍රීට් මාර්ගයේ" ඉදිකිරීම්වලට අදාළව යුනෙස්කෝ සංවිධානය ඉල්ලා ඇති තොරතුරු ලබා නොදුනහොත් එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින බවට පරිසර සංවිධාන ඒ අතරේ අනතුරු අඟවති. සිංහරාජ රක්ෂිතයේ "විශිෂ්ට විශ්වීය වටිනාකමට" අහිතකර ලෙස බලපෑ හැකි, ඒ ඔස්සේ වැටී ඇති මාර්ගයක ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය වෙත තෙවෙනි පාර්ශවීය තොරතුරු ලැබී ඇති බව යුනෙස්කෝ සංවිධානය පසුගිය ඔක්තෝම්බර් 09 වෙනිදා නිකුත් කළ විවෘත ලිපියක දැක්විණි. "මාර්ගයේ සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබ ඇතැයි වාර්තා වී තිබුණ ද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි එම කටයුතු නැවත ආරම්භ කර ඇතැයි පෙනෙන්නට තිබෙන" බව එහි වැඩිදුරටත් සඳහන් විය. ලෝක උරුම සම්මුතිය ක්‍රියාවට නැංවීම සඳහා වන මෙහයුම්වලට අදාළ මාර්ගෝපදේශ (Operational Guidelines) අනුව, ඉහත කී කරුණ සම්බන්ධයෙන් තමා වෙත ලැබී ඇති තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කර ගනුවස් ඒවා ශ්‍රී ලංකාවේ සිටින සිය ස්ථීර නියෝජිත කණ්ඩායම වෙත යවා ඇති බවත් ලෝක උරුම මධ්‍යස්ථානය ඒ පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ලිපියේ දැක්විණි. පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය විසින් ඒ සම්බන්ධයෙන් විමසීමක් කරනු ලැබ ඇති බව එහි ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව තහවුරු කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් පරිසර අමාත්‍යංශයෙන් අදාළ තොරතුරු ලබා ගෙන ඇති බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත පැවසීය. කෙසේ නමුත් එම තොරතුරු පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත යවා ඇත්දැයි යන්න සඳුදා (නොවැම්බර් 02) තහවුරු කළ හැකි බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ කළ විමසීකදීය. පාරිසරික වාර්තා තිබේද? යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති සිංහරාජය ආසන්නයේ පිහිටි ලංකාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගැනීමත් සමග එය උණුසුම් මාතෘකාවක් බවට පත් විය. රක්ෂිතයේ ඇතැම් කොටස් මැදින් වැටී ඇති මාර්ගය සංවර්ධනය කිරීමෙන් සිංහරාජයට දීර්ඝකාලීන බලපෑම් එල්ල වනු ඇති බවට පරිසරවේදීහු එවක අනතුරු ඇඟවූහ. ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් (EIA) ලබා ගෙන නොමැති බවට ද ඔවුහු චෝදනා කළහ. එසේ වුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ බලධාරීන් දිගින් දිගටම කියා සිටියේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිසා පරිසරයට හානියක් සිදු නොවන බවය. මේ අතර "ලෝක උරුම දේපලක්" තුළ හෝ ඉන් පිටත සංවර්ධන ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට පෙර පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් (EIA), උරුම බලපෑම් තක්සේරු වාර්තාවක් සහ / හෝ උපායමාර්ගික පාරිසරික තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු බව මාර්ගෝපදේශ තුළ විශේෂයෙන් සඳහන් කර ඇති බව යුනෙස්කෝ සංවිධානය නිකුත් කළ ලිපියේ දැක්වේ. එවැනි අධ්‍යයනයක් හෝ තක්සේරුවක් කර ඇත්නම්, මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට මත්තෙන් එම තොරතුරු වහා ඉදිරිපත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව ඉහත කී විවෘත ලිපියේ දැක්වේ. එම පාරිසරික වාර්තා සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමයේ (IUCN) පරීක්ෂාවට ලක් කරෙන බව වැඩිදුරටත් දැක්වේ. 'IUCN' යනු ලෝක උරුම කමිටුව සම්බන්ධයෙන් කටයුතු කරන උපදේශන මණ්ඩලයකි. ශ්‍රී ලංකා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය වෙත කරුණු වාර්තා කළ පරිසර සංවිධානයකි. පරිසර වාර්තා ඇතුළු ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළ තොරතුරු යුනෙස්කෝ සංවිධානය වෙත ලබා දීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවයට පැවසීය. "මොකද අපි මේ උරුමයන් ආරක්ෂා කරන බවට යුනෙස්කෝව සමග නෛතිකව බැඳී සිටිනවා. ඒ වගේම ඒ සඳහා අපි ඒ ආයතනවලින් අරමුදල් ලබා ගන්නවා. මේ කියන කරුණු දෙක නිසා අනිවාර්යයෙන් පිළිතුරු දිය යුතු වෙනවා. එසේ නොවුණොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලොකු අවදානමක් තිබෙනවා," කොළඹ, ගාල්ල, නෙළුව, පොලොන්නරුව, කුරුණෑගල, රත්නපුර යන ප්‍රදේශවලට අයත් සියයකට අධික පිරිසක් ද මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ යුනෙස්කෝ මූලස්ථානයට කරුණු වාර්තා කර තිබූ බව ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සඳහන් කළේය. එමෙන්ම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන 'අවාස්' සංවිධානය ද ඊට අදාළ පෙත්සමක් යුනෙස්කෝ මූලස්ථානයට භාර දී තිබුණු බව ඔහු පැවසීය. "සිංහරාජයේ මේ වන තෙක් සීමා මායිම් ලකුණු කර නැහැ. ඒ නිසාම සංවර්ධන කටයුතු වශයෙන් දියත් වන මෙවැනි ඕනෑම ව්‍යාපෘතියක් සිංහරාජය විනාශ වෙන්න හේතු වෙනවා." "ඒ වගේම 2004 වසරේදී එවක ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේ දී සිංහරාජ රක්ෂිතය වටා මීටර 500 ක ප්‍රදේශය ඊට පවරා ගැනීමට අනුමැතිය හිමිව වසර දාසයක් ගතව ඇතත් ව්‍යාපාරිකයන්ගේ බලපෑම් මත එයත් මෙතෙක් ක්‍රියාත්මක වී නැහැ." "මේ වන විටත් එනසාල් වගාවට, අල වගාවට, තේ වගාවට, හෝටල් සඳහා ලෝක උරුමය විනාශ කෙරෙමින් පවතිනවා." ඉහත කී ගැටලුවලට පිළියම් යෙදීමට පාලකයින් අපොහොසත් වීම නිසා පරිසර සංවිධානවලට ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහාය පැතීමට සිදුව ඇති බව ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් පැවසීය. සිංහරාජ උරුමය සිංහරාජ පිවිසුම් මග ඇති දැන්වීම් පුවරුවක් ශ්‍රී ලංකාවේ පවතින විශාලතම ප්‍රාථමික වර්ෂා වනාන්තරය සිංහරාජ ලෝක උරුම වන වැස්මයි. එහි උතුරු ප්‍රදේශයේ කළු ගඟේ පෝෂක ශාඛා ද දකුණු ප්‍රදේශයේ ගිං ගඟේ පෝෂක ප්‍රදේශ ද පිහිටා තිබේ. සිංහරාජ වනාන්තරය රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සහ දකුණු, සබරගමු පළාත් පාලන ප්‍රදේශයන් ආශ්‍රිතව පිහිටා ඇත. පසුගිය වසර 60 ක කාලය තුළ සිංහරාජයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3614 - 5006 අතර අගයක් ගෙන තිබේ. සිංහරාජය තුළ ශ්‍රී ලංකාවට අවේනික 'ඒක දේශීය ශාක' විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුළ දැවමය ශාක විශේෂ 340 ක් පමණ හමුවන අතර ඉන් 192 ක්ම ශ්‍රී ලංකාවට අවේනික බව නිල වාර්තාවල සඳහන් වේ. සිංහරාජය අද්විතීය ශාක විවිධත්වයකට හිමිකම් කියනවා සේම විශාල සත්ත්ව ගහනයක ද නිජභූමිය වෙයි. ශ්‍රී ලංකාවේ පවතින විශාලතම පහතරට තෙත් කලාපීය වනාන්තරය සිංහරාජය වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.2% ක් වේ. පර්යේෂණ, අධ්‍යාපනික සහ සංචාරක කටයුතු සඳහා සිංහරාජ වනාන්තරයේ පවතින මාර්ග කිහිපයක් යොදා ගනු ලැබෙයි. සිංහරාජය අවට ප්‍රදේශ අධික මානව බලපෑමකට ලක්ව ඇති බව ඒ සම්බන්ධයෙන් පළ වී ඇති අධ්‍යයන වාර්තා ගණනාවක් මගින් පෙන්වා දී ඇත. අනවසර වගාබිම්, අනවසර වාසස්ථාන, අනවසර දැව කැපීම සහ අනවසර මැණික් ගැරීම් ඒ අතර ප්‍රධාන වේ. අධ්‍යයන වාර්තා අනුව සිංහරාජය අවට ගම්මාන 40 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබේ. ඉන් 30 ක් පමණ පිහිටා ඇත්තේ සංවේදී කලාප ආශ්‍රිතවය. මේ ගැනත් කියවන්න:
යුනෙස්කෝ සංවිධානය සිංහරාජය සම්බන්ධයෙන් විමසීමක් කර ඇති බව ශ්‍රී ලංකා බලධාරීහු තහවුරු කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්, විනිශ්චයකරුවන්, නිලධාරීන් හෝ සහායක කාර්ය මණ්ඩලය සහභාගි වන කිසිදු තරඟයක් තමිල්නාඩුවේ නොපවත්වන මෙන් මහ ඇමතිනිය ඉල්ලා තිබුණි සංවිධායකයන් එම තීරණය ගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහභාගි වන අයිපීඑල් තරඟ තමිල්නාඩුවේ නොපවත්වන මෙන් මහ ඇමතිනී ජයලලිතා විසින් කරන ලද ඉල්ලීමට වහාම ප්‍රතිචාරය දක්වමින්. ඉන්දීය අගමැති මන්මෝහන් සිං වෙත ලිපියක් යොමු කරන මහ ඇමතිනිය, ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දෙමළ ජනතාවට එරෙහිව සිදු කළ "වර්ග සංහාරය" සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ජනතාව දැඩිව කිපී සිටින බැවින්, ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්, විනිශ්චයකරුවන්, නිලධාරීන් හෝ සහායක කාර්ය මණ්ඩලය සහභාගි වන කිසිදු තරඟයක් තමිල්නාඩුවේ නොපවත්වන මෙන් සංවිධායකයන්ට උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටියාය. 'ආරක්ෂාව සහතික කරනවා' මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කරන බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහතික කළ බව ප්‍රකාශ කරයි. ඉන්දියාවේ පවතින වත්මන් වාතාවරණය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිලිබඳ ගැටලුව ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට යොමු කළ බව අවස්ථාවේ තමන්ට එම සහතිකය ලැබුන බවයි, නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස් පතා තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන්, ඇන්ජලෝ මැතිවුස්, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, අකිල ධනංජය, මුත්තයියා මුරලිදරන්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක සහ කුසල් ජනිත් පෙරේරා ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරඟ වදින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්. මතුව තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ගේ ප්‍රතිචාරය විමසා බැලීම පිණිස ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමිතියේ ලේකම් කෙන් ද අල්විස් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
තමිල්නාඩුවේ පැවැත්වෙන අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟවලට ලාංකීය ක්‍රීඩකයන් සහභාගි කර නොගැනීමට තීරණය කරන ලද බව සංවිධායකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පුරා දශක ගණනාවක් ඇමරිකානු පාලනයට එරෙහිව නැගී සිටි කැස්ත්‍රෝ ඝාතන කුමන්ත්‍රණ ගණනාවකින් දිවි බේරා ගැනීමට සමත්විය මිය යන විට කැස්ත්‍රෝ 90 වෙනි වියේ පසුවිය. ලොව දීර්ඝතම කාලයක් බලය හෙබවූ සහ ලොව බිහි වූ සුවිශේෂී නායකයකු වන කැස්ත්‍රෝ දිවියෙන් සමුගත් බව ඔහුගේ බාල සහෝදරයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වන කියුබාවේ වත්මන් ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිවේදනය කළේය. කොම්යුනිස්ට් විප්ලවය හඳුන්වා දෙමින් කැස්ත්‍රෝ 1959 වසරේදී කියුබාවේ එවක පැවති ආණ්ඩුව පෙරලා දැමුවේය. පුරා දශක ගණනාවක් ඇමරිකානු පාලනයට එරෙහිව නැගී සිටි කැස්ත්‍රෝ ඝාතන කුමන්ත්‍රණ ගණනාවකින් දිවි බේරා ගැනීමට සමත්විය. කියුබාවේ වත්මන් ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ සිය සහෝදරයාගේ අභාවය දැනුම් දෙමින් කැස්ත්‍රෝගේ ආධාරකරුවන් විසින් ඔහු හඳුන්වනු ලබන්නේ කියුබානු ජනතාව වෙත බලය ලබා දුන් නායකයා ලෙසය. ෆිදෙල් කැස්ත්‍රෝගේ ආදාහන උත්සවය සෙනසුරාදා පස්වරුවේ පැවැත්වීමට නියමිත බව රාවුල් කැස්ත්‍රෝ වැඩිදුරටත් පැවසීය.
කියුබාවේ හිටපු ජනාධිපති සහ එරට කොමියුනිස්ට් විප්ලවයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝ දිවියෙන් සමුගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මිසයිලය නිකුත් වී සුළු වේලාවකට පසු පුපුරා ගිය බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ. සති දෙකක් ඇතුළත උතුරු කොරියාවෙන් වාර්තා වූ දෙවන 'අසාර්ථක' මිසයිල අත්හදා බැලීම මෙයයි. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරමින් කියා සිටියේ උතුරු කොරියාව, චීනය සහ එරට ජනාධිපතිවරයාට "ගරු සැලකිල්ලක් ප්‍රදර්ශනය කර නොමැති" බවය. සෙනසුරාදා (අප්‍රේල් 29) අලුයම ප්යොංයැං අගනුවරට උතුරින් පිහිටි දකුණු ප්යොන්ගැන් පළාතෙන් මිසයිලය නිකුත් වී ඇති බව දකුණු කොරියාව පවසයි. ඇමරිකාව සහ චීනය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ "මිසයිල අත්හදා බැලීම අසාර්ථක වූ නමුදු උතුරු කොරියාව එම ක්‍රියාවෙන් චීනයේ අභිමතාර්ථයන්ට සහ එරට ගරු කටයුතු ජනාධිපතිවරයාට අගෞරව වන සේ කටයුතු කර තිබෙනවා. හරිම නරකයි" යනුවෙනි. උතුරු කොරියාව සම්බන්ධයෙන් "ඉතාමත් දැඩි උත්සාහයක" නිරතව සිටින බව පවසමින් ජනාධිපති ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇගයීමට ලක් කළේය. උතුරු කොරියාවේ යුද සංදර්ශනයක් නවතම මිසයිල අත්හදා බැලීම සිදු වූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට පැය කීපයක් ගත වීමත් සමගය. උතුරු කොරියාවට බලපෑම් කිරීම සඳහා සහායවන ලෙස ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලොව සෙසු රටවලින් ඉල්ලා සිටි නමුත් උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් සමග එකඟතාවකට පැමිණීමට ඇමරිකාව සූදානම් බවට ද ඔහු සංඥා කර තිබේ. උතුරු කොරියාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාසවල නිරත වීමත් සමග කලාපයේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතී. මේ අතර 'අසාර්ථක' වූ මිසයිල අත්හදා බැලීම හෙළා දකිමින් ජපානය නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු කොරියාව තවත් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු සහ ඇමරිකානු හමුදා බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අප්‍රිකානු අළු ගිරවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර හැටක් පමණ වේ සිය ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හතළිස් අට හැවිරිදි ග්ලෙනා ඩුරම්ට එරෙහිව නඩු පවරා තිබේ. ඝාතනය සිදු වී ඇත්තේ ඔවුන් දෙපල විසින් හදා වඩා ගනු ලැබූ සුරතල් ගිරවා ඉදිරිපිටදී. අඹුසැමි යුවලගේ වාදය කණ වැකුණු 'බඩ්' නමැති අළු ගිරවා තමන්ට ඇසීමට ලැබුණු අවසන් වදන් කීපය නැවත නැවතත් හඬ නගන බව මරණයට පත් පුද්ගලයාගේ ඥාතීහු විශ්වාස කරති. කෙසේ වෙතත් ඉහත කී ගිරවා සාක්ෂියක් වශයෙන් යොදා ගත හැකි දැයි යන්න පැහැදිලි නොමැති බව රජයේ ප්‍රාදේශීය නීතිවේදියෙක් පැවසීය. සිය සැමියාට පස් වරක් වෙඩි තබා ඇති බවට ග්ලෙනා ඩුරම්ට චෝදනා එල්ල වී තිබේ. ඉන් අනතුරුව වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගැනීමට ඇය ගත් උත්සාහය ව්‍යවර්ථ වී ඇත. 'බඩ්' නමැති ගිරවාගේ වර්තමාන හිමිකාරිය වන මිය ගිය පුද්ගලයාගේ පෙර බිරිඳගේ විශ්වාසය වී ඇත්තේ ඝාතනය සිදු වූ රාත්‍රියේ සිදු වූ සංවාදයේ අවසන් වචන කීපය වන 'මරන්න එපා' යන්න ගිරවා හඬ නගන බවයි. මරණයට පත් පුද්ගලයාගේ දෙමව්පියෝද එම අදහස අනුමත කරති.
ඝාතන නඩුවක් සඳහා සාක්ෂියක් වශයෙන් 'කතා කරන' ගිරවකු යොදා ගැනීම පිළිබඳ ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්ත රජයේ නීතිවේදීන්ගේ අවධානය යොමු වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමෙරිකා එක්සත් ජනපදය,බ්‍රිතාන්‍යය සහ සිංගපූර් යන රටවල විද්‍යාඥයන් විසිනුයි, සමීක්ෂණය සිදුකර තිබෙන්නේ. පුද්ගලයන් දෙදාහකට ආසන්න පිරිසක් යොදා ගනිමින්, අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ සිදු කරනු ලැබ ඇති සමීක්‍ෂණයේදී හෙළි වී තිබෙන්නේ, විශේෂයෙන්ම ,බ්ලූ බෙරි,මිදි සහ ඇපල් වැනි අළුත් පළතුරු වැඩි වශයෙන් බුදින්නන් දියවැඩියාවට ගොදුරු වීමට ඇති ප්‍රවණතාව හතරෙන් එකකින් පමණ අඩු වෙන බවයි. එහෙත් ස්ට්‍රෝබෙරි සහ කොමඩු වැනි වෙනත් ඇතැම් පළතුරු වර්ග අනුභවය දියවැඩියාවෙන් බේරීමට ලොකු උදව්වක් නොවන බවත් තම ගවේශනයේදී හෙළි වූ බවයි සමීක්ෂකයන් පවසන්නේ. සමීක්ෂකයන් තව දුරටත් කියා සිටින්නේ,පළතුරු යුෂ බීම type-2 දියවැඩියාවට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි කරන බවයි.
මහජනතාව ආහාර වේලට අලුත් පළතුරු එක්කර ගනු ලැබීම type-2 වර්ගයේ දියවැඩියාවට ගොදුරු වීමේ අනතුර අවම කර ගැනීමට හේතු වෙන බව නව සමීක්‍ෂණ වාර්තාවකින් පැවසෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මත්ද්‍රව්‍ය නිසා සමාජයෙන් "කොන් වූ" කාන්තාවක් විසි නව වන වියේ පසුවන ඇය බීබීසී සිංහල සේවයට හමුවූයේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදීය. අනාගත පරපුර "මත් රකුසාගෙන් මුදවා ගැනීමේ අරමුණින්" ඇය තම "දුක්බර ජීවිත කතාව" අප හා හෙළි කිරීමට එකඟ වූවාය. නමුත් තම අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඇය අපගෙන් ඉල්ලා සිටියාය. එම නිසා අපි ඇය නිලන්ති නමින් හඳුන්වමු. "මුලින්ම බිව්වේ සිගරට්" නිලන්ති දුම් පානයට යොමුවී ඇත්තේ වයස අවුරුදු 14දීය. ඒ, තම පියාට සිගරට් මිල දී ගෙන එන අතරතුරය. "මම අවූරුදු 21දී තමයි හෙරොයින් කියන දේ අත්හදා බලන්නේ. දුම්වැටියට පුරුදු වුණේ අපේ ගෙදර පරිසරයෙන්. අපේ තාත්තා මත්පැන් සහ දුම්වැටි පාවිච්චි කරනවා. අපේ අම්මාලත් ඒ ආශ්‍රිතව ඉන්නවා. මාව තමයි කඩේ යවන්නේ තාත්තාට සිගරට් එක ගේන්න කියලා. පස්සේ මටත් අස හිතුණා ඒක බීලා බලන්න. සිගරට්වලින් පස්සේ බියර් මම පාවිච්චි කරලා තියෙනවා. අරක්කු පාවිච්චි කරලා තියෙනවා, ගංජා බීලා තියෙනවා. හෙරොයින් දක්වා මම ඇවිල්ලා තියෙනවා." ඇය පැවසීය. කඩවත ප්‍රදේශයේ උපන් ඇය, මෙම ගැටලු මැද වුව ද අ.පො.ස. උසස් පෙළ විභාගය තෙක් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට වාසනාවන්ත වූ බව පැවසුවාය. නිලන්ති තව දුරටත් කියා සිටියේ, 2008 වසරේදී කලා විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දී එහිදී සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සමග විභාගය සමත් වූ බවය. පුනරුත්ථාපන මධ්‍යයස්ථානයක් අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට හැකියාව තිබුණත් මත්ද්‍රව්‍ය සඳහා ඇති ඇබ්බැහිකමින් මිදීමට අසමත් වූ බැවින් තම අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වූ බව ඇය පවසන්නීය. තමා සේවය කළ ස්ථානයේදී විවේකයක් ලද විට සිගරට් බීමට පුරුදුව සිටි බවත් ඉන් එක් අවස්ථාවකදී වෙනත් කාන්තාවක් තමාට පළමු වරට හෙරොයින් ලබා දුන් බවත් ඇය හෙළි කළාය. කොල්ලෙක් වගේ "පොඩි කාළේ ඉඳන් මම කොල්ලෙක් වගේ ගෙදර හැදුණ චරිතයක්. ඊට පස්සේ අවුරුදු 21දී හෙරොයින් කියන දේ මට දකින්න ලැබෙන්නේ. මුල් කාලේ මම මාස 6ක් 7ක් විතර බීලා මම නතර කළා. මම නැවතත් අවුරුදු 26, 27දී තමයි හෙරොයින්වලට ඇබ්බැහි වෙන්නේ." පාසල් සමය නිම වීමෙන් පසු විවාහ දිවියට එළඹි ඇයට දැන් අවුරුදු 4ක දියණියක් ද සිටී. නමුත් එම දැරිය දැන් සිටින්නේ නිලන්තිගේ මවගේ භාරයේය. දෙමව්පියන් ඇය ගැන පොලීසියට දැනුම් දීමෙන් පසු ඇයව උසාවියට ඉදිරිපත් කර පසුව බන්ධනාගාරගත කර තිබිණි. "මට මගේ නිදහස කියන දේ සීමා වෙනවා මගේ දරුවා නිසා. මට අවශ්‍ය දේවල් කර ගන්න බැරි තත්වයක් එනවා. ඊට පස්සේ පොලිසිය කියනවා ඔයාගේ දරුවා පරිවාස දෙපාර්තමේන්තුව හරහා අම්මට භාර දෙමු කියලා. මම කැමති වෙනවා. ඊට පස්සේ උසාවි යන්න දිනයක් නියම කරගෙන ගොස් උසාවි කුඩුවට නැග්ගහම එක පාරට ඉදිරිපත් කරනවා හෙරොයින් ළඟ තබා ගැනීම කියලා. නමුත් මම ඒක ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කරනවා. මගේ ළඟ හෙරොයින් තිබ්බේ නැහැ කියලා. ඊට පස්සේ මාව දවස් හතකට බන්ධනාගාරගත කරනවා." නිලන්ති පැවසුවාය. මේ තොරතුරුත් කියවන්න: මත්ද්‍රව්‍යවලට ඇති ලොල්බව නිසා තමන් සමාජයෙන් කොන් වූ බව පවසන මෙම තරුණිය, තමාගේ ජීවිතය නැවත යහපත් ලෙස ආරම්භ කිරීම තම අරමුණ බව පවසන්නීය. "එළියේ ඉන්න අය අපි මත්ද්‍රව්‍ය ගන්නවා කිව්වහම ගණන් ගන්නේ නැහැ. මේක තේරුමක් නැති දෙයක් තමයි, අපි ජීවිතේ කරලා තියෙන්නේ, හැගීම්වලට වහල් වෙලා. යාළුවෝ තමයි මෙතන ප්‍රශ්න වුණේ. යාළුවන්ගෙන් අයින් වෙලා මම ඉන්න පරිසරයෙන් ඉවත් වෙන්න තමයි මම තීරණය කරලා ඉන්නේ. දුම් වැටියක්වත් බොන්න එපා කියන එක තමයි මම කියන්නේ." කාන්තාව සහ මත්ද්‍රව්‍ය මේ අතර, ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගෙවුණු වසර පහ තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඉන් බහුතරය කොළඹ ජීවත් වන, අඩු ආදායම්ලාභී සිංහල බෞද්ධ කාන්තාවන් බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක පැවසුවාය. අවුරුදු 36-50 අතර වයසේ පසු වන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමුවී තිබෙන බව ඇය පෙන්වා දුන්නාය. ඔවුන්ගෙන් 49%ක් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුදල් සොයා ගනු ලබන්නේ වාණිජ ලිංගික වෘත්තියේ නිරත වීමෙනි. කාන්තාවන්ගෙන් තවත් සියයට 16ක් සුළු වෙළඳාමෙන් ද තවත් සියයට 21ක් හෙරොයින් අලෙවි කිරීමෙන් ද ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා බව 'කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිත රටාවන් සහ නූතන ප‍්‍රවණතා - 2017' වාර්තාවේ දැක්වේ. එම වාර්තාව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය විසින් කරන ලද සමීක්ෂණයක් ඇසුරෙන් සකසා ඇත. එම පර්යේෂණ වාර්තාවට අනුව හෙරොයින්වලට ඇබ්බැහි වූ කාන්තාවන් අතරින් බහුතරය දිනකට තුන් වරක් හෙරොයින් භාවිත කරන අතර, ඒ සඳහා එක් අයෙකු දිනකට වැය කරන මුදල රුපියල් 3000-6000ත් අතරය. කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම සඳහා හේතු වන ප‍්‍රධාන කාරණා දෙකක් එම සමීක්ෂණයෙන් හඳුනාගෙන ඇත. ඒ, මිතුරු ඇසුර හා සැමියාගේ හෝ පෙම්වතාගේ බලපෑම්ය. කාන්තාවන් හෙරොයින් භාවිතයට යොමුවීම කෙරෙහි බලපාන සාධක හෙරොයින්, වෙළඳපොළ තුළ නොමැති වූ විට හෝ මිල අධික වූ විට හෝ කාන්තාවෝ ඒ සඳහා ආදේශක භාවිත කරති. ඒ, ප‍්‍රධාන වශයෙන් ගංජා, බියර් හෝ අරක්කුය. මීට අමතරව ඖෂධ සඳහා යොදා ගන්නා පෙති වර්ග භාවිතය ද ඉහළ ගොස් තිබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර භාවිතය සඳහා යොමු වීමේ වයස් සීමාව ගැන ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අවධානය යොමු කර ඇත. කාන්තාවන් බියර් භාවිතයට යොමු වන සාමාන්‍ය වයස අවුරුදු 17කි. ගංජා භාවිතය ආරම්භ කරන සාමාන්‍ය වයස අවුරුදු 19ක් වන අතර ප‍්‍රථම වරට හෙරොයින් භාවිතය ආරම්භ කළ සාමාන්‍ය වයස අවුරුදු 23කි. බහුතරයක් කාන්තාවන් මත් පෙති සඳහා යොමු වී ඇත්තේ වයස අවුරුදු 26නි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක පෙන්වා දෙන්නේ, බොහෝ දෙනෙකු හෙරොයින් නොමැති වූ විට ඖෂධ පෙති කෙරෙහි යොමු වී ඇති බවය. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කාන්තාවන් හඳුනා ගැනීමට හා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩි අවධානයක් යොමු කර තිබේ. අඩු අධ්‍යාපනය "ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීමට ප්‍රධාන සාධකයක් විදියට අඩු අධ්‍යාපනය කියන එක සලකන්න පුළුවන්. මේ කාන්තාවන් ගත්තොත් සියයට 50 ට වැඩි පිරිසක් සාමාන්‍යයෙන් එකේ ඉඳලා හය වසර දක්වා අධ්‍යාපනය ලබපු අය." භද්‍රානි සේනානායක මහත්මිය පැවසුවාය. වැඩි අධ්‍යාපනයක් සහ ජීවන තත්ත්වයක් හිමි පවුල්වල කාන්තාවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු නොවීමක් ඉන් අදහස් නොකරන බව ද ඇය කීය. තම පර්යේෂණ අංශය කාන්තාවන් 150 ක නියැදියක් භාවිත කර සිදු කළ සමීක්ෂණයක් මගින් අවුරුදු 15ත් 35ත් අතර කාන්තාවන් සියයට 39ක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී තිබෙන බැව් හෙළි වී තිබේ. ඔවුන්ගෙන් බහුතරය කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී කාන්තාවන්ය. "සියයට 50 කට වැඩි පිරිසකගේ සාමාන්‍යයෙන් පවුල් ජීවිතය අඩාළ වෙලා ගිය කාරණා තියෙනවා මේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා. මේක බලපානවා දෙමව්පියන්ට දරුවන්ට ඒ වගේ ම ස්වාමියාට සහ තමන්ගේ පවුල් ජීවිතය වගේ ම සෞඛ්‍ය ගැටලුවලට කාන්තාවන් ලක් වෙලා තියෙනවා" ඇය පෙන්වා දුන්නාය. මව, බිරිඳ, ගෘහණිය හා දියණිකගේ භූමිකාව නියෝජනය කරමින් නිවස තුළ ජීවත් වූ කාන්තාව, සමාජයේ සිදු වූ පරිවර්තනයත් සමග වැඩි වශයෙන් රැකියා සඳහා යොමු වීම මෙන් ම විලාසිතාවන්ට කැමැත්තක් දැක්වීම යන කාරණා මත ද ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවට එම සමීක්ෂණය මගින් හඳුනාගෙන තිබේ.
"ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ සිගරට් එක ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒත් මම සිගරට් එකෙන් පටන් අරගෙන තමයි අරක්කු, ගංජා ගහලා හෙරොයින් දක්වා ගියේ. ඒ නිසා මුලින් ම නතර කරන්න ඕනා සිගරට් එක." මෙලෙස පවසන්නේ හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වූ තරුණ මවකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පවුලේ ආර්ථික අග හිඟ කම් මෙම බාල වයස්කාර විවාහ සිදු වීමට බොහෝ සේ බලපා ඇති බව බාල වයසින් පාසල් හැර යන ළමුන් සංඛ්‍යාව හා ළමා විවාහ අතර ඍජු සබඳතාවක් ඇති බව පෙනී යන්නේ යැයි සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. හැත්තෑ එක් දෙනකු සම්බන්ධ කර ගනිමින් කළ අධ්‍යයනයේ දී එයින් සියයට තිහක් වයස දහ අට ට පෙර ගැබ් ගෙන තිබූ බවද යුනිසෙෆ් පර්යේෂණ වාර්තාව සඳහන් කරයි. මඩකලපු ප්‍රදේශයේ දී සංදේශයට හමු වූ තරුණ මවක් ප්‍රකාශ කළේ ඇය වයස පහළොවේ දී විවාහ වූ බවයි. ‘මට අවුරුදු පහළොවේ දී, දහඅටේ කෙනෙක් එක්ක පැනල ගිහින් වාකරේ ජීවත් වුනා. අපේ තාත්තා අපට ගෙදර එන්න කිව්වා. අම්ම සවුදි ගිහින් පස්සේ වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා.’ 2005දී විවාහ වන විට තමන්ගේ වයස අවුරුදු දා හතරක් බවයි තවත් මවක් පැවසුවේ. “දැන් මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා, එදා ගත්ත තීරණය ගැන දැන් දුකයි. මගේ නිදහස නැති වුනා, මගෙත් එක්ක ඉස්කෝලේ ගිය අය තාම ඉගෙන ගන්නවා.” ඇය පවසන්නීය. බාල වයස්කාර විවාහ ලියාපදිංචි කිරීම ලංකාවේ නීතිය අනුව තහනම් නමුත් වයස අවුරුදු දහසය හෝ ඊට වැඩි අයකුට කැමති කෙනෙකු සමඟ එකට ජීවත් විය හැකි බව නීතිවේදීනී අරුල්වානි සුදර්ශන් ප්‍රකාශ කළාය. පවුලේ ආර්ථික අග හිඟ කම් මෙම බාල වයස්කාර විවාහ සිදු වීමට බොහෝ සේ බලපා ඇති බවයි නැගෙනහිර පළාතේ ළමා ආරක්ෂණ නිලධාරීනි තුරෙයිරාජසිංහම් ජෙයශාන්ති පවසන්නේ.
ශ්‍රී ලංකාවේ බාල වයස්කාර විවාහ ඉහල නඟිමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිදරව් වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශිරන්ති, චන්ද්‍රිකා සහ එලිසබෙත් රැජින ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම්, කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ ඒ බව පැවසූවේ ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට කාන්තාවන්ට අකැපද යන්න පිළිබඳ සමාජ ජාල තුළ මේ දිනවල මතුව ඇති සංවාදය පිළිබඳ විමසීමේදීය. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව පූජනීයත්වයෙන් වන්දනාමාන කරන ශ්‍රී මහා බෝධිය ලොව පැරණිතම වෘක්ෂයන්ගෙන් එකක් ලෙස සැලකේ. බුදු රජාණන්වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී සෙවන දුන් බව පැවසෙන ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටා ඇති මහ බෝධියේ දක්ෂිණ ශාඛාවක් වන ශ්‍රී මහා බෝධිය ක්‍රි.පූ 288 දී පමණ ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් යැයි බෞද්ධ සාහිතයේ දැක්වේ. ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය පිළිබඳ බොහෝ දෙනෙකු දැනුවත් නමුත්, ඒ හා බැඳුණු පිළිවෙත්, චාරිත්‍ර සහ සීමා කිරීම් ගැන සමාජය තුළ විවිධ මතවාද සහ සංවාද වරින්වර මතු වෙයි. 'ශිරන්ති රාජපක්ෂ උඩමළුවට පිවිසීම' කාන්තාවන්ට ශ්‍රී මහා බෝධියේ උඩ මළුව 'තහනම්' කලාපයක් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ජාලවල අදහස් පළ කර තිබේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබීමෙන් දෙදිනකට පසු මහින්ද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරු පිරිසක් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත් ආකාරය මාධ්‍ය ඔස්සේ වාර්තා විය. ඒ අතර, ශිරන්ති රාජපක්ෂ ද ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට පිවිසීම ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතා බහක් ඇති වී තිබේ. ශ්‍රී මහා බෝධියේ උඩ මළුව කාන්තාවන්ට "තහනම් කලාපයක්" ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය ජාල තුළ ඡායාරූප සහ අදහස් පළ වෙයි. එමෙන්ම, සාමාන්‍ය කාන්තාවන්ට උඩ මළුව තහනම් වුවත්, මුදල් සහ බලය ඇති කාන්තාවන්ට එය විවෘත වන බව සඳහන් කරමින් ද අදහස් පළ වී තිබිණි. එවැනි තහංචියක් නොමැති බවට කාන්තාවන් ද ඇතුළුව තවත් පිරිසක් තර්ක කරති. ඒ අතර සිටින කාන්තාවන් බොහෝ දෙනෙකු ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට යෑම සම්බන්ධයෙන් සිය පෞද්ගලික අත්දැකීම් ද හෙළි කර තිබිණි. "මගේ එකම දරුවා පිළිකාවක් නිසා මරණාසන්න වෙලා හිටිය මොහොතේ වෛද්‍ය ප්‍රතිකාර තවදුරටත් ලබා දීම වැඩක් වුණේ නැහැ. අපි ආගමෙන් යම් සහනයක් ලබා ගන්න ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගන්න ගියා. " "ඒ වෙලාවේ මටයි මගේ මහත්තයටයි උඩ මළුවට යන්න දුන්නා. හැබැයි ඒ පන්සලට තිබුණ දැන හැඳුනුම්කමක් හරහා," කෝට්ටේ පදිංචිකාරියක වන දිස්නා කොඩිකාර ආරච්චි පැවසීය. භික්ෂුණී වහන්සේට තහනම් ද? හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධන සමග ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට පිවිසි දෙවෙනි එලිසබෙත් රැජින ශ්‍රී මහා බෝධිය වැඩම කරවීමත් සමග ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනයේ ආරම්භය සිදු වී ඇති බව ඉතිහාසයේ දැක්වේ. මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණිය වූ සංඝමිත්තා මහ රහත් තෙරණිය ශ්‍රී ලංකාවට වැඩමවීමේ පරමාර්ථය වී ඇත්තේ කාන්තාවන්ට පැවිදි දිවියට ඇතුළත් වීම සඳහා අවස්ථාවක් සැලසීමට යැයි ද කියැවේ. සංඝමිත්තා මහ රහත් තෙරණිය වැඩමවීමෙන් පසු දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා වූ මහානාග යුව රජුගේ බිසව වන අනුලා දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු බුදු සසුනේ පැවිදි වූ බව පැවසේ. කාන්තාවක් සිය දෝතේ තබාගෙන ශ්‍රී ලංකාවට වැඩම කළ ශ්‍රී මහා බෝධිය නිදහසේ වන්දනාමාන කිරීමට සාමාන්‍යය කාන්තාවන්ට වර්තමානයේ ඉඩ නොදෙන බව සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේගේ අදහසය. "බොහෝ මහන්සි වෙලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට රැගෙන එන්න කාන්තාවක්, භික්ෂුණියක් වගේම රහත් තෙරණියක් හැටියට සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේට පුළුවන් වුණා. කාන්තාවකට රැගෙන එන්න පුළුවන්, හැබැයි කාන්තාවන්ට ජය ශ්‍රී මහා බෝධියට යන්න දෙන්නේ නැහැ." "මාසික ශුද්ධිය කාලයේ දී මේ ස්ථානයට යෑමෙන් කිලි අහුවෙනවා කියනවානේ. ඉතින් මේ බෝධීන් වහන්සේ වැඩම කරපු කාන්තාවටත්, අනෙක් කාන්තාවන්ට වගේම එය හැදෙන්න ඇති. නමුත් ඒ දවස්වල මේ වගේ වෙනස්කම් පැවතුණේ නැහැ." "ජය ශ්‍රී මහා බෝධියට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැහැ. භික්ෂුණියක් වන මට යන්න දෙන්නෙත් නැහැ. නමුත් සමාජයේ ලොකු යැයි පිළිගත්ත අයට යන්න පුළුවන්. විශේෂයෙන්ම සල්ලි තියෙන, සල්ලි දෙන, රජ සහ සිටු පෙළපතේ කාන්තාවන්ට යන්න දෙනවා. මෙය ඉතා කණගාටුදායක සිද්ධියක්," යැයි භික්ෂුණීන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ. "කාන්තාවන්ට තහංචියක් නැහැ" මියන්මාරයේ හිටපු හමුදා නායකයෙකු ශ්‍රී මහා බෝධිය උඩ මළුවට ගිය අවස්ථාවක් කිසිදු දිනක ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට කාන්තාවන් ඇතුළු වීම සම්බන්ධයෙන් තහංචි නොපැවතුණු බව බීබීසී සිංහල සිදු කළ විමසීමක දී ජය ශ්‍රී මහා බෝධිය විහාරස්ථානයයේ හිමිනමක් පැවසූහ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා විහාරස්ථානයේ පරිපාලනය සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවක් උත්සහ කළ ද එය සාර්ථක නොවුනි. වර්තමානයේ රන් වැටකින් ආරක්ෂා කර ඇති ශ්‍රී මහා බෝධිය වටා පරිවාර බෝධීන් කීපයක් පිහිටා තිබේ. විහාරස්ථානයට යන සාමාන්‍යය පුද්ගලයෙකුට ශ්‍රී මහා බෝධිය පිටතින් දැක ගැනීම ඉතා අපහසුය. "ශ්‍රී මහා බෝධිය සියැසින් දැක ගන්න අපි හරි කැමතියි. නමුත් හරි බෝධීන් වහන්සේ මොකක්ද කියලා අපිට හිතා ගන්න බැහැ. එතන පරිවාර බෝධීන් වහන්සේලා තමයි පිටට පෙන්නේ. දුර ගෙවාගෙන ආවත් අඩුම ගානේ බෝධිය හරියට දකින්නේවත් නැතුව යන්න වෙන එක අවාසනාවන්ත කාරණයක්," වසරක් පාසා සිය පවුලේ සාමාජිකයන් සමග කොළඹ සිට ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කිරීමට යන කාන්තාවක් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: ප්‍රවීණ ගේය පද රචක මහින්ද චන්ද්‍රසේකර අනුරාධපුරයේ පදිංචි ප්‍රවීණ ගේය පද රචක මහින්ද චන්ද්‍රසේකර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් යෝජනාවක් ඉදිරිපත් කළේය. "අපි බෞද්ධයන්ට අතිශය වැදගත් දළදා වහන්සේ වැඩම කළෙත් කාන්තාවක්, ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කළෙත් කාන්තාවක්. එතැනින්ම කාන්තාවන්ට මේ ගැන ලොකු අයිතිවාසිකමක් ලැබෙනවා," ඔහු පැවසීය. "පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා අංශයෙන් තමයි මේ බෝධීන් වහන්සේ බලා ගන්නේ. අදාළ අංශවලින් කැමති නැහැ මෙය විශාල ජනකායකට නිරාවරණය කරන්න. එයින් ශාකයට හානි සිදුවන්න පුළුවන්. මෙය හොඳින් රැකගත යුතු ලෝක උරුමයක්." "මේ හේතු නිසා ප්‍රභූවරුන්ට මෙය සීමා වෙලා තිබෙනවා. නමුත් මම දන්නා ආකාරයට කාන්තාවන්ට පමණක් උඩ මළුවට යන්න දෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. කාන්තා, පිරිමි අපි කාටත් උඩ මළුවට යෑමේ යම් සීමා තිබෙනවා." "නමුත්, මගේ යෝජනාවක් තිබෙනවා මෙහි එන ඕනෑම පුද්ගලයෙකුට ඈතින් සිට හෝ ශ්‍රී මහා බෝධිය දැක ගන්න පුළුවන් ආකාරයේ ටිකක් උස වේදිකාවක් නිර්මාණය කළා නම්, මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ, විශේෂයෙන්ම ඉතා දුර බැහැර සිට පැමිණෙන පිරිස මෙයින් සතුටට පත් වෙනවා," ඔහු තවදුරටත් පැවසුවේය. සමාජ මාධ්‍ය ජාල අදහස් කීපයක් සමාජ ජාල තුළ පළ වූ අදහස් සමාජ ජාල තුළ පළ වූ අදහස් සමාජ ජාල තුළ පළ වූ අදහස් සමාජ ජාල තුළ පළ වූ අදහස් තවත් තොරතුරු:
"මම පැවිදි වෙලා වසර 50ක් වෙනවා. ඒ කාලය ඇතුළත ජය ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට යන්න ලැබී තිබෙන්නේ දෙවරක් පමණයි. නමුත් දැන් යන්න දෙන්නේ නැහැ,"
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අප්‍රිකාවේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ එච්අයිවී වාහකයින්ගෙන් 4% ක් තරම්වන ප්‍රමාණයකට වෛරසය සහජයෙන්ම මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇති බව අධ්‍යයනයෙන් හෙළිවී තිබේ. සාමාන්‍යයෙන් එච්අයිවී ශරීරගතව ඇති පුද්ගලයින්ගෙන් 1% ට අඩු පිරිසකට මෙම හැකියාව ලැබී ඇත. මෙය, ඒඩ්ස් රෝග කාරක වෛරසය මර්ධනය කරගැනීම සඳහා අලුත් ප්‍රතිකාර හෝ එන්නතක් නිර්මාණය කිරීමේ ඉදිරි පර්යේෂණවලට පිටිවහලක් සපයන බව පර්යේෂකයෝ පවසති. "අධ්‍යයනයෙන් අප වෙත ලැබෙන දත්ත මුලින් දුටු විට අප පුදුමයට පත් වුණා. නමුත් ඒ වගේම ප්‍රමුදිත වුණා," යැයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ මේරි රොජර්ස් බීබීසී සමග පැවසුවාය. "මෙහි තේරුම, මෙය සැබවින්ම අපට සුව කළ හැක්කක් යන්නයි," ඇය කීවාය. 'ලාන්සෙට්' නම් වෛද්‍යමය සඟරා පවුලේ ම කොටසක් වන 'ඊබයෝමෙඩිසින්' (eBioMedicine) හි පළකරන ලද තොරතුරු අනුව, 1987 සහ 2019 අතර කාලය තුළ එච්අයිවී සමග දිවි ගෙවූ පුද්ගලයන්ගෙන් ගන්නා ලද නියැදි පරීක්ෂාවට ලක් කර තිබිණි. ඇබට් (Abbott) නම් වූ ඖෂධ සමාගම, කොංගෝ හි Université Protestante au Congo විශ්ව විද්‍යාලය, ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය, ඇමෙරිකාවේ ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය මෙන්ම ඇමෙරිකාවේ කැන්සාස් නගරයේ පිහිටි මිසූරි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් මෙම අධ්‍යයන කණ්ඩායමට ඇතුළත් වූහ. ආචාර්ය මේරි රොජර්ස් ඇබට් සමාගමේ ගෝලීය වෛරස ආවේක්ෂණ වැඩසටහනේ ප්‍රධානී ආචාර්ය රොජර්ස් පැවසූ පරිදි, කොංගෝ ජනරජයෙන් හමුවී තිබෙන 2.7% ක් සහ 4.3% ක් අතර පුද්ගලයින් ප්‍රමාණය එක් රටක් තුළින් හමුවූ විශාලතම ජන කණ්ඩායම වේ. තවත් එච්අයිවී සහිත 1% ක පිරිසක් කැමරූන් හි හමුවී ඇති අතර ඔවුන් ද ඖෂධ භාවිතයකින් තොරව වෛරසය ඉතා හොඳින් පාලනය කරගෙන ඇති බව හඳුනාගෙන තිබේ. "සාමාන්‍යයෙන් එච්අයිවී සමග ජීවත්වන සියලු ජනතාව අතරින් 1% ට අඩු ප්‍රමාණයකට ස්වභාවිකව ම වෛරසය මැඩ පවත්වාගන්න හැකියි, ඒත් මේක කවදාවත් අප දැක තිබුණේ නැහැ." මේ වනවිට, එච්අයිවී සමග ජීවත්වන පුද්ගලයින් හට වෛරසය මැඩපැවැත්වීම සඳහා මෙන්ම වෛරස ප්‍රමාණය අඩු කරගැනීම සඳහා ප්‍රති වෛරස ඖෂධ දෛනිකව භාවිත කිරීමට සිදුවී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙන් හමුවූ "ඉහළ තලයේ පාලකයින්" ලෙස නම් කෙරී ඇති මෙම පිරිසට සිය එච්අයිවී ආසාදනය මැඩ පැවැත්වීමට හැකිවී තිබෙන්නේ කෙසේද යන්න තවමත් නොදනී. මෙම කණ්ඩායමට, අඩු නොඑසේනම් හඳුනාගත නොහැකි තරමේ වෛරස ප්‍රමාණයක් ශරීරය තුළ පවත්වා ගැනීමට හැකිවී තිබෙන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම වෛරසය පාලනය සඳහා ඉතා වැදගත් වනු ඇති බව ආචාර්ය රොජර්ස් සඳහන් කළාය. කෙසේවෙතත් මේ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කිරීම අවශ්‍ය බව ඇය අවධාරණය කළේ, රෝගය වැඩි වර්ධනය වෙද්දී මෙම ජනතාවගේ ආරක්ෂාව අඩු වී යාමේ විභවතාවක් ඇති බව මීට පෙර කළ අධ්‍යයන මගින් කෙරුණු අනාවරණයන් ද පෙන්වා දෙමිනි. එච්අයිවී මුලින්ම ලෝක අවධානයට ලක්වූයේ 1980 ගණන්වලදී ය. එතැන් සිට මේ දක්වා මිලියන 76 ක පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර මේ වනවිට මිලියන 38 ක පිරිසක් වෛරසය ශරීරගතව දිවි ගෙවන බව ඇබට් සමාගම පවසයි. දැන් ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය ලෙස හැඳින්වෙන භූමිය තුළ, මින් සියවසකට ඉහතදී එය පැන නගින්නට ඇති බව විශ්වාස කෙරෙන අතර අද වනවිට උප සහරානු අප්‍රිකාව තුළ කාන්තාවන්ට විෂම ලෙස එච්අයිවී බලපා තිබේ.
ඖෂධ භාවිතයකින් තොරව, ස්වභාවිකව ඒඩ්ස් රෝග කාරක එච්අයිවී (HIV) නම් වෛරසය තම ශරීරය තුළ පාලනය කිරීමට තරම් සමත් විශාල ජන කණ්ඩායමක් සොයා ගැනීම එම රෝගය සුව කිරීම පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීම දෙසට ගෙන යන බව විද්‍යාඥයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'Aris13' නමැති පැහැරගැනීමට ලක් වූ නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයෝ අට දෙනෙක් ගමන් ගත්හ තමන් ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය බේරා ගනු ලැබූ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් එහි පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර ඇති බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය හා විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. නිදහස් කෙරුණු නෞකාවේ ආරක්ෂාවට කොමාන්ඩෝ සාමාජිකයන් තිස් පස් දෙනෙකු සහ බෝට්ටු පහක් යොදවා ඇති බව කී ඔහු සෝමාලි ආණ්ඩුවේ මුහුදු මංකොල්ල මර්දන ඒකකය දින තුනක් සිය නැව වට කොට මංකොල්ලකරුවන්ට ප්‍රහාර එල්ල කළ බව ද සඳහන් කළේය. සිය නිදහස වෙනුවෙන් කටයුතු කළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඇතුළු සියලු පාර්ශ්වවලට ස්තුති කරන බව ඔහු කියා සිටියේය. ඔලුවට තුවක්කුවක් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මංකොල්ලකරුවන් විසින් දැඩි මානසික පීඩනයක් එල්ල කරනු ලැබුවත් කිසිදු ශාරීරික පීඩාවකට ලක් නොකෙරුණු බවය. මංකොල්ලකරුවන් නැව වෙත ළඟාවන විට තමන් ඇතුළු කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී ඒ බව ජාත්‍යන්තර ආයතන වෙත දැනුම් දුන් බව කී ඔහු තමන් නිරුපද්‍රිතව නිදහස් වීමට එය එක් හේතුවක් වූ බව සඳහන් කළේය. "අන්තිම මොහොතේ ඒ අය උත්සාහ කළා අපිට වෙඩි තියලා වගේ යන්න. ඒත් වාසනාවකට ඒ දේ සිද්ධ වුනේ නැහැ. අපේ සියලු බඩු බාහිරාදිය අරන් ගියා. අපිට ආපදාවක් වුනේ නැහැ" යනුවෙන් ඔහු පැවසීය. කාර්ය මණ්ඩලය සතුව තිබූ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක මංකොල්ලකරුවන් භාරයට ගනු ලැබූ බව කී ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල, එක් දුරකථන මාර්ගයක් පමණක් විවෘතව තැබීමට ඔවුන් කටයුතු කළ බව සඳහන් කළේය. "නමුත් මේ දුරකථනය විසන්ධි කළේ නැහැ, මොකද ඒ අයට අවශ්‍ය වුනා ඒ හරහා අනෙක් බෝට්ටු අයින් කරන්න, ඒ වගේ දේවල්වලට පාවිච්චි කරන්න. ඒ වෙලාවේ ඒ අයට නොතේරෙන්න අපේ භාෂාවෙන් අපි ඇමතිවරු හා සම්බන්ධ වුනා. " මුහුදු මංකොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා ඇති සෝමාලියානු ආණ්ඩුවේ විශේෂ හමුදා ඒකකය තමන් නිදහස් කර ගැනීම සඳහා සූක්ෂ්ම සහ දක්ෂ ලෙස යුද උපකරණ භාවිත කළ බවත් ඔහු කියා සිටියේය. "මොකද අපි තෙල් පුරවපු නැවක්. හදිස්සියේ තෙල් ටැංකියකට ගැහුවා නම් මුළු නැවම ගිනි අරන් අපි විනාශ වෙන්න තිබුණා. ඒ තෙල් ටැංකි බේරලා අපටත් හානියක් නොවෙන විදිහට කටයුතු කරන්න ඔවුන් උත්සාහ කළා. මංකොල්ලකරුවන්ට වෙඩි තියලා ඔවුන්ගේ මානසිකත්වය වැට්ටුවා" අවසාන මොහොතේ මුහුදු කොල්ලකරුවෝ තීරණය කළා ඒ අයට මේගොල්ලෝ එක්ක හැපෙන්න බැහැ, තව හිටියොත් මැරෙන්න වෙනවා කියලා හිතලා ඒ අය පැනලා ගියා" යනුවෙන් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල වැඩිදුරටත් කියා සිටියේය.
පැහැර ගැනීමට ලක්ව නිදහස් කෙරුණු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සහිත නෞකාව සෝමාලියාවේ බෝසාසෝ වරායට ඇතුළු වූ බව එම නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහ ඇමති විග්නේශ්වරන් උතුරු පළාතේ ප්‍රධාන ලේකම් විජය ලක්ෂ්මි රමේෂ් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් සඳුදා එම නියෝගය නිකුත් කළේ. පෙත්සම්කාරිය පවසන්නේ සිය අවසරයකින් තොරව පලාතෙන් පිටවී යා නොහැකි බවට උතුරු පළාතේ මහ ඇමතිවරයා තමන් වෙත නියෝගයක් පනවා ඇති බවයි. උතුරු පළාත් ප්‍රධාන ලේකම් විජය ලක්ෂ්මි රමේෂ් අදහස් ප්‍රකාශ කිරීමටද විවිධ තහංචි පනවා ඇති බව පවසන ඇය නීති විරෝධී නියෝග ගණනාවක් නිකුත් කර ඇති බවද කියා සිටියාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් මහ ඇමතිවරයාට නියෝග නිකුත් කිරීමට බලයක් නොමැති බව පවසන ලේකම්වරිය තමන් වගකියනු ලබන්නේ පළාත් ආණ්ඩුකාරවරයාට පමණක් බවයි, සඳහන් කරන්නේ. කිසිදු පුද්ගලයකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කල අගවිනිසුරුවරයා එය ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීමක් බව කියා සිටියේය.
උතුරු පළාතේ ප්‍රධාන ලේකම්වරියට නීති විරෝධී නියෝග නිකුත් කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය උතුරු පළාතේ මහ ඇමති සිවී විග්නේශ්වරන් වෙත තහනම් නියෝගයක් නිකුත් කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බොරැල්ල සුසාන භූමියේ දේහය තැන්පත් කොට තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය යළි ගොඩ ගැනීමට නියෝග කෙරුණේ ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා රස පරීක්ෂක වාර්තාව අතර පරස්පරතා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි. සැප්තැම්බර් 08 වනදා ලබා දෙනු ලැබූ ඉහත කී අධිකරණ නියෝගයත් සමග බොරැල්ල සුසාන භූමියේ දේහය තැන්පත් කොට තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණි. ගොඩ ගැනුණු සිරුරු කොටස් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ගෙන ගොස් ඇති අතර දහවල් 01.30 ට මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව බලධාරීහු පවසති. අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකු ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් හමුවේ මසක් ඇතුළත පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසයි ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත්තේ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් පසුගිය ජුලි මාසයේදී හමුදා බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගැනුණි. සන්ඩේ ලීඩර් පුවත් පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ ලසන්ත වික්‍රමතුංගගේ සිරුර යළි ගොඩ ගන්නා අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබා දී නොතිබුණේ පෞද්ගලිකත්වය සලකා මාධ්‍යවේදීන්ට එහි ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයන් කළ ඉල්ලීමකට අනුව බව පොලිසිය පවසයි. කෙසේ නමුත් එම ඉල්ලීම නොසලකා යම් කිසිවකු විසින් ඩ්‍රෝන් කැමරාවක් යොදා ගනිමින් එම අවස්ථාව රූගත කිරීමට උත්සාහ දරා ඇති අතර පොලිසියේ මැදිහත් වීමෙන් එය වලක්වා තිබේ.
2009 වසරේදී වෙඩි තබා ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය යළි ගොඩ ගැනිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරඟ තුනේදී 12.75 ක සාමාන්‍යයක් වාර්තා කරමින් කඩුලු 28 ක් දවා ගැනීමට රංගන හේරත් සමත් විය. ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව සහභාගී වූ තරඟාවලියක් සහමුලින්ම ජය ගත් පළමු අවස්ථාව මෙයයි. එම පරාජයත් සමග ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව අංක එක ස්ථානයේ පසු වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම තෙවන ස්ථානය දක්වා පසු බැස තිබේ. ඒ අනුව ඉන්දියාව පළමු ස්ථානයේ පසු වන අතර පාකිස්තානය දෙවන ස්ථානයේ පසු වේ. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසු වන්නේ හය වන ස්ථානයේයි. (ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයෙන් අනතුරුව රංගන හේරත් මාධ්‍ය වෙත දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටන් නරඹන්න.)
ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් වමත් පන්දු යවන්නා බවට පත් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ප්‍රාදේශීය පක්ෂවලට රටක විදේශ ප්‍රතිපත්තිය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ දීම වැරදියි' විශේෂයෙන්ම තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවලින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හමුවේ සමුළුව වර්ජනය කිරීමට අගමැතිවරයා තීන්දු කළ බවයි, අගමැති කාර්යාලයේ අමාත්‍ය වී නාරායනස්වාමි බීබීසී දෙමළ සේවයට කියා සිටියේ. ශ්‍රී ලංකාවාසී දෙමළ ජනතාවගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය කරමින් සිටින බවට ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරන තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ රාජ්‍ය නායක සමුළුව සම්පූර්ණයෙන්ම වර්ජනය කරන මෙන් මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. 'දුර්වල ආණ්ඩුවක්' එහෙත් විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් සමුළුවේදී තමන් නියෝජනය කරන බව අගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියකින් දැනුම් දුන්නේය. අගමැති මන්මෝහන් සිං ගත් එම තීන්දුව දැඩි විවේචනයට ලක් කරන ඩෙකාන් හෙරල්ඩ් පුවත්පත එය විග්‍රහ කරන්නේ "බරපතල රාජ්‍යතාන්ත්‍රික අත්වැරැද්දක් ලෙසින්". ප්‍රාදේශීය දේශපාලන පක්ෂවලට රටක විදේශ ප්‍රතිපත්තිය "ප්‍රාණ ඇපයට ගැනීමට" ඉඩ දීම සම්පූර්ණයෙන්ම වැරදි බව පුවත්පතේ මතයයි. මැතිවරණයක් අභිමුව තිබියදී දුර්වල ආණ්ඩුවක් විසින් ගන්නා ලද ජනප්‍රියවාදී තීන්දුවක් ලෙස පවසමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අගමැතිවරයාගේ තීන්දුව දැඩි විවේචනයට ලක් කරයි. ඉන්දීය ආණ්ඩුවේ තීන්දුව මගින් ශ්‍රී ලංකාව තවදුරටත් චීනය ඇතුළු අනෙක් කලාපීය බලවතුන් දෙසට තල්ලු කරනු ඇති බව මේ අතර තමිල්නාඩුවේ මූලස්ථානය පිහිටි ද හින්දු පුවත්පත පවසයි.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වර්ජනය කිරීමට ඉන්දීය අගමැති මන්මෝහන් සිං ගත් තීන්දුව බොහෝ ඉන්දීය මාධ්‍යවල දැඩි විවේචනයට ලක් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හත්දෙනෙකු සඳුදා (ඔක්තෝබර් 09) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් සාක්ෂිකරුවන් 13 දෙනෙකු අතරින් සිවු දෙනෙකුට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව පොලිසිය දැනුම් දීමෙන් අනතුරුව සැකකරුවන් පිරිස ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කරන මෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. රෝහින්ග්‍යා විරෝධී උද්ඝෝෂණයට නායකත්වය දුන් බවට චෝදනා එල්ල වී සිටින සිහල රාවය සංවිධානයේ නායක අක්මීමන දයාරතන හිමියන්ට ඇප ලබා දෙන මෙන් එහිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී මේජර් අජිත් ප්‍රසන්න ඉල්ලීමක් කළ නමුත් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා එයට විරෝධය පළ කළේය. සිදුවීම නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බව සඳහන් කළ පොලිස් පරීක්ෂකවරයා, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී දිලීප පීරිස්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නොහැකි බැවින් ඇප ඉල්ලීම වෙනත් දිනයක ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අක්මීමන දයාරත්න හිමියන්ට ඇප ලබාදීමේ ඉල්ලීම යළිත් වරක් අඟහරුවාදා (ඔක්තෝබර් 10) ඉදිරිපත් කරන මෙන් අධිකරණය නියෝග කළේය. එතෙක් දයාරත්න හිමියන් යළිත් වරක් බන්ධනාගාරගත් කෙරිණි. අදාළ උද්ඝෝෂණය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පසුගිය ඔක්තෝබර් 02 වෙනි දින කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවා සිටි අක්මීමන දයාරතන හිමියන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි. තමන්ගේ උපදෙස් පරිදි ෂෆ්රාස් හම්සා ඇතුළු නීතිවේදීන් පිරිසක් රෝහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටි බව නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය. පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ බෝට්ටුවක සිටියදී රෝහින්ග්‍යා සරණාගතයන් 30 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දෙනු ලැබීය. ඉන් අනතුරුව අධිකරණය විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර කරනු ලැබූ එම පිරිස වෙනත් රටවලට පිටත් කරන තුරු ගල්කිස්සේ නිවාසයක රඳවා සිටියහ. ඒ අතර "නීති විරෝධී මියන්මාර ත්‍රස්තවාදීන් පිරිසක්" රැඳී සිටින බව පවසමින් භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් පසුගිය සැප්තැම්බර් මස 26 වෙනි දින උද්ඝෝෂකයන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් තාවකාලිකව එතනින් ඉවත් කිරීමට පොලිසියට සිදු විය. ඉන් අනතුරුව එදිනම සවස් යාමයේ පොලිසිය විසින් සරණාගතයන් පිරිස යළිත් එම නිවසට රැගෙන ආ අවස්ථාවේ උද්ඝෝෂකයන් යළිත් වරක් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම හේතුවෙන් සරණාගතයන් පිරිස බූස්සේ රැඳවුම් කඳවුර වෙත රැගෙන යාමට පොලිසියට සිදුවිය. සිහල රාවය සංවිධානයේ නායක අක්මීමන දයාරතන හිමියෝ සරණාගතයන් ගල්කිස්සේ නිවසට ගෙන ඒමට පෙර මිරිහාන පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී රෝහින්ග්‍යා තරුණියක දූෂණය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. චුදිත පොලිස් නිලධාරියාට එරෙහි චෝදනා වසන් කිරීමට උත්සාහ දරන බවට නීතිවේදී අජිත් ප්‍රසන්න සඳුදා (ඔක්තෝබර් 09) පොලිසියට චෝදනා කිරීමත් සමග ඔහු සහ පොලිසිය අතර අධිකරණයේ දී බහින් බස්වීමක් ද හට ගත්තේය. දැනට එක්සත් ජාතීන්ගේ භාරයේ පසුවන රෝහින්ග්‍යා අනාථයන් පිරිස ලබන දෙසැම්බර් මාසය වනවිට වෙනත් රටවලට පිටත් කිරීමට එක්සත් ජාතීන් කටයුතු කරනු ඇතැයි නීතිවේදී ෂිරාස් නූර්දීන් මීට ඉහතදී විශ්වාසය පළ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු ඔවුන්ට සුරක්ෂිතව ශ්‍රී ලංකාවේ වාසය කළ හැකි බව විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය. මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයන් කණ්ඩායම් දෙකක් මෙයට පෙරාතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් රටවලට පිටත් කරනු ලැබ තිබේ.
ගල්කිස්සේ නිවාසයක රඳවා සිටි රෝහින්ග්‍යා අනාථයන්ට එරෙහිව පසුගිය සැප්තැම්බර් මස 26 වෙනි දින ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලබන අරඹේපොල රතනසාර හිමියන් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව අධිකරණය හමුවේ අනාවරණය කෙරුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායමට රට තුළ සංචාරය කිරීමට අවසරය ලබා දීම හෝ නො දීම තීරණය කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවට සංශෝධනයක් ලෙසයි මෙම යෝජනාව ඔවුන් ඉදිරිපත් කර තිබෙන්නේ. මෙම යෝජනාව මේ මස 17 සහ 18 යන දෙ දින තුළ විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ දී රැස් වූ පක්ෂ නායකයන් තීරණය කර ඇත. 'රට ගැන සිතා' මෙම කණ්ඩායමට ඔවුන්ගේ පරීක්ෂණවලට අවශ්‍ය සහාය ලබා දෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමට, ආණ්ඩුව පාර්ලිමේන්තුව වෙත ගෙනෙන යෝජනාව හුදෙක් දේශපාලන වාසි ලබාගැනීමට ඉදිරිපත් කළ එකක් බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තම පක්ෂය රට ගැන සිතා ඊට සංශෝධනයක් ඉදිරිපත් කර ඇති බවයි පවසන්නේ. පරීක්ෂණවලට සහය නො දෙන බව ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී ඇති අවස්ථාවක, පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය වැදගත් නොවන බව පවසන අනුර කුමාර දිසානායක තමන් ඉදිරිපත් කරන මෙම සංශෝධනය අනුමත කිරීමෙන් මෙම ප්‍රශ්නය සම්පුර්ණයෙන් පරාජය කළ හැකි බවයි පෙන්වා දෙන්නේ. සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණේ මෙම සංශෝධනය මගින් ජනතා විරෝධතාවලට, මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන්ට සහ දේශපාලන මෙන්ම සමාජ ක්‍රියාකාරීන්ට සිදු වූ පහර දීම්, රැඳවුම් භාරයේ සිටි පුද්ගලයන් මිය යාම හා පහර දීමේ සිදුවීම්, නීතියේ පාලනය හා නීතියේ ක්‍රියාදාමය ආරක්ෂා කිරීමට එල්ල වූ බාධා සහ ආගමික අසමගිය ඇති කිරීමට ඉවහල් වූ සිදුවීම් ගැන ද පරීක්ෂණයක් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන් පැවැත්වීමට නියමිත පරීක්ෂණයේ මූලිකම අංගයක් වන සිවිල් යුද්ධයේ අවසන් සමයේ සිදු වූ මානව හිමිකම් කඩ වීම ගැන එහි නිශ්චිතව සඳහන් නොවේ. නමුත් ඔවුන් ඉදිරිපත් කළ කරුණු හය යටතේ එක් අංගයක උතුරු පළාතේ හා අනිකුත් පළාත්වල සිදු වූ පැහැර ගැනීම් හා මානව හිමිකම් උල්ලංඝණය වීම පිළිබඳ ව වාර්තා වූ සිදුවීම් ගැන ද පරීක්ෂණයක් එක්සත් ජාතීන් ඉල්ලා තිබේ.
රට තුළ සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ ව අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට මාස තුනක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බදුරලිය ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් මහමග ජාලගත අධ්‍යාපනයේ යෙදෙමින් සිටින අයුරු සමාජ ජලයේ සංසරණය වූ පිංතුරයක් නව තාක්ෂණය යොදාගෙන නව ලොවට මුහුණ දීම සඳහා රටේ අනාගත පරපුර ගොඩනැගීමට මෙය උපයෝගී කරගත යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ. පසුගියදා සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වූ පිංතුර වලින් පෙන්වූයේ රටේ තැන තැන දරුවන් මහ මග හා කැලෑ රොදවල මෙන්ම ගස් නැග ජංගම දුරකථන සංඥා සොයමින් තම ජාලගත අධ්‍යාපනයට යොමුවන ආකාරය ය. මේ මගින් පෙන්නුම් කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට තාක්ෂණය මතුකර ඇති බාධා වුවත් අධ්‍යාපන නව තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත යුතු බව අධ්‍යාපන විශේෂඥයෝ අවධාරණය කරති. බදුරලිය ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් මහමග ජාලගත අධ්‍යාපනයේ යෙදෙමින් සිටින අයුරු සමාජ ජලයේ සංසරණය වූ පිංතුරයක් පෙළපොත් වෙනුවට ටැබ් එක දෙන්න. කොළඹ හා කැලණිය විශ්ව විද්‍යාලවල උපාධි හා පශ්චාත් උපාධිධරයෙකු මෙන්ම ප්‍රවීන සන්නිවේදන ආචාර්ය වරයෙකු වන කුරුණෑගල නිශ්ශංක මහ විද්‍යාලයේ පරිපාලන විදුහල්පති චන්දන බණ්ඩාර ඒකනායක බී බී සී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ ෆින්ලන්තය, ඩෙන්මාර්කය වැනි රටවල් මුද්‍රිත මාධ්‍ය පත පොත ඉවත් කර ඉලෙක්ට්‍රොනික සංකල්පයක් අනුගමනය කරන බවය. "අපිට තර්කානුකුලව හිතන්න වෙනවා එහෙමනම් මේ රටවල් වලට වැරදිලා තියෙනවද කියල. හොඳම උදාහරණය වියට්නාමය, 1980 වෙනකොට ඒ අයගේ අධ්‍යාපන දර්ශකය ආසියානු දර්ශකයට සාපේක්ෂව තිබුණේ සෘණ දර්ශකයක. ඒ අය අද එම දර්ශකයේ ඉහළටම ඇවිත් ඉන්නවා. ඒ අය කලේ ඈත පිටිසර ගම්මාන වලට පවා e-education සංකල්පය අරගෙන ගිය එක. මම යෝජනා කරනවා වහාම මේ ක්‍රමය රටට හඳුන්වා දෙන්න. අපි ප්‍රමාද වැඩියි. ඉන්දියාව ගත්තත් දැන් මෙම අධ්‍යාපන ක්‍රමයට අනුගත වෙලා බොහෝ කල්'," චන්දන බණ්ඩාර ඒකනායක පැවසීය. මේ පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ, අධ්‍යාපන ප්‍රවීණයින්ගේ හා, විෂය ප්‍රවීනයන්ගේ දැනුම සහ මාර්ගෝපදේශය ඇතිව සිසුන් අතට පාසල් පෙළපොත් ලබාදීම වෙනුවට ඩිජිටල් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දිය යුතු බව ඔහු කීය. 10, 11 වසරවල පාසල් දරුවෙකු පෙළපොත් 16 ක් පරිශීලනය කරන බවත් සියලුම පෙළ පොත් මුද්‍රණයේ සිට බෙදාහැරීම දක්වා රජය විශාල මුදලක් වාර්ෂිකව වියදම් කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.''මේ පොත් කට්ටලය ළමයෙකු අතට පත්වනවිට රජය වැයකරන මුදලට සමාන මුදලකට ඇතැම්විට ඊටත් අඩුවට ටැබ් පරිඝනක යන්ත්‍රයක් ළමුන් අතට ලබාදිය හැකියි. මේක විනිවිද පෙනෙන ක්‍රමයකට කලොත් රජයේ වියදම පවා අඩුවෙයි. අනික් පැත්තෙන් නව ක්‍රමය මගින් මව්පියන්ට මුදල් වියදම් කරලා දරුවන්ට අභ්‍යාස පොත් අරං දෙන්න ඕනේ නැහැ. තවත් කාරණයක් පෙළ පොත් හැම අවුරුද්දකම මුද්‍රණය කරන්න ඕනේ. හැබැයි ටැබ් පරිඝණයක් හැම අවුරුද්දෙම ළමයෙකුට දෙන්නේ නැහැ. හොඳ තත්ත්වයේ ටැබ් එකක් හෝ ලැප්ටොප් පරිඝනකයක් වසර ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන්'' යනුවෙන් චන්දන බණ්ඩාර ඒකනායක වැඩිදුරත් පැවසීය. හොඳම අධ්‍යාපන ක්‍රමය ෆින්ලන්තයේ ජාත්‍යන්තර දර්ශක අනුව 2017 වසරෙන් පසුව ලොව හොඳම අධ්‍යාපන දර්ශක ළඟා කරගත් රටක් ලෙස ෆින්ලන්තය සැළකේ. නව අධ්‍යාපන ක්‍රම ගැන පර්යේෂණ කිරීම හා ඒවා රටට හඳුන්වා දී කඩිනමින් ක්‍රියාත්මක කිරීම එරට අධ්‍යාපනය ඉදිරියට යෑමට බලපෑ සාධකය වේ. ෆින්ලන්ත අධ්‍යාපනයේ මුලික සංකල්පයක් වන ''අත්හදා බැලීම්වලට බිය විය යුතු නැත'' යන්න පසක් කරමින් මේ වසර වන විට එනම් වසර 2020 දී එරට පාසල් විෂය නිර්දේශවලින්, දැනට පවතින ගණිතය, භූගෝලය, විද්‍යාව වැනි විෂයන් තනි තනිව ඉගැන්වීම නතර කර ඒ වෙනුවට සිද්ධි පාදක කරගනිමින් ඊට අදාළව සියලු විෂයයන් ඉගැන්වීමේ අධ්‍යාපන ක්‍රමවේදයකට යොමුවී තිබේ.මේ පිළිබඳව බී බී බී සී සිංහල සේවයට අදහස් දැක්වූ විද්‍යා ලේඛක සහ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පැවසුවේ ඉන්දියාව, තායිලන්තය ඉන්දුනීසියාව වැනි දියුණු වන ආසියාතික රටවල විද්යුත් සහ ඩිජිටල් මාධ්‍ය හරහා දුරස්ථ අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව හදිසි පදනමකින් සොයා බැලිය යුතු බවය. එමෙන්ම මේ සම්බන්ධව දශක තුනකට වැඩි කාලයක් පුරා එකතු කර ගත් අත්දැකීම් සමුදායක් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය සතුව පවතින බැවින් එහි ප්‍රයෝජනයට ගත යුතු බව ද ඔහු කියා සිටියේය.. පාසල් පද්ධතියට ඩිජිටල් මාධ්‍යයෙන් විෂයන් එක් කිරීම අඩු වියදමක් සහිත හා පහසුවෙන් යාවත්කාලීන කළ හැකි ක්‍රමවේදයක් බවත් මුල් පිරිවැය පොත්වලට වඩා අධික වුවත් විද්‍යුත් ඉගෙනීමේ මෙවලම් හා අන්තර්ගතය ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද බහුවිධ ප්‍රතිලාභ ගෙන දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.''තාක්ෂණය නිසි ලෙස භාවිත කොට අධ්‍යාපනය බරක් නොව ප්‍රියජනක වුත්, විනෝදජනක වුත් ක්‍රියාවක් බවට පත්කළ හැකියි. වසංගතය හරහා මතු වූ මේ දැවැන්ත අභියෝගය ආශිර්වාදයක් කර ගෙන මෙය පනගන්වන්න පුළුවන්. අපේ පාසල් විෂයමාලා උගන්වන ක්‍රමවේද බොහොමයක් 20 වන සියවසේ යල්පැන ගිය ඒවායි. කෙළවරක් නැතුව තොරතුරු හිස් ගෙඩිවලට පුරවන සහ කටපාඩම් කොට විභාග සමත් කරවන විෂම අධ්‍යාපන ක්‍රමය අත්හැර දැමීමට මෙය අවස්ථාවක් කර ගමු." යැයි කී ඔහු මෙසේ ද සඳහන් කළේය. "සිසුන් කේන්ද්‍ර කරගත්, කුසලතා වර්ධනය ඉලක්ක කර ගත් ඉගෙනුමක් පාසල්වලට හඳුන්වාදෙන්නට විවෘත මනසකින් සහ සූක්ෂම ලෙසින් තාක්ෂණය යොදා ගන්නට පුළුවනි. ඒ සඳහා ශිල්ප සයුර පදනම (http://shilpasayura.org), හොරයිසන් ලංකා පදනම (www.horizonlanka.org) වැනි ලාභ නොලබන ආයතන කලෙක සිට දියුණු කර ඇති දේශීය ක්‍රමවේදයන් උපකාර කරගත හැකියි'' යනුවෙන් නාලක ගුණවර්ධන පැවසීය. රජයේ වගකීම ඩිජිටල් අධ්‍යාපනය ළමුන් අතරට ගෙන යාම සඳහා ඊ තක්සලාව නමින් අන්තර්ජාල ඉගෙනුම් අන්තර්ගත පද්ධතියක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව බලධාරීහු පවසති. එය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ පරිශීලනය කළ හැකි අතර 1 ශ්‍රේණියේ සිට 13 දක්වා විෂයන්වලට හා පෙළ පොතට අදාළ සියලුම පාඩම් වල අන්තර්ගතය, ප්‍රශ්න පත්‍ර, රුපවාහිනී වැඩසටහන්, ඊ පුස්තකාල ආදී පහසුකම් පරිශීලනයට අවශ්‍ය පහසුකම් එහි සලසා දී ඇති බව බීබීසී සිංහල සේවය සමග ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජි.එම්. නීල් ගුණදාස පැවසීය. විෂය අන්තර්ගතයට අමතරව ඊට ඇතුළත් කර ඇති ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා ඕනෑම ගුරුවරයෙකුට ළමුන් ඊ තක්සලාවට සම්බන්ධ කර ගනිමින් තෝරාගත් වෙලාවක තමන්ට අවශ්‍ය පාඩම ඉගැන්වීමට හැකියාව පවතින බවද ඔහු පැවසීය. ''අපි හිතමු ඔබ හයේ පංතියට විද්‍යාව උගන්වන ගුරුවරයෙක් කියල. ඔබ උගන්වන්න අපේක්ෂා කරන පාඩම උස්වේදනය නම් ඔබට පුළුවන් ඔබේ පංතියේ සිටින ළමුන් 40 දෙනාට ඊ මේල් පණිවිඩයක් දීල මේ පාඩමට අදාළ කරුණු ඊ තක්සලවේම තියෙන තැන් දැනුවත් කරලා එය පරිශීලනය කරලා අහවල් වෙලාවට පාඩමට සුදානම් වෙලා ඔන් ලයින් එන්න කියන්න. ඊට පස්සේ වීඩියෝ තාක්ෂණය භාවිතා කර සිසුන්ට පාඩම සදහා සජීවීව සහභාගී වෙන්න පුළුවන් ගුරුවරයා සමග," ජි.එම්. නීල් ගුණදාස පැවසීය. කෙසේ නමුත් සියලු සිසුන්ට පරිඝනක හා අන්තර්ජාල පහසුකම් නොමැති තත්ත්වයක් මත මේ ක්‍රමයේ දෝෂ මතුවන බව අතිරේක ලේකම්වරයා ද පිළිගනී. එයට විසදුම් සැලසීමට අවශ්‍ය බව කී ඔහු, විදුලි සන්දේශ නියාමන කොමිසමට සහ අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් වලට මේ වන විටත් එය දැනුම්දී ඇති බවත් ඉතා ඉක්මණින් පාසල් වලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන බවත් ඔහු කියා සිටියේය. "නමුත් දැන් අලුත් තත්ත්වය මත පාසල් වලට මේ පහසුකම දීම ප්‍රමාණවත් නැහැ. රජයට වගකීමක් තියෙනවා ගෙදරටම මේ පහසුකම දෙන්න,'' යනුවෙන් ද ඔහු පැවසීය.මේ පිළිබඳව දැන් සාකච්ඡා කරමින් තිබෙන බවත් රජයේ රූපවාහිනී මාධ්‍ය හරහා සඳුදා සිට තුන්වැනි වාරයේ පාඩම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් කියා සිටි ඔහු, රුපවාහිනී පහසුකම් නොමැති දරුවන් සඳහා සියලු ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා සම්බන්ධ කරගනිමින් එම වැඩසටහන් විසුරුවාහැරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. මෙම තොරතුර ද දැනගන්න:
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විවිධ විවේචන එල්ල වන්නේ එය කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න පිළිබඳව කෙරෙන සාකච්ඡාවත් සමඟය. එහෙත් පවතින ගෝලීය කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවස්ථාව හිමිවී ඇති බවට විශ්ලේෂකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නව අගවිනිසුරුවරයා යටතේ අධිකරණයේ පෙනී සිටීමට ඉදිරි කාලයේදී නීතිවේදීන්ට සිදුවනු ඇති බව නීතිඥ සංගමය පිළිගනියි සාධාරණ පරීක්ෂණයකින් තොරව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහ කෙරුණු බව පවසන ශ්‍රී ලංකා ප්‍රධානම නීතිවේදීන්ගේ සංවිධානය, එබැවින් බදාදා පැවැත්වෙන උත්සවයට තම සාමාජිකයන් සහභාගි නොවන බව ද සඳහන් කරයි. සංගමය විසින් පසුගිය මාසයේ සම්මත කරන ලද යෝජනාවට අනුකූලව මොහාන් පීරිස් අගවිනිසුරුවරයා ලෙසින් පිළිනොගන්නා බව සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා බීබීසී කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ට පැවසීය. කෙසේ නමුත් නව අගවිනිසුරුවරයා යටතේ අධිකරණයේ පෙනී සිටීමට ඉදිරි කාලයේදී නීතිවේදීන්ට සිදුවනු ඇති බව සභාපතිවරයා පිළිගත්තේය. 'දෙවියන්ගේ හාල් කැවිලා' "ගිය අවුරුද්දේ අපි ඇමෙරිකාවෙන් ණය ආධාර ලබා ගෙන තියෙනව ඩොලර් මිලියන 2.7 ක්. මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරනවා ඩොලර් මිලියන 16.5 ක්. අත යටින් මේවා අරගෙන උඩින් කියනවා ඇමෙරිකාවට බම්බු ගහ ගන්න කියල" එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය නීතිවිරෝධී බව රටේ ප්‍රධානම අධිකරණ දෙක විසින්ම තීන්දු කොට තිබෙන අතර, තමා තවමත් නීත්‍යානුකූල අගවිනිසුරුවරිය බවයි, ශිරාණි බණ්ඩාරනායක පවසන්නේ. මේ අතර ප්‍රකාශයක් කරන රටේ ප්‍රධාන විපක්ෂය, නොවැම්බරය සඳහා සැලසුම් කොට ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි වීමේ අවදානම් සහගත තත්වයක් උදාවී ඇතැයි අනතුරු අඟවයි. එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේ රජය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගත නොහැකි අයුරින් කටයුතු කරන බව. අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දෝෂාභියෝග ක්‍රියාදාමය සහ සමාජ ක්‍රියාධරයන්ට එල්ලවී ඇති ප්‍රහාර හා තර්ජන සම්බන්ධයෙන් ප්‍රබල අවධානය පළ කොට තිබෙන නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපදය විවේචනයට ලක් කොට තිබුණි. "ගිය අවුරුද්දේ අපි ඇමෙරිකාවෙන් ණය ආධාර ලබා ගෙන තියෙනව ඩොලර් මිලියන 2.7 ක්. මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරනවා ඩොලර් මිලියන 16.5 ක්. අත යටින් මේවා අරගෙන උඩින් කියනවා ඇමෙරිකාවට බම්බු ගහ ගන්න කියල," යනුවෙන් ද සඳහන් කල එජාප මහ ලේකම්වරයා, ශ්‍රී ලංකා ආණ්ඩුවට දැන් "දෙවියන්ගේ හාල් කැවී" තිබෙන බව ද පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
මොහාන් පීරිස් අගවිනිසුරු පදවියේ වැඩ භාර ගැනීමේ උත්සවය වර්ජනය කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිසිල් බීම වර්ගවල මිල 20% කින් වැඩි කිරීම පරිභෝජනය අඩුවීමට හේතුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම වාර්තාවක් පවසයි සිසිල් බීම වර්ගවල මිල සියයට විස්සකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීම පරිභෝජනය අඩුවීමට සහ බීම වර්ගවල 'පෝෂ්‍ය ගුණය' වැඩිවීමට හේතු වී තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම වාර්තාවක දැක්වෙන්නේ. සිසිල් බීම වර්ගවල සීනි ප්‍රමාණය අඩු කළ යුතු යයි මීට ඉහතදීත් නිර්දේශ කළත්, ඒ සඳහා බදු අය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක සෞඛ්‍ය සවිධානය නිර්දේශ කරන පළමු වතාව මෙයයි. මෙක්සිකෝව සහ හංගේරියාව ඇතුළු රටවල් කිහිපයක් සීනි අඩංගු නිෂ්පාදනවලට දැනටමත් බද්දක් පනවා තිබේ. පැණි බීම බෝතල්වල වර්ණ සංකේත සඳහන් කිරීම අනිවාර්ය කිරීමට මීට ඉහතදී පියවර ගත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, රස කැවිලි නිෂ්පාදනවලටත් එය හඳුන්වා දෙන බව නිවේදනය කර තිබේ. ස්ථුලභාවය, දියවැඩියාව සහ දන්ත ඛාදනය අවම කිරීම් වස් පලතුරු සහ කිරිවල අඩංගු ස්වභාවික සීනි හැරුණු විට ආහාරයේ අඩංගු අනෙක් සියලුම ආකාරයේ සීනි (free sugar) පරිභෝජනය අවම කිරීම සිය උත්සාහය බවයි එම සංවිධානය පවසන්නේ. "පෝෂ්‍ය ගුණය සලකා බැලුවොත්, ආහාරයේ කිසිම සීනි වර්ගයක් අඩංගු වීම අවශ්‍ය නැහැ," පෝෂණය සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ෆ්‍රන්සෙස්කෝ බ්‍රන්කා සඳහන් කළේය. සෑම පුද්ගලයකුම සිය ආහාර වේලේ අඩංගු සීනි ප්‍රමාණය 10% දක්වා - හැකිනම් 5% දක්වා - පහල තත්වයක තබා ගැනීමට උත්සාහ කළ යුතු බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එළවලු සහ පලතුරු නිෂ්පාදකයන්ට ආණ්ඩුව සහනාධාර ලබාදීම මගින් පරිභෝජනය ඉහල දැමිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
සිසිල් බීම සඳහා 'සීනි බද්දක්' අය කරන රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානයද සහයෝගය පළ කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චීන 'වැලන්ටයින් දිනය' ලෙස සැලකෙන අගෝස්තු 9 වැනිදා චීනයේ හුනන් පළාතේ පිංජියෑන් හි ශිනිඋෂයි පාලම මත මෙම නව යුවල විවාහ උත්සවය පැවැත්වූ බවයි චීන පුවත් සේවා වාර්තා කළේ. පොලවේ සිට අඩි 590 ක් ඉහළින් එල්ලෙමින් තිබූ කුඩා පලසක් මත වුවද ඔවුහු සිනා මුසු මුහුණින් මංගල ඡායාරූප සඳහා පෙනී සිටියහ. වීදුරු පාලම් මෑතක සිට චීනයේ ඉතාමත් ජනප්‍රියත්වයකට පත්වෙමින් පවතී ඔවුන් පලස වෙත නාග ගත්තේ කෙසේ දැයි අපි නොදනිමු සති කිහිපයකට පෙර තවත් මනාල ජෝඩු පහක් මෙම පාලමේ වීදුරු තට්ටු මත විවාහ ගිවිස ගත්හ.
තම විශේෂ දිනයේ දී යමෙකුට කරන්නට නොසිතෙන ආකාරයෙන් වීදුරු පාලමක් යට ඉහල අවකාශයේ එල්ලෙමින් චීන යුවළක් විවාහ මංගල උත්සවයක් පැවැත්වූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංවර්ධනය කරා පියනගන මාවතට සියලු දෙනා එක් කර ගැනීමට අවශ්‍යයි - මෝදි ඒ අනුව වසර පහළොවකට පසු එම ප්‍රදේශයේ සංචාරයක නිරත වන පළමු ඉන්දීය අගමැතිවරයා නරේන්ද්‍ර මෝදි. එක්දහස් නවසීය අනූනවය වසරේ ඉන්දියාව හා පාකිස්ථානය අතර කාර්ගිල් ප්‍රදේශයේ සිදු වූ සටන් වලින් දහසකට වැඩි දෙනෙක් මරණයට පත් වුහ. සංවර්ධන මාවත ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින ප්‍රදේශය තුළ බලශක්ති ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට නියමිතයි. සංවර්ධනය කරා පියනගන මාවතට සියලු දෙනා එක් කර ගැනීමට තමාට අවශ්‍ය බවයි ව්‍යාපෘති සමාරම්භක උළෙලෙන් පසු පැවති රැළිය ඇමතූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය පදවිය භාර ගැනීමෙන් පසු ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ සිදු කළ දෙවන සංචාරය මෙයයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මතභේදයට තුඩු දී තිබෙන කාශ්මීරයේ කාර්ගිල් නගරයේ සංචාරයක යෙදී සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට දැඩි වාග් ප්‍රහාරයක් එමෙන්ම මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ, වංචා චෝදනා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම් වීම වැළැක්වීමට කටයුතු කරන්නේය යන්න සිය පක්ෂය තුළින්ම ඔහුට එල්ලවන තවත් චෝදනාවකි. ආණ්ඩුවේ සිටියත් අමාත්‍යවරයා මේවන විට රාජපක්ෂ කඳවුර සමග එක්ව සිටින බව පවසමින් ඔහු 'ද්‍රෝහියෙකු' බවට අමාත්‍ය සරත් ෆොන්සේකා ද පසුගියදා චෝදනා කර තිබුණි. තමා අධිකරණ අමාත්‍ය පදවිය හොබවන තුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ද අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ අවධාරණය කර තිබේ. සබැඳි යොමු: රාජපක්ෂ පාලනය සමයේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් පිරිසක් ඝාතනය කරනු ලැබීම සම්බන්ධ පරීක්ෂණ වාර්තාව යටපත් කරගෙන සිටින බව අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබෙන තවත් බරපතල චෝදනාවකි. මේ තත්වය යටතේ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. ඇමතිවරයා කිහිප වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසංශාවට ලක් කළේය මන්ත්‍රීවරුන් එල්ල කරන විවේචන පිළිබඳව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සාකච්ඡා කරන ලද අතර එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව විවිධ මාධ්‍ය වාර්තා පළවේ. අමාත්‍යවරයා පදවියෙන් ඉල්ලා අස්විය යුතු යයි එහිදී තීන්දු කෙරුණ බව පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තාකර තිබුණි. අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම පදවියෙන් ඉල්ලා අස්විය යුතු බව මේ අතර බීබීසී සිංහල සේවය සමග අවධාරණය කළ එජාප මන්ත්‍රී එස්එම් මරික්කාර්, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ තීන්දුව පරිදි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලබන සදුඳා රැස්වී ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගැනීමට නියමිත බවත් සඳහන් කළේය. "කාලෙන් කාලේ බලාපොරොත්තු එනකොට, දේශපාලනයේ හීන මැවෙන කොට" දේශපාලනඥයන් "විවිධ විවිධ දේවලට යොමුවෙන" බවත් මරික්කාර් මන්ත්‍රීවරයා සජීව ෆේස්බුක් සාකච්ඡාවකට එක්වෙමින් බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ නමුත් පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි. අමාත්‍ය රාජිත සේනාරත්න, අධිකරණ ඇමතිවරයා මෙන්ම රාජපක්ෂ සහෝදරයන් ද දැඩි විවේචනයට ලක් කරන්නෙකි තමන්ට එල්ල වෙන මේ චෝදනා පිළිබඳව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ සෙනසුරාදා (අගෝස්තු 19) සිය ප්‍රතිචාරය පළ කළේය. ඒ රඹෑව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය. ඩෙංගු වසංගතය, රජරට ජනතාව පෙලන වකුගඩු රෝගය වැනි රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට පිළියම් යොදනු වෙනුවට සෞඛ්‍ය ඇමතිවරයා "පළිගනිමින් සිටින" බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදී සඳහන් කළේය. 'ගෝත්‍රිකයෝ කොච්චර හොඳද?' පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සහ ඉන් අනතුරුව කිහප වතාවක්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කර තිබුණි. "දැන් එතුම තමයි නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න හදන්නේ. එතුමා තමයි අද අධිකරණය පාලනය කරන්න හදන්නේ. ඉතින් කොහෙද සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කොරන්න වෙලාවක් තියෙනවයි," අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට සහ බුද්ධ ශාසනයට සිදු වූ "හිරිහැර සහ අසාධාරණ" සම්බන්ධයෙන් අදහස් පළකරන විට "ජාතිවාදීන්" සහ "ගෝත්‍රිකයන්" ලෙසින් විවේචන එල්ල කරන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වැනි ජාතික සම්පත් රැකගැනීමේ අවශ්‍යතාව පෙන්වාදෙන විට ද එවැනිම චෝදනාවලට ලක්වීමට සිදුවෙන බවය. "කාලෙන් කාලේ බලාපොරොත්තු එනකොට, දේශපාලනයේ හීන මැවෙන කොට දේශපාලනඥයන් විවිධ විවිධ දේවලට යොමුවෙනවා" "අපේ රටේ තිබුණු රුදුරු ත්‍රස්තවාදය අවසන් කරපු අපේ රණවිරුවෝ ටික ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ දාල පෝරකයට ගෙනයන්න දෙන්නේ නෑ කියල කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකය," අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය. 'හැඟීමක් නැති පාලකයෝ' "අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න ඕනයි කියන ස්ථාවරය ගන්න කොට, ඒකට දේශපාලන ඇගිලි ගැසීම් කරන්න එපයි කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා." "අධිරාජ්‍යවාදී වහල්ලු විදියට දීන මානසිකත්වයෙන් ගොඩ එන්න බැරිව ඉන්න නිවට දේශපාලනඥයන්," ලෙසින් ඔහු විග්‍රහ කළ පිරිසක් ද එහිදී අධිකරණ ඇමතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය. "එහෙම හැඟීමක් නැති පාලකයෝ රට භාරගත්තම රට කාබාසිනියා වෙනවා." හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරන බවට අධිකරණ ඇමතිවරයාට චෝදනා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත විවේචන එල්ල කළ නමුත් සිය ප්‍රකාශය ඇතුළත ඇමතිවරයා කිහිප වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසංශාවට ලක් කළේය. ජනපතිට ප්‍රශංසා මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් ඇතුළු සිවිල් සමාජය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා අනුමත කිරීමට ඉඩ තිබෙන බව ද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පසුගියදා බීබීසී සිංහල කළ විමසීමකදී සඳහන් කළේය. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අදාළ අමාත්‍ය පදවි සඳහා නිර්දේශ කරනු ලැබුවේ සහ රටේ ප්‍රධානම පදවි සම්බන්ධ තීන්දු ගන්නා ව්‍යවස්ථා සභාවේ සිය නියෝජිතයා වශයෙන් පත්කරනු ලැබුවේත් අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි. "හැඟීමක් නැති පාලකයෝ රට භාරගත්තම රට කාබාසිනියා වෙනවා" ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එජාප මන්ත්‍රී එස්එම් මරික්කාර් සඳහන් කළේ අධිකරණ ඇමතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එදා දැරූ ස්ථාවරය මේ මොහොතේ වෙනස් වී තිබිය හැකි බවය. සෙනසුරාදා සිය අදහස් දැක්වීම අතරතුර දිගින් දිගටම ජනාධිපතිවරයා ප්‍රසංශාවට ලක් කළ නමුත්, අධිකරණ අමාත්‍යවරයා අගමැතිවරයා සම්බන්ධයෙන් නමින් කිසිදු සඳහනක් නොකළේය. අධිකරණ සහ බුද්ධ ශාසන ඇමතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව ඔවුන් දෙදෙනාම මෙතෙක් කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැත. තවත් සබැඳි යොමු:
හම්බන්තොට වරාය චීනයට බදු දීමේ කැබිනට් තීන්දුව දැඩි විවේචනයට ලක්කරමින් කරන ලද ප්‍රකාශයක් මගින් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කරන ලද බවට අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ආණ්ඩුවේම මැති ඇමතිවරුන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සැන්ටා ෆේ, මෙක්සිකෝ සිටි අසමානතාව සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇති පිළිගැනීමට අභියෝගයක් වීම සඳහා මිලර් විසින් 2016 අරඹන ලද Unequal Scenes නම්වූ ව්‍යාපෘතියේ කොටසක් ලෙස මේ ඡායාරූප ගොන්න සැලකේ. "කේප් ටවුන් වෙත ගොඩ බට සැණින් කුඩා පැල්පත් ඔබව වටකරගෙන ඇති බව පෙනෙනවා" යැයි දකුණු අප්‍රිකාවේ සිටින ඡායාරූප ශිල්පී මිලර් පවසයි. "ගුවන් තොටුපොළ වටකොට තිබෙන තහඩු පැල්පත් පහුකරලා යන්න ඔබට විනාඩි 10 වත් යනවා, ඉන් පසුවයි වරප්‍රසාද ලත් මිනිසුන් (මා ද ඇතුළුව) ජීවත්වන වඩා සමෘද්ධිමත් ප්‍රදේශවලට ළඟාවෙන්න හැකිවෙන්නේ" ඔහු කියා සිටී. වුකුසෙන්සෙලේ, ස්වීට් හෝම්, කේප් ටවුන් "මේකයි දැන් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්වල තිබෙන තත්ත්වය. ලෝකයේ බොහෝ තැන්වල ස්වභාවය. නමුත් එක ම තමයි මමත් එකඟ නොවන තත්ත්වය" මිලර් පවසයි. "බරක් ඔබාමා කී දේ යළි වෙනත් ආකාරයකට කියනවනම්, මේ පරම්පරාවට ඇති පැහැදිලි අභියෝගය අසමානතාව බව මගේ විශ්වාසයයි" සැන්ටා ෆේ, මෙක්සිකෝ සිටි කේසී පාර්ක්, ජොහැන්නස්බර්ග් ඉහළ කෝණයකින් ගන්නා ලද එම ඡායාරූපවල, දුප්පත් හා පොහොසත් ජනතාව වෙසෙන ප්‍රදේශ වැට, මාර්ග හෝ තෙත්බිම්වලින් මායිම්ව බෙදෙන ආකාරය පෙන්වයි. එක් පසෙක පැල්පත් ආදියෙන් පිරී පවතිද්දී අනෙක් පස ඉතා සුඛෝපභෝගී නිවාස හා මන්දිරවලින් සමන්විත වේ. මුම්බායි, ඉන්දියාව මුම්බායි Papwa Sewgolum Golf Course, Durban. පප්වා සෙව්ගොලුම් ගොල්ෆ් පිටිය, ඩර්බන් ඉක්ස්ටපලුකා, මෙක්සිකෝ සිටි ටෙම්බිසා, ජොහැන්නස්බර්ග් ඩ්‍රෝන් ඡායාරූප ගැනීමට වඩා සුදුසු ම ස්ථාන සෙවීම සඳහා මිලර් හට පර්යේෂණ ගණනාවක යෙදෙන්නට විණි. "විවිධ මෙවලම් භාවිත කරලා ඡායාරූප ගත යුතු ස්ථාන මොනවද කියලා මම හඳුනාගත්තා. ඒක සංඛ්‍යාලේඛන දත්ත, සිතියම්, ප්‍රවෘත්ති වාර්තා වගේම මිනිස්සුන්ට කතාකරන්නත් වුණා. ඒ සියල්ලේම සංකලනයක්." "ඡායාරූප ගන්න අවශ්‍ය ප්‍රදේශ හඳුනාගත්තට පස්සේ Google Earth නිරීක්ෂණයෙන් අදහසක් අරගත්තා. ඊට පස්සේ කළේ ගුවන් මාර්ගය සැලසුම් කරපු එකයි. මේකෙදී ගුවනේ නීතිය, ගුවනේ ආරක්ෂාව, පෞද්ගලික ආරක්ෂාව, බැටරිවල ජීව කාලය, දුර ප්‍රමාණය, කාලගුණය, කෝණය, දවසේ වෙලාව වගේම තවත් බොහෝ කරුණු ගැන අවධානය යොමු කළා" යැයි මිලර් පැවසීය. ලෙක් මිචෙල්, මසිෆුමෙලෙලේ, කේප් ටවුන් ඔටෝ'ස් බ්ලෆ්, පීටර්මරිට්ස්බර්ග් ක්‍යා සෑන්ඩ්ස්, බ්ලෞබොස්රෑන්ඩ් සියලු ඡායාරූප ජොනී මිලර් ගෙනි
ඩ්‍රෝන් (Drone) යානා උපයෝගී කරගන්නා ඡායාරූප ශිල්පියෙකු වන ජොනී මිලර් විසින් දකුණු අප්‍රිකාව, මෙක්සිකෝ හා ඉන්දියාවේදී ගන්නා ලද ගුවන් ඡායාරූප පෙළකින්, අදාළ නගරවල දුප්පත් හා පොහොසත් වශයෙන් ඇති බෙදීම ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තමිලිනී පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන මෙන් අධිකරණය පසුගිය සතියේ නියෝග කළේය විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයේ නායිකා තමිලිනීට සමාව දී ඇය පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ආණ්ඩුව විරෝධය පළ නොකරන්නේ නම්, එම ආකල්පය රැඳවුම් භාරයේ සිටින අනෙක් එල්ටීටීඊ සැකකරුවන් වෙනුවෙන්ද අනුගමනය කළ නොහැක්කේ මන්දැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරයේ මනෝ ගනේෂන් ප්‍රශ්න කරයි. නීතිපති වරයාගේ අනුමැතිය පළවීමෙන් අනතුරුව තමිලිනී පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන මෙන් අධිකරණය පසුගිය සතියේ බලධාරීන්ට නියෝග කළේය. බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අවධාරණය කළේ, තමිලිනීට පමණක් නොව හිටපු එල්ටීටීඊ නායකයන් වන කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ ජෝර්ජ් මාස්ටර් ඇතුළු සියලු දෙනාට සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට එක්වීමට ආණ්ඩුව අවසර දීම ගැන තමාගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවයි. ජනතා විමුක්ති පෙරමුණ එල්ටීටීඊය පමණක් නොව, ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ නායකයන්ටද ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමාව දී තිබෙන වාතාවරණයක් තුල කොටසක් පමණක් වසර ගනනාවක් රඳවා තබාගෙන සිටින්නේ මන්දැයි ප්‍රශ්න කරයි. "දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බලන්න, සෝමවංශ අමරසිංහ මහත්තය. ජීවිත තර්ජන තියෙනවා කියල රටින් පැනල ගිහිල්ල දැන් ආපහු ඇවිල්ල දේශපාලනය කරනවා, බොහොම හොඳයි," මනෝ ගනේෂන් බීබීසී සංදේශයට පැවසීය. මහින්ද විජේසේකර සහ නිමලසිරි ජයසිංහ වැනි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පසුව රටේ ප්‍රබල ඇමති තනතුරු පවා හෙබවූ බවද ඔහු පෙන්වාදේ. "දැන් විමල් වීරවංශ ඇමැතිතුමාත් කැරලිවලට සම්බන්ධ වෙච්ච, සංවිධානේ හිටපු අයනේ. ඉතින් ඒගොල්ලන්ට දුන් අවස්ථාව ඇයි අනිත් අයට දෙන්නේ නැත්තේ?," ඔහු විමසීය.
දැනට රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවන් ඇතුළු සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දෙන්නැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය දා හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ ඔවුන් එම ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ නගරාධිපතිවරයකු ඇතුළු කණ්ඩායමක ප්‍රහාරයකට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කරනු ලැබ ඇත. නොරොච්චෝලෙයිහි දී එක්සත් ජාතික පක්ෂය ඊට වෙනස් අත්දැකීමකට මුහුණ දුන් අතර පොල් සංවර්ධන නියෝජ්‍ය ඇමති වික්ටර් ඇන්තනි සහ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් විසින් ඔවුන් මල් මාලා පළඳවමිනුයි, පිළිගන්නා ලද්දේ. මල් මාලා මෙය සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දෙවැනි නිරීක්ෂණ චාරිකාව බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නොරොච්චෝලෙයි ‘ලක් විජය’ගල් අඟුරු බලාගාරය ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් අතර මුල් තැනක් හිමි කර ගන්නා බවයි සඳහන් කළේ. “චීනයෙන් ලබා ගන්නා ඇමෙරිකානු ඩොලර් කෝටි 150 ක් පමණ මෙම ව්‍යාපෘතියට වැය කරනවා. අදියර තුනකින් සමන්විත මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු විසි වතාවකට අධික වාරයක් ඇනහිටියා. මීට සම්බන්ධ ප්‍රශ්න මාධ්‍යය මගින් පමණක් නොවෙයි, පාර්ලිමේන්තුවේත් සාකච්ඡා වුනා. එහි සත්‍යය විපරම් කිරීමටයි අපි මේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වෙන්නේ.” පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා බීබීසී සංදේශයේ ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න සමඟ කියා සිටියේය. විශේෂ රැකවරණ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම නොරොච්චෝලෙයි බලාගාරයේ නිලධාරීන්ට සවන් දෙමින් ප්‍රශ්න විචාරමින් එහි අඩුපාඩු ගැන අවධානය යොමු කළ බවයි, ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න බීබීසියට කියා සිටියේ, තමන් දැන සිටි දේ වලට වඩා සමහර දේවල් ගැන වැඩිමනත් තොරතුරු ලබාගත් බවයි. “සමහර දේවල් පැහැදිලියි. සමහර දේවල් අපැහැදිලියි. සමහර දේවල් ගැන ඇසුවත් ඔබට පිළිතුරු දීම නොහැකි බවත් පැහැදිලියි.”මන්ත්‍රීවරයා නිලධාරීන් ඉදිරියේ කියා සිටියේය. එම තත්වය විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් පමණක් නොව රටේ ජාතික ප්‍රශ්නයක් හැටියටයි, එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා විසින් විග්‍රහ කරන ලද්දේ. මෙම සංචාරයේ විශේෂත්වයක් වුණේ, නොරොච්චෝලෙයි විදුලි බලාගාරයේ නිලධාරීන් පමණක් නොව කල්පිටිය පොලිසිය විසින් ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ ආරක්ෂාවක් සැලසීමයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කණ්ඩායමක් අද,බ්‍රහස්පතින්දා නොරොච්චෝලෙයි ‘ලක් විජය’ ගල් අඟුරු බලාගාරය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වූ අතර ඔවුන් එහි දී මහත් හරසරින් පිළිගනු ලැබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කුරාම් ෂයික් අගමැති ඩේවිඩ් කැමරොන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම තුලින් මෙම මිනීමැරුම පිළිබඳ පොලිස් පරීක්ෂණ කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට අවස්ථාවක් උදා වනු ඇති බවයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් ප්‍රකාශ කරන්නේ. ලිංගික අපචාර අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය, කුරාම් ෂයික් ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික බලධාරීන් වෙත බලපෑම් කිරීමේ අවස්ථාවක් ලෙස යොදා ගැනීමට බ්‍රිතාන්‍ය බලධාරීන් බලාපොරොත්තු වන බව ද මහ කොමසාරිස්වරයා කියා සිටියි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් බ්‍රිතාන්‍ය ජාතිකයා මරා දැමීම සහ ඔහුගේ සහකාරිය බලවත් ලිංගික අපචාරයට ලක් කිරීමෙන් පසු ගත වූ දෙවසරකට ආසන්න කාලයක් තුළ සිදුව ඇති පරීක්ෂණ පිළිබඳ සෑහීමට පත් විය නො හැකි බවයි විදේශීය මාධ්‍යවේදීන් ඇමතූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් තව දුරටත් ප්‍රකාශ කර සිටියේ. යුධ අපරාධ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සහ යුධ අපරාධ චෝදනා විභාග කිරීමේ විධිමත් යාන්ත්‍රණයක් බිහි කිරීම සඳහා රජයට බලපෑම් කිරීමේ අවස්ථාවක් ලෙස මෙම සමුළුව යොදා ගැනීමට බ්‍රිතාන්‍ය අදහස් කරන බවද මහ කොමසාරිස්වරයා කියා සිටියා.
දෙවසරකට පෙර තංගල්ලේදී මරා දමන ලද බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ගේ මිනීමැරුම පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස බ්‍රිතාන්‍ය රජය ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මතභේදයට තුඩු දී ඇති එම තීන්දුව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ටෙල් අවීව් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වසර කිහිපයකින් ජෙරුසලම වෙත ගෙන යාම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ වේ. ඊශ්‍රායලය විසින් අදාළ වෙනස්කම් පිළිගනු ලැබ ඇති නමුත් එම වෙනස්කම් මගින් මැදපෙරදිග සාම ක්‍රියාදාමය කඩාකප්පල් වනු ඇති බවට පලස්තීන සහ අරාබි රටවල නායකයෝ අනතුරු අඟවති. නැගෙනහිර ජෙරුසලම සිය අනාගත රාජ්‍යයේ අගනුවර ලෙස පලස්තීනය විසින් සලකනු ලැබූ අතර ඊශ්‍රායලය විසින් ද ජෙරුසලම සිය අගනගරය ලෙස සලකන ලදී. 1948 වසරේ ඊශ්‍රායලය ස්ථාපනය වූවායින් පසු ජෙරුසලම එරට අගනුවර වශයෙන් පිළිගන්නා ප්‍රධාන රට බවට ඇමරිකා එක්සත් ජනපදය පත්වනු ඇත. ජෙරුසලමේ අයිතිය සම්බන්ධ විවාදය කුමක්ද? අදාළ මතභේදය අරාබි සහ මුස්ලිම් රටවල සහාය ලබන පලස්තීනය සහ, ඊශ්‍රායලය අතර ගැටුමේ මූලික කරුණු අතරින් එකකි. ජෙරුසලමෙහි නැගෙනහිර කොටස, යුදෙව්, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජනයාගේ ඉතා වැදගත් පූජනීය ස්ථාන පිහිටි ප්‍රදේශයකි. 1967දී සිදුවූ මැදපෙරදිග යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය ජෝර්දානයෙන් කොටසක් අත්පත් කරගැනීමෙන් අනතුරුව, එය ඔවුන්ගේ නොබෙදිය හැකි අගනගරය ලෙස සලකන ලදී. 1993 ඊශ්‍රායල - පලස්තීන සාම ගිවිසුමට අනුව, ඒ පිළිබඳ සාකච්ඡාව පසුවට කල් දමා තිබිණි. කෙසේවුවද, ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආධිපත්‍යය ජාත්‍යාන්තරය නොපිළිගත් අතර, තම තානාපති කාර්යාල ටෙල් අවිව් නගරයේ පවත්වාගෙන ගියේය. නැගෙනහිර ජෙරුසලමේ වාසය කරන දෙලක්ෂයක් පමණවන යුදෙව් ජාතිකයන්ට 1967 සිට ඊශ්‍රායලය විසඳුම් ගණනාවක් ඉදිරිපත් කළේය. අන්තර්ජාතික නීතියට අනුව මෙම තත්ත්වයන් නීති විරෝධී ලෙස සැලකුව ද, ඊශ්‍රායලය ඊට එකඟ නොවීය. ඇමරිකාවේ යෝජනාව කුමක්ද? ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස මුලින්ම පිළිගැනීමට ඇමරිකාව සූදානම් ඊශ්‍රායලයේ අගනගරය ලෙස ජෙරුසලම පිළිගැනීම ඇමරිකානු රජය "යථාර්තය පිළිගැනීමක්" බව ට්‍රම්ප් පාලනයේ නිලධාරියෙක් පැවසුවේය. කෙසේවුවද, නගරයේ නිශ්චිත මායිම් සම්බන්ධයෙන් අවසන් එකඟත්වයකට පැමිණියයුතුව ඇතැයි නිලධාරියා සඳහන් කළේය. ඒ අනුව පූජනීය ස්ථානවල තත්ත්වය නොවෙනස්ව පවතිනු ඇත. තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙනයාමට කටයුතු කරන ලෙස ඇමරිකානු ජනපතිවරයා රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස්දී ඇත. නමුත් ආරක්ෂක සැලසුම් හා ඉදිකිරීම් හේතුවෙන් ඒ සඳහා වසර කිහිපයක් ගතවනු ඇත. සබැඳි යොමු:
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම් ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ පරිපාලන බලධාරියෙකු පවසා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාදුළුවාවේ සෝභිත හිමි උන්වහන්සේ එම අදහස් පළ කළේ තවත් ආගමික නායකයන් ද සහභාගී වූ සාකච්ඡාවකදී. ‘නව රජය විසින් දෙන ලද ප්‍රධාන පොරොන්දු ඉටු කරනු ලැබීමෙන් තොරව පවත්වනු ලබන මහ මැතිවරණය විහිළුවක් බවයි’ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අදහස වන්නේ. තව දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ මහජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය වුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වන බවයි. ‘විධායක ජනාධිපති ක්‍රමයේ බරපතළ පීඩාවෙන් නිදහස් වීමට මහජනයා තුළ විශාල උවමනාවක් තිබුණා. එවැනි ඉල්ලීමක් තිබියදී දින සීයක් ඇතුළත එය අහෝසි කරන බවට මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමෙන් ප්‍රතිඥාවක් ලැබුණා. දැන් දින හැටක් ම ගෙවිලා’ මාදුළුවාවේ සෝභිත හිමියෝ පෙන්වා දෙති. මැතිවරණ ක්‍රමය අනාගතයේ දී සිදු කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී සමස්ත සමාජය දේශපාලනීයකරණය කිරීමට මුල් වූ මනාප ඡන්ද ක්‍රමයත් වෙනස් කරන ලෙසයි සෝභිත හිමියන් ඉල්ලා සිටින්නේ. ඉහත කී සාකච්ඡාවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් කියා සිටියේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ සාකච්ඡා කල් තබා ආරම්භ නොකෙරුණ බවයි. ඕමල්පේ සෝභිත හිමි ‘මේ පිළිබඳව සාකච්ඡා පටන් ගත්තෙත් ඊයේ. සාකච්ඡා පටන් ගත යුතුව තිබුනේ ජනවාරි මාසයේ මුල් සතියේ. දැන් කියනවා එම කාර්යය සඳහා කාලයක් ගත වෙන නිසා එය මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව. මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලිව කියල තියෙනව -මෙය දින තිහක් වගේ කාලයක් ඇතුළත කරන්න පුළුවන් බව’ රතන හිමියෝ පවසති. දූෂකයන්ට දඬුවම් නැහැ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නම් මැතිවරණයකට යාම පිළිබඳව තමන්ගේ විරෝධයක් නැතැයි සඳහන් කළ අතුරලියේ රතන හිමියෝ, එහෙත් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සහ ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කරනු ලැබීමත් මහ මැතිවරණයට පෙර අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු බවයි අවධාරණයෙන් කියා සිටියේ. ‘එක් එක් අයගේ හඳහන් පත්‍ර අනුව නොව රටේ ජනතාවගේ හඳහන් අනුව කටයුතු කරන මෙන්’ ඉල්ලා සිටි අතුරලියේ රතන හිමියෝ මී ළඟ මහ මැතිවරණය මනාප ක්‍රමයෙන් තොර මැතිවරණයක් විය යුතු බවත් සඳහන් කළහ. අතුරලියේ රතන හිමි දිනසීයට සීමා වීම එම සාකච්ඡාවේ දී ජාතික හෙළ උරුමය නායක ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ, මහජනයාගේ මූලික බලාපොරොත්තුව වූ දූෂණ වංචා හොරමැරකම් නතර කිරීම පමණක් නොව ඒවා සිදු කර ඇති අයට දඬුවම් දීමේ අපේක්ෂාවත් දැන් ගිලිහී යන ස්වරූපයක් දක්නට ලැබෙන බවයි. රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ තුනෙන් දෙකේ බලය උපයෝගී කර ගනිමින්, අධිකරණය පවා නොමග යවමින් අක්‍රිය කෙරුණ ස්වාධීන කොමිසන් සභා බල ගන්වන ලෙස ඉල්ලීමක් කළේය. යහ පාලනය දිනසීයකට සීමා කිරීම තුළ එම වචන දෙක අභාග්‍ය සම්පන්න තත්වයකට පත් වී ඇති බවයි රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ.
රජයට මැතිවරණයක් කරා යාමට අවශ්‍ය නම් පළමුව ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දු ඉටු කිරීමෙන් පසු එම පියවර ගැනීමට බාධාවක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාසික වැටුප් අහිමි ආබාධිත සෙබළුන් 292 දෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, අධිකරණය එම නියෝගය කළේ. යුද හමුදා නීති ප්‍රතිපාදන වලට අනුව සෙබලකු ආබාධිත වූ විට ඔහුට වයස අවුරුදු 55 දී විශ්‍රාම වැටුප හිමි වනතෙක් මාසික වැටුප් හා දීමනා ගෙවිය යුතු බව පෙත්සම්කරුවන්ගේ තර්කයයි. එහෙත් යුද්ධයෙන් ආබාධිතවූ තමන්ට මාසික වැටුප් ගෙවීම හමුදා බලධාරීන් විසින් නතර කරනු ලැබ ඇති බව ආබාධිත සෙබළකු වන පීවීඑස් ශාන්ත බීබීසී සංදේශයට පැවසීය. 'කොටසකට පමණයි' "විශ්‍රාම වැටුප එළඹෙන තෙක් අපට මාසික වැටුප් ගෙවිය යුතුයි. එහෙත් අපට එවැනි ගෙවීමක් කරන්නේ නැහැ. අපට වෙනත් රස්සාවක් කරන්න බැහැ. ඒ නිසා අධිකරණයෙන් අපට සාධාරණයක් ඉටු වේවි කියා බලාපොරොත්තු වෙනවා," යනුවෙන්ද ඔහු පැවසීය. මුල සිටම යුද්ධයට සහභාගි වූ අබාධිත සෙබළුන්ට පමණක් මෙම අසාධාරණයට එරෙහිව මුහුණ දීමට සිදුවී ඇති බව තවත් සෙබළකු චෝදනා කළේය. "මුල සිටම යුද්ධයට හවුල් වූ අයට තමා මේ අසාධාරණය සිදුවී තිබෙන්නේ. යුද්ධය අවසාන වීමෙන් පසුව ආබාධිත වූ සෙබළුනට මාසික වැටුප් ගෙවනවා," යනුවෙන් සඳහන් කළ ඔහු තම ගැටලුවට ජනාධිපතිවරයා සාධාරණ විසදුමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවද කියා සිටියේය. සිකුරාදා අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේ කරුණු දැක්වූ වගඋත්තරකාර යුද හමුදාපති වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා මෙම ගැටලුව සමතයකට පත්කිරීමට හැකියාව පවතින බැවින් ඊට කල් ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම් විභාගය ලබන ජුලි මස 08 වනදාට කල් තැබූ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස යුද හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියාට නියම කළේය. මෙම ගැටලුවට මුහුණ දී සිටින ආබාධිත සෙබළුන් 6000 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා සිටින බැවින් මෙම නඩුවේ තීන්දුව ඔවුන්ට ඉතා වැදගත් වනු ඇති බවද පෙත්සම්කාර හමුදා සෙබළු පවසති.
යුද්ධයෙන් ආබාධිත වූ හමුදා සෙබළුන්ට විශ්‍රාම වයස එළඹෙන තෙක් මාසික වැටුප් නොගෙවීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල නිරාකරණය කර ගැනීම පිණිස අභියාචනාධිකරණය ආණ්ඩුවට කල් ලබා දුන්නේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එල්ටීටීඊ සංවිධානය 2009 දී පරාජය කරන ලද නමුත් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීම එම සංවිධානයේ අභිලාෂය බව සනාථ කිරීමට යුරෝපා කවුන්සිලය අපොහොසත් වූ බව අධිකරණයේ නිගමනය වී තිබේ. එමෙන්ම වෙනත් රාජ්‍යයක් විසින් රැස් කරන ලද තොරතුරු මත පදනම්ව කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් තහනම් ලැයිස්තුවට ඇතුළත් කළ නොහැකි බවට පහළ අධිකරණය 2014 දී ලබා දුන් තීන්දුව ද යුරෝපා අධිකරණය අනුමත කළේය. කෙසේ නමුත්, පහළ අධිකරණය විසින් මීට ඉහතදී ප්‍රකාශයට පත්කරනු ලැබූ තීන්දුවක පවතින වැරදි නොසළකා හරිමින්, පලස්තීන හමාස් සංවිධානය දිගටම තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් විය යුතු බවට ද යුරෝපා අධිකරණය තීන්දු කළේය. 2006 සිට තහනම් ත්‍රස්තවාදයට එරෙහිව එක් ස්ථාවරයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් යුරෝපා කවුන්සිලය විසින් 2001 දෙසැම්බර් 27 වෙනි දින සම්මත කරන ලද යෝජනාවක් ප්‍රකාර, 2006 දී යුරෝපා සංගමය එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කළේය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් 2009 මැයි මාසයේදී එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන ලද නමුත්, මේ දක්වාම එම තහනම බලපැවැත්විණ. කෙසේ නමුත් හමාස් සහ එල්ටීටීඊ සංවිධානවලට එරෙහි තහනම 2014 දී යුරෝපා සංගමයේ පහල අධිකරණයක් විසින් අවලංගු කරන ලදි. අදාළ සංවිධාන දෙකට එරෙහිව යුරෝපා සංගමය විසින් එම තහනම පනවනු ලැබ තිබුණේ දත්ත මත නොව මාධ්‍ය වාර්තා සහ අන්තර්ජාලයේ පළ වූ වාර්තා පදනම් කරගෙන බව පහළ අධිකරණයේ නිගමණය වී තිබුණි. එම තීන්දුවට එරෙහිව යුරෝපා කවුන්සිලය ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, අඟහරුවාදා (ජුලි 26) සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් යුරෝපයේ ඉහළම අධිකරණය පහළ අධිකරණයේ තීන්දුව සනාථ කළේය.
2011 සහ 2015 අතර යුරෝපා සංගමය තුළ දෙමළ කොටි සංවිධානය (LTTE) සතු වත්කම් තහනම් කිරීම අවලංගු කරමින් මීට ඉහතදී පහළ අධිකරණයක් දී තිබෙන තීන්දුව අනුමත කරන බව යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය තීන්දු කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සමීප සමාජීය සබඳතා පවත්වන ලේ උරා බොන (වැම්පයර්) කැලෑ වවුලන් ආහාර බෙදාගෙන කන සත්ත්ව විශේෂයකි රෝගී වූ විටක වවුලන් සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සිය රැහේ සෙසු සාමාජිකයන් සමීපයේ ගත කරන කාලය අඩු කර, සීමිත සගයන් පිරිසක් සමග සබඳතා පවත්වන බව නවතම අධ්‍යයනයකින් පෙනෙන්නට තිබේ. ඉහත කී හැසිරීම පරීක්ෂණාගාර තුළ දී මීට පෙර නිරීක්ෂණය කර තිබුණ ද මධ්‍යම ඇමරිකාවේ බෙලීස් හි 'ලේ උරා බොන' (වැම්පයර්) කැලෑ වවුලන් තුළත් එම හැසිරීම දක්නට ඇති බව විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. එක්සත් ජනපදයේ 'ඔහායෝ ස්ටේට් යුනිවර්සිටි' හි විද්‍යාඥයන් සිය අධ්‍යයන වාර්තාව 'Behavioural Ecology' සඟරාවේ පළ කරනු ලැබ තිබේ. ගස් බෙනයක් තුළ වෙසෙන කැලෑ වවුලන් කණ්ඩායමක් තෝරා ගෙන ඇති විද්‍යාඥ කණ්ඩායම විසින් ඔවුන් එකිනෙකා සමාජ සබඳතා පවත්වන ආකාරය සොයා ගැනීම සඳහා ගස් බෙනය තුළ එකිනෙක සමීපයෙන් කුඩා සංවේදක (Sensors) සවි කරනු ලැබ ඇත. 'කොරෝනා වෛරසය නිසා වවුලන්ට දොස් පවරන්න එපා' අධ්‍යයනයේ කොටසක් වශයෙන් පර්යේෂකයෝ වවුලන් 16 දෙනෙකුට 'Lipopolysaccharide' ද්‍රාවනය එන්නත් කළහ. වවුලන්ගේ ප්‍රතිශක්ති පද්ධති ඔවුන් රෝගී වී ඇතැයි සිතා ඊට තාවකාලික ප්‍රතිචාරයක් දැක්වීම එමගින් සිදු වේ. එහිදී වවුලන්ගේ හැසිරීමේ වෙනසක් සිදු වේදැයි යන්න නිරීක්ෂණය කිරීම පර්යේෂකයන්ගේ අරමුණ විය. ගස් බෙනයේ සිටි මුළු වවුලන් සංඛ්‍යාව 31 කි. සෙසු වවුලන් 15 දෙනාට ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධති වෙත බලපෑමක් නොවන 'සේලයින්' එන්නත් කරනු ලැබිණි. සිය පර්යේෂණය අතරතුර කිසිඳු වවුලෙකුට හානියක් සිදු නොවුණු බවත් පර්යේෂකයෝ සිහිපත් කරති. සමාජ සබඳතා අඩු කිරීම කණ්ඩායමේ නිරෝගී වවුලන්ට වඩා, ප්‍රතිශක්ති පද්ධතිය ආසාදනයක් සමග සටන් කිරීමේ ප්‍රයෝගයට හසු කරන ලද 'රෝගී' වවුලන් ආශ්‍රය කරන පිරිස සිව් දෙනෙකු තරම් කුඩා සංඛ්‍යාවකට සීමා වන බව විද්‍යාඥයෝ නිරීක්ෂණය කළහ. සෙසු වවුලන් සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටි 'රෝගී' වවුලන් අඩුවෙන් එහෙමෙහෙ ගොස් ඇති අතර සෙසු වවුලන්ට වඩා ඔවුන් නිදිබර ගතියක් පෙන්වා ඇත. එන්නත් ලබා දී පැය හයකට පසු, නිදන විට හෝ කෑම සොයා යන අවස්ථාව වන විට ඉහත කී හැසිරීම් රටාව ක්‍රමයෙන් හීන විය. පැය 48 කට පසු එන්නතේ බලපෑම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති අතර 'රෝගී' වවුලන් නැවතත් සමාජ ආශ්‍රයට පැමිණ තිබේ. ලේ උරා බීමෙන් පමණක් දිවි රැක ගන්නා එකම ක්ෂීරපායි සත්ත්ව විශේෂය 'වැම්පයර්' වවුලන්ය වවුලන්ට අසනීප බවක් දැනුණු විට ඔවුන් ඔස්සේ වනය තුළ සැබෑ වෛරසයක් පැතිර යාමට ඇති හැකියාව අඩුය. ඔවුන් අසනීපයක් නොමැති වවුලන් සමග අඩුවෙන් කාලය ගත කිරීම ඊට හේතුවයි. ඉහත කී තත්ත්වය'උදාසීන සමාජ දුරස්ථභාවයක්' ලෙස හඳුන්වන අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතෘ සයිමන් රිපර්ගර්, අප සිතනවාට වඩා මෙම තත්ත්වය සත්ත්ව ලෝකයේ පුළුල් වශයෙන් පැවතිය හැකි බවට විශ්වාසය පළ කරයි. ඇඳට වැටීම "රැය දවාල පුරා , ගස් බෙනයක අඳුරේ සැඟව සිටින විටදී පවා පැයෙන් පැය, ඇතැම් අවස්ථාවල මිනිත්තුවෙන් මිනිත්තුව මේ වවුලන්ගේ සමාජීය හැසිරීම වෙනස්වන ආකාරය ගැන අපූරු ආකරයේ අලුත් විවරයක් මේ සංවේදක (Sensors) අපට ලබා දුන්නා," යනුවෙන් ඔහු සඳහන් කළේය. 'උදාසීන සමාජ දුරස්ථභාවය', මිනිසුන් අතින් ගත් විට තමාට අසනීප බවක් දැනෙන විට සමාජයේ ගැවසෙනවාට වඩා ඇඳට වී සිටීමට අවශ්‍ය වීම හා සමානය. ඉහත කී හැසිරීම සත්ත්ව කණ්ඩායමක පොදු සෞඛ්‍යට ප්‍රයෝජනවත්ය. මක්නිසාද යත් එමගින් රෝගයක් පැතිර යාමට ඇති හැකියාව අවම කෙරෙන බැවිනි. මේ ගැනත් කියවන්න:
කොරෝනා වෛරස් වසංගතය හමුවේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ඒ පිළිබඳ වගකීම් සහගතව කටයුතු කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් කොතෙකුත් සෞඛ්‍ය උපදෙස් ලබා දී තිබුණ ද මිනිසුන් වන අප විසින් ඒවා කඩකරනු ලබන අවස්ථා දුලභ නොවේ. මේ එවැනි අවස්ථාවල මිනිසුන්ට සත්ත්ව ලෝකය කියා දෙන අපූරු පාඩමක් පිළිබඳ කෙටි විමසුමකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙරටේ ජල විදුලි උත්පාදනය වර්ධනය කිරීම සංචාරයේ අරමුණයි මෙය නරේන්ද්‍ර මෝදි අගමැති තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව කෙරෙන ප්‍රථම විදෙස් සංචාරයයි. සංචාරයට පෙර නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා පවසන්නේ ඉන්දියාව හා භූතානය සතු ඔවුන්ට පමණක් ආවේණික වූ විශේෂිත සබැඳියාවක් පවතින බවයි. ඉන්දීය නායකයාගේ භූතාන සංචාරයේ ඉලක්කය කලාපයේ චීන බලපෑම් කෙසේ ද යන්න සොයා බැලීම බවයි වාර්තාකරුවන් පවසන්නේ. අගමැති මෝදි ඉන්දියාවට අවශ්‍ය පිරිසිදු බලශක්තිය සපයා ගැනීම සඳහා දෙරටේ සහයෝගය ඇතිව භූතානයේ ජල විදුලි උත්පාදනය වර්ධනය කිරීම පිළිබඳව භූතාන අගමැති ශරින් ටෝබ්ගේ සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හිමාල රාජ්‍යයක් වන භූතානයේ නිල සංචාරයක යෙදීමට නියමිතයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ යුද්ධය වැනි අර්බුද සම්බන්ධයෙන් ක්‍රියා කිරීමෙහිලා එක්සත් ජාතීන්ගේ ක්‍රියා පටිපාටිය වඩාත් සංවිධානාත්මක විය යුතු බව මහ කොමසාරිස්වරිය පවසයි මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ ඒ බව සඳහන් කළේ භාෂණයේ නිදහස සහ වෛරී සහගත ප්‍රකාශන මැයෙන් සෙනසුරාදා ලන්ඩන් ආර්ථික විද්‍යාලයේදී දේශණයක් පවත්වමින්. එමෙන්ම පසුගිය වසරේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට ආණ්ඩුවේ දූත පිරිසෙන් කෙරුණු හිරිහැර සහ විදේශ අමාත්‍යංශ වෙබ් අඩවිය මඟින් ඔවුන්ට තර්ජනය කිරීම පිළිබඳව අවධානය පළ කරමින් තමන් විදේශ අමාත්‍ය ජී එල් පීරිස්ට ලිපියක් යැවූ බවද ඇය සඳහන් කළාය. මහ කොමසාරිස්වරිය ඒ බව සඳහන් කළේ සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදී ෆරාස් ශෞකටලි මාධ්‍යවේදියාට නාඳුනන පිරිසක් විසින් ඔහුගේ නිවසේදී වෙඩි තැබීමෙන් දිනකට පසුවයි. මාධ්‍යවේදියාට වෙඩි තැබීම සිද්ධියේ සැකකරුවන් හඳුනා ගෙන ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් වහාම කළ යුතු බව බ්‍රිතාන්‍යය ද අවධාරණය කරයි සන්ඩේ ලීඩර් මාධ්‍යවේදියාට වෙඩි තැබීම පිළිබඳව ප්‍රකාශයක් කරන බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට්, සිද්ධියේ සැකකරුවන් හඳුනාගෙන ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් වහාම කළ යුතු බව අවධාරණය කරයි. මේ අතර ඉන් දින කිහිපයකට පෙරාතුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමතූ මහා කොමසාරිස්වරිය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ අවධානය පළ විය යුතු විශේෂ අංශ හතරක් පිළිබඳව සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමේ සිදුවීම් පිළිබඳව විශ්වසනීය තොරතුරු ඉක්මනින් දැන ගැනීමට අවස්ථාව සැලසෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් නිසි තීරණ ගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට අවස්ථාව හිමිවන බව ඇය පවසන්නීය. එවැනි උල්ලංඝනයන් පිළිබඳව වාර්තාවීම වැළැක්වීමේ අරමුණින් එවැනි ගැටුම් පැවැත්වෙන ප්‍රදේශවලට පැමිණ නිරීක්ෂණ කිරීම සඳහා එක්සත් ජාතීන්ට අවසර දීම අදාළ බලධාරීන් ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දෙන ඇය, අනෙක් අතට එවැනි අවස්ථා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ටද දීර්ඝ කාලයක් ගත වන බව ද සඳහන් කරන්නීය. එමෙන්ම මෙවැනි අර්බුද සම්බන්ධයෙන් ක්‍රියා කිරීමෙහිලා එක්සත් ජාතීන්ගේ ක්‍රියා පටිපාටියද වඩාත් සංවිධානාත්මක විය යුතු බවත් ඇය පෙන්වා දෙන්නීය. මානව හිමිකම් උල්ලංඝනයන් වැළැක්වීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාකාරීව මැදිහත් විය යුතු බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය අවධාරණය කරන්නීය. රුවන්ඩාවේදී මෙන්ම ශ්‍රී ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදීත් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර ඉක්මන් සම්මුතියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරුණු බවයි, ඇය පවසන්නේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව සැලකිල්ලෙන් බලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හින්දු මුස්ලිම් ගැටුම් සමයේ ඉන්දීය හමුදාව සීරුවෙන්. දරුවන් වැඩි දෙනෙකුගේ මරණයට හේතුව අධික සීතල බවට පල වන උත්තර ප්‍රදේශ් බලධාරීහු ප්‍රතික්ෂේප කරති. නිවුමෝනියාව, අතීසාරය ඇතුළු රෝග වැළඳීමෙන් දරුවන් මිය ගිය බවයි, ඔවුන් පවසන්නේ. පසු ගිය සැප්තැම්බරයේ මුසාෆර්නගර්හි හට ගත් එම ගැටුම් දශකයක කාලයක් ඇතුළත ඉන්දියාවේ පැතිර ගිය දරුණුම ජාතිවාදී කෝලාහල ලෙසයි, සැලකෙන්නේ. එම ගැටුම් වලදී හැට පස් දෙනකු මරා දැමුණු බව වාර්තා විය. වර්ගවාදී ගැටුමේ අනාථයන් තරුණ කාන්තාවකට අතවර කළ කණ්ඩායමකට එරෙහි වූ පුරුෂයන් තිදෙනකු මරා දැමීමත් සමඟයි මුසාෆර්නගර් වර්ගවාදී ගැටුම් ආරම්භ වුනේ. ඒ සමග පැතිර ගිය කෝලාහලවලින් බේරීමට දහස් ගණනක් ජනතාවට ඔවුන්ගේ නිවාස වලින් පළා යාමට සිදුවුණි. එම ජනතාවට රැකවරණ සැපයූ කඳවුරු වලදී වයස අවුරුදු දොළහට අඩු දරුවන් තිස් හතර දෙනකු වත් මිය ගොස් ඇති බවයි, ආණ්ඩුව විසින් පත් කරන ලද කමිටු වාර්තාවක දැක්වෙන්නේ. මුසාෆර්නගර් සහ ෂම්ලි දිස්ත්‍රික්කවල පිහිටි අනාථ කඳවුරු පහක තවත් 4,783 දෙනකු රැකවරණ ලබා සිටින බවත් වාර්තාවන්හි දැක්වෙයි. මුසාෆර්නගර් ගැටුම්වලින් තවත් අසූ පස් දෙනකුට වත් තුවාල සිදු ව තිබුණ අතර, පනස් දහසකට ආසන්න උන්හිටිතැන් අහිමි වූවන්ගෙන් බහුතරය වූයේ මුස්ලිම් ජනතාවයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැතිර ගිය හින්දු-මුස්ලිම් කෝලාහල වලදී සිය නිවාසවලින් පළා යාමට සිදු වූ දහස් ගණනක් ජනතාව රැඳී සිටි අනාථ කඳවුරුවල දරුවන්ගෙන් අඩු තරමින් තිස් හතර දෙනකු වත් මරණයට පත් ව ඇති බව නිල වාර්තාවකින් හෙළි වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් එම තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ තිබෙන අභියාචනය දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබිණ. නීතිපතිවරයා සිය අභියාචනයෙන් පෙන්වා දී සිටින්නේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බවය. මේ හේතුවෙන් මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුව අහෝසි කොට එම විත්තිකරුවන් වරදකරුවන් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා සිය අභියාචනයෙන් ඉල්ලා සිටියි. සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කළ බවට ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණ මේ අතර අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන දඬුවම පිළිබඳ තීන්දුව හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට කිරීමට නියමිතය. 2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කළ බවට ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි. තවත් කියවන්න: එම චෝදනාවලට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව තීන්දු කළ අධිකරණය ජුනි 14 වෙනි දින එහිමියන්ට දඬුවම් නියම කරන බව පසුගිය මැයි 24 වැනි දින ප්‍රකාශ කළේය. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු බව අධිකරණයේ නිගමණය වී තිබේ. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන්ට එරෙහිව අධිකරණ කීපයකම චෝදනා විභාග වූ නමුත්, එහිමියන් චෝදනාවකට වරදකරු බව තීන්දු කෙරුණ ප්‍රථම අවස්ථාව මෙය වේ. හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග විසින් බ්‍රහස්පතින්දා උදෑසන ඥානසාර හිමියන්ට නියම කරන දඬුවම ප්‍රකාශ කරනු ලැබීමට නියමිතය. ඒ වෙනුවෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය. තවත් ලිපි:
2012 දී මාලඹේ ප්‍රදේශයේ පිහිටි කල්වරි නමැති කතෝලික යාඥා මධ්‍යස්ථානයකට පහර දී අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට එරෙහි අභියාචනය නොවැම්බර් මස 23 වෙනි දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිනපතාම උදෑසන විවිධ පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙසින් නම් කරමින් කෙරෙන මඩ ගැසීම් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා කෙරෙන උසිගැන්වීම් බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි රොමේෂ් ද සිල්වා සහ ජයම්පති වික්‍රමරත්න ජනාධිපති නීතිඥයන්ට හා ක්‍රිශාන්ත වැලිඅමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් නීතිවේදීන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි එවා තිබෙන බව පවසන නීතිවේදී එකමුතුව මෙය සම්පූර්ණයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම උදෙසා තමන් ගෙන යන සටන අඩාල කිරීමේ ප්‍රයත්නයක් බව ද පවසයි. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ට නීතිවේදියා වූ අතර, අනෙක් නීතිවේදීන් තිදෙනා දෝෂාභියෝගයට එරෙහිව පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් ප්‍රසිද්ධියේ හඬ නැඟූහ. 'ඝාතනය කිරීමේ සැලසුමක්' "දිගින් දිගටම රාජ්‍ය මාධ්‍ය මගින් මේ කියන නම් සඳහන් වුනා. විවිධ මඩ ප්‍රචාර අරං ගියා. අපි විශ්වාස කරන්නේ අන්න ඒ මඩ ප්‍රචාර අරන් ගිය පාර්ශ්වයන්ගේ වැඩක් කියල," බවයි, නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල බීබීසී සංදේශයට කියා සිටියේ. "දිගින් දිගටම රාජ්‍ය මාධ්‍ය මගින් මේ කියන නම් සඳහන් වුනා. විවිධ මඩ ප්‍රචාර අරං ගියා. අපි විශ්වාස කරන්නේ අන්න ඒ මඩ ප්‍රචාර අරන් ගිය පාර්ශ්වයන්ගේ වැඩක් කියල" නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල "දේශප්‍රේමී පෙරමුණ" නමින් හඳුන්වා ගන්නා ලද කණ්ඩායමක් විසින් මෙම මරණ තර්ජන ඒවා ඇති බවයි, ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිනපතාම උදෑසන ජනමාධ්‍ය කලාවේ සියලු රීතින් උල්ලංඝණය කරමින් විවිධ පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙසින් නම් කරමින් කෙරෙන මඩ ගැසීම් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා කෙරෙන උසිගැන්වීම් බව ද ආසියානු මානව හිමිකම් කොමිසම සඳහන් කරයි. මුලින්ම මෙවැනි බිය ගැන්වීම් සහ තර්ජන එල්ල වූයේ මාධ්‍යවේදීන්ට බව පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම, ඉන් අනතුරුව දැන් එම තර්ජන නීතිවේදීන් සහ විනිසුරුවන් ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කෙරෙහි එල්ල වෙමින් තිබෙන බවද පෙන්වා දෙයි. මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මන්ත්‍රීවරයා, ක්‍රිශාන්ත වැලිඅමුණ නීතිවේදියා ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවත්, ඒ සඳහා නම් දැරූ අපරාධකරුවෙකු බලධාරීන් විසින් බන්ධනාගාරයෙන් නිදහස් කොට ඇති බවත් පැවසීය. වහාම පරීක්ෂණ ආරම්භ කරන මෙන් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින නමුත්, විශේෂයෙන්ම මංජුල තිලකරත්න අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහර දීම පිළිබඳව හෝ විජේදාස රාජපක්ෂ සහ ගුණරත්න වන්නිනායක නීතිවේදීන්ට පහර දීමේ ප්‍රයත්නයන් පිළිබඳව තවමත් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති බැවින් මේ පිළිබඳවත් කිසිදු පරීක්ෂණයක් පැවැත්වෙනු නැති බව ද නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල සංදේශයට පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයට විරුද්ධව හඬ නැගූ නීතිවේදීන්ට එල්ල වෙමින් තිබෙන මරණ තර්ජන පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි නීතිවේදී එකමුතුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද ගැටුම්වලින් පීඩා විඳි දෙමළ ජනතාව මුණ ගැසීම පිණිස 'උතුරේ සංචාරයක කරනවා' බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ නියෝජිතයන් පිරිසක් සමඟ බ්‍රහස්පතින්දා ලන්ඩනයේ පැවති සාකච්ඡාවේදී එම ප්‍රතිඥාව දුන් අගමැතිවරයා, කෙසේ වුවත් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් බවද සඳහන් කළේය. දශක ගණනාවක යුද ගැටුම්වලින් පීඩා විඳි දෙමළ ජනතාව මුණ ගැසීම පිණිස උතුරේ සංචාරයක යෙදෙන බවද අගමැතිවරයා දූත පිරිසට දැනුම් දුන් බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි. රොබට් බ්ලේක් 'සමුළුව වර්ජනය කළා නම් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යහපතක් විය හැකිව තිබුණා' ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව බරපතල චෝදනා එල්ල වී තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම නුසුදුසු බවට දෙමළ නියෝජිතයන් පිරිස ඉදිරිපත් කළ තර්කයට පිළිතුරු දුන් අගමැතිවරයා කියා සිටියේ, එවැනි වර්ජනයක් මගින් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවනු ඇති බවයි. ඉන්දියාවේ දිල්ලි අගනුවරදී වාර්තාකරුවන් ඇමතු නොබෙල් සාම ත්‍යාගලාභී ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරුවරයා මේ අතර කියා සිටියේ, පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව වර්ජනය කළේ නම් එමගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යහපතක් විය හැකිව තිබුණු බවයි. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, රාජ්‍ය නායක සමුළු වර්ජනය ආණ්ඩුවට බලපෑම් කළ හැකි එක් ක්‍රියාමාර්ගයක් විය හැකිව තිබුණු බවද ඔහු කියා සිටියේය. අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ, නෙල්සන් මැන්ඩෙලා විසින් පිහිටුවන ලද 'දි එල්ඩර්ස්' (The Elders) කණ්ඩායමේ සභාපතිවරයායි. විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව පොහොසත් වන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව සලකා බැලීමට සිදු වනු ඇතැයි හිටපු ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඔ බ්ලේක් මීට ඉහතදී සංදේශය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී සඳහන් කළේය.
යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා විභාග කිරීම පිණිස ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය සිය ශ්‍රී ලංකා සංචාරයේදී අවධාරණය කරන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන මහ ඇමති විග්නේශ්වරන් කියා සිටින්නේ තම පළාත් සභාවට එරෙහිව මධ්‍යම රජය ජනතාව නොමග යවන ප්‍රචාරයන් සිදු කරන බව. උතුරේ සංවර්ධනය පිණිස රුපියල් බිලියන හයක් වෙන්කර ඇති බවත් එයින් සුළු ප්‍රමාණයක් පමණක් වැය කිරීමට උතුරු පළාත් සභාව ක්‍රියා කර ඇති බවටත් රජය කරන ප්‍රකාශය ඔහු ප්‍රතිෂේප කරයි. ඉඩම් බල පත්‍ර ඔක්තෝබර් 12 දා කිලිනොච්චියේදී පුද්ගලයන් විසිදහසකට ඉඩම් බල පත්‍ර බෙදා දීමට රජය තීරණය කිරීම මැතිවරණ උප්පරවැට්ටියක් ලෙස තම ලිපියෙන් චෝදනා කරන ප්‍රධාන ඇමති විග්නේශ්වරන් මෙවැනි කපටිකම් වලට සහය දැක්වීමට මහජන නියෝජිතයන්ට උතුරේ ජනතාව බලය පවරා නොමැති බවයි කියා සිටින්නේ. මේ අතර රජය කියා සිටින්නේ උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශයන්ට අනුකූලව ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 13 දා යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වීමට නියමිත විශේෂ ඒකාබද්ධ දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමට සහබාගි නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරම් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය පුතා, ජගත්, හදාවඩා ගැනීම පිණිස දීමෙන් පසු යසවතී මාතාවට ලැබුණ එකම ඡායාරූපය මෙයයි අම්මා සහ බාල නංගී රැගෙන රතු පැහැති මෝටර් රථයක් දිනක් හැන්දෑ යාමයේ නිවසින් පිටත්ව ගිය අයුරු ඉන්දික වඩුගේට තවමත් මතකය. ඊට පසු දින අම්මා යළි නිවසට එන තුරු ඉන්දික සහ වැඩිමහල් නැගණිය, දමයන්ති, නිවසට වී සිටියහ. නිලන්ති නංගීත් සමඟ පිටත්ව ගිය අම්මා යළි පැමිණියේ තනිවය. "යන්නම් කියල අත වනල ගියපු නංගි පිටරට යාවි කියල හරි අපි එයාව දකින්නේ අන්තිම වතාවට කියල මට නිකමටවත් හිතුණේ නෑ," ඉන්දික පවසයි. ඒ 1985 හෝ 1986 වසරේ දිනයකි. ඒ වනවිට ඔවුන්ගේ පියා පවුලෙන් ඈත්ව ගොසිනි. අම්මා, පනික්කාර්ගේ සෝමවතීට සිදුවූයේ තනිවම දරු තිදෙනා ඇති දැඩි කිරීමටය. දෛනික ජීවිතය ගෙවාගැනීමට ඔවුන් අරගලයක නිරතව සිටියදී, නිලන්ති නංගී දරු කමට හදාවඩා ගැනීමට භාර දෙන මෙන් අම්මා දැන සිටි පුද්ගලයෙක් ඇය එකඟ කරගත් අයුරු ඉන්දිකට මතකය. දෙමාපියන් සමඟ දිනක් 'බේබි ෆාම්' මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ අම්මාවරු පැදුරු මත නිදා සිටිනු දුටු බව ඉන්දික පවසයි ඉන්දික පවසන්නේ ඒ පුරුෂයා එවක කොටහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය "බේබි ෆාම්" මධ්‍යස්ථානයක බ්‍රෝකර්වරයෙකු බවය. අධිකරණ ලිපිකාරිනියක සහ ඇයගේ ස්වාමිපුරුෂයා විසින් එය පවත්වාගෙන යන ලද බව පවසන ඔහු, එම බිළිඳුන් විකිණීම පිණිස විදේශික දෙමාපියන් සොයා දීම භාරව සිටියේ සිය නැගෙණිය කැඳවා ගිය පුරුෂයා බවත් පැවසීය. එසේ දරුවන් භාරගත් විදේශිකයන් අතරින් විශාල පිරිසක් ඕලන්ද ජාතිකයන්ය. ඉන්දික පවසන්නේ, එය දරුවන් විකුණන මධ්‍යස්ථානයක් යයි සිය මව සෝමවතී දැන සිටි බවය. එහෙත් ඒ අවස්ථාවේ ඇයට විකල්පයක් නොවූ බවත් පුතා පිළිගනියි. දියණිය භාරදුන් අවස්ථාවේ ඔවුන් සෝමාවතීට රුපියල් 1500 ක් (එවක ඩොලර් 55ක් පමණ) දී තිබේ. "අම්ම ඒක දැනගෙන හිටිය, ඒත් අම්මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මම හිතන්නේ අම්ම ඒ තීරණය ගත්තේ එයාට අපි සේරටම කන්න දෙන්න බැරි නිසා. මම එයාට වැරැද්දක් කියන්නේ නෑ." නිලන්ති නංගී භාරදීමට ප්‍රථම තාත්තාත්, අම්මා සමඟ "බේබි ෆාම්" මධ්‍යස්ථානයට ගිය බව ඉන්දිකට මතකය. ඒත් ඒ කවර කරුණක් සඳහා දැයි ඔහුගේ මතකයේ නැත. එය දෙමහල් ගොඩනැගිල්ලක් බවත් අලුත දරුවන් ප්‍රසූත කළ මාතාවන් කිහිප දෙනෙකු එහි පහළ මාලයේ පැදුරුවල වැතිරී සිටි බවත් ඔහුට මතකය. "ඒක හරිම අපිරිසිදු තැනක්, හරියට හොස්පිටල් වාට්ටුවක් වගේ," ඔහු පැවසීය. "දැන් මම දන්නවා ඒක බේබි ෆාම් එකක් කියල. එයාල දරුවෝ ලැබෙන කල් අම්මල බලාගෙන ඊට පස්සේ ඒ දරුවෝ විකුනනවා. එතන බොහොම හොඳ බිස්නස් එකක් කළේ." වරක් අම්මාගේ මිතුරියක සිය බිළිඳා එම ස්ථානයට භාර දී අම්මා හමුවීමට පැමිණි බවත් ඔහුට මතකය. "අම්මට කතා කරන ගමන් එයා අඬ, අඬ හිටිය මට මතකයි." නිලන්ති හදාවඩා ගැනීම පිණිස භාරදීම හැර තමන්ට විකල්පයක් නොතිබුණ බව සෝමවතීට හැඟිණ ජනතා විමුක්ති පෙරමුණේ දෙවෙනි කැරැල්ල සමයේ සිය නැගෙණිය රැගෙන ගිය පුරුෂයා ද මෝටර් රථය තුළම පුළුස්සා මරා දමා තිබුණු බව ඉන්දික පවසයි. "ඒ දවස්වල ඒක හැම මාධ්‍යයකම ගියා." ඔහු පවසන්නේ, ගිනි ගෙන දැවී ගිය මෝටර් රථයේ ඡායාරූප දුටු විට එය එදා රාත්‍රියේ අම්මාත්, නැගෙණියත් රැගෙන ගිය මෝටර් රථය යයි තමන්ට වැටහුණ බවය. නෙදර්ලන්තයේ හෝ ඔස්ට්‍රියාවේ දෙමාපියන් සිය නංගී දරුකමට හදාගත් බව විශ්වාස කරන ඉන්දික පවසන්නේ, අසනීපයෙන් පසුවන අම්මා නිලන්ති ගැන ආරංචියක් ලැබෙන තුරු දින ගණන් කරමින් සිටින බවය. එහෙත් නැගෙණිය ගේ එක් ඡායාරූපයක් හෝ ඔවුන් සතුව නැත. "අම්මට දැන් අවුරුදු 63ක්. එයාගේ එකම බලාපොරොත්තුව මැරෙන්න කලින් නංගි දැකගන්න එක. ඒ නිසා මේක මම කරන්නේ අම්ම වෙනුවෙන්," යනුවෙන් ද 42 හැවිරිදි ඉන්දික වඩුගේ පැවසීය. සිය දරුවන් විදේශික දෙමාපියන්ට භාර දීමට සිදු වූ බොහෝ අම්මලාගේ ප්‍රාර්ථනාව ද එයයි. රණවීර ආරච්චිගේ යසවතී පවසන්නේ, සිය බිළිඳු දරුවා "විකිණීමට" තමන්ගේ කිසිදු අභිලාශයක් නොවූ බවය. අවිවාහක, තරුණ මවක ගැන සමාජයේ පවතින ආකල්ප හේතුවෙන් දරුවා හදාවඩා ගැනීම පිණිස දීමට තීරණය කළ බව ඇය පවසන්නීය. "මට ඒ වේලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය මම ගත්තේ. ඒත් ඒක හරිම වේදනාකාරී දෙයක්," යසවතී පවසයි. "මම මගේ දරුවා ගැන හිතුවා. මම ඒ වේලාවේ දරුවා බලාගන්න පුළුවන් තත්ත්වයක හිටියේ නැහැ. ඒ වගේම සමාජයෙන් එල්ල වෙන්න පුළුවන් අභියෝග ගැනත් මම බයෙන් හිටියේ." පළාතේ පුරුෂයෙකු සමඟ පෙම් සබඳතාවක් අරඹන විට යසවතී පාසල් දැරියකි ගතානුගතිකවාදී ශ්‍රී ලංකා සමාජය තුළ විවාහයෙන් තොර ලිංගික පහස පිළිබඳව පවතින්නේ පහත් ආකල්පයකි. එමෙන්ම ගබ්සාව නීතියෙන් තහනම්ය. 1983 දී පාසල් අධ්‍යාපනය හමාර කළ විටම පාහේ පාසලට යන අතරතුර හඳුනාගත් වැඩිමහල් පුරුෂයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් අරඹන විට යසවතී 17 වෙනි වියේ පසු වූවාය. සිය වැඩිමහල් සොයුරන් දෙදෙනා පෑ විරෝධය ද නොතකා ඇය ටික දිනෙකින් පෙම්වතාගේ නිවසේ පදිංචියට ගියේ "බලහත්කාරයෙන් වගේ," බවත් ඇය පවසන්නීය. මුලදී ඔහු ඇයට හොඳින් සැලකූ නමුත් පසුව ඔහුගේ හැසිරීම වෙනස් වූ බව යසවතී පවසයි. පෙම්වතා සහ ඔහුගේ නැගෙණිය යසවතී විවේචනය කරන්නට සහ ඇයට දෝෂාරෝපණය කරන්නට වූහ. පසුව ඔහුට වෙනත් පෙම් සබඳතා පවතින බවත් යසවතීට දැනගැනීමට ලැබිණ. "පස්සේ එයා මාව මගේ ගෙදර එක්කන් ආවා. ඇවිත් රෙදි වෙළෙඳාම් කරන්න යනවා කියලා මාව ගෙදර දාලා ගියා. ඊට පස්සේ ආවේම නැහැ. මම එයාව හෙව්වා, හෙව්වා හම්බවුනේම නැහැ. මම හරිම කලකිරීමකින්, වේදනාවකින් ජීවත්වුණා." ඇය දෙමස් ගැබිණියක බව දැනගත් යසවතීගේ අක්කා සහ සොහොයුරෝ ඇය නිවසින් එලවා දැමූහ. 1984 දෙසැම්බර් 24 වෙනි දින ජගත් උපත ලැබුවේය "ඒ අතරේ ඒ පැත්තේ රෙජිස්ට්‍රාර් නෝනා කෙනෙක් හිටියා. මම එයාට ලියුමක් ලිව්වා මට විඳින්න වෙලා තියෙන දුක් කන්දරාව නිසා මම ජීවිතේ හානි කරගන්නවා කියලා. පස්සේ එයාගෙන් මට ලියුමක් ආවා, ඔයා තියන ඇඳුම් ටික අරගෙන මෙහෙ එන්න කියලා. මම එයාගේ කාර්යාලයේ මාස අටක් වගේ වැඩ කළා. මට දරුවෙක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයා කිව්වා අපි කාට හරි බබා හදාගන්න දෙමු කියල. එයා අඳුරන ඇටෙන්ඩන්ට් නෝනා කෙනෙක් ඉන්නවා රත්නපුර මහ රෝහලේ, එයා එක්ක කතා කරලා දරුවා කාට හරි දෙමු කිව්වා." ඇයගේ පුතා, ජගත් රත්නායක, 1984 දෙසැම්බර් 24 වෙනි දින රත්නපුර මහ රෝහලේ දී උපත ලැබුවේය. "සති දෙකක් විතර ඉඳලා මාව කොළඹ එක්කන් ආවා. එතන ළමා නිවාසයක් වගේ තැනක්. මට තැන හරියට මතක නැහැ. හැබැයි මම වගේ තව දෙතුන්, දෙනෙක් හිටියා," යසවතී පවසයි. "එහේදි සුදු ජාතිකයෝ දෙන්නෙක් මගේ ළමය භාරගත්තා. හැබැයි මම දැනගෙන හිටියේ නැහැ එයාලා මොන රටේ අයද කියලා. මට රුපියල් 2000 (එවක ඩොලර් 85 ක් පමණ) එක්ක රෙදි පාර්සලයක් දුන්නා ගමේ යනකොට අරගෙන යන්න කියලා, එච්චරයි." "මගේ එකම ප්‍රාර්ථනය මැරෙන්න කලින් මගේ පුතා දැකගන්න එක" මාස කිහිපයකට පසුව, ඇම්ස්ටර්ඩෑම් නුවර සිටින යුවලකගෙන් ඇයට ලිපියක් ලැබිණ. ජගත් පුතාගේ ඡායාරූපයක් ද එහි විය. "මම ඉංග්‍රීසි දන්නේ නෑ. දරුවා දුන්නු එකට මට ගොඩාක් ස්තුති කරලා, දරුවා හොඳින් ඉන්නවා කියල ඒ ලියුමේ කියල තිබුණ බව ඉංග්‍රීසි දන්න කෙනෙක් මට කිවුව. ඊට පස්සෙම මගේ ලමයා ගැන කිසිම ආරංචියක් නැහැ." පසුව විවාහ වී ගොඩකවෙල වාසය කරන 56 හැවිරිදි යසවතී දැන් තවත් පුතෙකුගේ සහ දියණියන් දෙදෙනකුගේ මවකි. "අදටත් මගේ ළමයා ගැන මතක් වෙලා දුක් වෙනවා. සුදු අම්මලා යනකොට එයාලා දැක්කම එයාලගෙන් මගේ පුතා කෝ කියලා අහන්න හිතුනු වාර අනන්තයි. මම හරි අසරණයි...," ඇගේ හඬ හැඬුම්බරය. සිය පුතු සොයා ගැනීමට ලැබුණ ද සමාජයෙන් ගැරහුම් ලබන්නට සිදුවනු ඇති දැයි යසවතී ගේ සිතේ බියක් ද පවතී. "මම කියන්නේ කාටවත් මේ වගේ දෙයක් සිද්ධවෙන්න එපා කියලා. මගේ එකම ප්‍රාර්ථනය මැරෙන්න කලින් මගේ පුතා දැකගන්න එක." සිය දෙමව්පියන් සමඟ කොටහේනේ "බේබි ෆාම්' මධ්‍යස්ථානයකට ගිය බව ඉන්දික වඩුගේට මතකය 80 දශකයේදී ශ්‍රී ලංකාවේ දරුවන් දහස් ගණනක් ව්‍යාජ ලෙසින් විකුණා ඇති බව, 2017 දී නෙදර්ලන්තයේ සෙම්බ්ලා වැඩසටහනට සහභාගි වෙමින් එවක සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රාජිත සේනාරත්නපැවසීය. 1980-90 කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ දරුවන් 11,000ක් පමණ යුරෝපයට අලෙවි කර ඇති බව විශ්වාස කෙරේ. ඒ අතරින් දරුවන් 4,000ක් පමණ හදා වඩා ගැනීම සඳහා ලබාදී තිබෙන්නේ නෙදර්ලන්තයටය. විශේෂයෙන්ම 1980 දශකයේදී සංවිධානාත්මක පිරිසක් ව්‍යාජ ලියකියවිලි නිර්මාණය කර දරුවන් අලෙවි කර තිබෙන බවත් ඕලන්ද මාධ්‍ය කණ්ඩායමක් කළ විමර්ශනයේ දී හෙළිවිය. ඒ අතරින් ඇතැම් දරුවන් බටහිර රටවලට අලෙවි කර තිබෙන්නේ 'බේබි ෆාම්' නමින් හැඳින්වුණ ස්ථානවලිනි. බලවත් සහ සමාජය තුළ බලපෑමක් කළ හැකි ඇතැම් පුද්ගලයන් අසරණ කාන්තාවන්ගේ ඉරණමෙන් ආර්ථික වාසි ලබාගත්තා විය හැකි බවට සිය පර්යේෂණවලදී ඉඟි පළ වූ බව වසර 15 ක් මුළුල්ලේ ඒ පිළිබඳව පර්යේෂණ පවත්වන මාධ්‍යවේදිනී තරිඳි ෆොන්සේකා පවසයි. විදේශික දෙමාපියන් විසින් හදා ගනු ලැබූ දරුවන් 165 දෙනෙකුට පමණ යළි සිය මවුවරුන් මුණ ගැස්වීමට උපකාර කළ ඇන්ඩෲ සිල්වා පවසන්නේ, රෝහල් සේවකයන්, නීතිවේදීන් සහ පරිවාස හා ළමාරක්ෂක සේවකයින් ඇතුළු බොහෝ දෙනා එයින් ආර්ථික වාසි ලබාගෙන ඇති බවය. සංචාරක කර්මාන්තයේ නිරතව සිටියදී මුණ ගැසුණු ඕලන්ද ජාතිකයෙකුගේ ඉල්ලීමක් පරිදි මුලින්ම නෙදර්ලන්තයේ වෙසෙන දරුවන්ට මවුවරුන් සොයා දීමට උපකාර කළ ඇන්ඩෲ සිල්වා වෙත දැන් නිරන්තරයෙන් මවුවරුන්ගෙන් ද ඉල්ලීම් ගලා එමින් පවතී. "සමහර හොස්පිටල් ඇටෙන්ඩන්ට්ල දරුවෝ විකුණන්න සම්බන්ධයි කියල මට සමහර අම්මල කියල තියෙනව," ඔහු පැවසීය. "අහිංසක, තරුණ අම්මල හොයල 'උදවු කරන' විදියට තමා එයාල මේ වැඩේ කරල තියෙන්නේ." "වැඩ බලන මහේස්ත්‍රාත් කෙනෙක් විදියට තමන්ගෙන් කෙනෙකුට ඇඩප්ෂන් ඕඩර් එක්ක දෙන්න පුළුවන් වෙන කල් සමහර නීතිඥයෝ වගේම අධිකරණ නිලධාරීන් දරුවෝ සමහර තැන්වල රඳවගෙන හිටිය කියලත් අම්මල කිවුව." ඇන්ඩෲ සිල්වා, සිය දියණිය සොයන මවක වන සුමිත්‍රා සමග දරුවන් විකිණීමේ ජාවාරමකට ඇතැම් බලවත් පුද්ගලයන් සම්බන්ධ බවට නැගෙන චෝදනාව ඇතැම් මවුවරුන්ගේ කතා පුවත්වලින් ද හෙළිවිණ. 1981 දී සිය තුන් වෙනි දරුවා පිළිසිඳ ගත් අවස්ථාවේ, ඇය තමන්ට ඇති දැඩි කළ නොහැකි බව වටහාගත් කාරියප්පෙරුම අතුකෝරාළ දොන් සුමිත්‍රා සහ ඇයගේ ස්වාමි පුරුෂයා අගනුවර පාස්ටර්වරයෙකුගේ පිහිට පැතූහ. නොවැම්බර් මාසයේ උපත ලැබූ දියණිය හදාවඩා ගැනීම පිණිස භාරදීම සංවිධානය කළ ඔහු තමන්ට රුපියල් 50,000 ක (එවක ඩොලර් 2600 ක් පමණ) මුදලක් දුන් බව ඇය පවසන්නීය. එහෙත් ඔවුන්ට කිසිදු ලියවිල්ලක් නොලැබිණ. "මගේ ළමයා දරුකමට දෙන්න හේතු වුණේ ඒ දවස්වල අපිට තිබ්බ දුප්පත්කමයි ඉන්න හරි හැටි තැනක් නැති එක නිසයි. මමයි මගේ මහත්තයයි කතාවෙලා තමයි දරුවා දෙන්න තීරණය කළේ," ඇය පවසන්නීය. "ඊට පස්සෙ මම ළමයා ගැන එයාලගෙන් ඇහුවාම කිව්වා බය වෙන්න එපා ඔයාලගේ ළමයා හොදින් ඉන්නවා කියලා. ඒත් මම දරුවා ගැන කිසි දෙයක් දන්නේ නෑ." ඉන් අනතුරුව ද පුතෙකු ප්‍රසූත කළ නමුත් 65 හැවිරිදි සුමිත්‍රාට සිය දියණිය ගැන මතකය මකා දැමිය නොහැකිය. එහෙත් දැන් කඩුවෙල වෙසෙන ඇය පවසන්නේ, තමන් දැන් පාස්ටර්වරයා ඉන්නා තැනක් හෝ නොදන්නා බවය. දියණියගේ ඡායාරූප ද ගංවතුරකින් බොඳ වී ගොසිනි. "මගේ දෙවැනි දුව කියනවා අම්මේ අපි ඒ පාස්ටර් හොයාගෙන යමු ගිහින් අපේ නංගි හොයාගමු කියලා. මගේ එකම බලාපොරොත්තුව මගේ ඒ දුව හොයාගන්න එක." සුමිත්‍රා ඇතුළු මවුවරුන් බොහෝ දෙනකුට දරුවන් සොයා දීමට ඇන්ඩෲ සිල්වා උත්සහ දරමින් සිටී. මේ මවුවරුන්ට ව්‍යාජ ලේඛන ලබා දී තිබීම හේතුවෙන් බොහෝවිට සිය උත්සාහය අසාර්ථක වන බව ඔහු පවසයි. සිය අම්මාවරුන් සොයා ගැනීම හදාවඩා ගනු ලැබූ දරුවන්ට ද ඉතා දුෂ්කර කාර්යයකි. ඇතැම්විට එසේ සොයා ගනු ලැබුව ද, ප්‍රතිඵලය ඉතා වේදනාකාරී ද විය හැකිය. නිමල් සමන්ත (දකුණේ) සිය නිවුන් සොහොයුරු ජූරි සංජීව සහ ඔහු හදාගත් මව සමඟ 1984 දී සති හයක ළදරුවෙකු සමයේ නිවුන් සොයුරු ජූරි සංජීව ද සමඟ හදා වඩා ගැනීම පිණිස නෙදර්ලන්ත යුවලකට භාර කෙරුණු නිමල් සමන්ත ෆොන් ඕත් මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ 2001 දීය. ඒ අවස්ථාවේ මුණ ගැසුණ පුද්ගලයෙකුගෙන් කරන ලද ඉල්ලීමකින් අනතුරුව 2003 දී එම පුද්ගලයා නිමල් සමන්තට දුරකතන ඇමතුමක් දුන්නේ, ඔහුගේ පවුල සොයාගත් බව දැනුම් දීම පිණිසය. එහෙත් එය සතුටුදායක ආරංචියක් නොවීය. ඔවුන්ගේ මව 1986 දී මෙලොව හැරගොස් තිබුණේ 21 හැවිරිදි වියේදීය. ඒ, තවත් දියණියක ප්‍රසූත කිරීමෙන් මාස තුනකට පසුවය. "එදා තමයි මගේ ජීවිතේ අඳුරුම දවස," නිමල් සමන්ත මා සමඟ පැවසීය. "මට හැමදාම ඕන වෙලා තිබුණ මගේ අම්ම හොඳින් ඉන්නවද කියල දැනගන්න, ඒ වගේම ඇයි මාව හදාගන්න දුන්නේ කියල දැනගන්න. මොකද එයා තමයි මට මගේ ජීවිතේ දුන්න කෙනා." "වැදගත්ම දේ වුනේ අම්ම හොඳින් ඉන්නවද කියල දැනගන්න එක." සිය මව මෙලොව හැරගොස් ඇති බව හෙළි වූ දිනය "මගේ ජීවිතයේ අඳුරුම දිනය" බව නිමල් සමන්ත පවසයි නෙදර්ලන්තවාසීන් විසින් හදා වඩා ගන්නා ලද ශ්‍රී ලාංකික පිරිසක් සමඟ එක්ව නිමල් සමන්ත පසුව නෝනා පදනම (Nona Foundation) නමින් පුණ්‍යායතනයක් ආරම්භ කළේ අම්මාගේ මතකය වෙනුවෙනි. සිය පුණ්‍යායතනය මේ වනවිට, ලිංගික අතවරවලට සහ විවිධ හිරිහැරවලට ලක්වූ දැරියන් 1600 කට පමණ ස්වෝත්සාහයෙන් නැගී සිටීම පිණිස උපකාර කර තිබෙන බව ඔහු පවසයි. වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ දැරියන් උදෙසා කළ මෙහෙය වෙනුවෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ නෙදර්ලන්ත රජතුමා විසින් ඔහු නයිට් නම්බු නාමයකින් පුදනු ලැබීය. නිමල් සමන්ත එසේ නෙදර්ලන්තයේ දී නයිට් පදවියකින් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් පළමු පුද්ගලයා ද විය හැකිය. "ඇත්තටම මම පුදුම වුණා. ඒත් ලොකු ගෞරවයක්. ඒ වගේම මගේ මෙහෙයට ලැබුණ කදිම පිළිගැනීමක්," ඔහු පැවසීය. විදේශික දරුවන් හදා වඩා ගැනීම තහනම් කිරීමේ නෙදර්ලන්ත ආණ්ඩුවේ තීරණය "හොඳම විසඳුම නොවන," බව ඔහුගේ අදහසය. එහෙත්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොලොම්බියාව සහ ඉන්දුනීසියාව යන රටවලින් 1967 සිට 1997 යන කාලය තුළ හදාවඩා ගැනීමට දරුවන් ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කළ නිල පරීක්ෂණයෙන් අනතුරුව, සිය රටේ දරුවන් හදාවඩා ගැනීමේ ක්‍රමවේදය තවමත් වංචා වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නොමැති බවට බලධාරීන් අනතුරු අඟවා තිබිණ. නිමල් සමන්ත නයිට් පදවියෙන් පුදනු ලැබුවේ නෝනා පදනමේ 15 වෙනි සංවත්සර උත්සවයේදී ය ව්‍යාජ ලිපිලේඛන සහ රහසිගතභාවය හේතුවෙන් හදාවඩා ගනු ලැබූ දරුවන් සහ මවුවරුන් එකතු කිරීම බොහෝවිට ඉතා අපහසු වුවත්, ඇතැම් දරුවෝ සිය දෙමාපියන් සොයා ගැනීමට වාසනාවන්ත වූහ. සනුල් විල්මර් 1984 පෙබරවාරි 27 වෙනි දින කොළඹ දී උපත ලැබුවේය. ඔහුට යාන්තමින් සති දහයක් සපිරෙන විට ඔහු නීත්‍යානුකූලව හදාවඩා ගැනීමට භාර දී තිබුණි. එතෙක් ඔහු සිය මව ද සමඟ දෙහිවල අනාථ නිවසක රැඳී සිටියේය. "මම හදාවඩා ගත්ත දරුවෙක් කියල පොඩි කාලේ ඉඳලම මම දැනගෙන හිටිය. ඉතින් මගේ ඇත්ත අම්ම, තාත්ත දකින්න මට හැමදාම ඕනකම තිබුණා," ඔහු පවසයි. නෙදර්ලන්ත සහ ඉංග්‍රීසි භාෂා හොඳින් හසුරුවන සනුල් මා සමඟ සිංහලෙන් ද අදහස් දක්වයි. "මට හැමදාම මගේ අනන්‍යතාව ගැන මේ අර්බුදය තිබුණ. මම කවුද? මම පෙනුමෙන් ශ්‍රී ලාංකිකයෙක් නමුත් මම හැදුණේ නෙදර්ලන්තේ. ඒ නිසා මගේ මුල ගැන මට හැමදාම කුතුහලයක් තිබුණා." සිය අම්මා සොයා දෙන මෙන් ඉල්ලා නෙදර්ලන්තයේ දරුවන් හදාවඩා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන ඒජන්සියකට සනුල් මුලින්ම ලිපියක් ලිවුවේ අට හැවිරිදි වියේදීය. ඔහුගේ මව සොයාගත් බව දන්වමින් ඒජන්සියෙන් ඔහුට ලිපියක් ලැබුණේ 15 හැවිදිරි වියේදීය. ඉන් වසරකට පසුව ඔවුහු එකිනෙකා මුණගැසුණහ. "මට නංගි කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා කියලත් මගේ තාත්ත තවමත් අම්ම එක්ක කියලත් මට දැනගන්න ලැබුණ. ඉතින් අපි සේරම හොරණ අපේ ගෙදර ගියා. ඒක හරිම සතුටු,ඒ වගේම දුක හිතුන දවසක්." "අම්ම දැක්ක එක හරිම සතුටුයි. ඒත් මට සිංහල බැරි නිසා එයාල එක්ක කතා කරගන්න බැරිවුන එක ගැන ගොඩක් දුක හිතුණා," සනුල් පවසයි. "ඒ වගේම එයාලගේ ජීවිතෙයි මගේ ජීවිතෙයි කොයිතරම් වෙනස් ද කියල දැකල මට දුක හිතුණ." ඇම්ස්ටර්ඩෑම් අගනුවර රෝහලක වෛද්‍යවරයෙකු වන සනූල් විල්මර් දැන් තමන් වැනි හදාවඩා ගත් ශ්‍රී ලාංකිකයන්ට සිංහල ගුරුවරයෙකි. තමන් හදාවඩා ගැනීම පිණිස භාර දුන්නේ මන්දැයි අම්මා තමන්ට විස්තර කළ බව කියා සිටි ඔහු පවසන්නේ, එය හෙළිකර අම්මාගේ සිත රිදීමට අකමැති බවය. ඔහුගේ සිතේ අම්මා ගැන කිසිදු අමනාපයක් නැත. 2019 නෙදර්ලන්තයේ දී පැවති ඔහුගේ විවාහයට සනුල් ගේ අම්මා සහ මල්ලී සහභාගි වූ අතර, ඔහු නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. "මට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්න බව දැනගන්න ලැබුණ නිසා ඇත්තටම මම සතුටෙන්." අම්මා හමුවීම ප්‍රබල සතුටක් බව සනුල් පවසයි. සිය පුතුගේ විවාහයට සහභාගිවීම පිණිස ඔහුගේ අම්මා නෙදර්ලන්තයට පැමිණියාය දරුවන් හදාවඩා ගැනීමේ දී සිදු වූ වංචා ගැන බලධාරීන් කලක් මුළුල්ලේ දැන සිටි නමුත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව නෙදර්ලන්ත ආණ්ඩුව පසුගිය පෙබරවාරි මාසයේ හෙළි කළේය. අනාගත ආණ්ඩුවක් විසින් ඒ සම්බන්ධ අනාගත පියවර තීරණය කරනු ඇති බවත් ආණ්ඩුව පැවසීය. 80 දශකයේදී ශ්‍රී ලංකාවේ නීති විරෝධී දරුවන් හදා වඩා ගැනීමට පැවරීමේ ජාවාරමක් "සංචාරක ක්ෂේත්‍රයත් එක්ක මිශ්‍ර වෙලා සිදු වී තිබෙන," බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී යට පැවසීය. "දැන් තත්ත්වය ඒතරම් නරක නෑ නමුත් සිදු නොවෙනවා මයි කියල මම කියන්නෙත් නෑ," යනුවෙන් ද සඳහන් කළ ඔහු, ළමා කටයුතු සම්බන්ධයෙන් කැබිනට් ඇමතිවරයෙකු නොමැති බැවින් නෙදර්ලන්ත ආණ්ඩුවේ තීරණය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකරන බව ද කියා සිටියේය. සංස්කරණය: ලෝරන් පොට්ස්
1960 සිට 80 දශකය දක්වා කාලය තුළ දහස් ගණන් ශ්‍රී ලාංකික දරුවන් හදා වඩා ගැනීම පිණිස විදේශීය දෙමාපියන්ට භාර දෙනු ලැබිණ. "බේබි ෆාම්" මධ්‍යස්ථාන මගින් ඇතැම් දරුවන් යුරෝපීය දෙමාපියන්ට විකුණනු ලැබිණ. එහිදී දරුවන් ලබාගැනීම පිණිස දෙමාපියන්ට බලපෑම් කෙරුණු බවට සහ අල්ලස් දී ඇති බවට එල්ල වූ චෝදනා හමුවේ, එසේ දරුවන් දහස් ගණනක් භාරගත් නෙදර්ලන්තය, විදේශීය දරුවන් දරු කමට හදාවඩා ගැනීම මෑතදී තහනම් කළේය. ඒ පරීක්ෂණය තවදුරටත් පැවැත්වෙන අතරවාරයේ, සිය දරුවා කෙදිනක හෝ යළි පැමිණෙනු ඇතැයි බලා සිටි අම්මාවරු තවමත් ඒ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මණ්ඩලයේ නිත්‍ය නිරීක්ෂණයක් අවශ්‍යයි' එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිදු වූයේ වර්තමානයේ සහ අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයන් හේතුවෙන් බවයි, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. ඉරිදා රාත්‍රියේ කිලිනොච්චියේදී අත් අඩංගුවට ගනු ලැබූ ඉන්ෆොර්ම් සංවිධානයේ රුකී ප්‍රනාන්දු සහ යාපනයේ සාමය සහ සංහිඳියාව සඳහා වූ මධ්‍යස්ථානයේ ප්‍රවීන් පියතුමා ඉන් අනතුරුව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කොළඹටරැගෙන ආ බව පොලිසිය පවසයි. යාපනයේ කතෝලික සභාව අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට පසුගිය සතියේ කිලිනොච්චියේදී අත් අඩංගුවට ගනු ලැබූ ජෙයකුමාරි බාලේන්ද්‍රන් සහ ඇයගේ දියණියගේ තතු විමසීම පිණිස ඔවුන් දෙදෙනා කිලිනොච්චිය බලා ගිය බව ක්‍රියාධරයෝ පවසති. රඳවා ගනු ලැබූ සියලුම දෙනා සම්බන්ධයෙන් නීතියේ විධිවිධාන ප්‍රකාර කටයුතු කරන මෙන් සහ ඔවුන්ට සිය නීති උපදේශකයන් හමුවීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසද එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා කතෝලික සභාවේ යාපන දියෝකීසියේ ගිහි සභාව, ඔවුන් දෙදෙනා සහ ජෙයකුමාරි බාලේන්ද්‍රන් වහාම නිදහස් කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි. සිය පුත්‍රයා අතුරුදහන් වී ඇති බව පවසන ජෙයකුමාරි බාලේන්ද්‍රන්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ සංචාරය කරද්දී අතුරුදහන් වීම් වලට එරෙහිව පැවති උද්ඝෝෂණ වලදී ඉදිරියෙන්ම සිටියාය. ඇයගේ පුත්‍රයා බලහත්කාරයෙන් කොටි හමුදාවට බඳවා ගෙන ඇති බවත් යුද්ධය අවසානයේදී හමුදාවට භාර වීමෙන් අනතුරුව අතුරුදහන් වී ඇති බවත් වාර්තා වී තිබුණි.
රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා ඇතුළු මානව හිමිකම් ක්‍රියාධරයන් කිහිප දෙනකුම පසුගිය සතියේ අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම මගින් ජිනීවා මානව හිමිකම් කොමිසම මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව නිත්‍ය නිරීක්ෂණයක අවශ්‍යතාවය තවදුරටත් තහවුරු කෙරෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල් ජනිත් පෙරේරාට පනවා තිබූ තාවකාලික තරග තහනම පසුගියදා ඉවත් කෙරිණ. කෙසේ වෙතත් ඒ හේතුවෙන් ඔහුට සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අසාධාරණයක් වී ඇති බැවින් වන්දි මුදලක් ලබා දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ඉල්ලා සිටි බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 'කුසලට අහිමි වූ කීර්තිනාමය සහ සිදු වූ අසාධාරණය වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා' 'අයිසීසී එක අපේ ඉල්ලීමට එකඟ වුනා. කුසල් වෙනුවෙන් නීතිඥ, වෛද්‍ය, පරීක්ෂණාගාර වාර්තා සඳහා වැය කරන ලද මුදල් ලබා දෙන්නත් ඊට අමතරව මුදලක් කුසල්ට ලබා දෙන්නත් අයිසීසී එකේ සියලු සාමාජිකයන් ඒකමතිකව තීරණය කළා' ඔහු සඳහන් කළේය. වන්දි මුදල පිළිබඳ අවසාන නිගමනයකට පැමිණි වහාම ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල වැඩිදුරත් කියා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දියක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඒකමතිකව තීරණය කර ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙමළ ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවයි ඉන්දීය මුදල් ඇමතිවරයා කියා සිටින්නේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනය ආරක්ෂා කිරීමට සහ එය ක්‍රියාවට නැංවීමට ඉන්දියාව දිගටම කටයුතු කරමින් සිටින බවයි,මුදල් ඇමති චිදම්බරම් පවසන්නේ. ඇමතිවරයා එම අදහස් පළ කළේ චෙන්නායි නගරයේ පැවැත්වුන සමුළුවක් අමතමින්. “ඉන්දියාව පරමාධිපති බලය සහිත රටක්. එසේම අපගේ අසල්වැසි රාජ්‍යයනුත් පරමාධිපති බලය සහිත රටවල් වන්නේ” යයි ඉන්දීය මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේය. දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියාවේ මැදිහත් වීමෙන් සම්පාදනය කෙරුණ බව කියා සිටි මුදල් ඇමති පී.චිදම්බරම්,සියරට එම සංශෝධනය කිසිසේත් ම අත්හැර නො දමන බවයි,කියා සිටියේ. රජිව් ගාන්ධි දහතුන් වැනි සංශෝධනයට මඟ සැලසුන ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තබමින් දෙමළ ජනතාවට අසාධාරණයක් සිදු වීමට ඉන්දියාව ඉඩ නො තබන බව සඳහන් කළ මුදල් ඇමතිවරයා,තමා විසින් එම ප්‍රතිඥාව දෙනු ලබන්නේ රජිව් ගාන්ධි නාමයෙන් බවයි ප්‍රකාශ කළේ. “දහතුන් වැනි සංශෝධනය ක්‍රියාවට නැංවීම සඳහා ඉන්දියාවට ගත හැකි හැම පියවරක් ම නිශ්චිතව ම ගන්නා බවයි" පී.චිදම්බරම් මුදල් ඇමතිවරයා පවසන්නේ. ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණ යෝජනාව බොහෝ රටවල් විසින් අනුමත කරන ලද නමුත්,එය දියාරු මට්ටමකට පත් ව ඇති බවයි, මුදල් ඇමති පී,චිදම්බරම් චෙන්නායි සමුළුවේදී සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සිදු කෙරුණ ජන සංහාරයට වග කිව යුතු පුද්ගලයන්ට දඬුවම් පැමිණ වීම සඳහා ඒ ගැන විභාගයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සහයෝගය පළ කරනු ලැබීම ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවත් සමඟ කෝප වීමට හේතු වී ඇති බවයි,පලනිඅප්පන් චිදම්බරම් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විනාශ කර දැමීමට යත්න දරමින් ඇතත්,ඉන්දියාව ඊට ඉඩ නො තබන බව එරට මුදල් ඇමති පලනිඅප්පන් චිදම්බරම් කියා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උඩවලව ජාතික වනෝද්‍යානය අසල උක්ගස් වෙළඳාමේ නිරත දරුවෙක් උඩවලව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ පිහිටි මොනරාගල දිස්ත්‍රික්කයට අයත් හම්බෙගමුව සහ ඒ අවට ප්‍රදේශවල රාත්‍රි කාලයට පමණක් සීමා වී තිබූ වන අලි තර්ජනයට දහවල් කාලයේත් මුහුණ දීමට සිදු වී ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ. 'වෙනදා දවල් අලි ආවේ නැහැ. දැන් මේ හරක් ගානට අලි ඉන්නේ. හරක් කන්නා වගේ ගොයම් කන්නේ' ප්‍රදේශවාසියෙක් සඳහන් කළේය. වෙනත් ප්‍රදේශවලින් ගෙනවිත් උඩවලව වනෝද්‍යානය වෙත මුදා හළ ප්‍රචණ්ඩ වන අලි වෙලාවක් අවේලාවක් නොමැතිව ගම් වදින බව බලහරුව ප්‍රදේශයේ උදෑසන සිදු වූ වන අලි ප්‍රහාරයකින් දිවි බේරා ගත් පනස් අට හැවිරිදි ඒ.ජී.එම්. ජයරත්න පවසයි. වන අලි ප්‍රහාරයෙන් සිය ජීවිතය බේරුනත් තම දහතුන් හැවිරිදි එකම මිනිබිරිය වන අලියාගේ ගොදුරක් බවට පත් වූ ආකාරය ඔහු කනගාටුවෙන් යුතුව සිහි කරයි. අහිමි ජීවිත වන අලි ප්‍රහාරයට ලක් වූ නිවසක් ''දරුවත් අරං බයිසිකලේ යද්දී එකපාරම අලියා මාව හොඬවැලෙන් අල්ල ගත්තා. ඊට පස්සේ කරකවලා වීසි කළා. අඩි එකොළහක් විතර උස අලියෙක්. මීට කලින් දැකලා නෑ. කොහෙන් හරි ගෙනත් දාප එකෙක්. වීසි කලාට පස්සේ මට සිහිය නැති වුණා. බයිසිකලේ වාඩි වෙලා හිටපු දරුවා එක්ක බයිසිකලය වැටුණා. අලියා දරුවා පෑගුවා" මේ අතර අලි දිවා රාත්‍රියේ ගම් වැදීම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තදින් බලපා ඇති බව හම්බෙගමුව ද්විතීක විද්‍යාලයේ විදුහල්පතිනී ක්‍රිශාන්ති වීරසිංහ පෙන්වා දෙයි. පෞද්ගලික සමාගම් සහ විවිධ පුද්ගලයන් විසින් ප්‍රදේශයේ ඉඩම් මහා පරිමාණයෙන් අත්පත් කර ගනු ලැබීම හේතුවෙන් වන අලි ගැවසෙන ප්‍රදේශවල බිම් ප්‍රමාණය අඩු වී ඇති බව ගොවි සංවිධාන ක්‍රියාකාරියකු වන එස්.පී සිරිසේන කියා සිටියි. වන අලි ගම් වැදීමට එයත් එක් හේතුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි. තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හම්බෙගමුව, හම්බෙගමුව ජනපදය, බලහරුව, ගල්පොතුකන්ද, කලවැල්ගල, කිවුල, සූරියආර, කහකුරුල්ලන්පැලැස්ස, අලුත්වැව, පොකුණුතැන්න ආදී ගම්වල වැසියන් මේ වන විට නිරන්තරයෙන් වන අලි තර්ජනයට මුහුණ දෙන බවයි අජිත්ලාල් ශාන්තඋදය බීබීසී සිංහල සේවයට වාර්තා කළේ. 'අලි වෙඩි වෙනුවට පෙට්‍රල් ' වන අලියකුගේ ප්‍රහාරයට ලක් වී සිය මිනිබිරිය මරුමුවට පත් වූ බව පවසන ඒ.ජී.එම්. ජයරත්න කලකට පෙර ඉහත කී ගම්මානවලට වන අලි තර්ජනයක් නොතිබූ බව පවසන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියකු වන ටී.ඒ. නන්දසේන කියා සිටියේ මේ වන විට අලි වෙඩිවලට වන අලි හුරු වී ඇති බවයි. ඒ හේතුවෙන් අලි පළවා හැරීම සඳහා හිංසාකාරී ක්‍රමවේද යොදා ගැනීමට ඇතැම් පුද්ගලයන් පෙලඹී ඇති බවත් ඔහු කියා සිටියේය. ''ග්‍රොසරි බෑග් වලට පෙට්‍රල් දාලා අලින්ගේ ඇඟට ඒ බෑග් වීසි කරලා තමයි අලි එළවන්නේ. පස්ස පැත්තට පෙට්‍රල් පාරක් ගැහුවම සතියකට විතර එන්නේ නෑ." පිටස්තර ප්‍රදේශවලට අයත් ප්‍රචණ්ඩ වන අලි උඩවලව වනෝද්‍යානයට මුදා හරින බවට එල්ල වන චෝදනා වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් භාර සහකාර අධ්‍යක්ෂක ප්‍රශාන්ත විමලදාගේ ප්‍රතික්ෂේප කරයි. ''ඒක සාවද්‍ය කතාවක්. මිනී මරන, දේපල හානි කරන කිසිම අලියෙක් ගම්මානවලට මායිම් වූ වනෝද්‍යානවල ගෙනත් දමන්නේ නෑ. ඒක ප්‍රතිපත්තිමය තීරණයක්. හොරොව්පතානේ ඒ සඳහා විශේෂ තැනක් තියනවා.' ඔහු පැවසීය
වෙනත් ප්‍රදේශවල වෙසෙන ප්‍රචණ්ඩ වන අලි අල්ලා ගෙනවිත් උඩවලව ජාතික වනෝද්‍යානයට මුදා හැරීම හේතුවෙන් වන අලි උවදුර තවත් උග්‍ර වී ඇති බව වනෝද්‍යානය අවට ගම්මානවල වෙසෙන ජනතාව පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගමැති කැමරන් අවසන් වරට පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් විසින් අසනු ලබන ප්‍රශ්ණ වලට මුහුණ දීම සඳහා පිටත්ව ගියේය. පාලක කොන්සර්වටිව් පක්ෂයේ නව නායිකාව ලෙස තේරී පත්වුණු තෙරේසා මේ වෙත තනතුර භාර දීම සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. ඩේවිඩ් කැමරන් තනතුරින් ඉවත්ව යන්නේ යුරෝපා සංගමය තුළ බ්‍රිතාන්‍යය රැඳී සිටිය යුතුද, නැත්ද? යන්න පිළිබඳව පැවති ජනමත විචාරණයේ දී 'රැඳී සිටිය යුතුයි' යනුවෙන් ඔහු දැරූ මතය බ්‍රිතාන්‍ය ජනතාවගෙන් වැඩි පිරිසක් ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසුවයි. තෙරේසා මේ බ්‍රිතාන්‍යයේ දෙවන අගමැතිවරිය වීමට නියමිතය අගමැති කැමරන් අවසන් වරට පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාගෙන් අසනු ලබන ප්‍රශ්ණ වලට මුහුණ දීමට අපේක්ෂා කරයි. ඉන්පසු බකිංහැම් මාලිගයේ දී එලිසබෙත් රැජින හමුවී ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමෙන් පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස ඔහුගේ සේවා කාලය අවසන් වෙයි. ඩවුනින් වීදියේ අගමැති නිල නිවසින් ඉවත්ව යන ඔහු ඔක්ස්ෆර්ඩ්ෂයර් හි පිහිටි ඔහුගේ පුද්ගලික නිවස වෙත යනු ඇත. නව අගමැතිවරිය ලෙස පත්වන තෙරේසා මේ ජනමත විචාරණයේ දී ඩේවිඩ් කැමරන්ගේ මතයම දැරුවද අගමැති පදවිය භාර ගැනීමෙන් පසු 'ඉවත් විය යුතුය' යන ජනමතය අනුව කටයුතු කිරීමට පොරොන්දු වුවාය. අගමැතිවරිය ලෙස ඇයගේ පළමු නිළ කාර්යය වනු ඇත්තේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ කටයුතු සඳහා නව ඇමතිවරයෙකු පත්කිරීමයි. අගමැති නිල නිවසින් ඩේවිඩ් කැමරන් ගේ බඩු බාහිරාදිය ඉවත්කර ගැනීම දැනටමත් ආරම්භ කර ඇත.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අද (13) තම තනතුරේ අවසන් දිනය ආරම්භ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ග්‍රේම් ස්වෝන් අනපේක්ෂිත ලෙසින් සමු ගැනීම නිවේදනය කළේ සංචාරයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදී එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නාගේ එම අනපේක්ෂිත නිවේදනය කෙරුනේ ඔහු අළු බඳුන තරඟාවලිය වෙනුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටියදී. එංගලන්තය දැනටමත් තරඟාවලියෙන් පරාජය වී තිබෙන නමුත්, තවත් ටෙස්ට් තරඟ දෙකක් ඉතිරිව තිබේ. ග්‍රේම් ස්වෝන්, ටෙස්ට් තරඟ හැටකට සහභාගි වී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කඩුලු දෙසිය පනස් පහක් (255) දවා ගෙන තිබේ.
ජාත්‍යන්තර සහ මුල් පෙලේ ක්‍රිකට් තරඟවලින් වහාම සමු ගන්නා බව ලොව ප්‍රධාන පෙලේ දඟ පන්දු යවන්නකු වන ග්‍රේම් ස්වෝන් නිවේදනය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් තරුණවියේ දී ඡන්දය ප්‍රකාශ කිරීම මුලින් ඇරඹුණේ 'වර්මොන්ට්' ප්‍රාන්තයෙනි. කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට අනුව දැනටමත් මිලියන 100ට ආසන්න පිරිසක් ඡන්දය දී තිබේ. එය මේ සියවසේ මෙතෙක් වාර්තා වූ වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීම දිසාවට ගෙන යමින් තිබේ. අපේක්ෂකයින් දෙදෙනාම මැතිවරණයට පෙර අවසන් පැය කිහිපය කරට කර තරගයක් දෝලනය වන ප්‍රාන්තවල ගත කළහ. ජාතික මත විමසුම්වලදී ජෝ බයිඩන් හට පැහැදිලි ඉදිරියක් පෙන්නුම් කළ ද, අවසන් ප්‍රතිඵලයට හේතුවන ප්‍රාන්තවල තරගය කරට කර ස්වභාවයක් උසුලයි. 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයට තරඟ වදින පිළිවෙලින් වයස අවුරුදු 74 ක් සහ 77 ක් සම්පූර්ණ කර සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ඩිමොක්‍රටික් පාක්‍ෂික දේශපාලන ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් .ඔවුන් දෙදෙනාටම දශක හතකට එහා ගිය පෞද්ගලික සහ වෘත්තීයමය ඉතිහාසයක් ඇත. අපි ඔවුන් දෙදෙනාගේ එම ඉතිහාසයට ඔවුන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථා සටහන් පින්තූර පෙළක් ඇසුරින් ගමන් ගනිමු. ඩොනල්ඩ් ට්‍රම්ප් වයස අවුරුදු 18 දී. 1964 වසරේ නිව්යෝර්ක් යුද ඇකඩමියේ දී ගන්නා ලද ඡායාරූපයකි 1945 දී දෙවන ලෝක මහා සංග්‍රාමය නිමවී ලෝකය නව යුගයක් සඳහා පිබිදෙමින් සිටින මොහොතක 1946 ජූනි මාසයේ උපතලද ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් යෝර්ක් නගරයේ ඉඩම් දේපොළ හිමි මහාධනකුවේරයකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ හතරවෙනි දරුවා විය. මව මේරි ඈන් මැක්ලියොඩ් වූවාය. පවුලේ ධනස්කන්ධය කොතරම් සුවිසල් එකක් වූයේ නමුත් ළමාවියේ පටන්ම ඩොනල්ඩ්ගේ ආශාව වුනේ සිය පියාගේ ව්‍යාපාරයෙහි පහළ පෙළේ රැකියාවන්හි නිරතවීමය.ඒ අතරම පාසලේ දී හැසිරීම අයහපත් වූ හෙයින් ෆ්‍රෙඩ් ට්‍රම්ප් සිය ''අකීකරු පුත්‍රයා'' වයස අවුරුදු දහතුනේදීම යුදහමුදා ඇකඩමියට යොමුකිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ඩොනල්ඩ් පෙන්සිල්වේනියා සරසවියට ඇතුළත් විය. මේ අතර සිය වැඩිමහල් සහෝදරයා වූ ෆ්‍රෙඩ් ගුවන් නියමුවකු වීමට තීන්දු කරන ලද හෙයින් සිය පවුලේ දේපොළ පරිපාලනය ඩොනල්ඩ් මත පැවරුණි. ජෝ බයිඩන් -1967 දී ගන්නා ලද ඡායාරූපයකි ජෝසෆ් රොබිනෙට් බයිඩන් (කනිෂ්ඨ) පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙහි උපතලබා ඇත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමය පෙරට යමින් පවතින අතරවාරයේ 1942 වසරේදීය. අයිරිෂ්-ඇමෙරිකානු සම්භවයක් සහිත කතෝලික පවුලක දරුවන් හතරදෙනාගෙන් ඔහු වැඩිමලා විය. ජෝ යන කෙටි නමින් ආමන්ත්‍රණය කිරීමට පුරුදුවූ එම දරුවා ළමාවියේ පටන්ම මුහුණදුන් ගැටලුව වුනේ ඔහු කතාබහේ දී ගොත ගැසීමකින් (stutter ) යුක්තවීමය. පාසලේදී පවා මුහුණදීමට සිදුවූ එම අභියෝගය ජයගැනීමට ජෝ යත්න දැරුවේ කන්නාඩියක් ඉදිරියට පවා ගොස් කතාබහ ප්‍රගුණකර ගැනීමෙනි. අනතුරුව යොවුන් ජෝ ඩෙලවෙයාර් සරසවියට (University of Delaware) ඇතුළු විය.ඉන් අනතුරුව ඔහුගේ අධ්‍යාපන ආයතනය වූයේ 'Syracuse' සරසවියේ නීති පීඨයයි. 1970 ඩොනල්ඩ් ට්‍රම්ප් -1976 දී නීති අධ්‍යාපනය නිමකළ ජෝ නීලියා (පළමු බිරිඳ) සමඟ විවාහවීමත් සමඟ 'විල්මින්ටන්' (Wilmington)නගරයෙන් සිය දේශපාලන ගමන සඳහා අත්පොත් තැබීය. ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන පරිදි ඔහු සිය දේපොළ ව්‍යාපාරය ආරම්භකරන ලද්දේ සිය පියාගෙන් ලබාගත් ඩොලර් දශ ලක්ෂයක ''කුඩා ණයක්'' උපයෝගීකර ගනිමිනි. නිව්යෝර්ක් නගරයේ නිවාස දේපොළ අළෙවිකිරීමේ ව්‍යාපාරයක ප්‍රධානපෙළේ කාර්යභාරයක් මුලදී ඉටුකළ ඩොනල්ඩ් ට්‍රම්ප් පසුව 1971 දී එම සමාගමේ සමස්ත පාලනය සිය අතට ගැනීමට සමත්විය.ඔහු එම ව්‍යාපාරය ''ට්‍රම්ප් සංවිධානය'' යනුවෙන් නම් කළේය. එයින් වසර හයකට පසු ඔහුගේ පළමු විවාහය සිදු විය. ඒ ඉවානා ෂෙල්නිකොවා (vana Zelnickova) සමඟය. චෙකොස්ලොවේකියානු කාන්තාවක් වූ ඇය ක්‍රීඩිකාවක් මෙන්ම මෝස්තර නිරූපිකාවක්ද වූවාය.එම පළමු විවාහයෙන් ඩොනල්ඩ්ට දරුවන් තිදෙනෙකි. ඩොනල්ඩ් (කණිෂ්ඨ),ඉවන්කා සහ එරික් යන එම දරුවන් තිදෙනා දැනට ''ට්‍රම්ප් සංවිධානය'' නම් වෙළෙඳ ව්‍යාපාරය මෙහෙයවීමේ නිරතවෙති. එහෙත් සමාගමේ විධායක පාලන බලය තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් අත තබාගෙන ඇත. පළමුවරට මහජන ඡන්දයෙන් සෙනෙට් සභිකයකු ලෙස ජයග්‍රහණය කළ ජෝ බයිඩන් එම පදවියේ දිව්රුම්දුන් මොහොත. ඔහුගේ මාමණ්ඩිය වූ රොබට් හන්ටර් සහ පුත් 'Beau' (රෝහල් සයනයක සිට)දෙස බලා සිටියි.ඔවුන් දෙදෙනාම රිය අනතුරකින් තුවාල ලැබ ජීවිත බේරී සිටියහ ජෝ බයිඩන් ඔහු ආශාකළ සෙනෙට් සභික පදවිය දිනාගැනීමට 1972 දී සමත්විය.එහෙත් එය ඔහුට ඛේදජනක කාලයකි.ඔහුගේ බිරිඳ සහ දියණිය 'නයෝමි' මෝටර්රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම ඊට හේතුවයි. මාමණ්ඩිය හන්ටර් සහ පුත් 'Beau' එම රිය අනතුරෙන් බරපතල තුවාල ලැබ බේරී තිබුණි. ජෝ බයිඩන් සෙනේට් සභිකයකු ලෙස එම දිව්රුම්දීම පවා සිදුකරනු ලැබ තිබුණේ සිය පුතු ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ කාමරයක සිටය. 1980 1987 දී සිය පෞද්ගලික හෙලිකොප්ටර් යානයකින් ගමන්ගනිමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් 1970 දශකයේ ආරම්භයත් සමඟ සිය අභිලාෂයන් තවත් තීව්‍ර කළ ඩොනල්ඩ් ට්‍රම්ප් බෘක්ලින්' සහ 'ක්වීන්ස් ' සිට ව්‍යාපාරික ලෝකයේ වඩාත් සරුබිමක් වූ 'මෑන්හැට්න්' කරා යොමුවිය. ඔහු එහි අතිශයින් ජනප්‍රියභාවයට පත් 'ට්‍රම්ප් දේපොළ ව්‍යාපාරයේ' කේන්ද්‍රස්ථානය වන ''ට්‍රම්ප් කුළුණ'' විවෘත කළේය. 1983 දී විවෘත කරන ලද එය මහල් හැට අටකින් යුක්ත උත්තුංග මන්දිරයකි. ''ට්‍රම්ප් ප්ලේස්''.''ට්‍රම්ප් වර්ල්ඩ් ටවර්'' සහ ''ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් ටවර්'' ඩොනල්ඩ් ගේ සෙසු ව්‍යාපාරික ආයතන වෙති. ඔහු සතු ප්‍රබල වෙළෙඳ සන්නාමය මාධ්‍ය පවා ආකර්ශනය කර ගැනිණි එහෙත් ඩොනල්ඩ් අත ගසන හැම දෙයක් ම රන් බවට පත් නොවීය. ඔහුගේ ගනුදෙනු ව්‍යාපාර හතරක් බංකොලොත් වීමට හේතුවිය. 1987 වසරේ දී සෙනේට් සභික ජෝ බයිඩන් මාධ්‍ය හමුවකදී සිය ජනාධිපති ධූර අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගැනීම ප්‍රකාශයට පත්කළ අවස්ථාව.බිරිඳ ජිල් ඔහු පසෙකින්. ජෝ බයිඩන් සිය බිරිඳ සහ දියණිය අහිමිවීමෙන් කඩාවැටුන සිය ජීවිතය යළි ගොඩනගා ගැනීමට වසර දාහතරක කාලයක් සෙනෙට් සභිකයකු ලෙස වොෂිංටනයේ ගතකරද්දී යළි පියවර ගන්නට විය. අනතුරින් දිවි රැකුන සිය පුතුට සාමාන්‍ය ජීවිතයක් ලබාදීමට කැප වූ ජෝ දිනපතාම ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ('Delaware') පිහිටි පවුලේ නිවසේ සිට වොෂිංටනය බලා ගමන් ගත්තේය.අන්තිමේ දී ඔහු යළි විවාහ විය. මෙවර ඔහුගේ මනමාලිය වුනේ ජිල් ජෙකොබ් නම් කාන්තාවකි. ඔවුන් දෙදෙනාට දාව ලද දරුවාට ''ඈෂ්ලි '' යනුවෙන් නම්තබනු ලැබුණි. ජෝ අනතුරුව සෙනේට් සභාවේ අධිකරණ කමිටුවට අනුයුක්ත කරනු ලැබුණි.1987 වසරේ ජෝ ජාතික මට්ටමේ චරිතයක් බවට පත්වීමේ පළමු පියවර තබන ලද්දේ එම වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වෙමිනි. එහෙත් පසුව, ඔහු විසින් සිය නම තරඟයෙන් ඉවත්කර ගනු ලැබුණි.එම පියවර ගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ එවක නායකයා වූ නීල් කීනොක් විසින් සිදුකරන ලද කතාවකින් අදහස් සොරකම් කරන ලද බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුවය. 1990 ඩොනල්ඩ් ට්‍රම්ප් සුරූපී ළඳුන් පිරිවරා ගනිමින් දේපොළ වෙළෙඳාමෙන් පමණක් තෘප්තිමත් නොවූ ඩොනල්ඩ් ඊළඟට අතගැසුවේ විනෝදය සැපයීමේ ව්‍යාපාරය(entertainment sector) කෙරෙහිය. 1996 දී සුරූපිනියන් තේරීමේ තරඟ කෙරෙහි යොමුවූ ඩොනල්ඩ් ලෝක රූ රැජින,විශ්ව රූ රැජින, ඇමෙරිකානු රූ රැජින, ඇමෙරිකානු යොවුන් සුරූපිනිය වැනි රූපරාජිනී තරගාවලීන් සංවිධානය කළේය. ඒ අතර සිය පෞද්ගලික ජීවිතයේ දී පළමු බිරිඳ,ඉවනාගෙන් වෙන්වූ ඩොනල්ඩ් මාරියා මේපල්ස් සමඟ 1993 දී විවාහ විය. ටිෆනි (Tiffany) ඔවුන්ට ලද දියණියයි. 1999 දී ඩොනල්ඩ් මාරියාගෙන් දික්කසාද වූ අතර, ඔහුගේ පියාගේ අභාවයත් එම වසරේම සිදුවිය. ''මගේ නැගී සිටීමේ උත්තේජනය වුනේ මගේ පියා'' ඩොනල්ඩ් සඳහන් කර ඇත. ජෝ බයිඩන් සෙනේට් අධිකරණ කමිටුවේ.ඔහු අසල එඩ්වඩ් කෙනඩි 1991 ඔක්තෝබර් 11 වෙනිදා ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ රූපවාහිනී තිරයන් දෙස ඇස් දල්වා බලාසිටියේ එක්තරා කාන්තාවක් සෙනේට් සභාවේ අධිකරණ කමිටුවක් ඉදිරියේ දෙමින් සිටි සාක්ෂියක් නැරඹීම සඳහාය. ඇනිටා හිල් (Anita Hill) නම් එම කාන්තාව 'ඔක්ලහෝමා'සරසවියේ නීතිය පිළිබඳ මහාචාර්යවරියකි. එම සෙනේට් සභා කමිටුව ඉදිරියේ විභාගයට ගැනෙමින් තිබුනේ ක්ලැරන්ස් තෝමස් (Clarence Thomas) නැමැත්තා ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට නම්කරනු ලැබීම සම්බන්ධයෙනි. ක්ලැරන්ස් සහ තමා රීගන් පාලනය යටතේ සේවයෙහි නිරතවෙමින් සිටියදී ඔහු කීපවතාවක් ම තමාට ලිංගික හිරිහැර සිදුකරන ලද බවට ඇනිටා චෝදනා කළාය. එම විභාගය සිසුකරන ලද්දේ එකී සෙනේට් සභා කමිටුවේ සභාපතිවරයා වූ ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙනි. ජෝ ඇනිටාගේ සාක්ෂිය මෙහෙයවන ලද ආකාරය දීර්ඝකාලයක් විවේචනයට ලක්වෙමින් පැවතුණි. එම විභාගය සිදුකරන ලද්දේ සහමුලින්ම සුදුජාතික මෙන්ම පුරුෂයන්ගෙන් පමණක් සැදුම්ලත් පරීක්ෂණ මණ්ඩලයක් යටතේය. ඇනිටා හිල් වෙනුවෙන් ඉදිරිපත් වූ කාන්තාවන් කීපදෙනකුට සාක්ෂිදීමට කැඳවනු නොලැබීය. 2019 වසරේ රූපවාහිනී සාකච්ඡාවක දී අදහස් දැක්වූ ජෝ බයිඩන් ඒ සම්බන්ධයෙන් ''අනිටාට සලකන ලද ආකාරය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළේය. 2000 ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා, 1998 දී 2003 දී ට්‍රම්ප් අලුත් ම රියැලිටි ටීවී වැඩසටහනක් ඉදිරිපත් කළ අතර එය ව්‍යාපාරිකයෙකු මෙන්ම මාධ්‍යකරුවකු ලෙස සිය කීර්තිය සඳහා ඉවහල් විණි. එම වැඩසටහන 'දි ඇප්‍රෙන්ටිස්' (The Apprentice) නම් විය. ට්‍රම්ප් හට හිමි ව්‍යාපාරික අධිරාජ්‍යයේ කළමනාකරණ තනතුරක් සඳහා, වැඩසටහනට සහභාගිවන්නන් තරග වදින ආකාරය ඉන් පෙන්නුම් කෙරිණි. මාලා 14 ක් පුරා ඔහු එම වැඩසටහන මෙහෙයවීය. ඒ සඳහා ඩොලර් මිලියන 213ක් අදාළ රූපවාහිනී ජාලය විසින් තමන්ට ගෙවන ලද බව මුල්‍ය ප්‍රකාශන හෙලිදරව්වකින් ට්‍රම්ප් පවසා තිබිණි. මේ අතර 2005 වසරේදී ට්‍රම්ප් ඔහුගේ වතමන් බිරිඳ මෙන්ම යුගොස්ලාවියානු මෝස්‌තර නිරූපිකාවක වන මෙලනියා ක්නවුස් විවාහ කරගත්තේය. ඔවුන් දෙදෙනාට බැරන් විලියම් ට්‍රම්ප් නමින් පුත්‍රයකු සිටී. බරක් ඔබාමා විසින් සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දීමෙන් අනතුරුව, ඉලිනොයි හි ස්ප්‍රින්ග්ෆීල්ඩ් හි උත්සවයක් අමතන ජෝ බයිඩන් ජෝ බයිඩන් 2008 වසරේදීද ජනාධිපතිධුරය සඳහා උත්සාහයක් දරන ලද නමුත් ඉන් ඉවත ගියේය. සාර්ථකත්වයක් ලැබීමට තරම් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් නොවුවද, එම වසර අගදී ඔහු යළි කරලියට පැමිණියේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛත්වයක් හිමි වූ තනතුරක් පැවරුණු හෙයිනි. 2008 අගෝස්තු 23 වෙනිදා බරක් ඔබාමා විසින් සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දෙනු ලැබුවේ ජෝ බයිඩන් ය. එය ජයග්‍රහණය වෙත යන ගමනක් වූ අතර පසුව දෙදෙනා වාර දෙකක් ම සේවය කළේ ඔහුන් අතර ඉතා සමීප සබඳතාවක් ගොඩනගමිනි. එය කෙසේද යත්, බයිඩන් විසින් නිතර ම ඔබාමා අමතනු ලැබුවේ "සහෝදරයා" යනුවෙනි. 2010 ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 දී ජනාධිපති ධුරයේ වැඩ භාරගත් දින බිරිඳ මෙලනියා හා පුතු බැරන් සමග ධවල මන්දිරය වෙත දිවෙන තරගයට තමන් එක්වන බව ට්‍රම්ප් 2015 ජුනි මාසය වන තෙක් නිල වශයෙන් නිවේදනය කර නොතිබිණි. කාන්තාවන් පිළිබඳ ඔහු කරන ලද සල්ලාල ප්‍රකාශ ඇතුළත් 2005 වසරේ කරන ලද පටිගත කිරීමක් මතුවීම මෙන්ම ට්‍රම්ප් ජනාධිපති ධුරයට සුදුසු නැතැයි ඔහුගේ ම පක්ෂ සාමාජිකයකු ප්‍රකාශ කිරීමද ඇතුළු අර්බුදකාරී සිදුවීම් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ කැළඹීමක් ඇති කළේය. නමුත් ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට නිතර පැවසුවේ, සිය ඩිමොක්‍රටික් පාක්ෂික ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ට පසුපසින් තමන් හිඳින බව පෙන්වූ මත විමසුම්වලට තර්ජනයක් වන බවකි. දේශපාලනික ව්‍යුහයට එරෙහිව සිය ජනාධිපති ධුරය පහර එල්ල කරනු ඇති අතර වොෂිංටනයේ "ගොහොරුව බැස යවනවා" යනුවෙනි. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් කරගැනීම සඳහා ගෙන ගිය වැඩපිළිවෙල ට්‍රම්ප් හට පෙළඹීමක් ඇති කළේය. ඔහු කියා සිටියේ "10 ගුණයක බ්‍රෙක්සිට්" වැඩපිළිවෙලක් ඔහු අනුගමනය කරන බවකි. 2016 ට්‍රම්ප් මැතිවරණයේදී ජයග්‍රාහකයා වූ එක්සත් ජනපදයේ 45 වෙනි ජනාධිපතිවරයා ලෙස 2017 ජනවාරි 20 වෙනිදා වැඩ භාරගත්තේය. බරක් ඔබාමා හා ජෝ බයිඩන් 2010 දී සිය ධුර කාලය ඉකුත්ව යන්නට ආසන්නයේ හදිසි උත්සවයක් කැඳවූ ජනාධිපති ඔබාමා, රටේ පුරවැසියකුට පිරිනැමුණු ලබන ඉහළම සම්මානය වන නිදහස පිළිබඳ ජනාධිපති සම්මානය බයිඩන් හට පිරිනමනු ලැබීය. "ජෝ බයිඩන් හඳුනාගැනීම යනු රවටිල්ලකින් තොර දයාව හඳුනාගැනීමයි, පෞද්ගලික අභිමතාර්ථයෙන් තොර සේවය වගේම ජීවිතය පරිපූර්ණව ගෙවීමයි" යැයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. එය සාර්ථක හවුල්කාරීත්වයක් වුවද, එම කාලය බයිඩන් හට මානසික පීඩනයක් ගෙන නොදුන්නේ ද නොවේ. එවක 46 හැවිරිදි වූ සිය පුතු බියු 2015 දී මියගියේ මොලයේ පිළිකාවක් හේතුවෙනි. තරුණ බයිඩන් ඇමෙරිකානු දේශපාලනයේ නැග තරුවක් වූ අතර 2016 දී ඩෙලවෙයාර් ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරයට තරග කිරීමේ අරමුණකින් සිටියේය. 2020 කොරෝනාවෛරසය ආසදිතවී රෝහල්ගතව සිට යළි පැමිණි ඔක්තෝබර් 5 වෙනිදා ජනාධිපති ට්‍රම්ප් සිය මුව ආවරණය ඉවත් කරමින් ට්‍රම්ප් යළි පත්වීම සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන යන්නේ කොරෝනාවෛරස වසංගතය මැදය. මේ වනවිට ඇමෙරිකානුවන් 230,000 කට ජීවිත අහිමි කළ වෛරසය ජනාධිපතිවරයාට ද ආසාදනය විණි. එපමණක් නොව, ජනාධිපති ආර්යා මෙලනියා, පුතු බැරන් මෙන්ම ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ගණනකට ද එය වැළඳිණි. කරට කර හිඳින ප්‍රාන්තවල සංවිධානය කෙරෙන සිය ප්‍රචාරක රැළි පවත්වන අතරේදී නොවැම්බර් 3 වෙනිදා මැතිවරණයට පෙර ට්‍රම්ප් ප්‍රාන්තවලින් දැඩිව ඉල්ලා සිටියේ 'ලොක්ඩවුන්' කිරීම් මගහරින ලෙසය. ඔක් 10 වෙනිදා පෙන්සිල්වේනියා හි ඊරි ගුවන් තොටුපොළේදී මාධ්‍ය අමතන ජෝ බයිඩන් කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ජනාධිපති ධුර අපේක්ෂක ප්‍රතිවාදීන් දෙදෙනාගේ ඇති බෙදීම ගැඹුරට විහිද යැයි. දරුණු වෙමින් පවතින කොරෝනාවෛරස අර්බුදය ජනාධිපතිවරයා හසුරුවන ආකාරය එහි වින්දිතයින්ට කෙරෙන "අපහාසයක්" බව බයිඩන් පවසයි. "මම ජයග්‍රහණය කළත්, මේ වසංගතය අවසන් කරන්න ඇති දුෂ්කර වැඩ රාශියක් තියේවි," ඔහු කියා සිටී. "මම මෙය පොරොන්දු වෙනවා - පළමු දිනයේ සිට ම නිවැරදි දේ අපි කරනවා." මිලියන 90 ට වැඩි ඇමෙරිකානුවන් පිරිසක් කල් තබා සිය ඡන්දය ප්‍රකාශ කර අවසන්. ඉන් බොහෝමය සිය කැමැත්ත පළ කළේ තැපැල් මාර්ගයෙනි. මෙය වසංගත තත්ත්වය විසින් පොළඹවනු ලැබූ, ඡන්දය පළ කිරීමේ වාර්තාගත තත්ත්වයකි. ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන තවත් තොරතුරු;
දශක ගණනක් තුළ දක්නට ලැබෙන අතිශය බෙදීමක් දැකිය හැකි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇමෙරිකානුවෝ අද (නොවැම්බර් 3) ඡන්දය ප්‍රකාශ කරමින් සිටිති. ප්‍රතිමල්ලවයන් වන්නේ රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කෝවිඩ්-19 මර්දනය කිරීම අතින් දකුණු කොරියාව සාර්ථකත්වයක් අත්කර ගෙන තිබුන ද වසංගතය මාස ගණනක් පවතිනු ඇති බව මේ වන විට විශ්වාස කෙරෙයි. ඇතැම් රටවල් මහා පරිමාණයෙන් වසංගතයට මුහුණ දෙමින් සිටින අතරේ දකුණු කොරියාව වැනි වෛරසය පාලනය කළ රටවල් දෙවෙනි රැල්ලක් පිළිබඳ බියෙන් පසුවෙති. ශත වර්ෂයකට පෙර පැතිර ගිය 'ස්පාඤ්ඤ උණෙහි' දෙවන රැල්ල පළමු අදියරට වඩා භයානක විය. එසේ නම් කොරෝනාවෛරසයේ දෙවන රැල්ල අනිවාර්යයක් වනු ඇතිද? එය කෙතරම් භයානක වනු ඇතිද? පළමුව දෙවන රැල්ල යනු කුමක්ද? එය මුහුදේ රළ හා සමාන යයි සිතන්න. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් යළි පහළ යයි - එවැනි සෑම චක්‍රයක්ම එක් කොරෝනාවෛරස් "රැල්ලකි". නමුත් ඒ සඳහා විධිමත් අර්ථකතනයක් නොමැත. "එය විශේෂිත විද්‍යාත්මක කාරණයක් නොවෙයි. රැල්ලක් අර්ථ දැක්වන ආකාරය අහඹු ස්වභාවයක් ගන්නවා," යනුවෙන් වෝවික් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මයික් ටිල්ඩෙල්සි බීබීසීය වෙත පැවසීය. ඕනෑම ආකාරයක ඉහළ යාමක් දෙවන රැල්ලක් ලෙස ඇතැමෙක් විග්‍රහ කරති. නමුත් බොහෝ විට එය උස් පහත් වීම් සහිත පළමු රැල්ලකි. මෙය එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත තුළ සිදු වෙමින් පවතී. එක් රැල්ලක් අවසාන වී ඇතැයි කීමට නම් වෛරසය පාලනයකට යටත් කරනු ලැබ තිබීම සහ ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබිය යුතුය. දෙවන රැල්ලක් ආරම්භ වීම සඳහා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට නොදී පවත්වා ගත යුතුය. නවසීලන්තයේ කොරෝනාවෛරසය නොමැතිව තිබී දින 24 කට පසු පළමු ආසදිතයා වාර්තා වීම සහ වෛරසය නොමැතිව දින 50 කට පසු බීජිං යළි පැතිර යාමකට මුහුණ දී සිටීම මෙම තත්ත්වයට අයත් නොවේ. නමුත් ඉරානය දෙවන රැල්ලකට අවශ්‍ය නිර්ණායක සපුරාලීම ආරම්භ කර ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ තර්ක කරති. දෙවන රැල්ලකට හේතු විය හැක්කේ කුමක්ද? අසීමාන්තික ලෙස ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම ඊට හේතු වේ. ලොක්ඩවුන් සීමා නිසා ලොව පුරා ජන ජීවිතයට විශාල වශයෙන් බාධා එල්ල වී තිබේ. රැකියා නොමැති වීම, ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල වීම සහ ළමුන්ට පාසල් යාමට නොහැකි වීම ඊට ඇතුලත්ය. නමුත් එමගින් වෛරසය පාලනයකට යටත් කර ඇත. "අවසානයේ ඇති ප්‍රහේලිකාව වන්නේ දෛනික ජීවිතයට එල්ල වන බාධා අවම කර ගනිමින් පාලනයක් පවත්වා ගන්නේ කෙසේද යන්නයි," යනුවෙන් ලන්ඩනයේ සෞඛ්‍යාරක්ෂාව සහ උෂ්ණ කලාප සම්බන්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය ඇඩම් කුචාස්කි පැවසීය. එක්සත් රාජධානියේ ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමත් සමග සාප්පු සවාරියේ යෙදෙන ජනයා අපට කෙතරම් දුරක් යා හැකිදැයි යන්න පිළිබඳ කිසිවකුටත් 100% විශ්වාසයක් නොමැත. ආසාදනය වී ඇත්දැයි දැන ගැනීමේ පරීක්ෂණ හෝ මුහුණු ආවරණ පැළඳීම වැනි කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා අලුතින් ක්‍රමවේද හඳුන්වා දෙන අතරේ පියවරින් පියවර සීමා ලිහිල් කරමින් පවතින්නේ එබැවිනි. "එක්සත් රාජධානිය සහ අසල්වැසි රටවල වෛරසය පැතිර යාම පාලනය කළ හැකි තැනින් ඔබ්බට සීමා ලිහිල් කෙරුනොත් ඉතා ඉක්මනින් ඉහළ යාමක් සිදු විය හැකියි," යනුවෙන් ආචාර්ය කුචාර්ස්කි පැවසීය. ඉහත කී තත්ත්වය ජර්මනිය තුළ මේ වන විටත් ආරම්භ වී තිබේ. එරට මස් ගබඩාවක වෛරසය පැතිර යාමත් සමග ආසාදිතයන් 650 දෙනෙකු හඳුනාගෙන තිබේ. ආසාදිත පොකුරු ඉතා ඉක්මනින් හඳුනා ගත හැකි නම්, අලුතින් ලොක්ඩවුන් සීමා හඳුනා දෙන්නේ නම් සහ වෛරසය පැතිර යාම නවතා දැමීමට කටයුතු කර ඇත්නම් මෙය විශාල ගැටලුවක් නොවනු ඇත. එසේ නොමැති නම් දෙවන රැල්ලකට මග පෑදිය හැක. කොරෝනාවෛරසය පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස ඇගයීමට ලක් වූ දකුණු කොරියාවට එවැනි පොකුරු ආසාදිතයන් හේතුවෙන් ඇතැම් සීමා යළි පැනවීමට සිදු විය. දෙවන රැල්ල, පළමු රැල්ල තරම්ම විය හැකිද? එය එසේ වීමට නම් යම් තැනක බරපතල වරදක් සිදුව තිබිය යුතුය. වසංගතය ආරම්භයේදී සෑම ආසාදිතයෙකුගෙන්ම වෛරසය ශරීර ගත විය හැකි පුද්ගලයන් සංඛ්‍යාවේ සාමාන්‍යය 3 කි. වෛරසය වේගයෙන් පැතිර ගිය බව ඉන් පෙනී යයි. නමුත් මේ වන විට අපගේ හැසිරීම් රටාව වෙනස් වී තිබේ. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන අතර ඉහත කී අගය (3) යළි එතරම් ඉහළ යා හැකි යයි සිතීම තරමක් අපහසුය. "කිසිදු රටක් සියලුම සීමා ඉවත් කර යළි පැවති සාමාන්‍ය තත්ත්වයට යන්නේ නැහැ," යනුවෙන් ආචාර්ය කුචාර්ස්කි බීබීසීය වෙත පැවසීය. "බ්‍රසීලය සහ ඉන්දියාව වැනි වෛරසය පාලනය කිරීමක් නොමැති රටවල පවා එය පැතිර යාමේ සාමාන්‍ය අගය (3) දක්නට නැහැ." ආසාදිතයන්ගේ යළි වර්ධනයක් සිදු වුවහොත් සාපේක්ෂව එහි වේගය අඩු වීමට ඉඩ ඇත. කෙසේ වුවත් සෛද්ධාන්තිකව දෙවන රැල්ල, පළමු රැල්ලට වඩා විශාල වීමට ද හැකියාවක් ඇත. තවමත් බොහෝ දෙනෙකු අනතුරුදායක මට්ටමක සිටීම ඊට හේතුවයි. "නමුත් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගියහොත් දෙවන රැල්ල මැඩපැවැත්වීම සඳහා ලොක්ඩවුන් සීමා නැවත හඳුන්වා දිය හැකියි. ඒ විකල්පය සෑම විටම අප හමුවේ තිබෙනවා," යනුවෙන් ආචාර්ය මයික් ටිල්ඩෙල්සි පැවසීය. (බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි)
සාපේක්ෂ වශයෙන් ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වුවත් රට තුළ කොරෝනාවෛරස් දෙවන රැල්ලක් පවතින බව දකුණු කොරියාවේ සෞඛ්‍ය බලධාරීහු විශ්වාස කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ප්‍රහාරය එල්ල කොට ඇති බවයි ඉරාක බලධාරීන් කියා සිටියේ ප්‍රහාරයට ලක් වී පුද්ගලයන් එකොළොස් දෙනකුවත් මරුමුවට පත් වී ඇති බවත් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් බලධාරීහු සඳහන් කරති. ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ප්‍රහාරය එල්ල කොට ඇති බවයි ඉරාක බලධාරීන් කියා සිටියේ. රජයට අයත් කර්මාන්ත ශාලාවේ පිවිසුම් දොරටුව අසලදී මෝටර් රථ බෝම්බයක් පුපුරවා හැර ඇති බවයි එරට හමුදා ප්‍රකාශකයෙක් පැවසුවේ. ඒ සමග මරාගෙන මැරෙන බෝම්බකරුවන් හය දෙනකු කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වී ඇති අතර එහි සිටි ආරක්ෂකයන් සහ ප්‍රහාරකයන් අතර ගැටුමක් ඇති වී ඇති බවත් හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රහාරකයන් විසින් ගෑස් ටැංකි තුනකට හානි සිදු කරනු ලැබ තිබේ.
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර උතුරු ප්‍රදේශයේ පිහිටි ගෑස් කර්මාන්ත ශාලාවකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව එරට බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය හිටපු මහ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම ගැන අදහස් දක්වමින් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ එය අදූරදර්ශී කෙටි දැක්මක් මත ගත් තීරණයක් වන අතර තමා එය භාර නො ගත් බවයි. එම තීරණය ගැන කනගාටුව පළ කිරීම හැර තමාට වෙනත් කිව යුතු දෙයක් නැති බවයි විපක්ෂ නායකයා පවසන්නේ. පුරප්පාඩු වූ මහ ලේකම් පදවියට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත් කරනු ලැබ ඇත. කබීර් හෂීම් මෙයින් පෙර එක්සත් ජාතික පක්ෂයේ සභාපති පදවියේ ද කටයුතු කර ඇත. උද්ගතව ඇති නව තත්වය සම්බන්ධයෙන් නව මහ ලේකම් වරයා හෙට (09) මාධ්‍ය හමුවක දී අදහස් දක්වනු ඇතැයි ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේය. මේ අතර ජනාධිපතිවරණය ගැන අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයා ‘මෛත්‍රීපාල සිරිසේන යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වන අතර බණ්ඩාරනායක ප්‍රතිපත්ති නියෝජනය කරන ඔහුට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රාශියක සහයෝගය ලැබෙනු ඇතැයි’ද සඳහන් කළේය. තිස්ස අරලිය ගහ මන්දිරයේ මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සිය ඉල්ලා අස්වීම භාර දුන් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අරලිය ගහ මන්දිරයට ගොස් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන බව ප්‍රකාශ කළ බවයි මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට එක් වූ බවට ආරංචි පැතිර ගියත්, 'සිරිකොත' මූලස්ථානයේ දී මන්ත්‍රීවරිය මාධ්‍යවේදීන්ට කියා සිටියේ තමා කිසිදාක එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවයි. ආණ්ඩුවට එක් වූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ ප්‍රබල ඇමති පදවියක් පිරි නැමෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පක්ෂයේ මහ ලේකම් පදවියෙන් ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රීපාල සිරිසේන යයි කියා සිටියේ ය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධ බ්‍රිතාන්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව මානව හිමිකම් සම්බන්ධ සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් ඒ බව සඳහන් කරන විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධ බ්‍රිතාන්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව මෙතෙක් ලබා තිබෙන ප්‍රගතිය අගය කරන බව සඳහන් කරයි. විශේෂයෙන්ම අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීම පිළිබඳ පනත සම්මත කිරීම ජාතීන් අතර සංහිඳියාව විෂයයෙහිලා තැබූ ඉදිරි පියවරක් බව පවසන බ්‍රිතාන්‍ය වාර්තාව, කෙසේ නමුත් එම කාර්යාලය තවමත් පිහිටුවා නොමැති බව ද පෙන්වා දෙයි. සබැඳි යොමු: පසුගිය වසරේ අගෝස්තු මාසයේ මුලින්ම සම්මත කොට ඉන් අනතුරුව මේ වසරේ ජුනි මාසයේ සංශෝධනය කරන ලද එම පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා (ජූලි 20) අත්සන් තැබුවේය. ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් ශ්‍රී ලංකාවේ සහ බ්‍රිතාන්‍යයේ සම අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරන ලද 30/1 දරන යෝජනාවේ ලබා දුන් පොරොන්දු ඉටු කිරීමෙහිලා ශ්‍රී ලංකාව ප්‍රගතියක් දක්වා තිබෙන නමුත් තවදුරටත් එහි ප්‍රගතියක් ලැබිය යුතු බව ද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව පවසයි. විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයේදී බලය විමධ්‍යගත කිරීම කෙරෙහි ද අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව පවසන බ්‍රිතාන්‍ය වාර්තාව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතිඥා දී තිබෙන බවත් සිහිපත් කරයි. මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුන ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්, ශ්‍රී ලංකා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අති බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ දෙමළ ජනතාවට එරෙහිව වන බැවින්, රාජ්‍යයේ සංවිධානාත්මක වධ බන්ධන යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වන්නේත් ඔවුන්ම බව සඳහන් කළේය. ජාතීන් අතර ගැටුම් විශේෂයෙන්ම එම පනත යටතේ 2016 අග භාගයේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගෙන් 80% ක්ම තමන් වධ බන්ධනවලට ලක් කළ බවට පැමිණිලි කිරීම පිළිබඳව සිය බරපතළ අවධානය පළ වී තිබෙන බව ද සිය සංචාරය අවසානයේ කොළඹ දී මාධ්‍ය අමතමින් විශේෂ නියෝජිතයා සඳහන් කළේය. අතුරුදහන් වූ සිය සැමියා සොයන අනුරාධපුරයේ දෙදරු මවක වන මයුරි ඉනෝකා ජයසේන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම, අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීම සහ බලය විමධ්‍යගත කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ ඓතිහාසික ගැටලුවලට විසඳුම් ලබාදීමෙහිලා ඉතා වැදගත් පියවර බව බ්‍රිතාන්‍ය වාර්තාව අවධාරණය කරයි. ආරක්ෂක හමුදාව තවමත් විශාල වශයෙන් උතුරේ රඳවා තිබෙන නමුත්, හමුදාව සිය කටයුතු බොහෝ දුරට සීමා කිරීම අගය කරන වාර්තාව කෙසේ නමුත් ආරක්ෂක හමුදාවල බියවැද්දීම් සහ හිරිහැර කිරීම් තවමත් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් වාර්තාවන බව ද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව සඳහන් කරයි. සබැඳි යොමු: ශ්‍රී ලංකාවේ ජාතීන් අතර ගැටුම් පිළිබඳව ප්‍රබල අවධානය පළ වී තිබෙන බව වාර්තාව පෙන්වාදෙන අතර, විශේෂයෙන්ම මේ වසර තුළ එම ගැටුම් උත්සන්න වූ බව කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් ඉල්ලමින් උතුරේ වැසියෝ උද්ඝෝෂණයක ශ්‍රී ලංකාව තුළ සමලිංගික ප්‍රජාවට එරෙහිව තවදුරටත් නොසලකා හැරීම් සිදුවන බව සඳහන් කරන වාර්තාව, විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගිකයන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් මෑතදී හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ වාර්තාව පිළිබඳව අවධානය පළ කරයි. වධ දීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ අවදානම අවප්‍රමාණ කරනු පිණිස පොලිස් සේවයේ වෘත්තීයභාවය තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය බ්‍රිතාන්‍ය ආණ්ඩුව පෙන්වාදෙන තවත් කරුණකි. ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනය සහ ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට වැට බැඳීම සඳහා ආධාර කිරීමට එක්සත් රාජධානිය සූදානම් බව ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා සාධනීය දායකත්වයක් ලබාදීමෙහිලා එක්සත් රාජධානිය ප්‍රමුඛතාව ලබා දෙන ('Human Rights Priority Countries' -HRPCs) රටවල් 30 ක කණ්ඩායමට ශ්‍රී ලංකාව ද අයත්වේ.
පසුගිය වසර ඇතුළත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රගතියක් දක්නට ලැබෙන නමුත් ජාතීන් අතර සම්බන්ධතා සහ සමලිංගික අයිතිවාසිකම් ඇතුළු කරුණු සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රගතියක් ලැබිය යුතු බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සැකකරුවන් විසින් දඩයම් කරන ලද බවට විශ්වාස කෙරෙන සතුන් සහ ඒ සඳහා යොදා ගත් ගිනි අවි ඇතුළත් ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු විය සැකකරුවන් විසින් මහනුවර නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව වල් ඌරන්, වැලිමුවන්, ඉත්තෑවන් ඇතුළු වන සතුන් දඩයම් කොට ඇති බවයි වාර්තා වන්නේ. ඉහත කී සැකකරුවන් විසින් දඩයම් කරන ලද බවට විශ්වාස කෙරෙන සතුන් සහ ඒ සඳහා යොදා ගත් ගිනි අවි ඇතුළත් ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු විය. පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
සමාජ ජාල තුළ පළ වූ මරා දමන ලද වන සතුන් දැක්වෙන ඡායාරූපවල පෙනී සිටි පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහ මඟ දමා ගොස් වැඩිහිටි නිවාස භාරයට පත්වීමෙන් අනතුරුව මියයන වැඩිහිටියන්ගේ දේපොළවලට පසුව ඔවුන්ගේ ඥාතීන් හිමිකම් කීමට පැමිණීම නිසා සමාජසේවා දෙපාර්තමේන්තුවට ගැටලු රාශියක් ඇතිවී තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති පළාත් සමාජසේවා ඇමතිවරුන්ගේ සමුළුවකදී. එසේ මිය යන වැඩිහිටියන්ට අයත්ව කිසියම් දේපොළක් පවතී නම් එම දේපොළ රාජසන්තක කළ හැකි වනසේ නීති, රීති සකස් කළ යුතු බවත් අමාත්‍ය එස්බී දිසානායක යෝජනා කරයි. භාරකරුවන් නොමැතිව මහ මඟ දමා ගොස් සිටියදී හමුවන වැඩිහිටියන් සමාජසේවා දෙපාර්තමේන්තුව හරහා වැඩිහිටි නිවාස යටතට පත් කළ පසුවත් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් නොවන ඥාතීන්, එවැනි වැඩිහිටියන් මියගිය පසු ඔවුන්ට හිමි දේපොළවලට අයිතිවාසිකම් කීමේ ප්‍රවණතාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන බව සමුළුවට සහභාගී වූ බස්නාහිර පළාත් සමාජසේවා නිලධාරීහු පවසති. මහ මඟ තනිකර යන එවැනි වැඩිහිටියන් හමුවූ විට පුවත්පත් දැන්වීම් මගින් ඔවුන්ගේ ඡායාරූප හා විස්තර ප්‍රසිද්ධ කොට සමීප ඥාතීන් පිළිබඳව මූලික සොයා බැලීමක් කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍ය එස්බී දිසානායක එසේ ඉදිරිපත් නොවන ඥාතීන් හට පසුව දේපොළවලට හිමිකම් කිව නොහැකි වනසේ නීති රීති සකස් කළ යුතු බව කියා සිටියේය.
භාරකරුවන් නොමැතිව මහ මඟ දමා යන වැඩිහිටියන් සමාජසේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැඩිහිටි නිවාස භාරයට පත් කළ යුතු බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්බී දිසානායක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු එසේ අදහස් දැක්වූයේ හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමිනි. ජනාධිපතිවරයා මෙන්ම හමුදාවේ සියළු සාමාජිකයන්ද රටේ නීතියට යටත් බව පැවසූ අමාත්‍ය සරත් ෆොන්සේකා, එයට පිටුපෑමට කිසිවෙකුටත් නොහැකි බව ද පෙන්වා දුන්නේය. හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ යම් වරදක් ඇත්නම් ඔවුන් මුලින්ම ත්‍රිවිධ හමුදා පරීක්ෂණ මණ්ඩලයකට යොමුකළ යුතු බවට අතුරලියේ රතන හිමියන් කළ ප්‍රකාශයට පිළිතුරු දුන් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රමවේදයක් නොමැති බවයි. "රටේ නීතියට මුහුණ දෙන්න ඉස්සෙල්ලා මෙයා අතනින් සුද්ද වෙන්න ඕනේ කියලා ක්‍රමයක් නැහැ." මෙම අත්අඩංගුවට ගැනීම් හමුවේ හමුදා බුද්ධි අංශ විනාශවන බවට රතන හිමියන් ප්‍රකාශ කර ඇත්නම් එය "වෙනත් යම් කිසි න්‍යාය පත්‍රයක් ඔලුවේ තියාගෙන" කළ ප්‍රකාශයක් බව අමාත්‍යවරයාගේ අදහසය. මාධ්‍යවේදීන්ට පහරදුන් බවට චෝදනා එල්ල වන්නේ ඔහු හමුදාපති ධුරය හෙබැවූ සමයේ සේවයේ යෙදී සිටි බුද්ධි අංශ සාමාජිකයන්ට බැවින් එහි යම් වගකීමක් භාරගත යුතු නේදැයි විමසූ විට අමාත්‍ය ෆොන්සේකා සඳහන් කළේ, හමුදා සාමාජිකයන් ලක්ෂ දෙකක් කරන සියළු දේට හමුදාපතිවරයාට වගකිව නොහැකි බවයි. තමා හමුදාපති ධුරය දැරූ අවස්ථාවේ කොළඹ බුද්ධි මෙහෙයුම් සිදු කළේ ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් හමුදාව හෝ හමුදාවේ බුද්ධි අංශ කඩා නොවැටෙන බව හිටපු හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ටෙස්ට් තරග 67කදී ශතක 22ක් ලබා ගැනීමට විරාත් කෝලි සමත් වී ඇත කෙසේවෙතත්, මෙම තරගයේදී එංගලන්තය ලකුණු 31 කින් ඉන්දියානු කණ්ඩායම පරාජය කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක එකේ පිතිකරු බවට පත් වූ 29 හැවිදිරි විරාත් කෝලි, එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 149ක් ද, දෙවෙනි ඉනිමේදී ලකුණු 51ක් ද රැස්කර තිබේ. ටෙස්ට් තරග 67කදී ශතක 22ක් ලබා ගැනීමට විරාත් කෝලි සමත් වී ඇත. විරාත් කෝලිට පෙර, මාස 32ක් ලෝකයේ අංක එක ස්ථානයේ රැඳී සිටියේ ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ය. පන්දුව පළුදු කිරීමේ චෝදනාව යටතේ ස්ටීව් ස්මිත් මාස දොළහක තරග තහනමකට යටත් කර තිබේ. 2011දී සචින් තෙන්ඩුල්කාර් මෙම ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයට පත් වූ පසු, එම ස්ථානය හිමි කරගත් පළමු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ විරාත් කෝලිය. ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට (ICC) අනුව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්: මේ තොරතුරුද කියවන්න:
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානය හිමි කරගෙන තිබේ. පසුගියදා එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයේ දී ශතකයක් ලබා ගැනීමත් සමග ඔහුට ලැයිස්තුවේ ඉහළම ස්ථානය හිමි විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපනට වෙන් කරන මෙන් ආචාර්යවරු ඉල්ලා සිටිති. වෛද්‍ය පීඨ හැරුණු කොට රටේ සියලුම විශ්ව විද්‍යාල දින නියමයකින් තොරව වසා දමන බව රජය පසුගිය අඟහරුවාදා ප්‍රකාශයට පත් කළේය. 1987-88 භීෂණ වකවානුවේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය වසා දැමීමෙන් අනතුරුව දින නියමයකින් තොරව විශ්ව විද්‍යාල වසා දැමුණු මුල්ම වතාවයි මේ. බත්තරමුල්ල පැලවත්තේ පක්ෂ මුලස්ථානයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයම අවුලෙන් අවුලට පත්ව ඇති බවයි. "මේක හරියට බඩේ අමාරුව හැදිච්ච වෙලාවක වැසිකිළියක දොර වහනවා වගේ වැඩක්, මේකෙන් පෙන්නේ මේ ආණ්ඩුව ගන්න තීරණ වල ඇති මුග්ධ භාවය, මේ තීරණ නිසා අවසානයේ සිදුවන්නේ ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනය විනාශ වීම," යැයි ඔහු පැවසීය. අධ්‍යාපනයට සියයට හයක් උසස් අධ්‍යාපනයේ යොදවන මුදල වැඩිකොට උගැන්ම ප්‍රමුඛස්තානයක ලා සලකන ලෙස රජයට බලකරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දියත් කළ අඛණ්ඩ වැඩ වර්ජනයට දින 50 කට ආසන්න වෙද්දී යි රජය විශ්ව විද්‍යාල වසා දැමීමට පියවර ගත්තේ. ටිල්වින් සිල්වා "මේක හරියට බඩේ අමාරුව හැදිච්ච වෙලාවක වැසිකිළියක දොර වහනවා වගේ වැඩක්, මේකෙන් පෙන්නේ මේ ආණ්ඩුව ගන්න තීරණ වල ඇති මුග්ධ භාවය, මේ තීරණ නිසා අවසානයේ සිදුවන්නේ ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනය විනාශ වීම" අධ්‍යාපන සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කරන මෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමති සම්මේලනය කර ඇති ඉල්ලීම සාධාරණ බවද ජවිපෙ ලේකම් වරයා කියා සිටියි. තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමක් ලබා නොදෙන රජය උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ අධ්‍යාපනය ද අවදානමේ හෙලන්නට සුදානම් වන බවට සරසවි ආචාර්ය මණ්ඩල අඟහරුවැදා පැවැති මාධ්‍ය හමුවකදී අනතුරු අඟවා සිටියහ. වර්තමාන ආණ්ඩුව අධ්‍යාපනය විනාශ කරමින් සිටින බවට චෝදනා කරන ජවිපෙ එහි ඵල විපාක දැනගැනීමට තවත් වසර ගතවනු ඇතැයි ද, එබැවින් එතෙක් කල් නොසිට අධ්‍යාපනය රැක ගැනීම සඳහා පෙරමුණ ගත යුතුව ඇතැයි ද කියා සිටියේය. නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයට ජවිපෙ සම්පුර්ණ සහාය ලබා දෙන බවයි ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ. සබැඳි තේමා
සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අර්බුදයට විසදුම විශ්ව විද්‍යාල වසා දැමීම නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවෙනි දිනය වන අද (අප්‍රේල් 6) පැවැති බර ඉසිලීමේ තරඟයේ රන් පදක්කම වේල්සයේ ගැරිත් එවන්ස් හා ලෝකඩ පදක්කම ඉන්දියාවේ දීපක් ලතීර් දිනාගත්හ. ඉන්දික ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 297 කි ඉන්දික විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 297 ක් වන අතර ඔහුට රන් පදක්කම අහිමි වූයේ කිලෝ ග්‍රෑම් 2 ක අඩුවකිනි. මේ වන විට ශ්‍රී ලංකාව දිනා ඇති මුළු පදක්කම් ගණන තුනකි. ඊයේ (අප්‍රේල් 5) දිනූෂා හංසනී ගෝමස්, කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් ජයසූරිය සමත් විය විසි එක්වෙනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ්කෝස්‌ට්' නගරයේය. විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ්කෝස්‌ට්' නගරයේය. එහි සමාරම්භක උළෙල බදාදා ( අප්‍රියෙල් 04) මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි. රටවල් හැත්තෑ එකක් මෙම විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කරන අතර ඊට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 6500 ඉක්මවයි. ක්‍රීඩා උළෙල දින එකොළහක කාලයක් පැවැත්වෙනු ඇත. තවත් තොරතුරු:
පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ තරඟ ඉසව්වේ රිදී පදක්කම දිනාගන්නට ඉන්දික දිසානායක සමත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා හමුදා ශ්‍රී ලංකා යුද හමුදාවට සාම සාධක රාජකාරී අහිමි කිරීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ඊයේ (සැප්තැම්බර් 25) නිවේදන කළේය. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සමග දැනට සිටින ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරීන් හා සෙබළුන්ගේ වත්මන් රාජකාරි අවසන්වූ පසු ශ්‍රී ලංකාවට නැවත එවන බව පැවසූ නියෝජ්‍ය මහලේකම්වරයා එම පිරිස වෙනුවෙන් අලුතෙන් හමුදා පිරිස් ශ්‍රී ලංකාවෙන් ගෙන්වා සම්බන්ධ කර නොගන්නා බව පවසා තිබේ. මෙයට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටින බවය. එක්සත් ජාතීන්ගේ 74 වෙනි මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුලන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමඟ 2019 සැප්තැම්බර් 27 වෙනි සිකුරාදා මෙම කරුණ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් හා සෙබළුන් 651 දෙනෙක් මේ වන විට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම්වල යෙදී සිටිති. නව තීන්දුව අනුව ඔවුන් ඉදිරියේදී සිය කාල සීමාව අවසන්වූ පසු නැවත ශ්‍රී ලංකාවට එවනු ඇත. ඔවුන් වෙනුවට එම රාජකාරි සඳහා පිටත් කිරීම සඳහා මේවන විට ශ්‍රී ලංකාවේ පුහුණුව ලබන හමුදා සාමාජිකයන්ට ද එම අවස්ථාව අහිමිවේ. අවසන් වරට පසුගිය ජුලි මාසයේදී සාම සාධක රාජකාරී සඳහා යුද හමුදාවේ 61 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දකුණු සුඩානය බලා පිටත්ව ගියහ. 2018 වර්ෂයේදී මාලි රජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් හේමන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික්‍රම හා කෝප්‍රල් ශාකරලාගේ සමන්ත විජේකුමාර මරණයට පත්වුහ. ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේ 1955 වසරේදීය. ඉන් අනතුරුව 1960 වසරේ දී අප්‍රිකාවේ කොංගෝ රාජ්‍ය බලා පිටත්ව ගිය 6 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු යුද හමුදා භට පිරිස 1962 වසර දක්වා එහි සේවය කළහ. මාලි රජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් හී නිරතව සිටියදි බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් හේමන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික්‍රම හා කෝප්‍රල් ශාකරලාගේ සමන්ත විජේකුමාර මරණයට පත්වුහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් වරින් වර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කර තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවට අනුව මෙම කාලය තුළ අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් 19,000ක් පමණ මෙහි සේවය කර තිබේ. ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කිරීමත් සමග ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් ඊට දැඩි විරෝධයක් එල්ල විණි. "එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල සහ විශ්වසනීය වේ," යනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක්ද නිකුත් කළේය. දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල රාජකාරියේ යෙදෙන ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් යුද්ධයේ අවසාන අදියරයේදී (2009) ශවේන්ද්‍ර සිල්වා විසින් නායකත්වය දෙන ලද 58 වෙනි සේනාංකය සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවට චෝදනා එල්ල වි එහෙත් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට වන එම චෝදනා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කළේය. කෙසේ වුවත් චෝදනා ලත් පුද්ගලයෙකු යුද හමුදාපති ධුරයට පත් කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අතර පවතින සහයෝගීතාව පිරිහීමට හේතු විය හැකි බවට එම අවස්ථාවේදී වාර්තා පළ විය. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට සහභාගීවීම සඳහා හමුදා සාමාජිකයන් පුහුණුකිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනම පුහුණු ආයතනයක් පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණය දිගු කාලීනව ක්‍රියාත්මක වුවහොත් එම ආයතනයේ අනාගතයද අවිනිශ්චිත තත්ත්වයකට පත්වීමේ ඉඩ කඩ ද පවතී.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස පත්කිරීමට විරෝධය පළකරමින්, ශ්‍රී ලංකාව යුද හමුදාවට සාම සාධක රාජකාරිවල යෙදීමේ අවස්ථාව අහිමි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සයිටම් විදුහලට එරෙහිව උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවති විරෝධතාව අදාළ පෙත්සම අද (05) කැඳවූ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කීපයක් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා දක්වන බව අධිකරණය හමුවේ දැනුම් දුන්හ. පෙත්සම යළි කැඳවන අවස්ථාවේ එම විරෝධතා සලකා බැලීම සිදු කරන බවයි අධිකරණය කියා සිටියේ. 'විරෝධය' මේ අතර මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විදුහලේ සිසුන් වෛද්‍යවරු ලෙස ලියාපදිංචි කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ප්‍රකාශ කළේය. "ස්යිටම් වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය උපාධියක් පිරිනැමීමට තරම් ප්‍රමාණවත් සුදුසුකම් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පත් කළ විශේෂඥ කමිටුවක් මගින් නිර්දේශ කර තිබෙනවා. එවැනි වාතාවරණයක් මත අධිකරණය කුමන ආකාරයේ තීන්දුවක් ලබා දුන්නත් අදාළ සිසුන් ලියාපදිංචි කිරීමට අපට හැකියාවක් නැහැ." මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියා සිටියේ අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අදාළ පෙත්සම් විභාග වෙමින් පැවති අවස්ථාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ඇතුළු වෛද්‍යවරු පිරිසක් සයිටම් විදුහලට එරෙහිව උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
සිය උපාධිය සඳහා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා දෙන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සලකා බැලීම අගෝස්තු 02 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සමුහ මිනීවල පිළිබඳ පරික්ෂා කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සඳුදා ජනමාධ්‍ය වේදීන් අමතා කොළඹදී කියා සිටියේය. ජනාධිපති කොමිසමක් පත් කරනුයේ පරීක්ෂණ යට ගැසීමට යයි ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු "මේ රජය කිසිම දෙකට බය විය යුතු නැහැ, මේ ආණ්ඩුව නෙමෙයි බලයේ සිටියේ, බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂය," යැයි ප්‍රකාශ කළේය. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ජනමාධ්‍ය අමතා කියා තිබුනේ අධිකරණය මළ සිරුරු පිලිබඳ කාල වකවානු තහවුරු කොට ඇති හෙයින්, තවත් කොමිසම් පත් කිරීම 'කල් මැරීමේ' උපායක් බවයි. මාතලේ සමුහ මිනීවලෙන් හමුවූයේ කවර කලෙක මරණයට පත් පුද්ගලයන්ගේ සිරුරුදැයි තවමත් තහවුරු වී නැති බවද පැවසු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මෙම මිනීවලෙන් දේශපාලන වාසි ගැනීමෙන් වළකින්නැයි එක්සත් ජාතික පක්ෂයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටියේය. ගොඩ ගන්නා ලද 150 කට වැඩි පිරිසකගේ හිස් කබල් හා ඇට සැකිලි විද්‍යාත්මක පරීක්ෂණයකට භාජන කළ විශේෂඥයන් පසුගිය මස අගදී අධිකරණයට දැනුම් දී තිබුනේ 1986 ත් 1989 ත් අතර කාල වකවානුවේදී මරා දැමුණු අය මාතලේ සමුහ වශයෙන් වල දමා තිබෙන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි සන්නද්ධ කැරැල්ලට එරෙහිව රජය යුද වැද සිටි ඒ සමයේ 1989 පටන් මාතලේ හමුදා ප්‍රධානියා ලෙස වුයේ ගෝඨාභය රාජපක්ෂ. "ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ කාලේ සේවය කරන කොට, ජෙනරාල් කමල් ගුණරත්න, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති තුමා ඒ වගේ අයත් ඒ ප්‍රදේශයේ කටයුතු කරලා තියනවා," ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩි දුරටත් පැවසීය. කිසිදු ස්වභාවික හේතුවක් හෝ රෝගාබාධයක් මාතලේ සමූහ මරණ වලට තුඩුදී නැති බවයි විශේෂඥ නිගමනය. පරීක්ෂණය සිදු කරනු ලැබුවේ වෝහාරික වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන හා පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින්. කෙසේ වෙතත් පළාතේ රෝගාබාධ හා ස්වභාවික වලින් මියගිය පිරිස් පිළිබඳ වාර්තා ඇතැයි කී ජාතික ආරක්ෂාව පිළිබඳ රජයේ ප්‍රකාශකයා ඝාතන සම්බන්ධයෙන් දොස් පැවරුවේ එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණටයි. .
ආරක්ෂක ලේකම් වරයා මාතලේ සමුහ මිනීවල සම්බන්ධයෙන් වරදකරු කිරීමේ උත්සාහයක් ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශෝමා පවසන්නේ ඇය නිර්දෝෂී බවයි තෙහෙල්කා සඟරාවේ පුරෝගාමී කතුවර තරූන් තේජ්පාල් ආරක්ෂා කිරීම සඳහා තොරතුරු යටපත් කිරීමට හවුල් වූ බවට එල්ල වන චෝදනා ශෝමා චෞද්රි ප්‍රතික්ෂේප කරන්නීය. කර්තෘ මණ්ඩලයේ තරුණ කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා නගනු ලැබු කතුවරයාට එරෙහිව මේ වන විට පොලිස් පරීක්ෂණයක් පැවැත්වේ. කාන්තා හිංසනය, ලිංගිකත්වය මුල් කොට වෙනස්කම් පෑම හා මුල්‍ය වංචා පිලිබඳ දැඩි විවේචනාත්මක ගවේෂණාත්මක වාර්තා සම්බන්ධයෙන් තෙහෙල්කා සඟරාව ප්‍රසිද්ධියක් උසුලයි.
මහත් ප්‍රසිද්ධියට හේතු වූ ලිංගික අඩන්තේට්ටමක් පිළිබඳව කටයුතු කළ ආකාරය සම්බන්ධ විවේචන වලින් පසු ඉන්දියාවේ මුල් පෙලේ පුවත් සඟරාවක කළමනාකාර කතුවරිය ඉල්ලා අස් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇතාගේ ශරීරය මතුපිට වෙඩි සලකුණු කීපයක් දක්නට ලැබුණු බවත් වලිගයට හානි සිදු වී ඇති බවත් පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති පැවසුවේය. ඇතාගේ පසු පාදයක් ඉදිමී තිබෙනු දක්නට ලැබුණු අතර ඇතාට ප්‍රතිජීවක එන්නතක් ලබා දීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ. අසාධ්‍ය තත්වයේ පසු වන ඇතා වනජීවී නිලධාරීන් විසින් මීට පෙර වනෝද්‍යානය තුළ දැක නැති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවයට වාර්තා කළේ. 'මේ ඇතා මීට කලින් උඩවලව ජාතික උද්‍යානයේ නොදැකපු ඇතෙක්. මේ වගේ දළ තියෙන ඇතෙක් මම දැකල තියෙන්නේ යාල තිලක් කියන ඇතා විතරයි. මේ ඇතා ගොඩක් අසාධ්‍ය තත්වයේ ඉන්නේ' පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති පැවසීය. පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති විසින් ඇතාට ප්‍රතිකාර ලබා දෙනු ලැබුවේ රාජකාරිවලින් ඈත් වී වැඩවර්ජනයක යෙදී සිටින අතරතුරදී. ''මිනිස්සු ලෙඩ වුනාම කොහාට හරි ගිහින් බෙහෙත් ගන්නවා, නැතිනම් කාට හරි ඒ බව කියනවා. නමුත් මේ සතුන් ලෙඩ උනාම කාටවත් කියන්න බෑ.' ඔහු කියා සිටියේය. රුහුණේ කඩොල් පරපුර අසාධ්‍ය තත්වයේ පසු වන ඉහත කී ඇතා රුහුණු ගැටව් නමැති අලි විශේෂයට අයත් වන බවයි පරිසරවේදීන් පවසන්නේ. ශ්‍රී ලංකාවේ වෙනත් පළාත්වල වෙසෙන අලින්ට වඩා රුහුණු ගැටව් ප්‍රමාණයෙන් කුඩා වේ. දුටුගැමුණු රජතුමාට අයත්ව සිටි කඩොල් ඇතාද අම්බලන්තොට රැකව ප්‍රදේශයෙන් අල්ලා ගනු ලැබූ රුහුණු ගැටව් විශේෂයට අයත් ඇතෙකු බව ජන සාහිත්‍යයේ සඳහන් වේ. එම විශේෂයට අයත් ඇතුන් දහයට අඩු සංඛ්‍යාවක් දක්වා පහළ බැස ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. 2011 වසරේ ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද සංගණනයට අනුව මෙරට සමස්ත ඇත් ගහනය 120 ක් පමණ වේ.
උඩවල ජාතික වනෝද්‍යානයේ සීනුක්කු ගල ප්‍රදේශයේ දුර්වල තත්වයේ පසු වූ ඇතෙකුට ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයේ නිලධාරීහු ප්‍රතිකාර කළහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇඹිලිපිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ගන්නා ධම්මික නිශාන්ත පසුගිය 09දා සවස ඇඹිලිපිටිය සෙවනගල වැවේගමයාය ප්‍රදේශයේ දී මෙම ඝාතන තැත සිදුව තිබුණි. බැරලයට දැමු තැනැත්තා සිහි මුර්ජා වූ පසු සැකකරුවන් විසින්ම බැමි ලිහා වෙනත් තැනකට ගෙන ගොස් නාගයා ද මරා ඔහු සිටි තැනට නුදුරින් දමා ගොස් තිබුණි. පුද්ගලයන් දෙදෙනෙකු එක්ව මේ අපරාධය කර තිබු අතර ඔවුන් එදින සිට සැඟව සිට ඇති බවයි පැවසෙන්නේ. නාගයා ද නුදුරින් මරා දමා තිබුණි නාගයා දෂ්ට කිරීමෙන් බරපතල ලෙස අසාධ්‍ය වූ සෙවනගල වැවේගමයාය පදිංචි ධම්මික නිශාන්ත නම් දෙදරු පියා ඇඹිලිපිටිය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී. ‘’පහුගිය කාලේ ගල්පාය පැත්තේ අලි පැටියෙක් හොරකම් කළ සිද්ධියේ ඔත්තුව දුන්නේ මම කියල සැක කරලා තමයි මාව නයා කාලා මැරිච්ච විදියට පෙන්නන්න මෙහෙම කලේ. මාත් එක්ක කාලයක් මෙයා වැලි ගොඩ දැම්මා. එතකොට කුරුණෑගල පැත්තේ කිහිප දෙනෙක් අලි අල්ලන්න මෙයාව හම්බ වෙන්නත් ආවා. ගමේ අයත් අලි අල්ලන්න එක්කන් ගියා. නමුත් අලියෙක් ඇල්ලුවේ නෑ. මේකට මම නම් ඔත්තුව දුන්නේ නෑ’’ යැයි ඇඹිලිපිටිය මුලික රෝහලේ හයේ වාට්ටුවේ ප්‍රතිකාර ලබන ධම්මික නිශාන්ත පැවසුවේය. ඝාතන තැතෙන් පසු දින හතරක් තිස්සේ සැඟව සිටි එක් සැකකරුවෙක් සෙවනගල පොලිසියෙන් සොයමින් සිටියදී ඊයේ (13) පොලීසියට බාර වී ඇත. සැකකරු යුදහමුදාවෙන් පැන ආ තැනැත්තෙක් බවත් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධවද සැකපිට පොලිසිය මගහැර සිටින තැනැත්තෙක් බවයි පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේ.
අලි පැටවු හොරකමක් ගැන ඔත්තුවක් දුන් බවට සැක කර නිරුවත් කළ මිනිසෙක් කඹයකින් බැඳ නාගයකු සිටි බැරලයකට දමා නාගයා ලවා දෂ්ට කරවා ඝාතනය කිරීමට තැත් කළ බව කියන පුද්ගලයෙක් පොලිසියට බාරවීමෙන් පසු මේ මස 22දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා නියම කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එල්ටීටී ඊයට එරෙහි යුද්ධයේදී සිදුවූ බවට නැගෙන එම චෝදනා ජනාධිපති මහින්ද රාජපක්ෂ නොතකා හැරියේ රජයේ කෝපයට පාත්‍රවී තිබෙන බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රුපවාහිනියේ විදේශ කටයුතු වාර්තා කරු ජොනතන් මිලර් කොළඹ දී ජනාධිපතිවරයාගෙන් අනපේක්ෂිතව නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්. ඒ අවස්ථාවේ කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන පොදු රද මඩුලු ව්‍යාපාරික මුළුව වාර්තා කරන්නට ගොස් සිටි අපේ වාර්තාකරු අසාම් අමීන් පවසන්නේ ජනාධිපති වරයා හා චැනල් 4 මාධ්‍යවේදියා අතට අත දී වෙන්ව ගිය බවයි.
තමනට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් දක්වන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ චැනල් 4 මාධ්‍යවේදියකුට කියයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම අරමුණින් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ඉකුත් 2018 මාර්තු 06 වෙනිදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. නමුත් එය අභියෝගයට ලක් කරමින් පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී ඇත. පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය නිසි ලෙස සම්මතවීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජනිත අබේවික්‍රම ලියනගේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා, වෛද්‍ය චන්න සුදත් ජයසුමන, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ඩබ්ලිව්.ඩී.ආර්.ධර්මසිරි ගුණරත්න යන පිරිස මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනුකර තිබේ. ඉන් අනතුරුව එම පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා අතරමැදි පාර්ශ්ව විසින් පෙත්සම් දාහතරක් ගොනු කර ඇතැයි වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම පසුගිය සිකුරාදා (16) වන දින ආරම්භ විය. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම් විභාගයට ගන්නා ලදී. අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ සඳහන් පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ ලෙස ක්‍රියාත්මක වන අධිකරණ වර්ගයක් නොමැති බැවින් එම කරුණ මත පමණක් වුවද පනත් කෙටුම්පත අවලංගු වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තම තර්ක ඉදිරිපත් කරමින් සඳහන් කළේය. මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න, නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, කේ.ඩබ්ලිව්. ජනරංජන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය සහ ජගත් හේමචන්ද්‍ර යන පුද්ගලයන් ඉහත කී පෙත්සමට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර සිටියහ. මූල්‍ය අපරාධ, වංචා සහ දූෂණ නඩු විශාල ප්‍රමාණයක් විභාගයට ගැනීමට සහ තීන්දු ලබා දීමට ඉතා කල් ගත වීම මෙම නව අධිකරණ පනත් කෙටුම්පත යටතේ වැළකෙන බව එම පෙත්සම්කරුවන්ගේ තර්කය වී තිබේ. ඉදිරියේදී පිහිටුවීමට යෝජිත විශේෂිත අධිකරණය මගින් මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු අඛණ්ඩව විභාගයට ගෙන වරදකරුවන්ට ඉතා ඉක්මනින් දඬුවම් ලබා දීමට හැකිවීම ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට ද මැදිහත්කරුවන්ගේ පෙත්සම් මගින් උත්සහ කර ඇත. මෙම පනත් කෙටුම්පතෙහි අඩංගු විධි විධාන මොනවාද? 2017 අගෝස්තු 21 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධන: අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පිළිබද විවාදයට තුඩු දුන් යෝජිත සංශෝධන: මේ තොරතුරුද කියවන්න: 'පනත් කෙටුම්පතට විරුද්ධයි' "නඩු ඉක්මන් කිරීම සහ මහාධිකරණ විනිසුරුතුමන් සංඛ්‍යාව වැඩි කිරීම ගැන නීතීඥ සංගමයේ නියෝජිතයෝ මුල් අවස්ථාවේ පැහැදිලිවම තම කැමැත්ත ප්‍රකාශ කර සිටියා. එය අනිවාර්යයෙන් කළ යුතු දෙයක්," පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය. "නඩු ඇසීම ඉක්මන් කිරීම හොඳ දෙයක්. නමුත් ප්‍රායෝගිකව අපහසුයි. එම අපහසුතාවලට විසඳුම් සොයා ගෙන මේ දේවල් කරනවා නම් හොඳයි. තත්වය එසේ තිබියදී මෙම සංශෝධන පනත් කෙටුම්පත නීතිඥ සංගමයට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තු නීති පුස්තකයට විවාදයට ගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණා." ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කිරීමට නීතිපතිවරයාට සහ අල්ලස් සහ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනට ඇති බලය පුළුල් කිරීමට මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් වන බැවින් එය අහෝසි කළ යුතු බව කෙටුම්පතට එරෙහි පෙත්සම්කරුවන්ගේ මතය වී ඇත. මෙමගින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන අතර එය අගවිනිසුරු ඇතුලු සමස්ත අධිකරණ පද්ධතිය සතු බලය ඉවත් කිරීමට උත්සාහ කිරීමක් බවට තර්ක ඉදිරිපත්ව ඇත. "නීතියට අනුව, යම් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන අවස්ථාවේ දී මහජනතාවට හැකියාව තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර එය අභියෝගයට ලක් කරන්න. ඒ අනුව විවිධ පාර්ශව මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කර සිටිනවා. සමහරු එයට මැදිහත්කරුවන් ලෙස පෙත්සම් ඉදිරිපත් කරමින් මෙම කෙටුම්පත සනාථ කිරීමට උත්සාහ කරනවා. මෙම අවස්ථාවේ නීතීඥ ප්‍රජාව සහ මහජනතාව සිටින්නේ එක් ස්ථාවරයක," යැයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසුවේය. මෙහිදී මහාචාර්ය ජී.එල්.පීරිස් ගොනුකළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන වන අතර, ඔවුන්ගේ තර්කය වූයේ මහාධිකරණ නඩු සඳහා පෙනී සිටින නීතිඥවරුන්ට අවශ්‍ය පරිදි දින ලබාගැනීමට අවස්ථාව නොදීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවය. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තවත් පෙත්සම්කරුවෙකු වන දිනේෂ් ගුණවර්ධනගේ තර්කය වී තිබේ. ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වාය. මීට අමතරව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, නීතිඥ කුෂාන් ද අල්විස්, ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු තවත් නීතිඥවරු පෙත්සම් වෙනුවෙන් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළහ. ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා තවදුරටත් සඳහන් කර සිටියේ, "ත්‍රිපුද්ගල විනිසුරු සභාව සහිත මහාධිකරණය අමාත්‍යවරුන්ට කැමති ආකාරයට යම් යම් ස්ථානවල පිහිටු වීමට බලතල දීම සුදුසු වන්නේ නැහැ යන ස්ථාවරයේ අපි ඉන්නවා. මේ දේවල් නිසා අධිකරණ ක්‍රියාවලියට බලපෑම් ඇති වන්න ඉඩ තිබෙනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත් කිරීම අගවිනිසුරුට අයත් කාර්යයක්. ඒ වගේම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් නඩුවක් විමසා තීන්දුවක් ලබා දුන් පසු එම තීන්දුවට එරෙහිව අභියාචනා කරන්න පුළුවන් එක් වරක් විතරයි," යනුවෙනි. මහාධිකරණයකින් දිනපතා නඩු ඇසීමේ දී ප්‍රායෝගික ප්‍රශ්න රාශියක් මතු වන බව පෙත්සම්කරුවෝ පවසති. "අපි නඩුවට සියල්ල සූදානම් කරගෙන ගියත්, රජයේ පාර්ශවයෙන් දන්වන්න පුළුවන් සාක්ෂිකරුවන් හෝ නඩු භාණ්ඩ සොයා ගන්න බැහැ කියල. එසේ සිදු වුණොත් නැවතත් පරණ විදියටම නඩුව කල් දැමීම හැර වෙනත් විකල්පයක් නැහැ. පූර්ව නඩුකරයක දී මේ දේවල් ගැන සොයා බැලිය යුතුයි," නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසුවේය. 'පනත් කෙටුම්පතට සහාය' ශ්‍රී ලංකාව තුළ දැනට පවතින නීති පද්ධතිය ආරම්භ වී වසර දෙසියයක් පමණ වේ. කෙසේ වෙතත්, වර්තමානයේදී නඩු කල් යාම හේතුවෙන් ජනතා මුදල් සහ කාලය විශාල වශයෙන් අපතේ යන තත්වයක් දැකිය හැකිය. වරද සිදුකළ දිනයේ සිට අධිචෝදනාව මහාධිකරණයට ගොනු කිරීම අතර කාලය වසර පහකට ආසන්න වන අතර, සම්පූර්ණ අධිකරණ ක්‍රියාවලිය නිම කර තීන්දුව ප්‍රකාශ කිරීමට වසර එකොළහකට ආසන්න කාලයක් ගත වේ. නීතිඥ කේ.ඩබ්. ජනරංජන මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයටත් ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනා ඉදිරිපත් කළ හැකිය. එම ක්‍රියාවලිය සඳහා තවත් වසර හතකට ආසන්න කාලයක් වැය වන අතර, ඒ අනුව යුක්තිය පසිඳලීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා සාමාන්‍යයෙන් වසර දාහතකට වඩා වැඩි කාලයක් ගතවන බව පසුගියදා කැබිනට් මණ්ඩලයේ ද සාකච්ඡාවට බඳුන් විය. ඉහත සඳහන් කාරණා මුල් කරගෙන අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට පක්ෂව ද බොහෝ කරුණු ඉදිරිපත් වී තිබේ. "අපේ නීතීඥවරු අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කිසිසේත්ම පටහැනි නොමැති බවයි. මේ පනතෙන් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ දූෂණ, වංචාවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නායකයින්ගේ නඩු ඉතා ඉක්මනින් අසා තීන්දු ලබා දෙන්න. මෙයට විරුද්ධ පෙත්සම්කරුවන් කියා සිටිනවා වගේ විශේෂ අධිකරණයක් පිහිටුවන්නේ නැහැ. අපේ අධිකරණ පද්ධතියේ තිබෙන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර නඩු ඇසීමේ ක්‍රමය, සැමදාම පවතින මහාධිකරණයක් බවට පත් කිරීම මෙම පනතේ අරමුණ වෙනවා," යැයි පනත් කෙටුම්පතට පක්ෂව කරුණු ඉදිරිපත් කරමින් නීතීඥ කේ.ඩබ්ලිව්. ජනරංජන බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය. "මෙම අධිකරණයේ නඩු අසන්නේ දැනට සිටින මහාධිකරණ විනිසුරුවන් විසින්. පිටතින් කිසිම විනිශ්චයකාරවරයෙකු පත් කරන්නේ නැහැ. එම විනිසුරුවන් පත් කරනු ලබන්නේද අධිකරණ සේවා කොමිසම විසින්මයි. එහෙම බැලුවාම මේක රටේ පවතින තවත් එක් අධිකරණයක් පමණයි. ඒ වගේම අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තිබෙනවා කලින් කලට අධිකරණ පිහිටුවීමේ බලය. එම බලය තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේකට විරුද්ධ වෙන අය දෙස බැලුවාම පෙනී යනවා පසුගිය ආණ්ඩු කාලේ රටේ මහජන මුදල් මංකොල්ල කාපු පුද්ගලයන් තමයි මෙම පනතට විරුද්ධ වන්නේ. ඔවුන් කැලඹිලා තිබෙන්නේ මෙම අධිකරණය පිහිටුවීම තුළින් ඔවුන්ගේ වැරදි ඉතා ඉක්මනින් ඔප්පු වෙයි කියල," ඔහු තවදුරටත් පැවසුවේය. මහාධිකරණය - කොළඹ නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සංකීර්ණ ආර්ථික සහ මූල්‍ය අපරාධ පිළිබඳ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත යටතේ නව මහාධිකරණ ස්ථාපනය කිරීමට නියමිත බවය. නිදසුනක් වශයෙන් මහ බැංකු බැඳුම්කර සිද්ධිය වැනි සංකීර්ණ අපරාධ විමර්ශනය කිරීම සඳහා මෙම මහාධිකරණ ස්ථාපනය කිරීම යෝග්‍ය බව ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය. "කිසියම් පුද්ගලයෙකුට විරුද්ධව චෝදනා තිබේනම් ඒවා ඉතා ඉක්මනින් විසඳුවාම ඔවුන් සැබවින්ම නිවැරදිකරුවන් නම්, ඒ බව ඔප්පු කර චෝදනාවලින් නිදහස් වීමට ඉඩ ලැබෙනවා," නීතීඥ කේ.ඩබ්ලිව්.ජනරංජන පැවසීය. "ඒත් අවාසනාවකට ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ අවස්ථාවේ ඉතා නරක ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, පනතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කරපු අය සමග එකට සිටගෙන, ඔවුනුත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒකෙ නරකම දේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගෙන් සෑදුන කමිටුවක් ඉදිරියේ නීතීඥ සංගමයේ සභාපති ගොස් කරුණු ඉදිරිපත් කර මෙම සංශෝධන අනුමත කර පසුව මෙවැනි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම. ශ්‍රී ලංකා නීතීඥ සංගමය කාගේ හෝ බලපෑමකට කටයුතු කරන බව අපට පෙනී යනවා." ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ඉහත චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර සිටියේ, "මෙය හරි ක්‍රමය නොදැන කතා කිරීමක්. නීතීඥ සංගමය කියන්නේ කාගෙවත් අතකොළුවක් නෙමෙයි. මීට කලිනුත් මම ඒක පෙන්වා තිබෙනවා. සමහර පනත් කෙටුම්පත් රජය ඉදිරිපත් කළාම අපි සහයෝගය දක්වා තිබෙනවා. නමුත් අපිට එකක් කියල තව එකක් ඉදිරිපත් කරපු හැම අවස්ථාවේදීම අපි එයට එරෙහිව කටයුතු කළා. එය මහජනතාව සහ නීතීඥ ප්‍රජාවගේ ශුභසිද්ධිය වෙනුවෙන් කළ යුතු දෙයක්" යනුවෙනි. "කෙටුම්පත සදහා තිබූ පාර්ලිමේන්තු සාකච්ඡා වාරයට මට අවස්ථාව දුන්නා සහභාගී වෙන්න. එහිදී මම ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණයට අමතරව තව අතිරේක මහාධිකරණ දෙකක් කොළඹ පිටුවන්න කියා යෝජනා කළා. එයින් නඩු කටයුතු ඉක්මන් වන නිසා. විනිසුරන් වැඩි කිරීමට හෝ ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණය පිහිටුවීම ගැන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. රජය විනිසුරුවන් වැඩි කරලා කළේ ඉතා හොඳ දෙයක්. නමුත් දිනපතා නඩු ඇසීම ප්‍රායෝගික නැහැ කියා මම පැවසුවා. වසර තිස් හයක සේවා කාලයක නිරත වුණ මට තිබෙන දැනුම අපිට චෝදනා එල්ල කරන අයට නැහැ." මොකක්ද මේ අධිකරණ සංවිධාන පනත? ශ්‍රී ලංකාවේ පළමුවරට මහාධිකරණ පිහිටවූයේ 1973 දී වන අතර මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සතුව තිබූ අපරාධ නඩු විසඳීම සදහා වන අධිකරණ බලය මහාධිකරණයට පවරනු ලැබීය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණය ඉහළ අධිකරණ තුන ලෙස නම් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(2) වගන්තියට අනුව මහාධිකරණ පිහිටුවීම, ඉවත් කිරීම, සංශෝධනය කිරීම, වෙනත් ස්ථානයකට රැගෙන යෑමේ බලය පාර්ලිමේන්තුව සතුය. එමෙන්ම මහාධිකරණ විනිසුරුවන් පත් කිරීමට නිර්දේශ කිරීම, ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීම සහ ධුරයෙන් ඉවත් කිරීමේ බලය අධිකරණ සේවා කොමිසම සතු වේ. මහාධිකරණ සහ පළාත්බද මහාධිකරණවල නඩු විභාග කිරීමේ ක්‍රම තුන: •එක් මහාධිකරණ විනිසුරුවරයකු ඉදිරියේ නඩුව විමසීම •ජූරි සභාවක සහය ඇතිව මහාධිකරණ විනිසුරුවරයකු ඉදිරියෙහි නඩු විභාග කිරීම •ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් නඩු විමසීම තවත් තොරතුරු:
මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා ඉතා කෙටි කලක් තුළ නීතිය කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට හැකි වන සේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තරුණ ක්‍රීඩක ධනංජය ද සිල්වා, කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවාය නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 කට දැවී ගිය අතර, දිනය අවසානයේ නොදැවී ලකුණු 43 ක් රැස්කරගෙන සිටි තරුණ ක්‍රීඩක ධනංජය ද සිල්වා, කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවාය. ඊට පෙරාතුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 286 කට දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. වේග පන්දු යවන සුරංග ලක්මාල් සිය ටෙස්ට් ක්‍රීඩා ජීවිතයේ පළමු වරට එක් ඉනිමකදී පළමු කඩුලු පහක් දවාගැනීමට සමත්වීම කැපී පෙනිණ. වේග පන්දු යවන සුරංග ලක්මාල් සිය ටෙස්ට් ක්‍රීඩා ජීවිතයේ පළමු වරට එක් ඉනිමකදී පළමු කඩුලු පහ දවාගැනීමට සමත්විය තේරීම් කමිටුව 'කණස්සල්ලෙන්' 2011 දෙසැම්බරයේදී ටෙස්ට් තරගයක් ජයගැනීමෙන් අනතුරුව පළමු වතාවට දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුවයි. දකුණු අප්‍රිකානු සංචාරය සඳහා කණ්ඩායම තේරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව බලපෑම් කළ බවට ක්‍රිකට් තේරීම් කමිටුව චෝදනා කරන බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ. ඒ පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ඇමතීමට බීබීසී සංදේශය කිහිපවතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය. මේ අතර කණ්ඩායම පිටත්වයාමට දින දෙකක් පමණක් තිබියදී කණ්ඩායමේ කළමනාකරු පදවිය දැරූ චරිත් සේනානායක ඉවත්කොට රංජිත් ප්‍රනාන්දු පත්කිරීමද ක්‍රීඩාලෝලීන්ගේ සහ විචාරකයන්ගේ විවේචනයට ලක්විය.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එලිසබෙත් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේදී ශ්‍රී ලංකාව කඩුලු හතක් දැවී ලකුණු 181 ක් රැස් කරගෙන සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චීනය, ඉන් වැඩි කොටසකට හිමිකම් කියනමුත් අවට සෙසු රටවල් සහ එක්සත් ජනපදය ඊට එකඟ නොවෙති. ඒ හමුවේ භූ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතින අතරේ ලොව වටා රටවල වෙළෙඳ සහ නාවික කටයුතුවලට බලපෑම් එල්ල කළ හැකි එම මුහුදු කලාපය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වෙමින් පවතී. දකුණු චීන මුහුද මෙතරම් වැදගත් වන්නේ ඇයි? වැඩි විස්තර ඉහත වීඩියෝවෙන් දැන ගමු. මේ ගැනත් කියවන්න:
දකුණු චීන මුහුද ලොව වඩාත් මතභේදයට තුඩු දී ඇති කලාප අතරින් එකකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මරණීය දණ්ඩණය දීමට විරුද්ධව කළ වීදි උද්ඝෝෂණ හේතුවෙන් ඉස්ලාමාබාද් හි ඇතැම් මාර්ග වසා දැමීමට සිදුවූ බවයි වාර්තා වන්නේ මුම්ටාස් කද්රි (Mumtaz Qadri) විසින් පන්ජාබ් පළාත් ආණ්ඩුකාර සල්මන් ටසීර් (Salman Taseer) ඉස්ලාමාබාද් හි දී වෙඩිතබා මරා දමනු ලැබුවෙ 2011 වසරේ දීය. කද්රි ගේ ආධාරකරුවන් ඔහුට මරණීය දණ්ඩණය දීමට විරුද්ධව කළ වීදි උද්ඝෝෂණ හේතුවෙන් ඉස්ලාමාබාද් හි ඇතැම් මාර්ග වසා දැමීමට සිදුවූ බවයි වාර්තා වන්නේ. “මුම්ටාස් හුසේන් කද්රි අපේ ජාතික වීරයෙක්. ඔහුව අද එල්ලල මැරුව. ඒකයි අපි මේ ප්‍රධාන අධිවේගී මාර්ගය අවහිර කළේ. මේ පාර අවහිර කරපු එක මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙයි කියල අපි හිතන්නෙ නැහැ. මොකද මේ කාරණයේදී විරුද්ධ වෙන ඒක ඉස්ලාම්වරුන් හැටියට අපේ වගකීමක්” යනුවෙනුයි එක් විරෝධතාකරුවෙක් වූ ෆහාඩ් අබ්බාසි (Fahad Abbasi) ඔවුන්ගේ විරෝධතාව පිළිබඳව පැවසුවේ.
දේවාපහාසය පිලිබඳ රටේ පවතින නීතියට එරෙහි වූ පකිස්තානයේ පළාත් ආණ්ඩුකාරවරයෙකු මරා දැමීම පිළිබඳව හිටපු පොලිස් ආරක්ෂක භටයෙකු ට මරණීය දණ්ඩනය ලබා දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘අපිට වැඩ පිළිවෙලක් තියනවා. ඒක දැන් කියන්න බැහැ’ යනුවෙන් ඇය සඳහන් කළාය. හිටපු ජනාධිපතිනිය ඒ බව කියා සිටියේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැස්වීම් අවසානයේ සිය නිල නිවසේදී සංදේශයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක් වෙමින්. ජනාධිපතිවරණයේදී දූෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීමේ සූදානමක් පිළිබඳව තමාට සැලවී තිබෙන නමුත් පවතින ජනතා බලවේග හමුවේ එවැනි ක්‍රියාවල යෙදීම දුෂ්කර වනු ඇති බවද ඇය කියා සිටියාය. ‘අපිත් ඒවට සූදානමින් සිටින්නේ’ යනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසුවාය. ඇමතිවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂට අගමැති ධුරය පිරිනමා ඔහුට ජනාධිපති පදවියට පත්වීමට අවස්ථාව සලසා දීම පිළිබද දැඩිව කණගාටු වන බවත් ඇය සඳහන් කළාය. ‘විශාල වශයෙන් කණගාටු වෙනවා. මම මැරෙන කල් කණගාටු වෙනවා. දුක් වෙනවා. ඒ වෙලාවේ මම ගත්තේ වැරදි තීරණයක්’ යැයි ඇය පැවසීය. දෙමළ ඩයස්පෝරාව සමග තමාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවත් ඇය කියා සිටියාය. හිටපු ජනාධිපතිනිය සංදේශය හා කළ සාකච්ඡාවේ වීඩියෝ පටය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කරන්නෙමු.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වී පදවිය හැර යාම ප්‍රතික්ෂේප කළහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු විපක්ෂයට විශේෂ සැලසුමක් තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චීනයේ ප්‍රසිද්ධ මරණ දඬුවම ගැන දැඩි අවධානයක් මරණ දඬුවම දෙන ආකාරය දැක බලාගැනීම සඳහා පැමිණෙන්න වරදකරුවන් 12 දෙනෙකුට ප්‍රදේශයේ ක්‍රීඩාංගනයකදී මරණ දඬුවම දෙන ආකාරය දැක බලාගැනීම සඳහා පැමිණෙන්නැයි නගරයේ අධිකරණයක් මේ සතියේදී මහජනතාවට ආරාධනා කරනු ලැබූ අතර ඒ සඳහා ජනතාව පැමිණියේ දහස් ගණනිනි. නඩු තීන්දුවෙන් පසුව අධිකරණයේ අවසරය ඇතිව, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවමට යටත් කරන ලද 10 දෙනෙකු "මරණ දඬුවම ක්‍රියාත්මක කරන ස්ථානයට වහාම කැඳවාගෙන ගොස් මරා දැමුවා" යැයි පේපර් (Paper) නම්වූ ජනප්‍රිය පුවත් වෙබ් අඩවිය පැවසීය. නූතන චීනය තුළ ප්‍රසිද්ධියේ දඬුවම් පැමිණවීම දුර්ලභ වුවත්, දකුණු ගුවාංග්ඩොන්ග් පළාතේ එම තත්ත්වය උත්සන්න වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. පසුගිය ජුනි මාසයේදී ලුෆෙන්ග් නගරය ජාත්‍යන්තරයට පුවත් සිරස්තල සැපයූවේ පුද්ගලයින් 18 දෙනෙකුට එම පළාතේ අධිකරණ දෙකක් විසින් මරණ දඬුවම ප්‍රකාශයට පත්කිරීමත් සමගය. අදාළ පුද්ගලයින්ගෙන් අට දෙනෙක් නඩු විභාගය අවසන් වූ වහාම මරා දැමිණි. විශේෂයෙන් ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් සමග අනවශ්‍ය ලෙස ක්‍රියා නොකළ යුතු බවට ගුවාංග්ඩොන්ග් පළාත් ආණ්ඩුව දරන ස්ථාවරයට අන්තර්ජාලය ඔස්සේ වැඩි අවධානයක් දීමට එම ආණ්ඩුව යොමුවී ඇති බවක් පසුගිය මාස කිහිපයේදී පෙනෙන්නට විය. පසුගිය නොවැම්බර් මාසයේදී ගුවාංශු ඩේලි වෙබ් අඩවිය, ආසන්නයේ ඇති ජියැන්ග් නගරයේ ප්‍රසිද්ධ මරණ දඬුවමක ඡායාරූප පළකළ අතර එම අවස්ථාවට දහසකට වැඩි පිරිසක් එක්ව සිටි බව එහි කියවිණි. ආසන්නයේම පැවති දෙසැම්බර් 16 වෙනිදා නඩු විභාගය WeChat නම් ප්‍රකට ජංගම දුරකත මැසෙන්ජර් හුවමාරුව හරහා වැඩිදුරට ප්‍රචාරය කළේය. තීන්දුව පිළිබඳ වීඩියෝ දර්ශන Sina , Weibo යන ප්‍රකට සමාජ මාධ්‍ය ජාල මෙන්ම යූටියුබ් වැනි වූ Miaopai වීඩියෝ අඩවිය හරහාද පතුරුවා හැරිණි. ද බෙයිජිං නිව්ස් ඔස්සේ පසුගිය සෙනසුරාදා නඩු විභාගයේ දර්ශන පළකකළ තැන සිට මිලියන තුනක පිරිසක් එය නැරඹුහ. දඬුවම පැනවීමෙන් පසු, ඇතැමෙකු ඍජුව කැඳවාගෙන යනු ලැබුවේ වෙඩි භුමිය වෙතය. එහි දැක්වුණේ වරදකරුවන් වටකොටගත් සන්නද්ධ රැකවලුන්, එම දඬුවම පැනවීම වෙන වෙනම ලබා ගැනීම සඳහා උස් වේදිකා මතට ගෙන යන ආකාරය ය. එය නැරඹීම සඳහා දහස් ගණනක පිරිසක් පසුබිමේ සිටින අයුරු ද එහි දැක්විණි. දඬුවම පැනවීමෙන් පසු, පොලිස් රථයක පසුපස වූ තවත් වේදිකාවක් මතට එම පිරිස නංවනු ලැබූ අතර සන්නද්ධ රැකවලුන් මැද එය පිටව ගියේය. ඔවුන්ගෙන් ඇතැමෙකු ඍජුව කැඳවාගෙන යනු ලැබුවේ වෙඩි භුමිය වෙතය. මිනීමැරුම්, මංකොල්ලකෑම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එහිදී කියවුණ ද, පුවත්පත මතු කළ ආකාරයට "වහාම" මරණ දඬුවමට ලක් කරන ලද්දේ මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වූ පුද්ගලයින් ය. කෙසේවෙතත්, එම වීඩියෝ දසුන් මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම අන්තර්ජාල පරිශීලකයින් ගේ ද විවේචනයට ලක් විය. ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ විලියම් නී (William Nee) ට්විටර් පණිවිඩයකින් කියා තිබුනේ "මිනිස් ජීවිතයට හා ගෞරවාන්විත බවට පැහැදිලිව ම නිගාකරන බව චීන බලධාරීන් විසින් යළිත් වරක් පෙන්වා දී තිබෙනවා" යනුවෙනි. Sina Weibo හි මෙය දුටු බොහෝ දෙනා පැවසුවේ ගෙවී ගිය ඈත කාලය යළි උදා වී ඇතැයි තමන්ට සිතුනු බවය. ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්කිරීමේ ක්‍රමය නිසා "සංස්කෘතික විප්ලවය යළි පැමිණිලා" යැයි සිතීමට එය තමන්ව පෙළඹු බව ඔවුහු පැවසූහ. අහිංසක පුද්ගලයින්ගෙන් බලහත්කාරය යොදවා පාපොච්චාරණ ගැනීමෙන් අනතුරුව ඔවුන් මරණයට ලක්කිරීමේ අපකීර්තිමත් සිදුවීම් ද වාර්තාවී තිබිණි. ලොව වෙනත් ඕනෑම රටකට වඩා වැඩි මරණ දඬුවම් ප්‍රමාණයක් චීනය තුළ ක්‍රියාවට නැගේ. එවැනි දඬුවම් කෙතරම් ප්‍රමාණයක් දී ඇත්දැයි යන්න පිළිබඳව නිල සංඛ්‍යාලේඛන නොවුව ද, එය දහස් ගණනක් විය හැකි බවට විශ්වාස කෙරේ. මෙම ක්‍රමය අප්‍රසන්න වුවත්, නගරයේ කීර්තිය රඳවාගැනීම සඳහා එය අවශ්‍ය බවට ඇතැම් අන්තර්ජාල නරඹන්නෝ තර්ක කරති. කෙටමින් හා ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් තමන්ට ඇති තත්ත්වය ඉවත් කරගැනීමට ලුෆෙන්ග් නගරය උනන්දුවක් දක්වයි. එම මත්ද්‍රව්‍යවලින් බොහෝ ඒවා නැගෙනහිර ආසියාවෙන් හා ආසියා ශාන්තිකර කලාපයෙන් එම ප්‍රදේශයට හොර රහසේ ගෙනෙනු ලබයි. මිනිස් ජීවිතයට හා ගෞරවාන්විත බවට පැහැදිලිව ම නිගාකරන බව චීන බලධාරීන් විසින් යළිත් වරක් පෙන්වා දී තිබෙනවා කලාපය තුළ මහ පරිමාණ වශයෙන් කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හේතුකොටගෙන 2014 වසරේ සිට ලුෆෙන්ග් නගරය හැඳින්වූයේ "අයිස් නගරය" (the city of ice) නමිනි. චීනයේ නිල ෂින්හුවා (Xinhua) නිල පුවත් ඒජන්සිය නොවැම්බර් මාසයේදී පැවසුවේ එම කලාපය "පුළුල්ව පැතිර ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනයෙන් හා ප්‍රවාහනයෙන් පිරී ඉතිරී ගොස්" ඇති බවය. "චීනයේ මෙතම්ෆෙටමින් පරිභෝජනයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ බෝශේ ගම්මානයෙන් හා ඒ ආසන්න ගම්මානවලින්" යැයි එහි දැක්විණි. එසේම එය වැඩිදුරටත් පැවසුවේ එම ප්‍රදේශවල "පවුල් පහකින් එකක් ඍජුවම මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සමබන්ධ" බවය. 13,000 ට අධික මත්ද්‍රව්‍ය සිදුවීම් ප්‍රමාණයක් පොලිසිය විසින් විසඳනු ලැබූ බව කී පුවත් ඒජන්සිය මේ වසරේ ජනවාරි සහ ඔක්තෝබර් මාස අතරදී අදාළ කලාපයෙන් පමණක් මත්ද්‍රව්‍ය ටොන් 10ක් අත්පත් කරගත් බව සඳහන් කළේය. බීබීසී මොනිටරිං හි කෙරී ඇලන් සකස් කළ වාර්තාවක් ඇසුරිනි වෙනත් තොරතුරු:
දකුණු දිග ගුවාංග්ඩොන්ග් පළාතේ පිහිටි ලුෆෙන්ග් නගරයේ අපරාධ සම්බන්ධ නඩු තීන්දු ප්‍රසිද්ධියට පත්කිරීම ඉහළ ගොස් තිබෙන අතර එය කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස එම නගරයට ලැබී ඇති තත්ත්වය ඉවත් කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලක් ලෙස පෙනෙන්නට ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දරිද්‍රතා ඉමට පහලින් ජීවත් වන ජනතාව: පළමු සහශ්‍ර සංවර්ධන ඉලක්කය වූයේ 1990 සිට 2015 කාලය තුළදී දිනකට ඩොලරයකට වඩා අඩු ආදායමක් ලබන ජනතාව අර්ධයකින් අඩු කිරීමයි. 2015 එළැඹීමට වසර හතකට කලින් ශ්‍රී ලංකාව එම ඉලක්කය සපුරා ඇත. ආදායම් අසමානතාව සැලකිය යුතු කරුණකි. ජාතික ආදායමෙන් 38%ක් රටේ ධනවත්ම ජනතාවගෙන් 10%ක් අතර බෙදී යයි. දිළිඳු ජනතාවගෙන් 10%ක් අතර බෙදී යන්නේ ජාතික ආදායමෙන් 1.5%ක් පමණි. දරිද්‍රතා මට්ටම අවම දිස්ත්‍රික්කය කොළඹ (1.4%) වන අතර මුලතිව් (28.8%) සහ මොනරාගල (20.8%) දරිද්‍රතාව වැඩිම දිස්ත්‍රික්ක ලෙස දැක්වේ. සැමට ප්‍රථමික අධ්‍යාපනය ලබා දීම: දෙවන සහශ්‍ර සංවර්ධන ඉලක්කය මෙය වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථමික ශ්‍රේණිවල දරුවෝ සෑම කෙනෙකුම පාහේ පාසැල් යති. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව: පාසැල් යන ගැහැණු සහ පිරිමි ළමයි සංඛ්‍යාව සමාන වේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමට සමානව අධ්‍යාපනය ලබා දීම තවත් සහශ්‍ර සංවර්ධන ඉලක්කයකි. රැකියා ලබා දීමේදී සැමට සමාන අවස්ථා ලබා දීම සහ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. බිළිඳු මරණ අවම කිරීම: මාතෘ මරණ ඉහළ නැංවීම:
සහශ්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳව ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාවේ දැක්වෙන කරුණු පහක්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පර්යේෂණාත්ම මට්ටමේ පවතින සුදර්ශන පැණිය මොකක්ද මේ සුදර්ශන පැණිය? "සුදර්ශන පැණිය කියන්නේ පැණියක්ම නෙමෙයි ඇත්තෙන්ම." "ආයුර්වේදයේ පැණියක් කියන්නේ සීනි කලවම් කරලා හදන දෙයකට. නමුත් මේක ඇත්තටම ක්‍රියාකාරී ශාකමය ඖෂධ සහ මී පැණි යොදා සාදන ලද සස්පෙන්ෂන් (Suspension) එකක්. සුදර්ශන චූර්ණයක් කියලා ඖෂධයක් ආයුර්වේදයේ තියෙනවා. ඒක සෑහෙන කාලයක් තිස්සේ උණට දෙන බෙහෙතක් ලෙස ආයුර්වේදයේ පවතිනවා," ඖෂධ පිළිබඳ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ආචාර්ය කමල් පෙරේරා පැවසීය. හීං බිංකොහොඹ වැනි දේ යොදාගෙන නිෂ්පාදනය කරන සුදර්ශන චූර්ණය දීර්ඝ කාලයක් පුරා උණ රෝගවලට ආයුර්වේදයේ භාවිත කළ ඖෂධයකි. මෙම ඖෂධීය චූර්ණය පාදක කරගෙන රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ ආචාර්ය සරෝජා වීරකෝන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කමල් පෙරේරා, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය දුලානි ගුණසේකර සහ ජෛව රසායන අංශයේ මහාචාර්ය සුගන්ධිකා සුරේෂ් එක්ව වසර ගණනාවක් පුරා මෙම සුදර්ශන පැණිය පිළිබඳ පර්යේෂණ සිදු කරති. පර්යේෂණ කණ්ඩායම: ආචාර්ය සරෝජා වීරකෝන්, ආචාර්ය කමල් පෙරේරා, මහාචාර්ය දුලානි ගුණසේකර සහ මහාචාර්ය සුගන්ධිකා සුරේෂ් "මෙය උණ රෝගය සඳහා ආරම්භ කළ පරීක්ෂණයක්. පර්යේෂණ ආරම්භය වුණේ 2013 වර්ෂයේ මම ඇතුළු තවත් මහාචාර්යවරු දෙදෙනෙක් එකතු වෙලා. ආයුර්වේද ළමා රෝග පිළිබඳ වෛද්‍යවරියක් මෙන්ම කථිකාචාර්යවරියක් වන සරෝජා වීරකෝන්ගේ ආචාර්ය උපාධිය සඳහා තමයි මෙම පරීක්ෂණ ආරම්භ කළේ," වෛද්‍ය කමල් පෙරේරා පැවසුවේය. "දරුවන්ට මේ සුදර්ශන චූර්ණය දෙන්න බැහැ මොකද එය බොහොම තිත්ත නිසා. ආයුර්වේද පොත්වලට අනුව ශීත ජලය හෝ සුදුසු අනුපානයක් විදිහට මී පැණි එකතු කරලා තමයි බොන්න කියන්නෙ. නමුත් රෝගීන් හරි මාත්‍රාවට කලවම් කර බෙහෙත ලබා ගන්නේ නැහැ. එතකොට ඖෂධයේ ගුණය නිසි ලෙස ලැබෙන්නේ නැහැ. මේ හේතු නිසා අපි මේ සුදර්ශන ඖෂධය අවලම්භක ද්‍රාවණයක් (Sudarshana Suspension) ලෙස හැදුවේ." "මේ නිෂ්පාදනය තබා ගත හැකි කාලය පිළිබඳ, එහි සංයෝග මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණය ගැන අපි පර්යේෂණාත්මකව සෙවීම් සිදු කළා," පර්යේෂණ කණ්ඩායම පැහැදිලි කළහ. මේ ඖෂධය සුදර්ශන කියා හඳුන්වන්නේ ඇයි? "මේක ඉන්දියාවේ පාවිච්චි කරපු ඖෂධයක්. විෂ්ණු දෙවියන්ගේ අතේ තියනවා චක්‍රයක් වැනි දෙයක්. ඒකෙන් ඕනෙම දෙයක් නසන්න පුළුවන් වැනි අර්ථයක් තමයි දෙන්නේ. ඒ තුළින් තමයි මේ සුදර්ශන කියන නම හැදිලා තියෙන්නේ." "මේ සුදර්ශණ කුඩ පාවිච්චි කිරීමෙන් ඕනම රෝග උවදුරකින් බේරෙන්න පුළුවන් කියන අර්ථය තමයි දෙන්නේ," යැයි පර්යේෂණ කණ්ඩායම පැවසූහ. අත්හදාබැලීම් සිදු කර තිබේ ද? ආයුර්වේද ඖෂධ සායනික අත්හදාබැලීම්වලින් තොර බවට චෝදනා ඇත. කෙසේනමුත්, සුදර්ශන පැණිය සතුන් සහ මිනිසුන් මත අත්හදාබැලීම් සිදු කර තිබෙන බව පර්යේෂණ කණ්ඩායම පැවසීය. "මේ අත්හදාබැලීම්වලින් අපි බැලුවේ මේ ඖෂධයෙන් යම් හානියක් සිදු වෙනවා ද කියලා. නමුත් එවැනි දෙයක් සිදු වුණේ නැහැ. මේ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ සායනික ක්‍රම අනුගමනය කර තිබෙනවා. 'Rat model' (මීයන් යොදාගෙන සිදු කරන පරීක්ෂණ) ලෙස හඳුන්වන එවන් එක් ක්‍රමයක දී අපි සතුන්ට උණ හදවනවා. ඉන් පසු මේ ඖෂධය ලබා දී නිරීක්ෂණය කරනවා උණ අඩු වෙනවා ද කියලා." සුදර්ශන පැණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල පළවූවක් "එහි දී අපි පරාමිතිය ලෙස පැරසිටමෝල් ද ලබා දීලා බලනවා. මේ පරීක්ෂණයේ දී අපට දැක ගත හැකි වුණා අපේ ඖෂධයෙන් සැලකිය යුතු ලෙස උණ අඩු වෙනවා. ඒ වගේම ආසාදන තත්වයන් සම්බන්ධයෙන් ද අපි මේ හා සමාන පරීක්ෂණයක් සිදු කර තිබෙනවා (පරාමිතිය ලෙස Diclofenac, Celecoxib ලබා දීලා). එහිදී ද අපිට සැලකිය යුතු ප්‍රතිඵල දැකගත හැකි වුණා." එමෙන්ම, මෙම ඖෂධයේ ප්‍රති ඔක්සිකාරක ගුණය, වේදනානාශක ගුණය මෙන්ම ආසාත්මිකතා ගැන ද සතුන් යොදාගෙන පරීක්ෂණ සිදු කළ බව පර්යේෂණ කණ්ඩායම තවදුරටත් පැවසීය. එහිදී සුදර්ශන ඖෂධයෙන් සතුටුදායක ප්‍රතිඵල නිරීක්ෂණය වූ බව ද ඔවුහු පැවසූහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව සායනික අත්හදාබැලීම් ද සිදු කර ඇති අතර, එහි පළමු පියවර ලෙස නිරෝගී පුද්ගලයන් මත පරීක්ෂණ සිදු කර තිබේ. "මෙහි දෙවෙනි පියවර ලෙස අපි උණ රෝගයෙන් පෙළෙන දරුවන් මත මෙය අත්හදා බැලුවා. හැබැයි ඩෙංගු උණ හැදුන අය අයින් කළා. සෙම්ප්‍රතිශ්‍යාවත් එක්ක වගේ හැදෙන උණ තිබුණ අය තමයි තෝරා ගත්තේ." "සතුන් හෝ මිනිසුන් මත මේ පරීක්ෂණ කරද්දී සාමාන්‍ය ක්‍රියාවලිය තමයි පර්යේෂණ ආචාර ධර්ම සමාලෝචන කමිටුවෙන් අනුමැතිය ලබා ගැනීම. අපි ඒ අනුමැතිය ද ලබා ගත්තා," පරීක්ෂණ කණ්ඩායම පැවසීය. ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා අංශයෙන් ක්‍රියාත්මක වන පර්යේෂණ ආචාර ධර්ම සමාලෝචන කමිටුවෙන් මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාල පර්යේෂණ ආචාර ධර්ම සමාලෝචන කමිටුවෙන් ද අදාළ අවසරය ලබා ගත් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත ශ්‍රී ලංකාවේ සායනික අත්හදාබැලීම් ලියාපදිංචි කිරීමේ ලේඛනයට ද (Sri Lanka Clinical Trial Registry) ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය කමල් පෙරේරා පැවසුවේය. සුදර්ශන පැණිය කොරෝනාවෛරසයට එරෙහි බෙහෙතක් ද? මෙය කොරෝනාවෛරසයට එරෙහිව සොයාගත් ඖෂධයක් නොවන බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෝ කියා සිටියහ. "අපි මේ පර්යේෂණ සිදු කරන්නේ අවුරුදු හතකට පෙර ඉඳන්. මේ ඖෂධය වෛරස් රෝගවලට ප්‍රතිචාර දක්වන බව නිරීක්ෂණය වෙලා තිබෙනවා. මේ බෙහෙත් වට්ටෝරුවේ තියෙනවා ද්‍රව්‍ය 53ක්, ඉන් වැඩි කොටසක් තිබෙන්නේ හීං බිංකොහොඹ. අනිකුත් ද්‍රව්‍ය 52ට කහ, ගම්මිරිස් වගේ වෛරස් නසන ගුණය තිබෙන ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේ හා සමාන ද්‍රව්‍ය කොරෝනාවෛරසයට අදාළ ලෝකයේ අනිකුත් පර්යේෂණවලටත් යොදා ගන්නවා කියලා අපි දැනගත්තා." කෝවිඩ් 19 පැතිරීමත් සමග එයට එරෙහිව යම් ඖෂධයක් නිර්මාණය කර වැඩි දියුණු කළ හැකි නම් එය ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමය මෙම පර්යේෂණ කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබිණි. ඔවුනට ඒ සඳහා ණය මුදලකට අනුමැතිය ලබා දී තිබූ බව ද පර්යේෂණ කණ්ඩායම පැවසීය. "මෙය කොරෝනාවෛරසයට එරෙහිව සොයාගත් ඖෂධයක් නොවේ" "මෙය කොරෝනාවෛරසයට බෙහෙතක් විදිහට ඉදිරිපත් කරලා නැහැ. නමුත් ඒ මට්ටමට මෙය වැඩි දියුණු කළ හැකිද කියා බලන්න අපට ඉල්ලීම් ලැබුණා. අපි සුදර්ශන බෙහෙත ගැන ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු මණ්ඩලයක් ඉදිරියේ විස්තර කර සිටියා. එතන දී පිළිගත්තා මෙය උණ රෝගයට හොඳ ඖෂධයක් බව," වෛද්‍ය කමල් පෙරේරා පැවසීය. "මෙය කොරෝනාවෛරසයට එරෙහි ඖෂධයක් ලෙස වැඩිදියුණු කිරීමට අවශ්‍ය පර්යේෂණවලට ප්‍රතිපාදන සහ පහසුකම් ලබා දෙන ලෙස අපි ඉල්ලීම් කළා. මෙයට මහාචාර්ය චන්න ජයසුමන සහ දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. නමුත් එය පිටතට ගොස් තිබුණේ වෙනස් විදිහකට." මෙය කෝවිඩ් 19ට එරෙහි ඖෂධයක් ලෙසට පළ වූ ප්‍රකාශවලට පර්යේෂණ කණ්ඩායමේ කිසිදු සම්බන්ධයක් නොමැති නමුත්, එය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ තමන් යෙදී සිටින බව ඔවුහු පැවසූහ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ ප්‍රකාශ නවීකරණය කරන ලද සුදර්ශන පැණිය කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදා ගැනීමට රජය තීන්දුකර ඇති බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන පැවසූ බවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත්පත්වල සහ පුවත් වෙබ් අඩවිවල මුල් පුවතක් ලෙස පළ විය. එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් සහ බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල්වල භාවිතයට ගැනීමට ද යෝජනා වී ඇති බව එම පුවත්වල අන්තර්ගතයෙහි සඳහන් වී තිබිණි. මාධ්‍ය මඟින් ලැබුණු පුළුල් ප්‍රචාරයත් සමග, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙම පැණිය පිළිබඳ විශාල කතා බහක් ඇතිවිණි. ගූගල් ඔස්සේ ද සුදර්ශන පැණිය ගැන බොහෝ දෙනෙකු සොයා බැලූ බව දත්ත අනුව පෙනී යයි. කිරිබත්ගොඩ ප්‍රදේශයේ දේශීය බෙහෙත් වෙළෙඳාම් කරන පුද්ගලයෙකු පැවසුවේ පසුගිය දින කීපය තුළ තම සාප්පුවට පැමිණි බොහෝදෙනෙකු "අර කොරෝනාවලට දෙන සුදර්ශන පැණිය විකුණන්න තියෙනවා ද?" කියා ඇසූ බවය. කොරෝනාවෛරසය පැතිර යාමත් සමග, රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළා බව පැවසෙන එම ප්‍රකාශය ඉතා කෙටි කලක් තුළ දැඩි ලෙස සමාජගත විය. කෙසේනමුත්, මේ පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ, බටහිර ඖෂධයක් ලෙස සුදර්ශන පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් තමා සිදු කර නොමැති බවය. වසර දහස් ගණනක් පැරණි ආයුර්වේදයේ තිබෙන සුදර්ශන චූර්ණය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදාගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය. "මේක ආයුර්වේදයේ තිබුණ ඖෂධයක් ඇසුරින් බටහිර ක්‍රමවේදයකට අනුව පරීක්‍ෂණ පවත්වලා නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක මේ මොහොතේ රජයේ රෝහලක රෝගීන්ට ලබාදීමේ හැකියාවක් නෑ. ඒ සඳහා තවත් අදියර කීපයක් ඉදිරියට ගමන් කරන්න ඕන. බටහිර ඖෂධයක් විදිහට ලබා දෙන්න. මම පැවසුවේ මේක පරීක්‍ෂණ මට්ටමින් යොදාගැනීම සඳහා අවශ්‍ය සායනික පහසුකම් රෝහල්වලට ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අමාත්‍යවරයා ලෙස මැදිහත් වීමක් කරලා උදව් කරන්න පුළුවන් කියලා. ඒ නැතිව මේ රෝගීන්ට ලබාදීමට කිසිසේත්ම කතාවක් වුණේ නැහැ," රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන්ගෙන් විරෝධතාවක් ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පැවසුවේ සුදර්ශන පැණිය බටහිර රෝහල්වල භාවිත කිරීමට යෝජනා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් බවය. එයට හේතුව බටහිර වෛද්‍ය ක්‍රමය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යනු ප්‍රධාන වෛද්‍ය ක්‍රම ප්‍රවාහයන් දෙකක් වීම නිසා මෙම වෛද්‍ය ක්‍රම දෙක අතර මූලික සංකල්පමය වෙනසක් පැවතීමය. මේ අතර, සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර තිබිණි. ව්‍යාජ නිෂ්පාදන සහ ව්‍යාජ පුවත් "සුදර්ශන පැණිය නම් බෙහෙතක් තවමත් වෙළෙඳපොළට නිකුත් කර නැහැ. යම් සාප්පුවක එය මිළදී ගන්න ඇත්නම්, එය අනිවාර්යයෙන්ම ව්‍යාජ නිෂ්පාදනයක්. මෙය පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධයක්. එය වැඩිදියුණු කර පිටතට දෙන්න තව කාලයක් යයි. නමුත් මෙය කොවිඩ් සඳහා නිපදවන ඖෂධයක් නෙමෙයි. අපි මෙය හදන්නේ උණ රෝගයට ප්‍රතිකාරයක් ලෙස. ඉන් පසු තමයි කොවිඩ් සඳහා අදාළ පරීක්ෂණ පවත්වන්න වෙන්නේ," වෛද්‍ය කමල් පෙරේරා පැවසුවේය. සුදර්ශන පැණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල පළවූ ව්‍යාජ පුවතක් ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා ද සුදර්ශන පැණිය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි. මේ අතර, සුදර්ශන ඖෂධය සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් බොහොමයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන ආකාරය ද දැකිය හැකිය. "දේශීය වෛද්‍ය විද්‍යාව ක්‍රමානුකූලව ගොඩනැගුණු පද්ධතියක්. මේවා ව්‍යාජ බෙහෙත් නෙමෙයි. නිසි අත්හදාබැලීම් සිදු කරලා, ඒවා පොත්වල සටහන් කරලා නිසි පිළිවෙලට ගොඩනැගුණු වෛද්‍ය ක්‍රමයක් මේක. අපි වගේ පර්යේෂකයන් අධෛර්යට පත් වෙනවා මේ වගේ ව්‍යාජ තොරතුරු පැතිරීමත් සමග," සුදර්ශන පැණිය පිළිබඳ පර්යේෂණ පවත්වන කණ්ඩායමේ සාමාජිකයෝ පැවසූහ. මෙම තොරතුරු ද දැනගන්න:
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වුණ සුර්ශන පැණිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට අදාළ පර්යේෂණ කණ්ඩායම සහ මේ හා සම්බන්ධ තවත් පුද්ගලයන් කීපදෙනෙකු සමග බීබීසී සිංහල සේවය සාකච්ඡාවක නිරත විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ අනුව ඔහු මේ වනවිට පිට පිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කර තිබේ. චෙම්ස්ෆර්ඩ් හි පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ සිකුරාදා (මැයි 26) තරගය අවසාන වනවිට නොදැවී ලකුණු 177 ක් රැස් කරගෙන සිටි සංගක්කාර, සෙනසුරාදා සිය ද්විත්ව ශතකය වාර්තා කළේය. සරේ ප්‍රාන්තයේ සෑම් කුරාන් (ලකුණු 90) හය වෙනි කඩුල්ල වෙනුවෙන් සංගක්කාර සමග ලකුණු 191 ක සම්බන්ධතාවක් පවත්වා ගත්තේය. ප්‍රාන්ත ශූරතාවලියේදී මීට ඉහතදී ලකුණු 136 ක්, 105 ක්, 114 ක් සහ 120 ක් රැස් කරමින් පිට පිටම ශතක පහක් රැස් කිරීම සරේ ප්‍රාන්ත ඉතිහාසයේ අලුත් වාර්තාවකි. 2003 දී නෝතැම්ප්ටන්ශයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් මයික් හසේ පිට පිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කිරීමෙන් අනතුරුව එම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා කුමාර් සංගක්කාරය. ලබන සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර පසුගියදා නිවේදනය කළේය.
එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සරේ ප්‍රාන්තය වෙනුවෙන් එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බොදු බල සේනා රැස්වීමට ගෝඨාභය රාජපක්ෂ සහභාගි වීම මගින් දෙපාර්ශවය අතර පවතින සම්බන්ධතාවය සනාථ වන බව අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පවසයි කොළඹ පැවති මාධ්‍ය හමුවක් ඇමතූ එම ව්‍යාපාරයේ සම පූජ්‍ය දඹර අමිල හිමියන් ආගම්වාදය සහ ජාතිවාදය මුල් කර ගනිමින් මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට දැරෙන උත්සාහය හඳුන්වා දුන්නේ "ඉතා අනතුරුදායක" ප්‍රවණතාවයක් ලෙසින්. ශ්‍රී ලංකාවේ සිංහල ජනගහණය ඉතා විශාල වශයෙන් පහල වැටී තිබෙන බවට කලෙක ඇතැම් කණ්ඩායම් ප්‍රචාරයක් ගෙන ගිය බව පෙන්වාදෙන එහිමියෝ, කෙසේ නමුත් 1981 දී 74% ක් වූ සිංහල ජනගහණය, 2011 දී 74.9% දක්වා ඉහල ගොස් ඇතැයි නිළ වාර්තාවල දැක්වෙන බව ද පවසති. "ජාතිවාදයෙන් මුසපත් වී, උන්මාදයට පත්ව," ජාතිවාදී සංවිධානවලට උඩගෙඩි දීමෙන් බෞද්ධ භික්ෂු නායකත්වය වැළකිය යුතු බව උන්වහන්සේ අවධාරණය කරති. "විවිධ බල සේනා" නමින් හැඳින්වෙන සංවිධාන වත්මන් යලිත් වරක් ආණ්ඩුවට බලය ලබා දීමේ "කෙක්කක්" බවට පත්ව තිබෙන බව පවසන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය, ගාල්ලේ පැවති බොදු බල සේනා රැස්වීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහභාගි වී එහි නායකත්වය අගය කිරීම මගින් දෙපාර්ශවය අතර පවතින සම්බන්ධතාවය සනාථ වන බව ද පෙන්වා දෙයි.
ආගම්වාදය සහ ජාතිවාදය මුල් කර ගනිමින් මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට සැරසෙන බවට ආණ්ඩුවට චෝදනා කරන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය, 83 කළු ජූලිය අන්දමේ සිදුවීමක් යලිත් හට ගැනීම වැළැක්වීම සඳහා පෙරමුණ ගන්නා මෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නීතිවේදියෙකු විසින් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමත් සමග මන්ත්‍රීවරුන්ට ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය පිළිබඳ සමාජය තුළ යළි සංවාදයක් පැන නැගී තිබේ. 2016 වසර සඳහාවන අයවැය ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර ලබා දීම අහෝසි කිරීමට ආණ්ඩුව යෝජනා කළ අතර එසේ බදු සහන ලබා දීම මගින් රජයට වාර්ෂිකව රුපියල් කෝටි හාරදහසක ආදායමක් අහිමිවන බව එයට හේතු වශයෙන් ආණ්ඩුව සඳහන් කළේය. කෙසේ නමුත් මන්ත්‍රීවරුන්ගෙන් හා රජයේ නිලධාරීන්ගෙන් එයට එරෙහිව එල්ල වූ දැඩි විරෝධය හමුවේ යළිත් ඔවුන් වෙත තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට ආණ්ඩුව කටයුතු කළේය. මෙලෙස ලබාදුන් වාහන බලපත්‍ර තුන්වැනි පාර්ශවයකට විකිණීමට මන්ත්‍රීවරුන් හා රජයේ නිලධාරීන් කටයුතු කරන බව පවසන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු එමගින් රටට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමිවන බව පෙන්වා දෙයි. මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති වාහන බලපත්‍රවලින් පමණක් රුපියල් කෝටි හත්දහසක මුදලක් රජයට අහිමිවන බව ඔහු කියා සිටී. ලක්ෂ දෙසීය පනහක් මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකු මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුන්සිය පනහක් පමණ වන ටොයෝට ලෑන්ඩ් කෘසර් රථය සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකුට ලබා දෙන වාහන බලපත්‍රයක් අලෙවි කිරීමෙන් එම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ දෙසිය විස්සත් දෙසිය පනහත් අතර මුදලක් ලබා ගත හැකි බව මෝටර් රථ වාහන අලෙවිකරුවෝ පවසති. එලෙස විකුණු මන්ත්‍රී වාහන බලපත්‍රයක් මිලදී ගත් මෝටර් රථ අලෙවිකරුවකු වන සමන්ත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ වර්තමානයේ ලබාදෙන වාහන බලපත්‍ර විකිණීමට කිසිදු තහනමක් නොමැති බවය. මන්ත්‍රී වාහන බලපත්‍ර යටතේ මිල දී ගත් මෝටර් රථයක් වසර පහකට පසු පමණක් විකිණිය හැකි බවට පසුගිය පාලන සමයේ පැවති කොන්දේසිය මේ වන විට ඉන් ඉවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. එවක වසර පහක සීමාව පනවා තිබියදීත් හොර රහසේ එම මෝටර් රථ විකුණා දැමීම සිදු වූ නමුත් මේ වන විට මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන් ඇතුළු රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේම ඔවුන්ගේ වාහන බලපත්‍ර විකුණා දමන බව සමන්ත පෙරේරා පවසයි. මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකු මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුන්සිය පනහක් පමණ වන ටොයෝටා ලෑන්ඩ් කෘසර් රථය. ඇතැම් මන්ත්‍රීවරුන් ඒ හා සමාන වටිනාකමක් ඇති බීඑම්ඩබ්ලිව් හා මර්සිඩීස් බෙන්ස් රථ ගෙන්වා තිබේ. එවැනි මන්ත්‍රීවරුන් හා නිලධාරීන් බහුතරයකට සිය රාජකාරි සඳහා නිල රථ ලබා දී ඇති බැවින් ඔවුහු මෙලෙස තම බලපත්‍ර විකුණා මුදල් ලබා ගැනීමට පෙළඹෙති. ලක්ෂ හාරසීයක පමණ වටිනාකමකින් යුත් නිල රථ දෙකක් හිමිවන රජයේ අමාත්‍යවරුන්ට ද මෙම වරප්‍රසාදය හිමි වේ. ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුව මෙන්ම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් ද මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම සාධාරණීකරණය කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට විරෝධය දක්වයි. මන්ත්‍රීවරුන් විසින් තීරුබදු වාහන බලපත්‍ර අවභාවිත කරනු ලබන බව පවසන ජනතා විමුක්ති පෙරමුණ තමන් තීරුබදු රහිත වාහන බලපත්‍රවලින් මිල දී ගනු ලබාගන්නේ සාමාන්‍ය වාහන බව පමණක් පවසයි. කෙසේ වෙතත් රජයට බදු මුදල් අහිමි කිරීම සම්බන්ධයෙන් නීතිවේදි නාගානන්ද කොඩිතුවක්කු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ද චෝදනා එල්ල කරයි. "මන්ත්‍රී වාහන ආනයනය කළ වහාම අලෙවි කළත්, කලකට පසුව අලෙවි කළත් රජයේ බදු ආදායම අඩු වීම එලෙසම සිදුවෙනවා. වෙනසකට තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉන් ලැබෙන ලාභය පක්ෂ අරමුදලට බැර කිරීම සහ අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන් එම ලාභය තම පවුලේ ගිණුමට බැර කිරීම. මේ දෙකේ කිසිම වෙනසක් නැහැ," යනුවෙන් නීතිවේදි නාගානන්ද කොඩිතුවක්කු කියා සිටී. මුදල් අමාත්‍යංශයේ පැවති පුවත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු මන්ත්‍රී වාහන බලපත්‍ර විකුණා දැමීම පිළිබඳ මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසූ අතර ඔහු එහිදී කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ තීරු බදු රහිත වාහන 30,000 ක් පමණ ලබාදුන් අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න නොකළේ මන්ද යන්නයි. මුදල් ඇමතිවරයාගේ ප්‍රතිචාරය "මීට පෙර රථවාහන තිස් දහසක් පමණ තීරු බදු රහිතව ගෙන්වා තියෙනවා කිසිදු ප්‍රශ්නයක් නැතිව" "මීට පෙර රථවාහන තිස් දහසක් පමණ තීරු බදු රහිතව ගෙන්වා තියෙනවා කිසිදු ප්‍රශ්නයක් නැතිව. ඔය අහල තියෙන්නේ කුහකකමකින් දේශපාලකයන් විතරක් මේ වාසිය ලබාගන්නවා කියලා. රජයේ සේවකයනුත් ඒ ආකරයෙන්ම මේක ලබාගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අයත් ලබාගෙන තියෙනවා. ඉතින් ඇයි මේ එක කොටසක් ඉලක්ක කරලා තියෙන්නේ. එදා තිස් දහසකට තිබූ ප්‍රමාණය අපි පන්දහසකට විතර ගෙනත් අත්‍යවශ්‍ය අයට විතරයි දෙන්නේ," යනුවෙන් මුදල් ඇමතිවරයා පැවසීය තම මන්ත්‍රී වාහන බලපත්‍රය විකුණා එම මෝටර් රථ වෙනත් පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කර දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගේ නම් ලැයිස්තුවක් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත. පසුගිය වසරේ මෙම පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය වාහන බලපත්‍ර විකිණූ මන්ත්‍රීවරුන් ගණනාවක් ඒවා ලියාපදිංචියට යොමු නොකිරීමට වග බලා ගන්නා බවත් නීතිඥවරයා පවසයි. මේ තත්වය යටතේ අලුත් අයිතිකරුවන් ලියාපදිංචිය වෙනස් නොකොට මන්ත්‍රීවරයාගේ නමටම වාහනය තබා ගන්නා බවත් ඔහු කියා සිටී. මෝටර් රථ ආඥා පනතට අනුව එය වරදක් බවත් ඒ පිළිබඳවත් තමන් පැමිණිලි කර තිබෙන බවත් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු වැඩිදුරටත් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් තමන්ට හිමිවන තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍රය වෙනත් පාර්ශවයකට විකුණා ඇති බවට වාර්තා පළ වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහෙත් යුක්‍රේනය සිදු කරන එම යුදමය සූදානම කුමක් දැයි රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශනයක සඳහන් නොවේ. රුසියාව එම අනතුරු ඇඟවීම කර ඇත්තේ යුක්රේනියානු බලධාරීන් විසින් නැගෙනහිර පළාතේ පිහිටි හාකිව් (Kharkiv) නගරයේ කලාපීය පරිපාලන ගොඩනැගිල්ලක දී ඊයේ රාත්‍රී ත්‍රස්ත විරෝධී කටයුතු වලට එරෙහිව මෙහෙයුමක් දියත් කිරීමෙන් අනතුරුවයි. එම මෙහෙයුමේ දී එම ගොඩනැගිල්ල අල්ලා ගෙන සිටි රුසියාවට හිතවත් බෙදුම්වාදීන් හැත්තෑ දෙනක් අත් අඩංගුවට ගනු ලැබූහ. රුසියාවට හිතවාදී ක්‍රියාකාරීන් ඊයේ පැවසුවේ හාකිව් සහ දනියෙස්ක් යන නගර යුක්‍රේනයෙන් ස්වාධීනත්වය ලබා බවයි. යුක්‍රේනයේ හදවත වන් කර්මාන්ත පුරයේ අස්ථාවරභාවය ඇති කරමින් බෙදුම්වාදී හැඟීම් ඇති කරන බවට නැගෙන චෝදනා රුසියාව විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
යුදමය වශයෙන් සූදානම් වීමක් නොකරන ලෙස යුක්‍රේනයෙන් ඉල්ලා සිටින රුසියාව එය සිවිල් යුද්ධයකට මුල පිරෙනු ඇති බවට අනතුරු අඟවා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කෙප්ලර් - 90 (Kepler-90) අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට වඩාත් සමාන ග්‍රහ පද්ධතියකි (මෙම පින්තුරය නිර්මාණයක් බව සළකන්න) කෙප්ලර් - 90 (Kepler-90) ලෙස හැඳින්වෙන එම තරුව සූර්යයාට වඩා උෂ්ණත්වයෙන් වැඩි අතරම ඒ වටා ග්‍රහ ලෝක හතක ඇති බව තාරකා විද්‍යාඥයින් විසින් හඳුනාගනු ලැබ තිබිණි. අලුතෙන් එහි සොයා ගන්නා ලද ග්‍රහ ලොව සමග "අපේ සෞර ග්‍රහ මණ්ඩලය වගේම ග්‍රහ ලෝක ප්‍රමාණයක් දරා සිටින පළමු තරුව බවට කෙප්ලර් - 90 පත්වෙනවා" යැයි මේ සොයා ගැනීම සඳහා දායක වූ ගූග්ල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරු ක්‍රිස්ටෝෆර් ෂැලූ පැවසීය. මීට පෙර කරන ලද සෙවීම්වලින් මගහැරී ගිය ග්‍රහලෝක සොයා ගැනීම සඳහා ගූගල් සමාගමේ ඉංජිනේරුවෝ කෘතීම බුද්ධිය සහිත ක්‍රමවේදයක් භාවිත කරති. මේ සොයා ගැනීමට පදනම් වුයේ නාසා යැවූ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් රැස්කරගන්නා ලද නිරීක්ෂණය. එහි මව් තරුව ආලෝක වර්ෂ 2,545 ක් තරම් දුරක පිහිටියත් එහි ග්‍රහ මණ්ඩල පද්ධතිය අපේ සෞර ග්‍රහ මණ්ඩලය පවතින ආකාරයට බොහෝ සමානය. කෙප්ලර් - 90 (Kepler-90) සහ අපගේ සෞර ග්‍රහ මණ්ඩලය අතර පවතින සමානකම් "කෙප්ලර් - 90 පද්ධතිය අපේ සෞර ග්‍රහ මණ්ඩලයේම කුඩා එකක් වගේ. අභ්‍යන්තරයට වෙන්න කුඩා ග්‍රහ ලෝකත්, පිටට වෙන්න විශාල ග්‍රහ ලෝකත් පිහිටා තිබෙනවා. නමුත් මේ සියල්ල එකට ලංවී තිබෙන්නේ" යැයි මේ වැඩපිළිවෙලේ සම සෙවුම්කරුවකු වන ඔස්ටින් හි ටෙක්සස් සරසවියේ ඇන්ඩෲ වැන්ඩර්බර්ග් පැවසීය. කෙතරම් සමීපව තිබෙන්නේ ද යන්න පිළිබඳ අදහසක් දෙතොත්, එහි ඈතින් ම පිහිටි ග්‍රහ ලෝකය භ්‍රමණයවන්නේ, පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන දුරට සමාන දුරකිනි. කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් අලුත් ලෝකයන් සොයා යෑම (මෙම පින්තුරය නිර්මාණයක් බව සළකන්න) කෙප්ලර් 90 - අයි ලෙස නම් කර ඇති අලුතින් ම සොයාගන්නා ලද ග්‍රහ ලොව අභ්‍යන්තරයේ පිහිටා තිබෙන අතර සිය තරුව වටා එක් ගමන් වටයක් සම්පුර්ණ කිරීමට ඊට දින 14.4ක් ගත වේ. එහි පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 425ක් වනු ඇති බව ඇස්තමේන්තු කර ඇත. ගූගල් සමාගම භාවිත කරන machine learning (මැෂින් ලර්නිං) නම් වූ තාක්ෂණය ම, වෙනත් තරුවක් වටා භ්‍රමණය වන කෙප්ලර් 80 ජී (Kepler 80g) නම්වූ පෘථිවියේ ප්‍රමාණයට සමාන ග්‍රහ ලොව සොයා ගැනීම සඳහා භාවිත කෙරිණි. මෑත දශක කිහිපය තුළ දී තරු වටා භ්‍රමණය වන ලෝක 3,500ක් පමණ සොයාගෙන ඇත. තවත් තොරතුරු: නාසා ආයතනයෙන් හිරු යානයක් වසර හතකින් අඟහරු වෙත යමුද? අඟහරු අධ්‍යයනයට උදව් දෙන 'ළදරු දූපත' කැසිනි අවසන් ගමනට පිවිසෙයි අභ්‍යවකාශයේ වාර්තා තබන කාන්තාව 2018 දී සඳවටා සංචාරයක් http://www.bbc.com/sinhala/world/2015/10/151005_smbp_life_in_mars http://www.bbc.com/sinhala/world/2014/11/141101_virgin_crash
අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහ පද්ධතියක මේ දක්වා සොයා ගන්නා ලද විශාලතම ග්‍රහ ලෝක ප්‍රමාණය මෙය වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔවුන් විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පෙත්සමක් ද භාර දෙන ලදී. රටින් බැහැරව සිටින ශ්‍රී ලංකා මුස්ලිම් ඩයස්පෝරාවේ හමීඩ් ජබීර් පැවසුවේ බොදු බල සේනා සංවිධානයට හා සිංහල රාවය වැනි සංවිධානවලට එරෙහිව එම උද්ඝෝෂණය පැවැත්වූ බවයි. ආරක්ෂාව සහ සමගිය තම තමන්ට අයිති පූජනීය ස්ථානවල ආරක්ෂාව, සහ සමගියෙන් ජීවත්වීමට ඇති අයිතිය ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ. “අපේ ජනතාව හා , අපේ ශ්‍රී ලංකාවේ ජනතාව හා සුළු ජනතාව තම තමන්ගේ පූජනීය ස්ථානවල ආරක්ෂාව හා තමන්ගේ සමගිය උරුමය ලබා දීමට කටයුතු කරන මෙන් රජයට අපි ආරාධනාවක් කරනවා” ශ්‍රී ලංකාවේ සුළු ජන කොටස් වලට අයත් පූජනීය ස්ථානවලට බලපෑම් කිරීම සහ හානි සිදු කිරීමට එරෙහිව තමන් විරෝධය පල කරන බවයි ඔහු කියා සිටියේ. ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජනතාවට එසේ විරෝධය පළ කිරීමට හැකියාවක් නොමැති නිසා රටින් බැහැරව සිටින මුස්ලිම් ජනතාව මෙම විරෝධතාවට එක් රැස් වූ බවයි ශ්‍රී ලංකා මුස්ලිම් ඩයස්පෝරාවේ හමීඩ් ජබීර් තවදුරටත් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරන බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ඊයේ සඳුදා ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගන්නා මෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළේය කොමිසමේ ලේකම් ජීඑම්ඩබ්පී ජයතිලක වෙත දීර්ඝ ලිපියක් යොමු කරන එම සංගමය, රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ නඩු විභාගය අතරතුරදී මහේස්ත්‍රාත්වරිය, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පිළිබඳව කරුණු සොයා බලන මෙන් රහස් පොලිසියට නියෝග කිරීම ගැටලු සහගත තත්වයක් බව පෙන්වා දෙයි. විශේෂයෙන්ම මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධ සැකකරුගේ ඡායාරූපය පළකරනු ලැබුවේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පමණක් නොවන බව සිය ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම ඡායාරූපය පළකළ පුවත්පතකට එරෙහිව මහේස්ත්‍රාත්වරිය වෙනස් ක්‍රියාපිළිවෙතක් අනුගමනයකර ඇති ආකාරය පැහැදිලි කරයි. මාධ්‍ය මර්දනය මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අය වැය විවාදයේදී වෙබ් මාධ්‍ය පිළිබඳව කළ සඳහන මාධ්‍ය මර්දනය පිණිස පසුබිම සකස් කිරීමේ උත්සාහයක් බව පවසන වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, එවන් පසුබිමක් තුළ ලංකා ඊ නිව්ස් කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීම බරපතල තත්වයක් බව සඳහන් කරයි. වෙබ් මාධ්‍යවේදීන් කෙරෙහි වෙනස් ආකල්පයක් අස්නුගමනය කරන බවට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවට චෝදනා කරයි විශේෂයෙන්ම ලංකා ඊ නිව්ස් යනු රාජපක්ෂ පාලනය පෙරලා දමා යහපාලන ආණ්ඩුව පත්කරගැනීම පිණිස ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ වෙබ් අඩවියක් බව සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ බීබීසී සංදේශයට පැවසීය. රාජපක්ෂ පාලනය යටතේ වාරණයට ලක් කර තිබුණු වෙබ් අඩවිවල වාරණය ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කිරීම යහපත් ප්‍රවණතාවක් වන නමුත්, ඉන් අනතුරුව වත්මන් ආණ්ඩුව වෙබ් මාධ්‍යවේදීන් සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇතැයිද ඔහු පැවසීය. සිය සංගමය දිගින් දිගටම ඉල්ලීම් කළත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් මෙතෙක් කැඳවන ලද මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීම්වලට කිසිදු වෙබ් මාධ්‍යවේදියකු කැඳවා නොමැති බව ද ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලු වෙබ් අඩවි පිළිගත් ආචාරධර්මවලට අනුකූලව කටයුතු කළ යුතු බව සිය සංගමයේ ප්‍රතිපත්තිය බව ද ෆ්‍රෙඩී ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.
ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර විවේචනය කරමින් ලිපි පළ කළ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයා අත්අඩංගුවට ගන්නා මෙන් ඇය විසින්ම නියෝග නිකුත්කරනු ලැබීම පිළිබඳව විමර්ශනයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තායිලන්ත ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂකයෝ ජාතික ගීය ගයමින්. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායක සුතප් තොන්සුබන් විසින් නායකත්වය දුන් විරෝධතා රැළියකට අසල ගොඩනැගිල්ලක සිට පුපුරන ද්‍රව්‍යයකින් දමා ගසා ඇති බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ. එම ප්‍රහාරයේ දී තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායකයාට හානියක් සිදු ව නැතත් රැළියට සහභාගී වෙමින් සිටි ජනතාවට සහ ආරක්ෂක භටයන්ට තුවාල සිදු වී ඇති බව බැංකොක් වාර්තාවන්හි දැක්වෙයි. එම උද්ඝෝෂණ පෙරට ගෙන යමින් පවතින්නේ, තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනවත්ට පදවියෙන් ඉවත් වෙන මෙන් බල කරමින්. අගමැතිවරිය සති දෙකක කාලයක් ඇතුළත මහ මැතිවරණයක් කැඳවනු ලැබ ඇතත් ඊට තරඟ වැදීම විපක්ෂය විසින් වර්ජනය කරනු ලැබ ඇත.
තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට එල්ල කෙරුණ ප්‍රහාරයකින් අඩු තරමින් විසිඅට දෙනකු වත් තුවාල ලබා සිටින බව බැංකොක් අගනුවරින් වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දිල්ලි නුවර කොට්ලා ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණදුන් අපහසුතාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ජගත් පාලක මණ්ඩලය වෙත පැමිණිලි කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. එහෙත් අමාත්‍යවරයාගෙන් හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ICC ජගත් පාලක මණ්ඩලය වෙත කිසිදු ලිඛිත පැමිණිල්ලක් ලැබී නැති බව බීබීසී සිංහල සේවයට තහවුරු වී තිබේ. කෙසේ නමුත් මේ සතියේ හටගත් වාතාවරණය වැනි තත්වයක් අනාගතයේදී උද්ගත වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබා දෙන මෙන් වෛද්‍ය උපදෙස් කමිටුව වෙත යොමු කර තිබෙන බව ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි. ජගත් පාලක මණ්ඩලය ඒ පිළිබඳව ලබන පෙබරවාරි මාසයේ සාකච්ඡා කිරීමට ඉඩ තිබෙන බව ද ICC ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. මේ අතර දිල්ලි තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC යට මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බව විශ්වාස කටයුතු මාර්ගයකින් බීබීසී සිංහල සේවයට දැනගැනීමට ලැබිණ. අධික දුමාරය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි අගනුවර පැවති තුන්වෙනි ටෙස්ට් තරගය වරින්වර නවතා දැමීමට සිදුවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට සහ විවාදයකට තුඩු දී තිබිණ. සත්කාරක නගරයේ වායු දූෂණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වරින්වර නැවැත්වීමට සිදු වූ ප්‍රථම අවස්ථාව එය වූ අතර හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉරිදා (දෙසැම්බර් 03) මුඛවාඩම් පැළඳ තරගයට අවතීර්ණ වීම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයටලක් වී තිබිණ. එදින ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රීඩාගාරයේ දී වමනය කළ බව මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මාධ්‍ය වෙත පවසා තිබිණ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අඟහරුවාදා (දෙසැම්බර් 05) ක්‍රීඩාංගනයේදීම වමනය කිරීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක් වී තිබිණ. එහෙත් මින් ඉදිරියට කොට්ලා ක්‍රීඩාංගණයේ තරග නොපැවැත්වීමේ කිසිදු සැලසුමක් නොමැති බව බීබීසී සිංහල සේවයට දැනගැනීමට ලැබිණ.
ඉන්දියාවේ දිල්ලි නුවර ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තුන් වෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී හටගත් වාතාවරණය පිළිබඳව මේ වනතුරුම ශ්‍රී ලංකාවෙන් ජගත් පාලක මණ්ඩලය වෙත කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බව ඉතා විශ්වාස කටයුතු මාර්ගවලින් බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මිනිස් වර්ගයා ලද යෝධ පිම්ම" අපේ ජීවිතයට බලපෑ හැටි පළමු වරට සඳ මත පා තැබීම අතරතුර නීල් ආම්ස්ට්‍රෝන්ගේ මුවින් පිටවූ එම වචන 1969 වසරේ ජුලි 20 වෙනි දින, එනම් අදින් පනස් වසරකට පෙර විද්‍යාව සහ තාක්ෂණය ලබා ගත් විජයග්‍රහණයක් පිළිබඳ සඳහනකි. එසේම එය අප දෛනික ජීවිතය කෙරෙහි බලපෑ ඉතා වැදගත් සංධිස්ථානයකි. වර්තමාන වටිනාකමට අනුව ඇමරිකානු ඩොලර් කෝටි 20,000 ක් වැය කර ඇතැයි ඇස්තමේන්තු කෙරෙන 'ඇපලෝ' වැඩසටහන කිසි දින අප නොදැන සිටි ඇතැම් ක්ෂේත්‍රවල අනපේක්ෂිත වර්ධනයකට ද හේතු කාරක විය. පහත දැක්වෙන්නේ ඉන් සමහරකි. 1. පැටලිලි අඩුයි, පිරිසිදු කිරීමට පහසුවක් ඇපලෝ අභ්‍යවකාශගාමීන් විසින් භාවිත කරනු ලැබූ උපාංග මගින් පැවත එන 'ඩස්ට්බස්ටර්' 1979 වසරේදී (සඳ මත පා තබා දස වසරකට පසු) වෙළෙඳපොළට නිකුත් විය රැහැන් රහිත විද්‍යුත් උපාංග 'ඇපලෝ' අභ්‍යවකාශ ගමන්වලට පෙර බිහි වී තිබුණි. නමුත් එකී උපාංග අද පවතින ආකාරයෙන් වඩාත් උසස් තත්ත්වයට ගෙන එම සඳහා ඇපලෝ වැඩසටහන විශාල වශයෙන් දායක විය. උදාහරණයක් වශයෙන් 1961 වසරේදී ඇමරිකානු උපාංග නිෂ්පාදන සමාගමක් වන 'බ්ලැක් ඇන්ඩ් ඩෙකර්' රැහැන් රහිත විද්‍යුත් බුරුමයක් (Drill) වෙළෙඳපොළට නිකුත් කළේය. සඳ වෙත ගිය චන්ද්‍රිකාව මගින් මූලික නියැදි ලබා ගැනීම සඳහා එම සමාගම නාසා ආයතනය වෙත විශේෂ බුරුමයක් සපයා තිබිණි. එම උපකරණය සහ බැටරි දියුණු කිරීමේදී අත්පත් කර ගත් දැනුම මගින් 1979 වසරේදී ලොව පළමු රැහැන් රහිත වාණිජ මට්ටමේ වැකියුම් ක්ලීනරය (Vacuum cleaner) ඇතුළු අලුත් උපාංග පෙළක් ඉදිරිපත් කිරීමට 'බ්ලැක් ඇන්ඩ් ඩෙකර්' සමාගමට හැකි විය. තිස් වසරක් ඇතුලත 'ඩස්ට්බස්ටර්' වැකියුම් ක්ලීනර මිලියන 150 කට වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇත. 2. වේලාව සටහන් කිරීමේ වර්ධනයක් සඳ මත පා තැබූ දෙවන මිනිසා, බස් ඇඩ්‍රින් 'ඇපලෝ 11' මෙහෙයුම අතරතුර සඳ මතුපිටදී සිය අත්ඔරලෝසුව පැළඳ සිටින අයුරු යථාතථ්‍යය, නැතිනම් සම්පූර්ණයෙන්ම නිවැරදි බව සාර්ථක ලෙස සඳ මත පා තැබීමෙහි ලා අතිශය වැදගත් සාධකයක් විය. අභ්‍යවකාශගාමීන්ගේ ජීවිතය සහ මරණය අතර වෙනසක් ඇති කිරීමට තත්පරයකින් කොටසකට හැකියාව ඇත. එබැවින් මෙහෙයුම පාලනය සඳහා නාසා ආයතනයට වඩාත් නිවැරදි ඔරලෝසු අවශ්‍ය වීම පුදුමයක් නොවේ. අදාළ උපාංග සඳහා වසරකට මිනිත්තුවක නිවැරදිතාවක් ලබා දුන් වඩාත් උසස් ආකාරයේ ක්වොට්ස් (quartz) ඔරලෝසු ඊට විසඳුම විය. නමුත් එහි ඇති උත්ප්‍රාසය නම් 'ඇපලෝ 11 ' මෙහෙයුමේදී ආම්ස්ට්‍රෝන් සහ ඔහුගේ සගයා වූ බස් ඇඩ්‍රින් "පැරණි තාලයේ" යාන්ත්‍රික අත්ඔරලෝසු (mechanical wristwatches) පැළඳ සිටීමය. 3. අපට වඩාත් පිරිසිදු ජලය ලැබිණි නාන තටාක තුළදී ඇසට දැනෙන වේදනාව අඩු වීමට 'ඇපලෝ' යානය තුළ ජල පවිත්‍රකරණය සඳහා යොදා ගත් තාක්ෂණය අද වනවිට ජල මූලාශ්‍රවල බැක්ටීරියා, වෛරස් සහ ඇල්ගී මර්දනය සඳහා ආකාර කිහිපයකින් යොදා ගැනේ. ක්ලෝරීන් රහිත තාක්ෂණය භාවිත කිරීමේ නිර්මාතෘ 'ඇපලෝ' වැඩසටහනය. එම තාක්ෂණය ලොව පුරා නාන තටාක සහ වතුර මල් පාලනය සඳහා තවමත් විශාල වශයෙන් යොදා ගැනේ. 4. වඩාත් කල්පවතින සපත්තු අභ්‍යවකාශ ඇඳුම් සඳහා භාවිත කළ තාක්ෂණය වඩාත් කල් පවතින සපත්තුවල තිඹිරි ගෙයයි වර්තමාන අභ්‍යවකාශගාමීන් ඇඟලන ඇඳුම තවමත් පදනම් වී ඇත්තේ සඳ මත ඇවිද යාම සඳහා 'ඇපලෝ' අභ්‍යවකාශගාමීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 1965 වසරේදී සැලසුම් කරන ලද මොඩලයයි. එසේම එම තාක්ෂණය පාවහන් නිමයුම දිරිමත් කිරීමෙහි ලා බලපා ඇත. වඩාත් නම්‍යශීලී, පයට පහසු, ගැස්සීම් දරා ගන්නා ක්‍රීඩකයන් පළඳින ආකාරයේ සපත්තු පසුගිය දශක කිහිපය තුළ වෙළෙඳපොළට නිකුත් වී තිබේ. 5. අභ්‍යවකාශයේදී යොදා ගත් ගින්නට ඔරොත්තු දෙන රෙදි අභ්‍යවකාශ ගවේෂණය සඳහා නාසා ආයතනය විසින් වැඩිදියුණු කරන ලද ගින්නට ඔරොත්තු දෙන රෙදි මේ වන විට පෘථිවිය තුළ විශාල වශයෙන් භාවිත වේ පුහුණුවීම් අතරතුර හටගත් ගින්නක් හේතුවෙන් ඇපලෝ 1' යානය විනාශ වී එහි සිටි අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු මරණයට පත් විය. ඒ සමග ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන අත්හිටවනු ලැබිණි. ඒ සමග ගින්නට ඔරොත්තු දිය හැකි රෙදි වර්ගයක් අලුතින් අත්හදා බැලීමට නාසා ආයතනය කටයුතු කළේය. එසේ වැඩිදියුණු කරන ලද ගින්නට ඔරොත්තු දෙන රෙදි මේ වන විට පෘථිවිය තුළ විශාල වශයෙන් භාවිත වේ. අභ්‍යාවකාශ යානා ගුවන් ගත වන අවස්ථාවේ අභ්‍යාවකාශගාමීන් ප්‍රාණවත්ව තබා ගැනීම සඳහා භාවිත කරන ලද සිසිල් කිරීමේ පද්ධතිය (cooling system) වර්තමානයේ සෛල දෘඩ වීමේ රෝගාබාධ වැළඳුනු පුද්ගලයන් මෙන්ම අශ්වයන් සඳහා ද යොදා ගැනේ. 6.හෘදය සහ තාක්ෂණය නාසා ආයතනය විසින් වැඩිදියුණු කරන ලද ක්ෂුද්‍ර විද්‍යුත් පරිපථ තාක්ෂණය, හෘද ස්පන්දනය පාලනය කිරීමේ උපාංග නිෂ්පාදනය කෙරෙහි බලපෑමක් එක් කළේය අනතුරුදායක ආකාරයේ අසාමාන්‍ය හෘද ස්පන්දන රටා සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා උපාංග පළමුව නිර්මාණය කෙරුණේ, නාසා ආයතනය ක්ෂුද්‍ර විද්‍යුත් පරිපථ තාක්ෂණය සම්බන්ධයෙන් කළ වැඩිදියුණු කිරීම් හේතුවෙන්ය. හෘද ස්පන්දන රටාව නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂුද්‍ර විද්‍යුත් පරිපථ රෝගියාගේ සැමට යටින් තැන්පත් කරනු ලැබිණි. අසාමාන්‍ය තත්ත්වයන් ඉලෙක්ට්‍රෝනික ආවේගයක් මගින් නිවැරදි කෙරුනි. ඒ ආකාරයේ පළමු ක්ෂුද්‍ර විද්‍යුත් පරිපථ අසූව දශකයේදී භාවිතයට ගැනිණි. 7. ආහාර කල් තබා ගැනීම 'ඇපලෝ' වැඩසටහන් සඳහා යොදා ගත් අධි ශීතකළ වියලි ආහාර පසුව වෙළෙඳපොළට ආ සිත්ගන්නා සුළු ආකාරයේ ඇසුරුම් සහිත එවැනි ආහාරවල මූලාරම්භයයි සඳ වෙත ළඟා වීමේ ගවේෂණයේදී, ඉඩකඩ ඉතිරි කර ගැනීම සහ අභ්‍යාවකාශ යානා හැකිතාක් සැහැල්ලු මට්ටමක තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ නාසා ආයතනයේ අවධානය යොමු විය. ඒ සමග 'ඇපලෝ' වැඩසටහන් සඳහා ආහාර කල්තබා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ විය. මීට පෙර දියත් කළ 'මර්කරි' සහ 'ජෙමිනි' අභ්‍යාවකාශ ගමන් සඳහා ගත වූ කාලය කෙටි වුවත් සඳ ගවේෂණ සඳහා අභයාවකශය තුළ දින 13 දක්වා කාලයක් ගත වනු ඇත. අඩු උෂ්ණත්වයක් යටතේ පිස එහි වූ ජලය ඉවත් කර ආහාර වියලි තත්ත්වයෙන් අධි ශීත කර පසුව උණු ජලය මදක් මිශ්‍ර කර අනුභව කළ හැකි ක්‍රමවේදයක් විසඳුම වශයෙන් ඉදිරිපත් විය. නීල් ආම්ස්ට්‍රෝන්ට කදිමට ගැලපුණු එම ආහාර අද වනවිට කඳු නගින්නන් සහ කඳවුරු බදින්නන් ඇතුළු පරම්පරා ගණනාවක තේරීම බවට පත්ව ඇත. 8. 'ස්පේස් බ්ලැන්කට්' 'ස්පේස් බ්ලැන්කට්' පෘථිවිය තුළදී ද වඩාත් අවශ්‍ය වේ. විශේෂයෙන් මානුෂීය අර්බුදවලදී එම පොරෝන භාවිත කෙරේ 'ඇපලෝ' මෙහෙයුම් අතරතුර හිරු රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා නාසා ආයතනය විසින් යොදා ගන්නා ලද දිලිසෙන ආරක්ෂක පොරෝනය කරලියට ආවේ 'ස්පේස් බ්ලැන්කට්' යන සුරතල් නමිනි. ප්ලාස්ටික්, ඇලුමිනියම් යොදා නිෂ්පාදිත 'ස්පේස් බ්ලැන්කට්' අද වනවිට භාවිත කරන්නේ අභ්‍යාවකාශගමීන්ම පමණක් නොවේ. බේරා ගැනීමේ සහ මානුෂීය මෙහෙයුම්වලදී යොදා ගන්නා හදිසි උණුසුම් පොරෝන නිෂ්පාදනය සඳහා නාසා තාක්ෂණය භාවිත කෙරිණි. එමෙන්ම මැරතන් ධාවන තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයන්ගේ ශරීර උෂ්ණත්වය එක වර පහත වැටීම වළක්වා ගැනීම සඳහා ද එම පොරෝන භාවිත කෙරේ. රෝගීන්ගේ සහ කාර්යමණ්ඩලයේ තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා රෝහල් විසින් මේ තාක්ෂණය නිතර භාවිත කරනු ලබයි.
"මෙය මිනිසකුට කුඩා පියවරක්, නමුත් මිනිස් වර්ගයාට යෝධ පිම්මක්."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිරියානු ජාතිකයා විසූ නිවස ආසන්නයේ මාර්ගයක ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් බෝම්බය පුපුරවා ගත් විසි හත් හැවිරිදි සිරියානු ජාතිකයා මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති. ඒ සමග දෙදහස් පන්සීයක පමණ පිරිසක් සැණකෙළි භූමියෙන් ඉවත් කොට තිබේ. ඇන්ස්බැක් නගරයේ පැවති සංගීත සැණකෙළියට ඇතුළු වීමට ඉහත කී පුද්ගලයාට අවසර ලබා දී නොමැති බවත් අනතුරුව ඔහු විසින් සිය ගමන් මල්ල තුළ වූ බෝම්බය පුපුරවා හැර ඇති බවත් බැවේරියා ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කියා සිටියේය. ඉහත කී පුද්ගලයාගේ දේශපාලන රැකවරණය අයදුම්පත මීට වසරකට ඉහත දී ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර වසරක කාලයක් තාවකාලිකව ජර්මනියේ රැඳී සිටීමට ඔහුට ඉඩ ලබා දී ඇති බවත් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කළේය. ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔහු මීට ඉහත අවස්ථා දෙකකදී සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කොට ඇති බවයි. සතියක් ඇතුළත බැවේරියා ප්‍රාන්තයේ සිදු වූ තෙවන ප්‍රහාරය මෙයයි.
දේශපාලන රැකවරණය සඳහා අයැදුම් කොට ප්‍රතික්ෂේප වූ සිරියානු ජාතිකයකු විසින් දකුණු දිග ජර්මනියේ සංගීත සැණකෙළියක් අසලදී බෝම්බයක් පුපුරවා හැරීමෙන් දොළොස් දෙනකු තුවාල ලබා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නව අමාත්‍යවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දුන් අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහද එක් වී සිටියේය. කැබිනට් අමාත්‍යවරුන් ලෙස අමාත්‍යවරුන් එකොළොස් දෙනෙකු දිවුරුම් දී තිබේ. කැබිනට් අමාත්‍යවරු කැබිනට් අමාත්‍ය ධුරවලට අමතරව නව රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස මන්ත්‍රීවරු පස් දෙනකු දිව්රුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරු මීට අමතරව දයා ශ‍්‍රි තිසේරා, තිස්ස කරලියද්ද, රංජිත් සියඹලාපිටිය , ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලලිත් දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, ශාන්ත බණ්ඩාර සහ ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විසිහය දෙනෙක් රජයේ අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහෙත් සිය ආධාරකරුවන්ට එරෙහිව එල්ල වන එම තර්ජන කිසිවක් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දැන් වාර්තා නොකරන බවද හිටපු ජනාධිපතිවරයා බීබීසී සංදේශයට පැවසීය. "දැන් ජනමාධ්‍ය ඉන්නේ ඒවා දන්නේ නෑ වගේ," යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තංගල්ලේ කාල්ටන් නිවසේ සිට සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්. තමන්ගේ එක් ආධාරකරුවකුගේ බස් රථ නවත්වා, එහි සේවකයන්ට පහර දී මුදල් පැහැර ගැනීම එයින් එක් සිදුවීමක් පමණක් බවත් ඔහු කියා සිටියේය. වැඩිදුර විස්තර විමසීම පිණිස සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන මෙන් සංදේශය කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පවරාදීමට තමන් තීරණය කළේ පක්ෂය දෙකඩ වීම වලක්වා ගැනීමේ අරමුණින් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශවලදී සිය ආධාරකරුවන්ට තර්ජන එල්ල වෙමින් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසු ගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණු සංවාද අතර මෙවැනි තර්ක ද ඉදිරිපත් වී තිබුණි. රටේ ආන්දෝලනයට ලක් වූ එක්තරා සිද්ධියක් මුල් කරගෙන මෙම සංවාද ගොඩ නැගී තිබුණි. එම සිද්ධියට දේශපාලනය ද ගෑවී තිබුණි. නමුත් ශ්‍රී ලංකාවේ සිදු වන බොහොමයක් ස්ත්‍රී දූෂණවලට කිසිදු දේශපාලනයක් ගෑවී නොමැත. ඊට ගොදුරු වූයේ සිඟිති දැරියක, නව යොවුන් ශිෂ්‍යාවක, තරුණියක, මවක, හෝ වැඩිහිටි කාන්තාවක විය හැක. මේ කතාව 'ඇය' ගැනය. නීතිය ඉදිරියට යන්නේ නම් මේ කවුරුත් පසු කර යා යුත්තේ එකම ක්‍රියා දාමයකි. ඇය නිවෙස තුළ නිරාවරණය වන්නීය. පොලිසිය ඉදිරියේ නිරාවරණය වන්නීය. නීතිවේදියා ඉදිරියේ නිරාවරණය වන්නීය. වෛද්‍යවරුන් ඉදිරියේ ඇතැම් විට කිහිප වතාවක් නිරාවරණය වන්නීය. ඒ දෙතුන් වතාවක් වෛද්‍ය වාර්තා ගැනීමට සිදුවන අවස්ථා පවතින බැවිනි. නඩු මගට පිවිසි විට උසාවිය තුළ සිටින සියලු දෙනා හමුවේ ඇය නිරාවරණය වන්නීය. ඇතැම් අවස්ථාවල මාධ්‍යවේදීන් ඉදිරියේ නිරාවරණය වන්නීය. අනතුරුව මාධ්‍ය ඔස්සේ තවත් දෙනෝ දාහක් ඉදිරියේ මේ ස්ත්‍රිය හෝ දැරිය නිරාවරණය වන්නීය. බොහෝ ක්‍රියාධරයන් මෙය අර්ථ දක්වන්නේ "දූෂණයට ලක් වූ ස්ත්‍රිය හෝ දැරිය නැවත නැවතත් දූෂණය කිරීමක්" ලෙසිනි. අසරණ වූ ස්ත්‍රිය හෝ දැරිය ඒ භයානක සිද්ධිය කිහිප වතාවක දී කිහිප දෙනෙකුට ම සවිස්තරාත්මකව පැහැදිලි කළ යුතුය. ඔවුන්ගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුය. උසාවියේ දී විත්තිකරු බේරා ගැනීම සඳහා සිටින නීතිඥයා අසන්නේ ඉතා සංවේදී හරස් ප්‍රශ්න ය. ඇතැම් විට ඇයට පිළිතුරු සපයන්නට වන්නේ තම මව, පියා, ස්වාමි පුරුෂයා, දියණිය හෝ පුත්‍රයා ඉදිරියේ විය හැකිය. වෙනත් නඩු සඳහා පැමිණ සිටින නන්නාඳුනන පිරිසක් ද එහි සිටිය හැක. මේ සියල්ලටම මුහුණ දෙන 'ඇය' සිටින්නේ කුමන මානසික මට්ටමකින් ද යන්න බොහෝ දෙනෙකුට අමතක විය හැක. ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව තව තවත් දැඩි නීති සම්පාදනය විය යුතු බවට සමාජය හඬ නගයි. නමුත් දූෂණයට ලක් වූ 'ඇයට' රැකවරණය සැලසීම සඳහා සිදු විය යුත්තේ කුමක් ද යන්න සොයා බැලෙන්නේ ඉඳ හිටය. මෙය කෙතරම් සංවේදී දැයි මොනවට පැහැදිලි කෙරෙන එක්තරා සිද්ධියක් මා හා පැවසුවේ කලාකාරියකි. ඇය රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ලෙස නමක් දිනා ගත් රසාදරී මුණසිංහ ය. "මම රෝහලකදි දැක්කා පොඩි දැරියක් දූෂණයට ලක් වෙලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටිනවා." "එතන වෛද්‍යවරු සහ සේවක මණ්ඩලය විසින් ම ඇයගේ අනන්‍යතාවය රෝහලේ සිටි හැම දෙනාටම අනාවරණය කරලා තිබුණා." රසාදරී තමන් දුටු දේ විස්තර කළාය. "ලෙඩ්ඩු බලන්න ආපු හැම දෙනාම ඒ ළමයා එක්ක කතා කරන්න යනවා. ඒ ළමයාගේ අම්ම එක්කත් කතා කරනවා. ඒ අම්ම කී දෙනෙකුට මේ කතා කියන්නද? පිරිමිත් වට වෙලා ඒ දැරිය දිහා බලාගෙන ඉන්නවා." "බලන්න ඉතින් එතන ඉඳලම වැරද්දක්නේ කරලා තියෙන්නේ. මේක අතිශය පෞද්ගලික කාරණයක් වෙන්න ඕනනේ." ඇය ප්‍රකාශ කළාය. මේ එක් කතාවක් පමණි. නමුත් ඒ හරහා දිග හැරෙන සමාජ ප්‍රශ්නය පුළුල් ය. එම නිසා ම දේශපාලනයකින් තොරව ඒ පිළිබඳව සොයා බලන්නට උත්සාහ කළෙමි. ඉහත කී සංවේදී දසුන සියැසින් දුටු රසාදරීගෙන් ම ඊට ආරම්භය ගැනීම සුදුසු යැයි හැඟුණ හෙයින් ඇය ඇමතුවෙමි. "හැම ස්ත්‍රී දූෂණයක් ම වාර්තා වෙන්නේ නැහැ. ඇතැම් ඒවා පොලිසියක පැමිණිල්ලක් බවට පත් නොවෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඇයව නීතිය ඉදිරියේ නැවත නැවතත් දූෂණයට ලක් වීම." "තරුණියක් දූෂණයට ලක් වුනාම උසාවියේ දී, රෝහලේ දී පවා ඇයව ආපහු ඇස්වලින් දූෂණය වෙනවා. ඇයව දූෂණය වුනේ මොන හේතුවක් නිසාද කියල ඇස්වලින් බලල විනිශ්චය කරන්න උත්සාහ කරනවා. මෙයා කැමැත්තෙන් දූෂණය වෙච්ච කෙනෙක්ද කියල නිගමනයකට එන්න හදනවා. බොහෝ කාන්තාවන් නීතිය ඉදිරියට එන්න අකමැති ආරක්‍ෂිත ක්‍රම වේදයක් නැති නිසා." රසාදරී මුණසිංහ තම මතය ප්‍රකාශ කළාය. දරු ප්‍රසූතියක් සඳහා වෛද්‍යවරයෙකු ගේ සහය පැතිය හැකිනම් ස්ත්‍රී දූෂණයක දී වෙනස් ක්‍රියා මාර්ගයක් අවැසි වේදැයි ඇතැමුන් නගන ප්‍රශ්නය ඇය වෙත යොමු කළ විට "දරු ප්‍රසූතියක් සඳහා පිරිමි වෛද්‍යවරයෙක් ළඟට යන්න පුළුවන්. එතන තියෙන්නේ වෙනම මානසික තත්වයක්," යනුවෙන් ඇය පැවසුවාය. "දූෂණයට ලක් වුනාම පිරිමි ස්පර්ශයකට පවා බිය වෙනවා. ඇතැම් කාන්තාවන්ට ඒ තැතිගැන්ම ජීවිත කාලය පුරාවටම පවතිනවා. කිසිම පිරිමියෙක් එක්ක ජීවත් වෙන්න පවා බැරි වෙන්න පුළුවන්." "මේකට කිසිම දේශපාලනයක් තිබිය යුතු නැහැ. මම කතා කරන්නේ දේශපාලන පැත්තක් ගැන නොවෙයි. පොදුවේ ස්ත්‍රීන් මුහුණ දෙන ඛේදවාචකයක් ගැන." රසාදරී අවධාරණය කළාය. මෙවැනි මානුෂික වටපිටාවක් පවතින බව දැන දැනත්, දූෂණයට ලක්වූ ස්ත්‍රියකට හෝ දැරියකට අනිවාර්යයෙන් ම වෛද්‍යවරියක් ලබා දීම සඳහා රට පුරා සෑම උසාවියකම පහසුකම් සැලසිය නොහැක්කේ මන්දැයි ඇය ප්‍රශ්න කළාය. මෙය අධිකරණ පද්ධතියේ පවතින අඩුපාඩුවක් බව ඇතැම් වෘත්තියවේදීන් ගේ මතය වේ. මේ පිළිබඳව අදහස් විමසීම සඳහා වෘත්තීයවේදිනියන් කිහිප දෙනෙකුම සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය. දූෂණයට ලක් වූ ස්ත්‍රියක හෝ දැරියක තුළ පවතින මානසික තත්වය පිළිබඳව මුලින් ම සොයා බැලීම වටිනු ඇත. "මානසික විද්‍යාව තුළින් බැලුවොත් දූෂණයකට ලක් වූ තැනැත්තිය ලැජ්ජාව, ආතතිය, තැති ගැන්ම, පසුතැවිල්ල, පරාජිත හැඟීම, කම්පනය, ආත්ම අභිමානය කඩා වැටීම, අවමානය, ශාරීරික වේදනාව ආදී බොහෝ දේ එකවර දරා ගන්නවා." මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසුවාය. "මේ වගේ තත්වයක් යටතේ ඇයට සිද්ධිය විස්තර කිරීම හෝ තවත් පිරිමියෙකුට ශරීර අවයව පෙන්වීම අතිශය පීඩාකාරී දෙයක්." "මේ වගේ වෙලාවට බොහෝ අයට විෂාදය කියන රෝගය එහෙම නැත්නම් ජීවත් වෙලා පලක් නැහැ කියල හිතෙන තත්වයක් ඇති වෙනවා. ඇතැමුන්ට සිය දිවි නසා ගැනීමට හිතෙනවා. පොස්ට් ට්‍රෝමටික් ස්ට්‍රෙස් ඩිසෝර්ඩර් කියන තත්වය." ඇය තවදුරටත් පැහැදිලි කළාය. මනෝ විද්‍යාත්මකව සළකා බැලීමේදී මෙවැනි තැනැත්තියක දෙස ඉතා සානුකම්පිකව බැලිය යුතු බව ඇය අවධාරණය කළාය. "නඩුව ගැනම හිතල වැඩ කරන්න හොඳ නැහැ. පිරිමින් මග හැරලා ඉන්නයි මේ වෙලාවට ඒ දැරිය හෝ ස්ත්‍රිය උත්සාහ කරන්නේ. ඇයට තිබෙන්නේ ව්‍යාකුල මනසක්. සුනාමියට හසු වී ජීවිතය බේරා ගත් අය ඊට පස්සේ මුහුද දකින්න පවා බයයි." මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසුවාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් කියා සිටියේ දූෂණයට ලක් වූ ස්ත්‍රියකට හෝ දැරියකට මුහුණ දීමට සිදු වී ඇත්තේ "අතිශය අමානුෂික ක්‍රියාදාමයකට" බවය. "බොහෝ වෙලාවට ශ්‍රී ලංකාවේ අධිකරණවල ඉන්නේ පිරිමි වෛද්‍යවරු. කාන්තා වෛද්‍යවරු ඉතා අඩුයි. ඇය ඒ මොහොතේ තවත් පිරිමි ස්පර්ශයක දී තැති ගන්නා සුළුයි." "දූෂණයකට ලක් වූ පසු කාන්තාව මුහුණ දෙන සමස්ත ක්‍රියාදාමය තුළ ම ඇය නැවත නැවතත් අපහසුතාවයට ලක් වෙනවා. පොලිසියේ පැමිණිල්ල දමන මොහොතේ සිට උසාවියේ නඩු ඇසීම දක්වා ම බොහෝ විට ඇයට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ පිරිමින්ට." ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි මාධවී හේරත් පැවසුවාය. "ඇයගෙන් හරස් ප්‍රශ්න අහන්නේ උසාවියේ දෙනෝදාහක් ඉදිරියේ. හරිනම් මේ ඇයට වෙනම උසාවියක් හෝ වෙනම උසාවි දිනයක් ලබා දිය යුතුයි. මේ ජීවිතයක් එක්ක ගනුදෙනු කරන්නේ." "ඇයගෙන් ප්‍රශ්න කරන්නෙත් පිරිමි නීතිඥයන්. සිද්ධ වුනු විදිය හාර හාර අහනවා. මේ වගේ නඩු වලට කාන්තා නීතිඥයන් ඉදිරිපත් වීම අඩුයි. අසරණ වුනු ගැහැනියගෙන් පිරිමි වට වෙලා ප්‍රශ්න අහනවා. පිරිමි විනිසුරුවරයෙක් ඉදිරියේ. උසාවිය ඇතුළෙ තව නඩු වලට ආපු මිනිස්සුත් අහගෙන ඉන්නවා." ඇය තවදුරටත් කියා සිටියාය. "පොලිසියට ගියත් පිරිමි ටික වට වෙනවා. ඒ මදිවට මාධ්‍යවේදියෝ ටික කැමරා අරන් වට වෙනවා. ශරීර අවයව පෙන්නන්න වෙන්නෙත් පිරිමි වෛද්‍යවරයෙකුට. මේක අතිශය අමානුෂික ක්‍රියාදාමයක්," කථිකාචාරිනි මාධවී හේරත් ප්‍රකාශ කළාය. ස්ත්‍රියක දූෂණයට ලක් වීමේදී ඇති වන විශාල තැති ගැනීම හේතුවෙන් සෑම පිරිමියෙකුටම බිය වීමේ මානසික මට්ටමක් ඇති විය හැකි බව මනෝ චිකිත්සක සහ සමාජ විද්‍යාඥ අමා දිසානායක පවසන්නීය. "ඒකට අපි කියන්නේ මායජනක බිය වීම කියල. ඒ නිසා තමන්ව පරීක්ෂා කරන්න වෛද්‍යවරියක් ලබා දීම තමයි සාධාරණ." "තමන්ව දූෂණය වුණු ආකාරය තවත් පිරිමියෙක් ඉදිරියේ විස්තර කරලා කියන්න අපහසුයි. මෙහෙම කළා... මේ විදියට කළේ කියල කොහොමද කියන්නේ? බොහෝ දේවල් විකෘති ආශාවන් සංසිඳුවා ගැනීමට කළ දුෂණ." ඇය විස්තර කළාය. ඇය තවදුරටත් කියා සිටියේ "හොඳම දේ තමයි වෛද්‍යවරියක් ලබා දීම. නැත්නම් ඒ ස්ත්‍රිය හෝ දැරිය නැවත නැවතත් පිරිමි ඉදිරියේ දූෂණයට ලක් වෙනවා වගේ වැඩක් වෙන්නේ," යනුවෙනි. ස්ත්‍රී දූෂණ නඩු විභාග විවෘත අධිකරණයක සිදු කිරීම පවා නොකළ යුත්තක් බව මනෝ උපදේශිකා අමා දිසානායකගේ මතයයි. "ඝාතනය වීමට වඩා දූෂණය වීම භයානකයි." ඇය අවධාරණය කළාය. යම් ස්ත්‍රියක් හෝ දැරියක් දූෂණය වුනා නම් අපි හැමෝම ඒකට වගකිය යුතුයි. මුළු සමාජයේම වරදක් ඒක. ඒ නිසා අපි හැමෝම ඇයට පහසුම දේ දෙන්න ඕන. අපි දයාවේ දෑත ඇය වෙත දිගු කරන්න ඕන. මොකද අපිට බැරි උනා ඇයව රැක ගන්න. ඔබ, මම, රජය, සහ රටටම ඒ වගකීමෙන් ගැලවෙන්න බැහැ." මනෝ චිකිත්සක අමා දිසානායක ප්‍රකාශ කළාය. මෙය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සහ අපරාධ යුක්ති පටිපාටිය තුළ පවතින විශාල අඩුපාඩුවක් බව නීතීඥ සජීවනී අබේකෝන් පවසන්නීය. "පිරිමියෙක් එක්ක තමන්ට වෙච්ච දේ කියන එක අපහසුයි. ඊටත් වඩා එහාට ගිය කාරණයක් තමයි තමන්ගේ සිරුර සහ ලිංගික අවයව පිරිමියෙකු පරීක්ෂා කිරීම." "සමහරු අහනවා අපි ලෙඩක් හැදුනම හෝ දරුවෙක් ලැබෙන්න ඉන්නකොට පිරිමි දොස්තර කෙනෙක් ගාවට යන්න පුලුවන්නම් ඇයි මේකට විතරක් යන්න බැරි කියල. මේ දෙක සංසන්දනය කරන්න බැහැ. ඇය ඉන්නේ වෙනම මානසික මට්ටමක." එම නිසා දුෂණයට ලක් වූ තැනැත්තියකට "තෝරා ගැනීමක් සඳහා නිදහස ලබා දිය යුතු" බවත් ඒ සඳහා පහසුකම් ලංකාවේ ඇති විය යුතු බවත් ඇයගේ මතයයි. "ඇය තුළ පවතින බිය සහ ලැජ්ජාව නිසා ඒ තැනැත්තිය නැවත වතාවක් වින්දිතයෙක් බවට පත් විය යුතු නැහැ. වින්දිතයන් සුරක්ෂිත විය යුතුයි." "සමහර පිරිමිත් කැමති නැහැ ගැහැනියක් සිරුර පරීක්ෂා කරනවට. පිරිමි දොස්තර කෙනෙක් ගාවට යන්නේ," යනුවෙන් පැවසූ නීතීඥ සජීවනී අබේකෝන් තවදුරටත් කියා සිටියේ "වෛද්‍යවරයා ඇයව දූෂණය කරන්නේ නැති එක ඇත්ත. ඒ වුනාට මේක මානසික අවශ්‍යතාවක් හැටියට සලකන්න ඕන," යනුවෙනි. "වෛද්‍යවරයා ඉදිරියේ තමන්ගේ ශරීරය නිරාවරණය කරන්න වෙනවා. රහස්‍ය ප්‍රදේශය පෙන්වන්න වෙනවා. බලහත්කාරයෙන් පිරිමියෙක් ගාවට දැමීම අමානුෂිකයි" නීතීඥ සජීවනී අබේකෝන් අවධාරණය කළාය. "තව දෙයක් කට්ටිය කියනවා, කාන්තා අධිකරණ වෛද්‍ය නිලධාරීන් අඩුයි; ඒක නිසා එහෙම ඉල්ලීම් ඉටු කිරීම ප්‍රායෝගික නෑ කියලා. නමුත් ඒක අපේ සිස්ටම් එකේ ප්‍රශ්නයක්. ඒ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නය වින්දිතයාගේ පිටින් දාන එක පිළිගන්න බෑ." ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසිය යුතු අතර, "එහෙම නැතිව ඕවා කරන්න බෑ.. ප්‍රායෝගික නෑ" යන කියමන් තුළ සැඟවී ඇත්තේ "වින්දිතයාගේ අවශ්‍යතා කෙරෙහි අසංවේදී වීම" පමණක් බව නීතීඥ සජීවනී අබේකෝන් පවසන්නීය. කියවන්න:
"දරුවෙක් හම්බවෙන්න ඉන්නකොට පිරිමි දොස්තර හොඳයි. දරුප්‍රසූතිය කරන්නෙත් පිරිමි දොස්තර. දූෂණය වුනාම පරීක්ෂා කරගන්න ගැහැනියක්ම මොකටද?" "මොකද? දොස්තරවරු යනවද එයාව ආපහු දූෂණය කරන්න?" "ඒ උසාවියේ ගැහැණු නැත්නම් මොනවා කරන්නද? ඉන්න දොස්තරගෙන් වැඩේ කර ගන්න වෙනවනේ."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රේම ගීත සහ ජනප්‍රිය නර්තන ගීත ඇතුළු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම ගීත ගණනාවක්ම භාෂා 16 කින් ඔහු ගැයූ ගී ගොන්නට ඇතුළත් ය. ඔහු මිය යන විට 74 වෙනි වියේ පසුවිණි. එස්පී බාලසුබ්‍රමනියම් මියගියේ කෝවිඩ්19 රෝගය වැළඳී දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ගතකිරීමෙන් අනතුරුවය. ගීත ලෝලීන්, ඉන්දීය තාරුකාවන් ඇතුළු බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහුට ප්‍රණාමය පළකරමින් සිටිති. කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් එස් පී බාලසුබ්‍රමනියම් මුලින්ම තමිල්නාඩුවේ චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු මාසය මුලදීය. පසුව සැප්තැම්බර් මුල සතියේ ඔහුට රෝගය සුව වී ඇතැයි පරීක්ෂණවලින් හෙළි වූ නමුත් දිගටම දැඩි සත්කාර ඒකකයේ රඳවනු ලැබ සිටියේය. ඔහුගේ රසිකයන් ඔහු දැන සිටියේ එස්පීබී (SPB) නමිනි. දකුණු ඉන්දීය දෙමළ සහ තෙළුගු සිනමාවෙන් සිය ගීත චාරිකාව ආරම්භ කළ එස්පීබී, බොලිවුඩ් සිනමාවේ සාර්ථක වූ පළමු දකුණු ඉන්දීය ගායකයා බවට පත්විය. ඔහු මියගිය බව අනාවරණය වීමත් සමඟම සිය මතකයේ රැඳුණු ඔහුගේ ගීත සිහිපත් කරමින් රසික රසිකාවියෝ සිය ජනප්‍රිය ගායකයාට ප්‍රණාමය පුදකරමින් සිටිති. ගීත ගායනා කරන බව හඟවමින් නලුවන් නර්තනයේ යෙදෙන අතර ඔහුගේ ගීත මිමිනූහ. යුගයේ ඉහළම සංගීතවේදීන් වන ඒආර් රහ්මාන් සහ ඉලෙයිරාජා ගේ සංගීතයට ඔහුගේ මියුරු හඬ මුසුවිය. 1981 දී ජනප්‍රියම සිනමා සිත්තමක් වූ 'ඒක් දුජේ කේ ලියේ' (Ek Duuje Ke Liye) ප්‍රේම කතාවට සිය මියුරු හඬ මුසු කරමින් ඔහු බොලිවුඩයේ ජනප්‍රියම ගායකයන් අතරට එක්විය. දකුණු ඉන්දීය උච්චාරණයක් ඇති ශිල්පියෙකු වුවද බොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම තාරුකාවක් බවට පත් වූ එස් පී බාලසුබ්‍රමනියම් සල්මාන් ඛාන් ඇතුළු බොහෝ තාරුකාවන්ගේ 'ගායන හඬ' බවට පත්විය. කියවන්න: 1946 දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නෙල්ලෝර් හි මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ බාලසුබ්‍රමනියම් ගේ පියා ද ගායකයෙකු වූ නමුත් ඔහු ශාස්ත්‍රීය සංගීතය ඉගෙනීමට යොමු නොවීය. ඒ වෙනුවට මදුරාසි (වර්තමානයේ චෙන්නායි) නගරය වෙත ගිය තරුණ බාලසුබ්‍රමනියම්, සිය මිතුරන් සමඟ එක්ව සංගීත කණ්ඩායමක් නිර්මාණය කළේය. පසු කලෙක ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සංගීත ශිල්පියෙකු බවට පත් වූ ඉලෙයිරාජා ඒ කණ්ඩායමේ ගිටාර් වාදකයා විය. එවක ප්‍රදේශයේ සිනමා සන්ගාත ශිල්පීන් විසින් ඔහුගේ දක්ෂතාව හඳුනාගන්නා විට ඔහු උසස් අධ්‍යාපන ආයතනයක ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටියේය. එහිදී ඉංජිනේරුවෙකු වීම අත්හැර දැමූ ඔහු ගායනය තෝරා ගත්තේය. 1969 දී දෙමළ සිනමාවේ සුපිරි නලු එම්ජී රාමචන්ද්‍රන් වෙනුවෙන් ගීත ගායනය කිරීමත් සමඟ දකුණු ඉන්දීය සිනමාවේ ඔහුගේ පළමු සන්ධිස්ථානය සනිටුහන් කෙරිණ. කියවන්න:
අඩ සියවසකට වැඩි කලක් ඇතුළත 40,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තාවක් බිහි කළ ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්‍රමනියම් දිවි සැරිය හැර ගියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රජයට අයත් ආයෝජන අරමුදලකින් ඉහත කී මුදල අගමැතිවරයාට ලැබී ඇති බවටයි විවේචකයන් චෝදනා කරන්නේ අගමැතිවරයා හා සම්බන්ධ දූෂණ චෝදනා නඩුව දීර්ඝ කාලයක් පුරා කතාබහට ලක් වී තිබිණ. නජීබ් රසාක් අගමැතිවරයාගේ පෞද්ගලික බැංකු ගිණුමට බැර කර තිබූ ඩොලර් ලක්ෂ 6,810ක මුදල සෞදි රජ පවුලෙන් ඔහු වෙත ලැබී ඇති ත්‍යාග මුදලක් බවයි එරට නීතිපතිවරයා පවසන්නේ. නීතිපති මොහොමඩ් අපන්ඩි අලී කියා සිටියේ අපරාධයක් සිදු වී නැති හෙයින් තීන්දුව සම්බන්ධයෙන් තමා සෑහීමකට පත් වන බවයි. රජයට අයත් ආයෝජන අරමුදලකින් ඉහත කී මුදල අගමැතිවරයාට ලැබී ඇති බවටයි විවේචකයන් චෝදනා කරන්නේ. එල්ල වූ චෝදනා අගමැතිවරයා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ නමුත් දේශපාලනික වශයෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල විය. අගමැති නජීබ් රසාක්ට සිය ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස බල කරමින් එවකට ක්වාලාලම්පුර් නගරයේ උද්ඝෝෂණ පැවැත්විණ.
මැලේසියානු අගමැති නජීබ් රසාක්ට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට එරට ප්‍රධාන අභිචෝදකවරයා තීන්දු කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා 1965 වසරේ ඉපදී තිබුනද ඔහු එය 1970 වශයෙන් වෙනස් කරගෙන ඇති බව පොලිසිය පවසයි විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා 1965 වසරේ ඉපදී තිබුනද ඔහු එය 1970 වශයෙන් වෙනස් කරගෙන ඇති බවයි, රහස් පොලිසිය පවසන්නේ. ශෂී වීරවංශ 1967 වසරේ ඉපිද ඇති නමුත් එයද 1971 දී උපත ලැබූ බවට වෙනස් කරගෙන ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. එමෙන්ම ශෂී වීරවංශ අදාළ උපන් දින දෙක යටතේම ජාතික හැඳුනුම්පත් ලබාගෙන ඇතිබවද පොලිසිය ප්‍රකාශ කළේය. 'ඇමතිවරයාගේ ඉල්ලීමට' අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ලබාගත් බවට සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ ශෂී වීරවංශ මාළඹේ පුද්ගලික රෝහලක රඳවා සිටින බවත් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන් පොලිසිය එම රෝහල වෙත ගොස් සැකකාරිය රිමාන්ඩ් භාරයට් පත්කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. ශෂී වීරවංශ ලබන පස් වැනි දින දක්වා රෝහලේදීම රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග සැකකාරියගේ රෝගී තත්වය පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉන්පසුව සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කිරීමේ නියෝගයක් නිකුත් කරන බව සඳහන් කළ බවයි, පැමිණිලිකාර පාර්ශවයේ නීතිවේදී උදාර මුහන්දිරම්ගේ මාධ්‍ය හමුවේ කියා සිටියේ. ඒ අනුව සැකකාර ශෂී වීරවංශ ලබන පස් වැනි දින දක්වා රෝහලේදීම රිමාන්ඩ් භාරයේ තැබීමට කඩුවෙල මහේස්ත්‍රාත් වරයා නියෝග කොට තිබේ. මේ අතර රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබෙන හිටපු ආගමන සහ විගමන පාලක චූලානන්ද පෙරේරා, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ ඉල්ලීමකට අනුව ඔහුගේ බිරිඳට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කළ බව පවසා තිබේ.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ සිය දරුවන්ගේ උප්පැන්න සහතික සඳහා ව්‍යාජ උපන් දින ලබා දී ඇතැයි අනාවරණය වී ඇති බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි වැටුප්, දීමනා සහ දුබලතා දීමනාවට අමතරව අදාළ ආබාධිත සෙබළුන් විසින් ඉල්ලා සිටින සේවා විශ්‍රාම වැටුප ලබා දෙනුවස් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි 2017 වසරේ අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කොට තිබියදීත් මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමේ අරමුණ කුමක්දැයි යන්න පැහැදිලි නොමැති බව ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි. "නොවැම්බර් මාසයේ දහ වෙනිදා අයවැය ඉදිරිපත් කරනවා. මේ සඳහා වැය වන මුදල ඊට ඇතුළත් කරලා තිබෙනවා. අවුරුදු අටකට පස්සේ, 2016 වසරේ පාරට බැහැලා මේ සිදු කරන උත්සාහය පිටුපස දේශපාලන කාරණයක් තියනවද කියලා අපට හිතෙනවා," ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය. "පසුගිය ආණ්ඩු සමයේ මේ අය පාරට බැස්සේ නැහැනේ. ඔය කියන රණවිරුවන්ට ඔවුන්ගේ වැටුප, ආබාධිත දීමනාව ඇතුළු අවම වශයෙන් රුපියල් හැට පන්දහසක මුදලක් දැනට ගෙවමින් පවතිනවා. මේ කෙටි කාලය තුළ අදාළ කාරණය විසඳීමට ජනාධිපතිතුමා කටයුතු කරලා තිබෙනවා," ඔහු කියා සිටියේය. තමා ආරක්ෂක ලේකම් ධුරය භාර ගන්නා විට අදාළ ආබාධිත සෙබළුන් සම්බන්ධයෙන් පැවති ගැටලු විසි අටෙන් විසි පහකට මේ වන විට විසඳුම් ලබා දී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය. "තව ප්‍රශ්න තුනයි ඉතිරි වෙලා තිබුණේ. ඒකෙනුත් දෙකකට විසඳුම් ලබා දීලා තියනවා. දැන් ඉතිරි වෙලා තිබෙන්නේ මේ අද කතා කරන සේවා විශ්‍රාම වැටුප සම්බන්ධ ප්‍රශ්නය විතරයි." සේවා විශ්‍රාම වැටුප ලබන වසරේ සිට ලබා දෙන බව අදාළ ආබාධිත සෙබළුන්ට "දහදොළොස් වතාවක්" දැනුම් දී ඇති බවත් ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේය.
වසර දොළහට අඩු සේවා කාලයක් සහිත විශ්‍රාමික ආබාධිත සෙබළුන් පිරිසක් දියත්කර තිබෙන උද්ඝෝෂණය පිටුපස දේශපාලන උවමනාවක් ක්‍රියාත්මක වන්නේ දැයි සැකයක් පවතින බව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
1990 සැප්තැම්බර් පස් වෙනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පැවති අනාථ කඳවුර වැටලූ යුද හමුදාව එහි රැකවරණ ලබා සිටි 45000 ක් පමණ පිරිස අතරින් 158 දෙනෙකු තෝරා, බස් රථවලින් රැගෙන ගිය බවයි එම සරණාගත කඳවුරේ කළමනාකරණ කටයුතු කළ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය පවසන්නේ. මෙසේ රැගෙන ගිය පුද්ගලයන් පිළිබඳ අද වන තුරුත් කිසිම තොරතුරක් ලැබී නැති බව වන්දාරුමුලයි පිල්ලෙයාර් කෝවිලේ පැවති සමරු උළෙලට සහභාගී වූ ඥාතීහු කියා සිටිති. 1990 දී කොටි සංවිධානය සහ රජය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වූ අතර එය බිඳ වැටීමෙන් පසු පැවති කලබලකාරී තත්ත්වය සහ හමුදා මෙහෙයුම් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පොදු ස්ථාන වල රැකවරණ පතා තිබුණි. අතුරුදහන්වීම් දහසක් මේ වකවානුවේ දී යුද හමුදාව විසින් ප්‍රදේශයේ පුද්ගලයන් තනි තනිව සහ කණ්ඩායම් වශයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර එසේ අත්අඩංගුවට ගනු ලැබූ දහසක් පමණ තවමත් අතුරුදහන් වී සිටින බවයි මානව හිමිකම් සංවිධාන පවසන්නේ. 1990 සැප්තැම්බර් පස් වැනිදා අළුයම නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පිහිටා තිබූ කඳවුරට පැමිණි හමුදාව පිරිමි සහ ගැහැණු වෙන් කළ බව කියා සිටින වෙල්ලෙයිසාමි ගොවින්දරාජ් හමුදාව සමග පැමිණි මුහුණු ආවරණ පැළඳි පුද්ගලයන් විසින් තෝරනු ලැබූ 158 දෙනෙකු රැගෙන ගිය බවත් සංදේශයට කියා සිටියි. එම අවස්ථාවේ තම සහෝදරයා ද රැගෙන ගිය බව පවසන ඔහු අද වනතුරු සහෝදරයා ගැන කිසිම තොරතුරක් නැති බවයි පවසන්නේ. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තිබූ අනාථ කඳවුරෙන් ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් 34 දෙනෙකු හමුදාව විසින් රැගෙන ගිය බව එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ A W ප්‍රනාන්දු පිළිගෙන තිබූ බවත් එම පිරිස පැය විසි හතරක් ඇතුළත මුදා හැරිය බව ඔහු පවසා තිබුණ බවත් වාර්තා වල සඳහන් වෙයි. කොමිසම් වාර්තා කෙසේ වෙතත් හමුදාව විසින් රැගෙන ගිය 158 දෙනාගෙන් කිසිවෙක් නිදහස් කර නැති බවයි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අනාථ කඳවුරේ පාලක මණ්ඩලයේ සිටි ආචාර්ය පී ජයසිංහම් පවසන්නේ. 1995 වසරේ දී විශ්‍රාම ලද මහාධිකරණ විනිසුරු කේ බාලක්‍රිෂ්නන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජනාධිපති කොමිසම හමුවේ මේ සිදුවීම සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබා දුන්නත් එම විස්තර ලේඛනගත කිරීමට වඩා වැඩි යමක් එම කොමිසමෙන් සිදු නොවූ බව ද ඔහු කියා සිටියි. එවකට යුද හමුදාවේ කටයුතු කල පුද්ගලයන් කඳවුරෙන් රැගෙන ගිය පිරිසට සිදු වූ දේ පිළිබඳ දන්නා බව පවසන ඔහු අතුරුදහන් වූ පුද්ගලයන්ට කුමක් සිදු වුයේ යැයි දැන ගැනීමට ඥාතීන් බලා සිටින බවයි සංදේශයට ප්‍රකාශ කලේ.
මීට වසර විසිපහකට පෙර හමුදාව විසින් රැගෙන යෑමෙන් පසු අතුරුදහන් වූ පුද්ගලයන් 158 දෙනෙකු මඩකලපුවේ දී ඥාතීන් විසින් සිහිපත් කෙරුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජපන් ජාතික මෝස්‌තර නිර්මාණ ශිල්පී රෙයි කවකුබෝට (Rei Kawakubo) උපහාර දැක්වීම එදින සාදයේ ප්‍රධාන අරමුණ වූ අතර, ප්‍රියංකා චොප්රා එයට සහභාගි වූයේ රැල්ෆ් ලොරේන් (Ralph Lauren) සමාගම විසින් නිර්මාණය කරන ලද සිය උස මෙන් දෙගුණයක් පමණ දිගැති ගවුමකින් සැරසීය. එයින් සැරසී පඩි පෙළ නැග ඇය උත්සවය පැවති ශාලාවට ඇතුළු වූ මොහොතේ පටන් ඇයගේ ඇඳුම මෝස්තර නිර්මාණ ලෝකයේ මහත් ප්‍රසාදයට ලක්විය. එවක් පටන් ප්‍රියංකාගේ දිගු ගවුම පිළිබඳව ට්විටර් ජාලය ඔස්සේ 16,000 කට වැඩි ට්විටර් පණිවුඩ හුවමාරු වී තිබේ. ප්‍රියංකා චොප්රාගේ දිගු ගවුම "පිරිසිදු කිරීම" සඳහා ඉතාමත්ම කාර්යක්ෂම ක්‍රමවේදයක් බැවින් එය අගමැති නරේන්ද්‍ර මෝදිගේ "පිරිසිදු ඉන්දියාව" වැඩපිළිවෙලට රුකුලක් බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හාස්‍යයෙන් අදහස් දක්වන බොහෝ දෙනාගේ මතය වී තිබුණි. එබැවින් ප්‍රියංකා චොප්රා එම වැඩසටහනේ සන්නාම තානාපතිවරියක් ලෙසින් පත්කරන ලෙස සමහරු අගමැතිවරයාට යෝජනා කළහ. එහෙත් එම ඇඳුමින් සැරසුණු ප්‍රියංකා කෙතරම් සුන්දර දැයි ලොව පුරාම මෝස්‌තර නිර්මාණ ශිල්පීන්ගේ සහ මෝස්තර විචාරකයන්ගේ ප්‍රබල ප්‍රසාදයට බඳුන් වී තිබිණ.
ජනප්‍රිය බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා පසුගියදා උත්සවයකට සැරසුණු අමුතුම ඇඳුමක් හාස්‍යයට, විවිධ අර්ථ දැක්වීම්වලට පමණක් නොව අපූරු අන්තර්ජාල නිර්මාණවලටද තුඩු දී තිබේ.