instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'අප මෙය සලකන්නේ බියකරු හා ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් ලෙසින්' කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන ජගත් බෙනරගම රඟපාමින් සිටි 'පබසරා' ටෙලිනාට්‍යයෙන් ඔහු ඉවත් කිරීම සඳහාම ඔහු රඟපෑ චරිතය මරා ඇලක දමා ඇතැයි වාර්තා වේ. 'පබසරා' විකාශනය වූයේ ආණ්ඩුවට අයත් අයිටීඑන් නාලිකාව ඔස්සේය. ඒ අතර කළුතර දිස්ත්‍රික්කයට තරග කරන රවීන්ද්‍ර යසස් රඟපාමින් සිටි, ස්වර්ණවාහිනී නාලිකාව මගින් විකාශය කරන ලද 'ඇන්ඩ් කොම්පැනි' වැඩසටහනද කිසිදු හේතුවක් නොදන්වා හදිසියේම නතර කොට තිබේ. 'බියකරු ක්‍රියාවක්' 'විපක්ෂයෙන් ඉදිරිපත් වීම නිසා අපට රංගන වාරණ' කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් දේශපාලනයේ යෙදෙන කිසිදු කලාකරැවකුට මෙවැනි තහංචි නොපැමිනෙන බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රවීන්ද්‍ර යසස් හා ජගත් බෙනරගම කලාකරුවන්ට එල්ලවී ඇති තහංචි පිළිබඳව සිය බලවත් විරෝධතාවය පළකරයි. අදාළ තහංචි හුදු අහඹු සිදුවීම් නොවන බවයි, කලාකරුවන් දෙදෙනාම සංදේශයට කියා සිටියේ. "අප සංවිධානය මෙම සිදුවීම් සලකනු ලබන්නේ අන් මතවාදයන්ට ගරු නොකරන හා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් පවා නොපිළිගන්නා පාලනයන් සහිත රටක පමණක් සිදුවිය හැකි බියකරු හා ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන් ලෙසය," යනුවෙන්ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. අදාළ තහංචි ඉවත් කොට, ශ්‍රී ලංකාව යනු නිදහසේ අදහස් පළ කිරීමේ අයිතිය පවතින රටක් බව සිය ක්‍රියාකාරීත්වය තුළින්ම ප්‍රදර්ශනය කරන ලෙස එම සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී විපක්ෂ දේශපාලන පක්ෂයකින් තරග බිමට පිවිස සිටින කලාකරුවන්ට එල්ලවී ඇති බලපෑම් සහ තහංචි ඔවුන්ගේ ප්‍රකාශණ අයිතිය මර්දනය කිරීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
MOAB බෝම්බය පරීක්ෂණ අවස්ථාවකදී පතිතවීමක් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ උමං සංකීර්ණයකට හෙළන ලද GBU-43/B Massive Ordinance Air Blast Bomb (MOAB) නම් වූ එම බෝම්බය හැඳින්වෙන්නේ 'සියලු බෝම්බවල මව' ලෙසය. 2003 වසරේදී පළමුවරට පරීක්ෂා කරන ලද එම බෝම්බය මේ දක්වා භාවිත නොකෙරිණි. 2003දී MOAB බෝම්බය ෆ්ලොරිඩා හිදී පුපුරුවා හැරුණු අවස්ථාවක් වැරදුනු කුරුමානම පෙන්ටගනය පැවසුවේ ඇමෙරිකානු ගුවන් යානයකින් ඇෆ්ඝනිස්තානයේ නන්ගර්හාර් පළාතේදී බෝම්බය හෙලනු ලැබූ බවය. මේ පිලිබඳ තොරතුරු හෙලිවුයේ සිරියාවේ ගුවන් ප්‍රහාරයකදී වැරදීමකින් මිත්‍ර පාක්ෂික කැරලිකරුවන් 18 දෙනෙකු මිය ගිය බව පෙන්ටගනය පිළිගෙන පැය කිහිපයක් ඉකුත් වෙද්දීය. හවුල් හමුදා විසින් අයිඑස් ඉලක්කයක් ලෙස වරදවා හඳුනාගන්නා ලද ස්ථානයකට අප්‍රේල් 11 වෙනිදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයේදී වොෂිංටනයේ සහය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවේ සාමාජිකයින් පිරිසක් මිය ගියහ. 'මව් බෝම්බයේ' වගතුග ඇෆ්ඝනිස්තානයේ වේලාවෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේදී හෙළන ලද බෝම්බය රාත්තල් 21,600 ක් (කි.ග්‍රැ. 9,800) වූ අතර දිගින් මීටර 9 ට (අඩි 30 ) වැඩිය. පරීක්ෂණයට සුදානම් කෙරුණු MOAB බෝම්බය ෆ්ලොරිඩා හි එග්ලින් ගුවන් හමුදා කඳවුරේදී "ප්‍රදේශයේ එහා මෙහා පහසුවෙන් සැරීමට අයිඑස් සටන්කරුවන් යොදාගත් උමං හා ගුහා සංකීර්ණයක් අපේ ඉලක්කය වුනා. එම සංකීර්ණය නිසා ප්‍රදේශයේ ඇමෙරිකානු ආරක්ෂක උපදේශකයින් වගේම ඇෆ්ඝනිස්තාන හමුදාවද පහසුවෙන් ඉලක්ක කරගැනීමට ඔවුන්ට හැකි වුනා." යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් පැවසීය. අරාබි රටවලින් ඇෆ්ඝනිස්තානය වෙත අයිඑස් සටන්කරුවන් ගෙන්වා ඇත. ප්‍රහාරයේ ප්‍රථිඵලය කෙබඳුදැයි ඇමෙරිකාව තහවුරු කර නැතත් ප්‍රාදේශීය බලධාරීන් බීබීසී වෙත පැවසුවේ ජ්‍යෙෂ්ඨ අයිඑස් නායකයකුගේ සොයුරෙකුද ඇතුළුව සටන්කරුවන් රැසක් මියයන්නට ඇති බවය. GPS මග පෙන්වීමකින් යුතු විශාල අවියක්වන GBU-43/B බෝම්බය හෙලනු ලැබුවේ හර්කියුලිස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා අතරින් ඇමෙරිකානු විශේෂ බලකාය භාවිත කරනු ලබන මාදිලියේ යානයකිනි.
සටනකදී මෙතෙක් භාවිත කරන ලද න්‍යෂ්ටික නොවන වඩාත් විනාශකාරී බෝම්බය ඇෆ්ඝනිස්තානයේදී හෙළන ලද බව ඇමෙරිකානු හමුදාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කෙසේ නමුත් මේ වසරේ මෙතෙක් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ නාසා ආයතනයේ ගගනගාමිනිය පෙගී විට්ස්ටන් (Peggy Whitson), ලයිබීරියාවේ ජනාධිපතිනිය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf) සහ එංගලන්තයේ පාපන්දු ක්‍රීඩිකාව ස්ටෙප් හූටන් (Steph Houghto) ඇතුළු කාන්තාවන් 60 දෙනෙකු පමණි. අනෙක් කාන්තාවන් 40 දෙනා 'සියයක් කාන්තාවන්' අතරට එක්වන්නේ ලබන ඔක්තෝබර් මාසය තුළ ලොව පුරා රටවල් හතරක පැවැත්වෙන විශේෂ උත්සවවලදීය. ලොව පුරා කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කෙරෙන බීබීසී යේ 'සියයක් කාන්තාවෝ' වැඩසටහන මේ වසරේ යොමු වන්නේ එම ගැටලුවලට විසඳුම් ලබාදීමට සමත් වූ කාන්තාවන් වෙනුවෙනි. රූපී කවුර් (Rupi Kaur) කිවිඳිනිය, ඇසිඩ් ප්‍රහාරයකින් දිවි බේරාගත් රෙශාම් ඛාන් (Resham Khan) සහ නර්තන ශිල්පිනියක හා රූපවාහිනී තාරුකාවක වන ජින් ෂින් (Jin Xing) ද මේ වසරේ 'සියයක් කාන්තාවන්ට' ඇතුළත් වෙති. අනවරත හිරිහැර කිරීම්, අසමානත්වය, සමාජයේ නිසි තැන හිමි නොවීම කිසි ලෙසකින්වත් කාන්තාව දිරිමත් කරන්නක් හෝ ජව ගැන්වීමක් නොවේ. එබැවින් සමාජයෙන් එල්ලවන අසාධාරණයනට එරෙහිව ක්‍රියා කිරීම පිණිස තමන්ගේම වූ විසඳුම් රැගත් නව නිර්මාණ ඉදිරිපත් කිරීමට කාන්තාව දිරිමත් කිරීම මේ වසරේ 'සියයක් කාන්තාවෝ' විශේෂාංගයේ අරමුණය. තමන්ට හිමි ස්ථානය නොලැබීම, කාන්තාවන්ගේ අකුරු හැකියාව, මහමගදී සිදුවන ලිංගික හිරිහැර සහ ක්‍රීඩාවේ පුරුෂාධිපතිවාදය පස් වෙනි වරටත් දියත් කෙරෙන මේ වසරේ විශේෂාංගයේ අවධානයට ලක්වන ප්‍රධාන අංශ වේ. මේ වසරේ 'සියයක් කාන්තාවෝ' වැඩසටහනට ඇතුළත් ඇතැම් කාන්තාවෝ ලොව පුර රටවල් හතරකදී ඔක්තෝබර් මාසය පුරා කාන්තාවන් මුහුණ දෙන ඉහත කී ගැටළු හතරට විසඳුම් ලබාදීම පිණිස නව නිර්මාණ සොයා ගැනීමේ නිරත වෙති. තවත් සමහරු ලොව පුරා තමන් වෙසෙන ස්ථානවල සිට ඔවුන්ගේ ඒ කාර්යයට දායක වෙති. දැනට තෝරා ගන්නා ලද කාන්තාවන් 60 දෙනාට ඉතිරි 40 දෙනා තෝරා ගනු ලබන්නේ ඒ අතරවාරයේදීය. මේ වසරේ 'සියයක් කාන්තාවෝ' වැඩසටහන සාර්ථක වන්නේ නම් ඒ ලොව පුරා වෙසෙන කාන්තාවන්ගේ දායකත්වය හේතුවෙනි. ඔවුන් තමන්ට දකින්නට ලැබුන වැදගත් අදහසක් බෙදා හදා ගැනීම හේතුවෙනි; නො එසේනම් ඔවුන් තමන්ගේම වූ නව නිර්මාණයක් ඉදිරිපත් කිරීම හේතුවෙනි. ගුවන් විදුලිය, සමාජ මාධ්‍ය ජාල සහ අන්තර්ජාලය ඔස්සේ ද 'සියයක් කාන්තාවෝ' වැඩසටහන ප්‍රචාරය කෙරේ. සැන් ෆ්රන්සිස්කෝ, දිල්ලි, ලන්ඩන් සහ රියෝ ද ජැනෙයිරෝ නගරවල සිට ඔක්තෝබර් මාසයේ සතියකට වතාවක් ඉහත කී අංශ අතර පිළිබඳ වැඩසටහන් දියත්වනු ඇත. "2015 දී, රටවල් 30 ක කාන්තාවන් භාෂා දහයකින් විවාද 150 ක් දියත් කළ," බව පවසන සියයක් කාන්තාවෝ වැඩසටහනේ සංස්කාරිකා ෆියෝනා ක්‍රැක් 2016 දී එමගින් කාන්තාවන් 450 ක් විකීපීඩියාවට එක් කළ බව පෙන්වා දෙයි. "මේ වසරේ අපි එය තවත් අලුත් තලයක් වෙත ලඟා කරන්නෙමු." 'සියයක් කාන්තාවෝ' වැඩසටහන ආරම්භයේදී ඔබ දිරිමත් කිරීමට: කාන්තාවන්ගේ අලුත් සොයා ගැනීම් බව ඔබ මෙතෙක් විශ්වාස නොකළ දෑ නවයක්. සහ ලොව පුරා කාන්තාවන් මුහුණ දෙන සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවලට ඇතැමුන් දැනටමත් යෝජනා කර තිබෙන විසඳුම්, මේ පිටුවෙන් විමසා බලන්න.
බීබීසී යේ සම්මානලාභී වාර්ෂික විශේෂාංගය 'සියයක් කාන්තාවෝ, ලොවින් අඩක් ඔබ අමතයි' නව මුහුණුවරකින් මේ වසරේත් ඔබ වෙත ඉදිරිපත් කෙරේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් මෙම වෛරසය මුලින්ම මිනිසෙකුට ආසාදනය වූ ආකාරය පිළිබඳව තම බුද්ධි අංශ ප්‍රජාව මත දෙකකට බෙදී සිටින බව ජනාධිපතිවරයා පැවසීය. ඉන් එක් මතයක් වන්නේ මෙම කොරෝනාවෛරසය රසායනාගාරයකින් පිටවී ඇති බවය. ආසාදිත සතෙකුගෙන් මිනිසෙකුට බෝවී ඇතැයි යන්න අනෙක් මතයයි. දින 90ක් ඇතුළත නැවත තමන් වෙත වාර්තා කරන ලෙස මේ පිළිබඳව විමර්ශනය කළ බුද්ධි අංශ කණ්ඩායමට ජනාධිපතිවරයා දැනුම්දී තිබේ. රසායනාගාරයකින් වෛරසය පිටවී ඇති බවට පවතින න්‍යාය චීනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. "හිතාමතා මඩ තැවරීමේ සහ වරද පැටවීමේ ව්‍යාපාරය" පෙරළා පැමිණ ඇති බවත් 'රසායනාගාරයකින් පිටවීමක්' යන න්‍යාය "නැවතත් මතුකරමින්" සිටින බවත්, එක්සත් ජනපදයේ පිහිටි චීන තානාපති කාර්යාලය බ්‍රහස්පතින්දා (මැයි 27) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. 2019 අග භාගයේදී චීනයේ වූහාන් නගරයෙන් මුලින්ම මෙම වෛරසය වාර්තා වූ දා පටන් මේ දක්වා ලොව පුරා මිනිසුන් මිලියන 168කට අධික සංඛ්‍යාවකට ආසාදනය වී ඇති අතර අවමව ශයෙන් මිලියන 3.5ක් මරණයට පත් වී තිබේ. වූහාන් හි පිහිටි මාළු වෙළෙඳපොළ වූහාන් හි පිහිටි මාළු වෙළෙඳපොළකට, මුලින්ම වාර්තා වූ ආසාදිතයන් සම්බන්ධ බවට බලධාරීන් පැවසීමත් සමඟ මෙම වෛරසය සතුන්ගෙන් මිනිසාට එන්නට ඇතැයි යන න්‍යාය විද්‍යාඥයෝ පළ කළහ. නමුත් මෙම වෛරසය චීනයේ විද්‍යාගාරයකින් බාහිර ලෝකයට පිටවී ඇති බවට යෝජනා කළ හැකි සාක්ෂි මෑතකදී පළවූ එක්සත් ජනපද වාර්තාවල පළවිය. ඇතැම් විට විද්‍යාගාරයක සිදු වූ හදිසි අනතුරකින් මෙය සිදුවන්නට ඇතැයි ඉන් යෝජනාවී තිබිණි. බයිඩන් මෙහෙම දෙයක් කරන්නේ ඇයි? බදාදා (මැයි 26) නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ තමන් ජනාධිපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව කොරෝනාවෛරසයේ ආරම්භය පිළිබඳව විමසීමක් කළ බවය. "එය අසාදිත සතෙකු ස්පර්ශ කිරීමෙන් මිනිසාට පැමිණියේ ද? නැතහොත් විද්‍යාගාරයක සිදුවූ හදිසි අනතුරකින් එය පිට වූයේද? යන ප්‍රශ්නයද ඊට ඇතුළත් විය." ඊට පිළිතුරු මේ මාසයේ දී ලැබුණු විට ඒ පිළිබඳව තවදුරටත් සොයා බලන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබේ. තම බුද්ධි අංශ ප්‍රජාවේ බහුතරය ඉහත කී න්‍යායන් දෙක මත පිහිටා සිටින බව ජනපති බයිඩන් පැවසීය. "නමුත් නිශ්චිතවම ඉන් එක් න්‍යායක් සනාථ කිරීම සඳහා විද්‍යාත්මක සාක්ෂි නැහැ." "නිශ්චිත නිගමනයකට ආසන්න වීම සඳහා අවශ්‍ය කරන තොරතුරු රැස් කර ගැනීමට සහ ඒවා විශ්ලේෂණය කිරීමට" විමර්ශන නැවත බලගන්වන ලෙස ජනාධිපතිවරයා තම නියෝජිත ආයතනවලින් ඉල්ලීමක් කළේය. "පූර්ණ විනිවිදභාවයක් සහිත සහ සාක්ෂි මත පදනම් වූ ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා චීනයේ සහභාගිත්වය ලබා ගැනීමට තවත් රටවලින් පෙළඹවීමක්" කරවීමට එක්සත් ජනපදය ක්‍රියා කරනු ඇතැයි ද ජනාධිපති බයිඩන් පැවසීය. කෙසේ වෙතත් චීනය මීට පෙර යෝජනා කර තිබුණේ, චීනයෙන් නොව, එක්සත් ජනපදයේ විද්‍යාගාරයකින් කොවිඩ් 19 පිට වන්නට ඇති බවය. චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ "ලොව වටා තිබෙන ඇතැම් රහසිගත විද්‍යාගාර" පිළිබඳව පුර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා තම රට සහයෝගය දුන් බවකි. එක්සත් ජනපදයේ බුද්ධි අංශ ප්‍රජාවේ "කළු ඉතිහාසයක්" ගැන සඳහන් කරමින් චීන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බයිඩන් පරිපාලනයේ "අවශ්‍යතාව සහ හේතුව" පැහැදිලි බවය. වෛරසයේ ආරම්භය පිළිබඳව ජනාධිපති බයිඩන් නැවත නිවේදනය කළේ CNN පුවත් සේවය විකාශනය කළ වාර්තා වැඩසටහනකින් පසුවය. ඉන් වාර්තා කර තිබුණේ, වෛරසය පිටවූයේ වූහාන් විද්‍යාගාරයකින් ද යන්න පිළිබඳව සොයා බැලුණු රාජ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයක් බයිඩන් පරිපාලනය විසින් අත්හිටුවනු ලැබ ඇති බවය. විද්‍යාගාර න්‍යාය ගැන අප දන්නේ මොනවාද? Wuhan Institute of Virology නමැති විද්‍යාගාරයේ සේවය කරමින් සිටි තිදෙනෙකු 2019 නොවැම්බරයේ දී රෝගාතුර වී රෝහලකට... Wuhan Institute of Virology නමැති විද්‍යාගාරය වෛරස පිළිබඳව පර්යේෂණ පවත්වන චීනයේ පවතින ඉහළම මට්ටමේ විද්‍යාගාරවලින් එකකි. මෙම විද්‍යාගාරය පිළිබඳව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිතර කතා කරන්නට විය. මෙම විද්‍යාගාරයේ ජෛව ආරක්ෂාව පිළිබඳව බලධාරීන් කනස්සල්ල පළකර ඇති බවට 2020 අප්‍රේල් මාසයේදී එක්සත් ජනපද රාජ්‍ය අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන විද්‍යාඥයන් එක්ව ලියා නිකුත් කරන ලද නිවේදනයක දැක්වුණේ කොරෝනාවෛරසය චීනයේ විද්‍යාගාරයකින් පිටවීමට ඇති ඉඩකඩ අතිශයින් අවම බවය. එය නිවේදනය කර තිබුණේ මේ වසර මුලදී ය. එහි සඳහන් වූයේ බොහෝ විට මෙම වෛරසය වවුලන්ගෙන් වෙනත් සතෙකුට බෝවී එම අතරමැදි සත්ත්වයා හරහා මිනිසාට පැමිණෙන්නට ඇති බවය. නමුත් එය තහවුරු කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බවද එහි සඳහන් විය. "මුල ඉඳලම මම මේක කිව්වා. ඒත් සුපුරුදු පරිදි මාව දැඩි විවේචනයට භාජනය වුණා. දැන් ඔවුන් හැමෝම කියනවා, 'ඔහු හරි' කියල." කෙසේ නමුත් මේ පිළිබඳව පවතින සැකය එසේම පැවතුණි. මෑතකදී පළවූ වර්තාවල සඳහන් වූයේ Wuhan Institute of Virology නමැති විද්‍යාගාරයේ සේවය කරමින් සිටි තිදෙනෙකු 2019 නොවැම්බරයේ දී රෝගාතුර වී රෝහලකට ඇතුළත් කළ බව එක්සත් ජනපද බුද්ධි තොරතුරු සඳහන් කළ බවය. මෙය සිදු වී ඇත්තේ වූහාන් තුළ පළමු ආසාදිතයා වර්තාවන්නට සති කීපයකට පෙර ය. ජනාධිපති බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය විද්‍යා උපදේශක ඇන්තනි ෆෞචි දිගින් දිගටම විශ්වාසය පළ කළේ මෙම වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝවූ බවය. නමුත් කොවිඩ් 19 ස්වභාවිකව වර්ධනය වුවක් බව මින් ඉදිරියට තමන් පිලි නොගන්නා බව මේ මාසයේ දී ඔහු පැවසීය. ජනාධිපති ජෝ බයිඩන්ගේ නිවේදනය නිකුත් වූයේ එක්සත් ජනපදයේ සෞඛ්‍ය මානව සේවා අමත්‍ය සේවියර් බෙසේරා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කරනු ලැබූ ඉල්ලීමකින් පසුවය. ඔහු ඉල්ලා සිටියේ මෙම වෛරසයේ මූලාරම්භය පිළිබඳව විනිවිදභාවය සහිත පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසය. "මුල ඉඳලම මම මේක කිව්වා" "කොවිඩ් ආරම්භය පිළිබඳ පර්යේෂණයේ දෙවන පියවර ආරම්භ විය යුතුයි. එය විනිවිද භාවය සහිත විද්‍යාත්මක පදනමක් ඇති පර්යේෂණයක් විය යුතුයි. වෛරසය සහ එහි ව්‍යාප්තියේ ආරම්භය ගැන ස්වාධීනව සොයා බැලීමට ජාත්‍යන්තර විශේෂඥයන්ට පූර්ණ අවසරය ලබා දිය යුතුයි." ඔහු පැවසීය. පසුගිය අඟහරුවාදා (මැයි 25) නිව්යෝර්ක් පුවත් පතට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳව ප්‍රකාශයක් කර තිබුණි. "මුල ඉඳලම මම මේක කිව්වා. ඒත් සුපුරුදු පරිදි මාව දැඩි විවේචනයට භාජනය වුණා. දැන් ඔවුන් හැමෝම කියනවා, 'ඔහු හරි' කියල." ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.
කොවිඩ් 19 රෝගය ආරම්භ වූයේ කෙසේදැයි සොයාගැනීම සඳහා නැවත විමර්ශන බල ගන්වන ලෙස එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සිය බුද්ධි අංශ නිලධාරීන්ට නියෝග කර තිබේ. මෙම වෛරසය චීනයේ රසායනාගාරයකින් පිට වූයේද යන්න සොයා බැලීම ද මෙම විමර්ශනයට ඇතුළත් ය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මිසයිල ප්‍රහාරයට ලක් වූ කඳවුර සාමාන්‍ය වැසියන් රැසක් මරා දැමුණ රසායනික අවි ප්‍රහාරයෙන් පසු එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන සිරියානු ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් ඇමරිකාව ඊයේ (අප්‍රේල් 07) මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ඇමෙරිකානු මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයන් හය දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව වාර්තාවේ. ඇමරිකානු මිසයිල ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කළ මොස්කව් පාලනය විසින් එම ක්‍රියාව හඳුන්වනු ලැබුවේ 'ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්' ලෙසය. සිය අභිමතය පරිදි කටයුතු කරමින් ඇමරිකාව "ත්‍රස්තවාදීන්ට" අනුබල ලබා දෙන බවට රුසියාව චෝදනා කරයි. රුසියාවේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ලට පත් වූ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ටෙක්ස් ටිලර්සන් කියා සිටියේය. අසාද් පාලනයට තවදුරටත් සහාය දක්වන බව රුසියාවේ ක්‍රියාකලාපයෙන් පිළිබිඹු වන බව කියාසිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා තමා 'රුසියාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පුදුමයට පත් නොවන' බවත් සඳහන් කළේය. 'ළමුන් තිස් තුන් දෙනෙකු මරුට' මේ අතර සිරියානු ආණ්ඩුවේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමට මොස්කව් පාලනය ප්‍රතිඥා දී තිබේ. රසායන ප්‍රහාර දියත් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස සිරියාවේ මිත්‍ර පාර්ශවයක් වන ඉරානයේ ජනාධිපති හසන් රවුහානි ඉල්ලා සිටියි. සිරියානු ආණ්ඩුවට එරෙහි විපක්ෂ කණ්ඩායම් අත පවතින 'ඉඩ්ලිබ්' ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව කැරලිකරුවන් අත පවතින 'ඛාන් සෙයිඛෝන්' නගරයට එල්ල වූ සැක කටයුතු විෂ රසායන ප්‍රහාරයෙන් දරුවන් තිස් තුන්දෙනෙකු ඇතුළු අසූ නව දෙනෙකු මරුමුවට පත් වී තිබේ. විෂ රසායන ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා සිරියානු ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි. සිරියානු යුද්ධය සිරියානු ජනාධිපතිවරයාගේ විධානය යටතේ ක්‍රියාත්මක වන හමුදාවලට එරෙහිව එල්ල කෙරුණු පළමු ඍජු ඇමරිකානු ප්‍රහාරය මෙයයි සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස දෙලක්ෂ පනස්දහසකට අධිකය. ගැටුම්වලට මැදි වී දස ලක්ෂයක් තුවාල ලබා ඇති අතර එක් කෝටි දස ලක්ෂයකට උන්හිටි තැන් අහිමි වී තිබේ. ජීවිත ආරක්ෂාව පතා යුරෝපය ඇතුළු වෙනත් රට වලට පළා ගොස් සිටින පිරිස හතළිස් ලක්ෂයකට ආසන්නය. ඉරානය, රුසියාව සහ ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය සිරියානු ජනපති අසාද්ට සහාය පළ කරති. ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සමග තුර්කිය, සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය සුන්නි බහුතරයක් වන අසාද් පාලනයට එරෙහි විරුද්ධ කණ්ඩායම්වලට සහාය ලබා දෙති.
සිරියානු ආණ්ඩුවේ ගුවන් කඳවුරකට එල්ල කළ ඇමෙරිකානු මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව කරන විවේචන ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
Theldeniya මේ අතර තත්ත්වය පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලීසියට සහ ආරක්ෂක අංශවලට නියෝග කර තිබේ. ප‍්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට සහ යුද හමුදාව වෙත උපදෙස් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් සඳුදා (මාර්තු 05) දහවල් දිගන නගරයේ මුස්ලිම් වෙළෙඳසල් හා නිවාස කිහිපයකට ගිනිතබා විනාශ කර තිබුණි. මුස්ලිම් දේවස්ථානයකට ද පහර එල්ලවී ඇතැයි වාර්තා විය. ඔවුන් විසුරුවා හැරීම පිණිස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබූ බව ද වාර්තාකරුවෝ පවසති. අදාළ තත්ත්වය හේතුවෙන් මහනුවර දිගන හරහා මහියංගණ මාර්ගයේ වාහන ගමනා ගමනයද ඇනහිට තිබිණි. තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ ග්‍රාමයේ දෙදරු පියෙකු වන එම්ජී කුමාරසිංහට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (මාර්තු 02) මරණයට පත්විය. එම සිද්ධියට විරෝධය දැක්වීමට ඉරිදා (මාර්තු 04) රාත්‍රියේ දේපළ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක මත පුද්ගලයින් 24 දෙනෙක් තෙල්දෙණිය පොලීසියේ අත්අඩංගුවට පත්වූහ. එසේම පොලිසිය පවසා තිබුණේ මේ සිදුවීම්වලට මුල්වූ පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් 4 දෙනෙකු ද බන්ධනාගාරගත කෙරුණු බවය. මතුවූ තත්ත්වය හමුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඇතුළුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව මහනුවර උසස් පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවය සමග පැවසීය. මේ අතර නිවේදනයක් නිකුත් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා පෙන්වාදුන්නේ බාධාවකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම උදෙසාත්, පවතින තත්ත්වය ප්‍රජාවන් අතර අර්බුදයක් බවට පත්නොවීම සඳහාත් පොලිසිය සීරුවෙන් තබා ඇති බවය. තවත් කියවන්න:
තෙල්දෙණියෙන් ආරම්භවී පැතිර ගිය නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අඟහරුවාදා (මාර්තු 06) වසා දැමීමට නියෝග කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනාගමික මාධ්‍යකරුවන්, විද්වතුන් සහ සමලිංගික ක්‍රියාධරයන් ඇතුළු 40 දෙනෙකුට වැඩි පිරිසක් පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඝාතනයට ලක්වී තිබේ අග්‍රාමාත්‍යවරිය ඒ බව කියා සිටියේ බංගලාදේශයේ ඉස්ලාමීය අන්තවාදීන් ඉලක්ක කර ගනිමින් පොලිස් මෙහෙයුමක් දියත් කොට දිනකට පසුවයි. බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ ඉහත කී මෙහෙයුම දියත් කොට ඇති අතර මේ දක්වා සැකකරුවන් දහසකට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව බලධාරීහු ප්‍රකාශ කරති. කෙසේ වෙතත් ඒ අතර සාමාන්‍ය අපරාධකරුවන්ද සිටින බවයි පැවසෙන්නේ. දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කිරීම සඳහා ඉහත කී පොලිස් මෙහෙයුම යොදා ගන්නා බවට විපක්ෂය නියෝජනය කරන බංගලාදේශ ජාතික පක්ෂය ආණ්ඩුවට චෝදනා කරයි.
රට පුරා සුළු ජන කොටස් සහ අනාගමික පුරවැසියන් ඉලක්ක කොට සිදු කෙරෙන ඝාතන නැවත්වීම සඳහා සිය ආණ්ඩුව හැකි උපරිම පියවර ගන්නා බව බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසිනා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා අවසර ලබා දෙමින් ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ පසුගියදා වාර්තා පළවෙමින් තිබිණ.
ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
1978 ව්‍යවස්ථාව මගින් රාජ්‍යය තුළ ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන බල ත්‍රිත්වය විධායක ජනාධිපති පදවිය වෙත කේන්ද්‍ර ගත කරනු ලැබිණ දැන් බලපැවැත්වෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හුදෙක් සීග්‍ර ආර්ථික සංවර්ධනයක උවමනාව පෙරට තබමින් සමාජ සංවාදයකට නොගොස් හදිසියේ නිර්මාණය කරන ලද්දකි. ඒ තුලින් විය යුතු පරිදිම සිදු වූයේ ප්‍රජාතන්ත්‍රීය පද්ධතිය දුර්වල වීමයි. එම දුර්වලතාව ඇති වූයේ විධායක ජනාධිපති ක්‍රමයක් ආදේශ කරමින් එය පාලන ව්‍යුහයේ කේන්ද්‍රස්ථානය හැටියට ස්ථාපිත කරනු ලැබීමත් සමඟයි. එහි ලක්ෂණය වන්නේ රාජ්‍යය තුළ ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන බල ත්‍රිත්වය එකම ආයතනයක් වෙත එනම් විධායක ජනාධිපති පදවිය වෙත කේන්ද්‍ර ගත කරනු ලැබීමයි. මූලික අයිතිවාසිකම් පවතින ව්‍යවස්ථාවේ තිස් වෙනි වගන්තිය බොහෝ විවාදයට ලක් වූවකි. එමගින් ජනාධිපතිවරයා වෙත අධිකරණ මුක්තියක් ලබා දී ඇති අතර ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු අධිකරණයක් ඉදිරියේ නඩු පැවරිය නොහැකි වෙයි. එය පැහැදිලිවම රටේ ප්‍රජාතන්ත්‍රීය රාමුව දුර්වල කරනු ලැබීමකි. 1978 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දුන් මුක්තිය හේතුවෙන් ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු අධිකරණයක් ඉදිරියේ නඩු පැවරිය නොහැකිය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද මූලික අයිතිවාසිකම් ප්‍රකාශනය 1978 ව්‍යවස්ථාව මගින් ද නීතිගත කරනු ලැබ ඇතත් එම පියවර එම හිමිකම් මහජනයාට ලබා දීම අතින් සහතිකයක් නොවේ. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් සහ සුළු ආගමික කණ්ඩායම් පමණක් නොව එම මූලික අයිතිවාසිකම් වෙනත් අණපනත් මගින් පැහැර ගනු ලැබීම සම්බන්ධයෙන් මහ ජාතිය තුලත් විවේචන පවතී. එය විවේචන මට්ටමින් පවතින්නක් නොව බොහෝ අය මූලික අයිතීන් ඉල්ලා අධිකරණයේ පිළිසරණ සොයා යාම සුලභ කරුණක් වී ඇත. ජනමත විචාරණය 'ජනමත විචාරණය' ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි මහජනයා සතු අවියක් විය හැක. ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථාව මගින් ජනමත විචාරණය නීතිගත කරනු ලැබ ඇතත් එවැන්නක් කැඳවීම සහ මහජන තීන්දු ක්‍රියාවට නැංවීම අවසාන වශයෙන් රැඳී පවතින්නේ විධායක ජනාධිපතිවරයා අතයි. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුල ඔවුන්ගේ අයිතිවාසිකම් සහතික කෙරී නොමැති බව සුළු ජාතීහු පවසති ශ්‍රී ලංකාව තුල ජනමත විචාරණයක් සම්බන්ධයෙන් ඇති එකම අත්දැකීමත් මහජන ප්‍රජාතන්ත්‍රීය අයිතිය තහවුරු කිරීම සඳහා නොව එම අයිතිය පැහැර ගනු ලැබීමක් සම්බන්ධයෙනි. ජනාධිපති ජයවර්ධන 1982 වසරේ ජනමත විචාරණයක් කැඳවන ලද්දේ එවකට පැවති හයෙන් පහක බලයක් සහිත පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීම සඳහායි. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඉතා චිත්තාකර්ශනීය වගන්ති ඇතුළත් විය හැකි නමුත් එවා ප්‍රායෝගික මට්ටමින් මහජනයාට භුක්ති විඳීමට කිසිදා නොලැබෙන අතර ඒවා අලංකාර සැරසිලි විශේෂයක මට්ටමට පත් වෙන බවයි. සුළු ජාතීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එය ක්‍රියාත්මක වෙන දේශපාලන සමාජයේ සියලු ජන කොටස් වල ගෞරවයට පාත්‍ර විය යුතු අංගයකි. එම ගෞරවය නීතිමය ප්‍රතිපාදන මගින් තහවුරු කර ගත නොහැකි අතර එමගින් ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු වෙන බවයි පළමුව සහතික කළ යුත්තේ. 1972 හෝ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ද්වය එම සුළු ජාතික ගෞරවය දිනා ගැනීමට අපොහොසත් වූ බව නොරහසකි. ශ්‍රී ලංකාවේ සුළු ජාතික සහ සුළු ආගමික කොටස්වල විවේචනය පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුල ඔවුන්ගේ අයිතිවාසිකම් සහතික කෙරී නොමැති බවයි. පෙර කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් දෙකම අනාගමික බවින් ඈත්වීමයි එම විවේචනයන් තුල සැඟවී පවතින්නේ. අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේදී එම කරුණු සැලකිල්ලට ගැනීම පාලකයන්ගේ වගකීමකි. (මහාචාර්ය පී අතුකෝරල බීබීසී සංදේශයේ උපාලි ගජනායක සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරින්)
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට යන දේශපාලන බලවතුන් විසින් තේරුම් ගත යුතු ඉතාම වැදගත් කාරණයක් වෙයි. එනම් පවතින ව්‍යවස්ථාව මගින් මහජන ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරනු ලැබ ඇති ආකාරයයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රෝහල් ගත කෙරුණු තවත් තිදෙනකු බරපතළ තත්වයේ පසු වන බවත් බලධාරීහු පවසති. ප්‍රහාරය එල්ල වීමත් සමග ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගලා මර්කල්ගේ ප්‍රධානත්වයෙන් එරට ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් සමග හදිසි හමුවක් කැඳවා ඇත. තුවක්කුකරු දහඅට හැවිරිදි ඉරාන - ජර්මානුවකු බවත් ප්‍රහාරයෙන් පසු ඔහු වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි විශ්වාස කරන බවත් එරට පොලිසිය පවසයි. ප්‍රහාරය අරමුණ කුමක්දැයි යන්න සනාථ කර ගැනීම සඳහා ජර්මන් පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි. තුවක්කුකරු වසර කීපයක් පුරා මියුනික් නගරයේ ජීවත් වූවකු බවත් පොලිසිය සඳහන් කළේය.
ජර්මනියේ මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමෙන් මරුමුවට පත් පුද්ගලයන් සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගොස් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සෑම මසකම අවසානයේ දී ඔවුහු ඒ පිළිබඳ දත්ත යාවත්කාලීන කරති. වෙනත් බොහෝ රටවල එවැන්නක් දැකිය නොහැකිය. කොවිඩ් වසංගත සමය ඇතුළත ලැබී ඇති දත්තවලින් කියැවෙන කතාන්තරය සිත කලබල කරවන සුළුය. 2020 දී ජපානයේ දිවිනසා ගැනීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. ජපානයෙන් එවැනි තත්ත්වයක් වාර්තා වූයේ වසර 11කට පසුව ප්‍රථම වතාවටය. ජපානයේ නවතම දත්ත විශ්ලේෂණය කර බලද්දී වඩාත් පුදුමය දනවන කාරණයක් වන්නේ දිවි නසාගත් පුරුෂයන්ගේ ගණන තරමක් පහළ බැස තිබිය දී, දිවිනසාගත් කාන්තාවන්ගේ ගණන 15%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමය. මේවසරේ ඔක්තෝම්බර් මාසය ඇතුළත පමණක් සිදුවී ඇති කාන්තා දිවිනසා ගැනීම් ප්‍රමාණය, පසුගිය වසරේ ඔක්තෝම්බරයේ සිදුවූ කාන්තා දිවිනසා ගැනීම් සමඟ සංසන්දනය කළහොත් එය 70%කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව පෙනී යයි. සිදු වන්නේ කුමක්ද? කොවිඩ් වසංගතය පිරිමින්ට වඩා ගැහැණුන්ට පීඩා ගෙනදෙන බවක් පෙනෙන්නට ඇත්තේ ඇයි? අවවාදයයි: මෙම ලිපියේ අන්තර්ගතය ඇතැමුන්ට සංවේදී විය හැක. තම ජීවිතය නසා ගැනීමට කීප වතාවක් ම උත්සාහ කළ තරුණ කාන්තාවක මුහුණට මුහුණ හමුවී කතාබහ කරන්නට ලැබීම හිතට වදදෙන අත්දැකීමක් විය. දිවිනසා ගැනීම් වලක්වාලීම තම රාජකාරිය කරගත් පුද්ගලයන් කෙරෙහි අලුත් ගරුත්වයක් මා තුළ ඇති වූයේ ඉන් අනතුරුවය. Bond Project යනු දිවිනසා ගැනීම් වලක්වාලීම සඳහා පවත්වාගෙන යන ආධාර ආයතනයකි. එහි කාර්යාලයක් යොකොහාමා නගරයේ 'රෙඩ් ලයිට්' දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලැබේ. බොහෝ රටවල 'රෙඩ් ලයිට්' දිස්ත්‍රික්කය ලෙසින් හැඳින්වෙන්නේ ලිංගික සේවා ලබාදීම සඳහා පවත්වාගෙන යනු ලබන ආයතන වැඩි වශයෙන් පවතින හෝ ලිංගික ශ්‍රමිකයන් වැඩි වශයෙන් ගැවසෙන කලාපයයි. මම Bond Project කාර්යාලය තුළ වාඩි ලා සිටිමි. මේසය ඉදිරිපස ඇති අසුනේ සිටින්නේ 19 වියැති යුවතියකි. කොණ්ඩය කොටට කපා සිටින ඇය නිසොල්මන් ය. ඇයගේ කතාව මා ඉදිරියේ දිග හරින්නට ඇය පටන් ගත්තාය. ඉතා හෙමින් කතා කරන නමුත් ඒ හඬේ කිසිදු හැඟීම්බර බවක් නොවීය. සියල්ල ආරම්භ වන විට ඇය පහළොස් වියැති ය. ඇයගේ වැඩිමල් සොහොයුරා අතින් සැහැසි ලෙස අපයෝජනයට ලක් වන්නට පටන් ගත්තේ ඒ අවධියේදී ය. අවසානයේ ඇය නිවසින් පලා ගියාය. නමුත් ඒ වේදනාව සහ තනිකම ඉන් නිමා වූයේ නැත. ඉන් ගැලවීමට ඇති එකම මග දිවි තොර කර ගැනීම යැයි ඇය සිතුවාය. "පසුගිය කාලය ඇතුළත කීපවතාවක් ම මාව රෝහල්ගත කළා." ඇය පැවසුවාය. "මම වාර ගණනාවක් ම දිවිනසා ගන්න උත්සාහ කළා. ඒ එක වතාවක්වත් සාර්ථක කර ගන්න බැරි වුණා. ඒ නිසා මම හිතනවා මැරෙන්න උත්සාහ කරන එක මම දැන් අතෑරලා දාල කියල." ඇය එසේ සිතන්නට පටන් ගෙන ඇත්තේ Bond Project ඇයගේ ජීවිතයට මැදිහත් වීමෙන් අනතුරුවය. ඔවුහු, ඇයට ජීවත්වීමට ආරක්‍ෂිත ස්ථානයක් සොයා දුන්හ. කඩිනම් උපදේශන සේවා ලබා දුන්හ. Bond Project ආයතනය ආරම්භ කරන ලද්දේ ජුන් ටචිබානා විසිනි. සර්ව ශුභවාදී, ශක්තිමත් අදහස් ඇති ඇය 40 වියැති ය. පසුගිය මාස කීපය ඇතුළත සිය කාර්ය මණ්ඩලයට ලැබුණු අතිශය ඛේදජනක දුරකථන ඇමතුම් පිළිබඳව ජුන් ටචිබානා සිහිපත් කළාය "ගැහැණු ළමයිට ප්‍රශ්නයක් ඇතිවුනාම, වේදනාවක් දැනුනම ඔවුන්ට හිතාගන්න බැහැ මොනවද කරන්නේ කියල. අපි ඉන්නවා ඔවුන්ට ඇහුම්කන් දෙන්න සුදානමින්. අපි ඉන්නවා, 'අපි ඔබ සමඟ ඉන්නවා' කියල ඔවුන්ට කියන්න." ජුන් ටචිබානා පැවසුවාය. මේ වන විටත් ප්‍රශ්නවලට මුහුණ දී සිටින අය කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතා අනතුරුදායක තත්ත්වයකට තල්ලු වී ඇති බව ඇය පවසන්නීය. පසුගිය මාස කීපය ඇතුළත සිය කාර්ය මණ්ඩලයට ලැබුණු අතිශය ඛේදජනක දුරකථන ඇමතුම් පිළිබඳව ජුන් සිහිපත් කළාය. "අපිට නිතරම අහන්න ලැබෙන්නේ 'මට මැරෙන්න ඕන', 'මට යන්න තැනක් නැහැ' වගේ දේවල් තමයි. ඔවුන් කියනවා 'මම ඉන්නේ හරිම වේදනාවකින්, මට ලොකු තනිකමක් දැනෙනවා, මට අතුරුදහන් වෙන්න ඕන' කියල." ශාරීරික පීඩා හෝ ලිංගික පීඩාවන්ට ලක්වන කාන්තාවන්ගේ තත්ත්වය, කොවිඩ් වසංගතය හේතුවෙන් තවත් දරුණු අතට හැරී තිබේ. "මට දවසක් කතා කරපු ගැහැණු ළමයෙක් කිව්වේ එයාගේ තාත්තගෙන් ලිංගික හිරිහැර සිදු වෙනවා කියල. කොවිඩ් නිසා තාත්ත වැඩට යන්නේ නැහැ, ඒ නිසා එයාට ගැලවීමක් නැහැ." ජුන් විස්තර කළාය. 'අසාමාන්‍ය රටාවක්' ජපානයේ මීට පෙර පැවති අර්බුද පිළිබඳව සලකා බලද්දී අද පවතින අර්බුදයේ බලපෑම හාත්පසින් ම වෙනස්ය. 2008 දී මුහුණ දුන් බැංකු අර්බුදය සහ 90 දශකයේ මුල් භාගයේ දී ඇති වූ දේපල වෙළෙඳාම සහ කොටස් වෙළෙඳපොළ කඩා වැටීම මගින් වැඩි වශයෙන් පීඩාවට පත් වූයේ මැදිවියේ පිරිමින් ය. එවකට පුරුෂයන් දිවිනසා ගැනීම් විශාල වශයෙන් ඉහළ ගියේය. නමුත් කොවිඩ් වසංගත සමයේ තත්ත්වය ඊට වෙනස් ය. එහි වැඩි බලපෑම ඇතිවී ඇත්තේ තරුණ ජනතාවට වන අතර එයින් ද වැඩි පීඩාව තරුණ කාන්තාවන්ට ය. ඊට පාදක වී ඇති හේතු තරමක් සංකීර්ණ බව පෙනී යයි. සංවර්ධිත රටවලින් වැඩිම දිවිනසා ගැනීම් ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබුණේ ජපානයෙනි. නමුත් පසුගිය දශකය ඇතුළත එම ප්‍රමාණය තුනෙන් එකකින් පමණ අඩුකර ගනිමින් ඉතා හොඳ සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට ජපානයට හැකියාව ලැබුණි. මහාචාර්ය මිචිකෝ උවේඩා, ජපානයේ සිදුවන දිවිනසා ගැනීම් පිළිබඳව අධ්‍යයනයක යෙදුණු විද්වත් කාන්තාවකි. ජපානය දශකයක් පුරා ලබා ගෙන තිබූ ජයග්‍රහණය මාස කීපයක් ඇතුළත ආපස්සට හැරී ඇති අකාරය කෙතරම් විමතිය දනවන්නේ දැයි ඇය මට විස්තර කළාය. "කාන්තාවන් දිවි නසා ගැනීමේ මේ රටාව ඉතාම අසාමාන්‍ය දෙයක්." "වෘත්තියක් හැටියට මේ විෂය ගැන පර්යේෂණ කරන්න පටන් ගත් දා පටන් මම කිසිම දවසක දැකල නැහැ මේ වගේ ඉහළ යාමක්. කොරෝනා වසංගතයෙන් පහර වැදුණු කර්මාන්ත බොහොමයක සේවය කරන්නේ කාන්තාවන්. ඒ කියන්නේ සංචාරක කර්මාන්තය, ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රය සහ සාප්පු සංකීර්ණ වගේ දේවල්." ඇය පැහැදිලි කළාය. ජපානයේ තනිකඩව ජීවත්වන කාන්තාවන්ගේ ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. විවාහයෙන් පසුව කාන්තාවගේ සාම්ප්‍රදායික කාර්යභාරය නිවසේ වැඩකටයුතුවලට පමණක් සීමා වීම නිසා නව පරම්පරාවේ බොහෝ දෙනා විවාහ නොවී තනිව ජීවත්වීමට පෙළඹී ඇත. පසුගිය අට මාසය ඇතුළත රැකියා අහිමිවූ කාන්තාවන්ගේ ගණන ඉතා විශාලයි." මහාචාර්ය මිචිකෝ උවේඩා "ගොඩාක් කාන්තාවන් අද අවිවාහකයි. ඔවුන්ට ජීවන අරගලය කරන්න වෙලා තියෙන්නේ තනියෙම. ස්ථිර රැකියාවන් නැහැ. ඉතින් මොනවා හරි සිද්ධ වුණොත් වැඩියෙන් ම පහර වදින්නේ මේ කාන්තාවන්ට. පසුගිය අට මාසය ඇතුළත රැකියා අහිමිවූ කාන්තාවන්ගේ ගණන ඉතා විශාලයි." මහාචාර්ය මිචිකෝ උවේඩා පැවසුවාය. "මේ කාලය අතරින් එක මාසයක් විශේෂයෙන් කැපී පෙනෙනවා. ඒ පසුගිය ඔක්තෝම්බරය. ඒ මාසය ඇතුළත පමණක් කාන්තාවන් 879ක් දිවිනසාගෙන තියෙනවා. ඒක 2019 ඔක්තෝම්බරයේ දිවිනසා ගැනීම්වලට වඩා 70%කින් ඉහළ අගයක්. පුවත් පත්වල පළවූ ශීර්ෂ පාඨවලින් ද අනතුරු අඟවා තිබුණි. පසුගිය ඔක්තෝම්බරයේ ජපානයේ සිදුවූ සම්පුර්ණ දිවිනසා ගැනීම් සංඛ්‍යාව (2,199) සහ ඒ වනවිට කොරෝනාවෛරසයෙන් එරට මරණයට පත් වී තිබුණු ප්‍රමාණය (2,087) සංසන්දනය කොට ඇතැම් පුවත් පත්වල ශීර්ෂ පාඨ පළවී තිබුණි. අමුතු විදියේ යමක් සිදුවෙමින් පැවතුණි. පසුගිය වසරේ සැප්තැම්බර් 27වැනිදා, ජපානයේ සුප්‍රසිද්ධ නිළියක වන යුකෝ ටකේඋචි සිය කාමරය තුළ මියගොස් සිටියාය. එය සිය දිවි නසා ගැනීමක් බව පසුව වාර්තා කෙරිණි. ජපානයේ සුප්‍රසිද්ධ නිළියක වන යුකෝ ටකේඋචි සිය කාමරය තුළ මියගොස් සිටියාය යසුයුකි ශිමිසු හිටපු මාධ්‍යවේදියෙකි. දැන් ඔහු, දිවිනසා ගැනීම් වලක්වා ගැනීම සඳහා කැපවූ, ලාභ නොලබන ආයතනයක් පවත්වාගෙන යයි "ප්‍රසිද්ධ කෙනෙකු දිවි නසා ගත්තොත්, රටේ සිදුවන සිය දිවි හානි කරගැනීම් එකවරම ඉහළ යනවා. ඒ තත්ත්වය දින දහයක් පමණ පවතිනවා." ඔහු පැවසීය. "දත්ත පරීක්ෂා කරලා බැලුවම අපට පෙනී යනවා සැප්තැම්බර් 27වැනිදා නිලියක් සිය දිවි නසා ගැනීමෙන් පසුව ගෙවුණු දින 10 ඇතුළත ජපානයේ කාන්තාවන් 207 දෙනෙකු දිවි නසාගෙන තියෙන බව." එම නිළිය දිවි නසා ගැනීමෙන් අනතුරුව දිවි තොර කරගත් අනෙකුත් කාන්තාවන් ද එම නිළියගේ වයස් කාණ්ඩයට අයත් බව දත්ත විශ්ලේෂණය කිරීමෙන් තහවුරු වේ. "අනෙකුත් සෑම වයස් කාණ්ඩයකට ම වඩා දිවි නසා ගැනීමට පෙළඹිලා තියෙන්නේ, වයස අවුරුදු හතළිස් ගණන්වල සිටින කාන්තාවන්. එම වයස් කාණ්ඩයේ දිවිනසා ගැනීම් ප්‍රතිශතය, දෙගුණයකට වඩා වැඩියි." ශිමිසු පැවසුවේය. ප්‍රසිද්ධ චරිතයක් දිවි නසා ගැනීම සහ ඊට පසු දින කීපයක් ඇතුළත රටේ සිදුවන දිවි නසා ගැනීම් ඉහළ යාම අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවතින බවට විශේෂඥයෝ ද එකඟ වෙති. කීර්තිමත් චරිතයක් හා බැඳුණු අද්භූත සංසිද්ධිය මෙම අද්භූත සංසිද්ධිය ජපානයට පමණක් ආවේණික වුවක් නොවේ. දිවි නසා ගැනීමක් පිළිබඳව වාර්තා කිරීම ඉතා දුෂ්කර වන්නේ එබැවිනි. කීර්තිමත් පුද්ගලයෙකුගේ දිවි නසා ගැනීමකින් අනතුරුව ප්‍රධාන මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව කෙරෙන කතාබහ වැඩි වන තරමට, ඉතා පහසුවෙන් අනතුරට ලක්විය හැකි පුද්ගලයන්ට ඉන් ඇතිවන බලපෑම ද වැඩි වනු ඇත. මායි සුගනුමා, ලාභ නොලබන සංවිධානයක පර්යේෂණ නිලධාරිනියකි. ඇයගේ පියා දිවි නසාගෙන ඇත්තේ ඇය භද්‍ර යෞවනයේ සිටියදීය. දිවි හානි කරගත් පුද්ගලයන් නිසා අසරණ වූ පවුල්වලට දැන් ඇය පිහිට වන්නීය. මෙම වසංගත සමය තුළ යමෙකු දිවි නසා ගත්විට ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් තවදුරටත් දුෂ්කර තත්ත්වයකට ඇද වැටෙති. "එවැනි පවුල්වල ඥාතීන්ට මම කතා කරන කොට තේරෙන දෙයක් තමයි, තමන් ආදරය කළ ඒ පුද්ගලයාගේ ජීවිතය බේරාගන්න ඔවුන්ට නොහැකිවීම පිළිබඳ හැඟීම තදින්ම හිත්වලට කාවැදී තිබෙන බව. මේ නිසා ඔවුන් ඔවුන්ටම දොස් පවරාගන්නා තත්ත්වයකට පත්වෙනවා. මගේ තාත්තගේ ජීවිතය බේරාගන්න බැරිවීම ගැන මමත් මටම දොස් පවර ගත්ත." මායි සුගනුමා පැවසුවාය. "වසංගතය නිසා දැන් ඔවුන්ට ගෙදරින් එලියට යන්න එපා කියල නීති දාල. ඒ නිසා මේ වේදනාව තවත් වැඩි වෙනවා. ඒ ගැන මම ඉන්නේ කනස්සල්ලෙන්. ජපන් මිනිස්සු මරණය ගැන වැඩිය කතා කරන්නේ නැහැ. දිවි නසා ගැනීම් ගැන කතා කරන සම්ප්‍රදායක් ඔවුන්ට නැහැ." බොහෝ ආපන ශාලා, හෝටල් සහ බීමහල්වල දොරවල් වැසෙමින් පවතී ජපානය මේ වන විට පසුකරමින් සිටින්නේ තුන්වැනි කොරෝනාවෛරස් රැල්ලයි. එරට ආණ්ඩුව දෙවන වතාවටත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත. එය තවදුරටත් දිගු කිරීමට ඉඩ ඇත. බොහෝ ආපන ශාලා, හෝටල් සහ බීමහල්වල දොරවල් වැසෙමින් පවතී. තවත් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වෙමින් පවතී. මහාචාර්ය උවේඩා ගේ හිත තුළ වදදෙන තවත් ප්‍රශ්නයක් වෙයි. "ඇතැම් රටවල වගේ දැඩි ලොක්ඩවුන් නීති නැති, සාපේක්ෂව අඩු කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවන ජපානයේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවනම්, වසංගතය ඉතා දරුණු රටවල මොනවා සිද්ධ වෙනවා ඇති ද?" **මෙම ලිපියේ අන්තර්ගතය මගින් ඔබේ මනසට යම් බලපෑමක් වූයේ නම් පහත සඳහන් දුරකථන ඔස්සේ ශ්‍රී ලංකා සුමිත්‍රයෝ අමතන්න. Hotline : +94 11 2 682535 Mobile/WhatsApp: 0767 520 620, 0777 723 696 ලිපිනය: 60/7, හෝටන් පෙදෙස, කොළඹ විද්‍යුත් තැපෑල: [email protected] වෙබ් අඩවිය: [email protected]
ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා නිරවද්‍යව සහ කඩිනමින් දිවි නසා ගැනීම් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ ජපානයයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම බීබීසී සංදේශයට පැවසීය. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි නමුත්, බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහය නීතිගතකර තිබියදී ශ්‍රී ලංකාවේ තවමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද නීතියක් ක්‍රියාත්මකවීම එහි පවතින 'උත්ප්‍රාසය' බව ද මහාචාර්යවරිය සඳහන් කළාය. (සාකච්ඡාවට සවන්දෙන්න) "අද දවසේ තියන ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව බලපුවහමත් අපිට බොහොම පැහැදිලියි කෙනෙක්ගේ ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් කොහෙත්ම අනුමත නොකරන බව," ඇය සඳහන් කළාය. නේපාලය දැනටමත් ඒ සම්බන්ධයෙන් 'ප්‍රගතිශීලී' පියවර ගෙන තිබෙන බව පෙන්වාදෙන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ඉන්දියාවේ තවමත් එය නීතිවිරෝධීවීම හේතුවෙන් හටගෙන තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් ද ඉදිරිපත් කළාය. සමලිංගිකත්වය යනු කෘතීම ලිංගිකත්වයක් නොව සතුන් අතර පවා පවතින සාමාන්‍ය සංසිද්ධියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇති බව ද මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තවමත් සමලිංගික සේවනය අපරාධයක් ලෙසින් සැළකීම හේතුවෙන් රට පුරා විශාල පිරිසක් දුක් විඳින බව තමන් සමග අදහස් දැක්වූ බොහෝ දෙනා පෙන්වා දුන් කරුණක් බව ද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘ඒ අයගේ වතගොත ගැන හොදට මගේ ගාව ෆයිල් තියනවා. ඉතින් මම ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඒවා පාවිච්චි කරන මිනිහෙක් නෙමෙයි මම. අපි කියපු දේ කරපු මිනිස්සු’ යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ආණ්ඩුවේ සිට විපක්ෂය හා එක් වන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධයෙන් අදහස් දක්වමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට වෙනත් පක්ෂ හා එක් වූ පක්ෂ ක්‍රියාකාරීන් අතීතයේද සිටි බව ජනාධිපතිවරයා සිහිපත් කරයි. 'ආප්ප කාලා පැන්නා' ‘මේ මට විතරක් කරපු දෙයක් නෙවෙයිනේ. සීපී ද සිල්වා මහත්තයා මොකද කළේ. ඒත් මින්නේරියේ. ඒත් පොළොන්නරුවේ. ඒ විතරක් නෙවෙයි එක පාරක් මැතිනියට කොකා පෙන්නුවා. චාලි මහත්තයා මැතිනිත් එක්ක උදේ කිරිබත් කාලා ඇවිල්ලා. මගේ නම් ආප්ප කාලා ගිහිල්ලා. පැන්නා අනිත් පැත්තට’ යනුවෙන් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද පක්ෂය හැර දමා ගොස් වෙනත් පක්ෂයක් ගොඩනැගූ බව පවසන ජනාධිපතිවරයා තමා ඒ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවයි පැවසුවේ. ‘ඔය කිහිප දෙනෙක් යන්න ඕන ඉතින්. මගේ දොර තාමත් එහෙම තමයි. මේ දොර හාමුදුරුවනේ “සැලුන්” දොර වගේ. යන්නත් පුළුවන් අපහු එන්නත් පුළුවන්’ යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් කියා සිටියේය.
ආණ්ඩුවෙන් ඉවත් වී ගිය පිරිස් සම්බන්ධ රහසිගත ලිපි ගොනු තමා සතුමුත් ඒවා කිසි දිනක හෙළි නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තවත් නව මකුළු විශේෂ 50ක් පමණ හඳුන්වාදීමට අදාළ කටයුතු අවසන් අදියරේ පවතින බව ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය. මේ වනවිට විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා නිකුත් කරමින් ඔහු හඳුන්වා දී ඇති මකුළුවන් විශේෂ 104 අතරින්, විශේෂ 82ක් සොයාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවෙනි. වෙනත් රටවලින් හඳුන්වාදී ඇති මකුළුවන් විශේෂ ගණන 22කි. ඉන්දුනීසියාව (07), බ්‍රසීලය (04), මැලේසියාව (03), ඉන්දියාව (04), මැඩගස්කරය (01), ටැන්සානියාව (02) යන රටවලින් සහ ඩොමිනිකන් රාජ්‍යයෙන් (01) එම නව මකුළු විශේෂ හඳුන්වා දී තිබේ. තවත් ලිපි:
ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) පරිසර විද්‍යා සහ පාරිසරික ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කරන මහාචාර්ය සුරේෂ් පී බෙන්ජමින් මේ වන විට නව මකුළු විශේෂ 104ක් ලොවට හඳුන්වාදී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සක්‍රීය විකිරණ අඩංගු ප්ලූටෝනියම් විෂ ලිත්විනේන්කෝ ගේ ශරීරගතව තිබුණි 2006 දී සක්‍රීය විකිරණ අඩංගු පොලෝනියම් විෂ ශරීරගත වීමෙනු යි ලිත්විනෙන්කෝ ජීවිතක්ෂයට පත් වූයේ. බ්‍රිතාන්‍ය පරීක්ෂණ වාර්තාව මගින් ලිත්විනෙන්කෝ රුසියානු රජයේ ඉලක්කයක් බවට පත්වීමට තුඩු දුන් හේතු ගණනාවක් මතු කොට දක්වා ඇත. රුසියානු රහස් ඔත්තු සේවාවේ (FSB) ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු හෙළි කිරීම, රුසියාවෙන් පළා යාමට පෙර පටන්ම බ්‍රිතාන්‍ය රහස් ඔත්තු අංශ සමග සබඳතා පැවැත්වීම සහ පු ජනාධිපති පුතින් සමග පෞද්ගලික අමනාපකම් පැවතීම වැනි කරුණුයි ස්වාධීන පරීක්ෂණයේ අවධානයට ලක්ව ඇත්තේ.
හිටපු රුසියානු රහස් ඔත්තුකරුවෙකු වන අලෙක්සන්දර් ලිත්විනෙන්කෝ ඝාතනය කරන ලද්දේ ඇතැම්විට රුසියානු ජනාධිපති ගේ ද අනුමැතිය ලැබූ රුසියානු රහස් ඔත්තු සේවාවේ ක්‍රියාන්විතයක් මගින් බව බ්‍රිතාන්‍යයේ දී සිදු කරන ලද ස්වාධීන පරීක්ෂණයකින් සොයා ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියානු ප්‍රීමියර් ලීග්(IPL)තරඟාවලියේදී තරඟ පාවාදීමේ චෝදනා වලට ලක් වූ ශ්‍රී ශාන්ත් එම චෝදනාවලට වරද කරු යයි තීන්දු කෙරුණ බවයි ,ඉන්දීය ක්‍රිකට් නිලධාරීන් පවසන්නේ. IPL තරඟාවලියේදී ශ්‍රී ශාන්ත් සමඟ රාජස්තාන් රෝයල් පිලට ක්‍රීඩා කළ අන්කීට් චවාන් ද තරඟ පාවාදීමේ චෝදනා ලැබ සිටි අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ(BCCI) දූෂණ මැඩලීමේ අංශයේ ප්‍රධානී,රවි සවානි විසින් සිදු කරන ලද පරීක්‍ෂණයේදී ක්‍රීඩකයන් දෙදෙනාම අදාළ චෝදනාවලට වැරදිකරුවන් කෙරුණ බවයි, වාර්තා කෙරුණේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ශ්‍රී ශාන්ත් සහ චවාන් යන ක්‍රීඩකයන් දෙදෙනාට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ක්‍රිකට් හා සම්බන්ධ කිසිදු ක්‍රීඩාවක ට සහභාගී විය නොහැකි බවයි කියා සිටින්නේ. මුදලට තරඟ පාවාදීම එසේම තහනමකට ලක් වූ ක්‍රීඩකයන් දෙදෙනාට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හෝ ඊට අනුබද්ධ කිසිදු ක්‍රියාවකට සහභාගී විය නොහැකි බවයි, එම ආයතනය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ දැක්වෙන්නේ. IPL තරඟාවලියේදී පන්දු යවන්නන් තිදෙනකු මුදලට තරඟ පාවාදීමේ චෝදනා ලැබ සිටි අතර, තුන් වන්නා වූ අජිත් චන්දිලාට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවරක් ගෙන නැත. මේ අතර ජාතික කණ්ඩායමට ඇතුළත් නොවන අමිත් සිං සහ සිද්ධාර්ත් ත්‍රිවේදිට පිළිවෙලින් අවුරුදු පහක් සහ අවුරුද්දක් වන බැගින් ක්‍රිකට් ක්‍රීඩා තහනමක් පණවන ලද බවයි වාර්තා වන්නේ. ශාන්ත කුමාරන් ශ්‍රී ශාන්ත් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරඟ විසි හතකට ද එක් දින තරඟ පනස් තුනකට ද ක්‍රීඩා කොට තිබෙනවා.
තරඟ පාවා දීමේ චෝදනා ලැබ සිටි ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශාන්ත කුමාරන් ශ්‍රී ශාන්ත්ට ජීවිතාන්තය සඳහා බලපැවැත්වෙන ක්‍රීඩා තහනමක් පණවන ලද බව වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියෝන්ග්-සෙ සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පවතින තානාපති සබඳතාවලට වසර හතළිහක් පිරීම නිමිති කර ගනිමින් අද (මාර්තු 15) කොළඹදී උත්සවයක් පැවැත්විණි. එම උත්සවයට පැවැත්වුනේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියෝන්ග්-සෙ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර ගේ ප්‍රධානත්වයෙනි. බෙදී පවතින කොරියානු අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින කලාපීය දේශපාලන උණුසුම පිළිබඳව සාකච්ඡාවලදී අවධානය යොමු වූ බව දෙරටේ විදේශ අමාත්‍යවරු පැවසූහ. උතුරු කොරියාව පසුගියදා අලුතින් මිසයිල දියත් කළ අතර පසුගිය වසරේ දී න්‍යෂ්ටික අත්හදා බැලීමක් ද සිදු කළේය. මිසයිල අත්හදාබැලීම් "කොරියානු අර්ධද්වීපයේ දැනට පවතින වාතාවරණය සහ කලාපීය ආරක්ෂාව පිළිබඳත් අපි සාකච්ඡා කළා. කොරියානු කලාපයේ සාමය සහ ආරක්ෂාව සඳහා ඉවහල් වන පරිසරයක් සහතික කිරීම සඳහා ඔවුන් ගිවිස ගත් ජාත්‍යන්තර බැඳීම් අනුව කටයුතු කරන මෙන් කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් ඉල්ලා සිටින්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා" යනුවෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර උත්සවය අමතා පැවසීය. එක්සත් ජාතීන් විසින් උතුරු කොරියාවට සම්බාධක පනවනු ලැබීමට ගත් පියවර සමග ශ්‍රී ලංකාව එක්ව සිටීම තම ආණ්ඩුව අගය කරන බව කී දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියෝන්ග් - සෙ කේෂ්ත්‍ර ගණනාවක් තුළ ශ්‍රී ලංකාව හා තවත් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව සඳහන් කළේය. දකුණු කොරියාවේ විදේශ අමාත්‍යවරයෙකු වසර තිස් එකකට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වේ.
ජාත්‍යන්තර බැඳීම්වලට අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව උතුරු කොරියාවෙන් ඉල්ලා සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කාන්තාවන් සිය දරුවන්ද රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ (සංරක්ෂිත ඡායාරූපයක්) අයි එස් කැරලිකරුවන්ගේ පාලනයේ පවතින කලාප වෙත පාක්ස්තාන කාන්තාවන් ගොස් ඇති බව වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. ඉහත කී කාන්තාවන් සිය දරුවන්ද රැගෙන පළමුව ඉරානය බලා ගොස් එතැන් සිට සිරියාව බලා ගොස් ඇති බවයි පැවසෙන්නේ. තම රට තුළ අයිඑස් කැරලිකරුවන් සිටින බව හෝ ක්‍රියාත්මක වන බව මීට ඉහත අවස්ථාවලදී පාකිස්තානය ප්‍රතික්ෂේප කළේය. නමුත් මේ සතිය ආරම්භයේදී පාකිස්තාන ආරක්ෂක අංශ කියා සිටියේ ලාහෝර් නුවර ආසන්නයේ ක්‍රියාත්මක වූ අයිඑස් හිතවාදීන්ගේ තිප්පොළක් තුළට සිය භට කණ්ඩායමක් කඩා වැදුණු බවයි.
ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය හා එක් වීම සඳහා පාකිස්තාන කාන්තාවන් තිදෙනකුවත් ලාහෝරයේ සිට සිරියාව බලා ගොස් ඇති බව පාකිස්තාන පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තායිලන්තයේ බැංකොක් අගනුවර වීදි බැස සිටින රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම් වලින් පොලිස් නිලධාරියකු මිය ගිය බව තායි බලධාරීහු පවසති. මැතිවරණ අපේක්ෂකයන් ලියාපදිංචි කැරෙන ක්‍රීඩාංගණය ඉදිරිපිට දී ඉහත කී පොලිස් නිලධාරියාට වෙඩි උණ්ඩයක් වැදී ඇති බවයි තායි පොලිසිය කියා සිටියේ. ඇති වූ ගැටුම් වල දී ගල් විසි කරමින් සිටි උද්ඝෝෂකයන් දෙසට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරණ ලදී. ලබන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමන ලෙස තායි මැතිවරණ බලධාරීන් රජයෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුණි. මැතිවරණ ප්‍රචාරක කටයුතු පවත්වා ගෙන යා නො හැකි විලසින් ප්‍රචණ්ඩත්වයේ අවදානම පමණ ඉක්මවා ඉහල ගොස් ඇති බව තමා විශ්වාස කරන බවයි තායි මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ.
අපේක්ෂකයන් හට තිබෙන අවදානම බරපතල ලෙස ඉහළ ගොස් තිබෙන හෙයින් පෙබරවාරියට නියමිත මහ මැතිවරණය නො පවත්වන ලෙස තායිලන්ත මතිවරණ කොමිසම රජයෙන් ඉල්ලා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරකයන් අතර හමුදා භටයන් සිටි බවට 'සියයට එකසිය එකක් සහතිකයි' සැප්තැම්බර් විසි වැනි දින උදෑසන ආනන්දි සසීහරන්ගේ නිවසට කඩා වැදුණු පිරිසක් එහි සිටි ඇයගේ ආධාරකරුවන්ට පහර දී දේපොළවලට ද අලාභහානි සිදු කළහ. මැතිවරණ නිරීක්ෂකයෙකුටද එහිදී තුවාල සිදුවූ අතර පිරිස කඩා වැදුනු අවස්ථාවේ අපේක්ෂිකාව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන යාමට ඇයගේ ආධාරකරුවන් සමත් වී තිබේ. ආරක්ෂක හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක්ද ප්‍රහාරකයන් අතර සිටි බව පැවසූ දෙමළ ජාතික සන්ධානය, සිය අපේක්ෂිකාවගේ නිවසට කඩා වැදුනේ ආරක්ෂක හමුදා සාමාජිකයන් බවට චෝදනා කළ නමුත් හමුදාව එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. පොදු රාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයෝ කෙසේ නමුත්, ප්‍රහාරකයන් හමුදා භටයන් බවට තමන්ට 'සියයට එකසිය එකක්' සහතික බවයි, දකුණු ආසියානු නිරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානී එන් ගෝපාලසාමි කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්ට කියා සිටියේ. 2006-2009 කාලය අතරතුර ඉන්දියාවේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා වන එන් ගෝපාලසාමි එල්ලකරන චෝදනා ප්‍රතික්ෂේප කරන හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය චාර්ල්ස් හැවිලන්ඩ්ට පැවසුවේ එය දේශපාලන අරමුණක් සහිත පුද්ගලයන් විසින් නගන චෝදනාවක් බවයි. ආනන්දි සසීහරන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට භාර වීමෙන් අනතුරුව අතුරුදහන්ව සිටින එල්ටීටීයේ හිටපු ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායක එලීලන් ගේ බිරිඳයි. මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම, උතරේ මැතිවරණ සමය තුල විශාල හමුදා පිරිසක් රඳවා සිටීම විශ්වසනීය මැතිවරණ ක්‍රියාදාමයකට ප්‍රබල බාධාවක් වූ බව සඳහන් කරයි. එහෙත් හමුදා ප්‍රකාශකයා එම චෝදනාවද ප්‍රතික්ෂේප කරයි.
උතුරේ මැතිවරණයට දිනකට පෙරාතුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවගේ නිවසට පහර දුන් පිරිස අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් සිටි බව තමන්ට සහතික යයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කරදියාන කසල අංගනය කොළඹ එක්රැස් වන කැළිකසල පිළියන්දල, කරදියාන කසල අංගනයට බැහැර කිරීමේ කටයුතුවලට පසුගිය 19 වෙනිදා විරෝධතාවක් දියත් කරමින් බාධා කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වේ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට ලබන 24 වෙනිදා කැස්බෑව අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ. බීබීසී සිංහල සේවය වෙත අදහස් පළ කරමින් පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි කියාසිටියේ නියමිත ප්‍රමාණය ඉක්මවා කරදියාන කසල අංගනයට අපද්‍රව්‍ය බැහැර කිරීමේ උත්සාහයක් පැවති බවය. එසේ නියමිත ප්‍රමාණය ඉක්මවූ බැවින් විරෝධතාකරුවන් හා එක්ව සෙසු කුණු ලොරි හරවා යැවීමට තමන් කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති නියෝගය මීතොටමුල්ල වැසියෙකුගෙන් අගමැතිට ප්‍රශ්නයක් මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සම මතු වූ හදිසි ආපදා තත්වය සළකා බැලූ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අප්‍රේල් 17 වෙනිදා සිට 28 වෙනිදා දක්වා කරදියාන කසල අංගනයට කසල බැහැර කිරීමට කොළඹ මහා නගර සභාවට අවසර ලබා දුණි. නමුත් එකී අධිකරණ නියෝගයට අනුව කරදියාන කසල අංගනයට දිනකට බැහැර කළ හැක්කේ කසල මෙට්‍රික් ටොන් 350 ක් පමණි. ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ අධිකරණය විසින් දෙනු ලැබූ එම සීමාවට තමන් ඇතුළු විරෝධතාකරුවන් එරෙහි නොවූ බවය. මේ අතර කසල බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ (අප්‍රේල් 20) නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රය ජනතා විමුක්ති පෙරමුණේ විවේචනයට ලක් විය. එම ගැසට් පත්‍රයට අනුව කසල ගොඩ ගැසීමට විරෝධය පළ කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් කිරීමට හැකියාව ලබා දෙන බව පවසන ජනතා විමුක්ති පෙරමුණ කසල ගැටලුවට නිවැරදි විසඳුමක් දෙනවා වෙනුවට ඊට එරෙහිව බලය යෙදවීම හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කැළිකසල බැහැර කිරීමේ කටයුතුවලට බාධා එල්ල කිරීමේ චෝදනා මත ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු හය දෙනකු අධිකරණයට කැඳවනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙතෙක් අවසරපත් නිකුත් නොකෙරුණ එකම බ්‍රිතාන්‍ය මාධ්‍ය ජාලය තමන් පමණක් බව චැනල්4 නාලිකාව පවසයි අවසරපත් නිකුත් කිරීම බොහෝ දුරට අවසන් බව සඳහන් මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් ගේ ට්විටර් පණිවුඩයකට පිළිතුරු දෙන චැනල්4 නාලිකාවේ ජොනතන් මිලර් මාධ්‍යවේදියා මෙම ප්‍රමාදයට හේතුව කවරක් දැයි විමසීමක් කොට තිබිණ. තම ඉල්ලුම්පත් තවමත් ප්‍රතික්ෂේප වී නොතිබුණත්, දැනගන්නට ලැබී තිබෙන අන්දමට මෙතෙක් මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් නොකෙරුණ එකම බ්‍රිතාන්‍ය මාධ්‍ය ජාලය තමන් පමණක් බවයි, මේ පිළිබඳව කළ විමසීමකදී චැනල්4 නාලිකාවේ ප්‍රකාශිකාවක් සංදේශයට කියා සිටියේ. මේ පිළිබඳව ලන්ඩනයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයෙන් විමසීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
නොවැම්බර් මාසයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා මාධ්‍යවේදීන්ට අවසර පත් නිකුත් කිරීම බොහෝ දුරට හමාර වී තිබුණත්, බ්‍රිතාන්‍යයේ චැනල්4 නාලිකාව වෙනුවෙන් තවමත් මාධ්‍ය අවසරපතක් නිකුත් කොට තිබෙන්නේ කැමරා ශිල්පියෙකු වෙනුවෙන් පමණක් බව චැනල්4 නාලිකාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බෞද්ධ විහාරයක රාමදාන් සංග්‍රහයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර අද බ්‍රහස්පතින්දා (මාර්තු 08) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඉහත කී සැකකරුවන් අතර 'මහසෝන් බලකාය' ලෙස හඳුන්වනු ලබන සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අමිත් ජීවන් වීරසිංහ නම් තැනැත්තකුද සිටින බවය. දින කිහිපයක් පුරා මහනුවර ආශ්‍රිතව සිදුවන වර්ගවාදී ප්‍රහාර හේතුවෙන් ජිවිත හානි මෙන්ම දේපළ හානි රැසක් වාර්තා වී ඇත . නිවාස, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන හා ආගමික ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කෙරුණ අතර එමගින් සිදු වූ අලාභය තවමත් ගණන් බලා නොමැති අතර ඒ සඳහා කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන බව රජය පවසයි. සිදු කළ අලාබ හානි පියවා ගැනීමට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ඇතුළු සෙසු ජනයාගේ බදු මුදල් යොදවමින් පෙරටත් වඩා හොඳින් එම ගොඩනැගිලි ඉදි කර දීමට රජය කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඔහුගේ සමාජ ජාල අඩවියේ පළකර ඇත. ගැටුම් හේතුවෙන් විනාශ වූ දේපල දේපල විනාශ කිරීම තමන් විසින් තමන්ම විනාශ කර, රට තවදුරටත් ණය උගුල්වල සිර කරන ක්‍රියාවක් බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පෙන්වා දෙයි. මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වලට සිදු කළ හානිය ගැන දැඩි අවධානයක් යොමු වෙමින් පවතිද්දී පෞද්ගලික දේපල,දේවස්ථාන සහ බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම වළක්වමින් ඒවා ආරක්ෂා කළ සිංහල සහ මුස්ලිම් ආගමික නායකයන් සහ සාමාන්‍ය ජනතාව ගැන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි. "හිතවත! හිතවතිය! ඔබේ 'ගෙලිඔය' නගරය ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේ වගකීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය කැටි කර ගෙන අපි ඉදිරියට යා යුතුයි. අපේ නගරය වගේම එහි ජීවත් වන සියලු දෙනා ආරක්ෂා කිරීම අපගේ වගකීමයි", සිංහල මුස්ලිම් ජනතාව එක්ව ජිවත්වන ගෙළිඔය නගරයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයේ ප්‍රචාරක රථය මෙවැනි නිවේදන නිකුත් කරමින් වීදී සංචාරයේ යෙදුණි. "අපේ වටිනා නිවාස, ජිවිත ආරක්ෂා කර ගැනීම සහ ගැටුම් වලට නොයෑම අපේ යුතුකමයි. අපේ මනසට විෂබීජ දාලා. අපේ නගරය, රට විනාශ කරන වැඩපිළිවෙල අපි නැවැත්විය යුතුයි" යනුවෙන් නිවේදනය කළ එම ප්‍රචාරක රථය පැය කීපයක් ගෙලිඔය ප්‍රදේශයේ සංචාරය කරමින් සාමය ආරක්ෂා කිරීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි. සබැඳී තොරතුරු: "මහනුවර සන්සුන්" මොකක්ද මේ හදිසි නීතිය? සමාජ මාධ්‍යජාල අවහිර කෙරේ සමාජ මාධ්‍යජාල මිනිසුන් එක් කිරීමටද?භේද කිරීමටද? මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාවට යොදා ඇති පොලිස් කොමාන්ඩෝ බටයින් තවදුරටත් ගැටුම් ඇති නොකර නිවාසවල රැඳෙමින් සිංහල හා මුස්ලිම් සමගිය ආරක්ෂා කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස අකුරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියේ ශබ්දවාහිනිය මගින් දිගින් දිගටම නිකුත් කළ නිවේදන එහි සිටි මාධ්‍යවේදීන්ට අසන්නට ලැබුණි. මුරුතලාව ප්‍රදේශයේ තම පල්ලිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු සිංහල තරුණයන් පිරිසක් එහි රාත්‍රිය ගත කළ බව මුරුතලාව ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයෙක් පවසයි. නිවාස විනාශ වීම නිසා ඇතැම් මුස්ලිම් ජාතිකයන්ට නවාතැන් පහසුකම් ලබා දීමට ද ඇතැම් අසල්වැසි සිංහල නිවැසියන් ඉදිරිපත් වී ඇති බව දිගන ප්‍රදේශයෙන් වාර්තා විය. මුල් සිද්ධියේදී ජීවිතය අහිමි වූ සිංහල සහ මුස්ලිම් තරුණයන්ගේ ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මෙම මරණ හේතුකොටගෙන තවත් ගැටුම් නිර්මාණය කර නොගන්නා ලෙසයි. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලයක් තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැත මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලය තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැති නිසා, අද (මාර්තු 08) උදෑසන 10 සිට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ. මෙම සාමකාමී තත්වය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි සංචාරයේ යෙදිය හැකි අතර, දැනට එහි සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාවේදී එහි සිටින සංචාරකයන්ට අවශ්‍ය නම් ප්‍රදේශයෙන් පිටවී යෑම සදහා විශේෂ බලපත්‍රයක් නිකුත් කිරීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණි.
පසුගිය දින කිහිපය තුළ මහනුවර සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පදවිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කොටුවූ සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝපි, සුන්දරලිංගම් හෙවත් තේවියන් සහ නවරත්නම් නවදීපන් හෙවත් අප්පන් යන තිදෙනා හමුදාවට වෙඩි තැබීමෙන් අනතුරුව යුද හමුදාව එල්ල කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේය. ශ්‍රී ලංකාවේ යුද්ධය නිම වීමෙන් අනතුරුව උතුරු ප්‍රදේශයේ ඇති වූ පළමු ගැටුම ලෙස මෙය වාර්තා වෙයි. 'එල්ටීටීඊ' හිස එසවීම එල්ටීටීඊ සංවිධානයට යළි පණ පිහිටුවන්නට උත්සාහ දැරූ තිදෙනෙකු මරා දැමූ බවයි ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පවසන්නේ. ‘එල්ටීටීඊය යළි හිස එසවීමට දරන කිසිදු උත්සාහයක් අනුමත නොකරන ප්‍රදේශවාසීන්ගෙන් නොකඩවා ලැබුණු තොරතුරු මෙම පරීක්ෂණ සඳහා විශාල පිටුවහලක් වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ. ඒ අනුව සැකකරුවන් සිටි ප්‍රදේශය වටලා ඇති අතර ඔවුන් පලා යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් ඇතිවූ බව බලධාරීහු පවසති. පදවිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කොටුවූ සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝපි,සුන්දරලිංගම් හෙවත් තේවියන් සහ නවරත්නම් නවදීපන් හෙවත් අප්පන් යන තිදෙනා හමුදාවට වෙඩි තැබීමෙන් අනතුරුව යුද හමුදාව එල්ල කළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේය. සැබවින්ම සිදු වූයේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බව පවසන කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්, මීට දින කිහිපයකට ඉහතදී ගෝපි අත් අඩංගුවට ගෙන කොළඹට රැගෙන ආ බවක් දෙමළ පුවත්පතක් වාර්තා කොට තිබූ බවද ප්‍රකාශ කරයි. නීතිමය ක්‍රියා මාර්ග ත්‍රස්තවාදී කටයුතු යළි ආරම්භ කිරීමේ ක්‍රියාවලියක් ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා සාක්ෂි ඇත්නම් සැක කටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ඕනෑම රජයකට අවස්ථාව ඇති නමුත් වෙඩි තැබීම්වලින් පුද්ගලයන් මිය යාම සම්බන්ධයෙන් ගැට‍ළු මතු කෙරෙන බවයි ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු පවසන්නේ. මෙය ත්‍රස්තවාදයට පමණක් සම්බන්ධ ගැටලුවක් පමණක් නොව වෙනත් ප්‍රදේශවල දී පවා දකින්නට ලැබෙන බවයි ඔහු පැවසුවේ. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසියට හෝ යුද හමුදාවට හෝ බාධා පැමිණ වූ අවස්ථාවල දී වෙඩි තැබීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත් වූ බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරන බවයි ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු සඳහන් කළේ. අවශ්‍යම වුවහොත් පුද්ගලයන්ට ජීවිත හානි සිදු නොවන ආකාරයට වෙඩි තැබීමට ඉඩ කඩ පවතින බවයි ඔහු කියා සිටින්නේ. උතුරේ හෝ දකුණේ දේශපාලන නැගිටීම් ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි නමුත් උතුරේ අද පවතින දැඩි ආරක්ෂක විධි විධාන මැද එවැන්නකට ඇති ඉඩකඩ ඉතාමත්ම සීමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.
එල්ටීටීඊ සාමාජිකයන් බවට සැක කෙරෙන පිරිසක් සහ ආරක්ෂක හමුදා අතර පදවියේදී ඇති වූ ගැටුමකින් එල්ටීටීඊ නායකයන් තිදෙනෙකු වෙඩි තබා මරා දමා ඇති බව ආරක්ෂක අංශ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොළඹ රහසිගත ස්ථානයක දී රැස්වුණු මාධ්‍යවේදීන් මෙම උත්සවය සහ සුහද හමුව බදාදා (15) උදේ 10.00ට කොළඹ ජානකී හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබුණද මේ වනවිට එය කොළඹ නගරයේ රහසිගත ස්ථානයක පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කළහ. උත්සවය වහා අවලංගු කරන ලෙසත්, එසේ නොකළහොත් වද හිංසාවලට ලක් කොට මරා දමන බවටත් අඟහරුවාදා (14) සවස 5ට පමණ අනන්‍යතාව හෙළි නොකළ පුද්ගලයකු විසින් දුරකථනය ඔස්සේ තර්ජනය කළ බව වැඩසටහනේ මාධ්‍ය පුහුණුකරුවකු හා උත්සවයේ සංවිධායකයකු වන මාධ්‍යවේදී ජයසිරි ජයසේකර බීබීසී සංදේශයට පැවසීය. එම දුරකථන අංකය මගින්ම ට‍්‍රාන්ස්පේරන්සි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංගගේ ජංගම දුරකථනයටද තුන් වතාවක්ම ඇමතුම් ලබාදී ඇතත්, ඔහු එම ඇමතුම්වලට පිළිතුරු දී නැත. අදාළ උත්සවයට සහභාගී වීමට නියමිත, වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන් ටද ඉහත දුරකථන අංකය ඔස්සේම මරණ තර්ජන එල්ල කොට ඇති බවත් ජයසිරි ජයසේකර පැවසීය. බදාදා රැස්වීම අවලංගු කර ඇති බවත්, එම ‘එල්ටීටීඊ රැස්වීමට’ සහභාගී නොවන ලෙසත්, එසේ ගියහොත් ප‍්‍රහාරයට ලක් වන බවත් ඉන් ටික වෙලාවකට පසුව ජයසිරි ජයසේකරගේ සහ තවත් මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථනවලට එවූ කෙටි පණිවුඩයක සඳහන් වී තිබේ. ‘රට බේරාගත් දේශපේ‍්‍රමී බලකාය’ එහි පණිවුඩකරු ලෙස සඳහන් කොට තිබිණ. ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සිංහල සහ දෙමළ භාෂාවෙන් මාධ්‍යකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන් 60 දෙනෙකු උත්සවයට සහභාගී වීමට නියමිතව සිටි අතර, රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් සහ ප‍්‍රංශ පුවත් සේවයේ කොළඹ ප‍්‍රධානී අමල් ජයසිංහ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත දේශකයන්ය. ට‍්‍රාන්ස්පේරන්සි ආයතනය සංවිධානය කරන මෙම පුහුණු වැඩසටහනේ වැඩමුළු දෙකකට එල්ල වූ තර්ජන හේතුවෙන් එම වැඩමුළු අවලංගු කිරීමට සිදු වූ අතර පසුගිය මාස කිහිපය ඇතුළත තවත් වැඩමුළු ගණනාවකටම තර්ජන එල්ල විය.
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වූ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ ජනමාධ්‍යවේදීන්ට සහතිකපත් බෙදාදීමේ උත්සවයක් සහ සුහද හමුවක් නොපවත්වන ලෙස සංවිධානාත්මක පිරිසක් තර්ජන එල්ල කිරීම හේතුවෙන් එම උත්සවය රහස් ස්ථානයක දී පැවැත්වීමට සිදුවූ බව සංවිධායකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියානු විපක්ෂය නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩිට සහාය පළ කරන්නන් සහ පළ නොකරන්නන් වශයෙන් ඉන්දියානු ජනතාව දෙපිළකට බෙදී ඇති බව බීබීසීයට විශේෂ වාර්තාවක් සපයන ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී මධුකර් උපාධ්‍යයේ පවසයි. පුද්ගලයකු වටා ඔහුට සහාය පළකරන්නන් සහ ඔහු විවේචනය කරමින් සහාය පළ නොකරන්නන් වශයෙන් භාරතීය වැසියන් සමාන කොටස් දෙකකට බෙදී සිටින්නේ, ඉන්දියානු මැතිවරණ ඉතිහාසයේ පළමු වරටයි. දෙදහස් එක වසරේ සිට බටහිර ගුජරාටයේ මහ ඇමති වශයෙන් කටයුතු කළ මෝඩි, එම ප්‍රාන්තය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට මුල් වූ ක්‍රියාශීලී මෙන්ම කාර්යක්ෂම නායකයෙකු ලෙස පිළිගැනීමක් ලබන නායකයෙකි. දහසක් පමණ ඉන්දීය මුස්ලිම් ජාතිකයන් මරා දැමුණ දෙදහස් දෙක වසරේ ඇති වුණු ආගම්වාදී කැරළි කෝලාහල ව්‍යවර්ථ කිරීමට උත්සාහ නොකළ බවට මොදිට එරෙහිව චෝදනා එල්ල වෙන නමුත් ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. මෝඩි කෙරෙහි විශ්වාසය තබන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් ඔහු දෙවියන් විසින් එවන ලද ගැලවුම්කරුවෙකු ලෙස හදුන් වන ලබන අතර,මෝඩිට විරුද්ධ ජන කොටස් ඔහු සලකනු ලබන්නේ ඉන්දියාව තුළ ජීවත් වන විවිධ ජන කොට්ඨාශ දරාගත නොහැකි මතභේදාත්මක චරිතයක් ලෙසටයි. විරුද්ධ මතධාරීන්ගේ පවසන්නේ රට දෙපිළකට බෙදීම හරහා ඔවුන්ගේ තර්කය නිදොස් වන බවයි. දැවැන්ත රැල්ලක් නරේන්ද්‍ර මෝඩිට පක්ෂව රටේ දැවැන්ත ජන රැල්ලක් පෙළගැසී ඇති බව ඔහුගේ පාක්ෂිකයෝ කියා සිටිති. බහුතරයක් ජනමාධ්‍ය ආයතන මෝඩිගේ ප්‍රචාරක රැළි ඉතා උද්‍යෝගීව හා කාර්යක්ෂම ලෙස ආවරණය කිරීම මෙසේ ජනතා ප්‍රසාදය වැඩි කිරීමට හේතු වී ඇති බව මාධ්‍යවේදී මධුකර් බීබීසීයට පැවසුවේය. මෝඩි ලබන ජනප්‍රසාදය තව දුරටත් ජනතාව තුළ තහවුරු කිරීමට ජන මත විමසුම් හරහා ඔහු සහ භාරතීය ජනතා පක්ෂය ලබන සහයෝගයත් ඒ සමඟම වත්මන් කොංග්‍රස් පාලනයට එරෙහිව ජනතාව තුළ පවතින කළ කිරීමත් හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. මේ සියළු කරුණු වලට අමතරව ඉන්දියානුවන් තම ඡන්දය ප්‍රකාශ කිරීමට මත්තෙන් අපේක්ෂකයන්ගේ කුලය, සමාජ තත්වය, ආගම සහ කලාපීය අපේක්ෂාවන් පිළිබදවද අවධානය යොමු කරන බව මාධ්‍යවේදී මධුකර් පවසයි. ඉන්දියාවේ පූර්ව මැතිවරණ ස්වභාවය පිළිබඳව බීබීසී හින්දි සේවයට වාර්තාවක් සැපයීම සඳහා මාධ්‍යවේදී මධුකර් ප්‍රාන්ත නවයක් හා මධ්‍යම ආණ්ඩුවේ පාලනයට අයත් මුහුදුබඩ පෙදෙස් තුනක් හරහා සැතපුම් හාරදහස් හාරසියයක පමණ දුරක් ගෙවමින් ජනතා අදහස් විමසණු ලැබ ඇත. ගුජරාටය තුළ මෝඩිට දැවැන්ත සහයෝගයක් පළකරන ජනතාව පවසන්නේ,මෝඩි පරිපාලනය ඔස්සේ ප්‍රාන්තය ලබා ඇති ආර්ථික වර්ධනය සියැසින් දැක ගත හැකි බවයි. මෝඩිගේ මැතිවරණ ප්‍රචාරණ කළමනාකරුවන් විසින් ''නායකයා'' ලෙස නම් කරමින් එසවුණු මැතිවරණ ප්‍රචාරක පුවරු ඉන්දීය සිතියමේ දකුණු දෙසට වන්නට පිහිටි කේරල සහ තමිල්නාඩු ප්‍රාන්තයන්හි වීදි අවට දැක ගත හැක. දකුණු ඉන්දීය ප්‍රාන්තවල සිදුකෙරෙන ප්‍රචාරණය ඡන්ද සටන දක්වා වර්ධනය වී එමගින් දිනා ගත හැකි ආසන සංඛ්‍යාව මෙවර මැතිවරණයෙදී ඉතා වැදගත් වෙයි. දුෂණ හා අක්‍රමිකතා දකුණු දිග වෙරළාසන්න කලාප වන මහාරාෂ්ට්‍ර හා කර්ණාටක ප්‍රාන්ත තුළ ඡන්ද පදනම ගොඩනැගෙන්නේ, මහාරාෂ්ට්‍රයේ බලවත් ප්‍රාදේශීය පක්ෂවල සහයෝගය මතයි. වරක් භාරතීය ජනතා පක්ෂ පාලනයේ පැවති එම ප්‍රදේශ වල ක්‍රියාකාරී ප්‍රාදේශීය පක්ෂ බීජේපී පරිපාලනයට චෝදනා එල්ල කරමින් කියා සිටින්නේ එවකට දුෂණ හා අක්‍රමිකතා සිදු වූ බවයි. කර්ණාටක ප්‍රාන්තය තුළ එල්ල වෙන ප්‍රධාන අභියෝගය කුල පදනම බව බීබීසී වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි. නැගෙනහිර ප්‍රදේශයන්හි මෝඩි කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති පිරිස ඉතා අඩු බව ඔවුන් සමග කළ අදහස් හුවමාරු තුළින් පිළිබිඹු වූ බවයි,ජේෂ්ඨ මාධ්‍යවේදී මධුකර් උපාධ්‍යයේ පවසන්නේ. පාර්ලිමේන්තු ආසන පන්සිය හතළිස් තුනකින් ආසන දෙසීය හැට නවයක්ම පිහිටා ඇත්තේ ප්‍රාන්ත නවයකට අයත් මුහුදුබඩ ප්‍රදේශවලයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ අවම වූ බහුතර ආසන ගණනක් දිනා ගැනීමට අවශ්‍ය වන්නේ තවත් ආසන තුනක් පමණි. නමුත් එම ප්‍රාන්ත නවය තුළ මෝඩිට පක්ෂව දැවැන්ත රැල්ලක් පෙනෙන්නට නොමැති නිසා මෙවර මහමැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කිරීමට නම්, අනෙකුත් ප්‍රාන්ත වලට අයත් ආසන දෙසීය හැත්තැ හතරෙන් අවම වශයෙන් ආසන දෙසීයක්වත් ඔවුන් දිනා ගත යුතුය යන්න මැතිවරණ විශ්ලේෂකයන්ගේ අදහසයි. මැයි දාසය වන දා ඡන්ද ගණන් කිරීමෙන් පසු කිසිම පක්ෂයකට හෝ සන්ධානයකට පැහැදිලි බහුතරයක් නො ලැබෙන තත්වයක් මතු වන බව ඔවුන් නොකරයි.
ඉන්දියානු මහ මැතිවරණය හරහා ඉන්දියානු ඡන්ද දායකයන් දේශපාලනික වශයෙන් දෙකඩ වී ඇති තත්ත්වයකුයි දැන් දක්නට ලැබෙන්නේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා වත්මන් ආණ්ඩුව, ආරක්ෂක හමුදා මෙන්ම පසුගිය ආණ්ඩුවත් දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටින අවස්ථාවක උතුරේ සමූහ මිනීවළක් පිළිබඳව කථාකරන කවරකු වුවත් 'දේශයේ සහ රණවිරුවන්ගේ සතුරකු' බවයි, අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ යුද්ධයේ අවසාන භාගයේදී මරා දැමුණු එල්ටීටීඊ සාමාජිකයන්ගේ මළසිරුරු වළලන ලද ස්ථානයක පිහිටා තිබුණු හමුදා කඳවුරක් ළඟදී ඉවත්කරන ලද බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා මල්වතු පාර්ශවයේ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් හමුවේ කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රතිචාරය පළකරමින්. වැඩි විස්තර සමූහ මිනීවලක් ගැන වීරවංශ: 'දේශද්‍රෝහී කථාවක්'
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු කර ඇතැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසන්නේ නම් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දැරිය කම්පිතව සහ වික්ෂිප්තව සිටි බවයි, පොලිසිය පවසන්නේ කම්පිතව සහ වික්ෂිප්තව සිටි දැරිය හෙල්මන්ඩ් පළාතේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ අත් අඩංගුවට ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියා සිටියේය. මරාගෙන මැරෙන කබාය පුපුරුවා හැරීම පිණිස බොත්තම එබීමට ඇයට නොහැකි වූ බවයි, ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ. තාලිබාන් ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ නායකයකු බව සැලකෙන ඇයගේ සොහොයුරා විසින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට දැරිය පොළඹවා ගෙන තිබෙන බවද පොලිසිය පවසයි.
මරාගෙන මැරෙන බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක් අත් අඩංගුවට ගත් බව ඇෆ්ඝනිස්තානයේ පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙමළ ජාතිකයන් සුළු පිරිසක් දැනටමත් හමුදා සේවයේ යෙදී සිටින නමුත්, දෙමළ කාන්තාවන් විශාල පිරිසක් එකවර හමුදා සේවයට එක්වූ ප්‍රථම වතාව මෙයයි හමුදාවට බැඳීම සඳහා අයදුම් කළ මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවාසී කාන්තාවන් 300 කට අධික පිරිසක් අතරින් 109 දෙනකු සෙනසුරාදා පැවති උත්සවයකදී මෙසේ බඳවාගත් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට කියා සිටියේය. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම සහ හමුදාවට බැඳීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන්නේ නම් ඕනෑම තැනැත්තෙකුට ශ්‍රී ලංකා හමුදාවට බැඳිය හැකි බවද ඔහු සඳහන් කළේය. "ද්‍රවිඩ ජාතිකයන්ට හමුදාවට බැඳීමට කිසිදු අවස්‌ථාවක බාධාවක් තිබුනේ නෑ හමුදාව පැත්තෙන් නමුත් පසුගිය කාලයේ කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑම නිසා මේ ප්‍රදේශවල ජනතාව හමුදාවට බැඳීමට පොඩි චකිතයක් තිබුනා," බවයි, බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසන්නේ. දෙමළ ජාතිකයන් සුළු පිරිසක් දැනටමත් හමුදා සේවයේ යෙදී සිටින නමුත්, දෙමළ කාන්තාවන් විශාල පිරිසක් එකවර හමුදා සේවයට එක්වූ ප්‍රථම වතාව මෙයයි. සබැඳි තේමා
ශ්‍රී ලංකා මිලිටරි ඉතිහාසයේ පළමු වතාවට දෙමළ ජාතික කාන්තාවන් 100 කට වැඩි පිරිසක් හමුදාවට බඳවා ගැනීමට කටයුතු කළ බව බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"පොලිස් නිලධාරියා කියල කියන්නේ සාම නිලධාරියා" එතකොට පොලිසියෙන් ගැහුවොත් මොකද කරන්නේ? මේ ගැන ගැඹුරින් හිතන්නට කාලය එළැඹ තිබේ. 'කාලෝ අයං තේ..!' ඒ මන්ද යත්, සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සංවාදවලදී 'ගැහුවොත් ගහන' යෙදුම මෑතකදී විවිධාකාරයෙන් මතුවී තිබීමයි. ඒ සංවාද සියල්ලට වස්තු බීජය වී තිබුණේ පොලිස් පහර දීමකි. මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේ දී රියදුරෙකු පොලිස් ප්‍රහාරයකට ලක්වන ආකාරය පසුගිය දා සමාජ මාධ්‍ය වසා ගනිමින් පැතිර ගියේය. එතැන් පටන් දින කීපයක් ම රටේ දැවෙන ප්‍රශ්න සියල්ල අභිබවා සාකච්ඡාවට ලක්වූ ප්‍රස්තුතය වූයේ එයයි. අතරින් පතර මෙහෙමත් ලියැවී, කියැවී තිබුණි. "පොලිසියෙන් ගහනකොට අපිටත් බැරිද පොලිසියට ගහන්න?" "මට ඔහොම ගැහුවොත් නම් මමත් ගහනවා." "ආත්මාරක්ෂාවට අපිටත් බැරිද අතපය උස්සන්න?" "බලාගෙන ඉන්න එවුන්ට බැරිද දෙක තුනක් නෙලන්න?" මෙවැනි දෙබස් අසන්නට ලැබුණේ සමාජ මාධ්‍ය තුළ පමණක් නොවේ. එදිනෙදා කතා බහේ දී පවා බොහෝ දෙනාගේ මුවින් මෙවැනි සරදම් පිට විය. ඇතැම් සරදම් දුරදිග ගිය අවස්ථා ද ඉතිහාසයේ නැත්තේ නොවේ. 'දැනගෙන ගියොත් කතරගම ය; නොදැන ගියොත් අතරමග ය.' එබැවින් එහි නීතිමය වටපිටාව ගැන කතා කිරීම කාලෝචිත යැයි සිතමි. "ආණ්ඩු වෙනස් වුනාට මේක වෙනස් වෙලා නැහැ" සරලව කියතොත් 'නීති පොතේ' හැටියට මෙතැනදී විත්ති වාචකය වන්නේ 'ආත්මාරක්ෂාවේ අයිතිය' යි. එය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සොයා බැලීමට පෙර පොලිස් පහර දීම් පිළිබඳව විමසා බැලීම සුදුසුය. පොලිස් පහරදීම්වලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. බරපතළ සිදුවීමක් වාර්තා වීමෙන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ගැඹුරින් කතා කරති. නමුත් එවැනි සිදුවීම් නැවත නැවතත් වාර්තා විය. "පොලිසිය කෘර වධ බන්ධන සිදු කළ බවට ලැබෙන පැමිණිලිවල අඩුවක් වෙලා නැහැ. ආණ්ඩු වෙනස් වුණාට මේක වෙනස් වෙලා නැහැ. අපි හැමදාම මාධ්‍යවලින් මේක කතා කරනවා. නමුත් හෙටත් මේක සිද්ධ වෙනවා. ඒ නිසා අපි කතා කරන්න ඕන මේක නවත්වන්නේ කොහොමද කියල." සාකච්ඡාව ආරම්භයේදී ම අචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා සිය ස්ථාවරය පැහැදිලි කළේය. පොලිසියෙන් සිදුවන වධ හිංසාවල අඩුවක් වී නොමැති බව පැවසේ නම් නැවත සිහි කැඳවා ගත යුතු කරුණු කීපයක් තිබේ. පොලිස් නිලධාරියා යනු කවරෙක්ද? ඔහුගේ රාජකාරිය හා පරම යුතුකම විය යුත්තේ කුමක්ද? ඔහුගේ නිල ඇඳුම සතු බලතල කවරේද? "පොලිස් නිලධාරියා කියල කියන්නේ සාම නිලධාරියා. පොලිසිය ඇත්තටම සිදු කරන්නේ ජනතාවට ආරක්ෂාව ලබා දීම. ඒ සඳහා පොලිසියට බලතල ලැබෙන පනත් තියෙනවා. ඒ අනුව කෙනෙකුව අත්අඩංගුවට ගන්න පුළුවන්. මොන බලතලය තිබුණත් අමානුෂික වධ බන්ධනයන්ට ලක් කරන්න කිසිවෙකුට අයිතියක් නැහැ." කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැහැදිලි කළේය. "නිරායුධ මිනිහෙකුට පහර දෙනවනම් ඊට එරෙහිවීමේ අයිතියක් අවට බලාගෙන ඉන්න පිරිසටත් තියෙනවා." ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා "මේ හැම බලතලයකටම වඩා ඉහළයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ එකොලොස්වන වගන්තිය. එහි කියවෙනවා කෘර අමානුෂික වධ බන්ධනයන්ට කිසිවෙකු ලක් කළ නොහැකි බව. එය ශාරීරික හෝ මානසික දක්වා විහිදෙනවා. මෙය සීමා කළ නොහැකි අයිතිවාසිකමක්." නමුත් ඇතැමුන් පවසන්නේ පොලිස් නිලධාරියාට ද ඉවසීමේ සීමාවක් ඇති බවකි. ඔවුන්ද මනුෂ්‍යයන් බවය. එසේනම්, ඔවුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කල්හි හෝ පොලිස් නිලධාරියාට එරෙහිව යමක් පැවසු පමණින් හෝ ක්ෂණිකව දඬුවම් පැමිණවීමේ අභිමතයක් ඔහු සතු වේද? "පොලිස් නිලධාරියෙක් රාජකාරියේ යෙදී සිටින විට යම් කෙනෙකු පොලිසියට පරිභව කළත්, නින්දා අපහාස කළත් ඔවුන්ට කළ හැක්කේ රාජකාරියට බාධා කිරීම යටතේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීම පමණයි. නමුත් පොලිස් නිලධාරියා කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්නේ. ඒ අයත් ආවේගශීලී වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට පුහුණුවක් ලබා දීල තියෙනවා. ඒ නිසා ඔවුන්ට ඒ ආවේගයත් එක්ක වැඩ කරන්න බැහැ." ආචාර්ය මහානාමහේවා පැවසීය. වැඩ අධික වී දැඩි වෙහෙසට පත් වූ විට ඕනෑම පුද්ගලයෙකු මානසික ආතතියකින් කටයුතු කළ හැකි බව පිළිගත් සත්‍යයකි. එය පොලිසියට ද වලංගුය. පොලිස් නිලධාරියාට වැඩ අධික බව සැබවි. වෙහෙස අධිකය. ආතතියට පත්විය හැකිය මේ වනවිට ශ්‍රී ලංකාවේ අවිනීත රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සහ අනතුරු වලක්වා ගැනීම සඳහා වාහන හැසිරවීම සිදු කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් පොලිසියේ මානව සම්පත යොදා ගනිමිනි. එම රාජකාරි කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශ සඳහා අනුයුක්ත කර ඇති සමස්ත පොලිස් නිලධාරීන්ගේ ගණන 9389කි. "මුළු රටම ආවරණය වන පරිදි මහමග රාජකාරි සඳහා යෙදවීමට" රථවාහන අංශය සතු මිනිස් සම්පත "කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති" බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ ද පිළිගත්තේය. "පොලිසියට ශ්‍රම සම්පත ලබා දීමත් ඉතාම වැදගත්. සමහර පොලිසිවලට ගියොත් පේනවා පැමිණිලි දාන්න එකසිය පනහක් විතර ඇවිල්ල ඉන්නවා. ලියාගන්න ඉන්නේ දෙන්නයි. ඉතින් එතන රස්තියාදු වෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආපහු ගිහිල්ලා වැරැද්ද කරපු එකාට දෙකක් අනින එක මීට වැඩිය හොඳයි කියල." ආචාර්ය මහානාමහේවා පැවසීය. එසේනම්, පොලිස් නිලධාරියාට වැඩ අධික බව සැබවි. වෙහෙස අධිකය. ආතතියට පත්විය හැකිය. නමුත් සාමාන්‍ය සිවිල් වැසියාගෙන් පොලිස් නිලධාරියා වෙනස් වන්නේ කෙසේද? ශ්‍රී ලංකා පොලිසියේ පවතින පරිපාලනමය දුර්වලතාවලට ජනතාව වන්දි ගෙවිය යුතු නැති බව නීතීඥ සේනක පෙරේරා අවධාරණය කරයි. ඔහු, සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා ය. "කිසි ලෙසකත් වධ හිංසා සාධාරණීකරණය කරන්න බැහැ, ඒ වගේ හේතු මත. විශේෂයෙන් ම පොලිස් නිලධාරියෙක් කියල කියන්නේ පොලිස් ආඥා පනත යටතේත්, ආයතන සංග්‍රහය යටතේත් ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේත් කටයුතු කළ යුතු කෙනෙක්. පොලිස් නිලධාරියා සතුව විශාල අභිමතයක් තියෙනවා. කෙනෙක්ව හිරේට දානවාද, එළියට යවනවාද? නැත්නම් කෙනෙක්ව කරදරේක දානවාද? නිදහස් කරනවාද? මේවගේ දෙයක් තීරණය කිරීම සඳහා ඔහුට දැවැන්ත අභිමතයක් තියෙනවා. ඒ අභිමතය අවභාවිතා කළොත් ඉන් සමාජයට වෙන්නේ හානියක්. ඔහුට විශේෂ පුහුණුවක් දීල තියෙන්නේ ඒ නිසයි." ඔහු පැවසීය. "ඒගොල්ලන්ට වැඩ වැඩියි, මහන්සියි කියල ඒකෙ වන්දිය ජනතාව ගෙවන්න ඕන නැහැ. මේක එහෙමනම් ශ්‍රී ලංකා පොලිසියේ වෘත්තීය භාවය පිළිබඳව ප්‍රශ්න කළ යුතු තත්ත්වයක්. ලෝකය පිළිගත් වෘත්තීය මට්ටමින් පොලිසිය ක්‍රියා කළ යුතුයි." "දේශපාලනඥයාට තමන්ගේ විරුද්ධවාදීන් මර්දනය කරන්න මේ 'නිල ප්‍රචණ්ඩත්වය' අවශ්‍යයි. ඒකෙන් තමයි මේ පොලිස් පහරදීම්වලට අනුග්‍රහය ලැබෙන්නේ." නීතීඥ සේනක පෙරේරා සමාජ ක්‍රියාධරයෙකු වන නීතීඥ සේනක පෙරේරා, තමන්ගේ ආසන්නතම අත්දැකීමක් ගෙනහැර පාමින් එය තවදුරටත් පැහැදිලි කළේ මෙසේය. "උදාහරණයක් හැටියට, අද මගේ සේවාදායිකාවක් පොලිසියට ගියාම එයාට එතන හිටපු නිලධාරියෙක් කුණුහරුපෙන් බැනල තියෙනවා. එයා හෙදියක්. මේ තැනැත්තිය ඒගැන ඕ අයි සී ට කිව්වම එයා කියනවා 'අද අවුරුදු හින්ද එයා බීලානේ ඉන්නේ.. ඒක ගණන් ගන්න එපා' කියල. උසස් මාර්ගෝපදේශයන් යටතේ ක්‍රියාත්මක විය යුතු පොලිසියකට ඔය ගමේ කතාව හරියන්නේ නැහැ. මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න, ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්න තමයි පොලිසියට යන්නේ. ඒවත් එක්ක කාටවත් සෙල්ලම් කරන්න දෙන්න බැහැනේ." කෙසේ නමුත් මෙම තත්ත්වය යහපත් අතට හරවා ගැනීම සඳහා පුරවැසියන් මත විශාල වගකීමක් පැවරෙන බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි. "පොලිසිය වගේම ජනතාවත් විනය ගරුක වෙන්න ඕන. පොලිසිය විතරක් හදලත් හරියන්නේ නැහැ. දෙපැත්තම හැදුනොත් තමයි සමාජය යහපත් වෙන්නේ. අපි මේක අවස්ථාවක් කර ගන්න ඕන දෙපැත්තටම අධ්‍යාපනයක් දෙන්න. කොහොම නමුත් පොලිසියට බැහැ අවේගශිලීව හැසිරෙන්න. ඒ සඳහා වෙනත් ක්‍රමවේද තියෙනවා." "නිල ඇඳුමක් ඇඳගෙන හිටියත් එයා ක්‍රියා කරන්නේ සද්භාවයෙන් නොවෙයි නම් අසල සිටින අයට පවා ඒ නිලධාරියාට එරෙහිව පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ කටයුතු කිරීමට අයිතියක් තියෙනවා." නමුත් නීතිඥ සේනක පෙරේරා වරද පටවන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයා මතය. ඔහු මෙය දකින්නේ 'නිල ප්‍රචණ්ඩත්වයක්' ලෙසිනි. "මේ පොලිස් වධ හිංසා පිළිබඳව අවුරුදු ගණනාවක ඉතිහාසයක් තියෙනවා. සමහරු කිව්වා මේක යුද්ධය නිසා ඇතිවෙන දෙයක් කියල. නමුත් යුද්ධය ඉවරවෙලා දැන් දශකයකටත් වැඩි කාලයක් ගත වෙලානේ. ඒත් වධ හිංසාව තාමත් දියත් වෙනවා. මේකට හේතුව දේශපාලනය. දේශපාලනඥයන් තමයි පොලිසිය මෙහෙයවන්නේ. දේශපාලනඥයාට තමන්ගේ විරුද්ධවාදීන් මර්දනය කරන්න මේ 'නිල ප්‍රචණ්ඩත්වය' අවශ්‍යයි. එකෙන් තමයි මේ පොලිස් පහරදීම්වලට අනුග්‍රහය ලැබෙන්නේ." ඔහුගේ තර්කය මත නම් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය නොවෙනස්ව පවතින තාක් මෙවැනි පොලිස් පහරදීම් ද පවතිනු ඇත. එසේ නම්, සාමාන්‍ය ජීවිතයේදී ඕනෑම පුරවැසියෙකුට පවතින 'ආත්මාරක්ෂාවේ අයිතිය', පොලිසියෙන් පහර දීමක් සිදුවන අවස්ථාවේ දී ජනතාවට රැකවරණයක් වේවිද? 'පොලිස් රෙස්ලින්' "යම්කිසි විදියක සුළු සුළු වැරදිවලට පොලිසිය පහරදීමක් සිදු කරනවානම් ආත්මාරක්ෂාව සලසා ගැනීමේ අයිතිය යටතේ ඊට එරෙහිව ක්‍රියා කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා. පිහියක් හෝ වෙනත් දරුණු ආයුධයක් අතැතිව ඉන්න කෙනෙක් මෙල්ල කිරීමේදී පහර දීම වෙනම කාරණයක්. එතනදීත් කළ යුත්තේ අවම බලය භාවිතා කිරීම පමණයි. නිරායුධ මිනිහෙකුට පහර දෙනවනම් ඊට එරෙහිවීමේ අයිතියක් අවට බලාගෙන ඉන්න පිරිසටත් තියෙනවා." ආචාර්ය මහානාමහේවා පැවසීය. මෑතකදී මහරගම, පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ පොලිස් පහරදීම දෙසට නැවත යොමු වෙමු. මෙය ඇතැමුන් හැඳින්වූයේ 'පොලිස් රෙස්ලින්' යනුවෙනි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම සරදමට, උපහාසයට ලක්වෙද්දී විද්වත් කතිකාවන්ට ද පාදක විය. ජනතා කෝපය ද මතු විය. 'ගැහුවොත් ගහන ජනප්‍රිය සංකල්පය' තැන තැන කියවෙන්නට, ලියැවෙන්නට පටන් ගත්තේ ඒ ජනතා කෝපය පිට කර ගැනීමට විය හැකිය. "මේ අවස්ථාවේ පොලිසිය පහර දෙන්නේ නිරායුධ පුද්ගලයෙකුට. කිසිවෙකුට හානියක් පීඩාවක් කළ හැකි කිසිම ආයුධයක් හෝ පුපුරන ද්‍රව්‍යයක් ඔහු අතේ නැහැ. ඒ පුද්ගලයාව මෙල්ල කිරීම සඳහා මේ විදියට පහර දිය යුතු නැහැ." නීතිඥ සේනක පෙරේරා පැහැදිලි කළේය. "දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය කියල දෙයක්. සරලව කියනවනම්, යම් කෙනෙකුව බරපතල ලෙස තුවාල කිරීමට හෝ මරණයට පත් කිරීමට උත්සාහ කරනවානම් ඉන් බේරීම සඳහා, ඊට එරෙහිව, ඒ පුද්ගයයා තුළින් එලියට එන ප්‍රතික්‍රියාව තමයි පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය කියල කියන්නේ." "නමුත් 92 වගන්තියේ තියෙනවා නිල ඇඳුමින් සැරසුණු කෙනෙක් යම් පුද්ගලයෙකුට එරෙහිව කටයුතු කරන්නේ සද්භාවයෙන් නම් අනෙක් පුද්ගලයාට එතනදී පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ලැබෙන්නේ නැහැ කියල. එතකොට 52වැනි වගන්තියෙන් විස්තර කෙරෙනවා මොකක්ද මේ සද්භාවය කියන්නේ කියල. නිසි සැලකිල්ලක් හෝ නිසි අවධානයක් නොමැතිව කටයුතු කරනවානම් ඒක සද්භාවය නොවෙයි. මේ මහරගම සිද්ධියේදී ඇත්තටම අපට සද්භාවයක් දකින්න බැහැ. ඒ මනුස්සයව පාලනය කරගන්න මීට වඩා සරල විදියට කටයුතු කරන්න තිබුණා. මේ විදියට උස්සල පොලවේ ගහල, ඇඟ උඩට පැනල... ඇත්තටම කියනවනම් මේක මිනී මැරීමට තැත් කිරීමක් කියලයි නඩු දාන්න ඕන. මේ වගේ අවස්ථාවක පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා." ඔහු පැවසීය. ඇතැම් අවස්ථාවක දී පහර කෑමට ලක්වන පුද්ගලයාට තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට තරම් ශාරීරික ශක්තියක් නොමැති විය හැකිය. එවැනි අවස්ථාවක අවට සිටින පිරිසට ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමේ අයිතියක් පවතී ද යන්න ඇතැමුන් ප්‍රශ්න කර තිබුණි. "පහර කෑමට ලක්වන පුද්ගලයා විසින් පමණක් නොවෙයි, ඒක දකින වෙනත් පුද්ගලයෙකුට වුනත් හැකියාව තියෙනවා පීඩාවට පත්වන පුද්ගලයාව බේරා ගැනීම සඳහා පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන්න. නිල ඇඳුමක් ඇඳගෙන හිටියත් එයා ක්‍රියා කරන්නේ සද්භාවයෙන් නොවෙයිනම් අසල සිටින අයට පවා ඒ නිලධාරියාට එරෙහිව පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ කටයුතු කිරීමට අයිතියක් තියෙනවා." නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය. "මේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය කියන එක කෙනෙකුගේ මරණය දක්වා විහිදෙන දෙයක්. ඔය මහරගම සිද්ධියේදී පහර කෑමට ලක් වන්නේ නිරායුධ කෙනෙක්නෙ. එහෙමනම් ඕනෑම කෙනෙකුට තේරෙනවා මේක සද්භාවයෙන් කරන රාජකාරියක් නොවෙයි කියල. මෙතනදී ඕනෑම කෙනෙකුට පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ ඊට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්. එම නිලධාරියා මෙල්ල කර ගැනීමට නොහැකි නම් එය පෙරලා පහරදීමක් දක්වා දුරදිග යන්නත් පුළුවන්." ඔහු තවදුරටත් පැවසීය. 'කෝකටත් තෛලය' කෙසේ නමුත්, පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය 'කෝකටත් තෛලය' නොවන බව මෙම නීතිවේදියා අවධාරණය කර සිටී. එබැවින් එය ක්‍රියාත්මක කිරීමට පෙර හොඳින් හදාරා සිටීම වැදගත්ය. "මට ගැහුවොත් මම ගහනවා කියල පොදුවේ ජනප්‍රිය කතාවක් තියෙනවා. නමුත් මම කියන්නේ, යම් පහර කෑමකට ලක්වීමේදී එයින් තමන්ගේ ජීවිතයට හානියක් හෝ බරපතළ තුවාලයක් ඇතිවෙයි කියල සාධාරණ සැකයක් ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක දී පමණයි, මේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය තමන්ට තියෙන්නේ. මේක අපරාධ නීතියේ මූලික විත්ති වාචකයක්. තමන්ගේ ජීවිතය හෝ තවත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි මම පෙරළා පහර දුන්නේ කියල ඔප්පු වුනොත් උසාවිය ඒක පිළිගන්නවා." නීතිවේදී සේනක පෙරේරා ප්‍රකාශ කළේය. නමුත් පොලිස් පහර දීමක් සිදුවන විට මහජනතාව ඊට එරෙහිව නැගී සිටින අවස්ථා ඉතා විරලය. අධිකරණ පද්ධතියේ පවතින දුර්වලතාව ද ඊට හේතු වී ඇති බව ඇතැමෙක් පෙන්වා දෙති. සමාජයේ පවතින සාම්ප්‍රදායික මත හා බිය ඊට ප්‍රධාන හේතුවක් බව තවෙකෙක් පවසති. "පැය 24ක් ගතවෙන්නත් කලින් සියලුම තොරතුරු සොයා ගත්තා. ඒ පොලිසියේ දක්ෂතාවය නිසා. අන්න ඒකට ඉන්නවා SOCO කියන ඒකකය" "පහර දෙන විට අහන්න පුළුවන් මොකක්ද කරලා තියෙන වරද කියල. ඒකට උත්තරයක් නැත්නම් 119 සහ 1996 ට කතා කරලා දැනුම් දිය හැකියි. නමුත් ඔවුන් පැමිණෙන තුරු පහරකෑමට ලක්වන පුද්ගලයා බේරා ගැනීමට මහ ජනතාවට ඉදිරිපත් විය හැකියි. එතනදී ආත්මාරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක වෙනවා." "ඒත් කීයෙන් කීදෙනා ද එහෙම ඉදිරිපත් වෙන්නේ. ඇයි ඉදිරිපත් නොවෙන්නේ? ජනතාව දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ උසාවි ගානේ රස්තියාදු වෙන්න සිදු වෙනවා කියල. අන්න ඒ යාන්ත්‍රණයත් හැදෙන්න ඕනා. ඉක්මණින් නඩු අහල ඉවර කරන යාන්ත්‍රණයක් හැදුණොත් ජනතාව ක්‍රියාශීලී වේවි. මේවා එකකට එකක් බද්ධ වෙලා තියෙන්නේ. එකක් විතරක් හදන්න බැහැ." ඒ ආචාර්ය මහානාමහේවා ගේ මතයයි. 'කළු ගලේ ඔලුව ගහ ගන්නවා' එහෙත් නීතිවේදී සේනක පෙරේරාගේ මතය වන්නේ පුරවැසියා තම අයිතිවාසිකම් පිළිබඳව මීට වඩා දැනුවත් වී ඒවා රැක ගැනීම සඳහා සාමුහිකව කටයුතු කළ යුතු බවය. "අපේ මුල්බැසගත් සාම්ප්‍රදායික මතයක් තියෙනවා නිල ඇඳුම් ඇඳගත් අය කරන දේවල් ඔක්කොම හරි, ඒවාට එරෙහි වෙන්න බැහැ කියල. ප්‍රතිපත්තියක් හැටියට එකෙන් මිදෙන්න ඕන. ඒ සඳහා ජනතාව දැනුවත් වෙන්න ඕන. මේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කියන්නේ බත් කන එකයි, බස් එකේ යන එකයි විතරක් නෙවෙයි. ඉන් එහාට ගොඩාක් අයිතිවාසිකම් පුරවැසියන්ට තියෙනවා. ඒවා ගැන දැනුවත් වෙලා කටයුතු කරන්න ඕන." අහිංසක ජෙරාඩ් සහ දරුණු ජෙරාඩ් "පොලිසියට එරෙහිව ගියොත් මාව තවටිකක් හිර කරයි, තද කරයි; කළු ගලේ ඔලුව ගහ ගන්නවා වගෙයි.. ඔය වගේ සාම්ප්‍රදායික මත ටිකක් තියෙනවා. ඒවායින් මිදිලා ප්‍රජාවක් විදියට දනුවත්වෙලා තමයි මේක ඉදිරියට යන්න වෙන්නේ. දේශපාලකයාත් දැන ගන්න ඕන මිනිස්සුන්ගේ අයිතිකාරයා තමන් කියල හිතාගෙන, පොලිසිය යොදාගෙන වැඩ කරගන්න එක නවත්වන්න." ඔහු පැවසීය. අයිතිවාසිකම් කෙසේ වෙතත්, සියලු පොලිස් පහරදීම් එළිමහනේ සිදු නොවේ. පොලිසිය තුළ සිදුවන පහර දීමක දී මෙකී අයිතීන් ප්‍රයෝගික වේද? තමන්ගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් පොලිසිය තුළදී පියවරක් ඉදිරියට තැබූ ඇතැම් උදවියට අත්වූ ඉරණම පැහැදිලි කිරීම සඳහා ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා අතීත නඩු වාර්තා දෙකක් ගෙන හැර පෑවේය. "එකක් තමයි ජෙරාඩ් පෙරේරා එරෙහි නීතිපති කියන නඩුව. ජෙරාඩ් නමින් දෙන්නෙක් ඉන්නවා වත්තල ප්‍රදේශයේ. එක්කෙනෙක් අහිංසකයි. අනිත් එක්කෙනා ටිකක් දරුණු ජෙරාඩ් කෙනෙක්. වත්තල පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානියා අත්අඩංගුවට ගන්නවා එක ජෙරාඩ් කෙනෙක්. එයාට පොලිසිය ඇතුළේදී දිගටම පහර දුන්නා. එයත් උත්සාහ කළා පහර කෑමෙන් බේරෙන්න. එයා ප්‍රතිවිරෝධයක් දැක්වුවා. නමුත් මේක සිද්ධවෙන්නේ පොලිසිය ඇතුළේදී. පොලිසියෙන් ආ ප්‍රතිවිරෝධය ඊට වඩා වැඩි වුනා. ලේ වමනේ යනකල් ගැහුවා. අන්තිමට බැලුවම මේ ගහල තියෙන්නේ අහිංසක ජෙරාඩ්ට. එයාව රෝහල් ගත කළා. එයාට වන්දි ගෙවන්න නියෝග ලැබුනා උසාවියෙන්." "අනිත් උදාහරණය තමයි ශ්‍රියානි ද සිල්වා එදිරිව ජානක ඉද්දමල්ගොඩ නඩුව. පයාගල පොලිස් ස්ථානාධිපති සම්බන්ධ නඩුව. ඇත්තටම මෙතනදී අත්අඩංගුවට ගෙන තිබුණේ හොරෙක්. එයා මාල කඩන කෙනෙක්. එයාටත් ගහල ගහල නාගොඩ රෝහලට ගෙනාව. මේ පුද්ගලයත් පහර කෑමෙන් බේරෙන්න උත්සාහ කරපු කෙනෙක්. නමුත් පොලිසිය ඇතුළේදී ඒක කරන්න අමාරුයි." පොලිසිය තුළ සිටියදී පුද්ගලයෙකු පහරකෑමට ලක්වීම "ඉතා අවාසනාවන්ත තත්ත්වයක්" ලෙස නීතිවේදී සේනක පෙරේරා ද පිළිගන්නා අතර පහරකෑමට ලක්වන තැනැත්තා එහිදී වඩාත් අසරණ වන බව ඔහු පවසයි. ඊට එක හේතුවක් ලෙස ඔහු දක්වන්නේ පහර කෑමට ලක්වූ පුද්ගලයා වෙනුවෙන් සාක්ෂියක් ලබා දීමට පොලිසිය තුළ සේවයේ සිටි කිසිවෙකු ඉදිරිපත් නොවීමය. එබැවින්, පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය පොලිසිය තුළදී නොවේ. "මේකට තමයි පාලකයෝ මැදිහත් වෙන්න ඕන. පොලිසියට CCTV කැමරා සවි කිරීම, විමර්ශනයන් සහ ප්‍රශ්න කිරීම් මධ්‍යස්ථ නිරීක්ෂකයන් හමුවේ සිදු කිරීමට පහසුකම් සැලසීම වගේ දේවල් රජයෙන් කෙරෙන්න ඕන. එවැනි යාන්ත්‍රණයක් හැදෙන්න ඕන. දැනට තියෙන මට්ටමේ හැටියට පොලිසිය තුළ දී පහර දීමක් වුනොත් සමහර වෙලාවට ඒ පැමිණිල්ල ඒ පොලිස් ස්ථානය භාර ගන්නෙත් නැහැ." ඔහු පැවසීය. එවැනි අවස්ථාවක දී අදාළ පොලිසිය විසින් පැමිණිල්ල භාරගැනීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් පළාතේ පොලිස් අධිකාරිවරයා ඉදිරියේ පැමිණිල්ලක් කිරීමේ පහසුකම් සලසා තිබේ. එසේත් නොමැතිනම් පොලිස්පතිවරයාගේ කාර්යාලයට ද පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව ද මෙවැනි පැමිණිලි භාර ගනී. වධ හිංසාවන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරියේ ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව නීතිවේදියෝ පවසති. "ඒකට පහර දෙන්නම ඕන නැහැ" "මේ සියල්ල තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් නැතිනම් වැඩක් නැහැ. නිකමට හිතල බලන්න, සාමාන්‍ය කෙනෙකුට පුලුවන්ද නීතිපතිවරයා හමුවෙන්න. හමුවෙන්න වෙලාවකවත් දේවි ද? ඒකයි කියන්නේ නීති ක්‍රියාත්මක වීම සඳහා නිසි යාන්ත්‍රණයක් පැවතිය යුතුයි. ශිෂ්ඨ සම්පන්න ආණ්ඩුවකින් ජනතාව වෙනුවෙන් ඒ වටපිටාව සකස් කර දිය යුතුයි. ඒක ආණ්ඩුවේ වගකීම. එහෙම දවසක් උදා වුණොත් පොලිසියට වධ හිංසාව පවත්වාගෙන යන්න ලැබෙන්නේ නැහැ. දේශපාලකයා එහෙම නොකරන්නේ ඇයි කියල ජනතාව තේරුම් ගත යුතුයි." නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය. පොලිසිය තුළ දී සිදුවන පහර දීම් බොහෝ විට සාධාරණීකරණය කෙරෙන්නේ අපරාධ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා අවම බලය යෙදවීමක් සිදුකළ යුතු බව පැවසීමෙනි. නමුත් තොරතුරක් අනාවරණය කර ගැනීම සඳහා පවතින එකම මාර්ගය පහරදීම පමණක් දැයි ඇතැමුන් ප්‍රශ්න කරති. කෙතරම් පහරදීම් සිදු වුවත් රටේ අපරාධ අඩුවී ඇති බවක් නම් පෙනෙන්නට නැත. එසේනම්, මෙම පහරදීම්වලින් ප්‍රතිඵල ලැබී ඇත්දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. මින් කියවෙන්නේ පහරදීම් පසෙක තබා අපරාධයක් හෙළිදරව් කර ගැනීම සඳහා වෙනත් කිසිදු යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා පොලිසිය සතුව නොමැති බව ද? "මම උදාහරණයක් හැටියට නඩු තීන්දුවක් පෙන්වන්නම්. ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර සරත් අඹේපිටිය මහතාව වෙඩි තබා ඝාතනය කළා. පොලිස් පරීක්ෂක රත්නායකටත් එතැනම වෙඩි තබා ඝාතනය කළා. පැය 24ක් ගතවෙන්නත් කලින් සියලුම තොරතුරු සොයා ගත්තා. ඒ පොලිසියේ දක්ෂතාවය නිසා. අන්න ඒකට ඉන්නවා SOCO කියන ඒකකය. ඒගොල්ලෝ තමයි අද පවතින නවීන තාක්ෂණය ඔස්සේ තොරතුරු සොයා ගන්නේ. ජංගම දුරකතනයක චිප් එකෙන් පුළුවන් ආගිය තැන්, ඇසුරු කළ පිරිස ආදී බොහෝ දේ අනාවරණය කර ගන්න. ඒකට පහර දෙන්නම ඕන නැහැ." ආචාර්ය මහානාමහේවා පැහැදිලි කළේය. "මේ හැම දේටම වඩා වැදගත් අපරාධ වැළක්වීමේ විද්‍යාව. එම හැදෑරීම් ඔස්සේ ලංකාවේ බොහෝ අපරාධ අඩුකර ගත හැකියි. නවීන තාක්ෂණය, මහජනතාවගේ සහාය සහ විද්වත් කමිටු සහාය පොලිසිය ලබා ගත යුතුයි." "යම් හෙයකින් පොලිස් නිලධාරියෙක් වරදක් කළොත් අපි නීතිය අතට ගන්නවට වඩා, යාහැකි තැන් ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තියෙනවා. ඔම්බුඩ්ස්මන්වරයා ඉන්නවා. පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව තියෙනවා. නීතිපතිවරයාට මහජන පෙත්සම් ඉදිරිපත් කරන්න පුළුවන්. උසාවියෙන් නම් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන්න පුළුවන්. ජනතාව මේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් විය යුතුයි." ආචාර්ය මහානාමහේවා අවධාරණය කළේය.
'ගැහුවොත් ගහනවා' යන යෙදුම ශ්‍රී ලාංකික ජන සමාජය තුළ පවතින ජනප්‍රිය කියමනකි. මෙතෙක් බොහෝ විට එය අසන්නට ලැබුණේ එදිනෙදා ජන ජීවිතය තුළ අහඹු සිදුවීම් අරභයා පමණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ මාධ්‍යවේදීන් තිදෙනා ප්‍රශ්න කරණු ලැබීය. ඕමන්ත මුරපොල අසල සිටි හමුදා සෙබළෙකු වශයෙන් සැක කරන පුද්ගලයකු ගංජා සහිත සිගරට් පැකැට්ටුව මාධ්‍යවේදීන් ගමන් ගත් රථයට දමන ලද සිදුවීම, දුටු මාධ්‍යවේදියාගෙන් ඒ පිලිබඳ දිගින් දිගටම ප්‍රශ්න කළ බව නම සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ එක් මාධ්‍යවේදියෙකු සංදේශයට පැවසුවේය. ඕමන්ත පොලිස් ස්ථානයේදී මාධ්‍යවේදීන්ගේ ගෞරවයට හානි වන අන්දමින් කටයුතු කල හා ඔවුන්ට තර්ජනය කර හිරිහැර කිරීමට උත්සහ කළ පොලිස් නිලධාරීන් පිළිබඳ වූ පැමිණිල්ල බාර ගැනීමට නොහැකි බව පවසමින් ඕමන්ත පොලිසිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සියලු දෙනාගෙන් සහකාර පොලිස් අධිකාරීවරයා පැය කිහිපයක් ප්‍රශ්න කළ බවයි යාපනයේ මාධ්‍යවේදීන් පවසා සිටියේ. අධිකරණයට ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අගෝස්තු පළමු වනදා වාහනයේ රියැදුරුවරයා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට මැදිහත් වන මෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි පොලිස් අධිකාරීවරයා, අවශ්‍ය වූවොත් ඉදිරි කාලයේදී මාධ්‍යවේදීන්ට පොලිසිය ඉදිරියේ පෙනී සිටීමට දැනුම් දෙන බව පැවසුවේ යැයි මාධ්‍යවේදියෝ තිදෙනා කියා සිටියහ. මේ පිළිබඳ පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයාගෙන් තොරතුරු විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ වෙනත් පුද්ගලයෙකු විසින් මාධ්‍යවේදීන් ගමන් ගත් රථයට ගංජා දැමූ බවට කෙරෙන ප්‍රකාශය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මාධ්‍යවේදීන්ව මෙම පරීක්ෂණය සඳහා කැඳවන ලද්දේ වැරදි කරුවන් වශයෙන් නොව සාක්කි කරුවන් ලෙසින් බවයි. ඕමන්ත පොලිස් ස්ථානයේදී මාධ්‍යවේදීන්ගේ කට උත්තරය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් පිළිබඳ වෙනම පරීක්ෂණයක් පැවැත්වෙන අතර ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත මාධ්‍යවේදීන් ගමන් ගත් රථයේ රියැදුරුවරයා අගෝස්තු පළමු වනදා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත රෝහණ වැඩිදුරටත් පවසා සිටියේ.
කොළඹ නගරයේ පැවති මාධ්‍යය වැඩමුළුවකට සහභාගි වීමට යමින් සිටියදී ගංජා රැගෙන ගිය බවට චෝදනා එල්ල වූ යාපනයේ මාධ්‍යවේදීන් හත් දෙනාගෙන් තිදෙනෙකු අද අඟහරුවාදා දහවල් ප්‍රශ්න කිරීම පිණිස වවුනියාවේ ඕමන්ත පොලිස් ස්ථානය වෙත කැඳවා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආයතනයේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමිනි. එක් තරගයකදී දිනක් ඇතුලත ලකුණු 600 ක් රැස්කිරීම සහ තවත් තරගයකදී කණ්ඩායමක සියලු ක්‍රීඩකයන් ලකුණු 32 කට දැවීයාම ඇතුළු චෝදනා කිහිපයක් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බව සඳහන් කළ සභාපතිවරයා, එම පරීක්ෂණයේ ප්‍රතිඵල මේ සතිය ඇතුලත ලබාදෙන මෙන් තමන් ඉල්ලීමක් කර තිබෙන බවත් සඳහන් කළේය. "පැහැදිලිවම අඩුපාඩුවක් වෙලා තියෙනවනම් ඒ අයට දැඩි දඬුවම් දෙනවා. හැබැයි ඒ ගැන කියන්න තාම කලින් වැඩියි," ඔහු පැවසීය. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කිරීමේ කිසිදු සැලසුමක් නොමැති බව අවධාරණය කළ සභාපතිවරයා, තේරීම් කමිටුවේ කටයුතුවලට 'ඇඟිලි ගසන' බවට එල්ලවන චෝදනා ද ප්‍රතික්ෂේප කළේය. "තේරීම් කමිටුවට අපි සම්පූර්ණ නිදහස දීල තියෙනවා හැබැයි අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා අපේ ගමන් මාර්ග," ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න) එවැනි චෝදනාවක් එල්ලවූයේ තමන්ට නොවන බව බීබීසී සංදේශයට කියා සිටි නියෝජ්‍ය කතානායකවරයා, කණ්ඩායම පරදින අවස්ථාවල "ක්‍රිකට්වලට ආදරය කරන" ඇතැම් පුද්ගලයන් විසඳුම් යෝජනා කිරීම "සාමාන්‍ය දෙයක්" බවත් සඳහන් කළේය. පසුගියදා ඩුබායිහි පැවති අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ විධායක කමිටු රැස්වීමේදී අයිසීසීයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාව ඡන්දය භාවිත කළ බවත් ඔහු සනාථ කළේය. එම ව්‍යවස්ථා සංශෝධනය සලකා බැලීම පිණිස ප්‍රමාණවත් කාලයක් නොලැබුන බැවින් ඡන්ද විමසීම කල් දමන මෙන් තමන් කළ ඉල්ලීම මෙන්ම මූල්‍ය ව්‍යහයේ සංශෝධන සලකා බැලීම පිණිස කාලය ලබාදෙන මෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීමත් අයිසීසී සභාපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එයට එරෙහිව සිය ඡන්දය භාවිතා කළ බව තිලංග සුමතිපාල පැවසීය. කෙසේ නමුත් BIG3 නමින් හැඳින්වෙන ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට වැඩි ආදයමක් ලැබෙන ක්‍රමවේදය වෙනස්කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම එකඟ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. "ශ්‍රී ලංකාවට අතිශය වාසිදායකයි. ඒ වාසිදායක වුනාට ඒක ව්‍යවස්ථාවට දාන්න බෑනේ. අනික ඉන්දියාව තරහ කරගෙන වැඩිපුර ලාභගන්න හදනවට වඩා හොඳයි ඉන්දියාව යාළුකරගෙන ප්‍රතිලාභ ගන්න එක."
ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලියක් අතරවාරයේ තරග පාවාදුන් බවට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණයේදී කිසිවකු වැරදිකරුවන් බව තීරණය වුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදීමට නොපැකිළෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් විසින් එම කාන්තාවන් ඉතා අමානුෂික කොන්දේසි යටතේ රඳවා තබනු ලැබ ඇති බවත් එම කාන්තා සංවිධානය පෙන්වා දෙයි. වෛද්‍ය ප්‍රතිකාර නෑ ‘ශ්‍රී ලංකා කාන්තා ක්‍රියාකාරී ජාලය’ නම් සංවිධානය කියා සිටින්නේ, අත්අඩංගුවේ පසු වෙන කාන්තාවන්ට මානසික ප්‍රතිකාර ද ඇතුළුව වෙනත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කරන නමුත් ඔවුන්ට එම පහසුකම් නො ලැබෙන බවයි. ත්‍රස්තවාදී සැකකරුවන්ට නවාතැන් පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සැක පිට එම කාන්තාවන් රඳවා ඇති බවයි, ශ්‍රී ලංකා පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පවසන්නේ. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිමාවේ 2009 වසරේ පරාජයට පත් එල්.ටී.ටී ඊ සංවිධානය යළි සංවිධානය වීමට ප්‍රයත්න දරමින් ඇති බවට ශ්‍රී ලංකා ආණ්ඩුව කරන ප්‍රකාශන දෙමළ දේශපාලනඥයන් විසින් බැහැර කරනු ලැබ ඇත.
දෙමළ කොටි සංවිධානය යළි පණ ගැන්වීමට උත්සාහ කරන්නේ යයි සැක කරමින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගේ ඥාතීන් වන කාන්තාවන් ද අත්අඩංගුවට ගනිමින් ඇති බවට සහ එසේ අත්අඩංගුවට ගනු ලබන කාන්තාවන්ට නරක ආකාරයට සලකන බවට කාන්තා අයිතිවාසිකම් සඳහා වූ සංවිධානයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නැගෙනහිර පළාතේ ආදිවාසී ජනතාව විසින් එම ඉල්ලීම කරන ලද්දේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසනු ලබන කමිටුව වෙතයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව දෙවන දිනයටත් අද (24) ත්‍රිකුණාමලයේ දී රැස් විය. එම කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් නැගෙනහිර පළාතේ ආදිවාසීන් කණ්ඩායමක් කියා සිටියේ වනාන්තරය තුළ තමන්ට ජීවත් වීමට ඇති අයිතිය සහතික කළ යුතු බවයි. නැගෙනහිර පළාතේ ආදිවාසීන් වෙනුවෙන් කරුණු දැක්වූ වීරන් පාක්‍යරාජා වන සම්පත් සුරකිමින් ජීවත් වීමේ සැලැස්මක් අවශ්‍ය කරන අතර වනාන්තර විනාශය සමග සිදු කරන නීති විරෝධී පදිංචි කිරීම් නතර කළ යුතු බවයි කියා සිටියේ. පට්ටාන් කත්ති දඩයම් කිරීමේ අයිතිය තහවුරු කරමින් ඒවා ගබඩා කිරීමේ අයිතියත් එසේම ගොවිතැන, කෘෂිකර්මය සහ සතුන් ඇති කිරීමේ අයිතියත් තහවුරු කල යුතු බව වීරන් පාක්‍යරාජා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවට කියා සිටියි. ‘නැගෙනහිර ආදිවාසීන්ට වෙනම භාෂාවක් ඇතත් දැන් බොහෝ අය කථා කරන්නේ දෙමළ භාෂාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුළු ජාතික ආදිවාසීන් වශයෙන් අපේ සමාජය වෙනම හඳුනා ගත යුතුයි’ පාක්‍යරාජා පෙන්වා දෙයි. ඔහු තවදුරටත් යෝජනා කරන්නේ 1970 න් අනතුරුව අහෝසි කෙරුණ ‘පට්ටාන් කත්ති’ නම් ගැමි නායක තනතුර යළිත් හඳුන්වා දිය යුතු බවයි. බ්‍රිතාන්‍ය පාලන සමයේත් අනතුරුව 1950 න් පසුවත් බල පැවැත්වුන ‘පට්ටාන් කත්ති’ ගැමි නායක තනතුරට වැටුපක් පවා ගෙවන ලද බවයි වීරන් පාක්‍යරාජා පවසන්නේ. එසේම විශේෂ අධ්‍යාපන පහසුකම්,රැකියා අවස්ථා ද නීති ගත කර තහවුරු කළ යුතු බවත් නැගෙනහිර ආදිවාසී නායකයා යෝජනා කරයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී තම පාරම්පරික අයිතිවාසිකම් සහතික කරන මෙන් නැගෙනහිර පළාතේ ආදිවාසී ජනතාව ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දින 90 ක කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගන්නා බව රහස් පොලීසිය විසින් ඉකුත් අඟහරුවාදා අධිකරණයට දන්වා තිබිණ. එහෙත් රහස් පොලීසිය අද බ්‍රහස්පතින්දා අධිකරණයට දැනුම් දී සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබා ගත් රැඳවුම් නියෝගය අද දින අවසන් කරන බවයි. සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දියවැඩියා රෝගය සහ රුධිර පීඩන තත්වයන් උත්සන්නවීම නිසා ඔහු අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි පොලීසිය පැවසුවේ. කෝටිපති ව්‍යාපාරික මොහමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව ඍජු සාක්ෂි අනාවරණය වී ඇති බව සඳහන් කළ රහස් පොලීසිය ඒ අනුව සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන මෙන්ද ඉල්ලා සිටියේය. ඒ අනුව කොළඹ ජාතික රෝහලට ගිය මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කරන ලදී.
මොහමඩ් සියාම් නමැති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරාදැමීමේ චෝදනාව මත රඳවා ගෙන සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංචාරය දේශපාලන වාසි ලබා ගැනීමේ අවස්තාවක් නොවිය යුතු බව 'දැනටමත් පවසා තිබෙනවා' වතිකාන ගුවන් විදුලියේ සංස්කාරකවරයකු වන රොබින් ගෝමස් ඒ බව කියාසිටියේ, ලබන ජනවාරි මාසයේ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඒ පිළිබඳව වතිකානයේ ප්‍රතිචාරය කවරක් වනු ඇත්දැයි බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. වතිකානය ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කොට නැති බව සඳහන් කළ රොබින් ගෝමස්, කෙසේ නමුත් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලන වාසි ලබා ගැනීමේ අවස්ථාවක් නොවිය යුතු බව මැල්කම් රංජිත් කාදිනල්තුමා දැනටමත් ප්‍රකාශ කොට තිබෙන බව පෙන්වා දුන්නේය. ලබන ජනවාරි 13 සහ 14 දිනවල පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව වතිකානය දැනටමත් නිවේදනය කොට තිබේ. ඒ සඳහා පාප් වහන්සේට නිල වශයෙන් ආරාධනා කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ වතිකානයේ සංචාරයක නිරත වී සිටියි. ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස්වල සාධාරණ ගැටලුවලට විසඳුම් ලැබෙනු දැකීම සිය අපේක්ෂාව බව පාප් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේ සඳහන් කළ බවත් රොබින් ගෝමස් සංදේශයට පැවසීය. පාප් වහන්සේගේ සංචාරයට දින කිහිපයකට පෙරාතුව හදිසි ජනපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කොට ඇති බව ජනමාධ්‍ය මෙන්ම විරුද්ධ පක්ෂද පවසන අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ විශේෂ කාර්යාලයක්ද පසුගියදා විවෘත කෙරුණු බවත් ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරය සාමය හා සහජීවනය වෙනුවෙන් හැර වෙනත් කටයුත්තකට යොදා ගැනීම වතිකානයේ අරමුණ නොවන බව වාර්තාකරුවෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරයක දී අලාභ හානි කෙරුණ ත්‍රිරෝධ රථයක් එම ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, එකී සියලු ප්‍රහාර මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන බවයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් සෙවනගල නගරයේ සවි කර තිබුණ නීත්‍යානුකූල ප්‍රචාරක දැන්වීම් වලටත් හානි සිදු කරනු ලැබ ඇති බවයි, ඔහු සඳහන් කළේ. වාර්තා වන ආකාරයට ඉහත කී ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසිය පියවර ගෙන නැති බවත් ‘කැෆේ’ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේය. “ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට අවස්ථා විසි හතක දී හෝ ඊටත් වැඩි වාර ගණනක දී පහර දී තිබෙනවා. ඒ ගැන කරන ලද පැමිණිලිවලට අත් වූ ඉරණම මෙම අලුත් පහර දීම් වලටත් අත් විය හැකි බවයි පෙනෙන්නේ” ‘කැෆේ’ මාධ්‍ය ප්‍රකාශකයා පෙන්වා දෙයි. මොනරාගලින් වාර්තාවක් ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සමයෙහි කැෆේ සංවිධානයට මේ වන විට පැමිණිලි 353 ක් ලැබී ඇති බවත් ඔහු කියා සිටියි. “ඉන් 248 ක් ලැබී තිබෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන්. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 87යි. ඒ අතරම දිස්ත්‍රික්ක දෙකටම පොදු පැමිණිලි දහඅටකුත් ලැබී තිබෙනවා. මෙයින් පැමිණිලි 74 ක් ම පහර දීම් ,ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්” රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. මෙම පළාත් සභා මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩියෙන් ම වාර්තා වෙන කලාපය මොනරාගල දිස්ත්‍රික්කය වන බවයි ‘කැෆේ’ ආයතනය පවසන්නේ.
සෙනසුරාදාදිනය ඇතුළත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල පහකට පහර දී ඇතැයි නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා වන නිරීක්ෂක ආයතනය (කැෆේ) නිවේදනය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් භූමි කම්පාව සිදු වූ ස්ථානයට ලඟා වීමට උත්සාහ දරමින් සිටියි. හදිසි ආපදා කණ්ඩායම් විනාශයට පත් වූ මාර්ග පිළිසකර කිරීමේ යෙදී සිටින අතර දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් අනතුරට ලක් වූ ප්‍රදේශයට ලඟා වීමට නොහැකිව තිබේ. බලධාරීන් පැමිණ ගලවා ගන්නා තුරු දහස් ගණනක ජනතාව සුන්බුන් අතර සිරවී සිටියි. චීන බලධාරීන් විසින් අනතුරින් විපතට පත් වූවන් ගලවා ගැනීමට සහ ඔවුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට වැසියන්ගේ සහය ඉල්ලා ඇත. බීබීසී වාර්තා කරු පවසන්නේ ඇති වූ ව්‍යසනයෙන් චීන රජය මහත් කම්පාවට පත්වී ඇති බවයි. දහස් ගණනක් තාවකාලික කූඩාරම් සහ ඇඳන් අනතුර සිදු වූ ප්‍රදේශයට යවා ඇති බවයි පැවසෙන්නේ.
පසුගිය ඉරිදා චීනයේ යුන්නාන් පළාතේ ඇතිවූ දරුණු භූමි කම්පාවෙන් මියගිය ගණන තුන්සිය අසුවක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රදේශයේ ජනතාවගෙන් තම ජීවිතයට තර්ජන එල්ල වනු ඇති බවට මැනුස් කඳවුරේ සරණාගතයෝ බිය පළකරති බෝට්ටුවලින් පැමිණෙන සරණාගතයින් නවතාලන ඔස්ට්‍රේලියාව ඔවුන් රඳවනු ලබන්නේ පැපුවා නිව්ගිනි හි මැනුස් දුපතේ සහ නාවුරු දුපතෙහිය. මැනුස් දූපතේ ඇති රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථා විරෝධී බව තීන්දුවීමත් සමග එය වසා දැමීමට නියමිතය. රැඳවුම් කඳවුර වසා දැමීම හේතුවෙන් තමන්ට ජලය, විදුලි බලය සහ ආරක්ෂාව නොමැතිවීම තුළින් සිය මානව හිමිකම් උල්ලංඝනයවන බවට රැඳවියෝ තර්ක කරති. මෙය හැර යාම බොහෝ රැඳවියෝ ප්‍රතික්ෂේප කරති. පැපුවා නිව්ගිනි වේලාවෙන් අඟහරුවාදා (ඔක් 31) සවස 5 ට (07:00 GMT) රැඳවුම් මධ්‍යස්ථානයට දී ඇති විදුලි, ජලය හා ආහාර සැපයුම් නතර කරන බවට ප්‍රාදේශීය බලධාරීන් අනතුරු අඟවා ඇති අතර හෙට අලුයම වන විට පැපුවා නිව්ගිනි ආරක්ෂක බලධාරීන්ට මධ්‍යස්ථානයට ඇතුළුවීමට ඉඩ සැලසෙනු ඇත. පැපුවා නිව්ගිනි රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට සූදානම් සාමකාමී උද්ඝෝෂණයක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි බීබීසී සමග පැවසු සරණාගතයින්, ජලය, බිස්කට් මෙන්ම වැසි ජලය රැස්කිරීමට පටන්ගෙන තිබේ. රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂකයින් පිටව ගිය පසු ප්‍රදේශයේ පුද්ගලයින් එම පරිශ්‍රය කොල්ලකෑමට පටන්ගත් බව ද රැඳවියෝ පවසති. ජලය හා විදුලිය කපා හරින බවට රැඳවියන්ට කළ දැනුම්දීමක් වගකීම කා අතේ ද ? සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බිය පළකරන 600 ක් පමණ වූ සරණාගතයින් මෙන්ම දේශපාලන රැකවරණ පතන්නෝ මැනස් දූපතේ තාවකාලික නවාතැන්පොළ වෙත යාම ප්‍රතික්ෂේප කළහ. මීට පෙරදී වූවාක් මෙන්, මෙම කණ්ඩායම ප්‍රදේශයේ පුද්ගලයින් එල්ලකරන "නිරීක්ෂණය නොවන ප්‍රචණ්ඩත්වයට" ලක්විය හැකි බවට පසුගිය සතියේදී හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු ඇඟවීය. අදාළ පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට මාරු කිරීම එරට ආණ්ඩුව විසින් නිරන්තරයෙන් බැහැර කරනු ලබන්නේ එය මිනිස් ජාවාරමට දිරිදීමක් මෙන්ම මුහුදේදී මිනිසුන් මියයාමට තුඩුදෙන්නක් බවට තර්ක කරමිනි. කෙසේවෙතත්, එම පුද්ගලයින්ට මේ දක්වා දෙනු ලබන සහන සැපයීම ඔස්ට්‍රේලියාව සතු වගකීමක් බව පැපුවා නිව්ගිනි පවසයි. එසේ වුවද, ඔස්ට්‍රේලියාව පවසන්නේ එය පැපුවා නිව්ගිනිහි වගකීමක් බවය. ආරක්ෂාව සංක්‍රමණිකයින්ට නීති සහය දෙන නීතිඥයකුවන ග්‍රෙග් බාර්න්ස් පවසන්නේ, රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීම තුළින් පැපුවා නිව්ගිනි ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මානව හිමිකම් උල්ලංඝනය වන බවය. "මේ මිනිස්සු ප්‍රහාරවලට වගේම ශාරීරික හිංසනයට ගොදුරුවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අපේ අරමුණ ඔවුන්ගේ ව්‍යවස්ථාපිත හිමිකම් රැකදීමයි" යනුවෙන් ඔහු බීබීසී සමග පැවසීය. "ඔවුන්ව දැන් නිකන්ම වීථියේ අතහැර ගියා වගේ. මේ සිදුවන දේ නීති විරෝධියි." දුපතේ ඇති විකල්ප මධ්‍යස්ථානයකට එම පුද්ගලයින් බලහත්කාරයෙන් යැවීම වළකාලීම සඳහාත් ඔවුන්ව ඔස්ට්‍රේලියාවට හෝ වෙනත් ආරක්ෂාකාරී තුන්වෙනි රටකට යවන ලෙසත් ඉල්ලුම් කර ඇත. පැපුවා නිව්ගිනි හි ස්ථිරව රැඳීම, කාම්බෝජයේ ජීවත්වීමට ඉල්ලීම හෝ නාවුරු වෙත මාරු කර යවන ලෙස ඉල්ලීමට සරණාගතයින්ට හැකි නමුත් නීතිඥයන් පවසන පරිදි එම විකල්ප වෙත ගොස් තිබෙන්නේ සුළු පිරිසක් පමණි. විකල්පයක් ලෙස, පැපුවා නිව්ගිනි සහ නාවුරු හි සිටින සරණාගතයින්ගෙන් 1,250ක් දක්වාවූ පිරිසක් පදිංචිය පිළිබද එකඟතාවකට අනුව භාර ගැනීමට අමෙරිකාවටද පුළුවන. කෙසේවුවත්, එම අයදුම් ක්‍රියාදාමයට කෙතරම් කලක් යාවිද යන්න පිළිබඳව ඇමෙරිකාව තක්සේරුවක් දී නැති අතරම ඔවුන් සියල්ලම භාර ගැනීමටද බැදී නැත. පසුගිය ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම පැවසුවේ මධ්‍යස්ථාන දෙකේම සිටින රැඳවියන් 1,700 දෙනාටම සරණාගත තත්ත්වය පිරිනමා ඇති හෝ ඒ සම්බන්ධ තීරණය අපේක්ෂාවෙන් සිටින බවය. තවත් 400 දෙනෙකුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇත. 2001 වසරේ වසාදැමීමට පෙර මුලින්ම මැනුස් දුපතේ මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියාව විසින් අරඹනු ලැබුවේ 2001 වසරේදීය. එය යළි 2012 දී විවෘත කෙරිණි. 2013 සිට දේශපාලන රැකවරණ පතන්නන් 6 දෙනෙකු එහිදී මියගොස් ඇති අතර එම පිරිස අතරට කෝලාහලයක දී මියගිය රෙසා බරාටි නම්වූ ඉරාන ජාතිකයාද අයත්විය.
ඔස්ට්‍රේලියාව විසින් පැපුවා නිව්ගිනි හි රඳවා සිටින සරණාගතයින්, එහි පිහිටා ඇති රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්වන බව වාර්තා වේ. රැඳවුම් මධ්‍යස්ථානය අවට එක්ව සිටින ප්‍රදේශවාසීන් "එළියට එන්න එපා" යැයි හඬ නගන බවට වාර්තා වූ අතර සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බියට පත් රැඳවියෝ, මධ්‍යස්ථානය වසා දැමීමෙන් සිය මානව හිමිකම් කඩවන බවට තර්ක කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මීට කලින් සිය පියාටත්, බාප්පාටත් පියයුරු පිළිකාව වැළඳී තිබුණු නිසා තමාටත් රෝගය වැළඳීම ගැන ජයිල්ස් කූපර් පුදුම නොවීය එකම පවුලේ පුරුෂයන් තිදෙනකුට පියයුරු පිළිකාව වැළඳුන ජයිල්ස් කූපර්ගේ කතාවයි, මේ. පියයුරු පිළිකාව වැළඳී ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබීමෙන් අනතුරුව ජයිල්ස් කූපර් දැන් සුවය ලබා සිටී. මීට කළින් සිය පියාටත්, බාප්පාටත් පියයුරු පිළිකාව වැළඳී තිබුණු නිසා තමාටත් රෝගය වැළඳීම ගැන ඔහු පුදුම නොවීය. "මේ මගේ තාත්ත ස්ටීවන්. තාත්තට 2004 දි පියයුරු පිළිකාව හැදුණා," ඔහු සිය පියාගේ ඡායාරූපයක් පෙන්වමින් පවසයි. ඒ අසලම තවත් පුරුෂයකුගේ ඡායාරූපයකි. "මේ මගේ බාප්පා. ඊට අවුරුදු තුනකට පස්සේ 2007 දි එයා මැරුණ." කාන්තාවන්ට වැළඳෙන පියයුරු පිළිකාව පිළිබඳව මුළු ලෝකයම දැන සිටියත් පුරුෂයන්ගේ පියයුරු පිළිකාව ගැන ලොව බොහෝ දෙනා නොදන්නා බැවින් රෝගය වැළදීමෙන් පසුව හුදෙකලා වූ සෙයක් දැනුන බව ජයිල්ස් කූපර් පවසයි. තමන්ටත් රෝගය වැළඳී ඇතැයි හෙළි වූ අවස්ථාවේ ඇති වූ හැඟීමත් ඔහු විස්තර කළේය. "ඒක පිළිකාවක් වෙන්න ඇති කියල මට හිතුණා. ඒත් දොස්තරවරු ඒක කියපු වෙලාවේ මට එකපාරටම හිතුණේ දැන් මාව මැරේවි නේද කියල," ඔහු පැවසීය. "දැන් ආපහු බලන කොට සැත්කමකින් ඒක ඉවත්කරපු එක හොඳම දේ කියල මට හිතෙනවා. මොකද මගේ බාප්පාගේ එක පියයුරක මතුවුණ පිළිකාව අනෙක් පියයුරටත් පැතිරිලා තිබුණ. තාත්තගෙත් එහෙම වුනා. ඒ නිසා මට කිසිම අවදානමක් ගන්න ඕන වුනේ නැහැ." බ්‍රිතාන්‍යයේ සාමාන්‍යයෙන් වසරකට 50,000 කට ආසන්න කාන්තාවන්ට පියයුරු පිළිකාව වැළඳෙන නමුත්, වසරකට සාමාන්‍යයෙන් එය වැළඳෙන්නේ පුරුෂයන් 350 කට පමණයි. එබැවින් පිළිකා මර්දන වැඩසටහන් සාමාන්‍යයෙන් පුරුෂයන් ගැන වැඩි අවධානයක් පළනොකරන බව ජයිල්ස් පෙන්වාදෙයි. එබැවින් රෝගය පිළිබඳව ජනතා අවධානය වැඩිකිරීමේ අවශ්‍යතාව ඔහු 'Brest Cancer Now' පුණ්‍යායතනයට පෙන්වා දුන්නේය. "මේ වෙබ් සයිට් එකේ තියන දේ බලන්න. කාන්තාවෝ පියයුරු පිළිකාව වැළඳිලා මියයන එක වළක්වන්න ඕන කියල මෙතන තියෙන්නේ. ඇයි මේක කාන්තාවන් සහ පුරුෂයන් කියල වෙනස් නොකරන්නේ?," ඔහු පවසයි. "මම කියන්නේ මේකයි. හුඟාක් පුණ්‍යායතන පුරුෂයන්ගේ පියයුරු පිළිකාව ගැන කිසිම සඳහනක් කිරීමෙන් වළකිනවා. පුරුෂයන්ගේ පියයුරු පිළිකාව ගැන පර්යේෂණවලටත් අරමුදල් සපයන Brest Cancer Now වගේ පුණ්‍යායතන පවා ඒ ගැන එයාලගේ වෙබ් අඩවියේ පළකරන්නේ නෑ." රෝයි පියයුරු පිළිකාවෙන් පෙළුන තවත් පුරුෂයෙක්. සැත්කමෙන් අනතුරුව සමාජයට මුහුණදීමට තමන්ටත් කලක් ගත වූ බව රෝයි පවසයි. "මම කියන්න ඕනේ ප්‍රසිද්ධියේ ෂර්ට් එක ගලවන්න මට අවුරුදු ගාණක් ගියා," රෝයි පැවසීය. "අපි එකපාරක් බෝට්ටුවේ ට්‍රිප් එකක් ගිය වෙලාවේ බෝට්ටුවේ හිටපු කෙනෙක් නැගිට්ටම මම දැක්ක එයාගේ එක කකුලයි තියෙන්නේ කියල. දෙයියනේ මට මොනවාද නැත්තේ කියල මට ඒ වෙලාවේ හිතුන. මට කිසිම දෙයක් නැතිවෙලා නෑනේ? එදා තමයි මට තේරුණේ ෂර්ට් එක ගැලෙවුව කියල මට ලජ්ජාවෙන්න දෙයක් නැති බව." පුරුෂයන්ගේ පියයුරු පිළිකාව පිළිබඳව පර්යේෂණ පැවැත්වීම පිණිස පවුම් ලක්ෂ 18 ක් වෙන් කර තිබෙන 'Brest Cancer Now' ආයතනය, පියයුරු පිළිකාවෙන් පෙළෙන පුරුෂයන් 2000 ක් යොදාගෙන දැනටමත් දිගුකාලීන පර්යේෂණයක නිරතව සිටී. ජයිල්ස් කූපර් ද දැන් එම පර්යේෂණයට සහභාගි වෙමින් සිටී.
සාමාන්‍යයෙන් පියයුරු පිළිකා වැළඳෙන්නේ කාන්තාවන්ට වුවත් බ්‍රිතාන්‍යයේ සිය ගණනක් පුරුෂයන්ට වසරකට පියයුරු පිළිකාව වැළඳෙන බව දැන් හෙළි වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පුරුෂ ලිංගික බෙලහීනතාව ශ්‍රී ලාංකික සමාජය තුළ අදත් විවෘතව සාකච්ඡා නොකරන මාතෘකාවක් වන අතර, බොහෝ පුද්ගලයන් එය 'රහසක්' වශයෙන් තබා ගෙන දැඩි මානසික පීඩනයකින් පසු වන බව පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පවසන්නීය වෛද්‍යවරිය එම අදහස් පළකළේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි. මානසික ආතතිය හේතුවෙන් ලිංගික ආශාව මෙන්ම ලිංගික ක්‍රියාකාරිත්වයේ ද අඩුවීමක්‌ සිදුවේ. ඊට අමතරව දීර්ඝ කාලීනව පවතින මානසික ආතතිය නිසා අධිරුධිර පීඩනය, හෘද රෝග, රුධිරයේ අධික කොලෙස්‌ටෙරෝල් සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් ද ලිංගික බෙලහීනතාවට හේතු වෙයි. "බොහෝ වෙලාවට ශ්‍රී ලංකාවේ පුරුෂයන් මෙවැනි දෙයක් පිළිබඳ කෙළින්ම කතා කරන්න අකමැතියි. අදාළ පුද්ගලයාගේ පවුලේ කෙනෙක් තමයි ඔහු වෙනුවෙන් කතා කරන්න පැමිණෙන්නේ. එසේ පැමිණියත් සම්පූර්ණ විස්තරය අපට හෙළි කරන්න මැළි කමක් දක්වනවා" පවුල් සෞඛ්‍ය උපදේශකවරියක් සහ කථිකාචාර්යවරියක් වන විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පවසයි. පුරුෂ ලිංගික බෙලහීනතාවට හේතු මොනවාද? විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව පෙන්වා දෙන පරිදි ,ලිංගික බෙලහීනතාව ශාරීරික, සමාජීය හෝ මානසික තත්වයක් නිසා ඇති විය හැකිය. එවැනි ගැටලුවකට මුහුණ දෙන යුවළක් සාකච්ඡා කොට එක්‌ව පිළියම් සෙවීම වැදගත් වේ. මේ සඳහා දෙදෙනා අතර එකඟතාව වැදගත් වන අතර උපදෙස්‌ සහ ප්‍රතිකාර පතා වෛද්‍යවරයකු වෙත යොමු වීම ඉතා වැදගත්ය. "යම් පුද්ගලයෙකුට තිබෙන ශාරීරික රෝගී තත්වයක් සහ එම රෝගයට ඔහු ලබා ගන්නා ඖෂධ නිසා ශිශ්නය අප්‍රාණික වෙන්න පුළුවන්. අධික ලෙස මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම සහ තරබාරු බව ද මෙයට හේතුවක් විය හැකියි. ඒ වගේම යම් පුද්ගලයකු ජීවත් වන පරිසරය සහ ඔහුගේ මානසික තත්වය මෙයට ඍජුව බලපානවා" විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව වැඩිදුරටත් පෙන්වා දෙන්නීය. "ලිඟුව අප්‍රාණික වීම මානසික රෝගයක ප්‍රතිවිපාකයක් නොව පුද්ගලයකු තුළ වර්ධනය වන එක්තරා මානසික තත්වයක්. නමුත් සමහර පුද්ගලයන් මානසික රෝගීන් වශයෙන් හඳුනා ගැනෙන අතර, ඔවුන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ වෙනස් ආකාරයකට" විශේෂඥ වෛද්‍ය විලත්ගමුව පවසන්නීය. "උපතින් හෝ පසුව ඇති වූ ශරීරයේ වෙනස්කම් නිසා මෙවැනි රෝගී තත්වයක් ඇති වෙන්න පුළුවන්. වැදගත්ම කාරණයක් වන්නේ යම් පුද්ගලයෙක් ඔහුගේ පවුල සමග සතුටින් සිටිනවාද? කියන එකයි. පවුල් ආරවුල් නිසා ඇති වන මානසික ආතතිය මෙයට බලපාන්න පුළුවන්. ඒ වගේම ලිංගිකව එක් වන විට අනෙක් පුද්ගලයාට රිදීමක් හෝ අපහසුවක් ඇති වීම වගේම 'කිසිම හැඟීමක් නැහැ' කියා නිතර පැවසීමෙන් ඇති වන මානසික පීඩනයත් මෙයට හේතුවක්," ඇය තවදුරටත් පැවසුවාය. පුද්ගලයෙක් ජීවත් වන පරිසරය මෙම තත්වයට බලපාන්නේ කෙසේද? බාහිර බාධකවලින් තොරව යුවලක් සාර්ථකව ලිංගික එකතු වීම මානසික ආතතිය සමනය කිරීමටත් මානසික සහ කායික සම්බන්ධතාවය වැඩි කිරීමටත් උපකාරී වේ. මෙමගින් එකිනෙකා අතර බැඳීම ශක්තිමත් වන අතර බොහෝ ගැට‍ළු දෙදෙනා සාකච්ඡා කර විසඳා ගැනීමට යොමු වෙති. "දෙදෙනෙක් ලිංගිකව එකතු වීමට තෝරා ගන්නා කාමරය හෝ ස්ථානය මෙයට බලපානවා. බාහිර ශබ්ද සහ වෙනත් කාරණා දෙස මනස යොමු වීම නිසා පුරුෂ ලිංගික ක්‍රියාකාරකම් අඩපණව ලිඟුව අප්‍රාණික විය හැකියි. ඒ වගේම තවත් පුද්ගලයන් තමන් අවට සිටීම සහ දරුවන් සමග එක කාමරයේ නිදා ගැනීම මෙවැනි තත්වයකට ගොදුරු වීමට හේතුවක්. ලිංගිකව එක් වන විට සයනයෙහි ශබ්දයක් ඇසීම, කාමරයේ දොර හරි හැටි වසා දමන්න බැරි වීමත් මෙයට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම සිය දෙමාපියන් සමග එක නිවසක ජීවත්වීම නිදහසේ ලිංගික සංසර්ගයේ යෙදීමට බාධාවක් විය හැකියි" වෛද්‍යවරිය පැහැදිළි කරයි. "තවත් සමහර පුද්ගලයන් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. එම චිත්‍රපටවල අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් පෙන්වනවා. මේ දේවල් අනුකරණය කරන්න උත්සාහ කිරීම බොහෝ විට ලිංගික අප්‍රාණික බවට හේතු වෙනවා. එසේ නැත්නම් යහළුවන්ගේ ලිංගික අත්දැකීම් සමග සංසන්දනය කරමින් ඒවා අනුකරණය කිරීමට උත්සහ ගැනීමත් මෙයට හේතුවක්" විශේෂඥ වෛද්‍ය විලත්ගමුව තවදුරටත් සඳහන් කරයි. ලිංගික බෙලහීනතාව හේතුවෙන් දැඩි මානසික සහ කායික පීඩනයකට ලක් වූ බ්‍රිතාන්‍යයේ ජීවත් වන තරුණයෙකුගේ පෞද්ගලික අත්දැකීම් බීබීසියට මෙසේ හෙළි කර සිටියේය: ස්වයං වින්දනයේ යෙදෙන විට මගේ පුරුෂ ලිංගය පෙර මෙන් ප්‍රාණවත් නැති බව මට නිරීක්ෂණය වුණි. එවිට මගේ වයස අවුරුදු දහසයකි. උදෑසන අවදි වන විට මගේ ශිශ්නය ප්‍රාණවත් නොවීම අයහපත් ලක්ෂණයක් බව මට තේරුම් ගත හැකි විය. ඉන් පසු ගෙවීගිය මාස දොළහ ඇතුළත මෙම තත්වය ටිකෙන් ටික දරුණු අතට හැරුණි. ස්වයං වින්දනයේ යෙදීම සහ ලිංගික සංසර්ගයේ යෙදීම කළ නොහැකි තත්වයකට පත් විය. ලිංගික උත්තේජනය නැවැත්වූ සැණින් මගේ ලිඟුව දුර්වල වීමට පටන් ගත්තේය. මම යම් අපහසුතාවකින් පෙළෙන බව ඒ දිනවල සිටි මගේ පෙම්වතියට හැඟී ගියත් මේ ගැන ඇය සමග කතා කිරීම ඉතා අපහසු කාර්යයක් වන්නෙමි. මේ පිළිබද කතා කිරීමට හෝ උපදෙස් ලබා ගැනීමට හැකි කිසිවෙක් ගැන මා දැන සිටියේ නැත. පියා නොමැතිව හැදී වැඩුණු මට මේ ගැන පාසල් මිතුරන්ට පැවසීමට ද නොහැකිය. ඔවුන් මෙය දැනගතහොත් මට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදු වනු ඇත. අන් අය මෙන් මමත් පාසලේදී ලිංගික ජීවිතය ගැන විහිළු කතා ගෙතීමට පටන් ගත්තේ වෙන කළ කිසිවක් නොමැති නිසාවෙනි. නමුත් යම් දෙයක් සිදුවන බව දැන ගෙන එය සැඟවීමට උත්සාහ කිරීම මට මහත් මානසික පීඩාවක් විය. මෙතෙක් කල් මා සිතා සිටියේ ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන්නේ මහළු පුද්ගලයන් පමණක් ලෙසය. නමුත් මෙය තරුණයන් අතර සීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රශ්නයක් බවට මෑතකදී සිදු කළ පරීක්ෂණයකින් හෙළි විය. එක්සත් රාජධානිය තුළ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු හතළිහට අඩු අය වෙති. සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙක් ජීවිතයේ කිසියම් අවස්ථාවක දී මෙවන් තත්වයකට මුහුණ දී ඇති බව මගේ වර්තමාන වෛද්‍යවරයා පැවසුවේය. නමුත් මෙය අදටත් චාරිත්‍ර හා බැඳුන මාතෘකාවකි. ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපට නැරඹීම මෙයට හේතුවක් විය හැකිය. ගැටවර වියේදී දිනකට කීප වතාවක් ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපට නැරඹීමට මම පෙළඹී සිටියෙමි. මෙම ඇබ්බැහිවීම හේතුවෙන් සාමාන්‍ය ජීවිතයේ දී කාන්තාවක් සමග ලිංගිකව එක් වීම මට ඉතා අපහසු කාර්යයක් විය. බොහෝ පුරුෂයන් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇත. දැන් මට වයස අවුරුදු විසිපහකි. එක් අවස්ථාවක දී මම වෛද්‍යවරයෙක් හමු වුණෙමි. නමුත් එයින් මගේ තත්වය තවත් නරක අතට හැරුණි. මගේ තත්වය සුළු කොට තැකූ වෛද්‍යවරයා, ලිඟුව අප්‍රාණික වීමට හේතුව ඕනෑවට වඩා ස්වයං වින්දනයේ යෙදීම බව පැවසුවේය. මම තවදුරටත් මනසින් කඩා වැටුනෙමි. මම රහසිගතව අන්තර්ජාලය ඔස්සේ ඉන්දියාවෙන් 'ව්‍යඝ්‍රා'පෙති ගෙන්වා ගැනීමට පටන් ගත්තෙමි. ලිංගිකව එක්වීමට පෙර රහසේ නාන කාමරයට යන මම එයින් එක පෙත්තක් ගිල දමා පිටතට පැමිණෙන්නෙමි. ඉන් පසු මගේ ලිඟුව ප්‍රාණවත් වනතෙක් පෙම්වතියගේ ඇඟේ දැවටෙමින් විනාඩි විස්සක පමණ කාලයක් ගෙවීමට සිදු වේ. මා තුළ තිබූ අනියත බිය නිසා ව්‍යඝ්‍රා පෙති සදහා වසර ගණනාවක් ඇතුළත මම විශාල මුදලක් වැය කළෙමි. බොහෝ තරුණයන්ගේ පසුම්බිය තුළ උපත් පාලන කොපු තිබුණත්, මා ළඟ තිබුණේ ව්‍යඝ්‍රා පෙතිය. තරුණ වයසේ පසු වුණ මම මේ ප්‍රශ්නය හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ලක් වුණෙමි. ව්‍යඝ්‍රා පෙති අවසන් වූ සැණින් මහත් කලබලයට පත් වන මම ලිංගික සංසර්ගයේ යෙදීම මඟ හැරීමට පෙළඹුණෙමි. පෙති භාවිතය තුළින් මගේ ලිඟුව ප්‍රාණවත් වුවත්, ලිංගික සංසර්ගයෙන් සතුටට පත් වූයේ නැත. කිසියම් මොහොතක ලිඟුව අප්‍රාණික වනු ඇතැයි බියෙන් පසු වුනෙමි. දිනක් මගේ පෙම්වතිය ව්‍යඝ්‍රා පෙති දැක ඒ පිළිබද අසා සිටි අතර මම මහත් අපහසුතාවට පත්වුනෙමි. මම ඇය පැවසූ දෙය නෑසුනාක් මෙන් සිටීමේ අසාර්ථක උත්සාහයක යෙදුණෙමි. පසුව මගේ මේ 'රහස' නිසා අප දෙදෙනාට වෙන් වන්නට සිදු විය. මගේ ප්‍රශ්නය ඇයට හෙළි කළ යුතුව තිබුණේ යැයි සිතුනත් ලැජ්ජාව නිසා අපහසුවෙන් වුවද එම සිතුවිල්ල යටපත් කර ගැනීමට සිදු විය. මෙම ප්‍රශ්නයත් සමග වසර ගණනාවක් ජීවත් වුණ මට අවසානයේදී සිය දිවි නසා ගැනීමට සිත් විය. මට ගැහැණු ළමයකු සමග කිසිදු කායික සම්බන්ධතාවක් පැවැත්වීමට නොහැකි විය. ලිඟුව අප්‍රාණික නම් මම කෙසේ කායික සම්බන්ධතා පවත්වන්නද? මෙම ප්‍රශ්නය නිසා කිසිදු දවසක ආදරය සොයා ගෙන පවුලක් ආරම්භ කළ නොහැකි යැයි මට හැඟුනි. තවත් මම උත්සාහ කර බැලීමේ තේරුමක් තිබේද? මෙම ප්‍රශ්නය ගැන සිතමින් මා හඬා වැළපුණු අවස්ථා එමටය. මම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පටන් ගත්තෙමි. මගේ ශරීරය විනාශ වී අවසානය. මම තව දුරටත් ශරීරයට වධ දීම ගැන පසුතැවිය යුතුද? දැඩි මානසික පීඩනයකින් සිටි මම, දිනක් මගේ මව වැඩ කරමින් සිටි මුළුතැන්ගෙය තුළට ගොස් ඇය අසල හිඳ ගෙන සියලු දේ ඇයට පැවසුවෙමි. වයස අවුරුදු තිහ පසු වූ විටත් මගේ ප්‍රශ්නය නිරාකරණය වූයේ නැත්නම් සිය දිවි නසා ගන්නා බව ද පැවසුවෙමි. ඇය ඉතා කම්පනයට පත් වූවත්, මට මහත් ලෙස උපකාර කිරීමට සූදානම් වූවාය. ඇය වහාම වෙනත් වෛද්‍යවරයකු හමුවීමට දිනයක් වෙන් කළාය. පසුව මා විශේෂඥ වෛද්‍යවරකුට යොමු කරන ලද අතර, ඔහු නව ප්‍රතිකාර රැසක් නිර්දේශ කළේය. මෙම ප්‍රශ්නයෙන් මිදීමට මම උපරිම උත්සාහ කළෙමි. විටෙක ඖෂධ පෙති භාවිතා කළ අතර, නොයෙකුත් 'ජෙලි' වර්ග ද ආලේප කළෙමි. එතැනින් නොනැවතී ශිශ්නයට එන්නත් විදීමට ද මට සිදු විය. එය ඇඟ කිලිපොළා යන ක්‍රියාවලියකි. රූ ගත කිරීම් අවසාන වන තෙක් ලිඟුව ප්‍රාණවත්ව තබා ගැනීමට නිල් චිත්‍රපට නළුවන් එන්නත් විද ගන්නා බව දැනගන්නට ලැබිණි. එන්නත ශිශ්නය ආසන්නයට ගෙන එන සෑම වාරයකදීම මගේ අත් ගැහෙන්නට විය. කෙසේ වෙතත් මෙම ප්‍රතිකාරයෙන් පසු යම් ප්‍රගතියක් දැකිය හැකි විය. නමුත් එහි ඇති භයංකර ස්වභාවය නිසා සති හයකින් පසු එන්නත් ලබා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමට කටයුතු කළෙමි. පුද්ගලයෙක් සිය කැමැත්තෙන් ශිශ්නයට එන්නත් විද ගන්නේ කුමන හේතුවකටද? යන්න මට සිතා ගැනීම අපහසුය. මම උපදේශන සේවාවලට සහභාගී වූ අතර, ලිඟුව අප්‍රාණික වීමට මානසික ආතතියේ ඇති බලපෑම පිළිබද ස්වයං අධ්‍යනයක යෙදීමට පටන් ගත්තෙමි. මගේ ප්‍රශ්නය තවත් කෙනෙකු සමග සාකච්ඡා නොකර මෙතෙක් කල් සඟවාගෙන සිටීමෙන් එය උග්‍ර අතට හැරුණ බව මට වැටහුණි. තව දුරටත් මෙය නොරහසක් බව හැඟෙන විට මට මහත් සහනයක් දැනෙන්නට විය. මගේ හිසෙන් විශාල බරක් නිදහස් වූවා වැනි හැඟීමක් ඇති විය. නොයෙක් ආකාරයේ පරීක්ෂණවලින් පසු මගේ ශිශ්නයට වටා ඇති රුධිර නාලිකාවල යම් සංකූලතාවයක් හඳුනාගැනීමට හැකි වුණි. එහි සරල තේරුම නම් ශිශ්නය වටා හරියාකාරව රුධිරය සංසරණය නොවීමයි. නමුත් මෙය ඇති වීමට හේතුව හෝ කෙතරම් දුරට පැතිරී ඇත්දැයි යන්න පිළිබද වෛද්‍යවරුන්ට එකඟතාවකට පැමිණීම නොහැකි විය. සනාල රෝග (රුධිරයේ නිදහස් සංසරණයට බාධා එල්ල වීමෙන් හෝ බිඳ වැටීමෙන් ඇති වන රෝගී තත්වයන්), ලිංගාශ්‍රිත තුවාල හෝ අනවශ්‍ය ලෙස ස්වයං වින්දනයේ යෙදීමෙන් ශිශ්නයේ පටක හානි වීම පෙර කී සංකූලතාවයන්ට හේතු විය හැකිය. මෙම තත්වය හේතුවෙන් විශාදිය සහ මානසික ආතතිය ඇති වීමේ ප්‍රවණතාවක් ඇත. කෙසේ වෙතත්, ලිඟුව අප්‍රාණික බව සුව කිරීමට දීර්ඝකාලීන විසඳුමක් නොමැති බව මට වැටහුණි. නව ඖෂධ වර්ග භාවිතා කළත්, එය මාස කීපයක සහනයක් පමණි. නැවතත් මම ඉතා කනස්සල්ලට පත් වුණෙමි. අවසානයේ දී ශිශ්නයක් බද්ධ කිරීමට මගේ වෛද්‍යවරයා යෝජනා කළේය. මෙයින් සිදු වන්නේ ප්ලාස්ටික් කූරු දෙකක් ශිශ්නය තුළින් ඇතුළු කර එය මගේ උදරය තුළ තැන්පත් කළ ලවණ අඩංගු බෑගයකට සම්බන්ධ කිරීමයි. මගේ වෘෂණ කෝෂ තුළ සැඟවූ පොම්පයක අධාරයෙන් එකී පද්ධතිය ක්‍රියාත්මක වෙනු ඇත. මම සැත්කමට මුහුණ දුන්නෙමි. ලිංගිකව එක්වන සෑම අවස්ථාවකටම පෙර දස වතාවක් පමණ පොම්පය මිරිකීමෙන් මගේ ශිශ්නය වටා ඇති ධමනි ප්‍රසාරණය වන අතර, එයින් ලිඟුවේ ප්‍රාණවත් බව රඳා පැවතුණි. එය නැවතත් අප්‍රාණික වන්නේ මුදාහැරීමේ බොත්තම එබූ විටය. නමුත් මට සාමාන්‍ය පරිදි ශුක්‍ර මෝචනය සිදු කළ හැකිය. සැත්කමින් මාස තුනකට පසු හමු වූ මගේ වර්තමාන පෙම්වතියට මම සියල්ල හෙළි කළෙමි. මම ස්වයංක්‍රීය තත්වයෙන් මිදී දෑතින් පණ ගැන්විය යුතු තත්වයක සිටින බවට විහිළු කරමින් පැහැදිලි කළෙමි. ඇය ඉතා විවෘත මනසකින් සියල්ල තේරුම් ගත්තාය. මින් කලකට පෙර ඇය මට මුණගැසුනේ නම් ප්‍රශ්න මෙතරම් දුර දිග නොයන අතර මානසික පීඩනයට ලක් වන්නේ ද නැතැයි මට සිතුණි. යහළුවන්ට පවා මගේ තත්වය පැහැදිලි කර දුන්නෙමි. ඔවුන්ට මා හඳුන්වා දුන්නේ 'රොබෝ මිනිසෙකු' ලෙසය. ඒ වන විට මම රැකියාවේ නිරත වූයේ ගොඩනැගිලි ඉදිකිරීම් පොළකය. මෙම කතාව ඇසීමෙන් පසු කුතුහලයට පත් එහි සිටි සියලු දෙනා මගේ ශරීරයට සවිකළ පද්ධතිය ක්‍රියා කරන ආකාරය දැකීමට මහත් උනන්දුවක් දැක්විය. එය නව උපකරණයක් එළිදක්වන අවස්ථාවක් මෙන් විය. මගේ සමීප මිතුරෝ බොහෝ උපකාරශීලී වූහ. වසර ගණනාවකට පෙර ඔවුන් මෙම තත්වය දැන ගෙන විහිළු තහළු කරනු ඇතැයි සිතා සිටි මට මෙය පුදුමයට කාරණයකි. මගේ තත්වය මින් පෙර හෙළි නොකිරීම පිළිබද ඇත්තෙන්ම ඔවුහු දුකට පත් වූහ. ලිඟුව අප්‍රාණික නොවී ලිංගික සංසර්ගයේ යෙදෙන්න ලැබීම මට මහත් මානසික සතුටක් ගෙන දුන්නේය. නමුත් ශිශ්නය බද්ධ කිරීමට ගත් තීරණය නිවැරදිදැයි මට සමහර අවස්ථාවල දී සිතුනත් එම තීරණය ආපසු හැරවිය නොහැකිය. තව වසර විස්සක් පමණ ගත වන විට ලිඟුව අප්‍රාණික වීමට ප්‍රතිකාර සොයා ගැනීමට හැකි වනු ඇත. නමුත් මට තවත් කළ හැකි කිසිවක් ඉතිරි වී නොමැත. කිසියම් ප්‍රතිකාරයක් ලබා ගැනීමට පෙර ඔබේ තත්වය තවත් කෙනෙකු සමග සාකච්ඡා කරන මෙන් මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින ඕනෑම පුද්ගලයෙකුට මගේ අවවාදයයි. හැකිනම් ඔබට උපකාර කළ හැකි පෙම්වතියක් සොයා ගැනීම ද වැදගත්ය. මා මෙන් සියල්ල සඟවා ගෙන ව්‍යඝ්‍රා පෙති භාවිතා කිරීම මෙම ප්‍රශ්නයට විසඳුමක් නොවන්නේය. පුරුෂ ලිංගික බෙලහීනතාවට ඇති ප්‍රතිකාර මොනවාද? "සමහරු සිතනවා ඔවුන්ගේ ශිශ්නය අනිත් අයට වඩා කුඩා ඇති කියලා. මේ වගේ අවස්ථාවක අපි එය මැන බැලීමක් සිදු කරනවා. මෙය බොහෝ විට මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම කුඩා ශිශ්නයක් හිමි පුද්ගලයෙකුට දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ආරම්භ කරනවා. මෙයට හේතුව යම් කිසි මානසික තත්වයක් හෝ ජීවත් වන පරිසරය නම්, ඒ දේවල් වෙනස් කර ගන්න අදාළ පුද්ගලයා උපදේශන සේවා වෙත යොමු කිරීමට අප කටයුතු කරනවා. නමුත් උග්‍ර මානසික රෝගයකින් පෙළෙන්නේනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි" "විශේෂයෙන් සඳහන් කළ යුතු දේ වන්නේ, මේ වගේ ප්‍රශ්නයකින් යම් කෙනෙක් පීඩා විඳී නම් අනිවාර්යයෙන්ම එය තම සහකරු හෝ සහකාරියට, පවුලේ කෙනෙකුට හෝ හිතවත් යහළුවකු සමග සාකච්ඡා කරන්න. වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. එසේ නැත්නම් පවුල් උපදේශන සේවා වෙත යොමු වෙන්න. නමුත් කරුණු සඟවා ගෙන සිටීමට උත්සහ දැරීමෙන් සිදු වන්නේ ජීවිතය ප්‍රශ්න ගොඩක් බවට පත් වී දරුණු මානසික පීඩනයකට ලක් වීමය. රෝගයක් තිබේනම් එයට ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුයි. නැත්නම් රෝගය උත්සන්න වෙලා අවසානයේදී ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන්" යැයි විශේෂඥ වෛද්‍ය විලත්ගමුව සඳහන් කර සිටියාය. තවත් තොරතුරු:
වෘත්තීයමය කාර්ය බහුලත්වය සහ සංකීර්ණ ජීවන රටාවකට හුරු වී ඇති වර්තමාන සමාජය ලිංගික සම්බන්ධතාවයන් සහ පවුල් ජීවිතයේ සතුට වෙනුවෙන් ලබා දෙන්නේ ඉතා සුළු අවධානයකි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය සහ පවුල් ජීවිතයේ ගැටලු වැඩි වෙනු දක්නට හැකිය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් පවසන පරිදි අරියාදු සහ අඩන්තේට්ටම් ආකාර දෙකකි: ලොව සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ අරියාදු සහ අඩන්තේට්ටම් කෙරෙන බව තංගල්ල මූලික රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. වැඩි විස්තර සඳහා: සේවා ස්ථානයේ අරියාදු: 'බුලි' වුණොත් මොකද කරන්නේ?
අරියාදු සහ අඩන්තේට්ටම් කිරීම යනු කුමක්ද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගැටලුව සාමකාමීව, එකමුතුව, සමගියෙන් අවසන් වුනා - ඇමති චම්පික රණවක බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ප්‍රජා නායකයන්, ආගමික නායකයන්, දේශපාලන නායකයන් සහ පොලිස් නිලධාරීන් ඉරිදා සවස යාමයේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව එම තීන්දුවට එළැඹුණු බව අමාත්‍ය චම්පික රණවක මාධ්‍යවේදීන්ට කියා සිටියේය. පැරණි දේවස්ථානය ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන තිබූ තීරණය වෙනස් කිරීමත් සමඟම, ඒ වෙනුවට අලුත් දේවස්ථානයක් ඉදි කිරීමේ අවශ්‍යතාවක් ද පැන නොනගින බව අමාත්‍යවරයා පවසයි. "ගැටලුව සාමකාමීව, එකමුතුව, සමගියෙන් අවසන් වුන," බවයි ඇමතිවරයා පවසන්නේ. ඇඳිරි නීතිය යලිත් භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායමක් සෙනසුරාදා රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහර දීමත් සමඟ ප්‍රදේශයේ ගැටුම්කාරී තත්වයක් හට ගත් අතර, එහිදී ප්‍රදේශයේ නිවාස සහ දේපොළවලට ද අලාභ හානි සිදු විය. ඉරිදා සවස් යාමයේ යලිත් වරක් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් හට ගැනීම හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම තුල ඉරිදා රාත්‍රී හයේ සිට සඳුදා උදෑසන හත දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කොට තිබේ. ගැටුමට සම්බන්ධ පිරිස් කැඳවා රජය සාකච්ඡාවක් පවත්වන විටත් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ උණුසුම පහව ගොස් නොතිබුන අතර පොලිසිය හා විශේෂ කාර්ය සාධක බලකාය රැකවල් තර කොට තිබිණ. ග්‍රෑන්ඩ්පාස් හි අලුත් දේවස්ථානය එලෙසම පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දෙන මෙන් මුස්ලිම් නායකයන් කළ ඉල්ලීමට භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ නායකත්වයෙන් සාධනීය ප්‍රතිචාරයක්‌ පළ නොවූ නමුත්, පැරණි දේවස්ථානය පුළුල් කිරීම සඳහා ආධාර කරන බවට ආණ්ඩුව පොරොන්දු වූ බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්එම් අමීන් රැස්වීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ. කෙසේ නමුත්, සෙනසුරාදා ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් මුස්ලිම් නායකත්වය දැක්වූ අදහස්වලට බලධාරීන් ගෙන් ප්‍රතිචාරයක් පළ නොවූ බව ද ඔහු සඳහන් කළේය.
කොළඹ කොස්ගස් හන්දියේ පැරණි මුස්ලිම් දේවස්ථානය එලෙසම පවත්වාගෙන යාමටත්, එහි තිබෙන බෞද්ධයන් වන්දනාමාන නොකරන බෝධිය ඉවත් කිරීමටත් එකඟතාවකට පැමිණි බව බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රැජිනගේ මරණයෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය ප්‍රවේණි උරුමයෙන් චාල්ස් කුමරුට නොලැබෙන හෙයින් මෙය අතිශය සංවේදී කාරණයක් බවට පත් වී ඇත. එවැනි පසුබිමක් යටතේ එම ජාත්‍යන්තර සංවිධානය පාලනය කළ යුතු අකාරය සාකච්ඡා කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය විසින් "ඉහළ මට්ටමේ කණ්ඩායමක්" පත් කරනු ලැබ ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය සහ එහි පාලකයන් පිළිබදව තීරණ ගැනීමට එකී කණ්ඩායම නිල වශයෙන් රැස්වීමට නියමිතය. මෙම වසරේ අප්‍රේල් මස සිය 92 වැනි උපන්දිනය සමරන රැජින හදිසියේ මියගියහොත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉදිරි නායකත්වය පිළිබදව ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත රැස්වීමේදී සැලකිල්ලට ගනු ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග මගින් පැවසෙයි. අනුප්‍රාප්තිකයා පිළිබඳව ප්‍රශ්නය කෙතරම් නීරස වුනත් එය ස්වභාවිකව සිදු වනු ඇතැයි තමා සිතන බව එක් ආරංචි මාර්ගයකින් පැවසෙයි. අප්‍රේල් මස ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී (CHOGM) රාජ්‍යය නායකයින් හමුවට මෙම ප්‍රශ්නය රැගෙන යාමට එකී කණ්ඩායම අපේක්ෂා කරන අතර, එය බොහෝ විට රැජින සහභාගී වන අවසාන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව විය හැකිය. 2016 පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සම්මාන උළෙලේ ජයග්‍රාහිකයන්ට සුභ පතන දෙවන එලිසබෙත් රැජින "පුළුල් ආකාරයේ පාලනයක් පිළිබඳව සලකා බැලීමක්" පිළිබඳව සාකච්ඡාවක් එම සමුළු න්‍යාය පත්‍රයට ඇතුළත් වෙන බව බීබීසියට දැක ගැනීමට ලැබී ඇත. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පෙර වින්ඩ්සර් මාලිගයේදී පැවැත්වෙන ආගන්තුක සංග්‍රහයට රාජ්‍යය නායකයින් පමණක් සහභාගී වන හෙයින් එහිදී මෙම ප්‍රශ්නය සාකච්ඡා කෙරෙනු ඇති බවටද මත පහළව ඇත. පොදු රාජ්‍ය මණ්ඩලය කුමක්ද ? •බ්‍රිතාන්‍යය විසින් පාලනය හෝ පරිපාලනය කරන ලද රටවල් සහ වෙනත් රටවල් කිහිපයක එකතුවකින් සෑදුනු නිදහස් සංවිධානයකි. •මෙය 1931 දී ආරම්භ විය. •සාමාජික රටවල් ගණන පනස් තුනකි. •මහලේකම් කාර්යාලය (මූලස්ථානය) පිහිටා ඇත්තේ ලන්ඩන් නුවරය. •පොදු රාජ්‍ය මණ්ඩල රටවල්වල ජනග‍හනය බිලියන 2.4 ට ආසන්නය. 1953 අභිෂේක ලැබීමෙන් පසු එලිබසත් රැජින පොදු රාජ්‍ය මණ්ඩල නායකත්වයට පත් විය. එවිට ඇය එහි සාමාජික රටවල් අටෙන් හතක රාජ්‍යය නායිකාව වුවාය. රැජිනට එම පදවිය තම පියා වන හයවන ජෝර්ජ් රජුගෙන් පසු ප්‍රවේණි උරුමයෙන් ලැබුණ නමුත් ඇයගේ පුතා නිතැනින් මිලඟ අනුප්‍රාප්තිකයා වන්නේ නැත. වර්තමානයේදී රැජින තම රාජ්‍යය නායිකාව ලෙස පිළිගැනෙන්නේ සාමාජික රටවල් පනස් තුන අතරින් පහළොවක පමණයි. තවත් තොරතුරු: බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු නිදහස් උත්සවයට ට්‍රම්ප්ට ආරාධනා කිරීමෙන් රැජින 'අපහසු තත්වයක' දෙවන එලිසබත් රැජිනගෙන් තවත් වාර්තාවක් බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණයා රැජිනගේ මරණයත් සමගම මෙම සංවිධානයේ අනාගත නායකත්වය පිළිබදව එහි සාමාජික රටවල නායකයින් තීරණයක් ගනු ඇත. නමුත් මේ සදහා විධිමත් ක්‍රියාපටිපාටියක් නොමැත. පෙර පැවැත්වූ සාකච්ඡාවලට අනුව චාරිත්‍රානුකූලව නායකයෙකු පත් කර ගැනීමෙන් සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදය හා බැදුණු විශ්වාසය වැඩි දියුණු වන බැවින් චාල්ස් කුමරු නායකත්වයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට සමහර නිලධාරීන්ගේ මතයයි. චාල්ස් කුමරු නායකත්වයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සමහරුන්ගේ මතයයි. මෙහි ප්‍රශ්නය වී ඇත්තේ ඒකමතික තීරණයකින් චාල්ස් කුමරු මෙම පදවියට පත් කර ගත යුතුද නැතහොත්, සංවිධානයේ නායකත්වයට නිරතුරුවම පත් විය යුත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු බව සනාථ කරන නව ක්‍රියාවලියක් සදහා එකඟ විය යුතුද යන්න යැයි ආරංචි මාර්ග සඳහන් කරයි. පොදු රාජ්‍ය මණ්ඩල රටවල හිටපු අමාත්‍යවරුන් හත් දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම ඉහළ මට්ටමේ කණ්ඩායම ලන්ඩන් නුවර පිහිටි ඔවුන්ගේ මූලස්ථානයේදී හමුවීමට නියමිතය. මෙම කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වෙයි. මහලේකම් කාර්යාලයේ පාලනය, අරමුදල්, මහලේකම්වරයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩල නායකයන් සහ නිලධාරීන් අතර බලතුලනය කිරීම මෙම කණ්ඩායමයට අයත් කාර්යන් අතුරෙන් කිහිපයකි. 1953 අභිෂේක ලැබීමෙන් පසු එලිබසත් රැජින පොදු රාජ්‍ය මණ්ඩල නායකත්වයට පත් විය. ඉන්පසු ඇය සාමාජික රටවල් සියල්ලේම සංචාරය කලාය. මෙම ඡායාරූපය 1977 ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුර ගන්නා ලද්දකි. මේ අතරතුර රැජින මෙම පදවිය චාල්ස් කුමරුහට ලබාදීමට පෞද්ගලිකව වෙහෙසෙමින්, ලෝ පුරා වෙසෙන පොදු රාජ්‍ය මණ්ඩල නායකයින් හමුවට ජ්‍යෙෂ්ඨ නිළධාරීන් යැවීමට කටයුතු කරමින් ඇත. 2015 දී මෝල්ටාහි පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී (CHOGM) රැජින ප්‍රකාශ කළේ තමා "වේල්සයේ කුමරාට තරම් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ප්‍රතිචාර සහ නියෝජනයන් බලාපොරොත්තු වෙන්නේ නැති අතරම, ඔහු එයට ඉතා ගෞරවාන්විතව බොහෝ දේ ලබා දෙනු ඇති" බවය. රැජින නියෝජනය කරමින් චාල්ස් කුමරු 2013 ශ්‍රී ලංකාවේදී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට (CHOGM) සහභාගී විය. පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් ඔහුගේ වෙබ් අඩවියේ විශාල ඉඩක් වෙන් වී ඇත. ඔහු සාමාජික රටවල් පනස් තුනෙන්, හතලිස් එකක සංචාරය කර ඇති අතර, දශක හතරකට අධික කාලයක් පොදු රාජ්‍ය මණ්ඩලයේ "සාඩම්බර අධාරකරුවෙකු" ලෙස හඳුන්වයි.
දෙවන එලිසබත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය පිළිබදව රහසිගත සාකච්ඡාවක් පැවැත්වුන බව බීබීසීයට වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තමන්ට සුළු වැඩි ඡන්ද ප්‍රතිශතයකින් කොන්සර්වටිව් හවුල්කාර රජයක් පිහිටුවිය හැකි බවටයි අගමැතිවරයා ව්ශ්වාසය පළකරන්නේ. ඇතැම් ඡන්ද කොට්ඨාශ වල ඡන්ද ගණන් කිරීම තවමත් සිදුවෙමින් පවතින නමුත් තමන්ට සුළු වැඩි ඡන්ද ප්‍රතිශතයකින් කොන්සර්වටිව් හවුල්කාර රජයක් පිහිටුවිය හැකි බවටයි ඔහු වීශ්වාසය පළකරන්නේ. එසේවුවද අස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය වීමේ අවදානම පහවගොස් නැති බවයි වාර්තා වන්නේ. අලුතින් පත්වන ඕස්ට්‍රේලියානු රජය අස්ථාවර කෙටිකාලීන පාලනයක් වනු ඇති බවටයි කම්කරු පක්ෂ නායක බිල් ශෝර්ටන් අනාවැකි පළකරන්නේ මේ වනවිට විරුද්ධ පක්ෂය වන කම්කරු පක්ෂයේ නායක බිල් ශෝර්ටන් පරාජය භාරගෙන ඇත. එහෙත් ඔහු අනාවැකි පළකර ඇත්තේ අලුතින් පත්වන ඕස්ට්‍රේලියානු රජය අස්ථාවර කෙටිකාලීන පාලනයක් වනු ඇති බවටයි. අගමැති ටර්න්බුල් මැතිවරණයක් කැඳවුයේ තම පදවිය තව තවත් ශක්තිමත් කර ගැනීමට වුවද කම්කරු පක්ෂය, අනෙකුත් සුළු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් හමුවේ බිම් මට්ටමින් පරාජය වී සිටින බවයි වාර්තාවලින් හෙළිවී ඇත්තේ.
ඕස්ට්‍රේලියාවේ පැවති මහ මැතිවරණයෙන් දින අටකට පසු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ජයග්‍රහණය වාර්තාකළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දින පහකට අධික කාලයක් එම සතුන්ට ආහාර හෝ ජලය ලබා දී නැහැ කටුස්සන්, හූනන් සහ ගෙම්බන් ඇතුළු සතුන් එක් දහස් හය සියයක් හමු වී තිබෙන්නේ ඇමෙරිකාවේ සත්ව සාප්පුවලට යැවීම පිණිස සකස් කොට තිබුණු පෙට්ටි දෙකක් තුල රඳවා සිටියදී. උතුරු ඇමෙරිකාවේ පවතින අධික සීතල හේතුවෙන් එම සතුන් ප්‍රවාහනය කිරීම පමා වී ඇති අතර, ඒ අතරතුර දින පහකට අධික කාලයක් එම සතුන්ට ආහාර හෝ ජලය ලබා දී නැති බවයි, විශ්වාස කෙරෙන්නේ. එම සතුන් ප්‍රවාහනය කිරීම සඳහා අදාළ සමාගම සතුව බලපත්‍රයක් තිබෙන නමුත් සතුන්ට කුරිරු වීමේ චෝදනා යටතේ සමාගමට එරෙහිව නඩු පැවරීම පිළිබඳව සත්ව හිමිකම් සංවිධාන සලකා බලමින් සිටින බවද වාර්තා වේ.
මැඩගස්කරයේ වෙසෙන ඉතා දුර්ලභ උරගයන් සහ උභය ජීවීන් සිය ගණනක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ගුවන් තොටුපොළේ මැරී සිටි බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මරාගෙන මැරෙන බෝම්බයේ කොටස් සහ ප්‍රහාරකයා සතුව තිබුණු බෑගයේ කොටස් බව සැලකෙන ඡායාරූප සඳුදා (මැයි 22) රාත්‍රියේ මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශනයකට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බයේ කොටස් සහ ප්‍රහාරකයා සතුව තිබුණු බෑගයේ කොටස් බව සැලකෙන ඡායාරූප නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවීම පිළිබඳව බ්‍රිතාන්‍ය බලධාරීහු දැඩි කෝපය පළකරති. පරීක්ෂණවලට බාධා වනු ඇතැයි බියෙන් ප්‍රහාරකයාගේ නම එක්වරම හෙළිදරවු නොකිරීමට මැන්චෙස්ටර් පොලිසිය උත්සාහ කළ නමුත්, ප්‍රහාරයෙන් පැය 24 කට පසුව ඔහු සල්මන් අබෙඩි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. නේටෝ සංවිධානයේ නායකයන්ගේ හමුවක් අතරවාරයේ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, ඒ පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අවධානයට ලක් කරනු ඇතැයි අපේක්ෂිතය. සංගීත ප්‍රසංගයට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් දරුවන් ඇතුළු 22 දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තවත් 64 දෙනෙක් තුවාල ලැබූහ. සල්මන් අබෙඩි ගේ අන්තවාදී අදහස් පිළිබඳව මීට ඉහතදී පොලිසියට දැනුම් දී ඇතැයි අනාවරණය වී තිබේ ඇමෙරිකාව සමග රහස් තොරතුරු බෙදාගැනීම ඉතා ඉක්මනින්ම යළිත් ආරම්භ කිරීමට මැන්චෙස්ටර් පොලිසිය බලාපොරොත්තුවන නමුත්, තොරතුරු මාධ්‍යවලට හෙළිවීම පිළිබඳව දැඩි කෝපයෙන් පසුවන බව බීබීසී යට දැනගැනීමට ලැබිණ. එවැන්නක් "යළිත් සිදු නොවිය යුතු" බවට ස්වදේශ කටයුතු ඇමතිනී ඇම්බර් රඩ් වොෂින්ටනයට අනතුරු අඟවා සිටියාය. බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ලිබියානු සම්භවයක් සහිත 22 හැවිරිදි සල්මන් අබෙඩි විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අට දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙති. සලමන් අබෙඩි ගේ වැඩිමහල් සොහොයුරා, ඉස්මයිල්, ඇතුළු පුරුෂයන් හත්දෙනෙක් ඒ අතර සිටිති. සැකපිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක බ්‍රහස්පතින්දා (මැයි 25) නිදහස් කරනු ලැබ තිබේ. සැකකරුගේ වැඩිමහල් සොහොයුරු ඉස්මයිල් සහ පියා රාමදාන්. ඉස්මයිල් අබෙඩි බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගැනුණු අතර පියා ත්‍රිපොලි නුවර අත්අඩංගුවේ පසුවෙයි සැකකාර සලමන් අබෙඩි ගේ පියා, රාමදාන්, සහ බාල සොහොයුරා, හෂීම්, ලිබියාවේ සන්නද්ධ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මේ අතර සල්මන් අබෙඩි උසස් අධ්‍යාපනය හැදෑරු සමයේ ඔහු සමග අධ්‍යාපනය හැදෑරු දෙදෙනෙක් ඔහුගේ අන්තවාදී අදහස් පිළිබඳව මීට ඉහතදී පොලිසියට දැනුම් දී ඇති බවත් අනාවරණය වී තිබේ.
මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධ රහසිගත තොරතුරු ඇමෙරිකානු ජනමාධ්‍යවලට අනාවරණය වීමෙන් අනතුරුව, ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණයේ තොරතුරු ඇමෙරිකානු බලධාරීන් සමග බෙදාගැනීම බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්හිටවනු ලැබ තිබෙන බව බීබීසී යට අනාවරණය වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'අපි ඒ සඳහා වාහන විසිපහක් ඉල්ලල තියෙනව. අඩුම ගානේ පළාත් නාමයට වාහන නමයක්' අධිකරණය මාර්ගයෙන් පරිවාස භාරයට පත් කෙරෙන දරුවන් බන්ධනාගාර වාහනවලින් ප්‍රවාහනය කිරීම "සම්පූර්ණයෙන්ම වැරදි" බවයි, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ. මේ තත්ත්වය වෙනස් කිරීම පිණිස තමන් මේ දිනවල බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඇය පවසන්නීය. "අපි ඒ සඳහා වාහන විසිපහක් ඉල්ලල තියෙනව. අඩුම ගානේ පළාත් නමයට වාහන නමයක්. හරි විදියට නම් දිස්ත්‍රික්කෙකට එක ගානේ ලැබෙන්න ඕනේ. ඉදිරි අවුරුද්ද ඇතුලත මේ තත්ත්වය වෙනස් කරන්න අපි පියවර ගන්නවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය. ගතව ගිය මාර්තු මාසයේදී පමණක් ශ්‍රී ලංකාවෙන් ළමා අපයෝජන සිදුවීම් 127 ක් වාර්තා වී තිබෙන බවයි, ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කරන්නේ. එයින් අඩක්ම ලිංගික අපයෝජනයන්. කෙසේ නමුත් මෙය ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන ඉහල යාමේ ප්‍රවණතාවයක් නොවන බව පවසන සභාපතිනි අනෝමා දිසානායක, සිදු වී තිබෙන්නේ ළමා අපයෝජන පිළිබඳව වෙනදාට වැඩි අවධානයක් යොමුවීම බව ද ප්‍රකාශ කරන්නීය.
අපයෝජනයට ලක් වූ දරු දැරියන් පරිවාස භාරයට පත් කිරීම පිණිස බන්ධනාගාර වාහනවලින් රැගෙන යාමේ ක්‍රියාදාමය වහාම වෙනස් කළ යුතුව තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් එය සිදු විය යුත්තේ ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ බව ද ඔහු අවධාරණය කළේය. යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වුවහොත්, එම කරුණු කිසිවක් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු නැතැයි යන අර්ථයක් මතුවීමට ඉඩ ඇති බව කී මන්ත්‍රීවරයා එසේ වුවහොත් ජාත්‍යන්තර අධීක්ෂණයක් අහිමි වීමට ඉඩ ඇති බව ද සඳහන් කළේය. ඒ අනුව, එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කාලපරාසයකට අදාළව, පසුගියදා (මාර්තු 18) යාපනයේ පැවති මාධ්‍ය හමුවේදී තමන් සඳහනක් නොකළ බව එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. "වැඩි කාලයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ආණ්ඩුව කිව්වට ඒ කාලය තුළ අධීක්ෂණයක් සිදු විය යුතුයි" යනුවෙන් කී මන්ත්‍රීවරයා පසුගිය මාස දහඅටක කාලය තුළ කිසිවක් ඉටු නොවූ බව සඳහන් කළේය. කෙසේ නමුත්, කාල පරාසය කුමක් වුවත් ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ වූ යෝජනාවේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පියවරගත යුතුය යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පැවසුවේ තමන් ජිනීවා සැසිවාරයට ඉදිරි දිනවල සහභාගිවීම නොවන බව ද වැඩිදුරටත් සඳහන් කරමිනි.
කාල පරාසය කුමක් වුවත්, 2015 වසරේ ඔක්තෝබර් 01 වෙනිදා ශ්‍රී ලංකා රජයේ ද එකඟත්වය පරිදි මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කර ගත් යෝජනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම රන් පුරවරය සොයාගනු ලැබ තිබෙන්නේ ඊජිප්තුවේ සුප්‍රකට ස්මාරක පිහිටි ප්‍රදේශයකිනි එම නටබුන් නගරය මතුකර ගැනීම 'ටුටන්කාමුන්ගේ' සොහොන්ගැබ සොයාගනු ලැබීම තරම් වැදගත් පියවරක් ලෙස හඳුන්වනු ලැබෙයි. ලුක්සෝර් (Luxor) අසල ස්ථානයකින් සොයාගන්නා ලද ''අහිමි රන් පුරවරය''("lost golden city") පිළිබඳ පුවත අනාවරණය කරන ලද්දේ ඊජිප්තුව පිළිබඳ කීර්තිධර පුරාවිද්‍යාඥයකු වන ෂහි හවාස් (Zahi Hawass) විසිනි. 'ඇතෙන්' (Aten) යනුවෙන් දැක්වෙන එම පෞරාණික නගරය මෙතෙක් සොයාගන්නා ලද විශාලතම නගරය වන බව ෂහි හවාස් (Zahi Hawass) පවසයි. එම ස්ථානයේ කැණීම් ආරම්භකරනු ලැබ තිබෙන්නේ 2020 සැප්තැම්බර් මාසයේය. එම කැණීම් ආරම්භකිරීමෙන් සුමාන කීපයකට පසු නගරයේ නටබුන් දැකගැනීමට ලැබී ඇත. මෙම නගරය පිළිබඳ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 1391-1353 අතර කාලය තුළ බලයේ සිටි ඊජිප්තු දේශයේ බලවත්ම පාරාවෝ වරයකු වූ තුන්වෙනි ආමෙන්හෝටෙප් (Amenhotep III) රාජ්‍ය සමය තෙක් දිවයයි. 'අයි'(Ay) සහ 'ටූටන්කාමුන්'(Tutankhamun) පාරාවෝවරුන් විසින් දිගටම ඔවුන්ගේ පාලන සමයන්හි උපයෝගී කරගනු ලැබ ඇති මෙම නගරය පිහිටා තිබෙන්නේ 'රජුන්ගේ නිම්නය'(alley of the Kings) ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයෙන් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ හාවර්ඩ් කාටර් (Howard Carter) විසින් 1922 දී සොයාගන්නා ලද එකී පාරාවෝවරුන්ගේ එකට පිහිටි සොහොන් ගැබට ආසන්න කලාපයකිනි. ''ඉහත කී 'අහිමි රන් පුරවරය'සොයාගනු ලැබීම 'ටූටන්කාමුන්'(Tutankhamun) සොහොන්ගැබ සොයාගනු ලැබීමෙන් අනතුරුව ලද දෙවෙනි වැදගත් පුරාවිද්‍යාත්මක ජයග්‍රහණය'' බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය බෙස්ටි බ්‍රයන් (Betsy Brian)පවසයි. ''ඊජිප්තු අධිරාජ්‍යයේ ධනවත්ම අවධියේ එහි නිවැසි පෞරාණික ප්‍රජාව විසින් භුක්ති විඳින ලද දුර්ලභ සුඛෝපභෝගී ජීවිතය පිළිබඳ දර්ශනයක්, මතුකරගන්නා ලද නගරයේ දර්ශන තුළින් පෙන්නුම් කෙරෙන බව ද මහාචාර්යවරිය සඳහන් කළාය. නගරයේ නිවැසියන් විසින් භුක්ති විඳින ලද දුර්ලභ සුඛෝපභෝගී ජීවිතය පෙන්නුම් කෙරෙන කලාකෘතීන් හමුවී ඇත පුරාණ ඊජිප්තුවේ බලවත්ම පාලකයකුව සිටි 'තුන්වෙනි ආමෙන්හෝටෙප්' මෙම නගරය නිර්මාණය කරන්නට ඇතැයි අදහස් කෙරෙයි වසර තුන්දාහක් පැරණි ''රන් පුරවරය'' සොයා කැණීම් කටයුතුවල නිරතවෙමින් සිටි ගවේෂකයන්ට රන් පළඳනා, වර්ණ ගන්වන ලද මැටියෙන් කළ නිර්මාණ, ආරක්‍ෂාව පතා නිමවන ලද කුරුමිණියන් වැනි නිමැවුම් සහ තුන්වෙනි ආමෙන්හොටේප් පාරාවෝගේ නිල ලාංඡනය තැබූ මැටි ගඩොල් ආදිය හමුවී ඇත පුරාවිද්‍යා ගවේෂකයන් අදාළ කැණීම් ආරම්භකර තිබෙන්නේ ඊජිප්තුවේ 'කයිරෝ' අගනුවරින් කිලෝමීටර් පන්සීයක් (සැතපුම් 300) පමණ ඈතින් පහිටි 'රජුන්ගේ නිම්නය' ආසන්නයේ පිහිටි 'ලුක්ෂෝර්'නගරයේ (Luxor) බටහිර ඉවුරේය. ''කැණීම් ආරම්භකර සති කීපයක් ඇතුළත අපේ කණ්ඩායම විශ්මයට පත්කරමින් හැම දිශාවකින්ම මැටියෙන් තැනූ ගඩොල් හමුවෙන්න පටන්ගත්තා'' ඊජිප්තු පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්ය ෂහි හවාස් (Zahi Hawass) ප්‍රකාශ කළේය. ''ඉතා හොඳ සුරක්‍ෂිත තත්ත්වයක තිබුණ විශාල නගරයක කොටසක් ගවේෂකයන් විසින් මතුකර ගනු ලැබුණා. ඒ නගරයේ ගොඩනැගිලිවල බිත්ති ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට කිට්ටු මට්මක තියෙනවා. ගොඩනැගිලිවල කාමර මිනිසුන්ගේ දෛනික උවමනා සඳහා යොදාගනු ලබන බඩු භාණ්ඩවලින් පිරිලා තිබුණා'' ටුටන්කාමුන්ගේ සිරුර තැන්පත් කරන ලද පාෂාණමය මංජුසාව ආචාර්ය හවාස් විසින් නිරීක්‍ෂණය කරන ලද අවස්ථාවක්.ඔහු ඊජිප්තුවේ පෞරාණික වස්තූන් භාරව කටයුතු කළ ඇමතිවරයෙකි කැණීම් ආරම්භ කරනු ලැබ දැනට මාස හතක කාලයක් ඉකුත්ව ඇත. එම කාලය තුළ පාදා ගැනීමට සමත්වූ දේවල් අතර බේකරියක්, පරිපාලන කලාපයක් සහ මහජන නිවාස පිහිටා තිබුණ භූමියක් ද ඇතුළත්වෙයි. ''විදේශීය ගවේෂණ කීපයක් මගින් මෙම පුරය සොයා කැණීම් සිදු කළත් එම අවස්ථාවල යමක් පාදා ගැනීමට නොහැකි වුණා.'' ආචාර්ය හවාස් පවසයි. ඊජිප්තුවේ පෞරාණික උරුමයන් භාරව සිටි හිටපු ඇමති ආචාර්ය හවාස් පවසන්නේ තම කණ්ඩායමේ තවත් පුරාවිද්‍යාත්මක ගවේෂණ පෙරට යමින් පවතින බවය. ''සම්පත්වලින් පිරුණ මෙතෙක් අත නොගැසූ සොහොන්ගැබ කීපයක් මතුකර ගැනීමේ අපේක්‍ෂාවක් පවතිනවා'' පුරාවිද්‍යාඥයන් විසින් පැරණි ඊජිප්තුවාසීන් විසින් ආරක්‍ෂාව පතා භාවිත කරන ලද යන්ත්‍ර සහ කුරුමිණි නිමැවුම් සොයාගනු ලැබ ඇත අක්‍ෂර සටහන් ඇතුළත් මෙවැනි මැටි භාණ්ඩ එම නගරය අයත් කාලය තීරණය කිරීමට උපකාර විය. මෑත ඉතිහාසයේ දිගින්දිගට පැවති දේශපාලන වියවුල් සහ පසුගියදා මුහුණදීමට සිදුවූ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පසුබෑමට ලක්වූ රටේ සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීමට මෙම පුරාතන ඓතිහාසික උරුමය උපයෝගී කරගැනීම ඊජිප්තුවේ අපේක්ෂාව වී ඇත. පසුගිය සතියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර දී සුවිශේෂී දර්ශනයක් දැක ගැනීමට ලැබුණි. එනම් ඔවුන්ගේ පුරාතන පාලකයන්ගේ සිරුරු රැගත් ඓතිහාසික පෙරහැරක් කයිරෝ නගරයේ වීදි ඔස්සේ ගමන් ගැනීමය. නව සම්භාව්‍ය ඊජිප්තු කෞතුකාගාරයෙන් ආරම්භ වූ එම පෙරහැර අලුතින් ඉදිකරන ලද ජාතික කෞතුකාගාරය කරා ගමන් ගත්තේය. කිලෝමීටර් පහක දුරක් ගමන්ගත් පෙරහැරේ පෞරාණික රජවරුන් දහඅට දෙනකුගේ සහ රැජිනියන් හතරදෙනකුගේ මමී (mummies) ගෙනයනු ලැබුණි. තවත් පැරණි පාලකයන්ගේ සිරුරු සමඟ තුන්වෙනි ආමෙන්හෝටෙප් රජතුමාගේ සහ එම රජුගේ බිසව වූ 'ටියේ'( Tiye )රැජිනගේ දේහයත් ඔවුන්ගේ අවසන් සැතපෙන ස්ථානය කරා එම පෙරහැර මගින් ගෙනයනු ලැබුණි. කියවන්න;
කාලාන්තරයක් වැලිකන්දකින් වැසීගොස් තිබූ වසර තුන්දහසක් තරම් පැරණි යැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇති ඊජිප්තු නගරයක නටබුන් යළිත් මතුකර ගැනීමට හැකිවීම අති වැදගත් පුරාවිද්‍යාත්මක ජයග්‍රහණයක් ලෙස අගයකරනු ලැබෙමින් ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇප මත නිදහස ලබා දීමට තීන්දු කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බාලේන්ද්‍ර ජයකුමාරිට රටින් පිටවීම තහනම් කර තිබේ. අතුරුදහන්වූවන් සොයා දෙන මෙන් ඉල්ලා පසුගිය වකවානුවේ උතුරු පළාතේ පැවති උද්ඝෝෂණ ගණනාවකට ජයකුමාරි සහ ඇයගේ දියණිය සක්‍රීයව සහභාගී වූහ. එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයකුට නවාතැන් ලබා දීමේ චෝදනා මත පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය.
නඩු විභාගයක් නොමැතිව වසරක කාලයක් රැඳවුම් භාරයේ සිටි මානව හිමිකම් ක්‍රියාධරනියක් වන බාලේන්ද්‍ර ජයකුමාරි ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන "ශ්‍රී ලංකන් ගුවන් සේවය එයාර්බස් මිලදී ගැනීමේ දී සිදු වූ මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබෙනවා," යැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න බීබීසී සිංහල සේවය වෙත යොමු කළ නිවේදනයක දැක්වේ. මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත. කපිල චන්ද්‍රසේන සහ බිරිඳට එරහිව ඇති චෝදනා මොනවාද? කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 14363/19 අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සනාථ වී ඇති කරුණු: ඉහත දැක්වෙන කරුණුවලින් පහත සඳහන් කරුණු අනාවරණය වේ: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ධූරයෙන් නෙරපා හැර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන අර්බුදය සමයේ කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා නැවත පත් කරන ලදී. මේ තොරතුරුද කියවන්න:
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් කඳවුරුවල වෙසෙන දේශපාලන රැකවරණ පතන්නන් විඳින ගැහැට නිරූපණය කෙරෙන සිතුවම් සහිත අත් පොතක්ද ඕස්ට්‍රේලියාවේ ප්‍රචාරක ව්‍යාපාරයට ඇතුලත්. නීති විරෝධී ලෙසින් බෝට්ටුවකින් රටින් පලා යාමට උත්සාහ කළ කාන්තාවන් නම දෙනකු සහ දරුවන් හය දෙනකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් හැත්තෑ පස් දෙනකු මොරගොල්ලේදී අත් අඩංගුවට ගත් බවයි, මේ අතර පොලිසිය පවසන්නේ. නාවික හමුදාව එම පිරිස බදාදා සවස මහේස්ත්‍රාත්වරයකු ඉදිරියට පැමිණවීමට නියමිත බව පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මුහුද මැද දීම සංක්‍රමණිකයන් ආපසු හරවා යැවීමට නාවික හමුදාවට නියෝග කළ බවට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට මෑතදී විවේචන එල්ල වූ නමුත්, ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ඒ පිළිබඳව මෙතෙක් නිළ වශයෙන් කිසිවක් ප්‍රකාශ කොට නැත. විශේෂයෙන්ම ඇෆ්ඝනිස්තානයේ සිට පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන් වැළැක්වීම එම ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානම අරමුණ බව පෙනී යන බවයි, ලන්ඩනයේ ප්‍රකාශයට පත් කෙරෙන ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ. සංක්‍රමණිකයන්ගේ ආගමනය වැළැක්වීමේ සිතුවම් සහිත ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳව වැඩිදුර විස්තර විමසීම පිණිස ආණ්ඩුවේ බලධාරීන් ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවූ බවද පුවත්පත පවසයි.
නීති විරෝධී ලෙසින් නවසීලන්තය බලා යාමට උත්සාහ කළ තවත් පිරිසක් අත් අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසද්දී, ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් දේශපාලන රැකවරණ පතන්නන් වැළැක්වීමේ අරමුණින් සිතුවම් සහිත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා එසේ පැවසුවේ, උතුරේ හමුදාව අත්පත් කරගත් ඉඩම් යලි ජනතාවට ලබාදීමට රජය සමග සාකච්ඡා කරන බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය කළ ප්‍රකාශයක් පිළිබඳව සංදේශය රජයේ මතය විමසූ අවස්ථාවේ. "නවී පිල්ලේ මැතිනියට කරන්ඩ පුළුවන් භූමිකාවක් තියෙනවා. මෙහෙ පරීක්ෂණ තියන්ට, රජයට නියෝග දීමට කිසිම අයිතියක් එතුමියට නැහැ, එහෙම කෙනෙක් දෙන නියෝග රජය පිළිගන්නෙත් නැහැ," යනුවෙන් ද ඔහු කියා සිටියේය. නවනිදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් බව පවසන අමාත්‍යවරයා, මෙම සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව කෙරෙහි අභූත චෝදනා නැගීමට නොහැකි වනුඇතැයිද කියා සිටියේය. මන්දනාගේ නිවසට ප්‍රහාරය "ඕනේ නම් අපිට එන්ඩ කියල වීසා නොදී ඉන්න තිබුන අපි එහෙම කළේ නෑ. ජාත්‍යන්තර වශයෙන් නැගෙන ප්‍රශ්නවලට අපි රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කටයුතු කරන්ඩ ඕනේ, අපිට හංගන්න දෙයක් නැනේ." මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ජනාධිපතිවරයා විදේශගත වීම සම්බන්ධයෙන් පලවූ අදහස් පිළිබඳව ප්‍රතිචාරය පළ කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ: "ගොඩක් පුවත්පත් හිතනවා ජනතිපතිවරයා විදේශ නායකයෙක් අවම කොහෙවත් යන්නේ නැතුව අරලියගහ මන්දිරයට වෙලා ඉඳ ඕනේ කියල, කොයි රටකවත් එහෙම වෙන්නේ නෑ,"යනුවෙන්. රජයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමින සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය රජයේ පාර්ශවකාර පක්ෂ විසින්ම විවේචනය කිරීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ප්‍රජාව ඉදිරියේ අපහසු තාවයකට ලක් වන්නේ නොවේදැයි නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, එය ප්‍රතික්ෂේප කළේ එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හුවා දක්වන්නක් ලෙස පවසමින්. මාධ්‍යවේදිනී මන්දනා අබේවික්‍රමගේ නිවසට කඩාවැදුණු පිරිස පැමිණියේ ඇය සතුව තිබූ රජයේ දුෂණ ඇතුලත් ලිපිගොනුවක් ලබා ගැනීමට යයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා වලිවෙරියදී චෝදනා කළේය. එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, එම ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
රජයට නියෝග දීමට මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරියට කිසිදු අයිතියක් නොමැති බව රජය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සෙබළාගේ නම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් අත්අඩංගුව ප්‍රමාද වෙලා -පොලිසිය පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරණ ලද තොරතුරු සැලකිල්ලට ගෙන දිසා විනිසුරුවරිය එම තීරණය ලබා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ. අවුරුදු 14 හැවිරිදි දැරිය දූෂණයකට ලක් ව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පොලිසියට දැනුම් දෙනු ලැබ ඇත. දැරිය දූෂණය කිරීමේ චෝදනාව දැරිය ජීවත් වූ ප්‍රදේශයේ හමුදා කඳවුරක සෙබළෙකු වෙත ඉදිරිපත් වී ඇති බව පොලිස් ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. එම සෙබළාගේ නම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවක් හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීම ප්‍රමාද වී අති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය. දැරිය දූෂණය කරණ අන්දම තමන් දුටුවේ යැයි කියන පුද්ගලයෙකුගෙන් ද සාක්කි සටහන් කර ගෙන ඇති බව ද පොලිසිය පැවසිය. සැකකරුවා අත් අඩංගුවට ගැනීමට මන්නාරම පොලිසිය පියවර ගෙන ඇතයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ ය.
මන්නාරමේ පනන්කට්ටිකෝට්ටු නැමති ගම්මානයේ බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන යුද හමුදා සෙබළා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ මෙන් මන්නාරම දිසා විනිසුරුවරිය වූ ආනන්දි කනගරත්නම් අඟහරුවාදා පොලිසියට නියෝග කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇෆ්ඝනිස්තානය මීට කලින් විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානයට තරඟ වැදුණේය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාජා නුවරදී කෙන්යාවට එරෙහිව පැවැත්වුණු තරඟයෙන් කඩුලු හතක ජයග්‍රහණයක් අත් කර ගැනීමත් සමඟයි, 2015 දී ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතාවලියට ඇෆ්ඝනිස්තානය සුදුසුකම් ලැබුවේ. මේ සමඟම 2015 පෙබරවාරි 18 වැනි දින ඇෆ්ඝනිස්තානය බංග්ලාදේශයට එරෙහිව සිය මංගල ලෝක කුසලාන තරඟයට මුහුණ දීමට නියමිතයි. ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තය ඇෆ්ඝනිස්තානය සමඟ මූලික වටයේදී තරඟ වැදීමට නියමිත අනෙක් කණ්ඩායම්. ඇෆ්ඝනිස්තානය මීට කලින් කිහිප වතාවක්ම විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානයට තරඟ වැදුණේය. පසුගිය වසරේ සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායමට දැවැන්ත තර්ජනයක් එල්ල කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඉන් අනතුරුව එංගලන්ත කණ්ඩායම හමුවේ ප්‍රබල පරාජයකට මුහුණ දීමත් සමඟම තරඟාවලියෙන් ඉවත්ව ගියේය.
ඉතිහාසයේ පළමු වතාවට ඇෆ්ඝනිස්තානය ලෝක ක්‍රිකට් කුසලානය සඳහා සුදුසුකම් ලැබුවේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිටිසේනගේ අනුමැතියෙන් ඉදිරිපත්කළ එකක් නිසා එය සම්මත කරගැනීමේ කිසිදු බාධාවක් ඇති නොවන බව තම පක්ෂයේ බලාපොරොත්තුව බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ජාතික හෙළ උරුමය පවසන ආකරයට ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබාගැනීමේ කිසිදු වුවමනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නොමැති බව පැවසූ අකිල විරාජ් කාරියවසම් ආමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධනය සම්මතවූ පසු මැතිවරණයට යාම ස්ථිර බවයි කියා සිටියේ. " ව්‍යවස්ථා කුමන්ත්‍රණ වලින් බලය ලබාගන්න අපිට ඕනේ නැහැ, අපි ලගදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඒ අවශ්‍ය බහුතර බලය ලබාගන්නවා, පාර්ලිමේන්තුව විසුරුවාලිය හැකි පුද්ගලයන්ගෙන් ඒ සදහා අපිට එකගතාවයක් නිමිව තිබෙනවා" යනුවෙන් පැවසීය. මෙම පාර්ලිමේන්තුවෙන් සංශෝධනය සදහා අවශ්‍ය සහයක් නොලැබුණහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉදිරි පාර්ලිම්න්තුවේදී ඒ අවශ්‍ය සංශෝධන ඉටුකිරීම සදහා ජනවරමක් ලබාගන්නා බවයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ.
සිකුරාදා දින සම්මත කර ගැනීමට බලාපොරොත්තුවන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කොට ගෙන ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබාගැනීමේ කිසිදු වුවමනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නව ගුවන් විදුලි මධ්‍යස්ථානයේ සිටයි,බීබීසියේ සජීවී වැඩසටහන් සම්පාදනය සහ විකාශනය කිරීම දැන් සිදු කෙරෙන්නේ. ලන්ඩන් නගරය මැද පිහිටි නව ගුවන් විදුලි මධ්‍යස්ථානයේ සිටයි,බීබීසියේ සජීවී වැඩසටහන් සම්පාදනය සහ විකාශනය කිරීම දැන් සිදු කෙරෙන්නේ. අද උදෑසන බීබීසියේ නව මූලස්ථානයට ළඟා වූ එලෙසබත් රැජින සජීවී සංගීත වැඩසටහනකට සවන් දුන් අතර, ප්‍රවෘත්ති සම්පාදනය කෙරෙන අංශවලටද ගමන්ගත්තාය.එසේම ඇය බීබීසී ගුවන්විදුලි වැඩ සටහන් විසුරුවා හැරෙන මැදිරියකට ද පිවිසුණාය. රැජින නව මූලස්ථානය විවෘත කළේ ,ගුවන්විදුලි සහ රුපවාහිනී වැඩසටහන් විසුරුවා ලීමේදී අභිනව මන්දිරය බීබීසියට ඉතා මහෝපකාරී වනු ඇතැයි බලාපොරොත්තු තබන බව පවසමින්. එලිසබත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරු රෝහල්ගතව සිටියදීයි, ඇය සිය පෙරසූදානම් කෙරුණ නිල කටයුතුවලට සහභාගී වෙමින් සිටින්නේ.
බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ නව මූලස්ථානය දෙවන එලිසබත් රැජින අතින් අද නිල වශයෙන් විවෘත විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ පිළිබඳව බීබීසී සිංහල සේවයට තොරතුරු කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් සඳහන් කළේ, එසේ පිහිටුවන ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කෙරෙනු ඇති බවය. ඔහු මේ කරුණු සඳහන් කළේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය. නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා අගමැති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධයක් නොදක්වන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ කිහිප දෙනෙකු සමග ද මේ වනවිට සාකච්ඡා කෙරෙන බව අදාළ අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ දැනටමත් මේ සම්බන්ධයෙන් සිය පාර්ශ්වයේ තීරණ දැනුම් දී ඇති බවය. දැනට පවතින හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව පිහිටුවන ආණ්ඩුවක අගමැතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා වැනි අයෙකු පත්කරගැනීම පිළිබඳව විරෝධයක් නැතත් සිය පාර්ශ්වය ආණ්ඩුවේ කොටස්කරුවෙකු නොවන බව ඔහු කියා සිටියේය. විපක්ෂයේ සිට ඊට සහය දෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම එවැනි ආණ්ඩුවක් පෙරලීමට ඉඩ නොදෙන බව ද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය. 'කාලය ඉවරයි' මේ අතර වත්මන් අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ රැදී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම සිය පක්ෂයට එකඟවිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි. එජනිස ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර ජනපතිට යැවූ ලිපිය පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරගෙන නව රජයක් පිහිටුවිය යුතුයැයි අපේක්ෂාකරන බව පවසන ඔහු ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඔහු සිය ලිපියෙන් පෙන්වාදෙන්නේ වර්ෂ දෙකක කාලයක් සඳහා සම්මුතිවාදී රජයකට එකඟතාව පළවුවත් දැන් එම කාලය ඉකුත්වී ඇති බවකි. එම කාලය තුළදී අගමැතිවරයාගේ නායකත්වයෙන් හා එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවලට එළඹීම අසීරු වුවද සිය මැති ඇමතිවරුන් සාමුහික බව ගරු කළේ යැයි ඔහු කියා සිටී. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එල්ලවූ ප්‍රධාන චෝදනාවක් වූ වංචා දූෂණ මැඩලීම වෙනුවට මහා බැංකු බැඳුම්කරය වැනි මහා පරිමාණ වංචා අගමැතිවරයාගේ දැනුම මත සිදුවූ බව රටට රහසක් නොවේ යැයි සිය ලිපියෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි. ආර්ථික කළමනාකරණය මෙන්ම යහපාලන මූලධර්මවලට පිටුපෑම ඇතුළු තමන්ට ද එකඟවිය නොහැකි, දේශීයත්වය රැකගන්නා වැඩපිළිවෙලකට යාම වෙනුවට එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් මත පිහිටා ගනු ලැබූ තීරණ නිසා වර්තමානයේ ජනමතය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වෙන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ජනාධිපතිවරයාට යොමු කරන ලද ලිපියේ දැක්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ගොඩනැගීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටින බව වාර්තාවේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිතුමා එහෙම යෝජනා කළේ නෑ - අමාත්‍ය ෆොන්සේකා ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ආකාරයක වගකීමක් තමාට භාර දී නොමැති අතර "ආරක්ෂක අංශය පවතින්නේ ජනාධිපතිතුමා භාරයේ," බව අමාත්‍ය සරත් ෆොන්සේකා බීබීසී සිංහල සේවයට පැවසීය. රටේ ඉදිරි ගමන සහ පරිපාලනය අඩාල කර දැමීමට ඇතැම් කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් ඇති හෙයින් ඊට මුහුණ දීම සඳහා නව සංවිධානයක් ඇතිකොට එය තමා භාරයට පත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අණ දීමක් නැහැ සිය අමාත්‍ය පදවියෙන් ඉවත්වී යුද හමුදාපති ධුරය හෝ ආරක්ෂක ප්‍රධානී තනතුර බාරගෙන "රට තුළ විනය ඇතිකරන" ලෙස ජනාධිපතිවරයා අඟහරුවාදා (අප්‍රේල් 25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. සරත් ෆොන්සේකාට හමුදාමය වගකීමක් දීම ගැන ඇමති රාජිත එහෙත් ෆොන්සේකා අමාත්‍යවරයා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි. "ආරක්ෂක අංශ නොවෙයි, හදිසි අවස්ථා පිළිබඳව, හදිසි ගැටළු සහගත තත්වයන් පිළිබඳව සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙනයාම සහ කළමනාකරණය කර ගැනීම සඳහා යම්කිසි සංවිධානයක් ඇති කර එම නව සංවිධානය මා යටතට පත් කරන්න අවශ්‍යයි කියන යෝජනාවයි ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ," ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේය. 'භාරගන්නවා' එම කාර්යයේදී අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ආරක්ෂක අංශ ඇතුළුව වෙනත් ආයතන නව සංවිධානයට සම්බන්ධ වෙන බව සඳහන් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නව පදවිය තුළ තමා ආරක්ෂක අංශවලට අණ දීමක් සිදු නොකරන බව අවධාරණය කළේය. නව පදවිය තවමත් යෝජනාවක මට්ටමේ පවතින බව සඳහන් කළ ෆීල්ඩ් මාර්ෂල්වරයාගෙන් එවැනි තනතුරක් පවරනු ලැබුනොත් එය භාර ගන්නේදැයි බීබීසී සිංහල සේවය විමසීමක් කළ විට "වගකීමක් පැවරුනොත් එය භාර ගැනීමට සිදුවෙන" බව ඔහු සඳහන් කළේය. ඔහු සඳහන් කරන ආකාරයේ නව ආයතනයක් ඇති කිරීමට තුඩු දී ඇති පසුබිම කුමක්දැයි බීබීසිය ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රටේ ඉදිරි ගමන සහ පරිපාලනය අඩපණ කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන හෙයින් එවැනි ආයතනයක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා අදහස් කරන්නට ඇතැයි තමා සිතන බව ප්‍රකාශ කළේය. "වගකීමක් පැවරුනොත් භාර ගැනීමට සූදානම්" 'නොයෙක් ආකාරයේ රාජ්‍ය විරෝධී සංවිධාන සහ දේශපාලනඥයන් මේ දවස්වල රජය අපහසුතාවයට පත් කරලා රටේ ඉදිරි ගමන, පරිපාලනය අඩපණ කරන්න - කඩාකප්පල් කරන්න උත්සාහ දරනවා. ඒක නිසා ජනාධිපතිතුමාට හිතෙන්න ඇති රටේ ඉදිරි ගමන පවත්වා ගෙන යාමට සූදානම් විය යුතුය කියල' ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ඉහල තනතුරක් භාරගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලයේදී තමන්ට යෝජනා නොකළ බව ග්‍රාමීය සංවර්ධන පිළිබඳ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දින 21 ඇතුළත දිවියන් මිය යෑමේ සිදුවීම් 07ක් පසුගිය සති තුන ඇතුළත නුවරඑලිය දිස්ත්‍රික්කයේ දිවියන් හත් දෙනෙක් මරුමුවට පත් වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. කෙටිකාලයක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දිවි මරණ සංඛ්‍යාව එය බවයි වනජීවී නියාමකවරුන්ගේ සංගමයේ වාර්තාවල දැක්වෙන්නේ. හැටන්, නොර්වුඩ් සහ ආගරපතන ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව සැරිසරන දිවියන්, දඩයක්කරුවන්ගේ උගුල්වලට හසු වීමෙන් සහ වස මිශ්‍ර කළ මස් වර්ග ආහාරයට ගැනීම හේතුවෙන් මරණයට පත් වී ඇති බවත් සංගමය පවසයි. දිවියන් 800 ක් පමණ ශ්‍රී ලංකාව පුරා වනාන්තරවල වෙසෙන බව විශ්වාස කෙරෙන්නේ යයි පශු වෛද්‍ය විජිත පෙරේරා සංදේශයට මීට ඉහතදී පැවසීය කැළෑ ගිනි තැබීම, නියඟය සහ සංවර්ධන කටයුතු සඳහා කැළෑ එළිපෙහෙළි කිරීම හේතුවෙන් සිය වාස භූමි අහිමි වීම සහ ආහාර හිඟ වීමත් සමග දිවියන් ගම් වදින බවයි පරිසරවේදී පුබුදු වීරරත්න කියා සිටියේ. වාසස්ථාන සහ ස්වාභාවික දඩයම් බිම් අහිමි වීම හේතුවෙන් එළුවන්, සුනඛයන්, ගවයන් වැනි ගෘහ ආශ්‍රිත සතුන් දඩයම් කිරීමට දිවියන් යොමු වන තත්වයක් දක්නට හැකි බවත් ඔහු පැවසීය. වනාන්තර ප්‍රදේශ විනාශ කරමින් තේ වගාව ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තත්වය උග්‍ර වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර ආගරපතන ඇල්බියන් තේ වත්තේ තේ දළු නෙළමින් සිටි කම්කරු කාන්තාවන් තිදෙනෙකු වෙත හඳුන් දිවියෙක් කඩා පැන ඇති බවත්, පසුව වතු කම්කරුවන් විසින් එම හඳුන් දිවියා සොයා තේ වතුයාය පරික්ෂා කරමින් සිටියදි මියගිය හඳුන් දිවියෙකුගේ මළසිරුරක් තේ ගස් අතර තිබී සොයා ගෙන ඇති බවත් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට වාර්තා කරයි. දිග අඩි 3 ½ හා උස අඩි 2 ½ පමණ වන ඉහත කී හඳුන් දිවියා ශ්‍රී ලංකාවට පමණක් ආවේනික දිවි විශේෂයකට අයත් බවයි වනජීවි නිලධාරින් පවසන්නේ. යාල වන උද්‍යානය තුළ මෝටර් රථයකට ගැටී මිය ගිය දිවියෙක් රතු දත්ත ලේඛනයට අනුව වඳ වී යාමේ තර්ජනයට මුහුණපා ඇති ආරක්ෂිත සතකු ලෙස ඉහත කී දිවි විශේෂය සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ නම් කොට ඇති බවත් වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ වෙසෙන දිවි විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා පූර්ණ මැදිහත්වීමක් සිදු කොට මෙම සිදුවීම්වලට වගකිවයුතු පුද්ගලයන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බව සමස්ත ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය අවධාරණය කරයි. ආගරපතන ප්‍රදේශයේ මියගිය දිවියාගේ මරණයට වගකිවයුතු පුද්ගලයන් පිළබඳ අධිකරණය වෙත පිළිගත හැකි ආකාරයේ තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් දස දහසක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කොට ඇති බවත් සමස්ත ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක වැඩිදුරටත් සඳහන් වේ.
දඩයමට ලක් වන දිවියන් සංඛ්‍යාව වාර්තා ගත අන්දමින් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගසකට වාරු වී නිදන වන අලි කලාතුරකින් ඇස ගැටෙන අතර හීලෑ අලි ඇතුන් බොහෝ විට නිදා ගනු ලබන්නේ දිය නෑම සඳහා රැගෙන යනු ලබන ගංතොටුපලකදීය. නැතිනම් රාත්‍රී කාලයේදීය. මේ අතර සියලුම ක්ෂීරපායි සතුන් අතරින් කෙටිම කාලයක් නිදාගනු ලබන්නේ අප්‍රිකානු අලි බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. අලි ඇතුන්ගේ ස්වාභාවික නිදන රටාව පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමේ අරමුණින් විද්‍යාඥයන් කණ්ඩායමක් බොට්ස්වානා රාජ්‍යයේ වන අලි දෙදෙනෙකුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කළහ. සත්වෝද්‍යාන තුළ වෙසෙන අලි ඇත්තු දිනකට පැය 4 -6 අතර කාලයක් නිදති. නමුත් ස්වභාවික වටපිටාවක් තුළ වෙසෙන අලි ඇතුන්ගේ විවේක කාලය පැය දෙකකට සීමා වේ. එවැනි පරිසරයක වෙසෙන අලි ඇතුන් ප්‍රධාන වශයෙන් සිය විවේකය ගත කරන්නේ රාත්‍රි කාලයේදීය. අඩ නින්ද සත්වෝද්‍යාන තුළ වෙසෙන අලි ඇත්තු දිනකට පැය 4 -6 අතර කාලයක් නිදති අධ්‍යයනය සඳහා යොදා ගනු ලැබූ සතුන් දෙදෙනාම මාතෘ මූලික රංචුවේ ජ්‍යෙෂ්ඨ ඇතින්නියන්ය. ඇතැම් අවස්ථාවල ඇතින්නියන් දෙදෙනා දින කිහිපයක් නිදිවර්ජිතව ගතකරති. සිංහයන්ගෙන් හෝ දඩයක්කරුවන්ගෙන් බේරී පළා යෑම සඳහා එවැනි අවස්ථාවල ඔවුන් බොහෝ දුර ගමන්වල යෙදෙන බව විද්‍යාඥයෝ පවසති. දින තුනකට හෝ හතරකට වරක් බිම වැතිර සිටින අවස්ථාවල අලි අඩ නින්දේ පසුවෙති. අධ්‍යයන කණ්ඩායමේ මහාචාර්ය පෝල් මැන්ගර් කියා සිටියේ අදාළ සොයා ගැනීම්වලට අනුව අලින්ට ම අනන්‍ය වූ නිදන රටාවක් තිබෙන බවය. "ක්ෂීරපායි සතුන් අතරින් ඉතාමත් කෙටි නින්දක් ලබා ගන්නේ අලි ඇතුන්. ඔවුන්ගේ විශාල ශරීර ප්‍රමාණය සහ නින්ද අතර යම් සම්බන්ධයක් ඇති බව පෙනෙන්න තිබෙනවා" යනුවෙන් මහාචාර්යවරයා කියා සිටියේය. අබිරහසක් අලි ඇතුන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා GPS කරපටි භාවිත කෙරේ. සාමාන්‍යයෙන් ශරීරය ප්‍රමාණයෙන් විශාල ක්ෂීරපායි සතුන්ට වඩා එම විශේෂයේ කුඩා සතුන්ගේ නිදන කාලය වැඩිය. ඇමරිකාවේ නිවර්තන කලාප තුළ ගස් මත වෙසෙන Sloth සත්ව විශේෂය දිනකට පැය 14 ක් පමණ නිදන අතර මනුෂ්‍යයෝ පැය 8 ක් පමණ නින්ද සඳහා වැය කරති. කෙටි නින්දක් ලබමින් අලි ඇතුන් ජීවිතය රැක ගන්නේ කෙසේදැයි යන්න තවමත් අබිරහසකි. සත්ව ලෝකය තුළ ක්ෂීරපායි, පක්ෂි සහ කටුසු විශේෂ මෙන්ම උරඟ ගණයට අයත් කටුසු විශේෂ ද විවේකය සඳහා අඩ නින්දේ පසුවන ආකාරය දැකගත හැක. ක්ෂීරපායි සතුන් බොහොමයක් සිය විවේකය ගතකරන්නේ අඩ නින්දේදීය. වැඩි වශයෙන් අලි ඇතුන් යොදාගෙන ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට විද්‍යාඥ කණ්ඩායම සැලසුම් කරමින් සිටී.
වන අලියෙකු හෝ හීලෑ අලියෙකු නිදා සිටිනවා දැකගත හැක්කේ ඉතාමත් විරල වශයෙනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
BMW 7 series මෝටර් රථයේ ආරම්භක ගැනුම් මිල ඇමරිකානු ඩොලර් පහළොස් ලක්ෂයකි. පසුගිය වසර විස්සක කාලය මුළුල්ලේ රථයේ හිමිකාරිත්වය දැරූ පුද්ගලයාගේ අනන්‍යතාව පැහැදිලි නොමැති අතර වෙඩි වැදුණු මෝටර් රථය සම්පුර්ණයෙන් අලුත්වැඩියා කොට තිබේ. 1996 වසරේ ලාස්වේගාස් නුවරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සංගීත ශිල්පි ටුපැක් ඝාතනයට ලක්විය. වයස විසිපහයි රැප් ගායක ටුපැක් ශකුර් වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඔහු ගමන් ගත් මෝටර් රථයේ බඳ කොටස වෙඩි උණ්ඩ සිදුරුවලින් පිරී පැවතිණි. වෙඩි ප්‍රහාරයට ලක් වූ ටුපැක් රෝහල්ගත කර දින හයකට පසු මිය ගිය අතර ඒ වනවිට ඔහු විසිපස්වන වියේ පසුවිය. ටුපැක් ශකුර් ගේ ඝාතකයා මෙතෙක් හමු වී නොමැත.
රැප් ගායක ටුපැක් ශකුර් ඝාතනයට ලක් වූ අවස්ථාවේ ගමන්ගත් මෝටර් රථය ඇමරිකානු වෙබ් අඩවියක් මගින් වෙන්දේසි කිරීමට නියමිතව ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'චිත්වාන්' වනෝද්‍යානයේ 'රප්ති' ගංගාව අලියකු පිටින් තරණය කරන සංචාරක කාන්තාවකට අලියා වතුර විදින අවස්ථාවක් වනසත්වලෝලී සංචාරකයකුගේ ඇස ගැටෙන්නේ ඇතැම්විට කොටියකු හෝ ව්‍යාඝ්‍රයකු විය හැකිය. මෙය තනි අඟක් සහිත රයිනෝසරයන් සරන නේපාලයේ 'චිත්වාන්'(Chitwan) ජාතික වනෝද්‍යානයයි. එය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කරන ලද වන බිමකි. 'චිත්වාන්' අලි සම්පත යොදාගනු ලබන 'සෆාරි' විනෝද චාරිකා සංචාරකයන් ආකර්ෂණය කරගනු ලබන වැඩ පිළිවෙලක් වූ අතර එය ප්‍රදේශවාසීන්ට ද ආදායම් මාර්ගයක් වී තිබුණි. එහෙත් ඒ අතරවාරයේ කොරෝනා වෛරසය විසින් නේපාලයේ සංචාරක කර්මාන්තයට විශාල අලාභයක් සිදුකරනු ලැබ ඇති අතර ඇතැම් සංවිධායකයන්ට ඔවුන් සතු අලි ඇතුන් විකුණා දැමීමට බලකෙරෙන තත්ත්වයක් පවා උද්ගත කළේය. අලි ඇතුන්ට පහසුවෙන් වනගැබ ඔස්සේ සැරිසැරිය හැක අපි ඔහු 'සුමන්' යනුවෙන් හඳුන්වමු. ඔහු සිය අනන්‍යතාව හඳුනා ගැනීම වළක්වනු පිණිස එනමින් පෙනී සිටියි. සුමන් 'චිත්වාන්' වනගැබ නැරඹීමට එන සංචාරකයන් සඳහා දශක කීපයක් තිස්සේ 'සෆාරි' චාරිකා සංවිධානය කරන අතළොස්සක් වූ හෝටල් හිමියන් අතර එක් ව්‍යාපාරිකයෙකි. 'සුමන්' 1980 දශකයේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භකර තිබෙන්නේ නේපාල ජාතික ධනවතුන් සතු අලි ඇතුන් කුලියට ගැනීමෙනි. ඉතා ටික කලකින් තමාගේම අයිතිය මත අලි දෙදෙනෙක් ඉන්දියාවෙන් මිලට ගැනීමට තරම් සුමන් ආර්ථික අතින් පොහොසත් විය. ''අලි වනගත ප්‍රදේශවල 'සෆාරි' චාරිකා සඳහා හොඳින් ගැලපෙනවා'' සුමන් පවසයි. ''අලි ඇතුන් පිට ගමන් ගැනීමේ දී සංචාරකයන්ට ඔවුන්ගේ ගමන ඉතා සතුටින් ගතකරන්න පුළුවන් වගේම දුර්ලභ වනසතුන් ඇතුළත් හොඳම දර්ශන දැකගන්නත් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා'' අලි ඇතුන් නඩත්තු වියදම වැඩුණු අලියෙක් සුමන් වැනි තම හාම්පුතුන් වෙනුවෙන් එක මාසයකට ඇමෙරිකානු ඩොලර් 1250ක් වැනි ලාභයක් උපයාදෙයි. එය හිමාල අඩවියේ පිහිටි භූමියෙන් වටවූ නේපාලයට හොඳ ආදායමකි. එහෙත් කොරෝනා වසංගතය විසින් සිදුකරන ලද අලාභය කුමක්ද? සංචාරක කර්මාන්තය සඳහා තහංචි පනවනු ලැබුණි. ප්‍රතිඵලය වූයේ 'සෆාරි' සේවාවන් පවත්වා ගෙනගිය 'සුමන්' වැනි ව්‍යාපාරිකයන්ට තම අලිඇතුන් විකුණා දැමීමට සිදුවීමය. අලියකු පිට නැගුනවිට වඳවී යාමේ අනතුරට ලක්ව ඇති දුර්ලභ වනසතුන් ළඟටම ගොස් ඔවුන් නැරඹීමට අවස්ථාව ලැබෙයි ''අලි ඇතුන් නඩත්තු කිරීමේ දී ඔවුන්ට ආහාර සහ බේත්හේත් සම්පාදනය කිරීමට සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවෙනවා'' සුමන් පවසයි. ''මේ වසංගතය දීර්ඝ කාලයක් බලපැවැත්වුණොත් එම වියදම් දැරීම දුෂ්කර කටයුත්තක් වෙනවා'' අලියකු නඩත්තු කිරීමේ දී ආහාර සඳහා පමණක් සුමන් මාසයකට ඩොලර් දහකට ආසන්න මුදලක් වියදම් කරයි. එහෙත් කොරෝනා වසංගතය හමුවේ සිය ආදායම් පහත වැටීම නිසා තමා සතු එක අලියකු ඉන්දියානු ජාතිකයකුට විකුණා දැමීමට මෙම අලි අයිතිකරු තීරණය කළේය. එම අලියා විකිණීමෙන් විශාල ලාභයක් ලැබෙන නමුත් සෙසු වියදම් නිසා එම මුදල ඉතා ඉක්මනින් ක්ෂයවන බවද සුමන් පවසයි. ''දැන් 'බිස්නස්' නැහැ. අතේ තිබුණ සල්ලිටික ණය ගෙවන්න, සෆාරි කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවන්න සහ අලුත්වැඩියා සඳහා වියදම් කළා'' ''මගේ යාළුවා අලියා'' සුමන් පවසන පරිදි අලියකු යනු ''ව්‍යාපාරික වශයෙන් ආදායම් ඉපයීමේ ධන උල්පතකින් එහාගිය'' සම්පතකි. සංචාරකයන් පැමිණීම පහත වැටීමත් සමඟ එය 'සෆාරි' සංචාරවලට බලපෑ හෙයින් අලි ඇතුන් නඩත්තුව දුෂ්කර අරගලයක් බවට පත්ව ඇත ''මම මගේ අලියකුට පළතුරු හෝ 'කෝලිෆ්ලවර්' දෙනකොට ඔවුන්ගෙන් සංඥාවක් ලැබෙනවා''සුමන් පවසයි. ''මම අලියා ළඟට යනකොට මා ඇස ගැටීමත් සමඟ ශබ්ද කරනවා'' අලින් බලාගැනීම ඇත්ගොව්වන්ට භාර දී ඇතත් තමාට හැකි සෑම මොහොතකම අලින් සමඟ කාලය ගතකරන බවත් සුමන් සඳහන් කළේය. ''විශේෂ වූ අලින් ඉතා දැඩි අධිෂ්ඨානශීලී ජීවීන් වන අතර ඔවුන් කොටි, ව්‍යාඝ්‍රයන්ටවත් බියපත් නොවන'' බවත් සුමන් සිහිපත් කරයි. ''කොටියකු ගැවසෙන බවට ඉව වැටුණොත් අලියෙක් සාමාන්‍යයෙන් ඉදිරියට යාම අතින් මැලිකමක් දක්වනවා. නමුත් අලියා ඇත්ගොව්වාගේ අණ පිළිපදිනවා. අලි කියන්නේ හරිම විනයක් තියෙන සත්තු'' තමා විසින් විකුණා දමන ලද අලියා අවසානයේදී ඉන්දියාවේ ධනවතකුගේ සුරතලකු හෝ කෝවිලක පෙරහැරවලට යොදාගනු ඇතැයි සුමන් උපකල්පනය කරයි. එම අලියා විකුණා දැමීමෙන් පසු තමාගේ සෙසු අලිඇතුන් බලවත් විප්‍රයෝගයකින් පෙලෙන බවක් දක්නට ලැබුණු බවත් එම අලිඇතුන් සාමන්‍ය තත්ත්වයට පත්වීමට දින ගණනාවක් ගතවූ බවත් ඔහු සඳහන් කළේ සංවේදී ස්වරූපයෙනි. නේපාල සෆාරි ව්‍යාපාරයේ අනාගතය කුමක්ද? තම ව්‍යාපාර පෙනෙන අනාගතයක යළි යථා තත්ත්වයට පත්වීමක් පිළිබඳ අපේක්ෂාවක් නේපාලයේ සෆාරි සංචාර සංවිධායකයන් තුළ නොමැත. සංචාරකයන් 'චිත්වාන්' වනෝද්‍යානයට ආකර්ෂණය කරගැනීමට අලිඇතුන් යොදාගත් සෆාරි සංචාර දශක කීපයක් ම වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලැබ ඇත නේපාල ආගමන-විගමන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට 2019 වර්ෂයට සාපේක්‍ෂව 2020 දී රට තුළට සංචාරකයන්ගේ පැමිණීම 80%කින් පහත වැටුණි. එවැනි වාතාවරණයක් යටතේ අලින් විකුණා දැමීමට සිදු වූ එකම නේපාල ව්‍යාපාරිකයා සුමන් පමණක් නොවේ. එම ව්‍යාපාරයේ නිරත වෙනත් පුද්ගලයන්ට ද ඔවුන්ගේ අලි ඇතුන් විකුණා දැමීමට සිදුවිය. එය දුර්ලභ වනජීවීන් විකිණීම තහනම් කෙරෙන ආණ්ඩුවේ නීතිය උල්ලංඝනය කිරීමකි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනජීවීන් සහ ශාක විකිණීම තහනම් කෙරුණු ජගත් සම්මුතියට ඉන්දියාව සහ නේපාලය අත්සන් තබා ඇත. ''වසංගතය ආරම්භවීමට පෙර පෞද්ගලික අයිතියට යටත් අලිඇතුන් 55ක් හිටියා. දැන් එම සංඛ්‍යාව 35කට පහත වැටිලා'' චිත්වාන් වනෝද්‍යානයේ අලි ඇතුන් පිළිබඳ සහයෝගීතා සංවිධානයේ සභාපති රිෂි තිවාරි (Rishi Tiwari) පවසයි. අලි ඇතුන් සඳහා විශේෂ තණබිම් ඇතිකිරීමට සහ දැනට මුහුණ දී සිටින දුෂ්කරතාවන් සැහැල්ලුකර ගැනීම සඳහා ණය සැපයීම වැනි පියවර රජය පාර්ශවයෙන් ගතයුතුව ඇති බවත් රිෂි තිවාරි සඳහන් කළේය. එහෙත් නේපාල ආණ්ඩුව කියා සිටින්නේ සංරක්‍ෂිත කලාපයන්හි තණ බුදීමේ වරම ව්‍යාපාරයන්හි යොදාගනු ලබන හීලෑ අලින්ට දිය නොහැකි බවය. ඒ අතරම අලින් දේශසීමා ඔස්සේ ගමන් කිරීම නතර කිරීමට නිලධාරීහු විපරමින් පසුවෙති. හීලෑ අලින් සංචාරකයන් පිනවීමට යොදාගනු ලබන ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ තායිලන්තය වැනි බොහෝ රටවල අලි අයිතිකරුවන් මූල්‍ය වියදම් අතින් දැඩි දුෂ්කර තත්ත්වයන්ට මුහුණදෙමින් සිටිති. තවත් අලි නැහැ මෑත අවුරුදුවල සෆාරි ව්‍යාපාරිකයන් මුහුණදුන් තවත් ගැටලුවක් වූයේ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සංවිධාන කෙරෙන් එල්ල වූ බලපෑමය. අලි පිට විනෝද සංචාරයන්හි නිරත කරවනු ලැබීම සහමුලින්ම තහනම් කළ යුතුව ඇතැයි සත්ත්ව අයිතිය වෙනුවෙන් පෙනීසිටින ඇතැමුන් අවධාරණය කරද්දී තවත් ක්‍රියාකාරිකයන් කියාසිටින්නේ 'සෆාරි' සඳහා යොදාගනු ලබන අලිඅතුන්ට හොඳින් සත්කාර කළ යුතු බවය. ගෘහාශ්‍රිත හීලෑ අලි ඇතුන්ට සංරක්‍ෂිත වන කලාපයන්හි තණ කෑමට අවසරදිය නොහැකි බව නේපාල ආණ්ඩුව පවසයි. ''ඇතැම් අලිකාරයන් තුළ මතයක් තිබුණා - පහරදීම මගින් අලින් පාලනය කරගන්න පුළුවන් කියල, නමුත් දැන් ඒ මතයේ සැලකිය යුතු වෙනසක් සිදුවෙලා තියෙනව'' සුමන් සඳහන් කළේය. සුමන් පවසන පරිදි ඔහු සිය අලින්ට හොඳින් සත්කාර කිරීමට සුදුසු මට්ටමින් ඇත්ගොව්වන්ට පුහුණුවක් ලබා දී ඇත. එහෙත් සත්ත්ව අයිතිය වෙනුවෙන් පෙනීසිටින උද්ඝෝෂකයන්ගේ සියලු ඉල්ලීම් සපුරාලීම සිදුකළ නොහැක යන්න ඔහුගේ අදහස වී ඇත. ''අලියා විලංගු දමා බැඳ ආවරණයක් යට රඳවා තැබුවේ නැත්නම්,ඔවුන් පැනල යනවා'' සත්ත්ව අයිතිය වෙනුවෙන් පෙනීසිටින ක්‍රියාධරයන්ගේ උද්ඝෝෂණ නිසා යම්කිසි බලපෑමක් දැනටමත් සිදුව ඇත. ඔහුගේ අලිපිට ගමන්ගන්නා සංචාරකයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින පහත වැටුණි. අලි පිට ගමන් ගැනීම වෙනුවට සතුන් පිටුපස පාගමනින් ගොස් නැරඹීමේ විකල්ප වැඩ පිළිවෙලක් 'චිත්වාන්' වනෝද්‍යානයේ නිවාඩු නිකේතනයක් මගින් දැනටමත් හඳුන්වා දී ඇත. ''මම තවත් අලි ඇතුන් මිලට ගන්නේ නැහැ'' එය සුමන්ගේ නිගමනයයි. ''ඉදිරි කාලය තුළ අපේ රටේ සංචාරක කර්මාන්තයේ විශාල වෙනසක් වේවි. එදාට අලි ඇතුන් සෆාරි සංචාරවලට යොදා නොගනීවි'' කියවන්න;
පිටෙහි මගී ආසන සවිකරන ලද අලි ඇත්තු හිමාලය කඳු පාමුල වනගත අඩිපාරවල ඇවිද යති. එම ආසන මත හිඳ සිටින සංචාරකයන්ගෙන් වැඩිදෙනෙක් වනසතුන් නරඹන්නේ පළමු වරටය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රජුන් තැනීමේ බලය පවතින කුඩා පක්ෂවලට අද දිනය ඉතා වැදගත් ආසන එකසිය හැත්තෑවක් සඳහා පැවැත්වෙන මෙවර මැතිවරණයේදී ඉහල මට්ටමක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වනු ඇති බවට අපේක්ෂා කෙරේ. රජුන් තැනීමේ බලය පවතින කුඩා පක්ෂවලට අද දිනය ඉතා වැදගත් වන බවයි එහි සිටින බීබීසී වාර්තාකරු කියා සිටින්නේ. ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මැයි මාසයේ මැද භාගය වන විට නිකුත් වීමට නියමිතයි.
කාශ්මීරය සහ අසාම් ප්‍රාන්ත දෙකෙහි මෙන්ම තමිල්නාඩුවේ සහ මුම්බායි නුවර ජනතාව ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් අද (බ්‍රහස්පතින්දා) ඡන්දය ප්‍රකාශ කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාර්තු 18 වැනිදා කොමිසම ඉදිරියේ පෙනී සිටින මෙන් අගවිනිසුරුවරියට කැඳවීමක් ලැබී ඇති බව නීතිවේදීන්ගේ එකමුතුව පවසයි ලබන මාර්තු 18 වැනිදා කොමිසම ඉදිරියේ පෙනී සිටින මෙන් අගවිනිසුරුවරියට කැඳවීමක් ලැබී ඇති බවයි, නීතිවේදීන්ගේ එකමුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙය දෝෂාභියෝග ක්‍රියාදාමයේදී ආචාර්ය බණ්ඩාරනායක දැක්වූ "නිර්භීත ස්ථාවරය" සම්බන්ධයෙන් ඇයගෙන් පාලි ගැනීම පිණිස ආණ්ඩුව ගත ක්‍රියාමාර්ගයක් බව ද එහි සඳහන් වේ. දෝෂාභියෝග ක්‍රියාදාමයෙන් අනතුරුව ශිරාණි බණ්ඩාරනායක සහ දෝෂාභියෝගයට ප්‍රසිද්ධියේ විරෝධය පළ කළ නීතිවේදීන්ට හිරිහැර කිරීම නවත්වන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන නීතිවේදීන්ගේ එකමුතුව, ආණ්ඩුවේ මතයට විරුද්ධ මතයක් දැරීමේ සියලු ශ්‍රී ලංකාවාසීන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන මෙන් ද ඉල්ලා සිටියි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියේ පෙනී සිටින මෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට නියෝග කිරීම ඇය "දඩයම් කිරීමේ" ආණ්ඩුවේ ක්‍රියා දාමයේ තවත් පියවරක් බව නීතිවේදීන්ගේ එකමුතුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තරුන් ටේජ්පල් තමන්ට එරෙහි චෝදනාව ප්‍රතික්ෂේප කරයි තෙහෙල්කා සඟරාවේ සංස්කාරක තරුන් තේජ්පල් විසින් ඉරිපත් කොට තිබුණ ඇප අයදුම්පත ගෝව නගරයේ අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුවයි, සෙනසුරාදා රාත්‍රියේ ඔහු අත් අඩංගුවට ගැනුණේ. චෝදනාව ප්‍රතික්ෂේප කරන තරුන් තේජ්පල් පවසන්නේ, පැමිණිලිකාර මාධ්‍යවේදිනිය සමඟ තමන් ලිංගිකව එක් වූයේ ඇයගේ කැමැත්තෙන් බවයි. හාම්පුතුන් සහ සහෝදර සේවකයන් විසින් රැකියාවල නිරත වන ඉන්දීය කාන්තාවන් නිරන්තරයෙන් ලිංගික අතවරයන්ට ලක් කරන බව පවසන මානව හිමිකම් ක්‍රියාධරයෝ, කෙසේ නමුත් සිය රැකියාව අහිමි වනු ඇතැයි බියෙන් බොහෝ අවස්ථාවල ඔවුන් ඒ පිළිබඳව පැමිණිලි කිරීමෙන් වලකින බවද පවසති.
සහෝදර මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී තිබෙන ඉන්දියාවේ ප්‍රධානම පෙළේ ගවේෂණාත්මක සඟරාවක සංස්කාරකවරයා දින හයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අදහස් හුවමාරු කර ගනිමින් නොවැම්බර් 09 සහ 10 යන දෙදින තුළ සමුළුව පැවැත්වීමට කටයුතු සම්පාදනය කෙරෙමින් තිබිණි. සාක් සමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා සියල්ල සූදානම් කර තිබුණත් ඒ සඳහා ඉන්දියාව සහභාගී නොවීම සමුළුව පැවැත්වීමට බාධාවක් වී ඇති බවයි පකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ. සමුළුව පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බැවින් එය දින නියමයක් නොමැතිව කල් තබන බව පකිස්තාන විදේශ අමාත්‍යාංශය නිකුත් කරන ලද නිල නිවේදනයේ සඳහන් වේ. කෙසේ නමුත් සමුළුව පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. සිය කාශ්මීර යුද කඳවුරට එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට ඇඟිල්ල දිගු කරන නමුත් පාකිස්තානය එම චෝදනා බැහැර කරයි ඉන්දියානු පරිපාලනය සහිත කාශ්මීරයේ හමුදා කඳවුරකට පසුගියදා එල්ල කෙරුණු සන්නද්ධ ප්‍රහාරය මුල් කර ගනිමින් පාකිස්තානයේ පැවැත්වීමට නියමිත සාක් සමුළුවට සහභාගී නොවන බව ඉන්දියාව මීට ඉහතදී නිවේදනය කළේය. ඉන්දියාව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ 'කලාපීය සහයෝගිතාවට සහ ත්‍රස්තවාදයට එක්ව ගමන් කළ නොහැකි' බවයි. සිය කාශ්මීර යුද කඳවුරට එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට ඇඟිල්ල දිගු කරන නමුත් පාකිස්තානය එම චෝදනා බැහැර කරයි. පාකිස්තානය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හුදකලා කරනු ලැබීමට දිල්ලි බලධාරීන් විසින් ගනු ලබන උත්සාහයේ අළුත්ම නිදසුන හැටියට ඉන්දියාව සමුළුව වර්ජනය කිරීම පෙන්නුම් කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සමුළුවට සහභාගී නොවී සිටීමට ඉන්දියාව ගනු ලැබූ තීන්දුවත් සමග ඇෆ්ගනිස්ථානය, භූතානය සහ බංගලාදේශය යන රටවල්ද සමුළුවට සහභාගී නොවන බව නිවේදනය කොට තිබිණි. සාක් සමුළුව පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් කලාපය තුළ නො තිබීම පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව සිය කනගාටු පළ කර සිටියේය.
ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිතව තිබූ දහනව වන දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සමුළුව දින නියමයක් නොමැතිව කල් තැබීමට තීරණය කොට ඇති බව පාකිස්තාන විදේශ අමාත්‍යංශය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සියලු කටයුතු සැලසුම් කර තිබියදී, කළමනාකරු වශයෙන් රංජිත් ප්‍රනාන්දු පත්කරන ලද බව සංචාරයට දින දෙකකට කලින් හදිසියේම තමන්ට දැනුම් දුන් බව චරිත් සේනානායක බීබීසී සංදේශය කළ විමසීමකදී තහවුරු කළේය. කළමනාකාර පදවිය 'වරින්වර වෙනස් කිරීමේ' අවශ්‍යතාවය එයට හේතුව වශයෙන් දැනුම් දී තිබුණ බවත් ඔහු සඳහන් කළේය. ඒ වනවිට ඔහු සහ බිරිඳ දකුණු අප්‍රිකාව බලා යාම පිණිස පමණක් නොව දකුණු අප්‍රිකාව තුල ක්‍රීඩාංගන බලා යාම පිණිසත් ගුවන් ප්‍රවේශපත් පවා මිලදී ගෙන සිටි බව සංදේශයට අනාවරණය වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දකුණු අප්‍රිකානු සංචාරය සඳහා රංජිත් ප්‍රනාන්දු පත්කිරීමත් සමග කණ්ඩායමේ කළමනාකරුවන් වශයෙන් දෙදෙනකු මේ වනවිට වැටුප් ලබන අතර, චරිත් සේනානායක 'කාර්ය නියමයක් නොමැති' කළමනාකරුවාය. තමන් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකු බැවින් මේ මොහොතේ වැඩිදුර විස්තර හෙළි කළ නොහැකි බව චරිත් සේනානායක සංදේශයට පැවසීය. චරිත් සේනානායක පසුගිය අප්‍රේල් මාසයේදී කණ්ඩායමේ කළමනාකරු වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට පිට පිටම ටෙස්ට් තරග පහක් ජයග්‍රහණය කළ අතර, සිම්බාබ්වේහි පැවති එක් දින තුන් කොන් තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ ඔහුගේ සේවා කාලය තුළදීය. පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සහ සේනානායක සුසංයෝගය යටතේ 'One Team, One Nation' ලෙසින් එකමුතුව බොහෝ ජයග්‍රහණ දිනා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. මේ පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ඇමතීමට බීබීසී සංදේශය කිහිපවතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.
ලබන වසරේ සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් චරිත් සේනානායකට ස්ථිර පත්වීමක් දී තිබියදී, දකුණු අප්‍රිකානු සංචාරය සඳහා හදිසියේම තවත් කළමනාකරුවකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ මන්දැයි ක්‍රීඩා ලෝකයේ සංවාදයට බඳුන් වී පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'කැසිනෝ සූදුව යනු කළු සල්ලි සුදු කරන, පාදඩ ආර්ථිකය, අපරාධ, ප‍්‍රචණ්ඩත්වය, දේශපාලන බලය මෙහෙයවන එකක්' ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි තුන්සීයක පමණ බදු ආදායමක් අහිමි කෙරෙන කැසිනෝ ව්‍යාපෘතිය සම්බන්ධ ගැසට් තුනක් ඉදිරි සතියේ විවාදයට ගැනීමට නියමිත බවයි, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ. "කැසිනෝ සූදුව යනු ගණිකාව, සුරාව, සූදුව යන සියල්ල ව්‍යාප්ත කරන ව්‍යාපාරයක්. ඒ වගේම කළු සල්ලි සුදු කරන, පාදඩ ආර්ථිකය, අපරාධ, ප‍්‍රචණ්ඩත්වය, දේශපාලන බලය මෙහෙයවන එකක්. සමාජ අපරාධ වර්ධනය කරන ව්‍යාපාරයක්. එය ගමේ බූරුපොළකට එහා ගිය භයානක ප‍්‍රතිඵල අත්කරදෙන ව්‍යාපාරයක්," යනුවෙන් ඔහු කියා සිටියේය. මහින්ද චින්තන ප්‍රතිපත්තියේ මතට තිත සංකල්පය යටතේ සදාචාරවත් සමාජයක් ගොඩ නැගීමට ප්‍රතිඥා දුන් ආණ්ඩුව 2010 මැතිවරණ ජයග්‍රහණයත් සමඟම ඒ පොරොන්දු බිඳ දැමූ බවටත් විජිත හේරත් මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කරයි. 'ඔළුවෙන් සිටුවීම' ඔහු එය හැඳින්වූයේ මහින්ද චින්තනය ඔළුවෙන් සිටුවීමක් ලෙසින්. "2010 දෙසැම්බර් මාසයේ 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් පසුව සියලූම කැසිනෝ ශාලා එක් බිම් කොටසකට සීමා කරන්න කියලා ගැසට් එකක් ගෙනාවා. එහි අඩංගු වුණේ කැසිනෝ සූදුව ඩීආර් විජේවර්ධන මාවතට ගේනවා කියලා. ඉන් පසුව ආණ්ඩුව ඩීආර් විජේවර්ධන මාවතින් එහාට ගොස් කැසිනෝ ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට ගැසට් දෙකක් ගෙනාවා," යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. සූදු සහ ඔට්ටු ඇල්ලීමට අවසර ලබාදෙන බව එම ගැසට් නිවේදනවල සඳහන් වූ බව පවසන විජිත හේරත් මන්ත්‍රීවරයා, විපක්ෂයේ සහ ආගමික නායකයන් ඇතුළු සමාජයෙන් මතු වූ විරෝධය මැද ආණ්ඩුව එම ගැසට් ඉවත් කර ගත් බව පෙන්වා දෙනවා. එහෙත් ඉන් මාස කිහිපයකට පසුව ආණ්ඩුව අලුත් ගැසට් තුනක් මගින් කැසිනෝ ශාලා තුනකට අවසර ලබා දී ඇති බව මන්ත්‍රීවරයාගේ චෝදනාවයි. "ක‍්‍රමෝපාය සංවර්ධන පනතට අනුව ගෙන එන්නේ රටේ ප‍්‍රධාන ආර්ථික ව්‍යාපෘති පමණයි. ඒවා රටේ ආර්ථික මර්මස්ථාන බවට පත්වෙනවා. සියලූ බදු නිදහස හිමිවෙනවා. ආණ්ඩුව දැන් සිදුකර තිබෙන්නේ කැසිනෝ ව්‍යාපෘති ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති යටතේ වර්ග කිරීමයි. ඒ අනුව කැසිනෝ ව්‍යාපාරය සියලුම බදුවලින් නිදහස් වෙනවා." ප්‍රතිචාරයක් නෑ දැවැන්ත කැසිනෝ ශාලා අවුරුදු පහළොවක් තරම් කාලයක් බදුවලින් නිදහස් කරන ආණ්ඩුව ජනතාවගේ සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් විශාල බදු අය කරමින් සිටින බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ. "කැසිනෝ පේ‍්‍රමීන් කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තමයි මේ ගැසට් තුන ගෙනත් තිබෙන්නේ. බොරු දේශපේ‍්‍රමීන් රට ඉදිරියේ ජනතාවට එකක් කියමින් කැබිනට් එකේදී කැසිනෝවලට අත උස්සනවා. මෙයින් රට අගාධයට යනවා පමණක් නෙවෙයි, ඩොලර් බිලියන 03ක පමණ බදු ආදායමක් රටට අහිමි වෙනවා. “ රහසිගතව කැසිනෝ ඉදිකිරීමේ ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරෝධය පළ කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියා. මෙම චෝදනා පිළිබඳව විමසීම පිණිස විෂය භාර අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
විශේෂ බදු සහන ලබාදෙමින් මහා පරිමාන කැසිනෝ ව්‍යාපෘති දෙකක් හඳුන්වා දීමට මීට මාස කිහිපයකට ඉහතදී ගත් උත්සාහය මහ නායක හිමිවරුන් සහ විපක්ෂයේ විරෝධය මත හකුලාගත් ආණ්ඩුව, කැසිනෝ ව්‍යාපෘතිය යලිත් හඳුන්වා දීමට සැරසෙන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විසි වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ සිවානන්දන් 35 හැවිරිදි වියේදී ශ්‍රී ලංකාව හැර යන්නේ 1958 වාර්ගික ගැටුම්වලින් හටගත් කම්පණය හේතුවෙනි. සිය උපන් බිම හැර යාමෙන් අනතුරුව Institute of Race Relations (IRR) ආයතනයේ පුස්තකාලයාධිපති තනතුරට පත්වන සිවානන්දන් එම පුස්තකාලය ගොඩනැගීම පිණිස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. පසුව ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට සහ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන 'Race' (පසුව 'Race & Class') සඟරාවේ සංස්කාරක පදවියට ද පත්විය. ඔහු බ්‍රිතාන්‍ය සමාජයේ ආයතනගතව පවතින ජාතිවාදයට එරෙහිව හඬ නගන ප්‍රධාන පෙළේ ක්‍රියාධරයෙකු බවට පත්වන්නේ ඒ සමයේදීය. ROTA ආයතනයේ Oral History ව්‍යාපෘතිය වෙනුවෙන් අම්බලවානර් සිවානන්දන් පිළිබඳව වීඩියෝ විශේෂාංගයක් නිර්මාණය කළ පූර්ණිමා කරුණාකඩාචරන් බීබීසී සිංහල සේවය සමග පැවසූ පරිදි, ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නමුදු ඔහුගේ අරගලය එක් ජාතියක් හෝ ජනවර්ගයක් පමණක් උදෙසා කෙරුණු අරගලයක් නොවේ. "ඔහු තමයි 'Politically Black' කියන සන්දර්භය හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ ඔහු සමේ වර්ණයෙන් ඔබ්බට ගියා. ඔහු කතා කළේ 'දේශපාලන වර්ණය' ගැන," යනුවෙන් පූර්ණිමා අදහස් පළ කළේ සිය මිතුරා අහිමිවීම පිළිබඳව ශෝකයෙන් තැවෙමිනි. සිවානන්දන් නම් "දැවැන්ත මිනිසා" පිළිබඳව කිසිදු ගුණ කථනයක් පරිපූර්ණ නොවන බව අවධාරණය කරන ඇය, "ඕනෑම ගුණ කථනයක් සිවා ගැන කරන වර්ණනාවෙන් සුළු කොටසක් විතරයි," යනුවෙන් ද සඳහන් කළාය. ROTA ආයතනය සමග සිය ළමා කාලය පිළිබඳව අදහස් දක්වමින් දෙමටගොඩ වාසය කළ සමයේ සිංහල, මුස්ලිම් සහ දෙමළ ජාතික දරුවන් සමග ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරය ඔහු සිහිපත් කර තිබුණි. බ්‍රිතාන්‍යයේදී ඔහුගේ මිතුරු කැලට තවත් ජාතීහු එක් වූහ. "මම සිංහල සින්දු කිවුව. මම බයිලා කැප්ටන් කෙනෙක්. මම අයිරිෂ් සින්දු කිවුව." කිසිවෙකු පිළිබඳ සැබෑ අර්ථකතනය විය යුත්තේ ඒ තැනැත්තාගේ ජාතිය, ආගම හෝ පසුබිම නොව ඔහුගේ/ඇයගේ "හැසිරීම" බව සිවානන්දන් අවධාරණය කළේය. බොහෝ දෙනා ඔහු හඳුන්වා දෙන්නේ ලේඛකයෙකු සහ බුද්ධිමතෙකු වශයෙන් බව පවසන පූර්ණිමා කරුණාකඩාචරන් විසින් සිවානන්දන් විග්‍රහ කරනු ලැබුවේ විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක සිය ආධිපත්‍යය විහිද වූ අද්විතීය මිනිසෙකු වශයෙනි. "ඔහු හමුවෙන්න කලින් පවා, මට ඔහුත් එක්ක ආත්මීය බැදීමක් තිබුණා." බීබීසී සිංහල සේවය සමග අතීතානුස්මරණයක යෙදුනු විශේෂාංග චිත්‍රපට ශිල්පිනියක වන මාගරට් හෙන්රි, සිවානන්දන් හඳුන්වා දුන්නේ 1978 තරම් ඈත යුගයේ පටන් තමන්ට ගුරුහරුකම් දෙමින් මග පෙන්වූ පුද්ගලයෙකු (mentor) වශයෙනි. ඉතාමත් දක්ෂ වාමාංශික චින්තකයෙකු වූ සිවානන්දන් ඉතා විශාල පිරිසකට බුද්ධිමත් චින්තනය සඳහා මග පෙන්වූ ගුරුවරයෙකු වූ බව ද මාගරට් හෙන්රි කෘතවේදීව සිහිපත් කරන්නීය. එමෙන්ම ඉතාමත්ම තියුණු චින්තන ශක්තියකින් හෙබි ඔහු අති දක්ෂ දේශපාලන විශ්ලේෂකයෙකු වූ බවත් ඇය බීබීසී සිංහල සේවයට කියා සිටියාය. 1978 දී සිවානන්දන් විසින් නිර්මාණය කරන ලද "Black's Britannia" විශේෂාංග චිත්‍රපටයට ද දායක වී ඇති මාගරට් පවසන පරිදි, සිය සමීපයන් සමග සංවාදයේ නිරතවන අතරවාරයේ රවීන්ද්‍රනාත් තාගෝර්, ටීඑස් එලියට් සහ හෆීස් වැනි ලෝක පූජිත කවියන්ගේ කවි පදයක්, දෙකක් උපුටා දැක්වීමට ද ඔහු බුහුටි විය. කෙසේ වුවත් පූර්ණිමා කරුණාකඩාචරන් පවසන පරිදී තමන් මග පෙන්වන්නෙකු (mentor) ලෙසින් විග්‍රහ කිරීම ගැන "සිවා" ගේ මනාපයක් නොවීය. "ඔහු කිවුවේ මම 'mentor' නෙමෙයි 'exemplar' (ආදර්ශමත්) කියල." සියලු ජාති, ආගම් සහ කුල ප්‍රජාවන්ට අයත් මිනිසුන් හඳුනාගැනීමේ අපූරු හැකියාවක් ඔහු සතුව තිබුණු බව පවසන පූර්ණිමා සැබැවින්ම ජාතිවාදයට සහ පන්ති භේදයට එරෙහිව ඔහු ගෙන ගිය සටන කිසිසේත්ම එක් ජන කොටසක් වෙනුවෙන් පමණක් කෙරුණු අරගලයක් නොවූ බව සිහිපත් කරන්නීය. "ඔහුගේ දර්ශනය වෙලා තිබුණේ දේශපාලන වශයෙන් පීඩාවට පත් ජන කොටස් එක්සේසත් කිරීම." ඔහු සමීපව ඇසුරු කළ පිරිස් මෙන්ම ඔහුගේ ලේඛන පරිශීලනය කළ ලොව පුරා වෙසෙන බොහෝ දෙනා ද දිවියෙන් සමුගත් මානව හිතවාදියාට සිය ප්‍රණාමය පළ කරමින් සිටිති. ෆේස්බුක් ජාලයේ සටහනක් තබන ලේඛක කපිල එම් ගමගේ, සිවානන්දන් ලියූ පළමු නවකතාව වන 'When Memory Dies' ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීම මෑතකදී හසිත අබේවර්ධන විසින් අරඹනු ලැබ ඇති බව සඳහන් කරයි. එය, එම කෘතිය සිංහලට නැගීමට සිවානන්දන් ලේඛකයා කලක් මුළුල්ලේ දැරූ උත්සාහය, ජීවිතයෙන් ඔහු සමුගෙන යාමෙන් පසුව හෝ මල් ඵල ගැන්වීමක් බව ඔහුගේ සමීපතමයන්ගේ අදහස වී තිබේ. "වාමවාදී චින්තකයෙක් ලෙස ප්‍රකට සිවානන්දන් විශේෂයෙන් ජාතිය හා වර්ණය පදනම් කරගත් ගැටුම් පිළිබඳ සංවේදී බුද්ධිමතෙකු ලෙසින් ඒ පිළිබඳ ලියූ ලේඛණ ප්‍රමාණය අතිවිශාලයි," යනුවෙන් ද කපිල එම් ගමගේ, විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන මුහුණු පොතේ තැබූ සටහනකට ප්‍රතිචාර වශයෙන් මුහුණු පොතේ සටහන් කොට තිබේ. 'When Memory Dies' ලේඛකයෙකුගේ කුළුඳුල් නවකතාවට හිමිවෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ලේඛකයන්ගේසම්මානයෙන් ද පිදුම් ලැබීය. 2000 වසරේ දී ප්‍රකාශයට පත් කෙරුණු 'Where the Dance is' ඔහුගේ එකම කෙටිකතා එකතුවය. සබැඳි යොමු:
ජාතිවාදයට එරෙහිව සටන් කළ චින්තකයෙකු, කෘතහස්ත ලේඛකයෙකු, දේශපාලන විචාරකයෙකු, ගුරුවරයෙකු සහ සමාජ සාධාරණය උදෙසා සටන් වැදුණු ශ්‍රී ලාංකික ක්‍රියාධරයෙකු වූ අම්බලවානර් සිවානන්දන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරදී සිය දිවියෙන් සමු ගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිකුරාදා මරා දැමුණු විසි වන වියේ පසු වූ බුර්හන් වානි කලාපයේ ක්‍රියාත්මක විශාලතම සන්නද්ධ ව්‍යාපාරවලින් එකක් වන හිස්බුල් මුජහිදීන් සංවිධානයේ නායකයෙකි. සෙසු තරුණයන්ට සිය කණ්ඩායමට බැඳෙන ලෙස ඉල්ලා සමාජ ජාල තුළ පළ කරන ලද වීඩියෝ දර්ශනවල පෙනී සිටි අයකු ලෙසත් බුර්හන් වානි ප්‍රසිද්ධියක් උසුලන්නෙකි. ඔහුගේ උපන් ගම වන ශ්‍රීනගර්හි උතුරු කලාපයේ පැවති අවමංගල්‍ය සඳහා සිය ගණනක පිරිසක් එක් වී සිටි අතර එහි ආරක්ෂාව තර කොට තිබේ.
ආරක්ෂක අංශ විසින් ඉහළ පෙළ සන්නද්ධ කණ්ඩායම් නායකයකු මරා දමනු ලැබීමත් සමග ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ බලධාරීන් විසින් ශ්‍රීනගර්හි ප්‍රදේශ ගණනාවක ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වරාය ආශ්‍රිතව හටගත් ගින්නකින් අනතුරුව විශාල හත්තක ආකාරයේ වළාවක් මතු කරමින් සිදු වූ පිපිරීමෙන් බේරූට් නගරය දෙදරුම් කැවිණි. ජනාධිපති මීෂෙල් අවුන් පැවසුවේ අදාළ ප්‍රදේශයේ ගුදමක් තුළ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් ඉතා අනාරක්ෂිතව වසර හයක කාලයක් පුරා ගබඩා කර තිබී ඇති බවය. බදාදා (අගෝස්තු 04) හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූ ජනාධිපතිවරයා, සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බව කියා සිටියේය. බදාදා සිට ලෙබනනය තුළ දින තුනක ශෝක කාලයක් ක්‍රියාත්මක කෙරේ. හදිසි අරමුදලක් වෙනුවෙන් ආණ්ඩුව ලීරා බිලියන 100 ක් (ඩොලර් මිලියන 66) නිකුත් කරනු ඇති බව ජනාධිපතිවරයා නිවේදනය කළේය. මෙම පිරිරීම සිදුවුයේ සංවේදී කාල වකවානුවකදීය. එනම් හිටපු අගමැති රෆික් හරිරි 2005 වසරේදී මරාදැමීමට අදාළ නඩුවිභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබියදීය. මෝටර් රථ බෝම්බයකින් හරිරි ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනෙකුට අදාළ නඩුවිභාගය එක්සත් ජාතීන්ගේ අධිකරණයක් හමුවේ විභාග කෙරිණි. එහි තීන්දුව ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. දෙවෙනි පිපිරීමක් ලෙස වාර්තාවූ සිදුවීම හටගෙන තිබෙන්නේ බේරුට් නගරයේ පිහිටි හරිරි නිවසේදීය. ශ්‍රී ලංකා තානාපතිනියගේ අත්දැකීම පිපිරීම පිළිබඳ බීබීසී සිංහල සේවයට විස්තර කළ ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කියා සිටියේ බේරූට් නුවර තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සහ තානාපති කාර්යාලයේ සේවකයින් බොහෝ දෙනෙකුගේ නිවාසවලට ද හානි සිදු වී තිබෙන බවය. පිපිරීම සිදු වී තිබෙන්නේ තානාපති කාර්යාලයේ සිට කිලෝමීටර් 25 ක් පමණ දුරිනි. එහෙත් එහි කම්පනය බොහෝ ප්‍රදේශයකට පැතිරී තිබේ. "මම කාර් එකේ එනකොට කාර් එක එකපාරටම උඩට ඉස්සුණා. අපි හිතුව පිටිපස්සෙන් ආපු කාර් එක හැප්පුවා කියල. ඒත් පස්ස බැලුවම කාර් එකක් තිබුණේ නෑ. එතකොටම ගිනි බෝලයක් වගේ දෙයක් උඩ යනව දැක්ක." "ඊට පස්සේ පළාතම සුදු පාටින් වැහිලා ගියා. දැන් මුළු බේරූට් ම දුමාරෙන් වැහිලා." ශ්‍රී ලාංකිකයින් 25,000 ක් පමණ ලෙබනනයේ වාසය කරති. ඒ කිසිවෙකුටත් අනතුරක් වී ඇති බවක් මෙතෙක් වාර්තා වී නොමැත. පිපිරීම අසල්වැසි සයිප්‍රසයට පවා ඇසුණු බව එහි සිටින කොන්සල් ජනරාල්වරයා කී බවද තානාපතිනි ශානි කල්‍යාණරත්න සඳහන් කළාය. "දැන් මුළු අහසම රතු පාට වෙලා," ඇය විස්තර කළාය. "එම්බසි එකේ ලොකු රෝලර් ශටර් එකක් තියෙනව ඒක ඇඹරිලා ගිහිල්ල. සමහර පැතිවල ලයිට් නෑ, අපිට ලයිට් තියෙනව." තානාපතිනියගේ සැමියා, ඇන්ඩෲ චින්නයියා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, තමන් නිවසේ උද්‍යානයේ වාඩි වී සිටින අතරවාරයේ එක්වරම පුටුවෙන් විසි වී ගිය බවය. "මට මහා ලොකු ගිගිරුමක් වගේ සද්දයක් ඇහුණා. මම හිතුවේ ජෙට් එන්ජින් එකක් ද කියල. නැත්නම් අහස ගොරවනවද කියල. ඒ එක්කම මාව පුටුවෙන් විසි වෙලා වැටුණා." "ඊට පස්සේ මම දැක්ක සුදු පාට මොකක්ද මගේ පැත්තට එනවා වගේ," ඇන්ඩෲ චින්නයියා පැවසීය. මෙම සිදුවීම්වලින් බොහෝදෙනෙක් තුවාල ලද බව හා විශාල හානියක් සිදුවී ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍ය හමාඩ් හසන් පැවසීය. පුද්ගලයින් සුන්බුන්වල සිරවී ඇති ආකාරය ලෙබනන මාධ්‍යවල දැක්විණි. පළමු පිපිරීම කන් බිහිරි කරවන සුලු වූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් විස්තර කළේය. සුන්බුන්ව ගිය මෝටර් රථ හා හානි වූ ගොඩනැගිලි ද වීඩියෝ දසුන්වල දක්නට විය. මෙම අලුත්ම සිදුවීම වාර්තා වුයේ ලෙබනනය තුළ දේශපාලනික උණුසුම් බවක් මතුවෙමින් තිබියදීය. 1975-1990 අතර සිවිල් යුද්ධය පැවති සමයේ සිට මේ දක්වා මතුවූ දරුණුම ආර්ථික අර්බුදය ආණ්ඩුව හසුරුවන ආකාරයට එරෙහිව වීථි පුරා උද්ඝෝෂණ දියත්වෙමින් පැවතිණි. එසේම ඊශ්‍රායලය සමග ඇති දේශසීමාවේ ද උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. සිය භූමියට ඇතුළුවීම සඳහා හිස්බොල්ලාහ් සංවිධානයේ සාමාජිකයින් දැරූ උත්සාහයක් ව්‍යර්ථ කරන ලද බව ඊශ්‍රායලය පසුගිය සතියේ පැවසීය. හරිරි පිළිබඳ නඩු විභාගය කුමක් ද? 2005 වසරේ පෙබරවාරි මස 14 වෙනිදා උදෑසන බේරුට් නගරයේ හෝටල හා බැංකුවලින් පිරුණු කාර්ය බහුල ප්‍රදේශයක් හරහා රෆික් හරීරි රැගත් මෝටර් රථ පෙළ ඇදී යද්දී සිදුවූ පිපිරීමෙන් ප්‍රදේශයට දැඩි හානි සිදුවිය. පිපිරීම සිදුවන අවස්ථාවේදී හරිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විය. හරීරි යනු ලෙබනනයේ සිටි වඩාත් ප්‍රමුඛ සුන්නි දේශපාලනඥයින් අතරින් අයෙකි. මරණයට පත්වන අවස්ථාව වන විට, එරට සිවිල් යුද්ධය ඇරඹුණු තැන සිට ලෙබනනයේ රැදී සිටි සිරියානු හමුදාවලට ඉවත්ව යන ලෙස නැගුණු ඉල්ලීම හා එක්ව සිටියේය. මෙම ඝාතනය, සිරියාවට පක්ෂපාතී ආණ්ඩුවට එරෙහිව දහස් ගණන් උද්ඝෝෂකයින් වීථිවලට කැඳවාගෙන ඒමට හේතු වූ අතර එම ඝාතනය පිළිබඳ දෝෂාරෝපණය එල්ලවූයේ ලෙබනනයට වඩාත්ම බලපෑම් එල්ල කරනු ලබන අසල්වැසියා වන සිරියාවට ය. සති දෙකක් තුළදී ආණ්ඩුව ඉල්ලා අස්වූ අතර ඉන් තවත් සති කිහිපයකට පසු සිරියාව සිය හමුදා ඉවත් කරගත්තේය. සාක්ෂි රැස්කිරීමෙන් අනතුරුව, ලෙබනනය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව 2007 දී ලෙබනනය සඳහා වූ විශේෂ අධිකරණය (STL - Special Tribunal for Lebanon) හේග් නුවරදී පිහිටුවාගනු ලැබුවේ අදාළ බෝම්බ පිපිරීම විමර්ශනය සඳහාය. අනතුරුව ඉරාන සහය ලබන හිස්බොල්ලාහ් සංවිධානයට සම්බන්ධ සැකකරුවන් සිවු දෙනෙකුට ත්‍රස්තවාදය, ඝාතනය හා ඝාතනයට තැත්දැරීම පිළිබඳ චෝදනා ගොනු කෙරිණි. ප්‍රහාරයට සම්බන්ධ පස්වැන්නා ලෙස සැලකුණු හිස්බොල්ලාහ් සංවිධානයේ හමුදා අණදෙන දෙන නිලධාරී මුස්තෆා අමීන් බරෙද්දීන් 2016 වසරේදී සිරියාවේදී ඝාතනය කෙරිණි. හිස්බොල්ලාහ් ආධාරකරුවන් මෙම නඩුවිභාගය ප්‍රතික්ෂේප කර තිබුණේ අදාළ අධිකරණය දේශපාලනික වශයෙන් මැදහත් නොවන බව පවසමිනි. මෙම තොරතුරුද දැනගන්න: ලෙබනනය කේන්ද්‍රගතව නැවත යුද්ධයක් හටගනී ද?
අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකුවත් මරණයට පත් කරමින් සහ තවත් 4,000ට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් බේරූට් අගනුවර අඟහරුවාදා (අගෝස්තු 04) සිදුවූ පිපිරීමෙන් අනතුරුව ලෙබනනය ඒ සම්බන්ධයෙන් වැළපෙමින් සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එම ධුරයෙන් ඉවත්වන ලෙස බල කරනවා වෙනුවට ඇමරිකාව කළ යුත්තේ එරට ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය පරාජය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම බව ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය. සිරියානු ගුවන් ප්‍රදේශය තුළ පියාසර මුක්ත කලාපයක් ඇති කිරීමෙන් මිනිස් ජීවිත ආරක්ෂාකර ගැනීමටත්, යුද්ධයට කඩිනම් අවසානයක් ගෙනදිය හැකි බවටත් හිලරි ක්ලින්ටන් යෝජනා කරන්නීය. එම ප්‍රතිපත්තිය රුසියානු ප්‍රහාරක යානා සමග ගැටුමකට මුල පිරීමකට හේතු විය හැකි බව විවේචකයෝ පවසති.
ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගේ සිරියාව සම්බන්ධයෙන් පවතින විදේශ ප්‍රතිපත්ති සැලැස්ම තුන්වෙනි ලෝක යුද්ධයකට හේතු විය හැකි බව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී මංගල සමරවීර ප්‍රවෘති සාකච්ජාවකදී පැවසුවේ බොදු බල සේනා සංවිධානයට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ඇති රහස් ගිණුමකින් මුදල් ලැබෙන බවයි. රට තුළ ඇතිවී තිබෙන සාමය නැති කරන්නට, ජාත්‍යන්තර සබඳතා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව එක්සත් ජාතික පක්‍ෂයද පිළිගන්නා බව ඔහු කියා සිටියේය. කුමන්ත්‍රණයක් නමුත් මේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කුමන බලවේගයක්ද යන්න සොයා බැලිය යුතු බවයි ඔහු පවසන්නේ. ආරක්‍ෂක අමාත්‍යංශයේ රහස් ගිණුමකින් බොදු බල සේනා සංවිධානයට මුදල් ලැබෙන බවට තමන් මීට කලින්ද චෝදනා එල්ල කළ බව පැවසූ ඔහු මේ බව පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ කළ බව සඳහන් කළේය. ඇමති කෙහෙළිය රඹුක්වැල්ල තමන්ට එසේ ලැබෙන ශක්තිය නිසා බොදු බල සේනා සංවිධානය , සිහල රාවය වැනි කණ්ඩායම් පොලිස් සහ යුද හමුදා ආරක්‍ෂාව ඇතිව මුස්ලිම් පල්ලිවලට, මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට මෙන්ම මුස්ලිම් ජනතාවට පසුගිය වසර දෙක පුරා වරින් වර පහර දෙමින් නීතියේ රැහැනට හසු නොවී සිටින බවයි මංගල සමරවීර මන්ත්‍රීවරයා පැවසුවේ. ඉහත කී චෝදනාවන්ට පිළිතුරු සපයමින් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියේ, මංගල සමරවීර මන්ත්‍රීවරයා ඉදිරි මැතිවරනවලදී මුස්ලිම් ඡන්ද අපේක්ෂාවෙන් යම් යම් ගණන් හැදීම් කරන බවයි. ජාතීන් විරසක කිරීමක් මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශන පදනම් විරහිත බවයි ඇමතිවරයා සංදේශයට අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ. එවැනි ප්‍රකාශන මගින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා ජාතීන් විරසක කරන බවත් ඔහු පවසයි. ආරක්ෂක අමාත්‍යාංශය බොදු බල සේනා ඇතුළු සංවිධානවලට ආධාර කරන බවට මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශන සම්බන්ධයෙන් සංදේශය විමසීමක් කළ අවස්ථාවේ යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේත් එවැනි චෝදනා වලට පදනමක් නොමැති බවයි. තවදුරටත් අදහස් දක්වන බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කිරීමේ වැඩ පිළිවෙලක් පවතින බවට තමාට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කළේය.
බොදු බල සේනා සංවිධානයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් මුදල් ලැබෙන බවට එක්සත් ජාතික පක්‍ෂය චෝදනා එල්ල කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2019 නොවැම්බර් 20 දිනය සහිතව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කරන ලද අංක 2150/31 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව සිංහරාජයේ විශාලත්වය හෙක්ටයාර 36,474.93ක් දක්වා වැඩි කෙරුණි. ඒ අනුව මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති ඉඩම සිංහරාජයේ නව මායිමට ආසන්නවන බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති. සිංහරාජයේ ජීවත්වන අලි දෙදෙනා ගමන් කරන මාර්ගය ද මේ ඉඩම පිහිටි ප්‍රදේශය හරහා වැටී තිබේ. නෛතික භාවය සහ පරිසර අඛණ්ඩතාව යන සාධක සැළකු විට මෙම ප්‍රශ්නගත භුමිය 'සිංහරාජ අඛණ්ඩ කලාපය' ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය බව පරිසර නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි. යාල සහ කුමන ඇසුරින් ඊට පුර්වාදර්ශ ලබා ගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි. භාග්‍යා අබේරත්න සිසුවිය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් පසු 'ගුරුගේ ඉඩම' ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු විය. විවිධ පාර්ශව චෝදනා එල්ල කළ ද තමන් මෙහි වන විනාශයක් සිදුකර නොමැති අතර මෙය නීත්‍යනුකූල අයිතිය හිමි පුද්ගලික ඉඩම් බව 'ගුරුගේ පවුලේ' සාමාජිකයෝ පවසති. නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය ෂර්ලි උපුල් කුමාර
ව්‍යාපාරික 'ගුරුගේ' පවුලට අයත් ඉඩමක සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ඇල මාර්ගය අවහිර කිරීම නීති විරෝධී බැවින් එම අවහිරතා ඉවත් කිරීමට පියවරගත් බව කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඝන ලෝහ බෝලයක් යොදා ගනිමින් කෝපයට පත් පුද්ගලයා විසින් 'iPhone' ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකයක් විනාශ කරනු ලබන ආකාරය වීඩියෝ දර්ශනවල දැක ගත හැක. ප්‍රංශයේ ඩීජෝ නුවර පිහිටි ඇපල් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අලෙවිසැලේ ආරක්ෂකයන්ගෙන් බේරී පළා යාමට තැත් කළ ඉහත කී පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඉහත කී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ඇපල් සමාගම කියා සිටියේ ප්‍රංශ බලධාරීන් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.
ඇපල් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අලෙවිසැලකට ඇතුළු වූ ප්‍රංශ ජාතිකයකු විසින් එහි තිබූ ජංගම දුරකථන ඇතුළු උපාංග රැසකට අලාභ හානි සිදු කරනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම සාකච්ඡා ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවයි, ජන මාධ්‍ය මට්ටමින් බීබීසී සංදේශය වෙනුවෙන් ඊට සහභාගී වූ අසාම් අමීන් පවසන්නේ. සඳුදා දවස මුළුල්ලේ පෙරට යමින් තිබුණ එක් දින සාකච්ඡාවට තමිල්නාඩුවේ ධීවර නියෝජිතයන් දහඅට දෙනකු සහ ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූහ. දෙ රටේ ධීවර නියෝජිතයන් දෙපාර්ශවයේ යෝජනා පෙරට තබමින් ඒවා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගත් නමුත් එකඟතාවයකට එළඹීම අතින් දැඩි දුෂ්කර තත්වයක් ආරම්භයේ පටන්ම පෙනී ගිය බවයි, අසාම් අමීන් වාර්තා කරන්නේ. ධීවර නියෝජිතයන් මේ සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ දෙ රටේ ආණ්ඩුවල නියෝජනයෙන් තොරව ධීවර සංවිධාන මට්ටමිනි. ඉන්දියානු ඉල්ලීම ඉන්දියානු ධීවර නියෝජිතයන්ගේ එක් ඉල්ලීමක් වී ඇත්තේ සතියකට දෙවතාවක් වත් ශ්‍රී ලංකා මුහුදු තීරයට පිවිස ධීවර කර්මාන්තයේ යෙදීමට අවස්ථාව සලසන ලෙසයි. එහෙත් ශ්‍රී ලංකා ධීවර නියෝජිතයන් එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කොට ඇත. “යම් යම් අවස්ථාවල ධීවර නියෝජිතයන් ආවේගශීලී ව අදහස් දක්වනු දක්නට ලැබුණා. ශ්‍රී ලංකා ජල තීරයට පිවිසීමට අවසර නොලැබුනොත් එය තම ජීවිකාවට බලවත් ප්‍රශ්නයක් වන බවයි, ඉන්දියානු නියෝජිතයන් කියා සිටියේ” අසාම් අමීන් වාර්තා කරයි. ලංකා ධීවර ප්‍රතිචාරය එහෙත් එම ඉල්ලීම ශ්‍රී ලාංකික ධීවර නියෝජිතයන් විසින් බැහැර කරන ලද්දේ තිස් වසරක සිවිල් යුද්ධය නිසා මුහුද අහිමිව සිටි තමන්ට දැන් සිය ජීවිකා වෘත්තියේ නිරත වීමට අවශ්‍ය කරන බව පවසමින්. ඉහත කී ධීවර සාකච්ඡාවට නිරීක්ෂක මට්ටමින් සහභාගී වූ ශ්‍රී ලංකා ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ පවසන්නේ, “ට්‍රෝලින්”ක්‍රමයට මුහුදු පත්ල සූරා ගනිමින් සිදු කරන මසුන් මැරීම සඳහා ඉන්දියානු ධීවරයන් අවසර ඉල්ලා සිටියත් එය ශ්‍රී ලංකාව විසින් තහනම් කරනු ලැබ ඇති මත්ස්‍ය දඩයමක් වන බවයි. “ට්‍රෝලින්”ක්‍රමයට මසුන් මැරීම ශ්‍රී ලංකාවේ තහනම්. එම ක්‍රමයට මසුන් මැරූ ශ්‍රී ලාංකික ධීවරයන් පවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එවැනි තත්වයක් පවතිද්දී ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාව ට අයත් මුහුදේ “ට්‍රෝලින්”ක්‍රමයට අවසර ඉල්ලීම සම්බන්ධයෙන් අපේ ධීවරයන් විරුද්ධ වුනා” නරේන්ද්‍ර රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියි. ඊළඟ පියවර ඉන්දීය සහ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරු දෙ රටේ ධීවර ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, මී ළඟ පියවර වන්නේ එම කමිටු අතර සාකච්ඡා කිරීම වන බව ශ්‍රී ලංකා ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ පවසයි. එම ඉදිරි සාකච්ඡා වටය දෙ රටේ නිලධාරීන් සහභාගී වෙන රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ එකක් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශය ඉන්දියානු විදේශ අමාත්‍යාංශයෙන් දිනයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙන බවයි, මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ වැඩිදුරටත් පවසන්නේ. එකී සාකච්ඡාව ලබන ජුලි මාසයේ ආරම්භ වීමට ඉඩකඩ ඇති බවයි, ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ.
ශ්‍රී ලංකා සහ ඉන්දීය ධීවර නියෝජිතයන් අතර කොළඹ පැවැත්වුන සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා බදාදා පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක් වී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයට එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීම සඳහායි. ඉහත කී අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍යවරයා මාස 6 ක කාලයක් සිදු කළ පරීක්ෂණවලින් සනාථ වූ කරුණු මත පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇති බව සඳහන් කළේය. මේ අතර සිය පුත් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ මෙවැනි කටයුතු තුළින් තව තවත් පන්නරය ලබා ඉදිරියට ගමන් කරන බවයි. හිටපු ජනාධිපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටයේ දැක්වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වෙනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ලද රෝගීන් 138 දෙනෙකු හමු වී ඇත චීනය ෂිංජියෑන්ග් පළාත තුළ කොරෝනා වෛරසය පැතිර යාමත් සමග චීනය යළි මුළු නගරයක්ම පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. මේ දක්වා, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ලද රෝගීන් 138 දෙනෙකු හමුවීමත් සමග කෂ්ගර් ප්‍රදේශයේ මිලියන 4.7 ක් පමණ පරීක්ෂණ සඳහා යොමු කරවා ඇත. වෛරස් රෝගීන් සංඛ්‍යාව පහළ දමා ගැනීම අතින් චීනය විශාල සාර්ථකත්වයක් දිනා ගෙන තිබුණ ද තවදුරටත් එරටින් කුඩා පොකුරු හමුවෙමින් පවතී. චීනයේ සුළුතර උයිගර් මුස්ලිම් ජනයා වැඩි වශයෙන්ම වෙසෙන්නේ ෂිංජියෑන්ග් පළාත තුළය. බීජිං පාලනය විසින් ඔවුන් පීඩාවට ලක් කරනු ලැබ ඇතැයි මානව හිමිකම් සංවිධාන පවසති. කෂ්ගර් ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කෙරෙන පරීක්ෂණ වාර්තාවක් නොමැති පුද්ගලයන්ට නගරයෙන් බැහැර යාමට අවසරයක් නොමැත. කෂ්ගර් ප්‍රදේශයෙන් හමු වූ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ලද පළමු රෝගියා ඒ තදාසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන කාන්තාවකි. චීන රජයේ මාධ්‍ය පවසන පරිදි ඇයට කෝවිඩ්-19 ආසාදනය වී ඇතැයි හෙළි වී ඇත්තේ "දිනපතා කෙරෙන පරීක්ෂණ" මගිනි. දින දහයකට පසු චීන භූමියෙන් හමු වූ පළමු වෛරස් රෝගියා ඇයයි. සෙනසුරාදා පුළුල් මට්ටමෙන් දියත් කෙරුණු පරීක්ෂණ මගින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ලද තවත් ආසාදිතයන් 137 දෙනෙකු හඳුනා ගනු ලැබිණි. මිනිත්තු 12 න් ප්‍රතිඵල දෙන පරීක්ෂණයක් සිය පාරිභෝගිකයන්ට හිතට සහනයක් ළඟා කර දීම සිය අරමුණ බව 'බූට්ස්' සමාගම පවසයි මිනිත්තු 12 වැනි කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබා දිය හැකි කෝවිඩ් පරීක්ෂණයක් එක්සත් රාජධානියේ 'බූට්ස්' නමැති ඖෂධ අලෙවිසැල් ජාලය මගින් හඳුන්වා දීමට නියමිතය. නාසයෙන් ලබා ගන්නා සාම්පල මගින් කෙරෙන එම පරීක්ෂණයට පවුම් 120 ක් (රුපියල් 25,000 ආසන්න මුදලක්) අය කෙරෙන අතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන්ට තෝරාගත් ඖෂධ අලෙවිසැල් ඔස්සේ එය ලබා ගැනීමට හැකි වනු ඇත. සිය පාරිභෝගිකයන්ට හිතට සහනයක් ළඟා කර දීම සිය අරමුණ බව 'බූට්ස්' සමාගම පවසයි. සාමාන්‍ය ක්‍රමවේදය නම්, එක්සත් රාජධානියේ වෙසෙන ඕනෑම අයෙකු තමාට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇතැයි හැඟෙන්නේ නම් නිවසේ රැඳී සිටිය යුතු අතර එරට ජාතික සෞඛ්‍ය සේවය (NHS) අමතා කෝවිඩ් පරීක්ෂණයක් සඳහා වේලාවක් වෙන් කර ගත යුතුය. ඉහත කී පර්යේෂණය මගින් නිවැරදිව රෝගීන් හඳුනා ගත හැකි බව පෙන්නුම් කෙරෙන අතර අනෙකුත් ඕනෑම කෝවිඩ් පරීක්ෂණයකදී මෙන්ම වැරදි ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාවක් ද පවතී. ස්පාඤ්ඤය, ඉතාලිය සහ ප්‍රංශය මේ වසර ආරම්භයේ කොරෝනා වෛරස් වසංගත පළමු රැල්ලෙන් බරපතල ලෙස පීඩාවට පත් ස්පාඤ්ඤය එවක රට තුළ දැඩි ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය ස්පාඤ්ඤය විසින් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර කෝවිඩ්-19 ආසාදිතයන් එකවර ඉහළ යාම පාලනය කිරීමේ උත්සහයක් වශයෙන් එහි රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවනු ලැබ ඇත. ඉරිදා සිට බලාත්මක කෙරුණු ඇඳිරි නීතිය රාත්‍රී 11:00 සිට උදෑසන 06:00 දක්වා ක්‍රියාත්මක වනු ඇතැයි ස්පාඤ්ඤ අගමැති පෙද්‍රෝ සන්චෙස් පැවසීය. නවතම සීමා යටතේ ස්පාඤ්ඤ වැසියන්ට රටේ පළාත් අතර සංචාර තහනම් කිරීමට බලධාරීන්ට ඉඩ ලැබේ. මූලික වශයෙන් දින 15 ක කාලයකට බලාත්මක කෙරුණු ඇඳිරි නීතිය මාස හයක් දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා සඳහන් කළේය. මේ වසර ආරම්භයේ කොරෝනා වෛරස් වසංගත පළමු රැල්ලෙන් බරපතල ලෙස පීඩාවට පත් ස්පාඤ්ඤය එවක රට තුළ දැඩි ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය. යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ස්පාඤ්ඤය ද මේ වන විට කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලට මුහුණ දී තිබේ. ඉතාලිය තුළ ද ඉරිදා නව සීමා නිවේදනය කරනු ලැබිණි. කෝවිඩ්-19 ආසාදිතයන්ගේ ඒකාකාරී වර්ධනය හමුවේ එරට සෞඛ්‍ය සේවයට පීඩනයක් එල්ල වී ඇති බව ඉතාලි ආණ්ඩුව පැවසීය. මේ අතර ප්‍රංශයෙන් දිනක් තුළ හඳුනා ගත් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා විය. ඉරිදා එරටින් අලුතින් රෝගීන් 52,010 හඳුනා ගැනුණු අතර සෙනසුරාදා වාර්තා වී තිබුණු රෝගීන් සංඛ්‍යාව 45,000 කි. නත්තල් සීයාවරුන්ට 'කණගාටුදායක' පුවතක් නත්තල් සීයා ලෙස වෙස් ගන්නා ශිල්පීන්ට කල් තියා කොරෝනා වෛරස් එන්නතක් ලබා දීම සඳහා වූ සැලසුම ඇමරිකාව විසින් අවලංගු කරනු ලැබ තිබේ. අදාළ එන්නත මහජනයා අතර ප්‍රවර්ධනය කිරීම සඳහා එම ශිල්පීන්ගේ සහාය ලබා ගැනීම සැලසුමේ අරමුණ වී තිබිණි. නත්තල් සීයාගේ බිරිඳ සහ 'අඟුටු මිට්ටන්' ලෙස වෙස් ගන්නා ශිල්පිනියන්ට ද එන්නත ලබා ගැනීමේ හැකියාව තිබිණි. එන්නත් සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් පසු ඊට සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සහාය ලබා ගැනීම සඳහා වන ආණ්ඩුවේ ප්‍රචාරක වැඩසටහනක කොටසක් වශයෙන් නත්තල් සීයාට ලෙස වෙස් ගන්නා ශිල්පීන් ද ඊට ඇතුළත් කර තිබිණි. ප්‍රචාරක වැඩසටහන සඳහා වෙන් කෙරුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. නමුත් එම ප්‍රචාරණ ව්‍යාපාරය අත්හැර දමා ඇති බව සෞඛ්‍ය බලධාරීහු තහවුරු කළහ. 'සැබෑ රැවුලක් සහිත නත්තල් සීයාවරුන්ගේ සහෝදරත්වය' නමැති සමාජයේ සභාපතිවරයා කියා සිටියේ එය "අතිශය කලකිරීමට පත් කරවන" පුවතක් බවය. මේ ගැනත් කියවන්න:
මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. පහත දැක්වෙන්නේ අද වන විට ලොව කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මතුව ඇති අලුත්ම තත්ත්වයන්ය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාර්තු 16: "ඒ" කාණ්ඩය යටතේ තරඟ වදින බංගලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරඟය: තරඟය ඇරඹුණේ ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 9:30 ට. බංග්ලාදේශය කඩුලු නමයකින් තරඟය ජය ගත්තේය. එම කාණ්ඩයේම හොංකොං හා නේපාලය අතර තරඟය ග්‍රිනිච් වේලාවෙන් සවස 1.30 ට චිතගොං හිදී. නේපාලය ලකුණු 80 කින් තරඟයේ ජයග්‍රහණය අත් කර ගත්තේය. මාර්තු 17: "බී" කාණ්ඩයේ තරඟ අරඹමින් අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර තරඟය උදෑසන 9.30 ට: නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟය සවස 1.30ට. තරඟ දෙකම පැවැත්වෙන්නේ සිලෙට් හීදියි. මාර්තු 18: "ඒ" කාණ්ඩය යටතේ තරඟ වදින ඇෆ්ගනිස්තාන සහ හොංකොං කණ්ඩායම් උදැසන 9.30ටත් බංගලාදේශ සහ නේපාල කන්ඩායම් හවස 1.30ටත් එකිනෙකා හමුවන්නේ චිතගොං හිදී. මාර්තු 19: නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ උදේ 9.30ට: අයර්ලන්තය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යය අතර තරඟය සවස 1.30ට. "බී" කාණ්ඩයේ තරඟ දෙකම පැවැත්වෙන්නේ සිලෙට් හීදි. මාර්තු 20: උදෑසන 9.30 ට නෙදර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරඟය: සවස 1.30 බංගලාදේශය සහ හොංකොං අතර තරඟය. තරඟ දෙකම චිතගොන් හිදි පැවැත් වෙනු ඇති. මාර්තු 21: දවසේ පලමු තරගය උදෑසන 5.30ට සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය කණ්ඩායම් අතර සිලේට් හිදී. දවසේ දෙවන තරගයද සිලෙට් හිදිම පැවැත්වීමට නියමිත අතර ඒ සවස 1.30 හමුවන අයර්ලන්ත හා නෙදර්ලන්ත කන්ඩායම් දෙක අතරයි: ඉන්දීය සහ පාකිස්ථානු තරඟය මීර්පුර් හිදී සවස 1.30ට. මාර්තු 22: පළමු තරගය උදේ 9.30ට දකුණු අප්‍රිකානු හා ශ්‍රී ලංකා කණ්‌ඩායම් අතර චිතගොං හි දී: එහිදීම සවස 1.30 ට එංගලන්තය හා නවසීලන්තය අතර තරඟය. ඉදිරි තරඟ විස්තර ඉක්මනින්ම ...
බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ තරඟ කාල සටහන. (ග්‍රිනිච් වේලාව සහ බංග්ලාදේශ වේලාව අතර පැය හයක වෙනසක් පවතී)
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මම හැමදේම දන්නේ නෑ; මම තවමත් ඉගෙනගන්නවා' -ඔටාරා සමාජයේ ඉදිරියට යාම සඳහා පුරුෂයන්ට පමණක් නොව කාන්තාවන්ටද සාධාරණ අවස්ථා තිබිය යුතු බව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහලටම නැගීමට සමත් වූ ඇය අවධාරණය කරන්නීය. "පිරිමි පාර්ශවය විතරක් නෙමෙයි කාන්තාවනුත් දියුණු වුනාම රටත් තව හොඳට දියුණු කරන්න පුළුවන්." ඔටාරා ගුණවර්ධන ඒ බව සඳහන් කළේ 'සියයක් කාන්තාවෝ; ලොවින් අඩකට හඬක්' (100 Women) වැඩසටහන වෙනුවෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. (සම්පූර්ණ සාකච්ඡාවට සවන්දෙන්න) වසර තිහකට ආසන්න කාලයක් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරතව සිටියදී කාන්තාවක වීම හේතුවෙන් තමන්ටත් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ බව පෙන්වාදෙන ඇය, ඉලක්කයක් තිබෙන්නේ නම් සහ ඒ සඳහා කැපවන්නේ නම් ඒ අරමුණ සාක්ෂාත් කරගත හැකි බව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වටහාදීම සිය අභිප්‍රාය බවත් සඳහන් කළාය. Orange the World කාන්තා අයිතීන් උදෙසා එක්සත් ජාතීන් දියත් කරන 'Orange the World' වැඩසටහනට සහාය දැක්වීමට ඇය ඉදිරිපත්වීමත් සමග ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තාවන්ගේ අයිතීන් සම්බන්ධ ජාත්‍යන්තර වැඩමුළු දෙකකට සහභාගි වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇයට නිල වශයෙන් ආරාධනා කර තිබේ. "මට කැමතියි කාන්තාවන්ට සහයෝගය දෙන්න. ඒ ඇයට කියන්න ඔවුන්ටත් තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම කරන්න පුළුවන්," ඇය පැවසීය. ව්‍යාපාරික කාන්තාවන් උදෙසා වූ ගෝලීය ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම පිණිස තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බවත් 'UN Women' සංවිධානය ඇයට දැනුම් දී තිබේ. ඉහළ පෙළ ව්‍යාපාරික කාන්තාවක වශයෙන් ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට ලක් වී සිටින ඔටාරා ගුණවර්ධන, වර්තමානයේ කාන්තා සහ සත්ව අයිතීන් වෙනුවෙන් හඬ නගන ක්‍රියාධාරිනියක ලෙසින් ද ක්‍රියාකරමින් සිටියි. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලාංකීය සමාජයේ බරපතල ප්‍රශ්නයක්ය යන්න බැහැර කළ යුතු නැති බවත් ඇය පවසන්නීය. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය "ඉතින් මම හිතන්නේ එයාලට ඒ ප්‍රශ්න විසඳන ආකාරය කියල දෙන්න, වෙනසක් කරන්න පුළුවන් කියල එයාලට පෙන්නන්න. ඒ වගේ සහයෝගයක් දෙන්න පුළුවන් නම් එක ගොඩක් හොඳයි," ඔටාරා ගුණවර්ධන සංදේශයට පැවසීය. මහමගදී, වැඩපොළේදී, දුම්රියේදී, බස් රථයේදී සහ ඇතැම්විට සිය නිවසේදීත් ශ්‍රී ලාංකීය කාන්තාව නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවීම පිළිබඳව සංදේශය විමසූ අවස්ථාවේ ඇය කියා සිටියේ, එම තත්වය වහාම වෙනස් කළ යුතු බවයි. "කාන්තාවන්ට පමණක් නොවෙයි, පුරුෂයන්ට, දරුවන්ට හැමෝටම බයක් නැතිව එහෙ මෙහෙ යන්න හැකියාව තියෙන්නම ඕන. එතකොට තමයි අපේ රටත් තව දියුණු වෙන්නේ." ශ්‍රී ලාංකීය සමාජයේ කාන්තාව එතරම් දුෂ්කර වාතාවරණයකට මුහුණදෙමින් සිටියදී, රටේ සාර්ථකම ව්‍යාපාරික කාන්තාවක් බවට පත්වීමට සමත් වූයේ කෙසේදැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ඔටාරා ගුණවර්ධන, අධිෂ්ඨානය හැරුණු විට ආරම්භයේදී තමන්ට කිසිදු විශේෂ හැකියාවක් හෝ පහසුකමක් නොතිබුණු බව අවධාරණය කළාය. "ව්‍යාපාරය කරද්දී දන්නේ නැති දේවල් මට ඉගෙනගන්න වුනා. මට ගොඩක් අමාරුකම් තිබුණා. සල්ලි නැතිවුනා." ඇතැම් අවස්ථාවල බැංකු ණය පවා ගෙවාගත නොහැකිව තමන් අති දුෂ්කර වාතාවරණයකට මුහුණ දුන් බව ඔඩෙල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘවරිය සිහිපත් කරන්නීය. "මම කවදාවත් හිතන්නේ නෑ මම ඔක්කොම දන්නවා කියලා. මම හැමදාම ඉගෙනගන්න කැමතියි," ඇය නිහතමානීව සඳහන් කළාය. "ඇත්තට මම කියන්න කැමතියි කවුරුත් මොනවත් දන්නේ නැති වුනත් දෙයක් කරන්න පුළුවන් කියල. මට පුළුවන් නම් ඕනේ කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්."
අධිෂ්ඨානය සහ කැපවීම තිබෙන්නේ නම් සිය අරමුණ කරා යා හැකි බව ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට වටහා දිය යුතු බව 'ඔඩෙල්' සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරිය, ඔටාරා ගුණවර්ධන පවසන්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පත් කරනු ලැබූ කමිටුව විසින් චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස් යන ක්‍රීඩා සමාජ දෙකෙහි අනාගතය තීරණය කිරීමට නියමිතයි එම කමිටුව පත් කරනු ලැබ තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සව්රව් ගංගුලි ඇතුළු කමිටු සාමාජිකයෝ කරුණු සොයා බලා සති හයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස් යන ක්‍රීඩා සමාජ දෙකේ නිලධාරීහු නීති විරෝධී ලෙස ඔට්ටු ඇල්ලීම සහ තරඟ පවා දීම සම්බන්ධයෙන් වරදකරුවෝ වූහ. ධනවත්ම 20විස්ස ලීගය ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක එම්එස් දෝනි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් විසින්. වසර හතකට පෙර ඇරඹි ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලිය වර්තමානය වන විට ලොව ධනවත්ම, පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීගය බවට පත් වී තිබේ. රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ සම අයිතිකරු රාජ් කුන්ද්‍රා සහ සුපර් කිංග්ස් කණ්ඩායමේ ගුරුනාත් මෙයියප්පන් යන පුද්ගලයන්ට ජීවිතාන්තය තෙක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ කටයුතු වල යෙදීම වළක්වාලන තහනමක් පනවන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය මණ්ඩලය යෝජනා කර තිබිණි. ගුරුනාත් මෙයියප්පන්ගේ බෑණා වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති නාරායන්ස්වාමි සිරිනිවාසන්, සහ රාජ් කුන්ද්‍රා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම ඇතුළු වැදගත් තරඟ විස්තර පිටතට ලබා දීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී වරදකරුවෝ වූහ.
දූෂණ අපචාර සම්බන්ධයෙන් අයිපීඑල් ක්‍රීඩා සමාජ දෙකකට වසර දෙකක තරඟ තහනමක් පනවන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ මණ්ඩලයක් ලබා දුන් නිර්දේශය පිළිබඳ අධ්‍යනය කිරීමට සිව් පුද්ගල කමිටුවක් පත් කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සන්ඩේ ලීඩර් පුවත් පතේ සම කර්තෘ මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදිනියගේ නිවසට අගෝස්තු 24 වැනිදා අලුයම දෙකට පමණ ගිනි අවි සහ පිහි අතැති පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් ඇතුළු වී තිබේ. මංකොල්ල කෑමේ මුවාවෙන් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කොට සත්‍යය හෙළිදරව් කරන ලෙසත් ඇයගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව සලසන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. නිවසේ දුරකථනය විසන්ධි කිරීමෙන් අනතුරුව නිවසට ඇතුළු වූ මෙම මැර කණ්ඩායම, පිහියක් බෙල්ලට තබා මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියට තර්ජනය කොට ‘ඔවුනට අවශ්‍ය නිවසේ වටිනා බඩු මුට්ටු සහ ඇයව’ බව ප්‍රකාශ කර තිබේ. ලිපි ගොනු අල්මාරි කඩා රන් බඩු හා මුදල් එකතු කරන අතරේ ලිපි ගොනු අදිමින් ඒවා පරීක්ෂා කරමින් පැය කිහිපයක් ගත කිරීම සැක සංකා මතු කරන්නක් බවයි මන්දනා ස්මයිල් සංදේශයට කියා සිටියේ. ඊට දින දෙක තුනකට පමණ පෙර බළල් මළකුණක් නිවසේ දොර පඩිය මත තබා තිබූ බවත් මැරයන් කඩා වැදීමට පෙර දින තම සැමියාගේ වාහනයේ ටයරයක් කපා දමා තිබූ බවත් මාධ්‍යවේදිනී මන්දනා බීබීසියට කියා සිටියාය. මංකොල්ලය සිදු වන මොහොතේ මන්දනාගේ සැමියා සේවය නිම කර නිවසට පැමිණෙද්දී සැක කටයුතු ලෙස දොරක් සහ ජනේලයක් විවෘතව තිබීම නිසා පොලිස් හදිසි ඇමතුම් අංශය කැඳවා තිබේ. පොලිස් පරීක්ෂණ පොලිසිය නිවසට ඇතුළු වීමේදී එක් පොලිස් භටයෙකුද පිහි පාහරකට ගොදුරුවී ඇති අතර ඉන් පසු පොලිසිය සහ මැර කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් හට ගෙන ඇත. මැර කණ්ඩායමේ එක් සාමාජිකයෙකු වෙඩි වැදී මියගොස් ඇති අතර තවත් සාමාජිකයන් හතර දෙනකු සහ පොලිස් භටයන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සංදේශය කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන ප්‍රකාශ කළේය. මෙය හුදෙක් මංකොල්ලයක් පමණක් බවත් මාධ්‍යවේදිනියගේ වෘත්තීය කටයුතුවලට සබඳතාවක් ඇති බව පෙනෙන්නට නැති බවත් පොලිස් ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන තවදුරටත් කියා සිටියේය. මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදිනිය මෑතකදී පිහිට වූ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංගමයේ සභාපතිනිය ලෙසද කටයුතු කරන්නීය.
මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් ගේ නිවසේ සිදු වූ මංකොල්ලය පිටු පස බරපතළ සැකයක් පවතින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මහින්ද චින්තනය", "මහින්ද චින්තන ඉදිරි දැක්ම", "මෛත්‍රී පාලනයක්" සහ "මාස හැටෙන් අලුත් රටක්" ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ජනවරම හිමිවූ මැතිවරණ ප්‍රකාශන කිහිපයකි. බලය ලබාගැනීමෙන් පසුව එම මැතිවරණ ප්‍රකාශයේ තිබෙන බොහෝ කරුණු නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ද බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. ජනතාව ද ඒ පිළිබඳව දේශපාලන නායකයන්ගෙන් ප්‍රශ්න කරන ආකාරයක් දක්නට නොලැබෙන අතර මැතිවරණ ප්‍රතිඥා පිළිබඳව තමන්ට එතරම් විශ්වාසයක් නොමැති බව බොහෝ දෙනා පවසති. ශ්‍රී ලංකාවේ පැවති අවසාන ප්‍රධාන මැතිවරණය වන්නේ 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයය. මැතිවරණ පොරොන්දු ඉටු කළාද? පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විශාලතම දේශපාලන සංධානයන් වන එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකාබද්ධව හවුල් ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය හොබවන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ මහ මැතිවරණය වෙනුවෙන් "මාස හැටෙන් අලුත් රටක්" නමින් මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පක්ෂය වේ. "අනාගතයට සහතිකයක්" නමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබුණි. ඒ ආකාරයෙන් විවිධ ප්‍රතිඥා දී රටේ බලයට පත් වූ පක්ෂ දෙක එම පොරොන්දු ඉටු කළේ දැයි සොයාබැලීම පිණිස වෙරිටේ පර්යේෂණ ආයතනයට අනුබද්ධ manthri.lk වෙබ් අඩවිය පර්යේෂණයක් සිදු කළේය. යහපාලන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන සන්ධාන දෙකම මැතිවරණයේදී ලබා දුන් පොරොන්දුවලින් 75%ක්ම තවමත් ඉටු කොට නොමැති බව හෝ එම ප්‍රතිඥා ඉටුකිරීම සම්බන්ධයෙන් ලබා තිබෙන්නේ ඉතා අඩු ප්‍රගතියක් බව එම පර්යේෂණයේ දී හෙළි වී තිබේ. එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ අඩංගු පොරොන්දු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 25% ක ප්‍රගතියක් දක්නට තිබෙන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රකාශයේ ප්‍රතිඥා ඉටුකිරීම සම්බන්ධ ප්‍රගතිය 20%ක් පමණය. "එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයෙන් කිව්වේ මාස 60න් අලුත් රටක් කියලා. අපි තාම මාස 60ට ඇවිල්ලා නැහැ. ඒ නිසා 100%ක ප්‍රගතිය බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් අපිත් දැනට දකින්නේ මැතිවරණ ප්‍රකාශ දෙකේම 20%ක් හා 25% දක්වා ප්‍රගතියක්," පර්යේෂණයට සම්බන්ධ වූ ජනීන් ප්‍රනාන්දු පවසයි. බලයට පැමිණීමෙන් මාස දෙකක් ඇතුළත විගණන පනත සම්මත සම්මත කිරීම, නිදහස් අධ්‍යාපන පුනර්ජීව අරමුදල ස්ථාපිත කිරීම, මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා නිර්ණායක ඇතුලත් නව මැතිවරණ පනත සම්මත කිරීම, මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම, කර්මාන්ත හා තාක්ෂණ අධිකලාප 11ක් පිහිටුවීම සහ කෘෂිකාර්මික අධි සංවර්ධන කලාප 23ක් ස්ථාපිත කිරීම වැනි පොරොන්දු රැසක් තවමත් ඉටු කර නොමැති බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි. ක්‍රියාත්මක වූ පොරොන්දු අතරින් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම, GSP+ තීරු බදු සහනය යළි ලබා ගැනීම වැනි පොරොන්දු ඉදිරියෙන් තිබේ. පොරොන්දු ඉටු කිරීම සඳහා දේශපාලකයන්ට බල කිරීමට ජනතාව තුළ ඇති උනන්දුව අඩු බව පෙන්වාදෙන ජනීන් ප්‍රනාන්දු, එවැනි උනන්දුවක් ඇතිකර පොරොන්දු ඉටුකර ගැනීම සිය පර්යේෂණයේ අරමුණ බවත් පැවසීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත් වූ විගස ක්‍රියාත්මක කළ දින 100 වැඩපිළිවෙලේ සමස්ත ප්‍රගතිය 71% ක් බව පර්යේෂණයේ නිගමනය වී තිබේ. සබැඳි යොමු:
සෑම ප්‍රධාන මැතිවරණයක් ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ජනතාව වෙත පොරොන්දු මල්ලක් සමග මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සම්ප්‍රදායයකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විවාහ උත්සව සැලසුම් කිරීම සඳහා පැවැත්වෙන පුහුණුවීම්වල එක් කොටසක් ලෙස මනමාලියක් ලෙස සැරසී ප්‍රධාන භූමියේ (චීනයේ) පැවැත්වෙන ව්‍යාජ විවාහ උත්සවයකට සහභාගී විය යුතු යැයි මෙම කාන්තාවට පවසා ඇත. මෙම උත්සවය අතරතුර ඇය සහ පුරුෂයා අත්සන් කර ඇත්තේ සැබෑ විවාහ සහතිකයකි. තමන් සැබෑ ලෙස විවාහ වී ඇති බව ඇයට වැටහී ඇත්තේ නැවත හොංකොං වෙත පැමිණි පසුය. මේ සම්බන්ධයෙන් ඇය නීතියේ පිහිට පැතුවාය. අපරාධයක් සිදුව ඇති බවට සාක්ෂි නොමැති හෙයින් සිද්ධිය වූ ප්‍රදේශයේ පොලිසියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි විය. මේ නිසා ඇය හොංකොං වෘත්තීය සමිති එකමුතුවට මේ ගැන දැනුම් දීමට කටයුතු කළාය. "මෙය තමයි අලුත්ම ආකාරයේ විවාහ වංචාව" යැයි වෘත්තීය සමිති එකමුතුවේ අයිතීන් සහ ප්‍රතිලාභ කමිටුවේ අධ්‍යක්ෂ Tong Kamgyiu පැවසීය. "මම ඇත්තටම කණගාටු වෙනවා වගේම නූතන හොංකොං නගරයේත් මේ වගේ දේවල් වෙනවා කියන එක ගැන විශ්වාස කරන්නත් බැහැ." 'අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා' නම හෙළි කිරීමට අකමැති වූ 21 හැවිදිරි කාන්තාවක් පසුගිය මැයි මස රූපලාවණ්‍ය ශිල්පීන්ට පුහුණු අවස්ථා ලබා දෙන බවට ෆේස්බුක් ඔස්සේ පළ කර තිබූ දැන්වීමක් දැක තිබේ. නමුත්, මේ සඳහා අයැදුම් කිරීමෙන් පසු රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස නොව මංගල උත්සව සැලසුම් කරන්නෙකු ලෙස ක්‍රියා කිරීමට එම ආයතනය ඇයව පොලඹවා ඇත. මේ තොරතුරුද කියවන්න: සතියක් පුරා හොංකොං නගරයේ පැවැත්වූ පුහුණුවීම්වලට සහභාගී වීමෙන් පසුව, එම පාඨමාලාව සමත් වීමට නම් ව්‍යාජ විවාහ උත්සවයකට සහභාගී විය යුතු බව ඇයට පවසා තිබේ. ජූලි මස, රජයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක දී ඇය විවාහ සහතිකයකට අත්සන් තැබීය. මෙම විවාහය පසුව "අවලංගු" වන බව අදාළ ආයතනය ඇයට පවසා ඇතැයි 'සවුත් චයිනා මෝනිං පෝස්ට් (South China Morning Post)' පුවත්පත වාර්තා කර තිබිණි. නමුත් හොංකොං වෙත පෙරළා පැමිණි පසු එම විවාහය වංචාවක් බව මිතුරියක් ඇයට පැහැදිලි කර ඇත. ඇය තවමත් විවාහ වී සිටින අතර, දික්කසාද වීමට අවශ්‍ය පියවර අනුගමනය කළ යුතුය. ඇය විවාහ වූ පුද්ගලයාගේ තොරතුරු හෝ ඔහු විවාහයෙන් පසු හොංකොං නගරයට ඇතුළු වූයේ දැයි පැහැදිලි නැත. "තමන් මුහුණ දුන් අවස්ථාව ගැන කිසිවක් නොදන්නා 21 හැවිදිරි කාන්තාවගෙන් ඔවුන් අයුතු ප්‍රයෝජන ලබා ගෙන තිබෙනවා" යැයි Tong Kamgyiu පැවසීය. "ඇයට වන විශාලතම හානිය තමයි විවාහ වී ඇති බව වාර්තා අතරට එක් වීම සහ එයින් ඇතිවන මානසික බලපෑම." හොංකොං තුළට ඇතුළු වීමට අවසර ලබා ගැනීම සඳහා වසරකට විවාහ වංචා 1000ක් පමණ සිදුවන බව පොලිස් වාර්තා අනුව පෙනී යයි. චීන වැසියෙකු හොංකොංහි සිටින පුද්ගලයෙකු සමග විවාහ වූ පසු ඔහුට හෝ ඇයට එම නගරයේ ජීවත් වීමට අවසර ලැබේ. තවත් තොරතුරු:
හොංකොංහි ජීවත් වන 21 හැවිදිරි කාන්තාවකට "ව්‍යාජ" විවාහ උත්සවයකට සහභාගී වීමට සැලැස්වීමෙන් ඇය රවටා නාඳුනන තැනැත්තෙකුට විවාහ කර දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම මිත්‍රශීලී සේවාවක් බවට පත් කිරීමට නම් එහි විශාල වශයෙන් ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි. පස් කැපීමේ සිද්ධියක් මුල්කර ගනිමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය අතර සිදුවූ දුරකතන සංවාදය සම්බන්ධයෙන් ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයකුවන අශෝක පීරිස් එහිදී අදහස් දැක්වීය. පසුගිය කාලයට වඩා වත්මන් ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් නිර්මාණය වී තිබීම තුළ සිය අදහස් ප්‍රකාශ කිරීමට සහ විරෝධතාවල යෙදීමට ජනතාවට අවස්ථාව උදා වී ඇති බවත් ඔහු කියා සිටියේය. රාජ්‍ය සේවයේ නිරත පුද්ගලයන්ගේ සංඛ්‍යාව රටට ඔරොත්තු නොදෙන මට්ටමකට ළඟා වී ඇති බව ඔහු පැවසීය. "මේ රාජ්‍ය සේවය ජනතාවට බර වැඩියි. කිසියම් ක්‍රමවේදයක් හදාගෙන රාජ්‍ය සේවය රටටත් ජනතාවගේත් සංඛ්‍යාවට ගැළපෙන ආකාරයට සංස්කරණය කරලා මේක ආකෘතියේ හා ආකල්පමය වෙනසක් සිදුකර ගත්තොත් මේ ගැටලුව විසඳා ගත හැකියි" යනුවෙන් ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ කැඳවුම්කරු අශෝක පීරිස් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳ සමාජයේ යම් විවේචනයක් පවතින බව ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ කැඳවුම්කරු අශෝක පීරිස් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහේල ටෙස්ට් තරඟ 149 ක දී ශතක 34 ක් ඇතුළත් ලකුණු 11,814 ක් ලබා ගෙන ඇත තම අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, 2015 දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තම අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය වනු ඇති බවයි. 'ගෙදරින් යන්නවෙයි' “දේශපාලනයට ගියොත් මට ගෙදරින් යන්න වෙයි” යනුවෙන් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා-පකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසු කොළඹ SSC ක්‍රීඩාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය. අනාගතයේ දී ක්‍රිකට් පුහුණුකරුවකු වීමටද තමන් අපේක්ෂා නොකරන බව ඔහු සඳහන් කළේ “ක්‍රිකට් පුහුණුකරුවෙක් වෙන්න හොඳ ඉවසීමක් අවශ්‍යයි. මම හිතන්නෙ නැහැ මට ඒ ඉවසීම තියනව කියල” යනුවෙන් පවසමිනි. “මම ඔබ සියලු දෙනාට ම ආදරය කරනවා, වසර ගණනාවක් තිස්සේ මට දැක්වූ සහයෝගයට ස්තුතියි, මගේ ක්‍රිකට් හැකියාවෙන් තවත් කුඩා කොටසක් ඉතුරු වෙලා තියනව. ලෝක කුසලාන තරඟාවලියේ දී ඒ ශක්තිය මුළුමනින්ම යොදා ගන්න බවට මම පොරොන්දු වෙනව. යනුවෙන් තමා දිරිමත් කළ ක්‍රීඩා ලෝලීන් ඇමතීමට ද ඔහු අමතක නොකළේය. 'මේ තොප්පිය මට ආඩම්බරයක් වුණා' අවසාන වශයෙන් අදහස් දැක්වූ මහේල “ මං දන්නේ නැහැ මොනවාද කියන්න ඕන කියල එත් මම පොරොන්දු වෙනවා මම අඬන්නෙ නැහැ කියල. මගේ කණ්ඩායමේ සාමාජිකයන්ටත් මගේ ස්තුතිය හිමි වෙනව. මේ තරම් වසර ගණනාවක් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබීම වාසනාවක්. මම හැමදාම මේ තොප්පිය පැළඳගෙන හිටියේ ලොකු ආඩම්බරයකින් සහ ගෞරවයකින්” යනුවෙන් ද පැවසීය. ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත් මහේල ටෙස්ට් තරඟ 149 ක දී ශතක 34 ක් ඇතුළත් ලකුණු 11,814 ක් ලබා සිටියේය.
තමන් කිසිදා දේශපාලනයට පැමිණීමට හෝ ක්‍රකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවයි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් මහේල ජයවර්ධන පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලැබී ඇති සාක්ෂි මගින් පෙන්නුම් කෙරෙන්නේ දුර්වල කථන වර්ධනය ඉගෙනුම අතින් දිගුකාලීන බලපෑමක් ඇතිකළ හැකි බවය. පාසල් අධ්‍යාපනයේ සමාරම්භක වර්ෂයේ සිටින දරුවන් ඇතුළුව පළමු වසරවල දී අවශ්‍ය අමතර උපකාර සඳහා ඩොලර් මිලියන දහඅටක් ආයෝජනය කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි. කොවිඩ්-19 වසංගතය සමඟ පොරබැදීම සඳහා ක්‍රියාත්මක කරන ලද විධිවිධාන හේතුවෙන් දරුවන්ගේ සමාජමය මුසුවීම ඔවුන්ට අහිමි වූ අතර, එම දරුවන් විසින් එකතු කරගනු ලබන වචන ප්‍රමාණය වැඩිකර ගනු ලැබීමත් ඒ සමඟ ඔවුන්ට අහිමි වූ බව ඉහත කී පර්යේෂණය කළ එංගලන්ත අධ්‍යාපන පහසුකම් සැපයීම පිළිබඳ අරමුදල (EEF)සඳහන් කරයි. මුත්තනුවන් සහ මිත්තනියන් (grandparents) සමඟ සබඳතා අඩුවීම හෝ එම සබඳතා සහමුලින්ම ඇනහිටීම, සමාජ දුරස්ථභාවය, ක්‍රීඩා අවස්ථා අහිමිවීම සහ ප්‍රසිද්ධ ස්ථානවල මුඛආවරණ පැළඳ සිටීමට සිදුවීම ආදිය නිසා දරුවන් සංවාදයෙන් ඈත්වූ අතර එය ඔවුන් විසින් දිනපතා උකහාගනු ලබන අත්දැකීම් සම්භාරය අහිමිකරනු ලැබීමට හේතුවී ඇත. ඉහත සඳහන් කරන ලද සමීක්ෂණයේ දී එංගලන්තයේ පාසල් 58ක් සහභාගී කරගනු ලැබ ඇත. ඊට සහභාගී වූවන්ගෙන් 76%ක් කියාසිටියේ 2020 සැප්තැම්බර් මාසයේ ඇතුළත් කරගත් දරුවන්ට ඉන් පෙර වසරවල දරුවන්ට වඩා අදහස් හුවමාරු කරගැනීම සඳහා වැඩි ආධාරයක් අවශ්‍ය කළ බවය. සිසුන්ගේ කථන සහ භාෂා සංවර්ධනය සම්බන්ධයෙන් කණස්සල්ල පළකරන ලද ප්‍රමාණය 96%කි. ග්‍රීෂ්ම සහ වසන්ත කාලයෙහි 'ලොක්ඩවුන්' කරනු ලැබීමෙන් පසු සිය දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් දෙමව්පියන්ගෙන් 56%ක් දොම්නස් වූහ. ලීසා සිය දියණියගේ පාසල් ආරම්භය ප්‍රමාදවීම සම්බන්ධයෙන් කණගාටු වන්නීය පාඩම් පටන්ගැනීම වොල්සෝල් හි (Walsall) 'රයිඩර් හේස්' පාසලේ ළමුන් ඇතුළත් කිරීමේ වසරට අයත් 'නියාම්' (Niamh) වචන භාවිතය සම්බන්ධයෙන් සිය විශ්වාසය සෙමෙන් ගොඩනගා ගනිමින් සිටින කුඩා දැරියකි. වෙනත් දරු දැරියන්ට මෙන් නියාම්ට ද පෙරටයාම අතින් වසංගතය නිසා සීමාවන්ට මුහුණදීමට සිදුවූවාය. ඇයගේ සමීපතම පවුලේ සබඳතා පවා හැකුළුනි. එම තත්ත්වය දැරියගේ පාසල් ගමන පමාවීම ඇයගේ මව වන ලීසාගේ බලවත් සංවේගයට හේතුවක් විය. ''මගේ දුව කණ්‌ඩායමේ බාලම දරුවන්ගෙන් කෙනෙක්.අනිත් ළමුන්ට ළදරු පාසල් හෝ පෙරපාසල් අත්දැකීම් තිබුණ නිසා මම මගේ දරුවා ගැන කණස්සලු වුනා'' ලීසා සඳහන් කළාය. ''අපි අපට පුළුවන් විධියට දරුවා සූදානම් කිරීමට උත්සාහ කළා. නමුත් දුව පන්තියේ කිසිම ළමයෙක් හඳුනන්නේ නැහැ. ඒ ගැන අපි ටිකක් දුක්වුණා'' ''ග්‍රීෂ්ම කාලය පුරා රට ''ලොක්ඩවුන්' කරල තිබුණ නිසා දුවට ඇයගේ මිතුරු මිතුරියන් සමඟ සෙල්ලම් කිරීමට යාමට නොහැකි වුණා. ඉතින් අලුත් ළමුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් යුක්ත පන්ති කාමරයකදී ඇය කොයි විධියට ප්‍රතිචාර දක්වාවිද කියන කාරණය අපට ප්‍රශ්නයක් වුණා.'' මිතුරු සමාජයක් හදාගැනීම 'රයිඩර් හේස්' පාසලේ කුඩා සිසුවකුගේ මව වන 'එමා'(Emma) ඉහත කී සමීක්ෂණයට සහභාගීවෙමින් සඳහන් කළේ ''පාසල ආරම්භයේ දී සියපුතු 'හැරී' කෙසේ ඔහුගේ උවමනාවන් වචනයෙන් ඉදිරිපත් කරනු ලැබීමට සමත්වේදැයි ඇය කණගාටුවෙන් පසු වූ'' බවය. ''පුතා මිතුරන් ඇතිකර ගැනීමට අසමත්වේදැයි මම දුක් වුණා. යම්කිසි හේතුවක් නිසා පුතා දොම්නස්වුනොත් ඔහු කරන්නේ කොනකට ගිහින් වාඩිවී සිටීම. උදව්වක් ඉල්ලා සිටීමට නොහැකිවීම සහ වරද කුමක්ද යන්න පැවසීමට ඔහු අසමත්වීම මට දුකක්'' එමාගේ කණස්සල්ල එසේ වුවද, හැරී පාසලේ දී 'නෆීල්ඩ් භාෂා ප්‍රගුණ කිරීමේ (Nuffield Early Language Intervention) වැඩසටහනට සහභාගී කරනු ලැබීම මගින් මාස තුනක් ඇතුළත ප්‍රගතියක් පෙන්නුම් කළේය. ''එමගින් විශාල වෙනසක් පෙන්නුම් කළා'' එමා පවසන්නීය. ''හැරී කතාකරන්න පටන්ගත්තා.පුංචි 'චැටර් බොක්ස්' එකක් වගේ. දිගින් දිගටම ප්‍රශ්න අහනවා.කොණ්ඩේ වැවෙන්නේ කොහොමද වගේ ප්‍රශ්න. අදහස් හුවමාරුව දියුණුවෙමින් තියෙනවා'' එමා සිය පුතු හැරී සමඟ නිවරැදි විසඳුම රයිඩර් හේස් පාසලේ විදුහල්පතිවරිය වන සැලී මයිනර් (Saly Miner) අදහස් දක්වමින් කියාසිටියේ කුඩා දරුවන් සමඟ අදහස් හුවමාරු ගැටලු බෙහෙවින් අවම කෙරෙමින් පවතින බවය. විශේෂයෙන්ම ළමුන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශනයට අසමත් වේනම්, ඔවුන් සමවයසේ ළමුන් සමඟ මුසුකරමින් ඔවුනොවුන් තේරුම්ගැනීමට අවස්ථාව සලසන බවත් විදුහල්පතිවරිය සඳහන් කළාය. ''එය තමයි-ප්‍රශ්නය විසඳන සැබෑ යතුර. එය දරුවකුගේ ස්වයං-අභිමානය සහ විශ්වසනීයත්වයයි'' විදුහල්පතිවරිය පවසයි. එංගලන්තයේ අධ්‍යාපන පහසුකම් සැපයීම පිළිබඳ අරමුදලේ (EEF) ප්‍රධාන විධායක නිලධාරිනී බෙකී ෆ්‍රාන්සිස් අදහස් දක්වමින් ''කොරෝනා වසංගතයේ බලපෑමෙන් අනතුරුව කුඩා දරුවන්ගේ කථන සහ භාෂා කුසලතා සම්බන්ධයෙන් පාසල්වලින් විශාල මැසිවිලි පළවූ බව සඳහන් කළාය. ''සමීක්ෂණ දත්ත තොරතුරු අනුව මෙන්ම අපගේ වෙනත් ජාල හරහාත් අපට නිවැරදිව දකින්න පුළුවන්'' ප්‍රාථමික පාසල්වල ප්‍රමිතීන් තක්සේරු කරනු ලබන 'ස්පීච් ලින්ක්' (Speech Link) සමාගමේ දත්ත තුළත් EEP සමීක්ෂණයේ සොයාගැනීම් පිළිබිඹු වෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේ අධ්‍යාපනය ආරම්භකළ වයස අවුරුදු පහේ ළමුන් පනස් දහසක් අතරින් 20%-25% අතර සංඛ්‍යාවක් ඊට පෙර වසරවල ළමුන්ට සාපේක්ෂව භාෂා උපකාරය අවශ්‍ය කළ බව 'ස්පීච් ලින්ක්' (Speech Link) සමාගම පවසයි. පෙර පාසල් දරුවන්ට ද වසංගතය බලපා ඇති ආකාරය සැලකිල්ලට ගැනෙමින් ඇත. ''ඉදිරිය තීරණාත්මකයි'' ''බොහෝ පවුල්වලට මුහුණට මුහුණ ලා සිදුකෙරෙන හමුවීම් සහ තක්සේරු කිරීමේ අවස්ථා මගහැරුණ'' බව එංගලන්ත සෞඛ්‍ය විද්‍යායතනයේ (Institute of Health) විධායක අධ්‍යක්ෂ ඇලිසන් මෝර්ටන් (Alison Morton) පවසයි. ''හඳුනා නොගත් දුෂ්කරතා සහිත දරුවන් සිටින බව අපි හඳුනාගෙන තියෙනව" ඇලිසන් මෝර්ටන් පැවසුවාය කියවන්න;
කොවිඩ්-19 වසංගතය නිසා පසුගිය වසර පුරා රට අගුලු දැමීම (ලොක්ඩවුන්) හේතුවෙන් ළමා කථනය සහ භාෂා කුසලතාවන්ට බලවත් බලපෑමක් ඇතිකර තිබෙන බව අලුත්ම පර්යේෂණ වාර්තාවක් මගින් පෙන්වා දෙයි. එංගලන්තය පුරා කුඩා පාසල් දරුවන් 50,000කින් ලබාගත් තොරතුරුවලට අනුව භාෂාව සම්බන්ධයෙන් ආධාරය අවශ්‍යකරන වයස අවුරුදු හතර සහ පහ කාණ්ඩයට අයත්වන දරුවන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක් ආසනයක් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන් කර තිබේ සීකිම් නමැති කුඩා හිමාලයානු ප්‍රාන්තයෙහි ද ඡන්ද විමසීම අද සෙනසුරාදා සිදු කෙරෙන අතර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන්ට මෙන්ම ප්‍රාදේශීය සභා සඳහා තරඟ වදින අපේක්ෂකයන්ට ද තම කැමැත්ත ප්‍රකාශ කිරීමට එම ප්‍රාන්තයේ ඡන්ද දායකයන්ට අවස්ථාව ලැබේ. "සංඝ" නමින් ආසනයක් සීකිම් ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයේ එක් ආසනයක් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන් කර තිබේ. සංඝයා වහන්සේලා වෙනුවෙන් වෙන්කර ඇති මෙම ආසනය "සංඝ" යනුවෙන් නම් කර ඇති අතර සිකීම් ප්‍රාන්තයේ බෞද්ධ විහාරස්ථාන 51 කට අයත් භික්ෂුන් වහන්සේලා 3.096 නමක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති. භික්ෂුණීන් වහන්සේලා 34 නමක් ද මීට ඇතුළත් බව පැවසේ. ඕනෑම විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමකට ඕනෑම පක්ෂ සලකුණක් යටතේ තරඟ කිරීමට අවස්තාව ලැබෙන අතර ඡන්දය දෙන ස්වාමීන් වහන්සේලා ගේ පහසුව පිණිස කාන්තාවන්ට වෙනම පෝලිමකින් ගොස් ඡන්දය දීමට කටයුතු සලස්වා තිබේ. මාවෝ වාදීන් ගෙන් ප්‍රහාරයක් එහෙත් පැවිදි පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වීම අනුමත නොකරන ඇතැම් භික්ෂුන් වහන්සේලා පවසන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් බවයි. ශ්‍රී ලාංකිකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ද සීකිම් ජාතික භික්ෂුවකි. මෙම මැතිවරණය හා සම්බන්ධ සිදුවීමක් මධ්‍යම ඉන්දියාවේ ‘චට්ටිස්ගාර්’ ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එහි දී මාවෝවාදී කැරළිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාර දෙකකින් පුද්ගලයින් නව දෙනෙකු මරා දමනු ලැබ ඇත.
පුරා මාසයකට වැඩි කාලයක් නොකඩවා පැවැත්වෙන ලෝකයේ විශාලතම මැතිවරණය වන ඉන්දියානු මැතිවරණයේ හතරවැනි අදියර සඳහා ඡන්ද දායකයෝ ඡන්ද පොළවල් කරා ඇදෙමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට පුහුණුව ලබාදීමට එරෙහිව තවත් උද්ඝෝෂණ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත බවයි, වාර්තාකරුවන් පවසන්නේ ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ පුහුණුව ලබාදීමට විරෝධය පළ කරමින් මහ ඇමතිනී ජයලලිතා විසින් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං වෙත යලිත් වරක් ප්‍රසිද්ධ ලිපියක් යැවීමෙන් අනතුරුවයි, ශ්‍රී ලංකා හමුදාවේ මේජර් ඩීඑම් වෙන්ග්‍රා සහ නාවික හමුදාවේ කපිතාන් හේවාවසම් කඳාඋඩගේ එහි මාස එකොළහක පුහුණුවක් ලබමින් සිටින බව හෙළිදරවු වූයේ. උද්ඝෝෂණයේ යෙදුන දේශපාලන පක්ෂ නායකයකු වන කූ රාමක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක් සෙනසුරාදා කොයිම්බතූර්හිදී පොලිස් අත් අඩංගුවට පත්වූ අතර, කුනූර් හි දුම්රියක මග හරස් කිරීමට තැත් කළ එකොලොස් දෙනකු අද ඉරිදාවේ අත් අඩංගුවට ගන්නා ලදි. මේ අතර ආරක්ෂක සේවා කාර්ය මණ්ඩල විද්‍යායතනය දෙසට පෙළපාලියකින් ගමන් කිරීමට තැත් කළ එම්ඩීඑම්කේ පක්ෂයේ ආධාරකරුවන් 73 දෙනකු ද අත් අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට පුහුණුව ලබාදීමට එරෙහිව තවත් උද්ඝෝෂණ ඉදිරි දින කිහිපයේ දී පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත බවයි, වාර්තාකරුවන් පවසන්නේ. දිල්ලි අගනුවර පුහුණුව ලබමින් සිටියදී එක දින පුහුණුවක් සඳහා මේජර් ජනරාල් ජගත් ඩයස් සහ රියර් අද්මිරාල් එස්එස් රණසිංහ නිල්ග්රිස් දිස්තික්කයේ වෙලින්ටන් හි ආරක්ෂක සේවා කාර්ය මණ්ඩල විද්යායතනයට පැමිණීම ට එරෙහිව මීට ඉහතදීද තමිල්නාඩුවේ උද්ඝෝෂණ හට ගත්තේය. සබැඳි තේමා
වෙලින්ටන් හි ආරක්ෂක සේවා කාර්ය මණ්ඩල විද්‍යායතනයේ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් දෙදෙනකු පුහුණුව ලබමින් සිටින බව අනාවරණය වීමෙන් අනතුරුව තමිල්නාඩුව පුරා යලිත් වරක් උද්ඝෝෂණ හටගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විධායක ජනාධිපති සහ අගමැති පදවිවලට පැවරෙන වගකීම් සම්බන්ධයෙන් පාලක සන්ධානයේ මතභේද නව සංශෝධන අනුව වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට අහිමි වන අතර, විධායක ජනාධිපතිවරයකු ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයකින් විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පමණි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කෙරුණු ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථාදායක සභාව යළි ස්ථාපිත කිරීමටද 19 වැනි සංශෝධනයෙන් යෝජනා කෙරේ. ව්‍යවස්ථාදායක සභාවට අමතරව විශේෂ රාජ්‍ය මණ්ඩලයක් (Council of State) පිහිටුවීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවත් පසුව එය සංශෝධිත කෙටුම්පතෙන් ඉවත්කොට ඇති බවත් වාර්තාවේ. කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 කට සීමාවිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 කට සීමාවිය යුතු බවත් සංශෝධනයට ඇතුලත්. වීධායක ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා වන අතර, ආණ්ඩුවේ නායකත්වය හොබවන්නේ ජනාධිපතිවරයාද, අගමැතිවරයාද යන්න සම්බන්ධයෙන් පාලක සන්ධානයේ දේශපාලන පක්ෂ අතර මතභේදයක් හටගෙන තිබේ.
විධායක ජනාධිපති පදවියේ බලතල කප්පාදු කරමින් අගමැති පදවියට වැඩි බලතල පැවරීමට යෝජනා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එවැනි හෙලි නොවූ බලපෑම් රාශියක් තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් තීරණ දනුමිදීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. පැවති රජයේ ප්‍රබලයන් වෙත එල්ල වී ඇති දූෂණ චෝදනාවලින් ඔවුන් බේරාගැනීමට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් කටයුතු කරන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය. "අපි හදපු ආණ්ඩුවේ ඒ අය දිවිරුම් දීලා දැන් ඩීල් දානවා,"ඔහු පැවසීය. ඒ සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයේදී සිය හඬ අවදි කළ බව කී ඇමතිවරයා " යෝෂිත රාජපක්ෂට ෆයිල් යවලා තියෙනවා, ගෝඨාභය රාජපක්ෂ, ගාමිණී සෙනරත් ආරක්ෂා කරන්නේ කවුද කියල මම කැබිනට් මණ්ඩලේදී කිව්වා," යනුවෙන් සඳහන් කළේය. මහා පරිමාණ වංචා සෙවීමේ අරමුණින් ආරම්භ කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, මහා පරිමාණ වංචා සෙවීමෙන් බැහැර වී සුළු වැරදි සොයා පරීක්ෂණ සිදු කරන තත්වයක් දක්නට ඇති බවත් ඔහු පැවසීය. නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා යැයි පවසමින් 2012 වර්ෂයේ සහ පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන ලද කියන රුපියල් මිලියන 4012 ආසන්න මුදල සම්බන්ධයෙන් ද අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් දැක්වීය.
'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගන්නේ දැයි විමසීම සඳහා පොලිස්පතිවරයා වෙත ලබා දෙනු ලැබූ දුරකථන ඇමතුම දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ නැවැත්වීමට කළ එක් බලපෑමක් පමණක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රජය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යුද්ධය පැවති කාල සීමාව තුළ සිදු වූ අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බවයි. අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා පුළුල් විමර්ශනයක් අවශ්‍ය බව උගත් පාඩම් හා සංහිඳියා කොමිසම කළ නිර්දේශයක් පරිදි මෙම පියවර ගත් බවද රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වී තිබිණ. එහෙත් අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකු මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිඥයන්ගේ සම්මේනලයේ ලේකම් චන්ද්‍රපාල කුමාරගේ කියා සිටියේ එවැනි කොමිසන් සභාවක් තුලින් යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බවයි. අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා අතීතයේ දී මෙවැනි කොමිසන් සභා ගණනාවක්ම පත් කලද ඉන් පලක් නොවූ බව සඳහන් කළ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ පැවසුවේ ජාත්‍යන්තර බලපෑම් සමහන් කිරීම සඳහා රජය මෙම පියවර ගෙන ඇති බවයි.
යුද්ධය පැවති පසුගිය දශක තුනක කාල සීමාවේ සිදු වූ පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ගෙන ඇති තීරණය තුළ බරපතළ සැකයක් උද්ගත වන බව මානව හිමිකම් ක්‍රියාකාරී නීතිවේදීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රුපියල් හය කෝටියක වියදමින් ඉදි වූ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පොලිස්පති පූජිත ජයසුන්දර සහ ප්‍රදේශයේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ දැනට සේවයේ නිරත පොලිස් නිලධාරීන්ට දෙමළ භාෂාව කතා කිරීමට ඇති හැකියාව ඉහළ නංවන අතරේ ඉහත කී කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇති බව අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. තිස් අවුරුද්දක යුද්ධය අවසානයේ උතුරේ වැසියන් අතර ගිලිහී ගිය විශ්වාසය නැවත ඇති කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 'ගොඩනැගිලි නැවත ඉදි කරන එක පහසු දෙයක්. කඩ වෙච්ච විශ්වාසය ගොඩ නගන එක ඊට වඩා දුෂ්කර දෙයක්. අපේ ප්‍රධාන අරමුණ ඒ විශ්වාසය ගොඩ නගලා මේ රටේ ජනතාව රට ගොඩනැගීමේ වැඩපිළිවලට එක් කර ගැනීම.' රජය බලාපොරොත්තු වන එම වැඩපිළිවල සඵල කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහ ජනතාව සමග සමීපව කටයුතු කරනු ඇති බව ඔහු පැවසීය. 'විශ්වාසය ගොඩනැගීම' සේවය බලාපොරොත්තුවෙන් පැමිණෙන ආබාධිත පුද්ගලයන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකාවේ සියළුම පොලිස් ස්ථාන වෙත රෝද පුටු ලබා දීමට පියවර ගන්නා ලෙස තමා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා කියා සිටියේය. අපරාධ සිදු වූ පසු විසඳුම් ලබා දෙනවා වෙනුවට අපරාධ වළක්වා ගැනීමට කටයුතු කිරීම, මත් රකුසාට එරෙහිව සටන් කිරීම, නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම, සාමාන්‍ය ජනතාව සමග සුහදශීලීව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය හා පුහුණුව ලබා දීම, සහ පොලිස් නිලධාරීන්ගේ අනාගත සුබ සිද්ධිය යන කරුණු දෙස අවධානය යොමු කළ යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. 1981 වසරේ ආරම්භ වූ ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය 1990 පැවති යුද ගැටුම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය. 1995 වසරේදී යළි පොලිස් ස්ථානය විවෘත වුවත් ග්‍රාම සේවා වසම් දහනවයක දොළොස් දහසක් පමණ වැසියන්ට සේවා සැපයීම සඳහා නිසි පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොතිබිණි. රුපියල් හය කෝටියක වියදමින් ඉදි වූ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පොලිස්පති පූජිත ජයසුන්දර සහ ප්‍රදේශයේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.
පොලිස් බඳවා ගැනීම් සිදු කිරීමේදී දෙමළ භාෂාවෙන් සන්නද්ධ පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කුඩා වෙනසක් සිදුකිරීමෙන් සිය නිවස සහ එහි සාමාජිකයන් ආරක්ෂා කරගත හැකිය ආශ්වාස කිරීම වැනි ඉතා සරල ක්‍රියාවක නියැලීමෙන් සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම රෝගී තත්වයන්ට ගොදුරු වේ. මේ අතර හුස්ම ගැනීමේ අපහසුතා, ස්නායු දුර්වලතා මෙන්ම පෙනහළු පිළිකා රෝගීන් ද දැකිය හැකිය. සෑම ස්ථානයකම පැතිරී ඇති ඇසට නොපෙනෙන දූෂිත වාතය දිගින් දිගටම අප රෝගීන් බවට පත් කරමින් සිටී. ආවරණය වූ ස්ථානයක සිටිය දී මෙම තත්වය වැඩි වශයෙන් බලපෑ හැකිය. නිවස හෝ යම් ගොඩනැගිල්ලක් තුළ වාතය පිටත වාතයට වඩා දෙගුණයත් පස්ගුණයක් අතර ප්‍රමාණයක් අපවිත්‍ර බව එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ සංවිධානයක් කළ ගවේෂණයකින් හෙළි වී තිබේ. "පිටත තිබෙන දූෂිත වායුවත් ඔබේ ගොඩනැගිල්ල තුළ සැරිසරනවා. ඒ වගේම ඔබේ ක්‍රියාකාරකම්වලින් එකතු වන අපවිත්‍ර වාතයත් ගොඩනැගිල්ල තුළ තිබෙනවා. ආහාර පිසීමෙන්, පිරිසිදු කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යවලින් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තුළින් වාතය අපවිත්‍ර වෙන්න පුළුවන්," වායු පිරිසිදු කිරීමේ තාක්ෂණය සහිත උපකරණ ලෝකය පුරා බෙදා හරින 'එයාලැබ්ස් (Airlabs) ආයතනයේ ප්‍රධාන විද්‍යා නිලධාරි මැතිව් එස් ජොන්සන් පැහැදිලි කළේය. කෙසේනමුත්, සිය නිවසේ වාතය පිරිසිදුව තබා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කීපයක් තිබේ. එවන් ක්‍රම පහක් පිළිබඳපහත විස්තර කෙරේ. නිවසේ ජනෙල් සහ දොරවල් දිනකට දෙවරක් හෝ තෙවරක් විවෘත කර තැබීම සුදුසු යැයි විශේෂඥයෝ පවසති 1. වාතාශ්‍රය වැඩි කිරීම නිවස තුළ වාතාශ්‍රය නොමැති වීමෙන් දූෂිත වායුව නිරන්තරයෙන් රැඳී තිබේ. "අධික උෂ්ණත්වයක් නැත්නම් හෝ ඔබ යම් අසාත්මිකතාවලින් පෙළෙන්නේ නැත්නම්, නිවසේ ජනෙල් සහ දොරවල් දිනකට දෙවරක් හෝ තෙවරක් ඇර දමා තබන්න. මෙයින් නිවසට නැවුම් වාතය ඇතුළු වෙනවා" යැයි ඉන්දියාවේ බලශක්ති සහ සම්පත් ආයතනයේ (TERI) ආර් සුරේෂ් පැවසීය. දොර ජනෙල් විවෘත කර තැබිය නොහැකිනම්, වාතය පිරිසිදු කරන තාක්ෂණය සහිත වායු සමීකරණ යන්ත්‍රයක් සවි කර ගැනීම සුදුසුය. ආවරණය වූ ස්ථානයක සිට ආහාර පිසින්නේනම් හෝ ස්නානය කරන්නේනම් වාතය සහ ජල වාෂ්ප ඉවතට ඇද දැමීමේ උපකරණ (extractor) සවි කර තිබීම මගින් අපවිත්‍ර වාතය සහ අනවශ්‍ය ජල වාෂ්ප නිවස තුළ රැඳීම අවම වේ. 2. ගෘහස්ථ පැළෑටිවලින් ඔබේ නිවස පුරවන්න අධික මිල වායු පිරිසිදු කිරීමේ යන්ත්‍ර මිල දී ගැනීමට අපහසුද? එසේනම්, නිවස හෝ ගොඩනැගිල්ල තුළ ගෘහස්ථ පැළෑටි තැබීම සිදුකළ හැකිය. සමහර පැළෑටි මගින් වාතයේ තිබෙන විෂ වායුව ඉවත් කරන අතර, මෙය "ගෘහස්ථ වායු දූෂණය අවම කිරීම සඳහා වාසිදායි ක්‍රමයක් ලෙස භාවිත කරන්න පුළුවන්" යැයි ආර් සුරේෂ් පැවසුවේය. මෙම ක්‍රමය පිළිබඳ සැබෑ ලෝකයේ පරීක්ෂණ සිදු කර නොමැති බව සමහරු පවසති. නමුත්, පැළෑටිවලින් වෙන කිසිදු ප්‍රයෝජනයක් නොලැබුණත් ඒවා දැකීමෙන් ඔබේ මානසික සුවය ඉහළ නංවනු ඇත. ඇරේකා පාම් (Areca Palm), සල්ලි ගස/ යකාගේ වැල (Devil's Ivy/Money plant), මකර ගස (Dragon Tree) සහ සර්ප පැළෑටිය (Snake plant) නිවසක් තුළ වැවීමට සුදුසු පැළෑටි කීපයක විස්තර පහත දැක්වේ: මෙයින් ලැබෙන ප්‍රධාන වාසිය: වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් (CO2) වාතය උරා ගැනීම. මෙයින් ලැබෙන ප්‍රධාන වාසිය: ගොඩනැගිල්ලේ සහ භාණ්ඩවල ආලේප කර තිබෙන කෘත්‍රිම සායම්වලින් සහ බුමුතුරුණුවලින් නිකුත් වෙන විෂ වායු (Volatile Organic Compounds (VOC)) ඉවත් කරයි. මෙයින් ලැබෙන ප්‍රධාන වාසිය: මෙමගින් විෂ වායු වර්ග බොහොමයක් ඉවත් කරනු ලැබේ. මෙයින් ලැබෙන ප්‍රධාන වාසිය: විශේෂයෙන්ම රාත්‍රි කාලයේ දී කාබන්ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කර ගනී. නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ ෆෝමැල්ඩිහයිඩ් නම් විෂ වායු ඉවත් කරයි. තමන් තෝරා ගන්නා පැළෑටිය කුමක් වුවත්, යම් පුද්ගලයෙකු මතක තබා ගත යුතු දෙයක් නම්, "ගෘහස්ථ පැළෑටිවලට වාතය පිරිසිදු කිරීමට නම් ඒවා ඉතා හොඳින් රැක බලා ගත යුතුයි. නැත්නම්, ඒවා නරක් වෙන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියේදී පිටවෙන විෂ මගින් තවත් වාතය අපිරිසිදු වෙනවා," යැයි ආර් සුරේෂ් පැවසීය. රෙදි සේදීම සඳහා සුවඳ විහිදෙන්නේ නැති නිෂ්පාදන භාවිත කිරීම යෝග්‍ය වන අතර, සුවඳ විහිදෙන දියර සහ පිරිසිදු කිරීමේ කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුය මේ තොරතුරුද කියවන්න: 3. ගන්ධයක් නිකුත් වන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වළකින්න ඔබ කෘත්‍රිම සුවඳ දියරයක් භාවිත කරන සෑම අවස්ථාවකමදීම අහිතකර විෂ වර්ග වාතයට මුදා හැරේ. මෙවැනි වර්ග කීපයක් එකතු වීමෙන් ඉතා භයානක විෂ වායු නිර්මාණය විය හැකිය. උදාහරණයක් ලෙස, ස්වාභාවික නොවන පිරිසිදු කිරීමේ දියරවලින් ෆෝමැල්ඩිහයිඩ් විෂ වායුව පිට කරන අතර, මෙය පිළිකා ඇතිවීමට හේතුවක් ලෙස දැක්වේ. ඔබ කළ යුත්තේ කුමක්ද? රෙදි සේදීම සඳහා සුවඳ විහිදෙන්නේ නැති නිෂ්පාදන භාවිත කිරීමේ යෝග්‍ය වන අතර, සුවඳ විහිදෙන දියර සහ පිරිසිදු කිරීමේ කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුය. මුළුතැන්ගෙය පිරිසිදු කිරීමට කපාගත් දෙහි සහ බේකින් සෝඩා භාවිත කිරීමෙන් ස්වාභාවික සුවඳක් ලබා ගත හැකි බව ආර් සුරේෂ් පැවසුවේය. වාතාශ්‍රය අවම ස්ථානවල දුම්පානය කිරීමේදී එයින් පිටවන විෂ වාතයට එක් වීමෙන් විශාල ලෙස වායු දූෂණය සිදු විය හැකිය 4. ගොඩනැගිලි තුළ දුම් පානය කිරීමෙන් වළකින්න දුම්පානය කිරීම සෞඛ්‍යයට ඉතා අහිතකර වන අතර, ගොඩනැගිල්ලක් තුළ දුම්පානය කිරීම කිසිසේත්ම සිදු නොකර යුතුය. වාතාශ්‍රය අවම ස්ථානවල දුම්පානය කිරීමේදී එයින් පිටවන විෂ වාතයට එක් වීමෙන් විශාල ලෙස වායු දූෂණය සිදු විය හැකිය. දුම්වැටියෙන් නිකුත් වන දුමාරය ආඝ්‍රාණය කිරීමෙන් ඔබ අවට සිටින පුද්ගලයන්ට ද ඉතා බරපතළ රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇත. දුම් කොළවලින් නිකුත් වන දුම හේතුවෙන් නිවසක සිටින ළදරුවන් හදිසි මරණයට පත් වීමේ අවදානමක් ද පවතී. • සෝදාගත් රෙදි නිවෙසින් බැහැර හෝ ජනේලයක් අසල වේලීමට දමන්න 5. ආසාදන ඇතිකරන දූවිලි සහ අනවශ්‍ය ජලවාෂ්ප ඉවත් කරන්න ශ්වසන රෝග, උණ සහ යම් ආසාදනවලින් පීඩා විඳින පුද්ගලයන් සිටීනම් සිය නිවස තුළ දුවිලි හැකිතාක් දුරට ඉවත් කිරීම වැදගත් වේ. වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය වැඩි වීමෙන් අඩු ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන් පෙනහළු රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ඇත. මෙම තත්වය මඟහැර ගැනීම සදහා පහත සඳහන් ක්‍රම අනුගමනය කළ හැකි බව විශේෂඥයෝ පවසති. තවත් තොරතුරු:
වායු දූෂණය හේතුවෙන් වසරක් ඇතුළත ලොව පුරා වසරකට මිලියන හතක පිරිසක් මියයති. නමුත් මෙම තත්වයෙන් සම්පූර්ණයෙන් ගැලවීමට මගක් මේ දක්වා සොයාගෙන නොමැත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පැල්මඩුල්ල, රිල්හේන ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් වන වියේ සහ තිස්තුන් වන වියේ පසු වූදෙදෙනෙකුයි. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනවාරි දෙවනදා රාත්‍රි අටට පමණ පැල්මඩුල්ල නගරයේ බස් නැවතුම් පොළ අසල පැවති මහජන රැළියක් අමතමින් සිටියදී මෙම ගල් ප්‍රහාරය එල්ල විය. එහිදී ගල් ප්‍රහාරයට ලක් වූ හැටපස් හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකු තවමත් පැල්මඩුල්ල ග්‍රාමීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව කහවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් රාජමන්ත්‍රී වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේ දන්වා සිටියේය. ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ තම කැමරා උපකරණවලට හානි සිදු වූ බවට ප්‍රාදේශීය රූපවාහිනී නාලිකා වාර්තාකරුවකු පොලීසියට පැමිණිලි කර තිබේ.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහභාගි වූ පැල්මඩුල්ලේ මහජන රැළියට ගල් ප්‍රහාර එල්ල කිරීමේ චෝදනා මත පොලිස් අත්අඩංගුවේ පසු වන සැකකරුවන් දෙදෙනෙක් ජනවාරි දොළොස් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හවුපෙ එම් ජයසිරි නියෝග කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම උද්ඝෝෂණයට එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ විවිධ සිවිල් සංවිධාන රැසක ආධාරකරුවෝ සහභාගී වුහ. ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඡන්ද නීති කඩන නමුත් මැතිවරණ කොමසාරිස්වරයා ඊට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති බවයි උද්ඝෝෂකයන් කියා සිටින්නේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගැනීමටද මැතිවරණ කොමසාරිස්වරයා අපොහොසත් වී ඇති බව උද්ඝෝෂකයෝ පවසති. එක්සත් ජාතික පක්ෂයේ එරාන් වික්‍රමරත්න, සුජිව සේනසිංහ ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනෝමා ෆොන්සේකා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවට එක් වුහ.
මැතිවරණ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකරන බව පවසමින් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව උද්ඝෝෂණයක් අද මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දියත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රිෂාඩ් බදියුදීන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නිෂාම් කාරියප්පර් බීබීසියට කියා සිටියේ දෙසැම්බර් අටවෙනි දා නාම යෝජනා භාර දෙනු ලැබීමෙන් අනතුරුව සිය පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි. මේ අතර, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් බීබීසී දෙමළ සේවය සමඟ සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඉතා ඉක්මනින් මුස්ලිම් ජනතාවට හිතකර තීරණයක් ගන්නා බවයි කියා සිටියේ. බලාපොරොත්තු නොවූ ඡන්දයක් ‘මේ වගේ ජනාධිපතිවරණයක් දැන්ම ඒවි කියල අපි බලාපොරොත්තු වුනේ නැහැ. මොකද?ජනාධිපති මහින්ද රාජපක්ෂට තවත් අවුරුදු දෙකක් කාලය තිබුණා’ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා පවසයි. එවැනි තත්වයක් යටතේ ක්‍ෂණිකව දේශපාලන තීන්දුවක් ගනු ලැබීම දුෂ්කර අරගලයක් වී ඇති බවයි ඔහු පවසන්නේ. රවුෆ් හකීම් සමස්ත ජනගහනයෙන් 10% ක් පමණ වන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අතීතයේ කොටි සංවිධානයෙන් එල්ල වූ විවිධ ආකාරයේ හිරිහැර වලට ගොදුරු වූ බව කියා සිටි ඇමතිවරයා, යුද ජයග්‍රහණයෙන් පසුව හෙළ උරුමය සහ බොදු බල සේනා වැනි සංවිධාන වල හැසිරීම නිසා යළිත් දුෂ්කර තත්වයකට මුහුණ දෙමින් සිටින අතර එවැනි පරිසරයක් යටතේ දුරදිග සිතා බලා තීරණයක් ගත යුතුව ඇති බවයි සඳහන් කළේ. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනතාව වාසය කරන්නේ ඔවුන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් බිය මුසු හැඟීමකින් බවත් එවැනි තත්වයක් යටතේ ජනාධිපතිවරණයේ දී අනුගමනය කළ යුතු පිළිවෙත තීන්දු කිරීම අතින් මුස්ලිම් නායකත්වය විශාල දුෂ්කර අරගලයකට මුහුණ දී සිටින බවත් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පෙන්වා දෙයි. රිෂාඩ් - හකීම් සාකච්ඡා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා තමා අධිකරණ ඇමති, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සමග ද සාකච්ඡා කළ බව ඇමතිවරයා පිළි ගත්තේය. ‘ඒක මිත්‍රශීලී සාකච්ඡාවක්! අපි අපේ මුස්ලිම් ප්‍රජාවට මුහුණ දෙන්න සිදු වී ඇති බොහෝ කරුණු ගැන කතා කළා. අපේ ජනතාවට රැකවරණ සැලසීමට ගත යුතු ක්‍රියා මාර්ග ගැන අපි කතා කළා. අපි ගනු ලබන ඕනෑම තීරණයක් අපේ ප්‍රජාවට හානිකර එකක් නො විය යුතුයි. අපි ආයෙත් මුණ ගැහෙනවා. රවුෆ් හකීම් කිව්වා - ජනාධිපතිවරණයේ දී සහයෝගය දිය යුත්තේ කාටද කියල ඔහු ඔහුගේ පක්ෂයේ ඉහළ මට්ටමත් එක්ක සාකච්ඡා කළත් තවම අවසන් තීන්දුවක් ගෙන නැහැයි කියල’ කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් වැඩි දුරටත් කියා සිටියේය. කෙසේ වුවද, අනිද්දා(06 සෙනසුරාදා)වන විට සිය පක්ෂයේ තීරණය නියතවම ප්‍රකාශයට පත් කරන බවත් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පවසයි.
ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් මාසයකුත් දවස් කීපයක් වන නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දහරාවේ මුස්ලිම් දේශපාලන පක්ෂ ඔවුන්ගේ දේශපාලන තීන්දුව තවමත් ප්‍රකාශයට පත් කරනු ලැබ නැත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මේ රටේ ජනතාව තම ඡන්දය භාවිතා කරලා පැහැදිලිවම සිදු කලේ තම ප්‍රජාතන්ත්‍රීය අයිතිය තුල පරිවර්තනයක්, විප්ලවයක්" එහෙත් එම බාධක නොතකා ජනතාව සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට තමන් අදිටන් කරගෙන සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. නව රජය බලයට පත් වී දින සියයක් ඇතුලත රටේ දැවැන්ත වෙනසක් සිදු කොට තිබෙන බව පවසන ඔහු, එමෙන්ම බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නැංවීමට සිය රජය සමත් වූ බවත් සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ නව රජය බලයට පත් වී දින සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජාතිය අමතා කතා කරමින්. වහල් යුගය "ජනවාරි අට වෙනිදා මේ රටේ ජනතාව තම ඡන්දය භාවිතා කරලා පැහැදිලිවම සිදු කලේ තම ප්‍රජාතන්ත්‍රීය අයිතිය තුල පරිවර්තනයක්, විප්ලවයක් කියලයි මම අදහස් කරන්නේ," ඔහු පැවසීය. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වහල්භාවය අවසන් කළ පසුවත්, තවදුරටත් වහලුන්ව සිටියේ නම් යහපත් බව ඇතැම් වහලුන් ප්‍රකාශ කළැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිහිපත් කරයි. එහෙත් එම 'විප්ලවය' තුලින් ලැබූ නිදහස සහ සැබෑ ප්‍රජාත්නත්‍රවාදය භාවිතා කිරීමෙහිලා 'ඇතැම් අයගේ' ක්‍රියාකලාපය සලකා බැලීමේදී විප්ලවයකට පසුව සිදුවන ප්‍රතිවිප්ලවය සිය මතකයට නැගෙන බව ජනපතිවරයා සඳහන් කළේ ජාත්‍යන්තර ඉතිහාසයෙන් උදාහරණ ගෙන හැර පාමින්. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වහල්භාවය අවසන් කළ පසුවත්, තවදුරටත් වහලුන්ව සිටියේ නම් යහපත් බව ඇතැම් වහලුන් ප්‍රකාශ කළැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිහිපත් කරයි. "ඒ මොකද නිදහස භුක්ති විඳිමින් ස්වශක්තියෙන් මිනිසෙක් විදියට ගොඩනැගීමට තිබෙන අයිතියට වඩා, කෙනෙක් යටතේ සේවය කරලා, වහලෙක් විදියට තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙනියන එක ඒ ලැබූ නිදහසට වඩා හොඳයි කියල තමා සමහර වහලුන් කල්පනා කළේ." එය මානවයාගේ සාමාන්‍ය හැසිරීම බව පවසන ජනාධිපතිවරයා, බලයට පත්වීමෙන් අනතුරුව සිය පාලනය ක්‍රියාත්මක කළ බොහෝ දේ 'ඇහැට පෙනෙන, අතට අසුවන' දෑ නොවන නමුත් රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කෙරෙන ඉතා වැදගත් ක්‍රියාකාරකම් බව අවධාරණය කළේය. ජාතිවාදීන් නව රජය විසින් ලබා දෙන ලද මාධ්‍ය නිදහසට මුවා වී රටේ ජාතීන් අතර සමගිය බිඳ දැමීමේ අරමුණින් ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. “සම්පූර්ණයෙන්ම මේ කතා පතුරුවන්නේ අන්තයට ගිය ජාතිවාදීන්. කරුණාකරලා මේ අසත්‍ය ප්‍රචාර ලෝකයට දෙන්න එපා.” යුද්ධය සමයේ ආරක්ෂක හමුදා උතුරේත්, දකුණේත් සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් අත්පත් කරගත් බව රහසක් නොවේ යයි පවසන ජනාධිපතිවරයා, එම ඉඩම්වල මුල් පදිංචිකරුවන්ට ඒවා යළිත් පවරාදීම ‘වරදක්’ දැයි ප්‍රශ්න කළේය. එය සිදු කරන්නේ ජාතික ආරක්ෂාවට අනතුරක් සිදු නොවන ආකාරයට බව ඔහු අවධාරණය කළේය. තමන් දුර්වල පාලකයකු බවට විවේචකයන් එල්ල කරන චෝදනාවලට පිළිතුරු දුන් ඔහු: “ඒ සියලු විවේචකයින්ට මම කියන්න කැමතියි මේ විධායක ජනාධිපතිවරයෙක් සතු අසීමිත බලතල මම පාවිච්චි කළේ නෑ. මගේ මැතිවරණ ප්‍රකාශනයේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා විධායක ජනපතිවරයා සතු අසීමිත බලතල ඉවත් කරනවා කියලා,” යනුවෙන් පැවසීය. එම ව්‍යවස්ථා සංශෝධන සම්මත කොට රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ කිර්යාදාමයට දායක වන මෙන් ඔහු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. “මම තීන්දු ගන්න ඕන තැන තීන්දු ගන්නවා. දූෂණ වංචා අවම කිරීමට ජනතාවගේ නිදහස සුරක්ෂිත කිරීමට මම ගත යුතු සෑම පියවරක්ම ගන්නවා.” ‘යහපත්, ශීලාචාර, වැදගත්’ සමාජයක් ඇතිකරමින් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිරුණු රටක් ගොඩනගමින් එකමුතුව සහෝදරත්වයෙන් ඉදිරියට යාමට තමන් සමඟ අත්වැල් බැඳගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියලු රටවැසියන් ගෙන් ඉල්ලා සිටියේය.
පසුගිය ජනපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ජනතාව දියත් කළේ 'විප්ලවයක්' බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවාසීන්ට එම විප්ලවයේ ප්‍රතිඵල නෙලා ගැනීමට මඟ අහුරන බවට සිය ප්‍රතිවාදීන්ට චෝදනා කරයි.